text
stringlengths
211
295k
ඒ මොහොතේ හිමාෂා කඳුළු නොපිසුවා නම් පාරමීට එතැනට පැමිණ විකාර කියවමින් හිඳීම පහසු කරන්නට තිබිණි.නමුත් හිමාෂාට රවිඳු ඉදිරියෙහි අඬන්නට සිදු වූයේ කුමක්දැයි ඈ කල්පනා කළා ය. මේ කඳුළු ඈ වෙනුවෙන් වැටෙන ඒවා නොවේ! රවිඳු නැවත වතාවක් තමා ප්‍රතික්ෂේප කිරීම හන්දා හිමාෂාට අඬන්නට හේතුවක් නැති බව පාරමී සිතුවා ය.මින් පෙර දිනයකදී ද රවිඳු සමඟ කතාවක පැටලී සිටි හිමාෂා කතා කරේ මොනවාදැයි අසද්දී ඒ ඈ ගැන බව පැවසූ පාරමීට සිහි වේ.හිමාෂාගේ දියණියගේ උපන්දින සාදය දිනයේ රවිඳු ඔවුන්ට ඕනෑවට වඩා සමීප වන්නට දැරූ උත්සාහය ගැන ආ කෝපයෙන්ම පාරමී එතැනට ගියා ය. “වැඩ තියන වෙලාවෙ මොකද මේ?” අංශ ප්‍රධානියාවත් එතරම් රළු ස්වරයකින් නොඅමතන බව හිමාෂාට සිතිණ.ඇය හිනැහෙන්නට සැරසුණා ය.නමුත් පාරමීගේ බැල්ම හමුවේ එය පහසු නොවන බව ඇයට සිතිණ.වරදක් කර හසු වූ තරමේ හැඟීමක් දැනෙද්දී හිමාෂා ඉවත බලා ගත්තා ය. “මිනිසුන්ට කරදර එන්නේ වැඩ තියෙන වෙලාව බලලා වැඩ නැති වෙලා බලලා නෙවෙයිනෙ.එහෙම ප්‍රශ්න එනවනම් ඉතිං අපිට කවද හරි මැරෙනකොටත් තව කරන්න වැඩ ටිකක් ඉතුරු වෙලා තියෙනවා කියලා මරණේ කල් දාගන්න පුළුවන්.” රවිඳු එසේ පැවසුවේ නොකැමති හඬකිනි.එය පාරමීගේ කෝපය තව තවත් උත්සන්න කරන්නට හේතුවක් වූවා ය.මේ ගැන හිමාෂාගෙන් කෙලින්ම ප්‍රශ්න කරන්නට ඇය සැරසුණා ය.නමුත් එයට පෙර තවත් කාර්යාල සගයෙකු කොරිඩෝවෙන් එබී බලා හිමාෂා ඇමතුවේ උස් හඬකිනි. “හිමාෂෝ,කයිය ගහන්න පස්සෙ පුලුවන්.පොඩ්ඩක් එනවද? මට ඔයාගෙ ෆයිල් එකක් ඕන.” ඒ හඬ ගැසීම හිමාෂාට විශාල සහනයක් වී දැනිණ.ඇය සමුගැනීමක් වත් නොකර වහා එතැනින් ඉවත් වූවා ය.පාරමීගේ සැකය පිරුණු දෑස් දෙස බලන්නට බැරි කුමක් දෝ හැඟීමකින් ඇය පිරී ගොස් සිටියා ය. “හිමාට අඬන්න මෙතන මොකක්ද සිද්ධ වුණේ? ඇයි එයා ඔයා ඉස්සරහට වෙලා අඬන්නේ?” මොන තරමේ ඉල්ලීම් කළත් වැරදීමකින් හෝ මේ යුවතිය ජීවන සහකාරිය බවට පත් කරගත යුතු නැති බවට රවිඳු දැඩි සේ සිතට ගත්තේ ඒ වචන ඇසෙද්දී ය.සැකයේ වාසිය සමහරවිට නිවැරදිවම ක්‍රියා කරන තැන් තිබේ.නමුත් අසීමිත සැකය කිසිදිනෙක සබඳතාවයකට යහපත් නොවේ.පාරමී හිඳින්නේ අසීමිත සැකය හිස දරාගෙන ය. “හිමා අඬන්න ගත්තේ මෙතෙන්ට වෙලා නෙමේ.ඔෆිස් රූම් එකේ ඉඳන් අඬලා බැරිම තැන තමයි එයා මෙතනට ආවේ.ඔයාලා ඒක නොදැක්කා ට මං ඒක දැක්කා.” විශාල ගැටළු තොගයක් හිස මත තබා ගත් මිතුරිය හදිසියේ හැඬූ කාරණාව අසන්නට පාරමීට වහා එතනින් නික්මෙන්නට තිබිණි.නමුත් මේ මොහොතේ ඇයට ඊට වඩා කෝප ගන්නට කාරණාවක් නිර්මාණය වී තිබිණ. “අපි කවුරුත් එයා අඬනවා නොදැක්කා ට ඔයා කොහොමද දැක්කේ?ඔයා වැඩ නොකර එයා දිහා බලන් ඉන්න එකද කරන්නේ?” පාරමී දෙස රවිඳු බැලුයේ නොපහන් දෑසකිනි.ඇය හිඳින්නේ ඊර්ෂ්‍යාවෙන් පීඩිතව බව ඔහුට වැටහේ.ඒකපාර්ශවික ප්‍රේමයකින් දැවෙමින් හිඳියදී එවැනි හැඟීම් ඕනෑම යුවතියකට ඇති වේ.නමුත් අනෙක් අය හඬා පිට කරන වේදනාවන් පාරමී පිට කරන්නේ වෙනත් ආකාරයක ය.තමන්ට සමීප වන අය සහ ඒ මිත්‍රත්වයේ ප්‍රමාණය තීරණය කරන්නට පාරමීට ඇති අයිතිය ගැන රවිඳුට ඇති වූයේ කෝපයකි. Tags හිමගිරි අරණ Share Facebook Twitter Pinterest WhatsApp අනෙක් කොටස් හිමගිරි අරණ – අවසන් කොටස හිමගිරි අරණ -74 හිමගිරි අරණ -73 Load more More Stories සඳක් කළ සක්මන් 42 වන කොටස සඳක් කළ සක්මන් -25 සැරිසරන්නී 27 හිමගිරි අරණ -70 පාට සේදුණු වත්සුණු – 6 සඳ කත් මිණි ඇස් 33 Don't Miss යෝනි මාර්ග දෙකක් සහ ගර්භාෂ දෙකක් සහිත එව්ලින්ගේ කතාව (අ)හිමි සිහින -224 (අ)හිමි සිහින -218 දවස් තුනෙන් බර අඩු කරන ටූනා ඩයට් ප්ලෑන් (අ)හිමි සිහින -216 විසි හැවිරිදි වියේදී අත් හැරුණු සිහිනය අවුරුදු 66 දී සැබෑ කර... Latest Articles නිබ්බුත ගීත නිබ්බුත ගීත -29 ගංගා ෂයිනි ගමගේ - December 7, 2022 0 මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද... Read more සුහදිනි සුහදිනි – 78 නිබන්ධිකා වන්නිනායක - December 7, 2022 0 ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ... Read more අහිමි සිහින (අ)හිමි සිහින -232 admin - December 6, 2022 0 මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ සියලු දෙයින්... Read more නිබ්බුත ගීත නිබ්බුත ගීත -28 ගංගා ෂයිනි ගමගේ - December 6, 2022 0 මා හිටියේ යහනේ වැතිර ගෙන ය. මගේ පාලනයකින් තොර ව එක දිගට කඳුළු ගලා යමින් තිබිණ. උපන් දා සිට සැපක් කියා දෙයක්... Read more සුහදිනි සුහදිනි -77 නිබන්ධිකා වන්නිනායක - December 6, 2022 0 අවසන් මහා තරගයක් කියන්නේ සෑම කෙනෙකුම බලාපොරොත්තු දල්වා බලා සිටින දවසකට ය.රාජ්‍ය නායකයාගේ පටන් සාමාන්‍ය රට වැසියන් දක්වාම තරුණයන් එකොළොස් දෙනෙකු බලාපොරොත්තුවෙ... Read more Load more Jack Tree (Pvt) Ltd, 300/13 Bird Park, Madiwela, Kotte. Phone : 011 281 4449 Contact us: [email protected] smartlady.lk වෙබ් අඩවියේ අඩංගු සියලුම ලිපි Jack Tree (Pvt) Ltd ලිඛිත අවසරයකින් තොරව උපුටා ගැනීම, නැවත ප්‍රකාශණය කිරීම, බෙදාහැරීම, ප්‍රදර්ශනය කිරීම, විකාශනය කිරීම ඇතුළුව කුමන අයුරකින් හෝ භාවිත කිරීම බුද්ධිමය දේපල පනත යටතේ සිරදඬුවම් ලැබිය හැකි වරදකි. © Jack Tree (Pvt) Ltd | Privacy Policy | Terms මහනුවර ප්‍රදේශයේ දුෂ්කර පාසලකට උදව් කරන්න SmartLady අපි ලෑස්තියි. මේකට දායක වෙන්න ඔයාලටත් පුලුවන්. ඒ කොහොමද කියලා පහල තියන ලින්ක් එකේ තියනවා.
තිනෙත්මා ඇගේ ඇදට ඇද රෙද්ද එලා දෑසේ කදුලු පුරවාගෙන ඒ දෙස බලාගෙන සිටියාය. අම්මා ලගට එනතුරුවත් ඇය නොදත්තාය. අම්මා බට්ටිච්චි ලගටම ඇවිදින් ඇගේ හිස අතගාමින් ඇගේ මුහුණ දෙස බැලුවාය. කදුලින් පිරි දෙනෙත් දැක අම්මාගේත් ඇස් වලට කදුලු පිරුණි. “ඇයි පුතේ මේ ඇයි කදුලු පුරොගෙන ඇදරෙද්ද දිහා බලාගෙන මොනාද හිතන්නේ?” “නැහැ අම්මා මට සකුණව මතක් උනා මේ ඇද රෙද්ද දකිද්දි” ඉකිබිදිමින් ඇය මවට තුරුල් වුනාය. “අඩන්න එපා මගේ පුතේ කවද හරි දවසක සකුණ අයෙමත් ඔයා ලගට එවි.. දැන් නාඩා ඉන්න මගෙ හොද බට්ටිච්චිනේ....” අම්මා බට්ටිච්චි නලවන්න හැදුවත් තමන්ට පුතෙක්වගෙ වුන සකුණගේ වෙනස් වීම සිහිවී ඇයටත් කදුලක් නැගුනා. ඇය තිනෙත්මා කාවින්දි සූරියබණ්ඩාර. ඔහු සකුණ නිම්සර හෙට්ටිඅරාච්චි. අද වෙදිදි බිදී නොබිදී තිබෙන ඔවුන්ගේ පෙම් පුවත කියවන්න එන්න ඔබත් එක්වන්න සකුණ මියසි නද සමගින්. ~******~ “බ් ර් ර් ර් ර් බ් ර් ර් ර් ර් බ් ර් ර් ර් ර් ර් බ් ර් ර් ර් ර් ර්” හලො ...... අම්මා Good morning බට්ටිච්චී නැගිටින්න. අද lectures යන්නේ නැතිද? Good morning අම්මා යනව දැන් වෙලාව කියද? දැන් 5.15 ත් වෙලා පුතේ නැගිටලා ලැස්ති වෙන්න නැතිනම් train එකට යන්න බැරිවෙයි. හරි අම්ම මම නැගිට්ටා... මම තියන්නම් අම්මා. බුදුසරණයි බට්ටිච්චි යන්න කලින් කතා කරන්න පුතේ හා අම්මා බුදුසරණයි. කියමින් බට්ටිච්චි පුරුදුපරිදි ඉස්සර වගෙම අදෙන් බිමට පනින්නට ගොස් බේරුනේ අනූ නමයෙන්. ඇය නිදගෙන උන්නේ මෙට්ටයක් බිම දාගෙනයි. තිනෙත්මා තවමත් ඇගේ සොහොයුරියගේ නිවසේ නැවතීමට පැමිණ මසක්වත් ගතවී නැත. එබැවින් ඇයට ඇවැසි සියල්ල තවමත් ගෙනැවිත් අවසන් නැත. (මෙතැන් ඉදලා මම තිනෙත්මාගේ චරිතයට පන දෙන්නම්. නැතහොත් කතාව ඔබට නීරස විය හැකි නිසා) මම ඉක්මනට නෙට් එක ගැටගසා මෙට්ටය අකුලා පසෙකින් තබා කුස්සිය පැත්තට ගියේ අක්කා ඇහැරලාද කියා සිතමින්. ආ බට්ටිච්චී ඔයා නැගිට්ටද මම මේ ඔයාට ඇහැරවන්න එන්න හැදුවේ අම්මා ඇහැරෙවුවා අක්කා. එහෙනම් තේ හදලා ඉස්සරහා මෙසේ උඩ තියෙනවා බීලා ලැස්තිවෙන්න ඉක්මනට මම පැන්චිට කිරි එක දීලා ඇවිත් කැම ඔතලා දෙන්නම්. මගේ එකම සොහොයුරිය චම්මි විවාහවී දැන් සිටින්නේ රාගම කුලී නිවසකය. ඇයත් ඇගේ සැමියත් කුඩා දියණියත් එහි පදින්චිව සිටින අතර මා විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ නිසා ඔවුන් සමග නතර වීමට පැමිණියෙමි. අපේ අම්මා සකුන්තලා සූරියබණ්ඩාරත් අප්පච්චි ප්‍රියන්ත සූරියබණ්ඩාරත් වූ අතර දෙදෙනාම ගුරුවරුන් විය. අක්කාත් මමත් මහනුවර උසස් බාලිකා පාසලෙන් අධ්‍යාපනය හැදෑරුවෙමු. උසස් පෙළ ගණිත විෂය ධාරාවෙන් සමත් උනු මා කොළඹ විශ්ව විද්‍යාලයේ පරිඝණක උපාධිය හැදැරීමට වරම් ලදිමි. බට්ටිච්චී තාම ඇග සොදනවද දැන් ඇති පරක්කු වෙනවා අක්කා කෑ ගසන්න පටන් ගත්තේ එ නිවේදනය එනතෙක්ම bathroom එකේ සිටිම මා පුන්චි කලෙ සිටම පුරුද්දකි. මා ඉක්මනින් ඇද පැලද යාමට සූදනම් වුනෙමි. ‍යන්තම් රැග් season එක ඉවර නිසා නිදහසක් දනුනි. මා හතිදාගෙන දිව ගියේ නිවස අසලින් යන බසය මග හැරුනහොත් රාගම station එකටම පයින් යාමට වන නිසායි. හනිකට බස් එකට නැගනෙන අම්මාට පොරොන්දු වු පරිදි ඇමතුවෙමි. අම්මා, මම යනවා දැන් බස් එකේ ඉන්නෙ. හා බට්ටිච්චි දුවන්න එහෙම එපා පරක්කු වුනාට හෙමිහිට යන්න හොදද.. හා අම්මා එත් දැනුත් මැරතන් එකක් තිබ්බා.. අම්මා අප්පච්චි කො... ඉන්නවා මෙන්න කතා කරන්න අප්පච්චී මම දැන් යනවා මගෙ බට්ටිච්චි දැන් දග වැද කල හොදටම ඇති හොදට වැඩ ටික කරගන්න හොදේ හා අප්පච්චී, මම තියන්නම්. බුදුසරණයි. මගේ පුතාට බුදුසරණයි. ගැහැණු දරුවන් දෙදෙනෙක් පමණක් සිටි අපේ පවුලේ කොල්ලා වුනේ මම. මා පොඩි කාලේ ඉදන් අප්පච්චි මට ඇන්දුවේ කලිසම් මා ගවුමක් ඇන්දානම් එ බොහොම කලාතුරකින්. පාසල් යන විට පමණක් සුදු ගවුම අන්දෙමි. මම campus එකට යන විට මගේ යලුවො ඇවිත්. අපේ පාසලෙන්ම පැමිණි කිහිපදෙනෙකු සිටියත් ඔවුන් මා දන්නා කලේ සිටම පොත් ගුල්ලන් පමණක් නිසා මට ඔවුන්ගේ ආශ්‍රය හරි ගියේ නැත. මා වැනිම වූ මිතුරියන් පිරිසක් මට මුන ගැසුනේ මගේ වාසනාවටමයි. ඔවුන් අතරින් ජනී, මේධාවී, සුබාශි, නිලුකා, රන්දිල්, ශානක සහ යුගාන්ත. මම යනවිට සියල්ලොම canteen එකට රැස්වී සිටියහ. ආ good morning බට්ටිච්චි ... මොකද අද කුකුල අතින් අරන් සියලුම දෙනා කෑ ගසන්න ගත්තා. මගේ නම කියන්න කරදර නිසා හැමදෙනාම අපේ ගෙදර අය මට කියන නමම කියනවා තැනක් නොතැනක් නැතිව. මමත් කට්ටියටම සුභ පතමින් ඔවුන් ලගට ගියා. මේ වනවිට අල්ලපු මේසේ උන් කොල්ලො සෙට් එකම කෑ ගහන්න ගත්තා නියමෙට ගැලපෙන නම කියලා. මම බනින්නට කියා හැරිලා බැලුවිට දැක්කේ කොල්ලො හය හතක්ම මගේ දිහා බලන් ඉන්නවා. මගේ චන්ඩි කම පත්තක දාලා මා යලුවන් ලගට පැමිනියා. උදැසන ආහාරය ගත් අපි lectures වලට ගියෙමු. මුලු දවසෙම lectures තිබුනා. ‍යන්තම් හො විවෙකයක් ලැබුනේ දවල් කෑමට පමණයි. එදින බෙහෙවින් කාර්ය බහුලව ගෙවී ගියා. ප. ලි. කතාවක් ලියන්න ඔනේ කියලා හැමදාම හිත හිත හිටියත් අද තමා ඒක කරන්න ලැබුනේ. ඔයාලාට සමහර විට මේ කතාව කියවන්න කම්මලි හිතෙයිද මෙලො රහක් නැති කතාවක් කියලා හිතෙයිද දන්නේ නැහැ. එත් මගේ ආසාවට ලියන්නම්. ඔයාලාට කියවන්න බෑම හිතුන දවසට cඔම්මෙන්ට් එකක් දන්න අයෙමත් ලියන්න එපා කියලා ම ඉදන්ම නතර කරන්නම්... Posted by Poo at 9:27 PM 1 comment: 2012/02/06 පෙම..... නිකැළැල් හදින් නුඹට පෙම් බැන්දද මා පිවිතුරු සිතින් නුඹව පැතුවද මා එකම් සිතුවිල්ලෙක් නුඹ ගැන සිතුවද මා අනොරා වැසි මුකුළු කරමින් ඇද හැළුනි හිසමතට ඉදින් කදුළු තුෂර පවුරේ මා හුදෙකලාව ඉකිබිදින්නද....... ප. ලි. අවංකව ආදරය කරන කෙනෙක්ට ඒ වගෙම අවංකව ආදරය කරන අය හමුවෙනවා වගෙම අවංකව ආදරය කරන සමහර අයට බොරු ආදරයක් ලැබෙන අවස්ථා බොහොමයක් තියෙනවා. මම අහලා තියෙනවා අපි ගොඩක් ආදරය කරන කෙනා අපිට ආදරය කරන්නේ නැහැ එයා ආදරය කරන්නේ තවත් කෙනෙක්ට, එත් අපිට ආදරය කරන කෙනෙකුත් ඉන්නවා. එත් අපි එයාට ආදරය කරන්නේ නැහැ කියලා. එ වගෙම තමා අපි ආදරය කරන කෙනා ආදරය කරන අනිත් කෙනත් එයාට ආදරේ නැහැ එයා ආදරේ වෙනම කෙනෙක්ට..... මේක ආදරයේ සරල සත්‍යක්. ඒ වගේම තමා තවත් දෙයක් සමහර අය හිතනවා කෙනෙක්ට ආදරය කරමින් ඉද්දි හමුවෙන වෙනත් කෙනෙක් අරයට වඩා මෙයා මට ආදරේ කියලා. හරියට අර කතාවට කියනවා වගේ ඉස්සෙල්ලා ආපු කනට වඩා පස්සේ ආපු අග ලොකු කරගන්නවා. ඉන්පස්සේ අර අවංක ආදරේට පයින් ගහලා අලුත් කෙනාට ලං වෙනවා. එත් ඇත්තටම කලින් කෙනා ඊටවඩා ආදරෙයි කියලා තේරෙද්දි ගොඩක් පරක්කු වෙලා. ඒ සැබෑ ආදරේ අත පොවන මානයකවත් නැහැ. අපි අතරේ ඉන්න බොහොදෙනා මේ ගොන්කම කරගන්නවා. සමහර අමාරුකාල වලදි ආදරවන්තයින් අතරට එන ප්‍රශ්න නිසා ඒවාට විසදුම් හොයන්න වෙන අය ජීවිතේට ලං කරගන්නවා. එහෙම ලං කරගන්න අය නිසා තමන්ට අවංකව ආදරය කරන කෙනා මොනතරම් දුකට පත්වෙනවද. මොහොතක් සිතන්න ජීවිතේ අමාරු අවස්ථාවන් වලට දෙදෙනා එක්ව මුහුණ දෙනවා හැර වෙනත් අයව ඔබේ ජීවිතේට ලං කරගන්න එපා. නිවැරදි කරන්න බැරි වැරදි සිදු කරගෙන දුක් වෙන්න එපා. Posted by Poo at 10:39 PM 6 comments: 2012/02/01 ගුරුවරු, ළමුන්, අධ්‍යාපනය සහ අපේ රටේ අනාගතය (ඉතිරි කොටස) කලින් පොස්ට් එකේ මට වුන සිදුවීමක් ගොඩක් දිගට ලියවුන නිසා බොහොම සරළ කතාවක් පොස්ට් දෙකකින් ලියන්න සිදුවීම ගැන සමාව ඉල්ලනවා මුලින්ම. ගුරුවරු ගැන බොහොම කෙටියෙන් ඉක්මනින් ඉතිරි විස්තරෙත් ලියලා ඉවර කරන්නම්. ගුරුවරු කියන්නේ ළමයින්ට හොද නරක කියා දෙන අය. ගොඩක් අවස්ථාවල ගෙදරදි දෙමව්පියන් කියන දෙවල් වලට වඩා ළමුන් පාසලේ ගුරුවරු කියන් දේ අහනවා. මෙ නිසා ගුරුවරු විය යුත්තේ ළමුන්ට හොද නරක කියා දිය හැකි අය. ඔබට තර්ක කරන්න පුලුවන් ගුරුවරු කියන්නෙත් මිනිස්සු එයාලාගෙත් වැරදි අඩුපාඩු තියෙනවා කියලා. මම නැහැ කියන්නේ නැහැ. ඒ වුනත් ගොඩක් හොදට පෙනෙන වැරැද්දක් කර කර එය වෙන කෙනෙක්ට පටවනවා නම් කවුරු වුනත් එයා වැරදියි. මේ සිදුවීම ගැන මා පෞද්ගලිකවම දන්නවා. හේතුව මෙ සිදුවීම වෙන්නේ මගෙ හොදම යෙහෙලියට. ඇගේ පෙම්වතා සමග අනියම් සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබෙනවා ඔහුට වඩා අවුරුදු 7ක් වැඩිමල් ගැහැණු ළමයෙක්. (වයස 34 පමණ ) මෙවන් සම්බන්දයක් කවුරු ඇති කරගත්තත් එය වැරදියි. මේ ගැහැණු ළමයා ගුරුවරියක්. මෙහි වැරැද්ද දැන දැනත් ඇය ඒ සම්බන්දය තවදුරටත් ගෙන යමින් තිබෙනවා. මෙයින් මගෙ මිතුරිය දැඩි ලෙස කම්පාවට පත් වෙලා ඉන්නේ. හෙතුව මේ ගුරුවරිය මගෙ මිතුරියට කතා කොට අසැබි වදන් වලින් බැන වදිනවා. එපමණක් නොව හරිම කැත විදිහට කතා කරලා SMS පණිවිඩ එවනවා. එ කියන දේවල් දැක්කාම ගැණු ළමයෙක්ට මේ වගෙ කතා කියන්න පුලුවන්ද කියලා හිතෙනවා. මාත් ගොඩක් උත්සාහ කරලා තෙරුම් ගත්තේ. කොහොම වුනත් ගුරුවරියක වන ඇය වැරදි දෙයක් කර කර කිසිම වරදක් නැති කෙනෙක්ට අන්ත ජරා විදිහට නින්දා කරනවා. ඔයාලාට හිතෙයි මේ පිරිමි ලමයාට බැරිද මෙක නතර කරන්න කියාලා. එයා මුලින් පටන් ගත්ත සෙල්ලම දැන් ලෙල්ලම වෙලා. මගේ මිතුරියගෙන් දැනගත් පරිදි ඔහු ඇය සමග කතාබහ කරන එක නතර කල විට අර ගුරුවරිය මගේ මිතුරියට බනින එක වැඩිවන අතර ඇය හදුනන පොලිසියේ අය ලවාද මහ රෑ 12ට 1ට විතර කොල් කරවනවා. ඇය අදුරන හැම පිරිමි ලමයෙක්ටම මගේ මිතුරියගෙ නොම්මරේ දීලා තිබෙනවා. ගුරුවරියක් මෙවන් දෙවල් කරන්නේ කෙසේද කියා මට සිතාගත නොහැක. මට ඇය එවන SMS මෙහි පල කිරීමට නොහැකි නිසා සම්පූර්ණ සත්‍ය පැවසීමට නොහැක නිසා කණගාටු වෙනවා. මගේ මිතුරිය ඇය එවන සියලුම SMS මටත් අනිත් අතට එවනවා. මේ තරම් පහත් විදිහට කතා කරන ගුරුවරියක් පාසලේ ළමුන්ට කතා කරන්නේ කෙසේද කියා මට සිතා ගැනීමට නොහැක. ඇගේ පන්තියක සිටින සිසුවියකට පෙම්වතෙක් හො ඇයගෙන් බහ ඉල්ලා පැමිණෙන තරුණයෙක් ගැන තම ගුරුවරියට පැවසුවහොත් ඇය කුමන ආකාරයේ දෙයක් සිසුවියට පවසාවිද යන්න මට සිතීමට පවා අපහසුයි. මෙයට හෙතුව ඇය මගේ මිතුරියට පවසා ඇති දෙයයි. මගේ මිතුරිය අම්මාගේ ඇස් දෙකෙන් ඇත් වුනානම් එ බොහොම කලාතුරකින් එ වගෙමයි ඇය බොහොම හොදින් හොද නරක හරි වැරැද්ද තෙරුම් ගත්ත කෙනෙක්. එවන් කෙනෙක් වූ ඇයට ඇගේ පෙම්වතා සමග දුර දිග ගිය සම්බන්දයක් තිබුන බවත් මගේ මිතුරියට වෙනකෙකු හා විවාහ වීමට නොහැකි නිසා ඇයට කරදරයක් වෙමින් සිටින බවත් පවසා ඇත. ඇය මෙ කියන කතා සියල්ල අසත්‍ය බව මා දන්නවා. හේතුව මගේ මිතුරිය මෙ වන තුරු මට කිසිම දෙයක් නොකියා ඉදලා නැහැ. ඇයට මෙවන් ප්‍රශ්ණයක් තිබෙනවානම් මුලින්ම පවසන්නේ මා සමග. මේ ආකාරයට තමන්ගේ වැරැද්ද වහාගන්න කිව හැකි හැම දේම කියන අයට ගුරුවරුන්ට මෙන් ගෞරව කරන්නේ කෙසේද. දෙමවුපියන් බලාපොරොත්තු වෙන්නේ ගුරුවරයා පොත පතේ දැනුම පමණක් නොව ගුණ ධර්ම උගන්වාවි යන්නයි. නමුත් මෙවන් ගුරුවරුන්ගෙන් දරුවන්ට ගත හැක්කේ මොනවාද? මෙවන් ගුරුවරුන් සිටිද්දි අපේ රටේ මතු පරපුරේ අධ්‍යාපනය ගැන කුමන කතාද? අවසාන වශයෙන් මා මෙයත් කියන්නම්, මා ඉහත කී ගුරුවරියම පාසල් වෙලාව තුලදි පෙම් කරමින් දුරකතනයේ පැය ගනන් ගත කරනවා. අසරණ දරුවන් පාසලට පැමිණෙන්නේ ඇයගෙ උකුලු මුකුලු බල සිටිමට නොව අධ්‍යාපනය ලබා ගැනීමටයි. මේ ක්‍රමයේ වැරැද්ද කොතනද? මට නම් තෙරෙන්නේ නැහැ ඇයි අද ගුරුවරු මේ වගෙ කියලා. මම පාසල් ගිය කාලය තුල මට මෙවන් ගුරුවරු හමුවී නැහැ. සියලුම ගුරුවරු ලමයින්ට ආදර්ශයක් වුනා. නමුත් අද?? අදත් අප අතරේ සිටින දෙවිවරු වන් ගුරුවරු මේ පොස්ට් එක මේ විදිහට ලිවට සමාවෙන්න ඔනේ. මේ වගෙ අය එක්කෙනෙක් දෙන්නෙක් අතරින් පතර ඉන්න්වා තමා. ඒ අතරෙම අපිට ගෞරවයෙන් කතා කරන්න පුලුවන් ගුරුවරුත් ඉන්නවා කියලා අමතක කරන්න එපා. Posted by Poo at 9:04 PM 2 comments: Newer Posts Older Posts Home Subscribe to: Posts (Atom) මම ගැන Poo ඉස්කොලෙ ගිය දවස් වල හරි ආසාවෙන් ලියු නිසදැස් එ වගෙම දැන් සිතෙන සිතුවිලි මෙසෙ සටහන් කරන්නමි... එ දවස් වල මගෙ සිතිවිලි රස වින්ද මගෙ මිතුරු කැලගෙ ඉල්ලිම වෙනුවෙන්
අප දැන් සිටින්නේ ක්වින්ටන් ටැරන්ටිනෝගේ “Kill Bill” චිත්‍රපටයේ අවසන් ජවනිකාව සිහි ගන්වන ආකාරයේ දේශපාලනික නිමේෂයක් තුළය. බිල් සමග වන අවසන් සටනේදී බියට්‍රික්ස් ඔහුට මිථ්‍යාමතික සටන් කලාවේ එන මාරාන්තිකම පහරක් එල්ල කරයි. එම පහරින් සිදු කෙරෙන්නේ ඇඟිලි තුඩුවලින් ප්‍රතිවාදියාගේ ශරීරයේ නිල පහක් තෙරපීමය. පහරකෑමට ලක් වන ප්‍රතිවාදියා පියවර පහක් ඇවිද ගිය විට ඔහුගේ ශරීරය තුළ හෘදය පිපිරී ගොස් ඔහු මරණයට පත් වේ. තමන්ට එල්ල වූ ප්‍රහාරයේ මාරාන්තික බව දන්නා බිල් සාමකාමීව හිඳගෙන බියට්‍රික්ස් සමග කෙටි පිළිසඳරක යෙදේ. ඉන්පසුව නැගිට පියවර පහක් ඇවිද යන ඔහු මරණයට පත් වේ. ස්ලේවෝයී ශිෂෙක් පවසන්නේ වෛරසයේ ප්‍රහාරයට ලක්ව අප ගත කළ දීර්ඝ නිරෝධායන කාල පරිච්ජේදය බිල් බියට්‍රික්ස් සමග පිළිසඳරක යෙදුණු කාල පරිච්ජේදය සිහි ගන්වන්නක් බවයි. නිරෝධානය වෙමින් නිවෙස් තුළට වී සිටින කාලයේදී අපට අර්බුදයේ සැබෑ බරපතලකම නොදැනෙනු ඇත. නමුත්, රටවල් විවෘත කොට ක්‍රමය යළිත් පැරණි ආකාරයට ක්‍රියාත්මක වන්නට පටන් ගත් විට එහි හෘදය පිපිරී යනු ඇත. ශිෂෙක් කියූ දෙය සමස්ත ගෝලීය ධනවාදී ක්‍රමයට අදාළව කොතරම් දුරට යථාර්තයක් වනු ඇත්දැයි යන්න විවාදිතය. නිදසුනකට ශන්තාල් මූෆ් එලෙස නොසිතයි. ඇයට අනුව, ගෝලීය අර්බුදය විසින් නව වියහැකියාවන්ගේ ක්ෂේත්‍රයක් විවෘත කොට තිබේ. ඒ අතුරින් කුමන වියහැකියාව (possibility) සැබෑ හැකියාවක් (actuality) වන්නේද යන්න නිශ්චය වන්නේ දේශපාලනික අරගලයෙනි. කිසියම් වියහැකියාවක් සැබෑ හැකියාවක් කිරීමේදී සෙසු විය හැකියාවන් යටපත් කරනු ලැබේ. අප සැබෑ හැකියාවක් බවට පත් කරන්නේ කුමන වියහැකියාවද යන්න උපායමාර්ගික තෝරා ගැනීමකි. පශ්චාත්-මාක්ස්වාදයට අනුව උපායමාර්ග වලින් තොර දේශපාලනයක් පැවතිය නොහැක්කේ මෙනිසාය. මූෆ්ගේ මේ තේරුම් කිරීමට අනුව ශිෂෙක් “වසංගතය: කොවිඩ්-19 ලොව සසල කරයි” (2020) කෘතියේදී කතා කරන “ආපදා කොමියුනිස්ට්වාදය” යථාර්තයක් වීම හෝ නොවීම රඳා පවතින්නේ හෙජමොනික අරගලය මතය. කෙසේ වුවත්, ශිෂෙක් කතා කළ “Kill Bill” සදෘෂ්‍ය වත්මන් ලංකාවේ අප පසුකරන දේශපාලන නිමේෂය තේරුම් කිරීමට නම් හොඳටම ගැලපේ. අද දින සිට රට යළිත් විවෘත කරන්නට පාලනාධිකාරය තීරණය කිරීම බිල් නැගිට පියවර පහක් ඇවිද යන්නට තීරණය කිරීම හා සමානය. බිල් ඇවිද ගියේ පියවර පහක් පමණි. වත්මන් අර්බුදයන්ගේ තීව්‍රතාව අනුව මේ පාලනාධිකාරයට 2024 දක්වා වුවත් නොවැටී ඇවිද යාමට හැකි වේදැයි සැක සහිතය. නිශ්චිතවම ඉදිරි කාලයේදී වඩා තීරණාත්මක වනු ඇත්තේ ජන අරගල දේශපාලනයයි. ගුරු අරගලයේ සහ ගොවි ජන අරගලයේ නැගීම වත්මන් සමාජ පීඩනයේ තීව්‍රතාව කදිමට සංඥා කරයි. පුළුල් වෙමින් ඇති දේශපාලනිකයේ කලාපය ගැන සවිඥානක වූ හෙජමොනික ඒජන්තයින් කිහිප දෙනෙකුම දැනටමත් සටනට බැස තිබේ. ඔක්තෝබර් 29 වනදා විමල් වීරවංශ ප්‍රමුඛ මහජන මන්ත්‍රණ සභාව දොරට වැඩියේය. පසුවදා, එනම් 30 වනදා චම්පික රණවක ප්‍රමුඛ 43 සේනාංකය වැඩ ඇරඹීය. ඊට පසුවදා, එනම් අද දින ජනතා විමුක්ති පෙරමුණේ “ගමෙන් පටන් ගමු” වැඩේ පටන් ගනී. මේ අතර තමන්ගෙන් දැනටමත් ගිලිහී ගොස් තිබෙන ජනප්‍රියත්වය ගැන දන්නා පාලනාධිකාරය යළිත් තම ජන්දදායකයින් ඉදිරියට යන්නට හදන්නේ සුපුරුදු අනුග්‍රාහක දේශපාලනය ශක්තිමත් කරමිනි. මෙවර අයවැය යෝජනාවල ප්‍රධාන දේශපාලනික තර්කණය වන්නේ එයයි. මාර්ග සංවර්ධනය සඳහා මේ සා විශාල මුදලක් වෙන් කිරීමේ ප්‍රායෝගිකත්වය එපමණකි. ඉදිරියේදී පාලක පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලකයින් හරහා මුදල් පහලට ගලා යන්නට සැලැස්වීමේ බැසිලියානු දේශපාලනය වේගවත්ව ක්‍රියාත්මක වනු ඇත. දැන් වාම-ප්‍රජාතාන්ත්‍රික නායකත්වයන්ගේ මූලික අවධානයට ලක් විය යුතු උපායමාර්ගික ප්‍රශ්නයක් වන්නේ මෙම අනුග්‍රාහක දේශපාලනයේ රාමුව තිරසාරව බිඳ දමන්නේ කෙසේද යන්නයි. තමන් හමුවට එන අනුග්‍රාහක දේශපාලකයාගේ “ටකරම් දේශපාලනය” ප්‍රතික්ෂේප කරන ජන්දදායකයෙකු ගමේ සහ නගරයේ නිර්මාණය කරන්නේ කෙසේද? ජාතික ජන බලවේගය මෙතෙක් කල්පනා කළ පරිදි ලිබරල් යහපාලනවාදය දේශනා කිරීමෙන් මෙය කළ නොහැක. මිනිසුන් දෘෂ්ටිවාදයට වියුක්තව බැඳෙන්නේ නැත. මිනිසුන් දෘෂ්ටිවාදයක් වැළඳ ගන්නේ පාර්ශ්වීය වස්තුවක් ඔස්සේය. ලැක්ලාවියානු පශ්චාත්-මාක්ස්වාදී පාසැලේ කැපී පෙනෙන න්‍යායවේදියෙකු වන ජේසන් ග්ලයිනොස් “දෘෂ්ටිවාදී ග්‍රහණය” (ideological grip) නමැති සංකල්පය ඔස්සේ මෙය කදිමට පහදයි. ශ්‍රී ලංකාවේ වාම දේශපාලනයට එයින් ඉගෙන ගත යුතු වැදගත් න්‍යායික පාඩමක් තිබේ. අප ජනතාවට පිළි ගන්වන කතාන්දරය කොතරම් මනා සංගතභාවයකින් යුක්තව රචනා කර තිබුණද ඔවුන් එම කතාන්දරය විශ්වාස නොකරන්නේ ඇයි? ලැකානියානු මනෝ විශ්ලේෂණ න්‍යායේ ආභාසයෙන් ග්ලයිනොස් පෙන්වා දෙන්නේ කතන්දරයක් විශ්වාස කරන්නට නම් එම කතාන්දරය හා අපව සම්බන්ධ කරන පාර්ශවීය වස්තුවක් පැවතිය යුතු බවයි. හෙජමොනික දේශපාලනයේදී වම අසමත් වන්නේ මන්දැයි වටහා ගැනීමේත් එම අසමත්කම ජය ගැනීමේත් න්‍යායික යතුර ඇත්තේ මෙතැනය. අප යෝජනා කරන ප්‍රතිජනනාත්මක වාමාංශික දේශපාලනයේ මග වැටී ඇත්තේද එදෙසිනි. මේ ගැන වඩා විස්තීර්ණ ලෙස ලියන්නට ඉදිරි කාලය කැප කරමි. මේ ඉතාම හදිසි සටහනක් පමණි. සටහන – සුමිත් චාමින්ද column Tweet on Twitter Share on Facebook Google+ Pinterest Previous Article ‘සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍යයි’ – ජනපති ජාත්‍යන්තරය හමුවේ දී කියයි Next Article ‘එක රටක් එක නීතියක් ගැන’ ඥානසාර හිමියන්ගෙන් විශේෂ පැහැදිලි කිරීමක් Recommended For You දේශීය ලොකු ළුැණු වගාවත් හාන්සි වෙන ලකුණු ඖෂධ නියාමන අධිකාරියේ ගැහිලි ගැන ඇමැති චන්නගේ දැඩි අවධානය IOC ඉන්ධන මිල අහසටම නග්ගයි ! ජනපතිගෙන් ‘කිරි ගොවියාට කිරි ඉතිරෙන‘ නියෝගයක් මහ කන්නයේ වී අස්වැන්න 50%කින් අඩුවෙලා – ගොවීන් මැසිවිලි නගයි මේ වන විට යුක්රේනයේ නවතම තත්ත්වය කුමක් ද? About the Author: Thusal Search for: Archives Archives Select Month August 2022 (3) March 2022 (2) February 2022 (155) January 2022 (194) December 2021 (239) November 2021 (256) October 2021 (203) September 2021 (234) August 2021 (252) July 2021 (276) June 2021 (303) May 2021 (300) April 2021 (200) March 2021 (297) February 2021 (272) January 2021 (315) December 2020 (307) November 2020 (360) October 2020 (363) September 2020 (359) August 2020 (380) July 2020 (320) June 2020 (307) May 2020 (333) April 2020 (390) March 2020 (421) February 2020 (405) January 2020 (530) December 2019 (563) November 2019 (555) October 2019 (724) September 2019 (605) August 2019 (529) July 2019 (590) June 2019 (548) May 2019 (665) April 2019 (575) March 2019 (48) Follow Us Stay updated via social channels Tags AG NEWS agriculture Business COPE COVID 19 Economy Entertetment fashion Featured GAJABA NAGAWATHTHA GOSSIP health HM NEWS INTERNATIONAL JVP KARU JAYASURIYA NEWS FM NEWS PUBLIC parliament pmd news POLITICAL POLITICAL NEWS Prime media PR MEDIA PR NEWS public news sajith pramadasa Sanath M Bandara santh m bandara sl army commander slarmy news sl cricket Sl CRICKET - WOMAN TEAM SLFP - SLPP sl vs west 2020 sl v west Sport unhcr unp Week in Pictures Wimal Weerawansa woman women ජනපති ‍fashion දුරකථනය: +94-766-109836 විද්‍යුත් තැපෑල: bhathiyabarukanda@gmail.com © සියලුම හිමිකම් ඇවිරිණි. මෙම වෙබ් අඩවියේ පළවන ලිපි අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් වන අතර එම ආචාරධර්ම උල්ලංඝනය කරමින් නීතිවිරෝධීව උපුටාගන්නන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරනු ඇත.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝානතය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සහ මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට එල්ල වූ තවත් ප්‍රහාර ගණනාවක් පිළිබඳ විමර්ශනවලට ජනාධිපතිවරයා බලපෑම් කරමින් සිටින බවත් බුද්ධි අංශවලට සම්බන්ධව ඊනියා රණවිරුවන් ආරක්ෂා කිරීමට යැයි පවසමින් ජනාධිපතිවරයා මෙම බලපෑම් සිදු කරන බවත්. ජාතික මාධ්‍ය සංසදය අවධාරණය කරයි. මැයි මස 03 වන දිනට යෙදී තිබෙන ජනමාධ්‍ය නිදහස සඳහ වූ දිනය වෙනුවෙන් ' ජාතික මාධ්‍ය සංසදය' වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන මන්දනා ඉස්මයිල් අබේවික්‍රම මේ බව පවසා සිටී. අබේවික්‍රම මහත්මිය 'සත්හඬ ' පුවත්පත ප්‍රකාශයට පත් කරන පීපල්ස් පවර් මීඩියා සමාගමේ‍ෙ සභපතිනිය ලෙසද කටයුතු කරයි. මෙම පුවත්පත ශ්‍රිලනීප ලේකම් දුමින්ද දිසානායක මහතා මුල්‍ය අනුග්‍රාහකත්වය දරන පුවත්පතකි. අබේවික්‍රම මහත්මිය දිසානායක ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම්වරිය ලෙසද කටයුතු කෙරෙන බව පැවසේ. එම මාධ්‍ය නිවේදනය පහත දැක්වේ අද මැයි 03 ලෝක ජනමාධ්‍ය නිදහස සඳහා වූ දිනය වන අතර යුනෙස්කෝ සංවිධානය විසින් මෙවර තෝරාගෙන ඇති තේමාව වන්නේ “අර්බුදකාරී කාලයට තීක්ෂණ මනසක්; සාමකාමී, යුක්තිගරුක සහ සාධාරණ සමාජයක පැවැත්ම සඳහා ජනමාධ්‍ය සතු කාර්යභාරය” යන්නයි. ශ්‍රී ලංකාවේ වත්මන් තත්වයත්, ගෝලීය තත්වයත් සැලකීමේදී මෙම තේමාව ඉතා කාලානුරූප වනබව ජාතික මාධ්‍ය සංසදය විශ්වාස කරන අතර එවැනි අර්බුදකාරී සමයක හතරවන රාජ්‍යය ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදයේ මුර බල්ලා ලෙසත් සලකන ජනමාධ්‍ය හා සම්බන්ධ මාධ්‍යවේදින් වන අපත් මාධ්‍ය ආයතනත් තම වගකීම ඉතා තීරණාත්මක බව වටහා ගත යුතුව ඇතැයි අවධාරණය කරයි. දේශීයව සිදුවන දේශපාලන පෙළගැසීම් සලකා බලනවිට පෙනී යන්නේ 2015 ජනවාරි මාසයේදී එවකට පැවති ඒකාධිපති රාජපක්ෂ පාලනය පරාජය කර ජනතාව විසින් දිනාගත් අත්‍යාවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ නිදහස හකුළා දමමින් හෝ මර්දනය කරමින් තිබෙන බවයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස අවශ්‍ය ප්‍රමාණයට වඩා දැන් රට තුළ පවතින බවත් එය භුක්ති විඳීමට තරම් ජනතාවට විනයක් නොමැති බවත් ආණ්ඩුවේ නායකයින් දැන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරයි. රජයේ අදුරදර්ශී ප්‍රතිපත්තිවලට එරෙහිව දිනෙන් දින වර්ධනය වන ජනතා විරෝධයත්, සාර්ථක කම්කරු වැඩවර්ජන නිසාත් කැබිනට් මණ්ඩලය දැන් එවැනි ජනතා විරෝධතා මර්දනය සඳහා නව යාන්ත්‍රණ පිහිටුවීම පිළිබඳ සාකච්ඡා කරයි. එමෙන්ම ආණ්ඩුව දැන් 2015 ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේ දී ජනතාවට ලබාදුන් පොරොන්දුවලට පිටුපාමින් සිටී. පසුගිය රජයේ ප්‍රබල ඇමතිවරුන් සිදුකළ මහා පරිමාන වංචා සහ දුෂණ පිළිබඳ විමර්ශන දේශපාලන බලපෑම් නිසා අඩාලවී තිබේ. එම වංචා දුෂණ චෝදනා මේ වනවිට දේශපාලන ගණුදෙනු සඳහා යොදාගනිමින් ආණ්ඩුවේ දුර්වලවන දේශපාලන බලය රැක ගැනීම සඳහා භාවිතා කරමින් සිටී. අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කිරීමෙන් පසුව එම කොමිසම අකර්මන්‍ය කර ඇත. පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ කටයුතු එහි අධ්‍යක්ෂවරයා මාරු කිරීමත්, පසුගිය රජයේ ප්‍රබලයින්ට එරෙහිව වූ ලිපිගොනු සිය ගණනක් වෙනත් පොලිස් කොට්ඨාශ වෙත යැවීම මගිනුත් අඩාළ කර ඇත. මුල්‍ය අපරාධ කොට්ඨාශයේ පෙරටු කාර්යාලය ලෙස ක්‍රියාකළ දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ කටයුතු ද අඩාල කර ඇත. එම කාර්යාලය යටතේ පැවති බුද්ධි අංශය අකර්මන්‍ය කර ඇති අතර එම අංශයෙන් බුද්ධි වාර්තාව ලබා නොගන්නා ලෙස මුල්‍ය අපරාධ කොට්ඨාශයට නියෝග කර ඇත. එමෙන්ම පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදුවුණ මහා පරිමාන වංචා හා දුෂණවලට නොදෙවෙනි වංචා දුෂණ මෙම රජයට යටතේ ද සිදුවෙමින් පවති. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එවැනි වංචා පිළිබඳ පරීක්ෂණවලට සෘජුව මැදිහත් වෙමින් වංචනිකයන් ආරක්ෂා කරමින් සිටී. රජය එළඹෙන ජාත්‍යන්තර ගිවිසුම්වලදී, මහා පරිමාණ ව්‍යාපෘතිවලදී හෝ රාජ්‍ය ආයතන පෞද්ගලිකරණයේදී කිසිදු විනිවිදභාවයක් දක්නට නොලැබේ. මෙම ආණ්ඩුව ද මහා පරිමාණ ව්‍යාපෘතිවලදී පසුගිය රජය අනුගමනය කරන ලද අපකීර්තිමත් ස්වකැමැත්තෙන් ඉදිරිපත් කරන යෝජනා (Unsolicited Proposal) යොදා ගනී. ජනමාධ්‍ය නිදහස පිළිබඳ සැලකුවද තත්ත්වය සතුටුදායක නොවේ. ජනාධිපතිවරයා මාධ්‍යහිමියන්ගේ, කර්තෘවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීම් කැඳවීම ආරම්භ කර ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරම්භ කළ මෙම ක්‍රමය මගින් සෘජුවම ජනමාධ්‍යවලට බලපෑම් එල්ල කරයි. අගමැති රනිල් වික්‍රමසිංහ ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව අඛණ්ඩව සිය ප්‍රහාරාත්මක ස්ථාවරය පවත්වාගෙන යන අතර ඇතැම් මාධ්‍ය ආයතන නිරන්තරව ඔහුගේ විවේචනයට ලක්වේ. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝානතය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සහ මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට එල්ල වූ තවත් ප්‍රහාර ගණනාවක් පිළිබඳ විමර්ශනවලට ජනාධිපතිවරයා බලපෑම් කරමින් සිටී. බුද්ධි අංශවලට සම්බන්ධව ඊනියා රණවිරුවන් ආරක්ෂා කිරීමට යැයි පවසමින් ජනාධිපතිවරයා මෙම බලපෑම් සිදු කරයි. මෙම ගොඩනැගෙමින් පවතින තත්වයන් යටතේ යහපාලන රජයෙන් ද ජනමාධ්‍ය නිදහස අපේක්ෂා කළ නොහැකි බව ජාතික මාධ්‍ය සංසදය අවධාරණය කරයි. එබැවින් මෙම අර්බුධකාරී මොහොතේ ජනමාධ්‍යවේදීන්ට තීක්ෂණ මනසක් අවශ්‍ය වේ. ලෝක තත්ත්වයන් සැලකුවද, දියුණු වෙමින් පවතින රටවල මෙන්ම සංවර්ධිත රටවල ද ජනතාව දේශපාලන, ආර්ථික, සමාජ හා පාරිසරික වශයෙන් වඩාත් අර්බුදකාරී යුගයක ජිවත් වෙති. කොරියානු අර්ධද්වීපයේ ගොඩනැගෙන දේශපාලන උණුසුම විසින් ලෝකය න්‍යෂ්ටික යුද්ධයක් අබියසට රැගෙනවිත් තිබේ. රුසියානු දේශසීමාවේ ගොඩනැගෙන නේටෝ යුද බලය විසින් යුරෝපයේ යුද්ධයක අනතුරක් ඇතිකර ඇත. ඇමරිකා එක්සත් ජනපදය විසින් මැදපෙරදිග අවුළුවන ලද යුද්ධයන් හේතුවෙන් සිරියාවේ, ඉරාකයේ හා ලිබියාවේ දහස් ගණන් සිවිල් වැසියන් ඝාතනයට ලක්වේ. ලෝකයේ සියලු ජනතාවයේ කුසගිනි නිවීමට ප්‍රමාණවත් ආහාර ලෝකයේ නිපදවන බවට සංඛ්‍යා ලේඛණ මඟින් තහවුරු වෙතත්, මිලියන ගණනක් ජනයා සාගතවලින් මිය යමින් සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය පෙබරවාරි මාසයේ දී අනතුරු ඇඟවූ පරිදි සෝමාලියාවේ, දකුණු සුඩානයේ, නයිජීරියාවේ සහ යෝමනයේ මිලියන 20 ක් ජනතාව සාගතයෙන් මියයා හැකි තත්වයක් නිර්මාණය වී ඇත. දකුණු සුඩානය මේ වන විටත් දුර්භික්ෂයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, එරට පවතින සිවිල් යුද්ධ මෙම තත්වයට හේතු වී ඇත. දේශගුණික විපර්යාස නිසාද බොහෝ සමාජ ආර්ථික අර්බුද ඇති කරයි. ඉහළ යන උෂ්ණත්වය හේතුවෙන් දහස් ගණන් මිනිසුන් මියයයි. ඉහළ යන සාගර උෂ්ණත්වය, සාගර ජල මට්ටම් ඉහළයාම සහ ඒවායේ බලපෑම් මනුෂ්‍ය වර්ගයාට මෙන්ම ලෝකයේ ජීවත්වන සියලු ජීවීන්ට දරාගත නොහැකි මට්ටමට ළඟාවී ඇත. මෙම දේශගුණික විපර්යාසයන් නියඟයන්ට හේතුවන අතර, තවත් වටයකින් ආහාර හිඟය සහ සාගත තත්වයන් උත්සන්න කරයි. එබැවින් ජනමතය ගොඩනැගීමේ විශාල හැකියාවක් හා ලෝකය අර්ථ දැක්වීමේ හැකියාවක් සහිත ජනමාධ්‍යවේදීන්ට මෙම අර්බුදකාරි මොහොතේ තම වගකීම හා කාර්යභාරය පරිස්සමින් තේරුම්ගත යුතුයි. එබැවින් ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරය වන්නේ දේශපාලකයින් සහ දැවැන්ත ව්‍යාපාරිකයන් විසින් පෙන්වන ලෝකය පිළිබඳව සුන්දර පින්තූරය ප්‍රක්ෂේපනය කිරීම නොව ලෝකයේ සුවහසක් ජනයා මුහුණ දෙන සැබැ තත්වය ගවේශනාත්මකව හෙළිදරව් කිරීම බව ජාතික මාධ්‍ය සංසදය අවධාරණය කරයි. ස්තූතියි, මෙහෙයුම් කමිටුව වෙනුවෙන්, මන්දනා ඉස්මයිල් අබේවික්‍රම 2017.05.02 Last modified on Tuesday, 02 May 2017 22:39 Tweet Tagged under crime mandana maithreepala lasantha prageeth cid media press freedom sathhanda More in this category: « මෛත්‍රී නරිවාදන් පැත්තකින් තියලා දැන් ඡන්දයට ලැහැස්ති වෙමු. ගීතාගේ බඩල් ගේම් හෙළිවේ. මන්ත්‍රී ධුරය අහෝසියි » Leave a comment Name * Email * Website URL Message * enter your message here... Enter the words you see below back to top Gossip හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක් වහාම කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය විය හැකි බවට අනතුරු අඟවන්නට ගිය පොහොට්ටුවේ ප්‍රබලයින් ප... මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ.. මහින්ද සමග යළි නැගිටීම පසෙක තබා රනිල් වික්‍රමසිංහ හා එක්ව යන දේශපාලන ගමනක් වෙනුවන් රාජපක්ෂ පවුලේ දේශ... එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර. එජාපය මහ ලේකම් තනතුරට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එමෙන්ම එජාපයේ... පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස වි... ජාතික සභාව කඩිනමින් සක්‍රීය කරන්නැයි... ගෝඨා නැවත දේශපාලනයට එනවාට රාජපක්ෂ... අද ඩෙඟා නටන්න හිටපු විපස්සෙට... අසමසම පරිවාර ඇමැති කලා කරු ජයසූරියගේ දියණය ඉන්දිරාගේ සමාජ දෘෂ්ටිවාදයට හානියක් කළේ නෑ -‘ආසු 34’ ගැන සංජීව පුෂ්පකුමාර සෑමවිටම ප්‍රේක්ෂක අවධානයට ලක්වන සිනමා නිර්මාණවල කර්තෘත්වය හිමි සම්මානනීය සිනමා කරුව... රංගන ශිල්පී හේමාල් රණසිංහගේ ''සෙකන්ඩ්... විජේදාස රාජපක්ෂගේ කෘති තුනක් සහ... ඔබෙන් ලද කරුණාවට දස දහස්වාරයක්... අම්මට විශ්වාස කරගන්න බැරි වුණා... අනං මනං ආත්මය විකුණු ප්‍රේමය ... එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...
ජාතික සභාව යටතේ ක්‍රියාත්මක වන ආර්ථික ස්ථායීකරණ අනු කමිටුව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණ. එහිදී සාකච්ඡාවට ගැනුණේ... මගීන් 900 ක් සමඟින් අතිසුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි News Admin - November 19, 2022 0 මෙරට ප්‍රමුඛතම සංචාරක ගමනාන්ත කළමනාකරණ ආයතනයක් වන එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් හි කළමනාකරණයෙන්, එක්සත් ජනපදයේ සුඛෝපභෝගී මගී නෞකාවක් වන ‘Viking Mars’ අද (18) දිනයේ දී... මහබැංකුව කෝටි 13,000 ක් අච්චු ගහලා News Admin - November 17, 2022 0 පෙරේදා (15) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව වෙත විශේෂ භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් සිදුකර තිබේ. මෙම නිකුතුවේ වටිනාකම රු. මිලියන 129,920.41 ක් හෙවත් රු. කෝටි... ක්‍රෙඩිට් කාඩ් භාවිතයේ වර්ධනයක්… News Admin - November 8, 2022 0 2022 සැප්තැම්බර් මාසය අවසානයේ දී මෙරට තුළ සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් 1,917,839 ක් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මෙය 2022 අගෝස්තු මාසය අවසානයේ... නොසන්සුන් සංචිත News Admin - November 5, 2022 0 2022 ඔක්තෝබර් මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,704 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන්... රන් මිල පහළට News Admin - November 3, 2022 0 කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 156,400 ක් දක්වා පහළ බැස ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර... කොන්දොස්තරලා නැහැ. ගාස්තු ගෙවන්නේ ඇප් එකෙන්…අතිනවීන බස් සේවයක් කොළඹට. News Admin - October 30, 2022 0 පොදු ප්‍රවාහනය නංවාලීමේ අරමුණින් කොන්දොස්තරවරයෙකු නොමැතිව ධාවනය කෙරෙන අතිනවීන බස්රථ සේවාවක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ පෞද්ගලික තාක්ෂණ කණ්ඩායමක්... 11% – 12% අඩු පොලියට ණය දෙන බැංකු මෙන්න News Admin - October 27, 2022 0 ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රම ව්‍යාපෘතිය යටතේ ආර්ථික අර්බුදය නිසා බිදවැටුනු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්... කොටස් වෙළෙඳපොළේ වෙනසක්… ඉවසන්න නොවැම්බර් පළවෙනිදා වෙනකල් News Admin - October 27, 2022 0 2022 නොවැම්බර් 01 සිට කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු කාලපරිච්ඡේදය මිනිත්තු 30 ක කාලයකින් දීර්ඝ කිරීමට තීරණය වී තිබේ. මේ අනුව පූර්ව ගනුදෙනු සැසිය පෙරවරු 9.30... පොළොන්නරුවේ සහන් අකලංකට එරෙහිව මහ බැංකුවෙන් නියෝගයක් News Admin - October 26, 2022 0 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි 42 වන වගන්තිය යටතේ සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2022.09.02 දින...
නව රූපවාහිනියක් මිලදී ගැනීමේදී මෙම සියලු අකුරුවලින් අදහස් කරන්නේ කුමක්ද යන සැකය ස්වාභාවිකය. Smart TV මාදිලිවල LED, LCD, OLED, QLED සහ MicroLED තිර සහිත විවිධ වින්‍යාසයන් ඇති අතර ඔබට හොඳම විකල්පය කුමක්දැයි තෝරා ගැනීමට සිදුවේ. මිලට අමතරව, ඔබේ රූපවාහිනියේ එක් එක් සංදර්ශක තාක්ෂණය ක්‍රියා කරන ආකාරය තේරුම් ගැනීම වටී. කෙටියෙන් කිවහොත්, තිර මාදිලි අතර ඇති වෙනස්කම්, ඒවායේ වාසි සහ ඔබ ඒවායින් එකක් මිලදී ගැනීමට තීරණය කළහොත් ඔබට ඇතිවිය හැකි ප්රධාන ගැටළු මොනවාද යන්න තේරුම් ගන්න. ස්මාර්ට් TV 0 රූපවාහිනීවල භාවිතා කරන OLED තාක්ෂණය කුමක්ද? නටාලියා සැප්තැම්බර් 11, 2022 QLED හෝ Quantum Dot Light-Emitting Diodes යනු 4K හෝ ඊට වැඩි විභේදනයක් ලබා ගන්නා වර්තමාන රූපවාහිනීවල පවතින තාක්ෂණික ක්‍රම කිහිපයෙන් එකකි. වැඩි වැඩියෙන් ජනප්‍රිය වුවද, මෙම යෙදුම ... ස්මාර්ට් TV 0 4K විභේදනය: වාසි සහ එය වටින්නේ නම් දැන ගන්න නටාලියා ජූනි මස 25, 2022 හැකි හොඳම ගුණාත්මක භාවයෙන් සති අන්තයේ චිත්‍රපටයක් හෝ මාලාවක් රස විඳීමට වඩා හොඳ දෙයක් නැත, හරිද? බොහෝ රූපවාහිනී විකල්ප ඇති අතර එකක් තෝරාගැනීම අභියෝගයක් විය හැකිය. එය සාපේක්ෂ... ස්මාර්ට් TV 0 ජංගම උපාංගයක් රූපවාහිනියට සම්බන්ධ කරන්නේ කෙසේද ටොමී බැංකු ජූලි 17, 2022 ජංගම දුරකථනය රූපවාහිනියට සම්බන්ධ කිරීම පෙනෙන තරම් අපහසු නැත: අද අපට වීඩියෝ, ඡායාරූප හෝ ඔබේ මුළු තිරයම බෙදා ගැනීමට ඉඩ සලසන හොඳ මාධ්‍ය ගණනාවක් තිබේ ... සංදර්ශක තාක්ෂණයන් අතර වෙනස්කම් Smart TV සඳහා දැනට බොහෝ පැනල ඇත, ඒ සෑම එකක්ම එහිම විශේෂාංග සහ තාක්ෂණය ඇත. මෙන්න අපි ඔබට එක එක පෙන්වන්නෙමු, එවිට ඔබට ගැලපෙන එක කුමක්දැයි ඔබ දැන ගන්න. LCD LCD (Liquid Crystal Display) තාක්‍ෂණය ඊනියා ද්‍රව ස්ඵටික සංදර්ශක සඳහා ජීවය ලබා දෙයි. ඒවායේ විනිවිද පෙනෙන පත්‍ර දෙකක් අතර (ධ්‍රැවීකරණ පෙරහන් වන) ඇතුළත විද්‍යුත් පාලන ස්ඵටික සහිත තුනී වීදුරු පුවරුවක් ඇත. මෙම ද්‍රව ස්ඵටික පුවරුව CCFL (ප්‍රතිදීප්ත) ලාම්පුවකින් බැක්ලයිට් වේ. සුදු පසුබිම් ආලෝකය ප්‍රාථමික වර්ණවල සෛල (කොළ, රතු සහ නිල්, සුප්‍රසිද්ධ RGB) ආලෝකමත් කරන අතර ඔබ දකින වර්ණ රූප සෑදෙන්නේ මෙයයි. එක් එක් ස්ඵටිකයට ලැබෙන විද්‍යුත් ධාරාවේ තීව්‍රතාවය එහි දිශානතිය නිර්වචනය කරයි, එමඟින් උප පික්සල තුනකින් සාදන ලද පෙරහන හරහා වැඩි හෝ අඩු ආලෝකයක් ගමන් කිරීමට ඉඩ සලසයි. මෙම ක්‍රියාවලියේදී ට්‍රාන්සිස්ටර ක්‍රියාත්මක වන්නේ තුනී පටල ට්‍රාන්සිස්ටරය (TFT) නම් චිත්‍රපට වර්ගයකටය. LCD/TFT මාදිලි දැකීම සාමාන්‍ය දෙයක් වන්නේ එබැවිනි. කෙසේ වෙතත්, කෙටි යෙදුම වෙනත් ආකාරයේ LCD තිරයකට යොමු නොකරයි, නමුත් LCD තිරවල පොදු සංරචකයකි. LCD තිරය මූලික වශයෙන් ගැටළු දෙකකින් පීඩා විඳිති: 1) මිලියන ගණනක් වර්ණ සංයෝජන ඇති අතර LCD තිරය සමහර විට විශ්වාසවන්ත නොවේ; 2) කළු යනු කිසි විටෙක සත්‍ය නොවේ, මන්ද වීදුරුවට 100% අඳුරු පැල්ලමක් සෑදීමට සියලු ආලෝකය අවහිර කළ යුතු බැවින්, තාක්‍ෂණයට පමණක් එය නිවැරදිව කළ නොහැක, ප්‍රතිඵලයක් ලෙස "අළු කළු" හෝ සැහැල්ලු කළු. TFT LCD තිරවල ඔබ 100% තිරයට මුහුණ නොදුන්නේ නම් බැලීමේ කෝණය සමඟ ගැටලු ඇති විය හැක. මෙය LCD වලට ආවේනික ගැටළුවක් නොවේ, නමුත් TFT සහ IPS සහිත LCD TV වල, LG වැනි, අපට පුළුල් නැරඹුම් කෝණ තිබේ. LED LED (Light Emitting Diode) යනු ආලෝක විමෝචක ඩයෝඩයකි. වෙනත් වචන වලින් කිවහොත්, LED තිර සහිත රූපවාහිනී යනු ආලෝක විමෝචක ඩයෝඩ භාවිතා කරන LCD තිරය (IPS විය හැකි හෝ නොවිය හැකි) පසුබිම් ආලෝකයක් ඇති රූපවාහිනී වලට වඩා වැඩි දෙයක් නොවේ. එහි ප්රධාන වාසිය වන්නේ සාම්ප්රදායික LCD පැනලයකට වඩා අඩු බලයක් පරිභෝජනය කිරීමයි. මේ අනුව, LED LCD හා සමාන ආකාරයකින් ක්රියා කරයි, නමුත් භාවිතා කරන ආලෝකය වෙනස් වේ, ද්රව ස්ඵටික සංදර්ශකය සඳහා ආලෝක විමෝචක ඩයෝඩ සමඟ. සම්පූර්ණ තිරය ආලෝකය ලබා ගැනීම වෙනුවට, තිත් වෙන වෙනම ආලෝකමත් වන අතර, එය අර්ථ දැක්වීම, වර්ණ සහ වෙනස වැඩි දියුණු කරයි. කරුණාකර සටහන් කරන්න: 1) පුවරුවේ සම්පූර්ණ පතුලම ආලෝකමත් කිරීමට LCD TV Cold Cathode Fluorescent Lamps (CCFL) භාවිතා කරයි; 2) LED (LCD වර්ගයක්) මෙම පුවරුව ආලෝකමත් කිරීම සඳහා කුඩා, වඩා කාර්යක්ෂම ආලෝක විමෝචක ඩයෝඩ (LEDs) මාලාවක් භාවිතා කරයි. OLED OLED (කාබනික ආලෝක විමෝචක ඩයෝඩය) යනු LED (ආලෝක විමෝචක ඩයෝඩය) පරිණාමයක් බව අසන්නට ලැබීම සාමාන්‍ය දෙයකි, එය කාබනික ඩයෝඩයක් නිසා ද්‍රව්‍ය වෙනස් වේ. OLEDs, මෙම තාක්‍ෂණයට ස්තූතිවන්ත වන අතර, ඒවායේ සියලුම පික්සල සඳහා සාමාන්‍ය පසුබිම් ආලෝකයක් භාවිතා නොකරයි, ඒවා එක් එක් විදුලි ධාරාවක් හරහා ගමන් කරන විට තනි තනිව දැල්වෙයි. එනම්, OLED පැනල් වලට පසුබිම් ආලෝකය නොමැතිව තමන්ගේම ආලෝක ප්රතිදානය ඇත. ප්රතිලාභ වඩාත් පැහැදිලි වර්ණ, දීප්තිය සහ වෙනස වේ. සෑම පික්සලයකටම ආලෝකය විමෝචනය කිරීමේදී ස්වාධිපත්‍යය ඇති බැවින්, කළු වර්ණය ප්‍රතිනිෂ්පාදනය කිරීමට කාලය පැමිණි විට, "කළු කළු" සහ වැඩි බලශක්ති කාර්යක්ෂමතාව සහතික කරන ආලෝකය නිවා දැමීම ප්‍රමාණවත් වේ. සමස්ත ආලෝක පුවරුව සමඟ බෙදා හැරීමෙන්, OLED තිර බොහෝ විට සිහින් සහ නම්‍යශීලී වේ. එහි ගැටළු දෙක: 1) සාම්ප්‍රදායික LED හෝ LCD සමඟ සසඳන විට OLED තිරයේ ඉහළ නිෂ්පාදන පිරිවැය ලබා දී ඇති ඉහළ මිල; 2) රූපවාහිනිය කෙටි ආයු කාලයක් ඇත. සැම්සුන්, උදාහරණයක් ලෙස, රූපවාහිනීවල OLED තිර භාවිතා කිරීම විවේචනය කරන අතර QLED තිර සඳහා මනාප ලබා දෙමින් (වඩා ඉක්මනින් වෙනස් වන) ස්මාර්ට්ෆෝන් සඳහා එය වඩාත් සුදුසු යැයි සලකයි. රූපවාහිනීවල OLED තාක්ෂණය භාවිතා කරන අය LG, Sony සහ Panasonic වේ. QLED අවසාන වශයෙන්, අපි QLED (හෝ QD-LED, Quantum Dot Emitting Diodes) TV වෙත පැමිණෙමු, LED වැනි LCD හි තවත් වැඩිදියුණු කිරීමක්. අපි ක්වොන්ටම් තිත් තිරයක් ලෙස හඳුන්වන්නේ මෙයයි: අතිශය කුඩා අර්ධ සන්නායක අංශු, විෂ්කම්භය නැනෝමීටර නොඉක්මවන මානයන්. උදාහරණයක් ලෙස එය MicroLED තරම් අලුත් නොවේ. එහි පළමු වාණිජ යෙදුම 2013 මැද භාගයේදී ය. OLED හි ප්‍රධාන තරඟකරු වන QLED හට ද ආලෝක ප්‍රභවයක් අවශ්‍ය වේ. මෙම කුඩා ස්ඵටික ශක්තිය ලබා ගන්නා අතර තිරය මත රූපය නිර්මාණය කිරීම සඳහා ආලෝක සංඛ්යාත විමෝචනය කරයි, වැඩි හෝ අඩු ආලෝකයක් සහිත පරිසරවල වර්ණවල දැවැන්ත වෙනස්කම් ප්රතිනිෂ්පාදනය කරයි. Sony (Triluminos) ක්වොන්ටම් ඩොට් රූපවාහිනී නිෂ්පාදනයේ පුරෝගාමීන්ගෙන් එකකි, LG (OLED ආරක්ෂා කරන) ද මෙම තාක්ෂණය සමඟ තිර ඇත. කෙසේ වෙතත්, බ්‍රසීලයේ, QLED තිරයක් සහිත සැම්සුන් ටීවී වර්ග රාශියක් සොයා ගැනීම වඩාත් සුලභ ය. LG සහ Samsung පාරිභෝගික අවධානය සඳහා සටනක සිටී. පළමු දකුණු කොරියානු, LG, ආරක්ෂා කරයි: 1) වඩාත්ම නිවැරදි කළු නාද සහ OLED හි අඩු බලශක්ති පරිභෝජනය. අනෙක් දකුණු කොරියානු, Samsung, ආරක්ෂා කරයි: 2) QLED වඩාත් විචිත්‍රවත් සහ දීප්තිමත් වර්ණ පෙන්වයි සහ "පිළිස්සුම් බලපෑම" (රූපවාහිනී වල වැඩි වැඩියෙන් දුර්ලභ) ප්රතිශක්තිකරණ තිර පෙන්වයි. අඳුරු කළු නාද තිබියදීත්, OLED හට තවමත් බර තිර භාවිතා කරන්නන් සහ වසර ගණනාවක් පුරා වීඩියෝ ක්‍රීඩා ක්‍රීඩකයින් වැනි ස්ථිතික රූප මත ලකුණු තැබිය හැකිය. අනෙක් අතට, QLED වලට "අළු කළු" විශේෂාංගය දැක්විය හැක. ගැටළුව විශේෂයෙන් සරලම (ලාභ කියවන්න) රූපවාහිනී වල සිදු වේ. වඩා මිල අධික සංදර්ශක (Q9FN වැනි) දේශීය අඳුරු කිරීම වැනි අතිරේක තාක්ෂණයන් ලබා දෙයි, එය "තරමක් කළු" කළු පැහැයන් පෙන්වීම සඳහා පසුතල ආලෝකය පාලනය කිරීමෙන් සංදර්ශකවල දීප්තිය කාර්ය සාධනය වැඩි දියුණු කරයි. ඒවා OLED වලින් වෙන්කර හඳුනා ගැනීම දුෂ්කර කරයි. MICROLED අලුත්ම පොරොන්දුව තමයි MicroLED. නව තාක්‍ෂණය මඟින් හොඳම LCD සහ OLED එකට ගෙන ඒමට පොරොන්දු වන අතර, ඔවුන්ගේම ආලෝකය විමෝචනය කළ හැකි අන්වීක්ෂීය LED ​​මිලියන ගණනක් එක් කරයි. LCD තිරය හා සසඳන විට, බල කාර්යක්ෂමතාව සහ ප්‍රතිවිරෝධය වඩා හොඳ වන අතර, ඊට අමතරව, එය OLED වලට වඩා වැඩි දීප්තිය සහ දිගු ආයු කාලයක් ලබා ගත හැකිය. අකාබනික ස්ථරයක් (කාබනික LED වලට ප්‍රතිවිරුද්ධව, අඩුවෙන් පවතින) සහ කුඩා LED, microLED, OLED හා සසඳන විට, භාවිතා කිරීමෙන්: 1) දීප්තිමත් හා දිගු කල් පවතිනු ඇත; 2) පිළිස්සීමට හෝ අඳුරු වීමට ඇති ඉඩකඩ අඩුය. TFT LCD, IPS සහ TN තිර: වෙනස්කම් විෂය තිරය, AMOLED හෝ LCD වන විට සෑම විටම ව්යාකූලත්වය පවතී. තවද, ප්රධාන වශයෙන් LCD තිරය මත අවධානය යොමු කරමින්, TFT, IPS හෝ TN වැනි ඒකාබද්ධ තාක්ෂණයන් කිහිපයක් තිබේ. මෙම එක් එක් කෙටි යෙදුම්වලින් අදහස් කරන්නේ කුමක්ද? සහ ප්රායෝගිකව, වෙනස කුමක්ද? මෙම තාක්ෂණයේ අරමුණ කුමක්ද යන්න මෙම ලිපිය සරල ආකාරයකින් පැහැදිලි කරයි. මෙම ව්‍යාකූලත්වය ඇති වන්නේ අලෙවිකරණ සහ ඓතිහාසික හේතූන් මත බව මම විශ්වාස කරමි. තාක්ෂණික පිරිවිතරයන්හිදී, නිෂ්පාදකයින් සාමාන්යයෙන් (එය රීතියක් නොවේ) මෙම පැනල් ඇති උපාංගවල IPS යන කෙටි යෙදුම ඉස්මතු කරයි. උදාහරණ ලෙස: LG, තාක්‍ෂණය මත බොහෝ ඔට්ටු අල්ලයි (සැම්සුන් මෙන් නොව, AMOLED මත අවධානය යොමු කර ඇත), ස්මාර්ට් ෆෝන් වල IPS පැනලය ඉස්මතු කරන මුද්දර පවා තබයි. එසේම, Dell UltraSharp සහ Apple Thunderbolt Display වැනි අති නවීන මොනිටර IPS වේ. අනෙක් අතට, ලාභම ස්මාර්ට්ෆෝන් සෑම විටම (සහ තවමත්) ඊනියා TFT තිර සමඟ දියත් කර ඇත. තම තරඟකරුවන්ට සාපේක්ෂව ඉතා සීමිත දර්ශන කෝණයක් සහිත දුර්වල තත්ත්වයේ තිරයක් ඇති Xperia Z1 දක්වා Sony විසින් එහි ඉහළ මට්ටමේ ස්මාර්ට්ෆෝන් වල "TFT" ලෙස ප්‍රචාරණය කරන ලද තිර භාවිතා කර ඇත. අහම්බෙන්, Xperia Z2 පැමිණි විට, එය "IPS" ලෙස ප්‍රචාරණය කරන ලද අතර Sony හි මිල අධික ස්මාර්ට්ෆෝන් වල තිර පිළිබඳ දැඩි විවේචනයක් නොතිබුණි. ඉතින් මාත් එක්ක එන්න. TFT LCD තිරය යනු කුමක්ද? පළමුව, ශබ්දකෝෂ නිර්වචනය: TFT LCD යනු Thin Film Transistor Liquid Crystal Display යන්නයි. ඉංග්‍රීසියෙන්, මම මෙම අමුතු යෙදුම "තුනී පටල ට්‍රාන්සිස්ටර මත පදනම් වූ ද්‍රව ස්ඵටික සංදර්ශකය" වැනි දෙයක් ලෙස පරිවර්තනය කරමි. එය තවමත් බොහෝ දේ නොකියයි, එබැවින් අපි කරුණු පැහැදිලි කරමු. ඔබ දැනටමත් හොඳින් දන්නා LCD, එය ක්‍රියා කරන ආකාරය ඔබ නොදන්නවා වුවද. ඔබගේ ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් මොනිටරය විසින් බොහෝ විට භාවිතා කරන තාක්ෂණය මෙයයි. උපාංගයේ ඊනියා "ද්‍රව ස්ඵටික" ඇත, ඒවා විදුලි ධාරාවක් ලැබෙන විට පාරාන්ධ විය හැකි විනිවිද පෙනෙන ද්‍රව්‍ය වේ. මෙම ස්ඵටික රතු, කොළ සහ නිල් (RGB සම්මත) යන වර්ණවලින් සෑදී ඇති "පික්සල්" සහිත තිරය තුළ ඇත. සෑම වර්ණයක්ම සාමාන්‍යයෙන් 256 ස්වර වෙනස්කම් සඳහා සහය දක්වයි. ගිණුම් සිදු කිරීම (2563), එයින් අදහස් වන්නේ සෑම පික්සලයක්ම සෛද්ධාන්තිකව වර්ණ මිලියන 16,7 කට වඩා සෑදිය හැකි බවයි. නමුත් මෙම දියර ස්ඵටිකවල වර්ණ සෑදෙන්නේ කෙසේද? හොඳයි, පාරාන්ධ වීමට ඔවුන්ට විදුලි ධාරාවක් ලැබිය යුතු අතර, ට්‍රාන්සිස්ටර මේ ගැන සැලකිලිමත් වේ: එක් එක් පික්සලයකට වගකිව යුතුය. LCD තිරයේ පිටුපස ඇති ඊනියා backlight, තිරය දිදුලන සුදු ආලෝකයකි. සරල වචන වලින්, මා සමඟ සිතන්න: සියලුම ට්‍රාන්සිස්ටර ධාරාව අඳින්නේ නම්, ද්‍රව ස්ඵටික පාරාන්ධ වී ආලෝකය ගමන් කිරීම වළක්වයි (වෙනත් වචන වලින්, තිරය කළු වනු ඇත). කිසිවක් ප්රතිදානය නොවේ නම්, තිරය සුදු වනු ඇත. TFT ක්‍රියාත්මක වන්නේ මෙහිදීය. TFT LCD තිරවල, පැනලයේ එක් එක් පික්සල පාලනය කරන මිලියන ගණනක් ට්‍රාන්සිස්ටර, නැනෝමීටර කිහිපයක් හෝ මයික්‍රොමීටර ඝනක (කොණ්ඩයක් ඝන මීටර් 60 ත් 120 ත් අතර ඝනකමකින් යුත් ඉතා තුනී අන්වීක්ෂීය ද්‍රව්‍ය පටලයක් තිරය තුළ තැන්පත් කර ඇත. ) හොඳයි, TFT යන කෙටි යෙදුමේ පවතින "චිත්‍රපටය" කුමක්දැයි අපි දැනටමත් දනිමු. TN එන්නේ කොහෙන්ද? පසුගිය ශතවර්ෂයේ අවසානය වන විට, සියලුම TFT LCD පැනල් ක්‍රියාත්මක වීමට Twisted Nematic (TN) නම් තාක්ෂණයක් භාවිතා කරන ලදී. එහි නම පික්සලය හරහා ආලෝකය ගමන් කිරීමට (එනම් සුදු වර්ණය සෑදීමට) ද්රව ස්ඵටිකයක් ඇඹරුණු ව්යුහයක් ලෙස සකස් කර ඇත. මෙම ග්‍රැෆික් ඔබ උසස් පාසලේදී දුටු DNA නිදර්ශන සිහිපත් කරයි: ට්‍රාන්සිස්ටරය විදුලි ධාරාවක් විමෝචනය කරන විට, ව්‍යුහය "කඩා වැටේ." ද්‍රව ස්ඵටික අපැහැදිලි වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස පික්සලය කළු පැහැයට හැරේ, නැතහොත් ට්‍රාන්සිස්ටරය මගින් යොදන ශක්තිය මත පදනම්ව සුදු සහ කළු අතර වර්ණ අතරමැදියක් පෙන්වයි. රූපය දෙස නැවත බලන්න සහ ද්රව ස්ඵටික සකස් කර ඇති ආකාරය සැලකිල්ලට ගන්න: උපස්ථරයට ලම්බකව. නමුත් TN පදනම් කරගත් LCD හි යම් සීමාවන් ඇති බව සියලු දෙනා දැන සිටියහ. වර්ණ එකම විශ්වාසවන්තභාවයකින් ප්‍රතිනිෂ්පාදනය නොකළ අතර බැලීමේ කෝණය සමඟ ගැටළු ඇති විය: ඔබ මොනිටරය ඉදිරිපිට හරියටම ස්ථානගත නොකළේ නම්, ඔබට වර්ණ වෙනස්කම් දැකිය හැකිය. ඔබ මොනිටරය ඉදිරිපිට සිටගෙන සිටි 90° කෝණයෙන් ඔබ්බට, වර්ණ වඩාත් නරක අතට හැරී ඇත. IPS පැනල් වලින් වෙනස? එවිට ඔවුන්ට අදහසක් ඇති විය: ද්‍රව ස්ඵටිකය ලම්බකව සකස් කිරීමට අවශ්‍ය නොවන්නේ නම් කුමක් කළ යුතුද? එතකොට තමයි ඔවුන් In-Plane Switching (IPS) නිර්මාණය කළේ. IPS මත පදනම් වූ LCD පැනලයේ, ද්රව ස්ඵටික අණු තිරස් අතට, එනම් උපස්ථරයට සමාන්තරව සකස් කර ඇත. වෙනත් වචන වලින් කිවහොත්, ඔවුන් සෑම විටම එකම ගුවන් යානයක රැඳී සිටියි ("ප්ලේන්", එය ලබා ගන්න?). ෂාප් විසින් අඳින ලද චිත්‍රයකින් මෙය විදහා දක්වයි: ද්රව ස්ඵටිකය IPS හි සෑම විටම සමීප වන බැවින්, බැලීමේ කෝණය වැඩිදියුණු කිරීම අවසන් වන අතර වර්ණ ප්රතිනිෂ්පාදනය වඩාත් විශ්වාසවන්ත වේ. අවාසිය නම්, මෙම තාක්‍ෂණය නිෂ්පාදනය කිරීමට තවමත් තරමක් මිල අධික වන අතර, වඩාත් මූලික ස්මාර්ට් ජංගම දුරකතනයක් නිෂ්පාදනය කිරීමේදී IPS පැනලයක් සඳහා වැඩි මුදලක් වැය කිරීමට සියලුම නිෂ්පාදකයින් කැමති නැත, එහිදී වැදගත් දෙය වන්නේ පිරිවැය අවම මට්ටමක තබා ගැනීමයි. ප්රධාන කරුණ කෙටියෙන් කිවහොත්, IPS යනු එයයි: දියර ස්ඵටික අණු සකස් කිරීමේ වෙනස් ආකාරයකි. TN සම්බන්ධයෙන් වෙනස් නොවන දේ පික්සල පාලනය කරන ට්‍රාන්සිස්ටර වේ: ඒවා තවමත් එකම ආකාරයකින් සංවිධානය කර ඇත, එනම් "තුනී පටලයක්" ලෙස තැන්පත් කර ඇත. IPS තිරයක් TFT එකකට වඩා හොඳ යැයි පැවසීම තේරුමක් නැත: එය "Ubuntu Linux වලට වඩා නරකයි" යැයි පැවසීම වැනිය. මේ අනුව, ඔබ දන්නා IPS තිරද TFT තාක්ෂණය භාවිතා කරයි. ඇත්ත වශයෙන්ම, TFT යනු ඉතා පුළුල් තාක්ෂණයක් වන අතර එය AMOLED පැනල් වලද භාවිතා වේ. පැනලයක් TFT බව දැනගත් පමණින් එහි ගුණාත්මක බව පෙන්නුම් නොකරයි. එය ඔබට උනන්දු විය හැකිය: ► ටෙලිග්‍රාම් හි මගේ පැතිකඩට පැමිණියේ කවුරුන්දැයි දැන ගන්නේ කෙසේද ► Instagram ඡායාරූප ගැලරිය වෙත සුරැකෙන්නේ නැත්තේ ඇයි? ► සැබෑ සිදුවීම් පාදක කරගත් චිත්‍රපට 15ක් ► Xiaomi Mi Band 7 ගෝලීය අනුවාදය එදිරිව. චීනය ► හොඳම PS Plus Deluxe සහ අමතර ක්‍රීඩා ► ෆෝර්ට්නයිට්: ඉන්දියානා ජෝන්ස්ගේ රහස් දොර විවෘත කරන්නේ කෙසේද? ► Instagram හි පරිපාලක එකතු කරන්නේ කෙසේද වැඩිපුරම නැරඹූ ලිපි: ► Excel හි වගුවකින් හැඩතල ගැන්වීම ඉවත් කරන්නේ කෙසේද? ► ෆේස්බුක් පිවිසුම් කේතය භාවිතා කරන්නේ කෙසේද ► InShot දිය සලකුණ ඉවත් කරන්නේ කෙසේද? ► පරිගණකයෙන් පියවර කිහිපයකින් Uber Eats ගිණුම මකා දැමිය යුතු ආකාරය ► INPHIC රැහැන් රහිත මූසිකය විකිණීමට ඇත ► Nicegram යනු කුමක්ද? ► ෆේස්බුක් පිටුවක නම වෙනස් කරන්නේ කෙසේද Contacto විද්‍යුත් තැපෑල: contacto@tecnobreak.com දුරකථන: + 54 911 2396 3159 ලිපිනය: ඩික්මන් 1441, බුවනෝස් අයර්ස්, ආර්ජන්ටිනාව අපගේ සමාජ ජාල © 2022 TecnoBreak.com - සියලුම හිමිකම් ඇවිරිණි | Contacto | TecnoBreak ගැන | කුකී ප්‍රතිපත්තිය | පුද්ගලිකත්ව ප්රතිපත්තිය | නීති නිවේදනය | වෙළඳ සැලක් Spanish Afrikaans Albanian Amharic Arabic Armenian Azerbaijani Basque Belarusian Bengali Bosnian Bulgarian Catalan Cebuano Chichewa Chinese (Simplified) Chinese (Traditional) Corsican Croatian Czech Danish Dutch English Esperanto Estonian Filipino Finnish French Frisian Galician Georgian German Greek Gujarati Haitian Creole Hausa Hawaiian Hebrew Hindi Hmong Hungarian Icelandic Igbo Indonesian Irish Italian Japanese Javanese Kannada Kazakh Khmer Korean Kurdish (Kurmanji) Kyrgyz Lao Latin Latvian Lithuanian Luxembourgish Macedonian Malagasy Malay Malayalam Maltese Maori Marathi Mongolian Myanmar (Burmese) Nepali Norwegian Pashto Persian Polish Punjabi Romanian Russian Samoan Scottish Gaelic Serbian Sesotho Shona Sindhi Sinhala Slovak Slovenian Somali Spanish Sudanese Swahili Swedish Tajik Tamil Telugu Thai Turkish Ukrainian Urdu Uzbek Vietnamese Welsh Xhosa Yiddish Yoruba Zulu
පාස්කු ප්‍රහාරයෙන් පසු දළදා මාළිගාවට ගහන්න සැලසුම් කරලා! ප්‍රහාරය ආසන්නයේ සහරාන්ලා දෙකට බෙදුණේ බුද්ධි අංශ නොමග යවන්න! April 20, 2020 at 8:40 am | by emanisa.lk 2019 වසරේ පාස්කු ඉරු දින ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු දෙවන ප‍්‍රහාරයක් සිදු කිරීමේ සැලසුමක් ද තිබී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජාලිය සේනාරත්න පවසයි. මේ අනුව පළමු බෝම්බ ප‍්‍රහාර මාලාවෙන් පසු යම් කිසි දිනකදී නැවත දෙවන බෝම්බ ප‍්‍රහාර මාලාවක් සිදු කිරීම සඳහා සැලසුම් කර ඇති බව ද ඔහු ඊයේ (19) කීවේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන ලද පරීක්ෂණ අනුව ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීවේය. දළදා මාළිගාවට සහ තවත් ස්ථානයකට එල්ල කිරීමට සැලසුම් කළ එම දෙවන පෙළ ප‍්‍රහාරය ව්‍යර්ථ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලට හැකි වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීවේය. සහරාන් සිටි කාලයේම මේ ප‍්‍රහාරය සිදු කිරීම සඳහා දෙවන පෙළ කණ්ඩායමක් ද සූදානම් කර ඇති බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඇති බව ද ඔහු ඊයේ පැවසීය. එසේම සහරාන්ගේ කණ්ඩායම දෙකට බෙදී පසුව ප‍්‍රහාර ක්‍රියාත්මක කර ඇත්තේ එක් කණ්ඩායමක් බව ද මේ බෙදීම හුවා දක්වා ඇත්තේ බුද්ධි අංශ නොමග යැවීම සඳහා බව ද ඔහු පැවසීය. එසේම දකුණු ආසියානු රටක ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර මෙරටට පැමිණ සැඟවී සිටින්නට සහ ඔවුන්ට ආරක්ෂාව ලබා දීමට ද මොවුන් සැලසුම් කර ඇතැයි ද එහිදී අනාවරණය කෙරිණි. නීතීඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු සිය සේවාදායකයකු සමග කළ දුරකථන ඇමතුමක් නිසා නොවන බවත් ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ මගින් අනාවරණය වූ තොරතුරු සහ දුරකථන විශ්ලේෂණ රැසක් එකතු කර ගැනීම මත බවත් මාධ්‍යවේදීන් අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජාලිය සේනාරත්න අනාවරණය කළේය. එම අත්අඩංගුවට ගැනීම ප‍්‍රමාණවත් සාක්ෂි සහ කරුණු ඇතිව සිදු කළ බව ද දැනට අත්අඩංගුවට ගත් අය අතර යම් යම් සංවිධාන ඇති කර ඊට නායකත්වය දෙමින් කටයුතු කළ තැනැත්තන් සිටින බව ද ඔවුන් මේ අන්තවාදය පැතිරවීම සඳහා සහ ඉස්ලාම් ධර්මය වැරදි ආකාරයට අර්ථ නිරුපණය කරමින් යම් යම් තරුණ කණ්ඩායම් නොමග යැවීම සඳහා කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බව ද ඔහු හෙළිදරව් කළේය. Tweet Leave a Reply Cancel reply Your email address will not be published. Required fields are marked * Comment * Name * Email * Website මුල් බිස්ස මුල් පුවරුව “පාස්කු ප්‍රහාරයේ වගකීම ජනාධිපති භාරගත යුතුයි නේද?” – ෆොන්සේකා…. “හමුදා මූලස්ථානයට එල්ල වූ ප්‍රහාරයේ වගකීම ඔබ භාරගත්තාද?” – ජනාධිපති…. පාස්කු කමිටු විනිසුරු ෆොන්සේකා නොකවුට්… මුල් පුවරුව “ප්‍රහාරය එල්ල කළේ සිංහල බෞද්ධයෝ” BBCය ලෝකයට බොරු කියයි! ශ්‍රී ලංකා රජය සහ බීබීසී සිංහල සේවයේ අමීන් නිහඬයි! මුල් පුවරුව 83 ජේ.ආර්ගේ ආණ්ඩුව ජාතිවාදී ගැටුමක් හදලා ඒක වෙනත් පක්ෂයකට පැටෙව්වා! යාපනේ පුස්තකාලය ගිනි තියන්න කොළඹින් කෝච්චි තුනක මැරයෝ අරන් ගියා! – ආචාර්ය නාලක ගොඩහේවා මුල් පුවරුව ISISකාරයෝ ලංකාවේ ඉන්න බව අපි දැනගෙන හිටියා! නමුත් ඔවුන් අත්අඩංගුවට ගැනීම අපේ නීතියට පටහැනියි! – අගමැති මුල් පුවරුව අගමැතිගේ පොලිස්පති යන්න බෑම කියයි! තානාපති පිදේනියටත් නොනැමෙයි! මුල් පුවරුව ISIS ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් තුරන් කරනවා! – ප්‍රහාරයට දින 12කට පසු සියෝන් දේවස්ථානයට ගිය අගමැති රනිල් කියයි…… මුල් පුවරුව “අපේ එකෙක් මොන අපරාධය කළත් දඬුවම් කරන්න බෑ! අපි ඊට විරුද්ධව නැඟී සිටිනවා!” කියන පණිවුඩය ඇමති රිෂාඩ් නිසා ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු ලබා දුන්නා… මුල් පුවරුව අත්වැරදීමක් වුණේ මට නෙමේ නවීන්ටයි! මගේ ස්ථාවරයේ වෙනසක් නෑ! අහිමි වූ ජීවිත 300ට සාධාරණය ඉටු විය යුතුයි! – ඇමති නිරෝෂන් පෙරේරා මුල් පුවරුව අන්තවාදය වපුරන විදෙස් ඉස්ලාම් දේශකයන් 160ක් තවමත් ලංකාවේ! මුල් පුවරුව අත්අඩංගුවට ගන්න නියෝග කළ හේමසිරි පූජිත ලෙඩවෙයි! හේමසිරි දැඩි සත්කාරේ! පූජිත පොලිස් රෝහලේ! මුල් පුවරුව IS මුලිනුපුටා දැමූ බවට පම්පෝරි ගැසූ ආණ්ඩුවේ රෙදි ගැළවෙයි! ලංකාවේ IS තර්ජන තවත් ඉහළ යා හැකි බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවයි! මුල් පුවරුව අන්තවාදීන් ගෝඨාට පූට්ටු කරන ගරිල්ලා මාර්කටිං මාධ්‍ය මෙහෙයුමක්! මුල් පුවරුව අගමැතිගේ පාස්කු උගුලට ජනපති පනී! දිනය සහ වේලාව මෙන්න! මුල් පුවරුව ‘විස්සයි 20ට අපෙන් සජිත්’ පෝස්ටරය කුමන්ත්‍රණයක්! සජිත් කනස්සල්ලෙන්! මුල් පුවරුව ඇමතිනි තලතා හිතා ඉන්නේ පාස්කු දවසේ මරාගෙන මැරුණේ හාමුදුරුවරු කියලා! සහරාන් වීරයාගේ පිළිමය හදන්නත් ආණ්ඩුව පනතක් සම්මත කරලා! මුල් පුවරුව ජනතාව වෙනුවෙන් අලුත් වේදිකාවක් හදලා ඉදිරි ජනාධිපතිවරණය ජය ගන්නවා! – පාඨලි මුල් පුවරුව බේරුවල පුත්තලම මුස්ලිම් ජනතාවත් වෙසක් සමරයි! මුල් පුවරුව පාස්කු ඉරිදා සිදු වුණේ ඇමෙරිකානු කුමන්ත්‍රණයක්! එම ප්‍රහාරය අසාර්ථක වූ පසු අධිකරණ බලය අල්ලන සැලසුමක්! (video) මුල් පුවරුව ඇමති පාඨලි නැවතත් සිංහල බෞද්ධ නායකයෙක් වී සිංහලයාට පාර කියන්න සූදානම්! මුල් පුවරුව පන්සලේ ඇබිත්තයාත් අල්ලාගෙන ගිහින් කූඩුවේ දාපු පොලිසිය ගැන අපට විශ්වාසයක් නැහැ.- නීතිඥ තුෂාර දිසානායක මුල් පුවරුව බුදු පුතුන් වෛරී පාස්කු ත්‍රස්තයන් මෙත් බෙලෙන් පරදයි! කටුවාපිටිය දෙව් මැදුරට වැඩම කර යෝධ බැම්මක් තනයි!(video) මුල් පුවරුව ජාතියට මග කියන්න ඇවිත් වින කටින අවස්ථාවාදියාගෙන් පරිස්සම්වනු! මුල් පුවරුව ජනපති අගමැති පොල් පිත්තෙන් කපා සභාවට ගෙනෙයි! මුල් පුවරුව දෙවියන්ට අයිති ලෝකයේ ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බව කියනවා! පල්ලිවලට ආධාර කරන ඇමරිකාව පාස්කු ප්‍රහාරය පිටුපස සිටින බව කියනවා! ආණ්ඩුව මුස්ලිම් ගෙවල් පරික්ෂා නොකිරීම විවේචනය කරනවා! -ඇමති මංගල කාදිනල්තුමාට එරෙහිව පාප් වහන්සේට ලියයි… මුල් පුවරුව තෛනිකායික නාහිමිවරු කිව්වාට වෙසක් උත්සවය කල් දමන්නේ නෑ! මට මොහොමඩ් වජිර කිව්වාට මම හොඳ සිංහල බෞද්ධයෙක්! – වජිර මුල් පුවරුව ආණ්ඩුව පන්සලේ පිං පෙට්ටියට නැවතත් ඉව අල්ලයි! තිස්සමහාරාම පන්සලේ පිං පෙට්ටි සීල් තබයි! ෂරියා විශ්වවිද්‍යාලේ මුදල් විගණනය නොකළ ආණ්ඩුව පන්සලේ පඬුරු විගණනයට සූදානම්! මුල් පුවරුව බුදුන් පිරිනිවන් ගියේ සිවුරු ඇඳගත් අයට බෞද්ධ දර්ශනය ගණිකා වෘත්තියේ යොදවන්න භාරදීලා නෙමෙයි! මට විරුද්ධව වස් කවි කී කෙනෙක් සතියෙන් මළා! – මංගල සමරවීර
අනාගත පරපුර පෝෂණ ඌනතාවයන්ට ගොදුරු වීම වැලක්වීම පිණිස ආයාචනයක් කිරීමට බොහෝ දෙනෙක් නොසිතන්නට ඇත. එහෙත් බොහෝදේ වෙනස්ව ප්රමාණවත් තරම් පෝෂණයක් තම දරුවනට ලබා දීමේ අපහසුව තාවයෙන් පෙලෙන බොහෝ පිරිසක් ඇත. මූලික පෝෂණ අවශ්‍යතා ඉටු නොවීම නිසා කිසිම දරුවෙකු කුසගින්නෙන් පෙළීම හෝ වළක්වා ගත හැකි රෝගවලට ගොදුරුවීමට අවස්ථාවන් උදා නොවිය යුතුය. එම නිසා අපට අධෛර්යමත්ව පසෙකට වී සිටිය නොහැක. ඔබට මෙන්ම මනුසත් දෙරණටද අවශ්‍ය වන්නේ අපේ අනාගත පරපුර බුද්ධිමයව හා කායිකව සෞඛ්‍ය සම්පන්න වීමයි. අපි සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ අපේ දරුවන් උදෙසා මනුසත් දෙරණ, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය දියත් කරන “FEED A CHILD” (ෆීඩ් අ චයිල්ඩ්) වැඩසටහන සමග අත්වැල් බැඳගන්නා ලෙසයි. වැඩි විස්තර සඳහා දුරකථන අංක +94 11 5 300 700 සහ වට්ස්ඇප් +94 770 701010 භාවිතා කරන්න. පරිත්‍යාග කිරීම QR කේතය පරිලෝකනය කර හෝ ගිණුම් විස්තර භාවිතා කර සිදු කල හැක. බැංකුව: මහජන බැංකුව ගිණුම් අංකය:143-1001-7-9900000 ගිණුමේ නම: මනුසත් දෙරණ ශාඛාව: සුදුවැල්ල බැංකු කේතය: 7135 ස්විෆ්ට්‍ කේතය: PSBKLKLX Many people would not have expected the Granary of the East to make an appeal to feed its children. Unfortunately, things have changed, and a significant proportion of children are not fed adequately. No child should ever go hungry or suffer from preventable sickness and disease because their basic nutritional needs go unmet. As you do, Manusath Derana also wants our future generation to be intellectually and physically healthy. The Sri Lanka College of Paediatricians and Manusath Derana launched the “Feed A Child” program to ensure children’s nutritional needs are met. Manusath Derana appeals to all Sri Lankans to join. For more details, please use the phone number +94 11 5 300 700 and WhatsApp +94 770 701010. Scan the QR code or use your account details to donate. Bank: Peoples Bank Account Number:143-1001-7-9900000 Account Name:Manusath Derana Branch: Suduwella WE NEED YOUR HELP TO HELP OTHERS, SEE OUR CAUSES Nature Force Sipsal Pubuduwa Disaster Interventions Derana Daruwo Health Camps About Us Manusath Derana is a charity associated with Derana media organization. Call us +94 115300700 Visit us No 320, T. B Jayah Mawatha, Colombo 01000, Sri Lanka Latest Posts FEED A CHILD October 15, 2022 Sweetening the bitter roots of education for children at Meemure Kaikawala Junior School December 3, 2021
කාසි වාසි ඇති අය ලඟ මනුස්සකම බොහොම හිඟයි කියලා සිංදුවක් රේඩියෝවෙන් ඇහුණ. පුරුද්ද අත අරින්න බෑ. රටෙන් පිට උන්නට ලංකාවෙ රේඩියෝව අහනවා අන්තර්ජාලයට පින්සිද්ද වෙන්න. ධනවත් අය මනුස්සකම නැති අය හැටියට සැලකීම අද ඊයේ පටන් ගත්ත එකක් නෙමෙයි. ඒක සමාජවාදී අයගේ කතාවකුත් නෙමෙයි. ඈත අතීතයේ කෙනෙක් ධනවත් බව ලබා ගත්‍තේ එක්කො කොල්ල කාලා නැත්නමි උරුමය නිසා. ඉතින් එහෙම අය අතර මනුස්සකම හිඟ බව කියන්න අමුතුවෙන් ඉගෙන ගෙන එන්න අවශ්‍ය නැහැ. පස්සෙ කාලේ මුදල් නීත්‍යානුකූලව හොයන්න ආදායමි මාර්ග ඇති වුනාම මෙම කියමන කවුරුත් වෙනස් කරන්න ගියේ නෑ. මොකද ඕනෑම සමාජයක ධනවතුන් ඉන්නේ අල්පයයි. හැමෝම ආසයි ධනවත් වෙන්න. ඒත් හැමදාම තමන්ට වඩා ධනවත් කෙනෙක් ආයේ ඉන්නවා. බිල් ගේට්ස් වුනත් ලෝකයේම ලොකුම ධනපතියා කියන තැනින් පහළට ගියානේ. දැන් එයා මහා දානපතියා වෙලා. නැති කෙනෙකු ගෙන් යමක් ඉල්ලන්න පැකිළෙන අපි ඇති කෙනෙකු ගෙන් ඉල්ලන්න පසුබට වෙන්නෙ නැහැ. අපේ හිතේ සොයාලා නොබලපු අදහසක් තමයි ඇති අය නැති අයට දෙන්න ඕන කියල. ඒක තමයි මනුස්සකම කියන්නෙ කියල. ධනවතාගෙන් ඉල්ලල නුදුන්නොත් අපි බනින්නේ මනුස්සකම නැති එකා කියල. අනිත් පැත්තට ඉල්ලපු දේ ලැබුනාම කියන්නේ ඊට වඩා වුනත් දෙන්න ඌ ගාව තිබුණ කියල. ලෝකෙටම බෙදලා දෙනවා මං ධනවත් වුනාම කියන ගොයියෝ කාටවත් දෙයක් දෙන්න තරමි ධනවත් වෙලා නැති බව හැමෝම දන්නවා. ඒ අය ධනය හොයන්න නෙමෙයි දහිරිය දාන්නෙ. මේ හරියට තමන් රාජ්‍ය පාලනයට තේරිලා පත් වුනාම හොඳ පාලකයෙක් වෙනවයි කියන පුරසාරමි වගේ. ප්ලේටෝ කියපු දාර්ශනික රජු සංකල්පයක් පමණයි. ඒ සංකල්පය සත්‍යය කරන්න තියා ඒකට කිට්ටු කරන්නවත් එදා මෙදා ලොවට බිහිවෙච්ච රාජ්‍ය පාලකයෙක් නැහැ. ඔබාමා ජනාධිපති වුනාම රට වෙනස් වෙයි කියලා බලාගෙන හිටපු අය අතරින් දැන් ඔබාමාට චන්දේ දීපු කෙනෙක් හොයා ගන්න බැරි තරමට. අවුරුද්ද වත් ඉවර නැහැ. කමාන්ඩර් ඇන්ඩි චීෆ් කියලා ඇමෙරිකාවෙ ජනාධිපතිට කියන්නේ රටේ හමුදා සේරටම එයා පුධානියා නිසා. දැන් ඔබාමාට දාලා තියන නම ඔ‍ෙර්ටර් ඇන්ඩි චීෆ්. මොකද එයාගෙ කෙරුවාව කටෙන් පමණක් නිසා. එයාට තිබුණේ දාර්ශනික කම රැකගෙන රජ වෙන්නෙ නැතුව ඉන්න. රටට සේවය කරන අයගේ මුදල් පසුමිබ් තර වෙන එක අද ඊයේ පටන් ගත්ත එකක් නෙමෙයි. එහෙත් එහෙමයි. මෙහෙත් මෙහෙමයි. ඔබාමා සෙනෙටි සභාවට තේරිලා පත් වුනාම වයිෆ්ගේ පඩිය ඉහළ ගියා. ඒ අර කරපු වැඩකට නෙ‍ෙමි. සිරිබිරිස් කාටුනයේ එන මගෝඩිස්තුමා හැමදාම තරබාරු වෙන කිසිම රටක නැවතිලා නැහැ. සමහර විට මනුස්සකම හිඟ උරුමයෙන් ධනවත් වෙච්ච හෝ කොල්ලා කාගෙන ධනවත් වූ අය ‍ළඟ වෙන්නැති. ඒ නිසා මහන්සි වෙලා වැඩක් පළක් කරල මුදල් හොයා ගත්තු අය ළඟ මනුස්සකම නැහැයි කියන එක නමි වැරදියි. එතකොට ඒක අපිත් එක්ක ‍ෙබදා නොගන්න අය ළඟ මනුස්සකම නැහැයි කියනවා වගේ කතාවක් වෙනවා. ධනවත් හැමෝම මනුස්සකමෙන් පිරිහිලා ගිහින් නැහැ වගේම අතේ සතේ නැති හැමෝම මනුස්සකමෙන් පිරිපුන් අයත් නෙවෙයිනෙ. මෙය බෙදාගන්න: ට්විටර් ෆේස්බුක් මුද්‍රණය වි-තැපැල් WhatsApp රෙඩිට් ටම්බ්ලර් පින්ටරෙස්ට් පොකට් මෙයට කැමති වන්න: කැමතියි පුරණය වෙමින්... 7 comments « ආයුබෝවන්! බුද්ධිමතා ජය ගැනීම » 7 Responses Subscribe to comments with RSS. හිරාන් මිලින්ද said, on ඔක්තෝබර් 4, 2009 at 6:43 පෙ.ව. ඔබගේ බ්ලෝග් සටහනට මගේ සුභ පැතුම්! ඔබෙ ඉහත සටහන හිතන්නට යමක් ඉතිරි කල බව කියන්න ඔනෙ… ඉස්සරහටත් කියවන්න බලාපොරෙත්තු වෙනවා ප්‍රති-පිළිතුරු සැපයීම හීනියට said, on ඔක්තෝබර් 25, 2010 at 9:12 පෙ.ව. හත්වලාමේ අවුරුද්දකට කලින් ලියපුව දැනුයි ඔන්න කියෙව්වේ… කියවගෙන කියවගෙන කියව……යන්න ඕනෙ වේලව හොයාගෙන ප්‍රති-පිළිතුරු සැපයීම arunishapiro said, on ඔක්තෝබර් 25, 2010 at 1:34 ප.ව. හීනියට, ආයුබෝවන් කියල අත්දෙකම එකතු කරල පිළිගන්නම්! ප්‍රති-පිළිතුරු සැපයීම elephas said, on ඔක්තෝබර් 28, 2011 at 8:47 පෙ.ව. නියම බ්ලොග් 1ක් වගේ. මුල ඉඳන් පටන් ගෙන ඔක්කොම කියවන්නම්. හැබැයි වැඩේට ගොඩක් කල් යයි නේද? ප්‍රති-පිළිතුරු සැපයීම arunishapiro said, on ඔක්තෝබර් 28, 2011 at 11:25 පෙ.ව. elephas, ආයුබෝවන්! පොතක් වගේ පිටු පරණ වෙන්නෙ නැහැනෙ, කැමති කාලයක් අරගෙන කියවන්න. ප්‍රති-පිළිතුරු සැපයීම Iresha dilhani said, on ජූලි 29, 2020 at 5:09 පෙ.ව. ආයුබෝවන් අක්කේ,අවුරුදු 11කට කලින් ඒවා දැන් තමා අක්කා කියවන්නේ.දැන් ඉතින් කියවන් යනවා.👍 ප්‍රති-පිළිතුරු සැපයීම arunishapiro said, on අගෝස්තු 21, 2020 at 4:44 ප.ව. 🙂 ප්‍රති-පිළිතුරු සැපයීම ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න මෙහි ඔබේ ප්‍රතිචාරය ලියන්න... Fill in your details below or click an icon to log in: ඊමේල් (අත්‍යවශ්‍යයි) (Address never made public) නම (අත්‍යවශ්‍යයි) වෙබ් අඩවිය ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න ) ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න ) ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න ) අවලංගු කරන්න Connecting to %s නව ප්‍රතිචාර ගැන වි-තැපෑල හරහා මාව දැනුවත් කරන්න. නව ලිපි ගැන වි-තැපෑල හරහා මාව දැනුවත් කරන්න Δ මෙම බ්ලොග් එකෙන් උපුටා ගන්නා කොටසක් හෝ එයින් ගත් සටහනක් සම්පූර්ණයෙන් පළකරද්දී, ලබා ගත් තැන එනම් බ්ලොග් එකේ නම “අරුණි ශපීරෝ වෙතින්” යැයි සඳහන් කරන්නට තරම් කාරුණික වෙන්න. ස්තූතියි. අර්ථ ශාස්ත්‍රය -එක දවසින් සොයන්න: පසුගිය සටහන් පසුගිය සටහන් මාසය තෝරන්න නොවැම්බර් 2022 (1) ඔක්තෝබර් 2022 (2) ජූලි 2022 (1) මැයි 2022 (2) අප්‍රේල් 2022 (4) මාර්තු 2022 (1) පෙබරවාරි 2022 (2) ජනවාරි 2022 (4) දෙසැම්බර් 2021 (5) නොවැම්බර් 2021 (2) ඔක්තෝබර් 2021 (5) සැප්තැම්බර් 2021 (3) අගෝස්තු 2021 (3) ජූලි 2021 (1) ජූනි 2021 (2) මැයි 2021 (4) අප්‍රේල් 2021 (2) මාර්තු 2021 (6) පෙබරවාරි 2021 (5) ජනවාරි 2021 (7) දෙසැම්බර් 2020 (4) නොවැම්බර් 2020 (3) ඔක්තෝබර් 2020 (8) සැප්තැම්බර් 2020 (1) අගෝස්තු 2020 (2) ජූලි 2020 (2) ජූනි 2020 (4) මැයි 2020 (9) අප්‍රේල් 2020 (13) මාර්තු 2020 (8) පෙබරවාරි 2020 (1) ජනවාරි 2020 (2) දෙසැම්බර් 2019 (2) නොවැම්බර් 2019 (1) ඔක්තෝබර් 2019 (13) සැප්තැම්බර් 2019 (11) අගෝස්තු 2019 (5) ජූලි 2019 (2) ජූනි 2019 (5) මැයි 2019 (3) අප්‍රේල් 2019 (5) මාර්තු 2019 (3) පෙබරවාරි 2019 (7) ජනවාරි 2019 (2) දෙසැම්බර් 2018 (1) නොවැම්බර් 2018 (1) ඔක්තෝබර් 2018 (2) සැප්තැම්බර් 2018 (4) අගෝස්තු 2018 (5) ජූලි 2018 (4) ජූනි 2018 (1) මැයි 2018 (6) අප්‍රේල් 2018 (8) මාර්තු 2018 (9) පෙබරවාරි 2018 (7) ජනවාරි 2018 (6) දෙසැම්බර් 2017 (10) නොවැම්බර් 2017 (9) ඔක්තෝබර් 2017 (14) සැප්තැම්බර් 2017 (13) අගෝස්තු 2017 (10) ජූලි 2017 (13) ජූනි 2017 (10) මැයි 2017 (20) අප්‍රේල් 2017 (18) මාර්තු 2017 (18) පෙබරවාරි 2017 (10) ජනවාරි 2017 (5) දෙසැම්බර් 2016 (4) නොවැම්බර් 2016 (15) ඔක්තෝබර් 2016 (8) සැප්තැම්බර් 2016 (14) අගෝස්තු 2016 (14) ජූලි 2016 (6) ජූනි 2016 (7) මැයි 2016 (9) අප්‍රේල් 2016 (6) මාර්තු 2016 (4) පෙබරවාරි 2016 (10) ජනවාරි 2016 (5) දෙසැම්බර් 2015 (8) නොවැම්බර් 2015 (8) ඔක්තෝබර් 2015 (14) සැප්තැම්බර් 2015 (8) අගෝස්තු 2015 (8) ජූලි 2015 (7) ජූනි 2015 (10) මැයි 2015 (10) අප්‍රේල් 2015 (8) මාර්තු 2015 (13) පෙබරවාරි 2015 (11) ජනවාරි 2015 (7) දෙසැම්බර් 2014 (6) නොවැම්බර් 2014 (6) ඔක්තෝබර් 2014 (8) සැප්තැම්බර් 2014 (12) අගෝස්තු 2014 (10) ජූලි 2014 (10) ජූනි 2014 (6) මැයි 2014 (8) අප්‍රේල් 2014 (6) මාර්තු 2014 (9) පෙබරවාරි 2014 (10) ජනවාරි 2014 (6) දෙසැම්බර් 2013 (6) නොවැම්බර් 2013 (16) ඔක්තෝබර් 2013 (23) සැප්තැම්බර් 2013 (17) අගෝස්තු 2013 (23) ජූලි 2013 (24) ජූනි 2013 (23) මැයි 2013 (46) අප්‍රේල් 2013 (28) මාර්තු 2013 (39) පෙබරවාරි 2013 (23) ජනවාරි 2013 (19) දෙසැම්බර් 2012 (21) නොවැම්බර් 2012 (18) ඔක්තෝබර් 2012 (29) සැප්තැම්බර් 2012 (22) අගෝස්තු 2012 (24) ජූලි 2012 (18) ජූනි 2012 (17) මැයි 2012 (19) අප්‍රේල් 2012 (23) මාර්තු 2012 (17) පෙබරවාරි 2012 (21) ජනවාරි 2012 (21) දෙසැම්බර් 2011 (16) නොවැම්බර් 2011 (23) ඔක්තෝබර් 2011 (28) සැප්තැම්බර් 2011 (24) අගෝස්තු 2011 (26) ජූලි 2011 (21) ජූනි 2011 (20) මැයි 2011 (21) අප්‍රේල් 2011 (22) මාර්තු 2011 (22) පෙබරවාරි 2011 (13) ජනවාරි 2011 (16) දෙසැම්බර් 2010 (13) නොවැම්බර් 2010 (11) ඔක්තෝබර් 2010 (17) සැප්තැම්බර් 2010 (13) අගෝස්තු 2010 (12) ජූලි 2010 (13) ජූනි 2010 (13) මැයි 2010 (13) අප්‍රේල් 2010 (19) මාර්තු 2010 (18) පෙබරවාරි 2010 (21) ජනවාරි 2010 (26) දෙසැම්බර් 2009 (19) නොවැම්බර් 2009 (2) සැප්තැම්බර් 2009 (2) ජූලි 2009 (1)
පනතේ අර්ථ නිරූපන වගන්තියට අනුව තොරතුරු යන්නට පහත සදහන් දේ ඇතුලත් වේ සටහන්,ලේඛන,සංදේශ,විද්‍යුත් තැපැල්,මත, උපදේශ, මාධ්‍ය නිවේදන, චක්‍රලේඛ, නියම,ලොග් පොත්,ගිවිසුම්,වාර්තා,ප්‍රවෘත්ති පත්‍ර,සාම්පල්, ආදර්ශක, හුවමාරු වන ලිපි, සංදේශ, නීති කෙටුම්පත්,පොත්, පිඹුරු, සිතියම්,චිත්‍ර,රූප සටහන්, රූපමය හෝ ප්‍රස්තාරමය වැඩ හෝ ඡායාරූප, සේයාපට,ක්ෂද්‍ර සේයාපට, ශබ්ද පටිගත කිරීම්,විඩීයෝ පට, යන්ත්‍ර මගින් කියවිය හැකි වාර්තා, ව්ද්‍යුත් ලිපි සහ වෙනත් ලේඛනගත ද්‍රව්‍ය ඇත්‍රළු පරිගණක වාර්තා සහ වෙනත් ලේඛනගත ද්‍රව්‍ය, සහ ඒවායේ යම් පිටපත්; මේ අනුව තොරතුරු යන්නට හුදෙක් ලිපි ලේඛණ පමණක් නොව බෝ දෑ ඇතුලත් ටවන බව පැහැදිලි වේ. යටතේ තොරතුරු ලබා ගත හැකි ආයතන මොනවාද ? පහත සදහන් ආයතනය සතු තොරතුරු සඳහා ජනතාවට ප්‍රවේශ විය හැකි බව පනතේ සදහන් වේ. (අ) අමාත්‍යංශ, (ආ)ලිඛිත නිතියකින් හෝ පළාත් සභා ප්‍රඥ්ඥපත්තියක් යටතේ පිහිටුවා ඇති ආයතන , (ඇ) දෙපාර්තමේන්තු, (ඈ)රාජ්‍ය සංස්ථා, (ඉ)කොටස්වලින් සියයට විසිපහකට වඩා රජය සතු සමාගමක , (ඊ)මහනගර සභාවක නගර සභාවක හෝ ප්‍රාදේශිය සභාවක, (උ)රජය සමගකොන්ත්‍රාත්තුවක් ,හවුල් ව්‍යාපාරයක්,ගිවිසුමක් හෝ බලපත්‍රයක් යටතේ ව්‍යවස්ථාපිත හෝ පොදු කර්තව්‍යයන් ඉටු කරන පෞද්ගලික ආයතන හෝ සංවිධාන‍(එම ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු පමණි), (ඌ)පළාත් සභාවක් විසින් පිහිටුවන ආයතන , (එ) රජය හෝ විදේශ ආණ්ඩු හෝ විදේශ සංවිධාන හෝ සැලකිය යුතු අරමුදල් සපයන රාජ්‍ය නොවන සංවිධාන (ඒ) රජය හෝ පළාත් සභා විසින් මුදල් ආධාර සපයන උසස් අධ්‍යාපන ආයතන (ඔ)රජය හෝ පළාත් සභා විසින් මුදල් ආධාර සපයන පුද්ගලික අධ්‍යාපන ආයතන (ඕ)යුක්තිය පසඳලීම සඳහා ඇති කොට පිහිටුවන ලද අධිකරණ ,විනිශ්චය අධිකරණ හා ආයතන, මේ අනුව පොදු කාර්යයක් සිදු කිරිමට රජයේ ආයතනක් සමග ගිවිසුම් ගත වී ඇති හෝ කොන්ත්‍රාත් ලබා ගෙන ඇති පෞද්ගලික ආයතන වල එම පොදු කාර්යට අදාල තොරතුරු ද මෙම පනතේ ප්‍රතිපාදන භාවිතා කරමින් ලබා ගැනීමට පුරවැසියන්ට අයිතිවාසිකම් ඇත,උදාහරණයක් ලෙස මහනගර සභාවක් සමග කසල ඉවත් කිරිමේ කොන්ත්‍රාත්තුවක් ලබා ගෙන ඇති පෞද්ගලික සමාගමක් සතුය පවතින එම කසල එකතු කිරීමට අදාල තොරතුරු ලබා ගැනීමට පුරවැසියකුට අයිතියක් ඇත.නමුත් එම සමාගමෙහි අනෙකුත් තොරතුරු මෙම පනත යටතේ ලබා ගත නොහැක. එමෙන්ම පොදු කාර්යයක් කරනු ලබන ,රජයෙන් හා විදේශ රාජ්‍යයන් හෝ විදේශ සංවිධාන වලින් අරමුදල් සපයනු ලබන රාජ්‍ය නොවන සංවිධාන සතුව පවත්නා එම පොදු කාර්යයට අදාල තොරතුරු ද මෙම පනත යටතේ පුරවැසියකුට ඉල්ලා සිටිය හැකිය. ඒ අනුව මෙම පනත යටතේ පුරවැසියන්ට ඉල්ලා සිටිය හැක්කේ රජයේ ආයතන සතු තොරතුරු පමණක් නොවන බව පැහැදිලිය. තොරතුරු ලබා ගැනීම සඳහා ගාස්තු අය කරනවාද ? තොරතුරු ලබා ගැනීම සදහා ගාස්තු අය කරනු ලබන උප ලේඛනය මෙතනින් ලබා ගන්න. තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කල හැකි අවස්ථා මොනවාද ? පනතේ 5 වන වගන්තියට අනුව පහත හේතු මත තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කල හැකිය. ​පොදු වැදගත්කමක් නොමැති අනවශ්‍ය ලෙස යම් පුද්ගලයකුගේ පුද්ගලිකත්වයට හානි කරන තොරතුරක් ඒකි තොරතුර සපයා ඇති පුද්ගලයාගේ එකගතාවය නොමැති නම් එවැනි තොරතුරක් ලබා දීම ප්‍රතික්ෂේප කල හැකිය. ඉල්ලා සිටින තොරතුර ලබා දීමෙන් රාජ්‍ය ආරක්ෂාවට හෝ භෞමික අඛණ්ඩතාවයට හානි වන,අවස්ථාවක දී එම තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කල හැකිය. ඉල්ලා සිටින ලබන තොරතුරු යම් රජයක් හෝ ජාත්‍යන්තර නීතිය යටතේ වු අන්තර්ජාතික ගිවිසුම් හෝ බැදීම් විසින් රහසිගතව ලබා දුන් හෝ රසිගතව ලබා ගත් අවස්ථාවක,එම තොරතුරු හෙළිදරව් කිරිම එම රජයේ හෝ ජාත්‍යන්තර නීතිය යටතේ වු අන්තර්ජාතික ගිවිසුම් හෝ බැදීම් සමග ශ්‍රි ලංකාවේ ඇති සබඳතාවලට අගතිගාමී වන හෝ අගතිගාමී විය හැකි අවස්ථාවක ඒකී තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කල හැකිය. ඉල්ලා සිටින තොරතුර හෙලි දරවි වීම මගින් විනිමය අනුප්‍රමාණ හෝ විදේශ හුවමාරු ගනුදෙනු පාලනය කිරිමට , බැංකු කටයුතු හෝ ණය කටයුතු විධිමත් කිරිමට බදු පැනවීමට භාණ්ඩ හා සේවා වල මිල ස්ථාවරව පවත්වා ගැනීම, පාලනය සහ ගැලපීමට, කුලී සහ අනෙකුත් පිරිවැය සහ වේතන අනුප්‍ර‍මාණ, වැටුප් සහ අනෙකුත් ආදායම්; හෝ විදේශ වෙළෙ ගිවිසුම්වලට ඇතුළත් වීමට, අදාලව ආණ්ඩුවේ ආර්ථික හෝ මුල්‍ය ප්‍ර‍තිපත්ති වෙනස් කිරීමට හෝ නොකඩවා පවත්වාගෙන යාම සම්බන්ධ තීරණ නිසිකලට හෙළිදරව්වීම මගින් බරපතළ අගතිදායක වන්නේ නම් එවැනි තොරතුරු ලබාදීම ප්‍ර‍තික්ෂේප කල හැකිය. V. ඉල්ලා සිටිනු ලබන තොරතුරු බුද්ධිමය දේපළ පනත යටතේ ආරක්ෂාවන වානිජ රහස්, වෙළෙඳ රහස් හෝ බුද්ධිමය දේපළ වලට අදාළ තොරතුරු වන්නේ නම් එම තොරතුරු ලබාදීමෙන් විශාල මහජන සුභසිද්ධියක් ඇතිවන්නේ යැයි පොදු අධිකාරිය විශ්වාස කරන්නේ නම් මිස එවැනි තොරතුරු ලබාදීම ප්‍ර‍තික්ෂේප කල හැකිය. VI. ඉල්ලා සිටින තොරතුරු පුද්ගලික වෛද්‍ය වාර්තා සම්බන්ධයෙන් වන විට එම වෛද්‍ය වාර්තා හෙලිදරව් කිරීමට එකී පුද්ගලයා ලිඛිතව අනුමැතිය ලබාදී ඇත්නම් මිස එවැනි තොරතුරු ලබාදීම ප්‍ර‍තික්ෂේප කල හැකිය. VII. ඉල්ලා සිටිනු ලබන තොරතුර නීතිපතිවරයා හා යම් පොදු අධිකාරියක් අතර පවතින යම් සන්නිවේදනයක්ද ඇතුලුව ලිඛිත නීතියකින් හෙලිදරව් කිරීමට අවසර ලබාදී නොමැති වෘත්තිකයින් විසින් සේවා ලබාගන්නා ලබන පොදු අධිකාරියක් හා එකී සේවා සපයන්නා සම්බන්ධ තොරතුරු හෙලිදරව් කිරීමක් වන්නේ නම් එවැනි තොරතුරු ලබාදීම ප්‍ර‍තික්ෂේප කල හැකිය. VIII. ඉල්ලා සිටින තොරතුරු භාරකාර සම්බන්ධතාවයක් මත රහසිගතව තබාගත යුතු තොරතුරු වන අවස්ථාවකදී එවැනි තොරතුරු ලබාදීම ප්‍ර‍තික්ෂේප කල හැකිය. IX. ඉල්ලා සිටිනු ලබන තොරතුරු මගින් අපරාධ වැළැක්වීමේ ක්‍රියාවලියට බාධාවක් සිදුවන්නේ නම් නීතිය බලාත්මක කිරීමට හෝ ජාතික ආරක්ෂාවට අදාළ තොරතුරු මූලාශ්‍ර‍යක් හෙළිදරව් වන්නේ නම් එවැනි තොරතුරු ලබාදීම ප්‍ර‍තික්ෂේප කල හැකිය. X. යම්කිසි පුද්ගලයකු විසින් පොදු අධිකාරියක් වෙත රහසිගතව සපයා ඇති තොරතුරක් සම්බන්ධ තොරතුරු ඉල්ලීමක් වන අවස්ථාවකදී එකී තොරතුරු ලබාදීම සඳහා එකී තොරතුරු රහසිගතව සැපයූ පුද්ගලයා අනුමැතිය ලබා නොදී ඇති අවස්ථාවක එම තොරතුර හෙලිදරව් කිරීම ප්‍ර‍තික්ෂේප කලහැකිය- නමුත් එවැනි විටක එම තොරතුරු ලබාදීමට විරෝධතාවයක් පවතින්නේ දැයි පොදු අධිකාරිය විසින් අදාළ පුද්ගලයාගෙන් විමසිය යුතුය. XI. ඉල්ලා සිටිනු ලබන තොරතුර හෙලිදරව් කිරීම මගින් අධිකරණයට අපහාස කිරීමක් වන අවස්ථාවකදී එම තොරතුර ලබාදීම ප්‍ර‍තික්ෂේප කල හැකිය. XII. ඉල්ලා සිටිනු ලබන තොරතුරු හෙලිදරව් කිරීම පාර්ලිමේන්තු වරප්‍ර‍සාද උල්ලංඝනය කිරීමක් වන අවස්ථාවකදී එම තොරතුර ලබාදීම ප්‍ර‍තික්ෂේප කල හැකිය. XIII. ඉල්ලා සිටිනු ලබන තොරතුර විභාග දෙපාර්තමේන්තුව හෝ උසස් අධ්‍යාපන ආයතනයක් විසින් පවත්වනු ලබන යම් විභාගයකට අදාළ තොරතුරු රහසිගතව තබා ගැනීමට නියමිත වන්නා වූ අවස්ථාවක දී එම තොරතුර ලබාදීම ප්‍ර‍තික්ෂේප කල හැකිය. XIV. ඉල්ලා ඇති තොරතුර හෙළිදරව් කිරීම අධිකරණයට අපහාස කිරීමක් හෝ අධිකරණ බලයට හෝ අපක්ෂපාතීත්තවයට අගතියක් සිදුවන අවස්ථාවකදී එම තොරතුරු ලබාදීම ප්‍ර‍තික්ෂේප කල හැකිය. XV. ඉල්ලා ඇති තොරතුරු හෙලිදරව් කිරීම පාර්ලිමේන්තු වරප්‍ර‍සාද උල්ලංඝනය කිරීමක් හෝ පළාත් සභා වරප්‍ර‍සාද උල්ලංඝන වන අවස්ථාවකදී එම තොරතුරු ලබාදීම ප්‍ර‍තික්ෂේප කල හැකිය. XVI. ඉල්ලා ඇති තොරතුරු තීරණයක් ගෙන නොමැති අමාත්‍ය මණ්ඩල සංදේශයක් සම්බන්ධයෙන් වන විට එම තොරතුරු ලබාදීම ප්‍ර‍තික්ෂේප කල හැකිය. XVII. මැතිවරණ නීතිමගින් රහසිගතව තැබීමට නියමකර ඇති තොරතුරු ඉල්ලා ඇති විටක එවැනි තොරතුරු ඉල්ලීමක් ප්‍ර‍තික්ෂේප කල හැකිය. XVIII. ඉල්ලා ඇති තොරතුරු විභාගවලට අදාලව රහසිගතව තබාගත යුතු තොරතුරු වන්නේ නම් එවැනි තොරතුරු ලබාදීම ප්‍ර‍තික්ෂේප කල හැකිය. එසේ වුවත් එම තොරතුරු ලබාදීමෙන් සිදුවන මහජන යහපත තොරතුරු ලබාදීමෙන් සිදුවන හානියට වඩා වැඩිනම් එවැනි තොරතුරු ඉල්ලීමක් ප්‍ර‍තික්ෂේප නොකල යුතු බව පනතේ 5 (4) වගන්තිය දක්වා සිටියි. තොරතුරු ලබාගැනීමේ පියවරයන් මොනවාද ? තොරතුරු සඳහා ප්‍රවේශ විය හැකි ආකාර මොනවාද ? (අ) අදාල වැඩ,ලේඛන ,වාර්තා අධික්ෂනය කිරිම සඳහා , (ආ) අදාල ලේඛන හෝ වාර්තා වලින් සටහන් ,උද්දෘත හෝ සහතික පිටපත් ලබා ගැනීම, (ඇ) අදාල ද්‍රව්‍යයන්ගේ සහතික නිර්දේශ ලබා ගැනීම, (ඈ) එම තොරතුරු පරිගණක හෝ වෙනත් යම් උපාංගයක ගබඩා කර ඇති අවස්ථාවකදී ,ඩිස්කට්,ප්ලොපි,පටි,දෘෂ්‍ය,කැසට් පට හෝ වෙනත් යම් විද්‍යුත් ක්‍රමයකින් හෝ මුද්‍රිත පිටපත් වශයෙන් තොරතුරු ලබා ගැනීම.
අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා අද මධ්‍යම රාත්‍රියේ සිට අත් හිටුවීමට තීරණය කළ බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩ මහතා පවසයි. ඒ අනුව පළාත් තුළ පමණක් ප්‍රවාහන පසුකම් සිදු වන අතර අන්තර් පළාත් ප්‍රවාහනය අද මධ්‍යම රාත්‍රීයේ නතර වේ. මීට පෞද්ගලික හා ලංගම සියලු බස් රථ ඇතුලත් වෙයි දිනකට අන්තර් පළාත් අතර ප්‍රවාහන බස් රථ 3500 ධාවනය වන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි. Share Facebook Twitter Pinterest WhatsApp Previous articleදිස්ත්‍රික්ක හතරක ග්‍රාම සේවා වසම් හයක් හුදකලා කරයි Next articleපළාත් අතර සංචරණය සීමා කර ඇති විට අතුරුමාර්ග භාවිත කරමින් වෙනත් පළාත්වලට යන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර
මධ්‍ය-බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අතිශයින් චණ්ඩ සුළි කුණාටුව (‘ෆොනී’) මැයි 03 වන දින පෙ.ව. 02.30 වන විට යාපනය සිට ඊසාන දෙසින් කි.මී.1140 පමණ දුරින් ස්ථානගතව පවතී. මෙම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් උතුරට බරව ඊසාන දෙසට ගමන් කරනු ඇතැයි අනුමාන කෙරේ. මේ නිසා මෙම පද්ධතියෙන් දිවයිනට වන බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතී. දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරුමැද, වයඹ,ඌව සහදකුණුපළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මි.50 දක්වා තද සුළං බලාපොරොත්තුවේ. සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර,ඌව සහ වයඹ පළාත්වලවිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී.100-150 පමණ තද වර්ෂාපතනයන්දඇති විය හැක. නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් මුහුදු ප්‍රදේශ වල තදවැසි ඇති විය හැක. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 35-45 පමණ වේ.සුළගේ වේගයවිටින් විට පැ.කි.මී 60 දක්වා වැඩි විය හැක. ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකළපුව දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී 50-60 දක්වා වන සුළං බලාපොරොත්තු වන අතර විටින් විට හමන පැ.කි.මී 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං සමඟ මුහුදු ප්‍රදේශ ඉතා රළු වේ. පිලිබඳ අවධානය යොමුකරන ලෙස ධීවර හා නාවුක ප්‍රජාවගෙන්ඉල්ලා සිටිනු ලැබේ. සුළි කුණාටු පද්ධතියේ කේන්ද්‍රයේ සිට කි.මී. 300 දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයපැ.කි.මී 150-160 දක්වා වන අතර විටින් විට පැ.කි.මී 200 දක්වා වැඩි විය හැක. මැයි මස 03 වන දින සිට 04වන දින දක්වා මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වනවෙරළ ආසන්න මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ මීටර්.2.5-3.5ක් පමණ ( මෙය ගොඩබිමට එන රළ උස නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතී. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.ක Tweet on Twitter Share on Facebook Google+ Pinterest Previous Article ETI ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ පාලිත, උපපාලිත සහ ආයෝජන වත්කම් විකිණීම Next Article එක්සත් ජාතීන් ශ්‍රී ලංකා රජය ශක්තිමත් කිරීමට ඇප කැප වී සිටිනවා – UN නියෝජ්‍ය මහ ලේකම් Recommended For You දේශීය ලොකු ළුැණු වගාවත් හාන්සි වෙන ලකුණු ඖෂධ නියාමන අධිකාරියේ ගැහිලි ගැන ඇමැති චන්නගේ දැඩි අවධානය IOC ඉන්ධන මිල අහසටම නග්ගයි ! ජනපතිගෙන් ‘කිරි ගොවියාට කිරි ඉතිරෙන‘ නියෝගයක් මහ කන්නයේ වී අස්වැන්න 50%කින් අඩුවෙලා – ගොවීන් මැසිවිලි නගයි මේ වන විට යුක්රේනයේ නවතම තත්ත්වය කුමක් ද? About the Author: Editor Search for: Archives Archives Select Month August 2022 (3) March 2022 (2) February 2022 (155) January 2022 (194) December 2021 (239) November 2021 (256) October 2021 (203) September 2021 (234) August 2021 (252) July 2021 (276) June 2021 (303) May 2021 (300) April 2021 (200) March 2021 (297) February 2021 (272) January 2021 (315) December 2020 (307) November 2020 (360) October 2020 (363) September 2020 (359) August 2020 (380) July 2020 (320) June 2020 (307) May 2020 (333) April 2020 (390) March 2020 (421) February 2020 (405) January 2020 (530) December 2019 (563) November 2019 (555) October 2019 (724) September 2019 (605) August 2019 (529) July 2019 (590) June 2019 (548) May 2019 (665) April 2019 (575) March 2019 (48) Follow Us Stay updated via social channels Tags AG NEWS agriculture Business COPE COVID 19 Economy Entertetment fashion Featured GAJABA NAGAWATHTHA GOSSIP health HM NEWS INTERNATIONAL JVP KARU JAYASURIYA NEWS FM NEWS PUBLIC parliament pmd news POLITICAL POLITICAL NEWS Prime media PR MEDIA PR NEWS public news sajith pramadasa Sanath M Bandara santh m bandara sl army commander slarmy news sl cricket Sl CRICKET - WOMAN TEAM SLFP - SLPP sl vs west 2020 sl v west Sport unhcr unp Week in Pictures Wimal Weerawansa woman women ජනපති ‍fashion දුරකථනය: +94-766-109836 විද්‍යුත් තැපෑල: bhathiyabarukanda@gmail.com © සියලුම හිමිකම් ඇවිරිණි. මෙම වෙබ් අඩවියේ පළවන ලිපි අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් වන අතර එම ආචාරධර්ම උල්ලංඝනය කරමින් නීතිවිරෝධීව උපුටාගන්නන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරනු ඇත.
නැව් තැනීම, විදුලි බලය, ප්‍රවාහනය, ඉදිකිරීම්, පතල් කැණීම්, විදුලි සංදේශ සහ උපකරණ ස්ථාපනය කිරීම, එසවීම, අදින්න යන අංශවල මට්ටම් දාම බ්ලොක් සහ ලිවර් බ්ලොක් බහුලව භාවිතා වේ. අත් ඔසවා තැබීම ආරක්ෂිත, විශ්වාසදායක, කල් පවතින, හොඳ කාර්ය සාධනය, අලුත්වැඩියා කිරීමට පහසුය, කුඩා පරිමාව, සැහැල්ලු බර, රැගෙන යාමට පහසුය, එතරම් අතින් බලයක් සහ ඉහළ කාර්යක්ෂමතාවයක් නැත, පරිපූර්ණ ව්‍යුහය සහ අලංකාර පෙනුම. අත් දාම එසවීම සහ එසවීම අත්පොත එසවීම ලෙස හැඳින්වේ. එය මිනිසුන් විසින් බර ඉසිලීම සඳහා භාවිතා කරන අතර එය මෙහෙයුම් හසුරුව දීර් extended නොකළ යුතුය. මෙහෙයුම් ක්‍රියාවලියේදී ඉතිරි හසුරුව නොමිලේ පසු විපරමක් විය යුතු නමුත් අවහිර නොකළ යුතුය. කරුණාකර බර අනුව සුදුසු තෝරන්න. පරීක්ෂණයක් විස්තර HSH SERIES LEVER HOIST එච්එස්එච් ශ්‍රේණියේ ලීවර එසවීම යනු අතේ ගෙන යා හැකි සහ විවිධාකාරයෙන් අතින් ක්‍රියාත්මක වන පැටවුම් සහ ඇදීමේ උපකරණයක් වන අතර එය පතල්, නැව් ගොඩනැඟිලි, ප්‍රවාහනය, යාන්ත්‍රික කොටස් ඇදගෙන යාමේ හැකියාව ඇත. විශේෂයෙන් ඉහළ වාතයේ සෑම සීමිත පටු ස්ථානයකටම පොළොවට ඉහළින් සහ ඕනෑම කෝණයකින් ඇද ගැනීම සඳහා සුවිශේෂී වාසි ඇත. පරීක්ෂණයක් විස්තර  වසර 10 ක පළපුරුද්දක් ඇති සමාගමක් ලෙස, අපි වඩාත් වෙහෙස මහන්සි වී සම්පූර්ණ පලංචියේ විසඳුම් ඔබට ලබා දෙන්නෙමු. අපගේ පුවත් පත්‍රයට දායක වන්න අපගේ නිෂ්පාදන හෝ මිල ලැයිස්තුව පිළිබඳ විමසීම් සඳහා කරුණාකර අප වෙත යන්න, එවිට අපි පැය 24 ක් තුළ සම්බන්ධ වන්නෙමු.
හෙට (11) දිනයේ යුක්‍රේන සංචාරකයින් 209 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පින්නවල අලි අනාථාගාරය නැරඹීම සදහා යාමන නියමිතව තිබුණද එම සංචාරය අවලංගු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උදයංග වීරතුංග මහතා පවසන්නේ අදාල සංචාරය සදහා යුක්‍රේන සංචාරකයන් විසින් රුපියල් හයලක්ෂ විසි හත්දහසක මුදලක් ප්‍රවේශපත්‍ර සදහා ගෙවීමට නියමිත නමුත් ඒ සදහා ලැබිය යුතු සේවාවන් නොලැබෙන තත්ත්වයක් උදාවී ඇති බවයි. මේ හේතුවෙන් මෙම සංචාරය අවලංගු කිරීමට තීරණය කල බවද යුක්‍රේන සංචාරක ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක උදයංග වීරතුංග මහතා පවසනවා. යුක්‍රේන ජාතිකයන් මීට පෙර සංචාරයේ නිරතවීමට නියමිතව තිබූ දඹුල්ල හා මහනුවර සංචාරයන්ද අවලංගු කෙරුණා. RECENT ARTICLES - SINHALA දේශබන්දුව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ජාලිය යටගම - November 29, 2022 0 පසුගිය මැයි 9 වනදා ගාලු මුවදොර "ගෝඨා ගෝ ගම" අරගලයට පහර දීමේ සිද්ධිය අදාළ නඩුවේ සැකකරුවෙකු වන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය... ඉලෝන් මස්ක් ළඟත් මහින්දගේ වශී බෝලයක් නිරෝෂ් මෛත්‍රි - November 29, 2022 0 ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලෝන් මස්ක් සිය නිල ට්විටර් ගිණුමේ තමන්ගේ නිදන කාමරයේ ඇඳ අභියස ඇති දෑ පිළිබදව ඡායාරූපයක් පලකර තිබෙනවා. අදත් ගාලු මුවදොරෙන් පිරිමි මළ සිරුරක් හමුවෙයි ජාලිය යටගම - November 29, 2022 0 ගාලු මුවදොර පිටියේ කොඩි කණුව අසල තිබී පිරිමි මළ සිරුරක් හමුව තිබෙනවා. පොලීසිය කියා සිටියේ එම මියගොස් සිටින පුද්ගලයා... RECENT ARTICLES - ENGLISH Doctors’ retirement age: Cabinet issued notices to appear before the Court ජාලිය යටගම - November 28, 2022 0 The Court of Appeal today issued notices to the Cabinet to appear before the Court over the decision to set the compulsory... Immigration Department instructed to provide documents related to MP Diana Gamage’s citizenship ජාලිය යටගම - November 28, 2022 0 The Court of Appeal instructed the Controller General of Immigration and Emigration to submit documents related to State Minister Diana Gamage's citizenship. Relief for electricity bill of Sri Dalada Maligawa Rizwana Hasan - November 27, 2022 0 A relief has been given to the massive Rs. 2.7 million electricity bill of Sri Dalada Maligawa. Earlier, Diyawadana...
යෝජනා ක්‍රියාත්මක කිරිමේදි පාර්ලිමේන්තුව සතුටුදායක ප්‍රගතියක් අත්කර ගැනිමට නොහැකි වී ඇතැයි ජනපති පෙන්වා දෙයි නොවැම්බර් 3, 2022 නොවැම්බර් 4, 2022 වෙබ් සංස්කාරක - AK 0 Comments Implementation of proposals, Parliament මෙරට දිගු කාලීන ක්‍රමික වෙනස්කම් ඇති කිරිමේ යෝජනා ක්‍රියාත්මක කිරිමේදි තවමත් සතුටුදායක ප්‍රගතියක් ලබාගැනිමට නොහැකි වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ Read more විදෙස් පුවත් ඉම්රාන් ඛාන් ඝාතන උත්සහයක් නොවැම්බර් 3, 2022 නොවැම්බර් 4, 2022 වෙබ් සංස්කාරක - AK 0 Comments Assassination of Imran Khan, Former Prime Minister of Pakistan පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා වෙඩි වැදිමකින් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. එරට නැගෙනහිර වසිරාබාද් නගරයේ විරෝධතා පාගමනක් Read more දේශීය පුවත් ව්‍යාපාරික පුවත් ශ්‍රි ලංකාව සහ පකිස්ථානය අතර වෙළද ආර්ථික හා ආයෝජන සම්බන්ධතා ශක්තිමත් කිරිමට පියවර නොවැම්බර් 3, 2022 නොවැම්බර් 4, 2022 වෙබ් සංස්කාරක - AK 0 Comments Business Economics and Investments, With Pakistan ශ්‍රි ලංකාව සහ පකිස්ථානය අතර ද්විපාර්ශවික වෙළද ආර්ථික හා ආයෝජන සම්බන්ධතා ශක්තිමත් කිරිමට පියවර ගැනේ. අමාත්‍ය නලින් ප්‍රනාන්දු සහ මෙරට Read more දේශීය පුවත් හෙරොයින් කිලෝ 25ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට නොවැම්බර් 3, 2022 නොවැම්බර් 4, 2022 වෙබ් සංස්කාරක - AK 0 Comments Heroin හෙරොයින් කිලෝ 25ක් පොළිස් භාරයට ගැනේ. එවා සමග පුද්ගලයින් දෙදෙනෙකු කොග්ගල ප්‍රදේශයෙදි අත්අඩංගුවට ගත් බව පොළිසිය කියයි. අම්බලන්ගොඩ පොළිසිය වැඩිදුර Read more දේශීය පුවත් ප්‍රධාන පුවත් මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව ශ්‍රි ලංකාවේ නිල ණය හිමියන් සමග සාකච්ඡා කරයි නොවැම්බර් 3, 2022 නොවැම්බර් 4, 2022 වෙබ් සංස්කාරක - AK 0 Comments Central Bank, Ministry of Finance, Official Creditors of Sri Lanka ශ්‍රි ලංකා බළධාරින් සහ ශ්‍රි ලංකාවේ නිල ණය හිමියන් සමග සකාච්ඡාවක් අද පැවැත්විණි. භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන Read more දේශීය පුවත් ව්‍යාපාරික පුවත් විදේශිය ආයෝජකයන් දිරිගැන්වීමට ඉදිරි අයවැය මගින් සහන නොවැම්බර් 3, 2022 නොවැම්බර් 4, 2022 වෙබ් සංස්කාරක - SD 0 Comments Budget, Encouraging Foreign Investors 2023 අයවැය මගින් රට ස්ථාවර කිරීම සදහා වන ප්‍රතිපත්ති සහ නීති හා රෙගුලාසි ලිහිල් කිරීම් කිහිපයක් සිදු කෙරෙනු ඇති බවට Read more දිවිය හා කලාව දේශීය පුවත් විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර විවාහයට ඇති බාධා ඉවත් කිරීමට පියවර නොවැම්බර් 3, 2022 නොවැම්බර් 4, 2022 වෙබ් සංස්කාරක - SD 0 Comments Marrying Foreigners, No Problems විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර විවාහ ලියාපදිංචියට පවතින බාධා ඉවත් කිරීමට රජය පියවර ගනී. පවතින එවැනි බාධා ඉවත් කරන ලෙස Read more දේශීය පුවත් ප්‍රධාන පුවත් සියලු‍ පාර්ලිමේන්තු කමිටු අයවැයට පෙර පත් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් නොවැම්බර් 3, 2022 නොවැම්බර් 4, 2022 වෙබ් සංස්කාරක - SD 0 Comments All Parliamentary Committees, Before Budget මෙතෙක් පත් කර නැති සියලු‍ පාර්ලිමේන්තු කමිටු අයවැයට පෙර පත් කර අවසන් කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මහ
බලශක්ති සම්බන්ධ කිරීම. අර්ථ දැක්වීම. (1) මාරු කිරීම ශක්තිය catabolism සිට anabolism දක්වා, හෝ මාරු කිරීම ශක්තිය exergonic ක්‍රියාවලියේ සිට endergonic ක්‍රියාවලිය දක්වා. (2) නොමිලේ ශක්තිය (ATP ජල විච්ඡේදනය වෙතින්) සම්බන්ධ වී හෝ ක්‍රියාකාරීව සම්බන්ධ කර ඇත ශක්තිය වෙනත් රසායනික ප්රතික්රියාවක අවශ්යතා. එසේම දැනගත යුතු වන්නේ, බලශක්ති සම්බන්ධ කිරීමේ උදාහරණය කුමක්ද? සක්රිය කිරීම ශක්තිය එක් ප්‍රතික්‍රියාවක සිට තවත් ප්‍රතික්‍රියාවකට මෙම ස්වයංසිද්ධ මාරුව ලෙස හැඳින්වේ බලශක්ති සම්බන්ධ කිරීම. එක බලශක්ති සම්බන්ධ කිරීමේ උදාහරණය ATP භාවිතා කිරීම සෛලීය ක්‍රියාකාරිත්වය සඳහා අතිශයින් වැදගත් වන ට්‍රාන්ස්මෙම්බ්‍රේන් අයන පොම්පයක් ඇතුළත් වේ. ඒ හා සමානව, ජීව විද්‍යාවේදී සම්බන්ධ කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? සම්බන්ධ කිරීම. සිට ජීව විද්යාව- මාර්ගගත ශබ්දකෝෂය | ජීව විද්යාව- මාර්ගගත ශබ්දකෝෂය. සම්බන්ධ කිරීම. (විද්‍යාව: ජෛව රසායනය) පොදු අතරමැදියක් මගින් ස්වාධීන ක්‍රියාවලි දෙකක් සම්බන්ධ කිරීම, උදාහරණයක් ලෙස සම්බන්ධ කිරීම ඉලෙක්ට්‍රෝන ඔක්සිකාරක පොස්පරීකරණයට ප්‍රවාහනය කිරීම හෝ atp adp ප්‍රවාහන ක්‍රියාවලි බවට පරිවර්තනය කිරීම. ඉහත හැර, බලශක්ති සම්බන්ධ කිරීමේ ප්‍රතික්‍රියාව යනු කුමක්ද? බලශක්ති සම්බන්ධ කිරීම: බලශක්ති සම්බන්ධ කිරීම විට සිදු වේ ශක්තිය එකක් විසින් නිෂ්පාදනය කරන ලදී ප්රතික්රියාව නැතහොත් පද්ධතිය තවත් එකක් ධාවනය කිරීමට භාවිතා කරයි ප්රතික්රියාව හෝ පද්ධතිය. endergonic: විස්තර කිරීම a ප්රතික්රියාව අවශෝෂණය කරන (තාපය) ශක්තිය එහි පරිසරයෙන්. exergonic: විස්තර කිරීම a ප්රතික්රියාව නිදහස් කරනවා කියලා ශක්තිය (තාපය) එහි පරිසරයට. ජීව විද්යාවේ ATP යනු කුමක්ද? ජනිත ප්රභාසංස්ලේෂණ ක්රියාවලිය. ජනිත ප්රභාසංස්ලේෂණ ක්රියාවලිය (ATP) ජීව විද්‍යාඥයින් විසින් ජීවයේ බලශක්ති මුදල ලෙස සැලකේ. අප කරන සෑම දෙයක් ගැනම කිරීමට අවශ්‍ය ශක්තිය ගබඩා කරන්නේ අධි ශක්ති අණුවයි. මාතෘකාව මගින් ජනප්රියයි තර්ක ශාස්ත්‍රයේ ද්වි කොන්දේසි ප්‍රකාශයක් යනු කුමක්ද? අපි මේ ආකාරයට කොන්දේසි සහිත ප්‍රකාශ දෙකක් ඒකාබද්ධ කළ විට, අපට ද්වි කොන්දේසියක් ඇත. අර්ථ දැක්වීම: කොටස් දෙකම එකම සත්‍ය අගයක් ඇති විට ද්වි කොන්දේසි සහිත ප්‍රකාශයක් සත්‍ය ලෙස අර්ථ දැක්වේ. ද්වි කොන්දේසි සහිත p q නියෝජනය කරන්නේ 'p නම් සහ q නම් පමණි', එහිදී p යනු උපකල්පනයක් වන අතර q යනු නිගමනයකි සම්බන්ධිත ප්‍රස්ථාරය යනු කුමක්ද යන්න උදාහරණයෙන් පැහැදිලි කරන්න? සම්පූර්ණ ප්‍රස්ථාරයක, ප්‍රස්ථාරයේ සෑම තනි සිරස් යුගලයක් අතර දාරයක් ඇත. දෙවැන්න සම්බන්ධිත ප්‍රස්ථාරයක උදාහරණයකි. සම්බන්ධිත ප්‍රස්ථාරයක, ප්‍රස්ථාරයේ සෑම ශීර්ෂයකින්ම ප්‍රස්ථාරයේ අනෙක් සෑම ශීර්ෂයකටම මාර්‍ගයක් ලෙස හැඳින්වෙන දාර මාලාවක් හරහා ලබා ගත හැක ඔස්මෝසිස් විසරණය සහ පහසු විසරණය අතර වෙනස කුමක්ද? ජලය එක් සෛලයකින් තවත් සෛලයකට ගමන් කරන විට ද ඔස්මෝසිස් හට ගනී. අනෙක් අතට පහසු විසරණය සිදු වන්නේ සෛලය වටා ඇති මාධ්‍යය සෛලය තුළ ඇති පරිසරයට වඩා අයන හෝ අණුවල ඉහළ සාන්ද්‍රණයක පවතින විටය. විසරණ අනුක්‍රමණය හේතුවෙන් අණු අවට මාධ්‍යයේ සිට සෛලය තුළට ගමන් කරයි 6 20 සඳහා සරලම ආකෘතිය කුමක්ද? 6/20 සරලම ආකෘතියට සරල කරන්න. 6/20 අඩුම කොන්දේසි වලට ඉක්මනින් සහ පහසුවෙන් අඩු කිරීමට ඔන්ලයින් සරල භාග කැල්ක්යුලේටරය. 6/20 සරල කළ පිළිතුර: 6/20 = 3/10 ඔක්සිකාරක උපද්‍රව සංකේතයෙන් අදහස් කරන්නේ කුමක්ද? ඔක්සිකරණය. වෙනත් රසායනික ද්‍රව්‍ය සමඟ තාපජ ලෙස ප්‍රතික්‍රියා කරන රසායනික ද්‍රව්‍ය සහ සූදානම සඳහා වර්ගීකරණයකි. ඔක්සිකරණය සඳහා පෙර සංකේතය ප්‍රතිස්ථාපනය කරයි. සංකේතය රවුමකට උඩින් දැල්ලකි විද්යාව ප්රවණතා විද්යාව මහාද්වීපික බෙදීම සෑදෙන භූගෝලීය ලක්ෂණය කුමක්ද? මහාද්වීපික බෙදීම යනු ප්‍රධාන වශයෙන් පැසිෆික් සාගරය සහ අත්ලාන්තික් සාගරය (නැගෙනහිර කොටස් ආක්ටික් සාගරය, මෙක්සිකෝ බොක්ක සහ කැරිබියන් මුහුද දක්වා දිවෙන නමුත්, ප්‍රධාන සාගර දෙකෙන් එක් එක් ප්‍රධාන සාගර දෙකෙන් ජලය බැස යන ජල පෝෂක කොටස් වෙන් කරන කඳු වලින් බොහෝ දුරට සෑදී ඇත. ) විද්යාව රිබාර් තාප පිරියම් කළ හැකිද? Rebar සියළුම විවිධ ශ්රේණි වලින් සාදා ඇති අතර, එය අඛණ්ඩව තාප පිරියම් කිරීම කළ නොහැකිය. ඔබට හොඳ පිහියක් අවශ්‍ය නම්, දේශීය සීරීම් වත්තට ගොස්, මෝටර් රථවලින් පැරණි දඟර උල්පත් සහ කොළ උල්පත් කිහිපයක් ගන්න. ඒවා 5160 වානේ, එය තරමක් උසස් තත්ත්වයේ, නමුත් ඕනෑම බැරෑරුම් වැඩක් කිරීමට පෙර එය ඉවත් කිරීමට වග බලා ගන්න විද්යාව විද්‍යාව සහ සමාජ විද්‍යාව අතර සම්බන්ධය කුමක්ද? විද්‍යාව (පිරිසිදු, ස්වාභාවික හෝ භෞතික විද්‍යාව ලෙසද හැඳින්වේ) සහ සමාජ විද්‍යාව යනු එකම විද්‍යාත්මක ආකෘතියක් සහ ඒවායේම පොදු නීතිවල සංරචක සමඟ කටයුතු කරන විද්‍යාව වර්ග දෙකකි. විද්‍යාව ස්වභාවධර්මය අධ්‍යයනය කිරීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන අතර සමාජ විද්‍යාව මානව හැසිරීම් සහ සමාජයන් පිළිබඳව සැලකිලිමත් වේ
ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, ස්වකීය පාරිභෝගිකයින්ගේ දැනුම උරගාමින් පැවැත්වූ 27 වන ” හච් දැනුමයි මිලියනයයි” ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ ජයග්‍රාහකයින් හට මිලියනයක මුදල් ත්‍යාග පිරිනැමීම කොළඹ පිහිටි හච් මූලස්ථානයේ දී පසුගියදා පැවැත්විණි. මෙහි පළමු ත්‍යාගය හිමිකර ගැනීමට අතුරුගිරියේ පදිංචි කේ.එල්.එස්.කුමාර මහතා සමත්වූ අතර දෙවැනි සහ තුන්වැනි ත්‍යාග සීදූව පදිංචි ඒ.ඒ.එම්.සී.ප්‍රේමලාල් මහතා සහ බුත්තල පදිංචි ජී.එච්.එස්.ඒ.ශාන්ත මහතා දිනා ගන්නා ලදී. hSenid Mobile Solutions අනුබද්ධ Beyond M, මෙම වැඩසටහන් මාලාවේ මාධ්‍ය සහ සේවා හවුල්කරු වේ. Beyond M යනු, ලොව පුරා ව්‍යාප්ත පාරිභෝගික ජාලයක් සතු මෘදුකාංග නිෂ්පාදන සහ සේවාවන් සපයන සමාගමකි. දැනුමයි මිලියනයයි යනු මාස 6 කාලපරිච්ඡේදයක් පුරා දිවෙන ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් වන අතර පාරිභෝගිකයින් හට SMS, web හෝ දැනුමයි මිලියනයයි app ඔස්සේ ඒ සඳහා සහභාගී විය හැක. දිනකට රුපියල් 5ක් වැනි සුළු මුදලකට ලියාපදිංචි වීමෙන් ඕනෑම අයෙකුට තරඟයට සහභාගී විය හැකි අතර බෝනස් ප්‍රශ්න වලට පිළිතුරු දීමෙන් තම ලකුණු මට්ටම ඉහළ නංවා ගැනීමටද හැකියාව පවතී. මෙය සහභාගී වන සියලු දෙනාට සමාන දිනුම් අවස්ථා සහ ඉහළ ප්‍රතිලාභ ලබාදෙන තරඟයකි. මේ සඳහා සහභාගි වීමට කැමැත්තෙන් සිටිනා හච් පාරිභෝගිකයින් හට සිය ජංගම දුරකතනය මගින් WIN ලෙස type කර 6633 ට SMS කිරීම මඟින් හෝ play store මගින් Danumai Miliyanayai app ඩවුන්ලෝඩ් කර ඒ සඳහා ලියාපදිංචි වියහැක. මාස හයක් අවසානයේ දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයින් තිදෙනෙක් තෝරා ගනු ලබන අතර ඒ සඳහා සුදුසුකම් ලබන්නේ වැඩිම ලකුණු ලාභීන් පමණි. ඡායාරූප විස්තර : හච් හි VAS කළමණාකාර මනෝජ් බෙනිල්ඩස් මහතා, හච් දැනුමයි මිලියනයයි වැඩසටහනේ ජයග්‍රාහකයා වන අතුරුගිරියේ පදිංචි කේ.එල්.එස්.කුමාර මහතා සහ hSenid Mobile Solutions VAS හි ප්‍රධානී දනසිරි විජේදාස මහතා සමඟින් හච් හි VAS කළමණාකාර මනෝජ් බෙනිල්ඩස් මහතා, හච් දැනුමයි මිලියනයයි වැඩසටහනේ දෙවැනි ජයග්‍රාහකයා වන සීදූව පදිංචි ඒ.ඒ.එම්.සී.ප්‍රේමලාල් මහතා සහ hSenid Mobile Solutions VAS හි ප්‍රධානී දනසිරි විජේදාස මහතා සමඟින් හච් හි VAS සහකාර කළමණාකාර කසුන් ජයසූරිය මහතා, හච් දැනුමයි මිලියනයයි වැඩසටහනේ තෙවැනි ජයග්‍රාහකයා වන බුත්තල පදිංචි ජී.එච්.එස්.ඒ.ශාන්ත මහතා සහ hSenidMobile Solutions හි ගිණුම් කළමණාකාර ඉසුරු එදිරිමාන්නගේ මහත්මිය සමඟින් Share LEAVE A RESPONSE Cancel reply Your email address will not be published. Required fields are marked * Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Author View all posts Post navigation Previous PostBritish Council Active Citizens Programme contributes to environmental protection in Chilaw Next PostKonekt inspires business growth with innovative IT Solutions You Might Also Like Uncategorised Attracting world-class talent with world-class challenges, and innovating nonstop for a greener intelligent world Author Uncategorised Konekt inspires business growth with innovative IT Solutions Author Uncategorised ஒவ்வொரு Nova 7 SE மற்றும் Nova 7i கொள்வனவுடனும் வாடிக்கையாளர் மீது பரிசு மழையை பொழியும் Huawei Author Uncategorised The American Chamber of Commerce Sri Lanka and Habitat for Humanity Sri Lanka joins hands for a Humanitarian Emergency Relief mission, inaugurated by U.S Ambassador Julie J. Chung Author Search for: Recent Posts How global MNCs can help bring in USD into Sri Lanka With Emirates Celebrate the 51st UAE National Day Spectrum Trading Company and Lanka IOC introduce SERVO ecoPLUS, an affordable, eco-friendly lubricant for all types of vehicles
දවස 2011 අප්‍රේල් තුන් වෙනිදා.... තිඹිරිගස්යායේ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනයට අපි කවුරුත් එකතු වෙන්නෙ විනෝද වෙන්න.... දැනටමත් එහි සියල්ල සූදානම්.... ඔබ වෙනුවෙන් වූ තරඟ, තෑගි, දිවා ආහාර, ඩීජේ සංගීතය ආදී මෙකී නොකී ගොඩාක් දේවල් සියල්ල ඔබ වෙනුවෙන් සූදානම් වෙමින් සිටින්නේ... එදාට එන්න... අපි විනෝද වෙමු ගොඩාක්.... ඒත් අපි විනෝද වෙද්දි අපේ එකෙක්... ඔව් අපේ එකෙක් තමයි.... අපි වගේම බ්ලොග් එකක් ලියාගෙන මූණු පොතෙන් හඳුනාගෙන තවත් එක් සුන්දර සයිබර් මිතුරෙක් වෙච්ච අපේ ඉලංදාරි කොල්ලා, දෛවය හරස් වෙච්ච ඔහුගේ ජීවිතය ජය ගන්න සටන් කරන්න පටන් අරන්... එහෙව් ඌ තනිකරලා අපිට විනෝද වෙන්න පුළුවන්ද? ඔබට පුළුවන්ද? අපි හිතන්නෙ බෑ.... මිනිස්කමේ සුවඳින් පිරිච්ච ශ්‍රී ලාංකික අපේ හදවත් ඉලංදාරියා අමතක කරලා විනෝද වෙන්න අපිට ඉඩ දෙන්නෙ නෑ කියලා අපි දන්නවා..... ඉතින් මේ සයිබර් උළෙළ ඉලංදාරියා සනීප කරන ව්‍යාපෘතියක් බවට පත් කරන්න අපි තීරණය කලා... සයිබර් උළෙලට අවශ්‍ය සියළු වියදම් අපි දැනට හොයාගෙන අවසන්.... ඒ නිසා මේ අවස්ථාවෙන් එහාට ලැබෙන හැම සතයක්ම අපි ඔහු වෙනුවෙන් ලබා දෙන්න සූදානම්.... අද පටන් මේ සයිබරයේ සිහින උළෙල දැවැන්ත ව්‍යාපෘතියක්.... බ්ලොග් ලියන කියවන අපි ඔයාලගේ හිතේ හයියට අරුතක් එකතු කරන පින්වත් මංගල්‍යයක්.... අපේ ධෛර්යය සතුටු කඳුළු කරන්නට අපි එක් සිතින් පියවර තබමු...... වැඩේ වෙන්නෙ මෙහෙමයි.... පළවෙනි සහ මූලික පියවර ලෙස අපි දකින්නේ අපි විසින්ම ඔහු වෙනුවෙන් පෞද්ගලිකවම කරන්නට අදහස් කරන පරිත්‍යාග.... අප්‍රේල් තුන්වෙනිදාට හෙන්රි පේද්‍රිස් පිට්ටනියේ තිබෙන ආධාර පෙට්ටියට ඔබට කැමති ඕනෑම ගනනක් දාන්න පුළුවන්.... ඔබ ඒ වෙනුවෙන් ලබා දෙන රුපියලෙන් වුවත් ගොඩ නැගෙන ජීවිතය ඔබේ ඇසට සතුටු කඳුලු ගෙනේවි.... දෙවෙනි පියවර... ඔබ වැඩ කරන ආයතනය... එහෙම නැත්නම් ඔබේ හැඳුනුම්කම් තියෙන ආයතන ඔබ හඳුනන පින්වතුන්, දාන්පතීන් මේ සියල්ල මේ සුපින්වත් අරමුණ වෙනුවෙන් ගොනුකිරීමයි.... මේ සඳහා අවශ්‍ය ලියකියවිලි පහත දැක්වෙන දුරකථන වලින් ඔබට ගෙන්නා ගන්න හැකි වේවි.... සයිබර් උළෙල සඳහා දැනටමත් අපි රුපියල් 5000.00ක බැනර් අළෙවි කරන්න අපි තීරණ කරලා තියෙනවා.... අපිට හැකි තරම් බැනර් එකතු කරන්න අපි හිතාගමු.... තුන්වෙනි පියවර... ඉහත වැඩ සටහන් දෙකට අමතරව ඔබට දිය හැකි උපකාර තමයි මේ ගනයට වැටෙන්නේ.... ඒ උපකාරයන් පහත කමෙන්ට් හරහා වැටෙයි කියලා තමයි අපි හිතන් ඉන්නේ..... එන්න එකතු වෙන්න... අපේ විනෝදය අර්ථවත් කරන්න... අද ඔහුට වුන දේ හෙට අපිට වෙන්න පුළුවන්... ඒ සැම දෙයක් වෙනුවෙන් වූ සයිබර් සහෝදරත්වය වෙනුවෙන් අත්වැල් බැද ගන්න දුවලා එන්න.... මේ බ්ලොග් පෝස්ට් එක නිමා කරන්නේ අපූරු පද පෙලකින්..... ඒක අපිට ලියලා එව්වේ රචින්ත ජයවර්ධන සොහොයුරා.... චිත්‍රෙ ඇන්දේ බුද්ධි ප්‍රසාද් සොහොයුරා.. තෙවැනි දිනට යෙදෙනා බක් මහේ සරූ සයිබර් හිතවතුන් හා එක්වෙති මිතුරූ බස් බ්ලොග් තුලින් පමණක් නොව එන කවුරූ ට්විටර් වත්පොත් ද පිලිගමු සිතින් සරූ බ්ලොග් ලුහුබැඳ කමෙන්ට් දමා කර වාද සංවාදෙන් කවුරුන් හෝ දිනුවාද? මරු කොර එළ සිරා අදහස් වැටුනාද? බ්ලොග් හිතවතුන් එදිනට හමුවෙමු නේද? මූණුපොතේ සරි කවිකම් පාමින්නා විඳීම් ලොවේ මිතුරන් එදිනට එන්නා අන්තර්ජාලෙ සාජ්ජේ ට්‍රෙන්ඩ් කරමින්නා ට්වීට් කරන්නොත් එදිනට සෙට්වෙන්නා Buzz පවුලක්ය සිත් සරියට සරිවේයා මරණේ, දිල්, තිසා අයියත් සිහිවූයා Google සිටම උන් හට හෙළ වදන් වියා Buzz සෙට් එකත් තුන්වෙනිදා එක්වේයා කර්ම ඵල සමග මිනිසුන් හට කවර නොයෙකුත් විපත් එයි මේ රුදු දිවි කතර එදිනට විත් හැකි උපරිම දෙයක් කර හිතවත් "ඉලං" හට සවියක් වෙමු මිතුර.... අපව අමතන්න... 0714449162 අභීත 0718689555 නිශාන්ත 0773652592 අසංක ඉලංදාරියා කොල්ලෝ..... අපි උඹව ගොඩ දානවා කොහොම හරි..... ප.ලි. හෙට (2011.01.31) බ්ලොග්වල ඉලංදාරියාගේ දිනය බවට තීරණය කරමු.... බ්ලොග් ලියන අපි හැමෝම ඔහු වෙනුවෙන් හෙට අපේ බ්ලොග් වල පෝස්ට් එකක් දාමු....
ඔබ programming වලට කැමති, හෝ එම ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්නෙකු නම් මේ වන විටත් Stack Overflow වෙබ් අඩවිය පිළිබඳව දන්නවා හෝ නිතරම භාවිතා කරනු ලබන වෙබ් අඩවියක් වනු ඇති බව නොඅනුමානයි. ලොව වැඩිම පිරිසක් එකතු වන වෙබ් අඩවි අතරින් 46 වැනි ස්ථානයේ සිටින මෙම Stack Overflow වෙබ් අඩවිය 2008 වර්ෂයේ සිට මේ දක්වා ලොව පුරා වෙසෙන developer වරුන්ගේ life-saving වෙබ් අඩවිය බවට පත්වී තිබෙනවා. කොහොම නමුත් මේ වන විට මෙම වෙබ් අඩවිය සහ Stack Exchange අනුබද්ධිත ‍සේවාවන් සියල්ල ඇමෙරිකානු ඩොළර් බිලියන 1.8ක මුදලකට, තාක්ෂණික කටයුතු සඳහා මුදල් ආයෝජනය කරන දැවැන්ත යුරෝපා ආයෝජකයෙකු වන Prosus N.V. ආයතනයට විකුණා දැමීමට කටයුතු කර තිබෙනවා. Prosus’s Acquisition of Stack Overflow: Our Exciting Next Chapter - Stack Overflow Blog This morning, Prosus (PROSY) has announced its intention to acquire Stack Overflow for 1.8 billion dollars. This is tremendously exciting news for our employees, our customers, our community members, and for our shareholders, and I will share a bit more about what it all means. Stack Overflow BlogPrashanth Chandrasekar මෙම නම ඉතා හුරු පුරුදු නමක් නොවුවත්, Prosus යනු ලොව පුරා විශාල වශයෙන් ආයෝජන සිදු කර ඇති සමාගමක් වන අතර, උදාහරණයක් වශයෙන් ඉතාමත් ප්‍රසිද්ධ Tencent සමාගමේ වැඩිම කොටස් ප්‍රමාණයක තනි අයිතිය හිමි වන්නේ ද මෙම Prosus සමාගමටයි. 2001 වර්ෂයේදී Prosus ආයතනයේ මව් සමාගම වන Naspers සමාගම විසින් Tencent සමාගමේ කොටස් වලින් 46.5%ක ප්‍රමාණයක් ඩොළර් මිලියන 34කට මිලදීගත් අතර, 2021 වර්ෂයේ මුල් භාගයේදී Tencent සමාගමේ මුළු කොටස් ප්‍රමාණයෙන් 2%ක ප්‍රමාණයක් ඩොළර් බිලියන 14.6ක මුදලකට නැවත අලෙවි කිරීමට කටයුතු කරනු ලැබුවා. කොහොම නමුත් Stack Overflow ආයතනයේ co-founder වන Joel Spolsky සහ එහි CEO වන Prasanth Chandrasekar ප්‍රකාශ කර සිටින ආකාරයට දැනට පවතින Stack Overflow වෙබ් අඩවියට හෝ අනුබද්ධිත සේවාවන් වලට (ඉතා කුඩා වෙනස්කම් හෝ) වෙනස්කමක් සිදු නොවනු ඇති බව වාර්තා වෙනවා. මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Stack Overflowවෙබ් අඩවිය සහ ArsTechnica වෙබ් අඩවිය භාවිතා කළ හැක. Kasun Jayarathna An introvert, a journalist at TechNews.LK ❤️ Kasun Jayarathna's Profile මේ වගේ අළුත්ම news යන එන ගමන් බලන්න, දැන්ම අපේ Mobile Apps install කරගන්න. Techie Android Techie Lite iOS Techie Windows — TechNews.LK — News විසි වසරක් සපිරෙන Madura Dictionary මිලියන 500කට අධික WhatsApp පරිශීලකයන්ගේ දත්ත වෙන්දේසියේ LinkedIn සඳහා Post Schedule කළහැකි විශේෂාංගයක් ලබාදෙන ලකුණු See all 2146 articles → Leaks 1 min read WhatsApp වෙත එකතුවීමට නියමිත අලුත් Features කිහිපයක් ගැන විස්තර Mark Zuckerberg විසින්ම අනාවරණය කරයි WhatsApp භාවිතා කරන්නන් හට නුදුරේදීම එකම WhatsApp ගිණුම එකවර Devices කිහිපයක භාවිතා කිරීමට අවස්ථාව ලබාදෙ Asela Priyadarshana වසරකට පෙර Microsoft 1 min read ජුනි 24 වැනි දින Windows වල මීළඟ සංස්කරණය එළිදැක්වීමට Microsoft සමාගම සූදානම් වෙයි Microsoft සමාගම විසින් “next generation of Windows” යනුවෙන් සංකේතවත් කරන Windows මෙහෙයුම් පද්ධති මාලාවේ මීළඟ සංස්කරණය යැ Kasun Jayarathna වසරකට පෙර Copy Article Copy Link Facebook Twitter Top Made with in Sri Lanka. Terms & Conditions Privacy Policy Correction Policy Fact-Checking Policy Advertising Policy Ethics Policy Disclaimer Help
Choose a language Choose a language Chinese Simplified Chinese Traditional Albanian Arabic Belarusian Bengali Bulgarian Cambodian Croatian Czech English Esperanto Filipino French German Greek Hausa Hebrew Hindi Hungarian Indonesian Italian Japanese Korean Laos Malay Mongol Myanmar Nepal Persian Polish Portuguese Pushtu Romanian Russian Serbian Sinhalese Spanish Swahili Tamil Thai Turkish Ukrainian Urdu Vietnamese මුල් පිටුව ප්‍රවෘත්ති ජාත්‍යන්තර අවධානය ගුවන් විදුලිය වීඩියෝ විශේෂාංග චීන සෞන්දර්යය චීන බස විමසුම සඟරාව චීනයේ මැකෞ හි පැවති ඉහළ පෙළේ ප්‍රදර්ශන 9 වන මැකෞ ව්‍යාපාරික ගුවන් ප්‍රදර්ශනය, 10 වන චීනය මැකෞ ජාත්‍යන්තර යාත්‍රා ආනයන හා අපනයන ප්‍රදර්ශනය සහ 10 වන චීනය මැකෞ ජාත්‍යන්තර මෝටර් රථ ප්‍රදර්ශනය මැකෞ හිදී පසුගියදා පැවැත්විණ.
අඟහරු ලෝකය දැන් මනුෂ්‍යත්වයේ රහසිගත පේ‍්‍රමය බවට පත්වෙලා. පෘථිවිය සමඟ මනුෂ්‍යත්වයට ඇති සම්බන්ධය ටිකෙන් ටික දුරස් වන තරමට මනුෂ්‍යත්වය අඟහරු වෙත ළංවෙන්නට පටන් අරගෙන.... Read more විද්‍යාව අඟහරු ලොවේ, සඳේ ජනාවාස හැදෙන අලූත්ම අභ්‍යවකාශ සටන සංස්කාරක - November 24, 2019 0 නව අභ්‍යවකාශ තරගය මේ වෙද්දී ලොව පුරා කතාබහට ලක්වෙන මාතෘකාවක්. එහෙත් අපි ඒ ගැන උනන්දු වෙන්න ඕනෑ ඇයි? අද හෝ හෙට ඔය...
චෙට්ටි ජාතිකයන්, නැති නම් “හෙට්ටියන්” ගැන වැඩි දෙනෙක්ට පුළුල් දැනුමක් නැහැ. පුල්ලේ, අලස්, පෙරුමාල් වගේ අපිට කොළඹ පැත්තේ නිතර අහන්න ලැබෙන නම් බොහොමයක් ශ්‍රී ලංකාවට ලැබිලා තියෙන්නේ චෙට්ටිලාගෙන්. වැඩි දෙනා සිංහල, දෙමළ හෝ බර්ගර් ජාතීන්ටම අයත් පිරිසක් විදිහට තමයි චෙට්ටිලාව සලකන්නේ. කොහොම වුණත් ඔවුනුත් ශ්‍රී ලංකාවේ ජීවත් වන අනන්‍ය ජාතියක්. ඉතින් අපි අතරේම ජීවත් වෙන මේ ජන කොට්ඨාශය ගැන වැඩිදුර තොරතුරු හොයාගෙන ගිහින් ඒ ගැන roar පාඨක ඔබවත් දැනුවත් කරන්න අපි තීරණය කළා. ශ්‍රී ලංකාවේ අද ජීවත් වන චෙට්ටි ජාතිකයන් ඉන්දියාවේ ඉඳලා පැවත එන පිරිසක්. අතීත භාරතයේ තමන් කරන රැකියාව අනුව කුල වලට බෙදීම පුළුල්ව පැතිරිලා තිබුණා. චෙට්ටිලා පාරම්පරිකව ව්‍යාපාර කටයුතු වල නිරත වෙලා හිටපු “තාන වෛශ්‍ය” කියන වෙළඳ කුලයට නෑකම් කියනවා. මුල් කාලයේ ඉන්දියාවේ උතුරු පැත්තේ තිබුණු “කූග්” (Coorg) සහ බරණැස වගේ ප්‍රදේශ වල ජීවත් වුණු මේ වෛශ්‍ය පිරිස පසු කාලීනව සිදු වුණු මෞගල් ආක්‍රමණයන්වලදී දකුණු ඉන්දියානු කලාප වෙත පලවා හැරලා. අපේ රටත් ඉන්දියාවත් අතර අතීතයේ ඉඳන්ම පැවතුණු වෙළඳ සම්බන්ධතා නිසා තමයි චෙට්ටිලා ශ්‍රී ලංකාවටත් ව්‍යාප්ත වෙලා තියෙන්නේ. අද වෙනකොට මේ චෙට්ටි ජන කොට්ඨාශය “සෙට්ටියන්”, “හෙට්ටියන්”, “එට්ටියන්” වගේ විවිධ නම් වලින් හැඳින්වෙනවා. නමුත් ඇත්තටම චෙට්ටිවරු ඉන්දියාවේ සිටුවරුන්ට නෑකම් කියන පිරිසක්. ශ්‍රී ලංකාවේ බස්නාහිර සහ වයඹ පළාත් තුළ අද වෙනකොටත් චෙට්ටිලා 150,000ක පමණ ජනගහණයක් දැක ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ චෙට්ටි ඉතිහාසය චෙට්ටිලා ඉන්දියාවේ විසූ “තාන වෛශ්‍ය” කුලයට නෑකම් කියන පිරිසක්. රූපය : Wikipedia Commons චෙට්ටිලාගේ අතීත මුතුන් මිත්තන් ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සිදු වුණු වෙළඳ ගනුදෙනු වලට සැලකිය යුතු විදිහට සහභාගී වෙන්න ඇති කියලා පිළිගැනෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියානු කලාපය අධිරාජ්‍ය පාලනයට නතු වෙලා තිබුණු කාලයේ චෙට්ටිවරු විශාල කණ්ඩායම් පිටින් ශ්‍රී ලංකාවේ පදිංචියට ඇවිත් තියෙනවා. අපේ රටේ ලිඛිත ඉතිහාස වාර්තා අනුව ශ්‍රී ලංකාවට චෙට්ටිලා සංක්‍රමණය වීම වැඩිපුරම සිදු වෙලා තියෙන්නේ පෘතුගීසී සහ ලන්දේසි පාලන කාල වලදීයි. නමුත් ඊට කලින් ඉඳලාම ඔවුන් කුඩා ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාවේ ජීවත් වුණු බව සමහර ඉතිහාස වාර්තාවල දැක ගන්න පුළුවන්. මහාචාර්ය H. එල්ලාවල මහත්මයා තමන්ගේ “Social History of Early Ceylon – අතීත ලංකාවේ සමාජයීය ඉතිහාසය” කියන පොතේ දක්වලා තියෙන විදිහට ශ්‍රී ලංකා භූමියට මුලින්ම චෙට්ටිලා පා තබලා තියෙන්නේ අපේ රටේ පළමු රජතුමා විදිහට සැලකෙන විජය කුමාරයාගේ ලංකා ආගමනයෙන් ටික කාලයක් ගත වුණාට පසුවයි. විජය කුමාරයා මෙරට රජකම ලබා ගත්තාට පස්සේ ඒ බව ඉන්දියාවට දන්වා යවලා තියෙනවා. ඉන් පස්සේ ලංකාවේ රාජධානිය හොඳින් පවත්වා ගෙන යන්න උදව්වක් වශයෙන් මදුරාපුරයේ රජකරපු ඔහුගේ පිය රජතුමා විවිධ කුල වලට අයත් විශාල පිරිසක් ලංකාව වෙත එව්වාලු. එල්ලාවල මහාචාර්යතුමාට අනුව මේ විදිහට එවපු අය අතර “තාන වෛශ්‍ය” නැත්නම් සිටු කුලයට අයත් පිරිස් බොහොමයක් ඉඳලා තියෙනවා. කාලයත් එක්ක කවුරු කවුරුත් චෙට්ටිලා, නැතිනම් “හෙට්ටින්” ශ්‍රී ලංකා ජන සමාජයේම කොටසක් විදිහට පිළිගන්න පටන් ගත්තා. සිංහල ජන ක්‍රීඩා අතර වැදගත් තැනක් ගන්න “අතුරු මිතුරු” කෙළියේදීත් හෙට්ටින් ගැන සඳහන් වෙනවා. “අතුරු මිතුරු දඹදිව තුරු රාජ කපුරු සෙට්ටියා” කියලා ඉන් කියන්නේ මේ හෙට්ටි ජන කොටස ගැනයි. “රාජ කපුරු” වගේ පද වලින් හෙට්ටියන් සහ ලංකාවේ රජ වාසල අතර තිබුණු සම්බන්ධය හොඳට පිළිබිඹු වෙනවා. වඩාත් මෑත කාලීන ඉතිහාස වාර්තා වල චෙට්ටිලා සමාජයේ බොහොම වැදගත් ව්‍යාපාරික ජන කොට්ඨාශයක් විදිහටත් හඳුන්වා දෙනවා. W. ගයිගර් මහතාගේ “Culture in Ceylon in Medieval Times – මධ්‍යතන යුගයේ ලාංකීය සංස්කෘතිය” කියන පොතේ අතීත ලේඛන වල දැක්වෙන හෙට්ටීන් සහ මධ්‍යකාලීන යුගයේ හෙට්ටීන් අතර සම්බන්ධයක් මේ විදිහට දක්වලා තියෙනවා. “ලංකාවේ ව්‍යාපාරික ජන සමාජයේ වැදගත් කොටසක් ලෙස සෙට්ටීන්ව හඳුන්වා දිය හැකිය. අතීත ජාතක කතා වල කියවෙන සෙට්ටීන්, නැතිනම් ධනවත් බැංකුකරුවන් මෙන්ම ඔවුන්ද රජවාසල සමග කිට්ටු සම්බන්ධයක් පවත්වා ගත්හ.” අනන්‍ය ජන කොට්ඨාශයක් ලෙස ඇති පිළිගැනීම චෙට්ටිලා ශ්‍රී ලංකාවේ ජීවත් වන අනන්‍ය ජන කොට්ඨාශයක් බවට නීතිමය පිළිගැනීම නම් හැම විටම ලැබුණේ නැහැ. රූපය : Hippolyte Silvaf චෙට්ටිවරුන් ශ්‍රී ලංකාවේ ජීවත් වන අනන්‍ය ජන කොට්ඨාශයක් විදිහට මුලින්ම පිළිගැනීමට ලක් වුණේ 1814 අවුරුද්දේ ඉංග්‍රීසීන් සිදු කරපු පළමු සංගණනයේදීයි. මේ නීතිමය පිළිගැනීම 1871 අවුරුද්දේ ජන සංගණනය දක්වාම පැවතුණා. නමුත් ඊට පස්සේ ඔවුන් සිංහල, දෙමළ හෝ බර්ගර් ජාතිකය්න්ගේම කොටසක් විදිහට තමයි සැලකුණේ. චෙට්ටිලා මේ විදිහට අවුරුදු 100කටත් වැඩි කාලයක් අනන්‍යතාවක් නැති ජන කොට්ඨාසයක් විදිහට ජීවත් වුණා. මේ තත්වයට වෙනසක් කරන්නට සමත් වුණේ ශ්‍රී ලංකා චෙට්ටි සංගමයේ මහ ලේකම් “ෂර්ලි පුල්ලේ තිසේරා” මහත්මයා. 1984 අවුරුද්දේදී ඔහු ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රයේ නියෝජිත තනතුරක් ලැබීමත් එක්ක චෙට්ටිවරුන්ට නැවතත් අනන්‍ය ජන කොට්ඨාශයක් කියලා පිළිගැනීමක් හිමි වුණා. ඒ අනුව 2001 අවුරුද්දේ පැවැත්වුණු මීළඟ ජන සංගණනයේ ඉඳලා චෙට්ටිවරුන් අනන්‍ය ජන කොට්ඨාශයක් විදිහට ගණනය කෙරිලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ජීවත් වුණු වැදගත් චෙට්ටිවරුන් සහ ඔවුන්ගෙන් සිදු වුණු සමාජ සේවය රී ලංකාවේ අනෙකුත් ජන කොට්ඨාශ එක්ක බැලුවාම චෙට්ටිවරුන් ඉන්නේ බොහොම සුළු පිරිසක් විතරයි. සංඛ්‍යාත්මකව ගත්තාම ඔවුන් අපේ රටේ ජනගහණයෙන් 1%කටත් වඩා අඩුයි. අතීත කාලයේ ඉඳන්ම මේ තත්වයේ සැලකිය යුතු විදිහේ වෙනසක් වෙලා නැහැ. නමුත් ඔවුන් අපේ ජන සමාජයට විශාල දායකත්වයක් නම් දක්වලා තියෙනවා. ඉතා ඈත අතීතයේ ඉඳලාම ඔවුන් රටේ වෙළඳාම වෙනුවෙන් ඉහළ දායකත්වයක් ලබා දුන්නා. අපේ රටට අවශ්‍ය දේවල් ආනයනයටත්, අපේ රටේ අතිරික්තය අපනයනයටත් ඔවුන්ගෙන් ලැබුණේ විශාල සහයෝගයක්. සාම්ප්‍රදායික බඩු භාණ්ඩ වගේම අලුත් දේවල් අපේ රටේ වෙළඳපොළට හඳුන්වා දීමේදීත් ඔවුන් ප්‍රමුඛව කටයුතු කළා. මේ නිසා චෙට්ටි ජන කොට්ඨාශය ඈත අතීතයේ ඉඳන්ම අපේ රටේ සමාජ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරපු පිරිසක් විදිහට හඳුන්වන්න පුළුවන්. මෑත කාලයේදී ඔවුන් අපේ රටේ කටයුතු වලට ලබා දුන්නු දායකත්වය ගැනත් ඕනෑ තරම් සාක්ෂි තියෙනවා. අපේ රටේ පොල් වගාවේ සංවර්ධනය වෙනුවෙන් ඇති විශාල කාර්යභාරයක් ඉටු කරපු නැසී ගිය R. I. ප්‍රනාන්දුපුල්ලේ මහතා මේකට හොඳම උදාහරණයක්. අදටත් ශ්‍රී ලංකාවේ විශාලතම ප්‍රචාරක ඒජන්සියක් වන “ග්‍රාන්ට් මැක්කෑන් එරික්සන්” (Grant McCann Erickson) ආයතනය ආරම්භ කරන්න කටයුතු කරපු දේශබන්ධු “රෙජී කන්දප්පා” මහත්මයාත් අපේ රටේ වැදගත් චෙට්ටිවරයෙක්. චෙට්ටිවරුන් ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය පුරාමත් මුල් තැනක් අරගෙන කටයුතු කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ පළමුවැනි දේශීය සිවිල් සේවකයා බවට පත් වුණු “සයිමන් කාසී චිට්ටි” (Simon Casie Chitty) මහත්මයා මුල් කාලීන චෙට්ටි දේශපාලකයන් අතර මුල් තැනක් ගන්නවා. අපේ රටේ ව්‍යවස්ථාදායක සභාවට එතුමා පත් වුණේ 1845 අවුරුද්දෙදීයි. අපේ රටේ වැදගත්ම දේශපාලකයෙක් වුණු J. R. ජයවර්ධන මහත්මයාත් චෙට්ටි කුලයකින් පැවත එන කෙනෙක්. තමන්ගේ දීර්ඝ දේශපාලනික ජීවිතය පුරාවට කැබිනට් අමාත්‍යවරයෙක්, අගමැතිවරයෙක් වගේම අපේ රටේ පළමුවැනි විධායක ජනාධිපතිවරයා විදිහටත් කටයුතු කරපු එතුමාගේ චෙට්ටි මුතුන් මිත්තන් ගැන ඔහුගේ චරිතාපදාන කතාවේ බොහොම පැහැදිලිව දක්වලා තියෙනවා. මේ ග්‍රන්ථය රචනය කෙරුණේ මහාචාර්ය K. M. ද සිල්වා මහතාගේ සහ හවර්ඩ් රිගින්ස් (Howard Wriggins) මහතාගේ එකමුතුවෙන්. J.R. ජයවර්ධන මහතා පවා චෙට්ටිවරුන්ට ලේ නෑකමක් තිබුණු කෙනෙක්. රූපය : Rajiva Wijesinha’s Blog බොහෝ දුරට ක්‍රිස්තියානි ආගමිකයන් වුණු චෙට්ටිලාට ශ්‍රී ලංකාව පුරා තිබුණු ක්‍රිස්තියානි පල්ලි ගණනාවක මූල්‍ය කටයුතු, නඩත්තු කටයුතු සහ ආගමික කටයුතු පවත්වා ගෙන යාම භාර වෙලා තිබුණා. මේ තත්වය අධිරාජ්‍ය පාලන සමයට පෙර වගේම ඉන් පසුවටත් වෙනසක් වෙලා නැහැ. මේවා අතරින් ප්‍රධානතම පල්ලි කිහිපයක් විදිහට කොළඹ 13 පිහිටි දෝල රෝසා මව්තුමියගේ දේවස්ථානය, ගින්තුපිටියේ ශාන්ත තෝමස් දේවස්ථානය, කොළඹ 12 පිහිටි ශාන්ත මරියා දේවස්ථානය වගේම මතියංගනය ශාන්ත පිලිප් නේරිස් තුමාගේ දේවස්ථානයත් හඳුන්වා දෙන්න පුළුවන්. චෙට්ටිවරුන් ශ්‍රී ලංකාවේ වැඩිදෙනා අදහන බුදු දහමේ උන්නතිය වෙනුවෙනුත් ලබා දුන්නු සහයෝගය අති මහත්. ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ බුදු දහම හඳුන්වලා දුන්නු කාලයේ ඉඳලාම ඔවුන් ඒ වෙනුවෙන් ඇප කැප වෙලා තියෙනවා. මහාචාර්ය H. එල්ලාවල මහතා පෙන්වා දෙන විදිහට ශ්‍රී මහා බෝධි ශාඛාව ශ්‍රී ලංකාවට ගෙන එන වෙලාවේදීත් එහි ආරක්ෂාව භාර වෙලා හිටි පිරිස අතරේ චෙට්ටිලාගේ මුතුන් මිත්තන් වන “තාන වෛශ්‍යයන්” ඉඳලා තියෙනවා. මෑත කාලයේ ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම ස්වාමීන්වහන්සේ නමක් වන සෝම හාමුදුරුවනුත් ගිහි කාලයේ චෙට්ටි කෙනෙක්! එතුමාගේ ගිහි නම “එම්මානුවෙල් පෙරේරා පුල්ලේ”. බුදු දහමේ උන්නතිය වෙනුවෙන් ග්‍රන්ථ 30කටත් වඩා එතුමා අතින් රචනා වෙලා තියෙනවා. තවත් වැදගත් කෙනෙක් තමයි ශ්‍රීමත් ක්‍රිස්ටෝපර් ඔන්ඩච්චි මහත්මයා (Sir Christopher Ondaatje). දැන් කැනඩාවේ පදිංචිව සිටින ඔහුත් ශ්‍රී ලංකාවේ උපත ලැබූ චෙට්ටි කෙනෙක්. මහා දානපතියෙක් වන එතුමා 2003 අවුරුද්දේදී මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජිණියගේ අතින් නයිට් පදවියකින් පිදුම් ලබන්න පවා වාසනාවන්ත වුණා. එතුමාගේ සොහොයුරා වන මයිකල් ඔන්ඩච්චි මහත්මයා ලෝක ප්‍රසිද්ධියට පත් ශ්‍රී ලාංකික කතුවරයෙක්. ලංකාවේ ඉංග්‍රීසි පාඨක ගොඩක් දෙනා මයිකල් ඔන්ඩච්චි මහත්මයාගේ නම කිව්වා සැණින් අඳුරනවාට කිසිම සැකයක් නැහැ. ඔහුගේ කෘතියක් වන “The English Patient – ඉංග්‍රීසි රෝගියා” පොත සුප්‍රසිද්ධ “Booker” සම්මානයට පවා පාත්‍ර වුණා. ඒ කෘතිය පාදක කරගෙන නිර්මාණය කෙරුණු අන්තර්ජාතික චිත්‍රපටියට ඇකඩමි සම්මාන පවා හිමි වුණා. ලෝක ප්‍රසිද්ධ, සම්මානලාභී කතුවරයෙක් වන මයිකල් ඔන්ඩච්චි මහත්මයාත් ශ්‍රී ලාංකික චෙට්ටි කෙනෙක්. රූපය : Dan Coleman ප්‍රභූ පැලැන්තියේ ව්‍යාපාරික ප්‍රජාවක් විදිහට ආරම්භ වුණු චෙට්ටිවරුන් අද දක්වාම ශ්‍රී ලංකා ජන සමාජය තුල වැදගත් තනතුරු රැසක් හිමි කරගෙන ඉන්නවා. අනෙක් ජන කොට්ඨාශ එක්ක සිදු වුණු විවාහ වගේ කාරණා නිසා ඔවුන්ගේ අනන්‍යතාව යම්තාක් දුරකට බොඳ වෙලා ගිහින් තිබුණත් ඔවුන් අදටත් ශ්‍රී ලංකාවේ නීතියෙන් පිළිගත්, අනන්‍ය ජන කොට්ඨාශයක්. විශේෂයෙන් කැපී පෙනෙන්න උත්සාහ නොකළත් ඔවුන් අදටත් අපේ දේශීය ජන සමාජයේ වැදගත්ම පුරුකක් බව ඉතාම පැහැදිළියි. පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ Related Articles මගීන් මඟ දමා නැවතුණු කොළඹ මාර්ගවල දිවූ බස් article එදිනෙදා සිරිලක නොවැම්බර් 29, 2022 පුවත්පත් වෙළද දැන්වීම් වල ඉතිහාසය article එදිනෙදා සිරිලක ඔක්තෝබර් 13, 2016 කොළඹට නුදුරුව පිහිටි විහාරයන්හි බිතු සිතුවම් article එදිනෙදා සිරිලක සැප්තැම්බර් 15, 2017 සබරගමුවේ වලව්වල රහසිගත රංගනය: දික්ගේ නැටුම article එදිනෙදා සිරිලක මාර්තු 29, 2022 මඩ ගොවියා සැමදා යැපෙන්නෙක් ද? article එදිනෙදා සිරිලක ඔක්තෝබර් 1, 2016 ලංකාවේ ගුවන් ගමන් ක්ෂේත්‍රය සම්බන්ධ අපුරු කතා 7ක් article එදිනෙදා සිරිලක දෙසැම්බර් 28, 2016 ආදර්ශ මගුල් ගෙදර – ගිහින් නැත්නම් කියවලා බලන්න article එදිනෙදා සිරිලක ජූලි 6, 2016 මල තලා උපන් පොල් රා article එදිනෙදා සිරිලක ජූලි 5, 2016 Roar සිංහල Roar Media is a South Asian multilingual media platform that produces original stories and provides analysis on complex issues. All our content aims to inform, educate, and inspire.
මේ දිනවල ලෝකය පුරා නව කොරෝනාවෛරසය (කෝවිඩ්-19) පිළිබඳ අවධානය යොමු වෙද්දී, ලෝකයේ එක් රටක පවතින, සම්පූර්ණයෙන්ම වැළැක්විය හැකිව තිබූ වසංගතයක් පිළිබඳ එතරම් අවධානයක් යොමු වන්නේ නැහැ. ඇත්තෙන්ම​, කෝවිඩ්-19 පිළිබඳ මුලින්ම අවධානය යොමු වන විටත් මෙම වසංගතයෙන් 6,000ක් පමණ මියගොස් තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජය අප්‍රිකාවේ පිහිටි විශාල රාජ්‍යයක්. අප්‍රිකාවේ සිතියමක් ගත්තොත්, එහි මැදට වෙන්නට පිහිටි විශාල රට තමයි කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය නමින් හැඳින්වෙන්නේ. කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය විශාල රාජ්‍යයක් පමණක් නෙවෙයි; ස්වාභාවික සම්පත් අතින් ද එම රාජ්‍යය බොහොම පොහොසත්. එහෙත්, එහි ජනතාව අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙනවා. කාලාන්තරයක් තිස්සේ පැවති සිවිල් යුද්ධ, ආර්ථික කළමනාකරණය දුර්වල වීම වගේම, දූෂණය ද හේතුවෙන් රටේ යටිතල පහසුකම් තත්ත්වය ඉතා අයහපත් වනවා. ගමනාගමන සහ සෞඛ්‍ය පහසුකම් පවතින්නේ අන්ත දුර්වල තත්ත්වයක යි. මීට හොඳ උදාහරණයක් ලෙස 2019 දී එරටින් මතු වූ සරම්ප වසංගතය දකින්න පුළුවන්. එන්නත් මඟින් පාලනය කළ හැකි රෝගයක් මෙසේ වසංගතයක් ලෙස පැතිරීම කොංගෝවේ ඇති අයහපත් තත්ත්වය පිළිබඳ ප්‍රබල සාක්ෂ්‍යයක් වනවා. මරණ හය දහසක් ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ සරම්ප වසංගතය හටගත්තේ 2019 වසරේ යි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එය වසංගතයක් ලෙස ප්‍රකාශ කරන ලද්දේ එම වසරේම ජූනි මාසයේ යි. මෙම වසංගතය පැතිරෙන කාලය වන විටත් කොංගෝව ඉතිහාසයේ භයානකම ඉබෝලා වසංගතයකින් පීඩා විඳිමින් සිටියා. ඉබෝලා වසංගතයක් කලක් තිස්සේ ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ පැතිරෙමින් තිබෙනවා. (AP) කොංගෝවේ සරම්ප වසංගතය ද එකල ලෝකයේ වේගයෙන් ම පැතිරෙන වසංගතය ලෙස හඳුනා ගැනුණා. 2019 වසර තුළ සරම්ප රෝගය වැළඳුණේයැ යි සැක කෙරෙන 310,000 දෙනකු වූයේයැ යි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවා. එමෙන්ම, එම වසංගතයෙන් මියගිය ප්‍රමාණය 6,000ක් පමණ වුණා. තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනම් එන්නත් කිරීමේ වැඩසටහනක් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජය දියත් කළා. මෙමඟින් වයස අවුරුදු 5ට අඩු ළමයින් මිලියන 18කට එන්නත් කිරීමට හැකිව තිබෙනවා. එහෙත්, එය මෙම වසංගතය මැඩීමට කිසිසේත්ම ප්‍රමාණවත් වූයේ නැහැ. එයට එක් හේතුවක් වුණේ ගමනාගමන පහසුකම්වල අඩුපාඩු හේතුවෙන් ඇතැම් ප්‍රදේශයන්හි මෙම කටයුතු හරියාකාරව කරගත නොහැකි වීම යි. එමෙන්ම, දේශපාලන අස්ථාවරත්වය සහ සන්නද්ධ ගැටුම් හේතුවෙන් ද ඇතැම් ප්‍රදේශයන් වෙත මෙම කටයුතු පුළුල් කිරීම අපහසු වුණා. ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ කලක් තිස්සේ පවතින සන්නද්ධ ගැටුම්වල දී සෞඛ්‍ය ක්ෂේත්‍රයට අයත් පුද්ගලයින්ට මෙන්ම රෝහල් ආදී ස්ථානවලට ද පහර දීම් සිදුවුණා. ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජය (Encyclopedia Britannica) මීට අමතරව අරමුදල්වල හිඟකම ද මෙම කටයුතු සඳහා බාධකයක් වුණා. විශේෂයෙන්ම, වයස අවුරුදු පහට වැඩි ළමුන් වෙනුවෙන් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල පුළුල් කිරීමට අවශ්‍ය මුදල් ලැබුණේ නැහැ. මේ හේතුව නිසා ඔවුන් අතර රෝගය පැතිරීම පාලනය කිරීමට අපහසු වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබුණේ, එන්නත් මඟින් වළක්වා ගත හැකි රෝගයක් හේතුවෙන් මෙසේ ජීවිත අහිමි වීම කණගාටුවට කරුණක් බව යි. සරම්ප පැතිරීම සරම්ප රෝගය, වෛරසයක් මඟින් හටගන්නා අතර බෝවීමේ ප්‍රවණතාව ඉහළ යි. එය වැළඳුණු වැඩි පිරිසක් සුව වන නමුත්, ඇතැම් අය මරණයට ද පත් වීමට ඉඩ තිබෙනවා. බොහෝ විට එය සිදුවන්නේ සරම්ප රෝගය වැළඳුණු පසු පෙනහළුවල හෝ මොළයේ ආසාදනයන් වර්ධනය වීමෙන්. 2019 වසරේ මුල් මාස තුනේ දී මෙම රෝගය පැතිරීම, ඊට කලින් වසරෙහි මුල් මාස තුනේ දී වූ තත්ත්වයට වඩා දරුණු වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබුණා. එනම්, 2018 මුල් මාස තුනේ දී වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව මෙන් සිව් ගුණයක් රෝගීන් 2019 දී වාර්තා වී තිබුණා. ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස රෝගීන් සංඛ්‍යාව සැලකූ විට වැඩිම රෝගීන් ප්‍රතිශතයක් වාර්තා වී තිබුණේ යුක්‍රේනය, ඉන්දියාව හා මැඩගස්කරය යන රටවලින්. කොංගෝවේ වසංගතය දරුණු අතට හැරුණේ එයින් පසුව යි. මෙසේ සරම්ප රෝගය පැතිරීම වැඩි වීමට හේතු කිහිපයක් තිබෙන්නට පුළුවන්. දුගී රටවල මූලික ප්‍රශ්නය වන්නේ ළමුන් එන්නත් කිරීමට තරම් මූල්‍යමය ශක්තිය නොමැතිකම යි. එහෙත්, ඇතැම් රටවල මෙවන් රෝග පැතිරීමට හේතු වූයේ එන්නත් කිරීමට එරෙහි මතවාදයන් පැතිරීම හේතුවෙන් බව විශ්වාස කෙරෙනවා. මෙවන් දුර්මත හේතුවෙන් මෙම රෝගය වළක්වා ගත හැකි ප්‍රජාවන් අතර ද සරම්ප රෝගය පැතිරීම කණගාටුවට කරුණක් වනවා. කෙසේ වෙතත්, වඩා දරුණු වසංගත ඇති වන්නේ දුගී රටවල යි. ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජය ඊට කදිම උදාහරණයක්. කවරයේ ඡායාරූපය: සරම්ප සඳහා එන්නත් ලබාදෙන අවස්ථාවක් (Reuters) Related Articles ලන්ඩන් පාර්ලිමේන්තු ත්‍රස්ත ප්‍රහාරය video ප්‍රවෘත්ති සහ වාර්තාමය මාර්තු 27, 2017 බොරිස් ජොන්සන් සහ බ්‍රෙක්සිට් ආරවුල​ article ප්‍රවෘත්ති සහ වාර්තාමය සැප්තැම්බර් 9, 2019 උත්තර් ප්‍රදේශ් මැතිවරණයෙන් මෝඩිගේ පක්ෂයට දැවැන්ත ජයක් ලැබුණ හැටි article ප්‍රවෘත්ති සහ වාර්තාමය මාර්තු 29, 2017 වහල් සේවයේ යෙදුණු රජ කුමරකුගේ කතන්දරය article ප්‍රවෘත්ති සහ වාර්තාමය දෙසැම්බර් 6, 2021 යුක්‍රේනයේ ජනාධිපති වූ විකට නළුවා video ප්‍රවෘත්ති සහ වාර්තාමය මැයි 2, 2019 අන්තර්කාලීන අයවැය ආර්ථික අර්බුදයට විසඳුම් සපයයි ද? article ප්‍රවෘත්ති සහ වාර්තාමය ජූලි 30, 2022 සහල් ආනයනය අත්හිටුවීමෙන් සහල් මිල යළි වැඩිවේ ද? article ප්‍රවෘත්ති සහ වාර්තාමය ඔක්තෝබර් 10, 2022 තවමත් නොවිසදුනු නොයිඩා ද්විත්ව ඝාතනය article ප්‍රවෘත්ති සහ වාර්තාමය නොවැම්බර් 10, 2017 Roar සිංහල Roar Media is a South Asian multilingual media platform that produces original stories and provides analysis on complex issues. All our content aims to inform, educate, and inspire.
ආදරය, සුන්දරත්වය මෙන්ම ඛේදය, භීතිය හා කුතුහලය පිරි අතීතය හා වර්තමානය එකට සම්බන්ධ කරන අපූරු කතා පුවතක් “1970: ලව් ස්ටෝරි” හා බැඳී ඇත.එය මීට වසර කිහිපයකට පෙර “නිකිනි වැස්ස” ච්ත්‍රපට නිර්මාණය කරමින් ප්‍රේෂක විචාරක ප්‍රසාදයටත්,… ” ඝරසරප ” අගෝස්තු 10 දා සිට ArticalsJuly 25, 2018 [embed]https://www.youtube.com/watch?v=Nm29pUPvHKs&feature=youtu.be[/embed] සමිමානනීය ප්‍රවීන සිනමාකරුවකු ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය අධ්‍යෂකවරයෙකු වන ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණය " ඝරසරප " අගෝස්තු 10 දා සිට තිරගත කිරිම ආරම්භවේ. ජනප්‍රිය රංගනශිල්පියෙකු වන අර්ජුන් කමලනාත් විසින් ඉසුරු චිත්‍රපට වෙනුවෙන්… උතුම් මව් සෙනෙහස ගැන කියැවෙන “දැවෙන විහගුන්” සිනමා… ArticalsJuly 21, 2018 [embed]https://youtu.be/Ete76qLchWg[/embed] උතුම් මව් සෙනෙහස ගැන කියැවෙන "දැවෙන විහගුන්" සිනමා පටය "ඉගිලෙන මාලුවෝ" අධ්‍යක්ෂණය කල සංජීව පුෂ්පකුමාරගේ නවතම සිනමා පටයයි. පසුගිය 29 වනදා සිට දිවයින පුරා පිහිටි සිනමාශාල වල ප්‍රදර්ශනය ආරම්භවු අතර මෙය පවුලේ සැමට නැරබිය… “ඇලඩින් සහ පුදුම පහන” සිනමාපටය මෙම මස 26… ArticalsJuly 21, 2018 [embed]https://youtu.be/gamnoPOfcBc[/embed] අරාබි නිසොල්ලාසයේ එන කතාවක් ඇසුරෙන් සුමිත් කුමාර අධ්‍යක්ෂණය කරන ලද “ඇලඩින් සහ පුදුම පහන” සිනමාපටය මෙම මස 26 වැනිදා සිට එම්. පී. අයි. සහ එල්. එෆ්. ඩී. මණ්ඩලවල සිනමා ශාලාවල ප්‍රදර්ශනය කිරීමට නියමිතය. ප්‍රසාද්… රයිගමයයි – ගම්පලයයි දැන් රිදි තිරයේ ArticalsJuly 7, 2018 https://youtu.be/NJYvW1bZPSE ලලිත් ප්‍රේමතිලකයන්ගේ ප්‍රථම සිනමා නිර්මාණයවු රයිගමයයි ගම්පලයයි ළමා චිත්‍රපටය මේ වන විට දිවයින පුරා සිනාමා ශාලාවල ප්‍රදර්ශනය වේ. පැරණි ජනකතා ඇසුරෙන් ළමුන් වෙනුවෙන්ම මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත. හරේන් නාගොඩවිතාන, දිලිනි සිල්වා නිෂ්පාදනයෙන් දායක… Search for: Official Facebook Page Advertisement December 2022 M T W T F S S 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 « Jul Categories Articals 27 Facts 12 Gossip 15 Photos 19 Event Photos 12 Model Shoots 7 Programs 9 Band Choon 1 Manalee 4 Star World 1 Tags 2018 Awards Birthday Bridal Chandimal Channely channely.lk Cricket Cricketer Dananjaya Emal Lakshitha Festival Fiesta Film Films Fire Rain Foods Jayasinghe Lakshan Live Band Manalee Manamalee Maravila Nero Model Shoot Moratuwa inthal Mrs Music New Party Photography Photoshoot Ramesh Rythem Flash Sajeeni Seeduwa Bro Seeduwa Ragge Seeduwa Sisiliyans Seeduwa vocal Sinhala Sri Lanka Sri lankan Wedding World ගුණ සම්මාන About Channel y is a Life style youtube channel for Original youth. The Channel has based its programmes on creating a trend in Global Youth Life Style with a Sri Lankan flavor.
කේම්බ්‍රිජ් ආදිපාදවරිය සිය බබාලාගේ පින්තූර ඡායාරූප ගත කරගන්න දක්ෂයි. ඇය විසින් ගත් ජෝර්ජ් කුමාරයාගේ, චාර්ලට් කුමරිය හා ලුවී කුමරුගේ ලස්සනම ලස්සන ඡායාරූප පෙලක් අපි අද ගෙන එනවා. කොයි අම්මාත් හැකි පමණ එකතු කරන්නේ තමන්ගේ පැටව්න්ගේ ලස්සන ඡායාරූපනේ. ඒක රජ පවුලේ අම්මා කෙනෙක් කියලා වෙනසක් නැහැ. ඔයාලාගේ ෆෝන් එක බැලුවත් ඒකේ ඡායාරූප වලින් වැඩි ප්‍රමාණයක් දරු පැටව්න්ගේ කියලා මට විශ්වාසයි. මේවා බලන කොට මෙයාලාගේ අම්මා, ඒ කියන්නේ කේට් මිඩ්ල්ටන් ආදිපාදවරිය කොතරම් දක්ෂ ඡායාරූප ගන්නියක්ද කියා ඔබට හිතෙවි. ඒම ඡායාරූප එතරම් ආදරණියයි. කේට් කුමරිය ගත් බබාලාගේ පින්තූර එකතුව අම්මා කෙනෙක්ගේ ආදරය ගැන කියාපාන අපූරු දසුන් පෙළක් දැන් ඔබේ ඇස් ඉදිරියේ දිග හැරීමට නියමිතයි. කේම්බ්‍රිජ් ආදිපාදවරිය විසින් ගත් ජෝර්ජ් කුමාරයාගේ, චාර්ලට් කුමරිය හා ලුවී කුමරුගේ ලස්සනම ලස්සන ඡායාරූප පෙලක්. ඔබත් මේ බබාලාගේ පින්තූර එකතුව රස විදින්න. 1. චාර්ලට් කුමරියගේ පස්වෙනි උපන්දිනය දා ගත් සොදුුුුරු ඡායාරුවක්. ඇයට තියෙන්නේ හරිම ලස්සන සිනාහවක් නේද? 2. 2020 අප්‍රේල් මාසයේදී සැන්ඩ්‍රින්හැම් වතුයායේ දී ගන්නා ලද මෙම ඡායාරුවේ චාලට් කුමරිය කොවිඩ් 19 අතරතුර ස්වේච්ඡා සේවයේ යෙදෙන අයුරු ආදිපාදවරියගේ කැමරා ඇසෙහි මෙසේ සනිටුහන් වුනි. කුමරිය සතුව කොතරම් කාරුණික හදවතක් තියෙනවා කියලා හිතාගන්න පුළුවන් නේද? 3. කෙන්සිංටන් ප්‍රදේශයේ හුදෙකලා වු විශ්‍රාමිකයන් සඳහා ආහාර පැකේජ ඇසුරුම් කර බෙදා හැරීමට උදව් වෙන පුංචි වාලට් කුමරිය මේ. ඇය හරිම කාර්යය බහුලයි වගේ. කේම්බ්‍රිජ් ආදිපාදවරිය සිය බාල දරුවාගේ උපන්දිනය නිමිත්තෙන් ගත් ඡායාරූප එකතුවෙන් ඡායාරූපයක්. ලුවී කුමරුත් හරිම දගකාරයෙක් වගේනේද? මෙම උපන්දින ඡායාරූප කොවිඩ් 19 සමයේ ඇන්මර් ශාලාවේදී ඔවුන් රැගෙන ඇතැයි විශ්වාස කෙරෙනවා. ඒම ඡායාරූප එකතුව පුංචි ලුවී කුමරුගේ හුරතල් බව මනාව කියා පානවා. කුඩා ලුවීගේ නිර්මාණාත්මක පැත්ත සහ ඇඟිලි පින්තාරු කිරීමට ඇති ඇල්ම පෙන්නුම් කරන තවත් ඡායාරූපයක්. පුංචි කුමාරයා අත් දෙකේම සායම් තවර ගෙන නේද? 7. ආදරණීය සිතුවම්කරු ලුවී කුමරු සිය දෙවැනි උපන් දිනය දා. අපේ මුහුණෙත් සායම් ගාන්න වගේ සුදානම නේද? 8. කෙන්සිංටන් මාළිගාව තුලදී ජෝර්ජ් කුමරුගේ 6 වන උපන්දිනය දින කේට් ආදිපාදවර්ය ගත් ඡායාරූප එකතුවෙන් එකක්. ජෝර්ජ් කුමාරයත් දැන් හරිම කඩවසම් පුංචි කුමාරයෙක් වෙලා. 9. ජෝර්ජ් කුමරුගේ 6 වන උපන්දිනය දා ජෝර්ජ් කුමරු පාපන්දු ජර්සියක් ඇඳ සිටින ලස්සනම ලස්සන ඡායාරූපයක්. ඔහුගේ සිනාව කවදාත් ආදරණියයි. 10. ජෝර්ජ් කුමරුගේ සොදුරු සිනාවෙන් බිදක්. ඒ දගකාරයා සිනාවෙන ලස්සන බලන්නකෝ. 11. චාලට් කුමරියගේ 4 වන උපන්දිනය නිමිත්තෙන් කෙන්සිංටන් මාලිගය තුල දී ඇයගේ මව වන කේම්බ්‍රිජ් ආදිපාදවරිය විසින් ගන්නා ලද සේයා රුවක්. කුමරිය හරිම හැඩයි නේද? 12. චාලට් කුමරිය නොර්ෆොක්හි පවුලේ නිවසක සෙල්ලම් කරමින් විනෝද වෙන මොහෙතක්. පුංචි කුමරියත් දගකාරියෙක් වගෙයි. සහයෝගිතාකරුවන්ගේ ලිපි ළදරු අවදිය (වයස මාස 12 ට අඩු) 5 seemingly harmless signs and symptoms that are not so innocent ලිංගික දැනුම දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු 13. මලක් නෙලා ගත් සොදුරු මලක් බදු චාලට් කුමරිය. බලන්න ඇයගේ සිනාහව හරිම ආදරණියයි නේද? 14. ලුවී කුමරුගේ පළමු උපන්දිනය දා. කේම්බ්‍රිජ් ආදිපාදවරිය විසින් නොර්ෆොක්හි පවුලේ නිවසේදී මෙම ඡායාරූපය ලබා ගන්නා ලදී. ලුවී කුමරුත් හරිම හුරතල් ආදරණීය දරුවෙක්. 15. ලුවී කුමරු උපත ලැබ පැය කිහිපයකට පසු ඡායාරූප ගෑනීමට මුහුණ දුන්නා . නමුත් කේට් කුමරිය සිය අලුත උපන් බිළිඳාව කෙන්සිංටන් මාලිගයේ නිවසේදී ඡායාරූප ගත කළ මොහොතයි මේ. 16. චාලට් කුමරිය සිය අලුත් සොයුරාට දුන් අපූරු හාදුව ආදිපාදවරියගේ ඇසේ සටහන් වුනේ මෙහෙමයි. අපූරු සොයුරු පෙමක් නේද? 17. චාලට් කුමරිය 2018 ජනවාරි මාසයේ විල්කොක්ස් පෙර පාසැලට පිටව යාමට මොහොතකට පෙර ඇගේ මව මෙම පින්තූරය කෙන්සිංටන් මාලිගයේ පඩිපෙළ මත දී ගන්නා ලදී. චාලට් කුමරිය මෙතරම් ඉක්මනින් ලොකු වෙලාද? 18. බෑග් එල්ලා නිල ඇදුම් හැද සිටින චාලට් කුමරිය පඩිපෙළ මත වාඩි කරද ඡායාරූපයක් ගැනීමට ආදිපාදවරිය අමතක කලේ නැහැ. පැසැල් ඇදුමටත් කුමරිය හරිම හුරුබුහුටියි. 19. චාලට් කුමරියගේ දෙවැනි උපන්දිනය දා. කහපාට ලස්සන ස්වීටර් එකකින් හැඩ වී සිටින කුමරිය හරිම හුරතල් පාටයි නේද? 20. කේට් කුමරිය පෙර පාසැල් යන ඡායා රූප ගන්න හරිම කැමතියි වගේ නේද? මේ ජෝර්ජ් කුමරු වෙස්ටාකර් මොන්ටිසෝරි හි පිහිටි ඔහුගේ පළමු පෙර පාසැල වෙත යන ආකාරයයිි. 21. චාලට් කුමරියගේ පළමු උපන්දිනය වෙනුවෙන් ආදිපාදවරිය ගත් තවත් සොදුරු සේයා රුවක්. පුංචි කුමරිය මොකකට හරි බය වෙලා වගේ නේද? 22. චාලට්ගේ පළමු උපන්දින දා ගත් තවත් ඡායාරූපයක්. එහි සෙල්ලම් කරත්තයක් තල්ලු කරන ඇයගේ කෙලිලොල් බව මනාව පෙන්වනවා. ඇය ඉතින් කොහොමත් දගකාරයිනේ. 23. රජ පවුලේ තවත් සතුටුදායක මොහොතක ගත් සේයා රුවක් 24. 2015 දී චාලට් කුමරියගේ උපතෙන් ටික කලකට පසු මෙය ගෙන ඇත. මෙහිදි සහෝදර පෙමින් වෙලී ගිය ජෝර්ජ් කුමරු සිය නව ළදරු සොහොයුරියගෙි නළලත හාදුවක් ලබා දෙයි. 25. කෙන්සිංටන් මාලිගයේ පඩිපෙළ මත ගත් ජෝර්ජ් කුමරුගේ මෙම නත්තල් ඡායාරූපය කෙතරම් ලස්සනද? චාලට් කුමරිය උපත ලැබීමට මාස කිහිපයකට පෙර මෙම පින්තූරය ගෙන තිබේ. කුමර කුමරියන්ගේ පින්තූර එකතුව ලස්සනයි නේද? නිතරම කැමරා ඇසට ගොදුරු වෙන රාජකීයයන්ගේ රුව නම් කැමරා නෙතට අලුත් දෙයක් නොවේ. ඔවුන්ගේ විවිධ ඉරියව් දාස් ගණනක් හසු කර ගැනීමට සිය ගණනක් කැමරා නෙත් පුල පුලා බලා ගෙන සිටිනවා. සමහර විට ඔවුන්ට පෞද්ගලිකත්වයක් නැති තරම්. ආදිපාදවරියක් වුවත් කේට් මිඩිල්ටන් කියන්නේ අම්මා කෙනෙක්. ඒ අම්මා තම දරු පැටව් තුන්දෙනාගේ සේයා රූ පෞද්ගලිකව කැමරා ඇසට හසු කර ගන්නට ඇත්තේ මව් සෙනෙහස පිරුනු හදවතින්මයි. නැතිනම් ඇයටත් සිය ගණනක් වු පළපුරුදු ඡායාරූප ගන්නන් ගත් සේයා රූ දෙස බලා සැනසෙන්න තිබුනා නේද? ඔබත් ඔබේ සොදුරු පොඩිත්තාගේ හැම නිමේෂයක්ම කැමරා ඇසට හසු කරගන්නා බව අපිත් දන්නවා. පළමු ඡායාරූපය, පළමු හිනාව, ඉස්සෙල්ලාම පෙරලුන හැටි, පළමුවෙන් ආහාර ගත් දවස, ඉස්සෙල්ලාම ඉදගත් දවස, පළමු පියවර සියල්ලම ඔබේ හදවතේ මෙන්ම සේයා රූ අතරත් ඇති නේද? එම හැම මොහොතක්ම බබාලාගේ පින්තූර වගේ නොවෙයි අම්මා කෙනෙක්ගේ හදවතේ සදා ජීවමානයි. මුලාශ්‍ර හා ඡායාරූප සදහා ස්තුතිය - www.townandcountrymag.com *theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය සම්පූර්ණ ලිපිය කියවන්න Written by Nadeesha Lakmini Home / ජනප්‍රිය තරු / කේට් කුමරිය ඡායාරූප ගත කළ ඇයගේ පුංචි පැටව්න්ගේ සොදුරු මොහතවල් sinhala බබාලාගේ පින්තූර photos of royal kids බෙදාගන්න : නිර්දේශිත ලිපි විලියම් කුමාරයා නිතර චාලට් කුමරිය ඔසවාගෙන ඉන්නවා නොදකින්නේ ඇයි? පුංචි ජෝජ් කුමරු පාසැල් දිවියට පා තබයි Load more articles නිර්දේශිත ලිපි විලියම් කුමාරයා නිතර චාලට් කුමරිය ඔසවාගෙන ඉන්නවා නොදකින්නේ ඇයි? පුංචි ජෝජ් කුමරු පාසැල් දිවියට පා තබයි ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න! ඇතුළු කරන්න මව්පදවිය ගැබ්ගැනීම ගර්භණී අවදිය මව්කිරි දීම දරුවාගේ වයස් සහ සංධිස්ථාන ළදරු අවදිය (වයස මාස 12 ට අඩු) මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර) පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර) නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර) අධ්‍යාපනය ප්‍රාථමික අධ්‍යාපනය පහ වසර සෞඛ්‍යය රෝග සහ අසාත්මිකතා දේශීය බෙහෙත් ක්‍රම එන්නත් මානසික ගැටළු ආහාර සහ පෝෂණය ජීවන රටා විවාහය හා පවුල් ජීවිතය ලිංගික දැනුම කෑම වට්ටෝරු මූල්‍ය විලාසිතා හා රූපලාවන්‍ය ජනප්‍රිය තරු විවේකය සහ සංචාරය තව TAP Community අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න අප හා සම්බන්ධ වෙන්න Become a Contributor ලොව පුරා සිටින මව්වරුන් Singapore Thailand Indonesia Philippines Malaysia Sri Lanka India Vietnam Australia Japan Nigeria Kenya © Copyright theAsianparent 2022. All rights reserved අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it \n `},a=(e,i,t,n)=>{let r={};r=n?document.querySelector(`${n}`):document.getElementsByTagName("body")[0];let l=[];if(l=d(r,l),l&&l.length>0)for(let n in i){let r=i[n];if(-1===t.indexOf(r.id)){"production"!==window.__ENV__&&console.log(r.dfpKeys),l[0].insertAdjacentHTML("beforebegin",s({adObj:r,dfpKeys:r.dfpKeys,user:e,device:"Mobile"})),o(r.dfpKeys,"","autoDefine"),t.push(r.id);break}}return t},c=e=>{let i=[...window.dfpPreDefineKey,...window.dfpPostDefineKey],t=[];for(let o in i){let n=l(e,i[o]);n?.id&&"banner"===n?.unitType&&t.push(n)}return t},p=(e,i,o,n)=>{let l=[];if(i.length>0)for(let e in i)l.push(i[e].id);if(o.length>0){let i=!1;if(l.length>0){let e=r(document.getElementById(l[l.length-1]));(!t()||e.viewPortTop<-100)&&(i=!0)}else i=!0;i&&(l=a(e,o,l,n))}return l},u=(e,i,t,o,n,l)=>{let d=t.length,s=!1;if(d>0&&t[d-1]){let e=r(document.getElementById(t[d-1]));(i?.outstream?.isTmAutoPlace&&d<2&&e.viewPortTop<200||e.viewPortTop<-100)&&(s=!0)}else 0===d&&(s=!0);return s&&(t=a(e,n,t,l)),t};window.setAutoBannerAdUnit=function(e,i,o,n={}){let l=c(e),d=[];if("articleWebViewHtml"===i.routeName){if(e?.ros?.webView)for(let i in e.ros.webView)e.ros.webView[i].isTmAutoPlace&&t()&&d.push(e.ros.webView[i])}else if(e?.ros?.banners)for(let i in e.ros.banners)e.ros.banners[i].isTmAutoPlace&&t()&&d.push(e.ros.banners[i]);e?.outstream?.isTmAutoPlace&&(l.length>0?d.splice(0,0,e.outstream):d.splice(1,0,e.outstream));let s=p(i,l,d);const a=t=>{null!==w&&clearTimeout(w),w=setTimeout((()=>{if(-1!==["article"].indexOf(i.routeName)&&n.id){let t=r(document.getElementById(`isReadMoreViewHtml${n.id}`));(t.viewPortTop-window.innerHeight>=0||0===t.viewPortTop)&&(s=u(i,e,s,0,d))}else s=u(i,e,s,0,d);clearTimeout(w)}),150,t),s.length===Number(d.length+l.length)&&window.removeEventListener("scroll",a)};var w=null;window.addEventListener("scroll",a,!1)},window.setAutoBannerReadMoreAdUnit=function(e,i,o,n={},r){const l=document.querySelector(`${r}`);let d=c(e),s=[];if(e?.ros?.readMoreArticles)for(let i in e.ros.readMoreArticles)null!==document.getElementById(e.ros.readMoreArticles[i].id)&&(e.ros.readMoreArticles[i].id=`${e.ros.readMoreArticles[i].id}1`),e.ros.readMoreArticles[i].isTmAutoPlace&&t()&&s.push(e.ros.readMoreArticles[i]);let a=p(i,d,s,r);const w=t=>{null!==f&&clearTimeout(f),f=setTimeout((()=>{a=u(i,e,a,0,s,r),clearTimeout(f)}),150,t),a.length===Number(s.length+d.length)&&l.removeEventListener("scroll",w),l.offsetHeight+l.scrollTop>=l.scrollHeight&&l.removeEventListener("scroll",w)};var f=null;l&&l.addEventListener("scroll",w,!1)}}();
තේ වගාව ඇතුළු අනෙකුත් වගාවන් ප්‍රවර්ධනය සඳහා රජය වැඩපිළිවෙල රැසක් ක්‍රියාවට නංවා ඇති බවත් පොහොර නොලැබීම හේතුවෙන් අධෛර්යමත් නොවී දිගටම එම වගා කටයුතු වල නිරත වන ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක , අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. ආරම්භක අවධියේ මෙම ව්‍යාපෘතියේ විවිධ ගැටළු මතු වීම ස්වභාවික බව පැවසූ අමාත්‍යවරයා රජය සමග එකතුව කටයුතු කරන මෙන් තේ ගොවීන් ඇතුළු සියලුම ගොවින්ගෙන් ඉල්ලා සිටින බව පැවසීය. අද(19) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය කාබනික පොහොර වැඩපිළිවෙළ ආරම්භ කළේ මෙරට ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ගත යුතු සාධනීය ක්‍රියාමාර්ගයක් වූ බැවිනි . මෙම වැඩපිළිවෙළ ආරම්භක අවධියේ පසුවන බැවින් පොහොර නිෂ්පාදනයේ යම් අඩුවක් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම අඩුව ආනයනික පොහොර ගෙන්වීමෙන් විසඳීමට බලාපොරොත්තු වූ බවද කීය. එහෙත් ආනයනික පොහොර තොගයේ පැවති ගුණාත්මක භාවයේ අඩුවක් පැවතීම හේතුවෙන් මෙම ගැටළුව ඇති වූ බවද කීය. තේ වගාව සඳහා අවශ්‍ය නයිට්ට්‍රිජන් පොහොර තොගයක් අද දිනයේදී ද මෙරටට ලැබෙන බව කී අමාත්‍යවරයා, අවශ්‍ය නයිට්ට්‍රිජන් පොහොර තොග ඉදිරි මස තුළදී ලබා දීමට රජය කටයුතු කරන බවද සඳහන් කළේය. Economy Tweet on Twitter Share on Facebook Google+ Pinterest Previous Article කුකුළු කෑම මිල අහස උසට ගිහින්ලු: බිත්තරයක සිල්ලර මිල ඉහළට Next Article ගුරු – විදුහල්පති අරගලය: ‘ඇමතිවරුන්ගේ හෙංචයියන් දෙමව්පියන් ලෙස රඟපානවා’ Recommended For You දේශීය ලොකු ළුැණු වගාවත් හාන්සි වෙන ලකුණු ඖෂධ නියාමන අධිකාරියේ ගැහිලි ගැන ඇමැති චන්නගේ දැඩි අවධානය IOC ඉන්ධන මිල අහසටම නග්ගයි ! ජනපතිගෙන් ‘කිරි ගොවියාට කිරි ඉතිරෙන‘ නියෝගයක් මහ කන්නයේ වී අස්වැන්න 50%කින් අඩුවෙලා – ගොවීන් මැසිවිලි නගයි මේ වන විට යුක්රේනයේ නවතම තත්ත්වය කුමක් ද? About the Author: Thusal Search for: Archives Archives Select Month August 2022 (3) March 2022 (2) February 2022 (155) January 2022 (194) December 2021 (239) November 2021 (256) October 2021 (203) September 2021 (234) August 2021 (252) July 2021 (276) June 2021 (303) May 2021 (300) April 2021 (200) March 2021 (297) February 2021 (272) January 2021 (315) December 2020 (307) November 2020 (360) October 2020 (363) September 2020 (359) August 2020 (380) July 2020 (320) June 2020 (307) May 2020 (333) April 2020 (390) March 2020 (421) February 2020 (405) January 2020 (530) December 2019 (563) November 2019 (555) October 2019 (724) September 2019 (605) August 2019 (529) July 2019 (590) June 2019 (548) May 2019 (665) April 2019 (575) March 2019 (48) Follow Us Stay updated via social channels Tags AG NEWS agriculture Business COPE COVID 19 Economy Entertetment fashion Featured GAJABA NAGAWATHTHA GOSSIP health HM NEWS INTERNATIONAL JVP KARU JAYASURIYA NEWS FM NEWS PUBLIC parliament pmd news POLITICAL POLITICAL NEWS Prime media PR MEDIA PR NEWS public news sajith pramadasa Sanath M Bandara santh m bandara sl army commander slarmy news sl cricket Sl CRICKET - WOMAN TEAM SLFP - SLPP sl vs west 2020 sl v west Sport unhcr unp Week in Pictures Wimal Weerawansa woman women ජනපති ‍fashion දුරකථනය: +94-766-109836 විද්‍යුත් තැපෑල: bhathiyabarukanda@gmail.com © සියලුම හිමිකම් ඇවිරිණි. මෙම වෙබ් අඩවියේ පළවන ලිපි අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් වන අතර එම ආචාරධර්ම උල්ලංඝනය කරමින් නීතිවිරෝධීව උපුටාගන්නන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරනු ඇත.
රාජපක්ෂවරුන්ගේ පසුගිය පාලන සමයේ ඝාතනයට ලක් වූ සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග‍ගේ 12 වැනි ගුණසමරුව අද ට (08) යෙදී තිබිණි. එම අවස්ථාවට ලසන්තගේ පැරැණි දේශපාලන මිතුරන් රැසක් සහභාගී වී සිටිනු දක්නට ලැබිණි. එහි දී හිටපු කථානායක කරූජයසුරිය මහතා ඇතුළු පිරිස ලසන්තගේ ස්මාරකයට ඉටි පන්දමක් දල්වා ගෞරවය දැක්වූ අයුරු ද දැකගත හැකි විය. එහෙත් වෙනදා පැමිණෙන ලසන්තගේ දේශපාලන මිතුරන් අද සිටියේ නැත. ඒ ”කොවිඩ්-19” නිසා යැයි අපි සිතමු. මොවුන් වසර ගණනක් තිස්සේ ලසන්තගේ ඝාතනය සිහි කරන්නේ ඔහුට සාධාරණයක් නොවූ බව නැවත නැවතත් සිහිපත් කරමිනි. එය 2008 සිට 2015 දක්වා රාජපක්ෂලාගේ කාලයේ දී ද සිදුවිය. 2015 සිට 2019 දක්වා ‘යහපාලන’ කාලයේ දී ද සිදුවිය. 2020 සිට යළි රාජපක්ෂලා බලයට ආ පසුව ද එය සිදු වේ. ඉදිරියටත් එසේ ම වනු ඇත. එකම සිද්ධියකි. වෙනස් වන්නේ දිනය, මල්කළඹ සහ සොහොනට එන පුද්ගලයන් කිහිප දෙනෙකු පමණි. රත්මලාන, අත්තිඩිය මහ මග තිබුණු ආයුධ භාවිත කර ලසන්ත ඝාතනය කරන්නේ 2008 ජනවාරි 08 වැනි දා ය. රාජපක්ෂ පාලන සමයේ සිදු වූ ලසන්ත ඝාතනයෙන් වසර 7 සම්පූර්ණ වූ දිනය, එනම් 2015 ජනවාරි 08 ශ්‍රී ලංකා දේශපාලනයට පමණක් නොව සමස්ත රටටම සුවිශේෂ දිනයක් වනු ඇති බවට සිහින දුටුවෝ බොහෝ ය. ඒ අතර ජනමාධ්‍යකරුවෝ, සිවිල් සමාජ ක්‍රියාකාරීහු මෙන් ම යහපාලන මූලධර්ම ගරු කළ බොහෝ පිරිස් වූහ. 2015 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වන්නේ 2014 නොවැම්බර් 21 සිකුරාදා ය. එතැන් සිට 2015 ජනාධිපතිවරණය දක්වා ම මෛත්‍රී ජනපති කරවන, රනිල් හවුල් වේදිකාවේ ලසන්තට තිබුණේ සුවිශේෂ තැනකි. ඒ වනවිට රාජපක්ෂ රෙජිමය එපා වී සිටි මාධ්‍යකරුවෝ මෙන් ම තවත් ප්‍රජාතන්ත්‍රයට ගරු කරන බොහොමයක් දෙනා රනිල්-මෛත්‍රී හවුල ගැන යම් විශ්වාසයක් තබා තිබිණි. යම් යම් පියවර ගැණින. හමුදා බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට පත්විය. එහෙත් අවසානයක් දක්වා එම පරීක්ෂණ මෙහෙයවන්නට ඔවුන් කටයුතු කළේ නැත. ඊට හේතුව බොහෝ අය නොදන්නවා ද නොවේ. Facebook Twitter Pinterest WhatsApp Linkedin Telegram LATEST POSTS දේශපාලන 21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්... May 27, 2022 පුවත් පිටුව රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත් (කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්... May 27, 2022 පුවත් පිටුව හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට (ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ... May 27, 2022 දේශපාලන බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි (ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්, බදු සහන දෙමින් තම...
