text
stringlengths
211
295k
බොහෝ කාන්තාවන් විවාහවූ පසු රැකියාවට සමුදෙති. මෙය බොළිවුඩයටද පොදුයි. නමුත් විවාහ වූවද තම රංගන දිවිය නිමා නොකළ සාර්ථකම බොළිවුඩ් නිළියන් 5 දෙනෙක් පිළිබඳවයි මෙම සටහන. මෙම සුපිරි තරු අදටත් සිය වෘතියෙහි නමක් රඳවාගෙන දිදුලන අතර රැකියාවට විවාහය බාධාවක් යන මිත්‍යාව බිඳදමා ඇත. කාන්තාව සෑම විටම රස්සාව හෝ පරස්ථාව යන දෙකෙන් එකක් තෝරා ගත යුතුය යන සමාජ මතය තම ජීවිත තුල ආදර්ශයෙන්ම බිද දමන මෙම සුපිරි කාන්තාවන්, තම අඩු අවබෝධය නිසා විවාහය හා ජීවිතය පටලවා ගෙන ජීවිතයම ගැටළුවක් කර ගන්නා බොහෝ කාන්තාවන්ට ආදර්ශයකි. Aishwarya Rai Bachchan හිටපු ලෝක සුන්දරියක්වන ඇය බොළිවුඩයේ සහ ජ්‍යාත්‍යන්තරයේ නමක් තබා ඇත්තේ හුදෙක් අගේ රුව නිසා නොවේ. සිය හැකියාව නිසාම දෙස් විදෙස් සම්මාන රැසකට පාත්‍රවූ ඈ Taal, Hum Dil De Chuke Sanam, Sarabjit, Jodha Akbar හිදී මහත් පැසසුමට ලක්විය. ඉතාමත් දක්ෂ බලවත් පවුලක සාමාජිකාවක් වන ඈ දියණියකගේ මවක්. කාර්ය බහුල බිරිඳක් වුවත් නිතරම සමාජ සත්කාර කටයුතුවල යෙදීමට නම් ඈ අමතක කරන්නේ නැහැ. Kareena Kapoor Khan මියෙන තෙක්ම රංගනයේ යෙදීම තම පරම පැතුම බව Kareena නිතරම පවසන දෙයක්. කාර්ය බහුල බිරිඳක්වන ඈ මවක් වීමට සූදානම් වන්නීය. ගැබිණි මව්වරුන්ට ආදර්ශයක් වෙමින් මෙම කාළය තුලද ඈ මෝස්තර නිරූපණයෙහි යෙදෙන්නීය. මෙම සම්මානනීය නිළිය බොළිවුඩයේ විවාහ වූ පසුවද වැඩිම ආදායමක් උපයන තරුවකි. Vidya Balan Parineeta, Paa, The Dirty Picture සහ Kahaani ආදී චිත්‍රපට තුළින් බොළිවුඩය තුළ නමක් තැබූ ඈ බොළිවුඩයේ පියකරුම තරුවකි. ඇගේ අනඟි කුසලතා මෙන්ම අභියෝගාත්මක චරිත නිරූපණයෙන්රෙසික හදවත් දිනාගත් ඈ වසර කීපයකට ‍පෙර UTV අධිපති Siddharth Roy Kapur හා විවාපත් වූවාය. මෙම සම්මානනීය තරුව තවමත් ඇගේ රංගන ජීවිතයට සමුදී නැත. Kajol Dilwale Dulhania Le Jayenge සිට Dilwale Kajol දක්වා නොනැවතී දිගු ගමනක යෙදෙන මෙම තරුව සුපිරි නළු Ajay Devgn ගේ බිරිඳ වන අතර ආදරණීය දෙදරු මවකි. අදටත් බොළිවුඩයේ ඉහළ ඉල්ලුමක් පවතින තරුවක්වන ඈ හට සම්මානවලින්ද අඩුවක් නැත. Madhuri Dixit Nene පෙර මෙන් අතිශයින්ම රූමත් Madhuri විවාහයෙන් පසුද සාර්ථක අභියෝගීමත් චරිත රැසක් නිරූපණය කළාය. පුතුන් දෙදෙනෙකුග් මවක් වුවද අති දක්ෂ නර්තන ශිල්පිනියක් වන ඇය මේවන විට ඉන්දීය dance reality show කළාව වෙනස්ම මගකට යොමු කරන්නට සමත්වී ඇත. වයසත් සමඟ තව තවත් දියණු තියුණු වන මෙම දිරිමත් කාන්තාවන් සිය පවුල් ජීවිත සමබරව ගෙනයමින් පිරිමි නළුවන් හා උරෙනුර ගැටෙමින් සාර්ථක ඉදිරි ගමනක යෙදීම සියළු දෙනාටම මහත් ආදර්ශයකි. – කල්හාරී – Share Facebook Twitter Pinterest WhatsApp Related Articles ඔසප් චක්‍රය අක්‍රමවත්වීම ගැන මේ දෑ ඔබ දැන සිටියාද? රජ පවුල ආශ්‍රිතව නිර්මාණය කෙරුණු ලොව පුරා උන්මාදයක් වූ -The Crown Harry Potter කතා මාලාවේ නිර්මාතෘවරිය – J.K.Rowling ඉක්මනින් කෙට්ටු වෙන්න කැමති නම් ඔබේ පිඟානෙන් ඉවත් කළ යුතුම කෑම... උදේ ආහාර වේල මගහැරීම ඔබට කොයිතරම් හානිකරද හරියට දැන ගන්න! Personal Hygiene සඳහා ඔබ වැඩි අවධානයක් දිය යුත්තේ ඇයි? Don't Miss යෝනි මාර්ග දෙකක් සහ ගර්භාෂ දෙකක් සහිත එව්ලින්ගේ කතාව (අ)හිමි සිහින -224 (අ)හිමි සිහින -218 දවස් තුනෙන් බර අඩු කරන ටූනා ඩයට් ප්ලෑන් (අ)හිමි සිහින -216 විසි හැවිරිදි වියේදී අත් හැරුණු සිහිනය අවුරුදු 66 දී සැබෑ කර... Latest Articles අහිමි සිහින (අ)හිමි සිහින -233 admin - December 8, 2022 0 අද විශේෂ දවසක්. ඔබ එක්ක මගේ ජීවිත කතාව මේ අවුරුද්ද පුරා මම බෙදාගත්තා. අනේක හැලහැප්පීම් කඩාවැටීම් නැගීසිටීම් දරාගැනීම් එක්ක ආපු මගේ ජීවිතබ්කතාවේ... Read more නිබ්බුත ගීත නිබ්බුත ගීත -30 admin - December 8, 2022 0 මල්ලී හා මා අතරේ වසර තුනක පමණ වයස් පරතරයක් වේ. ඒ නිසා මා කුඩා කල පවා මට ඔහු දැනුණේ කුඩා දරුවෙකු සේ... Read more නිබ්බුත ගීත නිබ්බුත ගීත -29 ගංගා ෂයිනි ගමගේ - December 7, 2022 0 මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද... Read more සුහදිනි සුහදිනි – 78 නිබන්ධිකා වන්නිනායක - December 7, 2022 0 ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ... Read more අහිමි සිහින (අ)හිමි සිහින -232 admin - December 6, 2022 0 මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ සියලු දෙයින්... Read more Load more Jack Tree (Pvt) Ltd, 300/13 Bird Park, Madiwela, Kotte. Phone : 011 281 4449 Contact us: [email protected] smartlady.lk වෙබ් අඩවියේ අඩංගු සියලුම ලිපි Jack Tree (Pvt) Ltd ලිඛිත අවසරයකින් තොරව උපුටා ගැනීම, නැවත ප්‍රකාශණය කිරීම, බෙදාහැරීම, ප්‍රදර්ශනය කිරීම, විකාශනය කිරීම ඇතුළුව කුමන අයුරකින් හෝ භාවිත කිරීම බුද්ධිමය දේපල පනත යටතේ සිරදඬුවම් ලැබිය හැකි වරදකි. © Jack Tree (Pvt) Ltd | Privacy Policy | Terms මහනුවර ප්‍රදේශයේ දුෂ්කර පාසලකට උදව් කරන්න SmartLady අපි ලෑස්තියි. මේකට දායක වෙන්න ඔයාලටත් පුලුවන්. ඒ කොහොමද කියලා පහල තියන ලින්ක් එකේ තියනවා.
Ashirwada Printers & Publishers නිසැකවම මීරිගමට ආඩම්බරයකි. ලංකාවේ පොත් ප්‍රකාශකයන් අතර ඉහළින්ම කියැවෙන ආශිර්වාද ප්‍රකාශන මීරිගම පින් බිමේ නිර්මාණය වූවකි. ලෝකයේම දැනුම සිංහල බසින් රටටම බෙදන ආශීර්වාද මීරිගමට ආශීර්වාදයකි. ඇමරිකාවෙ සහ එංගලන්තයේ ජනප්‍රිය ලේඛකයින් වන ඩෑන් බ්‍රවුන්, ඩැනියෙල් ස්ටීල් , රික් රයෝඩෑන්, වික්ටොරියා හෝල්ට්, වැනි ලේඛකයින් ගේ පොත් ශ්‍රී ලංකාව තුළ ප්‍රකාශ කිරීමේ නිල අයිතිය ඇත්තේද මිරිගම ආශීර්වාද එකට වීමම අපට ආඩම්බරයක් නොවේද? අපේ රටේ ප්‍රකාශන ආයතනයක් කර්තෘ භාගය වෙනුවෙන් මෙතෙක් වැඩිම මුදල ගෙවමින් වාර්ථාවක්ද තබා ඇත්තේ ආශීර්වාද ආයතනයයි. ඉන්දියාවේ ජනප්‍රියම ලේඛක අමීශ් ත්‍රිපති ගේ ශිව කෘති ත්‍රිත්වය වෙනුවෙන් පරිවර්ථන අයිතිය ලබාගන්නට ආශීර්වාද ප්‍රකාශකයන් මේ ඉහළම ලන්සුව ලබා දී ඇති වග ඔබ දන්නවාද? පොතක් ලිවීමේ සිට පොතක් සේ මුද්‍රණය වී ඔබ අතට පත්කරන අවස්ථාව වන තෙක් ඇති ක්‍රියාවලියේ ලොව අති නවීනතම මුද්‍රණ යන්ත්‍රසුත්‍ර පවා ආශීර්වාද සතුය. ආශීර්වාද වචනයේ පරිසමාප්ත අයුරින්ම මීරිගමට ආඩම්බරයකි. Click here to see full post on FB #MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම Share this: Twitter Facebook Like this: Like Loading... Posted in MirigamaApi. Tagged as Ashirwada, Printers, &, Publisher, Mirigama, MirigamaApi, මීරිගම, මීරිගමඅපි
'' ළඟ නැති උනත් වීඩියෝ කොල් වලින් දෙන්නා ළඟින්ම ඉන්නවා '' - සංජානා ගමාරච්චි - Ceylon 24x7 '' ළඟ නැති උනත් වීඩියෝ කොල් වලින් දෙන්නා ළඟින්ම ඉන්නවා '' - සංජානා ගමාරච්චි - Ceylon 24x7 උණුසුම් පුවත් ”ජීවිතයේ වැදගත්ම දේ කසාද බඳින එක නෙමෙයි” – කසුනි කාවින්දි චීනයේ යළිත් කොවිඩ් රැල්ලක් – රෝහල් රැසක් වේගයෙන් ඉදි කෙරෙයි ”මම අවුරුදු 10ක් තනියෙන් හිටපු කෙනෙක්, ඒ කාලේ කවුරුත් මගේ සැප දුක ඇහුවේ නෑ” – සමිතා මුදුන්කොටුව ”එයා ආයේ ආවොත් මම බාරගන්නේ නෑ” – අවුරුදු 04කට කලින් නැතිවුණු ආදරේ හොයන වොල්ගා කියන කතාව ”මම මොකක් හරි පිනක් කරලා ඇති ඒ වගේ ආදරයක් ලබන්න” – ශනුද්‍රි ප්‍රියසාද් “මං එයාගේ ගමන යන්න දුන්නා, තරහක් නෑ….” – නයනා කුමාරි හොඳම යෙහෙළිය ගැන කියයි කවීෂා සහ ක්‍රීඩක ශෙහාන් ජයසූරිය මව් – පිය පදවියට සැරසෙයි (ඡායාරූප සහිතයි) ඩී.ඒ.රාජපක්ෂ 55 වන ගුණ සමරු දේශනය ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙන් (ඡායාරූප සහිතයි) ”බෝතල් කළ ජලය ලීටරයක් කඩේ 150යි, ඒ නිසා වතුර බිල වැඩි කරනවා” – සනත් නිශාන්ත පැය 24ම ලයිට් දෙන්න විදුලි බිල යළිත් වැඩි වෙයි Search උණුසුම් පුවත් ප්‍රධාන පුවත් විදෙස් පුවත් කලා විත්ති ව්‍යාපාරික දේශපාලනික ක්‍රීඩා Gallery උණුසුම් පුවත් ප්‍රධාන පුවත් විදෙස් පුවත් කලා විත්ති ව්‍යාපාරික දේශපාලනික ක්‍රීඩා Gallery Home කලා විත්ති ” ළඟ නැති උනත් වීඩියෝ කොල් වලින් දෙන්නා ළඟින්ම ඉන්නවා ” – සංජානා ගමාරච්චි කලා විත්ති ” ළඟ නැති උනත් වීඩියෝ කොල් වලින් දෙන්නා ළඟින්ම ඉන්නවා ” – සංජානා ගමාරච්චි Nov 23, 2022, 10:32 am0 38 0 එක්තරා රූපවාහිනී වැඩසටහනකට පැමිණ කළ ප්‍රකාශයත් සමඟ සමාජ ජාල තුළ ඇය බෙහෙවින් ජනප්‍රියත්වයට පත් වුණේ BMW අක්කා යන අනුවර්ථන නාමයෙන්.ඇය එම වැඩසටහන හමුවේ පවසා තිබුණේ තමන්ගේ අනාගත සැමියාට අඩුම තරමේ BMW මෝටර් රථයක් වත් තිබිය යුතුය යන්නයි. එම ප්‍රකාශය ජනප්‍රියත්වය කොතරම් ඉහළ ගියේ ද කියතොත් ඇය ඉතා කෙටි කලකින් ජනප්‍රියම නිළියක් බවට පත්වුනා. මියුසික් වීඩියෝ හා ටෙලි නාට්‍ය කිහිපයකම කිහිපයකම රංගනයේ යෙදෙන අතර තුළ ඇගේ ජීවිතේ ජීවිතයේ හිමිකාරයා ප්‍රවීණ සංගීත වීඩියෝ අධ්‍යක්ෂකවරයකු මාර්ගයෙන්ම ඇයට මුණ ගැසුණා. sadesh bandara කළ කපුකම අනුව . ඇයගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය බොහොම ඉහළින් ගත්තා. ඒ වගේම ඇයගේ 26 වෙනි උපන් දිනය බොහෝ මාධ්‍යයන් වල කතා බහට ලක්වෙන කලා ලෝකයේ තරු පිරිවරා ගෙන සැමරුව උපන්දින සාදයක් බවට පත්වුණා. ඇයට ඒ පිළිබඳ චෝදනා ආවාත් ඇය ඒවා ගණන් ගත්තෙ නැහැ.ඇය මහන්සියෙන් උපයපු මුදල් වලින් තමයි ඇයගේ උපන්දින උත්සවය ඇය පැවැත්වූයේ. ඇගේ උපන්දිනය දවසේ වැඩිහිටි නිවාසයකට දානයක් පවා ලබා දීලා තිබුණා.එමෙන්ම ඇයගේ මව මියගිය දවසේ පිං අනුමෝදනා කරමින් මහරගම අපේක්ෂා රෝහලට ඇය කිරිපිටි බෙදාදීම හැමදාම සිදු කරනවා. පුළුවන් අයුරින් තමයි තමන් හැමදේම කරන්නෙ කියලා සන්ජනා කියලා තියෙන්නේ. කෙසේ නමුත් උපන් දිනය සමරන මොහොතේ සැමියා ළඟ සිටියේ නැහැ ඔහු සිය අධ්‍යයන කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටින නිසා පැමිණීමට නොහැකි වුනා කියලා තමයි ඇය කිව්වේ. කේක් කපන වෙලාවෙ වීඩියෝ කෝල් එකකින් සම්බන්ධ වෙලා හිටියාලු. ඒ වගේම දෙන්න ලබන වර්ෂය ජයට විවාහ මංගල උත්සවය ගන්න හිතාගෙන ඉන්නේ කියලා තමයි ඇය ප්‍රකාශ කරන්නෙ. මොනවා නැතත් පවුල් ජීවිතයට මුල් තැන දෙනවා කියලා තමයි මාධ්‍යයට කියලා තිබුණෙ. හෙට සුන්දර අනාගතයක් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු Facebook Twitter WhatsApp Messenger Viber Previous Post'' අපිට ලොකු ගෙවීම් කරන්නෙත් නැහැ. මේක අමතර රැකියාවක් විධියට කරන්න කියල මං ළමයින්ට කියන්නේ '' - චූලා පත්මේන්ද්‍ර Next Post'' අම්මා කෙනෙක් වුණ පළියට දරුවො නිසා ජීවිතයම කැප කළ යුතුයි කියලා නීතියක් කොහේවත් නෑ '' - සසන්ති ජයසේකර
"සුරංගනාවිය මාත් එක්ක අපේ ගෙදර වහල උඩට නැග්ගා. එයාට ලොකු පියාපත් දෙකක් තියෙනවා. එයා ඊට පස්සේ මාව තුරුල් කරගෙන පියාඹන්න පටන්ගත්තා. අපි පාරාදීසයට ගියා. එහෙදි එයා මට පෝනි කෙනෙක් දුන්නා" කුඩා අයේෂා තමා දුටු සිහිනය සුරතල් හඬින් විස්තර කරයි. වෙනත් මැලේසියානු දරුවෙකුට වඩා ඇයගේ ඉංග්‍රීසි බස හැසිරවීම ඉතා විශිෂ්ඨය. "බොරු කියන්න එපා අයේෂා", ඇයගේ මව ලැජ්ජාවෙන් මෙන් කීවාය. තම දියණිය බොරු වැලක් කියතියි ඇය සිතන බව ඇයගේ ඉරියව් වලින් පිළිබිඹු වෙයි. "කොහොමද ඔයා දන්නේ අයේෂා බොරු කියනවා කියලා" මම නොරිස්සුමෙන් මෙන් ඇයගෙන් ඇසුවෙමි. "එයා හැමදාම උදේට ඔය වගේ හීන ගැන ගොතල කියනවා". "එය අයේෂාගේ සිහිනයයි. සිහිනයක අයිතිය ඇත්තේ සිහිනය දකින්නාටයි. එය පිළිගනිම හෝ නොපිළිගැනීම අනෙක් අයගේ අයිතියක්. ඒත් කෙනෙකුගේ සිහිනය ඇත්තද, බොරුද කියා තර්ක කිරීමට කිසිවෙකුටත් නොහැක." මම අයේෂාගේ මවට විස්තර කලෙමි. අයේෂා මගේ ප්‍රකාශය ගැන බොහෝ සේ සතුටට පත් වූ අයුරු පෙනෙන්නට තිබුණි. මා ඇගේ මවට කියූ දේ ඇයට තේරුණාදැයි මම නොදනිමි. එහෙත් බොහෝ කලකින් ඇයට තමාගේ සිහින පිළිබඳව විශ්වාසය පළ කරන කෙනෙක් හමු වී ඇත. ******************************************* "ඔබ දෙවියන්වහන්සේ සිටින බව පිළිගන්නවද?" දේව වාදී ආගම් අදහන බොහෝ දෙනෙක් මගෙන් මේ ප්‍රශනය අසයි. මම 'ඔව්' යන පිළිතුර දුන හොත් ඔවුන් බොහෝ සේ සතුටු වෙයි. පිළිතුර 'නැත' යන්න නම් ඔවුන් එතැන් සිට තව ප්‍රශ්න වැලක් අසයි. බෞද්ධයන්ද, මෑතක සිට නිරගමිකයන් ලෙස හඳුන්වාගන්නා පිරිසද මේ පැනය කිහිප විටක් මගෙන් අසා ඇත. මෙහිදී ඉහත සඳහන් පිළිතුරු දෙකට ලැබෙන්නේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාරයන්ය. මාගේ පිළිතුර වන්නේ මේ දෙකම නොව "මම නොදනිමි" යන්නයි. එය අමරාවික්ෂේප වාදයකට වඩා සත්‍යය ඒ ලෙසටම පවසිමකි. මට දෙවියන් වහන්සේ සිටිනවා යයි හෝ එබඳු ප්‍රපංචයක් නැත යයි පරිකල්පනය කල හැක. ඉන් ඔබ්බට ඒ පිළිබඳව කිසිවක් මා දන්නේ නැත. නොදන්නා නිසා දෙවියන්වහන්සේ ඇතැයි පිළිගැනීමට හෝ නැතැයි ප්‍රතික්ෂේප කිරීමට මා සුදානම් නැත. දෙවියන් ඇතත් නැතත් මට ඒ ගැන විශේෂ හැඟීමක්ද නැත. "දෙවියන්වහන්සේ නැතිනම් ඔබ සාමයෙන් සිටින්න. ඇති නම් ඇයට සාමයෙන් සිටීමට ඉඩහරින්න" මම බොහෝ විට සිනහ මුසු මුහුණෙන් ඔවුන්ට පවසමි. දැන් ඔවුන් අතර ඉමහත් ව්‍යාකූලත්වයකි. දෙවියන්වහන්සේ ගැහැනියෙක්ද, පිරිමියෙක්ද? හෙතෙම සුදුද කළුද? රැවුල ඇත්ද නැත්ද? එම ප්‍රපංචයට අප යාඥා කල යුතුද නැද්ද? ඒ වෙනුවෙන් අප සේවය කල යුතුද නැත්ද?....... එය එකම අවුල් ජාලයකි. තමා නමැති ප්‍රපංචයට පරිබාහිරව ඇති සියළු දේ පාලනය කරන සුපිරි බලවේගයක් ඇති බව සියළුම ආගමිකයෝ සලකති. ඒබ්‍රහමීය ආගම් මෙය දෙවියන් වහන්සේ ලෙසද, බෞද්ධයෝ සහ ජෛනයෝ මෙය කර්මය ලෙසද, හින්දු බැතිමතුන් මෙය දෙවියන්ගේ සහ කර්මයේ සංකලනයක් ලෙසද හඳුන්වති. එම සුපිරි බලවේගයට (දෙවියන් වහන්සේට) යාඥා කිරීමෙන් සහ තම ආගමට අදාළ "යහපත් දේ" කිරීමෙන් එහි ඵල විපාක යම්තාක් වෙනස් කර ගත හැකි බව දේවවාදියෝ සිතන අතර තම ආගමට අදාළ "යහපත් දේ" කිරීමෙන් පමණක් කර්මයෙහි ඵල විපාක යම්තාක් දුරකට වෙනස් කර ගත හැකිබව කර්මවාදියෝ සිතති. මේ දෙකොටසෙහිම ඇත්තේ තමන්ට නොතේරෙන බාහිර බලවේගයක් පිළිබඳව ඇති පරිකල්පනයකි (imagination). එම පරිකල්පනය දැරීම ඔවුන්ගේ පරම අයිතියකි. ඒ ගැන විවේචනය කිරීමේ බලයක් හෝ අවශ්‍යතාවයක් මට නැත. ඔවුහු තම පරිකල්පනයන් වෙනුවෙන් යුධ වදිති. තමාගේ පරිකල්පනය තමාගේ අයිතියක් බව ඔවුන්ට නොතේරෙයි. දෙවියන් වහන්සේ හෝ කර්මය ඇතැයි හෝ නැතැයි යන්නද ඇත්නම් ඒ ප්‍රපංචයේ ස්වභාවය පිළිබඳවද තමන්ට අවශ්‍ය ආකාරයට අර්ථ දක්වා ගත හැකි බව ඔවුහු නොසිතති. මේ වෙනුවට ඔවුහු අනුන්ගේ පරිකල්පන පිළිබඳව වද වෙති. තමාගේ පරිකල්පනය අනෙකාගේ පරිකල්පනය සමග සසදන්න උත්සහ කරති. එයින් නොනැවතී තම පරිකල්පනය අනුන්ගේ මනසට ඇතුළු කරන්නට වෙහෙසෙති. ආගමක හරය පිළිබඳව තර්ක කිරීම හොඳම සිහිනය තෝරනවා වැනි අමනෝඥ ක්‍රියාවකි. අපට තර්ක කල හැක්කේ ආගමේ නාමයෙන් පුද්ගලයන් සිදු කරන ක්‍රියාවන් ගැන පමණි. ආගම් පමණක් නොව නුතන බටහිර විද්‍යාවද පදනම් වන්නේ පරිකල්පනයන් මතය. එහෙත් සියළු ආගම් (බුද්ධාගමද ඇතුළුව) බටහිර විද්‍යාවෙන් වෙනස් වන එක් ප්‍රධාන සාධකයක් ඇත. එනම් ඕනෑම විද්‍යාත්මක කරුණක් වැරදීමේ සම්භාවිතාවයක් ඇති බව විද්‍යාඥයා පිළිගැනීමයි. මේ නිසා විද්‍යාව ප්‍රශ්න කල හැක. විද්‍යාවට අභියෝග කල හැක. එහෙත් ආගමක ඇතුළත් කරුණු වැරදීමට ඇති සම්භාවිතාව බින්දුවක් ලෙස ආගම් භක්තිකයා දැඩි ලෙස පිළිගනී. මේ නිසා ආගම ප්‍රශ්න කල නොහැක. ආගමට අභියෝග කල නොහැක. විද්‍යාව වෙනස්වෙමින් ඉදිරියට ඇදෙද්දී සියලු ආගම් වසර දහසකටත් වඩා අතීතයේ කාල අවකාශය තුල නතර වී ඇත්තේ මේ නිසාය. ********************************************** මිනිසෙකුගේ ශරීරය තුල ඔහුගේ දෙමව්පියන්, ගති ලක්ෂණ, ස්ත්‍රී පුරුෂ භාවය සහ රූප ස්වභාවය පිළිබඳව දත්ත අඩංගු වෙයි. තමන්ගේ ජාතිය (මානව වර්ගය) පිළිබඳවද යම් ප්‍රමාණයකට තොරතුරු මෙම ගබඩාවේ ඇත. විශේෂයෙන්ම කෙනෙකුගේ රූප ස්වභාවය මීට අදාලව පිටතින් පෙනෙන ලක්ෂණයකි. මීට අමතරව ඉපදුන රටද භෞතික දත්තයකි. එහෙත් කෙනෙකුගේ ආගම යනු 100% ම පරිකල්පනයකි. මව විසින් රෝහලේ දමා යන දරුවෙකු පිළිබඳව සලකන්න. මෙම දරුවා රැක බලා ගැනීමට මව්පියන් වශයෙන් දෙපලක් ඉදිරිපත් වෙයි. කෙදිනක හෝ මෙම දරුවාගේ ආගම තීරණය වන්නේ එම හදාගන්නා දෙමව්පියන්ගේ ආගමික අභිමතයන්ට අනුකූලවය. දරුවාගේ සැබෑ මාපියන්ගේ කුමන ගති ලක්ෂණ ඔහුගේ ජාන වල තිබුනත් ඔවුන්ගේ ආගමෙහි අංශු මාත්‍රයක්වත් දරුවා කෙරේ නොපිහිටයි. මේ සත්‍ය තේරුම් ගැනීමට බොහෝ දෙනා අකමැතිය. මන්ද ආගම මිනිසා එතරම්ම තදින් මනසේ කොටා ගෙන ඇති බැවිනි. නූතන මානවයා බිහිවී වසර 200,000 පමණ ගතවී ඇති බව දැනට අනුමාන කෙරේ. මානව ශිෂ්ඨාචාරය (මෙම වදන මතබේදාත්මකය) ඇතිවී අඩුම තරමින් වසර 20,000 ක් ගතවී ඇත. වර්තමානයේ අප අතර පවතින ආගම් පිළිබඳව කිසිඳු දැනීමක් නොමැතිව වසර දහස් ගණනක් බිලියන සංඛ්‍යාත මිනිස් සමුහයක් ඉපද මිය ගියහ. අද දක්වාම ලෝකයේ බිලියන ගණනක් ජනතාව ඒබ්‍රහමීය ආගම් ගැන නොදනී. බිලියන ගණනක් ජනතාව හින්දු දර්ශනය පිළිබඳව නොදනී, ඊටත් වැඩි ප්‍රමාණයක් බෞද්ධ දර්ශනය ගැන නොදනී. මීට අමතරව වෙනත් ආගම් අදහන්නන්ද, නිරාගමිකයන් බොහෝ පිරිසක්ද වෙසෙති. මේ හැම දෙනාම සතුටින්, දුකෙන් හෝ ඒ දෙකේ මිශ්‍රණයකින් යුතුව ජීවත්වී මියයති. අදහන ආගමෙන් 100% ස්වායත්තව ඔවුන් ස්වභාවික ආපදා, දුර්භීක්‍ෂ සහ යුද්ධ වලට මුහුණ දෙති. එහෙත් ආගම් අදහන සියලු දෙනාද නිරාගමික සියලු දෙනාද සිතන්නේ තමා අයත් වන උප කුලකය පමණක් තම ආගම නිසා හෝ ආගමකට අයත් නොවීම නිසා සතුටින් සිටින බවයි. මෙය එකවර සිදුවිය නොහැක්කක් බව ඉතා සරල දැනුමකි. මේ අනුව ආගම් ඇදහීම, නොඇදහිම හෝ අදහන ආගම මත භාග්‍යවන්ත හෝ අභාග්‍යවන්ත මිනිසෙකු බිහි නොවන බව පැහැදිලිය. මා ඉස්ලාම් භක්තිකයකුගෙන් වරක් මෙලෙස ඇසුවෙමි. "ස්වීඩනයේ ජනතාවගෙන් අති බහුතරයක් ක්‍රිස්තියානිවරුන්ය. එහෙත් ඔවුන් ඉතා හොඳ ජීවන තත්වයක් සහිතව සතුටින් ජීවත්වී මියයති. පකිස්තානු ජාතිකයන්ගෙන් අති බහුතරයක් ඉස්ලාම් භක්තිකයන්ය. එහෙත් ඔවුන් බොහෝ දෙනෙක් ඉතා කටුක ජිවිත ගතකරති. අසතුටින් ජිවත්වන ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අවස්ථාවක් ලද විගස වෙනත් දියුණු රටකට පැනගැනීමට මාන බලමින් සිටිති. එසේ නම් ඉස්ලාම් ආගම ඇදහීමෙන් ඔවුන්ට කිසිඳු සුගතියක් වී ඇත්ද?". ඔහු ක්ෂණිකයෙන් පිළිතුරු දුන්නේය. "ඔවුන්ගේ (ස්වීඩන් ජාතිකයන්ගේ) සතුට රැඳී ඇත්තේ මෙලොව ජිවත්වන තෙක් පමණයි. මරණින් පසු මුස්ලිම් භක්තිකයන් දිව්‍යලෝකයේ ඉතා සැපෙන් සිටිනු ඇත. එහෙත් ක්‍රිස්තියානි භක්තිකයන් අපායේ ගිනිදැල් මත සදා දුක් විඳිනු ඇත". දැන් මුස්ලිම් නොවන ඔබ මෙම පිළිතුර හාස්‍යයට ලක් කරනු ඇත. එහෙත් ඔබ සියලුම දෙනා සිතන්නේ මෙලෙස නොවේද? ඉතා සැපවත් ජිවිතයක් ගතකරන මස් කඩ මුදලාලි මරණින් මතු අවීචි මහා නරකාදියට වැටෙතැයි සිතා බෞද්ධ ඔබ සිත සනසා ගනියි. දෙවියන්වහන්සේට කිසි දිනෙක යාඥා නොකළ බෞද්ධ ධනවතා මරණින් මතු අපා ගතවෙතැයි සිතා ක්‍රිස්තියානි ඔබ සිත නිවා ගනී. අපට ප්‍රත්‍යක්‍ෂ නොවන, මරණින් මතු පැවැත්මක් වෙනුවෙන් මේ ජිවිතයේ බොහෝ දේ කැපකරමින් ආගමිකයන් දුක් විඳින බව නිරාගමිකයන් පවසනු මා අසා ඇත. එහෙත් ඒ නිරාගමිකයන් කිසිවෙකුටත් මරණින් මතු පැවැත්මක් නොමැති බව ප්‍රත්‍යක්‍ෂත් නැත. ඉහත කරුණු අනුව තම ආගම සුපිරි ලෙස සැලකීමට සෑම ආගමිකයකුටම ඇත්තේ එකම එක කරුණකි. එනම් මරණයෙන් මතු පැවැත්මයි. සෑම ආගමකම පවසන්නේ තම ආගම අනුව කටයුතු කිරීම මගින් මරණින් මතු පැවැත්ම සඳහා සුගතියක් සැලසෙන බවයි. සියලු ඒක-දේව ආගම්වල මරණින් මතු පැවැත්ම දිව්‍ය ලෝකය / අපාය ලෙසද බෞද්ධ සහ හින්දු වැනි ආගම්වල පුනරුත්පත්තිය/පුනර්භවය ආදී සංකල්ප ලෙසද හැඳින්වේ. මේ මරණින් මතු පැවැත්ම හැම දෙනෙකුටම පාහේ පරිකල්පනයක් (imagination) නොවන්නේද? දැනට පවතින භෞතික දැනුම් සම්භාරය තුල මෙම කරුණ සාක්ෂාත් කරගත හැක්කේ මරණින් මතු පමණි. එතෙක් එය පරිකල්පනයකි. සමහර විට කෙනෙකුට යම් යම් ක්‍රමවේදයන් තුලින් මෙම කරුණ මෙම ජීවිතය තුලදීම ප්‍රත්‍යක්‍ෂ කරගත හැකිවන්නට ඉඩකඩ තිබේ. එහෙත් එය එම පුද්ගලයාට පමණක් ග්‍රහණය වන ප්‍රත්‍යක්‍ෂයකි. එනම් වෙනෙකෙකුට ප්‍රත්‍යක්‍ෂ කල නොහැකි තමාට පමණක් විඳිය හැකි බුද්ධිමය දේපලකි. තමා භාවනාවෙන් මනස වැඩි දියුණු කරගෙන සිය පෙර ආත්මය සහ ඊළඟ ආත්මය දුටු බව කිහිප දෙනෙක් මා සමග පවසා ඇත. එසේම දෙවියන් වහන්සේට යාඥා කරමින් සිටින විට තමා ඉදිරියේ දේව දූතයන් හෝ ජේසුස් වහන්සේ දර්ශනය වී මරණින් මතු තමා ස්වර්ග රාජ්‍යයට පිවිසෙන බව කීවේ යැයි මා සමග කිහිප දෙනෙක් පවසා ඇත. ඔවුන් එක් කෙනෙක්වත් පවසන දෙය අසත්‍ය යයි මට කිව නොහැක. එසේම සත්‍ය යයි කීමටද නොහැක. එය පිළිගනිම හෝ නොගැනීම 100% ම මගේ අයිතියකි. එය පිළිගනිම හෝ නොපිළිගැනීම පිළිබඳව කිසිවෙකුටත් කරුණු පැහැදිලි කිරිමටද මම බැඳී නොසිටිමි. මරණින් මතු පැවැත්ම තීරණය කරන්නේ දෙවියන් වහන්සේ විසින් බව ඒබ්‍රහමීය ආගම් අදහන්නෝ පරිකල්පනය කරති. එය කර්මය පෙරටු කරගත් ධර්මතාවයක් විසින් සිදු කරන බව බෞද්ධ සහ ජෛන ආගමිකයෝ පරිකල්පනය කරති. බොහෝ හින්දුවරු මේ සඳහා කර්මයේ මෙන්ම දෙවිවරුන්ගේද අදාළත්වයක් ඇති බව පරිකල්පනය කරති. දැන් බෞද්ධයන් බොහෝ දෙනෙකුද මෙම ලෝක පාලන බලතල යම් ප්‍රමාණයකට නොයෙකුත් දෙවි දේවතාවුන් අතට දී ඇති බව පෙනෙයි. ඒ අනුව "මම" යන භූතාර්තයට පරිබාහිරව ඇති යමක් මෙම මරණින් මතු පැවැත්ම තීරණය කරන බව බොහෝ දෙනාගේ අදහසයි. මා සිතනා ආකාරයට මෙම "මරණින් මතු පැවැත්ම" නමැති පරිකල්පිත සංකල්පය මිනිස් ශිෂ්ඨාචාරයේ අතිශයින් වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. මිනිසා තනි තනිව හෝ කුඩා පවුල් ඒකකයක් ලෙස ජිවත් වන තාක් කල් මරණින් මතු පැවැත්මක් නැතැයි යන සංකල්පය දැරීමේ විශාල ගැටළුවක් මතු වන්නට නැත. එහෙත් ඔහු සමුහයක් වශයෙන් ජිවත් වීම ඇරඹු දා සිට මිනිස් මනස පාලනය කිරීමට මෙම සංකල්පය බොහෝ සෙයින් වැදගත් වන්නට ඇත. නොඑසේ නම් පුද්ගලයෙකුට ඕනෑම අවැඩ ක්‍රියාවක් සිදු කිරීමේ නිදහස ලබෙනුයේය. මරණින් මතු පැවැත්ම පිලිබඳ සංකල්පය පුද්ගල මනස වගකීමේ ක්‍රියාවලියකට ඇතුළු කරයි. එසේ නොවන්නට ලෝකය මීට වඩා ඉතා භයානක කටුක පරිසරයක් වන්නට තිබුණි. ස්වභාව ධර්මයේ ආන්තික සිදුවීම් වලට ඇති බිය පදනම් කරගෙන බිහි වූ ආගම් මරණින් මතු පැවැත්ම දක්වා වර්ධනය වන්නේ සමාජයේ යහ පැවැත්ම සඳහා වන්නට ඇත. නීතිය ලෙසින් සංකල්පයක් බිහිවන්නේ මෙහි ඊළඟ පියවර ලෙසයි. ****************************************** අයේෂාගේ සිහිනය භුක්ති විඳීමට අයේෂාට ඇති අයිතිය සේම, තම ආගමෙහි පවසන දේ භුක්ති විඳීමට තමාට අයිතියක් ඇත. එහෙත් ශිෂ්ඨ සමාජයක වැදගත්ම කරුණ නම් මේ පරිකල්පනය භුක්ති විඳීමට ඔබට අයිතිය ඇත්තේ වෙනත් අයෙකුට හිංසාවක් වධයක් නොවන සීමාව තුල පමණක් වීමයි. යම් ආගමක ඇති පරිකල්පිත සංකල්ප තවෙකෙකු මත බලහත්කාරයෙන් පැටවීමට කිසිවෙකුටත් අයිතියක් නැත. එලෙසම තම ආගම වෙනුවෙන් වෙනත් කිසිම අයෙකුගේ පරිකල්පනයට හෝ යහපැවැත්මට බාධා කිරීමටද කිසිවකුට අයිතියක් නැත. ආගම හා බැඳි සමාජ සංස්කෘතිය මේ අයිතියක් නැති බව පිළිගන්නා තෙක් එම සමාජය ශිෂ්ඨ වන්නේද නැත. රැකිය යුත්තේ ආගම නමැති පරිකල්පනය නොව මෙම "අනෙකාගේ පරිකල්පනයට බාධා කිරීමට අයිතියක් නැත" යන සංකල්පයයි. අපි විසි එක් වෙනි සියවසේද තුන්වෙනි දශකය වෙත තව වසර දෙකකින් පියනගන්න බලාගෙන සිටිමු. එවන් ලෝකයක තමන්ගේ පරිකල්පනය වෙනුවෙන් යුද්ධ කිරීමට සැදී පැහැදී සිටින සමාජයක් ඇත්නම් එය ගෙන ගොස් තැබිය යුත්තේ සහශ්‍රයකටත් එපිට කාල-අවකාශ ලක්ෂයකය. විද්‍යාව දියුණු කල යුත්තේ මේ කාල යාත්‍රාව සැබෑවක් කරගැනීම සඳහාය. ******************************************* පුනරුප්පත්තිය පිළිබඳව නොයෙකුත් පර්යේෂණ සිදු කර ඇත. එලෙසම දෙවියන් දැකීම, තාවකාලික මරණයකදී දිව්‍යලෝකයට හෝ අපායට පිවිස නැවත පැමිණි පුද්ගලයන් ගැන, කිහිප දෙනෙකුට එකවර දේව දර්ශනයක් සිදුවීම ගැන සඳහන්වන පර්යේෂණ රාශියක් පිළිබඳවද විද්‍යා සාහිත්‍යයේ සඳහන් වේ. එහෙත් මේ සෑම පර්යේෂණයකම තවමත් ගැටළු රාශියක් පවතී. ඒවා ප්‍රතිනිරුපණය (replicate) කල නොහැකි වීම මෙහි ඇති ප්‍රධාන දුර්වලතාවයකි. කෙසේ වුවත් ඕනෑම අයෙකුට මේවා පිළිගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ පූර්ණ අයිතියක් ඇත. at April 05, 2018 Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest 7 comments: Pra Jay 5 April 2018 at 03:50 මටත් වෙලා තියෙන්නේ නොදන්නාකමය. ඇදහීමට විශ්වාසය අවශ්‍යය. විශ්වාසයට සත්‍ය යයි දැන ගැනීම අවශ්‍යය. ආගම් ඇත්තද නැත්තද, කොයිතරම් ඇත්තද, කොයිතරම් නැත්තද මං නොදන්නා නිසා ඒවා ඇත්තයයි විශ්වාස කර ආගමිකයෙක් හෝ නැත්තයයි අවිශ්වාස කර නිරාගමිකයෙක් වීමට නොහැකි නිසා නිකම්ම නොදන්නාගමිකයෙක් වෙමි. ඔය මොනවත් නැතුව නිකම්ම විස්වාස කර අදහන්නන් මොන දේ වුනත්, කොයිතරම් තම විස්වාසය සැක කිරීමට කරුණු තිබුනත් ඒවා කොහොමහරි තම ඇදහිල්ලට ගැලපෙන්න හරවාගෙන දිගටම අදහනවාත් එයින් මානසික සුවයක් හා ශක්තියක් ලබනවාත් මා දැක ඇත. මටත් එහෙම පුලුවන්නම් හොඳයි කියල හිතිලාද ඇත. ඒත් බෑ නෙ. ReplyDelete Replies Reply Gamini 5 April 2018 at 06:08 I agree with you. Religions, life before birth, life after birth, god, heaven, hell and even nirvana all these are creations of human mind. Do monkeys have a religion (religions)? ReplyDelete Replies Reply Ajith Dharma. 5 April 2018 at 13:20 අමරාවික්ෂේප වාදයකට - මේ මොකක්ද - agnostic කියන එකද ReplyDelete Replies Chandima Gomes 5 April 2018 at 17:23 Some sort of Agnosticism. It is the theory of Sañjaya Belaṭṭhiputta, one of the teachers that Siddhartha Gautama sought after the knowledge. "I don't think so. I don't think in that way or otherwise. I don't think not or not not. - Suspension of judgement". The closest Sinhala translation of අමරාවික්ෂේප වාදය is ආඳා වගේ ලිස්සල යෑම. Delete Replies Reply Reply Ajith Dharma. 5 April 2018 at 13:23 මම ඉඳහිට පන්සල් යනවා. ඒ අර පුරුද්දට සහ හාමුදුරුවෝ එක්ක හිතවත් නිසා. භාවනා හුරු කරන පන්සල්කටත් යනවා. ඒක ලොකු ඉඩක තියෙන නිස්කලංක තැනක් නිසා. ඒ ඇරෙන්න පල්ලි යනවා ක්‍රිස්මස් දවසට බිරිඳ වෙනුවෙන්. දෙවියන්, පුනරුත්පත්තිය සහ කර්මය පිලිබඳ විශ්වාසයක් නැහැ.එනිසා ඔබ ලියල තියෙන කාරනා ගැන එකඟ වෙන්න පුළුවන් මටත්. ReplyDelete Replies Reply Pathum Herath 3 June 2018 at 07:12 මැරුණට පස්සේ පණිවිඩයක් එවන්න ක්‍රමයක් හොයා ගත්ත නම් මේ ප්‍රශ්න විසදෙනවා.. හෙහ් හෙහ්.. මෝස් කෝඩ් වගේ සිස්ටම් එකක් වත් හදා ගන්න බැරි වෙයි ද දන්නේ නෑ.. ReplyDelete Replies Reply Saman 31 July 2019 at 10:19 සිහිනයෙන් අවදිකොට සත්‍ය පෙන්වාදීම මේ ලෝකයේ සියලුම මනුෂයන් යම් කිසි ආගමක් පිලිපදී. එහෙම කිව්වාම ටිකක් අවුල් වගේ නේද? ගොඩක් අයට එහෙම හිතෙන්නේ ආගමක් කිව්වාම එන තෝරාගැනීම් සීමිතව පෙනෙන නිසයි. බුද්ධාගම, ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු,... මේවගේ කිහිපයක් විතයි ගොඩක් අය දන්නේ. ඇත්තටම ආගමක් කියන්නේ තමා පිලිගන්නා විස්වාසයටයි. මේ විස්වාසයන් ප්‍රධාන ආගම් වලට අමතරව තවත් පවතින්වා. මාදන්නා හැටියට ඔක්කෝම එකතුව 65 කට ලඝු කරන්න පුලුවන්. මෙම මත 65 සම්මිස්‍රණය කරමින් හැකිතාක් ආගම් බිහි කරන්න පුලුවන්. මේ මූලික මතවාදවලින් තොරව මිනිස්සු තුල මතයක් ගොඩ නැගෙන්නේ නෑ. ඒක දේව වාදය එන් එකක් විතරයි. දක්ශයෙක්ට මේ මතවාද තුලින් කිසි කෙනෙකුට බිදිය නොහැකි ආගමක් බිහිකරන්න පුලුවන්. නමුත් එය සත්‍ය නොවන්න පුලුවන්. මොකද සත්‍ය ගොඩක් තියෙන්න බෑ. උදාහරනයක් විදිහට අපිට කවුරුහරි ගානක් දෙනවා අපිට කැමතිවිදිහට මූලික සංකල්ප අර්ථ දක්වලා ගනන් හදන්න. මේ ගාන සියදෙන්ක්ට සිය විදිහකට හදලා එකිනෙකට වෙනස් උත්තර සීයක් ගන්න පුලුවන්. නිවැරදි අර්ථදැක්වීම දන්න කෙනෙක් එතනට ඇවිත් ඔක්කෝටම පෙන්න, නිවැරදි අර්ථ දැක්වීම පෙන්නලා ගාන හදනවා. ඔයගොල්ලෝ හිතනවද අර සීයම තමන්ගේ අර්ථ දක්වීම් අත්හැරලා අරක පිලි ගනී කියලා? එහෙම වෙන්නේ නෑ. බොහෝදෙනා වැරදිදේම අල්ලන් ඉන්නවා. ආගම් වලදී ගනණ් පාඩම් වගේ සරල නෑ. වැරදින්නේ තමන්ගේ ජීවිතයටමයි. බුදු කෙනෙක් දෙවි කෙන්ක්ට වත් නිවැරදි කල නොහැකි දෘශ්ටීන් තිබෙනවා. ඒවා තර්කිකයි. බිදින්න බෑ. අල්ලාගන්න කෙනා ඒ තුලටම ඇදිලා යනවා. කලින් කියපු දේවල් කිව්වේ ආරම්භයක් විදිහට. අත්තටම අපේ ගුරුතුමා දරන්නේත් ඒ මතවලින් එකක්. හරියටම පැහැදිලි නොවුනත් මේක පූර්ණ භෞතිකවාදී ධර්මයක්. මේ ආගම පිලිපදින පලමු හා අවසාන කෙනා අපේ ගුරුතුමා නෙමෙයි. මේකේ ආරම්භය මානවයාගේ ආරම්භයට සමකාලීනයි. විද්‍යාවේ දියුනුවත් සමග මෙම ආගම ගොඩක් සවිමත් උනා. මේ මතවාදයට ගැබුරින් හදාරපු කෙනෙක් ඒ කෙන් මුදවන්න බෑ. ඒකෙන් මිදීම හෝ බැස්සගෙන සිටීම ඉතාමත් පුද්ගලික තෝරා ගැනීමකි.
සංයුක්ත හෝස් යනු විවිධාකාර බහු අවයවීය ද්‍රව්‍ය ශක්තිමත් කරන ලද ස්ථරයක්, මුද්‍රා තැබීමේ තට්ටුවක් සහ බාහිර ඇඳුම් හා වයස්ගත නොවන ස්ථරයකි.එය පරිගණක ආශ්‍රිත “ලැබින්ට්” මුද්‍රාවකින් ඔතා ඇති අතර එය සවි කර ඇති අභ්‍යන්තර සහ බාහිර සර්පිලාකාර වානේ කම්බි ආධාරකයකින් සමන්විත වේ.එය යුරෝපයේ ආරම්භ වූ අතර, නවතම පරම්පරාවේ ආරක්ෂිත ඛනිජ රසායනික හෝස් වේ. පරීක්ෂණයක්විස්තර ලිපිනය: 1-1701 බාඕලි මධ්‍යස්ථාන වාණිජ ගොඩනැගිල්ල, අංක 333 ජින්ග්යි පාර, හුයියින් දිස්ත්‍රික්කය, ජිනන්, ෂැන්ඩොන්ග්, චීනය අපව අමතන්න දුරකථන: 0086-13370553047 E-mail: info@hesperrubber.com ස්කයිප්: whitney561 WhatsApp: +86 13370553047 WeChat: +86 13370553047 ඉක්මන් මෙනුව නිතර අසන ප්රශ්න සමාගම් පැතිකඩ අපව අමතන්න කර්මාන්තශාලා සංචාරය පරීක්ෂණයක් අපගේ නිෂ්පාදන හෝ මිල ලැයිස්තුව පිළිබඳ විමසීම් සඳහා, කරුණාකර ඔබගේ විද්‍යුත් තැපෑල අප වෙත තබන්න, අපි පැය 24ක් ඇතුළත සම්බන්ධ වන්නෙමු.
අහවල් රජතුමාගේ යැයි හරිහැටි කිව නොහැකි කාලයක සිටි රොඩී මිනිසෙක් බත් මුළක් බැඳ ගෙන දුර ගමනක් යාම සදහා නික්මුණේ ය. ගමන යෑම සදහා කෙටි මගක් වන ලැහැබ තුලින් වැටී තිබුනු හෙයින් ඔහු ඒ මග තෝරා ගත්තේ ය. මෙය ගම්මුන් බොහෝ දෙනා විසින් නිතර නොවුනත් කලින් කලට භාවිතා කරන ලද කෙටි මාර්ගයකි. මොහු තම ගමන ආරම්භ කර තරමක් වේලා ගත වූ පසු ඔහුට අතර මඟ දී තරුණයෙක් හමුවිය. මෙම තරුණයා බත් මුළක් අතැතිව ගමන් කරන පුද්ගලයා කවරෙක් ද යන්න දැන ගැනීමේ නියාවෙන් ඔහුගෙන් මෙසේ විචාළේ ය; “ඔයා කව් ද? කොහෙ ඉදන්ද එන්නෙ?” “මේ කිට්ටුම ගමක ඉන්න රොඩී කුලයේ උපන්නෙක් මම” තමන් කවුදැයි නොසඟවා ඔහු කීය. “කොයි පළාතෙ ඉඳන්ද එන්නෙ?” රොඩී මිනිසා තරුණයාගෙන් ඇසීය. “මම උත්තර ප්‍රදේශයේ ඉහළම කුලයේ බ්‍රාහ්මණයෙක්” තරුණයා ඉතා ගර්වයෙන් යුතුව පිළිතුරු දුන්නේ ය. “කොහෙද මේ යන්නෙ?” රොඩී මිනිසා ඇසීය. “අපේ පවුලේ මංගල්‍යකට කැලයෙන් එහා තියෙන නගරයට යන ගමන්” “ඉතින් ඇයි මේ පයින්ම?” “මම මගේ ශ්වයත් එක්ක කැලය මැදින් එනකොට සොර මුලකට අසුවුණා. උන් සේරම මගෙ වස්තුව උදුරගත්තා” “හරිම කණගාටුයි මට ඒ ගැන” ඔවුන් දෙදෙනාගේ කථාව එතරම් දුර ඇදී ගියේ නැත. එසේ වූයේ බ්‍රාහ්මණ තරුණයා තම කුල ගර්වය තකා රොඩී ගැමියා සමග දොඩමළු වීමට කැමැත්තක් නොදැක්වූ නිසාවෙනි. එකල මිනිසුන් සිතා සිටියේ මහ බඹා විසින් බ්‍රාහ්මණයන්ව තම මුවින් නිර්මාණය කල බවත් රොඩියන්ව තම යටිපතුල් වලින් මැවූ බවත් ය. මේ හේතුවෙන් මෙම කුලීන මිනිස්සු කුලහීන මිනිසුන් සමග ආශ්‍රය තමන්ට ගෞරවයක් කොට සැලකූහ. දෙදෙනා එතරම් කථා බහකින් තොරව වුවත් එකට ගව් ගණනාවක් ගමන් කළෝ ය. දෙදෙනාටම ගමන් විඩාව ඇති වූයෙන් අසල තිබූ ගස් සෙවනෙහි හිඳගත්හ. මේ අසළම කුඩා දොළ පාරක් වූයෙන් ගැමියා එයින් මුහුණ කට සෝදා තමන් ගෙනා බත් මුළ ලිහා ගත්තේ ය. තරුණයා අත කෑමට කිසිවක් නොමැති බව බත් මුළ ලිහා කෑමට සූදානම් වූ ගැමියා දිටීය. මේ නිසා ගැමියා බත් මුළෙන් කොටසක් තරුණයාට දෙමින් “මං ගාව සෑහෙන්න බත් තියෙනවා. ඔයා මේක කන්න. බඩගිනිත් ඇතිනේ” යැයි කීය. “මටනම් ඕක එපා. ගන්න ඕක අහකට!” යැයි බඩගින්නට වඩා කුල ගර්වය උසස් කොට සැලකූ ඒ බ්‍රාහ්මණ තරුණයා රොඩී ගැමියාගේ බත් පත ඉවත් කරමින් ගිගිරුවේ ය. ගැමියා බත් කා අවසන් වූ පසු ඉතිරි බත් කොටස බැඳගෙන යළින් ගමන යෑම ඇරඹීය. තරුණයාත් ඔහුත් සමග නැවත ගමනේ යෙදුණි. හෝරා කිහිපයක් ගතවිය. නැවත මොවුන්ට බඩගින්න හා ගමන් විඩාව දැනුනු හෙයින් අසල වූ ගසක් අසල හිඳගත්තෝ ය. පෙර පරිදිම අසල වූ දොළ පාරෙන් මුහුණ කට සෝදා ගත් ගැමියා තම බත් පත ලිහාගෙන එය කෑමට පටන් ගත්තේ ය. උග්‍ර බඩගින්නකින් පෙළුණු බ්‍රාහ්මණ තරුණයා මෙම ගැමියා තමන්ට කලින් වතාවේ මෙන් කෑමට ආරාධනා කරාවි යැයි සිතුවේ ය. නමුත් අවාසනාවකට එය සිදු වූයේ නැත. ගැමියා තම කෑම කා අවසන් වූ පසු ඉතිරි වූ ඉඳුල් අසලක තබා නිඳන්නට විය. තවත් තමන්ට බඩගින්න ඉවසීමට නොහැකි වූ බ්‍රාහ්මණ තරුණයා රොඩී මිනිසා සියල්ල කා අවසන් වීමට මත්තෙන් ඉඳුල්වත් කෑ යුතුයැයි සිතීය. එසේ සිතූ බ්‍රාහ්මණ තරුණයා රොඩී මිනිසාගේ ඉඳුල් පත උදුරාගෙන කන්නට පටන් ගත්තේ ය. ඉඳුල් සියල්ල කා අවසන් වූ පසු ඔහුගේ බඩගින්න සන්සිදුණි. නැවත ඔහුගේ කුල ගර්වය ඔහු තුල නැගීමට පටන් ගත්තේ ය. තමන් මේ සිදු කලේ තමන්ට නොතරම් දෙයක් යැයි හැඟුනු බ්‍රාහ්මණ තරුණයා තමා කෑ බත් ලේත් සමග වමාළේ ය. ලේත් සමග තමන් කෑ සියල්ල වමාරන දුටු රොඩී මිනිසා බ්‍රාහ්මණ තරුණයා වෙත ගොස් ඔහු පිට අත තබා ඔහුට උපකාර කිරීමට සූදානම් විය. “අත ගන්න අහකට! මට රොඩී මිනිස්සුන්ගෙන් උදව් එපා!” තවමත් ඔහුගේ කුල ගර්වය තම ශරීර දුබලතා වලට උඩින් නැගී සිටියි. රොඩී මිනිසා ඔහුට උදව් කිරීමට කෙතරම් උත්සහ කරත් බ්‍රාහ්මණ තරුණයා එය ප්‍රථික්ෂේප කළේ ය. මෙය අවසන් වූයේ බ්‍රාහ්මණ තරුණයා සිහසුන්ව ඇද වැටීමෙනි. මෙය දුටු රොඩී මිනිසා වහා ඔහු වෙත දිව ගොස් අසල වූ දොළ පාරෙන් ජලය ගෙන තරුණයාගේ මුහුණට ඉස්සේ ය. නමුත් ඉන් කිසිදු පළක් නොවුණි. අවසානයේදී ඔහු තීරණය කළේ කෙසේ හෝ මෙම තරුණයාව උසුලාගෙන අසලම ගමකට බෙහෙත් ප්‍රථිකාර සදහා රැගෙන යාමට යි. රොඩී මිනිසා තවත් ගව් කිහිපයක් බ්‍රාහ්මණ තරුණයාවත් උසුලාගෙන හැකි ඉක්මනින් අසලම පිහිටි ගම වෙත ගියේ ය. එහි ගොස් ගමේ වෙදැදුරු සොයා තරුණයාට ප්‍රථිකාර කරන ලෙස ඉල්ලීය. “අනේ වෙද මහත්තයෝ මේ තරුණයාට බොහෝම අමාරුයි. පුලුවන් බේතක් කරලා හොද කරල දෙන්න” “ඔයාගෙ කුලය මොකක් ද?” “මම රොඩී කුලයේ” “අපි රොඩී මිනිස්සුන්ට උදව් කරන්නෙ නැහැ. ඒක අපිට ගෞරවයක්” වෙදැදුරු ගැමියාගේ ඉල්ලීම ප්‍රථික්ෂේප කරමින් කියා සිටියේ ය. “අනේ එහෙම කියන්න එපා වෙද මහත්තයෝ මම හැම වියදමක් ම දරන්නම්. ඇරත් ඔබතුමාට බෙහෙත් කරන්න තියෙන්නෙ බ්‍රාහ්මණ තරුණයෙක්ට.” කියා වෙද මහත්තයා අත තමන් සන්තක වූ සියලු කාසි දුන්නේ ය. “එයාට හොද වුනාට පස්සෙ ඔබතුමාට තෑගිබෝග බොහෝම ලැබේවි’ පුරා දිනයක් ගතවිය. “මම මේ ඉන්නෙ කොහෙද?” බ්‍රාහ්මණ තරුණයා අවදි වූ විගස වටපිට බලමින් විචාළේ ය. “වෙද මහත්තයාගේ ගෙදර ඉන්නෙ.” ඒ අසල සිටි කාන්තාවක් පිළිතුරු දුන්නා ය. “මාව මෙහාට ගෙනාවෙ කව් ද?” “ගැමියෙක් ඔයාව අරගෙන ආවෙ. ඔයා සිහසුන් වෙලා හිටියෙ” “අර රොඩී මනුස්සය ද?” “ඔව් එයා රොඩී කුලයෙ කෙනෙක් කියල කිව්වා. මුලදි අපේ වෙද ගුරුන්නාන්සේ බෙහෙත් කරන්න කැමති වුනේ නැහැ. හැබැයි ඒ රොඩී මනුස්සයා සල්ලිත් දීලා බැගෑපත් වුන නිසයි බෙහෙත් කරන්න ගත්තෙ” තමන්ට බෙහෙත් කිරීමට රොඩී කුල මිනිසා මුදල් දුන් බව අසා බ්‍රාහ්මණ තරුණයා කෝපයෙන් කෑ ගසන්නට විය. “ගලවන්න මේවා මගේ ඇගෙන්..! මට එපා රොඩියගෙ මුදලින් බෙහෙත්…!” යැයි තම ශරීරයේ ඔතා තිබූ ඖෂධ කොළ හා බෙහෙත් තෙල් ඉවත් කරමින් ගිගිරුම් දෙන්නට විය. [මෙම කෙටි කතාව සදහා සත්තධම්ම ජාතකය ඇසුරු කරගත් බව සදහන් කල යුතුයි] at December 06, 2019 9 comments: Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest Saturday, November 30, 2019 ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [7] සිතියම් පොත් වලට ඇට්ලස් කියන්නෙ ඇයි? ඉස්කෝලෙ මහත්තයා - හොදයි එහෙනන් හෙට එනකොට ඇට්ලස් තියෙන අය අරගෙන එන්න ඕන නිමාලි - මොකක්ද ඇට්ලස් එකක් කියන්නෙ? නිසල් - සිතියම් පොතටනෙ නිමාලි ඇට්ලස් කියන්නෙ? නිමාලි - ඇයි සර් ඉතින් සිතියම් පොතට ඇට්ලස් කියල කියන්නෙ? ඉස්කෝලෙ මහත්තයා - සිතියම් පොතට ඇට්ලස් කියන්නෙ ග්‍රීක මිත්‍යා කථාවක ඉන්න චරිතයක් නිසා. ග්‍රීක මිත්‍යා කථා වල ඉන්නවා ටයිටන්ලා කියලා අමරණීය යෝධ මිනිස්සු කොටසක්. සියුස් පොසයිඩන් වගේ ග්‍රීක දෙවිවරු එන්නත් කලින් ලෝකෙ පාලනය කලා කියන්නෙ මේ ටයිටන්වරු. මෙයින් හිටපු ටයිටන් කෙනෙක් තමා ‘ඇට්ලස්’ කියන්නෙ. ඇට්ලස් ග්‍රීක දෙවිවරුන්ට විරුද්ධව කැරැල්ලක් එති කරපු නිසා දෙවියන්ගෙත් රජ්ජුරුවො උන සියුස් දෙවියො ඇට්ලස්ට දඬුවමක් දෙනවා. අහසෙ තිබ්බ දිව්‍යලෝකය කර උඩ තියාගෙන උස්සගෙන ඉන්න වුන එකයි ඇට්ලස්ට ලැබුනු දඬුවම. මේක කාලයත් එක්ක සමහර පොත් වල ලියවුනා සියුස් ඇට්ලස්ට දුන්න දඬුවම වුනේ පෘථිවිය කර උඩ තියාගෙන ඉන්න කියල. ඇට්ලස් පෘථිවියම කර උඩ තියාගෙන ඉන්න නිසයි සිතියම් පොතට ඇට්ලස් නම ලැබුනෙ. කමනි - ග්‍රීක මිත්‍යා කථා වල හරි ලස්සන කථා තියෙන්නෙ. ප්‍රසන්න - ඇට්ලස් කියල කන්දකුත් තියෙනවනේ. ඉස්කෝලෙ භූගෝල විද්‍යාවට කියල දුන්නා මතකයි. ඉස්කෝලෙ මහත්තයා - ඔව් දරුවො මොරොක්කෝ වල තියෙනවා ඇට්ලස් කියල කදු පන්තියක්. ඒකට නම ලැබිලා තියෙන්නෙත් කලින් කිව්ව ඇට්ලස් නිසාම තමා. එක ග්‍රීක මිත්‍යා කථාවක තියෙනව පර්සියස් කියන වීරයා මෙඩූසගේ හිසෙන් ඇට්ලස්ව ගල් කරා කියල. ඇට්ලස් යෝධයෙක් නිසා කාලයත් එක්ක එයා කන්දක් උනා කියලයි කථාවෙ තියෙන්නෙ. නිසල් - මෙඩූසා කියන්නෙ අර ඔලුව වටේට නයි පෙන තියෙන ගෑනු කෙනානේ සහන් - ඔව් එයාගෙ ඇස් දෙක දිහා කෙලින් බලන කෙනෙක් ගල් පිළිමයක් වෙනවලු ඉස්කෝලෙ මහත්තයා - ඔය ළමයි ග්‍රීක මිත්‍යා කථා වලට ආසයි වගේ.. සහන් - මම නම් ගොඩක් ආසයි. ග්‍රීක දෙවිවරු ගැන කථා අහන්න. සර් කැමති ග්‍රීක දෙවි කෙනෙක් ඉන්නවද? ඉස්කෝලෙ මහත්තයා - ග්‍රීක දෙවිවරුන්ගෙන් මම කැමති දෙවිකෙනෙක් නම් ඉන්නවා. හැබැයි එයා එච්චර ප්‍රසිද්ධ කෙනෙක් නම් නෙමේ. හැබැයි මම හිතන්නෙ ග්‍රීක දෙවිවරුන්ගෙන් එයා වැදගත්ම කෙනා කියල. එයා තමා ‘හෙස්ටියා’ කියන දේවතාවිය. මෙයා සියුස්ගේ සහෝදරියක්. ඉස්සර කාලෙ හැම ග්‍රීක නගරයකම පාහේ තිබුනා විශේෂ ගිනි මැලයක්. මොනම හේතුවක් නිසාවත් මේ ගිනි මැලය නිවෙන්න දෙන්නෙ නැහැ. නගරෙ ඉන්න මිනිස්සු රෑට මේ ගිනි මැලය ගාවට ඇවිත් එදා දවස ගැන අනිත් අයත් එක්ක කතා කරා. දැකපු පුදුම දේවල්, ඉස්සරහට කරන්න යන දේවල් කතා කරා. එතනදි මේ මිනිස්සු තමන්ට තේරුම්ගන්න බැරි පාලනය කරන්න බැරි දේවල් වලට නමක් දැම්මා ‘දෙවියන්’ කියල. හැම දෙවි කෙනෙක්ගෙම චරිත ලක්ෂන හැඩගැහුනෙ මේ කතාබස් වලින්. මේ ගිනි මැලය සම්බන්ධව හිටිය දේවතාවිය තමා ‘හෙස්ටියා’ කියන්නෙ. පවුලයි සමාජයටයි හෙස්ටියා මුල්තැන දෙන්නෙ. අද ගත්තොත් පවුලෙ උදවිය එකට එකතු වෙලා කෑමක් ගන්න වෙලාවක්වත් තියෙනවද? පවුලෙ අය දවසට සැරයක් එකතු එලා ‘අද ඔයාගෙ දවස කොහොමද?’ කියල අහනවද? එදා ගිනි මැලයෙ සංස්කෘතිය අද සම්පූර්ණයෙන්ම වගේ නැති වෙලා තියෙන්නෙ. ඉතින් එහෙම බලද්දි එදා හෙස්ටියා කලේ සුළු පටු දෙයක් නෙමේ. at November 30, 2019 8 comments: Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest Labels: ඉතිහාසය, ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය Thursday, November 28, 2019 ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [6] සියම් නිකායෙ උපසම්පදාව ගොවිගම කුලයට සීමා වුණේ ඇයි? නිමාලි - මම ඊයෙ පත්තරේ දැක්කා ගොවිගම කුලයෙ අයට පැවිදි වෙන්න ආරාධනා කරන දැන්වීමක්. ඉතින් ගොවිගම කුලයෙ අයට විතරද පැවිදි වෙන්න පුලුවන්? ඉස්කෝලෙ මහත්තයා - බුදුන්වහන්සේ වසල සූත්‍රයේ කියන්නෙ; “මිනිසෙකු උපතින් බ‍්‍රාහ්මණයෙකු වන්නේවත්, වසලයෙකු වන්නේවත් නැත. ක‍්‍රියාවෙන්ම මිනිසෙක් බ‍්‍රාහ්මණයෙකු හෝ වසලයෙකු වන්නේය.” කියලයි. ඉතින් බුදු බණට අනුව මහන දම් පුරන්න කුලයක් අදාල වෙන්නෙ නැහැ. තව ගත්තොතින් උපාලි සූත්‍රයෙ මෙහෙම තියෙනවා. බුදුන්ගෙ කාලයේ හිටපු ජෛනයෙක් වෙච්ච උපාලි ගෘහපතියා බුදුන්වහන්සේ සරණ යනවා. බුදුන් සරණ යන්න කලියෙන් මේ උපාලි ගෘහපතියා ජෛන නිගන්ඨයින්ට ආධාර උපකාර කරපු කෙනෙක්. ඉතින් බුදුන්වහන්සේ උපාලි ගෘහපතියාට කියනවා මෙහෙම; ‘‘ගෘහපතිය, ඔබගේ ගෙය නිගණ්ඨයන්ට බොහෝ කලක් පැන් පොකුණක් මෙන් විය. එම නිසා, ඉදිරියටත් ඔවුන්ට ඒ අන්දමින්ම සංග‍්‍රහ කළ යුතුය.’’ කියල. බුදුන්වහන්සේ කුල ජාති වලින් මිනිස්සු මැනපු කෙනෙක් නෙමේ. අද කවුරුහරි එහෙම කරනවනම් ඒක සම්පූර්ණයෙන් බුදු බණට විරුද්ධයි. සහන් - තවම ගොවිගම කුලයෙ අයව විතරක් උපසම්පදා කරන නිකායන් තියෙනවද? ඉස්කෝලෙ මහත්තයා - සියම් නිකාය තුල උපසම්පදා කරන්න පුලුවන් ගොවිගම කුලයෙ අයව විතරයි. සහන් - ගොවිගම කුලයෙ අයව විතරක් උපසම්පදා කරන්න ඕන කියලා ආවෙ කොහොම ද? ඉස්කෝලෙ මහත්තයා - පෘතුගීසීන් ලංකාවට ආවට පස්සෙ ලංකාවෙ බුද්ධ ශාසනේට ලැබුවෙ හොද කලක් නෙමේ. ඒ ගැන කලින් දවසක කියන්න ඇතිනෙ. උපසම්පදාව ලංකාවෙ නැති වෙලා තිබුනු කාලෙක සරණංකර හාමුදුරුවො සියමෙන් උපසම්පදාව ගේන්න මූලිකත්වය ගන්නවා. කිහිප වතාවක්ම උත්සහ කරත් අසාර්ථක වෙලා අන්තිමේට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගෙ කාලෙ උපසම්පදාව සියමෙන් ගේනවා. සරණංකර හාමුදුරුවන්ට සංඝරාජ ධූරයත් හම්බෙනවා. මේකෙදි කුල බේදයක් නැතුවයි සාමණේරයන් වහන්සේලාව උපසම්පදා කරන්නෙ. සරණංකර හාමුදුරුවොත් උපසම්පදාව ලබන්නෙ මේ අවස්ථාවෙදි උපාලි තෙරුන්ගෙන්. මේ සියම් නිකායට අයිති වෙනවා මල්වත්ත හා අස්ගිරි කියන පාර්ශව දෙක. දවසක් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සරණංකර හාමුදුරුවන්ව බැහැදකින්න පුෂ්පාරාමයට යනකොට මලුවෙ සක්මන් කරමින් හිටපු ස්වාමින්වහන්සේලා කිහිප නමක් රජතුමා හමුවෙන්න ආවා. හැබැයි එක ස්වාමින් වහන්සේ නමක් ලඟ තිබුනු කාණුවකට බැහැලා බයාදුකමින් ගැහි හැහී රජතුමාට ආචාර කරා. රජතුමාට මේකට ගොඩක් කේන්ති ගියා. පස්සෙ හොයල බැලුවම මේ ස්වාමින්වහන්සේ පදු කුලයට අයිති ස්වාමින්වහන්සේ නමක්. තවත් දවසක් රජතුමා පුෂ්පාරාමයට යනකොට මගුල් බෙර වයන සද්දයක් ඇහුනා. මේක ඇහිලා මොකක්ද මේ කියල බලන්න යනකොටයි දැක්කෙ පැවිද්දෙක් බෙර ගහනවා. හොයල බැලුවම ඒ හිටියෙ බෙරවා කුලයට අයිති පැවිද්දෙක්.අන්තිමේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා අණ කරනවා උපසම්පදා කරන්න පුලුවන් ගොවිගම කියන උසස් කුලයෙ අයව විතරයි කියල. නිසල් - ඒක හරිම අසාධාරණයිනේ… ඉස්කෝලෙ මහත්තයා - ඔව් දරුවො.. සියම් නිකායෙ උපසම්පදා කලේ ගොවිගම කුලේ අයව විතරක් නිසා පහත් කුලවලට අයත් සාමණේරයන් වහන්සේලා එකතුවෙලා උපසම්පදා දෙකක් පවත්වනවා 1972 දී හා 1978 දී ඒ තොටගමුව විහාරෙදියි තංගල්ලෙදි යි. හැබැයි මේ උපසම්පදා දෙකම මල්වතු හා අස්ගිරි පාර්ශව දෙක පිළිගන්නෙ නැහැ. මේවා විනය නීති වලට පටහැනියි කියල තමා කීවෙ. ඔන්න ඔහොම ටික කාලයික් ගිහින් රජකමට පත් වුනු රාජාධි රාජසිංහ රජතුමා රාජ ආඥාවක් පනවනවා උපසම්පදා කරන්න පුලුවන් ගොවිගම කුලයෙ අයට විතරයි කියල. කොහොමෙන් කොහොම හරි 1779 දී අඹගහපිටියේ ඥානවිමලතිස්ස හිමියි තව ස්වාමින් වහන්සේලා කිහිප නමකුයි බුරුමයේ අමරපුරයට ගිහින් උපසම්පදාව ආයෙම අරගෙන පිහිටවනවා අමරපුර නිකාය. මෙන්න මේ නිකායෙ කුල බේදයක් නැතුව උපසම්පදාව ලබන්න පුලුවන්. ඒ 1803 දී. අමරපුර නිකායත් පස්සෙ කාලෙ එක ක හේතු නිසා බෙදෙනවා. 1956 වෙද්දි අමරපුර නිකාය බෙදිල තිබ්බ කොටස් 21ම එකතුව් වෙලා සංඝ සභාවක් පිහිටුවනවා. මේ සංඝ සභාවෙ පලවෙනි සභාපති තමා බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය හාමුදුරුවෝ. තව අමරපුර නිකායට අමතරව කල්‍යාණි වංශ, ධම්මරක්ඛිත, සද්ධම්මයුක්තික නිකායනුත් ඇතිවෙනවා. අඹගහවත්තේ සරණංකර හිමියන් රාමඤ්ඤ නිකායත් පටන් ගන්නවා. මේවයේ ඕනම කුලයකට අයිති කෙනෙක්ට උපසම්පදාව ලබන්න පුලුවන්. නිමාලි - ඒ කියන්නෙ ගොවිගම කුලයට විතරක් උපසම්පදාව ලබන්න පුලුවන් උනේ රජකෙනෙක්ගේ නියෝගයක් මිසක් බුදුන්වහන්සේ කිව්ව දෙයක් නිසා නෙමෙයි. ඉස්කෝලෙ මහත්තයා - බුදු බණට අනුව කාටවත් තව කෙනෙක්ව ජාති අගම් කුල අනුව වෙන් කරන්න බැහැ. අද ගොඩක් මිනිස්සු සිරිත් විරිත් සංස්කෘතිය කියන ගොඩට මේවා දාලා මොනවත් හොයලා බලන්නෙ නැතුව පිලිපදිනවා. සිරිතක් විරිතක් හෝ සංස්කෘතික අංගයක් අවුරුදු ගානක් තිස්සෙ මිනිස්සු එකදිගට පිලිපැද්ද පලියට ඒක ‘නිවැරදි’ දෙයක් වෙන්නෙ නැහැ. අම්මා තාත්තා සීයා ආච්චි කරා කියලා නිවැරදි නොවන සංස්කෘතික අංග අපිත් කරන්න ඕන නැහැ. මේවා ඔය ලමයින්ට හොද පාඩම්… සංස්කෘතියක් වෙනස් වෙනකොටයි ඒක රැකෙන්නෙ. ඒකත් හරි විදිහට වෙනස් වෙන්න ඕන. පොඩි උදාහරණයක් ගන්නම්, විවිධ යකැදුරෝ තොවිල් පවිල් කරනකොට කුකුළගෙ බෙල්ල කඩලා පුදනවා. හැබැයි බුදු සමය නිසා සිංහල යකැදුරා කුකුලගෙ කරමල විදලා ලේ බිංදක් අරගෙනයි තොවිලෙ කරන්නෙ. මේකටයි සංස්කෘතිය නිවැරදි විදිහට වෙනස් වෙනව කියන්නෙ. at November 28, 2019 8 comments: Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest Labels: ඉතිහාසය, ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය Monday, November 25, 2019 ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [5] ගණින්නාන්සේ ප්‍රසන්න - සර්, මම මෑතකදී රොබට් නොක්ස්ගේ එදා හෙළදිව පොත කියෙව්වා. ඒකෙ තියෙනවා ගණින්නාන්සේ කියලා භික්ෂූ කොටසක් ගැන. මට ඒක ගැන තව විස්තර ටිකක් දැනගන්න ඕන. ඉස්කෝලෙ මහත්තයා - ඔය ගණින්නාන්සේ කියන්නෙ දරුවො මහනුවර යුගයෙ වගෙ කාලෙ හිටපු දුශ්ශීල භික්ෂූන්ට. ‘ගණෙල්ලො’ ‘ගණවොලින්’ කියලත් මෙයාලව හදුන්වනවා. සිවුරක් ඇඳගෙන ඒකට උඩින් බඳ පටියක් බැඳගෙනයි සාමන්‍යයෙන් ගණින්නන්සේ කෙනෙක් හිටියේ. උන්නාන්ස්ලාට දරුමල්ලොයි බිරින්දෑවරුයි හිටියා. ළමයින්ට කීවෙ ‘ගණ ගැටයන්’ කියල. රොබට් නොක්ස් නම් කියන්නෙ එහෙම අඹුදරුවො ගණින්නන්සෙලාට හිටියෙ නැහැයි කියල. ඒත් ඇත්ත කාරනය තමා එහෙම හිටපු එක. පන්සලේම තමා මේ ගණින්නන්සේගේ පවුල හිටියෙ. ගමේ මිනිස්සු දෙන දාන වලින් තමා මේ පවුල් නඩත්තු වුනේ. ගණින්නන්සේලගේ ගෙවල් වලට ‘ගණේගෙදර’, ‘විහාරේගෙදර’; ‘ගණේවලව්ව’ වාගෙ එක එක නම් කිව්වා. ගණ්න්නාන්සේලාට නම් තිබ්බෙ උපන් ගමේ නම විතරක් මුලට යොදලා ‘ලබුතල ගණින්’, ‘වෙලඟේ ගණින්’, ‘වේහැල්ලේ ගණවොලින්’ වාගෙ නම්. නිමාලි - එතකොට එයාලා බණ දේශනා කලේ නැද්ද? ඉස්කෝලෙ මහත්තයා - පන්සලේ ඉඩම් පාවිච්චි කරගෙන ඉන්න ගමන් මිනිස්සුන්ට කීවා පන්සලට අයිති දෙයක් ගන්න් කෙනෙක් ප්‍රේතයෙක් වෙලා උපදිනවා කියල. ගොඩක් වෙලාවට ගණින්නන්සේලා දේශනා කරන්න පාවිච්චි කලේ ‘ජාතක කථා පොත’. වෙස්සන්තර වගේ ජාතකයක් තාලයට ගායනා කරලා ඒකෙ තේරුම කියල දෙන එකයි කලේ. ධර්ම දේශනා ගීතවත්ව ඉතිරිපත් කරන්නයි මේ ගණින්නාන්සේලා නිතරම වාගෙ උත්සහ කලේ. වෙස්සන්තර ජාතකයේ කවි එක් ගණින්නන්සේ කෙනෙක් ගායනා කරද්දි තවත් ගණින්නන්සේ කෙනෙක් උඩැක්කියක් වාදනය කරා. සමහරක් මිනිස්සුන්ට මේවා නොතේරුනාට එයාලා මේවට ගොඩක් ආසා වුනා. නිසල් - එතකොට මේ ගණිනාන්සේලාට හරි මාර්ගය කියල දෙන්න කවුරුවක්වත් හිටියෙ නැද්ද? ඉස්කෝලෙ මහත්තයා - මේ කාලෙ දරුවො ලංකාවෙ උපසම්පදා වෙච්ච භික්ෂුවක් හොයාගන්න බැරි එන තරමටම පිරිහිලයි තිබුනෙ. මේ කාලෙ ගණින්නාන්සේලා දන් වැළදුවෙත් පිඟානක. පිණ්ඩපාතය කියන්නෙ මොකක්ද කියලවත් දැනගෙන හිටියෙ නැහැ. දවසක් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා අස්ගිරි, පෝයමළු භික්ෂූන් මාළිගාවට ගෙන්නගෙන දානයක් දුන්නා. එතැනදි මේ භික්ෂූන් දානය වළදින්නෙ පාත්‍රයෙන් නෙමේ කියල රජතුමා දැක්කා. ඉතින් රජතුමා ඇහුවා මේ භික්ෂූන්ගෙන් අටපිරිකර කියන්නෙ මොනවද කියල. පාත්‍රය, පෙරහන, පටිය, තුන් සිවුර, කර කැත්ත, ඉදි කටුව කියන්නෙ පිරිකර ටට කියල කීව්වා. එහෙනන් පලවෙනි පිරිකර වෙච්ච පාත්‍රය දැන් කෝ කියල අහල රජතුමා මේ භික්ෂූන්ට පාත්‍රයෙන් දන් වළදන්න අණ කරා කියල කියනවා. ඟැඩුඹස්වැවේ මුදලිඳුගෙ මුණුබුරෙක් වුන කවියෙක් මේ භික්ෂූක්ට නිවැරදි මාර්ගය පෙන්නන්න කියාලා ‘විනය සිවුපඳ කියල පොතකුත් ලියල තියෙනවා. සහන් - මම අහලා තියෙනවා මේ ගණින්නාන්සේලා පොත් ලිව්වයි කියල. ඉස්කෝලෙ මහත්තයා - මේ ගණින්නාන්සේලා භික්ෂූන්ගේ අඳුරු පරිච්ඡේදයක්විදිහට සමහර මිනිස්සු හිතුවත් උන්නාන්සේලාගෙනුත් සේවයක් වුනා. ඔය පරණ පොත පත අතුරුදහන් වෙන්න නොදී රැකගත්තෙ මේ ගණින්නාන්සේලා තමා. බණ පොත්, සිංහල සාහිත්‍ය පොත් ඉතිහාසෙන් නැතිවෙන්න නොදී ඒවා ලියල තියාගත්තා. ඔය පූජාවලිය වාගෙ පොත් තමා වැඩිමනක් ලියල තිබ්බෙ. ඔය විතරක් නෙමේ මේ ගණින්නාන්සේලා අමුතුම බණකුත් කිව්වා. මේ බණ ගැන ‘ධර්මානිසංසය’ කියන පොතේ තියෙනවා. ඒකෙ කිව්වේ බුදුරජාණන් වහන්සේ කීව දහම් පදයක් ලිව්වොතින් එක අකුරකට නවදස් කෝටියක දිව්‍යලෝක සැප විදින්න පුලුවන් කියල. බුදුරජාණන් වහන්සේ එහෙව් දෙයක් කියල තිබ්බෙ නැතත් ඒකෙන් හොදක් උනා. මිනිස්සු දිව්‍යලෝකෙ සැප විදින්න කැමති නිසා බණ පොත් පිටපත් කරන්න ගත්තා. ඔය ජෛන ආගමෙත් මේවගේම ඉගැන්වීමක් තියෙනවා. ඒකෙ කියන්නෙ අනෙක් ආගමකට අදාල පොතක් වුනත් පිටපත් කරන එක පිං පලදෙන ක්‍රියාවක් කියල. දෙවන රාජසිංහ රජතුමාගෙ කාලෙ හිටියා පෝයමළු විහාරයේ කොබ්බෑකඩුවේ ගණින්නාන්සේ කියල හිමිනමක්. දෙවන රාජසිංහ රජතුමා ඇසළ පෙරහැර නවත්වපු එකට අඹන්වෙල රාල ඇති කරපු කැරැල්ලට අනුශාසනා කලේ මේ කොබ්බෑකඩුවෙ ගණින්නන්සේ. නිමාලි - හැම අඳුරු වලාවකම රිදී රේඛාවක් තියෙනවා කියනෙ මේ වගේ දේකට වෙන්න ඇති නේද… ඉස්කෝලෙ මහත්තයා - සිල්වත් භික්ෂුවකගෙන් ශාසනික ප්‍රතිපත්ත රැකෙනවා තමා. නමුත් රටයි ජාතියයි ආගමයි අන්තිම අගාධයට වැටිලා තිබ්බ වෙලාවක හිටිය මේ ගණින්නාන්සේලා සිවුරු හැරලා යනවට වඩා මේ කරපු සේවය වටිනවා. ඇරත් මේ කාලෙ ලංකාව වැටිලා තිබුනු තැන ගැන හිතනකොට භික්ෂුවක් ගණිනාන්සේ කෙනෙක් වෙච්ච එකට අපිට වරදක් කියන්නත් බෑ. කොහොමෙන් කොහොම හරි මේ තත්වෙ තිබුනු ලංකාවෙ බුද්ධ ශාසනේ හරි මාර්ගෙට ගත්තෙ අසරණ සරණ සරනංකර සංඝරාජ ස්වාමින් වහන්සේ. උන්නාන්සේ ගැන තවත් දවසක කියල දෙන්නම්කො… at November 25, 2019 18 comments: Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest Labels: ඉතිහාසය, ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය Wednesday, November 20, 2019 ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [4] සක්‍රයා සහ ගුත්තිල කාව්‍යය ඉස්කෝලෙ මහත්තයා - හරි දැන් කියමු බලන්න ඊළඟට තියෙන කවිය ප්‍රසන්න - කැර මිණි බරණ රැස් රසින් සුර සැව් සුවහස් සුරන් සහ සහසැස් නො කැර සිටියේ අහස් කුස හිස් ඉස්කෝලෙ මහත්තයා - මේ කවිය එන්නෙ වෑත්තෑවේ හිමි ලිව්ව ගුත්තිල කාව්‍යයෙන්. ගුත්තිල හා මූසිල තරඟය වෙලාවේ දෙවියන්ගේ මැණික් ආභරණ වලින් පිටවුණු රශ්මියෙන් දේදුණු රාශියක් හැදුනා. මුලු අහසම වසාගෙන සුරයන් එහෙම නැත්නම් දෙවිවරු සහ සක්‍රයා සිටියා කියලයි මේ කවියෙන් කියන්නේ. සුරස් සැව් කියන්නේ දෙවියන්ගේ දුන්න එහෙම නැත්නම් දේදුන්න කියන තේරුම. සහසැස් කියන්නේ ඇස් දාහක් ඇති තේරුමෙන් සක්‍රයාට. නිසල් - ඇයි සක්‍රයාට සහසැස් කියන්නේ? ඉස්කෝලෙ මහත්තයා - ඕකට උත්තරේ හින්දු සාහිත්‍යයේ තියෙනවා. මහා බ්‍රහ්මයා ලෝකයේ තියෙන සියලු සුන්දරත්වයන් එකතු කරලා මවනවා කාන්තාවක් ව. මේ කාන්තාවගේ නම තමා ආහල්‍යා. මහා බ්‍රහ්මයා හිමාල වනයේ හිටපු ගෞතම නම් බමුණට මේ සුන්දර ආහල්‍යා ව විවාහ කර දෙනවා. ටික කාලයක් ගියාට පස්සේ සක්‍රයා දකිනවා මේ ආහල්‍යා ව. ක්‍රමක්‍රමයෙන් මේ දෙන්නා අතරේ අනියම් සබදතාවක් ඇති වෙනවා. දෙන්නට එකතු වෙන්න වැඩි කාලයක් ඕන නිසා ගෞතම බමුණව අසපුවෙන් තරමක් වෙලාවට ඈත් කරලා තියන්න සැලැස්මක් හිතනවා. ගෞතම බමුණා හැමදාම උදේට ශිව දෙවියන්ට පූජා ඔප්පු කරන්න. උදේට කුකුළා හඬලනකොටයි ගෞතම බමුණා ගෙයින් එලියට යන්නෙ. දවසක් සක්‍රයා කුකුළෙක්ගේ වෙස් අරගෙන මධ්‍යම රාත්‍රිය උදා එනවාත් එක්කම ගෞතම බමුණගෙ අසපුව ළඟට ගිහින් කුකුලෙක් වගේ හඬලන්න පටන් ගත්තා. ඉතින් බමුණත් උදේ වෙලා කියල හිතලා පූජා භාණ්ඩත් අරගෙන එලියට ගියා. මේ යන තරමග අහස බැලුවම තවම තරු පේනවා. ඉතින් මොකක් හෝ වැරැද්දක් ඇති කියලා ආපහු අසපුවටම යන්න ගත්තා. අසපුවට ගියහම සක්‍රය යි ආහල්‍යයි එකට ඉන්නවා දැකලා කේන්තියට ආහල්‍යාව ගල් පිළිමයක් කරනවා. ඒ සාපය කරන්නේ රාම කුමාරයාගේ පාද ස්පර්ෂය ලැබුනහම නැවත පන එන විදිහට. සක්‍රයට සාප කරනවා මුලු ඇඟේම ස්ත්‍රී යෝනි 1000ක් මැවෙන්න කියලා. ඉතින් සක්‍රයා ගෞතම බමුණගේ කකුල් දෙක අල්ලලා සමාව ඉල්ලනවා. මොකද ස්ත්‍රී යෝනි 1000ක් ඇගේ තියාගෙන ආපහු දිව්‍යලෝකෙට යන්න බැහැනේ. මේ ගැන දුක හිතිලා බමුණා මේ ස්ත්‍රී යෝනි 1000 ඇස් 1000ක් බවට හරවනවා. මෙන්න මේ නිසයි සක්‍රයාට සහසැස් කියන්නේ. කමනි - සර් එතකොට වෑත්තෑවේ හිමිගේ ගුරුවරයා කව්ද? සහන් - මම දන්නවා ඒකට උත්තරේ. තොටගමුවේ රාහුල හිමිගේ ගෝලයෙක් තමා වෑත්තෑවේ හිමි කියන්නේ. ඉස්කෝලෙ මහත්තයා - ගුත්තිල කාව්‍යය ලිව්ව කෙනෙක් ගැන කාව්‍යයේ කොතනකවත් සඳහන් වෙලා නැහැ. ජනප්‍රවාදයේ තමා කියන්නේ වෑත්තෑවේ හිමි ගුත්තිල කාව්‍යය ලිව්වා කියලා. වෑත්තෑවේ හිමිට රාහුල හිමිගෙන් ඈත් වෙලා යන්න වුනු ජනකතාව අහලා තියෙනවද? ප්‍රසන්න - පළ නොකියා පළා බෙදුවා වගේ කතාව නේද? ඉස්කෝලෙ මහත්තයා - වෑත්තෑවේ හිමි කියන්නේ ගුරුවරයා වගේම ඉතා දක්ෂ කවියෙක්. සමහරු කියන්නෙ නම් ගුරුවරයාටත් වඩා දක්ෂයි කියලා. මේ හැකියාවට තමන්ගෙ අප්‍රසාදය පලකරන්න දානය බෙදනකොට වෑත්තෑවේ හාමුදුරුවන්ගේ දානයේ තුන් පොළකට පළා බෙදන්න කියලා රාහුල හාමුදුරුවො අතවැසියෙක්ට කිව්වා. පල කියන්නෙ නැතුව පළා බෙදුවා කියලා දැනගත්තු වෑත්තෑවේ හාමුදුරුවෝ පන්සල අතහැරලා යනවා. ඊට පස්සෙ තමා ගුත්තිල කාව්‍යය ලිව්වා කියලා ජනප්‍රවාදයේ තියෙන්නේ. ප්‍රසන්න - වෑත්තෑවේ හාමුදුරුවන් ගුත්තිල කාව්‍යය ලියන්නේ පන්සලෙන් පිට උනාට පස්සෙද? ඉස්කෝලෙ මහත්තයා - පන්සල අතහැරලා ගියාට පස්සේ මේ කාලේ රජතුමා ඒ කිව්වේ හය වන පරාක්‍රමභාහු රජතුමාගේ සේවකයෙක් වුනු සලාවත ජයපාල මැතිතුමාගේ ආරාධනයෙන් තමා ගුත්තිල කාව්‍යය ලියන්නේ. සලාවත කිව්වේ ඒ කාලෙ හලාවතට. පැරණි සාහිත්‍ය කෘති ගොඩක් ගත්තහම ඒ හැම එකක්ම පාහේ ඒ කාලේ සමාජයේ වැදගත් කෙනෙක්ගේ ආරාධනයක ප්‍රථිපලයක් විදිහටයි ලියැවිලා තියෙන්නේ. ගුත්තිල කාව්‍යය ලියන්න ආරාධනා කලේ සලාවත ජයපාල කියලා කාව්‍යයේම තියෙනවා 11 හා 12 කවි වල. ‘පිරිසිඳු යස සඳුන් සලාවත ජයපාල මැතිඳුන්’ ‘බැදි යවර බසින් කෙළෙන් ආරාධනා සතොසින්’ නිමාලි - එතකොට වෑත්තෑවේ හාමුදුරුවන්ට අන්තිමට මොකද වෙන්නෙ? ඉස්කෝලෙ මහත්තයා - ජනකතා වල නම් තියෙන්නේ වෑත්තෑවේ හාමුදුරුවෝ සිවුර හැරලා රටින් පිට වෙලා ගියා කියලයි. වෑත්තෑවේ හිමි ගැන ලස්සන කෙටි කතාවක් මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ලියලා තියෙනවා ‘මගේ කතාව’ පොතේ. කෙටිකතාවේ නම තමා ‘මූසිල වෑත්තෑවේ වාදය’. at November 20, 2019 8 comments: Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest Labels: ඉතිහාසය, ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [3] බාලගිරි දෝෂය අද නොවේ හෙට නිමාලි - ඔයාලා දන්නවද අපේ නැන්දට ඊයෙ බබෙක් හම්බුනා.. කමනි - ඇත්තට, හරි ෂෝක් නේ. නිමාලි - ඔව් නංගි කෙනෙක්. මම තමයි ගෙදර උළුවස්සේ ‘බාලගිරි දෝෂය අද නොවේ හෙට’ කියල ලිව්වෙ. මෙසේ කියනවාත් සමග ගජනායක ඉස්කෝලෙ මහත්තයා ඇවිදින් පන්තියේ හිඳ ගත්තේ ය. ඉස්කෝලෙ මහත්තයා - මටත් ඊයෙ ආරංචි වුනා නිමාලිගෙ නැන්දට පොඩි දුවෙක් උපන්න බව. දන්න කෙනෙක් කියන්න බලන්න බාලගිරි දෝෂය අද නොවේ හෙට කියලා හැම ගෙදරකම පාහෙ දොරේ උළුවස්සෙ ලියන්න හේතුව. සහන් - අපේ ගෙදරත් ඕකම ලියල තිබ්බා. අම්මගෙන් අහුවම අම්මත් දන්නෙ නෑ කිව්වා. ඉස්කෝලෙ මහත්තයා - ඔන්න එකෝමත් එක කාලෙක දඹදිව ඒ කිව්වෙ ඉන්දියාවෙ සිංහකුමාර රජ්ජුරුවන්ටයි හංසවතී බිසවටයි හිටියා රූමත් දූ කුමරියක්. මේ පවුලට තව හිටියා වැඩිමහල් සහෝදරයෙක් වුන දළ කුමාරයත්. දූ කුමරිය ඉපදුන වෙලේ නක්ෂත්‍රකරුවන් කීවෙ කවදාහරි මේ දූ කුමරිය තමන්ගේ සහෝදරයා වෙන දළ කුමාරයාත් එක්ක සංවාසයේ යෙදෙනවා කියල. මේකට රජතුමයි බිසවයි බොහෝම කලකිරුණා වගේම බිය වුණා. මේ නිසා කුඩා කාලෙදිම මේ දූ කුමරියව ලෙනක සඟවලා තිබ්බා දළ කුමාරයාට මුන ගැහෙන්න නොදී. ප්‍රසන්න - හරියට පණ්ඩුකාභය රජතුමාගෙ අම්මා උන්මාද චිත්‍රාව එක්ටැම් ගේක හංගලා තිබ්බා වගේ. සහන් - ඒ හංගලා තිබ්බෙ උන්මාද චිත්‍රාට ලැබෙන දරුවා එයාගෙ මාමලා දහදෙනාව මරනවා කියලා නක්ෂත්‍රකාරයො කිව්ව නිසානේ. නිමාලි - ඉතින් ඒ මාමලා දහ දෙනාව මැරුවද? සහන් - දන්න තරමින් නම් ඔක්කෝවම මැරුවෙ නැහැ. ඉස්කෝලෙ මහත්තයා - ඔව් පුතේ, පණ්ඩුකාභය රජතුමා මාමාවරු දස හෙනාවම මැරුවෙ නැහැ. අට දෙනයි මැරුවෙ. අභය හා ගිරිකන්ඩශිව කියන මාමලා දෙන්නට කිසි කරදරයක් කලේ නැහැ. උන්මාද චිත්‍රාව තිඹිරිගෙය තුලදිම මරන්නයි අභය හැර නෙක් මාමලාගේ අදහස වුනේ. ඒත් වැඩිමහල් සොහොයුරු අභයගේ අදහසට අනුවයි උන්මාද චිත්‍රාව එක්ටැම් ගෙයක හිර කරලා තියන්නේ. අනෙක් මාමා වෙච්ච ගිරිකන්ඩශිවගෙ දුව වුන ස්වර්ණපාලි බිසව ව තමා පන්ඩුකාභය රජතුමා විවාහ කර ගන්නේ. හොදයි දැන් අපි ආයෙම අපේ කතාවට එමු. දූ කුමරිය දළ කුමාරයාත් එක්ක සංවාසයේ යෙදෙයි කියල බයට කුමරියව ගල් ලෙනක හංගලා තියනවා. මේ නිසා කුමරියට ‘ගිරි දේවිය’ කියල කියනවා. දැන් ඔහොම කාලයක් ගතවුනා. කුමරියත් දැන් තරුණ වයසේ. දළ කුමාරයා දැන ගන්නවා එයාගෙ නංගිව ලෙනක සඟවලා තියෙන බවක්. ඉතින් මේ ලෙනට ඇතුලු වෙන්න දළ කුමාරයා උත්සහ කරත් මුලදි නම් ඇතුල් වෙන්න ලැබෙන්නෙ නැහැ. හැබැයි අවසානයේ කොහොමහරි ලෙන තුලට ගිහින් තමන්ගේ සහෝදරියව මුනගැහෙනවා. නැකැත්කරුවො කිව්වත් වාගෙම දළ කුමාරයා යි ගිරි දේවිය යි සංවාසයේ යෙදෙනවා. පස්සේ තමන්ගේ සහෝදරයා අතින් කෙලෙසුනු නිසා ගිරි දේවිය දුකින් බෙල්ලෙ වැල දාගෙන මැරෙනවා. මේක දැකපු සක්‍රයා ගිරි දේවියගේ සිරුර සඟවනවා. තමන්ගෙ සහෝදරිය මැරුණා කියල දැනගත්ත දළ කුමාරයා ලෙනට ගියත් සිරුරක් දකින්න ලැබෙන්නෙ නැහැ. මේ නිසා දළ කුමාරයා උන්මත්තකයෙක් අගේ ගම් නියම් ගම් පාළු කරමින් සතුන් මරමින් ගමින් ගමට යන්න ගත්තා. මේ නිසා මේක නවත්තන්න කියලා සක්‍රයා ගිරි කුමරියගේ සිරුරට පණ දීලා සිරුර දළ කුමාරයාට පෙන්නලා සක්‍ර භවනට ගියා කියලයි කියන්නෙ. දළ කුමාරයා මැරිලා ආයෙක් යකෙක් වෙලා උපදිනවා. ඒ යකාට තමා ගරා යකා කියන්නෙ. නිසල් - ගිරි දේවි ටයි දළ කුමාරයාටයි වෙන් වුනු ලංකාවෙ කෝවිල් එහෙම තියෙනව ද? ඉස්කෝලෙ මහත්තයා - එහෙම කෝවිල් නම් නැහැ. හැබැයි මේ දෙන්නව ප්‍රයෝජනයට අරගෙන ගම් වල මිනිස්සු ඉඩෝර කාලෙට යාතුකර්ම කරනවා. දළ කුමාරයාගෙයි ගිරි දේවියගෙයි නිරුවත් රූප හෙකක් අඹලා රෑ වෙන්න අදුර වැටෙනකොටම දෝලාවකින් මේ රූප දෙකම වැව් පිටියට අරගෙන යනවා. ඊට පස්සෙ ඒක තැන්පත් කරලා මිනිස්සු ගෙවල් වලට යනවා. මේ රූප කවුරුත් දකින්න් කලියෙන් වැස්සෙන් හේදිලා යනවා කියලයි ගම්මු විශ්වාස කරන්නෙ. ඔය ගිරි දේවියගේ ආකාර නැත්නම් අවතාර දොළහක් තියෙනවා. එයින් බාලගිරි වෙසින් ඉඳලා කුඩා ළමයි ලෙඩ කරනවනවා කියලයි විශ්වාස කරන්නේ. ඒවා තමා, 1. මදනගිරි 2. හපුමල් ගිරි 3. බාලගිරි 4. මෝලන් ගිරි 5. භූත ගිරි 6. නීල ගිරි 7. රත්න ගිරි 8. හඳුන් ගිරි 9. පට්ට ගිරි 10. කොටගිරි 11. අඳුන් ගිරි 12. වලියක් ගිරි at November 20, 2019 3 comments: Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest Labels: ඉතිහාසය, ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය Monday, November 18, 2019 ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [2] කනත්ත හා සුසාන භූමිය පන්තියේ සියලුම දෙනා පාඩමට ලැහැස්ති වෙමින් සිටියි. නිමාලි - කමනි මම ඔයාව ඊයෙ සිරිදෝරිස් සීයගේ මළගෙදරදි දැක්කෙ නැහැනේ. ඇයි ආවෙ නැත්තේ, මම හිතුවා ඔයා එයි කියලා. කමනි - අනේ මට එන්න බැරි උනේ අම්මට ටිකක් අනීප මදි නිසා. එයාට උණ ගැනිලා හිටියා ඒකයි. හැබැයි කනත්තට නම් ආවා. නිමාලි - කනත්තෙ සෑහෙන්න සෙනඟ හිටියා. අම්මට දැන් කොහොම ද? කමනි - අම්මට දැන් හොදයි. ඉස්කෝලෙ මහත්තයා - ඔය ළමයි දන්නවද කනත්ත කියන්නෙ මොකක්ද කියලා? කමනි - අර අපේ පන්සල එහා තියෙන්නෙ. මිනිස්සු මැරුණහම වලලන්නේ. ඉස්කෝලෙ මහත්තයා - ඔය කනත්ත කියන වචනෙ ආපු විදිහ දන්න කෙනෙක් එහෙම ඉන්නවද මේ පන්තියෙ? නිසල් - ආපු විදිහක්නන් දන්නෙ නැහැ. අපි පොඩිකාලෙ ඉදන්ම කියන්නෙ කනත්ත කියල තමයි. සහන් - අපේ සීයා නම් කනත්තට කැරකෝප්පුව කියන අචනෙ පාවිච්චි කරනවා මම අහලා තියෙනවා. ඉස්කෝලෙ මහත්තයා - කැකෝප්පුව කියන්නෙ සුසාන භූමියට මිසක් කනත්තට නෙමේ. සහන් - එතකොට කනත්ත කියන්නේ? ඉස්කෝලෙ මහත්තයා - අහගන්නකො එහෙනම්. ලංකාවෙ තියෙන පැරණිතම සුසාන භූමියක් තමයි බොරැල්ල සුසාන භූමිය. මේ වෙනකොට ලක්ෂ විස්සකට කිට්ටු ප්‍රමානයක් ඒ සුසාන භූමියේ මිහිදන් කරලා තියෙනවා. බොහෝම ඉස්සර ඔය බොරැල්ල සුසාන භූමිය තිබුණු ඉඩමයි බෞද්ධාලෝක මාවතේ වැඩිමනකටයි කීවෙ ‘කුඹි කැලේ’ කියලා. බොරැල්ල කනත්ත තියෙන ඉඩමෙ නම තමා ‘කනත්තවත්ත’ කියන්නෙ. ඔන්න ඔය නිසයි හැම සුසාන භූමියකටම කනත්ත වචනෙ පාවිච්චියට ආවෙ. ප්‍රසන්න - හේන් වගා කරද්දිත් කනත්ත වචනෙ පාවිච්චි කරනව මම අහලා තියෙනවා. ඉස්කෝලෙ මහත්තයා - ඔව් පුතේ. හේන් වගා කරනකොටත් කනත්ත අචනෙ පාවිච්චි වෙනවා තමා. ගොවියො හේනක් වගා කරන්න කලියෙන් හේන වගා කරන්න හොද තැනක් හොයනවා කැලෙන්. ඊට පස්සෙ හේනට පාවිච්චි කරන කැලේ කොටහේ තියෙන ගස් සේරෝම කපලා හේන මැද්දට දාලා ගිනි තියෙනවා. දන්න කෙනෙක් කියන්න බලන්න ඒ හේනට කියන මොකක්ද කියලා. කමනි - (ඉහළට අත ඔසවන ගමන්ම) නවදැලි හේන.. ඉස්කෝලෙ මහත්තයා - බොහොම හොදයි දුවේ. මේ හේන මහ කාලයක් පාවිච්චි කොරන්න වෙන්නෙ නැහැ. මොකද පසේ සාරවත් බාවය කාලයත් එක්ක නැති වෙන නිසා. ඉතින් කාලයත් එක්ක ගොවියො තමන් වගා කරපු හේන අතහැරලා වෙනත් හේනකට යනවා. ඊට පස්සෙ කලින් අතහැර දාපු හේන කැලයේ කොටසක් වෙනවා. මෙන්න මේ කොටසටයි ගමේ මිනිස්සු කනත්ත කීවෙ. at November 18, 2019 9 comments: Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest Labels: ඉතිහාසය, ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය Tuesday, July 9, 2019 ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [1] අතුරු මිතුරු දඹදිව තුරු ගජනායක ඉස්කෝලෙ මහත්තයා විශ්‍රාම ලත් විදුහල්පතිවරයෙකි. ඔහු විශ්‍රාම ගත් පසුත් වසර හතලිහක් තිස්සේ කල ජීවිකාව වූ ගුරු වෘත්තියට තිත තැබීමට නොහැකි විය. එමනිසා ගමේ සිටින ළමුන් හවස් වරුවේ වලව්වට ගෙන්වා නොමිලයේ ඉගැන්වීම පටන් ගත්තේ විශ්‍රාම ගත් දාට පසු දා සිටමයි. මෙම පන්තියේ සිටින ප්‍රසන්න සහ නිමාලි සහෝදර සහෝදරියන් ය. සහන් ,නිසල් සහ කමනි පන්තියේ අනික් සාමාජිකයන් ය. මේ සියලුම දෙනා කුඩා පන්තිවල සිටින ළමුන් ය. දැන් මෙම පන්තිය පටන් ගෙන මාසෙකට වඩා වැඩි ය. සුදු සරමකින් සහ කමිසයකින් සැරසුනු ගජනායක ඉස්කෝලෙ මහත්තයා පන්තිය ආරම්භ කිරීමට වලව්වේ ඉස්තෝප්පුවට පැමිණියේ ය. මෙසේ පැමිනෙන විට පන්තියේ ළමුන් සියලු දෙනා අත් බිම තබා සෙල්ලම් කරමින් සිටියෝ ය. “අතුරු මිතුරු දඹදිව තුරුරාජ කපුරු සෙට්ටියා, අලුත ගෙනා මනමාලිට හාල්පතක් ගරාලා, ඉහල ගෙටත් බෙදාලා පහල ගෙටත් බෙදාලා…” යැයි කියන විටම ඉස්කෝලෙ මහත්තයා ඉස්තෝප්පුවේ දොර අසලට පැමිණියේ ය. ඉස්කෝලෙ මහත්තයා - ළමයි සෙල්ලම් කරනව වගෙයි ප්‍රසන්න - ඉස්කෝලෙ මහත්තයා එන්න පරක්කු උන නිසයි ටිකක් සෙල්ලම්කලේ ඉස්කෝලෙ මහත්තයා - ඔය සිංදුව සම්පූර්ණයෙන්ම කියන්න දන්න කෙනෙක් ඉන්නවද? කමනි - (අත ඉහළට ඔසවන ගමන්ම) මම දන්නවා… ඉස්කෝලෙ මහත්තයා - එහෙනන් කියමුකො බලන්න කමනි - අතුරු මිතුරු දඹදිව තුරුරාජ කපුරු සෙට්ටියා අලුත ගෙනා මනමාලිට හාල් පතක් ගරාලා ඉහළ ගෙටත් බෙදාලා පහළ ගෙටත් බෙදාලා උස කොල්ලෝ පේලියයි මිටි කොල්ලෝ පේලියයි කුකුළා කපලා වැට මුල්ලේ කිකිළි කපලා දොර මුල්ලේ කළු කපුටා සුදු වනතුරු මෝල් ගහේ දළු ලනතුරු බලා ඉදින් හෙට්ටියෝ…. ඉස්කෝලෙ මහත්තයා - දැන් කියන්න බලන්න කව්ද මේකෙ තේරුම දන්නෙ (පන්තියේ කිසිවකුගෙන් මෙය පිළිතුරක් ලැබුනේ නැත. ඒ වෙනුවට ඔවුන් පුදුමයෙන් එකිනෙකා දෙස බලාගත්තෝ ය.) කමනි - දන්නෙ නෑනෙ සර්. ඉස්කෝලෙ මහත්තයා - ඔන්න එහෙනන් අහගන්න. ලංකාව අල්ලගෙන හිටියා බටහිර ජාතීන් තුන්ගොල්ලක්. දන්නවද ඒ කව්ද කියලා. සහන් - ඒක දන්නවා සර්. පෘතුගීසි, ලන්දේසි , ඉංග්‍රීසි ඉස්කෝලෙ මහත්තයා - හරියටම හරි. ඔතනින් පලවෙනියෙන්ම ලංකාවට සේන්දු උනේ පෘතුගීසි. ඒ දවස්වල ලංකාව කොටස් තුනකට කැඩිලා තිබුනේ. එකක් කෝට්ටේ. අනිත් දෙස තමා උඩරටයි යාපනය යි. මෙන්න මේකාලෙ කෝට්ටෙ හිටියෙ හය වන විජයබාහු රජතුමා. රජතුමා දේවරාජ කියන කුමාරයෙක්ට රජ කම දෙන්න යනවයි කියලා දැනගත්තු රජතුමාගෙ පුත්තු තුන්දෙනා රජතුමාව මරලා කෝට්ටෙ තුනට බෙදාගන්නවා. මේකට තමා ‘විජයබා කොල්ලය’ කියල කියන්නෙ. අර කලින් කිව්ව පුත්තු තුන් දෙනා තමයි බුවනෙකබාහු, රයිගම් බණ්ඩාර සහ මායාදුන්නේ. බුවනෙකබාහුට තමයි විශාලතම කොටස වෙච්ච කෝට්ටේ හම්බවෙන්නෙ. එයා රජ වෙනවා හත්වෙනි බුවනෙකබාහු විදිහට. රයිගම , රයිගම් බණ්ඩාර ලබාගන්නවා. සීතාවක ලැබෙන්නේ මායාදුන්නේ ට. මේ තුන් දෙනාගෙන් මායාදුන්නේ කියන්නේ දක්ෂ රණකාමියෙක්. පෘතුගීසීන්ව ලංකාවෙන් අතුගාලා දාන්න ලොකු වෙහෙසක් ගත්ත කෙනෙක්. එයා වගේම තමයි එයාගෙ පුතා ටිකිරි කුමාරයා. ටිකිරි කුමාරයාගේ දක්ෂකම පෙන්නපු හොදම අවස්ථාවක් තමයි ‘මුල්ලේරියා සටන’. මේ සටනෙදි පෘතුගීසීන් 1600ක් මිය ගියා කියලයි කියන්නෙ. කමනි - සර්, ටිකිරි කුමාරයා ගැන කියවෙන කවියක් තියෙනවා නේද? අපිට ඉස්කෝලෙ කියලා දුන්නා. ඉස්කෝලෙ මහත්තයා - කියමුකො බලන්න කට්ටියටම ඇහෙන්න කමනි - කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුනා යුදට උපන් කුමරා යයි නමක්‌ ඇතිවුනා පරංගි දේසේ රජුටත් මර උණ ගැණුනා ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුනා ඉස්කෝලෙ මහත්තයා - ටිකිරි කුමාරයා රාජසිංහ රජ්ජුරුවෝ කියලයි රජ වෙන්නේ. රාසිං දෙයියෝ කියලා ඒ පළාත්වල උදවිය කියන්නෙත් මේ රජතුමාටම තමයි. රාජසිංහ රජතුමා ශිව ආගම වැළද ගන්නවා අන්තිමකාලෙ. ඒකට හේතුව් වෙන්නෙ ඉන්දියාවෙ ඉදන් ආපු ‘අරිට්ට කී වෙණ්ඩු’ කියන ආඬි ගුරෙක්. රජතුමා මැරෙන්නේ විෂ උණ කටුවක් කකුලෙ ඇනිලා. හැබැයි ඉතිහාසය කියවද්දි නන් අපිට හම්බෙන්නෙ රාජසිංහ රජතුමාගෙ මුණුබුරා වෙච්ච රාජසූරිය කුමාරයාගෙයි දොඩම්පෙ ගණිතයාගෙයි කුමන්ත්‍රණයකින් රජතුමාට මැරුණා කියලයි. මේ ගැනත් කවියක් තියෙනව මෙහෙම, රුසිරු පෙතන්ගොඩ උයනට වැඩියා ය නපුරු උණ කටුව පතුලේ ඇනුනා ය එක්ව සිටි සැවොම වට වී මතුළා ය රාජසිංහ දෙවි නාමේත් මැකුණා ය අරිට්ට කී වෙණ්ඩු ට තමා ‘මනම්පෙරුම මොහොට්ටි’ කියල කියන්නෙ. මේ මොහොට්ටි කියන ගෞර නාමය දුන්නෙත් රාජසිංහ රජතුමා තමයි. රාජසිංහ රජතුමාගෙ මරණෙන් පස්සෙ මුණුබුරා වෙච්ච රාජසූරිය රජවෙනවා. රාජසිංහ රජතුමාගේ සහෝදරියක් වෙන මහ බිසෝ බණ්ඩාර අරිට්ට කී වෙණ්ඩු එක්ක කුමන්ත්‍රණය කරලා රාජසූරිය රජතුමාව මරණවා. ප්‍රසන්න - රජ වෙන්න තියෙන උවමනාවට එකම පවුලෙ අය මරාගන්නවා… ඉස්කෝලෙ මහත්තයා - ඔව් දරුවෝ බල ලෝභය කියන්නෙ හරිම භයානක දෙයක්. ඒ ලෙඩේ හැදුනොත් අම්මා තාත්තව මරලා හරි තමන්ට ඕන දේ ලබාගන්නයි ආශාව තියෙන්නෙ. ලංකාවෙ ඉතිහාසෙ ඕනතරම් උදාහරණ තියෙනවා. ඔය ළමයි කලා වැව දැකලා තියෙනවද? ළමුන් සියලුම දෙනා - ඔව්… ඉස්කෝලෙ මහත්තයා - කලා වැව හැදුවෙ ධාතුසේන කියන රජතුමා. කලා වැවේ වැව් බැම්මට තියලා මැටි ගහලයි ධාතුසේන රජතුමාව මරන්නේ. හොදයි දැන් අපි ආයෙම කතාවට එමුකෝ. දැන් රජ වෙන්නේ මහ බිසෝ බණ්ඩාරගෙ පුතා ‘නිකපිටියේ බණ්ඩාර’. මෙයා තවම අවුරුදු පහේ පොඩි දරුවෙක්. එහෙම කෙනෙක්ට පුලුවන් යැයි සීතාවක පාලනය කරන්න. ඉතින් සීතාවක පාලනය කරන්න මහ බිසෝ බණ්ඩාරට උදව් වෙන්නේ අරිට්ට කී වෙණ්ඩු. ඔන්න ඔයකාලෙ දියොගු ද සිල්වා කියන පෘතුගීසි නායකයා එක්ක එනවා සේනාවක් සීතාවක අල්ලන්න. අවුරුදු පහේ ළමයෙන් රජ වෙලා ඉන්නෙ කියලා දැනගත්ත නිසා එයාලා හිතුවා සීතාවක නිකන්ම අල්ලගන්න පුලුවන් වෙන් කියල. ඒත් අරිට්ට කී වෙණ්ඩු මේ මේ සේනාවට පහර දීලා පලවා හරිනවා. මහ බිසෝ බණ්ඩාරට හිටියා තව දුවෙක්. මේ දුවටත් රාජ්‍ය උරුමයක් තියෙන නිසා අරිට්ට කී වෙණ්ඩු ඇයව විවාහ කරගන්න අහනවා. මේකට මහ බිසෝ බණ්ඩාර කැමති වෙන්නෙ නැහැ. මේක දැනගත්තු මහ අතපත්තුවේ දොළොස් හමුදාව භාර අතපත්තු ආරච්චි අරිට්ට කී වෙණ්ඩු ට කැලෑ පත්තරක් ගහනවා. ඒ තමයි පාරෙ යන එන කොට එයාට අපහාස වෙන විදිහට කවි ගායනා කරන එක. එහෙම තමයි ‘අතුරු මිතුරු දඹදිව තුරු’ කවිය කරලියට ආවෙ. නිසල් - අපි හැමතිස්සෙම මේ සෙල්ලම කරාට මෙච්චර දෙයක් දැනගෙන හිටියෙ නෑනෙ. නිමාලි - දැන් එතකොට අරිට්ට කී වෙණ්ඩු ට අන්තිමට මොකද උනේ? ඉස්කෝලෙ මහත්තයා - අරිට්ට කී වෙණ්ඩු යනවා පෘතුගීසීන් ගාවට. ගිහිල්ලා කියනවා සීතාවක අල්ලලා දුන්නොත් එයාලට පක්ෂපාතීව ඉන්නවා කියලා. ඊට පස්සෙ නමත් වෙනස් කරනවා ‘ජයවීර බණ්ඩාර’ විදිහට. පෘතුගීසීන් එක්ක එකතුවෙලා සීතාවකට පහර දීලා සීතාවක අල්ලගත්තත් මහ බිසෝ බණ්ඩාරගේ දුව ව විවාහ කරගන්න අරිට්ට කී වෙණ්ඩු ට හැකියාව ලැබෙන්නෙ නැහැ. අන්තිමට පෘතුගීසීන් අරිට්ට කී වෙණ්ඩු පෘතුගීසීන්ව පාවා දෙයි කියල සැක හිතලා මරලා දානවා. එහෙනන් අදට පාඩම ඉවරයි. හෙට තව පාඩමකින් හමුවෙමුකො... at July 09, 2019 18 comments: Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest Labels: ඉතිහාසය, ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය Wednesday, July 3, 2019 ආදම් සහ ඒවගේ දිනපොත -3 කොටස (පරිවර්තනය) පලමු කොටස කියවන්න පිවිසෙන්න මෙතැන ක්ලික් කරන්න. දෙවන කොටස කියවන්න පිවිසෙන්න මෙතැන ක්ලික් කරන්න. ආදම්ගේ දින පොතෙන් කොටසක් මට මතක ලෙසට ඇය කුඩා දේවල් වලින් සතුටු වන ඉතා තරුණ ගැහැණු ළමයෙක්. ලෝකයේ තිබෙන සෑම දෙයක් ම පාහේ ඇයව ප්‍රබෝධමත් කරනවා. ඇයට මලක් සම්බවුන විට ඇය එයින් අතිෂයින් සතුටට පත් ව එය සිප ගනිමින් එයට කතා කරමින් එයට ආදරය උපදවන නම් තබයි. මල් පමණක් නොව ඇය අනෙක් දෑ වලට ත් සිදු කරන්නේ මේ දෙයම යි. වර්ණ වලට ඇයවශී වී තිබෙන්නේ. ඇයට හමුවන සෑම දේම ඇය වර්ණ වලින් නම් කරනු ලබයි. - දුඹුරු ගල්, කහ වැලි, කොළ පාසි, කොළ පැහැති පත්‍ර, නිල් අහස, කඳු වල දම් පැහැති සෙවණැලි, ඉර බැස යන විට මුහුදේ පාවෙන රත්‍රන් පැහැති දූපත්, සුදු පැහැති හඳ, දිළිසෙන තරු. මේ දේවල් මට තේරුම් ගිය ලෙසට නම් මේ එකක වත් ප්‍රායෝගික වටිනාකමක් නැහැ. යමක වර්ණයක් හා හැඩයක් තිබූ පමණින් ඇය ඒවා කෙරෙහි දැඩි ඇල්මක් දක්වන්නට පටන් ගෙන ඒ වෙනුවෙන් ම කාලය වැය කරයි. ඇයට මිනිත්තු කිහිපයක් කිසිවක් කතා කරන්නේ නැතිව සිටින්නට හැකියාව තිබුනා නම් මම වඩාත් ම කැමති දේ වන්නේ එය යි. එවිට වත් මට වෙහෙස නිවා ගන්නට හැකියි. සදුදා දවල් - මේ ලෝකයේ මම අකමැති දේවල් සියල්ල මගේ අකමැති ලැයිස්තුවේ නැහැ. සතුන් අතරිනුත් මම අකමැති සතුන් සිටියි. නමුත් ඇයට එසේ නැහැ. ඇය, පැමිණෙන සියලුම දෙනාව කිසිදු විවේචනයකින් තොරව බාර ගනියි. ඇය සිතන්නේ උන් සියල්ල වටිනාකමක් සහිත අය බවත් අප ඒ සියල්ල සාදරයෙන් පිලිගත යුතු බවත් ය. විශාල බ්‍රොන්ටොසෝරස් සත්වයා අපගේ කූඩාරම ට පැමිණි විට ඇය ඌව සුරතලය ට ගෙන ඇති කරන්න ට සිතුවා. එවිට මම ඇයට තේරුම් කිරීමට උත්සහ කලේ එයින් අත්වන මහත් ව්‍යසනය පිලිබඳවයි. අඩි විසි එකක් උස අඩි අසූ හතරක් දිග සත්වයෙක් ව එසේ සුරතලයට ඇති කල හැකි ද? ඌ අපට කරදරයක් කරන්නට නොසිතුවත් අපට ඌව මෙතැන තබා ගන්නට බැහැ. ඌ ඉඳගත් විට මා සෑදූ කූඩාරම සැනෙකින් බිමට සමතලා වේවි. අනික ඒ සත්වයාගේ ඇස් දෙක දෙස බලන ඕනෑම කෙනෙකුට තේරෙනවා ඌ කෙතරම් අඥාණ සත්වයෙක් ද කියා. ඇයි මම පවසන මේ සුළු කාරණය ඇය තේරුම් නොගන්නේ? ඇය තවමත් සිතන්නේ ඒ රාක්ෂයා ව සුරතලයට ඇති කිරීමට යි. ඒ ගැන ඇය දිගින් දිගටම මාත් සමග වාද කරයි. ඇය පැවසුවා උගෙන් අපට කිරි දොවා ගත හැකි බව. ඇය එයට මගේ සහය ඉල්ලූ නමුත් මට එය ප්‍රථික්ෂේප කරන්නට සිදු වූවා. එය අවදානම් වැඩියි. එපමණක් නොව එය සිදු කිරීමට තවම අපට ඉනිමගක් ඇත්තේ නැහැ. ඉන්පසු ඇය උගේ ඇඟ මතට නැග අවට පරිසරය නරඹමින් ඇවිද යාමට උත්සහ කළාය. උගේ වල්ගය අඩි තිහක් හෝ හතලිහක දිගකින් යුක්ත ය. එය බිම ඇද වැටුනු විශාල ගසක් වැනියි. ඇය ඒ මතින් යමින් උගේ පිට මතට යාමට උත්සහ කල විට උත්සහ කල විට එයින් රූටා ඇද් වැටුනු අවස්ථාවේ දී එය ඇයට තරමක් රිදුම් දෙන්නට ඇති. මම එය ඇගේ මුහුණෙන් දුටුවෙමි. මෙයින් ඇය සෑහීමකට පත් වුනාද? කිසිසේත්ම නැත. ය කිසිවකින් සැහීමකට පත්වන අයෙක් නොවේ. ඇය සැහීමකට පත් වන්නේ ඔප්පු කල හැකි දේවල් වලින් පමණි. තහවුරු නොකළ න්‍යායන් යට අදාල වන්නේ නැහැ. එනමුත් මෙහි කිසිදු වරදක් නැති බව ද මට හැගෙයි. පරාජය පිළිගැනීම මට දැන් හුරු වී තිබේ. ය සමග වැඩියෙන් කාලය ගත කරන විට ය සමග වන වදයන්ගෙන් පරාජය පිළිගත යුතු බව මට දැන් හැගී ගොස් තිබේ. මෙම අති විශාල සත්වයා ගැන ඇය තරමක් වෙනස් විදිහේ අදහසක් මා සමග පැවසුවාය. ඇය පවසන ආකාරයට අපට මෙම විශාල සත්වයාව හීලෑ කරගත හැකි වුවහොත් ඌව වැව මත සිටවා අපට ඌව පාලමක් ලෙස යොදාගත හැකියි. මට සිතෙන ආකාරයටමෙය කදිම අදහසක්. වැඩි කල් යාමට පෙර ඌ හීලෑ වූ බැවින් අප ඇයගේ අදහස අත්හදා බැලීමට සූදානම් විය. මෙහි දී සැළකිය යුතුයි ඌ හීලෑ වූයේ ඇයට පමණයි. මට නොවේ. අප කෙතරම් ඌව වැව මත එකතැන තැබීමට උත්සහ කළත් ඌ ඇය පසුපස ම ගමන් කරයි. එකතැන සිටින්නේ ම නැත. මෙය සෑම සුරතල් සත්වයෙකුගේ ම ස්වභාවය යි. දැන් නම් ඌ ඇවිදින කන්දක් වැනියි. ඒවගේ දිනපොතෙන් කොටසක් අඟහරුවාදා - බදාදා - බ්‍රහස්පතින්දා සහ අද - දින සියල්ල ඔහුව නොදැක ගත වුණි. තනියම සිටීම ඉතා අපහසුයි. නමුත් පැමිණි විට නොපිලිගැනීමට වඩා එය පහසුයි. සිකුරාදා - මට තනිවම සිටින්නට අපහසු නිසා දැන් කුමක් හෝ මිත්‍ර සමාගමක් අවශ්‍යයි. එමනිසා මම කල්පනා කළේ සතුන් සමග මිත්‍ර වන්නට. ඔවුන් ඉතා සිත් ගන්නා සුළු, අවංක අයුරින් පිළිගන්නා සහ වල්ගයක් තිබෙනවා නම් වල්ගය වනා පිලිගන්නා කොටසකි. වැදගත්ම කාරණය ඔවුන් කෙදිනකවත් මාව ප්‍රථික්ෂේප කරන්නේ නැහැ. ඔවුන් උද්‍යෝගයෙන් කෙළි සෙල්ලම් කරනවා පමණක් නොව විනෝද ගමන් යාම සදහා ද මාත් සමග එක්වෙයි. මම සිතන්නේ ඔවුන් තමා නියම මහත්වරු. පසුගිය දවස් කිහිපයේ ම සතුන් සමග ඉතා හොද කාලයක් ගත කළා. ඒ නිසා මට කිසිදු තනිකමක් දැනුනේ ම නැහැ. පසුගිය කාලයේ අපි ලෝකයේ සියලුම පෙදෙස් වලට විනෝද ගමන් ගියෙමු. ඒ නිසා මම පලමු හා එකම සංචාරකයා යි. ඇවිදගෙන යන විට ඉතා සිත් ගන්නා සුළු දර්ශන දක්නට ලැබෙයි. මම මාගේ පහසුව තකා ව්‍යාග්‍රයින්ගේ පිටේ ගමන් කරයි. එසේ ගමන් කරන්නේ උන්ගේ පිට සිනිදුවට හා මට ඉඳගැනීමට සරිලන ආකාරයට වක්‍රව සෑදී ඇති නිසාවෙනි. දුර ගමන් යාම සදහාමම තෝරා ගන්නේ අලියාව යි. ඔහු ඔහුගේ හොඬවැලෙන් මාව ඔසවා ඔහුගේ පිට මත තබා ගනියි. අපි ගිමන් හරින්නට ටිකකට නතර වූ විට ඔහු පිටුපසට නැවී ඉඳගෙන මට ඔහුගේ පිට දිගේ ලිස්සා යාමට සලස්ව යි. කුරුල්ලන් සහ සතුන් එකිනෙකා සමග ඉතා මිත්‍රශීලී ව සිටියි. උන් එකිනෙකා සමග විරසක ව සිටිනවා මම දැක ඇත්තේ ම නැහැ. උන් එකිනෙකා සමග කතා කරන අතරතුර මටත් කතා කරයි. මම සිතන ආකාරය ට උන් කතා කරන්නේ විදේශීය භාෂාවක්. උන් කතා කරන එකදු වචනයක් වත් මට තේරෙන්නේ නැහැ. ඔවුන් මට කතා කල විට මම ඔවුන්ට ප්‍රථි පිළිතුරු සැපයුව ද ඒවා ද ඔවුනට නොවැටහෙයි. විශේෂයෙන් එසේ නොවැටහෙන්නේ බල්ලාට සහ අලියාට යි. මෙය මාව ලැජ්ජාවට පත් කළාය. මට සිතෙන ආකාරය ට මෙයින් පෙන්නුම් කෙරෙන්නේ ඔවුන් මට වඩා දක්ෂ බවයි. මම මේ වන විට බොහෝ දේවල් ඉගෙනගෙන ඇත්තෙමි. මම දැන් උගතෙක් වුවත් පෙරදී එසේ නොවේ. උගතෙක් නොවූ නිසා මට කෙඳි ගිය අවස්ථාද නැතුවා නොවේ. පෙරදී කඳ උඩට ජලය ගලාගෙන යාම දැක ගැනීමට තරම්වත් මම උනන්දු නොවූයෙමි. නමුත් දැන් මම පරීක්ෂණ සිදු කර සොයාගත්තේ රාත්‍රී කාලයේදී හැර කඳ දිගේ ඉහලට ජලය ගමන් කරන බවයි. මන්ද කන්ද උඩ ජලය කිසිවිටෙකත් නොසිදෙන බැවින්. රාත්‍රී කාලයේදී කඳ උඩට ගිය ජලය අනිවාර්යෙන්ම පහලට පැමිණිය යුතුයි. යම් දෙයක් ඉගෙන ගැනීමට හොදම ක්‍රමය පරීක්සන කරමින් ඒවා සනාථ කර ගැනීමයි. උපකල්පනය කරමින් කාලය ගත කළහොත් කෙදිනකවත් උගතෙක් වීමට නොහැකියි. සමහර දේවල් තිබෙනවා අනුමාන කිරීමෙන් හා සිතීමෙන් පමණක් ඒ ඒ දේවල් දැනගන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ දේවල් දැනගන්නා තුරු නිතර පරීක්ෂණ පැවැත්වීම අත්‍යවශ්‍ය යි. එයට හොද ඉවසීමක් තිබීම ද ඉතා වැදගත්. මේවා සොයාගත් පසු අතිශයින් සතුටක් ඇතිවන අතර ලෝකය ගැන ආසාවක් සහ කුතුහලයක් ඇතිවන්නේ ද මේ නිසයි. මෙම කුතුහලය නැතිනම් ලෝකය නීරස තැනක් වනු නියත යි. ජලය පිලිබද රහසත් මම සියාගන්නා තුරු තිබුන්සෙ එක්තරා ආකාරයක වස්තුවක් ලෙසට යි. නමුත් මා එය සොයාගත් පසු එය කෙරෙහි තිබූ මගේ කුතුහලය නැතිවී ගියා මෙන්ම යමක් නැති වූ විට දැනෙම හැඟීමට මා හට දැනුනි. ලී වලට පිහිනිය හැකි බව, පත්‍ර සහ පිහාටු වියළී යන බව ඇතුලු නොයෙකුත් දෑ මම දනිමි. ඒ මම සිදු කල පරීක්ෂණ වල ප්‍රථිපල මගිනි. මෙම එක් රැස් කල සියලු කරුණු කාරණා වලින් පර්වතයකට පිහිනිය හැකි බව මට නිගමනය කා හැකියි. දැනට නම් එය ඔප්පු කරන්නට හැකියාවක් නැහැ. එය කෙසේ හෝ ඔප්පු කිරීමට මම උපරිම උත්සහ කරමි. නමුත් එසේ කල විට මෙම පරීක්ෂණය කෙරෙහි තිබූ තැතිගැන්ම නැතිවී යාවි. මම මෙම තැතිගැන්මට කැමැත්තක් හා ආදරයක් ඇත්තෙමි. එක් තැතිගැන්මක් නැති වූ විට තවත් එකක් පැමිණෙයි. මෙසේ ලෝකයේ තිබෙන සියලු තැතිගැන්ම වල් අවසන් වූ විට මම කෙසේ ජීවත් වන්නද? පෙරදින මුලු රාත්‍රිය පුරාවට ම මම කල්පනා කලේ මේ පිලිබඳව යි. මගේ මෙම පරීක්ෂණ නිසාවෙන් ලෝකයේ සියලු තැතිගැනීම් අවසන් වුවහොත්… මුල දී මම නිර්මාණය වූ හේතුව මට ම සිතා ගන්නට නොහැකි විය. නමුත් මට දැන් වැටහෙන අන්දමට මම නිර්මාණය වී ඇත්තේ මේ අලංකාර ලෝකයේ රහස් සොයාගෙන සතුටු වී, මේවා කල්පනාකාරීව සැළසුම් කර අපට ලබා දුන් පුද්ගලයාට ස්තූති කිරීමට යි. මට තවත් බොහෝ දෑ ඉගෙන ගැනීමට ඇති බව සිතමි. මේ තිබෙන දේවල් ඉක්මනින් භාවිතා කලහොත් සති කිහිපයකින් ඒවා අවසන් විය හැකි බැවින් මේවා සකසුරුවමින් භාවිතා කිරීම නුවණට හුරු බව මට සිතෙයි. පිහාටුවක් ගෙන අතහැරිය විට එය පාවී ගොස් නොපෙනී යන නමුත් මැටි පිඩක් සුළගේ අතහැරිය විට එසේ සිදු නොවේ. සෑම අවස්ථාවක දීම එය පහළට ඇද වැටෙයි. එකම දේ බොහෝ අවස්ථාවක් සිදු කල ද සෑම විට ම සිදු වන්නේ මෙයම යි. නමුත් එසේ වන්නේ ඇයි? මට ප්‍රත්‍යක්ෂයි එය පහතට නොවැටෙන බව, නමුත් මට එය එසේ පෙනෙන්නේ ඇයි? මගේ නිගමනය හැටියට නම් එය දෘෂ්ටි මායාවක් විය යුතුයි. දෙකෙන් එකක් එසේ විය යුතුයි. නමුත් ඒ පිහාටුව ද මැටි පිඩ ද යන්න මම නිශ්චිතව නොදනිමි. නිවැරදි කොයි එක ද යන්න මට ඔප්පු කිරීමට හැකියාවක් ද නැහැ. කළ හැකි එකම දේ වන්නේ දෙකෙන් එකක් ව්‍යාජ එකක් බව කීම පමණයි. නිවැරදි කෝක ද යන්න අදාල පුද්ගලයාට අදාළ තේරීමක්. නැරඹීම තුලින්, තරු දීර්ඝ කාලීනව නොසිට නැති වී යන බව මම දනිමි. හොදම වර්ගයේ තරු අහසේ දිය වී අහස දිගේ පහළට ඇද වැටෙනු මම දැක ඇත්තෙමි. එක් තරුවකට දිය වන්නට හැකි නම් අනෙක් සියලු තරු ත් දිය වීමට පුලුවන. එසේ නම් තරු සියල්ල එක් රැයක් තුල දී දිය වී යාමට පුලුවන. එම දුක කවදා හෝ පැමිණෙම බව මම දනිමි. රාත්‍රී කාලයේ දී නින්ද පැමිණෙන තුරු මම තරු දෙස බලා ඒවායේ දිලිසීම මගේ මතකයේ තැන්පත් කර ගතිමි. එසේ කරන්නේ කෙදිනක හෝ තරු අපගෙන් ඉවත් ව ගිය විට කළු පැහැති අහස මත මගේ මතකයේ තිබූ අලංකාර තරු වල දිලිසීම නැවත මතකයට නගා ගෙන මගේ කදුළු වලින් ඒවා ප්‍රතාපවත් කළ හැකි නිසයි. වැටීමෙන් පසු ආපසු හැරී බලන විට, උයන මට දැනෙන්නේ හීනයක් ලෙසයි. එහි පුදුම දනවන සහ සිත් වෂී කරන අලංකාරය අපට දැන් අහිමි ව ඇත. අපට කවදාවත් එය නැවත දැකගත නොහැකියි. උයන අහිමිව ගිය නමුත් මට ඔහුව හමු විය. මට එයින් සෑහීමකට පත් විය හැකියි. ඔහු ඔහු ට හැකි අයුරින් මට ආදරය කරයි ; මමත් උපරිම ශක්තියෙන් හා උද්යෝගයෙන් ඔහුට ආලය කරන්න ට පටන් ගෙන තිබේ. මම මගෙන් ම ඇසුවහොත් ඇයි මම ඔහුට ආදරය කරන්නේ කියා , මට දීමට කිසිදු පිලිතුරක් නැහැ. මට එය දැන ගැනීමට හැකියාව නැහැ ; මට එය දැන ගැනීමට අවශ්‍යත් නැහැ. මගේ දැනුම් තේරුමේ හැටියට ආදරය ලෙස හදුන්වන දෙය තර්ක කර හෝ කරුණු රැස් කර අපට පැහැදිලි කළ නොහැකියි. එය අනෙක් ක්ෂීරපායීන්ට මෙන්ම අනෙක් සතුන් ට දක්වන්නා වූ ආදරය වැනි ම දෙයක් ලෙසයි මා සිතන්නේ. මම සමහර කුරුල්ලන්ට කැමැත්තක් දක්වන්නේ ඔවුන්ට හොදින් ගායනා කල හැකි නිසාවෙන්. ආදම්ට මම ආදරය කරන්නේ ඔහුට ගායනා කල හැකි නිසා නොවේ. ඔහු ගායනා කිරීම වැඩිවන තරමට මම ඔහුගෙන් අත්ව සිටීමට ප්‍රිය කරයි. එමනිසා එය කිසිසේත් විය නොහැකියි. ඔහු කැමති දේවල් වලට මමත් කෙසේ හෝ කැමැත්තක් ඇති කර ගැනීමට උත්සහ කරනවා. මුලදී මම කිරි වලට අකමැති වුයේ එය ඇඹුල් රස නිසා, නමුත් මම දැන් එයට හුරු වීගෙන යන්නෙමි. ඔහුගේ දක්ෂකම ගත විට එය නිසාත් නොවේ මම ඔහුට ආදරය කරන්නේ. ඔහුට එතරම් අඩු බුද්ධියක් ලැබීමට ඔහුට චෝදනා කල යුතු වන්නේ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට බුද්ධිය ලබා දෙන්නේ දෙවියන් විසින්. කාලය යන විට ක්‍රමයෙන් ඔහුගේ බුද්දිය වර්ධනය වේවි. අනුන් ගැන සිතීම, විනීත බව නිසාත් නොවේ මම ඔහුට ආදරය කරන්නේ. මේ අංශයෙන් නම් ඔහු ඉතා දුර්වලයි. එයත් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වේවි. මම ඔහුට ආදරය කරන්නේ ඔහු සිදුකරන කර්මාන්තය නිසාද? නැහැ. එය විය නොහැකියි. නමුත් ඔහුට මේ සම්බන්ධව දක්ෂකමක් තිබෙනවා. එහෙත් ඔහු එය මගෙන් සැමවිටම සැඟවීමට උත්සහ කරනවා. අන් සෑම අවස්ථාවකදීම ඔහු මත සමග රහසක් තබන්නේ නැහැ. ඔහු මත සමග තබාගන්න එකම රහස මෙයයි. මෙය මට විශාල දුකක් ඇති කරනවා. ස,අහර අවස්ථා වලදී මම සම විටම කල්පනා කරන්නේ මෙය පිළිබඳවයි. විටෙක මේ නිසා හරිහැටි නිදා ගැනීමටත් හැකියාව ලැබෙන්නේ නැහැ. මෙය මගේ සතුටට බාධාවක්. ඔහුගේ අධ්‍යාපනය නිසාත් නොවේ මම ඔහුට ආදරය කරන්නේ. ඔහු ස්වයං අධ්‍යාපනයක් ලත් අයෙක්. අංශ කිහිපයක් ගැනම ඔහු හොදහැටි දන්නා නමුත් මගේ ආදරයට හේතුව මෙය විය නොහැකියි. ඔහුගේ ලිංගය තරමක් අසාමාන්‍ය වුවාට ඔහුට ඒ ගැන චෝදනා කිරීමෙන් ඵලක් නැහැ. ඔහුගේ ලිංගය සැදුවේ ඔහු නොවේ. ඇරත් මගේ ලිංගයත් තරමක් අසාමාන්‍යයි. එහි අයිතියත් මට හිමිවන්නේ නැහැ. මන්ද මගේ ලිංගයත් සැදුවේ මම නොවන නිසාවෙන්. එසේනම් අයි මම ඔහුට ආදරය කරන්නේ? මම සිත ආකාරයට ඒ ඔහු පිරිමියෙක් වන නිසා. ඔහුගේ යටි පෙදෙස හොදයි. ඔහුගේ එම පෙදෙසට මම කැමති වුවත් එය නොමැතිවත් මට ඔහුට ආදරය කල හැකියි. ඔහු මට තලා දුෂණය කලත් මම ඔහුට දිගටම ආදරය කරවී යයි සිතමි. මට සිතෙන ආකාරයට එය ලිංගිකත්වය පිලිබඳ කරුණක්. ඔහු ඉතාමත් ශක්තිමත් සහය කඩවසම්. ඔහුගේ එම ගුණාංගයට මම ආදරය කරමි. නමුත් එම ගුණාංග නොමැති වුවත් මම මියයන තුරු ඔහුට ආදරය කරමි. ඔව්, මම සිතන ආකාරයට මම ඔහුට ආදරය කරන්නේ ඔහු පිරිමියෙක් සහ ඔහු මගේ වීම නිසා බවයි. මම කලිනුත් කියූ ආකාරයට ආදරය යන හැඟීම වචනයෙන් විස්තර කල හැකි එකක් නොවේ. එය පැමිණෙන ආකාරය අපි කවුරුවත් දන්නේ නැහැ. වසර හතළිහකට පසු - මේ ලෝකයේ සැමදාම අපහට සිටිය නොහැකියි. මේ ලෝකය සැදී ඇත්තේ එලෙසයි. අප දෙදෙනාගෙන් එක අයෙකුට මුලදී මේ ලෝකය අතහැර යාමට සිදු වුවහොත් මම ප්‍රත්තන කරන්නේ ඒ මම විය යුතු බවයි. ඔහු ශක්තිමත්, නමුත් මම දුර්වලයි. දැන් ඔහුගෙන් මට ඇති ප්‍රයෝජන වලට වැඩ මගෙන් ඔහුට ඇති ප්‍රයෝජනයක් නැහැ. ඔහු නොමැති ජීවිතය ජිවිතයක් නොවේ. මම මෙය කෙසේ දරාගන්නද? මම තමයි පළමු බිරිඳ; මම නැවත පැමිණෙන්නේ අවසාන බිරිඳ ලෙසින්. ඒවගේ සොහොනේ ආදම් - ඇය කොතැනක සිටියත් එතැන ඒදන් උයන තිබේ. at July 03, 2019 10 comments: Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest Labels: කෙටි කතා Newer Posts Older Posts Home Subscribe to: Posts (Atom) ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන් “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ... ප්‍රශ්න තුන [ පහත දැක්වෙන්නේ ප්‍රකට ගත්කතුවරයෙක් වන ලියෝ ටෝල්ස්ටෝයි විසින් 1885 දී එළිදක්වනු ලැබූ කෙටිකතාවක මවිසින් කරනු ලැබූ සිංහල පරිවර්තනයයි.] ... ලංකාවේ පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණය ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන්මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය හොඳින් දැන සිටියහ. ඌව පළාතට අයත් බෙරගලින් සොයා ගෙන ඇති ක්‍රි.ව. 2400 ට දි... මධ්‍යම කඳුකරයේ කපොලු හා සානු මධ්‍යම කඳුකරයේ ස්වභාවිකව නිර්මාණය වූ තවත් භූ විෂමතාවයක් වන්නේ කපොලු ය. උස් කඳු දෙකක් අතර පිහිටි පහත් ස්ථානය කපොල්ලකි. කපොලු නිසා ශ්‍රී ලංකා... Search This Blog Home Report Abuse About Me වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු ) View my complete profile ► 2022 (2) ► March (2) ► 2021 (46) ► December (5) ► November (1) ► October (2) ► September (2) ► August (5) ► July (7) ► June (11) ► May (13) ► 2020 (64) ► September (3) ► July (1) ► June (5) ► May (18) ► April (13) ► March (16) ► February (8) ▼ 2019 (16) ▼ December (1) රොඩී මිනිසා හා බ්‍රාහ්මණ තරුණයා (කෙටි කථාව) ► November (6) ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [7] සිතියම් පොත් වලට ඇට... ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [6] සියම් නිකායෙ උපසම්ප... ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [5] ගණින්නාන්සේ ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [4] සක්‍රයා සහ ගුත්තිල ... ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [3] බාලගිරි දෝෂය අද නොව... ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [2] කනත්ත හා සුසාන භූමිය ► July (4) ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [1] අතුරු මිතුරු දඹදිව ... ආදම් සහ ඒවගේ දිනපොත -3 කොටස (පරිවර්තනය) ► February (3) ► January (2) ► 2018 (35) ► December (1) ► November (1) ► October (1) ► September (1) ► July (1) ► June (3) ► May (5) ► April (5) ► March (3) ► February (13) ► January (1) ► 2017 (78) ► December (12) ► October (5) ► September (5) ► August (2) ► July (15) ► June (10) ► May (8) ► April (5) ► March (4) ► February (7) ► January (5) ► 2016 (146) ► December (8) ► November (4) ► October (11) ► September (8) ► August (8) ► July (18) ► June (7) ► May (10) ► April (48) ► March (3) ► February (6) ► January (15) Labels ඉතිහාසය ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය කවි නිසඳැස් කෙටි කතා නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල - 2016 අටම්පහිය සින්ඩිය ලුහුබඳින්නන් Total Pageviews Popular Posts ප්‍රශ්න තුන [ පහත දැක්වෙන්නේ ප්‍රකට ගත්කතුවරයෙක් වන ලියෝ ටෝල්ස්ටෝයි විසින් 1885 දී එළිදක්වනු ලැබූ කෙටිකතාවක මවිසින් කරනු ලැබූ සිංහල පරිවර්තනයයි.] ... ලංකාවේ පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණය ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන්මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය හොඳින් දැන සිටියහ. ඌව පළාතට අයත් බෙරගලින් සොයා ගෙන ඇති ක්‍රි.ව. 2400 ට දි... මධ්‍යම කඳුකරයේ කපොලු හා සානු මධ්‍යම කඳුකරයේ ස්වභාවිකව නිර්මාණය වූ තවත් භූ විෂමතාවයක් වන්නේ කපොලු ය. උස් කඳු දෙකක් අතර පිහිටි පහත් ස්ථානය කපොල්ලකි. කපොලු නිසා ශ්‍රී ලංකා... ලෝක ළමා දිනේ බිහිවුනේ මෙහෙමයි පුංචි ඔයාලා වෙනුවෙන් වෙන්වූ විශ්ව ළමා දිනයක් ඔක්තෝම්බර් පළමුවැනිදාට යෙදී තිබෙනවා. මෙම දිනය සැමරූ අප සැමගේ මූලික අරමුණ වූයේ කුඩා දරුවන් “ළමා... මා කියවූ පොත් - අසිරිමත් ඉන්දියාව [ඒ.එල්. බෂාම්] මේ කියන්න යන්නෙ පොතක් ගැන. මම පහුගිය ටිකේ ලිව්ව ඉන්දියාව ගැන ලිපි වලට අවධානය යොමු කලා නම් ඒවයේ මම මූලාශ්‍රයක් විදිහට යොදාගත්ත අසිරිමත් ඉන්දි... පුරාණ - නූතන ලාංකීය ජන සමාජ ස්ථරයේ නොබිඳෙන බැම්ම - කුල - 1 කොටස වර්තමානය වන විට එතරම් තදබලව නොපැවතුනද අතීත ලාංකීය ජන සමාජයේ උග්‍ර ලෙස මුල් බැසගත් අංගයකි කුල ක්‍රමය. මෙම ලිපි පෙළ මගින් ලාංකික කුල ක්‍රමය ... පෙළ පොතේ තිබෙන "පාන් නැත්නම් කේක් කාපල්ලා" කියමන නිවැරදි ද? අද සිටින ලාංකික දරුවන් සාමාන්‍ය පෙළ ඉතිහාස විෂයේ ‘ප්‍රංශ විප්ලවය’ යන පාඩම ඉගෙනගන්නා විට ‘පාන් නැත්නම් කේක් කාපල්ලා’ යන කියමනක් මාරි ඇන්ටොනෙට... ෆෙන්සිං මේ දවස්වල ඔලිම්පික් තරඟාවලිය පැවැත්වෙන නිසා සමහරවිට මම වගේ ඔයාලත් ඒ ඒ තරඟ නරඹනවා ඇති කියලා හිතනවා. මේ තරඟ අතරේ ලාංකිකයන්ට එක් නුහුරු තරඟයක් ... පුරාණ ඊජිප්තුවේ ගණිතය පුරාණ ඊජිප්තු වැසියන් විසින් ඔවුන්ගේ ගණිත දැනුම වර්ධනය කරගත්තේ ඔවුන්ට සැබෑවටම ඇති ප්‍රශ්න සඳහා ප්‍රායෝගික විසඳුම් ලබා ගැනීම සඳහාය. නයිල් නද...