දින කිහිපයකට පෙර චීන පුරවැසියන්ගේ දත්ත ගබඩාවක් විකිණීම පිළිබඳ සටහන අපි මෙහි බෙදා ගනිමු, නිවේදනය කරන ලදී සංසදයක පළ කිරීමෙන් (දැනට සටහන දැනටමත් මකා දමා ඇත) හැකර් ප්‍රකාශ කරන්නේ දත්ත ගබඩාවේ ආසන්න වශයෙන් බිලියනයක චීන පුරවැසියන්ගේ සොරකම් කළ තොරතුරු ටෙරාබයිට් 22 කට වඩා ඇති බවත් ඔහු බිට්කොයින් 10 ක් සඳහා ලබා දෙන බවත්ය. ෂැංහයි ජාතික පොලිස් (SHGA) දත්ත ගබඩාවෙන් තොරතුරු කාන්දු වී ඇති බව පවසමින් "ChinaDan" පරිශීලක නාමය භාවිතා කරන අයෙකු විසින් මෙම නිවේදනය හැකර් සංසදයේ පළ කර ඇත. සොරකම් කළ බව කියන දත්ත සම්බන්ධයෙන් ඔහු බෙදාගත් තොරතුරුවලට අනුව, දත්ත සමුදායේ චීන ජාතික පදිංචිකරුවන්ගේ නම්, ලිපිනයන්, ජාතික හැඳුනුම්පත් අංක, සම්බන්ධතා තොරතුරු අංක සහ බිලියන කිහිපයක් අපරාධ වාර්තා ඇතුළත් වේ. අදාළ ලිපිය: ඔවුන් සාකච්ඡා සංසදයක චීන දත්ත ගබඩාවක් විකිණීමට ඇත ChinaDan ද ලියාපදිංචි කිරීම් 750.000 ක නියැදියක් බෙදා ගත්තේය. බෙදා හැරීමේ තොරතුරු, හඳුනාගැනීමේ තොරතුරු සහ පොලිස් ඇමතුම් ලොග අඩංගු වේ. මෙම වාර්තා විකිණීමට ඇති දත්ත අසත්‍ය නොවන බව සත්‍යාපනය කිරීමට උනන්දුවක් දක්වන ගැනුම්කරුවන්ට ඉඩ සලසයි. කාන්දු වීම තරමක් විවේචනයක් ජනනය කර ඇත, බලපෑමට ලක් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව අතිශයෝක්තියට නැංවිය හැකි යැයි විශ්වාස කරන අය ඇතුළුව, විශේෂයෙන් මෙම ෂැංහයි පොලිස් දත්ත ගබඩාවේ ඇති මුළු සංඛ්‍යාව චීනයේ මුළු ජනගහනයට වඩා මිලියන 400 ක් පමණක් අඩු යැයි විශ්වාස කෙරේ, එනම් බිලියන 1.4 කි. චීන රජය රූපවාහිනියෙන් හෝ අන්තර්ජාලයෙන් හෝ මාධ්‍යවේදීන්ට අනවසරයෙන් ඇතුළු වූ බව නිල වශයෙන් සඳහන් කළේ නැත. අනෙකුත් වාර්තා පෙන්වා දී ඇත්තේ බීජිං සිය පුරවැසියන් ස්ත්‍රී දූෂණ ගැන කතා කරනවාට අකමැති ආකාරයයි. ෆිනෑන්ෂල් ටයිම්ස් වාර්තා කළේ කාන්දු වූ බව පැවසීමට පවා නිර්භීත වූ චීන සමාජ මාධ්‍ය පළ කිරීම් රජයේ වාරණයන් විසින් ඉවත් කරන ලද බවයි. En Weibo, Twitter හි චීන අනුවාදය, සහ WeChat දැනටමත් ඕනෑම සඳහනක් වාරණය කරයි "දත්ත කාන්දු වීම" හෝ "දත්ත සමුදාය උල්ලංඝනය" අඩංගු හැෂ් ටැග් වලින්. වාරණයන් පවතින තනතුරු අවහිර කර ඇති අතර අවම වශයෙන් විශාල අනුගාමිකයින් (බොහෝ අනුගාමිකයින්) ඇති අයෙකුගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඉදිරිපත් වන ලෙස පවා ඉල්ලා සිටි බව වාර්තා වේ. NYT වාර්තා කළේ, අනවසරයෙන් ඇතුළුවීම පිළිබඳ පුවත් සම්බන්ධයෙන් චීන රාජ්‍ය මාධ්‍ය නිහඬව සිටි බවයි. Cryptocurrency exchange Binance හි ප්‍රධාන විධායක නිලධාරී Changpeng Zhao Twitter හි ලියා ඇත්තේ සමාගම විසින් ප්‍රහාරය හඳුනාගෙන ඇති අතර රජයේ සංවර්ධකයෙකු අන්තර්ජාල සංසදයක දත්ත සමුදායට ප්‍රවේශ වීමට අක්තපත්‍ර නොදැනුවත්ව පළ කර ඇති බවට අනුමාන කරන බවයි. හැකර් ලියා ඇත්තේ දත්ත වලාකුළු පරිගණක සමාගමක් වන Aliyun වෙතින් ලැබුණු බවයි, ඔවුන් පවසන පරිදි එය ෂැංහයි පොලිස් දත්ත ගබඩාව පවත්වාගෙන යයි. මුල් සාම්පලයේ සත්‍යතාව තහවුරු කිරීමට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට හැකි විය පුරවැසියන් 250.000 කගේ පුද්ගලික තොරතුරු එහි අඩංගු විය. වාර්තාකරුවන් දත්ත සමුදායේ ලැයිස්තුගත කර ඇති පුද්ගලයින් ලෙස හැඳින්වූයේ ඔවුන් කවුරුන්ද යන්න පැහැදිලිවම තහවුරු කළ සහ ඔවුන් විසින් ගොනු කර ඇති ඕනෑම පෙර පොලිස් වාර්තා, මහජන ආරක්ෂාව මගින් පුද්ගලයෙකු "ප්‍රධාන පුද්ගලයා" ලෙස හඳුනාගෙන තිබේද යන්න ද ඇතුළත් වන අතර, ඔවුන්ගේ ක්‍රියාකාරකම් වාර්තා කිරීම පහසු කරයි. රටේ පුළුල් නිරීක්ෂණ තත්ත්වය. වෝල් ස්ට්‍රීට් ජර්නලය 750,000 ක විශාලතම නියැදියේ නම් සහ අංක කිහිපයක් ද සඳහන් කර ඇති අතර, එම පුද්ගලයින් පස් දෙනෙකු ද පොලිසිය විසින් රැස් නොකළහොත් දත්ත ලබා ගැනීම දුෂ්කර බව සනාථ කරයි. ජර්නලය පරීක්‍ෂා කළ සමහර අංක තවදුරටත් වලංගු නැත, නමුත් වාර්තාකරුවන් සඳහන් කළේ චීන පුරවැසියන් බොහෝ විට ඔවුන්ගේ අංක වෙනස් කරන බවයි. අනවසරයෙන් ඇතුළු වූ දත්ත කට්ටලයේ සිටි, Wei නම් වාසගම, ඔහුගේ තොරතුරු කාන්දු වී ඇති බව දැනගත් පසු ජර්නලයට පැවසුවේ, "අපි හැමෝම නිරුවතින් දුවනවා", චීන වැසියන්ට ඔවුන්ට පෞද්ගලිකත්වයක් නොමැති බව පැවසීමට පොදු වාක්‍ය ඛණ්ඩයකි. ChinaDan හි ප්‍රකාශයන් සත්‍යයක් බවට පත් වුවහොත්, එය චීනයට මෙතෙක් සිදු වූ විශාලතම දත්ත කඩකිරීම සහ ඉතිහාසයේ විශාලතම දත්ත කඩකිරීම වනු ඇත. 2022 බහුජාතික සමාගම්වල සහ රජයන්හි දත්ත කඩකිරීම් සඳහා විශාල වසරක් බව දැනටමත් ඔප්පු වී ඇත. අවසානයේ ඔබ ඒ ගැන වැඩි විස්තර දැන ගැනීමට කැමති නම්, ඔබට විස්තර පරීක්ෂා කළ හැකිය පහත සබැඳිය. ලිපියේ අන්තර්ගතය අපගේ මූලධර්මවලට අනුකූල වේ කතුවැකි ආචාර ධර්ම. දෝෂයක් වාර්තා කිරීමට ක්ලික් කරන්න මෙන්න. ලිපියට සම්පූර්ණ මාර්ගය: ලිනක්ස් වෙතින් » අප ගැන » චීනය ෂැංහයි පොලිසියේ දත්ත ගබඩාව සොරකම් කිරීමේ පුවත් වාරණය කරයි ඔබ උනන්දු විය හැකිය අදහස් පළ කිරීමට ප්රථම වන්න ඔබේ අදහස තබන්න පිළිතුර අවලංගු කරන්න ඔබේ ඊ-මේල් ලිපිනය පළ කරනු නොලැබේ. අවශ්ය ක්ෂේත්ර දක්වා ඇති ලකුණ * අදහස් * නම * විද ත් තැපැල් * මම පිළිගන්නවා රහස්‍යතා නියමයන් * දත්ත සඳහා වගකිව යුතු: මිගෙල් ඇන්ජල් ගැටන් දත්තවල අරමුණ: SPAM පාලනය කිරීම, අදහස් කළමනාකරණය. නීත්‍යානුකූලභාවය: ඔබේ කැමැත්ත දත්ත සන්නිවේදනය: නෛතික බැඳීමකින් හැර දත්ත තෙවන පාර්ශවයකට සන්නිවේදනය නොකෙරේ. දත්ත ගබඩා කිරීම: ඔක්සෙන්ටස් නෙට්වර්ක්ස් (EU) විසින් සත්කාරකත්වය දක්වන දත්ත සමුදාය අයිතිවාසිකම්: ඕනෑම වේලාවක ඔබට ඔබේ තොරතුරු සීමා කිරීමට, නැවත ලබා ගැනීමට සහ මකා දැමීමට හැකිය. මට පුවත් පත්‍රිකාව ලැබීමට අවශ්‍යයි wxWidgets 3.2.0 දැනටමත් නිකුත් කර ඇති අතර මේ එහි පුවත් වේ උසස් පෙළ 4: එය Debian සහ MX පදනම් කරගත් GNU/Linux මත ස්ථාපනය කරන්නේ කෙසේද? ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනයේ ප්‍රවෘත්ති ඔබගේ විද්‍යුත් තැපෑලෙන් නවතම ලිනක්ස් ප්‍රවෘත්ති ලබා ගන්න නම විද්යුත් තැපෑල දිනපතා පුවත් පත්‍රිකාව සතිපතා පුවත් පත්‍රිකාව මම නීතිමය කොන්දේසි පිළිගන්නවා ↑ ෆේස්බුක් ට්විටර් Pinterest විදුලි පණිවුඩ විද්යුත් තැපෑල RSS අයිෆෝන් ප්‍රවෘත්ති මම මැක් වලින් ඇපල් මාර්ගෝපදේශ Android උදව් ඇන්ඩ්‍රොයිඩ් Android මාර්ගෝපදේශ සියලුම Android ගැජට් ප්‍රවෘත්ති ජංගම සංසදය ටැබ්ලට් කලාපය වින්ඩෝස් ප්‍රවෘත්ති ජීවිත බයිට් නිර්මාණ ඔන්ලයින් සියලුම ඊ රීඩර්ස් නිදහස් දෘඩාංග ලිනක්ස් ඇබ්බැහි වූවන් උබුන්ලොග් WoW මාර්ගෝපදේශ වංචා බාගත කිරීම් මෝටර් පුවත් බෙසියා Spanish Afrikaans Albanian Amharic Arabic Armenian Azerbaijani Basque Belarusian Bengali Bosnian Bulgarian Catalan Cebuano Chichewa Chinese (Simplified) Chinese (Traditional) Corsican Croatian Czech Danish Dutch English Esperanto Estonian Filipino Finnish French Frisian Galician Georgian German Greek Gujarati Haitian Creole Hausa Hawaiian Hebrew Hindi Hmong Hungarian Icelandic Igbo Indonesian Irish Italian Japanese Javanese Kannada Kazakh Khmer Korean Kurdish (Kurmanji) Kyrgyz Lao Latin Latvian Lithuanian Luxembourgish Macedonian Malagasy Malay Malayalam Maltese Maori Marathi Mongolian Myanmar (Burmese) Nepali Norwegian Pashto Persian Polish Portuguese Punjabi Romanian Russian Samoan Scottish Gaelic Serbian Sesotho Shona Sindhi Sinhala Slovak Slovenian Somali Spanish Sudanese Swahili Swedish Tajik Tamil Telugu Thai Turkish Ukrainian Urdu Uzbek Vietnamese Welsh Xhosa Yiddish Yoruba Zulu
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, බෝට්ටු නිෂ්පාදන තාක්ෂණය වැඩිදියුණු කිරීමේ ආයතනය සමග එක්ව බෝට්ටු කර්මාන්තය විනෝදාංශයක් ලෙස ප්‍ර‍වර්ධනය කිරීම යන මැයෙන් සම්මන්ත්‍ර‍ණයක් 2020 මාර්තු මස 04 වන බදාදා දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍ර‍ණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහි අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ බෝට්ටු කර්මාන්තය විනෝදාංශයක් ලෙස ප්‍ර‍වර්ධනය කිරීමත්, බෝට්ටු භාවිතය වර්ධනය කිරීම හා අභ්‍යන්තර සහ බාහිර ලෙස වෙළඳපොල ඉල්ලුම වර්ධනය කිරීමත්, බෝට්ටු කර්මාන්තය ආශ්‍රිත ගැටළු හදුනාගනිමින් නිෂ්පාදන හා සේවා වර්ධනය කිරීමත්ය. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ජීවනී සිරිවර්ධන මහත්මිය මෙම සම්මන්ත්‍ර‍ණයට එක්වෙමින් සඳහන් කළේ මේ මොහොතේ අපනයන ක්ෂේත්‍ර‍ට නව අරමුණක් තිබෙන බවයි. “අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍ර‍භාෂ් සුභසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ අප අපනයන විවිධාංගීකරණයට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටිනවා . එසේම සාම්ප්‍ර‍දායික අපනයන මතම රඳා පැවතීම නොකළ යුතුයි. ඒ අනුව බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය නැගී එන කර්මාන්තයක් ලෙස ඉතා වැදගත්. ඔබ දැනටමත් දන්නවා ජාතික අපනයන උපායමාර්ගයට අනුව ප්‍ර‍ධාන අපනයන ක්ෂේත්‍ර‍යන් හයක් හඳුනාගෙන තිබෙනවා. බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය එහි එක් ක්ෂේත්‍ර‍යක්. ඒ අනුව යමින් රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය දැනුවත් කරමින් බෝට්ටු නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඇති අවස්ථාවන් හඳුනාගනිමින් එය වර්ධනය කර ගැනීමට කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම මෙම ක්ෂේත්‍ර‍ය සංචාරක ව්‍යාපාරය වර්ධනයට ද දායක කර ගැනීමේ විශාල විභවතාවක් අප සතුව පවතින බවත් සඳහන් කළ යුතුයි. ” මේ සඳහා බෝට්ටු කර්මාන්තය ආශ්‍රිත සියළුම පාර්ශ්වයන්ගේ සහභාගීත්ව දක්නට ලැබුණු අතර ඉදිරි පස් වසර තුළ සමුද්‍රීය සංචාරක කර්මාන්තය දළ දේශීය නිෂ්පාදනයට තිබෙන දායකත්වය අවම වශයෙන් 11% සිට 23% දක්වා දියුණු කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය දියුණු කිරීමේ ආයතනයේ කළ­ම­නා­කාර අධ්‍ය­ක්ෂ­ව­රයා වන ගාමිණී බී හේරත් මහතා ප්‍ර‍කාශ කළේය. වැඩි දුරටත් අදහස් දැක්වූ කළ­ම­නා­කාර අධ්‍ය­ක්ෂ­ව­රයා ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සංචාරක ව්‍යාපාරයේ ස්වභාවය හා ඉදිරි සැලසුම් පිළිබඳ පැහැදිලි කළේය. “අද දවසේ සංචාරක ව්‍යාපාරය දෙස බැලූවිට පෙනෙන්නේ සංචාරකයන් ලක්ෂ 20ක් පමණ පැමිණෙනවා. වියට්නාමයේ සාමාන්‍යයෙන් සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂ සියය ඉක්මවනවා. එයට මූලික හේතුව සංචාරක කර්මාන්තය ආශ්‍රිතව අලුතින් සේවා රැසක් එකතු කර තිබීමයි…” “අපි බලාපොරොත්තු වෙනවා අපනයනය දිරි ගැන්වීම වගේ ම සමුද්‍රීය සංචාරක ව්‍යාපාරය දිරිගැන්වීම කරන්නත්. ඒ නිසයි මෙම සම්මන්ත්‍ර‍ණය පැවැත්වුණේ. මේ සඳහා අපි ආරාධනා කළා රජයට හා පෞද්ගලික අංශයේ නිෂ්පාදකයන්ට. අපට විශාල විභවයක් තිබෙනවා සමුද්‍රීය සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට. ඒ තුළින් දළ ජාතික නිෂ්පාදනයට ලැබෙන 11%ක දායකත්වය 58% දක්වා වැඩි කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ සඳහා රජයත්, පෞද්ගලික අංශයත් එක්ව ක්‍රියා කිරීම අපගේ මූලික අරමුණයි.” Author Related Post Sinhala EVOPLAY – ශ්‍රී ලංකාවේ ප්‍රථම අද්විතීය විනෝදාස්වාද ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ මාධ්‍යය J Dec, 2021 Author Sinhala කාන්තා හිංසනය පිටුදකිමින්, ප්‍රචණ්ඩත්වයෙන් තොර අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් British Council, FISD සහ JSAC එක්වෙති J Sep, 2021 Author Sinhala සොලෙක්ස් – යුනිකෝ ජල පොම්ප සිය 15 වන සංවත්සරය සමරයි J Sep, 2021 Author Leave a Reply Cancel reply Your email address will not be published. Required fields are marked * Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Exchange Rates Exchange Rate LKR: Fri, 25 Nov. You missed Banking Finance Latest News Local Sri Lanka’s Central Bank threatens administrative measures to bring down market rates Nov 24, 2022 Author Latest News Local Ceylon Chamber makes clarion call for independence of Central Bank Nov 21, 2022 Author Latest News Local New Incentive package needed to attract investments– Ministerial Consultative Committee on Investment Promotion
(i)ග්රින්ථවිභාවනා ශ්රීiමත් ශ්රිතශුද්ධ බුද්ධි වල්ලහොත්කෘෂ්ට සමස්ත කවිමස්ත මණිරත්නා යමාන ගුත්තිල කාව්ය් නාමඛ්යාුත ව්යසක්ත ප්රණශස්ත මේ ග්ර න්ථ රත්නය වනාහි ශ්රිර ලංකාද්විපයෙහි වීරප්රශසිද්ධ ව අතිශයාදරයෙන් ආශ්රදත කරගෙන එන ලබන්නා වූ මහාර්ඝ වූ පද්යර රචනාවකි. මේ වනාහි සසදාවතය, මුවදෙව් දාවතය, කවිසිඵමිණය, කාව්යනශෙඛරය යනාදි උසස් ග්රින්ථයන් සමඟ ශ්රේෂ්ඨ පඬකතියෙහි ගණිනු ලැබේ. එළියුත් කවියෙන් බඳනා ග්රසන්ථයන් අතුරෙන් මෙය කාව්යපශෙඛරයට පමණක් දෙවැනි කොට ද අන්ය සියලු කාව්යසයන්හට පළමු වැනි කොට ද පඬුවෝ සලකත්, එක් අංගයකින් මේ කාව්යගය සිංහල භාෂාවෙහි සියලු කාව්යයයන්හට ම උතුම් බව ද පෙනේ. ඒ මෙසේය. සිංහලද්විපය ශාස්ත්රාෙලොකයෙන් හෙබියා වූ කාලයෙහි බොහෝ පඬිවරයන් විසින් ස්වකීය කාව්යශ නිර්මාණය කරන ලද්දේ පෙර කල ජම්බුද්විපයෙහි බැබළි කාලිදාස, භවභූති ආදි උසස් කවින්ගේ උක්ත්ය නුසාරයෙනි.එයින් සංස්කෘත කාව්යසශාස්ත්රතයෙහි ඔවුන්ගේ ප්රඋවීණත්වය ප්ර‍කාශ වූ හෙයින් ඒ ගරුකටයුතු වූ සිරිතක් වශයෙන් එකලට පිළිගන්නා ලද්දේය. මේ කාව්ය‍යෙහි කර්තෘභූත වූ ආචාය්යය පාදයෝ වූකලි ඒ මේ සිටිතට ගරු නොකළාහ. මේ කාව්ය‍යෙහි පෙනෙන්නා වූ සාරවත් වූ අලංකාරවත් වූ කියමන් සියල්ල ම මෙවුන් විසින් අන් කිසිවෙකු අනුව නො ගොස් සවකීය ප්රවඥා ශක්තියෙන් උත්පාදිත කොට කියන ලද්දේ මය. එහෙයින් මේ ග්රූන්ථය සිංහල කවිත්වයෙහි ස්වෛරිභාවය ප්රයකාශ කෙරෙමින් එහි ගුරුත්වොද්වහනය කිරිමට ප්රසධාන ස්තම්භය විය. සර්ගබන්ධො මහා කාව්යවම’යි ආලංකාරිකයන් විසින් කියන ලදින් සර්ග බන්ධයෙන් නො කරන ලද මේ කාව්යරය වනාහි මහා කාව්යි සංඛ්යාබවට ඇතුළත් නො වේ. ඛණ්ඩ කාව්ය පඩකතියෙහි ගැණේ. ඒ ශාස්ත්රි ලක්ෂණ වශයෙනි. එහෙත් කාව්යෙනන්නතියෙන් බලන කල මෙඝදුතාදි වෙනත් මහා කාව්ය්යිනන් සේ ම මෙ ද අත්යයර්ථයෙන් මහා කාව්ය යෙකි. (ii) කර්තෘ සන්දර්ශනය මෙහි කර්තෘවරයෝ කවරෙක් ද යනු පොතෙහි ම නො දක්වන ලදි. එහෙත් සත්කෝරළයෙහි වෑත්තෑව නම් ගමෙහි උපන් එම ග්රානම නාමයෙන් ප්ර්කට වූ ස්ථවිරයන් වහන්සේ නමකැයි මුඛ පරම්පර‍ාවෙන් කියනු ලැබේ. වෑවත්තේ සංඝයා වහන්සේ නමකැයි ද සාමාන්යඛ වශයෙන් ප්ර්කටයි. වෑවත්ත නම් ගමක් කඩුගන්නාව සමීපයෙහි ඇති බව ඇසීමු. දැනට සත් කොරළයට ඉතා ආසන්න වූ පෙර කල මන්ත්රීනශ්වරයාගේ ආරාධනයෙන් මේ පොත කළ බැව් උපන්යඉසයෙහි කියා තිබේ. මේ වනාහි වෑත්තැවේ තෙරිඳු කෙනෙකුන් විසින් පොත කරන ලද්දේය යන මුඛපරම්පරා කථාව පිළිගනීමට වැදගත් සාක්ෂ්ය්යකි. 7 (vi) මේ ආචාය්ය්‍ිසපාදයෝ ලංකාවේ කලින් කල ෂඩ්භාෂාපරමේශ්වර ව වීසූ උසස් පඬිවරයන් අතුරෙන් ඉතා විශාරද පඬිවරයෙක් වූහයි පිළිගැනිම උගහට නො වේ. සම්බුද්ධ ධර්මයෙහි මෙන් ව ව්යාඬකරණ, නිරුක්ති, න්යාභය, ඡන්දොලංකාරාදි විද්යාවමාර්ගයන්හි ද කාව්යෙනාටකාදි ශාස්ත්රයයන්හි ද එසේ ම වෙදාංග සහිත වූ චතුර්වෙදයෙහි ද මුන්වහන්සේහට සුවි‍ශාලාතිගම්හී වූ දැනුමක් ඇති ව තුබු බැව් මුන්වහන්සේගේ මේ කෘතියෙන් පෙනේ. මේ පඬිවරයාණන්ගේ සංස්කෘත භාෂා පරමේශ්වරත්වය යථොක්ත භාෂාවෙන් භින්න වූ යම්කිසි වචනයන් මොවුන් විසින් මේ ග්රාන්ථයෙහි කිසි තැනෙක විශෙෂාර්ථ පිණිස යොදා තිබෙන රහින් වර්තමානයන්හට මදක් අවබොධ වේ මේ කර්තෘවරයා ගැන ස්වකීය ජන්මභූමි ප්රනදෙශයෙහි පවත්නා වූ කථා ප්‍රවෘත්තිය මෙසේය: සත්කෝරළේ දිසාවේ කටුගම්පළ හත්පත්තුවේ මැදපත්තු කෝරළේ වෑත්තෑව නම් ගමෙහි දුග්ගන්නා වලව්වේ අප්පුහාමි නම් ළමයා ප්රේව්රමජ්යා වට පැමිණ තොටගමුවේ විජයබාහු පරිවෙණාධිපති ත්රි පිටක වාගිශ්වරාවාය්යත ශ්රි රාහුල මහා ස්වාමින් වහන්සේ සමීපයෙහි ශාස්ත්රාිගම ඉගෙන අතිශයින් සමර්ථ ව වාසය කෙරේ. මෙසේ වාසයක කරන සමයෙහි ස්වකීයාවාය්ය්ඉගෙයන් වහන්සේ යම්කිසි කරුණක් නිසා මුන්වහන්සේ සමග නො සතුටු වි සිටින බව හැඟී ගොස් සංවේගයට පැමිණ ‘සිවුරු හැර යම්හ’ යි සනිටුහන් කොට ගෙන ඒ බව ආචාය්ය්ි යන් වහන්සේට හඟවනු පිණිස ‘සියපින්’ යයි වායු ගණයෙන් මුලට යොදා මේ ප්රයබන්ධය කළේය. ගුරුද්රොිහයෙහි නුසුදුසු භාවය ගුත්තිල ජාතකයෙන් තමන් දැන සිටි බව හඟවනු පිණිස මේ ජාතකය ම කිවි කිරිමට තෝරා ගත්තේය. එසේ ගෘහස්ථභාවප්රාිප්ත වූ මේ ‍පඬිවරයන් විසින් ස්වකීය ප්රසබන්ධය සලාවත ජයපාල මන්ත්රිනශ්වරයාණන්ගේ ආධාර යෙන් කෝට්ටේ මහවාසලට ඔප්පු දි සිටි තැනේ දි එකි අප්පුහාමි නම් යුත් කිවිඳුහට ‘වාහල පණඩිත මුදියන්සේ’ යන පටබැදි නාමය සමගින් කොට්ටල් බද්දේ දිසාපත් ධුරය දෙන ලද්දේය.තවද යටකි මැදපත්තු කොරළේ වැත්තෑව නම් ගමට නුදුරු වූ කෝදංග නම් හතලිස් අමුණුගම පමුණුගම කොට සන්නාසක් පිට දෙන ලද්දේය. ඒ ගමෙහි එක් ප්රුදේශයෙක්හි වත්තක් වවා ගෙදරක් සාදා ගෙන මේ දිසාපතිතුමා එහි නිවාසි ව සිටි බැවින් වත්තේ ගෙදර යන නමින් ඒ ප්ර දේශය ක්රාමයෙන් ගම්වරක් විය. එතුමාගේ වාසභවනය වූ ස්ථානයට අද දක්වා ම ‘වත්තේ ගෙදර වලව්ව’ යයි කියති. ඒ වලව්වෙහි මේ තුමා‍ගේ පෙළපතින් පැවත් එන්නා වූ වාහල පණ්ඩිත මුදියන්සේලාගේ වලව්වේ පුංචි බණ්ඩාර නම් මහතා දැනට වාසය කෙරේ.1 1 මේ ප්රනවෘත්තිය සත්කෝර‍ළේ වැදගත් මහතකු විසන් බිහල්පොල දෙවරකඛිත ස්වාමින් වහන්සේ වෙන එවන ලද ලියමනක් බලා සකස් කළ බැව් ස්තුතියෙන් සදහන් කරමු. 8 (VII) (III) ග්රලන්ථා නිර්මාණ කාලය ගුත්තිල කාව්යමය කරන කාලයෙහි ලංකාවේ රාජ්යයශ්රිුය ඉසිලුවා වූ රජහුගේ නාමය - ජයසිරි මඬල ගේ සැදු පරකුම්බා නිරිඳු ගේ යන්නෙන් පොතෙහි සන්දර්ශිත කරන ලදි. පුර්වොද්දිෂ්ට මුඛපරම්පරා කථාව ද මීට සම්බන්ධ කොට බලන කල මෙහි සඳහන් පරාක්ර.මබාහු නරෙන්ද්රියා නම් ජයවර්ධන පුරයෙහි රාජ්යිය කළා වු සෞය්ය්් පකයවංශික ශ්රි් සංඝබොධි ශ්රීී පරාක්රෙමබාහු රාජයා හෙවත් සවැනි පරකුම්බා රජ බව පෙනේ. මේ රාජයාගේ රාජ්යජශ්රී ප්රාරප්තිය මෙසේ විය. ක්රිං.ව.1408 වැන්නෙහි දි චින්හෝ නම් චීන සෙනාපතියකු විසින් ලංකෙශ්වර වූ වීරඅලකේශ්වර යයි පුර්වනාමොපලක්ෂිත සවැනි ශ්රින සංඝබොධි විජයබාහු රජතෙම ශඨභාවයෙන් අල්ලා ස්වකීය දාරදාරකයන් සමගින් චිනයට ගෙන යන ලද්දේය. එතැන් සිටි ක්රි .ව.1410 වැන්න දක්වා ලංකාව අරාජක ව පැවතුණේය. මේ වර්ෂයෙහි ද (එනම් ක්රික.ව.1410 වැන්නෙහි දි) ජයමහලේනා නම් ගුරු නාමය ලත් සෞය්ය්හි වංශීය ලම්බකරණකුලොද්භූත ක්ෂත්රිනයාණ කෙනෙකුත් ගේ පුත්ර වූ පරාක්රශමබාහු නම් කුමාරයා ස්වකීය හිතෛෂීන් විසින් හිස් වු සිංහාසනයට යෝග්යකයකු වශයෙන් ඉදිරියට පෙන්වා සිටින ලද්දේය. ෂට්වැනි පරාක්රයමබාහු යන රාජන්යද නාමයෙනි. එහෙත් ක්රිා.ව.1411 හි දි චින දෙශාධිපත් අගරජතුමා විසින් විජයබාහු රජුගේ පුත්රයයා වන පරාක්රෙමබාහු ඈපාණ ලංකා රාජ්යපශ්රිායෙහි පිහිටුවා හිරෙන් මුදවා ලංකාවට එවන ලද්දේය. සූය්ය් ල වංශයෙහි මෙහෙණවර කුලොද්භුත වූ මේ අභිනව රජතුමා ක්රිව.ව. 1412 වැන්නෙහි දි ලංකාවට පැමිණියේ යයි සිතිය යුතු වේ. ලංකාවාසින් විසින් සමාදරයෙන් පිළිගන්නා ලද හේතෙමේ දැතිගම් පුරය ස්වකීය රාජධානිය කොට රාජ්යා පාලනයට පටන් ගත්තේය. වුත්තමාලායෙන් ඔහුට ස්තොත්ර කරන ලද්දේ එකල්හිය. මේ රාජයාගේ රාජ්යොැදය දුටු ලම්බකර්ණ පරාක්රහමබාහු තෙමේ අප්ර්සිද්ධ වේශයෙන් පලා ගොස් සැඟවුණේය. එසේ සැඟවි සිටින්නා වූ ඔහට ක්රමමයෙන් බලවත් පක්ෂපාත පිරසක් ඇති වී ඔහු විසින් ඔවුන්ගේ සහායත්වයෙන් රජ හා සමග යුද්ධාරම්භ කරන ලද්දේය. පළමු සටන්වල දි මොවුහු පරාජය ලැබූහ. එහෙත් ඔවුහු මන්දෝත්සාහයට නො පැමිණ රාජයා තෙමේ රාජ වංශියකු නො ව අලකේශ්වර කෙනෙකැයි ප්රඔචලිත කරවා හැර තව තවත් ජනයත් ඔවුන් කෙරෙහි පහදවා ගෙන නැවතත් යුද්ධයට සැරසුණෝය. රාජයහට ජයාශංසන මුඛයෙන් තිසර සන්දේශය කරන ලද්දේ මේ කාලයෙහිය. මහ විසිදාගම තෙරුන් වහන්සේ පරාක්රසමබාහු කුමාරයාගේ ජිවිතරක්ෂණය පිණිස ඉවහල් වූ කෙනෙකි. මේ කාරණය මුළාධාර කර ගෙන කුමාරයාගේ මිත්ර යෝ යුද්ධසමුදාය ද කුමාරයා වෙතට හරවා ගත්තාහුය. ඉන්පසු ප්රවස්තාවයක් බලා යුද්ධ සෙනාව 9 (Viii) ඉදිරියෙහි දි ම රාජයා ජිවිතක්ෂයට පමුණුවන ලදි. මේ ක්රිු.ව.1414 වැන්නෙහි දි ය. එයින් පරාක්ර මබාහු කුමාර තෙමේ කණ්ඩක රහිත ව ශ්රික ලංකාවෙහි රාජ්යෙශ්රි4යට පැමිණ ඊළඟ වර්ෂයෙහි අභිෂෙක ලත් රජ විය එයින් කියන ලදි - බුදුවසිනෙක් දහ ස නවසිය අට පණස් ව ස රිවි සඳ තෙද යස ස පතළ නිරි‍ඳෙක් විය ලෝකු ස නමින් පැරකු ම්බා තෙදින් රුපිනොද ත ම්බා රුදු විරිදු පු ම්බා වැජඹි පුඵලුර සිරි ඔලො ම්බා මෙතැන් සිට මේ රජ තෙමේ ශ්රිබ ලංකාද්විපය ශ්රි සම්පත්තියෙන් හා බල සම්පන්න භාවයෙන් ද වර්ධනය කෙරෙමින් මහත් තෙජානුභාවයෙන් යුක්ත ව අවුරුදු 52 ක් රාජ්යනශ්රිකය අනුභව කළේය. මේ රජහුගේ රාජ්යොිදය කාල‍යෙහි කඩලාදෙණි විහාරවාසි ද්විතීය ධර්ම කීර්ති සංඝරාජ ස්වාමින්වහන්සේ අසදෘශ ප්රිඥලොකයෙන් හා අපරිමෙය ශාස්ත්රා්ලොකයෙන් සිරිලක බොහෝ සේ හොබවමින් වැඩ සි‍ටියේය. ඒ ස්වාමින් වහන්සේ විසින් ශාසනය ප්රනධාන කොට ශාස්ත්ර්යට ද බොහෝ සංග්ර.හ කරන ලදි. සද්ධර්මාිලංකාර නම් මහා ධර්මප්රටකරණය වානහි මුන්වහ්නසේගේ කෘතියකි. තවත් මුන්වහන්සේ විසින් කරන ලද ග්රරන්ථ වලින් සමහරක් නම් ගඩලාදෙණි සන්නය නමින් සුප්රහකට වූ බාලාවතාර සංක්ෂේප ව්යාරඛ්යාරනය, ජිනබොධාවලි නම් මාගධි පද්යර බන්ධනය, නිකාය සංග්ර්හව යනාදියයි. මේ ස්වාමින් වහන්සේගේ කාලයෙහි ලංකාදිවිපයෙහි උසස් ව බැබළි ශාස්ත්රා ලොකය තෙම සවැනි පරාක්ර මබාහු රජහුගේ අර්ධ ශතවර්ෂයකට ද වැඩියෙන් දීර්ඝ වූ රාජ්යාානුශාසන කාලය මුඵල්ලේහි ම දීප්තිමත් ව බැබඵණේය. මේ කාලයෙහි නානා දිශාවන්හි විද්යානලතාවහට තෝතැනි වූ පිරිවෙන් ඇති වූහ. ඒ පිරිවෙණයන්හට අධිපති ව ද වෙනත් නානා ප්රයකාරයෙන් ද ‍ලොකසංග්රවහ කෙරෙමින් විජෘම්භමාණ වූ අතුල ප්ර්ඥ සම්පත්ති සමුපෙත ශාස්ත්රාටගමධාරි බොහෝ උසස් පඬිවරයන්ගෙන් මේ කල්හි ශ්රී් ලංකා තොමෝ ශොභාමත් විය. ඔවුන් අතුරෙන් මංගල මහා ස්වාමින් වහන්සේ පැපිළියානෙහි සුනේත්රාම මහා දේවි පරිවෙණාධිපති ව වැඩහිඳි ශාස්ත්රාසගම වර්ධනය කළේය. කෑරගල පද්මවති පරිවෙණාධිපති වනරතන මහා ස්වාමින් වහන්සේගේ කීර්තිකදම්බය තෙම හංස සන්දේශ යෙහි ප්රතතිබිම්භිත ව පෙනේ. තොටගමු විජයබාහු පරිවෙණාධිපති ශ්රීම රාහුල මහා ස්වාමින් වහන්සේ විසින් වෙනත් නොයෙක් ගරු ග්රුන්ථයන් හා ස්වභාෂා සංග්රාහ පිණිස පරවි සන්දේශය,සැළලිහිණි සන්දේශය, කාව්යන 10 Ix ශෙඛරය යන මේ ග්ර න්ථයෝ ද කරන ලද්දාහ. දෙවිනුවර ඉරුගල්කුල පරිවෙණාධිපති මහා ස්ථවිර ස්වාමින් වහන්සේ විසින් කොකිල සන්දේශය කරන ලද්දේය. මෙහි දෙවිනුව යයි කියු කන්හි මුල්ගිරිගල යයි සමහරු කියත්. විසිදාගම ශ්රිල ඝනානන්ද පරිවෙණාධිපති මහානෙත්රිපාදාසමුල මෛත්රෙකය මහා ස්ථවිරයන් වහන්සේ විසින් යථොක්ත පිරිවෙනින් ශාස්ත්රා්ගම බබුඵවන ලද්දේය. මේ ස්වාමින් වහන්සේ නම් ද්විතීය විසිදාගම ස්ථිවරයන් වහන්සේය. මුන්වහන්සේ විසින් ලෝවැඩ සඟරාව කරන ලද්දේ මේ කාලයෙහි යයි සිතිය යුතු බව පෙනේ. මේ කාලයෙහි දි ම කරන ලද හංස සන්දෙශය ද මුන්වහන්සේගේ කෘතියකැ යි සම්භාවනීය වූ පඬුවෝ සලකත්, මේ කාලය අවසානයෙහි දි පමණ මුන්වහන්සේ ‍විසින් කාව්ය, කල්ෂණ මණිමාලා නම් ග්රංන්ථය ගීයෙන් කරන ලද්දේය. එහි අවසාන ගීය මෙසේය: මෙකල එකසක් කළ-සිරි පරකුම් නිරිඳුහට පනස් සිව් වස කෙළෙ මේ-කිවිලකුණු මිණිමල් නම් තවද මේ කාලයෙහි ද්විතිය ධර්මකීර්ති මහා ස්වාමින් වහන්සේගේ අනුජාත ශිෂ්යහපුත්රල වූ විමලකීර්ති මහා ස්ථිවිර ස්වාමින් විසින් පරාක්රාමබාහු රාජයාණන්ගේ ම ආරාධනයෙන් සද්ධර්ම්රත්නාකර නම් මහා ධර්ම ප්රාකරණය කරන ලද්දේය. ගෞඩ දෙශයෙන් පැමිණ බෞද්ධාගම චක්රාවර්ති ශ්රීා රාමචන්ද්රර කිවභාරති භූසුරාවාය්ය් යන් විසින් භක්තිශතකය ද වෘත්ත මාලඛ්යර නම් කාව්යාය ද සංස්කෘතයෙන් කරන ලද්දාහ. මේ අන්තිම පොතෙහි කථා ශරිරය නම් ගුරුතුරුමුල මහානෙත්රයප්රාෙසාදමූල මහා ස්ථවීර ස්වාමින් වහන්සේ චරිතයයි. මේ නමින් කියවෙන්නේ මහ විසිදාගම ස්වාමින් වහන්සේ බව වෘත්තමාලාඛ්යාාව හා වෘත්තමාලාවෙහි 42 වැනි 44 වෙනි ගාථාවන් සම කර බැලිමෙන් පෙනේ. තවද මොහු විසන් වෘත්ත රත්නාකර පඤ්විකාව ද කරන ලදි. පරාක්රාමබාහු රාජයාගේ මන්ත්ර වරයෙක් වූ තවද උලකුඩය දෙවියගේ වල්ලභ කුමාරයා යයි අනුමාන කරනු ලබන්නා වූ නල්ලුර් තුනෛයාර් නම් ද්රේවිඩොත්තමයා විසින් පුරාණ නාමාවලිය කරන ලද්දේය. මේ සියලු ග්රයන්ථයන්හි ම වාගේ පරාක්ර මබාහු රාජයාගේ නාමය ස්තුති වර්ණනා මුඛයෙන් සඳහන් කර තිබේ. මේ රාජයාගේ නාමය පමණ කවිගිත වූ සිංහල රාජ නාමයක් නොමැත්තතේ යයි සිතිය හැකි. මේ රජු විසින් ම ද රුවන් මල් නිඝණ්ටුව කරන ලදි. කියන ලද මැයි එහි ම: කරැ රණ එක්දහස්-නවසිය වසම් නගමත්1 රුපුගජ මුඵ නැහැ ලක-කරැ එක්සත් බිසෙව් ලද 1 නග යනු පර්ව තයි.භූත සඬඛ්යාුවෙන් 7යි. මත් යනු කටපය සොඩියින් 5 යි.එයින් නගමත් යන්නෙන් 57 කියවේ. 57 න් විෂම වු 1900 නම් 1957 යි. එයින් ෂට්වැනි පරාක්රඛමබාහු රජතුමා යුද දිනා නිෂ්කණ්ටක ව රජ වූයේ බු.ව.1957 දි හෙවත් ක්රිස.ව.1414 හි දි බව ප්ර)කට වේ. 11 x වියත පැරකුම්බා-සිරිසඟබෝ නරපවර සියබස් නම් රුවන් මල්- පැහැයුම් වන් කලේ මේ මේ රුවන්මල කරන ලද්දේ පූර්වයෙහි ගද්ය් පාඨයෙන් පැවති පියුම්මල් නිඝණ්ටුව ගියට නැගීමෙන් බව ද මේ කෘතිය පුරාණ නාමාවලියට පසු ව කරන ලද්දක් බව ද නාමාවලියෙහි - ලොවැඩ පිණිස පොරණැදුරන් මෙතින් කළ නම් පාලියෙන් මුත් බැවනුදු කවි නො කළ යන්න හා යථොක්ත නිඝණ්ටු යුග්මය සසඳා බැලිමෙන් පිළිගත යුතු වේ. මෙසේ මේ කාලයෙහි විරාජමාන වූ උසස් පඬිවරයන් අතුරෙන් ගුත්තිල කාව්යමය කළා වූ වෑත්තෑවේ ස්වාමින් වහන්සේ ද පැරකුම්බා සිරිත, ගිරා සන්දේශය, තිසර සන්දේශය යනාදි වෙනත් එසේ ම ව්ය්ක්ත ග්ර න්ථයන් කළා වු පඬිවරයෝ ද බාලපරම්පරාවෙහි අය වූහයි සිතිය යුතු බව පෙනේ. ඔවුන්ගේ කිවිත්වය කෙතරම් මහත් වි නමුත් මේ වෘද්ධයන් අතුරෙහි ඔවුන්ගේ කීර්තිය නො පැතිරිම ස්වභාව ධර්මයෙකි. බබළමින් සිටින්නා වූ මහත් ආලොක සමූහයක් මධ්යොයෙහි අභිනව ආලොකයක්හුගේ දීප්තිය නිසි සේ නො පෙනෙයි. එකි ආලොක‍යන් නැති විට බොහෝ ප්රීභාස්වර ව පැනෙයි. මෙසේ ප්රනභාස්වර ව බැබළීමට අපගේ ග්රතන්ථ කර්තෘහට අවසර කාලය නො ලැබුණු බැව් පූර්වොක්ත කථායෙන් පෙනේ. මීට ඇතුළත් කාලය හා ඊට ආසන්න වූ පුරුවාපර කාලයන් ද එක් ව සැදි කාලාන්තරයෙහි සිංහල රාජ පරම්පරා ප්ර වෘත්තිය මෙසේ විය. සතරවැනි භුවනෛකබාහු, මේ රජතෙමෙ හස්තිශෛල පු ක්රිැ.ව.1344 රයෙහි රාජ්යමය කළ සතරවැනි පරාක්රහමබාහු රජුගේ පුත් රාජධානිය: විය. ස්වකීය බන්ධු වූ සෞය්ය්ෙස වංශික වු ශ්රීහ සංඝබොධි ගඟසිරිපුර පරම්පරාගත මෙහෙණවර වංශාභිජාත සෙනාලංකාධිකාර සෙනෙවිරත් තෙම මෝහට මන්ත්රීණ විය. දඹදිව කාඤ්විපුර ගිරිවංශ නිශ්ශංක අලගෛක්කෝනාර් නම් පෙළපත ලංකාවට පැමිණ මේ කාලයෙහි දි ම කුමරියක් කථොක්ත සෙනෙවිරත් විසින් විවාහ කර ගන්ට යෙදුණු බව ද පළිගත යුතු බැව් පෙනේ. ක්රිණ.ව.1345 පස්වැනි පරාක්ර මබාහු.මේ රජ පූර්ව රජුගේ බන්ධුවර ගඟසිරිපුර යෙක් යයි සිතුන් ලැබේ. ඔහු විසින් මොහ් ද අභිෂෙක කරවා ගෙන දෙදෙනා එක් ව රාජ්යයය කළාහුය. තුන්වැනි වික්රාමබැහු.පූර්ව රජුගේ සහොදරයෙක් යයි ක්රිව.ව.1357 සිතනු ලැබේ. ඒ රජුගේ 13 වෙනි වර්ෂයෙහි මේ තෙමේ ගඟසිරිපුර ද ඔහු හා සම රාජ්යාශ්රිියෙහි පිහිටුවා ගන්නා ලදි. මේ රජුගේ කාලයෙහි දි අලගෛක්කෝනාර් නම් මන්ත්රිර 12 xi තෙමේ ප්ර භුරාජ ව පෙරාදෙණියෙහි හිඳ රාජ්යැ පාලනයෙහි සහාය විය. සෙනාලංකාධිකාර සෙනෙවිරත් මන්ත්රිභහුගේ දෙවිය වූ උතතමි තොමෝ මොහුගේ සොහොයුරු කුමාරියකි. පස්වැනි භුවනෛකබාහු, පූර්ව රජුගේ පුත්රෝයා යයි සිතනු ක්රිැ.ව.1372 ලැබේ. සෙනාලංකාධිකාර සෙනෙවිරත් මන්ත්රිංහුගේ 1.ගඟසිරිපුර බෑනණුය. මේ රජුගේ කාලයෙහි දි අලගෛක්කෝනාර් 2.ජයවර්ධනපුර ප්රුභූරාජයා විසින් අභිනව ජයවර්ධන පුර නමින් කෝට්ටේ නගරය කරවන ලදි. එකලට පාතරටට ප්රසධාන ව තිබුණා වූ නගරය නම් රයිගම් පුරයයි. මේ කාලයෙහි යාපාපටුනෙහි ආය්ය්නම්චක්ර වර්ති නම් ද්රාවිඩ රජතෙමේ සිංහල රජුගේ රාජ්යරයෙහි නොයෙක් ප්රයදේශයන් ගෙන් අයබදු ගනිමින් සිටියේය. අලගෛක්කෝනාර් ප්රරභුරාජයා විසින් මේ පිණිස පැමිණ සිටි ද්රයවිඩ රාජපුරුෂයන් මරවා ඉන්පසුආය්ය්්කෝචක්රජවර්ති රජු හා බලවත් සේ යුද්ධ කොට ඔහුගේ බලහංගය කරන ලදි.මේ යුද්ධය ආරබ්ධ වූ වර්ෂයෙහි එනම් ක්රිය.ව.1391 හි දි භුවනෛකබාහු රජතෙම ජයවර්ධන පුරයට පැමිණියේය. එකල උඩරට වැස්සෝ වීරබාහු කුමාරයාගේ ප්ර ධානත්වයෙන් මාතලට පැමිණි දෙමළ බළඇණියක් පරදවායථොක්ත කුමාරයා තමන්හට රජ කර ගත්තාහුය. දෙවැනි වීරබාහු, මේ රජතෙමේ සෙනාලංකාධිකාර ක්රින.ව.1391 සෙනෙවිරත් මන්ත්රිණහුගේ ද්විතිය පුත්රි විය. පාතරට ගඟසිරිපුර ස්වාධිකාර කොට සිටි අලගෛක්කෝනාර් ප්රුභූරාජයාගේ බෑනුණු විය. ඒ ප්ර භූරාජ තෙමේ ක්රිට.ව.1386 හි දි නිධනප්රා ප්ත විය. මෙකලට පස්වැනිභුවනෛකබාහු රජතෙම දුර්වල ව සිටියේය. එහෙයින් අලගෛක්කෝනාර්ටඅනුව රාජ්ය් ප්රජභූත්වය ඔහුගේ පුත්රෝ වූ කුමාර අලකේශ්වරහු විසින් අත්පත් කරගන්නා ලද්දේය. එහෙත් සෙනාලංකාධිකාර සෙනවිරත්ගේ ජ්යෙෝෂ්ට පුත්රම වු වීරඅලකේශ්වර විසින් ඔහු නෙරපා එම බලය තමා අත්පත් කර ගන්නා ලද්දේය. එතකුදු වුවත් ඔහුට ද එම ප්රපභූරාජ මහිමය වැඩිකල් අනුභව කිරිමට නො හැකි විය. ඔහුගේ මලණු වූ වීරබාහු කුමාරයා ඔහු හා යුද්ධ කොට තමන්ගේ ජන්ම භූමි වූ රයිගම් පුරයෙහි දි ඔහු බිදවා පියා හැරියේය. වීර අලකෙශ්වර කුමාරයා ජම්බුද්වීපයට පලා ගියේය. ඉන්පසු වීරබාහු කුමාරයා පස්වැනි භුවනෛකබාහු රජුහට විසිවැන්නෙහි ඒ රජු හා සම රාජ්යඔශ්රිරයට පැමිණියේය. සවැනි විජයබාහු. මෙ තෙමේ සෙනාලංකාධිකාර ක්රිි.ව.1396 සෙනෙවිරත් මන්ත්රි හුගේ ජ්යෙිෂ්ඨ පුත්රශ වූ යට කියන ගඟසිරිපුර ලද වීර අලකේශ්වර කුමාරයාය. ක්රි්.ව.1396 හි දි ජයවර්ධනපුර ද්විතිය විරබාහු රජ අභාවගත වූ බව පෙනේ. එකල ඔහුගේ පුත්රධයන් වූ විජය කුමාරයාය, තුනයේස කුමාරයා යන 13 xii මොවුහු ක්රබමයෙන් රාජ්යව ප්ර භුත්වය අත්පත් කර ගත්තාහුය. එහෙත් ඔවුන්ගේ ‍ජ්යේෂ්ඨ පිතෘ වූ වීර අලකෙශ්වර කුමාරයා වහා ජම්බුද්වීපයෙන් අවුත් එම බලය ඔවුන්ගෙන් පැහැර ගෙන තමා රජ විය. ක්රිහ.ව. 1408 හි දි චීන දේශයට අල්ලා ගෙනයන ලද්දේ මේ රාජයාය. චීන සේනාපතියා රජහට පඬුරු ගෙන එමහයි වංචාවෙන් සේනාව සමග රාජධානියට පැමිණියේ යයි රාජාවලියෙහි කියා තිබේ. රජන්හට දීම පිණිස ප්රා හෘත භාණ්ඩයන් ගෙනා බැව් චීන ප්රවවෘත්තියෙහි ද පෙනී යන බැවින් මෙය මෙසේ ම වී යයි සිතිය හැකි. රාජයා අල්ලන ලද්දේ ගගසිරි පුරයෙහි දි වියයි සිතනු ලැබේ. විජයබාහු රජ සමග ඔහුගේ දාරදාරකයන් ද ගෙනයන 1408 – 1410 ලදින් එම පවුලෙන් ම රාජ්යසයට පත්කර ගැනීමට රාජශූන්ය1 ලංකාවෙහි කිසිවෙක් නො සිටියේය. එහෙයින් යොග්යා කාලය වු කෙනෙකුන් බලා රාජ පදවියට තෝරාගන්නා තුරු මේ කාලයෙහි ප්රකජා පාලයන ගෘහිත රජුගේ උසස් අධිකාරින්ගෙන් යුක්ත වූ තාවත්කාලින මන්ත්රි මණ්ඩලයක් විසින් කරන ලදැයි පිළිගත යුතු වේය. සවැනි පරාක්රමමබාහු. සිංහාසනය හිස් බැවින් ජයමහාලේනා නම් ක්ෂත්රිායයාණන්ගේ පුත්රර වූ ලම්බකර්ණ පරාක්රසබාහු ක්රික.ව.1410 කුමාරයාගේ නාමය රාජධුරය පිණිස තාවත්කාලින මන්ත්රින මණ්ඩලය වෙත මේ වර්ෂයෙහි ‍උපන්ය ස්ත කරන ලද්දේ යයි පිළිගත යුතු වේ. සවැනි පරාක්ර මබාහු නමින් මේ කුමාරයාගේ රාජ්යොයදය වූයේ මේ වර්ෂයෙහි යයි ඇතැම් ග්රකන්ථයන්හි පෙනෙන්නේ ඒ හෙතුවන විය යුතුයි. චින රජවාසල දි සවැනි විජයබාහු රජුගේ ජ්යෙ ෂ්ඨ පුත්රය වූ පරාක්රවමබාහු ඈපාණ නම් කුමාරයා ලංකාවෙහි රාජ්යරශ්රි ක්රි්.ව.1411 යට පත් කොට චීන අගරජුගේ මුද්ර‍ලාඤ්ජනය පිහිටුවන ලද ශාසන පත්රලයකුත් සමග මේ වර්ෂයෙහි ලංකාවට පටත්කර එවන ලද්දේය. සත්වෙනි පරාක්රබමබාහු. යට කී සේ චිනයෙන් එවන ලද ක්රිෙ.ව.1412 මෙහෙණවර වංශ පරාක්රවමබාහු කුමාර තෙම ක්රිු.ව.1412 දැඩිගම වැන්නෙහි පමණ රජ්යාිනුශාසනය පටන් ගත්තේ යයි සිතිය යුතු බව පෙනේ. එකල චිනයෙහි සිට ලංකාවට ඊමට වර්ෂයක් පමණ කාලය හෙයිනි. මේ රාජයාහට සත්වැනි පරාක්රලමබාහු යයි කියයුතු බව ද පෙටන්. මොහුගේ රාජ්යොනදය හෙතුයෙන් එම රජ්යපය ප්රාාර්ථනය කරමින් සවැනි පරාක්රිමබාහු නමින් පෙනී සිටි ලම්බකර්ණි පරාක්රපමබාහු කුමාරයා පලා ගොස් සැඟවුණු බව යට කියන ලදි. සවැනි පරාක්රාමබාහු. එසේ සැඟවීමට පැමිණි ලම්බිකර්ණි ක්රිි.ව.1415 පරාක්රඟමබාහු කුමාරයාගේ පක්ෂය විසින් දැතිගම පරාක්රිම ජයවර්ධනපුර බාහු රාජයාහට විර්ද්ධ ව ක්රාමන්ත්රාණ කොට 1414 හි දී රාජයා උපායකින් මරන ලද්දේය.ඊළග අවුරද්දෙහි 14 Xiii (එනම් ක්රි්.ව.1415 හි) ලම්බකර්ණි පරාක්ර මබාහු තෙම සවැනි පරාක්රරමබාහු නමින් නියත වශයෙන් රජ විය. කාව්යවශෙඛරයෙහි හා සැළලිහිණි සන්දේශයෙහි ද ප්රාකට වූ නම් ඇති උලකුඩය දෙවි නම් කුමාරිකාවගේ පිතෘ වූයේ මේ රාජයාය. මොහුගේ කාලයෙහි ද සපුමල් කුමාරයා විසින් ආය්ය්ව චක්රමවර්ති රජු පරදවා දඹදිවට පලවා පියා යාපා පටුන සිංහල රජුගේ අධිනත්වයට ගෙනෙන ලදි. දෙවැනි ජයබාහු. මෙ තෙම පුර්වොක්ත රජුගේ දියණිය ක්රින.ව.1467 වු උලකුඩය දෙවියගේ පුත් විය. යාපා පටුනෙහි මණ්ඩ ජයවර්ධනපුර ලෙශ්ර ව සිටි සපුමල් කුමාරයා විසින් මේ රජහුගේ රාජ්යි ශ්රිව ප්රාිප්තියෙන් දෙවැන්නෙහි බළ ඇණියක් ගෙන අවුත් රජ මරා රාජ්යයය පැහැර ගන්නා ලදි. සවැනි භුවනෛකබාහු. සැළලිහිණි සන්දෙශයෙහි සඳහන් ක්රිි.ව.1469 සවැනි පරාක්ර්මබාහු රජහුගේ සෙනානායක සපුමල් කුමාරයා ජයවර්ධනපුර නම් මේ තෙමේය.මෙතෙම යථොක්ත රාජයාගේ පුත්රධස්ථානයෙහි වැඩුණේය. එ බව කොකිල සන්දෙශයෙහි: සැප තින් දිනිඳු දැනු හිමිසඳ දැන් ඔබ ට ඔප තුනු සිරියුත් පත් තෙන තනතුරු ට යනාදියෙන් පෙනේ. මේ රජුහට තුන්වන වර්ෂයෙහි ද්විතිය විසිදාගම මහා ස්ථවිරයන් වහන්සේ විසින් බුදුගුණ අලංකාර කරන ලදි. තවද මේ රජහුගේ කාලයෙහි රාමඤ්ඤ දෙසාධිපති වූ රාමාධිපති නම් රජහු විසින් අමාත්ය යන් සමග සංඝයා ලංකාවට එවා ස්වකීය දෙශයෙහි ජිනශාසන ශුද්ධිය පිණිස උපසම්පදා ව ලංකාවෙන් ගෙන්වා ගන්නා ලද්දේය. ඒ ප්රදවෘත්තිය ඇතුළත් කල්යාෙණිප්පකරණ නම් ශිලාලෙඛනය කරවා ස්වකීය අගනුවරෙහි පිහිටුවන ලද්දේය. කැලණි ග‍ෙඟහි දි කරන ලද උපසම්පදා වෙහි ප්රුවෘත්තයි හෙයින් ලෙඛනය තෙම කල්යාණණිප්පකරණ නම් විය. යට දැක් වූ කාලාන්තරයෙහි සංඝරාජ පරම්පරාව මේසේ විය: සතරවැනි දෙවනගල විහාරාධිවාසි මහා වනරතන මහා ස්වාමි. භුවනෛකබාහු පයොගසිද්ධි නම් මාගධි ව්යාපකරණ ග්රදන්ථය කරන රජ දවස ලද්දේ මුන්වහන්සේ විසිනි. තුන්වැනි මහා ශ්රීන ධර්මකීර්ති මහා ස්වාමි. මුන්වහන්සේ කඩලාදෙ වික්රැමබාහු රජු ණියෙහි සද්ධර්මතිලක නම් විහාරය කරවා එහි වැඩ දවස සිටියේය. 15 xiv ද්විතිය ධර්මකීර්ති මහා සවාමි. සද්ධර්මාලංකාරය හා දෙවැනි වීරබාහු නිකාය සංග්රෙහය ආදි පොත් කරන ලදදේ මන්වහන්සේ රජු දවස විසින. දෙවැනි විරබාහු රජු දවස සංඝරාජ පදප්රා ප්ත වූ මුන්වහන්සේ සවැනි විජයබාහුය. සත්වැනි පරාක්රරමබාහුය යන රජන්ගේ දවස හා ඉනපසු සවැනි පරාක්ර.මබාහු රජුගේ කාලයෙහි පූර්ව භාගයෙහි ද වීරාජමාන ව සිටියේය. ඒ බව කොකිල සන්දේශයෙහි - හෙ ම් ප ත් අයුරු සදහම් සි තෙල රඳ න ද ම් කි ත් මෙමා හිමිසඳ සමග උදුල න යන්නෙන් පෙනේ. (1)යථොක්ත දවිතිය ධර්මකීර්ති මාහ ස්වාමි.(2) සවනි පරාක්රේම පැපිළියාන විහාරාධිවාසි මංගල මහා ස්වාමි.(3) කෑරගල බහු රජ දවස විහාරධිවාසි දවිතීය වනරතන මහා ස්වාමි.(4) තොටගමු විහාරාධිවසා ශ්රීව රාහුල මහා ස්වාමි . මෙයින් ධර්මකීර්ති මහා ස්වාමින් සපුමල් කුමාරාගේ යාපා පට්ටන ග්රතහණ කාලය වනතුරු වැඩ සිටි බව කොකිල සන්දෙශයේ යට දක්වන ලද පාඨයෙන් පෙනේ.අනික් වහන්සේලා තෙනම මෙහි කි පිළිවෙළින් ම සංඝරාජ පදප්රාෙප්ත වූහයි සලකනු ලැබේ. මංගල ස්වාමින් වහන්සේ ගැන අපට මුඛපරම්පරාව මිස පොතපතින් සෑහෙන යමක් දැන ගන්ට නො ලැබුණේය. එහෙත් වනරතන ස්වාමින් වහන්සේ ශ්රී් රාහුල ස්වාමින් වහන්සේට පෙර සංඝරාජ වූ බව පැහැදිලි ව පෙනේ. ඒ මේසේයි: ශ්රීා රාහුල ස්වාමින් වහන්සේ විසින් පරවි සන්දේශයෙහි වනරතන මාහිමි වඳු සහ මහසහන් යයි කීවෙන් වනරතන ස්වාමින් වහන්සේ සංඝරාජ ව සිටින සමයෙහි ශ්රි රාහුල ස්වාමින් වහන්සේ සාමාන්යන ශ්රහමණ කොනකුන් බව ප්රවත්යයක්ෂය. මාහිමි යනු සංඝරාජයි. එහෙයින් ශ්රින රාහුල ස්වාමින් වහන්සේගේ සංඝරාජ පදප්රාෙප්තිය වනරතන ස්වාමින් වහන්සේගේන් අපර කාලයෙහි විය යුතුයි. මුන්වහන්සේලා අතුරෙන් වර්තමාන කාලයෙහි සුප්ර සිද්ධ ව පවත්නා වූ නාමශෙෂ ඇත්තේ නම් ශ්රීඝ රාහුල ස්වාමින් වහන්සේය. මුන්වහන්සේ මෞය්ය් ර්වංමශික ක්ෂත්රිහය කුමාරයෙකැ යි ශ්රීත රාමචන්ද්ර් කවිභාරතීන් විසින් වෘත්තරන්නාකර පඤවිකාවෙහි මෙසේ කියි තිබේ, රාහුලනාමා මුනිරතිවිද්වාන් සද්ගුණහාරි ත්රිතපිටකාධාරි මෞය්ය්හා කුලාබිධිප්ර භවසුධාංශුර් ජන්මනි ජන්මන්යිපි මම මිත්රිම් ශ්රීන රාහුල ස්වාමින් වහන්සේ විසින් ම තමන් වහන්සේගේ වංශය දක්ව තිබන්නේ මෙසේය, 16 xv කාව්ය ශෙඛරයෙහි- කුල’ගමිණි පිවිතු රු දෙමටාන ගම කඳවු රු තොටගුමු වැසි සොඳු රු උතුරුමුල මහ තෙරිඳු මුනුබු රු මෙයින් ස්කන්ධාවාර වංශය මෞය්ය්වහ වංශයෙහි ශාඛාවක් යයි පිළිගත යුතු බව පෙනේ. මෞය්ය්ය වංශ ද සූය්ය්ෙහිවංශයෙහි ශාඛාවක් වෙයි. එහෙත් දෙමටාන යන නාමයෙන් ප්රනකට වූ ග්රාහමය ජයවර්ධන පුරය සමිපයෙහි පිහිටා තිබුණේ යයි මතිමාත්රපයෙන් සිතනු ලබන නමුත් ඒ ගැන නිශ්චය වශයෙන් යමක් දැනගැනිම දුෂ්කර බව පෙනේ. දෙමටගොඩ යයි සමහරු සිතති. ශ්රීෙ රාහුල ස්වාමින් වහන්සේ විසින් කරන ලද පරවි සන්දේශය එළිසම කොට බඳනා ලද කාව්යීයන් අතුරෙන් දැනට පවත්නා ද්විතිය පුරාණ ග්ර න්ථ යයි පිළිගත යතු බවට කාරණා තිබේ. ඊටත් පුරාණ ග්ර න්ථය නම් පස්වැනි භුවනෛකබාහු රජු ගඟසිරිපුර රජ කරන සමයෙහි බදනා ලද මයුර සන්දෙශයයි. මෙපමණ අනුප්රාුසාලංකාරයෙන් සුලලිත වූ කාව්යදයක් සිංහල භාෂා වෙහි තවත් ඇත්තේය යනු ශංකා සහිත වේ. පරවි සන්දේශයෙන් පසු කාව්ය ශේඛරය බඳනා ලද්දේ යයි සිතිය යුතු බව පෙනේ. ඉන්පසු සැළලිහිණි සන්දේශය, ගුත්තිල කාව්යුය, හංස සන්දේශය, ගිරා සංදේශය, කොවුල් සන්දෙශය යනාදිය සමසම කාලික ව බදනා ලද කාව්ය‍යි. මෙසේ බලන කල ගුත්තිල කාව්ය්ය වානහි කාව්ය ශෙඛරයට ද බුදුගුණ අලංකාරයට ද අතර කාලයක දී කරන ලද්දේ යයි පිළිගත යුතු බව පෙනේ. මේ ග්ර න්ථ තුනේ භාෂාවෙන් හා රචානවෙන් ද එසේ පිළිගත යුතු බව ම පැහැදිලි වෙයි. කාව්යභශෙඛරය කරන ලද වර්ෂය ඒ පොතෙහි මෙසේ දක්වා තිබේ: පරකුම්බා නිරි ඳු සිව්තිස්වන මෙහවුරු දු කව්සේකර පසි ඳු සපිරි පවසා බසින් පිරිසි දු පරකුම් රජහුගේ සූතිස්වැන්න නම් කාව්යොශෙඛරයෙහි ප්ර කාර ක්රිේ.ව. 1415 + 33 = 1448 විය යුතුයි. බුදුගුණ අලංකාරය කළ වර්ෂය ඒ පොතෙහි මෙසේ දක්වා තිබේ: 17 xvi සම තැ ස් මුනිඳු පිරිනිවි වස පටන් ල ද දෙ ද හ ස් පසළොසක් අවුරුදු ගෙවුණු ස ඳ දියගො ස් පතළ බුවනෙකබුජ නිරිඳු ස ඳ පි රි ව ස් තුනෙහි සිරිලක රජ බිසෙව් ල ද කි ත් යසකොත් දසදික් දිගයට’ග බ ඳ මෙ ත් මහනෙත් පාමුල මහ තෙරිඳු ස ඳ සෙ ත් කළ ලොවන මුනිගුණ කිවි පෙදෙන්බැ ඳ ස ත් වැඩ පිණිස මෙද කළෙ මෙත් සිතින්න ද බුද්ධ වර්ෂ 2015 වැන්න නම් ක්රිං.ව. 1472 වැන්නයි. මෙසේ ගුත්තිල කාව්යයය කරන ලද්දේ ක්රිද.ව.1448 ට හා 1472 ට ද අතරෙහි වේ. එහෙත් සවැනි පරාක්රරමබාහු රජ දවස බැවින් ක්රි්.ව.1467 ට පූර්වයෙහි විය යුතුයි. එහෙයින් මේ පොත ක්රි .ව.1448 ට හා 1467 ට ද මැදි වූ අවුරුදු 18 අතරතුව යම් කාලයක දි කරන ලද බැව් පෙනේ. (iv) ශාස්ත්ර පරිහාණිය ගුත්තිල කාව්යදයෙහි නිර්මාණය පිණිස සීමාකර පෙන්වන ලද අසඅට අවුරුදු ප්රතමාණ වූ කාලයෙන් පසු යළිත් ස්වාභාෂාවෙන් කරන ලද උසසු ග්රණන්ථය නම් බුදුගුණ අලංකාරය වේ. මේ ග්රීන්ථය කොට අවුරුදු 33 කට පසු එනම් ක්රිර.ව.1505 දි පරංගිහු ලංකාවට පැමිණියාහුය. මොවුන්ගේ සම්ප්රාරප්තියෙන් පැමිණියා වූ වියවුල් යුද්ධ කොලාහල ආදිය කරණ කොට ගෙන සිංහල රජදරුවන්හට මේ සතුරන් සමග නිතර සටනට විනා ලංකාභිවෘද්ධිය පිණිස කටයුතු සම්පාදන කිරිමට ප්රගස්තාවාවසර නොමැති විය. තවද මොවුන්ට අත්පත් වු ලංකාවේ මුහුදුබඩ ප්රගදෙශයන්හි ජනයන්හට දුක්පීඩා ලැබෙන්ට වන. මොවුන්ට අයත් නූ වු ප්රුදෙශයන්හි ජනයන්හට ද මොවුහු විටින්විට යුද පැමිණ පීඩා කෙරෙත්; රට ද වනසත්. මේ කරණ කොට ගෙන ලංකාවෙහි පෙර පැවති සමෘද්ධත්වය ක්රපමයෙන් හීන වී ගොස් කල්යෑමෙන් විධවස්ත විය. ඒ සමග ම ශාස්ර්ි සය ද එසේ ම හීන වී ගොස් අන්තර්ධාන ගත විය. පෙර තුබූ පිරිවෙන් සියල්ල ම නටබුන් වූහ. මෙසේ ශාස්ත්රාදලොකය අපගත වූ පසු ලංකාවෙහි පැතිරි ඝනාන්ධකාරය සීතාවක රජකළා වූ පළමුවැනි රාජසිංහ රජහුගේ කාලය වනතුරු පැවැත්තේ ය. මේ රජු රාජ්යළයට පැමිණියේ ක්රිල.ව.1581 හි දි පමණය. මේ කාලයෙහි දි තිමිරයෙන් ගහන වූ රාත්රිුයෙහි ආවිර්භූත වූ කුඩා තාරකාවක් මේන හිස්වැලිගම ධර්මධරජ පඩිවර තෙමේ ප්ර කාශ ප්රාිප්ත විය. මේ පඬිවරයා විසින් දහම්සෙඩදා කව නම් අතරම්යග වූ කාව්ය ය කරන ලද්දේය.මෙහි රචනාදිප්තිය හා සන්දර්භ ශුද්ධිය ද අත්යඅන්ත මනොහර වෙත්. කාව්යියෙහි සවභාවය මේ කවි දෙකෙන් පෙනේ: අදහස ද එහි ම සංක්ෂිප්ත වේ: 18 Xvii ස ස ර සයුර සරනා සවි ස තා යා අ ජ ර අමර මොක්පුර ලමි සි තා යා ගැ ඹ ර ගුණැති අප මහ බෝස තා යා ප ව ර අසිරිමත් බුදුබව ප තා යා ස හ ස් රැස් බරින් හුණු දිනකර ලෙස ද ත ම ස් මුවෙන් ගිළිහුණු පන්සඳ ලෙස ද වෙසෙ ස් දහම දිවි පුදමින් අයන ලෙ ද ර කු ස් මුවට පිනුවේ ගිරිහිසින් සෙ ද කුඩා තරවක් අනුව පායන්නා වූ පහන් තරුවක් සේ මේ කිවිඳුහට අනුව ස්වකීය අභිජාත පුත්රක වූ අලගියවන්න මුකවෙටිතුමා පාණ්ඩිත්ය යෙන් ප්රජකටිභූත විය. මුකවෙටි හෙවත් මොහොට්ටාල යන නාමයෙන් එ කල්හි අනුප්රනදෙශාධිපතියෙක් කියන ලදි.ස්වකීය හේවාභටයන් සමග ගොස් අන්තිම සිංහල රජ ඇල්ලු අනුප්ර්දෙශාධිපතියාහට කියන ලද්දේ එකනැලිගොඩ මොහටේටාලය කියාය. අලගියවන්න මුකවෙටිතුමා විසින් ස්වකීය ස්වාමි වූ රාජසිංහ රජුහට ස්තුති වශයෙන් සැවුල් සන්දේශය කරන ලද්දේය. ඉන්පසු ක්රිම.ව.1610 යෙහි සෙංකඩගල රාජ්ය ය කළ වු විමලධර්මවසූය්ය්න රජුහුගේ කාලයෙහි දි දැනට සියලු කුඩා මහලු සිංහලයන් විසින් අත්යාෙදරයෙන් ආශ්රදය කරනු ලබන්නා වු මධුරමතෙඥ වූ කුසජාතක කාව්ය ය ප්රෙබන්ධ කරන ලද්දේය. ස්වකීය ග්රමන්ථයෙහි විමලධර්මසුය්ය්කු ය රජ ගැන කිසිවක් සඳහන් නො කෙරිමෙන් මොහු ස්වාමි මමත්වයෙහි ස්ථිර වූ ගරුසිත් ඇතතකු බව පෙනේ. මොහුගේ ස්වාමි වූ මෙකලට නාමශෙෂගත වු රාජසිංහ රජහට විමලධර්මසුය්ය්ෙ ය තෙමේ ශත්රැ විය. ස්වපක්ෂ මාමක වූ මේ මන්ත්රි්හු විසින් ඔහට ගරු නො කරන ලද්දේ එහෙයින් බව පෙනේ. තවද මේ පඩිවරයා විසින් සුභාෂිත නම් නිතිග්රරන්ථය ද පරංගි හටන නම් කවක් ද කරන ලදි. මෙසේ විරාජමාන වූ මේ පහන්තරුවේ අස්තංගමයෙන් පසු ලංකාවෙහි පෙර පැවති ඝනතිමරය ද්විගුණ විය. මොහු ජිවමාන කාලයෙහි දී ම රාජසිංහ රජ බෞද්ධ සංඝයාහට උදහස් ව ශිව භක්තිය වැලඳ ගෙන ශාස්ත්රාමගම සම්බන්ධ වූ පොත්පත් රැස්කරවා කඳුගස්වා ගිනි ලැවීය. සංඝයාට ද බොහෝ හිංසාපීඩා කරවිය. මෙසේ එක් පක්ෂයකින් විදෙශික පරංගින්ගෙන් රටට ලැබෙන්නා වූ උපද්රයව ද අන්යා පක්ෂයෙහි ස්වදේශික රාජයාගෙන් සංඝයාහට ලැබෙන්නා වූ නානා හංසාපීඩාදිය ද නිසා මින්පසු ලංකායෙහි ශික්ෂාකරණ ස්ථානයෙන් ශුන්ය වීමෙන් ශාස්ත්රාුගම ද සම්පූර්ණ යෙන් අභවප්රාිප්ත විය. ක්රි්.ව. 1658 හි දී ඕලන්දක්කාරයන් විසින් පරංගින් නෙරපා හැර ලංකාවෙහි මුහුදුබඩ ප්රඝදෙශයන්හි ආධිපත්යිය අත්පත් කරගන්නා ලදි. මෙයින් රටවැස්සන්ට හෝ ශාස්ර්රඝයයට හෝ කිසි අභිවෘද්ධියක් නොම විය. උපද්ර්ව පෙර සේ පැවතිය. 19 Xviii (v) පුනරුත්ථානය අලගියවන්න මුකවෙටිතුමාගේ කාලයෙන් පසු මෙසේ නැවතත් ශාස්ත්රා ලොකයෙන් විහීන වූ ලංකාතොමෝ තවත් අවුරුදු සියයකට වැඩිකාලයක් තිමිරයෙන් ගහන විය. ඉන්පසු ක්රික.ව.1739 යෙහි සෙංකඩගල රජ පැමිණි නරෙන්ද්රඉසිංහ රජහුගේ කාලයෙහි දි වැලිවිට පිණිඩපාතින සරණංකර නම් සමණෙර නමක් ඇඳිරි ගෙයෙක්හි පහන් දල්වන්ට කැමැත්තක්හු මෙන් ලංකාද්විපයෙහි නැවතත් ශාස්ත්රා ලොකය බබුඵවන්ට ප්රොනත්සාහි විය. මේ හෙරණතෙමෙ යම් ප්රඇදෙශයෙක්හි යම්කිසි ශාස්ත්රාං ගයක යමකිසි මාත්ර්යක් දත කෙනකුන් ගැන අසන්ට ලැබුණි නම් ඔහු කරා එලඹ ඒ ඉගෙන ගත්තේය. මෙසේ කෙනකුගෙන් සිදත් සඳරායෙහි විභක්ත්යුධිකාරය, කෙනෙකුන්ගෙන් ක්රි යාධිකාරය, කෙ‍නකුන්ගෙන් පාළි වරනැගිල්ල, කෙනකුන්ගෙන් රස වාහිනිය යනාදි වශයෙන් ඒ ඒ අය දත් පමණින් අස්වාගෙන මේ ‍හෙරණුන් වහන්සේ එකල තැනින් තැන අඵ යට වූ ගිනිපුපුරු මෙන් සැඟවී තිබූ යම් විද්යානවක් ඇති වී ද ඒ සියල්ල තමන් වහන්සේ කෙරෙහි එක්තැන් කර ගෙන තමන් වහන්සේගේ ප්රාඥ බලයෙන් නැවතත් ශාස්ත්රාටගම නැමති ප්ර දීපය දැල්විය. එසේ දල්වා එහි ආලොකය පතුරුවන්ට ද පටන් ගත්තේය. සංස්කෘත ඥානය එකල ලංකාවෙහි කිසිතැනෙක ශෙෂ ව නො තිබුණු හෙයින් ජම්බුද්විපයෙන් බ්රාතහ්මණ පණ්ඩිතයකු ගෙන්වා සාරස්වත ව්යුකරණය හා මෙඝදුත රඝුවංශාදි කාව්යායන් ද ඇස්විම කරවන්ට පටන් ගත්තේය. මෙසේ උඩරට මුන්වහන්සේ ශාස්ත්රාදලොකය ඇතිකර වීමට උත්සාහ කරන කල්හි පාතරට මාතර දිශාවෙහි වේහැල්ල නම් ග්රා මයෙහි පිහිටි ආරාමයෙහි නිවැසි වූ සිටිනාමඵවේ ධම්මජොති නම් සාමණේර නමක් එසේ ම පාතරට නැනින් තැන අල්පාල්ප මාත්රායෙන් තුබූ ස්වභාෂා මාගාධි සම්බන්ධ වූ යම් විද්යා වක් ඇත් ද ඒ සියල්ල තමන් වහන්සේ කෙරෙහි එක්රාශි කර ගෙන පාතරට විද්යාස ප්රටදීපය දල්වමින් සිටියේය. සරණංකර සාමණෙරයන් වහන්සේ මෙකලට දැනගෙන සිටියේ බාලාවතාරයේ එක් කොටසකි. දෙදෙනා දත් දෙකෙටසින් පොත සම්පූර්ණ විය යුතු බව මොවුන්හට දැනගන්ට ලැබී අන්යොහන්යා යා සම්මුඛ වීමට මොවුන් දෙදෙනා තුළෙහි මහත් අභිලාෂ ඇති විය. ක්රිව.ව.1747 හි දි විද්වජ්ජන සභාවන්හි අද දක්වා නිර්මල ව පවත්නා කීර්තිශ්රීබතරංගමාලා ඇති කීර්ති ශ්රීම රාජසිංහ රජ තෙමේ සෙංකණ්ඩශෛල නගරයෙහි අභිෂෙකප්රාබප්ත විය. සරණංකර සාමාණෙරයාණන්ගේ කර්තව්යඩයන් දැක සුප්රතසන්න වු මේ න‍රශ්රොෂ්ඨතෙමේ උන්වහන්සේගේ ආරාධනයෙන් දූතයන් යවා සිටිනාමඵවේ සාමාණෙරයන් ද මහනුවටර කැඳවා දෙදෙනාගේ ම ශාස්ත්ර ඥනය දෙදෙනාහට ම සාධාරණ කරගැන්මට මාර්ගය සලස්වා දුන්නේය. මෙහි දි සිටිනාමඵවේ ස්වාමින් වහන්සේ සරණංකර ස්වාමීන් වහන්සේගෙන් සංස්කෘතොද්ග්රිහණය ද කළේය. එයින් සංණංකර ස්වාමින් 20 Xix වහන්සේ මුන්වහන්සේහට ආචාය්ය්ව ද විය. තවද සෙංඛණ්ඩශෛල පුරයෙහි සියලුම ශාස්ත්රාුහිවෘද්ධි කර්තව්යෙයන්හට සරණංකර ස්වාමින් වහන්සේ ප්ර්ධාන වූ හෙයින් සිටිනාමඵවේ සවාමින් වහන්සේ උන්වහන්සේහට දෙවැනි ව දෙනම ම ගෝළබාලයන් පුහුණු කරවන්ට පටන් ගත්හ. මෙසේ ශාස්ත්රටසංග්රඋහොපකාරි වූ කීර්තිශ්රීෙ නරශ්රෙ ෂඨ තෙමේ ශාස්නසංග්ර්හ ද පිණිස සියම් දෙශයට අමාත්යීයන් යවා උපාලි මාහ ස්ථවිරයන් වහන්සේ ප්ර්මුඛ වූ සංඝයා ගෙන්වා නෂ්ට ව තුබූ උපසම්පදාව නැවතත් පිහිටුවා යට කී සාමණෙරයන් දෙනම ප්රූථම කොට උපසම්පන්න කරවා1 වෙනත් සංඝයා ඇති කරවා සරණංකර ස්වාමින් වහන්සේ සංඝරාජ පදවියට පැමිණ විය. මෙසේ ප්රඝථම උපසම්පන්න වූ මුන්වහන්සේ ලා දෙනම අතුරෙන් සරණංකර සංඝරාජ ස්වාමින් වහන්සේ සියම් නිකායෙහි පුෂ්පාරාම පක්ෂයෙහි දැනට උඩරට පවත්නා ශාඛාවට ද, සිටිනාමඵවේ ස්ථවිරයන් වහන්සේ පාතරට පවත්නා ශාඛාවට ද මූලාචාය්ය් ශාය විය. ජාති වශයෙන් මුන්වහන්සේලා දෙනම ජාති දෙකක කුලපුත්ර යෝ වූහ. මෙසේ විද්යාාලොකය නැවතත් ලංකාවෙහි බබළන්ට පටන්ගත් කල්හි පහතරටින් ද බොහෝ සංඝයා වහන්සේ යථොක්ත ආලොකයට ආධාරභුත වූ සෙංඛණ්ඩශෛල නගරයෙහි පුෂපාරාම විහාරයට පැමණි තුමු ද එයින් පහන් දල්වාගෙන්ට පටන් ගත්හ. මොවුන්ට හා නානා ප්ර දෙශයෙන් පැමිණි අන්ය. විද්යාෙර්ථින්හට ද ශාස්ත්රමධ්යානපනයෙහි දී සංඝරාජ ස්වාමින් වහන්සේගේ ජ්යෙෙෂ්ඨ ශිෂ්යා වු දැරමිටිපොල ස්වාමින් වහ්නසේය. අත්තරගම රජගුරු බණ්ඩාර යනාදි ප්රෙසිද්ධ වූ පඩිවර සමුහයක් උන්වහන්සේට හා සිටිනාමඵවේ ස්වාමින් වහන්සේට ද උපස්තම්භක වූහ. සංඝරාජ ස්වාමින් වහන්සේ විසින් නොයෙක් ග්රේන්ථයෝ නිපදවන ලද්දාහුය.සාරාර්ථසංග්ර්හ නම් මහා ධර්මප්රදකරණය ද, සාරාර්ථාදිපනි නම් පරිතතව්යාවඛ්යාථනය ද මුන්වහන්සේ විසින් ස්වභාෂාවෙන් කරන ලදි. මාගධි මාහබොධිවංශයට මධුරාර්ථප්රරකාශිනී නම් පදානුගත සන්නයක් ද ලියන ලදි. අත්තරගම රාජගුරු බණ්ඩාර මැතිතුමා විසින් කාරකපුෂ්ප මඤජරි සුධීරමුඛමණ්ඩන යන ග්ර්න්ථයෝ ද, යාරසංක්පෙපයට ව්යාුඛ්යා නයක් ද බුදධගජ්ජ නම කාව්යමය ද කරන ලද්දාහ. තිබ්බටුවාවේ මහා ස්ථිවිරයන් වහන්සේ විසින් දඹදෙණියෙහි රජකළ කවිසිළුමිණි කර්තෘ වූ කලිකාල සාහිත්යිපණ්ඩිත පරාක්රිමබාහු රජහුගේ 1.සිටිනාමඵවේ සවාමින් වහන්සේ මේ ප්රසසතාවයෙහි දි නො ව පසුකලක දි සංඝරාජ සවාමින්වහන්සේ විසින් සෙවවජායෙන් උපසමපනන කරන ලද්දේ යයි සිප්කඩු ‍වේ ශ්රි් සුමඬගල නායක සවාමින් වහන්සේ මේ සම්බන්ධ ව අප වෙත දැන වූ බැව් මෙහි සඳහන් කරමු. 21 xx කාලයෙහි (ක්රිස.ව. 1236-1271) සිට කීර්තිශ්රීන රාජසිංහ රජහුගේ කාලය දක්වා ලංකා කථාව ලියා මහාවංශයට ඇතළත් කරන ලදි. සිටිනාමඵවේ ස්වාමින් වහන්සේ මේ විද්‍යාස්ථානයෙහි බොහෝ ශිෂ්ය7 යන්හට වැඩ සලස්වා දෙමින් සිට පාතරටට පැමණි එහි ශාසනවර්ධනයෙහි මූලික විය. මේ මහා ස්ථිවිරයන් වහන්සේගෙන් ශාසනයකට ද ශාස්ත්රශයට ද වූ අභිවෘද්ධි බොහෝයි. මුන්වහන්සේ විසින් ශාස්ත්රාරහිවෘද්ධිදායක කරුණු අතුරෙන් බාලාවතාරයට සුත්රි ව්යාවඛ්යානනයක් ද කරන ලදි. තවද පහතරටින් ගොස් යථොක්ත විද්යාිස්ථානයෙහි ශාස්ත්රො ද්ග්ර්හණය කළා වූ කර‍තොට ස්වාමීය, බෝවල ස්වාමීය, සාලිඇළේ ස්වාමිය යන මුන්වහන්සේලා තුන්නම මහත් පාණ්ඩිත්යටයට පැමිණ පහතරට ස්වකිය වාසභුමින් කරා එළඹ බොහෝ කීරතියෙන් යක්ත ව විරාජමාන වූහ. මේ තුන්නම ම ලංකාවෙහි දක්ෂිණ දිශාවෙහි සැමකල් ප්රයඥවතුන්ගෙන් ප්රහසිද්ධ වූ මාතර ප්රළදේශයට අයත් වූහ. සරණංකර සංඝරාජ ස්වාමින් වහන්සේගේ විසිදෙනෙකුන්ට වැඩි වූ ‍ගෝළයන් අතුරෙන් තුන්දෙනෙකුන්ගේ හැර අනිකුත් සියලු ගෝළයන්ගේ ම පරම්පරාවල් අභාවයට ගොස් තිබේ. ඒ ගෝළයෝ තුන්දෙනා නම් කරතොට ධම්මරාම ස්වාමිය, බෝවල ධම්මානන්ද ස්වාමිය, වල්පළ ගුරන්නාන්සේය යන මොවුහු වෙත්, මෙයින් බෝවල ස්වාමින් වහන්සේ ගේ ගෝළ පරම්පරාවෙන් හා වල්වළ ගුරුන්නාන්සේගේ ‍ ගෝළ පරම්පරාවෙන් ද පැවත එන්නෝ ඉතා ස්වල්ප දෙනෙකි. එහෙයින් දැනට ලංකාවේ උඩපාත දෙරටෙහි ම ඉතා විශාල ව පවත්නා වූ පණ්ඩිත පරම්පරාව නම් කරතොට ශාඛවෙන් එන පරම්පරාවයි. කරතොට ස්වාමින් වහන්සේහට විශෙෂාවාය්ය්ම් ය වූයේ අත්තරගම රාජගුරු බණ්ඩාර මැතිතුමා බැවින් මේ සාඛාවෙහි මුල ඒ මැතිතුමා බව දත යුතුයි. උඩපාත දෙරටෙහි ම මෙසේ නැවතත් ශාස්ත්රාරගම ඇති වු පසු ග්රමන්ථ නිර්මාපණය ද නැවතත් ඇති විය. ක්රිම.ව.1747 හි දි සංඝරාජ ස්වාමින් වහන්සේගේ අනුශිෂ්ය් වූ හීනටිකුඹුරේ සුමංගල ස්වාමින් වහන්සේ විසින් මිලින්දප්රවශ්නය සිංහලට නගන ලද්දේය. ක්රිි.ව.1770 වෙහි දි සෙංකඩගල උපොසථාරාම විහාරාධිපති ධම්ම රක්ඛිත ස්වාමින් වහන්සේගේ ශිෂ්යි වු රත්නපාල ස්වාමින් වහන්සේ විසින් විමානවස්තු ප්රාකරණය එසේ ම සිංහලට නගන ලද්දේය. ක්රින.ව.1771 හි දි පත්තායමේ කිවිඳු විසින් කව්මිණි කො‍ඬොල රචනා කරන ලද්දේය. මේ පොත එළි දෙපෙළින් බඳිනා ලදින් එකලට බොහෝ සැලකුම් ලැබීය. පත්තායමේ කවිඳු විසින් වියොවග රත්නමාලය නම් කාව්යබයක් ද කරන ලදි. තවද මොහු විසින් ම රතවතී කථාව කවිකරන ලදි. සිටිනාමඵවේ ස්වාමින් වහන්සේගේ තවත් ගෝළයෙක් වූ බරණ ගණිතාවය්ය්කව යා විසින් මේ කාලයෙහි දි ම නිලකොබෝ සන්දෙශය කරන ලද්දේය. මේ වනාහි කර්ණ රසායනය කරණ කොට ගෙන සිත්කලු වූ කාව්යදයකි. 22 xxi ක්රිා.ව.1768 හි දි මාතරපුර විසූ දිසානායක මුදලිතුමා විසන් මකරධවජ නම් කාව්යණයක් කරන ලද්දේය. එතුමා විසින් ම ක්රිද.ව. 1773 හි දි කොකිලා සන්දේශයට සන්නයක් ද කරන ලද්දේය. මේ මහාත එකලට කාවිත්වයෙන් සුප්රවසිද්ධ වී නමුත් මොහුගේ මේ කෘතින් බොහෝ සේ ව්යාකකූල බැව් පෙනේ. ක්රි .ව.1773 හි දි තවත් දිසානායක කෙනෙක් වූ කටුවානේ මුහන්දිරම් මැතිඳු විසින් කව්මිණිමල්දම කරන ලද්දේය. මේ පොත ද ඒ කාලයෙහි බොහෝ ප්රකසිද්ධියට පැමිණියේය. ක්රිණ.ව.1781 හි දි කීර්ති ශ්රී් රාජසංහ රජු‍ෙග් ඇවෑමෙන් ශ්රීි රාජාධිරාජසිංහ රජතෙම සෙංකඩගල නුව රාජ්යලශ්රී ප්රාදප්ත විය. මීට අනතුරු වර්ෂයෙහි දි සාලිඇළේ ස්වාමින් වහන්සේ විසින් පූර්ව වර්ෂයෙහි පටන් ගන්නා ලද කවිමුතුහර අවසාන කරන ලදි. මේ කාව්යේය කව්මිණිකොඬල හා කවිමිණිමලදම ද සේ එකලට කීර්තයෙන් නො පතළ විය. එසේ උවත් ඒ ග්ර න්ථයන් දෙකට ම වඩා උසස් කාව්යල නිර්මාණයක් බව කියයුතු වේ. මේ ස්වාමින් වහන්සේ විසින් ප්රාඋතිහාය්ය්රර්‍ශතක නම් කුඩා කාව්යියක් ද එඵ ශ්ලොකයෙන් කරන ලදි. ක්රිල.ව.1786 හි දි කරතොට ස්වාමීන් වහන්සේ විසින් බාරස කාව්යේ නම් දුෂ්කර බන්ධනය කොට රාජාධිරාජසිංහ රජු වෙත ඔප්පු කරන ලදි. මේ කාලයෙහි දි උඩරට කිව‍ීන් අතුරෙන් දුනුවිල ගජනායක නිලමේ කාලිංගබොධි ජාතක කාව්යකය හා වෙනත් කව් පොත් කළේය. රාජධි රාජසිංහ රජු විසින් ද අසදෘශ ජාතකය කවිකරන ලදි. ක්රිප.ව.1796 හි දි රාජාධිරාජසිංහ රජු සෙංකඩගල රජ කරන සමයෙහි ඉංග්රි.සින් විසින් ඔලන්දක්කාරයන් මැඩ ලංකාවෙහි මුහුදුබඩ ප්ර දේශ අත්පත් කරගන්නා ලද්දාහ. වර්ෂ 1798 හි දි රාජාධිරාජසිංහ රජුගේ ඇවෑමෙන් ශ්රීකවික්රකම රාජසිංහ රජතෙම සෙංකඩගල රාජ්ය7ශ්රිලයට පැමිණියේය. 1815 හි දි මේ රජතෙමේ ස්වකීය අග්රාජමාත්යන වූ සපරගමු දිසාපති ඇහැලේපොළේ අදිකාරම් තුමාහට උදහස් වී එතුමාගේ දරුවන් මරවා දෙවිය ද බොගම්බර වැවේ ගිල්වා, මැරවීය, මෙයින් සංවෙගප්රා ප්ත වූ අදිකාරම් මැති තෙමේ ඉංග්රිමසින්හට රජු අල්ලා දි රාජ්යවය ද ඔවුන්හට අත්පත් කරවිය. මෙතැන් පටන් ලංකාද්විපයෙහි ආධිපත්ය්ය බ්රිදතාන්ය දෙශයෙහි ඉංග්රිකසි රජු කෙරෙහි ප්ර තෂඨිත විය. මෙසේ එක ම ආණ්ඩුවක් ඇතිවීම කරණ කොට ගෙන සතුරු වියවුල් පහ වි ගියෙන් රටේ දියුණුවට පෙර තිබුණා වූ සියලු ම බාධාවල් ද අපගත වූහ. අණ්ඩුව ද සාධාරණ යුක්තයෙහි පිහිටා රටවැසියාගේ අභිවෘද්ධිය ගෙනාදිමෙහි ම නිතර විය. රටවැසියාගේ සැපතට ශිෂ්ටාචාරය ද, ශිස්ටාචාරයට ශාස්ත්රාහගම ද මුලහෙතු බැවින් ශාස්ත්රාගගමවර්ධනයෙහි නිරත විය. 23 Xxii මේ කරුණු නිසා ඉංග්රීවසි ආණ්ඩුව පටන් ගත් තැන් සිට ම ලංකාවෙහි ශාස්ත්ර ය නැවතත් බොහෝ සේ දියුණුවෙන්ට පටත් ගත්තේය. මේ කාලයෙහි බොහෝ ගෝළබාලයන් ඇතුව පාතරට ශාස්ත්රටදානය කළෝ නම් කරතොට හා බෝවල ස්වමින් වහන්සේ දෙනමය. මෙයින් කරතොට ස්වාමින් වහන්සේට ගාල්ලේ ස්වාමිය, බෙන්තොට ස්වාමිය, වලගෙදර ස්වාමිය, කටකුරුන්දේ ස්වාමිය යයි ප්රසසිද්ධ වූ ගොළයෝ හතර නමක් වූහ. මෙහින් කටුකුරුන්දේ ස්වාමින් වහන්සෙහට මිහිරිපැන්නේ ධම්මරතන නම් අති ව්යික්ත වු සුප්රනසිද්ධ වූ ගෝළ නමක් ඇතිවිය. මුන් වහන්සේහට කොග්ගල පණ්ඩිතය, කුඩාවේ පණ්ඩිතය, දෙවැනි සිටිනා මඵවේ ස්ථවිර යයි ගෝළයෝ තිදෙනෙක් වූහ. මෙයින් කොග්ගලය, කුඩවේය යන පඩිවරයෝ දෙදෙන මහත් කීර්තියට පැමිණියාහ. කොග්ගල පඬිවර තෙමේ ක්රිේ.ව.1853-4 හි දි සිදු වූ සව්සත්දම් වාදයෙහි ප්ර්ධාන වාදියෙක් ව පෙනී සිටි එයින් මහත් ප්රරසිද්ධයට පැමිණියේය. සුගතශාසන ශ්රවද්ධා සම්පන්න වූ මාතරපුර නිවැසි කීර්තිමත් සරම් නම් මුදලිතුමාගේ ප්රිධානන්ව යෙන් නිල්වලා ගගෙහි අලංකාරවත් පින්කමක් පවත්වන ලදි. ඒ ග්රතන්ථ ශරීර කොටගන තෝමිස්1 මුහන්දිරම් නම් කිවිඳකු විසින් “ගඟරු වණන’නම් අලංකාරවත් කාව්යථයක් කරන ලද්දේය. එහි සරම් මුදලිතුමාහට ප්ර ශංසා පිණිස එතුමාගේ නාමය ගණයන්හි අන්තර්ගත කොට මෙසේ පද්යලයක් යොදන ලදි. සසර සරන සව්සත් දම් අමාවෙන් සතොස්වා සගපවග සැපත් දුන් දම්රදුන් දම් සඟුන් සෙව් පෙරමැදග වණින් මේ තුන් ගෙණේ මුල්කෙමෙන් නම් පතළ මැති ස‍ඳෙක් වි මේ පුරේ කිත් දෙදෙක්වන් මෙහි ආදිෂ්ට වූ ලෙස පූර්ව තුන්ගණයන්ගේ ප්රෙථම මධ්ය ම අන්තිම වර්ණයන් යථාක්ර මයෙන් ගත් කල සෑදෙන්නා වූ නාමය සරම් නොව සරදම් වන්නේ යයි මිහිරිපැන්නේ ධම්මරතන ස්වාමින් වහන්සේ කීවේය.ගරු ජේමිස් ද අල්විස් මැතිතුමා විසින් සිදත් සඟරාව ඉංග්රි සියට නඟා ප්ර්සිද්ධ කිරිමහි දි මේ මතය වැරදි, බවට වාක්ය8යක් තද්ග්ර න්ථ සංඥපනයෙහි යොදන ලදි. එකලට මහණ ව සිටි කොග්ගල කිවිඳු මීට විරුද්ධ ව ශාස්ත්රාතලංකාරය නම් සඟරාවෙහි වාක්ය්යක් ප්රහසිද්ධ කරවිය. මේ සව්සත්දම් වාදයෙහි ආරම්භයයි. මේ වාදයෙට ප්රනසිද්ධ වශයෙන් ද අප්රසසිද්ධ වශයෙන් ද එළඹියා වූ දෙපක්ෂයෙහි අයවලුන් ගැන බලන කල මෙය කරන ලද්දේ ශාස්ත්රා ර්ථය පිණිස නො ව ජාතිමානය පිණිස යයි සිතිමට කරණු තිබේ. එහෙත් වාදයෙන් ලංකාවෙහි පුර්වදිග ශාස්ත්රායට වූ අභිවෘද්ධිය අප්රබමාණ යයි කිය යුතු. මෙම වාදයෙන් පසු කොග්ගල ධම්මතිලක යතිතෙම සිවුරු 1.මොහුගේ නම දිසානායක බව ග්ර න්ථාවසානයෙහි දක්වා තිබේ. තව ද මේ කවි කෙමේ කව්මිණිමල්දමෙහි කර්තෘභූත වු කටුවානේ මුහන්දිරම් මහතා ‍ම යයි බොහෝ දෙනා සලකති. 24 Xxiii හැර තමා ගිහිගෙට පැමිණ වසන සමයෙහි ලක්මිණි පහන නම් ප්රහවෘත්ති පත්ර ය ආරම්භ කොට එහි කර්තෘ ව බොහෝ ශාස්ත්රාෙගමොපකාරි විය. තුඩාවේ පඬිවර තෙමේ නොයෙක් පුරාණ ග්රොන්ථයන් ශුද්ධ කොට ප්රපසිද්ධ කරවීමෙන් හා බොහෝ ගෝළබාලයන් ප්ර ගුණ කරවීමෙන් ශාස්ත්රාදහිවෘද්ධියට මහොපකාරි විය. මෙතුමා විවාහ ලේකම් ධුරයක් දරමින් ඉංග්රීතසි ආණ්ඩුවේ සැලකීමක් වශයෙන් දෙන ලද මුහන්දිරම් ගරු නාමය ද ලැබ සිටියේය. මෙතුමා විසින් සිදත් සඟරාවට අභිනව ව්යා ඛ්යාරනයක් කරන ලදි. මිහිරිපැන්නේ ස්වාමින් වහන්සේගේ කාලයෙහි දි සාලිඇළේ ස්වාමින් වහන්සේහට ගෝළ වූ කිරම සවාමිය, අකුරැස්සේ ස්වාමීය, ගල්ඇටුඹුවේ ස්වාමීයයි ප්ර්සිද්ඛ වූ පඩිවරයෝ තුන්නමක් වූහ. මෙයින් කිරම ස්වාමින් වහන්සේ විසින් ක්රිර.ව. 1820 හි දි සියබස්මල්දම කවිකරන ලදි.මුන් වහන්සේ වසින් වෙනත් බොහෝ කාව්යේයන් හා විබත්මල්දම යයි ප්රලසිද්ධ වූ කුඩා ව්යාබකරණ ග්රතන්ථය ද කරන ලද්දේය. මේ කාලයේ ද ම ගජමන් නෝනා නමින් ප්රමසිද්ධ වූ කිවිවරියක් ද විය. මාතරපුර වේරගම්පිට නම් පියසෙහි වාසක කළා වූ මෑ විසින් ශාස්ත්රොවද්ග්රනහණය කරන ලද්දේ කරතොට ස්වාමින් වහන්සේගේ ආශ්රළයෙනැයි කියනු ලැබේ. උන්වහන්සේගේ වාසය ද වේරගම්පිට විහාරයෙහි විය. කරතොට ස්වාමින් වහන්සේගේ ද්විතීය ශිෂ්යය වූ බෙන්තොට ස්වාමින් වහන්සේහට අඹගහවත්තේ ස්වාමීය, වැලිගම ස්වාමිය, යාත්රා මුල්ලේ ස්වාමිය, පොතුවිල ස්වාමිය, කෝමමල ස්වාමිය, වැරැල්ලානේ ස්වාමීය, බෙන්තොට ස්වාමි යයි ප්රුසිද්ධියට පැමිණි ගෝළයෝ සත්නමක් වූහ. මෙයින් අඹගහවත්තේ ස්වාමින් වහන්සේ රාමඤඤ උපසම්පදාව ලංකාවට ගෙන අවුත් ලංකාවෙහි ද රාමඤඤ නිකාය පිහිටුවා ස්වාදෙශයෙහි එම නිකායට නායක විය. දැනට දක්ෂිණ ලංකා ප්ර දෙශයෙහි පාණ්ඩිත්යහයෙන් ප්රකසිද්ධ ව වසන ඤණින්දාසහ ස්වාමින් වහන්සේ මුන්වහන්සේගේ ශිෂ්යි වෙයි. පොතුවිල් ස්වාමින් වහන්සේ වෛද්යතශාස්ත්ර යෙහි නිපුණත්වයෙන් හා වෛද්යිකර්ම යෙහි පටුත්වයෙන් ද අතිවිශ්රැරත විය. වැලිගම ශ්රීව සුමංගල නායක ස්වාමින් වහන්සේ සංස්කෘත භාෂාපරමේශ්වර ව සමස්ත ලොකයෙහි සමස්ත මහාපණ්ඩිත සභාවන ස්වකීය අසාදෘශ කීර්ති ප්රේභාවෙන් ශොභාමත් කෙරෙමින් විරාජමාන විය. මුන්වහන්සේගේ තීව්රත ප්ර්ඥව හා වෛදුෂ්යර මහිමය ද අප්රමමෙය. වූහු. මේ ස්වාමින් වහන්සේහට ඉන්දියා, ජර්මනි, ප්රථන්ස, එංගලන්ත, අමෙරිකා, ජපන් .සියම්,බුරුම යනාදි පූර්වාපර නානා දෙශයන්හි ස්වකීය වයස්යජ වූ ලොකප්ර,සිද්ධ මහා පඬිවරයෝ නොයෙක් ස්තුති ප්රනශංසා බහුමාන සහිත වූ හසුන්පත් සමගින් නොයෙක් නොයෙක් විට නානා පඬුරු උපහරණය කළාහුය. මුන්වහන්සේ කරණ කොට ගෙන ලාංකීක පාණ්ඩිත්යඋය බොහෝ සේ ලොකයෙහි ප්රනකට විය. 25 xxiv මේ ශ්රෙනෂ්ඨ පඬිවරයාණන් වහන්සේ විසින් මුග්ධබොධ ව්යාොකරණය ප්රටදිප්ත කොට සිද්ධාන්ත ශෙඛර නම් විශාල අර්ථ වර්ණනාවක් කරන ලදි. තවද මුන්වහන්සේ විසින් හිතොපදෙශයෙහි ශ්ලොකයන්ට අර්ථව්යාඅඛ්යාවනයක් කරන ලද්දේය. මුඵ ග්රනන්ථය ද සිංහලට නගන ලද්දේය. ඉතිහාස නම් ග්ර න්ථයක්ද මුන්වහන්සේ විසින් කරන ලදි. මුන්වහන්සේගේ දැනට ධ්රි්යමාණ වූ ගෝළයෝ නම් අම්බලම්ගොඩ දෙවානන්ද මහා ස්ථාවිරයන් වහන්සේය, මාතර අග්ගසාර මහා ස්ථවිරයන් වහන්සේය, පානදුරේ ඤණවිමලතිස්ස මහා ස්ථවිරයන් වහන්සේය, අම්බලම්ගොඩ මෙධාලංකාර මහා ස්ථවිරයන් වහන්සේය, කහඳාමුවදොර සීලවිමල මහා ස්ථවිරයන් වහන්සේය,බේරුවල සිරිනිවාස ස්ථවිරයන් වහන්සේය යන මේ පැවිදි පඬිවරයන් වහන්සේලා හා මොරටුවේ වේල්ස් කුමාර මහා විද්යා්ලයේ සිංහලාචාය්ය්යන ඩබ්ල්යුු.ඒ. ප්ර්නාන්දු මහත්මයාය, ලංකාවේ අධ්යසපන මණ්ඩලයෙහි උසස් පරික්ෂක ධුරයක් දරන්නා වූ ඒ.ඩබ්ල්යුව.ඩි.ජයසූරිය මහත්මයාය, වැලිතර ජේ.ඇම්.වික්රවමසිංහ වෛද්යාබචාය්ය්ඩිව මහත්මයාය, කඵතර කේ.ඇස්.දල්පනාදු වෛද්යායචාය්ය්‍්ස මහත්මයාය, කඵතර කේ.ඇස්, දල්පනාදු වෛද්යාාචාය්ය්දල් මහත්මයාය යන මේ ගෘහස්ථ සුධීහු ද වෙත්. මේ සියල්ලන්ගෙන් ම සාමාන්යර වශයෙන් ද අම්බලම්ගොඩ දෙවානන්දය පානදුරේ ඤණවිමලතිස්ස යන මේ මහා ස්ථවිරයන් වහන්සේලා දෙනමගෙන් විශේෂ වශයෙන් ද ශාස්ත්රාදගම දියුණුවට හිත වූ නොයෙක් සංග්රහහ ලැබී තිබේ. සම්භවනීය වූ ග්රයන්ථයන් ප්රිචාරයට පැමිණවීමාදි වශයෙනි. ඤාණවිමලතිස්ස මහා සිථවිරයන් වහන්සේ විසින් සෞගත විද්යානලයේ මාර්ගයෙන් කරන ලද ශාස්ත්රි සංග්රථහය ඉතා බොහෝයි. ගාල්ලේ ස්වාමින් වහන්සේහට සුමංගල මේධංකරය, වලානේය යන නමින් සුප්රේකට වූ ගෝළ දෙනමක් වූහ. එයින් සුමංගල මෙධංකර ස්වාමින් වහන්සේහට දෙඩම්පහලය, වේරගොඩ මෙධංකර ,වස්කඩුවේ සුභූති යයි ප්රුසිද්ධ වූ ගෝළයෝ තුන්නමක් වූහ. මෙයින් වස්කඩුවේ ශ්රිව සුභූති නායක ස්වාමින් වහන්සේ ශුද්ධ මාගාධි භාෂායෙහි ප්ර,වීණත්වයෙන් පූර්වපර දෙදිශායෙහි ම මහත් ප්ර සිද්ධියට පැමිණ පණ්ඩිතයන්ගෙන බොහෝ ස්තුති ප්රෙශංසා ලබමින් වාසය කෙරේ. සියම් දෙශයෙන් රාජකුමාරයෙක් ලංකාවට පැමිණ මුන්වහන්සේගේ සමීපයෙහි අමරපුර නිකායෙහි ප්රකවුජ්යා ව හා උපසම්පදාව ද ලබා ගත්තේය. මුන්වහන්සේ විසින් නාමමාලා නම් මාගධි ව්යාුකරණ ග්ර න්ථයක් කරන ලදි. එහි සංඥපන වනාහි ඉතා ව්ය ක්ත වූ ප්රණයොජනවත් වූ ප්රාකරණයකි. තවද මුන්වහන්සේ විසින් අභිධානප්පදිපිකාව කීප වාරයක් සංස්කරණය කොට මුද්රෙණය කරවා සුලභ කර තිබේ.අභිධානප්පදිපිකා සුචියක් ද මුන්වහන්සේ විසින් අකාරාදි පිළවෙළින් කරන ලදි. එද නිරක්තිදර්ශනයෙන් යුක්ත වූ බොහෝ ප්රරයොජනවත් වූ ග්රකන්ථයකි. වලානේ ස්වාමින් වහන්සේ කොළඹ ජනපදය බද රත්මලාන නම් පියසෙහි විද්යාසමන්දිරයක් පිහිටුවා විශාල වූ ගෝළ පිරිසකට ශාස්ත්රාහගම පුහුණු කරවමින් සිටියේය. මේ විද්යාුමන්දිරය හා මිහිරිපැන්නේ විහාර 26 Xxv යෙහි විද්යාිමන්දිරය ද සමකාලික වූ ශික්ෂාස්ථානයි. එම රත්මලානේ විද්යා්මන්දිරය තෙම පරමධම්මවෙතිය පිරිවෙන නමින් දැනුදු සමෘද්ධිමත් ව පවතී. මෙහි දි මුන්වහන්සේගෙන් ශාස්ත්රොැද්ග්ර්හණය කොට ප්රමසිද්ධියට පැමිණි ශිෂ්යියෝ නම් බටුවන්තුඩාවේ දෙවරක්ඛිත පණ්ඩිතය, උඩුගම්පොළ ස්වාමිය, තලන්ගම ස්වාමිය, බද්දගෙම ස්වාමිය, ශ්රීැ ධර්මලොක ස්වමීය, කවිරත්න වෛද්යාිචාය්ය්බද්ය, සිප්කඩුවේ ශ්රිු සුමංගල ස්වාමිය යන පඩිවරයෝ වෙත්, මෙයින් බටුවන්තුඩාවේ දෙවරක්ඛිත පඬිතුමා හා සිප්කඩුවේ ශ්රි සුමංගල සංඝනායක ස්වාමින් වහන්සේ ද වර්තමාන කාලයෙහි ශාස්ත්රාඩගම ව්යාිප්තිය පිණිස අත්යේන්තොපකාරිවූවෝ වෙත්. බටුවන්තුඩාවේ පඬිතුමා ගේ කිර්ති දෙහය ලංකාවෙහි හැම කල් දිප්තිමත් ව බැබළීම නියත වේ. මේ උසස් පඩිවරයා කරහි පැවැත්තේ යයි සිතිය යුතු වු ප්රොිත්සාහිභාවය මෙතෙකැයි කියා නො හැක්ක්යෙ. මේ තෙමේ බොහෝ වු ශිෂ්යු සංඛ්යාසවකට හැමකල් ශාස්ත්රකදානය කළේය. මේ පිණිස ස්වකීය කාලයෙන් වැඩි කොටස ව්යාෂපෘත වී නමුදු අඛණ්ඩ පරිශ්ර්මයෙන් යුක්ත ව එළුය, පාළිය, සංස්කෘත යන ත්රිිභාෂායෙහි ම පුරාණ ග්රතන්ථයන් ශුද්ධ කරමින් ද ව්ය්ඛ්යාාත කරමින් ද මුද්ර ණය කොට වසුරුවා හැරිමෙන් සියලු විද්යාමර්ථින්හට සංග්රයහ කළේය. ලංකාණ්ඩුව විසින් යොදවන ලදුව මේ පඬිවර තෙමේ හික්කඩුවේ ශ්‍රි සුමංගල සංඝනායක ස්වාමින් වහන්සේ සමඟ මහාවංසය සිංහලට නැගුවේ ය. එහි මාගාධි පාඨය ද මුද්ර ණය පිණිස ශුද්ධ කර දින, මේ පඬිතුමා විසින් සුලභ කරවන ලද පොත්වලින් සමහරක් නම්: බාලාවතාරය, කව්චායන, ධාතුමඤ‍වජුසාව, අනුරුද්ධශතකය, සුය්ය් න ශතකය, වෘත්තමාලාඛ්යා ව, අමරකොෂය, මාධවය, සිදත්සඟරා පෙළ, සිදත්සඟරා පුරාණ සන්නය, රුවන්මල, පියුම්මල යනාදියයි.ගුත්තිල කාව්යෂය ද මේ පඬිවරයාගේ ම ව්යාණඛ්යායනයක් සමග ප්රාසිද්ධ කරන ලදි. මේ දෙවරක්ඛිත පඩිවරයා ප්රයධාන කොට වෙනත් උසස් පඩිවරයන් ආශ්රාය කළා වු ගරුතර සුව්යඩක්ත සුප්ර සිද්ධ ‍ජේම්ස් ද අල්විස් නම් ජ්යෙදෂ්ඨ පඬකතියේ නීතිඥමැතිතුමා විසින් ක්රිව.ව.1852 හි දි ඉංග්රි සි ව්යානඛ්යයනයකින් හා විස්තරාර්ථ වර්ණනාවකින් ද යුක්ත කොට සිදත්සඟරා සංස්කරණයක් ප්රවසිද්ධ කරන ලදි. මීට යොදන ලද සංඥපනය වනාහි කවි සම්භාවනීය වූ විශාල වූ අතිශියන් සාරවත් වූ ප්රනකරණයකි. ස්වදේශයෙහි ශාස්ත්රාාගම සම්බන්ධ වූ ඉතිහාස කථාව සම්පූර්ණයෙන් එහි අන්තර්ගත වේ. මේ පොත ප්ර්සිද්ධ කිරිමෙන් විදේශින් අතරෙහි ද සිංහල භාෂාව කෙරෙහි මහත් ගෞරවයක් ඇති විය. මෙය ම ස්වාභාෂාභිවෘද්ධියට බොහෝ සේ හෙතුභූත විය. ස්වදෙශාලයෙහි දෘඪ සිත් ඇති මේ මැතිතුමා විසින් තවත් බොහෝ ශාස්ත්රාෝහිවෘද්ධිදායක වූ දේ කරන ලද්දේය. මෙ මැති තෙමේ හත්ථවනගල්ල විහාරවංසය ශුද්ධ කොට ප්රදසිද්ධ කළේය. කව්වායන ව්යාමකරණයෙහි කොටසක් ඉංග්රිවසියට නගා ප්ර සිද්ධ කළේය. තව ද ලංකාවෙහි විහාරස්ථාන 27 Xxvi යන්හි පොත්ගුල්වල තිබෙන්නා වූ පොත්වල ලෙඛනයක් ද සම්පූර්ණ විස්තර යොදා සම්පාදන කොට ප්රරසිද්ධ කරවිය. මේ ලෙඛනය සමාප්ත නො ම විය. සෙංකඩගල පිණ්ඩපාතික සරණංකර සංඝරාජ ස්වාමින් වහන්සේගේ ගෝළ පරම්පරාවෙන් පැවත එන්නා වූ සියලු ම පණ්ඩිතයන් අතුරෙන් මේ ශ්රීප ලංකාද්වීපයෙහි ශාස්ත්රාෙගමවර්ධනය පිණිස හා ලාංකීක ශාස්ත්ර්යන් දෙශාන්තරයන්හි පතුරුවා හැරීම පිණිස ද ඉවහල් වූ පණ්ඩිත තෙමේ නම් වලානේ ස්වාමින් වහන්සේගේ කනිෂ්ඨ ශිෂ්යය වූ හික්කඩුවේ ශ්රිප සුමංගල සංඝනායක සවාමින් වහන්සේය. ඈපා අප්පුහාමි නමින් ප්රකකට ව සිටි දෛවඥ පඬිවරයා ද කථාශෙෂභාවොපගත ධර්මගුණවර්ධණ මුහන්දිරම් මැතිතුමා ද ප්රිමුඛ වූ දායක පිරිසක් දැනට අවුරුදු 44 කට පමණ පුර්වයෙහි කොළොම්පුර මාලිගාකන්ද නම් ප්රාදෙශයෙහි ආවසයක් කරවා මුන්වහන්සේට පිළි ගැන්වුහ. මුන්වහන්සේ ඒ ආවාසයෙහි වැඩහිඳ යථොක්ත සාධුන් ප්රවමුඛ වූ විද්යා්භිවෘද්ධිකාමින්ගේ ආරාධනයෙන් හා ආධාරයෙන් විද්යොවදය පිරවෙන පිහිටුවා ලංකාවෙහි නානා දිශාවෙන් එළඹෙන්නා වූ ගිහිපැවිදි මහත් ගෝළ පිරිසකට ශාස්ත්රාාගම පුහුණු කරවන්ට පටන් ගත්තේය. සරණංකර සංඝරාජ ස්වාමින් වහන්සේගේ පිරිවෙනෙහි මෙන් මෙහි ද කල් යෑමෙන් පණ්ඩිතහාවොපගත වූ ජ්යෙංෂ්ඨ ශිෂ්යසයෝ මේ උදර කෘත්ය යෙහි මුන්වහන්සේ හට උපස්තම්භක වූහ. බුරුමය, සියමය, කාමබෝජය, ජපන් දෙශය, යනාදි රටවලින් ද ශිෂ්යසයෝ මේ විද්යා්ස්ථානයට එළඹෙන්ට වන්හ. ලංකාණ්ඩුවෙන් හා සියම් රජුගෙන් ද මීට අවුරුදුපතා සංග්රිහ පිණිස ආධාරොපකාර ප්රවතිෂ්ඨාපිත කරන ලද්දාහ. ශ්රීඅ සුමංගල නායක ස්වාමින් වහන්සේ මේ පිරිවෙනෙහි මාර්ගයෙන් පමණක් නො ව නානා පුරාණ ග්රාන්ථයන් ශුද්ධ කොට ද ව්යාමඛ්යාාත කොට ද ප්රීසිද්ධ කරවීමෙන් හා අභිනව ග්රරන්ථයන් නිෂ්පාදනය කිරිමෙන් ද ශාස්ත්රාොගම දියුණුවට මහොපකාරි විය. මුන්වහන්සේ විසින් බාලාවතාරයෙහි ගඩලාදෙණි සනන්ය සංස්කරණයෙන් ප්ර්සිද්ධ කොට සුලභ කරන ලදි. සිදත් සඟරාවට විශාල අර්ථ වර්ණනාවක් ද කාව්ය ශෙඛරයට අර්ථ ව්යාඩඛ්යාිනයක් ද කරන ලදි. එසේ ම බාලාවතාරයට ද සුබොධිකා නම් විශාල ටීකාවක් කරන ලදි. එසේ ම උන්වහන්සේ විසින් බ්ර හ්මධර්ම නම් සංස්කෘත කාව්යියට සන්නයක් ලියා එම කාව්යසය සිංහල කවියට ද නගන ලදි. තව ද කච්චායන මොග්ගල්ලායානදි වෛයාකරණයන් විසින් නො දක්වන ලද අනාගතාසිංසනා ක්රිගයාරූපයක් මාගාධි භාෂායෙහි ඇති බව මුන්වහන්සේ විසින් සොයාගන්නා ලදි. මුන්වහන්සේගේ උපදෙස් ඇති ව ස්වකීය ශිෂ්ය් වූ පඬිවරයන් විසින් සංස්කරණය කොට ප්ර්සිද්ධ කරවීමෙන් සුලභ කරන ලද කවි සම්භාවනීය වූ පුරාණ ග්රගන්ථයෝ නම් ඉතා බොහෝයි. මෙසේ උත්සාහවත් ව නොයෙක් ශාස්ත්ර සංග්රසහ කරමින් සියල්ලන් කෙරෙහි 28 xxvii මෙත්සිත් පතුරුවමින් ස්වකීය නිරහංකාර ගුණයන් කරණ කොට ගෙන සියල්ලන්ගේ සිත් දිනා ගනිමින් දෙශදෙශාන්තරයන්හි පතළා වූ කීර්තියෙන් විජෘම්භමාණ ව සිටි මුන්වහන්සේ ක්රින.ව. 1911 හි දි ස්වර්ග පරායණ විය. උන්වහන්සේගේ ඒ අවමංගල ප්ර්ස්ථාවයෙහි ද උන්වහන්සේ කෙරෙහි අප සිත්හි පැවති ගෞරවාදරය ප්රිකාශ කිරිමේ ලකුණක් වශයෙන් අප විසින් කරන ලද ප්රවබන්ධයක් මෙසේයි: 1. සමස්තජනමිනාමිත්රල - ශුභාශුභසමාවහාඃ නවග්ර්හාධිපාඃ යනති - නවදෙවා බහාබලාඃ 2. තෙෂු දෙවඃශනිර්නාම - තනනාමවිදිතෙ දිනෙ ප්ර්පයත් ත්රිනදිවං භද්රංත - සවාමිනං නඃ සුමඬගලම්. 3. තත්රරදවාරෙ ප්රදබලමහිමා දෙවාරාජො මහෙන්ද්රඃහ ප්ර්ත්යා යාතඃසුරපරිවෘතඃසවාමිනං තං ප්රමණම්යව සම්භකත්යාතර්ද්රංය මධුරවචනං සවාගතං භාෂාමාණෙ භද්රංත පීඨං තමනයදතඃ කාමබලං පාණඩුශෛලම්. 4. තසමින් නිෂිදනන් විබුධාර්ව්යාාමානො යසමින් නිෂිණෙණා භගවාන් කදාවිත් සො’යං විනෙතා භගවාත්සුතානාං ප්රිවකති ධර්මං සුගතප්රාණිතම්. 5. තස්යාංක සභායාමුභයත්ර‍ සනෙනෟ වාගීශශුක්රායවථ භාරතී ව මුහුර්මුහසතද් වචනං සතුවන්ති සර්වෙ දදත්යා්දරසාධුවාදම්. 6. එවං ත‍වාත්යාධයෙනාස්ම - ද්ධානිර්නාථ ශවත්යාසපි දෙවානාමහිවෘද්ධිඃ ස්යාාත් - තදස්ත්වා ශ්වාසනාය නඃ. ඉත්ඡං බ්රෑධතෙ තව සම්භක්තෝ ගුණවර්ධන මන්ත්රීඉ. (1. අත්රඉ.මේ ලොකයෙහි; සමස්ත ජන්මිනාම, සියලු සත්ත්වයන්හට; භාශුභසමාවහඃ , ශුභාශුහයන් එළවන්නා වූ; නව ග්රසහාධිපාඃ නව ග්රිහයන්ට අධිපති වු ; මහාබලාඃ මහත් බල සම්බන්න වූ; නවදෙවාඃ නව දෙවි කෙනෙක් ; යන්ති, ඇත්. (2. තෙෂු, ඔවුන් අතුරෙන්; ශනිඃ නාම දෙවඃ ශනි නම් දෙවි තෙමේ; තද්නාමවිදතෙ, ඔහුගේ නමින් දන්නා ලද; දිනෙ, දිනයෙහි; නඃ, අපගේ ; සුමංගලම්, සුමංගල, නම් වු ; ස්වාමිනම්, ස්වාමින් වහන්සේ ; භද්රඅම්, යහපත් වුවහු, දොහෝ නොහොත් යහපත් වූ; ත්රි;දිවම්, ස්වර්ගයට ; ප්රා,පසත්, පැමිණි වි. xxviii (3. තත්රද, ඒ ස්වර්ගයෙහි, ද්වාරෙ, දෙරටුවෙහිලා; ප්රිබලමහිමා, උතුම් බලමහිම ඇතතා වූ; දෙවරාජඃ, දෙවියන්හට රජ වූ; මහෙන්ද්රඃව, මහෙන්ද්ර‍ තෙමේ; සුරපරිවෘතඃ, දෙවියන් විසින් පිරිවරන ලදුව; ප්රමත්යාෙයාතඃ, පෙර ගමන් කළ තැනැත්තේ; තම ස්වාමිනම්, ඒ ස්වාමීන් වහන්සේහට; ප්රටණම්ය ප්රෙණාමය කොට; සම්භක්ති ආර්ද්ර්ම්, ගෞරවාදරයෙන් තෙමීගියා වු; මධුර වචනම්, මධුර වචනයෙන් යුක්ත වූ; ස්වාගකම්, මනා පිළිගැන්මෙහි පිළිසිඳර; භාෂමාණ:, කථනය කරනුයේ: නම්, ඒ ස්වාමීන් වහ්නසේ ; අතඃ, එතනින්;කාම්බලම්, අතුරන ලද පලස් ඇති; පාණ්ඩු, මලානශ්වෙතවර්ණ වූ; ශෛලම්, ශිලාමය වු; භද්රනම්පිඨම්, භද්රා සනයට; අනයත්, කැදවි. (4. යස්මින්, යම් ශෛලාසනයෙක්හි; විබුධ අර්ව්යඃමානඃ, දෙවියන් විසින් පුදනු ලබන්නා වූ ; භගවාන්, භාග්යටවතුන් වහන්සේ; කදාවිත්, යම්කිසි කලෙක්හි:නිෂණ්ණඃ, උපවෙශනය ක‍ළසේක් ද; තස්මින්, ඒ ශෛලාසනයෙහි; විබුධ අර්ව්යමමානඃ, දෙවියන් විසින් දෝහෝ නොහොත් ත්රි්දිවයෙහි පණ්ඩිතයන් විසින් පුදනු ලබනුයේ; භගවත්සුතානම්, සර්වඥපුත්ර්යන්ගේ; සඃඅයම් විනෙතා, ඒ මේ නායකයන් වහන්සේ; සුගත ප්රඥණිතම්, බුදුරජාණන් වහ්නසේ විසින් වදාරන ලද; ධර්මම්, ධර්මය; ප්රවවක්ති, දෙශනා කෙරේ. (5. තස්යාරම සභාය‍ම්, ඒ දිව්යප සභායෙහි; උභයත්රාසන්නෞ, දක්ෂිණාවාම නම් උභය පාර්ශ්වයෙහි නිෂ්ණ්ණ වූ; වාගිශ ශුක්රෞ,, බෘහස්පතිය ශුක්ර්ය යන ආචාය්ය්සන්යන් දෙදෙනා ද; අථ, වැළිත්; භාරතිව, සරස්වති නම් දෙවි ද; තද්වචනම්,ඒ ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා වචනයට; මුහුඃ මුහුඃ, විටින් විට; ස්තුවන්ති, ස්තුති කරෙත්; සර්වෙ, (එකල) සියලු දෙවියෝ; ආදරසාධුවදම්, ආදර සහිත වූ සාධුකාරය; දදති, දෙති. (6. එවම්, මෙසේ; නාථා, ස්වාමින් වහන්සේ! තවඅත්ය යෙන, ඔබවහන්සේගේ අතික්රරමණයෙන්; අස්මාකම්, අපට; හානිඃ, හානි තොමෝ; භවති අපි, වන්නේ නමුදු; දෙවානම්, දෙවියන්ට; අභිවෘද්ධිඃ ස්යාතත්, අභිවෘද්ධිය වන්නේය; තද්, ඒ කාරණය; නඃ , අපගේ; ආශ්වාසනාය, සැනසීම පිණිස; අස්තු, වේවා. තව සභකතඃ, ඔබවහන්සේගේ සම්භකත වූ; ගුණවර්ධන මන්ත්රිස, ගුණවර්ධන මන්ත්රිඃතෙමේ; ඉත්ථං බ්රෑ්තෙ, මෙසේ කියයි). මේ සුමංගල නායක ස්වාමින් වහන්සේගේ ශිෂ්යබයන් අතුරෙන් එක් ශිෂ්යසයෙක් නම් වේරගම බණ්ඩාර නමින් ප්රිසිද්ධ ව විසූ පඬිවරයාය. මේ පඬිවරයා විසින් සෘතුසංහාර නම් රම්ය වූ කාව්යිය ස්වභාෂාමය ව්යාිඛ්යානනයකින් සරසා ප්රසසිද්ධ කරවන ලදි. තවත් නොයෙක් සම්භාවනීය වූ ග්ර‍න්ථයන් එසේ ම ශොධිත කොට හෝ ශොධිත ව්යාසඛ්යාතත කොට හෝ ප්රවසිද්ධියට පමුණුවා සුලභ කරවීමෙන් බොහෝ ලොකසංග්ර‍හ කරන ලදි. මේ නානා කෘතීන් අතුරෙහි ශබ්දමුක්තාවලි නම් කොෂ ග්රමන්ථයක් ද, සම්බුද්ධ චරිත 30 xxix නම් රසවත් වූ ප්ර කරණයක් ද, පදනීති නම් ව්යාවකරණ ග්රබන්ථයක් ද මේ පඬිවරයා විසින් සියබසින් නිපදවන ලදි. සරසවි සදරැස නම් ප්රවවෘත්ති පත්රරය ආරම්භ කරන ලද්දේ මේ පඬිවරයා විසිනි. තව ද ශ්රිද සුමංගල නායක ස්වාමින් වහන්සේගේ නොයෙක් ගෝළයන් විසින් ලංකාවේ නානා දිශාවන්හි පිරිවෙන් පිහිටුවා ඒ මාර්ගයෙන් ද ශාස්ත්රාහලොකය බොහො සේ පතුරුවනු ලැබේ. උන්වහන්සේගේ සම්පුර්ණ ශිෂ්ය් පරම්පරාව බොහොයි. මෙහි ඇතුළත් කිරීම පිණිස ඒ පරම්පරාවෙහි ලෙඛනයක් අප වෙත එවන ලෙස විද්යෙවදය පිරිවෙනෙන් මෙත්සිත් පෙරටු ව ඉල්ලා යවන ලද නමුත් එය නො ලැබුණු බව කනගාටුවෙන් සඳහන් කරමු. පිරිවෙන මාර්ගයෙන්වත් එබඳු ලෙඛනයක් ප්රෙසිද්ධ වුව හොත් බොහෝ දෙන‍ාගේ සන්තුෂ්ටියට ද ප්රගයෝජනයට ද එය හෙතුභූත විය යුතු බැව් කියමු. නායක ස්වාමින් වහන්සේගේ නාමයට ද එය ගෞරවයක් විය යුතියි. වලානේ ස්වාමින් වහන්සේගේ සවැනි ශිෂ්යේ වූ රත්මලානේ ධම්මාලොක නායක ස්වාමින් වහන්සේ පෑලියගොඩ විද්යාිලංකාර පිරිවෙන පිහිටුවා එයින් ලක්දිව ශාස්ත්රා ගමාහිවෘද්ධියට අත්යයන්තොපකාරි වූ මාර්ගයක් සැලැස්විය. දැනට සංස්කෘත භාෂානෛප්රවණ්යායෙන් ප්රාලවීන ප්රිතිවීන. දෙදිශායෙහි ම සුප්රෘසිද්ධ වූ තික්ෂන බුද්ධි ඇති රත්මලානේ ධර්මකීරති ශ්රීව ධර්මාරාම නායක ස්වාමින් වහන්සේ මේ පඬිවරයාණන් වහන්සේගේ ගෝළ නමය. මේ ගුරු ගෝළ දෙනම විසින් ආධුනික සංග්රණහ පිණිස සංස්කෘත ශබ්ද මාලාවක් ද ලංකාණ්ඩුවේ ආරාධනයෙන් ධර්ම ප්රවදීපිකාවෙහි සංස්කරණය ද කරන ලදි. තව ද ධර්මරාම නායක ස්වාමින් වහන්සේ කුමාරදාස රජු විසින් කරන ලදුව අභාවයට ගොස් තුබූ ජානකීහරණ මහා කාව්ය්ය එහි පුරාණ සිංහල ව්යානඛ්යාානය බලා ප්රකතිසංස්කරණය කළේය. එසේ ම කාලාන්තර සඤජාත දොෂාකුලත්වයෙන් දූෂිත ව ද, අතිදුරලභව ද තුබු හංස සන්දේශය සංස්කරණය කොට ව්යාකඛ්යාිනයකින් සරසා සුලභ කරවිය. තව ද මුන්වහන්සේ විසින් බාලාවතාර සංස්කරණයක් ද සිදත් සගරායෙහි අභිනව ශුද්ධියක් හා විස්තරාර්ථ වර්ණනාවක් ද කරන ලදි. එහෙත් ශ්රී ධම්මාරාම නායක ස්වාමින් වහන්සේ විසින් කරන ලද විශේෂ ශස්ත්රාසංග්රණහය නම් ශුද්ධ සිංහල භාෂායෙහි පෙර පැවති ණ න වර්ණයන්ගේ හා ළ ල වර්ණයන්ගේ ද ව්ය වහාරය සම්බන්ධ වූ රිතිය සොයා ගැන්මයි. මේ වර්ණයන් අතුරෙන් ‘ණ න’ වර්ණයන්ගේ වනාහි සංස්කෘත ව්යැවහාරයෙන් වෙනස් වු යම්කිසි ව්යදවහාර රීතියක් ශුද්ධ සිංහලයෙහි ඇති විය. එසේ ම ශුද්ධ සීහළයෙහි තද්හව නු වු නිෂ්පන්න ළ කාරයාගේ ආදිවර්ණ භාවයෙක්ද ඇති විය. තවද අලගියවන්න මුකවෙටිතුමාගේ කාලය වනතුරු එළිසම කොටින් බඳනා ලද පද්ය‍යන්හි එළිවැටට එකම වර්ණය වීනා ශබ්දයෙන් ආසන්න වුව ද ස්ථානයෙන් භින්න වූ එහෙයින් ම අසමාන වූ වර්ණ‍යන්ගේ යෙදීමක් නොමැති විය. 31 xxx එයින් ණ කාරය හා න කාරය ද ළ කාරය හා ල කාරය ද සාමාන්යස වශයෙන් අහෙද පද්යා න්ත යොගය නො ලැබූහ. අලගියවන්න මුකවෙටිතුමාගේ කාලයෙන් පසු ශාස්ර්ද යාගේ අන්තර්ධානය වූ හෙයින් යම්කිසි ග්ර න්ථයක ප්රයකාශිත ව නො පෙනෙන්නා වූ මේ රිතීන්ගේ දැනගැන්ම ද අභාවගව විය. සරණංකර සංඝරාජ ස්වාමින් වහන්සේ විසින් ශාස්ත්රූඥනය ප්රිකෘතිමත් කරනු ලබන සමහෙහි සංස්කෘත රිතියට අනුරූප නුවූ ණ න වර්ණයන්ගේ ‍යොගයෙක් සිංහල භාෂාවෙහි ඇතැයි කිසිවෙක් නො සිතූහ. නිෂ්පාන්න ළ ත්වය හා ආදි ළ ත්වය ගැන ද එසේ ම කිසිවෙකුගේ කල්පනාවක් නොමැති විය. මේ කරණ කොට ගෙන පද්යත පාදන්ත වර්ණයන්ගේ ආකුලත්වය ද පැමිණෙන්ට වන. මේ හෙතුයෙන් සෙංකඩගල කාලයෙහි පටන් ලෙඛිත වූ පුරාණ කවින්ගේ ග්රනන්ථයන්හි ද මේ රිතීන් සම්බන්ධ වූ ආකුලත්වයෙක් පැවත ආවේය. කාරණා මෙසේ පවත්නා අතර ශ්රීණ ධම්මරාම ස්වාමින් වහන්සේ විසින් පුරාණ වූ ලිපි බැලීමෙහි ද යථොක්ත වර්ණයන්ගේ ව්ය වහාරය කිසිවිටෙක වර්තමාන ව්යිවහාරයට වෙනස් බව උන්වහන්සේහට පෙනී ගියේය. ස්වකීය උද්ගෘහිත අභ්යයස්ත ක්රිමයෙන් ප්රනතිවිරුද්ධ හෙයින් ඒ වනාහි අව්යුීත්පන්න ලෙඛක දොෂ පඤජාත යයි මුන්වහන්සේද මුලදි මුල දි සිතන්ට ඇතුවා නිසැකයි. එහෙත් පුරාණ ලිපි බලන්ට බලන්ට මේ අව්යුලත්පන්න දෙෂයන්සමහර නියම වචනවල පමණක් සෑම තැනහිම පෙනෙන බව ද අන්යද වචනයන්හි එසේ නො පෙනෙන බව ද කිසි තැනෙක මේ දොෂයන් මෑත කාලයෙහි නිදොස් යයි කිය යුතු වූ අකුරු කටුගා ඒ වෙනුවට බොහෝ පරික්ෂාවෙන් හා සාවධානත්වයෙන් ලියාපු ඒවා බව ද මුන්වහන්සේහට පෙනී ගියේය. එයින් ව්යනවහාරය හරි වේවා හෝ වැරදි වේවා හෝ ශුද්ධ සිංහල භාෂාවෙහි මේ වර්ණයන් සම්බන්ධ ව පෞරාණිකයන්ගේ විශේෂ ව්ය වහාරයක් ඇති ව තුබුණ බව මුන්වහන්සේහට ක්රයමයෙන් වැටහි ගියේය. ඉන්පසු මේ ව්යවවහාරය අනුගත ව පෙනෙන්නා වූ ස්ථානයන් කීපයක් වෙන වෙන ම විමසා බැලීමෙහි ද ව්‍යවහාරයෙහි විස්තර ද ක්රසමයෙන් පැහැදිලි වූහ. එකල ඒ ව්යුවහාරය පුරාණ කවින්ගේ පද්යතබන්ධනවලට තබා බැලු විට බැලු බැලු කවියෙහි එළිවැට සතර පළෙහි ම එක ම වර්ණයෙන් යුක්ත බව පෙනී ගියේය. මේ කරුණු නිසා මේ ව්යසවහාරය වනාහි අලගියවන්න මුකවෙටි තුමාගේ කාලය වන තුරු ලංකාවෙහි පැවති අක්ෂර වින්යාරස යයි මුන්වහන්සේ සම්මත කරගෙන ඒ බව ලොකයාට ද ප්රහකාශ කළේය. මෙසේ මුන්වහන්සේ විසින් සොයාගන්නා ලද මේ ශුද්ධ සිංහලාක්ෂර වින්යනසය දැන් වනාහි බොහෝ පඩිවරයෝ පිළිගෙන සිටිත්. ඉතා විශාල වූ විශාරද වූ පඩිවර පඩ්කතියක් නො පිළිගෙන ද සිටිත්. පුරාණ ලිපිවල පෙනෙන්නා වූ ඒ වර්ණරිතය කල් යෑමෙන් වූ ලේඛක දොෂ යයි තවමත් ඔවුහු කියති. මේ පඬිවරයන්ගේ මේ මතය නිරාකරණය පිණස අප විසින් හෙතුදාහරණ පසු ව දක්වනු ලැබේ. 32 xxxi බෝවල ස්වාමින් වහන්සේ සරණංකර සංඝරාජ ස්වාමින් වහන්සේ වෙන ශාස්ත්රොවද්ග්ර්හණය කළා වූ සියලු ම ශිෂ්යවයන් අතුරෙන් ශ්රේෂ්ඨ පඬිවරයාය යන කීර්තිය උද්වහනය කළේය. මුන්වහන්සේගේ විශෙෂ ගුරුවරයා නම් දැරමිටිපොළ ස්වාමින් වහන්සේ විය. මේ බෝවල මහා ස්ථිවිරයන් වහන්සේ දුම් නැව් ගැන විශ්වාස නො කළේය. දුමෙන් නැව් දුවත් නම් බොහෝ දුම්ගස්නනා වූ දන්ගෙවල් ද දිවිය යුතු යනු මුන්වහන්සේ ගේ තර්කය විය. වතාවක් බෝවල ස්වාමින් වහන්සේ කටුකුරුන්ද පළාතේ විහාරයකට යන ගමන් මෝඩයකුගෙන මග ඇසීලු. මෝඩයා මුන්වහන්සේහට මග කියා දි කඩපළේ තමාහට තිතර කෙළිකවට කරන්නා වූ තරුණ පිරිසක් වෙත එළඹ මෙසේ කීවෙලු: නුඹලා මා මෝඩයකු කො සලකන්නාහුය. එසේ වුවත් බෝවල නායක ස්වාමින් වහන්සේ නො දන්නා දෙයක් අසා දැන ගන්නේ මගෙන්ය.’ බෝවල ස්වාමින් වහන්සේහට කටුකුරුන්දේ ස්වාමි යයි ප්රගසිද්ධ වූ ගෝළනමක් ඇති විය. උන්වහන්සේහට කහවේ ස්වාමිය, පුවක්දණ්ඩාවේ ස්වාමි යයි ප්රතසිද්ධ ගොළයෝ දෙනමක් ඇති වූහ. කහවේ ස්වාමින් වහන්සේහට විමලසාර නම් ප්රයසිද්ධ ස්වාමින් වහන්සේ නමක් ගෝළ විය. විමලසාර ස්වාමින් වහ්නසේගේ ගෝළ නමක් නම් නොබෝදා ස්වර්ගස්ථ වු ආසභතිස්ස ස්ථවිරයන් වහන්සේය. ආසහතිස්ස ස්වාමින් වහන්සේ විසින් දාඨාවංස නම් මාහැඟි කාව්ය ය සංස්කරණය කොට ප්රසසිද්ධ කරවීමෙන් සුලභ කරන ලදි. මුන්වහන්සේ විසින් ම මේ ගුත්තිල කාව්යකයෙහි ස්වකීය පරම්පරාගත සංස්කරණය හා අර්ථව්යා ඛ්යා නය ද ප්ර්සිද්ධ කර තිබේ. කරතොට ‍බෝවල යන පැවිදි පණ්ඩිතයන් සේ ම සංඝරාජ ස්වාමින් වහන්සේ වෙතින් හා උන්වහන්සේගේ පිරිවර පණ්ඩිතයන් වෙතින් ද ශාස්ත්රොංද්ග්රවහණය කළා වු ගිහි පණ්ඩිතයෝ තුන් දෙනෙක් ද ලංකාවේ පහතරට හොබවමින් සිටියාහුය. ඔවුහු නම්. කපුගම් ගුරුන්නාන්සේය, විරගුළේ ගුරුන්නාන්සේය, වල්පළ ගුරුන්නාන්සේ යයි ප්රගකට වූ පඬිවරයෝ වෙත්. මොවුහු ද තමන් ශාස්ත්රාගද්ග්රයහණය කරන කාලයෙහි පැවිදි ව සිටියා වූ අයයි. මෙයින් වීරගුළේ ගුරුන්නාන්සේහට විශෙෂාවාය්ය්ද් වූයේ අත්තරගම රාජගුරු බණ්ඩාර මැතිතුමා යයි කියති. වීරගුළේ ගුරුන්නාන්සේගේ අතින් ශාස්ත්ර‍ය ලැබ ඉතා ප්ර ගුණත්වයට පැමිණ ශිෂ්යියානම් මිරිස්සේ ධම්මනන්ද නායක ස්ථවිරයන් වහන්සේය. උඩුගල් පිටියේ සිරිසුමනතිස්ස මහා ස්ථිවිරයන් වහන්සේ හා දොඩන්දූවේ පියරතන නායක ස්ථිවර‍ෙයන් වහන්සේ ද මුන්වහන්සේහට ශිෂ්යනයෝ වූහ. එහෙත් පියරතන ස්වාමින් වහන්සේ වැඩිකොට ම ශාස්ත්රදග්රහහණය කළේ ශික්ෂාවෙන් තමන්ගේ ජ්යෙතෂඨහ්රාසතෘ වූ මේ උඩුගල්පිටියේ ස්වාමින් වහන්සේගෙන් යයි කියති. පසු කල මුන්වහන්සේ හික්කඩුවේ ශ්රීඩ සුමංගල නායක ස්ථවිරයන් වහන්සේගෙන් ද ශාස්ත්රි්ය උපදෙශ ලබා තිබේ. යථොක්ත සිරිසුමන තිස්ස මහා ස්ථවිරයන් වහන්සේ හා මුන්වහන්සේද විසින් දොඩන් දුව ශෛළ බිමබාරාමයෙහි පිරිවෙනක් පිහිටුවා බොහෝ ශිෂ්ය්න් න්හට ශාස්ත්රාරගම, 33 xxxii දානය කරන ලදි. මුන්වහන්සේලා දෙනමට අලුත්ගම ශ්රි ශිලස්කන්ධ නායක ස්ථවිරයන්වහන්සේය, තෙල්වත්තේ සාරාලංකාර මහා ස්ථවිරයන් වහන්සේ යයි ගෝළ දෙනමක් වූහ. එයින් ශ්රී් ශිලස්කන්ධ නායක ස්ථිවිරයන් වහන්සේ මහත් කීර්තියට පැමිණ නොයෙක් ශාස්ත්රිනය කර්මයන්හියිදි තවමත් විරාජමාන වේ. මුන්වහන්සේගේ චිත්තවීය්ය්ක යෙහි ප්රනමාණයට ශරීර ශක්තියත් තිබේ නම් මුන්වහන්සේගෙන් ලංකාවෙහි ශාස්ත්රෝද්දීප්තිය පිණිස වන්නා වූ වැඩ අප්රතමාණ වනු නිසැකය. දැනට ද ලැබි තිබෙන්නා වූ සංග්ර්හ සවල්ප නොවේ. මුන්වහන්සේගේ හා ස්වකීය ගෝළබාලයන්ගේ ද ඉතා ප්රසශස්යහ වු ප්ර.යන්තයක් නම් ලොකයෙහි වඩා ප්රලකට නූ වූ සම්භාවනීය ග්රටන්ථයන් ශොධිත ව්යාංඛ්යා ත කොට ප්රනසිද්ධියට පැමිණිවීමෙන් සුලභ කරවාලිමය. මුන්වහන්සේ විසින් සුලභ කරවා තිබෙන්නා වූ ග්රපන්ථ සමහරක් නම් විදග්ධ මුඛමණ්ඩනය, රාජප්රාශස්තිය, වෘත්තරත්නාකර පඤවිකාව, හත්ථවනගල්ලවිහාර වංසය යන මොවුහු වෙත්. මුන්වහන්සේ විසින් රාජරාජෙශ්වර ප්රතශස්ති නමින් ග්රමන්ථිකාවක් සංස්කෘත ශ්ලොකයෙන් කරන ලදි. තව ද වෘත්තරත්නාකරයට අභිනව සන්නයක් ද ලියන ලදි. තෙලවත්තේ සාරාලංකාර ස්වාමින් වහන්සේ ද පණ්ඩිත ලොකයාගෙන් බොහෝ ගරුමන් ලබමින් සිටි විද්වජ්ජනයෙකි. නිහතමානිභාවය හා ශාන්තභාවය ද උන්වහන්සේගේ ප්රිධාන ගුණාංගයෝ වූහ. උන්වහන්සේ ගේ ගෝළයෝ නම් තෙල්වත්තේ ශ්රීර ආය්ය් ර්වංතශ ස්ථ්වරයන් වහන්සේ හා තෙල්වත්තේ ශ්රීන අමරවංශ ස්ථවරයන් වහන්සේද වෙත්. මුන්වහන්සේලා දෙනම වර්තමාන කාලයෙහි සිටින්නා වූ බාල පරම්පරාවේ පණ්ඩිතයන් අතුරෙන් ඉතා විවික්ෂාණ වු දෙනමකි. පාණිනි ව්යාපකරණයෙහි පිරිසිදු දැනුමක් මුන්වහන්සේලාට ඇති බව දනිමු. බේරුවල පිහිටි මංගල පිරිවෙනේ මාර්ගයෙන් බොහෝ විද්යාුදානය කෙරෙමින් මුන්වහන්සේලා ශාස්ත්‍ාිවලොකය පතුරවත්. පුරාතන සම්භවනීය සංස්කෘත බෞද්ධ ග්රලන්ථ වූ ජාතක මාලා කාව්ය්ය හා පද්ය්වුඩාමාණි මහා කාව්යනය ද ප්ර සිද්ධියට පැමිණ වූහ. අශිතිපුර්තිමංගලම් නම් කුඩා සංස්කෘත කාව්ය්ය ද මුන්වහන්සේලාගේ කෘතියකි. මෙයින් ශ්රිය අමරවංස ස්ථවරයන් වහන්සේ සිඵමිණ සඟරාවෙහි සහාය කරතෘවරයකු වූ බව ද මෙහි සඳහන් කළ යුතු වේ. හික්කඩුවේ ශ්රිය සුමංගල නායක ස්වාමින් වහන්සේගේ ශිෂ්යපයන් අතුරෙන් අතිව්යනක්ත ශිෂ්ය නමක් වූ පණ්ඩිත යගිරල පඤඤනන්ද ස්ථවිරයන් වහන්සේ ද මුන් වහන්සේ සමඟ සහාය කර්තෘවරයෙක් විය. ඒ යගිරල ස්වාමින් වහන්සේ ද දැනට උසස් වූ පරිවෙණාධිපති කෙනෙකි. වල්පළ ගුරුන්නාන්සේ නම් පඩිවරයා දඩලු පැවදි පරම්පරාවේ ප්රවථම පුරුෂ වූ සිරිධම්මක්ඛන්ධ නායක ස්වාමින් වහන්සේට ආචාය්ය්පරම විය. මේ ස්වාමින් වහන්සේ ස්වකීය කාලයෙහි ඉතා ප්රවසිද්ධ ව විසූ සංඝනායක නමකි. බුරුම රජුගෙන් හා ඉංග්රිවසි ආණ්ඩුවෙන් ද උසස් ස්ථාන මාන ලැබු කෙනෙකි. මුන්වහන්සේ විසින් සිමාවිනිශ්චය, කඨිනවිනිශ්වය යන පොත් දෙකක් ද ලියන්ට යෙදුණ බව කියා තිබේ. ඤණාලංකාර සිරිසුමන නායක ස්වාමින් 34 xxxiii වහන්සේ මුන්වහන්සේගේ ගෝළනම විය. මේ පඬිවරයාණන් වහන්සේ ද මහත් ප්ර්සිද්ධියට පැමිණ ආණ්ඩුවෙන් ද ගරුබුහුමන් ලැබුවේය. පිරිවෙනක් පිහිටුවා මහත් ශිෂ්යේ සමුහයකට ශාස්ත්රිදානය කළේය. ධීරානන්ද නායක ස්වාමි මුන්වහන්සේගේ ගෝළනම විය. උසස් පඩිවර නමක් වූ මුන් වහන්සේ විසින් විනය විනිශ්චය නම් විශාල ධර්ම ප්රයකරණයට සන්නයක් ලියන්ට යෙදුණ බව කියා තිබේ. මේ ස්වාමින් වහන්සේහට පඤඤසීහ නම් ගෝළනමක් විය. ඒ ගෝළනම පසුකල මහා ස්ථවිර කෙනකුන් වශයෙන් මහත් කීර්තියට පැමිණියේය. උන්වහන්සේ විසින් දොඩන්දූව කුමාර මහා විහාරයෙහි පිරිවෙනක් පිහිටුවා ඒ මගින් ශාස්ත්රානගම පතුරුවා හරින ලදි. තව ද විශාල වීය්ය්් යෙන් යුත් මුන්වහන්සේ විසින් සමන්ත පාසාදිකා නම් විනය අටුවාවට පත්ඉරු 1400 ගණනකින් යුත් සන්නයක් ලියන ලද්දෙයි. ඒ මිදිවාට මෙන් නාමහෙද විභාවිනී. සීලසංදීපනී, පරංජය දීපනී, උත්තමාර්ථ සංග්ර්හ, නිර්වාණ පුරවර්ණනා යනාදි කුඩා ග්රවන්ථයන් කීපයක් ද කරන්ට යෙදුණු බව කියා තිබේ. ධම්මලංකාර නායක ස්වාමින් වහන්සේ මේ පඬිවරයාණන් වහන්සේගේ ගෝළනම විය. මුන්වහන්සේ ද නානා දේශ ව්යාවප්ත වූ කීර්ති කදම්බයක් ඇති උසස් පඬිවරයෙක් ව විසු බව කියා තිබේ. මුන්වහන්සේ විසින් සීමානය දප්පණ නම් විශාල විනය ග්රඬන්ථයක් පාළියෙන් රචනා කොට මුද්රේණය කරවා නොයෙක් දෙස විසුරුවා හරින්ට යෙදුණේලු. මෙය නොමිලයේ බෙදා දුන් පොතක් යයි කියති. එබඳු පොත් ගැන ලොකයාගේ සැලකීම අඩු බව පෙනේ. සම්භාවනීය වූ පොතක් නම් එය නොමිලයේ බෙදා දිමෙහි අර්ථයක් නොමැත්තේය. පොතෙන් ආමිස ලාභයක් අභිමත් නුවු තන්හි කාය්යාහධිකාරන් ලවා එය විකුණුවා මුදල පුණ්ය්කර්මයකට යොදවන ලද්දේ නම් සියලු ඉෂ්ටාර්ථයන් සිද්ධ වනු පමණක් නො ව පොතේ ගෞරවය ද රැකෙන්නේ යයි බොහෝ දෙන සලකත්. එ පමණක් නො වේ. මුදලෙන් උදාර වූ පුණ්ය කර්මයක් කරවිමෙන් අතිරෙක වූ ආනිසංසයක් ද ලැබේ. මේ ස්වාමින් වහන්සේගේ ගෝළනම නම් දැනට රන්දොඹේ විහාරයෙහි වැඩිසිටින දක්ෂ විවක්ෂණ වැලිතර සුදස්සන ස්ථවිරයන් වහන්සේය. මුන්වහන්සේ ස්වකීය පණ්ඩිත පරම්පරාවෙහි ගෞරවය යථාස්ථානයෙහි පිහිටුවා ගෙන ස්වකීය විශාරද භාවයෙන් මහත් ගරුබුහුමන් ලබමින් ලොක සංග්රිහය කෙරේ. මෙසේ බලන කල දැනට ලංකාවේ පවත්තා වු පණ්ඩිත පරම්පරාවන් සතරෙන් තුනක ප්ර ථම පුරුෂයන් මාතර දිශාවෙහි ධිරයන් බව කිය යුතුයි. (vi) ග්රටන්ථ සංස්කරණය මෙසේ සරණංකර සංඝරාජ පරම්පරාවේ නානා ශාඛාවන්ගෙන් පැවත එන්නා වූ නානා පඬිවරයන්ගේ ප්රොරත්සාහයෙන් දැනට ලංකාවෙහි ශාස්ත්රානගම බොහෝ දිප්තිමත් ව බබළත් මුත් පුරාණ කවින්ද්රනයන්ගේ මහාර්ඝ වු ග්ර‍න්ථයන් එම කවීන්ද්රබයන්ගේ පාණ්ඩිත්යේ මහිමයට හෝ මේ කාලයෙහි පවත්නා ඥනාලොකයට හෝ හොබනා සේ ව්යාඩඛහාත කොට අර්ථරසය 35 xxxiv ව්යාක්ත කොට ලීමෙක් තවමත් බහුල ව නොමැත්තේය. බොහෝ පඬිවරයෝ යම් පොතකට ව්යා ඛ්යාීනයක් කරත් නම් පාඨයෙහි පදයකට සන්නයෙහි ද පදයක් ලියනු විනා එහි අර්ථය ස්ඵුට කරනු පිණිස කිසිවක් නො කරති. ව්යානඛ්යාුනයන් කරන්නා වු සමහර අයහට කිසි විටෙක අර්ථයෙහි නිසි අවබොධයක් ද නොමැත්තේය. කිසි විටෙක තමන් විසින් කියන ලද අර්ථය ද කුමකින් කුමක්දැයි තුමු ම දො දනිති. ඔවුන්ගේ පාඨශුද්ධිය මැනවි ද නොමැනවි දැයි දැන ගනිම පිණිස කරුණු කිසිවක් නො දක්වති. තම තමන්ගේ සිත්හි පවත්නා වූ මුළා වූ හෝ නුමුළා වු හෝ යම් යම් මතයන්හි තමන් පිහිටා සිට ගෙන එහි යුක්ති අයුක්ති සදහන් නො කොට ඒ මතයන් අනුව තමන් විසින් ලියනු ලබන්නා වු කොයි කොයි දේත් අන්යදයන් පිළිගන්නා සේ බලාපොරොත්තු වෙති. මේ හෙතු කොට ගෙන ස්වොත්සාහයෙන් ශාස්ත්රෝද්ග්රළහණය කිරිමෙහි අභිලාෂ වූ ආධුනිකයන්හට ද සාමාන්ය් වශයෙන් සියලු ම ආධුනිකයන්හට ද තුමු බුද්ධියෙන් කොපමණ විවක්ෂන වූ නමුදු මේ ග්ර්න්ථයන්ගෙන් විපුල ප්රතයොජනයක් ගැනිම උගහට වන්නේය. බොහෝ විට ආධුනිකයෝ මුළා බවට ද පැමිණෙති. නිසි අවබොධය හෝ ඊට මාර්ගය හෝ නොමැත්තෙන් ග්රමන්ථ ගුරුත්වය ද බො‍හෝ සේ ඌන ව පවතී. කාරණා මෙසේ හෙයින් ශ්රෙුෂ්ඨ පඩ්කතියෙහි ග්ර න්ථයන් ප්රනපඤවයෙන් ව්යාධඛ්යාවත කොට ප්රහවීණ නවීන දෙපක්ෂයෙහි ම අතට දීමට කාලය පැමිණි තිබේ යයි සිතමු. මෙසේ සලකන්නා වූ අප විසින් ද මේ සන්කෘත්යදය පිණිස යමක් කළහොත් යෙහෙකැයි සිතුණ යෙහින් ‘කුමන ග්රනන්ථයක් සංස්කරණ ව්යාතඛ්යාසන කරමෝ ද?’ යි සිතන්නා වූ අපහට ගුත්තිල කාව්ය ය මැනවි යයි පෙනී ගියේය. මේ ග්රවන්ථය වනාහි කාව්යාශෙඛරය සේ ගුඪ හෝ නො වෙයි. කුසජාතක කාව්ය ය සේ ශිථිල හෝ නො වෙයි. භාෂාවෙන් ඒ කාව්යා දෙකට ම අතරෙහි පිහිටා ආධුනිකයන්ගේ අභ්යා සයෙහි ද එසේ ම පවතී. තව ද මේ පොත ප්රදවීණ නවීන දෙපක්ෂය විසින් ම අත්යායදරයෙන් භාවිතා කරනු ලැබේ. එහෙයින් එය ම අපගේ ප්ර යන්තනයට යොග්යෙ යයි සැලකීමු. (VII) ගුත්තිල කාව්ය් ප්ර්ශංසා මේ කාව්යේය වනාහි ග්ර‍න්ථයක් වශයෙන් අනර්ඝ වෙයි: ප්ර බන්ධයක් වශයෙන් රම්ය වෙයි: රචනාවක් වශයෙන් දිප්තිමත් වෙයි. මෙහි භාෂාව හා සන්දර්භය ද අතිපරිශුද්ධය. පදයෙන් පදය ප්රියත්යායවහනය ම කෙරේ. ශබ්ද ශාස්ත්ර ය, කාව්යද, ශාස්ත්රෙය, අලංකාර ශාස්ත්රපය යනාදි ශාස්ත්රයයන් සම්බන්ධි වූ යම් ප්ර්ශ්නයක් උපන් විට ඒ ප්රවශ්නය විසදීමෙහි දි මේ ග්රරන්ථය වනාහි පණ්ඩිත සභාවෙහි අනුල්ලංඝ්යන ප්‍රතාපයෙන් විරාජමාන වේ. මේ කාව්ය‍යෙහි කවර පද්ය යක් වූවත් පරික්ෂාවෙන් බලන්නවුන්හට කවි සමයෙහි ප්රකධාන අංගයන් පහසුවෙන් අවබොධ කර ගැන්ම හැකි වෙයි. 36 xxxv මෙහි එක් එක් පද්යඅයෙහි විද්යබමාන වූ ලක්ෂන නම් මෙසේය: බන්ධය පිණිස තෝරා ගන්නා ලද වචනයන්ගෙන් සිලිටු භාවය‍; අභිප්රෙනතාර්ථය ප්ර්කාශ කිරිමෙහි ව්ය ක්ත භාවය; රචනායෙහි අර්ථප්රදසාදය: රචිත වු පදයන්ගේ සුකොමල භාවය: රචනා මාධය්ය්යර්යය යන මොහුයි. මෙයින් අතිරෙක ව මේ කාව්යයයෙහි පවත්නා තවත් ගණාංග නම් කිසි තැනෙක ශිථිලත්වය හා කිසි තැනෙක ශුඪත්වය ද නොව සෑම තැන්හි ම මධ්ය්ස්ථාන භක්ත හෙයින් සමභාවය; කාව්ය නායකාදින්ගේ ගුණවර්ණනාදිය උත්කර්ශයෙන් කරන ලදීන් උදරත්වය: නානා වස්තූන් කෙරෙහි නානා බාහ්යගගුණ අලංකාර මුඛයෙන් ආරෝපණය කොට කියන ලදින් සමාධිය: පද්යනයක් පාසා මනඃප්රකමොදය කරන හෙයින් කානත්ය යන මොහු වෙත්. පත්තායමේ ආදි මෑත භාගයෙහි කවිවරයන්ගේ කාලයෙහි පටන් එළිවැට කිපයකින් හෝ යමකාදියෙන් හෝ යුක්ත කොට බඳනා ලද පද්යගයන් කෙරෙහි ඇතැම් ජනයන්ගේ මහත් සැලකීමක් ඇති විය. මේ බඳු කවි උතුම් රසවත් ප්රහබන්ධ යයි එම අය සීතූහ. මේ කරණ කොට ගෙන අලංකාර ශාස්ත්රපයෙහි කියන ලද කාව්ය්යන්හට පරම ප්රූතිෂ්ඨා වූ ප්රාිණ, රස, භාව යන මේ ගුණාංගයන්ගෙන් අතිශයින් ශුන්යන වු ශුෂ්ක වූ ‘සරසර’, ‘සිරිසිරි’,’සුරුසුරු’ යනාදි නෛකාකාර විකාර ශබ්දයන්ගෙන් ගහන වූ බොහෝ විට අර්ථයෙන් විහීන වූ ව්යා’කරණ ඝාතක වු පද්ය යන් කාව්යවබන්ධසංකල්පයෙන් අද දක්වා බොහෝ දෙන බන්ධනය කෙරෙත්. මොවුන් විසින් ආදර්ශයට ගනු ලබන්නා වූ කව්මිණි කොඩල,දියසැවුල් අස්න යනාදියෙහි පෙනෙන බන්ධනය ආලංකාරියන් විසින් සැලකිය ‍නො යුතු යයි දැක් වූ පඬකතියට අයත් බව මොවුහු නො දනිති. ඒ ග්රණන්ථයන් කළ අයවලුන් ද ඔවුන්ගේ කාලයෙහි අලංකාර ශාස්ත්ර ඥනය දැන් සේ ව්යා ප්ත ව නො තිබුණ හෙයින් ආලංකාරික මතය නො දන්නෙත් කදාමිණි අනගි මිණි යයි සිතන්නා වූ ළදරුවන් සේ රම්ය වූ බැඳුම් නම් දෘෂ්ටිගොචර වු මේ බැඳුම් යයි සිතා ඔවුන්ගේ පද්ය නිරමාණය කළ බැව් පෙනේ. එයින් ඔවුන්හට දොෂාරොපණයෙක් නො ම අයත් වෙයි. එසේ වූවත් ඔවුන්ගේ ආදර්ශය ගන්නා වූ අය විසින් අද දක්වා ඒ මුළා වූ මතය අනුව පද්යරබන්ධනය කරගෙන එනු ලබන හෙයින් සිංහල කාව්යදශාස්ත්රූය දැනට බොහෝ හීන භාවයකට පැමිණි තිබෙන බව කිය යුතු වේ. ගුත්තිල කාව්යංය දෙස බලන කල යථොක්ත දෘෂ්ටිගොචර යම් කිසි අලංකාරයක්හට යම්කිසි විටෙක වැද්ද දෙන ලද්දේ නම් ඒ වනාහි කාව්යය රසයට කිසිසේත් බාධාවක් නො වන සේ කාව්ය යාගේ වෛවර්ණ්යමය ඇති කරවීමට පිණිස නිරායාසයෙන් කරන ලද්දක් බව ද කාව්යඒයෙහි සම්පූර්ණ කාන්තිය ම පිහිටුවා තිබෙන්නෙ හුදෙක් අර්ථරසයෙහි ම බව ද ප්රවත්ය‍කෂ ව පෙනේ. 37 xxxvi (viii) මූලාශ්රමය මේ කාව්යමයෙහි කථාශරීරය නම් සුත්ර‍ පිටකයෙහි බුද්දක නිකායෙහි ජාතක පොතහි ආවා වු පන්සිය පනසක් බොධිසත්ත්ව චිරිතයන් අතුරෙන් ගුන්තිල ජාතක නම් චරිතය වේ. එහි සංක්ෂෙප අදහස මෙසේය; බොධි සත්තව තෙමේ එක් ජනාමයෙක්හි ගුත්තිල නම් ගන්ධර්වාවාය්ය්ක් ව රාජ සෙවය කෙරයි. දෙව්දත්තෙරද එම ජන්මයෙහි මූෂිල නම් ගන්ධර්වයෙක් ව වසනුයේ ගුත්තිල පඬිවරයන්ගේ කීර්තිය අසා ඔවුන් වෙත එළඹ ‍ඔවුන් අතින් ශිල්පොද්ග්රතහණය කොට පසුව ස්වකීයාචාය්ය් වු ඔවුන් ම වාදයට කැඳවීය. වාදයෙහි දී පරාජිත වූයේ ජිවිතක්ෂයට ද පැමිණිය. මේ කථා වස්තුවට එකතු ව ධර්මපදාර්ථ කථාවෙහි මහාලි ප්රෂශ්නයෙහි ආවා වූ මඝමානවක කථාව ද බුද්දක නිකායෙහි,විමාන වස්තුවෙහි ආවා වු ගුත්තිල විමාන වස්තුව ද ආශ්රදය කොට නානාලංකාරයෙන් ප්රනතමණ්ඩිත කොට මේ කාව්යාවයාගේ නිර්මාණය කර තිබේ. මෙකී වස්තූන් අතුරෙන් ජාතක කථා වස්තුව කාව්යවයට මුල් වූ කථොපාඛ්යාකනයෙහි ආශ්රිෙත විය මඝමානවක කථාව දිව්යුපුරවර්ණනායෙහි ආශ්රිකත විය. ගුත්තිල විමාන වස්තුව කාව්යාකවසන භාගය වූ දිව්යාංදගනාවන්ගේ පූර්වකෘත කුශල කර්මයන් ගේ වර්ණනාවෙහි ආශ්රි්ත විය. මෙයින් මඝමානවක කථාව අප විසින් පොතෙහි ම සංලකෂ්යා වශයෙන් ප්රාිස්තාවික ප්ර්මාණයෙන් අන්තර්ගත කරන ලදි.අන්යාවස්තු යුග්මය නිර්දිෂ්ට ග්රමන්ථයන් බලා දැන ගත යුතුයි. (ix) ගුත්තිල කාව්යය සංස්කරණය මේ ග්ර)න්ථය වනාහි ක්රිව.ව.1870 වෙහි දී බටුවන්තුඩාවේ දෙවරකඛිත පඬිතුමා විසින් පළමුවරට ශුද්ධ කොට ව්යාරඛ්යාවනයකින් සමන්විය කොට ප්රඩසිද්ධ කරන ලදි. එම සංස්කරණ ව්යාාඛ්යායනය පසුවත් ශොධනය කරන ලදුව දැන කීප විටක් මුද්රිවත වී තිබේ. වර්ෂ 1891 හි දී ගුත්තිල කාව්යායෙහි පාඨය පමණක් කේ.පී.ඩබ්ල්යුත.ධර්මසේන නම් මහතකු විසින් ශුද්ධ කොට ප්රතසිද්ධ කරන ලදි. මේ සංස්කරණය ද දැනට කීප වතාවක් ප්රවසිද්ධ වි තිබේ. වර්ෂ 1904 හි දි මෙම කාව්යයයෙහි පාඨශුද්ධියක් හා අභිනව ව්යාැඛ්යාවනයක් ද ආසභතිස්ස ස්වාමින් වහන්සේ විසින් ප්‍රසිද්ධ කරන ලදි. මේ සංස්කරණයන් තුන අතුරෙන් පාඨශුද්ධිය වශයෙන් බලන කල ආසභතිස්ස ස්වාමින් වහන්සේගේ සංස්කරණය දොෂයන්ගෙන් අචිනිර්මුක්ත නමුදු අන්යස සංස්කරණයන්ට වඩා යහපත් බව කිය යුතු වෙයි. මේ පාඨය බෝවල පරම්පරාවෙහි ආ බැවින් එසේ යහපත් යයි සිතමු. බටුවන්තුඩාවේ පඬිතුමාගේ සංස්කරණය කරතොට පරම්පරාවෙහි ආ පිළිවෙළ දැනගැන්ම පිණිස ප්රුයොජනවත් වේ. එහෙත් බොහෝ තැන් දොෂයන්ගෙන් දූෂිතය. 38 xxxvii ශුද්ධිය පැරණි පොත්කීපයක් සසඳා බලා නො කරන ලදැයි සිතිය යුතු වේ. එතකුදු වූවත් තමන් විසින් දක්නා ලද පොත පතෙහි තිබෙන සේ මිස ස්වකීය මතානූකූල ව යම් ග්ර න්ථ ශුද්ධියක් නො කෙරිම මේ පඬිතුමාගේ ප්රනතිපත්තියක් ව තුබුණ හෙයින් මේ පාඨ දොෂයෝ වානාහි එතුමාගේ අපකීර්තියට කරුණු නො වෙති. මේ සියලු ම පොඨ දොෂයන් වාගේ අප විසින් දක්නා ලද පුස්කොළ පොත්වල ද තුබුණු බැව් අපගේ මේ සංස්කරණයෙහි අධොලිපි වශයෙන් දී තිබෙන්නා වූ පාඨාන්තරයන්ගෙන් පෙනේ. ධර්මසේන මහතාගේ ශුද්ධිය ගැන වැඩි යමක් කීම ඕනෑ නො කෙරෙයි. ඒ ශුද්ධිය කිසි තැනෙක යහපත් නමුදු කිසි තැනෙක අත්තනොමතිය ප්රකධාන කර ගෙන කරන ලද්දක් යයි පෙනෙන බව සඳහන් කිරිම පමණක් සෑහේ. ව්යාකඛ්යාවන වශයෙන් බලන කල බටුවන්තුඩාවේ පඬිතුමාගේ ව්යාරඛ්යාෝනය කරන ලද්දේ දැනට අවුරුදු හතළිස් පහකට පමණ පූර්වයෙහිය. එකලට ඒ බොහෝ ප්ර ශ්සථ වී නමුදු ශාස්ත්රාරලොකය දීප්තිමත් ව බබළන්නා වූ මේ කාලයෙහි වනාහි ඒ ව්යාදඛ්යාවනය කාලොචිත යයි කිය නොහේ. ආසභතිස්සස ස්වාමින් වහන්සේගේ ව්යාහඛ්යාඛනය ද නානා විධ දොෂයන්ගෙන් ගහණය, තව ද ව්යා ඛ්යා්න දෙක ම කලුෂයන්ගෙන් පමණක් නොව ඌනත්වයන්ගෙන් ද යුක්ත වෙති. එහෙත් මේ ව්යාාඛ්යානනයන් කරන ලද්දේ ශ්රැකතානුගත ව යෙහින් එකී කලුෂ ඌනත්වාදිය ගැන ව්යාඑඛ්යාඛන කාරයෝ දේෂකාරයෝ යයි පිළිගැනිම අයොග්යෂ යයි හගිමු. (x) ගුත්තිල කාව්ය්යෙහි මෙම සංස්කරණය අපගේ මේ ප්ර්යනනය නම් කරතොට බෝවල පරම්පරා දෙකෙහි ම ආවා වූ පාඨශුද්ධිය හා ව්යා ඛ්යාවනයන් ද සන්සන්දනය කොට පුරාණ පොත් සමග ද සම කොට බලා දොෂස්ථානයන් ශුද්ධ කොට අභිනව සංස්කරණයක් කොට ඊට යොග්ය වූ අර්ථ ව්යාධඛ්‍යානයක් ද කිරිමයි. අපගේ ඒ ප්ර යත්නය කෙතරම් ඉෂ්ටාර්ථ සිද්ධිසමුපගත වී ද නො වි ද යනු මේ පොත බලන්නාවු පඪිවරයන් විසින් කටයුතු විනිශ්චයකි. අපගේ මේ ව්යාුඛ්යාඛනයෙහි මීට පූර්ව එකාර්ථබන්ධ යයි සලකන ලද ශ්ලෙෂාලංකාර කීපයකට ම යථාර්ග වශයෙන් අර්ථ කථනය කළෙමු. පදානුපදික ව්යා්ඛ්යාින මාත්රායෙන් අර්ථය මනා සේ ස්ඵුට ‍නො වෙත් යයි සිතිය හැකි සියලු තැන්හි ම ප්රතස්තාවානුකූල සේ විස්තරාර්ථ වර්ණානාවක් ද කළෙමු. තව ද ආධුනිකයන්හට ප්රරයොජන වත් විය හැකි යයි පෙනී ගිය තැන්හි ව්යා්කරණ,නිරුක්ති, ඡන්දොලංකාරාදිය සම්බන්ධ වූ ප්රාරස්තාවික කරුණු විස්තර කළෙමු. මේ ශුද්ධිය වනාහි අප විසින් නානා දිශාවෙන් සපයා ගන්නා ලද පුස්කොළ පොත් දොළසක් සසඳා බලා කරන ලද්දකි. පොත් දොළස ප්රදධාන වූ නමුත් මෙම ශුද්ධිය පිණිස පසුවත් අපට ලැබුණා වූ පොතක් ද මිත්රදයකු විසින් පොත් කීපයක් සන්සන්දනය කර බලවා අපට සපයා දී 39 xxxviii තිබුණා වූ සටහනක් ද තවත් මිත්‍මියකු විසින් එසේ ම සපයා දෙන ලද සටහනක් ද විටින් විට කරුණු පරික්ෂා කිරිමෙහි දි බැලීමු. අපගේ මේ සංස්කරණයෙහි අධොලිපි වශයෙන් පාඨාන්තර දර්ශනයෙහි දි ඒ ඒ පාඨාන්තරය ඉදිරිපිට සඳහන් කරන ලද අංකයෙන් අඟවුනු ලබන්නේ නම් ඒ පාඨාන්තරය යට කී පුස්කොළ පොත් දොළසෙන් පොත් කීයක පෙනේ ද යන බවයි. මේ ශුද්ධිය පුස්කොළ පොත් අනුව ම කිරිමට පුළුවන් පමණ උත්සාහ ගත්තෙමු. පාඨාන්තර කීපයක් ඇති තැන පොත් වැඩි ගණනෙහි පෙනෙන පාඨය සාමාන්යධ වශයෙන් දෙන ලදි. එහෙත් පොත් වැඩි ගණනක තිබුණ පමණින් ම සමහර පාඨයක් නො පිළිගත්තෙමු. කිසි තැනෙක පොත් එකොළොසක ම තිබුණා වූ පාඨය අධොලිපියෙන් පෙන්වා එක පොතක පමණක් තිබුණු පාඨය කවියට ගතිමු. මෙසේ කොට ද ශුද්ධ කළ නොහැකි වූ දෙතුන්පළක් ශෙෂ වූ හෙයින් සම්භාවනීය වූ පණ්ඩිතයන්ගේ මතය අනුව ඒ ශුද්ධ කළෙමු. එයින් එකපළක් නම් 32 වැනි කවෙහි ‘කෙරෙන් ලොව මිනිසුන්’ යයි තුබූ තැනයි. මෙහි ශුද්ධ පාඨය කෙරෙන් නො ව කෙමෙන් විය යුතු යයි ‍ෙබන්තොට ස්වාමින් වහ්නසේ විසින් ස්වකීය ගෝළයන්හට ඉගැන් වූ බව වැලිගම ශ්රි සුමංගල නායක ස්වාමින් වහන්සේ විසින් අපට කියා දෙන ලදුව එය එසේ ශුද්ධ කළෙමු. සම්බුද්ධ චරිත කථායෙහි ද ඒ සම්පූර්ණයෙන් ගැළපෙන බව පෙනේ. තවත් වැදගත් ශුද්ධියක් නම් 403 වෙනි කවෙහි ‘සුරලඳ විදින නෙත් සැර පහර දැක දැක’ යයි තිබුණ තැනි. මෙහි අර්ථරසය සම්පූර්ණයෙන් ශූන්යි හෙයින් ද දැකදැක වෙනුවට එකලෙක(එක ලක්ෂ්ය යක්) යයි කී විට අර්ථරසය ඉතා අලංකාරවත් ලෙස ආචිර්භූත වන හෙයින් ද මෙහි.කර්තෘහු විසින් යොදන ලද්දේ එකලෙක වි යයි පිළිගත යුතු බව අස්මදියාචාය්ය්ක ල තුඩාවේ පඬිතුමාගේ මතය වූ හෙයින් ඒ මතයට අනුව මෙහි ශුද්ධිය කළෙමු. මේ ඇර තවත් මෙසේ ම ශුද්ධ කරන ලද ස්ථාන ස්වල්පයක් ඇත්තේය. ඒ වනාහි ශුද්ධිය මෙසේ විය යුතු යයි ප්ර්ත්යකක්ෂ ව පෙනි යන තැනි. මේ කාව්ය්යෙහි 42, 43 වෙනි කවි දෙක පිළිවෙළ වැරදි වැටී තිබුණ හෙයින් මේ දෙකෙහි පිළිවෙළ වෙනස් කොට පසු කවිය ඉදිරි කොට ද ඉදිරි කවිය පසු කොට ද යෙදිමු. තව ද 432 වෙන 434 වෙනි කිවි දෙක ද එසේ ම පිළිවෙළ වැරදි වැටි තිබෙන සේ පෙනී ගිය හෙයින් මේ දෙකෙහි ද එසේ ම ස්ථාන විපය්යාි සය කෙළෙමු. පූරාණාචාය්ය්හෙයයන් විසින් කරන ලද අර්ථව්යාවඛ්යාේනයන්හි ප්ර.ධානාංග දෙකක් තිබේ. දුර්බොධ වූ පදයන්හට ඔවුහු සුබොධ පදයන්ගෙන් අර්ථ කීහු, සුබොධ පදයන්හට දුර්බොධ පදයන්ගෙන් අර්ථ කීහු. මේ ද්විතියාංගය ගැන සුගමාර්ථය දුර්ගම කළ හෙයින් අඥන කමකැයි සිතා සමගර අය සිනාසෙති. ඒ අඥනකමක් නො වේ. සුබොධ පදයාගේ අර්ථය ආධුනිකයාහට ව්යාාඛ්යාබනයෙහි උපකාරයක් නොමැති ව ම වැටහෙන හෙයින් ඊට තවත සුගම වූ පය්ය්හර්‍ාය වචනයක් යෙදිමෙන් ඔහුට කිසි 40 xxxix ප්රතයොජනයක් නො වන්නේය. එහෙත් ඔහු නො දන්නා වූ අන්යෙ වචනයක් දුන් කල එය ද ඉගෙන ගනීම ඕහට ලාභයක් වන්නේය. අපගේ මේ ව්යා ඛ්යාමනය ද කරන ලද්දේ මේ ගරු වූ ක්රමමයට අනුව වේ. මේ ව්යාකඛ්යායනයෙහි සාමාන්යො වශයෙන් අර්ථ කියන ලද්දේ පදයන්ගේ නිරුක්තිය බලා ඊට ද කර්තෘහුගේ ආශයට ද අනුරූප විය යුතු යයි හැගි ගිය සේය. කිසි තැනෙක ආශය පමණක් ප්රෘධාන කරගෙන අර්ථ කීමු. මේ ග්ර න්ථයෙහි නිරුක්තිය පැහැදිලි නු වූ ශබ්ද තුනක් දක්නා ලැබේ. එනම් 290 වෙනි කවෙහි තෘතීය පාදාන්තයෙහි වූ මිණි ශබ්දය,308 වෙනි කවෙහි තෘතිය පාදාන්තයෙහි වු ලාග ශබ්දය, 446 වෙනි කවෙහි ද්විතීය පාදන්තයෙහි වූ ලී ශබ්දය යන මොහුය. මෙහි මිණි යන්නෙහි අර්ථය ප්රතතිධ්වනි විය යුතු යයි අර්ථ සම්බන්ධයෙන් පෙනී ගිය බැවින් හා ඝණ්ටාවාවි වූ මිණි ශබ්දයෙන් ද ප්ර තිධ්වනීන් උපලක්ෂණිය හෙයින් යථොක්තාර්ථය ම අභිප්රෙණත යයි මෙහි යෙදීමු. වර්ෂ 1830 වැන්නෙහි ප්රහසිද්ධ කරන ලද ක්ලf‍ප් නම් පඬවරයාගේ සිංහල අකාරාදි කොශයෙහි මිණි ශබ්දය ප්රීතිධ්වනි අර්ථයෙහි පෙන්වා තිබෙන බව ද එකල සිටි පඬුවන් ඒ මනා සේ දැනගෙන සිටි බව ද ඉන්පසු යථොක්ත කොශයෙන් ඉඳුරා ම දැනගතිමු. ලාග ශබ්දයෙහි නිරුක්තිය නො පැහැදිලි නමුත් ශබ්දය තවත් දෙපළක පෙනේ. මේ පොතහිත් සමග තුන්පළෙහි ම ප්රපයොග සම කොට බලන කල යථොක්ත ශබ්දය ලීලාර්ථයෙහි හෙවත් ආකාරාර්ථයෙහි වැටෙන බව පෙනේ. කාව්යාථශෙඛරයෙහි - නිල’ඳුන් ගෑ ඇ ගේ දිගුනෙත් කැලුම් තර ගේ සැරය මල්සැර ගේ හලාහල විස පෙවු ලා ගේ ගිරා සන්දෙශයෙහි - නි තො ර ගිගිරි දෙනමිණි සලඹ ලා ගෙ න අ ද ර සරණ අතුලෙන් සඳ ව ලා ගෙ න පැ ති ර යනෙන මනහර සුරඹ ලා ගෙ න ප ව ර පුරඹ රහ වෙමහ බ ලා ගෙ න1 1-නිරන්තරයෙන් ශඤ්ජාදනය කරන්නා වූ මිණිනුපුරයන් ප්රයක්ෂෙීප කොටගෙන අධරය චරණය හස්තතලය යන මොවුන්ගෙන් සන්ධ්යනවලාභකයන් ග්රදහණය කොට හෙවත් දිනා මනොහාරිවු දිව්යාංීගනාවන්ගේ ලාගයෙන් ප්ර්සතෘත ව ගමනා ගමනය කරන්නා වූ පවර වූ නගරාංගනාවන් ගේ රහ හෙවත් මොනාඥභාවය විථි මාර්ගයෙහි අවලොකනය කොටගෙන- 41 xi ‘ලී’ ශබ්දය වෙන කිසි තැනෙක අපි තව ම නුදුටිමු. පද්යයයෙහි සම්බන්ධයෙන් ආලොකාර්ථය කිය යුතු බැවින් ද පණ්ඩිතයන්ගේ අනුමානයත් එසේ ම හෙයින් ද එම අරථය කීමු. 100 වෙනි කවෙහි ‘විය නොතිබු රුපු ර‍ාජෙක් නම්’ යයි කියු තන්හි රජෙක් යනු ද්විතියෛකවචන හෙයින් රජක් විය යුතු යයි සමහර පණ්ඩිත කෙනෙක් සිතත්. රජක් යන්නෙහි ව්යා කරණ කෙසේ වෙතත් ශබ්දය බොහෝ අශ්ර්ව්යර බැව් කිය යුතු වෙයි. තව ද ‘එක්’ ප්රරත්ය ය කර්මවභක්තියෙහි යෙදි තිබෙන තැන් පුරාණ පොත්පත්වල නොයෙක් විට දක්නට ලැබේ. එහෙයින් රජෙක් යනු සම්පූර්ණ ශුද්ධාපාඨයෙකැ යි බොහෝ පඬිවරයෝ සිතති. මේ ප්රුශ්නයෙහි දැනට විනිශ්චයක් නොමැති හෙයින් පාඨයෙහි කිසි වෙනසක් කිරිම යුතු යයි අපි නො සිතුවෙමු. තවත් ප්රිශ්නයෙක් නම් ස්ත්රීි ලිංගයෙහි ‘එක්’ ප්රෙත්යියයි. මේ ප්රමත්ය‘ය ස්ත්රිී ලිංගයෙහි කිසිසේත් නොයෙදේ යයි සමහර පඬුවෝ කියත්. අප්රාිණි වාචක ශබ්දයන් කෙරෙහි ලිංගාපෙක්ෂාරහිත ව යෙදෙන්නා යයි අන්ය් පඩුවෝ කියති. මෙසේ මතභෙදයක් ඇති හෙයින් 473 වෙනි කවෙහි පොත් වැඩි ගණනක් පෙනෙන්නා වූ සැටෙක් යන පදය ද පොත් දෙකක් හැර අනිකුත් සියලු ම පොත්වල පෙනෙන්නා වූ ඉමෙක් යන පදය ද අප විසින් අඩු පොත් සංඛ්යා වෙහි ප්රපකාර ‘සැටක්’ ‘ඉමක්’ යයි ලියන ලද්දේ බොහෝ සන්දශයෙන් බව දත යුතුයි. සංස්කෘත ශබ්දයක් හෝ මාගාධි ශබ්දයක් හෝ මිශ්රර සිංහලයට යොදා ගන්නා කල ඒ අකාරාන්ත වි නම් ය ප්රධත්යකයකින් යුක්ත කොට ගැනීම ව්ය වහාර රිතිය වේ. එහෙත් කිසි විටෙක එසේ යොදා ගනු ලබන්නා වූ පදය න්යාමය, හෘදය, ප්රිත්ය.ය යනාදි වශයෙන් ප්රිකෘතියෙන් ම යකාරාන්ත වෙයි. එකල ද යථොක්ත ය ප්රදත්යයය යෙදිම නිත්යය වශයෙන් ඔනෑ කෙරේ ද නැද්ද යනු ප්රයශ්නයකි. කිසි විටෙක එ යෙදීම දුඃඛොච්චාරණයකට හෙතු වේ. එහෙත් කිසි තැනෙක නො යෙදීම ද මුළාවට හෙතු වේ. එහෙයින් අපගේ මේ කෘතියෙහි මේ ගැන විශෙෂයක් නො කෙට ඒ ඒ ස්ථානයට යොග්යත සේ මෙබඳු වචනයන්ගේ ව්ය වහාරය කළෙමු. අප‍ගේ ව්යා ඛ්යාමනයෙහි දි යම් පාඨයකට එක් අර්ථයකට වඩා යෙදෙන තැනහි සන්නයට නො ගත් අර්ථය අධොලිපි වශයෙන් දැක්විමු. පාඨාන්තර යන්හට ද අර්ථ කියයුතු යයි පෙනුණු තන්හි එසේ අර්ථ කීමු. තව ද අපගේ ශුද්ධියට එකග නො වන්නවුන්ගේ ප්රයයොජනය පණිස ලිපිදොෂ යයි ප්රමත්ය ක්ෂ නුවු සියලු ම පාඨාන්තරයෙන් අධොලිපි වශයෙන් සටහන් කෙළෙමු. (xi) ශුද්ධ සිංහලාක්ෂමර වින්යා්සය මේ කාව්යශය ප්රංබන්ධ කරන කාලයෙහි ශුද්ධ සිංහල භාෂාව සම්බන්ධ වූ යම් අක්ෂර වින්යා්සයෙක් පැවතුණේ ද කාව්යියෙහි අක්ෂර වින්යාපසය ද එම 42 xli විය යුතුයි. එහෙයින් මේ ශුද්ධිය එකලට ලංකාවෙහි පැවති අක්ෂර වින්යාඑසයෙහි ප්රමකාර කළෙමු. ඒ වින්යාඑසයෙහි විශෙෂ මෙසේය: 01) ශුද්ධ සිංහල භාෂාවෙහි යම් ශබ්ද ප්ර කෘතියක හෝ ධාතු ප්රාකෘතියක හෝ හලන්න ‘න’ කාරයෙක් ඇති වි නම් ඒ වර්ණය කිසි ම හෙතුවකින් සංස්කාතයෙහි මෙන් ‘ණ’ ත්වයට නො පැමිණේ. ඊට උදාහරණ ‘පුණ්යා’ ශබ්දයෙන් භින්න වූ ‘පින්’ ශබ්දය ද, ‘ගෘහ්ණා’ (මාගාධි ‘ගණ්හ’) යන ක්රිවයාංගයෙන් භින්න වූ ‘ගන්’ ධාතුව ද වෙත්. මේ ශබ්ද‍යාගේ හා ධාතුවගේ ද හලන්ත ‘න’ කාරයා මූර්ධන්ය් ‘ණ’ කාරයාගෙන් භින්න වු නමුත් ස්වරයක් ආරුඪ වූ කල්හි ද පුරාණ ලිපියෙහි පෙණෙන්නේ දන්ත්යන ‘න’ කාර ව මැයි. ජයවර්ධනපුර කාලයෙහි හෝ ඊට පෙර හෝ ලියන ලද පොත් බැලිය යුතුයි. තවත් මෙය අතිශයින් ශුද්ධගර ගැනීමට කැමති අය විසින් පුරාණ කාලයෙහි පිහිටුවන ලද ශිලා ලෙඛනයන් ද බැලිය යුතුයි. පොළොන්නරු ගල් පොතෙහි: අ. ලෝවැස්සන් පිනින් උපන් කප් රුකක් සේ ආ. මඬරන්තුනක බැගින් ගනුත් මුත් වඩා නොගන්නා නියාසෙන් .............ව්යඩවස්ථා කොට (2)ප්රතත්ය.ය ව යෙදෙන්නා වු ‘න’ කාරයෙක් ඇත් නම් ඒතෙම පූර්වස්ථ රෙඵයක්හුගේ1 හෙතුයෙන් ‘ණ’ ත්වයට නො පැමිණේ. උදාහරණ, යථොක්ත ගල් පොතෙහි: දුකින් හරන සෙහෙන් කටුස්සර අය හැමකලට මැ නොගන්නා නියායෙන් හා ව්යානවස්ථා කොට (3)නිරුත්සාහික ක්රිමයාවෙහි අතීතකාලාර්ථ විකරණය ‘ණු’ ප්රථත්යකය වේ. එම ගල් පොතෙහි: තනතුරෙන් පිරිහුණද තැටියෙන් ගිලිහුණු ඵල සේ රජ දරුවන්ට් මරපත් වන්නේය. (4)සමාදරාර්ථයෙහි නමින් පරවැ පුල්ලිංගයෙහි ‘ආණ’ ප්රරත්යණය ද ස්ත්රිථ ලිංගයෙහි ‘අණි’ ප්ර්ත්යපය ද වේ. ගල් පොතෙහි: අ. වීරබාහු මහපාණන් වහන්සේට ද රාජ කන්යා වක් ගෙන්වා ආ. මෑණියන් විසින් (5) හෘදයාර්ථයෙහි ‘ළ’ ශබ්දය වේ. මීට කාව්ය බන්ධයෙන් ම පරිහාරය කළ නො හැක්කා වූ නිදසුන් දැක්විය හැක. 1ර කාරයන්හුගේ xlii අ. කව්සේකරයෙහි: කෙමිදුලන ළෙන් ඉ දු වදිම මහසහ තඹුරු කැල බ දු මෙහි ‘ළෙන්’ යනු ‘ලෙන්’ යයි ලි නම් ‘නලෙන්’ යන්නෙහි අක්ෂර දොෂය වෙයි. නල ශබ්දය නඩ් ‘හ්රං ශෙ’ යන ධාතුවෙන් ආ හෙයිනි. ආ. කව්සිඵමිණෙහි : ගනකල්හු පොදපත - ර සරසිය ලත එක්වන් පොරළ මිණිනිල් ගීවම් - වලා පිහිකුඵ ගල් බෙළෙ වගළ පෙදරැස වල - ග හවත් මියුරු යළි පිල් ගන නිල්මිණි එබිමෙද - ළෙ නුදම් කලුන් ලිකර මේ චතුරසුජාලයෙහි අපර කවෙහි ‘ළෙනුදම්’ යනු ‘ලෙනුදම්’ යයි ලිවි නම් පූර්ව කවෙහි ‘බෙළෙ’ යනු ‘බෙලෙ’ යයි ලිවිය යුතු වේ. හට ශබ්දයෙන් භින්න හෙයින් ඒ සදොස් වෙයි. (6) තරුණාර්ථයෙහි ‘ළ’ ශබ්දය වේ. උදාහරණ: අ. සසදා කවෙහි: වනගළ වන විදල් නවතද ගිම් ඔකඳනෙන් ගතසළ ළවග සිළුරැස් ළ දල ගිහිණෙව් මුඵ ඉළු මේ අර්ධහ්රමමයෙහි ‘ළදල’යයි කියු තන්හි ‘ළ’ ශබ්දය දන්ත්යියෙන් සිටියේ නම් අර්ධභ්රඅහය නො ම සිදු වෙයි. ආ. පොළොන්නරු ගල්විහාර ශිලා ලෙඛනයෙහි : මලකුදුරුව ළ දරු බාලයකුහාද් රහසග් නොබිණිය යුතු ඉ. මේ හෘද්යාුර්ථයෙහි හා තරුණාර්ථයෙහි ද වූ ‘ළ’ ශබ්දය ගැන රුවන් මලෙහි: ළ සද සිත උරෙහි-තුරුණු බැව්හි ද වුනයේ-යයි තුන රුත් වගෙහි පෙන්වන ලදි. මෙහි’ළ’ සදනොව ‘ල’ සද විය යුතු යයි යමෙක් කියත් නම් එ ම පොතෙහි ම තවත් තැනක ‘ල’ ශබ්දය ශ්රැ්තිසුවකාරථයෙහි පමණක් පෙන්වන ලද්දේ කුමන හෙතුවකින් දැයි ඔහු විසින් උත්තර දිය යුතු වේ. රුවන් මලෙහි- 44 Xliii ලා සඳ මුසු සෙමෙහි - ඉඟියන අරත් හිදුවේ ල සඳ ඇසුමැ නැවත හව් - නියමෙන වැදෑරුම්හිදු කිසි වි‍ටෙක ශ්රැ-ති සුචක ල ශබ්දය අව්යිය හෙයින් වෙන ම දක්වන ලදැයි කිසිවෙක් කිය හෙති. එ ද පිරිමැසෙන උත්තරයක් නො වේ. මක් නිසා ද රුවන්මල් කර්තෘහු විසින් අව්ය යාර්ථයක් ඇති කල එ ද සංඛ්යාබවට ගෙන නානාර්ථ කාණ්ඩයෙහි වෙන ශබ්දයන්ගේ අර්ථ දැක්වූ හෙයිනි. ඊ. හෘදයාර්ථ කරුණාර්ථවාචි ළ ශබ්දය සංස්කෘත හෘදය ශබ්දයෙන් භින්න යයි මතයෙක් පවතී. දෞරහෘද-දොහද-දොහල-දොළ යනු ඊට නිදර්ශනද කරනු ලැබේ.මේ මතයට හෙතුව මේ නිදර්ශනය නම් නිදර්ශනය කාරණයට නො පිරිමැසෙන බැව් කිය යුතුයි. සමස්ත පදයක දි වචනයක්හුගේ යම් පිළිවෙළකට බිදීම වේ ද පදය ව්යා ස්ත ව සිටි කල්හි ද එසේ ම බිදේ යයි සිතීමට ඒ කරුණු නො වේ. සෙනාපති යනු සෙනෙවි යයි බිදේ. එහෙත් පති යනු ව්යනස්ත ව සිට කල වී යයි නො බිඳේ. තව ද ළ ශබ්දය හෘදය ශබ්දයෙන් වි නම් හෘදය ශබ්දයෙහි නොමැත්තා වූ තරුණාර්ථයක් මේ ශබ්දයට කෙසේ ආරූඪ වි දැයි දැක්වීම ද අපහසු වේ. මේ කරුණු නිසා හෘදයාර්ථ තරුණාර්ථවාචි ‘ළ’ ශබ්දය සිංහල භාෂාවෙහි නිෂ්පන්න ශබ්දයෙක් යයි පිළිගැනිම යුතු බැව් පෙනේ. (7) ආසන්නාර්ථයෙහි ළඟ (ළං = ළග්) ශබ්දය වේ. පොළොන්නරු ගල්විහාර ශිලා ලෙඛනයෙහි: සහමැදට එළබිහාහු...........ඉතා නොළංව............ බිණිය යුතු. ආදි ළ ත්වයෙන් යුක්ත වු තවත් ශබ්දයෙක් නම් ළින් (ළිද්) ශබ්දය වේ. අලගියවන්න මුකවෙටිතුමාගේ කාලයෙහි අවුරුදු පනසකට පමණ පෙර සවැනි විජයබාහු රජු කාලයෙහි වේරගම ධර්මාලංකාර පණ්ඩිතයන්හට දෙන ලද තාම්ර. සන්නස් පත්රුයෙහි: උතුරුදිගින් ළින්තොට කුඹු ර ඉසත හා මිකියන සතර මා හිමට ඇතළත් වූ: (8) ධාත්වත්ත වූ සෘකාරය සිංහලට බි‍ඳෙන කල භුයොවෘත්තියෙන් වර්තමානයෙහි ර ත්වයට ද අතීතයෙහි ළ ත්වයට ද සේ. කෘ:කර-කළ; හෘ:හර-හළ හෘ : හර-කළ. (9) නාමාශ්රි-ත රෙළුය බිදෙන් හොත් භූයොවෘත්තියෙන් ල ත්වයට යේ. කරුණා-කුලුණු (පුරාණ පොත්). චත්වාරිංශත් - සාලිස්. (පොළොන්නරු ගල්විහාර ලෙඛනයෙහි : පන්සාලිස් හවුරුද්දක්). භූයොවෘත්තින් කියන ලද්දේ කුමක් හෙයින් ද යත්: අන්තර-ඇතුළ;ගිගිරි-ගිගිළි. 45 xliv (10) හලන්ත නො ව සීහළට බි‍ඳෙන්නා වූ සියලු ණ න ළ ල වර්ණයෝ මාතෘ භාෂා අනුව වෙත්. එහෙත් මාතෘ භාෂාවන්ගේ අන්යොනන්ය භෙදයක් ඇති කල ආසන්න හෙතුයෙන් මාගාධි අනු ව වෙත්. ආඥ - ආණා - අණ ඥාන - ඤණ - නැණ ධවල - ධවළ - හෙළ සිංහල - සීහළ - සිහළ (11) කිසිවිටෙක මාතෘභාෂා දෙකට ම වෙනස් ව ද බිදෙත්. ජවල - ජල - දුල හෝ දුළ තල - තල - තල හෝ තළ ලොල - ලොල - ලොල හෝ ලොළ ආවලි - ආවලි - වැළ සුමනාලය - සුමනාලය - සමනළ (12) නිෂ්පන්න ණ කාර ළ කාර ද ඇත. ලිහිණි - අවුණු - අමුණු කසළ - දොළ - පළ ණ කාර න කාරයෝ උත්පත්ති ස්ථානයෙන් මෙන් ම පුරාණ කාලයෙහි උච්චාරණයෙන් ද අසමාන වූහ. ළ කාර ල කාරයෝ ද එසේ ම වූහ. දැනට ලිපියෙහි පවත්නා වූ ඔවුන්ගේ ව්යූවහාර විශෙෂයට හෙතුව නම් එම වේ. ද්රහවිඩ ජනයන් අතරෙහි අද දක්වා එම උච්චාරණ විශෙෂය ද පවති. (13) ද්විත්ව ඝොෂාක්ෂරයන් සිංහලට බිදෙන කල හලන්ත ඝොෂය අර්ධවර්ගාන්ත ව බිදේ. නාම: මාර්ග - මගග - මහ සමග්ර3 - සමගග - සමග නිග්ර3හ - නිගගහ - නිඟා ප්ර්සිද්ධ - පසිදධ - පසිදු ධාතු: මෘග්(අන්වෙශණෙ) - මගග - මග පොළොන්නරු ගල්විහාර ශිලා ලෙඛනයෙහි: එළබෙන මගි පැවිජියන් විසින් පසිලි පැල් පිළිමගෙ ඈ කැප තැනෙක්හි ලැගුම් ගත යුතු. ආ. ගල් පෙතෙහි: සිය සතුන් හා සැමහැ (ස්වකීය සන්තිකයන් හා සමගිව) 46 xlv ඉ. කව්සිඵමිණෙහිඃ විසිත් වරණ තුරගා - ය වන නිගාය ගිමන් සැකි කොමළගාය කුසා - සමගාය මෙකියු සග (මෙහි සතර පදෙහි ම අනුප්රා සය ‘ගාය’ වේ. කව්සිඵමිණෙහි සියලු සර්ගාන්ත කවි අනුප්රාමසයෙන් බදනා ලද්දාහු වෙත්.) ඊ. කව්සේකරයෙහි : තවුසන් පල’ල මඟන වැද ලමඟන එහෙත් වර්තමාන කාලික ලෞකික ලක්ෂ්ය.යෙහි මග, සමඟ යනාදිය සමස්ත ව්යාෙප්ත ව පවත්නා බැවින් වර්තමාන ලිපියෙක්හි ඒ වැරදි යයි යමෙක් කියත් නම් ඒ නො මැනවි. ව්යාතකරණයෙහි උගන්වන්නේ භාෂාව එම ව්යාිකරණ ග්ර්න්ථයාගේ නිර්මාණකාලයෙහි පැවති සැටියි. කලින් කල වෙනස් වීම කථාකරනු ලබන්නා වූ භාෂාවෙහි ස්වභාව ධර්මයෙකි. මේ ස්වභාව ධර්ම හෙතුයෙන් යම් භාෂාවක් වෙනස් වූ විට එහි පූර්ව රිතීන් බලා පසු රීති වැරදි යයි කීම ශාස්ත්රාහනුකූල නො වේ. වර්ගාන්ත සහිත වු ශබ්දයන් සිංහලට බි‍ඳෙන කල කිසිවෙක් වර්ගාන්තය සහිත ව බි‍ඳෙත්: කිසිවෙක් වර්ගාන්තය රහිත ව බි‍ඳෙත්; වර්ගාන්තය සහිත ව බිඳුණන්ගේ ද කිසි විටෙක වර්ගාන්තය පිරිහේ. අ. ගංගා : ගඟ දණ්ඩ : දඬු සකන්ධන : කඳ රමහා : රඹ මඩ්ගල : මඟුල් ආ. ලාඩ්ගල : නගුල් භාණ්ඩ : බඩු බනධවී : බැදවි වන්දින : වැදි මකරන්ද් : මුවරද ඉ. මඩ්ගල : මඟුල් - මගුල් ලාඩ්ගුල : නඟුල් - නගුට නන්දග : නඳ - නද මන්දග : මඳ - මද ඇතැම් අය මාතෘ භාෂායෙහි ශබ්දය බලා ශබ්ද නීති නො බැලීමෙන් හෝ නො දැන්මෙන් හේ මේ අන්තිම සදහන් ප්ර්කාර වූ ශබ්දයන් කෙරෙහි ද වර්ගාන්තයක් ආරූඪ කිරිම මැනවි යයි සිතනි. එබඳු අය විසින් ‘ගඩගෙඩි, බඬු මුට්ටු, මඬු, මැඬි’ ආදිය ද ව්යිවහාරොචිත යයි පිළිගනීම යොග්යව වේ. 47 xlvi කිසි ශබ්ද කෙනෙකුන් සිංහලට බිදෙන කල පූර්වයෙහි නො තිබුණා වූ වර්ගාන්තයෙක් ඇති වේ. 429 වෙනි කවෙහි සං 1 (2) බලන්න. සංස්කෘත ප්රා.ප්නොමි (මාගධි පාපුණාමි) යන්නට සම වූ සිංහල පදය පැමිණෙමි යයි සිටි හෙයින් යථොක්ත පදය ‘සං’ (සීහළෙහි ‘ස’) යන උපසර්ගය පූර්ව ව සිද්ධ වූ කල්හි ස්වභාෂායෙහි ඊට සමාන වූ පදය සපැමිණෙමි යයි බොහෝ අය සිතත්. ඒ කෂ්ට මතයෙකි. ඒ මතයෙහි ප්රසකාරයට එසේ ම වූ ව්යුහත්පත්ති ඇති සැපත යන සපැත විය යුතුවේ; හැමදුම් යනු (සම්මාර්ජන) හමැදුම් විය යුතු වේ; සැතපෙමි යනු සතැපෙමි විය යුතු වේ. යථොක්ත පැමිණෙමි යන සිංහල පදයෙහි ක්රි(යාංගය නම් පමුණ යනුයි. පමුණමි යන්නෙහි ඒ පෙනේ. නිරත්සාහික ක්රියයාවෙහි දි ව්යාිකරණානුකූල ව පැමිණ කියා වේ. එමෙන් සම්ප්රාංප්නොමි යන්නට සම වූ ක්රිමයාංගය සසමුණ විය යුතුයි. නිරුත්සාහික ක්රියයාවෙහි දි ආදි අකාරයාගේ ඇ කාරත්ව ඇතිවන හෙයින් යථොක්ත නයානුකූල ව සැපමිණ කියා වේ. එහෙයින් අප විසින් මේ ශුද්ධියෙහි දි සෙව්නා ලද්දේ මේ රූපයයි. මේ සපමුණ යන ක්රිායාංගයෙන් මෙන් ම උගත් යන ක්රි යාංගයෙන් ද ඇතැම් ජනයෝ විප්රමකාර විපරිත වචන රූප‍යන් සදාගෙන ව්යකවහාර කරති; උගෙන, උගනීම, උගැන්වීම යන මේ වශයෙනි. සංස්කෘතයෙහි උද්ග්රලහණ මාගධියෙහි උග්ගහණ යනු වචන රූප හෙයින් ස්වභාෂායෙහි ද එම ආදිස්ථ වූ උ කාරය නො වෙනස් ව සිටිය යුතු යයි මේ අය සිතත්. සංස්කෘත මාගාධි භාෂාවන්හි මන්ද සෙවනයක් ඇතිවීම අනහිවෘද්ධිදායක කරුණක් බව මෙයින් පෙනේ. ඒ භාෂාවන්හි වචන රූපයන් ස්වල්පයක් දැන ගැන්මෙන් මොවුන්ගේ ස්වභාෂා ඥානය ආවිල වෙයි. උගත් යනු ක්රි යාංග හෙයින් පූර්ව ක්රිියාව උගෙන විය යුතු යයි සිතන්නෝ පුබිද යන ක්රිරයාංගය බලා එයින් සාධ්ය් වූ පූර්වක්රි්යාව පිබිද නොව පුබිද විය යුතු යයි සිතීමට යොග්යූ වූවෝ වෙත්. තව ද භාවයෙහි මොවුන් විසින් යොදනු ලබන්නා වූ උගනීම, උගැන්වීම යන මේ රූපයෝ කෙබඳු ද යත් උදුර යන්නෙන් අදිරිමය, උතුර යන්නෙන් උතිරිමය, ගුගුර යන්නෙන් ගුගිරිමය යනාදි ශබ්ද රූපයන් සාදා යොදනු ලබත් නම් එමෙනි. මෙතන්හි උකාරයාගේ ඉකාර ප්රාාප්තිය ස්වභාෂා ව්යාූකරණ නය බැව් සලකනු ලැබේ නම් මොවුන්ගේ ඒ වැඩි දැනගැන්ම අවැඩට කරුණක් විය නො හේ. මේ ග්රමන්ථයෙහි 155 වෙනි කවෙහි ‘දුමන මුල් ඉදුරූ-ලවන ලොබ ලිය පඳුරූ’ යන මෙහි ඉදුරූ යනු ව්යාදකරණ ක්රාමයෙන් ඉදිරූ විය යුතු බව පෙනේ. එසේ වුවත් මෙබඳු තන්හි ශබ්ද ධර්මයෙන් ඉදුරූ යයි කියා ද සිටිය හැකි බැව් සමහර පණ්ඩිතයන් සිතන හෙයින් ද, පොත් සියල්ලහි මත් එසේ ම පෙනෙන හෙයින් ද පාඨයෙහි වෙනසක් නො කළෙමු. 48 xlvii තව ද එම කවියෙහි ම- එවණ නද මියු රූ ස ව න නොකරන කෙනෙක් කවු රූ යයි කියූ තන්හි පද්යකයාගේ ආදිභාගයෙහි නා කාරයන්ගෙන් සැදී සිටි එළිවැ‍ටෙහි ණ කාරයෙක් ද ඇති වේ. මේ ණ කාරය මකා දමා ඒ වෙනුවට න කාරයක් ලියා එළිවැට සම්පූර්ණ කොට තමන්ට ඕනෑ සේ සමහර අය අර්ථ කියා ගනිති. ඒ දුෂ්ට ක්රි යාවක් යයි හඟිමු. තමන්ගේ යම් මතයක් ඇති හෙයින් ම පුරාණ පොත්පත් වෙනස් කිරීම සුදුසු නො වේ. තවත් සමහරු මේ ආදි භාගයෙහි පිහිටි එළිවැට පද්යසයට ආවශ්ය ක නො වන්නේය; මෙහෙයින් මෙහි ගතයුතු උපදේශයක් නොමැත්ත‍තේ යයි කියති. ඒ කෙසේ හෝ වේවා මෙහි එවෙණ යනු කර්තෘහුගේ ම යොගයක් යයි අර්ථයෙන් හා රචනාවෙන් ද පැහැදිලි ව පෙනෙන හෙ‍යින් අපි එය ම සම්භාවනය කළෙමු. වංග භාෂායෙහි වනාහි පද්ය්න්ත වූ එළිවැටෙහි ණ කාර න කාරයන්ගේ අවිශෙෂයොගය කිසි විටෙක දකුනා ලැබේ. වන්ද කාව්යසයෙහි - පරමොධ තජො බොධක පුරා ණ රාමායන සුනහු භාරත නිදා න සීහල භාෂායෙහි ද මෙය අතිශයින් විරල නමුදු සම්පූර්ණයෙන් නො දක්නා ලැබේ යයි නොකිය හැකි. සංශය රහිත වූ එක් තැනෙක් නම් හංස සන්දේශයෙහි- දි ය ර ම් බල විකුම් පෙන වු මුළු දෙර ණ ම න ර ම මෙනරනිඳුගේ දිය හියකර ණ වි හි ගු ම් බුජ’ග දිලි යමදිවසෙ කුරුප ණ ක ග න ම් රුදු විරිදු රද මුදන හෙන සෙ න ගුත්තිල කාව්යු පාඨයෙහි සම්පූර්ණ ශුද්ධියට නො පැමිණියා වූ දෙතුන් පළක් දකින්ට ලැබී මේ සංස්කරණයෙහි දි ඒ තැන ද ශුද්ධ කළෙමු. මේ පොත ප්රිසිද්ධ වූ ප්ර ථම වාරයෙහි එහි විපුල ප්රැයොජනත්වය ප්රා්ර්ථක වු පණ්ඩිතාපණ්ඩිත බොහෝ දෙනෙක් දීර්ඝ කාලයක් මුඵල්ලෙහි තම තමන්ගේ බුද්ධි පමණින් එහි ගුණදොස් දැක්විමෙහි ව්යාලපෘත වූවෝය. 1පරමොධ,පරදෘෂ්ටිය;තජො, ත්යයක්තරකර; පුරාණ,පුරාණයන්; බොධක, අවබො, අවබොධ කර; රාමායන, රාමායණය හා; භාරතනිදාන, භාරත කථනය ද: සුනහ, ශ්ර්වණය කර. 49 xlviii ඔවුන්ගේ යහපත් අදහස් ගැන අපි අතිශයින් ස්තුති කරමු. මේ භවතුන් අතුරෙන් ජේ.ඇස්.රාජසුන්දර පඬිවරයා ගෞරවයෙන් හා ශිෂ්ට ගුණයෙන් ද ප්රරථම ස්ථානයෙහි පිහිටා ක්රිනයා කළේය. මේ විද්වෙජ්ජනයාගේ සියලු ම ලියුම් කියුම් පණ්ඩිතගොචර වු සන්සුන් ලීලාවෙන් හා මිහිරි බිසින් යුක්ත විය. එයින් ඔහු විසින් ප්ර තිපන්න වූ ඒ යහපත් පැවැත් ම ඕහට ද ඔහුට නානා තරමින් නිම්නස්ථ ව ක්රිුයාකළ වූ අනිකුත් අයවලුන්හට ද ගෞරවයක් බව කියමු. මේ සියලු ම භවතුන්ගේ කියමුවලින් කල්පනාවට ගත හැකි වූ යමක් ඇත්නම් අපි එය සම්පූර්ණයෙන් ප්රුතික්ෂෙප නො කළෙමු. පොතේ ගෞරවයට හානි නො වන තැනහි ඉතා ස්වල්ප වශයෙන් වුවත් හැකි පමණින් ඔවුන්ගේ මතය ද සැලකීමු. පොතෙහි විස්තරාර්ථ වර්ණනායෙහි දි සං යන්නේ අඟනුන ලබ්නනේ නම් සංලක්ෂ්යිය යන බව දත යුතුයි. ඩබ්ල්යු .ඇfප්.ගුණවර්ධන 1916.1.1 ගල්කිස්සේ රෝස වලව්වේ දිය. "https://si.wikibooks.org/w/index.php?title=ගුත්තිල_කාව්‍ය_වර්ණනා_-_සංඥපනය&oldid=5426" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි සංචාලන මෙනුව පුද්ගලික මෙවලම් ප්‍රවිසී නැත සාකච්ඡාව දායකත්වයන් ගිණුමක් තනන්න පිවිසෙන්න නාමඅවකාශයන් පිටුව සාකච්ඡාව සිංහල දසුන් කියවන්න සංස්කරණය කරන්න ඉතිහාසය බලන්න තවත් යාත්‍රණය මුල් පිටුව Cookbook කණිෂ්ඨ විකි ප්‍රජා ද්වාරය ‍නව වෙනස්වීම් අහඹු පිටුව උදවු පරිත්‍යාග මෙවලම් මෙතනට සබැඳෙන්නේ කුමක්ද සහසම්බන්ධිත වෙනස්වීම් ගොනුවක් උඩුගතකරන්න විශේෂ පිටු ස්ථාවර සබැඳුම පිටුවේ තොරතුරු මෙම පිටුව උපුටා දක්වන්න මුද්‍රණය/නිර්යාත කෙරුම පොතක් තනන්න PDF ලෙස බාගතකරන්න මුද්‍රිත අනුවාදය වෙන භාෂාවලින් බැඳියන් එක්කරන්න මේ පිටුව අන්තිමට සැකසුවේ 6 අප්‍රේල් 2010 දින දී, 07:04 වේලාවෙහිදීය. ක්‍රියේටිව් කොමන්ස් ඇට්‍රිබ්යුශන්/ශෙයා-අලයික් වරපතට යටත්ව ඉහත පෙළ ඔබ වෙත සැපයෙයි; අමතර කොන්දේසි අදාළ විය හැක. විස්තර සඳහා පරිහරණ කොන්දේසි බලන්න.
කොවිඩ් – 19 වසංගතය නිසා බැතිමතුන්ට පිරිත් පැන් සහ නූල් අතට නොදෙන ලෙස ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව, මහා සංඝරත්නයෙන් ඉල්ලීමක් කර තිබේ. රට තුළ ඇති වී තිබෙන කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ ආගමික කටයුතු සිදු කළ යුතු ආකාරය දැනුවත් කරමින් අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර හිමියන් විසින් මහා සංඝරත්නය වෙත පිළිවෙත් මාලාවක් නිකුත් කර තිබේ. වෛද්‍ය උපදෙස් අනුව භික්ෂූන් වහන්සේලා පස් නමක් හෝ භික්ෂුණින් වහන්සේලා පස් නමක් වඩමවා සාංඝික දානය පිළිගන්වන ලෙසත්, එසේ අපහසු නම් ආරාමයට ගොස් උපසම්පන්න භික්ෂූන් වහන්සේලා හෝ භික්ෂුණින් වහන්සේලා ඉදිරියට ගොස් ස්වාමීනී අපට සංඝ දානයක් පිරිනැමීම සඳහා සංඝයාගෙන් ස්වාමීන් වහන්සේ නමක් හෝ භික්ෂුණීන් වහන්සේ නමක් ලබා දෙන්න’’ යනුවෙන් පැවසීමෙන් වැඩම කරන එක් භික්ෂුවකට හෝ භික්ෂුණියට සාංඝික වශයෙන් දානය පිළිගන්වන ලෙසත්, එම පිළවෙත්වලට අදාළ උපදෙස් මාලාවේ සඳහන් වෙයි. පන්සල තුළ කෙරෙන දන් දීමකදී හැකි සෑම විටම ආරාමය තුළ සුදුසු ස්ථානයක පුද්ගලයන් 04 දෙනකු හෝ ඊට අඩු සංඛ්‍යාවක් සහභාගි කරගෙන දානය සකසන ලෙසත්, මුඛ ආවරණ පැලඳ සිටින ලෙසත්, දානය කුඩා බඳුන්වලට දමා මේසය මත තබන ලෙසත්, දායකයින් දානය බෙදීමෙන් වැළකී සිටීම සුදුසුයැයි ද එම පිළිවෙත්වලට අදාළ උපදෙස් මාලාවේ සඳහන් වේ. වන්දනා කිරීම ඈතින් සිට කිරීම පුරාණයේ දී සිදු කර ඇති නිසා ඇවැත් දෙසීම් ආදී කටයුතුවලදී දුර ප්‍රමාණය සැලකිල්ලට ගන්නා ලෙසත්, මෙම කාලය තුළ පාත්‍රය භාවිතකිරීම ඉතා යෝග්‍ය බවත්, භික්ෂූන් වහන්සේලාගේ විනය කර්මවලදී අත්පස වැඩ හිඳීම අකුරටම පිළිපැදිය යුතු බවත් අමරපුර මහා සංඝ සභාව නිකුත් කළ උපදෙස් මාලාවේ සඳහන් වේ. වයෝවෘද්ධ හිමිවරුන්ට උපස්ථානය එක් පුද්ගලකුට සීමා කරන ලෙසත්, බහු ආරාමයෙන් බැහැර යාම සීමා කරන ලෙසත්, ආදාහන කටයුත්තක් හැර වෙනත් ආගමික උත්සව සංවිධානය නොකරන ලෙසත් වැසිකිළි භාවිතයේදී කොමඩ් එකට කවරයක් භාවිත කරන ලෙසත් අමරපුර මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී මහා සංඝරත්නයේ අවධානය යොමු කරමින් යැවූ ලිපියේ සඳහන් වේ. Rate this item 1 2 3 4 5 (0 votes) Share Tweet Share back to top හදිසි නීතිය අරගල වලට බාධාවක්ද? Local May 08, 2022 දුම්රිය දෙපාර්තමේන්තුවේ අලාභය බිලියන 10පනී Local May 08, 2022 පාර්ලිමේන්තුව උණුසුම් : “මම යනවා සභාව නතර කරලා” – කතානායකගෙන් දැඩි අවවාදයක් Local May 06, 2022 රට පුරා හර්තාල් ක්‍රියාත්මකයි – සියලු වැඩ අඩපණ වෙයි Local May 06, 2022 පොලීසිය සහ ජනතාව අතර ගැටුමක් – පොලීසියේ 11ක් රෝහලේ Local May 06, 2022 හැදුනුම්පත් කාර්යාලයේත් අද සේවා නතර වෙයි Local May 06, 2022 හර්තාල් ගැන පොලීසියෙන් රතු එළියක් Local May 06, 2022 පාර්ලිමේන්තුව අසලත් අලුත් ගම්මානයක් – “හොරුගෝගම” ලෙස නම් කරයි Local May 06, 2022 නියෝජ්‍ය කතානායක ධූරයේ ඡන්ද විමසීම හෙට Local May 04, 2022 ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවා යළි සාමාන්‍ය පරිදි Local May 04, 2022 © 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449
කොවිඩ් වසංගතය මධ්‍යයේ පෙර නොවූ විරූ මිල වැඩිවීම්, ගෑස් සහ ඉන්ධන හිඟය සහ භයානක ලෙස විදේශ සංචිත අඩුවීමේ තත්ත්වයකට මුහුණ දුන් ලොව එකම රට ශ්‍රී ලංකාවයි. ආසියානු කලාපයේ රටවල පවා දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක්, සෘජු විදේශ ආයෝජන සහ විදේශ සංචිත ධනාත්මක ලෙස වර්ධනයන් වාර්තා කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ඊයේ (28) කිරුල්ලපන සිය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. මාධ්‍ය හමුව ආරම්භ කිරීමට පෙර වික්‍රමරත්න මහතා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වා, වසර 17 කට පෙර 2004 දී සුනාමියෙන් විපතට පත් වූ ශ්‍රී ලාංකිකයන් 35,000 කට අධික පිරිසක් සිහිපත් කළේය. මෙහිදී වැඩි දුරටත් කතා කළා මන්ත්‍රීවරයා,වැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් මෙවන් විපතකට රට මුහුණ දීමට සිදුව ඇත්තේ පුද්ගල බද්ධ පාලනයකින් හෝ පවුලකට රට පාලනය කළ හැකි යැයි ඇති කළ මිථ්‍යාවේ ප්‍රතිඵලය හේතුවෙන් යැයි අවධාරණය කළේය. එකී ප්‍රතිඵලයක් ලෙස මේවන විට ශ්‍රී ලාංකිකයන් පුද්ගලයෙකුට හැකියැයි තමන් විශ්වාස කළ ජනාධිපතිවරයා කියන පුද්ගලයා විසින් ඉදිරිපත් කරන විසඳුම් සොයමින් සිටින බවත්, එය බෙහෙවින් බලාපොරොත්තු සුන් කරවන අතර මේ නිසා රට අත්තනෝමතික ප්‍රතිපත්ති සහ පවුල් පාලනය හරහා ආර්ථික ව්‍යසනයකට ඇද වැටී ඇති බවහ් පැවසීය. සමාජයේ ගැටලු සංකීර්ණ වන අතර පහසු විසඳුම් තනි පුද්ගලයෙකුගෙන් බලා පොරොත්තු වීම අනුවන ක්‍රියාවකි. වත්මන් රටේ අවශ්‍යතාවය වී ඇත්තේ රාජ්‍ය පාලනය සහ ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් ප්‍රවීණත්වය සහ පළපුරුද්ද ඔප්පු කළ අවංක කණ්ඩායමක සහායක් ඇති බුද්ධිමත් නායකයකු තෝරා ගැනීමය. එවන් පුද්ගලයන්ගේ ඉතිහාසය හා ප්‍රතිපත්ති විනා පෞද්ගලිකත්වය රටකට හිත කරන්නේ නැත. රට ජාතිය ආර්ථිකව මෙහෙයවීමට පුද්ගලයන්ට ඇති හැකියාව පිළිබඳ ජනතාව මිථ්‍යා විශ්වාසය තැබූ නිසා රට අවුල් සහගත වී ඇත්තේ ඒකාධිපති හා පවුල් පාලනයක් ආරම්භ කරමිනි. මේ තුළ තම අදහස් බොහෝ විට නොසලකා හරින බැවින් ඉහළ නිලධාරීන් තීරණ ගැනීමේ වගකීමක් නොගනී. මේ පවුල් පාලනයේ අහිතකර බලපෑම් නිසා රජයේ ඉහළ නිලධාරීන් පවසන්නේ තමන් එවැනි සාකච්ඡාවලට පැමිණ සිටියද තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ නොවූ බවයි. අමාත්‍ය මණ්ඩල තීරණ කැබිනට් ලේකම්වරයා විසින් ප්‍රසිද්ධියට පත් කළද තමන් එවන් කැබිනට් තීරණ පිළිබඳව දැනුවත්ව නොසිටි බව අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරු පවා ප්‍රකාශ කරන තත්ත්වයට රාජ්‍ය පාලනය පවුල් පාලනයකට සීමාවී ඇත. රටේ තීන්දු තීරණ ගනු ලබන්නේ එක්තරා කණ්ඩායමක් විසින් බවත්, ඇමතිවරු නිකම් බලා සිටින්නන් බවට පත්ව ඇති බවත් මෙයින් ඔප්පුවේ. රසායනික පොහොර ආනයනය නොකිරීමට ගත් තීරණය හේතුවෙන් සාගතයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් කළ කෘෂිකර්ම විද්‍යාඥයෙකු වන කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා එම ධූරයෙන් පසුගියදා හිටි හැටියේ ඉවත් කරන ලදී. ඒ විෂය නොදන්නා පුද්ගලයන් විසින් ජනාධිපතිවරයාට ලබාදුන් වැරදි උපදෙස් සහ දිරච්ච ලණුවක් නිසා බව ලේකම්වරයා පෙන්වා දී තිබිණි. පුද්ගලයෙකුට හෝ පවුලකට රට දියුණු කළ හැකි බවට මිත්‍යාව සහ බොරුව ප්‍රවර්ධනය කිරීම මත ජනතාව එය විශ්වාස කිරීම හේතුවෙන් රට මෙසේ අගාධයට ඇද වැටී ඇතැයි මන්ත්‍රීවරයා පැහැදිළි කළේය. රටම ගිලගෙන ඇති දූෂණය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ නොදුටු ගුවන් යානා සහ නොපෙණුනු පොහොර සඳහා ඩොලර් මිලියන ගණන් ගෙවා ජනතා මුදල් නාස්ති කර ඇති බවයි. කොරෝනාවෙන් ලොව සියලු රටවල් විපතට පත්වූ වද ශ්‍රී ලංකාව තරම් කිසිදූ රටක් ආර්ථිකව දුර්වල වූයේ නැත. කෙටි කලක් තුළ උද්දමනය 10 % ඉක්මවී දෙගුණයකටත් වඩා වැඩි විය. අපනයන ආදායම, සෘජු විදේශ ආයෝජන මෙන්ම විදේශ ප්‍රේෂණ රට තුළට ගලා ඒම පහත වැටී ඇත්තේ ශ්‍රී ලංකාවේ පමණි. මේවා කෝවිඩ් නිසා නොව වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා යන සත්‍ය වසන් කිරීමට රජය නිරතුරුව කටයුතු කරන්නේය. 2004 සුනාමියට මේ රටේ ජනතාව ගසාගෙන ගියා සේ ආර්ථික සුනාමියටත් මේ රටේ ජනතාව ගසාගෙන යනවා යැයි වික්‍රමරත්න මහතා සඳහන් කළේය. මහ බැංකුව විසින් පවත්වාගෙන යන විනිමය අනුපාතිකයේ අතාර්කික කළමනාකරණය ගැන ප්‍රකාශ කළ ඉරාන් වික්‍රමරත්න මහතා වෙළඳපොලේ ඩොලරය රුපියල් 250 ඉක්මවන විට, විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඔවුන්ගේ ඩොලර් ප්‍රේෂණ ඩොලරයක රුපියල් 200 බැගින් බැංකුවලට හරවන ලෙසට බල කරන බව චෝදනා කළේය. රුපියලට වැඩි වටිනාකමක් දී කෘතිමව පවත්වාගෙන යැමේ අවාසියෙන් බේරීමට අපනයනකරුවන් තම මිල ගණන් වඩිකර පෙන්වමින් රට තුළට ඩොලරය ගෙන ඒම වැලැක්වීමට වක්‍ර ආකාරයෙන් කටයුතු කරන්නේ රජය ඩොලරයට නියම අගය නොදීම හේතුවෙනි. විදේශ සංචිතය අනතුරුදායක ලෙස පහළ මට්ටම් කරා ඇද වැටී ඇත්තේ දුර්වල විනිමය අනුපාතික කළමනාකරණය නිසා බව රජය තේරුම් ගත යුතුයි. එයට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් ට්‍රිලියන 1.5 කට අධික මුදල් මුද්‍රණය කිරීමෙන් කෙටි කාලයක් තුළ උද්ධමනය ඉලක්කම් දෙකට තල්ලු කිරීමට ප්‍රධාන සාධකය වී ඇත. 2014-2019 හි 3.5% ක සාමාන්‍ය උද්ධමන අනුපාතය 2019-2021 දී 10% ට වැඩි සාමාන්‍ය උද්ධමන අනුපාතයක් දක්වා ඉහළ ගොස් ඇත. නොවැම්බර් මාසයේ උද්ධමන අනුපාතය 11% ඉක්මවා ඇත. Economy Tweet on Twitter Share on Facebook Google+ Pinterest Previous Article ‘ලෝකයේ දෙවන විශාලතම ආරම්භක ව්‍යාපාර මධ්‍යස්ථානය ඉන්දියාවයි’ – අගමැති මෝදි Next Article දිමුත් ICC වසරේ ටෙස්ට් ක්‍රීඩක සම්මානයට නිර්දේශ වෙයි Recommended For You දේශීය ලොකු ළුැණු වගාවත් හාන්සි වෙන ලකුණු ඖෂධ නියාමන අධිකාරියේ ගැහිලි ගැන ඇමැති චන්නගේ දැඩි අවධානය IOC ඉන්ධන මිල අහසටම නග්ගයි ! ජනපතිගෙන් ‘කිරි ගොවියාට කිරි ඉතිරෙන‘ නියෝගයක් මහ කන්නයේ වී අස්වැන්න 50%කින් අඩුවෙලා – ගොවීන් මැසිවිලි නගයි මේ වන විට යුක්රේනයේ නවතම තත්ත්වය කුමක් ද? About the Author: Thusal Search for: Archives Archives Select Month August 2022 (3) March 2022 (2) February 2022 (155) January 2022 (194) December 2021 (239) November 2021 (256) October 2021 (203) September 2021 (234) August 2021 (252) July 2021 (276) June 2021 (303) May 2021 (300) April 2021 (200) March 2021 (297) February 2021 (272) January 2021 (315) December 2020 (307) November 2020 (360) October 2020 (363) September 2020 (359) August 2020 (380) July 2020 (320) June 2020 (307) May 2020 (333) April 2020 (390) March 2020 (421) February 2020 (405) January 2020 (530) December 2019 (563) November 2019 (555) October 2019 (724) September 2019 (605) August 2019 (529) July 2019 (590) June 2019 (548) May 2019 (665) April 2019 (575) March 2019 (48) Follow Us Stay updated via social channels Tags AG NEWS agriculture Business COPE COVID 19 Economy Entertetment fashion Featured GAJABA NAGAWATHTHA GOSSIP health HM NEWS INTERNATIONAL JVP KARU JAYASURIYA NEWS FM NEWS PUBLIC parliament pmd news POLITICAL POLITICAL NEWS Prime media PR MEDIA PR NEWS public news sajith pramadasa Sanath M Bandara santh m bandara sl army commander slarmy news sl cricket Sl CRICKET - WOMAN TEAM SLFP - SLPP sl vs west 2020 sl v west Sport unhcr unp Week in Pictures Wimal Weerawansa woman women ජනපති ‍fashion දුරකථනය: +94-766-109836 විද්‍යුත් තැපෑල: bhathiyabarukanda@gmail.com © සියලුම හිමිකම් ඇවිරිණි. මෙම වෙබ් අඩවියේ පළවන ලිපි අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් වන අතර එම ආචාරධර්ම උල්ලංඝනය කරමින් නීතිවිරෝධීව උපුටාගන්නන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරනු ඇත.
අද්‍යතන පාලකයන්ගේ හද මඬල සොරාගත් රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ සොඳුරු සම්ප්‍රාප්තියට බාධා කලැයි 31 හැවිරිදි ශ්‍රී ලාංකේය පුරවැසියෙකු අත් අඩංගුවට ගත් කටුක පුවත සවන් වැකුණි. එකෙණෙහිම මෙනෙහි වූ කරුණ නම් ප්‍රකට දමිළ භාෂිත පිරුළක් අපට පවසන දේය. එනම් 'තිප්පට්ට චිට්ටලේ කරික්කටෛ පංචමා'' යනුයි. එමඟින් ප්‍රකාශිත අදහස වන්නේ 'ගිනිබත් ගෙයක අඟුරු හිඟයක් තිබේද'' යන්නයි. සැබවින්ම පුරවැසි අපට සව්දිය පිරිය හැකි හබකක් දැන් දැන් ඉතිරි වී නැත්තේය. රටෙහි සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් 90% ක ප්‍රමාණයක් දෙස් හා විදෙස් ණය ගෙවා දැමීමට සිදුව ඇති ජනරජයක පුරවැසියන් හට ලද හැක්කේ කවරනම් සතුටක්ද? රටෙහි ප්‍රතිෂ්ඨාපිත අධිකරණ සම්ප්‍රදායෙහි හැව හැරි දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමක් අභිමුව කුඨ අර්ථපතියන් හා දේශපාලකයන් නිදොස් කොට නිදහස් කෙරුමට නිර්දේශිත වාර්තා ජනගත වන සමාජයක ශේෂ විය හැක්කේ වනචාරිත්වය හා ගිනිගෙන දැවුණු අඟුරු පමණක් විය නොහැකිද? එකල අප ජනරජයක නොවිසුවද, වසර 1934 ජූලි 17 වැනිදින ලක්මිණි පහන් පුවත්පත් කතුවැකිය ලියූ කුමරතුඟු මුනිදසුන් තම කතුවැකිය අවසන් කරන්නේ මෙලෙසය. ''සියලු දෙවියෙනි, සිනා සෙන්නට වෙන කරුණෙක් නැත්නම් අප රට දෙස බැලුව මැනැවි''! ඔහු කෙතරම් නිරවද්‍යදැයි කැට තැබුමක් කුමට? ඔබ හාත්පස රාවප්‍රතිරාව නඟනු ඇත්තේ ජනරජ පාලකයන් හා එකී පාලක පෙලැන්තියේ තේජස අරා සිටින කාකි කෝට් කරුවන්ගේ විප්‍රකාර මුසා බස්ය. ප්‍රභූ රථ අරා පැමිණි රථ පෙළහරක් බොරැල්ල මංසන්ධිය දෙසින් දිස්වූ කල මෙකී තරුණයා හට සිහිවන්නට ඇත්තේ කිමෙක්ද? සයිරන් නලා හඬවමින් ඉගිලුණු ජනරජ භක්ෂකයන් සනුහරය පෙර පැවති ජාතික මැතිවරණ දෙකෙහිදී දුන් පොරොන්දු විය නොහැකිද? ජාතික ආරක්‍ෂාව සුරක්ෂිත කල රටක, ජනාකීර්ණ මහාමාර්ග අගුළු දැමීම උත්ප්‍රාසය දනවන්නේ නොවේද? එකී උත්ප්‍රාසයම බැඳුම්කර හොරු නොඅල්ලන, සොරෙකුට වුව කා නිමකළ නොහෙන සීනි ගුදමක් කෑ එකා නොඅල්ලන, ලීටර් පෙන්වා කිලෝග්‍රෑම් සඟවන ගෑස් කෝලම් මවන ජනරජයේ භාරකරුවන් වෙත ආවේගාත්මක ප්‍රතිචාරයක් ලෙස එල්ල විය නොහැක්කේද? එදාමෙදා තුර පැවති මැතිවරණ ප්‍රමාණය මෙරටේ ගණනින් 74 කි. එකී ඉතිහාසගත මැතිවරණ පෙළහරෙහි සැබෑ ඉන්ද්‍රජාලිකයා වෙන අන් කිසිවෙක් නොව පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂය. ළබැඳියාවන් අතර ගැටුමේ අග්‍රප්‍රාප්ත පාලක තෙමේ ඔහු වුව ඔහුගේ ප්‍රයෝගික දේශපාලන දහංගැට නිසි පදමට දිරවා ගත් දේශපාලන කාඩර්වරුන් අප අතර හිඟය. ඔහුගේ දහසක් දේශපාලන ජිමික් අතරේ ඔහු වර්ණවත් කල සදාකාලික දේශපාලන සන්නාමය නිමැවුණේ කතරගම තෙක් පානැගු පාද යාත්‍රාවත්, මිනිත්තු පහළොවක් තිස්සේ රට ම ශබ්ද නැගූ ජනඝෝෂාවත්ය. දැන් අප විමසිය යුත්තේ මැදමුලන මහේන්ද්‍ර රාජපක්‍ෂයන් හට රිසි එහෙත් බත්තරමුල්ලේ තරුණයා හට නොරිසි දේශපාලන ව්‍යාභිචාරය කවරක්ද යන්නයි. බතරමුල්ලේ තරුණයා මෙන් හුදෙකලාව නොවුණද වසර 1992 ජූලි මස 01 වැනි දින මුළුදුන් ජන ඝෝෂා ව්‍යාපාරය යනු එවකට එක්සත් ජාතික පක්‍ෂ රෙජීමය හමුවේ ලත් පීඩාවට එරෙහි ප්‍රකට මහජන විරෝධයක් වූ අතර කෙදිනත් වීදියේ සටන්කරුවා වූ වත්මන් අගමැතිවරයා ඊට ලබාදුන්නේ අසමසම නායකත්වයකි. පොලීසිය නම් අද මෙන්ම එදා ද පාලකයා රැකි විලාසය සමානය. මධ්‍යහ්න 12 ට බෙරයක් හඬ නගමින් ජනඝෝෂාවට එක්වූ හොරණ ප‍්‍රාදේශිය සභාවේ සභික දයාසේන අමරතුංග හැඬ වූ බෙරයට මෝල් ගසකින් අනින්නට කාරුණික වූ පොලීසිය හමුවේ දුර්මුඛ නොවූ මේ දේශපාලන නියෝජිතයා අවසන දෙකඩ වූ බෙර පලු දෙකට තඩිබා ඊටද පොලීසිය බාධා කල සැණින් අත්පොඩි තලන්නට විය. එකෙණෙහිම මෘග පොලිස් ප්‍රහාරයකට ලක්වීමට ඔහුට සිදුවිය. අවසන අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (අ) වගන්තිය යටතේ තහවුරු කොට ඇති කථනය හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස යටතේ අධිකරණයේ පිහිට පැතූ මෙකී අමරතුංග නම් වින්දිතයා වෙත ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇල්ම හා බැල්ම ලැබීම මෙරටේ මූලික අයිතිවාසිකම් නඩුකර ඉතිහාසය බැබලවූ දීප්තිමත් සංසිද්ධියක් විය. අමරතුංග එරෙහිව සිරිමල් සහ තවත් අය (ජන ඝෝෂා සිද්ධිය) ලෙසින් නඩු අංක 468/92 යටතේ ශ‍්‍රි ලංකා ශේෂ්ඨාධිකරණය හමුවේ ගොනුවී වසර 1993 දී පමණ තීන්දුවී ඇති මෙම නඩුකරය වෙත ආශක්තව පුරවැසි බලය පිලිබඳ නොනැසෙන මමායනයක් ලත් ආධුනික නීති සිසුන් ප්‍රමාණය මෙරටේ සංඛ්‍යාත්මකව අප්‍රමාණ විය හැකිය. එමතු නොව කලක් මෙරටේ ජනිජනයාගේ මූලික අයිතිවාසිකම් සුරැකි ෆන්ඩර්මෙන්ටල් රයිට්ස් ගෝඩ් ෆාදර් වන් මහින්ද රාජපක්‍ෂයන් එමගින් දිනාගත් දෙස්විදෙස් කීර්තියද අසමසමය. එපමණක් නොවේ. ඉහත නඩුකරයේ එක් වෙසෙස් ලක්‍ෂණයක් වූයේ අනාගතයේදී වුව ඊට සමගාමී යම් උල්ලංඝනයක් වේද, එහිලා මූලික අයිතීන් කඩ නොවන සේ හැසිරීමට හැකිවන සේ මෙකී තීන්දුව සියළු පොලිස් නිලධාරීන්ගේ දැන ගැනීම සදහා යොමු කරන ලෙස පොලිස්පතිවරයා වෙත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු උපදෙසයි. එනයින් බලන කල අපි දශක ත්‍රිත්වයක් ගෙවා දැමුවද කිසිදු පාඩමක් ඉගෙන නොගත් ජනරජයක අවිහිංසක පුරවැසියෝ නොවේද?. එහිලා වඩාත් සංවේදී හා කුකුස දැනවූ පුවත නම් අප කතානායක තරුණයා තම ජනරජයෙන් හා එහි ආරක්‍ෂක පොලීසියෙන් ඉල්ලා සිටි කොන්දේසි විරහිත සමාවයි. සැබවින්ම තුනෙන් දෙකක බහුතර ආණ්ඩුවක් අභිමුව මහින්ද රාජපක්‍ෂ වන් විපක්‍ෂ දේශපලකයෙක්ද නොමැති රටක ඔහුගේ සිඳී ගිය එඩිය පිලිබඳ අප තවදුරටත් නොතැවිය යුත්තේය. ඔබට සංවේදී විය යුත්තේනම් මෙකී සිදුවීම මෙදින දිවයින පුවත්පතේ වාර්තාගතව ඇති ස්වරූපය විමසන්න. අදාළ තරුණයාට අධිකරණයෙන් දැඩි අවවාද ලැබුණු බව එහි සඳහන්ය. එකී තීන්දු ප්‍රකාර අදාළ විනිසුරුවරයාගේ ප්‍රකාශ පිලිබඳ කිසිවක් නොලියා ලියුම්කරු වෙනත් වැදගත් යමක් උපුටා දක්වන්නට රිසිය. එනම් ස්වදේශ කටයුතු භාර ඇමතිවරයා එ. ෆිෂර් (1979) (minister of Home Affairs V. Fisher 1979 all England Reports P.21) අතර නඩුවේදී විල්බර්ෆෝර්ස් සාමිවරයා සඳහන් කල ප්‍රකාශයක්ය. දෑතේ රැඳුණු මාංචු යුගල තිබියදීම අවි පෙන්වන්නට යාමේදී අත් බෝම්බ ගසන්නට මාන බැලූ නිසාවෙන් පෙරළා වෙඩි තබන්නට සිදුවූයේ යැයි පවසන ශ්‍රී ලංකා පොලීසියේ සුරංගනා බස් වුව නොසෙල්වී අසන අධිකරණ අසුන් නොඅඩු මෙරටේ සියලු සාධුජනයන් මෙකී ප්‍රකාශය වෙත තම විචාරක්ෂිය යොමුකළ යුත්තේය. ''''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් කරතිබෙන මිනිස් මූලික අයිතිවාසිකම් සම්බන්ධ විධිවිධානයන් අර්ථකථනය කිරීමේදී, ලැයිස්තුගත නීති ගැතියාවේ දැඩිබවින් මිදි පුද්ගලයන් වෙත ඔවුනට හිමි මූලික අයිතිවාසිකම් යන නිදහස පූර්ණ වශයෙන් සැපයෙන ආකාරයට වඩාත් ත්‍යාගශීලි ලෙස අර්ථකථනය කිරීම අවශ්‍ය කෙරේ''. මා මැතිවරණ නිරික්ෂකයෙක්මි. අප රටෙහි විකසිත දේශපාලන සංස්කෘතිය දෙස අපමණ සුභවාදිව බලන්නෙක්මි. එමතුනොව අප ශ්‍රී ලංකා ජනරජය පුරවැසි අභිලාශ සමනය කිරීමේ නිත්‍ය භාරකරුවා ලෙස තම යුතුකම් ඉටුකරනු දකිනු රිසියෙමි. ඒ සියල්ලට ඉහළින් ජිනීවා ගිය මහින්ද රාජපක්‍ෂ දෙස බලා සිටි කුඩා දරුවෙකුද වූයෙමි. දැන් මා අසමි. ගරු අගමැතිතුමනි, මෙවන් අසංස්කෘතික ප්‍රවේශයක් දරන රෙජිමයක් නිර්මාණය කරන්නට තරම් මෙරටේ පුරවැසියන් ඔබට හා ඔබ ආණ්ඩුවට සිදුකල වරද කිම? ධම්ම පදය මෙසේ කියන්නේය. ''නත්ථි දොසසමෝ කලි'' එනම් 'ද්වේශය හා සම අපරාධයක් නැත' යනුයි. අභිමානවත් ජනරජයක් ද්වේශයේ ගිළුණු කොදෙවුවක් නොව සතුට හා සමාදානය රජයන පුරවැසි හිතෛශී ජනරජයක් කරනු!! මංජුල ගජනායක Print Email අද්‍යතන පාලකයන්ගේ හද මඬල සොරාගත් රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ සොඳුරු සම්ප්‍රාප්තියට බාධා කලැයි 31 හැවිරිදි ශ්‍රී ලාංකේය පුරවැසියෙකු අත් අඩංගුවට ගත් කටුක පුවත සවන් වැකුණි. එකෙණෙහිම මෙනෙහි වූ කරුණ නම් ප්‍රකට දමිළ භාෂිත පිරුළක් අපට පවසන දේය. එනම් 'තිප්පට්ට චිට්ටලේ කරික්කටෛ පංචමා'' යනුයි. එමඟින් ප්‍රකාශිත අදහස වන්නේ 'ගිනිබත් ගෙයක අඟුරු හිඟයක් තිබේද'' යන්නයි. සැබවින්ම පුරවැසි අපට සව්දිය පිරිය හැකි හබකක් දැන් දැන් ඉතිරි වී නැත්තේය. රටෙහි සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් 90% ක ප්‍රමාණයක් දෙස් හා විදෙස් ණය ගෙවා දැමීමට සිදුව ඇති ජනරජයක පුරවැසියන් හට ලද හැක්කේ කවරනම් සතුටක්ද? රටෙහි ප්‍රතිෂ්ඨාපිත අධිකරණ සම්ප්‍රදායෙහි හැව හැරි දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමක් අභිමුව කුඨ අර්ථපතියන් හා දේශපාලකයන් නිදොස් කොට නිදහස් කෙරුමට නිර්දේශිත වාර්තා ජනගත වන සමාජයක ශේෂ විය හැක්කේ වනචාරිත්වය හා ගිනිගෙන දැවුණු අඟුරු පමණක් විය නොහැකිද? එකල අප ජනරජයක නොවිසුවද, වසර 1934 ජූලි 17 වැනිදින ලක්මිණි පහන් පුවත්පත් කතුවැකිය ලියූ කුමරතුඟු මුනිදසුන් තම කතුවැකිය අවසන් කරන්නේ මෙලෙසය. ''සියලු දෙවියෙනි, සිනා සෙන්නට වෙන කරුණෙක් නැත්නම් අප රට දෙස බැලුව මැනැවි''! ඔහු කෙතරම් නිරවද්‍යදැයි කැට තැබුමක් කුමට? ඔබ හාත්පස රාවප්‍රතිරාව නඟනු ඇත්තේ ජනරජ පාලකයන් හා එකී පාලක පෙලැන්තියේ තේජස අරා සිටින කාකි කෝට් කරුවන්ගේ විප්‍රකාර මුසා බස්ය. ප්‍රභූ රථ අරා පැමිණි රථ පෙළහරක් බොරැල්ල මංසන්ධිය දෙසින් දිස්වූ කල මෙකී තරුණයා හට සිහිවන්නට ඇත්තේ කිමෙක්ද? සයිරන් නලා හඬවමින් ඉගිලුණු ජනරජ භක්ෂකයන් සනුහරය පෙර පැවති ජාතික මැතිවරණ දෙකෙහිදී දුන් පොරොන්දු විය නොහැකිද? ජාතික ආරක්‍ෂාව සුරක්ෂිත කල රටක, ජනාකීර්ණ මහාමාර්ග අගුළු දැමීම උත්ප්‍රාසය දනවන්නේ නොවේද? එකී උත්ප්‍රාසයම බැඳුම්කර හොරු නොඅල්ලන, සොරෙකුට වුව කා නිමකළ නොහෙන සීනි ගුදමක් කෑ එකා නොඅල්ලන, ලීටර් පෙන්වා කිලෝග්‍රෑම් සඟවන ගෑස් කෝලම් මවන ජනරජයේ භාරකරුවන් වෙත ආවේගාත්මක ප්‍රතිචාරයක් ලෙස එල්ල විය නොහැක්කේද? එදාමෙදා තුර පැවති මැතිවරණ ප්‍රමාණය මෙරටේ ගණනින් 74 කි. එකී ඉතිහාසගත මැතිවරණ පෙළහරෙහි සැබෑ ඉන්ද්‍රජාලිකයා වෙන අන් කිසිවෙක් නොව පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂය. ළබැඳියාවන් අතර ගැටුමේ අග්‍රප්‍රාප්ත පාලක තෙමේ ඔහු වුව ඔහුගේ ප්‍රයෝගික දේශපාලන දහංගැට නිසි පදමට දිරවා ගත් දේශපාලන කාඩර්වරුන් අප අතර හිඟය. ඔහුගේ දහසක් දේශපාලන ජිමික් අතරේ ඔහු වර්ණවත් කල සදාකාලික දේශපාලන සන්නාමය නිමැවුණේ කතරගම තෙක් පානැගු පාද යාත්‍රාවත්, මිනිත්තු පහළොවක් තිස්සේ රට ම ශබ්ද නැගූ ජනඝෝෂාවත්ය. දැන් අප විමසිය යුත්තේ මැදමුලන මහේන්ද්‍ර රාජපක්‍ෂයන් හට රිසි එහෙත් බත්තරමුල්ලේ තරුණයා හට නොරිසි දේශපාලන ව්‍යාභිචාරය කවරක්ද යන්නයි. බතරමුල්ලේ තරුණයා මෙන් හුදෙකලාව නොවුණද වසර 1992 ජූලි මස 01 වැනි දින මුළුදුන් ජන ඝෝෂා ව්‍යාපාරය යනු එවකට එක්සත් ජාතික පක්‍ෂ රෙජීමය හමුවේ ලත් පීඩාවට එරෙහි ප්‍රකට මහජන විරෝධයක් වූ අතර කෙදිනත් වීදියේ සටන්කරුවා වූ වත්මන් අගමැතිවරයා ඊට ලබාදුන්නේ අසමසම නායකත්වයකි. පොලීසිය නම් අද මෙන්ම එදා ද පාලකයා රැකි විලාසය සමානය. මධ්‍යහ්න 12 ට බෙරයක් හඬ නගමින් ජනඝෝෂාවට එක්වූ හොරණ ප‍්‍රාදේශිය සභාවේ සභික දයාසේන අමරතුංග හැඬ වූ බෙරයට මෝල් ගසකින් අනින්නට කාරුණික වූ පොලීසිය හමුවේ දුර්මුඛ නොවූ මේ දේශපාලන නියෝජිතයා අවසන දෙකඩ වූ බෙර පලු දෙකට තඩිබා ඊටද පොලීසිය බාධා කල සැණින් අත්පොඩි තලන්නට විය. එකෙණෙහිම මෘග පොලිස් ප්‍රහාරයකට ලක්වීමට ඔහුට සිදුවිය. අවසන අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (අ) වගන්තිය යටතේ තහවුරු කොට ඇති කථනය හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස යටතේ අධිකරණයේ පිහිට පැතූ මෙකී අමරතුංග නම් වින්දිතයා වෙත ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇල්ම හා බැල්ම ලැබීම මෙරටේ මූලික අයිතිවාසිකම් නඩුකර ඉතිහාසය බැබලවූ දීප්තිමත් සංසිද්ධියක් විය. අමරතුංග එරෙහිව සිරිමල් සහ තවත් අය (ජන ඝෝෂා සිද්ධිය) ලෙසින් නඩු අංක 468/92 යටතේ ශ‍්‍රි ලංකා ශේෂ්ඨාධිකරණය හමුවේ ගොනුවී වසර 1993 දී පමණ තීන්දුවී ඇති මෙම නඩුකරය වෙත ආශක්තව පුරවැසි බලය පිලිබඳ නොනැසෙන මමායනයක් ලත් ආධුනික නීති සිසුන් ප්‍රමාණය මෙරටේ සංඛ්‍යාත්මකව අප්‍රමාණ විය හැකිය. එමතු නොව කලක් මෙරටේ ජනිජනයාගේ මූලික අයිතිවාසිකම් සුරැකි ෆන්ඩර්මෙන්ටල් රයිට්ස් ගෝඩ් ෆාදර් වන් මහින්ද රාජපක්‍ෂයන් එමගින් දිනාගත් දෙස්විදෙස් කීර්තියද අසමසමය. එපමණක් නොවේ. ඉහත නඩුකරයේ එක් වෙසෙස් ලක්‍ෂණයක් වූයේ අනාගතයේදී වුව ඊට සමගාමී යම් උල්ලංඝනයක් වේද, එහිලා මූලික අයිතීන් කඩ නොවන සේ හැසිරීමට හැකිවන සේ මෙකී තීන්දුව සියළු පොලිස් නිලධාරීන්ගේ දැන ගැනීම සදහා යොමු කරන ලෙස පොලිස්පතිවරයා වෙත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු උපදෙසයි. එනයින් බලන කල අපි දශක ත්‍රිත්වයක් ගෙවා දැමුවද කිසිදු පාඩමක් ඉගෙන නොගත් ජනරජයක අවිහිංසක පුරවැසියෝ නොවේද?. එහිලා වඩාත් සංවේදී හා කුකුස දැනවූ පුවත නම් අප කතානායක තරුණයා තම ජනරජයෙන් හා එහි ආරක්‍ෂක පොලීසියෙන් ඉල්ලා සිටි කොන්දේසි විරහිත සමාවයි. සැබවින්ම තුනෙන් දෙකක බහුතර ආණ්ඩුවක් අභිමුව මහින්ද රාජපක්‍ෂ වන් විපක්‍ෂ දේශපලකයෙක්ද නොමැති රටක ඔහුගේ සිඳී ගිය එඩිය පිලිබඳ අප තවදුරටත් නොතැවිය යුත්තේය. ඔබට සංවේදී විය යුත්තේනම් මෙකී සිදුවීම මෙදින දිවයින පුවත්පතේ වාර්තාගතව ඇති ස්වරූපය විමසන්න. අදාළ තරුණයාට අධිකරණයෙන් දැඩි අවවාද ලැබුණු බව එහි සඳහන්ය. එකී තීන්දු ප්‍රකාර අදාළ විනිසුරුවරයාගේ ප්‍රකාශ පිලිබඳ කිසිවක් නොලියා ලියුම්කරු වෙනත් වැදගත් යමක් උපුටා දක්වන්නට රිසිය. එනම් ස්වදේශ කටයුතු භාර ඇමතිවරයා එ. ෆිෂර් (1979) (minister of Home Affairs V. Fisher 1979 all England Reports P.21) අතර නඩුවේදී විල්බර්ෆෝර්ස් සාමිවරයා සඳහන් කල ප්‍රකාශයක්ය. දෑතේ රැඳුණු මාංචු යුගල තිබියදීම අවි පෙන්වන්නට යාමේදී අත් බෝම්බ ගසන්නට මාන බැලූ නිසාවෙන් පෙරළා වෙඩි තබන්නට සිදුවූයේ යැයි පවසන ශ්‍රී ලංකා පොලීසියේ සුරංගනා බස් වුව නොසෙල්වී අසන අධිකරණ අසුන් නොඅඩු මෙරටේ සියලු සාධුජනයන් මෙකී ප්‍රකාශය වෙත තම විචාරක්ෂිය යොමුකළ යුත්තේය. ''''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් කරතිබෙන මිනිස් මූලික අයිතිවාසිකම් සම්බන්ධ විධිවිධානයන් අර්ථකථනය කිරීමේදී, ලැයිස්තුගත නීති ගැතියාවේ දැඩිබවින් මිදි පුද්ගලයන් වෙත ඔවුනට හිමි මූලික අයිතිවාසිකම් යන නිදහස පූර්ණ වශයෙන් සැපයෙන ආකාරයට වඩාත් ත්‍යාගශීලි ලෙස අර්ථකථනය කිරීම අවශ්‍ය කෙරේ''. මා මැතිවරණ නිරික්ෂකයෙක්මි. අප රටෙහි විකසිත දේශපාලන සංස්කෘතිය දෙස අපමණ සුභවාදිව බලන්නෙක්මි. එමතුනොව අප ශ්‍රී ලංකා ජනරජය පුරවැසි අභිලාශ සමනය කිරීමේ නිත්‍ය භාරකරුවා ලෙස තම යුතුකම් ඉටුකරනු දකිනු රිසියෙමි. ඒ සියල්ලට ඉහළින් ජිනීවා ගිය මහින්ද රාජපක්‍ෂ දෙස බලා සිටි කුඩා දරුවෙකුද වූයෙමි. දැන් මා අසමි. ගරු අගමැතිතුමනි, මෙවන් අසංස්කෘතික ප්‍රවේශයක් දරන රෙජිමයක් නිර්මාණය කරන්නට තරම් මෙරටේ පුරවැසියන් ඔබට හා ඔබ ආණ්ඩුවට සිදුකල වරද කිම? ධම්ම පදය මෙසේ කියන්නේය. ''නත්ථි දොසසමෝ කලි'' එනම් 'ද්වේශය හා සම අපරාධයක් නැත' යනුයි. අභිමානවත් ජනරජයක් ද්වේශයේ ගිළුණු කොදෙවුවක් නොව සතුට හා සමාදානය රජයන පුරවැසි හිතෛශී ජනරජයක් කරනු!! මංජුල ගජනායක නවතම විඩීයෝව dlb Footer Logo newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිරන්තර ජය බිමක් විදිහට අප ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හඳුනාගෙන තිබෙන්නේ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අප ලද සොඳුරු ක්‍රිකට් අත්දැකීම් මෙපමණකැයි කියන්නට බැරි තරම්. ඒ අපූරු ක්‍රිකට් පැටිකිරිය තවත් අගනා සටහනක් එක්කරමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සමස්ත ක්‍රිකට් ලෝකයේම අවධානය හිමිව තිබෙන අයුරු දකින්නට ලැබෙයි. ඒ එම්.සී.සී. ශූරතා ප්‍රාන්ත තරගය 2020 (MCC Champion Country Match) පවත්වන්නට ශ්‍රී ලංකාවේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය තෝරා ගැනීමත් සමගය. MCC යනුවෙන් අප හඳුන්වන්නේ මැරිලිබෝන් එසේත් නැති නම් මාලිබෝන් ක්‍රිකට් සමාජය (Marylebone Cricket Club) යි. MCC Champion Country Match යනු වසර ගණනක සිට පැවැත එන සම්ප්‍රදායකි. එනම් නව එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියකට පෙර පසුගිය වසරේ ප්‍රාන්ත තරගාලියේ ශූරයන් හා එම්.සී.සී. පිල අතර ක්‍රිකට් තරගයක් පැවැත්වීමේ සිරිතයි. ඒ අනුව මෙවර මේ සුවිශේෂී ක්‍රිකට් තරගය පැවැත්වීම සඳහා ඔවුන් තෝරාගෙන සිටින්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයයි. ඒ 2020 මාර්තු 24 සිට 27 වැනිදා දක්වායි. මේ ඉසව්ව සඳහා ඇම්.සී.සී.යට සම්බන්ධ කරගන්නේ ඇයි දැයි යමෙකුට සිතෙන්නට පුළුවන. ඇම්.සී.සී.ය හෙවත් Marylebone Cricket Club ආරම්භ වන්නේ 1787 තරම් ඈතකදීය. එමෙන්ම 1814 වසරේ සිට ඔවුන්ගේ නිත්‍ය ක්‍රීඩා පිටිය වශයෙන් තෝරාගෙන තිබෙන්නේ එංගලන්තයේ ලෝඩ්ස් පිටියයි. අනෙක් අතට මේ ක්‍රීඩා සමාජය මේසා ගරු සරු ලෙස සලකනු ලබන්නට හේතුවී ඇත්තේ එය කලක් තිස්සේ එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලන ආයතනය වශයෙන්ද කටයුතු කර තිබීම හේතුවෙනි. සෑම වසරකම ප්‍රාන්ත තරගාවලිය ඇරඹීමට පෙර මෙසේ ඔවුන් මේ තරගයට සහභාගි වන්නේ ඒ කීර්තිමත් අතීතය සිහිකරනු ද පිණිසය. සිව්දින පළමුපෙළ ක්‍රිකට් තරගයක් වශයෙන් සලකනු ලබන මේ සුවිශේෂී තරගය 2010 වර්ෂය දක්වාම පැවැතියේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයෙහිය. 2018 දී මෙම තරගය අබුඩාබියේ ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී පවත්වන්නට යෙදුණු අතර මෙම වසරේ එය බාබේඩස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. මේ තරගය තවත් එක් අතකින් අපට සුවිශේෂී වන්නේ එහි නායකත්වය හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක කුමාර් සංගක්කාර විසින් දරනු ලැබීමය. ඇම්.සී.සී. යේ පළමු විදෙස් සභාපතිවරයා වශයෙන්ද ගෞරව සම්මානයට පාත්‍ර වූ සංගක්කාර විසින්ම එම ක්‍රිකට් සමාජ ක්‍රිකට් පිලද මෙහෙයවනු ලැබීම අපූරු කාරණයකි. 2011 වසරේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය පිළිබඳ කවුඩ්රි දේශනය පැවැත් වූ දා සිටම පාහේ එම්.සී.සී.යෙන් සංගක්කාරට ලැබුණේ ඉහළ පිළිගැනීමකි. 2012 දී ඔහුට එහි යාවජීව සාමාජිකත්වය ලැබුණු අතර එම වසරේ දීම ඔහු ඇම්.සී.සී. ලෝක ක්‍රිකට් කොමිටියේ සාමාජිකයකු ලෙස තෝරා ගන්නා ලදී. ඇම්.සී.සී. යේ බ්‍රිතාන්‍ය නොවන පළමු සභාපතිවරයා ලෙස සැලකෙන්නේද කුමාර් සංගක්කාරයි. වර්තමාන සභාපතිවරයා වූ ඇන්තනි විල්ෆෝර්ඩ් විසින් ඉදිරි වසරක කාලයක් වෙනුවෙන් කුමාර් සංගක්කාර එහි සභාපතිවරයා වශයෙන් යෝජනා කරන ලද්දේ මේ ඔක්තෝබරේදීයි. ‘‘මේ සා ගෞරවණීය තනතුරකට මා තෝරා ගැනීම පිළිබඳව ඇත්තේ බලවත් සතුටක්. එක් අතකින් එය මගේ බලාපොරොත්තුවක් ඉටුවීමක් විදිහටත් දක්වන්නට පුළුවනි. මා දන්නා විදිහට එම්.සී.සී. කියන්නේ ලෝකයේ තිබෙන ඉහළම පිළිගැනීමක් සහිත ක්‍රිකට් සමාජයයි. ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව පිණිස පිටියෙන් එපිට එමගින් කෙරෙන කාර්ය ඉතා වැදගත්. ඒ වගේම සුවිශේෂීයි.’’ කුමාර් සංගක්කාර පවසයි. ඇම්.සී.සී. පිලේ මේ සංචාරය වඩා වැදගත් වන්නේ එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයත් ඒ දින වකවානුවලදීම පාහේ වැටී තිබීමයි. ඇම්.සී.සී. හා ප්‍රාන්ත ශූරයන් අතර මේ සම්ප්‍රදායික ක්‍රිකට් තරගය 1970දී පමණ පටන් ගත්තකැයි කියැවෙන්නේ නමුදු එය 1901 දක්වා ඈතකට යන බව ඇතැම් මූලාශ්‍ර පෙන්වා දෙයි. එවක ශූරයන් වූ යෝක්ෂයර් පිල හා අවශේෂ එංගලන්ත පිල අතර මෙබඳු තරගයක් පැවැත්වී තිබේ. ඒ තරගයෙන් එංගලන්ත අවශේෂ පිල දැවැන්ත ජයග්‍රහණයක් ලබාගන්නට සමත් විය. එතෙක් ශූරයන් සමග තරගාවලියක් අවසානයේ පවත්වන්නට පුරුදුව සිටි මේ ක්‍රිකට් තරගය නව තරග වසරක් ඇරඹීමට පෙර පැවැත්වීමේ අදහස පළමුවරට අත්හදා බැලුනේ 1970දීය. ඇම්.සී.සී. පිලත් 1969 ශූරයන් වූ ග්ලැමෝගන් පිලත් අතරය. පාලිත ජයකොඩි Search for: ප්‍රාදේශීය ප්‍රවෘත්ති Archive RSS Feed රෝහලේදී පුද්ගලයෙකුට කතුරෙන් සිවුපොලකට ඇණලා Posted on November 28, 2022 No Comments පානදුර මූලික රෝහලට කඩාවැදුණු පුද්ගලයකු එහි තිබූ කතුරකින් සිය මස්සිනාට සිව් පොළකට ඇන බරපතළ තුවාල සිදුකර පලා ගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි. Read More මෝටර් රථයක් ගමන් ගද්දිම ගිනිගෙන අලු වෙයි Posted on November 26, 2022 No Comments අධිවේගී පිටත වටරවුම් මාර්ගයේ අතුරුගිරිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී මෝටර් රථයක ඇතිවූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි අතුරුගිරිය රථවාහන අනු පාලක මධ්‍යස්ථානය පවසයි. Read More තණමල්විල අක්කරයකට අධික ගංජා වගාව (වීඩියෝ) Posted on November 23, 2022 No Comments තණමල්විල නිකවැව සූරිය ආර රජයේ රක්ෂිත ප්‍රදේශයේ රහසිගත ලෙස අක්කරයකට අධික භූමි ප්‍රමාණයක වගා කර තිබූ ගංජා වගාවක් ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන වැටලීමට Read More View More ගොසිප් Archive RSS Feed ‘අයියෝ සාමි’ ඉන්දියාවෙත් හිට් වෙයි Posted on November 24, 2022 No Comments මේ දිනවල බොහෝදෙනා කතාබහට ලක් කරන ගීතයක් තමයි වින්ඩි ගුණතිලකගේ “අයියෝ සාමි” ගීතය. Read More ජනප්‍රිය නිළි සංජානා රටින් යයි Posted on November 14, 2022 No Comments ජනප්‍රිය නිළි සංජානා ගමාරච්චි මීට මාස හතරකට පමණ පෙර විවාහ ගිවිස ගත් බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඇගේ සැමියා ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන කෙනෙක්. Read More View More විශේෂාංග Archive RSS Feed ඊළඟ බිල්ල රනිල් ද? Posted on November 26, 2022 No Comments පොතේ හැටියට ජනපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණිය යුත්තේ සය මසකට වරකි. එනමුත් ජනපති රනිල් වික්‍රමසිංහ ගිය සතියේ දින තුනක් පාර්ලිමේන්තුවට ආවේය. Read More යළි උපදිමු ශ්‍රී ලංකා ? Posted on November 26, 2022 No Comments " මම සඟරාවක කියෙව්වා ඇමරිකන් තීරු රචකයො ඉන්නවලු පෞද්ගලික ජෙට්ටෙකකුයි, තමන්ගෙම කියල දූපතකුයි තියෙන විදිහෙ මහ සල්ලිකාරයො "අපේ පුතා සිය මවට කියනු මම අසාගෙන සිටියෙමි.
චාමික කරුණාරත්න Prima Stella Dairy හි නව සන්නාම තානාපති ලෙස පත් කෙරේ – enbsl.lk | Economy & Business Sri Lanka Skip to content Thursday, December 1, 2022 Latest: ගල්කිස්ස මහ හෝටලය හෙට (02දා) සිට සංචාරකයන් සඳහා යළි විවෘත කෙරේ JAT Holdings වෙතින් කොටසකට ශත 45ක් බැගින් ලාභාංශ ගෙවීමක් කොළඹ උද්ධමනය පිට පිට දෙවැනි මාසයටත් පහළ බසී HSBC බැංකුව ඩොලර් බිලියන 10කට සිය කැනඩා මෙහෙයුම් අත්හරී 2022 ඔක්තෝබර් මාසයේදී අපනයන ආදායමේ 8.18%ක අඩුවීමක් enbsl.lk | Economy & Business Sri Lanka ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා පුවත් මූල්‍ය සංචාරක ප්‍රවර්ධන CSE & SEC විදෙස් අදහස් Events වීඩියෝ මහ බැංකුව සමීක්ෂණ ව්‍යාපාර English Events නව පත්වීම් ප්‍රවර්ධන පුවත් චාමික කරුණාරත්න Prima Stella Dairy හි නව සන්නාම තානාපති ලෙස පත් කෙරේ September 26, 2022 September 26, 2022 admin සෞඛ්‍ය සම්පන්න ආහාර පාන නිෂ්පාදන රැසක් සමග ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ Prima Stella Dairy සිය තේමාව වන ‘Be Healthy, Be Active’ තවත් සවිබල ගන්වමින් නව සන්නාම තානාපතිවරයා ලෙස ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩක චාමික කරුණාරත්න මහතා පත්කොට තිබේ. වත්මන් ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ තුන් ඉරියව්වෙන්ම කැපීපෙනෙන ශ්‍රී ලාංකීය ක‍්‍රිකට් තරුවක් මෙන්ම ජාතික බැඞ්මින්ටන් ක‍්‍රීඩකයෙකු ලෙසත් හෙල්ල විසිකිරීමේ කණිෂ්ඨ ජාතික ශූරයෙකු ලෙසත් ක‍්‍රීඩාලෝලී හදවත් දිනූ චාමික කරුණාරත්න මහතා ශ්‍රී ලාංකීය ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ ජවසම්පන්න ක‍්‍රියාශීලී තරුණ ක‍්‍රීඩකයෙකි. පාසැල් සමයේ ද කොළඹ රාජකීය විද්‍යාලයේ කැපී පෙනෙන ක‍්‍රීඩා තරුවක් වූ චාමික – මළල ක‍්‍රීඩා, බැඞ්මින්ටන් හා ක‍්‍රිකට් කණ්ඩායම් තුළ නායකත්ව ලක්ෂණ ප‍්‍රකට කරනු ලැබීය. පාසලේ ක‍්‍රීඩකයෙකු ලෙස ලබාගත හැකි ඉහළම කීර්තිය අත්පත් කරගත්තේ “Royal Crown Award” හෙවත් රාජකීය කිරුළ දිනාගැනීමෙහිලා සියළු තරකාරී අවශ්‍යතා සපුරාලූ රාජකීය විද්‍යාල ක‍්‍රීඩා ඉතිහාසයේ එකම ක‍්‍රීඩකයා බවට පත් වෙමිනි. Prima Stella Dairy පෝෂණ සන්නාමය සමග අත්වැල් බැඳගැනීම පිළිබඳ චාමික කරුණාරත්න මහතා සිය අදහස් දක්වමින් ‘ක‍්‍රියාශීලී සෞඛ්‍යසම්පන්න ජීවිතයක වටිනාකම ගැන පුංචි කාලයේ ඉඳලම මම ඉගෙනගෙන තියෙනවා. පුංචි කාලයේම ඉගෙනගත්ත ඒ හොඳ පුරුද්ද නිසා මට අද ජීවිතයේ මේ තරම් දුරක් එන්න පුළුවන් වෙලා තියෙනවා. Prima Stella Dairy සන්නාමයේ සන්නාම තානාපතිවරයා ලෙස කටයුතු කරන්නට ලැබුණ ආරාධනාව මම සතුටින් භාරගත්තේ ඔවුන් සැමවිටම සෞඛ්‍යසම්පන්න ක‍්‍රියාශීලී ජීවිතයක් ගත කිරීමටත් ශ්‍රී ලාංකිකයන් දිරිගන්වන නිසයි.’ යනුවෙන් පවසා සිටියි. Prima Stella Dairy වෙත නව සන්නාම තානාපතිවරයෙක් පත් කිරීම පිළිබඳ ප‍්‍රීමා ශ්‍රී ලංකා සමූහයේ සාමාන්‍යාධිකාරී ලෝරන්ස් චෑන් මහතා අදහස් දක්වමින් “ශ්‍රී ලංකාවේ අනාගතය භාරගැනීමට සිටින තරුණ පරපුර සෞඛ්‍යසම්පන්න ක‍්‍රියාශීලී ජීවිතයක් වෙනුවෙන් දිරිගැන්වීමට සැමදා වෙහෙසුනු Prima Stella Dairy වෙනුවෙන් නව සන්නාම තානාපතිවරයෙක් පත් කිරීම පිළිබඳ අප බෙහෙවින් සතුටට පත්ව සිටිනවා. අලූත් පරම්පරාවේ ආකර්ෂණය දිනාගත් ක‍්‍රීඩකයෙකු වන චාමික කරුණාරත්න මහත්මයා අප සමග අත්වැල් බැඳගැනීමත් සමග Prima Stella Dairy සන්නාමයේ තේමාව තවදුරටත් ජනතාව අතරට රැගෙන යන්න අපට හැකිවෙනවා.” යනුවෙන් සඳහන් කරයි. Ceylon Agro Industries, ප‍්‍රීමා ශ්‍රී ලංකා සමූහයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා අදහස් දක්වමින් “අලූත් පරම්පරාවේ ජවසම්පන්න ක‍්‍රියාශීලී ක‍්‍රීඩකයන් අතර චාමික කරුණාරත්න මහතා දීප්තිමත්ව කැපීපෙනෙන ක‍්‍රීඩා පෞරුෂයක්. Prima Stella Dairy සන්නාමයේ Be Healthy, Be Active තේමාව සමග චාමිකගේ ක‍්‍රීඩාශීලී ප‍්‍රතිරූපය හොඳින් මුසුවෙනවා. නව සන්නාම තානාපතිවරයෙක් පත් වීමත් සමග සෞඛ්‍යසම්පන්න ක‍්‍රියාශීලී ජීවිතයක වැදගත්කම අවධාරණය කරන Prima Stella Dairy අපගේ මෙහෙවර තවදුරටත් ශක්තිමත් වුණා. ඒ හරහා අපේ රටේ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයට තවත් දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බිහිවේවි යැයි අප විශ්වාස කරනවා.” යනුවෙන් පවසා සිටියි. Hits: 64 Share Tweet Share Whatsapp ← Genso Power Technologies දායකත්වයෙන් දියත උයනට සූර්ය බලයෙන් ක්‍රියාත්මක බෝට්ටු PUCSL සභාපතිට CPC නිතිමය මාර්ගයෙන් ප්‍රතිචාර දක්වනවා – බලශක්ති ඇමති කියයි → Events අදහස් පුවත් විදෙස් සංචාරක ගල්කිස්ස මහ හෝටලය හෙට (02දා) සිට සංචාරකයන් සඳහා යළි විවෘත කෙරේ December 1, 2022 December 1, 2022 admin ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තුළ සුවිශේෂී හෝටලයක් වන ගල්කිස්ස මහ හෝටලය හෙට (02දා) දිනයේ සිට යළිත් සංචාරකයන් සඳහා විවෘත කෙරෙන
ශ්‍රී ලංකාව හා මාලදිවයින් රාජ්‍යය අතර ඈත අතීතයේ පටන් නොයෙකුත් සම්බන්ධතා පැවති බවට ඉතිහාසය පිළිබඳ ව සඳහන් වෙන නොයෙකුත් මුලාශ්‍රවල සටහන් වී තිබෙනවා. මහාවංශයේ සඳහන් වන පරිදි විජය ඇතුළු හත්සියයක පිරිමි පිරිසක් සිටි නෞකා සමූහය ලංකාවට ගසාගෙන ආ අතර ඔවුන්ගේ ස්ත්‍රීන් සිටි යාත්‍රාව මාලදිවයිනට ගසාගෙන යනවා. මහිලා දීප ලෙස එවකට එය හැඳුන්වූ අතර එය වර්තමාන මාලදිවයින බව ඇතැම් ඉතිහාසඥයන් විසින් පෙන්වා දෙනවා. පුරාණයේ මෙහි කාන්තාවන් රැජිනියන් ලෙස රට පාලනය කර ඇති බව ද එරට මුලාශ්‍රවල සඳහන් වීම ද විශේෂත්වක්. මාලදිවයින් ඉතිහාසය දෙස බැලුව ද ඔවුන්ගේ පළමු රාජ කුමාරයා සිංහලයෙක් බව සඳහන් වී තිබෙනවා. දෙරටේ ම ඉතිහාසය තුළ පැහැදිලි ව සඳහන් නොවූවත් මාලදිවයින අතීතයේ ලංකාවේ රජුගේ පාලන ප්‍රදේශයක් ලෙස පැවතුණු බව ඇතැම් ප්‍රදේශවල මාලදිවයින් වැසියන්ගේ ජනශ්‍රැතිවල සඳහන් වෙනවා. මාලදිවයින් වැසියන්ගේ පෙනුම ද සිංහලයන්ගේ පෙනුමට සමාන කමක් දක්වනවා . ලාංකික සිංහල ගැමියන්ගේ හා මාලදිවයින් ගැමියන්ගේ ඇඳුම මෙන්ම ඔවුන් කතා කරන විලාසය ද යම් කිසි සමානතාවයකින් යුක්ත යි. මාලදිවයින් දිවෙහි භාෂාව හා සිංහල භාෂාව ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ, හා මාලදිවයිනේ පිහිටීම (Zegrahm Expeditions) මාලදිවයින් රාජ්‍ය භාෂාව වන ‘දිවෙහි’ භාෂාව හා සිංහල භාෂාව අතර සමානතාවයක් දකින්න ලැබීම ඉතා විශේෂ කරුණක් ලෙස සඳහන් කළ හැකි යි. දිවෙහි භාෂාව මෙන්ම සිංහල භාෂාව ද “ඉන්දු-යුරෝපීය” භාෂාවල උප ගණයක් ලෙස හඳුන්වන “ඉන්දු-ආර්ය” භාෂා ගණයට අයිති වෙනවා. විශේෂයෙන් සිංහල භාෂාව ඇසුරෙන් දිවෙහි භාෂාව සංවර්ධනය වන්නට ඇති බව ඇතැම් විද්වතුන්ගේ මතය යි. දිවෙහි යන්නෙහි අරුත දිවයිනක වෙසෙන්නන් යන්න යි. එනම් දිවෙහි භාෂාව යනු දිවයිනක වෙසෙන්නන්ගේ භාෂාව යි. මෙම භාෂාව හා සිංහල භාෂාව අතර සම්බන්ධය සොයා අධ්‍යයනය කළ පුද්ගලයන් අතර මෙරට පරිපාලන නිලධාරියෙකු වූ ඉංග්‍රීසි ජාතික සි. පි. බෙල්, විල්හෙල්ම් ගයිගර්, හා එම්. ඩබ්. එස්. ද සිල්වා යන ඉතිහාසඥයන්ට ප්‍රමුඛ ස්ථානයක් හිමිවෙනවා. ඈත අතීතයේ ඉන්දියානු භාෂා හා යටත් විජිත සමයේ බටහිර භාෂා සමග සම්මිශ්‍රණයෙන් වත්මන් සිංහල භාෂාව බිහි වී ඇති අතර, ක්‍රි. පූ. 03 වැනි සියවසෙහි පැවති හෙළ, හෙළු, හෝ එළු වශයෙන් හඳුන්වන සිංහල භාෂාවේ ආදීතම මුහුණුවරකින් තමයි දිවෙහි භාෂාව සංවර්ධනය වී තිබෙන්නේ. දිවෙහි භාෂාවේ වර්ධනය මාලදිවයින් ජාතිකයන් (vnews) තව ද දිවෙහි භාෂාව, සිංහල භාෂාවෙන් දහවැනි සියවසේ දී කැඩී ගිය මිශ්‍ර භාෂාවක් ලෙස විල්හෙල්ම් ගයිගර් නම් ඉතිහාසඥයා ප්‍රකාශ කරනවා. ඇතැම් විද්වතුන්ට අනුව එය දොළොස් වැනි සියවසේ දී සිදුවූවක් ලෙස අර්ථ දැක්වෙනවා. පසුකාලයේ දී සිංහල භාෂාවට අමතර ව තවත් විවිධ භාෂාවන් සමග මිශ්‍ර වී දිවෙහි භාෂාව වර්ධනය වී තිබෙනවා. එම කාලයේ දී දිවෙහි භාෂාවට වැඩිම බලපෑමක් එල්ල කර තිබෙන්නේ අරාබි භාෂාව යි. ඊට අමතර ව පර්සියන්, ප්‍රංශ, පෘතුගීසි, හින්දි, හා ඉංග්‍රීසි භාෂාවන් ද, දකුණු ඉන්දීය භාෂා ද මේ සඳහා තවත් බලපෑම් එල්ල කර තිබෙනවා. එම භාෂාවල වචන විශාල සංඛ්‍යාවක් වර්තමානය වන විට දිවෙහි භාෂාවේ දකින්න පුළුවන්. 12 වන සියවසෙන් පසු දිවෙහි භාෂාව අනෙක් භාෂාවලින් වෙන්ව තනි භාෂාවක් ලෙස සංවර්ධනය වීම ඇරඹෙනවා. කථනය සිංහල භාෂාවට සමීප වූවත් දිවෙහි භාෂාවේ අක්ෂර හෝඩිය සිංහල භාෂාවෙන් සම්පූර්ණයෙන් ම වෙනස්. 16 වන සියවසේ දී දිවෙහි භාෂාවට ඇතුළත් වූ අක්ෂර මාලාව බොහෝ විට සමාන වන්නේ අරාබි හා ඊට ආසන්න භාෂාවලට යි. ලියන්නෙත් අරාබි භාෂාව මෙන් දකුණේ සිට වමට යි. සිංහල භාෂාවේ හා දිවෙහි භාෂාවේ සමානකම් දිවෙහි භාෂාවේ අක්ෂර (Brusheezy) සිංහල භාෂාවේ හා දිවෙහි භාෂාවේ සමානකම් සහිත වචන විශාල ගණනාවක් දැකිය හැකි යි. එම භාෂාවෙන් දූ යන්න සිංහලෙන් දූපත යි. මාලේ යනු මාලය යි. මගු ලෙස හඳුන්වන්නේ සිංහල බසින් මඟ හෙවත් මාර්ගයට යි. ගේ ලෙස හඳුන්වන්නේ ගෙදරට යි. අං හිනුන් යනු සිංහල බසින් අඟනුන් ලෙස ප්‍රකාශ කළ හැකි යි. එවැනි සමාන වචන කිහිපයක් පහත ලෙස පෙළ ගස්සවා දැක්විය හැකි යි. එහි වරහන් තුළ දක්වා තිබෙන්නේ දිවෙහි භාෂාවේ වචනයට සමාන සිංහල භාෂාවේ එන වචනය යි. ඉඟිලි (ඇඟිල්ල), කුඩ (කුඩය), කිරුන් (කිරනවා), හුදු (සුදු), ලිවුන් (ලියනවා), එකෙ (එක), තිනෙ (තුන), හතරෙ (හතර), පහෙ (පහ), හයෙ (හය), හතෙ (හත), නුවයේ (නවය), දිහයෙ (දහය), සාලිස් (හතලිහ), බුධ (බදාදා), බුරාහස්පති (බ්‍රහස්පතින්දා), හුකුරු (සිකුරාදා), හොනිහුරු (සෙනසුරාදා). අලතු (අලුත්), කුරුම්බා (කුරුම්බා ), පෙන් (පැන්), අකුරු (අකුරු), නිකං (නිකම්), පාලං (පාලම), රා (රා), සින්ගා (සිංහයා), මගු (මග), කුඹු (කුඹ ගස), මගේ (මගේ), හඳු (සඳ), හෝනු (හූනා), දුවුන් (දුවනවා), අස් (අශ්වයා), මූදු (මුහුද), වික්කුන් (විකුණනවා), හෙලුවුන් (හොලවනවා), පාප (පාපය), කුරු (මිටි), මීහා (මිනිසා) ඊයේ (ඊයේ), ගෙරි (ගවයා), මී ගොනු (මී ගවයා), මස් (මාංශ), උතුරු (උතුර), දෙකුණු (දකුණ), රාජ්ජේ (රාජ්‍යය) මේ දැක්වූ වචනවලට අමතර ව තවත් මෙවැනි සමානකම් ඇති වචන ඉතා විශාල ප්‍රමාණයක් දකින්න පුලුවන්. ඊට අමතර ව හින්දි හා දකුණු ඉන්දියානු භාෂාවල ඇති වචනවලට සමාන වචන ද දැකිය හැකි යි. කවරයේ පින්තූරය: – Amaya Resorts & Spas මූලාශ්‍රයයන්: divaina.com apeaurumaya.blogspot.com lankalibrary.com Related Articles මතකද මේක – නයිට් රයිඩර් video විශේෂාංග මැයි 12, 2018 රෙදි නිෂ්පාදනයට යොදාගන්නා කෙඳි article විශේෂාංග ඔක්තෝබර් 22, 2018 ළමා අයිතිවාසිකම් නීතිය පිළිබඳව ඔබ දැනුවත් ද? – IV ශ්‍රී ලංකා ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය article විශේෂාංග ජූනි 17, 2017 දිව්‍යමය තුල්සි හෙවත් මදුරුතලා ගැන නොදත් කරුණු රැසක් article විශේෂාංග පෙබරවාරි 22, 2022 මායාවරුන්ගේ පාතාලයට ගමනක් article විශේෂාංග පෙබරවාරි 14, 2018 සතියකටම මිනිත්තු 250, SMS 250, Data 1GB දෙන Dialog Data Blaster article විශේෂාංග ජූනි 26, 2020 444 App එක ගැන video විශේෂාංග සැප්තැම්බර් 5, 2018 එළබටු වල එළ ගුණ video විශේෂාංග ජනවාරි 29, 2018 Roar සිංහල Roar Media is a South Asian multilingual media platform that produces original stories and provides analysis on complex issues. All our content aims to inform, educate, and inspire.
එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ අඟු ජනපද වාසීන්ගේ අස්සපුර නම් නියම් ගමෙහි වැඩ වාසය කරති. එ කල්හි දිනක් භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන්ට කථා කළහ. “ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. § 2.“මහණෙනි, මිනිසුන් නුඹලා “ශ්‍රමණයෝය, ශ්‍රමණයෝ” යයි හඳුන්වයි. නුඹලා ද කවරකු විසින් හෝ “නුඹලා කවරහුදැ?”යි විචාරණ ලද්දාහු, “අපි ශ්‍රමණයෝ වෙමු”යි පිළිතුරු දෙන්නාහුය.. මහණෙනි, මෙසේ හඳුන්වනු ලබන්නාවූ, මෙසේ ප්‍රතිඥා කරන්නාවූ නුඹලා “ශ්‍රමණයන්ට සුදුසුවූ ප්‍රතිපදාව” (ශ්‍රමණ සාමිචි පටිපදා) පිළිපැදීය යුතුය., Ҩ නුඹලා ඒ ප්‍රතිපත්තිය පිළිපදින්නේ නම් මෙසේ නුඹලාගේ ඒ ශ්‍රමණ නම්න් හැඳින්වීමද සත්‍යවන්නේය, නු ඹලා තමන් ශ්‍රමණයන් යැයි දෙන ප්‍රතිඥාවද ඇත්තක් වන්නේය. Ҩ මිනිස්සු ශ්‍රද්ධාවෙන් පිළිගන්වන සිව්රු. පිණ්ඩපාතය. සෙනාසනය, ගිලන්පසය, බෙහෙත් පිරිකරය යන දානයන් පිළිගන්නට ඔබ සුදුස්සන් වන්නේය. ඒ පිළිගන්නා දානයන් නිසා දායකයන් ට ලැබෙන ඵල , මහත්ඵල වන්නාහුය. මහා ආනිසංස වන්නාහුය, Ҩ. නුඹලාගේ ද, මහණකම නිරර්ථක නොවන්නේය, ඵල සහිත වන්නේය, අධාත්මික දියුණුව සිදු වන්නේය “යි. මහණෙනි, මෙසේ නුඹලා විසින් හික්මිය යුතුයි. § 3. “මහණෙනි, කෙබඳු මහණකු ශ්‍රමණ සාමීචි ප්‍රතිපදාව පිළිපදින්නෙක් නොවෙයිද, [පෙර දැක්වූ මහා අස්සපුර සුත්‍රයේදී ශ්‍රමණ භාවය ඇති කරවන ධර්මයන් ගැන එනම් සමන කාරණා සඳහන් වුනි.] අභිජ්ජාව (එනම් අනුන්ගේ සම්පත් දැක ඒ ලෙස මටත් ඇත්නම් මැනවයි සිතීම) බහුලවූ යම් මහණෙකුගේ ඒ අභිජ්ජාව නැති නොවූයේ වේද, ව්‍යාපාද සිත් (නොසන්සුන් = ආතතියෙන් යුත්සිත්) ඇත්තහුගේ ඒ ව්‍යාපාදය, නැති නොවූයේ වේද, අමනාප සහ තරහ සිත් ඇති (කිපෙන සුළු) පුද්ගලයාගේ ඒ අසන්තොසය නැති නොවූයේ වේද, බද්ධ වෛර (= එකට එක කිරීමේ / පලි ගැනීමේ කැමැත්ත) ඇත්තහුගේ ඒ බද්ධ වෛරය, නැති නූවූයේ වේද, ගුණ මකු ඇත්තහුගේ ඒ මකු ගුණය, නැති නූවූයේ වේද, යුගග්‍රාහ (ගුණ නැතිව සිටිමින් උසස් ගුණවතුන් හා තමා සමානයයි සැලකීම) ඇත්තහුගේ ඒ යුගග්‍රාහය, නැති නූවූයේ වේද, ඊර්ෂ්‍යාව ඇත්තහුගේ ඒ ඊර්ෂ්‍යාව (=අනුනට ලැබෙන කීර්තිය, යසස, පැසසුම, පිරිකර දැක) නැති නූවූයේ වේද, මාත්සර්‍ය්‍යය (මසුරුකම= තමන්ගේ දේ අනුනට දීමට ඇති අකමැත්ත ) ඇත්තහුගේ මාත්සර්‍ය්‍යය නැති නූවූයේ වේද, කෛරාටික වූවහුගේ ඒ කෛරාටික බව නැති නුවූයේ වේද, රැවටිලි ඇත්තහුගේ ඒ රැවටිල්ල (නැති ගුණ පෙන්වා මිනිසුන් රැවටීම) නැති නුවූයේ වේද, ලාමක අදහස් ඇත්තහුගේ ඒ ලාමක අදහස් නැති නුවූයේ වේද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තහුගේ ඒ මිථ්‍යාදෘෂ්ටිය නැති නුවූයේ වේද, මහණෙනි, ශ්‍රමණ බව කිලිටි කරන, ශ්‍රමණ බවට මලයන්වූ, ශ්‍රමණ භාවය දූෂ්‍ය කරන, ශ්‍රමණබවට දොෂයන්වූ, ශ්‍රමණ භාවය අසාර කරන, ශ්‍රමණභාවයට කසටයන්වූ, අපායෙහි ඉපැද්දවීමට කරුණුවූ, දුගතියෙහි, විපාක විඳීමට සලසන්නාවූ, මේ දොෂයන් නැති නොකළ තැනැත්තා ශ්‍රමණ ප්‍රතිපදාවෙහි ඉන්නේ යැයි මම නොකියමි. § 4. මහණෙනි, යම්සේ දෙපස මුවහත් ඇති උරගල ගා පණපොවා මුවහත් තැබුවාවූ, මටජ නම් ආයුධ විශෙෂයක් වේද, එය කොපුවේ ලා වසන ලද්දේ වේද, මනාව වෙළන ලද්දේ වේද, මහණෙනි, මෙබඳු මහණහුගේ මහණකම එසේ කොපුවේ ලු මටජ නම් දෙපැත්ත කැපෙන ආයුධයට සමාන යයි කියමි. කෙසේ නම් ශ්‍රමණයෙක් නොවේද? මහණෙනි, රෙදි කෑලි මුට්ටුකොට සාදාගත් සිවුරක් ඇඳි පමණින් ශ්‍රමණයෙකු වේයයි මම නොකියමි. මහණෙනි, මම අචෙලකයාගේ (වස්ත්‍ර නොඅඳින්නාගේ) නිරවස්ත්‍රව සිටීම් පමණින් ශ්‍රමණ වේයයි මම නොකියමි. “මහණෙනි, දිය නොනෑමේ සීලය පුරමින් දූවිලි දැලි දරන්නහුගේ ඒ දූවිලි දැලි දැරීම් පමණින් ඔහු ශ්‍රමණයයි මම නොකියමි. මහණෙනි, (දවසට තුන් වරක් ව්‍රත පිණිස) දියට බසින්නහුගේ ඒ දියට බැසීම පමණින් ඔහු ශ්‍රමණයයි මම නොකියමි. මහණෙනි, ගසක් මුල හිඳින්නහුගේ ඒ ගසමුල හිඳීම් පමණින් ඔහු ශ්‍රමණයයි මම නොකියමි මහණෙනි, එළිමහනෙහි පමණක් ජීවත්වන සීලයක් සමාදන්ව එළිමහනේ සිටින්නහුගේ එළිමහනේ සිටීම් පමණින් ඔහු ශ්‍රමණය කුයි මම නොකියමි. මහණෙනි, වෘතයක් සමාදන්ව උඩුකුරුව සිටින්නහුගේ ඒ උඩුකුරුව සිටීම් පමණින් ඔහු ශ්‍රමණයයි මම නොකියමි. මහණෙනි, වාර භක්තිකයාගේ (උපවාස සීලයක් වෘතයක් සේ සමාදන්ව යම් සති ගණනකට වරක් හෝ මසකට වරක් බත් කන්නහුගේ) ඒ වාර භක්තමාත්‍රයෙන් ඔහුට ශ්‍රමණය කැයි මම නොකියමි. මහණෙනි, බොහෝ මන්ත්‍ර කට පාඩම් කොට එසේ මන්ත්‍ර හදාරන්නහුගේ ඒ මන්ත්‍ර, හැදෑරීම් පමණින් ඔහු ශ්‍රමණයයි මම නොකියමි. මහණෙනි ජටා දරන්නහුගේ ඒ ජටා දැරීම් පමණින් ඔහු ශ්‍රමණයයි මම නොකියමි. § 5.1 .. “මහණෙනි, දැඩි අනිසි ලොභය (අභිජ්ජාව) පහ නොකළමුත්, (ඉවත ලන රෙදි කැබලි එක් කොට මසාගත් සිව්රක්) කැබලිති සිවුරු දරන්නාගේ ඒ කැබලිති සිවුරු දැරීම් නිසාම පමණින් අභිජ්ජාව නම් ලොභය නැතිවන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැතිවන්නේ නම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැතිවන්නේ නම්, බද්ධ වෛර ඇත්තහුගේ බද්ධ වෛරය නැතිවන්නේ නම්, ගුණමකු බව ඇත්තහුගේ ගුණමකු බව නැතිවන්නේ නම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තහුගේ, අනුන්ගේ දොස් සොයන ගතිය නැතිවන්නේ නම්, ඊර්ෂ්‍යාව ඇත්තහුගේ ඊර්ෂ්‍යාව නැතිවන්නේ නම්, මසුරු බව ඇත්තහුගේ මසුරු බව නැතිවන්නේ නම්, කෛරාටික වූවහුගේ කෛරාටික බව නැතිවන්නේ නම්, රැවටිලි ඇත්තහුගේ රැවටිලි ගතිය නැති වන්නේ නම්, ලාමක අදහස් ඇත්තහුගේ ලාමක අදහස් නැතිවන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටි ඇත්තහුගේ මිථ්‍යාදෘෂ්ටිය නැතිවන්නේ නම්, ඔහු අඳුනන මිත්‍රයෝද නෑ සහ ලේ නෑයෝද ඔහු උපන් කෙනෙහිම කැබලි එක්කොට තැනු සිව්රක් ඔහුට අන්දවන්නොය.. සිවුරු දැරීමෙහි සමාදන් කරවන්නාහුය. (කෙසේද?) පින්වත! මෙහි එව, නුඹ කැබලි සිවුරු දරන්නෙක් වෙව, කැබලි සිවුරු දරන්නා ගේ, අභිජ්ජාව හෙවත් දැඩි ලොභය පහවන්නේය. එහෙයින් නුඹ කැබලිති කඩින් කල සිව්රු දරන විට , නුඹගේ ව්‍යාපාද සිත පහවන්නේය. නුඹගේ ක්‍රොධ සිත පහවන්නේය. නුඹගේ බද්ධවෛරය පහවන්නේය. නුඹගේ ගුණමකු බව පහවන්නේය. නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය පහවන්නේය. ඊර්ෂ්‍යාව පහවන්නේය. නුඹගේ මසුරු බව පහවන්නේය. නුඹගේ කෛරාටික බව පහවන්නේය. නුඹගේ රැවටිලි බව පහවන්නේය. නුඹගේ ලාමක අදහස් පහවන්නේය. නුඹගේ මිථ්‍යා දෘෂ්ටිය පහවන්නේය. (කියායි.) “මහණෙනි, යම් හේතුවකින් මේ ලොකයෙහි අභිජ්ජාව නම් ලොභය ඇති, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ සිත් ඇත්තාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකු බව ඇත්තාවූ, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවූ, ඊර්ෂ්‍යාව කරන්නාවූ, මසුරුවූ, කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූ, කැබැලි සිවුරු දරන්නෙකු දකිම්ද, එහෙයින් මම කැබැලි සිවුරු දරන්නෙකුගේ සඟළ සිවුර දැරීම් පමණින් ඔහු ශ්‍රමණයයි නොකියමි. § 5. 2.“මහණෙනි, දැඩි ලොභය බහුල කොට ඇති අචෙලකයාගේ (වස්ත්‍ර නැතිව තපස් කරන්නාගේ) ඒ අචෙලක බවෙන්ම අබ්ජිජ්ජා දැඩි ලොභය නැති වන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැතිවන්නේ නම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැතිවන්නේ නම්, බද්ධ වෛර ඇත්තහුගේ බද්ධ වෛරය නැතිවන්නේ නම්, ගුණමකු බව ඇත්තාගේ ගුණමකු බව නැතිවන්නේ නම්, අනුන්ගේ දොස් සොයන තැනැත්තාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැතිවන්නේ නම්, ඊර්ෂ්‍යාව ඇත්තාගේ ඊර්ෂ්‍යාව නැතිවන්නේ නම්, මසුරු බව ඇත්තාගේ මසුරු බව නැතිවන්නේ නම්, කෛරාටික වූවහුගේ කෛරාටික බව නැතිවන්නේ නම්, රැවටිලි ඇත්තාගේ රැවටිලි ඇති බව නැතිවන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැතිවන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැතිවන්නේ නම්, අඳුනන මිත්‍රයෝද නෑ සහ ලේ නෑයෝද ඔහු උපන් කෙණෙහිම අචෙලකයෙකු කරන්නාහුය. අචෙලක බවෙහිම සමාදන් කරවන්නාහුය. (කෙසේද?) යහපත් තැනැත්ත, මෙහි එව, නුඹ අචෙලකයෙක් වෙව. අචෙලක වූ විට නුඹගේ අභිජ්ජා නම් දැඩි ලොභය නැතිවන්නේය. නුඹගේ ව්‍යාපාද සිත නැතිවන්නේය. නුඹගේ ක්‍රොධ සිත නැතිවන්නේය. නුඹගේ බද්ධ වෛරය නැතිවන්නේය. නුඹගේ ගුණමකු බව නැතිවන්නේය. නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැතිවන්නේය. නුඹගේ ඊර්ෂ්‍යාව නැතිවන්නේය. නුඹගේ මසුරු බව නැතිවන්නේය, නුඹගේ කෛරාටික බව නැතිවන්නේය. නුඹගේ රැවටිලි බව නැතිවන්නේය. නුඹගේ ලාමක අදහස් නැතිවන්නේය. නුඹගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේය (කියාය.) “මහණෙනි, යම් හේතුවකින් මේ ලොකයෙහි අභිජ්ජා නම්දැ ඩි ලොභ ඇත්තාවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ සිත් ඇත්තාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකු බව ඇත්තාවූ අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවූ ඊර්ෂ්‍යා කරන්නාවූ, මසුරුවූ, කෛරාටික වූ රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූ අචෙලකයෙකු දකිම්ද, එහෙයින් අචෙලකයෙකු අචෙලක වත පිරූ පමණින් ශ්‍රමණයයි නොකියමි. § 5.3. “මහණෙනි, දැඩි ලොභය බහුල කොට ඇති දූවිලි දැලි දරන්නාගේ ඒ දූවිලි දැලි දැරීම් පමණින් දැඩි ලොභය නැති වන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේ නම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැතිවන්නේ නම්, බද්ධ වෛර ඇත්තාගේ බද්ධ වෛරය නැතිවන්නේ නම්, ගුණමකු බව ඇත්තාගේ ගුණමකු බව නැතිවන්නේ නම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැතිවන්නේ නම්, ඊර්ෂ්‍යාව ඇත්තාගේ ඊර්ෂ්‍යාව නැතිවන්නේ නම්, මසුරු බව ඇත්තාගේ මසුරු බව නැති වන්නේ නම්, කෛරාටික වූවහුගේ කෛරාටික බව නැති වන්නේ නම්, රැවටිලි ඇත්තාගේ රැවටිලි ගතිය නැතිවන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැතිවන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැතිවන්නේ නම්, ඔහුගේ අඳුනන මිත්‍රයෝද නෑ සහලේ නෑයෝද ඔහු උපන් කෙණෙහිම දූවිලි දැලි දරන්නෙකු කරන්නාහුය. දූවිලි දැලි දරන බවෙහිම සමාදන් කරවන්නාහුය (කෙසේද?) “පින්වත, මෙහි එව, නුඹ දූවිලි දැලි දරන්නෙක් වෙව. දූවිලි දැලි දරන්නාවූම දැඩි ලෝභ බහුලවූ නුඹගේ දැඩි ලොභය නැති වන්නේය. ව්‍යාපාද සිත් ඇති නුඹගේ ව්‍යාපාද සිත නැති වන්නේය. ක්‍රොධ සිත් ඇති නුඹගේ ක්‍රොධ සිත නැති වන්නේය. බද්ධ වෛරය ඇති නුඹගේ බද්ධ වෛරය නැති වන්නේය. ගුණ මකු බව ඇති නුඹගේ ගුණමකු බව නැති වන්නේය. අනුන්ගේ දොස් සොයන ගති ඇති නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේය. ඊර්ෂ්‍යාව ඇති නුඹගේ ඊර්ෂ්‍යාව නැති වන්නේය. මසුරු බව ඇති නුඹගේ මසුරු බව නැති වන්නේය. කෛයිරාටික බව ඇති නුඹගේ කෛරාටික බව නැති වන්නේය. රැවටිලි ගති ඇති නුඹගේ රැවටිලි ගතිය නැති වන්නේය. ලාමක අදහස් ඇති නුඹගේ ලාමක අදහස් නැති වන්නේය. මිථ්‍යාදෘෂ්ටි ඇති නුඹගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේය’ (කියායි.) “මහණෙනි, යම් හේතුවකින් මේ ලොකයෙහි අභිජ්ජානම් දැඩි ලොභ ඇත්තාවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ සිත් ඇත්තාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකු බව ඇත්තාවූ, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවූ, ඊර්ෂ්‍යා කරන්නාවූ, මසුරුවූ, කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යා දෘෂ්ටි ඇත්තාවූ, දූවිලි දැලි දරන්නෙකු දකිම්ද, එහෙයින් දූවිලි දැලි දරන්නෙකුගේ ඒ දූවිලි දැලි දැරීම් පමණින් ඔහු ‘ශ්‍රමණ’ යයි නොකියමි. § 5. 4.“මහණෙනි, අභිජ්ජා නම් දැඩි ලොභය බොහෝ සේ ඇති ව (ශුද්ධිය පිණිස) දියට බසින්නාගේ ඒ දියට බැසීම් පමණින් දැඩි ලොභය නැති වන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේ නම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධ සිත නැති වන්නේනම්, බද්ධ වෛර ඇත්තාගේ බද්ධ වෛරය නැතිවන්නේ නම්, ගුණමකු බව ඇත්තාගේ ගුණමකු බව නැති වන්නේ නම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාගේ අනුන්ගේ දොස් සොයන ගති නැති වන්නේ නම්, ඊර්ෂ්‍යාව ඇත්තාගේ ඊර්ෂ්‍යාව නැති වන්නේ නම්, මසුරු බව ඇත්තාගේ මසුරු බව නැති වන්නේ නම්, කෛරාටික වූවහුගේ කෛරාටික බව නැති වන්නේ නම්, රැවටිලි ඇත්තාගේ රැවටිලි ගතිය නැති වන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැති වන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේ නම්, ඔහුගේ අඳුනන මිත්‍රයෝද නෑ සහ ලේ නෑයෝද ඔහු උපන් කෙණෙහිම දියට බැසීමේ වත ඇත්තෙකු කරන්නාහුය. දියට බසින වතෙහිම සමාදන් කරවන්නාහුය. (කෙසේද?) “පින්වත!, මෙහි එව, නුඹ දියට බසින වත සමාදන් වේව! ඒ වෘතය ඇත්තෙක් වෙව, දියට බසින වෘත ඇත්තාවූ නුඹගේ දැඩි ලොභය නැති වන්නේය. නුඹගේ ව්‍යාපාද සිත නැති වන්නේය. නුඹගේ ක්‍රොධය නැති වන්නේය. නුඹගේ බද්ධ වෛරය නැති වන්නේය. නුඹගේ ගුණමකු බව නැති වන්නේය. නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේය. නුඹගේ ඊර්ෂ්‍යාව නැතිවන්නේය. නුඹගේ මසුරු බව නැති වන්නේය. නුඹගේ කෛරාටික බව නැති වන්නේය. නුඹගේ රැවටිලි ගතිය නැති වන්නේය. නුඹගේ ලාමක අදහස් නැති වන්නේය. නුඹගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේය’ (කියාය.) “මහණෙනි, යම් හේතුවකින් මේ ලොකයෙහි දැඩි ලොභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ සිත් ඇත්තාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකු බව ඇත්තාවූ, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවූ, ඊර්ෂ්‍යා කරන්නාවූ, මසුරුවූ, කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාවූ, (ශුද්ධිය පිණිස) දියට බසින වත ඇත්තෙකු දකිම්ද, එහෙයින් දියට බසින වත ඇත්තෙකුගේ දියට බසින වත ඇති පමණින් ඔහු ‘ශ්‍රමණ’යයි මම නොකියමි. § 5. 5 .“මහණෙනි, අභිජ්ජා නම්දැඩි ලොභය ඇතිව රුක් මුල හිඳින්නාගේ ඒ රුක් මුල හිඳීම් පමණින් දැඩි ලොභය නැති වන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේ නම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැති වන්නේ නම් බද්ධවෛර ඇත්තාගේ බද්ධවෛරය නැති වන්නේ නම්, ඊර්ෂ්‍යාව ඇත්තාගේ ඊර්ෂ්‍යාව නැති වන්නේ නම්, මසුරුබව ඇත්තාගේ මසුරුබව නැතිවන්නේ නම්, කෛරාටික වූවහුගේ කෛරාටික බව නැති වන්නේ නම්, රැවටිලි ගතිය ඇත්තහුගේ රැවටිලි ගතිය නැති වන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැති වන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේ නම්, ඔහුගේ අඳුනන මිත්‍රයෝද නෑ සහ ලේ නෑයෝද ඔහු උපන් කෙනෙහිම රුක් මුල හිඳීමේ වත ඇත්තෙකු කරන්නාහුය. රුක් මුල හිඳීමේ වතෙහිම සමාදන් කරවන්නාහුය. (කෙසේද?) පින්වත!, මෙහි එව, නුඹ රුක් මුල හිඳීමේ වත පුරව. රුක් මුල හිඳීමේ වත දරන්නාවූ නුඹගේ දැඩි ලොභය, නැති වන්නේය. නුඹගේ ව්‍යාපාද සිත නැති වන්නේය. “මහණෙනි, යම් හේතුවකින් දැඩි ලොභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ සිත් ඇත්තාවූ, බද්ධ වෛර ඇත්තාවූ, අනුන්ගේ දොස් සොයන්නාවූ, ඊර්ෂ්‍යා කරන්නාවූ, මසුරුවූ, කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යාදෘෂ්ටිවූ රුක්මුල හිඳින වත ඇත්තෙකු දකිම්ද, එහෙයින් රුක්මුල හිඳින වත ඇත්තෙකුගේ ඒ රුක්මුල හිඳීම් පමණින් ඔහු ‘ශ්‍රමණ’යයි නොකියමි. § 5. 6 .“මහණෙනි, අභිජ්ජා නම්දැඩි ලොභය ඇති එළිමහණෙහි සිටින්නාගේ ඒ අභ්‍යවකාශයෙහි සිටීම් පමණින් දැඩි ලොභය නැති වන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේ නම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැතිවන්නේ නම් බද්ධ වෛර ඇත්තාගේ බද්ධ වෛරය නැතිවන්නේ නම්, ගුණමකු බව ඇත්තාගේ ගුණමකු බව නැතිවන්නේ නම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැතිවන්නේ නම්, ඊර්ෂ්‍යාව ඇත්තාගේ ඊර්ෂ්‍යාව නැතිවන්නේ නම් කෛරාටික වූවහුගේ කෛරාටික බව නැතිවන්නේ නම් රැවටිලි ගතිය ඇත්තාගේ රැවටිලි ගතිය නැතිවන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැතිවන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටිය ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැතිවන්නේ නම්, ඔහුගේ අඳුනන මිත්‍රයෝද නෑ සහලේ නෑයෝද ඔහු උපන් කෙනෙහිම එළිමහෙණහි සිටීමේ වත ඇත්තෙකු කරන්නාහුය. එළිමහනෙහි සිටීමේ වතෙහිම සමාදන් කරවන්නාහුය. (කෙසේද?) ‘යහපත් තැනැත්ත, මෙහි එව, නුඹ එළිමනෙහි සිටීමේ වත පුරව. එළිමහනෙහි සිටීමේ වත ඇත්තාවූ නුඹගේ දැඩි ලොභය නැති වන්නේය. නුඹගේ ව්‍යාපාද සිත නැති වන්නේය. නුඹගේ ක්‍රොධය නැති වන්නේය. නුඹගේ බද්ධ වෛරය නැති වන්නේය. නුඹගේ ගුණමකු බව නැති වන්නේය. නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේය. නුඹගේ ඊර්ෂ්‍යාව නැති වන්නේය. නුඹගේ මසුරු බව නැති වන්නේය. නුඹගේ කෛරාටික බව නැති වන්නේය. නුඹගේ රැවටිලි ගතිය නැති වන්නේය. නුඹගේ ලාමක අදහස් නැති වන්නේය.නුඹගේ මිථ්‍යා දෘෂ්ටිය නැති වන්නේය” (කියාය) “මහණෙනි, යම් හේතුවකින් මේ ලොකයෙහි දැඩි ලොභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ කරන්නාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණ මකුවූ අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවූ, ඊර්ෂ්‍යා කරන්නාවූ, මසුරුවූ, කෛරාටිකවූ රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යා දෘෂ්ටි ඇත්තාවූ එළිමහනෙහි සිටීමේ වත ඇත්තෙකු දකිම්ද, එහෙයින් එළිමහනෙහි සිටීමේ වත ඇත්තෙකු ඒ එළිමහනෙහි සිටීමේ වත දැරූ පමණින් ඔහු ‘ශ්‍රමණ’යයි නොකියමි. § 5. 7.“මහණෙනි, දැඩි ලොභය බහුලකොට ඇති, උඩුකුරුව සිටින්නාගේ ඒ උඩුකුරුව සිටීම් පමණින් දැඩි ලොභය නැති වන්නේනම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේනම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැති වන්නේනම්, බද්ධ වෛර ඇත්තාගේ බද්ධ වෛරය නැති වන්නේනම්, ගුණමකු වූවහුගේ ගුණමකු බව නැති වන්නේනම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේනම් ඊර්ෂ්‍යාව ඇත්තාගේ ඊර්ෂ්‍යාව නැති වන්නේනම්, මසුරු බව ඇත්තාගේ මසුරු බව නැති වන්නේ නම්, කෛරාටික වූවහුගේ කෛරාටික බව නැති වන්නේනම් රැවටිලි ගතිය ඇත්තාගේ රැවටිලි ගතිය නැති වන්නේනම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැති වන්නේ නම් මිථ්‍යාදෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැතිවන්නේ නම් ඔහුගේ අඳුනන මිත්‍රයෝද නෑ සහලේ නෑයෝද, ඔහු උපන් කෙනෙහිම උඩුකුරුව සිටීමේ වත ඇත්තෙකු කරන්නාහුය. උඩුකුරුව සිටීමෙහි සමාදන් කරවන්නාහුය. (කෙසේද?) “පින්වත!, මෙහි එව, නුඹ උඩුකුරුව සිටින වත පුරව, උඩුකුරුව සිටින්නාවූ නුඹගේ දැඩි ලොභය නැති වන්නේය. ව්‍යාපාද සිත නැති වන්නේය. ක්‍රොධය නැති වන්නේය. බද්ධ වෛරය නැතිවන්නේය, ගුණමකු බව නැති වන්නේය. නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේය. ඊර්ෂ්‍යාව නැති වන්නේය. මසුරු බව නැති වන්නේය. කෛරාටික බව නැති වන්නේය.නුඹගේ රැවටිලි ගතිය නැති වන්නේය. නුඹගේ ලාමක අදහස් නැති වන්නේය.නුඹගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේය’ (කියාය.) “මහණෙනි, යම් හේතුවකින් මේ ලොකයෙහි අභිජ්ජා නම්දැ ඩි ලොභ ඇත්තාවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ කරන්නාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකු බව ඇත්තාවූ, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවූ, ඊර්ෂ්‍යා කරන්නාවූ, මසුරුවූ, කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යා දෘෂ්ටි ඇත්තාවූ උඩු කුරුව සිටීමේ වත ඇත්තෙකු දකිම්ද, එහෙයින් උඩුකුරුව සිටින්නෙකුගේ උඩු කුරුව සිටීම් පමණින් ඔහු ‘ශ්‍රමණ’යයි නොකියමි. § 5. 8.“මහණෙනි, දැඩි ලොභය ඇතිමුත් නියමිත වාරයන්හි පමණක් ආහාර ගන්නා වත දරන්නාගේ ඒ වාර භත්තික වත දැරීම් පමණින් දැඩි ලොභය නැති වන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේ නම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැති වන්නේ නම්, බද්ධ වෛර ඇත්තාගේ බද්ධ වෛරය නැති වන්නේ නම්, ගුණමකු වූවහුගේ ගුණමකු බව නැති වන්නේ නම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේනම්, ඊර්ෂ්‍යාව ඇත්තාගේ ඊර්ෂ්‍යාව නැති වන්නේ නම්, මසුරු බව ඇත්තාගේ මසුරු බව නැති වන්නේ නම්, කෛරාටික වූවහුගේ කෛරාටික බව නැති වන්නේ නම්, රැවටිලි ගති ඇත්තාගේ රැවටිලි ගතිය නැති වන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැති වන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේ නම්, ඔහුගේ අඳුනන මිත්‍රයෝද නෑ සහලේ නෑයෝද ඔහු උපන් කෙනෙහිම වාර භත්තික වත ඇත්තෙකු කරන්නාහුය. වාර භත්තික වතෙහිම සමාදන් කරවන්නාහුය. (කෙසේද?) ‘පින්වත!, එව, නුඹ වාර භත්තික වත පුරව, වාර භත්තික වත දරන්නාවූ නුඹගේ දැඩි ලොභය නැති වන්නේය. නුඹගේ ව්‍යාපාද සිත නැති වන්නේය. ක්‍රොධය නැති වන්නේය බද්ධ වෛරය නැති වන්නේය. ගුණමකු බව නැති වන්නේය. අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේය. ඊර්ෂ්‍යාව නැති වන්නේය. මසුරු බව නැති වන්නේය. කෛරාටික බව නැති වන්නේය. රැවටිලි ගතිය නැති වන්නේය. ලාමක අදහස් නැති වන්නේය. නුඹගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේය.’ (කියාය) “මහණෙනි, යම් හේතුවකින් මේ ලොකයෙහි දැඩි ලොභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ කරන්නාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකු බව ඇත්තාවූ, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවූ ඊර්ෂ්‍යා කරන්නාවූ, මසුරුවූ කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යා දෘෂ්ටිවූ වාර භත්තික වත දරන්නෙකු දකිම්ද, එහෙයින් වාර භත්තික වත පුරන්නාගේ ඒ වාර භත්තික වත දැරීම් පමණින් ‘ශ්‍රමණ’යයි නොකියමි.’ § 5. 9.“මහණෙනි, අභිජ්ජා නම්දැඩි ලොභය ඇතිවම, මන්ත්‍ර හදාරන්නාගේ ඒ මන්ත්‍ර හැදෑරීම් පමණින් දැඩි ලොභය නැති වන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේ නම්, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැති වන්නේ නම් බද්ධ වෛර ඇත්තාගේ බද්ධ වෛරය නැති වන්නේ නම් ගුණමකු බව ඇත්තාගේ ගුණමකු බව නැති වන්නේ නම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේ නම්, ඊර්ෂ්‍යාව ඇත්තාගේ ඊර්ෂ්‍යාව නැති වන්නේ නම්, මසුරු බව ඇත්තාගේ මසුරු බව නැති වන්නේ නම්, කෛරාටික වූවහුගේ කෛරාටික ගතිය නැති වන්නේ නම්, රැවටිලි ගති ඇත්තාගේ රැවටිලි ගතිය නැති වන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැති වන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටිය ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේ නම්, ඔහුගේ අඳුනන මිත්‍රයෝද නෑ සහලේ නෑයෝද ඔහු උපන් කෙනෙහිම මන්ත්‍ර ඉගෙන ගන්නෙකු කරන්නාහුය. මන්ත්‍ර ඉගෙණීමෙහිම සමාදන් කරවන්නාහුය. (කෙසේද?) ‘පින්වත!, මෙහි එව නුඹ මන්ත්‍ර හදාරව, මන්ත්‍ර හදාරන්නාවූ නුඹගේ දැඩි ලොභය නැති වන්නේය. නුඹගේ ව්‍යාපාද සිත නැති වන්නේය. නුඹගේ ක්‍රොධය නැති වන්නේය. නුඹගේ බද්ධ වෛරය නැති වන්නේය. නුඹගේ ගුණමකු බව නැති වන්නේය. නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැතිවන්නේය. නුඹගේ ඊර්ෂ්‍යාව නැති වන්නේය. නුඹගේ මසුරු බව නැති වන්නේය. නුඹගේ කෛරාටික බව නැති වන්නේය. නුඹගේ රැවටිලි ගතිය පහවන්නේය. නුඹගේ ලාමක අදහස් නැති වන්නේය. නුඹගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේය’ (කියාය) “මහණෙනි, යම් හේතුවකින් මේ ලොකයෙහි දැඩි ලොභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ කරන්නාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකු බව ඇත්තාවූ, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාවූ, ඊර්ෂ්‍යා කරන්නාවූ මසුරුවූ, කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යාදෘෂ්ටි වූ මන්ත්‍ර හදාරන්නෙකු දකිම්ද, එහෙයින් මන්ත්‍ර හදාරන්නෙකුගේ ඒ මන්ත්‍ර හැදෑරීම් පමණින් ඔහු ‘ශ්‍රමණ’යයි නොකියමි. § 5. 10. “මහණෙනි, අභිජ්ජා නම්දැ ඩි ලොභය ඇති ජටා දරන්නාගේ (ජටිලයාගේ) ඒ ජටා දැරීම් පමණින් දැඩි ලොභය නැතිවන්නේ නම්, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාද සිත නැති වන්නේ නම් ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැති වන්නේ නම්, ගුණමකු වූවහුගේ ගුණමකුබව නැති වන්නේනම්, අනුන්ගේ දොස් සොයන ගති ඇත්තාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේනම්, ඊර්ෂ්‍යා කරන්නහුගේ ඊර්ෂ්‍යාව නැති වන්නේනම්, මසුරු බව ඇත්තාගේ මසුරු බව නැති වන්නේ නම්, කෛරාටික වූවහුගේ කෛරාටික බව නැති වන්නේ නම් රැවටිලි ගති ඇත්තාගේ රැවටිලි ගති නැති වන්නේ නම්, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැති වන්නේ නම්, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේ නම්, ඔහුගේ අඳුනන මිත්‍රයෝද නෑ සහ ලේ නෑයෝද ඔහු උපන් කෙණෙහිම ජටා දරන වත ඇත්තෙකු කරන්නාහුය. ජටා දරන වතෙහිම සමාදන් කරවන්නාහුය. (කෙසේද?) “පින්වත! මෙහි එව, නුඹ ජටා දරන්නෙක් වෙව. ජටා දරන්නාවූම ලොභ බහුලවූ නුඹගේ දැඩි ලොභය නැතිවන්නේය. ව්‍යාපාද සිත් ඇති නුඹගේ ව්‍යාපාද සිත නැති වන්නේය. ක්‍රොධ සිත් ඇති නුඹගේ ක්‍රොධය නැති වන්නේය. බද්ධ වෛර ඇති නුඹගේ බද්ධ වෛරය නැති වන්නේය. ගුණමකුවූ නුඹගේ ගුණමකු බව නැති වන්නේය අනුන්ගේ දොස් සොයන ගති ඇති නුඹගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වන්නේය. ඊර්ෂ්‍යාව ඇති නුඹගේ ඊර්ෂ්‍යාව නැති වන්නේය. මසුරුවූ නුඹගේ මසුරු බව නැති වන්නේය. කෛරාටිකවූ නුඹගේ කෛරාටික බව නැති වන්නේය. රැවටිලි ගති ඇති නුඹගේ රැවටිලි ගතිය නැති වන්නේය. මිථ්‍යාදෘෂ්ටිය ඇති නුඹගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වන්නේය. ලාමක අදහස් ඇති නුඹගේ ලාමක අදහස් නැති වන්නේය’ (කියාය) “මහණෙනි, යම් හේතුවකින් මේ ලොකයෙහි දැඩි ලොභ බහුලවූ, ව්‍යාපාද සිත් ඇත්තාවූ, ක්‍රොධ කරන්නාවූ, බද්ධ වෛර ඇත්තාවූ, ගුණමකුවූ, අනුන්ගේ දොස් සොයන්නාවූ, ඊර්ෂ්‍යා කරන්නාවූ, මසුරුවූ කෛරාටිකවූ, රැවටිලි සහිතවූ, ලාමක අදහස් ඇත්තාවූ, මිථ්‍යාදෘෂ්ටිවූ ජටා දරන්නෙකු දකිම්ද, එහෙයින් ජටා දරන්නෙකුගේ ඒ ජටා දැරීම් පමණින් ‘ශ්‍රමණ’යයි නො කියමි. § 6 .“මහණෙනි, මහණහු කෙසේනම් ශ්‍රමණයන් පිළිබඳ නිවැරදි පිළිපැදීමට පිළිපන්නේ වෙයිද? මහණෙනි, අභිජ්ජා නම් දැඩි ලොභ බහුලවූ යම්කිසි මහණෙකුගේ දැඩි ලොභය නැති වූයේ වේද, ව්‍යාපාද සිත් ඇත්තාගේ ව්‍යාපාදය නැති වූයේ වේද, ක්‍රොධ කරන්නාගේ ක්‍රොධය නැතිවූයේ වේද, බද්ධ වෛර ඇත්තාගේ බද්ධ වෛරය නැති වූයේ වේද, ගුණමකු වූවහුගේ ගුණමකු බව නැතිවූයේ වේද, අනුන්ගේ දොස් සොයන්නාගේ අනුන්ගේ දොස් සොයන ගතිය නැති වූයේ වේද, ඊර්ෂ්‍යා ඇත්තාගේ ඊර්ෂ්‍යාව නැතිවූයේ වේද, මසුරු වූවහුගේ මසුරු බව නැති වූයේ වේද. කෛරාටික වූවහුගේ කෛරාටික බව නැති වූයේ වේද, රැවටිලි සහිත වූවහුගේ රැවටිලි බව නැති වූයේ වේද, ලාමක අදහස් ඇත්තාගේ ලාමක අදහස් නැති වූයේ වේද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාගේ මිථ්‍යාදෘෂ්ටිය නැති වූයේ වේද, මහණෙනි, මම ශ්‍රමණ මලවූ, ශ්‍රමණ දොෂයන්වූ, ශ්‍රමණ කසටයන්වූ, අපායෙහි ඉපදීමට කරුණුවූ, දුගතියෙහි විපාක දෙන්නාවූ මේ දොෂයන් නැති කිරීමෙන් ශ්‍රමණයෙකු ගේ නිවැරදි මගට පිළිපන්නේයයි කියමි. § 7.1. “හෙතෙම ලාමකවූ මේ සියලු අකුශල ධර්මයන් ගෙන් පිරිසිදුවූ තමා දකියි, මිදුනාවූ තමා දකියි, ලාමකවූ මේ සියලු අකුශල ධර්මයන්ගෙන් පිරිසිදුවූ තමා දකින, මිදුනාවූ තමා දකින ඔහුට සතුට ඇති වෙයි. සතුටු වූවහුට ප්‍රීතිය හටගණී. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි, සංසිඳුණ කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිගත වෙයි. හෙතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවැනි දිශාවද, එසේම තුන්වන දිශාවද, එසේම සතරවන දිශාවද මෙසේ උඩ යට සරස යන සියලු තන්හි සියල්ලෙන් යුක්තවූ, සියලු ලොකය මහත් බවට පැමිණි, අප්‍රමාණවූ, වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි. § 7. 2. “කරුණා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වන දිශාවද, එසේම සතරවන දිශාවද, මෙසේ උඩ යට සරස සියලු තන්හි, සියල්ලෙන් යුක්තවූ ලොකය, මහත් බවට පැමිණි අප්‍රමාණවූ වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ, කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයි. § 7.3. “මුදිතා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවන දිශාවද, එසේම තුන්වන දිශාවද, එසේම සතවරන දිශාවද මෙසේ උඩ යට සරස යන සියලු තන්හි, සියල්ලෙන් යුක්තවූ ලොකය, මහත් බවට පැමිණි අප්‍රමාණවූ, වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි. § 7.4. “උපෙක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවන දිශාවද, එසේම තුන්වන දිශාවද, එසේම සතරවන දිශාවද, මෙසේ උඩ යට සරස යන සියලු තන්හි, සියල්ලෙන් යුක්තවූ ලොකය, මහත් බවට පැමිණි අප්‍රමාණවූ වයිර රහිතවූ, ව්‍යාපාද රහිතවූ, උපෙක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි. “මහණෙනි, පැහැදිලි ජලය ඇති, සැපදායක ජලය ඇති, සිහිල් ජලය ඇති, සුදු වැලිතලා ඇති යහපත් කොටු ඇති, සිත්කලුවූ, පොකුණක් වේද, නැගෙනහිර දිශාවෙන්ද, ග්‍රීෂ්මයෙන් තැවුණු, ග්‍රීෂ්මයෙන් පීඩිතවූ, ක්ලාන්තවූ, තැති ගත්තාවූ, පිපාසය හටගත්තාවූ, පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඒ පොකුණට පැමිණ දිය පිපාසය දුරු කර ගන්නේද, ග්‍රීෂ්ම දාහය දුරු කර ගන්නේද, බස්නාහිර දිශාවෙන්ද ග්‍රීෂ්මයෙන් තැවුනාවූ ග්‍රීෂ්මයෙන් පීඩිතවූ, ක්ලාන්තවූ, තැති ගත්තාවූ, පිපාසය හටගත්තාවූ පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඒ පොකුණට පැමිණ දිය පිපාසය දුරු කර ගන්නේද, ග්‍රීෂ්ම දැවිල්ල දුරු කර ගන්නේද, උතුරු දිශාවෙන්ද ග්‍රීෂ්මයෙන් තැවුණාවූ, ග්‍රීෂ්මයෙන් පීඩිතවූ ක්ලාන්තවූ, තැති ගත්තාවූ, පිපාසය හටගත්තාවූ පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඒ පොකුණට පැමිණ දිය පිපාසය දුරු කර ගන්නේද, ග්‍රීෂ්ම දැවිල්ල දුරු කර ගන්නේද, දකුණු දිශාවෙන්ද ග්‍රීෂ්මයෙන් තැවුණාවූ, ග්‍රීෂ්මයෙන් පීඩිතවූ, ක්ලාන්තවූ, තැතිගත්තාවූ, පිපාසය හටගත්තාවූ පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඒ පොකුණට පැමිණ දිය පිපාසය දුරු කර ගන්නේද, ග්‍රීෂ්ම දැවිල්ල දුරු කර ගන්නේද, “යම්කිසි දිශාවකින් වුවද ග්‍රීෂ්මයෙන් තැවුනාවූ ග්‍රීෂ්මයෙන් පීඩිතවූ, ක්ලාන්තවූ, තැති ගත්තාවූ, පිපාසය හට ගත්තාවූ පුරුෂයෙක් එන්නේය. හෙතෙම ඒ පොකුණට පැමිණ දිය පිපාසය දුරු කර ගන්නේද, ග්‍රීෂ්ම දැවිල්ල දුරු කරගන්නේද, “මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් ක්ෂත්‍රිය කුලයෙන්ද, නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද, ……. බ්‍රාහ්මණ කුලයෙන්ද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද, හෙතෙමේද …….. “වෛශ්‍ය කුලයෙන්ද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද,……… “ක්ෂුද්‍ර කුලයෙන්ද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද,….. “යම් යම් කුලයකින්ද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද, මේ සැම තථාගතයන් වහන්සේ වදාළ ධර්මවිනය නම්වූ ශාසනයට පැමිණ මෙසේ මෛත්‍රියද, කරුණාවද, මුදිතාවද, උපෙක්ෂාවද වඩත්. තමා තුළ සංසිඳීම ලබයි. තමා තුළ සංසිඳීමෙන් ශ්‍රමණයන් පිළිබඳ නිවැරදි පිළිපැදීමට පිළිපන්නේයයි කියමි. “ක්ෂත්‍රිය කුලයෙන්ද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද, බ්‍රාහ්මණ කුලයෙන්ද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද, වෛශ්‍ය කුලයෙන්ද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද, ක්ෂුද්‍ර කුලයෙන්ද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයිද, යම් යම් කුලයකින්ද ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙයි. ඒ සැවොම ආශ්‍රවයන් (කෙලෙස්) නැති කිරීමෙන් කෙලෙස් රහිතවූ චිත්ත විමුක්තියද, ප්‍රඥාවිමුක්තියද මේ ආත්මයෙහි තමාම උසස් නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරයි. ආශ්‍රවයන් (කෙලෙස්) නැති කිරීමෙන් ‘ශ්‍රමණ’ වෙයි.” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට විශෙෂයෙන් සතුටු වූහ. දසවෙනිවූ චූල අස්සපුර සූත්‍රය නිමි. (4-10) සතර වෙනිවූ මහා යමක වර්ගය නිමි. මෙය බෙදාගන්න: ෆේස්බුක් වි-තැපැල් Skype මෙයට කැමති වන්න: කැමතියි පුරණය වෙමින්... Posted in Uncategorized ලිපි යාත්‍රණය ← MN 01-04-09. මහා අස්සපුර සූත්‍රය MN-I-5-1-සාලෙය්‍යක සූත්‍රය → ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න මෙහි ඔබේ ප්‍රතිචාරය ලියන්න... Fill in your details below or click an icon to log in: ඊමේල් (අත්‍යවශ්‍යයි) (Address never made public) නම (අත්‍යවශ්‍යයි) වෙබ් අඩවිය ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න ) ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න ) ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න ) අවලංගු කරන්න Connecting to %s නව ප්‍රතිචාර ගැන වි-තැපෑල හරහා මාව දැනුවත් කරන්න. නව ලිපි ගැන වි-තැපෑල හරහා මාව දැනුවත් කරන්න Δ This site uses Akismet to reduce spam. Learn how your comment data is processed. Blog Stats 270,919 hits Search සොයන්න: කියවන්න Buddhism Buddhism ප්‍රවර්ගය තෝරන්න Buddhism SINHALA TIPITAKA Uncategorized WordPress.comහි බ්ලොග් සටහනක්. Privacy & Cookies: This site uses cookies. By continuing to use this website, you agree to their use.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩකටයුතු නැවැත්වීමෙන් විශාල පිරිසකගේ රැකියා අහිමි වීම හේතුවෙන් ඉදිරියේදී සංවර්ධන කටයුතු රාජ්‍ය සහ පෞද්ගලික අංශවල හවුල්කාරිත්වයෙන් ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, නාගරික සංවර්ධන හා නිවාස කටයුතු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව,… (0)Comments | November 28, 2022 4:19 pm Climate Financing හරහා ඩොලර් සෙවීමේ සැලැස්මක් ශ්‍රී ලංකාව ඉදිරියේ දී දේශගුණික මූල්‍යයන ක්‍රම වෙත යොමු වීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසයි. අද (28) දින පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේය. මාලදිවයින, මුරුසිය, මැඩගස්කරය වැනි දූපත් රාජ්‍යයන් සමඟ එක්ව ඒ වෙනුවෙන් හඬ නගන බවත්, ඉදිරියේ දී ඒ හරහා ශ්‍රී ලංකාවට යම් විදේශ විනිමයක් ලබා… (0)Comments | November 28, 2022 1:47 pm රජයේ වියදමින් ප්‍රියසම්භාෂණ තහනම් – භාණ්ඩාගාර ලේකම්ගෙන් චක්‍රලේඛයක් සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, සමාගම්, ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය ව්‍යවසායන්, පළාත් සභා, පළාත් පාලන ආයතන සහ රාජ්‍ය බැංකු විසින් සිදුකරනු ලබන විවෘත කිරීම්, නිලධාරීන් විසින් රාජකාරී භාරගැනීමට හා විශ්‍රාම ගැනීමට අදාළව පවත්වන උත්සව, සුහද හමුවීම්, ප්‍රියසම්භාෂණ ද ඇතුළුව සියලුම ආකාරයේ උත්සව පැවැත්වීම වෙනුවෙන් රජයේ හෝ ස්වකීය ආයතනවල ඉපයීම් භාවිතා කරමින් දරනු ලබන වියදම් නැවැත්වීමට කටයුතු… (0)Comments | November 28, 2022 12:55 pm ශ්‍රීලංකන් ගුවන් සේවය නැවත වරක් “Raid Amazones 2023” ශ්‍රී ලංකාවට රැගෙන එයි ශ්‍රී ලංකාව ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් ලෙස ලොවපුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් ශ්‍රීලංකන් ගුවන් සේවය අඛණ්ඩව දෙවන වරටත් Raid Amazones 2023 හි හවුල්කාරීත්වය දැරීමට තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රංශයේ ආරම්භ වූ ජනප්‍රිය වාර්ෂික ත්‍රාසජනක ක්‍රීඩා ඉසව්වක් වන Raid Amazones තරඟාවලිය 2023 වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ අවසන් රාජධානියේ කේන්ද්‍රස්ථානය වූ සෙංකඩගල හෙවත් මහනුවර දී පැවත්වීමට… (0)Comments | November 28, 2022 11:49 am ලාෆ්ස් ගෑස් වෙතින් අඛණ්ඩ ගෑස් සැපයුමක් ලාෆ්ස් ගෑස් සමාගම විසින් දිවයින පුරා සිටින පාරිභෝගිකයින් හට හිඟයකින් තොරව ගෑස් මිලදී ගැනීමට හැකිවන පරිදි තම බෙදාහරීම් කටයුතු සිදුකරන බව එම සමාගම සඳහන් කර සිටි. පසුගිය සති කීපය පුරාම ප‍්‍රමාණවත් ගෑස් තොග මෙරටට ආනයනය කර ඇති අතරම කාර්යක්ෂමව එම ගෑස් තොග හරහා පිරවුම් කටයුතු සිදුකරමින් දිවයින පුරා විසිරි සිටින තම බෙදාහැරීම් ජාලය සහ අලෙවි… (0)Comments | November 28, 2022 12:22 am කැරට් 22ට වැඩි රන් භාණ්ඩ පැළඳ ගුවනින් ඒම තහනම් අනවශ්‍ය ලෙස රන් භාණ්ඩ පැළඳ ජාවාරම් කිරීමේ අරමුණෙන් ගුවන් මගීන් ලෙස මෙරටට පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව ආනයන අපනයන පාලක ජනරාල්ගේ අවසරයකින් තොරව කැරට් 22කට වැඩි රන් භාණ්ඩ පැළඳ ගුවන් මගින් පැමිණීම අත්හිටුවන බවයි. රන් භාණ්ඩවල තත්ත්වය… (0)Comments | November 26, 2022 1:16 pm නොවැම්බරයේ දින 22ක් තුළ සංචාරකයින් 41,000 ක් ඇවිත් 2022 නොවැම්බර් මාසයේ මේ දක්වා කාලය තුළ දී විදෙස් සංචාරකයින් 41,308 ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මේ අනුව 2022 වසරේ මේ දක්වා කාලය තුළ දී මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 609,566 ක් ලෙසින් වාර්තා වේ. නොවැම්බර් මාසයේ දී පැමිණ තිබෙන සංචාරකයින් අතරට රුසියානුවන් 10,066 ක් හා ඉන්දියානුවන් 7,021 ක්… (0)Comments | November 25, 2022 2:27 pm දිස්ත‍්‍රික්ක 9ක වෙසෙන දිළිඳු ධීවරයින්ගේ ආහාර සුරක්ෂිතතාව සවිගැන්වීම පිණිස FAO හරහා පවුම් 880,000ක් ලබා දීමට එක්සත් රාජධානිය කටයුතු කරයි තංගල්ල, මීගමුව, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, පුත්තලම, මඩකලපුව සහ මන්නාරම වෙසෙන දිළිඳු ධීවරයින්ගේ ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව සවිගැන්වීම උදෙසා එක්සත් රාජධානිය විසින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) හරහා පවුම් 880,000ක් (අමෙරිකානු ඩොලර් 1,043,395) ලබා දීමට කටයුතු කර ඇත. මෙම සතියේ සමරනු ලබන ලෝක ධීවර දිනය (නොවැම්බර් 21) නිමිත්තෙන්, ශ‍්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය… (0)Comments | November 25, 2022 10:40 am තවත් භාණ්ඩ 78ක ආනයන සීමා ඉවතට. ටයිල්, සෙරමික් උපකරණ සහ ශීතකරණ ඒ අතර අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තවත් භාණ්ඩ 78ක ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සංචාරක සහ කර්මාන්ත යන ක්ෂේත්‍රයන් හි ප්‍රවර්ධනය උදෙසා අවශ්‍ය වන භාණ්ඩ රැසක් ඒ් අතර වන බවයි. ශීතකරණ, අධි ශීතකරණ, ඇගලුම්, සෙරමික් භාණ්ඩ, ටයිල්, රෙදි සෝදන… (0)Comments | November 24, 2022 6:28 pm සල්ලි අච්චු ගැසූ ආකාරය ගැන අනාවරණයක් මුදල් අච්චු ගැසීම යනු මහ බැංකුවේ සංචිත මුදල් කොපමණ ප්‍රමාණයකින් ප්‍රසාරණය වනවාද යන්න බවත් එලෙස 2022 වසරේ මේ දක්වා (ජනවාරි – ඔක්තෝබර්) කාලය තුළ සංචිත මුදල් ප්‍රසාරණය වී ඇත්තේ රු. බිලියන 47 කින් පමණක් බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. මෙහිදී මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ 2021 වර්ෂය තුළ… (0)Comments | November 24, 2022 2:55 pm First 01 02 03 04 05 Last Video Story Latest News සමාගම් දෙකක් කොටස් වෙළෙඳපොළෙන් ඉවතට දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඉන්දියාවේ තාක්ෂණික සහාය සංචාරකයෝ වැඩියෙන් ආවත් ආදායම අඩුවෙලා 900 ක් සමඟින් තවත් නැවක් කොළඹට SLIIT ව්‍යාපාර පීඨය, 2022 තිරසාර සහ ඩිජිටල් ව්‍යාපාර පිළිබඳ සිය ප්‍රථම ජාත්‍යන්තර සමුළුව විශිෂ්ඨතා ඇගයීම් සම්මාන රැසක් ප්‍රධානය කරමින් උත්කර්ෂවත්ව පැවැත්විය
සංඝයා වහන්සේට සෞඛ්‍ය පහසුකම් අතින් මූලික වන අවශ්‍යතාවක් වන්නේ ආවාසයයි. සොර සතුරු උවදුරුවලින් වැළකීමටත්, සීත උෂ්ණාදී පීඩාවන්ගෙන් වැළකීමටත්, ලේ බොන මැස්සන්, මදුරුවන්, සුළඟ, අව්ව හා සර්පාදීන්ගෙන් වන පීඩාවන්ගෙන් වැළකීමටත්, ඍතු දෝසයන්ගෙන් වන උවදුරුවලින් වැළකීමටත්, සිත එකඟ කිරීමෙහි ඇලීමටත්, ආවාස සංඝයා වහන්සේට අවශ්‍ය වේ (සිද්ධාර්ථ හිමි, 1984). ආවාස ආදී විහාරස්ථානයට අයත් ගොඩනැගිලි අලුත්වැඩියා කරන අවස්ථාවල භාවනානු යෝගී භික්ෂූන් හැර සෙස්සන් එකී කාර්යන්ට සහය දී ඒ ඒ අවස්ථාවේ ඇති කුදු මහත් කටයුතු කළ යුතු බව ධර්ම සාහිත්‍යයේ දැක්වේ (වි. ම. 1919). වස් වැසීම සඳහා වසාගත හැකි දොරක් ඇති කුටියක්වත් වස් කාලයට සංඝයා වහන්සේලාට අවශ්‍ය වේ. ආවාසයක් බුදු රදුන් වැඩ සිටින ස්ථානයක් ද වේ. ශාරීරික ධාතු, පෙති පිළිම කරඬු යනාදී ත්‍රිවිධ චෛත්‍යයන්ට අයත් දේ ආවාසයක තිබිය හැකිය. ධර්ම පුස්තක ධර්ම පාඩම් භික්ෂූන් වහන්සේ වැඩ සිටීම නිසා ධර්ම රත්නය ද ආවාසයක වැඩ සිටී. මෙසේ තෙරුවන්ම වැඩ සිටින තැනක් ලෙස ද ආවාසය වැදගත් ය. ධර්මය උගන්වන ධර්ම ශාලාවක්, ධර්ම පුස්තක තැන්පත් පොත්ගුලක්, පිරිත් දෙසන පිරිත් මණ්ඩපයක්, ආහාර පාන පිසින බෙහෙත් හදන ස්ථානයක්, රෝගී භික්ෂූන් සිටින ගිලන් හලක්, විවේකාගාරයක්, තෙරුවන් සන්තක ගරු භාණ්ඩ ඇති ගබඩාවක් වශයෙන් ද භාවනා කරන ස්ථානයක් ලෙස ද ආවාසයක් ප්‍රයෝජනයට ගනියි. මේ උතුම් සදහම් කරුණු මූලික කරගෙන මනසිකාරයෙ පිහිටා ගෙන සත්පුරුෂ පින්වතුන් පිරිසක් විසින් වැලිවේරිය දනව්කන්ද ප්‍රදේශයේ පිහිටි ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථානූබද්ධ "සිරිමංගල යෝගාශ්‍රමය" හි අභිනවයෙන් ඉදිකෙරෙන කුඩා විහාර මැදුරක්, ධර්ම විනය පුස්තක ඉගැන්වීම් හා කියවීම් ශාලාවක්,ස්වාමින් වහන්සේ නමකට වැඩ හිඳිමට ආවසය පහසුකම් හා සක්මන් භාවනාව සඳහා සක්මන් මළුවක් ,කැසිකිළි වැසිකිළි පහසුව, පැන් පහසුව හා ගිලන්පස සකසා ගන්නා කොටසක් සහිත ආවාස පූජාවක් කිරීමට ඉදිරිපත්ව සිටි.ඒ උතුම් මා හැඟි මහා කුසල කර්මය උදෙසා ඔබටත් දායක විය හැක. Page එකේ ඇති donate මත click කිරීමෙන් ඔබට PayPal මගින් ආධාරය කල හැක නොමැතිනම් පහත ගිණුමට මුදල් බැර කරන මෙන් මෙත් සිතින් ඉල්ලා සිටිමු. අප පිටුව මගින් ධර්ම දානයට අමතරව පින්වත් ඔබට විදේශයේ රැකියාවල නියැලෙන ඔබහට උතුම් අටමහා කුසල් පුර්ණය කරගැනීමට ඉදිරියේදී ද මහඟු පිංකම් සැදැහැවත් ඔබ වෙත ගෙන එමි. ඔබ සැමට තෙරුවන් සරණයි! Sirimangala Anomadassi Yogasramaya https://goo.gl/maps/qXKLS1WeQyq 1019 5706 1623 වාසුර එදිරිසුරිය සම්පත් බැංකුව පිළියන්දල ශාඛාව මේ දැනට ඉදිකරමින් පවතින ආවාස ගෙයහි වර්තමාන ජායාරූපයි. Posted by Wasura Edirisuriya at 7:25:00 AM 7/14/16 අට මහා කුසලයන්ගෙන් උතුම් ආවාස දාන පූජාව සඳහා දායක වීමට පුණ්‍යකාමී ඔබට මෙත් සිතෙන් කෙරෙනා ආරාධනයයි. ආවාස දාන පූජාව සඳහා දායක වීමට පුණ්‍යකාමී ඔබට මෙත් සිතෙන් කෙරෙනා ආරාධනයයි. සංඝයා වහන්සේට සෞඛ්‍ය පහසුකම් අතින් මූලික වන අවශ්‍යතාවක් වන්නේ ආවාසයයි. සොර සතුරු උවදුරුවලින් වැළකීමටත්, සීත උෂ්ණාදී පීඩාවන්ගෙන් වැළකීමටත්, ලේ බොන මැස්සන්, මදුරුවන්, සුළඟ, අව්ව හා සර්පාදීන්ගෙන් වන පීඩාවන්ගෙන් වැළකීමටත්, ඍතු දෝසයන්ගෙන් වන උවදුරුවලින් වැළකීමටත්, සිත එකඟ කිරීමෙහි ඇලීමටත්, ආවාස සංඝයා වහන්සේට අවශ්‍ය වේ (සිද්ධාර්ථ හිමි, 1984). ආවාස ආදී විහාරස්ථානයට අයත් ගොඩනැගිලි අලුත්වැඩියා කරන අවස්ථාවල භාවනානු යෝගී භික්ෂූන් හැර සෙස්සන් එකී කාර්යන්ට සහය දී ඒ ඒ අවස්ථාවේ ඇති කුදු මහත් කටයුතු කළ යුතු බව ධර්ම සාහිත්‍යයේ දැක්වේ (වි. ම. 1919). වස් වැසීම සඳහා වසාගත හැකි දොරක් ඇති කුටියක්වත් වස් කාලයට සංඝයා වහන්සේලාට අවශ්‍ය වේ. ආවාසයක් බුදු රදුන් වැඩ සිටින ස්ථානයක් ද වේ. ශාරීරික ධාතු, පෙති පිළිම කරඬු යනාදී ත්‍රිවිධ චෛත්‍යයන්ට අයත් දේ ආවාසයක තිබිය හැකිය. ධර්ම පුස්තක ධර්ම පාඩම් භික්ෂූන් වහන්සේ වැඩ සිටීම නිසා ධර්ම රත්නය ද ආවාසයක වැඩ සිටී. මෙසේ තෙරුවන්ම වැඩ සිටින තැනක් ලෙස ද ආවාසය වැදගත් ය. ධර්මය උගන්වන ධර්ම ශාලාවක්, ධර්ම පුස්තක තැන්පත් පොත්ගුලක්, පිරිත් දෙසන පිරිත් මණ්ඩපයක්, ආහාර පාන පිසින බෙහෙත් හදන ස්ථානයක්, රෝගී භික්ෂූන් සිටින ගිලන් හලක්, විවේකාගාරයක්, තෙරුවන් සන්තක ගරු භාණ්ඩ ඇති ගබඩාවක් වශයෙන් ද භාවනා කරන ස්ථානයක් ලෙස ද ආවාසයක් ප්‍රයෝජනයට ගනියි. මේ උතුම් සදහම් කරුණු මූලික කරගෙන මනසිකාරයෙ පිහිටා ගෙන සත්පුරුෂ පින්වතුන් පිරිසක් විසින් වැලිවේරිය දනව්කන්ද ප්‍රදේශයේ පිහිටි ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථානූබද්ධ "සිරිමංගල යෝගාශ්‍රමය" හි අභිනවයෙන් ඉදිකෙරෙන කුඩා විහාර මැදුරක්, ධර්ම විනය පුස්තක ඉගැන්වීම් හා කියවීම් ශාලාවක්,ස්වාමින් වහන්සේ නමකට වැඩ හිඳිමට ආවසය පහසුකම් හා සක්මන් භාවනාව සඳහා සක්මන් මළුවක් ,කැසිකිළි වැසිකිළි පහසුව, පැන් පහසුව හා ගිලන්පස සකසා ගන්නා කොටසක් සහිත ආවාස පූජාවක් කිරීමට ඉදිරිපත්ව සිටි.ඒ උතුම් මා හැඟි මහා කුසල කර්මය උදෙසා ඔබටත් දායක විය හැක. Page එකේ ඇති donate මත click කිරීමෙන් ඔබට PayPal මගින් ආධාරය කල හැක නොමැතිනම් පහත ගිණුමට මුදල් බැර කරන මෙන් මෙත් සිතින් ඉල්ලා සිටිමු. අප පිටුව මගින් ධර්ම දානයට අමතරව පින්වත් ඔබට විදේශයේ රැකියාවල නියැලෙන ඔබහට උතුම් අටමහා කුසල් පුර්ණය කරගැනීමට ඉදිරියේදී ද මහඟු පිංකම් සැදැහැවත් ඔබ වෙත ගෙන එමි. ඔබ සැමට තෙරුවන් සරණයි! Sirimangala Anomadassi Yogasramaya https://goo.gl/maps/qXKLS1WeQyq 1019 5706 1623 වාසුර එදිරිසුරිය සම්පත් බැංකුව පිළියන්දල ශාඛාව Posted by Wasura Edirisuriya at 9:10:00 PM ආවාස පූජාවේ අනුසස්‌ කිවුල්දෙණියේ විජිතනන්ද හිමි, නිග්‍රෝධාරාම සේනාසනය, පොල්පිටිය උතුර, මැටිකුඹුර, පොල්ගහවෙල. පොදු මානුසික අවශ්‍යතා අතර ඇඳුම් පැළඳුම්, කෑම-බීම, ගෙවල්-දොරවල් සහ සෞඛ්‍ය පහසුකම් මූලික වේ. රටක්‌ පාලනය කරන රජයකින් ජනතාවට ඉටුවිය යුතු මූලික යුතුකම් වශයෙන් සැලකෙන මේ අවශ්‍යතා හතර, සසර දුක අවබොධ කරගෙන නිවන් දකින්න පැවිදි දිවියට ඇතුල්වෙච්ච භික්‌ෂුවටත් පොදුයි. ප්‍රත්‍යවේක්‌ෂා වශයෙන් සැලකෙන චීවර, පිණ්‌ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසය ගිහි පරිභෝගයට වඩා පැවිදි පරිභෝගයේ විශාල වෙනසක්‌ තිබේ. භිකෂුන් වහන්සේ ආරාම පරිභෝග කරන්නේ, රැස්‌ කරන ධනයක්‌ ආරක්‌ෂා කිරීමට හෝ සොර සතුරු උවදුරකින් වැලකීමට හෝ නොවේ. සීත පීඩා, උෂ්ණ පීඩා වළක්‌වා ගන්න, ලේ බොන මැස්‌සන්, මදුරුවන්ගෙන් ආරක්‌ෂා වෙන්න, සුළඟ, අව්ව, වැස්‌ස සර්පාදීන්ගෙන් එන පීඩාවන් දුරුකරගන්න, විවිධ සෘතු උපද්‍රවවලින් ආරක්‌ෂා වෙන්න සහ සිත එකඟ කර ගැනීමේ පහසුව පිණිසත් කියන මේ කාරණාවලට. ඉහත සඳහන් පරමාර්ථයන්ටත් වඩා පුළුල්වූ පරමාර්ථයන් මත විහාරාරාම ගෙඩනැගුණු බව ඒ සඳහා වැය කරන ලද විශාල ධන පරිත්‍යාගයන්ගෙන් පැහැදිලි වේ. පනස්‌ හතර කෝටියක්‌ ධනය ඡේතවනාරාමය සඳහාත්, විසිහත් කෝටියක්‌ ධනය පූර්වාරාමය සඳහාත් වැය කර තියෙන බව පොතපතේ සඳහන් වේ. ලංකා සාසන ඉතිහාසය අනුව අතීත රජදරුවන් මහා විහාරය, අභයගිරිය, ඡේතවනය වගේ සුවිසල් ආරාමත්, සත්මහල් ලෝවාමහා ප්‍රාසාදයත් භික්‌ෂුන් වහන්සේලාගේම ප්‍රයෝජනය උදෙසා ගොඩනැගුවා. සක්‌විති රජ සැප අත්හැර, තුන් සෘතුවට ගැළපෙන රම්‍ය, සුරම්‍ය, සුබ වගේ දැකුම්කළු මහා ප්‍රාසාද අත්හැර මහන වුණු මහ බෝසතාණන් වහන්සේට ශාක්‍යයන් විසින් නිග්‍රෝධාරාමය, බිම්බිසාර රජතුමා විසින් වේළුවනාරාමයත්a, අනේපිඬු සිටුතුමා විසින් ඡේතවනාරාමයත්, විශාඛා උපාසිකාව විසින් පූර්වාරාමයත්, මහා ධන පරිත්‍යාගයන් සිදුකරමින් සකස්‌ කර පූජා කළා. පාවාරික සිටුවරයා කළ පාවාරිකාරාමය, කොසබෑ නුවර ඝෝෂිතාරාමය තවත් ඒ වගේ විහාර අතර වෙනවා. සුනාපරත්ත ජනපදයේ රත් සඳුන්වලින් විහාරයක්‌ බුදුරදුන් සඳහා ගොඩනැගූ බව පුණ්‌ණෝවාද සූත්‍රයේ සඳහන් වෙනවා. මුලදී ගහක්‌ යට, ලෙනක්‌ තුළ වැඩ වාසය කරමින් බුදුන්වහන්සේගේ දහම් පණිවිඩය බෙදාහැරීමේ නිරතවෙලා හිටපු ශ්‍රාවක සංඝයා සඳහාත් බුදුන් දවස ආරාම ගොඩනැගූ බව අට්‌ඨක නාගර සූත්‍ර වර්ණනාවේ සඳහන් වේ. අට්‌ඨක නගර වැසි දසම කියන ගෘහපතියා ආනන්ද හිමියන් සඳහා පංචසතික විහාරයක්‌ කළ බවත්, චිත්ත ශෘහපති විසින් මහානාම හිමියන් සඳහා ආරාමයක්‌ කළ බවත් සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා සංඝරත්නය පහළ වෙච්ච මුල් කාලයේ භික්‌ෂු සංඝයා ගල් ගුහා, වනාන්තර, ගස්‌ යට ආදී තැන්වල වැඩ වාසය කළා. ශාසනය ආරම්භක අවධියේ භික්‌ෂුන්ට අවශ්‍ය ආවාස ආදිය සකසා දීමක්‌ සිදුවෙලා නෑ. ඊට හේතුව තමයි බුදුන්වහන්සේ ලෝකයට පහළ වෙච්ච අලුත, සාසනයේ වටිනාකම තේරුම් ගෙන ඒ වගේ කටයුතු කරල දෙන්න දැනුවත් වෙච්ච පිරිසක්‌ නොසිටීම. මිනිසුන්ට බුද්ධ ශාසනයේ වටිනාකම වැටහුණේ සද්ධර්මය අහලා දැනුවත්භාවය ඇතිවුණාට පස්‌සේ. ඒ සඳහා සෑහෙන කාලයක්‌ ගත වුණා. ඊට පස්‌සේ බුදුන් වහන්සේ මුල්කරගෙන සංඝ රත්නය උදෙසා ගරු සැලකිලි, සිව්පස පූජාවන් ලැබෙන්න පටන්ගත්තා. එක්‌ අවස්‌ථාවක දායක පිංවතෙක්‌ භික්‌ෂුන් වහන්සේ නමකට කුටියක්‌ හදා දෙන්න ඇහුවම, බුදුරජාණන් වහන්සේ ආවාස පිළිගැනීමට අනුදැන වදාරා නැති නිසා භාරගැනීමට නොහැකි බවත්, බුදුන්වහන්සේගෙන් ඒ සඳහා අවසර අරගෙන දැනුම්දිය හැකි බවත් පැහැදිලි කළා. මේ කාරණය තථාගතයන් වහන්සේට දැනුම් දුන්නම ආවාස පිළිගැනීමට අනුදැන වදාළා. එතැන් පටන් ආවාස සකස්‌ කරල බුදුපාමොක්‌ මහ සඟරුවනට පූජාකරන්න සැදැහැවතුන් උනන්දු වුණා. වළගම්බා රජතුමා දෙමළ ජනයා සමග සටන් කර පැරදිලා කැලෑවේ ඉන්නකොට, මහා විහාරවාසී තිස්‌ නම් භික්‌ෂුවක්‌ පිඬුසිඟා ආහාර අරගෙන ගිහින් රජ පවුලට සංග්‍රහ කළා. කැලේ හිටපු රජතුමා ඇතුළු පිරිසට ආහාරය විශාල උපකාරයක්‌ වුණා. ඒ නිසා පසුව වළගම්බා රජතුමා, රජ වුණාම තමන්ට කළ උපකාරයට කළගුණ සැලකීමක්‌ වශයෙන් අභයගිරි විහාරය හදා තිස්‌ස හාමුදුරුවන්ට පෞද්ගලිකව පූජා කළා. පුද්ගලික ආරාමයක්‌ බාර ගැනීමේ වරදට මහා විහාරික භික්‌ෂුන් 'උක්‌ෙ€පනීය' කියන විනයකර්මයකින් aතිස්‌ස භික්‌ෂුව මහා විහාරයෙන් නෙරපා හැරියා. ඊට පස්‌සේ අභයගිරි නමින් නිකායක්‌ ඇතිවුණා. අභයගිරියෙන් කැඩී ගිය තවත් භික්‌ෂු පිරිසක්‌ ඡේතවන නමිනුත්. එයින් කැඩී ගිය තවත් පිරිසක්‌ සාගලිය නමිනුත් නිකායන් විදිහට බිහිවුණා. පෞද්ගලිකව ආරාමයක්‌ බාර ගැනිමේ ප්‍රථිපල වශයෙන් නිකාය භේදයන් ඇතිවෙලා නොයෙක්‌ ශාසනික අර්බුදත් පහළ වුණා. ඒ නිසා සතර දිගින් වඩිනා සංඝයා උදෙසා සඟසතු කර පූජා කිරීම තමයි ශාසනානුලෝමික වෙන්නේ. Posted by Wasura Edirisuriya at 8:12:00 PM තණ්හාව ජය ගැනීම සියලු දුක් වලින් නිදහස් වීමයි ...!! තණ්හාව ජය ගැනීම සියලු දුක් වලින් නිදහස් වීමයි ...!! ශාක්යී රජ කෙනෙක් බුදු පියාණන් වහන්සේ ගාවට ගිහිල්ල කියනවා ස්වාමිනි අපි ( හරිම ආඩම්බරයෙන්) , මාසෙකට එක දවසක් 24 පැයම අටසිල් රක්නවා කියලා . භාගයවතුන් වහන්සේ අහනවා " මහා රජ මාසෙකට එක දවසක් අට සිල් රැකලා මේ ඝෝර භයන්කාර සසරෙන් එතෙර වෙන්න පුලුවන්ද කියලා". ඊස්සේ තමාතීරණය කරන්නේ (ශාක්ය යෝ) මුළු ජිවිතයම අට සිල් සමාදන් වෙන්න . ශාක්යම යවංශිකයෝ මුළු ජිවිතයම අටසිල් රැක්කා.අපිට පුලුවන්ද ..? බැරි බව භාග්ය වතුන් වහන්සේ දන්නවා.ඒ නිසා දේශණා කළා 8 ක් නෙමයි 5 ක් රකින්න කියලා . ඉතිං 5 ක් වත් රකින්න අපි දක්ෂද කියලා තමා හිතන්න වෙන්නේ .භාග්ය වතුන් වහන්සේ දේශණා කරන මේ දක්ෂායා එහෙම නැත්තං ඥාණ වන්තයා අපි කථා කරන දක්ෂකයා ගාව නෙමයි ඉන්නේ . අපි දක්ෂ යි කියලා කථා කරන්නේ පිළිවෙලට හොඳට විභාග ටික පාස් කරලා නම් උපාධි දෙකක් තුනක් පාස් කරගන්න පුළුවන් වුනා නම් අපි හිතන්නේ ඒ ගොලෝ දක්ෂද භාග්ය වතුන් වහන්සේගේ ඥාණය කියන තැන ඒ ගොල්ලෝ දක්ෂක නෙමයි .දක්ෂව වෙන්නේ අත් හරින්න පුළුවන්නම්.මේ නිවණ හොයාගන යන්න භාග්යොවතුන් වහන්සේ මොකද්ද දේශණා කලේ ..? අත්හරින්න නේ .නිවණ සොයන්න අත්හරින්න ඕනේ . "සබ්බ දුක්කං ජිනාති " සියළු දුක් දිනන්නේ සියළුම තණ්හාවල් අතහැරපු දවසට ." තන්හක්ඛයෝ සබ්බ දුක්කං ජිනාති. " තණ්හාවෙන් නිදහස් වීම සියළු දුක් වලින් ජයක්ග්රදහණය කිරීමයි. එතකොට බුදුපියාණන් වහන්සේ අපිට ඒක පාරටම දේශණා කලාද ගෙවල් දොරවල් යාණ වාහන ඉඩකඩම් වතු පිටි මේ සේරම අතහරින්න කියලා ..?? එහෙම භාග්යාවතුන් වහන්සේ දේශණා කරලා නෑ එක පාරම.අත් හරින්න හරි ලස්සනට භාග්යහවතුන් වහන්සේ උගන්නලා තියෙනවා.ක්රහමානු කුලව පිළිවෙලට. එහෙනම් නිවන් ලබන්නට නම් අත්හරින්නම වෙනවා. එහෙනම් මොනවාද අත්හරින්න කියන්නේ සිල්පද 5 ත් එක්ක..? පන්සිල් පද පහ කියලා කියන්නේ අත්හැරීමක් .අපේ අයට හිතෙනවද මේ පන්සිල් ඇතුලේ අත්හැරීමක් තියෙනවා කියලා ..? මුළු ජීවිතෙන්ම ප්රාාණ ඝාතය අත්හරිනවා මම . බලන්න භාග්යඅවතුන් වහන්සේ මොන තරම් ලස්සනට .. බුදු කෙනෙකුට හැර මේවා අපිට දේශණා කරන්න පුළුවන් වෙයි ද ..? අත්හැරීම උගන්නපු හැටි මුළු ජීවිතෙන්ම ප්රාගණ ඝාතය අත්හරිනවා .බුදු පියාණන් ළඟ පොරොන්දු වුනා නම් ස්වාමිනි අද පටන් මම මගේ ජීවිතය හේතුවෙන් වත් ප්රාගණඝාත යනම් කරන්නේ නෑ කියලා පොරොන්දු උනොත් මේ ලෝකයේ දෙන්න තියෙන ධර්ම දානය ලඟට ඊළඟ දානය . සියළුම සත්වයන්ට අභය දුන්නා කියලා සඳහන් කළා .ධර්ම දානය හැර මේ ලෝකේ මහා දාන 5 ක් තියෙනවා .මේ මහා දාන පහ තමයි පන්සිල් කියලා කියන්නේ .එතකොට මේ මහා දාන පහ දෙන්න සල්ලි වියදම් කරන්න ඕනෙද ..? අවශ්ය නෑ මේ මහා දාන පහ අපි ඕනෑම කෙනෙකුට මුදුන් පත් කරගන්න පුළුවන් විදිහටයි භාග්යයවතුන් වහන්සේ දේශණා කලේ එහෙම නම පලවෙනි එකෙන් අත්හරිනවා ප්රා ණඝාතය . දෙවැනි එකෙන් අත්හරිනවා හොර කම මගේ ජිවිතේ මම කවදාවත් අනුන්ගේ දේකට අත තියන්නේ නෑ .තුන්වෙනි එකෙන් අත් හරිනවා කවර කවම දාකවත් අනුන්ගේ කාමවස්තුන් පරිහරණය කරන්නේ නෑ . අත්හරිනවා එතකොට කොච්චර දක්ෂව ද එහෙම ඉන්න පුළුවන්නම් මම දක්ෂනයෙක් හරි ආඩම්බරයක් ඇති වෙනවා එතකොට.මුළු ජීවිතෙන්ම මම අත්හරිනවා අපි හරි අමාරුයි කියලා කියන්නේ නමුත් මගේ ජිවිතෙන් අත්හැරලමා දානවා බොරු කියන එක . කොච්චර දක්ෂා ද ..? මුළු ජිවිතෙන්ම මම රහමෙර පානය කරන එක අත්හරිනවා මේ දැක දැක පෙනී පෙනී ළඟ තියාගන ළඟ ඉන්න කෙනා පාවිච්චි කරනවා බල බල මමත් මෙතෙක් පාවිච්චි කළා මම දන්නවා රස ගුණ ඔක්කොමත් දන්නවා ලැබුනහම තියෙන අස්වාදයත් මම දන්නවා එකේ වටිනා කමත් දන්නවා ඒ සියල්ල දැක දැක මගේ ඉස්සරහ පිට ඉන්න කෙනා පාවිච්චි කරද්දී නුත් නෑ මම අත්හැරියේ අත්හැරියමයි කියල පුළුවන්නම් ඒ ගොල්ලෝ හැබෑ වීරයෝ ඒ ගොල්ලන්ට වීරයෝ කියන්නේ .අත්හැරීම ප්රතගුණ කරන්න කියලා දේශණා කලේ ඒක .එහෙනම් බුදුපියාණන් වහන්සේ මේ සිල්පද පහකින් අපි කොච්චර ඉහලට ගෙනාවද ..?? කොච්චර ඉහලට ගෙනාවද කියනවානම් මේ කෙලෙස් 1500 ක් නැති කරලා යන්න තියෙන සුගතිය මේ සිල්පද පහෙන් සඳහන් කරන කරුණු පහක් අත්හැරීමෙන් සතර අපායෙන් නිදහස් කරනවා කියන්න මේ පහට මොන තරම් ශක්තියක් තියෙනවද ..?? පුංචි කරනා පහක් ද අපට මේ දේශණා කරලා තියෙන්නේ ..?? ඒ නිසා දේශණා කළා ආරක්ෂා කරන්න මේ කරුණු පහක්. නිරයට ගෙනියන්න කාටවත් බෑ . මහා සමය සුත්රේය 3 කොටස පුජණිය කෝරලයාගම ගම සරණතිස්ස ස්වාමින් වහන්සේ. Theruwan saranai....!!! Posted by Unknown at 7:13:00 PM දැන් අමාසුවඳ අැන්ඩ්රොයිඩ් ඇප් එකක් ලෙස සකස් කොට ඇත. බාගත කීරීමට පහළ ලින්ක් එක click කරන්න. තෙරුවන් සරණයි!.
නිතර ඇහෙනවා, සමාජ මාධ්‍යවල පෝස්ට් එනවා විදුලි රථවල මාකට් බහිනවා නේද? ලීෆ් එකකට එන්ජිමක් දාන්න බැරිද? බැටරි නැද්ද? හෝ සමාන ප්‍රශ්ණ. මේ පෝස්ට් වලට ප්‍රතිචාර දක්වනවා කිහිප වර්ගයක අය. ඒ අය අතර විහිළු කාරයෝ, ඉන්ධන මේනියාවෙන් ගැලවෙන්න බැරි අය, ගෝලීය උණුසුම වැඩිවීම ප්‍රතික්ෂේප කරන්නෝ, විදුලි රථවල පැවැත්ම විශ්වාස නොකරන්නෝ, වාහන ව්‍යාපාරිකයො, බැටරි බිය ඇතිකරන වංචා කාරයෝ වැනි බොරදියේ මාළු බාන්න හදන අය තමයි වැඩිපුර ඉන්නේ! නැවත විකිණුම් වටිනාකම වැදගත් සාධකයක්, ලංකාවේ පමණක් නෙමෙයි වෙනත් රටවල වුනත් අලුත් වාහනයක් මිලදී ගැනීමේ තීරණයේදී , අඩු වැඩි වශයෙන්. මේ එලොන් මස්ක්, මේ අය ලෝකය යන පැත්ත වෙනස් කළා. නමුත් ඒ වෙනස්වීම පිලි නොගන්න අය ලොව පුරාම ඉන්නවා. ටෙස්ලා අලෙවිය 2019 දී වසර සියගණන් පැරණි මෝටර් රථ වන මර්සිඩීස්, BMW, අවුඩි සහ ලෙක්සස් යන හතරේම එම පන්තියේ වාහන වල අලෙවි එකතුවට වඩා වැඩිවුනා. නමුත් ලංකාවේ අපි? “තෝමස් අල්වා එඩිසන් පරීක්ෂණ පවත්වලා බල්බ් එක හොයාගත්ත, අපි ඒ බල්බ් එකෙන් ලාම්පු හැදුව. ලෝකෙ පරීක්ෂණ කරල කරල විදුලි රථ හැදුව. අපි දැන් මෝටර් ගලෝල එන්ජින් තියන්න හදනව “ නිර්මාණාත්මකව මෙහෙම කියපු අය හිටියත් ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා, ඇතැම් ලීෆ් වල. බොහෝදුරට පාවිච්චියේ වැරදි සහ මුල්ම නිෂ්පාදනවල දුර්වලතා නිසා. බැටරි හිඟයත් මේකට එකතුවුනාම පෙළඹුනේ එක්කෝ එන්ජින් දාන්න, නැත්නම් අඩුමිලට විකුනන්න. තව විශාල පිරිසක් ඉන්නවා විදුලිවාහන ප්‍රවර්ධනය නොඉවසන නිසා වැරදි මත පතුරවන්න හදපු. ප්‍රධානම චෝදනාව තමයි සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නෑ කියන එක. ඊළඟට බැටරි නෑ, නැත්නම් ගණන් කියන එක. වැරදි ගණනය කිරීම්! විදුලි රථවල ලාභ පාඩු එමෙන්ම නැවත විකිණුම් වටිනාකම් බැලිය යුත්තේ වෙනස්ව නෙමෙයි. නමුත් ලංකාවේ අපි ගණන් හදන ක්‍රමය වැරදියි. සුපුරුදු ක්‍රමය වැරදියි කියල අපි අභියෝග කළා. ඒවගේම කිව්වා තමන් පාවිච්චි කරන කාරෙකේ පසුගිය අවුරුදු පහේ වියදම් දාන්න කියල, විවෘතව ගණන් හදල බලන්න. කව්රුවත් තාම ප්‍රසිද්ධියේ , නමුත් පාලුගෙයි වලන් බිදිනවා වගේ වැඩ කරනවා. අපි වාද විවාද කරන්නේ දැනුම වැඩිකරගන්න, හරි තීරණ වලට එළබෙන්න. අපි සෙකන්හෑන්ඩ් මාකට් එක (මේ වචනෙම වැරදියි) ගණන් හදන්නේ ගත්තු ගානෙන් විකුනපු ගාන අඩුකරලා, ඒ අතරතුර ඉන්ධන සේවා, අලුත්වැඩියා ඔය කිසි දෙයක් නොසලකා. වාහනේක කිලෝමීටරයක වියදම හෝ ආයෝජනයේ වටිනාකම සැලකිය නොහැකියි ඒවා අමතක කරල. ඉතින් අපිම හැදුවා ගාන…..ප්‍රසිද්ධ කළා ඉන්ධන රථ ෆෝරම් වලත්, තාම කව්රුවත් තර්කානුකුලව, දත්ත සහිතව අභියෝග කලේ නැහැ. මෙන්න ලින්ක් එක. https://mobility.lk/2019/08/22/cost-per-km-of-leaf-azeo/ එතකොට බැටරි ප්‍රශ්නේ? විදුලි වාහනයකට කොහොමහරි එන්ජිමක් දාන්න පුළුවන්. ඒක ගැන කතා වෙන්නේ ඉල්ලුමක් තියන නිසා. නමුත් වැඩක් නැහැ, ආර්ථික, ප්‍රයෝගික, දැනුම හෝ විනෝදය වෙනුවෙන්වත්. එහෙම ලිව්වේ අපි සමහරවිට ප්‍රොජෙක්ට් කාර් හදනවා ඔය හතරෙන් එකක් හෝ ඉලක්කය විදියට තියාගෙන, නමුත් මේකෙන් අනාගතයට ලැබෙන දෙයක් නැති බවයි අපේ මතය. “විදුලි රථ ආගමනය අපි කැමති වුනත් නැතත් වෙනදෙයක්, බොහෝ අය ක්‍රියාකරන්නේ එය හැකිතරම් ප්‍රමාද කිරීමට පමණයි.” ඔය ඔක්කොම හරි කියමු, ලීෆ් බැටරි ප්‍රශ්නෙට මොකද්ද උත්තරේ කියල කෙනෙකුට අහන්න පුළුවන්. අපි මුලින්ම ලීෆ් ගනිද්දී අමතක කරපු කාරණයක් තියනවා, ඒ බැටරිය මේ වාහනයේ වටිනාම කොටස බව, හොඳ ධාවන පුරුදු, එහි මිල ගැන අවබෝධය, කිලෝමීටරයකට ධාවන වියදම ගණනය කලයුතු ආකාරය නමුත් නොදැකපු නොහිතපු තැනකුත් තිබුන, ඒ බැටරි හිගයක් ඇතිවෙයිද කියන එක. ඉතිං‍ අපි විදුලි කාර් චාජ් කලේ ජංගම දුරකථන වගේ, අනෙක විදුලි රථයක් පාවිච්චිය ඉන්ධන රථයකට වඩා වෙනස් බව ඔලුවට දාගත්තේ නැහැ, මෙතනින් කියවන්න ඒ ගැන වැඩිදුර. https://mobility.lk/2019/08/17/big-battery-bang/ දැන් වුනත් ලංකාවේ තියන ලීෆ් හාරපන්දාහෙන් අතලොස්සකට තමයි බැටරි ඕනේ (2019 වනවිට). එනම් සුළු කාර් ප්‍රමාණයක් කිලෝමීටර් පනහේ සීමාවට එනවා (බොහෝවිට වැරදි පුරුදු සහ ලෝකේ බැටරි තාක්ෂණයේ මුලකාලේදී නිෂ්පාදනය වුන බැටරිවල අඩුපාඩුත් හේතුවුනා). බැටරිය පරිස්සම් කරගන්නේ කොහොමද කියල ඇතිවෙන්න කියලදීල තියනව. මෙන්න ඒ හොඳ පුරුදු. https://mobility.lk/2019/05/12/use-ev-battery-for-long/ ලංකාවෙ සමහර ලීෆ් කිලෝමීටර් ලක්ෂය පන්නල, බැටරියෙන් 75% තවත් ඉතුරුයි. ඒවගේම කිහිපයක් ලක්ෂ දෙකේ සීමාවට ඇවිල්ල, ලක්ෂ දෙක පහුකරපුවත් තියනවා පළමු බැටරියෙන්, 2012/14 හදපු රථ. ඇයි ලීෆ් මිල අඩුවුණේ, බැටරිය නිසා. තව පැහැදිලි විදියකට කිව්වොත් රේන්ජ් එක අඩුවීම නිසා. නමුත් මේ වුනේ මිල අඩුවීමක් නෙමෙයි. ඇත්තටම සමාන රථ සමග සැසදීමේදී නැවත විකිණුම් වටිනාකම, එනම් අපේ ලාභය වැඩිවෙලා, බොහෝ අවතාවලදී, බැටරි ක්ෂය වුනත්. මෙතන තමයි අපට ගණන් වැරදිච්ච තැන. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක! නියම විදියට ගණන් හැදීම (ගත් මිළ + ඉන්ධන සහ නඩත්තු වියදම + මුදලේ වියදම) – නැවත විකුණුම් මිල = ක්ෂයවීම (ලාබය හෝ පාඩුව) නමුත් අපි සෙකන් හෑන් මාකට්එක හදන විදිය? ගත් මිළ – නැවත විකුණුම් මිල = ??? ලංකාවෙ EV ජනප්‍රිය නොවෙන්න/නොකරන්න මේ වැරදි ගණනය කිරීම ප්‍රධානම හේතුවක්. ඉන්ධන රථයක කිලෝමීටරයක අවම වියදම් වෙනස විදියට රුපියල් 20ක් ගත්තත් ලක්ෂයක් දුවපු පැට්‍රල්/හයිබ්‍රිඩ් රථයකට මිලියන දෙකක් එකතුකළ යුතුයි. මේ ටික කිව්වාම අහනවා එතකොට බැටරි දාන්න යන වියදම ගැන. ඒ තමයි ක්ෂයවීම, විකුනන්නේ අඩුවෙන්. අපි මේ ගණනය කිරීම දීර්ඝව කරනවා, පහල. තව වැරදුනු සහ වරද්දන තැන් බොහොමයි, නොදැනුවත්කමට වඩා යටි අරමුණු මත. බැටරියක් දානවනම්? ගිය අවුරුද්දේ (2018) බැටරි මිල කිලෝවොට් පැයකට ඩොලර් දෙසියට වඩා අඩුවුනා, දෙසීයක් වුනත් අපිට එනකොට 24 kWh බැටරියකට වෙන්නේ රුපියල් 864,000. මේවා පොතේ ගණන් විතරක් නෙමෙයි ප්‍රායෝගික බව මේ ක්ෂේත්‍රයට සම්බන්ධ අය විදියට අපි දන්නවා. (පින්තුරය 3) බදු වුනත් අඩුකරන්න රජය පියවර ගන්න බව දන්නවා. මේ මිල අඩුවුනත් මේ කාර් පාවිච්චිකරන අයට මිලියනයකට වඩා ගෙවල බැටරියක් ආයි දැම්මත් ලාබයි, මොකද හරි විදියට පාවිච්චිකරන කෙනෙකුට එතකොට කිලෝමීටරයට බැටරි වියදම රුපියල් පහයි. සොලාර් තියනවනම් ඉන්ධන වියදමක් නෑ, හරි ක්‍රමයත් ඒකයි, TOU ටැරිෆ් එකේදී යුනිට් එක ලාබයි ඒ නැතත්. ලෝකේ බැටරි මිල අඩුවීම බැටරි හිඟය. ඇයි ඉතින් බැටරි තාම නැත්තේ? ඒක ප්‍රශ්නයක්. මිලියනයකට වඩා ගෙවල ලංකාවේ බැටරි දාන්න අවශ්‍ය අය තවම ඇති ප්‍රමාණයක් නෑ. ධාවනය දවසට තිහයි නමුත් කිලෝමීටර් 50 වඩා යන්න පුළුවන් අයත් බැටරි හෙවිමෙන් තරමක කෘතීම හිඟයක් මතුවෙලා තියනවා. ඒ වගේම නිසාන් සමාගම මේ සඳහා කැප නොවීම, ඔවුන්ගේ අභ්‍යන්තර ගැටළු, ආනයන නීති මේ සඳහා අඩු වැඩි වශයෙන් හේතුවෙලා තියනවා. රේන්ජ් එක තිහට බහිනකොට නම් අමාරුවෙයි, නමුත් වසරක් තුල විසඳුම් ලැබෙයි, ඒ ගැන පාර්ශව කීපයක්ම ක්‍රියාත්මක නිසා විදුලි වාහන සමාජයත් එකතුව. බැටරි නැත්නම් තමුන්ගේ දෙයිනික ධාවන අවශ්‍යතාවයට මදිනම්, වේග ආරෝපකයකට යයි, නැත්නම් රේන්ජ් එක වැඩි එකක් ගනියි. අමතක කරන්න එපා ලංකාවේ වාහන ගන්නේ තමුන්ගේ ධාවන අවශ්‍යතාආනුව නෙමෙයි, වෙනත් අවශ්‍යතා මත බව. අනෙක කාරෙකක ජීවිත් කාලෙන් සීයට අනූවක් ගතකරන්නේ ගාල් කරල තියෙද්දී බව. දැන් පොඩි ගානක් හදමු. මෙන්න තියනවා 2019 අගෝස්තු දැන්වීමක්, මිල දාල තිබුන මිලියන 2.2 කියල, රේන්ජ් එක 140 ~ 150යි . දැන් මේ EV එක කිලෝමීටර 100 ක පරාසයක් දක්වා පහත වැටෙන තෙක් ඉදිරි වසර 3 සඳහා මසකට කිලෝමීටර් 2,500 ක් ගානේ දුවනවා කියල සිතමු. කිලෝමීටර 90,000 ක්. හිතමු අවුරුදු තුනකදී මේක මිලියන 1.5 කට අඩුවෙනවා කියල. දැන් තියන රේන්ජ් එක 100 හෝ 80 වෙනකොට.මිල 1.5M (උපරිම) දක්වා පහත වැටෙන විට. කිලෝමීටරයකට පිරිවැය LKR 8.8 යි. මේකට විදුලි සහ නඩත්තු වියදම් (ICE රථවලටත් පොදු ඒවා ඇත හැරලා) ගත්තොත් කිලෝමීටරයකට රුපියල් 11 ක්. මේ වියදම ප්‍රියස් එකකට LKR 40 පනිනවා, ප්‍රමාණයෙන් පොඩි වුනත් ඇක්වා එකකට බැලුවොත් රුපියල් තිහ පනිනවා. ගණනය කිරීම් මෙතනින් බලන්න. https://mobility.lk/2019/08/22/cost-of-km-ev-hybrid/ තව විදියකට බලමු, කිලෝමීටර 100,000 දුවල ඔබ මෝටර් රථය කාටහරි නිකං දෙනවා කියල හිතමු …. තවමත් CPK රු. 22, ඒත් ලංකාවේ දැනට හොදම සෙකන් හෑන් මාකට් තියනවා කියන ප්‍රියස් වලට වඩා අඩුයි …. එක්කෝ අපේ ගණිතයේ වැරද්දක්, නැත්නම් රටේ වැරද්දක්. අපිට විදුලි රථ ගැන කතාකරද්දී මගහැරෙන ලොකුම දේ තමයි වෙන රටවල විදුලි රථවල මිල සමාන ඉන්ධන රථවලට වඩා වැඩියි කියන එක. හැබැයි ලීෆ් වල මිල අඩුවීමෙන් එක හොඳක් වුනා….ජීවිතේට විදුලි රථයක් නොගන්න හිතපු අය ලාබ නිසා හරි ගැනීමෙන් මේවායේ හොඳ දැනගත්ත. වෙබ් සහ FB පිටු සබ්ස්ක්‍රයිබ් / ලයික් / ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔබව අපි යාවත්කාලීන කරනවා, තාක්ෂනය සහ දැනුම හැමදාම අලුත්වෙන නිසා. අප සුදානම් ඔබගේ අදහස් සහ ගැටළු දැනගන්න, තර්කානුකුල විසදුම් සපයන්න. අපව අමතන්න මෙතනින් පුළුවන්. https://mobility.lk/contact us Related Tags:BuyingResale Value 5 thoughts on “නැවත විකිණුම් මිළ!” Pingback: විදුලි රථ – වාසි අවාසි – EV Rev Pingback: Energy for EV’s by 2040 – EV Rev Pingback: සෙකන්ඩ් හෑන්ඩ් EV ගමුද? – EV Rev Pingback: ලංකාවෙ විදුලිරථ වේගයෙන් ජනප්‍රිය නොවුනේ ඇයි! – EV Rev Pingback: භාවිතාකළ EV ගමුද? | Mobility Alliance Leave a Reply Cancel reply Your email address will not be published. Required fields are marked * Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Categories Batteries (21) eBikes (4) Energy (26) Environment (39) EV | විදුලි රථ (78) Infrastructure (49) Lifestyles (31) Mobility (43) Saving money (40) Wellbeing | යහපැවැත්ම (61) Products & Services ac Battery Bicycle bicycles bmw BYD check Cleaning climate control conversion dashboard Diagnosis e6 eBike english ev Giant iX3 leaf MG Micromobility Mobility Motor preventive maintenance repair Sales sd card service Search Search for... Tags Accidents (3) Battery (12) Bicycles (4) Business (7) Buying (14) Cars (4) Chargers (3) Climate Change (6) collision (4) Congestion (5) Covid19 (5) Cycling (14) Economy (6) Emissions (7) Energy (4) Energy storage (4) EV (3) Global warming (7) Hybrid (4) ICE (3) Infrastructure (6) Leaf (13) LRT (3) Micromobility (5) Mobility (18) Model 3 (3) Policy (4) Pollution (11) Prevention (3) Production (3) Public Transport (17) Range (3) Recycling (4) Resale Value (5) Sales (5) Service (4) Solar (3) Sustainability (4) Technology (7) Tesla (14) Toyota (12) Traffic (6) Transport (15) Vega (4) VW (4) Subscribe via Email Email Address Subscribe Products BMW iX3 M Sport BYD All New E6 BYD Atto 3 MG e ZS Nissan Leaf Tekna Categories Batteries eBikes Energy Environment EV | විදුලි රථ Infrastructure Lifestyles Mobility Saving money Wellbeing | යහපැවැත්ම Search Search for... Product categories Accessories e Bikes EV for Sale EV Imports EV Services Nissan Leaf Conversions Nissan Leaf AZE0 Nissan Leaf ZE1 Parts Uncategorized Mobility Alliance | Powered by Green Energy Terms and Privacy Orders and Shipping We use cookies on our website to give you the most relevant experience by remembering your preferences and repeat visits. By clicking “Accept All”, you consent to the use of ALL the cookies. However, you may visit "Cookie Settings" to provide a controlled consent. Cookie SettingsAccept All Manage consent Close Privacy Overview This website uses cookies to improve your experience while you navigate through the website. Out of these, the cookies that are categorized as necessary are stored on your browser as they are essential for the working of basic functionalities of the website. We also use third-party cookies that help us analyze and understand how you use this website. These cookies will be stored in your browser only with your consent. You also have the option to opt-out of these cookies. But opting out of some of these cookies may affect your browsing experience. Necessary Necessary Always Enabled Necessary cookies are absolutely essential for the website to function properly. This category only includes cookies that ensures basic functionalities and security features of the website. These cookies do not store any personal information. Non-necessary Non-necessary Any cookies that may not be particularly necessary for the website to function and is used specifically to collect user personal data via analytics, ads, other embedded contents are termed as non-necessary cookies. It is mandatory to procure user consent prior to running these cookies on your website.
1100 ඇලුමිනියම් ටියුබ් රසායනික සංයුතිය සහ ගුණාංග Jinguang Metal Jinguang 1100 යනු තාප පිරියම් කිරීම මගින් ශක්තිමත් කළ නොහැකි ඇලුමිනියම් අන්තර්ගතය (ස්කන්ධ භාගය) 99.00 ක කාර්මික පිරිසිදු ඇලුමිනියම් වේ.එය ඉහළ විඛාදන ප්රතිරෝධය, විද්යුත් සන්නායකතාවය සහ තාප සන්නායකතාවය, අඩු ඝනත්වය, හොඳ ප්ලාස්ටික්, පීඩන සැකසුම් මගින් විවිධ ඇලුමිනියම් ද්රව්ය නිෂ්පාදනය කළ හැකි නමුත් ශක්තිය අඩු වේ. පරීක්ෂණයක්විස්තර 2000 ශ්රේණියේ ඇලුමිනියම් ටියුබ් ඇලුමිනියම් පයිප්ප 2000 ශ්‍රේණියේ ඇලුමිනියම් මිශ්‍ර ලෝහවල ප්‍රධාන මිශ්‍ර ලෝහ මූලද්‍රව්‍යය තඹ වන අතර එම මිශ්‍ර ලෝහ Al-Cu මිශ්‍ර ලෝහ ලෙසද හැඳින්වේ.තාප පිරියම් කිරීමෙන් පසු.2000 ශ්‍රේණියේ ඇලුමිනියම් මිශ්‍ර ලෝහ අඩු කාබන් වානේ වලට සමාන යාන්ත්‍රික ගුණ ඇත.එය ආතති විඛාදන ඉරිතැලීම් වලට ගොදුරු වේ, එබැවින් චාප වෙල්ඩින් තාක්ෂණය යෝජනා නොකෙරේ. පරීක්ෂණයක්විස්තර 3000 ශ්රේණියේ ඇලුමිනියම් ටියුබ් ඇලුමිනියම් පයිප්ප ශ්‍රේණි 3000ක ඇලුමිනියම් මිශ්‍ර ලෝහවල ප්‍රධාන මිශ්‍ර ලෝහ මූලද්‍රව්‍යය මැංගනීස් වන අතර සමහර අය ඒවා Al-Mn මිශ්‍ර ලෝහ ලෙස හඳුන්වන අතර ඒවා ඉහළ ශක්තියක්, හැඩගැස්වීමේ හැකියාව සහ විඛාදන ප්‍රතිරෝධයක් ඇත.3000 ශ්‍රේණියේ ඇලුමිනියම් මිශ්‍ර ලෝහ ඇනෝඩීකරණය සහ වෙල්ඩින් කිරීම සඳහා සුදුසු නමුත් තාප පිරියම් කිරීම කළ නොහැකි ය.භාජන සහ භාජන වැනි ගෘහස්ත කුස්සියට උපකරණවල සිට බලාගාරවල තාප හුවමාරුකාරක දක්වා ඒවාට පුළුල් යෙදුම් තිබේ. පරීක්ෂණයක්විස්තර 5000 ශ්රේණියේ ඇලුමිනියම් ටියුබ් ඇලුමිනියම් පයිප්ප 5000 ශ්‍රේණියේ ඇලුමිනියම් මිශ්‍ර ලෝහවල මිශ්‍ර මූලද්‍රව්‍ය ලෙස ක්‍රියා කරන මැග්නීසියම් අඩංගු බැවින් සමහර අය ඒවා Al-Mg මිශ්‍ර ලෝහ ලෙස හඳුන්වයි.ඔවුන් විශිෂ්ට විඛාදන ප්රතිරෝධයක් සහ වෑල්ඩින් කිරීමේ හැකියාව පෙන්නුම් කරන නමුත් තාප පිරියම් කළ නොහැක.5000 ශ්‍රේණියේ ඇලුමිනියම් මිශ්‍ර ලෝහ පීඩන යාත්‍රා, ඉදිකිරීම්, ප්‍රවාහන සහ වාහන කර්මාන්ත සඳහා බහුලව භාවිතා කළ හැකි අතර විශේෂයෙන් සාගර පරිසරය සඳහා සුදුසු වේ. පරීක්ෂණයක්විස්තර 6000 ශ්රේණියේ ඇලුමිනියම් නල ඇලුමිනියම් පයිප්ප ශ්‍රේණි 6000ක ඇලුමිනියම් මිශ්‍ර ලෝහවල ප්‍රධාන මිශ්‍ර ලෝහ මූලද්‍රව්‍ය වන්නේ මැග්නීසියම් සහ සිලිකන් වන බැවින් ඒවා Al-Mg-Si මිශ්‍ර ලෝහ ලෙසද හැඳින්වේ.මධ්යම ශක්තිය, හොඳ විඛාදන ප්රතිරෝධය, යන්ත්රෝපකරණ සහ වෑල්ඩින් හැකියාව ඇති අතර, තාප පිරියම් කිරීම මගින් ඒවා ශක්තිමත් කළ හැකිය.6000 ශ්‍රේණියේ ඇලුමිනියම් මිශ්‍ර ලෝහ වඩාත් සුලභ ඇලුමිනියම් මිශ්‍ර ලෝහ වන අතර කාර්මික සහ ඉදිකිරීම් ඇලුමිනියම් පැතිකඩ නිස්සාරණය සඳහා භාවිතා කළ හැකිය.ඒවා වාස්තු විද්‍යාත්මක සහ ව්‍යුහාත්මක යෙදුම් සඳහා පළමු තේරීම වන අතර ට්‍රක් සහ සමුද්‍ර රාමු වලද බහුලව භාවිතා වේ. පරීක්ෂණයක්විස්තර 7000 ශ්රේණියේ ඇලුමිනියම් ටියුබ් ඇලුමිනියම් පයිප්ප 7000 ශ්‍රේණි ඇලුමිනියම් මිශ්‍ර ලෝහ ප්‍රධාන වශයෙන් Al-Zn-Mg සහ Al-Zn-Mg-Cu ශ්‍රේණි මිශ්‍ර ලෝහ වේ, එබැවින් සමහර අය ඒවා Al-Zn-Mg-Cu මිශ්‍ර ලෝහ ලෙස හඳුන්වයි.ඒවා සුපිරි දෘඩ ඇලුමිනියම් මිශ්‍ර ලෝහවලට අයත් වන අතර අභ්‍යවකාශ, වාහන සහ ඉහළ ඉල්ලුමක් ඇති කර්මාන්තවල පළමු තේරීම වේ. පරීක්ෂණයක්විස්තර දායක වන්න අපගේ නිෂ්පාදන හෝ මිල ලැයිස්තුව පිළිබඳ විමසීම් සඳහා දැන් පරීක්ෂණය අපිව අනුගමනය කරන්න අප අමතන්න කරුණාකර අප හා සම්බන්ධ වන්න කාමරය 0718, ගොඩනැගිල්ල 10, මූලික ව්‍යාපාරික දිස්ත්‍රික්කය, සමකාලීන ජාත්‍යන්තර ප්ලාසා, ඩොංචෙන් වීදිය, සංවර්ධන කලාපය, ලියාචෙන්ග් නගරය, ෂැන්ඩොං පළාත
වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු 129ක දඩුවම් කාලයක් ගෙවමින් සිටි කළුතර බී.ඩී සුමතිපාල නොහොත් හිතුමතේ ජීවිතේ නැමති සිරකරුවා ජනාධිපති තුමාගේ විශේෂ සමාව ලැබ නිදහස ලැබුවේය. 1972 වසරේ කළුතර තිස්ස විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවති අවුරුදු කුමාරිය තරගයේදී පළමු තැනට අභිෂේක ලැබූ මොහුගේ නැගණිය පැහැරගෙන දූෂනය කොට මරාදැමූ පොලිස් පරීක්ෂකයෙකු ඇතුළු ඝාතකයින් සොයා ගිය හිතුමතේ ජීවිතේ ඔවුන් සියල්ලන්ම අවස්ථා ගණනාවකදී මරා දැමුවේය. එම අරමුණ ඉටුකර ගැනීම සදහා ඔහු කීප වතාවක්ම බන්ධනාගාරයෙන් මිදී පලා ගියේය. අරමුණ ජයගත් පසු සාමකාමීව සිරගෙදර ජීවිතය ගත කලේය. [ Ethical Act ] අවස්ථා කීපයකදීම මරණීය දණ්ඩනයෙන් ගැලවුනු හිතුමතේ ජීවිතේ පෝරකයට නංවා ගෙලට තොණ්ඩුව දැමීමෙන්ද පසුව ජීවත් වීමට වාසනාව ලද එකම සිරකරුවා වන්නේය. ක්‍රියාදාම චිත්‍රපටියකට ඔබින මේ කථාව මෙලෙස ඔබ හමුවට එන්නේය. ගෝනදූවේ විසූ සුමතිපාල 17 හැවිරිදි වියේදී ඔහුගේ නැගණිය කුසුමා (කුසුමාවතී) පාසල් යාමෙන් පසු අතුරුදහන් වූ අතර ඇය කොල්ලෙකු හා පැනගිය බව ගමේ බොහෝ දෙනා විශ්වාස කල නමුත් ඇගේ දෙමාපියෝ හා අයියා එය පිළි නොගත්හ. පොලීසියේද පැමිණිලි කල අතර පොලීසියද නිද්‍රාශීලී බවක් අනුගමනය කලේය. සති කීපයකට පසු දිනක එල්ලයක් නැතිව පාරේ යමින් සිටි සුමතිපාලට කුසුමාගේ පාසල් මිතුරියක් හමු වූ අතර ඇය එතෙක් සගවාගෙන සිටි රහසක් ඔහුට කීවාය. කුසුමා අතුරුදහන් වූ දින ඇය සමග යමින් සිටියේ මෙම යෙහෙළියයි. පාළු පෙදෙසකදී එක්වරම නැවතූ මෝටර් රථයකට කුසුමා ඇද දමාගෙන ගිය බවත් රථයේ සිටියේ 1972 වසරේ කළුතර තිස්ස විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ පැවති අවුරුදු කුමරිය තරගයේදී පළමු තැනට අභිෂේක ලැබූ කුසුමාට කිරුළ පැළැන්දූ දිසානායක අයි.පී මහත්තයා බවත් රියදුරු විල්සන් නම් අයෙක් බවත් ඇය කීවාය. ( මේ බව කිසිවෙකුට නොකියන්නට ගෙදරින් පොරොන්දු කරගත් නිසා ඇය නිහඩව සිට ඇත) පොලීසියට ගොස් අයි.පී මහතා හමුවුවද ඔහු සුමතිපාල එලවා ගත්තේ නංගි කොල්ලෙක් එක්ක පැන ගිය බව කියමිනි. නංගිගේ අතුරුදන් වීම සම්බන්ධ කිසිදු පරීක්ෂනයක් සිදු නොවන බවත්, එවැනි පරීක්ෂණයකට අයි.පී මහතා ඉඩ නොදෙන බවද පැහැදිළිය. කළුතර නගරයේ කුලී රථ රියදුරකු වූ විල්සන් පදිංචිව සිටියේ තරමක් පිටිසර පෙදෙසක රබර් වත්තක් අසළය. සුමතිපාල දින කීපයක් නගරයේ කැරකී විල්සන් රියදුරුද ඔහුගේ නිවෙසද සොයා ගත්තේය. විල්සන් අල්ලා ගන්නට රබර් වත්තේ පාළු කිරි මඩුවකට රිංගා ගත් සුමතිපාල උල් පිහියක්ද ගෙන එහි රැක සිටියේය. රාත්‍රියේ තනිවම පැමිණි විල්සන් අල්ලා ගත් ඔහු පිහිය පෙන්වා භිය ගන්වා කිරිමඩුව කරා ඇදගෙන ගියේය. විල්සන් බීමතින් සිටි නිසා 17 වියැති සුමතිපාලට ඔහු මෙල්ල කිරීම පහසු විය. මරණ භියෙන් තැතිගත් විල්සන් සියල්ල වැමෑරීය. කුසුමා එදින පැහැරගැනීමෙන් පසු මීගමුවේ කොච්චිකඩේ අයි.පී මහතාගේ මස්සිනා කෙනෙකුට අයත් තානායමකට රැගෙන ගිය බවත්, මස් කඩ මුදලාලි කෙනෙක් සහ විදුහල්පති කෙනෙක් ඇතුළු පස් දෙනෙක් අතින් ඇය දින ගණනාවක් දූෂනයට ලක් වූ බව ඔහු කීවේය. මේ විස්තර ඔහු දැනගත්තේ එම තානායම් අයිතිකාරයාගේ රියදුරාගෙනි. ඉන්පසුව වෑන් රථයක දමා ඇය කොහේ හෝ ගෙනගොස් මරා පුළුස්සා දමා ඇති බව පසුව එම වෑන් රථයේ රියදුරා පවසනු ඔහුට ඇසී ඇත. සුමතිපාල විල්සන් මරන්නට ගියේ නැත. ඔහු විල්සන් අතහැර කළුතර නගරයේ ප්‍රකට කම්මල්කරුවෙකු සොයා ගොස් කඩොලාන කපන්නට යයි කියා වක් පිහියක් තනවා ගත්තේය. දින තුනකින් පිහිය ඔහු අතට පත් විය. අයි. පී. දිසානායක පදිංචිව සිටි නිවෙසේ වත්තේ තිබූ කෙසෙල් පදුරකට මුවා වී සුමතිපාල සිටියේය. ඔහු අත තිබූ පන් මල්ලක අළුත්ම වක් පිහිය තිබුනි. රාත්‍රී 8ට පමණ හොරෙන් වත්තට ඇතුල් වූ ඔහු දිසානායක පොලිස් ජිප් රථයේ සිට නිවසට ඇතුල් වනු බලා උන්නේය. වත්තේ තිබූ ළිද වෙත දිසානායක යන තෙක් ඔහු රැක සිටියේය. නමුත් මුළු රාත්‍රියේම එම අවස්ථාව උදා වූයේ නැත. සුමතිපාල ළිද අසල වාඩි වී පාන්දර වනතුරු කල්මැරුවේය. පාන්දර පහට පමණ නිවසේ විදුලි පහන් දැල්වුණු නිසා ඔහු පිහිය රැගෙන එදෙසට ගියේය. ටික වේලාවකින් ඉස්තෝප්පු දෙර අරින ශබ්දය ඇසුනෙන් ඔහු දිසානායක පිටතට එන විටම දොර අසල රැක සිට එක පහරකින්ම සතුරාගේ හිස කපා වෙන්කල සුමතිපාල හිස පන් මල්ලේ දමාගෙන වේගයෙන් දිව ගියේය. ප්‍රධාන පාරවල් මගහැර අතුරු පාරවල් වලින් ඔහු ගියේ පොලිස් නිළ නිවාස සංකීර්ණය වෙතය. ජේෂ්ඨ පොලිස් අධිකාරීතුමාගේ නිල නිවෙසට ආ සුමතිපාල ලේ බේරෙන පන් මල්ලෙන් මිනිස් හිස එළියට ගෙන අධිකාරීතුමාට භාර දුන්නේය. මහත්තයා මහන්සි වෙන්න ඕන නෑ. මගේ නංගි මැරූ මිනිහා මම හොයාගත්තා. දැන් ඔක්කොම ඉවරයි. පින් සිදුවෙයි. මහත්තයෝ මාව පෝරකේට යවන්න. තමුන්නාන්සේගෙන් මම ඉල්ලන්නෙ එච්චරයි. ඔන්න මගේ රාජකාරිය මම කළා. දැන් තමුන්නාන්සෙගෙ රාජකාරිය තියෙන්නෙ. සුමතිපාල කීවේය. පොලිස් අධිකාරිවරයා ගේ දුරකථන ඇමතුමින් පොලිස් නිලධාරීන් රැගත් වාහන කීපයක්ම එහි පැමිණ සුමතිපාල අත්අඩංගුවට ගත්තේය. පිහිය පොලිස් භාරයට ගැනුනු අතර හිස රෝහල් මෝචරියට යැවිණි. පොලිස් අධිකාරීවරයාගේ නියෝගය මත සුමතිපාලගේ කට උත්තරය ගත්තේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේදීය. සුමතිපාල කට උත්තරය ගත් නිලධාරියාට සියලු දේ නොසගවා හෙළි කලද පොලිස් පරීක්ෂකවරයා සිය නැගණියට කල විපත ඉදුරාම දත් බව පැවසුවා මිස තමා එය දැනගත් ආකාරය හෙළි නොකිරීමට වග බලා ගත්තේය. වඩා වැදගත් කරුණ නම් සිය දඩයමේ අවසානය මෙය නොවේ යැයිද ඔහු කට උත්තරයේ සදහන් කිරීමයි. වයස 18 සම්පූර්ණ කර නොතිබුනත් සුමතිපාලට චෝදනා එල්ල කලේ වැඩිහිටියෙකු ලෙස සලකාය. මහේස්ත්‍රාත් වරයා නඩුව විභාගයට ගත්තේ මාස 5 කට පමණ පසුවය. සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට තමා වරදකරුද නිවැරදිකරුදැයි නඩුකාර තැන ප්‍රශ්න කල අවස්ථාවේ, වැරදිකරු ස්වාමීනී යැයි ඔහු නොපැකිළව පිළිතුරු දුන්නේය. 1974 වසර අග භාගයේ මහාධිකරණ නඩු විභාගය ආරම්භ වූයේය. සුමතිපාල තමා වෙනුවෙන් කිසිවෙකු පෙනී නොසිටින බව ජූරි සභාව ඉදිරියේ නඩුව විභාගයට ගත් ප්‍රථම දිනයේ දැනුම් දුන්නේය. ඒ අනුව නඩු විභාගය කල් තබන ලද අතර සුමතිපාල වෙනුවෙන් පෙනී සිටීමට රජයේ නීතිඥ මහතෙකු නම් කොට නැවත නඩුව කැදවන විට තවත් මාස තුනක් ගත වී තිබුනේය. 1975 මාර්තු මාසයේ නඩු විභාගය අවසන් විය. සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට සුමතිපාල වැරදිකරු බවට ජූරි සභාවේ වැඩිදෙනා තීන්දු කලහ. 1975 මැයි මස 7 වැනි දින පෙ.ව 8.05 ට බෝගම්බර බන්ධනාගාරයේ බිත්ති හතරක් තුලදී බටුගහ ගෙදර දොන් සුමතිපාල නැමති අය ප්‍රාණය නිරුද්ධ වනතුරු එල්ලා මරණයට පත්කරන්නට නියම කොට මහාධිකරණ විනිසුරු තින්දුව ප්‍රකාශයට පත් කළේය. උක්ත අපරාධය සිදුවන අවස්ථාවේ මෙම නැතැත්තා වයස 17 ක තැනැත්තකු වුවද මරණීය අපරාධය සිදුකිරීමේ අදහසින් සැලසුම් සහගතව ක්‍රියාකොට තිබීමත්, දඩුවමට යටත් කෙරෙන විට වයස 18 ක් සම්පූර්ණ වී තිබීමත් යන කරුණු සැලකිල්ලට ගනිමින් දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාරව මරණීය දණ්ඩනය ස්ථිර කොට අත්සන් තබන බව මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය. බෝගම්බර සිරගෙදර එවකට මරණ දඩුවමට නියමිතව සිටි සිරකරුවන් හත්අට දෙනා අතර සිටි ළාබාල සිරකරුවා වූයේ 18 හැවිරිදි සුමතිපාලය. අනෙකුත් අය අතර අනුරාධපුරේ මරු සිරා, හොද පපුවා, බඹරා ආදීන් සහ එවකට ප්‍රකට මිනීමැරුම් නඩුවක විත්ති කරුවන් වූ කැලැත්තෑවේ ඇල්ප්රූඩ් සොයිසා, කළු ඇල්බට්, විලී මාමා යන අයද සිටියහ. සුමතිපාල තුල පෝරකය පිළිබද විශේෂ හැගීමක් තිබුනේ නැත. එහෙත් නැගනිය දූෂණය කර මරා දැමීමට හවුල් වූ අනෙක් තිදෙනා ගැන හිතෙහි වූ වෛරය ඔහුගේ සිත තුල කැකෑරෙමින් නිබදව පීඩා දුන්නේය. එක් අයෙකු කළුතර ප්‍රදේශයේම පුද්ගලයකු වූ විදුහල්පතිවරයාය. අනෙකා වෙන්නප්පුව පැත්තේ මස්කඩ මුදලාලිය. තුන්වැන්නා කොච්චිකඩේ ගෙස්ට් හවුසිය හිමි තැනැත්තා වූ මරා දැමූ අයි පී ගේ මස්සිනාය. අපායට යතත් යා යුත්තේ ඔවුන් තිදෙනාත් කැටුවම යැයි සුමතිපාල අධිෂ්ඨානසහගත සිතුවිල්ලක පසු වූවේය. මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට නියමිත දිනයට පෙරදින සුමතිපාල බලන්නට ආ ඔහුගේ මවට හෘදයාබාධයක් සෑදී මිය ගියාය. සුමතිපාල රාත්‍රී ආහාරය බෙදා දුන් ඇලුමිනියම් පිගාන නවා ඉන් කොටසක් කඩා එය පිහියක් සේ මුවහත තබා සිය උදරය කීප වාරයක් කපා ගත්තේය. අන්තිමට ඔහු ගෙලද එක් වරක් කපා ගත්තේය. මහනුවර මහ රෝහලට ගෙන ගිය සුමතිපාලට ප්‍රධාන ශල්‍ය වෛද්‍ය වරයා ඇතුලු වෛද්‍යවරු සිව් දෙනෙකු විසින් පැය හතරක පමණ බරපතල මට්ටමේ ශල්‍යකර්මයක් කරන ලදී. අවසන් වරට සුමතිපාල සිය ගෙලෙහි සිදුකරගත් තුවාලය එතරම් බරපතල නොවීය. දැඩි සත්කාර ඒකකයට ඇතුල් කල ඔහු පිළිබද ප්‍රශ්නය පුපුරා ගියේ පසු දින උදයේය. රාත්‍රියේ ශල්‍යකර්මයට යොමු කල බී.ඩී සුමතිපාල නම් සිරකරුවා පෙ.ව 8.05 ට මරණ දණ්ඩනයට යොමුකල යුතු බැවින් ඔහු නැවත බන්ධනාගාරය වෙත ගෙන යා යුතු යැයි බන්ධනාගාර නිලධාරීහු කියා සිටියහ. එය කිසිසේත් තමාට වැදගත් වන කාරණයක් නොවන බවත්, තමා භාරයේ සිටින රෝගියකු සම්පූර්ණ සුවය ලබනතුරු රෝහලෙන් බැහැරට ගෙන යාමට තමා අවසර නොදෙන බවත් ප්‍රධාන වෛද්‍යවරයා කියා සිටියේය. තත්වය උණුසුම් වූයෙන් මහනුවර රෝහල භාර වෛද්‍ය අධිකාරීවරයාද එහි පැමිණියේය. බන්ධනාගාර නිලධාරීන්ගේ තර්කය වූයේ බී.ඩී. සුමතිපාලගේ මරණ දණ්ඩනය සදහා අධිකරණ අමාත්‍යංශයේ මහාධිකරණ නියෝගයට පිටින් යෑමට තමන්ට කිසිදු ඉඩක් නැති බවය. ඒ අනුවරෝගියා තමන් රැගෙන යා යුතුම යැයි ඔව්හු තර්ක කලහ. බලය යොදා එය වැළැක්වීමට වෛද්‍යවරුන්ට හැකියාවක් නැති බැවින් වෛද්‍ය නියෝගයට පිටින් බලහත්කාරයෙන් රෝගියා ගෙනයන බවට ලිඛිත සටහන් ලබා ගැනීමෙන් පසු රෝගියා රැගෙන යාමට ඉඩදී වෛද්‍ය අධිකාරීවරයා පිටවී ගියේය. මේ අතර ශල්‍යකර්මය සිදුකොට නින්දට ගිය ශල්‍ය වෛද්‍යවරුන්ට දැනගන්නට ලැබුනේ රෝගියා මරා දමන්නට රැගෙන ගිය බවය. ඔව්හු සියල්ලෝ වෛද්‍ය අධිකාරී නිල කාමරයට රැස්වූහ. වෛද්‍ය අධිකාරීවරයා බන්ධනාගාර නිලධාරීන් තමන්ට එල්ල කල අභියෝගයට මුහුණ දිය යුතු යැයි දැඩි අධිෂ්ඨානයක සිටියේය. ඔහු මේ සම්බන්ධයෙන් නීති උපදෙස් පැතුවේය. පෝරකයට නියම වූ සිරකරුවකුට සමාව දීමේ බලය ඒ වන විට පැවරී තිබුනේ අග්‍ර ආණ්ඩුකාරවරයාට පමණි. ඔහු දන්නා හදුනන අධි නීතිඥ මහත්වරුන් කීපදෙනෙකු ප්‍රකාශ කලේ වහාම අග්‍ර ආණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතාට දැනුම් දෙන ලෙසය. ඒ සදහා වෛද්‍යවරුන්ට ඉතිරිව පැවතියේ තවත් මිනිත්තු 20 ක් පමණි. අග්‍රාණ්ඩුකාරවරයාගේ ලේකම්වරයා ඇමතූ වෛද්‍ය අධිකාරීවරයාට ලැබුනු පිළිතුර වූයේ මරණ දණ්ඩනයට කැපවූ සිරකරුවෙකු නිදහස් කරවා ගැනීමට නම් ලිපි ලේඛන රාශියක් අධිකරණ අමාත්‍යාංශය හරහා හුවමාරු විය යුතු බැවින් ඒ සදහා මාස 3 ක කාලයක් අවම වශයෙන් ගතවන බවය. ඒ නිසා එය මේ අවස්ථාවේ කිසිසේත් කල නොහැකි බව ආණ්ඩුකාර ලේකම් පැවසීය. වෛද්‍යවරුන් පරාජය භාරගත්තේ නැත. ඔව්හු අග්‍රාණ්ඩුකාරවරයාට මේ සියල්ල දැනුම් දෙන්නට තීරණය කලහ. වෛද්‍ය අධිකාරීවරයා රාත්‍රියේ සිදුවූ සියල්ල අග්‍රාණ්ඩුකාරවරයාගේ නිවසේ දුරකථනය මගින් ඔහු අමතා දැනුම් දුන්නේය. විලියම් ගොපල්ලව මහතා සිටියේ මහනුරව අග්‍රාණ්ඩුකාරවරයාගේ නිල නිවසේය. වෛද්‍ය අධිකාරීවරයාට සාවධානව සවන්දුන් හෙතෙම ඔරලෝසුව දෙස බැලුවේය. උදෑසන 7.50 එහි සටහන්ව තිබුනේය. රෝගියාගේ රෝහල් සටහන් පමණක් රැගෙන වහාම අග්‍රාණ්ඩුකාර නිල නිවෙසට එන ලෙස හෙතෙම වෛද්‍යවරයාට දැන්වීය. බෝගම්බර බන්ධනාගාරයේ අලුගෝසුවා පෝරකය මත සිටවූ (බාගෙට සිහිසුන්) සුමතිපාලව ඔහුගේ සහායකයා වැටෙන්නට නොදී අල්ලා ගෙන සිටියේය. වෙලාව පෙ.ව 8.02 සටහන්ව තිබුනේය. සුමතිපාලගේ ගෙලට තොණ්ඩුව දමා මනාව සකස් කර ඇත. මුහුණ සුදු ලෝගුවෙන් වසා තිබේ. අලුගෝසුවා පෝරකය ගස්සන ලිවරය දකුණතින් තදින් අල්ලා ගත්තේය. ඒ මොහොතේ කිසිවෙක් කොරිඩෝව දිගේ එහි පැමිණෙමින් සිටියේය. ඔහු අන් කිසිවකු නොව අග්‍ර ආණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතාගේ එවකට සිටි ලේකම්වරයාය. ඔහු කෙටි ලියවිල්ලක් බන්ධනාගාර අධිකාරීවරයා අත තැබුවේය. එය කියවමින්ම අධිකාරීවරයා අලුගෝසුවාට අතින් සංඥාවක් දුන්නේය. ලිවරය අත්හළ අලුගෝසුවා වහා සුමතිපාලගේ ගෙලින් තොණ්ඩුව ඉවත් කළේය. හිතුමතේ, පෝරකයට නංවා ගෙලට තොණ්ඩුව දැමීමෙන්ද පසුව ජීවත්වීමට වාසනාව ලද එකම ලාංකිකයා විය. සුමතිපාල නැවතත් මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබීය. දින 7 කින් සාමාන්‍ය වාට්ටුවට මාරු කෙරිණි. නැවත බන්ධනාගාරයට ගෙනයෑම සදහා වෛද්‍යවරුන් අනුමැතිය දුන්නේ තවත් මාස දෙකක් ගතවීමෙන් පසුවය. එල්ලා මැරීම සදහා වූ නඩු තීන්දුව අනුව නැවත දිනයක් නියම වනතුරු ඔහු මරණයට කැපවූ අනෙක් සිරකරුවන් මෙන් තනි සිරමැදිරියක සිටියේය. එහෙත් කවර හේතුවක් නිසා හෝ ඒ සදහා අධිකරණ අමාත්‍යංශයේ ලිපිය ලැබීම පමා වෙමින් තිබුනේය. හතුරන් තිදෙනාගෙන් පළි නොගෙන පරලොව නොයා යුතු යයි සිතා ගත් හිතුමතේ සිර ගෙදරින පළා යාමට සැලසුම් කළේය. මරණ දණ්ඩනයට නියමු වූ සිරකරුගේ අඩි 6 x 4 කුඩා කාමරයේ තිබුනේ සීමිත ආම්පන්න. සංඛ්‍යාවකි. කෑම බෙදන තැටිය, කෝප්පය හා මල බදුන හෙවත් පිස් පෝච්චියක්, වතුර සලාකය ලබාදුන් කුඩා බාස්කට් එකක්ද ඒ අතර විය. එම වතුර භාජනය සිර ගෙදර භාෂාවෙන් හදුන්වන ලද්දේ කොට්ටුව යන නමිනි. එය කුඩා බාල්දියක් වැන්නකි. එයට අමතරව සිරකරුගේ පරිහරණය සදහා රෙට්ටුව නමින් හැදින්වූ ඝන රෙද්දක්ද විය. සිර මැදිරියේ බිත්ති නිමවා තිබුනේ විශාල ගල් වලිනි. යම් හෙයකින් බිත්තියේ ගලක් ඉවත්කරගතහොත් ඉන් මතුවන සිදුරෙන් රිංගා සිර මැදිරියෙන් පිටවීමේ හැකියාව තිබේ. වතුර බාස්කට් එක දෙපසින් තදකර එහි පනිට්ටු කොක්ක ගලවා ගත් ඔහු එය උල් කූරක් සේ යොදා ගනිමින් ගලවටා වූ බදාමය සූරන්නට පටන් ගත්තේය. Condemned Shell ප්‍රදේශයට රාත්‍රී කාලයේ නිලධාරීන් එන්නේ නැත. ඔහු කම්බි කොක්කේ ආධාරයෙන් ගලවට වූ බදාමය සූරාදැමීම සිරගෙය නින්දට ගිය පසු ආරම්භ කළේය. එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවූයේ බදාමය සවිමත් බැවිනි. දිනකට කඩල ගොට්ටක් පිරෙන්නට තරම් වූ බදාම කුඩු ප්‍රමාණයක් එකතු වූ අතර ඒවා හිස් පෝච්චියකට දමා නියමිත වෙලාවට එළියට ගෙන ගියේය. බාල්දි කොක්ක යළි තිබූ පරිද්දෙන් සවි කෙරිණි. දිවා කල අනෙකුත් සියල්ල සාමාන්‍ය පරිදි සිදුවිය. ගල වටේ බදාමය සූරා දැමීමෙන් ඇති වූ කඩතොළු වැසීමට ආහාර සලාකයට ලැබුනු පාන් භාගයේ මැද කොටස හොදින් පදම් කොට පිටි ගුලියක් සේ අනා භාවිතා කෙරිණි. රාත්‍රී කාලයේ නොනවත්වාම ඔහු වැඩ කළේය. එම බරැති විශාල ගල මාස එකහමාරක් පමණ යද්දී බුරුල් විය. පිටතට පැමිණියත් බෝගම්බර හිරගෙදර අඩි 18 ක් තරම් උස තාප්පය තරණය කිරීම ගැටළුවකි. සුමතිපාලට ලැබී තිබූ රෙට්ටුව කලක් පාවිච්චිය නිසා ඉරී තිබුනේය. ඔහු පළමු පියවර වශයෙන් නිලධාරී මහතකුට ඇවිටිලි කොට අලුත් රෙට්ටුවක් ඉල්ලා ගත්තේය. එය බෙහෙවින්ම ශක්තිමත්ය. රෙට්ටුව තීරුවලට ඉරා කඹයක් අඹරා ගත්තොත් එම කඹේ ආධාරයෙන් සිරගෙදර තාප්පය නැග පැන යා හැකිය. රෙට්ටුව තීරුවලට ඉරන්නට පහසු වන පරිදි ඇගිලි පුරුක්වලින් මැන කපන ස්ථාන ලකුණු කල සුමතිපාල කැපුම්වලට මුල පුරා රෙට්ටුව සාමාන්‍ය පරිදි බිම එළා නිදාගත්තේය. සති තුනක් වැඩ කළ ඔහු ගල ගලවා ඇතුලට ගන්නට සමත් විය. අවට පිරිසිදු කොට නැවතත් ගල පෙර පරිද්දෙන්ම රදවා එදින වැඩ කටයුතු අවසන් කළේය. පසුදින තීරණාත්මක රාත්‍රිය එළැඹියේය. සුමතිපාල හොද ශක්තිමත් කොක්කක් තිබූ කොට්ටු බාල්දියට තමාගේ වතුර සලාකයද ගෙන හැන්දෑවේ ගනන් කිරීමෙන් පසු සිර මැදිරියට වැදුණේය. අවසන් ගනන් ගැනීම සිදු කරන නිලධාරියා මැදිරියට එබී බලන අවස්ථාවේ තද නින්දේ පසුවන ඉරියව්වක සිටි සුමතිපාල ඊළග නිමේෂයේ නැගිට වහ වහා ක්‍රියාත්මක වන්නට විය. රෙට්ටුවෙන් අඩක් තීරු තීරුවලට ඉරාගත් ඔහු ඒවා ශක්තිමත් කඹයක් ලෙස ගොතන්නට විය. විනාඩි 30 ක පමණ කාලයක් තුල අඩි 12 ක් පමණ ශක්තිමත් කඹයක් සාදා ගන්නට ඔහුට හැකි විය. බාල්දි කොක්ක පන්නා එය කඹය අගට ගැට ගැසූ ඔහු ගල ගලවා එළියට ගියේය. නිසොල්මනේ තාප්පයට කිට්ටු කල සුමතිපාල බාල්දි කොක්ක තාප්පය මතට විසි කර සිර කරගත්තේය. අනතුරුව අඩියට දෙකට තාප්පය මුදුනට ලගා විය. බැම්මට නැග බාල්දි කොක්ක අනෙක් අතට සිරකොට කඹය පහළට දමා බිමට රූටා වැටුනේය. ඔහු සිටියේ බෝගම්බර පිටියට නුදුරින් වූ ලදු කැලෑවේය. (දැන් එය නැත) එතනින් අතුරු පාරක් සොයාගත් ඔහු ගරාජයක සේවකයෙක් වේලෙන්නට දමා තිබූ ඇදුම් කීපයක් සොරාගෙන ගන්නෝරුව දුම්රිය ස්ථානය දක්වා ගියේය. නුවර සිට පැමිණි බඩු දුම්රියක් එහි නැවැත්වූ අතර එහි කෙළවර එක් මගී පෙට්ටියක් පමණක් අමුනා තිබුණේය. සුමතිපාල ගන්නෝරුවෙන් එයට නැග වනවාසලදී දුම්රියෙන් බැස හිරගෙදරදී හදුනාගත් මිතුරකුගේ නිවෙසට ගියේය. එහි දින දෙකක් ගතකොට ඔහුගෙන් මුදල් අතමාරුවක්ද කරගෙන පසුව වාද්දූව ප්‍රදේශයේ මිතුරකුගේ නිවෙසට ගියේය. කුසුමා නැගණිය දූෂණය කර මරා දමන්නට හවුල් වූ කළුතර ගුරුවරයා සොයා ඔහුට දඩුවම් පමුණුවන්නට දෛවය සුමතිපාලට නියම කර තිබේ. කණිටු පාසලක විදුහල්පතිවරයකු වූ ඔහු පොලිස් පරීක්ෂකවරයාට නැගණිය ගැන ඔත්තු සපයා පසුදින මීගමුව කොච්චිකඩේට ගොස් ඇයව දූෂණය කරන්නටද සහභාගි වී තිබේ. එබැවින් ඔහුට දඩුවම් කල යුතුමය. මිතුරාගෙන් පා පැදියක් ඉල්ලාගත් සුමතිපාල කළුතර නගරය මගහැර අතුරු පාරවල් ඔස්සේ අදාළ විදුහල්පතිවරයාගේ වංහුං සොයා බණ්ඩාරගම පාරේ සැරිසැරුවේය. දින කීපයක් ඇවෑමෙන් ඔහුට තමා සොයන ගොදුර හමුවිය. පරගස්තොටට ගොස් ගුරුවරයාගේ නිවෙස සොයාගත් සුමතිපාල එම නිවෙසින් වතුර වීදුරුවක්ද ඉල්ලාගෙන පානය කොට ආපසු පැමිණියේය. බන්ධනාගාර මිතුරාගේ නිවසේ සතියක් නතරව සිටි සුමතිපාල ඊලග කාර්යය සදහාද කටයුතු සැලසුම් කළේය. ඔහුගේ මිතුරා ඒ දිනවල ළිදක් කපන්නට මුලපුරා තිබුනේය. ඔහු මිතුරා සමග හරි හරියට මහන්සි වී ළිද කැපුවේය. සති අන්තයේ දිනක මිතුරාගෙන් ගමන් වියදම් ඉල්ලාගත් ඔහු වනවාසල දුම්රිය ස්ථානයෙන් දුම්රියක නැග මීගමුවට ගියේය. කිසිවෙකුට නොදැනෙන්නට, නොහැගෙන්නට කොච්චිකඩේට ගොස් නැගණිය පැහැරගෙන විත් රදවාගෙන සිටි නයගරා ගෙස්ට් හවුසිය සොයා ගන්නට උත්සාහ කළේය. එය සොයා ගැනීම එතරම් අසීරු කරුණක් නොවීය. අසළ කුඩා තේ කඩයක මුදලාලි කෙනෙකු සමග කථාවට වැටුනු ඔහු දැනගත්තේ තානායමේ කෙරෙන වල්කම් පළාත පුරා ප්‍රසිද්ධ බවත්, පෙත්සම් ගැසුවද කිසිවක් නොවූ බවත්ය. තමා හිස ගසා දැමූ අයි.