Samsung සමාගමේ මීළඟ flagship line-up එක වන Galaxy S21 Series එක සාමාන්‍යයෙන් නිකුත් කරන කාල රාමුවට වඩා කලින් නිකුත් කරනු ඇති බව හා ඊට බලපාන ලද හේතු සම්බන්ධයෙන් වන විස්තරයක් ද සහිතව මීට පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කළා මතක ඇති. Samsung සමාගමේ මීළඟ flagship ජංගම දුරකථනය වන Galaxy S21 (S30) මාදිලිය මීළඟ ජනවාරි මාසයේදී එළිදැක්වීමට සූදානම් වන ලකුණු Samsung සමාගම සතු ප්‍රධානම flagship මාදිලි ද්විත්වය වන්නේ Galaxy S series එක හාGalaxy Note series එක වන අතර සාමාන්‍යයෙන් S series එක සෑම වසරකම මාර්තු මාසයේදීත්Note series එක සෑම වසරකම අගෝස්තු හෝ සැප්තැම්බර් කාලයේ දී නිකුත් කරන බව ඔබදැනටමත් දන්නා කාරණාවක් වෙනවා. දැනට 2020 වසරට අදාළව මෙම ‍flagship… TechNews.LK - Tech News සිංහලෙන්Varuna Prabhath එම පුවත තහවුරු වන ආකාරයේ තොරතුරු මේ වන විට නිකුත් වෙමින් තිබෙන අතර ජනප්‍රිය Twitter Leaker කෙනෙකු වන Jon Prosser විසින් Samsung Galaxy S21 series එක එළැඹෙන 2021 ජනවාරි මාසයේ දී හඳුන්වා දෙනු ඇති බවට තොරතුරු වාර්තා කර තිබෙනවා. Twitter සටහනක් තබමින් ඔහු පවසන්නේ S21 Series එක 2021 ජනවාරි 14 වැනි දින නිවේදනයක් නිකුත් කරනු ඇති බවත් එදින සිටම Pre Orders සිදු කිරීමට හැකියාව ලබාදෙනු ඇති බවත් 2021 ජනවාරි 29 වන දින online event එකක් ඔස්සේ එළිදැක්වීමට කටයුතු කරනු ලබන බවත්ය. Samsung Galaxy S21, S21+, S21 Ultra 👀 Announcement: January 14, 2021 Pre-order: January 14, 2021 Launch: January 29, 2021 Black, White, Grey, Silver, Violet and Pink — Jon Prosser (@jon_prosser) November 3, 2020 ඇතැමුන් මෙම Series එක Galaxy S30 ලෙස නම් වෙනු ඇති බව අනුමාන කර තිබුණද මෙම සටහනට අනුව එය Galaxy S21 ලෙස නම් කර තිඛෙන බව පෙනෙන්නට තිබෙන අතර ඒ අනුව S30 Series එක සඳහා 2030 වන තෙක් බලා සිටීමට සිදු වෙන බවද අනුමාන කළ හැකි වෙනවා. Galaxy S21 Series එක, S21, S21+ හා S21 Ultra ලෙස මාදිලි තුනකින් හඳුන්වාදෙනු ඇති අතර Black, White, Grey, Silver, Violet, හා Pink යන වර්ණ රටාවලින් නිකුත් කිරීමටද නියමිත වන බව වාර්තා වෙනවා. ඒ වගේම සුපුරුදු ලෙස වෙළෙඳපොළ අනුව Snapdragon 875 හා Exnoys 2100 යන chipset මඟින් මෙම දුරකථන පෙළ බලගන්වා ඇති අතර මෙම chipset දෙකම 5nm process එක මත නිපදවා තිබෙන බැවින් S20 හා Note 20 Series වලට වඩා සෑම අතින්ම වඩා වඩාත් ඉහළ කාර්යක්ෂමතාවයක් දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇති. එමෙන්ම S21 Series එක සතු මාදිලි තුනේම punch hole selfie කැමරාවක් හා S21/S21 Plus මාදිලි වල පිටුපස Triple Camera setup එකකුත් Ultra මාදිලියේ අමතර කැමරාවක් සමඟ Quad Camera Setup එකක් ද ඇතුළත් වෙනු ඇති බව දැනගන්නට ලැබෙනවා. මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක. Varuna Prabhath An editor of Technews.lk Varuna Prabhath's Profile මේ වගේ අළුත්ම news යන එන ගමන් බලන්න, දැන්ම අපේ Mobile Apps install කරගන්න. Techie Android Techie Lite iOS Techie Windows — TechNews.LK — News DevFest 2022 උළෙල පිළිබඳව දැනගනිමු Xiaomi සමාගමේ latest flagship lineup එක සහ MIUI 14 එළිදැක්වීමට නියමිත දිනය නිළ වශයෙන් නිවේදනය කරයි WhatsApp Desktop Version එක සඳහා Screen Lock විශේෂාංගයක් හඳුන්වාදෙන ලකුණු See all 2149 articles → Social Media 1 min read Disappearing messages පහසුකම නිළ වශයෙන් එළිදැක්වීමට WhatsApp ආයතනය කටයුතු කරයි Disappearing Messages යනුවෙන් අලුත් පහසුකමක් WhatsApp වෙතට එකතු කිරීමට සූදානම් වන බව පසුගිය ඔක්තෝම්බර් මාසයේදී අපි ඔබව Kasun Jayarathna වසර 2කට පෙර Social Media 2 min read WhatsApp Storage Management Tool එක සියළුම පරිශීලකයන් හට ලබාදීමට WhatsApp ආයතනය කටයුතු කරයි WhatsApp ආයතනය විසින් ඔබගේ device එකෙහි storage එක කළමනාකරණය කරගැනීම සඳහා නව පහසුකම් කිහිපයක් ලබාදීමට සූදානම් වන බව මීට Sanka Maduranga වසර 2කට පෙර Copy Article Copy Link Facebook Twitter Top Made with in Sri Lanka. Terms & Conditions Privacy Policy Correction Policy Fact-Checking Policy Advertising Policy Ethics Policy Disclaimer Help
WhatsApp විසින් Android සහා iOS අතර Chat history හුවමාරු කිරීම පසුගිය කාලවකවානුවේ සිටම පරික්ෂා කරමින් සිටියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම විශේෂාංගයේ සම්පුර්ණ ක්‍රියාකාරීත්වය නිල වශයෙන් සමාගම විසින් එළිදක්වනු ලැබුවා. මෙතෙක් මෙම හුවමාරු වීම third-party data transferring tools ආධාරයෙන් සිදුවූ අතර ඒවා තුලින් chat history එක මාරු කිරීමට පමණක් අවස්ථාව ලැබුණි. කෙසේ වෙතත් මෙම third-party tools සදහා යම්කිසි මුදලක් ගෙවිය යුතු වන අතර ඒවා භාවිත කිරීමද එතරම් පහසු නොවේ. A new way to keep the chats that mean the most 📱📲 Today, you’ll have the ability to transfer your entire chat history from Android to iOS and vice versa. Now you have the freedom to switch to and from your preferred devices. — WhatsApp (@WhatsApp) July 20, 2022 මේ අවස්ථාව වන විට මෙම හුවමාරු ක්‍රමය Android සිට iPhone වෙත පමණක් ක්‍රියාත්මක වන අතර මෙය සිදු කිරීම සඳහා Android හි Move to iOS app එක භාවිතා කිරීම අවශ්‍ය වනවා. තවද මෙය සිදු කිරීම සදහා android හා එය ලබා ගන්නා iOS Device එක යන දෙකෙහිම WhatsApp latest version එක තිබිය යුතු වීම අනිවාර්ය වන අතර පැරණි දුරකතනයේ දුරකථන අංකයම හුවමාරු කරන දුරකතනයේද භාවිත කල යුතු වනවා. මීලග පියවර ලෙස හුවමාරුවට යොදාගන්නා iPhone එකද factory reset එකකින් පසුව යොදා ගත යුතු වන අතර හෝ නව උපාංගයක් විය යුතුය. ඉහත උපදෙස්වල දක්වා ඇති පියවර මත පදනම්ව, WhatsApp විසින් iOS හි දුරකථනයකට WhatsApp chat history එක සාර්ථක ලෙස මාරු කිරීම සඳහා එහි Move to iOS App එක piggyback කිරීමට Apple සමඟ කටයුතු කර ඇත. ඔවුන් විසින් වැඩිදුරටත් දක්වා ඇත්තේ මෙම ක්‍රියාවලියේදී account information, profile photo, individual/group chats, chat history, chat media සහා WhatsApp settings යන අංගයන් සියල්ලම හුවමාරු වන බවයි. මෙහිදී WhatsApp call history එක හා peer to peer payment messages මාරු කිරීමට නොහැකි වනවා. iOS සහ Android අතර මාරුවීමේදී WhatsApp Chats ලබාගැනීමට නොහැකි වීම පරිශීලකයින් විසින් අත්විදින මහත් ගැටලුවකි. දැනට පවතින බොහෝමයක් messaging apps මගින් Android හෝ iOS යන ඕනෑම device එකක් ඔස්සේ messages සහ chats වෙත පිවිසීමට ඉඩ සලසා ඇති නමුත් WhatsApp භාවිතා කළ හැකිවන්නේ තනි දුරකථන අංකයකින් සහ තනි Smartphone එකක් ඔස්සේ පමණි. කෙසේ වෙතත් WhatsApp විසින් මෑතකදී හදුන්වා දුන් පරිදි main mobile device එක ලග නොමැති අවස්ථාවකදී linked devices මගින් WhatsApp වෙත log වීමට ඇති හැකියාව යම්තාක් දුරට හොද අවස්ථාවක් වනවා. Sources: GSMArena WhatsApp via Twitter Social Media Community guidelines Related Articles Calls සඳහා වන tab එකක් WhatsApp Desktop beta වෙත හදුන්වා ​දේ 26 Nov 2022 · 1 min read WhatsApp Desktop client එක සඳහා screen lock විශේෂාංගය නුදුරේදීම ලබා දෙන බවට වාර්තා ​වේ 25 Nov 2022 · 1 min read Elon Musk විසින් Snapchat මිලදී ගෙන filters ඉවත් කිරීමට සූදානම් වන බවට පල වන පුවත සත්‍යක්ද යන්න අපේ විමසුම 24 Nov 2022 · 1 min read WhatsApp group chat වල​දී profile photos දර්ශනය කිරීමේ නව පහසුකමක් නුදුරේදී​ම 24 Nov 2022 · 1 min read යෞවනය​න් ආරක්ෂා කිරීම​ට නව Privacy tools කීපයක් Facebook සහ Instagram වෙ​ත හදුන්වා ​දේ 23 Nov 2022 · 1 min read Caption එකක් සමඟින් media files forward කිරීමේ පහසුකම නුදුරේදීම WhatsApp වෙ​ත 22 Nov 2022 · 1 min read About Us Android වැඩකාරයෝ is a Sri Lankan tech news website, publishing tech news, feature stories, and tech product reviews in Sinhala.
අ.පො.ස. උසස් පෙළ විභාගය විෂය නිර්දේශ දෙකක් යටතේ පැවැත්වීමේදී ගෙන තිබූ දුර්වල තීරණයන් හේතුවෙන් විද්‍යා විෂය ධාරාව යටතේ පැරණි විෂය නීර්දේශයට මුහුණ දුන් සිසුන් සඳහා විශාල අසාධාරණයක් සිදුවී ඇති බව වාර්තා වේ. නව නිර්දේශය යටතේ වභාගයට පෙනීසිටි සිසුන්ට බහුවර්ණ ප්‍රශ්න පත්‍රය තුළ පැය දෙකකින් ප්‍රශ්න 50 කට පමණක් පිළිතුරු සැපයීමට තිබියදී එම කාලය තුළම ප්‍රශ්න 60 කට පිළිතුරු සැපයීමට සිදුවීම තමන්ට කරනු ලබූ විශාල අසාධාරණයක් බව පැරණි නිර්දේශයට මුහුණ දුන් සිසූහු චෝදනා කරයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා ගුරු සංගමය කියා සිටින්නේ අ.පො.ස. උසස් පෙළ වැනි තරඟකාරී විභාගයකදී මෙවන් තත්ත්වයක් උදාවීම කිසි ලෙසකින්වත් සාධාරණීයකරණය කළ නොහැකි බවයි. Loading... Tweet on Twitter Share on Facebook Pinterest Email RSL Related Posts කඩදාසි මිල පාර්ලිමේන්තුවටත් බලපායි ලබන වසරේ සිට රියදුරු බලපත්‍රයට අකුසලතා ලකුණු ක්‍රමයක් පාපන්දු ලෝක කුසලානය අද ඇරඹේ T20 ලෝක කුසලානයේ 02 කාණ්ඩයේ තරඟ 03 ක් අද ටෙන්ඩරය පිළිබඳ චෝදනා නිරාකරණය වන තෙක් ගල්අඟුරු ලැබෙන්නේ නැහැ ළමා මන්ද පෝෂණයේ වර්ධනයක් – අධ්‍යාපන ඇමති Search for: Contact Us Phone: +94-715-657400 Email: info@readsrilanka.com Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'readsrilanka.com' Join our email newsletter and get news & updates into your inbox for free. Categories CORONA: Covid 19 Developing Stories Fashion & Beauty culture FB මාත්‍රාව Men Photo Stories Uncategorized ආර්ථික සහ ව්‍යාපාරික උණුසුම් පුවත් ක්‍රීඩා කෘෂිකර්මය දේශපාලන ප්‍රතිපත්ති සහ සංවර්ධන පුවත් සහ වාර්තා මතවාද ලෝකාවලෝකනය විද්වත් කථිකාව විදේශීය විමර්ශන විශේෂාංග සෞඛ්‍යය අප හා සම්බන්ධවීමට දුරකථන: +94-715-657400 විද්‍යුත් තැපෑල: info@readsrilanka.com © සියලුම හිමිකම් ඇවිරිණි. මෙම වෙබ් අඩවියේ පළවන ලිපි අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් වන අතර එම ආචාරධර්ම උල්ලංඝනය කරමින් නීතිවිරෝධීව උපුටාගන්නන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරනු ඇත.
බබීගේ ගෙදර මිදුලේ පැත්තකට වෙන්න ලොකු අඹ ගහක් තිබුනා. ඒකෙ අතු හැම පැත්තටම විහිදිලා ගහ යට ගොඩක් හෙවනයි. ගහ යට වාඩි වෙලා විවේකයෙන් ඉන්න අඹ ගහ යට බංකුවකුත් හදලා තිබුණා. හැමදාම මේ බැංකුව උඩ වාඩි වෙලා අඹ ගහ එක්ක කතා කර කර ඉන්න එක බබීගේ පුරුද්දක්. අඹ ගහ එයාගෙ සුවඳ කොළ නලව නලවා බබීගෙ කතා අහගෙන ඉන්නවා. සමහර වෙලාවට අඹ මල් රේණු ගොඩාක් බබීගෙ ඔලුවට දාලා හිනා වෙනවා. අඹ ගහ බබීත් එක්ක ගොඩාරියක් යාලුයි. මේ යාළුකම හින්දාම අඹ වාරෙට අහල පහල හැමෝටම බෙදන්නත් එක්ක මහා ගොඩාක් අඹගෙඩි බබීලාට හදලා දෙන්න තරම් මේ අඹගහ ගොඩාක් කරුණාවන්ත වුණා. ඔහොම ඉන්නකොට දවසක් ඔන්න සීයාබබීට අපූරු යෝජනාවක් ගෙනාවා. "අපි අඹ ගහ යට තක්කාලි පාත්තියක් දමමු." බබී සීයාගේ යෝජනාවට උඩින්ම කැමති වුණා. ඉතින් ඔන්න සීයා බබත් එක්ක එකතු වෙලා ඉක්මනින්ම අඹගහ යට තක්කාලි පාත්තිය දාලා තක්කාලි පැල හිටෙව්වා. "ඔන්න ඔයාට දැන් අලුත් යාළුවො ඉන්නවා." බබී අඹගහට කියද්දි අඹ ගහ හිනා වෙවී අහගෙන හිටියා. දැන් බබී අඹගහ යට බංකුවට ආවාම අඹගහ එක්ක වගේම තත්කාලි පැල එක්කත් කතා කරනවා. හිනා වෙනවා. ඉක්මනටම ගෙඩි දෙන්නකො කියලා කියනවා. අඹ ගහේ නම් දැනටමත් අඹ ගැට තියෙනවා. ඉතින් අඹ ගහටයි තක්කාලි පත්තියටයි දෙකටම වතුර දාලා පෝර දාලා වල් ගලවලා සාත්තු සප්පායම් කරන්න තියෙන නිසා බබීට දැන් වැඩ වැඩියි. ඔහොම ඉතින් සති දෙක තුනක් ගත වුනා. තක්කාලි පැල ඉක්මනින් ලොකු වුණා. මලුත් පිපුණා. ඉතින් ඔන්න දන්නෙම නැතුව ටිකින් ටික බබීගෙ හිත තක්කාලි පත්තියටම ඇදිලා ගියා. ලස්සනට සරුවැව වැවෙන තක්කාලි පාත්තියට බබීගේ ආදරේ වැඩි වුණා. අඹ ගහ එක්ක කතා කරන එක අඩු වුනා. එයා නිතරම තක්කාලි පාත්තිය එක්කම කාලේ ගත කරද්දී අඹගහ දුකෙන් ඒ දිහා බලාගෙන හිටියා. ඔහොම ඉද්දි අඹ ගහේ ගෙඩි පැහිලා ඉදෙන්නත් ලං වුනා. තක්කාලි පාත්තියත් ඉක්මනට ඉක්මනට කොලපාට ගෙඩි රතු පාටින් ඉදවන්න පටන් ගත්තා. බලන්න ලස්සනයි. ඒ ලස්සන හින්දමද කොහේදෝ බබීත් හැමවෙලේම දුවගෙන් ඇවිල්ලා තක්කාලි පාත්තියේ දුක සැප බැලුවා. අඹගහ අමතක වෙලාම ගියා. අඹගහට දැන් ගොඩක් දුකයි. බබීට ආපහු කොහොමද පරණ යාළුකම් මතක් කරලා දෙන්නේ කියලා අඹගහ හුඟාක් කල්පනා කළා. අන්තිමේදී එයාට හොඳ උපායක් ආවා. එදා ඔන්න එළිවෙන අතරේ අඹගහ එයාගේ උපාය ක්‍රියාත්මක කළා. එයාගේ ඉදුණු ලොකුම ලොකු ගෙඩි තුන හතරක් නැට්ගේටෙන් ගලවලා බබීගෙ තක්කාලි පාත්තියේ රතු පාට ගෙඩි උඩට අත ඇරලා දැම්මා. ලොකු අඹ ගෙඩි වල බරට රතු පාට තක්කාලි ගෙඩි කැඩිලා බිම වැටිලා තැලීලා චොප්ප වුණා."උදේට දැන් බබී ආවම එයාට නිකන්ම උඩ බැලෙයි. මාව මතක් වෙයි." අඹගහ තනියෙන් කල්පනා කරමින් බබී එනකන් බලාගෙන හිටියා. එලිවුනා විතරයි ඔන්න බබී දුවගෙන ආවා. තක්කාලි පාත්තියේ බිම වැටිලා තැලිලා චොප්ප වුනු ගෙඩි දැකලා එයාට දුක හිතුනා. කොහොමද මෙහෙම වුනේ. එයාට ඉබේටම උඩ බැලුනා. බබීගේ ඇස් දෙකයි අඹ ගහේ ඇස් දෙකයි කාලෙකට පස්සෙ එකට මුණ ගැහුණා. බොහොම දුකින් එයා දිහාම බලාගෙන ඉන්න අඹගහ එතකොට එයාට පෙනුණා. බබීට පරණ කාලේ මතක් වුණා. තක්කාලි පාත්තිය දාන්න කළින් ඒගොල්ලො හොඳම යාළුවො වෙලා හිටිය විදිය කල්පනාවට ආවා. හිතා මතා නොවුනත් එයාගෙ අතින් වෙලා තියෙන්නේ ලොකු වැරද්දක් බව බබීට තේරුණා. බබී අඹගහ ලඟට ගිහින් අඹගහ ආදරෙන් බදා ගත්තා. සමාවෙන්න යාළුවේ මට ඔයාව අමතක වුනාට. ආපහු එහෙම කරන්නේ නෑ. බබී අඹගහ ට පොරොන්දු වුනා. අඹ ගහ ඇස් ලොකු කරගෙන බබී දිහාම බලන්අ කියල දේවල්හ අහගෙන හිටියා.අන්තිමේ බබීගේ පොරොන්දුව ඇත්ත එකක් බව තේරිලා අඹගහට හිනාවක් ගියා. අඹ ගහේ ගෙඩි වැටිලා එයාගේ ඉදුණු ගෙඩි තැලිලා චොප්ප වෙනවාට බයේ බිරාන්ත වෙලා හිටපු තක්කාලි පාත්තියටත් නිදහසේ හුස්මක් ගන්න පුළුවන් වුනේ ඔන්තන එතකොට තමයි. ඇති යන්තම් හැමදේම හොඳින් විසඳුනා. තුන් දෙනාටම ඉබේටම කියවුනා. එදා ඉඳලා බබී පුරුදු විදියටම අඹ ගහ එක්ක කතා කළා. දුක සැප හොයා බැලුවා. පොරොන්දුව රැක්කා. ඒ වෙලාවට තක්කාලි පාත්තිය අඹගහ දිහා බලාගෙන හිනා වුනා. රෑට රෑට ඉදුණු ගෙඩි බිම දාලා තක්කාලි ගෙඩි චප්ප කරලා දාන්න එදා ඉඳලා අඹ ගහට ඕන වුනේ නැහැ. දවල්ට බබී ආවාම ඉදුණු ගෙඩි ඔක්කොම බබීට කඩා ගන්න කියලා අඹගහ බබීට මතක් කළා. බබී හැමදාම වගේ ඉදුණු අඹ කූඩෙකුයි ඉදුණු තක්කාලි කූඩෙකුයි ගෙදර අරගෙන ගියා. සියල්ල හොඳ විදියට විසඳුන නිසා හැමෝටම හරි සතුටුයි. ඉතින් බබී එයාගේ යාලු අඹගහයි තක්කාලි පාත්තියයි එක්ක හැමදාම සතුටින් හිටියා. Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest No comments: Post a Comment Newer Post Older Post Home Subscribe to: Post Comments (Atom) අලුත් සිතුවම් 111. පැණි කොමඩු ගෙඩිය Search This Blog Home Blog Archive ▼ 2022 (26) ▼ September (5) 111. පැණි කොමඩු ගෙඩිය 110. මැජික් මාළුවෝ 109. අඹ ගහ තරහ වෙලා 108. බලු නගුටේ මල් පිපිලා 107. ගෝනි එළුවා ► August (6) ► July (1) ► June (3) ► May (8) ► April (3) ► 2020 (13) ► November (13) ► 2019 (72) ► August (6) ► July (6) ► June (5) ► May (5) ► April (18) ► March (32) My Blog List Popular Posts 88. කරුණාවන්ත සුළඟ එකමත් එක රටක මල් ගසක් තිබුණා. මල් පිපෙන කාලෙ ආවා. මල් ගසේ ලස්සනට මල් පිපුණා. සීතල සුළඟක් මල් ගස ළඟට හැමුවා. "ඔයා කොහේද යන්නෙ ?" ම... 107. ගෝනි එළුවා සීයාගේ කුඹුරෙ ගොයම් කපලා පාගලා වැඩි දවසක් නෑ. ඊට පස්සෙ ඉතින් කරන්න තියෙන වැදගත්ම රාජකාරිය තමයි වී ටික හොඳට වේලාගන්න එක. වැඩි කාලයක් තෙත පිටි... 99. ලස්සන අක්කා එකමත් එක රටක ගොවි මාමා කෙනෙක් හිටියා. එයාගේ ගොවිපළේ අක්කා කෙනෙකුත් හිටියා. ඒ අක්කා හරිම ලස්සනයි. සිරියාවන්තයි. ගොවි මාමා මේ අක්කාට හරිම ආදරෙ... 100. අඹ යාළුවෝ ඔන්න එකමත් එක වනාන්තරයක ජිරාෆ් පැංචලා දෙන්නෙක් හිටියා. මේ දෙන්නා හරිම යාළුයි. කොච්චරවත් එකටමයි ඉන්නේ. එක්කෙනෙක් නැතුව අනිත් එක්කෙනාට ඉන්නමබ... 67. සුදු පූසි සුදු පූසිට පූස් පැටව් දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ලීනු, අනිත් එක්කෙනා වීනු. මේ දෙන්නා හරිම පුංචියි තාම. පුංචි උනාට නෑ දෙන්නටම හරිම ... 97. නරි තාලේ කුරුළු බබා උදෙන්ම අවදි වුනා. පලතුරු කෑවා. දැන් කුරුළු බබාගේ බඩ පිරිලා. බඩ පිරුණාම හිත සතුටුයි. කුරුළු බබා සින්දුවක් කියන්න පටන් ගත්තා. ලන්දේ... 111. පැණි කොමඩු ගෙඩිය ගමරාළ මාමාගේ කොරටුව තිබුණේ කන්ද උඩ. හා පැංචාගේ ගෙදර තිබුණේ කන්ද පහළ. එතැන පුංචි කැලයක්. කැලය කෙලවර ගඟ. හා පැංචා හැමදාම ගමරාලගේ කොරටුවට ගිහින... 93. සිංදුවට නැටුමක් කුරුළු පැටියා උදෙන්ම අවදි වුණා. වටපිට බැලුවා. අවට හරි ලස්සනයි. කුරුළු පැටියා සිංදුවක් කියන්න පටන් ගත්තා. ගහට උඩින් එබුණු ඉර මාමත් හිනා වෙවී... 98. වැස්සයි නින්දයි රෑ පුරාම මහ වැස්ස. උදේ හතයි වෙලාව. ඒ වුනාට අවට හරි කළුවරයි. එළියට එන්න ඉඩක් හොයා හොයා කළු පාට වැහි වලාකුළු වලට යටින් එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටි...
80 දශකයේ සිංහල සිනමාවට පෑයූ නවක තරු ගණනාවකි. සබීතා, අනෝජා, නදීකා, වසන්ති, ගෝතමී, මැණික්, විශාඛා මෙන්ම ශිරාණි නුගේරා ද සිනමාවට ජීවය රැුගෙන ආවේ සිය භද්‍ර යෞවනය සමඟමය. රංගන පිළිබඳ හැදෑරීමක් නොකළ ද මෙම නිළි පරපුර කෙරෙන් විද්‍යමාන වූයේ ස්වකීය රංගන ප‍්‍රතිභාවයි. ඒ අරභයා සරසවිය, ඕ.සී.අයි. සී ජනාධිපති ආදී සම්මානවලට පාත‍්‍ර වීමට තරම් මේ පරපුර තුළ තිබූ හැකියාව අපමණය. 80 දශකයේ පෑයු මේ තරු පොකුර සිංහල සිනමාවේ කඩඉමක් සනිටුහන් කළ අදටත් සිංහල සිනමාවේ ජීවය බඳු වූ රූපණවේදිනියන් පිරිසකි. තමන්ටම ආවේණික වූ හැඩතල ඔස්සේ විවිධ භුමිකාවන් නිරූපණය කරමින් සිනමාවේ පෑ පෙළහර අදටත් පේ‍්‍රක්ෂක මනසේ සනිටුහන් වී ඇත. අද අපේ කතා නායිකාව වන්නේ 80 දශකයේ තරු පොකුරේ පෑයු තවත් එක්තරා තරුවක් වන ශිරාණි නුගේරා ය. ප‍්‍රධාන චරිතවලට පමණක් සීමා නොවූ ඇගේ රංගන කෞශල්‍ය උප ප‍්‍රධාන චරිත දක්වා දීර්ඝ ගමනක පියවර සටහන් කර ඇත. ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික‍්‍රම, විජය කුමාරතුංග, රවීන්ද්‍ර රන්දෙණිය, ඩග්ලස් රණසිංහ, අමරසිරි කලන්සූරිය, ජීවන් කුමාරතුංග, සනත් ගුණතිලක, ක්ලීටස් මෙන්ඩිස් සතිස්චන්ද්‍ර එදිරිසිංහ වැනි සිංහල සිනමාවේ දැවැන්තයින් සමඟ රඟපෑමේ වරම ඇයට හිමි වී තිබීම සිනමා ශිල්පිනියක ලෙස ඇය ලද ජයග‍්‍රහණයකි. නැතිවුණු ආදරයක් වෙනුවෙන් හෙළන සුසුම් අන් හදක වැදී පෑරුණු හදවත් එකිනෙකා අමතා කියන කතාවයි මේ සුදෝ මම ආදරෙයි සුදෝ මම ආදරෙයි සිතින් පලා ගිය එක් ආදරයක් දිහා කඳුළු පිරි නෙතින් බලා ඉන්නා අතරේ තව ආදරයක් වෙත හදවත් දොර විවර කළා ගාමිණි ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ 1980 තිරගත වූ මයුරිගේ කතාව චිත‍්‍රපටයේ ඔහු විසින් රචනා කරන ලද මෙම ගීතය ගායනා කරන්නේ ආචාර්ය සුජාතා අත්තනායකය. පසුබිමින් ගැයෙන මෙම ගීතයට අතිශයින් හැඟීම්බර රංගනයක යෙදෙන නිළියන් දෙපොළ වන්නේ ශිරාණී නුගේරා සහ වීණා ජයකොඩි ය. ශිරාණී නුගේරා රඟපෑවේ ගාමිණී ෆොන්සේකාගේ ගිලිහුණ පේ‍්‍රමයේ චරිතය යි. ශිරාණි නුගේරා හා පුරා කියා සිනමාවට පිවිසියේ හර්බට් රංජීත් පීරිස්ගේ සිල්වා චිත‍්‍රපටයෙනි. ඇය රංගනයක යෙදුණා නොව චිත‍්‍රපටයේ රූප රාමුවක පෙනී සිටියා පමණි. චරිතයක් ලෙස ඇය හා පුරා කියා රඟපෑවේ මිල්ටන් ජයවර්ධනගේ සමාවෙන්න චිත‍්‍රපටයේ උප ප‍්‍රධාන චරිතයකි. ශිරාණි නුගේරා ප‍්‍රධාන චරිත නිරූපණය කළ චිත‍්‍රපට වන්නේ ගිම්හානේ ගී නාදේ, ඇර සොයිසා, පරසතුරෝ, අහස් මාලිගා, රන්මලීගේ වාසනාව, මුතු මැණිකේ සහ දූ දරුවෝ ය. සමනල සිහින, මායා, මිහිදුම් සිහින, පුතුනි මට සමාවෙන්න, යළි හමුවෙන්නයි, ජය සිකුරුයි උප ප‍්‍රධාන චරිත රඟ පෑ චිත‍්‍රපට වේ. ගිම්හානේ ගී නාදයට ප‍්‍රධාන චරිතය රඟපෑවේ විජය කුමාරතුංගයන් සමඟය. ඇය රඟ පෑ මෙතෙක් තිරගත නොවූ චිත‍්‍රපටයක් දෙකක් ඇත. ඒ සරත් කැල්ලපත අධ්‍යක්ෂණය කළ සිිහින සිතුවම් චිත‍්‍රපටය සහ ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ සිරකඳවුර චිත‍්‍රපටයයි. සිරකඳවුර කලාත්මක චිත‍්‍රපටයක් වුවද එහි ප‍්‍රදර්ශනය සිදුනොවීම නිසා ඇගේ හැකියාවන් දැක බලාගැනීමට පේ‍්‍රක්ෂකයන්ට නොහැකි විය. ශිරාණී නුගේරා සරසවිය පුවත්පත ගැන කතා කළේ ප‍්‍රශංසා මුඛයෙනි. නිළියක් ලෙස ජනප‍්‍රිය වන්නට සරසවිය පත්තරෙන් ලැබුණු සහයෝගය අදටත් මම අගය කරනවා. ඒ කාලේ මගේ පින්තූර සරසවිය පුවත්පතේ පළ වුණා. ඒ විශේෂාංගය නම් කෙරුණේ කැමරා ඇසයි අලූ‍ත් මුහුණයි නමින්්. මට මතක හැටියට කර්තෘ ධූරය දැරුවේ ධර්මදාස බොතේජු මහත්තයා. සුනිල් හොරේෂස් තමයි මගේ බොහොමයක් ලිපි සම්පාදනය කළේ. සරසවිය පුවත්පතට ගන්නා ලද පින්තූරයක් කවුදෝ කෙනෙක් ජනතා පත්තරේ ලස්සන මුහුණු තරගයට ඉදිරිපත් කර තිබුණා. ලස්සන මුහුණ තරගයෙන් මම 4 වැනි ස්ථානය දිනා ගත්තා. ඒ පින්තූර දුටු බොහෝ චිත‍්‍රපට අධ්‍යක්ෂවරු නිෂ්පාදකවරු ඔවුන්ගේ චිත‍්‍රපටවල සඳහා මාව දායක කර ගත්තා. ශිරාණී නුගේරා නමැති නිළිය ඉහළ තලයට ඔසවා තබන්නට අතහිත දීමේ ගෞරවය හිමිවිය යුත්තේ සරසවිය පුවත්පතටයි. ඔබ කොළඹ ප‍්‍රදේශයේ හැදී වැඩුණු කෙනෙක් නොවෙයි නේද? ඔව්. අම්මා බණ්ඩාරවෙල, තාත්තා මහනුවර. අපි පදිංචිව සිටියේ බණ්ඩාරවෙල. මම ඉගෙන ගත්තේ විශාඛා විදුහලේ. මගේ අම්මා ශ්‍යාමාවති. තාත්තා නුගේරා, මගේ තාත්තා යුද හමුදාවේ මේජ්ර්වරයෙක්. අපේ පවුලේ පස්දෙනයි. මම වැඩිමලා, නංගීලා හතර දෙනෙක් ඉන්නවා. පාසල් යන කාලේ තමයි මගේ ජීවිතේ ස්වර්ණමය යුගය. පාසලේ වේදිකා ගත වූ සියලූ‍ම වේදිකා නාට්‍යවලට මම නැතුවම බැරි චරිතයක් වුණා. වේදිකා නාට්‍ය සියල්ලේම ප‍්‍රධාන චරිතය රඟපෑමට අවස්ථාවක් ලැබුණේ මට. මම ක‍්‍රීඩා වලටත් අති දක්ෂයි. නුගේරා කිව්වම පාසලේ නොදන්න කෙනෙක් නැහැ. තාත්තා යුද හමුදා සේවය කළ නිසා අපේ පදිංචිය වෙනස් කරන්නට සිදුවුණා. පසුව අපි කොළඹ පදිංචියට ආවා. මම උසස් පෙළ හැදෑරුවේ නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ. චිත‍්‍රපට රඟපෑමට අවස්ථාව හිමි වුණේ? ගුණතිලක අංකල් නමින් පියාගේ යහළුවෙක් මාර්ගයෙන් තමයි චිත‍්‍රපටයේ රඟපාන්නට අවස්ථාව ලැබුණේ. ඔහු තාත්තාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා මාව සහ නංගීව චිත‍්‍රපටවලට යොමු කරන්නට කියා. පොඩි කාලෙම අපි පස්දෙනා හරිම ලස්සනයි. විශේෂයෙන් කියන්න ඕන. අම්මායි තාත්තායි හරිම ලස්සනයි. නංගී රඟපාන්නට අදිමදි කළා. මම රඟපාන්නට කැමැති වුණා. හර්බට් රංජීත් පීරිස්ගේ සිල්වා චිත‍්‍රපටයේ මා පෙනී සිටියේ ගීතමය දර්ශනයකට. එම දර්ශනය රඟපෑවේ මාලිනී ෆොන්සේකා සමඟ රෝයි ද සිල්වා. මම එම ගීතමය දර්ශනයේ පමණක් පෙනී සිටියා. පසුව හර්බට් රංජීත් පීරිස් ගේ ඇර සොයිසා චිත‍්‍රපටයේ මට ප‍්‍රධාන චරිත ලබා දුන්නා. දෙව්දුව චිත‍්‍රපටය මාලීනි ෆොන්සේකාගේ නැ`ගණිය ලෙස රඟපෑවේ මම. මට හරි සතුටුයි සිනමාවේ අගරැුජින මාලිනි අක්කා සමඟ රඟපෑමට ලැබීම. ශිරාණී නුගේරා සරසවිය සම්මානයට පාත‍්‍ර වූ නිළියකි. ඇය රඟපෑ මායා චිත‍්‍රපටය වෙනුවෙන් වසරේ නැ`ගී එන ජනප‍්‍රිය නිළියට හිමි සම්මානයට ඇය පාත‍්‍ර වුයේ ලද ජනප‍්‍රසාදය නිසාමය. ශිරාණී නුගේරා වැඩිම චිත‍්‍රපට ගණනාවකට දායක වුයේ 1984 වසරේදීයි. ඒ වසරේදී ඇය චිත‍්‍රපට 7කට ආසන්න සංඛ්‍යාවක රඟපෑවාය. ඔබ රඟපෑ කතරගම රුමතිය වේදිකා නාට්‍යය විශාල දර්ශන වාර ගණනක් පැවත්වුවා නේද? කතරගම රූමතිය වේදිකා නාට්‍යය නිෂ්පාදනය කළේ තිලක් වේහැල්ල. ආරම්භ කළේ 1982 වසරේ. සොමී රත්නායක, ජීවන් කුමාරතුංග, ක්ලීටස් මෙන්ඩිස්, ශාන්ති ලේඛා ආදී දැවැන්තයන් මා සමඟ මේ නාට්‍යයේ රඟපෑවා. දර්ශන වාර නමසිය අනූ නවයක් පවත්වන්නට තරම් වේදිකා නාට්‍ය අතිශයින් ජනප‍්‍රිය වුණා. සමහර දිනවල නාට්‍ය කණ්ඩායම සමඟ බසයේ නැග්ගම සතියක් පුරා අපි සිටින්නේ බස් එකේ. තැනට තැනට නාට්‍යය රැුගෙන යනවා. ඒ කාලේ අපි සිටියේ කණ්ඩායමක් ලෙසයි ඉතාමත් කුලූපග මිත‍්‍රත්වයක් සහෝදර බැම්මක් අප අතර තිබුණා. නිහාල් ජයවර්ධනගේ සත්මල් ප‍්‍රාසාද සහ ආරියරත්ත විතානගේ සිකුරු යුද්ධය වේදිකා නාට්‍යවල රඟපෑවා. මේ අවධිය තුළ චිත‍්‍රපට රඟපෑම සඳහා මට බොහෝ ආරාධනා ලැබුණත් දින වෙන් කර ගැනීමේ අපහසුව නිසා ඒ සියල්ල රඟපෑමට තිබූ අවස්ථාව මට ගිලිහී ගියා. මම සිනමාවට වගේම වේදිකාවටත් ආදරෙයි. මේ ක්ෂේත‍්‍ර දෙකේම නිරත වීමට ලැබීමෙන් මම විශාල ජනප‍්‍රියත්වයක් දිනාගත්තා. විශේෂයෙන් පවසනවා නම් වේදිකාවේ දී අපේ දෑසින්ම පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරය දකින්නට ලැබීමෙන් ලැබෙන ආත්ම තෘප්තිය ඉහළයි. කාලයක් ඔබ ක්ෂේත‍්‍රයන් ඈත් වී සිටියා නේද? ඔව් මම මගේ පුතා සහ ලේළිය සමඟ නවසීලන්තයට පදිංචියට ගියා. මගේ පුතා රජිව්. ඔහුගේ බිරිඳ එරංගි නවරත්න. ඔවුන්ට දරුවෝ දෙදෙනෙක් සිටිනවා. පුතාට වයස අවුරුදු හයයි. දුවට වයස අවුරුදු එකමාරයි. දරු මුණුපුරන් සමඟ නවසීලන්තය ගත කළ ජීවිතය අතිශය සුන්දරයි. ඔබ ටෙලි නාට්‍ය කිහිපයකම රඟපාලා තිබෙනවා නේද? මම නවසීලන්තයේ පදිංචි වී සිටියත් සිනමාවට තිබූ ඇල්ම අඩු වුයේ නැහැ. ඒ බව දැනගත් මගේ පුතා සහ ලේළිය ඉල්ලීමක් කළා අම්මා නැවතත් රඟපාන්නට යොමු වන්නට කියා. ඒ හේතුව මතයි මම නැවත රඟපාන්නට තීරණය කළේ. 2018 වසරේ ලංකාවට පැමිණියේ සිවගුරුනාදන්ගේ ආරාධනය පරිදි ඔහුගේ එකගෙයි මිනිස්සු ටෙලි නාට්‍යය රඟපෑමටයි. ලංකාවට පැමිණි පසු මට ටෙලි නාට්‍ය කිහිපයක රඟපෑමට ආරාධනා ලැබුණා. එකගෙයි මිනිස්සු ටෙලි නාට්‍යයේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ සමඟ ප‍්‍රධාන චරිතයක් රඟපාන්න අවස්ථාව හිමි වුණා. පසුව ගාමිණී හේවාවිතාරණගේ චිත‍්‍රපට දෙකක රඟපෑවා. ඒවා තවම නිම වී නැහැ. පසුගිය වසරේ ගාමිණී හේවාවිතාරණගේ සඳදඩයම, යකඩ දෝණිි, රුවන් තාරකා නැමැති චිත‍්‍රපට තුනේම රඟපෑවා. වර්තමාන ඔබේ පදිංචිය මම ඉන්නේ නුගේගොඩ. මගේ සහෝදරියන් තිදෙනෙක් ලංකාවේ ජිවත් වෙනවා. මගේ අම්මා මියගියා තාත්තා තාමත් ජීවත් වෙනවා. අපි සහෝදරියෝ හරිම ලෙන්ගතුයි. ඔවුන්ගේ දරුවෝ, දරුවන්ගේ දරුවෝ, අපි එකම පවුලක් ලෙස සමගියෙන් සාමයෙන් ජිවත් වනවා. අපේ පවුල් අතර කිසිදු ගැටුමක් නැහැ. ඉරිසියාව, ක්‍රෝධයක් වෛරයක් නැහැ. හැමෝම එකා වගේ එක්කෙනෙකුට ප‍්‍රශ්නයක් ගැටලූ‍වක් ඇති වූ විට අනිත් සියලූ‍ දෙනාම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. ඒක මටත් ලොකු ශක්තියක්. නංගි කෙනෙක් තාත්තාව ආදරෙන් රැුකබලා ගන්නවා. අපි නිතරම තාත්තාගේ දුක සැප බලනවා. ඔහුට අවශ්‍ය දේවල් ලබාදෙනවා. අද බොහෝ දෙනා සහෝදර සහෝදරියන් අතර ගැටුම් තිබුණත් අපේ පවුල තාමත් එකා වගේ ආදරයෙන් බැඳී ජීවත්වෙනවා. ඇත්තටම ජිවිතේ සැදෑ සමය සුන්දරයි. සතුට, ප‍්‍රීතිය මගේ ජීවිතයට ලබාදෙන්නේ සැනසීමක්. දරුවන් මුනුපුරන් වගේම සහෝදර සහෝදරියෝ මට ලොකු ශක්තියක්. දරුවන් වාගේම ඔවුන් සියලූ‍දෙනාටම මම සැමදා ආදරෙයි.
තොග සැපයුම්කරු අභිරුචි 14 යුගල දත් සුදු කිරීමේ තීරු ජෙල් රූපලාවණ්‍ය ඇසුරුම් සත්කාර ලාංඡනය සහිත මුඛ දන්ත සුදු දත් තීරු පෙට්ටිය සරල විස්තරය:රූපලාවන කඩදාසි පෙට්ටිය, උසස් තත්ත්වයේ කඩදාසි වලින් සාදන ලද, විශිෂ්ට වැඩ කිරීම, සහ දැරිය හැකි මිලකටඅභිරුචි ලේබල් කිරීම.Spring Package නිෂ්පාදන ඉක්මනින් සාම්පල නිෂ්පාදනය කර සම්පූර්ණ සේවාවක් සපයයි.අපගේ මුද්‍රණ ඇසුරුම අලංකාර කිරීමට හැකියාව ඇත! අමතර ගෙවීමකින් තොරව ඔබට අවශ්‍ය ප්‍රමාණයට, ද්‍රව්‍ය හා ප්‍රමාණයට ඔබේ පැකේජය මනාව සකසා ගන්න. ව්‍යාපාර සාකච්ඡා කිරීමට සාදරයෙන් පිළිගනිමු. FOB මිල:නිවැරදි උද්ධෘතයක් ලබා ගැනීමට කරුණාකර අපට වැඩි විස්තර එවන්න ගෙවීම:L/C,T/T,Western Union බෙදාහැරීමේ කාලය:10-20දින තැන්පතු සහ සැලසුම් තහවුරු ඇසුරුම් කිරීම:සම්මත අපනයන පෙට්ටි මගින් හෝ ඔබේ අවශ්‍යතා අනුව ඇසුරුම් කර ඇත පරීක්ෂණයක්විස්තර අභිරුචි මුද්‍රණ තෑගි ඇසුරුම් කාඩ්බෝඩ් පෙට්ටි රූපලාවන්‍ය සම ආරක්ෂණ බීබී ක්‍රීම් කඩදාසි පෙට්ටිය සරල විස්තරය:රූපලාවන කඩදාසි පෙට්ටිය, උසස් තත්ත්වයේ කඩදාසි වලින් සාදන ලද, විශිෂ්ට වැඩ කිරීම, සහ දැරිය හැකි මිලකටඅභිරුචි ලේබල් කිරීම.Spring Package නිෂ්පාදන ඉක්මනින් සාම්පල නිෂ්පාදනය කර සම්පූර්ණ සේවාවක් සපයයි.අපගේ මුද්‍රණ ඇසුරුම අලංකාර කිරීමට හැකියාව ඇත! අමතර ගෙවීමකින් තොරව ඔබට අවශ්‍ය ප්‍රමාණයට, ද්‍රව්‍ය හා ප්‍රමාණයට ඔබේ පැකේජය මනාව සකසා ගන්න. ව්‍යාපාර සාකච්ඡා කිරීමට සාදරයෙන් පිළිගනිමු. FOB මිල:නිවැරදි උද්ධෘතයක් ලබා ගැනීමට කරුණාකර අපට වැඩි විස්තර එවන්න ගෙවීම:L/C,T/T,Western Union බෙදාහැරීමේ කාලය:10-20දින තැන්පතු සහ සැලසුම් තහවුරු ඇසුරුම් කිරීම:සම්මත අපනයන පෙට්ටි මගින් හෝ ඔබේ අවශ්‍යතා අනුව ඇසුරුම් කර ඇත පරීක්ෂණයක්විස්තර අභිරුචි මුද්‍රිත සම්පූර්ණ වර්ණ වාර්නිෂ් 30ml 50ml 100ml 120ml රූපලාවන්‍ය ආලේපන ඇසුරුම් කඩදාසි පෙට්ටිය සරල විස්තරය: රූපලාවණ්‍ය පෙට්ටිය, උසස් තත්ත්වයේ කඩදාසි වලින් සාදන ලද, විශිෂ්ට වැඩ කිරීම සහ දැරිය හැකි මිලකට.නිෂ්පාදිතය නවන පෙට්ටියක් වන අතර එය අභිරුචි පෙට්ටි වර්ගයට සහය දක්වයි.චිත්‍රවලට අනුව ලාංඡනය රිසිකරණය කළ හැකි අතර ප්‍රමාණය විශාල වේ.Spring Package නිෂ්පාදන ඉක්මනින් සාම්පල නිෂ්පාදනය කර සම්පූර්ණ සේවාවක් සපයයි.ව්‍යාපාර සාකච්ඡා කිරීමට සාදරයෙන් පිළිගනිමු. FOB මිල:නිවැරදි උද්ධෘතයක් ලබා ගැනීමට කරුණාකර අපට වැඩි විස්තර එවන්න ගෙවීම:L/C,T/T,Western Union බෙදාහැරීමේ කාලය:10-20දින තැන්පතු සහ සැලසුම් තහවුරු ඇසුරුම් කිරීම:සම්මත අපනයන පෙට්ටි මගින් හෝ ඔබේ අවශ්‍යතා අනුව ඇසුරුම් කර ඇත පරීක්ෂණයක්විස්තර කර්මාන්තශාලා කුඩා සුදු ෆෝල්ඩින් කාඩ්බෝඩ් පෙට්ටි පෙට්ටිය රූපලාවණ්‍ය ඇසුරුම් සඳහා අභිරුචි කඩදාසි ඇසුරුම් පෙට්ටි සරල විස්තරය:රූපලාවන කඩදාසි පෙට්ටිය, උසස් තත්ත්වයේ කඩදාසි වලින් සාදන ලද, විශිෂ්ට වැඩ කිරීම, සහ දැරිය හැකි මිලකටඅභිරුචි ලේබල් කිරීම.Spring Package නිෂ්පාදන ඉක්මනින් සාම්පල නිෂ්පාදනය කර සම්පූර්ණ සේවාවක් සපයයි.අපගේ මුද්‍රණ ඇසුරුම අලංකාර කිරීමට හැකියාව ඇත! අමතර ගෙවීමකින් තොරව ඔබට අවශ්‍ය ප්‍රමාණයට, ද්‍රව්‍ය හා ප්‍රමාණයට ඔබේ පැකේජය මනාව සකසා ගන්න. ව්‍යාපාර සාකච්ඡා කිරීමට සාදරයෙන් පිළිගනිමු. FOB මිල:නිවැරදි උද්ධෘතයක් ලබා ගැනීමට කරුණාකර අපට වැඩි විස්තර එවන්න ගෙවීම:L/C,T/T,Western Union බෙදාහැරීමේ කාලය:10-20දින තැන්පතු සහ සැලසුම් තහවුරු ඇසුරුම් කිරීම:සම්මත අපනයන පෙට්ටි මගින් හෝ ඔබේ අවශ්‍යතා අනුව ඇසුරුම් කර ඇත පරීක්ෂණයක්විස්තර Custom Cardboard Dolding Skincare Cream සුදු ආලේපිත පෙට්ටි කඩදාසි ඇසුරුම් පෙට්ටි ඇසුරුම් කිරීම සරල විස්තරය:රූපලාවන කඩදාසි පෙට්ටිය, උසස් තත්ත්වයේ කඩදාසි වලින් සාදන ලද, විශිෂ්ට වැඩ කිරීම, සහ දැරිය හැකි මිලකටඅභිරුචි ලේබල් කිරීම.Spring Package නිෂ්පාදන ඉක්මනින් සාම්පල නිෂ්පාදනය කර සම්පූර්ණ සේවාවක් සපයයි.අපගේ මුද්‍රණ ඇසුරුම අලංකාර කිරීමට හැකියාව ඇත! අමතර ගෙවීමකින් තොරව ඔබට අවශ්‍ය ප්‍රමාණයට, ද්‍රව්‍ය හා ප්‍රමාණයට ඔබේ පැකේජය මනාව සකසා ගන්න. ව්‍යාපාර සාකච්ඡා කිරීමට සාදරයෙන් පිළිගනිමු. FOB මිල:නිවැරදි උද්ධෘතයක් ලබා ගැනීමට කරුණාකර අපට වැඩි විස්තර එවන්න ගෙවීම:L/C,T/T,Western Union බෙදාහැරීමේ කාලය:10-20දින තැන්පතු සහ සැලසුම් තහවුරු ඇසුරුම් කිරීම:සම්මත අපනයන පෙට්ටි මගින් හෝ ඔබේ අවශ්‍යතා අනුව ඇසුරුම් කර ඇත පරීක්ෂණයක්විස්තර සම ආරක්ෂණ මුහුණු ආවරණ සඳහා අභිරුචි රිදී කාඩ්බෝඩ් ෆෝල්ඩින් ඇසුරුම් පෙට්ටි කඩදාසි රූපලාවණ්‍ය පෙට්ටි ඇසුරුම් සරල විස්තරය:රූපලාවන කඩදාසි පෙට්ටිය, උසස් තත්ත්වයේ කඩදාසි වලින් සාදන ලද, විශිෂ්ට වැඩ කිරීම, සහ දැරිය හැකි මිලකට අභිරුචි ලේබල් කිරීම.Spring Package නිෂ්පාදන ඉක්මනින් සාම්පල නිෂ්පාදනය කර සම්පූර්ණ සේවාවක් සපයයි.අපගේ මුද්‍රණ ඇසුරුම අලංකාර කිරීමට හැකියාව ඇත! අමතර ගෙවීමකින් තොරව ඔබට අවශ්‍ය ප්‍රමාණයට, ද්‍රව්‍ය හා ප්‍රමාණයට ඔබේ පැකේජය මනාව සකසා ගන්න. ව්‍යාපාර සාකච්ඡා කිරීමට සාදරයෙන් පිළිගනිමු. FOB මිල:නිවැරදි උද්ධෘතයක් ලබා ගැනීමට කරුණාකර අපට වැඩි විස්තර එවන්න ගෙවීම:L/C,T/T,Western Union බෙදාහැරීමේ කාලය:තැන්පතු සහ සැලසුම තහවුරු කිරීමෙන් දින 10-20 කට පසුව ඇසුරුම් කිරීම:සම්මත අපනයන පෙට්ටි මගින් හෝ ඔබේ අවශ්‍යතා අනුව ඇසුරුම් කර ඇත පරීක්ෂණයක්විස්තර අභිරුචි සෘජුකෝණාස්රාකාර තෑගි ඇසුරුම් දෘඩ නැමීමේ කඩදාසි කාඩ්බෝඩ් රූපලාවණ්‍ය පෙට්ටිය සරල විස්තරයක්:අපගේ සමාගම සතුව උසස් ජර්මානු රෝලන්ඩ් 10 වර්ණ + 3 ප්‍රතිලෝම පාරජම්බුල මුද්‍රණ යන්ත්‍රය සහ ස්වයංක්‍රීය ඩයි කැපුම් යන්ත්‍රය වැනි ස්වයංක්‍රීය යාන්ත්‍රික උපකරණ කට්ටල දහයකට වඩා තිබේ.පාරිභෝගිකයින් සඳහා උසස් තත්ත්වයේ නිෂ්පාදන නිර්මාණය කිරීම සඳහා අපි වෘත්තීය මුද්‍රණ උපකරණ සහ උසස් තත්ත්වයේ තීන්ත සහ කඩදාසි භාවිතා කරමු.ව්‍යාපාර සාකච්ඡා කිරීමට ඇමතීමට සාදරයෙන් පිළිගනිමු.ඔබේ සමාගම සමඟ හොඳ සමුපකාර සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට අපි අවංකවම බලාපොරොත්තු වෙමු! FOB මිල:නිවැරදි උද්ධෘතයක් ලබා ගැනීමට කරුණාකර අපට වැඩි විස්තර එවන්න ගෙවීම:L/C,T/T,Western Union බෙදාහැරීමේ කාලය:තැන්පතු සහ සැලසුම තහවුරු කිරීමෙන් දින 10-20 කට පසුව ඇසුරුම් කිරීම:සම්මත අපනයන පෙට්ටි මගින් හෝ ඔබේ අවශ්‍යතා අනුව ඇසුරුම් කර ඇත පරීක්ෂණයක්විස්තර තොග කම්හල අභිරුචි අතින් සාදන ලද ප්‍රතිචක්‍රීකරණය කළ කුඩා නැමුණු දම් පාට හිස් පෙට්ටි රූපලාවන්‍ය කඩදාසි පෙට්ටි සරල විස්තරය:රූපලාවන කඩදාසි පෙට්ටිය, උසස් තත්ත්වයේ කඩදාසි වලින් සාදන ලද, විශිෂ්ට වැඩ කිරීම, සහ දැරිය හැකි මිලකටඅභිරුචි ලේබල් කිරීම.Spring Package නිෂ්පාදන ඉක්මනින් සාම්පල නිෂ්පාදනය කර සම්පූර්ණ සේවාවක් සපයයි.අපගේ මුද්‍රණ ඇසුරුම අලංකාර කිරීමට හැකියාව ඇත! අමතර ගෙවීමකින් තොරව ඔබට අවශ්‍ය ප්‍රමාණයට, ද්‍රව්‍ය හා ප්‍රමාණයට ඔබේ පැකේජය මනාව සකසා ගන්න. ව්‍යාපාර සාකච්ඡා කිරීමට සාදරයෙන් පිළිගනිමු. FOB මිල:නිවැරදි උද්ධෘතයක් ලබා ගැනීමට කරුණාකර අපට වැඩි විස්තර එවන්න ගෙවීම:L/C,T/T,Western Union බෙදාහැරීමේ කාලය:10-20දින තැන්පතු සහ සැලසුම් තහවුරු ඇසුරුම් කිරීම:සම්මත අපනයන පෙට්ටි මගින් හෝ ඔබේ අවශ්‍යතා අනුව ඇසුරුම් කර ඇත පරීක්ෂණයක්විස්තර අභිරුචි විවිධ ප්‍රමාණයේ මුද්‍රිත කාඩ්බෝඩ් කඩදාසි චීනය රූපලාවණ්‍ය ඇසුරුම් සැපයුම්කරුවන් විලවුන් ඇසුරුම් පෙට්ටිය සරල විස්තරය:රූපලාවන කඩදාසි පෙට්ටිය, උසස් තත්ත්වයේ කඩදාසි වලින් සාදන ලද, විශිෂ්ට වැඩ කිරීම, සහ දැරිය හැකි මිලකටඅභිරුචි ලේබල් කිරීම.Spring Package නිෂ්පාදන ඉක්මනින් සාම්පල නිෂ්පාදනය කර සම්පූර්ණ සේවාවක් සපයයි.අපගේ මුද්‍රණ ඇසුරුම අලංකාර කිරීමට හැකියාව ඇත! අමතර ගෙවීමකින් තොරව ඔබට අවශ්‍ය ප්‍රමාණයට, ද්‍රව්‍ය හා ප්‍රමාණයට ඔබේ පැකේජය මනාව සකසා ගන්න. ව්‍යාපාර සාකච්ඡා කිරීමට සාදරයෙන් පිළිගනිමු. FOB මිල:නිවැරදි උද්ධෘතයක් ලබා ගැනීමට කරුණාකර අපට වැඩි විස්තර එවන්න ගෙවීම:L/C,T/T,Western Union බෙදාහැරීමේ කාලය:10-20දින තැන්පතු සහ සැලසුම් තහවුරු ඇසුරුම් කිරීම:සම්මත අපනයන පෙට්ටි මගින් හෝ ඔබේ අවශ්‍යතා අනුව ඇසුරුම් කර ඇත පරීක්ෂණයක්විස්තර කර්මාන්තශාලා මිල අභිරුචි කුඩා සුඛෝපභෝගී සුදු ෆෝල්ඩින් කාඩ්බෝඩ් සම ආරක්ෂණ ඇසුරුම් රූපලාවන කඩදාසි පෙට්ටි සරල විස්තරය:රූපලාවන කඩදාසි පෙට්ටිය, උසස් තත්ත්වයේ කඩදාසි වලින් සාදන ලද, විශිෂ්ට වැඩ කිරීම, සහ දැරිය හැකි මිලකටඅභිරුචි ලේබල් කිරීම.Spring Package නිෂ්පාදන ඉක්මනින් සාම්පල නිෂ්පාදනය කර සම්පූර්ණ සේවාවක් සපයයි.අපගේ මුද්‍රණ ඇසුරුම අලංකාර කිරීමට හැකියාව ඇත! අමතර ගෙවීමකින් තොරව ඔබට අවශ්‍ය ප්‍රමාණයට, ද්‍රව්‍ය හා ප්‍රමාණයට ඔබේ පැකේජය මනාව සකසා ගන්න. ව්‍යාපාර සාකච්ඡා කිරීමට සාදරයෙන් පිළිගනිමු. FOB මිල:නිවැරදි උද්ධෘතයක් ලබා ගැනීමට කරුණාකර අපට වැඩි විස්තර එවන්න ගෙවීම:L/C,T/T,Western Union බෙදාහැරීමේ කාලය:10-20දින තැන්පතු සහ සැලසුම් තහවුරු ඇසුරුම් කිරීම:සම්මත අපනයන පෙට්ටි මගින් හෝ ඔබේ අවශ්‍යතා අනුව ඇසුරුම් කර ඇත පරීක්ෂණයක්විස්තර සම ආරක්ෂණ ආලේපන ඇසුරුම් පෙට්ටිය සඳහා චීන තොග අභිරුචි සුඛෝපභෝගී සුදු කාඩ්බෝඩ් කඩදාසි පෙට්ටි සරල විස්තරය:Guangzhou Spring Package Co., Ltd යනු එතැන් සිට පැකේජ මුද්‍රණය සහ සැලසුම් කිරීම සඳහා විශේෂිත සමාගමකි2008.අපගේ නිෂ්පාදන පරාසය ප්‍රමාණයෙන්, නිමාවෙන් සහ මෝස්තරවලින්.අපි කඩදාසි පෙට්ටිය, තෑගි පෙට්ටිය, රූපලාවණ්‍ය පෙට්ටිය, රැගෙන යන ආහාර ඇසුරුම්, කඩදාසි බෑගය, නම්‍යශීලී ඇසුරුම් බෑගය, කඩදාසි නළය, කඩදාසි ප්‍රදර්ශන රාක්කය, යනාදිය පිරිනමමු. Spring Package කඩදාසි ඇසුරුම් නිෂ්පාදන නිෂ්පාදනය සඳහා විශේෂිත වේ. වසර 14 ක් සඳහා, ඉක්මනින් සාම්පල නිෂ්පාදනය කිරීම සහ සම්පූර්ණ සේවා සැපයීම.ව්‍යාපාර සාකච්ඡා කිරීමට සාදරයෙන් පිළිගනිමු. FOB මිල:නිවැරදි උද්ධෘතයක් ලබා ගැනීමට කරුණාකර අපට වැඩි විස්තර එවන්න ගෙවීම:L/C,T/T,Western Union බෙදාහැරීමේ කාලය:10-20දින තැන්පතු සහ සැලසුම් තහවුරු ඇසුරුම් කිරීම:සම්මත අපනයන පෙට්ටි මගින් හෝ ඔබේ අවශ්‍යතා අනුව ඇසුරුම් කර ඇත පරීක්ෂණයක්විස්තර සම ආරක්ෂණ ආලේපන ඇසුරුම් පෙට්ටි සඳහා චීන අභිරුචි සුඛෝපභෝගී සුදු කාඩ්බෝඩ් කඩදාසි පෙට්ටිය සරල විස්තරය: රූපලාවණ්‍ය පෙට්ටිය, උසස් තත්ත්වයේ කඩදාසි වලින් සාදන ලද, විශිෂ්ට වැඩ කිරීම සහ දැරිය හැකි මිලකට.නිෂ්පාදිතය නවන පෙට්ටියක් වන අතර එය අභිරුචි පෙට්ටි වර්ගයට සහය දක්වයි.චිත්‍රවලට අනුව ලාංඡනය රිසිකරණය කළ හැකි අතර ප්‍රමාණය විශාල වේ.Spring Package නිෂ්පාදන ඉක්මනින් සාම්පල නිෂ්පාදනය කර සම්පූර්ණ සේවාවක් සපයයි.ව්‍යාපාර සාකච්ඡා කිරීමට සාදරයෙන් පිළිගනිමු. FOB මිල:නිවැරදි උද්ධෘතයක් ලබා ගැනීමට කරුණාකර අපට වැඩි විස්තර එවන්න ගෙවීම:L/C,T/T,Western Union බෙදාහැරීමේ කාලය:10-20දින තැන්පතු සහ සැලසුම් තහවුරු ඇසුරුම් කිරීම:සම්මත අපනයන පෙට්ටි මගින් හෝ ඔබේ අවශ්‍යතා අනුව ඇසුරුම් කර ඇත පරීක්ෂණයක්විස්තර 123ඊළඟ >>> පිටුව 1/3 පාරිභෝගික සහාය අපි ගැන ඉතිහාසය පාරිභෝගික පින්තූරය කර්මාන්තශාලා සංචාරය සම්බන්ධතා තොරතුරු Guangzhou Spring Package Co., Ltd. raymond@springpackage.com +86 13533784903 +86 13302279580 පුවත් පත්‍රිකා අපගේ නිෂ්පාදන සහ මිල ගණන් පිළිබඳ විමසීම් සඳහා, කරුණාකර අපට විද්‍යුත් තැපෑල එවන්න, සහ අපට පහසු යැයි හැඟෙන සේ අප හා සම්බන්ධ වන්න හෝ ස්තුතිය සමඟ අපට පණිවිඩයක් තබන්න.
පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් අග්‍රාමාත්‍ය ධුරය හිමි කරගැනීම වඩාත්ම යහපත් විකල්පයක් බව හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසයි. පසු ගිය දා ඉන්දියාවේ සංචාරයක නිරත වු අවස්ථාවේ දි දකුණු ඉන්දීය තන්දි ටී වී සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවෙදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසා ඇත. නව ව්‍යවස්ථාව යටතේ අග්‍රාමාත්‍ය ධුරය, ජනාධිපති ධුරයට වඩා බලගතු බවද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත. මෙම සම්මුඛ සාකච්ඡාව තන්දි ටී වී මගින් පෙරේදා(15) රාත්‍රියේ විකාශය කර ඇත. අවශ්‍යනම් යළි ජනාධිපති ධුරයට තරඟ කිරීමට හැකියාවක් ඇතැයි තමා විශ්වාස කරන නමුත් එලෙස ඉදිරිපත් නොවී ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙකු යොදන බවද එම සාකච්ඡාවේදී ඒ මහතා පවසා ඇත. එහිදි ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති අතර මසුන් පසුපස යන ධීවරයන්ට මුහුදු සීමා නොමැති වුවත් ට්‍රෝලර් යාත්‍රා මගින් ශ්‍රී ලංකා මුහුදු තීරය හානියට පත් කිරීම සිදු නොකළ යුත්තක් බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් මෙම ධීවර ගැටලුව සාකච්ඡා සංවාද තුළින් දෙපර්ශවයේ එකඟත්වයෙන් විසඳුමක් සොයාගත හැකි බව හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. එහිද ශ්‍රි ලංකාවේ පැවති යුද්ධය සම්බන්ධයෙන්ද තන්දි ටී වී මාධ්‍යවේදියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරිම් සිදු කළේය. රාජිව් ගාන්දි ඝාතනයට සම්බන්දව සිරදඬුවම් විදිමින් සිටින ශ්‍රි ලාංකිකයන් සිව් දෙනා සම්බන්ධයෙන්ද තන්දි ටී වී මාධ්‍යවේදියා විසින් සිදු කළ ප්‍රශ්ණ කිරිම් සඳහා මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු සපයා ඇත. Former President Mahinda Rajapaksa Mahinda Rajapaksa Recommended For You රාජ්‍ය සේවකයන්ට දුන් සිකුරාදා නිවාඩුව අවලංගු කෙරේ ශ්‍රී ලංකාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙයි ආහාර සුරක්ෂිතතාවයට තිරසර මාවත කියන ‘පවුලේ ගොවිතැන – Family farming‘ කාබනික වගාවේ අරුමය දකින්න එන්න ජනාධිපතිතුමනි ! – ඩොලර් ලක්ෂ ගණනක් අපේ ගස් යට කුණුවෙනවා About the Author: Editor Leave a Reply Cancel reply Your email address will not be published. Required fields are marked * Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Search for: About Voice of Ceylon Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'voiceofceylon.com'
•පරිශීලකයින්ට ක්ෂේත්‍රවල ළඟා වීමට අපහසු ස්ථානයක සිට දත්ත මාරු කිරීමට සහ/ දුරස්ථ සංවේදක වින්‍යාසය අවබෝධ කර ගැනීමට ඉඩ දෙන්න. •සංකීර්ණ වයර් යටිතල පහසුකම් නොමැතිව, ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනයෙන් APP බාගත කිරීම මගින් HYPHIVE සංවේදක සෙවුම් කරන්න. •දේශීය සිතියම්කරණ තොරතුරු සමඟ Android සහ iOS යන දෙකටම සහය වන්න. අපට විද්‍යුත් තැපෑල එවන්න නිෂ්පාදන විස්තර නිෂ්පාදන ටැග් අධ්‍යාපනික/ඉගැන්වීම් ක්‍රියාකාරකම් සඳහා විද්‍යාත්මක විශ්ලේෂකයකට අමතරව, ස්මාට්ෆෝන් කට්ටලය ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම (BOD)/රසායනික ඔක්සිජන් ඉල්ලුම (COD) මැනීම සඳහා කදිම තේරීමක් වන්නේ රසායනාගාරයක ඔක්සිජන් අන්තර්ගතය පිළිබඳ ඉක්මන් පරීක්ෂණයක් සහතිකයක් වන බැවිනි. විශ්වසනීය දත්ත නිරවද්යතාව.
බිලාලයන් කියන්නේ බළල් පවුලට අයත් සිව්පා සතුන් හඳුන්වන්න පාවිච්චි කරන නමක්. ලංකාවේ දැනට බිලාල පවුලට අයත් සතුන් වර්ග කිහිපයක්ම දකින්න ලැබුණත් මේ වර්ගයේ වඩාත් ජනප්‍රිය විශාල සතුන් වන සිංහයන් සහ කොටියන් දකින්න ලැබෙන්නේ නැහැ. ලංකාවේ අද බිලාල වර්ගයට අයත් විශාල ප්‍රමාණයේ සතෙක් විදිහට දකින්න ලැබෙන්නේ දිවියා විතරයි. හැබැයි අතීත බිතු සිතුවම් සහ ඉතිහාස වාර්තා වල ලංකාවේ සිටි සිංහයන් සහ කොටින් ගැන දැක්වෙන සටහන් නිවැරදි වෙන්න හේතු කිහිපයක්ම සොයා ගෙන තියෙනවා. පුරාවිද්‍යාඥයන් මෑතකදී ලංකාවේ සිදු කරපු කැණීම්වලින් වැදගත් කරුණු රාශියක් හෙළිදරව් කරගෙන තියෙනවා. මේ අතරින් මෑතකදී සොයා ගත්තු බලංගොඩ මානවයාට අයත් ඇටසැකිලි කොටස් සහ සංස්කෘතික සාක්ෂි ප්‍රධාන තැනක් ගන්නවා. මීට අමතරව සොයා ගත්තු අනිත් වැදගත්ම දේ තමයි ලංකා භූමියේ අතීතයේ ජීවත් වුණු සතුන්ගේ පොසිල. මේ පොසිල අතර අපි කලින් කියපු බිලාල කුලයේ විශාල සතුන්ගේ පොසිල සොයා ගන්නත් මොවුන් සමත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ඉන්න සත්ව පුරාවිද්‍යාව සහ පාෂාණිභූත විද්‍යාව (සරලව කිව්වොත් පොසිල විද්‍යාව) ගැන ඉහළම දැනුමක් ඇති කෙනෙක් විදිහට සැලකෙන කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහත්මයාට අනුව ලංකාවේ සොයා ගත් ක්ෂීරපායී සතුන්ගේ පොසිල වැඩිම ගණනක් හමු වෙලා තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කය ආශ්‍රිතවයි. විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ ඉතා බහුල මැණික් ඉල්ලම් පසේ මේ පොසිල වැඩියෙන් දකින්න ලැබෙනවා. රත්නපුර සත්ව ප්‍රජාව (Ratnapura Fauna) කියලා හඳුන්වන මේ පොසිල පොලව මට්ටමේ සිට මීටර් 4 – 12 අතර ගැඹුරක තමයි බහුල වශයෙන් පැතිරිලා තියෙන්නේ. සමහර පොසිල මීටර් 35ක් තරම් ගැඹුරකින් පවා සොයා ගෙන තියෙනවා. ලංකා සිංහයා ලංකා සිංහයා (Leo sinhaleyus) ගේ පාෂාණිභූත දතක්. මේ සතාගේ යටි හනුවේ වම් පැත්තේ චාර්වක දතක් වන මේ පොසිලය ලංකාවේ පරිණාමය වුණු සිංහ විශේෂයක් අතීතයේ ජීවත් වුණු බවට ප්‍රබල සාක්ෂියක්. රූපය : කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහතා ශ්‍රී ලංකාව තුල සිංහයන් විසූ බවට මුලින්ම මත පල වෙන්න පටන් අරගෙන තියෙන්නේ 1930දී සොයා ගත්තු පොසිල දෙකක් නිසයි. ඊට පස්සේ මීට අදාලව කැණීම් කටයුතු පවා පුළුල් කෙරුණා. නමුත් කණගාටුවකට වගේ මේ මුලින්ම සොයා ගත් පොසිල දෙක හැරෙන්න ප්ලෛයිස්ටොසීන යුගයට අයත් සිංහ ප්‍රජාවක් ගැන වෙනත් සාක්ෂි මේ වන තුරුත් සොයා ගෙන නැහැ. මීට වසර හයකට පස්සේ, ඒ කිව්වේ 1936 අවුරුද්දේ කුරුවිට ප්‍රදේශයෙන් සිංහ දත් දෙකක් සොයා ගත් බව එවකට සිටි දක්ෂතම පුරා විද්‍යාඥයෙක් වන P. E. P. දැරණියගල මහත්මයා තම වාර්තා සටහන්වල දක්වලා තියෙනවා. ඔහුට අනුව මේවා ලංකාවට ආවේණික වුණු සිංහ අනු කාණ්ඩයක සතුන්ට අයත් දත් දෙකක්. මෙම කාණ්ඩයේ විද්‍යාත්මක නාමය Panthera leo sinhaleyus හෙවත් ශ්‍රී ලංකා සිංහයා (එවකට සිලෝන්හි සිංහයා) ලෙස ඔහු හඳුන්වා දුන්නා. මනමේන්ද්‍ර ආරච්චි මහත්මයා සම කර්තෘවරයෙක් වශයෙන් ප්‍රකාශයට පත් කරපු විද්‍යාත්මක ලිපියකට අනුව මේ දත් දෙක ශ්‍රී ලංකා සිංහයෙකුගේ යටි හනුවේ වම් පස චාර්වක දත් තුනෙන් එකක් සහ යටි හනුවේ දකුණු පස රදනක දත විදිහට හඳුනාගෙන තියෙනවා. මේ අතරින් අපි ඉහළ රූපයෙන් දක්වලා තියෙන චාර්වක දත තමයි ශ්‍රී ලංකා සිංහයා කියන අනු කාණ්ඩය වර්ගීකරණයට ඇතුලත් කරගන්න උපයෝගී කර ගැනුණේ. රදනක දත “පැහැදිලි නිගමනයකට එන්න තරම් හොඳ තත්වයකින් ආරක්ෂා වෙලා තිබුණේ නැහැ” කියලා එම විද්‍යාත්මක ලිපියේ දක්වලා තියෙනවා. දැරණියගල මහත්මයා මේ සිංහ කොට්ඨාශය විශේෂ කාණ්ඩයකට ඇතුලත් කළත් මේ සතා අනෙක් සිංහ වර්ග වලින් වෙනස් වුණේ මොන විදිහටද කියලා පැහැදිලි කර ගන්න අතිරේක සාක්ෂි කිසිවක් තාමත් හමු වෙලා නොතිබීම කණගාටුවට කරුණක්. බොහෝ පුරා විද්‍යාඥයන්ගේ මතය අනුව මේ පොසිල වසර 100,000ක් තරම් පැරණි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ශ්‍රී ලංකා සිංහයා කියන අනු කාණ්ඩය වානරයන් සංස්කෘතික වශයෙන් නව්‍ය මිනිසුන් බවට පරිණාමය වෙන්නත් කලින් මිහිතලයෙන් වඳ වෙලා ගියා වෙන්නත් පුළුවන්. පුරාතන කොටියා පුරාතන යුගයේ විසූ දැවැන්ත කොටියෙක් චිත්‍ර ශිල්පියෙකුගේ ඇසින්. රූපය : petsme.org ශ්‍රී ලංකා සිංහයා ගැන සාක්ෂි විරල වුණත් ලංකාවේ ජීවත් වුණු පුරාතන කොටි විශේෂයක් ගැන වඩා පැහැදිලි සාක්ෂි හමු වෙලා තියෙනවා. වැඩි පොසිල ගණනක් හමු වෙලා තියෙන නිසා වඩාත් ගැඹුරින් කෙරුණු අධ්‍යයනයන් පවා සොයා ගන්න පුළුවන්. Panthera tigris කියලා හඳුන්වන මේ පුරාතන කොටි විශේෂය ලංකාවේ විසූ බව පොසිල සහ අනු පොසිල 9ක් ඇසුරෙන් තහවුරු වෙලා තිබෙනවා. මෙයින් හතරක කාබන් කාල නිර්ණ දත්ත ඇසුරෙන් මේ කොටි විශේෂය මීට වසර 14,000 – 17,000කට ඉහත කාලයේ ජීවත් වූ බව දක්වන්න පුළුවන්. ඒ අනුව පැහැදිලි වෙන්නේ ශ්‍රී ලංකා සිංහයා සිටි කාලයට වඩා ඉතා මෑතකදී මේ කොටි විශේෂය ජීවත් වී ඇති බවයි. කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහත්මයාට අනුව මේ කොටියන්ගේ පොසිල කිහිපයක් බලංගොඩ මානවයා “ඉවතලන ආහාර පාන දැමූ ස්ථාන” (kitchen midden) වලට ඉතා ආසන්නයෙන් දැක ගන්න ලැබෙන නිසා එකල මිනිසුන් මේ කොටියන්ව ආහාර පිණිස දඩයම් කරන්න ඇති බවත් තහවුරු කරගන්න පුළුවන්. (උදාහරණයකට අපි කුණු දමන තැනක තියෙන කුකුල් මස් කටු වලින් අපි කුකුළන් මස් පිණිස ආහාරයට ගත්තු බව තහවුරු කර ගන්නවා වගේ) බටදොඹලෙන ප්‍රදේශයෙන් හමු වුණු පුරාතන කොටියෙකුගේ ඇට කැබැල්ලක්. මෙය උගේ දකුණු පාදයේ ඇඟිල්ලක මැද පුරුකක් විදිහට හඳුනාගෙන තියෙනවා. රූපය : කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහතා මේ පොසිල වැඩි හරියක් සොයා ගනු ලැබුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රදේශය ආශ්‍රිතවයි. මේ විදිහට සොයා ගත්තු කොටි පොසිල ගැන විස්තර පහතින් දක්වලා තියෙනවා. මේ කොටි වර්ගයට අයත් සතෙකුගේ යටි හනුවේ වම් පැත්තේ පළවෙනි චාර්වක දතේ පොසිලයක් 1963 වර්ෂයේදී P. E. P. දැරණියගල මහත්මයා විසින් සොයා ගනු ලැබුවා. ඇඟිල්ලක මැද පුරුකේ හොඳ තත්වයේ සම්පූර්ණ නිදර්ශකයක්, නියපොත්ත සම්බන්ධ පුරුකක කොටසක්, පාදයට සම්බන්ධ වන පුරුකේ කොටසක් සහ ඉහළ හනුවේ පුරස් චාර්වක දතක කොටසක් කුරුවිට පිහිටි බටදොඹලෙන ගුහාව තුලින් 1982දී සොයා ගැනුණා. (ක්ෂීරපායී සතුන්ගේ ඇඟිලි පුරුක් තුනකින් සමන්විතයි. මේ පුරුක් තුන නියපොත්තට සම්බන්ධ පළමු පුරුක [වඩාත් ඈතින් ඇති] – distal phalanx, මැදි පුරුක – middle phalanx, පාදයට/අත්ලට සම්බන්ධ පුරුක [වඩාත් ලඟින් ඇති] – proximal phalanx කියලා හඳුන්වනවා. ඔබේ අත දිහා බැලුවොත් මේ පුරුක් තුන පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. පාදයේ ඇඟිලි වුණත් මේ විදිහට පුරුක් තුනකට බෙදිලා තියෙනවා. මේක ක්ෂීරපායී සතුන්ගේ පැහැදිලි ලක්ෂණයක්. බල්ලෙක් පූසෙක් වගේ ඕනෑම සතෙක්ගේ මේ ලක්ෂණය පිහිටා තියෙනවා. කුර ඇති සතුන්ගේ මේ පළමු පුරුක තමයි කුරය බවට පත් වෙන්නේ.) දකුණු පාදයේ විලුඹ ඇටයේ (astragalus) සම්පූර්ණ නිදර්ශකයක් සහ නියපොත්තට සම්බන්ධ පළමු පුරුකේ කොටසක් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයේ පිහිටි පාහියන්ගල ලෙන් ගුහා වලින් 2009දී සොයා ගැනුණා. නියපොත්තට සම්බන්ධ පළමු පුරුකේ කොටසක් සහ පුරස්චාර්වක දතක් ගම්පහ දිස්ත්‍රික්කයේ අලවල ප්‍රදේශයේ පිහිටි පොත්ගුල් ලෙන තුල තිබී 2008 දෙසැම්බර් සිට 2009 වසරේ මැයි දක්වා කාලයේ කළ කැණීම් වලින් සොයා ගැනුණා. මේ පොසිල වලින් අපට ලැබෙන අනෙකුත් තොරතුරු ශ්‍රී ලංකාවේ බොහෝ සංස්කෘතික / කලා අංග වල සිංහයන් හා සම්බන්ධ ඉදිරිපත් කිරීම් දකින්න ලැබුණත් දැනට පවතින සාක්ෂි අනුව ඒ කිසිවක් ලංකාවේ ජීවත් වුණු බිලාල කුලයේ සතුන්ට සම්බන්ධ බවට තොරතුරු නැහැ. රූපය : hitchhikersguidetosrilanka.wordpress.com මේ පොසිල ඇසුරෙන් පැන නැගෙන ප්‍රධානම ප්‍රශ්නය මේ සතුන් වඳ වෙලා ගියේ ඇයි කියන එක. මේ ගැන මනමේන්ද්‍ර ආරච්චි මහත්මයා කියන්නේ ඒ ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් දෙන්න අපහසු වුණත් වාසය කිරීමට නුසුදුසු විදිහට වාස භූමියේ සිදු වුණු වෙනස්කම්, වාස භූමිය අහිමි වීම වගේ කරුණු ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන් කියලයි. ඇතැම් විට ඒ කාලයේ විසූ වඩාත් විශාල සතුන්ට ගොදුරු වීමේ සම්භාවිතාවකුත් තිබුණු බව ඔහු කියා සිටියා. කොටියන් සහ සිංහයන් කියන්නේ ඉතා සුවිශේෂී වාස භූමි ලක්ෂණ අවශ්‍ය සත්ව කොට්ඨාශ දෙකක්. විශේෂයෙන්ම සිංහයන්ට ජීවත් වීම සඳහා විවෘත උස් තණ භූමිය අත්‍යාවශ්‍ය සාධකයක්. මේ නිසා ලංකාවේ පුරාතන සිංහයන් වඳ වී යාමට පැහැදිලි පුරෝකතනයක් විශේෂඥයන් ලබා දීලා තියෙනවා. “ උස් තණ භූමිය සිංහයන්ට අත්‍යාවශ්‍ය සාධකයක් නිසා ලංකා ඉතිහාසයේ වර්ෂාව ගහණ වූ යුගය (pluvial phase) සමග ප්‍රදේශය පුරාම අලුතින් පහළ වූ වැසි වනාන්තර සහ ඝන මෝසම් වනාන්තර නිසා ඔවුන්ගේ වාස භූමිය අහිමි වුණා කියලා හිතන්න පුළුවන්. මෙවැනි කාරණාවක් සිංහ ගහණය වඳ වී යාමට ප්‍රමාණවත් හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. කුරුවිට සහ රත්නපුර අනෙක් ප්‍රදේශ වලින් හමු වුණු පොසිල වලට අනුව සිංහයන් සහ කොටින් කියන සත්ව වර්ග දෙකම මෙම ප්‍රදේශය ආශ්‍රිතව විසූ බව පැහැදිලියි. (මෙය sympatic – සම භූමි ලෙස හැඳින්වෙනවා) නමුත් මේ සත්ව කොට්ඨාශ දෙක ‘එකම කාලයේ එකම ප්‍රදේශයේ’ විසූ බවට (syntopic) කිසිදු සාක්ෂියක් නැහැ.” කොටියා කියන්නේ සාමාන්‍යයෙන් ඝන වැසි වනාන්තර තුල ජීවත් වෙන්න ප්‍රිය කරන සත්ව කොට්ඨාශයක්. මේ නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ කොටි පොසිල බහුලව තිබීම මීට වසර සිය දහස් ගණනකට ඉහතදී දැනට ශ්‍රී ලංකාවේ වියළි කලාපය විදිහට හඳුන්වන ප්‍රදේශ වැසි වනාන්තර වලින් පිරුණු ප්‍රදේශ විදිහට පැවතුණු බවට පැහැදිලි සාක්ෂියක් කියලත් විශේෂඥයන් අතර මත පළ වෙලා තියෙනවා. මේ විදිහට රත්නපුර ඇතුළු ප්‍රදේශ වලින් සොයා ගත්තු පොසිල නිදර්ශක වලින් දැනට වඳ වී ගොස් ඇති වෙනත් ක්ෂීරපායී සත්ව කොට්ඨාශ ගණනාවකට අයත් සතුනුත් ලංකාවේ වාසය කළ බවට සාක්ෂි හමු වෙලා තියෙනවා. රයිනෝසිරස් වර්ග දෙකක්, හිපපොටේමස් විශේෂයක් සහ දැන් දකින්නට නොලැබෙන අලි විශේෂ දෙකක් මේ අතරින් ප්‍රධානයි. මේ වර්ගවලින් පැවත එන වර්තමාන සත්ව කොට්ඨාශ බොහෝ විට වියළි ප්‍රදේශ ආශ්‍රිතව දකින්න ලැබෙන නිසා මේ පොසිල වල හිමිකාර සතුන් ශ්‍රී ලංකා සිංහයා විසූ කාලයේම ජීවත් වුණු බව තමයි මනමේන්ද්‍ර ආරච්චි මහත්මයාගේ විශ්වාසය. ඒ කාලයේ මෙම ප්‍රදේශ වියළි කලාප ලෙස පැවතුණු බව ශ්‍රී ලංකා සිංහයා මෙම ප්‍රදේශ වල විසීමෙන් තහවුරු වෙනවා. ඉතින් දැන් අපිට වැදගත් ප්‍රශ්නයක් ගැන අවධානය යොමු කරන්න පුළුවන්. සිංහයා කියන්නේ අපේ ජාතික කොඩියේ පවා ඉන්න අපේ රටේ බොහෝ සංස්කෘතික හා කලා නිර්මාණ වල දකින්න ලැබෙන සත්වයෙක්. ඉතින් සිංහයා සහ අපේ රට අතර ඇති සබැඳියාවත්, ඇත්තටම ලංකාවේ ජීවත් වුණු සිංහ කොට්ඨාශයත් අතර මොකක් හෝ සම්බන්ධයක් තියෙනවද? දැනට හමු වුණු පොසිල වලට අනුව ලංකාවේ සිටි සිංහයන් මිනිසුන් පරිණාමය වෙන්න බොහෝ කාලයකට කලින් වඳ වී ගිය බවට සාක්ෂි තියන නිසා ලංකාවේ සිටි සිංහයන් මේ කලා නිර්මාණ වලට හේතු වෙන්න ඉඩකඩ ඉතා අඩු බව තමයි මනමේන්ද්‍ර මහතාගේ මතය. ලංකාවේ අතීතයේ සිටි සිත්තරුන් සහ කැටයම් ශිල්පීන් බොහෝ විට ඉන්දියාවේ වෙසෙන සිංහයන් ගැන තම මුතුන් මිත්තන් මුඛ පරම්පරා ගතව ගෙන ආපු කතා ඇසුරෙන් මේ සිංහයන් දැක්වෙන නිර්මාණ කරන්න ඇති කියලා ඔහු පවසනවා. (ඉන්දියාවේ දැනටත් ආසියානු සිංහයන් ජීවත් වෙනවා) ඉතින් බොහෝ විට මේ ශිල්පීන් වැඩි දෙනෙක් සිංහයෙක් දැකලා වත් නොතිබුණා වෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් ලංකාව සහ සිංහයා කියන්නේ චීනය සහ මකරා තරමටම බද්ධ වූ සංකල්ප දෙකක්. වෙනසකට තියෙන්නේ මකරා සම්පුර්ණයෙන්ම නිර්මිත සතෙක් වීමයි. සිංහයා දැනටත් ලෝකය පුරා ජීවත් වෙන සතෙක්. කොහොම වුණත් ඉස්සර හිටපු ශිල්පීන් සිංහයා කියන්නෙත් මකරා වගේම නිර්මිත සතෙක් කියලා හිතාගෙන තම නිර්මාණ ඒ වටා ගොඩ නැගුවා කියලා හිතන්න තමයි වැඩි සාක්ෂි තියෙන්නේ. Related Articles මකුළුවන් 111ක් සොයා ගත් ශ්‍රී ලාංකික විද්‍යාඥයා article සොබාදහම හා වන සම්පත නොවැම්බර් 1, 2022 ආතර් සී. ක්ලාක් පෙම් බැඳි ලොව පතළ රූමස්සල article සොබාදහම හා වන සම්පත සැප්තැම්බර් 14, 2021 හිමාල අඩවියේ ජීවත්වන අපූරු සත්ත්ව විශේෂ 5ක් article සොබාදහම හා වන සම්පත නොවැම්බර් 16, 2021 සත්ත්ව ලෝකයේ හොඳම බර උසුලන්නන් 5 දෙනෙක් article සොබාදහම හා වන සම්පත ජූනි 6, 2019 අලි ගෙදර සුරතලයට ඇති කළ හැකිද? article සොබාදහම හා වන සම්පත සැප්තැම්බර් 1, 2017 පාරිසරික නීතියේ දී සලකා බැලෙන මහජන භාර සංකල්පය article සොබාදහම හා වන සම්පත නොවැම්බර් 1, 2020 අවුරුදු 50ක් දළදා වඩමවා කටුගෙට ගිය රාජා article සොබාදහම හා වන සම්පත දෙසැම්බර් 16, 2020 වවුල්පනේ හිරිගල් ගුහාවේ අසිරිය video සොබාදහම හා වන සම්පත ජනවාරි 8, 2022 Roar සිංහල Roar Media is a South Asian multilingual media platform that produces original stories and provides analysis on complex issues. All our content aims to inform, educate, and inspire.
ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් එන්. බී. මොන්ටි රණතුංගට යවපු ලිපියක දැක්වෙන්නේ එය ඉතා “ඉහළ වියදමක්” වැයවන ව්‍යාපෘතියක් බව. ජනාධිපති ගෝඨාභයගේ ස්ථාවරය වී තිබෙන්නේ එය කොළඹ නගරයේ ප්‍රවාහන යටිතල පහසුකම් සඳහා සුදුසු, අඩු වියදම් විසඳුම නොවන බවකුත් ඒ ලිපියේ දැක්වෙනවා. 2019 මාර්තු 11 වෙනිදා ශ්‍රී ලංකාව ජයිකා ආයතනයත් එක්ක අත්සන් කළ සම්මුතියට අනුව, ව්‍යාපෘතිය සඳහා ජයිකා ආයතනයෙන් ලබා දෙන යෙන් බිලියන 30.04 ක ණය මුදල යළි ගෙවන්න වෙන්නේ වසර 40ක් ඇතුළත සියයට 0.1 ක පොලී අනුපාතිකයක් යටතේ. විශේෂඥ උපදෙස් වෙනුවෙන් ලබා දෙන ණය මුදල සඳහා ගෙවිය යුත්තේ සියයට 0.01 ක පොලියකි. ණය මුදල 40 වසරක් තුළ ගෙවිය යුතු වුවත් ණය ගෙවීම ආරම්භ කිරීමට ප්‍රථම 12 වසරක සහන කාලයක් ද ලබා දීල තිබෙනවා. ඒත් ගෝඨාභය දන්නා ආර්ථික විද්‍යාවට අනුව මේක “ඉහළ වියදමක් වැයවන” ණයක් ! ඇත්ත ප්‍රශ්නය එය නොවෙයි. ජයිකා ආයතනය ජපානයේ පාර්ලිමේන්තුවට වගකියන අතර, එහි සියලු ගනුදෙනු පාර්ලිමේන්තුවේ සුපරීක්ෂණයට යටත්. ඒ නිසා ගෝඨාගේ ගෝල බාලයන්ට මේ ව්‍යාපෘතියෙන් කිසිදු සන්තෝසමක් ලැබෙන්නේ නැහැ. ඉතින් තමන්ගේ පසුම්බියට කිසිවක් ලැබෙන්නේ නැත්නම් කොළඹ මිනිස්සුන්ට හෙන ගැහුවත් ආණ්ඩුවට කමක් නැහැ. ගෝඨාභය ගේ නියෝගය පරිදි පී. බී. ජයසුන්දර යැවූ ලිපියේ දැක්වෙන විදියට ජයිකා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වෙනුවට ඊට වඩා සුදුසු ව්‍යාපෘතියක් නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය සාකච්ඡා කරලා ඉක්මනටම සොයා ගනීවිලු.
මුදල් ලබා ගැනීමේ අරමුණින් හෝ වෙනත් පාපී සිතිවිල්ලක් නිසා, දරුවෙකු ගේ ජීවිතය බිල්ලට දෙන නො මිනිසුන් නිසා සිදුවූ ඛේදවාචක අද වන විට නම් ස්වල්පයක් නොවෙයි.අදටද මෙවැනි සිද්දීන් නිසා ඇඟ කිලිපොලා යන්නේ නොදනුවත්වමයි. පව්කාරකමකට එවන් සිදුවීම් අසන්නට දකින්නට ලැබෙන සමාජයක අප ජිවත් වන බව අමුතුවෙන් කිවයුතු නොවෙයි.මිනිසුන්ගේ නොමිනිස් ආකල්ප ඒ තරමටම අද සමාජය තුල පැතිරී අවසන්. අද ඔබට කියන්නේද එවැනි වූ අතීතයේ සිදුවුණු රටම කම්පා වුනු සිදුවීමක් පිළිබදවයි. සමන් කුමාර යනු තිලකරත්න පවුලේ බාලයා වෙයි.1970 උපන් සමන් පාසල් ගියේ මතුගම සී. ඩබ්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයට යි. එය පිහිටා තිබුණේ ඔවුන්ගේ පවුලේ ව්‍යාපාරික ස්ථානය වූ තිලකරත්න ස්ටෝර්ස් සිට පයින් යන දුරකින්. 9 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය හැදෑරු සමන් කුමාර පන්තියේ දක්ෂ සිසුවෙක්.ගුරුවරු ද ඔහුට දැක්වූයේ ඉමහත් ආදරයක්. ඔහු අරපිරිමැස්මෙන් යුත් දරුවෙක් යයි කීමට හොඳම නිදසුන නම් කවකටු පෙට්ටිය කැඩුණු විට ඔහු එය රබර් පටියකින් බැඳගෙන පාචිච්චි කළා. ඔහු පාසල් යාමට කම්මැලි දරුවෙක් නෙවෙයි. සමන්කුමාරගේ තාත්තා තිලකරත්න.මතුගම නගරයේ පිහිටා තිබූ කවුරුත් දන්නා කියන වෙළෙඳසැලක් තමයි තිලකරත්න ස්ටෝර්ස්. මෙම වෙළෙඳ සැල සිල්ලර බඩු අලෙවි කළ තොග කඩයක්. වෙළඳසල හිමි තිලකරත්න මුදලාලි ධනවත් ව්‍යාපාරිකයෙක් වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටියා. පිරිමි දරුවන් තිදෙනකු සහ දියණියන් දෙදෙනකුගෙන් සමන්විත තිලකරත්න පවුලේ බාල පුතා වූයේ සමන් කුමාර යි. සමන් කුමාරට තිලකරත්න මුදලාලි දැඩි සේ ආදරය කළා. ඔහුගේ ලොරි හතරකම සටහන් කර තිබුණේ ද සමන් කුමාර යන නම යි. තිලකරත්න මුදලාලිගේ ව්‍යාපාරික වැඩවලට වැඩිමහල් පිරිමි සහෝදරයන් උදව් කළා. ඒ අතරින් වැඩිපුර ව්‍යාපාරික වැඩවලට හවුල්වුණේ වැඩිමල් පුතා වූ සරත්. සරත්ගේ ගජ මිතුරෙක් තමයි ධර්මසිරි කියන්නේ. ධර්මසිරි පිළිබඳව මුලින්ම සඳහන් කලේ අවසානයේදී ඔහු මෙම කතාවේ ප්‍රධාන මාතෘකාව බවට පත්වන නිසාවෙනි. ධර්මසිරි මේ පවුලට ලොකු හිතවත්කමක් දැක්වූ තරුණයෙක්.තම මිතුරාගේ යාළුකම නිසා එය දිනෙන් දින වැඩි දියුණු වූ හිතවත්කමක් මිස කිසිදා අඩුවුවක් නම් නොවෙයි.මතුගම නගරයට ආසන්නයේ කුඩා වෙළඳසැලක් පවත්වාගෙන ගිය ධර්මසිරි ඊට අවශ්‍ය බඩු බාහිරාදිය ලබාගත්තේ තිලකරත්න මුදලාලිගේ තොග කඩයෙන්. තිලකරත්න නිවසෙන් ලැබෙන ආහාර පාන සහ වෙනත් උවමනා එපාකම් ඔහු භුක්ති වින්දේ පවුලේ අයෙකු ලෙස යි. සමන් ඔහු ඇමතුවේ මාමා යනුවෙනි. මේ අඳුරු දිනය 1984 අප්‍රේල් 5 වැනි දා යි. සිරිත් පරිදි අවදි වුණු සමන් කුමාර, ඉස්කෝලේ යන්න ලෑස්ති වෙමින් හිටියා. සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පාසල් නිවාඩුව පටන් ගැනීමට නියමිතව තිබුණේ එදිනයි. සමන් අධ්‍යාපනය ලබමින් සිටියේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විදුහලේ නම වෙනි ශ්‍රේණියේ. එදා තිලකරත්න මුදලාලි හාමිනේ එනම් සමන්ගේ මව කාමරයට එන විට සමන් ඉස්කෝලේ යන්න ලෑස්ති වෙමින් සිටියා. “අද ඉස්කෝලේ යන්න ඕනම ද ? ඔන්නොහේ ගෙදර ඉන්න..” පළමු වාරයේ අවසන් දිනය නිසා එදා ඉස්කෝලේ ඉගැනීමක් නම් සිදු නොවෙන බව සමන් වගේම, සමන්ගේ අම්මා තිලකරත්න මුදලාලි හාමිනේත් දැනගෙන හිටියා. ඒ සමන් එදා ඉස්කෝලේ ගිහින් තේරුමක් නැහැ වැනි මොකක්දෝ දෙයක් අගේ සිතට එක්වරම ආ නිසා. “හෙට ඉඳන් නිවාඩුනේ අම්මේ…” කියමින් ලැහැස්ති වුණු සමන්, පාසල් යන්න ගෙදරින් එළියට බැස්සා. ඒ වෙද්දී සමන්ගේ දෙවැනි වැඩිමල් සොහොයුරා වුණු ආනන්ද තිලකරත්නත් ගෙදර හිටියා. ලොකු අයියා සරත් වගේම, තාත්තත් ඒ වෙද්දී ගෙදර හිටියේ නැහැ. “අද මොකද බං ඉස්කෝලේ යන්නේ…නිකං රස්තියාදු ගහන්න නේද?” එළියට බහින පොඩි මල්ලි සමන්ගෙන් ආනන්ද අයියා ඇහුවා. සමන්ට පොඩි බයිසිකලයක් තිබුණා. පයින් යන දුරින් තිබුණු ඉස්කෝලෙට යන ගමනේ ටික දුරක් සමන් යන්නේ මේ පොඩි බයිසිකලේ. බයිසිකලෙන් තිලකරත්න ස්ටෝර්ස් දක්වා යන සමන්, බයිසිකලේ එතන දාලා ඉතුරු ටික දුර පයින් ඇවිදගෙන යන එක සිරිතක්. එදත් පුරුදු විදිහට ම සමන් බයිසිකලේ අරගෙන ගිහින් තාත්තගේ කඩේ නවත්තලා පයින් යන්න පටන් ගන්නවා. ඉඉට කීප වෙලාවකට පසු නිවසට පැමිණි ධර්මසිරි ගමනක් යාමට තිබෙන බව කියා සමන්ගේ අයියා වූ සරත්ගෙන් බයිසිකලය ඉල්ලා ගත්තා. ඊට පසු ඔහු එය පැදගෙන පා ගමනින් පාසල් යන සමන් අසලට ගියා. පොඩි ගමනක් යන්න තියෙනවා. සමන් අපට උදව්වට පොඩ්ඩක් එන්න යයි කියූ විට සමන් පොත් බෑගයත් අරගෙන පාපැදියට නැගුණා. පාපැදිය රැගෙන ධර්මසිරි එය පැද්දේ බෝපිටිය කන්ද පැත්තට යි. ඒ රබර් වතු, කැලෑ මන්ඩි සහිත කිසිවෙක් නොපැමිණෙන පාලු පැත්තක්. ඔහුගේ ඥාතියෙක් වන පුද්ගලයෙක් ද එහි පැමිණ සිටියා. කඳු මුදුනට ගිය විට කුඩා සමන්ට තම පවුලේ හිතවතා ගැන සැකයක් උපන්නා. ගමන අතරමගදී එවන් සැකයක් නොඑන්නට තරම් ධර්මසිරි මේ පවුල සමඟ බැඳීමක් ඇති කරගෙන තිබුණා.කිසිවෙකුට සැක නොහි තෙන්නට ධර්මසිරි එදිනම දවල් 11.00ට පමණ රැගෙන ගිය බසිසිකලය සරත්ට නැවත ගෙනත් දී තිබෙනවා. සිද්ධිය ආරම්භ වන්නේ මින් පසුවයි.එදිනම දවල් 12.00ට අසල්වැසි නිවසක සිටි ද්‍රවිඩ මෙහෙකාරියකට නාඳුනන කිසිවකු ලියුමක් ගෙනත් දී තිබුණේ තිලකත්න මුදලාලිට දෙන ලෙස පවසමින්. ලියුම් කවරයේ ලිපි දෙකක් තිබුණා. එකක සමන් කුමාර අත්අකුරින් ලියා තිබුණේ අනේ තාත්තේ ඉල්ලන අයට සල්ලි දීලා මාව බේරාගන්න කියල යි. අනෙක් ලිපියේ වූයේ සමන් නිදහස් කර ගැනීමට නම් ලක්ෂ එකහමාරක කප්පමක් අවශ්‍ය බව යි. කප්පම නොගෙව්වොත් සමන් මරා දමන බව ද කප්පම කියන දිනයට කලවාන නාවලකන්ද විදුහලේ 2 ශ්‍රේණියේ පන්තියේ තබන ලෙස ද ලියා තිබුණා. දරාගත නොහැකි කලබලයක් ඇති වූ මුදලාලි වහාම පාසලෙන් ඇසුවේ සමන් අද පාසල් ආවද යන්නයි.නමුත් ඔහුට දැනගන්නට ලැබුණේ සමන් එදින පාසල් නොපැමිණි බව යි. සිද්ධියේ ඇති බැරෑරුම් බව සහ තම පන සමාන පුතුට කරදරයක් වේ යයි බියෙන් ඔහු මේ ගැන පොලීසියට කිව්වේ නැහැ. සමන් පහර ගත් බව සල වීමත් සමඟ තිලකරත්න මුදලාලිගේ නිවසට ගමේ ම සෙනඟ ගෙදර රැස්වීම වලක්වන්න නොහැකි වූ දෙයක්. “කවුරුත් බය වෙන්න එපා… කප්පම් සල්ලි මම අරන් යන්නම්…” එහෙම කියන්නේ රැස්වෙලා හිටපු සෙනඟ අතරේ හිටපු ධර්මසිරි. “මම කීයටවත් කප්පම දෙන්නේ නැහැ. අද මම මේ කප්පම දුන්නොත්, හෙට මේ වැඩේම වෙන ළමයෙකුට කරයි. ඒ නිසා මම කප්පම දෙන්නේ නැහැ… ” තිලකරත්න මුදලාලි ස්ථිර ලෙස ම කියා සිටිනවා. “කප්පම දීලා ළමයා බේරාගමු…” කියන මතයේ තමයි හුඟක් දෙනා ඒ වෙලාවේ ඉන්නේ. ධර්මසිරිත් ඒක පුන පුනා කියනවා. කිසිම දවසක කොහොම වුනත් නො දන්න වාහනේක නගින්න එපා. නො දන්න අය එක්ක කොහෙවත් යන්න එපා යනුවෙන් සමන් ට නොයෙක් වර අවවාද කර තිබුණු බව තිලකරත්න මුදලාලි හොඳින්ම දන්නා අයෙක් නිසා සහ දරුවා එය පිළිපදින බව දන්නා නිසා ඒ වෙලාවේ ඔහු කිව්වේ “ළමයා නො දන්න අය එක්ක කොහෙවත් යන ළමයෙක් නෙමෙයි. ගියොත් යන්නේ දන්නා කෙනෙක් එක්ක විතරයි…” යනුවෙන්. එක්වරම සමන්ගේ අයියලා දෙන්නා වුණු සරත් සහ ආනන්දට තවත් දෙයක් ඇස ගැටෙනවා. ඒ තමයි උදේ බයිසිකලය අරන් යද්දිත්, ආපහු භාර දෙද්දිත්, මුහුණ පුරා රැවුලක් වවාගෙන හිටපු ධර්මසිරි මේ වෙද්දී රැවුල සම්පූර්ණයෙන් ම මුඩු කර ඇති බව.නමුත් ඔවුන් මේ පිලිබදව කිසිදු තැකීමක් සිදී කරන්නේ නෑ. සමන්ගේ තාත්තා මේ සිද්ධිය පොලිසියට නොදන්වූ නමුත් සිද්ධිය පොලිසියට ආරංචි වී තිබුණා. මතුගම එවකට මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිව සිටි පියල් බරණගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සමන් කුමාර සිසුවාගේ අබිරහස් අතුරුදන්වීම සම්බන්ධව පරීක්ෂණ ආරම්භකරනු ලැබුවේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි ඉන්ද්‍රජිත් අමරසිංහ ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින්. තවත් ලිපියක් මඟින් සමන්ගේ පියාට කප්පම්කරුවන් දන්වා තිබුනේ කප්පම් ගෙවීමට කැමති නම් තමාගේ වෙළන්දසැලේ පිටත බල්බය දමා තියන්න යයි කියායි.කප්පම ගෙවීමට කැමති බව මුදලාලි ඇඟවූවා. ඒ අතර තවත් පිරිසක් නාවලකන්ද විදුහලට ගොස් දරුවාට හිරිහැර නොකරන ලෙස පියා ලියූ ලිපියක් තබා ආවා.මේ සිදුවීම මේ වනවිට රට පුරාම පැතිරී අවසන්. ජනමාධ්‍යවලින් මේ පුවත පුන පුනා ප්‍රචාර කළා. සමන් කුමාර ගැන මුළු රටම කම්පා වුණා. මෙලෙස දින ගතවී ගියා.සැකකටයුතු සාක්ෂියක් ලැබෙන තුරු පොලිසිය සිටියේ නොඉවසිල්ලෙන්.එදින උදා වුනා.තවත් ලියුමක් තැපෑලෙන් ලැබී තිබුණා. එම ලියුම තැපැල් කර තිබුණේ මතුගම නගරයේ තැපැල් කන්තෝරුවෙන්. කප්පම් මුදල් ඉල්ලීම ගැන පොලිසියට පැමිණිලි කිරීම සම්බන්ධයෙන් තර්ජනය කර තිබූ අතර කප්පම් මුදල තැබිය යුතු තැන පසුව දැනුම් දෙන බවත්, මේ ගැන ආයෙත් පොලිසියට කිව්වොත් දරුවා මරා දමන බවටත් එම ලියුම මඟින් තර්ජනය කර තිබුණා.මිට පවුලේ පිරිස කලබල වුනත් පොලිසිය මෙහෙයුම් දියත් කරනු ලැබුවා. මේ අතරදී මුදල් ගනුදෙනුවක් සම්බන්ධව ධර්මසිරි එම පවුල සමග හිත යටින් අමනාපව සිටි බව පොලීසිය සොයා ගත්තා. මුදල් ලබාදීමට තිලකරත්න මුදලාලි එකඟ වුව ද සමන් කුමාර සිටින බවට තොරතුරක් කප්පම්කරුවන්ගෙන් ලැබුණේ නැහැ. පොලීසිය ධර්මසිරි ගැන සැක කළා. පවුලේ අය කිව්වේ ඔහු ගැන සැකයක් නැති බව යි. එහෙත් ඊට පසු පොලිසිය ඔහු ගැන උකුසු ඇස යොමු කළේ කාටත් හොර රහසෙන්. එක වරම පොලිසියට ධර්මසිරි මතුගම තැපැල් කන්තෝරුවේ සිටි බවට ඔත්තුවක් ලැබුණා. තැපැල් කන්තෝරුවට ගිය පොලීසිය එදින තැපැල් කළ ලියුම් පරීක්ෂා කර බැලුවා. දෙයියෝ සාක්කි !!! තිලකරත්න මුදලාලිට ඔහු යැවූ ලිපියක් එහි තිබුණා. සැකය නිවැරදි බව පොලිස් පරීක්ෂකයන්ට වැටහුණා. තිලකරත්න මුදලාලිගේ නමට තැපැල්කර තිබූ ලියුම කඩා බලද්දී එහි සඳහන් කර තිබී ඇත්තේ කප්පම් මුදල රැගෙනවිත් තැබිය යුතු ස්ථානය ගැන යි. පොලිස් කණ්ඩායමක් වහා ගොස් මතුගම පාන්තිය ප‍්‍රදේශයේ පදිංචි බී. ධර්මසිරි පීරිස් (24) නමැත්තා අත්අඩංගුවට ගනු ලැබුවා.ඔහි සියල්ලම වමාරන්නට පටන් ගත්තේ එවිටයි. ඔහු කීවේ තම මස්සිනා කෙනකු වන නාවලකන්දේ පේමරත්න ළඟ සමන් රඳවා සිටින බව යි. පොලිසිය ඊළඟට අත්අඩංගුවට ගත්තේ පේ‍්‍රමරත්න (23) නමැත්තා යි. මේ දිනය අප්‍රෙල් 8 වැනි දා යි. යළිත් ධර්මසිරි පොලීසියට පවසන්නේ සමන් පාන්තියේ බෝපිටිය කන්දේ රඳවා සිටින බවයි.දරුවා නොමැති නිසා ඇඩු කඳුලින් කල් ගෙවූ පවුලේ අයට මෙය බලාපොරොත්තුවක් වුනු අතර සියල්ලන්ම ධර්මසිරිට සාප කළා. පාසල් යමින් සිටි සමන් කුමාරව ධර්මසිරි විසින් බෝපිටිය කන්දට රැගෙන ගොස් කියා ඇත්තේ තමන් බේරා ගැනීමට අවශ්‍ය නම් මුදල් දෙන ලෙස කියා ලියුම් හතරක් ලියා දෙන ලෙස යි. පොත් බෑගයේ තිබූ කොපි පොතකින් කඩාගත් කොළවල ලියුම් තුනක් සමන් ලියා දුන්නත් ඉතිරි ලියුම ලියා නැහැ.මේ නිසා කේන්තිගත් ධර්මසිරි එවිට කළේ කුඩා සමන් කුමාරට පහරදීම යි. පහරදීමෙන් සහ බෙල්ල මිරිකීමෙන් මෙන්ම දැඩි ලෙස තුවාල වීමෙන් සමන් සිහිසුන් වෙනවා. ඊට පසු ධර්මසිරි සහ පේමරත්න සමන්ගේ පාසල් බෑගයත් රැගෙන බයිසිකල්වල නැගී ධර්මසිරිගේ නිවසට එනවා.ඔවුන් ඉතාමත් සුක්ෂමව පාසල් බෑගය එම ඉඩමේ වළලනවා. යළිත් නැවත කන්දට යන ඔවුන් සිහිසුන්ව සිටි සමන් පැළඳ සිටි සපත්තු ගලවා එහි ලේස් පටියකින් ඔහුගේ බෙල්ල හිර කරනවා. ඊට පසු මළ සිරුර රබර් ගස් ගැලවීමෙන් ඇතිවූ වළකට තල්ලු කරනවා. තිලකරත්න මුදලාලිට සමන්ට කියා ලියවාගත් ලියුම් ද සහිතව කප්පම් ඉල්ලා ලිපි යවන්නේ ඉන් පසුව යි. ඒ අතර සැකයක් ඇති නොවන සේ සමන් සෙවීමේ කටයුතුවලට ද ධර්මසිරි එකතු වෙනවා. මේ අතර සමන් ධර්මසිරි සමග යන බව දුටු දැරියක් විසින්ද පොලිසියට සාක්ෂි ලබා දෙනවා. කුඩා සමන් පැළඳසිටි සපත්තු යුවලේ දකුණුපස සපත්තුවේ තිබූ ලේස් ලිටියෙන් සමන්ගේ ගෙල සිරකර තිබුණි. දෑතට විලංගු දැමූ ධර්මසිරි සහ පේමරත්න ද සමග පොලීසිය, ඥාතීන් සහ හිතවතුන් ද සමන් කුමාර සොයා මහ රෑ පාන්තිය බෝපිටිය කන්ද වෙත සියල්ලන් සමඟ යනවා.අවසානයේ ධර්මසිරි සමන් සිටින තැන පෙන්වනවා. වළකට දමා තිබූ, ම්ලේච්ඡ ලෙස වධ දී ඝාතනය කර ඇති නරක වී ගිය සිරුර ඔවුන්ට දැකගත හැකි වනවා. සමන් කුමාරගේ සිරුර හමුවීමත් සමඟ පොලිතින්වලින් එතූ මළ සිරුර සමන් කුමාර නැමැති නම ගැසූ තිලකරත්න මුදලාලිගේ ලොරියෙන්ම බොරැල්ල මෘත ශරීරාගාරය වෙත ගෙන එද්දී මතුගම අවට දහස් සංඛ්‍යාත ජනතාව මඟ දෙපස රැදී සිටියේ දැඩි කම්පාවෙන්.මෙය ,මුළු රටම කම්පා කෙරුවක්. අපරාධකරුවා දැක බලා ගැනීමට මතුගම උසාවිය අසලටත් මහ සෙනග එක් රොක් වී සිටියා. සමන් කුමාර සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇත්තේ එවකට කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාව සිටි අධිකරණ වෛද්‍ය විශේෂඥ එස්. එම්. සල්ගාදු යි. මේ මරණය ගෙල මිරිකීම නිසා හුස්ම හිරවීමෙන් සිදුවී ඇති බව ඔහුගේ නිගමනය වුණා. නඩුවේ තීන්දුව ලැබෙන්නේ 1987 වසරේ දී. එදා ධර්මසිරි, පාසල් සිසුවෙකුව නංවාගෙන බයිසිකලයකින් කළුතර දෙසට යනු දුටු බව ප්‍රකාශ කළ දැරියද ඇතුළුව සාක්ෂිකරුවන් තිස් පස් දෙනෙකුගේ සියලුම සාක්ෂි මෙහිදී විමසා බැලෙනවා. විත්තිකරුවන් දෙදෙනා ම, සමන් කුමාර පැහැරගෙන යාම, කප්පම් ඉල්ලීම සහ ඝාතනය යන චෝදනාවලට වරදකරුවන් වීමෙන් ඔවුන්ට මරණ දඬුවම නියම කෙරුණා.ඔවුන් උසාවියේදී සියල්ල හෙළි කරනු ලැබුවා . මෙම විත්තිකරුවන් දෙදෙනා බන්ධනාගාරයේදී අනෙක් සිරකරුවන්ගේ දැඩි පහරදීම්වලට ලක් වුණා. ඔවුන් දෙදෙනා ම පසුකාලයේ මේ අපරාධය ගැන ඉතාමත් දරුණු ලෙස පසු තැවෙමින් කාලය ගත කළ බව සඳහන් වෙනවා. ඉතාමතම මිහිරි ලෙස පිරිත් කීමේ හැකියාව තිබු ඔවුන් බන්ධනාගාරදී දැඩිව ආගම දහමට නැඹුරු වී තිබුණා. පිටිගලගේ ප්‍රේමරත්න එනම් ධර්මසිරිගේ මස්සිනා අසනීප තත්ත්වයකින් බන්ධනාගාරයේදී ම ජීවිතයෙන් සමුගන්නවා. බී. ඒ. ධර්මසිරි පීරිස් විසි වසරකට පසු නිදහස් ව පැමිණ අප්‍රකට ව වාසය කරනවා.ඔහු දැඩි ලෙස කලකිරීමකට පත්ව සිරි බව සදහන්. සිරගතව සිටි කාලය පුරාවටම ඔවුන් දෙදෙනාව බැලීමට ඔවුන්ගේ පවුල්වල කිසිවෙකුත් පැමිණියේ නැහැ. සමන්ගේ මවත් පියාත් මේ වනවිට ජීවිතයෙන් සමු අරන්.සහෝදරයන් ජිවතුන් අතර සිටියි. එදා සමන් කුමාර නඩුවේ සාක්ෂි දුන් සාක්කිකාර දැරිය අද පොලිස් කාන්තාවක් ලෙස කටයුතු කරනවා. පසු කාලයක මේ සිදුවීම ඇසුරෙන් ඇන්ටන් ජෝන්ස් මහතා විසින් ‘පන්තියේ පළවෙනියා වුණේ සමන් කුමාර’ ගීතය ගායනා කරනවා. සටහන-(මූලාශ්‍ර ඇසුරෙන්) ඔබේ ප්‍රතිචාරය කුමක්ද ? පට්ට ! 9 අවුල් වගේ ! 0 හරි හිනා ! 0 හම්මෝ ! 6 මාර දුකයි ! 155 මලපනිනව ! 12 කුජීතයි ! 6 3 Shares Facebook Twitter Whatsapp Linkedin Pinterest × Share this post! Facebook Twitter Whatsapp Linkedin Pinterest Messenger Reddit Telegram Tumblr VKontakte Gmail Email සතියේ පලවූ මෙවැනිම පුවත් සමාජ ගොසිප් | Social Gossip විශාල පිරිසකට එකවර කතා කිරීමේදී මඟහරවා ගතයුතු දේවල් November 22, 2022 0 සමාජ ගොසිප් | Social Gossip අහුංගල්ලේ දුම්රිය අනතුරුවලින් දෙදෙනෙක් ජිවිතක්ෂයට November 17, 2022 0 සමාජ ගොසිප් | Social Gossip සීනි ඔබේ සෞඛ්‍යයට අහිතකර වීමට හේතු මෙන්න November 16, 2022 0 Subscribe Login Notify of new follow-up comments new replies to my comments Label Name* Email* Label Name* Email* 0 Comments Inline Feedbacks සියලු ප්‍රතිචාර බලන්න ! තවත් ප්‍රතිචාර බලන්න. අපගේ නවතම පුවත් ආණ්ඩුව ගන්න යන ණය ගැන අනුරගේ හෙළිදරව්ව උණුසුම් පුවත් | Hot News සුවසැරිය කරගෙන යන්න කෝටි 22 ක් අවශ්‍යයි උණුසුම් පුවත් | Hot News P 627 නෞකාව “විජයබාහු” නමින් අධිකාරියට පත් කිරීම ජනපති ප්‍රදානත්වයෙන් දේශීය පුවත් | Local News මෛත්‍රීපාල සිරිසේන ශ්‍රිලනිපය නැති කරලා දැම්මා දේශපාලන පුවත් | Political News පළාත් පාලන ආයතන වල තරුණ නියෝජනය වැඩි කිරීමේ සූදානමක් දේශපාලන පුවත් | Political News අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි Uncategorized අතිකාල දීමනා ඉල්ලා මුද්‍රණ දෙපාර්තමේන්තු සේවකයෝ වර්ජනයේ දේශීය පුවත් | Local News ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායමට අමිහිරි පරාජයක් ක්‍රීඩා පුවත් | Sports News ඡන්දෙට අඩුවෙන් වියදම් කරොත් මන්ත්‍රීධූරය රැකෙයි දේශපාලන පුවත් | Political News ලසන්ත අලගියවන්නට වැඩ බලන ඇමති ධූරයක් උණුසුම් පුවත් | Hot News තව බලන්න සතියේ ජනප්‍රියම පුවත් Breaking News :ඉන්දියන් සාගරයේ භූ චලනයක් ප්‍රධාන පුවත් | Top Stories November 18, 2022 සැහැල්ලු ඇඳුමෙන් පාසල් ආ ගුරුවරියෝ (ඡායාරූප) උණුසුම් පුවත් | Hot News November 21, 2022 මහ රෑ රේස් පැද්ද තරුණයින් දෙදෙනා මුහුණට මුහුණ ගැටී ජීවිතක්ෂයට ප්‍රධාන පුවත් | Top Stories November 19, 2022 මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක් සිය දිවි හානි කර ගනී උණුසුම් පුවත් | Hot News November 16, 2022 කඳාන ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනියගේ දැරිය කෙලෙසූ අනියම් සැමියා අත්අඩංගුවට උණුසුම් පුවත් | Hot News November 21, 2022 දසුන්ට 2023 IPL කණ්ඩායමක නායකත්වය ? උණුසුම් පුවත් | Hot News November 20, 2022 බැංකුවලින් ණය ලබාගෙන ඇති අයට සුබ ආරංචියක් උණුසුම් පුවත් | Hot News November 17, 2022 ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනියගේ දියණියව අනියම් සැමියා කෙලෙසලා උණුසුම් පුවත් | Hot News November 19, 2022 පාසල් සිසුවෙක් මරු තුරුලට යැවූ චාජරය දේශීය පුවත් | Local News November 16, 2022 මිතුරන් හඬවා අවසන් ගමන් ගිය දිනේෂ් දේශීය පුවත් | Local News November 18, 2022 තව බලන්න Facebook Instagram TikTok Twitter Youtube Privacy Policy Terms of Service © 2022 RapidHitz (Private) Limited. All Rights Reserved. ? Javascript not detected. Javascript required for this site to function. Please enable it in your browser settings and refresh this page.
ලංකා ප්‍රිමියර් ලීග් 2021 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කොට පහසු ජයක් අපේක්ෂාවෙන් පන්දු යැවීමේ කාර්යය සඳහා දඹුල්ල ජයන්ස්ට් පිල පැමිණියද ධෛර්යවන්තව පිති හැසිරවීම හේතුවෙන් ජයග්‍රහණයේ සමීපයට හෙවත් ලකුණු 18 ක් දක්වා වූ අඩු අගයකට ජයග්‍රාහී පරතරය අවම කර ගැනීමට කලම්බු ස්ටාර්ස් පිතිකරුවෝ අද (08 දා) සමත්වූහ. දින 2 කට පෙර ලකුණු 190 ක් ලබා ගනිමින් වැඩිම ලකුණු වාර්තා කරන ලද කණ්ඩායම බවට පත්වූ දඹුල්ල ජයන්ස්ට් කණ්ඩායම අද දිනයේදී එය ලකුණු 195 ක් දක්වා ඉහළට රැගෙන ගියේ කඩුලු 6 ක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි. මෙවර තරග වාරයේ කණ්ඩායමක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත් වූ ලකුණු 196 ක ඉලක්කය හඹා යෑමේදී සටන අත් නොහළ කලම්බු ස්ටාර්ස් පිතිකරුවෝ 19 වැනි පන්දුවාරය තෙක් තරගය රැගෙන ගියෝය. වැඩි වගකීමක් හිමි පිතිකරුවන් සිය කඩුලු නිස්කාරණේ ලබා නොදෙන්නට මීට වඩා තරගයක් ලබා දීමට කලම්බු ස්ටාර්ස් පිලට හොඳින්ම අවකාශ තිබිණ. චාමික කරුණාරත්න විසින් ක්‍රියාත්මක කරන ලද 19 වැනි පන්දුවාරයේ පස්වැනි පන්දුවකට ඉනිමේ අවසන් පිතිකරුවා වූ දුෂ්මන්ත චමීර දැවී යන විට කලම්බු ස්ටාර්ස් ලකුණු පුවරුව ලකුණු 177 කින් ලෙසින් සටහන්වි තිබිණ. ඉලක්කය හඹා යෑමේදී පැතුම් නිස්සංක, ෂෙර්ෆන් රදර්ෆර්ඩ් සහ නවීන් උල්හක් ලකුණු 07 ක් ඇතුළත දැවී යෑම කලම්බු පිලට දැඩි පාඩුවක් ගෙන දුන්නේය. වේගවත් ආරම්භයක් ලබා දුන් ටොම් බෙනන් පන්දු 14 කදී ලකුණු 23 ක්ද ඔහු දැවී යෑමෙන් පසු පිටියට පිවිසි කුසල් පෙරේරා හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමඟ පන්දු 11 කදී වේගවත් ලකුණු 20 ක්ද රැස් කිරීමට සමත්වූ නිසා පස්වැනි පන්දුවාරය අවසන් වන විට ලකුණු 52 ක් රැස් කර ගැනීමට කලම්බු ස්ටාර්ස් පිල සමත්විය. එහෙත් ඒ වෙද්දී වේගයෙන් ලකුණු රැස් කරන ලද පිතිකරුවන් යුගලයම තරිඳු රත්නායක සහ ඉම්රාන් තහීර් විසින් දවා ගැනීමට සමත්වූහ. ලකුණු 71 කට කඩුලු 2 ක් ලෙසින් සටහන් ව තිබූ ලකුණු පුවරුව එක් වරම් ලකුණු 78 කට කඩුලු 5 ක් ලෙසින් සටහන් වූ අවස්ථාවේ පිටියට එක්වූ නායක ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් කඩා වැටුණු ඉනිම ගොඩ ගැනීමේ කාර්යය සිදු කළහ. එහෙත් කඩුලු 3 ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලු ලාභියා වූ නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ ධනංජය දැවී ගියේය. 6 වැනි කඩුල්ලේ සම්බන්ධතාවය එසේ නිමාවද්දී පසු පෙළ පිතිකරුවන් තරගය යළි මාවතට රැගෙන ඒමට දැඩි වෙහෙසක් ගත් නමුත් ඒ සඳහා වන පරිණත භාවය ඔවුන් සතු නොවීය. පළමු තරගයේදී පන්දු 21 කදී ලකුණු 50 ක් ලබා ගනිමින් වේගවත්ම අර්ධ ශතකයට හිමිකම් කී පිල් සෝල්ට් අද දිනයේදී යළිත් පන්දු 22 කදී ලකුණු 50 ක් රැස් කර ගත්තේය. පිල්ගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 දී ලකුණු 75 රැස් කර ගැනීමට දඹුල්ල ජයන්ස්ට් අවස්ථාව හිමිවිය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් වූ පිල් දැවී යන විට ප්දු 34 කදී ලකුණු 62 ක් ලබා සිටියේය. 11 වැනි පන්දුවාරයේදී සෝල්ට් පිටියෙන් ඉවත් වන විට දඹුල්ල ලකුණු පුවරුව කඩුලු 4 කට ලකුණු 100 ක් ලෙසින් සනිටුහන්විය. ලකුණු 200 ආසන්නය කරා පැමිණීමට අවස්ථාව උදාවූයේ නායක දසුන් ශානක සහ නජිබුල්ලා සද්‍රාන් එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී රැස් කරන ලද ලකුණු 77 ක සම්බන්ධතාවයයි. ඒ වෙනුවෙන් ලකුණු ලබා ගැනීම වේගවත් කළ නායක දසුන් හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් පන්දු 25 කදී ලකුණු 38 ක් ද සද්‍රාන් හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් පන්දු 40 කදී ලකුණු 54 ක්ද රැස් කළහ. තරගයේ වීරයා – පිල් සෝල්ට් ලකුණු සාරාංශය දඹුල්ල ජයන්ට්ස් පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණු 195 යි – (පිල් සෝල්ට් 62, නජිබුල්ලා සද්‍රාන් 54, දසුන් ශානක 38, නිරෝෂන් දික්වැල්ල 17, චාමික කරුණාරත්න 12*, දුෂ්මන්ත චමීර 34/3, කීමා පෝල් 48/1, අකිල ධනංජය 38/1, සීකුගේ ප්‍රසන්න 21/1) කලම්බු කිංග්ස් පන්දුවාර 18.5 කදී සියලු දෙනා දැවී ලකුණු 177 යි – (ටොමි බෙන්ටන් 23, කුසල් පෙරේරා 20, ෂෙර්ෆන් රදර්ෆර්ඩ් 16, දිනේෂ් චන්දිමාල් 26, ධනංජය ද සිල්වා 21, කීමා පෝල් 11, සීකුගේ ප්‍රසන්න 17, දුෂ්මන්ත චමීර 15, නුවන් ප්‍රදීප් 50/3, චාමික කරුණාරත්න 46/2, තරිඳු රත්නායක 17/2, ඉම්රාන් තහීර් 36/2, රමේෂ් මෙන්ඩිස් 26/1) Share on facebook Share on twitter Share on linkedin Add a Comment Cancel reply Your email address will not be published. Required fields are marked * RELATED POSTS Must thank Sri Lanka Cricket and IPG Group for successfully hosting Lanka Premier League 2021 season,’ says Colombo Stars batsman Dinesh Chandimal 11 months ago Media Release Colombo Stars star performer Dinesh Chandimal opened up on the franchises' campaign at the Lanka Read More Wahab Riaz, Shoaib Malik reveal interesting secrets about each other: Eats 6 times a day, even at 3 am 11 months ago Media Release Jaffna Kings stars Shoaib Malik and Wahab Riaz sat down for a frank conversation on Read More Wahab Riaz names Shaheen, Bumrah, Starc in list of current best fast bowlers, rates Rohit, Babar, De Villiers as top batsmen
සෑම වසරකම වූනි 30 වන දා ලෝක ග්‍රහක දිනය ලෙස නම් කර තිබේ. හ්‍රී ලංකාවේද මේ දිනයට සමගාමීව විවිධ වැඩසටහන් මොරටුවේ නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය මගින් මෙහෙයවනු ලබන අතර. මෙම ලිපිය එම දිනය වෙනුවෙන් ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ විද්‍යාඥ ජනක අඩස්සූරිය මහතා විසින් සම්පාදනය කරන ලද්දකි. පෘථිවියට ග්‍රහක හෝ ධූමකේතු වලින් ඇතිවන බලපෑම් මෙයින් වසර මිලියන 65ක් පමණ ඈත අතීතයේ සිට වාර්තා වී ඇත. ක්‍රෙටේසීය යුගය අවසන් කර පෙලියෝපින් යුගයේ ආරම්භය සිදුවීම තවමත් විද්‍යාත්මක අභිරහසක් වන නමුත් ඒ සඳහා පෘථිවියට ආගන්තුක ලෙස පැමිණි ඉතා විශාල ගල් කැබැල්ලක් හෝ ධූමකේතුවක් හේතු වන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙක්සිකෝවේ පිහිටි විෂ්කම්භය කිලෝමීටර 180 වන චෙක්සුලබි (Chicxulub) ආවාටය වසර මිලියන 65 පමණ වයස වීමත් ඩයිනෝසරයන් වඳවීම සමඟ යම් කිසි සැසඳීමක් පෙන්නුම් කරයි. ඒ අනුව ඩයිනෝසරයන්ගේ වඳවීම උල්කාපාතයක් හෝ ධූමකේතුවක් පෘථිවිය සමඟ ඝට්ටනය වීමෙන් වූවා යැයි යන මතය බැහැර කළ නොහැක. දෙවනුව මිනිසා ද? මිනිසාටත් මෙම ඉරණම අත්වේ ද? ඩයිනෝසරයන් හා සමඟ සසඳන කල මිනිසා සිටින්නේ විද්‍යාව සහ තාක්ෂණය අතින් අති අද්විතීය ස්ථානයකය. උල්කාපාත සහ ධූමකේතු ගැන අප දන්නා කරුණු බොහෝ වුවත් එමඟින් ඇති විය හැකි ව්‍යවසනය දෙස බලන විට අප සියලු දෙනා මේ පිළිබඳව යම් තාක් දුරට දැනුවත් වී සිටිය යුතුය. මේ පිළිබඳ දැනුවත් වීමේ වැදගත්කම නිසා 2014 සිට සෑම වසරකම ජූනි 30වැනි දින ලෝක ග්‍රහක දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත් කර ඇත.මෙම දිනය ග්‍රහක දිනය ලෙස යොදා ගැනීමට හේතු වී ඇත්තේ 1908 ජූනි 30 වෙනි දින රුසියාවේ සයිබීරියා ප්‍රාන්තයේ තුම්ගුස්කා (Tunguska) ප්‍රදේශයට කඩාවැටුණු මීටර් 60ක පමණ උල්කාපාතයෙන් සිදුවූ විනාශයයි. මෑත කාලයේ පෘථිවිය ආසන්නයෙන් ගමන් කළ ග්‍රහක විශාල ප්‍රමාණයක් වාර්තා විය. මෙයට හේතුව වර්තමානයේ මෙම ග්‍රහක නිරීක්ෂණය කර ඒවායේ ගමන් මග නිවරැදිව නිගමනය කළ හැකි තාක්ෂණය සහ ඒ සඳහා ස්ථාපිත කර ඇති පෘථිවි මධ්‍යස්ථාන වේ. ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පිහිටි කැටලිනා අහස නිරීක්ෂණ මධ්‍යස්ථානය (Catelina Sky Survey) ග්‍රහක අනාවරණය සහ නිරීක්ෂණයට වෙන්වූ නිරීක්ෂණාගාරයකි. පසුගිය මැයි මස 15 වන දින 2010 WC9 ග්‍රහකය පෘථිවියේ සිට කිලෝ මීටර 203000 ක් දුරින් ඇදී ගියේය. මෙහි විශාලත්වය මීටර 60 – 130 ක් පමණ වූ අතර මෙය 1908 තුම්ගුස්කා (Tunguska) උල්කාපාතයට වඩා විශාල විය. මෙවැනිම තවත් සිද්ධියක් 2018 අප්‍රෙල් 15 වන දින වාර්තා විය. 2018 GE3 නම් වූ ග්‍රහකය පෘථිවියට ආසන්නව ගමන් කිරීමට දිනකට ප්‍රථම සොයාගත් අතර පෘථීවියේ සිට කිලෝ මීටර 192200 ක් දුරින්,එනම් පෘථිවිය සහ චන්ද්‍රයා අතර දුරින් අඩක් පමණ දුරකින් ගමන් කර ඇත. මෙම ග්‍රහකයේ විශාලත්වයද මීටර 48 – 110 ත් පමණ විය.මෙම සිද්ධියෙන් පෙනී යන්නේ කෙතරම් තාක්ෂණය දියුණු වුවත් කෙතරම් නිරීක්ෂණාගාර තිබුණත් අපට නොදැනී ග්‍රහක පෘථිවියට ළඟා වී මනුෂ්‍ය වර්ගයාට තර්ජනයක් විය හැකි බව නොවේද? 2017 ඔක්තෝම්බර් මස 18 වන දින ශ්‍රී ලංකාවේ දකුණු දිග අහසේ දර්ශනය වූ විශාල උල්කාපාතයද මෙවැනිම සිද්ධියකි. මෙම සිද්ධිය බොහෝ දෙනෙකු තුළ කුතුහලයක් ඇති කෙරෙනු අතර එය කුමක් වන්නට ඇත්දැයි දැනුවත් නොවීය. මේ නිසා උල්කාපාතයක් යනු කුමක්දැයි දැනුවත් වීම කාලෝචිත වේ. පෘථිවිය ඇතුළු සියලුම ග්‍රහ වස්තු අභ්‍යවකාශයේ නිරතුරුව චලනය වෙමින් පවතී. එමෙන්ම සෙන්ටි මීටර් කිහිපයක සිට කිලෝමීටර සියගණනක් දක්වා විශාල ගල් කැබලි මෙම අභ්‍යවකාශයේ නිරන්තරයෙන් ඒ මේ අත ගමන් කරයි. මෙම ගල් කැබලි පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට නතුවී පෘථිවියට කඩා වැටීම නිරන්තරයෙන් සිදුවන නමුත් ඉතා ඝන පෘථිවි වායුගෝලය මඟින් මෙම මධ්‍ය ප්‍රමාණයේ ගල්කැබලි ඉහල අහසේ දී විනාශ කර දමයි. සැලකිය යුතු තරම් ප්‍රමාණයේ ආගන්තුකයෙක් එනම් මීටර් 5-10 පමණ වන ගල් කැබලි සම්පූර්ණයෙන්ම දැවී නොගොස් ගොඩබිමට කඩා වැටීමට හැකියාවක් ඇත. එසේ පෘථිවිය මතට වැටෙන උල්කාෂ්ම (Meteoroid)‚ උල්කාපාත (Meteorite) ලෙස හැඳින්වේ. උල්කාපාත ප්‍රධාන වශයෙන් වර්ග 3කට වෙන් කෙරේ. ඒවා නම් පාෂාණනමය උල්කාපාත, යකඩ අඩංගු උල්කාපාත සහ පාෂාණ සහ යකඩ සංයෝජනය වූ උල්කාපාත වේ. පාෂාණ (Stony) උල්කාපාත වල සිලිකේට අඩංගු වන අතර, යකඩ උල්කාපාත වල ප්‍රධාන වශයෙන් යකඩ අඩංගු වේ. ඊට අමතරව යකඩ උල්කාපත වල නිකල්, ලෙඩ් වැනි බර මූලද්‍රව්‍යද අඩංගු වේ. නිවරැදිව හඳුනාගත් උල්කාපාත කොටසක් (Image – Geology.com) 2017 ඔක්තෝම්බර් මස 18වන දින ශ්‍රී ලංකාවට දර්ශනය වූ උල්කාපාතයේ කොටස් හමුවූ බවට දකුණු ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී වාර්තා විය. එම පාෂාණ කොටස් සත්‍ය වශයෙන්ම උල්කාපාතද නැතහොත් පෘථිවි පාෂාණ කොටස්ද යන්න තහවුරු කර ගැනීම තරමක් අපහසු කටයුත්තකි. කෙසේ වෙතත් මෙම පාෂාණ කොටස් සරල පරීක්ෂණ කිහිපයක් මඟින් යම් මට්ටමකට අභ්‍යවකාශයෙන් පැමිණියේද යන්න නිගමනය කල හැක. පළමුව පාෂාණ වල මතුපිට ස්වාභාවය නිරීක්ෂණය කිරීමෙන් මෙම සැකය තහවුරු කරගත හැක. උදාහරණයක් ලෙස පහත රූප සටහන් වල පෙනෙන ආකාරයට උල්කාපාතයක මතුපිට දැඩි ලෙස පිලිස්සුම් සහිත ලක්ෂණ දැකිය හැක. තවද බොහෝමයක් උල්කාපාත වල යකඩ නිසා චුම්භක වලට ඇද ගැනීමේ බලයක් ඇත. උල්කාපාත වල බැර ලෝහ අඩංගු නිසා සාමාන්‍යයෙන් ඝනත්වය ඉහල අගයක් ගනී. පෘථිවියේ ඇති හුණුගල්, තිරිවාන හෝ ග්‍රැනයිට් වල ඝනත්වය 2-3 g/cm3අතර පවතී. නමුත් උල්කාපාතයක සාමාන ඝනත්වය 7-8 g/cm3 පමණ වේ. එනම් උල්කාපාතයක විශාලත්වය සමඟ සසඳා බැලීමෙන් අතට දැනෙන බර වැඩි වේ.නිවරැදිව හඳුනාගත් උල්කාපාත කොටස් උල්කාපාත මෙන් පෙනෙන පෘථිවි පාෂාණ (Images – Internet) පෘථිවිය මතට පතිත වන උල්කාපාත වල වටිනාකම මිල කළ නොහැකි තරම් වේ. මන්ද මෙම උල්කාපාත කැබලි වලින් සෞරග්‍රහ මණ්ඩලයේ උපත, පෘථිවිය මත ජීවය බිහිවීම වැනි මතබේදයට තුඩු දී ඇති ප්‍රශ්න ගණනාවකට පිලිතුරු සෙවිය හැකි බැවිනි. මේ නිසා මෙම ආගන්තුක ගල් කැබලි නිවරැදිව හඳුනාගත යුතු අතර ඒවා පිළිබඳ තොරතුරක් වෙතොත් ආතර් සී. ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශයට දැන්වීම මඟින් තාරකා විද්‍යාවට සම්බන්ධ වැදගත් පර්යේෂණ වලට දායකත්වය ලබා දිය හැක. මෙවැනි උල්කාපාත කඩාවැටීමක් (Fireballs) හෝ උල්කාපාත කොටස් හමුවුවහොත් ඒ පිළිබඳ විස්තර දැන්වීම සඳහා ආතර් සී ක්ලාක් ආයතනයේ වෙබ් අඩවියක් විවෘත කර ඇත. www.accimt.ac.lk/accimt/?page_id=2186 කතුවරයා ජනක අඩස්සූරිය පර්යේෂණ විද්‍යාඥ තාරකා විද්‍යා අංශය ආතර් සී ක්ලාක් ආයතනය Share this: Click to share on Twitter (Opens in new window) Click to share on Facebook (Opens in new window) Click to share on LinkedIn (Opens in new window) Click to email a link to a friend (Opens in new window) Click to share on Pinterest (Opens in new window) Like this: Like Loading... Related Post navigation දුහුවිලි වලාවක ප්‍රචන්ඩත්වයට ගොදුරු වුන රතු ග්‍රහයා! ලෝක ග්‍රාහක දින සැමරුම් වැඩසටහනක් ආතර් සී ක්ලාක් ආයතනයේදී By Sisira Kumara Related Post තාරකා විද්‍යා පුවත් නාසා ආයතනයේ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය දියත් කිරීම දෙසැම්බර් 18 දා Sep 28, 2021 Sisira Kumara තාරකා විද්‍යා පුවත් සෞරග්‍රහ මණ්ඩලයේ යෝධ චන්ද්‍රයා, ගැනිමීඩ් ගේ තොරතුරු සොයන ජූනෝ Aug 11, 2021 Sisira Kumara තාරකා විද්‍යා පුවත් පර්සිඩ් උල්කාපාත වර්ශාව නරඹමු Aug 10, 2021 Sisira Kumara Leave a Reply Cancel reply Your email address will not be published. Required fields are marked * Comment * Name * Email * Website Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ This site uses Akismet to reduce spam. Learn how your comment data is processed. Recent Posts 2021 වසර සඳහා නොබෙල් ත්‍යාගලාභීන් ප්‍රකාශයට පත් කෙරේ නාසා ආයතනයේ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය දියත් කිරීම දෙසැම්බර් 18 දා පාසැල් දරුවන් එන්නත්කරණය: ලොව අනිත් රටවලින් උදාහරණ මහාචාර්ය මලික් පීරීස්ගේ සේවය අගයා විශේෂ සම්මානයක් චීනයෙන් සෞරග්‍රහ මණ්ඩලයේ යෝධ චන්ද්‍රයා, ගැනිමීඩ් ගේ තොරතුරු සොයන ජූනෝ Recent Comments Ashan on නැනෝතාක්ෂණය හඳුනාගනිමු ලිපි අංක 1 – ඉතිහාසය Keerthi Kumara M. P on සේනා දළඹුවා ගැන කවුරුත් අහන ප්‍රශ්ණ 10ක් M.T.Weththasinghe on සේනා දළඹුවා ගැන කවුරුත් අහන ප්‍රශ්ණ 10ක් Shammi Gunasekara on 2019 වසරේ අවසන් චන්ද්‍ර ග්‍රහණය අනිද්දා (17 වනදා) පාන්දර! රාවණා අභ්‍යවකාශයට! – The Sri Lankan Scientist – විද්‍යාඥයා on අභ්‍යවකාශ තාක්ෂණයේ මෙගා වෙනසක් ඇතිකල නැනෝ චන්ද්‍රිකා
ගුරු- විදුහල්පති සේවයේ වැටුප් විෂමතා විසඳීමට කැබිනට් අනුකාරක සභාව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශයන් පිළිබඳව මෙන්ම එම ගැටලූව විසඳීම සඳහා ඉදිරියේදී ගැනීමට අපේක්ෂා කරන පියවරයන් පිළිබඳව අප අභිනවයෙන් අධ්‍යාපන අමාත්‍යධුරයට පත්වූ දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් මෙන්ම ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතාගෙන් විමසා සිටියෙමු. මේ එහිදී පළවූ අදහස්ය. ප‍්‍රශ්නය – කැබිනට් අනුකාරක සභාවේ නිර්දේශයන් පිළිබඳව ඔබලාගේ ස්ථාවරය කුමක්ද? පිළිතුර – ඇත්තටම අපි අරගල කළේ සුබෝධනී කමිටු වාර්තාව කි‍්‍රයාත්මක කරන්න කියලා. සුබෝධනී කමිටු වාර්තාව කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු 5 දෙනෙක් එකතුවෙලා 1997 සිට පැවති විෂමතාවයන් අධ්‍යයනය කරලා සකස් කළ වාර්තාව. සුබෝධනී කමිටු වාර්තාව කි‍්‍රයාත්මක කිරීම මෙන්ම ගුරු සහ විදුහල්පති සේවය සංවෘත සේවාවක් බවට පත් කිරීමට අදාළව කැබිනට් පති‍්‍රකාවක් 7 වන මාසයේ 22 වැනිදා අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා ඉදිරිපත් කළා. එම කැබිනට් පති‍්‍රකාව කි‍්‍රයාත්මක කිරීම පැත්තකට දාල කැබිනට් අනුකාරක සභාවක් පත් කරලා, එම අනුකාරක සභාව හරහා යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ ඉදිරිපත් කරලා තිබෙන්නේ 2017 දී වෘත්තීය සමිති සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැටුප් කොමිෂම ඉදිරිපත් කළ අතුරු යෝජනාවක්. ඒ යෝජනාව දැන් අපි පිළිගන්නේ නැහැ. ඒක 2017 එකක් නේ. රජය දැන් දෙන්න පුළුවන් කියන්නේ ඒක තමයි. සුබෝධනී කමිටු වාර්තාවෙන් ගුරු සේවයේ පළමු පංතියට 37000 ක් යෝජනා කරන කොට අනුකාරක සභාවෙන් යෝජනා කරන්නේ 11576 ක්. විදුහල්පති සේවයට 12020 යි. සුබෝධනී කමිටු වාර්තාවට වඩා 1/3 ක් අඩුවෙන් තමයි මෙම අනුකාරක සභාවෙන් යෝජනා කරලා තිබෙන්නේ. මෙම තත්ත්වය තුළ ආණ්ඩුව දෙන්නේ මෙම යෝජනා නම් අපි කියන්නේ, මේ යෝජනා සුබෝධනී කමිටු වාර්තාවේ කොටසක් ලෙස කි‍්‍රයාත්මක කරන්න කියන එක සහ එය කොටස් වශයෙන් ලෙස නොව එකවර ලබාදෙන්න කියන එක තමයි. ප‍්‍රශ්නය – කැබිනට් අනුකාරක සභාවේ යෝජනා චක‍්‍රලේඛයක් ලෙස ඉදිරිපත් කළොත් පිළිගැනීමට සූදානම් බව සමහර වෘත්තීය සමති ප‍්‍රකාශ කරලා තිබෙනවා නේද? පිළිතුර – මෙහෙමයි, මෙම ගුරු අරගලයට වසර 24 ක් වෙනවා. අපේ ඉතිහාසය තුළ විවිධ කැබිනට් පති‍්‍රකා ඉදිරිපත් වෙලා තිබෙනවා. විශේෂයෙන් 2008 නොවැම්බර්වල සුසිල් පේ‍්‍රම්ජයන්ත ඇමැතිවරයා කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කළා. එම කැබිනට් පති‍්‍රකාව මගින් ගුරු සහ විදුහල්පති සේවය සඳහා රුපියල් මිලියන 3000 ක් වෙන් කළා. අයවැයෙනුත් එම මුදල වෙන් කළත් අද වෙනකම් ඒක ලැබිල නැහැ. ඒ වගේ ගුරු අරගල ඉතිහාසය තුළදී කැබිනට් පති‍්‍රකා විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබෙනවා. යහපාලන ආණ්ඩු සමයේ දී කැබිනට් පති‍්‍රකා 3 ක් ඉදිරිපත් කරලා තිබෙනවා. අපි කියන්නේ කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කළ පමණින් ප‍්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ. ආණ්ඩුව දැන් ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාවෙ සඳහන් කර තිබෙනවා ගුරු සේවයට අදාළ යෝජනා, විදුහල්පති සේවයට අදාළ යෝජනා වගේම වැටුප පිළිබඳවත් අදාළ යෝජනා. එම වැටුපට අදාළ යෝජනා සුබෝධනී කමිටු වාර්තාවේ කොටසක් ලෙස කි‍්‍රයාත්මක කරනවා නම් ඊට අදාළ නීත්‍යානුකූල ලියවිලි ඉදිරිපත් කරන්න ඕනි කියන එක තමයි අපි කියන්නේ. එසේ වුවහොත් පමණයි මෙම යෝජනා කි‍්‍රයාත්මක වන්නේ. ප‍්‍රශ්නය – ඉදිරි වැටුපට රු. 5000/= ක් ලබා දුන්නොත් එම දීමනාව ඔබලා ප‍්‍රතික්‍ෂේප කරනවාද? පිළිතුර – මෙහෙමයි මේවා නිකන් කතානේ. ඇමැති අනුකමිටුවක් පත් කරලා එම කමිටුව මොකද කළේ. එම ඇමැතියි අනුකමිටුව මාධ්‍ය හමුවක් පවත්වල කිව්වා ගුරු සංගම් මස් රාත්තලම ඉල්ලන බව. අපි මස් රාත්තලක් ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලන්නේ මස් රාත්තලෙන් 1/3 යි. ඒක හරියට කි‍්‍රයාත්මක කරන්න කියන එක තමයි අපි කියන්නේ. ඒක හරියට කි‍්‍රයාත්මක කිරීමේදී මුදල් ඇමැතිවරයා සහ ජනාධිපතිතුමා සමග සාකච්ඡුාවක් අවශ්‍ය බව තමයි අපි කියන්නේ. ඒකත් අත්‍යවශ්‍ය සාධකයක්. අපි කියන්නේ මෙම යෝජනා විධිමත්ව චක‍්‍රලේඛ ඉදිරිපත් කරලා, කි‍්‍රයාත්මක කරන්න කියන එක. වෘත්තීය අරගලයකදී වෘත්්තීය සමිති සමග සාකච්ඡා නොකර යෝජනාවක් ඉදිරිපත් කරලා එය කි‍්‍රයාත්මක කිරීමට සූදානම් වනවා. අපත් සමග කිසිම සාකච්ඡාවක් නැහැ. එය පිළිගැනීමට අප සූදානම් නැහැ. අපගේ ඉල්ලීම් ලබා නොදුන්නොත් අපගේ අරගලය අනිවාර්යයෙන්ම ඉදිරියට අරගෙන යනවා. අපගේ උද්ඝෝෂණ කටයුතු නතර කළේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම මත. නමුත් ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වලින් ඉවත් වීම, විභාග කටයුතු වලින් ඉවත් වීම අපි අඛණ්ඩව සිදුකරනු ලබනවා. අපට අවශ්‍ය ආකාරයේ විසඳුමක් ලැබෙන තුරු අපගේ අරගලය ඉදිරියට අරගෙන යනවා. ප‍්‍රශ්නය – සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ භික්‍ෂූන් වහන්සේලා කිහිප නමක් ඇතුළු සංඝරත්නය ඔබලාගෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා යළිත් ළමයින්ට අධ්‍යාපනය ලබාදීමේ කටයුතු ආරම්භ කරන ලෙස. එම ඉල්ලීමට ඔබලා දක්වන ප‍්‍රතිචාරය කුමක්ද? පිළිතුර – අපගේ වෘත්තීය අරගලයට මේ වනවිට වසර 24 ක් වෙනවා. ඒ සඳහා විසඳුම් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. එම විසඳුම් යෝජනා පද්ධතියට ගැලපෙන ආකාරයට කි‍්‍රයාත්මක කළ යුතුයි. ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් 260000 ක් සිටිනවා. ඔවුන්ගේ ඉල්ලීමුත් සලකා බලමින් උන්වහන්සේලා කටයුතු කළ යුතු බව තමයි අපි කියන්නේ. ප‍්‍රශ්නය – කැබිනට් අනුකාරක සභාව විසින් ඉදිරිපත් කළ නිර්දේශයන් අනුමත කර තිබෙන්නේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැුස්වූ කැබිනට් මණ්ඩලය විසින් තමයි. එබැවින් තවදුරටත් ජනාධිපතිතුමා සමග සාකච්ඡුා කිරීමට අවශ්‍ය නොවන බව ආණ්ඩු පාර්ශ්වයෙන් ප‍්‍රකාශ කරලා තිබෙනවා. තවදුරටත් ඔබලා සාකච්ඡුාවක් අපේක්‍ෂා කරනවාද? පිළිතුර – පැහැදිලිවම ඔව්. මෙම යෝජනා ඉදිරිපත් කරලා තිබෙන්නේ අපත් සමග සාකච්ඡුා කරලා නොවෙයි. මෙම යෝජනා ඉදිරිපත් කරලා තිබෙන්නේ කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡුා කරලා. ගුරුවරුන්ගේ පැත්තෙනුත් තිබෙන අදහසුත් අරගෙන ඒවා කි‍්‍රයාත්මක කරන්න කියලයි අපි කියන්නේ. ප‍්‍රශ්නය – ඔබලා යහපාලන ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා කටයුතු කළත්, එම ආණ්ඩු කාලයේදී ඔබලාගේ යෝජනා කි‍්‍රයාත්මක කර ගැනීම සඳහා මෙතරම් සටනක් නොකළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. එම චෝදනා ඔබ දකින්නේ කෙසේද? පිළිතුර – යහපාලන ආණ්ඩුව කාලයේදීත් අපි ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන්න කියලා විශාල අරගලයක් කළා. අපි උද්ඝෝෂණ සහ වැඩ වර්ජන කිහිපයක්ම කළා. එම වැඩ වර්ජන අවසානයේදී එම ආණ්ඩුවත් ඇමැති අනුකමිටුවත් පත් කළා. කැබිනට් තීරණ ගත්තා. නමුත් ඒවා කි‍්‍රයාත්මක කළේ නැහැ. ලංකා ගුරු සංගමය කිසිම දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ නැහැ. අපි ස්වාධීන වෘත්තීය සමිතියක්. අපි එදත් උද්ඝෝෂණ කළා. අදත් උද්ඝෝෂණ කරනවා. අපි පැහැදිලිවම එක ස්ථාවරයක ගමන් කරන වෘත්තීය සමිතියක්. ඔය චෝදනා කරමින් අපට මඩ ගහනවා. අවලාද නගනවා. ඒවා අපට අදාළ නෑ. ප‍්‍රශ්නය – ආණ්ඩුව මේ වනවිට ගුරුවරුන් එන්නත් කිරීමේ කටයුතු බොහෝ දුරට අවසන් කර තිබෙනවා. එම කටයුතු අවසන් කිරීමෙන් පසුව බොහෝ දුරට පාසල් ආරම්භ කිරීමට ඉඩ තිබෙනවා. ආණ්ඩුව යළිත් පාසල් ආරම්භ කළහොත් ඔබලාගේ වැඩ වර්ජනය අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට හැකි වේවි කියා ඔබ සිතනවාද? පිළිතුර – අපි සිතනවා, ආණ්ඩුව අපි ඉදිරිපත් කළ විසඳුම් යෝජනා අදාළ කර ගනිමින් මෙම ප‍්‍රශ්නය විසඳීමට කටයුතු කරාවි කියලා. අපි සිතන්නේ නැහැ ලබන මාසයේවත් පාසල් ආරම්භ කිරීමේ වාතාවරණයක් තිබෙනවා කියලා. පැහැදිලිවම සෞඛ්‍ය අංශවල නිර්දේශ අනුව තමයි පාසල් විවෘත කිරීමට සිද්ධ වෙන්නේ. නමුත් ඊට පෙර ගුරු විදුහල්පති වැටුප් විෂමතා ප‍්‍රශ්නය විසඳුවොත් හොඳයි. එසේ නොවුන හොත් මෙම ප‍්‍රශ්නය දිග්ගැස්සී යනවා නම් පාසල් ආරම්භ කරන අවස්ථාවෙදි අපට තීරණයක් ගන්න සිද්ධ වේවි. එම අවස්ථාවේදී අපි තීරණය කරනවා අපි ඊළඟට ගතයුතු පියවර කුමක්ද කියලා. TAGS featured Facebook Twitter Pinterest WhatsApp Previous articleඅයිඩියල් සමූහ ව්‍යාපාරයේ සමාරම්භක දිනය නිමිත්තෙන් කිලෝ වොට් 805 ක දැවැන්ත සූර්යබල පද්ධතියක්
විමල් වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අවධියේදී නුගේගොඩ පැවැති ඔහුගේ පළමු ‍රැළියේදී අපූරු කතාවක් කීවේය. ඒ ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ කැ‍රැල්ලකට යොමු වීම නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයට බරපතල හානියක් වූ බවට අනෙක් පාර්ශ්වයන්ගෙන් එල්ල වූ චෝදනාවන්ට පිලිතුරක් ලෙසය. ඔහු එදා ඊට පිලිතුරු බැන්දේ,එම චෝදනාව මිනිහෙකුගේ අතපය හතර බැඳ දමා ළිඳකට තල්ලු කරදමා ඒ මිනිහා ඉන් ගොඩ ඒමට දඟලන විට ළිඳ බොර උනාම, අන්න අරූ ළිඳ බොර කළා යනුවෙන් කරන චෝදනාවට සමාන බවය. මේ කතාව මතක් වූයේ විමල් වීරවංශ මහතා තවමත් එම ළිං කටෙන් ගොඩ ඒමට නොහැකිව සිටිනු දකින්නට ලැබීම නිසාය. ඊයේ පෙරේදා පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පළ කළ අදහස් සම්බන්ධයෙන් විමසීමේදී පෙනී ගියේ ඔහු මෙතරම් කලක් දේශපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, ඒකාධිපතිවාදය හෝ සමාජවාදය ගැන අතොරක් නොමැතිව කෑමොර දුන්නේ ඒ කිසිදු දේශපාලන සංකල්පයක් ගැන කිසිදු දැනුම්වත් භාවයකින් නොවන බවය. ඒ තබා තමන් පෙනී සිටි මහින්ද රජපක්ෂ පාලනය යනු කුමක්දැයි ඔහුට කිසිදු වැටහීමක් නොමැති බවද පෙනී යයි. තමන් විසින් මවා ගන්න ලද මනෝමය රාජ්‍ය යාන්ත්‍රණයක් තුළ සිටිමින් ඔහු පසුගිය කාලයේ කටයුතු කරමින් සිට ඇති බවත් පැහැදිලිය. සාමාන්‍යයෙන් මෙලෙස උ‍තෝපියාවන් සකසා ගෙන ජීවත් වෙන්නේ අබිං කෑමට ඇබ්බැහි වූවන්ය. "මේ වන විට අපේ රට දේශපාලන වශයෙන් ඉතාමත් අනාරක්‍ෂිත තත්වයකට ඇදගෙන යමින් තිබෙනවා. ලාංකේය දේශපාලන ඉතිහාසයේ පළමුවරට ආණ්ඩුවක් පත්ව තිබෙනවා, එක ඡන්දයෙන් ජනාධිපතිවරයකු, අගමැතිවරයකු හා විපක්‍ෂ නායකවරයකු තෝරාපත්කර ගත්. මේ බලකේන්ද්‍ර තුනම එක් ආණ්ඩුවක් අතේ තිබෙන්නේ, අපේ දේශපාලන ඉතිහාසයේ ප‍්‍රථම වතාවටයි. ‘ජාතික ආණ්ඩුව’ කියලා මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවට එකතුවෙලා ඉන්න රටවල් හැරුණාම ලෝකයේ මෙහෙම අත්දැකීමක් නැතිව ඇති. සිංගප්පූරුව වැනි ජාතික ආණ්ඩුවක් තිබෙන රටවල පවා නාමමාති‍්‍රකව හෝ විපක්‍ෂ නායකවරයකු වෙනම නියෝජනය වෙනවා. අද ශ‍්‍රී ලංකාවේ මේ බලකේන්ද්‍ර තුනම එකම තැනකට අරගෙන ඉවරයි. එහෙමනම් ‘ඒකාධිපති රෙජීමය’ මේ ආණ්ඩුවද? තිබුණු ආණ්ඩුවද? කියන ප‍්‍රශ්නය මතු වෙනවා. මේ යහපාලන මහත්තුරු ‘එකාධිපති රෙජීමය’ කියලා හඳුන්වන පසුගිය ආණ්ඩුව කවදාවත් ‘ඒ කන්දත් අපේ තමයි, මේ කන්දත් අපේ තමයි’ කියලා සියල්ල අල්ලා ගෙන හිටියේ නැහැ. පසුගිය ආණ්ඩුවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුර 150කට වැඩි ප‍්‍රමාණයක් තිබුණා. ඕනෑනම් ඒ ආණ්ඩුවට ඊනියා විපක්‍ෂයක් හදලා රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ විපක්‍ෂ නායක ධුරයත් අත්පත් කර ගැනීමට පහසුවෙන්ම ඉඩකඩ තිබුණා. නමුත් ඒ ආණ්ඩුව එහෙම කළේ නැහැ. එහෙම නොකළ ඒ ආණ්ඩුවටත් මේ යහපාලන මහත්වරු කීවේ ‘ඒකාධිපති රෙජීමය’ කියලා. එහෙනම් ජනාධිපති, අගමැති, විපක්‍ෂ නායක කියන වැදගත් තනතුරු තුනම අත්පත්කරගෙන සිටින මේ ආණ්ඩුවට කිව යුත්තේ කවර ‘ඒකාධිපති රෙජීමය’ කියලාද? මේ තත්වය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුකූලද? යහපාලනය කියන්නේ ජනාධිපතිකමයි, අගමැතිකමයි, විපක්‍ෂනායකකමයි කියන මේ තුනම අල්ලලා තියා ගන්නා එකටද? දැන් පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ විහිළුවක් නොවෙයිද? මේ අනුව මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ බරපතල ගැටළුවක් අද පැනනැගී තිබෙනවා. මෙම විකාරරූපී, ඒකාධිපති ස්වරූපයේ මෙහෙයුම ගෙන යන්නේ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ රන් දෙවොල’ මේ රටේ නිර්මාණය කරනවා යැයි කියපු මහත්වරු. මේ අනුව මේ කෙටි කාලය තුළ ඉතා පැහැදිළිව පෙනෙනවා මේ අයගේ තිබෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන භාවිතයක් නොවන බව." මේ ඔහුගේම වෙබ් අඩවියෙන් උපුටා ගන්න ලද කොටසකි. රාජපක්ෂලාගේ පවුල් ආණ්ඩුව විසින් සිදු කළේ තමන්ගේ පවුලේ උදවියගේ ඕනෑ එපාකම් මත රටේ දේශපාලනය ආර්ථිකය සමාජය සංස්කෘතිය පාලන කිරීමය. අඩු තරමේ විපක්ෂයේ මතය විමසීම තබා රාජපක්ෂ නියෝජනය කළ ශ්‍රී ලනීපයේ මතය විමසීමවත් සිදු කළ කිසිදු අවස්ථාවක් රාජපක්ෂ පාලන කාලය තුලදී තිබුණේ නැත. ඒ තබා විමල් වීරවංශ විසින් මහා ඝෝෂාවක් කරමින් රාජ්‍ය පාලනය මෙසේ වියයුතු යැයි කියමින් ලබා දුන් යෝජනා 12ක් ඇතුලත් ලියැවිල්ලවත් ඔය කියන රාජපක්ෂ පයිසයකටවත් ගනන් ගත්තේ නැත. වීරවංශ නිකම් බලු කුක්කෙකුගේ ගානට ඇද වැටෙනු නම් පැහැදිලිව පෙනෙන්නට තිබුණි. ඒ අත් දැකීමවත් අද විමල්ට මත නැත. එහෙව් විමල් ට 'යහ පාලනය'යනු කුමක්ද යන්න හෝ ජනධිපතිවරයා, අගමැතිවරයා හා විපක්ෂනායකවරයාත් පාර්ලිමෙන්තුවේ අනෙක් ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂ සියල්ලත් එක්කාසු කරගෙන මේ ගෙන යන පාලනය කුමක්ද යන්න ගැන හෝ වටහා ගැනීමට නොහැකි වීම පුදුමයට කරුණක් නොවේ. මේ නව දේශපාලන තත්වය තේරුම් ගැනීමට තරම් ඔහුගේ ළිං මැඩි චින්තනයට හැකියාවක් නෑත. ඔහු දන්නේ තමන්ගේ බඩ ගෝස්තරය කෙසේ හෝ බේරා ගැනීමේ තක්කඩි දේශපාලනය පමණි.( ජවිපෙ සිටියදී ඔහු කළේ එය බව පසුව හෙළිවිය) එහෙත් මේ එවැනි තක්කඩියන්ට පැවැත්මක් ඇති කාලයක් නොවේ. සාටකයේ එල්ලී තමන්ගේ පැවැත්ම සකසා ගන්නට ගන්නා මේ උත්සාහය මේ කාලයට ඔබින්නේ නැත. ඒ පැරණි දේශපාලනයයි. අප ගමන් කරමින් සිටින්නේ ගෝත්‍රිකත්වයෙන් අත් මිදුනු නවීකාරක මනූෂ්‍යවාදී යුගයකටය. ඒ බව විමල්ට තේරුම් ගැනිමට නොහැක. විමල් වටා රංචු ගැසී සිටින 'මෝඩයන්'ට ඒ කෙසේවත් තේරුම ගත නොහැක. බල්ලා මිය ගිය දාට මැක්කන්ට වන දේ මහින්දගේ අනු ගාමිකයන්ට සිදුව තිබෙන බවවත් විමල්ගෙ ගෝලයන්ට කවුරුන් හෝ තේරුම් කර දෙන්නේ නම් ඒ දෙලොව වැඩ පිණිස වන මහඟු පිං කමකි. - ජනතා පාක්ෂිකයා Tweet More in this category: « වෛරී දේශපාලනය හා ඝාතන සංස්කෘතිය - රංජිත් හේනායකආරච්චි යහපාලන බස් එක - සුදර්ශන ගුණවර්ධන » Leave a comment Name * Email * Website URL Message * enter your message here... Enter the words you see below back to top Gossip හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක් වහාම කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය විය හැකි බවට අනතුරු අඟවන්නට ගිය පොහොට්ටුවේ ප්‍රබලයින් ප... මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ.. මහින්ද සමග යළි නැගිටීම පසෙක තබා රනිල් වික්‍රමසිංහ හා එක්ව යන දේශපාලන ගමනක් වෙනුවන් රාජපක්ෂ පවුලේ දේශ... එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර. එජාපය මහ ලේකම් තනතුරට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එමෙන්ම එජාපයේ... පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස වි... ජාතික සභාව කඩිනමින් සක්‍රීය කරන්නැයි... ගෝඨා නැවත දේශපාලනයට එනවාට රාජපක්ෂ... අද ඩෙඟා නටන්න හිටපු විපස්සෙට... අසමසම පරිවාර ඇමැති කලා කරු ජයසූරියගේ දියණය ඉන්දිරාගේ සමාජ දෘෂ්ටිවාදයට හානියක් කළේ නෑ -‘ආසු 34’ ගැන සංජීව පුෂ්පකුමාර සෑමවිටම ප්‍රේක්ෂක අවධානයට ලක්වන සිනමා නිර්මාණවල කර්තෘත්වය හිමි සම්මානනීය සිනමා කරුව... රංගන ශිල්පී හේමාල් රණසිංහගේ ''සෙකන්ඩ්... විජේදාස රාජපක්ෂගේ කෘති තුනක් සහ... ඔබෙන් ලද කරුණාවට දස දහස්වාරයක්... අම්මට විශ්වාස කරගන්න බැරි වුණා... අනං මනං ආත්මය විකුණු ප්‍රේමය ... එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...
යුරෝපීය මහ බැංකුවේ විධායක මණ්ඩල සාමාජිකයෙකු වන Fabio Panetta පැවසුවේ ඩිජිටල් යුරෝවක විභවය ගවේෂණය කරන නාභිගත කණ්ඩායම් මාර්ගගත සහ භෞතික ගබඩාවල ඩිජිටල් මුදල් භාවිතා කිරීමේ හැකියාව ප්‍රධාන අංගයක් විය හැකි බවයි. බදාදා නිකුත් කරන ලද ලිඛිත ප්‍රකාශයක, Panetta විසින් 2021 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන ලද ඩිජිටල් ගෙවීම් ක්‍රම පිළිබඳ ECB නාභිගත කණ්ඩායම්වල සොයාගැනීම් බිඳ දැමූ අතර, එමඟින් මිනිසුන් භෞතික සහ අන්තර්ජාල වෙළඳසැල් වල පිළිගත් ඩිජිටල් යුරෝවක් පිළිගැනීමට වැඩි ඉඩක් ඇති බවත්, පුද්ගලයාට ගෙවීම පහසු වීමට ඉඩ සලසන බවත් යෝජනා කළේය. . Panetta ට අනුව, වසර 20 කට පෙර fiat euro අත්විඳින ලද දරුකමට හදා ගැනීමේ ප්‍රවණතා දැකීමට සියලුම වෙළෙන්දන්ට ඩිජිටල් යුරෝවක් පිළිගැනීමට අවශ්‍ය වනු ඇත. "යුරෝ මුදල් නෝට්ටු හඳුන්වාදීම නිසා යුරෝ ප්රදේශයේ ඕනෑම තැනක භෞතික යුරෝවලින් ගෙවීමට අපට හැකි විය," Panetta පැවසීය. "එබැවින් ඩිජිටල් හෝ මාර්ගගතව ගෙවිය හැකි ඕනෑම තැනක මුදල් නෝට්ටු සඳහා ඩිජිටල් අනුපූරකය භාවිතා කිරීමට මිනිසුන් අපේක්ෂා කිරීම පුදුමයක් නොවේ." නාභිගත කණ්ඩායම්වල සොයාගැනීම් මගින් සාමාන්‍ය මහජනතාව සහ වෙළෙන්දන්ගේ බොහෝ සාමාජිකයින් ඩිජිටල් යුරෝවක් ගැන නුහුරු නුපුරුදු බවත් තාක්‍ෂණය සඳහා භාවිතා කරන අවස්ථා සංඛ්‍යාව වැඩි වන විට මුදල් ක්‍රමයෙන් ඉවත් කරනු ලැබේ යැයි බියෙන් සිටින බවත් ඉඟි කළේය. කෙසේ වෙතත්, මෙම සංකල්පය ඔවුන්ට පැහැදිලි කළ පසු, සාමාන්‍ය ජනතාවගෙන් අවධානය යොමු කරන කණ්ඩායමේ සාමාජිකයින් පැවසුවේ “සියලු වර්ගවල භෞතික සාප්පු වල සහ අන්තර්ජාලය හරහා පුළුල් ලෙස පිළිගැනීම” ඩිජිටල් යුරෝවක් සඳහා වඩාත්ම අවශ්‍ය අංගය වන අතර වෙළඳුන් යෝජනා කළේ ඉහළ ඉල්ලුමක් වනු ඇති බවයි. — European Central Bank (@ecb) March 30, 2022 2020 ඔක්තෝම්බර් සහ 2021 ජනවාරි අතර මහ බැංකුව විසින් පවත්වන ලද මහජන උපදේශනවලට ප්‍රතිචාර වශයෙන් පුද්ගලිකත්වය පිළිබඳ ගැටළු සමඟ ECB මෙම විශේෂාංග සලකා බලනු ඇති බව Panetta වැඩිදුරටත් පැවසීය. , අදාළ ප්‍රතිපත්ති තීරණය කිරීමට භාවිතා කළ හැකි දත්ත සැපයීම: “පුරවැසියන්ට සහ වෙළෙන්දන්ට අවශ්‍ය දේ පිළිබඳ පැහැදිලි චිත්‍රයක් අපට ලැබෙමින් පවතී, එබැවින් ඕනෑම විභව නිකුත් කිරීමකට පෙර අපට ඩිජිටල් යුරෝවක සියලුම සැලසුම් අංගයන් මනාව සකස් කළ හැක. සහ සම-නීති සම්පාදකයින්ට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමට ඇත, උදාහරණයක් ලෙස වැඩි පෞද්ගලිකත්වයක් සක්‍රීය කිරීම. Tags: Regulations Share Previous Post Next Post Featured Post Bitcoin Bloomberg විශ්ලේෂක ඉඟි පල කරන්නේ ඉදිරි මාස හය තුළ BTC නැවතත් ප්රකෘතිමත් වන බවයි. Bloomberg හි ජ්‍යෙෂ්ඨ වෙළඳ භාණ්ඩ උපායමාර්ගික Mike McGlone 2022 දෙවන භාගයේදී (2H… NEWS Altcoins(165) Bitcoin(321) Blockchain(181) Ethereum(70) Contact Us CCN.LK is a digital news provider, As people in a world that is becoming more and more digital, we need to keep up with these technologies and improve day by day. We at CCN.LK distribute cryptocurrencies related news and provide up-to-date information on cryptocurrencies to our Sri Lankans in Sri Lanka. Our main objective is to give all Sri Lankans instant access to the latest crypto related news.
ඌ තමා බං ඕකට හරියනම කෙනා… ආයි කොලිටිය ගැන නම් බය වෙන්න එපා… ගානට තිතට කරලා දෙයි… ඌට ගහන්න වෙන එකෙක් නෑ… බය නැතුව ඌට දීහන්… ” ලෙක්චරේ ඉවර වුන ගමන් ජූස් බාර් එක මතක් වෙලා ද කොහෙද බණ්ඩියත් හිමීට කෑ ගහනවා මට විතරක් ඇහෙන්න. යාළුවො ටිකත් කතා කරන් නුග ගහ පැත්තෙන් ජූස් එකක් බොන්න හිතන් හවානා එක පැත්තට ගියේ ඊළඟ ලෙක්චරේට පැයක් ම තියෙන නිසා. කන්න බොන්න නම් අපිට ලොකු බඩගින්නක් එන්න ම ඕනි නෑනෙ. ලෙක්චරේ මැඩම් කෑමක් මතක් කලත් ඇති, ඉවර වෙනකම් බලන් ඉන්නෙ කැන්ටිමට දුවන්න. දුෂ්කර ක්‍රියා කලේ plant resources ඉගෙන ගත්ත 1st sem එකේ තමා. මුළු ලෙක්චරේ පුරාම තියෙන්නෙ රසම රස කෑම ජාති. Fruits ගැන උගන්නද්දි නම් බඩේ පණුවො දහ අට වන්නමත් නටලා මදි පාඩුවට අඩව්වකුත් ඇල්ලුවා. ඉවර වුන ගමන්ම ලෙක්චරේ හැමෝම එක්කො කැන්ටිමේ; නැත්නම් ජූස් බාර් එකේ. මේ යන්නෙත් ඉතින් ඒකටම තමා. වෙන මොනාට ද? ‘කෑම නම් අපි – අපි නම් කෑම.’ ඒ තරම් බැඳියාවක් තියෙන්නෙ කැමත් එක්ක. අපිට ඉස්සරහින් යන දෙන්නා නම් බරම බර සාකච්ඡාවක. මොකක්ද මංදා එකක් හදා ගන්න වැඩ්ඩෙක්ව හොයනවා. මටත් ඉතින් ඕන නැති ඕප දූපයක් නෑනෙ. ටිකක් කන දීගෙන ඉඳලා හොට දැම්මා ආයෙ කල් යල් බලලා ගැලපෙනම තැනට. “ඔව් ඔව්… එයාට දෙන්න ඕක… එයා තමා හොඳ ම… ඔයාට ටොප් එකටම ඉවර කරලා දෙයි…” දෙන්නා බය වෙලා වගේ බලද්දි තමා තේරුණේ අනුන්ගෙ කතාවක් නේ ද මේ අහන් හිටියෙ කියලා. වැඩේ දෙල් වෙලා බැනුමක් අහ ගන්න කලින් දත් තිස් දෙකම දාලා හිනා වුනා ෂේප් වෙන්න. වැඩේ හරි. දෙන්නගෙ කතාව තුන් දෙනාගෙ වෙලා යෝජනාව සම්මත වුනා. හවානා එකෙන් ජූස් එකකුත් බීලා කට්ටියත් එක්ක කයියකුත් දාලා සෙට් එකම ගියා ලෙක්චරේට… කතාව එතනින් ඉවර වුනාට සිද්ධිය නම් අමතක වෙලා නෑ වගේ. බස් එකේ සීට් එකට හේත්තුවකුත් දා ගෙන ජනේලෙන් එළිය බලන් ෆෝන් එකත් අතේ කියන්නෙ ඉතිං මං ඉන්නෙ මගෙ ලෝකෙ. හිතට එන හැම දේම දුරකථන තිරය මත අකුරු වෙද්දි ඉබේම මතක් වුනේ උදේ වුනු සිද්ධිය. අකුරෙන් අකුර සිද්ධියම අමුණලා ඉවර වෙද්දි මතක් වුනේ ඉස්කෝලෙ යන කාලෙ බෝඩ් කෑල්ලක ලියලා තිබුන දෙයක්. “එක එක මිනිස්සුන්ට සුවිශේෂී වූ විශේෂ දක්ෂතා දීලා තියෙන්නෙ එකතු වෙලා වැඩ කරන්න.” එදා ඒක නිකම්ම නිකම් අකුරු ටිකක් වුනාට කොයි තරම් ඇත්තක් ද කියලා හිතුනෙ අද ඒක මතක් වෙද්දි. තනි වෙච්ච ලෝකෙක අතරමං වෙලා තනියෙන් ම හැම දේම කරනවට වඩා දක්ෂයො ගොඩක් එක්ක එකතු වෙලා වැඩ කරන්න සොබා දහම දක්ෂතාවයන් බෙදලා තියෙන විදිහ දැක්කම වෙන කෙනෙක්ගෙ දක්ෂතාවයකට ඊර්ෂ්‍යා කරනවට වඩා තමන්ට පුළුවන් දේ ඔප මට්ටම් කර ගෙන නොදන්න දේ දන්න අය අතරෙ හුවමාරු කර ගත්තොත් අලුත් අලුත් ලස්සන දේවල් කොයි තරම් නම් ලෝකෙට එළි බසියි ද? එහෙනම් අදට වඩා ලස්සන හෙටක් අලුත් අලුත් නිර්මාණ ගොඩකුත් එක්ක අපි හැමෝටම ලැබේවි. ආසියාවෙ විතරක් නෙවේ මුළු ලෝකෙම ආශ්චර්ය විදිහට මේ පුංචි මුතු ඇටය දිදුලවන්න අපි හැමෝම එකට එකතු වෙනවා නම් වසරක් පාසා ලංකාව හැර දමා යන බුද්ධියට කොමාවක් නැතුවම තිතක් තියලා මේ රට පළමුවන ලෝකයේ ආර්ථිකයකට උරුම කම් කියන රටක් බවට පත් කරන එක අමාරු වැඩක් නෙවේ. මොකද ලෝකයේ බලගතු යැයි කියන රටවල්වල බලගතු ආසන බොහොමයකම හිමිකාරිත්වය මේ වන විටත් ලාංකික උගත් බුද්ධිමතුන් අත් පත් කර ගෙන අවසන් නිසා. ඉතින් අපිටත් බැරි නෑ අපේ රටත් දකින හීනෙ ඉහලින් ම ඔසවලා තියන්න. ඉතින් අපි පුංචි තැනින් පටන් ගමු. මේ පුංචි මුතු ඇටය දිදුලවන්න… එකා මෙන්ව එකතු වෙලා… දක්ෂයන්ව දිරි ගන්වමින්… සුදුස්සන්ට සුදුසු තැන දෙමින්… Fascinated Happy Sad Angry Bored Afraid Story FacebookTwitterWhatsAppLinkedIn About the author හෂිනි මධුෂානි විද්‍යා පීඨය - අවසන් වසර කොළඹ විශ්ව විද්‍යාලය View all posts You may also like නිසදැස් වනස්පති දැනුම Campus Field Episode 2 විශ්ව විද්‍යාලය සරසවියට නව හසරැලි විශේෂ දිනයන් Orange the world! විශේෂ දිනයන් සිරි සුබ වෙසඟක් වේවා! දැනුම ඩුගා රේඩාර් පද්ධතිය Leave a Comment Cancel reply Join with us Follow Me facebook instagram youtube linkedin twitter Categories Colombo Beacon84 ඉතිහාසය6 Interview76 Uncategorized4 ආගමික25 ආදරය108 ක්‍රීඩා78 දැනුම361 නිසදැස්575 විශ්ව විද්‍යාලය118 විශේෂ දිනයන්204 සාමාන්‍ය168 Tags Animal Anniversary Biology Book CampusField ColomboBeacon Congeniality Covid - 19 Cricket Economic Father FelizCumpleaños Festival Film Flash Health History Humanity Interview Life Love Mother Motivation Music Nature Poem poya Recensiones Rotaract ScientiamVeritatis Scientific short story Sports Story Technology Travel undays අවුරුදු ආදරයේඅරගලය නත්තල් රූ ධාරා වෙසක් ස්වයංපෝෂිත සුනාමි සුව ධරණී Archives Archives Select Month December 2022 (2) November 2022 (16) October 2022 (12) September 2022 (1) August 2022 (13) July 2022 (11) June 2022 (25) May 2022 (6) April 2022 (7) March 2022 (4) February 2022 (18) January 2022 (46) December 2021 (54) November 2021 (50) October 2021 (48) September 2021 (64) August 2021 (49) July 2021 (45) June 2021 (48) May 2021 (40) April 2021 (10) March 2021 (15) February 2021 (6) January 2021 (25) December 2020 (30) November 2020 (38) October 2020 (41) September 2020 (13) August 2020 (38) July 2020 (44) June 2020 (47) May 2020 (56) April 2020 (47) March 2020 (19) February 2020 (12) January 2020 (7) December 2019 (14) November 2019 (9) October 2019 (16) September 2019 (18) August 2019 (16) July 2019 (9) June 2019 (8) May 2019 (12) April 2019 (8) March 2019 (7) February 2019 (3) January 2019 (3) November 2018 (3) September 2018 (2) August 2018 (9) July 2018 (9) June 2018 (6) May 2018 (11) April 2018 (9) March 2018 (4) February 2018 (1) December 2017 (2) November 2017 (2) October 2017 (4) September 2017 (4) August 2017 (4) July 2017 (9) June 2017 (2) May 2017 (2) April 2017 (9) March 2017 (7) February 2017 (3) January 2017 (3) December 2016 (2) November 2016 (3) October 2016 (4) September 2016 (5) August 2016 (7) July 2016 (5) June 2016 (7) May 2016 (2) April 2016 (1) March 2016 (9) February 2016 (9) January 2016 (5) December 2015 (4) November 2015 (7) October 2015 (8) September 2015 (1) May 2015 (82) April 2015 (112)
මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක යනුවෙන් විදුර ප්‍රභාත් මුණසිංහ සිංහලට නඟා ඇත්තේ ගබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් දැනට අවසන් වරට ලියා ඇති Memories of My Melancholy Whores. (2004) නමැති කෙටි නවකතාවය. මාකේස් යයි කී විට අපට සිහියට නැගෙන්නේ One Hundred Years of Solitude (1967), Love in the Time of Cholera (1985) සහ The General in His Labyrinth (1989) වැනි විශිෂ්ට නවකතා ලියූ ලතින් අමෙරිකානු මහ ගත්කරුය. එහෙත් ඔහුගේ මේ අලුත් කෘතියෙන් ඔබට එබඳු මාකේස් කෙනෙකු හමු නොවන බව අනතුරු ඇඟවිය යුතුව ඇත. මෙම නවකතාව ආරම්භ වන්නේ පුවත්පත් තීරු ලිපි රචකයකු වූ එක්තරා මහලු මිනිසෙක් (ඔහුට නමක් නැත.) සිය අනූවන උපන් දිනයේදී ළාබාල කන්‍යාවක සමඟ යහන් ගත වීමේ ආශාවක් ප්‍රකාශයට පත් කිරීමෙනි. ඔහුගේ එම අපේක්ෂාව සඵල වෙතත් ඔහුට මුණ ගැසෙන්නේ නිද්‍රා ජනක ඖෂධයක් දීමෙන් තද නින්දකට පත් කළ තරුණියකි. කතාවේ ඉතිරි අඩ එම තරුණිය කෙරේ වූ ඔහුගේ ලාලසාව පිළිබඳ වාගාලංකාරයක් වී ඇත. ඇත්ත. මාකේස් මෙහිලා ඔහුගේ වෙනත් විශිෂ්ට නවකතා සමඟ සම අසුන් ගත හැකි නවකතාවක් නොලියයි. කන්‍යාවක සමඟ යහන් ගත වීම මහල්ලන්ට දීර්ඝායුෂ ලබා දෙන බවට වූ මිත්‍යාමතික විශ්වාසය ප්‍රස්තුත කර ගත් නවකතා ඇති පදම් ලියවී ඇත. තෝමස් මාන් ගේ The Death in Venice නවකතාව මාකේස් ට බෙහෙවින් බලපාන්නට ඇති බව නිසැකය. මාන්ගේ නවකතාවට ප්‍රස්තුත වන්නේ ළාබාල රූමත් ගැටවරයකුට පෙම් කරන පනස් වියැති මිනිසකු පිළිබඳ කතාවකි. තෝමස් මාන් ගේ නවකතාවටත් වඩා මාකේස්ට බලපා ඇත්තේ යසුනරි කවබතා ගේ The House of the Sleeping Beauties නමැති කෙටි කතාවයි. එම කතාවට ප්‍රස්තුත වන්නේ නිද්‍රාවට පත් කළ රූමත් කන්‍යාවන් නිරුවත් කර ප්‍රදර්ශනය කරනා ගණිකා මඩමක් පිළිබඳවය. එහි යන අයට එම කතුන් අසලින් රැය පහන් වන තෙක් නිදා ගැනීමට අවසර ලැබෙතත් කිසිම අයුරක නරක දෙයක් කිරීමට ඔවුනට ඉඩ නැත. නිදා සිටින යුවතියන්ගේ මුවට ඇඟිල්ලක් දැමීම හෝ එබඳු කිසිවක් කිරීමට උත්සාහ කිරීමට ඔවුනට අකැප විය. මාකේස් ගේ මේ නවකතාව මාන් සහ කවබතාගේ නවකතා හෝ එම ෂානරයේ (genre) වෙනත් එබඳු නවකතා සමඟ ගත් කලද හොඳ නවකතාවක් නොවේ. එසේ ද වුවත් මෙම නවකතාව පිළිබඳ වෙනත් කියවීමක් අපට යෝජනා කළ හැක. එනම් මාකේස් මෙහි ලා තමාගේ නිර්මාණ පෞරුෂය පිළිබඳ දෘෂ්ටාන්තමය යළි කියවීමක යෙදෙන බවය. දැනට 86 වියැති පිලිකාවකින් පීඩා විඳින මාකේස් 2003 දී Living to tell the tale යනුවෙන් තම ස්වයං චරිතාපදානයේ මුල් අදියර පිටු 500 ක් දිගට ලියුවේය. අසම්පූර්ණ වූ තම ජීවන කතාවට ඔහු අතිරේකමය ලිවීමක් ලෙස මෙම පොත ලියා ඇත්තාක් මෙනි. අනූ වියැති මහල්ලකු තම උපන් දිනය දා කන්‍යාවක සමඟ යහන් ගත වීමට ඇති ආශාව ප්‍රකාශයට පත් කිරීම තුළ ප්‍රක්ෂේපණය වන්නේ මාකේස් ම නොවන්නේද? සැබවින් ම එලෙස කන්‍යාවක සමඟ යහන් ගත වීම සඳහා අවස්ථාව ඉල්ලා සිටින්නේ මෙහි එන නමක් නොමැති මහල්ලා නොව මාකේස්මය. ඔහු මෙහි ලා ප්‍රකාශයට පත් කරන්නේ ලේඛන කලාව විෂයෙහි තමා තුළ වන තරුණ ජවය පිළිබඳ විශ්වාසයයි. ඒ පිළිබඳ අභිමානයයි. සිංහල පරිවර්තකයා Melancholy Whores යන යෙදුම දුක්ඛ දායක සුන්දරියන් ලෙස හැඳින්වීම කෙනෙකුට ගැටලුවක් වීම වෙනම කරුණකි. කෙසේ වෙතත් ඊඩිත් ග්‍රොස්මන් (Edith Grossman) එය ස්පාඤ්ඤ බසින් Melancholy Whores යනුවෙන් ඉංග්‍රිසියට නගා ඇත. එම යෙදුම තුළ මාකේස් තම සමස්ථ නිර්මාණ ජීවිතය ම ෆ්‍රොයිඩියානු ලුබ්ධිමය (Libidinal) කියවීමක් බවට පත් කරයි. ඉන් කියවෙන්නේ ඔහු ගැහැණුන් සමඟ නිදි වැදුන බව නොවේ. එය වූ කලී ඔහුගේ ජව සම්පන්න නිර්මාණ ජීවිතය පිළිබඳ දෘෂ්ටාන්තමය (allegerically) කියවීමකි. මේ පොත එලෙස කියවිය නොහැක්කේ නම් වැදගැම්මකට නැති අසභ්‍ය පොතක් ලෙස බැහැර කිරීම අසාධාරණ නැත. ගාර්ෂියා මාකේස් මේ කතාව ලිවීමෙන් නව ජවයකින් යුතුව ලිවීමට තමා තුළ පැලහි පැලහී නැගෙන ආශාව පළ කරන්නාක් මෙනි. කන්‍යාව කෙරේ වූ ලාලසාව නිසාම ප්‍රේමාන්විත වූ සිතිවිලි වලින් ආතුර වන මේ මහලු ලේඛකයාගේ තීරු ලිපි ලියවනේනේ ආදර හසුන්වල ශෛලියෙනි. ඔහු තමා හඳුන්වා ගන්නේ මහල්ලකු ලෙස සිතීමේ පුරුද්දක් නැති අනු වියැති මිනිසකු ලෙසය. (බලන්න සිංහල පරිවර්තනයේ 56 පිටුව) ඔහු මෙම කතාව නිම කරන්නේ තම සියවැනි උපන් දිනය වන විටත් තම නිර්මාණ ජවය වියැකී නොමැන්නේ යයි ඉඟි කරමින් නොවන්නේ ද? කන්‍යාව ඔහුට පිස්සුවෙන් ආලය කරන බව ගණිකා නිවාසයේ හිමිකාරිය වූ රෝසා කැබරකාස් ඔහු සමඟ පැවසීම තුළ පළ වන්නේ තවමත් නිර්මාණ ශක්තිය තමා කෙරේ වන බවය. කන්‍යාව එම කාරනයේ ලා සංඥමය රූපකයක කාර්යභාරයක් ඉටු කරයි. ලේඛකයකුගේ ඕනෑම ලියවිල්ලක ඔහු සැඟව කරයි. ලේඛකයකුගේ ඕනෑම ලියවිල්ලක ඔහු සැඟව සිටීම නොවළැක්විය හැක. එහෙත් තමාම ප්‍රස්තුත කොට ගනිමින් ස්වයං චරිතාපදානයක් ලියන්නා නොදැනුවත්වම ඉන් බැහැර වෙයි. එහෙත් තමාගේ ජීවිතය දෘෂ්ටාන්තයක් ලෙස ලිවීමෙන් ඔහු තමා දෙස තමාට ම බැලිය හැකි ක්‍රමයක් නිර්මාණය කරයි. මාකේස් මෙහි ලා කරන්නේ එයයි. ගාර්ෂියා මාකේස් මෙම නවකතාව තුළ නිර්මාණශීලී බව පුරුෂ ලිංගමය සංඥාවක් ලෙස කියවයි. මෙහි එන කතා නායකයාට විශාල පුරුෂ ලිංගයක් ඇති බව කියවේ. ගණිකා නිවාසය අයිතිකාරිය පමණක් නොව ඔහු සමඟ පෙර විසූ ගැහැනුන් පවා අශ්ලීල ලෙස එම පුරුෂ ලිංග සංඥාව තොරොම්බල් කරයි. මාකේස් තම නිර්මාණ ජවය පුරුෂ ලිංගමය සංඥාවක් ලෙස හඳුන්වා දෙන්නේ එලෙසය. පරිවර්තන යනු දේශීය සාහිත්‍යකලාලය පුළුල් කරනා වෙනම සාහිත්‍ය ෂානරයක් ලෙස සැලකීමේ පුරුද්දක් අපට නැත. මේ නිසා පර බස නොදත් පාඨකයාට පරිවර්තන විශ්ව සාහිත්‍යය ට පිවිසීමේ දොරටුවක් බවට පත්ව ඇත. ඊටත් වඩා ඉන් ලේඛයකු වීමේ පහසු ක්‍රමයක් ද සකස් කර දෙයි. මේ නිසා දැන් පරිවර්තනය නොවුන විදේශීය කෘති අතර තිබෙන්නේ රුෂ්ඩිගේ පන්නයේ දුෂ්කර නිර්මාණ පමණකි. මා ඒ ටික ලිව්වේ මෙම පරිවර්තනය අරබයා නොවන බව කරුණාවෙන් සලකන්න. සමන් වික්‍රමාරච්චි ඔබේ අදහස කියන්න... TAGS 3mana 3mana.com 3mana.org Colombo Telegraph deepthi kumara e news fantacy Hot News jvp love nalinda silva News nirmal ranjith dewasiri online news sri lanka news sri lanka vangurd party Sudarshana Gunawardana SHARE Facebook Twitter tweet Previous articleහොඳ නායකයන් හැමදේටම සිනාසෙන්නේ නැත Next articleතේරුමක් නැති ආඩම්බර කලාකරුවෝ! Editor RELATED ARTICLESMORE FROM AUTHOR Lifestyle රංග භූමිය පර්‍යේෂණ භූමියක් කරගත් නාට්‍යවේදියා Lifestyle ධනවාදය පෙරලා දැමීම යනු ….. Lifestyle චීන ලිංගිකත්වයේ අනෙක් පැත්ත Follow us 4,006FansLike 58FollowersFollow 179SubscribersSubscribe Latest news වැහිළිහිණියන්ගේ සංඥාව. November 25, 2022 පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පශ්චාත් මාක්ස්වාදය. November 18, 2022 කූඹියෝ සීරීස් 2 එපිසෝඩ් 1.1 – කුහුඹු රාජ්‍යය November 18, 2022 ඔබට x සංස්කෘතිය අවශ්‍ය නම් එය එදා මෙයයි. November 9, 2022 Home News Political Hegel Seminars Hot Video English Žižek Articles Lifestyle FB LIKE For Sharing NEWS By: Rashid Azar © 3mana | Online news magazine - 2017-2021. All Rights Reserved. | Design by: Lanka Designer '); var formated_str = arr_splits[i].replace(/\surl\(\'(?!data\:)/gi, function regex_function(str) { return ' url(\'' + dir_path + '/' + str.replace(/url\(\'/gi, '').replace(/^\s+|\s+$/gm,''); }); splited_css += ""; } var td_theme_css = jQuery('link#td-theme-css'); if (td_theme_css.length) { td_theme_css.after(splited_css); } } }); } })();
කාන්තා ඔබ යම් නිෂ්පාදනයක් මිලදී ගැනීමේදී එම නිෂ්පාදනය ඔබට ගැලපෙන ,කාන්තා ඔබේ සුවිශේෂී අනන්‍යතා හදුනා ගනිමින් නිපදවා ඇති නිෂ්පාදනයක් දැයි පිළීබදව විමසිලිමත් වන බව අප දන්නවා. රැකියාවේ නියුතු බොහෝ තරුණියන්ගේ ඊලග සිහිනය මුදල් ටිකක් එකතු කරන් තමන්ටම කියල අලුතෙන් වාහනයක් මිලදී ගැනීමයි.එහිදීත් කාන්තා ඔබේ අවශ්‍යතාවන්ට ගැලපෙන ගුණාංග සහිතව නිෂ්පාදනය කර ඇති වාහනයක් කෙරෙහි අවධානය යොමු කිරීම ඔබට වඩාත් වාසිදායක වේවී. නමුත් අදටත් බොහෝ කාන්තාවන් අවධානය යොමු කරන්නේ වාහනයේ බාහිර අලන්කාරය හා වර්ණය ගැන පමණයි.නමුත් smart තරුණියක් ලෙස ඔබ වාහනයක් මිලදී ගැනීමේදී වාහනයේ බාහිර පෙනුම, වාහනයේ මුලික අංග පමණක් නොව මිලදී ගන්න සිතන වාහනයේ අමතර උපාංග පිළිබඳවත් අවධානය යොමු කිරීම වැදගත්. විශේෂයෙන්ම කාන්තා ඔබ වාහනයක් මිලදී ගැනීමේදී එහි වර්ගය, විලාසිතාව, වර්ණය, නඩත්තුකිරීමේ පහසුව සහ ආරක්ෂාවට පිළිබදව වැඩි අවධානයක් යොමු කිරීම වැදගත්. ඔබ නිතර ගමන් බිමන් යන්නේ තනිව නම් හදිසි අවස්ථාවකට පහසුවෙන් මුහුණ දීමට හැකියාව ලැබෙන ආරක්ෂිත අමතර උපාංග වාහනයට සවිකර ගැනිම ණුවනැති තීරණයක් වේවී. ඒ නිසාමයි අපි හිතුවෙ කාන්තා ඔබ වාහනයක් මිලදී ගැනීමේදී වැඩි අවධානයක් යොමු කළ යුතු අමතර උපාංග පිළිබදව ඔබ දැනුවත් කරන්න. ඉතින් ඔබත් ලගදී වාහනයක් මිලදී ගන්න සැලසුම් කරනව නම් පහත ඇති අමතර උපාංග මිලදී ගන්න සැලසුම් කරන වාහනයේ තිබෙනවාදැයි පිළිබඳව අවධානය යොමුකිරීම වඩාත් උචිත වේවී. Reverse Sensor රිවර්ස් සෙන්සර් එනම් පසුපසට පැදවීමේදී රියේ පසුභාගය පෙන්වන කැමරාව සහිත දැනුම් දීමේ පද්ධතිය සුළු ඉඩක තනිවම රිවර්ස් කිරීමේදී ඉතාමත්ම ප්‍රයෝජනවත්. බොහෝ නවතම වාහනවල මෙය inbuilt උපාංගයක් ලෙස පැමණේ. එසේ නොමැති නම් මෙම පද්ධතියක් සවිකරවාගත හැකියි. ඉඩකඩ ඇති ඇසුරුම් කලාපයක් (storage space) ඔබට නිවසට අවශ්‍ය ද්‍රව්‍ය ගෙනයෑමේදී වගේම විනෝද චාරිකාවක් යෑමේදීද මෙය ඉතාමත් ප්‍රයෝජනවත්. Hatchback කාර්වල මෙම පහසුකම වැඩියෙන්ම තිබනවා. Automatic trunk එහෙම නැතිනම් ස්වයංක්‍රීයව පිටුපස දොරටුව විවර කිරීමේ පහසුකම තිබීමත් අතින් කටින් බඩු එල්ලාගෙන පැමිණෙනවිටකදී වඩාත් ප්‍රයෝජනවත්. හොඳ GPS system එකක් තනිවම ගමනක් යනවිට වගේම පාරක් අහගන්න කෙනෙක් නැති වෙලාවකදිත් GPS system ඉතාමත් ප්‍රයෝජනවත්. මේ සඳහා පුළුල් තිරයක් ලැබෙන නිසා දුරකතනයේ GPS එක පාවිච්චිකිරීම අවශ්‍යවන්නේ නැහැ. Bluetooth connectivity බොහෝ කාන්තාවන් දැන් iPod and smartphone භාවිතාකරනවා. වාහනයේ Bluetooth පහසුකම තිබෙනවානම් මෙම දුරකතන හරහා ඇමතුම් ලබාගත හැකියි. කාරයේ හෝ දුරකතනයේ voice commands නැතිනම් හඬ මඟින් පාලනය කිරීමද මේ හරහාකරන්න පුළුවන්. ආරක්ෂක උපාංග මධ්‍යම අගුලුලෑම (center locking), airbags වැනි ආරක්ෂිත උපාංග තිබීම වැදගත්. ඒ වගේම ඔබට කුඩා දරුවන් සිටිනවා නම් baby locking වැනි උපාංග තිබීම වගේම baby seat එක ආරක්ෂිතව තැබියහැකිවීමත් වැදගත්. හොඳ warranty එකක් හොඳ වගකීමේ සහතිකයක් කියන්නෙ පොතේ හැටියටම අමතර උපාංගයක් නොවුණත් වාහනයේ යහපත් පැවැත්මට ඉතාමත් වැදගත්. හිතේ කරදරයක් නැතිව සැහැල්ලුවෙන් සහ විශ්වාසයෙන්යුතුව වාහනය පදවන්න එවිට ඔබට පුළුවන්. ධාරක (holders) සහ කණ්ණාඩි මෙවා ප්‍රධානතම අමතර උපාංග නොවුණත් ප්‍රායෝගිකව අවශ්‍යවන උපංගයි. කෝප්ප සහ බෝතල් තබන තැන් (Cup/ bottle holders) සහ වාහන බලපත්‍ර ආදී ලියකියවිලි තැබීමට cubby hole එකක් තිබීම වැදගත්. ඒවගේම හදිසියකට මුණ බලාගන්න sunshade එකේ කණ්ණාඩියක් තිබීමත් ප්‍රයෝජනවත්. මෙම අමතර උපාංග තිබීම ඔබට අමතර සවියක්. ඒ නිසා වාහනයක් ගන්න කලියෙන් ඔබේ අවශ්‍යතාවන්ට ගැලපෙන අමතර උපාංග තිබෙනවාදැයි පරීක්ෂාකර බලන්න. – කල්හාරී – Share Facebook Twitter Pinterest WhatsApp Related Articles පතොක් මලක ප්‍රේමය -22 සඳ කත් මිණි ඇස් 6 ජීවිතේ සාර්ථක කරගත් කාන්තාවක් වෙන්න ඔබ කළ යුතුම දේවල් සුළං සීනු – 4 කුනිස්සෝ මැල්ලුම කුස්සියේ රහස් Don't Miss යෝනි මාර්ග දෙකක් සහ ගර්භාෂ දෙකක් සහිත එව්ලින්ගේ කතාව (අ)හිමි සිහින -224 (අ)හිමි සිහින -218 දවස් තුනෙන් බර අඩු කරන ටූනා ඩයට් ප්ලෑන් (අ)හිමි සිහින -216 විසි හැවිරිදි වියේදී අත් හැරුණු සිහිනය අවුරුදු 66 දී සැබෑ කර... Latest Articles අහිමි සිහින (අ)හිමි සිහින -226 admin - November 28, 2022 0 හත් දවසේ දානය නිමවූ පසු මගේ කල්පනාවේ තිබුණේ එක දෙයයි. ඒ තුන්මාසේ දානය මීටත් වඩා හොඳින් කළ යුතු බව සහ ඒ සඳහා... Read more නිබ්බුත ගීත නිබ්බුත ගීත -21 admin - November 28, 2022 0 ඒ මින් පෙර කිසි දාක නො සිදු වූ දෙයකි. අපේ ගෙදර එහෙම රණ්ඩුවක් තබා උස් හඬින් කතා කිරීමක් හෝ සිදු වන්නේ නොවේ.... Read more Entertainment යෝනි මාර්ග දෙකක් සහ ගර්භාෂ දෙකක් සහිත එව්ලින්ගේ කතාව නිබන්ධිකා වන්නිනායක - November 28, 2022 0 Adult content creator කෙනෙකු වන Evelyn Miller වයස අවුරුදු 20 වන තෙක් ඇය යෝනි දෙකක් සහ ගර්භාෂ දෙකක් සහිතව උපත ලබා ඇති... Read more සුහදිනි සුහදිනී -71 නිබන්ධිකා වන්නිනායක - November 28, 2022 0 "මමයි අම්මයි ඔයාට බෝධි පූජා තියන්න යන්නේ" සකී එක්තරා උදෑසනක අහස්ව අවදි කළේ එසේ කියමිනි.තරගාවලිය ඇරඹෙන්නට වැඩි දවස් නොවේ.අහස්ගේ... Read more නිබ්බුත ගීත නිබ්බුත ගීත -20 ගංගා ෂයිනි ගමගේ - November 27, 2022 0 ප්‍රේමයේ වියෝගය පිළිබඳ කල්පනා මා ආතුර කොට තිබිණ. මධාරා අක්කා ගේ විවාහ මංගල්ලයෙන් පස්සේ දෙතුන් දිනක් ගෙවී ගියේ ඒ ඔත්පල වීම තුළ... Read more Load more Jack Tree (Pvt) Ltd, 300/13 Bird Park, Madiwela, Kotte. Phone : 011 281 4449 Contact us: [email protected] smartlady.lk වෙබ් අඩවියේ අඩංගු සියලුම ලිපි Jack Tree (Pvt) Ltd ලිඛිත අවසරයකින් තොරව උපුටා ගැනීම, නැවත ප්‍රකාශණය කිරීම, බෙදාහැරීම, ප්‍රදර්ශනය කිරීම, විකාශනය කිරීම ඇතුළුව කුමන අයුරකින් හෝ භාවිත කිරීම බුද්ධිමය දේපල පනත යටතේ සිරදඬුවම් ලැබිය හැකි වරදකි.
ඔහු නමින් වී. හේමපාල ය. තමන්ගේ වෘත්තීය සගයෝ ඔහුට කිවේ තලේ කියා ය. බොහෝ දෙනෙකුට ඔහු තලේ අයියා ය. ඇසුරු කරන්නන්ට හිත හොඳ මිනිසෙකි. ඔහු අතිශය පොහොසත් ය. ඒ අවංක කමින් හා නිහතමානිත්වයෙනි. නමුත් මේ මොහොතේත් මුදල් අතින් නම් ඔහු අතිශය දුප්පත් ය. ඒ ඔහු හම්බ කළේ මුදල් ම නොවන නිසා ය. ඩී.බී. නිහාල්සිංහ යනු සිනමාවේ දැවැන්තයෙකි. මහා පත්තර කාරයකු වූ ලංකාදීපයේ ඩී.බි. ධනපාලයන්ගේ පුතා ය. චිත්‍රපට සංස්ථාවේ පළමු සභාපතිවරයා ය. ඊට වඩා ඔහු හොඳ සිනමාකාරයෙක් ය. වැලි කතර ඔහුගේ දැවැන්ත සිනමා නිර්මාණයකි. අපට මතක ඇත්තේ ගෝරිං අයියා ය. ඒ ගෝරිං අයියා ඔබ දකින්නේ තලේ අයියා ගේ ඇසෙනි . ඒ කියන්නේ වැලි කතර සිනමා අධ්‍යක්ෂවරයා ඔහු ය. අද වන විට රුපවාහිනී නාලිකා බොහොමයක වැඩියෙන් ම පෙන්නන්නේ ටෙලි නාට්‍ය ය. ඒත් ලංකාවේ අපි ඉස්සෙල්ලාම දැක්ක ටෙලි නාට්‍යය දිමුතු මුතු ය. ඒ දිමුතු මුතු ටෙලි නාට්‍යයේ ද කැමරා අධ්‍යක්ෂවරයා තලේ අයියා ය. පසු කලෙක ස්වරණවාහිනිය ආරම්භ කරන විට එහි පළමු කැමරා අධ්‍යක්ෂවරයා වන්නේ ද තලේ අයියා ය. ඔහු සිංහල සිනමාවේ එක් යුගයක ඩි.බි නිහාල්සිංහ, ගාමිනී ෆොන්සේකා සමග වැලිකතර,සිරිල් මල්ලි, රිදී නිම්නය ආදි චිත්‍රපට 50කට වඩා කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වී තිබෙන්නේ ය.. කෙලි මඩල වෙනුවෙන් ජනාධිපති සම්මාන මෙන්ම දිමුතු මුතු, කළු මෙන්ම රේඛා වෙනුවෙන් ද රුපවාහිනී සම්මාන ද තලේ අයියා සමත් විය. නමුත් මේ කියන්නට යන්නේ ඔහුගේ වත්මන් කතාව ය. එය අතිශය දුෂ්කර ය. මේ වන විට තලේ අයියා ඉන්නේ දැඩි ලෙස රෝගාතුරව ය. ඒ තම බිරිඳ සමග හොරණ ප්‍රදේශයේ ය. දැන් ඔහු හදවත් රෝගියෙකි. හදිසි ශල්‍ය කර්මයක් කළ යුතුව ඇතත්, ඒ තරම් මිල මුදල් ඔහුට නැත. ජීවිතය ගැට ගහ ගන්නේද අමාරුවෙන් නිසා රජයේ රෝහලකින් ඔහු සැත්කම කර ගන්නට සිතුවේ ය. නමුත් ඒ සඳහා කලක් බලා සිටිය යුතුය. ඒ තරම්ම කලක් ඉන්නට ඔහුට හැකියාවක් නැත්තේ දැන් දැන් තත්ත්වය බරපතල වී ඇති නිසා ය. ඔහු ඉල්ලා සිටින්නේ එකම දෙයකි. ඒ, හදවත් සැත්කම කර ගන්නට උදව් වන ලෙස ය. පුද්ගලිකව නම් ලක්ෂ 10 ක් පමණ වැය වේ. එසේත් නැත්නම්, රජය මැදිහත් වී රජයේ රෝහලකින් මේ සැත්කම ඉක්මනට කරදෙන ලෙසය. මාධ්‍ය වලට මෙන්ම කලාකරුවන්ට ද එකතු වී යමක් කළ හැකිනම් ඉතා අගනේය. ස්වරණවාහිනිය විසින් මෙය කළ යුතුම දෙයක් මෙන්ම ඔවුන්ට මෙය කළ හැකි දෙයකි. උදව් කරන්නට දානපතියන් ඕනා තරම් සිටින්නට පුළුවන. එය මාධ්‍යයක් ලෙස සම්බන්ධීකරණ කටයුත්තට දායක වන්නැයි අපි ස්වර්ණවාහිනී ප්‍රමුඛ මාධ්‍ය ජාලයෙන් ඉල්ලා සිටින්නේ එය ඔබේ යුතුකමක් බැවිනි. මන්ද ඔහු ස්වර්ණවාහිනියේ ප්‍රථම කැමරා ශිල්පියා ය. ඔහුගේ තොරතුරු M.V හේමපාල (M.V. Hemapala), අංක.375/1-1 කන්දහේන .රත්මල්ගොඩ. පෝරුවදණ්ඩ දුරකතන අංකය–077 926 2766… ගිණුම් අංකය – 210-2-001-3-5628759 – මහජන බැංකුව , කොල්ලුපිටිය සමුපකාර ශාඛාව වෛද්‍යවරියගේ නම – විශේෂඥ වෛද්‍ය හෘද රෝග සේපාලිකා මෙන්ඩිස් ගාමිණි ෆොන්සේකා සමග වැලිකතර රුගත කිරීම් අතරතුර Share this: Twitter Facebook WhatsApp Related Share Prev Post කෝලිට දඩ ගැහුවේ ඇයි ? Next Post කේන්දරයක් නැති අයට ගැලපෙන අංක විද්‍යාව ගැන දැන ගන්න You might also like More from author විදේශීය පෝලන්ත ජනපතිටත් කොරෝනා කලා රජීව් කපූර් දිවිරඟමඩලින් සමුගනී.. දේශීය වසර 12කට පසු ජවිපෙ පරදා පොහොට්ටුවට විශිෂ්ට ජයක් ! ගුරු සමුපකාර බලය තහවුරු කර ගනී.. දේශපාලන පක්ෂ 11 නායකයන් ගේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද Prev Next Leave A Reply Cancel Reply Your email address will not be published. Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Recent Posts කොළඹ නගරයට වඩාත් අද්විතීය වූ කාර්යාල පරිශ්රයක් ලබා දෙමින් Mireka Tower ගොඩනැගිල්ල උත්කර්ෂවත්ව විවෘත කෙරේ ඔස්ට්‍රේලියාවේ විශාලතම ලාංකීය සංස්කෘතික උළෙල Lanka Fest යළිත්! කැස්ස පැණියක් නිසා ඉන්දුනීසියාවෙත් ළමයින් 100ක් මියයයි ‘MISS TOURISM WORLD 2022’ අවසන් මහා තරගය ශ්‍රී ලංකාවේදි ඉන්ධන මිළ වැඩි වෙයිද ? Categories Uncategorized කලා ක්‍රීඩා ගොසිප් ජ්‍යෝතිෂ්‍ය දේශපාලන දේශීය විදේශීය විශේෂාංග ව්‍යාපාරික සෞඛ්‍ය Contact Us Email – info@primenews.lk Subscribe to Blog via Email Enter your email address to subscribe to this blog and receive notifications of new posts by email. Email Address Subscribe Join 3,560 other subscribers Top Posts කොළඹ නගරයට වඩාත් අද්විතීය වූ කාර්යාල පරිශ්රයක් ලබා දෙමින් Mireka Tower ගොඩනැගිල්ල උත්කර්ෂවත්ව විවෘත කෙරේ
ප්ලාස්ටික් විලාසිතාවක් නොවේ: පාරිභෝගිකයින් ස්වභාවික ලොම්, සම් සහ ලොම් සඳහා සහාය දක්වයි එෆ් ජාත්‍යන්තර ලොම් සංගමය අයිඑෆ්එෆ් මැයි 19 ඔබ “පාරිසරික ආරක්ෂණ ලොම්” නමින් පුවත්පත් සාකච්ඡාවක් කියවා ඇති අතර “කාලවල ප්‍රගතිය” ගැන ඔබ සුසුම්ලයි. නමුත් අපට පුළුවන්ද ...තවත් කියවන්න » මිලාන් ලොම් විලාසිතා දැක්ම 2019 තැපැල් කාලය: මාර්තු -25-2021 එක් මිලානෝ ඉහළ පෙළේ ලොම් විලාසිතා සහ කාන්තාවන් ඇඳීමට සූදානම් ප්‍රදර්ශනය 2019 පෙබරවාරි 22-25, නවතම මිලානෝ 2019 පෙබරවාරි 22 සිට 25 දක්වා ෆයිරමිලානොසිටි ප්‍රදර්ශනයේ දී පැවැත්වේ: එක් මිලානෝ කලින් ලෝක ප්‍රසිද්ධ ලොම් ලෙස හැඳින්විණි නිෂ්පාදන prof ...තවත් කියවන්න » අයිඑෆ්එෆ් තිරසාර උපායමාර්ගය දියත් කරයි - 'ස්වාභාවික ලොම්' තැපැල් කාලය: මාර්තු -25-2021 ලොම් විලාසිතා මගින් 2020 පෙබරවාරි 17 ගෝලීය ලොම් කර්මාන්තය අභිලාෂකාමී වැඩපිළිවෙලක් සහ කර්මාන්තය සඳහා පැහැදිලි දිශාවක් සහ සත්ව සුභසාධනය, පාරිසරික ආරක්ෂාව සහ මෙම අංශයේ සේවය කරන පුද්ගලයින් සහ ප්‍රජාවන් සඳහා පුළුල් සැපයුම් දාමයක් දියත් කර තිබේ ...තවත් කියවන්න » ඔන්ලයින් හොංකොං ජාත්‍යන්තර ලොම් විලාසිතා දැක්ම අද විවෘත වේ තැපැල් කාලය: මාර්තු -25-2021 ජාත්‍යන්තර ලොම් සංගමය 2021 මාර්තු 1 වන දින නව හොංකොං ජාත්‍යන්තර ලොම් විලාසිතා ප්‍රදර්ශනය අද විවෘත විය! හොංකොං ලොම් කර්මාන්ත සංගමය ලොව පුරා සිටින ගැනුම්කරුවන් සාදරයෙන් පිළිගනී! හොංකොං ලොම් කර්මාන්ත සංගමය සුබ පැතුම් පිරිනැමීම ගැන ඉතා සතුටුයි ...තවත් කියවන්න » ලොම් දැනුම, පොදු ලොම් වර්ග කිහිපයක්, ඔබ වඩාත්ම කැමති කුමන එකද? තැපැල් කාලය: මාර්තු -25-2021 ඔබ සඳහා පොදු ලොම් වර්ග කිහිපයක් ලැයිස්තුගත කරන්න 1, ලින්ක්ස් බළලා එය ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය කරනු ලබන්නේ එක්සත් ජනපදය, කැනඩාව සහ රුසියාවෙනි. ශක්තිමත් උණුසුම රඳවා තබා ගැනීම සහිත හොඳම ලොම් එය වන නමුත් වඩාත්ම වැදගත් දෙය නම් එය අතිශයින්ම සැහැල්ලු හා මිල අධික ලොම් වීමයි. වටිනාම කොටස ...තවත් කියවන්න » වගකිවයුතු ලොම් තැපැල් කාලය: මාර්තු -09-2021 IFF තිරසාර උපායමාර්ගය දියත් කරයි - 'ස්වාභාවික ලොම්' 2020 පෙබරවාරි 17 වන දින ලොම් විලාසිතා මගින් ගෝලීය ලොම් කර්මාන්තය අභිලාෂකාමී වැඩසටහනක් සහ කර්මාන්තය සඳහා පැහැදිලි දිශාවක් දියත් කර ඇති අතර සත්ව සුභසාධනය, පාරිසරික ආරක්ෂාව සහ ෆෝ ...තවත් කියවන්න » තත්ත්ව ජාතික පරීක්ෂණ ප්‍රමිතීන් සහ ජාත්‍යන්තර සහතික ලබා ගැනීම කර්මාන්ත ශාලාව ඔබ සෘජු ඩොකින් කර්මාන්ත ශාලාවක් වන අතර ඔබේ කර්මාන්ත ශාලාව ද වේ අත්දැකීමක් නිෂ්පාදනය කිරීමේදී අපට ප්‍රමාණවත් අත්දැකීම් තිබේ අමතන්න අප යින්ඩොං නව දිස්ත්‍රික්කය ගුචෙන් හෙබෙයි පීආර් චීනය දුරකථන: +8615127838990 විද්යුත් තැපෑල: shengjin@sjfurs.com Whatsapp: +8615127838990 පරීක්ෂණයක් මිල ලැයිස්තු සඳහා අපගේ නිෂ්පාදන හෝ මිල ලැයිස්තුව පිළිබඳ විමසීම් සඳහා කරුණාකර ඔබේ විද්‍යුත් තැපෑල අප වෙත එවන්න, එවිට අපි පැය 24 ක් තුළ සම්බන්ධ වන්නෙමු.
සතුටින් ඉන්න යුවලක් හරිම වාසනාවන්තයි. ඇයි එහෙම කියන්නේ කියලා දන්නවාද? ඔවුන් සාර්ථකයි කියන්න ඒක ‌හොද සලකුණක්. ඔවුන්ගේ ඒ සතුට මුළු පවුල පුරාම විසිරෙනවා. එතකොට දරුවන් පවා සතුටින් ජීවත් ව‌ෙනවා. ‌මෙහමෙ සතුටින් ඉන්න යුවල කරන ‌දේවල් තියෙනවාද කියලා ඔබ කල්පනා කරනවා ඇති. ඔව් එහෙම පුරුදු 10 ක් ගැන විස්තර ඇති වටිනා ලිපියක් ඔබ ව‌ෙත ‌ගෙන එන්න තමයි අද අප‌ගේ සුදානම. ‌මේ ‌තොරතුරු කියවා දැනුවත් ‌වෙන්න .ඔබ ‌ෙදෙපළ අතර ආදරය රැක ගනිමින් හැමදාම සතුටින් ඉන්න. සබඳතා පවත්වා ගැනීම සිතන තරම් පහසු නැහැ. ඒ වගේම සතුටෙන් ගෙන යන සබඳතාවයක් ගැන සොයා බලමු. සතුටෙන් ඉන්න අය වෙනුවෙන් ඔවුන් කෙතරම් නම් උත්සාහයක් දරනවද යන වග තේරුම් ගැනීම හා පුළුල් ඉවසීමක් ඊට අවශ්‍යයි. මේ එවැනි සතුටින් ඉන්න යුවලක් තුළ දැකිය හැකි විශේෂ පුරුදු 10 ක් ගැන අපි සොයා බලමු. 1.සතුටින් ඉන්න යුවලක් සහකරු සහකාරිය සිපගන්නවා, සමුගැනිමකදී ගුඩ් බායි කියනවා මනෝ වෛද්‍ය හා සබඳතා පවත්වා ගැනීම පිළිබඳ පුහුණුව ලබාදෙන වෛද්‍ය සමන්ත රොඩ්මන් පවසන ආකාරයට තම බිරිඳ සැමියාට ‘කොහොමද ?’ නැතිනම් ‘goodbye’ කියන එකේ වැදගත්කම කතා කරනවා. මෙය තේරුම් ගතහැකි දෙයක් වගේ පෙනුනත් ඔබ දෙදෙනා එකට බැඳ තබන්න එය උපකාරී වෙනවා. අඩුම වශයෙන් දවසට දෙවතාවක් වත් එය කිරීම වැදගත්. හුඟක් අසතුටින් කල්ගෙවන සබඳතා ඇති අය කියන්නේ අන්තිමට ඔවුන් ‌මෙ‌ලෙස එකිනෙකාට ආචාර කරගැනීම හෝ සිප ගැනීම සිදු කළ අවසන් අවස්ථාව ගැන මතකයක් නැති බවයි. ඔබ ඔබේ සහකරු සමග නෙතින් නෙත ගැටෙමින් ඔහුව සිප ගැනීම ඉතා කලබලකාරී වෙහෙසකර සවසක හා උදෑසනක වුනත් තම සබඳතාවයට දෙන වැදගත්කම කියාපානවා. 2. සතුටින් ඉන්න යුවලක් ද‌ෙදනාම දෙදෙනාව වර්ණනා කරනවා පුංචි අගය කිරීමක් හුඟක් වටිනවා. ඒ නිසයි ඔබේ සැමියාව හෝ බිරිඳව අගය කළ යුතු වන්නේ. ඇගේ පෙනුම ගැන පමණක් නොවෙයි ඇය පිසින ආහාර ගැනත් ඔබට වර්ණනා කරන්න පුළුවන්. ඒ වගේ අද දවසේ කළ දේවල් ගැන හෝ ඔබේ දරුවන්ව ඉතා හොඳින් බලාකියාගත්තට ඇගයීමක් වචනයෙන් වුනත් ප්‍රමාණවත්. 3.ඔවුන් රණ්ඩු ඇතිකර ගන්නවා. නමුත් සීමාවන් ඉක්මවන්නේ නැහැ පොඩි රණ්ඩුවක් ඇතිවීම සබඳතාවයක සාමාන්‍ය දෙයක් වගේම එය තවත් ශක්තිමත් කරනවා. නමුත් මෙහි වෙනස හොඳින්ම පෙනෙන්නේ මෙය ඉතා සතුටින් ඉන්න යුවලකට වුණ විටයි. ඔවුන් එකිනෙකාට අපහාස කරමින් අතීතයේ ප්‍රශ්න ඇදගනිමින් රණ්ඩු කිරීම ඔවුන් කරන්නේ නැහැ. ඒ වෙනුවට ශාරීරිකව වගේම මානසිකවත් සහකරු සහකාරිය තලාපෙලා දමන්නේ නැහැ. 4.සතුටින් ඉන්න යුවලක් නිතරම ධනවාදී පැත්ත පමණක් දකිනවා කාල් කැරොල් පවසන ආකාරයට ඔවුන් නිතරම ශුභවාදී පැත්ත දකිනවා. කපල් තෙරපියස්ට් කෙනෙකු ලෙස සේවය කරන ඇය Gottman ආයතනය මගින් දශකයක කාලයක් කළ අධ්‍යන අනුව ධනාත්මක දැක්ම යුවලක් තුළ සතුට ඇතිකරවන බව පැවසෙනවා. යම්කින් ලැබෙන උණුසුම, මිත්‍රත්වය වැනි හැඟීම් කියාපෑම සහකරුට සහකාරියට දක්වන කැමැත්ත නිසා ඇතිවෙනවා. ඔවුන් කිසි විටකත් තමන් නගාගත් සබඳතාවය පළුදු වන්නට ඉඩ තබන්නේ නැහැ වගේම කැපකිරීම් සිදු කරන්නත් සැහැල්ලුවෙන් හා විහිළු තහළුවෙන් ඉන්නත් වගබලා ගන්නවා. 5. එකිනෙකාට ඇති ආකර්ෂණය වියැකී යන්නට ඉඩ දෙන්නේ නැහැ විවාහය පවුල පිළිබඳ චිකිත්සකයෙකුද ලෙස සේවය කරන ආරන් ඇන්දසන් පවසන කාරයට දරුවන් ලැබීමත් සමග මේ තත්වය වෙනස් වුවත් ඔවුන් කිසි විටකත් එකිනෙකාට ඇති ආකර්ෂණය අඩු කරගන්නේ නැහැ. එය ප්‍රසිද්ධියේ පෙන්වීමට ඔවුන් පසුබට වන්නේ නැහැ. ප්‍රසිද්ධ ස්ථානයකදී ඇගේ අතින් අල්ලාගෙන යන්නත් යහළුවන් අතරේදී අයව ලඟට ගෙන ආදරය පාන්නටත් ඔහු කිසි විටෙක මැලි වන්නේ නැහැ. මෙවැනි පුංචි පුංචි දේ සබඳතාවයක දිගු පැවැත්මට හුඟක් වැදගත්. 6. සතුටින් ඉන්න යුවලක් ඔවුන්ට අවශ්‍ය දේ ඔවුන් සහකරුට කියනවා ආරන් ඇන්දසන් විවාහය හා පවුල් පිළිබඳ චිකිත්සකවරියක වන අතර ඇය පවසන ආකාරයට සතුටින් ඉන්න යුවලවල් ඔවුන් කැමති මොනවාදැයි අනෙකාගෙන් අහන්න කාලය යොදවනවා. එය අනුමාන කිරීමෙන් සිදුකරනවාට වඩා ඍජුව අසා දැනගන්නවා. නිරන්තර සන්නිවේදනය හා විවෘත වීම හොඳ සබඳතාවයක ලක්ෂණයක් වගේම හොඳ පුරුද්දකුත් වෙනවා. 7. නැවත සම්බන්ධ වීම දිගුකාලීන සබඳතා ඔවුන් වටහා ගන්නවා. එකපාරටම පනින්නේ නැතුව ක්‍රමානුකූලව මෙම සබඳතාවය ස්ථාවර කර ගැනීමට ඔවුන් උනන්දු වෙනවා. සබඳතාවයක මුල් කාලයේදී නම් යුවලක් එකිනෙකා ළංකරගෙන ඉන්නවා තරම් දෙයක් නැති තරම්. නමුත් පසු කාලයේදී ඔවුන් ළංකරගන්නේ දුරකතනය නැතිනම් පරිගණකය වෙන්න පුළුවන්. නමුත් සබඳතාවයක සතුට රැකගන්නට උත්සාහ කරන ඇය එකට ඉඳීමේ වැදගත්කමට මුල් තත්වය දෙන අතර එය ගැන හදාරමින්, වැඩෙමින් ලිංගිකත්වය කරා ගොඩනගා ගන්නවා. ඔවුන් තමයි සතුටින්ම සිටින්නේ. ලිංගිකත්වය හා සබඳතා පිළිබඳ උපදේශකයෙකු වන සෙලෙස්ට් හර්ෂ්මන් පවසනවා. 8. සතුටින් ඉන්න යුවලක් ඔවුන් නිදහසේ සිනාසෙනවා වෛද්‍ය සමන්ත රොඩ්මන් පවසන ආකාරයට සමහරුන් තමන්ගේ සිත තුළ සිනහවට හා විනෝදයට ඇති ඉඩ තමන්ගේ රාජකාරි සම මිතුරන් හා යහළුවන් සමග බෙදාගනිමින් එය සහකාරිය හා බෙදානොගන්නවා නම් එය වැරද්දක් බවයි. එක්ව සිනාසීම ඉතා හොඳ සබඳතාවයක ලක්ෂණයක්. 9.මුදල් ගැන කතා කරන්න ඔවුන් කාලය ගන්නවා කර්ට් ස්මිත් පවසන ආකාරයට සල්ලි වෙනුවෙන් රණ්ඩු ඇතිවෙන තත්වයේ සබඳතා දික්කසාදයෙන් අවසන් වන බව පැවසෙනවා. අවාසනාවකට බොහෝ යුවලවල් අවසානය තෙක්ම එවැනි ගැටළු ගැන කතා කරන්නේ නැහැ. නමුත් ගැටළුව විශාල වෙද්දී එය මග හැරීමට බැහැ . ඊට සුදුසුම විසඳුම වන්නේ ගැටළුව විශාල වන්නට පෙර ඒ ගැන සාකච්ඡා කිරීමයි. ඒ නිසා ඔබේ සබඳතාවය දිගු කාලයක් පවත්වා ගන්න හැකි වෙනවා. 10. සැකයේ වාසිය සහකරුට දෙන්න සමහර පුද්ගලයන්ට තමාගේ සහකරු තමන් සමග නැතිව වෙනත් පිලක ජිවත් වෙනවා වගේ දැනෙන්න ගන්නවා. සැකය නැතිවීමත් හොඳ සබඳතාවයකට ශක්තිය ලබාදෙනවා වගේම ඔබ දෙදෙනාම ඉන්නේ එකම පිලක ලෙස සිත කටයුතු කළයුතු වෙනවා. අප නොසිතන නොපතන අවස්ථාවන් වලදී ජීවිතයේ සැප දුක සමබරව අපිට ලැබුනත් සබඳතාවයකදී එය වෙනස් වෙනවා. ඒ බව වටහා දෙන්න theAsianparent Sri Lanka ගත තවත් උත්සාහයක්. theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි. පරිවර්තනය: නිසංසලා ලියනගේ *theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය. සම්පූර්ණ ලිපිය කියවන්න Written by theAsianparent Sri Lanka Home / විවාහය හා පවුල් ජීවිතය / සතුටෙන් ඉන්න යුවලකගේ වැදගත් පුරුදු 10 ක් marriage විවාහය sinhala marriage in Sri Lanka සතුටින් ඉන්න යුවලක් happy couple marri බෙදාගන්න : නිර්දේශිත ලිපි විවාහයක් අසාර්ථක වීමට හේතු වන සහකරුවන් කරන වැරදි 41ක් විවාහය කටුක වන විට ඔබේ සහකරුට මේ දේවල් 8 කියන්න. Load more articles නිර්දේශිත ලිපි විවාහයක් අසාර්ථක වීමට හේතු වන සහකරුවන් කරන වැරදි 41ක් විවාහය කටුක වන විට ඔබේ සහකරුට මේ දේවල් 8 කියන්න. ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න! ඇතුළු කරන්න මව්පදවිය ගැබ්ගැනීම ගර්භණී අවදිය මව්කිරි දීම දරුවාගේ වයස් සහ සංධිස්ථාන ළදරු අවදිය (වයස මාස 12 ට අඩු) මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර) පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර) නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර) අධ්‍යාපනය ප්‍රාථමික අධ්‍යාපනය පහ වසර සෞඛ්‍යය රෝග සහ අසාත්මිකතා දේශීය බෙහෙත් ක්‍රම එන්නත් මානසික ගැටළු ආහාර සහ පෝෂණය ජීවන රටා විවාහය හා පවුල් ජීවිතය ලිංගික දැනුම කෑම වට්ටෝරු මූල්‍ය විලාසිතා හා රූපලාවන්‍ය ජනප්‍රිය තරු විවේකය සහ සංචාරය තව TAP Community අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න අප හා සම්බන්ධ වෙන්න Become a Contributor ලොව පුරා සිටින මව්වරුන් Singapore Thailand Indonesia Philippines Malaysia Sri Lanka India Vietnam Australia Japan Nigeria Kenya © Copyright theAsianparent 2022. All rights reserved අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it \n `},a=(e,i,t,n)=>{let r={};r=n?document.querySelector(`${n}`):document.getElementsByTagName("body")[0];let l=[];if(l=d(r,l),l&&l.length>0)for(let n in i){let r=i[n];if(-1===t.indexOf(r.id)){"production"!==window.__ENV__&&console.log(r.dfpKeys),l[0].insertAdjacentHTML("beforebegin",s({adObj:r,dfpKeys:r.dfpKeys,user:e,device:"Mobile"})),o(r.dfpKeys,"","autoDefine"),t.push(r.id);break}}return t},c=e=>{let i=[...window.dfpPreDefineKey,...window.dfpPostDefineKey],t=[];for(let o in i){let n=l(e,i[o]);n?.id&&"banner"===n?.unitType&&t.push(n)}return t},p=(e,i,o,n)=>{let l=[];if(i.length>0)for(let e in i)l.push(i[e].id);if(o.length>0){let i=!1;if(l.length>0){let e=r(document.getElementById(l[l.length-1]));(!t()||e.viewPortTop<-100)&&(i=!0)}else i=!0;i&&(l=a(e,o,l,n))}return l},u=(e,i,t,o,n,l)=>{let d=t.length,s=!1;if(d>0&&t[d-1]){let e=r(document.getElementById(t[d-1]));(i?.outstream?.isTmAutoPlace&&d<2&&e.viewPortTop<200||e.viewPortTop<-100)&&(s=!0)}else 0===d&&(s=!0);return s&&(t=a(e,n,t,l)),t};window.setAutoBannerAdUnit=function(e,i,o,n={}){let l=c(e),d=[];if("articleWebViewHtml"===i.routeName){if(e?.ros?.webView)for(let i in e.ros.webView)e.ros.webView[i].isTmAutoPlace&&t()&&d.push(e.ros.webView[i])}else if(e?.ros?.banners)for(let i in e.ros.banners)e.ros.banners[i].isTmAutoPlace&&t()&&d.push(e.ros.banners[i]);e?.outstream?.isTmAutoPlace&&(l.length>0?d.splice(0,0,e.outstream):d.splice(1,0,e.outstream));let s=p(i,l,d);const a=t=>{null!==w&&clearTimeout(w),w=setTimeout((()=>{if(-1!==["article"].indexOf(i.routeName)&&n.id){let t=r(document.getElementById(`isReadMoreViewHtml${n.id}`));(t.viewPortTop-window.innerHeight>=0||0===t.viewPortTop)&&(s=u(i,e,s,0,d))}else s=u(i,e,s,0,d);clearTimeout(w)}),150,t),s.length===Number(d.length+l.length)&&window.removeEventListener("scroll",a)};var w=null;window.addEventListener("scroll",a,!1)},window.setAutoBannerReadMoreAdUnit=function(e,i,o,n={},r){const l=document.querySelector(`${r}`);let d=c(e),s=[];if(e?.ros?.readMoreArticles)for(let i in e.ros.readMoreArticles)null!==document.getElementById(e.ros.readMoreArticles[i].id)&&(e.ros.readMoreArticles[i].id=`${e.ros.readMoreArticles[i].id}1`),e.ros.readMoreArticles[i].isTmAutoPlace&&t()&&s.push(e.ros.readMoreArticles[i]);let a=p(i,d,s,r);const w=t=>{null!==f&&clearTimeout(f),f=setTimeout((()=>{a=u(i,e,a,0,s,r),clearTimeout(f)}),150,t),a.length===Number(s.length+d.length)&&l.removeEventListener("scroll",w),l.offsetHeight+l.scrollTop>=l.scrollHeight&&l.removeEventListener("scroll",w)};var f=null;l&&l.addEventListener("scroll",w,!1)}}();
ගෙදරට කිරිකැටියෙකු ගෙන ඒම හැම අම්මා කෙනෙකුගේම සිහිනයක්. ඉතින් නොයෙක් හේතුන් මත ඇති මදසරු භාවය නිසි දරුඵල පමා වීම හෝ නොමැති වීම හේතුවෙන් බොහෝ කාන්තාවන් මානසිකව පීඩාවට පත් වෙනවා. නමුත්, නූතන කාලයේ තාක්ෂණය හා සවර්ධනය නිසා දැන් සෑම අම්මෙකුටම වගේ දරු සුරතල් බැලීමේ වාසනාව හිමි වී තියෙනවා. IUI ප්‍රතිකාරය කියන්නෙත් මව්වරුන්ට දරුඵල ගෙන දෙන්නට උපකාරී වන එවැනි අගනා ප්‍රතිකර්මයක්. දැන් එය සිහිනයක් නෙවෙයි- Gestational Surrogacy India මොකද්ද මේ IUI ප්‍රතිකාරය කියන්නේ? IUI කියන්නේ ඉංග්‍රීසි බසින් (Intra Uterine Insemination) ‍යන්න හඳුන්වන කෙටි නම. මෙයින් සිදුකෙරෙන්නේ පියාගේ ශුක්‍රාණු, මවගේ ඩිම්බ සමග කෘත්‍රිම ලෙස සංසේචනය කිරීම යි. කෙසේ නමුත් මෙම ප්‍රතිකර්මය සිදුකිරීමේ සුදුසු-නුසුදුසු බව තීරණය කෙරෙනුයේ ඔබේ වෛද්‍යවරයා මාර්ගයෙනුයි. IUI ප්‍රතිකාරය කෙරෙන්නේ කොහොමද? මුලින්ම කෙරෙන්නේ පුරුෂයාගේ ශුක්‍රාණු පිටතට ගෙන රසායනාගාරයක් තුළ තේරීමකට ලක් කිරීම යි. මෙය ඉංග්‍රීසි බසින් “sperm washing” ලෙස හඳුන්වනවා. ඉන්පසුව එම ශුක්‍රාණු ගර්භාෂය තුළ තැන්පත් කිරීම සිදුකරනවා. මෙම ප්‍රතිකාරය කෙතරම් දුරට සාර්ථක ද? ශුක්‍රාණු ඩිම්බ හා සංසේචනය වීමට යි මේ සූදානම- Advance Fertility and Gynaecology Centre එක්වරෙක දී මෙම ප්‍රතිකාර ක්‍රමය සාර්ථක වීමට ඇති හැකියාව 15%ක් පමණ වනවා. ඉහත වර්ගීකරණය කළ ශුක්‍රාණු අතරින් හොඳම ශුක්‍රාණු ගෙන මවගේ ගර්භාෂය තුළට ඇතුළු කර එහි තැන්පත් කරනවා. මෙම තැන්පත් කිරීම සාමාන්‍යයෙන් සිදුකෙරෙනුයේ ඩිම්බ මෝචනය වන කාලය තුළ දී යි. ඒ මෙම කාලය තුළ දී ශුක්‍රාණුවට ඩිම්බය කරා ළඟා වීම වඩාත් පහසු වන නිසා යි. එවිට ශුක්‍රාණු ගමන් කළ යුතු කාලය හා දුර අඩු වන බැවින් සංසේචනය වඩාත් පහසු කරවනවා. එමෙන්ම, වෛද්‍ය නිගමනය අනුව ඩිම්බ මෝචනය කෘත්‍රිම ලෙස උත්තේජනය කිරීමට අවශ්‍ය නම්, ඊට අදාළ ඖෂධ ලබා දෙනු ඇති. මෙකී සූදානම් කිරීම් සාර්ථකව සිදු වී නම් මීළඟ පියවර වන්නේ සංසේචනය යි. මෙම ක්‍රියාවලියේ දී සාර්ථකව සංසේචනය වන ඩිම්බය, ගර්භාශ බිත්තියේ තැන්පත් වීමෙන් පිළිසිඳගැනීම සාර්ථක වනවා. IUI ප්‍රතිකාරය මිලෙන් අධික ද? IUI ප්‍රතිකාරය කියන්නේ අනෙක් ප්‍රතිකාර ක්‍රම අතුරින් සරල තාක්‍ෂණික ක්‍රියා පටිපාටියක් අනුගමනය කරන, වෙනත් වර්ගවල සශ්‍රීක ප්‍රතිකාරවලට වඩා අඩු වියදමෙන් කරගත හැකි ප්‍රතිකාර ක්‍රමයක්. මෙම ක්‍රමය තුළින් කාන්තාවක් ගැබ් ගැනීමේ සම්භාවිතාව වැඩි වනවා. නමුත්, එකිනෙකාගේ ශරීරය වෙනස් බැවින් IUI 100% සාර්ථක වන බව තහවුරු කරන්නට බැහැ. IUI ප්‍රතිකාරය කරගැනීමට පෙර ඔබ සූදානම් විය යුත්තේ කෙසේද? නිසියාකාරව වෛද්‍ය උපදෙස් පිළිපදින්න- New York Reproductive Wellness පුරුෂයාගෙන් IUI සඳහා මුලින්ම ශුක්‍රාණු සාම්පලයක් ලබා ගත යුතු යි. ඊට පෙර, දින 3ක් පමණ ශුක්‍රාණු පිට කිරීමෙන් වැළකී සිටීම වඩා සුදුසු යි. ශුක්‍රාණු සාම්පලය හැකි ඉක්මනින් රසායනාගාරයට බාර දීම එහි ගුණාත්මක බව ආරක්ෂා කර ගැනීමට හේතු වෙනවා. ඔබට IUI ප්‍රතිකාරය කිරීමේ සුදුසු-නුසුදුසු බව ගැන අවබෝධ කරගැනීමට විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ පරීක්ෂාවට ලක් වීම අවශ්‍ය වනවා. මෙම ප්‍රතිකාරයේ සාථකත්වය කාන්තාවගේ වයස, කාන්තාවට ඇති රෝග තත්ත්වයන්, පුරුෂයාගේ ශුක්‍රාණු ප්‍රමාණය සහ එහි ගුණාත්මක බව වැනි කරුණු බලපානවා. එම නිසා මෙම ප්‍රතිකාරය ආරම්භ කිරීමට පෙර මූලික පරීක්ෂණ කිහිපයකට යොමු වීමට අවශ්‍ය යි. එමඟින් ශුක්‍රාණුවල තත්ත්වය, කාන්තාවගේ ඩිම්බ මේරීමේ ක්‍රියාවලිය නිසි ලෙස සිදුවේ ද යන්න වැනි කරුණු සොයා බලනු ලබනවා. එම නිරීක්ෂණවලින් අනතුරුව බොහෝ විට ඩිම්බ මේරීම උත්තේජනය කිරීම සඳහා ඖෂධ ලබා දෙනු ඇති. මේවා පෙති ලෙස හෝ නික්ෂේපන ලෙස ලබා දේවි. පෙති වශයෙන් බහුලවම ලබා දෙනුයේ Clomiphene Citrate යන ඖෂධය යි. මෙය ඔසප් වීම ආරම්භ වූ දිනට පසු දින සිට දින පහක් ලබා ගැනීමට යි සාමාන්‍යයෙන් නිර්දේශ කරනු ලබන්නේ. මීට අමතරව, ඇතැම් විට ඩිම්බ මේරීම උත්තේජනය සඳහා හෝමෝන ඖෂධ නික්ෂේපනයක් අවශ්‍ය වෙන්නත් පුළුවනි. ඔසප් වීමෙන් දින 11කට පසු ස්කෑන් පරීක්ෂණයක් සිදුකිරීමෙන් මෙම ඖෂධ නිසි ලෙස ක්‍රියාත්මක වී ඇතිදැ යි දැනගත හැකියි. එම අවස්ථාවේ දී අවශ්‍ය ප්‍රමාණයට ඩිම්බ මේරීම සිදු වී ඇත්දැ යි දැනගන්නට පුළුවන්. ඉන්පසුව, ඩිම්බ පිට වීම නියමිත වේලාවට සිදුකර ගැනීමට HCG (Human Chorionic Gonadotropin) හෝමෝනය නික්ෂේපනයක් ලෙස ලබාදීම සිදුකරනවා. එම නික්ෂේපනය ලබාගෙන පැය 36කින් පමණ ඩිම්බ කෝෂවලින් ඩිම්බ පිටවීම සිදුවෙනවා. ඩිම්බ පිටවෙන කාලය අනුව IUI ප්‍රතිකාරය සඳහා සුදුසු කාලය තීරණය කරනු ලබනවා. ප්‍රතිකාරය සිදුකිරීමෙන් පස්සෙ? සාමාන්‍යයෙන් මෙම ක්‍රියාවලියේ දී වේදනාවක් ඇති වෙන්නේ නැහැ. ශුක්‍රාණු ගර්භාෂය තුළ තැන්පත් කිරීමෙන් පසු සුළු වෙලාවක් වැතිර සිටීමට උපදෙස් ලබා දෙනු ඇති. ඉන්පසු සායනයෙන් පිටත් වෙන්න පුළුවන් ඔබට. මෙම ප්‍රතිකාරයෙන් පසු සමහර කාන්තාවන්ට සුළු උදරයේ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. කෙසේ නමුත්, දිගටම පවතින අධික වේදනාවක් හෝ වෙනත් අපහසුතාවයක් වේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු යි. බොහෝ කාන්තාවන්ට කිසිම ඖෂධ ප්‍රතිකාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. වෛද්‍යවරයා නිර්දේශ කරන පරිදි පමණක් ඖෂධ ලබාගැනීම ප්‍රමාණවත්. IUI ප්‍රතිකාරයෙන් සති 3කට පසුව නැවත ඔසප්වීමක් සිදුවුණේ නැති නම් ගර්භණීදැ යි දැනගන්න මුත්‍රා පරීක්ෂා කර බැලීම සුදුසු යි. ශ්‍රී ලංකාවේ ප්‍රතිකාරය කරගත හැකි ‍රෝහල් 1. කාසල් වීදිය කාන්තා රෝහල, කොළඹ 8, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. (දුරකථන: +94 112 696231/2) 2. නවලෝක රෝහල, දේශමාන්‍ය H K ධ‍ර්මධාස මාවත, කොළඹ 2. (දුරකථන: +94 115 577 111) 3. ශ්‍රී ජයවර්ධනපුර රෝහල, රෝහල පාර, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. (දුරකථන: +94 112 778 610) 4. වින්දන ප‍්‍රජනක සෞඛ්‍ය මධ්‍යස්ථානය, 9 බාන්ස් පෙදෙස, කොළඹ 7. (දුරකථන: +94 112 667 422) 5. ලංකා රෝහල, 578 ඇල්විටිගල මාවත, කොළඹ 5. (දුරකථන: +94 115 430 000) 6. නයින්වෙල්ස් සාඵල්‍යතා මධ්‍යස්ථානය, 55/1, කිරිමණ්ඩල මාවත, කොළඹ 5. (දුරකථන: +94 11 520 999) ලංකාවේ තවත් මාතෘ රෝහල් ගැන විස්තරයක් මෙතැනින් ද ඔබට බලාගන්න්ට පුළුවන්. ඉතින් ඉස්සර වාගේ නෙවෙයි, නූතන තාක්ෂණය නිසා අද කාලේ සෑම කාතාවකටම පාහේ මව් පදවිය ලබාගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් අම්මේ, ඔබේ කිරි සිහිනය සැබෑ කරගන්න අදම ක්‍රියාත්මක වන්න. මෙම අගනා ලිපිය ඔබ වෙත ගෙන ආවේ; the Asianparent Sri Lanka විසිනුයි. කවරයේ පින්තූරය: Read24x7 Related Articles ලෙඩ කෑම තුනක සුපිරි ගුණේ article කලාව සහ ජීවන රටා දෙසැම්බර් 10, 2017 41 වසරකට පසු අළු මතින් ලොව දිනන යාපනය පුස්තකාලේ article කලාව සහ ජීවන රටා ජූනි 16, 2022 නින්ද නොයන හැන්දෑවක අනිවාර්යයෙන් මතක තබා ගත යුතු කාරණා කිහිපයක් article කලාව සහ ජීවන රටා අප්‍රේල් 26, 2016 මෙහෙමත් රැකියා තිබෙන බව හිතන්නවත් පුළුවන්ද? article කලාව සහ ජීවන රටා ජූලි 18, 2017 Roar සිංහල Roar Media is a South Asian multilingual media platform that produces original stories and provides analysis on complex issues. All our content aims to inform, educate, and inspire.
''මම අම්මගෙන් අහලා තියෙනවා, ළඟ තියාගන්න බැරි නම් ඇයි මාව හැදුවේ කියලා'' - චුලක්ෂිගේ සංවේදී හෙළිදරව්ව - Ceylon 24x7 ''මම අම්මගෙන් අහලා තියෙනවා, ළඟ තියාගන්න බැරි නම් ඇයි මාව හැදුවේ කියලා'' - චුලක්ෂිගේ සංවේදී හෙළිදරව්ව - Ceylon 24x7 උණුසුම් පුවත් ”ජීවිතයේ වැදගත්ම දේ කසාද බඳින එක නෙමෙයි” – කසුනි කාවින්දි චීනයේ යළිත් කොවිඩ් රැල්ලක් – රෝහල් රැසක් වේගයෙන් ඉදි කෙරෙයි ”මම අවුරුදු 10ක් තනියෙන් හිටපු කෙනෙක්, ඒ කාලේ කවුරුත් මගේ සැප දුක ඇහුවේ නෑ” – සමිතා මුදුන්කොටුව ”එයා ආයේ ආවොත් මම බාරගන්නේ නෑ” – අවුරුදු 04කට කලින් නැතිවුණු ආදරේ හොයන වොල්ගා කියන කතාව ”මම මොකක් හරි පිනක් කරලා ඇති ඒ වගේ ආදරයක් ලබන්න” – ශනුද්‍රි ප්‍රියසාද් “මං එයාගේ ගමන යන්න දුන්නා, තරහක් නෑ….” – නයනා කුමාරි හොඳම යෙහෙළිය ගැන කියයි කවීෂා සහ ක්‍රීඩක ශෙහාන් ජයසූරිය මව් – පිය පදවියට සැරසෙයි (ඡායාරූප සහිතයි) ඩී.ඒ.රාජපක්ෂ 55 වන ගුණ සමරු දේශනය ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙන් (ඡායාරූප සහිතයි) ”බෝතල් කළ ජලය ලීටරයක් කඩේ 150යි, ඒ නිසා වතුර බිල වැඩි කරනවා” – සනත් නිශාන්ත පැය 24ම ලයිට් දෙන්න විදුලි බිල යළිත් වැඩි වෙයි Search උණුසුම් පුවත් ප්‍රධාන පුවත් විදෙස් පුවත් කලා විත්ති ව්‍යාපාරික දේශපාලනික ක්‍රීඩා Gallery උණුසුම් පුවත් ප්‍රධාන පුවත් විදෙස් පුවත් කලා විත්ති ව්‍යාපාරික දේශපාලනික ක්‍රීඩා Gallery Home කලා විත්ති ”මම අම්මගෙන් අහලා තියෙනවා, ළඟ තියාගන්න බැරි නම් ඇයි මාව හැදුවේ කියලා” – චුලක්ෂිගේ සංවේදී හෙළිදරව්ව කලා විත්ති ”මම අම්මගෙන් අහලා තියෙනවා, ළඟ තියාගන්න බැරි නම් ඇයි මාව හැදුවේ කියලා” – චුලක්ෂිගේ සංවේදී හෙළිදරව්ව Nov 13, 2022, 18:40 pm0 696 0 රූපවාහිනි නාලිකාවක් විසින් සංවිධානය කරන ලද රූප රාජිනී තරගයක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව නිරූපණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පිවිසී චුලක්ෂි රණතුංග ගැන මේ වනකොට නොදන්නා කෙනෙක් නැති තරම්. දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස නමක් හදාගෙන තිබෙන ඇය සමාජ මාධ්‍ය තුළ කලින් කලට පුවත් මවන්න සමත් වෙන්නේ ඇයගේ විලාසිතා නිසයි. ”ගිනි මල් පොකුරු” චිත්‍රපටිය තුළින් ඇය ආකර්ෂණීය රංගනයක නිරත වීම නිසා සමාජයේ බොහෝ දෙනාගෙ කතාබහට ද ඇය ලක් වුණා. ඒ වගේම සිත් ඇඳ බැඳ ගන්නා ආකර්ෂණීය පෙනුම, සරාගි විලාසිතා නිසා ඇය බොහෝ ජනප්‍රියයි. ඒත් ඇගේ ජීවිත කතාව හිතන තරම් සුන්දර එකක් නෙවෙයි. ඒ සම්බන්ධයෙන් එක්තරා යූටියුබ් නාලිකාවකට ඇය ප්‍රකාශ කර තිබුණ මෙන්න මේ වගේ කතාවක්……, ”තාත්තා ගියාට පස්සේ අත ඇරෙනවා කියන දුක ගොඩක් දැනිලා තියනවා….. පොඩි කාලෙම හොස්ටල් දානවා කියන එක මාර දුකක්, මානසික වේදනාවක්….. 05 වසර දි බඩ තඩි වෙන්න ගත්තහම. doctorsලා කියලා තියෙනවා ”මේ ළමයා ගොඩක් කල්පනා කරනවා” කියලා. පොඩි කාලෙදිම දෙමව්පියන්ගෙන් වෙන් වෙනවා කියන එක දරාගන්න ගොඩක් අමාරුයි…… මම පොඩි කාලේ අම්මගෙන් අහලා තියෙනවා ළඟ තියාගන්න බැරි නම් ඇයි මාව හැදුවේ කියලා… ඒක මාර hurt නෙ…. නමුත් discipline එකයි ස්වාධීන වෙන්න ඉගෙන ගත්ත එකයි තමයි හොස්ටල් ජීවිතයෙන් ජීවිතයට ලැබුණු පන්නරය. අම්ම බිස්නස් කළේ….. අයියයි මමයි ඉස්කෝලේ…. අම්මයි සීයයි එක්ක හැදුනේ. අපි දෙන්න පුරුදු වෙලා හිටියේ ඒගොල්ලන්ට දසමාසේ කියන්න…. එයාලා නැති උනහම ජීවිතයක් නෑ කියලා හිතුවේ. අම්මගෙන් ඇහුවොත් කියයි මට කිසිම ඉවසීමක් නෑ කියලා… පොඩ්ඩ ඇත්තං කේන්ති යනවා. තාත්තා හිටියා නම් ආඩම්බර වෙයි කොහේ හරි ඒයා ඉන්නවා කියලා මං දන්නවා….” Facebook Twitter WhatsApp Messenger Viber Previous Post''කරුණාකරලා අප්පච්චි ගැන බොරු ප්‍රචාර යවන්න එපා'' - මාධවී ඇන්තනීගෙන් ඉල්ලීමක් Next Postවියට්නාමයේ දී බේරාගත් නෞකාවේ ශ්‍රී ලාංකිකයන් නැවත ලංකාවට එන්න බෑ කියයි
"අවුරුදු හතළිහකට පණහකට කලිනුත් නිලාවලියට පිටරටවල්වලින් සුද්දෝ ආවා. ඩොල්ෆින් මාළු තල්මසුන් පෙන්නන්න අපි ඒ අය මුහුදට රැගෙන ගියේ හබල් ඔරුවලින්. ඒත් අද අපේ මිනිස්සුන්ට ඒ පැත්ත පළාතට යන්න තහනම්. මේකද නීතිය?," ඒ අයි ඒ කරීම් ප්‍රශ්න කරයි. හැටහත් හැවිරිදි ඔහු, නිලාවලි සංචාරක සේවා යාත්‍රා හිමියන්ගේ සමුපකාර සමිතියේ සාමාජිකයෙකි. "නෑ, මෙන්න නීතිය." මෙසේ පවසන ඔහු නිලාවලි වෙරළේ ප්‍රදර්ශණය වන පහත දැක්වෙන දැන්වීම පෙන්වමින් නැවත ප්‍රශ්න කරයි. //වන සත්ව හා වෘක්ෂලතා පනතේ ප්‍රතිපාදනයන්ට අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සමුද්‍රීය ක්ෂීරපායීන් ආරක්ෂිත හා දැඩි ආරක්ෂිත සත්වයන් ලෙස නම් කරතිබේ. එම සතුන් වෙනුවෙන් නීතිමය ආරක්ෂාව සලසා දී ඇත. මෙම ක්ෂීරපායීන් නැරඹීමට අදාල නියාමණයන් අංක 1774/ 27 දරණ 2012 09 17 දිනැති සහ අංක 2108/ 40 දරණ 2019 01 30 දිනැති අති විශේෂ ගැසට් පත්‍ර මගින් අනිවාර්ය කර තිබේ.// ත්‍රිකුණාමල වරායට නැගෙනහිර මුහුදු කලාපය ඩොල්ෆින් සහ තල්මසුන් බහුල ප්‍රදේශයක් හැටියට ප්‍රසිද්ධියක් උසුලයි. නිලාවලියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් බොහෝ දෙනෙක් මෙම සතුන් නැරඹීමට විශාල කැමැත්තක් දක්වති. පරවි දූපත "අපේ සමිතියේ සාමාජිකයන් තිස් තුන්දෙනෙක් සහ බෝට්ටු පදවන්නන් අසූවක් පමණ ඉන්නවා. රැකියාව හැටියට කරන්නේ 'පරවි දූපතට' සංචාරකයන් රැගෙන යාම. මුළු අවුරුද්දටම දවස් හැත්තෑ පහයි රස්සාව කරන්නේ," ඒ අයි ඒ කරීම් විස්තර කරයි. මොකක්ද මේ 'පරවි දූපත' ? "වෙරළේ ඉඳල කිලෝමීටර් තිහක් පමණ ඈත මුහුදේ තමයි, තල්මසුන් ඩොල්පින්ලා ගැවසෙන්නේ. වනජීවී බලපත්‍රයක් නැතුව ඒ පැත්ත පළාතට යාම තහනම්. නාවික හමුදාවෙන් අපේ අය ආපහු හරවලා එවනවා. මහා පරිමාණ සංචාරක ව්‍යාපාරිකයන්ට පමණයි තල්මසුන් සහ ඩොල්ෆින් මාළු නැරඹීමට යන සංචාරකයන් අරගෙන යන්න බලපත්‍ර දීලා තියෙන්නේ. එදා අපි සුද්දන්ට තල්මසුන් ඩොල්ෆින්ලා පෙන්නුවේ හබල් ඔරුවලින් ගිහින්. අපිත් හොඳ ස්කීපර්ලා (බෝට්ටුව පදවන්‍නෝ) තමයි. ඉතින් ඔය කියන නීතිය යටතේ අපට අවසර දෙන්න බැරිද?" ඡායාරූප ශීර්ෂ වැකිය, තල්මසුන් සහ ඩොල්ෆින් නැරඹීමට යන සංචාරකයෝ බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් එම් මර්වින් ප්‍රනාන්දු කියා සිටියේ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේදී සාධාරණ ක්‍රම වේදයක් අනුගමනය නොකිරිම හේතුවෙන් තමන් අසරණ වී සිටින බවය. "මේ ගමේ පදිංචි අපට බලපත්‍ර නෑ. පිට පලාත්වලින් ඇවිත් බලපත්‍ර අරගෙන මෙහෙ කුලී ගෙවල්වල නැවතිලා ඩොල්ෆින්, තල්මසුන් නරඹන්න සංචාරකයන් ගෙනියනවා. අපි බලපත්‍රයක් ඉල්ලුවාම පදිංචිය තහවුරු කරලා ලිපි ගේන්න කිව්වා. අපි ඒවත් ඉදිරිපත් කරලා තියනවා. එරක්කණිඩියේ ඉපදුන අපි අවුරුදු හතරක් තිස්සේම බලපත්‍ර ඉල්ලනවා. තවමත් නෑ. ඇත්තටම මේක ඇතුළේ තියෙන්නේ කූඨ ජාවාරමක්," යනුවෙන් ඔහු චෝදනා කරයි. "තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් ගැවසෙන්නේ ත්‍රිකුණාමල වරායට නැගෙනහි‍රෙන් ඇති ගැඹුරු මුහුදේ. අවුරුද්දේ මාර්තු සිට ඔක්තෝම්බර් මාසය අතර කාලය තුළ අපට එයාලා දකින්න පුළුවන්. හිරු එළියත් එක්ක තමයි, මේ සතුන්ගේ හැසිරීම් රටාව තීරණය වෙන්නේ. එක ගමන් වාරයකට රුපියල් දහ දාහත් දොළොස් දාහත් අතර මුදලක් නැරඹීමට යන සංචාරකයන්ගෙන් අය කරනවා. ඇයි ඉතින් ත්‍රිකුණාමලේ අපට ඒ අවසරය නොදෙන්නේ? යුද්ධය අවසන් කළේ ඇයිද? කියන කාරණයත් දැන් අපට ප්‍රශ්නයක්." 'කූඨ ජාවාරමක්' ගෝපාලපුරම් ගමේ පදිංචි, කුඩා බෝට්ටුවක හිමිකරුවෙකු වන ශිවරාසා අදහස් දැක්වූයේ දැඩි ආවේගයකිනි. "සීසන් කාලෙට පිට පළාත්වලින් එන අය කිමිදුම් මධ්‍යස්ථාන දාගෙන තල්මසුන් පෙන්නලා 'පරවි දූපත්' ගිහිල්ලා කෝටි ගණන් මුදල් හරිහම්බ කරගෙන යනවා. ඒ අය රැකියා තුනක් කරනවා. නිලාවලි අවට පදිංචි අපි උඩ බලාගෙන ඉන්නවා. බෝට්ටු හිමියෝ කියලා අපට සමෘද්ධි සහනාධාරය ලැබෙන්නේත් නෑ. අපි ඒ පළාත්වලට ගියොත් ගහලා පන්නනවා. හික්කඩුවෙදි අපට එහෙම සිද්ධියක් වුනා." ඡායාරූප ශීර්ෂ වැකිය, ගැටලුව සම්බන්ධයෙන් ත්‍රිකුණාමල කච්චේරියේ පැවති රැස්වීමට සහභාගි වූ බලපත්‍ර ඉල්ලුම් කරුවන්ගෙන් කොටසක් පරවි දූපත නැරඹීමට සංචාරකයන්ට පහසුකම් සළසන නිලාවලි සංචාරක සේවා යාත්‍රා හිමියන්ගේ සමුපකාර සමිතියේ ප්‍රධාන ලේකම් එම්. ජී. ප්‍රියන්ත පවසන්නේ 2020 වස‍රේ සිට තමන්ට මේ රැකියාවත් අහිමිවෙන තත්වයේ අවදානමක් මතුව ඇති බවය. ලෝන්ලි ප්ලැනට් අංක 1 වුණු අපි අද කොතැනද? - පුරවැසියෙක් "ඩොල්ෆින් සහ තල්මසුන් නැරඹීමට සංචාරකයන් ප්‍රවාහනය කිරීමේ අවසර පත්‍ර හතළිහම දීල තියෙන්නේ පිට පළාත්වල අයට. එකම පවුලේ දහ ‍දොළොස් දෙනාට විවිධ නම්වලින් මේ බලපත්‍ර දීල තියෙන බව ගැටලුව සම්බන්ධයෙන් ත්‍රිකුණාමල කච්චේරියේ පැවති රැස්වීමට සහභාගි වූ බලපත්‍ර ඉල්ලුම් කරුවන්ගෙන් කොටසක් රැස්වීමකදී අනාවරණය වුනා," ඔහු පැවසීය. "අපි මේ ගැන පෝස්ටර් මඟින් විරෝධය පළකළා. 2020 සිට කුඩා බෝට්ටු ඉවත් කරල, ලොකු බෝට්ටු සමුද්‍ර සංචාරක සේවාවන් සඳහා යොදාගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවෙන් යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. එහෙම වුනොත් පරවි දූපතේ ගමණත් අපට අහිමි වෙනවා. ලොකු බෝට්ටුවක් මිළදී ගන්න තරම් ආර්ථික හයියක් අපට නෑ. ඉතින් මහා ධන කුවේරයෝ නිලාවලි සංචාරක කලාපය අත්පත්කර ගනීවී. දැනටමත් ඒ තත්වය උදාවෙලයි තියෙන්නේ. වෙරළාසන්න රජයේ ඉඩම් පවා ඔප්පු හද හදා විකුණවා. යුද්ධය නිසා ගම් බිම් අහිමි වුනත් නැවත ඒවා ලැබුනා. හැබැයි මේ අහිමිවීම සදා කාලික ඛේදවාචකයක්." 'කලින් කලට වෙනස් වෙනවා' මේ පිළිබඳව විමසූ විට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ, නීතිඥ ඩබ් .ඒ. ලලිත් කුමාර කියා සිටියේ, තල්මසුන් හා ඩොල්ෆින් නැරඹීමේ සංචාරක ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කළේ 2016 දී බවය. "පිට පලාත්වල පදිංචිකරුවන්ට බලපත්‍ර දෙන්න එපා කියලා නීතියක් නෑ. ඇයි? ඒ අය ලංකාවේ පදිංචි කාරයෝ නොවෙයිද? සංචාරක ව්‍යාපාරයත් කලින් කලට වෙනස් වෙනවා. ඉදිරියට යනවා නම් කාට කාටත් ඒකට අනුගත වෙන්න සිද්ද වෙනවා. හැම කාරණයකදීම යුද්ධයට මුවාවීම තවදුරටත් උචිත වැඩක් නොවෙයි," යනුවෙන් ද ඔහු කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා, "2020 බලපත්‍ර සඳහා ඉල්ලුම් පත් 150 ක් ලැබී තියෙනවා. අපි මේ පිළිබඳව ත්‍රීකුණාමල කච්චේරියේදී සියළුම අයදුම් කරුවන් දැනුවත් කළා. සුදුසුකම් පරීක්ෂාකර බලා අවශ්‍ය පියවර ගන්නවා. කොහොමටත් මේ සියලුම බෝට්ටු එකවර මුහුදට දාන්න දෙන්න බෑ. එකම පවුලේ දහ දොළොස් දෙනාට බලපත්‍ර දීමේ චෝදනාව මම ප්‍රතික්ෂෙප කරනවා," යනුවෙන් ද පැවසීය. මෙහි කිසිවක් අඩංගු නැත. වීඩියෝ ශීර්ෂ වැකිය, මිරිස්ස මුහුදේ තල්මසුන් හා ඩොල්ෆින් මත්ස්‍යයන් 'වඳවීමේ තර්ජනයක්' කියවන්න: "ලොරිය යට වලහෙක්" සංචාරක කර්මාන්තය නිසා 'ගිලිහී ගිය මානව හිමිකම්' මරණාසන්න 'විශාලතම' කොරල් පරයට යළි හුස්ම පිඹීමක් ප්‍රධාන පුවත වීඩියෝ, කටාර්හි පාපන්දු ලෝලීන්ට මග කීම නිසා සමාජ මාධ්‍යවල ජනප්‍රිය වූ 'මෙට්‍රො මෑන්' 2022 දෙසැම්බර් 4 වීඩියෝ, වසර 51කට පෙර අතුරුදන් වූ දැරියක් DNA පරීක්ෂණයකින් යළි මව්පියන් වෙත 2022 දෙසැම්බර් 3 ගෞතම් අදානි: පාසල හැරගොස් ආසියාවේ මහ ධනවතා වීම දක්වා ආ අනතුරුදායක ගමන 2022 දෙසැම්බර් 2 දැක්ම ජාතික මට්ටමේ රන් පදක්කමක් දිනූ පළමු ආදිවාසියා : ''පෝෂ්‍යදායි ආහාර කෙසේ වෙතත් තුන්වේල කන්නේ අමාරුවෙන්.'' 2022 ඔක්තෝබර් 12 මුදල් මුද්‍රණය නොකළොත් රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි බව අගමැති කියයි 2022 මැයි 14 රට ගොඩගන්න ඉදිරිපත් කළ IMF නිර්දේශ පහ මෙන්න 2022 මාර්තු 29 කන්‍යා පටල පරීක්ෂාවක් හරහා ලිංගික ක්‍රියාකාරකම්හි ඉතිහාසය දැනගැනීමට හැකි ද? 2022 මැයි 6 තවත් රාජපක්ෂ කෙනෙක්ට ජනාධිපති තියා මන්ත්‍රීවරයෙක්වත් වෙන්න බෑ- අගමැති රනිල් 2022 මැයි 14 කවුද මේ ගෝඨාභය රාජපක්ෂ? 2022 ජූලි 13 සමලිංගිකයින්ට හිරිහැර වන ශ්‍රී ලංකාවේ නීති ඉවත්කිරීමට මුලික පියවර තබයි 2022 අගෝස්තු 24 ගෝඨාභය රාජපක්ෂ: ජනාධිපති යටතේ ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රස්තාර 7 කින් 2022 ජූලි 14 ලිංගික ශ්‍රමිකයෝ ; ''ගණිකාව කියලා අවමන් කරලා දඩ ගහනවා, ඒත් අපේ සල්ලි විතරක් වටින්නේ කොහොමද ?'' 2022 ජූනි 15 වැඩිපුරම කියැවූ 1 'බ්ලූ ෆිල්ම්' නිසා අවුල්වන පවුල් ජීවිත අවසන් යාවත්කාලීනවීම: 2019 ජූනි 14 2 "ලිඟුව අප්‍රාණික වීම මානසික රෝගයක ප්‍රතිවිපාකයක් නොවේ" අවසන් යාවත්කාලීනවීම: 2018 මැයි 3 3 නිරුවත් ඡායාරූප, ලිංගික දර්ශන ෂෙයාර් කළොත් 'වැඩ වරදී' අවසන් යාවත්කාලීනවීම: 2021 ජූලි 13 4 පෙමට අරුත් දී ශ්‍රී ලාංකික සැමියා "රකින" ස්වෙත්ලානා අවසන් යාවත්කාලීනවීම: 2019 අගෝස්තු 30 5 අධිකරණය ඉදිරියේ පුරවැසිභාවය අභියෝගයට ලක්ව සිටින ඩයනා ගමගේ කවුද? BBC News, සිංහල ඔබට බීබීසී විශ්වාස කළ හැක්කේ ඇයි භාවිතයේ කොන්දේසි පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය කුකීස් බීබීසී ය අමතන්න AdChoices / Do Not Sell My Info © 2022 BBC. බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ. බාහිර යොමු කෙරෙහි අපගේ ප්‍රවේශය ගැන කියවන්න.