පී ගේ නංගි බැදපු මස්සිනාගේ ගෙස්ට් හවුසිය මෙය බව සහතිකවම දැන ගත්තේය. පසුව ඒ අසළ ගැවසී තානායමේ අයිතිකරු දැකබලා ගත්තේය. ඔහුගේ හැඩරුව නිරීක්ෂණය කොට ආපසු වනවාසලට ගියේය. එතැන් සිට දෙවැනි දිනයේ දඩයම් ගමන අරඹන්නට තීරණය කල ඔහු මිතුරාගේ කලිසමක් සහ කමිසයක් ඉල්ලා ගත්තේය. තරමක් පැරණි ගමන් බෑගයක්ද මුදලින් රුපියල් 600 ක්ද මිතුරා සුමතිපාලට දුන්නේය. වැදගත් මගියකු ලෙස වෙස්වළාගත් සුමතිපාල වනවාසලින් පිටත්වූ දිනයේම මධ්‍යහ්නයේ කොච්චිකඩේ හන්දියෙන් බැස නයගරා ගෙස්ට් හවුස් වෙත ගියේය. රාත්‍රියේ නැවතී පසුදින උදෑසන ආපසු යාමට කාමර ගාස්තුව එකල අය කලේ රු 100 කි. සුමතිපාල එක් රැයක් පමණක් එහි නවාතැන් ගන්නා බව කීවේය. සේවකයෙක් කාමරය පෙන්නන්නට ඔහු කැටුව ගියේය. එහි තරමක් වටිනා රන් පැහැති දොර අගුලක් දැමූ කාමරයක් තිබුණේය. සුමතිපාල ඒ කාමරේ දෙන්නැයි ඉල්ලා සිටියේය. මහත්තයා, එ්ක අපේ මුදලාලිගෙ කාමරේ, ඒක පිට අයට දෙන්නෙ නෑ. සේවකයා කීවේය. සුමතිපාල මුදලාලිගේ කාමරයට යාබද කාමරයේ නවාතැන් ගත්තේය. දිවා ආහාරයද තානායමෙන්ම ගෙන. ගමන් මල්ල එහිම තිබෙන්නට හැර කලිසමෙන් හා කමිසයෙන් සැරසී කාමරයේ යතුරද රැගෙන ආලින්දයට පැමිණියේය. ඒ වන විටත් මුදලාලි පැමිණ සිටියේ නැත. ගරාජයේ මෝටර් රථය නොවීය. කොච්චිකඩේ හන්දියට ගිය ඔහු එහිදී හලාවත බසයකට නැගුනේය. වයික්කාල කඩමණ්ඩියේ ලංකාවේ සුප්‍රසිද්ධ පිහි වෙළෙන්දෝ සිටිති. පාර දෙපැත්තේම පිහි කඩ තිබේ. සුමතිපාල පිහි මැස්සක් ලග නතර වී සිය රාජකාරියට සරිලන පිහිය කුමක්දැයි මන්නා පිහි, වක් පිහි, දික් පිහි, මේස පිහි, මස්කඩ පිහි, මාළු කපන පිහි ආදිය අතර දෙනෙත් එහා මෙහො යැව්වේය. [ subjectivity ] තරමක් දිග මිටක්ද සහිත දිලිසෙන මුවාතකින් යුතු තලයක් සහිත මන්නා පිහියක් ලග ඔහුතේ දෙනෙත නතර විය. එය මිළට ගත් ඔහු සිමෙන්ති උරයකින් එය ඔතාගෙන තානායමට යාමට පෙර දෙමළ චිත්‍රපටියක්ද නැරඹීය. රාත්‍රී 9.30 ට චිත්‍රපටය අවසන් විය. රාත්‍රී ආහාරය කඩයකින් ගත් ඔහු නැවත තානායමට ගියේය. තානායමේ ගරාජයේ මෝටර් රථයක් නවත්වා තිබේ. ඒ දහවල් මිදුලේ නවත්වා තිබූ තානායම් අයිතිකරුගේ මෝටර් රථය බව ඔහු හැදින ගත්තේය. හිතුමතේ තමාගේ කාමරය හා මුදලාලිගේ කාමරය හැදිනගෙන තානායමේ වහළයට නැග උළුකැට කීපයක් ඉවත් කිරීමෙන් පසු මුදලාලිගේ කාමරයට විවෘත වන නාන කාමරයට බැස්සේය. නානකාමරයේ දොර මදක් විවර කල විට කාමරයේ දෙදෙනෙකු සිටින බව පෙනිණි. පිරිමියා නිරුවතින් ඇදේ දිගා වී සිටියේය. හිතුමතේ ඔහුට ළං වන විට ඔහු හොරෙක් හොරෙක් යයි කෑ ගැසීය. සුමතිපාල හොදින් නැවී තානායමේ අයිතිකරු කළුතර අයී. පී මහතාගේ මස්සිනා බව නිසැක ලෙස හදුනා ගත්තේය. යකෝ මම කුසුමාවතීගේ අයියා සුමතිපාල යැයි මන්නා පිහිය ඔසවමින් සුමතිපාල ශබ්ද නගා කීවේය. [ Ethical Duty – Kantian] ඊලග නිමේෂයේදී මන්න පිහි පහර විදුලි වේගයෙන් තානායම්කරුගේ ගෙල මත පතිත වූයේය. කදින් වෙන්වූ හිසත් කවන්ධයත් පසෙකට ඇලවී ගියේය. තානායම්කරුගේ සිරුරට යටවී හුන් ළාබාල කෙල්ලගේ කෑ ගැසීම මැද සුමතිපාල තානායම්කරුගේ බොකුටු කොණ්ඩයෙන් අල්ලා හිස වම් අතට ගෙන කාමරයේ දොර හැර දකුණතින් ගත් මන්නා පිහියත් සමග මිදුලට පැන්නේය.[Ethical suspension of politics ] ගේට්ටුවෙන් පාරටද පැනගත් සුමතිපාල සුළු වෙලාවක් තුල කොළඹ – පුත්තලම පාරේ මීගමුව දෙසට වේගයෙන් ගමන් කරමින් සිටියේය. ඔහු යමින් සිටියේ තෙල්වත්ත පොලිස් මුරපොල දෙසටය. පාන්දර නිසා මහා මාර්ගය පාළුවට ගොස් තිබුනි. නමුත් කිලෝමීටර් 7 ක් පමණ මග ගෙවා තෙල්වත්ත පොලිස් මුරපොළ ආසන්න වන විට මග දිගට කීප දෙනෙක් මිනිස් හිසක් හා පිහියක් අතින් ගත් අයෙකු පාරේ යන බව දැක තිබුනි. මුරපොළ අසළට ගිය ඔහු පිහිය හා හිස එහි තබා ක්ලාන්තව වැටිනි. පොලිස් නිලධාරියකු තමන් පානය කරන්නට ගෙනැවිත් තිබූ වතුර බෝතලයක් සුමතිපාලගේ හිස මත වත්කළේය. සීතල වතුර සිරුර පුරා ගලායන විට සුමතිපාල නැවත ප්‍රකෘති සිහියට පැමිණියේය. මේ සිදුවීමෙන් පසු හිතුමතේ අනුරාධපුර බන්ධනාගාරයට යවනු ලැබිණි. ඔහුට දෙවන වර පැන යාමට උපකාරී වූයේ 1971 කැරැල්ලයි. අත්අඩංගුවට ගත් පිරිස් එන්න එන්නම වැඩිවීම නිසා අනුරාධපුරය බන්ධනාගාරය තුල තදබදය එන්න එන්නම වැඩි වී පහසුකම් අවම විය. එවැනි තත්වයක් තුල සිරගෙදරින් පැනයාම සුමතිපාලගේ පමණක් නොව බොහෝ දෙනාගේ අවශ්‍යතාවයක් බවට පත්වෙමින් පැවතියේය. ජ.වි.පෙ ට සම්බන්ධ කීප දෙනෙක් පැන යන්නට තීරණය කර පැනයන ප්‍රථම කණ්ඩායමද සංවිධානය කළහ. ජ.වි.පෙ සාමාජිකයන් සමග මරු සිරා සමීප ඇසුරක් පැවැත්වූ නිසා ඔහු ඊට සම්බන්ධ විය. හිතුමතේ මරු සිරාගේ මිතුරා නිසා ඔහු ද එයට සම්බන්ධ විය. මරු සිරාගේ කණ්ඩායමට පැවරූ වැඩ කොටසට සුමතිපාල ද සහාය වූයේය. ඉවත දැමූ මලකෑ දිරාපත්වූ බාල්දි ගොඩක් මුල්ලක තිබිණි. ඉන් පන්නාගත් බාල්දි කොකු දිග හැර බිම උරච්චි කරමින් තුඩ මුවහත් කොට කුඩා හෙල්ලක් මෙන් සකසා පස් යට සගවා තබන්නට ඔව්හු කටයුතු කලහ. දින කීපයක් තුල උල් යකඩ කූරු 15 ක් තනා අවසන් කොට පස් යට තැන්පත් කෙරිණි. ප්‍රහාරය ආරම්භ කිරීම සදහා ජ.වි.පෙ සාමාජික හීන් බණ්ඩා උපදෙස් දී තිබුනේ උදෑසන ප්‍රධාන දොර සම්පූර්ණයෙන් විවෘත වන වෙලාවටය. දිනය තෝරා ගැනිණි. එදින උදෑසන කෑම පෝලිමේ සිරකරුවන් වැඩි පිරිසක් සිටින අවස්ථාවක යොදවා සිටි ඔත්තුකරුවකු විසින් ප්‍රධාන දොර අරින බවට සංඥාව ලබාදෙන ලදී. 15 ක පමණ කණ්ඩායමක් ගේට්ටුව දෙසට දිව ගියහ. ඔවුන් ඇතමකු අත ඉතා තියුණු උල් සහිත හෙල්ල තිබිණි. ජේලර්ලා පිරිසක් බැටන් පොලු ඇතැතිව ඔවුන්ට හරස් කැපූ නමුත් යකඩ උල්වලින් පෙරළා පහරදුන් විට තත්වය පාලනය වූයේය. නිල් පැහැති බන්ධනාගාර වෑන් රථයක් ප්‍රධාන දොර ඇතුලත කාර්යාලය අසල නතර කර තිබුණේය. කිසිවෙක් එය පණගැන්වීය. ආයුධ රාක්කයට කඩා පැන්න කීප දෙනෙක් අගුළු කඩා තුවක්කු හත අටක්ම බෙදා ගත්හ. ආයුධ දුටු ජේලර්ලා පසු බැස ගියහ. වෑන් රථය පිටත්වන විට සිරකරුවෝ තිස් තුන් දෙනෙක් එහි නැග සිටියහ. මරු සිරාත් ලයනලුත් තුවක්කු ඇතැතිව පැති දොරේ එල්ලී ගමන් කළහ. සුමතිපාල රිපීටර් තුවක්කුවක් අල්ලාගෙන සිටියේය. එක් සිරකරුවෙකු වහල මත වාඩිවී හුඩ්රැක් එක අල්ලාගෙන සිටිනු පෙනිනි. විලච්චිය පාර දෙපස මිනිස්සු දෑත් හිසේ බැද තුෂ්ණිම්භූතව බලා සිටියහ. අනුරාධපුර සිරගෙදරින් එළියට පැමිණි වෑන් රථය විලච්චිය පාරට වැද වේගයෙන් ධාවනය වූයේය. වෑන් රථය වංගුවක් ගනිද්දී එහි පසුපස දොර ගැලවී විසිවී ගියේය. පසුව සැතපුම් 8 පමණ ඉදිරියට ගිය වාහනය පාර අයිනේ වූ තරමක් විශාල වීර ගසක හැපී නතර විය. සිරකරුවෝ මල්වතු ඔයට උතුරින් වූ වනාන්තරයට රිංගා ගත්හ. මරු සිරා, ලයනල් සහ සුමතිපාල එදිනම සෙසු පිරිසගෙන් සමුගෙන පුලියන්කුලම කැලයට මාරු වූහ. ජ.වි.පෙ සාමාජිකයෝ ඉදිරියට ගොස් ඒ වන විටත් වනගතව සිටි ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් සමග එකතු වූහ. (සෝමපාල,ගුරුසිංහ සහ ලොකු බණ්ඩාර ඒකනායක යන ජ.වි.පෙ නායකයෝ එකල තන්තිරිමලය අවට කැලයේ කදවුරුබැද සිටියහ. පසුව ජ.වි.පෙ පිරිස් වඩා සංවිධානාත්මක ලෙස දෙවන Prison break එකක් සැලසුම් කල අතර අනුරාධපුර සිරගෙයි උන් විශාල පිරිසක් බේරා ගනු ලැබිණි) සුමතිපාල මරු සිරාගෙන් සමු ගෙන හේන් ගොවියෙකු සේ වෙස් වළාගෙන පැමිණ ගල්ගමුවේ මිතුරකුගේ නිවසේ දින දෙකක් නතරව සිටියේ සිරගෙය කඩා පලායෑමේ කථාව යටපත් වනතුරුය. දෙවැනි පලායෑමේ මෙහෙයුම ආරංචි වන විට සුමතිපාල කළුතර වස්කඩුවේ මිතුරකුගේ නිවෙසට පැමිණ සිටියේය. සිය පියාද මිය ගිය බව ඔහුට අසන්නට ලැබුනි. නංගීත්, අම්මාත්, තාත්තාත් ඇතුළු ඔහුගේ පවුල නැවත හමුවිය යුත්තේ මෙලොව නොව එලොවදීය. ඊට පෙර නංගිව දූෂණය කල කළුතර විදුහල්පතිවරයාත්, හලාවත ආරච්චිකට්ටුවේ මස් කඩ මුදලාලිත් සමග ගණුදෙනු බේරා ගන්නට තිබේ. සුමතිපාලගේ මිතුරා ඔහුගේ බිරියට සුමතිපාලව හදුන්වා දුන්නේ අනුරාධපුර පළාතේ සිට පැමිණි දුර බැහැර ඤාතියෙකු හැටියටය. එබැවින් දින කීපයක් එම නිවෙසේ ගතකිරීමට අපහසුවක් නොවීය. මිතුරාගේ බයිසිකලය ඉල්ලාගත් සුමතිපාල පරගස්තොට පැත්තට බයිසිකලය පැදගෙන ගොස් කලින් දැන සිටි මංසලකුණු ඔසසේ ගොස් නංගි දූෂනය කර මරාදැමීමට සහාය වූ විදුහල්පතිවරයාගේ නිවෙස සොයා ගත්තේය. එම නිවෙස පැරැණි පන්නයේ එකකි. වත්ත තරමක් විශාලය. කෙසෙල් වගා කර තිබේ. සුමතිපාල නිවෙසට වැටුණු සුදු වැලි පාර ඔස්සේ මිදුලටම බයිසිකලය පැදගෙන ගියේය. ගුරුවරයාගේ බිරිය යැයි සිතිය හැකි කාන්තාවක් ආලින්දයට පැමිණියාය. නෝනා කෙසෙල් කැනක් දෙකක් කපාගන්න පුලුවන්ද කියලයි බැලුවේ. සුමතිපාල අහිංසක ලීලාවෙන් ඇසුවේය. මෙහේ කෙසෙල් කැන් නැතැයි ඇය පිළිතුරු දුන්නාය. මේ අවස්ථාවේ මෝටර් සයිකලයකින් විදුහල්පති ගුරුවරයාද එහි ආවේය. ඔහුගේ පෙනුම මනාව හිතට ගත් සුමතිපාල පිටත් විය. පසුදින සුමතිපාල නැවත සයිකලයට නැගී පයාගල රේන්ද වාඩියකට ගියේය. එහි අයිතිකරු හිතුමතේගේ පියා හදුනන නමුත් සුමතිපාල මතක නැත. වාඩියෙන් මල් කපන පිහියක් ඉල්ලාගත් ඔහු එදින දවස ගෙවෙනතුරු එහෙ මෙහෙ රස්තියාදු වී රාත්‍රී 10 ට පමණ ගුරුවරයාගේ නිවසට ගියේය. වත්තේ කොනක සැගවී සිටි ඔහුට නින්ද ගියේය. පනිට්ටුවක් සෙලවෙන ශබ්දයෙන් ඇහැරුණු ඔහු විදුහල්පතිවරයා බාල්දියක්ද රැගෙන වැසිකිළිය දෙසට යමින් සිටිනු දුටුවේය. වැසිකිළි දොර වසාගත් පසු සුමතිපාල එක් අතකින් පිහියද ගෙන පොල් පිත්තක් බිත්තියට තබා ඒ මත නැගී කවුළුවෙන් වැසිකිළිය තුළට එබී බැලුවේය. පිහිය සහිත අතද ඇතුළට ගත්තේය. වැසිකිළිය තුල සිටි මිනිසා ඔහුගේ හිසට වැලි සහ බදාම කැට වැටීම නිසා උඩ බැලුවේය. කුප්පි ලාම්පුවේ එළයෙන් සිහින් උඩු රැවුලක් සහිත මනමාල මුහුණ සුමතිපාල හැදිනගත්තේය. කවුද යකෝ මේ ? විදුහල්පති කෑ ගැසුවේය. මම තොපි මරාදාපු කුසුමාවතීගේ අයියා…. [ subject] සුමතිපාල මොර දුන්නේය. ඊළග මෙහොතේ ඇසිල්ලකින් වැසිකිළියේ දොර අරින්නට නැගී සිටි මිනිසාගේ ගෙල හරහා මල් කපන පිහිය ඇදී ගියේය. කවන්ධය වැසිකිළිය තුලම වැටුන අතර හිස වැසිකිළියෙන් පිටතට විසිවී ගියේය. සුමතිපාල එක් අතකින් කෙස්වැටියෙන් අල්ලාගත් හිසත් අනෙක් අතින් ගත් ලේ තැවරුනු පිහියත් රැගෙන දර මඩුව අසලට ගොස් සයිකලයද ගෙන එහි දමාගෙන ආ ගෝනියක් ලෙහා හිසත් පිහියත් ඒ තුලට දමා බැද ගත්තේය. බණ්ඩාරගම ප්‍රධාන පාරට පැමිණි ඔහු කළුතර දෙසට වේගයෙන් සයිකලය පැද ගියේය. පොලිස් අධිරීවරයාගේ නිල නිවාසය අසලට එන විට වෙලාව උදෑසන 6.00 පසු වී තිබුනේය. හිතුමතේ ඒ වන විට දහදිය දමා දියබත්ව උන්නේය. අලුයම ව්‍යායාම සදහා බැහැර සක්මනෙහි යෙදුනු සහකාර පොලිස් අධිකාරී තැන අරින ලද ගේට්ටුව අතරින් නිල නිවෙසට ඇතුලු වෙමින් සිටියේය. ඔහු පසුපසම ගේට්ටුවෙන් ඇතුළු වූ සුමතිපාල සයිකලය නවත්වා ඔන්න මහත්තයෝ මම අනිත් එකාවත් ඉවර කෙරුවා යැයි ගෝනිය ලෙහා හිස එළියට ගත්තේය. කළුතර මිනී මැරුමේ මූලික විමර්ශන අවසන් වන තුරු කෙටි කාලයක් කළුතර බන්ධනාගාරයේ සිටි සුමතිපාල නැවත වැලිකඩ බන්ධනාගාරයට මාරු කෙරිණි. වැලිකඩදී ඔහුට සිරිපාල එනම් මරු සිරා අනුරාධපුර විජයපුර වතුර ටැංකිය අසල වෙඩි වැදී වැටී සිටියදී අල්ලාගනු ලැබූ බව අසන්නට ලැබිණි. මරු සිරා සියදිවි නසා ගැනීමට වෙඩි තබාගෙන සිටියත් ඔහු මියගියේ නැත. සුමතිපාලගේ කැරැට්ටුව දන්නා පැරණි සිරකරුවන් අතර ඔහුට කිසියම් ගෞරවයක් හා සැලකිල්ලක් තිබුනේය. [ Lenin ?] සුමතිපාලට මෙන්ම සුපිරි වැඩකාරයන් සේ සැලකූ ඇතැම් වැඩකාරයන්ට කෑම පෝලිමේදී මස් කෑල්ලක් වැඩිපුර ලැබුනේය. එවැන්නෝ සමහර විට විවිධ හේතු දක්වමින් බන්ධනාගාර රෝහලේම සිටියහ. නමුත් සුමතිපාල සාමාන්‍ය සිරකරුවන් අතරම සිටියේය. සුමතිපාලට හිතවත්කම් දක්වන සිරුකරුවෙක් දිනක් සවස් භාගයේ ඔහු වෙත පැමිණ රහසක් කනේ තැබුවේය. ඉන් කියැවුනේ ලගදි ඇතුළට පැමිණි සිරකරුවකු සුමතිපාල ගැන විස්තරයක් තමාගෙන් ඇසූ බවත් මාසයක් පමණ කෙටි අච්චුවකට ඔහු සිරගෙට පැමිණ ඇති බැවින් ටිකක් සැලකිල්ලෙන් පසුවීම නුවණට හුරු බවත්ය. පසුදින යහළුවා සුමතිපාලට සැක සහිත සිරකරුවා පෙන්වා දුන්නේය. ඔහු වෙනත් කිසිවකු හා කතාකරමින් සිටයදී සුමතිපාල ඔහු හොදින් නිරීක්ෂණය කර ගත්තේය. හෙතෙම ආගන්තුක තැනැත්තා පිළිබද විස්තර සොයා බැලුවේය. හෙතෙම ජා-ඇල ප්‍රදේශයේ අයෙකි. නම ලක්ෂ්මන්ය. කොන්ත්‍රාත්තුවට මිනී මරන පාතාලකාරයෙකි. නමුත් මෙවර සිරගෙයි සිටින්නේ ගංජා සමග පොලීසියට හසුවී වරද පිළිගෙන උසාවියෙන් නියම කල දඩය නොගෙවා සිරගත වීමෙනි. එම තොරතුරු එතරම් යහපත් නැත. සමහර විට කොච්චිකඩේ ගෙස්ට් හවුස්කාරයාගේ ඥාතීන් හෝ තවමත් තමා සොයමින් සිටින ආරච්චිකට්ටුවේ ජස්ටින් මස්කඩ මුදලාලි හෝ තමා මරා දැමීම සදහා මේ පුද්ගලයා බන්ධනාගාරයට දැම්මා වෙන්නට පුළුවන. ලක්ෂ්මන් කිසිවිටෙක සුමතිපාල හා කථාබහ නොකළේය. එහෙත් නිතරම තමා පෙනෙන තෙක් මානයේ සිටීමට ඔහු වෑයම් කරන බව සුමතිපාලට ඒත්තු ගියේය. ගංජාකාරයාගේ අච්චුව අවසන් වීමට තිබුනේ තවත් දින 14 කි. ඔහු තුල නොඉවසිල්ලක් වැඩෙන බව සුමතිපාලට වැටහුණේය.බොහෝවිට සුමතිපාලගේත් ගංජා ලක්ෂ්මන්ගේත් ඇස් එකිනෙක හමුවූ අතර දෙදෙනාම වහා ඉවත බලාගත්හ. ඔහු ඉව අල්ලමින් සිටින්නේ නිසැක ලෙසම තමා නින්දට පත්වන මොහොතක් අල්ලා ගන්නට බව සුමතිපාල දැන සිටියේය. රාත්‍රී කාලයේ සුමතිපාලත් ලක්ෂ්මනුත් වැසුනේ තවත් සිරකරුවන් 40 ක් සමග විශාල ෂෙල් එකකය. බොහෝ විට සුමතිපාල නිදාගත්තේ නැත. අඩ නින්දේ නමුත් සෑම මෙහොතක්ම සෝදියෙන් පසු වූවේය. මේ පුද්ගලයාට අහේතුකව ප්‍රහාරයක් එල්ල කරන්නටත් බැරිය. පැමිණිලි කිරීම එක අතකට මදිපුංචි කමකි. අනෙක් අතට ඒ සදහා ඔප්පු කල හැකි කිසිදු සාක්ෂියක්ද නැතිය. සුමතිපාල එන ඕනෑම තත්වයකට තමාම මුහුණ දෙන්නට තීරණය කළේය. ගංජා ලක්ෂ්මන් අත කිසිදු අවියක් හෝ පහරදිය හැකි උපකරණයක් පෙනෙන්නට නැති බවත් හිතුමතේ නිරීක්ෂනය කළේය. ලක්ෂ්මන් නිදහස් වී යන්නට තවත් තිබුනේ දින 4කි. දින තුනක්ම සුමතිපාල ඇහැක් පියෙව්වේ නැත. තමාට අතක් තිබ්බොත් අපායට යතත් ඒකාවත් අරගෙන යනවා යැයි සුමතිපාල සිතා ගත්තේය. අවසන් දින අවසන් රාත්‍රිය උදා විය. සුමතිපාල අළුයම් යාමය පැමිණෙනතුරු අසීරු රාත්‍රිය නොනිදා පහන් කළේය. ඒ වන විටත් ඔහු දින තුනක් නිදි වරා සිටියේය. අලුයම 4 පසුවූ පසු ඔහු නින්දට පරාජය වූවේය. සුමතිපාලගේ පියවුණු දෙනෙතට තමා වෙත වේගයෙන් පතිත වන කිසියම් ඡායාවක් දැනුනේය. විදුලි වේගයෙන් කිසිවක තියුණු තුඩක් සුමතිපාලගේ වම් ඇස අසළින් කිදා බැස්සේය. ඇසෙන් එළියට පැන්න උණුසුම් ලේ දහරාවක් මුහුණ පුරා පතිත වූවේය. දෑස් අන්ධකාරයේ ගිලී තිබියදී විදුලි වේගයෙන් නැගී සිටි සුමතිපාල එසේ නැගිටිමින්ම ඇසට කිදා බැස තිබූ යකඩ කූර තම අතින් ඉවතට ඇද තමා වෙත නැඹුරු වී සිටි මිනිසා පෙරළාගෙන ඇනගෙන ඇනගෙන ගියේය. ඔහුගේ මුහුණ ලෙයින් පෙගී තිබුණේය. ඔහු උල් පහර එල්ල කලේ කිසිවක් නොපෙනී අදුරේය. මහා ගාලගෝට්ටියකින් සෙසු සිරකරුවන් සුමතිපාල අල්ලා මේච්චල් කරන විට සුමතිපාලගෙන් පහර කෑ මිනිසා ලේ විලක මැරී සිටියේය. ඒ අන් කිසිවකු නොව ජා-ඇල ගංජා ලක්ෂ්මන්ය. හදිසි මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ සුමතිපාල ලක්ෂ්මන්ට තියුණු යකඩ උලකින් 46 වාරයක් ඇන ඇති බවය. සුමතිපාලගේ ඇස කෙළවරට එල්ල වූ පහර උඩුතල්ල දක්වා අගල් දෙකක් පමණ ඇතුලට බැස තිබුනේය. සිරගෙට පැමිණි මාරයා සුමතිපාලට කොකා පෙන්වා ලක්ෂ්මන්ව කැදවාගෙන ගොස් තිබුනේය. කොළඹ නයනාරෝග්‍ය ශාලාවේත් ජාතික රෝහලේත් මාසයකට ආසන්න කාලයක් සුමතිපාල ප්‍රතිකාර ලැබුවේය. යකඩ කූර වම් අැසට දශම කීපයක් ඔබ්බෙන් කිදා බැස තිබූ හෙයින් ඔහුට පෙනීම සම්බන්ධ ගැටලුවකට මුහුණපාන්නට සිදු වූයේ නැත. උඩුතල්ල සිදුරු කරමින් ඇති වූ තුවාලයද ක්‍රමයෙන් සුවපත් විය. ඔහු යළිත් වැලිකඩ සිරගෙදරටම එවනු ලැබිණි. තමා මරා දැමීම සදහා ලක්ෂ්මන් බන්ධනාගාරයට එවූයේ කවුදැයි යන ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට සුමතිපාලට හැකි විය. පුත්තලම් පාරේ මස්කඩ කීපයකම හිමිකරුවකු වූ ආරච්චිකට්ටුවේ ගැස්ටන් මුදලාලි මේ සිදුවීම පසුපස සිටියේය. ගැස්ටන් කොච්චිකඩේ ගෙස්ට් හවුස් අයිතිකාරයකු වූ කළුතර පොලිස් පරීක්ෂකගේ මස්සිනාගේ මිතුරෙකි. කුසුමාවතී වනාතවිල්ලුවට රැගෙන ගොස් ඝාතනය කරන්නට මග පෙන්වා ඇත්තේ ඔහුය. දැන් සුමතිපාල මරා දමන්නට ගොස් පොල්ල වරද්දා ගැනීම නිසා ගැස්ටන් මුදලාලිගේ ඉරණම තව දුරටත් තීන්දු වී තිබේ. ශල්‍යකර්ම කීපයකටම යොමු කිරීමෙන් පසු සුවය ලැබූ සිරා නොහොත් සිරිපාල සුවය ලබා නැවතත් අනුරාධපුර බන්ධනාගාරයටම මාරු කරනු ලැබුවේය. නැවතත් හිතුමතේ, මරු සිරා සහ ලයනල් අනුරාධපුර බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂිත සිරකරුවන් රදවන කොටසේ රදවනු ලැබ සිටියහ. එය සුමතිපාලට මහත් සතුටක් වූයේ මරු සිරාත් ඔහුත් දෙදෙනාම එලොව ගොස් මොලොවට පැමිණ සිටීම නිසාය. නඩු විභාග වූ සෑම දිනකම සිරිපාල, සුමතිපාල හා ලයනල් ඇතුළු සිරකරුවෝ ආරක්ෂක මුරකාවල් ඇතිව බන්ධනාගාර රියකින් උසාවියට ගෙන යනු ලැබූහ. මරු සිරා ගැන ඒ වන විටත් ලැබී තිබූ ප්‍රසිද්ධිය නිසා උසාවි ගෙන එන සිරකරුවන් බැලීමට සමහරු මිරිසවැටියේ සිට උසාවිය දක්වා මග රැක සිටියහ. පලා යෑමේ නඩුවට අච්චු නියම කරන දිනයද පැමිණියේය. එම දිනය පසුවූ විට සුමතිපාල නැවතත් වැලිකඩ යවනු ඇත. ඊට පෙර සිරගෙයින් පලායෑම ඥානාන්විත වේ යැයි සුමතිපාල කල්පනා කලේය. කොළඹ යැවුවහොත් සිරගෙයින් පලා යාම දුෂ්කර වනු ඇත. එබැවින් සිදුවන්නක් සිදුවිය යුත්තේ අනුරාධපුර බන්ධනාගාරයේදී විය යුතු යැයි සුමතිපාල විශ්වාස කළේය. මේ අතර සිරිපාලගේ මිනිමැරුමේ නඩුවෙන් අනිවාර්යෙන්ම මරණ දඩුවම හිමිවනු ඇතැයි සිරිපාල කල්පනා කලේය. එබැවින් ඊට ප්‍රථම අවස්ථාව ලද සැනෙන් පලා යා යුතුය. නැතහොත් අනිවාර්යෙන්ම පසුතැවිල්ලට හේතුවනු ඇත. සිරිපාල පලා යා යුතු බවට වූ පණිඩුඩය සුමතිපාලගේ කණේ තැබුවේය. ඔහු එක හෙළා ඊට කැමැත්ත පල කළේය. ඔවුන් සමග එකට උසාවි ගෙනයන සීමන් සිල්වා කලක් කොළඹ කොටහේනේ පදිංචිව සිටි බෝම්බ මාස්ටර් කෙනෙකි. බෝම්බ සෑදීම සහ දමා ගැසීම පිළිබද සීමන් සිල්වා ලද විශේෂඥ පුහුණුවේ ප්‍රතිඵල ලෙස ඔහුගේ එක් අතක මහපට ඇගිල්ල සහ දඹර ඇගිල්ල නැත. ඇගිලි අඩු සීමන්ට ඕනෑම අවස්ථාවක අත උල්කොට මාංචුව පන්නා ගත හැකිය. සදුදා උදෑසන නඩුව විභාගයට ගනී. සිරිපාල මහාධිකරණයටත් සුමතිපාල සීමන් සිල්වා සහ පියසේන මහේස්ත්‍රාත් උසාවියටත් ගෙන යා යුතුය. එක සදුදාවක සාමාන්‍යයෙන් ඔවුන් ප්‍රවාහනය කරන රථය ආපදාවකට ලක් වී තිබිණි. බන්ධනාගාරයේ ඇති කුඩා වෑන් රථය ප්‍රමාණවත් වන්නේ පොල් පටවන්නාක් මෙන් රිමාන්ඩ් සිරකරුවන් පටවාගෙන යන්නටය. මරු සිරා ඇතුළු විශේෂ ඝනයේ සිරකරුවන් වඩා ආරක්ෂිතව රැගෙන යා යුතු බැවින් එවැනි අවස්ථාවකදී අනුරාධපුර බන්ධනාගාරයේ සාමාන්‍ය පිළිවෙත වූයේ අනුරාධපුර ටවුමෙන් පුද්ගලික කුලී මෝටර් රථයක් ගෙන්වා විශේෂ සිරකරුවන් උසාවි ගෙන යෑමය. නිතර බන්ධනාගාරයට කැදවන 4 ශ්‍රී ඔස්ටින් කාර් රථයක් හිරගෙදරට පැමිණියේය. සිරිපාල, සුමතිපාල, සීමන් සිල්වා සහ පියසේන එහි පසුපස අසුනට නංවා දොරවල් ලොක් කෙරිණි. රිපීටර් තුවක්කු දෙකක් රැගත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා ඉදිරිපසින් නැග්ගේය. නඩු විභාගය අවසන් විය. සිරකරුවන් පෙර පරිදිම නැවත ගෙනැවිත් ඔස්ටින් රථයේ පැටවිණි. අනුරාධපුරයේ හිරෙන් පැන යාමේ වරදට සිරාටත්, හිතුමතේටත්, ලයනල්ටත් වසරක සිර දඩුවමක් එකතුව තිබුණේය. මරුසිරාගේ නඩුවේ තීන්දුව පසු දිනට කල් ගියේය. මේ අවස්ථාවේ අනපේක්ෂිත දෙයක් ද සිදුවිය. ජේලර්වරයකු අනෙකුත් සිරකරුවන් සමග වෑන් රථයේ ඒම පිණිස නතරවී රයිපලයක් අතින් ගත් පොලිස් නිලධාරියකු ඔස්ටින් රථයට නැගීම ඒ හදිසියේ ඇති වූ වෙනසයි. සිරිපාල සිය මෙහෙයුම ආරම්භ කලේ උසාවියේ සිට කදිරේෂන් කෝවිල පසු කරන විටය. ප්‍රථමයෙන් කලයුතු වන්නේ දඹර ඇගිල්ල සහ මහපට ඇගිල්ල අහිමි සීමන් තම අත උල්කර මාංචුව පන්නා ගැනීමය. සිරිපාල ඇසෙන් දුන් විධානය අනුව අත පන්නා ගැනීම මිතුරා ආරම්භ කළේය. එය හිතුවාටත් වඩා පහසුවෙන් කෙරුණේය. සීමන්ගේ දෙඅත් මුළුමනින්ම නිදහස්ය. එහෙත් හඩ නොනැගෙන සේ මාංචු එලෙසම තබා ගත්තේය. ඉන්පසු දෙවැනි පියවර එළැඹියේය. එනම් ජේල්ර් මහතාගේ සාක්කුවේ ඇති මාංචු ගලවන යතුරු කැරැල්ල පික්පොකට් ගැසීමයි. දක්ෂ පික්පොකට් කරුවකු වූ පියසේන අවස්ථාවක් බලා එය හරියටම කළේය. ඉන්පසු මෙහෙයුමේ තුන් වැනි පියවර ඇරඹියේය. යතුරු කුට්ටම හඩ නොනැගෙන සේ හුවමාරු කරගනිමින් එකිනෙකාගේ අත් මාංචුවලින් නිදහස් කරගත යුතුය. මිනිත්තුවකටත් අඩු කාලයක් තුල මාංචු ගැලවීම අවසන් වූවේය. දැන් මාංචු කුට්ටම් තුනම තිබෙන්නේ රබර් සීට් උඩ තුන්පලකය. මල්වතු ඔය පාලම මතට රථය පිවිසෙනවාත් සමගම රියදුරු ෂෙල්ටන්ගේ ගෙල වටා අතදැමූ ලයනල් ඔහුගේ හිස උඩු අතට නවා ගත්තේය. කාරය පාලම් ඇන්දේ හැපී නතර විය. මරු සිරා දුන් පහරින් වම්පස දොර ඇරී සාජන් මහතා පාරට වැටුනේය. වහා නැගිට ගත් සාජන් මහතා රිපීටරය මරු සිරාට එල්ල කරනු දුටු හිතුමතේ වලහකු මෙන් ජේලර් වෙත කඩා පැන්න අතර දෙදෙනා පාලමේ ඇදි අතරින් මල්වතු ඔයට නොවැටී බේරුණේ අසීරුවෙනි. තුවක්කුව උදුරා ගැනීම සදහා ඔවුනොවුන් අතර බිහිසුණු සටනක් ඇරැඹුණේය. සාජන් අතින් එක් වෙඩිල්ලක් පත්තු වූ අතර ඉලක්කය වැරදීම නිසා එය අසල වූ කොහොඹ ගසක වැදිණි. පසු නොබලා දුවමින් සිටි ෂෙල්ටන් වෙඩි හඩට හා වදුරන්ගේ හඩට ආපසු හැරී බැලූවිට දුටුවේ තුවක්කු සිරකරුවන් අතට පත්වීම නිසා තමා සිටින දෙසටම දිව එන සාජන් මහතා සහ ජේලර්ය. ඊලග මොහොතේ පැයට සැතපුම් 60 ක පමණ වේගයකින් රතු පැහැති ඔස්ටින් ෂරීනා රථයක් අනුරාධපුර ඇළදපත්තුව දෙසට ගමන් කරනු පෙනුනේය. ලයනල් විසින් පදවනු ලැබූ කාරයේ ඉදිරි අසුනේ 303 වර්ගයේ රයිපලයක් අතින් ගත් මරුසිරා නොහොත් සිරිපාල වාඩි වී සිටියේය. පසුපස වම් පස අසුනේ සිටියේ රිපීටර් තුවක්කුවක් අතින් ගත් හිතුමතේ නොහොත් බී.ඩී. සුමතිපාලය. මරු සිරා තවත් බිහිසුණු අපරාධරුවන් තිදෙනෙකු සමග හිරෙන් පැන යාම පසු දින පුවත්පත් මහා ඉහළින් වාර්තා කර තිබුණේය.මේ අසුභ ප්‍රවෘත්තියත් සමග රජරට ප්‍රදේශය හෙල්ලුම් කෑවේය. මරු සිරාගේ නඩුවේ තීන්දුව දුන්නේ විත්තිකරු නොමැතිවය. ඔහුට මරණ දඩුවම නියම විය. ඔස්ටින් රථය කැලෑ මණ්ඩියක අත්හළ සිරකරුවෝ ඇළදපත්තුව කැලයට වැදී සැහැල්ලුවෙන් ගමන් කළහ. එදින සන්ධ්‍යා භාගයේ ඔවුන් ප්‍රථමයෙන් කලේ වැවකට පැන සිත් සේ නා ගැනීමයි. පසුදින මරු සිරාගේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරන මොහොතේ ඔවුන් සිටියේ දියකිත්ත වැව ප්‍රදේශයේ මිතුරකුගේ හේනක පිපිඤ්ඤා කමින් අල්ලාප සල්ලාපයේ යෙදෙමින්ය. මරු සිරාගේ පපුවේ මරුවා සමග වාසේ යනුවෙන් පච්ච කොටා තිබේ. එය දුටු සුමතිපාලට පච්චයක් අවශ්‍ය විය. එදා හැන්දෑවේ පච්ච කොටන අඩුවැඩිය රැගත් මිනිසකු හේන් යායට ගෙන්වාගත් මිතුරු පිරිස තම තමන් කැමති පච්චා කොටා ගත්තෝය. සුමතිපාල කවුරු මොනවා කිව්වත් හිතුමතේ වැඩ කරන නිසා ඔහුගේ පපුවේ හිතුමතේ කියා කෙටීම වඩා සුදුසු බව කාගෙත් අදහස විය. දෙද්දුවගේ සිරිපාල නොහොත් මරු සිරා සිය අත් අකුරින් සුමතිපාලගේ පපුවේ හිතුමතේ යනුවෙන් සලකුණු කලේය. පච්චා කෙටූ ඇන්තනී එම අකුරු සුමතිපාල ජීවත්වන තුරු නොමැකෙන්නට තහවුරු කලේය. එය කොටා අවසන් වන විට සුමතිපාලගේ ඉල්ලීම වූයේ ඔහුගේ නැගණියගේ නමත් බාහුවේ කෙටිය යුතු බවය. එයද ඒ අයුරින්ම ඉටුවිය. සුමතිපාලගේ බාහුවේ කුසුමා ඔබ නිසා යනුවෙන් කුඩා අකුරින් සටහන් කළේය. යුධ හමුදාවේ සහ පොලීසියේ උසස් නිලධාරීන් සාකච්ඡා කොට රජරට පුරා ආරක්ෂාව තරකර තිබුණි. දහසකට අධික භට පිරිසක් යොදවා පළමු කොටම ඇළදපත්තුවේ වනය කොටු කොට දැඩි පරීක්ෂාවට ලක් කලහ. එහෙත් පලාගිය සිරකරුවන් සම්බන්ධව කිසිදු තොරතුරක් ලැබුනේ නැත. අනුරාධපුර පොලිස් අධිකාරී මහතා විශේෂ වැඩ පිළිවෙලක් සකස් කල අතර එම මෙහෙයුමට අනුව සන්නද්ධ කුඩා භට කණ්ඩායම් දිස්ත්‍රික්කයේ කැලෑ මාර්ග වල රාත්‍රී කාලයේ තැන් තැන්හි යෙදවිණි. එම කණ්ඩායම්ද අනුරාධපුර අවට කැළෑ ප්‍රදේශ වල, හේන් යායවල සැරිසැරූහ. එහෙත් පලාගිය සිරකරුවන් පිළිබදව කිසිදු ආරංචියක් පොලිසියට ලැබුනේ නැත. දින ගණනකින් පසුව පොලිස් ඔත්තුකරුවෙකු දැනුම් දුන්නේ කුඩා හෝටලයකින් අවේලාවේ කෑම පාර්සල් කිහිපයක් සකස් කරවාගෙන කැලයට ගමන් කල නොහදුනන පුද්ගලයෙකු ගේ අතේ ඇගිලි කීපයක් අඩු බවය. අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක නලින් දෙල්ගොඩ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක සිසිල් කාරියවසම් ඇතුළු කණ්ඩායමක් පිටත් වූ අතර ඔව්හු වනයට ඇතුල් වී ඉදිරියට ගමන් කළහ. තරුණ පොලිස් පරීක්ෂක සිසිල් කාරියවසම් මහතාට මරුසිරාගේ වැඩකිඩ ගැන එතරම් දැනීමක් නොතිබූ අතර ඔහු මෙය සාමාන්‍ය රාජාකාරී ගමනක් ලෙස සළකා තිබුනි. මේ කණ්ඩායම බලාපොරොත්තු නොවූ ලෙස කැළය මැදදී අපරාධකරුවන් සිව් දෙනාගේ කල්ලිය මුහුණට මුහුණ හමු විය. මේ අවස්ථාවේ පලා යාම වෙනුවට පහරදීම තෝරාගත් මරුසිරා සාජන් කෙනෙකුට පොල්ලකින් පහර දුන් අතර ඔහුතේ අතේ තිබී විසිවූ ස්වයංක්‍රීය ගිණි අවිය අහුලා ගන්නට පැන්නේය. නමුත් වහා ක්‍රියාත්මක වූ සිසිල් කාරියවසම් මහතා මරුසිරා මතට පැන පොරබදා ඔහු මෙල්ල කළේය. පොලිස් නිළධාරීන් හතර අතේ වෙඩි තබන්නට ගත් නිසා මරුසිරා බේරාගැනීම පසෙකලා සෙස්සෝ පැන ගියහ. මරුසිරා ජීවග්‍රහණනයෙන් අල්ලා ගැනීමට හැකි වීම පොලිස් පිරිසේ විශාල ජයග්‍රහණයක් ලෙස ඔව්හු සැලකූහ. පැය තුනක් පමණ කල්ගතවූ පසු ඉපැරණි වැව් බැම්මක් මතදී හිතුමතේ සහ ලයනල් නැවත හමුවූහ. දින කීපයකට කලින් දින දෙකක් නතර වී සිටි හේනක තවත් දින දෙකක් රැදෙන්නට ඔව්හු තීරණය කලහ. මිනීමැරුම් චෝදනා ගණනාවක් ඇති සුමතිපාල නොහොත් හිතුමතේ අල්ලා ගැනීම සදහා ඔත්තු සපයන්න යැයිද පොලිසිය මහජනයාගෙන් ඉල්ලා තිබුනේය. දින දෙකකට පසු ලයනල් සහ පියසේන අනුරාධපුරයට ආයුබෝවන් කියා පිටවී ගියේය. සුමතිපාල වැඩි අමුත්තක් නොපෙන්වා හේන් ගොවිතැන් කල මිතුරාට උදව් වෙමින් හේනටම වී සිටියේය. එක් ඉරිදාවක වට්ටක්කා කොළඹ පටවන ලොරිය පැමිණියේය. හේන් කීපයක වට්ටක්කා පටවා ගත් ලොරිය කොළඹ යන්න පිටත් විය. හිසේ ජටාවක් බැදගත් හිතුමතේ වට්ටක්කා ගොඩේ වාඩිවී සිටියේය. ලොරිය උදෑසනම කොළඹ බලා ගමන් කළේය. කුරුණෑගල නගරයේදී හිතුමතේ වට්ටක්කා ලොරියට සමු දී බැසගත්තේය. හෙතෙම සිරගෙදරදී හදුනාගත් යහළුවකු වූ රත්නේ සොයා පසුව කටුපොත ගියේය. රත්නේ සමග දින කීපයක් ගත කල ඔහු රත්නේගේ නිවෙසේ තිබූ මෝටර් සයිකලයෙන් රවුමක් දෙකක් ගසා පුහුණු විය. දිනක් යහළුවාගේ මෝටර් සයිකලයේ නැගුනු හිතුමතේ අවසන් මෙහෙයුම ආරම්භ කිරීම සදහා බුද්ධි දත්ත රැස්කර ගැනීමට පල්ලම බංගදෙණිය හරහා ආරච්චිකට්ටුවට ගියේ එම නගරවල මස්කඩ කිහිපයක් පවත්වාගෙන ගිය මුදලාලි දැක ගන්නටය. ආරච්චිකට්ටුව හන්දියට ඔබ්බෙන් හලාවත පැත්තට වෙන්නට ගැස්ටන් මුදලාලිගේ නිවෙස තිබුනේය. ඔහුගේ දින චර්යාව නිසැකව තේරුම් ගන්නට සුමතිපාල දින තුනක් කුරුමානම් ඇල්ලුවේය. දින තුනේම සවස 4.30 ත් 5.00 ත් අතර නිවෙස ඉදිරිපිට මෝටර් රථය නැවැත්වූ පසු මුදල් පාර්සලයත් රැගෙන මුදලාලි නිවෙස තුලට යන බව නිරීක්ෂණය විය. සිය දඩයම මස් කඩ අසල කරන්නට යෑම එතරම් නුවනට හුරු නැතැයි හිතුමතේ කල්පනා කළේය. එහිදී ශිල්ප දක්වන්නට ගියොත් තමාගේ මරණ දඩුවමද ඒ ස්ථානයේදීම ක්‍රියාත්මක වන්නට ඉඩ තිබේ. එසේ නම් තම වැඩේට අත ගැසිය යුත්තේ මුදලාලිගේ නිවසේදීය. දින කීපයක් මිතුරාගේ නිවසේ සිටි සුමතිපාල මල්වත්තේ ඉලිප්පදෙණිය හන්දියේ තරමක් සරුවට පවත්වාගෙන යන කම්හලකට ගොස් පොල් කෙක්කට දමන පිහියක් සාදවා ගත්තේය. පිහියේ වැඩ අවසන් වූ දින ඔහු මෝටර් සයිකලයේ ගොස් පිහිය ගෝනියක ඔතාගෙන මස් කඩ මුදලාලියා හමුවන්නට ගියේය. හෙතෙම මුදලාලිගේ නිවෙසට නුදුරින් වූ මල්මාර ගස යට බයිසිකලය නතර කළේය. නියමිත වෙලාවට මුදලාලිගේ රිය ගේට්ටුව පසුකර නැවැත්වීය. හිතුමතේ ගෝනියෙන් එළියට ගත් පිහිය පිටුපසට කර අල්ලාගෙන සිටියදී මුදල් පාර්සලයත් බ්‍රැන්ඩි බෝතලයකුත් අතින් ගත් මුදලාලි කාරයේ දොර ඇර එළියට පා තැබුවේය. හිතුමතේ වේගයෙන් මුදලාලි කරා පැමිණෙමින් සිටියේය. මුදලාලි ඔහු දුටුවේ ඉතා සමීපව එමින් සිටියදීය. හිතුමතේගේ මුහුණේ වූ වියරු සිනහව දුටු ගැස්ටන් මුදලාලි තැති ගත්තේය. ඒයි කවුද මනිහෝ උඹ ? ඔහු කෑ ගසමින් මුදල් පාර්සලය කිහිල්ලට සිරකර ගත්තේය. මුදලාලි මහත්තයෝ මම සුමතිපාල කුසුමාවතීගේ අයියා හිතුමතේ කෑ ගැසුවේය. මුදලාලි භීතියෙන් මුසපත්ව කාරය දෙසට ආපසු හැරුණේය. ඉදිරියට පැන්න හිතුමතේ කෙක්ක පොල්වල්ලට දමන්නාක් මෙන් ගැස්ටන් මුදලාලිගේ බෙල්ලට දමා ඇද්දේය. කදින් වෙන්වූ බෙල්ල පළමුවත් මුදලාලි දෙවනුවත් ගෙය ඉදිරිපිට කාණුවට වැටුණේය. මේ සිදුවීම කිසිවෙකු දැක්කේ නැත. පොල් කඩන වක් පිහිය කාණුවට විසිකල හිතුමතේ ආපසු හැරී මල් මාර ගස යට නතර කර තිබූ මෝටර් සයිකලය වෙත යන්නට පිටත් විය. මේ අවස්ථාවේදී පමණක් ඔහු කැපූ හිස රැගෙන ගියේ නැත. පසුව මුදලාලිගේ බිරිදට මළසිරුර හමුවිය. හිතුමතේ කටුපොත රත්නපාලගේ නිවෙසට ගියේය. මොටර් සයිකලය වෙනදා නවතා තබන ස්ථානයේම තැබූ ඔහු බාල්දිය රැගෙන ලිද කරා ගොස් මුහුණ දොවා ගත්තේය. එදින රාත්‍රියේ බොහෝ වේලා කල්පනා කළේය. පළිගැනීම දැන් අවසන් වී ඇත. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සිදුවූ හැම සිදුවීමක්ම ඔහුට මෙනෙහි වූවේය. නින්දට ගිය ඔහු නින්දෙන්ම බොහෝ දුරක් පයින් ගමන් කර පසුදින උදයේ වැවක් අයිනේ වැටී සිටියේය. එතැනට ආවේ කෙසේ දැයි ඔහුට මතකයක් නොවීය. පළිගැනීමේ සිතිවිල්ල හිතුමතේ තුල ගොඩනගා තිබූ ජවය හා උත්තේජනය ඒ වන විට සිදී තිබුනේය. දැන් සියල්ල අවසානය. තවදුරටත් තමා ජීවත්වීම අවශ්‍ය නොවේ. නමුත් බියගුල්ලෙකු සේ නොමැරෙන්නට ඉටා ගත් ඔහු මාර්ගයක් සොයා ගමන් කළේය. එහි ගිය ලෑන්ඩ්මාස්ටර් රථයක තරුණයෙක් ඔහුවද නංවා ගත්තේය. එය හලාවත නගරයට ඇතුළු වූ විට හිතුමතේ එයින් බැස කෘතවේදී සිනාවකින් එය පැදවූ තරුණයාට ආචාර කළේය. හිතුමතේ ඉන්පසු පොලිස් ස්ථානය සොයා ගියේය. පැමිණිළි ලියන පොලිස් නිලධාරියාට තමා කවුදැයි හදුන්වා දුන්නේය. නැවතත් පුරුදු සිරගෙදරට ආ සුමතිපාල සුළු කලකට පසු සිය නිවෙස සහ ඉඩම යාබද පන්සලට පවරා දී පියාටත්, මවටත්, නැගණියටත් පින් අනුමෝදන් කළේය. සති දෙකකට පසු සුමතිපාල බෝගම්බරට මාරු කළේය. එහිදී නැවතත් මරු සිරා හමු වූ අතර පසුව මරුසිරා එල්ලා මරන ලදී. මෙය සුමතිපාලට කණගාටුදායක දෙයක් විය. (මරුසිරා පෝරකයට යැවීමේ සිද්ධිය එකල මහත් ආන්දෝලනයක් ඇති කල අතර ලංකාවේ මරණ දඩුවම අහෝසි වී යාමටද එය බලපෑ බව කියවේ.) මිනීමැරීමේ චෝදනා 4 ක් සම්බන්ධයෙන් එල්ලා මරා දැමීමට නියමිතව සිටි හිතුමතේ නැමති සිරකරුට එවකට හිටපු ජනාධිපති විලියම් ගොපල්ලව මහතා විසින් මරණ දඩුවම අත්හිටුවා වසර 90 ක සිර දඩුවමකට යටත් කෙරුනි. සිරගත ජීවිතයේදී ඔහුට විශාල මිතුරු පිරිසක් ඇසුරු කිරීමට අවස්ථාව ලැබුනේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, රෝහණ විජේවීර, විජය කුමාරණතුංග, නන්දන මාරසිංහ වැනි කීර්තිමත් මිනිසුන් ඔහු සමග එකම සිර කුටියේ සිටියේය. පසුකලෙක (තමා සමග එකට සිරබත් කෑ) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඔහුට ජනාධිපතිවරයාගේ උපන් දිනය දා සමාව ලබා දුන්නේය. ඒ අනුව සුමතිපාල නොහොත් හිතුමතේ ජීවිතේ සිරකරු 2013 නොවැම්බර් මස 24 වන දා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කල අතර ඔහුට 2014 පෙබරවාරි මස 4 වන දා තුන්රෝද රථයක්ද ප්‍රදානය කරනු ලැබීය. ඒ සදහා අරලියගහ මන්දිරයට ගොස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමටද අවස්ථාව ලබා දී තිබුනි. 17 වෙනි වියේදී සිර ගෙදරට පැමිණි ඔහු වසර 41 ක සිරගෙයි ජීවිතයෙන් ජනාධිපති සමාව ලබා නිදහස් වන විට වසර 58 ක වියපත් මිනිසකුව සිටියේය. සිපිරි ගෙය තුලදී හිතුමතේ ජීවිතය විසින් කොපි පොතක ලියන ලදැයි කියන කවි දෙකකින් මේ සටහන නිමාවට පත්කරන්නට රිසි වෙමි අදහස් කුහක මිතුරන්ගෙන් දුරු වේවා නිදහස් බිමක මගෙ මරණය සිදු වේවා උදහස් නොවෙමි සැමදෙන මට පිටු පෑවා අනුහස් එපා පෝරකයට ගොඩ වෙනවා බැහැ ඉවසන්න මරුවා මට වද දෙනවා ඇහැ මගෙ නංගි නිතරම මට සිහි වෙනවා නැහැ කිසි දුකක් යුතුකම මගෙ ඉටුවෙනවා බැහැ තව ඉන්න නංගී වෙත මම යනවා (මෙම දීර්ග ලිපිය මුහුණ පොතේ සෝමලතා හේරත් මැණිකේ සොහොයුරිය විසින් උපුටා දක්වා තිබූ අතර මෙම ලිපිය ලියූවෙක් සම්බන්ධයෙන් තොරතුරු නොමැති බවද දක්වා තිබිණි ) ඔබේ අදහස කියන්න... SHARE Facebook Twitter tweet Previous articleසංගීත කණ්ඩායමක් අවශ්‍යයි! කවුද අපිට උදව් කරන්නේ? Next articleඅන්දොස් නොවීමට Admin RELATED ARTICLESMORE FROM AUTHOR News ලෙනින් සමඟ අපේ ජීවිත B News වැහිළිහිණියන්ගේ සංඥාව. News පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පශ්චාත් මාක්ස්වාදය. Follow us 4,006FansLike 58FollowersFollow 179SubscribersSubscribe Latest news ලෙනින් සමඟ අපේ ජීවිත B December 2, 2022 වැහිළිහිණියන්ගේ සංඥාව. November 25, 2022 පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පශ්චාත් මාක්ස්වාදය. November 18, 2022 කූඹියෝ සීරීස් 2 එපිසෝඩ් 1.1 – කුහුඹු රාජ්‍යය November 18, 2022 Home News Political Hegel Seminars Hot Video English Žižek Articles Lifestyle FB LIKE For Sharing NEWS By: Rashid Azar © 3mana | Online news magazine - 2017-2021. All Rights Reserved. | Design by: Lanka Designer '); var formated_str = arr_splits[i].replace(/\surl\(\'(?!data\:)/gi, function regex_function(str) { return ' url(\'' + dir_path + '/' + str.replace(/url\(\'/gi, '').replace(/^\s+|\s+$/gm,''); }); splited_css += ""; } var td_theme_css = jQuery('link#td-theme-css'); if (td_theme_css.length) { td_theme_css.after(splited_css); } } }); } })();
කොවිඞ්-19 වසංගතයෙන් නැතහොත් කොරෝනාවෙන් අසනීප වන සහ එයින් මියයන රෝගීන් සංඛ්‍යා වැඩි බව අසන්නට ලැබේ. අඩු වයසෙන් මියයන රෝගීනුත් ඒ අතර වේ. කෙනෙකු අඩු වයසෙන් මිය යන්නේ ඇයි? කෙනෙකුට බරපතළ අසනීප සෑදෙන්නේ ඇයි? බුදුදහම ඇසුරෙන් අපි ඒ පිළිබඳව විමසා බලමු. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ, ජේතවන නම් අනේපිඬු සිටුවරයාගේ ආරාමයෙහි වැඩ වසන කල, තෝද්‍ය බ‍්‍රාහ්මණයාගේ පුත‍්‍ර සුභ නම් මානවකයාටත් මේ ප‍්‍රශ්න ඇති වූ බව ත‍්‍රිපිටකයෙහි සඳහන් වේ. සුභ මානවකයා බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණ බුදුරජාණන් වහන්සේගෙන් ඒ පිළිබඳව ඇසීය. ”ගෞතමයන් වහන්ස… ස්වල්ප ආයුෂ ඇති මනුෂ්‍යයන් දක්නට ලැබේ. දීර්ඝායුෂ ඇති මනුෂ්‍යයන් දක්නට ලැබේ. බොහෝ රෝගාබාධ ඇති මනුෂ්‍යයන් දක්නට ලැබේ. ස්වල්ප රෝගාබාධ ඇති මනුෂ්‍යයන් දක්නට ලැබේ… ගෞතමයන් වහන්ස, මිනිස්ව උපන්නා වූ මනුෂ්‍යයන්ගේ මෙසේ උස් පහත්කම් දක්නට ලැබේ. ඊට හේතු කවරේ ද? කරුණු කවරේ ද?” බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක: සතුන් මරන්නේ නම් අල්පායුෂ ”… මේ ලෝකයෙහි යම් ස්ත‍්‍රියක් හෝ පුරුෂයෙක් හෝ රෞද්‍ර වූයේ, ලේ තැවරුණු අත් ඇත්තේ, නැසීමෙහි, වැනසීමෙහි යෙදුණේ, සියලූ‍ පණ ඇති සතුන් කෙරෙහි කරුණාව නැත්තේ, සතුන් මරන්නේ වේ ද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළා වූ, මෙසේ සමාදන් වූ, ඒ කර්මය හේතුකොටගෙන, කය බිඳී, මරණින් මතු, සැප රහිත, දුක ඇති, නොකැමැත්තෙන් වැටෙන්නා වූ නිරයෙහි උපදියි. ඉදින් කය බිඳී, මරණින් මතු, සැප රහිත, දුක ඇති, නොකැමැත්තෙන් වැටෙන්නා වූ නිරයෙහි නූපදී ද, මිනිසත් බවට පැමිණේ ද, යම් යම් තැනක පසුව උපදී ද, ස්වල්ප ආයුෂ ඇත්තෙක් වෙයි. … රෞද්‍ර වූයේ, ලේ තැවරුණු අත් ඇත්තේ, නැසීමෙහි, වැනසීමෙහි යෙදුණේ, සියලූ‍ පණ ඇති සතුන් කෙරෙහි කරුණාව නැත්තේ, සතුන් මරන්නේ වෙයි නම්, මේ පැවැත්ම අල්පායුෂ බව පිණිස පවත්නේ වෙයි.” කෙනෙකු අඩු වයසෙන් මිය යන්නේ ඇයි දැයි බුදුරජාණන් වහන්සේ එසේ පැහැදිලි කළ සේක. සතුන්ට හිංසා කරන්නේ නම් බොහෝ රෝග ”… මේ ලෝකයෙහි යම් ස්ත‍්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අතෙන් හෝ කැටකින් හෝ දණ්ඩෙන් හෝ ආයුධයෙන් හෝ සතුන්ට හිංසා කරන ස්වභාව ඇත්තේ ද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළා වූ, මෙසේ සමාදන් වූ, ඒ කර්මය හේතුකොටගෙන, කය බිඳී, මරණින් මතු, සැප රහිත, දුක ඇති, නොකැමැත්තෙන් වැටෙන්නා වූ නිරයෙහි උපදියි. ඉදින් කය බිඳී, මරණින් මතු, සැප රහිත, දුක ඇති, නොකැමැත්තෙන් වැටෙන්නා වූ නිරයෙහි නූපදී ද, මිනිසත් බවට පැමිණේ ද, යම් යම් තැනක පසුව උපදී ද, බොහෝ රෝග ඇත්තෙක් වෙයි. … අතෙන් හෝ කැටකින් හෝ දණ්ඩෙන් හෝ ආයුධයෙන් හෝ සතුන්ට හිංසා කරන ස්වභාව ඇත්තේ වෙයි නම්, මේ පැවැත්ම බොහෝ රෝග සහිත වීම පිණිස පවත්නේ වෙයි.” කෙනෙකුට බොහෝ රෝගාබාධ ඇති වන්නේ මන්දැයි බුදුරජාණන් වහන්සේ එසේ පැහැදිලි කළ සේක. කෙනෙකුට දීර්ඝායුෂ ලැබෙන්නේ කෙසේ දැයි යන්න ද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළෙසේක. සතුන් නොමරන්නේ නම් දීර්ඝායුෂ ”… මේ ලෝකයෙහි යම් ස්ත‍්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ප‍්‍රාණඝාතය අත්හැර ප‍්‍රාණඝාතයෙන් වැළකුණේ වේ ද, බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුධ ඇත්තේ, ලජ්ජා ඇත්තේ, කරුණාව ඇත්තේ, සියලූ‍ පණ ඇති සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති ව වාසය කරයි ද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළා වූ, මෙසේ සමාදන් වූ, ඒ කර්මය හේතුකොටගෙන, කය බිඳී, මරණින් මතු, යහපත් ගති ඇති, ස්වර්ග ලෝකයෙහි උපදියි. ඉදින් කය බිඳී, මරණින් මතු, යහපත් ගති ඇති, ස්වර්ග ලෝකයෙහි නූපදී ද, මිනිසත් බවට පැමිණේ ද, යම් යම් තැනක පසුව උපදී ද, දීර්ඝායුෂ ඇත්තෙක් වේ. … ප‍්‍රාණඝාතය අත්හැර ප‍්‍රාණඝාතයෙන් වැළකුණේ වේ ද, බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුධ ඇත්තේ, ලජ්ජා ඇත්තේ, කරුණාව ඇත්තේ, සියලූ‍ පණ ඇති සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති ව වාසය කරයි නම්, මේ පැවැත්ම දීර්ඝායුෂ පිණිස පවත්නේ වෙයි.” බොහෝ රෝගාබාධ ඇති කෙනකු නොවන්නේ කෙසේ දැයි යන්න ද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළසේක. සතුන්ට හිංසා නොකරන්නේ නම් ස්වල්ප රෝග ”… මේ ලෝකයෙහි යම් ස්ත‍්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අතෙන් හෝ කැටකින් හෝ දණ්ඩෙන් හෝ ආයුධයෙන් හෝ සතුන්ට හිංසා කරන ස්වභාව නැත්තේ ද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළා වූ, මෙසේ සමාදන් වූ, ඒ කර්මය හේතුකොටගෙන, කය බිඳී, මරණින් මතු, යහපත් ගති ඇති, ස්වර්ග ලෝකයෙහි උපදියි. ඉදින් කය බිඳී, මරණින් මතු, යහපත් ගති ඇති, ස්වර්ග ලෝකයෙහි නූපදී ද, මිනිසත් බවට පැමිණේ ද, යම් යම් තැනක පසුව උපදී ද, ස්වල්ප රෝග ඇත්තෙක් වේ. … අතෙන් හෝ කැටකින් හෝ දණ්ඩෙන් හෝ ආයුධයෙන් හෝ සතුන්ට හිංසා කරන ස්වභාව නැත්තේ නම්, මේ පැවැත්ම ස්වල්ප රෝග ඇති බව පිණිස පවත්නේ වෙයි.” ත‍්‍රිපිටකයෙහි මජ්ඣිමනිකායෙහි උපරිපණ්ණාසපාළියට අයත් 4. විභංග වර්ගයෙහි එන 5. චූලකම්ම විභංග සූත‍්‍රයෙහි ඇතුළත් ඉහත කරුණු පිළිබඳ ව අද අප කාගේත් අවධානය යොමු කරන්නේ නම් වැදගත් ය. එම නිසා කොවිඞ්-19 වසංගතය නැතහොත් කොරෝනාව සම්බන්ධයෙන් රජයේ නියමයන් සහ සෞඛ්‍ය අංශවලින් දෙනු ලබන උපදෙස් පිළිපදින අතර ම, අඩු වයසෙන් මියයෑම සහ බරපතළ අසනීප සෑදීම වළක්වා ගැනීමට සතුන් මැරීමෙන් සහ සතුන්ට හිංසා කිරීමෙන් වැළැකී, කොවිඞ්-19 වසංගතය නැතහොත් කොරෝනාව මේ ලෝකයෙන් දුරු වන සේ කටයුතු කිරීමට අපි අදිටන් කරගනිමු. විශ‍්‍රාමික අධ්‍යාපනඥ සහ භාවනා උපදේශක රෝහිත විජයතිලක Share Facebook Twitter Pinterest WhatsApp Previous articleදස හැවිරිදි දරුවා කඹයකින් බැඳ ළිඳට දමලා Next articleඑදා පත්තරෙන්…. තෙල් බෙදාහැරීම රජය ගනියි [email protected] RELATED ARTICLESMORE FROM AUTHOR විශේෂාංග ඩොලර් අර්බුදයට ඉන්දීය රුපියලේ විසඳුම විශේෂාංග හොරකම් ගැන කතා කරනවා විතරයි විසඳුම් නැහැ විශේෂාංග අදානි සල්ලි එන්ඩීටීවී බලය අල්ලයි MOST POPULAR සත්වෝද්‍යානය තුළ වංචා දූෂණ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය අනාවරණය කර ගත්තා... January 21, 2022 බෙම්පියා July 22, 2021 බිළිඳියගේ ගෙළ සිරකර ළිඳට දමා පසුව සිරුර වැසිකිළි වළේ සගවලා May 6, 2022 විධායක කඩුව ගත් කවුරුත් රට ගොඩනැඟුවේ නෑ – කාදිනල්තුමා October 9, 2022 Load more HOT NEWS කාටූන බෙම්පියා Uncategorized රට විරුවන්ට නත්තල් තෑග්ගක් ප්‍රධාන පුවත් උසස් පෙළ උසස් ලෙස සමත් දිරිය දරුවන් මෙන්න – සිසුන් 10,000කට... ඉරිදා සංග්‍රහය ප්‍රාදේශීය පුවත් බයිසිකල් නති රටේ වින්කලයට පණ ඇවිත්…යතුරු පැදි ගණනට ගණන් ගිය පා... EDITOR PICKS ආණ්ඩුවට එරෙහිව ඊයේත් විරෝධය December 6, 2022 ශ්‍රී ලංකාව ආසන්නයේ බෙංගාල බොක්කේ භූ චලනයක් December 6, 2022 පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් නඩු දැමිය යුත්තේ රජයටයි – මෛත්‍රී උසාවියට කියයි December 6, 2022 POPULAR POSTS සිංහල මැණිකේට එරෙහි ඩයස්පෝරාවේ කුහකත්වය October 10, 2021 ජංගි හොරා කුණුහරුපයක් නෙමෙයි – ආචාර්ය සෝමරත්න දිසානායක December 26, 2021 යොහානි බ්‍රිතාන්‍යයේ වාර්තාත් බිඳී October 20, 2021 POPULAR CATEGORY ප්‍රධාන පුවත්7210 ප්‍රාදේශීය පුවත්3200 විශේෂාංග1959 විගස පුවත්1900 කාටූන1870 ක්‍රීඩා1832 විදෙස් පුවත්1608 ABOUT US Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
1975 වසර දක්වා දිව යන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසය තුළ සුපිරි දස්කම් දැක්වූ විවිධ පිතිකරුවන්ව අපට හමුවනවා. එලෙස හමුවන පිතිකරුවන් අතුරින් ලෝක කුසලාන තරගවල දී අඛණ්ඩව සිය දස්කම් දැක්වීමට හැකිවුණේ පිතිකරුවන් කිහිප දෙනෙකුට පමණ යි. එක්දින ලෝක කුසලාන ඉතිහාසය තුළ වැඩිම ශතක ප්‍රමාණයක් ලබාගෙන සිටි පිතිකරුවා ලෙසින් සචින් ටෙන්ඩුල්කාර් වාර්තා අතරට එක්ව සිටියත් 2019 ලෝක කුසලාන තරගාවලියේ දී රෝහිත් ෂර්මා එම වාර්තාව සම කළා. එම නිසාම මෙම ලිපිය වෙන්වන්නේ ටෙන්ඩුල්කාර් එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ලබාගත් ශතක 6 පිළිබඳව තොරතුරු ඔබ වෙතට ඉදිරිපත් කිරීමට යි. . 1996 තරගාවලියේ දී කෙන්යාවට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 127 1996 ලෝක කුසලාන තරගාවලියේ කෙන්යා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර තරගය පැවැත්වුණේ කටක් නුවර බරබාටි ක්‍රීඩාංගණයේ දී යි. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් කෙන්යානු කණ්ඩායම වෙනුවෙන් ස්ටීව් ටිකලෝ ලබාගත් අගනා ලකුණු 65 නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 199ක් ලබාගැනීමට ඔවුන්ට හැකිවුනා. ඉන්පසුව ඉන්දීය කණ්ඩායම ලකුණු 200ක පහසු ඉලක්කයක් හඹාගිය අවස්ථාවේ ක්‍රියාත්මක වුණු සචින් ටෙන්ඩුල්කාර් හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමගින් පන්දු 138කින් නොදැවී ලකුණු 127ක් ලබාගත්තා. එදා සචින් ලබාගත් ශතකයේ විශේෂත්වය වුණේ එය ඔහු එක්දින ලෝක කුසලාන දිවිය තුළ ලබාගත් මංගල ශතකය වීම යි. ටෙන්ඩුල්කාර් කෙන්යාවට එරෙහිව පන්දුවට පහරදෙමින් (twitter) 1996 තරගාවලියේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් ලකුණු 137 1996 ලෝක කුසලාන තරගාවලිය යටතේ දිල්ලි නුවර ෆෙරෝෂා කොට්ලා පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන්නේ ඉන්දීය කණ්ඩායම යි. එහිදී ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 2ක ලකුණු 93කට දැවීගියා. ඉන්පසුව පිටියේ එක්වුණු අසාරුඩීන් සහ ටෙන්ඩුල්කාර් ලකුණු 175ක අගනා සබඳතාවයක් ගොඩනැගුව නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී ඉන්දීය ලකුණු පුවරුව 271/3 බවට පත් වුණා. එහිදී ඉන්දීය ඉනිමේ නැංගුරම වුණු සචින් ටෙන්ඩුල්කාර් හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් සමගින් පන්දු 137කින් ලකුණු 137ක් ලබාගත්තත් එය ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය සඳහා රැගෙන යාමට ප්‍රමාණවත් වුණේ නැහැ. ටෙන්ඩුල්කාර්ගේ අගනා ඉනිමේ අවස්ථාවක් (pinterest) 1999 තරගාවලියේ දී කෙන්යාවට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 140 1999 වසරේ මැයි 19 වැනිදා සචින් ටෙන්ඩුල්කාර්ගේ පියා මියගියේ එම වසරේ පැවති ලෝක කුසලාන තරගාවලිය අතරතුර යි. සිය පියාගේ අභාවයෙන් පසුව ටෙන්ඩුල්කාර් මුලින්ම සහභාගි වුණේ කෙන්යානු කණ්ඩායමට එරෙහිව බ්‍රිස්ටල්හි පැවති තරගයටයි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ කඩුලු 2ක් ලකුණු 92කට දැවීගොස් තිබුණු අවස්ථාවේ දී ටෙන්ඩුල්කාර් පිටියට පිවිසියා. ඉන්පසුව ඔහු ඩ්‍රාවිඩ් සමග එක්ව ලකුණු 237ක දැවැන්ත සබඳතාවයක් තුන්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුවා. ඔවුන් දෙදෙනා ගොඩනැගූ එම සබඳතාවය නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී ඉන්දීය ලකුණු පුවරුව 329/2ක් බවට පත් වුණා. එහිදී ඉතාමත් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ සචින් ටෙන්ඩුල්කාර් පන්දු 101කින් නොදැවී ලකුණු 140ක් ලබාගත්තේ හතරේ පහර 16ක් සහ හයේ පහර 3ක් සමගින්. එදා ටෙන්ඩුල්කාර් ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ගේ ගෞරවයට පාත්‍ර වුණේ සිය පියාගේ අභාවය සිදුවී දින 4කින් එම ශතකය ලබාගැනීම නිසා යි. සචින්ගේ විශිෂ්ඨ ශතකයේ එක් අවස්ථාවක් (gettyimages) 2003 තරගාවලියේ දී නැම්බියාවට එරෙහිව ලබාගත් ලකුණු 152 2003 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ නැම්බියාව අතර තරගය පැවැත්වුණේ පීටර්මැරිස්බර්ග් නුවර සිටි ඕවල් පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 46 දී බිඳ වැටුණා. අනතුරුව නායක ගංගුලීට එක් වුණු ටෙන්ඩුල්කාර් 2 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 244ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැගුවේ නියමිත පන්දුවාර 50 අවසානයේ දී ඉන්දීය ලකුණු පුවරුව 311/2ක් දක්වා ඉහළ නංවමින්. එහිදී ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණු ටෙන්ඩුල්කාර් හතරේ පහර 18ක් සමගින් පන්දු 151කින් ලබාගත් ලකුණු 152 ඔහු ලෝක කුසලාන ඉතිහාසයේ ලබාගත් ඉහළ ලකුණු ප්‍රමාණය බවට පත්වුණා.. ටෙන්ඩුල්කාර්ගේ අගනා ඉනිමේ අවස්ථාවක් (gettyimages) 2011 තරගාවලියේ දී එංගලන්තයට එරෙහිව ලබාගත් ලකුණු 120 2011 ලෝක කුසලාන තරගාවලිය යටතේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව චින්නස්වාමී පිටියේ පැවති තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන්නේ ඉන්දීය කණ්ඩායම යි. එහිදී ඔවුන් පන්දුවාර 49.5ක් අවසානයේ දී සියල්ලන්ම දැවී ලකුණු 338ක් ලබාගත්තේ, සචින් ටෙන්ඩුල්කාර් පන්දු 115ක දී හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් සමගින් ලබාගත් ලකුණු 120 නිසා යි. එදා ටෙන්ඩුල්කාර් ලබාගත් එම ශතකයත් සමගින් ඔහු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ශතක ලාභියා බවට පත්වුණේ ශතක 4 බැගින් ලබා සිටි සව්රව් ගංගුලී සහ මාක් වෝ අභිබවා යමින්. එංගලන්ත කණ්ඩායමට එරෙහිව ටෙන්ඩුල්කාර් පන්දුවට පහරදෙමින් (gettyimages) 2011 තරගාවලියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලබාගත් ලකුණු 111 2011 ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තරගය පැවතියේ නාග්පූර් නුවර විදර්බා ක්‍රීඩා පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන්නේ ඉන්දීය කණ්ඩායම යි. එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ සචින් ටෙන්ඩුල්කාර් පන්දු 101කින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 111ක් ලබාගත්තේ එක්දින ලෝක කුසලාන ඉතිහාසය තුළ ඔහු ලබාගත් 6වන ශතකයත් ලබාගනිමින්. සචින් අප්‍රිකානුවන්ට එරෙහිව පන්දුවට පහරදෙමින්(gettyimages) එදා සචින් ටෙන්ඩුල්කාර් එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ශතක 6ක් ලබාගනිමින් තැබූ වාර්තාව අසලට ශතක 5 බැගින් ලැබූ සංගක්කාර සහ පොන්ටිං පැමිණියත් ඔවුන්ට එය බිඳ හෙලීමට හැකිවුණේ නැහැ. නමුත් කිසිවෙකු නොසිතූ අයුරින් රෝහිත් ෂර්මා මෙවර ලෝක කුසලාන තරගාවලිය තුළදී ශතක 5ක් ලබාගනිමින් එම වාර්තාව සම කළා. කවරයේ ඡායාරූපය-ටෙන්ඩුල්කාර් 2011 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත තරගයේ දී පන්දුවට පහරදෙමින් (icc cricket) Related Articles Roar සිංහල Roar Media is a South Asian multilingual media platform that produces original stories and provides analysis on complex issues. All our content aims to inform, educate, and inspire.
අලුත්ම විලාසිතා එකක් හැඩවන්න PD Fashion එකට එන්න…..මිරිගම අලුත්ම වෙනස විලාසිතා මන්දිරය PD FASHION මිරිගම කණ්ඩලම සෙඩ් එක ඉදිරිපිට ඔබත් පැමිණ වෙනස වටහා ගන්න …..( අලුත් විදියට හිතන අලුත් විදියට අදින ඔබ සදහාමයි👕👕… (මිරිගම කණ්ඩලම සෙඩ් එක ඉදිරිපිට PD FASHION ) TEL 0714287409 / 0717094757 Click here to see full post on FB #MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම Share this: Twitter Facebook Like this: Like Loading... Posted in MirigamaApi. Tagged as Mirigama, MirigamaApi, අලුත්, අවුරුද්දට, අලුත්, වෙන්න, අල, මීරිගම, මීරිගමඅපි
මදුරෙයි බලා පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් යානය ගුවන් ගත වී විනාඩි පහකට පසු නැවත ගොඩබස්වයි.චීනය විදේශ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රකාශයන් අගය කරයි.ශ්‍රී ලංකාව මෙතෙක් පැවති දීර්ඝතම විදුලි කප්පාදුව එළඹෙන ජූලි මාසයේදී අත්විඳිය හැකි බව විදුලිබල සංගමය අනතුරු අඟවයි.මහව – යාපනය දුම්රිය සේවාව ලබන වසරේ මාස පහකට අත්හිටුවීමට තීරණය කරයි.ඩයනා ගමගේට එරෙහි පෙත්සමක් විභාග කිරීමට අධිකරණය අවසර දෙයි.ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් යුග දිවියට පිවිසෙයි.අග්‍රාමාත්‍යවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ බලශක්ති සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කරයි.වංචා නඩුවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ඩිලන්ත මාලගමුව එම නඩුවෙන් නිදහස් කරයි.ශ්‍රී ලංකාවට ආධාර කිරීම සම්බන්ධව බංග්ලාදේශ අගමැති අදහස් ප්‍රකාශ කරයි.රියදුරු පරීක්ෂණ සඳහා CCTV පරීක්ෂා කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සැරසෙයි.බෙල්ජියම, මොරොක්කෝව සමඟ තරගය පරාජය වීම හේතුවෙන් බ්‍රසල්ස් හි කෝලාහලයක්…අක්මීමන ගැටුමකින් ගුරු අභ්‍යාසලාභීන් 14 දෙනෙකුට තුවාල…28 සහ 29 සඳහා දිනයන් සඳහා විදුලි කප්පාදු කාලසටහනේ සුළු වැඩිවීමක්…කොළඹ තවත් විශාල කොවිඩ් ව්‍යාප්තියක් ඇතිවීමේ අවදානමක් නොමැති බව ප්‍රධාන වෛද්‍ය නිලධාරීතුමා පවසයි.යාල උද්‍යානය තවත් හෙක්ටයාර 27,185කින් ව්‍යාප්ත කරයි. LITRO ගෑස් මිල අඩු කරයි අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ LITRO ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 271 කින් අඩු කරන බව LITRO ලංකා සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයේ නව සිල්ලර මිල රු. 4,280 කි. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරය රුපියල් 107 කින් අඩු වන අතර නව රීටා මිල රුපියල් 1720 කි. කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරය රුපියල් 48කින් අඩු කෙරෙන අතර නව සිල්ලර මිල රුපියල් 800කි. සියලුම මිල අඩු කිරීම් අද රාත්‍රියේ සිට බලපානු ඇති බව ඔහු පැවසීය. පවතින ගෑස් මිල සූත්‍රයට නව එකතු කළ විශේෂාංග අනුව මුදල් අමාත්‍යාංශය, පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA), ජනාධිපති ලේකම් කාර්යාලය සහ LITRO Lanka Ltd යන ආයතනවල සාමූහික ප්‍රයත්නයන් අනුව මෙම මිල සංශෝධනය සිදු විය. ලැබෙන සුළු ලාභයෙන් අපි දැනට ගෑස් ගේන්න ණය පියවනවා. අගෝස්තු 9 වනදා කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 246 ක් වූ අතර කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක නව සිල්ලර මිල රු. 4,664 කි. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරය රු. 99 කින් සහ කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරය රු. එදා 45යි. 2022-10-05 On: October 5, 2022 In: ප්‍රවෘත්ති With: 0 Comments Previous Post: ළමා දිනයේදී සත්වෝද්‍යාන ශුද්ධ එක්දින ආදායමක් ලබයි. Next Post: කබීර් හෂීම් කෝපා කමිටුවේ ප්‍රධානියා ලෙස පත් කරයි. Leave a Reply Cancel reply Your email address will not be published. Required fields are marked * Comment * Name Email Website Save my name, email, and website in this browser for the next time I comment. Δ Recent Posts මදුරෙයි බලා පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් යානය ගුවන් ගත වී විනාඩි පහකට පසු නැවත ගොඩබස්වයි. චීනය විදේශ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රකාශයන් අගය කරයි. ශ්‍රී ලංකාව මෙතෙක් පැවති දීර්ඝතම විදුලි කප්පාදුව එළඹෙන ජූලි මාසයේදී අත්විඳිය හැකි බව විදුලිබල සංගමය අනතුරු අඟවයි.
මේ දවස් වල හැමෝම කතා කරන දෙයක් තමයි EBOLA. ඇත්තටම මොකක්ද මේ EBOLA කියන්නේ? EBOLA කියන්නේ deadly virus එකක්. මුලින්ම EBOLA ගැන වාර්තා වෙලා තියන්නේ 1976 දී Sudan වලින් හා Congo වලින්. EBOLA වැඩි හරියක්ම තියෙන්නේ Central Africa වල තියන remote villages වල. EBOLA හින්දා මේ වෙනකොට 1976 සිට West Africa වල මිනිස්සු 900ක් පමණ මරණයට පත් වෙලා තියනවා. ඒ නිසාම World Health Organization එකෙන් 2014 August 08 වෙනිදා මේක “International Health Emergency” එකක් විදිහට නම් කරලා තියනවා. ලංකාව වගේ African continent එකෙන් පිටස්තර country එකකට EBOLA spread වෙන්න තියන chance එක ඉතාමත් අඩු උනත්, ලංකාවේ ගොඩක් අය පිට රටවල් වල වැඩ කරන නිසාත්, tourism and international trade වලින් මේක පැතිරීමේ risk එකක් තියන නිසාත්, මේ ගැන අවබෝදයකින් ඉන්න එක අපි හැමෝටම හොඳයි. EBOLA infect වෙන්නේ virus එකකින්. EBOLA infect උනහම කෙනෙක්ව bleeding එක්ක ඉතා තද බල ලෙස අසනීප වෙනවා. EBOLA infect උන අයගෙන් 90% විතරම මරණයට පත් වෙනවා. EBOLA වලට මේ වෙනකොට කිසිම vaccine එකක් හෝ treatment එකක් available නෑ. ඉතාමත් ඉක්මනින් මේ virus එක කෙනෙකුගෙන් තවත් කෙනෙකුට ආසාදනය වෙන්න පුළුවන්. How does it spread? From Sick People EBOLA infect උන කෙනෙකුගෙන් තවත් කෙනෙකුට මේ virus එක ඉතා ඉක්මනින් පැතිරෙනවා. ඒක හින්දා EBOLA infect උන කෙනෙක් එක්ක direct contact තියා ගන්න එක very risky දෙයක්. From Dead Bodies මේ virus එක infect වෙලා මැරුණ කෙනෙකුගෙන් තවත් කෙනෙකුට virus එක බෝ වෙන්න පුළුවන්. ඒක හින්දා dead bodies touch කරන්න හෝ wash කරන්න යන්න හොඳ නෑ. Dead body එක touch කරපු අය අත් හෝදපු වතුරෙන් අත් හෝදන්නත් හොඳ නෑ. EBOLA Symptoms Early Symptoms EBOLA infect උන කෙනෙක්ට within 02 days symptoms පහල වෙනවා. පහත දේවල් තමයි EBOLA early symptoms විදිහට සැලකෙන්නේ. Fever Tiredness Muscle pain Headache Nausea Later Symptoms EBOLA infect උන කෙනෙක්ට later symptoms විදිහට පහත දේවල් ඇති වෙනවා. Vomiting (May contain blood) Diarrhea - අතීසාරය (May contain blood) Couch (May contain blood) Bleeding (From nose & mouth) Along with decreased functioning of the liver and kidneys How to prevent EBOLA? EBOLA infect උන කෙනෙක්ගෙන් ඈත් වෙලා සිටින්න. EBOLA හැදිලා මැරුණ අයගේ dead bodies වලින් ඈත් වෙලා සිටින්න. EBOLA infect උන කෙනෙක්ව හෝ එයාලගේ body fluids (Blood, Faeces or diarrhea, Vomit, Urine) touch කරන්න යන්න එපා. නිරන්තරයෙන් soap use කරලා ඔයාලගේ අත් හෝදන්න What to do if you get sick? ඔයාලාට EBOLA symptoms ඇති වෙලා තියනවනම් කරන්න තියන හොඳම දේ තමයි ඉතාමත් ඉක්මනින් hospital එකකට යන එක. Hospital එකකට යනකන් ගෙදර අනිත් අයගෙන් ඈත් වෙලා ඉන්න. එතකොට එයාලට virus එක spread වෙන එක අඩු වෙනවා. ඔයාලගේ vomit & diarrhea ගැන extra careful වෙන්න You have to be extra careful, because most people with EBOLA die.EBOLA ගැන වැඩිය Sinhala articles නැති නිසා මේ article එක ඔයාලාට ගොඩක් useful වෙයි කියලා අපි හිතනවා.
ඔයා නිතරම Internet එකේ ඉන්නවා නම් ගොඩක් තැන් වලදී ඔයාට සිද්ධ වෙලා ඇති ඔයා robot කෙනෙක් නෙවෙයි කියලා ඔප්පු කරන්න කියලා එන challenges. ගොඩක්ම වෙලාවට මාර්ග සංඥා තියන කොටු ටික විතරක් select කරන්න කියලා එහෙම තමයි තියෙන්නේ. reCAPTCHA කිවුවට දන්නේ නැත්තම්, එහෙම කිවුවම මතක් වෙන්න ඇති. මේක මල ඇණයක් වෙන අවස්ථා වලටත් ඕන තරම් මුහුණ දීලා ඇති. ගොඩක් websites මේ reCAPTCHA භාවිතා කරන්නේ, එයාලගේ services use කරන්නේ ඇත්තටම මනුස්සයෙක් ද එහෙමත් නැත්තම් bot කෙනෙක් (bot කෙනෙක් කියලා කියන්නේ යම්කිසි වැඩක් කරන්න නිර්මාණය කරලා තියන computer program එකක්) ද කියලා අඳුරගන්නයි. මොකද කවුරුත් කැමති නෑනේ තමන්ගේ website එකේ ඇත්ත මිනිස්සු නැතිව, fake profiles පිරිලා තියනවට. හුඟ දෙනෙක් දන්නේ නැති කරුණක් තමයි මේ reCAPTCHA එක අයිති Google සමාගමට කියන එක. මේක ඉස්සෙල්ලම හදලා තියෙන්නේ Luis von Ahn සහ එයාගේ තවත් මිත්‍රයෝ පිරිසක් එකතු වෙලා. නමුත් 2009 දී Google ලා මේක ගන්නවා. මේ සතියේ Google ලා ගොඩක් දේවල් ගැන කතා කළා. ඒ අතරින් එක දෙයක් තමයි මේ reCAPTCHA වල ඊළඟ version එක. මේ reCAPTCHA එක බොහොම හොඳ දෙයක් තමයි, නමුත් අපි කවුරුත් කැමති නෑනේ මේවා fill කර කර ඉන්න. අන්න ඒ ප්‍රශ්ණයට උත්තරයක් දෙන්න තමයි මේ පාර Google එක උත්සාහ කරන්නේ. මේ අළුත් reCAPTCHA v3 කියන එකේදී ඔයාගෙන් කිසිම දෙයක් අහන්නේ නෑ, ඒත් ඔයාගේ online හැසිරීම මෙයා රහසේම නිරීක්ෂණය කරලා තේරුම් ගන්නවා ඔයා ඇත්තටම මනුස්සයෙක් ද එහෙමත් නැත්තම් bot කෙනෙක් ද කියලා. මේක වැඩ කරන්නේ ඒ ඔස්සේ ලැබෙන ලකුණු ක්‍රමයකට. ඔයා මනුස්සයෙක් වගේ Internet use කරලා තියනවා නම් ඔයාට ලකුණු 1.0 ක ප්‍රමාණයක් ලැබෙනවා, නමුත් ඔයාගේ හැසිරීම bot කෙනෙකුට සමානයි නම් ඔයාට ලැබෙන්නේ ලකුණු 0 ක්. මම කලිනුත් කිවුවා වගේ මේ bots ලා හදලා තියෙන්නේ එක් විශේෂ වැඩක් කරන්න. ඒක නිසා එයාලා නිතරම කරන දේවල් වල රටාවක් තියනවා. උදාහරණයකට ගත්තොත් Youtube bot කෙනෙක් කරන්නේ මොකක්හරි ලබා දීපු YouTube video එකකට ගිහින් ඒක බලලා, like කරලා එහෙමත් නැත්තම් comment එකක් දාලා එනවා. දවස තිස්සෙම එකම දේ කරන්නේ. Mouse එක හෙලවෙන්නේ එකම විදිහකට. ඒක නිසා මේක ටිකක් සාර්ථක ක්‍රමයක් වෙයි වගේ. නමුත් මේ ක්‍රමය විතරක් පාදක කරගෙන නෙමෙයි මේක හදලා තියෙන්නේ.‍ ඔයාටත් website එකක් තියනවා නම් දැන් පුළුවන් මේ reCAPTCHA v3 එක test කරලා බලන්න. නමුත් මේක තාමත් beta කියන testing මට්ටමේ තියෙන්නේ. ඒත් ඔයාලාට දැන්මම මේක ඉල්ලුම් කරලා තියන්න පුළුවන්. මේ reCAPTCHA v3 එක websites වල අයිතිකරුවන්ට ආරක්ෂාව සපයනවා වගේම, ඒ websites භාවිතා කරන අපිටත් ලොකු පහසුවක් වේවි. Sign Up for reCAPTCHA v3 Source: XDA Kasun Jayarathna An introvert, a journalist at TechNews.LK ❤️ Kasun Jayarathna's Profile මේ වගේ අළුත්ම news යන එන ගමන් බලන්න, දැන්ම අපේ Mobile Apps install කරගන්න. Techie Android Techie Lite iOS Techie Windows — TechNews.LK — News DevFest 2022 උළෙල පිළිබඳව දැනගනිමු Xiaomi සමාගමේ latest flagship lineup එක සහ MIUI 14 එළිදැක්වීමට නියමිත දිනය නිළ වශයෙන් නිවේදනය කරයි WhatsApp Desktop Version එක සඳහා Screen Lock විශේෂාංගයක් හඳුන්වාදෙන ලකුණු See all 2149 articles → Mobile 1 min read Android P සහ iPhone X අතර gestures වල වෙනස ගැන දැනගනිමු Android P කියන්නේ මේ දවස් වල වැඩිපුර කතාබහ කරන මාතෘකාවක්. ඒ වගේම මේ Android P වල අළුතින් ආපු guesture පාදක Kasun Jayarathna වසර 5කට පෙර Computing 1 min read ලොව වේගවත්ම Supercomputers 5ක් ගැන දැනගනිමු මහා පරිමාණයේ ගණනය කිරීම් සඳහා අපි නිවෙස්වල, කාර්යාලයේ භාවිත කරන පරිගණක වලට වඩා ඉතා විශාල බලයකින් යු Dasith Waragoda වසර 5කට පෙර Copy Article Copy Link Facebook Twitter Top Made with in Sri Lanka. Terms & Conditions Privacy Policy Correction Policy Fact-Checking Policy Advertising Policy Ethics Policy Disclaimer Help
දිනෙන් දින කොරෝනා මරණ වැඩි වෙද්දී ඇත්තටම කොරෝනා වෛරස් ආසාදනය නිසා මරණයට පත් වන්නේ කොහොමද කියා ඔබත් කල්පනා කර ඇති. මුලින් අපි බලමු Covid–19 කියන්නේ මොකද්ද කියලා? Covid 19 කියන්නේ අපගේ ස්වසන පද්දතියට ආසාදනය වන වෛරස් ආසාදනයක්. බොහෝවිට මෙම ආසාදනය භයානක රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. ඒ වෙනුවට ස්වසන පද්දතියට බලපාන රෝගයක් නිසා ඒ ආශ්‍රිත රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. ඒ කියන්නේ සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ අමාරුව, උණ සහ කැස්ස ඇති කරනවා. නමුත් මෙම වෛරසය තවත් කෙනෙකුට බෝවීම ඉතා වේගයෙන් සිදු වෙනවා. ඒ වගේම අනිත් ස්වසන පද්ධතිය ආශ්‍රිත වෛරස් ආසාදන වලට වඩා භයානක රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න හැකියාව තියෙනවා. ඇයි මේ වයසින් වැඩි සහ වෙනත් රෝග තියෙන අයට රෝගය උත්සන්න වෙන්න තියෙන හැකියාව වැඩි? ඒක දැනගන්න වෛරසයක් අපේ ශරීරයට ඇතුලත් වූ විට වෙන දේ දැනගමු. වෛරසයක් ස්වසන පද්දතියට ඇතුළු වුණාම එයින් ස්වසන පද්දතියට හානි කරනවා. එවිට විවිධ රසායන ද්‍රව්‍ය (inflammatory mediators) එම ස්ථානයට එක්රැස් වෙනවා, එම රසායන ද්‍රව්‍ය මගින් මෙම වෛරසය විනාශ කිරීමට හෝ පැතිරීම වැලැක්වීම කරනවා. එසේම අපගේ ශරීරයෙන් මෙම ක්‍රියාව සමබරව කරනවා. ඒ කියන්නේ වැඩිපුර රසායන ද්‍රව්‍ය හදන්නේ නැහැ. මොකද එහෙම වුනොත් අපේ සාමාන්‍ය හොද සෛලත් විනාශ කරන්න පුළුවන්. එසේම ශරීරයේ ප්‍රතිශක්තිකරණය මගින් මෙම වෛරසය විනාශ කිරීමට වෙනම ක්‍රියාවලියක් පටන් ගන්නවා. කොරෝනා වලදීත් වෙන්නේ ඒකම තමයි. නමුත් මෙහි ඉතා අධික වෛරස් ප්‍රමාණය නිසා අධික රසායනික ප්‍රමාණයක් නිකුත් කරනවා. නිරෝගී කෙනෙකුට එම අධික රසායනික ප්‍රමාණය දරාගන්න පුළුවන්. නමුත් වයසින් වැඩි කෙනෙක්ට හෝ වෙනත් අසනීපයක් තිබෙන කෙනෙක්ට එය දරා ගැනීමට නොහැකි වෙන්න පුළුවන්. එවිට එම රසායනික ද්‍රව්‍ය මගින් ශරීරයේ වෙනත් අවයව වලට හානි කරන්න පුළුවන්. සමහර විට මුළු ශරීරයේම අවයව වල කර්තව්‍යන් එකවර නතර කරන (Multi organ failure) තරමටම වෙන්න පුළුවන්. මරණය ගෙනදෙන්න තරම් ප්‍රබල ආසාදනයකදී බලපාන්නේ මොන අවයව වලටද? ප්‍රධාන වශයෙන් පෙනහළු වලට බලපායි. එවිට එය කොරෝනා නිසා ඇතිවූ නියුමෝනියා තත්වයක් ලෙස හදුන්වයි. එසේම මෙය හෘදයට සහ මොලයටද බලපෑ හැක. හෘදයට බලපාන විට දැනටමත් නිරෝගී හෘදයක් නොවේ නම් එම බලපෑම දරාගත නොහැකි විය හැකියි. එසේම මොලයට බලපෑ විට ඉක්මනින් මරණය සිදුවිය හැක. Covid 19 ආසාදනය නිසා හෘදයාබාද නැත්නම් heart attack ඇති වෙන්න හේතුවක්ද? නැහැ. එහෙම වෙන්නේ නැහැ. එමනිසා අපි ආරක්ෂා වෙන්න කරන්න ඕනේ මොකද්ද? අත්‍යවශ්‍ය කාරණයකදී හැරෙන්න අනිත් සෑමවිටම නිවසටම වී සිටින්න නිවසෙන් පිටවනවිට මාස්ක් එක නිවැරදිව දාගෙන යන්න – එවිට ඔබට වැළදීමට සහ ඔබෙන් අනිත් අයට වැළදීම අවම කරයි. පොදු ස්ථානයක සිටින විට ඔබ අසල සිටින කෙනා සමග අඩුම අඩි 4-6 ක්වත් ඇතීන් සිටින්න – මෙම වෛරසය පියඹන්නේ නැහැ. නමුත් හුස්මෙන්, කැස්සෙන් සහ කිවිසුම් යන විට ආසාදිත කෙනෙක්ගෙන් පිට වෙන්න පුළුවන්. නිතරම අත් සෝදන්න නැත්නම් 70% ඇල්කොහොල් ද්‍රාවනයකින් අත් පිරිසිදු කරගන්න – එවිට ඔබ ස්පර්ශ කරන ස්ථානයක මෙම වෛරසය තිබුනත් එය ඔබගේ ස්වසන පද්ධතියට ඇතුල් වීම වැළකෙයි. නිවසෙන් එළියට යන ඔබ කොරෝනාව නිවසට රැගෙන එන්න එපා! මන්ද එයින් දුක් විඳින්නේ දැනටමත් වයස්ගතව පීඩා විඳින ඔබේ අසරණ දෙමව්පියන්ය. Dosthara.com sources https://academic.oup.com/jid/advance-article/doi/10.1093/infdis/jiaa578/5904107 https://www.bbc.com/news/health-51214864 #reasons for corona death Related Articles published previously කොරෝනා හිතුවට වඩා භයානක වුනොත්… By Admin Related Post All Articles Slideshow නිදා ගැනීමේ අපහසුතා (Sleep Disorders) – Slideshow J Feb, 2022 Admin All Articles Free Video Consultation J Jan, 2022 Admin All Articles General Health නින්ද කියන්නේ මොකද්ද? J Dec, 2021 Admin Leave a Reply Cancel reply Your email address will not be published. Required fields are marked * Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. අපෙන් අහන්න Recent Posts නිදා ගැනීමේ අපහසුතා (Sleep Disorders) – Slideshow Free Video Consultation නින්ද කියන්නේ මොකද්ද? සයිනස් වල ගැටළු – Sinus Attack (Slideshow) අසාත්මිකතා නැත්නම් ඇලජි Allergies මනස සැහැල්ලු කරගන්න සිංදුවක් අහන්න. DISCLAIMER අපගේ වෙබ් අඩවියෙහි සපයා ඇති තොරතුරු සහ වෛද්‍ය උපදෙස් පාවිච්චි කල යුත්තේ ඔබගේ දැනුම සදහා පමණි. එම තොරතුරු හදිසි වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් හෝ රෝග නිශ්චය කරන ක්‍රමයක් ලෙස පාවිච්චි නොකරන්න. රෝග නිශ්චය සහ ප්‍රතිකාර සදහා සැමවිටම සුදුසුකම් ඇති වෛද්‍යවරයකු හමුවන්න. මෙම වෙබ් අඩවියේ ඇති සමහර ෆොටෝ සහ චිත්‍ර මගින් වෛද්‍ය විද්‍යාත්මක කරුණු පැහැදිලි කිරීමේදී එම ෆොටෝ සහ චිත්‍ර මගින් ලිංගික ප්‍රදේශ ප්‍රදර්ශනය කර ඇති අතර එම දේවල් කෙරෙහි ඔබගේ අකමැත්තක් ඇත්නම් අපගේ වෙබ් අඩවිය ඔබට සුදුසු නැත. ඔබ මෙම වෙබ් අඩවියට පැමිණෙන විට මෙම වෙබ්අඩවියේ ඇති නීතික කාරණා සියල්ලටම ඔබ එකගවන බව අපි සලකන්නෙමු. මෙහි ඇතුලත් කර ඇති ලිපි සිංහල මාධ්‍යයෙන් පල වන අතර තොරතුරු නිරවද්‍යතාව රැකගැනීම සදහා අප උපරිමයෙන් කටයුතු කරන්නෙමු.
දැන් අපි දන්නව අවිඥානය කියන්නෙ දැනුමක් කියල. ඒ විතරක් නෙවි එම ‘දැනුම’ විශේෂ දැනුමක්. එම දැනුම අනෙකාගේ ආශාවේ ප‍්‍රහේලිකාව විසඳන්න තමන්ගෙ පැත්තෙන් ගොඩනඟන ප‍්‍රබන්ධයක්. මේ ප‍්‍රබන්ධය අනෙකාගේ ආශාව නෙවි අපගේම ආශාව බව අප අපටම හංගනව. මේ හේතුව නිසා ආත්මය පැත්තෙන් ගත් කල අවිඥානය කියන්නෙ මර්දනය (Repression) කළ දැනුමක්. ආශාව කියන්නෙ සිහිකටයුතු ලෝකය තුළ බොරුවට අප තුළ ඇති අනුරාගය. අවිඥානය කියන්නෙ හුදු දැනුමක් නෙවි. එය ආශාවක්. ආශාවකින් තොර දැනුමක් නැහැ. ගැටලූව වෙන්නෙ දෘශ්‍යමානය නම් අවකාශය ඇතුළේ මෙම ආශාවට පැවැත්මක් නැති වීම. ලංකාවේ හුඟක් වෙලාවට ‘සාංදෘෂ්ටිකවාදය’ නම් වචනය පාවිච්චි වන බව සැබෑවක් වුවත් එහි අර්ථය නොපැහැදිලිය. කෙනෙක් තමාගේ ජීවිතය පවත්වාගෙන යාම සඳහා නිදහසත් වගකීමත් පුද්ගලයකු සතුව ඇතැයි අදහන මතවාදයට දෙන අර්ථය තමයි සාංදෘෂ්ටිකවාදය කියන්නෙ. මේ අර්ථයෙන් ගත් විට ආශාවේ මූලික අක්ෂරය සාංදෘෂ්ටිකයි. ‘ආශාව’ නම් අක්ෂරය හඳුනා ගන්නා මිනිසකුට මුහුණ දීමට සිදු වන අකරතැබ්බක් ඇත. සාමාන්‍ය දැනුමට සහ දර්ශනය නම් ගැඹුරු විෂයට එරෙහිව ආශාව අපට උගන්වන්නේ අපගේ අවසාන ඉලක්කය වන්නේ ප‍්‍රීතිය හෝ අපගේ ජීවිතය සංරක්ෂණය කිරීම නොවන බවයි. මාක්ස්වාදයත් ඇතුළු බොහෝ දේශපාලන දර්ශනයන් විසින් මිනිසාගේ නිෂ්ටාව ප‍්‍රීතිය සහ අර්ථය බවට වූ පූර්ව අගතියක පැටලී සිටිනව. අවසාන අර්ථයෙන් ආශාව අපගේම යහපතට එරෙහිය. ආශාවේ දෘෂ්ටිකෝණයෙන් ගත් විට ඕනෑම දේශපාලනයක් අසන්තතිකය. අස්ථාවරය. අපරිපූර්ණය. මිනිසෙකුගේ සත්‍යය පවතින ස්ථානය වන්නේ හදවත මිස මොළය හෝ බුද්ධිය නොවේ යැයි අපට ප‍්‍රකාශ කරන්නේ රොමෑන්තිකවාදීන්ය. හැඟීම් සහ සංවේදනයන් විසින් කෙනෙකුගේ සත්‍යය පෙන්නුම් කරනවා යැයි ප‍්‍රකාශ කරන විට රොමෑන්තිකවාදීන් නිවැරැුදිය. නමුත් හදවත ගැඹුරු ස්ථානයක් කියන විට ඔවුන් වැරැුදිය. ෆ්‍රොයිඞ්ට අනුව කෙනෙකු තමන්ගේ අවිඥානය ගැන නොදනියි. එය දැනගත හැකි වන්නේ වෙන කෙනෙකුටය. කට වැරැුදීම්, වචන ලිස්සා යාම්, අහඹු සිදුවීම් සහ මා කියන විහිළුවලින් වෙන කෙනෙකුට මගේ අවිඥානය කරා ප‍්‍රවේශ විය හැකිය. ලංකාවේ දේශපාලනය කරන අයට අදාළව මුඛ්‍ය දෝෂය වන්නේ ඔවුන් ක‍්‍රියා කරන විට ක‍්‍රියා කරන්නේ තමන්ට අවිඥානය කියා දෙයක් නොමැතිය යන හැඟීමෙන් යුතුවය. රොමෑන්තිකයන් සිතන්නේ අන්තරාවලෝකනය, පරාවර්තනය වැනි ආත්ම ගවේෂණ හරහා කෙනෙකුට තම අවිඥානය වටහාගත හැකි බවය. නමුත් අවිඥානය ඇත්තේ ඉහත අපේක්ෂිත තැන් දෙකම තුළ නොවේ. අවිඥානිකත්වය ඇත්තේ අප කතා කරන විට බිහි වන මතුපිට පෘෂ්ඨයේය. දෛනික ජීවිතය තුළ මේ නිසා අවිඥානය පවතින්නේ පිටසක්වළ ජීවියෙක් ලෙසය. අපව කෙනෙකුට හෙළිදරව් වන්නේ අපගේ කතාව පිටට යාමෙන්ය. මේ හේතුව නිසා අනෙක් මිනිසෙකුගේ සහායකින් තොරව අවිඥානය වටහාගත නොහැකිය. වෛද්‍ය ශිෂ්‍යයෙකු මිනිස් ශරීරය ගැන තම බැල්ම මිනියක් කැපීමෙන් අවසන් කරන අතර මනෝ විශ්ලේෂකයෙක් කවිච්චිය මත හෝ කරන දේශපාලනයට ඇහුම්කන් දීමෙන් අවිඥානික ආශාව ක‍්‍රියාත්මක වන ආකාරය වටහා ගනියි. අපගේ අවිඥානය එළියට එන්නේ කතා කරන විටය. ‘ලිවීම’ නොකරන අය ඒ ගැන බිය වී ඇත්තේ ලිවීම හරහා අවිඥානය පිටතට යාවී යැයි බිය වීමෙන්ය. නමුත් ලිවීම හරහා කෙනෙකුගේ අවිඥානය පිටතට විසරණය වන්නේ නැත. මේ අදහස හරි නම් සමාජ පිළිවෙළ සමඟ කෙනෙකුගේ අවිඥානික ආශාව සම්පාත වන්නේ නැත. එය අසම්පාතය. යම් මිනිසෙකුගේ නියම හැඩය ඇත්තේ ඔහුගේ ආශාව තුළ මිස ඔහුගේ ස්වභාවය හෝ සංස්කෘතිය තුළ නොවේ. අවසන් වශයෙන් ආශාවේ නිෂ්ටාව තෘප්තිය හෝ සමාජ පිළිගැනීම නොවේ. Facebook සඳහා අධික ඉල්ලූමක් ඇති වී ඇත්තේ ආශාවේ නියම හැඩය ගැන මිනිසුන්ට වැටහීමක් නැති නිසාය. කෙතරම් විකේන්ද්‍රීය වීමට විභවතාවක් තිබුණත් ආශාව හිස්ය. එය කිසිදු හැඟවුම්කාරකයකට, වචනයකට නිරූපණය කළ නොහැකිය. ආශාවේ ඉහත විදාරණය කරන ලද අසම්පාත ස්වරූපය මැනවින් නිරූපණය කළ හැකි ඉතාම සරල චිත‍්‍රපටයක් ලෙස ‘ගොළු හදවත’ [1968] සැලකිය හැකිය. මෙම චිත‍්‍රපටය කරුණාසේන ජයලත්ගේ නවකතාවක් මත පදනම් වී ඇත. මෙම නවකතාවේ සුවිශේෂත්වය කුමක්ද? එය චිත‍්‍රපට මාධ්‍යයට පරිවර්තනය කිරීමේ දී ලෙස්ටර් අනුගමනය කළ සුවිශේෂ විධික‍්‍රමය කුමක්ද? ”ගොළු හදවත චිත‍්‍රපටයේ විශේෂතාව වන්නේ එකම කතාව දෙවරක් කීමයි. මුලින් කිව් කතාව වෙන දෘෂ්ටිකෝණයකින් යළිත් කියා පායි. අවසානයේ දී පේ‍්‍රක්ෂකයා මේ කතා දෙක මැද තනි වෙයි.” ‘ගොළු හදවත’ චිත‍්‍රපටයේ කතා තේමාව අති සරලය. එනිසාම එම චිත‍්‍රපටය වාමාංශිකයන් සහ සිංහල-බෞද්ධ මාක්ස්වාදීන් සලකන්නේ ඉතාම බොළඳ කතාවක් ලෙසිනි. කතාවේ පදනම වන්නේ හටගත් සැණින් බිඳී විසිර යන පේ‍්‍රමයකි. සිංහල මිනිසුන් මේ කතාව හඳුනන්නේ දම්මි-සුගත් ආදර අන්දරය ලෙසය. ලෙස්ටර් ඉහත තත්ත්වය නැවත මෙසේ පහදයි. ”මේ කතා වස්තුව මුලින්ම මගේ සිත් ගත්තේ එහි ඇති ද්විත්ව වින්‍යාසය නිසාය. එකම සිදුවීම දෙවරක් කියන මේ කතාව සඳහා සිනමා ආකෘතියක් නිපදවන්නේ කෙසේද?” ඉවාන් තුර්ගනිව්ගේ ‘ප‍්‍රථම ආලය’, ඇලෙක්ස්සැන්ඩර් කුප්රින්ගේ ‘රන්මිණි වළල්ල’, චෙකොව්ගේ ‘බල්ලා සරණලිය’ වැනි කතා අපූර්වය. ඒවා රචනා කර ඇත්තේ ඉතා සුළු සිදුවීමක් වටාය. ලෙස්ටර් ප‍්‍රථම පේ‍්‍රමය ගැන මෙසේ කියයි. ”දැනට සැට වියේ සිටින කාන්තාවක් සහ ඇගේ මිතුරන් කිහිප දෙනෙක් කතාබහ කරන තැන මා ද සිටියා. යොවුන් වියේ දී ඇගේ සොහොයුරාගේ කිට්ටු මිතුරෙක් වූ පසුව ප‍්‍රකට වෛද්‍ය විශේෂඥයකු වූ මහතෙක් අර කාන්තාව අමතමින්, ”ඔබ දන්නේ නැහැ නේද, ඒ දවස්වල මා ඔබේ නිවසට යන එන විට මා ඔබට මහත් සේ ආදරය කළ වග, දිනක් මා හොරෙන් අරගත්තු ඔබේ කුඩා ලේන්සුව තාමත් මා ළඟ සුරක්ෂිතව තිබෙනවා” යැයි පැවසුවේය. ”බලන්න මොන තරම් වැඩිමහලූ වියේදීත් තමාට පමණක් සීමා වූ ඒ සුන්දර හැඟීම මංජුසාවක බහා ඔහු යළිත් සතුටින් සිහි කළ හැටි.” එක සිදුවීමක් දෙවරක් කියන්නට අවශ්‍ය වන්නේ ‘ආශාව’ සිනමාව විසින් කුළුගන්වන නිසාය. කෙනෙකු සිනමාව හරහා කියවිය යුත්තේ ‘යථාර්ථය’ නොව එහි අසන්තතික බව නිෂ්පාදනය කරන ආශාව හඳුනා ගන්නටය. දම්මිගේ ආශාව කුමක්ද? ඔබේ අදහස කියන්න... SHARE Facebook Twitter tweet Previous articleඅපේ අර්චන වස්තුව කවුද? කුමක්ද? Next articleෙහෙඩගර්ගේ ගැඹුර හොයන ලේසිම ක‍්‍රමය Admin RELATED ARTICLESMORE FROM AUTHOR News වැහිළිහිණියන්ගේ සංඥාව. News පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පශ්චාත් මාක්ස්වාදය. News කූඹියෝ සීරීස් 2 එපිසෝඩ් 1.1 – කුහුඹු රාජ්‍යය Follow us 4,006FansLike 58FollowersFollow 179SubscribersSubscribe Latest news වැහිළිහිණියන්ගේ සංඥාව. November 25, 2022 පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පශ්චාත් මාක්ස්වාදය. November 18, 2022 කූඹියෝ සීරීස් 2 එපිසෝඩ් 1.1 – කුහුඹු රාජ්‍යය November 18, 2022 ඔබට x සංස්කෘතිය අවශ්‍ය නම් එය එදා මෙයයි. November 9, 2022 Home News Political Hegel Seminars Hot Video English Žižek Articles Lifestyle FB LIKE For Sharing NEWS By: Rashid Azar © 3mana | Online news magazine - 2017-2021. All Rights Reserved. | Design by: Lanka Designer '); var formated_str = arr_splits[i].replace(/\surl\(\'(?!data\:)/gi, function regex_function(str) { return ' url(\'' + dir_path + '/' + str.replace(/url\(\'/gi, '').replace(/^\s+|\s+$/gm,''); }); splited_css += ""; } var td_theme_css = jQuery('link#td-theme-css'); if (td_theme_css.length) { td_theme_css.after(splited_css); } } }); } })();
වෘත්තීය මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ සඳහා සතියකට ලීටර් 05ක්ව පැවති ඉන්ධන කෝටාව ලීටර් 10ක් දක්වා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. එහි පළමු අදියර ලෙස බස්නාහිර පළාතේ වෘත්තීය ත්‍රී රෝද රථ ලියාපදිංචිය නොවැම්බර් 01 වැනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ වෘත්තීය ත්‍රී රෝද රථ සංගම් අතර ජනාධිපති කාර්යාලයේ දී අද (24) පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව නොවැම්බර් 06 වැනිදා සිට බස්නාහිර පළාත තුළ සියළුම මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සඳහා සතියකට ඉන්ධන ලීටර 10ක ප්‍රමාණයක් ලබාදීම සිදු කෙරේ. දිවයිනේ අනෙකුත් පළාත් තුළ මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ ලියාපදිංචි කිරීම නොවැම්බර් 06 වැනිදා සිට 13 වැනිදා දක්වා සිදු කෙරෙන අතර, ඉන්පසුව එම ත්‍රී රෝද රථවලට ද නව ඉන්ධන කෝටාව ලබාදීමට සැලසුම් කර තිබේ. දැනට ශ්‍රී ලංකාව තුළ ත්‍රී රෝද රථ දස ලක්ෂ අසූ දහසක් පවතින අතර, එයින් වෘත්තිමය මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ ලක්ෂ හතරක් පමණ පවතින බව ත්‍රී රෝද රථ සංගම් පවසයි. මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ ලක්ෂ තුනක් පමණ මේ වන විට ශ්‍රී ලංකා පොලීසියේ ලියාපදිංචි කර තිබෙන අතර, නොවැම්බර් 13 වැනිදා වන විට සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ ලියාපදිංචිය සිදු කිරීමට නොහැකි වුවහොත් ආරම්භයක් වශයෙන් පොලීසියේ ලියාපදිංචි ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන කෝටාව නිකුත් කිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය කෙරිණි. මේ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරු හා පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් කඩිනමින් දැනුවත් කිරීමට ද නියමිතය. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. Leave a Reply Cancel reply Your email address will not be published. Required fields are marked * Comment* Name* Email* Website Previous Post ඔස්ට්‍රේලියාව සමඟ හෙට තරගයට පැතුම් නිස්සංක ක්‍රීඩා කරයි ද? - තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු ඔස්ට්‍රේලියාවට !
හතර වටේ අක්කරේපත්තුව (1) අනුරාධපුර (5) අම්පාර (1) අම්බලන්තොට (1) අවිස්සාවේල්ල (3) අළුත්ගම (1) ආරුගම්බේ (1) ඇතුල්කෝට්ටේ (3) ඇඹිලිපිටිය (2) ඇල්ල (1) ඇහැලියගොඩ (1) ඉඟි (2) කතරගම (2) කන්තලේ (1) කලුතර (2) කලුබෝවිල (2) කල්මුනේ (1) කළුතර (2) කළුබෝවිල (1) කෑගල්ල (2) කිරිඇල්ල (1) කිරින්ද (1) කිරුලපන (1) කිලිනොච්චි (1) කුරුනෑගල (2) කුරුවිට (1) කොටහේන (1) කොටුව (6) කොලඹ (1) කොලඹ 07 (4) කොල්ලුපිටිය (10) කොස්ලන්ද (1) ගම්පහ (1) ගල්කිස්ස (4) ගාල්ල (7) ජා ඇල (1) තිබිරිගස්යාය (10) තිස්සමහාරාමය (2) ත්‍රීකුනාමළය (4) දඹුල්ල (4) දෙහිවල (3) නාරම්මල (1) නාවල (1) නාවලපිටිය (1) නුගේගොඩ (19) නුවරඑලිය (4) පිටකෝට්ටේ (1) පුත්තලම (1) පොළොන්නරුව (5) බත්තරමුල්ල (4) බන්ඩාරවෙල (2) බම්බලපිටිය (5) බලංගොඩ (1) බෙලිහුල්ඔය (2) බොරැල්ල (1) මට්ටක්කුලිය (1) මඩකලපුව (1) මරදාන (1) මහනුවර (11) මහරගම (2) මාතර (1) මාතලේ (1) මාලඹේ (2) මින්නේරිය (1) මිරිස්ස (1) මීගමුව (2) මොනරාගල (1) මෝදර (1) යාපනය (3) යුනියන් ප්ලේස් (2) රත්නපුර (3) රත්මලාන (1) රඹෑව (1) වරකාපොල (2) වැල්ලවත්ත (7) වැල්ලවාය (1) සීගිරිය (2) සීදුව (1) හපුතලේ (3) හබරණ (1) හම්බන්තොට (1) හලාවත (1) හැටන් (1) හැව්ලොක් ටවුන් (7) Kebabish – Dehiwala අඩු මිලකට දෙහිවලින් නාන් පරාටා බිරියානි සවර්මා රසට කන්න Share Tweet Pin it Google+ Email WhatsApp gepa 6 years ago / 4428 Views කෙබාබිශ් කියන්නේ දෙහිවල නගර මැද පිහිටි පුන්චි ආහාර අවන්හලක්.අත මිලකට රසවත් ආහාර වේලක් ගන්න මෙතන හොඳ තැනක් කියලා කියන්න පුලුව්නෛ.මේ අවන්හලේ නමින්ම අපිට හිතා ගන්න පුලුවනි ,මොන වගේ ආහාර මෙතන කන්න ගන්න පුලුවන් ද කියලා.අපි අද ගොඩ උනේ දෙහිවල නගරයේ පිහිටි මේ පුන්චි පහේ අවන්හලට වටපිටාව මෙතන පිහිටන්නේ ජනාකීරන දෙහිවල නගරයේ ගාලු පාරට ආසන්නයේමයි.ඉතින් මෙතන වාහන පාක් කරන්න නම් අවස්ථාවක් නෑ.අවන්හලේ නම සටහන් කරලා තියන නාම පුවරුව කලු පැහැයෙන් අලංකාරව ටිකක් වෙනස් විදියට පෙන්නුම් කරලා තියනවා.ඔවුන්ගේ කෑම ගැනත් එය දැක්කහම අදහසක් ගන්න පුලුවනි.මේ අවන්හල ඇතුලත ඉඩ කඩ නම් අඩුයි. ඇතුලත එක වරකට 10 දෙනෙක්ට වගේ තමයි කන්න ගන්න පුලුවන් වෙන්නේ.රතු පැහැති මේස සහ ප්ලාස්ටික් පු‍ටු අසුරලා බිමට ටයිල් අල්ලලා තියෙනවා.ඇතුලත හොඳ පිරිසිදු මට්ට්මේ තියාගෙන ඉන්න බවක් පේනවා.බිත්ති වල හැම මේසයක් ලගට වෙන්නම විදුලි පංකා සවි කරලයි තියෙන්නේ.ඇතුලේ ඉඳන් උයන තැන උනත් බලා ගන්න පුලුවනි.පිලිවෙලට අසුරපු වීදුරු පීරිසි වගේම උයන්න ගන්න අමුද්‍රව්‍යත් මෙහි ටිකක් ඉස්සරහ ආවොත් බලාගන්න පුලුවනි.කොහොම උනත් මේ වටපිටාව මෙතන රාත්‍රී අවුටිං එකක ලොකු අත්දැකීමක් ගන්න පුලුවන් තැනක් නම් නෙවෙයි. බඩජාරි මෙනුපත ඔවුන්ගේ විශාල නාම පුවරුවේම සදහන් විදියට මේ අවන්හලේ මෙනු පත වෙන් වෙන්නේ බිරියානි කෙබාබ් බබකිව් බර්ගර් සහ කරීස් සඳහයි.මීට අමතරව රොටී වර්ග සහ ඩෙසර්ට් බීම වගේත් මෙතන ගන පුලුවනි.ඔවුන්ගේ මෙනු පත ලොකු එකක් නෙවෙයි.කොහොම උනත් ගොඩා දෙනෙක් කන්න කැමති කෑම වර්ග මේ මෙනු පතේ තියනවා.ගොඩ දෙනෙක් මෙතනට එන්නේ ඔවුන්ගේ රසවත් බිරියානි එකේ රස විඳින්නයි.මේ බිරියානි එක පකිස්තානි බිරියානි එකේත් ලංකාවේ බහුලව තියන බොම්බෙ බිරියානි එකේත් එකතුවක් කියලා කියන්න පුලුවනි. මේ බිරියානි වර්ග දෙකේම රස ලක්ශන මේ බිරියානි එකේ තියනවා.මේ බිරියානි එකේ අනික් පොදු බිරියානි රසට වැඩි පුර බැදුනු ලූනු කෑලි වල රසත් එක් කරලා තියනවා.එය අමුතු රසයක් වගේම බිරියානි එකට වෙනස් පෙනුමකුත් එකතු කරලා තියන බවක් පේනවා.කෙබාබිශ් ස්පෙශල් කියන මේ බිරියානි එක 280ක් වගේ මිලක් වෙන්නේ.ෆුල් බිරියානි එකක් 350ක් වෙනවා.බිරියානි බබකිව් විදියත් ඒ වගේම ඉඳි ආප්ප බිරියානිත් කන්න ගන්න පුලුවන්. සවස හයෙන් පස්සේ මෙතනට එනවා නම් උත්සහ කරන්න හොඳ මෙනු එකක් තමයි ඔවුන් සතු රොටි එකක් සමග කරිස්.ට්ර්යි කරනවා නම් බටර් නාන් එක්ක බීෆ් කරි එක පංකාදුයි.ඒත් එක්ක පරිප්පු හොදි එකකුත් කන්න පුලුවන් නම් පංකාදුයි.ඔවුන්ගේ පාඅට එකක් 20යි.ඒකක් හරි බිත්තර පරාට එකක් හරි එක්ක චිකන් මසාලා එකත් සුපිරියි කියන්න පුලුව්න්. ඔබ මෙහි ආවොත් තවත් රස බලන්න අමතක කරන්න හොඳ නැති කෑමක් තමයි ඔවුන්ගේ සවර්මා.සමාන්‍ය ප්‍රමානයේ එකක් 300ක් වෙනවා.එහි රසයක් හොඳ මට්ටමේ එකක් කියන්න පුලුවනි.ඇතුලත ඉතා හොඳින් මස් කෑලිත් එක්ක පිරවුම අනර්ග ලෙස සකසලා කියන්න පුලුවනි.ගොඩක්ම ලොකු නොවුනත් බඩ පිරෙන්න ඇති කියලා කියන්න පුලුව්නෛ.මේ කෑම වලට අමතරව ඩොල්‍ෆින් කොත්තු ,චිකන් බබකිව් වගේ කෑමත් දවල් වරුවකට රයිස් ඇන්ඩ් කරිත් කන්න ගන්න පුලුවනි.මාලු චිකන් හෝ බීෆ් එක්ක කෑම් එකක් 150ක වගේ මිලක් වෙනවා.ඩෙසර්ට් විදියට වටලප්පන් ,කැරමල් පුඩිං මේ මෙනු එක තියනවා.රස නම් කොහොමද කියන්න දන්නේ නෑ.ඒ ඌනි එකක් රුපියල් හැටක් වගේ වෙන්නේ.බීම විදියට අයිස් මයිලෝ,දොඩම් යුශ අඹ යුශ වගේ බීම වර්ගත් බොන්න ගන්න පුලුවන්. සේවාව ඔවුන්ගේ සේවාව හොඳ මට්ටමේ එකක් කියන්න පුලුවන්.වැඩි වෙලාවක් මේසයට කෑම එක එන තුරු බලා ඉඳින්න නම් වෙන්නේ නෑ.ඇතුලත වායු සමනය කරලා නම් නෑ.ඒත් ෆැන් සවිකරලා තියන නිසා ඒ තරම් අවුලක් නෑ.ඔවුන් සතුව ඩිලිවරි සේවාවකුත් තියනවා.ඔවුන්ගේ අංකයට කතා කරලා මේ මෙනු එකේ පෙලක් කෑම් නිවසටම ගෙන්න ගන්නත් පුලුවනි. මග මේ අවන්හල පිහිටන්නේ කොලඹ පැත්තේ ඉඳන් දෙහිවල නගරය පැත්තට යනකොට ගුවන් පාලම පෙනෙන දුරුන් පාරෙන් වම් පැත්තේ.ඉතින් හොයා ගන්න එක නම් අපහසු නෑ. ඔවුන්ගේ දුරකථන අංකය 0112722799. Kebabish උදේ 11 ඉඳන් රාත්‍රී දහය එකොලහ වෙනකන් විවුර්ථයි.දෙන්නෙක්ට රසට කන්න 1000ක් හොඳටම ඇති කියන්න පුලුවනි.ඔබත් මේ කෑම රස අත්දැකීම විඳගන්න දෙහිවල පැත්තේ ආවොත් මේ අවන්හලටත් ගොඩ වෙලා බලන්න. Categories Tags දෙහිවල සිරා Related Articles Author 1 නැගෙනහිර වෙරලේ අසිරිය දකිමින් රසවත් ආහාර වේලක් ගන්න එන්න Sea Breeze Restaurant – Kalmune 2 රත්නපුර නගරය පසුකරන අයට ගොඩවෙන්න පුලුවන් රස නවාතැන Garland Cafe – Rathnapura 3 යාපනේ විදියට සාක්කුවට පහසුවට රසවත් වෙජ්ටේරියන් කෑම වේලකට නල්ලුර් භවාන් Nallur Bhavan – Jaffna 4 අතේ ඇති මිලට බඩපිරෙන්න කන්න එන්න කලුබෝවිල Candle Light Hut 5 කොත්තුවක් ආප්පයක් කාලා ප්ලේන්ටියක් බොන්න කියාපු කුරුවිට Palm Garden Travellers Paradise 6 Singharaja Bakery & Restaurant – Aluthgama සාක්කුවට පහසුවෙන් රසවත් ආහාර වේලකට අළුත්ගම සිංහරාජ අවන්හල 7 Donett’s Restaurant – Puttalam පුත්තලමේ පුන්චි පහේ රසවත් නවාතැන ඩොනෙට්ස් 8 Long Tang Trincomalee – ත්‍රීකුනාමලය නගරයේ පිහිටි සුපිරි චීන ආහාර අවන්හල ලෝන්ග් ටැන්ග් සී ෆුඩ් චයිනීස් රෙස්‍ටුරන්ට් 9 P N Fernando Seafood Palace – Ja ela ජා ඇල ඇවිත් ඇතිවෙන්න සී ෆුඩ් කන්න පී එන් ෆර්නැන්ඩු සී ෆුඩ් පැලස්
රථවාහන වැරදි සම්බන්ධයෙන් දඩ ගෙවීමේදී ‘ඔන්ලයින් තාක්ෂණයෙන්’ ගනුදෙනු කිරීමේ නව ක්‍රමවේදයක් සකස් කිරීමට අවධානය යොමුව ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි. රථ වාහන වැරදි සම්බන්ධ දඩ මුදල්, වරද සිදුකළ ස්ථානයේදීම ගෙවීම සිදුකළ හැකි වන පරිදි නිති සම්පාදනය කිරීම සහ ඊට අවශ්‍ය ඩිජිටල් තාක්ෂණ්‍ය යොදා ගන්නා ආකාරය පිළිබදව සාකච්ඡාවක් අද (16) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වි තිබේ. මෙම නව ක්‍රමවේදය ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන අයුරින් සකස් කිරීමට මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බව ද අධිකරණ අමාත්‍යාංශය සදහන් කරයි. මෙය පළමුව, අධිවේගී මාර්ගයේ සිදුවන රථවාහන වැරදි සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමටත් අනෙකුත් මාර්ග සඳහා පසුව සලකා බැලීමටත් මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බව ද නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ අමාත්‍යාංශය මේ බව සඳහන් කර ඇත. public news Tweet on Twitter Share on Facebook Google+ Pinterest Previous Article ඉන්දියාව ඇන්ටාක්ටිකාවහි 41 වැනි විද්‍යාත්මක ගවේෂණය දියත් කරයි Next Article රට පුරා පාසල්වල 6,7,8, සහ 9 ශ්‍රේණි 22 අරැඹෙයි Recommended For You දේශීය ලොකු ළුැණු වගාවත් හාන්සි වෙන ලකුණු ඖෂධ නියාමන අධිකාරියේ ගැහිලි ගැන ඇමැති චන්නගේ දැඩි අවධානය IOC ඉන්ධන මිල අහසටම නග්ගයි ! ජනපතිගෙන් ‘කිරි ගොවියාට කිරි ඉතිරෙන‘ නියෝගයක් මහ කන්නයේ වී අස්වැන්න 50%කින් අඩුවෙලා – ගොවීන් මැසිවිලි නගයි මේ වන විට යුක්රේනයේ නවතම තත්ත්වය කුමක් ද? About the Author: Thusal Search for: Archives Archives Select Month August 2022 (3) March 2022 (2) February 2022 (155) January 2022 (194) December 2021 (239) November 2021 (256) October 2021 (203) September 2021 (234) August 2021 (252) July 2021 (276) June 2021 (303) May 2021 (300) April 2021 (200) March 2021 (297) February 2021 (272) January 2021 (315) December 2020 (307) November 2020 (360) October 2020 (363) September 2020 (359) August 2020 (380) July 2020 (320) June 2020 (307) May 2020 (333) April 2020 (390) March 2020 (421) February 2020 (405) January 2020 (530) December 2019 (563) November 2019 (555) October 2019 (724) September 2019 (605) August 2019 (529) July 2019 (590) June 2019 (548) May 2019 (665) April 2019 (575) March 2019 (48) Follow Us Stay updated via social channels Tags AG NEWS agriculture Business COPE COVID 19 Economy Entertetment fashion Featured GAJABA NAGAWATHTHA GOSSIP health HM NEWS INTERNATIONAL JVP KARU JAYASURIYA NEWS FM NEWS PUBLIC parliament pmd news POLITICAL POLITICAL NEWS Prime media PR MEDIA PR NEWS public news sajith pramadasa Sanath M Bandara santh m bandara sl army commander slarmy news sl cricket Sl CRICKET - WOMAN TEAM SLFP - SLPP sl vs west 2020 sl v west Sport unhcr unp Week in Pictures Wimal Weerawansa woman women ජනපති ‍fashion දුරකථනය: +94-766-109836 විද්‍යුත් තැපෑල: bhathiyabarukanda@gmail.com © සියලුම හිමිකම් ඇවිරිණි. මෙම වෙබ් අඩවියේ පළවන ලිපි අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් වන අතර එම ආචාරධර්ම උල්ලංඝනය කරමින් නීතිවිරෝධීව උපුටාගන්නන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරනු ඇත.