Home/VIRAL NEWS/අහිමි වූ වැටුප දිනාගන්න මන්ත්‍රීවරුන්ගෙන් උපක්‍රමයක් – වසර හතරින් විශ්‍රාම වැටුප ඉල්ලයි GOSSIP NEWSVIRAL NEWS අහිමි වූ වැටුප දිනාගන්න මන්ත්‍රීවරුන්ගෙන් උපක්‍රමයක් – වසර හතරින් විශ්‍රාම වැටුප ඉල්ලයි March 1, 2020 1 minute read පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකුට විශ‍්‍රාමික වැටුප් හිමිකම් ලැබීමේ සේවා කාලය වසර පහක් විය යුතු වුවද එය වසර හතර දක්වා අඩු කරන ලෙස මන්තී‍්‍රවරු පිරිසක් කථානායක කරු ජයසූරියගෙන් ඉල්ලා ඇත. පාර්ලිමේන්තුවේ නිල කාලය වසර හයේ සිට පහ දක්වා අඩුවීම හේතුවෙන් විශ‍්‍රාම වැටුප හිමි විය යුතු කාලයද වසර පහේ සිට වසර හතර දක්වා අඩු විය යුතු බවට මෙම මන්ත‍්‍රීවරුන් පිරිසේ යෝජනාව වී තිබේ. කෙසේ වෙතත් මෙම යෝජනාව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ විරුද්ධත්වය පළ කිරීම හේතුවෙන් නැවතී තිබේ. වත්මන් පාර්ලිමේන්තුව මාර්තු 02 දා විසුරුවා හැරියහොත් මන්තී‍්‍රවරු 62 දෙනෙකුට විශ‍්‍රාම වැටුප අහිමි වේ. ඒ අතරින් එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරු 35 ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 20ක්, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ 06ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරයකු ද සිටින බව පාර්ලිමේන්තු ප‍්‍රකාශකයකු පැවසීය. මීට අමතරව පසුගියදා ඉල්ලා අස්වූ ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්නට ද විශ‍්‍රාම වැටුප අහිමි වේ. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකුට විශ‍්‍රාම වැටුප වශයෙන් හිමිවනුයේ සිය වැටුප මෙන් තුනෙන් එකක ප‍්‍රමාණයකි. ඒ අනුව වත්මන් මන්තී‍්‍රවරයකුගේ දීමනා හැර වැටුප වනුයේ රුපියල් 54000 ක මුදලකි. කෙසේ වෙතත් වත්මන් කථානායක කරු ජයසූරිය මැදිහත් වී මන්ත්‍රී විශ‍්‍රාමික මන්තී‍්‍ර දීමනාව රුපියල් 25000කින් ඉහළ දමා තිබේ. ඒ අනුව වැටුපෙන් තුනෙන් එකක් වන රුපියල් 18000 ක් සහ 25000 ක් එකතුව රුපියල් 43000ක මුදලක් විශ‍්‍රාම වැටුප ලෙස මන්තී‍්‍රවරයකුට හිමිවනු ඇත. ඒ අනුව නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මන්තී‍්‍රවරු 62 ක් සඳහා මාසිකව රුපියල් විසිහය ලක්ෂ හැටහය දහසක මුදලක් ඉතිරි කර ගැනීමට රජයට හැකිවනු ඇත. Post Views: 395 March 1, 2020 1 minute read Facebook Twitter LinkedIn Tumblr Pinterest Reddit VKontakte Share via Email Print Related Articles චීනය වෙනුවෙන් පෙනී සිටියාට ශ්‍රී ලාංකික ජනතාවට චීන තරුණයන්ගෙන් විශේෂ ස්තුතියක් February 18, 2020 රන්ජන් මන්ත‍්‍රීවරියන්, නිලියන්, මැති ඇමති බිරින්දෑවරුන්, ප‍්‍රභූ කාන්තාවන් සමග Phone Sex කරලා – හඬපට සහිතයි
ඇපල් සමාගම විසින් සිය නවතම අයිෆෝන් 14 මාදිලයේ ස්මාට් ජංගම දුරකථන ඉන්දියාව තුල නිෂ්පාදනය කිරීමට තීරණය කර ඇත. ඇපල් සමාගමේ නිෂ්පාදනයන් නිපදවීම විවිධාංගීකරණය කිරීමේ වැඩසටහන යටතේ මෙලෙස නවතම අයිෆෝන් දුරකථනය ඉන්දියාවේ නිපදවීම සිදුවන බව එම සමාගම සඳහන් කරයි. චීනය විසින් පසුගිය කාලය තුලදී අනුගමනය කළ ‘ශුන්‍ය-කොවිඩ්’ ප්‍රතිපත්ති හේතුවෙන් ගෝලීය සැපයුම් දාමයට විශාල බලපෑමක් සිදුවිය. එහිදී චීනය තුල පැනවූ සංචරන සීමා හේතුවෙන් කර්මාන්ත ශාලා රැසක ක්‍රියාකාරිත්ව සම්පූර්ණයෙන්ම පාහේ ඇණහිටිණ. ඒ අනුව චීනය තුල නිෂ්පාදන කටයුතු සිදුකරන එක්සත් ජනපද ව්‍යාපාර රැසකට විශාල අලාභයක් ලැබීමටද සිදුවිය. මෙම තත්ත්වය මත එක්සත් ජනපද සමාගම් රැසක් සිය නිෂ්පාදනය චීනයෙන් සිය නිෂ්පාදන කටයුතු ඉවත් කරගෙන වෙනත් රටවල් වෙත යොමු වීමට තීරණය කර තිබිණි. මීට අතිරේකව බිජිං පාලනය සමහ වොෂීන්ටනය අතර මේවන විට ඇතිව තිබෙන දැඩි උණුසුම්කාරී තත්ත්වය මෙලෙස චීනයෙන් නිෂ්පාදන කටයුතු විතැන් වීමට හේතුවී ඇති බවද බටහිර මාධ්‍ය වර්තා සඳහන් කරයි. ඇපල් සමාගම සිය නවතම තීරණය සම්බන්ධයෙන් සඳහන් කර සිටියේ “නව අයිෆෝන් 14 තුල නව තාක්‍ෂණයන් සහ වැදගත් ආරක්‍ෂිත හැකියාවන් හඳුන්වා දී ඇත. ඒ් අනුව මෙම නව අයිෆෝන් මාදිලිය ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා” යනුවෙනි. තායිවානය පදනම් කරගත් ෆොක්ස්කොන් විසින් ඇපල් සමාගමේ ජංගම දුරකථනවල වැඩි ප්‍රතිශතයක් නිෂ්පාදනය කරයි. එම සමාගම 2017 වර්ෂයේ සිට දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලැබීය. ඇපල් සමාගම විසින් පසුගිය කාලය පුරාවටම ඉන්දියානු ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ දිගටම ආධිපත්‍යය දරන ඉතා ලාභදායී දකුණු කොරියානු සහ චීන ස්මාර්ට්ෆෝන් සමඟ තරඟ කිරීමට අරගල කරමින් සිටියි. ඒහෙත් ඉන්දියාව තුල ක්‍රියාත්මක තීරුබදු හේතුවෙන් ඇපල් නිෂ්පාදන තරඟකාරී මිලකට ඉන්දියාව තුල අලෙවි කිරීම අභියෝගයක්ව ඇත. ඒ් අනුව නවතම අයිෆෝන් ඉන්දියාවේ නිෂ්පාදනය කිරීම සිදුකල උපාංග සඳහා අධික ආනයන බදු සහ අනෙකුත් බදු නිසා දුරකථන ඉන්දියාව තුළ මිල අඩුවනු ඇතැයි අපෙක්ෂා කළ නොහැකි බවද වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරයි. එබැවින් ඉන්දියානුවන්හට අයිෆෝන් හී ඉන්දියාවේ නිෂ්පාදිත ලෙස සටහන්ව ඇති අයුරු දැක ගැනීමට හැකිවුවද මිලදී ගැනීමට විශාල මුදලක් ගෙවීමට සිදුවන ඇති බවටද තාක්ෂණ ක්ෂේත්‍රයේ විශේඥයින් පෙන්වා දෙයි. කෙසේ වෙතත් ඉන්දියාව තුල නව අයිෆෝන් මාදිලිය නිපදවිම සිදුකිරීම පියවර ගැනීම අග්‍රාමත්‍ය නරෙන්ද්‍ර මෝදී පාලනය ලැබූ විශාල ජයග්‍රහනයක් වනු ඇත. ඒ් අනුව ඔහුගේ රජය මීට වසර 8කට පෙර ඉන්දියාවේ නිෂ්පාදන සහ අපනයන ඉහළ නංවාලිමට ගත් පියවර මේ වනවිට ඵලදායක වී ඇති බවද පෙනී යයි. ‍ මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න. WhatsApp News Alert ලබාගන්න. Facebook Twitter Pinterest WhatsApp Linkedin ReddIt Email මුද්‍රණය කරන්න Telegram Viber නුවන් සේනාරත්න පෙර ලිපියරජයේ නිලධාරීන් සෝෂල් මීඩියාවලට කියන දේට වැටබැඳෙන චක්‍රලේඛය ඇවිත් ඊළඟ ලිපියතොටළඟ ගින්නෙන් නිවාස 70ට හානි ඔබේ අදහස් දක්වන්න. Cancel reply දෙශීය පුවත් පුවත් වර්ග උණුසුම් පුවත් දේශීය පුවත් විදේශීය පුවත් ව්‍යාපාරික විශේෂාංග අනාවරණ දවසේ කාටුනය අමරබන්දුගේ වාඩිය සැමදා ජනප්‍රියතම එන සතියේ මැකො ඡන්දය ප්‍රකාශයට පත්කරයිද? උණුසුම් පුවත් පාසල් 3 වැනි වාරය හෙට ඇරඹේ – උසස් පෙළට යන සිසුන්ට පණිවුඩයක් උණුසුම් පුවත් කොවිඩ් හෝටල් නිරෝධායනයේදී හමුදා ලොක්කන්ගේ නෝනලාගේ ගිණුමට සල්ලි ගිහින් COVID රට ඉඳන් එවන විදෙස් මුදල් බලෙන් රුපියල් කරන කතා බොරු – මහබැංකුව උණුසුම් පුවත් තවත් ලිපි පෙන්වන්න විදෙශීය පුවත් පුවත් වර්ග උණුසුම් පුවත් දේශීය පුවත් විදේශීය පුවත් ව්‍යාපාරික විශේෂාංග අනාවරණ දවසේ කාටුනය අමරබන්දුගේ වාඩිය සැමදා ජනප්‍රියතම න්‍යෂ්ටික බෝම්බ හෙළන අමෙරිකාවේ අලුත්ම ගුවන් යානය special තවත් ලිපි පෙන්වන්න විශේෂාංග පුවත් වර්ග උණුසුම් පුවත් දේශීය පුවත් විදේශීය පුවත් ව්‍යාපාරික විශේෂාංග අනාවරණ දවසේ කාටුනය අමරබන්දුගේ වාඩිය සැමදා ජනප්‍රියතම හර්නියා රෝගය ගැන දැනගනිමු. ජීවන රටාව මුහුණුපොතෙන් එන තෑගි පාර්ස­ල­යට රැවටී සේස­තම නැති කරගන්නා මිනිස්සු special පෘථිවියෙන් පිට පදිංචියක් සොයා අඩසියවසකට පසු මිනිසා යළි සඳ වෙතට.. special දිනකට ක්ෂුද්‍ර ප්ලාස්ටික් කිලෝ ගණනින් ගිලදමන නිල් තල්මසුන් special තවත් ලිපි පෙන්වන්න ශ්‍රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
PayHere සේවාව ලබා ගනිද්දී සිදුවෙන review process එකේදී හෝ domain එකක් add කළ විට සිදුවෙන review process එකේදී, ඔබේ website එකේ පහත දැක්වෙන sections සම්පූර්ණ කර තිබීම අත්‍යවශ්‍ය වේ. About Us section Contact Us section Products or services section with actual products and prices (not samples or templates) සැබෑ භාණ්ඩ හෝ සේවා මිල ගණන් තිබිය යුතුයි. Product purchasing process Checkout process Privacy Policy Refund policy and Cancellation Policy උදාහරණයක් ලෙස Refund කිරීමට බලාපොරොත්තුවන්නේද නැතිද යන්න අනාවරණය කළ යුතුය. Terms & Conditions Card Not Present අවස්ථාවක සිදුවන online ගනුදෙනු වලදී ගෙවීම් කරන්නාගේ ආරක්ෂාව සැලසීමට සහ අදාළ රෙගුලාසිවලට අනුකූලව මෙම sections update කර තිබිය යුතුය. ඔබේ ආයතනයේ ස්වභාවය අනුව මෙම sections විවිධත්වයක් ගනු ඇත. ඒ කෙසේ වෙතත්, මෙම review process එකේ අපේක්ෂාව වන්නේ සම්පූර්ණ කරන ලද website එකක් තිබේදයි බැලීමයි. ඉතින් ඔබ website එක update කළ පසු, ඔබේ PayHere account එකට log වී resolve මත click කර නැවත ඔබේ PayHere Merchant Agreement එක upload කිරීම කළ යුතුය. නව domain එකක් add කර reject වූයේ නම් website එක සම්පූර්ණ කර නැවත domain එක add කරන්න. [Please note that the domain review process takes approximately 48 hours]
‘සයිටම්’ උපාධියට උසාවිය විසින් නෛතික පිළිගැනීමක් ලබා දීමෙන් අනතුරුව සිදුවීම් පෙළ ගැසීම අලූත් වටයකින් ආරම්භ වී ඇත. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට අනුව ‘සයිටම්’ ආයතනයේ ප‍්‍රධාන විධායකයාට වෙඩි තැබුවේ කවුද යන්න තවම සොයා ගැනීමට නොහැකි වීම මඟින් සංඥා වන්නේ ඊට ආණ්ඩුව ගෑවී ඇත්ද යන්නය. මන්දයත් පොලීසියට සොයා ගත නොහැකි බොහෝ අපරාධවලට ඒ ඒ යුගවල ආණ්ඩුව සම්බන්ධ යැයි ආකල්පයක් සමාජයේ පවතින බැවිනි. 80 දශකයේ දෙවැනි භාගය තුළ තරුණයන් ‘රැඩිකල්කරණය’ වූයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප‍්‍රශ්නය සහ ඉන්දීය සාම ගිවිසුම හරහාය. එක පැත්තකින් මෙම කරුණු දෙක හරහා තරුණ ශිෂ්‍ය දේශපාලනය රැුඩිකල් වූ අතර තව පැත්තකින් මෙම කරුණ නිසා වාමාංශික දේශපාලනය අධිරාජ්‍යවාදයට එරෙහිව ජාතිවාදයට දිශානත විය. ගැටුමේ එක පැත්තක ජයග‍්‍රහණය එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ලබා ගත් අතර 90 වර්ෂයේ ජයග‍්‍රාහී මැයි රැුලිය ගාලූමුවදොර පිටියේ පවත්වමින් රන්ජන් විජේරත්න මෙසේ මුර ගෑවේය. ”දැන් කෝ දේශපේ‍්‍රමීන්?” නිදහසින් පසු ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකම සමාජයේ බිහි වන තියුණු සමාජ ප‍්‍රතිවිරෝධතාවල දී හැසිරුණේ එකම මාදිලියකටය. එම මාදිලිය මෙසේ නම් කළ හැක. By default. එනම් පැහැර හැරීමෙන් යමක් සිදු වීමට ඉඩ දීම. ජාතික ගැටලුවට අදාළව මෙන්ම ‘සයිටම්’ ප‍්‍රශ්නයේ දී ද ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකම තම ඍජු මතය සමාජයට ප‍්‍රකාශ කරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් කරන්නේ නිකං ඉඳීමය. මෙම ‘නිකං ඉඳීම’ වරදවා තේරුම් ගන්නා වාමාංශික ශිෂ්‍ය දේශපාලනය සහ පැරණි තාලයේ ට්‍රොට්ස්කිවාදී චින්තනය ඉන්පසු වැඩ පටන් ගනියි. නූතන සමාජයේ ප‍්‍රධාන ප‍්‍රතිවිරෝධතා කට්ටලය වන්නේ ප‍්‍රාග්ධනය සහ ශ‍්‍රමයයි. මෙම ප‍්‍රතිවිරෝධය (ගින්දර) මෙහෙයවීමට මේ කාලයේ කිසිවකු උත්සාහ කරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ප‍්‍රධාන ප‍්‍රතිවිරෝධය ජාතිවාදය හෝ බාහිර සතුරකු නිර්මාණය කරගත හැකි ද්විතීයික ප‍්‍රතිවිරෝධයක් දක්වා පල්ලමට ප‍්‍රශ්නය තල්ලූ කරනු ලැබේ. ඉන්පසු ඇරඹෙන නාට්‍යමය ජවනිකාවට අවශ්‍ය නළු-නිළියන් (ආර්. පේ‍්‍රමදාස, රෝහණ විජේවීර, විජය කුමාරණතුංග, සාගරිකා ගෝමස්, දයා පතිරණ] තෝරා ගැනීමට හැකි දක්ෂ නාට්‍ය අධ්‍යක්ෂවරු රටේ ඕනෑතරම් සිටිති. නාට්‍යය පටන් ගන්නේ ප‍්‍රධාන ජවනිකාවට පිටින් රඟහලේ සිදු කරන අනපේක්ෂිත වෙඩි තැබීමකිනි. නාට්‍ය ජවනිකාව අවසන් වන්නේ රජයට පක්ෂපාතී වාමාංශිකයන් සහ රාජ්‍ය විරෝධී දේශපේ‍්‍රමීන් ලෙසිනි. බොහෝ දෙනා සිතන්නේ නුගේගොඩ පවත්වන රැුස්වීම් ඓතිහාසික ඒවා බවය. ‘සයිටම්’ ප‍්‍රශ්නය අරබයා මෑතක දී පවත්වන ලද සයිටම් විරෝධී රැස්වීම ද දේශපාලන තලයේ සිදු වූ නව ඛණ්ඩනයක් ලෙස සැලකිය හැක. නමුත් අද අපි ජීවත් වන්නේ 80 දශකයේ නොවේ. 80 දශකයේ ජීවත් වූ මිනිසුන්ගේ විඥානය මිය ගොස් ඇත. වර්තමානයේ පවත්වන ලද නුගේගොඩ රැස්වීමේ වේදිකාවට ගොඩ වූ වාමාංශිකයන් ප‍්‍රමාණය 30 කට ආසන්නය. ඉන් අදහස් වන්නේ කුමක්ද? වාමාංශිකයන් ඔවුන් අතරම යළි යළිත් බෙදී යන අතරම අවශ්‍ය නම් තමන්ටම තමන්වම බෙදා ගැනීමට හැක. 1 යන සංඛ්‍යාව 2 වූ පසු යළිත් 1 විය නොහැකිය. එසේ නම් 30 යන සංඛ්‍යාව 1 වීමට කිසිදු ඉඩක් නැත. ‘මහජනතාවගේ’ නිරීක්ෂණය උදෙසා ඇති පෙරේතකම නිසාම තම තමන්ගේ ආත්මරාගය විශාල වී ඇති ප‍්‍රමාණය ගැන ස්වයං – අවබෝධයක් සමකාලීන වම්මුන්ට නැත. වාමාංශිකයන් 30 කට බෙදුවේ කවුද? බොහෝ දෙනා සිතන්නේ සමාජ යථාර්ථය කෙතරම් සංකීර්ණද යත් වම 30 ට යථාර්ථය විසින් බෙදා ඇති බවයි. දැන් ජනතා විමුක්ති පෙරමුණ ද දෙකට කැඞී ඇත. ඒ අනුර පාර්ශ්වය සහ කුමාර පාර්ශ්වය ලෙසයි. අනුරලා අයිති වන්නේ සන්ධානවාදී දේශපාලනයටය. කුමාරලා නිෂ්පාදනය කරන සටන් පාඨය වන්නේ පාරිශුද්ධ වාමාංශයයි. පරිණාමය ගැන අදහසක් නැති පැරණි වම ඔවුන්ට ආකර්ෂණය වන්නේ මෙම සටන් පාඨය නිසාය. වාමාංශය අද දවසේ කීයට කැඞී තිබුණත් සටන් අවසන් වීමට නියමිත වන්නේ රාජ්‍යයට පක්ෂ සටන්කාමීන් (PRA) සහ රාජ්‍ය විරෝධීන් (සිංහල දේශපේ‍්‍රමීන්) වශයෙනි. මේ අපට ඉතිහාසය උගන්වා ඇති පාඩමයි. මෙතෙක් කල් අතීත රැඩිකල්වාදීන්ගේ චින්තනය දයලෙක්තිකව චලනය වී ඇත්තේ එපරිදිය. සමහරුන්ගේ මතය වී ඇත්තේ අප ඉතිහාසයෙන් ඉගෙන ගෙන ඇති බවයි. ‘සමාජය’ කොටස්වලට කඩා ඒ ඒ අය අතර පසමිතුරුභාවයන් ඇති කරන්නේ දෙවියන් හෝ වාස්තවික බල රටාවන් නොවේ. සැබෑ දේශපාලන බල සබඳතා මෙහෙයවන්නේ මිනිස් විඥානය මිස අනෙකක් නොවේ. ඉතාම සරලව කිවහොත් රජය සහ ඊට විරුද්ධව වාමාංශය 30 ට බෙදන්නේ විෂ්ණු නොව මිනිස් ආත්මයකි. මෙහි ‘ආත්මය’ ගැන වැටහීමක් 80 දශකයේ දී කිසිවකුට තිබුණේ නැත. යථාර්ථයේ පරමාණුක ස්වරූපය වන්නේ ප‍්‍රතිවිරෝධයයි. ‘සයිටම්’ ප‍්‍රධාන විධායකයාට එල්ල වී තිබුණු වෙඩි 3 ම ඉලක්කය වැරැුදී යාම ජවනිකාවට අවශ්‍ය ප‍්‍රථම සන්ත‍්‍රාසය අපට සපයයි. නමුත් ඉදිරියේ දී අපට හමුවීමට නියමිත පිස්තෝල විසින් මෙම සන්ත‍්‍රාසය ඊළඟ ජවනිකාවට අපව තල්ලූ කරනු ඇත. නූතන ධනවාදය වටහා ගැනීමේ දී ‘බුද්ධිය’ අනවශ්‍ය බව මෙම පිස්තෝලකරුවන් අපට කියා දෙනු ඇත. ‘කොඩිය’ තමන් අතට ගැනීමට ඕනෑම කැත වැඩක් කිරීමට සූදානම් මිනිස්සු අප අතර සිටිති. ඉතිහාසයේ පළමු වරට ලංකාව තුළ ‘බුද්ධියට’ යමක් කළ හැකිදැයි ලිට්මස් පරීක්ෂාවක් කළ හැක. අප වනාහි කොළඹ කනත්තේ දොරටුවට තට්ටු කරන අවසාන වාමාංශිකයන්ය. ඔබේ අදහස කියන්න... SHARE Facebook Twitter tweet Previous articleපුංචි අවවාදයක්! Next articleවිජය කුමාරණතුංග : ‘සිහින ලොව කුමරා’ ගේ හිසට වෙඩි තැබීම Admin RELATED ARTICLESMORE FROM AUTHOR News වැහිළිහිණියන්ගේ සංඥාව. News පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පශ්චාත් මාක්ස්වාදය. News කූඹියෝ සීරීස් 2 එපිසෝඩ් 1.1 – කුහුඹු රාජ්‍යය 1 COMMENT ගමයා1 February 20, 2017 at 7:45 pm කාලීනව ඉතා වැදගත් ලිපියක් බව හැඟේ. ලංකාවේ වාමාංශය ට ඕක තේරුනොත් තමා පුදුමය. Comments are closed. Follow us 4,006FansLike 58FollowersFollow 179SubscribersSubscribe Latest news වැහිළිහිණියන්ගේ සංඥාව. November 25, 2022 පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පශ්චාත් මාක්ස්වාදය. November 18, 2022 කූඹියෝ සීරීස් 2 එපිසෝඩ් 1.1 – කුහුඹු රාජ්‍යය November 18, 2022 ඔබට x සංස්කෘතිය අවශ්‍ය නම් එය එදා මෙයයි. November 9, 2022 Home News Political Hegel Seminars Hot Video English Žižek Articles Lifestyle FB LIKE For Sharing NEWS By: Rashid Azar © 3mana | Online news magazine - 2017-2021. All Rights Reserved. | Design by: Lanka Designer '); var formated_str = arr_splits[i].replace(/\surl\(\'(?!data\:)/gi, function regex_function(str) { return ' url(\'' + dir_path + '/' + str.replace(/url\(\'/gi, '').replace(/^\s+|\s+$/gm,''); }); splited_css += ""; } var td_theme_css = jQuery('link#td-theme-css'); if (td_theme_css.length) { td_theme_css.after(splited_css); } } }); } })();
පසුගිය සමයේ දැඩි ලෙස කතාබහට ලක්වූ රංගන ශිල්පිනි වොල්ගා කල්පනි සිය පෞද්ගලික ජීවිතයේ තොරතුරු මෙන්ම කලා කටයුතු පිළිබඳ තොරතුරු ඉරිදා පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වී ප්‍රකාශ කර තිබුනා. එම සාකච්ඡාව පහතින්, වොල්ගා කොහොමද ඉතිං ? බොහොම සතුටින් සෑහෙන නිදහසේ ආසා කරන වැඩ ටිකක් කරගෙන පාඩුවේ ඉන්නවා. පසුගිය අවුරුද්ද වුණත් මගේ රංගන ජීවිතය පැත්තෙන් සෑහෙන වාසනාවන්ත වුණා. මොකද එකවිට නාට්‍ය පහක් විතර විකාශනය වුණා. ඒ චරිතත් එකිනෙකාට වෙනස් චරිත. විශේෂයෙන් මම ආසා කරන අධ්‍යක්‍ෂවරු යටතේ වැඩ කරන්න ලැබුණා. ඒ නිසා පසුගිය කාලය බොහොම සුන්දරයි. 2020 පෙම්වතුන්ගේ දිනය වොල්ගාට සුවිශේෂී අවුරුද්දක් නේද? මම හිතන්නේ 2020 කියන්නේ සුවිශේෂී අවුරුද්දක්. මම හැමදාම හිතන්නේ මේ තමා මගේ හොඳම දවස කියලා. මේ තමා මගේ හොඳම අවුරුද්ද කියලා හිතපු කෙනෙක්. ඔව්. මට 2020 සුවිශේෂයි. නැත්තේ නැහැ. පෙම්වතුන්ගේ දිනය සුවිශේෂ වෙන්න විශේෂ හේතුවක් තියෙනවා නේද? පෙම්වතුන්ගේ දිනය සුවිශේෂයි කියන්නේ මෙවර මීවිත මුල් පිටුවේ ඉන්න මම කැමැතිම කෙනාත් එක්ක. ජීවිතයේ සෑහෙන දේවල් මම වෙනුවෙන් ඉවසන කෙනා තමයි ඒ ඉන්නේ. ඒක ඇත්තටම සතුටක්. මොකද වෙනදාට මම කවර් පේජ් කරන්නේ, රඟපාන්නේ නළු නිළියෝ එක්ක. ඉතිං ඒක තමයි ඇත්ත. වොල්ගා දැන් පෙම්වතියක් ? ඔව්. මම පෙම්වතියක්. පෙම්වතා ගායකයෙක් නේද? මම එයා ගැන කියනවා වඩා ගොඩක් දෙනෙක් එයා ගැන දන්නවා. මම විශේෂයෙන් මේ ගැන කතා කරන්න කැමැති ඉදිරියේදී. ඉදිරියේදී මගේ ජීවිතයට සුවිශේෂී දෙයක් එනවා. එදාට ඒ සියල්ල මම කතා කරන්න කැමැතියි. ඒ කියන්නේ ළඟදීම විවාහ වෙනවා කියන එකද? එහෙම කියන්නත් බැහැ. ජීවිතයේ ලොකු වෙනසක් ළඟදීම වෙනවා. ඒ වෙනසත් එක්ක පෙම්වතා කවුද මොකක්ද මේ ගැන කියන්න තියෙන්නේ මේ ඇත්තද මිනිස්සු කියන්නේ කියලා මම ඇත්තටම කියන්න කැමැතියි. ඔය කියන සුවිශේෂී කාරණාව ඔච්චර අගය කරන්නේ ඇයි ? මම හිතන්නේ ජීවිතයේ කාලයක් ගියාට පස්සෙනේ අගය කරනම දේවල් හම්බවෙන්නේ. ඉතිං මම හිතන්නේ මේ කාරණාවත් අගය කළයුතු දෙයක්. පේ‍්‍රක්‍ෂකයෝ දන්නවා මම හැමදාම ඇත්ත කිව්ව කෙනෙක් කියලා. ඉතිං ජීවිතයේ හොඳම දේවල් ප‍්‍රකාශ කරන්න ඕනෑ ඒ සුවිශේෂී වෙලාවල්වල කියලා මම අහලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ එච්චර කල් ගන්නෙත් නැහැ, ළඟදීම ඒ කාරණාව කියනවා. බොහොම ළඟයි. වොල්ගාගේ ජීවිතයේ අලූත් පිටුවක් පෙරළෙනවා ? මගේ ජීවිතය ගැන කෙලින්ම කතා කළොත් අතිශයින්ම නරක කාලයක් තමයි පසු ගිය කාලයේ ගෙවුණේ. ඒ කියන්නේ මගේ පෞද්ගලික ජීවිතය පැත්තෙන් ගත්තොත් මට විතරක් නෙමෙයි ඒ තත්ත්වය බලපෑවේ. මේ ලෝකේට මාව බිහිකරපු දෙමව්පියන් පවා සෑහෙන අපහසුතාවයට පත් කළා. ඇත්තටම පසුගිය කාලයේ මගේ දෙමව්පියන්ට සහ මට සෑහෙන අපහසු කරපු කාලයක්. මම සාමාන්‍යයේ පසුගිය දේවල් කතා කරන්නේ නැති චරිතයක්. නමුත් පසුගිය කාලයේ ජීවිතයේ සිද්ධ වෙන්න ඕනෑ නැති දේවල් සිද්ධවෙච්ච කාලයක්. එ දැන් නරක කාලය ගෙවිලා ගියා. හොඳ කාලයද එන්නේ ? නරක මම හැමදාම හොඳ කරගන්න උත්සාහ කරපු ගැහැණියක්. සමහර තැන්වලදී ඒ නරක හොඳ කරන්න ගිහිල්ලා ඒක කරගන්න බැරිවුණ අවස්ථා තියෙනවා. ඒ වගේ තැන්වලදී මම ජීවිතය අතහැරියා. මම කලින් හොඳින් හිටියා. මම බොහොම අවංකව ජීවත්වෙන මනුස්සයෙක්. හැබැයි ඉස්සරහට මීටත් වඩා හොඳින් ජීවත්වේවි කියලා මට විශ්වාසයක් තියෙනවා. ඒ කැමැතිම කෙනා ලැබුණ හින්දා නේද? ඔව් කියලා කියන්න පුළුවන්. ජීවිතේ මාව ආශ‍්‍රය කරපු යාළුවෝ වෙන්න පුළුවන් මගේ ජීවිතේ ළඟින් හිටපු අය වෙන්න පුළුවන්. ඒ අයත් එක්ක හිටපු අය එකතු වුණා වෙන්න පුළුවන්. එ සියල්ලගෙන්ම මට පසුගිය කාලයේ ලැබුණේ අපහාසයක්, අවලාදයක්, නරකක් සහ පළිගැනීමක් විතරයි. දැන්නම් මගේ ජීවිතයට ලැබුණ කෙනා මම වෙනුවෙන් ඉවසන, මම වෙනුවෙන් කැපවෙන මගේ මඩ ප‍්‍රහාර දිහා බලාගෙන ඔළුව පාත්කරගෙන ඉන්න කෙනෙක්. ඉතිං මම හිතනවා ඒක තමයි ජීවිතය කියලා. ඔහු ජනප‍්‍රිය සංගීත කණ්ඩායමක නිත්‍ය ගායකයෙක්? ඔව්. නවක ගායකයෙක්. මම හිතනවා ඒ ගායකයාත් එක්ක ඉදිරියේදී මට ආදරය කළා වගේ ආදරය කරලා ජීවත්වේවි කියලා. මම කොහොමත් ඉස්සර ඉඳන් සංගීතයට ආදරය කරන මනුස්සයෙක්. හැබැයි මට සින්දු කියන්න බැහැ. ඔහු වෙත හිත ඇදී යන්න වොල්ගාට තිබුණ සුවිශේෂී හේතුව ? මම හිතන්නේ පොළවේ පයගහලා ජීවත්වීම. මගේ දෙමාපියන්ට ගෞරව කරනවා. මම දන්න තරමින් ඔහු මේ ලෝකයේ වැඩියෙන්ම ආදරය කරන්නේ අම්මාට. තමන් ගේ අම්මා ගේ ගෞරව කරන පිරිමියා ගැහැණියකට අනිවාර්යයෙන්ම ගෞරව කරනවා. මේ ආදර කතාවට ප‍්‍රශ්න තිබුණේ නැතිද? මේ ආදර කතාව බාධක බොහෝමයි. ඒක මම අදටත් දෙවියන්ට භාරදීපු ප‍්‍රශ්නයක්. මගේ තාත්තා මට පුරුදු කරලා තියෙන්නේ කවදාවත් කාගෙන්වත් පළිගන්න නෙමෙයි. මම දන්නේ නැහැ පසුගිය කාලයේ මෙච්චර කතා හැදුණේ, ඇයි මෙච්චර මඩ ප‍්‍රහාර ඇතිවුණේ කියලා. මම දික්කසාද වුණ ගැහැණියක්. ඒක කෙලින්ම කියනවා. එතකොට දික්කසාද වුණ ගැහැණියකට ආපහු ජීවිතය පටන්ගන්න බැරිද?. සමහර තැන්වලදී මගේ නෑදෑයෝ පවා අහලා තිබුණා ඇයි මෙයා මෙහෙම කරන්නේ කියලා. එහෙම ප‍්‍රශ්න නැතුවාම නෙමෙයි. එතකොට ගොඩක් දෙනෙක් මාව විවේචනය කළා. බාධක කියලා මම ගොඩක් දැක්කේ මඩ සහ අවලාද. ඒවා සෑහෙන ආවා. මට දුක හිතුණ තැන් ගොඩක් තිබුණා. මම දෙවියන්ට කියන්නේ මේ මඩ ප‍්‍රහාර ගහන මිනිස්සුන්ට මොළය පාදලා දෙන්න කියලා. මොකද මමත් ගැහැණියක්. මම ගැහැණියකට තියා පිරිමියෙකුටවත් අපහාස කරන කෙනෙක් නෙමෙයි. ඒ අපහාස සහ මඩ බොහොම සතුටින් විඳ දරාගෙන ජීවත්වෙනවා. මඩ ගහලා වොල්ගාව වට්ටන්න බැහැ. එහෙමද? ඔව්. වට්ටන්න බැරිවුණා. මම රංගන ක්‍ෂෙත‍්‍රයට ඇවිත් අවුරුදු පහක් වෙනවා. නමුත් පිට මිනිස්සු මට අවලාද අපහාස කරලා නැහැ. හැබැයි ඒ අපහාසවලට මාව සැලූන්නේ නැහැ. දික්කසාද ගැහැණියකට අභියෝග වැඩියි. ඔබ ඒ අභියෝගවලට මුහුණදෙන්න සූදානම්ද? ඔව්. මම අනිවාර්යෙන්ම මුහුණදෙන්න සූදානම්. හැමදාම කියනවා වගේ මම සාම්ප‍්‍රදායික ගැහැණියක් නෙවෙයි. මම අදවෙනකම් කිසිම පිරිමියෙකුගෙන් ජීවත්වෙලා නැහැ. අද වෙනකොට ලංකාවේ ගොඩක් ගැහැණු හිතාගෙන ඉන්නවා දික්කසාද වෙනකොට අම්මෝ ජීවත්වෙන්න විදිහක් නැහැ කියලා. එහෙම වෙන්න වුවමනා නැහැ. ගැහැණිය අසරණ විය යුතු නැහැ. ගැහැණිය කියන්නේ පිරිමියාට වැඩිය ශක්තිමත්විය යුතු කාන්තාවක්. ඔබේ කලා ජීවිතයට අනාගත සැමියාගෙන් බාධාවන් වැටේවිද? නැහැ. දැනට එහෙම නැහැ. මම හිතනවා ඉස්සරටත් එහෙම වෙන එකක් නැහැ කියලා. අනික වෘත්තීන් දෙකක්. ඒක බොහොම ලස්සනයි.බොහොම හොඳ පැහැදිලි ගමනක් යන්න පුළුවන්. මම නිළියක්. ඔහුගේ දේවල්වලට මම උදව් කරනවා. මගේ දේවල්වලට ඔහු උදව් කරනවා ඇරෙන්න වෙන දේවල් නැහැ. මේ දිනවල වොල්ගාගේ වීඩියෝ එකක් හරි ජනප‍්‍රිය වෙලා තියෙනවානේද? ඕක දෙතුන් දෙනෙක් එකතුවෙලා කරපු දෙයක්. බිනෝෂ් පීරිස් බිවෝක්ගේ අවලංගු කාසියක් කියන ගීතයේ මියුසික් වීඩියෝ එකේ එක තැනක තියෙනවා නළුවාට අහුවෙනවා පොටෝ එකක් ගැහැණු ළමයෙකුගේ අත අල්ලාගෙන ඉන්නවා. ඒකේ අධ්‍යඣෂවරයා කිව්වා පොඩි ක්ල්ප් එකක් ගහගහු නිකං කියලා. ඒක බොරු ක්ල්ප් එකක් නෙමෙයි. ඇත්ත වීඩියෝ එකක්. වචන ටිකක් වෙනස් වෙලා තියෙනවා. ඒක මා ළඟ සහ බිනෝෂ් ගාව වගේම අධ්‍යක්ෂක රොෂාන් ඈපාසිංහ ළඟ තිබුණා. බිනෝෂ්ගේ හෝ මගේ මැසෙන්ජර් එක හැක් කරලා තමයි මේ වීඩියෝ එක අරගෙන තියෙන්නේ. අපහාසයක් කරන්න තමයි මේ වීඩියෝ එක දාලා තියෙන්නේ. ඒකට නීතිමය කටයුතු අරගෙන තියෙනවා. කවුද දැම්මේ කියන එක හොයන්න තමයි නීතිමය කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. මම හිතන්නේ වාසනාවක ඒ වීඩියෝ එක හින්දා මිනිස්සු මට කතා කරලා ඕකට සැලෙන්න එපා කියලා විතරයි කිව්වේ. වොල්ගාව මොනදේ කළත් වට්ටන්න බැහැ කියලාද කියන්නේ ? මෙහෙමයි මමත් සාමාන්‍ය මනුස්සයෙක් හින්දා මටත් රිදෙන තැන් තියෙනවා. නැතිවාම නෙමෙයි. මට රිදුන තැන් ගොඩක් තිබුණ මනුස්සයෙක්. හැබැයි කවදාවත් මගේ ගමනවත් මගේ ජීවිතයේ ළඟින් ඉන්න කෙනාවත් මගේ දෙමව්පියන්වත් අයින් කරන්න අමාරුයි. මම දන්නේ නැහැ. සමහර තැන්වලදී මම හරි අමුතුයි කියලත් හිතෙනවා. ඔය වගේ පොඩි පොඩි බොළඳ දේවල්වලින් වොල්ගාව වට්ටන්න හරිම අමාරුයි.
"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“ "This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!" Wednesday, December 2, 2020 Newly wedded bride Do you also see faults in others? Do you also say bad things about others? Do you also observe the worst or bad in others? Can’t you see any good in others? No matter what the relationship is nowadays many see other’s faults. They criticize for who they are… criticize everything others do or say… this brings many troubles to your life. So, let’s find out a Great Samma Sambuddha’s advice on how to overcome this bad quality of ours and become a real person with integrity. Once Samma Sambuddha brought this simile to explain how we can train our selves to become a person with integrity. “It’s like a bride on the day or night she’s first brought to her husband’s home. Right away she sets up a keen sense of conscience and prudence for her mother and father in law, her husband, and even the bondservants, workers, and staff. But after some time, because of living together and familiarity, she’ll even say to her mother and father in law, or to her husband: ‘Go away! What would you know?’ In the same way, on the day or night a person first goes forth from the lay life to monkhood, right away they set up a keen sense of conscience and prudence for the monks, nuns, laymen, and laywomen, and even the monastery workers and novices. But after some time, because of living together and familiarity, they’ll even say to their teacher or mentor: ‘Go away! What would you know?’ So, you should train like this: ‘We will live with hearts like that of a newly wedded bride.’ That’s how you should train.” You got this right? The newly wedded bride – There is a first time for all of us. Whether it is our school or workplace or a party or anywhere… imagine being there for the first time. Our heart is filled with little nervousness, shyness and carefulness… right? We want to make things happen rightly. That’s the feeling comes for the first time. This is so badly happening when you married for the first time. As a newly wedded bride you have to deal with your new husband (no matter how well you being with him before marriage), parents of the husband and other relatives, etc… We being carful of our words & actions. We want to make things right. We don’t want to mess with the relationship which we are newly building. So, there is this awareness of what we say and how we behave. The heart & mind is fully focus on building a nice & steady relationship. But then, what happen? After a sometimes we familiarize with the surrounding and the people around. Then we start to play the role of a bossy character. The respect is gone… the love & caring is gone… no manners in the word or actions. So, do you think this is what should happen? How do we expect others to respect or say good things to us when we behave such a wicked person? Check with your self. Do you familiarize with the person or the situation and become the one who don’t care about anything or anyone or what others feels or think? If so, let’s change back to the first time. Let’s become a newly wedded bride for every relationship. Whether it is the relationship of a parents & kids, husband & wife, with in-laws or other relatives, bhikkhu or lay beings… teachers & students… or even with the politicians or other popular beings whom you never met in personally but criticize as you are well known to them. No matter what the relationship is just try to be the “newly wedded bride” to all of those relationships, and see how things goes right & well. Read the full sutta in Pali canon; Sutta Pitaka > Anguttara Nikaya (AN) > Chatukka Nipatha > Duthiya Pannasaka > Apannaka Wagga > 3rd Sutta – Asappurisa Waduka Sutta - A Good Person Read "Nirvana Dhamma - December Editorial" Written by Viduransi at 1:34:00 AM No comments: Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest පරණ වූ අලුත ගෙනා මනමාලිය ඔබේ ජීවිතයේ දී ඔබ විවිධාකාර පුද්ගලයන්ගේ නුගුණ දකිනවා නේද? මට නම් දැනෙන්නේ මේ කාලේ ඒ ස්වභාවය බහුල වෙමින් පවතිනවා වගේ. ගෙදර අම්මා තාත්තා... සහෝදර සහෝදරියන්... දරුවන්... සැමියා... බිරිඳ... නැන්දම්මා... ලේලි... ඥාති හිත මිත්‍රාදීන්... මෙන්ම පෞද්ගලිකව නො දන්නා පුද්ගලයන් කෙරෙහි පවා අප විවිධාකාර අදහස් මත දරමින් බොහෝ විට පවසන්නේ නුගුණ ම යි. මේ තත්වය නැති කර ගන්නට බුදු හිමියන් පෙන්වා දුන් බොහෝ ක්‍රම අතරින් තවත් අපූරු ක්‍රමයක් පෙන්වා දෙන්නට මෙවර කතුවැකිය වෙන් වෙනවා. අනුන්ගේ අගුණයන් කීම හෙවත්, නුගුණ පැවසීම, දොස් පැවසීම, අඩුපාඩු පැවසීම අසත්පුරුෂ ගුණයක් බව පෙන්වා දෙන සූත්‍ර දේශනාවක් මින් පෙර කතු වැකියකින් අප විග්‍රහ කර ගත්තා මතක ඇති. "නුගුණ කීම" කතු වැකිය කියවන්න ඒ සූත්‍ර දේශනාව තුලම වූ සත්පුරුෂ ගුණයක් වන අන් අයගේ ගුණ දැකීම කියන්නා වූ ගුණය අප තුල වර්ධනය කර ගැනීමට නිතර සිහි තබා ගත යුතු කාරණයක් තමයි මෙවර කතු වැකිය තුලින් ගෙන එන්නේ. උපමාව මෙසේයි; “මහණෙනි, යම් පරිදි වධුකාවක් (අලුත විවාපත් කතක්) යම් ම රැයෙක හෝ දවසෙක හෝ කැඳවා ගෙණෙන ලදු වූ ද, ආ අලුත ඇයට නැන්දනියන් කෙරෙහි දු මයිලනුවන් කෙරෙහි දු සමුනන් කෙරෙහි දු යටත් පිරිසෙයින් දස්කම්කරුපුරිස් කෙරෙහි දු තියුණු විලිබිය එළඹ සිටියේ වෙයි. ඕ පසුකල සහවාසයට ගොස් විශ්වාසයට ගොස් නැන්දනියනට ද මයිලනුවනට ද සමුනනට ද මෙසේත් කියයි: ඉවත යා, තෙපි කුමක් දන්නාව යි. මහණෙනි, එපරිදි ම මෙසස්නෙහි කිසි මහණෙක් යම් ම රැයෙක වේවයි දවසෙක වේවයි ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, එකෙණෙහි ම ඕහට භික්‍ෂූන් කෙරෙහි භික්‍ෂුණීන් කෙරෙහි උපාසකයන් කෙරෙහි උපාසිකාවන් කෙරෙහි යටත් පිරිසෙයින් ආරාමික සමණුද්දෙසයන් කෙරෙහිත් තියුණු හිරිඔතප් එළඹුනේ වෙයි. හේ මෑත කාලයෙක සහවාසයට එළඹ විශ්වාසයට එළඹ ඇදුරනටත් උවදෑවනටත් මෙසේ ද කියයි: පහවව, තෙපි කුමක් දන්නාව යි. මහණෙනි, එහෙයින් මෙසේ හික්මෙන්නේ ය. “අලුත ආ වධුකාවකගේ සිතට බඳු සිතින් වසම්හ” යි. මහණෙනි, තොප මෙසේ හික්මෙන්නේ ය. මේ කිව්ව උපමාව වැටහුණා ද? අලුත ගෙනා මනමාලි - ඔබ යම් තැනකට අලුතෙන් ම ගියා ම කොතරම් ලැජ්ජාශීලී ද? භය ද? තමන්ගෙන් වරදක් වෙයි දෝ කියන... වචනයෙන් වරදක් වෙයි දෝ කියන හැඟීම හැම තිස්සේ ම සිත තුල පවතිනවා. මේ ස්වභාවය ප්‍රකටව ම තියෙන කෙනෙක් තමයි “අලුත ගෙනා මනමාලිය”. මොකද දවසකට දෙකකට ආවා නෙවෙයිනේ නේද? දිගටම ඉන්නත් එපැයි. ඒ නිසා තමන්ගේ නැන්දම්මාට, මාමණ්ඩියට, සැමියා ඇතුළු ඒ තමන් දීග ගිය පාර්ශවයේ සියලු දෙනා කෙරෙහි බොහෝ ම ගරු සරු ඇතිව... වචනයකින් වත් අඩුවක් නොවෙන්නට වග බලා ගන්නවා. හරි අපූරු සිහියක් පවතිනවා. සාර්ථක සම්බන්ධයක් පවත්වා ගැනීමේ පරමාර්ථය ඇතිව කියන, කරන සෑම දෙයක් ම බොහොම ප්‍රසන්නව කරන්න උත්සාහවන්ත වෙනවා. අනෙක් පාර්ශවය අප කෙරෙහි සිතන, කියන, කරන ආකාරය ගැන අප වධ වෙන්නේ නෑ. ඒත් කාලයක් යන කොට... ටික ටික පරණ වෙන කොට... තැනට හුරු වෙන කොට, පිරිසට හුරු වෙන කොට... ඔන්න ඉතින් චණ්ඩියා වෙනවා... “ඔහේ ලා මොනවද දන්නේ... යනවා යන්න” කියලා තමයි ඉතින් වැඩිපුර කටේ තියෙන්නේ. ගුණයක් දකින්නේ ම නෑ. දැන් බලන්න හැම සම්බන්ධයකට ම... කොටින් ම පෞද්ගලිකව හඳුනන්නේ නැති පිරිසට කෙරෙහි පවා මේ කියන තත්වය ඇති වෙලා නේද? ඉතින් කොහොමද ඔබට සැනසීමක් ලැබෙන්නේ? හැම දාම අලුත් මනමාලි වෙන්න... පරණ වෙන්න යන්න එපා... ප්‍රශ්න වැඩි වෙනවා මිසක් අඩු වීමක් නෑ. ඔබට සැබැවින් ම සත්පුරුෂ දහමක් ඕන නම්... සැබැවින් ම නිවීමක් සැනසීමක් ඕන නම්... අසත්පුරුෂයෙක් නොවී සත්පුරුෂ ගුණ ධර්ම තමන් තුල වැඩි කර ගන්නට අවංකව ම අවශ්‍ය නම් අද පටන් ගෙන... මේ මොහොතේ පටන් ගෙන “අලුත ගෙනා මනමාලියක්” බවට පත් වෙන්න. දෙමව්පියන් දරුවන් කියන සම්බන්ධය ගත්තත්... බිරිඳ සැමියා කියන සම්බන්ධය ගත්තත්... නැන්දම්මා ලේලි කියන සම්බන්ධය ගත්තත්... ගිහි පැවිදි... ගුරු ගෝල... රටවැසියා සහ පාලකයන් කියන මේ මොන ආකාරයක සම්බන්ධයන් ගත්තත්... කෙටියෙන් ම සම්බන්ධය කුමක් වුවත්... ඒ සම්බන්ධයට “අලුත ගෙනා මනමාලියක්” ම වන්න!!! වරදින්නේ නෑ!!! සූත්‍ර දේශනාව සම්පූර්ණයෙන් කියවන්න; සූත්‍ර පිටකය > අංගුත්තර නිකාය 2 > චතුක්ක නිපාතය > දුතිය පණ්ණාසකය > 3. අපණ්ණක වග්ගය > 3. අසප්පුරිස වධුකා (අසප්පුරිස ධම්ම) සූත්‍රය > පිටුව 144 – 148 (පී.ඩී.ෆ් පිටුව 165 – 168) නිර්වාණ ධර්ම දෙසැම්බර් කතු වැකිය කියවන්න Written by Viduransi at 1:28:00 AM No comments: Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest Newer Posts Older Posts Home Subscribe to: Posts (Atom) Nirvana Dhamma in English Nirvana Dhamma in සිංහල Nirvana Dhamma in Sign Languages Nirvana Dhamma Net | ධර්මය ඇසුරට තවත් අවස්ථා Nirvana Dhamma / නිර්වාණ ධර්ම For sign Language users - සංඥා භාෂාව භාවිතා කරන්නන් උදෙසා සැගවුණු බොදු මග කල එලි දකී! දම්වරුසා පටිභාන කවීත්වයෙන් විවරවන නිවන් මඟ... FaceBook Official Page | මුහුණු පොතේ අපේ පිටුව Face Book Group | මුහුණු පොතේ නිර්වාණ ධර්ම Google + page Search This Blog Translate | භාෂා පරිවර්ථකය නිර්වාණ ධර්ම දහම් ප්‍රචාරයේ මූලාරම්භය සිදුවූයේ බ්ලොග් අවකාශය තුලිනුයි. තවමත් ඒ තුලින් තම සඳහම් පිපාසාව සංසිඳුවාගන්නා පිරිස බොහෝමයි. ඒ නිසාම වෙබ් අඩවියත් සමඟ සමගාමීව බ්ලොග් අවකාශයත් සත්ධර්මයෙන් පිරෙනවා... අවස්ථාවන් වැඩි වැඩියෙන් ලැබෙන විට සත්ධර්මයත් සමඟ රැඳෙන්නන්ට අත්වන්නේ ලාභයක්මයි! Always remember | සිහියේ තබාගන්න... "Nobody but you can save yourselves. You, when well disciplined yourselves, become your own savior!" So what I can do is, explain the path which Samma Sambuddha has explored and what you can do is SAVE YOURSELVES! "කිසිවෙකුටත් ඔබව ගලවා ගත නොහැක. ඔබ කය වචනය සිත සංවර කරගනිමින් සංවරත්වයේ පිහිටන්නේ යම් දිනකද ඔබ ඔබේම ගැලවුම්කරුවා වනු නියතයි!“ ඉතින් මට කල හැක්කේ සම්මා සම්බුදු පියාණන්වහන්සේ පෙන්වූ නිවන් මඟ මතු කර දීම පමණි... ඔබවම ගලවා ගැනීම ඔබටම කරගත හැක්කකි! Archives | තවත් ලිපි කියවන්න ► 2022 (28) ► November (2) ► October (2) ► September (2) ► August (2) ► July (2) ► June (2) ► May (5) ► April (5) ► March (2) ► February (2) ► January (2) ► 2021 (27) ► December (2) ► November (2) ► October (2) ► September (2) ► August (3) ► July (3) ► June (2) ► May (3) ► April (2) ► March (2) ► February (2) ► January (2) ▼ 2020 (27) ▼ December (2) Newly wedded bride පරණ වූ අලුත ගෙනා මනමාලිය ► November (2) ► October (3) ► September (3) ► August (2) ► July (2) ► June (2) ► May (4) ► April (4) ► March (3) ► 2019 (6) ► December (1) ► November (2) ► August (1) ► May (2) ► 2018 (7) ► August (1) ► July (1) ► June (3) ► May (2) ► 2017 (6) ► November (1) ► June (2) ► March (1) ► February (2) ► 2016 (14) ► December (1) ► November (3) ► October (1) ► September (2) ► July (1) ► June (1) ► May (3) ► April (1) ► January (1) ► 2015 (9) ► November (3) ► July (3) ► February (1) ► January (2) ► 2014 (19) ► December (5) ► July (2) ► June (1) ► May (3) ► April (1) ► March (3) ► February (4) ► 2013 (21) ► December (2) ► October (2) ► July (2) ► June (2) ► May (2) ► March (3) ► February (4) ► January (4) ► 2012 (1) ► June (1) ► 2011 (17) ► October (2) ► September (2) ► July (2) ► June (1) ► May (1) ► April (1) ► March (2) ► February (2) ► January (4) ► 2010 (11) ► December (1) ► September (4) ► June (3) ► May (2) ► February (1) ► 2009 (14) ► November (3) ► October (5) ► September (2) ► August (2) ► July (2) Direct Followers | නිර්වාණ ධර්ම සමග රැදී සිටින්නෝ Total Page Views | මෙය බලන පිරිස Official Youtube Channel | යූටියුබ්හි “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සම්බන්ධ වීඩියෝ ආදිය නැරඹීමට යූටියුබ්හි නිර්මාණය කර ඇති “නිර්වාණ ධර්ම“ චැනලයට මෙතැනින් පිවිසිය හැකියි. Official Youtube Channel for the "Nirvana Dhamma" web site & blog! Popular Posts | වැඩියෙන්ම බලන ලිපි LET'S TAKE THE FIRST STEP CORRECTLY AS A REAL BUDDHIST! There is a very first step for a Buddhist! When a Buddhist child start to speak words for the very first time the parents of his or he... Pleasure of giving Giving is one of the most powerful practices in the path of enlightenment. Samma SamBuddha always appreciate the quality of giving as one ... නිර්වාණයට‍ හේතුවන නිවැරදි සීලය හදුනාගනිමුද? පංච සීලය නැතහොත් පන්සිල් මොනවාද? මෙම ප්‍රශ්ණයට පිළිතුරු වශයෙන් ඔබට මේ වන විටත් ඔබ දැන හදුනාගෙන සිටින ඉතාමත් ඕනෑකමින් පිළිපදින පංචසීලය වන,... පෙර නිමිති සහ විමුක්තිය පෙර කතු වැකිය ඔස්සේ අප විසින් විමුක්තිකාමි චින්තනයක් දැරීම පිණිස අත්‍යවශ්‍ය කරන මූලික දැක්මක් ගැන විස්තර කර ගත්තා. ඒ තුල අපගේ පැවැත්ම තුල ... පෙර නිමිති දැකල ද? සත්ධර්ම මාර්ගයේ දියුණුවක් ලබන්නට කැමැත්තෙන් විමුක්තිය පිණිස බණ දහම් අසන සමහර පිරිස තුල දැක ගන්නට තිබෙන , බොහෝ විට තමන් ම දැක ගන්නට අදක්ෂ ක... Labels 9 accelerate arya path Arya person Ayubowan beginning Buddha budu guna dhamma disciple Editors choice first step food itipi late Life of Buddha Lovers Nibbana nine qualities nirvana noble person path Poems Politics practice Sadhu Sadukaraya Samma Sambuddha Saviour Siddhartha sleep think true power Wise Offerings අප්‍රමාදය ආර්ය ආර්ය ශ්‍රාවකයා නිර්වාණය වැදගත් සිල් සුවිශේෂී සෝතාපන්න
කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පළමු වසර සිසු සංවිධානත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලබන ලේ දන් දීමේ කඳවුර සඳහා සියලු කටයුතු සූදානම් කෙරෙන අවදියක ඒ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමේ අරමුණින් එහි ප්‍රධාන සංවිධායකයින් ලෙස කටයුතු කරන විද්‍යා පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන නදීශානි ඒකනායක, ජනේන්ද්‍ර ජනාර්ථ සහ උසිත මිහිරංග සමඟ Colombo Beacon අපි පිළිසඳරක යෙදුණා. 1. මේ දවස් වල විශේෂ වැඩකට ලැස්ති වෙනවනේ. ඒක ගැන විස්තර ටිකක් කියමු. Welcome එකෙන් පස්සේ විද්‍යා පීඨ පළමු වසර සිසුන් සංවිධානය කරන මුල්ම function එක විදියට ‘One drop – One hope’ යන තේමාව යටතේ ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කරලා තියනවා. මේ වැඩසටහන ඔක්තෝබර් මස 23 වන සදුදා, පෙ.ව. 9.00 සිට ප.ව.3.00 දක්වා කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ zoology department එකේ BLT 2 සහ 3 යන දේශනා ශාලා වල පැවැත්වෙනවා. 2. ලේ දන් දීමේ වැඩසටහනේ අරමුණ ගැනත් සදහන් කරමු. ලේ දන් දීම කියන්නේ රට පුර කෙරෙන සමාජ සත්කාරක වැඩසටහනක්. විශ්ව විද්‍යාල තුළ ඉන්නේ රටේ හෙට දවස බාරගන්න ඉන්න පිරිසක්. ඉතින් මේ වගේ සමාජ සත්කාරක වැඩසටහනක් විශ්ව විද්‍යාල ඇතුළෙන්ම ආරම්භ කරලා, ඒ ගැන දැනුවත් කරලා, හැමෝවම ඒ සදහා දායක කරගන්න සහ විශ්ව විද්‍යාලය තුළ සිසුන්ගේ සුහදතාවය වර්ධනය කිරීම අරමුණු කරගෙන තමයි මේ වගේ දෙයක් සංවිධානය කලේ. 3. කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පළමු වසර සිසුන් සංවිධානය කරන ලේ දන් දීමේ වැඩසටහනේ ඉතිහාසය ගැන සදහන් කරමු? කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සැම වර්ෂයක් පාසාම නොකඩවා මෙම ලේ දන් දීමේ වැඩසටහන පවත්වාගෙන යනවා. 4. මෙවර ලේ දන් දීමේ වැඩසටහනේ තේමාව ‘One drop- One hope’ ලෙස නම් කරලා තියනවා. ඇයි මේ වගේ තේමාවක් ගන්න හිතුනේ. මොකද්ද එකෙන් කියවෙන්නේ? සංවිධාන කටයුතු පටන් ගත්තට පස්සේ මේ සදහා සුදුසු තේමාවක් තෝරාගන්න ඕන උනා. ඉතින් අපි පහුගිය වර්ෂ වල තේමාවන් ගැන හොයල බලද්දී ‘One drop- One hope’ කියන තේමාව මෙවර වැඩසටහනටත් හොදින්ම ගැලපෙනවා කියල හිතුනා. ඒ නිසා මෙම තේමාව භාවිතා කලා. මෙය අනන්‍ය තේමාවක් විදියට ඉදිරි වර්ෂ වලත් භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා. 5. ලේ දන් දීමේ වැඩසටහනට සහභාගි වෙන්න පුළුවන් කාටද? විශ්ව විද්‍යාලය තුළ හෝ පිටත, අදාළ සුදුසුකම් තිබෙන ඕනෑම නීරෝගී පුද්ගලයෙකුට මේ සදහා සාහභාගී වෙන්න පුළුවන්. 6. ලේ දන් දෙන අයට තිබිය යුතු සුදුසුකම් මොනාද? ඒ අය ලැස්ති වෙලා එන්න ඕනි කොහොමද? ලේ දන් දීම සදහා නිර්දේශයක් තියනවා. වයස අවුරුදු 18ට වැඩි සහ බර 50kg ට වැඩි නීරෝගී පුද්ගලයන්ට ලේ ලබා දෙන්න පුළුවන්. ඒ අවස්ථවේදී පෙර රෝග විනිශ්‍යකට ලක් කරලා වෛද්‍ය නිර්දේශයට අනුව තමයි ඒ දේ සිදු වෙන්නේ. ලේ දන දීමට එන අයට කියන්න තියෙන්නේ ලේ ලබා දෙන්න පැයකට පමණ පෙර හෝ හොදින් ආහාර ගෙන පැමිණෙන්න කියල. 7. මෙවර ලේ දන් දීමේ වැඩසටහනට තියන සුදානම කොයි වගේද? ඇත්තටම හොද සුදානමක් තියනවා. මෙම වැඩසටහන සංවිධානය කරන්න තිබ්බේ සති 3ක වගේ ඉතාමත් කෙටි කාලයක්. වෙනත් වැඩ රාශියක් දී තිබුනත් වාර්ෂිකව කරන සමාජ සත්කාරයක් නිසා මේ වර්ශයෙත් නොකඩවා කරන්න අපි හිතුවා. දැන් වෙනකොට අපි ගොඩක් වැඩ කටයුතු අවසන් කරගෙනයි තියෙන්නේ. තව පොඩි වැඩ කීපයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. 8. මෙම වැඩසටහනට ලේ බැංකුවෙන් තියන සහයෝගය ගැන මතක් කරමු? ඇත්තටම ලේ බැංකුවේ සහයෝගය ගැන විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. මුලින්ම අපි මේ වැඩසටහන ගැන විස්තර ලේ බැංකුවේ නිළදාරින්ට දුරකථන ඇමතුමක් දීලා තමයි කිව්වේ. ඒ උනාට අපි අයෙත් දවසක ලේ බැංකුවට ගියා වැඩසටහන ගැන විස්තර කතා කරගන්න. ඒ යද්දිත් එයාලා දිනය වෙන් කරලා, වැඩසටහනට එන්න ඔක්කොම සුදානම් කරලයි තිබුනේ. කියන පමාවෙන් ඒ අවශ්‍ය දේවල් සුදානම් කරලා දුන්නා. ඔවුනුත් අසාවෙන් ඉන්නේ මේ වගේ වැඩසටහන් ගැන. 9. මේ දැවැන්ත කටයුත්තට බොහෝ පිරිසකගේ සහයෝගයක් ලැබෙනවනේ. ඒ ගැන විශේෂයෙන් මතක් කරමු. ඔව්. විශාල පිරිසකගේ සහයෝගය ලැබෙනවා.මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ කොළඹ විශ්ව විද්‍යාලය විද්‍යා පීඨයේ, පීඨාධිපති මහාචාර්ය K.R.R.මහානාම මහතට. අපිට මෙය සංවිධානය කරන්න තිබ්බේ කෙටි කාලයක් උනටත් අපි ගැන විශ්වාස කරලා මේ සදහා අවසර ලබා දුන්නට. ඒ වගේම අපේ union එකේ president අයියට සහ union එකේ පිරිසට, 4th year, 3rd year, 2nd year අයියල අක්කලට සහ අපේ 1st year batch එකේ සහෝදර සහෝදරියන්ටත්, අපිට උදව් කරපු දෙමව්පියන්ටත්උදව් කරපු සැම දෙනාටම ස්තුතිවන්ත වෙනවා. “One drop-one hope…” ඔබ අද දින දන් දෙන ලේ බිඳුව හෙට දින තවකෙකුට ජිවිතය දීමට හේතු විය හැකිය. විද්‍යා පීඨ පළමු වසර සිසු සහෝදරත්වයේ මෙම පුණ්‍ය සත්කාරය සමඟ අත්වැල් බැඳගැනීමට ඔබ සැමට අපි ආරාධනා කර සිටිමු.. Fascinated Happy Sad Angry Bored Afraid FacebookTwitterWhatsAppLinkedIn About the author නෙත්මි දයාරත්න විද්‍යා පීඨය - තෙවන වසර කොළඹ විශ්ව විද්‍යාලය View all posts You may also like නිසදැස් වැස්ස දැනුම Campus Field Episode 1 දැනුම ගලන ගඟ නිසදැස් විඳිමි නුඹ දැනුම Campus Field Episode 2 දැනුම බොලිවුඩයේ ප්‍රේමණීය හදවත් වසඟ කළ සුපිරි තරුව Leave a Comment Cancel reply Join with us Follow Me facebook instagram youtube linkedin twitter Categories Colombo Beacon80 ඉතිහාසය6 Interview76 Uncategorized4 ආගමික25 ආදරය106 ක්‍රීඩා78 දැනුම361 නිසදැස්573 විශ්ව විද්‍යාලය118 විශේෂ දිනයන්204 සාමාන්‍ය168 Tags Animal Anniversary Biology Book CampusField ColomboBeacon Congeniality Covid - 19 Cricket Economic Father FelizCumpleaños Festival Film Flash Health History Humanity Interview Life Love Mother Motivation Music Nature Poem poya Recensiones Rotaract ScientiamVeritatis Scientific short story Sports Story Technology Travel undays අවුරුදු ආදරයේඅරගලය නත්තල් රූ ධාරා වෙසක් ස්වයංපෝෂිත සුනාමි සුව ධරණී Archives Archives Select Month November 2022 (14) October 2022 (12) September 2022 (1) August 2022 (13) July 2022 (11) June 2022 (25) May 2022 (6) April 2022 (7) March 2022 (4) February 2022 (18) January 2022 (46) December 2021 (54) November 2021 (50) October 2021 (48) September 2021 (64) August 2021 (49) July 2021 (45) June 2021 (48) May 2021 (40) April 2021 (10) March 2021 (15) February 2021 (6) January 2021 (25) December 2020 (30) November 2020 (38) October 2020 (41) September 2020 (13) August 2020 (38) July 2020 (44) June 2020 (47) May 2020 (56) April 2020 (47) March 2020 (19) February 2020 (12) January 2020 (7) December 2019 (14) November 2019 (9) October 2019 (16) September 2019 (18) August 2019 (16) July 2019 (9) June 2019 (8) May 2019 (12) April 2019 (8) March 2019 (7) February 2019 (3) January 2019 (3) November 2018 (3) September 2018 (2) August 2018 (9) July 2018 (9) June 2018 (6) May 2018 (11) April 2018 (9) March 2018 (4) February 2018 (1) December 2017 (2) November 2017 (2) October 2017 (4) September 2017 (4) August 2017 (4) July 2017 (9) June 2017 (2) May 2017 (2) April 2017 (9) March 2017 (7) February 2017 (3) January 2017 (3) December 2016 (2) November 2016 (3) October 2016 (4) September 2016 (5) August 2016 (7) July 2016 (5) June 2016 (7) May 2016 (2) April 2016 (1) March 2016 (9) February 2016 (9) January 2016 (5) December 2015 (4) November 2015 (7) October 2015 (8) September 2015 (1) May 2015 (82) April 2015 (112)
පසුගියදා කෙන්යානු ක්‍රීඩා අමාත්‍යවරිය සමග තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් මෙරට මැදි දුර සහ දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මෙම අවස්ථාව ලබාගත් බව අමාත්‍යවරයා පැවසීය. පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාව හා කෙන්යානු රාජ්‍යය අතර ද්විපාර්ශ්වික හා ජන සමාජ අතර මිත්‍රත්වය වර්ධනය කරගැනීම සඳහා ඵලදායි හමුවීම් කිහිපයකට සහභාගී වූ අමාත්‍යවරයා, විශේෂයෙන්ම එහිදී කෙන්යානු ක්‍රීඩා අමාත්‍යවරිය වන ආචාර්ය අමීනා මොහොමඩ් මහත්මිය සමග මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා මට්ටම තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳව සාකච්ඡා කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාව හා කෙන්යාව අතර ක්‍රීඩා ක්ෂේත්‍රයේ සම්පත් මෙන්ම ප්‍රවීනයන්ගේ අත්දැකීම් ද හුවමාරු කරගනිමින් සහයෝගයෙන් ක්‍රියා කිරීමට එකගත්වය පළවිය. ඒ අනුව‍, මෙම වසර අවසානයේ හෝ ලබන වසරේ මුල් කාර්තුව තුළ මධ්‍ය සහ දිගුකාලීන පුහුණුවීම් සඳහා ශ්‍රී ලාංකික මැදි දුර සහ දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකු කෙන්යාව බලා පිටත් කරයැවීමට නියමිතයි. ක්‍රීඩා ක්ෂේත්‍රයේ දස්කම් දක්වන අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිසි පුහුණුව හා නිරන්තර දිරිගැන්වීම් ලබාදෙමින් ඔවුන්ගේ දක්ෂතා ඔප මට්ටම් කරගැනීමට ඉඩ ප්‍රස්තාව සලසාදීමේ අරමුණින් මැදි දුර සහ දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මෙම අවස්ථාව ලබාගැනීමට අමාත්‍යවරයා කටයුතු කර තිබේ. ලෝක ශ්‍රේණිගත කිරීම්වල විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන Eliud Kipchoge (5000m – Men), Abel Kirui ( marathon – Men), Ezekiel Kemboi (3000m – Men), Hellen Obiri (5000m – Women), Beatrice Chepkoech(3000m – Women – steeplechase) වැන්නන් බිහි කළ කෙන්යාව වැනි රටක පුහුණුව ලැබීම ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙන මහඟු අවස්ථාවකි. ලැබෙන මෙවැනි අවස්ථාවන් නිසි අයුරින් ප්‍රයෝජනයට ගෙන පුහුණුවීම් කටයුතු සිදුකර තම දක්ෂතා ඔප මට්ටම් කරගනිමින් ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ කරා ළඟා වනු ඇතැ‘යි තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ බලාපොරොත්තුව යි. Sport Tweet on Twitter Share on Facebook Google+ Pinterest Previous Article සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ධුරය නුවන්ප‍්‍රිය ගුණවර්ධනට Next Article විකුණාගත නොහැකි මුං අස්වැන්න මිලට ගන්න දිසාපතිවරුන්ට රජයෙන් මුදල් දෙයි Recommended For You SL vs IND T20: පන්දු යවන්නෝ අසමත් වෙති – ශ්‍රී ලංකාවට ලකුණු 62ක පරාජයක් ඉන්දියාවට එරෙහි T20 සංචිතය නම් කරයි පස්වන T20 තරගයේ ජය ශ්‍රී ලංකාවට – තරගාවලියේ ජය ඕස්ට්‍රේලියාවට SL vs AUS T20: සිව්වැනි තරගයත් ඔස්ට්‍රේලියාව ජය ගනියි ශ්‍රී ලාංකේය ටෙස්ට් වංශ කතාවට අදට වසර 40 ක් සපිරෙයි ශ්‍රී ලංකාව මිකී ආතර් වෙනුවට ජස්ටින් ලැන්ගර් වෙත අවධානය යොමු කරයි About the Author: Thusal Search for: Archives Archives Select Month August 2022 (3) March 2022 (2) February 2022 (155) January 2022 (194) December 2021 (239) November 2021 (256) October 2021 (203) September 2021 (234) August 2021 (252) July 2021 (276) June 2021 (303) May 2021 (300) April 2021 (200) March 2021 (297) February 2021 (272) January 2021 (315) December 2020 (307) November 2020 (360) October 2020 (363) September 2020 (359) August 2020 (380) July 2020 (320) June 2020 (307) May 2020 (333) April 2020 (390) March 2020 (421) February 2020 (405) January 2020 (530) December 2019 (563) November 2019 (555) October 2019 (724) September 2019 (605) August 2019 (529) July 2019 (590) June 2019 (548) May 2019 (665) April 2019 (575) March 2019 (48) Follow Us Stay updated via social channels Tags AG NEWS agriculture Business COPE COVID 19 Economy Entertetment fashion Featured GAJABA NAGAWATHTHA GOSSIP health HM NEWS INTERNATIONAL JVP KARU JAYASURIYA NEWS FM NEWS PUBLIC parliament pmd news POLITICAL POLITICAL NEWS Prime media PR MEDIA PR NEWS public news sajith pramadasa Sanath M Bandara santh m bandara sl army commander slarmy news sl cricket Sl CRICKET - WOMAN TEAM SLFP - SLPP sl vs west 2020 sl v west Sport unhcr unp Week in Pictures Wimal Weerawansa woman women ජනපති ‍fashion දුරකථනය: +94-766-109836 විද්‍යුත් තැපෑල: bhathiyabarukanda@gmail.com © සියලුම හිමිකම් ඇවිරිණි. මෙම වෙබ් අඩවියේ පළවන ලිපි අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් වන අතර එම ආචාරධර්ම උල්ලංඝනය කරමින් නීතිවිරෝධීව උපුටාගන්නන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරනු ඇත.
මෙවර අ.පො.ස. සාමාන්‍ය‘ පෙළ විභාගයට පෙනීසිටින අයදුම්කරුවන් ලක්ෂයකගේ ජාතික හැඳුනුම්පත් සකස්කරගැනීමට නොහැකි වාතාවරණයක් නිර්මාණය වී ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් සරත් කුමාර මහතා පැවසීය. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ඔවුන්ගේ අයදුම්පත්‍ර තවමත් ලැබී නැති බැවින් මෙම තත්ත්වය උදා වී ඇතැයි කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. සරත් කුමාර මහතා වැඩිදුරටත් සඳහන් ක‍ළේ අඩු තරමින් ඉදිරි සති 02 ඇතුළත හෝ එම අයදුම්පත්‍ර ලබාදිය යුතු බවයි. ඌව මැතිවරණයට අදාළ ඡන්ද දායකයන්ගේ හැඳුනුම්පත් සකස්කිරීමටද විශේෂයෙන් පැවරී ඇති බැවින්, ඉතා ඉක්මනින් අයදුම්පත්‍ර ලැබෙන්නට සලස්වන්නැයි ඒ මහතා විදුහල්පතිවරුන්ගෙන් හා ශිෂ්‍යයන්ගෙන් ඉල්ලීමක් කළේය. ඔක්තෝබර් 31 වැනි දිනට වයස අවුරුදු 16 සපුරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අයදුම්පත්‍ර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවට ලැබෙන්නට සලස්වන්නැයි මීට පෙර දන්වා ඇති බවත්, ඔක්තෝබර් 31 වැනිදා වනතුරු නොසිට අයදුම්පත්‍ර කලින් යොමුකරන්නැයි විශේෂ ලිපියක් මගින් විදුහල්පතිවරුන්ට දන්වා සිටි බවද ඔහු කීය. මෙවර විභාගයට අයදුම්කරුවන් 450,000 ක් පමණ පෙනී සිටීමට නියමිත අතර, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ලැබී ඇත්තේ අයදුම්පත්‍ර ලක්ෂ 03 ක් පමණි. කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ දෙපාර්තුමේන්තුවේ දෛනික සේවයෙන් ආසන්න වශයෙන් 50,000 ක් පමණ ජාතික හැඳුනුම්පත ලබාගනීවි යැයි උපකල්පනය කරන බවයි. ඉතිරි සිසුන් පිරිසේ අයදුම්පත්‍ර ලැබීමට නියමිත බවද ඔහු කීය POLITICS 0 Comments popular news කෝටි අටදහසක් වැයකලත් ඉතිහාසයේ දුර්වලම සත්කාරකයින් වූ කටාරය Wednesday / 30 / 2022 2690 ලෝක කුසලාන තරග මැදට කඩාපාත් වූ ප්‍රේක්ෂකයාට අත්වූ ඉරණම Wednesday / 30 / 2022 2663 මන්ත්‍රී අමරකීර්ති ඝාතනයේ සැකකරුවෙක් බන්ධනාගාරයේදී මරුට Tuesday / 29 / 2022 1575 රාසමානික්කම්ගේ ප්‍රකාශයට චීනයෙන් පිළිතුරක් Thursday / 1 / 2022 1506 නිවාඩුවට ඇමෙරිකාවේ ගෙදරට යන කෙනෙක් ප්‍රභල රටක තානාපති කරලා Monday / 28 / 2022 1326 මෝටර් රථයේ පැය 3ක් සිරවී සිටි 17 හැවිරිදි සිසුවා මරුට Friday / 2 / 2022 1322 ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න. Reply To: Eranda - cb chds hcdsh cdshcsdchdhd Cancel නම: විද්‍යුත් තැපැල් ලිපිනය: ඔබේ ප‍්‍රතිචාර: ඇතුලත් කරන්න Top WWW.ADA.LK Ada Sections Latest News | Women | Videos | Business | Sports | Saravita | Opinion | Middle East | International | Technology | Pilisarana | Our Group Sites Lankadeepa | Dailymirror | Tamilmirror | Sunday Times | Daily FT | Ada | Deshaya | Hitv | Mirror Citizen | WNOW | Lanka Women | Wijeya | Contact Us Editorial : +94 011 247 9642, +94 011 247 9671 Technical : +94 011 538 3437 Marketing : +94 011 538 3439 Web Master : Pradeep@admin.wnl.lk Web Advertising Inquiry : Dilan - +94 77 372 7288 Charith - +94 77 567 1710 WNL Home Home Delivery Advertise With Us Feedback Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.
තිලකයාගේ ‍කොලුවට මේ දවස්වල ඉස්පාසුවක් නෑ ඉස්කෝලේ වැඩ. අහවල් එකක් නෙවෙයි ඌට දෙසැම්බරේ ඕ ලැවල් විබාගේ හංදා. ඒකා උංගේ අප්ප, ඒ කිවුවේ ති‍ලකයා ඒ කාලේ වගේම තමයි ඉගෙන ගංට රුසියා. මං දංනවා තිලකයා උගෙ පුතාට වරදිංට ඉඩක්නං නොතබන විත්තිය ඕං. තිලකයයි සිරිල් මහත්තෙයයි දෙංනා ඇස්ඇස්සී කොරලා හිටං ඇච්ඇස්සී විබාගේ කොරෙත් එකට. සිරිල් මහත්තයා විස්ස විද්දියාලෙත් ගොහිං දැං කොළොංපුරේ රවුං උහ බිල්ඩිමක වීදුරු කාමරේක ඉංන ලොක්කෙක්. ඇස්ඇස්සී විබාගේ සාමාර්තේ බලපුවාම සිරිල් මහත්තැංට වැඩියෙං වැඩියි තිලකයාගේ සාමාර්තේ ආයිබොවං. ඇච්ඇස්සී විභාගෙං සිරිල් මහත්තැං විස්ස විද්‍යාලෙට ගියා වුනත් තිලකෙයාට හරියටම ලකුණු හතරක් මදිවෙලා හේනේ කුඹුරෙ දාඩිය වගුරංට වෙන තැනට වැඩ සිද්ද වුනා. ඉස්සර ඇච්ඇස්සී පංතියේ ඉංදැද්දිං තිලකයා ළග පොතක් තිවුනා ආයිබොවං ඇස්ඇස්සී විභාගේ ලියද්දිං හොරෙං ගෙදර ගෙනාපු ආණ්ඩුවේ විභාග කරදහිවලිං තනාපු. ආර්තික විද්දියාව පොත විදිහට තමයි ඕං ඌ ඒකෙං ප්‍රයෝජං ගත්තේ. විභාගේ ලියංට දීපූ ආණ්ඩුවේ කරදහි විභාග සාලාවෙ උංනු මහත්තුරුංට හො‍රා බඩ ඇතුලේ හංගං ගෙනත් තනාපු මේ පොත මහා විස්ම කර්ම නිර්මානයක් හැටියට තමයි පංතියේ එකාලා කෝකත් සැලකුවේ. මේක තිලකයාත් බෝම තට්ටක් විදිහට තමයි සැලකුවේ. ඇච්ඇස්සී පංතියේදිං සිරිල් මහත්තයටත් වැඩියෙං දස්සයා උනෙත් තිලකෙයා. ලොකු ඉස්කෝලේ මහත්තයත් කීවේ “තිලකසිරි නවතිංනෙ විස්ව විද්දියාලෙම තමයි” කියල හිටං. ඔහොමිං ඔහොම කාලෙ ගතවෙලා කොහොමිං කොහොම හරි විබාගෙ ලියංට දින වකවානුත් ආවයි කියමුකෝ. දැං ඉතිං හැමෝම බෝම උනංදුවෙං විබාගේ ලියනවා. මේ අතරෙ තිලකයා සුරුවමට විබාගෙ ලිව්වට මොකෑ අර පරණ පුරුද්ද ඒ කිව්වේ විභාග කරදහි හොරාට ගෙදර ගේන එකත් බෝම සුරුවමට කොරනවා. ඇස් වහක් කටවහක් නෑ තිලකයා අගේට විබාගෙට උත්තර ටික ලීව බව ඌට වාගෙම ඉස්කෝලේ හැමෝටම විස්වාසයි. මේ වෙද්දි විබාගෙ ඉවරයි. දැං ඉතිං කාංසියෙං ගෙදර ඉංන ගමං තිලකයාට හිතිලා මෙදා පාර සාලාවෙ මහත්තුරුංට හොරෙං ගෙනාපු විබාග කොලවලිනුත් පොතක් හදංට. මෙදා කොළ මිටිය බලපුවාම ගිය පාරට වැඩිය ලොකු පොතක් තනංට පුලුවං වග තිලකයාට තේරුං ගියා. හිතට ආවේ පුදුම සතුටක් ඕං. අනාගතේ විස්ස විද්දියාලෙදිං පාඩං ලියාගංට යස පොතක් තනාගංට පුලුවං නෙව. ඒක පුදුම සතුටුවෙංට නිමිත්තක් නෙව. ඉතිං ඕං මේ හීන ලෝකේ ඉදං තිලකයා පොත තනංට ගත්තා. ඒ හීන ලෝකේ බිදිලා තිලකයාට ඉහ මොළ රත් වෙලා හීං දාඩිය දාංට මහ ලොකු වෙලාවක් ගියේ නෑ ආයිබොවං. අර මොකද? අවුරුදු දෙකක් තිස්සේ මහංසිවෙලා, බෝම අගේට පාඩං තියාගෙන, ඇච්ඇස්සී විබාගේදි ආර්තික විද්‍යාව පුරස්නවලට ලියාපු, උත්තර කොල ටිකකුත් තිලකයා ගෙදර ගෙනත් නෙවැ අර හොර කරදහි එක්කං බඩ ඇතුලේ හංගාගෙන. එතනිං එහා උගේ ඔලුවට ආව ඒව අකුරු කොරංට මට ඥානයක් නෑ බොලව්. මාස ගානකිං විභාගේ සමර්තකං ආවා. සිරිල් වනිගරත්න උඩිංම ඇච්ඇස්සී සමත්. මාවිල්මඩගෙදර තිලකසිරිට විස්ස විද්දියාලෙට යංට ලකුණු හතරක් මදි. ඒ වුනත් ඊළග පාර විබාගෙ සමර්ත වෙංට හිත දැඩි කොරං ලක ලෑස්තිවුන තිලකයාට ඒකට සොබාදර්මේ ඉඩ දුංනේ නෑ. ආයුබොවංට සමහර කරුණු කාරණාවලදිං සොබාව දර්මයා දෙපාරක් ඉඩ දෙංනේ නෑ . ටික දොහකිංම උගෙ අප්ප වළපල්ලට ගියා. පවුලේ බර කරට ගංට මහ පොළොව එක්ක ඔට්ටු ‍වෙංට ඌට සිද්ද වුනා. එකම ගමේ එකම පංතියේ එකට ඉදං අකුරු කොරාපු යාලුවො දෙංනගෙං සිරිල්, සිරිල් මහත්තයා වෙලා කොළොංපුරේ රවුං බිල්ඩිමක වීදුරු කාමරේක ඉදං සිරිලංකාවටම අණ පතුරනකොට ඒත් එක්කම කරට කර උංනු තිලකසිරි දැං ගමේ නිකංම නිකං තිලකෙයා වෙලා මහ පොළොවත් එක්කං ඔට්ටුවෙනවා ආයුබොවං. ඇයි තිලකයාට මෙහෙම වුනේ. ඒක ටක්කෙටම පැහැදිලි කොරලා කියංට මට තේරෙංනේ නෑ ආයිබොවං. Posted by විකී at 2:13 AM 7 comments: Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest Labels: ඇබැද්දි Newer Posts Older Posts Home Subscribe to: Posts (Atom) හංවඩු අළුත් කතා ඇබැද්දි මීරුප්පේ මාමාගේ ජනකවි රසකතා හුණු කිල්ලෝටය ආයිබොවංට....ආයිබොවං කෙහෙල් කොළයට බෙදූ මුත්තෙට්ටුව බෙදා හදාගෙන බුදිංට හැමටම ඉඩකඩ හා අවසර. මෙහි සමහර වෑංජං නිසාවෙං සමහරුංට බඩේ රුජා ඇතීවීමට පුළුවං. සුවවංට මනාප විදිහට කොමෙංතුවක් දමා යංටහෙනං. කතා,චරිත, පරිසර ගැන මෙහි අළුත් කතා, මීරුප්පේ මාමාගේ ජනකවි, හුණු කිල්ලෝටය, ඇබැද්දි යන හංවඩු (Labels) යටතේ සදහන් චරිත සහ කතා ඒවා හා බැදුනු පරිසරය මනඃකල්පිත බව සැම දන මන, බොහෝ පැන නැගිය හැකි පැණ මග හරිනු වස් දැනගනිල්ලා බොලව් රට රටවල ඈයෝ බලා කියා ගත්තු ගොයියො දුකට සැපට ඉන්න හාදයෝ තුං මං හංදිය ජීවිතයේ කෙටි සටහන්....... මං ඒ සුවඳට ආස ඇයි? අකුරු 124. සැගවුණ සිතුම් දුකා.. දවස් තුන ! පිලේ පැදුර කිරිපුතාගෙ විත්ති කවි මඩුවට ගියා හිරු ප්‍රභා මා....... ඩුබායි වට්ටක්කා මැතිව්ස් : තනිකරන ලද නායකත්වය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් : කෙළවාගැනීමේ හොඳම එක සහෘදයා RearGate Sahampathi thoughts - අකුරැස්සේ ගමන බූන්දි|BOONDI රංග බූන්දි | අව්‍යාජ - වෙළඳ සංස්කෘතීන් හි ද්විඝටනයක් ලෙස "සිරිවර්ධන පවුල" - [ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර] ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නම "සිරස" කියලා වෙනස් කරමුද? අඹ ගහ යට ඇනෝනිමස් ත්‍රස්තවාදයට එරෙහි වෙමු..! පොත් රාක්කය මාගම් සෝලිය සිතුවිලි මණ්ඩිය මා දේශහිතෛශියෙකු වෙන්නට තීරණය කලෙමි. ගී සිතුවම්....... "සදාකාළිකය..අඳුරේ රැජිණිය.." paspanguva වාර්ෂික රතු කමිස මංගල්‍යය Taboo Subjects බෙහෙත් හේත් thripitakaya.com නිවුං ‍සහෝදරිය වටපිට වගතුග පනන්වල ගල් ලෙනේ පන්සල - උඩ රට සිංහල ගැමියාගේ පැවති අල්පේච්ඡ ජීවණ රටාව පිළිබදව තවත් එක් ගරා වැටෙන නිදර්ශකයකි පනන්වල ගල් ලෙනේ පන්සල. ස්ථානයේ ආරම්භය සහ පැවැත්ම පිළිබද දීර්ඝ කාලීන ‍සා...
ජනාධිපතිවරණයේ විශේෂ ලක්ෂණයක් වන්නේ දෙමළ, මුස්ලිම් විරෝධය සමග දෙමළ, මුස්ලිම් ඡන්ද ලබාගැනීමේ උත්සාහයත් එකට ම පැවතීමයි. එහි අපූරු තත්වයක් වන්නේ, අනෙක් පාර්ශ්වයට දෙමළ, මුස්ලිම් ඡන්ද ලැබේ නම්, එම පාර්ශ්වයට රට පාවා දෙන බව කියන ගමන් ම එම ඡන්ද තමන් වෙත ලබාගැනීමට උපරිම උත්සාහය දැරීමයි. මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඔටුවා ලකුණින් තරග කරන එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට සහයෝගය පිණිස බෙදාහැර තිබෙන පත්‍රිකාවක් දැඩි මතභේදයට ලක් වී තිබේ. එම පත්‍රිකාවේ හිස්බුල්ලා නැගෙනහිර ආණ්ඩුකාර පදවියට පත් කිරීමට ඔහුට ඡන්දය දෙන ලෙස මුස්ලිම් ජනතාවගෙන් ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දෙන ලෙස දෙමළ ජනතාවගෙන් ද ඉල්ලා සිටියි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ සම්බන්ධයෙන් කොයි තරම් කලබල වී ඇද්ද යත් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට තරම් කලබල වී තිබේ. හිස්බුල්ලාගේ සහයෝගය හේතුවෙන් තමන්ගේ සිංහල ඡන්ද පදනමට බලපෑමක් ඇති වනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කලබල වී ඇති බව පෙනේ. මීට පෙර සිලෝන් තව්හීද් ජමාත් සංවිධානයේ නායක අබ්දූල් රසාක් ගෝඨාභය රාජපක්ෂට සහාය දක්වන බවට කරන ලද ප්‍රකාශයක් නිසා ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැඩි කලබලයකට පත් විය. (ලිපිය වීඩියෝවෙන් පසු දිගටම කියවන්න) හිස්බුල්ලා පාර්ලිමේන්තුව නියෝජනය කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වන බැවින් ඔහු ජනාධිපතිවරණය තරග කළත්, ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට සහාය දැක්වීම සාමාන්‍ය තත්වයකි. දූෂිත දේශපාලකයකු වන ඔහු 2010 සිට 2015 දක්වා දැරූ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව විසින් අගෝස්තු මාසයේදී කතානායකවරයා වෙත නිර්දේශ කරන ලදී. හේතුව වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන අතර ඔහු මඩකලපුව කැම්පස් පෞද්ගලික සමාගම වෙනුවෙන් රජයේ ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමක් අත්සන් කිරීමයි. මෙය නීති විරෝධී ක්‍රියාවකි. මෙම විශ්වවිද්‍යාලය දැඩි ලෙස මතභේදයට ලක් වී තිබේ. 2015 මහ මැතිවරණයේදී පරාජය වූ හිස්බුල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන ලදී. පසුව ඔහු නැගෙනහිර පළාත් ආණඩුකාරවරයා ලෙස ද පත් කරන ලදී. හිස්බුල්ලා හා රිෂාඩ් බදිඋදීන් යන මුස්ලිම් දේශපාලනඥයන් පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ සහරාන්ගේ ත්‍රස්ත කල්ලිය සමග සම්බන්ධ බවට අවලාද නැගෙන මුත්, එවැනි සම්බන්ධයක් හෙළිදරව් වී නැත. පහත දැක්වෙන ඡායාරූපයේ හිස්බුල්ලාත්, ඩලස් අලහප්පෙරුමත් යන දෙදෙනාම සිටිති. Share this: Twitter Facebook Like this: Like Loading... Related Post navigation අනුරගේ සටන වැඩසටහන ගැන අදහසක් Dismissing UNHRC resolution categorically, Sri Lankan presidential candidate commits diplomatic blunder before election Related News Politics බලය බෙදීමට මහින්දත් පක්ෂ ඇයි? November 26, 2022 November 26, 2022 Politics සල්ලි ගස් නොසොල්වා මහජන නියෝජිතයකු වන්න මග සැකසේ November 25, 2022 November 25, 2022 Politics ලංකාවේ සිදුවෙමින් තිබෙන විප්ලවය කුමක්ද? November 25, 2022 November 25, 2022 1 thought on “හිස්බුල්ලා පොහොට්ටුවට ඡන්දෙ දෙන්න කීම ඔවුන්ට ප්‍රශ්නයක් වුණේ ඇයි?” Ss says: October 18, 2019 at 5:39 pm Pohottukaarayan menma ema rasikayan depeththa kana bawa pehadiliy . Uthurata haa dakunata paraspara adahas deemata owunata siduwaathe owhoo upangei jaathiwaadien menma aagamwaadien nisai . Reply Leave a Reply to Ss Cancel reply Your email address will not be published. Required fields are marked with *. Comment Full Name * Email Address * Website අනුග්‍රාහක නිවේදන Recent Comments Sarath warnakulasuriya on මහින්දගේ අද දවසේ වැදගත්කම කුමක්ද? Lakshman Jayasinghe on සජිත්ව ජනාධිපති කරනවද? නැතිනම් රනිල්ව තියාගන්නවද? Lakshman Jayasinghe on පළාත් පාලන ඡන්දය කල්දැමීම Lakshman Jayasinghe on 2023 අයවැය වැඩක් ඇද්ද? නැද්ද? Lakshman Jayasinghe on Where is justice for child victims in Sri Lanka? Three stories for adults Archives Archives Select Month November 2022 October 2022 September 2022 August 2022 July 2022 June 2022 May 2022 April 2022 March 2022 February 2022 January 2022 December 2021 November 2021 October 2021 September 2021 August 2021 July 2021 June 2021 May 2021 April 2021 March 2021 February 2021 January 2021 December 2020 November 2020 October 2020 September 2020 August 2020 July 2020 June 2020 May 2020 April 2020 March 2020 February 2020 January 2020 December 2019 November 2019 October 2019 September 2019 August 2019 July 2019 June 2019 May 2019 April 2019 March 2019 February 2019 January 2019 December 2018 Categories Categories Select Category Agriculture (23) Art (84) Cinema (10) Drama (1) Fiction (4) Literature (18) Poetry (11) Business (5) Cartoon (65) Children (3) Cinema (1) Comics (5) Communication (2) Corruption (11) Crime (65) Democracy (16) Development (34) Disaster (3) Economics (12) Economy (93) Education (38) Elderly (4) English (110) Environment (16) Events (4) Fashion (4) Food (7) Gender (1) Governance (72) Health (142) History (4) Human Rights (41) Industry (5) International (72) Kalutara (4) Land (2) Language (1) Law (41) Life (197) Literature (8) Matugama (17) Matugama.com (7) Media (51) Military (3) Music (8) Nature (1) News (178) Opinion (29) Panadura (8) People (97) Philosophy (6) Photos (13) Places (21) Poems (5) Politics (543) Press Releases (3) Religion (17) Satire (3) Science (15) Security (11) Sports (19) Tamil (2) Technology (9) Terrorism (1) Tourism (2) Transport (19) Travel (18) Uncategorized (16) Video (23) Wildlife (5) Women (16) Youth (3) සිංහල (283)
ඔරියන් අභ්‍යවකාශ යානය පෘථිවියේ සිට සැතපුම් 268,563 ක දුරකට ගමන් කරයි.අන්තර්ජාල බැංකු වංචාවක් සම්බන්ධයෙන් සැකකරුවන් 8ක් අත්අඩංගුවට…WhatsApp නව ප්‍රයෝජනවත් විශේෂාංගයක් එළිදක්වයි.ඔක්තෝබර් මස අපනයනය 8% කින් පහතට…ශ්‍රී ඕමාන් තානාපති කාර්යාලයේ හිටපු නිලධාරියෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට…හානියට පත් කැලණිවැලි දුම්රිය මාර්ගය යථා තත්ත්වයට, සුපුරුදු පරිදි දුම්රිය සේවා ක්‍රියාත්මක වෙයි.FIFA අවසන් 16 : කණ්ඩායම් තුනක් සුදුසුකම් ලබයි, කණ්ඩායම් දෙකක් ඉවතට…“Mein Schiff 5” සුඛෝපභෝගී මගී නෞකාව සංචාරකයින් 2000ක් සමඟ ශ්‍රී ලංකාවට.මදුරෙයි බලා පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් යානය ගුවන් ගත වී විනාඩි පහකට පසු නැවත ගොඩබස්වයි.චීනය විදේශ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රකාශයන් අගය කරයි.ශ්‍රී ලංකාව මෙතෙක් පැවති දීර්ඝතම විදුලි කප්පාදුව එළඹෙන ජූලි මාසයේදී අත්විඳිය හැකි බව විදුලිබල සංගමය අනතුරු අඟවයි.මහව – යාපනය දුම්රිය සේවාව ලබන වසරේ මාස පහකට අත්හිටුවීමට තීරණය කරයි.ඩයනා ගමගේට එරෙහි පෙත්සමක් විභාග කිරීමට අධිකරණය අවසර දෙයි.ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් යුග දිවියට පිවිසෙයි.අග්‍රාමාත්‍යවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ බලශක්ති සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කරයි. හංස ප්‍රචාරක යාන්ත්‍රණයේ නිදන්ගත දෝෂ 2015දී එජාපය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණයට ඉතා තීරණාත්මක බලපෑමක් සිදුකරන ලද්දේ මධ්‍යම පාංතිකයන් (මහාචාර්යවරු, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු, වෛද්‍යවරුන් සැළකියයුතු ප්‍රමාණයක්, නීතිඥවරු, ඉංජිනේරුවරු ඇතුළු වෘත්තිකයන්, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ ව්‍යාපාරික ප්‍රජාව) විසිනි. කොටින්ම ජනාධිපතිවරණ ජයග්‍රහණය උදෙසා ගාමක බලය සැපයූයේ ඉහත කී පිරිස් බවත් එවකට එජාපය ප්‍රමුඛ හංස සන්ධානයේ ප්‍රබලතම අවිය මේ පිරිස වූ බවත් අතිශයෝක්තියක් නොවේ. නමුත් ඔවුන් එජාප පාක්ෂික පිරිසක් නොවූ අතර පාවෙන ඡන්දදායකයන් සහ ක්‍රියාකාරී පිරිසකි. මහින්ද රාජපක්ෂට ගම් මට්ටමේ බිම් මට්ටමේ ජනතාව අතර හොඳ ඡන්ද පදනමක් එදා තිබූ අතර අදද එහි සැළකියයුතු වෙනසක් නොමැත. පොහොට්ටුව home work කරලා මහින්ද සහ පොහොට්ටුව මෙම තත්වය මනා ලෙස කියවා ගත්තේය. තමාට බිම් මට්ටමේ නොසෙල්වෙන ඡන්ද පදනමක් ඇති බව අවබෝධ කරගත් ඔවුන් බලය ලබාගැනීමට නම් කල යුත්තේ මැද පංතියේ පාවෙන ඡන්ද පදනම සීග්‍රයෙන් ආක්‍රමණය කරන වැඩ පිළිවෙලක් බව මනාව අවබෝධ කරගත් බව පෙනේ. ඒ අනුව මැතිවරණ සමයට වසර ගණනාවකට පෙර සිටම වියත්මග, එළිය වැනි මැද පංතිය ආමන්ත්‍රණය කරන සහ තම පාක්ෂික මැද පන්තිය තවදුරටත් සවිබල ගන්වන වැඩ පිළිවෙලවල් රාශියක් ක්‍රියාවට නැගුණි. වර්තමානයේ එහි සාර්ථක ප්‍රතිඵල පැහැදිලිවම පෙනෙන්නට ඇත. වියත්මග සහ එළිය හරහා සවිබල ගන්වන පෙල ගස්වන ලද වෘත්තිකයන්, උගතුන්, ටියුෂන් ගුරුවරුන්, ව්‍යාපාරිකයන් තම ඡන්දය පොහොට්ටුවේ අපේක්ෂකයාට ලබාදෙනවා පමණක් නොව මේ ⁣මොහොත වන විටත් තමා ඇසුරු කරන සමාජ මට්ටම් වල දේශපාලන තීරණයට සැළකියයුතු බලපෑමක් කරන භූමිකාවක් ඉටු කරති. හංසයාට මඟ හැරුණු පාවෙන චන්ද එජාපය 2015දී තම දැවැන්තම ශක්තිය වූ මැද පන්ති ඡන්ද පදනම කියවා ගත්තේ සම්පූර්ණයෙන්ම වැරදි අර්ථයක් ලැබෙන පරිදිය. එනම් එජාපය ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන් වුවද ඔහුට 2015 මෙන්ම සක්‍රීය මැද පන්තියේ සහය අනිවාර්යයෙන්ම ලැබෙන බවට වන වැරදි උපකල්පනයක ඔවුන් එල්බගෙන සිටින බව පෙනේ. මේ වැරදි උපකල්පනය මත එජාපය ප්‍රමුඛ හංස සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය සම්පූර්ණ වශයෙන්ම පාහේ ඉලක්ක කර ඇත්තේ ගම් මට්ටමේ බිම් මට්ටමේ ජනතාව වේ. මේ හේතුවෙන් මැතිවරණ ප්‍රචාරක යාන්ත්‍රණයක අනිවාර්යයෙන්ම පැවැතිය යුතු සමබරතාවය එජාපය ප්‍රමුඛ හංස මැතිවරණය වේදිකාවෙන් මේ මොහොත වනවිට ගිලිහී ඇත. ස්ථිර සහ නොසෙල්වෙන යැයි උපකල්පනය කළ මධ්‍යම පාංතික පාවෙන ඡන්ද වලින් සැළකියයුතු කොටසක් පොහොට්ටු මැදපංති මෙහෙයුම විසින්ද, තවත් කොටසක් අනුර කුමාර දිසානායකගේ ජාතික ජනබලවේගය විසින්ද තමතමන්ගේ ඡන්ද කෝටාවන්ට එක් කරගෙන ඇත. සැළකියයුතු කොටසක් තවමත් ගෝඨාභය පැරදවීමේ අරමුණින් එජාපය හා රැඳුණද, ඔවුන් පවා උදාසීන ලෙස කටයුතු කරනවා විනා ඡන්ද එකක් දෙකක් හෝ තම කඳවුරට එක්කාසු කරගැනීමට හැකියාව ලැබෙන පරිදි සක්‍රීය දායකත්වයක් සපයන බවක් නොපෙනේ. ඒ අනුව මේ මොහොතේත් ගෝඨාභය දිනුම් මේ හේතුවෙන් මේ මොහොත වන විට භූමියේ යථාර්ථය අනුව බිම් මට්ටමේ ස්ථාවර ඡන්ද පදනමක් සහ මැද පංතියේ තීරණාත්මක ඡන්ද පදනමක් ගෝඨාභය රාජපක්ෂ සතු බව පිළිගැනීමට සිදුවේ. එජාපයේ ඇල් මැරුණු සමාජ ජාල ප්‍රචාරණය සමාජ ජාලා සම්බන්ධයෙන්ද එජාප ප්‍රමුඛ හංස සන්ධානයේ ආකල්පය ඉතාම ඇලුමැරුණු එකක් බව පෙනේ. ඔවුන් වෙනුවෙන් සමාජ ජාලා ප්‍රචාරක කටයුතු සිදුකරන්නන් සිතා සිටින්නේ තම අපේක්ෂකයාගේ ඡායාරූප, ජනරැළි වල ඡායාරූප වැනිදෑ facebook හි හුවමාරු කරගැනීම facebook campaign එකක් යනුවෙන් විය යුතුය. එවැනි ප්‍රාථමික මට්ටමේ මූලාශ්‍ර අනුව ඡන්දය තීරණය කරන පිරිස්ද සිටිය හැකි වුවද ඒ සුළුතරයකි. ඔවුන්ගෙන් වැඩිදෙනාද ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන විටම තමා ඡන්දය දෙන්නේ කාටදැයි බොහෝවිට තීරණය කර අවසන්ය. Facebook campaign එකක් යනු එවැනි සරළ ක්‍රියාදාමයක් නොව පාපන්දු තරඟයක් වැනි දෙයකි. පන්දුව පිටියේ කෙළවරින් ඉදිරියට ගෙනගොස්, කෙළවර සිට මැදට එක්වරම යොමුකරන පන්දු වලට හිසින් පහරදී ලකුණු රැස්කිරීම facebook campaign එකක මූලික හරයයි. එය සම්පූර්ණයෙන්ම එජාප ප්‍රචාරක කණ්ඩායම් විසින් නොසලකා හැර තිබේ. 2015දී මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහුගේ කඳවුරේ කිසිවෙකු ෆේස්බුක් විප්ලව මගින් ආණ්ඩු පෙරළිය හැකියැයි සිතුවේ නැත. නමුත් නොසිතූ ලෙස අත්වූ පරාජය ඔවුන්ගේ අවධානයද ඒ වෙතට යොමු කරන්නට සමත් විය. එහි වටිනාකම මැනවින් අවබෝධ කරගත් පොහොට්ටුව ඉතා දක්ෂ ලෙස මේ මොහොත දක්වාම තම සමාජ ජාලා ක්‍රියාන්විතය ඉටුකරගෙන යති. පාවෙන චන්ද එකතු කරන්නේ මෙහෙමයි.. ජනාධිපතිවරණයකදී කුමන කතා කියැවුණද ස්ථාවර ඡන්ද පදනම් සාමාන්‍යයෙන් වෙනස් වන්නේ නැත. එබැවින් තීරණාත්මක වන්නේ පාවෙන ඡන්ද පදනමයි. ජනාධිපතිවරණයකට පෙර තත්වය කුමක් වුවද එය ප්‍රකාශයට පත්කළ වහාම පාවෙන ඡන්දදායකයන් බහුතරයක් ෆැන්ටසිගත වේ. මේ ෆැන්ටසිගත ඡන්දදායකයන් අතින් අල්ලා හැරවිය නොහැක. ඔවුන් හැරෙන්නේ ස්වේච්ඡාවෙනි. එබැවින් උපක්‍රමික ප්‍රචාරක යාන්ත්‍රණයක අරමුණ විය යුත්තේ ස්වේච්ඡාවෙන් හැරෙන ඡන්දදායකයාට හැප්පී ගැටී ලිස්සා පෙරළී අවශ්‍ය ස්ථාවරයට තල්ලු වීම සඳහා අවශ්‍ය යටිතල ව්‍යූහය සැකසීමය. එය ශල්‍යකර්මක් වැනි අති සූක්ෂම කටයුත්තකි. පොහොට්ටු පාර්ශවය වෙනුවෙන් එය සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බව පෙනුණද හංස පාර්ශවය එම තත්වය අවබෝධ කරගෙන සිටින්නේද යන්න පවා සැකසහිත වේ. ජනාධිපතිවරණයේ අවසාන ප්‍රතිඵලය විශාල ඡන්ද පරතරයක් නොපෙන්වනු ඇත. නමුත් ඉහත සඳහන් ප්‍රචාරක යාන්ත්‍රණයේ දුර්වලතා අවසාන ප්‍රතිඵලයේදී මැනවින් නිරූපණය වනු ඇත. නීතිඥ අථිල අතාවුද මහතා තම FB පිටුවේ පලකළ අදහසකි.(2019 ඔක් 30 වැනිදා තැබූ සටහනකි) හංස ප්‍රචාරක යාන්ත්‍රණයේ නිදන්ගත දෝෂ============================2015දී එජාපය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ… Posted by Athila Athauda on Tuesday, 29 October 2019 2019-11-04 On: November 4, 2019 In: ප්‍රවෘත්ති With: 0 Comments Previous Post: කොන්දේසි – ගිවිසුම් මැද සජිත්ගේ අනාගතය කෙබඳුද? : තීරණාත්මක දින 11ක ජනතා තීන්දුවේ වාසිය කාටද? Next Post: 6.9% තිබ්බ ආර්ථිකය ඉතියෝපියාවට වඩා පහළට ගෙනා යමපාලනය වෙනස්කරන්න ගෝඨාභයට රට බාර දෙන්න video
ඊයේ දිනයේ පැවැති Apple Spring Loaded event එක අතරතුරදී එළිදැක්වීමට කටයුතු කළ devices අතරින්, M1 chipset එක මගින් බළගැන්වෙනු ලැබෙන්නේ iMac පරිගණකය පමණක් නොවන අතර, මේ Apple M1 chipset එක හරහා බළගැන්වෙන iPad Pro මාදිලියක් එළිදැක්වීමට ද ඔවුන් කටයුතු කරනු ලැබුවා. මෙලෙස අලුත් හඳුන්වාදෙනු ලැබූ iPad Pro එක පසුගිය වසරේ හඳුන්වාදුන් MacBook Air, MacBook Pro සහ Mac Mini මාදිලි වල අන්තර්ගත වූ cores 8කින් සමන්විත M1 processor මගින් ම බළගැන්වෙන අතර, මේ හරහා මෙවර iPad Pro එක පැරණි මාදිලියට වඩා performance අතින් ඉතාමත් ඉදිරියෙන් සිටින බව Apple සමාගම පෙන්වා දෙනවා. පැරණි iPad Pro එකට වඩා 1,500 ගුණයක graphic performance boost එකක් මේ අලුත් iPad Pro එක සතුව ඇති අතර, වඩාත් වැඩිදියුණු කළ 16-core Apple Neural engine එකකින් සහ අලුත් image signal processor එකකින් ද මෙය සමන්විත වෙනවා. එමෙන්ම මෙහි Wi-Fi පමණක් ඇති මාදිලිය වරක් charge කළ විට පැය 10ක් දක්වා ද, Wi-Fi සහ Cellular යන options ද්විත්වයම ඇති මාදිලිය පැය 9ක් දක්වා ද භාවිතා කළ හැකි බව ඔවුන් පෙන්වා දෙනවා. ‍Connectivity අතින් ගත් කළ මේ අලුත් iPad Pro එක Thunderbolt 3 සහ USB 4 තාක්ෂණයන්ගෙන් මෙන්ම, millimeter-wave 5G තාක්ෂණයෙන්ද සමන්විත වන අතර, Apple සමාගම පෙන්වාදෙන පරිදි මෙම 5G පහසුකම හරහා 4Gbps දක්වා speed එකක් ලබාගැනීමට හැකියාව පවතිනවා. මීට අමතරව මෙහි අන්තර්ගත වන front camera module එකේ ඇති TrueDepth camera system එක භාවිතා කර facial recognition හරහා device එක unlock කිරීමේ හැකියාව ලබාගත හැකි බවත්, ප්‍රධාන camera module එකේ ඇති ISP සහ LiDAR scanners හරහා වඩාත් හොඳ තත්ත්වයේ low-light images ලබාගැනීමේ හැකියාව ද ඇති බව ඔවුන් පෙන්වා දෙනවා. එමෙන්ම වැඩිදියුණු කරන ලද mini-LED display එකක් අඟල් 12.9 iPad Pro මාදිලියට අන්තර්ගත කර ඇති අතර මෙය Liquid Retina XDR යන නමින් හැඳින්වීමට Apple සමාගම කටයුතු කරනවා. මෙම display එකෙහි විශේෂත්වය වන්නේ පැරණි display එකෙහි අන්තර්ගත වූ LED array වලට වඩා මෙහි අන්තර්ගත වන LED arrays 120 ගුණයකින් පමණ ප්‍රමාණයෙන් කුඩා වීම වන අතර, 1,000,000:1 ක contrast ratio එකක් එනම් Extreme Dynamic Range එකක් මෙම display එකට ඇති බව ඔවුන් පෙන්වා දෙනවා. මීට අමතරව Apple Pencil එක, Smart Keyboard Folio එක සහ Magic Keyboard එකට මෙම මාදිලි සහාය දක්වන අතර, PS5 සහ Xbox controllers භාවිතා කරමින් games play කිරීම සඳහා ද iPad Pro එක භාවිතා කළ හැකි වෙනවා. සුපුරුදු පරිදි Apple සමාගම e-waste එක පිළිබඳව ද ඔවුන්ගේ අවධානය යොමු කර ඇති අතර මේ අනුව මෙම devices නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරන ඇලුමිනියම් සඳහා 100%ක් ම recycled aluminum භාවිතා කරනු ලබන බවත්, speakers වලට සහ enclousre එකෙහි ඇති magnets සඳහා ද 100% recycled elements භාවිතා කරනු ලබන බව ඔවුන් ප්‍රකාශ කරනු ලැබුවා. අඟල් 11 iPad Pro (Wi-Fi) මාදිලිය ඇමෙරිකානු ඩොළර් $799ක් ලෙසත්, Wi-Fi + Cellular මාදිලිය $999ක් ලෙසත්, අඟල් 12 iPad Pro (Wi-Fi) මාදිලිය $1,099ක් ලෙසත්, Wi-Fi + Cellular මාදිලිය $1,299ක් ලෙසත් මිළ නියම කිරීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Apple Newsroom වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක. Kasun Jayarathna An introvert, a journalist at TechNews.LK ❤️ Kasun Jayarathna's Profile මේ වගේ අළුත්ම news යන එන ගමන් බලන්න, දැන්ම අපේ Mobile Apps install කරගන්න. Techie Android Techie Lite iOS Techie Windows — TechNews.LK — News මේ මස 01 වෙනි දා එළීදැක්වීමට නියමිත ව තිබුණු Xiaomi 13 series launching event එක කල් දැමීමට කටයුතු කරයි NSBM FOSS Community එක මඟින් සංවිධානය කරන Technosphere 2022 උළෙල පිළිබඳව දැනගනිමු DevFest 2022 උළෙල පිළිබඳව දැනගනිමු See all 2151 articles → Apple 2 min read Apple M1 chip එකක්, 4.5K Retina display එකක් සහ වර්ණ ගණනාවක් සමඟින් අලුත් iMac මාදිලියක් එළිදැක්වීමට Apple සමාගම කටයුතු කරයි ඊයේ දිනයේ පැවැති Apple Spring Loaded event එක [/apple-confirms-spring-loaded-event-will-be-held-on-april-20/] අතරතුරදී හඳුන්වාදුන් අලුත්ම iPad Pro මාදිලිය ගැන මීට පෙ Prabodha Lakshan වසර 2කට පෙර Leaks 1 min read MediaTek සමාගම විසින් ජංගම දුරකථන සඳහා වන ලොව ප්‍රථම 4nm chipset එක නිර්මාණය කිරීමට සූදානම් වෙන ලකුණු චීන මූලාශ්‍ර දෙකක් පදනම් කරගනිමින් GSMArena වෙබ් අඩවිය විසින් වාර්තා කරන පරිදි, ජංගම දුරකථන සඳහා 4nm chipset Varuna Prabhath වසර 2කට පෙර Copy Article Copy Link Facebook Twitter Top Made with in Sri Lanka. Terms & Conditions Privacy Policy Correction Policy Fact-Checking Policy Advertising Policy Ethics Policy Disclaimer Help
පලාපල.lk මගින් ඔබට නිරතුරුවම වෙනස් වෙමින් යන සජීවී ග්‍රහ ගමන ඉදිරිපත් කරන නිසා එය පහසුවෙන් බලාගත හැකිය. නිවාස පිටුවේ දකුණු පස ඉහළ තිබෙන ග්‍රහ රාශි චක්‍රයට අනුව මේ වන විට එනම් දෙසැම්බර් 5 දින ග්‍රහයන් ගමන් කරන්නේ මෙසේය. මේ අනුව රවි බුධ සහ ශනි වෘශ්චික රාශියේ ගමන් කරයි. සඳු කුජ සහ රාහු කන්‍යා රාශියේද, සිකුරු තුලාවේද, ගුරු සිංහයේ වන අතර කේතු මීනයේ ද, ගෝචරය වෙයි. 2015 දෙසැම්බර් මාසයේ පවතින ග්‍රහචාරයට අනුව ලග්න රැසකට සුභ ඵල උදා කෙරේ. ඒක් එක් ලග්නයට මෙම ශුභාශුභ බලපාන්නේ කෙසේදැයි බලමු. (මේය පොදු පලාපල විස්තරයකි. පලාපල.lk හි ලියාපදිංචි ඔබට සැළසෙන විශේෂ සේවා අතර සියලු ග්‍රහ මාරු, නැකැත්, පාද සහ සතුරු මිතුරු සබඳතා ද බලා ගත හැකියි.) මේෂ තම කටයුතු සාර්ථක කර ගැනීමට අධික වෙහෙසක් දැරීමට සිදු වෙන මාසයකි. ගෙදර දොර කටයුතු සම්බන්ධයෙන්ද යම් ගැටලුකාරී තත්වයන් මගහැර ගනිමින් සතුට සමාදානය රැක ගනී. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් අධික කාලයක් ගත කිරීමට සිදුවන අතර ඒවා ප්‍රතිපලදායක වේ. දියුණුව වෙනුවෙන් ක්‍රමවත් වැඩපිලිවෙළක් සකසා ගනී. මෙම මාසය තුල වියදම් අධික වේ. නව නිවාස කටයුත්තක් සදහා හිත යොමු වේ. නිවසේ යම් ඉඳිකිරීම් කරගැනීමට තිබේනම් එය වහාම ආරම්භ කිරීමට සුදුසුය. මේෂ ලග්න හිමි තරුණ තරුණියන්ට සාර්ථක මංගල යෝජනා ඉදිරිපත් වේ. රැකියා කටයුතුවලටද සතුරු කරදර ඇති වීමට බොහෝ දුරට ඉඩ ඇත. තීරණ ගැනීමේදී කල්පනා වන්න. එහෙත් ප්‍රධානීන්ගේ නොමද සහයෝගය ලැබෙන බැවින් රැකියාවන් සාර්ථක කර ගැනීමට හැකියාව ඇත. ඔවුන්ගේ හිත දිනා ගැනීම පිළිබඳව උනන්දු වන්න. ව්‍යාපාර ක්ෂේත්‍රෙයේ නියැලෙන අයට උසස් පුද්ගලයන්ගෛ් සහාය ලැබෙනු ඇත. නව රැකියා අපේක්ෂා කරන අයගේ බලාපොරොත්තු ඉටුවෙන බවක් පෙනේ. එහෙත් මිතුරු වෙසින් සිටින සතුරුකම් කරන අය ගැන අවධානයෙන් සිටීම වැදගත් වේ. අධ්‍යාපනය ලබන අයගේ සාර්ථකත්වය මැනවින් ප්‍රදර්ශනය වේ. තරඟ විභාගවලින් ජය හිමිවේ. වෘත්තීය අධ්‍යාපනයේ නියැලෙන්නන්ටද තම ඉලක්කයන් සපුරා ගත හැකි වේ. ශරීර ඌෂ්ණ ගති සහ ලේ දූෂ්‍ය වීම් ඇති විය හැකිය. ජය අංක - 4, 5 ජය වර්ණ - රතු, කහ, සුදු ශුභ දින - ඉරිදා, බ්‍රහස්පතින්දා වෘෂභ බලාපොරොත්තු වූවාටත් වඩා හොඳින් තම කටයුතු සාර්ථක කර ගැනීමට ඉඩ ලැබෙන මාසයකි. ගෙදර දොර කටයුතු සම්බන්ධයෙන්ද තත්වය සතුටුදායක වන අතර ගෙදර අයගෙන් මෙන්ම ඥාතින්ගෙන් උදව් උපකාර හිමිය. මෙම මාසය තුල ප්‍රීතිමත් උත්සව ගණකාවකටම සහභාගි වීමට අවස්ථාව උදා වේ. වෘෂභ ලග්න හිමි තරුණ තරුණියන්ට සාර්ථක මංගල යෝජනා ඉදිරිපත් වේ. දූ දරුවන් සිටින අය ඔවුනගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් වෙහෙසන කාලයකි. නිවසේ යම් අලුත්වැඩියාවන් කරගැනීමට තිබේනම් එ්වාට යොමු වීම සුදුසුය. හදිසි ධන ලාභද ලැබෙන අතර තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට හෝ නව ආයෝජනවලටද සුබදායකය. රැකියා කටයුතු බාධාවකින් තොරව කරගෙන යැමට අවස්ථාව ඇතත්, උනන්දුව උත්සාහය අඩු වීමට කරුණු යෙදේ. වැඩරාජකාරී කලට වේලාවට නොකිරීමට ඉඩ ඇත. එනිසා අනවශ්‍ය ගැටලු සහ දෝෂාරෝපණයන්ටද ඉඩ ඇත. ප්‍රධානීන්ගේ නොමද සහයෝගය ලබා ගෙන රැකියාවන් සාර්ථක කර ගැනීමට උනන්දු විය යුතු මාසයකි. ව්‍යාපාරවල නියුතු අයද තම සහායකයන්ගේ හිත දිනා ගැනීම පිළිබඳව උනන්දු වන්න. ව්‍යාපාර ක්ෂේත්‍රෙයේ නියැලෙන උසස් පුද්ගලයන් හඳුනා ගැනීමට ලැබෙනු ඇත. නව රැකියා අපේක්ෂා කරන අයගේ බලාපොරොත්තු ඉටුවෙන බවක් පෙනේ. උධ්‍යාපනය ලබන වෘෂභ ලග්න හිමියන්ගේ මනසේ ව්‍යාකූල තත්වයන් ඇතිවිය හැකිය. අනවශ්‍ය ලෙස කලබල නොවී අධ්‍යාපනය කටයුතු සාර්ථක කර ගැනීම උත්සාහයෙවන් සහ කැපකීරිමෙන් ජය ලබා ගැනීමට හැකි වේ. උසස් අධ්‍යාපනයේ නියැලෙන අයට සහ වෘත්තීය අධ්‍යාපනයේ නියැලෙන්නන්ටද තම ඉලක්කයන් සපුරා ගත හැකි වේ. උදරාබාධ සහ පපුවේ සෙම් ගති ඇති විය හැකිය. ජය අංක - 3, 4 ජය වර්ණ - රෝස, කහ ශුභ දින - බදාදා, සිකුරාදා මිථුන ගෙදර සාමය පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සැකසුනත්, ඥාතීන් සමග කටයුතු කිරීමේදී යම් මතබේදවලට තුඩු දෙන කාරනා ඇති වීමට බොහෝ දුරය ඉඩ තිබෙන නිසා ඉවසීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කරන්න. දුර බැහැර ගමන් බිමන් යෙදීමට සිදුවන අතර බලාපොරොත්තු නොවූ ගැටලුවලට මුහුණ දීමට සිදු විය හැකිය. විශේෂයෙන්ම තම ළඟම හිතවතුන් සමග අනවශ්‍ය වාද විවාදවලට ඉඩ ඇත. ඒවායින් ඔබට වාසි නොලැබෙන අතර දැඩි ස්ථාවරයන්ගෙන් මිදීම සිතට ගත යුතුය. විදේශ ගත වීමට සිටින අයට ඊට අවස්ථා සැළසේ. තරුණ තරුණියන්ට සාර්ථක මංගල යෝජනා ඉදිරිපත් වේ. සුදුසු සහකරුවන් සොයා ගැනීමට අවස්ථාව සැළසේ. රැකියා ස්ථානයේ කටයුතු බහුල වනු ඇත. යම් වෙහෙකාරී ගතියක් දැනුනත් එදිනෙදා කටයුතු අතපසු වීමකින් තොරවකරගෙන යෑමෙන් රැකියාවේ ස්ථාවරත්වය පවත්වා ගෙන යාමට අවස්ථාව ඇත. උසස්වීම් බලාපොරොත්තු වන අයට තම අදහස් මුදුන්පත් කර ගැනීමට තව වුරටත් කල්ගත වනු ඇත. සංචාරක ව්‍යාපාර සහ විදෙස් සම්බන්ධ රැකියාවන්හි සහ ව්‍යාපාරවල නියුතු අයගේ කටයුතු මුදුන්පත් වේ. ව්‍යාපාර ක්ෂේත්‍රෙයේ නියැලෙන අයට තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ඉඩ ලැබෙනු ඇත. විවිධ ධන ලාභ ඇති මාසයකි. බුද්ධිමත් කණ්ඩායම් සමග සම්බන්ධ වීමෙන් උසස් අධ්‍යාපනයේ නියැලෙන අයට සහ වෘත්තීය අධ්‍යාපනයේ නියැලෙන්නන්ටද තම ඉලක්කයන් සපුරා ගත හැකි වේ. මනසේ ව්‍යාකූල තත්වයන් ඇතිවිය හැකිය. අනවශ්‍ය ලෙස කලබල නොවී අධ්‍යාපනය කටයුතු සාර්ථක කර ගැනීමට උත්සාහයෙන් සහ කැපකීරිමෙන් ජය ලබා ගැනීමට හැකි වේ. විදේශ අධ්‍යාපනයන් නිරතවන අයටද තම අදහස් සපුරා ගැනීමට හැකිය. පෙණහළු ආශ්‍රිත සහ පපුවේ සෙම් ගති ඇති විය හැකිය. ජය අංක - 1, 3 ජය වර්ණ - නිල්, දම් ශුභ දින - සඳුදා, බදාදා කටක ගෙදර සාමය සමාදානය යහපත් අයුරින් ප්‍රීතිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සැකසේ. උසස් සමාජය ඇසුරු කිරීමටද අවස්ථාව සැළසේ. තරුණ උදවියගේ යහපත් ප්‍රේම සම්බන්ධතා ගොඩ නැගෙන අතර විවාහ ගිවිස ගැනීමට සිටින අයට අවස්ථාවන් ලැබේ. හවුල් කටයුතු මගින් ආර්ථික වාසි රැසක් හිමි කර ගැනීමට වාසනාව ඇත. ආරම්භ කරන ලද කටයුතු මෙන්ම නව ආයෝජන අවස්ථාවන්ද බහුල වේ. නිවාස ඉදිකිරීම්, අළුත්වැඩියා සම්බන්ධ කටයුතු සාර්ථක ලෙස විසඳේ. මෙම මාසය කටක ලග්න හිමි ඔබගේ බලාපොරොත්තු රැසක් ඉටුකර ගැනීමට ඉඩ ලැබෙන මාසයකි. රැකියා ස්ථානයේ විවිධ ගැටලු මතු වුවත්, කටයුතු බහුල වනු ඇතත්, ඒවායින් ඉහලම තෘප්තියක් ලබනු ඇත. ප්‍රධානීන්ගේ නිබඳ අවධානයට පත්වෙන අතර උසස්වීම් බලාපොරොත්තු වන අයට තම අදහස් මුදුන්පත් කර ගැනීමට හැකිවනු ඇත. ව්‍යාපාරවල නියුතු අයගේ කටයුතු සහ බලාපොරොත්තු නියමාකාරයෙන් මුදුන්පත් වේ. උසස් පුද්ගලයන්ගේ සහයෝගය ලැබෙන වාසනාවන්ත කලයක් වන බව කිව යුතුය.. අධ්‍යාපනයේ නියැලෙන කටක ලග්න හිමියන්ට ඒ සඳහා මෙය හොඳ කාලයකි. ධාරණ ශක්තිය සහ හොඳ තීරණ ගැනීමේ ශක්තිය ඇති වේ. උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනයේ නියැලෙන්නන්ටද තම ඉලක්කයන් සපුරා ගත හැකි වේ. උත්සාහය සහ කැපකීරිම අභියෝග ජය ගැනීමට ඇති ආශාව නිසාම විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට හැකි වේ. විදේශ අධ්‍යාපනයන් නිරතවන අයටද තම අදහස් සපුරා ගැනීමට හැකිය. සුළු වශයෙන් සෙම් ගති ඇති විය හැකි අතර ප්‍රබල සෞඛ්‍යය ගැටලු ඇති නොවේ. පොදුවේ ගතහොත් කටක ලග්න හිමියන්ට මෙම මාසය ඉතා සුබ මාසයක් වනු ඇත. ජය අංක - 2, 4 ජය වර්ණ - සුදු, ක්‍රීම් ශුභ දින - සඳුදා, බ්‍රහස්පතින්දා සිංහ බලාපොරොත්තු රැසක් ඉටුකර ගැනීමට සහ ගෙදර සාමය සමාදානය යහපත් අයුරින් ප්‍රීතිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සැකසේ. උසස් සමාජය ඇසුරු කිරීමටද අවස්ථාව සැළසේ. ප්‍රීති උත්සවවලට සහභාගි වීමටද අවස්ථාව ලැබේ. තරුණ උදවියගේ යහපත් ප්‍රේම සම්බන්ධතා ගොඩ නැගෙන අතර විවාහ ගිවිස ගැනීමට සිටින අයට අවස්ථාවන් ලැබේ. හවුල් කටයුතු මගින් ආර්ථික වාසි රැසක් හිමි කර ගැනීමට වාසනාව ඇත. ආරම්භ කරන ලද කටයුතු මෙන්ම නව ආයෝජන අවස්ථාවන්ද බහුල වේ. නිවාස ඉදිකිරීම්, අළුත්වැඩියා සම්බන්ධ කටයුතු සාර්ථක ලෙස විසඳේ. රැකියා ස්ථානයේ කටයුතු බහුල වනු ඇතත් ඒවායින් ඉහලම තෘප්තියක් ලබනු ඇත. ප්‍රධානීන්ගේ නිබඳ අවධානයට පත්වෙන අතර උසස්වීම් බලාපොරොත්තු වන අයට තම අදහස් මුදුන්පත් කර ගැනීමට හැකිවනු ඇත. ව්‍යාපාරවල නියුතු අයගේ කටයුතු සහ බලාපොරොත්තු නියමාකාරයෙන් මුදුන්පත් වේ. උසස් පුද්ගලයන්ගේ සහයෝගය ලැබෙන තම ව්‍යාපාරාදිය පුළුල් කර ගැනීමට වාසනාවන්ත කාලයක් වන බව කිව යුතුය. එබැවින් ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධන කිරීම සදහා සුදුසු මාසයකි. අධ්‍යාපනයේ නියැලෙන සිංහ ලග්න හිමියන්ට ධාරණ ශක්තිය ශක්තිය ඇති වේ. උනන්දුව උත්සාහය කැපකිරීම් වැඩි වන අතර ඒ තරමටම ජය හිමිය. උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනයේ නියැලෙන්නන්ටද, විදේශ අධ්‍යාපනයන් නිරතවන අයටද තම ඉලක්ක වෙත පියමජ කර අදහස් සපුරා ගැනීමට හැකිය. තරඟ විභාගවලින් ජය හිමිය. ලේ දූෂ්‍ය වීම් සහ දන්ත රෝග, විදුරුමස් ආශ්‍රිත රෝග උත්සන්න වනු ඇත. ජය අංක - 1, 3 ජය වර්ණ - රතු, කහ ශුභ දින - ඉරිදා, සිකුරාදා කන්‍යා කන්‍යා ලග්නයෙන් උපන් ඔබට බලාපොරොත්තු රැසක් ඉටු කර ගැනීමට ලැබෙන මාසයකි. ඔබගේ නිවස තුල සාමය සමාදානය යහපත් අයුරින් ප්‍රීතිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සැකසේ. ප්‍රිය මනාප පුද්ගලයන් ඇසුරු කිරීමටද අවස්ථාව සැළසේ. ප්‍රීති උත්සවවලට සහභාගි වීමට සහ විනෝද චාරිකා යෑමට අවස්ථාව ලැබේ. තරුණ උදවියට යහපත් මංගල යෝජනාවන් ලැබේ. ආර්ථික වාසි රැසක් අත්කර ගැනීමට ලැබෙන අතර තැන්පත් ධනයද ඉහළ යයි. නිවසට අවශ්‍ය සුඛෝපභෝගී භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලැබේ. රැකියාවේ පැවති උදාසීන බව පහව යයි. උනන්දුව සහ උත්සාහය නිසා ප්‍රධානීන්ගේ නිබඳ අවධානයට පත්වෙන අතර උසස්වීම් බලාපොරොත්තු වන අයට තම අදහස් මුදුන්පත් කර ගැනීමට හැකිවනු ඇත. ව්‍යාපාරවල නියුතු අයගේ කටයුතු සහ බලාපොරොත්තු නියමාකාරයෙන් මුදුන්පත් වේ. ව්‍යාපාරවල නව මුහුණුවරක් ගැනීමට උසස් පුද්ගලයන්ගේ සහය ලැබෙන කාලයකි. විදේශයන්ට සම්බන්ධ රැකියා සහ ව්‍යාපාර කරන අයට සහ සංචාරක ක්ෂේත්‍රෙය් රැකියා සහ ව්‍යාපාර කරන අයටද සුබපල දෙන කාලයකි. අධ්‍යාපනයේ නියැලෙන කන්‍යා ලග්න හිමියන්ට ධාරණ ශක්තිය සහ හොඳ තීරණ ගැනීමේ ශක්තිය ඇති වේ. උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනයේ නියැලෙන්නන්ටද තම ඉලක්කයන් සපුරා ගත හැකි වේ. උත්සාහය සහ කැපකීරිම අභියෝග ජය ගැනීමට ඇති ආශාව නිසාම විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට හැකි වේ. තරඟ විභාගවලින් ජය මෙන්ම විදේශ අධ්‍යාපනයන් නිරතවන අයටද තම අදහස් සපුරා ගැනීමට හැකිය. ලේ ගමන සම්බන්ධ සහ සෙම් රෝග උත්සන්න වනු ඇත. ජය අංක - 2, 4 ජය වර්ණ - නිල්, කොල ශුභ දින - සඳුදා, බදාදා තුලා තුලා ලග්නයෙන් උපන් ඔබට බලාපොරොත්තු රැසක් සාර්ථක ලෙස ඉටු කර ගැනීමට ලැබෙන මාසයකි. පවුලේ සාමය සමාදානය යහපත් අයුරින් ප්‍රීතිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සැකසේ. අදහස් දැක්වීමේදී තරමක යම් රළු ස්වභාවයක් ඇති විය හැකිය. එමගින් අන් අයගේ සිත් බිඳීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කිරීම සුදුසුය. දුර සිටින හෝ විදේශගත ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබෙන කාලයකි. තරුණ උදවියට යහපත් මංගල යෝජනාවන් ලැබේ. කරන ලද ආයෝජන මගින් ආර්ථික වාසි රැසක් අත්කර ගැනීමට ලැබෙන අතර තැන්පත් ධනයද ඉහළ යයි. නිවසට අවශ්‍ය සුඛෝපභෝගී භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලැබේ. රැකියාවේ පැවති උදාසීන බව පහව ගොස් උනන්දුව සහ උත්සාහය නිසා රැකියා ස්ථානයේ හැමෝගේම අවධානය දිනා ගැනීමට හැකිවනු ඇත. ප්‍රධානීන්ගේ ප්‍රශංසාව මෙන්ම යම් වරප්‍රසාද ලබා ගැනීමට ඉඩ ලැබේ. ව්‍යාපාරවල නියුතු අයගේ කටයුතු මුදුන්පත් වේ. ආර්ථික වාසි රැසක් ලබා ගැනීමට හැකි වේ. ව්‍යාපාරවල නව මුහුණුවරක් ගැනීමට උසස් පුද්ගලයන්ගේ සහය ලැබෙන කාලයකි. විදේශ සම්බන්ධ රැකියා සහ ව්‍යාපාර කරන අයට සුබපල දෙන කාලයකි. නව රැකියා බලාපොරොත්තු වන අයටද, නව ව්‍යාපාර ආරම්භ කරන අයටද මෙය සුදුසු කාලයකි. අධ්‍යාපනයේ නියැලෙන තුලා ලග්න හිමියන්ට ඒ සඳහා මහන්සි විය යුතු කාලයකි. උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනයේ නියැලෙන්නන්ටද තම ඉලක්කයන් සපුරා ගත ගැනීමට ඒ වෙනුවෙන් කැපකිරීම් කල යුතුය. උත්සාහය සහ කැපකීරිම මතම අභියෝග ජය ගැනීමට ඇති ආශාව වර්ධනය කර ගතහොත් යහපත් ප්‍රතිපල ගත හැකිය. දන්ත රෝග මුඛ රෝග ලේ දූෂ්‍ය වීම් වැනි රෝගවලින් ප්‍රෙව්ශම් විය යුතුය. ජය අංක - 1, 2 ජය වර්ණ - රෝස, තැඹිලි ශුභ දින - සඳුදා, සිකුරාදා වෘශ්චික වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට කලක් අපේක්ෂාවෙන් සිටි කටයුත්තක් ඉටු වෙන සහ බලාපොරොත්තු රැසක් ඉටු කර ගැනීමට ලැබෙන මාසයකි. ඔබගේ නිවස තුල සාමය සමාදානය යහපත් අයුරින් ප්‍රීතිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සැකසේ. නිවසේ සංවර්ධන කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙයි. වෙනදාට වඩා දරුවන් වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් වැය කරයි. ප්‍රීති උත්සවවලට සහ පුණ්‍ය කටයුතුවලට සහභාගි වීමට අවස්ථාව ලැබේ. තරුණ උදවියට යහපත් මංගල යෝජනාවන් තමන්ට සුදුසු කහකරුවන් සහකාරියන් තෝරා ගැනීමට අවස්ථාව ලැබේ. අතමිට සරු වන ආර්ථික වාසි රැසක් අත්කර ගැනීමට ලැබෙයි. රැකියාවේ පැවති උදාසීන බව පහව යයි. උනන්දුව උත්සාහය සහ කාර්යක්ෂමතාවය නිසා සාරථකත්වය අත්වේ. ප්‍රධානීන්ගේ ප්‍රශංසාවට ලක්වෙන අතර ඔවුනගෙන් උදව් උපකාර ලබා ගැනීමටද හැකිවනු ඇත. ව්‍යාපාරවල නියුතු අයගේ කටයුතු සහ බලාපොරොත්තු නියමාකාරයෙන් මුදුන්පත් වේ. ව්‍යාපාරවල නව මුහුණුවරක් ගැනීමට ප්‍රචාරක වැඩ දියත් කිරීමට මෙය සුදුස කාලයකි. ස්වයංරැකියාවල නිරත වෙන අයට සහ කාර්මික අංශයට අදාල ව්‍යාපාර කරන අයට සුබපල දෙන කාලයකි. අධ්‍යාපනයේ නියැලෙන වෘශ්චික ලග්න හිමියන්ට තම උනන්දුව උත්සාහය සහ කැපකිරීම්වල ප්‍රතිපල හිමි වේ. උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනයේ නියැලෙන්නන්ටද එසේමය. තරඟ විභාගවලින් ජය ගැනීමට කිසියම් ආකාරයකින් හෝ පසුබට නොවී මහන්සි විය යුතුය. අධිෂ්ඨානය සහ කැපකිරීම් ජය තහවුරු කරනු ඇත. උදරාබාධ සහ ආහාර ආසාත්මිකතා සහ සෙම් රෝග ඇති විය හැකිය. ජය අංක - 7, 9 ජය වර්ණ - නිල්, කහ ශුභ දින - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා ධනු ධනු ලග්නයෙන් උපන් ඔබට මෙම මාසය ආර්ථිකය ශක්තිමත් කර ගැනීමටද බලාපොරොත්තු රැසක් ඉටු කර ගැනීමට අවකාශය ලැබේ. පවුලේ සමගිය සමාදානය යහපත් ලෙස පවත්වා ගනී. යම් යම් කටයුතුවලදී ඉක්මන්කාරී බව නිසා විවිධ පාඩු සිදුවීමට ඉඩ තිබේ. හදිසි ධන ලාභ ලැබීමට සහ තැන්පත් ධනය වර්ධනය වීමට මෙන්ම භූමි ලාභ මැණික් වාසනා ආදියටද භාග්‍ය ඇති මාසයකි. ප්‍රීති උත්සව සහ විනෝද චාරිකා සඳහා සිත යොමු වේ. ඉඩකඩම් සම්බන්ධව පැවති ගැටළු සහගත තත්වයන් පහව යයි. නිවාස ඉදිකිරීම්, අළුත්වැඩියා සම්බන්ධ කටයුතුවලටද සුබයි. දූ දරුවන් වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් ධනයත් වැය කිරීමට සිදු වෙනමාසයකි. රැකියා ස්ථානයේ විවිධ ගැටලු මෙන්ම තෘප්තිමත් නොවන තත්වයන්ට මුහුණ දිය හැකිය. හිතවතුන්ගෙන් සහ ප්‍රධානීන්ගෙන් සහයෝගය අවශ්‍ය අවස්ථාවල ලබා ගැනීමට හැකි වේ. විදේශ රැකියා බලාපොරොත්තු වන අයට තම අදහස් මුදුන්පත් කර ගැනීමට හැකිවනු ඇත. ව්‍යාපාරවල නියුතු අයට තම ව්‍යාපාර නගා සිටුවීමට අවශ්‍ය භෞතික පරිසරය සැකසේ. මෙම මාසයේදී ප්‍රචාරක කටයුතු කරමින් ව්‍යාපාර ප්‍රවර්ධනය උදෙසා කරන කැපකිරීම් අනාගත ලාභවලට හේතුවේ. විදේශ සම්බන්ධ ව්‍යාපාරවලින් වාසි ලැබීමට පුළුවන. අධ්‍යාපනයේ නියැලෙන ධනු ලග්න හිමියන්ට ඒ සඳහා උනන්දු විය යුතු කාලයකි. ධාරණ ශක්තිය ඇතත් හදිසි වීම් මත තීරණ ගැනීමේ දුර්වලකම් ඇති වේ. උසස් අධ්‍යාපනය හදාරණ ධනු ලග්න හිමි දරුවන් උනන්දුවෙන් උත්සාහයෙන් හා කැපකිරීමෙන් අභියෝග ජය ගැනීමට සිතට ගත යුතුය. වෘත්තීය අධ්‍යාපනයේ නියැලෙන්නන්ට සහ විදේශ අධ්‍යාපනයන් නිරතවන අයට තම ඉලක්කයන් සපුරා ගත හැකි වේ. සුළු වශයෙන් සෙම් ගති ඇති විය හැකි අතර ප්‍රබල සෞඛ්‍යය ගැටලු ඇති නොවේ. ජය අංක - 8, 9 ජය වර්ණ - කහ, රෝස ශුභ දින - බ්‍රහස්පතින්දා, සිකුරාදා මකර මකර ලග්නයෙන් උපන් ඔබට බලාපොරොත්තු රැසක් ඉටු කර ගැනීමට තිබෙන මාසයකි. මානසික සහනය උපරිමයෙන් පවත්වා ගනිමින් තම කටයුතු රැසක් ඉඩු කර ගනී. පවුලේ සාමය යහපත්ය. අඹුසැමි සුහදතා ප්‍රීතිමත්ව වර්ධනයට අවශ්‍ය පරිසරය සැකසේ. ප්‍රීති උත්සව විනෝද ගමන් යෙදේ. විවාහ වීමට සිටින තරුණ උදවියට යහපත්ය. කරන ලද ආයෝජන මගින් ආර්ථික වාසි රැසක් අත්කර ගැනීමට ලැබෙන අතර තැන්පත් ධනයද ඉහළ යයි. ඉඩකඩම් සහ භූමි ලාබ ලැබීමේ භාග්‍යය ඇත. නිවසට අලංකාරය ගෙන දෙන අවශ්‍ය සුඛෝපභෝගී භාණ්ඩ මිලදී ගැනීමටද අවස්ථාව ලැබේ. රැකියාවේ පැවති උදාසීන බව පහව ගොස් උනන්දුව සහ උත්සාහය නිසා රැකියා කටයුතු කලට වේලාවට ඉටුවේ. එය තමාටත් මහත් අස්වැසිල්ලක් වෙන අතර, සෙසු අයගේ අවධානය දිනා ගැනීමටද ඉවහල් වනු ඇත. ප්‍රධානීන්ගේ ප්‍රශංසාව තනතුරු ලාභ මෙන්ම යම් වරප්‍රසාද ලබා ගැනීමට ඉඩ ලැබේ. ව්‍යාපාරවල නියුතු අයගේ කටයුතුවලට මෙතෙක් තිබූ බාධක ක්‍රමයෙන් පහව යයි. ආර්ථික වාසි රැසක් ලබා ගනිමින් තම අරමුණු මුදුන්පත් වේ. ව්‍යාපාරවල නව මුහුණුවරක් ගැනීමට බංකුවලින් සහ උසස් පුද්ගලයන්ගේ සහය ලැබෙන කාලයකි. විදේශ සම්බන්ධ රැකියා සහ ව්‍යාපාර කරන අයට සුබපල දෙන කාලයකි. නව රැකියා බලාපොරොත්තු වන අයටද, නව ව්‍යාපාර ආරම්භ කරන අයටද මෙය සුදුසු කාලයකි. අධ්‍යාපනයේ නියැලෙන මකර ලග්න හිමියන්ට ඒ සඳහා මහන්සි විය යුතුය කාලයකි. උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනයේ නියැලෙන්නන්ටද තම ඉලක්කයන් සපුරා ගත ගැනීමට ඒ වෙනුවෙන් කැපකිරීම් කල යුතුය. උත්සාහය සහ කැපකීරිම මතම අභියෝග ජය ගැනීමට ඇති ආශාව වර්ධනය කර ගතහොත් යහපත් ප්‍රතිපල ගත හැකිය. සෙම් රෝග පපුවේ මහන්සිය ඇති අය නියමිත වෛද්‍ය උදෙස් අනුව කටයුතු කල යුතුය. ජය අංක - 7, 8 ජය වර්ණ - රෝස, නිල් ශුභ දින - සඳුදා, සිකුරාදා කුම්භ කුම්භ ලග්න ඔබගේ බලාපොරොත්තු රැසක් ඉටුකර ගැනීමට සහ ගෙදර සාමය සමාදානය යහපත් අයුරින් ප්‍රීතිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සැකසේ. අතපසු වූ වැඩ කටයුතු රාශියක්ම ඉටුකර ගැනීමට ඉඩ ලැබෙන අතර යහපත් මිතුරන්ගේ උදව් උපකාරද හිමි වේ. තරුණ උදවියගේ යහපත් ප්‍රේම සම්බන්ධතා ගොඩ නැගෙන අතර විවාහ ගිවිස ගැනීමට සිටින අයට අවස්ථාවන් ලැබේ. අඹු සැමි සුහදතා වර්ධනය වේ. හවුල් කටයුතු මගින් ආර්ථික වාසි රැසක් හිමි කර ගැනීමට වාසනාව ඇත. දූ දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු සහ යුතුකම් රැසක් ඉටුකරන මාසයකි. රැකියා ස්ථානයේ පැවති ගැටලුමය තත්වයන් තවදුරටත් පැවතිය හැකි අතර, හිතවතුන්ගේ නොමද සහායෙන් බොහෝ කටයුතු නිරාකරණය කරගනු ඇත. හවුල් ව්‍යාපාරවල නියුතු අයගේ කටයුතු සහ බලාපොරොත්තු නියමාකාරයෙන් මුදුන්පත් වේ. ඉඩකඩම්වලට සම්බන්ධ ව්‍යාපාරවල සහ විදේශ කටයුතුවලට සම්බන්ධ ව්‍යාපාරවලට විවිධ බාධාවන් ඇති විය හැකිය. ව්‍යාපාර සම්බන්ධ තීරණ ගැනීමේදී සහ නීතිමය ලියවිලි අත්සන් කිරීමේදී බුද්ධිමත් විය යුතුය. නැතහොත් විශාල පාඩු විඳීමට සිදුවනු ඇත. අධ්‍යාපනයේ නියැලෙන කුම්භ ලග්න හිමියන්ට ඒ සඳහා මෙය හොඳ කාලයකි. ධාරණ ශක්තිය සහ හොඳ තීරණ ගැනීමේ ශක්තිය ඇති වේ. උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනයේ නියැලෙන්නන්ටද තම ඉලක්කයන් සපුරා ගත හැකි වේ. උත්සාහය සහ කැපකීරිම අභියෝග ජය ගැනීමට ඇති ආශාව නිසාම විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට හැකි වේ. විදේශ අධ්‍යාපනයන් නිරතවන අයටද තම අදහස් සපුරා ගැනීමට හැකිය. රත් පිත් රෝග, ලේ දූෂ්‍ය වීම් සහ දන්ත රෝග, විදුරුමස් ආශ්‍රිත රෝග උත්සන්න වනු ඇත. ජය අංක - 7, 9 ජය වර්ණ - කොළ, කහ ශුභ දින - ඉරිදා, සිකුරාදා මීන මීන ලග්නයෙන් උපන් ඔබට මෙම මාසය ශුභඵල දායකයි. ඔබගේ නිවස තුල සාමය සමාදානය යහපත් අයුරින් ප්‍රීතිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සැකසේ. දූ දරුවන් සිටින අය ඔවුනගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් වෙහෙසන කාලයකි. ඉඩකඩම් සහ භූමි ලාබ ලැබීමේ භාග්‍යය මෙන්ම වාහන ලාභ සඳහා භාග්‍යය ඇත. තරුණ තරුණියන් අතර යහපත් ප්‍රේම සම්බන්ධතා ගොඩ නැගෙන අතර, විවාහ අපේක්ෂකයන්ට සාර්ථක මංගල යෝජනා ඉදිරිපත් වේ. සුදුසු සහකරුවන් සොයා ගැනීමට අවස්ථාව සැළසේ. රැකියා ස්ථානයේ කටයුතු බහුල වීමෙන් යම් කලකිරුණ ස්වභාවයක් ඇති වනු ඇත. යම් වෙහෙකාරී ගතියක් දැනුනත් එදිනෙදා කටයුතු අතපසු වීමකින් තොරවකරගෙන යෑමෙන් රැකියාවේ ස්ථාවරත්වය පවත්වා ගෙන යාමට අවස්ථාව ඇත. උසස්වීම් බලාපොරොත්තු වන අයට තම අදහස් මුදුන්පත් කර ගැනීමට තව වුරටත් කල්ගත වනු ඇත. සංචාරක ව්‍යාපාර සහ විදෙස් සම්බන්ධ රැකියාවන්හි සහ ව්‍යාපාරවල නියුතු අයගේ කටයුතු මුදුන්පත් වේ. ව්‍යාපාර ක්ෂේත්‍රෙයේ නියැලෙන අයට තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ඉඩ ලැබෙනු ඇත. විවිධ ධන ලාභ ඇති මාසයකි. මනසේ ව්‍යාකූල තත්වයන් ඇතිවිය හැකිය. අනවශ්‍ය ලෙස කලබල නොවී අධ්‍යාපනය කටයුතු සාර්ථක කර ගැනීමට උත්සාහයෙන් සහ කැපකීරිමෙන් ජය ලබා ගැනීමට හැකි වේ. විදේශ අධ්‍යාපනයන් නිරතවන අයටද තම අදහස් සපුරා ගැනීමට හැකිය. බුද්ධිමත් කණ්ඩායම් සමග සම්බන්ධ වීමෙන් උසස් අධ්‍යාපනයේ නියැලෙන අයට සහ වෘත්තීය අධ්‍යාපනයේ නියැලෙන්නන්ටද තම ඉලක්කයන් සපුරා ගත හැකි වේ. රත් පිත් රෝග සහ ලේ දූෂ්‍ය වීම් ඇති විය හැකිය. ජය අංක - 5, 6 ජය වර්ණ - සුදු, කහ ශුභ දින - සඳුදා, බ්‍රහස්පතින්දා Posted in: 2015 , December , horoscope , දෙසැම්බර් , පලාපල , ලග්න Email This BlogThis! Share to Twitter Share to Facebook Newer Post Older Post Home 0 comments : Post a Comment ජනප්‍රිය ලිපි අනාගත ලග්න පලාපල අනාගත ලග්න පලාපල බලා ගන්න වෙබ් අඩවියක් මීට පෙර ඔබ දැක තිබෙනවාද? අන්තර්ජාලය මගින් ලොව ප්‍රථම වරට සුවිෂේශී සේවාවක් පලාපල.lk මගින් ඔබට ලබා ද... දවසේ ලග්න පලාපල Daily Horoscope "දවසේ ලග්න පලාපල" යන වැකිය දුටු පමණින් හෝ ඇසූ පමණින් ඔබ අප සියළු දෙනාටම එහි අදහස් කරන දේ තේරුම් යනවා. දිනපතා පුව... පෞද්ගලික ලග්න පලාපල අන්තර්ජාලය මගින් ලොව ප්‍රථම වරට සුවිෂේශී සේවාවක් පලාපල.lk මගින් ඔබට ලබා දෙයි. ඔබගේ ජන්ම තොරතුරු ලබා දී ඊට අදාළ ජ්‍යොතිෂානුකූලව වඩාත් නිවැර...
රේගුව භාරයේ ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත බහාලුම් කඩිනමින් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළෙහි හිඟයකින් තොරව පවත්වාගෙන යාම ඉලක්ක කර ගනිමින් ජනාධිපතිවරයා මෙම තීරණයට එළැඹිණි. ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පවත්වාගෙන යාමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය. රේගුව භාරයේ ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනීම පිළිබඳ අද (07) දහවල් ජනාධිපති කාර්යාලයේ දී මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විණ. එළැඹෙන උත්සව සමයේ දී ජනතාවට හිඟයකින් තොරව ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සැලසිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා දැන් සිටම සැලසුම් සකස් කරන ලෙස නිලධාරින්ට දැනුම් දුන්නේය. තෝරාගත් අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට අවස්ථාව ලබා දෙන ලෙසත් එහිදී කුඨ අරමුණු සහිතව ප්‍රමාණය ඉක්මවා භාණ්ඩ ආනයනය කිරීමට සහ තොග සැගවීමට ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කරන ලෙස දැනුම් දුන් ජනාධිපතිවරයා මේ පිළිබඳ නියාමනය සහ අධීක්ෂණය නව කමිටුවට පැවරීය. public news Tweet on Twitter Share on Facebook Google+ Pinterest Previous Article බල කෑදරකම නිසා නූපන් පරපුරේත් අනාගතය විනාශ වෙනවා – හර්ෂ ද සිල්වා Next Article සංස්ථාවටත් අද හෙටම ඉන්ධන මිල ඉහළ දාන්න සිදුවෙන බව වෘත්තීය සමිති කියයි Recommended For You දේශීය ලොකු ළුැණු වගාවත් හාන්සි වෙන ලකුණු ඖෂධ නියාමන අධිකාරියේ ගැහිලි ගැන ඇමැති චන්නගේ දැඩි අවධානය IOC ඉන්ධන මිල අහසටම නග්ගයි ! ජනපතිගෙන් ‘කිරි ගොවියාට කිරි ඉතිරෙන‘ නියෝගයක් මහ කන්නයේ වී අස්වැන්න 50%කින් අඩුවෙලා – ගොවීන් මැසිවිලි නගයි මේ වන විට යුක්රේනයේ නවතම තත්ත්වය කුමක් ද? About the Author: Thusal Search for: Archives Archives Select Month August 2022 (3) March 2022 (2) February 2022 (155) January 2022 (194) December 2021 (239) November 2021 (256) October 2021 (203) September 2021 (234) August 2021 (252) July 2021 (276) June 2021 (303) May 2021 (300) April 2021 (200) March 2021 (297) February 2021 (272) January 2021 (315) December 2020 (307) November 2020 (360) October 2020 (363) September 2020 (359) August 2020 (380) July 2020 (320) June 2020 (307) May 2020 (333) April 2020 (390) March 2020 (421) February 2020 (405) January 2020 (530) December 2019 (563) November 2019 (555) October 2019 (724) September 2019 (605) August 2019 (529) July 2019 (590) June 2019 (548) May 2019 (665) April 2019 (575) March 2019 (48) Follow Us Stay updated via social channels Tags AG NEWS agriculture Business COPE COVID 19 Economy Entertetment fashion Featured GAJABA NAGAWATHTHA GOSSIP health HM NEWS INTERNATIONAL JVP KARU JAYASURIYA NEWS FM NEWS PUBLIC parliament pmd news POLITICAL POLITICAL NEWS Prime media PR MEDIA PR NEWS public news sajith pramadasa Sanath M Bandara santh m bandara sl army commander slarmy news sl cricket Sl CRICKET - WOMAN TEAM SLFP - SLPP sl vs west 2020 sl v west Sport unhcr unp Week in Pictures Wimal Weerawansa woman women ජනපති ‍fashion දුරකථනය: +94-766-109836 විද්‍යුත් තැපෑල: bhathiyabarukanda@gmail.com © සියලුම හිමිකම් ඇවිරිණි. මෙම වෙබ් අඩවියේ පළවන ලිපි අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් වන අතර එම ආචාරධර්ම උල්ලංඝනය කරමින් නීතිවිරෝධීව උපුටාගන්නන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරනු ඇත.
අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ගව තෘණ සඳහා ඉඩම් නොමැති වීම පිළිබඳ ගැටළු කිහිපයක් හේතුවෙන් කිරි ගොවීන් සඳහා විශේෂ ඉඩම් වෙන් කරන බවට ජනාධිපතිවරයා ලබා දුන් පොරොන්දුව පිළිබඳව පැල්වත්ත ඩේරි සමාගම සිය සතුට පල කරයි. පැල්වත්ත ඩේරි සමාගම, මෙම ඉඩම් ගැටලුව ඇතුළු කිරි කර්මාන්තයෙහි ගැටළු සම්බන්ධයෙන් සැලකිලිමත් වීම පිළිබඳව සිය කෘතඥතාව ජනාධිපතිවරයාට පුද කරන අතර රජය විසින් යෝජිත ඉඩම්වල කිරි මඩු හා ශීත කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවීමට සහාය වීම සඳහා සිය කැමැත්ත ප්‍රකාශ කර තිබේ. කිරි කර්මාන්තය සඳහා විශේෂිත ඉඩම් වෙන් කිරීම මගින් යෝජිත ශීත කිරීමේ මධ්‍යස්ථාන සහ කිරි දොවන ස්ථාන අදාල ස්ථානයන්හි ස්ථාපනය කිරීම මගින් පිරිසිදු පරිසරයක ආරක්ෂිතව කිරි ලබා ගැනීමටත්, එකතු කිරීමටත්, ශ්‍රිත කිරීමේ මධ්‍යස්ථාන තුළ ගබඩා කිරීමටත් හැකිවන අතර එමගින් නියමිත වෙලාවට එම කිරි පිරිසිදුව හා සෞඛ්‍යාරක්ෂිතව සමාගමට ලබා දීමට උපකාරී වේ. මේ හරහා කර්මාන්තයේ ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමත්, ගුණාත්මක බවින් ඉහළ කිරි ලබා ගැනීම සහතික කිරීමටත් සමස්ත ක්‍රියාවලියම පශු වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය නිලධාරීන්ට පහසුවෙන් අධීක්ෂණය කර සහතික කිරීමටත් හැකියාව ලැබෙනු ඇත. පැල්වත්ත සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා මෙම නව ශීතාගාර සහ කිරි දොවන ස්ථාන ස්ථාපනය කිරීම පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “අප සමාගමේ කිරි දෙවීමේ, ගබඩා කිරීමේ, එකතු කිරීමේ හා ප්‍රවාහනය කිරීමේ මෙහෙයුම් කටයුතු වල සුරක්ෂිත භාවය සඳහා මෙම ශීතාගාර හා කිරිදොවන මධ්‍යස්ථාන පිහිටුවීම මගින් විශාල සහයක් වනු ඇතියි විශ්වාස කරනවා. එසේම මෙමගින් අපගේ නිෂ්පාදනවල සමස්ත නැවුම් බව සහ ගුණාත්මකභාවය ඉහළින්ම ඇති බව සහතික කිරීමට උපකාරී වනවා. පෝෂ්‍ය ගුණයෙන් පොහොසත් හා කල් තබා ගත හැකි නැවුම් කිරිවල යහගුණාංගවලින් පොහොසත් අපගේ නිෂ්පාදන පරාසය ඉහළ නැංවීමට මෙය තවදුරටත් සහාය වනු ඇති අතර අදාළ ප්‍රදේශ වල පවුල්වලට සහ සමස්තයක් වශයෙන් කිරි කර්මාන්තයටම මේ හරහා විශාල ශක්තියක් හිමිවේ.” මෙම කිරි මඩු ගවයින්ට සහ ගොවීන්ට සුවපහසු වාතාවරණයක් ලබා දීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ අනෙකුත් පහසුකම් වලින් සමන්විත වේ. සෑම දිනකම නිරන්තර යාවත්කාලින කළ හැකි පරිසරයක් සහ ආරක්ෂිත හා සෞඛ්‍ය සම්පන්න පිළිවෙත් සහතික කිරීම සඳහා කිරි දෙවුම් පද්ධති ස්ථාපිත කෙරේ. එහිදී අතින් කිරි දෙවීමට වඩා යන්ත්‍රානුසාරයෙන් එය සිදුකිරීම මගින් අවදානම වඩාත් අවම කර ගැනීමට සහ ගුණාත්මකභාවය සහ සමස්ත කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට උපකාරී වේ. කිරි සැකසීමට පෙර මිදීම සහ නරක්වීම අවම කිරීම සඳහා ද මෙහිදී පහසුකම් සැලසේ. මෙම මධ්‍යස්ථාන පැල්වත්ත කිරි එකතු කිරීමේ පද්ධතියේ සෘජු නැවතුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන අතර එමඟින් කිරි නියමිත වේලාවට සිසිල් කිරීමේ මධ්‍යස්ථාන හා කර්මාන්තශාලාවලට ළඟා වන බව සහතික කරයි. ගවයන්ගේ සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳව පරීක්ෂා කිරීමටත්, නැවුම් බව, ප්‍රතිශක්තිය සහ සෞඛ්‍යාරක්ෂිත බව නිවැරදිව ගණනය කර සහතික කිරීමටත් මෙම මඩු භාවිතා කළ හැකිය. මෙම ක්‍රමය මගින් විශේෂයෙන් විශාල ගව පට්ටි ඇති ගොවීන් ඇතුළු සියලුම කිරි ගොවීන්ට විශාල පහසුකමක් වනු ඇතැයි සමාගම විශ්වාස කරයි. ගව තෘණ ලබා ගැනීමදී වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය විසින් පනවා ඇති සීමාවන් පිළිබඳව මහඔය, වැලිකන්ද, සේරුවිල, රඹකැන්ඔය, පොල්ලේබැද්ද, කන්දෙගම සහ මාදුරුඔය, සහ අම්පාර දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවල කිරි ගොවීන් සිය කනස්සල්ල පළ කළහ. කිරි ගොවින්ට ගව පාලනය සඳහා මින් පෙර වෙනම ඉඩම් ලබා දීමට පොරොන්දු වී තිබුණද, එවැනි ඉඩ ප්‍රමාණයක් නිසි පරිදි වෙන් කර නොතිබූ අතර එ් හේතුවෙන් කිරි ගොවීන්ට දැඩි නීති වලට යටත් වීමට සිදු විය. ඒ හරහා කිරි කර්මාන්තයට දැඩි බලපෑම් එල්ලවූ අතර සමස්තයක් වශයෙන් ගොවින් කර්මාන්තයෙන් ඉවත් වන්නට වූ අතර පැල්වත්ත සමාගම මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ සහය ඉල්ලා සිටියේය. පැල්වත්ත ක්ෂේත්‍ර නිලධාරීන් මේ පිළිබඳව අදහස් දක්වමින් “මෙම පියවර මගින් ඉඩම්වල අතරමංව සිටින ගවයින් 2000 කට අධික සංඛ්‍යාවක් මුහුණ දෙන ගැටලු මඟහරවා ගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් මාස ගණනාවක් තිස්සේ අපගේ ගවයින් බැලීමට අවස්ථාව හිමි නොවීම නිසා ගවයින්ගේ නිරෝගිබව පිළිබඳව අවධානමක් ඇති වීමට ඉඩ කඩ තිබෙනවා. පශුවෛද්‍යවරු පවා මේ පිළිබඳව පෙන්වා දී තිබෙනවා. මේ නිසා කිරි කර්මාන්තයට ඉඩම් වෙන් කිරීම අපට මහත් පිටිවහලක් වනු ඇති බවට විශ්වාස කරනවා.” පැල්වත්ත සමාගම ගුණාත්මකභාවය, රසය සහ සෞඛ්‍යයසම්පන්නභාවය යන සිය නිෂ්පාදන ප්‍රමිතීන්ට අනුුකූලව යමින් නිරන්තරයෙන්ම ගෝලීය වශයෙන් පිළිගත හැකි ප්‍රමිතීන්ට අනුව ගුණාත්මකභාවයෙන් ඉහළ නිෂ්පාදන ජනතාව වෙත ලබා දීමට කැපවී සිටී. පැල්වත්ත කිරි ගොවින්ගෙන් එකතු කිරීමේ සිට සැකසීම සහ වෙළඳ පොළට පැමිණීම දක්වා ගතවන්නේ පැය 72ක් වැනි අවම කාලයකි. එමනිසා පැල්වත්ත කිරි නිෂ්පාදන වල නැවුම්බව, පෝෂණය, සහ පෝෂ්‍ය සංඝටක වල සුරක්ෂිත­භාවය පිළිබඳව නැවත නැවතත් සහතික විය හැකිය. Share LEAVE A RESPONSE Cancel reply Your email address will not be published. Required fields are marked * Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Author View all posts Post navigation Previous PostThe COVID-19 vaccine is finally here and Sri Lankan students studying in the UK can access it Next Postஒவ்வொரு Nova 7 SE மற்றும் Nova 7i கொள்வனவுடனும் வாடிக்கையாளர் மீது பரிசு மழையை பொழியும் Huawei You Might Also Like Sinhala 5G තාක්ෂණයේ සහ Augmented Reality (AR) හි වැදගත්කම පිළිබඳ Huawei පහදයි Author Sinhala ශ්‍රී ලාංකේය කාන්තාවන් සවිබල ගන්වමින් කුමාරිකා “සොඳුරු දිරියවන්ති“ ජාතික ව්‍යාපෘතිය දියත් කරයි Author Sinhala අබාන්ස් Cleantech අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් සම්මාන ලබයි. Author Sinhala සිංහ සහ ලියෝවරු දහසක් පැතුම් පළමු අදියරේ දී රුපියල් මිලියන 20ක වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි. Author Search for: Recent Posts With Emirates Celebrate the 51st UAE National Day Spectrum Trading Company and Lanka IOC introduce SERVO ecoPLUS, an affordable, eco-friendly lubricant for all types of vehicles Huawei, ලොව පුරා මිලියන 120 ක ජනතාවක් වෙනුවෙන් ගෝලීය ITU ප්‍රතිඥාවට අත්සන් තබයි VMware Advances Multi-Cloud Management with VMware Aria Rotaract in Rotary International District 3220 joins hands with Fems Aya to help end period poverty in Sri Lanka
මීරිගම ශාසන වර්ධන පිරිවෙන් විහාරස්ථානයේ පරිවේනාධිපති ශාස්ත්‍රපති මරදන්කල්ලේ සුසීම නායක ස්වාමින්වහන්සේගේ මෑණියන් අභාවප්‍රාප්ත වී ඇති බව මීරිගම අපි සමූහය වෙත අද දින වාර්තා වී ඇත. මීරිගම ප්‍රදේශය වෙනුවෙන් ඉමහත් වූ ශාසනික සේවාවක් කරනට පෙරමුණ ගත්තාවූ…අතිපූජනීය සුසීම ස්ථවිරයාණන් මෙලෙවට ජනිත කලාවූ… මෑණියන්ට උතුම් වූ නිර්වාණ සුව අත්වේවා….! 🙏 ” මීරිගම අපි ” අපේ පැතුමයි…. Click here to see full post on FB #MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම Share this: Twitter Facebook Like this: Like Loading... Posted in MirigamaApi. Tagged as Mirigama, MirigamaApi, මීරිගම, මීරිගම, ශාසන, වර්ධන, පිරිවෙන්, විහ, මීරිගමඅපි
අප විසින් එදිනෙදා භාවිතා කරන YouTube ජාලය තුළ සැරිසරන්නන් හට යම් ගැටලුකාරී වාතාවරණයක් නිර්මාණය වෙමින් පවතී. එනම් තම මාධ්‍ය තුළ 2160p නැතිනම් 4K විඩියෝ නැරඹීම සඳහා පරිශීලකයින් විසින් YouTube හි Premium Plan එකක් මිලදී ගැනීමට සිදුවන බවයි. මෙය YouTube භාවිතා කරන සියල්ලන්ටම මෙතෙක් අදාල නොවූවත් ඇතැම් පරිශීලකයින් සඳහා එලෙස මිලදී ගැනීමකින් තොරව 4K වීඩියෝ නැරඹීමට නොහැකි බව සඳහන් කරමින් පණිවුඩ ලැබී ඇත. මෙය මහත් සේ ආන්දෝලනයට මෙන්ම තරමක අප්‍රසාදයට ද හේතු වන කාරණාවක් බවට පත් වීමත් සමග බොහෝ පරිශීලකයන් මෙ පිළිබඳව බොහෝ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කර ඇත. So, after testing up to 12 ads on YouTube for non-Premium users, now some users reported that they also have to get a Premium account just to watch videos in 4K. pic.twitter.com/jJodoAxeDp — Alvin (@sondesix) October 1, 2022 YouTube is so desperate pic.twitter.com/vACFz5i6r8 — FriendlyAaron (@FriendlyAaron1) September 30, 2022 YouTube හි පැවති Premium Plan පහසුකම ඔස්සේ එම මාධ්‍ය භාවිතා කරන්නන් හට ads රහිතව වීඩියෝ නැරඹීමේ හැකියාව, Video සහ Audio download කිරීමට ඇති හැකියාව සහ ඒවා පසුබිමෙහි (Background) Play කිරීමට ඇති හැකියාව වැනි අමතර විශේෂාංග රාශියක් ලබාගත හැකිවිය. කෙසේ වෙතත් මෙම වෙනස්කම සමග මේ අතරට 4K වීඩියෝ නැරඹීමද ඉදිරියේ දී සම්පූර්ණයෙ සිදුවිය හැකි බව අප හට අනුමාන කළ හැකිය. කෙසේ වෙතත් මෙම වැඩපිළිවෙල සියලුම YouTube පරිශීලකයන් වෙත මෙතෙක් බලනොපෑවද මෙලෙස පරිශීලකයන්ගෙන් යම් මුදලක් අය කිරීම සම්බන්ධව බොහෝ දෙනා මහත් කනස්සල්ලට පත්ව ඇති බව සමාජ මාධ්‍ය දෙස අවධානය යොමු කරන විට වැටහෙන බව විචාරකයන් සඳහන් කරයි. එනම් Premium Plan ලබාගැනීම සඳහා ආසන්න වශයෙන් ඩොලර් 11.99 ($ 11.99) ක මුදලක් වැයවේ. මෙලෙස ආන්දෝලනයකට තුඩු දුන් මාතෘකාවට YouTube ආයතනය විසින් නිල වශයෙන් කිසිඳු හේතුවක් සඳහ්න් නොකළ පසුබිමක මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ Premium Plan සම්බන්ධව අදහස් පළ කිරීමට ප්‍රතිචාරයක් වශයෙන් දක්වා ඇත්තේ මෙය යම් ආකාරයක පරිශීලකයන් අතර සිදුකළ අත්හදාබැලීමේ ක්‍රියාවලියක් බවයි. එලෙස සඳහන් කළ සටහන පහත දැක්වේ. Hi! it looks like your part of our experiment to know better the feature preferences Premium & non-Premium viewers. if you have more thoughts in mind, you can share it here so we can make improvements: https://t.co/P97P6LUQmf — TeamYouTube (@TeamYouTube) October 2, 2022 Sources: TechCrunch Top Tek News Beebom Google News Community guidelines Related Articles ලබන වසරේදී 8 ශ්‍රේණියේ සිටම " කෘත්‍රී​ම බුද්ධිය" විෂය පාසල් විෂය මාලාවට 9 Dec 2022 · 1 min read රාජ්‍ය නිලධාරීන් ලක්ෂයක් සඳහා තොරතුරු තාක්ෂණ දැනුම ලබා දීම ඇරඹෙයි 7 Dec 2022 · 1 min read යුරෝපා කොමිසම විසින් ගුවන් ගමන් වලදී 5G mobile data භාවිතාවට අනුමැති​ය ලබා ​දේ; Airplane mode ඉවතටද? 5 Dec 2022 · 1 min read 5G ජාලය 2023දී ශ්‍රී ලංකාව තුල වානිජමය වශයෙන් දියත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව TRCSL විසින් දැනුම් ​දේ 4 Dec 2022 · 1 min read iPhone 14හි Emergency Satellite SOS පහසුකම, ඇල​ස්කාවේදී අතරමං වූවෙ​කු මුදවා ගැනීමට මඟ පෙන්වයි 3 Dec 2022 · 1 min read තව මාස 6කින් Neuralink Microchips මිනිස් මොළය සම​ඟ සම්බන්ධ කල හැකි බ​ව Elon Musk ප්‍රකාශ කර​යි 1 Dec 2022 · 1 min read About Us Android වැඩකාරයෝ is a Sri Lankan tech news website, publishing tech news, feature stories, and tech product reviews in Sinhala.
පළාත් සභා ඡන්දයට බාධා කරන්නේ රනිල්! රනිල් සීමා නිර්ණ වාර්තාව ජනපතිට දෙනවා නම් ඡන්දය තියන්න පුළුවන්! – මැතිවරණ කොමිසම April 12, 2019 at 11:42 am | by admin සීමා නිර්ණ සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයා වෙත බාර දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත විශේෂ ලිපියක් යවමින් අද (11) ඉල්ලීමක් කර තිබේ. අග්‍රාමාත්‍යවරයා එම වාර්තාව ජනාධිපතිවරයාට බාරදීමෙන් සහ ජනාධිපතිවරයා එම වාර්තාව රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ බාධා ඉවත්ව යන බවද මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍යවරයාට යවා ඇති ලිපියේ සඳහන් කර ඇත. සීමානිර්ණ වාර්තාව බාරදීමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන අතර ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරැකීමක් වන බවද මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍යවරයා වෙත යවා ඇති ලිපියේ සඳහන් වේ. පළාත් පාලන මැතිවරණය නව ක්‍රමයට හෙවත් මිශ්‍ර ක්‍රමයට පැවැත්වීම සඳහා සීමානිර්ණය කිරීම අවශ්‍යවන අතර ඒ සඳහා හිටපු මිනුම්පති කේ.තවලිංගම් මහතාගේ සභාපතීත්වයෙන් යුත් සමාලෝචන කමිටුවක් පත් කෙරිණි. ඒ අනුව තවලිංගම් කමිටුව සකස් කළ සීමා නිර්ණ සමාලෝචන වාර්තාව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයාට බාර දුන් අතර ඔහු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව පරාජයට පත්විය. ඉන්පසු අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවකට එම වාර්තාව සමාලෝචනයට බාර දුන් අතර එම වාර්තාව තවමත් කමිටුවේ හිරවී තිබේ. Tweet Leave a Reply Cancel reply Your email address will not be published. Required fields are marked * Comment * Name * Email * Website මුල් බිස්ස මුල් පුවරුව පළාත් සභා ඡන්දය ඉල්ලා ජනපති උසාවි යයි! මුල් පුවරුව වහාම පළාත් සභා මැතිවරණය තබනු! – ජනපති මුල් පුවරුව එජාපයට සුළු ජාතික ඡන්ද 80%ක් ෂුවර්! සිංහල ඡන්ද 40%ක් ගන්න එකයි අභියෝගය! මුල් පුවරුව එජාපයට ළං කළොත් ශ්‍රීලනිපය ත්‍රිවිල් පක්ෂයක් වෙලා අතුගෑවිලා යනවා! ශ්‍රිලනිප නායක ජනාධිපතිතුමා ඒකට ඉඩ දෙන එකක් නෑ! – අනුර ප්‍රියදර්ශන යාපා මුල් පුවරුව එකට ආණ්ඩු කළ එජාපය එක්ක අපි යාළුයි! ඒත් මම එජාපයට යන්නේ නෑ! – දුමින්ද දිසානායක මුල් පුවරුව ආර්ථික සංවර්ධනයේ හැරවුම් ලක්ෂය අගමැති රනිල්! අපි එජාපයට ගරු කළ යුතුයි! – අප්පච්චි මළෝ ජනපති සිරිසේනටත් කොකා පෙන්නයි…
හෙට දහවල් බ්‍රිතාන්‍යයේ සිට එන ගුවන් යානයකට ශ්‍රී ලංකන් වෙත විශේෂ අවසරයක් – enbsl.lk | Economy & Business Sri Lanka Skip to content Saturday, November 26, 2022 Latest: ශීතකරණ, ඇඟලුම්, විලවුන්, ටයිල්, බ්‍රේරේක් පෑඩ්ස් ඇතුළු භාණ්ඩ 78ක ආනයන තහනම ඉවතට නෙස්ලේ ලංකා කුරුණෑගල පිහිටි සිය කර්මාන්තශාලාව සඳහා රුපියල් බිලියන 2ක ආයෝජනයක් සිදුකරයි රෝයල් සෙරමික්ස් උප සභාපති සිය කොටස් මිලියන 4ක් විකුණයි, රේණුකා සමූහය මිලියන තුනක් මිලදී ගනී හිටපු NTB ප්‍රධාන විධායක ප්‍රියන්ත තල්වත්ත සණස සංවර්ධන බැංකු ප්‍රධාන විධායක ධුරයට සන්ෂයින් හෝල්ඩිංග්ස් වසරේ පළමු අර්ධයේදී රු. බිලියන 3.2ක බදු පසු ලාභයක් වාර්තා කරයි enbsl.lk | Economy & Business Sri Lanka ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා පුවත් මූල්‍ය සංචාරක ප්‍රවර්ධන CSE & SEC විදෙස් අදහස් Events වීඩියෝ මහ බැංකුව සමීක්ෂණ ව්‍යාපාර English පුවත් සංචාරක හෙට දහවල් බ්‍රිතාන්‍යයේ සිට එන ගුවන් යානයකට ශ්‍රී ලංකන් වෙත විශේෂ අවසරයක් March 18, 2020 March 18, 2020 admin හෙට දහවල් බ්‍රිතාන්‍යයේ සිට එන ගුවන් යානයකට ශ්‍රී ලංකන් වෙත විශේෂ අවසරයක් බ්‍රිතාන්‍යයේ සිට කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත හෙට දහවල් 12.40 ට පැමිණීමට නියමිතව ඇති ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකට සිය මෙහෙයුම් සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරය හිමි වුණු බව ගුවන් සේවය පවසයි. UL504 දරණ මෙම විශේෂිත ගුවන් යානය බ්‍රිතාන්‍යයේ සිරවී සිටින මෙරට පුරවැසියන් පිරිසක් රැගෙන පැමිණීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙහිදී පවසා සිටියි. එය හෙට එනම් මාර්තු 19 වැනිදා මෙරට වේලාවෙන් දහවල් 12.40ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළගා වීමට නියමිතව තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ගෙන ඇති තීරණයකට අනුව හෙට (මාර්තු 19) අලුයම 4.00න් පසුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තය වෙත කිසිදු ගුවන් මගියෙකු භාර නොගැනීමට කටයුතු යොදා තිබේ. මීට පෙර මෙය අද රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන බවක්ද රජයේ බලධාරීන් පවසා තිබුණි. ඒ අනුව බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන UL504 දරණ මෙම විශේෂිත ගුවන් යානය එම කාලසීමාවෙන් පසුව කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන නිසා ඒ සඳහා විශේෂිත අවසරයක් ලබා ගැනීමට සිදුවුණු බව මේ පිළිබඳව ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා’ සිදු කළ විමසීමකදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. “කටුනායක ගුවන් තොටුපොළ හරහා මෙරටට ගුවන් මගීන් ඇතුළු කරගැනීම නැවැත්වීමට රජය ගත් තීරණයකට අනුව හෙට අලුයම 4.00 සිට පැමිණෙන මගීන් සඳහා ගුවන් තොටුපොළ වැසීමට තීරණය වී තිබෙනවා. මෙතැනදී හෙට අලුයම කාලය දක්වාම පැමිණීමට නියමිත ගුවන් යානා වෙත අවස්ථාව ලබාදී මේ තහනම පැමිණවීමයි අදහස වෙලා තියෙන්නේ.” UL504 දරණ යානයෙන් පැමිණෙන මොවුන් සියලු දෙනාම නිරෝධායනයට ලක් කෙරෙන බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රකාශකයා පැවසීය. කෙසේ වෙතත් මීට පෙර අද රාත්‍රී 12.00 ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මෙම තහනම අලුයම 4.00 දක්වා කල්යාම සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් සිදුකළ විමසීමකදී එහි නිලධාරියෙකු, , මෙරටට ගුවන් මෙහෙයුම් සිදු කරන ගුවන් සේවා වෙත මෙම තහනම පිළිබඳව පැය 24ක කාලයකට පෙරාතුව දැනුම් දීම සිදුකළ යුතුව ඇති බවත්, ඒ අනුව මෙම කාලය අලුයම 4.00 පසු ආරම්භ වන බවත් සඳහන් කර සිටියේය. මෙලෙස හෙට අලුයම 4.00 සිට කටුනායක ගුවන් තොටුපොළ මෙරටට පැමිණෙන මගීන් සඳහා වසා තැබුණද, මෙරටින් පිටවන ගුවන් යානා, කාර්ගෝ ප්‍රවාහන කටයුතු සදහා මෙන්ම මාර්ගස්ථ (Transit) මගීන් ලෙස කටුනායක ගුවන් තොටුපොළ යොදා ගන්නා මගීන්ටද ද අවශ්‍ය සේවා සැපයීමට ගුවන් තොටුපොළ විවෘත කර තැබෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. Hits: 46 Share Tweet Share Whatsapp ← කොන්දේසි රැසක් මැද COVID-19 පරීක්ෂාව පෞද්ගලික රෝහල් වෙතත් කොළඹ කොටස් වෙළෙඳ පොළ හෙට සිට යළි වැඩ → Events අදහස් පුවත් රාජ්‍ය විදෙස් ශීතකරණ, ඇඟලුම්, විලවුන්, ටයිල්, බ්‍රේරේක් පෑඩ්ස් ඇතුළු භාණ්ඩ 78ක ආනයන තහනම ඉවතට November 25, 2022 November 25, 2022 admin ඊයේ (24) මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ 78ක ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය
ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, පසුගියදා පැවති SLIM DIGIS 2.0 වාර්ෂික සම්මාන උළලෙහි නවීනතම ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාර වෙනුවෙන් පිරිනැමෙන සම්මානය දිනා ගත් අතර එමගින් තම සමාගමේ ප්‍රතිරූපය විදුලි සංදේශ කර්මාන්තය තුළ නව මානයකට ගෙන ඒමට හච් සමත් විය. “Digital Campaigns Excellence 2019” සඳහා ලෝකඩ පදක්කම දිනාගත් හච්, සම්මාන උළලේ එකම ටෙල්කෝ ජයග්‍රාහකයා විය. මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් හච් හි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා සඳහන් කළේ මෙවැන්නකි. ” SLIM DIGIS 2.0 සම්මාන උළෙලේ එකම ටෙල්කෝ ජයග්‍රාහකයා වීමට ලැබීම අපට ගෞරවයක් වගේම, ඉතාමත් ආඩම්බරයක්. මෙය ශ්‍රී ලංකාව තුළ අපගේ ඩිජිටල් ව්‍යාපාරවල ඉහළ ගුණාත්මකභාවය නිර්වචනය කළ ජයග්‍රහණයක්. ඒ වගේම අපගේ සමස්ත කණ්ඩායම සහ ඩිජිටල් නියෝජිතායතනය වන Digibrush එක්ව කළ කැපවීම සහ උන්නදුව නිසාම අපට මෙම සම්මානය දිනා ගැනීමට හැකියාව ලැබුණා. මෙම ජයග්‍රහණය වෙනුවෙන් මම ඔවුන්ට සුබ පතනවා.” හච් සිය පාරිභෝගික සන්නිවේදනයේ නවෝත්පාදනයන්ට යොමු කරන අවධානය මෙමගින් පෙන්නුම් කරන අතර මෙම ජයග්‍රාහී ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාරය දිවයින පුරා සිදුකළ 4G ආවරණ ව්‍යාප්තියට සමගාමීව සිදු කෙරිණි. හච් සහ එටිසලාට් ඒකාබද්ධ කිරීමෙන් පසුව, විශාල පාරිභෝගික පදනමකට හිමිකම් කියන හච්, සිය පණිවිඩ සියලු පාරිභෝගිකයින් වෙත ළඟා කිරීමට මෙම ඩිජිටල් අලෙවිකරණ ප්‍රයත්නයන් පුළුල් ලෙස භාවිතාකළ අතර නවතම ඩිජිටල් යටිතල පහසුකම් ක්‍රියාත්මක කරමින් සිය පාරිභෝගිකයින් සමඟ සහයෝගයෙන් කටයුතු කළේය. Digibrush හි සම නිර්මාතෘ / ප්‍රධාන විධායක නිලධාරී හිෂාම් සුල්ෆිකර් මහතා පැවසුවේ “ඩිජිටල්-ෆස්ට් යැයි සිතන සේවාදායකයින් සමඟ වැඩ කිරීම සෑමවිටම සතුටට කරුණක් බවයි. මෙම සම්මානය අපගේ ඩිජිටල් නාලිකා හරහා ඵලදායි ඩිජිටල් සන්නිවේදනයන් තුළින් ධනාත්මක ව්‍යාපාර බලපෑම් ඇතිකිරීමට හච් හා එක්ව දියත් කළ උත්සාහයේ ප්‍රතිඵලයකි.” ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් පවත්වනු ලබන SLIM DIGIS 2.0, අලෙවිකරණ ක්ෂේත්‍රයේ ඉමහත් පැසසුමට ලක්වන සම්මාන උළෙලකි. එමගින් ඩිජිටල් අලෙවිකරණ ක්‍ෂේත්‍රයේ නවෝත්පාදනයන් හඳුනා ගනිමින් ඒවා සවිබල ගන්වයි. බැංකු හා මූල්‍ය, රක්ෂණ, විදුලි සංදේශ, තොරතුරු තාක්ෂණ, අන්තර්ජාල, ආගන්තුක සත්කාර, සංචාරක වැනි ක්ෂේත්‍ර ගණනාවක හොඳම ඩිජිටල් ව්‍යාපාරයන් SLIM DIGIS විසින් වාර්ෂිකව අගයයි. ඡායාරූප විස්තරය: (වමේ විට දකුණට) හච්හි ඩිජිටල් අලෙවිකරණ සන්නිවේදන සහකාර කළමනාකාරිනි නිශාදි හේරත්, හච්හි ජ්‍යෙෂ්ඨ අලෙවිකරණ සන්නිවේදන කළමනාකරු රජීව් ඩේවිඩ්, හච් හි ප්‍රධාන අලෙවිකරණ නිලධාරිනී, රම්සීනා මෝර්සෙත් ලායි, හච් හි ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා, Digibrush හි සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී හිෂාම් සුල්ෆිකර්, Digibrush හි ප්‍රධාන ව්‍යාපාර නිලධාරී ජිෆ්රි ජමීල්, Digibrush හි ඩිජිටල් මාධ්‍ය විශේෂඥ අඛිල් නිසාම් Share LEAVE A RESPONSE Cancel reply Your email address will not be published. Required fields are marked * Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Author View all posts Post navigation Previous PostPelwatte receives 463 Million Project Facility from SAPP for Dairy Farming Next PostSinger launches Sony’s innovative entertainment solutions in a Virtual event You Might Also Like Sinhala ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් සිය ටැබ් වාසනා ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව අවසන් කරයි. Author Sinhala Huawei සමාගමේ ආචාර්‍ය වෙන් ටොන්ග් 5G තාක්ෂණයේ සිට 6G තාක්ෂණය පුළුල් කිරීමට 5.5G තාක්ෂණයේ අවශ්‍යතාව අවධාරණය කරයි Author Sinhala සිංගර් විසින් නවතම Sony උපාංග පෙළක් හඳුන්වා දෙයි Author Sinhala හච් ස්මාර්ට් නවතම දිගුකාලීන Anytime data සැලසුම් සැලසුම් හඳුන්වා දෙයි Author Search for: Recent Posts How global MNCs can help bring in USD into Sri Lanka With Emirates Celebrate the 51st UAE National Day Spectrum Trading Company and Lanka IOC introduce SERVO ecoPLUS, an affordable, eco-friendly lubricant for all types of vehicles
යමකුගේ දියුණුවට බලපාන හදිසි ධන ලාභයක් ලැබීමට (ස්ථිර දිනුමක් සේ බලාපොරොත්තු නැති ලැබීමක්) හේතුවන යෝග මොනවාදැයි අපි සලකා බලමු. මෙහිදී මූලික සැලකිල්ල යොමු කළ යුත්තේ අයස්ථානය, ධනස්ථානය අෂ්ටම ස්ථානය හෙවත් 8 වැන්න ත්‍රිකෝණ ස්ථානයක් වන පස්වැන්න භාග්‍ය ස්ථානය හෙවත් නවවැන්න සහ ලග්න ස්ථානය පිළිබඳව සහ සබැඳි ග්‍රහයෝ පිළිබඳය. මෙහිදී තවත් සැලකිය යුතු කරුණක් නම් හදිසි ධන ලාභ ගෙන දෙන ග්‍රහයෝග කේන්දරයේ ඇතත් ඒවා ක්‍රියාත්මක කිරීමට හෙවත් එම හදිසි ධනය ලැබීමට අදාළ ග්‍රහයින්ගේ මහදශා අතුරු දශා හා විදශාත් ඒ අනුව බලපැවැත්විය යුතුය. මන්ද එම යෝගය බල ඇතත් අදාළ ග්‍රහයාට ප්‍රතිවිරුද්ධ ග්‍රහයකුගේ හෝ කේන්ද්‍රයේ අශුභ ග්‍රහයකුගේ හෝ මහ දශාවක් අතුරු දශාවක් හෝ විදශාවක් ලබා පවත්නේ නම් එම යෝගය ක්‍රියාත්මක නොවේ. ජන්ම ලග්නය කුමක් වුවත් 2 සහ 11 වැන්න අධිපතීන් බලවත් වී එම ග්‍රහයින්ගේ මහ දශාවක් අතුරු දශාවක් හෝ විදශාවක් ලැබූ විට එම කාල සීමාව තුළ හදිසි ධන ලාභ ගෙන දෙයි. කර්මස්ථානාධිපති හෙවත් දසවැන්න අධිපති පස්වැන්නේත් සිවුවැන්නාධිපති දහයේත් සිටියදී ඔවුන් නවවැන්න අධිපතියා විසින් දකිනු ලබත් ද එය හදිසි ධන ලාභ ගෙන දෙන යෝගයක් වේ. ධනස්ථානාධිපතියා සහ අයස්ථානාධිපතියා යම් හෙයකින් පරිවර්තනයක යෙදී සිටීම ද, තවත් හදිසි ධන යෝගයකි. 1 -4 -5 -10 අධිපතියන් බල සහිතව සිට භාග්‍යස්ථානාධිපතියාගේ දෘෂ්ටිය ඔවුන් වෙත ලැබීම ද තවත් හදිසි ධනය ගෙනදෙන යෝගයකි. තවත් මෙබඳු යෝගයක් නම් 9 අධිපතියා 5 වැන්නේත් 5 වැන්න අධිපතියා 9 වැන්නේත් සිට එම ග්‍රහයකුගේ දශාවක් ලබා තිබීම මෙම යෝගයනට අමතරව උපන් ලග්නය අනුව හදිසි ධන ලාභ ලැබෙන යෝග ගෙනහැර දැක්විය හැකිය. ලග්නය මේෂය වී රවි පස්වැන්නේ ස්වක්ෂේත්‍රව සිට බ්‍රහස්පති 11 වැන්නේ සිටීමත් සහ දහයේ කුජ – ශුක්‍ර යෝගය තිබීමත් හදිසි ධන ලාභ දීමකි. එමෙන්ම ලග්නයේ කුජ ස්වක්ෂේත්‍රව බුධ, ශුක්‍ර, ශනි යෙදීමෙන් මේෂ ලග්නකරුට හදිසි ධන ලාභ ගෙන දෙන්නකි. වෘෂභ, තුලා ලග්න හිමියන්ට ලග්නයේ සිකුරු ස්වක්ෂේත්‍ර වී බුධ, ශනි යෙදීම ඔවුන්ගේ දෘෂ්ටිය ලැබූ විට එයද හදිසි ධනලාභ ගෙන දෙන්නක් වේ. මකර මිථුන ලග්න හිමියන්ට සිකුරු පස්වැන්නේ ස්වක්ෂේත්‍ර වී ශනි අයස්ථාන ගතවීමත් කටක ලග්නකරුවන්ට කුජ,ගුරු චන්ද්‍ර ලග්නයේ යෙදීමත් සිංහ ලග්න කරුවන්ට රවි, කුජ, ගුරු ලග්නයේ යෙදීමත් එමෙන්ම පස්වැන්නේත් පස්වැන්නේ ගුරු ස්වක්ෂේත්‍ර වී 11 වැන්නේ බුධ හා කුජ යෙදීමත් කන්‍යා ලග්න හිමියන්ට හා තුලා ලග්න හිමියන්ට ශනි පස්වැන්නේ සිට බුධ 11 වැන්නේ සිටීමත් වෘශ්චික ලග්න හිමියන්ට ලග්නයේ කුජ ස්වක්ෂේත්‍රව 5 වැන්නේ බුධ, ශුක්‍ර ශනි යෙදීමය. එමෙන්ම පහේ ගුරු ස්වක්ෂේත්‍ර වී බුධ, කුජ යෙදීමත් හදිසි ධන යෝග කීපයකි. එමෙන්ම ධනු ලග්න හිමියන්ට පස්වැන්නාධිපති දෙකේ පිහිටා 2 අධිපති 11 වැන්නේ පිහිටීමත් ලග්නයෙන් නවයේ පිහිටීමත් ධන යෝගයකි. කුම්භ ලග්න හිමියන්ට 2 අධිපති ගුරු 11 වැන්නේ පිහිටා 5 අධිපති 11 වැන්නේ පිහිටීමද ධන යෝගයක් 5 වැන්නේ සඳු ස්වක්ෂේත්‍ර වී ශනි 11 වැන්නේ සිටීමද ධන යෝගයකි. උපාලි සෙල්ලහේවා Your name කාරණය Comment * CAPTCHA This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions. Math question * 5 + 12 = Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4. Leave this field blank ෴ සබැඳි ලිපි ෴ ළදරු මාන්දම මාන්දම් රෝගයට ප්‍රතිකාර කිරීමේ දී පළමුව අග්නි දීපනය කිරීම. ඉන්පසු ශෝධක කිරීමත්, අවසානයට රසායනික චිකිත්සාවත් කළ යුතු ය. පසුව ප්‍රතිකාර හා උපද්‍රව සඳහා... 2022-12-01 18:30:00 ඔබේ විවාහය ප්‍රමාද ද? යමෙකුගේ විවාහය නිසි කලට නිසි වයසට සිදුවෙන්නත් තවෙකෙකුගේ විවාහය නිසි කලට නිසි වයසට සිදු නොවන්නත් හේතුවක් තිබෙනවාද? මේ ගැන සොයා බැලීමට... 2022-12-01 18:30:00 දරු පල සිහිනය කේන්දරයෙන් බලාගන්න විවාහ අපේක්ෂිත යුවළකගේ එකම ප්‍රාර්ථනාව යහපත් දරුසම්පතක් පිළිබඳ සිහිනයයි. මේ හැම බලාපොරොත්තුවක්ම පොරොන්දම් පරීක්ෂාව තුළින් තීරණය කරගත හැකිවෙයි. එමෙන්ම... 2022-11-24 18:30:00 දියවැඩියාව පාලනයට සුදුසු ඔසු දියවැඩියාවෙන් නොහොත් මධුමේහයෙන් පෙළෙන රෝගියකු ආහාර විහරණ ඖෂධ යන කරුණු අනුව රෝගය පාලනය කර ගැනීමට කටයුතු කළ යුතුය. ආහාර පාලනයේදී සියලුම පැණිරස ආහාර සහ... 2022-11-17 18:30:00 ඔස්ටියෝපොරෝසීස් නසන වට්ටක්කා මිනිසා නීරෝගිව තම ජීවිතය පවත්වා ගෙන යාම සඳහා ආහාර පානවලින් ලබා ගන්නේ මහත් වූ සහායකි.එදිනෙදා ගනු ලබන ආහාර අතුරින් බොහෝමයක් නීරෝගි බව රැක ගැනීමට සහ... 2022-11-17 18:30:00 කිරිඅම්මා දානයට සුදුසු කාන්තාව කවුද? පත්තිනි දේවමාතාව ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ බෞද්ධ හා හින්දු ජනයා ආදරයෙන් ගෞරවයෙන් තම පණමෙන් අදහන දෙවඟනකි. පත්තිනි දෙවියන් වෙනුවෙන් විවිධ පුද... 2022-11-17 18:30:00 අලුත විවාහ වූ ජෝඩුවලටලබන මාරකය විවාහ ජීවිතයට ඇතුළු වන නවක ජෝඩු ඊට කලින් පොරොන්දම් පරීක්ෂාවකට ලක් කරනවා. එවිට දැනුම තිබෙන ඡ්‍යෝතිෂවේදියා බොහෝ දේ දකිනවා. ආධුනික පන්තිවල දක්වන පරිදි... 2022-11-10 18:30:00 කප් රුකක් බඳු පොල් පොල් ශ්‍රී ලංකාවාසී අපට නැතුවම බැරි දෙයකි. පොල් ගසේ සියලුම කොටස් මිනිසාගේ විවිධ ප්‍රයෝජන සඳහා ගනු ලබන අතර එයින් ද පොල් ගෙඩියේ මදය ඉතා ප්‍රයෝජනවත්... 2022-11-03 18:30:00 සාර්ථක විවාහයකට ගැළපිය යුතුම පොරොන්දම්... දෙදෙනකු විවාහයක් සඳහා එළඹීමේදී මූලිකව පොරොන්දම් බැලීම අනිවාර්යනේම සිදු කරනු ලබයි. පොරොන්දම් බැලීමෙි විවිධ ක්‍රම රාශියකි. ඒ අතර සාම්ප්‍රදායික විවාහ... 2022-11-03 18:30:00 නිවැරැදිව ඉටුකළ යුතු විවාහ චාරිත්‍ර 2 කොටස මනාලයාගේ පැමිණීමමනාලියගේ නිවෙසට ඇතුළුවීමට ප්‍රථම මනාල මහතාගේ පියා විසින් මනාලියගේ නිවසට ගොඩ වැදීමේ නැකැත් වේලාවට ප්‍රථම සිය පිරිසගේ ප්‍... 2022-10-27 18:30:00 නිවැරැදිව ඉටුකළ යුතු විවාහ චාරිත්‍ර සිංහල සංස්කෘතිය හා බැඳුණු අපේ විවාහ චාරිත්‍ර රාශියකි. හෙළ බෞද්ධයාගේ දෙවන උපත ලෙස සැලකෙන විවාහයේදී මේ චාරිත්‍ර ඉටු කිරීම ඉතා අගනේය. ... 2022-10-20 18:30:00 අර්ධ සූර්යග්‍රහණය අප රටට කෙසේ බලපාවිද? සූර්ය ග්‍රහණයක දී තත්කාල කේන්ද්‍රය යොදා ගත යුතු වන්නේ අමාවක පොහොය ලබන වෙලාවටයි. මේ අනුව 24 දින සවස් යාමයේ එකී වේලාවට මීන... 2022-10-20 18:30:00 25 වැනිදා ඉර රාහු අල්ලයි ශ්‍රී ලංකා ජනරජ සිංහ රාශි ග්‍රහ සටහනේ තුන් වැන්නත් විශ්ව මේෂ රාශි ග්‍රහ සටහනේ හත් වැන්නත් ආශ්‍රිතව යෙදුණු නීච භංග රාජ යෝග බලැතිව, ගුරු ශනි... 2022-10-20 18:30:00 ඔබට ලැබෙන සහකරු සහකාරිය කොහොම වේද? යම් අයකුගේ කේන්දරයේ සත්වැන්නේ ගුරු ග්‍රහයා උච්චව බලවත්ව පිහිටියේ නම් එම අයගේ විවාහ ජීවිතය ඉතාම වාසනාවන්ත වෙයි. කාන්තාවක් නම් ඇය සෑහෙන තරම් මිල මුදල්... 2022-10-13 18:30:00 නිවෙසක කාමර දිශාගත කිරීම කෙනකු නිවෙසක් ඉදිකරන්නේ දුකක් කරදරයක් නැතිව දිගුකාලයක් ජීවත්වීම සඳහාය. එසේ ප්‍රාර්ථනා පොදි බැඳගෙන හදාගත් නිවෙසේ පදිංචි වූ දා සිට කරදර නිමාවක්... 2022-10-06 18:30:00 සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා වියෝ වූයේ කාලසර්ප යෝගයෙන් ද? අදවන් දිනෙක ජීවිතයෙන් සමුගත් සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ ජන්ම පත්‍රයෙන් බිඳක් මෙන්න.සිංහල සිනමාවේ පතාක යෝධයා වූයේ ඔහුය. කොටින්ම සිනමා සක්විති...
"කෙනඩි එක්ක විතරක් නෙවෙයි මැරිලින් මොන්රෝ ෆිදෙල් කැස්ත්‍රෝ එක්කත් නිදි වැදුණ බවට සාක්කි අපිට ලැබිල තිබුණා. මගේ අණ දෙන නිලධාරි ජිමී හේවර්ත් මට කිව්ව ඈ මිය යා යුතු බවත් මරණය සියදිවි නසා ගැනීමක් හෝ මාත‍්‍රාව ඉක්මවා බෙහෙත් ගැනීමක් විදිහට ඒත්තු... Search for: Contact Us Phone: +94-715-657400 Email: info@readsrilanka.com Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'readsrilanka.com' Join our email newsletter and get news & updates into your inbox for free. Categories CORONA: Covid 19 Developing Stories Fashion & Beauty culture FB මාත්‍රාව Men Photo Stories Uncategorized ආර්ථික සහ ව්‍යාපාරික උණුසුම් පුවත් ක්‍රීඩා කෘෂිකර්මය දේශපාලන ප්‍රතිපත්ති සහ සංවර්ධන පුවත් සහ වාර්තා මතවාද ලෝකාවලෝකනය විද්වත් කථිකාව විදේශීය විමර්ශන විශේෂාංග සෞඛ්‍යය අප හා සම්බන්ධවීමට දුරකථන: +94-715-657400 විද්‍යුත් තැපෑල: info@readsrilanka.com © සියලුම හිමිකම් ඇවිරිණි. මෙම වෙබ් අඩවියේ පළවන ලිපි අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් වන අතර එම ආචාරධර්ම උල්ලංඝනය කරමින් නීතිවිරෝධීව උපුටාගන්නන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරනු ඇත.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය ඊයේ (28) නිමා වුනේ බංග්ලාදේශය ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාවට එරෙහිව තරගාවලියක් ජයග්‍රහණය කරමිනි. ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය පරාජය වීම සම්බන්ධයෙන් බොහෝ දෙනා විවේචන එල්ල කර තිබූ පසුබිමක් තුල ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා තරගාවලිය පිළිබඳව අදහස් දක්වා සිටියා. එහි දී ඔහු එල්ල වූ විවේචනවලට ද පිළිතුරු ලබා දී තිබුණා. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සිය ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් නොමැතිව ක්‍රීඩා කළ අතර කණ්ඩායමට නවක ක්‍රීඩකයන් රැසක් ඇතුළත් වුනා. තරගාවලිය පරාජය වීමට මූලික හේතුව තේරීම් කමිටුව විසින් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් ඉවත් කිරීම මෙන්ම අත්දැකීම්වලින් අඩු ක්‍රීඩකයන් යොදාගැනීම බවත් බොහෝ දෙනා පවසා සිටියා. The Morning Sports වෙත අදහස් දක්වමින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා. “අත්දැකීම් අඩු ක්‍රීඩකයන් කණ්ඩායමට යොදාගැනීම සම්බන්ධයෙන් තියන විවේචනවලට මම මුලින්ම උත්තර දෙන්නම්. බංග්ලාදේශ තරගාවලියේ පළමු තරග දෙක ක්‍රීඩා කළ කණ්ඩායම ගත්තම ඒ කණ්ඩායමේ ක්‍රීඩා කළ එකොළොස් දෙනාගෙන් අවම වශයෙන් ක්‍රීඩකයන් හත් දෙනෙක් 2015 ඉඳන් කණ්ඩායමට ක්‍රීඩා කරන අය. අපි ගත්තොත් කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, දසුන් ශානක, දුශ්මන්ත චමීර සහ ඉසුරු උදාන වගේ ක්‍රීඩකයන් නවක ක්‍රීඩකයන් නෙමෙයි” වික්‍රමසිංහ මහතා පවසා සිටියා. බංග්ලාදේශ තරගාවලිය සඳහා වෙනස් කණ්ඩායමක් යොදාගැනීමේ මූලික අරමුණ 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා දිගු කාලීන සැලසුම් රැසක් තම තේරීම් කමිටුව විසින් ක්‍රියාත්මක කර තිබීම බව ද ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින් පවසා සිටියා. “මේ කණ්ඩායම නවක සහ අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගේ සංයෝජනයක්. මේක සම්පූර්ණ අළුත් කණ්ඩායමක් විදිහට මම දකින්නේ නැහැ. අපේ ඉලක්කය 2023 ලෝක කුසලාන තරගාවලිය. මේ ක්‍රීඩකයන්ට සැලකිය යුතු මට්ටමකින් අත්දැකීම් තියනවා. ඔවුන් කණ්ඩායමට අලුත් ක්‍රීඩකයන් නෙමෙයි. අපි මේ කණ්ඩායම තෝරාගත්තේ ඉදිරියට යන මූලික බලාපොරොත්තුව එක්ක.” “බංග්ලාදේශයේ දී ක්‍රීඩා කළ කණ්ඩායම තමයි අපේ ක්‍රීඩකයන්ගෙන් ඉදිරියෙන්ම ඉන්න හොඳම අය. කවදාහරි දවසක ඔවුන්ට අවස්ථාවක් දෙන්න ඕනේ. කවුරු හරි ඒක කරන්න ඕනේ. එහෙම කරන්නේ නැතුව සාර්ථක අනාගතයක් ගැන හිතන්න බැහැ. අපේ මූලික ඉලක්කය 2023 ලෝක කුසලාන තරගාවලිය.” තවත් ක්‍රිකට් පුවත්: “ආයිත් නිරෝධායන නීති කැඩුවොත් දැඩි දඬුවම්!” BCBයෙන් සහතිකයක් වනිඳු, තිසර හා ඉසුරු උදානට CPL වරම්! ක්‍රීඩක කොන්ත්‍රාත් ගැන අරවින්දගෙන් ප්‍රකාශයක් ඉන්දු – නවසීලන්ත ටෙස්ට් සංග්‍රාමය draw වුනොත් කුසලානයට වෙන්නේ මොකද්ද? ශ්‍රී ලංකාව ICC සුපර් ලීගයේ පළමු ජයග්‍රහණය වාර්තා කරයි ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් කණ්ඩායම සඳහා ඇතුළත් නොවීම බොහෝ අවධානයට යොමුව තිබූ අතර ඔවුන් නැවත කණ්ඩායම සඳහා එක්කරගන්නේ දැයි බොහෝ දෙනා විමසා තිබුණා. “මම කවදාවත් කියලා නැහැ ජ්‍යේෂ්ඨයන්ගේ කාලය ඉවරයි කියලා. බංග්ලාදේශ තරගාවලිය සඳහා අපි තෝරාගත්තේ නැති දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් කිසිම කෙනෙක්ට මම කිසිම දෙයක් කියලා නැහැ. මම ඔවුන්ට අපේ දැක්ම අපේ සැලසුම් ගැන කියලා තියෙන්නේ. ඒ වගේම ඒ සැලසුම් වලට ඔවුන් ඇතුළත් වෙන්නේ කොහොමද කියලත් මම කියලා තියෙන්නේ” වික්‍රමසිංහ මහතා පවසා සිටියා. “මේ තරගාවලියේ දී අපි නවක ක්‍රීඩකයන් කීපදෙනෙකුට අවස්ථාවක් දුන්නා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් හයක්, හතක් එක්ක ක්‍රීඩා කරන්න. මම හිතන්නේ දැන් අපිට පැහැදිලිව පේනවා අපි ඉන්න තැන. ඒ වගේම මේ තැන ඉඳන් ඉස්සරහට යන්න අපි කරන්න ඕනේ මොනවද කියලත් අපිට පේනවා.” නව තේරීම් කමිටුවට එල්ල වන විවේචන පිළිබඳව තමන් කිසිදු තැකීමක් නොකරන බවත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා එහි දී පවසා සිටියා. “අපි යම් අලුත්, නැවුම් දෙයක් කරන්න උත්සාහ කරද්දී අපි ලොකු විවේචන බලාපොරොත්තු වෙන්න ඕනේ. විශේෂයෙන් සමාජ මාධ්‍යවලින්. අපි මෙතනට ආවේ ඒක ගැන දැනගෙන. විවේචන කියන දේවල් අපිට කිසිම ප්‍රශ්නයක් නෙමෙයි.” ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවති තුන්වැනි සහ අවසන් එක්දින තරගය ලකුණු 97කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර තරගාවලියේ ජයග්‍රහණය බංග්ලාදේශ කණ්ඩායම සතු වුනේ 2-1 ක් ලෙසයි. ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන ජුනි මාසයේ දී එංගලන්ත කණ්ඩායම සමඟින් තරගාවලියකට සහභාගී වීමට නියමිතව තිබෙනවා. >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න << TAGS Cricket SRI LANKA CRICKET International Cricket Featured SRI LANKA VS BANGLADESH Pramodya Wickramasinghe FREE SHARE Facebook Twitter tweet Tharindu Jayasooriya Related Articles “ආයිත් නිරෝධායන නීති කැඩුවොත් දැඩි දඬුවම්!” BCBයෙන් සහතිකයක් වනිඳු, තිසර හා ඉසුරු උදානට CPL වරම්! ක්‍රීඩක කොන්ත්‍රාත් ගැන අරවින්දගෙන් ප්‍රකාශයක් ඉන්දු – නවසීලන්ත ටෙස්ට් සංග්‍රාමය draw වුනොත් කුසලානයට වෙන්නේ මොකද්ද? ජනප්‍රිය ලිපි ජාතික දැල්පන්දුවට නව පුහුණුකාරිණියන් සොයයි 29/11/2022 පාපන්දු ඉතිහාසය රනින් ලියන පාපන්දු විනිසුරුවරිය 01/12/2022 ජපානය අවසන් 16ට; ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි 01/12/2022 දෙවැනි දිනය අවසානයේ දී තරගාවලි වාර්තා අටක් 04/12/2022 වීඩියෝ Watch – Junior ක්‍රිකට් ලීගයකට සහභාගී වුනු පළමු ශ්‍රී ලාංකිකයා –... 04/12/2022 WATCH – “මම හිතන්නෑ මම කණ්ඩායමෙන් එළියේ ඉන්න ඕන කෙනෙක් කියලා”... 02/12/2022 WATCH – තණතීරුව Flat කරලා combination එක වැරදුණා; කණ්ඩායමක් විදිහට අපි... 01/12/2022 WATCH – එකට එක කරමින් ශ්‍රී ලංකාවෙන් වාර්තාගත හඹායාමක්! – #SLvAFG... 01/12/2022 Avatars by Sterling Adventures ThePapare.com is a comprehensive and interactive hub for news on Sri Lankan national, club and school sports. Speak to the editor: [email protected] Contact us: [email protected] About Contact Services Careers Terms and Conditions Help Updates © Copyright 2022 - ThePapare.com Powered by Dialog × "; } var td_theme_css = jQuery('link#td-theme-css'); if (td_theme_css.length) { td_theme_css.after(splited_css); } } }); } })();
රේඛා විස්තර පිරවීම මෙම ස්වයංක්‍රීය පළිබෝධ නාශක පිරවුම් රේඛාව ඔබේ දියර රසකාරක බෝතල් රේඛාව ලබා ගැනීමට අවශ්‍ය සියල්ල සමඟ පැමිණේ ... + වැඩිදුර කියවන්න ස්වයංක්‍රීය ද්‍රව පොහොර ඇසුරුම් මාර්ගය රේඛීය විස්තර පිරවීම මෙම ස්වයංක්‍රීය ද්‍රව පොහොර ඇසුරුම් රේඛාව ඔබේ දියර රසකාරක බෝතල් ලබා ගැනීමට අවශ්‍ය සියල්ල සමඟ පැමිණේ ... + වැඩිදුර කියවන්න ස්වයංක්‍රීය වල් නාශක පිරවුම් මාර්ගය රේඛා විස්තර පිරවීම මෙම ස්වයංක්‍රීය වල් නාශක පිරවුම් රේඛාව ඔබේ දියර රසකාරක බෝතල් රේඛාව ලබා ගැනීමට අවශ්‍ය සියල්ල සමඟ පැමිණේ ... + වැඩිදුර කියවන්න ස්වයංක්‍රීය විඛාදන නිෂ්පාදන ඇසුරුම් මාර්ගය රේඛා විස්තර පිරවීම මෙම ස්වයංක්‍රීය විඛාදන නිෂ්පාදන ඇසුරුම් රේඛාව ඔබේ දියර රසකාරක බෝතල් ලබා ගැනීමට අවශ්‍ය සියල්ල සමඟ පැමිණේ ...
කටට රහට මැදපෙරදිග ක්‍රමයට හදපු මස් කෑලි තොගයක් දාපු සලාදයක් තුනී රොටියක් මැද්දට තියල ඔතල අරගත්තාම! යම්ම්.. කටට කෙල උනනව නේ. කොහොමද ඒ අතරට චීස් ටිකකුත් ආවනම්. කොල්ලො අතරෙ ෂවර්මාවලට තියෙන ඉල්ලුම: ඉහටත් උඩින්. ඇයි ඉතින් අතේ පයේ ගාගන්නෙ නැතුව වෙන වැඩක් කරන ගමන් වුනත් කන්න පුළුවන් රස කෑමක්නෙ. එකඑක රසට හදපු එකඑක මස් ජාති පොඩිපොඩි කෑලි වලට කපල කැරට්, ගෝවා, තක්කාලි වගේ එළවළු ටිකකුයි රස පදමට එන්න ලුණු, ගම්මිරිස් ටිකකුයි එතකොට චීස් — ඔව් සමහරු නම් රස වැඩි කරන්න චීසුත් දානව. එහෙම හැදන සලාදෙ තුනී රොටියක ඔතල තමයි මේසෙට එන්නෙ. මේ විදියට මේසෙට එන ෂවර්මා කන්න ඔයාලා විතරක් නෙවෙයි අපිත් මාර ම ආසයි. ඒ නිසා පට්ට රස ෂවර්මා එකක් කන්න පුළුවන් කඩවල් ටිකක් ඔයාලටත් කියන්නම්. කාලා බලල රස කොහොමද කියල අපිටත් කියන්නකො. 1. Arabian Knights මැදපෙරදිග පැත්තෙන් ආපු රස කෑම ජාති ගන්න කොළඹ පැත්තෙ තියෙන නියම තැනක් කොල්ලුපිටියෙ ඇරබියන් නයිට්ස් එක. මෙයාලගෙ ෂවර්මා එකට තමයි YAMU අපි නම් පළමු තැන දෙන්නෙ. ප්‍රමාණයෙනුත් එක්කෙනෙක්ට බඩ පැලෙන්න කන්න පුළුවන් ඇරබියන් නයිට්ස් එකේ ෂවර්මා එකට චීස් එකතු නොවුනට සලාදෙට එකතු වෙන මස් ටිකේ රසම ඇති ඇඟිලි ලෙව කකා රස බලන්න. ගාණ නම් පොඩ්ඩක් විතර වැඩියිද මන්දා. රු. 500ක් වගේ. 2. Sultan Palace ෂවර්මා හොයාගෙන ටවුන්හෝල් පැත්තෙ යනවනම්, සුල්තාන් පැලස් එකට යන්න. සුල්තාන් කෙනෙක් වගේ ඉඳගෙන මස් තොගයක් පුරවල එන ෂවර්මා එකක් රුපියල් තුන් හාරසීයකට රස බලන්න ඔයාට පුළුවන්. 3. Burger's Hut හවස් ජාමෙට පොඩි රවුමක් දාන අතරෙ දෙහිවල පැත්තට කිට්ටු කලොත් ඇලන් ඇවිනියු එකේ බර්ගර්ස් හට් එක පැත්තට යන්න. මොකද හවස 5න් පස්සෙ මෙයාලත් ෂවර්මා හදන්න පටන් ගන්නව. කියල වැඩක් නෑ; මස් රස වෑහෙන මේ ෂවර්මා වලට ඔයාලට ඕන නම් චීසුත් දාලා ඉල්ල ගන්න පුළුවන්. කොහොම වුනත් සලාදෙට එකතුවෙන පොඩි පොඩි මස් කෑලි තොගයෙ නම් අඩුවක් නෑ. උණු උණුවෙ මේසෙට එන බර්ගර්ස් හට් එකේ ෂවර්මා එකක් උපරිම වුනොත් රු. 300ක් වෙයි. කාපු කෙනෙක්ට නම් බර්ගර්ස් හට් එකේ ෂවර්මාවල රස අමතක වෙනව බොරු. 4. Burger's King කොම්පඤ්ඤවීදිය පැත්තෙ කරක් ගහන අයගෙන් ඇහුවොත් නම් රස බර්ගර් එකක්, ෂවර්මා එකක් කන්න පුළුවන් තැනක්, අනිවාර්යයෙන්ම කියන්නෙ බර්ගර්ස් කිංග් තමයි. පොකට් එකටත් වාසි බඩ කටටත් ලේසි පට්ට ෂවර්මා එකක් කන්න තවත් කියාපු තැනක් තමයි බර්ගර්ස් කිංග් කියන්නෙ. හැබැයි ඉතින් මෙයාලත් ෂවර්මා හදන්න පටන් ගන්නෙ නම් හවස් ජාමෙට තමයි. ඒ වෙලාවට බලන්න එපැයි කඩේට පිරෙන සෙනඟ. එළවළු ජාති ටිකක් අඩු වුනාට ඒකට හරියන්න මස් කෑලි දාලා උණු උණු රොටියෙ එතෙන බර්ගර්ස් කිංග්ලගෙ ෂවර්මා එකක් රු. 300ක් වගේ ගාණක් තමයි වෙන්නෙ. 5. Dinemore හුරු පුරුදු තැනක තියෙන නුපුරුදු ෂවර්මා එකක් තමයි ඩයින්මෝර් එකේ ෂවර්මා එක. රුපියල් තුන්හාර සීයට ගන්න පුළුවන් මෙයාලගෙ ෂවර්මා එකත් රසයෙන් නම් අනූනයි. මදි නොකියන්න මස් එකතු කරපු සලාදෙට අපිට කැමති නම් චීස් එකතු කර ගන්නත් පුළුවන්. හැබැයි ඉතින් සැර ගතියෙන් නම් ටිකක් අඩුයි. වැදගත්ම දේ තමයි කොල්ලුපිටිය, කොහුවල, වැල්ලවත්ත, තර්ස්ටන් වගේ තැන් ගොඩක ඩයින්මෝර් තියෙන නිසා යන එන ගමන් වුනත් මේ ෂවර්මා එකක් අරන් රස බලන්න පුළුවන්. කොහොම වුනත් මේ කඩවල් සෙට් එකෙන් ෂවර්මා කාලා යන ඔයාලට මගදි තව ෂවර්මා තියෙන කඩ මුණ ගැහෙන්න පුළුවන්. ඒවැයිනුත් කාලා බලන්න. ඒත් ඉතින් කාලා නිකන්ම යන්න එපා. අලුත් ෂවර්මා කඩ ටිකක් ගැන අපිටත් කමෙන්ට් කරන්න. Share on facebook Share on twitter Share on whatsapp PrevPreviousKashmir Heritage NextYAMU Loves: Crispy Pork Knuckle at The BavarianNext Highlights. 5 Places to watch the FIFA World Cup Cooking with the Silvermill Coconut Culinary Range Cheers to The Great Indian Roast at Bombay Borough Get Fuel’d with Street Burger’s All New Lunch Menu! High Tea Buffet Round Up 2022 Latest. 5 Places to watch the FIFA World Cup Cinnamon Lakeside’s delicious High Tea spread- 2022 Kingsbury Colombo launches a “Christmas Carriage of Hope” Cooking with the Silvermill Coconut Culinary Range PickMe celebrates the launch of PickMe Pass! KAMU. Cinnamon Lakeside’s delicious High Tea spread- 2022 Cinnamon Lakeside has made an exotic appearance at the main lounge, serving a range of Kamu Cooking with the Silvermill Coconut Culinary Range As a Sri Lankan, can you imagine cooking without coconut? It is a universally accepted Highlights Kamu Cheers to The Great Indian Roast at Bombay Borough By Hashini Pathirana We are all here for a short time and definitely for a Highlights Kamu Get Fuel’d with Street Burger’s All New Lunch Menu! By Shamrina Carim Street Burger has launched an exciting, affordable, and a simple lunch menu Highlights Kamu Fine Dining with a Sri Lankan twist Black Coral at Jetwing Beach, Negombo By Shanali Fdo Bringing the luxury of fine dining Kamu An epic Saturday brunch at Uga Residence By Shamrina Carim Rare bar + Kitchen is a quintessential significant historical home that is Highlights Kamu See More Trending. Kingsbury Colombo launches a “Christmas Carriage of Hope” The Kingsbury Colombo launched their “Christmas Carriage of Hope”, a festive icon that represents the
ශ්‍රී ලංකාවේ ඉදිවූ පළමු දිය යට කෞතුකාගාරය පසුගිය දා විවෘත කරනු ලැබීමත් සමග දිය යට කෞතුකාගාර පිළිබඳ නව කතිකාවක් ශ්‍රී ලාංකික සමාජය තුළ ඇතිවුණා. මේ ලිපියේ දැක්වෙන්නේ අපට අලුත් දෙයක් වුණත් ලෝකයට අලුත් දෙයක් නොවන දිය යට පිහිටි කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන පිළිබඳව යි. ශ්‍රී ලංකාවේ ප්‍රථම දිය යට කෞතුකාගාරය පසුගිය ජූනි 17 වන දින ගාලු මුහුදේ දී නාවික හමුදාවේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබුවා. මීටර් 15ක් පමණ ගැඹුරු මුහුදු පතුළේ පිහිටා ඇති මෙය, සිමෙන්ති සහ තවත් පරිසර හිතකාමී අමුද්‍රව්‍ය භාවිතයෙන් නිර්මාණය කෙරුණු ප්‍රතිමාවලින් සමන්විත අතර, ඒ සියල්ල නාවික හමුදා භටයින් අතින්ම නිර්මාණය වී තිබීම විශේෂත්වයක්. දිය යට පිහිටි කෞතුකාගාරයක් හෝ පුරාවිද්‍යා ස්ථානයක් යනු කලාත්මකබව සහ සංචාරක ආකර්ශනය සඳහාම වෙන්වූවක් නොවන බව බොහෝ දෙනා නොදන්නා කරුණක්. ලෝකය පුරා දිය යට පිහිටි කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන, කොරල් පර නිර්මාණයට සුදුසු පරිසරයක් සැකසීම, මත්ස්‍ය අභිජනනය සඳහා උපකාරී වීම, වෙරළ ඛාදනය වැලැක්වීම, අනවසර මත්ස්‍ය දැල් භාවිතය වැලැක්වීම, සහ රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩාව ව්‍යාප්ත කිරීම වැනි බොහෝ කාරණාවලට මහත් සේ උපකාරී වනවා. බායා පුරාවිද්‍යා උද්‍යානය බොහෝ අය පොම්පෙයි නගරය ගැන අසා තිබුනත්, ඒ සමීපයෙහි පිහිටා ඇති බායා නගරය ගැන අසා නැහැ. බායා නගරය අට වන සියවසේ දී අත්හැර දැමුනු, ගිනිකඳු ක්‍රියාකාරීත්වය වැනි ස්වාභාවික ආපදාවන් හේතුවෙන් මුහුද යටට කිඳා බසින ලද්දක්. දැන් එය කිරිගරුඬ පිළිම සහ මොසැයික් රටා සහිත බිම් කොටස් සමග දිය යට පිහිටි උද්‍යානයක් ලෙස ඉතාලියේ නේපල්ස් නගරයට නුදුරින් පිහිටා තිබෙනවා. බායා දිය යට පිහිටි පුරාවිද්‍යා උද්‍යානය (https://commons.wikimedia.org) හේරෝද්ගේ වරාය – ඊශ්‍රායිලය ඊශ්‍රායිලයේ සිසේරියාවේ පිහිටි “හේරෝද්ගේ වරාය” කැණීම් කටයුතු රැසකට පසුව 2006 වසරේ දී දිය යට කෞතුකාගාරයක් ලෙස මහජනයාට විවෘත වුණා. මෙය රෝමානු අධිරාජ්‍යයේ පැවති විශාලම වරායක් ලෙස සඳහන් වන අතර, මෙහිදී නරඹන්නන්ට, තමන්ට සැපයෙන දිය කාන්දු නොවන සිතියම් උදව් කරගනිමින් නටඹුන් වූ ප්‍රදීපාගාරය, පැරණි පදනම, නැංගුරම්, හා ආධාරක දැකබලාගත හැකි අතර කිමිදුම් ඇඳුම් ඇඳ දිය යට ඇති සංඥා පුවරු අනුව යමින් වරායේ නටඹුන් අතර සැරිසැරීම ඔවුන්ට අපූරු අත්දැකීමක් ලබා දෙන්නක්. සිසේරියාවේ හේරෝද් රජුගේ මුහුදුබඩ මාළිගා පරිශ්‍රයේ නටඹුන් (https://commons.wikimedia.org) මුසෙයො සුබක්වාටිකෝ ඩි අර්තේ (MUSA) – මෙක්සිකෝව මෙක්සිකෝවේ කැන්කුන් නාගරය ආශ්‍රිත මුහුද යට පිහිටි මෙම කෞතුකාගාරය පන්සියයකට අධික ප්‍රතිමාවලින් සමන්විත වන්නක්. මෙම කෞතුකාගාරයේ අරමුණ ලෙස, කලාව සහ විද්‍යාව අතර අන්තර් සම්බන්ධතාවය උපයෝගී කරගනිමින් මුහුදුබඩ ජීවීන්ගේ වාසස්ථාන සඳහා කොරල් පර නිර්මාණය කිරීම දැක්විය හැකියි. මෙහිදී නරඹන්නන්ට කිමිදීමට අමතරව වීදුරු පතුල් සහිත බෝට්ටුවල ගමන් කිරීමෙනුත් මෙම කලාකෘතීන් දැකබලා ගැනීමට පහසුකම් සපයා තිබෙනවා. මුසෙයො සුබක්වාටිකෝ ඩි අර්තේ (www.therivieramayatimes.com) මුසෙයො අත්ලන්තිකෝ ලන්සරෝතේ – ස්පාඤ්ඤය 2016 වසරේ දී ස්පාඤ්ඤයට අයත් කැනරි දූපත් ආශ්‍රිතව නිර්මාණය කර විවෘත කරනු ලැබූ මෙම කෞතුකාගාරය මෙක්සිකෝවේ MUSA කෞතුකාගාරය උදාහරණයට ගෙන තනනු ලැබූවක්. මෙය යුරෝපයේ ප්‍රථම දිය යට කෞතුකාගාරය වන අතර තුන්සියයකට අධික ප්‍රතිමාවලින් සමන්විත යි. මෙය ද ප්‍රධාන වශයෙන්ම නිමවා ඇත්තේ පරිසර දූෂණය පිළිබඳව ලෝකයේ අවධානය වැඩි කිරීම සහ මුහුදුබඩ ජීවීන්ට වාසස්ථානයන් නිර්මාණය කිරීම යන කරුණු අරමුණු කරගෙන යි. මුසෙයො අත්ලන්තිකෝ ලන්සරෝතේ ( https://www.tripadvisor.com ) තර්කන්කුත් තුඩුවේ දිය යට කෞතුකාගාරය – ක්‍රිමියාව වසර පහළොවකට පමණ පෙර නිර්මාණය කෙරුණු මෙම දිය යට කෞතුකාගාරය සෝවියට් සංගමයේ සමාජවාදී සටන පුරාවට සිටි කොමියුනිස්ට් නායකයන්ගේ උඩුකය ප්‍රතිමාවලින් සමන්විත වන අතර ඒ හේතුවෙන්ම “නායකයින්ගේ මංපෙත” යන විරුදාවලිය ලබා තිබෙනවා. ව්ලැද්මීර් බ්‍රොමෙන්ස්කි නැමති කිමිදුම්කරු, ඔහු විසින් එක් රැස් කරන ලද ලෙනින්, ස්ටාලින්, සහ මාක්ස් වැනි කොමියුනිස්ට් නායකයින්ගේ උඩුකය ප්‍රතිමා තර්කන්කුත් තුඩුව වෙරළ තීරයට මීටර් සියයක් පමණ ඈත මුහුදේ තැන්පත් කිරීමෙන් ආරම්භ කළ මෙම කෞතුකාගාරය අද වන විට විශාල කෞතුක භාණ්ඩ එකතුවකින් සමන්විත වනවා. තර්කන්කුත් තුඩුවේ දිය යට කෞතුකාගාරයේ ඇති කොමියුනිස්ට් නායකයින්ගේ උඩුකය ප්‍රතිමා (www.the moscow times.com) ශිප්රෙක් ට්‍රේල් දිය යට කෞතුකාගාරය – ෆ්ලෝරීඩා කීස් සුන්බුන් වූ නැව්වලින් සෑදුණු මංපෙතක් බඳු ශිප්රෙක් ට්‍රේල් දිය යට කෞතුකාගාරය ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ දකුණු දිග වෙරළ තීරය ආශ්‍රිතව පිහිටා තිබෙනවා. මෙහි ඇතැම් කොටස් නොගඹුරු දියේ පිහිටා ඇති අතර ඇතැම් කොටස් ගැඹුරු මුහුදේ පිහිටා තිබීම නිසා මෙය නැරඹීම විවිධත්වයක් සහිත අත්දැකීමක් ලබාදෙනවා. මෙහි ඇති පැරණිම නැව වන්නේ 1733 වසරේ දී කියුබාවේ හවානා නගරයෙන් පිටත්වූ “සන් පේද්රෝ” නම් නෞකාව යි. එය මෙක්සිකානු රිදී කාසි සහ චීන පෝසිලේන් භාණ්ඩ රැගෙන යමින් තිබූ අතර, කුණාටුවකට හසුවීම නිසා මුහුදුබත් වුණා. 1960 දී සොයාගත් මෙම නැව වර්ථමානයේ ශිප්රෙක් ට්‍රේල්හි ඇති ආකර්ශනීය කෞතුක වස්තුවක්. දෙවන ලෝක යුද්ධ සමයේ නිශ්පාදනය කරනු ලැබූ “තන්ඩර්බෝල්ට්” නමැති නෞකාව මෙම කෞතුකාගාරයේ ලාබාලතම සාමාජිකයා යි. යුධ කටයුතු සඳහාම නිමවනු ලැබූවත් මෙය කිසිදිනක නිල වශයෙන් යුධ කටයුතු සඳහා යොදා නොගත් අතර, පසුව විදුලි බලය හා අකුණු සම්බන්ධ පර්යේෂණ සඳහා යොදාගනු ලැබුවා. පසුකාලීනව ශිප්රෙක් ට්‍රේල් කෞතුකාගාරයට පරිත්‍යාග කරනු ලැබූ මෙම නෞකාව 1986 වසරේ දී කෞතුක භාන්ඩයක් ලෙස ගිල්වනු ලැබුවා. ශිප්රෙක් ට්‍රේල් දිය යට කෞතුකාගාරය (www.narcity.com) කවරයේ ඡායාරූපය: දිය යට පිහිටි කෞතුක වස්තු (http://avax.news) මූලාශ්‍රයයන්: https://www.tripsavvy.com https://travel.earth https://www.ceylonexpeditions.com https://www.israel21c.org Related Articles මුණුබුරු-මිණිබිරියන් සහ වැඩිහිටියන් එකට කල් ගෙවීමෙන් ලැබෙන වාසි බොහොමයි article විශේෂාංග ඔක්තෝබර් 8, 2020 ශ්‍රී ලංකාවේ ජනාධිපති විය හැකි සහ විය නොහැකි කාට ද​? article #ජනපතිවරණය2019 සැප්තැම්බර් 20, 2019 වාර්ෂික ලියාපදිංචි බද්ද – විසඳුමක්ද ගැටලුවක්ද? article විශේෂාංග අගෝස්තු 21, 2016 බලශක්ති අර්බුදයෙන් ඇහිරෙන විනිමය ගෙනෙන මං පෙත් article විශේෂාංග ජූලි 7, 2022 Roar සිංහල Roar Media is a South Asian multilingual media platform that produces original stories and provides analysis on complex issues. All our content aims to inform, educate, and inspire.
ඉන්දීය විදේශ කටයුතු සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වී මුරලිදරන් ඕමාන් සුල්තාන් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වේ.ඔහු මෙම සංචාරය ඕමානයට ඔක්තෝබර් 3 සිට 4 දක්වා කාලය තුල සිදු කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. මෙම සංචාරය සුල්තාන් රාජ්‍යයට ඔහු විසින් සිදුකරන දෙවන සංචාරය වේ. දෙරටේ අඛණ්ඩ වර්ධනය වන හවුල්කාරිත්වය සඳහා ඉහළ මට්ටමේ සංචාර මගින් ද්විපාර්ශික සබඳතා ශක්තිමත් වන අතර මෙමගින් දෙරටටම ප්‍රතිලාභ අත් කරගත හැකි බව ප්‍රතිලාභ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය. ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මුරලිදරන් මෙම සංචාරය අතරතුැදී ඕමානයේ විදේශ අමාත්‍ය සයිද් බද්ර් බින් හමාඩ් බින් හමුද් අල්බුසයිඩි සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ සම්භාවනීය අමුත්තන් හමුවීමට නියමිත බව ද පැවසේ. මෙම රැස්වීම්වලදී ඔහු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳව සාකච්ඡා කරනු ඇත. ඕමානයේ සෞඛ්‍ය, අධ්‍යාපනය, ව්‍යාපාර සහ සමාජ සේවා අංශ වල සේවය කරන ඉන්දියානු ඩයස්පෝරාව සමග පිළි පිළිගැනීම් උත්සවයකට ද ඔහු සහභාගී වේ. 2018 දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඕමානයට සංචාරය කළ අතර 2019 දී විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර්ගේ සංචාරය කළේය.ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මුරලිදරන් ද 2020 දෙසැම්බර් මාසයේදී ඕමානයේ සංචාරය කිරීම මගින් දෙරට අතර ඉහළ මට්ටමේ තිරසාර සංචාරවල සිදුකර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය. 2022 මාර්තු මාසයේදී ඕමානයේ විදේශ අමාත්‍ය සයිද් බද්ර් අල්-බුසයිඩි ඉන්දියාවට පැමිණියේය.ඕමානයේ වාණිජ, කර්මාන්ත සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කයිස් බින් මොහොමඩ් අල් යූසෙෆ් 2022 මැයි මාසයේදී ඉදියාවේ සංචාරය කළේය. ඉන්දියාව සහ ඕමානය ඓතිහාසික හා සංස්කෘතික බැඳීම් සහ ශක්තිමත් මිනිසුන්-ජනතාව අතර බැඳීම් මත පදනම් වූ උණුසුම් හා මිත්‍රශීලී සබඳතා බෙදා ගනී. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඉන්දියාව සහ ඕමානය අතර ද්විපාර්ශ්වික සබඳතා පුළුල් ලෙස සමාලෝචනය කිරීමට සහ ශක්තිමත් කිරීමට අවස්ථාවක් ලබා දෙන බවයි. ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් Loading... Tweet on Twitter Share on Facebook Pinterest Email Editor Related Posts ඉන්දියාව සහ මැලේසියාව එක්ව ‘හරිමවු ශක්ති-2022’ යුද අභ්‍යාසය අරඹයි. ප්‍රංශ ආරක්ෂක අමාත්‍යවරයා අයි.එන්.එස් වික්‍රන්ට් හි සංචාරයක නිරත වෙමින්, ඉන්දියාවේ ස්වදේශික හැකියාවන් අගය කරයි. 2023 ඉන්දියාවේ ජනරජ දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි සහභාගී වේ. ‘ඔස්ට්‍රා හින්ද්-22’ ඒකාබද්ධ අභ්‍යාසයට සහභාගී වීමට ඕස්ට්‍රේලියානු හමුදා කණ්ඩායම ඉන්දියාවට පැමිණේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ගේ සංචාරයත් සමඟ ඉන්දු-මොරොක්කෝ ද්විපාර්ශ්වික සබඳතා දිරිමත් වේ කෝප් 19 හි ඉබ්බන් සහ කැස්බෑවන් සඳහා ඉන්දියාවේ සංරක්ෂණ ප්‍රයත්නයන් අගය කිරීමකට ලක් වේ. Search for: Contact Us Phone: +94-715-657400 Email: info@readsrilanka.com Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'readsrilanka.com' Join our email newsletter and get news & updates into your inbox for free. Categories CORONA: Covid 19 Developing Stories Fashion & Beauty culture FB මාත්‍රාව Men Photo Stories Uncategorized ආර්ථික සහ ව්‍යාපාරික උණුසුම් පුවත් ක්‍රීඩා කෘෂිකර්මය දේශපාලන ප්‍රතිපත්ති සහ සංවර්ධන පුවත් සහ වාර්තා මතවාද ලෝකාවලෝකනය විද්වත් කථිකාව විදේශීය විමර්ශන විශේෂාංග සෞඛ්‍යය අප හා සම්බන්ධවීමට දුරකථන: +94-715-657400 විද්‍යුත් තැපෑල: info@readsrilanka.com © සියලුම හිමිකම් ඇවිරිණි. මෙම වෙබ් අඩවියේ පළවන ලිපි අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් වන අතර එම ආචාරධර්ම උල්ලංඝනය කරමින් නීතිවිරෝධීව උපුටාගන්නන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරනු ඇත.
Sort by popularity Sort by average rating Sort by latest Sort by price: low to high Sort by price: high to low Add to wishlist මුතු අකුරු 1 ශ්‍රේණිය – IV කොටස සරල වැකි ලිවීමේ කුසලතා Highlights: පළමුවන ශ්‍රේණියේ නව විෂය නිර්දේශයේ සිංහල ගුරු මාර්ගෝපදේශය අනුව සකසන ලදි. සිංහල අකුරු නිවැරදි හැඩයෙන්, ප්‍රමාණයෙන් ලිවීමට අත හුරු කරන මුතු අකුරු නව ව්ෂය නිර්දේශයකි.
"පුදැදුරු බවේ විප්ලවීය වෙනස": අති උතුම් හොර්හේ කාදිනල් බොර්ගොග්ලියෝ, බෝවෙනෝස් අයරෙස් අගරදගුරු හිමිපාණන්,තම පේළි නිවාසයේ කුස්සියේ තම කෑම වේල උයාගනිමින්. (2015 මැයි 12) "ප්‍රැන්සිස් පාප්වහන්සේට භක්ත්‍යාදරයක් දැක්වුවාට මදි. එතුමාට එවැනි ගෞරවයක් තිබෙනවා නම් කතෝලිකයන් කල යුත්තේ එතුමන් ගේ ඉගැන්වීම් ක්‍රියාවට නැංවීමයි; ජීවත් කරවීමයි. ඇත්තෙන් ම පාප්වහන්සේ සියල්ලන්ට අභියෝග කරනවා වෙනස් වන ලෙස. ජීවිත රාමුවේ විප්ලවීය මාරුවක් ඇති කරගන්නා ලෙස. එතුමාගේ දේශනාවලිනුත්, විශ්ෂයෙන් ම එතුමා නිකුත් කල ප්‍රථම අපෝස්තලික ලිපියෙනුත් දෙන අභියෝගය සහ ආරාධනය එයයි." මෙසේ පවසන්නේ ආජන්ටිනාවේ අගරදගුරුතුමකු වන වික්ටර් ෆර්නැන්ඩස් හිමිපාණෝය. එතුමන් මෙසේ කියා සිටියේ එතුමන් විසින් ලිය ලද " Evangelii Gaudium අපෝස්තලික ලිපියට කෙටි මාර්ගෝපදේශයක්" නම් කෘතිය සම්බන්ධයෙන් වතිකාන පුවත්පත සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ය. " ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සිය ප්‍රථම අපෝස්තලික ලිපියෙන් දෙන උපදේශය මෙයයි: 'අවදිවෙන්න; ක්‍රියා කරන්න.' ඒත් පෙනෙන්නට තිබෙන්නේ, ජනතාව ද්විතියික කාරනා ගණනාවක පැටලිලා තාමත් නිදි වගෙයි" අති උතුම් වික්ටර් ෆර්නැන්ඩස් අගරදගුරු හිමිපාණෝ පෙන්වා දෙති. Evangelii Gaudium හෙවත් "සුබ අස්නේ ආනන්දය", ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ ප්‍රථම අපෝස්තලික ලිපියයි.මෙම ලේඛනයේ අඩංගු ඉගැන්වීම් සභාව බැරෑරුම්ව යොදා ගතහොත්, සභා ප්‍රජාවන් තුළ සුවිශේෂ වෙනසක්, නවෝදාවක්, නව ජීවනයක් සහ ජවයක් ඇති වනු ඇතැයි අගරදගුරු ෆර්නැන්ඩස් හිමි කියා සිටියේය. අගරදගුරු වික්ටර් ෆර්නන්ඩස් හිමිපාණෝ ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ අදහස් සහ දැක්ම ගැන මනා අවබෝධයක් ඇත්තෙකි. ලතින් ඇමෙරිකා සභාවේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කල එම කලාපිය රදගුරු හිමිවරුන් ගේ සුප්‍රකට ඇපරිසීඩා ප්‍රකාශනය සකස් කළ කර්තව්‍යයේ කර්තෘ වරයා ලෙස එවකට කාදිනල් හොර්හේ බොර්ගොග්ලියෝ හිමිපාණන් ගේ කටයුතු කරද්දී, එතුමන් ගේ සමීප වියත් සගයකු ලෙස (එවකට) ෆර්නැන්ඩස් පියතුමා කටයුතු කළේය. එසමයේ එතුමා ආර්ජන්ටිනා පොන්ටිෆිකල් විශ්ව විද්‍යාලයේ අධිනේතෘ ලෙස සේවය කරමින් සිටියේ ය. පොතක් නොවෙයි - වැඩ පිළිවෙලක් "සුබ අස්නේ ආනන්දය " අපෝස්තලික ලිපිය යනු අධ්‍යනය කිරීමට හෝ ප්‍රබෝධයක් ලබාගැනීමට හෝ අර්ථ නිරුපනය සඳහා හෝ වූ ග්‍රන්ථයක් නොවන බව ෆර්නන්ඩස් අගදගුරු හිමි සිය මාර්ගෝපදේශයේ පෙන්වා දෙයි. "එය සියලු කතෝලිකයන් සහ සියලු ප්‍රජාවන්ට ක්‍රියාත්මක කල හැකි වැඩපිළිවෙලකි' යි එතුමා අවධාරණය කරයි. ඒ පිළිබඳව අගරදගුරු තුමා මෙසේ ද සඳහන් කරයි: " 'සුබ අස්නේ ආනන්දය' ලේඛනය හුදෙක් වෙනස් කල යුතු යම් දෙයක් ගැන කියන්නක් නොවෙයි. ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසන්නේ ' නූතන ලෝකයට ධර්මදානය කිරීම සඳහා අපි සියල්ලම පරිවර්තනය කල යුතුයි' කියායි. එසේම වෙනස් නොවන දුත සේවා තත්වයකට කැපවිය යුතු බව ද උන්වහන්සේ පවසනවා. කතෝලිකයන් සහ කතෝලික සභාව ජනතාවට සමීප වීමට නම්, එමෙන්ම ජනතාවට කරුණාව දැක්වීමට නම්, ඔවුන් සමස්තයක් වශයෙන් තමන් වෙතම යොමු වීම අත්හැරිය යුතුයි. ස්වයං කේන්ද්‍රීය භාවය සහ මමංකාරයෙන් ඉවත් විය යුතුයි. එයයි පාප් වහන්සේ ගේ ඉගැන්වීම." යැයි ෆර්නැන්ඩස් අගරදගුරු හිමි අවධාරණය කළේය. එහෙත් ගැටලුව නම් බොහෝ දෙනෙකු ප්‍රැන්සිස් පාප් වහන්සේ ට දැඩි භක්ත්‍යාදරයක් දක්වන නමුත් එතුමන් ගේ ඉගැන්වීම් ජීවත් කිරීමට උත්සාහ නොදැරීම බව අගරදගුරු තුමා පෙන්වා දුන්නේ ය. මේ හේතුවෙන් පාප් වහන්සේ පත්වී වසර දෙකකට වැඩි කාලයක් ගත වූවත්, කිසිවක් වෙනස් නොවී, තවමත් එසේම පවතින බව එතුමා කියා සිටියේය. "සභාව සහ පාප්වහන්සේලා විටින් විට නිකුත් කල ලිපි ලේඛන ජීවත් කරවීමටත්, එදිනෙදා ජීවිතයට යොදා ගැනීමටත් කතෝලිකයන්ට දුෂ්කරවී තිබෙන්නේ, එම ලිපි ලේඛනවල අන්තර්ගත මූලික පණිවිඩය ග්‍රහණය කරගන්නවා වෙනුව, සභාව ද්විතීයික කාරණා ගැන විවාද කරමින් සිටින නිසා. මෙම ගැටලුව 'සුබ අස්නේ ආනන්දය' ලේඛනයේ දී වඩාත් බරපතල වී තිබෙනවා. ඊට හේතුව පාප්වහන්සේ එය නිකුත් කලේ තම පාප් ධුර කාලයේ වැඩ පිළිවෙල හැටියට නිසා " යැයි එතුමා පෙන්වා දෙයි. "අස්ථාවර කරන" පාප්වහන්සේ ප්‍රැන්සිස් පාප්වහන්සේ සෑම කෙනෙකුවම 'අස්ථාවර කරන' කෙනෙක් යැයි වික්ටර් ෆර්නන්ඩස් අගරදගුරු තුමා පවසයි. "උන්වහන්සේ වගේම අදහස් ඇති අයවත් උන්වහන්සේ අස්ථායී කරනවා..මන්ද, උන්වහන්සේ සෑම කෙනෙකුගෙන් ම නව ජීවිත රටාවක් ඉල්ලා සිටිනවා. ජීවිත රටාවේ වෙනසක් ඉල්ලනවා. මෙය කවර අන්දමේ වෙනසක් ද? එය, අප අපගේ කාලයත් ශක්තියත් යොදා ගන්නා ආකාරය වෙනස් කිරීමක් අවශ්‍ය වන අන්දමේ වෙනසක්. කෙනෙකුගේ පෞද්ගලික ජීවිත රටාවේම මාරුවක් මෙම වෙනසට අවශ්‍ය වෙනවා. කෙනෙකුට තමාට වඩා අවාසනාවන්ත අයගේ තත්වයේ සිට ලෝකය බලන්නට ඇති හැකියාවත් ඊට ඇතුළත්." ප්‍රැන්සිස් පාප්වහන්සේ සිය ලේඛන සහ දේශනාවලින් මගින් සභාවටත් ජනතාවටත් එල්ල කරන අභියෝගය අගරදගුරු ෆර්නැන්ඩස් හිමි මෙසේ විස්තර කරයි: "පාප්වහන්සේ නිතරම ඉල්ලා සිටින්නේ අපගේ මමත්වයෙනුත් අපගේ පෞද්ගලික ලැදියාවලිනුත් වියුක්තව, ඒවාට නොඇලී නොගැලී ජීවත්වන ලෙසයි; ඒ වෙනුවට වඩාත් ත්‍යාගශීලී වන ලෙසයි. එසේම අපගේ සමීප හවුලේ සාමාජිකයන් නොවන, පර්යන්තවල අය සමග ද සම්බන්ධතා ඇති කර ගැනීමට අවශ්‍ය ධෛර්යය අප සතු විය යුතු බවයි. " එම අභියෝගයට කතෝලිකයන් සහ සභාව දක්වන ප්‍රතිචාරය ආජන්ටිනා අගරදගුරු තුමා පෙන්වා දෙන්නේ මෙසේ ය: "අද දක්නට ඇති විශාලම ගැටලුව නම්, අදහස් (හා සංකල්ප) එකිනෙකට ගැලපෙන (සංගත) ජීවිත රටා බවට පත් කර ගැනීමේ ගැටලුවයි. අද සභාවේ ඛේදනීය තත්වය මෙයයි - එනම් සභාව අදහස් වලට ප්‍රතිචාර දැක්වීමට අසමත්වීමයි. තවත් ප්‍රශ්නයක් ඇතැයි වික්ටර් ෆර්නැන්ඩස් අගරදගුරු හිමි පවසයි." ඇතැමෙක් පාප්වහන්සේ නමකට සවන් දෙන්නේ එතුමන් කියන දේ තම අදහස්වලට ගැලපේ නම් පමණයි. මේ අය විශ්වාස ධර්ම ඉගැන්වීම් සම්බන්ධයෙන් සම්ප්‍රදාය මතවාදීන් මෙන් පෙනෙන්නට සිටියත්, ඔවුන් සභාව තුළ ශුද්ධාත්මයානන් ගේ විශේෂ මග පෙන්වීම කෙරෙහි විශ්වාසයක් නොමැති බවයි පෙනෙන්නට තිබෙන්නේ." (National Catholic Reporter පුවත් පතේ පල වූ ලිපියක් ඇසුරිනි.) Get link Facebook Twitter Pinterest Email Other Apps Comments Post a Comment Popular posts from this blog විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම - July 01, 2015 The Supreme court ruling and the future of religious freedom in USA (2015 ජූලි 1)) විවාහයේ නිර්වචනය ගැන ඇමෙරිකා එක්සත් ජනපද ශ්‍රෙෂ්ඨාධිකරණය පසුගිය සිකුරාදා දුන් තීන්දුව එරට කතෝලික සභාවටත්, කතෝලිකයනට හා සාම්ප්‍රදායික විවාහය පිළිගන්නා සියල්ලන්ටත් බාධක රැසක් මතු කරනු ඇතැයි එරට රදගුරු සමුළුව පවසයි. විශේෂයෙන් ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම පිළිගෙන ඇති ආගමික හා හර්දය සාක්ෂියේ නිදහස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එම තීන්දුව ගැටළු මතු කරනු ඇතැයි එම සමුළුව කියයි එක්සත් ජනපදයේ සියලු ප්‍රාන්ත රාජ්‍ය සම ලිංගික යුවල් වලට විවාහ බලපත්‍ර නිකුත් කල යුතු බව විනිසුරු වරුන් 5න් 4ක තීන්දුවක් දෙමින් ශ්‍රෙෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය. සියලු ප්‍රාන්තවල සිදුවන සම ලිංගික විවාහ පිළිගත යුතු බව ද අධිකරණය කියා සිටියේ ය. අධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේ එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන සංශෝධනයට අනුවයි. මෙම තීන්දුව අනුව සමලිංගික යුවලක් විවාහ වීමට ඉල්ලා සිටියහොත් එය ප්‍රතික්ෂේප කිරීමට අදාළ බලධාරියකුට හෝ නිලධාරියකුට නොහැකි ය.සමලිංගික විවාහ සභා නීතියට පටහැනි බැවින් කතෝලික පුජකතුමකුට ඊට එකඟ විය නොහැකිවේ. ම තව කියවන්න » පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු - September 15, 2015 Pope Francis to meet with Fidel Castro in Cuba? 1988 ජනවාරියේ දී කියුබාවට පැමිණි ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේව එවකට ජනාධිපති පිදෙල් විසින් පිළිගනු ලැබූ මොහොත (2015 සැප්තැම්බර් 15) සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ සිය කියුබා සංචාරයේ දී හිටපු ජනාධිපති පිදෙල් කස්ත්‍රෝ හමුවනු ඇතැයි වතිකාන ආරංචි මාර්ග පවසයි. ශුද්ධෝත්තම පියතුමා ලබන සෙනසුරාදා එනම් සැප්තැම්බර් 19 වනදා උතුරු ඇමෙරිකාවේ අපෝස්තලික ගමනක් ආරම්භ කරයි. එම ඓතිහාසික ගමනේ ප්‍රථම නැවතුම කියුබාවයි. මෙම චාරිකාවට කියුබාව ඇතුලත් කරගන්නා ලද්දේ පාප් වහන්සේ ගේ ම ඕනෑකම මත වීම විශේෂත්වයයි. ඒ සඳහා ජනාධිපති රවුල් කස්ත්‍රෝ මහතා ගේ නායකත්වයෙන් යුත් කියුබා රජයේ ප්‍රතිචාරය නොමදව ලැබිණ. ඇමෙරිකා එක්සත් ජනපදය හා කියුබාව අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා යළි සාමන්‍ය තත්වයට ගෙන ඒමේ කර්තව්‍යයේ දී ප්‍රැන්සිස් පාප් වහන්සේ ඉටු කළ අතරමැදි මෙහෙවර මෙම පිළිගැනීමට බෙහෙවින් ම හේතු වී තිබිණ. මෙම අපෝස්තලික ගමනේ දී පාප් වහන්සේ කියුබා නායක රවුල් කස්ත්‍රෝ මහතා නිල වශයෙන් මුණගැසීමට නියමිතය. ඊට අමතරව එතුමන් ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන කියුබාවේ හිටපු නායක තව කියවන්න » දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය - June 20, 2017 Jesus' blood type revealed by consecutive Eucharistic Miracles (2017 ජුනි 20) පසුගිය ඉරිදා (ජුනි 18) ජේසු සමිඳුන් ගේ ශ්‍රී ශරීරයේ සහ ශ්‍රී රුධිරයේ මංගල්‍ය දිනයයි. "දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය" ලෙසද මෙය හැඳින්වේ. මෙදින කතෝලික සභාව උත්සව ශ්‍රීයෙන් සමරා වන්දනා කරන්නේ දිව්‍ය ශ්‍රී පූපය තුළ පූර්ණ මිනිස් බවින් හා පූර්ණ දිව්‍ය බවින් සැබවින් ම වැඩවෙසෙන ජේසු සමිඳුන්ටයි. දිව්‍ය පූජාව අවස්ථාවේ පුදැදුරුතුමන් විසින් ජේසු සමිඳුන් අන්තිම රාත්‍රී භෝජනය අවස්ථාවේ ප්‍රකාශ කළ වදන් පුනරුච්චාරණය කිරීමත් සමග පූප සහ මිදිරස භාවාර්ථීය වශයෙන් ජේසු සමිඳුන් ගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් පරිවර්තනය වන්නේ ය යන්න කතෝලික ධර්මයේ කේන්ද්‍රීය ඉගැන්වීමකි. අපොස්තුලුවරුන්ගේ සිට මේ දක්වාම කතෝලික සභාව අඛණ්ඩව මෙම කේන්ද්‍රීය ඇදහිල්ල කිසිදු සැකයකින් තොරව නොබියව ප්‍රකාශ කරයි. ගතවූ කාලය තුළ සිදු වූ ප්‍රාතිහාර්ය කිහිපයකින් ද පූපය හා මිදිරස තුළ ජේසු සමිඳුන් වැඩවෙසෙන බව ප්‍රකාශ වී තිබේ.මෙම ප්‍රාතිහාර්යයන් හැඳින්වෙන්නේ "දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්යයන්" ලෙසය. එපමණක් නොව ජේසු සමිඳුන් ගේ ලේ වර්ගය ඉ
රජයට අයත් මිල්කෝ කිරි නිෂ්පාදන සමාගම ලාබලබන රාජ්‍ය ආයතනයක් බවට පත්කිරීමට නව වැඩපිළිවෙළක් කඩිනමින් අරඹන්නැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සමාගමේ ඉහළ කළමනාකාරිත්වයට උපදෙස් දී තිබේ. එස සමාගම මෙම වසරේ ජූලි මාසයෙන් පසු සෑම මාසයකම රුපියල් මිලියන 20-30 අතර මට්ටමින් ලාබ ඉපයීම විශේෂත්වයකි. මිල්කෝ පුද්ගලික සමාගමේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව වැඩපිළිවෙළක් සැකසීම පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. විශේෂයෙන් එම සමාගම විසින් මෙම වසරේ උපයා ඇති ආදායම සම්බන්ධව අමාත්‍යවරයා මෙහිදී ඉහළ කළමනාකාරිත්වයෙන් කරුණු විමසනු ලැබීය. 2021 වසරේ දී මිල්කෝ සමාගම කිරි ආශ්‍රිත නිෂ්පාදන අලෙවියෙන් ලබන ලද ආදායම රුපියල් මිලියන 8,052කි. නමුත් 2022 වසරේ ජනවාරි මාසයේ සිට අගොස්තු මාසය දක්වා යම් රටේ යම් ආර්ථික පසුබැස්මක් තිබුනත් පසුගිය වසරරේ ඇතැම් මාසවලට සාපෙක්ෂව 2022 වසරේ දී ඇතැම් මාසවල ඉහළ ආදායමක් ඉපයීමට එම සමාගමට හැකි වී තිබේ. මෙම වසරේ අගොස්තු මාසය වනවිට මිල්කෝ සමාගම රුපියල් මිලියන 7774ක ආදායමක් ඉපයීමට හැකි වී තිබේ. මෙම වසර අවසාන වන විට අඩු තරමින් රුපියල් මිලියන 8,500 ඉක්මවූ ආදායමක් ඉපයීමට හැකි වෙතැයි එම සමාගමේ ඉහළ කළමනාකාරිත්වය අමාත්‍යවරයාට දැනුම් දුන්නේය. මිල්කෝ සමාගම විසින් මෙම වසරේ දී නිපදවන ලද කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන රැසකි. විශේෂයෙන් පැස්ටරීකරණයට ලක් කළ දියර කිරි ලීටර් 2,945,329ක්, යෝගට් ලීටර් 4,875,602ක්, මුදවපු කිරි ලීටර් 889,216ක්, අයිස්ක්‍රීම් ලීටර් 3,546,409ක්, එළඟිතෙල් කිලෝග්‍රෑම් 36,906ක්, ද වශයෙන් නිදපවා ඇත. එමෙන්ම චීස් කිලෝ ග්‍රෑම් 12,648ක්, බටර් කිලෝග්‍රෑම් 173,897ක්, කිරිපිටි කිලෝ ග්‍රෑම් 1,290,622ක් හා වශයෙන් නිපදවා ඇත. දැනට ශ්‍රී ලංකාව තුළ කිරිගවයින් බෝ කිරීම සඳහා මව් සතුන්ගේ හිඟකම දැඩිව බලපා ඇති නිසා ඉන්දීය රජය මගින් කිරිගවයින් ලබා ගැනීමට මෙරට ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා සමග සාකච්ඡා කළ බවත් එම සාකච්ඡා සාර්ථක වනු ඇතැයි ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. එමෙන්ම පකිස්ථානයෙන් ද කිරි ගවයින් ලබා ගැනීම සඳහා මෙරට පකිස්තානු තානාපතිවරයා සමග ඉදිරියේ දී සාකච්ඡා කිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. අපේ රටේ දේශගුණයට ඔරොත්තු දෙන කිරි ගවයින් ලබා ගැනීමට සිදුවන්නේ ඉන්දියාවෙන් හා පකිස්තානයෙන් වුවද දැනට එම රටවල් දෙකම කිරි ගවයින් අපනයනය කිරීම අත් හිටුවා ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. එහෙත් ඉන්දීය මහකොමසාරිස්වරයා ඉන්දීය රජය සමග සාකච්ඡා කර ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබා දීමක් වශයෙන් කිරි ගවයින් ලබා දීමට එකඟතාවය පළ කර තිබේ. මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න. WhatsApp News Alert ලබාගන්න. Facebook Twitter Pinterest WhatsApp Linkedin ReddIt Email මුද්‍රණය කරන්න Telegram Viber සංජීවනී එදිරිසිංහ පෙර ලිපියඉදිරියේදී ඉන්ධන මිල වැඩිවීමක් ගැන ජනපතිගෙන් ඉඟියක්! ඊළඟ ලිපියකෝප් සභාපති පත්කෙරේ ඔබේ අදහස් දක්වන්න. Cancel reply දෙශීය පුවත් පුවත් වර්ග උණුසුම් පුවත් දේශීය පුවත් විදේශීය පුවත් ව්‍යාපාරික විශේෂාංග අනාවරණ දවසේ කාටුනය අමරබන්දුගේ වාඩිය සැමදා ජනප්‍රියතම ඇෆ්ගනිස්ථානය පරදා ශ්‍රී ලංකාව ජයගනී උණුසුම් පුවත් පිට පිට දෙවන වරටත් උද්ධමනය පහළට උණුසුම් පුවත් හෙට සිට අඩුවන බඩු මිල උණුසුම් පුවත් අලුත් ඔන්ලයින් ක්‍රමයේ තාක්ෂණික ගැටලු නිසා බදු ගෙවන්නෝ අමාරුවේ උණුසුම් පුවත් තවත් ලිපි පෙන්වන්න විදෙශීය පුවත් පුවත් වර්ග උණුසුම් පුවත් දේශීය පුවත් විදේශීය පුවත් ව්‍යාපාරික විශේෂාංග අනාවරණ දවසේ කාටුනය අමරබන්දුගේ වාඩිය සැමදා ජනප්‍රියතම තම පාපන්දු කණ්ඩායම ලැබූ පරාජය ඉහළින් සමරන ඉරාන වැසියෝ special තවත් ලිපි පෙන්වන්න විශේෂාංග පුවත් වර්ග උණුසුම් පුවත් දේශීය පුවත් විදේශීය පුවත් ව්‍යාපාරික විශේෂාංග අනාවරණ දවසේ කාටුනය අමරබන්දුගේ වාඩිය සැමදා ජනප්‍රියතම පෘථිවියෙන් පිට පදිංචියක් සොයා අඩසියවසකට පසු මිනිසා යළි සඳ වෙතට.. special හර්නියා රෝගය ගැන දැනගනිමු. ජීවන රටාව මුහුණුපොතෙන් එන තෑගි පාර්ස­ල­යට රැවටී සේස­තම නැති කරගන්නා මිනිස්සු special දිනකට ක්ෂුද්‍ර ප්ලාස්ටික් කිලෝ ගණනින් ගිලදමන නිල් තල්මසුන් special තවත් ලිපි පෙන්වන්න ශ්‍රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
කාර්තේජ් රාජ්‍යයෙන් බිහි වූ විශිෂ්ටතම සෙන්පතියා වූ හැනිබල් බාර්කා, එක්තරා අවස්ථාවක රෝමයට බරපතල තර්ජනයක් වූ බව අප අසා තිබෙනවා. හැනිබල්, යුධ ඇතුන් ද සහිත වූ ඔහුගේ හමුදාව ඇල්ප්ස් කඳුකරය හරහා ගෙනගොස් රෝමය වෙත තර්ජනය කළා. කැනීහි දී දැවැන්ත පරාජයක් රෝමයට අත්කර දුන්නත් ඔහුට රෝමය කරා ඍජුව පහර දීමට නොහැකි වුණා. මේ අතර රෝමන් සේනා කාර්තේජ් රාජ්‍යය ආක්‍රමණය කළා. ක්‍රි.පූ. 202 දී සාමා සටනේ දී (Battle of Zama) ස්කිපියෝ අෆ්‍රිකානුස් විසින් හැනිබල් පරදවනු ලැබුණා. ක්‍රි. පූ. 218 දී මධ්‍යධරණිය​. සාමා සටනින් පසු ඇතිවූ සාම ගිවිසුමෙන් හිස්පැනියාවේ සහ අනෙකුත් බොහෝ ප්‍රදේශයන්හි කාර්තේජ් පාලනය අවසන් වුණා. (Wikimedia Commons) මෙයින් පසු හැනිබල් කාර්තේජ් වෙනුවෙන් හමුදා මෙහෙයවූයේ නැහැ. එහෙයින් බොහෝ විට අපට හැනිබල්ගේ අවසන් වසර කිහිපය පිළිබඳ එතරම් අසන්නට ලැබෙන්නේ නැහැ. නමුත් සාමාහි පරාජයෙන් පසු ඔහු දශක දෙකක් ජීවත් වූවා පමණක් නොව එම කාලය මුළුල්ලේම රෝමයට එරෙහිව කළ හැකි වූ සියල්ලක්ම කළා. අනෙක් අතට රෝමය ද ඔහුව අල්ලාගැන්මට සියළු උත්සාහයන් දැරුවා. ප්‍රධාන විනිසුරුවරයා ලෙස​ සාමා සටනින් පසු දෙවන පියුනික් යුද්ධය නිමා වූ අතර රෝමය වෙත විශාල වන්දියක් ගෙවීමට කාර්තේජ් රාජ්‍යයට සිදු වුණා. ඉන්පසු හැනිබල් එරට ප්‍රධාන විනිසුරු ධුරයට පත් වුණා. ඔහු රටේ දූෂණය පිටුදැක මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා විශාල වැඩ කොටසක් සිදු කළා. එහි ප්‍රතිඵලය ලෙස ඉතා කෙටි කලකින් එම වන්දි මුදල ගෙවීමට කාර්තේජ් රාජ්‍යය සමත් වුණා. මේ අවස්ථාවේ දී කාර්තේජ් රාජ්‍යය නැවත ශක්තිමත් වේ ය යන බිය රෝමයට ඇති වුණා. ඔවුන් හැනිබල් එහි රැඳී සිටීම පිළිබඳ විරෝධය දක්වන්නට වුණා. තමන්ව රෝමය වෙත භාරදෙන ලෙස ඉල්ල සිටීමේ පැහැදිලි ඉඩක් ඇති බව හැනිබල් වටහා ගත්තා. මෙහි ගැටළුව වූයේ මේ වන විටත් ඔහුගේ දූෂණ විරෝධී කටයුතු හේතුවෙන් කාර්තේජ්හි ඔහුට සතුරන් ගණනාවක්ම නිර්මාණය වී තිබීම යි. මේ අනුව එහි පාලක කවුන්සිලය තමන්ට එරෙහිව කටයුතු කරනු ඇතැ යි හැනිබල් සැක කළා. එක් දිනෙක තම හිතවතුන් පිරිසක් සමග හැනිබල් කාර්තේජ් රටින් නැව් නැග්ගා. ඔහු ඒ අසල දූපතක නැවතුන විට තවත් පිරිසක් පැමිණියා. ඔවුන් හැනිබල්ව හඳුනාගත්තා. මේ අවස්ථාවේ හැනිබල් කළේ තමන් සාමාන්‍ය සංචාරයකට පැමිණි බව ඇඟවීම යි. එදින රාත්‍රියේ ඔවුන් සාදයක් පැවැත්වූ අතර​, ඊළඟ දින හිමිදිරියේ අනෙක් පිරිස නිදා සිටිය දී ඔහු තම පිරිස සමාග නැව් නැග පළා ගියා. සෙලෙයුසිඩ් අධිරාජ්‍ය සේවයේ හැනිබල් මුලින්ම ටයර් නගරයට පැමිණියා. එය ඔහුගේ මුතුන්මිත්තන් වූ ෆිනීෂියානුවන් මධ්‍යධරණියෙහි බලය පැතිරවීමට පටන් ගත් ස්ථානය යි. එහි සිට ඔහු සෙලෙයුසිඩ් අධිරාජ්‍යයේ අගනුවර වූ ඇන්ටියොක්හි දී එහි පාලක තුන්වන ඇන්ටියෝකස් හමුවුණා. මේ වන විට රෝමය ග්‍රීසිය වෙත ද සිය බලය පතුරවා තිබුණා. ඇන්ටියෝකස් රෝමයට එරෙහිව යුද්ධයක් සඳහා සූදානම් වුණා. හැනිබල් ඔහුගෙන් හමුදාවක් ඉල්ලා සිටිය ද සෙලෙයුසිඩ් ප්‍රභූන් ඊට කැමති වූයේ නැහැ. එහෙයින් හැනිබල් උපදේශකයකු ලෙස පමණක් කටයුතු කළා. රෝමන් – සෙලෙයුසිඩ් යුද්ධයෙන් පසු නැගෙනහිර මධ්‍යධරණිය (William R. Shepherd) මේ අතර ක්‍රි.පූ. 193 දී සෙලෙයුසිඩ් පාලකයින් හා සාකච්ඡා කිරීමට ස්කිපියෝ ප්‍රමුඛ රෝමන් නියෝජිත පිරිසක් පැමිණියා. මෙහිදී ස්කිපියෝ හා හැනිබල් එකිනෙකා මුණගැසුණා. මීට පෙර​, මොවුන් දෙදෙනා සාමා සටනට පෙර ද සාකච්ඡා කර තිබුණා. ඔවුන් අතර වූ දෙවන හමුවේ දී දෙදෙනා අතර මතකයේ රැඳෙන දෙබසක් වූ බව ඉතිහාසකරුවන් කියනවා. ඉතිහාසයේ සිටි හොඳම සෙන්පතියා කවරෙකුදැ යි ස්කිපියෝ හැනිබල්ගෙන් විමසා සිටියා. හැනිබල්ගේ පිළිතුර වූයේ ඒ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා බව යි. කුඩා සේනාංක සහිතව ඔහු ලැබූ ජයග්‍රහණ මෙන්ම ඈත ප්‍රදේශයන් කරා ළඟා වීමට හැකිවීම ඊට හේතු ලෙස හැනිබල් පෙන්වා දුන්නා. දෙවැනියට හොඳම සෙන්පතියා කවරෙකුදැ යි විමසූ විට හැනිබල් පිළිතුරු දුන්නේ ඒ එපිරස් රාජධානියේ ෆිරස් රජු බව යි. තෙවැනියට හොඳම සෙන්පතියා කවරෙකුදැ යි ස්කිපියෝ විමසූ විට​, හැනිබල්ගේ පිළිතුර වූයේ ඒ තමා බව යි. ස්කිපියෝ අෆ්‍රිකානුස්ගේ ප්‍රතිමාවක් (Wikimedia Commons) “එසේ නම් සාමාහි දී ඔබ මාව පැරදුවේ නම් මොකද වෙන්නෙ?” “එසේ නම් පළමුවැන්නා වෙන්නේ මම යි.” මෙම උපක්‍රමික පිළිතුර ස්කිපියෝ සතුටට පත්කළ බව සඳහන් වනවා. කෙසේ වෙතත්, සාකච්ඡා අසාර්ථක වූ අතර දෙපාර්ශවය යුද්ධයට සැරසුණා. පුහුණුව සහ උපක්‍රම අතින් ඉදිරියෙන් සිටි රෝමන් සේනාංක හා කරට කර සිටින්නට සෙලෙයුසිඩ් හමුදාවන් අසමත් වන බව හැනිබල්ට පැහැදිලි වුණා. සෙලෙයුසිඩ් සේනාංක පරාජය වීමෙන් වසර කිහිපයක් තුළ යුද්ධය නිම වුණා. සර්ප උගුල​​ මේ අවස්ථාවේ සෙලෙයුසිඩ් අධිරාජ්‍යයේ රැඳී සිටීම අවදානම් බව වටහාගත් හැනිබල් එයින් ද පළා ගියා. ඔහු ළඟා වූයේ ක්‍රීටයට යි. එකල එම දූපත ග්‍රීක මුහුදු කොල්ලකරුවන්ගේ තිප්පලක් වුණා. ඔවුන් රෝමන් නැව් ගමනාගමනයට තර්ජනයක්ව තිබුණා. වසර කිහිපයක දී රෝමන්වරු එම දූපත ද තම පාලනයට නතු කරගන්නට වුණා. හැනිබල් නැවත පළා ගියා. මේ අවස්ථාවේ ඔහු නැවතුණේ ඇනටෝලියාවේ වයඹදිග ප්‍රදේශයේ බිතිනියාවේ යි. එම රාජ්‍යය ඒ වන විට රෝමයට අවනත රාජ්‍යයක් වූ පර්ගමොන් සමග යුධවැදී සිටියා. හැනිබල් බිතිනියාවේ අගනුවරින් තරමක් ඈත වූ මන්දිරයක අප්‍රකටව ජීවත් වුණා. එහෙත් ඒ අතර ඔහු එරට රජුගේ යුධ උපදේශකයකු ද වුණා. වක්‍රාකාරයෙන් හෝ රෝමයට එරෙහි වන අයකුට සිය සේවය සැපයීම යි හැනිබල්ගේ අරමුණ වන්නට ඇත්තේ. යුද්ධය බිතිනියාවට එතරම් සාර්ථක ලෙස ඇදී ගියේ නැහැ. විශේෂයෙන් ගොඩබිම් සටන් කිහිපයක දී ඔවුන් පසුබැස්සා. නමුත් දෙපාර්ශවයේ නාවික හමුදා ගැටුණ විට සිදු වූයේ අනෙකක්. හැනිබල් පර්ගමොන් රාජ්‍යයේ නාවිකයන් පරාජය කිරීමට උපක්‍රමයක් සැලසුම් කළා. එකල නෞකාවල හබල්කරුවන් බොහෝකොටම නිර්වස්ත්‍රවම උන් අතර සෙබළුන් ද ඉතා කුඩා ඉණකඩක් පමණක් හැඳ සිටියා. හැනිබල්ගේ උපාය වූයේ මැටි බඳුන්වල සර්පයින් බහා ලා, එම බඳුන් ප්‍රතිවාදී නැව් වෙත දමා ගැසීම යි. අවශ්‍ය තරම් විසකුරු සර්පයින් ඇනටෝලියාවේ සොයාගත හැකි වුණා. මෙම උපක්‍රමය ඉතා සාර්ථක වුණා. කෙසේ වෙතත්, කිසියම් උපක්‍රමික ඥානයකින් යුතු අයෙකු බිතිනියා රජුට උපදෙස් දෙන බව, මෙම සටනින් පසු රෝමන්වරුන් සැක කළා. මේ සැකය ඔස්සේ හඹා ගිය ඔවුන් හැනිබල් සිටින ස්ථානය හෙළි කරගත්තා. ඔවුන්ට බිතිනියා රාජ්‍යයෙන් ගිය දූතයකු තොරතුරු දුන්නේයැ යි ද සැක කෙරෙනවා. රෝමන්වරුන් හැනිබල් අල්ලාගැනීමට හමුදාවක් බිතිනියාව වෙත එව්වා. ඔවුන් ඔහුගේ මන්දිරය වැටලූ බව වැටහුණ විට තම අවසානය ළඟා වී ඇතැ යි හැනිබල් තේරුම් ගත්තා. ඔහුට සිරකරුවකු ලෙස රෝමයට යන්නට අවශ්‍ය වූයේ නැහැ. පළා යාමට ද ක්‍රමයක් වූයේ නැහැ. එහෙයින් ඔහු සිය දිවි නසාගත්තා. ඔහුගේ මරණය ක්‍රි.පූ. 183 දී පමණ සිදු වූ අතර එවිට ඔහු 63 වන වියෙහි වූයේයැ යි විශ්වාස කරනු ලබනවා. Cover Image: හැනිබල්ගේ ප්‍රතිමාවක් සහ සාමා සංග්‍රාමය දැක්වෙන චිත්‍රයක් (War History Online) මූලාශ්‍රයයන් Hannibal - Ernle Bradford Hannibal: The Man who Hated Rome (Timeline / Youtube) Related Articles ලාංකීය රේල්ලුවේ ආරම්භය article ඉතිහාසය ඔක්තෝබර් 19, 2017 265 දෙනෙක් මරු තුරුළට යැවූ අංක 587 ගුවන්යානා අනතුර article ඉතිහාසය ඔක්තෝබර් 3, 2019 කුමාරදාස රජු මහා කවි කාලිදාසගේ දර සෑයට පිනූ බතලගොඩ article ඉතිහාසය ජූනි 22, 2021 ජර්මානු සිර කඳවුරකදී ඝාතනය වූ ස්ටාලින්ගේ වැඩිමහල් පුත්‍රයා – ලුතිනන් යාකොව් ජුගෂ්විලි article ඉතිහාසය මැයි 28, 2018 බෝයිං හා එක් වූ මැක්ඩොනල් ඩග්ලස්හි කතාව article ඉතිහාසය අගෝස්තු 10, 2018 ඉතිහාස පොතේ නම රැඳ වූ ඇත් රජුන් article ඉතිහාසය ජූනි 29, 2018 අනුරාධපුර යුගයේ දී හමුවන වැව් 5ක අසිරිය article ඉතිහාසය සැප්තැම්බර් 12, 2019 හෙලි වූ කුරුමානම හෙවත්, ඉරාන්-කොන්ට්‍රා ගනුදෙනුව article ඉතිහාසය දෙසැම්බර් 12, 2019 Roar සිංහල Roar Media is a South Asian multilingual media platform that produces original stories and provides analysis on complex issues. All our content aims to inform, educate, and inspire.
පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු රටේ ආර්ථිකය සහ ජනතාවට සහන ලබාදීම පිළිබඳව අද (03) පෙරවරුවේදී අරලියගහ මන්දිරයේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවැත්වූ සාකච්ඡාව ගැන රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් මුදල් ඇමැති මංගල සමරවීර මහතා ලබන බ‍්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කිරීමට නියමිත බව වාර්තාවේ. එහිදී පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු ආර්ථිකය ගොඩනැගීම සඳහා රජය ගෙන ඇති පියවර, සංචාරක ක්ෂේත‍්‍රය ඇතුළු විවිධ ක්ෂේත‍්‍ර සඳහා රජය ලබා දී ඇති සහන, ආදිය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නියමිතය. Tweet on Twitter Share on Facebook Google+ Pinterest Previous Article මුස්ලිම් ඇමැතිවරු ඇමැතිකම්වල ඉන්නවාද ? නැද්ද ? යන තීරණය අද සවස ගනී Next Article අගමැතිවරයා රිෂාඞ් බදුර්දීන් ඇමැතිකමින් ඉවත් නොකළහොත් ඒ ගැන පාර්ලිමේන්තුවේ දී තීන්දුවක් ගන්නවා – අතුරලියේ රතන හිමි Recommended For You දේශීය ලොකු ළුැණු වගාවත් හාන්සි වෙන ලකුණු ඖෂධ නියාමන අධිකාරියේ ගැහිලි ගැන ඇමැති චන්නගේ දැඩි අවධානය IOC ඉන්ධන මිල අහසටම නග්ගයි ! ජනපතිගෙන් ‘කිරි ගොවියාට කිරි ඉතිරෙන‘ නියෝගයක් මහ කන්නයේ වී අස්වැන්න 50%කින් අඩුවෙලා – ගොවීන් මැසිවිලි නගයි මේ වන විට යුක්රේනයේ නවතම තත්ත්වය කුමක් ද? About the Author: Editor Search for: Archives Archives Select Month August 2022 (3) March 2022 (2) February 2022 (155) January 2022 (194) December 2021 (239) November 2021 (256) October 2021 (203) September 2021 (234) August 2021 (252) July 2021 (276) June 2021 (303) May 2021 (300) April 2021 (200) March 2021 (297) February 2021 (272) January 2021 (315) December 2020 (307) November 2020 (360) October 2020 (363) September 2020 (359) August 2020 (380) July 2020 (320) June 2020 (307) May 2020 (333) April 2020 (390) March 2020 (421) February 2020 (405) January 2020 (530) December 2019 (563) November 2019 (555) October 2019 (724) September 2019 (605) August 2019 (529) July 2019 (590) June 2019 (548) May 2019 (665) April 2019 (575) March 2019 (48) Follow Us Stay updated via social channels Tags AG NEWS agriculture Business COPE COVID 19 Economy Entertetment fashion Featured GAJABA NAGAWATHTHA GOSSIP health HM NEWS INTERNATIONAL JVP KARU JAYASURIYA NEWS FM NEWS PUBLIC parliament pmd news POLITICAL POLITICAL NEWS Prime media PR MEDIA PR NEWS public news sajith pramadasa Sanath M Bandara santh m bandara sl army commander slarmy news sl cricket Sl CRICKET - WOMAN TEAM SLFP - SLPP sl vs west 2020 sl v west Sport unhcr unp Week in Pictures Wimal Weerawansa woman women ජනපති ‍fashion දුරකථනය: +94-766-109836 විද්‍යුත් තැපෑල: bhathiyabarukanda@gmail.com © සියලුම හිමිකම් ඇවිරිණි. මෙම වෙබ් අඩවියේ පළවන ලිපි අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් වන අතර එම ආචාරධර්ම උල්ලංඝනය කරමින් නීතිවිරෝධීව උපුටාගන්නන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරනු ඇත.
මෙම මස මුලදී, පිලිප් පුල්මන් ට්විටර් වෙබ් අඩවියේ ඝෝෂාකාරී ප්‍රහාරයක් දියත් කළ අතර, එය ඔහු ද මැගී ඕ'ෆරල්ගේ නව නවකතාව කියවමින් සිටීදැයි මට සිතෙන්නට විය. "කිහිප දෙනෙක් එය රස වින්දත් මට කමක් නැත, වර්තමාන කාලය තුළ ප්‍රබන්ධ යනු ආඛ්‍යාන වගකීම් අත්හැරීමකි," ඔහු ට්වීට් කළේය. "වර්තමාන කාලය තුළ මම නවකතාවක් විවෘත කරන සෑම අවස්ථාවකදීම මගේ සම්පූර්ණ ආකල්පය නැවත සකස් කිරීමට මම කැමති නැත. ඔවුන්ගෙන් මිදෙන්න! O'Farrell ගේ 2020 වැඩියෙන්ම අලෙවි වන හැම්නෙට් වැනි විවාහ ප්‍රතිමූර්තිය ද ලියා ඇත්තේ අති උත්කර්ෂවත් නම්, වර්තමානය තුළ අතීතය යළි යළිත් ආවර්ජනය කිරීමට උත්සාහ කරයි: "ගැහැණු ළමයින් දෙදෙනා වැළඳ ගනිමින් සිටිති. සේවිකාව පපුවට අතක් තියාගෙන වෙව්ලනවා හරියට හිත සනසන්න වගේ. කෑගැසීම නැවතත්, මෙවර වඩාත් උස් හඬින්, සහ ඒ සමඟ ඇති වචන සමඟ: 'නෑ, නෑ, නෑ!' ඒ පුල්මන් ඔහුගේ කොණ්ඩය ඉවතට අදිනවා! O'Farrell පැහැදිලිවම 13 වන ශතවර්ෂයේ ඇගේ ඓතිහාසික සොඳුරු ස්ථානය සොයා ගත් අතර ඇගේ තේමාව පිරිමින් විසින් යටපත් කර ඇති කාන්තාවන් තුළ විය. හැම්නෙට්හි, ඒ ෂේක්ස්පියර්ගේ බිරිඳ වූ ඇග්නස් ය. මෙන්න ෆ්ලොරන්ස් හි පාලක කොසිමෝ අයි ඩි මෙඩිසිගේ තුන්වන දියණිය ලුක්‍රේසියා. ඓතිහාසික ලුක්‍රේසියා වයස අවුරුදු XNUMX දී ෆෙරාරා ආදිපාදවරයා වූ ඇල්ෆොන්සෝ සමඟ විවාහ වූයේ ඇගේ වැඩිමහල් සොහොයුරිය වන මරියාගේ විවාහ මංගල්‍යයට මොහොතකට පෙර මිය ගිය පසු අවසන් මොහොතේ ආදේශකයක් ලෙස ය. පසුව ලුක්‍රේෂියා මිය ගියේ ක්ෂය රෝගයෙන් යැයි කියමින්, දිගු කලක් තිස්සේ සිතුවේ ඇය ඇල්ෆොන්සෝ විසින් වස පානය කර ඇති බවයි. පිරිමින් දඩයම්කරුවන් ලෙසත්, කාන්තාවන් ගොදුරු ලෙසත් යන සංකේතය ඉක්මනින් අධික ලෙස වැඩ කරයි. O'Farrell ගේ නවකතාව පිළිබඳ අදහස Robert Browning ගේ සුප්‍රසිද්ධ කවිය වන My Last Duchess විසින් සකස් කරන ලද පසෙහි මුල් බැස ගත්තේය. Browning ගේ නාට්‍යමය ඒකපුද්ගල කථාව Ferrara ආදිපාදවරයාගේ මනස තුළට අපව රැගෙන යන්නේ ඔහු තම මනාලියගේ පවුලේ නියෝජිතයෙකුට ඔහුගේ හිටපු බිරිඳගේ (Lucrezia) චිත්‍රයක් පෙන්වන විටය. මසුරු මෙගාලෝමානික්, ආදිපාදවරයා මුල් යුවතියට වඩා ඔහුගේ සදා සිනහවෙන් සිටින ප්‍රතිමූර්තියට ප්‍රිය කරන්නේ රූපය නිෂ්ක්‍රීය සහ පාලනය කිරීමට පහසු බැවිනි. O'Farrell, සමීප තෙවැනි පුද්ගලයා තුළ ලියන අතර, මෙම දැරිය කෙබඳුදැයි සිතා ගැනීමට උත්සාහ කරයි. නවකතාව ආරම්භ වන විට, 1561 දී, ලුක්‍රේසියා, ඇගේ විවාහයෙන් වසරකට පසුව, දුෂ්ට ආදිපාදවරයාට අයත් "දඩයම් ලැගුම්හලකට" පැමිණ ඇත. අල්ෆොන්සෝ තමාව මරා දැමීමට අදහස් කරන බව ඇයට ඒත්තු ගැන්වෙන්නේ ඇයට රාජධානියේ පාලනය සහතික කිරීමට අවශ්‍ය උරුමක්කාරයා සමඟ ගැබ් ගැනීමට නොහැකි වූ බැවිනි. ලුක්‍රේසියා මෙම තීරණාත්මක අවස්ථාවට පැමිණි ආකාරය පෙන්වීමට කතාව අතීතයට යයි. ඇය තම සුරතල් කොටියාට සමීප වීමට තම පියාගේ මාලිගාවේ මනරම් ශාලාවට රිංගා ගන්නා අසමසම ගැහැණු ළමයෙකු ලෙස සැලකේ. ඇගේ විවාහ මංගල්යයේදී, ඇය "සේද බලකොටුවක" පාහේ චලනය නොවන ලෙස නිරූපනය කර ඇත. ඇගේ කන්‍යාභාවය නැති වූ විට, ඇය "රස්නය, වැඩ, ශබ්දය, එය භයානක" ආකාරය සොයා ගනී. වයස අවුරුදු 13 දී විවාහ වූ Lucrezia de' Medici. කලා කෘති: ඇලමි ලුක්‍රේසියාට ජැකෝපෝ තුළ ඥාති ආත්මයක් දැනෙනවා, කලාකරුවාගේ ගොළු ආධුනිකයෙක් ඇගේ මංගල චිත්‍රය නිර්මාණය කිරීමේ වගකීම (බ්‍රවුන්නිං විසින් පරිකල්පනය කරන ලද පරිදි) සහ ඇගේ සහෝදරියන් දෙදෙනාගේ සිසිලනකාරිය වන එලිසබෙටා සමඟ මිත්‍ර වෙයි. කෙසේ වෙතත්, ඇල්ෆොන්සෝ විසින් නිර්මාණය කරන ලද කුරිරු ක්රියාවක් මගින් ඔවුන්ගේ බැඳීම කුරිරු ලෙස සීමා කර ඇත. මේ සියල්ල ඉතා ප්‍රශංසනීය ද්‍රව්‍ය වන අතර, එහෙත් එය විය යුතු තරම් උද්‍යෝගිමත් නොවේ, මක්නිසාද යත්, O'Farrell ඇයට තුනකින් කළ හැකි දේ එක පින්තූරයක පැවසීම ප්‍රතික්ෂේප කරයි: 'ඇය තමා විසින්ම හඳුනාගත නොහැක; ඔහු සම්පූර්ණයෙන්ම ශක්තිමත් බලයේ අනුකම්පාව ඇති ජීවියෙකි, උමතු මෘගයෙකුගේ පිටේ සිටින මැක්කන්, උතුරන වතුර භාජනයක උදුරාගත් quince. ලුක්‍රේෂියාගේ සිහිනවලට ඕනෑවට වඩා ආගන්තුක සත්කාරයක් දක්වන අතර ඇය සිටින්නේ කොහේදැයි කියා අවුල් සහගතව අවදි වන දර්ශන රාශියක් ඇත. පිරිමින් දඩයම්කරුවන් ලෙසත්, කාන්තාවන් ගොදුරු ලෙසත් යන සංකේතය ඉක්මනින් අධික වේ. මේ කිසිවකට ආඛ්‍යානයේ වෙනස් නොවන වයනය උපකාර නොවේ. "ඔබ නගන සෑම ශබ්දයක්ම කෑගැසීමක් නම්, කෑගැසීමකට ප්‍රකාශිත වටිනාකමක් නැත", ෆිලිප් පුල්මන් 2010 ලිපියක ලිවීය, ඕ'ෆරල්ගේ ආඛ්‍යානය සැබෑ නාට්‍යය ගිලී යන අතරතුර කෑගැසීම වැඩි කරයි. මම පුල්මන්ගේ දැඩි පොලිස්කාරයෙක් නොවේ. හිලරි මැන්ටෙල් දක්ෂ ලෙස ඇගේ ඓතිහාසික ප්‍රබන්ධයේ වර්තමාන කාලය භාවිතා කර ඇය හඳුන්වන දේ ග්‍රහණය කර ගැනීමට "සිදුවීම්වල තීව්‍රතාවය සහ ප්‍රවාහය, ඒවායේ වයනය සහ නොපෙනෙන වේගය" නමුත් The Marriage Portrait සිද්ධියේදී රූපවාහිනියේ අතේ ගෙන යා හැකි කැමරා අධික ලෙස භාවිතා කිරීම හා සමාන බලපෑමක් ඇති කරන නවකතාවල වර්තමාන කාලය අධික ලෙස භාවිතා කිරීම ගැන ඔහු පැවසූ දෙය මට සිහිපත් විය. පිටු 430ක නවකතාවක් මගින් උපස්ථ කළ විට එය අපහසු සහ ක්ලාස්ට්‍රොෆෝබික් ලෙස දැනිය හැක. මට තිබුණා - මට සමාවෙන්න, මට තියෙනවා - මේ පැත්තට ඇදගෙන යන හැඟීම සහ මට ඇත්තටම කරන්න අවශ්‍ය වන්නේ හුස්ම ගෙන මුළු දර්ශනයම නැරඹීමයි. එය ලැජ්ජාවකි, මන්ද ඇය බොහෝ විට වාක්‍යවල සැබෑ කාව්‍යමය ස්වභාවයක් ඇති කැනී ලේඛිකාවකි. Lucrezia රාත්‍රියේදී ඇගේ නව කාමරයට පැමිණෙන විට, සිවිලිම "දඟලන බිතුසිතුවම් වලින් ජීවමානයි." "නූලක දීප්තිමත් සරුංගලයක් මෙන්" කස්ත්‍රාටි ගායනා කරන විට ඔහු ඔවුන් සමඟ "සානුකම්පිත කරකැවිල්ලක්" අත්විඳියි. සේවක නිවාසයට ඇතුළු වීම "ඔබේ එම්බ්‍රොයිඩර් පිටුපස සියලු ගැට, වියන සහ රහස් හෙළිදරව් වී ඇති" දැකීමක් වැනිය. නමුත් මෙය XNUMX වැනි සියවසේ ප්‍රගතිශීලී ප්‍රේක්ෂකයන්ට ආයාචනා කිරීම සඳහා ප්‍රතිනිර්මාණය කරන ලද තනු නිර්මාණයක් බව ඉහළ නිෂ්පාදන අගයන්ට සැඟවිය නොහැක. පොතේ තියෙන අකුසල කර්ම නරක නිසා නරක මිනිස්සු කරනවා. කිසිවෙක් අනපේක්ෂිත ලෙස හෝ දුරදක්නා නුවණකින් තොරව ක්‍රියා කරන්නේ නැත. ලුක්‍රේෂියාගේ ආදරණීය සේවිකාව වන එමිලියා බියට පත් වී ඇත්තේ කුඩා කාලයේ දී ළදරු ලුක්‍රේෂියා වෙත නොපැමිණි උතුරන වතුරෙන් ඇයට පහර දුන් බැවිනි: “එමිලියා දුකෙන් සිනාසෙයි. "හොඳයි මම මිස ඔබ නොවේ." ඔහු හොඳ ආත්මයක් බව අපි දනිමු ඔහුට "හදවතේ හැඩැති මුහුණක්" ඇති බැවිනි. ඔබට ඒ සියල්ල පසෙක තැබිය හැකි නම්, ඉතිහාස වාර්තාවෙන් බැහැර වන (එය O'Farrell Hamnet හි යෙදවූ ආඛ්‍යාන මාරුවම භාවිතා කළද) සිත් ඇදගන්නාසුළු උච්චතම අවස්ථාව සඳහා රැඳී සිටීම වටී. මම එය විනාඩියකට විශ්වාස නොකළෙමි; තවමත් මාව චලනය කළා. එසේ වුවද, මෙතරම් පොහොසත් විස්තර සහිත නවකතාවක් එහි ප්‍රකාශන පරාසය තුළ මෙතරම් සීමිත බවක් දැනෙන්නේ කෙසේද යන්න ගැන මට පුදුම නොවී සිටීමට නොහැකි විය. Maggie O'Farrell's Wedding Portrait, Tinder Press (£25) විසින් ප්‍රකාශයට පත් කරන ලදී. libromundo සහ The Observer සඳහා සහය දැක්වීමට, guardianbookshop.com හි ඔබේ පිටපත ඇණවුම් කරන්න. නැව්ගත කිරීමේ ගාස්තු අදාළ විය හැක ප්රවර්ග අවසාන පුවත් ඇමිණුම් විනාශයට පත් විය, ආදිපාදවරිය, මැගී, විවාහ, OFarrell, ආලේඛ්‍ය චිත්‍රය, සමාලෝචන ඩේවිඩ් හස්ලම්ගේ අතුරු ආබාධ සමාලෝචනය: ජීවිතය සහ මරණයේ සැබෑ පිරිවැය | සමාජ පොත් හකිම් ආදි විසින් බ්‍රිතාන්‍යයේ අප්‍රිකානු සහ කැරිබියන් ජනතාව - වින්ඩ්‍රෂ් නැව් තටාකයට බොහෝ කලකට පෙර | ඉතිහාස පොත් අදහස අත්හැර ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න අවලංගු කරන්න සොයන්න: නවතම පොත් කියවීමේ වාර්තාවක් සාදා ගන්නේ කෙසේද? Will Self: 'මම තවමත් ඇවිදින මිය ගිය සුදු මිනිසෙකු ලෙස සැලකේ' | ඔබම James Runcie's Tell Me Good Things Review: ආදරය, අහිමි වීම සහ උගත් පාඩම් | ස්වයං චරිතාපදානය සහ මතකය ලූක් හාඩින් විසින් ආක්‍රමණය කිරීම සමාලෝචනය: වර්ධනය වන කතාව | ඉතිහාස පොත් අපි කියවන දේ: ලේඛකයින් සහ පාඨකයන් නොවැම්බර් මාසයේ ඔවුන් රස වින්ද පොත් | පොත් යුද්ධය යනු කුමක්දැයි ඔබ නොදනී. පොත් ළමුන් සහ යෞවනයන් වටය: හොඳම නව පින්තූර පොත් සහ නවකතා | පොත් Michelle Zauner: "මම මැරිලින් රොබින්සන්ගේ ගෘහ පාලනය සිය වතාවක් නැවත කියවා ඇත" | පොත් Louise Glück's Marigold and Rose Review – The Story of Babies | ප්‍රබන්ධ Colm Tóibín විචාරක පක්ෂයට ආරාධනා - ලේඛකයෙකුගේ මූලයන් | colm tobin My Soul Twin Review by Nino Haratischvili: The Curse of the Past | ප්‍රබන්ධ Chokepoint Capitalism Review – Art for Sale | පොත් මාසයේ හොඳම පත්‍රිකා: ක්ලෙයාර් කීගන්, මාරියෝ වර්ගාස් ලෝසා, සහ තවත් බොහෝ දේ | පොත් ධන කුවේරයන් පිළිබඳ හොඳම පොත් 10 | පොත් Saha Review by Cho Nam-Joo – Timely South Korean Distopia | පරිවර්තනයේ ප්‍රබන්ධ ඇමිණුම් ඇල්ෆගරා කතුවැකි සන්ධානය බාර්කනෝවා බීස්කෝවා ඒ අකාල සංස්කරණ කොසෙටනියා සංස්කරණ KS OmniScriptum සංස්කරණ ECC සංස්කරණ සාමාන්ය සංස්කරණ එස්එම් සංස්කරණයන් සුසෙත සංස්කරණ සංස්කරණය හෝ දින දර්ශන සංස්කාරකය කතුවැකියකි කතුවැකිය Aranzadi කතුවැකිය බෲනෝ ඩිකින්සන් ප්‍රකාශන ආයතනය කතුවැකි Galaxia කතුවැකිය Luis Vives (Edelvives) කර්තෘ ප්ලැනෙටා කතුවැකිය Tirant lo Blanch කතුවැකිය Vicens Vives දඩයම් කර ඇත උතුරු තරුව කතුවැකි ප්‍රමිතිය ප්‍රබන්ධ ආර්ථික සංස්කෘතික අරමුදල ගැලරිය මෙම පොත් මෙම එසේත් නැතිනම් පසුව සඳහා විකට ග්‍රහලෝකය විසින් Valencia විශ්ව විද්‍යාලයේ ප්‍රකාශන සංචිතය සමාලෝචන සමාලෝචනය ශාන්ත පෝල් SL ගැන SU නොසිටියේ Spanish Afrikaans Albanian Amharic Arabic Armenian Azerbaijani Basque Belarusian Bengali Bosnian Bulgarian Catalan Cebuano Chichewa Chinese (Simplified) Chinese (Traditional) Corsican Croatian Czech Danish Dutch English Esperanto Estonian Filipino Finnish French Frisian Galician Georgian German Greek Gujarati Haitian Creole Hausa Hawaiian Hebrew Hindi Hmong Hungarian Icelandic Igbo Indonesian Irish Italian Japanese Javanese Kannada Kazakh Khmer Korean Kurdish (Kurmanji) Kyrgyz Lao Latin Latvian Lithuanian Luxembourgish Macedonian Malagasy Malay Malayalam Maltese Maori Marathi Mongolian Myanmar (Burmese) Nepali Norwegian Pashto Persian Polish Portuguese Punjabi Romanian Russian Samoan Scottish Gaelic Serbian Sesotho Shona Sindhi Sinhala Slovak Slovenian Somali Spanish Sudanese Swahili Swedish Tajik Tamil Telugu Thai Turkish Ukrainian Urdu Uzbek Vietnamese Welsh Xhosa Yiddish Yoruba Zulu
මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත. 26 July 2017 Home / buthayo / holman / holman katha / අවතාර / භූතයෝ / හොල්මන් / හොල්මන් කතා / ---දලගිරි අදූන--- ---දලගිරි අදූන--- by TechZone in buthayo, holman, holman katha, අවතාර, භූතයෝ, හොල්මන්, හොල්මන් කතා අව අටවක පෝයට ඇය මිය යා යුතුය අන්දකාරයේ මූසල සැන්දෑව ක අහස් කුස ලාවට පෑයු සන්ද දෙස බලමින් එලිපත්තේ කවිච්චි පුටුවේ හාන්සිව බන්ඩර ගුරැන්නාස්සේ බර කල්පනාවකය හත්මුතු පරම්පරාවේම එකෙකුවත් නොකල බයානක අඩව්ව ඇල්ලීම ට සියල්ල ලක ලෑස්තිය ඉහල ගමේ පුන්චා ගුරා ද මේම වැඩයට අත ගැසුවේ තම මහ ගුරැගේ අණ අකුරටම පිලිපැදිය යුතු නිසාය මල්හ⁣ාමි තම කුළුදුල් දරැවා බිහිකිරීමේ දින ඇගිලි ගැන්නේ තමාටත් උක්කුවාටත් දාව උපදින කිරිකැටියා දැක ගැන්මටය පුන්චා උඹ අද හෙටම පටන් ගන්න ඕන ගුරැකම හොදමයි ගැරැන්නාස්සෙ හොදමයි කීවට බොල තෝ දැනගිය මේ වැඩේ අකුරක් එහෙමෙහෙ වෙන්න බෑ බොල සුළු අතපසුවක් උනොත් අපි ඔක්කොම කම්මුතුයි මතක තියාගනින් මේක අපෙ ගුරැකම් පරම්පරාවේ මහ එකාලා තහනම් කරපු කාරියක් උඹ දැනගනින් මේක කොරන්න නම් බන් මේකට ඕනකරන තුන්කුළුදුල් දරැව බඩ දරැ ගෑනි අව අටවකට කලින් ඉබේ මැරෙන්න ඕන අපිට අමාවක රෑකට මිනිය ගොඩගන්න ඉතින් තෝ අදම පල මතකනේ කීවා මන්තරේ නූලට මතුරපිය හ්ම් දැන් පල ඒ බන්ඩර ගුරැන්නාන්සේගේ වචනයයි ඊට පිටින් යෑම කල නොහැකි කරැනකි ..... ගොම්මන් වෙලාවේ සිට මල්හාමිගේ නිවස සමීපයේ වන ලැහබක රිංගා මදුරැවන් තලමින් හුන් පුංචා තම කර්තව්යට වෙලාව පැමිනෙන තුරැ අදුර අතර සැගව ඇත. රෑ දොලහට ආසන්න ඇති බව සිය අතබැදි ඔරලෝසුවේ රේඩියම් කට්ට පෙන්නද්දී ගෙපිලට වැද හේ මතුරන්ට විය ගෙතුල නිදාහුන් මල් හාමිගේ හුස්ම ගැනීමේ වේගය එක් වරව වැඩිවිය ඈ දොර හැර ගෙන එලියට බසී නැවත ඇතුලට යති ගේ වටෙි ඇවිදී ඇය උමතුව හමාරය පුන්චා සිය කාර්ය නිමව සීම⁣ා වැලි මිදුලවට දමා එමතැනින් පිට විය පසුවදා මල්හාමි බලාගත් අත බලා සිටී කිසිදු කෑමක් බීමක් නැත බන්ඩාර ගුරා කැන්දා ඇප නූලක් දැම්මද පලක් නොවීය පුන්චාට බාරදුන් කාර්ය නිමව ඇත. එදින රාත්තිරය උදාවින මල් හාමි කාටත් හොරා නැගිට ලිදවෙත ඇදින ඈ ලිංපතුල දෙස බලා සිනාසී සිය මරැවා වෙත නිහඩව ලගාවුනි ඇයගේ මරණය ගම්මුන්ට එතරම් ගනනක් නූයේ ඇය පිටගම් කාරියක වීම නිසාය එනමුදුගමේ තලතුනා ගැහැනුන් අකම්පාල වූයේ ඇය ට ලැබෙන්නට සිටි දරැවා ගැනය . බණ්ඩර ගුරැන්නාන්සේ ගේ ඉහේ මලක් පිපුනා වැනි සතුටකින් සිටියද පුංචා සිටියේ එතරම්කැමත්තකින් නොව ඒ තමාට අතගැසීමට සිදු වූ පාපකාරී වැඩය ගැනය ... අහසේ පායා තිබූ අවසන් සද පළුවද ආලෝකය වසන් කර මුළු පරිසරයම අන්දකාරයේ ගිල්වාය අතවැසි කොළුවන්ද පුංචා ගුරාද බන්ඩර ගුරැන්නාන්සේද ⁣පාළු කනත්ත සොයා ඇදුනේ ගොදුරකට ඉව අල්ලන සතුන් ලෙසය එය එසේ වුවද අදුන සකස්කරගන නිම කරගන්නා තුරාවට ජීවිතය සෑම තත්පරයකම අනතුරේ බව බන්ඩර ගුරා මැනවින් දැනසිටියේය. අද හැටවන වියේ පසුවන වෙලේ කඩේ අප්පුහාමි එකල කුඩා කොළු ගැටයෙකි අද ජීවතුන් අතර සිටිනුයේ ඔහු පමනි ...මේ කතාව මා හට පවසන ව්ට දැඩි රෝගාතුරව සිටි බැවින් ඇතම් කොටස් පැහැදිලි ලෙස ඉදිරිපත් කිරීමට මා අපොහොසත් වෙනවා වීමට පුළුවන මුරැතවෙල බෝවල ගම්මානය පාළු සොහොන් පිටියට පැමිනි පිරිස විලක්කු එලියෙන් සොයාගත් මල්හාමිගේ මිනිවල හාරන්නට විය ලෑලි පෙට්ටිය ගොඩට ගෙන මතුරා ගත් කහ දියරෙන් මිනිය නහවා අසල සිටවූ කනුවේ ගැටගැසුවේ හාත්පස ඝන අන්දකාරය දෙසද බලමිනි සෙස්සෝ බියව තැතිගෙන සිටියද බණ්ඩර ගුරැන්නාස්සේ සියල්ලන්ටම මැතිරෑ යම් කුඩක් අතට දුන්නේ හදිසියක් වුවහොත් බාවිතාකිරීමටය මැදියම පසුව ඇත කලමනා ලෑස්තිකර සියල්ල සූදානම්ය අප්පු කොළුවා වීමට යන දේ කුමක්දැයි සැකයත් බියත් අතර හිදිමින් සිටිති. පුංචා උඹ දන්නවනේ හරිය අමුතුවෙන් කියන්න ඕන නෑ මම ඔය මල්ලෙ තියන ඒවා ඒඒ වෙලාවට එන එකාලට දීපිය බියගන්න එපා එහෙම වුනොත් වුනොත් කම්මුතුයි අප්පුවා උඹ මගේ ලග හිටු ගුරැගේ අණ අණමය ඈතින් උලමෙකු කෑගසයි සීතල හුලන් දහර වේගයෙන් හැමුවේ දැල් වූ පන්දම් නිවා දැමීමට මෙන්ය අප්පුවාට පැවරෑ කාර්ය වූයේ වලේ දැප මතුරා දෙන දුම්මල කුඩු ගිනි කඹලට දමා මිනියගේ මූනට ඇල්ලීමය වලේ දැප ගුරා මහ හයියෙන් මන්තර ජපකර දුම්මල කුඩු අප්පුවා අතට දෙයි අප්පුවා ඒ දෙන කුඩු රැගෙන කඹලට දමා මිනියේ මූනට අල්ලයි විටින් විට පැමිනෙන නොපෙනෙන බලවේගයන්ට මැතුරෑ බිත්තර උක්ගස් මකුණුදැල් ආදිය අන්දකාරයේ දිසාවට පුන්චා විසිකරයි වලේ සිට ජපකරනා මන්තර වේගය වැඩිවින පුන්චා ගේ ද සිටි සෙස්සන්ගේද සියොලග දහදියෙන් නැහැව ඇත එක් වරම ෑතිනි මහා ගොරවනා සදිදයක් ඇසින එපා යැයි කීදෙය පුන්චා ට ඉබේම සිදුවුනි හඩ දිසාවට කුකුලා විසිකරනව වෙනුවට හේ එදෙස බැලීය පැමිනි දිස්ටිය පුන්චාබිලිගත්තේ සෙස්සන් හිස් ළු අත දුවන්නට සලසමිනි ගසේ බැද හුන් මිනියේ දිව එලියට ඇදී ඇත බන්ඩර ගුරැ වලට බැසීමට පෙර කී දෙයක් ශනිකව මතක්වින වල අසල තිබූ මැතිරෑ කහ දියර මුට්ටිය හිසේ වත්කරගත් අප්පුවා කලය වලතුලට දැමීය එම හේතුවෙන් බන්ඩර ගුරා ත් අප්පුවාත් බේරින එන මුදු එදා කාර්යට සහබාගී වූ එකදු අයෙකුවත් අදද ආගියතක් නොමැත.... පසුව දින ගනනාවකින් බන්ඩර ගුරා මියගියේ හිටිවනමය ⁣ගම්මානය තුල හදිසියේ එකා දෙන්නා හිටිවනම මියයන්නට විය මියයාමට පරතම වදුරන් බල්ලන් දකිනා මොවුන් අන්න වදුරා යැයි අත දිගහැර පෙන්වයි වදුරකු නැත සෙම දමා මිය ගොස් වැටේ මන්ද ගුරැකම වැරදී ඇත. අදුන සෑදීමේදි පැමිනි යක්ශ දිශ්ටිය ගම්මානයේ රැදී ඇත ආරන්චිය පැතිරගොස් පරසිද්ද ඇදුරන් පැමින වැඩකලද පලක් නොවීය පසුව ගම හතර කොන සීමා කොට දින සතක් එකදිගට පිරිත්කියා ගම උවදුරින්බෙිරාගෙන අැත. මල මිනියේ එලියට ඇදෙනා දිවෙන් වැගිරෙනා මිනී තෙල ගෙන එයට දිශ්ටිකවා එයින් වැඩගැනීමට සිටි අය අකාලයේ මිය ගියහ දලගිරි අදුන අදුන් අතරින් බයානකම අදුන එය බව පැවසේ ගම් දනව්සුනුවිසුනු කල හැකි අයුතු දේ සදහා යොදාගන්නා බයානක දෙයක සැකස්ම එයින් නැවතින ....... Source: Link Tags # buthayo # holman You May Also Like: හොල්මන් කතා By TechZone Tags buthayo, holman, holman katha, අවතාර, භූතයෝ, හොල්මන්, හොල්මන් කතා No comments: Post a Comment Newer Post Older Post Home Subscribe to: Post Comments (Atom) Recent Popular ---කෙටි පණිවුඩය--- වව්ලන් පියාඹන හඬ නැවතුන පසුව,නරි උඩුබුරණ හඬ ඇසෙයි...එවිට මළ වුන් සොහොනෙන් අවදිවෙන වෙලාවයි.. දේවකීගෙ මුළු ලෝකෙම උනේ අජිත්..දේවකී මුස්ලිම් ත... ---රැළ මහ--- අපේ මහප්පාගෙ ගෙවල් ලග ඉස්සර තිබුණා ලස්සන ඇළක් ඒකට අපි කිවුවෙ බන්ට් එක කියලා.....වතුර ගහගෙන යන කොන්ක් ‍ රීට්වලින් බැඳලා හදපු,අඩියෙ සුදු වැලි ... ---ඇල්ල--- මේ සිදුවීම සිදුවන්නේ ලංකාවේ ඇල්ලක් ආශ්‍රිතවය . නමුත් මෙය එතරම්‍ ප්‍රසිද්ධ ස්ථානයක් නොවේ. ප්‍රධාන මාර්ගයකින් හැරී මීටර් දෙසියක් පමණ ගොස්, තවත...
සාහිත්‍ය කෘතියක් වන “මාණික්කාවත” ග්‍රන්ථය පාදක කර ගනිමින් සකස් කරන ලද තිර රචනයක් ඇසුරින් 1880 සිට 1980 දක්වා වූ සියවස සැබෑ ලෙස ප්‍රතිනිර්මාණය කරමින් එම කාල වකවානුවේ භූමිය ප්‍රමුඛ ස්වභාවික සම්පත්හි අගය, ස්වභාවික පරිසරයේ වැදගත්කම මෙන්ම එයට සිදු කරන බලපෑම් නිසා සිදු වන හානිකර තත්වයන් පිළිබඳ අවබෝධය, අධිරාජ්‍යවාදය සහ එහි බලපෑම, ඓතිහාසික හා අතීත උරුමයන්, පවුල කේන්ද්‍ර කර ගත් ලාංකේය සමාජය පිළිබඳ අවබෝධය විවරණය කරන්නා වූ “මාණික්කාවත” ප්‍රසාංගික ටෙලි නාට්‍යය සඳහා ස්වදේශී කොහොඹ සිය ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වයි. මෙම ටෙලිනාට්‍ය මඟින් සබරගමු පළාත හා බැඳුණු ජීවන රටාව, සංස්කෘතිය හා භාෂාව පිළිබඳව මතු පරපුර දැනුම්වත් කිරීමට ද මනා පිටුවහලක් වනු ඇත. සුදත් රෝහණයන්ගේ අධ්‍යක්ෂණයක් ලෙස දිග හැරෙන මෙම මාලා නාටකය ප්‍රේක්ෂකයින්ට නවමු අත්දැකීමක් ගෙන දෙමින් සෑම සති අන්තයකම රාත්‍රී 8.30 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වේ. හරසුන් අවරගනයේ ටෙලි වෘතාන්ත නිර්මාණය වන මෙවන් සමයක අධ්‍යාපනික, සංස්කෘතික, දේශපාලනික හා සමාජීය වටිනාකමකින් හෙබි මෙවන් හරවත් නිර්මාණයක් සමාජයට තිළිණ කිරීමට ලැබීම ඉමහත් ආශ්වාදයට කරුණක් බව ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂක සුදත් රෝහණ මහතා පැවසුවේය. මේ පිළිබඳ අදහස් දක්වමින් ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනිය අමරි විජයවර්ධන මැතිණිය පැවසුයේ “මාණික්කාවත” මෙරට ජනතාවට තම දේශීය සංස්කෘතියේ වටිනාකම සහ ආදීනත්වය පෙන්වාදීමට අනගි අවස්ථාවක් බවත්, විසිවන සියවස මුල් භාගයේ ශ්‍රී ලාංකේය ගැමි සංස්කෘතිය සහ ඉතිහාසය පිළිබඳව අපගේ දූ දරුවන් හට අවබෝධයක් ලබා දීමට ද මෙම නාට්‍ය මාලාව ඉවහල් වන බවත්ය. එමෙන්ම මෙ තුළින් දේශීය සංස්කෘතිය සහ එහි වටිනාකම් පිළිබඳ ජනතාවගේ ආකල්ප දියුණු වනු දැකීම සමාගමේ අපේක්ෂාව බවත් මෙවැනි වටිනාකමක් ඇති ටෙලිනාට්‍යවලට අද අනුග්‍රහය ලැබෙන්නේ ඉතා කලාතුරකින් බවත් පෙන්වා දෙමින් දේශීයත්වය අගයන දේශීය සමාගමක් ලෙස මෙවන් කාර්යක් සඳහා දායකවීමට ලැබීම ස්වදේශී සමාගමට විශාල ආඩම්බරයක් බවත් එතුමිය අවධාරණය කළාය. 1880 දශකයේ මඩුවන්වෙල දිසාවේගෙන් දඩුවමක් ලෙස පිටුවහල් කරනු ලැබූ කෙටි හාමි හා පිච්චි යන තරුණ යුවල අටකලං කෝරලයේ මහා වනයක ගොවිතැන හා සබැඳි ජීවිකාව අරඹයි. ඔවුන්ගේ පළමු දරුවා කුඩා වියේ පටන්ම දෑස් අඳ බවට පත් වෙයි. යුවල විසින් මහන්සියෙන් ගොඩ නගා ගත් කුඹුරු වලවේ නියෝග මත ජනයාට බෙදා දෙයි. මෙසේ දරුවන් සමඟ මහත් ධෛර්යයෙන් සිය පවුල රැක ගනිමින් යන ඔවුන්ගේ ජීවිතය මෙරට ආර්ථික, සමාජීය, දේශපාලනික හැලහැප්පීම් හමුවේ ගලා යන අයුරු සම්මානනීය ගත් කතුවර මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ මාණික්කාවත ප්‍රබන්ධයෙන් ගෙන හැර දක්වයි. ජගත් චමිල, උමා අසේනි, වොල්ගා කල්පනී, මයුර පෙරේරා, සරත් කොතලාවල, නිරෝෂන් විජේසිංහ, උදයන්ති කුලතුංග, ඩබ්. ජයසිරි, ප්‍රියංකර රත්නායක, පාලිත සිල්වා ඇතුළු රංගන ශිල්පීන්ගේ රංගන දායකත්වයෙන් මාණික්කාවත නිර්මාණය කර ඇත. 100%ක් දේශීය සමාගමක් ලෙසින් ස්වදේශී ජාතිය ගොඩ නැගීමේ සහ ප්‍රජා සත්කාරක වැඩසටහන් ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් අඛණ්ඩව සිදු කරයි. ස්වදේශී කොහොඹ, ස්වභාව දහම රැක බලා ගැනීමට සහ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීමට අවධානය යොමු කරමින් තිරසර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැපවෙයි. සමාගමේ බොහෝ සමාජීය වැඩසටහන් තුළ දිවයිනේ පූජනීය ස්ථානවල වාර්ෂිකව සිදු කරන “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය”, ආගමික ස්ථාන, දුම්‍ රිය ස්ථාන හා පාසල්වලට දෑත් සෝදන සින්ක් පරිත්‍යාග කිරීම්, කොවිඩ් – 19 වසංගත තත්වය තුළ ළමුන් ඉලක්ක කර ගත් වීඩියෝවක් හරහා දෑත් නිවැරදිව පිරිසිදු කිරීමේ පියවර පිළිබදව සමාජය දැනුවත් කිරීම, “ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය” යටතේ කොහොඹ පැළ වගා කිරීමේ ව්‍යාපෘති, ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ජනතාව වෙත ජල ටැංකි පරිත්‍යාගය, ගැබිණි මව්වරුන් වෙත කොහොඹ බේබි ළදරු සනීපාරක්ෂණ නිෂ්පාදන ප්‍රදානය අඩංගු වේ. ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය, 1941 වසරේ දී ස්ථාපිත කරන ලදි. ස්වදේශී විසින් වෙළෙඳ පොළට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර රාණි සඳුන්, ස්වදේශී කොහොඹ, ස්වදේශී කොහොඹ බේබි, පර්ල්වයිට්, ලක් බා(ර්), සේෆ්ප්ලස්, බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ හෑන්ඩ් වොෂ්, කොහොඹ බොඩි වොෂ් සහ රාණි ෂවර් ක්‍රීම් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ පෞද්ගලික ශාකසාර නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් ලෙස අප අපගේ සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්‍රව්‍යවල ක්‍රියාකාරී ප්‍රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් හමුවේ තබන්නට අපි කැමැත්තෙන් සිටිමු. අප හොඳම ශ්‍රී ලාංකේය ශාකසාර පමණක් භාවිතා කරන අතර, සෑම අමු ද්‍රව්‍යයක්ම පුළුල්ව පර්යේෂණයන්ට ලක් කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100% ශාකසාර නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. රාණි සඳුන්, ස්වදේශී කොහොඹ, ස්වදේශී කොහොඹ බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය වෙජිටේරියන් සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන් ම පාරිභෝගික‍යා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. ස්වදේශී, සැබෑ ශ්‍රී ලාංකේය සමාගමක් ලෙස Covid-19 ආරක්ෂිත කළමනාකරණ පද්ධති සහතිකය ලබා ගත් පළමු ශ්‍රී ලාංකේය පුද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදන ආයතනය ද ස්වදේශී වේ. Share LEAVE A RESPONSE Cancel reply Your email address will not be published. Required fields are marked * Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Author View all posts Post navigation Previous Postවෙලෝනා සිය නවතම අලෙවි ශාඛාව ජෝශප් ෆ්‍රේසර් අනුස්මරණ රෝහලේදී විවෘත කරයි Next Postதனது புத்தம் புதிய ஆடை விற்பனை நிலையத்தை ஜோசப் பிரேசர் ஞாபகார்த்த மருத்துவமனையில் திறந்துள்ள வெலோனா You Might Also Like Sinhala අද්විතීය විශේෂාංග රැසකින් සමන්විත Huawei P40 Pro ශ්‍රී ලාංකීය වෙළඳ පොළට Author Sinhala පිරිපුන් දිවියකට මගපාදන Huawei Y7a, Huawei FreeBuds Pro සහ Huawei Sound X Author Sinhala සොඳුරු දිරියවන්ති කේශ පළඳනා පරිත්‍යාගය කුරුණෑගල හා අනුරාධපුර රෝහල්වලදී Author Sinhala ළමා ආරක්ෂණයෙන් තොර ජාතික ආරක්ෂාවක් නොමැත Author Search for: Recent Posts With Emirates Celebrate the 51st UAE National Day Spectrum Trading Company and Lanka IOC introduce SERVO ecoPLUS, an affordable, eco-friendly lubricant for all types of vehicles Huawei, ලොව පුරා මිලියන 120 ක ජනතාවක් වෙනුවෙන් ගෝලීය ITU ප්‍රතිඥාවට අත්සන් තබයි VMware Advances Multi-Cloud Management with VMware Aria Rotaract in Rotary International District 3220 joins hands with Fems Aya to help end period poverty in Sri Lanka
අන්තර් විශ්ව විදාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ පිරිසක් විසින් පැවැත්වු උද්ෂෝණයකින් අනතුරුව පොලිස් අත්අඩංගුවට පත් එම බළ මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු දෙදෙනෙකු මාස තුනක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පොලිසියට ඊයේ (18) අවසර දී ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක අමාත්‍යවරයාට පවරෙන බලතල ප්රකාරව මෙලෙස රැඳවුම් නියෝග නිකුත් කොට ඇත. අන්තර් විශ්ව විදාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට අමතරව හෂාන් ගුණතිලක නමැත්තාද රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පොලිසියට අවසර දී ඇතැයි වාර්තා වේ. රජයට එරෙහිව අන්තර් විශ්ව විදාල ශිෂ්‍ය බළ මණ්ඩලය පසුගිය 18 වැනිදා පැවැත්වු උද්ෂෝණයකදී වසන්ත මුදලිගේ” හෂාන් ගුණතිලක නමැත්තන් ඇතුළු තවත් 16 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. එලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 16 දෙනා පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට නියම කෙරුණු අතර වසන්ත මුදලිගේ” හෂාන් ගුණතිලක නමැත්තන්ට දින 90 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පොලිසියට අවසර දී ඇත. Facebook Twitter WhatsApp Telegram 2022-08-19 Previous Post: ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ Next Post: මණ්ඩලයෙන් වී ටොන් 209ක් පෙරේදා අරගෙන Leave a Reply Cancel reply Your email address will not be published. Required fields are marked * Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Search Search Search Srilankan Tribune Connect with Us Latest News පොලිස් මර්ධනයේ දෑත් කළු තොප්පි දෙසට හැරෙයි‼️ By: admin On: November 14, 2022 Facebook Twitter WhatsApp Telegram Black Cap Movement සංවිධානයට එරෙහිව කොල්ලුපිටිය පොලිසිය විසින් හිරුණිකා අත්අඩංගුවට By: admin On: November 14, 2022 Facebook Twitter WhatsApp Telegram හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පොලීසිය විසින් අත්අඩංගුවට
ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500ක නව ණය පහසුකමක් පිරිනමා ඇතැයි කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි. විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වෙත යොමු කරන ලද ලිපියක් මගින් මෙම තීරණාත්මක සහය ලබා දෙන බව සඳහන් කර ඇත. සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 ජනවාරි 15 වන දින අන්තර්ජාලය ඔස්සේ සවිස්තරාත්මක සාකච්ඡාවක නිරත වූ අතර එහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ආර්ථික සහයෝගීතාවයට අදාළ විවිධ අංශ පිළිබඳව සාකච්ඡා කරන ලදී. මෙම ණය පහසුකම කඩිනමින් ක්‍රියාවට නැංවීම, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2021 දෙසැම්බර් මාසයේදී සිදු කරන ලද ඉන්දීය සංචාරය අතරතුර හඳුනාගත් ආර්ථික සහයෝගීතාවයේ ප්‍රධාන කුළුණු හතරින් එකක් යථාර්තවත් කිරීමට ඉවහල් වනු ඇතැයි මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි. මෑතකදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 900කට අධික විදේශ විනිමය සහය ලබා දෙන ලදී. මෙම ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාව සමඟ රැඳී සිටීමට, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායකත්වය දැක්වීමට සහ ද්විපාර්ශවික ආර්ථික සහ වාණිජ සහයෝගීතාවයට වැඩි ජවයක් ලබා දීමට ඉන්දියාව දක්වන කැපවීම පිළිඹිබු කරයි. public news Tweet on Twitter Share on Facebook Google+ Pinterest Previous Article තෙල් සංස්ථා ගබඩාවල ඉන්ධන ඇත්තේ තව දින 10කට පමණයි Next Article සවස 5න් පසු විදුලිය විසන්ධි වේද? Recommended For You දේශීය ලොකු ළුැණු වගාවත් හාන්සි වෙන ලකුණු ඖෂධ නියාමන අධිකාරියේ ගැහිලි ගැන ඇමැති චන්නගේ දැඩි අවධානය IOC ඉන්ධන මිල අහසටම නග්ගයි ! ජනපතිගෙන් ‘කිරි ගොවියාට කිරි ඉතිරෙන‘ නියෝගයක් මහ කන්නයේ වී අස්වැන්න 50%කින් අඩුවෙලා – ගොවීන් මැසිවිලි නගයි මේ වන විට යුක්රේනයේ නවතම තත්ත්වය කුමක් ද? About the Author: Thusal Search for: Archives Archives Select Month August 2022 (3) March 2022 (2) February 2022 (155) January 2022 (194) December 2021 (239) November 2021 (256) October 2021 (203) September 2021 (234) August 2021 (252) July 2021 (276) June 2021 (303) May 2021 (300) April 2021 (200) March 2021 (297) February 2021 (272) January 2021 (315) December 2020 (307) November 2020 (360) October 2020 (363) September 2020 (359) August 2020 (380) July 2020 (320) June 2020 (307) May 2020 (333) April 2020 (390) March 2020 (421) February 2020 (405) January 2020 (530) December 2019 (563) November 2019 (555) October 2019 (724) September 2019 (605) August 2019 (529) July 2019 (590) June 2019 (548) May 2019 (665) April 2019 (575) March 2019 (48) Follow Us Stay updated via social channels Tags AG NEWS agriculture Business COPE COVID 19 Economy Entertetment fashion Featured GAJABA NAGAWATHTHA GOSSIP health HM NEWS INTERNATIONAL JVP KARU JAYASURIYA NEWS FM NEWS PUBLIC parliament pmd news POLITICAL POLITICAL NEWS Prime media PR MEDIA PR NEWS public news sajith pramadasa Sanath M Bandara santh m bandara sl army commander slarmy news sl cricket Sl CRICKET - WOMAN TEAM SLFP - SLPP sl vs west 2020 sl v west Sport unhcr unp Week in Pictures Wimal Weerawansa woman women ජනපති ‍fashion දුරකථනය: +94-766-109836 විද්‍යුත් තැපෑල: bhathiyabarukanda@gmail.com © සියලුම හිමිකම් ඇවිරිණි. මෙම වෙබ් අඩවියේ පළවන ලිපි අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් වන අතර එම ආචාරධර්ම උල්ලංඝනය කරමින් නීතිවිරෝධීව උපුටාගන්නන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරනු ඇත.
අව්‍යාජ ආගමික විශ්වාසය ත්‍රස්තවාදයේ ම්ලේච්ඡත්වයට එරෙහි බලවේගයක් බව ශුද්ධාසනය (වතිකාන රාජ්‍යය) එක්සත් ජාතීන් ගේ සංවිධානයේ දී ප්‍රකාශ කරයි. "ඇත්ත වශයෙන් ම අව්‍යාජ ආගමික විශ්වාසය එක්සත් බවේ හා සමගියේ උල්පතක් වන අතර මුලධර්මවාදී ත්‍රස්තවාදයට එරෙහි ශක්තියක් ද වේ. ප්‍රචණ්ඩකාරී නොවන මාර්ග වලින් සිය දුක්ගැනවිලි ඉදිරිපත් කොට යුක්තිය ඉටු කරවා ගැනීම සඳහා ආගමික විශ්වාසය තනි තනිව එක් එක් පුද්ගලයාවත් සමාජයත් දිරි ගන්වයි." එක්සත් ජාතීන් ගේ වතිකාන නිත්‍ය නිරීක්ෂක (තානාපති) අති උතුම් බර්නාඩිටෝ ඖසා අගරදගුරු හිමිපාණන් මේ බව කියා සිටියේ ජගත් සංවිධානයේ ප්‍රති ත්‍රස්තවාදී ක්‍රියාමාර්ග සොයාබැලීමේ කමිටුව අමතමිනි. ඉකුත් ඔක්තෝබර 14 වන දා එතුමා සිය ප්‍රකාශය ඉදිරිපත් කලේ ය. ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීම සඳහා කිසිදු විටෙක ආගම හේතුවක් කර නොගන්නැයි සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ලොව සියලුම ආගමික ජනතාවගෙන් හා නායකයන්ගෙන් කිහිප වතාවක් ම ඉල්ලා ඇති බව ද එතුම සිහිපත් කලේය. "පසුගිය වසර තුළ ඉතිහාසයේ මෙතෙක් සිදු නොවූ ආකාරයෙන් අතිශය ම්ලේච්ඡ ක්‍රියා දක්වා ත්‍රස්තවාදය විකාශනය වී තිබේ. හිස ගසා දැමීම, කුරුසියේ ඇණගැසී හා පෞරාණික වටිනාකමින් යුත් ආගමික ස්ථාන විනාශ කිරීම ආදිය ඒ අතර විය. අප සියල්ලන් භීතියට පත් කරමින් ඒවා සජීවීව විකාශය කිරීමට ද මෙම ක්‍රියා වල යෙදෙන්නන් කටයතු කර ඇත. ඇතැම් විට සමස්ත ආගමික හෝ වාර්ගික ප්‍රජාවකට එරෙහිව හෝ සමස්ත රටකට එරෙහිව මෙබඳු කුරිරු ක්‍රියා සිදු කර තිබේ" යයි ඖසා අගරදගුරු හිමි කියා සිටියේ ය. සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ඉකුත් සැප්තැම්බර් 25 වන දා ජගත් සංවිධානය අමතා කල කතාවේ දී මැද පෙරදිග, උතුරු අප්‍රිකාව හා තවත් අප්‍රිකානු රටවල් කිහිපයක පවතින "වේදනාකාරී තත්වය" ගැන අවධානය යොමු කල බව වතිකාන තානාපතිවරයා සිහිපත් කලේ ය."මෙම ප්‍රදේශවල පවතින සිය ආගමික ස්ථාන, සිය ආගමික හා සංස්කෘතික උරුමයන් හා සිය නිවාස හා දේපල විනාශ කරන ආකාරය අසරණව බලා සිටින්නට එම රටවල කිතුනුවන් හා වෙනත් ආගමික හා වාර්ගික ජනකොටස් වලට සිදු වී ඇතැයි" පාප් වහන්සේ එදා පෙන්වා දුන් බව ඖසා අගරදගුරු හිමි කීවේ ය. මෙම ජනතාව ගේ දේපොළ පහර ගැනීම්, ඔවුන් ප්‍රදේශයෙන් පලවා හැරීම් හෝ ඔවුන් බලහත්කාරයෙන් ත්‍රස්තවාදී අත්අඩංගුවට ගැනීම් සිදුවෙමින් තිබේ. "මෙම සිද්ධි දාමය අපට මතක් කර දෙන්නේ ලෝකයේ කටයුතු පිළිබඳව තීරණ ගන්නා නායකයන් සිය හර්ද සාක්ෂි පරීක්ෂා කිරීමට කාලය පැමිණ ඇති බවයි" යයි ද සුදොතුම් පියතුමා එදා සඳහන් කළේය. එබැවින් ත්‍රස්තවාදයට සහාය දැක්වීම වැලක්වීමට ජගත් සංවිධානය ගන්නා ක්‍රියා මාර්ග වලට වතිකානය සහය දක්වන බව එක්සත් ජාතීන් ගේ වතිකාන නිත්‍ය නිරීක්ෂක ඖසා අගරදගුරු හිමි කියා සිටියේ ය. "ත්‍රස්තවාදයේ බීජ වැඩෙන වගුරු බිම් අප වියලා දැමිය යුතු ය. එහෙත් අප එය කල යුත්තේ අධ්‍යාපනය හා අන්‍යොන්‍ය ගරුත්වය වැඩිදියුණු කිරීම මගිනි; සෑම මට්මකම සංවාදය ප්‍රවර්ධනය කිරීමට ගන්නා අප්‍රතිහත උත්සාහයෙනි; නීතියේ ආධිපත්‍යය හා යහපාලනය තහවුරු කිරීම මගිනි; මුලධර්මවාදී හෝ අන්තවාදී ඉගැන්වීම්වලට ගොදුරුවිය හැකි ජනකොටස්, සමාජ අන්තර්ග්‍රහණය හා රැකියා අවස්ථා උදාකිරීම වැනි ක්‍රියා මාර්ග මගින්, සමාජයේ එදිනෙදා කටයුතු වලට සම්බන්ධ කර ගැනීම මගිනි. මෙහිදී අන්තවාදයට ගොදුරුවීමේ වැඩි අවස්ථා පවතින තරුණ කොටස් කෙරෙහි අවධානය යොමු කල යුතු" යැයි අගරදගුරු හිමි අවධාරණය කලේ ය. ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා ජගත් සංවිධානය ඉටුකරන භූමිකාව වතිකාන තානාපතිතුමා ගේ පැසසුමට ලක්විය. කෙසේ නමුදු එතුමා අවධාරනය කලේ යුද්ධය ත්‍රස්තවාදයට විසඳුම නොවන බවයි. "ජාත්‍යන්තර සහ සියලු ආකාර ත්‍රස්තවාදයට එරෙහි සටන හුදෙක් නවීන ආයුධ භාවිතයෙන් පමණක් ජයගත නොහැකිය යන්න ශුද්ධාසනය (වතිකාන රාජ්‍යයේ) අවබෝධ කරගෙන තිබේ. රාජ්‍යතාන්ත්‍රික භාවය, සාම සාධනය, නීතියේ ආධිපත්‍යය, එක්සත් ජාතීන් ගේ ප්‍රඥප්ති හා ජාත්‍යන්තර නීති පිළිපැදීම, මූලික මානව අයිතිවාසිකම් වලට ගරු කිරීම වැනි ක්‍රියාකාරකම් දැඩි ලෙස අනුගමනය කිරීම ද ඒ සඳහා අවශ්‍යය." එසේම, ඒකපාර්ශවික පියවර හිතු මතයේ ගැනීමත්, තෝරා බේරාගෙන මානව හිමිකම් සම්න්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම සේම ආගම් සහ සංස්කෘතීන් නොසලකා කටයුතු කිරීමත් මගින් සිත් හෝ හදවත් දිනා ගත නොහැකි බව වතිකාන නිත්‍ය නිරීක්ෂක අගරදගුරු තුමා පෙන්වා දුන්නේ ය. "මේවා මගින් ප්‍රදර්ශනය වන්නේ සිය උසස් බව පෙන්වීමට ගන්නා මුරණ්ඩු උත්සාහයන් සහ හෝතා මතාම කෙරෙන ප්‍රකෝප කිරීම් ලෙසයි. මෙවැනි ක්‍රියා මගින් තමන් අයිතු තාඩන පීඩන වලට ලක් වී ඇති බවට විශේෂයෙන් ටහ්රුන කොටස් වලට හැඟී යා හැකිය." යුද්ධයට සාමකාමී අභියෝගයක් ලෙස ඇමෙරිකාවේ කීර්තිමත් ජනාධිපතිවරයකු වූ ෆ්රෑන්ක්ලින් ඩි රූස්වෙල්ට් මහතා පෙන්වා දුන් "සිව් මහා නිදහස" අනුගමනය කරන්නැයි අගරදගුරු බර්නඩිටෝ ඖසා අගරදගුරු හිමි එක්සත් ජාතීන් ගෙන් ඉල්ලා සිටියේ ය. "එම සිව් මහ නිදහස නම්, කතා කිරීමේ සහ ආගමික නිදහස, අගහිඟයකින් තොරව සිටීමේ නිදහස සහ බියෙන් තොරව සිටීමේ නිදහසයි. ත්‍රස්තවාදීන් පිළිකුල් කරන්නේ මෙම මූලික නිදහසයි. අප වැටෙන්නට නොදී ආරක්ෂා කර ගත යුත්තේ ද එම මූලික නිදහසයි" එතුමා සඳහන් කළේය. Get link Facebook Twitter Pinterest Email Other Apps Comments Post a Comment Popular posts from this blog විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම - July 01, 2015 The Supreme court ruling and the future of religious freedom in USA (2015 ජූලි 1)) විවාහයේ නිර්වචනය ගැන ඇමෙරිකා එක්සත් ජනපද ශ්‍රෙෂ්ඨාධිකරණය පසුගිය සිකුරාදා දුන් තීන්දුව එරට කතෝලික සභාවටත්, කතෝලිකයනට හා සාම්ප්‍රදායික විවාහය පිළිගන්නා සියල්ලන්ටත් බාධක රැසක් මතු කරනු ඇතැයි එරට රදගුරු සමුළුව පවසයි. විශේෂයෙන් ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම පිළිගෙන ඇති ආගමික හා හර්දය සාක්ෂියේ නිදහස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එම තීන්දුව ගැටළු මතු කරනු ඇතැයි එම සමුළුව කියයි එක්සත් ජනපදයේ සියලු ප්‍රාන්ත රාජ්‍ය සම ලිංගික යුවල් වලට විවාහ බලපත්‍ර නිකුත් කල යුතු බව විනිසුරු වරුන් 5න් 4ක තීන්දුවක් දෙමින් ශ්‍රෙෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය. සියලු ප්‍රාන්තවල සිදුවන සම ලිංගික විවාහ පිළිගත යුතු බව ද අධිකරණය කියා සිටියේ ය. අධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේ එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන සංශෝධනයට අනුවයි. මෙම තීන්දුව අනුව සමලිංගික යුවලක් විවාහ වීමට ඉල්ලා සිටියහොත් එය ප්‍රතික්ෂේප කිරීමට අදාළ බලධාරියකුට හෝ නිලධාරියකුට නොහැකි ය.සමලිංගික විවාහ සභා නීතියට පටහැනි බැවින් කතෝලික පුජකතුමකුට ඊට එකඟ විය නොහැකිවේ. ම තව කියවන්න » පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු - September 15, 2015 Pope Francis to meet with Fidel Castro in Cuba? 1988 ජනවාරියේ දී කියුබාවට පැමිණි ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේව එවකට ජනාධිපති පිදෙල් විසින් පිළිගනු ලැබූ මොහොත (2015 සැප්තැම්බර් 15) සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ සිය කියුබා සංචාරයේ දී හිටපු ජනාධිපති පිදෙල් කස්ත්‍රෝ හමුවනු ඇතැයි වතිකාන ආරංචි මාර්ග පවසයි. ශුද්ධෝත්තම පියතුමා ලබන සෙනසුරාදා එනම් සැප්තැම්බර් 19 වනදා උතුරු ඇමෙරිකාවේ අපෝස්තලික ගමනක් ආරම්භ කරයි. එම ඓතිහාසික ගමනේ ප්‍රථම නැවතුම කියුබාවයි. මෙම චාරිකාවට කියුබාව ඇතුලත් කරගන්නා ලද්දේ පාප් වහන්සේ ගේ ම ඕනෑකම මත වීම විශේෂත්වයයි. ඒ සඳහා ජනාධිපති රවුල් කස්ත්‍රෝ මහතා ගේ නායකත්වයෙන් යුත් කියුබා රජයේ ප්‍රතිචාරය නොමදව ලැබිණ. ඇමෙරිකා එක්සත් ජනපදය හා කියුබාව අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා යළි සාමන්‍ය තත්වයට ගෙන ඒමේ කර්තව්‍යයේ දී ප්‍රැන්සිස් පාප් වහන්සේ ඉටු කළ අතරමැදි මෙහෙවර මෙම පිළිගැනීමට බෙහෙවින් ම හේතු වී තිබිණ. මෙම අපෝස්තලික ගමනේ දී පාප් වහන්සේ කියුබා නායක රවුල් කස්ත්‍රෝ මහතා නිල වශයෙන් මුණගැසීමට නියමිතය. ඊට අමතරව එතුමන් ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන කියුබාවේ හිටපු නායක තව කියවන්න » දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය - June 20, 2017 Jesus' blood type revealed by consecutive Eucharistic Miracles (2017 ජුනි 20) පසුගිය ඉරිදා (ජුනි 18) ජේසු සමිඳුන් ගේ ශ්‍රී ශරීරයේ සහ ශ්‍රී රුධිරයේ මංගල්‍ය දිනයයි. "දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය" ලෙසද මෙය හැඳින්වේ. මෙදින කතෝලික සභාව උත්සව ශ්‍රීයෙන් සමරා වන්දනා කරන්නේ දිව්‍ය ශ්‍රී පූපය තුළ පූර්ණ මිනිස් බවින් හා පූර්ණ දිව්‍ය බවින් සැබවින් ම වැඩවෙසෙන ජේසු සමිඳුන්ටයි. දිව්‍ය පූජාව අවස්ථාවේ පුදැදුරුතුමන් විසින් ජේසු සමිඳුන් අන්තිම රාත්‍රී භෝජනය අවස්ථාවේ ප්‍රකාශ කළ වදන් පුනරුච්චාරණය කිරීමත් සමග පූප සහ මිදිරස භාවාර්ථීය වශයෙන් ජේසු සමිඳුන් ගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් පරිවර්තනය වන්නේ ය යන්න කතෝලික ධර්මයේ කේන්ද්‍රීය ඉගැන්වීමකි. අපොස්තුලුවරුන්ගේ සිට මේ දක්වාම කතෝලික සභාව අඛණ්ඩව මෙම කේන්ද්‍රීය ඇදහිල්ල කිසිදු සැකයකින් තොරව නොබියව ප්‍රකාශ කරයි. ගතවූ කාලය තුළ සිදු වූ ප්‍රාතිහාර්ය කිහිපයකින් ද පූපය හා මිදිරස තුළ ජේසු සමිඳුන් වැඩවෙසෙන බව ප්‍රකාශ වී තිබේ.මෙම ප්‍රාතිහාර්යයන් හැඳින්වෙන්නේ "දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්යයන්" ලෙසය. එපමණක් නොව ජේසු සමිඳුන් ගේ ලේ වර්ගය ඉ
عربى Türkçe فارسی Русский বাংলা Español Indonesia Hausa Kiswahili اردو Français Тоҷикӣ हिन्दी 中文 தமிழ் english አማርኛ සිංහල 한국어 عربى Türkçe فارسی Русский বাংলা Español Indonesia Hausa Kiswahili اردو Français Тоҷикӣ हिन्दी 中文 தமிழ் english አማርኛ සිංහල 한국어 × දෙවිඳාණන් කෙරෙහි විශ්වාසය තැබීම මවපු දෙවිඳාණන් හඳුනා ගැනීම දෙවි`දාණන් අල්ලාහ් හ`දුනා ගැනීම දෙවිඳාණෝ අල්ලාහ්ගේ නාමයන් සහ ගුණාංගයන් පිළිබඳ හැදෑරීම අවසානය - පවිත‍්‍ර වූ දේව විශ්වාසය කරා ඇරයුම عقيدة-Si عربى Türkçe فارسی Русский বাংলা Español Indonesia Hausa Kiswahili اردو Français Тоҷикӣ हिन्दी 中文 தமிழ் english አማርኛ සිංහල 한국어 දෙවිඳාණන් කෙරෙහි විශ්වාසය තැබීම මවපු දෙවිඳාණන් හඳුනා ගැනීම දෙවි`දාණන් අල්ලාහ් හ`දුනා ගැනීම දෙවිඳාණෝ අල්ලාහ්ගේ නාමයන් සහ ගුණාංගයන් පිළිබඳ හැදෑරීම අවසානය - පවිත‍්‍ර වූ දේව විශ්වාසය කරා ඇරයුම Home අල්ලාහ් මාගේ දෙවිඳාණෝ ය දෙවිඳාණන් කෙරෙහි විශ්වාසය තැබීම දෙවිඳාණන් කෙරෙහි විශ්වාසය තැබීම සහ එහි සත්‍යතාව තේරුම් ගැනීම. දෙවිඳාණන් කෙරෙහි විශ්වාසය තැබීම සහ එහි සත්‍යතාව තේරුම් ගැනීම. Contents ")); // } _results.push(this.$el.append("")); _results.push(this.$el.append("")); _results.push(this.$el.append("")); _results.push(this.$el.append("")); _results.push(this.$el.append("")); //alert(_results); return _results; }; Starrr.prototype.setRating = function (rating) { if (this.options.rating === rating) { rating = void 0; } this.options.rating = rating; this.syncRating(); return this.$el.trigger('starrr:change', rating); }; Starrr.prototype.syncRating = function (rating) { var i, _i, _j, _ref; rating || (rating = this.options.rating); if (rating) { for (i = _i = 0, _ref = rating - 1; 0 <= _ref ? _i <= _ref : _i >= _ref; i = 0 <= _ref ? ++_i : --_i) { this.$el.find('span').eq(i).removeClass(' far fa-star').addClass('fas fa-star'); } } if (rating && rating < 5) { for (i = _j = rating; rating <= 4 ? _j <= 4 : _j >= 4; i = rating <= 4 ? ++_j : --_j) { this.$el.find('span').eq(i).removeClass('fas fa-star').addClass(' far fa-star'); } } if (!rating) { return this.$el.find('span').removeClass('fas fa-star').addClass(' far fa-star'); } }; return Starrr; })(); return $.fn.extend({ starrr: function () { var args, option; option = arguments[0], args = 2 <= arguments.length ? __slice.call(arguments, 1) : []; return this.each(function () { var data; data = $(this).data('star-rating'); if (!data) { $(this).data('star-rating', (data = new Starrr($(this), option))); } if (typeof option === 'string') { return data[option].apply(data, args); } }); } }); })(window.jQuery, window); } if((clicks==0)||(clicks==1)) { $(function () { return $(".starrr").starrr(); }); } $('#stars').on('starrr:change', function (e, value) { clicks += 1; var lang_ajax = document.getElementById("lang_ajax").value; var postD_id = document.getElementById("postD_id").value; var postD_alisess = document.getElementById("postD_alisess").value; if((clicks==0)||(clicks==1)){ $.ajax({ url:'/'+lang_ajax+'/'+postD_id+'/rate', datatype: 'html', method: 'get', data: { pa: lang_ajax, clicks: clicks, postD_id: postD_id, postD_alisess: postD_alisess, value: value }, success: function (data) { displayRate(data); }, error: function (request, error) {} }); } }); var rate = document.getElementById("rate").value; displayRate(rate); }); function displayRate(data) { var wid = (data / 5) * 100; var margin; var color; var stuts; var star1 = "far fa-star"; var star2 = "far fa-star"; var star3 = "far fa-star"; var star4 = "far fa-star"; var star5 = "far fa-star"; if (wid > 0 && wid <= 20) { star1 = "fa fa-star"; } else if (wid > 20 && wid <= 40) { star1 = "fa fa-star"; star2 = "fa fa-star"; } else if (wid > 40 && wid <= 60) { star1 = "fa fa-star"; star2 = "fa fa-star"; star3 = "fa fa-star"; } else if (wid > 60 && wid <= 80) { star1 = "fa fa-star"; star2 = "fa fa-star"; star3 = "fa fa-star"; star4 = "fa fa-star"; } else if (wid > 80 ) { star1 = "fa fa-star"; star2 = "fa fa-star"; star3 = "fa fa-star"; star4 = "fa fa-star"; star5 = "fa fa-star"; } margin = ""; color = "white"; // var r = document.getElementById("stars").children; // r[0].classList.remove("fa"); // r[0].classList.remove("fa-star"); // r[1].classList.remove("far"); // r[1].classList.remove("fa-star"); // r[2].classList.remove("far"); // r[2].classList.remove("fa-star"); // r[3].classList.remove("far"); // r[3].classList.remove("fa-star"); // r[4].classList.remove("far"); // r[4].classList.remove("fa-star"); // // var c = star1.split(" "); // r[0].classList.add(c[0]); // r[0].classList.add(c[1]); // console.log(c); // // var c = star2.split(" "); // r[1].classList.add(c[0]); // r[1].classList.add(c[1]); // // var c = star3.split(" "); // r[2].classList.add(c[0]); // r[2].classList.add(c[1]); // // var c = star4.split(" "); // r[3].classList.add(c[0]); // r[3].classList.add(c[1]); // // var c = star5.split(" "); // r[4].classList.add(c[0]); // r[4].classList.add(c[1]); $('#s').html('' + '' + '' + '' + ''); // console.log(star1 + '-' + star2 + '-' +star3 + '-' +star4 + '-' +star5 ); }  දෙවිඳාණන් කෙරෙහි විශ්වාසය තැබීම සහ එහි සත්‍යතාව තේරුම් ගැනීම. ස්ථීර විශ්වාසය ජීවිතයේ ජයග‍්‍රහණය යි. ආත්මයට සැනසීම ලැබෙන්නේ දෙවිඳාණන් අල්ලාහ් කෙරෙහි පමණක් විශ්වාසය තැබීමෙන් පමණි. එම විශ්වාසයෙන් තොර ආත්මය භීතියෙන් සහ දුර්වල ව සංචලනය වන්නේය. ජයග‍්‍රහණය යනු අල්ලාහ් දෙවිඳාණන් කෙරෙහි විශ්වාසය තැබීම වේ. එහි අරුත වන්නේ ”සකල විශ්වය ම මවා, පෝෂණය කර, එය පාලනය කරන්නෙත් සියලූ මැවීම් හි සහ සියල්ලන්ගේ ම අධිපති දෙවිඳාණන් අල්ලාහ් පමණකි” යැයි විශ්වාස කිරීම ය. ඒක දේවත්වයට, යටත් වීමට, බැතිමත් වීමට, ප‍්‍රාර්ථනා කිරීමට, උපවාසයට සහ සියලූම නමස්කාරයන්ට සුදුසු වන්නේ ඔහු ම පමණකි යන ස්ථීර විශ්වාසය ගැත්තෙකුගේ සිත තුළ පැළපදියම් විය යුතු ය. එමෙන් ම, දෙවිඳාණෝ සියලූම දේව ගුණාංගයන්ගෙන් පරිසමාප්ත වන අතර සකල ඌනතාවලින් සහ අඩු ලූහුඬුකම්වලින් තොර වෙති. මුස්ලිම්වරයෙකුගේ ප‍්‍රධාන වගකීම් පහ වන දෙවිඳාණන්ගේ ඒකීයත්වය ගැන විශ්වාසය, සුරදූතයන් ගැන විශ්වාසය, පෙර පහළ වූ තෙස්තමේන්තු ගැන විශ්වාසය, දේවදූතයන් ගැන විශ්වාසය, මතු පැවැත්ම සහ ඒකීය දෙවිඳාණන්ගේ කේන්ද්‍රික සැලසුම ගැන විශ්වාසය (දේව සැලසුම) යනා දී ආධ්‍යාත්මිකාංග මුස්ලිම් භක්තියට අනුව අති වැදගත් ඇදහිලි වන්නේය. මෙම විශ්වාස මිනිස් දිවියේ සැනසීම ළඟා කර ගැනීමට මුල් වන ප‍්‍රධාන කරුණු කාරණා ය. එය විශ්වාසවන්තයෙකුට මෙලොව හිමි වන විශාලත ම තිළිණයකි. ස්වර්ගය විශ්වාසවන්තයෙකුට මතු ලොව ලැබෙන විශාලත ම තිළිණය යි. අල්ලාහ් දෙවිඳාණෝ පිළිබඳ විශ්වාසය යනු “ මුළු හදින් ම පිළිගෙන මුවින් ප‍්‍රකාශ කර, දෙවිඳාණන්ට අවනත වන ක‍්‍රියාවන්හි නිරත වීම සහ සාපරාදී ක‍්‍රියාවන්ගෙන් වැළකී සිටීමය.” ඔබ මේ පිළිබඳ හොඳින් වටහා ගත්තේ නම්, මේ ගැන ද දැන ගැනීම ඉතා වැදගත් ය. එනම්, දෙවිඳාණන් විසින් ඔබගේ ක‍්‍රියාකාරකම් පිළිගනු ලැබිය යුතු යැයි ඔබ සිතන්නේ නම්, එහි පදනම විය යුත්තේ ඔබ දෙවිඳාණන් කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීමය. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:{කවරෙකු යහපත් ක‍්‍රියාවන් හි නිරත වන්නේ ද, ඔහු විශ්වාසවන්තයෙකු වන්නේය.}[උතුම් කුරානයේ 21 : 94 වැකියේ කොටසක අදහස] ඔබ තුළ තිබෙන්නා වූ දෙවිඳාණන් පිළිබඳ විශ්වාසය, ඔබ ව යුක්තිය, නිදහස, දැනුම, යහ මඟ, ආලෝකය කරා සහ ආධ්‍යාත්මිකත්වය කරා රැගෙන යන්නේය. අගනා විශ්වාසය: අගනා විශ්වාසය: ක‍්‍රියාකලාපයන්ගෙන් දෙවිඳාණන් අබියස ඉතා උතුම් වන්නේ ඔබගේ පිවිතුරු විශ්වාසය යි. අබූදර්තුමාණෝ දේවදූත මුහම්මද්තුමාණන්ගෙන් මෙසේ විමසූහ. «දේවදූතයාණෙනි, ක‍්‍රියාකලාපයන්ගෙන් ඉතා උතුම් වන්නේ කුමක් ද? එවිට එතුමාණෝ දෙවිඳාණන් පිළිබඳ විශ්වාසය තැබීම සහ ඉස්ලාමය ස්ථාපිත කිරීම සඳහා වෙර දැරීම යි.’’ යනුවෙන් පැවසුවෝය»(මූලාශ‍්‍රය: මුස්ලිම්) මෙය මෙලොව සහ මතු ලොවෙහි යහ මඟ වන අතර සතුටට හා සැනසීමට හේතුවක් ද වන්නේය.කවරෙකු යහ මඟ යොමු කිරීමට අල්ලාහ් දෙවිඳාණන් අපේක්ෂා කරන්නේ ද ඔහුගේ සිත ඉස්ලාමය කරා පුළුල් කරන්නේය} [උතුම් කුරානයේ 6 : 125 වැකියේ කොටසක අදහස ] මෙම පිවිතුරු විශ්වාසය, මුඃමින්වරයා (ඇදහිලිවන්තයා) අයහපත් ක‍්‍රියාවන්ගෙන් වලක්වාලන්නේ ය. {‘‘නියත වශයෙන් ම අල්ලාහ් කෙරෙහි බැතිමත් අය සාතාන්ගෙන් නපුරු පෙළඹවීමක් ඇති වුවහොත් ඔවුහු වහා විමසිලිමත් වෙති. එවිට ඔවුහු (කළ යුතු නිසි පිළිවෙත) දකින්නෝ ය.‘‘}[උතුම් කුරානයේ 7 : 201 වැකියේ අදහස] පිවිතුරු විශ්වාසය, ඇදහිලි වන්තයෙකුගේ ක‍්‍රියාකලාප පිළිගැනීමෙහි ලා මූලික කොන්දේසිය යි. {ඔබ (අල්ලාහ් දෙවිඳාණන්ට) ආදේශ තබන්නේ නම්, ඔබගේ සියලූ ක‍්‍රියා නිෂ්ඵල වනු ඇත. එමෙන් ම, ඔබ පරාජිතයින්ගෙන් කෙනෙකු වන්නේ ම යැයි ඔබට (මුහම්මද්ට) ද ඔබට පෙර සිටි අයට ද නියත ව ම දේව පණිවිඩ පහළ කරනු ලැබීය} [උතුම් කුරානයේ 39 : 65 වැකියේ අදහස] පිවිතුරු විශ්වාසයෙන් හෙබි පුද්ගලයා දෙවිඳාණන්ගේ ආශිර්වාදයට භාජනය වන අතර ඔහුගේ ප‍්‍රාර්ථනා ද පිළිගනු ලැබෙන්නේය. Tags: දෙවිඳාණන් කෙරෙහි විශ්වාසය තැබීම සහ එහි සත්‍යතාව තේරුම් ගැනීම. දේව විශ්වාසයේ බලපෑම් දෙවිඳාණන් කෙරෙහි විශ්වාසය තැබීම දෙවිඳාණන් කෙරෙහි විශ්වාසය තැබීම සහ එහි සත්‍යතාව තේරුම් ගැනීම. දෙවිඳාණන් කෙරෙහි විශ්වාසය තැබීම අල්ලාහ් දෙවිඳාණන්ගේ හමුවීම විශ්වාස කිරීම දෙවිඳාණන් කෙරෙහි විශ්වාසය තැබීම Subscribe Subscribe Now To Recieve Our News Subscribe '); } $(divSelect2).append(' ' + ' ' + '\n\ \n\ ' + ' ' + ' \n\ ' + ' ' + value.title + '' + ' \n\ ' + ' ' + value.cat_title + ' ' + '\n\ \n\ \n\ \n\ ') } if(type==3){ } if(type==4){ } if(type==5){ } if(type==6){ if(count_fatwa==1){ $(divSelect6).append(' '+' Quotes '); } $(divSelect6).append(' ' + ' ' + '\n\ \n\ ' + ' ' + ' \n\ ' + ' ' + value.title + ' ' + ' \n\ ' + ' ' + value.cat_title + ' ' + '\n\ \n\ \n\ \n\ ') } }); }, error: function(xhr, status, error) { var err = eval("(" + xhr.responseText + ")"); //alert(err.Message) } }) } else { //alert('no data') } }
Keeth Samarakoon (පුරුෂ) - Visiting lecturer for BIT Degree [University of Colombo], Over 7 years experience වැඩිදුර තොරතුරු ඉගෙනුම් ක්‍රියාවලිය සාර්ථකව සිදු කිරීම සඳහා මග පෙන්වීමේ දින 3 ක වැඩසටහන (වැඩිහිටි / පාසැල් සිසුන්) Gayana Piyasena (ස්ත්‍රී) - විද්‍යාපති - පරිගණක විද්‍යා, පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා, විද්‍යාවේදී උපාධි, ජාතික වෘත්තීය මාර්ගෝපදේශණ ඩිප්ලෝමා, පරිගණක ධාවන බලපත්‍රය, පරිගණක පාඩම් සටහන් සැකසීෙම් බලපත් වැඩිදුර තොරතුරු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) පන්ති (ශ්‍රේණිය 6 - උ/පෙ) Janz Clinston (පුරුෂ) - Successfully completed the HND in Software Development and following BSc. Computer Science (Software Engineering)
ඇමරිකාව හුවාවි සමාගමට තාක්ෂණය ලබාදීම තහනම් කිරීමට හේතු වූ ප්‍රධාන කාරනා අතර; හුවාවී සමාගම චීන රජයේ අතකොළුවක්ය යන චෝදනාව හා, ඔවුන් නිපදවන සන්නිවේදන උපකරණ හරහා දත්ත ලබාගැනීමේ පහසුකම හා උපක්‍රම චීන රජයේ බුද්ධි අංශ වෙත ලබාදී ඇතිය යන චෝදනාව ප්‍රමුඛයි. ඇත්තටම චීන සමාගම් චීන රජයේ යුධමය හා ආරක්ෂක ඕනෑ එපාකම් වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවාද? මේ ගැන සාකච්ඡා කරන්න ප්‍රවේශයක් විධියට චීනයේ තාක්ෂණික ජයග්‍රහණ හා ඒවා ගැන ඇමරිකාවේ ඇති විශාල බිය හා සැකය අවබෝධකරගෙන සිටිමු. “චීනය නුදුරේ දීම ඇමරිකාව අභිබවා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ජයගන්නවා” එරික් ෂ්මිඩ්ට් මැතක දී සහභාගී වූ සම්මන්ත්‍රණයක දී, නුදුරේ දීම අනාගත ආර්ථික දියුණුවේ පාදමක් වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ඇමරිකාව පරදවා චීනය ඉහළට යන බව පවසා සිටියා. “මාව විශ්වාස කරන්න, චීන AI පර්යේෂකයින් හරිම දක්ෂ යි…” ඔහු සභාව විශ්මිත කරමින් පවසා සිටියා. “චීනය කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ආර්ථික කටයුතු සඳහා පමණක් නොව යුධමය කටයුතු සඳහා ද ඉක්මණින් අනුවර්තනය කරගනිමින් සිටිනවා….ටිකක් හිතන්න, පුහුණු යුධ සෙබලුන් ආරක්ෂාව සඳහා කඳවුරු අවට සිටුවා තැබීම මොනතරම් නාස්තියක් ද? කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන්, බලසම්පන්න සෙන්සර වලින් හා ෆේෂල් රෙකග්නිෂන් තාක්ෂණයෙන් බලගැන්වුනු කැමරා පද්ධතියක් මේ කාර්යය මීට වඩා හොඳට, අඩු පිරිවැයකට කරලා දෙනවා….”යි, එරික් ෂ්මිඩ්ට් තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියා. චීනය මෙවැනි තාක්ෂණයන් දැනටමත් යුධ කඳවුරුවල පමණක් නොව සිවිල් වැසියන් නිරීක්ෂණය කරන්නටත් යොදාගෙන තිබෙනවා. ඇමරිකාව, සිය අලුත්ම සම්බාධක ඉලක්කයන් ලෙස නම්කිරීමට ආසන්න චීන CCTV සමාගම් වන HIKVision හා Dahua සමාගම්වලට එල්ලකිරීමට සූදානම් වන චෝදනාව වන්නේ ඔවුන් නිර්මාණය කරන කෘත්‍රිම බුද්ධි මෘදුකාංග හා ෆේෂල් රෙකග්නිෂන් තාක්ෂණය අඩංගු කැමරා පද්ධති චීනයේ මුස්ලිම් සම්භවයක් ඇති සුළු ජාතිකයින් වන උවීගර් (Uighur) ගෝත්‍රිකයින්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා යොදාගන්නා බව. වසරකට පේටන්ට් බලපත්‍ර ලක්ෂ 13ක් අයදුම් කරන චීනය චීනය ලෝකයේ බලවත්ම කාර්මික රාජ්‍යයක් බවට පරිවර්තනය වෙමින් පවතින බවට කිසිදු සැකයක් හෝ විවාදයක් නෑ. අද වන විට මිහිපිට වඩාත්ම වටිනාකමින් වැඩි තාක්ෂණික සමාගම් පහෙන් තුනක්ම චීන සමාගම් බවට පත්වෙලා. ඈන්ට් ෆයිනෑන්ෂල් (Ant Financial – ඩොලර් බි.150යි), සුප්‍රකට ටික්-ටොක් මෘදුකාංගයේ නිර්මාතෲ බයිට්ඩාන්ස් සමාගම (Bytedance – ඩොලර් බි.75යි), ඇමරිකාවේ ඌබර් හා සමාන ව්‍යාපාරික සැලැස්මක් ඇති ඩිඩී ෂූසිංග් (Didi Chuxing – ඩොලර් බි.56යි) මේ සමාගම් තුන යි. චීනයේ බායිඩු (Baidu), අලීබාබා (Alibaba) හා ටෙන්සෙන්ට් (Tencent), හා හුවාවේ (Huawei) සමාගම් පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා වසරකට ආයෝජනය කරන සම්පත් ප්‍රමාණය ලෝකයේ ප්‍රධානම අධිතාක්ෂණික බහුජාතික සමාගම්වල ආයෝජනයන්ට සමාන වෙමින් තිබෙනවා. 2017 දී චීනය, ලෝකයේ වැඩියෙන්ම පේටන්ට් බපත්‍ර අයදුම් කළ රට ලෙස ලෝක වාර්තාවක් තබා තිබෙනවා. ඇමරිකාව පේටන්ට් බලපත්‍ර 300,000කට ඉල්ලුම් කරනවිට චීනය බලපත්‍ර 1,300,000ක් වැනි අතිවිශාල සංඛ්‍යාවකට අයදුම් කොට තිබීමෙන් චීනයේ පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘති මොනතරම් සාර්ථකදැ යි සිතාගන්නට පුළුවන්. (ප්‍රස්තාරය බලන්න) ඉස්සර අලුත්ම තාක්ෂණය බිහිවුනේ යුධකටයුතු සඳහා පර්යේෂණ කරන විද්‍යාගාරවල – අන්තර්ජාලය, ජී.පී.එස් තාක්ෂණය මීට උදාහරණ. ඒත් අද තත්ත්වය වෙනස්. චීනය යි ඇමරිකාව යි මේ තත්ත්වය හොඳින්ම තේරුම් අරගෙන. ඇමරිකාවේ යුධ තාක්ෂණ නිර්මාණයේ ප්‍රමුඛතම ආයතනය වෙන DARPA ආයතනය අද සිය අලුත්ම තාක්ෂණික පිඹුරුපත් සැකසීම්වලට පෞද්ගලික සමාගම්වලට ආරාධානා කරනවා. ඒ තාක්ෂණය නිපදවන්න ඔවුන්ට මූල්‍ය ආධාර දෙනවා. සිලිකන් නිම්නයේ DARPA ආයතනයේ ශාඛාවක් පවා පිහිටුවලා තියෙන්නේ ඒ නිසා යි. සිලිකන් නිම්නයේ අධිතාක්ෂණික සමාගම්වල පර්යේෂකයින් බිහිකරනු අලුත්ම තාක්ෂණයන් ගැන ඔවුන් සැම විටම අවධානයෙන් ඉන්නවා. චීනයත් ඒ විධියටම කටයුතු කරනවා. ඔවුන් පසුගිය වසර 20 පුරාවටම චීන තාක්ෂණික සමාගම්වල තාක්ෂණය, චීන ආරක්ෂක අංශ සමග බෙදාගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. ඒ සඳහා ඇති බාධක එකින් එක ඉවත් කරලා චීන සිවිල් පර්යේෂකයින් හා යුධ තාක්ෂණ පර්යේෂකයින් අතර විශාල අන්තර් සබඳතා ජාලයක් ගොඩනගලා තියෙනවා. චීනය මේ ක්‍රියාවලිය හඳුන්වන්නේ civil-military fusion හෙවත් සිවිල්-හමුදාමය සුසංයෝගය ලෙස යි. Civil-military fusion ප්‍රතිපත්තිය අනුව චිනයේ දැවැන්ත සමාගම් තුළ කොමියුනිස්ට් පක්ෂයේ කාරක සභා පවා ක්‍රියාත්මක වෙනවා. ZTE, හුවාවේ, බායිඩු, ටෙන්සෙන්ට් වැනි අධිතාක්ෂණික සමාගම් තුළ, චීන රජයට පක්ෂපාතී ලෙස එම සමාගම්වල පාලකයින් හා සේවකයින් ක්‍රියාත්මක වීම තහවුරු කිරීමේ අරමුණ වෙනුවෙන් කොමියුනිස්ට් පක්ෂයේ කාරක සභා පිහිටුවාගෙන තිබෙනවා. ඒ නිසා අවශ්‍ය ඕනෑම විටක චීන රජයට හෝ චීන ආරක්ෂක හමුදාවලට එම සමාගම්වල තාක්ෂණය, යටිතල පහසුකම්, සේවක-සේවිකාවන් හා වෙනත් නිශ්චල හා චංචල දේපල ලබාගන්න පුලුවන්. චීනයේ JD.com, අලීබාබා, ටෙන්සෙන්ට්, හුවාවී, ZTE වැනි සමාගම් සමග තාක්ෂණ හුවමාරු ගිවිසුම් ඇති කර ගැනීමටත් චීන ආරක්ෂක හමුදා ක්‍රියාකොට තිබෙනවා. සිවිල්-හමුදාමය සුසංයෝගය, චීනයේ සෑම දිර්ඝකාලීන සැලැස්මකම පාදම හැටියට ක්‍රියාත්මක වෙනවා. නව සේද මාවත හෙවත් Belt & Road Initiative, Made in China 2025 නව කාර්මීකරණ සැලැස්ම, Next Generation Artificial Intelligence Plan කෘත්‍රිම බුද්ධි තාක්ෂණ සැලැස්ම වැනි සෑම සැලස්මකම, එම සැලස්මවල් වලින් බිහිවෙන තාක්ෂණය, යටිතල පහසුකම්, දේපොල පමණක් නොව පුහුණු ශ්‍රමිකයින්, විද්‍යාඥයින් හා තාක්ෂණවේදීන් පවා අවශ්‍ය මොහොතක චීන ආරක්ෂක හමුදාවලට අනුයුක්තව ක්‍රියාත්මකවීමට අවශ්‍ය සැලසුම් සම්පාදනය කොට තිබෙනවා. චීනය නිපදවන සෑම තාක්ෂණයක්ම ද්විත්ව-කාර්යය, එනම් සිවිල් හා යුධමය යන කාර්යයන් දෙකටම යොදාගත හැකි ලෙසයි නිර්මාණය වෙන්නේ. ඒ අනුව චීනය නිපදවන පරිගණක තාක්ෂණයන්, මෘදුකාංග, ඉලෙක්ට්‍රොණික තාක්ෂණයන්, සන්නිවේදන තාක්ෂණයන්, ගගනවිද්‍යා හා අභ්‍යවකාශ තාක්ෂණයන් යන ඕනෑම එකක් ඕනෑම විටෙක හමුදාමය අවශ්‍යතා සඳහා යොදගත හැකි වනවා. ඒ අනුව සෑම චීන සමාගමක්ම ඕනෑම මොහොතක චින රජයට, හමුදාවලට මෙන්ම බුද්ධි අංශවලට අවශ්‍ය ඕනෑම පහසුකමක් සැලසීමට බැඳී සිටිනවා. හුවාවී වැනි චීන සමාගම්වලට ඇමරිකාව තුළ සන්නිවේදන ජාල ගොඩනැගීම තහනම් කිරීමටත්, එවැනි සමාගම්වලට ඇමරිකානු තාක්ෂණය ලබාදීම වළක්වන්නටත් ඔවුන් ක්‍රියාත්මක වන්නේ මේ සාධාරණ භීතිකාව නිසායි. කොහොම වුනත් හුවාවී වගේ සමාගම් ඇත්තටම චීන රජය වෙනුවෙන් විදෙස් රටවල ඔත්තුබැලීමේ ක්‍රියාකාරකම්වලට සහාය දෙන බවට සාක්ෂ්‍ය සහිතව ඔප්පු කරන්න ඇමරිකානු රජයට බැරිවෙලා තියෙනවා. Related Articles ලොව ආහාර සැපයුම සුරක්ෂිත කරන ‘ස්වැල්බාඩ් ලෝක බීජ තැන්පතුව’ article විශේෂාංග මැයි 11, 2018 මුහුදු පතුලේ සොඳුරු නගර : පළමු දිගහැරුම article විශේෂාංග මැයි 11, 2018 කොරෝනා ගැන අසත්‍ය පුවත් හඳුනාගන්නා ආකාරය video විශේෂාංග මාර්තු 28, 2020 නවීන ලෝකයේ ශුක්‍රාණු ගැටළුව article විශේෂාංග දෙසැම්බර් 13, 2018 ජීවිතය එපා කරවන “මානසික අවපීඩනය”- Depression article විශේෂාංග දෙසැම්බර් 1, 2017 ටූටන්කාමුන් රජුගේ සොහොන් ගැබ සොයා article විශේෂාංග මැයි 11, 2018 දිනෙන් දින අභාවයට යන ලංකාවේ කිතුල් කර්මාන්තය article විශේෂාංග අගෝස්තු 21, 2020 ළමා අයිතිවාසිකම් නීතිය පිළිබඳව ඔබ දැනුවත් ද? – III ශ්‍රී ලංකා ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය article විශේෂාංග ජූනි 16, 2017 Roar සිංහල Roar Media is a South Asian multilingual media platform that produces original stories and provides analysis on complex issues. All our content aims to inform, educate, and inspire.
මිග් යානා මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමෙරිකානු ඩොලර් මිලියන 7.833 කට ආසන්න මහජන මුදල් අවභාවිත කර ඇති බවට නැගුණු චෝදනාවන්ට අදාළව රුසියාවේ සහ යුක්රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග සම්බන්ධ විමර්ශන මෙහෙයවන අපරාධ පරීක්ෂණ නිලධාරියා සම්බන්ධයෙන් අඟහරුවාදා (පෙබ: 18) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරිණි. ඊට හේතුවුයේ අදාළ නඩුව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (පෙබරවාරි 17) ඇති වූ තත්ත්වය හා එහිදී වැඩ බලන පොලිස්පතිවරයාට නිකුත් කෙරුණු නියෝගය පදනම් කරගෙනය. වසර 05 කට අධික කාලයක් පුරා එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී. දයාරත්න ඉදිරි විමර්ශන සඳහා යෙදවීමට හැකිදැයි ඊයේ (පෙබරවාරි 17 ) විමසූ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක, එලෙස නොකරන්නේ නම් ඒ කුමන හේතුවක් මත ද යන කරුණ සම්බන්ධයෙන් වහා ම අධිකරණයට දැනුම් දෙන්නැයි වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබිණි. ඊට අදාළව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ වෙත අද පාර්ලිමේන්තුවේදී අතුරු ප්‍රශ්නයක් යොමු කරමින් කරුණු විමසුවේ ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස ය. "මේ සම්බන්ධයෙන් අවුරුදු 5ක් තිස්සෙ පරීක්ෂණ කරපු සී අයි ඩී නිලධාරියා මාරු කරල තියෙනවා. අලුත් නිලධාරියෙක් ඇවිල්ල උසාවියට කියනව මං මේ ගැන මුකුත් දන්නෙ නෑ කියල. ඔහු උසාවියෙන් අහල තියෙනව උදයංග වීරතුංගට චෝදනා ගොනු කරන්නෙ මොන පනතෙන් ද කියල. ඒ නිලධාරියා මේ ෆයිල් එක ගැන දන්නෙත් නෑ. ඉතිං මේ සී අයි ඩී එක දැන් බබා වෙලා ද? නැත්නම් තමුන්නාන්සේලා සී අයි ඩී එක බබා කරල ද කියල තමයි අපිට අහන්න වෙන්නෙ?"ෆ් ඊට පිළිතුරු දුන් අමාත්‍ය චමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ, "කරුණු අධ්‍යයනය කර පිළිතුරක් දෙන," බවය. "මේ පිළිබදව කරුණු හරියට අධ්‍යයනය කරල තමයි පිළිතුරක් දෙන්න තියෙන්නෙ. ඉතිං මේ හැම එක්කෙනා ම පැමිණිලි ගොතන හැටිත් ලියන හැටිත් මටත් පොඩ්ඩක් දැනුමකුත් තියෙනව. හොද අත්දැකීමකුත් තියෙනව. ඒ නිසා මට මේ පිළිබදව කෙනෙකුට චෝදනා කරන්න බෑ පැමිණිල්ලක් දාපු පළියට. ඒ සදහා පරීක්ෂණ පවත්වන්න ඕන. ඒ පරීක්ෂණ සාධාරණව කෙරෙන්න ඕන. ඉන්පසුව තමයි ඉතුරු කටයුතු කරන්න ඕන. ඒ නිසා පැමිණිල්ලක් දාපු පරිදි ම මං හිතන්නෙ නෑ කෙනෙක් වැරදි කාරයෙක් වෙනව කියල. සී අයි ඩී එකේ නිලධාරීන් පැමිණිලි විභාග කරපු ආකාරය පිළිබදව තවත් පැමිණිලි ගොඩක් තියෙනව. උසාවියෙදි දීපු කරුණු පිළිබදව මම කරුණු හොයල බලන්නම්." ඡායාරූප මූලාශ්‍රය, Getty Images වසර 05 ට අධික කාලයක් පුරා එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙම නඩුවෙන් ඉවත් කිරීමට හේතුව කුමක් ද? යනුවෙන් කොටුව මහේස්ත්‍රාත්වරයා ඊයේ දින නැගූ ප්‍රශ්නයට ලද පිළිතුර වූයේ, "එම නිලධාරියාට ස්ථාන මාරුවක් ලැබී ඇති," බවය. මෙහිදී පොලිසිය මෙම නඩුව මෙහෙයවන ආකාරය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායකගේ දැඩි විවේචනය එල්ල විණි. කවුද මේ උදයංග? ඡායාරූප මූලාශ්‍රය, UDAYANGA WEERATUNGA/Facebook හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මව, උදයංග වීරතුංගගේ මවගේ වැඩිමහල් සොහොයුරිය වේ. වීරකැටිය, මැදමුලනේ උපත ලබා හැදී වැඩුණු ඔහු පසුව කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීය. ඉන් අනතුරුව උසස් අධ්‍යාපනය සඳහා සෝවියට් දේශයෙන් ලැබුණු ශිෂ්‍යත්වයක් මත උදයංග වීරතුංග යුක්රේනයේ කීව් අගනුවර පිහිටි ඉංජිනේරු විශ්වවිද්‍යාලයකට ඇතුළත් විණි. උසස් අධ්‍යාපනය හදාරන අතරවාරයේම ඔහු ව්‍යාපාරික කටයුතුවල ද නිරතව සිටියේය. යුක්රේනයේදී විද්‍යාපති උපාධිය ලබාගැනීමෙන් අනතුරුවත් ඔහු දිගටම කීව් අගනුවර නතර වී ව්‍යාපාරික කටයුතුවල නිරත වූ අතර, තවත් ශ්‍රී ලාංකික මිතුරෙකු සමග එක් වී එහි ශ්‍රී ලාංකික බොජුන්හලක් ද පවත්වාගෙන ගියේය. 2005 දී මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව 2006 වර්ෂයේදී ඔහු රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත්කරනු ලැබිණ. එවක් පටන් වත්මන් ආණ්ඩුව බලයට පත්වන තුරු 2015 මුල භාගය දක්වාම ඔහු එම තනතුර දැරුවේය. තානාපති පදවිය හෙබැවූ සමයේ ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රුසියානු සහ යුක්රේන සංචාර ද සංවිධාන කළ අතර, මොස්කව් නුවර සංචාරයේදී පැට්‍රිස් ලුමුම්බා මිත්‍රත්ව විශ්වවිද්‍යාලය විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂට සම්මාන ආචාර්ය උපාධියක් ද පිරිනමන ලදී. චෝදනා මොනවා ද? ශ්‍රී ලංකා ගුවන් හමුදාවට MiG-27 ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමේදී බරපතළ මූල්‍ය වංචාවක් සිදු වී ඇති බව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ. එහිදී උදයංග වීරතුංග විසින් මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 7.833 කට ආසන්න මහජන මුදල් අවභාවිත කර ඇති බවට පොලිසිය ඔහුට චෝදනා කර තිබිණි. තවදුරටත් කියවන්න. කවුද මේ උදයංග වීරතුංග? උදයංග අත්අඩංගුවට ගැනීමට 'ලෝක පොලිසිය' වෙත වරෙන්තුවක් උදයංග වීරතුංගගේ දේපළ තහනම් කළේ ඇයි? ප්‍රධාන පුවත වීඩියෝ, ‘මම හොඳට කොණ්ඩය කපන්නම්, ඔබ ගෝල ලබාගන්න.’ කරණවෑමියා ලෝක පාපන්දු තාරකාවන්ට පවසයි 2022 නොවැම්බර් 28 චීනයේ නායකයින්ට මහා අභියෝගයක් බවට පත්ව ඇති වීථි විරෝධතා 2022 නොවැම්බර් 28 "මට වැඩියෙන් සතුටු A9ක් ලැබුණ එකට නෙවෙයි" - ෂාෆිගේ දියණිය කී කතාව 2022 නොවැම්බර් 28 දැක්ම ජාතික මට්ටමේ රන් පදක්කමක් දිනූ පළමු ආදිවාසියා : ''පෝෂ්‍යදායි ආහාර කෙසේ වෙතත් තුන්වේල කන්නේ අමාරුවෙන්.'' 2022 ඔක්තෝබර් 12 මුදල් මුද්‍රණය නොකළොත් රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි බව අගමැති කියයි 2022 මැයි 14 රට ගොඩගන්න ඉදිරිපත් කළ IMF නිර්දේශ පහ මෙන්න 2022 මාර්තු 29 කන්‍යා පටල පරීක්ෂාවක් හරහා ලිංගික ක්‍රියාකාරකම්හි ඉතිහාසය දැනගැනීමට හැකි ද? 2022 මැයි 6 තවත් රාජපක්ෂ කෙනෙක්ට ජනාධිපති තියා මන්ත්‍රීවරයෙක්වත් වෙන්න බෑ- අගමැති රනිල් 2022 මැයි 14 කවුද මේ ගෝඨාභය රාජපක්ෂ? 2022 ජූලි 13 සමලිංගිකයින්ට හිරිහැර වන ශ්‍රී ලංකාවේ නීති ඉවත්කිරීමට මුලික පියවර තබයි 2022 අගෝස්තු 24 ගෝඨාභය රාජපක්ෂ: ජනාධිපති යටතේ ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රස්තාර 7 කින් 2022 ජූලි 14 ලිංගික ශ්‍රමිකයෝ ; ''ගණිකාව කියලා අවමන් කරලා දඩ ගහනවා, ඒත් අපේ සල්ලි විතරක් වටින්නේ කොහොමද ?'' 2022 ජූනි 15 වැඩිපුරම කියැවූ 1 "මට වැඩියෙන් සතුටු A9ක් ලැබුණ එකට නෙවෙයි" - ෂාෆිගේ දියණිය කී කතාව 2 චීනයේ නායකයින්ට මහා අභියෝගයක් බවට පත්ව ඇති වීථි විරෝධතා 3 බිහිසුණු ‘ශීතකරණ ඝාතනය' නිසා ඉන්දියාව කැළඹෙයි 4 'බ්ලූ ෆිල්ම්' නිසා අවුල්වන පවුල් ජීවිත අවසන් යාවත්කාලීනවීම: 2019 ජූනි 14 5 පහන්තුඩාවේ රමණය: 2021 ට ශ්‍රී ලංකාවෙන් 'SEX වාර්තාවක්' අවසන් යාවත්කාලීනවීම: 2021 සැප්තැම්බර් 2 BBC News, සිංහල ඔබට බීබීසී විශ්වාස කළ හැක්කේ ඇයි භාවිතයේ කොන්දේසි පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය කුකීස් බීබීසී ය අමතන්න AdChoices / Do Not Sell My Info © 2022 BBC. බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ. බාහිර යොමු කෙරෙහි අපගේ ප්‍රවේශය ගැන කියවන්න.
දේවත්වය සහ මනුෂ්‍යත්වය එකිනෙකට මුණගැසෙන අපූර්ව සංදිස්ථානයක් ලෙස නත්තල එදා මෙදා තුළ මානව ඉතිහාසයේ සුවිශේෂි භූමිකාවක් හිමිකරගෙන සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලබන්නේ අවිචාරය, අසමානත්වය හා කෲරත්වය මුල් බැසගෙන පැවැති සමයක බව පෙන්වා දෙන ජනාධිපතිවරයා දේව වරමක මහිමය හිස දරා සිටිය ද උන් වහන්සේ එම දුර්ගුණයන් මැඩලීම සදහා සමස්ත මිනිස් වර්ගයාටම ආමන්ත්‍රණය කරනු ලැබුවේ සාමාන්‍ය මනුෂ්‍යයෙකුට අත්විදිමට සිදුවිය හැකි සියලු උවදුරුවලට මැදිවෙමින් බව ද සඳහන් කළේය. අද ලෝකය ඉදිරියේදී ඇති දැවැන්ත අභියෝග පිළිබඳ සලකා බැලීමේදී අප ඊට විසදුම් සොයා යා යුතු මග ඒ තුළ මැනවින් සනිටුවන් කර ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. එනම් මනුෂ්‍යත්වය මුල් කර ගනිමින් සියල්ලටම විසදුම් සොයා ගත හැකි වනු බවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය. මේ අතර නත්තල් උත්සවය කිතුනු ජනතාව පමණක් නොව වාර්ගික ආගමික භේදයකින් තොරව බහුතර ලෝකවාසීන් සමරණ සංස්කෘතික උත්සවයක් බවට පත්ව ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. යහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ යහපත් දෙය ද, අයහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ අයහපත් දෙය ද උපද වන බව ශුද්ධ වූ බයිබලයෙහි සදහන් වන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. අප සැම අරමුණූ කර ගත යුත්තේ යහපත් දේ සිතෙහි නිදන් කොට ගෙන යහපත් මිනිසුන් ලෙස සමාජය පෝෂණය කිරිම බව අග්‍රාමාත්‍යවරයා සිය නත්තල් දින පණිවුඩය මගින් පෙන්වා දී ඇත. Recommended For You රාජ්‍ය සේවකයන්ට දුන් සිකුරාදා නිවාඩුව අවලංගු කෙරේ ශ්‍රී ලංකාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙයි ආහාර සුරක්ෂිතතාවයට තිරසර මාවත කියන ‘පවුලේ ගොවිතැන – Family farming‘ කාබනික වගාවේ අරුමය දකින්න එන්න ජනාධිපතිතුමනි ! – ඩොලර් ලක්ෂ ගණනක් අපේ ගස් යට කුණුවෙනවා About the Author: Editor Leave a Reply Cancel reply Your email address will not be published. Required fields are marked * Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Search for: About Voice of Ceylon Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'voiceofceylon.com'
මේ වන විට පිය පදවිය ලබා ඇති කේන් රිචර්ඩ්සන්ට ඇඩිලේඩ්හි පිටිහි තම නිවසේ සිය පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කිරීමට අවස්ථාව ලබා දීම මෙම ආදේශ කිරීමට හේතුවයි. මේ අතර, ඇඩිලේඩ් නුවර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පදනම් කර ගනිමින් තවත් අමතර ක්‍රීඩකයින් දෙදෙනෙකු ලෙස ජොෂ් පිලිපී සහ ඩර්සි ශෝර්ට් ද ඔස්ට්‍රේලියානු සීමිත පන්දුවාර පුහුණු සංචිතයට කැදවා තිබෙනවා. දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 27 වනදා පැවැත්වීමට නියමිතයි. ඔස්ට්‍රේලියානු එක්දින සහ 20යි 20 සංචිතය – Aaron Finch (c), Sean Abbott, Ashton Agar, Alex Carey , Pat Cummins (vc), Cameron Green, Josh Hazlewood, Moises Henriques, Marnus Labuschagne, Glenn Maxwell, Daniel Sams, Steven Smith, Mitchell Starc, Marcus Stoinis, Andrew Tye, Matthew Wade, David Warner, Adam Zampa Share Leave a comment trending now ඇෆ්ඝනිස්තානය පිතිකරණය තෝරයි වෙනස්කම් රැසක් සමගින් තරග බිමට පිවිසෙන දඹුල්ල සංචිතය මෙන්න ICC සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහන LPL ශූරතාවය යළිත් රැක ගැනීමට සටනට එන ජැෆ්නා කිංස්ග් අවසන්… Watch : පළමු පන්දුවෙන්ම මලාන්ගේ කඩුල්ල මතිෂ දවා ගත් හැටි පරාජයට හේතුව සහාය පුහුණුකරු පහදයි Watch : පළමු එක්දින තරගයේ විශේෂ අවස්ථා LPL 2022 : කලම්බු ස්ටාර්ස් අවසන් සංචිතය මෙන්න පැතුම්ගේ හා වනිදුගේ සටන අපතේ යයි ; ඇෆ්ඝනිස්තානයට ලකුණු 60 ක… ශ්‍රී ලංකා සංචිතයට වෙනස්කම් දෙකක් hitwicket.lk is a Sri Lankan cricket news website. it was launched on 22 August 2016. It features news, articles and live coverage of cricket matches including scorecards and videos.
යාකොබ් 1: 19: එබැවින් මාගේ ආදරණීය සහෝදරවරුනි, සෑම මිනිසෙකුම ඇහුම්කන් දීමට ඉක්මන් වන්න, කතා කිරීමට ප්‍රමාද වන්න, කෝප වීමට ප්‍රමාද වන්න. කෝපය සහ අමනාපය යාච් .ාවලට ඇති ලොකුම බාධාවයි. අමනාපය සහ කෝපය පාපයක් බව බොහෝ අය නොදනිති. ඒවා සිදුවන්නේ යක්ෂයාගේ ආත්මය නිසාය. ඇදහිලිවන්තයන්ට එරෙහිව යක්ෂයා භාවිතා කරන එක් දෙයක් වන්නේ කෝපයයි. කෝපය තමා පොරොන්දු දේශයට (කානාන් දේශයට) පිවිසීමට බාධාවක් බව මෝසෙස් දැන සිටියේ නම්, එය අහෝසි කිරීමට තරම් වැඩි යමක් ඔහු විසින් කරනු ඇත. මෝසෙස් ඊශ්‍රායෙලිතයන් විසින් කලකිරීමට පත් වූ විට, ඔහුගේ කෝපය පාලනය කළ නොහැකි වූ විට, දෙවියන් වහන්සේට විරුද්ධව පව් කිරීමට මෙය හේතු විය. අවාසනාවකට මෙන්, කෝපයේ ආත්මය අහෝසි කිරීමට ඔහුට ඇති නොහැකියාව නිසා කෝපාවිෂ්ටයක් ඇතිවිය හැක්කේ කිසිවෙකු මෙම ආත්මයෙන් නිදහස් යැයි කියා නොගත යුතුය. අවසානයේදී ඔහුව විනාශ කර පොරොන්දු දේශයට ඇතුළු නොවීමට හේතු විය. අමනාපය යනු ළදරු සහෝදරයා කෝපයට පත් කිරීමකි, අමනාපය ඔබව වෙනත් පුද්ගලයෙකු කෙරෙහි වෛරයේ මට්ටමක් ගොඩනඟා ගැනීමට පුද්ගලයෙකු ලෙස කටයුතු කරයි. මේ අතර, ප්‍රේමය යනු උතුම්ම ආ ment ාව බව බයිබලය සනාථ කර ඇත, ඔබේ ස්වාමීන් වන ඔබේ දෙවිට ප්‍රේම කරන්න, ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න. අපගේ අසල්වැසියන් කෙරෙහි අපගේ හදවත් තුළ අමනාපයක් ඇති වූ විට දෙවියන් වහන්සේට ප්‍රේම කරන බව කියා ගන්නේ කෙසේද? ස්වාමින් වහන්සේගේ දෑත් ගැලවීමට තරම් කෙටි නොවන බවත්, අපගේ හ cry ඇසීමට ඔහුගේ කන් බර නොවන බවත්, නමුත් අප හා දෙවියන් වහන්සේ අතර වෙනසක් ඇති කර ඇත්තේ අපගේ පාපය බවත් ශුද්ධ ලියවිල්ල අපට අවබෝධ කර දී තිබේ. පාපය අහෝසි කළ හැකි නම්, යාච් prayers ාවලට වේගයෙන් පිළිතුරු ලැබෙනු ඇති අතර සාක්ෂි ඉක්මනින් පැමිණේ. ධර්මිෂ් of කමේ සරල වස්ත්‍රය කෝපයෙන් හා අමනාපයෙන් වර්ණාලේප කර ඇති අද බොහෝ කිතුනුවන් සිටිති, යමෙකු අපව අමනාප වන තුරු අපගෙන් බොහෝ දෙනෙක් ඉතා හොඳයි, අපට සමාව දීමට හා අමතක කිරීමට අපහසු වන අතර එවැනි පුද්ගලයෙකු දුටු ඕනෑම වේලාවක මෙම සොයාගත නොහැකි ය අපගේ හදවතේ ඇති වන කෝපය. මෙම හැඟීම ජය ගැනීම සඳහා අපි බොහෝ උත්සාහ කර ඇති නමුත් අපගේ නඩු විභාගයෙන් ධනාත්මක කිසිවක් එළියට පැමිණ නැත, අපගේ කෝපය සන්සුන් කිරීම සඳහා මානුෂික ලෙස හැකි සෑම දෙයක්ම අපි කළ නමුත් ඒවා ක්‍රියාත්මක නොවේ. කෝපයෙන් හා අමනාපයෙන් මිදීම මෙන්න අපි හැමෝටම ශුභ ආරංචියක්, දෙවියන් වහන්සේ අපට උදව් කිරීමට කැමැත්තෙන් සිටිනවා, අපි ඔහුට ඉඩ දුන්නොත් පමණයි. කෝපයෙන් හා අමනාපයෙන් මිදීමට කැමති පිරිමින් සහ කාන්තාවන් වෙනුවෙන් අපි යාච් prayers ා ලැයිස්තුවක් සම්පාදනය කර ඇත්තෙමු. මෙම යාච් prayers ා කෝපයේ හා අමනාපයේ ආත්මයෙන් ඔබව ගලවා ගනු ඇත. ඔබට කෝපාවිෂ් issues ගැටලු තිබේ නම්, මෙම යාච් prayers ා දැඩි ආශාවෙන් හා මුළු හදවතින්ම යාච් pray ා කරන්න. ඔබ මෙම යාච් prayers ාවල නිරත වන විට, දෙවියන් වහන්සේගේ හස්තය ඔබ මත රැඳෙනු ඇති අතර, යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් ඇති බලයෙන් කෝපයේ ආත්මයෙන් ඔබව ගලවා ගනු ඇත. ඔබගේ ජීවිතයට කරදරයක් වන කෝපාවිෂ් issues කාරණා නොසලකා සෑම ආකාරයකම ගැලවීම සඳහා යතුර යාච් yer ාවයි. ඔබ අද මෙම යාච් prayers ාවල නිරත වන විට, ඔබගේ ගැලවීම යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් ස්ථිරයි. දෙවියන් වහන්සේ අද ඔබව යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් ගලවා ගන්නා බව මට පෙනේ. යාච්ඤා දෙවියනි, මා තුළ ඇති කෝපයේ ස්වභාවය ජය ගැනීමට ඔබ මට උදව් කරන ලෙස මම යාච් pray ා කරමි. ඔබගේ ආත්මය මා තුළ වාසය කරන බවත්, ජේසුස් වහන්සේගේ නාමයෙන් මා තුළ ඇති සෑම කෝපයක්ම මා තුළ දුරු කරන ලෙසත් මම ඉල්ලා සිටිමි. පියාණෙනි, මම දිගින් දිගටම කෝපය පාලනය කරන මෙවලමක් වීම ප්‍රතික්ෂේප කරමි, එයට වහලෙකු වීම ප්‍රතික්ෂේප කරමි. ජේසුස් වහන්සේගේ නාමයේ බලයෙන් මම එහි උගුලෙන් නිදහස් වෙමි. පියාණෙනි ස්වාමීන් වහන්ස, ජේසුස් වහන්සේගේ නාමයෙන් යළිත් මා තුළ කෝපයේ ආතතිය ඇති වන සෑම අවස්ථාවකදීම ඔබගේ වචනය මාගේ හදවත පුරවා මාගේ ස්නායු සන්සුන් කරන ලෙස මම ඉල්ලා සිටිමි. දෙවියනි, ජේසුස් වහන්සේගේ හැසිරීම පිළිබිඹු කිරීමට ඔබ මට කරුණාව ලබා දෙන ලෙසත්, ජේසුස් වහන්සේගේ නාමයෙන් මා කරන සෑම කටයුත්තකදීම සන්සුන්ව හා පහසුවෙන් සිටීමට වරප්‍රසාදය ලබා දෙන ලෙසත් මම ඉල්ලා සිටිමි. පියාණෙනි, ස්වාමීන් වහන්ස, ඔබගේ මුහුණ මා කෙරෙහි බැබළෙන ලෙසත්, ජේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් මාගේ දුර්වලකම ඉවත් කරන ලෙසත් මම යාච් pray ා කරමි. යේසුස් වහන්සේගේ නාමයෙන් මා වෙත ආධ්‍යාත්මික ශක්තිය ලැබෙන ලෙස මම යාච් pray ා කරමි ස්වර්ගීය මහිමයේ රජතුමනි, ඔබ මාගේ එ pher ේරා බව ශුද්ධ ලියවිල්ල මට අවබෝධ කර දුන්නේය, ස්වාමීනි, ඔබගේ චරිතය ජේසුස් වහන්සේගේ නාමයෙන් ප්‍රදර්ශනය කිරීමට මට උදව් කරන්න. පියාණෙනි, මාගේ අසල්වැසියා කෙරෙහි මාගේ හදවතේ වෛරයක් දැනෙන සෑම අවස්ථාවකදීම, ඔබගේ බහුල ප්‍රේමය ජේසුස් වහන්සේගේ නාමයෙන් මාගේ හදවතට දැනෙන්නට ඉඩ හරින්න. ජේසුස් ස්වාමීන් වහන්ස, ජේසුස් වහන්සේගේ නාමයෙන් අමනාප වීමට වහල්භාවයේ විලංගුවලින් ඔබ මාව නිදහස් කරන ලෙස මම යාච් pray ා කරමි. පියාණෙනි, මම කලකිරීමට පත්වීම ප්‍රතික්ෂේප කරමි, මගේ සම වයසේ මිතුරන් අතර පහත් බවක් දැනීම මම ප්‍රතික්ෂේප කරමි. ජේසුස් වහන්සේගේ අනර් blood රුධිරය නිසා මාගේ හදවතේ ඇති සෑම අමනාපයක්ම විනාශ කරමි. ස්වාමීනි, ස්වාමීනි, ඔබ අණ කළ සියල්ලට කීකරු වන හදවතක් මා තුළ ඇති කරන ලෙස මම ඉල්ලා සිටිමි, ස්වාමීනි, ජේසුස් වහන්සේගේ නාමයෙන් මා තුළ එවැනි හදවතක් ඇති කරන්න. ජේසුස් ස්වාමීන් වහන්ස, යක්ෂයාගේ උපකරණ ගැන අප නොදැන සිටිය යුතු යැයි බයිබලය පවසයි, ජේසුස් වහන්සේගේ නාමයෙන් කෝපයේ ආත්මය නැවත බැලීමට පැමිණෙන සෑම අවස්ථාවකම ඔබගේ ආත්මය මෙම වචනයේ වි ness ානයට මා ගෙන එනු ඇතැයි මම ඉල්ලා සිටිමි. ජේසුස් ස්වාමීන් වහන්ස, මාගේ සිතේ සාමය ඇති වූ විට, මාගේ අසල්වැසියා කෙරෙහි මම අමනාප නොවෙමි. ජේසුස් ස්වාමීන් වහන්ස, මා වෙනුවෙන් වැඩක් නැති බව පෙනෙන විට කෝපය හා අමනාපය වෙනුවට, ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබේ වචන තදින් අල්ලා ගැනීමට මට කරුණාව දෙන්න. පියාණෙනි, ස්වාමීන්වහන්සේ, මරණීය ශරීරයට උපකාර වන ඔබගේ ආත්මය ඉල්ලා සිටිමි, ඔබ යේසුස් වහන්සේගේ නාමයෙන් මා පිට වත් කරන ලෙස මම ඉල්ලා සිටිමි. ස්වර්ගීය රජතුමනි, ජේසුස් වහන්සේගේ නාමයෙන් මාගේ සිතේ පවතින කෝපය හා අමනාපය විනාශ කරන නැවුම් අභිෂේක කිරීමක් ඉල්ලා මම යාච් pray ා කරමි. ජේසුස් ස්වාමීන් වහන්ස, කෝපය ඇවිස්සීමට හේතු විය හැකි ඕනෑම අවස්ථාවක ඔබ මාව සනසනු ඇතැයි මම ඉල්ලා සිටිමි. ඔබ සැමවිටම මාව සනසවන ලෙසත්, ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ මා සමඟ සිටින බවට සවි ness ානකත්වය ලබා දෙන ලෙසත් මම ඉල්ලා සිටිමි. ජේසුස් ස්වාමීන් වහන්ස, මා කෝප වූ විට ඔබ මට සන්සුන් වන ලෙස මම යාච් pray ා කරමි, ඔබ පොළොවේ සිටියදී ඔබ පෙන්වූ සන්සුන්කමේ ආත්මය ඉල්ලා සිටිමි, ජේසුස් වහන්සේගේ නාමයෙන් සැමවිටම සන්සුන්ව සිටීමට මට උදව් කරන්න. පියාණෙනි ස්වාමීන් වහන්ස, කෝපයේ හා අමනාපයේ පරීක්ෂාවන්ට වඩා ඔබ මාව ඔසවා තබන ලෙස මම යාච් pray ා කරමි. ජේසුස් වහන්සේගේ නාමයෙන් එය තවදුරටත් මා කෙරෙහි බල නොවිය යුතුය. දෙවියනි, නැවත වරක් පරීක්ෂාවන් ඇති වූ විට, යේසුස් වහන්සේගේ නාමයෙන් එය ජය ගැනීමට ඔබ ඔහුට ශක්තිය ලබා දෙන මෙන් මම යාච් pray ා කරමි. පියාණෙනි, එකම භූතයෙකුගෙන් පීඩා විඳින සෑම පුරුෂයෙකු හා ස්ත්‍රියක් වෙනුවෙන්ම මම යාච් pray ා කරමි. ඔවුන්ගේ නිදහස ජේසුස් වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරමි. ආමෙන්. tags එරෙහි කෝපය යාච්ඤා අමනාපය ආත්මය බෙදාගන්න ෆේස්බුක් ට්විටර් Pinterest නම් වට්සැප් පෙර ලිපියෙන්තනිකම සහ මානසික අවපීඩනය පිළිබඳ කාලවලදී කීමට යාච් yers ා ඊළඟ ලිපියකාංසාවට හා කනස්සල්ලට එරෙහි යාච් yers ා පාස්ටර් ඉකෙචුක්වු චිනෙඩම් https://www.everydayprayerguide.com මගේ නම පාස්ටර් ඉකෙචුක්වු චිනෙඩම්, මම දෙවියන්ගේ මනුෂ්‍යයෙක්, මේ අන්තිම දවස්වල දෙවියන්ගේ පියවර ගැන දැඩි උනන්දුවක් දක්වන. ශුද්ධාත්මයාණන්ගේ බලය ප්‍රකාශ කිරීම සඳහා දෙවියන් වහන්සේ සෑම ඇදහිලිවන්තයෙකුටම අමුතු කරුණාවෙන් අනුබල දී ඇති බව මම විශ්වාස කරමි. කිසිම කිතුනුවකුට යක්ෂයා පීඩා නොකළ යුතු බව මම විශ්වාස කරමි, යාච් yers ා සහ වචනය තුළින් ආධිපත්‍යය යටතේ ජීවත් වීමට අපට බලය තිබේ. වැඩි විස්තර හෝ උපදේශනය සඳහා, ඔබට මාව chinedumadmob@gmail.com හා සම්බන්ධ කර ගත හැකිය. නැතහොත් +2347032533703 යන දුරකථන අංකයෙන් වට්ස්ඇප් සහ ටෙලිග්‍රාම් හි කතාබස් කරන්න. ටෙලිග්‍රාම් හි අපගේ පැය 24 පුරා යාච් yer ා කණ්ඩායමට එක්වන ලෙස මම ඔබට ආරාධනා කරමි. දැන් සම්බන්ධ වීමට මෙම සබැඳිය ක්ලික් කරන්න, https://t.me/joinchat/RPiiPhlAYaXzRRscZ6vTXQ. දෙ වි පි හි ට යි. සම්බන්ධ ලිපිකර්තෘ තවත් යාච් yer ා ලකුණු ඔබේ නපුරු විරුද්ධවාදීන්ට එරෙහිව සටන් කිරීමට දෙවියන්ගෙන් උපකාර ඉල්ලා යාච්ඤා කිරීමේ කරුණු 40ක් යාච් yer ා ලකුණු දෙවියන්ව සෙවීමට යාඥා කරුණු යාච් yer ා ලකුණු දිව්යමය විවෘත දොරවල් සඳහා අභිෂේක කිරීම සඳහා යාච්ඤා ලකුණු 9 COMMENTS පෝල් අප්රේල් 26, 2020 උදේ 5:34 ට මේ සඳහා ඔබට ස්තූතියි, මම කෝපයේ ආත්මය සමඟ පොරබදමින් සිටින අතර සතුරාට ගොදුරු විය හැකි නින්දට යාමට මට අවශ්‍ය නොවීය, මට සමාව දිය යුතු අතර මට එසේ කිරීමට අපහසු වේ… මගේ බිරිඳ ටම්මි සහ මම alot හරහා , ඇය විශ්වාසවන්තව නොසිටි අතර, සම්බන්ධ වූ සමහර පුද්ගලයින් දුටු විට හෝ සිතන විට මට කෝපයක් දැනෙන්නට පටන් ගනී, එය මට සැබෑ අරගලයක් වන අතර මට මෙය නිවැරදි කිරීමට අවශ්‍යය. මට පීඩාකාරී බවක් දැනෙන අතර මේ දිනවල ඒ ගැන බොහෝ දේ යාච් ying ා කර ඇත. මීට වසර 14 කට පෙර මෙම සම්බන්ධය සිදු වූ විට, ඔව් අවුරුදු 14 ක් මා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ විට, අපි දෙදෙනාම ටික වේලාවක් දැඩි drugs ෂධ කළා (අවුරුදු 1 යි) මම හිතන්නේ ඒ වන විට මම අවදානමට ලක්ව සිටි නිසා මට යක්ෂයෙකු සිටිය හැකි බවයි. මෙම අයහපත් හැඟීම් ඇතිවීමට කාලය පැමිණ ඇති බව මම දනිමි. මේ අවස්ථාවේදී මට වෙහෙස දැනේ… .. ටම්මි වෙනුවෙන් කරන ඕනෑම උපදෙසක් හෝ යාච් prayers ාවක් මා අගය කරනු ඇත… .. ක්‍රිස්තුස් වහන්සේ තුළ සහෝදරයාට ස්තුතියි ස්වාමින් වහන්සේ ඔබට මග පෙන්වීය. මත්ද්‍රව්‍ය වැනි සියලු අපද්‍රව්‍ය වලින් පිරිසිදුව වසර 13 ක් තිස්සේ එවැනි දෙයක් දැන් කෝපය හා අමනාපය නිසා ජීවිතයේ සෑම ප්‍රීතියකින්ම මාව වළක්වයි. මම ජේසුස් වහන්සේට ප්‍රේම කරන අතර, ඔහු පැමිණීමේ කාලය ළං වී ඇති බව මට හැඟේ. පිලිතුරු කෙරොන් ඔක්තෝබර් 6, 2021 4 හි: 29 am අපව ශක්තිමත් කරන ක්‍රිස්තුස් වහන්සේ තුළින් අපට සෑම දෙයක්ම කළ හැකි බව මට මතක් කර ඇත. ඒ සියල්ලටම වඩා එවැනි අවස්ථාවලදී යාච් prayerාව කිරීම කාලීන අවශ්‍යතාවකි. බලන්න යමෙකු වංචා කළ විට එය ඉතා හානිකර කෝපය, වෛරය සහ බලාපොරොත්තු සුන්වීමේ හැඟීම් ඇති කරන බව. එය හරියට එහි ඇති නරකම ආත්ම එකතුවක් වැනිය. එබැවින් මෙම දාමයන් බිඳ දැමීම සඳහා යාච් ofාවේ බලය අවශ්‍ය වේ. යාච් .ාවේ බලය අවතක්සේරු නොකරන්න. ඔබට සහ ඔබේ බිරිඳට අමාරු වුවත්, එකට එකතු වී එම ආත්මයන් උදෙසා යාච් prayා කළ හැකි නම්, එම තත්වයෙන් ජයග්‍රහණය ඉතාමත් ඵලදායීව ඔබට දැක ගත හැක. දෙවියන් වහන්සේ එය පැවසීමට ඵලදායී හේතුව. ඔව්, ඔබේ බිරිඳ ඔබට වංචා කළත් ඇය ඔබේ බිරිඳ වන අතර ඔබට ඇයට සමාව දීමට හැකි විය යුතුයි. ඔව් අමාරුයි, නමුත් ක්‍රිස්තුස් පැවසුවේ ක්‍රිස්තුස් පල්ලියට මෙන් අපිත් ඔබේ බිරිඳට ප්‍රේම කළ යුතු බවයි. අපි ක්‍රිස්තුස් වහන්සේගේ (පල්ලියේ) මනාලිය වන අතර යේසුස් වහන්සේ සියලු පාප වලින් අපට සමාව දෙයි. අපි එකිනෙකා සමඟ එකම දේ කිරීමට බලාපොරොත්තු වෙමු. සමාව දෙන්න, ආදරය කරන්න, නැත්නම් ආදරය කරන්න, සමාව දෙන්න. ඔබේ බිරිඳ ඔබ සමඟ යාච් toා කිරීමට කැමති නම් සහ ඔබේ ඉල්ලීම පරිදි යම් දුරකට වැඩි දියුණු වීමට අවශ්‍ය නම් උපදේශනය ලබා ගන්න ... ඇය ඔබට නිවැරදි හදවත ඇති බව දැනටමත් පෙන්වමින් සිටී. මිනිස්සු වැරදි කරනවා. කළ යුතු වැරදි මොනවාදැයි අපි සමහර විට සැලසුම් නොකරන්නෙමු. නමුත් එකිනෙකාට ප්‍රේම කිරීම සහ සමාව දීම පළමුවෙන්ම කැපවූ කිතුනුවකුගේ ලකුණකි. අපරාධය අපට අමතක නොවිය හැකි වුවද. වේදනාවෙන් සහ වේදනාවෙන් මිදීමට අපට උදව් කරන ලෙස අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිය යුතුයි පිලිතුරු මයිකල් බ ru ස් දෙසැම්බර් 2, 2020 රාත්‍රී 3:42 ට කරුණාකර මා සහ මගේ බිරිඳ වෙනුවෙන් යාච් pray ා කරන්න. අපි දැනට වෙන්ව සිටිමු. මම දන්නවා ඇය කලින් සම්බන්ධතාවයෙන් අමනාපයෙන් නිදහස් විය යුතු බව. මම පරිපූර්ණ නොවෙමි, නමුත් සමිඳාණන් වහන්සේ අපව යථා තත්වයට පත් කරනු දැකීමට මම මංමුලා සහගත වෙමි! දෙවියනි, මෙම තත්වය තුළ ජයග්‍රහණය කිරීම ගැන අපි ඔබට ස්තූතිවන්ත වෙමු. මයික්. පිලිතුරු බ්‍රයන් ෂොෆ්නර් ජනවාරි 4, 2021 උදේ 2:24 ට ඔබ වෙනුවෙන් යාච් ying ා කිරීම සහෝදරයා. පිලිතුරු ෂැරොලින් මෙඩ්රානෝ මාර්තු 27, 2021 8 හි: 56 am සෙසු කිතුනුවන්ගේ පසුගිය මාසය තුළ මගේ දරුවන් සියල්ලෝම මට විරුද්ධව කෝප වී මට ශාප කර ඇත .ඔවුන් අගෞරවනීය ආත්මාර්ථකාමී සහ අගය නොකරන අය වෙති. ඔවුන් සෑම පැයකටම පැමිණේ. සති ගණනාවකට පසු නිල් පාටයි. මම ඔවුන්ගේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමට උදව් කිරීමට උත්සාහ කර ඇති නමුත් ගැටලුව කෙතරම් නරකද යත් ඔවුන්ගේ හැසිරීම නිසා මාව ඉවත් කළ හැකි ස්ථානයක සිටිමි. මෙම නපුරුකම මගේ නිවස සහ පවුල අතහැර දමන්න. පිලිතුරු Оты මැයි 9, 2021 සවස 11:37 ට Нау дурыс дугалар емес Алладан сурау керек Иса емес адаспандар පිලිතුරු මාලිනී බොන් ජූලි 24, 2022 උදේ 11:48 ට Priez වත් mon voisine qui tre encoler contre moi පිලිතුරු Murielle අගෝස්තු 21, 2022 ප.ව 3:34 ට ජේසුස්, Toi et seulement Toi peut me délivrer de ma colère envers les bruits de mon voisin. Je déteste être dans cet état car de mauvais esprits entrent en moi. Je ne veux pas céder à ma tentation colérique. Tu sais à quel point ces bruits me détruisent. Je te prie de mettre un terme au agissements bruyants de mon voisin avec ses travaux incessants, ses longues et regulières utilization de son aspirateur. Même ses chiens reveillent une fureur incontrôlable. Je te prie d'expulser cette colère Seigneur car elle m'empêche d'être comme Toi. පිලිතුරු එව්ලින් ඔක්තෝබර් 14, 2022 රාත්‍රී 9:00 ට මගේ නම Evelin asenime මම තරුණයි ලස්සන කාන්තාවක් මට මේ බරපතල තරහ ප්‍රශ්න තියෙනවා ඒක එනකොට මම ඇත්තටම දන්නේ නැහැ ඒක පාලනය කරන්නේ කොහොමද කියලා කරුණාකර මට ඔයාගේ උදව් සහ යාච්ඤා ටිකක් ඕනේ පිලිතුරු ප්රතිචාරයක් දක්වන්න ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න අවලංගු කරන්න කරුණාකර ඔබේ අදහස් ඇතුලත් කරන්න! කරුණාකර ඔබගේ නම මෙහි ඇතුලත් කරන්න ඔබ විසින් වැරදි ඊ-තැපැල් ලිපිනයක් ඇතුළත් කර ඇත! කරුණාකර ඔබගේ ඊමේල් ලිපිනය ඇතුලත් කරන්න ඊළඟ වතාවේ මා අදහස් දක්වන විට මෙම නම, ඊමේල් සහ වෙබ් අඩවිය මෙම බ්‍රව්සරයේ සුරකින්න. Δ මෙම වෙබ් අඩවිය ස්පෑම් අඩු කිරීම සඳහා Akismet භාවිතා කරයි. ඔබේ ප්රතිචාර දත්ත සැකසූ ආකාරය ඉගෙන ගන්න. සංස්කාරක පටි 22 දසයෙන් කොටස දීම හා පූජා කිරීම පිළිබඳ බයිබල් පද ඔක්තෝබර් 19, 2022 ඔබගේ සටන් කිරීමට දෙවියන්ගෙන් උපකාර ඉල්ලා යාච්ඤා කිරීමේ කරුණු 40ක්... ඔක්තෝබර් 16, 2022 දෙවියන්ව සෙවීමට යාඥා කරුණු ඔක්තෝබර් 16, 2022 සෑම දිනකම යාච් yer ා මාර්ගෝපදේශය අපගේ යූ ටියුබ් චැනලයට දායක වන්න අද අප සමඟ හවුල්කරු සහ ආශීර්වාද ලබන්න අනුග්‍රාහකයෙකු වන්න! ජනප්රිය තැපැල් 30 මූල්‍ය ඉදිරි ගමන සඳහා මධ්‍යම රාත්‍රියේ යාඥා කරුණු 2023ක් ඔක්තෝබර් 1, 2022 අන්ධකාරයේ බලවේගයන්ට එරෙහිව යුධ යාච්ඤා ලකුණු 50 ක්. [2022 යාවත්කාලීන] ඔක්තෝබර් 15, 2022 30 නව වසර සඳහා යාච් yer ා කරුණු 2023 ක් ඔක්තෝබර් 15, 2022 ජනප්රිය කාණ්ඩ යාච් yer ා ලකුණු858 යාච්ඤාව202 බයිබල් පද85 දේවභක්තික ජීවන රටාව53 බයිබල් කියවීමේ සැලැස්ම36 බයිබල් පාඩම10 නත්තල්4 දවසේ පදය3 අපි ගැන dailyprayerguide.com යනු යාච් .ාව සඳහා කැප වූ වෙබ් අඩවියකි. කිතුනුවකු සාර්ථක වීමට නම් ඔහුට / ඇයට යාච් prayers ා සහ දෙවියන් වහන්සේගේ වචනය ලබා දිය යුතු බව අපි විශ්වාස කරමු. අපගේ වෙබ් අඩවියේ ඇති යාච් prayer ා කරුණු වන්නේ ඔබගේ යාච් prayer ා ජීවිතය වැඩිදියුණු කිරීමට ඔබ කටයුතු කරන විට ඔබට මග පෙන්වීමයි. අපගේ පරිශීලකයින් ගැන අපි සැලකිලිමත් වන අතර, දෙවියන් වහන්සේගේ හස්තය ඔවුන් මත රැඳී සිටිනු දැකීමට අපි කැමැත්තෙමු. එබැවින් ඔබ අද අප හා එක් වී අප සමඟ යාච් pray ා කරන විට ඔබව සාදරයෙන් පිළිගනිමු. යාච් prayers ාවලට පිළිතුරු දෙන දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ අවශ්‍යතා සපුරාලනු ඇත. නැවට සාදරයෙන් පිළිගනිමු. දෙ වි පි හි ට යි. අපිව අනුගමනය කරන්න මුල් පිටුව බයිබල් පද යාච් yer ා ලකුණු දවසේ පදය බයිබල් කියවීමේ සැලැස්ම අප අමතන්න අප ගැන රහස්යතා ප්රතිපත්තිය © Everydayprayerguide 2019 | සියලුම හිමිකම් ඇවිරිණි English Afrikaans Albanian Amharic Arabic Armenian Azerbaijani Basque Belarusian Bengali Bosnian Bulgarian Catalan Cebuano Chichewa Chinese (Simplified) Chinese (Traditional) Corsican Croatian Czech Danish Dutch English Esperanto Estonian Filipino Finnish French Frisian Galician Gujarati Georgian German Greek Haitian Creole Hausa Hindi Hebrew Igbo Hawaiian Hungarian Italian Icelandic Indonesian Irish Japanese Javanese Kannada Kazakh Khmer Korean Kurdish (Kurmanji) Kyrgyz Lao Latin Latvian Lithuanian Luxembourgish Hmong Macedonian Malagasy Malay Malayalam Maltese Maori Marathi Mongolian Myanmar (Burmese) Nepali Norwegian Pashto Persian Polish Portuguese Punjabi Romanian Russian Samoan Scottish Gaelic Serbian Sesotho Shona Sindhi Sinhala Slovak Slovenian Somali Spanish Sundanese Swahili Swedish Tajik Telugu Tamil Thai Turkish Ukrainian Urdu Uzbek Vietnamese Welsh Xhosa Yoruba Yiddish Zulu
දරුවන් නිදි කරවීම පහසු කාර්යයක් නොවේ. ඒනිසා ඊලග වර ඔබ දරුවා නිදි කරවීමට උත්සාහ කරන විට මේ ක්‍රමය උත්සාහ කරන්න. එය අලුත උපන් දරුවන්ටත් හොඳින් ක්‍රියා කරයි. වයස අවුරුදු 31 වු හෙදියක් හා මවක් වන ලෝරේන් සෙෂන්ට ඇයගේ සති තුනක වයසැති නෙහීක් අමීර් නැමැති ඇගේ රැකවරණය යටතේ සිටි කුඩා ලේලියව නිදි කරවා ගැනීම අසිරූ වුනා. සිව් හැවිරිදි දියණියක්ද සිටින මේ අම්මා අලුත උපන් දරුවා සන්සුන් කර ගැනීමට සියල්ල උත්සාහ කළා. (අලූත උපන් දරුවාගේ මව දරු ප්‍රසුතියෙන් පසුද තවම රෝහල් ගත වී සිටියා). නොකඩා වු නින්ද අහිමි රාත්‍රී ගණනාවකට පසු ඇයට අන්තිමේදී ඇයගේ දියණිය කුඩා කාලයේදී නින්දට යැවීමට යොදාගත් ක්‍රමයක් සිහිපත් වුන්නා. ඇය නිතරම ඇයව නාන කාමරයේ වු ගලායන ජලයේ ශබ්දය පසුබිම් ශබ්දයක් ලෙස යොදා ගෙන ඇයව අතේ තබා නැලවුවාය. දරුවා නිහඬව නිදා වැටීමට පෙර දරුවා ජලය ශබ්දය සමග දරුවා සංසුන් වීම පෙන්නුම් කර නැන්දාගේ සහ ඇයගේ ලේලියගේ වීඩියෝ පටය මුදා හැරුනා. "මම නින්ද අහිමි වුන රාත්‍රින් කිහිපයකට පස්සේ මම ටිකක් නිදාගත්තා.මම ප්‍රීතිමත් වුනා!" සෙෂන් කිව්වා. පලකරන ලද මේ වීඩියෝව ලොව පුරා ගිය හෙයින්, ඇයට මේ උපක්‍රමයට හා ලැබෙන සුව නින්දට තුති පුදමින් ලෝකයේ නන් දෙස සිටින මිනිසුන්ගෙන් බොහෝ පණිවිඩ ආවා. "මම ස්තුතිවන්ත මෙන්ම ප්‍රීතිමත් වන අතර, මම එය කිරීමට කැමැති නිසා ලොව පුරා සිටින මිනිසුන් සමඟ මගේ කථාව බෙදා ගැනීමට මට හැකි වුනා. ඇය පවසනවා. දරුවන් නිදි කරවීම කරන්නේ කෙසේද? සිහින් ජල ශබ්දයක් භාවිතා කරන්න ළදරුවන්ට හා වැඩිහිටියන්ට නින්දට යෑමට භාවිතා කිරීම සඳහා ගලායන ජලයේ ශබ්දය භාවිතා කිරීම ඉතා සුලභ දෙයක් වෙනවා. මෙම න්‍යායේ ඇතුල් පැතිකඩ වන්නේ දරුවා සඳහා ගර්භාෂය තුල වු පරිසරයට සමාන පරිසරයක් නිර්මාණය කරන විට ළදරුවාට එම වටපිටාව හුරුපුරුදු බැවින් වඩා හොඳින් නින්දට වැටේ. ඔබේ දරුවා ඉක්මනින්ම නිදා ගැනීම සඳහා භාවිතා කිරීමට මෙය ඉතා විශිෂ්ට ක්‍රමයක් බවට නොඅනුමානයි. දරුවන් නිදි කරවීම කරවන්නේ කොහොමද? පහත දැක්වෙන වීඩියෝ පටය බලන්න. www.facebook.com/lauren.session.9/videos/10155524889112819/ ඉක්මනින්ම දරුවන් නිදි කරවීම කල හැකි මේ අපුරු ක්‍රමය ඔබ හා බෙදා ගන්නේ The Asianparent Sri Lanka වෙතිනි. theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි. පරිවර්තනය: නදීශා ලක්මිණී සහයෝගිතාකරුවන්ගේ ලිපි ලිංගික දැනුම දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු ළදරු අවදිය (වයස මාස 12 ට අඩු) 5 seemingly harmless signs and symptoms that are not so innocent සම්පූර්ණ ලිපිය කියවන්න Written by Nadeesha Lakmini Home / මාපිය දැනුම / ඉක්මණින් දරුවා නිදි කරවන්න පුළුවන්ද? මේ අපූරු අම්මාගේ විශ්මිත උපක්‍රමය baby sleep sinhala දරුවන් නිදි කරවීම බෙදාගන්න : නිර්දේශිත ලිපි මේ අම්මා ඇගේ දියණිය පමා වී නින්දට යෑම ගැන කණගාටු නොවන්නේ මෙන්න මේ නිසයි. සුව සනීපෙන් දරුවා නිදි කරන්න පිළියම් 11 ක් Load more articles නිර්දේශිත ලිපි මේ අම්මා ඇගේ දියණිය පමා වී නින්දට යෑම ගැන කණගාටු නොවන්නේ මෙන්න මේ නිසයි. සුව සනීපෙන් දරුවා නිදි කරන්න පිළියම් 11 ක් ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න! ඇතුළු කරන්න මව්පදවිය ගැබ්ගැනීම ගර්භණී අවදිය මව්කිරි දීම දරුවාගේ වයස් සහ සංධිස්ථාන ළදරු අවදිය (වයස මාස 12 ට අඩු) මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර) පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර) නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර) අධ්‍යාපනය ප්‍රාථමික අධ්‍යාපනය පහ වසර සෞඛ්‍යය රෝග සහ අසාත්මිකතා දේශීය බෙහෙත් ක්‍රම එන්නත් මානසික ගැටළු ආහාර සහ පෝෂණය ජීවන රටා විවාහය හා පවුල් ජීවිතය ලිංගික දැනුම කෑම වට්ටෝරු මූල්‍ය විලාසිතා හා රූපලාවන්‍ය ජනප්‍රිය තරු විවේකය සහ සංචාරය තව TAP Community අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න අප හා සම්බන්ධ වෙන්න Become a Contributor ලොව පුරා සිටින මව්වරුන් Singapore Thailand Indonesia Philippines Malaysia Sri Lanka India Vietnam Australia Japan Nigeria Kenya © Copyright theAsianparent 2022. All rights reserved අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it \n `},a=(e,i,t,n)=>{let r={};r=n?document.querySelector(`${n}`):document.getElementsByTagName("body")[0];let l=[];if(l=d(r,l),l&&l.length>0)for(let n in i){let r=i[n];if(-1===t.indexOf(r.id)){"production"!==window.__ENV__&&console.log(r.dfpKeys),l[0].insertAdjacentHTML("beforebegin",s({adObj:r,dfpKeys:r.dfpKeys,user:e,device:"Mobile"})),o(r.dfpKeys,"","autoDefine"),t.push(r.id);break}}return t},c=e=>{let i=[...window.dfpPreDefineKey,...window.dfpPostDefineKey],t=[];for(let o in i){let n=l(e,i[o]);n?.id&&"banner"===n?.unitType&&t.push(n)}return t},p=(e,i,o,n)=>{let l=[];if(i.length>0)for(let e in i)l.push(i[e].id);if(o.length>0){let i=!1;if(l.length>0){let e=r(document.getElementById(l[l.length-1]));(!t()||e.viewPortTop<-100)&&(i=!0)}else i=!0;i&&(l=a(e,o,l,n))}return l},u=(e,i,t,o,n,l)=>{let d=t.length,s=!1;if(d>0&&t[d-1]){let e=r(document.getElementById(t[d-1]));(i?.outstream?.isTmAutoPlace&&d<2&&e.viewPortTop<200||e.viewPortTop<-100)&&(s=!0)}else 0===d&&(s=!0);return s&&(t=a(e,n,t,l)),t};window.setAutoBannerAdUnit=function(e,i,o,n={}){let l=c(e),d=[];if("articleWebViewHtml"===i.routeName){if(e?.ros?.webView)for(let i in e.ros.webView)e.ros.webView[i].isTmAutoPlace&&t()&&d.push(e.ros.webView[i])}else if(e?.ros?.banners)for(let i in e.ros.banners)e.ros.banners[i].isTmAutoPlace&&t()&&d.push(e.ros.banners[i]);e?.outstream?.isTmAutoPlace&&(l.length>0?d.splice(0,0,e.outstream):d.splice(1,0,e.outstream));let s=p(i,l,d);const a=t=>{null!==w&&clearTimeout(w),w=setTimeout((()=>{if(-1!==["article"].indexOf(i.routeName)&&n.id){let t=r(document.getElementById(`isReadMoreViewHtml${n.id}`));(t.viewPortTop-window.innerHeight>=0||0===t.viewPortTop)&&(s=u(i,e,s,0,d))}else s=u(i,e,s,0,d);clearTimeout(w)}),150,t),s.length===Number(d.length+l.length)&&window.removeEventListener("scroll",a)};var w=null;window.addEventListener("scroll",a,!1)},window.setAutoBannerReadMoreAdUnit=function(e,i,o,n={},r){const l=document.querySelector(`${r}`);let d=c(e),s=[];if(e?.ros?.readMoreArticles)for(let i in e.ros.readMoreArticles)null!==document.getElementById(e.ros.readMoreArticles[i].id)&&(e.ros.readMoreArticles[i].id=`${e.ros.readMoreArticles[i].id}1`),e.ros.readMoreArticles[i].isTmAutoPlace&&t()&&s.push(e.ros.readMoreArticles[i]);let a=p(i,d,s,r);const w=t=>{null!==f&&clearTimeout(f),f=setTimeout((()=>{a=u(i,e,a,0,s,r),clearTimeout(f)}),150,t),a.length===Number(s.length+d.length)&&l.removeEventListener("scroll",w),l.offsetHeight+l.scrollTop>=l.scrollHeight&&l.removeEventListener("scroll",w)};var f=null;l&&l.addEventListener("scroll",w,!1)}}();
මෙම සටහන තබන මොහොත වන විට ඉරානය විසින් ඉරාකයේ හමුදා කඳවුරු දෙකකට බැලිස්ටික් මිසයිල් ප්‍රහාර එල්ල කර තිබේ. එම ස්ථාන දෙක නම් අල් අසාද් ගුවන් කඳවුර සහ අර්බිල් හමුදා කඳවුරයි. මෙම ස්ථාන දෙක ම ඉරාන-ඉරාක දේශ සීමාවට ඈතින් ඉරාකය තුළ පිහිටා තිබේ. ප්‍රහාරවලින් ඇමරිකානුවන්ට කිසිදු හානියක් සිදු නොවූ බව එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් ටික වේලාවකට පසු නිවේදනය කළේ ය. ඉරානය පසුබසිමින් සිටින බව ධවල මන්දිරයේදී ප්‍රකාශයක් කරමින් ට්‍රම්ප් පැවසී ය. මෙය ඇමරිකා එක්සත් ජනපදයේ ඒකාබද්ධ මෙහෙයුම් විශේෂ අණදෙන මූලස්ථානය විසින් පසුගිය ජනවාරි 3දා ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක ‘කුඩ්ස්’ බලකායේ අණදෙන නිලධාරි මේජර් ජනරාල් කාසිම් සුලෙයිමානි ඝාතනය කිරීමට එරෙහිව එල්ල කරන ලද ප්‍රතිප්‍රහාරයක් ලෙස සැලකේ. කුඩ්ස් බලකාය යනු ඉරානයේ දේශ සීමාවෙන් බැහැර මෙහෙයුම් සඳහා වගකිව යුතු සංවිධානයයි. මේජර් ජනරාල් කාසිම් සුලෙයිමානි ඉරාකයේ විදේශ කටයුතු සම්බන්ධයෙන් වඩාත් ම බලවත් පුද්ගලයා ලෙස සැලකේ. ඉරානයේ අනාගත නායකයකු වීමේ ලක්ෂණ ද ඔහු වෙතින් පළ විය. සිරියාවේ සිට පැමිණ, ඉරාකයේ බැග්ඩෑඩ් ගුවන් තොටුපළෙන් පිට වී යමින් සිටි සුලෙයිමානිගේ රථ පෙළ ඉලක්ක කර MQ-9 Reaper ඩ්‍රෝන් යානයක් මගින් එල්ල කරන ලද මෙම බහු මිසයිල ප්‍රහාරයෙන් සුලෙයිමාන් සමග ඉරානයේ ආධාර ලබන ඉරාක අතුරු හමුදා නිලධාරීන් පස්දෙනෙක් ද මියගිය හ. ඒ අතර ඉරාකයේ ඉරාන හිතවාදී අතුරු හමුදා සන්ධානයක නායකයා වන අබු මහ්දි අල්-මුහන්දිස් ද විය. ඔත්තුකරුවන්, ඉලෙක්ට්‍රොනික් නිරීක්ෂණ මෙන් ම රහස් නිරීක්ෂණ ගුවන් යානා ද යොදාගනිමින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැලකේ. ඉරාන විදේශ ඇමති ජාවඩ් සරීෆ් මෙය හැඳුන්වූයේ ජාත්‍යන්තර ත්‍රස්තවාදය ලෙස හා අතිශය අවදානම් සහගත හා මුග්ධ සටන් උත්සන්න කිරීමක් ලෙසයි. මෙම සිද්ධියට පෙර, පසුගිය දෙසැම්බර් 27දා, ඉරාකයේ සේවයේ නියුතු එක්සත් ජනපද සිවිල් කොන්ත්‍රාත්කරුවකු ඉරාකයේ කර්කුක්හි හමුදා කඳවුරකදී රොකට් ප්‍රහාරයකින් මිය ගිය අතර තවත් එක්සත් ජනපද හා ඉරාක හමුදා භට පිරිස් තුවාල ලැබූ හ. මෙම ප්‍රහාරය ඉරාන ආධාර ලබන කටයිබ් හිස්බුල්ලා අතුරු හමුදා විසින් එල්ල කරන ලද බව එක්සත් ජනපදය පවසයි. එක්සත් ජනපද හමුදා එම සංවිධානයට අයත් බටහිර ඉරාකයේ සහ සිරියාවේ ස්ථාන තුනකට බෝම්බ ප්‍රහාර එල්ල කරන ලදී. එම සංවිධානය තමන් රොකට් ප්‍රහාරයට සම්බන්ධ නැති බව ප්‍රකාශ කරමින් බැගුඩෑඩ්හි එක්සත් ජනපද තානාපති කාර්යාලය වට කර දැවැන්ත උද්ඝා්ෂණයක් කළ හ. ඔවුන් පැය ගණනාවක් තානාපති නිලධාරීන් සිර කරගෙන සිටින ලද අතර තානාපති කාර්යාලයට හානි ද සිදු කළ හ. රොකට් ප්‍රහාරය මෙන් ම ඉන් පසු සිදු වූ මෙම උද්ඝෝෂණය ද සුලෙයිමානි විසින් අනුමත කරන ලද ඒවා යයි එක්සත් ජනපදය පවසයි. ඉරාකයේ එක්සත් ජනපද හමුදා භටයින් 5,000ක් පමණ මෙහෙයුම්වල යෙදී සිටින අතර ඔවුන් ඉරානයේ ආධාර ලබන අතුරු හමුදාවල මෙන්ම ඉතිරි වී සිටින අයි එස් ත්‍රස්ත කණ්ඩායම්වල ද ප්‍රහාර තර්ජනවලට ලක් වී සිටිති. අයි එස් සංවිධානය සම්පූර්ණයෙන් විනාශ කර ඔවුන්ගේ භූමිය අල්ලා ගන්නා ලද බව ඇමරිකාව කීව ද, එම සංවිධානය පවසන්නේ ඔවුන් ඉරාකයේ සක්‍රිය බවයි. ඇමරිකානු සිවිල් කොන්ත්‍රාත්කරුවෝ ද විශාල පිරිසක් ඉරාකයේ සේවය කරති. සුලෙයිමානි ඝාතනය ඉරානයට එල්ල කරන ලද දැවැන්ත දේශපාලනික මිලිටරි ප්‍රහාරයකි. සුලෙයිමානි යනු පසුගිය දශක දෙක තුළ ඉරානය විසින් මෙහෙයවන ලද බුද්ධි සහ යුද මෙහෙයුම්වල නියමුවා ය. ඉරානයට හිතවත් රාජ්‍ය නායකයකු වන සිරියාවේ ජනාධිපති ආරක්ෂා කිරීම සඳහා සුලෙයිමානිගේ හමුදා සිරියානු යුද්ධයට මැදිහත් විය. සුන්නි මුස්ලිම් අයි එස් හෙවත් ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයට එරෙහිව යුද පෙරමුණේ සටන් කිරීමත් සමග සුලෙයිමානි ඉරානයේ ෂියා මුස්ලිම් ජනතාවගේ වීරයකු බවට තහවුරු විය. ඔහු ඉරාකයේ රාජ්‍ය විරෝධී කැරැලිකරුවන්ට ආයුධ සහ වෙනත් යුද ආධාර සැපයූ බවට එක්සත් ජනපදය චෝදනා කරයි. එක්සත් ජනපදය සුලෙයිමාන් ඝාතනය සලකන්නේ ඉරාන මිලිටරි ප්‍රහාර කල්තබා ව්‍යර්ථ කිරීමට ගන්නා ලද පියවරක් ලෙසයි. මෙම ඝාතනයෙන් පසු හදිසි ආරක්ෂක රැස්වීමක් කැඳවූ ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමනෙයි විසින් තුන් දිනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරමින් මෙම ප්‍රහාරයට පළිගන්නා බව නිවේදනය කරන ලදී. සුලෙයිමානි ඉරාන අධ්‍යාත්මික නායකයාට ඉතා සමීප අයෙකු විය. ඇමරිකානු බලපෑම් සහිත ඉලක්ක වෙත සයිබර්, ත්‍රස්ත හා මිලිටරි ප්‍රහාර එල්ල වෙනු ඇතැයි ඇමරිකාව අනුමාන කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල විය. එහෙත්, එහි දක්නට ලැබුණු විශේෂතා කීපයක් තිබේ. එක්සත් ජනපද කඳවුරුවලට ප්‍රහාර එල්ල කරන බව ඉරානය කල්තබා ඉරාක රජයට දැනුම් දුන්නේ ය. ඉරාකය විසින් එය එක්සත් ජනපද හමුදා වෙත දැනුම් දී තිබිණි. එසේම, ඉරානය විසින් ප්‍රතිප්‍රහාර දීම සඳහා තෝරාගෙන තිබෙන ඉලක්ක ද අඩු හානියක් සිදු විය හැකි ස්ථාන ලෙස සැලකේ. මිසයිල් 12ක් පමණ මෙම ස්ථාන දෙකට එල්ල කර තිබෙන මුත් හානි අවම බව වාර්තා වේ. වැඩි සෙබළුන් පිරිසක් ඝාතනය කිරීමට අවශ්‍ය වී නම්, ඔවුන්ට මීට වඩා පහසු ඉලක්ක තිබිණි. කෙසේ වෙතත්, ඉරාන ආධාර ලබන ඉරාක අතුරු හමුදාවලට මුහුණ දීමට තරම් ශක්තිමත් හමුදාවක් ඉරාක රජය සතුව නැත. මේ අතර, මැදපෙරදිග කලාපයේ එක්සත් ජනපදයට විශ්වසනීය ම රාජ්‍යය වන ඊශ්‍රායලය ද ප්‍රතිප්‍රහාර බලාපොරොත්තුවෙන් ආරක්ෂක හමුදාවලට අනතුරු ඇඟවීම් කරන ලදී. එහි ජනප්‍රිය සංචාරක ස්ථාන ද වසා දමන ලදී. කෙසේ වෙතත්, සුලෙයිමානි ඝාතනය සඳහා අණ දීමත් සමග ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වයෙහි ඉහළ යාමක් ද ඔහුගේ රට තුළ සිදු වී තිබේ. ඇතැම් ට්‍රම්ප් විරෝධී දේශපාලනඥයන් පවා සුලෙයිමාන් ඝාතනය අනුමත කරමින් ප්‍රකාශ නිකුත් කර තිබිණි. ආර්ථික සම්බාධකවලින් පමණක් ඉරානය මට්ටු කළ නොහැකි බවට මතයක් ඇමරිකානුවන් අතර පැතිරෙමින් තිබිණි. ඉරානයත්, ඇමරිකා එක්සත් ජනපදයත් අතර දැන් වසර ගණනක සිට සෙවණැලි යුද්ධයක් පවතී. ඔවුන් යුද වදින්නේ වෙනත් පාර්ශ්ව හරහා ය. මෙම තත්වය ඉරාකයේත්, සිරියාවේත්, යේමනයේත් දකින්නට ලැබේ. ඉරාන එක්සත් ජනපද අර්බුදයට විසඳුමක් ලෙස 2015දී ඔබාමා පාලනය විසින් ඉරාන න්‍යෂ්ටික කටයුතු අත්හිටුවන ගිවිසුමක් ඇති කරගන්නා ලදී. 2018දී ට්‍රම්ප් පාලනය විසින් එම ගිවිසුම අත්හිටුවනු ලැබුවේ, ගිවිසුම නිසා ඉරානයට ආර්ථික වශයෙන් හුස්ම ගැනීමට හා කලාපයේ ප්‍රචණ්ඩ ක්‍රියා වෙනුවෙන් ධනය පොම්ප කිරීමට අවස්ථාවක් හා එඩිතරකම ලැබී ඇති බව පවසමිනි. ඉරානය හා ඇමරිකා එක්සත් ජනපදය අතර යුද්ධයක් ඇවිළෙනු ඇතැයි ලෝකයේ ඇස් දැල්වී තිබේ. එහෙත්, ඉරාන විදේශ ඇමතිවරයා මෙම ප්‍රහාරයෙන් පසුව ද පැවසුවේ තමන්ට ගැටුම් උත්සන්න කිරීමට අවශ්‍ය නැති බවයි. ප්‍රති ප්‍රහාරය අනුපාතිකව ප්‍රමාණවත් බව ඔහු පැවසී ය. ඔහු ජාත්‍යන්තර ප්‍රජාවට එසේ කියන අතර ඉරාන නායක අලි කමනෙයි තම ජනතාවට කීවේ එක්සත් ජනපදය කුඩු පට්ටම් වෙන්නට පහරදුන් බවකි. මෙම අලුත් වටයේ යුද්ධය නව සාම ප්‍රයත්නයකට දොරටු විවර කරන්නට පවා ඉඩ තිබෙන බව සුබවාදී ඇසකින් බලන්නෙකුට කිව හැකි ය. (මුල් ඡායාරූපයේ දැක්වෙන්නේ එක්සත් ජනපද මිසයිල් ප්‍රහාර නිසා ගිනි ගෙන දැවෙන ඉරාන මේජර් ජනරාල් සුලෙයිමාන් ගමන් කළ රථයයි) Share this: Twitter Facebook Like this: Like Loading... Related Post navigation මගේ ලව් එක සහ තැපැල් දෙපාර්තමේන්තුව මුස්ලිම් සමාජ ප්‍රතිසංස්කරණයක් සඳහා ආණ්ඩුවට මෙතරම් අධික උනන්දුවක් ඇයි? Related News International ජිනීවා ගැන ආණ්ඩුවේ මූලෝපාය September 28, 2022 September 28, 2022 International Politics කොණ්ඩෙ බැඳපු චීනුන් හෝ අංකල් සෑම්ලා නැති ලෝකයක විදේශ ණය July 30, 2022 July 30, 2022 Health International Politics ඇමරිකාව, කොවැක්ස් හා ජාතිකවාදය July 15, 2021 July 15, 2021 Leave comment Cancel reply Your email address will not be published. Required fields are marked with *. Comment Full Name * Email Address * Website අනුග්‍රාහක නිවේදන Recent Comments Sarath warnakulasuriya on මහින්දගේ අද දවසේ වැදගත්කම කුමක්ද? Lakshman Jayasinghe on සජිත්ව ජනාධිපති කරනවද? නැතිනම් රනිල්ව තියාගන්නවද? Lakshman Jayasinghe on පළාත් පාලන ඡන්දය කල්දැමීම Lakshman Jayasinghe on 2023 අයවැය වැඩක් ඇද්ද? නැද්ද? Lakshman Jayasinghe on Where is justice for child victims in Sri Lanka? Three stories for adults Archives Archives Select Month November 2022 October 2022 September 2022 August 2022 July 2022 June 2022 May 2022 April 2022 March 2022 February 2022 January 2022 December 2021 November 2021 October 2021 September 2021 August 2021 July 2021 June 2021 May 2021 April 2021 March 2021 February 2021 January 2021 December 2020 November 2020 October 2020 September 2020 August 2020 July 2020 June 2020 May 2020 April 2020 March 2020 February 2020 January 2020 December 2019 November 2019 October 2019 September 2019 August 2019 July 2019 June 2019 May 2019 April 2019 March 2019 February 2019 January 2019 December 2018 Categories Categories Select Category Agriculture (23) Art (84) Cinema (10) Drama (1) Fiction (4) Literature (18) Poetry (11) Business (5) Cartoon (65) Children (3) Cinema (1) Comics (5) Communication (2) Corruption (11) Crime (65) Democracy (16) Development (34) Disaster (3) Economics (12) Economy (93) Education (38) Elderly (4) English (110) Environment (16) Events (4) Fashion (4) Food (7) Gender (1) Governance (72) Health (142) History (4) Human Rights (41) Industry (5) International (72) Kalutara (4) Land (2) Language (1) Law (41) Life (197) Literature (8) Matugama (17) Matugama.com (7) Media (51) Military (3) Music (8) Nature (1) News (178) Opinion (29) Panadura (8) People (97) Philosophy (6) Photos (13) Places (21) Poems (5) Politics (543) Press Releases (3) Religion (17) Satire (3) Science (15) Security (11) Sports (19) Tamil (2) Technology (9) Terrorism (1) Tourism (2) Transport (19) Travel (18) Uncategorized (16) Video (23) Wildlife (5) Women (16) Youth (3) සිංහල (283)
අපි සියලූ දෙනා දන්නා පරිදි ශ‍්‍රී ලංකාව, නිදහස් සෞඛ්‍ය (Free Health) හා නිදහස් අධ්‍යාපනය (Free Education) පවත්වාගෙන යන රටකි. ඇත්ත වශයෙන්ම ජනතාවගේ සෞඛ්‍ය සේවාවන් හා අධ්‍යාපන සේවාවන් රජය විසින් නොමිලේ ලබා දෙන බව මෙහි නිවැරදිම විග‍්‍රහය වේ. මෙම නිදහස් සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යෑම නිසා අප ළඟා කරගෙන ඇති සාර්ථකත්වයන්, එය පවත්වාගෙන යන ආකාරයත්, එය මුහුණ දෙන අභියෝග හා එම අභියෝග ජය ගන්නා ආකාරය මෙම ලිපිය මගින් සාකච්ඡුා කිරීමට බලාපොරොත්තු වේ. ශ‍්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට ඕනෑම රජයේ රෝහලකින් බාහිර රෝගියෙකු හෝ නේවාසික රෝගියෙකු ලෙස ප‍්‍රතිකාර ලබා ගත හැකි අතර ඒ සඳහා මුදලක් අය කරනු නොලබයි. එමෙන්ම නිවාරණ සෞඛ්‍ය සේවාවන්, සෞඛ්‍ය ප‍්‍රවර්ධන වැඩසටහන් වැනි සේවාවන්ද රජය විසින් මුදල් අය කිරීමකින් තොරව ජනතාවට ලබා දේ. මෙය බැලූ බැල්මට නොමිලේ ලබා දෙන සෞඛ්‍ය සේවාවකි. නමුත් මෙම සියලූම සේවා පවත්වා ගැනීම සඳහා වියදම් කරනු ලබන මුදල් රජය වක‍්‍ර බදු මාර්ගයෙන් ජනතාවගෙන් ලබා ගනී. මේ පිළිබඳව ජනතාවට දැනුවත්භාවයක් නොමැති අතර රටේ සෑම පුරවැසියෙකුම (දුප්පත් පොහොසත් භේදයකින් තොරව) මෙම වක‍්‍ර බද්ද සඳහා සමාන දායකත්වයක් ලබා දේ. කෙටියෙන් කිවහොත් ජනතාවගේ මුදලින් ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබා දීමට රජයන් කටයුතු කර ඇත. ශ‍්‍රී ලංකාව තමන්ගේ දළ ජාතික නිෂ්පාදිතයෙන් (GNP) 3.8% ක් පමණ සෞඛ්‍ය සඳහා වෙන් කරනු ලබන අතර ඉන් 95% ක් ප‍්‍රතිකාරක සේවා සඳහාද (Curative) 5% ක් පමණ නිවාරණ සෞඛ්‍ය (Preventද්‍යve Health) සඳහාද යොදා ගනියි. මෙය නැවත සලකා බැලිය යුතු තත්ත්වයකි. නිවාරණ සෞඛ්‍ය සඳහා අඩු මුදලක් වැය කිරීම ප‍්‍රතිකාර සේවා සඳහා වැඩි මුදලක් වැය කිරීමට හේතු වේ. මෙහිදී ප‍්‍රතිකාරයට වඩා නිවාරණය වැදගත් (Prevention is better than Cure) යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුය. රටක් ලෙස අවම මුදලක් වියදම් කර ඉහළ සාර්ථකත්වයක් ළඟා කර ගැනීම අගය කළ යුතුය. මරණ අනුපාතය, අපේක්ෂිත ආයුකාලය, මාතෘ මරණ අනුපාතිකය, ළදරු මරණ අනුපාතිකය වැනි දර්ශක වලින් ශ‍්‍රී ලංකාව ඉහළින් සිටීම නිදහස් සෞඛ්‍යයේ ප‍්‍රතිඵල බව පැහැදිලිය. එමෙන්ම 2නප ක් තුළ ළමා සායනයක්, 4km ක් තුළ වෛද්‍ය මධ්‍යස්ථානයක්, 6.5kmතුළ රෝහලක් පැවතීම නිදහස් සෞඛ්‍ය නිසා ජනතාව ලද තවත් ජයග‍්‍රහණයන්ය. එමෙන්ම සියලූම කාර්යමණ්ඩල අවශ්‍ය ප‍්‍රමිතියෙන් හා සුදුසුකම් වලින් පරිපූර්ණ වීමත්, ඔවුන් සේවාවන් ලබා දීමේදි නියාමනයන්ට (උදා – ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව) අනුගතව කටයුතු කිරීමත් නිසා ලබා දෙන සේවාවන්වල ගුණාත්මකභාවය ආරක්ෂා වේ. මේ සියලූම තත්ත්වයන් යටතේ ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය මුහුණ දෙන නොපෙනෙන අභියෝග රැුසකි. මුළු ලෝකයම තිරසාර සංවර්ධන ඉලක්ක අනුව කටයුතු කරන අවස්ථාවක, ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය එම අරමුණට අනුගතව 2030 දී එම අරමුණුවලට ළඟා වීමට කටයුතු කිරීමට අවශ්‍ය වේ. එහිදී විශ්ව සෞඛ්‍ය ආවරණය (Universal Health Coverage) යන තේමාව යටතේ සෞඛ්‍ය අංශයේ සේවාවන් සියලූම ජනතාවට සමාන ආවරණයකින් ලබා දීමටත් (Population Coverage) අවශ්‍ය සියලූ සේවාවන් ප‍්‍රමිතියෙන් ලබා දීමට (Service Coverage) හා ජනතාවට මූල්‍ය අපහසුතාවක් නොවන පරිදි ලබා දීමටත් (Fද්‍යnance Coverage) අප කටයුතු කළ යුතුව ඇත. එම තත්ත්වයන් යටතේ රටේ රාජ්‍ය යාන්ත‍්‍රණය හරහා ක‍්‍රියාත්මක වන සෞඛ්‍ය සේවාව හා පෞද්ගලික අංශය හරහා (පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන) ලබා දෙන සෞඛ්‍ය සේවාව එක ලෙස කළමනාකරණය යුතුව ඇත. ඊට හේතුවන්නේ බාහිර රෝගී ප‍්‍රතිකාර සේවා 55:45 ලෙසද, නේවාසික ප‍්‍රතිකාර සේවා 95:5 ලෙසද රාජ්‍ය හා පෞද්ගලික අංශය අතර බෙදී යන බැවිණි. නිවාරණ සෞඛ්‍ය 100% ක්ම රාජ්‍ය යාන්ත‍්‍රණය මගින් ලබා දේ. මෙහිදි අපි සලකා බැලිය යුත්තේ ජනතාව රෝගී වූ විට නොමිලේ සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යන රටක් ලෙස ජනතාවගේ මුදල් ප‍්‍රතිකාර සේවාව ලබා දීමේදි වැය වන ආකාරය දෙසයි. පසුගිය වසර කිහිපය පුරාම සෞඛ්‍ය සේවාව සඳහා සමස්ත රට වියදම් කළ මුදල විමසා බැලූ විට ඉන් 50% ක් රජය විසින්ද (ජනතාවගෙන් ලබා ගන්නා බදු මුදලින්* ඉතිරි 50% ජනතාව විසින්ද දරා ඇත. මෙසේ ජනතාවගේ මුදල් වියදම් වීම පෞද්ගලික වෛද්‍ය සේවා, රසායනාගාර සේවා, ඖෂධ සඳහා වන ඍජු වියදම් හා ප‍්‍රවාහනය, ඉපැයීම් අහිමි වීම වැනි වක‍්‍ර වියදම් නිසාද සිදු වේ. මෙය ඉතාමත් අවදානම් සහගත හා බැ?රුම් තත්ත්වයකි. ජනතාවගේ වක‍්‍ර බදු ලෙසද මුදල් ලබා ගනිමින් හා ජනතාව සේවාවන් ලබා ගැනීමේදී සෞඛ්‍යට 50% ක් අතින් මුදල් වියදම් කිරීම (Out of pocket expendද්‍යture) රටකට විශ්ව සෞඛ්‍ය ආවරණය ලබා දීමේදි විශාල ගැටලූවකි. මෙම අගය අවම වශයෙන් 10% කට වඩා අඩු විය යුතුය. එසේ නොවන හැම අවස්ථාවකදීම ජනතාවට සෞඛ්‍ය වියදම් නිසා තම එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑමේ අපහසුතාව හෝ දරිද්‍රතාවට පත්වීම නොවැළැක්විය හැකි වනු ඇත. එය අප කියන්නා වූ නිදහස් සෞඛ්‍යයේ මූලික හරයට ප‍්‍රතිවිරුද්ධ තත්ත්වයකි. ශ‍්‍රී ලංකාව තුළ වැඩිහිටි ජනතාව වැඩිවිමක් හා බෝ නොවන රෝගවල පැහැදිලි වැඩිවීමක් දක්නට ඇත. මෙය රටේ සෞඛ්‍යයේ ප‍්‍රධානම අවධානයක් යොමු විය යුතු අවස්ථාවකි. එම කාරණය දෙස විශේෂ අවධානයක් යොමු කොට සෞඛ්‍යාරක්ෂිත ආහාර රටාවකට හා සෞඛ්‍යාරක්ෂිත ජීවන රටාවකට ජනතාව යොමු කිරීමට අප පියවර ගත යුතුය. එහිදී කෘෂි රසායන භාවිතය, කිරිපිටි, පාන්පිටි භාවිතය, අරක්කු, සිගරට් භාවිතය දැඩි ලෙස සීමා කළ යුතුව ඇත. රටට විදේශ විනිමය ඉතිරි කර ගැනීමටත්, රටේ ජනතාව සෞඛ්‍ය සම්පන්න කර ගැනීමටත් ඒ හරහා ජනතාව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමටත් පිටිවහලක් වනු ඇත. ඒ සම්බන්ධයෙන් රජය හා බලධාරීන් කොතරම් අවදානමක් හා කැපවීමක් සිදු කර ඇත්දැයි ගැටලූ සහගතය. ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවා ආවරණයක් ලබා දෙමින් ජනතාව මූල්‍යමය වශයෙන් අගතියට පත් වීම වැළැක්වීම නිදහස් සෞඛ්‍ය සේවාවක් පවතින රටක් ලෙස අපේ ප‍්‍රධාන අරමුණක් විය යුතුය. ඒ සඳහා පෞද්ගලික අංශයේ සේවාවන් වල ගුණාත්මකභාවය තහවුරු කිරීමත්, එම සේවාවන් රාජ්‍ය යාන්ත‍්‍රණයක් හා සමගාමීව ජනතා අවශ්‍යතාව අනුව ලබා දීමටත්, සෞඛ්‍ය පද්ධතිය කළමනාකරණය කර ගත යුතුය. එය කළ හැකි හා ජය ගත හැකි අභියෝගයකි. ඒ සඳහා ක‍්‍රමවත් පරිපාලනයක්, ක‍්‍රමවත් සත්කාරක සේවාවක් පවත්වාගෙන යෑමේ ක‍්‍රමවේදයක් හා ප‍්‍රමුඛතා අනුව සෞඛ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීමත් අවශ්‍ය වනු ඇත. මේ සඳහා සමස්ත සෞඛ්‍ය පද්ධතිය තුළ නව අදහස් හා ක‍්‍රමවේද අනිවාර්යයනේම ඇතුළත් කළ යුතුව ඇත. එසේ නොවුණහොත් නිදහස් සෞඛ්‍ය සේවය යන්න හුදු නාමමාත‍්‍රික සිතුවිල්ලක් වනු ඇත. රටේ නිදහස් සෞඛ්‍ය සේවාව පැවතීම නිසා අප ලද ජයග‍්‍රහණ අතර රාජ්‍ය සේවය පර්යන්තවල පවත්වාගෙන යෑමට හැකි වීම, පර්යන්තයේ සිට නාගරික ප‍්‍රදේශ වලට පැමිණිම අවම වීම හා රටේ සංවර්ධන ක‍්‍රියාවලිය පවත්වාගෙන යෑමටද පිටිවහලක් වනු ඇත. මීට නිදහස් අධ්‍යාපනයද ඍජුවම දායකත්වයක් ලබා දේ. එබැවින් පවතින නිදහස් අධ්‍යාපනයේ, නිදහස් සෞඛ්‍යයේ ගැටලූ හා අනාගත අභියෝග අද දිනයේ නිවැරදිව දැක නිවැරදි ප‍්‍රතිපත්තිමය තීන්දු ගැනීම තුළින් මේ රටේ ආර්ථික හා සාමාජීය ලෙස සංවර්ධනය කිරීම සිහිනයක් නොවනු ඇත. නිදහස් සෞඛ්‍ය හා අධ්‍යාපනය රැුක ගැනීමට සමස්ත ශ‍්‍රී ලාංකික ජනතාව එකාවන්ව පෙළ ගැසිය යුතු කාලය එළඹ ඇත. වෛද්‍ය නවීන්ද සොයිසා සහකාර ලේකම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය Share Facebook Twitter Pinterest WhatsApp Previous articleඊයේ තවත් ෆයිසර් තොගයක් දිවයිනට Next articleකොරෝනා ආසාදිතව ගුරු මාතාව ජීවිතක්ෂයට Chinthaka RELATED ARTICLESMORE FROM AUTHOR විශේෂාංග සංචාරක තේමාව වෙනස් කරන්න ආණ්ඩුවට බැරි ද? අතිරේක කවි ලියවෙන්නේ නැති සමාජයකට අපි බිය විය යුතුයි – මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි අතිරේක නැවුම් කවියක සුවඳ හමා යයි – කවි කිවිඳියන් තිදෙනකුගේ කුලුඳුල් කාව්‍ය සංග්‍රහ පිළිබඳ සංක්ෂිප්ත සටහනක් MOST POPULAR ආදරේ දොර අඟුළු දැම්මා October 23, 2022 කෝටි හැටදාහක ටෙන්ඩරය ඉල්ලා ඇමරිකන් තානාපතිගෙන් ගම්මන්පිලට බලපෑම් June 27, 2021 ලෝටස් වටරවුම අවහිර වෙයි June 20, 2022 බාලක ශූරතාවය වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට බාලිකා ශූරතාවය වලල ඒ. රත්නායක... September 25, 2022 Load more HOT NEWS ඉරිදා සංග්‍රහය අතිරේක සුලෝචනා වේදිකාවට ගෙනා පෙම්වතා නැතිවෙලා ප්‍රධාන පුවත් පෞද්ගලික අංශයේ ලක්‍ෂ 7 කට රැකියා අහිමිවෙලා – වසන්ත සමරසිංහ ප්‍රධාන පුවත් ගාමිණි ෆොන්සේකා මහතාගේ 18 වැනි ගුණ සැමරුම ඉරිදා සංග්‍රහය විශේෂාංග පේරාදෙණිය උපකුලපති ඝාතන තැත ඇත්තක්ද? EDITOR PICKS ජ’පුර රෝහලේ ඉඩම් ආයෙත් මැන්නේ ඇයි? වගකිවයුතු අය කවුද? – කෝප් කමිටුව වාර්තාවක් ඉල්ලයි December 8, 2022 බස්නාහිර මාර්ග සංවර්ධනයේ වාහන 6ක් අතුරුදන් – කෝපා කමිටුවේ දී හෙළිවෙයි December 8, 2022 සාමය කැඩුවොත් පොලිසිය සූදානමින් December 8, 2022 POPULAR POSTS සිංහල මැණිකේට එරෙහි ඩයස්පෝරාවේ කුහකත්වය October 10, 2021 ජංගි හොරා කුණුහරුපයක් නෙමෙයි – ආචාර්ය සෝමරත්න දිසානායක December 26, 2021 යොහානි බ්‍රිතාන්‍යයේ වාර්තාත් බිඳී October 20, 2021 POPULAR CATEGORY ප්‍රධාන පුවත්7243 ප්‍රාදේශීය පුවත්3215 විශේෂාංග1966 විගස පුවත්1915 කාටූන1878 ක්‍රීඩා1842 විදෙස් පුවත්1615 ABOUT US Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
ගූගල් දියත් කරන බව අපි දැනටමත් දනිමු නව ස්මාර්ට් ඔරලෝසු දෙකක් HTC හි නව නෙක්සස් උපාංග දෙක එළිදැක්වූ වහාම. ගූගල් වෙත සෘජු අභිප්‍රාය එම ඔරලෝසු දෙකට සහායකයා ගෙනෙන්න Android Wear 2.0 යටතේ සොයාගත හැකි ස්මාර්ට් උපාංග. මවුන්ටන් වීව් හි අය දැනටමත් ඇන්ඩ්‍රොයිඩ් වේර් 2.0 සමඟ ප්‍රකාශයට පත් කර ඇත නව විශේෂාංග සහ මෙම වසරේ මැයි මාසයේදී I / O සංවර්ධක සමුළුවේදී සැලසුම් කිරීම. ඇන්ඩ්‍රොයිඩ් වේර් 2.0 සංවර්ධකයින් සඳහා දෙවන පෙරදසුන දැන් ලබා දී ඇත. දෙවන සංවර්ධක පෙරදසුනෙහි නව විශේෂාංග සහ දෝෂ නිවැරදි කිරීම් කිහිපයක් ඇත. විශාලතම නව අංගයන්ගෙන් එකක් වන්නේ අනුවාද අංකය හඳුන්වා දීමයි වේදිකා API 24 කරා ළඟා වේ ඇන්ඩ්‍රොයිඩ් 7.0 නූගට් සමඟ සම්බන්ධ කිරීම සඳහා. පෙර ද ලැබෙයි අභිනයන් සඳහා අමතර සහාය ඇන්ඩ්‍රොයිඩ් වේර් 2.0 හි ලබාගත් පරිශීලක අත්දැකීම්වල වඩා හොඳ කාර්ය සාධනයක් ලබා දීම සඳහා අතුරු මුහුණතේ සමහර වැඩිදියුණු කිරීම්, ස්වයිප් යෙදෙන විට භ්‍රමණය වන ඩයල් වැනි. මෙය සැකසුම් අංශයටද යෙදිය හැකිය. තවත් නව අංගයක්, නමුත් කාර්ය සාධනය හා සම්බන්ධ, ඇන්ඩ්‍රොයිඩ් වේර් අතුරුමුහුණත හැසිරෙන වේගය දැන් වැඩි දියුණු කර ඇත. දෙවන පෙර එක මෙතැනින් ලබා ගත හැකිය, නමුත් අපි තවමත් ඔබට අනතුරු අඟවන්නෙමු දන්නා සමහර දෝෂ එය පරිශීලක අත්දැකීම නරක අතට හැරිය හැක. සමහරක් නම් “Ok Google” හඬ හඳුනාගැනීම සැමවිටම ක්‍රියා නොකරයි, තිර අගුළු ශ්‍රිතය එයම කරයි, සහ බහු දැනුම්දීම් ප්‍රතික්ෂේප කළහොත් එය යෙදුම අකාලයේ වැසීමට හේතු විය හැක. අපගේ Youtube චැනලය Subscribe කරන්න එබැවින් දෛනික පරිශීලකයා සඳහා නිර්දේශ නොකරයි තවමත් මෙම දෙවන පෙරදසුන වන අතර ඇන්ඩ්‍රොයිඩ් වේර් 2.0 යනු කුමක්ද යන්න පිළිබඳ වඩා හොඳ අදහසක් ලබා ගැනීම සඳහා නව විශේෂාංග උත්සාහ කිරීමට කැමති අය ඉලක්ක කර ගෙන ඇත. ලිපියේ අන්තර්ගතය අපගේ මූලධර්මවලට අනුකූල වේ කතුවැකි ආචාර ධර්ම. දෝෂයක් වාර්තා කිරීමට ක්ලික් කරන්න මෙන්න. ලිපියට සම්පූර්ණ මාර්ගය: ඇන්ඩ්‍රොයිඩ් » අප ගැන » Android Wear 2.0 සංවර්ධකයින් සඳහා දෙවන පෙරදසුන දැන් ලබා ගත හැකිය ඔබ උනන්දු විය හැකිය අදහස් පළ කිරීමට ප්රථම වන්න ඔබේ අදහස තබන්න පිළිතුර අවලංගු කරන්න ඔබේ ඊ-මේල් ලිපිනය පළ කරනු නොලැබේ. අවශ්ය ක්ෂේත්ර දක්වා ඇති ලකුණ * අදහස් * නම * විද ත් තැපැල් * මම පිළිගන්නවා රහස්‍යතා නියමයන් * දත්ත සඳහා වගකිව යුතු: Actualidad බ්ලොග් අඩවිය දත්තවල අරමුණ: SPAM පාලනය කිරීම, අදහස් කළමනාකරණය. නීත්‍යානුකූලභාවය: ඔබේ කැමැත්ත දත්ත සන්නිවේදනය: නෛතික බැඳීමකින් හැර දත්ත තෙවන පාර්ශවයකට සන්නිවේදනය නොකෙරේ. දත්ත ගබඩා කිරීම: ඔක්සෙන්ටස් නෙට්වර්ක්ස් (EU) විසින් සත්කාරකත්වය දක්වන දත්ත සමුදාය අයිතිවාසිකම්: ඕනෑම වේලාවක ඔබට ඔබේ තොරතුරු සීමා කිරීමට, නැවත ලබා ගැනීමට සහ මකා දැමීමට හැකිය. මට පුවත් පත්‍රිකාව ලැබීමට අවශ්‍යයි [APK] ඇන්ඩ්‍රොයිඩ් එන් සඳහා කාර්ය සාධනය වැඩි දියුණු කිරීම් සහ සහාය ඇතිව පොකිමන් ගෝ යාවත්කාලීන කිරීම. නව බෙදාහැරීමේ සංඛ්‍යාලේඛන අනුව ඇන්ඩ්‍රොයිඩ් මාෂ්මෙලෝ ජූලි මාසයේදී 13,3% දක්වා ඉහළ ගොස් තිබේ ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනයේ ප්‍රවෘත්ති ඔබගේ විද්‍යුත් තැපෑලෙන් ඇන්ඩ්‍රොයිඩ් පිළිබඳ නවතම පුවත් ලබා ගන්න නම විද්යුත් තැපෑල මම නීතිමය කොන්දේසි පිළිගන්නවා ↑ ෆේස්බුක් ට්විටර් Pinterest Youtube විදුලි පණිවුඩ විද්‍යුත් තැපෑල RSS RSS පෝෂණය Android උදව් Android මාර්ගෝපදේශ සියලුම Android අයිෆෝන් ප්‍රවෘත්ති මම මැක් වලින් ඇපල් මාර්ගෝපදේශ ගැජට් ප්‍රවෘත්ති ජංගම සංසදය ටැබ්ලට් කලාපය වින්ඩෝස් ප්‍රවෘත්ති ජීවිත බයිට් නිර්මාණ ඔන්ලයින් සියලුම ඊ රීඩර්ස් නිදහස් දෘඩාංග ලිනක්ස් ඇබ්බැහි වූවන් උබුන්ලොග් ලිනක්ස් වෙතින් WoW මාර්ගෝපදේශ වංචා බාගත කිරීම් මෝටර් පුවත් බෙසියා Spanish Afrikaans Albanian Amharic Arabic Armenian Azerbaijani Basque Belarusian Bengali Bosnian Bulgarian Catalan Cebuano Chichewa Chinese (Simplified) Chinese (Traditional) Corsican Croatian Czech Danish Dutch English Esperanto Estonian Filipino Finnish French Frisian Galician Georgian German Greek Gujarati Haitian Creole Hausa Hawaiian Hebrew Hindi Hmong Hungarian Icelandic Igbo Indonesian Irish Italian Japanese Javanese Kannada Kazakh Khmer Korean Kurdish (Kurmanji) Kyrgyz Lao Latin Latvian Lithuanian Luxembourgish Macedonian Malagasy Malay Malayalam Maltese Maori Marathi Mongolian Myanmar (Burmese) Nepali Norwegian Pashto Persian Polish Portuguese Punjabi Romanian Russian Samoan Scottish Gaelic Serbian Sesotho Shona Sindhi Sinhala Slovak Slovenian Somali Spanish Sudanese Swahili Swedish Tajik Tamil Telugu Thai Turkish Ukrainian Urdu Uzbek Vietnamese Welsh Xhosa Yiddish Yoruba Zulu
හෙටින් ඇරඹෙන තෙවන පාසල් වාරය සඳහා ළමුන් ප්‍රවාහනය සඳහා භාවිත කරන ප්‍රවාහන මාධ්‍යන් නියාමනය කිරීමට පොලිසිය කටයුතු කර තිබේ. ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබේ. මේ අනුව පාසල් ළමුන් ප්‍රවාහනය කරන ප්‍රවාහන මාධ්‍යයන් වන පාසල් බස්රථ ,වෑන් රථ,ත්‍රීරෝද රථ සහ පුද්ගලික වාහන සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමු කරන බව පැවසෙනවා. එසේම දඩ පත්‍රිකා ලබාදීමක් හෝ අත්අඩංගුවට ගැනීමක් බලාපොරොත්තු නොවන බවත් නමුත් නියාමනයක් සිදුකරන බවත් සඳහන් කර තිබේ. කෙසේ නමුත් පාසල්වලට ළමුන් ප්‍රවාහනයේ දී ගතයුතු නිසි ක්‍රියාමාර්ග ගැන සෞඛ්‍ය මාර්ගෝපදේශ ගණනාවක් තිබෙන බවත් ඒවා අනුගමය කළ යුතු බවත් සඳහන් කරනවා. තවද ත්‍රීරෝද රථවල පාසල් දරුවන් තිදෙනෙක් රැගෙනයාම මෝටර් රථ පනතට පටහැනි වුවත් මින් පෙර ඒ සම්බන්ධයෙන් කටයුතු කර නොමැති බවත් හෙට සිට එලෙස රැගෙනයාම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබේ. රුපවාහිනී වැඩසටහන කට සම්බන්ධවෙමින් මෙම අදහස් පළකර තිබේ. Home » children » school bus » school term » transport » හෙට ඇරඹෙන පාසල් වාරයට ප්‍රවාහන මාධ්‍යයන් නියාමනයක් ඔබේ ප්‍රතිචාරය කුමක්ද? හෙට ඇරඹෙන පාසල් වාරයට ප්‍රවාහන මාධ්‍යයන් නියාමනයක් 2020-11-22T12:37:00+05:30 Isuru children|school bus|school term|transport| නවතම පුවත් මුල් පිටුවට යන්න Trending News of this Week මෙරට මුලින්ම කොරෝනා එන්නත දෙන අය තීන්දු කරයි මම කවදාවත් සින්දු ලියලා සල්ලි අරන් නැහැ. ගීත 4000ක් ලියු රචකයෙක් ධම්මික බණ්ඩාර කොරෝනා ඖෂධය නිෂ්පාදනය නවතා දමයි ! චතුරිකා - ගයාන් දොනිගේ පලමු උපන් දිනයේ ලස්සන ඡායාරූප එකතුවක් මෙන්න දැනට පවතින පළාත් සභා 9 “රුහුණු, පිහිටි, මායා” නමින් 3ට අඩුකරන යෝජනාවක්..! බුද්ධි අංශ නිලධාරීන් විශ්ව විද්‍යාල සේවයට..! දැරිය අපයෝජන කරන්න ගියාට දුර්ගන්ධය නිසා එක්වුනේ නැහැ - විශේෂඥ වෛද්‍ය ඉන්දික රිමාන්ඩ් Nehara - Menaka again Married ! True story behind the Wariyapola video රන්ජන්ට යළි පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාවක්... Contact Gossip - Lanka Editor Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News 2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com Advertising: Contact Here Editor: Contact Here All the content on this website is copyright protected. www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.