යම් ප්‍රජාවකට හෝ ප්‍රජාවේ කොටසකට ක්‍රියාශීලී සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට අවශ්‍යයන තරමට ප්‍රමාණවත් ආරක්ෂිත සහ පෝෂ්‍යදායී ආහාර තමන් මනාප ආකාරයට ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් භෞතික, සමාජීය සහ ආර්ථික ප්‍රවේශයක් නොමැති වූ විට ඇතිවන තත්ත්වය ආහාර අනාරක්ෂිතභාවය (Food insecurity) යනුවෙන් හඳුන්වනු ලබයි. ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙමින් සිටින්නේ නිදහසින් පසු ඉතිහාසයේ දරුණුමතම ආර්ථික අර්බුධයට ය. එය මේ වන විට සෑම පවුලකටම පාහේ එම තත්ත්වය අඩුවැඩි වශයෙන් දැනෙමින් තිබේ. මෙරට ජනගහනයෙන් සියයට 22ක පමණ පිරිසක් ආහාර අනාරක්ෂිතභාවයට සහ ආධාර අවශ්‍යව සිටින තත්ත්වයට ඇද වැටී තිබෙන බවට ලෝක ආහාර වැඩසටහන පවසා තිබිණි. ආහාර අනාරක්ෂිත භාවය මූලික වශයෙන් ආහාර වේල සමග බැදුණු පෝෂණ අවදානමක් වුවද, එය බෝවන සහ බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ අවදානම ද ඉහළ නන්වන ප්‍රජාවෙි සමස්ත සෞඛ්‍ය තත්ත්වයටම නරක අන්දමින් බලපානු ලබන කෙටි හා දීර්ඝකාලීන විපාක රාශියකටම හේතුවන තත්ත්වයක් වෙයි. එය නිසැකයෙන්ම ප්‍රජාවක මානසික යහපැවැත්ම කෙරෙහිද අහිතකර ලෙස බලපානු ලබයි. පුද්ගලයෙකු ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙලීම නිසා දිගින් දිගටම ආහාර හිඟකමට මුහුණ දෙන අතර, අඛණ්ඩව තම පවුලේ උදවියට ආහාර සැපයීමට නොහැකි වනු ඇතැයි යන බියජනක සිතුවිල්ල නිසාවෙන් පීඩාකාරි සහ කනස්සලුසහගත හැඟීම් දිගින් දිගටම අත්විඳිනු ඇත. මෙය කෙනෙකුගේ මානසික සෞඛ්‍යයට ඍණාත්මක ලෙස බලපෑම් ඇති කරයි. ඒ ආහාර අනාරක්ෂිතභාවයේ සෞඛ්‍යමය පැතිකඩ පමණි. මෙහි තවත් පැතිකඩක් තිබේ එය සමාජමය පැතිකඩයි. සමාජමය පැතිකඩ ආර්ථික අර්බුධවලට ගොදුරු වූ රටවල්වල සහ ප්‍රජාවන් තුළ තම ආහාරය සීමා වීම සහ ආහාර සොයා ගැනීමේ අර්බුධය විසින් ගිළ ගත් මිනිසුන් වෙතින් එළි දැක්වෙන සමාජ විරෝධී සහ කලහකාරි සිදුවීම් සම්බන්ධ පිළිබදව තොරතුරු එක්සත් ජාතීන්ගේ විවිධ ආයතන විසින් ලේඛනගත කර ඇත. පුද්ගල අනාරක්ෂිතභාවයෙන් පෙළෙන පුද්ගලයින්ගේ ආන්තික හා අසාමාන්‍ය හැසිරීම් තේරුම් ගැනීමට කෙනෙකුට මෙවන් අර්බුදවලට ගොදුරු වූ හයිටිය සිමිබාබ්වේ වැනි රටවල මාධ්‍ය වාර්තාකරණයන් පරිශීලනය කළ හැකිය. ඔවුන්ගෙන් සමහරක් ආහාර ජලය විදුලිය, ගෑස් වැනි අත්‍යවශ්‍ය දේවල් බාධාවකින් තොරව නොලැබීම නිසාවෙන් විරෝධතා දක්වන අතර, ඇතමුන් ප්‍රචණ්ඩකාරී විය හැකි ක්‍රියාමාර්ගවලට ද යොමු විය හැකිය. එසේත් නොමැතිනම් සමහරු තම වකුගඩු හෝ තම දරුවන් පවා විකුණා දැමීමට පෙළෙඹෙන අතර, පිරිසක් සොරකම්, මංකොල්ලකෑම් සහ කප්පම් ගැනීම් වැනි විවිධ සමාජ විරෝධී ක්‍රියාවලට ද යොමු වෙති. ඇතැම් කාන්තාවන් ගණිකා වෘත්තියට යොමු වේ. දරුවන්ගේ අධ්‍යපනය කඩා වැටෙන අතර ඇතැම් දෙමවුපියන් තම දරුවන් ළමා ගණිකා වෘතියට සහ මෙහෙකාර සේවය වැනි වෘත්තීන්වලට යොමු කර මුදල් ඉපැයීමට පෙළැඹෙි. ගණිකා වෘත්තිය මත්ද්‍රව්‍ය නීතිගත කළ හයිටියට වෙච්චි දේ මත්ද්‍රව්‍ය සහ ගණිකා වෘත්තිය නීතිගත කළ හයිටියට වෙච්ච දේ…. ආර්ථික අර්බුධවලට ගොදුරු වූ ඇතැම් රටවල්වල පාලකයින් විසින් අර්බුධයෙන් ගොඩ යාම සදහා තෝරනු ලබන ඇතැම් ක්‍රියාමාර්ග විසින් දරුණු සමාජ ප්‍රතිවිපාක අත්කර ගන්නා බවද පෙනී යයි. උදාහරණයක් ලෙස හයිටි රාජ්‍යය විසින් ගණිකා වෘත්තිය සහ මත්පැන්, මත්ද්‍රව්‍ය සඳහා පනවා තිබූ නීති ලිහිල් කිරීම සහ ඒවා ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීම නිසාවෙන් මේ වනවිට එරට නරක තත්ත්වය තව තවත් තීව්‍ර කෙරී ඇත. අද එරට ගැහැණුන් පාන් රාත්තලකට හාල් සේරුවකට ඇඟ විකිණීමටත් දරුවන් පාසැල් නොගොස් වීදිවල මත්ද්‍රව්‍ය භාවිත කරමින් පිස්සු කෙළීමටත් ජාවාරමිකරුවන් එරට ගැහැණු දරුවන් වහල්කමට සහ ගණිකා වාත්තිය සඳහා විකිණීමටත් යොමු වී ඇත. ආර්ථික අර්බුධයක ඉතාමත් බරපතල ප්‍රතිවිපාක ආහාර අනාරක්ෂිතභාවය විසින් ඇති කරනු ලබන අතර, වැඩිවන කුසගින්න සහ තම දරුවන් කුසගින්නෙන් ආහාර ඉල්ලා හඬා වැළපීමි දරාගත නොහැකි පුද්ගලයින් සියදිවි නසාගැනීමට පෙළඹීම, ගෘහස්ථ ප්‍රචන්ඩත්වයට යොමුවීම, තම පවුලේ සාමාජිකයින් පවා මරා දැමීමට යොමු වීම වැනි ඉතා භයානක තත්ත්වයන් සුලභ ලෙස එවැනි අර්බුධවලට ගොදුරු වූ රටවල්වලින් වාර්තා වී ඇත. පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය වැනි රටවල්වල ඇතැමුන් අන්තගාමි සටන්කාමී කණ්ඩායම්වලට සම්බන්ධ වී මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට පත් වී ඇත. ආහාර අනාරක්ෂිතභාවය තුළ උත්පාදනය වන ඇතැම් පුද්ගල හැසිරීම් නොඉවසීම සහ ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කරනවා පමණක් නොව, සමාජ-දේශපාලන අස්ථාවරත්වයද ඇති කරනු ලබයි, එය රටක ආර්ථික වර්ධනය සහ සමෘද්ධිය තව තවත් අනතුරේ හෙළන අතර ජාතික, කලාපීය සහ ගෝලීය සුරක්ෂිතභාවයට ද තර්ජනයක් විය හැකිය. අනෙක් අතට මෙකී තත්ත්වය සාමය, සමාජ සාධාරණත්වය සහ ආර්ථික යහපැවැත්ම තර්ජනයට ලක් කරමින් රටක තිරසාර සංවර්ධනය අනතුරේ හෙළයි. ඇතිවන මෙවන් තත්ත්වයන්වලට මුහුණ දීම සඳහා රටකට ආරක්ෂක සහ මිලිටරි වියදම් ද වැඩි කිරීමට අවශ්‍ය වේ. මෙම තත්ත්වය තවත් වටයකින් ආර්ථික අර්බුදය සහ ආහාර අනාරක්ෂිතභාවය තීවුර කරනු ලබයි. අපේ රටට කුමක් වේ ද? ■ ජූනි 14 වන දින ලෝක ආහාර වැඩසටහන (WFP) විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා තත්ව වාර්තාවට අනුව, මාස ගණනක ආර්ථික බිඳවැටීමෙන් පසු රට පුරා දිස්ත්‍රික්ක 25 ක මිලියන 5.7 ක ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය බව පැවසේ. ■ එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) සහ ලෝක ආහාර වැඩසටහන එක්ව රටේ මිලියන 1.7 ක ජනතාවක් සඳහා ආධාර ඉලක්ක කර ගනිමින් මානුෂීය අවශ්‍යතා සහ ප්‍රමුඛතා සැලැස්ම නමින් හදිසි ප්‍රතිචාරයක් දියත් කර ඇත. ■ එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (UNOCHA) විසින් ජූනි 9 වැනි දින නිකුත් කරන ලද තවත් වාර්තාවකින් පැවසෙන්නේ, ණය සහ ගෙවුම් ශේෂ අර්බුදය සමඟ ඉහළ මට්ටමේ ආහාර අනාරක්ෂිතතාවයක් ද සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ”බහුමාන අර්බුදය” ඉස්මතු කර ඇති බව ය. ■ ලෝක ආහාර වැඩසටහනේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාව තුළ වේගවත් ආහාර සුරක්ෂිතතා තක්සේරුවක් සිදුකර දුප්පත්ම කුටුම්භයන් සමීක්ෂණය කර තිබෙන බවත්, එමඟින් පරිභෝජන රටාවේ භයානක ප්‍රවණතා අනාවරණය වී ඇතැයි පැවසේ. ■ ලෝක ආහාර වැඩසටහන හෙළි කරන්නේ, මෙරට පවුල්වලින් වැඩි දෙනෙකු මිල අඩු, පෝෂ්‍යදායී නොවන හෝ පෝෂණය අඩු ආහාර මිලදී ගන්නා බවත්, ඉහළ යන ආහාර මිල පාලනය කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ මිනිසුන් අඩු පෝෂ්‍යදායී ආහාර අනුභව කිරීම හෝ ආහාර ගන්නා ප්‍රමාණය සීමා කිරීම වැනි “මුහුණ දීමේ මාදිලිය” වෙත මාරු වී ඇති බවත් ය. https://www.wfp.org/publications/sri-lanka-remote-household-food-security-survey මේ වනවිට රටේ පවතින ආහාර උද්දමනය බරපතල ලෙස මහජන සෞඛ්‍යට බලපෑම් එල්ල කරමින් තිබෙන බව ඇතැම් ඊනියා විශේෂඥ ඔළුගෙඩි වලට නොදැනුනාට, හුදී ජනතාවගේ බඩගෙඩිවලට සහ හිත්වලට දැනෙමින් තිබේ. ආහාර හා මානව පෝෂණ පැතිවල සිදුවිය හැකි දේ මෙවන් ආහාර අර්බුධයන් පවතින සමයක ආරක්ෂිත ආහාර සහ ආහාර සෞඛ්‍ය පිළිබඳව ජනතාවගේ අවධානය බරපතල ලෙස ගිළිහී යාම සාමාන්‍ය දෙයක් බව මෙවන් විපත්වලට මුහුණ දුන් රටවල්වල ජාත්‍යන්තර අත්දැකීම් මගින් ද පැහැදිළි වෙයි. මෙවන් තත්ත්වයක් ඇතුලේ ආහාර සුරක්ෂිතතාවය සහ ආහාර සෞඛ්‍ය සහ මානව පෝෂණය පැතිවලින් සිද්ධවිය හැකි හානි කිහිපයක් හඳුනාගත හැකිය. ආහාර හිඟ වෙතැයි බියෙන් යමක් කමක් තිබෙන පුද්ගලයින් ඉතා විශාල ලෙස ආහාර තොග මිල දී ගෙන ගබඩා කර ගැනීම නිසාවෙන්, එදා වේල හොයා ගන්නා පුද්ගලයින්ට, මාසික වැටුප් ලබන පුද්ගලයින්ට දිළිදු ජන කොටස්වලට සහ වයස්ගත කායික ආබාධවලින් පෙළෙන පුද්ගලයින්ට ආහාර නොමැති වීම සහ මිල ගණන් තව තවත් ඉහළ යාම. පෝෂණ ගුණයක් නැති හෝ සමබල ආහාර වේලකින් ලැබෙන පෝෂ්‍යපදාර්ථ නොලැබෙන ලාබෙට තිබෙන විකල්ප ආහාරවලට යෑම. උදාහරණ ලෙස පොල් හෝ කුරුම්බා මද ආහාර වේලක් ලෙස ආහාරයට ගැනීම, බත් ස්වල්පයකට ලුණු හෝ මිරිස් ඉස අහාරයට ගැනීම, පොල් කෑලි සමග හෝ ලුණු මිරිස් සමග පාන් හෝ රොටී කෑල්ලක් ගිළ දමා වතුර හෝ තේ වලින් කුස පුරවා ගැනීම. (හයිටියේ අතීත ජනතාව සාගත අවස්ථාවලදී ආහාරයට ගත්තා යැයි සැලකෙන මැටි රොටී වැනි ආහාර මේ වෙන විට එරට තුළ ජනප්‍රියව පැවතීම.) වෙළඳපොල බලවේග විසින් දූෂිත සහ තත්ත්වයෙන් බාලකළ ආහාර ඉදිරිපත් කිරීම. මේ වන විට ආහාර නිෂ්පාදනකරුවන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ අමුද්‍රව්‍ය හිඟයයි. වෙනදා මෙන් පහසුවෙන් පිටරටවලින් ගෙන්වාගත හැකිව තිබූ ආහාර අමුද්‍රව්‍යය මේ වන විට සීමා වී තිබේ. අනෙක් අතට ඒවාට ගෙවිය යුතු මිළ ගණන් ද ඉතාමත් වෙිගයෙන් ඉහළ යමින් පවතී. මෙවන් තත්ත්වයන් විසින් අමුද්‍රවයවල සහ ගෙන්වනු ලබන ආහාර ද්‍රවයවල තත්වය, ප්‍රමිතිය වගේ දේ නොසලකා කටයුතු කරන්නට වැඩි ඉඩක් ඇති කරවනු ලබයි. අනෙක් අතට වැඩි ලාභයක් ඉලක්ක කරගෙන බොර දියේ මාළු බාන ජාතියේ කූට වෙළඳුන්ගේ හැසිරීමද මෙවන් කාලවකවානුවක ඉස්මතු වීම නොවැළැක්විය හැකිය. මේ සදහා පසුගිය ටිකේ අප අත්දුටු අත්දැකීම් කිහිපයක්ම වෙයි. පොල්තෙල්, ධාන්‍යමය සීරියල් ආහාර (පෝෂ වර්ග) වර්ගවල ඇෆ්ලටොක්සීන් අඩංගුවීම වැනි අප දන්නා සහ හෙළි නොවුණු තව බොහෝ කාරණා තිබිය හැකිය. මෙවැනිම සහ මීටත් වඩා භයානක ලෙස වස විසවලින් දූෂිත ආහාර නිසාවෙන් ගැටලු ඇතිවුණු තත්වයන් ලෝකයේ ආර්ථික අර්බුදවලින් බැට කන රටවල්වලින් සුලභව වාර්තා වී ඇත. හයිටිය , සිම්බාබ්වේ , සුඩානය, ඉතියෝපියාව වැනිරටවලින් ඇෆ්ලටොක්සීන්වලින් මෙන්ම , බැරලෝහ, පළිබෝධනාශක විස රසායනික ද්‍රව්‍යයවලන් දූෂිත ආහාර වාර්තා වී තිබෙනවා. අසාත්මික සහ විසවීමේ අවදානම පවතින ඇතැම් කැලෑ ගෙඩි වර්ග, අල වර්ග, ගස්වල පොතු වර්ග, හතු වර්ග නිසි හඳුනාගැනීමකින් තොරව ආහාරයට ගැනීම. කෙසේ වෙතත් ජනප්‍රිය එළවළු පලතුරු හිඟ මෙවන් කාලවකවානුවකදී ඒවා වෙනුවට ආහාරයට ගත හැකි පෝෂණ තත්ත්වයෙන් සහ ඖෂධීය ගුණයෙන් ඉහළ ඌණභාවිත ආහාර වර්ග හඳුන්වා දීම බෙහෙවින්ම වැදගත්වන බව සැබවි. එහෙත් ඒවායේ පෝෂණ තත්ත්වයන් සහ ආහාරයට ගැනීමට නුසුදුසු වයස් කාණ්ඩ සිටීනම් ඒවා පිළිබඳව නිවැරදි විද්‍යාත්මක තොරතුරු මෙන්ම එවන් ආහාර වර්ග සංස්කරණය කර ගත යුතු නිවැරදි සූප ශාස්ත්‍ර ක්‍රම පිළිබඳ දැනුම සමාජගත කිරීම ද අදාල බලධාරීන් සහ නිලධාරීන් විසින් කළ යුතුව ඇත. Join @lankasara on Telegram Channel Tags: නවතමවිශේෂ Previous Post එක කුඩයක් යටට එන හැටි බලන්න වෙල්ගම ලොකු අයියා ජී.එල් පොඩිමල්ලි හමුවෙලා… Next Post නොරච්චෝලේ ගල් අඟුරු ලංසුව කොලේ වසා ගහන තුරුම්පුවක්ද?… Related Posts ඕනෑ තැනට තාමත් නැති චීනයේ සහනය දෙසැම්බර් 1, 2022 ඒඩ්ස් නොදන්නා කාලේ ලංකාවේ පළමු ඒඩ්ස් රෝගියාට සාත්තු කළ හෙදිය කියන කතාව! නොවැම්බර් 29, 2022 අපේ සල්ලි ඩොලර් කර ආණ්ඩුවේ ආයතනවල ආයෝජන කළ පීරමීඩ චීන්නු ! නොවැම්බර් 28, 2022 Discussion about this post No Result View All Result නවතම ලිපි සිසුවෙක් තවත් සිසුවෙකුගේ පානීය ජලයට මත්ද්‍රව්‍ය කළවම් කරලා… ජලය බිව් සිසුවාට අසාධ්‍යයයි! ජේ.ආර්.ගේ සැන් ෆ්‍රැන්සිස්කෝ කතාවට කළ ගුණ සලකන්න 16 වසරක් පුරා ලංකාවේ දරුවන් වෙනුවෙන් කැප වුන ජපන් යුවල… අමාත්‍යාංශයෙන් මිලියන ගණනක පොල්ලක්… දරු ප්‍රසූතියක දි අධික රුධිර වහනය වළක්වන ඖෂධය ගෙන්වීම සැපයුම්කරු නවත්වයි… පොලිසියට “ලොරි ටෝක්“ දීලා තියෙන්නෙ මහරගම සැලෝන් කාරයෙක්… දැන් ප්‍රදේශයෙනුත් පලා ගිහින්! ඊයේ ඇප ලැබූ සිරිධම්ම හිමි අද යළිත් රෝහල්ගත කරයි! ටැග = Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka. Latest News සිසුවෙක් තවත් සිසුවෙකුගේ පානීය ජලයට මත්ද්‍රව්‍ය කළවම් කරලා… ජලය බිව් සිසුවාට අසාධ්‍යයයි! by editor දෙසැම්බර් 7, 2022 0 දිනසේන රතුගමගේ - කිළිනොච්චිය නගරයේ පිහිටි... ජේ.ආර්.ගේ සැන් ෆ්‍රැන්සිස්කෝ කතාවට කළ ගුණ සලකන්න 16 වසරක් පුරා ලංකාවේ දරුවන් වෙනුවෙන් කැප වුන ජපන් යුවල…
අපි අපරාධ නඩු විභාගය සමඟ ගමන් කිරීමට යන්නේ වැරදි සටහන් කර ඇති ආකාරය, ඔවුන්ගේ අපරාධකරුවන් සොයන ආකාරය, ඔවුන්ගේ වරදකරුවන් විය හැකි සාක්ෂි එකතු කිරීම, අවසානයේ ඔවුන්ගේ නඩු පැවරීම සහ ඔවුන්ගේ විනිශ්චය පාලනය කරන නීතිරීති පිළිබඳව අවධානය යොමු කරමිනි. විමර්ශන සේවාවන්හි කාර්යභාරය සහ ඔවුන්ගේ මැදිහත්වීම්වල නීතිමය රාමුව, ඔවුන් ක්‍රියා කරන අධිකරණ බලධාරීන්, ක්‍රියා පටිපාටියට සම්බන්ධ පාර්ශ්වයන්ගේ ස්ථානය සහ අදාළ අයිතිවාසිකම් අධ්‍යයනය කිරීමට මෙය අපව යොමු කරයි. උසාවි සංවිධානය වී ඇති ආකාරය සහ නඩු විභාගයේ සාක්ෂි ඇති ස්ථානය අපි පසුව බලමු. අපරාධ ක්‍රියා පටිපාටිය ව්‍යුහගත කරන ප්‍රධාන මූලධර්ම වලින් අපි ආරම්භ කරන්නෙමු, අප වර්ධනය වන විට, මාධ්‍යවල සඳහන් වන විට බොහෝ විට වැරදි ලෙස සලකනු ලබන නිශ්චිත තේමාවන් ගණනාවක් මත අපි වාසය කරමු: බෙහෙත් වට්ටෝරුව, ආරක්ෂක අයිතිවාසිකම්, නිර්දෝෂීභාවය පිළිබඳ උපකල්පනය, පොලිස් අත්අඩංගුව, සමීපව වරදකරු කිරීම, අනන්‍යතා චෙක්පත්, පූර්ව නඩු විභාගය, සහ වෙනත් .... මුල් අඩවියේ ලිපිය දිගටම කියවන්න → අපරාධ ක්රියා පටිපාටියේ මූලික කරුණු 3 ජූලි 2022Tranquillus මුල් අඩවියේ ලිපිය දිගටම කියවන්න කියවන්න ඔබේ ව්‍යාපාරය වර්ධනය කිරීමට Chrome ප්ලගීන 3 ක් මෙම දැන්වීම: පෙරමිලදී ගැනීමේ ශක්තිය වැඩි වන්නේ කෙසේද? පහත සඳහන්මහජනතාවට විවෘත ආයතන: ගැටළු සහ වගකීම් සමාන අයිතම Excel මත ඔබම පරිපූර්ණ වන්න 07 / 12 / 2022 ක්ෂුද්‍ර ව්‍යවසාය: ප්‍රවේශම් වන්න, ඔබේ පුද්ගලික දේපළ අත්පත් කර ගත හැකිය! 25 / 10 / 2020 ව්‍යාපෘති කාලසටහන් කළමනාකරණය කරන්න 29 / 10 / 2020 අධීක්ෂණය හරහා තොරතුරු තාක්ෂණ ආරක්ෂාව ප්‍රශස්ත කරන්න 29 / 11 / 2022 පරිවර්තනය Français Afrikaans Shqip አማርኛ العربية Հայերեն Azərbaycan dili Euskara Беларуская мова বাংলা Bosanski Български Català Cebuano Chichewa 简体中文 繁體中文 Corsu Hrvatski Čeština‎ Dansk Nederlands English Esperanto Eesti Filipino Suomi Français Frysk Galego ქართული Deutsch Ελληνικά ગુજરાતી Kreyol ayisyen Harshen Hausa Ōlelo Hawaiʻi עִבְרִית हिन्दी Hmong Magyar Íslenska Igbo Bahasa Indonesia Gaeilge Italiano 日本語 Basa Jawa ಕನ್ನಡ Қазақ тілі ភាសាខ្មែរ 한국어 كوردی‎ Кыргызча ພາສາລາວ Latin Latviešu valoda Lietuvių kalba Lëtzebuergesch Македонски јазик Malagasy Bahasa Melayu മലയാളം Maltese Te Reo Māori मराठी Монгол ဗမာစာ नेपाली Norsk bokmål پښتو فارسی Polski Português ਪੰਜਾਬੀ Română Русский Samoan Gàidhlig Српски језик Sesotho Shona سنڌي සිංහල Slovenčina Slovenščina Afsoomaali Español Basa Sunda Kiswahili Svenska Тоҷикӣ தமிழ் తెలుగు ไทย Türkçe Українська اردو O‘zbekcha Tiếng Việt Cymraeg isiXhosa יידיש Yorùbá Zulu සෙවීම: ලේබල් ලිඛිත හා වාචික සන්නිවේදනය - නොමිලේ පුහුණුව පුද්ගලික හා වෘත්තීය සංවර්ධන නිදහස් පුහුණුව ව්‍යවසායකත්ව නොමිලේ පුහුණුව එක්සෙල් නොමිලේ පුහුණුව ව්‍යාපෘති කළමනාකරණය නොමිලේ පුහුණුව විදේශ භාෂා නොමිලේ පුහුණුව මෘදුකාංග සහ යෙදුම් නොමිලේ පුහුණුව අකුරු ආකෘතිය ගූගල් මෙවලම් නොමිලේ පුහුණුව පවර්පොයින්ට් නොමිලේ පුහුණුව නොමිලේ වෙබ් අලෙවිකරණ පුහුණුව වචන රහිත පුහුණුව පරිවර්තනය Français Afrikaans Shqip አማርኛ العربية Հայերեն Azərbaycan dili Euskara Беларуская мова বাংলা Bosanski Български Català Cebuano Chichewa 简体中文 繁體中文 Corsu Hrvatski Čeština‎ Dansk Nederlands English Esperanto Eesti Filipino Suomi Français Frysk Galego ქართული Deutsch Ελληνικά ગુજરાતી Kreyol ayisyen Harshen Hausa Ōlelo Hawaiʻi עִבְרִית हिन्दी Hmong Magyar Íslenska Igbo Bahasa Indonesia Gaeilge Italiano 日本語 Basa Jawa ಕನ್ನಡ Қазақ тілі ភាសាខ្មែរ 한국어 كوردی‎ Кыргызча ພາສາລາວ Latin Latviešu valoda Lietuvių kalba Lëtzebuergesch Македонски јазик Malagasy Bahasa Melayu മലയാളം Maltese Te Reo Māori मराठी Монгол ဗမာစာ नेपाली Norsk bokmål پښتو فارسی Polski Português ਪੰਜਾਬੀ Română Русский Samoan Gàidhlig Српски језик Sesotho Shona سنڌي සිංහල Slovenčina Slovenščina Afsoomaali Español Basa Sunda Kiswahili Svenska Тоҷикӣ தமிழ் తెలుగు ไทย Türkçe Українська اردو O‘zbekcha Tiếng Việt Cymraeg isiXhosa יידיש Yorùbá Zulu සෙවීම: ප්රවර්ග කාර්යාලය ලිඛිත හා වාචික සන්නිවේදන කුසලතා පෞද්ගලික සංවර්ධනය වෘත්තීය සංවර්ධනය මාර්ගගත පුහුණුව විදේශීය භාෂාව ඵලදායිතාව අන්තර් සබඳතාවය ප්රංශයේ පදිංචි වීමට හා වැඩ කිරීමට වෙබයේ 100% නොමිලේ: හොඳම මාර්ගගත පුහුණුව ලිඛිත හා වාචික සන්නිවේදනය - නොමිලේ පුහුණුව (20) පුද්ගලික හා වෘත්තීය සංවර්ධන නිදහස් පුහුණුව (102) ව්‍යවසායකත්ව නොමිලේ පුහුණුව (124) එක්සෙල් නොමිලේ පුහුණුව (39) ව්‍යාපෘති කළමනාකරණය නොමිලේ පුහුණුව (23) විදේශ භාෂා නොමිලේ පුහුණුව (10) මෘදුකාංග සහ යෙදුම් නොමිලේ පුහුණුව (43) අකුරු ආකෘතිය (20) ගූගල් මෙවලම් නොමිලේ පුහුණුව (15) පවර්පොයින්ට් නොමිලේ පුහුණුව (14) නොමිලේ වෙබ් අලෙවිකරණ පුහුණුව (87) වචන රහිත පුහුණුව (15)
T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරඟයේදි බංගලාදේශ කණ්ඩායම කඩුළු 05කින් පරදවමින් විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රීඩා පිටියේ පැවති තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීමට බංගලාදේශයට ආරාධනා කළා. කෙසේ වෙතත් එම තීරණය අභියෝගයට ලක් කළ බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 171ක් ලබාගැනීමට සමත් වුණා. බංගලාදේශය වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගත් ලීටන් දාස් සහ මොහොමඩ් නයීම් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 40ක් එක් කළා. තරඟයේ 05 වැනි පන්දුවාරයේදි ලහිරු කුමාර විසින් ලීටන් දාස් දවාගැනීමට සමත් වූ අතර එහිදි ලීටන් දාස් හා ලහිරු කුමාර අතර යම් ගැටුම්කාරි තත්ත්වයක්ද ඇති වුණා. අනතුරුව ලකුණු 10ක් ලබාසිටි ශකිබ් අල් හසන්ගේ කඩුල්ල චාමික කරුණාරත්න විසින් දවාගත්තද ඉන් අනතුරුව මොහොමඩ් නයීම් සමග එක්වු මුෂ්ෆීකර් රහීම් තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 73ක සම්බන්ධතාවයක් ගොඩනැගුවා. නියමිත පන්දුවාර 20 අවසානයේ බංගලාදේශ කණ්ඩායම කඩුළු 04ක් දැවී ලකුණු 171ක් ලබාගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදි ශ්‍රී ලංකා පන්දු යවන්නන් කැපී පෙනෙන දක්ෂතාවයක් දැක්වීමට සමත් නොවු අතර චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු සහ ලහිරු කුමාර අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා. පිළිතුරු ඉනීම ඇ‍රඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් යළිත් අසාර්ථක වූ අතර ඔහු පළමු පන්දුවාරයේ සිව්වන පන්දුවටම 01 ලකුණකට දැවීගියා. කෙසේ වෙතත් අනතුරුව පැතුම් නිස්සංක සමගින් එක්වූ චරිත් අසලංක ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර තත්ත්වයකට රැගෙන ආ අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා අතර 69ක සම්බන්ධතාවයක් ගොඩනැගුණා. පැතුම් නිස්සංක පන්දු 21ක් තුළ ලකුණු 24ක් රැස් කර ගැනීමට සමත් වුණේ එක් හයේ පහරක් හා හතරේ පහරක් සමගින්. කෙසේ වෙතත් තරගයේ 09 වැනි පන්දු වාරයේදී පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු දවාගැනීමට ශකිබ් අල් හසන් සමත් වූ අතර වනිදු හසරංගද ලකුණු 06කට දැවී යාමත් සමග තරගය දෙපසටම විවෘත වුණා. නමුත් අනතුරුව චරිත් අසලංක සමගින් එක්වූ භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ඉනීම ජයග්‍රාහී මාවතට ගෙන ගියේ ලකුණු 76ක සම්බන්ධතාවයක් ගොඩ නගමින්. පන්දු 31කදී වේගවත් ලකුණු 53ක් රැස්කළ භානුක රාජපක්ෂගේ ඉනිම හයේ පහර 03කින් සහ හතරේ පහර 03කින් වර්ණවත් වුණා. තරගයේ 16 වැනි පන්දුවාරයේදි භානුක රාජපක්ෂ හයේ පහර 02ක් සහ හතරේ පහර 02ක් එල්ල කරමින් තරගය සම්පුර්ණෙන්ම ශ්‍රී ලංකාව දෙසට හරවා ගත්තා. එසේම සිය දැවීයාමේදි ලහිරු කුමාර සමග ගැටුමකට මැදිවූ බංගලාදේශ ආරම්භක පිතිකරු ලීටන් දාස් පන්දු රැකීමේදි පහසු උඩපන්දු දෙකක් අතහැරීමද ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහණය පහසු කළා. විශිෂ්ඨ වගකීම් සහගත පිතිහරඹයක නිරත වූ 24 හැවිරිදි යොවුන් ක්‍රීඩක චරිත් අසලංක පන්දු 49ක් තුළ නොදැවී ලකුණු 80ක් රැස් කළේ සිය ඉනිම හතරේ පහර 05කින් සහ හයේ පහර 05කින් අලංකාර කරමින්. ඒ අනුව පන්දුවාර 18.5ක් තුළ කඩුලු 05ක් දැවී ලකුණු 172ක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ඉලක්කය පසුකර ගිය අතර තරගයේ වීරයා සම්මානය චරිත් අසලංක විසින් දිනාගත්තා. මෙම ජයග්‍රාහණයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඛාණ්ඩයේ දෙවැනි ස්ථානයට පැමිණියේ ප්‍රසාද ලකුණු 02ක් දිනා ගනිමින්. ශ්‍රී ලංකාව සහභාගි වන මීළග තරගය එළඹෙන 28 වනදා පස්වරුවේ ඕස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිතයි. RECENT ARTICLES - SINHALA මෙරටට කැරට් 22ට වැඩි රන් පැළඳ පැමිණීම තහනම් කරයි ජාලිය යටගම - November 26, 2022 0 කැරට් 22ට වැඩි රන් භාණ්ඩ පැළඳ ගුවන් මඟීන්ට මෙරටට පැමිණීම අත්හිටුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඩීසල් රැගත් නෞකාව දිවයිනට ජාලිය යටගම - November 26, 2022 0 චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඩීසල් ලීටර් මිලියන 10.6ක් රැගත් Super Eastern නෞකාව අද (26) කොළඹ වරායට පැමිණ තිබෙනවා. බලය බෙදීම ගැන දෙමළ සන්ධානයෙන් ජනපතිට යෝජනා තුනක් ජාලිය යටගම - November 26, 2022 0 ජනාධිපතිවරයා සමඟ බලය බෙදීම සම්බන්ධව සාකච්ඡා කිරීමේ දී දෙමළ ජාතික සන්ධානය ඇතුළු ද්‍රවිඩ පක්ෂ යෝජනා 3ක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා. RECENT ARTICLES - ENGLISH COPE informs Fisheries Corporation to pay outstanding EPF/ETF payments Rizwana Hasan - November 26, 2022 0 The Committee on Public Enterprises (COPE) has informed Fisheries Corporation to propose expeditious action on Rs.600 million outstanding EPF & ETF payments... Dan Priyasath launched a ‘war’ against female teachers’ attire Rizwana Hasan - November 25, 2022 0 A person named Dan Priyasath led a group of males to hold a protest in front of the Ceylon Teachers' Union office... Keeping 5g of Ice: Death sentence to anyone, including school children Rizwana Hasan - November 25, 2022 0 As of yesterday, the Supreme Court has the power to award the death penalty to anyone, including school children for possession of...
මහින්දාගමනය සිහිකරමින් ජූනි 23 වැනිදා සිට 25 වැනිදා දක්වා තෙදිනක් තුළ මිහින්තලා රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන පැවැති මිහින්තලා ආලෝක පූජා පුණ්‍යෝත්සවය ජූනි 24 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසින් විවෘත කෙරුණු අවස්ථාවයි මේ. මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිගේ අනුශාසනා පරිදි පැවැත්වූ මෙම ආලෝක පූජා පුණ්‍යෝත්සවයට ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල, ඉඩම් ඇමැති එස්.එම්. චන්ද්‍රසේන […] President, PM at ANCL Mihintala Aloka Pooja This year’s State Poson celebrations will be held at the Mihintale Medamaluwa in Anuradhapura with a limited number of participants under the theme Arogya Paramalabha “(Health is the Paramount Wealth)”. As a part of the State Poson festival,the Mihinthala Aloka Pooja will also be conducted for the 58th consecutive year by the Associated Newspapers of […] PREPARATIONS UNDER WAY FOR ANCL MIHINTALA ALOKA POOJA Preparatory work underway in Mihinatala yesterday for the ANCL Mihintala Aloka Pooja due to be held today and tomorrow. මිහින්තලා-ලේක්හවුස් ආලෝක පූජාව අගමැති සුරතින් අද ඇරැඹේ ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් පවත්වන රාජ්‍ය පොසොන් උත්සවය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලේක්හවුස් ආලෝක පුජා පිංකම අද (04)සවස 6.00 රජමහා විහාරස්ථාන මැදමළුවේ දි සිදු කෙරේ. තෙදිනක් පුරා පැවැත්වෙන මිහින්තලා-ලේක්හවුස් ආලෝක පුජා පුණ්‍ය උත්සවය මෙවර පවත්වන්නේ පනස් අට වන (58) වරටයි. ආරෝග්‍යා පරමාලාභා යන්න තේමාව කරගත් මෙවර රාජ්‍ය පොසොන් මහා පිංකම […] මිහින්තලා-ලේක්හවුස් ආලෝක පූජාව හෙට ජනපති ප්‍රධානත්වයෙන් මිහින්තලා-ලේක්හවුස් ආලෝක පූජාවක් සඳහා ප්‍රථම වරට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තිය හෙට (05) පොසොන් පොහොය දා මිහින්තලයේ දී සිදුවෙයි. අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේ වැඩම කර වසර 2,328ක් සපිරෙන පොසොන් මහා පින්කම සමඟ ලේක්හවුස්-මිහින්තලා 58 වැනි ආලෝක පූජාව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. එදින උදෑසන කෘතවේදී පින්කම් රැසක්ම පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත. පෙහෙවස් […] මිහින්තලා-ලේක්හවුස් ආලෝක පූජාව ජුනි 4,5,6 දිනවල දී රස්ථානයේ දී පැවැත්වේ. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 4 වැනිදා ආරම්භ කෙරෙන මෙම පුණ්‍යාත්සවයට පොසොන් පොහෝ දා (5) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක් වීමට නියමිත ය. ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය වළවාහැංගුනවැවේ ධම්මරතන නාහිමිගේ අනුශාසනා පරිදි සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජනාධිපති නීතීඥ පි.දයාරත්න මහතාගේ උපදෙස් පරිදි ආලෝක පුජා පුණ්‍යාත්සවය සිදු කෙරේ. […] Articles About Mihintalava Buddhist Art Arahat Mahinda introduced art and architecture into the island along with Sangharamas and Cetiyas. Read More Monuments Monuments of Mihintalava witness the rich civilization introduced with the advent of Arhat Mahinda who met the island’s king at the Missaka Pabbata Read More Poson The birth of the new civilization took place on a Poson Day 2315 years ago with the historic meeting between Arhat Mahindaand King Tissa on the plains of Mihintalava Read More This rocky citadel is an important place of pilgrimage for the Buddhist, who ascend the picturesque line of stone steps leading to the hallowed ‘aradhana-gala’ at the summit. These steps, numbering 1,084, so splendidly carved with great skill, indicate the work of superb constructional engineering. Seeing this line of steps a European once remarked “So wonderful to look at, it appears as if leading to Heaven”. Poson brings pleasant recollections of the heyday of Buddhism in Anuradhapura the capital of Devanampiyatissa and in Pataliputra, the capital of Asoka. Asoka’s son Mahinda had given up a promising career in the Royal court of his father and joined the Order of Bhikkhu Sangha. His father’s brother had done the same. Asoka’s daughter Sanghamitta had made a similar decision to join the Order of Bhikkhunis. This rocky citadel is an important place of pilgrimage for the Buddhist, who ascend the picturesque line of stone steps leading to the hallowed ‘aradhana-gala’ at the summit. These steps, numbering 1,084, so splendidly carved with great skill, indicate the work of superb constructional engineering. Seeing this line of steps a European once remarked “So wonderful to look at, it appears as if leading to Heaven”. Poson brings pleasant recollections of the heyday of Buddhism in Anuradhapura the capital of Devanampiyatissa and in Pataliputra, the capital of Asoka. Asoka’s son Mahinda had given up a promising career in the Royal court of his father and joined the Order of Bhikkhu Sangha. His father’s brother had done the same. Asoka’s daughter Sanghamitta had made a similar decision to join the Order of Bhikkhunis.
මහර බන්ධනාගාර සිද්ධිය අවස්ථාවේ ජලය ඉල්ලමින් කෑගැසු රැඳවියන්ට බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩිතබා ඇති බව මහර බන්ධනාගාරය තුළ සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පංච පුද්ගල කමිටුව සිය අතුරු වාර්තාවේ සඳහන් කර තිබේ. රිමාන්ඩ් බන්ධනාගාරය තුළ තිබූ දැඩි තදබදය නිසාත්, රැඳවියන් අතර උණ රෝගය පැතිර තිබීම නිසාත් ඒ නිසා ඇති වූ ජීවිත අවදානම මත රැඳවියන් දැඩි නොසන්සුන්තාවට පත්ව, ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඉල්ලීම් ඉදිරිපත් කරමින් උද්ඝෝෂණ කිරීමට පටන්ගැනීම සාධාරණ උද්ඝෝෂණයක් ලෙස නිරීක්ෂණය වන බව ද එම වාර්තාවේ සඳහන් වෙයි. බන්ධනාගාර නිලධාරීන්ගෙන් කඩිනම් විසඳුම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් එම උද්ඝෝෂණය දැඩි අන්දමින් පවත්වාගෙන ගිය බවට නිරීක්ෂණය වන බවද එහි දැක්වෙයි. මහර බන්ධනාගාරයේ කලහකාරී සිදුවීම ඇති වු දිනවල එම බන්ධනාගාරයේ රැඳවිය හැකි සංඛ්‍යාවට වඩා තුන් ගුණයක ප්‍රමාණයක් රඳවා තිබූ බැවින් අධික තදබදය හේතුවෙන් මෙම කලහකාරී සිදුවීම සිදුව ඇතැයි නිරීක්ෂණය වන බව එම වාර්තාව පෙන්වාදෙයි. නොවැම්බර් මස 29 වැනිදා මහර බන්ධනාගාරය තුළ සිදුවු එම සිද්ධිය සම්බන්ධව සොයාබැලීමට පත්කළ පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව ඊයේ (09) අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කළ අතර එම වාර්තාවේ මේ බව සඳහන් කර තිබේ. බන්ධනාගාරයේ මුළු රැදවියන් සංඛ්‍යාව 2782 ක් වන බවත් ඉන් 2148 දෙනකු රිමාන්ඩ් රැඳවියන් බවත් එම වාර්තාව පෙන්වා දෙයි. ඇප ලබාදී තිබු රැඳවියන් නිවෙස්වලට යැවීම ප්‍රමාද වී ඇති බැවින් එවන් රැඳවියන් නිවෙස්වලට යැවීමට කටයුතු කරන ලෙසත්, සියලුම රැදවියන්ට පීසීආර් පරීක්ෂණ සිදුකරන ලෙසත්, කෝවීඩ් රෝගීන් මහර බන්ධනාගාරයෙන් ඉවත් කරන ලෙසත් අනුභව කළ හැකි අන්දමට සුදුසු ආහාර ලබාදෙන ලෙසත් ඉල්ලමින් රැඳවියන් උද්ඝෝෂණය කර ඇති බවද එම වාර්තාව සඳහන් කරයි. රැදවියන්ගේ ඉල්ලීම් සලකා බැලීමට බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් වරයා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙක් උද්ගෝෂණය පැවැති ස්ථානයට පැමිණ ඇති අතර එහිදී පිරිස හූ කියමින් ගල් කැබලි නිලධාරීන් දෙසට විසිකර ඇති බවටත් බන්ධනාගාර රෝහල් නිලධාරීන් දෙදෙනකු ඔවුන් විසින් රඳවාගනු ලැබ තිබු බවටත් සාක්ෂිවලින් අනාවරණය වී ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි. පුද්ගල හා දේපළ ආරක්ෂාව වෙනුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාරයේ ගේට්ටු වසා දමනු ලැබ ඇති බවත් රැඳවියන් දෙසට කඳුළු ගැස් විසිකර ඇති බවත් බියගැන්වීමට අහසට වෙඩි තබා රබර් උණ්ඩවලින් සහ පසුව ජීව උණ්ඩ භාවිතා කර කලහකාරී තත්ත්වය මර්දනය කිරීමට වෙඩි තබා ඇති බවත් එම වාර්තාවේ සඳහන් කර ඇත. බන්ධනාගාර රෝහලෙහි සාමාන්‍ය ප්‍රමාණ බෝතල් වල දමා තිබු ඩල්සිෆාම් නමින් හඳුන්වන බෙහෙත් සහ තවත් විවිධ පෙති වර්ග රැඳවියන් අතර බෙදා ගමිනින් පානය කර ඇති බවද පසුව ඔවුන් කලහකාරී අන්දමට වියරුවෙන් හැසිරෙමින් පොලු මුගුරු වලින් පහර දෙමින් දේපලවලට ගිනිතබා විනාශ කරමින් හැසිරී ඇති බවද වරින් වර බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩිතැබීම් සිදුකර ඇති බවද පිටතින් කැඳවු ආරක්ෂක නිලධාරීන් වෙඩිතැබීම් කර නොමැති බව ද අනාවරණය වී ඇතැයි වාර්තාව පෙන්වාදෙයි. නොවැම්බර් 30 වැනිදා සවස් භාගයේ රැඳවියන් බන්ධනාගාරයේ අකුලන ගේට්ටුව අසලට පැමිණ ප්‍රකෝපකාරීව කලබල සිදුකර ඇතැයි ද වතුර ඉල්ලා රුඳවියන් කෑ ගසන අවස්ථාවේදී නිලධාරීන් ඔවුන්⁣ට වෙඩිතබා ඇතැයිද එම වාර්තාවේ වන අතර එහිදී කිහිප දෙනකුට වෙඩි වැදී ඇති බවත් පසුදින දක්වාම කලහාකාරි තත්ත්වය තිබී ඇති බවත් එහි දැක්වෙයි. කෝවිඩ් රෝගීන් බන්ධනාගාරයේ සිටින බව රැඳවියන් දැනගැනීමෙන් පසුව බන්ධනාගාරයේ දැඩි තදබදය නිසා ජීවිතාරක්ෂාව වෙනුවෙන් ඉල්ලීම් ඉදිරිපත් කරමින් උද්ඝෝෂණය කර ඇතැයි නිරීක්ෂණය වන බව පංච පුද්ගල කමිටුව නිරීක්ෂණ මගින් පෙන්වා දී තිබේ. රැඳවියන් බන්ධනාගාර දේපල සහ ලිපි ලේඛණ වලට හානි තබා ආයතන ගොඩනැගිලි කඩා බිඳ දමමින් විශාල හානියක් කර ඇති බව නිරීක්ෂණය වන බවත් ගැටුම සිදුවු අවස්ථාවේ රැඳවියන් කිසිවකු අත ගිනි අවි තිබී නැති බවත් ගිනි අවි තිබී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් සන්තකයේ පමණක් බවත් එම කමිටුව පවසයි. මෙම ගැටුම නොවැම්බර් 29 දින සවස ආරම්භ වී 30 වන දින සවස් භාගය තෙක් තිබී ඇති අතර ජල නල කැඩී තිබු බැවින් 30 වැනිදා සවස් වන විට ජල සැපයුම අඩාලවී ඇතැයි ද මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුර්ණ පරීක්ෂණයක් සිදුකරන බව ද නිරීක්ෂණය වන බව එම කමිටුව සිය වාර්තාවේ සඳහන් ඇත. මහර බන්ධනාගාරයේ දීර්ඝ කාලීනව පවතින නිලධාරී හිඟය නැතිකිරිම සඳහා නිලධාරීන් වැඩිකිරීමට පියවර ගත යුතු බවත් අමුත්තන් මුණ ගැසීමට ඉඩනොදෙන අවස්ථාවල සුබ සාධක මධ්‍යස්ථාන හරහා අවශ්‍ය දේ රැඳවියන්ට ලබාදීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් පංච පුද්ගල කමිටුව සිය යෝජනා ඉදිරිපත් කරමින් කියයි. එමෙන්ම බන්ධනාගාරයේ දුරකතන පහසුකම් වැඩිකර රැදවියන්ට සිය ඥාතීන් සමග සම්බන්ධතා පැවැත්වීමට අවස්ථාව ලබාදිය යුතු බවද එම කමිටුව යෝජනා කර තිබේ. ඇප තබාගැනීමට නොහැකි රැඳවියන් සම්බන්ධයෙන් බන්ධනාගාරය මගින් මෝසම් පත්‍ර ගොනුකර ඔවුන්ට පුද්ගලික ඇප මත නිවෙස් වලට යාමට කඩිනම් පියවර සකස් කළ යුතු බව එම කමිටුව යෝජනා කරයි. බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර ඇති ආකාරය සම්බන්ධයෙන් මෙම වාර්තාවේදී කරුණු දැක්වීම අපහසු බව සඳහන් කරන පංච පුද්ගල කමිටුව සිය පුර්ණ වාර්තාවේදී ඒ බව සඳහන් කිරීමට අපේක්ෂා කරන බවද දක්වා ඇත. මාසයක් වැනි කාලයක් තුළදී අදාළ පුර්ණ වාර්තාව ලබාදීමට පංචපුද්ගල කමිටුව අපේක්ෂා කරන බව සඳහන් වෙයි. එම වාර්තාවේ මෙසේද දැක්වෙයි. “මහර බන්ධනාගාරය තුළ මුළු රැඳවියන් සංඛ්‍යාව 2782 වූ අතර ඉන් රිමාන්ඞ් රැඳවියන් 2148ක් පමණ වූ බවට අනාවරණය විය. ඉතිරි අය දඬුවම් විඳින සිරකරුවන් වේ. මහර බන්ධනාගාරය තුළ රැඳවිය හැකි ප්‍රමාණයට වඩා තුන් ගුණයක ප්‍රමාණයක් ඒ වන විට රඳවා තිබූ බව හෙළිදරව් විය. වැලිකඩ බන්ධනාගාර රෝහලේ රඳවා තිබුණු වෙනත් රෝගවලින් පෙළුණු 112 දෙනෙක් මහර බන්ධනාගාරයේ පිහිටි බන්ධනාගාර රෝහලට මාරු කර යැවීමට ගෙන තිබූ තීරණයක් මත මහර බන්ධනාගාර රෝහලේ සහ එම පරිශ්‍රයේම වෙනත් ස්ථානයක රැඳවීමට කටයුතු කර ඇති අතර, බෝගම්බර රිමාන්ඩ් බන්ධනාගාරයේ පිරිසක්ද ගෙනවිත් මහර බන්ධනාගාරයෙන් පිටත තිබූ ‘කොරි’ අංශයේ රඳවා තිබූ බවටත් අනාවරණය විය. මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන්ට කොවිඩ්-19 රෝගය වැළඳී ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහා පීසීආර් පරීක්ෂණ 1000කගේ පමණ නොවැම්බර් මස 25 සහ 27 දිනවයන්හි දී සිදු කර තිබූ බවටත්, එහි ප්‍රතිඵල 28 වැනිදා සවසත්, 29 වනදා උදයේත්, ලැබී තිබුණු බවටත්, එහිදී නිලධාරීන් 06 දෙනෙකුට සහ රැඳවියන් 180කට පමණ කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වී තිබුණු බවටත් අනාවරණය විය. එපමණක්ද නොව ඉහත කරුණු නිල නොවන අන්දමට රෝහලින් පිටතටත් රැඳවියන් අතරටත් පත්ව තිබූ බවට අනාවරණය විය. මේ පිළිබඳව රැඳවියන් අප්‍රසාදයකින් හා බියකින් සිටි බවට වාර්තා විය. එසේම එල් වාට්ටුවේද කොවිඩ්-19 වැළඳුණු එක් අයකුද සිට ඇති අතර, එල් වාට්ටුව ඇතුළු ඇතැම් වාට්ටුවලද උණ රෝගය වැළඳුණු රෝගීන් පිරිසක් සිටි බවට සාක්ෂි ඉදිරිපත් විය. ඔවුනට බන්ධනාගාර රෝහලෙන් රෝගය විමසා පරීක්ෂා කිරීමකින් තොරව පැනඩෝල් ලබා දී තිබුණි. ඉහත කී අන්දමට සිර මැදිරිවල ෙදාරගුලු කැඩීම නිසා එලියට පැමිණි රැඳවියන් 1000කටත් වැඩි විශාල පිරිසක් එක් රැස්ව උද්ඝෝෂණ කර ඇත. උද්ඝෝෂණයේදී ඉදිරිපත් කර තිබූ ප්‍රධාන ඉල්ලීම් ලෙසට දක්වා තිබුණේ, ඇප ලබා දී තිබූ රැඳවියන් නිවෙස් වලට යැවීම ප්‍රමාද වී තිබූ හෙයින් තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරය තුළ රඳවා තබා නොගෙන නිවෙස්වලට යැවීම කරන ලෙසට. කොවිඩ් 19 රෝගය සඳහා සියළුම රැඳවියන්ට පීසීආර් පරීක්ෂණ කරන ලෙසට. කොවිඩ්-19 රෝගීන් මහර බන්ධනාගාරයෙන් ඉවත් කරන ලෙසට. අනුභව කළ හැකි අන්දමට සුදුසු ආහාර ලබා දෙන ලෙසට. ඒ අනුව පුද්ගලයන්ගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමටත් කලහකාරී තත්ත්වය මැඩ පැවැත්වීමටත් බන්ධනාගාර නිලධාරීන් විසින් ප්‍රධාන ගේට්ටුව දෙසට රැඳවියන්ට පැමිණිය නොහැකි අන්දමට ඇතුළත ගේට්ටුව වසා ආරක්ෂා කොට රැඳවියන්ට බන්ධනාගාරයෙන් පිටතට පැමිණිය නොහැකි අන්දමට රැකවල් යොදා ඇත. රැඳවියන්ට දෙසට කඳුළු ගෑස් විසි කර ඇත. බිය ගැන්වීමට අහසට වෙඩි තබා රබර් බුලට් වලින් හා පසුව ජීව උණ්ඩ භාවිතා කර කලහකාරී තත්වය මර්දනය කිරීමට වෙඩි තබා ඇත. පළමු අවස්ථාවේදී එක් රැඳවියෙකුගේ උරහිසට වෙඩි වැදී තුවාල වී ඇති අතර පිරිස දෙසට විසිරී ගොස් ඇත. 30 වන දින සවස් භාගයෙහිද රැඳවියන් අකුලන ගේට්ටුව අසලට පැමිණ ප්‍රකෝපකාරීව කලබල සිදු කර අැත. රැඳවියන් වතුර ඉල්ලා ද කෑ ගසා ඇත. එම අවස්ථාවේදී ද නිලධාරීන් විසින් කලහකාරී පිරිස පාලනය කිරීම සඳහා වෙඩි තබා ඇත. ඒ හේතුවෙන් කිහිප දෙනෙකුට වෙඩි වැදී ඇත. වෙඩි වැදුණු රැඳවියන්ට ආසන්නයේ සිට වෙඩි තැබීමක් සිදු කලාද යන්න නිගමනය කළ හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුවයි. මේ අවස්ථාව වන විට එය පවත්වා නැත. මරණ පරීක්ෂණ නොපවත්වා මළ සිරුරු ආදාහනය හෝ භුමදානය නොකරන ලෙසට බලධාරීන්ට කමිටුව විසින් දන්වන ලදුව ඔවුන් ⁣එසේ නොකර බවට පොරොන්දු වී ඇත. බන්ධනාගාර රෝහලෙන් පැහැරගත් බෙහෙත් පෙති අසාමාන්‍ය ලෙස පානය කිරීමෙන් කලහකාරී පිරිසට උත්තේජනයක් ලැබුනේද යනනන විශේෂඥ මතයක් තුළින් නිගමනය කළ යුතුව ඇත. ඒ නිසා ඒ ගැන නිගමනයකට එළැඹීම අවසාන වාර්තාවේ දී සිදුකරනු ඇත. කමිටු නිරීක්ෂණ මෙම සිද්ධියට පෙර කොවිඩ්-19 රෝගය මහර බන්ධනාගාර රැඳවියන් අතර තිබූ බවට වාර්තා නොවූවත්, මේ සිද්ධිය වූ දින දහවල් කාලයෙහි කොවිඩ්-19 වැළඳුණු රෝගීන් විශාල සංඛ්‍යාවක් රිමාන්ඞ් බන්ධනාගාරයෙහි සිටින බවට රැඳවියන්ට දැනගන්නට ලැබීමෙන් පසුව, රිමාන්ඞ් බන්ධනාගාරය තුළ තිබූ දැඩි තදබදය නිසාත්, රැඳවියන් අතර උණ රෝගය පැතිර තිබීම නිසාත් ඒ නිසා ඇති වූ ජීවිත අවධානම මත රැඳවියන් දැඩි නොසන්සුන්තාවට පත්ව, ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඉල්ලීම් ඉදිරිපත් කරමින් උද්ඝෝෂණ කරන්නට පටන්ගැනීම සාධාරණ උද්ඝෝෂණයක් ලෙස නිරීක්ෂණය වේ. බන්ධනාගාර නිලධාරීන්ගෙන් කඩිනම් විසඳුම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් එම උද්ඝෝෂණය දැඩි අන්දමින් පවත්වාගෙන ගිය බවට නිරීක්ෂණය වේ. එම අවස්ථාවේ රිමාන්ඞ් සැකකරුවන් අතර සිටි විවිධ අපරාධයන්ට සම්බන්ධ වූ බවට චෝදනා ලැබ සිටි විවිධ කල්ලි මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ඔවුනොවුන්ගේ පෞද්ගලික කෝන්තර සහ අරමුණු ඉෂ්ඨ කර ගැනීමට කල්ලි ගැසී එකිනෙකා අතර දරුණු අන්දමේ පහර දීම් සිදු කර තිබූ බවට නිරීක්ෂණය විය. රැඳවියන් විසින් බන්ධනාගාර දේපළ සහ ලිපි ලේඛනවලට ගිනි තබා, ආයතනය ගොඩනැගිලි කඩා බිඳ දමමින් විශාල හානියක් සිදු කර ඇති බව පැහැදිලිව නිරීක්ෂණය විය. මෙම ගැටුම සිදු වූ අවස්ථාවේදී රැඳවියන් සතුව පරිශ්‍රයෙන් සොයාගත් ගල්, මුගුරු, යකඩ පොලු, මන්න, කඩු, පිහි මෙන්ම ගිනි තැබීම සඳහා බොයිලේරුවෙන් තබා ගත් තෙල්ද තිබී ඇති මුත් කිසිවෙකු අත ගිනි අවි තිබී නැත. ගිනි අවි තිබී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් සන්තකයේ බවත්, ගිනි අවි පාවිච්චි කර ඇත්තේ ඔවුන් පමණක් බවත් කමිටුවේ නිරීක්ෂණයයි. මෙම ගැටුම 29 වන දින සවස ආරම්භ වී රාත්‍රී කාලයේද 30 දින සවස් භාගයේද තිබී ඇති අතර, ඇතැම් රැඳවියන් බන්ධනාගාර රෝහලෙන් පැහැරගත් විවිධ පෙති වර්ග පානය කර තිබූ බවටත් ඉන් අනතුරුව දරුණු ගැටුම්වලට සහභාගී වී තිබූ බවටත් සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශවලින් නිරීක්ෂණය විය. මේ අතරතුර ජලනල කැඩී තිබූ නිසා ජල සැපයුමද 30 වන දින ආහාර සැපයුදම අඩාල වී තිබී ඇත. මෙම සිද්ධියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පූර්ණ පරීක්ෂණයක් සිදු කරන බවට සහ, 08 මේ වන විට මියගිය එකොළොස්දෙනාගෙන් දෙදෙනෙකුගෙන් මල සිරුරු හඳුනාගෙන ඇති බවටත්, උගත් මහේස්ත්‍රාත්වරයා විසින් මරණ පරීක්ෂණ පැවැත්වීමටත්, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට තොරතුරු වාර්තා විය. තවදුරටත් නිරීක්ෂණය කරනු ලැබුවේ. රැඳවියන්ට පීසීආර් සහ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති බව. ආහාර, ජලය, විදුලිය සැපයීම යථාවත් කර ඇති බව. අධිකරණවලින් ඇප ලබා දී හෝ දඩ ගෙවා ඇති සියළුම අයවළුන් අධිකරණ නියෝග ලැබුණු වහාම බන්ධනාගාරයෙන් ඉවත් කිරීමට පියවර ගැනීම ප්‍රමාද වී ඇති බව. සිරකරුවන්ට සහ සැකකරුවන්ට සිය ඥාතීන්හට දුරකථන පණිවිඩ ලබා ගැනීම සඳහා මධ්‍යස්ථානයක් ආරම්භ කොට ඇති බව, දැනට රිමාන්ඞ් බන්ධනාගාර නිලධාරීන්ගේ පාලනය යටතේ පවතින බව. කමිටු නිර්දේශ පොලිසියට දී ඇති උපදෙස් මත පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් පසු දඩ ගෙවා හෝ වැඩිපුර වාර්තා මගින් ඇප මත මුදා හරින රැඳවියන් හැකි පමණන් පීසීආර් පරීක්ෂණයට ලක් කර කොවිඩ් 19 වසංගතය ආසාදනය වූවන් සුදුසු ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යැවීමටත් අනෙකුත් රැඳවියන් තම තමන්ගේ නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක් කිරීම නොකඩවා බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට වහාම පියවර ගත යුතුය. මහර බන්ධනාගාරයේ දීර්ඝ කාලිනව පවතින නිලධාරී හිඟය නැති කිරීම සඳහා නිලධාරීන් සංඛ්‍යාව වැඩිකිරීමට වහාම පියවර ගත යුතු බව අමුත්තන් මුණ ගැසීමට ඉඩ නොදෙන කාල සීමාවේදී සුභ සාධක මධ්‍යස්ථාන හරහා ආහාර ඇතුළු අවශ්‍ය දේ රැඳවියන්ට ලබා දීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කළ යුතු බව දෙනු ලබන ආහාරවල තත්ත්වය අනුභව කිරීමට සුදුසු ආකාරයට පවත්වාගෙන යාමට පියවර ගත යුතුය. කොවිඩ් 19 වෛරසය හැර වෙනත් රෝග තත්ත්වයෙන් පෙළෙනා රැඳවියන්ගේ ඥාතීන් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව සලසා දිය යුතු බව දූරකථන පහසුකම් ලබා ගැනීමට ඇති අවස්ථාව වැඩිකර රැඳවියන්ගේ ඥාතීන් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව සලසා දිය යුතු බව ඇප තබා ගැනීමට නොහැකි රැඳවියන් සම්බන්ධව බන්ධනාගාරය මගින් මෝෂන් පත්‍ර ගොනු කර ඔවුන්ට පුද්ගලික ඇප මත නිවෙස්වලට යාමට කඩිනම් පියවර ගැනීම කළ යුතු බව සිරදඬුවම් විදිමින් සිටින අයගේ කාල සීමාව සලකා බලා වයස්ගත අයට මුල් තැන දෙමින් සිර ගෙදරින් පිටවීමට ක්‍රමවේදයක් වහාම ක්‍රියාවට නැංවිය යුතු බව රජයේ දේපලවලට හානි කිරීම ඇතුළු අපරාධ ක්‍රියාවන් සිදු කර රැඳවියන්ට එරෙහිව පොලිස් පරීක්ෂණ කඩිනමින් සිදු කර විශේෂඥ වාර්තා වහාම ලබාගෙන නීතීපතිවරයා හරහා නඩු පැවරිය යුතු රැඳවියන්ට ඉක්මනින් නඩු පැවරීමට කටයුතු කිරීම නිලධාරීන්ගේ නොසැලකිලිමත් ක්‍රියා සම්බන්ධව පරීක්ෂණවලින් හෙළිදරව්වීමක් ගැන මෙම අවස්ථාවේදී කමිටුවට මතයක් ප්‍රකාශ කළ නොහැකි අතර , වඩාත් විස්තරාත්මක තොරතුරු ඇතුළත් පූර්ණ වාර්තාවක් ලබාදීමේදී ඒ ගැන අවධානය යොමු කරනු ඇත. TAGS interim report mahara prison report Facebook Twitter Pinterest WhatsApp Linkedin Email Print Telegram VK Viber Previous articleවනජීවී ඇමැති නොගිය පාරේ ගොස් MediaLK අනාවරණය කරගත් ජලගැලුමේ ඇත්ත ! Next articleහොඳින් සුවපත් වෙමු – මානව හිමිකම් වෙනුවෙන් නැගිටිමු ! Niluka Sandun සබැඳි පුවත්මාධ්‍යවේදියාගේ වෙනත් ලිපි ජනපති මැදුරෙන් මුදල් සොයා ගැනීම ; දේශබන්දු අතින් අඩුපාඩු වෙලා වසන්ත මුදලිගේ වහාම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන්නැයි නියෝග අවසන් යුද්ධයේ බාර වූ එල්ටීටීඊ සාමාජිකයන් ගැන හමුදාවෙන්ම පරස්පර ප්‍රකාශ ඔබේ අදහස් Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. වෙනසක් කළ පුවත් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යනු සෙලවෙන මනස ද ? May 24, 2021 (සාරා අත්තනායක) භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යළිත් මාතෘකාවක් බවට පත්වී... පාසල් දරුවන්ගෙන් සියයට 60කට සම අධ්‍යාපන අයිතිය අහිමි වෙලා : ජනාධිපති කාර්යසාධක බලකාය කරන්නේ... May 28, 2021 සෑම දරුවෙකුටම සම අධ්‍යාපන අවස්ථා හිමිවිය යුතුය යන මූලික... රාජ්‍ය පාලනය දුර්වල නිසා හැමදේටම හදිසි නීතිය යොදාගන්නවා ! – ආචාර්ය දීපිකා උඩගම September 16, 2021 (හදිසි නීතිය සහ එහි බලපෑම' යන මාතෘකාව යටතේ ශ්‍රී... සාගරයේ හෙට දවස වෙනුවෙන් පියවර රැසක් ගත්තා – අගමැතිගේ නිවේදනය අභියෝගයට ලක්කරයි ! June 8, 2021 කොළඹ වරාය ආසන්න මුහුදේදී අනතුරට පත් නෞකාවෙන් සිදු වූ... කඳුළු ගෑස් මිලදී ගැනීම ගැන, එල්ල කිරීම ගැන සහ පරණ කඳුළු ගෑස් ගැන සියලු... October 27, 2022 කඳුළු ගෑස් මිලදි ගැනීමට අදාල ලේඛන, තාක්ෂණික ඇගයුම් කමිටු... ලිපි ගොනු Featured3 Uncategorized1 ඇත්ත37 ඒකතාව20 පරපුර7 පරිසරය38 පුරවැසියා59 පුවත්662 භාෂණය88 වගකීම38 විනිවිද117 අලුත් පුවත් සහ විශේෂාංග ජනපති මැදුරෙන් මුදල් සොයා ගැනීම ; දේශබන්දු අතින් අඩුපාඩු වෙලා November 11, 2022 ජනාධිපති මන්දිරයේ තිබී හොයාගත් රුපියල් එක්කෝටි ගණනක මුදල සම්බන්ධයෙන් කටයුතු කරද්දී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ කොටුව පොලිස් ස්ථානාධිපති මහින්ද... වසන්ත මුදලිගේ වහාම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන්නැයි නියෝග November 10, 2022 අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහාම මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය. එම නියෝගය කළේ එම මූලික අයිතිවාසිකම්... අවසන් යුද්ධයේ බාර වූ එල්ටීටීඊ සාමාජිකයන් ගැන හමුදාවෙන්ම පරස්පර ප්‍රකාශ November 3, 2022 යුද්ධයේ අවසන් කාලයේදී එල්ටීටීඊ සාමාජිකයන් කිසිවෙකුත් යුද හමුදාවට බාර නොවූ බවත්, බාර වූයේ අවතැන්වූවන් බවත්, යුද හමුදාව කළේ ඔවුන් බස්වලින් රැගෙන ගොස් අවතැන්වූවන් සිටි... වසන්ත සහ සිරිධම්ම හිමි ගැන කරුණු කියන්නැයි නියෝග October 28, 2022 අන්තර් විශ්ව්විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි අධිකරණයේ අවසරයක් නැතිව වෙනත් ස්ථානවලට ගෙන ගොස් රඳවා... කඳුළු ගෑස් මිලදී ගැනීම ගැන, එල්ල කිරීම ගැන සහ පරණ කඳුළු ගෑස් ගැන සියලු... October 27, 2022 කඳුළු ගෑස් මිලදි ගැනීමට අදාල ලේඛන, තාක්ෂණික ඇගයුම් කමිටු වාර්තා, උද්ඝෝෂණවලට කඳුළු ගෑස් එල්ල කළ ප්‍රමාණයන් සහ කල් ඉකුත් වූ කඳුළු ගෑස් එල්ල කිරීම... Subscribe to MediaLK via Email Enter your email address to subscribe to this blog and receive notifications of new posts by email. Email Address Subscribe Join 5 other subscribers Media LK – Facebook Media LK – Facebook Main Tags medialk medialk.com ABOUT US Medialk is a website in Sri Lanka which open the truth to the public through impartial and exploratory reporting without any political and racist filters.
(RIVIRA.LK, 2020 සැප්තැම්බර් 12 පස්වරු 07.25ට) වන සතුන් ආරක්ෂා කර ගැනිම සදහා දැඩි දඩුවම් සහිත නව නිති ඇතුළත් පනතක් සති දෙකක් ඇතුලත්... 1.8K MT New Diamond නෞකාවෙන් තෙල් කාන්දු වූ විවර දෙකෙන් එකක් වසා දමයි (RIVIRA.LK, 2020 සැප්තැම්බර් 12 පස්වරු 02.24ට) සන්ගමන්කන්ද තුඩුවට නැගෙනහිරින් වූ මුහුදේ දී ගිනිගැනීමට ලක්වූ MT New Diamond නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවන බව... 2.5K සියලු වන බිම් සිංහරාජයට පවරා ලංකාගමට පාර කපන්න – සජීව චාමිකර, සිංහරාජය ගැන දීර්ග වාර්තාවක් ඉදිරිපත් කරමින් කියයි (RIVIRA.LK, 2020 සැප්තැම්බර් 05 ‍පස්වරු 01.54ට) සිංහරාජය ආශ්‍රිතව මාර්ගයක් ඉදි කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර පරිසරවේදී සජීව චාමිකර විසින් සිංහරාජයේ වැදගත්කම පිළිබඳ... 1.5K ආනවිළුන්දාව ඩෝසර් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් දෙදෙනා යළිත් රක්ෂිත බන්ධනාගාරයට (RIVIRA.LK, 2020 සැප්තැම්බර් 04 පස්වරු 08.36ට) ආනවිළුන්දාව රැම්සා තෙත් බිම් අභය භූමියට අයත් ඉඩමක් අනවසරයෙන් එළි පෙහෙළි කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයින්... 1.8K තෙල් නැවේ සේවකයෙකු මරුට, තෙල් විසුරුනොත් ලංකා වෙරළ තීරයට දැඩි හානි (RIVIRA.LK, 2020 සැප්තැම්බර් 04 ‍පෙරවරු 10.48ට) සංගමන් කන්ද සිට නාවික සැතපුම් 38ක දුරකින් වූ මුහුදේ දී සුපර් ටෑන්කර් වර්ගයේ ඉන්ධන නෞකාව හටගත්... 2.1K මහනුවර පොළොව යළිත් සෙලවෙයි (RIVIRA.LK, 2020 සැප්තැම්බර් 02 පස්වරු 12.30ට) මහනුවර දිස්ත්‍රික්කයේ පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොවේ යම් කම්පන තත්වයක් හෝ සෙලවීමක් වාර්තා වී තිබෙන බව භූ විද්‍යා... 2.0K ආනවිළුන්දාව ඩෝසර් කිරීම; ප්‍රබල දේශපාලකයෙකුගේ සොයුරෙක් ගැන බුද්ධි අංශ සොයයි (RIVIRA.LK, 2020 අගෝස්තු 30 පස්වරු 08.25ට) ආනවිළුන්දාව රැම්සා තෙත් බිම් අභය භූමියට අයත් ඉඩමක් අනවසරයෙන් එළි පෙහෙළි කිරීමට අණ දුන් ප්‍රබල දේශපාලඥයෙකුගේ... 1.9K “මහනුවර කම්පනය, භූමි කම්පාවක් නොවේ” – භූ විද්‍යා කාර්යංශය (RIVIRA.LK, 2020 අගෝස්තු 30 පස්වරු 12.48ට) මහනුවර දිස්ත‍්‍රික්කයේ හාරගම, මයිලපිටිය හා දිගන යන ප‍්‍රදේශවලට අගෝස්තු 29 දින රාත‍්‍රීයේ භූමියේ යම් කම්පන තත්ත්වයක්... 1.7K ලංකාගම පාර ප්‍රතිසංස්කරණයට ජනපති අනුමැතිය, ජනපතිගෙන් විශේෂ උපදෙස් රැසක් (RIVIRA.LK, 2020 අගෝස්තු 30 පෙරවරු 11.22ට) සිංහරාජ වනාන්තර රක්ෂිතයට සහ එහි පරිසර පද්ධතියට කිසිඳු හානියක් සිදු නොවන ලෙස නෙළුව – ලංකාගම –... 1.9K ආනවිළුන්දාව ඩෝසර් කිරීමේ සිද්ධියට ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට (RIVIRA.LK, 2020 අගෝස්තු 29 පෙරවරු 10.37ට) ආනවිළුන්දාව රැම්සා තෙත් බිම් අභය භූමියට අයත් ඉඩමක් පසුගිය අගෝස්තු 25 වන දින රාත්‍රියේ අනවසරයෙන් එළි... More Posts Page 4 of 512345 Like us on Facebook Photo of the Day Sponsored Full Report Here Sponsored Follow Us on Twitter Follow @Rivira.lk Rivira.lk අන්තර්ජාල පුවත්පත. විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk Latest News 12 News උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග දිනයන් යළි වෙනස් නොකෙරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හා පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සඳහා... 86 News පොලීසිය අතින් තමන් ඇතුළු කතුන් කිහිප දෙනෙකු අපයෝජනයට ලක් වූ බව කියමින් හිරුණිකාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි පසුගිය බදාදා (නොවැම්බර් 02) කොළඹ දී පැවති විපක්ෂයේ පක්ෂ කිහිපයක් සංවිධානය කර තිබූ විරෝධතාවයේදී... 137 News රේගු, දේශීය ආදායම් හා සුරාබදු විවෘත තරඟ විභාගයේ දොර වැසෙයි, රාජ්‍ය සේවයේ දැනට ඉන්න අයට අවස්ථාව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා විවෘත... 110 Health මංකිපොක්ස් රෝගීන් මෙරටට පැමිණීමේ අවදානමක් ගැන සෞඛ්‍ය අමාත්‍යංශය කියයි මංකිපොක්ස් රෝගය ආසාදිතයෙකු මේ වනවිට ශ්‍රී ලංකාවේ දී ද හඳුනාගෙන තිබේ. ඩුබායි සිට මෙරටට... 83 News පළාත් පාලන සභිකයින් සංඛ්‍යාව වැඩි බව රනිල් පිළිගනී, 4000 දක්වා අඩකින් කපා හැරීමට තීරණයක් පළාත් පාලන ආයතනවල සභිකයින් සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව... Popular Tags Featured Hot Featured2 Fall Presidential Manifesto SLFPA Mobile Phones Tech Lakderane ran minisa අධිෂ්ඨානයේ මිනිසා උතුරේ කොන්දේසි 13 අනාගත ජනාධිපතිගේ ඉරණම Sajith Manifesto ලක්දෙරණේ රන් මිනිසා ගෝඨාභය ගීතය SLFP Anura Kumara Manifesto Facebook SLPP Gotabaya Rajapaksa Gotabaya manifesto ඇපල් සමාගම කොරෝනා වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා Yupun Abeykoon Covid19 Daham Sirisena
රජ වාසල නිලධාරියකු වීම විශාල වරප්‍රසාදයක් විදිහට තමයි ඒ කාලෙ සැලකුණේ. දැන් කාලෙ වගේ අධ්‍යාපන සුදුසුකම් එහෙම ඒවාට බලපෑ බවක් නම් පේන්නෙ නැහැ. උඩරට පැරණි ලේඛනවල ආණ්ඩුවේ නිලධාරින් හඳුන්වා තිබෙන්නේ නිලමක්කාර තැනැත්තන්, නිලමක්කාර තැන් විදිහටයි. රජුගේ ඇමැති මණ්ඩලය සහ දිසාවවරුන් වගේ පරිපාලන නිලවලට අමතර ම තමයි මේ පිරිස රාජකාරි ක්‍රමයට සේවය කළේ. මේ ඒ අතරින් අවසන් රජුවූ ශ්‍රී වික්‍රම රාජසිංහගේ කාලයේ රාජධානියේ පැවති වැදගත් තනතුරු කිහිපයක් හඳුන්වා දීමක්. ගජනායක නිලමේ රජුගේ ඇත් පන්තිය භාර නිලය වන්නේ ගජනායක නිලමේ යි. එය සංකේතවත් කරමින් දළදා පෙරහරේ සියලු අලි, ඇතුන් භාර ව ගජනායක නිලමේ අදත් ගමන් කරනවා. දියවඩන නිලමේ, චාරිත්‍රානුකූලව ගජනායක නිලමේට පිරිනමන රන් අංකුසය එනම්, හෙණ්ඩුව අතැතිව තමයි ඔහු ඇතකු පිට නැගී පෙරහරේ ගමන් කළ යුත්තේ. ඇතුපිට යන ගජනායක නිලමේ- facebook රජ කාලෙ නම් ඔහු සමඟ මහකොඩිය නම් ධජයත් රැගෙන ගිය බව සඳහන් වෙනවා. ඔහුට වඩා පහත් නිලයක සිටි කුරුවේ ලේකම් නමැති නිලධාරියා ඇතුන් අල්ලා ගැනීම බාර ව සිටි අතර ගජනායක නිලමේ ඒ සම්බන්ධ ලියකියවිලි ද භාර ව කටයුතු කෙරුවා. අදත් පුරාණ චාරිත්‍ර සිහිපත් කරමින් ගජනායක නිලමේ පෙරහරේ මුලින්ම ගමන් කරනවා. රන් අංකුසය අහස දෙසට යොමු කර තේජාන්විත විලාසයකින් ඔහු ඇතු පිට සිටින අතර ගජනායක ධූරයට හිමි හිස් වැස්මෙන් ද වර්ණවත් වස්ත්‍රලින්ද සැරසී සිටිනවා. එදා රජ වාසල ගොඩනැගිල්ල හා දළදා මාලිගාව – Wikipedia.org මහ ලේකම් මහත්මයා රජුගේ ලේකම් කාර්යංශය පාලනය කළේ මොහුයි. එය හරියට අද ජනාධිපති ලේකම් වගේ තනතුරක් බව පේනවා. ඔහු යටතේ ලේකම් මුහන්දිරම් කෙනෙක් සහ සුළු නිලධාරින් කිහිප දෙනෙක් කටයුතු කළා. මේ නිලධාරින් පණිවිඩ ගෙන යාම හා ආඥා ප්‍රකාශයට පත් කිරීමද සිදු කළා. ලේකම් මිටිය හා පන්හිද සමඟ ලේකම් ඇසළ පෙරහරේ ගමන් කළ බව ජෝන් ඩොයිලිගේ වාර්තාවල දැක්වෙනවා. බිසෝ උල්පැන්ගේ – Wikipedia.org මහදියවඩන නිලමේ රාජකීය නාන කාමරය බාර ව සිටියේ මහ දියවඩන නිලමේ යි. උල්පැන්ගේ කියලයි එයට කියන්නේ. අද අපට රජුගේ උල්පැන්ගෙය දකින්න නැතත් බිසෝ උල්පැන්ගේ නම් පසුගිය කාලයේ සංස්කෘතික ත්‍රිකෝණ කැණීම්වලින් මතු කර ගත්තා. මහනුවර වැවට යාබද ව තමයි එය පිහිටා තිබෙන්නේ. අද එතැන දකින්න නම් ලැබෙන්නේ ඉංග්‍රීසි කාලෙ ඉදිකරපු දෙමහල් ගොඩනැගිල්ලක්. රජුගේ උල්පැන්ගෙය රජවාසල සංකීර්ණය තුළ ම තමයි පිහිටා තිබුණේ. රජතුමා නෑවීමත් ස්නානයෙන් පසු ව හිස පීරන එකත් කළේ මහදියවඩන නිලමේ යි. ඔහු රජුගේ අනුමැතිය ඇතිව සට්ටාඹිවරුන් දහ දෙනකු සහ පණිවිඩකාරයන් දහදෙනෙක් පත් කළ බව සඳහන් වෙනවා. උල්පැන්ගෙට සම්බන්ධ ව පවුල් 500ක් පමණ සිටියා. ඔවුන්ගේ උප ප්‍රධාන පිරිසට තමයි සට්ටාඹිවරුන් කියන්නේ. සට්ටාඹිවරුන් දෙදෙනෙක් නිතරම මාලිගයේ සේවයට රැඳී සිටිය යුතු වුණා. සට්ටාඹිවරුන් කෙනෙකු ගෙනෙන ජලය ඇතැම් විට රජුගේ හිසට වත්කරන ලද්දේ නිලමේ විසින්. සාමාන්‍යයෙන් එම රාජකාරිය බාර වුණේ සට්ටාඹි කෙනකුටයි. රජු ස්නානයෙන් පසු හිස පීරා බේත් තෙලක් හිස ගල්වන ලද බවත් පැවසෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු රාජ සභාවේ- facebook සළුවඩන නිලමේ රජු නිතර ම විචිත්‍ර ආයිත්තම්වලින් සැරසී සිටි බව පැරණි පින්තුර දෙස බලන විට පේනවා. රජුගේ ඇඳුම් බාර ව සිටි නිලධාරියාට තමයි සළුවඩන නිලමේ කියන්නේ. ඔහු රජු ඇඳුම් අඳින් විට අවශ්‍ය ආවතේව කළා. එයට වෙනම කාමරයක් ද වෙන් ව තිබුණා. ඒකට කිව්වෙ හළු මණ්ඩපය කියලා. උල්පැන්ගෙට යාබදවයි ඒක තිබුණේ. උඩරට රාජ්‍ය නිලධාරියෙක් – serendib.btoptions.com මහ සැතපෙන ගෙයි මුහන්දිරම් රජුගේ පෞද්ගලික ආවතේව කටයුතු සඳහා යොදවා සිටි පිරිස හැඳින්වුණේ අප්පුහාමිවරුන් යනුවෙන්. එම පිරිස භාර ව කටයුතු කළේ සැතපෙන ගෙයි මුහන්දිරම්. මොහු යටතේ ලේකම් මහත්මයෙක් සහ කංකානම් නිලමේ කෙනෙක් ද සිටියා. ලේකම් මහත්මයාගේ ප්‍රධාන රාජකාරිය වුණේ රජු සාමාන්‍යයෙන් පළඳින ආබරණ ආරක්ෂා කිරීමයි. කාංකානම් නිලමේට වෙන් ව තිබූ රාජකාරිය වුණේ රජුගේ ශරීර ආරක්ෂාවට සිටි පිරිසේ අණ දෙන්නා වශයෙන් කටයුතු කිරීමයි. මේ නිලතල දෙක ම ඉතා බැරූරුම් වුණා. රජුගේ විශ්වාසය දිනා ගෙන කටයුතු කළ යුතු නිසායි ඒ. උඩරට දිසාවවරයෙක්- serendib.btoptions.com අතපත්තු මඩුවේ මුහන්දිරම් නිලමේ අතපත්තු මඩුව කියලා කිව්වේ රජුගේ කාමරය අසල තිබූ රජුගේ සේවයට වෙන් කළ තවත් කාමරයක්. එහි සේවය සඳහා අප්පුහාමි නමින් හැඳින්වුණු 48 දෙනකු සිටි බව සඳහන් වෙනවා. ඔවුන්ගේ නායකයා ලෙස කටයුතු කර ඇත්තේ අතපත්තු මඩුවේ මුහන්දිරම්. මෙම පිරිස රජුගේ පණිවිඩ ගෙන යාම ද කළා. එමෙන් ම ප්‍රසිද්ධ උත්සව වැනි අවස්ථාවලදී රජුගේ තේජස විදහා දැක්වෙන රනින් කළ සන්නාහ උසුලාගෙන ගියෙත් මේ පිරිසයි. රන් ආයුධ මණ්ඩපය- Nishan Weerasooriya, amazing lanka.com රන් ආයුධ මඩුවේ ලේකම් මහත්මයා මාලිගයට නුදුරින් පිහිටි රන් ආයුධ මණ්ඩපය නම් ගොඩනැගිල්ල වෙන් කර තිබුණේ මාලිගයේ ආයුධ ගබඩා කර තැබීම සඳහයි. මෑතකදී ප්‍රතිසංස්කරණය කළ මෙම ගොඩනැගිල්ල අද දළදා මාලිගයේ මාධ්‍ය අංශයට වෙන් ව තිබෙනවා. මෙහි තිබෙන ආයුධ ගැන වාර්තා තබා ගෙන ඒවා නඩත්තුව බාර වුණේ රන් ආයුධ මඩුවේ ලේකම්ටයි. ඔහු යටතේ 48 දෙනකු සේවය කර තිබෙනවා. රන් ආයුධ මඩුවට සේවය කළ කම්මල්කාරයන් ලවා ආයුධ අලුත්වැඩියා කර හොඳ තත්ත්වයෙන් පවත්වාගෙන යාම ද ඔහුගේ වගකීමක් වුණා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු – serendib.btoptions.lk මුළුතැන්ගෙයි රාජකාරිවලට සම්බන්ධ නිලමක්කාරයෝ බුලත්වඩන නිලමේ – මුළුතැන්ගෙයි රාජකාරිවල ප්‍රධානියා වුණේ මොහුයි. මුළුතැන් රාළ – රජුගේ මහ වාසල මුළුතැන්ගෙයි ප්‍රධාන වූ ඇතුළු කට්ටලේ නිලමක්කාරයා මුළුතැන් රාළ නමින් හැඳින්වුණා. රාජ භෝජන පිළියෙළ කරවීමේ සියලු රාජකාරිය භාර නිලධාරියා මුළුතැන් රාළයි. ඔහු රජුගේ විශ්වාසය දිනා ගත් අයෙක් වුණා. පිහන රාළ – සේවකයන් ලවා ව්‍යංජනවලට කුළුබඩු ආදිය යොදන සැටි කියා දෙමින් විධාන කරන තැනැත්තා පිහන රාළ ලෙස හැඳින්වුණා. ඔහු වර්තමාන කෝකියකුගේ කාර්යභාරය ඉටු කළ කෙනෙක්. මඩප්පු නිලමේ – මොහුට බාර වී තිබෙන්නේ රන් මණ්ඩය ( ආහාර බෙදන හෙප්පුව වැනි උපකරණය) රජු ඉදිරියේ තබා ඒ මතුයෙහි කෙසෙල් කොළයක් එළීමයි. බත්වඩන නිලමේ – මොහු මුකවාඩම් බැඳගෙන ව්‍යංජන තිහකින් යුත් රාජ භෝජනය රන් හැන්දෙන්, කෙසෙල් කොළය එලූ රන් මණ්ඩයට බෙදනවා. රජතුමන් විශේෂ ආහාරයක් ගන්නා වාරයක් පාසා ම මඩප්පු නිලමේ රාජ මණ්ඩයෙහි තිබූ කෙසෙල් කොළය ඉවත් කර අලුතෙන් කෙසෙල් කොළ එළිය යුතුයි. රජතුමා ආහාර ගෙන අවසන් වෙන විට ආලත්ති බාන්නන් රජතුමන්ට ආසිරි වැඩිය යුතු වෙනවා. ඔවුන් රජුට නොපෙනෙන ලෙස සිරි ආසිරි වදන් කියා පිටත් ව යන බව සඳහන් වෙනවා. අගු බලන්නා – අගු යන්නෙහි තේරුම රස යනුයි. අගුය, අග්‍ර භෝජනය යනුත් රාජ භෝජනයට නමක්. අගු බලන්නා යන නමින් හැඳින්වෙන්නේ රාජකීය අග්‍ර භෝජනයේ රස විමසා බලන කෙනාටයි. රජතුමාට පිළියෙළ කළ රාජ භෝජනයට සතුරන් විෂ යොදනු ඇතැයි යන සැකය නිසා පුරාණයේ සිට සිංහල රජුන් හා මෞර්ය වංශික රජුන් තමන්ට භෝජනය පිළිගන්වන්නට පෙර රස බැලීමට සේවකයකු යෙදවූ බව ඉතිහාසයෙහි සඳහන් වෙනවා. ඒ චාරිත්‍රයට අනුව මහනුවර රජුන්ගේ රාජ මන්දිරයෙහි ද රාජ භෝජනය රස බැලීම පිණිස යෙදවූ නිලධාරීයකු සිට තිබෙනවා. කවරයේ පින්තූරය: ශ්‍රී වික්‍රම රාජසිංහ රජ වාසල නිලමක්කාර කණ්ඩායමක් - wikiwand.com මූලාශ්‍ර: සිංහල සමාජ සංවිධානය මහනුවර යුගය- රැල්ෆ් පීරිස් උඩරට විත්ති- පී. ඇම්. පී. අභයසිංහ Related Articles ජනපති පුටුවේ සිටියදීම මියගිය ඇමෙරිකානු ජනපතිවරු – 2 කොටස article ඉතිහාසය සැප්තැම්බර් 15, 2017 රුසියාවේ සමාරම්භකයා – වයිකිං නායක රුරික් article ඉතිහාසය ජූලි 11, 2019 අධිරාජයා වෙනුවෙන් දිවිදුන් ජපානයේ කමිකසේ නියමුවෝ article ඉතිහාසය ඔක්තෝබර් 3, 2017 පළමු කොටස ගැයීම තහනම් ජර්මන් ජාතික ගීය​ article ඉතිහාසය දෙසැම්බර් 28, 2018 Roar සිංහල Roar Media is a South Asian multilingual media platform that produces original stories and provides analysis on complex issues. All our content aims to inform, educate, and inspire.
ධාරාණිපාත වර්ෂාපතනය හමුවේ ගංගා කිහිපයක ජල මට්ටම් අවධානම් මට්ටම් කරා ළගාවෙමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කලු ගග රත්නපුර සහ මිල්ලකන්ද ප්‍රදේශවලින්ද / කැළණි ගග නෝර්වුඩ් ප්‍රදේශයෙන්ද / මහවැලි ගග නාවලපිටියෙන්ද ජල මට්ටම් ඉහළ යමින් ඇති බව අද පෙරවරු 10:30 ට නිකුත් කල වාරිමාර්ග නිවේදනයක දැක්වේ. එමෙන්ම අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන්ද අවධානම් මට්ටමක් දක්වා ළගාවෙමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ තවදුරටත් දැක්වෙනවා. මේ අතර ගිනිගත්හේන නෝර්ටන්බි‍්‍රජ් ප‍්‍රධාන මාර්ගයට විශාල ගස් දෙකක් සහ පස් කන්දක් කඩා වැටී තිබේ. මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර විය. ගස් සහ පස්කඳු ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදු වන අතර පවතින වැසි සමග පස්කඳු සහ ගස් කඩා වැටීමේ අවධානම පවතින බැවින් එම මාර්ගයේ රථවාහන ධාවනයේදී සැලකිලිමත් වන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දෙයි. මෙම පුවත බෙදා ගන්න ! මෙම පුවත පිළිබඳ ඔබේ අදහස්... සම්බන්ධ වී සිටින්න Like Folllow Follow Subscribe නවතම පුවත් උදුවප් පෝය අදයි (11) – ශ්‍රී පාද වන්දනා සමය අදින් (11) ඇරඹේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්ත වෙයි මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා වශයෙන් දිවුරුම් දෙයි රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වෙයි ශ‍්‍රී ලංකාවේ උණුසුම් සිංහල පුවත් වෙබ් අඩවිය. අද දවසේ පුවත්, ව්‍යාපාරික පුවත්, ක්‍රීඩා පුවත්, දේශපාලන පුවත්, කාලගුණ පුවත්, විනෝදාත්මක පුවත්, තාක්ෂණික පුවත් සමඟ සියළුම කාලීන ප්‍රවෘත්ති එසැනින් සිංහලෙන් දැනගන්න.
මෙරට ජනතාවගෙන් සියයට 2ක් පමණ පිරිසක් බරපතළ මානසික රෝගවලට ගොදුරු වී සිටින බවත් ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් දිවයින පුරා විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යංශයේ මානසික සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ චිතුමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේය. Share Facebook Twitter Pinterest WhatsApp Previous articleපළාත් මට්ටමින් විශ්‍රාමික දින සැමරුම පැවැත්වීම විශ්‍රාමිකයන් ලැබූ ජයග්‍රහණයක් – ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතා
තරුණ වැඩිහිටි භේදයකින් තොරව බොහෝ දෙනකු “සුපිරි වීරයන්ගේ“ වීර ක්‍රියා සහිත සිනමා කෘති රස විදිමට කැමති බව නොරහසකි. ඇතැම් සුපිරි වීරයන් අප හඳුනා ගන්නේ අපගේ කුඩා අවධියේ දී ම ය. එය මුලදී කාටුන් මගින්, පසුව කොමික් (චිත්‍රකතා) මගින්, නැතිනම් සිනමා කෘති මගින් විය හැකි ය. කෙසේ වෙතත් ඇතැම් සුපිරි වීර චරිත ඉතාමත් පැරණි ඉතිහාසයක් සහිත කලා නිර්මාණ වේ. මෙම ලිපියෙහි අරමුණ එවැනි පැරණිතම සුපිරි චරිත කිහිපයක් ඔබ වෙත ගෙන එ්ම යි. 1) සුපර්මෑන් (Super Man) (designbolts.com) මෙම චරිතය පළමු වතාවට නිර්මාණය වන්නේ ‘කොමික්’ හෙවත් චිත්‍රකතා තුළිනි. මෙම චරිතයේ නිර්මාපකයන් වන්නේ ජෙරී සීගල් සහ ජෝ ෂුස්ටර් යන දෙදෙනා යි. ඒ 1933 තරම් කාලයක දී වන අතර එවකට ඔවුන් උසස් පෙළ අධ්‍යාපනයෙහි නිරත වෙමින් සිටියහ. (ඒ අනුව මේ වන විට සුපර් මෑන් චරිතය බිහි වී වසර 84 ක් ගත වී ඇත) පසුව එම චරිතය DC සමාගම වෙත 1938 දී විකිණීමෙන් අනතුරුව සමග පළමු චිත්‍රකතා එම වර්ෂයේ දී ම (1938 අප්‍රේල් 18) එළිදැක්වීමට ඔවුන් පියවර ගත්හ. පළමු චිත්‍රකතාව (www.thestar.com) 1950 දශකය තුළ කැපී පෙනෙන ජනප්‍රියත්වයක් පෙන්නුම් නොකළ ද 70 දශකය වන විට තත්ත්වය ශීඝ්‍රයෙන් වෙනස් වන්නට විය. සුපර් මෑන් 75 වැනි චිත්‍රකතාව ඵෙතිහාසික වටිනාකමක් නිර්මාණය කිරීමට සමත් වන්නේ, එදා මෙදා තුර එක් දිනක දී පළ කොට වැඩි ම අලෙවියක් තැබූ චිත්‍රකතාව වශයෙනි. ඒ පිටපත් මිලියන 6 ක අලෙවියක් සමගිනි. 1969 දී සීගල් හා ෂුස්ටර් යන දෙදෙනා සුපර් මෑන් චරිතය සදහා ප්‍රකාශ අයිතිය නැවතත් තමන් වෙත ලබා ගනු පිණිස එවකට පැවති Copyright Act 1909 යටතේ නඩු පැවරූ නමුත් අධිකරණය එම තීරණයේ අයිතිය ඇත්තේ DC සමාගම වෙත බවට තීන්දු කරන ලදී. සුපර් මෑන් රේඩියෝ වැඩසටහනක් 1940 දී විකාශය වී ඇති අතර පළමු චිත්‍රපටය 1948 දී ද, පළමු රූපවාහිනි වැඩසටහන 1966 දී ද විකාශය වී ඇති බව වාර්තා වේ. Empire සගරාව දක්වා ඇති ආකාරයට එදා මෙදා තුර බිහි වී ඇති විශිෂ්ටතම චිත්‍රකතා චරිතය ලෙස සුපර් මෑන් හඳුන්වා දී ඇත. වරක් බ්‍රිතාන්‍යයේ පවත්වන ලද ‘විශිෂ්තටම සුපිරි වීරයා’ පිළිබඳ සමීක්ෂණයෙන් ද පළමු ස්ථානය හිමි වූයේ සූපර් මෑන් චරිතයට ය. සුපර් මෑන් චරිතයේ විකාශනය https://www.youtube.com/watch?v=tyc8hoK_OeU 2) බැට් මෑන් (Batman) (wallpapercave.com) මෙය ද චිත්‍රකතා ආශ්‍රයෙන් නිර්මාණය වුණු චරිතයක් වන අතර 1939 දී බොබ් කේන් සහ බිල් ෆින්ගර් යන දෙදෙනා විසින් මෙම චරිතය බිහි කරන ලදී. ඔවුන් දෙදෙනා පවසා අැත්තේ මෙම බෑට් මෑන් නිර්මාණය කිරීමේ දී එවකට ජනප්‍රියව පැවති සුපර් මෑන් චරිතයේත්, ලියනාඩෝ ඩාවින්චි විසින් අදින ලද ගුවන් යන්ත්‍ර සටහන්වලත් ආභාසය තමන්ට ලැබුණු බව යි. සෑම විටෙක ම බැට්මෑන් තනිව ම සිටින ආකාරයෙන් කතා ගෙතීම තමන්ට වෙහෙසකර වූ බැවින් ඊට විකල්පයක් ලෙස ‘රොබින්’ (Robin) චරිතය නිර්මාණය කළ බව බිල් තවදුරටත් පවසා ඇත. පළමු වරට රොබින්ගේ පැමිණීම සිදු වන්නේ 1940 දී ය. පළමු චිත්‍රකතාව (wikipedia.com) 2011 සැප්තැම්බර් 1 වැනිදා පළමුවෙන් ප්‍රකාශයට පත් වූ කැට් වුමන් (Cat Woman) චිත්‍රකතාව තුළින් බැට් මෑන් පිළිබඳව අලුත් කතාවක් ගොඩ නගන්නට කටයුතු කර තිබුණි. එහි දක්වා තිබුණේ බැට් මෑන් සහ කැට් වුමන් අතර අනුරාගී සම්බන්ධතාවක් පවතින බව යි. මෙය එතෙක් බෑට් මෑන් කතාංග තුළින් ඔවුන් අතර දිස් වුණු සියුම් ආකර්ෂණය ඉතා පැහැදිලි ලෙස මෙහි දක්වා තිබුණි. කොමික් රසිකයන්ගේ කතා බහට ලක් වූ එම අවස්ථාව. (bleedingcool.com) 2017 වන විට අවුරුදු 78 ක් ගත වී ඇති බැට්මෑන් චරිතය ඇතුළත් පළමු ටෙලි කතා මාලාව 1960 දශකයේ දී විකාශය වූ අතර මේ වන විට එවැනි ටෙලි කතා, කාටුන්, සිනමා කෘති රාශියක් නිර්මාණය වී ඇත. බැට්මෑන් චරිතයේ විකාශනය https://www.youtube.com/watch?v=LI57fOLwVag 3) ෆ්ලෑෂ් (Flash) 1939 (wallpapersafari.com) DC Comics ආයතනයේ ගාඩ්නර් ෆොක්ස් සහ හැරී ලැම්පර්ට් යන දෙදෙනා විසින් නිර්මාණය කරන ලද මෙම සුපිරි චරිතය පළමුවරට එළි දැක්වෙන්නේ 1939 නොවැම්බර් මාසයේ දී ය. ඒ අනුව 2017 වර්ෂය වන විට මෙම සුපිරි වීර චරිතයට ද අවුරුදු 78 ක් සපිරිමට නියමිත ය. කෙසේ වෙතත් ෆ්ලෑෂ් චරිතය පිළිබඳව සාකච්ඡා කිරීමේ දී එය ප්‍රධාන වශයෙන් අවධි 3කට බෙදා දැක්විය හැකි ය. ස්වර්ණමය යුගය – මෙම යුගය තුළ ෆ්ලෑෂ් චරිතය නිරූපණය කර ඇත්තේ ජේ ගැරික් ය. මධ්‍යතන යුගය – මෙම වකවානුවේ දී ෆ්ලෑෂ් වන්නේ බෙරී ඇලන් ය. නූතන යුගය – වොලී වෙස්ට් නමැති බෙරී ඇලන්ගේ බෑණා කෙනෙකු ෆ්ලෑෂ් බවට පත් වේ. පළමු චිත්‍රකතාව (reddit.com) මේ වන විට රචකයන් ගණනාවක් ෆ්ලෑෂ් චරිතය සංවර්ධනය කිරීමට දායක වී ඇති අතර 2016 වසරේ සිට මේ දක්වා එම කාර්යයයෙහි නියැළී සිටින්නේ ජෝෂ් විලියම්සන් ය. ෆ්ලෑෂ් චරිතය ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති සුපිරි වීර චරිතයක් වන අතර මෑත කාලයේ බිහි වූ Big Bang Theory ටෙලි කතාමාලාව නිසා (විශේෂයෙන් ම එහි ෂෙල්ඩන් කූපර් චරිතය නිසා) තව තවත් ෆ්ලෑෂ් චරිතය ජනාදාරයට පත් වී අැතැයි කිව හැකි ය. වර්ෂ 2006 දී ෆ්ලෑෂ් පළමු චිත්‍රකතාවෙහි පිටපතක් ඇමෙරිකන් ඩොලර් 275,123 කට වෙන්දේසී වූ අතර එම පිටපත ම ඇමෙරිකන් ඩොලර් 450,000 කට නැවත මිල දී ගැනීමක් සිදු කළ බව 2010 දී වාර්තා විය. ෆ්ලෑෂ් 75 වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කරන ලද වීඩියෝ පටයක් https://www.youtube.com/watch?v=bYTM2Ws1f-Y 4) කැප්ටන් ඇමෙරිකා (Captain America) 1941 (screenrant.com) Marvel සමාගමේ නිර්මාණයක් වන මෙම චරිතය පළමු වරට එළි දැක්වෙන්නේ 1941 මාර්තු මාසයේ දී ය. ඒ ජෝ සයිමන් සහ ජැක් කර්බි යන කාටුන් ශිල්පීන් දෙදෙනාගේ නිර්මාණශීලීත්වයෙනි. පළමු චිත්‍රකතාව (marvel.com) මෙම කාටුන් චරිතය දෙවන ලෝක යුද්ධය පසුබිම් කොට ගෙන කරළියට පැමිණි එකක් වන බැවින් නිර්මාණය තුළ ද මිත්‍ර පාර්ශික හමුදාවන් සමග එක්ව ජර්මානුවන් හා යුද වදින සුපිරි ඇමෙරිකානු සොල්දාදුවකු පිළිබඳ කතාවක් පාදක කරගෙන ගොඩ නැගුණු එකක් වීම විශේෂිත ය. එම වකවානුව තුළ පැවති සමාජ පසුබිම මෙම චරිතය ඉතා වේගයෙන් ජනප්‍රිය වන්නට හේතු වූ බවට වාර්තා වේ. ජෝ සයිමන් තම The Comic Book Makers නැමැති ස්වයංචරිතාපදානයෙහි කැප්ටන් ඇමෙරිකා චරිතය නිර්මාණය පිළිබඳ ව දක්වා ඇත්තේ මෙවන් අදහසකි. “මට අවශ්‍ය වුණේ සුපිරි ඇමෙරිකානුවෙක් නිර්මාණය කරන්න. ඒ නිසා ම මගේ මුල් ම අදහස වුණේ ‘සුපර් ඇමෙරිකන්’ කියන චරිතය. හැබැයි පස්සේ මට හිතුණා ‘සුපර්’ චරිත ඕනවටත් වඩා බිහිවෙලා ඉන්නවා කියලා. එතකොට තමයි මට හිතුණේ ‘කැප්ටන් ඇමෙරිකා‘ කෙනෙක් ගැන. මොකද ‘කැප්ටන්’ වීරයෝ වැඩිය නැහැනේ…” කැප්ටන් ඇමෙරිකා පළමු රූපවාහිනී කතා මාලාව විකාශය වන්නේ 1979 දී වන අතර ඉන්පසුව විකාශය වුණු ස්පයිඩර් මෑන්, එක්ස් මෙන් වැනි කතා මාලාවන්හි දී ද ඇතැම් කොටස් වල දී කැප්ටන් අැමරිකා චරිතය කරලියට අා අතර 2011 දී තිරගත වූ Captain America: The First Avenger චිත්‍රපටය ද අතිශය ජනප්‍රියත්වයට පත් විය. මේ වන විට අවුරුදු 76 ක් වයසැති කැප්ටන් ඇමෙරිකා චරිතයට තවමත් එකසේ ජනප්‍රියත්වයක් පැවතීම පුදුමයට කරුණක් නොවේ ද? කැප්ටන් ඇමෙරිකා චරිතයේ විකාශනය https://www.youtube.com/watch?v=H81Rkb8XF5w 5) ග්‍රීන් ඇරෝ (Green Arrow) 1941 (wallpapersdsc.net) මෙම චරිතය ද නිර්මාණය වන්නේ 1941 දී ය. ඒ අනුව 2017 නොවැම්බර් මස වන විට මෙම චරිතය අවුරුදු 76 සම්පූර්ණ කරනු ඇත. පළමු චිත්‍රකතාව (sellmycomicbooks.com) මෙම චරිතය මෝටයිමර් වෙසින්ගර් සහ ජෝර්ජ් පාප් විසින් නිර්මාණය කරන ලද්දක් වන අතර DC සමාගමේ දායකත්වය මත එළිදක්වන ලද චරිතයකි. රොබින් හුඩ් චරිතයෙන් සහ එඩ්ගාර් වොලස්ගේ The Green Archer කෘතියෙන් මෙම චරිතය සදහා ආභාෂය ලබා ගත් බව එහි නිර්මාණකරුවන් ප්‍රකාශ කර තිබේ. Arrow Tv Series (wallpapersdsc.net) කෙසේ වෙතත් 2012 දී විකාශය ආරම්භ කරන ලද ARROW ටෙලි කතා මාලාව තුළින් මෙම චරිත වඩ වඩාත් ජනප්‍රියත්වයට පත් වූ බව නොරහසකි. ඊට පෙර Smallville කතා මාලාව තුළ ද මෙම චරිතය ඉදිරිපත් කර තිබුණි. 75 වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කරන ලද වීඩියෝ පටයක් https://www.youtube.com/watch?v=s3dS3oeqMps පසුවදන එදා මෙදා තුර බිහි වී ඇති සුපිරි වීර චරිත ප්‍රමාණය ඉතා විශාල බව නොරහසකි. එනිසාවෙන් ම අප විසින් තෝරා ගනු ලැබුවේ අතිශය ජනප්‍රිය වූත්, මුලින් ම නිර්මාණය වූත් සුපිරි වීර චරිත කිහිපයක් පමණි. මෙම ලිපියෙහි සඳහන් වීර චරිතයන්ට අමතරව තවත් පැරණි සුපිරි වීර චරිත 5 ක් පිළිබද මෙහි දෙවන කොටසින් බලාපොරොත්තු වන්න. සුපිරි වීරයන්ගේ කතා පමණක් නොව එම චරිත නිර්මාණය වූ ආකාරය සහ ඉතිහාසය ද ඉතා රසවත් බව මෙයින් පැහැදිලි නොවේ ද? කවරයේ රූපය : youtube.com මුලාශ්‍ර : www.marvel.com www.dccomics.com www.wikipedia.com www.youtube.com www.comicbook.com Related Articles චීන තරුණ තරුණියන් මිලියනයක් නගරයෙන් ගමට article විශේෂාංග ජූනි 12, 2019 මාෂා සහ වලහා බලලා තියෙනවා ද? video විශේෂාංග ඔක්තෝබර් 30, 2018 ලෝකෙටම කෑම දෙන පොඩිම පොඩි නෙදර්ලන්තය video විශේෂාංග ඔක්තෝබර් 8, 2017 ප්‍රචණ්ඩකාරී වූ වාසුළි හෙවත් සුළි සුළන් article විශේෂාංග පෙබරවාරි 26, 2018 සිදුහත් උපත සිදු වූ බවට පුරාවිද්‍යාත්මකව සනාථ කර ඇති ලුම්බිණි පුදබිම වැඳපුදා ගමු article විශේෂාංග ජූලි 28, 2017 ප්‍රියන්ත මහඋල්පතගම කවියෙක් කියලා දැනගෙන හිටියා ද? article විශේෂාංග අගෝස්තු 8, 2018 Colomboscope 2021 සමග ඒකීයත්වයෙන් පෙරට article විශේෂාංග මාර්තු 31, 2021 රුසියාවේ අභිරහස් ගුවන්විදුලිය MDZhB video විශේෂාංග අගෝස්තු 14, 2017 Roar සිංහල Roar Media is a South Asian multilingual media platform that produces original stories and provides analysis on complex issues. All our content aims to inform, educate, and inspire.
දඹර අමිල ඇතුළු එජාප සහචරයින්ට මාස්පතා කප්පම් ගෙවීමට යොදාගත් ලිට්‍රෝ ගෑස් සමාගමට මාස 10 කට මිලියන 146 ක පාඩුවක්! RSL - December 11, 2018 දඹර අමිල හිමියන් ඇතුළු එක්සත් ජාතික පක්ෂ සහචරයින්ට මාස් පතා ලක්ෂ ගණනින් කප්පම් ගෙවීමට යොදාගත් ලිට්‍රෝ ගෑස් සමාගමට පසුගිය මාස 10ක කාලසීමාව තුලදී මිලියන 146කට අධික පාඩුවක් සිදුව ඇති බවට අද(11) අධිකරණය හමුවේ අනාවරණය විය. හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී... දඹර අමිල නොහොත් ‘ලිට්‍රෝ ගෑස් හිමි’ නමින් කුප්‍රකට වූ හිමිනම මාධ්‍යවේදීන්ගේ අද්විතීය ප්‍රශ්න කිරීම් හමුවේ අන්ත අසරණවෙයි (Video) RSL - December 11, 2018 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව වසර කිහිපයක සිට ප්‍රසිද්ධ වේදිකාවේ සහ මාධ්‍ය හමු පවත්වමින් මඩ ගැසූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන බළල් අතක් වන කුප්‍රකට දඹර අමිල නොහොත් 'ලිට්‍රෝ ගෑස් හිමි' ලෙස මෑතදී ප්‍රසිද්ධියට පත් එහිමි ඊයේ(10) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී මාධ්‍යවේදීන් නැඟූ අද්විතීය... රනිල්ගේ බත් බැලයෙකු වන චීවරදාරී දඹර අමිල 2015 සිට ලිට්‍රෝ ගෑස් එකෙන් මිලියන ගණන් ගහලා RSL - November 29, 2018 හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ කාර්ය මණ්ඩල සේවකයෙකු මෙන්ම ඔහුගේ බත් බැත් බැලයෙකු වන කුප්‍රකට දඹල අමිල නම් භික්ෂුවට එක්සත් ජාතික පක්ෂ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහගේ නියෝගය පරිදි ලිට්‍රෝ ගෑස් සමාගම හරහා 2015 වසරේ විට මාස්පතා මුදල් මිලියන... Search for: Contact Us Phone: +94-715-657400 Email: info@readsrilanka.com Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'readsrilanka.com' Join our email newsletter and get news & updates into your inbox for free. Categories CORONA: Covid 19 Developing Stories Fashion & Beauty culture FB මාත්‍රාව Men Photo Stories Uncategorized ආර්ථික සහ ව්‍යාපාරික උණුසුම් පුවත් ක්‍රීඩා කෘෂිකර්මය දේශපාලන ප්‍රතිපත්ති සහ සංවර්ධන පුවත් සහ වාර්තා මතවාද ලෝකාවලෝකනය විද්වත් කථිකාව විදේශීය විමර්ශන විශේෂාංග සෞඛ්‍යය අප හා සම්බන්ධවීමට දුරකථන: +94-715-657400 විද්‍යුත් තැපෑල: info@readsrilanka.com © සියලුම හිමිකම් ඇවිරිණි. මෙම වෙබ් අඩවියේ පළවන ලිපි අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් වන අතර එම ආචාරධර්ම උල්ලංඝනය කරමින් නීතිවිරෝධීව උපුටාගන්නන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරනු ඇත.
shop for rent facing the 174 Kottawa-Boralla main road. parking available Washroom available tiled and with good interior . MOST SUITABLE FOR A OFFICE ,STORE AND ONLINE STORE FOR MORE DETAILS PLEASE CAL Link https://lankamarket.lk/ad/shop-for-rent-pannipitiya/ ✕Close Why are you reporting this ad? SpamOffensiveDuplicatedFake Submit Sell and Buy products and services on Lanka market in Minutes Sri Lanka. ✆070 111 2929 - මෙම දුරකථන අංකය වෙබ් අඩවියේ සහාය සඳහා පමණි. අදාල විකුණුම්කරු ඇමතීම සඳහා අදාල දැන්වීමෙහි ඉහල ඇති "Phone : Click to view" බටනය ක්ලික් කල පසු ලැබෙන දුරකථන අංකයට ඇමතුම් ලබා ගැනීමට කාරුණික වන්න.
ලංකා ලංකා පෙම්බර ලංකා, ඕලු පිපීලා වෙල ලෙල දෙනවා වැනි ගීත ඇසෙන විටම අපට මතක්වන්නේ සුනිල් සාන්ත නම් සංගීතවේදියා යි. ශ්‍රී ලංකාවේ සංගීත පුරාවෘත්තයක් බඳු ඔහුට අත්වුණේ අපේ රටේ අලුත් දේශීය ආරක් සොයායන බොහෝදෙනාට අත්වන කනගාටුදායක ඉරණමම යි. දැන් ඔහුගේ ගුණ කථන, සැමරුම් රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවුණත්, ජීවත්ව සිටි කාලයේ ඔහු ඉන්න නිවසක් පවා නැතිව අසරණ ජීවිතයක් ගත කළා. සංගීත අධ්‍යාපනය සංගීතය හදාරන අවදියේ -wikipedia.org 1915 දී උපත ලද බැද්දලියනගේ දොන් ජෝසප් ජෝන් ගාල්ල ශාන්ත කැල්වරි විදුහලෙන් (දැන් ශාන්ත ඇලෝසියස් විද්‍යාලයය) පාසල් හැරයෑමේ සහතික විභාගය නිමකළේ දිවයිනේ ප‍්‍රථමයා ලෙස යි. 1933 දී ඔහු ගුරු අවසාන විභාගය සම්පූර්ණ කර, කලක් තමා ඉගෙනගත් ගාල්ල ශාන්ත කැල්වරි පාසලේම සිංහල, චිත්‍ර හා සංගීතය උගන්වන්න පත්වීමක් ලබනවා. එහි සේවය කළ කාලය තුළ ශාන්ත දක්ෂිණ පාසල් සංගීත තරගයේ දී පාසලට අඛණ්ඩව ජයග‍්‍රහණ 3ක් ලබාගැනීමට සමත් වෙනවා. ඔහු එකල පියානෝව සහ ගිටාරය වාදනය කිරීමට ද ඉගෙන ගත්තා. කඩවසම්, කැපීපෙනෙන සිරුරකින් යුත් ඔහු මෙම කාලය තුළ ‘‘හැම්ලට්” ඇතුළු නාට්‍ය කිහිපයක රඟපෑ බවත් සඳහන් වෙනවා. සුනිලුන් සිසුවකු කාලයේ – medium.com 1934 දී රබීන්ද්‍රනාත් තාගෝර් ලංකාවේ සංචාරය කර දේශන සහ ප්‍රසංග පවත්වනවා. මේ නිසා ලංකාවේ සංගීතඥයන් තුළ ඉන්දියාවට ගොස් සංගීතය හැදෑරීමේ ආසාවක් හටගන්නවා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ලයනල් එදිරිසිංහ, ආනන්ද සමරකෝන් වැන්නන් එසේ ශාන්ති නිකේතනයට ගොස් ඉගෙනගන්නවා. දොන් ජෝසප් ද ශාන්ති නිකේතනයට යනවා. ඒ 1939 දී යි. එහි සිව් මසක් සංගීතය ඉගෙනගත් ඔහු ඊළඟ වසරේ දී ලක්නව්හි භාත්ඛණ්ඩේ සංගීත පීඨයට බැඳී අධ්‍යාපනය ලබනවා. අවසානයේ ඔහු හින්දුස්ථානි රාගධාරී සංගීතය පිළිබඳ ද්විත්ව විශාරද උපාධි ලබාගැනීමට වරම් ලබනවා. විශාරද ජෝසප් ජෝන් 1944 දී මව්බිමට පැමිණෙනවා. ශ‍්‍රී ලංකාවට පැමිණ ඔහුගේ ඉංග‍්‍රීසි ආරේ නමෙන් ඉවත්වී “සුනිල් සාන්ත” ලෙස නම වෙනස්කර ගන්නවා. සරඹ ගුරු පත්වීම සුනිල් සාන්තගේ සංගීත කෘති – medium.com ඒ වනවිට ඔහු තරම් සංගීතය ඉගෙනගත් කෙනෙක් ලංකාවේ හිටියේ නැහැ. විෂය දැනුමෙන් මෙන්ම ප්‍රායෝගික අංශයෙන් ද ඔහුට හැකියාව තිබුණා. ඔහුට ලැබිය යුතුව තිබුණේ රජයේ සංගීත විද්‍යාලාධිපති තනතුර යි. නමුත් ඔහුට ලැබුණේ පාසලක සරඹ ගුරු පත්වීමක්. ඔහු එය ප්‍රතික්ෂේප කරනවා. මේ කාලයේ හින්දුස්තානි සංගීතයට තැටිගත කළ ග්‍රැමෆෝන් ගීත ලංකාවේ ඉතාමත් ප්‍රචලිතව පැවතුණා. එච්. ඩබ්ලිව්. රූපසිංහ, රුක්මණී දේවි, ඇම්. කේ. වින්සන්ට්, ජැනට් ද සිල්වා, ඒ. ඇම්. යූ. රාජ්, ලක්ෂ්මී බායි ආදී ග්‍රැමෆෝන් ගායක ගායිකාවන් වටා රසිකයෝ පොදිබැඳ සිටියා. ගුරුකම බාර නොගත් සුනිල් සාන්ත කලා කටයුතු කරන අතරම කුමාරතුංග මුනිදාසගේ හෙළ හවුල කෙරෙහි ඇදී යනවා. එතෙක් ඔහු තුළ වූ භාරත බැතිය ඉන් අහෝසි වුණා. දේශීය සංගීතයක් ගොඩනැගීමේ වටිනාකම අවබෝධ වුණා. මේ ඔහු ඒ ගැන තැබූ සටහනක්: අපේ රටේ ජාතික සංගීත අධ්‍යාපනයක් ඇති කිරීමට නම් අපේ අරමුණ විය යුත්තේ අද අපේ අටට අවශ්‍ය දේශීය සංගීතයක් ගොඩනගාගැනීම විය යුතු යි. මා මගේ ශිෂ්‍යයන් හැමවිටම යොමුකරන්නේ අපේ අරමුණ වූ දේශීය සංගීතය දෙසට ය. මගේ පාඩම් හැම එකක්ම පිළියෙළ වී ඇත්තේ එයට අදාළ වන පරිදි ය. (දේශීය සංගීතය- සුනිල් ශාන්ත) රේඩියෝ සිලෝන් යුගය සුනිල් සාන්ත ගැන මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ පොත -godage.com 1946 මාර්තු 2 වන දින කුමාරතුංග සැමරුම් උත්සවය සඳහා සුනිල් සාන්ත ගීත ප‍්‍රසංගයක් පැවැත්වූ අතර, රේඩියෝ සිලෝන්හි එහි ගීත ප්‍රචාරය කෙරෙනවා. ඉන්පසු ඔහු ‘‘ඕලූ පිපීලා” (එවකට රේඩියන් සිලෝන්හි පටිගත කරන ලද පළමු ගීතය), ‘‘හදපානේ”, “හෝ ගා රැල්ල නැගේ”, ‘‘බෝවිටියා දන් පළුකන් වරේ”, ‘‘සුවඳ රෝස මල් නෙලා” ”කෝකිලයන්ගේ”, සහ “මිහිකත නලවාලා” ආදී ගීත ගුවන්විදුලියෙන් තැටිගත කෙරෙනවා. මේ ගීත ග්‍රැමෆෝන් සහ නෘත්‍ය ගීතවලට හුරුව සිටි රසික මනස් අමන්දානන්දයට පත්කිරීමට සමත් වෙනවා. හියුබත් දිසානායක, මුනිදාස කුමාරතුංග, රැයිපියෙල් තෙන්නකෝන්, අරිසෙන් අහුබුදු, සහ මර්සලින් ජයකොඩි පියතුමා වැනි ගීත රචකයන් විසින් රචනා කෙරුණු ගීත සුනිල් සාන්ත ගායනා කළා. 1950 දශකය වන විට උසස් සංගීතයක් අවශ්‍ය රසික පිරිස් අතර සුනිල් ශාන්තගේ මිහිරි ගීත ප්‍රචලිත වී පැවතුණා. සුනිල් සංගිතය සපයමින් -dailynews.lk ඒත් හින්දුස්ථානි කොපි සංගිතයෙන් මිදී යන ඒ ගමන නොරුස්සන පිරිසකුත් සිටියා. ඒ ගැන 2016 සුනිල් සාන්ත සමරු දේශනයක් කළ ආචාර්ය ටෝනි ඩොනල්ඩ්සන් මෙසේ සඳහන් කර තිබෙනවා: 1950 ගණන්වල දී ලංකා ගුවන්විදුලියේ පෙරදිග භාෂා අංශය ප්‍රබල භාරත දෘෂ්ටිවාදීන් විසින් පාලනය කරනු ලැබිණි. සිංහල සංගීතයේ ප්‍රමිතිය උසස් කළ යුතු ය යන ව්‍යාජ හේතුන් ඉදිරිපත් කොට මේ දාෂ්ටිවාදීහු යම් යම් ප්‍රතිපත්ති ස්ථාපිත කිරීමෙන් සිංහල ගීතය දැඩිසේ පාලනය කළහ. එහිදී සිදුවුණේ බටහිර ආභාෂය හැකි තරම් තුනීකොට භාරත රාග පදනම ශක්තිමත් කිරීමේ රහසිගත කුමන්ත්‍රණයකි. ස්වාධීන නවමු දේශීය ගී වෙනුවට භාරතීය රාග අනුකරණය කළ ගීත විසුරුවා හැරිණි. (Sunil Shantha Memorial lecture 2016- Dr. Tony Donaldson) සුනිල් ශාන්ත තනිවම මේ භාරත දෘෂ්ටිවාදීන්ට මුහුණදුන්නත් ඔහුට විවිධ පීඩාවන්ට මුහුණදීමට සිදුවුණා. සුනිල් ගීයේ වෙනස්කම් බිරිය ලීලා සමගින් – medium.com සුනිල් සාන්ත තම ගීත සඳහා සරල තනු යොදාගත්තා. භාෂාවේ ශබ්ද රටාවන් කඩහඩ තුළින් මතුකිරීමට උත්සාහ ගත්තා. ඒ ගී තුළ දීර්ඝ සංකීර්ණ වාද්‍ය ඛණ්ඩ තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් ඉන්දියානු වාද්‍ය වෘන්දයකට වයලීනය, සර්පිනාව, බටනලාව, එස්රාජය, තබ්ලාව, සහ ජල තරංගය අනිවාර්යයෙන් ඇතුළත් වුණා. සුනිල් මේ භාණ්ඩ අතරින් තම ගීතවලින් සර්පිනාව, බටනලාව, සහ ජලතරංගය ඉවත්කළා. 1960 දී ඔහු හවායි සල්වයිඩ් ගිටාරය තම සංගීතයට යොදාගත්තා. මේ නිසා සිතට දැනෙන අපූරු මිහිරක් ඔහුගේ සංගීතයේ ගැබ්වුණා. ගුවන්විදුලියේ ප්‍රචාරය වූ සුනිල් ගීවලට ඉහළම ප්‍රතිචාර ලැබුණා. රතන්ජංකර් සංගීතවේදියා සිය දරුවන් සමගින් -sunil sanatha fb page 1952 දී කලාකරුවන් ශ්‍රේණිගත කිරීම සඳහා පණ්ඩිත් රතනජංකර් ඉන්දියාවේ සිට ගෙන්වීමට ගුවන්විදුලි බලධාරීන් තීරණය කළා. සුනිල් සාන්ත විසින් මෙම තීරණය විවේචනය කරමින් පුවත්පත්වලට ලිපි ලිවූ අතර ශ්‍රේණිගත කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව අවධාරණය කර සිටියා. සම්මුඛ පරීක්ෂණවලට මුහුණ නොදුන් අය සේවයෙන් පහ කරන බවත් නිවේදනය කළා. සම්මුඛ පරීක්ෂණයකට මුහුණදීම සුනිල් ප‍්‍රතික්ෂේප කළ අතර 1952 සිට ඔහුට ගුවන්විදුලි දොර වැසුණා. එම වසරේ දී ඔහු පාසල් ගුරුවරියක වූ බර්නඩෙට් ලීලාවතී ජයසේකර සමග විවාහ වුණා. ගුවන්විදුලියෙන් දොට්ට දැමීම නිසා ඔහුට ආර්ථික අතින් විශාල දුෂ්කරතා මතුවුණා. ඒ කාලය ගැන ඔහු පසු කලෙක සරසවිය පුවත්පතේ ඒ. ඩී. රන්ජිත් කුමාරට පසුව මෙසේ පවසා තිබුණා. මුදල් අතින් අන්තිමට වැටිලා හිටි කාලේ ‘ලංකාදීප’ පුවත්පතේ අරමුදලකින් තමයි යම්තම් නැගිට්ටේ. ඒකට මුල පිරුවේ ‘ලංකාදීප’ කර්තෘ ධනපාල මහත්තයා. මම පොළේ කරවල වික්කා, රෙදි වෙළඳාම කළා. රෙඩියෝ, පැට්‍රොමැක්ස් ගෑස් ලාම්පු, ටයිප් රයිටර් හැදුවා. භූමිතෙල් උඳුන්, බයිසිකල් රෙපයාර් කළා. සුනිල් සාන්ත පවුල – medium.com මේ අතර ඇතැමුන් ඔහුගේ සංගීතය පහත්යැ යි පවසමින් අපහාස කළා. මහාචාර්ය සරච්චන්ද්‍ර සුනිල් සංගීතය පල්ලියේ කන්තාරු සංගීතයක් බව පැවසුවා. “සුනිල් තනු පහත්. බොළඳ භාවාත්මක බවින් යුක්ත යි. තොදොල්,” ඔහු වැඩිදුරටත් පවසා සිටියා. සුනිල් සාන්තයන්ට එල්ලකළ චෝදනා වුණේ, සංගීතය සරල බව යි. ගුවන් විදුලිය තුළ ඉන්දියානු වද්‍ය භාණ්ඩවලට මුල්තැන ලැබුණු එකල බටහිර සංගීත භාණ්ඩ තහනමට ලක්වුණා. නමුත් වර්තමානයේ බටහිර සංගීත භාණ්ඩ නැති සංගීතයක් හොයාගන්නවත් නෑ. ඕලු පිපීලා, හදපානේ වැනි ගීත දරුවන්ටත් ගායනා කරන්න පහසු ආකාරයට යි ඔහු නිර්මාණය කළේ. නැවත ගුවන්විදුලියට සුනිල් සමරු මුද්දරය – medium.com 1967 දී ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් නෙවිල් ජයවීර සුනිල් සාන්තගෙන් ඉල්ලා සිටියේ නැවත ජාතික ගුවන් විදුලි සේවයට පැමිණෙන ලෙසයි. ඔහු සමග ඩබ්ලිව්. ඩී. අමරදේව, සහ එම්. ඩබ්ලිව්. මකුලොලුව වැනි කලාකරුවන් ගුවන්විදුලියේ වැඩසටහන් ඉදිරිපත් කළා. ඒ. ඩී. රන්ජිත් කුමාර සුනිල් සාන්ත ගැන සරසවිය පුවත්පතට ලියූ ලිපියක් (1977 දී) දුටු එවකට නිවාස ඇමතිව සිටි ආර්. ප්‍රේමදාස ඔහුට රජයේ නිවාස යෝජනා ක්‍රමයකින් නිවසක් දීමට තීරණය කළා. නිවාස යෝජනා ක්‍රමයට ගොස් නිවස පරීක්ෂා කර බැලූ සුනිල් සාන්තගේ මුවෙහි සිනා රැල්ලක් රැඳුණා. “මේ ගේ නම් හොඳයි. හැබැයි මට මේක නිකං එපා. කොටස් වශයෙන් හරි, මාසිකව සල්ලි ගෙවන්න පුළුවන් විදිහක් හදලා දන්න. මට කරපු උපකාරවලට ඇමැතිතුමාට මං ස්තුතියි කියන්න. හැබැයි රජෝ මට ‘උදාගම්වල’ සින්දු කියන්න නම් කතා කරන්න එපා කියලත් ඇමැතිතුමාට කියන්න,”යි සුනිල් සිනාසෙමින් පවසා තිබෙනවා. 1981 පෙවරබාරි 18 වෙනිදා සුනිලුන් හිසමතට හෙණයක් පතිත වන්නාසේ නපුරු ආරංචියක් ලැබී කම්පාවට පත්වුණා. ඔහුගේ බාල පුතු ජගත් සාන්ත තෙවිසි හැවිරිදි වියේ හදිසි අනතුරකින් මියයාම යි ඒ. වානේ සංස්ථාවේ ඉංජින්රුවෙකු වූ ජගත්ගේ මරණයෙන් අසීමිත ලෙස කම්පනයට පත්වූ සුනිලුන්, පුතු වියෝ වී මාස දෙකින් 1981 අප්‍රේල් මස 11 වැනිදා හෘදයාබාධයකින් මෙලොවින් සමුගත්තා. සුනිලුන්ට වසර 29ක් දිරිය දුන් බිරිය ජයසේකර සෙනෙවිරත්න මුදියන්සේලාගේ මේරි ජොසපින් බර්නඩෙට් ලීලාවතී 2010 අප්‍රේල් 28 වෙනිදා සිය සැමියා අවසන් ගමන් ගිය ජා-ඇල දෙහියාගත කතෝලික සුසාන භූමියේම මිහිදන් කෙරුනා. ආශ්‍රිත මූලාශ්‍රයයන්: Lankadeepa.lk ගුරුදෙවි සුනිල් සාන්ත සංකථන සංග්‍රහය- සංස්. පුෂ්කර වන්නිආරච්චි Sunil Shantha Memorial lecture 2016- Dr. Tony Donaldson Captions: cover- සුනිල් සාන්ත දුෂ්කර කාලයේ medium.lk Related Articles අපිට අගය නැති අපේ සම්පත – ෂෙල්ටන් ප්‍රේමරත්න article චරිත පෙබරවාරි 22, 2019 ජර්මානුවන්ට ගම්මිරිස් ගැසූ බ්‍රිතාන්‍ය හමුදාවේ ළාබාලතම හමුදා නිලධාරියා- ලුතිනන් රෙජිනල්ඩ් article චරිත නොවැම්බර් 7, 2019 ඊශ්‍රායලයේ එකැස් විරුවා – මෝෂේ දයාන් article චරිත මැයි 3, 2019 උතුරු කොරියානු නායක කිම් ජොංග් අන්ගේ බිරිඳ​ රී සොල් ජූ article චරිත ජූලි 29, 2017 අදත් කතාවෙන මරදානේ චොප්පෙ අය්යාගේ චණ්ඩිකම් article චරිත සැප්තැම්බර් 21, 2021 ඉන්දියාව බැබලවූ මිසයිල් මිනිසා – අබ්දුල් කලාම් article චරිත අප්‍රේල් 17, 2017 කොටි වෙඩි පහරට ලක්වූ දිඹුලාගල හාමුදුරුවෝ article චරිත මැයි 27, 2021 ශ්‍රී ලංකා ක්‍රිකට් රසික පර්සි ගැන අප නොදත් කතා 5ක් article චරිත මාර්තු 27, 2022 Roar සිංහල Roar Media is a South Asian multilingual media platform that produces original stories and provides analysis on complex issues. All our content aims to inform, educate, and inspire.
හොරණ ප්‍රාදේශීය සභාව සතු පුස්තකාල ගණන 5 කි. එම පුස්තකාල සදහා ජංගම බස් රථයක් සිසු අයිතියට පත් කරනු ලැබීම බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර මාර්ෂල් ඔෆ්ද එයාර්ෆෝස් ‍රොෂාන් ගුණතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙහි මුලු වියදම ලක්ශ 58 ක් පමණ වන අතර හොරණ ප්‍රාදේශීය සභාවේ සභාපති අශෝක රණතුංග මැතිතුමාගේ ඉල්ලීම පරිදි, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමාගේ මග පෙන්වීමෙන් හෝම්ලෑන්ඩ්ස් පුද්ගලික සමාගම විසින් මූල්‍ය දායකත්වය සපයණු ලැබූ මෙම නවීන බස්රථය අංගෝපාංගයන් රැසකින් සමන්විතවේ. හොරණ ප්‍රාදේශීය සභාව වැදගත් තොරතුරු බල ප්‍රදේශයේ වැදගත් තොරතුරු හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සම්බන්ධීකරණ තොරතුරු ලිපිනය කනන්විල, හොරණ දුරකථන 0342261163 Find us on: Facebook page opens in new windowYouTube page opens in new windowMail page opens in new windowWhatsapp page opens in new window
2018 වසර තුල බොලිවුඩ් සිනමා නිර්මාණ රැසක් එළි දැක්වීමට නියමිතව පවතිනවා. මේ එසේ 2018 බොලිවුඩ් කැලැන්ඩරයේ ප්‍රදර්ශනය ආරම්භ කරන සිනමා නිර්මාණ කිහිපයක්. 01 – Nirdosh මෙම සිනමාපටය ප්‍රදීප් රන්ග්වානි හා සබ්‍රොටෝ පොල් යන අධ්‍යක්ෂවරුන් දෙදෙනා විසින් නිර්මාණය කරන ලද ත්‍රාසයජනක සිනමා නිර්මාණයක්. මෙහි නිෂ්පාදකයා වන්නේද ප්‍රදීප් රන්ග්වානියි. අමිට් ඛාන් විසින් මෙහි තිර පිටපත රචනා කළ අතර ආර්බාස් ඛාන්, මන්ජරි ෆද්නිස්, අශ්මිට් පටෙල් යන නළු නිලියන් මෙයට රංගනයෙන් දායක වෙනවා. මෙම සිනමා නිර්මාණයට මනුෂ්‍ය ඝාතනයක සුලමුල සොයාගෙන යන කතා තේමාවක් පදනම් වී තිබෙනවා. UV Films ආයතනය නිෂ්පාදනය කල මෙම සිනමා පටය 2018 ජනවාරි 19 වෙනිදා ප්‍රදර්ශනය අරඹනු ඇති. 02 – Parmanu: The story of Pokhran අබිෂේක් ශර්මා විසින් අධ්‍යක්ෂණය කරන මෙම සිනමා නිර්මාණය 1998 ඉන්දියාවේ රාජස්තාන් හි පොඛ්රාන් ( Pokhran) හි සාර්ථකව කරන ලද න්‍යෂ්ටික පර්යේෂණ හා සම්බන්ධව නිර්මාණය කර තිබෙනවා. මෙම සිනමාපටය නිෂ්පාදනය කරනු ලැබුවේ Zee Studio, JA Entertainment හා KriArj Entertainment යන සමාගම් විසිනුයි. ජෝන් ඒබ්‍රහම් ,දියානා පෙන්ටි, හා බෝමන් ඉරානී යන නළු නිලියන් මෙයට රංගනයෙන් දායක වෙනවා. මෙහි රූගත කිරීම් වලින් බොහොමයක් දිල්ලිය හා මුම්බාය කේන්ද්‍ර කරගෙන සිදුව තිබෙනවා. 2017 දෙසැම්බර් මාසයේ ප්‍රදර්ශනය ආරම්භ කිරීමට තිබුනත් මෙම සිනමාපටය ප්‍රදර්ශනය 2018 පෙබරවාරි 23 දක්වා ප්‍රමාද වුණා. 03 – Baaghi 2 ක්‍රියාදාම සිනමාපටයක් ලෙස සැලකෙන මෙම සිනමාපටය 2018 අප්‍රේල් 27 වෙනිදා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. සංජීව් දත්තා විසින් මෙහි තිර රචනය කළ අතර අහ්මෙඩ් ඛාන් විසින් මෙහි අධ්‍යක්ෂණ කටයුතු සිදුකර තිබෙනවා.මෙහි පළමු කොටස 2016 වසරේ ප්‍රදර්ශනය වුණා. මෙම සිනමාපටයේ රූගත කිරීම් මුම්බාය, පුනේ, මනාලි, තායිලන්තය, හා චීනයේ සිදුව තිබෙනවා. 04 – 2.0 මෙතෙක් බොලිවුඩ් ඉතිහාසයේ ඉහළම මිලක් වියදම් කර නිර්මාණය කරන ලද සිනමා නිර්මණයක් ලෙස සැලකෙන මෙයට වියදම් වී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 70ක්. විද්‍යා ප්‍රබන්ධ සිනමා පටයක් වන මෙය එස්. ශන්කර් විසින් රචනා කොට අධ්‍යක්ෂණය කර තිබෙනවා. එමෙන්ම මෙය සැලකෙන්නේ කෙලින්ම 3D තාක්ෂනයෙන් රූප ගතකරන ලද ප්‍රථම ඉන්දියානු සිනමාපටය ලෙසයි. භාෂා 15කින් ප්‍රදර්ශනය වන මෙම සිනමාපටය 2010 වසරේ නිර්මාණය වූ Enthiran සිනමා පටයට සම්බන්ධ වෙනවා. රජිනිකාන්ත් මෙහි වාසිගරන් නම් වෛද්‍යවරයාගේ හා චිට්ටි යන චරිත දෙකටම පණ පොවනවා. මෙම සිනමාපටය 2018 අප්‍රේල් 14 වෙනිදා ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 05 – Vishwaroop II මෙම සිනමාපටය දෙමළ හා හින්දි යන භාෂා දෙකෙන්ම නිර්මාණය කර තිබෙනවා. ත්‍රාසයජනක සිනමා නිර්මාණයක් වන මෙය රචනය හා අධ්‍යක්ෂණය කමල් හසන් විසින් කර තිබෙනවා. මෙහි පළමු කොටස 2013 වසරේ ප්‍රදර්ශනය වුණා. මෙම සිනමා නිර්මාණය මිනිත්තු 184ක කාලයක් පුරා දිව යනවා. මෙය නිෂ්පාදනය කරනු ලැබුවේ Raaj Kamal Films International සමාගමයි. Related Articles මුත්‍රා ගැන අනාවැකි article ලිස්ට් ඔක්තෝබර් 16, 2016 විදුලිය නිපදවා ඔබේ දුරකථනය ආරෝපණය කළහැකි ඇඳුමක් article ලිස්ට් ඔක්තෝබර් 16, 2016 පේශි චලනයන් නැරඹිය හැකි ඉලෙක්ට්‍රොනික් ටැටූ article ලිස්ට් ඔක්තෝබර් 9, 2016 කැමරා ඇසට හසු වූ ‘අවතාර’ 6ක් article ලිස්ට් නොවැම්බර් 15, 2018 ලොව වැඩිම මිළක් වැයකර තැනූ වෙළද දැන්වීම් කිහිපයක් article ලිස්ට් දෙසැම්බර් 5, 2017 ලොව මිළ අධිකම මුද්දර 5 ක් article ලිස්ට් ඔක්තෝබර් 25, 2017 මතකද මේක – පැරණි සිසිල් පැන් බීම වෙළඳ දැන්වීම් video ලිස්ට් මැයි 5, 2018 ලොව වඩාත් ම මාරාන්තික පැළෑටි හතක් article ලිස්ට් නොවැම්බර් 5, 2022 Roar සිංහල Roar Media is a South Asian multilingual media platform that produces original stories and provides analysis on complex issues. All our content aims to inform, educate, and inspire.