INFRARED IC HEATER T962C works automatically by micro-computer control. Can satisfy a dissimilarity SMD, BAG Soldering a request. Whole soldering process to complete automatically, easy to use, Adoption fast infrared radiation and circulation the wind for heat, so the temperature is very Accurate. අපට ඊ-තැපෑලක් යවන්න PDF ලෙස බාගන්න නිෂ්පාදන විස්තර නිෂ්පාදන ඇමිණුම් නිෂ්පාදන භාණ්ඩ පිළිබඳ විස්තර අධෝරක්ත ජාත්යන්තර කමිටුවේ තාපකයක් T962A ක්ෂුද්ර පරිගණක පාලක මගින් ස්වයංක්රීයව ක්රියා කරයි. එය dissimilarity SMD, මල්ල පාස්සන ඉල්ලීමක් තෘප්තිමත් කළ හැකිය. පහසු ලෙස භාවිතා කිරීමට, ස්වයංක්රීයව සම්පූර්ණ කිරීම සඳහා මුළු පාස්සන ක්රියාවලිය, දරුකමට හදා වේගයෙන් අධෝරක්ත විකිරණ සහ සංසරණය තාපය සඳහා සුළං නිසා උෂ්ණත්වය ඉතා නිවැරදි සහ පවා ඇත. මෙම ප්රමාණය LNa පාලනය තාක්ෂනය හා ලාච්චුවක වර්ගය වැඩ මඩුල්ල බලන්න පුලුවන්ද, අධීක්ෂණය යටතේ ස්වයංක්රීය සම්පූර්ණ කරන ඔබ මුළු පාස්සන ක්රියාවලිය කරන්න; වඩාත් ස්මාර්ට් කුඩා කොටසක් පාස්සන හැක. ඉහළ විශ්වාසවන්ත හා නිර්මාණ සම්මත, ඔබ සතුටක්ද භාවිතා දේ කිරීමට හා සහතික කර. විශේෂාංග (1) මහා අධෝරක්ත පාස්සන උපරිම ප්රදේශයේ ඇති: මණ්ඩලයක් ප්රදේශයේ ලාච්චුවක: 400x600mm , ආර්ථික ආයෝජන, consumedly මෙම යන්ත්රය භාවිතය විෂය පථය වැඩි කිරීම. (2) ඔබ සඳහා බොහෝ උෂ්ණත්වය තරංග තේරීමක්. පහසු ලෙස භාවිතා කිරීමට, ස්වයංක්රීයව සම්පූර්ණ කිරීම සඳහා මුළු පාස්සන ක්රියාවලිය මතකය අට උෂ්ණත්වය පරාමිතිය තරංග වර්ග තේරීම ලෙස ලබා දුන් අතර උණුසුම් ගෙනයාමට හා කාර්යය අනිවාර්ය හීන කිරීමට ස්ථාපිත කළ හැක. (3) විශේෂ සියලු නිර්මාණ රත් හා උෂ්ණත්වය equalization. ප්රතිදාන කිරීමට බලය මට්ටම්වල 2900 W , දරුකමට හදා වේගයෙන් අධෝරක්ත විකිරණ සහ සංසරණය තාපය සඳහා සුළං නිසා උෂ්ණත්වය ඉතා නිවැරදි සහ ඔබ තෝරා උෂ්ණත්වය පරාමිතිය තරංග සඳහා ස්වයංක්රීයව සම්පූර්ණ කිරීම සඳහා පවා, මුළු පාස්සන ක්රියාවලියකි. (4) Humanized විද්යාව හා තාක්ෂණය උත්කෘෂ්ට ලිපිය. බාහිර පෙනුම, ස්ථිර, මෙහෙයුම්, පුද්ගලයා යන්ත්රය ක්රියාත්මක අතුරු මුහුණත මිත්රත්වය බලන්න පුළුවන්, පරිපූර්ණ උෂ්ණත්වය තරංග ව්යාපෘතිය, ආරම්භයේ සිට අවසානයේ සිරුර විද්යාව හා තාක්ෂණය දැන් මුලින් ය; ඔබ මුදල් විශාල වශයෙන් economize ඉඩ ඇති බව කියනු භෞතික පරිමාව සහ බර, සෙට් නූඩ්ල්ස් ස්ථාන මාදිලිය ටයිප් කිරීම, ඔබ වඩාත් විශාල ඉඩක් අයිති ඉඩ හැක; සරල මෙහෙයුම් උපදෙස්, ඔබ ඒ දැක භාවිතා කළ හැකි ඉඩ දෙන්න. (5) පරිපූර්ණ ක්රියාකාරීත්වය තේරීමක්. ආපසු පෑස්සීම, වියළීම, තාපය, සංර ෂණය, නිර්මාණය අවසන් කිරීම, වේගයෙන් etc.can භාවිතය හීන වඩාත් ස්මාර්ට් කුඩා කොටසක් උදාහරණයක් CHIP, රැවටිල්ලක්, PLCC, QFP, BGA ආදිය පාස්සන නොහැක; නිෂ්පාදන ඝන හැරීමේ ගම් කිරීමට භාවිතා කරන පරිපථ පුවරුව උණුසුම් වයසට වේ, PCB ලෑලි ව්යාපාරයක් එක් එක් වර්ගයේ අදාල විවිධ works.Be බලා සිටීමට පවත්වාගෙන හැකි, සමාගම පුළුල් සංවර්ධනය හා කුඩා කණ්ඩායම ප්රමාණය ඉල්ලුමක් නිෂ්පාදනය. තාක්ෂණික පරාමිති බල සැපයුම AC110V / 50Hz AC220V / 60Hz වර්ග කළ බල 2900W ලාච්චුවක ප්රමාණය 400 × 600 මි.මී. උෂ්ණත්ව පරාසය 0 ℃ -280 ℃ චක්රය වේලාව 1 ~ 8 යි පසුගිය: චැනල් Reflow Oven ටී 960 ඊළඟ: අධෝරක්ත Reflow Oven ටී 962A + ස්වයංක්රීය ඊයම් නිදහස් Reflow Oven ඩෙස්ක්ටොප් Reflow Oven Infrared Ic Heater අධෝරක්ත Reflow Oven Mini Smt Reflow Oven Pcbsmt Reflow Oven Reflow Oven Mini Smt Reflow Soldering Oven Soldering Station ඔබේ පණිවිඩය මෙතන ලියන්න අප එය යැවීමට වර්ග නිෂ්පාදන අධෝරක්ත Reflow Oven ටී 962A + Touch Screen Reflow Oven T-937S අධෝරක්ත Reflow Oven ටී 937M අධෝරක්ත Reflow Oven ටී 962A අධෝරක්ත Reflow Oven ටී 937 අධෝරක්ත Reflow Oven ටී 962 නිෂ්පාදන ඔන්ලයින් මාල් උදුන නැවත පුරවන්න යළි සැකසීම ස්ථානය ප්රශ්නය විසඳිලා යන්ත්රය අප අමතන්න Wohushan දකුණ පාර, Daiyue දිස්ත්රික්, Tai'an සිටි, ෂැන්ෙඩොන්ග් පළාත, චීනය ඇමතුම් අප දැන්: +8618865488826 tech168cn@hotmail.com අපිව අනුගමනය කරන්න NOW පරීක්ෂණයක් © ප්‍රකාශන හිමිකම - 2010-2019: සියලුම හිමිකම් ඇවිරිණි. උණුසුම් නිෂ්පාදන - පිටු පෙළගැස්ම - AMP ජංගම පාස්සන යන්ත්රය , අධෝරක්ත Reflow Oven , ස්වයංක්රීය ඊයම් නිදහස් Reflow Oven , කුඩා Reflow Oven , ඊයම් නිදහස් Reflow Oven , ප්රශ්නය විසඳිලා Reflow Oven ,
Qualcomm Quick Charge යනු Qualcomm සමාගමේ Snapdragon SoC සහිත දුරකථන බොහො ගණනක් භාවිතා කරන fast wired charging technology එක් වන අතර මේ වන විට Qualcomm සමාගම ඔවුන්ගේ අලුත් charging technology එක වන Quick Charge 3+ හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා. Introducing Qualcomm Quick Charge 3+, fast and efficient charging for the masses Meet out latest addition to the Quick Charge family. QualcommMore articles from this author Quick Charge 3+ තාක්ෂණය Snapdragon 765 සහ Snapdragon 765G යන chipset සඳහා මුලින්ම ලබාදෙන අතර මේ Snapdragon 700 series එක මිලෙන් අඩු mid-range ජංගම දුරකථන සඳහා අන්තර්ගත කරනු ලබන බැවින්, mid-range ජංගම දුරකථන වලට මේ පහසුකම ලැබෙනවා. Qualcomm සමාගම පවසන්නේ මෙම technology එක මගින් මිනිත්තු 15 කින් 0 - 50% දක්වා charge කරගත හැකි බවත් මෙය කලින් පැවති generation වලට එකට වඩා 35% වේගවත් කර ඇති බවත් ය. එමෙන්ම ඔවුන් පවසන අන්දමට Quick Charge 3+ තාක්ෂණය මගින් device charge කිරිමේදි පෙරටත් වඩා 9°C සිසිල්ව දුරකථනය තබා ගත හැකි බව වන නමුත් Qualcomm සමාගම විසින් මෙම දත්ත ලබාගැනිම සදහා භාවිතා කල පරීක්ෂණ පිළිබද වැඩි විස්තර හෙලි කර නොමැත. Quick Charge 3+ තාක්ෂණය USB Type-A සිට USB Type-C දක්වා සහාය දක්වන බවත් මෙම තාක්ෂණය දැනටමත් Qualcomm Snapdragon 765 සහ Snapdragon 765 G SoCs සදහා අන්තර්ගත කර ඇති නමුත් මෙම වසර අගදී හඳුන්වා දෙන නව Snapdragon mobile platforms සඳහා ද මෙම තාක්ෂණය භාවිතා වනු ඇත. Xiaomi හි නව Mi 10 Lite Zoom එහෙමත් නැතිනම් Xiaomi Mi 10 Youth Edition යන නමින් හදුන්වන ජංගම දුරකථනය Qualcomm Quick Charge 3+ සහ Quick Charge 4+ යන technology දෙකටම එකවර සහාය දක්වන පළමු device එක වන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා xda-developers වෙබ් අඩවිය සහ නිළ Qualcomm නිළ වෙබ් අඩවිය භාවිතා කළ හැක. Prabodha Lakshan ᴇᴅɪᴛᴏʀ @ ᴛᴇᴄʜɴᴇᴡꜱ.ʟᴋ Prabodha Lakshan's Profile මේ වගේ අළුත්ම news යන එන ගමන් බලන්න, දැන්ම අපේ Mobile Apps install කරගන්න. Techie Android Techie Lite iOS Techie Windows — TechNews.LK — News මේ මස 01 වෙනි දා එළීදැක්වීමට නියමිත ව තිබුණු Xiaomi 13 series launching event එක කල් දැමීමට කටයුතු කරයි NSBM FOSS Community එක මඟින් සංවිධානය කරන Technosphere 2022 උළෙල පිළිබඳව දැනගනිමු DevFest 2022 උළෙල පිළිබඳව දැනගනිමු See all 2151 articles → Android 1 min read යුරෝපය සහ අනෙකුත් කලාප සඳහා Android 10 සහ ColorOS 7 ලබාදීමට OPPO සමාගම සැලසුම් කරයි Google සමාගම විසින් Android 10 හි පළමු stable build එක release කර මාස කිහිපයකට පසු OPPO විසින් ColorOS 7 නිවේදනය කරනු ලැබූ Sanka Maduranga වසර 3කට පෙර Mobile 1 min read Samsung Galaxy S8 හා S8+ යන මාදිලි වලට quarterly updates පමණක් ලබාදීමට Samsung සමාගම තීරණය කරයි Samsung Galaxy S8 හා S8 Plus යන Flagship ජංගම දුරකථන මාදිලි නිකුත් කර මේ වන විට වසර තුනක් පමණ ගත වී තිබෙනවා. Samsung Varuna Prabhath වසර 3කට පෙර Copy Article Copy Link Facebook Twitter Top Made with in Sri Lanka. Terms & Conditions Privacy Policy Correction Policy Fact-Checking Policy Advertising Policy Ethics Policy Disclaimer Help
ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. ආර්. විමලසිරි හෙවත් රාජා රවින්ද්‍ර විමලසිරි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කීර්තිමත් විමර්ශන නිලධාරියෙකි. එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙක් ලෙසින් ද ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දෙන ඔහු ගැන ThePapare.com තබන සටහනකි මේ. අර්බුද රැසක් මැද 83 දී සිංහයින් දිනූ ප්‍රථම එක්දින වික්‍රමය රවින්ද්‍ර විමලසිරිගේ ක්‍රිකට් දිවිය ඇරඹෙන්නේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමේ සිට ය. එතැන් සිට වයස අවුරුදු 15න් පහළ, 17න් පහළ සහ 19 පහළ යන පාසල් කණ්ඩායම් නියෝජනය කරන විමලසිරි ඒ සෑම කණ්ඩායමකම නායකත්වය ද දැරුවේය. විමලසිරිගේ පාසල් ක්‍රිකට් දිවියේ ස්වර්ණමය මතකය වෙන්නේ කොකාකෝලා කුසලානය වෙනුවෙන් පැවති අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ 1986 වසරේ ශූරතාව දිනා ගැනීමයි. එම තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසින් සම්මාන දිනා ගන්නා විමලසිරි අවසන් මහා තරගයේ වීරයා ලෙසින් ද සම්මාන ලබා ගන්නේය. පාසල් යන අවදියේම Old Palians ක්‍රීඩා සමාජය නියෝජනය කළ විමලසිරි පාසල් දිවියෙන් අනතුරුව තේ බෙදාහැරීමේ සමාගමක සේවයට එක් වෙන්නේය. ඒ එම සමාගම සතුව තිබූ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කිරීමේ අරමුණෙනි. නමුත් එහි වැඩි කාලයක් ගත නොකරන ඔහු පොලිස් සේවයට එක් වෙන්නේය. ඒ ගාමිණි සිල්වා මහතාගේ ආරාධනාවක් අනුවය. “ඒ දවස්වල ජීවිතය වෙලා තිබුණෙ ක්‍රිකට් තමයි. පොලිසියට එක් වුනෙත් ක්‍රිකට් ගහන්නම තමයි. ධර්මපාලෙ ගොඩක් දෙනෙක් ක්‍රීඩා කළේ පොලිස් ක්‍රීඩා සමාජයට. මමත් දෙපාරක් නොහිතාම රස්සාවෙන් අස්වෙලා පොලිසියට ආවා. ඒ ආපු ගමන වැරදුණේ නැහැ.” විමලසිරි මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ලෙසින් කටයුතු කරන්නේය. මෙරට ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයකම විමර්ශන කටයුතු සිදු කෙරෙන්නේ ද ඔහු අතිනි. “පොලිස් සේවයත් ක්‍රිකට් ක්‍රීඩාවත් දෙක පටලවා නොගෙන කටයුතු කරන්න මට හැකි වෙන්නේ මා වටා සිටි පිරිස නිසා. අනිත් එක පොලිසියෙන් ලැබූ ශික්ෂණය ගොඩක් වැදගත් වුනා.” ඔහු තෝරාගත් විෂය අනුව, විමලසිරි ඉතා කාර්ය බහුල පොලිස් නිලධාරියෙකි. එහෙත් ඒ කාර්ය බහුලත්වය මැද ක්‍රිකට් ක්‍රීඩාවට ද කාලය යොමු කිරීමට විමලසිරි වග බලා ගත්තේය. දකුණත් පිතිකරුවෙක් සහ දකුණතින් පා දඟපන්දු යැවූ විමලසිරි දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. පළමු පෙළ තරග 86කට සහභාගී වී ඇති විමලසිරි ඉනිම් 145ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 21ක් සමඟින් ලකුණු 3331ක් ලබා ඇත. පන්දු යවන්නෙක් ලෙසින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 37කි. 1989 වසරේ දී ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායමට එක් වෙන රවින්ද්‍ර විමලසිරි 1991 වසරේ දී වයස අවුරුදු 23න් පහළ පොලිස් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ද 1994 වසරේ සිට වසර කිහිපයක් ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ නායකත්වය ද උසුලන්නේය. ඒ අතුරින් නායකත්වයට පත් 1994 වසරේ දී පොලිස් ක්‍රිකට් කණ්ඩායම එතෙක් ක්‍රීඩා කළ දෙවැනි පෙළ කාණ්ඩයෙන් පළමු පෙළ කාණ්ඩයට ගෙන ඒමට ද විමලසිරි සමත් වන්නේය. චන්දිමාල්ගේ ශතකය වෙනුවෙන් Lord’s ක්‍රීඩාංගණය බලා සිටි දා “ප්‍රිමියර් එකේ අවුරුදු 3-4ක් සෙල්ලම් කරද්දී අම්පයරින් කරන්න ආසාවක් ඇති වුනා. තරගයක් පාලනය කරන ආකාරය, එහි දී නීතිය ගැන දැනුවත් වීම, ඒ අනුව කටයුතු කිරීම වැනි දේවල් ගැන සොයන්න උනන්දුවක් ඇති වුනා. ක්‍රිකට් ගහන ගමන්ම පොත් පත් පරිශීලනය කරමින් ඒ දේවල් ඉගෙන ගත්තා. තරගයක දී හමුවෙන විනිසුරුවන්ගෙන් නොදන්නා දේ අහල ඉගෙන ගත්තා. අන්තිමට 2000 වසරේ දී මම ක්‍රිකට් විනිසුරු විභාගයෙන් සමත් වුනා.” එම වසරේ දී ක්‍රිකට් විනිසුරුවරයෙක් ලෙසින් සුදුසුකම් ලබා ගත්ත ද ඔහු 2006 වසර දක්වාම පළමු පෙළ ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කරන්නේය. ඒ අතර ලැබෙන විවේකයේ දී විනිසුරුවරයෙක් ලෙසින් ද කටයුතු කිරීමට ඔහු උනන්දු විය. අනතුරුව ඔහු පොලිස් සේවයට අමතරව 2007 වසරේ සිට පූර්ණ කාලීනව ක්‍රිකට් විනිසුරුවෙක් ලෙසින් කටයුතු කිරීමට යොමු වෙන්නේය. “කාලයත් එක්ක මට මේක ගොඩක් හිතට ඇල්ලුවා. ටිකෙන් ටික ඉදිරියට එන්න ලැබුණා. මට මේක හරියටම අල්ල ගන්න පුළුවන් කියන හැඟීම ආවා. ජාත්‍යන්තර මට්ටමට එන්න ඕන කියන අදහසත් එක්කයි මම වැඩ කළේ. මම මහන්සි වුනා. කැප වුනා. අත්දැකීම් එක්ක ඉදිරියට එන්න මට හැකි වුනා.” ඒ අනුව පැමිණි රවින්ද්‍ර විමලසිරි 2013 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරුවරයෙක් ලෙසින් වර්ගීකරණයට ලක් වෙන්නේය. ඒ මෙරට ජාත්‍යන්තර විනිසුරු කබාය පැලඳි 24 වැනියා ලෙසිනි. තරගය වූයේ මෙරට සංචාරයක යෙදුණ දකුණු අප්‍රිකාව සහ සත්කාරක ශ්‍රී ලංකාව සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ දිවා රාත්‍රි එක්දින තරගයි. “මම සූදානම් වෙලා හිටියේ ජූලි මාසේ 31 වැනිදා දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයට. ඊට කලින් තරගයේ දී මම 4th Umpire විදිහට කටයුතු කළා. තරගය කරන්න හිටියේ රුචිර පල්ලියගුරු සහ ඕස්ට්‍රේලියානු ජාතික රොඩ් ටකර්. ඔවුන් දෙදෙනා විනිසුරු කාමරේ සිටිද්දි මම ග්‍රවුන්ඩ් එක බලන්න ගියා. වැස්ස නිසා තරගයේ පන්දුවාර කිහිපයක් අඩු කරල තිබුණේ. ඒ අතර වාරයේ මට තරග තීරක සිම්බාබ්වේ ජාතික ඇන්ඩි ප්‍රයිකොෆ්ට් පණිවුඩයක් එව්වා විනිසුරු කාමරයට එන්න කියලා.” ඒ කැඳවීම, ඊට සතියකට පමණ පසු එක්දින ජාත්‍යන්තර විනිසුරු වරම් හිමිකර දීමට සිටි රවින්ද්‍ර විමලසිරිට හදිසියේම විනිසුරු වරම් හිමිකර දීමට වූ කැඳවීමක් විය. ඒ පිටියේ විනිසුරු ලෙසින් කටයුතු කිරීමට සිටි රොඩ් ටකර් හදිසියේම අසනීප වීම නිසා ය. “ඒ තරගය එච්චරම හිතට දැනුණ තරගයක් වුනේ නැහැ. මම සාමාන්‍ය තරගයක් ලෙසින් ඒක කළා. සමහර විට ඒ තරගය කිසිදු සූදානමකින් තොරව මට ලැබුණ නිසා වෙන්න ඇති. නමුත් මම කරන්න සිටි ඊළඟ තරගය දවසේ දී මට කිසියම් පීඩනයක් වගේ දෙයක් දැනුණා. ඒ මම ඒකට පෙර සිටම සූදානමින් සිටි නිසා වෙන්න ඇති.” එසේ විනිසුරු කබාය පැලඳි විමලසිරි මේ වන විට, එක්දින ජාත්‍යන්තර තරගය 14ක දී පිටියේ විනිසුරු ලෙසත්, තවත් එක්දින තරග 5ක දී රූපවාහිනී විනිසුරු ලෙසත්, විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 28ක දී පිටියේ විනිසුරු ලෙසින් ද, තවත් විස්සයි විස්ස තරග 10ක දී රූපවාහිනී විනිසුරු ලෙසින් ද මේ වන විට කටයුතු කර ඇත. “ක්‍රිකට් විනිසුරු දිවියේ ගොඩක් අසීරු අවස්ථා පසුකරලා තියෙනවා. ඒක ඕනම ක්‍රිකට් විනිසුරුවරයෙක්ට පොදු දෙයක්. හැම ක්‍රිකට් විනිසුරුවරයෙක්ම උත්සාහ කරන්නේ තරගයක් හොඳින් කරන්න. හොඳින් පාලනය කරන්න. නමුත් තරගයක් නිසා යම් යම් අවස්ථාවල දී ක්‍රීඩකයන් ඔවුන්ගේ කණ්ඩායම්වලට වාසිදායක විදිහට අපිට පීඩනය එල්ල කරනවා. ඒක ක්‍රීඩාවේ ගතිය. නමුත් එදාට වඩා දැන් තරග නීති රීති වැඩියි. ඒ නිසා බොහෝ දෙනෙක් ඒ නීති රීති අනුව කටයුතු කරනවා. ක්‍රිකට් විනිසුරුවන් සමග වෙනදාට වඩා සුහදව කටයුතු කරනවා. මම විශ්වාස කරනවා ක්‍රීඩාවේ තිබෙන ජීව ගුණය රඳවා ගැනීමට මේ නීති රීති අවශ්‍යයි කියලා. එය ක්‍රීඩකයන්ට වගේ ම අපිටත් පොදුයි.” 2019 වසරේ ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ද එම වසරේම දකුණු අප්‍රිකාවේ දී පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ද විනිසුරුවරයෙක් ලෙසින් කටයුතු කිරීමට ද විමලසිරි සමත් විය. ඊට අමතරව ආසියානු තරගමාලා කිහිපයක දී ම විනිසුරු කබාය පැලඳීමට ඔහු සමත් වෙන්නේය. “ක්‍රිකට් විනිසුරුවරයෙක් ලෙසින් අපි නිතරම ක්‍රිකට් නීති පරිශීලනය කරන්න ඕන. දැනුවත්ව සිටින්න ඕන. කුමාර් ධර්මසේන සහ පීටර් මැනුවෙල් මහත්වරුන් මේ සඳහා ඉන්න මගේ ළඟම හිතවතුන්.” ක්‍රිකට් විනිසුරු දිවියට පිවිසි රවින්ද්‍ර විමලසිරි ඩයලොග් ක්‍රිකට් සම්මාන උළෙලේ දී වසරේ දේශීය ක්‍රිකට් විනිසුරු ලෙසින් 2013වසරේ දී ප්‍රථම වරට සම්මාන ලැබූ අතර ඊට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමය 2016 වසරේ දී සංවිධානය කළ සම්මාන උළෙලේ සාමාජිකයන්ගේ තෝරා ගැනීම අනුව වසරේ හොඳම ක්‍රිකට් විනිසුරු ලෙසින් සම්මානයෙන් පුද ලැබීමට ද සමත් විය. පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ලෙසින් ගත කරන කාර්ය බහුල ජීවිතය තුළ අන්තර් ජාතික ක්‍රිකට් විනිසුරු දිවිය ද සම සේ ගෙන යන 51 හැවිරිදි රවින්ද්‍ර විමලසිරි දෙදරු පියෙකි. 17 හැවිරිදි පුතා, ඉනුර දිනාල් කොළඹ රාජකීය විද්‍යාලයේ ද, 14 වියැති දුව දසුනි දිනාලි පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ද ඉගනුම ලබන අතර බිරිඳ, අයේෂා විජේසේකර ආයුර්වේද වෛද්‍යවරියක් ලෙසින් කටයුතු කරන්නීය. “ඔවුන් මගේ කටයුතු වෙනුවෙන් විශාල සහයෝගයක් දක්වනවා. ගත කරන කාර්ය බහුලත්වය මග හැරෙන්නේ ඔවුන්ගේ සහයෝගය නිසා.” අනාගතයේ දී ක්‍රිකට් විනිසුරු දිවියේ ඉහළටම යෑම තම බලාපොරොත්තුවෙන් සිටින රවින්ද්‍ර විමලසිරි ඒ මගින් රටටත් තම දෙපාර්තමේන්තුවටත් කීර්තියක් ලබා දීමට අපේක්ෂාවෙන් සිටී. ඔහුගේ එම පැතුම ඉටු වේවාය ThePapare.com අපගේ සුබ පැතුම්. >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න << TAGS Cricket SRI LANKA CRICKET SLIDER Sinhala Features Featured cricket features Features Sri Lanka Police Sri Lanka Cricket Umpires Raveendra Wimalasiri Ravindra Wimalasiri SLC umpires SHARE Facebook Twitter tweet Jagath Premachandra Related Articles 2000 දශකයේ එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකා විශිෂ්ටයෙක් ඇතුලත ගිනි පිටතට දුන් අය ගැන ICCය තීරණයක් ගනී 2019 ලෝක කුසලානයට ගිය බංග්ලාදේශ ක්‍රීඩකයින්ට ඉල්ලමක්! ICC නම් කළ මහේලගේ හොඳම ඉනිම් 8 ජනප්‍රිය ලිපි Greys ක්‍රීඩිකාවන් අපරාජිතවම අවසන් මහා තරගයට 23/11/2022 WATCH ඇෆ්ගනිස්තානය පරාජය කරන්න ශ්‍රී ලංකාව ක්‍රිඩා කළ යුතු සංයුතිය... 24/11/2022 වේල්සයට අනපේක්‍ෂිත පරාජයක්; සෙනෙගාලයට පහසු ජයක් 25/11/2022 සාන්ත අන්තෝනි කණ්ඩායම අවසන් පූර්ව වටයට 22/11/2022 වීඩියෝ WATCH – ලකුණු 295ක් හඹා ගිය ගමනේ ශ්‍රී ලංකා හොඳම සබඳතාවය... 26/11/2022 WATCH – “මගේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන්නේ හදවතින්” – Sujan Perera –... 25/11/2022 WATCH – දේශීය ශූරයින් ශූරතාවය රැකගනිද්දී, පාසල් ශූරයින් ඉවතට – Cricket... 24/11/2022 WATCH ඇෆ්ගනිස්තානය පරාජය කරන්න ශ්‍රී ලංකාව ක්‍රිඩා කළ යුතු සංයුතිය... 24/11/2022 Avatars by Sterling Adventures ThePapare.com is a comprehensive and interactive hub for news on Sri Lankan national, club and school sports. Speak to the editor: [email protected] Contact us: [email protected] About Contact Services Careers Terms and Conditions Help Updates © Copyright 2022 - ThePapare.com Powered by Dialog × "; } var td_theme_css = jQuery('link#td-theme-css'); if (td_theme_css.length) { td_theme_css.after(splited_css); } } }); } })();
දිනය මට හරියටම මතක නැතත් ඒ පසුගිය දෙසැම්බර් අවසානයේ දිනයක් බව නම් අමතක නැත. මගේ බිරිඳගේ ඥාති දියණියක ශිෂ්‍යත්ව විභාගය සමත්ව උන් හෙයින් ඇයට සුබ පතනු වස් අපි ඇයගේ නිවසට ගොස් සිටියෙමු. ශිෂ්‍යත්වය ඉහළින් සමත් වීම හේතුවෙනුත්, නව පාසැලකට යාමට ලැබීම හේතුවෙනුත් දියණිය සිටියේ සතුටකිනි. ඇය නව පාසැලේ දී අසුන් ගැනීමට නියමිත හය වැනි ශ්‍රේණියට අයත් පාසැල් පොත් එකතුවක්, ඇය තුළ වූ ආඩම්බරය සංඥා කරමින්ම, ඇගේ කුඩා පොත් මේසය මත රැඳී තිබුණේ ය. එකිනෙක පොත් අතින් ගෙන බැලූ මට මා වඩාත් ආශා කරන, නමුත් අප පාසැල් යන සමයේ එනමින් විෂයයක් නොවූ, පොතක් පෙරළා විමසන්නට සිතුණේ ය. පොත ‘පුරවැසි අධ්‍යාපනය’ පෙළ පොතයි. අහඹු ලෙස පෙරලීමෙන් පසු මගේ නෙතු නතර වූයේ 99 වන පිටුවේයි. මේ පහත මා උපුටන්නේ එහි මා දැක, මගේ දුරකථන කැමරාවේ සටහන් වූ ඡේදයකුයි. නිව්යෝර්ක් නුවර මධ්‍යම උද්‍යානයේ දර්ශනයක් “ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ඉඳලා කිලෝමීටර් 30ක් විතර යන තුරු කොළපාට එක ම එක ගහක්වත් දකින්න නෑ. ඊට එහා ගහකොළත් කොළපාට වෙන්නේ අවුරුද්දේ භාගයක් විතරයි. අවුරුද්ද පුරා අව්ව වැටෙන දහවලක් ඔවුන්ට ලැබෙන්නේ නෑ. ඒ රටවල අයට කොළපාටින් පිරුණු අපේ රට දකිනකොට ඇස් අදහා ගන්නත් බැහැ”. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් හයවැනි ශ්‍රේණිය සඳහා ප්‍රකාශයට පත් කොට ඇති පුරවැසි අධ්‍යාපනය පෙළ පොත ප්‍රමුඛ මාතෘකා තුනකට වෙන් කොට ඇති බව එහි පටුන දෙස් දෙයි. ‘අපේ පාසැල’ සහ ‘අප ජීවත්වන ප්‍රදේශය’ ලෙස වන පළමු හා දෙවන කොටස්වලින් පසු මුණගැසෙන තෙවැනි කොටස ‘යහපත් පුරවැසියෙකු වශයෙන් ප්‍රගුණ කළ යුතු ගුණාංග’ නමින් නම් කොට ඇත. ඉහත උපුටනය ඒ යටතේ එන අතර ඒ සඳහා වන අනු මාතෘකාව වී ඇත්තේ ‘අපේ දේශීය දේ අභිමානයෙන් සුරකිමු’ යන්නයි. අනු මාතෘකාවට පහළින් පහත ආරම්භක වැකිය සමගින් අදාල ඡේද පෙළ ඇරඹී තිබිණ. “අපේ මව්බිම” නමින් පැවති රූපවාහිනී සංවාද වැඩසටහනක දී පළ වූ අදහස් කිහිපයකි මේ. රූපවාහිනී වැඩසටහනක් හෝ වෙනයම් කවර කලාපයක් හෝ උපුටමින් දරුවන් වෙත යම් කරුණක් වෙත අවධානය යොමු කරවීම වරදක් යැයි කිසිවකුට යෝජනා කළ නොහැකි ය. වරද (මෙවැනි වැඩසටහනක් සත්‍ය ලෙසම පැවතියේ වුවත්) ඒ සටහන් කරන දෙයෙහි ඇති නිරවද්‍යතාවයි. දෙවැනුව ඒ ඔස්සේ දරුවන් වෙත අප සම්ප්‍රේෂණය කරන්නට යන කරුණෙහි හෝ කරුණු එකතුවෙහි වන දෘශ්ටිවාදීමය පදනමයි. අපි එකින් එක විමසමු. අන්තර්ජාලයේ ඇති තොරතුරු දත්ත අනුව වර්ග කිලෝමීටර 783.8ක් වන සමස්ථ නිව්යෝර්ක් නගර අවකාශයෙන් වර්ග කිලෝමීටර 113ක් වෙන්ව ඇත්තේ නගර උද්‍යාන සඳහා ය. නිව්යෝර්ක් නගර දෙපාර්තමේන්තුව ඉතා උනන්දුවෙන් මෙම උද්‍යාන කළමණාකරණය කරනු පමණක් නොව ඒවා තව දුරටත් සංවර්ධනය ද කරනු ලබන බව පෙනෙයි (විමසන්න: https://www.nycgovparks.org/). කොන්ක්‍රීට් වනාන්තරයක් ලෙස නිව්යෝර්ක් නගරය නම් දරා ඇති වුවත්, අති දැවැන්ත, නගර මධ්‍යය පුරා විහිදි මධ්‍යම උද්‍යානය ද සමග නැගෙන උද්‍යාන, කුඩා සෙල්ලම් පිටි ඇතුළු කලාප 17,000ක් නගර කලාපය පුරා විහිද පවතින බව සොයා ගැනීම සුළු අන්තර්ජාල සැරියකට වුව පිවිසෙන්නෙකුට අපහසු කටයුත්තක් නොවේ. නිව්යෝර්ක් නගරය: කුරුළු ඇසකින් නිව්යෝර්ක් නගරය පිළිබඳ ‘තඩි බොරුවක්’ දරුවන්ගේ මනස් තුළ ධාරණය කරවමින් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගෙන් ද සැදුම්ලත් පුරවැසි අධ්‍යාපනය පොතේ සංස්කාරක මඩුල්ල සිය ආධ්‍යාශය කොට ගන්නේ අප රටේ ‘ඇති’ (හෝ නැති) ශ්‍රී විභුතියක් පිළිබඳ දරුවන්ට අදහසක් දෙන්නට ය. සමස්ථ පාඩමම උපුටාගන්නා රූපවාහිනී වැඩසටහන මත පදනම් කරගන්නා සංස්කාරකවරු අදාල වැඩසටහන තුළ දී අපේ රටේ ඇති කෘෂි සම්පත් හා ඛණිජ සම්පත් ආදිය ගැන ද, පුරා විද්‍යාත්මක හා පරිසරමය සම්පත් ආදිය ගැන ද වර්ණනාභිමුඛව කතා කළ බව කියති. අප රට හරිතමය දිවයිනක් බව රහසක් නොවේ. සමකාසන්න රටක් ලෙස එයට බලපෑ තත්‍ය පරිසර සාධක අප පාසැල් ගිය සමයේ නම් ‘සමාජ අධ්‍යයනය’ පාඩම් මාලාවල අප ට ඉගෙන ගන්නට තිබුණේ ය. නිව්යෝර්ක් නගරය වසරින් අඩක් හරිත වර්ණයෙන් තොර වන්නේ ලෝක දේශගුණික තත්වයන් හේතුවෙන් බව දරුවන්ට පැහැදිලි කර දී, ලෝකයේ විවිධ කලාපවල ඇති විවිධතාවන් පිළිබඳ ඇගයීමෙහි වටිනාකම වටහා දී අනතුරුව අපගේ සම්පත් පිළිබඳ හා ඒ අප රැකගත යුතු හේතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප්‍රවේශ වූයේ නම් මෙම පාඩම ‘පුරවැසි අධ්‍යාපනය’ පිළිබඳ තත්‍ය පාඩමක් වීමට තිබිණ. නමුත් දැන් තැනී ඇත්තේ ඉතා පටු දෘෂ්ටිවාදයක් දරුවන් වෙත තබන පාඩමකි. එය නිව්යෝර්ක් නගරය ගැන කියන ‘තඩි බොරුවට’ වඩා භයානක ය. යහපත් පුරවැසියකු නිර්මාණය කිරීම පිළිබඳ සාකච්ඡාව නිරන්තරයෙන් ඉදිරියට ඇදී යාම අත්‍යාවශ්‍ය ය. එහිලා පාසැල් අධ්‍යාපනය හමුවේ ‘පුරවැසි අධ්‍යාපනය’ මැයෙන් විෂයයක් හමුවීම ද වරදක් යැයි පෙනෙන්නේ නැත. වරද ඒ විෂයය සඳහා වන පෙළ පොත තුළ බහා ‘සීමාකාරී චින්තනයකින් යුතු’ පුරවැසියෙකු නිර්මාණය කිරීමට අවශ්‍ය දේ පොම්ප කිරීමට කටයුතු කිරීමයි. මම පෙරළුවේ අහඹුවෙන් එක් පිටුවකි. ඔබ පෙරළන වෙනත් පිටුවල වෙනත් ‘තඩි බොරු’ ද, දුර දිග නොබැලූ මතිමතාන්තර ද නොවන බව තර්ක කළ හැකි ද? -ප්‍රියන්ත ෆොන්සේකා - Posted by ප්‍රියන්ත ෆොන්සේකා at 5:23 PM 4 comments: Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest Labels: ‘අනිද්දා‘ කොලම, පාසැල් අධ්‍යාපනය, පුරවැසි අධ්‍යාපනය, සමාජ, සංවාද Saturday, January 23, 2021 කවිකම සිරගෙයි ලෑම: ශක්තිකගෙන් පසු අහ්නෆ් ජසීම් (2021 ජනවාරි 17 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි) පෙරදිග, සංස්කෘත නාට්‍ය කලාවෙහි මුඛ්‍ය ශාස්තෲවරයෙකු ලෙස සැලකෙන භරතමුණි විසින් ක්‍රි.පූ.2 වන සියවස තුළ ලියැවුණු ‘නාට්‍ය ශාස්ත්‍රය’ නමැති ග්‍රන්ථයෙහි නව වැදෑරුම් රසයන් පිළිබඳ සාකච්ඡා කෙරෙයි. වත්මනෙහි ද පෙරදිග නාට්‍ය හා රංග කලාව, සාහිත්‍යය ඈ කලාපවල පෙරමුණට ගෙනෙන මෙම රස නවය පිළිවෙලින් හාස්‍ය, වීර, කරුණා, ශෘංගාර, භීභත්ස්‍ය, ශාන්ත‍, භයානක, අද්භූත‍ සහ රෞද්‍ර ලෙස වෙයි. ප්‍රේක්ෂකයා අභිමුව මැවෙන නාටකයක දී නළුවකු විසින් ස්වකීය මුහුණෙහි ඉරියව් (සාත්වික අභිනය) භාවිතයෙන් මෙම රසයන්ට අදාල භාවයන් නිරූපණය කරන ආකාරයන් පිළිබඳ දීර්ඝ සාකච්ඡා පෙරදිග නාට්‍ය කලාව විෂයයෙහි හඳුනාගත හැක. ‘නව රසම්’ යනුවෙන් දමිළ බසින් අර්ථ ගැන්වෙන්නේ මෙම නව නළු රසයන් ය. එය මෙම ඡේදය ආරම්භයෙහි උපුටාගැනීමේ ලකුණු තුළ තැබීමට හේතු වන්නේ, මෙම තීරුව ලිවීමට අද පසුබිම සපයන, එනමින් යුතු කාව්‍ය ග්‍රන්ථය සහ එහි රචකයා පිළිබඳ සිදුවීම ය. රචකයා අහ්නෆ් ජසීම් ය. පසුබිම් සිදුවීම, අද වන විට ඔහු මාස 08කට ආසන්න කාලයක් එම කාව්‍ය ග්‍රන්ථය රචනා කිරීම හේතුවෙන් සිරගෙයි හිඳීම ය. අහ්නම් ජසීම් අහ්නෆ් ජසීම්, නොඑසේනම් මොහොමඩ් ජසීම් මොහොමඩ් අහ්නෆ් සිරගත කිරීම ගැන දීර්ඝ ලිපියක් පසුගිය ‘අනිද්දා’ පුවත්පතෙහි ද පළව ඇති පසුබිමක මෙම තීරුව තුළ යළි ඔහු පිළිබඳ සංවාදයක් ඇරඹීම අත්‍යාවශ්‍ය දැයි ඔබ ම’විමසනු නොඅනුමාන ය. මගේ පිළිතුර ‘ඔව්’ යන්නයි. ඒ ඇයි? ජසීම් කවියෙකි. දමිළ බසින් කවි ලියන මුස්ලිම් ජාතික තරුණ කවියෙකි. අන්තවාදයට සහාය දෙන්නේයැයි චෝදනා කරමින්, ඔහු ලියූ ‘නවරසම්’ කවි පොත පදනම්ව ඔහු අත්අඩංගුවට පත් වන්නේ පසුගිය මැයි මාසයේ ය. කෙසේ වෙතත්, ඔහුගේ කවි පරිවර්තනය කොට බැලූ පරිවර්තකයින්ට හෝ ඒ කියවා බැලූ අයවළුන්ට හෝ එහි හඳුනා ගන්නට ලැබුණු අන්තවාදයක් පිළිබඳ ආරංචියක් නැත. භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස පිළිබඳ ව්‍යවස්ථාවේ වන මූලික සඳහනට එරෙහිව යමින් අත්අඩංගුවට පත් ජසීම් සිරබත් කන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදයට, යුද්ධයට, හිංසනයට, මුස්ලිම් අන්තවාදයට එරෙහිව යමින් සාමය හා මනුෂ්‍යත්වය පිළිබඳ කවි ලිවීම හේතුවෙනි. එනිසාවෙන්ම, අපි මෙවැනි තීරුවල පටන් දිගු ලිපි දක්වා යළි යළිත් ලියමින් ජසීම්ගේ නිදහස ඉල්ලා සිටිය යුතුම ය. ශක්තික සත්කුමාර ‘අර්ධ’ නමින් කෙටි කතාවක් ලියූ වරදට සිරගත කෙරුණේ 2019 අප්‍රේල් මාසයේ, එනම් ජසීම් සිරගත කිරීමට වසරකට පමණ පෙරාතුව ය. ශක්තික දෙසට දිගු වුණු චෝදනා හස්තය කියා සිටියේ ඔහු බුදු දහමට අපහාස කොට ඇති බව ය. 2020 මැයි මස ජසීම් සිරගත කෙරෙන්නේ ඔහු අන්තවාදයට සහාය පළ කරමින් කවි ලියා ඇති බව සඳහන් කොට ය. මේ සිදුවීම් දෙකෙහිම ඇති සාම්‍යය නම්, දරුණු අපරාධකරුවන් හා සම තන්හි තබා, මේ ලේඛකයින් අත්අඩංගුවට පත් වන්නේ සහ සිරගත කෙරෙන්නේ පරීක්ෂණ පදනම්ව නොව සැකය පමණක් පදනම්ව වීමයි. එදා ශක්තික ද, අද ජසීම් ද සිරගෙයි සිය කාලය ගෙවන විට ඔවුන් වෙත එල්ලව ඇති චෝදනාව සත්‍යයක්දැයි දන්නා කවරකුදු ඔවුන් අත්අඩංගුවට ගන්නා පිරිස තුළ නොසිටි බව පැහැදිලි ය. නීතිය ක්‍රියාත්මක වන්නේ එසේයැයි ඔබ මා සමග තර්ක කරන්නට පිවිසෙන බව මම දනිමි. අධිකරණ කටයුත්තකින් මිස යම් චෝදනාවකට යමෙකු වරදකරුවකු කළ නොහැකි බව ඔබ කියන බව ද මම දනිමි. නමුත්, එදා ශක්තික කළේත්, ජසීම් කළේත් (සත්‍ය වශයෙන්ම ජසීම්ගේ කෘතිය එළිදැක ඇත්තේ 2017 වර්ෂයේ ය.) අපරාධ නොව ලේඛණ කටයුතු ය. ඔවුන් සැඟව සිටි ‘බරපතල වරදවලට’ චෝදනා ලැබූවන් නොව, කෙටි කතා හෝ කවි ලියූවන් ය. ඒ හේතුවෙන් මේ අවස්ථා දෙකෙහිදීම අදාල කරුණෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ ගැඹුරු විමර්ෂණයක් පළමුව සිදු කිරීමේ හැකියාවක් කොහොමටත් ඇති බව පැහැදිලි ය. අනෙත් අතට, ජසීම්ගේ ලිවීමට එරෙහි චෝදනා වර්තමානය වන විට අන්තවාදය වෙත සිට ළමා මනසට බලපෑම් කිරීම දක්වා විතැන් වී ඇති පසුබිමක එම කවිවලින් ළමා මනසට විය හැකි බලපෑමක් ඇත්දැයි යන්න සොයා බැලීමට මනෝ වෛද්‍ය විශේෂඥයින් වෙත ඒ ඉදිරිපත් කිරීමේ තීරණය දෙස ද අප හැරී බැලිය යුතු ය. මෙහිදී අප හැර දමන කරුණු රැසකි. මේ සාහිත්‍යමය ලේඛණයන් ය. නිශ්චිත බසක ඇති උපමා, රූපක, රූඩි යනාදියෙහි ඇසුර සමගින් ගෙන එනු ලැබූ නිර්මාණයන් ය. සාහිත්‍යමය කෘති පිළිබඳ කෙරෙන මනෝ වෛද්‍ය විද්‍යාත්මක නිර්වචනයකින් ලේඛකයෙකුගේ ජීවිතය සිරගෙයි ලන්නේ නම් අප පසුවන්නේ බිහිසුණු අවස්ථාවක ය. තරුණයෙකු ලෙස ජසීම් දැන්, කවි ලිවීමේ වරදට, අට මසකට ආසන්න කාලයක් සිරගෙදර ය. කොවිඩ් හේතුවෙන් දික් වුණු අධිකරණ කටයුතු නිසා ඔහුගේ මීළඟ නඩුවාරය යෙදී ඇත්තේ මාර්තුවේ ය. ඒ වන විට ඔහුගේ සිරගෙයි දිවිය දසමාසයක් වනු ඇත. නිසි විමර්ෂණයකින් තොරව තරුණයකු සිරගෙයි ලෑමෙන් නොනැවතී, ඔහු එවැනි දිගු කලක් ඔහුගේ සමාජ දිවියෙන් ඈත් කොට තැබීම පිළිබඳ අප ලජ්ජා විය යුත්තේ රටක් වශයෙනි. ඒ ලජ්ජාව සිත්හි දරාගෙන අපට ඔහු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය දා ලියා තැබූ කවියෙන් කොටසක් යළි කියවිය හැකි ය. දස වසක් පමණ අපි සහනයේ සුසුම් රැළි සමග නැගෙමින් උනිමු මරණයට බිය නොවී දිවිය විඳිමින් උනිමු ඔබ... ක්ෂණයකින් නැගී විත් එය විසුණු කළෙහි ය! ලක් මවුන් දැන් නැවත නියතවම හඬනු ඇත! පරාදීසයේ ජීවිතය පිණිස ඔබ, අප සැවොම පණපිටින් නසා ඇත! -ප්‍රියන්ත ෆොන්සේකා - සේයාරුව: http://www.ft.lk/news/ Posted by ප්‍රියන්ත ෆොන්සේකා at 2:40 PM 1 comment: Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest Labels: ‘අනිද්දා‘ කොලම, අහ්නම් ජසීම්, පාස්කු ඉරිදා ප්‍රහාරය, ශක්තික සත්කුමාර, සමාජ Wednesday, January 20, 2021 උතුරේ මවුවරු ද දකුණේ මවුවරු ලෙසම වැළපෙති’ උතුරේ විසූ දමිළ සිනමාකරුවෙකු වූ කේසවරාජන් නවරත්නම් මහතා පසුගිය දා අභාවප්‍රාප්ත විය. මේ ඔහු https://thecatamaran.org වෙබ් අඩවිය වෙනුවෙන් ශිවන්ති ප්‍රනාන්දු සමග 2017 දී සිදු කළ සාකච්ඡාවක සිංහල පරිවර්තනයකි. මෙය 'යුද්ධය ගැන මගෙත් වගකීමක් තියෙනවා' යන මැයෙන් 2021 ජනවාරි 17 වැනි දින 'රාවය' පුවත්පතෙහි පළ විය. කැටමරන්: ඔබට පුළුවන් ද ඔබේ අලුත්ම චිත්‍රපටය ‘පනෙයිමරකාඩු’ ගැන අපිට යමක් කියන්න? නවරත්නම්: මේකෙ ප්‍රධාන තේමාව සිවිල් යුද්ධෙන් පස්සෙ මෙහෙ යුද්ධය නිසා වැන්දඹුවන් බවට පත්වුණු අය මුහුණ දෙන අභියෝග. ඉන්දියානු නිෂ්පාදන සමාගමක් මුදල් ලබා දීලා චිත්‍රපටය හදන්න උදව් කළත් ගොඩක් ප්‍රශ්න තිබුණා. චිත්‍රපටය හදන්න අවුරුදු දෙකක් විතර ගියා. ඒත් මම බලාපොරොත්තු වෙනව ඉක්මණින්ම ඒක පෙන්වන්න. කැටමරන්: ඔබ විමුක්ති කොටි සංවිධානය වෙනුවෙන් චිත්‍රපට හදල තියෙනවා. දමිළ සමාජයේ මිනිස්සු වෙනුවෙන් ‘සටන්’ කරන්න හෝ කතා කරන්න තියෙන එකම විදිහ ඒක ද? නවරත්නම්: ඒ කාලෙත් මම ආයුධ සන්නද්ධ අරගල පිළිබඳ අදහසට විරුද්ධ වුණා. නමුත් මම කොටි සංවිධානයට වැඩ කළා. මම ඔවුන් වෙනුවෙන් මගේ පළවෙනි චිත්‍රපටය හැදුවෙ 1986 සහ 1987 කාලෙ. ඉන් පස්සෙ දිගටම එයාල උදව් කළා. මට තවමත් දෙමළ මිනිස්සුන්ගෙ වේදනාව දැනෙනවා. ගැටළු තාමත් විසඳිලා නැහැ වගේම විසඳෙන්නත් ඕනෙ. දැන් මම මුළු රටටම චිත්‍රපටි හදනව. මට ඕනෙ හැමෝම මගේ චිත්‍රපටි බලන්න. මම කොටි සංවිධානයට වැඩ කරන්න කලිනුත් චිත්‍රපටි හැදුව වගේම ඉන් පස්සෙත් චිත්‍රපටි හදනව. කැටමරන්: දැන් යාපනෙන් හැදිල එන චිත්‍රපට ඔබට දැනෙන්නෙ කොහොම ද? නවරත්නම්: උනන්දුව මැකිල ගිහිල්ල තියෙනවා. ඉන්දියානු සිනමාවෙන් ආක්‍රමණය කෙරෙන උතුරෙ සිනමාව රැකගන්න අවශ්‍යයි. කැටමරන්: සිවිල් යුද්ධෙ අවුරුදු 8කට කලින් ඉවර වුණා. ඔබ තාම කොළඹ තියෙන විරෝධතාවලට සහභාගි වෙනවා. ඒ ඇයි? නවරත්නම්: මිනිස්සුන්ට සිවිල් යුද්ධෙ නිසා ගොඩක් ප්‍රශ්න ඇති වුණා. එයාලට එයාලගෙ දරුවො අහිමි වුණා. එයාල දන්නෙ නෑ දරුවන්ට මොකක්ද වුණේ කියලවත්. යුද හමුදාව එයාලගෙ ඉඩම් අත්පත් කරගත්තා. ඉතින් මිනිස්සුන්ට මේ ප්‍රශ්නවලට උත්තර ඕනෙ. අපිට කියන්න බෑ එයාලගෙ ප්‍රශ්න විසඳුනා කියලා. කැටමරන්: සිවිල් යුද්ධය ගැන හැදෙන චිත්‍රපටි ගැන ඔබේ අදහස මොකක් ද? නවරත්නම්: සමහර චිත්‍රපටිවල දෙමළ මිනිස්සු ගැන බොරු කියනවා. මම හිතන්නෙ නෑ යාපනේ ගැන නොදන්න කෙනෙකුට යාපනේ ගැන චිත්‍රපටියක් හදන්න පුළුවන් කියලා. මෙහෙ වටපිටාව නොදැක කොහොමද මෙහෙ ගැන චිත්‍රපටි හදන්නෙ? කැටමරන්: දෙමළ මිනිස්සු දැන් මුහුණ දීල ඉන්න දේශපාලන තත්වය ගැන අදහසක් තියෙනව ද? නවරත්නම්: තවමත් දෙමළ මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ට වෙලා නැහැ. සිංහල වගේම දෙමළ දෙපැත්තෙම දේශපාලනඥයො මිනිස්සුන්ගෙ ප්‍රශ්න ගැන කතා කරල පස්සෙ අමතක කරල දානවා. කතා කරනවට වඩා යමක් කරන්නයි ඕනෙ. අපි, දෙමළ මිනිස්සු, හැමවෙලාවෙම දෙමළ දේශපාලකයින්ට ඡන්දෙ දුන්නෙ එයාල මිනිස්සු වෙනුවෙන් යමක් කරයි කියල හිතාගෙන. නමුත් කවදාවත් මුකුත් වෙලා නැහැ. එයාල බලයට ආවට පස්සෙ ලේසියෙන්ම ඡන්ද දායකයින්ව අමතක කරල දානව. දේශපාලකයො කරන්නෙ එයාලගෙ කොටස ලොකු කරගන්න එක. කැටමරන්: ලංකාවේ සිනමා අධ්‍යක්ෂවරු ගොඩක් විදේශ සිනමා සමාගම් එක්ක වැඩ කරන්න රට හැරදාල ගිහින් තියෙනවා. ඔබ ඒ පාර තෝරගෙන නැහැ. නවරත්නම්: මේ යුද්ධයට මගේ වගකීමක් තියෙනව කියන හැඟීම මගේ ඇතුලෙ තියෙනව. තමන්ගෙ දරුවො අහිමි වෙච්ච දකුණෙ අම්මලා අඬන විදිහටමයි තමන්ගෙ දරුවො අහිමි වෙච්ච උතුරෙ අම්මලා අඬන්නෙ. මට හිතෙනව මම මෙහෙ ඉඳල එයාලට උදව් කරන්න ඕනෙ කියල. https://thecatamaran.org වෙබ් අඩවිය වෙනුවෙන් සංවාදය: ශිවන්ති ප්‍රනාන්දු පරිවර්තනය: ප්‍රියන්ත ෆොන්සේකා සේයාරුව: https://www.aithiya.lk Posted by ප්‍රියන්ත ෆොන්සේකා at 4:28 PM No comments: Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest Labels: කේසවරාජන් නවරත්නම්, දමිළ සිනමාව, යාපන ජාත්‍යන්තර සිනමා උළෙල, රාවය Newer Posts Older Posts Home Subscribe to: Posts (Atom) ගොඩ වැදු‍ණා අළු වෙත එන්නෝ කැමතිම අළු ‘වල්‘ අජිත්ලා සහ ‘හොඳ‘ සුනිල් ලා! “ඔයාට අමරදේවගෙ සිංදුවක් කියල පෙන්නන්න බැරි ද?“ දැනට වසර පහකට පෙර ශ්‍රී පාලි මණ්ඩපයේ අරුන්දතියේදී අජිත් කුමාරසිරිගේ ගී සැඳෑවක් පැවත... යාපන සිනමා උළෙලේ තාප්පයෙන් ඔබ්බට! (2018 ඔක්තෝබර් 14 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.) “ඔබ ගිහින් චිත්‍රපටය කරන්න. විශ්වවිද්‍යාලයට කීර්තිය විතරක් අරගෙන එන්න!“ ... නවක වධය: එය මහා සංස්කෘතියේම පිළිබිඹුවක් මිස උප සංස්කෘතියක් නොවේ! (පළමු කොටස) නවක වධය ගැන කතා බහ යළි ඇවිලී ඇත. විශ්වවිද්‍යාලවල පාඨමාලා බොහොමයක් ඇරඹෙන්නේ වසරේ මුල් කාර්තුවේ නිසා මේ ඇවිලෙන සමය බව තතු දන්නෝ දනිති. මෙවර... ජගත් චමිලගේ ගෙයි බිත්තියට මුවා වී සංජීව පුෂ්පකුමාරට වෙඩි තැබීම ජගත් චමිල සම්මානයක් දිනා ගත්තේ ය . ඒ නිව්යෝර්ක් සිටි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලිනි. එහෙත් මෙරට බොහෝ මාධ්‍ය එය වර නැගුවේ වැරදි අයුර... අබ්බාස් කියොරස්තාමි සමග සම්මුඛ සාකච්ඡාවක්: " නව දේවල් සොයා යෑමේ ගමන මුණ ගැහෙන්නේ කෙටි චිත්‍ර‍පටවල සහ අධ්‍යක්ෂකවරයෙකුගේ කුළුදුල් සිනමා කෘතිය තුළයි“ කියොරස්තාමි සිනමාකරුවකු මතු නොව කවියකු, චිත්‍ර‍ ශිල්පියෙකු සහ ඡායාරූප ශිල්පියෙකු ද වූ අබ්බාස් කියොරස්තාමි වසර 76 ක සිය දිවි ගමන නිමා... සිනමා විදසුන (පළමු පියවර) : ඇගේ ඇස අග - රළු බසින් සුමට බසට... පූර්විකාව ගං වතුර බැස ගොසිනි. පුපුරා හැලුණු සාලාව ද නිසොල්මන් වෙමින් සිටියි. ඒ සියලු ස්වභාවික හා අස්වාභාවික විපත් අතරතුර සිනමා ත... පතී සර්...! : අසම්මත ගුරුවරයා ප්‍රවිශ්ටය “පතී සර් ගැන ශිෂ්‍යයෙක් දකින හැටියට ලියන්න... ඔයාට තමයි ඒක කරන්න පුළුවන්!“ ඔබ අතැති මේ කෘතිය සම්පාදනය වන අවධියේ මා ඇමතූ අත... පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ මෙහෙය අගයයි! පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය සිය වාර්ෂික මහ සභාවේදී මෙවර අප අතරින් වෙන්ව ගිය ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ මෙහෙය අගයමි... පාසැලට ආදරය කැඳවමු! (2019 පෙබරවාරි 17 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.) වයි. නිමල් මගේ පන්ති සගයෙකු ලෙස පහේ පන්තියේ කෙළවර පුටුවක වාඩි වී නිහඬව උන් අ... වාරණය යළි කැඳවූ පසු: අප දැන් කොයි දෙසට හැරෙමු ද? - මෙම ලිපිය සැප්තැම්බර් දෙවැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළ විය. ලිපියේ වරහන් තුළ වන මුල් ඡේදය පුවත්පත් අතිරේකයේ සංස්කාරකවරයා වෙතින් සංස්කරණ...
අවුරුදු කාලෙට Avurudu Fashion Ideas ගැන හිතන්න හැමෝම උනන්දු වෙනවා. අවුරුදු සිරිය වැඩිකර ගන්න අලුත් ඇඳුම් අඳින්න කවුරුත් ආසයිනේ. ඉතිං ඔයාලා දන්නවාද අවුරුදු කාලෙට තවත් හැඩ වැඩ වෙන්න පුළුවන් Avurudu Fashion Ideas මොනවාද කියලා? අපි අද බලමු අවුරුදු සිරිය අපේ හිතට වැඩියෙන් දැනෙන්න තෝරගන්න සුදුසු Avurudu Fashion Ideas මොනවාද කියලා. සිංහල අවුරුද්ද වෙනුවෙන් අලුතින් ඇඳුම් ගන්න යන්න අපේ උදවිය පටන් ගන්නේ මාර්තු මාසේ ඉඳන්. මාර්තුවල ඉඳන්ම ඇඳුම් සාප්පු ජනතාවගෙන් පිරෙනවා. අවුරුදු දවසට අලුතින් ඇදුම් අදින්නත්, නෑගම් යද්දි අලුත් ඇඳුම් අඳින්නත්, අවුරුද්දෙන් පස්සේ ඔෆිස් එකට, කැම්පස් එකට යද්දි අලුතින් ඇඳුම් අඳින්නත් තමයි පෝලිම්වල ඉඳන් කට්ටිය ඇඳුම් ගන්න පුරුදු වෙලා තියන්නේ.රටේ තියන කොවිඩ් තත්වයක් එක්ක සෙනඟ අස්සේ ඇඳුම් හොයන්න යන එකේ ලොකු අවධානමක් තියනවා. දැන් ඉස්සර වගේ ඇඳුම් හොය හොයා සාප්පු ගානේ යන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඔයා ආස කරන විලාසිතා දැන් ඔයාගේ ළඟටම ගෙන්වා ගන්න පුළුවන්. Daraz අවුරුදු වාසි සමඟින් අවුරුද්දට විලාසිතා මිලියන 5කට වැඩි තෝරා ගැනීම් සඳහා 80%ක් දක්වා වට්ටම් සමඟින් Daraz අවුරුදු වාසි මාර්තු 25 වැනිදා සිට පටන් ගන්නවා. බැංකු කාඩ් සඳහා අමතර 12%ක් තෙක් වට්ටම්. දැන්ම Daraz ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයා කැමතිම විලසිතා Daraz Fashion වෙතින් සොයා ගැනිමේ අනඟි අවස්ථාවක් තියනවා. ළඟම එන අලුත් අවුරුද්දට හැඩවැඩවෙන්න ඔයා කැමතිම විලාසිතා Daraz වෙතින් තෝරාගෙන ගෙදරටම ගෙන්වා ගන්න. Laveena, Embarak, Avirate, Trending Clothing, Amante, IGLGY, Louiswill, Signature, Vantage ඇතුළු සන්නාම ගණනාවක් සඳහා 75%ක් දක්වා වට්ටම් සමඟින් නොමිලේ Delivery. වචුචර් ඇතුළු තවත් දීමනා රැසක්. අලුත් අවුරුද්දට හැමෝගෙම ආකර්ෂණය දිනාගන්න පුළුවන් විදියට හැඩවැඩවෙන්න Daraz වෙතින් තෝරගන්න පුළුවන් Avurudu Fashion Ideas මොනවාද කියලා අපි බලමු. අවුරුදු දවසට විලාසිතා Multi-Printed Dresses අවුරුදු දවසට ලස්සන ඇඳුමකින් සැරසෙන්න කවුරුත් පුරුදු වෙලා ඉන්නවා. සාමාන්‍යයෙන් ගෙදරට අඳින ඇඳුම් ගැන අපි එච්චර හිතන්නේ නෑ. ඒත් අවුරුද්ද දවසට නම් අපි විශේෂ ඇඳුමක් තමයි ගෙදරට අඳින්නෙත්. අවුරුදු චාරිත්‍ර ඉටු කරද්දිත්, අවුරුදු කැවිලි පෙවිලි බෙදන්න ගෙවල් ගාණේ යන්න තියන නිසාත් ගෙදරට නෑදෑයෝ එන නිසාත් එදාට ලස්සන ඇඳුමකින් අපි සැරසිලා ඉන්න අවශ්‍යයි. දැන් ගැහැණු ළමයි අතරේ ගවුම් අඳින එක අලුත් Fashion එකක් හැටියට ජනප්‍රිය වෙලා තියනවා. අවුරුද්ද දවසට තරුණ ගැහැණු ළමයි ගොඩාක් වෙලාවට ලස්සන ගවුමක් තමයි අඳින්න තෝරගන්නේ. සැහැල්ලු ගතියක් තියන Multi printed මේ වගේ dress එකක් අවුරුද්දම එළිය කරන ඇඳුමක් වේවි. ආකර්ෂණීය T-Shirts පිරිමි ළමයි කොහොමත් ආස සැහැල්ලු ඇදුම් ඇඳගෙන ඉන්න. ඒ නිසා ගොඩාක් වෙලාවට පිරිමි ළමයි අතර ජනප්‍රිය වෙලා තියන්නේ ටී ෂර්ට්ස්. හැබැයි ටී ෂර්ට් සැහැල්ලු වෙන්නේ හොඳ Quality material එකක් තිබුණොත් තමයි. Quality ටී ෂර්ට් හොයන ඔයාට ගැළපෙනම ටී ෂර්ට් තමයි Embark ටී ෂර්ට්. අවුරුදු දවසට මේ වගේ ටී ෂර්ට් එකක් ඇන්දොත් දවසම සැහැල්ලුවෙන් ගත කරලා අවුරුදු සමරන වැඩ කටයුතු කරගන්න පුළුවන්. දැන් Daraz වෙතින් ඔයාට Embark නිෂ්පාදන මිලදී ගැනීමේ අවස්ථාව තියනවා. Dress Pants ගොඩාක් වෙලාවට පිරිමි ළමයි ගෙදරට ඇඳගෙන ඉන්නේ කොට කලිසම්. හැබැයි අවුරුදු දවසට ගෙදරට නෑදෑයෝ එහෙම එද්දි ෂෝටක් ගහගෙන හිටියොත් හරි නෑ නේද? ඒ නිසා එදාට දිග කලිසමක් අඳින එක වැඩියෙන් සුදුසුයි. සැහැල්ලු ටී ෂර්ට් එකක් එක්ක මේ වගේ කලිසමක් අවුරුදු දවසට අඳින්න ගැළපෙන කදිම ඇඳුමක් හැටියට හඳුන්වාදෙන්න පුළුවන්. මේ pant එකේ හොඳ පෙනුමකුත් තියන නිසා මේ වගේ කලිමසමක් ඇන්දොත් අවුරුදු දවසට ඔයාගේ Smart look එක තවත් වැඩි වේවි. අලුත් අවුරුද්දේ ඔෆිස් යන්න විලාසිතා Sarees අලුත් අවුරුද්දෙන් පස්සේ ඔෆිස් යන පළවෙනි දවසේ අලුත් ඇඳුමක් තමයි අපි කවුරුත් ඇඳගෙන යන්නේ. අවුරුද්දට ඔෆිස් යන පළවෙනි දවසේ සාරියක් ඇඳගෙන යන්න පුළුවන් නම් අවුරුදු අසිරිය තවත් වැඩියෙන් දැනෙයි නේද? අලුත් අවුරුද්ද කියන්නේ සිංහල චාරිත්‍රවලට මුල්තැනක් ලැබෙන උත්සවයක් නිසා සිංහල අපිට ගැළපෙනම ඇඳුමක් වුණු සාරියකින් එදාට සැරසෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. දැන් තරුණ ගැහැණු ළමයින්ට ඔබින විදියේ අලුත් මෝස්තර සහිත සාරි ගණනාවක්ම තියන නිසා වර්ණවත් සාරියක් තෝරගන්න පුළුවන්. හැමදාම Skirt & Blouse, Jeans අඳින ඔයා අලුත් අවුරුද්දේ ඔෆිස් එකට සාරියක් ඇඳගෙන ගියොත් අලුත්ම වෙනසක් වෙයි. Shirts පිරිමි ළමයි වැඩිපුර කැමැති සැහැල්ලුවෙන් ඇඳගෙන ඉන්න වුණාට ඔෆිස් යනකොට නම් Formal විදියට ඇඳගෙන යන්න වෙනවා. අලුත් අවුරුද්දට Shopping කරද්දි ඔෆිස් එකට අලුතෙන් ඇඳගෙන යන්න Shirt එකක් ගන්නත් අමතක කරන්න එපා. Formal විදියට ඔෆිස් යන අයට මේ වගේ Shirt එකක් හොඳින්ම ගැළපෙනවා. පිරිමි ළමයි කොහොමත් Personality එක ගැන හිතනවානේ. ඉතිං තමන්ගේ Personality එක රැකගන්න ඔයා කැමති පාට, ප්‍රමාණය අනූව මේ වගේ ෂර්ට් එකක් අලුත් අවුරුද්දට Daraz වෙතින් මිලදී ගන්න. මේ වගේ Shirt එකක් ගැහැණු ළමයින්ගෙත් ආකර්ෂණය වැඩි කරන අඳුමක් කියන්න පුළුවන්. Blouses ඔෆිස් එකට ගැහැණු ළමයි ලස්සන ලස්සන Blouse විලාසිතාවන් ඇඳගෙන එනවානේ. අලුත් අවුරුදේ ඔෆිස් එකට යන පළවෙනි දවසේ අලුත් ලස්සන Blouse එකක් අඳින්න එපැයි. මෙදා සැරේ රැකි රක්ෂා සඳහා පිටත් වන නැකතේ පාට වෙලා තියන්නේ සුදු පාට. ඒ නිසා ‌ඔන්න ඔයා චාරිත්‍ර වාරිත්‍ර ගැන ගොඩාක් හිතන කෙනෙක් නම් මේ පාර අලුත් අවුරුද්දේ ඔෆිස් යන්න සුදු පාට Blouse එකක් ගන්නත් පුළුවන්. අවුරුදු ගමන්බිමන් සඳහා විලාසිතා Casual Coats අවුරුදු කාලේ ගමන් බිමන්වලින් නම් අඩුවක් වෙන්නේ නෑ. නෑගම් යන්න, අවුරුදු සාද මේ හැමෙද්ම මේ කාලෙට වැඩි වෙනවා. මේ යන ගමන් බිමන්වලට තවත් ඇඳුම් හොයන්න එපැයි. අපිට හැමතැනම එකම විදියට ඇඳගෙන යන්න බෑනේ. ඔෆිස් ඇඳගෙන යනවාට වඩා වෙනසක් පාටියකට, Casual ගමනකට යද්දි තියෙන්න ඕන. බලන්නකො මේ වගේ Coat එකක් ඔයාට ඔබින අලුත් විලාසිතාවක් වේවි නේද? ඇතුළට ස්කිනී එකක් ඇඳලා උඩින් මේ වගේ Coat එකක් ඇන්දොත් අමුතුම විදියේ පෙනුමක් ලැබෙයි. Skinny Jeans ‌‌ඩෙනිම් ජීන්ස් එකක් කියන්නේ කාටත් සැහැල්ලු ඇදුමක්. අවුරුදු කාලෙට ඒ මාසේ පුරාවටම අපිට නෑගම්,සාදවලට යන්න තියන නිසා මේ වගේ Jeans එකක් ගත්තොත් වඩාත් පහසු වේවි. යන යන හැම ගමනටම අපිට අලුතින් ඇඳුම් ගන්න බෑනේ. මෙන්න වගේ මේ වගේ Jeans එකක් ගත්තොත් ඔයාට ටීෂර්ට්ස්, බ්ලවුස් එක්ක මාරු කර කර අඳින්න පුළුවන්. ඒ වගේම මේ Skinny Jeans ඇඟටත් හරි පහසු නිසා අවුරුදු කාලේ ඕනම ගමනක් ඇඳන් ගිහින් කිසිම අපහසුතාවයක් නැතුව ඔයාට සැහැල්ලුවෙන් විනෝදෙන් ඉන්නත් පුළුවන්. Formal Dresses අවුරුදු කාලෙට නෑදෑ හිතමිතුරන්ගේ ගෙවල්වල පුංචි පුංචි අවුරුදු සාදවලට නිතරම ආරාධනා ලැබෙනවානේ. ඉතිං ඔන්න සාමාන්‍ය විදියේ සාදවලට ගැළෙපෙනම ඇදුමක් හැටියට මේ Dress එක ඔයාට හඳුන්වාදෙන්න පුළුවන්. අමුතුම විදියේ Stylish පෙනුමක් මේ Frock එකේ තියනවා. ඒ වගේම තමයි දැන් ඉස්සර වගේ පාටිවලට දිලිසෙන ගවුම් අදින්නේ නෑනේ. මේ වගේ චාම් ගවුම් තමයි තරුණ ගැහැණු ළමයි අඳින්නේ. ඉතිං මේ අවුරුදු කාලේ පාටිවලට අඳින්න මේ වගේ චාම් ගවුමක් Daraz Fashion වෙතින් අදම තෝරගන්න. Stylish & Casual T-Shirts පිරිමි ළමයි ඇඳුමක් තෝරගනිද්දි මුල්තැන දෙන්නේ සැහැල්ලුකමට. පාටිවලට ගියාත් ඔවුන් ඇදන් යන්න ආස සැහැල්ලු ඇඳුම්. හැබැයි ඉතිං ගැහැණු ළමයින්ගේ ආකර්ෂණය දිනාගන්න Style විදියට අඳින්නත් කැමතියි. ඔන්න ඒ නිසා Style එකට සැහැල්ලුවට අඳින්න කැමති පිරිමි ළමයින්ට අවුරුදු කාලේ ගමන් බිමන් ඇඳන් යන්න සුපිරියටම ගැළෙපන ටී ෂර්ට් එකක් තමයි මේ. මේ වගේ ටී ෂර්ට් එකක් අමුතුම ගතියක් තියන නිසා Smart එකට අඳින්න කැමැති අයට වඩාත් සුදුසු ඇඳුමක් කියන්න පුළුවන්. අලුත් අවුරුද්දට අලුත් විදියට හැඩවැඩ වෙන්න කැමති ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම අදහසක් දෙන්න තමයි අපි Avurudu Fashion Ideas හඳුන්වලා දුන්නේ. කඩවල් සාප්පු ගාණේ යන්නේ නැතුව Daraz සමඟින් Shopping කරලා Daraz අවුරුදු වාසි වෙතින් සුවිශේෂී වට්ටම් සහිතව මේ ඇඳුම් ඔයාගේ ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. නව වසරේ නව විලාසිතා: රු. 5000ට අඩු Fashion Trends 2022 තවත් Fashion Ideas ගැන දැනගන්න Online Dress Shopping in Sri Lanka Made Affordable with Daraz Fashion ලිපියත් කියවන්න. Post Views: 802 Facebook Twitter Google+ Pinterest LinkedIn Tags: Avurudu fashion Trending fashion for Aurudu januka bombuwala Leave a Reply Cancel reply Your email address will not be published. Required fields are marked * Save my name, email, and website in this browser for the next time I comment. Recent Popular COMMENTS 1 Buying Guides මුළු ගෙදරටම නත්තල් සිරි කැන්දන Home Deals December 6, 2022 2 Home Improvement Clean Up For Christmas With Big Discounts on... December 6, 2022 3 Home Improvement Discounts on Hardware Items Only From Daraz Christmas... December 5, 2022 4 Home Improvement Lowest Prices on Home Appliances Sri Lanka For... December 2, 2022 1 Buying Guides The Best Samsung Mobiles in Sri Lanka 2021 July 13, 2021 2 Buying Guides The Best Big Screen Mobiles in Sri Lanka... July 12, 2021 3 Beauty Best Acne Scar Removal Creams in Sri Lanka... June 23, 2021 4 Technology Best Laptops in Sri Lanka, Computers and Other... July 27, 2022 1 Quizzes How Sri Lankan are you?Rate your Sri Lankan... March 30, 2020 2 Daraz Join the Online Revolution – 11.11 World’s Biggest... October 15, 2020 3 Quizzes Find out the quarantine hobby that fits you... March 30, 2020 4 Quizzes If you were a Sri Lankan favourite, what... March 30, 2020 Beauty 78 Fashion 124 Food 42 Health 41 Home Improvement 89 Life Hacks 124 Lifestyle 295 Sports 42 Technology 139 Travel 15 Who We Are Daraz Life is a ‘come-as-you-are’ catalog where the worlds of fashion, lifestyle, technology, and digital community meet.
ප්‍රවීණ ඡායාරූප ශිල්පියකු මෙන්ම මාධ්‍යවේදියකු ද වූ රංජිත් විමලසිරි ආරියවංශ මහතා ඊයේ අභාවප්‍රාප්ත විය. ‘දිවයින’ පුවත්පතේ වැල්ලම්පිටිය මාධ්‍යවේදියා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ඒ මහතා මියයන විට 56 වැනි වියේ පසු විය. සුනේත්‍රා කාන්ති ආරියවංශ මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ විමලසිරි මහතා තුසිත රන්ජන් මධුසංඛ, අසිත මධුවින්ද, දුල්රූ ඕෂධ යන පුතුන් තිදෙනාගේ ආදරණීය පියාණන් විය. මාධ්‍යවේදියකු ලෙස දැඩි කැපවීමකින් තම වගකීම ඉටුකළ විමලසිරි මහතා හිත හොඳ සහෘදයකු ලෙස ද කාගේත් ආදරයට පාත්‍ර වූවෙකි. දේහය මුල්ලේරියාව, හිඹුටාන, අංක 313/5 නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය. සැමවිටම ජනදුක හඳුනා ගත් මාධ්‍යවේදි රංජිත් හිමිදිරි පාන්දර මාගේ දුරකථනය නාදවිය. එහා පැත්තේ කතා කළේ අපේ මිත්‍රයකුගේ දරුවෙකි. තාත්තා නැති වුණා. ඔහු දරාගත නොහැකි සොවින් කීවේය. ‘දිවයින’ පුවත්පතට මාධ්‍යවේදියකු ලෙස එක්වන්නට රංජිත් විමලසිරි මහතා අයැදුම්පතක් අරගෙන මීට වසර 20 කට පෙර මා හමුවට ආවේය. ඔහුගේ කරේ කැමරා බෑගයක් ද විය. මම මාධ්‍යයට ආශා කරනවා. මට ලියන්න. පින්තූර ගන්න අවස්ථාවක් දෙන්න ඔහු කළ ඉල්ලීම විය. වැල්ලම්පිටිය ප්‍රදේශයේ ප්‍රාදේශීය වාර්තාකරු ලෙස ඔහු අප පුවත්පතට එක් වූවේය. ඒ වනවිට ඔහු වෘත්තිය ඡායාරූප ශිල්පියකු ලෙස අත්දැකීම් ලබා සිටියේය. ‘රංජිත්’ට යම් වගකීමක් පැවරුව විට ‘හරි මම යන්නම්’ කීවේ කන්කෙඳිරිල්ල නැතිවය. යම් සිද්ධියක් ගැන තම කැමරා කාචයේ සටහන් කර ගනිමින් එය පත්තරේට සුදුසු නම් දාන්න” යැයි අපට පෙරැත්ත කළ අවස්ථා ද මගේ මතකයේ රැඳී තිබේ. ඔහු සතුව ත්‍රිරෝද රථයක් තිබිණි. ඇතැම් පුවත් වාර්තා කිරීම්වලට ඡායාරූප ශිල්පියා ලෙස ඔහු යද්දී ඊට ගිය අනෙක් මාධ්‍යවේදියාට ප්‍රවාහන පහසුකම් නැත්නම් වියදමක් නොබලා තම රථයෙන් රැගෙන ගොස් පත්තරේට ඒ වැඩේ කර දෙන්නට ඔහු කැප වුණේ ආර්ථික ලාභයට වඩා ආත්ම තෘප්තියක් අදාළ කාර්ය කිරීමෙන් ලබමිනි. ගමේ පන්සල, පල්ලිය මෙන්ම සියලු පක්ෂවල දේශපාලනඥයන්, සිවිල් ක්‍රියාකාරිකයන් මෙන්ම මේ කාලයේ ගෑස්, භූමිතෙල්, ඉන්ධන නැතිව පීඩා විඳි මිනිසුන්ගේ වේදනාවන් ද ඔහු කැමරා කාචයේ සටහන් කර ගත් අවස්ථා අපමණය. අසනීප වන තෙක්ම ඔහු පත්තරයට විය යුතු යුතුකම කිසිවක් පැහැර හැරියේ නැත. ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරද්දී ඔහු සිටියේ හැම විටම හිට ගත්තේ ජනතාවගේ පැත්තේය. රංජිත්ට පුතුන් තිදෙනකි. ඔවුන්ගේ අනාගතය ගැන අපට හමුවන විට නිතර අපේක්ෂාවන් තැබූ අන්දම ද මම දනිමි. තම පළාතේ ජනතාවට, අපට ළෙන්ගතුව සිටි කල්‍යාණ මිත්‍රයකු දැන් අප හැර ගොසිනි. කරවිටගේ රංජිත් විමලසිරි ආරියවංශ මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ● නාරද නිශ්ශංක Share Facebook Twitter Pinterest WhatsApp Previous articleඅසරණ මවකට රෝද පුටුවක් ඕනෑ Next articleවිගණනය සවිමත් කිරීමට ඇමරිකා සහාය Chinthaka RELATED ARTICLESMORE FROM AUTHOR ප්‍රාදේශීය පුවත් තුන්වැනි මහලේ නිදා සිටි බබා බිමට වීසි කර මරලා ප්‍රාදේශීය පුවත් ගැමුණු ගිනිකසේ වළෙන් නැගිටියි ප්‍රාදේශීය පුවත් විවාහය වෙනුවෙන් වෙන් කළ මුදලකින් අපූරු සද්කාර්යක් MOST POPULAR පුදුමාතලන් වෙරළෙන් ට‍්‍රැක්ටරයක් උඩ එයි January 10, 2022 දකුණු අප‍්‍රිකානු පාර්ලිමේන්තුවේ ගින්නක් January 3, 2022 ඇමෙරිකානු යානාවකින් දැමූ බෝම්බයෙන් සිරියානුවන් 80ක් මරුට November 18, 2021 හෙටින් පසු එක නැවක්වත් නෑ – ඩීසල් – පෙට්‍රල් හිඟය ඉදිරියේදී... June 14, 2022 Load more HOT NEWS කාටූන ඕකයි තත්ත්වයේ Uncategorized ජනපතිගේ රාජාසන කතාව විපක්ෂ නායක අගයයි Uncategorized පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත භික්ෂු විරෝධයක් විගස පුවත් බදු ආදායම වැඩිවේ EDITOR PICKS ජ්‍යොතිෂයේ පලාඵල කීම ගැන ඔබ නොදත් කතාව November 27, 2022 නෙස්ලේ ලංකා සමාගමෙන් රු.බි. 02ක ආයෝජනයක් නෙස්ටමෝල්ට් සහ මයිලෝ නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවයි November 27, 2022 පිරිත් බලයෙන් ලෙඩ සුව කරන ක්‍රමය හොයපු අපූරු මෙහෙයුම – ආචාර්ය කසුන් නාගොඩවිතාන November 27, 2022 POPULAR POSTS සිංහල මැණිකේට එරෙහි ඩයස්පෝරාවේ කුහකත්වය October 10, 2021 යොහානි බ්‍රිතාන්‍යයේ වාර්තාත් බිඳී October 20, 2021 ජංගි හොරා කුණුහරුපයක් නෙමෙයි – ආචාර්ය සෝමරත්න දිසානායක December 26, 2021 POPULAR CATEGORY ප්‍රධාන පුවත්7083 ප්‍රාදේශීය පුවත්3142 විශේෂාංග1929 කාටූන1838 විගස පුවත්1836 ක්‍රීඩා1796 විදෙස් පුවත්1592 ABOUT US Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
මුලතිව් කුරුන්දි පුරාණ විහාරය ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලමින් කොළඹදි ඊයේ (26) පැවති සත්‍යග්‍රහයට පැමිණි පර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකරට එහි සිටි පුද්ගලයෙකුගෙන් විරෝධය එල්ල විය. අදාළ පුද්ගලයා විරෝධය පළ කරමින් ප්‍රකාශ කළේ ,පිරිස මෙම ස්ථානයට පැමිණියේ දේශපාලඥයන් පිම්බිමට නොවන බවය. යුද්ධය අවසන් වී වසර දහතුනක් ගත වු පසුද මැති ඇමැතිවරුන් නිසි ලෙස සිය රාජකාරි කළේ නම්, ජනතාවට මෙලෙස කටයුතු කිරීමට සිදු නොවන බවත් ඔහු කීය. සිය විරෝධය පළ කිරිමෙන් පසුව මෙම පුද්ගලයා මෙම ස්ථානයෙන් පිටව ගියේය. News ඔබේ ප්‍රතිචාරය කුමක්ද? Read Other News Newer Older Recent Posts 10/recent/post-list Most Read ඇප මත සිටින ධනුෂ්ක දෛනිකව පොලිසියට පැමිණ වාර්තා කරන හැටි 11/22/2022 03:11:00 PM කිස් බෑ -සම ලිංගික බෑ - බියර් නෑ - සිරුර නිරාවරණ බෑ - වැරදි FB දාන්න බෑ - පාපන්දු ලෝක කුසලානේ කටාරයේ තද නීති
PUBG යනු අපි කවුරුත් දන්නා හදුනන මෑත කාලයේදී ඉතාමත් ජනප්‍රිය වුනු Smart Phone ක්‍රීඩාවක්. ඒ වගේම මේ PUBG Mobile Game එක මේ වසරේ හොඳම Android Game එකට හිමි කිරුළ දිනාගන්නත් සමත් වෙලා තියන බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති. එමෙන්ම පසුගිය දිනක Microsoft සමාගම මගින් ඔවුන්ගේ Xbox සඳහා මේ PUBG නොමිලයේ ලබා දීමට කටයුතු කළ පුවතකුත් වාර්ථා වුණා. Tencent ආයතනය විසින් අලුත්ම PUBG Mobile සංස්කරණය වන PUBG 0.10.0 Beta එක නිකුත් කල බවට ප්‍රකාශ කර තිබෙනවා. මේ නවතම සංස්කරණය ජංගම දුරකථන ක්‍රිඩා තුල විශාල පෙරලියක් කරනු ඇතැයි Tencent ආයතනය වැඩිදුරටත් පවසනවා. අලුතින්ම හඳුන්වා දුන් Chat Option එක PUBG play කරන විට කණ්ඩායම් හැඟීම් තීව්‍ර කරනු ඇතැයි මොවුන් බළාපොරොත්තු වෙනවා. PUBG Mobile 0.10.0 Release Note : පරිගණකකය හා Xbox තුල පමණක් දැකිය හැකි වූ MK 47 Mutant එක දැන් Android හා iOS තුලත් දැක ගන්න පුලුවන්. ඒ වගේම 20-bullet clip එකකුත් අලුතින් හඳුන්වලා දිලා තියෙනවා. MK 47 Mutant එක නවතම සංස්කරණයත් සමගම නිවැරදිම ඉලක්කයට ප්‍රහාරය එල්ල කරන්න Laser Sight Attachment එකක් හදුන්වා දී තිබෙනවා. Laser Sight Attachment එක දැන් ඔබට පුලුවන් ඔබට පහසු විදියට Screen Layout එක හදා ගන්නත්. කලින් ප්‍රකාශ කළ ආකාරයට Game එක play කර අතරතුර ආකර්ශනීය ලෙස සංවාද වල යෙදීමටත් අලුත් සංස්කරනයත් සමඟින් හැකියාව ලැබෙනවා. තවද කලින් පැවති විවිධ bug කිහිපයක් ද fix කිරීමට ඔවුන් කටයුතු කර ඇති බව තව දුරටත් Tencent ආයතනය පවසනවා. ඔබට මේ අලුත්ම PUBG 0.10.0 Beta සංස්කරණය මේ වන විට download කරගෙන මෙම අලුත්ම පහසුකම් අත්විඳීමට හැකියාව තිබෙන අතර ඉදිරි සති කිහිපය තුළදී මෙහි stable release එකක් නිකුත් කිරීමට කටයුතු කරන බව ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරනු ලබනවා. එමෙන්ම PlayStation 4 සඳහා වන PUBG සංස්කරණය මේ වන විටත් Pre-Order කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර එය මේ මස 7 වැනිදා නිකුත් කිරීමට කටයුතු සූදානම් ව පවතිනවා. මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Gadgets 360 වෙබ් අඩවිය හා News18 වෙබ් අඩවිය භාවිතා කළ හැක. Jalitha Lankapriya අලුත් දේ හොයන / සමාජයට සිතුවිලි බෙදා හරින කෙනෙතක්... Jalitha Lankapriya's Profile මේ වගේ අළුත්ම news යන එන ගමන් බලන්න, දැන්ම අපේ Mobile Apps install කරගන්න. Techie Android Techie Lite iOS Techie Windows — TechNews.LK — News DevFest 2022 උළෙල පිළිබඳව දැනගනිමු Xiaomi සමාගමේ latest flagship lineup එක සහ MIUI 14 එළිදැක්වීමට නියමිත දිනය නිළ වශයෙන් නිවේදනය කරයි WhatsApp Desktop Version එක සඳහා Screen Lock විශේෂාංගයක් හඳුන්වාදෙන ලකුණු See all 2149 articles → Google 1 min read Google Allo සේවාව සම්පූර්ණයෙන්ම නවත්වා දැමීමට Google සමාගම කටයුතු කරයි ලබන වසර වන විට Google Hangouts සේවාව නවත්වා දැමීමට කටයුතු කිරීමට Google සමාගම සූදානම් වන බව [/google-hangouts-for-consumers-may-be-shutting-down-in-2020/] අපි ඔබව දින Kasun Jayarathna වසර 4කට පෙර Mobile 1 min read Xiaomi ආයතනය විසින් අලුතින් හදුන්වා දුන් Redmi Note 6 Pro ජංගම දුරකථනය ගැන වර්තමනයේ ජංගම දුරකථන ආයතන අතර ගොඩක් ජනප්‍රිය චීන සමාගමක් වන Xiaomi ආයතනය [https://en.wikipedia.org/wiki/Xiaomi] විසින් එළිදැක්වූ Dasith Waragoda වසර 4කට පෙර Copy Article Copy Link Facebook Twitter Top Made with in Sri Lanka. Terms & Conditions Privacy Policy Correction Policy Fact-Checking Policy Advertising Policy Ethics Policy Disclaimer Help
ශ්‍රී ලංකාව – කලක් මහා වන ආවරණයක් සතුව පැවැති රටක් ලෙස (44.1 % ක් 1956දී තිබුණු අතර එය 2018 වන විට 29.2 % දක්වා අඩු වී ඇත). ක්‍රමයෙන් වනාන්තර භූමි විශාල ලෙස එළි කරමින් සිටින බව දකින්නට ඇත. පරිසරවේදීන්ගේ අදහස නම් ශ්‍රී ලංකාවේ දිනකට අක්කර තුනක් පමණ බැගින් වනආවරණය හෙළිපෙහෙළි වෙමින් පවතින බවයි. ප්‍රමාදය නිසා, පරිසරයට අවම හානියක් වන සංවර්ධන උපායමාර්ග සමඟ වූ ලෝකයේ ආර්ථිකයන්ට පටහැනි සංවර්ධනය නිසා පරිසරය මෙන්ම වනසතුන් සංවර්ධනයේ කරදරයට මුහුණ පා ඇත. නීති ප්‍රමාණවත්ද? සොබාදහමේ නීති ඇති තරම්ය. නැතහොත් පරිසර නීතීඥයන්ගේ අදහස එයය. කෙසේ වෙතත් අඩුපාඩුව ඇත්තේ ක්‍රියාත්මක කිරීමේය. උදාහරණයක් ලෙස වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතේ (FFPO) සඳහන් දඩ සහ දඬුවම් ගතහොත් එය රුපියල් 150,000 දක්වා වන අතර වරදට අනුව සිර දඬුවම් ලැබීමද ඇතුළත් වේ. කෙසේ වෙතත් දඬුවම තීරණය වන්නේ වරදේ ස්වභාවය මතය. ජාතික පාරිසරික පනත, වන සංරක්ෂණ ආඥාපනත (FCO) උල්ලංඝනය කිරීම බරපතළ දඬුවම් ලැබීමට හේතු විය හැකි වුවද තවදුරටත් ගැටලුව එය බව නොපෙනේ. අලියකුට හිතාමතා විදුලිසැර වැද්දීමේ සිදුවීම් තිබුණද අපරාධකරු අත්අඩංගුවට ගත් වහාම නිදහස් කර තිබුණි. අනෙක් අතට 2020 වසරේ දිවියන් 11 දෙනකු මන්දට හසුකිරීම් සිදු වුවද වගකිව යුතු වරදකරුවන් අල්ලා ගැනීමේ උත්සාහයක් තිබුණේද යන්න පිළිබඳ ඇත්තේ පැනයකි. මෙසේ සිදු වන්නේ අලි ඇතුන්, දිවියන් සහ තවත් බොහෝ විශේෂයන්ගේ ගහණයන් පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අදාළ විශේෂයන් හට ඇති තර්ජනය නිසාම ‘දැඩි ලෙස ආරක්ෂා කළ යුතු’ ලෙස වර්ගීකරණය කර තිබියදීය. තවත් බොහෝ නීති සංවර්ධන කටයුතුවලදී පරිසරයට අවම හානියක් විය යුතුය යන්න තහවුරු කිරීම වෙනුවෙන් පවතී. නීති ක්‍රියාවට නංවන්‌නේ කවුරුන්ද? නීති පොතේ ඇති නීති තිබූණ ද නිවැරැදිව ක්‍රියාත්මක නොවනතාක් සාධාරණය ඉටු වන්නේ නැත. එය සිදු වීමට නම් බොහෝ අධීකාරීන්ට පරිසරය සුරැකීම සඳහා වූ බලය හිමි විය යුතුය. ඒවාට අයත් වන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ආදියයි. මේ ආයතනවලට අමතරව ශ්‍රී ලංකා පොලීසියටද වනජීවි අපරාධකරුවන් රඳවා ගැනීමේ බලතල වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත යටතේ පැවරී ඇත. එහෙත් නීත්‍යානුකූල නොව වනජීවී ව්‍යාපාරයට සම්බන්ධ අපරාධකරුවන් විශාල ජාලයක් සමග සබඳතා පවත්වන බව නිරන්තර දක්නට ලැබේ. එනිසා වරින් වර කෙරෙන දැනුම්වත් කිරීමේ වැඩසටහන්වලින් පසුව පවා, තේ වතුවල මිනිසුන් දිවියන් ඇල්ලීමේ උගුල් ඇටවීම දිගටම සිදු කිරීම දිවියන්ගේ ජීවිතවලට ප්‍රධානතම තර්ජනය වී ඇත. දිවයින පුරා විසිර ඇති දිවියන් සංඛ්‍යාව නොදන්නවා වුවද, මදු ගැසීමෙන් ශ්‍රී ලංකාවට අහිමි වන්නේ එහි වටිනාම වස්තූන් වේ. වනජීවී හා සම්බන්ධ නඩු අධිකරණයේ විමසෙන්නේ ඉඳහිට වන අතර පෞද්ගලික ආයතන අතළොස්සක් පමණක් පරිසරයට සාධාරණය ඉටු කිරීමට කැප වී ඇත. කුඩා ජයග්‍රහණ මෑතකදී අභියාචනාධිකරණයෙන් වැදගත් විනිශ්චයක් ලබා දුන්නේ විල්පත්තු ජාතික උද්‍යානයට අලළා පිහිටි කල්ලාරු කැලයේ වනහායනය සම්බන්ධයෙනි. ඒ සමඟම බොහෝ දෙනා කතා කළේ යළි වනරෝපණය සම්බන්ධව සහ එය ලෙහෙසි පහසු කටයුත්තක් විය හැකිද යන්න පිළිබඳවය. පරිසරවේදීන් සමපේක්ෂණය කරන්නේ හෙක්ටයාර 3000-5000ත් අතර භූමි ප්‍රමාණයක යළි වන රෝපණය කළ යුතු බවයි. ඔවුන් ගණනය කර ඇති ආකාරයට එක් හෙක්ටයාරයක පැළ රෝපණය සඳහා දස ලක්ෂ 1.5 සිට 2ක් දක්වා මුදලක් වැය වෙයි. ප්‍රතිරෝපණය යනු අවසානයේ යම් පැළ ටිකක් සිටුවීම හෝ යුකැලිප්ටස් හෝ පයින් ගස් මෙන් අවට වාසස්ථාන ලබා දෙන ඒකීය සංස්කෘතික් ගොඩ නැඟීම නොවේ. එනිසා පළමුව අවට කැලෑවන් අතරින් නිදර්ශකයක් පිළිබඳ අධ්‍යයනය කළ යුතු අතර මේ සඳහා නිදිකුම්බා වැනි කුඩාම පැළැටිද ගත යුතුය. මිනිසා විසින් තනන ලද කැලෑවක් නියමිත ලෙස වර්ධනය වීමට වසර 30 ක පමණ කාලයක් ගත වන අතර මේ නඩුවේ පැමිණිලිකරුවන් පැවසූයේ ප්‍රධාන වැරැදිකරුවන්ට පමණක් සිර දඬුවම් දීම හෝ දඩයක් නියම කිරීමට වඩා මේ තීරණය වඩා හොඳ බවයි. මෙයට අමතරව, පෙර පැවැති රජයෙන් නිකුත් කළ තවත් ගැසට් පත්‍රයක් පසුගිය මස ප්‍රසිද්ධ කෙරුණේ, සිංහරාජ වන රක්ෂිතය වන සංකීර්ණයක් ලෙස පුළුල් කළ බවටයි. ඒ අනුව එහි භූමිය හෙක්ටයාර 11,000 සිට 36,000 දක්වා වැඩි වේ. ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර සුරකින්නන්ගේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහට අනුව සිංහරාජය බ්‍රිතාන්‍ය යුගයේදී රක්වාන, කලවාන සහ අවට ප්‍රදේශ සඳහා මාර්ග ඉදි කිරීම නිසා කොටස්වලට වෙන් වී ගොස් ඇත. එනිසා බොහෝ වනාන්තර කොටස් හුදෙකලා වී අනාරක්ෂිත වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ගස් කැපීම ඇතුළු අනෙක් නීති විරෝධි කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කෙරිණි. එහෙත් මේ ගැසට් නිවේදනය සමඟ වනාන්තර කොටස් සිංහරාජ වන රක්ෂිතයේ කොටස් ලෙස ඇතුළත් වනවා පමණක් නොව වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේආඥා පනතින් සහ වන සංරක්ෂණ ආඥා පනතින් රැකවරණය ලබනු ඇත. සංවර්ධනය වැරැදියට වැටහුණේද? ගෝඨාභය රාජපක්ෂ පාලනය 2025 වනවි‌ට වනආවරණය 29.7% සිට 32% දක්වා වැඩි කිරීමට සැලසුම් කළ ද දැනට කෙරෙන සංවර්ධන උවදුර සමඟ එය යථාර්ථයක් නොවනු ඇත. ගැටලුව තවදුරටත් නරක අතට හැරෙන්නේ පරිසරය සුරැකීමට පවතින ව්‍යවස්ථාව ද ඉවත් කරන බැවිනි. උදාහරණයක් ලෙස, වෙනත් රජයේ වනාන්තර චක්‍රලේඛ 05/2001 සහ 02/2006 අවලංගු කිරීම සහ 2020 නොවැම්බර් නිකුත් කළ MWFC/01/2001 මඟින් එය ප්‍රතිස්ථාපනය කිරීම සොබා ලෝලී සහෝදරත්වයේ කෝපය ඇවිස්සීය. පෙර චක්‍රලේඛ මඟින් ‘වෙනත් රජයේ වනාන්තර’ ආරක්ෂා කළේ දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ අදාළ රාජ්‍ය නිලධාරීන්ට වගකීම ලබා දෙමිනි. ඒ මඟින් අදාළ රජයේ නියෝජිතයන්ට වන නිලධාරීන්ට සේම සංවර්ධ කටයුතුවලදී වනතීරු විනාශ නොවීම තහවුරු කිරීමට බලතල තිබුණි. එයට හේතුව අලි ඇතුන් විසින් තම ගොදුරු බිම් හරහා ගමන් කිරීමට යොදා ගන්නා ඒ වනතීරු ආවේණික විශේෂ රැසකට නිවහන් සපයමින් සුවිශේෂී පරිසර පද්ධති බවට පරිවර්තනය වී තිබීමය. එසේම, මේ චක්‍රලේඛය අවලංගු කිරීමේ තීරණය මෙන්ම ඉඩම් කොමසාරිස්වරයා ඉඩම් පිළිබඳ අවසන් තීරණය ගන්නා ලෙස පත්කිරීම පරිසරය පැත්තෙන් ගත්විට සුබදායී නොවන්නකි. මෙතැන් සිට මේ වන කොටස් වනාන්තර නොවන ලෙස මුදා හැරිය හැකිය, පරිසරවේදීන් බිය වන්නේ පරිසරය පිළිබඳ පුළුල් දැනුමක් සහිත පිරිස් මේ කටයුතු පිළිබඳ විමසීමට නොසිටිය හැකි බැවිනි. ඊට අමතරව විශාල භූමි ප්‍රදේශ, විශේෂයෙන්ම පෞද්ගලික භූමි වාණිජ අවශ්‍යතා සඳහා එළි කරනු ලැබේ. මෙය හෙක්ටයාරයකට වැඩි භූමි කොටසක් එළි පෙහෙළි කරන්නේ නම් එයින් වන පරසර බලපෑම පිළිබඳ ඇගයීමක් කළ යුතු බවට සඳහන් වන ජාතික පාරිසරික පනතට පටහැනිය. එහෙත් සංවර්ධනය එවැනි ඇගයීම් රහිතව ක්‍රියාවට නැඟෙන අතර පරිසරය අවදානමකට ලක්ව ඇත්තේ එනිසාය. කොවිඩ් සහ අනෙකුත් අභියෝග වසංගතය පරිසරයට මෙන්ම වනජීවීන්ටද අනෙක් සියලු ක්ෂේත්‍රවලට මෙන්ම මහත් අභියෝගයක් එල්ල කළේය. මාර්තු මාසයේ ඇරැඹි එයින් ගල්කිස්ස වෙරළ තීරය තවදුරටත් ඛාදනය වන හේතුවකින් පිරීගියේය. සැලසුම තිබුණේ වැල්ලවත්ත වෙරළ අසල කෘත්‍රීම වෙරළක් තැනීමට වුවද ඒ උපායමාර්ගය ක්‍රියාත්මක නොවිණි. එයට අමතරව දිවියන් විශාල සංඛ්‍යාවක් මිය ගිය අතර ඉහළ ගිය අලි-මිනිස් ගැටුම බොහෝ පුවත් සිරස්තල මැවීය. කෙසේ වෙතත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවීන් සම්බන්ධ සිදුවීමකදී පිටත් කර හැරීමට ඔවුන් සතුව ඇත්තේ සීමා සහිත සේවක සංඛ්‍යාවක් බව පිළිගත්තේය. ඔවුන් දඩමස් වැටලීම් සහ අනවසර වනජ ද්‍රව්‍ය ළඟ තබා ගන්නවුන් අත්අඩංගුවට ගත්තද ඒ සඳහා දිනපතා නියුක්ත කර ඇත්තේ ඉතා අඩු නිලධාරීන් සංඛ්‍යාවකි. එහෙත් පරිසරවේදීන් නිරීක්ෂණය කරන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එහි මුදාගැනීමේ ධූරාවලිය වර්ධනය කර පරිසරය සුරැකීම සඳහා දැඩි ස්ථාවරයක් ගත යුතු බවයි. ජාතික උද්‍යාන 22කින්, සපුෂ්පික ශාක 4000ට වැඩි සංඛ්‍යාවකින්, සමනලුන් 245කින්, මිරිදිය මසුන් 91කින්, ක්ෂීරපායීන් 125කින්, අපෘෂ්ඨවංශීන් විශාල සංඛාවකින් සහ නොයෙක් වෘක්ෂලතා ගණනාවකින් (2012 සමීක්ෂණයට අනුව) ආශීර්වාද ලත් ශ්‍රී ලංකාව වනජීවී සංචාරක ව්‍යාපාරය සඳහා සුදුසුම ස්ථානයකි. එහෙත් එය සාර්ථක වන්නේ මේ විශේෂයන්ගේ වාසස්ථානවලට මිනිසුන්ගෙන් සිදුවන බාධා අවම වන පරිදි ආරක්ෂා කළ හොත් පමණි. SHARE NOW මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ. Post navigation Previous Previous post: ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලනය කෙරෙහි සමාජ මාධ්‍ය භාවිතයේ ඇති බලපෑම Next Next post: ලංකාවේ වාර්ගික අර්බූදයක් තිබුනාලු Related Posts ශ්‍රී ලාංකික එළවළු වෙළඳාමෙහි උද්ගතව ඇති සෝචනීය තත්ත්වය By Admin December 23, 2020 බඹර ප්‍රහාර – වතු කම්කරු ජනතාව මුහුණ දෙන ජීවිත තර්ජනයන්! By Admin December 8, 2020 වගකීම පැහැර හැරියේ කවුද? By Admin December 15, 2020 නවතම අංග X-Press Pearl හෙවත් මුහුද යට සැඟවූ රසායනික කාල බෝම්බය! අලිවැටෙන් ආරක්ෂාව පන්සලට විතර ද? ගමට නැද්ද?  වසර විස්සකට පසු වෙනස්වන ජාතික පරිසර පනත පල්ලකණ්ඩල් පල්ලියෙන් විල්පත්තුවට අභියෝගයක් මුඛ ආවරණ මීළග පරිසර ප්‍රශ්නයද?  ජනප්‍රිය අංග වීඩියෝ සාමය සහ සහජීවනය … August 23, 2017 සාමය සාමය සහ සංහිඳියාව March 5, 2021 වීඩියෝ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය … August 23, 2017 අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ ස්වරූපය සහ එය වැළැක්වීමේ නීතිය හදුනාගනිමු March 5, 2021 අප ගැන නවතම තොරතුරු ලබාගන්න Journo.lk නවතම පළකිරීම් සහ විස්තර ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වාගන්න. “මූලික අයිතිවාසිකම්, වගවීම හා විනිවිදභාවය, වෛරී ප්‍රකාශ, ව්‍යාජ පුවත්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සාමය හා සංහිඳියාව යනාදී මහජන යහපත සඳහා වන තේමාවන් සඳහා journo වෙබ් අඩෙවිය තම වෙබ් අවකාශය වෙන්කරයි”
වයස අවුරුදු 30 ට වැඩි සහ මෙතෙක් එන්නත් නොකළ පුද්ගලයින් මෙම සතිය තුළදී එන්නත් ලබා ගත යුතු බව රජය අවධාරණය කරයි. තරුණ හා නව යොවුන් වියේ දරුවන් සඳහා එන්නත් ලබා දීම සඳහා ප්‍රමුඛතාවය දිය යුතු බැවින් වැඩි කාලයක් එම එන්නත් මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට නොහැකි බැවින් නියමිත දින නියමයක් නිකුත් කිරීමට රජයට බල කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය. “වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ගෙන් විශාල පිරිසකට එන්නත් ලබා දී ඇති නමුත් විවිධ හේතුන් නිසා තවමත් එන්නත් ලබා නොගත් පුද්ගලයින් කිහිප දෙනෙක් සිටිනවා. ඔවුන් සඳහා එන්නත් මධ්‍යස්ථාන දිනපතා විවෘතව තැබීමට අපට නොහැකියි. මෙම පිරිසට එන්නත් ලබාදීය පසුගිය සතියේ දී අවසන් කිරීමට නියමිතව තිබුණා. ඒ නිසා 30 ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත් කිරීමේ වැඩසටහන මේ සතිය තුළදී අවසන් කිරීමට අවශ්‍යයි. එබැවින් මේ දක්වා එන්නත ලබා නොගත් වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ට මෙම සතිය තුළදී එන්නත් ලබා ගන්නා ලෙස මම කාරුණිකව ඉල්ලා සිටිනවා‘ යැයි රාජ්‍ය ඇමතිවරයා පැවසීය. COVID 19 Tweet on Twitter Share on Facebook Google+ Pinterest Previous Article කොවිඩ් ආසාදිතයින්ගේ සහ මරණවල තියුණු පහළ යාමක් Next Article ජනපති සහ කුවේට් අගමැති අතර හමුවක් Recommended For You දේශීය ලොකු ළුැණු වගාවත් හාන්සි වෙන ලකුණු ඖෂධ නියාමන අධිකාරියේ ගැහිලි ගැන ඇමැති චන්නගේ දැඩි අවධානය IOC ඉන්ධන මිල අහසටම නග්ගයි ! ජනපතිගෙන් ‘කිරි ගොවියාට කිරි ඉතිරෙන‘ නියෝගයක් මහ කන්නයේ වී අස්වැන්න 50%කින් අඩුවෙලා – ගොවීන් මැසිවිලි නගයි මේ වන විට යුක්රේනයේ නවතම තත්ත්වය කුමක් ද? About the Author: Thusal Search for: Archives Archives Select Month August 2022 (3) March 2022 (2) February 2022 (155) January 2022 (194) December 2021 (239) November 2021 (256) October 2021 (203) September 2021 (234) August 2021 (252) July 2021 (276) June 2021 (303) May 2021 (300) April 2021 (200) March 2021 (297) February 2021 (272) January 2021 (315) December 2020 (307) November 2020 (360) October 2020 (363) September 2020 (359) August 2020 (380) July 2020 (320) June 2020 (307) May 2020 (333) April 2020 (390) March 2020 (421) February 2020 (405) January 2020 (530) December 2019 (563) November 2019 (555) October 2019 (724) September 2019 (605) August 2019 (529) July 2019 (590) June 2019 (548) May 2019 (665) April 2019 (575) March 2019 (48) Follow Us Stay updated via social channels Tags AG NEWS agriculture Business COPE COVID 19 Economy Entertetment fashion Featured GAJABA NAGAWATHTHA GOSSIP health HM NEWS INTERNATIONAL JVP KARU JAYASURIYA NEWS FM NEWS PUBLIC parliament pmd news POLITICAL POLITICAL NEWS Prime media PR MEDIA PR NEWS public news sajith pramadasa Sanath M Bandara santh m bandara sl army commander slarmy news sl cricket Sl CRICKET - WOMAN TEAM SLFP - SLPP sl vs west 2020 sl v west Sport unhcr unp Week in Pictures Wimal Weerawansa woman women ජනපති ‍fashion දුරකථනය: +94-766-109836 විද්‍යුත් තැපෑල: bhathiyabarukanda@gmail.com © සියලුම හිමිකම් ඇවිරිණි. මෙම වෙබ් අඩවියේ පළවන ලිපි අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් වන අතර එම ආචාරධර්ම උල්ලංඝනය කරමින් නීතිවිරෝධීව උපුටාගන්නන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ප්‍රිමියර් ලීග් සුපිරි අට (සුපර් එයිට්) ක්‍රිකට් තරගාවලියේ සැරසන්ස් ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී කෝල්ට්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් දෙවන දිනයේදී නොදැවී ලකුණු 173ක් ලබා සුපර් 8 තරග වටයේ වැඩිම ලකුණු ලැබූ පිතිකරුවා බවට පත්විය. සී.සී.සී නායක කුසල් මෙන්ඩිස් රාගම සමග ප්‍රථම දිනයේදී නොදැවී ලකුණු 132ක් ලබා සිටියත් ඔහුට දෙවන දිනයේ ලබාගත හැකිවූයේ ලකුණු හතක් පමණකි. මොවුන් දෙදෙනාට අමතරව එන්.සී.සී.කණ්ඩායම නියෝජනය කරන උපුල් තරංග ලකුණු 121 ක් සහ ළහිරු උදාන ලකුණු 105 ක් වශයෙන් ශතක වාර්තා කිරීමට සමත්වූහ. සුපිරි අට ප්‍රතිඵල සී.සී.සී.- රාගම සී.සී. රාගම අසීරු අඩියක කටුනායක පැවැත්වෙන මේ තරගයේදී සී.සී.සී, කණ්ඩායම කඩුලු 7 ක් දැවී රැස් කරන ලද ලකුණු 499 ක දැවැන්ත ඉලක්කය හඹා ගිය රාගම කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් ලබාගත හැකි වූයේ සියලුදෙනා දැවී ලකුණු 132 ක් පමණි. ඒ අනුව නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින රාගම පිලට ඉනිමක පරාජයෙන් බේරීමට නම් ලකුණු 367 ක ඉලක්කයක් සපුරාගත යුතු හෝ තරගයේ තෙවැනි දිනය කණ්ඩායම අත ඉතුරු කඩුලු 8 රැක ගත යුතු වේ. දිනය අවසන් වන විට රාගම කණ්ඩායමේ කඩුලු 2 ක් ලකුණු 04 ක් ඇතුළත දවා ගැනීමට ළහිරු ගමගේ සහ මාලින්ද පුෂ්පකුමාර සමත්වූහ. ප්‍රථම දින නොදැවී ලකුණු 132ක් ලබාසිටි සී.සී.සී නායක කුසල් මෙන්ඩිස් දෙවන දින තව ලකුණු හතක් එක්කරද්දී ලකුණු 139කට දැවී ගියේය. වනිඳු හසරංග හතරේ 14ක් සමඟ ලකුණු 88ක් ද ළහිරු මධුශංඛ නොදැවී ලකුණු 57ක්ද මෙදින රැස්කළහ. සී. සී. සී. පළමු ඉනිම පන්දුවාර 117 කදී කඩුලු 7 ට ලකුණු 499 යි – (මිනෝද් භානුක 88, කුසල් මෙන්ඩිස් 139, අශාන් ප්‍රියන්ජන් 58, වනිඳු හසරංග 88, ළහිරු මධුශංක 57, සොනාල් දිනූෂ 29, මාලින්ද පුෂ්පකුමාර 12*, බිනුර ප්‍රනාන්දු 72/4) රාගම සී.සී.පළමු ඉනිම පන්දුවාර 41.2 කදී ලකුණු 132 – (ජනිත් ලියනගේ 43*, රොෂේන් සිල්වා 27, මලින්ද පුෂ්පකුමාර 35/4, වනිඳු හසරංග 36/2, ළහිරු මධුශංඛ 16/2) සහ දෙවැනි ඉනිම කඩුලු 2ට ලකුණු 04යි. – (ළහිරු ගමගේ 1/1, මලින්ද පුෂ්පකුමාර 2/1) කොල්ට්ස් – සැරසන්ස් කෝල්ට්ස් පිලෙන් ශතක 2 ක් සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේදී ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 173 ක් ලබා ගැනීම හැරුණු විට සංතුෂ් ගුණතිලක ශතකයක් (100) ලබා ගැනීම කැපී පෙනිණ. මෙහිදී ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 245 ක ලකුණු සම්බන්ධතාවයක් එක්වීමද කෝල්ට්ස් කණ්ඩායමේ ලකුණු පුවරුව ප්‍රබල තත්ත්වයකට පැමිණීමට ප්‍රධාන ලෙසින් ඉවහල් විය. නොබිඳුණු මැතිව්ස්ගේ ඉනිම සඳහා පන්දු 262 කට මුහුණ දුන් අතර එහිදී හයේ පහර 2 කින් සහ හතරේ පහර 12 කින් සිය ඉනිම සරසා ගත්තේය. ඔහුට අනගි සහායක් ලබා දුන් සංතුෂ් ගුණතිලක වඩා ඉවසිලිවන්ත වෙමින් පන්දුවට පහර දෙන ලද්දේ හතරේ පහර 3 ක් පමණක් සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනි. පළමු පෙළ තරග දිවියේ දෙවැනි ශතකයට හිමිකම් කී සංතුෂ් එම ඉනිම සඳහා පන්දු 245 කට මුහුණ දී තිබිණ. කෝල්ට්ස් පළමු ඉනිම 408/6 (128.2) – (ඇන්ජලෝ මැතිව්ස් 173*, සංතූෂ් ගුණතිලක 100, සධීර සමරවික්‍රම 41, අවිශ්ක ප්‍රනාන්දු 66, සධීර සමරවික්‍රම 41 කසුන් රාජිත 85/3, පී.මධුවන්ත 72/2) සරසන්ස් පළමු ඉනිම 113/3 (44) – (කණිෂ්ක අමරසිංහ 45, නවිඳු විතානගේ 32, නිසල තාරක 35/1) හලාවත මේරියන්ස් – බී.ආර්.සී. හලාවත මේරියන්ස් මේ තරගයෙන් පහසු ජයග්‍රහණයක් අත්කර ගන්නා තත්ත්වයක පසුවිය. මේරියන්ස් පළමු ඉනිමේ ලබාගත් ලකුණු 195ට පිළිතුරු ලෙස බී.ආර්.සී පළමු ඉනිමේ ලබාගත්තේ ලකුණු 87ක් පමණෙකි. දෙවන දින තරගය නිමවනවිට මේරියන්ස් දෙවන ඉනිම සඳහා කඩුලු හයකට ලකුණු 359ක් ලබා ලකුණු 467ක් ඉදිරියෙන් සිටීමට සමත්විය. හලාවත මේරියන්ස් පළමු ඉනිම පන්දුවාර 47.2 කදී ලකුණු 195 යි – ඕෂධ ප්‍රනාන්දු 42, රුමේෂ් බුද්ධික, පුලින තරංග 40, කසුන් විදුර 38, තික්ෂිල ද සිල්වා 35, අසිත ප්‍රනාන්දු 12, භානුක රාජපක්ෂ 26/3, හෂේන් රාමනායක 43/3, දුවිඳු තිලකරත්න 54/3) සහ දෙවැනි ඉනිම පන්දුවාර 81 කදී කඩුලු 6 ට ලකුණු 359 යි – (කමිඳු මෙන්ඩිස් 136*, ෂෙහාන් ජයසූරිය 35, ලසිත් කෲස්පුල්ලේ 15, කසුන් අධිකාරි 87, තිකිෂිල ද සිල්වා 40*, භානුක රාජපක්ෂ 40/3, දුවිඳු තිලකරත්න 71/2) බී.ආර්.සී.පළමු ඉනිම පන්දුවාර 34.2 කදී ලකුණු 87 යි – (දේශාන් ඩයස් 24, ලසිත් ලක්ෂාන් 18, අසිත ප්‍රනාන්දු 42/4, තීක්ෂිල ද සිල්වා 13/3, නිමේෂ් විමුක්ති 6/3) යුද හමුදාව – එන්.සී.සී. යුද හමුදා බලාපොරොත්තු ළහිරු සහ තරංග ඈතට රැගෙන යයි යුද හමුදාව පළමු ඉනිමේ ලබාගත් ලකුණු 269ට පිළිතුරු ලෙස එන්.සී.සී පිල දෙවන දින තරගය නතර කරන විට කඩුලු හයකට ලකුණු 323ක් ලබා ඉදිරියෙන් සිටියේය. එන්.සී.සී කණ්ඩායමේ ළහිරු උදාන හතරේ 12ක් හයේ පහරක් සමග ලකුණු 105ක්ද උපුල් තරංග හතරේ 19ක් හයේ පහරක් සමඟ ලකුණු 121ක් ද ලැබූහ. මොවුන් දෙදෙනා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 144ක් එක්කළහ. යුද හමුදාව පළමු ඉනිම පන්දුවාර 84.1 කදී ලකුණු 269 යි – (අසේල ගුණරත්න 50, තුලින ඩිල්ෂාන් 14, හිමාෂ ලියනගේ 46, දිනේෂ් චන්දිමාල් 19, මහේෂ් කුමාර 41, ජනිත් සිල්වා 54, යශෝධ මෙන්ඩිස් 12, චතුරංග සිල්වා 18*, චතුරංග ද සිල්වා 90/3, දිලේෂ් ගුණරත්න 42/5) එන්.සී.සී පළමු ඉනිම පන්දුවාර 75 කදී කඩුලු 6 ට ලකුණු 321 යි – (උපුල් තරංග 121, ළහිරු උදාන 105, සීක්කුගේ ප්‍රසන්න 72/3 ප්ලේට් තරගාවලිය එස්.එස්.සී- ටැමිල් යූනියන් ටැමිල් යූනියන් කණ්ඩායමේ රමිත් ජයසේන (82) තරංග පරණවිතාන (71) සහ ධනංජය ද සිල්වා (53) අර්ධ ශතක රැස්කළහ. රමිත් ජයසේන සහ තරංග පරණවිතාන දෙවන කඩුල්ලට එක්කළ ලකුණු සංඛ්‍යාව 130කි. එස්.එස්.සී.පළමු ඉනිම පන්දුවාර 77.5 කදී 254 – (සචිත්‍ර සේනානායක 81, දසුන් ශානක 35, සදුන් වීරක්කොඩි 35, අකාෂ් සේනාරත්න 37, සුරංග ලක්මාල් 36/4, ඉසුරු උදාන 43/2) ටැමිල් යූනියන් පළමු ඉනිම පන්දුවාර 86 කදී ලකුණු 294/5 – (රමිත් ජයසේන 82, තරංග පරණවිතාන 71, ධනංජය ද සිල්වා 52, ධම්මික ප්‍රසාද් 28/2, ජෙෆ් වැන්ඩසේ 85/2 ලන්කන් සී.සී. – නිගම්බු සී.සී. ලන්කන් ක්‍රීඩා සමාජය මුල් ඉනිමේදී ලකුණු 32කින් ඉදිරියෙන් සිටියත් දෙවන ඉනිමේදී ලකුණු 67කට කඩුලු පහක් දැවී තිබිණි. ලන්කන් පන්දුවාර 68.2 කදී සියළු දෙනා දැවී ලකුණු 270 යි – (ළහිරු ඩිල්ෂාන් 43, ප්‍රිමෝෂ් පෙරේරා 10, චානක රුවන්සිරි 124, සවන් කංකානම්ගේ 14, කේෂාන් විජේරත්න 13, දුනිත් වෙල්ලාලගේ 37, ලක්ෂිත මණසිංහ 85/5, උපුල් ඉන්ද්‍රසිරි 22/3) සහ දෙවැනි ඉනම පන්දුවාර 33 කදී ලකුණු 67/5 – (චානක රුවන්සිරි 26*, කසුන් අබේරත්න 20, උපුල් ඉන්ද්‍රසිරි 13/2, රොෂේන් ප්‍රනාන්දු 22/2) නිගම්බු සී.සී. පළමු ඉනිම පන්දුවාර 69.2 කදී ලකුණු 238 (69.2) – (අෂේන් සිල්වා 53, මාධව වර්ණපුර 64, රොස්කො තටිල් 63, දුනිත් වෙල්ලාලගේ 66/3, චානක රුවන්සිරි 45/2, ගීත් කුමාර 33/2) මුවර්ස් – බදුරලිය මුවර්ස් කණ්ඩායම මේ තරගයේදී ප්‍රබල තත්ත්වයක පසුවේ. මුවර්ස් පළමු ඉනිම 340(100.2) – අයන සිරිවර්ධන 83, කවිෂ්ක අංජුල 42, අදීෂ තිලංචන 53, දිනුක දිල්ෂාන් 46, ළහිරු සමරකෝන් 86/5, දුෂාන් හේමන්ත 57/2) සහ දෙවැනි ඉනිම පන්දුවාර 19 කදී ලකුණු 74/1 යි. බදුරලිය පළමු ඉනිම පන්දුවාර 45.5 කදී ලකුණු 149 – (උෂාන් පෙරේරා 67, දුෂාන් හේමන්ත 25, කවිශ්ක අංජුල 39/5, සචිත්‍ර සේරසිංහ 12/3) බන්දුල මොල්ලිගොඩ previous post SLC Offers Contracts for 20 Umpires next post සුපිරි 8 වටයේ පළමු ජය සී. සී. සී. ට Related posts කණ්ඩායම් කිහිපයක් ජයග්‍රහණ අභියස Chamila Karawita March 27, 2022 March 27, 2022 වෙනසක් කරන්න සූදානම් – දසුන් ශානක Chamila Karawita October 1, 2022 October 4, 2022 කොළඹ දකුණ – ගාල්ල ගැටෙන පළාත් බාළිකා අවසන් හෙට Chamila Karawita September 13, 2022 October 4, 2022 Search for: Search Archives Archives Select Month December 2022 November 2022 October 2022 September 2022 August 2022 July 2022 June 2022 May 2022 April 2022 March 2022 February 2022 January 2022 December 2021 November 2021 October 2021 September 2021 August 2021 July 2021 June 2021 May 2021 April 2021 March 2021 February 2021 January 2021 December 2020 November 2020 October 2020 September 2020 August 2020 July 2020 June 2020 May 2020 April 2020 March 2020 February 2020 January 2020 December 2019 November 2019 October 2019 September 2019 August 2019 July 2019 Recent News Jaffna Kings power to back to back wins routing Dambulla Aura by 9 wkts. – Sadeera Samarawickrama Player of the...
ශ්‍රී ලංකාවේ දේශපාලනය බලය නැවතත් උරගා බලන යුගයකට පිවිසෙමින් තිබේ. එනම් පළාත් පාලන මැතිවරණය ඉදිරි මාස කිහිපය ඇතුළත පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් වෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේ පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල්දැමීම විපක්ෂයේ මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අගයන බොහෝ දෙනාගේ විවේචනයට ලක්විය. පළාත් පාලන මැතිවරණය කල්දැමීමට හේතු වූ ප්‍රධානම කාරණය වූයේ පසුගිය ආණ්ඩුව විසින් සීමා නිර්ණය කොට තිබූ වැරදි ආකාරයයි. විශේෂයෙන්ම පසුගිය ආණ්ඩුව යෝජනා කරමින් තිබූ මෙම ක්‍රමයේ ද විශාල ගැටළු පැවති අතර 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙන්ම අවිද්‍යාත්මක හා අගතිගාමී ක්‍රමයකට සීමා නිර්ණය කොට තිබුණි. එය කෙතරම් විහිලු සහගත ලෙසද යත්, පිටකෝට්ටේ සිරිකොත කොට්ඨාශය බහු මන්ත්‍රී කොට්ඨාසයක් බවට පත් කොට තිබුණි. මෙම කොට්ඨාශයේ සියයට සියයක්ම වෙසෙනුයේ සිංහලයින්ය. නමුත් එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය පවතින එම කොට්ඨාශය ජය ගැනීමට අපහසු බැවින්, රාජපක්ෂවරුන්ට ජය ගැනීමට බහු මන්ත්‍රී කොට්ඨාසයක් බවට පත්කොට තිබුණි. රට පුරාම තත්ත්වය එසේම විය. මෙම තත්ත්වය නිසාම රට පුරා සිදුකර තිබූ සීමා නීර්ණය නැවත සමාලෝචනය කළේය. එහිදී සිදුකර තිබූ බරපතළ විකෘතීන් නිවැරදි කිරීමටත්, නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමටත්, අදාල අණ පනත් සම්මත කිරීමටත් කාලය ගත විය. දැන් පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට අදාල සියලු කටයුතු සිදුකර අවසන්ය. එසේම පසුගිය සතියේ දේශපාලනයේ සිදුවූ ප්‍රමුඛතම සිදුවීම වන්නේ සිරස රූපවාහිනියට රටේ ජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධයයි. මෙම රූපවාහිනී චැනලයේ හැසිරීම කප්පම්කරුගේ තත්ත්වයට වෙනස් නොවන්නේය. මීට පෙර චයිනා හාබර් සමාගම සම්බන්ධයෙන් රට තුළ විශාල විරෝධයක් ගොඩනගන්නට උත්සාහකොට, එම සමාගමෙන් කප්පමක් ලබාගත් බවටද කසු කුසුවක් සමාජයේ තිබේ. එසේම එක්සත් ජාතික පක්ෂය තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කළයුතු යැයි සිතන බවක්ද පෙනෙන්නට තිබේ. 2001 - 2004 ආණ්ඩු සමයේදී මුදල් අමාත්‍යාංශය හා ආරක්ෂක අමාත්‍යාංශය තමන්ගේ හිතවත් මන්ත්‍රීවරුන්ට ලබාදෙන ලෙස බලපෑම් කළ බවටද විශාල මතයක් රට තුළ තිබේ. එසේම එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව තමන්ට හිතවත් අයගෙන් පුරවන ලෙසද බලපෑම් කොට තිබේ. මෙම නිසාම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මෙම ආයතනය හා විශාල අර්බුදයක් ඇති කර ගෙන ඇති අතර, ඔවුන්ගේ ප්‍රවෘත්ති විකාශය තනිකරම රනිල්ට අවලාද නගන වැඩ සටහනක් බවට පත්කරගෙන තිබේ. එසේම එම වැඩසටහන තුළම එක් අතකින් රනිල්ට අවලාද නගන අතර අනිත් අතින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඔසවා තබයි. මෙම නිසාම එක්සත් ජාතික පාක්ෂිකයන් දැන් දැන් ජනාධිපතිවරයා සැක කිරීමටත්, ජනාධිපතිවරයා කෙරෙහි සතුරු ආකල්පයකින් කටයුතු කිරීමටත් පටන්ගෙන තිබේ. ඒ සඳහා ප්‍රධානතම හේතුව නම්, මෙම රූපවාහිනී චැනලය කටයුතු කරනු ලබන මෝඩ හා මුග්ධ ආකාරයයි. මෙම චැනලයට ඇති ප්‍රධාන චෝදනා අතර රජය සතුව තිබූ අවසාන සංඛ්‍යාත ප්‍රමාණයත් සින්නක්කරව ලබාගැනීමත්, එමනිසා රජයට ඩිජිටලයිස් වැඩසටහනට විශාල අර්බූධයක් ඇතිවී තිබීමත්, රාජ්‍ය ආයතනවල අනුග්‍රාහක දැන්වීම් ජනාධිපතිවරයාගේ බලය භාවිතකොට බලහත්කාරයෙන් ලබා ගැනීමත්, අහිංසක ගායක ගායිකාවන් හා කලා කරුවන්ගේ ගීතවල අයිතිය රුපියල් සීයට දෙසීයට ලබාගෙන එම ගීත අනිත් චැනල්වල වාදනය⁣වද්දී ඒ වෙනුවෙන් ලක්ෂ ගණන් වල බිල්පත් එම ආයතනවලට යැවීමත් වේ. මෙම ආයතනයේ කටයුතුවලදී රජයේ ආයතනයක මෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපතිවරයා හා එකඟ වූ පරිදි, ජනාධිපතිවරයා විසින්, ජනාධිපතිවරයා වෙනුවෙන්, ලෙස යෙදීමට අමතක නොකරන්නේය. මෙම ආයතනය බාහිර ආයතන සමඟ කටයුතු කිරීමේ දී ජනාධිපතිවරයා තමන්ගේ සාක්කුවේ බව පෙන්වීමට විශේෂ උනන්දුවක් දක්වයි. එය අඩු වැඩි වශයෙන් සත්‍ය වේ. මන්දයත්, ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය සම්පූර්ණයෙන්ම මෙහෙයවනු ලබන්නේ මෙම රූපවාහිනී ආයතනයේ ගොබිලන් විසිනි. මෙම රූපවාහිනී ආයතනයේ හැසිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් සිටිනා මෙම යහපාලන ආණ්ඩුවේ සෞඛ්‍යයට විශාල බලපෑමක් සිදුකරනු ලබයි. කොටින්ම මෙම ආණ්ඩුව දෙකඩ වන තරමට මෝඩ, මුග්ධ ආකාරයට මෙම රූපවාහිනී ආයතනය හැසිරෙයි. ඒසේම ආණ්ඩුවේ ඇති අධිවේගී මාර්ග ගොඩනැගීමේ සිට රාජ්‍ය උත්සව සංවිධානය දක්වා සියළුම කොන්ත්‍රාත් මෙම ආයතනයට හෝ මෙම ආයතනය හරහා ලැබිය යුතුයැයි, මෙම ආයතනය සිතයි. එය විකාර අදහසකි. එසේ නොවන තත්ත්වයන් තුලදී ඔවුන් මාධ්‍ය තුලින් කර්කෂව විවේචන ඉදිරිපත්කොට, චරිත ඝාතනයකොට, මුළු කෝන්ත්‍රාත්තුවම හෝ කප්පම් මුදලක් ලබාගැනීමට උත්සාහ කරයි. මෙය වචනයේ පර්සමාප්ත අර්ථයෙන්ම ගොඩනැගීමට හදන මාෆියාවකි. නමුත් එය සාර්ථක නොවේ. උදාහරණ අවශ්‍යනම් 2015 ජනවාරි 08 වනදාට පෙර සාම්ප්‍රධායික මාධ්‍ය හැසිරුණු අකාරය අධ්‍යයනය කරන්න. මෙම මාධ්‍ය ආයතන හැසිරීම ශ්‍රී ලංකාවේ අනාගතය මෙන්ම වර්තමාන ආණ්ඩුවේ පැවැත්මටද විශාල බලපෑමක් සිදු කරනු ලබයි. තනි ජන මාධ්‍ය ආයතනයකට රටක පැවැත්ම තීරණය කළ හැකි යැයි සිතීමම මානසික රෝගී තත්ත්වයකි. මෙය විශාල මිනිසුන් ගොඩනැගූ යහපාලන ආණ්ඩුව කුඩා මිනිසුන්ගේ පැවැත්ම තීරණය කරන සාධකයක් බවට පත්වීමේ ප්‍රතිඵලයක්ය. මෙම රූපවාහිනි ආයතනයේ මෝඩ අත්තනෝමතික ක්‍රියාකලාපය හැකි ඉක්මනින් තේරුම්ගෙන එයට උල්පන්දම් දෙන දේශපාලන නායකයින් එයින් ඉවත් නොවුනහොත් මෙම ආයතනය සමග එම නායකයින්ද කුණු කූඩයට වැටෙනු ඇත. මේ තනි මිනිසුන් ජනමතය හසුරවන යුගයයි. බැසිල් සිරස අර්බූධය තුළින් නැවතත් සනාථ වූයේ ලංකාවේ අධිපති මාධ්‍ය සමාජ මාධ්‍ය බවයි. සාම්ප්‍රධායික මාධ්‍ය තුලින් රටේ තරුණ තරුණියන් වේගයෙන් ඉවත්වෙමින් තිබියදී මෙම රූපවාහිනී ආයතනයේ ක්‍රියාකලාපය ලෝකයේ කිසිදු මාධ්‍ය ආචාරධර්මයකට නොගැලපෙනවා සේම එය තවදුරටත් තරුණ තරුණියන් හා විද්වතුන් සාම්ප්‍රධායික මාධ්‍යයෙන් ඉවත්වී සමාජ මාධ්‍ය හා විකල්ප වෙත යොමුවීමට හේතුවනු ඇත. එසේම 2020 දී පැමිණීමට නියමිත ජාතික මැතිවරණයේදී තීරණාත්මක කාර්යභාර්ය ඉටුකරනු ලබන්නේ තනි පුද්ගල සමාජ මාධ්‍ය මිස මුදලාලිකරණය වූ කප්පම්කාර, මෙවැනි රූපවාහිනී ආයතන නොවේ. Posted by Ali Wanguwa at 7:43 PM Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest No comments: Post a Comment Newer Post Older Post Home Subscribe to: Post Comments (Atom) Followers About Me Ali Wanguwa View my complete profile Blog Archive ► 2018 (24) ► August (1) ► July (1) ► June (3) ► May (2) ► April (4) ► March (4) ► February (4) ► January (5) ▼ 2017 (46) ► December (4) ► November (3) ▼ October (5) රනිල්ට එරෙහි ජාතිකවාදීන්ගේ අවසානය රනිල්ට එදිරිව ලප කුමාර බුදුන් සරණ යැවීම. ඇමති අකිල පාස්ද? කප්පමටයි පාර කියන්නේ රාජපක්ෂවරුන්ගේ බුද්ධාගමට වින කැටීම ► September (1) ► August (3) ► July (4) ► June (4) ► May (4) ► April (5) ► March (3) ► February (4) ► January (6) ► 2016 (5) ► December (5) My Blog List Total Pageviews Search This Blog Featured Post කුවේණි භීතියෙන් තවම අප පෙලන්නෙමු. පසුගිය දාක මා හට ශ්‍රී ලංකා ගෘහණියන්ගේ සංගමයේ 60 වෙනි සංවත්සර සාදයට සහභාගි වීමට අවස්ථාවක් ලැබුණි. කිංස්බරි හෝටලයට ශ්‍රී ලාංකික ගෘහණියන් පන්ස...
මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්ට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද එම කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ‘මෙවර මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය පාවිච්චි කිරීමට එපා’ යයි රත්නජීවන් හූල් මාධ්‍යයට සිදුකළේ යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වහා පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් මෙම පැමිණිල්ලේ සිදු කර ඇත. ලංකා පොදුජන පෙරමුණේ සභාපති සාගර කාරියවසම් ඇතුළු පිරිසක් විසින් අද දහවල් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියට පැමිණිල්ල ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ හූල්ගේ ප්‍රකාශය සම්බන්ධව වහාම මැතිවරණ කොමිෂන් සභාව රටට ප්‍රකාශයක් සිදුකළ යුතු බවයි. මැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකයෙකුව සිටිමින් රත්නජීවන් හූල් සිදු කරන ලද ප්‍රකාශය පදනම් කරගනිමින් මෙරට මුද්‍රිත මාධ්‍යයේ ‘පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා’ යනුවෙන් පළ කර තිබීමෙන් තම පක්ෂයට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව සාගර කාරියවසම් කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වේ. මහාචාර්ය හූල් මහතා සිදුකර තිබෙන ප්‍රකාශය මගින් ස්වාධීන කොමිෂන් සභා කෙරෙහි ජනතාව තුළ තිබෙන විශ්වාසය ඔහු විසින් කඩ කර ඇති බව පැමිණිල්ලේ වැඩිදුරටත් පෙන්වා දී ඇත. එහෙත් එක්තරා ප්‍රධාන මුද්‍රිත මාධ්‍යයකින් වාර්තා කළ උක්ත පුවත තමන් ප්‍රකාශ නොකළ බව තරයේ කියා සිටින මහාචාර්ය රත්නජීවන් හූල් තමන් කීවේ “ඔබට බොරු කියන අයට, ඔබ රවටන අයට ඔබ ඡන්දය නොදිය යුතුයි“ කියා පමණක් බවය. තොප්පිය හරිනම් දාගත්තට කමක් නැතැයි ද මහාචාර්යවරයා පවසයි. Join @lankasara on Telegram Channel Previous Post ජනාධිපති කීවත් ගුවන් තොටුපල පරිශ්‍රයේ රසායනාගාරයක් ඉදි නොවන ලකුණු Next Post මනාප පොර කුකුල්ලු නිල වශයෙන් දෙන්නත් කලින් අංකේ අරන් වැඩ Related Posts සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජනවාරියේ සිට ඇප් එකක් – අමාත්‍ය හරීන් ප්‍රනාන්දු දෙසැම්බර් 3, 2022 විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙළක් – ජනපති දෙසැම්බර් 3, 2022 මෙහෙම රටක්… බොරැල්ලේ වකුගඩු ජාවාරම්කාර රෝහල වෘෂණ කෝෂයක් එක්කෝටි හැට ලක්ෂයකට ගලවා ගන්න හදලා. දෙසැම්බර් 3, 2022 Discussion about this post No Result View All Result නවතම ලිපි සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජනවාරියේ සිට ඇප් එකක් – අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙළක් – ජනපති මෙහෙම රටක්… බොරැල්ලේ වකුගඩු ජාවාරම්කාර රෝහල වෘෂණ කෝෂයක් එක්කෝටි හැට ලක්ෂයකට ගලවා ගන්න හදලා. අලුත්කඩේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ පවුම 47ක රන් ගුලි දෙකක් ගල් වෙයි… කිරි දෙන අම්මාගෙ වකුගඩුව ගලවාගෙන දෙනවා කී මුදලටත් වංචාකළ තිරිසන්නු ටැග = Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.
'' මට ගෑනු දරුවෝම තුන්දෙනෙක් ඉන්නවා. මගේ මහත්තයා ධීවරයෙක්. එයා ගොඩට ගේන මාළු ටික මම විකුණලා තමයි අපේ පවුල ජීවත් වුණේ. මේ කොරෝනා කරදරේ නිසා දැන් අපිට ජීවත් වෙන්න විදිහක් නැහැ. මිනිස්සු මාළු කන්නත් බයයි. අද මේ මාළු කිලෝ හතර විකුණගන්න ඒකත් ලොකු ගැටලුවක් වෙලා." හලාවත වැල්ල ගම්මානයේ පදිංචි තිස්තුන් හැවිරිදි වර්ණකුලසුරිය ඉනෝකා දිෂානි කොවිඩ් 19 හමුවේ තමන් මුහුණ දී ඇති තත්ත්වය එසේ විස්තර කළාය. ඉනෝකාගේ කතාව අද වන විට රටේම ධීවරයාගේ කතාව බවට පත්ව ඇති අතර මේ තත්ත්වයට ප්‍රධාන හේතුව වූයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ අශ්‍රිතව කෝවිඩ් 19 වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යෑමයි. මේ තත්ත්වය සමග පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ වසා දැමීමට බලධාරීන් පියවර ගත් නමුත් ඒ වන විටත් රටේ ප්‍රධාන ධීවර වරාය කිහිපයක් හා ධීවර වෙළෙඳසල් කිහිපයක් අතර කෝවිඩ් 19 වෛරසය පැතිර ගොස් තිබිණි. ධීවරයන් නොසලකා හැරලා හාල්මැස්සන් කිලෝ ග්‍රෑම් හතරක් පමණ අතැතිව සිටි ඉනෝකා දිෂානි මෙසේද කීවාය. "ධීවරයෝ කියන්නේ මේ රටේ නොසලකා හැර ඇති කොට්ඨාසයක්. බලන්න ගොවියන්ට ලබා දෙන සහන. නියඟය හරි ගං වතුර හරි ඇවිල්ලා වගා හානි වුණොත් සහන දෙනවා. පොහොර සහනාධරය දෙනවා. ඇට දෙනවා, උපකරණ දෙනවා, ණය දෙනවා නමුත් ධීවරයන්ට මේ මොනවත් නැහැ. දැලක් බෝට්ටුවක් දෙනවද? ඉන්ධන සහනාධාරයක් දෙනවද? එහෙම තියෙද්දී මේ වසංගතයක් නිසා අසරණ වෙලා ඉන්නෙත් ධීවරයන් තමයි. අපි සහන ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලනේ මේ දුර්මත නැති කරන්න ආණ්ඩුව මැදිහත් විය යුතුයි කියලයි. මාළු කාලා කාටවත් කොරෝනා හැදිලා තියනවද? ඡායාරූප ශීර්ෂ වැකිය, ඉනෝකා දිෂානි ඇයගෙන් මාළු මිලදී ගැනීමට පැමිණි නිහාල් ප්‍රනාන්දු කතාවට එකතු විය. "මම මේ හාල්මැස්සෝ ටිකක් ගන්න ආවේ කුඩා මාළු කෑවම ප්‍රතිශක්තිකරණය වඩනවා කියන නිසයි. නැතුව මට මාළු නැතුව නෙමෙයි. පුළුවන් නම් එන්න හලාවත ජැටියට පෙන්නන්න. මගේ බෝට්ටුවේ විතරක් තියනවා ලක්ෂ ගාණක ලොකු මාළු. ඒ කියන්නේ තෝරු, පරව්, කෙලවල්ලෝ. මේ දවස් ටිකේ අපි කෑවෙත් ඒ මාළු තමයි." ඡායාරූප ශීර්ෂ වැකිය, නිහාල් ප්‍රනාන්දු හලාවත ධීවර වරායේ පිහිටි ප්‍රධාන ජැටියේ "ළහිරු" පුතා බහුදින ධීවර යාත්‍රාව නැංගුරම් ලා තිබිණි. නිහාල් ප්‍රනාන්දු කියා සිටියේ දින පහක කාලයක සිට තම මාළු අස්වැන්න විකුණා ගත නොහැකිව සිටින බවය. ආණ්ඩුවට වැඩපිළිවෙළක් නෑ "ධීවර රාජ්‍ය ඇමති මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කිව්වා රටේම මාළු ගන්නවා කියලා. නමුත් ඒ පිළිබඳ පැහැදිලි වැඩපිළිවෙළක් නැහැ. මම දන්න විදිහට මේ වන විට දකුණේ හා නැගනහිර ඇතුළු ප්‍රදේශ කීපයක බහුදින ධීවර යාත්‍රාවල මාළු කිලෝ ලක්ෂ පහකට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේ මාළු තව ගොඩක් කල් තියාගන්න අමාරුයි. ආණ්ඩුව මේ තත්ත්වයට වග කියන්න ඕනෑ. මොකද මේ කොරෝනා රැල්ල ආවේ ධීවරයන්ගෙන් නෙමෙයි ව්‍යාපාරිකයන්ගෙන්. ඒ ගැන ජනතාව දැනුවත් කරන්න ආණ්ඩුව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේ නැහැ. අපේ ධීවරයෝ අපේ කාටවත් කොරෝනා නැහැ." ඔහු දැඩි වේදනාවෙන් මෙසේද කීවේය. "අද මගේ එක බෝට්ටුවක් කල්පිටියේ වරායේ හිරවෙලා. මට තියෙන ගැටලුව ඒ බෝට්ටුව ඇයි මට මෙහෙට ගේන්න දෙන්නේ නැත්තේ කියලයි. මේ නිසා මට මේ බෝට්ටුව වෙනුවෙන් දවසකට රුපියල් පන්සියයක් දෙන්න වෙලා තියෙනවා. මම ඉල්ලන්නේ මගේ බෝට්ටුව මෙහෙට ගේන්න අවසර දෙන්න කියලයි." ඡායාරූප ශීර්ෂ වැකිය, හලාවත ධිවර වෙළෙඳපොළ වසා දමා ඇති අයුරුවෙනත් දිනවල හලාවත මාළු වෙළදපොළේ දකින මුහුණු කීපයක් හලාවත විදි දිගේ දකින්නට ලැබිණි. මේරියන් දිලුකා එවැන්නියකි. ඇය කියා සිටියේ තමනට නිවෙසට වී කාලය ගත කළ හැකි නමුත් ඒ සඳහා රජයෙන් සහනාධාරයක් ලබා දිය යුතු බවය. "මාළු මාර්කට් එක වැහුවා. අපි ඒකට මුකුත් කියන්නේ නැහැ. අපි දන්නවා එතන මීටරේ දුර තියාගෙන වැඩ කරන්න බැහැ කියලා. නමුත් අපිට පාරේ හරි මාළු ටික විකුණගන්න ඕනෑ. නැත්නම් අපි කොහොමද කන්නේ? මාස හයක වාරකන් ඉවර වෙලා යන්තම් වලාල ලබලා මාළු ටිකක් අහුවෙන්න ගත්තා විතරයි, මේ නස්පැත්තිය!" ඇය වාරකන් යනුවෙන් ප්‍රකාශ කළේ මුහුද රළු වන මාස හයක කාලයයි. වලාල යනුවෙන් හැඳින්නුවේ මුහුදේ ධීවර කටයුතුවලට සුදුසු කාලයයි. ධීවර සංවිධාන ධීවර කර්මාන්තය මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳව රට පුරා ධීවර සංවිධාන මේ වන විට ප්‍රකාශ නිකුත් කරමින් සිටී. හලාවත ග්‍රාමීය ධීවර දිස්ත්‍රික් සංවිධානයේ ලේකම් ඇන්ටන් සුදේශ් පසුගිය 27 වැනි දින මාධ්‍ය හමුවක් කැඳවා තිබුණු අතර එහිදී ඔහු කියා සිටියේ ධීවර සංස්ථාව ඇත්තේ නමට පමණක් බවය. ඡායාරූප ශීර්ෂ වැකිය, හලාවත ග්‍රාමීය ධීවර දිස්ත්‍රික් සංවිධානයේ ලේකම් ඇන්ටන් සුදේශ් "මේ වන විට හලාවත බහුදින ධීවර යාත්‍රාවල හා අනෙක් ධීවර යාත්‍රාවල මාලු කිලෝ 10,000කට වැඩි ප්‍රමාණයක් ගබඩා කරලා තියෙනවා. දැන් ඒවාට කිසිම විකල්පයක් නෑ. දැන් සුළු පරිමාණ ධීවරයාටත් රැකියාව නෑ. රජය මේ වෙලාවේ ධීවරයාට සාධාරණයක් ඉටු කරන්න මැදිහත් වෙන්න ඕනෑ. දැන් මේ මාළු අලෙවි කරගන්න ක්‍රමයක් තමයි ඕනෑ." මේ වන විට රටේ පැතිර යන කට කතා පිළිබඳව ද ඇන්ටන් සුදේශ් මෙහිදී අවධානය යොමු කළේය. "මේ වන විට රටේ ජනතාව අතර මතයක් ඇතිවෙලා තියෙනවා මාළු කන්න හොඳ නෑ කියලා. ඒ මතයේ වගකීම ගන්න ඕනේත් රජය තමයි. මොකද රජය මේ වෙලාවේ නිශ්චිත ප්‍රකාශයක් නිකුත් කරන්නේ නෑ. සෞඛ්‍ය අංශවල ඉහළ වෛද්‍යවරුන් එක එක ප්‍රකාශ කරනවා. නමුත් ජනතාවගේ බිය, සැකය තවම දුරු වෙලා නෑ. ජනතාවගේ සැකය දුරු වෙලා ජනතාව මාළු පරිභෝජනයට යොමු වන ආකාරයට රජය වගකීමක් අරගෙන නිශ්චිත ප්‍රකාශයක් නිකුත් කරන්න ඕනෑ.'' පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ ගැටලුව පිළිබඳවද හලාවත ග්‍රාමීය ධීවර දිස්ත්‍රික් සංවිධානයේ ලේකම් ඇන්ටන් සුදේශ් අදහස් පළ කළේය. "ධීවරයො කොහොමද මේකට මුල් වෙන්නේ? පෑලියගොඩ කියන්නේ ධීවරයෝ ඉන්න තැනක් නෙවේනේ. පෑලියගොඩ කියන්නේ ව්‍යාපාරිකයෝ ඉන්න තැනක්. පෑලියගොඩට ලංකාවේ හැමතැනකින්ම මාළු ගන්න එනවා. තවම නිශ්චිතවම කියන්න පුළුවන්ද කාගෙන්ද විෂබීජ පෑලියගොඩට ආවේ කියලා. මේක ධීවරයින්ගෙන් හැදුණා කියලා කොහොමටවත් කියන්න බෑ. මාලුන්ට මේක හැදුණා කියලා ලෝකේ කොහේවත් නෑ. මාළු අරගෙන ඇවිල්ලා ගෙවල්වල කනවා. කාටවත් එහෙම කොරෝනා හැදිල තියනවද? ආණ්ඩුව මේ වැරදි මත දුරු කළේ නැත්නම් ධීවර කර්මාන්තය විනාසයි." ඡායාරූප ශීර්ෂ වැකිය, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයක් ලෝක ධීවර සම්මේලනයේ මෙරට නියෝජිත හා ජාතික ධීවර සහයෝගිත ව්‍යාපාරයේ කැදවුම්කරු හර්මන් කුමාර පවසන්නේ වහාම රජයේ මැදිහත්වීමක් අවශ්‍ය බවයි. "මුලින්ම රජය මේ මාළු අරගෙන නරක් වෙන්න නොදී ගබඩා කරන්න ඕනෑ. මේ සදහා සුදුසු පියවර ඉක්මණින් ගත යුතුයි. නැත්නම් කරවල සදහා වියළීමට හෝ අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුයි. වෙළෙඳුන්ට ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දිය යුතුයි. අනෙක් කාරණය තමයි ඉදිරියට ලැබෙන්න නියමිත මත්ස්‍ය සම්පතට කුමක් කළ යුතුද යන්න. දැනට මුහුදේ ඇති යාත්‍රා ප්‍රමාණය ගොඩබිමට ඒමේදී ඔවුන්ගේ මත්ස්‍ය සම්පත සඳහා වහාම වැඩපිළිවෙළක් අවශ්‍යයි. " ඡායාරූප ශීර්ෂ වැකිය, ලෝක ධීවර සම්මේලනයේ මෙරට නියෝජිත හා ජාතික ධීවර සහයෝගිත ව්‍යාපාරයේ කැදවුම්කරු හර්මන් කුමාර මත්ස්‍යයින් මගින් කොරෝනා වෛරසය පැතිරෙනවා යන්න මතයක් ජනතාව අතර පැතිර තිබෙන නිසා මාළු මිලදී ගැනීමට ජනතාව දැඩි බියක් දක්වන බවද හර්මන් කුමාර කියා සිටී. "මේ වන විට මාළු කෑම මිනිසුන් අතහැරලා තියෙන්නේ. මාළු හරහා කොරෝනා බෝ වෙනවා කියලා දුර්මතයක් පැතිරෙනවා. සෞඛ්‍ය අංශ මෙහි ඇත්ත නැත්ත සනාථ කරන්න ඕනෑ. එහෙම බෝ වෙනවානම් ඒ බව විද්‍යාත්මකව සනාථ කළ යුතුයි. මේ අවිනිශ්චිත තත්ත්වය දේශීය වෙළෙඳපොළට පමණක් නොව අපනයන වෙළෙඳපොළටත් බලපානවා. ලක්ෂ විස්සකගේ ජීවනෝපාය ඡායාරූප ශීර්ෂ වැකිය, පාලුවට ගිය තොටුපොළ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනුව ධීවර කර්මාන්තයෙන් සෘජුව හා වක්‍රව ජීවනෝපාය සලසාගන්නා පිරිස ලක්ෂ විස්සකට ආසන්නය. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ 2018 වාර්ෂික කාර්යය සාධන වාර්තාවට අනුව 2018 වසර තුළ සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 527,060ක් වන අතර මේ සදහා කරදිය හා මිරිදිය අංශ පිළිවෙළින් මෙට්‍රික් ටොන් 439,370 හා මෙට්‍රික් ටොන් 87,690ක මත්ස්‍ය අස්වැන්නක් ලබා දීමෙන් දායක වී ඇත. 2019 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව ධීවර කර්මාන්තය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිශ්පාදනයට දක්වන දායකත්වය 1.1%කි. 2018 වසරේ එම අගය 1.2% කි. ඡායාරූප ශීර්ෂ වැකිය, ධීවරයන් රැකියාව නොමැතිව ලෝක ධීවර සම්මේලනයට අනුබද්ධ ජාතික ධීවර සහයෝගිතාවයේ දත්ත අනුව ශ්‍රී ලංකාවේ ධීවරයන් ගණන ලක්ෂ දෙකකට ආසන්නය. එම දත්ත අනුව ලංකාවේ බහුදින ධීවර යාත්‍රා හාරදහසකට ආසන්න ප්‍රමාණයක් ඇති අතර කුඩා යාත්‍රා, එනම් එක් දින යාත්‍රා හතළිස් දහසක් පමණ තිබේ. ලෝක ධීවර සම්මේලනයේ මෙරට නියෝජිත හා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැදවුම්කරු හර්මන් කුමාර ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට ධීවර ක්ෂේත්‍රයෙන් දක්වන දායකත්වය මෙවර තවත් අඩු විය හැකි බවය. "ලංකාවේ මුහුද වටේ යන කුඩා බහුදින යාත්‍රා 1,500ත් 2,000ත් අතර ප්‍රමාණයකුත් ධීවර රැකියාවේ නිරත වෙනවා. වැඩියෙන්ම තියෙන්නේ කුඩා යාත්‍රා. වැඩියෙන්ම ආදායමක් ලබා දෙන මත්ස්‍ය සම්පත තමයි හුරුල්ලා. අපනයනය සඳහා වන මත්ස්‍ය සම්පත් වන්නේ කෙලවල්ලා සහ ඉස්සා. ප්‍රධාන වශයෙන්ම බහුදින ධීවර යාත්‍රා යැපෙන්නේ කෙලවල්ලන්ගෙන්. බහුදින යාත්‍රාවලින් ගෙනෙන මාළු ප්‍රධාන වශයෙන් අලෙවි කරන්නේ පෑලියගොඩ, බේරුවල, මීගමුව යන මාළු වෙළෙපලවල්වල. මේ පෑලියගොඩ තත්ත්වයත් එක්ක වෙළෙඳපොළ බරපතල අර්බුදයකට මුහුණ දී තිබෙනවා. වැරදුණේ කොතැනද? රට පුරා ප්‍රචාරය වන මාළු හා කොරෝනා සම්බන්ධ පුවත් ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණගෙන් විමසුවෙමු. "මේ කතාව ගොඩනැගෙන්නේ පෑලියගොඩ ධීවර වෙළෙඳපොළ ආශ්‍රිතව රෝගය පැතිර ගිය නිසා. නමුත් මාළු වලින් කොවිඩ් 19 පැතිරෙනවා කියලා මේ වන තුරු කවුරුත් අනාවරණය කරගෙනවත් පර්යේෂණ කරලා තහවුරු කරලාවත් නෑ. මිනිස්සු මෙහෙම සැකයක් හදා ගෙන තියෙන්නේ මාලු ආශ්‍රිත කර්මාන්තවල යෙදෙන මාලු අලෙවි කරන පුද්ගලයින් ආසාදිතයින් වීම නිසා. එයට හේතුව ඔවුන් ආරක්ෂක පියවර අනුගමනය කිරීම ඉතා අවම මට්ටමක පැවතීමයි. කෙසේ වෙතත් මාළු නිසා මෙය පැතිරෙනවා කියන්න බෑ. ඒ නිසා කිසි විටෙක මාළු සම්බන්ධ අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නෑ." "මම මීට කලින් අවස්ථා තුනකදී කාරණා කීපයක් ප්‍රකාශ කළා. පළමු කාරණය තමයි ධීවරයින් ආශ්‍රිතව මෙය ඕනෑම අවස්ථාවක පැතිරෙන්න පුළුවන් කියන එක ඒ වගේම මම කීවා ඉන්දියානු පන්නයේ වෛරසයක් සංක්‍රමණය වෙලා රට තුළ වර්ධනය වෙලා පුපුරා යෑමක් විදිහට වාර්තා වෙන්න පුළුවන් කියලා. එතකොට අපි ප්‍රමාද වැඩියි කියලත් මම කිව්වා. ඒ දෙවැනි අවස්ථාවේදී මම ප්‍රකාශ කළා ඉදිරි සති කීපයේදී වෛරසය පැතිරීම වේගවත් වෙලා රට තුළ ව්‍යසනයක් නිර්මාණය වෙන්න පුළුවන් කියලා. ඒ වගේම පසුගිය සතියේ ප්‍රකාශ කළා මේ සතිය තුළ ධීවරයින් අතර පැතිර යෑමක් වාර්තා වෙනවා කියලා. ඒකත් සත්‍ය වෙලා තියෙනවා. ක්ෂේත්‍රයේ ඉන්න හා වැඩ කරන පුද්ගලයන් විදියට අත්දැකීම් සහ වසංගත පිළිබඳව දැනුමෙන් තමයි එසේ ප්‍රකාශ කළේ." ඡායාරූප ශීර්ෂ වැකිය, මේරියන් දිලුකා දැනට පවතින තත්ත්වය අවම කර ගැනීම සදහා "ඇල් මැරුණ ස්වාභාවයෙන් කටයුතු කරන සෞඛ්‍ය නිලධාරීන්" සක්‍රියව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග කටයුතු කර නියමිත සැලසුමකට අනුව රාජකාරි කළ යුතු බවද උපුල් රෝහණ පැවසීය. "දැනට ආරක්ෂක අංශ හා විශේෂයෙන්ම යුධ හමුදාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග සෘජුවම ගනුදෙනු කරමින් ඉන්නවා. ඒ නිසා මහජනතාවගේ සහයෝගය මේ සදහා ලැබිය යුතු වෙනවා. මේ අංශ තුනම ඒකාබද්ධව ඉදිරි මාසය තුළ සක්‍රියව වැඩ කළොත් විශේෂයෙන්ම සැලැස්මකට අනුව කටයුතු කළොත් මේක අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. මේ දෙවැනි රැල්ල අපි ජයග්‍රහණය කළත් මේ අවදානම අඩු වෙන්නේ නෑ. විශේෂයෙන්ම ඉන්දියාවේ දැඩි ලෙස පැතිර යෑම හා ලෝකයේ තවමත් මේ අවදානම තියෙන නිසා අපිට ඉදිරියේදීත් නිරන්තර අවධානයෙන් කටයුතු කළ යුතුයි. මේක පාලනය කරන්න නම් මේකත් එක්ක අපිට වසර 3 ක් 4ක් ජීවත් වෙන්න වෙයි. වරින් වර පීඩාවට පත් වෙමින් වරින් වර මරණ ඇති වෙමින් වරින් වර රට ලොක් ඩවුන් කරමින් මෙවැනි තත්ත්වවලට අපට ඉදිරියට මුහුණදීමට සිදුවෙයි." රජයේ ප්‍රතිචාරය පවතින තත්ත්වය පිළිබදව කාංචන විජේසේකර ධීවර රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ දැනට ධීවර වරායන්වල ගොඩ ගැසී ඇති මාළු මිලදී ගැනීම සදහා රජයෙන් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවය. "අපි දැක්කා පහුගිය කාලයේ නාවික හමුදා පොකුර , බ්‍රැන්ඩික්ස් පොකුර දැන් පෑලියගොඩ පොකුර. ඒ කාල වකවානුව තුළ අපි දැක්කා ජනතාව තුළ ඇති වුණ බිය. ඒක සාමාන්‍ය දෙයක්. මත්ස්‍ය පරිභෝජනයෙන් කිසිම අවදානමක් නෑ. ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරලා පවත්වාගෙන යන අලෙවිසල්වලින් මේ මත්ස්‍ය සම්පත ලබා ගන්න කියලා. විශේෂයෙන්ම මේ රටේ ධීවර ජනතාව ඉතාමත්ම අසීරුතාවකට පත්ව ඇති මොහොතේ මේ රටේම දේශීය කර්මාන්ත කරන මේ පිරිස අත් හරින්න එපා කියන කාරණය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා." ඡායාරූප ශීර්ෂ වැකිය, විදි දිගේ මාළු විකුණන හලාවත ධීවරයන් මාළුවලින් කොවිඩ් හැදෙන්නෙ නෑ! "කොරෝනා හැදෙනවා කියලා මාළු නොකා ඉන්න එක මෝඩකමක්. මාළු ආහාරයට ගැනීමෙන් කොවිඩ් වැළදෙන්නේ නැහැ." රුහුණු විශ්වවිද්‍යාලයේ ධීවර සහ සාගර විද්‍යා හා තාක්ෂණ පීඨයේ, ධීවර සහ ජල ජීවී වගා අධ්‍යයන අංශයේ මත්ස්‍ය ජීව විද්‍යාව පිළිබඳ හිටපු සම්මානිත මහාචාර්ය රුචිරා කුමාරණතුංග පවසයි. ඡායාරූප ශීර්ෂ වැකිය, මහාචාර්ය රුචිරා කුමාරණතුංග "කොරෝනා වෛරසය මාළුවාගේ ශරීරය තුළට ඇතුළු විය නොහැකියි. යම් ආකාරයකින් වෛරසය ඇතුළු වුවහොත් හොඳින් සෝදා වැඩි උෂ්ණත්වයක පිසින නිසා වෛරසය රඳා පවතින්නේ නෑ. සෙල්සියස් 70 කට වැඩි උෂ්ණත්වයකදී වෛරසය විනාශ වන නිසා හොදින් පිසූ මාළු ආහාරයට ගැනීමෙන් වෛරසයේ බලපෑමක් නෑ. මාළු නොකා හිටියොත්, මිලදී ගන්නේ නැති වුණොත් රටේ ආර්ථිකයට විශාල බලපෑමක් සිදු වෙන්න පුළුවන්. අපි දිගටම පිරිසිදුකම පවත්වාගෙන යනවානම් මේ තත්ත්වය දුරදිග යන්නේ නෑ. මාළු ඇල්ලුවත්, මාළු විකිණුවත් අත් ආවරණ, මුව ආවරණ පලන්දිනවානම් මේ තත්ත්වය උදා වන්නේ නෑ. මාළු වෙළෙඳසල්වල මාළු සෝදන්න, අත් සෝදන්න, පිහි සෝදන්න, ලෑලි පිරිසිදු කරන්න පහසුකම් තියෙනවානම් මේ තත්ත්වය ඇති වන්නේ නෑ." ඡායාරූප ශීර්ෂ වැකිය, විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල මහනුවර මහා රෝහලේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල, කෝවිඩ් 19 පැතිර යෑම හා මත්ස්‍ය පරිභෝජනය අතර සම්බන්ධය පිළිබදව දැක්වූයේ මෙවන් අදහසකි. "කොවිඩ් 19 වෛරසය සතුන් අතර පැතිරෙන බවක් මෙතෙක් සොයාගෙන නෑ. මාළු පරිභෝජනය කළා කියලා මේ රෝගය පැතිරෙන්නේ නෑ. ලුණු වතුරෙදි වෛරසය ඉක්මණින් විනාශ වෙන නිසා මාළු අල්ලන අවස්ථාවෙදිත් අවදානමක් නෑ. ඒත් මාළු විකුණන තැන්වලට වෛරසය වැටුණොත් සාමාන්‍ය පරිසරයට වඩා වෛරසය ජීවීව තියෙන්න පුළුවන්. මාළු ගේනකොට ගේන පාර්සලයේ, කවරයේ ගෑවිලා එන්න පුළුවන්. මාළු ගෙදරට ගෙනත් හොඳින් සෝදලා උයලා කෑවොත් බෝ වෙන්නේ නෑ. නමුත් මාළු සුද්ද කරද්දී නාසය, කට, ඇස අල්ලන්නේ නැතුව පරිස්සමින් කරන්න ඕන." ඔහු තවදුරටත් පැවසුවේ, මාළු සම්බන්ධයෙන් පමණක් නොව වෙළෙඳපොළෙන් මිලදී ගන්නා ඕනෑම ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි. 'ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා' පුත්තලම් දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු පවසන්නේ මාළු ගැන අනියත බියක් ඇති කර නොගත යුතු බව පමණක් නොව, වෛරසය සමඟ සටන් කිරීමට ප්‍රතිශක්තිය අවශ්‍ය බැවින් මාළු ආහාරයට ගැනීමේ වැදගත්කමද ඇය අවධාරණය කරන්නීය. Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest Newer Post Older Post Home NAFSO-NETWORK DIFSO-AMPARA DIFSO-BATTICALOA DIFSO-MANNARDIFSO-TRINCOMALEE DIFSO-MULLAITIVU PSS-KURUNEGALA MO-POLONNARUWA SFO-GALLE DIFSO-PUTTLAM PSDF-KARU-WEWA UWWO-MONARAGALA SFO-MATARA DIFSO-KALUTARA NLFPO-NEGOMBO SVFWO-GAMPAHA DIFSO-JAFFNA DIFSO-KILINOCHCHI ABOUT NAFSO NAFSO (National Fisheries Solidarity Movement), organizes fishermen to lobby the government to defend their rights and to bring about good environmental practice in coastal areas. ...NAFSO has helped a fishing community to take legal action against a proposal to build a five-star hotel on a mangrove where fish spawn."We are not against hotels, because they bring tourism and income. But 3,000 families and 15,000 fishermen use this lagoon and all of them could be affected by the developments. Only 200 would be employed by the hotel. The lagoon is our mother, and we must protect her." Jude Preman Fernando, local fisherman. At the present situation we are continuing our campaign with small scale fishermen to urge the government to take legal action against Destructive Fishing Practices around the coastal areas of Sri Lanka. View my complete profile Read more Working Area of NAFSO STOP PLASTIC POLLUTION Blogger Seen . Blog Archive Blog Archive November 2022 (34) October 2022 (17) September 2022 (28) August 2022 (59) July 2022 (38) June 2022 (97) May 2022 (62) April 2022 (19) March 2022 (55) February 2022 (40) January 2022 (32) December 2021 (24) November 2021 (39) October 2021 (124) August 2021 (1) July 2021 (17) June 2021 (14) May 2021 (21) April 2021 (40) March 2021 (25) February 2021 (49) January 2021 (14) December 2020 (23) November 2020 (56) October 2020 (27) September 2020 (14) August 2020 (6) July 2020 (80) June 2020 (16) May 2020 (15) April 2020 (14) March 2020 (5) February 2020 (4) January 2020 (14) December 2019 (11) November 2019 (19) October 2019 (14) September 2019 (21) August 2019 (14) July 2019 (26) June 2019 (25) May 2019 (42) April 2019 (10) March 2019 (6) February 2019 (16) January 2019 (26) December 2018 (10) November 2018 (13) October 2018 (17) September 2018 (16) August 2018 (13) July 2018 (17) June 2018 (15) May 2018 (15) April 2018 (10) March 2018 (5) February 2018 (14) January 2018 (5) December 2017 (3) November 2017 (9) October 2017 (9) September 2017 (4) August 2017 (6) July 2017 (6) June 2017 (2) May 2017 (4) April 2017 (1) March 2017 (5) February 2017 (4) January 2017 (2) November 2016 (2) October 2016 (9) September 2016 (5) August 2016 (2) July 2016 (8) June 2016 (9) May 2016 (7) April 2016 (8) March 2016 (15) February 2016 (16) January 2016 (7) December 2015 (9) November 2015 (9) October 2015 (9) September 2015 (13) August 2015 (4) July 2015 (17) June 2015 (7) May 2015 (7) April 2015 (4) March 2015 (16) February 2015 (4) January 2015 (8) December 2014 (16) November 2014 (12) October 2014 (12) September 2014 (5) August 2014 (7) July 2014 (8) June 2014 (9) May 2014 (5) March 2014 (23) February 2014 (15) January 2014 (11) December 2013 (11) November 2013 (9) October 2013 (14) September 2013 (11) August 2013 (7) July 2013 (4) June 2013 (13) May 2013 (10) April 2013 (10) March 2013 (5) February 2013 (22) January 2013 (6) December 2012 (9) November 2012 (14) October 2012 (17) September 2012 (4) August 2012 (3) July 2012 (5) June 2012 (9) May 2012 (4) April 2012 (4) March 2012 (24) February 2012 (6) January 2012 (10) December 2011 (2) November 2011 (3) October 2011 (5) September 2011 (2)
පින්වතුනේ, පින්වත් දරුවනේ, ධර්මය අවබෝධ වන විදිහ අපට හිතාගන්න බැහැ. එය තේරුම් ගත හැක්කේ බුදු ඇස තිබෙන භාග්‍යවතුන් වහන්සේට විතරයි. අපගේ භාග්‍යවතුන් වහන්සේට බුදු ඇස තියෙනවා. බුදු ඇස කියන්නේ විශේෂ ඤාණ දෙකක්. ඒ කියන්නේ සත්ත්වයන්ගේ ආසයඅනුසය දන්නා ඤාණයක් තියෙනවා. ඒ තුළින්කෙනෙකුගේ දුර්වලතා පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් උන්වහන්සේට ලැබෙනවා. ඒ වගේම ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණය කියලා තව ඤාණයක් තියෙනවා. එයින් සත්ත්වයන්ගේ ධර්මාවබෝධයට ඇති හැකියාව පිළිබඳව පුර්ණ වාර්තාවක් ලැබෙනවා. මෙය බුදුරජාණන් වහන්සේට පමණයි තියෙන්නේ. එයින් තමයි උන් වහන්සේ තව කෙනෙකුගේ මාර්ගඵලාවබෝධයේ ප්‍රමාණය ගැන පවසන්නේ. දැන් ඔබ ඉගෙන ගන්නේ එවැනි කතාවක්. හරි පුදුම විදිහට මේ පින්වත්කෙනා ධර්මය කරා ගියා. එක් කාලයක කොසොල් රජ්ජුරුවන්ගේ රාජධානියෙහි එක්තරා ඈත ප්‍රදේශයක කැරැල්ලක් ඇති වුණා. රජතුමා සන්තති නම් වූ මහ ඇමැතිතුමා එය මැඬලන්න පිටත් කළා. ඔහු කැරැල්ල මැඬලා ආපසු ආවා. රජතුමාට හරි සතුටුයි. රජතුමා හත් දවසක් රජෙකුට වගේ සැලකිලි දැක්කුවා. නැටුම්, ගැයුම් වලට දක්ෂ ඉතා සුරූපී ස්ත්‍රියක් උපස්ථානයට දුන්නා. දැන් ඔහු රජෙක් වගේ ඉන්නවා. දවස් හත ගෙවිලා ගියා. අන්තිම දවස නිසා ඇති පදමට බිව්වා. රජ ඇඳුමෙන් සැරසිලා ඇතා පිට නැගී නාන්න පිටත් වුණා. ඒ මොහොතේ අපගේ ශාස්තෘන් වහන්සේත් පිඬුසිඟා වඩිනවා. උන් වහන්සේ දොරටු අතර වැඩසිටියා. ඔය අතරේ සන්තති අමාත්‍යයා ඇතා පිටින් යනවා. ඇතා පිට සිටිද්දීම ඔහු භාග්‍යවතුන් වහන්සේ දෙසට හිස ඇල කොට නැමුවා. වන්දනා කළා. පිටත් වුණා. භාග්‍යවතුන් වහන්සේට සිනහවක් පහළ වුණා. “ස්වාමීනි, සිනහ පහළ වෙන්නට සිදුවූ දෙය කුමක්ද?” “පින්වත් ආනන්ද, ඔය යන සන්තති අමාත්‍යයා දෙස බලන්න. අද ඔය ආභරණ වලින්ම ඇමතිතුමාට තථාගතයන් සමීපයට එන්න සිද්ධ වෙනවා. ගාථා පද හතර ඇසෙද්දී මොහු අරහත්වයට පත් වෙනවා. අහසට පැන නැඟී අදම පිරිනිවන් පානවා.” මිනිස්සු වටවෙලා ආනන්ද ස්වාමීන් වහන්සේ සමග මේ කරන කතාවට සවන් දුන්නා. මේ වචනය හැමතැනම පැතිරී ගියා. ධර්මයෙහි ඇද හොයන අයට ;මය හොඳ ආයුධයක් වුණා. “ශ්‍රමණ ගෞතමයන්ගේ වැඩ නම් යසයි! කටට එන එන දේ කියනවා. අර බේබද්දා ඔය විදිහටම ආභරණ සමග ආපහු ඇවිදින් බණ අහලා පිරිනිවන් පානවා කියන්නේ. අද නම් ඔය බොරු කීමට අපි නැගී හිටින්න ඕන.” තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් මෙහෙම හිතුවා. “සැබැවින්ම බුද්ධානුභාවය නම් මහා ආශ්චර්යයි! අද බුදුරජුන්ගේ හාස්කමත්, බෞද්ධ ශ්‍රාවක භාවයට පත්වන සන්තති අමාත්‍යයාගේ හාස්කමත් අපට දැකගන්නට පුළුවනි.” ඉතින් ඇමතිතුමා නාන්න ගියා. හොඳට නෑවා. උයනට ආවා. ශාලාව මැද්දේ වාඩිවුණා. දැන් මෙයා කැවිලි ජාති කකා නැටුම් බලනවා. අර ලස්සන ස්ත්‍රිය සිංදු තාලෙට විදුලිය වගේ නටනවා. මේ ස්ත්‍රියට දවස් හතට තමයි වැටුප් ලැබෙන්නේ. හත්වෙනි දවසේ ඇමතිතුමාව වැඩිපුර පහදවන්න හිතලා වේගයෙන් නැටුවා. ඇයට හෘදයාබාධයක් වැළඳුණා. එතනම මැරිලා වැටුණා. සන්තති අමාත්‍යයාට නිකම්ම නැගිට්ටුණා. “අන්න,... මගේ නළඟන වැටුණා... ඉක්මනට ඔසොවා ගනිල්ලා... ඔය මක් වුණාද....?” “ඇමතිතුමනි.... මෑ.... මෑ.... මැරිලා....!” ඇමතිතුමාට ඉහලට ගත්තු හුස්ම පහළට ගන්නත් අමාරු වුණා. වෙරි හිඳුණා. හඬන්න පටන් ගත්තා. හැම දෙයක්ම එපා වුණා. “අයියෝ!! මේ මොකද වුණේ...” කියලා වැළපුණා. බුදුරජාණන් වහන්සේව මතක් වුණා. “භාග්‍යවතුන් වහන්සේ හැර මේ දුකින් මාව ගලවන්න වෙන කෙනෙක් නෑ.... මට මේවා වැඩක් නෑ... මාව භාග්‍යවතුන් වහන්සේ ළඟට එක්කරගෙන පලයන්...” නිළියගේ කටයුතු අවසන් කොට මහත් කම්පාවෙන් යුතුව ඔහු සේනාව සමග භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. තමන්ගේ ශෝකය කියා හිටියා. “පින්වත, ඔබ ඔය ස්ත්‍රිය ඔය අයුරින් මිය ගිය අනෙක ආත්මවලදී හැඬූ කඳුළු සාගර ජලයට වඩා වැඩී” යැයි පැවසුවා. ඉන් පසුව උන් වහන්සේ මෙන්න මේ ගාථාව වදාළා. “යං පුබ්බේ තං විසෝසේහි – පච්ඡා තේ මාහු කිඤ්චනං මජ්ෙක්‍ද චේ නෝ ගහෙස්සසි - උපසන්තෝ චරිස්සසි” යමක් වූයේ නම් කලින් – වියළා දමන්න සහමුලින් අනාගතයේ ඇතිවන - කෙලෙස් ඔබ නොගනීවා මේ මොහොතෙදී කිසිවක් – ඔබට පැටලී නැතිනම් උපශාන්තව සැබැවින් – හැසිරෙනු හැකිය මැනැවින් පින්වතුනේ පින්වත් දරුවනේ ඔය ගාථාරත්නයයි ඒ මොහොතේදී බුදුරජාණන් වහන්සේ වදාළේ. හරිම ආශ්චර්යයි! ඔහු අරහත්වයට පත් වුණා. තවමත් රජ ඇඳුම් පිටින් ඉන්නේ. සන්තති රහතන් වහන්සේට තේරුණා තමන්ගේ ආයුෂ අවසන් වී ඇති බව. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මා හට පිරිනිවන් පෑමට අවසර දෙන සේක්වා” “එසේ නම් ඔබ මෙවැනි වූ විස්මිත අරහත්වයක් ලබන්නට කළ පින ගැන අහසට ගිහින් කියන්න. එතකොට හැමෝටම පිනෙහි වටිනාකම තේරේවි.” ඉතින් සන්තති රහතන් වහන්සේ ආභරණ පිටින්ම අහසට පැන නැංගා, පළඟක් බැඳ වාඩි වුණා. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මා පෙර කළ පින අසා වදාරණ සේක්වා!! මෙයින් අනූ එක් කල්පයකට පෙර විපස්සී බුදුරජාණන් වහන්සේගෙ කාලෙ මං බන්ධුමතී නගරයේ ඉපදිලා හිටියේ. කාටවත් වරදක් නැතුව, හිංසාවක් පීඩාවක් නැතුව ජීවත් වෙන්න මං කල්පනා කළා. ඊට පස්සේ මං තෝරාගත්තා බණ කීම. මහජනයාට මං දහම් කරුණු කියා දෙනවා. ‘පින්වත්නි, පින් කරන්න. සිල් රකින්න. දන් දෙන්න. ධර්මය අහන්න. තුණුරුවනට ගෞරව කරන්න...’ ආදිය කියමින් ගියා. ඒ විපස්සී බුදුරජුන්ගේ පියාණන් වන බන්ධුමතී මහරජුට මං ගැන අසන්නට ලැබුණා. මාව කැඳෙව්වා. “දරුව, තොප කුමක්ද ඔය කරමින් සිටින්නේ?” “දේවයන් වහන්ස, මං තුණුරුවන්ගේ ගුණ කියමින් මහජනයාව පිනට යොමු කරනවා.” “කොහෙ ඉඳන්ද ඒක කරන්නේ?” “දේවයන් වහන්ස, මං පයින්ම ඇවිදගෙන ගිහින් තමයි ඒක කරන්නේ...” “දරුව, එහෙම යන්න ඕන නෑ. මල් මාලයක් පැළඳගෙන අශ්වයා පිටේ නැගලා ගිහින් කියන එකයි හොඳ” කියලා මල් දන් දුන්නා. හීලෑ අශ්වයෙක් දුන්නා. ඉතින් ස්වාමීනි, මං ඒ විදිහට දහම් ඝෝෂාව කරගෙන ගියා. ආයෙමත් රජතුමා මාව කැඳෙව්වා. කැඳවලා මෙහෙම කිව්වා. “දරුව, අශ්වයා ගැලපෙන්නේ නෑ. මං අශ්ව කරත්තයක් දෙන්නම් කියලා සෛන්ධව අශ්වයන් හතර දෙනෙක් බැඳපු අශ්ව රථයක් දුන්නා. මං ඒකෙ නැගලා තමයි ඊට පස්සේ බණ කිව්වේ. ආයෙමත් මාව කැඳෙව්වා. කැඳවලා මට සැප සම්පත්දීලා මාලිගාවකුත් දීලා ඇතෙකුත් දුන්නා. මං සියලු ආභරණ වලින් සැරසිලා ඇතා පිට නැගිලා අවුරුදු අසූ හාරදහසක් මිනිස්සුන්ව පිනට යොමු කළා. ස්වාමීනි එතෙක් මෙතෙක් කාලයක මගේ ශරීරයෙන් ගලන දහඩියෙන් දුගඳ හමන්නේ නෑ. සඳුන් සුවඳ හමනවා. මුඛය ගඳ ගසන්නෙ නෑ. මහනෙල් මල් සුවඳයි. මේ තමයි මා කළ පින්කම.” ඉතින් ඒ සන්තති රහතන් වහන්සේ අහසේ වැඩසිට තේජෝ ධාතුවට සමවැදී පිරිනිවන් පෑවා. ශරීරය ගිනි ගෙන දැවී සමන් මල් මිටක් වගේ ධාතුන් වහන්සේලා ඉතිරි වුණා. භාග්‍යවතුන් වහන්සේ සුදු වස්ත්‍රයක් බිම එළන්න කිව්වා. අන්න ඒ වස්ත්‍රයට ධාතුන් වහන්සේලා වැටුණා. මහජනයාට වන්දනා කොට පින් කර ගැනීම උදෙසා ඒවා තැන්පත් කොට ස්ථූපයක් කෙරෙව්වා. භික්ෂූන් වහන්සේලා අතර කථාවක් ඇති වුණා “මේ ඇත්තා අරහත්වයට පත්වුණේ ගිහි ඇඳුම් පිටින් නෙව. දැන් අපි මොහුට කුමක්ද කියන්නේ....? ශ්‍රමණයෙක් කියනවාද? බ්‍රාහ්මණයෙක් කියනවාද?” බුදුරජාණන් වහන්සේට මෙය අසන්නට ලැබුණා. උන් වහන්සේ මෙසේ වදාළා. “පින්වත් මහණෙනි, මාගේ ළයෙහි උපන් දරුවාට ශ්‍රමණයා කියන්ටත් වටී. බ්‍රාහ්මණයා කියන්ටත් වටී.” මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළා. අලංකතෝ චේ’පි සමං චෙරෙය්‍ය - සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං - සෝ බ්‍රාහ්මණෝ සෝ සමණෝ ස භික්ඛු සොඳුරු ආභරණ වලින් සුසැදිව - සිටි නමුත් හැසිරෙයි ද දහමේ කෙලෙස් සංසිඳුවාගෙන ඉඳුරන්ද දමනය කොට - තිරව දහමෙහි පිහිටා උතුම් බඹසර හැසිරුණ හැම සතුන් වෙත මෙත පතුරා මුගුරු අතහැර - වසනා යමෙක් වෙයි නම් හේ බ්‍රාහ්මණයෙක්මයි - ශ්‍රමණයෙක්මයි භික්ෂුවක්මයි පින්වතුනේ පින්වත් දරුවනේ හරි පුදුමයි නේද? හරි දෙයක් කළොත් වරදින්නෙ නෑ. යහපත උදාවෙනවාමයි. මේ ගෞතම බුදුසසුනේ පිහිට ලබන්න තියෙන්නෙත් ඒ වගේ අවංක සිතින් ධර්මයේ හැසිරිලයි. පින්වතුනේ, පින්වත් දරුවනේ, ඕනෑවට වඩා බඩු මුට්ටු පුරවා ගත්තොත් ගෙයක් වුණත් ලස්සන නෑ. සාමාන්‍යයෙන් පැවිදි උතුමන් වාසය කරන තැන චාම් වුණ තරමට ලස්සනයි. කොටින්ම බුදුරජාණන් වහන්සේ තුන් සිවුරෙන් පමණක් ජීවත් වූ කෙනෙක්. භික්ෂූන් වහන්සේලාටත් වදාළේ තුන් සිවුරෙන් පමණක් ජීවත් වෙන්න කියලයි. කුරුල්ලෙක් ඉගිල යද්දී ඌට තියෙන්නේ පියාපත් බර විතරයි. මෙතනින් තව තැනකට යද්දී පාත්‍රා සිවුරු විතරක් අරන් යන්න කිව්වා. ඒ කාලෙ වැඩසිටි භික්ෂූන් වහන්සේලා මොනතරම් සැහැල්ලුවෙන් ඉන්න ඇද්ද? හැබැයි ඔය අතරවාරයේ පොට වැරදුණු එක්කෙනෙක් දෙන්නෙක් නම් සිටිය බව පේනවා. දැන් අපි අහන්නේ එවැනි කතාවක්. සැවැත් නුවර එක්තරා පවුලක් වාසය කළා. ඒ ගෙදර බිරිඳ මැරුණා. ස්වාමියා භික්ෂූන් ළඟට ගිහින් පැවිද්ද ඉල්ලා සිටියා. පැවිදි වෙන්න කලින්ම තමන්ට ඉන්න කුටියක් හැදෙව්වා. ගිනිහල්ගෙයක් හැදෙව්වා. බඩු ගබඩාවක් හැදෙව්වා. ගිතෙල්, මීපැණි ආදිය පිරෙව්වා. ඊට පස්සේ තමයි පැවිදි වුණේ. තමන්ගේ සේවකයන් ලවා පණිවිඩ යවලා කැමති කැමති වෑංජන හදාගෙන ගෙන්න ගන්නවා. රාත්‍රියට වෙන සිවුරක් පොරවා ගන්නවා. දවල්ට තව සිවුරක් පොරවා ගන්නවා. දවල් කාලෙ වෙනත් විහාරයක වසනවා. දවසක් තමන්ගේ සිවුරු ඇතිරිලි ආදිය සේවකයන් ලවා අව්වට වේලෙන්න දැම්මා. සේනාසන චාරිකාවේ වඩින භික්ෂූන් වහන්සේලා මේවා දැක්කා. “හප්පේ...! කාගෙද ඇවැත්නි, මෙතරම් සිවුරු පිරිකර...? බොහෝ සඟ පිරිසක් ඉන්නවාද?” “අනේ නෑ ආයුෂ්මතුන් වහන්ස. මං විතරයි ඉන්නේ...” “එතකොට තමුන්නාන්සෙගෙද මේ ඔක්කොම...?” “එහෙමයි ඇවැත්නි.” “ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ අපට අනුමත කළේ සිවුරු තුනක් නෙව. මෙතරම් අල්පේච්ඡ වූ බුද්ධ ශාසනයේ පැවිදි වූ ඔබ බලන්න... ගොඩගහගෙන තියෙන බඩු කන්දරාව... මේක නම් හරි නෑ... යමු භාග්‍යවතුන් වහන්සේ මුණගැසෙමු.” ඉතා අකමැත්තෙන් ඒ භික්ෂුව අර භික්ෂූන් වහන්සේලා සමඟ පිටත් වුණා. භාග්‍යවතුන් වහන්සේට කරුණු සැළවීමෙන් පසු උන්වහන්සේ ප්‍රශ්න කළා. “පින්වත් භික්ෂුව, මේ කතාව ඇත්තද?” “එහෙමයි ස්වාමීනී” “පින්වත් භික්ෂුව, දැන් බලන්න... මේ තරම් අල්පේච්ඡතාවය ගැන කරුණු කියද්දී පිරිකර ගොඩගහගත්තා නේද?” මෙසේ ඇසීම නිසා ඒ භික්ෂුව කිපුණා. කිපිලා තමන් පොරවාගෙන සිටි සිවුරු එතනම ගලවලා දැම්මා. අඳනය පිටින් හිටගත්තා. “එතකොට මට කියන්නේ මෙහෙම හැසිරෙන්න කියලද?” එතකොට භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වදාළා. “පින්වත් භික්ෂුව, කලින් ආත්මෙක නම් ඔබ ඔහොම නොවෙයි. රකුසෙක් වෙලා ඉපදිලා හිරි ඔතප් (ලැජ්ජා භය) දැනගන්න ආසාවෙන් දොළොස් අවුරුද්දක් ඒ ගැන කරුණු සොය සොයා ගියා. දැන් මෙතරම් වටිනා බුද්ධ ශාසනයක පැවිදි වෙලා හිරි ඔතප් නැති කරගෙන මේ සිව්වණක් පිරිස මැද්දෙ හිටගත්තා නේද?” එතකොට ඒ භික්ෂුවට බලවත් ලැජ්ජාවක් ඇතිවුණා. යළි සිවුර පොරවාගෙන සංසුන්ව වාඩිවුණා. බුදුරජාණන් වහන්සේ ඒ අතීත විස්තරය කියල දුන්නා. ඉස්සර කාලෙ බරණැස් නුවර රජ්ජුරුවන්ගේ බිසවගේ කුසේ මහාබෝසතාණන් වහන්සේ උපන්නා. මහිංස කුමාරයා යන නම ලැබුණා. ඒ කුමාරයාගේ බාල සහෝදරයාගේ නම චන්ද කුමරු. මේ දරුවන්ගේ මෑණියන්ව සිටි ඒ බිසව මියගියා. එතකොට රජතුමා වෙන කුමාරියක් අගමෙහෙසිය කළා. ඇයටත් දරුවෙක් ලැබුණා. ඔහුට සූරිය කුමාර කියලා නම දැම්මා. ඒ පුතාව දැකලා රජතුමාට හරි සතුටුයි. රජතුමා දේවියට කිව්වා. ‘මේ දරුවා හරි ලස්සනයි. ඔබට කැමති වරයක් දෙමි’ කියලා. ‘දේවයන් වහන්ස, මං කැමති කාලෙක ඉල්ලන්නම්’ කියලා ඈ කිව්වා. පුතාට නිසි කල වයස ආවා. එතකොට දේවිය කිව්වා පුතාට රාජ්‍යය දෙන්න කියලා. රජ්ජුරුවන්ගේ හිත රිදුණා. “එතකොට මගේ අනිත් පුත්තු දෙන්නා...? ගිනි කඳන් වගේ බබලන මේ දරුවන් දෙන්නා සිටිද්දී රජකම නම් දෙන්න පුළුවන්කමක් නෑ.” එහෙම කියද්දී අර බිසව ආයෙ ආයෙමත් වරය මතක් කරනවා. රජකමමයි ඉල්ලන්නේ. රජ්ජුරුවන්ට හිතුණේ වැඩිමහල් කුමාරවරු දෙන්නට මේ බිසව අනතුරක් කරාවි කියලයි. රජතුමා දරුවන් කැඳෙව්වා. “මාගේ දරුවෙනි, මං සූරිය කුමාරයා උපන්න දවසේ වරයක් දුන්නා. චන් එයාගේ අම්මා මගෙන් රජකම ඉල්ලනවා. සූරිය කුමාරයාට දෙන්නලු. ඒකට මගේ කැමත්තක් නෑ. නමුත් පුතේ, ඔය බිසව ඔයාලට අනතුරක් කරන්න පුළුවන්. ඒ නිසා ඔයාලා මෙහෙන් යන්න. කැලේ ගිහින් වාසය කරන්න. මගේ ඇවෑමෙන් පස්සේ මෙහෙ එන්න. ඇවිත් රාජ්‍යය භාරගන්න.” එතකොට අර දරුවන් දෙන්නා පිය රජතුමාට වැන්දා. රාජාංගණයෙන් නික්මී පිටත් වුණා. සෙල්ලම් කරමින් හිටිය සූරිය කුමාරයා මේක දැක්කා. දැකලා දුවගෙන ගියා. ඔවුන් වනගත වන බව අසා සූරිය කුමාරයත් එයට එකතු වුණා. සියලු දෙනා හිමාල වනයට ගියා. ඒ යන අතරේ බෝධිසත්ව කුමාරයා රුක් මුලක හිඳගෙන සූරිය කුමාරයාට මෙහෙම කිව්වා. “මල්ලියේ... අර විලට ගිහින් නාලා පැන් බීලා නෙළුම් කොළවලට අපටත් පැන් අරන් එන්න.” ඉතින් සූරිය කුමාරයා එතනට ගියා. ඔය විලේ අරක්ගත් රකුසෙක් ඉන්නවා. වෙසමුණි දෙවියන්ගෙන් වරම් අරගෙනයි ඇවිත් ඉන්නේ. වෙසමුණි දෙවියෝ ඔහුට මෙහෙම කියලා තිබුණා. ‘දේවධර්මය දන්න අය හිටියොත් අත්හරින්න ඕන. වෙනකෙනෙක් විලට බැස්සොත් කෑවට කමක් නෑ.’ ඉතින් මොහු කරන්නේ විලට බහින අයගෙන් දේවධර්මය ඇසීමයි. සූරිය කුමාරයා විලට බැස්සා. රකුසා මතුවුණා. අල්ලාගත්තා. “කියාපිය! දේවධර්මය යනු කිම?” “දේවධර්මය යනු හිරුත්, සඳුත් ය.” “නෑ...! තෝ දේවධර්මය දන්නෙ නෑ” කියලා වතුරෙ අස්සට ගෙනිහින් කුමාරයාව තමන්ගේ භවනේ සිරකළා. බෝසත් කුමාරයා සෑහෙන වෙලාවක් බලා සිටියා. කුමාරයා තාම ආවෙ නෑ. කරදරයක්වත් ද කියලා චන්ද කුමාරයාව පිටත් කළා. චන්ද කුමාරයාත් විලට බැස්සා. අල්ල ගත්තා. දේවධර්මය ඇහුවා. කුමාරයා කිව්වේ සතර දිශාව දේවධර්මය කියලයි. උත්තරේ වැරදියි. ඒ නිසා එයාවත් වතුරෙ අස්සට ගෙනගොස් සිර කළා. චන්ද කුමාරයත් ගියා ගියාමයි. බෝසත් කුමරු ඒ ගමන විලට පිටත් වුණා. හොඳ කල්පනාවෙන් ගියා. හොඳට වටපිට විපරම් කළා. විලට බැහැපු පා සටහන් තියෙනවා. නමුත් ගොඩට ආපු බවක් පේන්න නැහැ. ඒකාන්තයෙන්ම රකුසෙක් අධිගෘහිත විලක් වගෙයි. ඉතින් බෝසත් කුමාරයා දුනු ඊතලවලින් සන්නද්ධ වෙලා සූදානම්ව සිටියා. එතකොට රකුසා කැලේ ඇවිදින මිනිසෙකුගේ වේශයෙන් ආවා. ඇවිදින් කිව්වා, “භවත් පුරුෂය, ඔබට සෑහෙන්න මහන්සියි වගේ. මෙච්චර අපූරු විලක් තියෙද්දී බැහැලා නාලා වතුර බීලා නෙළුම් අල කාලා මල් මාලා පැළඳගෙන යන්නෙ නැතුව ඇයි බලාගෙන ඉන්නේ...?” එතකොට බෝසතාණන් වහන්සේට හිතුණා, මෙයා තමයි රකුසා කියලා. “ඇත්ත කියාපිය! මගේ සහෝදරයො දෙන්නා ගත්තෙ නුඹ නේද?” “එසේය, මමයි ගත්තේ...” “ඇයි එහෙම ගත්තේ...?” “මේ විලට බැස්ස අය මට පරිභෝජනයට කැපයි.” “ඒ කියන්නේ විලට බහින හැමෝම බිල්ලට ගන්නවද?” “නෑ... දේවධර්මය දන්නා අය බිල්ලට ගන්න අවසර නෑ... ඔබ දේවධර්මය දන්නවාද?” “එසේය, මම දේවධර්මය දනිමි.” “පින්වත, එහෙනම් කියන්න...” “එම්බා රකුස, මගේ ශරීරය දැන් අපවිත්‍රයි. මම නාලා පැන් වළඳලා අලංකාර වෙලා ආසනයක වාඩිවෙනවා. එතකොට ඔහේ මගේ පාමුල වාඩිවෙන්න ඕන. ඒ වෙලාවට දේවධර්මය කියන්නම්.” යකා කැමති වුණා. ඉතින් බෝසතාණන් වහන්සේ කියා දුන්නා. “හිරිඔත්තප්පසම්පන්නා - සුක්කධම්මසමාහිතා සන්තෝසප්පුරිසාලෝකේ - දේවධම්මාති වුච්චරේ ලැජ්ජාව සහ භය නැමැති යහපත් ගුණධර්මයන්ගෙන් යුක්ත වූ, ශාන්ත වූ සත්පුරුෂයන් ලෝකයේ සිටිත් ද, ඔවුන්ගේ ඒ ලැජ්ජාව සහ භය දේවධර්මය යැයි කියනු ලැබේ.” ඉතින් යකා බොහොම සතුටු වුණා. “නුවණැති පින්වත, මං ඔබට එක සහෝදරයෙක් දෙන්නම්. කවුරුද ඕන?” “එහෙනම් මට බාල සොහොයුරාව දෙන්න” “අහෝ! නුඹ නුවණැති කෙනෙක් වුණත්, දේවධර්මය දැනගත්තත්, ඒ දේවධර්මය අනුකූලව සිටින්නෙ නැහැ නෙව. ඇයි, වැඩිමලා සිටිද්දී බාලයාව දෙන්න කිව්වේ? වැඩිමහලු පිළිවෙළට ගරුකිරීමක් නැද්ද?” “එම්බා යක්ෂය, මං දේවධර්මය දන්නවා. ඒ වගේම එයට අනුව වාසය කරනවා. අපි වනගත වුණේ... මෙන්න මේ හේතුව නිසයි. ඉතින් අපේ පියාණෝ ඒ වරය නොදී තමයි අපව වනාන්තරයට පිටත් කළේ. ඉතින් මම වැඩිමලා රැගෙන ගිහින් වනාන්තරයේදී බාල මල්ලිව යකෙක් කෑවා කිව්වොත් කවුරුවත් විශ්වාස කරන්නෙ නෑ. ඒ නිසයි මම ඔහුව මට දෙන්න කියලා කිව්වේ...” “ඉතා මැනවි කුමාරය. තොප දේවධර්මය දනී. ඒ අනුව වාසය කරයි. තොපට මම සොහොයුරන් දෙදෙනාම දෙමි.” ඉතින් බෝසත් කුමාරයා යක්ෂ ජීවිතයේ ඇති අනතුර ඔහුට පෙන්වා දුන්නා. පංච ශීලයෙහි සමාදන් කෙරෙව්වා. ඉන්පසු හැමෝම වනාන්තරයේ සුවසේ වාසය කළා. පිය රජතුමා මියගිය පසු බරණැසට පැමිණුණා. තමන් රජවුණා. චන්ද කුමාරයා යුවරජු වුණා. සූරිය කුමාරයා සේනාපති වුණා. එදා ඒ ආත්මයේදී රකුසා වෙලා හිටියේ ඔබ. සූරිය කුමාරයා වුණේ ආනන්ද. චන්ද කුමාරයා වුණේ සාරිපුත්ත. මහිංස කුමාරයා වුණේ මම” කියලා භාග්‍යවතුන් වහන්සේ ඉතා මධුර වූ ස්වරයෙන් මෙම ගාථා රත්නය වදාළා න නග්ගචරියා න ජටා න පංකා නානාසකා ථණ්ඩිලසායිකා වා රජෝ ච ජල්ලං උක්කුටිකප්පධානං සෝධෙන්ති මච්චං අවිතිණ්ණකංඛං පලක් නැතේ සිටියත් නිරුවත් වී - ජටා මඬුලු බැන්දත් සෙත නැත්තේ පලක් නැතේ දත් මැලියම් තිබුණත් - කුසගින්නේ සිටියත් සෙත නැත්තේ පලක් නැතේ මඩ තවරා සිටියත් - පලක් නැතේ උක්කුටියෙන් සිටියත් එතෙර නොවී සිටි විට ඔහු සැකයෙන් - පිරිසිදු බව නැහැ ඇති කරගන්නේ පින්වතුනේ, පින්වත් දරුවනේ, අදටත් ඉන්දියාවේ ඔය විදිහයි. නැකතට නිරුවතින් දුවගෙන ගොස් වතුරට පනිනවා. තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. කටු ඇතිරිවල සයනය කරනවා. වටේට ගිනි ගොඩවල් ගහගෙන මැද්දෙ ඉන්නවා. කෙළවරක් නැති තපස්කම් කරනවා. හැබැයි බුද්ධකාලෙ තරම්ම නෑ. ඒ එකකින්වත් පලක් නැහැ. යමෙක් චතුරාර්ය සත්‍යය අවබෝධ කළොත් ඔහු සැකයෙන් එතෙර වෙනවා. ඔහු විතරයි ජීවිතයේ සත්‍යය වූ පාරිශුද්ධිය ලබාගන්නේ. කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි. 3 comments Labels: මහ රහතන්වහන්සේ සංකිච්ච මහරහතන් වහන්සේ උපුටා ගත්තේ නමස්කාර යව්වනයේ අසිරිමත් පෙළහරක් පෑ සත්හැවිරිදි රහතන් වහන්සේ කෙනකුගේ කතාවකි මේ. කුසුමා වීරසිංහ වරක් සැවැත් නුවර උසස් කුලවල කුමාරවරු තිස් දෙනෙක් බුදු හිමියන් වෙත මහණ වූ හ. උන් වහන්සේලා විදසුන් වැඩීම සඳහා එක් වන පියසකට යෑමට බුදුන් වහන්සේගෙන් අවසර ලබාගත්හ. සංකිච්ච සාමණේරයන් වහන්සේ ද මෙම විහාරස්ථානයේ ම වැඩ වාසය කළ සේක. උන් වහන්සේ සත් හැවිරිදි වියෙහිදී ම රහත් භාවය ලැබූ හිමි නමකි. බුදුන් වහන්සේ මේ කුඩා සංකිච්ච හිමි අමතා “පුත සංකිච්ච, ඔබත් මේ දරුවන් සමග යන්නැ” යි වදාළ සේක. “එසේය, බුදු පියාණෙනි” යි සංකිච්ච පුංචි රහතන් වහන්සේ ඒ ආරාධනය පිළිගත්හ. බොහෝ දුර කතර ගෙවා මේ සියල්ලෝ ම එක් පිටිසර ගමකට පැමිණියහ. එදා ගම්වැස්සන්ට හරි ම සතුටු දිනයකි. ස්වාමීන් වහන්සේලා දුටු ගම්වැස්සෝ, “අපි ඔබ වහන්සේලාට සිවු පසය ම සූදානම් කර දෙන්නම්. මෙහි ම වැඩ වාසය කරන්නැ” යි ආරාධනා කළේ භක්ති පූර්වක ව ය. එදා සිට මේ භික්‍ෂූන් වහන්සේලාට රසවත් අහරින් අඩුවක් නැත. ගම්වැස්සෝ සේනාසන ද පිළියෙල කොට දී භාවනා කිරීමට ද පහසුකම් සලසා දුන්හ. මේ නවක භික්ෂූන් තිස් නම ම කිසිම කරදරයක් නැති ව විවේකී ව කුඩා සංකිච්ච හිමි සමග අප්‍රමාදී ව භාවනාවෙහි නිරත වූ හ. මහමඟ ඇවිදින හිඟන මිනිසෙක් ද දිනපතා මෙහි පැමිණ ආහාර ගැනීම සිරිතක් කරගත්තේ ය. දිනක් රසවත් අහරින් ඔද වැඩුණු ඔහු මෙසේ සිතන්නට විය: ‘මුන් වහන්සේලාට කොතරම් රස ආහාර ද ලැබෙන්නේ... රෑ දාවල මහන්සි වී වැඩ කරන අන් අයට මෙතරම් රස අහර ලැබෙන්නේ නැහැ. මම මෙහි ම නවතිමි’ සිතා හිමිවරුන්ගෙන් අවසර ලැබ ටික කලක් එහි නැවතිණ. දැන් ඔහුගේ සිරුර හොඳින් වැඩී ඇත. ටික දිනකට පසු ආපසු යෑමට ඔහුට සිතිණි. පෙරළා මහ වනයට වැද, යන අතරමග ඔහු අසුවූයේ සොර මුළකට ය. පන්සියයක් දෙනා එහි වූ හ. අහර ලැබ ඇඟ පත හැඩ වැඩ වී සිටින මොහු අල්වාගෙන බිලි පූජා කරන්නට ඔවුහු සිතූ හ. ගුණමකු සිඟන්නා මෙහිදී “අනේ මා වාගේ හිඟන්නකු බිලි පූජාවට ගන්නට එපා. ධාර්මික ව දිවි ගෙවන භික්ෂූන් වහන්සේලා තිස් නමක් අසල ගමෙහි ඉන්නවා. දෙවියන් සතුටු කරන්නට නම් ඔවුන්ගෙන් කෙනකු ගන්නැ” යි බැගෑපත් විය. “දෙවියන් සතුටු කරන්නට නම් උතුම් කෙනකු ගන්න එක වඩා හොඳයි.” ඔවුන් සැමගේ ද අදහස විය. ඔවුන් සිඟන්නාගෙන් මඟ අසා, ගියේ භික්ෂූන් වෙත ය. සොර දෙටුවා කිසි ම ඉවක් බවක් නැතිව එක් ස්වාමීන් වහන්සේ නමක් අල්වා ගෙන යෑමට සැරසිණි. ඒ දුටු සංකිච්ච ස්වාමීන් වහන්සේ “ඔබ කවුද? කොහේද මොහු ගෙන යෑමට තැත් කරන්නේ?” යනුවෙන් පිළිවිසී ය. “අපට මොහු ඕනෑ බිලි පූජාවට” ඒ රළු වචන පිට වූයේ සිත් පිත් නැති සොර දෙටුවාගේ මුවිනි. “හොඳයි. ඔබට ඕනෑ බිලි පූජාවට කෙනෙක් නේද? ඒ හිමි නමට වඩා මා එයට සුදුසු යි. මා ගෙන යන්න” සංකිච්ච හිමියෝ බිලි පුදට තම දිවි දීමට ඉදිරිපත් වූ හ. බුදු රදහු තමා එව්වේ මේ අවදානම් අවස්ථාව නිසා බව ද උන් වහන්සේට සිහිපත් විණි. සොර දෙටුවා මෙවැනි එඩිතර කෙනකු ලැබීම කොතරම් භාග්‍යක් දැ යි සිතමින් සංකිච්ච තෙරණුවන් රැගෙන ගියේ ය. දැන් ඔහු කුඩා තෙරණුන්ගේ දිවි නැසීමට සූදානම් ය. බිලි පූජාව සඳහා අනෙක් දෑ සියල්ල සූදානම් කර ඇත. හිමියෝ කිසිම බියක් නැතිව සමවතට සම වැදුණහ. සොරා කඩුව මුවහත් කර තදින් පහරක් එල්ල කළේ එක වර ම ගෙල සිඳීමට යි. එහෙත් අශ්චර්යයකි. කඩුව ආ පිට නැමී ගියේ ය! මිට දක්වා හැකිළිණි. කුඩා සංකිච්ච හිමියෝ ඉතා ප්‍රසන්න මුහුණින් සමවත් සුවයෙන් නොසැලී සිටි සේක. සොරුන්ට සිත් අදහාගන්නට නොහැකි විය. තමන් කරන්නට ගිය පාප කර්මය ගැන පසුතැවිලි වූ හ. මේ සිත් පිත් නැති කඩුව පවා සීලයෙන් ගුණයෙන් යුත් පින් කෙතක් බඳු උතුමකුට නමස්කාර කරන බව ඔවුහු වටහාගත්හ. වහා ම සියල්ලෝ උන් වහන්සේ ඉදිරියේ වැඳවැටුණහ. “අනේ හිමියනි, අපට කමා කරන්න. ඔබ වහන්සේ ඔය යන මාවතට අපත් ගෙන යන්න. අප කැමතියි මහණ වෙන්න.” කුඩා සංකිච්ච හිමියන්ගේ මේ අසිරිමත් පෙළහර නිසා පන්සියයක් සොරහු පාපයෙන් මිදුණහ. පැවිදි බව ලැබූ හ. පසුව බුදුන් වහන්සේ, “යෝ චේ වස්සසතං ජීවේ - දුස්සීලෝ අසමාහිතෝ ඒකාහං ජීවිතං සෙය්‍යෝ - සීලවන්තස්ස ඣායිනෝ” යනුවෙන් ‘විසිරුණු සිත් ඇති, සිත එකඟ කර නොගත් යම් කිසි දුසිල්වතෙක් අවුරුදු සීයක් ජීවත් වේ ද, ඊට වඩා ධ්‍යාන වඩන සිල්වතාගේ එක් දිනක් ජීවත් වීම උතුම් යැ’ යි වදාළහ. ධර්ම ශ්‍රවණයෙන් අනතුරු ව පන්සියයක් නම ම රහත් ඵලයට පැමිණියහ. (ධම්මපදයේ සහස්සවග්ග 110 වන ගාථාව ඇසුරෙනි). ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ නාග පේ‍්‍රත වස්තුව සංකිච්ච හිමියන් විසිවස් පිරී උපසම්පදාව ලබා පන්සියයක් භික්ෂූන් සමඟ බරණැස් නුවරට ගොස් ඉසිපතනයේ වැඩ වාසය කළා. මිනිසුන් තෙරුන් වහන්සේ සමීපයට ගොස් බණ අසා සිත් පැහැදි වීදී පිළිවෙලකට හා කණ්ඩායම් වශයෙන් ආගන්තුක දානය දෙන්නට පටත් ගත්තා. එහි විසූ එක්තරා උපාසක මහතෙක් මිනිසුන්ට සැමදාම දානය දීමට කැමැති කරවා ගත් නිසා ඔවුන් තමන්ට හැකි පමණින් නිත්‍ය දානය දීමට පටන් ගත්තා. බරණැස් නුවර ජීවත් වූ එක් මිසදුටු බමුණෙකුට පුතුන් දෙදෙනෙක් හා දුවක් වූවා. ඔවුන්ගෙන් වැඩිමහලු පුත්‍රයා ඒ උපාසකගේ යහලුවෙක් වූ නිසා ඔහු සංකිච්ච තෙරුන් වහන්සේ බැහැ දැකීමට යාලුවා සමග ගියා. උන්වහන්සේගෙන් බණ අසා සිත පහදවා ගෙන ඔහු එක් භික්ෂූන් වහන්සේ නමක් නිවසට වඩමවාගෙන විත් දානය පූජා කළා. කල් යද්දී භික්ෂූන්ගේ පිළිවෙත් දැක බණ අසා ඔහුගේ බාල සොහොයුරුද සොහොයුරියද සසුන පිළිබඳව බෙහෙවින් පැහැදුනා. ඒ තිදෙනා නිතර නිතර දන් දීමට පුරුදු වුණා. නමුත් ඔවුන්ගේ මවුපියෝ සැදැහැසිත් නැති අයයි. පිනට අකමැති වුණා. ශ්‍රමණයන් වහන්සේලාට පිදුම් බුහුමන් කළේ නැහැ. ඔවුන්ගේ දුවට තම සොහොයුරාගේ පුතා විවාහ කර දීමට මේ මව්පිය යුවල සුදානම් වුණා. නමුත් ඒ පුතා සංකිච්ච තෙරුන්ගෙන් බණ අසා සංවේගය උපදවා ගෙන පැවිදි වුණා. එම සාමණේර හිමියෝ නිතරම තම මවගේ නිවසට දානය වැළඳීමට වැඩියා. ඒ මෑණියන්ට සොයුරාගේ දියණිය කෙරෙහි සිතක් උපදවා ගන්නා ආකාරයට සාමණේර හිමියන් පොළවනු ලැබුවා. ඒ සාමණේර හිමියෝ කලකිරී තම ගුරු හිමියන් වෙත ගොස් ’ස්වාමිනී මම සිවුරු හරිමි’ කියා සිටියා ’මාසයක් ඉවසන්න’ ඒ භික්ෂුවගේ පින දුටු ගුරු හිමියෝ වදාළා. භික්ෂුව මාසයක් ගියවිට නැවත එලෙසම දැක්වූවා. අඩමසක් ඉවසන්න’ ගුරු හිමියෝ වදාළා. අඩමසක් ගිය කල්හි නැවත අවසර පැතුවා ’සතියක් ඉවසන්න’ ඒ සතිය ඇතුළත සාමණේර හිමියන්ගේ නැන්දණිය ගේ ගෙය දිරාගිය වහල හා සවි නැති බිත්ති වැස්ස හා සුළඟ නිසා ඇද වැටුණා. එහිදී බුමුණා සහ බැමිණියත් ඔවුන්ගේ පුතුන් දෙදෙනාත් දියණියත් ගෙට යට වී මිය ගියා. බමුණා හා බැමිණිය පේ‍්‍රත ලොව ඉපදුනා. පුතුන් දෙදෙනා හා දියණිය භූමාටු දෙවියන් අතර ඉපදුනා. ඔවුන්ගේ වැඩිමහලු පුතුට ඇත් යානාවක් පහළ වුණා. බාල පුතාට අස් වෙළඹුන් සහිත රියද පහළ වුණා. දියණියට රන්සිවි ගෙයක් පහල වුණා. බමුණා හා බැමිණිය විශාල යකඩ මුගුරු ගෙන ඔවුනොවුනට පහර දෙනවා. වැදුන වැදුන තැන්වල විශාල කලගෙඩි තරම් ගෙඩි නැගී මොහොතින් ඒවා පැසවා පැලී ගියා. ඔවුන් එකිනෙකා ඒ ලේ සැරව පානය කරමින් ගහබැන ගන්නවා. එයිනුත් සෑහීමකට පත් වන්නේ නැහැ. අර සාමණේරයන් වහන්සේ තම ගුරු හාමුදුරුවන් වෙත ගොස් මෙසේ පවසනවා ’ස්වාමිනි මා පොරොන්දු වු පරිදි දවස ගෙවී තිබෙනවා. මම හෙට සිවුරු හැර යනවා. සංකිච්ච හිමියෝ තම සෘද්ධි බලයෙන් අර සාමණේර හිමියන්ට ප්‍රේත ලෝකයේ හා භූමාටු දෙවිවරු දැකීමට සැලස්සුවා. උන්වහන්සේ ඒ පේ‍්‍රතයන් දැක මෙසේ අසනවා. එක දිව්‍ය පුත්‍රයෙක් සුදු ඇත් වාහනයකින් ඉස්සරවෙලා යනවා. තව දිව්‍ය පුත්‍රයෙක් වෙළඹුන් යෙදූ රථයකින් මැදට වෙලා යනවා. එතකොට දස දිසාවම බබලනවා. ඒ වුණාට ඔබලානම් අත්වලින් දඩුමුගුරු අරගෙන හඬ හඬා හොඳටම කැඩුණු බිඳුණු අතපය ඇතිව යනවා. ඊළඟට එකිනෙකාගේ ලේ බිබී ඉන්නවා. මිනිස් ලෝකේ ඉන්න කාලේ ඔබලා කරපු පාපය මොකක්ද? පාද හතරකින් යුතු සුදු හස්ථි රාජයෙක් ඉන්න වාහනයෙන් යන එක් අයෙක් ඉන්නවා නේද? එයා අපේ ලොකු පුතා. එයා දන් දුන්නා නෙව. දැන් ඉතින් සැප විඳිමින් සතුටු වෙනවා. අර වෙලඹුන් හතර දෙනෙක් බැදපු අශ්ව රථයෙහි මැදට වෙලා ගමන් කරන කෙනෙක් ඉන්නවා නේද? එයා අපේ මධ්‍යම පුතා. මසුරු කෙනෙක් නෙමෙයිනේ. දානපතියෙක්. ඒකයි එයා බබලන්නේ. අර රන්සිවි ගෙයකින් ගෙනයන දෙවගනක් ඉන්නවානේ. ඇය හරි නුවණැති. මුවැත්තියකගේ අඩවන් නෙත් තියෙනවා. ඒ අපේ බාල දෝණි. තමාට ලැබුණ කොටසින් භාගයක්ම දන් දුන්නා. දැන් ඉතින් සැපසේ සතුටු වෙනවා. ඔය දරුවෝ ටික ඉස්සර දන් දුන්නා. සිත පහදවාගෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටයි දන් දුන්නේ. ඒකට අපි. මසුරුකමින් හිටියා. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නින්දා අපහාස කළා. දරුවෝ දිව්‍ය සැපෙන් සතුටු වෙනවා. ඒකට අපි. කපල අව්වේ දාපු බටගස් වගේ වේලි වේලී ඉන්නවා. ඔබලාගේ කෑම බීම මොනවාද? මොනවගේ ද නිදා ගන්නේ. මහ පවිටුන් වන ඔබලා ජීවත් වන්නේ කොහෙද? හොඳට දේපල වස්තුව තිබෙන කාලේ ලැබිච්ච සැප වරදවා අරගෙන අද ඉතින් දුක් විඳිනවා. අපි කරන්නේ එකිනෙකාට වද හිංසා කරගෙන ගලන ලේ සැරව බොන එකයි. අපිට කොච්චර බීවත් ඇතිවන්නේ නැහැ. අපිට එකිනෙකා රුස්සන්නේ නැහැ. දන් පැන් නොදෙන මිනිස්සු මරණින් මත්තේ පෙරේත ලෝකෙට යනවා. ගිහින් වැලපි වැලපි ඉන්නවා. සමහර මිනිසුන් භෝග සම්පත් ලබාදෙන විට තමන් අනුභව කරන්නෙත් නැහැ පින් කර ගන්නෙත් නැහැ. ඒ පෙරේතයන් අධික බඩගින්නෙන් පිපාසයෙන් පීඩා විඳිනවා. බොහෝ කලක් දුකසේ තැවි තැවී පිච්චෙනවා. ඔය දුක ඇතිවෙන පාප කර්ම කරලයි කටුක ඵල ඇති දුක අනුභව කරන්නේ. මේ ජීවිතය මොහොතකින් ඉවරයි. මොහොතකින් ඉවරවෙලා යන දෙය පවතින්නේ මොහොතක් බව තේරුම් ගත්තු නුවණැති උදවිය තමන්ව දුකට යට නොවෙන දූපතක් කර ගන්නවා. ධර්මය තේරුම් ගත්ත දක්ෂ මිනිසුන් ඉන්නවා. ඒ අය ඔය කාරණය ඔය විදිහටම දන්නවා. රහතන් වහන්සේලාගේ ධර්මය අහලා දන් දෙන්න ප්‍රමාද වන්නේ නැහැ. සඟරාවෙනි http://www.namaskara.lk/) ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ අප හා එක්වන්න ► මුදුන (Muduna) 0 comments Labels: මහ රහතන්වහන්සේ යමක ප‍්‍රාතිහාර්ය ඥානය ප‍්‍රාතිහාර්ය ද්වයක් එකවර එකවිට දැක්වීමට ශක්‍යතාවය උදාකරන ඥානය යමක ප‍්‍රාතිහාර්ය ඥානය ලෙස හැඳින්වේ. මෙය බුදුරජාණන් වහන්සේලාට පමණක් ලැබිය හැකි සුවිශේෂී ඥානයකි. අතිශය දුෂ්කර කාර්යයක් වන ප‍්‍රාතිහාර්ය පෑම රහතන් වහන්සේලාට අර්හත්වයේ අනුහසින් කළ නොහැකිය. එබැවින් රහතන් වහන්සේලා සහ පසේබුදුවරයන් වහන්සේලා යමක ප‍්‍රාතිහාර්ය පෑමට අසමත් හූ වෙති. “ඉධ තථාගතො යමක පාථිහීරං කරෝති අසාධාරණං සාවකෙහි, උපරිම කායතෝ අග්ගික්ඛෙන්‍ධා පවත්තති, හෙට්ඨිමකායතො, උදකධාරා පවතතාති, හෙටඨිම කායතො අගගිකඛෙන්‍ධා පවත්තති, උපරිම කායතෝ උදකධාරා පවත්තති, පුරÀථිම කායතෝ අග්ගක්ඛෙන්‍ධා පවත්තති, පචඡිමා කායතෝ උදකධාරා පතත්තති, පුරÀථිම කායතෝ අගගික්ඛෙන්‍ධා පවත්තති....” “මෙහි තථාගත තෙම ශ‍්‍රාවකයන් හා අසාධාරණ වූ යමක ප‍්‍රාතිහාර්ය ය කෙරෙයි. උඩුකයින් ගිනි කඳ පවත්වයි, යටි කයින් දිය දහර පවත්වයි, යටි කයින් ගිනි කඳ පවත්වයි, පසු පසින් දිය දහර පවත්වයි, පසු පසින් ගිනි කඳ පවත්වයි .... පටිසම්භිදා මග්ග, මහා වග්ග ඥාන කථා) බුද්ධ චරිතයේ කිහිප අවස්ථාවෙක දීම යමාමහා පෙළහර පෑ බුදුරජාණන් වහන්සේ සත්වයන් සුමගට යොමු කළ අයුරු දැකිය හැකිය. ශාක්‍යයන් බුදුරජාණන් වහන්සේගේ වයස් බාල බව සලකා මහත් මානයෙන් හැසිරුණු අවස්ථාවෙහි දී තථාගත බුදුරජාණන් වහන්සේ යමා මහා පෙළහර හා වදාළ බව සඳහන් වේ. විද්‍යා චක‍්‍රවර්තීන් බුත්සරණෙහි බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද යමක මහා ප‍්‍රාතිහාරිය විස්තර කරනුයේ මෙපරිද්දෙනි. “ශී‍්‍ර ශරීරයෙන් නාභියෙන් මත්තෙහි තුන්ලොව බබුලුවන්නා වූ මහා ගිනි කඳක් නැගෙන්නට වන. නැවත නාභියෙන් පාත ශී‍්‍ර ශරීරයෙන් ආකාශ ගංගා ප‍්‍රවාහයක් සේ මහා දිය කඳක් හෙන්නට වන. නැවත ගිනි කඳ නැගී ඌර්ධ්ව කායෙන් දිය කඳෙක් නැගෙන්නට වන...” මහා වංශාගත තොරතුරුවලට අනුව බුද්ධත්වයෙන් නව වැනි මස ලක්දිවට වැඩම කළ බුදුරජාණන් වහන්සේ මහියංගණයේ දී යක්‍ෂයන් දමනය උදෙසා යමා මහ පෙළහර පෑ බවට තතු විස්තර සපයාගත හැකිය. තේජෝ කසින සමාපත්තියට සමවැදී ශරීරයේ රෝමකූප අතරින් ගිනි කඳක් ද, ආපෝ කසින සමාපත්තියට සමවැදී ශරීරයේ රෝමකූප අතරින් මහා ජල කඳක් ද පිට කිරීමට මෙම ඥානයේ බලයෙන් හැකිවේ. ධ්‍යානලාභී වූ ඇතැම් පෘථග්ජනයන් විසින් ද ප‍්‍රාතිහාර්ය කරනු ලැබේ. එහෙත් ධ්‍යානලාභී වූ පමණින්ම ප‍්‍රාතිහාර්ය කළ නොහැකිය. ප‍්‍රාතිහාර්ය කිරීම සඳහා තුදුස් ආකාරයෙන් පුරුදුකොට ගත් රූපාවචර අරූපාවචර පඤ්චමධ්‍යාන චිත්තයේ බලය අවශ්‍ය බව යමක ප‍්‍රාතිහාර්ය ඥානය පිළිබඳ තම “සූවිසි ගුණය” ග‍්‍රන්ථයේ දී රේරුකානේ චන්දවිමල නා හිමියෝ මෙසේ සඳහන් කරති. “එසේ දියුණු කළ පඤ්චමධ්‍යාන චිත්තය අභිඥාචිත්ත නම් වේ. යමක ප‍්‍රාතිහාර්ය ඥානය යැයි කියනුයේ ලොව්තුරා බුදුවරුන්ගේ අභභිඥාචිත්ත සම්ප‍්‍රයුක්ත ඥානයට ය. අභිඥාලාභියෙකුට මෙබඳු දෙයක් වේවායි නිකම්ම සිතීමේ මාත‍්‍රයෙන් යම්කිසි ප‍්‍රාතිහාර්යයක් නොකළ හැකි ය. ඒ ඒ ප‍්‍රාතිහාර්යයන් කිරීමට ද, වෙන වෙනම පුරුදු කළ යුතුය. යම්කිඪි ප‍්‍රාතිහාර්යයක් කිරීමට වුවමනා ඒ කරුණ සිදු කිරීමට නිසි කසිනයෙක් හී පඤ්ඤමධ්‍යානයට සමවැදිය යුතුය.” මෙහිදී ගිනි කඳක් මැවීමට තේජෝ කසින පඤ්චමධ්‍යානයට සමවැදිය යුතුය. එසේම ජල කඳක් මැවීමට ආපෝකසිනය සමාපත්තියට සම වැදිය යුතුය. ඒ ඒ ප‍්‍රාතිහාර්ය පෑමේ දී අදාළ සමවතට සම වැදී ඉන්නැගීමට අධිෂ්ඨාන චිත්තයට බලය ගත යුතුය. ඉන් අනතුරුව සිතෙහි පවතින අධිෂ්ඨාන ශක්තියේ බලයෙන් රූපාවචර අභිඥාචිත්තය නැවත ඇති වී අධිෂ්ඨාන කළ ප‍්‍රතිහාර්ය ඇති වේ. එකකට එකක් මාරුවෙන් මාරුවට සමාපත්ති වල, සම වැදීම, නැගිටීම, අධිෂ්ඨානය ඉතා වේගයෙන් සිදු කරන නිසා බලා සිටින්නෙකුට හැඟෙනුයේ ගිනි කඳක් සහ ජල කඳක් එකවිට පිට වන්නාසේ ය. එකකට එකක් අනතුරුව සමාපත්ති මාරුකිරීමේ ඉතා වේගය සතුවන්නේ බුදුරජාණන් වහන්සේ නමක් සතුව පමණි. ධ්‍යානයෙහි වශී භාවය මද අයට ඉක්මනින් ප‍්‍රාතිහාර්ය කළ නොහැකි ය. බුදුරජාණන් වහන්සේ සතුව සමාපත්ති විෂයෙහි අධික වශීභාවයක් පවතින බැවින් එක විටෙක සිඳුවන්නක් ලෙස විද්‍යාමාන වන සේ ප‍්‍රාතිහාර්යදවයම සිදු කළ හැකිය. “ලොම කූපතො ලොම කූපතො අග්ගිඛකෙන්‍ධ¤ පවත්තති, ලෝමකුපතො ලෝමකුපතෝ උදකධාරා පවත්තති ජනනං වණ්ණානං නීලානං, පීතකානං, ලෝහිතකානං, ඕදාතානං මඤ්ජිට්ඨානං පභස්සරානං...” තේජෝ හා ආපෝකසිනයන් හී අතිශය වශීභාවයෙන් දිය කඳෙන් හා ජල කඳෙක් පිට කරමින් සිදු කරන ප‍්‍රාතිහාර්ය අතර තථාගතයන් වහන්සේ මුළු සක්වලම මැඩගෙන දිවෙන සේ, නීල, පීත, ලෝහිතාදී ෂඩ් වර්ණයන් ගේ රැස් මාලාවන් උත්පාදනය සඳහා ඒ ඒ කසින වලට ද සම වදින බව පටිසම්භිදා මග්ගයෙහි සඳහන් වේ. බුත්සරණ කතුවරයා ඒ පිළිබඳව සඳහන් කරනුයේ පහත අයුරිනි. “.... එකී එකී ජලස්කන්‍ධයට ආපෝකසින සමවත් සමවදිනා සේකෑ. සවනක් ඝන බුදු රැස් පිණිසැ වෙන වෙන නීල කසින, පීත කසිනා දී සමවත් සමවදනා සේකැ....” මුළු ලොවම විශ්මයාවහ ලෙස සාධුකාර දෙමින් රැඳීහුන් කල තථාගතයන් වහන්සේ තවත් ප‍්‍රාතිහාරියක් දැක්වූ බව සඳහන් වේ. විද්‍යාචක‍්‍රවර්තීන් එය අපූරු උපමාවකින් විස්තර කරයි. එක ඇතෙකු සිටින තැනෙක තවත් ඇතෙකු නගාසිටුවන්නාසේ තවත් නිර්මිත බුදුරුවක් මවා පා දැක්වූ අයුරු පටිසම්භිදා මග්ගයෙහි මෙසේ සඳහන් වේ. “භගවා චවකමති, නිමමිතො තිටඨති මා නිසීදති වා සෙය්‍යං වා කපෙපති...” බුදුහු සක්මන් කෙරෙති. නිර්මිත බුදුහු සිටිති. හිඳිති. සයනය හෝ කෙරෙති... මෙලෙස සමාපත්තීන් හී අතිශය වශීභාවයෙන් ප‍්‍රාතිහාර්ය පෑම හුදෙක් සත්ව සන්තාන බියෙන් අළලා ළාමක අරමුණු උදෙසා සිදු නොවන්නකි. සත්වයින් ගේ මෙලොව පරලොව සුගතිගාමීත්වය උදෙසා මහා කාරුණිකයන් වහන්සේ අවැසි තැන අවැසි පරිදි යමා මහා පෙළහර පා වදාළ බව පෙන්වාදිය හැකිය.
අමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ ලේක් ඔරියන් හි විසූ ස්කොට් ඇමීජර් මිය යන්නේ ඔහුගේ අසල්වැසියකු වූ ජොනතන් ෂ්මිට්ස් අතින් වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙනු යි. ඊට හේතුව අසාමාන්‍ය එකක් වූ අතර, මේ නිසා ජොනතන්ගේ දිවිය ද වෙනස් වුණා. රූපවාහිනී වැඩසටහනක දී සිදු වූ සිදුවීමක් දුරදිග යාමෙන් මෙය සිදු වූ අතර, මේ හේතුව නිසා එම වැඩසටහන විකාශය නොකර හරින්නට ද එම නාළිකාවේ බලධාරීන් තීරණය කළා. බලාපොරොත්තු නොවූ හෙළිදරව්වක් ජොනතන් ෂ්මිට්ස් මිචිගන් හි ජීවත් වූ ඉතා සාමාන්‍ය තරුණයෙක් වුණා. ඔහුට කිසිදු පූර්ව අපරාධ ක්‍රියාවක් සම්බන්ධයෙන් චෝදනාවක් හෝ එල්ල වී තිබුණේ නැහැ. මඳක් ලජ්ජාශීලී හා අඩුවෙන් කතා කළ ඔහුගේ ජීවිතය ම සදාකාලික ව වෙනස් වූයේ 1995 වසරේ මාර්තු මස 6 වන දින, එකල අමෙරිකාවේ ජනයා අතර සෑහෙන තරම් ප්‍රසිද්ධ වූ ‘ජෙනී ජෝන්ස්’ නම් රූපවාහිනී වැඩසටහන සඳහා සහභාගී වන ලෙස ආරාධනා ලැබීමත් සමඟ යි. මෙහි දී ඔහු කෙරෙහි කිසිවෙක් හොර රහසේ පෙම් බඳින බවත්, එය වැඩසටහනේ දී හෙළි කරන බවත් ඔහු වෙත දැනුම් දුන්නා. තරුණ රූමත් කාන්තාවක් තමන් කෙරෙහි ආදරයෙන් පසු වන්නේ යැයි සිතූ ජොනතන්, ඊට සහභාගී වන්නට කැමැත්ත පළ කළා. ‘ජෙනී ජෝන්ස්’ රූපවාහිනී වැඩසටහන- Paul Natkin/ gettyimages.com මේ වැඩසටහනේ දී ආරාධිතයා වෙත පිරිමින් හා කාන්තාවන් යන දෙකොට්ඨාසයේ ම කිහිප දෙනෙක් ඉදිරිපත් කෙරෙන අතර, ඉඟි වැනි දේ මහින් තමන් වෙත කැමැත්තක් ඇති පුද්ගලයා ආරාධිතයා සොයා ගත යුතු වෙනවා. චිකාගෝ හි පිහිටි රූපවාහිනී මැදිරිය වෙත ඇතුළු වෙද්දී ෂ්මිට්ස් තමන්ගේ අසල්වැසි කාන්තාවක් ද එහි සිටිනු දකින අතර, ඔහු ඉටා ගන්නේ තමන්ට කැමැත්තෙන් පසුවන්නේ මේ කාන්තව විය හැකි බව යි. ඔහුට ද ඇය කෙරෙහි ප්‍රසන්න හැඟීමක් තිබූ නිසා, ඉතා සතුටෙන් ඔහු වැඩසටහනට පිවිසෙනවා. ෂ්මිට්ස් කෙරෙහි කැමැත්තෙන් පසුවන්නා ෂ්මිට්ස් සහභාගී වූ ජෙනී ජෝන්ස් රූපවාහිනී වැඩ සටහනේ මුල් භාගය සාර්ථක ව ගෙවී ගිය අතර, ෂ්මිට්ස් කෙරෙහි කැමැත්තෙන් පසුවන්නා කාන්තාවක මෙන් ම පිරිමියකු වුව ද විය හැකි බැව් ප්‍රකාශ කෙරුණත් ෂ්මිට්ස් එම ඉඟිය එතරම් වටහා ගත්තේ නැහැ. අවසානයේ ඔහුට ආදරය කරන පුද්ගලයා හෙළි කරන මොහොත එළැඹුණා. එම මොහොත ඉතා උද්වේගකර වූ අතර, තමන් කෙරෙහි කැමැත්තෙන් පසුවන්නේ කවුදැයි ඇසූ විට, ෂ්මිට්ස් මැදිරිය වෙත ඇතුළු වෙද්දී ඔහු දුටු අසල්වැසි කාන්තාව වෙතට ඔහු පියමැන හාදුවක් ද ලබා දෙනවා. මෙහිදී වැඩසටහන් නිෂ්පාදකවරුන් ඇය ඔහුගේ ‘රහසිගත අගය කරන්නා’ නොවන බව පවසා ස්කොට් ඇමීජර් ඉදිරිපත් කරනවා. වැඩසටහන නිමා වූයේ එලෙසිනු යි. සමරිසියකු වූ ඇමීජර් කාලයක පටන් ෂ්මිට්ස් ගේ ඇවතුම් පැවතුම් පිළිබඳ බලා සිට තිබෙනවා. තමන්ට ආදරය කළ පුද්ගලයා පුරුෂයකු බව හඳුනා ගත්වන ම ෂ්මිට්ස්ගේ සිතෙහි තරහවක් උපන්නා. කෙසේ නමුත් කැමරා අභිමුව සිය තරහ නොපෙන්වා සිටීමට ඔහු සමත් වෙනවා. මඳ වේලාවකින් කැමරා ක්‍රියා විරහිත කොට වැඩසටහන පටිගත කිරීම අවසන් වූ බැව් දැන්වූවන ම තිස් දෙහැවිරිදි ඇමීජර් වෙත යන ෂ්මිට්ස් තමන් ‘අතිශයින් ම විෂම රිසියකු’ හෙවත් කාන්තාවන් කෙරෙහි පමණක් ආකර්ෂණය ඇති අයකු බැව් තදින් පවසා මැදිරියෙන් නික්මෙනවා. මේ ක්‍රියාව එතරම් සුදුසු නොවන දෙයක් ලෙස ප්‍රේක්ෂකාගාරයේ අය සිතුවත්, බොහෝ දෙනා එය සිනහවෙන් භාර ගත්තේ, එය හුදෙක් සුළු සිද්ධියක් බවට පත්වනු ඇතැයි සිතමිනු යි. ඇමීජර් හා ෂ්මිට්ස්ට ‘මධු පාන තොලගාන අවස්ථාවක සිනහවෙමින් මතක් කිරීමට’ කාරණාවක් සිය ජීවිතවලට එකතු වූ බැව් බොභෝ දෙනාගේ මතය වුණා. එය ඛේදවාචකයකින් අවසන් වේ යැයි කිසිවකුත් සිතුවේ නැහැ. ස්කොට් ඇමීජර්- screenrant.com ස්කොට් ඇමීජර් මරා දමයි එම සිදුවීමෙන් දින තුනකට පසු ෂ්මිට්ස් සිය මිතුරන් දෙදෙනකු සමඟ සවස් වරුවෙහි සිය නවාතැන වෙත පැමිණෙනවා. මෙහිදී, එහි ඉදිරි දොර අසල දමා ගොස් තිබූ ලියමනක් ඔහුගේ නෙත ගැටෙනවා. නමක් සඳහන් නොකර ලියා තිබූ එහි වූ ඉතිරි අන්තර්ගතය කිසිදා හෙළි නොවූ මුත්, මේ නිසා ෂ්මිට්ස් දැඩි ලෙස කෝපයට පත් වෙනවා. සිය ගිනි අවිය අතට ගන්නා ඔහු කෙළින් ම නතර වෙන්නේ ඇමීජර්ගේ නිවස අසල යි. ඔහු එහි දොරට තට්ටු කරන අතර ඇමීජර් පැමිණ දොර හරිනවා. කිසිදු කතාවක් නොමැතිව ෂ්මිට්ස් ඇමීජර්ට වෙඩි පිට වෙඩි තබන අතර, ඇමීජර් එතැන ම මිය යනවා. එකෙණෙහිම එතැනින් පිටවන ෂ්මිට්ස් පොලිසිය අමතා, තමන් ස්කොට් ඇමීජර් ඝාතනය කළ බැව් පවසා, පොලිසියට භාර වෙනවා. ජොනතන් ෂ්මිට්ස්, ස්කොට් ඇමීජර් මරා දැමීම ලැව් ගින්නක් සේ අමෙරිකාව පුරා පැතිර ගියා. මාධ්‍ය මෙයට විවිව්ධ අර්ථකථන දුන්නා. අයකු පැවසුවේ කිසිවකුත් අපහසුතාවයට පත් වන ලෙස ප්‍රසිද්ධ මාධ්‍යවල වැඩසටහන් කිරීම නැවැත්විය යුතු බව යි. වැඩසටහන පටිගත කරන ස්ථානයේ සිටි කිහිප දෙනකු ම පසුකාලීනව පවසා තිබුණේ, එහිදී ෂ්මිට්ස් දැඩි ලෙස අපහසුවට පත්ව සිටි බව යි. තවත් මාධ්‍ය කිහිපයක් පවසා සිටියේ සැබවින් ම ෂ්මිට්ස් හා ඇමීජර් අතර සම්බන්ධයක් තිබෙන්නට ඇති බව යි. ඔවුන්ගේ පෞද්ගලික කෝන්තරයක් දුරදිග යාමෙන් මෙලෙස ඇමීජර් ඝාතනය වන්නට ඇති බැව් තව දුරටත් ඔවුන් පැවසුවා. ෂ්මිට්ස්ට ‘සමරිසි භීතිකාවක්?’ ෂ්මිට්ස් ගේ නීතීඥවරුන් චෝදනා කළේ වැඩසටහන් නිෂ්පාදකයන්ට යි. ෂ්මිට්ස්ට ‘සමරිසි භීතිකාවක්’ ඇති බවත්, එවැනි තත්ත්වයේ සිටින්නෙක් ප්‍රසිද්ධ මාධ්‍යයක් ඉදිරියේ අපහසුතාවට පත් කිරීම නිසා ඇති වූ ‘මානසික ව්‍යාකූලත්වය’ නිසා මෙවන් තත්ත්වයක් ඇති වූ බවත් ඔවුන් තර්ක කළා. මේ සියල්ල මධ්‍යයේ නඩු විභාගය පැවති අතර, ෂ්මිට්ස්ට වසර 25 සිට 50 දක්වා වූ සිර දඬුවමක් ලැබුණා. පසුකාලීනව එය ලිහිල් වූ අතර, 2017 වසරේ දී නිදහස ලැබීමෙන් අනතුරු ව ඔහු අප්‍රසිද්ධ ජීවිතයක් ගෙවමින් සිටිනවා. ජොනතන් ෂ්මිට්ස් 2017 දී – Michigan department of corrections /AP.com ඇමීජර්ගේ ඥාතීන්ට විශාල වන්දියක් ඇමීජර්ගේ ඥාතීන් ජෙනී ජෝන්ස් වැඩසටහනට එරෙහි ව නඩු පැවරූ අතර, එහිදී යම් පමණකට ෂ්මිට්ස් අපහසුතාවට පත් වූ බවත්, කිසිදු අයකුගේ පසුබිම පිළිබඳ නොසොයා වැඩසටහනට ආරාධනා කළ බවත් හෙළි වුණා. මෙවැනි සංවේදී කාරණා සහිත වැඩසටහනකට ආරාධනා කිරීමට පෙර ෂ්මිට්ස් ඇතුළු සියලු දෙනාගේ පසුබිම නිසිලෙස අධ්‍යයනය කළානම් මෙලෙස අවාසනාවන්ත සිදුවීමක් සිදු නොවනු ඇති බැව් ඔවුන්ගේ තර්කය වුණා. අවසානයේ ඇමීජර්ගේ ඥාතීන් ජය ගත් අතර, විශාල වන්දියක් ජෙනී ජෝන්ස් වැඩසටහන සිදු කළ නිෂ්පාදන කණ්ඩායමෙන් ඔවුන්ට හිමි වුණා. කවරයේ ඡායාරූපය - ජොනතන් ෂ්මිට්ස්- thecinemaholic.com මූලාශ්‍ර: Allthatsinteresting.com Thecinemaholic.com Screenrant.com Related Articles ති.නා අපට, හුස්ම එපිට! video ප්‍රවෘත්ති සහ වාර්තාමය මාර්තු 26, 2020 ඇමති සැපට අලුත් වාහන video ප්‍රවෘත්ති සහ වාර්තාමය ජූනි 20, 2016 ඇමරිකානු රජයට එරෙහිව නඩු මගට බසින රුසියාවේ කැස්පර්ස්කි ලැබ් සමාගම article ප්‍රවෘත්ති සහ වාර්තාමය දෙසැම්බර් 21, 2017 පිරන්හා මත්ස්‍ය ප්‍රහාර නිසා සිදුවුණු දරුණු අනතුරු 5ක් article ප්‍රවෘත්ති සහ වාර්තාමය දෙසැම්බර් 11, 2021 මත්ද්‍රව්‍යයන්ට එරෙහි පිලිපීනයේ සංග්‍රාමය article ප්‍රවෘත්ති සහ වාර්තාමය නොවැම්බර් 1, 2016 තලිබාන් ඇෆ්ගනිස්තානයේ අනාගතය අවිනිශ්චිතයි! article ප්‍රවෘත්ති සහ වාර්තාමය අගෝස්තු 17, 2021 ආර්ථික ගැටලු ජය ගන්න දේශපාලන ස්ථාවරත්වය අනිවාර්ය ඇයි? article ප්‍රවෘත්ති සහ වාර්තාමය ජූලි 22, 2022 ඉහළ ගිය භූමිතෙල් මිලෙන් දැවෙන පොදු ජනතා වුවමනා article ප්‍රවෘත්ති සහ වාර්තාමය අගෝස්තු 30, 2022 Roar සිංහල Roar Media is a South Asian multilingual media platform that produces original stories and provides analysis on complex issues. All our content aims to inform, educate, and inspire.
සංරක්ෂණයට ගෙනාපු රසායන ද්‍රව්‍ය වෙනත් කාර්යයන් දෙකකට යොදවලා… සොයාගෙන අවුරුදු 13ක් විධිමත් සංරක්ෂණයක් කර නෑ… පාරුව විනාශ වෙන්න හැර දිරාපත් දැව කොටස් තියන්න ලක්ෂ 17ක් වියදම් කර යකඩ ආධාරක හදලා… ඒ මත තියන්න දැව කොටසක්වත් දැන් නෑ… දැනට ලංකාවේ ගංගාවන් ආශ්‍රිතව හමුවී ඇති පැරැණිතම යාත්‍රාව වන්නේ කැලණි ඔරුවය. කැලණි ඔරුව හමුවී ඇත්තේ ක්‍රිස්‌තු වර්ෂ තුන්වන සියවසේදීය. ඒ කැලණි ගංගාවෙනි. එම යාත්‍රාව ජාතික කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත්තේය. අත්තනගලු ඔයෙන් හමුවී ඇති අත්තනගලු පාරුව ක්‍රිස්‌තු වර්ෂ හත්වන සියවසට අයත්ය. එනම් දල වශයෙන් අවුරුදු එක්දහස් දෙසිය හැත්තෑවක් පැරණිය. රත්නපුරයෙන්ද ඉපැරැණි ඔරුවක්‌ හමුවී ඇති අතර මේ අයුරින් පාරම්පරික යාත්‍රාවන් ගණනාවක්‌ම ලංකාවේ ගංගා ආශ්‍රිතව හමුවී තිබේ. කෙසේවුවද මේ වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නොසැලකිල්ල නිසාවෙන් අත්තනගලු ඔයෙන් හමුවි ඇති පාරුව සම්පුර්ණයෙන්ම විනාශයට පත් වී ඇත්තේය. අත්තනගලු පාරුව අත්තනගල්ල ඔයෙන් හමුවි ඇත්තේ 1998 වර්ෂයේ දිය. වැලිගොඩ දමමින් සිටි පිරිසකට මෙම පාරුවේ කොටස් හමුවි ඇති බවට සඳහන් වේ. එවකට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ ඉල්ලිමකට අනුව අත්තනගල්ල ඔයෙන් හමුවු මෙම පාරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් රැගෙනවිත් කොළඹ ජාතික කෞතුකාගාරයේ ජල ටැංකියක ලී කුඩු දමා තැන්පත්කොට තිබුණි. අත්තනගල්ල පාරුව දිගින් අඩි 59යි අගල් 11කි. පළල අඩි 04කි. කාලනිර්නය අනුව මෙකි පාරුව වසර 1270ක් පැරණිය. අත්තනගලු පාරුව 1998 දී කෞතුකාගාරයට ගෙනා අවස්ථාව… පාරුව සංරක්ෂණයට ගෙනා රසායන ද්‍රව්‍ය වෙනත් වැඩවලට… පාරුව සංරක්ෂණය කිරීමේ කාර්යභාර්ය පුරාවිද්‍යා දේපාර්තමේන්තුව වෙත පැවරි තිබුණි. සංරක්ෂණ කටයුතු සදහා රුපියල් මිලියන 04ක පමණ මුදලක් වැයකොට පොලිඑතිලින් සහ ග්ලයිකෝල් නැමති රාසායන ද්‍රව්‍යයද මිලදී ගනු ලැබිය. ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන්නේ 2001 වර්ෂය දක්වාම එම රසායන ද්‍රව්‍ය භාවිතාකොට මෙම පාරුව සංරක්ෂණය කොට නොතිබු බවය. එම රසායන ද්‍රව්‍ය වෙනත් කාර්යයන් දෙකකට භාවිතාකොට තිබුණි. පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායන සංරක්ෂණ අංශය මගින් වෙනත් ක්‍රමවේදයකට මෙම පාරුව සංරක්ෂණය කිරීමට පියවරගෙන තිබුණි. විගණනය කීවේ වියලි ක්‍රමය යටතේ පාරුව සංරක්ෂණය කිරීමේ කටයුතු සිදුකරණු ලැබ ඇති බවය. සංරක්ෂණ කටයුතු සිදුකිරීමෙන් පසු පාරුව ප්‍රදර්ශනය කිරීම සඳහා පියවර ගන්නා ලෙස පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව මගින් දැනුම් දි තිබුණි. එහෙත් මෙම පාරුවේ සංරක්ෂණ කටයුතු අවසන් විමෙන් පසු නියමිත අයුරින් ප්‍රදර්ශනයට තැබීමට පියවරගෙන නොතිබුණි. පාරුව ඔසවා ස්ථානගත කළ හැටි – 1998 2019 දි පාරුව විනාස වීම ඇරඹිලා.. හොර ශාඛයේ ලී දඬු යොදාගෙන අත්තන්නගල්ල පාරුව නිර්මාණය කොට තිබු අතර 2019 වර්ෂය අවසානය වනවිට පාරුවේ කොටස් විශාල ප්‍රමාණයක් දැඩිලෙස දිරාපත් වී පුළුන් ගොඩක් බවට පත්ව තිබුණි. මේ සඳහා ස්වාභාවික හානි ද හේතුවි තිබු බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් විගණනයට සඳහන් කොට ඇත. මේ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද සංරක්ණ අංශයට උපදෙස් ලබාදීම සදහා මහාචාර්යවරු සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් 2019 වර්ෂයේ දී පත්කිරීමට සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මගින් කටයුතු කරනු ලැබීය. 2019 වර්ෂයෙන් පසුවද මෙම පාරුව සංරක්ෂණය කිරීම ආරම්භ කරණු ලැබීය. නයිලොන් ගොසම් යොදාගෙන සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කරණු ලැබීය. ඒ සදහා අවශ්‍ය අමුද්‍රව්‍යය ද මිලදිගනු ලැබිය. මෙවා ඇලවීම සඳහා යොදාගනු ලබන රාසායනික ද්‍රව්‍ය ඉතා මිල අධික වීම නිසා නයිලොන් ගොසම් පාරුවේ කැබලි ඇලවිමේ දි දරාගැනිමට නොහැකිවිම නිසා එම සංරක්ෂණ කටයුතුද ලත් තැනම ලොප්විය. පාරුව ප්‍රතිනිර්මාණයට උපදෙස් කෙසේවුවද කමිටුවේ තීරණය වුයේ මෙය අපහරණය නොකළයුතු අතර නැවත පාරුව ප්‍රති නිර්මාණය කිරීමට කටයුතු කළයුතු බවය. දැනට පාරුවේ දිරා නොගිය කොටස් උපයෝගි කරගෙන අනුරුවක් අයුරින් යලි මෙම පාරුව ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු ආරම්භකොට ඇති බව පුරාවිද්‍යා දේපාර්තමේන්තුවේ රසායනික සංරක්ෂණ අංශය සඳහන් කරන්නේය. එම අංශය සඳහන් කරන අකාරයට මෙකී පාරුවේ සංරක්ෂණ කටයුතු සඳහා ගෙනවිත් තිබු රාසායන ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධව පලපුරුද්දක්ද සංරක්ෂණ නිලධාරින්ට නොතිබුණි. මෙම රාසායනික ද්‍රව්‍ය ලෝකයේ වෙනත් රටවල කේතුධර ශාක සදහා භාවිතාකොට තිබුණි. පාරුව හොර ලි වලින් සකස්කොට තිබු අතර මේ නිසා මෙම රාසායන ද්‍රව්‍ය හොර ලි සදහා භාවිතයට ගන්නා ආකාරය පිළිබද අන්තර්ජාතික වශයෙන්ද දත්ත නොතිබුණි. 2001න් පසු වියලි සංරක්ෂණයෙන් පසු ප්‍රදර්ශනයට තබා තිබුණු පාරුව …. අවරුදු 1270ක් පැරණි ඒ ජාතික උරුමය අද ජාතියට අහිමිය… කෙසේවුවද මේ පිළිබද විගණනය මගින් ප්‍රකාශකොට ඇත්තේ සංරක්ෂණ ක්‍රමවේදය හා කාර්යය නියමිත කාලරාමුව තුළ යෝග්‍ය පරිදි සිදුනොකිරිම නිසා 2021 වර්ෂය අවසානය වනවිට පාරුවේ දැව කොටස් සම්පුර්ණයෙන්ම විනාශ වි ඇති බවය. පාරුව මුළුමනින්ම විනාශයි… පාරුවේ විනාශයේ තරම කෙතරම් ද කිවහොත් එය කුඩා දැව කොටස් දක්වා විනාශවි තිබුණි. කෙසේවුවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙම පාරුවේ විනාශවී ඇති දැවමය කොටස් තැබීමට ආධාරකයක් සකස් කිරීම සඳහා රුපියල් 1,770,876ක මුදලක් වැයකොට තිබුණි. එහෙත් පාරුවේ දිරාපත් වු දැව කොටස් සංරක්ෂණ සිමාව ඉක්මවා තිබීම නිසා එහි අනුරුවක් සකස් කිරීමට යලි පුරාවිද්‍යා දේපාර්තමේන්තුව වෙත ගෙනවිත් තිබුණි. ඒ අනුව බලන විට මෙම පාරුවේ දැවමය කොටස් තැබීම සදහා රුපියල් දාහත් ලක්ෂයකට අධික මුදලක් වැයකොට යකඩ ආධාරයක් ඉදිකළද එය නිෂ්කාර්ය වියදමක් වි තිබුණි. පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවේ මුලික කාර්යභාරය පුරාවිද්‍යාත්මක ස්ථාන පුරාවස්තු පිළිබඳ ගවේෂණය කිරීම කැණිම් කටයුතු කිරීම හා සංරක්ෂණය කිරිමය. එහෙත් විගණනය මගින් ලබා දී ඇති නිර්දේශය වන්නේ සංරක්ෂණ කාර්යයන් නිසි පරිදි ඉටුනොකිරිම නිසා මෙම පුරාවස්තුව හානිවි විනාශ වි ඇති බවය. විගණනය නොවන ජාතික උරුමය සහ ජාතික උරුම සංහාරය විගණනය මගින් පෙන්වා දෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනාගාරය තුළ 1950 වර්ෂයේ පමණ සිට කැණිම් හා සංරක්ෂණ අංශ මගින් සොයාගත් පුරාවස්තු විශාල ප්‍රමාණයක් තිබෙන බවය. ඇතැම් පුරාවස්තු සංරක්ෂණය කිරීමට කටයුතු කර නොතිබුණි. ඒ විතරක් නොව අතිතයේ සිට විධිමත්ව සකස්කළ පුරාවස්තු පිළිබඳ ලේඛනයක්ද නොතිබුණි. 2020 හා 2021 වර්ෂවල පුරාවස්තු ලේඛනගත කිරිම ආරම්භ කළද වාර්තමානය වනවිට පුරාවස්තු විශාල ප්‍රමාණයක් ලේඛනගත කිරීමකින් තොරව ආනාරක්ෂිත පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. කෙසේ වෙතත් ඓතිහාසික වැදගත්කමකින් යුතු අත්තනගල්ල පාරුව රැක ගැනිමට පුරාවිද්‍යා බලධාරින්ට නොහැකිවි තිබුණි. පාරුව අත්තනගල්ල ඔයෙන් ගොඩගෙන රැගෙනවිත් තැන්පත් කිරීම සදහාත් විශාල මුදලක් වැයවන්නට ඇත. එමෙන්ම මෙය පාරුවක් ද ඔරුවක් ද නැතිනම් උපසම්පදා විනයකර්මවලදි මණ්ඩපය ඉදිකිරීම සදහා යොදාගනු ලැබු ලි දඩුද යන්න පිළිබඳ විවිධ මතවාද පැවතිනි. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ආචාර්ය සිරිනිමල් ලද්දුසිංහ මෙම පාරුව ගැන කියන්නේ මෙවැනි කථාවකි. “ මාගේ කාලය තුල තමයි මෙම පාරුව ජාතික කෞතුකාගාරයට රැගෙනවිත් තිබුණේ. මේ පිළිබද විවිධ මත තියෙනවා. අත්තනගල්ල විහාරස්ථානයේ පහලින් තමයි මෙම පාරුව හමුවෙන්නේ. භික්ෂුන්වන්සේලා උපසම්පදා විනයකර්ම කිරිමේ දි මණ්ඩපයක් හැදිම සදහා භාවිතාකරපු ලි දඩුකියලා තමයි විශ්වාස කරන්නේ. ක්‍ස්තු .වර්ෂ 08 වැනි ශතවර්ෂයේ දි අනුරාධපුර අග කාලය වනවිට අත්තනගල්ල රජමහා විහාරස්ථානය උපසම්පදා විනයකර්මය සිදුකරණ වැදගත් විහාරස්ථානයක් බවට පත්වෙලා තිබුණා. ආචාර්ය සිරිනිමල් ලද්දුසිංහ මහතා සදහන් කළේය. කුමන මතවාද පැවතියද මේ වසර 1270ක් පැරණි ජාතික උරුමය දැන් ජාතියට අහිමිය. වරද කොතැන ද?. මේ සම්බන්ධව නිසි ඇගයීමක් කර මේ උරුම සංහාරකයින්ට දඬුවමක් නොදෙන්නේ ද?. පුරාවස්තු අපරාධකරුවන් පුරවිද්‍යා දෙපාරත්මේන්තුව තුළත් කෞතුකාගාර දෙපාර්තමේන්තුව තුළත් සිටින බව විගණනයත් කියන්නේය. අපට අසන්නට ඇත්තේ මොවුන්ට නඩු නැති ද යන්න පමණි. Join @lankasara on Telegram Channel Tags: නවතමවිශේෂ Previous Post බිංදුවට කොවිඩ් බස්සන්න ගිය චීනයේ ආර්ථිකයත් බිංදුවට වැටෙයිද ? Next Post ණය අර්බුදය විසඳා ගැනීමට ජපන් සහය ලැබෙන බව ජපන් මුදල් ඇමති කියයි… Related Posts අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතයි!. අගෝස්තු 11, 2022 වංසකතා හෙළි කරන මහින්දාගමනයේ අසිරිය… ජූනි 20, 2022 පෙර හෙළ රජ කල සිට පැවතෙන වෙසක් සිරිත… මැයි 14, 2022 Discussion about this post No Result View All Result නවතම ලිපි සිසුවෙක් තවත් සිසුවෙකුගේ පානීය ජලයට මත්ද්‍රව්‍ය කළවම් කරලා… ජලය බිව් සිසුවාට අසාධ්‍යයයි! ජේ.ආර්.ගේ සැන් ෆ්‍රැන්සිස්කෝ කතාවට කළ ගුණ සලකන්න 16 වසරක් පුරා ලංකාවේ දරුවන් වෙනුවෙන් කැප වුන ජපන් යුවල… අමාත්‍යාංශයෙන් මිලියන ගණනක පොල්ලක්… දරු ප්‍රසූතියක දි අධික රුධිර වහනය වළක්වන ඖෂධය ගෙන්වීම සැපයුම්කරු නවත්වයි… පොලිසියට “ලොරි ටෝක්“ දීලා තියෙන්නෙ මහරගම සැලෝන් කාරයෙක්… දැන් ප්‍රදේශයෙනුත් පලා ගිහින්! ඊයේ ඇප ලැබූ සිරිධම්ම හිමි අද යළිත් රෝහල්ගත කරයි! ටැග = Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka. Latest News සිසුවෙක් තවත් සිසුවෙකුගේ පානීය ජලයට මත්ද්‍රව්‍ය කළවම් කරලා… ජලය බිව් සිසුවාට අසාධ්‍යයයි! by editor දෙසැම්බර් 7, 2022 0 දිනසේන රතුගමගේ - කිළිනොච්චිය නගරයේ පිහිටි... ජේ.ආර්.ගේ සැන් ෆ්‍රැන්සිස්කෝ කතාවට කළ ගුණ සලකන්න 16 වසරක් පුරා ලංකාවේ දරුවන් වෙනුවෙන් කැප වුන ජපන් යුවල…
තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති ධුරයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් තාවකාලිකව ඉවත් කරනු ලැබ සිටින අශෝක සේපාල මහතා අද (25) සභාපති ධූරයෙන් සහ මන්ත්‍රිධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ඊට අදාළ ලිපිය ඒ මහතා විසින් තලවකැලේ ලිදුල නගර සභාවේ ලේකම් ඩි.වි.පි.බණ්ඩාර මහතා වෙත බාරදී තිබේ. තලවාකැලේ ලිදුල නගර සභාවේ සභාපති ලෙස 2011 සිට 2015 දක්වා කටයුතු කළ අශෝක සේපාල මහතා අවසන් වරට පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු යළිත් සභාපති ධූරයට පත්විය. ඔහුට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිලි ගණනාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා විසින් විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය පත් කරනු ලැබීය.විමර්ශන අවසන් වන තෙක් තාවකාලිකව අශෝක සේපාල මහතා සභාපති තනතුරින් ඉවත් කිරීමට ආණඩුකාරවරයා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පියවර ගත්තේය. ස්වාධින මන්ත්‍රිවරයෙකු වශයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ඉන් ජයගෙන තලවකැලේ ලිදුල නගර සභාවේ මන්ත්‍රි ධුරය සහ සභාපති ධුරය දැරූ අශෝක සේපාල මහතා තනතුරු වලින් ඉල්ලා අස්විමේ ලිපියේ පිටපතක් නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිවරයා වෙතද ලබා දී ඇත. තලවකැලේ ලිදුල නගර සභාවේ නාගරික මන්ත්‍රි ධුරයෙන් තමන් ඉවත් වීම නිසා පුරප්පාඩු වන මන්ත්‍රී ධූරයට තලවකැලේ හොලිරුඩ් කොට්ඨාසයට ස්වාධීනව තරඟ කළ සිවනයියා සිවරාජ් මහතා පත්වනු ඇතැයි සේපාල මහතා කීය. Facebook Facebook Messenger Twitter Pinterest LinkedIn Tumblr Reddit WhatsApp Viber සංස්කාරක Previous post බගවන්තලාව නිරෝධායන රැඳවියෝ පණුවන් කන්නට බෑ කියති Next post අසරණව සිටින විදෙස් ශ්‍රමිකයන් ගෙන්වන්නැයි කෝප් කමිටුව කියයි Related post ගවේෂණාත්මක ප්‍රවෘත්ති හා කාලීන සංඛපාල, ගල්බොක්කයාය කඳුවැටිය වැනසීමට සැරසෙන ලංවා සිමෙන්ති... November 22, 2022 ප්‍රවෘත්ති හා කාලීන විවරණ අසරණකම් පහ කරන්න පහසුකම් ගමට යවන්න –... November 22, 2022 ප්‍රවෘත්ති හා කාලීන විශේෂාංග ලොවට නෑසෙන හංස ගීතය – ආබාධ සහිත... November 22, 2022 Leave a Reply Cancel reply Your email address will not be published. Required fields are marked * Save my name, email, and website in this browser for the next time I comment. About Us sinhala.ejournalist.lk owns the copyright in the content published on the Website except where otherwise indicated by a third party’s proprietary notice. Images, trade marks and brands are also protected by other intellectual property laws and may not be reproduced or appropriated in any manner without written permission of their respective owners. Unless specifically prohibited by a notice published on any page, you may make a print copy of such parts of the Website as you may reasonably require for your own personal use provided that any copy has attached to it any relevant proprietary notices and/or disclaimers. All other use is prohibited.