දෘෂ්ටිවාදය යනු කුමක් ද? එය වටහා ගැනීම සඳහා අපි මුලින් ම දෘෂ්ටිවාදය පිළිබඳ ඉතිහාසය සැකෙවින් විමසා බලමු. ඒ පිළිබඳ ව විවිධ චින්තකයින් විවිධ අදහස් ඉදිරිපත් කර ඇත. ටෙරී ඊගල්ටන් දෘෂ්ටිවාදය පිළිබඳ පළ වී ඇති විවිධ මත රැසක් ඉදිරිපත් කර ඇත. ඒවායින් කිහිපයක් නම්, දෘෂ්ටිවාදය යනු, සමාජ ජීවිතයේ අර්ථ සංඥා හා වටිනාකම් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය විශේෂ වූ සමාජ කණ්ඩායමක් හෝ පන්තියකට ආවේණික වූ අදහස් පද්ධතිය අධිපති දේශපාලන බලය සුජාත කිරීමට උපකාරී කරනු ලබන අදහස් අධිපති දේශපාලන බලය සුජාත කිරීමට උපකාරී කරනු ලබන ව්‍යාජ අදහස් විෂයයට (subject) තත්ත්වයක් සපයන යමක් සමාජ ම ය වශයෙන් අවශ්‍ය මායාව කතිකාව හා බලය සම්බන්ධ වීම සමාජ ජීවිතය ස්වාභාවික යථාර්ථය බවට පත් කරන ක්‍රියාවලිය දෘෂ්ටිවාදය පිළිබඳ මෙම අර්ථ දැක්වීම් ඇතැම් විට ආසන්න ලෙස එකිනෙකට අනුරූපී වන අතර ඇතැම් විට එකිනෙකට අනුරූපී ද නො වේ. එමෙන් ම දෘෂ්ටිවාදය ඇතැම් විටෙක මායාවක් ලෙසත් තවත් විටෙක භෞතික ක්‍රියාවලියක් ලෙසත් අර්ථ දැක්වෙන අයුරු පෙනේ. තව ද එය සවිඥානක ක්‍රියාවලියක් ලෙස එක් මතයකින් කියවෙන විට තවත් මතයකින් එය අවිඥානක ක්‍රියාවලියක් ලෙස හැඟවෙයි. විටෙක එය දැනුමට (ඥානවිභාගයට) සම්බන්ධ ගැටලුවක් වන විට තවත් විටෙක එය සද්භාවාත්මක ගැටලුවක් බවට පත් වේ. දෘෂ්ටිවාදය පිළිබඳ මෙවැනි විවිධ මත පළ වීමට හේතුව වන්නේ විවිධ දෘෂ්ටිකෝණ මඟින් එය අර්ථකථනය කිරීමට යාමට වඩා ideology නමැති ඉංග්‍රීසි වචනයෙහි “ology“ යන කොටසෙහි අර්ථය අපගමනය වීම බව ඊගල්ටන් සඳහන් කරයි. එමඟින් අදහස් වන්නේ යම් ප්‍රපංචයක් පිළිබඳ විද්‍යාව හෝ ඒ පිළිබඳ කරනු ලබන අධ්‍යයනය වන නමුත් මෙම “ology“ පදය අපගමනය වීමෙන් හැදෑරීමෙන් ලබා ගනු ලබන ක්‍රමානුකූල දැනුම වෙනුවට එය අර්ථයකට ලඝු වේ. දෘෂ්ටිවාදය යන පදයේ ඉතිහාසය විමසීමේ දී දැනට ලැබී තිබෙන සාක්ෂ්‍ය අනුව එය ප්‍රංශයේ ඩෙස්ටුට් ඩී ට්‍රේසි විසින් හඳුන්වා දුන් පදයක් ලෙස සැලකිය හැකි ය. eidos නමැති ග්‍රීක වචනය “දෘශ්‍ය රූපය“ නමැති අරුතින් ගෙන ඔහු ideology නමැති වචනය නිපදවා ඇත. ඔහුට අනුව දෘෂ්ටිවාදය යනු මානව අදහස් පිළිබඳ විද්‍යාත්මක හැදෑරීම ය. නමුත් පසු කාලීන ව දෘෂ්ටිවාදය යනු අදහස් පද්ධතියක් යැයි විග්‍රහ කෙරී ඇත. ඩී ට්‍රේසිට අනුව දෘෂ්ටිවාදය යනු මානව සත්වයා පිළිබඳ විද්‍යාවේ කොටසකි. එමඟින් ඔහු අදහස් මූලික කොටස්වලට විච්ඡේදනය කිරීම අරමුණු කරයි. ඩී ට්‍රේසිගේ මෙම මැදිහත් වීම එතෙක් පූජකයින්ගේ හා පාලකයින්ගේ මිථ්‍යාදෘෂ්ටික අදහස්වලට එරෙහි විද්‍යාත්මක නැඟී සිටීමක් ලෙස හඳුන්වයි. ඒ අනුව පාලකයින් හා පූජකයින් සතු ව පැවති දැනුම පිළිබඳ ඒකාධිපතිත්වය ප්‍රභූ හා විද්‍යාත්මක න්‍යායාචාර්යවරුන් අතට පත් විය. නමුත් පසුකාලීන ව නැපෝලියන් බොනපාට්ගේ අදහස් නිසා නැවතත් ආගම පාලනයට අත්‍යවශ්‍ය කොටසක් බවට පත් විය. එහි දී ඩී ට්‍රේසිගේ දෘෂ්ටිවාදය පිළිබඳ අදහස් යළිත් ගර්හාවට ලක් විය. දෘෂ්ටිවාදය පිළිබඳ සංකල්පය ලාංකේය දේශපාලනය හා කලා කෘති සම්බන්ධයෙන් තවමත් භාවිතා වන්නේ මාක්සියානු අර්ථයකිනි. එබැවින් කාල් මාක්ස් දෘෂ්ටිවාදය පිළිබඳ පළ කර ඇති අදහස් මී ළඟට සලකා බලමු. අදහස්, සංකල්ප හා සවිඥානකත්වය නිෂ්පාදනයවීම මිනිසුන්ගේ භෞතික ක්‍රියාවලිය හෙවත් සැබෑ ජීවිතය සමඟ සම්බන්ධ බව ඔහු පෙන්වා දෙයි. මෙම අදහස්වල නිර්මාතෘවරුන් වන්නේ මිනිසුන් ම ය. මේ සඳහා නිෂ්පාදන බලවේගවල වර්ධනය බලපාන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. මාක්ස්ට අනුව ඇතැම් සමාජ තත්ත්ව තුළ මානව බලය නිෂ්පාදනය හා ක්‍රියාවලි මිනිසුන්ගේ පාලනයෙන් වියුක්ත ව ස්වායත්ත පැවැත්මක් අත් කර ගනියි. එමඟින් මිනිසා තමන්ගේ නිෂ්පාදනය පිළිබඳ පරාරෝපිත අදහස් ඇති කර ගන්නා බවත් මෙම පරාරෝපණය නම් අදහස භාණ්ඩ මඟින් මිනිසා මෙහෙයවන බවට වන අදහස සමඟ ද සම්බන්ධ කරන ආකාරයක් ද දැකිය හැකි ය. මෙම ක්‍රියාවලිය පිළිබඳ ව සරළ ව සඳහන් කරන්නේ නම් මාක්ස් සඳහන් කරන්නේ භෞතික තත්ත්ව මත සවිඥානකත්වය තීරණය වන බව ය. සෑම යුගයක දී ම පාලක පන්තියේ අදහස් පාලක අදහස් බවට පත් වන බවත් මාක්ස් සහ එංගල්ස් පෙන්වා දෙති. සමාජයේ භෞතික බලවේග පාලනය කරන පන්තිය ම පාලක බුද්ධි ම ය බලවේගය බවට පත් වන බව ඔවුහු ඉන් අනාවරණය කරති. දෘෂ්ටිවාදය සමඟ ව්‍යාජ විඥානය නමැති අදහස සම්බන්ධ කරන්නේ ෆ්‍රෙඩ්රික් එංගල්ස් ය. එහි දී පුද්ගලයින්ට බලපාන සැබෑ තත්ත්ව සඟවාලීම සඳහා ඔහු තුළ ව්‍යාජ විඥානයක් ගොඩනඟන බව අදහස් වේ. Althusser දෘෂ්ටිවාදය නමැති සංකල්පය අධ්‍යයනය කරන විට තවත් වැදගත් දාර්ශනිකයෙකු වන්නේ ලුවී අල්තුෂර් ය. දෘෂ්ටිවාදය හා දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ නමැති සංකල්ප හඳුන්වා දුන් තැනැත්තා ඔහු ය. ඒ සඳහා මනෝවිශ්ලේෂණය ද ඔහු උපයෝගී කර ගනියි. දෘෂ්ටිවාදය මඟින් ක්‍රියාකාරී වීමේ දී ඒ තුළ පවතින අවිඥානක ස්වරූපය පෙන්වා දෙන්නට ඔහු උත්සාහ දැරී ය. අල්තුෂර්ට අනුව රාජ්‍යය යනු මර්දනකාරී උපකරණයක් වන අතර එමඟින් පාලක පන්තියට වැඩ කරන පන්තිය මත ආධිපත්‍යය පැතිරවීමට අවස්ථාව ලබා දෙයි. ඔහු රාජ්‍යයට අදාළ මර්දනකාරී උපකරණ (රජය, පරිපාලනය, හමුදාව, පොලීසිය, අධිකරණය, බන්ධනාගාර ආදිය) හා දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ පවතින බව පෙන්වා දෙයි. දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ ඔහු පහත පරිදි වර්ගීකරණය කරයි. එනම්, ආගමික දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ, අධ්‍යාපන දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ, පවුල් දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ, නෛතික දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ, දේශපාලන දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ, වෘත්තීය සමිති දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ, සන්නිවේදන දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ හා සංස්කෘතික දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ වේ. ඔහු සඳහන් කරන්නේ මර්දනකාරී රාජ්‍ය උපකරණ ප්‍රමුඛ ව මර්දනකාරී ලෙස ක්‍රියාකාරී වන බවත් ද්විතියික ව එය දෘෂ්ටිවාදය මඟින් ක්‍රියාකාරී වන බවත් ය. ඒ ආකාරයෙන් දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ ප්‍රමුඛ ව ම දෘෂ්ටිවාදය මඟින් ක්‍රියාකාරී වන අතර ද්විතියික ව එය මර්දනය මඟින් ක්‍රියාකාරී වේ. ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ මෙම දෘෂ්ටිවාදය පුද්ගලයින්ගේ පරිකල්පනයට සම්බන්ධ වන බවත් ඒවා යථාර්ථයට අනුරූපී නො වන බවත් ය. එය ඔහු ගොඩනගන පළමු තිසීසය යි. ඔහුට අනුව දෙවියන් යනු සැබෑ රජුගේ පරිකල්පනීය නිරූපණයකි. ඔහු ගොඩනගන දෙවන තිසීසය නම් දෘෂ්ටිවාදයට භෞතික පැවැත්මක් ද පවතියි යන්න ය. එම තිසීස දෙක මඟින් ඔහු පෙන්වා දෙන්නේ දෘෂ්ටිවාදයේ සැබෑ සබඳතා පරිකල්පන සබඳතා වන නමුත් එම පරිකල්පනීය සබඳතා භෞතික පැවැත්ම තහවුරු කරන බව ය. දෘෂ්ටිවාදය පැහැදිලි කිරීමේ දී ඔහු භාවිතා කරන තවත් අදහසක් වන්නේ පොලාපැනීම (interpellation) යන්න ය. ඔහු සඳහන් කරන්නේ දෘෂ්ටිවාදය මඟින් පුද්ගලයන් විෂයයක් බවට පොලාපන්නන බව යි. ඒ සඳහා ඔහු යොදා ගනු ලබන උදාහරණය වන්නේ පොලිස් නිලධාරියෙකුගේ ක්‍රියාවකි. පොලිස් නිලධාරියෙකු යම් පුද්ගලයකුට හඬ නගා අමතන විට එම පුද්ගලයා හැරී බලන්නේ යයි උපකල්පනය කරමු යැයි ඔහු යෝජනා කරයි. අංශක 180 ක් හැරී බලන විට ඔහු විෂයයක් බවට පත් වන බව අල්තුෂර් පෙන්වා දෙයි. එය සිදු වන්නේ එම ආමන්ත්‍රණය තමන් වෙනුවෙන් සිදු කරන ලද්දක් බව එම පුද්ගලයා හඳුනා ගන්නා නිසා බව අල්තුෂර් වැඩි දුරටත් සඳහන් කරයි. පොලිස් නිලධාරියෙකු මෙසේ ආමන්ත්‍රණය කරන විට අවස්ථා දහයෙන් නමයක දී ම නිවැරදි පුද්ගලයා හැරී බලන බව ඔහු ප්‍රකාශ කරයි. එහි දී එම පුද්ගලයා විශ්වාස කරන්නේ, සැක කරන්නේ ඔහු වෙනුවෙන් එම ආමන්ත්‍රණය සිදු කළ බව ය. දෘෂ්ටිවාදයට අනුකූල විෂයයන් හොඳ විෂයයන් බවටත් ඊට එරෙහි වන විෂයයන් නරක විෂයයන් බවටත් පත් වන අතර නරක විෂයය මර්දනකාරී රාජ්‍ය උපකරණ සඳහා ඉඩ විවර කරන බවත් ඔහු පෙන්වා දෙයි. සැබැවින් ම දෘෂ්ටිවාදය යනු වැරදි හඳුනා ගැනීමක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ දෘෂ්ටිවාදය පිළිබඳ අදහස මඟින් ද අල්තුෂර් මෙන් දෘෂ්ටිවාදය අභ්‍යන්තරීකරණය කිරීමක් අදහස් වන අතර ඔහු හඳුන්වා දුන් හෙජමොනිය නමැති අදහසට තවමත් වලංගුභාවයක් පවතියි. ඒ අනුව ග්‍රාම්ස්චි ඇසුරින් දෘෂ්ටිවාදය විශ්ලේෂණය කිරීම අයත් වන්නේ ඥානවිභාගයට ය. ජාතිවාදය න්‍යාය ගත කිරීමට ඔහු අසමත් වන්නේ ඒ නිසා ය. එනම්, මිනිසෙක් ෆැසිස්ට්වාදී වන්නේ ඇයි ද යන්න න්‍යාය ගත කිරීමට ඔහු අසමත් විය. එය වෙනත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් ෆැසිස්ට්වාදියා සෑම විට ම යථාර්ථය සමඟ පරතරයක් පවත්වා ගැනීම ඔහුගේ දැනුමට විෂය නො විණ. නමුත් කොමියුනිස්ට්වාදය තුළ මෙම පරතරය නො පවතියි. මන්ද යත් එහි දී මිනිසුන් විශ්වාසය තබන්නේ ක්‍රියාකාරීවීම පිළිබඳව ය. දෘෂ්ටිවාදය පිළිබඳ ස්ලෝවීනියානු පාසැල මඟින් පළ කර ඇති අදහස් මීළඟට අපි සලකා බලමු. අල්තුෂර් පොලාපැනීම මඟින් දෘෂ්ටිවාදය අභ්‍යන්තරීකරණය කිරීමක් ලෙස සලකන විට ස්ලෝවීනියානු පාසැල දෘෂ්ටිවාදය යනු බහිෂ්කරණයක් ලෙස සලකයි. එනම්, දෘෂ්ටිවාදය අභ්‍යන්තරීකරණය අසමත් වන විට මනෝවිශ්ලේෂණ ආත්මය බිහි වේ. ආත්මය තමන්ගේ විනෝදයෙන් ගැලවීම සඳහා දෘෂ්ටිවාදී අදහස් පද්ධතිය වැළඳ ගනියි. ආත්මය යථාර්ථය සමඟ පරතරයක් පවත්වා ගන්නේ ඒ ආකාරයට ය. මාටින් ‍හෛඩගර් ඇතුළු සත්තාව පිළිබඳ සද්භාවවේදී අදහස් පළ කරන දාර්ශනිකයන්ට පටහැනි ව මනෝවිශ්ලේෂණය පාදක කර ගන්නා දාර්ශනිකයින් වෙනස් වන්නේ මනෝවිශ්ලේෂණයේ අද්විතීය සොයා ගැනීම වන අවිඥානය නිසා ය. අවිඥානය ආචාරධාර්මික ය. එම ආචාරධාර්මිකබව නිසා ආත්මය “මම“ යන ආස්ථානයෙන් “මා නො වෙයි“ යන ආස්ථානයට මාරු වේ. Party Note Refer PDF- Loading... Taking too long? Reload document | Open in new tab Download [187.43 KB] ඔබේ අදහස කියන්න... SHARE Facebook Twitter tweet Previous articleනව පරම්පරාවට දෘෂ්ටිවාදය පිළිබඳ අත්වැලක් 1 Next articleDecolonizing “reconciliation” itself Plato RELATED ARTICLESMORE FROM AUTHOR News වැහිළිහිණියන්ගේ සංඥාව. News පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පශ්චාත් මාක්ස්වාදය. News කූඹියෝ සීරීස් 2 එපිසෝඩ් 1.1 – කුහුඹු රාජ්‍යය Follow us 4,006FansLike 58FollowersFollow 179SubscribersSubscribe Latest news වැහිළිහිණියන්ගේ සංඥාව. November 25, 2022 පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පශ්චාත් මාක්ස්වාදය. November 18, 2022 කූඹියෝ සීරීස් 2 එපිසෝඩ් 1.1 – කුහුඹු රාජ්‍යය November 18, 2022 ඔබට x සංස්කෘතිය අවශ්‍ය නම් එය එදා මෙයයි. November 9, 2022 Home News Political Hegel Seminars Hot Video English Žižek Articles Lifestyle FB LIKE For Sharing NEWS By: Rashid Azar © 3mana | Online news magazine - 2017-2021. All Rights Reserved. | Design by: Lanka Designer '); var formated_str = arr_splits[i].replace(/\surl\(\'(?!data\:)/gi, function regex_function(str) { return ' url(\'' + dir_path + '/' + str.replace(/url\(\'/gi, '').replace(/^\s+|\s+$/gm,''); }); splited_css += ""; } var td_theme_css = jQuery('link#td-theme-css'); if (td_theme_css.length) { td_theme_css.after(splited_css); } } }); } })();
ඈත අතීතයේ සූර්ය වන්දනාව තුළින් සොබාදහමේ ශක්තිය උකහා ගත් අප මහින්දාගමනයත් සමඟම බෞද්ධයන් බවට පත්වීමු. වර්තමානය වන විට ලංකාව යනු බුදු දහම මුල් කොටගත් රාජ්‍යයකි. මෙහි ආරම්භය මිහිඳු මාහිමිගේ ලංකාගමනය දක්වා දිවයයි. බුදු දහමේ ආරම්භය මිහිඳු හිමිගේ ලංකා ගමනය ආදී වචන ඇසෙත්ම නිතැතින් සිහියට නැගෙන්නේ මිහින්තලා කඳු මුදුනයි. මිහිඳු මාහිමියන් කල් යල් බලා බුදුදහම තේරුම් ගත හැකි පාලකයකු බිහිවූ පසු ලක්දිවට වැඩම කළ බව මහාවංශයේ සඳහන් වේ. තුන්වන ධර්ම සංගායනාවෙන් පසු බුදු දහමේ පැවැත්ම රැඳී පවතින්නේ ලංකා පොළවේ බව අවබෝධ කොට ගන්නා මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ බුදුදහම ලංකාවේ ස්ථාපිත කිරීමේ වගකීම මිහිඳු හිමියන් හට පවරා ඇත. ලංකාවට බුදු දහම රැගෙන ආ යුත්තේ කෙසේද යන්න රහත් මනසෙන් මිහිඳු හිමියන් විමසා බලන විට පෙනී යන්නේ මේ මොහොත තුළ මහලු මුටසීව රජු රාජ්‍ය විචාරණ බවත් බුදුදහම වැනි ගැඹුරු දහමක් තේරුම් ගත හැකි තිස්ස කුමරු ඉන්පසු රජ වන බවත් අවබෝධකොට ගත්තේ ය. එසේ සිතා අදාල කාලයේදී තිස්ස රජු තමන් අබිමුවට පැමිණෙත් වා යි කියා අධිෂ්ඨානයක් කළ බව සඳහන් වෙයි. මිහිඳු හිමියන්ගේ ලංකාගමනයත් සමග ම තිස්ස කුමරුව මිහින්තලය කඳු පාමුලට රැගෙන ආවේ මිහිඳු හිමියන්ගේ අධිෂ්ඨාන බලය තුල ක්‍රියාත්මක වූ මිහින්තලාවට අධිපති දෙවියන් යෑයි ඉතිහාසයේ සඳහන් වේ . බුදුදහම පිළිගන්නා තිස්ස රජු ඇතුළු හතළිස් දහසක් පිරිවර තිසරණ සරණ ගිය බව ඉතිහාසයේ සඳහන් වේ. ඉන්පසු බුදුසසුන වැළඳගන්නා අරිට්ඨ කුමාරයා ඇතුළු සංඝයා වහන්සේලා 68 දෙනෙකු රහත් භාවයට පත්වීම මාසයක කාලයක් තුළ සිදු වූ බවත් එම රහතන් වහන්සේලා 68 නම මිහින්තලය මහා විහාරය අවට ලෙන් 68 ක භාවනායෝගීව වැඩ විසූ බවත් කියවේ. ඒවා අට සැට ලෙන් යනුවෙන් හැඳින්වේ. මිහින්තලා කන්දට ඉදිරියෙන් මිහිඳු ගුහාව නම් ගුහාවක් පවතී. එය මිහිඳු හිමියන් වැඩසිටි ගුහාව යැයි පවසති. එයට පිටුපසින් තරමක් ඉහළින් ගඩොල් වලින් පමණක් දැකගත හැකියි පැරණි චෛත්‍යයක් වේයි. එය වූ කලී මිහිඳු චෛත්‍යයයි. මිහිඳු හිමියන් පිරිනිවනින් පසු මිහිඳු හිමියන්ගේ ධාතු තැම්පත්කොට ෙෙෙෙම චෛත්‍යය ඉදි කොට ඇත. මිහිඳු චෛත්‍යය අසල සිට අවට බැලූ විට කැලෙන් වැසීගිය එවැනිම මුදුන් නොමැති ෛත්‍ය දෙකක් දැකගත හැකිවෙයි. මිහින්තලයට ඉදිරියෙන් රජ ලෙන කන්ද පිහිටා ඇති අතර එහි සැඟවුණු මායා ඇසේ සංකේතයක් දැකගත හැකි වෙයි. හෙළ පාලනය ඒකකයන් තුළ මායා ඇසෙන් සංකේතවත් කළේ දේව අධ්‍යාපනය ඒකකයයි. එනම් අධ්‍යාපනය ලබාදෙන ගුරුකුලය පිහිටා තිබූ ස්ථානයයි. මිහින්තලය අවට පසු කාලීන සංරක්ෂණයන් කිරීමේදී ගල් පඩි හා ගල් බැමි සංරක්ෂණය කිරීමේ දී ඒවායේ පැවැති සංකේත පිළිබඳ වැඩි අවධානයක් යොමු කොට නොමැති බව පෙනී යයි. පහල සිට ගල් පඩි පිළිබඳ හොඳින් අධ්‍යයනය කිරීමේදී බොහෝ රූප සටහන් දැකගත හැකිවේ. එසේම මායා ඉන්කා ශිෂ්ඨාචාරයන් තුල වැඩි උනන්දුවෙන් කතා කරනු ලබන ඉතා සියුම් ගල් පිරිද්දුම් තාක්ෂණයන් මිහින්තලය අවට බැමි වල දැකගත හැකි වේ. මිහිඳු හිමියන් බුදුදහම රැගෙන පැමිණීමට මිහින්තලය තෝරාගැනීමත් එසේම පිරිනිවන දක්වා මිහින්තලය කලුදිය පොකුණ ආවට වු තපෝ වනය තුළ ජීවත්වීමත් තුළ මෙම භූමියේ ඇති සුවිශේෂී බව අවබෝධ කොට ගත හැකි වෙයි. දීක්ෂා ගුරු කාංචන මනමේන්ද්‍ර Next Post Previous Post 0 0 votes Article Rating Connect with I allow to create an account When you login first time using a Social Login button, we collect your account public profile information shared by Social Login provider, based on your privacy settings. We also get your email address to automatically create an account for you in our website. Once your account is created, you'll be logged-in to this account. DisagreeAgree Label {} [+] Name* Email* Δ Connect with I allow to create an account When you login first time using a Social Login button, we collect your account public profile information shared by Social Login provider, based on your privacy settings. We also get your email address to automatically create an account for you in our website. Once your account is created, you'll be logged-in to this account. DisagreeAgree Label {} [+] Name* Email* Δ 0 Comments Inline Feedbacks View all comments Translate » You cannot copy content of this page wpDiscuz 0 0 Would love your thoughts, please comment.x () x | Reply Insert cheap air max|cheap air jordans|pompy wtryskowe|cheap huarache shoes| bombas inyeccion|cheap jordans|cheap sneakers|wholesale jordans|cheap china jordans|cheap wholesale jordans|cheap jordans|wholesale jewelry china|wholesale jerseys
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් | තලල්ලේ මෙත්තානන්ද නා හිමියෝ කාරක මහා සංඝ සභාවට පානදුර පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙන් විහාරාධිපති හා කෘත්‍යාධිකාරී අධ්‍යක්‍ෂ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශ්‍රී දේවානන්ද වංසාලංකාර ශාසන ශොභන කවිධජ සද්ධර්ම කීර්ති ශ්‍රී තලල්ලේ මෙත්තානන්ද නා හිමියන් අමරපුර සිරිසද්ධම්ම වංශ මහා නිකායේ ‘සුධර්මා’ කාරක මහා සංඝ සභාවේ කාරක සභික ධූරයකට පත් කැර ඇත. ඉතිරිය» අනූ අට වසරකට පෙර අපවත් වී වදාළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුවෝ ශ්‍රී සුමංගල සමය මෙකල පවත්නා ශාස්ත්‍රීය දියුණුවේ මූලාරම්භයයි. මේ රටේ තිබුණු පැරැණි ග්‍රන්ථ සියල්ලක්ම පුස්කොළ පොත්ය. ඒවායේ පිටපත් තිබුණේ ස්වල්පයකි. මෙකල ප්‍රථමයෙන්ම කළ යුතු ශාස්ත්‍රීය සේවය වූයේ පුස්කොල පොත්වල තිබුණු ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ මුද්‍රණය කරවීමයි. පසුව පුස්කොල පොත්වලට සන්න, ගැටපද, ව්‍යාඛ්‍යා ප්‍රදීපිකා, ටීකා ආදිය ලිවීමෙන් ඒ සේවය වඩාත් උසස් ලෙස සිදුකර ඒ යුගයේ සුමංගල මාහිමියෝ බාලාවතාරයට සුබෝධිනී ටීකාව සැපයීම , සිදත් සඟරා සන්නය, බ්‍රාහ්මණ ධර්මකාව්‍ය , කාව්‍යශේඛර සන්නස ආදී වැදගත් ග්‍රන්ථ රාශියකට සන්න සැපයූහ. මෙතුමන්ගේ සෙසු කෘති අතර වාර්ණරීතිය, මාසර්තු ලක්‍ෂණ, සත්‍ය සංග්‍රහය , සන්ධි ග්‍රහය, සීමා විභාගය, ආඛ්‍යාත ව්‍යාඛ්‍යාව ආදිය මේ යුගයේ සුමංගල මාහිමියන් එළිදැක්වූ ග්‍රන්ථ ය. ඉතිරිය» ධර්ම දේශනාව: සුව පහසු දිවි පෙවෙතකට... ගිහි පැවිදි දෙපක්‍ෂයම ආහාර ගැනීමේදී පමණ දැන වැළඳීමෙන් මෙලොව නිරෝගී ජීවිතයක් ගත කිරීමටත්, එසේ නිරෝගීව සිට ශීල, සමාධි, ප්‍රඥා වැඩීමෙන් මග ඵල කෙළවර නිවන් සුවයට පැමිණීමටද හේතුවනවා ඇත. ශාසනික ශීල සමාදානයේ ඉහළම අංකයෙහිලා ගැනෙන්නේ සිවු පිරිසුදු ශිලයයි. ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය, ඉන්ද්‍රිය සංවර ශීලය , ආජීව පාරිශුද්ධ ශීලය, ප්‍රත්‍යය සංනිශි‍්‍රත ශීලය යනු ඒ සතරයි. මේ සතර උපසපන් පැවිද්දන් විසින්ම රැකිය යුතු ශීලයන් ය. ඉතිරිය» ඉබ්බාගමුව මහමෙව්නා අසපුවේ බුද්ධ ප්‍රතිමා වහන්සේ - දඹදිව බුද්ධගයාවේ ඇති බුදු පිළම වහන්සේගේ අනුරුවක් ලෙස නිර්මාණය කර ඇති ඉබ්බාගමුව මහමෙව්නා අසපුවේ බුදුපිළිම වහන්සේ මෙම වසරේ ජනවාරි මස විවෘත කරන ලද්දේ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ අතිනි.කුරුණෑගල දඹුල්ල පාරේ පන්වල හන්දියෙන් හැරී මූකලන්යාය පෙද්දාව පාරේ කි.මී. 8 ක් පමණ ගමන් කළ විට ඉබ්බාගමුව මූකලන්යාය මහමෙව්නා අසපුවට පිවිසිය හැකිය. ඡායාරූපය - සුරංග දිසානායක බක් අමාවක පෝය අප්‍රේල් 24 වන දා සිකුරාදා පූර්ව භාග 10.48 ට ලබයි. 25 වන දා සෙනසුරාදා පූර්වභාග 08.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 24 වන දා සිකුරාදා ය. මීළඟ පෝය මැයි මස 1 වන දා ය. අමාවක අප්‍රේල් 24 පුර අටවක මැයි 01 පසෙලාස්වක මැයි 08 අව අටවක මැයි 17 2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස් පිහිට පතයි බොදු පුවත් (ඡායාරූප) ඉතිරිය» දැහැමි මඟ තුළ ලොවම සනසන සිතක අසිරිය දොරටු හයෙන් ‘නිවසට’ එන හය දෙනා ගැන.... ‘සත්වයා’ නම් වූ ඒ ස්කන්ධ පහක සාපේක්‍ෂ පැවැත්ම ඉතිරිය» ‘ජය මංගල ගාථා ගායනා කළ යුතු කරදර ඇති වූ විටයි’ රෝම දේව කතා පුරාණය ඉතිරිය» සූරියවැව බැද්දේවැව මහා විහාරය ඉතිරිය» මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |
අභියෝග මධ්‍යයේ වුවද රජය රටේ ආර්ථික හා සමාජීය යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීම අඛණ්ඩව සිදු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ පර්ලිමේන්තුවේදී අද (16) පැවති අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක් වෙමිණි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය. රාජ්‍ය මූල්‍යයනය සම්බන්ධයෙන් දැඩි අභියෝග රැසකට මුහුණ දෙන්නට පසුගිය කාලයේදී අපිට සිදු වුණා. එසේ වුවත් ඉදිරි කාලපරිච්ඡේදය තුළ, අපේක්ෂිත පරිදි ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ වර්ධනය සඳහා පහසුකම් සැලසීම අඛණ්ඩව සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අපේ ආර්ථිකයේ විදේශීය අංශය කොවිඩ්-19 වසංගතයේ බලපෑම නිසා අභියෝගයට මුහුණදී තිබෙන නමුත් විදේශ විනිමය, ද්‍රවශීලතාවය වැඩිදියුණු කිරීම සහ රුපියල මත පීඩනය ලිහිල් කිරීම සඳහා ඉදිරි කාලය තුළ විදේශ විනිමය ගලා ඒම සුරක්ෂිත කිරීමට රජය සහ මහ බැංකුව පියවර ගනිමින් සිටින බවද අග්‍රාමාත්‍යතුමා පැවසීය. එමෙන්ම ගෝලීය සංචාරක කර්මාන්තය නැවත ආරම්භවීමත් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේද සැලකිය යුතු ධනාත්මක වර්ධනයක් ඉදිරියේ දී බලාපොරොත්තු වන බවද අගමැතිවරයා වැඩිදුරටත් සඳහක් කළේය. එසේම විදේශ රැකියා ප්‍රවර්ධනය කිරීමට සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ, බැංකු පද්ධතිය වෙත ආකර්ෂණය කර ගැනීමට රජය මහ බැංකුවත් සමඟ ඒකාබද්ධව කටයුතු කරමින් සිටිනබව පැවසූ අගමැතිවරයා විදේශීය අංශයේ ස්ථායීතාවය ශක්තිමත් කිරීම සඳහා කෙටිකාලීන උපාය මාර්ගික සැලසුම් ඇතුළත් ආර්ථිකය පිළිබඳ සියලු පාර්ශවකරුවන්ගේ විශ්වාසය තවදුරටත් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් “සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන 6 මාසික පෙර දැක්ම” මහ බැංකුව විසින්පසුගියදා ප්‍රකාශයට පත් කිරීම පිළිබඳවත් රජය සතුටු වන බවද පැවසීය. ආර්ථිකය අභියෝගාත්මක කාලයක් පසුකරමින් සිටින බව අපි දන්නවා. මේ අයවැයෙන් ඉදිරිපත් කර ඇති ප්‍රගතිශීලී යෝජනා තුළින් ඉදිරි වසර තුළ සහ ඉන් ඔබ්බට ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්ත්වට පත් වනු ඇති බව අපගේ විශ්වාසයි. අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්තියේ අපගේ අනාගතවාදී සැලසුම් පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. සීමිත රාජ්‍ය මූල්‍ය අවකාශය තුළ වුවද, ‘සෞභාග්‍යයේ දැක්මේ’ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ද රජය අඛණ්ඩව කටයුතු කළා යනුවෙන්ද ප්‍රකාශ කළේය. තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා “අපි මේ වන විට රැකියා විරහිත උපාධිධාරීන් හැට දහසකට පමණ රැකියා ලබා දී තිබෙනවා. දරිද්‍රතාවය අවම කිරීමේ අරමුණින් අඩු ආදායම්ලාභී පවුල්වල නුපුහුණු පුද්ගලයින් ලක්ෂයකට රාජ්‍ය අංශයේ රැකියා අවස්ථා ලබා දී තිබෙනවා. රාජ්‍ය අංශයයේ මෙම නව බඳවාගැනීම් සඳහා වැටුප් ගෙවීමට මසකට රුපියල් බිලියන 3.5ක් පමණ රජය වැය කරනවා. සැමට ප්‍රතිලාභ අත්වන ජනතා කේන්ද්‍රීය සමාජ සහ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මෙවර අයවැයෙන් මනා පිටුබලයක් ලැබී තිබෙනවා. රට මුහුණ දී ඇති අභියෝග ජය ගැනීමට අප ක්‍රියාත්මක කරන තිරසාර විසඳුම් වැඩ පිළිවෙල සමඟ අත්වැල් බැඳගෙන රටේ ඉදිරි ගමනට දායක වන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.” යනුවෙන් සඳහන් කළේය. අග්‍රාමාත්‍යවරයා විසින් කරන ලද සම්පූර්ණ කථාව පහතින් දැක්වේ. ගරු කථානායකතුමනි, ඉතාමත් සුවිශේෂීව සැලසුම් කරන ලද 2022 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාට සුභ පතමින් මගේ කථාව ආරම්භ කිරීමට කැමතියි. බහුවිධ අංශයන්ගෙන් පැන නැගුණු අභියෝග මධ්‍යයේ තීරණාත්මක සංධිස්ථානයක සිට මෙම අයවැය ඉදිරිපත් කළ බව කියන්න ඕනෙ. මේ මගින් ප්‍රධාන වශයෙන් කොවිඩ්-19 හේතුවෙන් ඇති වූ බලපෑම්වලින් ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීම ඉලක්ක කර තිබෙනවා. කොවිඩ්-19 වසංගතය මගින් ජන ජීවිතයට දරුණු දුෂ්කරතා ඇති කරමින් සමස්ත ලෝකයටම බලපෑම් ඇති වුණා. ශ්‍රී ලංකාවටත් එම බලපෑම්වලින් මිදීමට හැකිවූයේ නැහැ. ඒ වගේම අප රජය කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගත්තා. අප ගත් ක්‍රියාමාර්ග නිසාම ආර්ථිකය හැකි ඉක්මනින්ම සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට හැකිවන බව අපගේ විශ්වාසයයි. ගරු කථානායකතුමනි, සීමිත රාජ්‍ය මූල්‍ය අවකාශය තුළ වුවද, ‘සෞභාග්‍යයේ දැක්මේ’ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ද රජය අඛණ්ඩව කටයුතු කළා. අපි මේ වන විට රැකියා විරහිත උපාධිධාරීන් හැට දහසකට (60,000) පමණ රැකියා ලබා දී තිබෙනවා. දරිද්‍රතාවය අවම කිරීමේ අරමුණින් අඩු ආදායම්ලාභී පවුල්වල නුපුහුණු පුද්ගලයින් ලක්ෂයකට (100,000) රාජ්‍ය අංශයේ රැකියා අවස්ථා ලබා දී තිබෙනවා. රාජ්‍ය අංශයයේ මෙම නව බඳවාගැනීම් සඳහා වැටුප් ගෙවීමට මසකට රුපියල් බිලියන 3.5ක් පමණ රජය වැය කරනවා. අභියෝග මධ්‍යයේ වුවද රජය රටේ ආර්ථික හා සමාජීය යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීම ද අඛණ්ඩව සිදු කරමින් සිටිනවා. ජල සම්පාදනය, බලශක්තිය, ප්‍රවාහනය, නාගරික සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා සිදු කර ඇති අඛණ්ඩ ආයෝජනයන් කොවිඩ්-19 වසංගතය හමුවේ ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය සහ අභියෝගවලට මුහුණ දීමේ හැකියාව සනාථ කර තිබෙනවා. ගරු කථානායකතුමනි, කෙසේ වුවද රාජ්‍ය මූල්‍යයනය සම්බන්ධයෙන් දැඩි අභියෝග රැසකට මුහුණ දෙන්නට පසුගිය කාලයේදී අපිට සිදු වුණා. එසේ වුවත් ඉදිරි කාලපරිච්ඡේදය තුළ, අපේක්ෂිත පරිදි ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ වර්ධනය සඳහා පහසුකම් සැලසීම අඛණ්ඩව සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ගරු කථානායකතුමනි, අපේ ආර්ථිකයේ විදේශීය අංශය වසංගතයේ බලපෑම නිසා අභියෝගයට මුහුණදී තිබෙනවා. විදේශ විනිමය, ද්‍රවශීලතාවය වැඩිදියුණු කිරීම සහ රුපියල මත පීඩනය ලිහිල් කිරීම සඳහා ඉදිරි කාලය තුළ විදේශ විනිමය ගලා ඒම සුරක්ෂිත කිරීමට රජය සහ මහ බැංකුව පියවර ගනිමින් සිටිනවා. ගෝලීය සංචාරක කර්මාන්තය නැවත ආරම්භවීමත් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේද සැලකිය යුතු ධනාත්මක වර්ධනයක් අපි ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා. එසේම විදේශ රැකියා ප්‍රවර්ධනය කිරීමට සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ, බැංකු පද්ධතිය වෙත ආකර්ෂණය කර ගැනීමට අපි මහ බැංකුවත් සමඟ ඒකාබද්ධව කටයුතු කරමින් සිටිනවා. විදේශීය අංශයේ ස්ථායීතාවය ශක්තිමත් කිරීම සඳහා කෙටිකාලීන උපාය මාර්ගික සැලසුම් ඇතුළත් ආර්ථිකය පිළිබඳ සියලු පාර්ශවකරුවන්ගේ විශ්වාසය තවදුරටත් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් “සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය (6) මාසික පෙර දැක්ම” මහ බැංකුව විසින් පසුගියදා ප්‍රකාශයට පත් කිරීම පිළිබඳවත් අපි සතුටු වෙනවා. ගරු කථානායකතුමනි, ආර්ථිකය අභියෝගාත්මක කාලයක් පසුකරමින් සිටින බව අපි දන්නවා. මේ අයවැයෙන් ඉදිරිපත් කර ඇති ප්‍රගතිශීලී යෝජනා තුළින් ඉදිරි වසර තුළ සහ ඉන් ඔබ්බට ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්ත්වට පත් වනු ඇති බව අපගේ විශ්වාසයි. අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්තියේ අපගේ අනාගතවාදී සැලසුම් පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. එහි ඇතුලත් සැමට ප්‍රතිලාභ අත්වන ජනතා කේන්ද්‍රීය සමාජ සහ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මෙවර අයවැයෙන් මනා පිටුබලයක් ලැබී තිබෙනවා. රට මුහුණ දී ඇති අභියෝග ජය ගැනීමට අප ක්‍රියාත්මක කරන තිරසාර විසඳුම් වැඩ පිළිවෙල සමඟ අත්වැල් බැඳගෙන රටේ ඉදිරි ගමනට දායක වන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. Economy Tweet on Twitter Share on Facebook Google+ Pinterest Previous Article නැගෙනහිර සමුපකාර කොමිසමට නව සභාපතිවරයෙක් Next Article ආහාර සුරක්ෂිතභාවය අනතුරේ ! – ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය Recommended For You දේශීය ලොකු ළුැණු වගාවත් හාන්සි වෙන ලකුණු ඖෂධ නියාමන අධිකාරියේ ගැහිලි ගැන ඇමැති චන්නගේ දැඩි අවධානය IOC ඉන්ධන මිල අහසටම නග්ගයි ! ජනපතිගෙන් ‘කිරි ගොවියාට කිරි ඉතිරෙන‘ නියෝගයක් මහ කන්නයේ වී අස්වැන්න 50%කින් අඩුවෙලා – ගොවීන් මැසිවිලි නගයි මේ වන විට යුක්රේනයේ නවතම තත්ත්වය කුමක් ද? About the Author: Thusal Search for: Archives Archives Select Month August 2022 (3) March 2022 (2) February 2022 (155) January 2022 (194) December 2021 (239) November 2021 (256) October 2021 (203) September 2021 (234) August 2021 (252) July 2021 (276) June 2021 (303) May 2021 (300) April 2021 (200) March 2021 (297) February 2021 (272) January 2021 (315) December 2020 (307) November 2020 (360) October 2020 (363) September 2020 (359) August 2020 (380) July 2020 (320) June 2020 (307) May 2020 (333) April 2020 (390) March 2020 (421) February 2020 (405) January 2020 (530) December 2019 (563) November 2019 (555) October 2019 (724) September 2019 (605) August 2019 (529) July 2019 (590) June 2019 (548) May 2019 (665) April 2019 (575) March 2019 (48) Follow Us Stay updated via social channels Tags AG NEWS agriculture Business COPE COVID 19 Economy Entertetment fashion Featured GAJABA NAGAWATHTHA GOSSIP health HM NEWS INTERNATIONAL JVP KARU JAYASURIYA NEWS FM NEWS PUBLIC parliament pmd news POLITICAL POLITICAL NEWS Prime media PR MEDIA PR NEWS public news sajith pramadasa Sanath M Bandara santh m bandara sl army commander slarmy news sl cricket Sl CRICKET - WOMAN TEAM SLFP - SLPP sl vs west 2020 sl v west Sport unhcr unp Week in Pictures Wimal Weerawansa woman women ජනපති ‍fashion දුරකථනය: +94-766-109836 විද්‍යුත් තැපෑල: bhathiyabarukanda@gmail.com © සියලුම හිමිකම් ඇවිරිණි. මෙම වෙබ් අඩවියේ පළවන ලිපි අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් වන අතර එම ආචාරධර්ම උල්ලංඝනය කරමින් නීතිවිරෝධීව උපුටාගන්නන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරනු ඇත.
නව්‍යකරණය නැත්නම් Innovation කිව්වම හුඟ දෙනෙක්ට ඔළුවට වැටෙන්නෙ භාණ්ඩ නිෂ්පාදන විතරයි. මේක සම්පූර්ණ වැරදියි. එමෙන්ම අප වගේ රටකට නිෂ්පාදන නව්‍යකරණයෙන් ( Product Innovation) ඉදිරියට යනවා නම් නිෂ්පාදන / ගෝලීය ආර්ථිකයක් තුළ ඇති ඉඩ අවමයි. නමුත් සේවා නව්‍යකරණයට ( Service Innovation ) අවස්ථා සහ තරඟකාරීත්වය උපරිමයි. දැන් බලමු 2020 ගෝලීය නව්‍යකරණ ආයතන Top 50 තත්වය. මේ ව්‍යාපාර ප්‍රධාන ක්ෂේත්‍ර හතරකට බෙදෙනවා. ඒ තාක්ෂණය, පාරිභෝගික සේවා, බලශක්ති/ප්‍රවාහනය සහ සෞඛ්‍ය ලෙසට. මේ ගණනය කිරීම් වලදී ඔවුන්ගේ නිර්ණායක තීරණය වෙලා තියෙන්නෙ අලුත් තාක්ෂණය හෝ නිෂ්පාදන මත නෙමෙයි. ඒ ගෝලීය සමාජ මත බලපෑම, ආයෝජන මත ඇති කළ අගය, අදාල ක්ෂේත්‍රය මත ඇති කරන බලපෑම සහ තරඟකාරීන්ගේ මතය යන සිව්වැදෑරුම් නිර්ණායක මත. ලැයිස්තුවේ පලමු ස්ථාන දහයෙන් හතක්ම IoT මත ඇති වෙළඳ ආයතන. ඉතිරි තුනත් බොහෝදුරට තොරතුරු තාක්ෂණය හා සම්බන්ධයි විශේෂයෙන්ම Amazon, ඔවුන්ගේ ව්‍යාප්තිය අන්තර්ජාලය හා සබැඳි දේ මත. Missing Service Innovation අවාසනාවකට මෙන් අපි තවමත් මූලිකත්වය දෙන්නේ නිෂ්පාදන අංශයට, niche production එහෙමත් නැත්නම් විශේෂිත නිෂ්පාදන අංශ වල හැරෙන්න කිසිම ගෝලීය නිෂ්පාදන සාර්ථකත්ව අවකාශයක් දේශීයව නැති උනත්. සේවා නව්‍යකරණයට උදාහරණයක් අවුරුදු පහකට පසු කොකා කෝලා ආයතනය මේ top 50 ලැයිස්තුවට ඒමත්. ඒ අලුත් කොකාකෝලා වර්ගයක් නිෂ්පාදනය කරලා නෙමෙයි, ඔවුන්ගේ සේවා නව්‍යකරණය නිසා. ගෝලීයව ඔවුන්ට එරෙහිව ඇතිවන ප්ලාස්ටික් දූෂණය සහ සෞඛ්‍ය චෝදනා කළමනාකරණය කර ගැනිමි කියලා හිතනව. ඔවුන් යම් අලුත් නිෂ්පාදන වලටත් ගිහිල්ලා තියනවා ජලය ආශ්‍රිත. තවත් විශේෂිත දෙයක් මේ ලැයිස්තුවේ තියෙනවා. ඒ මේ ආයතන වලින් අඩකටත් වඩා ඔවුන්ගේ ප්‍රධාන කාර්යාල පිහිටුවා තියන්නේ ඇමරිකාවේ වීම. මෝටර් රථ ආයතන හතරක් 2020 ලැයිස්තුවේ. ඔබේ ලේඛකයා සතුටුවෙනවා ඉන් ආයතන තුනකම නිල වෘත්තිමය කටයුතුවලට සහ ඉතිරි ආයතනයේත් එනම් ටෙස්ලා පිළිබඳ දේශීයව ව්‍යාපාර වලට සම්බන්ධ වෙන්න පුළුවන් වීම ගැන. ලංකාවේ භාණ්ඩ නිෂ්පාදනයෙන් ගෝලීය තැනක් ලබා ගන්න බැරි හේතු, මේ මෝටර් රථ කර්මාන්ත ආශ්‍රිතව https://mobility.lk/making-cars-in-sri-lanka 2020 සන්නාම වටිනාකම් මේක අවස්ථාවක් කරගමු 2020 සන්නාම වටිනාකම් ගැන අවබෝධයක් ගන්නත්. එකක් හැර සියලුම මෝටර් රථ වෙළඳ නාම වල වටිනාකම පහළ බැහැලා. වැඩිම හානිය Honda සහ Toyota ට. හන්ඩේ යන්තම් බේරිල 1% වටිනාකම ඉහළ දාගෙන. විශේෂම කරුණ 2020 ටෙස්ලා Interbrand ලැයිස්තුවට ඇතුළු වීම අවුරුදු 100 පැරණි Audi, Ford, VW වැනි සන්නාම වලටත් වඩා වටිනාකමක් එක්ක ?? Related Tags:InnovationMarketingService Leave a Reply Cancel reply Your email address will not be published. Required fields are marked * Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Categories Batteries (21) eBikes (4) Energy (26) Environment (39) EV | විදුලි රථ (78) Infrastructure (49) Lifestyles (31) Mobility (43) Saving money (40) Wellbeing | යහපැවැත්ම (61) Products & Services ac Battery Bicycle bicycles bmw BYD check Cleaning climate control conversion dashboard Diagnosis e6 eBike english ev Giant iX3 leaf MG Micromobility Mobility Motor preventive maintenance repair Sales sd card service Search Search for... Tags Accidents (3) Battery (12) Bicycles (4) Business (7) Buying (14) Cars (4) Chargers (3) Climate Change (6) collision (4) Congestion (5) Covid19 (5) Cycling (14) Economy (6) Emissions (7) Energy (4) Energy storage (4) EV (3) Global warming (7) Hybrid (4) ICE (3) Infrastructure (6) Leaf (13) LRT (3) Micromobility (5) Mobility (18) Model 3 (3) Policy (4) Pollution (11) Prevention (3) Production (3) Public Transport (17) Range (3) Recycling (4) Resale Value (5) Sales (5) Service (4) Solar (3) Sustainability (4) Technology (7) Tesla (14) Toyota (12) Traffic (6) Transport (15) Vega (4) VW (4) Subscribe via Email Email Address Subscribe Products BMW iX3 M Sport BYD All New E6 BYD Atto 3 MG e ZS Nissan Leaf Tekna Categories Batteries eBikes Energy Environment EV | විදුලි රථ Infrastructure Lifestyles Mobility Saving money Wellbeing | යහපැවැත්ම Search Search for... Product categories Accessories e Bikes EV for Sale EV Imports EV Services Nissan Leaf Conversions Nissan Leaf AZE0 Nissan Leaf ZE1 Parts Uncategorized Mobility Alliance | Powered by Green Energy Terms and Privacy Orders and Shipping We use cookies on our website to give you the most relevant experience by remembering your preferences and repeat visits. By clicking “Accept All”, you consent to the use of ALL the cookies. However, you may visit "Cookie Settings" to provide a controlled consent. Cookie SettingsAccept All Manage consent Close Privacy Overview This website uses cookies to improve your experience while you navigate through the website. Out of these, the cookies that are categorized as necessary are stored on your browser as they are essential for the working of basic functionalities of the website. We also use third-party cookies that help us analyze and understand how you use this website. These cookies will be stored in your browser only with your consent. You also have the option to opt-out of these cookies. But opting out of some of these cookies may affect your browsing experience. Necessary Necessary Always Enabled Necessary cookies are absolutely essential for the website to function properly. This category only includes cookies that ensures basic functionalities and security features of the website. These cookies do not store any personal information. Non-necessary Non-necessary Any cookies that may not be particularly necessary for the website to function and is used specifically to collect user personal data via analytics, ads, other embedded contents are termed as non-necessary cookies. It is mandatory to procure user consent prior to running these cookies on your website.
ගොඩයාගේ වංහුං ලියන්න පටන්ගත්තේ මට හිතෙන හැමදේම ඔහේ ලියනවා කියලා හිතාගෙන..... රසබර සිද්ධීන්, දුක්බර සිදිධීන්, මෙලෝ රහක් නැති සිද්ධි, අහපු දේවල්, දැකපු දේවල්, හිතෙන දේවල්, කවි, කතා, මෙකී නොකී සියළුම දේවල් ඔහේ ලියනවා...... ලියන සමහර දේවල් මෙලෝ රහක් නැතිවෙයි. සමහර දේවල් රස වේවි...... හරියට අපේ ජිවිතේ වගේ....... Tuesday, December 20, 2011 අලි වංගුව අලි කෙලි පෝස්ට් එකේ ඉතුරු කෑල්ල තමයි මේ ලියන්න හදන්නේ... සෑහෙන දවසකින් මුකුත්ම ලියන්න බැරිවුනා. අලි වංගුව කීවට මේක අර මයියංගණයේ දහ අට වංගුවේ වගේ වංගු ගැන නෙවෙයි. මේ ලියන්න යන්නේ අලි මාරු වෙන වංගුවක් ගැන. අලි කෙලි පෝස්ට් එකේ කීවනේ අම්පාරේ කාලයක් කරක් ගැහුවා කියලා. අපි ගියේ අපේ යාළුවෙක්ගේ ගෙයක් හදන එකකට උදව්වක් දෙන්න. අපි නැවතිලා හිටියේ අම්පාරේ වුනාට අපේ යාළුවාගේ ගෙවල් තිබ්බේ මධ්‍යම කඳවුර කිට්ටුව. ඔහොම කීවට කීදෙනෙක් දන්නවද දන්නේ නෑ. මයියංගණේ අම්පාර පාරේ අම්පාරට කිලොමීටර් 10ක් විතර තියෙද්දී හම්බවෙනවා උහන හංදිය. අන්න ඒ හන්දියෙන් හැරිලා තමයි ඔය මධ්‍යම කඳවුරට යන්නේ. සඳරු මල්ලි නම් ඉස්සව්ව දන්නවා තක්කෙටම. දවසක් වැඩ ඉවර වෙලා එහෙම අපි නැවතිලා ඉන්න තැනට එන්න ලැහැස්ති වෙද්දි අපිත් එක්ක වැඩ කරන්න බැහැලා හිටපු ගමේ කොල්ලො ටික පොඩි සාජ්ජයක් දාන්න සූදානම. ගෙපොල එහෙම කපලා අහවර වෙච්ච දවස. අපිටත් වැඩේට සහභාගි වෙන්න කියලා බේරෙන්න බෑ. දිගටම වැඩ කරලා මහන්සි එකේ පොඩි ආතල් එකක් ගන්නයි කට්ටිය ලැහැස්තිය. ගමේ සෙට් එකම එකතු වෙන එකේ අපිට බෑ කියන්නත් බෑ. ඒත් දාඩිය පෙරාගෙන මොන සාජ්ජද? අපි ටවුං එකට ගිහින් නාගෙන පොඩ්ඩක් මහන්සිය එහෙ මෙහෙ කරගෙන එන්නම් කියලා ආවා අපි හිටපු තැනට. අර මම කලින් පෝස්ට් එකේ කීවේ ලාන්සර් බොක්ස් එකක් ගැන. ඔය රෝද හතර තමයි තිබ්බේ එහෙට මෙහෙට දුවන්න. කට්ටියම ඇවිල්ලා නාකියාගෙන බොක්ස් රථෙම නැගලා ඔන්න ගියා හත හමාර විතර වෙද්දි ගමට. යද්දි වැඩේ නැගලා යනවා. බෝතලුත් 5ක් 6ක්. කාර් එක එළවගෙන ගිය අයියයි මමයි වැඩේට සම්මාදන් වෙන එක ප්‍රතික්ෂේප කරා. මොනවා වුනත් නොදන්න පළාතක මොන අවුලක් ගියත් එකෙක් දෙන්නෙක් හරි සිහියෙන් ඉන්න එපැයි පොලිසියටවත් ගිහින් කියන්න. මොකද ඒ දවස් වල කොටි කලබලත් තිබුනා. අනිත් තුන් දෙනා ඔන්න වැඩේට අත ගැහුවා. අපි දෙන්නත් ඉන්නවා දැන් ඉවර වෙයි දැන් ඉවර වෙයි කියලා. ආතල් ගත්තා වගෙ නෙවෙයි සිහියෙන් ඉන්න අපි දෙන්නට මතක් වෙනවා ඉන්න පලාතේ තියන අවදානම. කොහොම හරි රෑ 9.30 විතර වෙද්දි අරුන් තුන්දෙනාව ගලවගෙන අපි ආවා. උහන හන්දියටත් ඇවිල්ලා ඔන්න දැම්මා අම්පාර මයියංගණය පාරට. ඔය පාරේ අම්පාර කිට්ටුවෙද්දි කැලෑවක් තියනවා. ඔන්න දැන් ඒ හරියටත් ආවා. කිසිම ආබාධයක් අතුරු ආන්තරාවක් නෑ. අරුන් 3 දෙනා පිටිපස්සෙ ඉඳං බයිලා ගහ ගහ එනවා. අපි දෙන්නා ඉක්මණට ටවුං එකට එන්න දඟලනවා. ඒ කාලේ ඔය පාර හවසට වහනවා. ඕවා මේවා ඔක්කොම අපි දෙන්නගෙ ඔළුවේ. අරූන්ට ගාණක්වත් නෑ.අනේ දෙයියනේ කියලා කැලෑව මැදට වෙද්දි මෙන්න මේ මඟුල හුචක් හුචක් ගාලා දෙපාරක් තුන් පාරක් ගස්සලා හිටියේ නැතෑ..... අපි දෙන්නට තරු පිට තරු..... හැබැයි වාහනේ ලංකාවේ වටේ ගියත් ලෙඩ දුන්න භාණ්ඩයක් නෙවෙයි. එහෙව් එකේ මෙහෙම වෙලාවක වෙච්ච නස්පැත්තිය. කාර් එක එලවගෙන ආපු එකා ඔළුවේ අතගහගෙන " හුටා පෙට්‍රොල්" කියපි. මම දන්න විදිහට වාහනේ දීවේ වායුවෙන්. අර ඇල්.පී ගෑස් ටැංකියක් බැඳගෙන. එහෙව් එකේ මොන පෙට්‍රොල්ද? "ඇයි අයියේ ගෑස් වලට මොකද වුනේ? " " අනේ මල්ලියේ හවස යද්දි ගෑස් ඉවරවුනා. පෙට්‍රොල් වලට මාරු කරගෙන දීවේ. යද්දි පෙට්‍රොල් ගහගන්නම් කියලා ගියේ. ඒත් අමතක වුනා" ඔන්න වෙලා තියන සන්තෑසිය. හරිම ශෝක්. කාට කියන්නද මේවා ? කාලා වරෙන්කො. මේ මහ රෑ කැලෑව ඇතුලේ මොන පැට්‍රොල්ද? කෝකටත් අපි දෙන්නා බැහැලා ඩිකියේ තියන හිස් කෑන් එක ගත්තා. මොකක් හරි යන වාහනයක් නවත්තයිනේ, අඩු ගානේ ආමි එකෙන් නැත්නම් එස්.ටී.එෆ් එකෙන්වත්. ඔන්න විනාඩි 10ක් විතර යද්දි වාහන එලියක් එනවා.අත පය ඔක්කොම දාලා නවත්තන්න කීවත් මොන ඇරලා තියලා යනවා. ආයෙත් ඉන්නවා මොකක් හරි එයි කියලා. මොකද ගාලු පාරේ වගේ වාහන යනවා කියලද? ඔහොම පැය භාගයක් විතර ඉන්නකොට (ඔය පැය භාගෙටම වාහන තුනක් නැත්නම් හතරක් යන්න ඇති) ත්‍රී විල් අයියෙක් ඇවිත් නවත්තලා මොකද කියලා ඇහුවා. විස්තරේ කියන්නත් කලින් බූලියයි අර අයියවයි දාගෙන ත්‍රී විල් එක ඉගිලුනා. මම කෝකටත් නැවතුනා මොනවා හරි වුවමනාවකට කතා කරන්නවත් එකෙක් ඉන්න එපැයි අරුන් තුන් දෙනා ළඟ.වෙරි මරගාතේ මොනවා කරයිද කවුද දන්නේ? දැන් මෙන්න මෙහෙමයි සිද්ධිය. රෑක මහ කැළෑවක් මැද්දේ වෙරි කාරයෝ තුන්දෙනෙක්ගේ සහ අර වන්ඩියේ මුරට මම ඉන්නවා. ඒ අස්සේ අරුන් තුන්දෙනා කාර් එකෙන් බැහැගෙන විකාර කරනවා. පාර මැද්දෙ සින්දු කියන්න හදනවයි, සුළු දිය පහකොරන්න හදනවයි, රටේ නැති පිස්සු. ඒ අස්සේ එක එක මාතෘකා. දැන් කොටි ගැහුවොත් මොකෝ කරන්නේ? අලි ගැහුවොත් මොකෝ කරන්නේ? හොරු ආවොත් මොකෝ කරන්නේ? එක එක විකාර.ඒ අස්සේ මට හිතෙනවා පැට්‍රොල් හොයන්න යං කියලා මූ ඉස්සුවාවත්ද කියලා. ඇයි යකඩෝ පැට්‍රෝලුත් නැති එකේ අරූව උස්සලා තියන ඒවා හූරගෙන කැලෑවට තල්ලු කරත් කව්ද දන්නේ? ඒත් උගෙන් හූරන්න දෙයක් නම් තිබුනේ නෑ. ඒ වෙද්දි හොඳටම හිඳිලා හිටියේ. පැට්‍රොල් ගහන්න අමතක වෙන්න ඇත්තෙත් ඒ නිසා. ඔය ඔක්කොම අස්සේ මම සියළු දෙවි දේවතාවුන් සිහිකරගෙන අනේ අර ගිය එකාට ඉක්මණට පැට්‍රෝල් ලැබේවා කිය කිය හිතින් මතුර මතුර ඉන්නවා. තවත් විනාඩි විස්සක් පැය භාගයක් ගිය තැන අර රෝද තුන ගියාටත් වඩා වේගෙන් ආවා. ඇවිල්ලා අපේ එකාවත් බස්සලා "මල්ලිලා ඉක්මණට තෙල් ටික දාගෙන ගහලා බලන්න. වෙන ලෙඩක්ද දන්නෙ නෑනේ. ස්ටාර්ට් නොවුනොත් එහෙම" කියලා ත්‍රීවිල් අයියත් ස්ටාර්ට් එකේම ඉන්නවා. අපි දෙන්නත් පැට්‍රෝල් ටික දඩ බඩ ගාලා හලාගෙන ගහලා බැලුවා. සියළු දෙවි දේවතා ආරක්ෂාවෙන් වෙන කරදරයක් නෑ. ගහපු ගමන් ස්ටාර්ට්. කට්ටියවත් තප්පරේට නග්ගගත්තට පස්සේ අර ත්‍රී විල් අයියා කියනවා " මල්ලි ඔයාලාගෙත් වෙලාව. මේ හරියේ ජිවිතේට දන්න මිනිහෙක් රෑට වාහනයක් නවත්තන්නේ නෑ. ඔන්න ඔය පේන වංගුවෙන් තමයි අලි මාරු වෙන්නේ. ඒකයි වාහන කීයක් ගියත් නවත්තන්න අකමැති. ඔය කතන්දරේ දන්න නිසයි නැවැත්තුවේ මම. දැන් ඉතින් දෙයියන්ගේ පිහිටෙන් ඉක්මණට යන්න" කියලා මිනිහත් ඉගිල්ලුනා. ඔය කතාව අහපු ගමන් අපේ වෙරි තුන්දෙනාගේ වෙරිත් හිඳුනා. එදා නිදාගන්නකම්ම තුන්දෙනා කලේ " අඩේ අපි අරහෙම පාරේ ඇවිද්දා, මෙහෙම කරා, ඒ වෙලාවේ අලි ආවා නම් කිය කිය" කොරපු මෝඩකම් මෙනෙහි කරපු එක. ඒ වෙලාවේ අනේ අපේ පිහිටට ආපු ඒ ත්‍රී විල් අයියට නම් සියළු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරක්ෂාවයි. ඒ වෙලාවේ දුන්න උදව්වේ වටිනාකමට ස්තූති කරන්න වචන නෑ. කවුරු කොහොම කීවත් පාර තොටකදී වෙන හදිස්සියකදි, කරදරයකදී ඕනෑම ලෙඩක් දාගෙන උදව්වක් දෙන්න ගොඩක් වෙලාවට ඉදිරිපත් වෙන්නේ ඔය ත්‍රී විල් අයියලා, මල්ලිලා. දාන තරම් ලෙඩත් මිනිස්සුන්ට දානවා තමයි, ඒත් හොඳක් තියේ නම් ඒකත් කියන්න ඕනෙනේ. ලොකු ලොකු ඈයන්ගේ කාර් අසරණයෙක්ගේ දුකකට නවතින්නේ එහෙමත් වෙලාවකට. අලි වංගුවේ මහ රෑ පැයක් විතර ඉඳලත් යහතින් අපි ආවා. හැබැයි එක අලියෙක් හරි දැක්කා නම් අපිව අද මට බ්ලොග් ලියන්න වෙන්නේ නැති බව නම් ඒකාන්තයි. ලීවේ ගොඩයා at 9:09 AM Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest 9 comments: Anonymous December 20, 2011 at 9:57 AM මොනවා වුනත් නියම අත්දැකීමක්! මිනිස්සුන්ගේ මනුස්සකම ඕන වෙන්නෙ ඔය වෙලාවට තමයි ReplyDelete Replies Reply Hasitha Gunasinghe December 20, 2011 at 10:00 AM වන සිවුපාවුන් ඉන්නා අඩවිවල යද්දී උදව්වට දෙවි දේවතාවුන් වගේ මිනිස්සු එනවා ReplyDelete Replies Reply Weni December 20, 2011 at 10:05 AM හොඳ නරක මිශ්‍රව සම සමව ඉන්නවා උනත් බොහෝ වෙලාවට පිහිටට එන්නෙ සමාජයෙන්ම තරමක් හරි දුරට හෑල්ලුවෙලා ඉන්න ඔය වගේ පොඩි මිනිස්සුම තමයි.. උන්ගෙ බොක්ක හොඳයි ! ReplyDelete Replies Reply Observer December 20, 2011 at 12:30 PM ත්‍රී වීල් රියදුරන්ට ජයවේවා...!!! [රහසෙන්.....මං නං දන්නව, උඹයි, ඕනයයි, ත්‍රී වීල් ඩ්‍රයිවර්ලට පැනල දෙන්නෙ ඇයි කියල] ReplyDelete Replies Reply ක්සැන්ඩරයා December 20, 2011 at 5:12 PM ඔය ත්‍රීවීල් බුවාලා ළඟ හොඳ වගේම නරකත් තියනවා. ඉතින් ඔය ඔක්කොම මිනිස්සු එහෙමනේ.. ලෝකේ හොඳ නරක දෙකම තිබ්බේ නැතිනම් ඉතින් මහා බෝරිං තැනක් වෙයි කියලයි මට හිතෙන්නේ. ReplyDelete Replies Reply සජීව විජේවීර December 20, 2011 at 10:47 PM මීට පස්සෙනම් තෙල් අමතක වෙන එකක් නෑ නේද ? ReplyDelete Replies Reply Dinesh December 21, 2011 at 1:30 AM අපූරු අත්දැකීමක් වගේ... ReplyDelete Replies Reply ලොකු පුතා December 21, 2011 at 2:48 PM අර අයියටත් මාර දේවල්නේ අමතක වෙන්නේ... උඹල ටික පණකෙන්ද බේරගෙන ආපු එකම ලොකු දෙයක් කොහොමටත් කරදරේ වැටිච්ච මිනිහෙකුට උදව් කරන්නේ සමාජයේ ඉන්න පොඩි මිනිස්සු මිසක් ලොකු ලොකු මිනිස්සු නෙමෙයි ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන්මනේ ත්‍රිවිල් රියදුරෝ හැදිලා ඉන්නෙත් අනිත් මිනිස්සු අතරේ වගේම උන් අතරෙත් හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සුත් ඉන්නවා ප්‍රතිශතයක් විදිහට ගත්තත් ඔවුන් අතරේ ඉන්න නරක මිනිස්සු ප්‍රමාණය සමාජයේ වෙනත් තලවල ඉන්න නරක මිනිස්සු ප්‍රතිශතයට වඩා වැඩි වෙන්න හේතුවක් නැහැ කියලයි මට හිතෙන්නේ ReplyDelete Replies Reply ඕනමැන්ටල් December 25, 2011 at 5:27 AM මම බීල ඉන්න වෙලාවක ඔය වගේ ටොපියක්සෙට් උනා නං . . වාහනේටම වෙලා හොඳට නිදාගන්නව. @ඔබා: අපි පුංචි නිසාද ඔය ආඩම්බර ??? ReplyDelete Replies Reply Add comment Load more... Newer Post Older Post Home Subscribe to: Post Comments (Atom) Total Pageviews සිංහල බ්ලොග් කියවනය ගොඩක් කට්ටිය කියවපුවා අහස සිසාරා නැගී නුඹ.......... " පුතේ අනේ අර ඔයාට වෙච්ච බාරය ඔප්පු කරන්නේ නැද්ද ? කී දවසක් නම් ඔයාට කීවද බෝධියට ගිහින් භාර වෙච්ච පුජාව තියලා එන්න කියලා" ඒ සතියක ... රට රස්සා සැහෙන කාලෙකින් මුකුත්ම ලිවේ නැති නිසා බ්ලොග් එකත් පාලුවටම ගිහින්. පොඩ්ඩක් මකුළු දැල් එහෙම කඩලා පොස්ට් එකක් දාන්න හිතුනා. ඇත්තටම නොලියා ඉන්නේ... එන්න සහයට, අසරණ ජිවිතයක් ජිවත් කරවන්න..... මාස ගානකට පස්සේ ඔන්න ගොඩයත් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න කියලා සුජානම. මම කොටාපු පරණ පොස්ට් කියවපු උදවිය නම් දන්නවා ගොඩයා බ්ලොග් ලෝකෙට පාත් උන... එදාට වඩා ඔබ අපට අවැසි අදයි මැතිදුනි........................ සැහෙන දවසකින් ,මුකුත් ලියන්න වෙලාවක් ලැබුනේ නෑ. ලියන්න දේවල් නැතුවමත් නෙවෙයි. ඒත් වෙලාව තමයි හොයාගන්න අමාරු. මේ දවස් වල ලංකාවේ වැඩිපුරම කතා ... මඟුල් ගෙවල්........ ඕනේ මඟුලක් කියලා ඔන්න කියන්න හදන්නේ මඟුල් ගැන. මම ලියපු අයියා අපේ නෑදෑයෙක්ද? පෝස්ට් එකෙත් මම කීවනේ උසස් පෙල ඉවර වෙලා මම එක එක ජාතියේ රස්සා... දන්නෙම නැතුව අවුරුද්දක් ගෙවිලා............... අවුරුද්දක්...... සයිබර් ලෝකෙට එකතු වෙලා නම් අවුරුද්දකට වැඩියි. ඒත් ගොඩයාගේ වංහුං ලියන්න පටන් අරන් හරියටම ඊයෙට අවුරුද්ද... ගිනි..... උදේ ඉඳං තොර තෝංචියක් නැතුව වහිනවා. සති දෙකක ඉඳං එක සීරුවට වැටෙන වැස්ස. ඒ වැස්සත් එක්ක පොර බදන්න තරම් හයියක් පොල් අතු වහලෙට නැති බව කියාපාන්න... මගේ තෙවැනි ඇස ගැටනු රූ......... මුලින්ම කියන්න ඕනේ මම ඡායාරූප ශිල්පියෙක් නම් නෙවෙයි. ඒත් නිවාඩු වෙලාවට කරන්නේ මගේ කැමරාවත් කරේ එල්ලගෙන කොහේ හරි ගිහිල්ලා පින්තූරයක් දෙකක් ගන... සිංහලෙන් මම ගොඩයා Singapore මම..... අනේ මන්දා..... මේක හරියට පොඩි කාලේ myself ගැන ලියන්න දුන්නා වගේ. මම ගොඩයා. මම ගොඩයා උනේ මගේ නම ගොඩමුණේ නිසා. අවුරුදු 12ක් තිස්සෙම මගේ පාසල් මිත්‍රයන් පාවිච්චි කරපු නම නොවැ... ඉතින් ඒකම මේ සයිබර් ඉසව්වටත් දැම්මා.මට දැන් මං ගැන පොඩි කාලේ ලීවා වගේ ලියන්න තේරෙන්නේ නැත. කලින් එක එක ඒවා ලියන්න බැලුවා හරි ගියේද නැත. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මම මේ ලියන විකාර කියවලා උඹලට කැමති දෙයක් මං ගැන හිතාගනිල්ලා කියලා................
දේශීය සිසුන්ට ඉංග්‍රීසි ඉගැන්වීමේ අරමුණින් 1847 දී දෙමටගොඩ නව පාසලක් ලෙස ආරම්භ කරන ලද මෙම පාසල නම් කරන ලද්දේ “මැතිව්ස්” නම් සාන්තුවරයෙකුගේ නමිනි. ශාන්ත මතෙව් විද්‍යාලය ප්‍රදේශයේ සිසුන්ට දැනුම බෙදා හැරීම පමණක් නොව එය සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් සියලු දෙනා එකට එකතු කර ජාතික සංහිඳියාව සඳහා වේදිකාවක් බවට පත් විය. විදු බිමෙහි අතීතයෙන් .. ක්‍රිස්තු වර්ෂ 1847 ජුලි දාහත්වන දිනය උදාවන්නේ ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයට නවමු අත්දැකීමක් උදා කර දීමෙනි. එනම් මෙරට වෙසෙන ස්වදේශික සිසු දරුවන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ අභිප්‍රායෙන් “ශාන්ත මැතිව්” නමින් නව විදු පියසක් දෙමටගොඩ ස්ථාපිත කිරීමෙනි. මැතිව් නම් ශාන්තුවරයා සිහිවීම පිණිස මෙම විදුහල ඒ නමින් නම් කරන ලදී. කේම්බ්‍රිජ් මැට්‍රි කියුලේෂන් විභාගය අරමුණු කර ගනිමින් ඉංග්‍රීසි පාලකයන් විසින් කොළඹ බිෂොප් වරයා වූ එච්. වැප්මන් දේවගැතිතුමා විදුහල්පති තනතුරෙහි පිහිටුවමින් ආරම්භ කරන ලද මෙම විදු පියස අදටත් ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි දිදුලන නමක් සතිටුහන් කිරීමට සමත් වී ඇත. මෙම විදුහල ආරම්භයේ සිංහල දමිල ඉස්ලාම් බර්ගර් යන සියලු ජන කොටස් ඒකරාශි කොට ඔවුන්ගේ නැණ පහන් දැල්වූවා පමණක් නොව ජාතික සංහිඳියාව ඇති කිරීමට ඇප කැපවු විදු වීමක් ලෙස ඉතිහාසගත වී ඇත. ඉංග්‍රීසි ජාතික විදුහල්පතිවරුන්ගේ කාලයේදී මෙම විදුහලේ සිඝ්‍ර දියුණුවක් පැවති බව ඉතිහාසය සාක්‍ෂි දරයි. ඉංග්‍රීසි මාධ්‍ය මිශ්‍ර පාසලක් ලෙස පැවති මෙම පාසල 1961 වසරේදී රජයට පවරා ගන්නා ලදුව සිංහල මාධ්‍යය පිරිමි පාසලක් බවට පරිවර්තනය විය. සාන්ත මැතිව් විද්‍යාලය එදා මෙදා තුර රටට වැඩදායී පුරවැසියන් බිහි කිරීමේ කාර්යයෙහි අනභිභවනීය මෙහෙවරක යෙදී සිටියි. මෙම ගෞරවණීය විදුබිමෙන් සමාජයට දායාද කළ උගත් වියතුන්, ක්‍රීඩකයන්, මෙන්ම කලාකරුවන් විශාල ප්‍රමාණයක් සිටී. එවකට පැවති පාසල් අතරින් සෑම අංශයකින්ම ඉදිරියෙන් තිබු පාසලකි. ක්‍රිකට්, බොක්සිං, පාපන්දු, මලල ක්‍රීඩා යන ක්‍රීඩා වලින් ජාතික හා ජාත්‍යන්තර වර්ණ ලාභී ක්‍රීඩකයින් රැසක් මෙම පාසලෙන් බිහිවී ඇත. අපේ පාසල් ලාංඡනය අපේ පාසල් කොඩිය අපේ පාසල් ගීය දැක්ම සහ මෙහෙවර දැක්ම කුසලතාවන්ගෙන් පිරිපුන් පරම්පරාවට නායකත්වය දීම. මෙහෙවර අභියෝගයන් සමඟ පැමිණිය හැකි දැනුමෙන්, ආකල්පයෙන් හා කුසලතාවයෙන් පිරුණු පරම්පරාවක් සඳහා ප්‍රසන්න පාසල් පරිසරයක් තුළ මාවත යොමු කිරීම.
Sort by popularity Sort by average rating Sort by latest Sort by price: low to high Sort by price: high to low Add to wishlist කුමරුවා සහා දිලිදා Highlights: මාක් ටිවෙන් යන අපර නාමයෙන් හැදින්වෙන සැමුවෙල් ලැංඝෝන් ක්ලෙමන්ස් 1835-1910 ඇමෙරිකානු සාහිත්‍යයේ පියා යයි සැලකෙන ශේෂ්ට සාහිත්‍යධරයෙකි’ වයස 12 දි පියා මියගිය නිසා පාසැල් අධ්‍යාපනය නතර කලද පොත්පත් කියවීමෙන් සහ විශාල අත්දැකීම් සම්භාරයක් ලැබීමෙන් පරිනත වූ ඔහුට පසු කලෙක යේල් මියුරි සහ ඔක්ස්පරඩංි යන විශ්වවිද්‍යාල වලින් ෙගෟරව උපාධි පිරිනමන ලදී’ ඔහුගේ නිර්මාණ අතුරින් ටොමි සෝයර් හක්ල්බන් ෆින අද්භූත අමුත්තා ආදී කෘති ලෝකය පුරාම අතිශය ජනප්‍රිය විය’
මෙතෙක් පළවූ ලිපි සියල්ල ඔබ හොඳින් අධ්‍යයනය කර ඇත්නම් ඒවා සියල්ලම පොදුවේ ආධුනික හෝ සාමාන්‍ය පරිගණක භාවිතා කරන්නන් සඳහා ඉලක්ක කර ලියැවුණු ඒවා බව තේරුම් ගන්නට ඇත. එමගින් Linux මෙහෙයුම් පද්ධතිය වඩාත් කාර්යක්‍ෂමව සහ ගැටළු වලින් තොරව දිනපතා භාවිතා කිරීමට අවශ්‍ය දැනුම් සම්භාරයක් ගෙනඑන ලදී. මින් ඉදිරියට පළවන ලිපි මගින් ඔබට Linux මෙහෙයුම් පද්ධතිය පිලිබඳ වෘත්තිකයෙකු (professional) ලෙස ප්‍රවීණත්වයට පත්වීමට අවශ්‍ය දැනුම ලබාදීම සිදුකෙරේ. Linux හා බැඳී ඇති වෘත්තීන් දෙකක් වන පද්ධති පරිපාලක (system administrator) හෝ ජාල ඉංජිනේරු (network engineer) ලෙස කටයුතු කිරීමේදී දැනගත යුතු ගැඹුරු කාරණා (advanced topics) ඉදිරි ලිපි වලින් සාකච්චා කෙරේ. කෙසේ නමුත් මෙම ලිපි පමණක් කියවීමෙන්/පරිහරණය කිරීමෙන් පමණක් එම රැකියාවනට අවශ්‍ය සියලු දැනුම ලබාගැනීමට නොහැකිය. ඒ සඳහා ක්‍රමවත් ඉගෙනුමක් සහ දීර්ඝ ලෙස හැදෑරීමක් කල යුතුය. වඩාත් සුදුසු ම දෙය නම් ඒ ඒ වෘත්තීන්ට අදාළව විවිධ ආයතන මගින් පවත්වාගෙන යනු ලබන පාඨමාලාවකට සම්බන්ධ වී, පාඨමාලාව අවසානයේ විභාගයකට මුහුණදීමෙන් ජ්‍යාතන්තර සහතිකකයක් (international certificate) ලබාගැනීමයි. ඉහත රැකියා සඳහා සුදුසුකම් ලෙස පිළිගැණෙන දැනට ලෝකයේ වඩාත් ජනප්‍රිය සහතික පත්‍ර දෙකක් RedHat ආයතනය මගින් ලබාදේ. RedHat Certified System Adiminstrator (RHCSA) RedHat Certified Engineer (RHCE) සටහන: සෑමවිටම RedHat වෙබ් අඩවියට පිවිස අදාළ පාඨමාලාවේ අන්තර්ගතය පිලිබඳ කාලින තොරතුරු ලබාගන්න. ඉහත විභාග සඳහා වැඩි මුදලක් වැයවන නිසා හොඳින් සැලසුම් කර එම විභාගයන්ට සුදානම් වීම අවශ්‍යය. ඉදිරි ලිපි ඒ සඳහා අත්වැලක් පමණක් වන අතර පාඨමාලාවක් නොවන බව කරුණාවෙන් සලකන්න. බෙදාගන්න: වි-තැපැල් ෆේස්බුක් ට්විටර් ලින්ක්ඩ්ඉන් පින්ටරෙස්ට් පොකට් ටම්බ්ලර් රෙඩිට් මුද්‍රණය මෙයට කැමති වන්න: කැමතියි පුරණය වෙමින්... 2020 අප්‍රේල් 15 2020 අප්‍රේල් 15 IndikaProfessionalCertification, Certified, linux, linux sinhala, Network Engineer, Professional, redhat, RHCE, RHCSA, sinhala blog, System Adminstrator One thought on “40 – තෙවැනි පෙළ ලිපි මාලාව සඳහා පෙරවදනක්…” dilshan 2020 ජූනි 19 at 4:34 පස්වරු ප්‍රති-පිළිතුරු සැපයීම Ela bro කැමතියිකැමතියි ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න මෙහි ඔබේ ප්‍රතිචාරය ලියන්න... Fill in your details below or click an icon to log in: ඊමේල් (අත්‍යවශ්‍යයි) (Address never made public) නම (අත්‍යවශ්‍යයි) වෙබ් අඩවිය ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න ) ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න ) ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න ) අවලංගු කරන්න Connecting to %s නව ප්‍රතිචාර ගැන වි-තැපෑල හරහා මාව දැනුවත් කරන්න. නව ලිපි ගැන වි-තැපෑල හරහා මාව දැනුවත් කරන්න Δ ලිපි යාත්‍රණය Previous Post 39 – පාඨ සැකසුම් උපාංග (text processing utilities) (3 කොටස) Next Post 41 – Linux මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරී මට්ටම් (run levels) (1 කොටස) නවතම ලිපි 41 – Linux මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරී මට්ටම් (run levels) (1 කොටස) 40 – තෙවැනි පෙළ ලිපි මාලාව සඳහා පෙරවදනක්… 39 – පාඨ සැකසුම් උපාංග (text processing utilities) (3 කොටස) 39 – පාඨ සැකසුම් උපාංග (text processing utilities) (2 කොටස) 39 – පාඨ සැකසුම් උපාංග (text processing utilities) (1 කොටස) ලේඛනාගාරය ලේඛනාගාරය මාසය තෝරන්න නොවැම්බර් 2020 (1) අප්‍රේල් 2020 (1) පෙබරවාරි 2020 (1) ජනවාරි 2020 (2) මැයි 2019 (1) දෙසැම්බර් 2018 (1) සැප්තැම්බර් 2018 (1) මැයි 2018 (1) පෙබරවාරි 2018 (1) ජනවාරි 2018 (1) දෙසැම්බර් 2017 (1) ඔක්තෝබර් 2017 (2) සැප්තැම්බර් 2017 (3) අගෝස්තු 2017 (2) ජූලි 2017 (1) ජූනි 2017 (2) අප්‍රේල් 2017 (2) මාර්තු 2017 (2) පෙබරවාරි 2017 (2) ජනවාරි 2017 (2) දෙසැම්බර් 2016 (3) නොවැම්බර් 2016 (3) ඔක්තෝබර් 2016 (3) සැප්තැම්බර් 2016 (4) අගෝස්තු 2016 (3) ජූලි 2016 (4) ජූනි 2016 (5) මැයි 2016 (2) මාර්තු 2016 (2) පෙබරවාරි 2016 (6) ජනවාරි 2016 (1) දෙසැම්බර් 2015 (6) ඔක්තෝබර් 2015 (6) සැප්තැම්බර් 2015 (2) අගෝස්තු 2015 (2) archive background backup bash blog Command line commands CPU debian desklets Desktop distributions distros dual boot emacs ext file system hierarchy input install kernel knoppix linux linux mint linux sinhala linux software live cd memory menu notification area open source opensuse operating system output partitioning process quick launch redhat shell sinhala sinhala blog software manager switch taskbar terminal text text editing virtual box virtual machine workspace
පසුගිය සතිය තුල පමණක් ශ්‍රී ලංකාව තුල සිදුවූ දෑ මෙයට වසර පනහක තරම් දීර්ඝ කාලයක වත් ශ්‍රී ලංකාව තුල සිදු නොවූ සිද්ධීන් වේ. ඒ වගේම ඉදිරි සති දෙක තුල සිදුවීමට නියමිත සිද්ධීන්ද පෙර කල ශ්‍රී ලංකාවේ සිදු නොවූ දෑ වේ. එම නිසා ඉදිරි සති දෙක ශ්‍රී ලංකාවේ අනාගතයට අතිශයෙන්ම තීරණාත්මක වේ. පෙනෙන පරිදි ශ්‍රී ලංකාවේ අනාගතය අතිශයෙන්ම අදුරුය.එයට ප්‍රධානම හේතුව වන්නේ බරපතළ ආර්ථික බංකොලොත් බාවයයි. ආර්ථික බංකොලොත් භාවය ඇතිවුනේ දේශපාලන හා සමාජ සංදර්භය තුල ඇති නොයෙකුත් අයහපත් හේතුමූල සාධකයි.ඒ හේතූන් සියල්ල මේ වෙන කොට අප දනී. ඒ හේතුන් සියල්ල මැඩලා මේ වැටී සිටින ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ඒමට රට ගත යුතු හරි ක්‍රියාමාර්ග මොනවාද ?. එයැයි අද දවසේ අප ඉදිරියේ ඇති මිලියන් ඩොලර් ප්‍රශ්නය. ප්‍රශ්නය කොතරම් බරපතළ උවත් පිලිතුර සරළය. ප්‍රශ්ණය සංකීර්ණ වී ඇත්තේ සැබෑ ප්‍රශ්නය යට දමා පුද්ගල,පක්ශ,වෙළද ගණුදෙනු,ආත්මාර්ථකාමය,කැප කිරීමට සහ අත් හැරීමට ඇති පැකිලීම වැනි කරුනු කාරණා ඉදිරියට දමාගෙන ප්‍රශ්නය සංකීර්ණ කරගැනීමයි. ආර්ථිකයේ මූලිකම සාධකය වන ආදායමට වඩා වියදම වැඩි තත්ත්වයක් නිසා හටගත් ආර්ථික අර්බුදය විසදීමට ඇතිඑකම විසදුම වියදම සීමා කිරීමත් ආදායම ඉහල දමා ගැනීමත් වේ. එයින් මෙපිට ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රශ්නයට උත්තර නැත. මුලු ලෝකයම අද ශ්‍රී ලංකාවට සිදුවූ තත්වය දනී. ඔවුන්ගේ උදව්වල සීමාවල්ද ඔවුන් දනී. ඒ නිසා මේ ප්‍රශ්නයට දේශීය විසදුමක් ලබාගත යුතුය. රටේ වියදම් අඩු කිරීමට හැකි අවස්ථා හා උපාය මාර්ග කොතෙකුත් ඇතත් පාලකයින් ඒ සදහා සුලු හෝ උත්සාහයක් ගන්නා බව තවමත් නොදැනේ. ඒ වගේම දේශීය ආදායම් ඉහළ නංවා ගැනීම කෙසේ වෙතත් පැවැති ආදායමත් බලෙන් අඩු කරගත් බව අපි සියල්ලෝම දනී. ශ්‍රී ලංකාවේ මහජනතාවත්,ඔවුනට සේවය කිරීමට වැටුප් ගෙවා පත්කරගෙන ඇති සියලු දේශපාලකයිනුත්,ඉදිරියේ වගකීම් භාර ගැනීමට සූදානම් වෙන නවකයිනුත්,සියලු රජයේ සේවකයිනුත් ඉදිරි පස් වසර ඇතුලත ඉතා වුවමනාවෙන් සහ අරපරෙස්සෙමින් වැඩ කල යුතු බව මගේ හැගීමයි.
ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු හරහා වෙළඳ සංගමයක් විසින් ලබාගත් කෝවිඩ්-19 එන්නත් තොගයක් හොර පාරෙන් ලබාදෙන තොරතුරක් ලැබිණි. මට ද එය ඉල්ලා සිටීමට හැකියාව තිබුණමුත් මම එය ප්‍රතික්ෂේප කළෙමි. එන්නත් පළමු මාත්‍රාව ලබාදෙන විට එක් රෝහලක නිලධාරීන් තම ඥාති මිත්‍රාදීන් ගෙන්වාගෙන ඉතා අවිධිමත් ආකාරයට එන්නත ලබාදුන්හ. එම වටයේදී රෝහලේ බාහිර සේවා සනීපාරක්ෂක කම්කරුවන්ට ද එන්නත ලබාදීමට ඔවුහු නිර්ලෝභී වූහ. දෙවෙනි මාත්‍රාව පැමිණියේ අඩුවෙනි. කලින් පරිදිම ඥාති මිත්‍රාදීන්ට දෙවෙනි මාත්‍රාව ලබාදුන් මේ සෞඛ්‍ය නිලධාරීහු සනීපාරක්ෂක කම්කරුවන්ට එන්නත ලබාදුනේ නැත. කෝවිඩ්-19 එන්නත ලබාදීම සඳහා ප්‍රතිපත්තියක් තිබිය යුතුය. එසේම, එය ලබාදිය යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහාය. දැන් සිදුවන්නේ එය නොවේ. කෝවිඩ්-19 එන්නත් ලබාදීම මේ වන විට සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී, නිලධාරිවාදයට යටවී ගොසිනි. නොමිළේ දිය යුතු එන්නත රුපියල් 5,000ට 10,000ට විකුණන බව සාක්ෂි සහිතව පසුගිය සමයේදී හෙළිදරව් කරන ලදී. කෝවිඩ්-19 වෙනුවෙන් රජය වියදම් කරන හැම සතයක්ම මහජනයා වන අපගේ බදු මුදල්ය. යම් ප්‍රතිපත්තියකට අනුව, සාධාරණ අන්දමින් කෝවිඩ්-19 එන්නත් ලබාගැනීම පුරවැසියන්ගේ අයිතිවාසිකමකි. එන්නත ලබාදීම දේශපාලකයන් අතට පත්වීම යනු ශ්‍රී ලංකාව ඉතා ඉක්මණින්ම වසංගතයේ අවිචාර යුගයට එළැඹෙමින් තිබෙන බවට පූර්ව අනතුරු ඇඟවීමකි. ශ්‍රී ලංකා රජයේ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අකාර්යක්ෂමතාව නිසා නිර්මාණය වී තිබෙන එන්නත් දරිද්‍රතාව සමග ශ්‍රී ලංකාව ලෝකයේ වේගයෙන්ම කෝවිඩ්-19 පැතිරෙන රටක් බවට පත්වෙමින් තිබේ. ඉදිරි දිනවලදී දිනකට මරණ 100ක් පමණ දක්වා මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අනුමාන කළ හැකිය. දිනකට හමුවන රෝගීන් සංඛ්‍යාව 10,000 ඉක්මවිය හැකිය. මේ වන විටත් රෝගීන් සංඛ්‍යාව රෝහල්වලට හා අතරමැදි මධ්‍යස්ථානවලට දරාගැනීමට බැරි තරම්ය. දැඩි සත්කාර ඒකක පිරී ගොසිනි. ඉදිරි කාලයේදී ඔක්සිජන් ටැංකි හිඟයක් ඇතිවිය හැකිය. මේ වනවිටත්, ශ්‍රී ලංකාවේ කෝවිඩ්-19 ප්‍රතිපත්තිය වී තිබෙන්නේ වැඩිහිටියන් මියයන්නට සැලැස්වීම බව වසංගතයෙන් මරණයට පත්වන අයගේ වයස් කාණ්ඩ විශ්ලේෂණය කර බැලූ විට පෙනේ. ලොව සෙසු රටවල මෙන් වැඩිහිටියන් රැකගැනීම සඳහා ඔවුන්ට ප්‍රමුඛතාව ලබාදීමේ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවේ නැත. එන්නත ලබාදෙන තිරිසන් ආකාරය දෙස බැලූ විට මේ රටේ නුදුරු අනාගතයේදීම පණ අදින ලෙඩුන්ගේ ඔක්සිජන් ටැංකිය පැහැරගන්නා තත්වයක් නිර්මාණය වුව ද පුදුම විය යුතු නැත. දේශපාලකයන් හා නිලධාරීන් යන දෙකොටසම ඉතා නින්දිත අන්දමින් කටයුතු කරන, අරාජික, අවිචාරවත් රටක දිළිඳු ජනතාව තම අහිමි වන ජීවිත අයිතිය වෙනුවෙන් මියෙම්වා, රැකෙම්වා යි සටන් කළ යුතු කාලය එළැඹ තිබේ. දිළින්දන් දිළිඳුම නැත. ධනවතුන් ළඟ මුදල් හා ආයුධ තිබේ. දිළින්දන් ළඟ වයිරස් තිබේ. තවම බොහෝ දෙනා සිතාගෙන සිටින්නේ මොකක් හෝ ඇඳුනුම්කමකින් එන්නත ගහගත්තා නම් තමන් ආරක්ෂිත යයි කියාය. එහෙත්, එන්නත් දිළිඳුකමේ මේ මහා සාගරය මැද කිසිවකු සුරක්ෂිත නැත. එන්නත පවා පූර්ණ ආරක්ෂාවක් වන්නේ නැත. හේතුව එන්නත් නොලැබෙන ජනතාව අතර වයිරසය පරිණාමය වී තව තව අලුත් ප්‍රභේද බිහිවන බැවිනි. අපි නම් එන්නත ගහගත්තා යයි උජාරුවෙන් පාරම්බාන දේශීය හා ජාත්‍යන්තර සියලු බලවතුන්ට හා ධනවතුන්ට තෑගි දීමට දිළින්දන් ළඟ අලුත් අලුත් වයිරස් ප්‍රභේද නිර්මාණය වනු ඇත. සියලු දෙනා ආරක්ෂිත වනතාක් කල් කිසිවකු සුරක්ෂිත නැත. මේ වසංගතය පාලනය කරගැනීමට ඔබට අවශ්‍ය නම් සැමට සාධාරණ අන්දමින් එන්නත ලබාදීම සඳහා රජයට, ලෝක සෞඛ්‍ය සංවිධානයට, ධනවත් රටවලට බලපෑම් කරන්න. සබැඳි: එන්නත් අධිරාජ්‍යවාදය හා හිඟන්නන්ගේ ජාතිවාදය එන්නත් ලබාදෙන ආකාරය පිළිබඳ මාර්ගෝපදේශයක් තිබේ නම්, එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ තිබිය යුතුය. සොයාබලන්න Share this: Twitter Facebook Like this: Like Loading... Related Post navigation එන්නත් අධිරාජ්‍යවාදය හා හිඟන්නන්ගේ ජාතිවාදය අර්ථශාස්ත්‍ර 5: අධිකරණ පරිපාලනය නම් මූලික කාර්යයෙහිදී රාජ්‍යය අසමත් වීම Related News Politics සාරිය හා මානව හිමිකම් December 5, 2022 December 5, 2022 Politics රජයේ ලොක්කන් තවමත් පැන්ෂන් අරන් ගෙදර යන්නෙ නිල වාහනෙත් අරගෙන December 4, 2022 December 4, 2022 Politics මැයි 9 සහ අරගලයේ කතාව සරලව කෙටියෙන් December 3, 2022 December 3, 2022 1 thought on “ශ්‍රී ලංකාව ඉතා ඉක්මණින්ම විසාලා මහනුවරක් වන පෙරනිමිත්තක්” Sarath warnakulasuriya says: May 11, 2021 at 7:55 am Condostharala ta dosthara job eka dunnu athi bahuthare yai bawthiesma kala janathaawa den thamun wepuroo deyehi napuru aswenna labamin sitithi . Bahuthara dugihu hemadaana Makara ge piedanayata yatath wea yai sithiya noheka . Manda owunda thama jievathviemata aasaa nisaaya . Anthima sataneadie , naayakathwayan ho uththejana pramuka netha . Reply Leave comment Cancel reply Your email address will not be published. Required fields are marked with *. Comment Full Name * Email Address * Website අනුග්‍රාහක නිවේදන Recent Comments Lakshman Jayasinghe on මැයි 9 සහ අරගලයේ කතාව සරලව කෙටියෙන් Lakshman Jayasinghe on බලය බෙදීමට මහින්දත් පක්ෂ ඇයි? Lakshman Jayasinghe on ලංකාවේ සිදුවෙමින් තිබෙන විප්ලවය කුමක්ද? Mahinda Abeysinghe on බලය බෙදීමට මහින්දත් පක්ෂ ඇයි? Sarath warnakulasuriya on මහින්දගේ අද දවසේ වැදගත්කම කුමක්ද? Archives Archives Select Month December 2022 November 2022 October 2022 September 2022 August 2022 July 2022 June 2022 May 2022 April 2022 March 2022 February 2022 January 2022 December 2021 November 2021 October 2021 September 2021 August 2021 July 2021 June 2021 May 2021 April 2021 March 2021 February 2021 January 2021 December 2020 November 2020 October 2020 September 2020 August 2020 July 2020 June 2020 May 2020 April 2020 March 2020 February 2020 January 2020 December 2019 November 2019 October 2019 September 2019 August 2019 July 2019 June 2019 May 2019 April 2019 March 2019 February 2019 January 2019 December 2018 Categories Categories Select Category Agriculture (23) Art (84) Cinema (10) Drama (1) Fiction (4) Literature (18) Poetry (11) Business (5) Cartoon (65) Children (3) Cinema (1) Comics (5) Communication (2) Corruption (11) Crime (65) Democracy (16) Development (34) Disaster (3) Economics (12) Economy (93) Education (38) Elderly (4) English (110) Environment (16) Events (4) Fashion (4) Food (7) Gender (1) Governance (72) Health (142) History (4) Human Rights (41) Industry (5) International (72) Kalutara (4) Land (2) Language (1) Law (41) Life (197) Literature (8) Matugama (17) Matugama.com (7) Media (51) Military (3) Music (8) Nature (1) News (178) Opinion (29) Panadura (8) People (97) Philosophy (6) Photos (13) Places (21) Poems (5) Politics (547) Press Releases (3) Religion (17) Satire (3) Science (15) Security (11) Sports (19) Tamil (2) Technology (9) Terrorism (1) Tourism (2) Transport (19) Travel (18) Uncategorized (16) Video (23) Wildlife (5) Women (16) Youth (3) සිංහල (283)
පාර්ලිමේන්තු සේවකයින් රැගෙන යාමට පැමිණි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් පොකුණට පෙරලීමෙන් අනතුරක් සිදුව ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටිනවා. පවතින වැසි තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවකයින් රැගෙන යාමට බස් රථය අද දිනයේදී පාර්ලිමේන්තු සංකීර්ණය තුලට ඒමට අවසර ලබාදී තිබු බවත් සේවකයින් නංවා ගෙන ආපසු යන අවස්ථාවේදී මෙම සිදුවීම වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. සිද්ධිය වන අවස්ථාවේදී බස් රථය තුල පාර්ලිමේන්තුවේ සේවය කරනු ලබන නිලධාරින් 30-35ත් අතර ප්‍රමාණයක් සිට ඇති බවත් ඔවුන්ගෙන් ඇතැම් අයට සුළු සීරීම් සහ තැලීම් සිදුව ඇති බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇති අතර බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. Home » overturns » pond » SLTB bus » පාර්ලිමේන්තු සේවකයින් ප්‍රවාහනය කරන බස් රථයක් පොකුණට පෙරලෙයි (PHOTOS) ඔබේ ප්‍රතිචාරය කුමක්ද? පාර්ලිමේන්තු සේවකයින් ප්‍රවාහනය කරන බස් රථයක් පොකුණට පෙරලෙයි (PHOTOS) 2020-11-20T20:24:00+05:30 Isuru overturns|pond|SLTB bus| නවතම පුවත් මුල් පිටුවට යන්න Trending News of this Week සමිතාගේ පෙම්වතා යැයි කියන තරුණයා කියන අලුත්ම කතාව වසර 148 කට පසු සිලුටු දෑතුඩුවා ශ්‍රී ලංකාවේදී බිත්තර දමයි කුහකයන් ලංකාවට පැන තරු හෝටල් වල සිට වෛද්‍යවරුන්ගේ ඇගට ගොඩවෙති එතෙක් මෙතෙක් යුධ ඉතිහාසයේ බිහිවූ අභිමානවත් යුධ වීරයාගේ කතාව අවුරුදු 19 ත් 33 අතර කාන්තාවන් අලෙවි කළ ගල්කිස්සේ ගණිකා නිවස කුරුණෑගල පොළොවෙන් අද්භූත සතෙක් මතුවෙයි. කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් පුච්චන්න එපා දැනට පවතින පළාත් සභා 9 “රුහුණු, පිහිටි, මායා” නමින් 3ට අඩුකරන යෝජනාවක්..! මට පාඩුවෙ ඉන්න නැහැ පොලිසිය ගෙදර ඇවිත් - පියුමි හංසමාලි වෛද්‍ය සිසුවිය පැහැර ගත්ත සැකකරුගේ අමුතුම ඉල්ලීම (VIDEO) Contact Gossip - Lanka Editor Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News 2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com Advertising: Contact Here Editor: Contact Here All the content on this website is copyright protected. www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.
බෘෘස් ලී ලොව බිහිවූ විශේෂ ආකාරයේ සටන් ශිල්පියෙකු වගේම නළුවෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වගේම දාර්ශනික මත පල කරන්නෙක් ලෙස ලෝකයේ බොහෝ පිරිසකගේ ආදරය දිනාගත් පුද්ගලයෙකි. චින්ග් චුන්ග් (wing chun) සටන් ශිල්පය ලොව ප්‍රචලිත කළ ග්‍රෑන්ඩ් මාස්ටර් ඉප් මෑන් (Yip Man) යටතේ කුඩා කාලයේ සටන් ශිල්පය ප්‍රගුණ කළ බෘෘස් ලී ඉන් අනතුරුව ස්වකීය දැනුම හා අත්දැකීම් මුසු කර ගනිමින් තමන්ගේ ම සටන් ශිල්පයක් ලොවට දායාද කිරීමට සමත් විය. එය ජීට් ක්වන්ඩෝ (Jeet Kune Do.) නමින් හැඳින්වෙනවා. ඔහු තුල පැවති දක්ෂතාවය වගේම ආකර්ෂණීය පෙනුම නිසාම පසුව ඔහු සිනමාවටද සම්බන්ධ වෙනවා. මෙම අතිදක්ෂ සටන් ශිල්පියා වයස අවුරුදු 39දී එනම් 1973 ඊයේ(21) වැනි දිනක මොලයේ ඇති වූ අබාධයක් හේතුවෙන් අකාලයේ මිය යනවා. The Time සඟරාව වාර්තා කරන පරිදි ඔහු 20වන ශතවර්ෂයේ වඩාත් බලපෑම් සහගතම පුද්ගලයන්ගෙන් කෙනෙක්. Tweet More in this category: « ලෝකයේ පළමු වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටිය(video) හැරී පොටර් රැප් ගායකයෙකු වූ හැටි (video) » back to top කලා කරු ජයසූරියගේ දියණය ඉන්දිරාගේ සමාජ දෘෂ්ටිවාදයට හානියක් කළේ නෑ -‘ආසු 34’ ගැන සංජීව පුෂ්පකුමාර සෑමවිටම ප්‍රේක්ෂක අවධානයට ලක්වන සිනමා නිර්මාණවල කර්තෘත්වය හිමි සම්මානනීය සිනමා කරුව...
කෝප් කමි‍ටුවේ හිටපු සභාපති චරිත හේරත්ව යළි එම කමි‍ටුවට නම් නොකිරීම ගැන ඔහුගේ වේදනාව ප්‍රකාශයට පත් කරමින් ඊයේ ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබිණි. ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව අලුතෙන් පත්කිරීමේදී දූෂිත ක්‍රමයට පක්ෂව සිටින හොරු සහ ඩීල්කාරයන් දවසකට ජය ගෙන ඇතැයි ඔහු පවසයි. තමන් අනුමාන කළ ආකාරයට ම මාස දෙකක කාලයක් ප්‍රමාද වී ප්‍රකාශයට පත්කළ කෝප් කමිටුවේ ලැයිස්තුවෙන් තමාගේ නම ඉවත් කර තිබෙන බව ද කෝප් කමිටුවෙන් තමා ඉවත් කිරීමට ආර්ථික අපරාධ පිටුපස සිටි අයට අවශ්‍ය වූ බවත් ජනාධිපතිවරයා හා අගමැතිවරයා පිළිබඳව ලැජ්ජා වන බව ද පවසයි. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයෙන් ස්වාධීනව සිටිනවා යැයි කියන් චරිත හේරත් මේ වනවිට විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස අසුන් ගනු ලබයි. මේ අතර චරිත හේරත් යළි කෝප් කමිටුවට නම් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී සදහන් කර තිබේ. කෝප් කමිටුවේ සාමාජිකයකු ලෙස පත් කර සිටි හර්ෂ ද සිල්වා ස්වේච්ජාවෙන් ඉන් ඉවත් වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට චරිත හේරත් ඊට නම් කිරීමට විපක්ෂනායකවරයා මෙම පියවර ගෙන තිබේ. එයින් හැඟවෙන්නේ අවශ්‍ය නම් විපක්ෂට චරිතව කෝප් කමිටුවට නම් කළ හැකිව තිබුණු බවය. කොහොම නමුත් චරිතගේ පළවෙනි ප්‍රශ්නය වන්නේ තමන්ව කෝප් කමිටුවෙන් ඉවත් කිරීමේ වේදනාවය. තමන් පාර්ලිමේන්තුවේ වැදගත් කමිටුවක සභාපතිකමක් දරන්න තරම්වත් ලොකු පොරක් යැයි සිතා සිටීම එයට හේතුවය. චරිත ගෝඨා පාලන සමයේදී සිය දේශපාලන නායකයා වූ බැසිල් රාජපක්ෂගෙන් කැබිනට් ඇමැතිකමක් බලාගෙන සිටියාට නොලැබුණු තැන ඒ ගැන කන්කෙඳිරි ගාමින් සිටීම නිසා ඔහුව සැනසීම වෙනුවෙන් මෙම සභාපති පට්ටම ඔහුට ලබා දීමට කටයුතු කර තිබිණි. ඒ හැර එයට වෙනත් හේතුවක් තිබුණේ නැත. දෙවන ප්‍රශ්නය ලෙස ඔහු හඟවන්නේ ඔහුව ඉවත් කිරිම නිසා හොරු සහ ඩීල්කාරයන්ට ජය ගැනීමට හැකිව තිබෙන බවය. මේවා විහිළුය. හොර නඩයකට රටේ පාලන බලය ලබා දීම වෙනුවෙන් වෙහෙසුන චරිත හේරත්ලා දැන් හොරුන් ඩීල්කාරයන් ජයගෙන ඇති බව ප්‍රකාශ කිරීම විහිළුවකට වඩා දෙයක් නොවේ. එසේම පැවැති රාජපක්ෂ පාලනය තුළ රට බංකොලොත් තත්වයට ඇද දැමීමමට හේතු වූ මුග්ධ සහ තක්කඩි තීන්දු තීරණ සියල්ලටම කිසි වගවිභාගයක් නැතිව චරිත හේරත්ලා අත් දෙකම ඔසවා ඒවා අනුමත කළේය. අද රටේ ජනතාව මුහුණ දෙමින් සිටින පීඩාවන්ට හේතුව චරිතලාය. ඒ චරිතලාගේ තක්කඩි කමය. මෙය එසේ මෙසේ තක්කඩි කමක් ද නොවේ. අඩුම තරමින් තමන් වෙතින් වූ වරද නිවැරදි කරගැනීමේ උත්සාහයක් හෝ ඒ වැරැද්ද නිවැරදි කරන්න වත්මන් පාලනය ගන්නා උත්සාහයකට හෝ සහයක් නොදී තවදුරටත් රට වළපල්ලටම තල්ලුකරන තැනකට චරිතලා අමු තක්කඩියන් වී සිටිති. පසුගිය දින වල ගෑස් ටෙන්ඩරයක් අල්ලාගෙන නැටූ නාඩගම ද එහෙම වැඩකි. කොහොම නමුත් චරිත හේරත් කෝප් සභාපතිවරයාව සිටියදී සිදුකළාය කියන අමුතු වැඩේ කුමක්ද ? එහෙම දෙයක් නැත. කෝප් කමිටුව කියන්නේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් 27 දෙනකු පමණ නියෝජනය කරන කාරක සභාවකි. එවැනි සභාවක සභාපතිවරයා යනු තනියෙම තීන්දු තීරණ ගෙන, තනියෙම වැඩ පෙන්වන තැනක්ද නොවේ. එය තීන්දු ගන්නේ සභාවක් ලෙසය. සාමාන්‍යයෙන් ඒකමතිකව අවසන් නිර්දේශයන් නිකුත් කරන අතර සභාපතිවරයාට ඇත්තේ එම තීන්දු තීරණ ඇතුලත් වාර්තාව කථානායකවරයාට බාර දීමය. කාරක සභා වාර්තාවක් නිකුත් කළ පමණින් චරිත කියන විදිහට ඩීල් කාරයන් හෝ හොරු ඇල්ලීමක් වන්නේද නැත. ඒ තබා නීතිමය පියවර ගැනීමක් හෝ වන්නේ නැත. යම් සිදුවීමක් සමබන්ධයෙන් කාරක සභාව දක්වන නිර්දේශ ක්‍රියාත්මක කරන්න යැයි කරන ඉල්ලීමකට පමණක් එය සීමා වෙයි. අනෙක් කාරණය කාරක සභාවක නිර්දේශ වුවත් යුක්ති සහගතද සාධාරණද යන්න ගැන අවසානාත්මක තීන්දුවක් නොවේ. එය අධිකරණයක් නොවේ. මෙහි විමර්ශනයට ලක් කරන දේ සර්ව සම්පූර්ණයෙන් සිදු කරන්නේද නැත. එම වාර්ථා පරිශීලනය කරන විට ඇතැම් විට කැකිල්ලේ රජ්ජුරුවන්ගේ වැඩ ඊට වඩා ස්මාර්ට් බව හැඟීයාම ද සිදු විය හැකිය. මෙය මතුපිටින් කරන සාමාන්‍ය පරික්ෂා කිරීමක් පමණක් වේ. එහෙත් ඒවායේ අහුකොන් අල්ලාගෙන මාධ්‍ය සංදර්ශන කිරීම නම් නිතර සිදුවන දෙයකි. සුනිල් හඳුන්නෙත්ති කෝප් සභාපතිවරයාව සිටියදී මහා හාහූවක් කරමින් සිදුකර බැඳුම්කර සිද්ධිය ගැන විමර්ශනයේදී අඩුම තරමින් එය වංචාවක් කියා නම් කිරීමටවත් හැකියාවක් තිබුණේ නැත. ප්‍රධාන චුදිතයා ලෙස රනිල් වික්‍රමසිංහව නම් කිරීමට ලොකු උත්සහයක් ගත් නමුදු අදාල වාර්තාවේ ඔහුගේ නම චෝදනාවකට සැක හිතෙන ලෙසවත් ඇතුලත් කිරීමට හැකි වූයේ නැත. එහෙත් කෝප් කමිටුවෙන් එළියට පැමිණ මාධ්‍ය ඉදිරියේ කිව්වේ වෙන කථාවකි. චරිත කළෙත් එහෙම සංදර්ශනාත්මක වැඩකි. විශේෂයෙන්ම තමන් සුදනා කියා පෙන්වීමට මේවා පාවිච්චි වෙයි. චරිතලා ආස එහෙම වැඩ වලටය. ඔහු සභාපතිවරයාව සිටි සමයේදී කළ කී දේවල් ගැන අවධානය යොමු කළා නම් මෙය පහසුවෙන් වටහා ගත හැක. ඒ අනුව චරිතලා වගේ කොමිටල් කාරයන් කෝප් සභාව නියෝජනය නොකළාය කියා වන අවැඩක් නම් කොහෙත්ම නැත. කෝප් නිර්දේශ වැදගත් වන්නේ ඒ නිර්දේශ අනුව වගකිව යුත්තන් ගන්නා ඉදිරි පියවරයන් සම්බන්ධයෙන් පමණි. දැන් මහා දූෂණ විරෝධියා වන අනුර කුමාර දිසානායකද මේ කෝප් කමිටුවේ සාමාජිකයෙකි. ඒ නිසා චරිත කියන විදිහට හොරු සහ ඩීල්කාරයන්ට එහෙම ජය ගන්න වෙන්නේ නැත. ඒ නිසා ඒ ගැන චරිතට වද වෙන්න දෙයකුත් නැත. කොහොම වුණත් දැන් සජිත්ගේ මහා කරුණාව නිසා හිතේ වේදනාව සමනය කරගෙන චරිතට කෝප් කමිටුවේ වාඩිලාගෙන වෙන දෙයක් බලාගෙන සිටිය හැකි වීම ලොකු දෙයකි. නැතිනම් මේ අඬවැඩියාව චිරාත් කාලයක් පැවැතීමට නියමිතව තිබිණි. Tweet More in this category: « රනිල් ගැසට් එක රිවර්ස් කිරීම නිසා කැරලිකරුවෝ සතුටෙන් ! ආදායම් නැතිනම් බදු ගෙවන්න එපා ! » Leave a comment Name * Email * Website URL Message * enter your message here... Enter the words you see below back to top Gossip හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක් වහාම කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය විය හැකි බවට අනතුරු අඟවන්නට ගිය පොහොට්ටුවේ ප්‍රබලයින් ප... මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ.. මහින්ද සමග යළි නැගිටීම පසෙක තබා රනිල් වික්‍රමසිංහ හා එක්ව යන දේශපාලන ගමනක් වෙනුවන් රාජපක්ෂ පවුලේ දේශ... එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර. එජාපය මහ ලේකම් තනතුරට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එමෙන්ම එජාපයේ... පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස වි... ජාතික සභාව කඩිනමින් සක්‍රීය කරන්නැයි... ගෝඨා නැවත දේශපාලනයට එනවාට රාජපක්ෂ... අද ඩෙඟා නටන්න හිටපු විපස්සෙට... අසමසම පරිවාර ඇමැති කලා කරු ජයසූරියගේ දියණය ඉන්දිරාගේ සමාජ දෘෂ්ටිවාදයට හානියක් කළේ නෑ -‘ආසු 34’ ගැන සංජීව පුෂ්පකුමාර සෑමවිටම ප්‍රේක්ෂක අවධානයට ලක්වන සිනමා නිර්මාණවල කර්තෘත්වය හිමි සම්මානනීය සිනමා කරුව... රංගන ශිල්පී හේමාල් රණසිංහගේ ''සෙකන්ඩ්... විජේදාස රාජපක්ෂගේ කෘති තුනක් සහ... ඔබෙන් ලද කරුණාවට දස දහස්වාරයක්... අම්මට විශ්වාස කරගන්න බැරි වුණා... අනං මනං ආත්මය විකුණු ප්‍රේමය ... එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...
මෙවර 2016දී ලොවපුරා සමරනු ලබන්නේ 130වැනි මැයි දින සමරුවයි. ශ්‍රී ලංකාවේද ලබන ඉරිදා එනම් මැයි 1වැනිදා මැයි රැළි සහ පෙළපාලි රැසකි. එකම කොම්පැනියේ ප්‍රොඩක්ට්ස් දෙකක් මෙන් හවුල් ආණ්ඩුවේද මැයි රැළි දෙකකි. එක් රැළියක් හවුල් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවයවන එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයවීමෙන් බොරැල්ලේ කැම්බල් පිටියේ පැවැත්වේ. හවුල් ආණ්ඩුවේ අනෙක් පාර්ශවය වන ශ්‍රිලනිප(නෛතික පිළ) සිය මැයි දිනය පවත්වන්නේ ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදිය. එජාප ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාකාරකම් වලට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මෙහෙයවන මැයි රැළිය පැවැත්වෙන්නේ කිරුළපනදීය. එය මෙවර පැවැත්වෙන දැවැන්තම රැළියවන බව දේශපාලන විචාරකයින් පෙන්වා දේ. ජවිපෙ මැයි රැළිය පැවැත්වෙන්නේ බී.ආර්.සී. පිටියේදීය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දිනය කොටුවේදීය. ලංකා බැංකු සේවක සංගමය ඇතුළු ස්වාධීන වෘත්තීය සමිති සංවිධානය මැයි රැළිය හයිඩ් පිටියේදීය. ස්වාධීනයැයි කීවාට ලංකා බැංකු සේවක සංගමයේ සභාපති එස්.පී ජයරත්න එජාපයටය. ජේෂ්ඨ උපසභාපති විමල් චන්ද්‍රසේන ශ්‍රිලනිප නෛතික පිළටය. ප්‍රධාන ලේකම් ඒ.කේ. බණ්ඩාර ඒකාබද්ධ විපක්ෂයේය. ගුල්ලොත් චණ්ඩි, බාල ලෑලිවල කීවාසේ තමන් සුපිරිසිදු සමාජවාදින් යැයි හදුන්වා ගන්නා කණ්ඩායම් සහ කල්ලිද ‘වමේ එක්සත් මැයි දින’ සම්ප්‍රදායිකව මෙවරද සමරනු ඇත. ආචාර්ය වික්‍රමබාහුගේ නසසප මැයි රැළියට නසසපයෙන් කැඩී ගිය සිරිතුංග ජයසූරියගේ එක්සත් සමාජවාදී පක්ෂයද එක්වීමට ඉඩ තිබේ. ඉන් කැඩී ගොස් තිබූ 71 කැරැල්ලේදී රත්ගම පොලිසියට පහර දුන්නායැයි කියන මහින්ද දේවගේගේ සමාජවාදි පක්ෂයද යළි එයට ගොනුවනු ඇත. එමෙන්ම යහපාලන ආණ්ඩුවට ෂොපින් යන වමේ කේන්ද්‍රය, සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂවල විකල්ප කණ්ඩායම්වල මහත්වරුද එයට එක්වනු ඇත. ජනබලය උදෙසා සාමුහිකය, වෙනස, පීපල්ස් මාච්, ලංකා කොමියුනිස්ට් පක්ෂය(මාවේවාදී) ආදී මෙකී නොකී කණ්ඩායම්වල බෝඩ් ලෑලි ඔසවාගෙන පැට්ට්‍රික් ප්‍රනාන්දු, ඒ.ඩී.පී රත්නායක නොහොත් පොඩි රත්නේ, වසන්ත දිසානායක, අජිත් රූපසිංහ වැනි පුද්ගල චරිත දුසිමක් දෙකක් පමණද එයට එක් නොවූවහොත් පුදුමය. කම්කරු මාවත නොහොත් සමාජවාදී සමානතා පක්ෂය නම් මෙවර මැයි දිනය 4වැනි ජාත්‍යන්තරය සමඟ සමරන්නේ ඔන් ලයින් එකෙන්ය. එයට අමතරව නව නගර ශාලාවේද රැස්වීමකි. ගුණසේන මහානාම ඇතුළු 12 දෙනෙකු සමඟ 1982දී නසසපයෙන් ඉවත්වූ ආචාර්ය සුමනසිරි ලියනගේද, ලීනස් ජයතිලක, නීල් විජේතිලක සහ ධර්මසිරි ලංකාපේලි සමඟ වමේ සටන පුවත්පතද රැගෙන පොත පෙරළමින් මේ සැම වේදිකාවකටම ගොඩවනු ඇත. Protestors shout slogans calling for better working conditions for garment workers during a May Day rally on Wednesday, May 1, 2013, in Dhaka, Bangladesh. Thousands of workers paraded through central Dhaka on May Day to demand safer working conditions and the death penalty for the owner of a building housing garment factories that collapsed last week in the country’s worst industrial disaster, killing at least 402 people and injuring 2,500. (AP Photo/Wong Maye-E) වැඩ කරන ජනතාවගේ සහභාගිත්වයෙන් පමණක් සිදුකරන කම්කරු පන්තියේ සැබෑ මැයි රැළි ලංකාවේ අවසන් වරට තිබුණේ 1964 දක්වා පමණි. ඒ සමසමාජ පක්ෂය 1964 ජුනි 11වැනිදා ශ්‍රිලනිප සමඟ සන්ධානගත වීමෙන් පසු මැයි දිනය යොදාගනු ලැබුවේ කම්කරු පන්තියේ ශක්තිය පෙන්වා තම ප්‍රශ්න පිලිබදව බලපෑම් කිරීමට නොව තිබෙන ආණ්ඩුව පෙරළා එවැනිම තවත් ආණ්ඩුවක් ගොඩනැගීමේ අරමුණෙන් සභාගයකට එක්වූ නිසාය. ඒ පිළිබඳව 1964 ජුනි 6 සහ 7 දිනයන්හි කොළඹ නගර ශාලාවේ පැවති සමසමාජ විශේෂ සමුළුවේදී හවුලට පක්ෂ ඡන්ද 507ක්ද විපක්ෂව ඡන්ද 176ක් ද ලැබිණි. කොමියුනිස්ට් පක්ෂයද විපක්ෂයේ සිටිමින් ශ්‍රිලනිප සහ සමසමාජ හවුලට සහාය දක්වන ස්ථාවරයකට පැමිණි අතර ැවති සමසමාජ විශේෂ සමළුවේදී හවුලට පක්ෂ ඡන්ද 507ක්ද විපවෘත්තීය සමිති ඉල්ලීම් 21 වාෂ්ප විය. පුවත්පත් පනත පිළිබදව රාජාසන කතාවට විපක්ෂව එක් වැඩි ඡන්දයක් ලැබූ හෙයින් 1964 දෙසැම්බර් 3 වැනිදා ශ්‍රිලනිප- සමසමාජ සභාගය ඇද වැටිණි. ආණ්ඩු විසුරුවීමෙන් පසු 1965 මාර්තු 22 මහ මැතිවරණයෙන් එජාපය ජයගත්තේය. ඉහත කරුණු කාරණා කෙසේ සිදුවුවද මෙවර දැවැන්තම මැයි රැළිය වන කිරුලපනේදී ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයවීමෙන් සහ මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමට එරෙහිව ශ්‍රිලනිප(නෛතික පාර්ශවය) ඇතැම් නායකයින් සිදුකරන ගෝරනාඩුව සහ අදෝනාව ජුගුප්සාජනකය. වසර 1987 මැයි 1වැනිදා මැයි දිනය තහනම් කරමින් එම තහනමට එරෙහිව අරගලකල කම්කරුවෙකු සහ සරසවි සිසුවෙකු ඝාතනය කල එජාප ආණ්ඩුව මෙවර 2016දී ඒකාබද්ධ විපක්ෂයේ මැයි පෙළපාලිය ආරම්භ කිරිමට මුදල් ගෙවා ලබාගත් නාරහේන්පිට ශාලිකා ක්‍රිඩාංගනය ලබාදීමද තහනම් කර ඇත. සමෘද්ධි නිලධාරින්ගේ සංගමයේ මැයි රැළිය පැවැත්වීමට මුදල් ගෙවා ලබාගත් බත්තරමුල්ලේ අපේගම පරිශ්‍රය ලබාදීමද එලෙසින්ම තහනම්කර ඇත. යහපාලන ආණ්ඩුවේ තරු ප්‍රජාතන්ත්‍රවාදය එය වේ. මේවාට එරෙහිව පළිගැනීමට කාලය වැයකල යුතු නැත. මන්ද රිදවූ පුද්ගලයින්ටද කර්මය අනුව මුහුණදීමට සිදුවන බැවිනි. ගමේ පුංචි ආණ්ඩුවවන ප්‍රාදේශීය සභා මැතිවරණ පවත්වන දිනයක් හෝ පෙනෙන තෙක් මානයකද නැත. මාවෝ සේතූං වරෙක කියා සිටියේ අපි අපේ සාර්ථකත්වය මැනිය හැක්කේ මිතුරන්ගේ ප්‍රශංසාවල මිහිරි වදනින් නොව සතුරන් විසින් නඟන කෝපාවිෂ්ඨ ගර්ජනාවේ රළු හඬිනි. ඒ අනුව ගත් කල මහින්ද රාජපක්ෂ බොක්ස් ඔෆිස් බිඳදමන සාර්ථක නායකයෙකි. හෙළයා කිසිදා යුද්ධයකින් මුළුමනින් පැරදවිය නොහැක. හෙළයා ඉතිහාසයේ පැරදුණේ රැවටීමට ලක්වීමෙනි. රට ආර්ථික පරිහානියට ඇද වැටෙමින් තිබේ. රට තුළ සිදුකරන යෝධ සංවර්ධනය අකාමකා දමා ඇත. මාතෘ භූමිය ලබාගත් විජග්‍රහණයන් යළි රිවස් ගියරයේය. සියයට 15ක වැට් බදු බරක් අලුතින්ම ජනතාව මත මැයි 2වැනිදා සිට පටවා ඇත. ඒ අනුව සියළුම භාණ්ඩ සහ සේවා මිල වැඩිවී තිත්ත කසාය ගිල්ලීමෙන් මධ්‍යම පාන්තික පවුලක මාසික වියදම රුපියල් 10,000ක පමණ මුදලකින් ඉහළ යනු ඇත. රාජ්‍ය සේවය කප්පාදුකොට අලුතින් බඳවා ගන්නා රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප අහිමිකර ඇත. ඉන්දියානු එක්ටා ගිවිසුම මගින් ඉදිරියේදී කුණු කොල්ලයට සේවක ශ්‍රමය හාම්පුතුන්ට විකිණෙනු ඇත. පාසැල් නිලඇදුමට ජලාහුටංය. පාන් මිල වැඩිවිය. තේ සහ රබර් නිෂ්පාදකයෝ කබලෙන් ලිපටය. වී මිල 20ට බැස්සේය. හාල් මිල නහුතෙට නැග්ගේය. පොහොර සහනාධාරයට කෙලියේය. නව පො‍හොර සහනාධාර මුදල් දීමේ විද්‍යාත්මක ක්‍රමවේදයට අනුව අක්කරයක් වගාකර වී බුසල් 90ක අස්වැන්නක් ලැබුණවිට ඒ රුපියල් 20 බැගින් අළෙවි කලහොත් ලැබෙන ආදායම රුපියල් 37,800කි. එවිට ගොවියාට රුපියල් 8,600ක අතින් පාඩුවක් සිදුවේ. එම වී ප්‍රමාණයම රුපියල් 38 බැගින් රජයටම අළෙවි කිරීමට හැකිවූවොත් සාමාන්‍යයෙන් ලැබෙන ලාභය රුපියල් 25,420කි. එහෙත් දැන් සිදුව ඇත්තේ රුපියල් 20ට අළෙවි කිරීමටය. මේවාට එරෙහිව ශිෂ්‍යයෝද, රැකියා විරහිතයෝද, ධීවරයෝ සහ ගොවියෝද පමණක් නොව වෘත්තිකයන්ද සිටිනුයේ අරගලයකය. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විදුහලට එරෙහිව සටන් කරන සරසවි සිසුනට කොටුවේදී ඊයේද දැඩි මර්ධනයක් එල්ල විය. මෙවර මැයි දිනය තිබෙන විටද මෙයට 25 වසරකට පෙර සිටි ප්‍රධාන පක්ෂ දෙකේ වෘත්තීය සමිති නායකයෝ තවමත් ඒවා සින්නක්කරවම බදුගෙන සිටිති. එජාප ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සිරිනාත් ද මෙල් සහ ශ්‍රිලනිප නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර ඒවාට නිදසුන්ය. මින් ඇතමෙකු ජාතික ලැයිස්තුවෙන් දියවන්නාවට යැවුවද දුම්මල ගැසුවත් ඔවුන් මුට්ටි කාසි වෘත්තීය සමිති ව්‍යාපාරයෙන් එලවීම උගහටය. එයට විකල්පයක් ලෙස එජාපය වෘත්තීය සමිතියේ සභාපතිවරයා කළේ තරුණ දේශපාලඥයෙක්වූ අකිල විරාජ්ය. ගල හොඳ නම් අඹරන කහ මක්වේද කිව්වාලු. ආණ්ඩුවේ අලුත්ම කෙමන ආර්ථිකයට අටවා ඇති බිම්බෝම්බ නිෂ්ක්‍රීය කරමු යන්නය. එය ආලාපාළු ආර්ථිකයේ මෙගා-ඩීල් මුලාවකි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ණය දෙන විට ලංකාව කොළණියක් කරගැනීමට තැත් කරන දුෂ්ඨ රාජ්‍යයක් ලෙස හැදින්වූ චීනය යහපාලන ආණ්ඩුව ණය ඉල්ලූ විට එය දෙන විට ලංකාවට අතහිත දෙන දීර්ඝ කාලීන රාජ්‍යතාන්ත්‍රික මිතුරෙකි. අවසානයේ බටහිර ගැත්තන්ටද චීනය ඉදිරියේ කුක්කන් වීමට සිදුවිය. ආණ්ඩුව ලෝස් නැතුව වියදම් කරයි. එක්දින ගොවි සමුළුවට ලක්ෂ 308කි. කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායකගේ අමාත්‍යාංශයේ කාර්යාලයට නිිලියකට අයත් රාජගිරියේ තට්ටු ගොඩනැගිල්ල වසර 5කට බදු ගැනීම සඳහා වැයකල මුදල රුපියල් ලක්ෂ13,356(කෝටි 134) කි. වරායේ ඇමති නිවස අළුත්වැඩියාවට ලක්ෂ 200කි, ජනතා සේවය හරියට කිරීම සඳහා ඇමති සරත් ෆොන්සේකාකාට අලුත් වාහනයක් මිලදී ගැනීමට ලක්ෂ 350ත් මදිය. යහපාලන ආණ්ඩුව ඇඩොල්ෆ් හිට්ලර්ගේ තියරිය අනුව බොරුව සරලව ලොකුවට නිරන්තරයෙන් පවසනු ලැබීය. එහෙත් තවදුරටත් ඒවාට ආයුෂ නොමැති බව දැන් පැහැදිලිය.මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පවසන පරිදි මේ සිදුවන දේ දැක දැක දානේ වළඳලා සැතපිලා සිටීමට ජනතා හිතවාදී මහ සඟරුවනට සිටීමට නොහැකිය. දොඩම්පහළ රාහුල හිමියෝ කියන්නේ අප අපවත්කර හතර කොනේ එල්ලුවද ජාතිකවාදී බලවේගයන් සිය ගමන යායුතු බවය. ලංකාවේ යහපාලන දේශපාලන නායකයෝ ලැජ්ජාවක් ගෑවිලාවත් නැති පිරිසක් බව දැන් සක්සුදක් සේ පැහැදිලිය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කුප්‍රකට දේශපාලඥයින් ලෙස එදා විපක්ෂයෙන් චෝදනාලත් සජින් වාස් ගුණවර්ධනලාටද අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සාරුවා සුනිල්ලාටද භික්ෂු ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මොරටු උපසභාපති අජිත් බස්නායකලාටද දැන් අපමණ අගයකි. මේ සියල්ල ඩාර්ලි පාරේ ශ්‍රිලනිප(නෛතික පාර්ශවය) ගාලු මැයිදින රැස්වීම සාර්ථක කරගැනීම සඳහාය. ගාලු රැස්වීමේදී මුළු බරින් වැඩි කොටසක් කරගසා ඇති සජින් වාස් ගාලු රැස්වීමට ගෙනඑන බව කියන බස්රථ සංඛ්‍යාව 150කි. අංගුලිමාලටද තමන්කල වැරදි අතහැර හරිමග ගොසින් රහත්වීමට හැකිනම් බලපිටියේ සජින්ලාට සහ අකුරැස්සේ සුනිල්ලාට යහපාලනය පසුපස ගොස් හෝ හොද මිනිසුන් වෙනවානම් එය සැමගේ සතුටට හේතුවනු ඇත. එහෙත් විපක්ෂයේ සිටින විට අසූචි කන්දක් සේ දකින තැනැත්තන් යහපාලන ආණ්ඩුවට කරණම් ගැසූ පසු සදුන් දැව ගොඩක් සේ දැකිය හැකිද? ඒ අනුව සියළු හොරුන්ට යහපාලන සරණං ගච්ඡාමිය. බ්‍රිතාන්‍යයේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් සහ වර්තමානයේ ජනාධිපති උපදේශක ක්‍රිස් නොනිස්ද ගාලු මැයි රැස්වීමට සහභාගි වනවාදැයි සැකයකි. යහපාලනය දෝරේ ගලන්නේයැයි කියන්නේ මේවාටය. දැන් සෑහෙන තරඟයකි. සට්ටැඹියෝ ගොඩකි. ඔළු සේදීමේ සිට අහවල් එක සේදීම දක්වා ඔවුහු පේවී සිටිති. දැන් ඇත්තේ ගම් පෙරළියක් නොවේ. යුග පෙරළියක්ද නොවේ. කළියුග කාලයකි. මැයි දින සටන්පාඨ හිඟ අයට අවශ්‍යනම් සටන්පාඨ සකස්කර ගැනීම සඳහා මෑතකදී ජනවහරට එක්වූ උපාමා කිහිපයක්ද මෙසේ දැක්විය හැකිය. ඒවා අතර මෛත්‍රී මාමා හොරු ඇල්ලුවා වගේ, රනිල් මාමා එක්ටා ගිවිසුමින් ලක්ෂ 10ක් රැකියා ගේනවා වගේ, රවි අංකල් සරදියල්ගේ අයවැය වෙනුවට සෝරෝස් අයවැයක් ගෙනාවා වාගේ, රංජන් අයියා ෆයිල් ඇදලා නෝන්ඩි වුණා වගේ, හරින් අයියගේ ගූගල් බැලුම කඩා වැටුනා වගේ, හිරුණිකා දැරවියගේ ඩිෆෙන්ඩරයෙන් රවුමක් ගියා වගේ, මත්තල වී ගබඩා කෙරුවා වගේ, ජෝන් සීයා ඇවිදින මංතීරුව කැඩුවා වගේ වේ. කිරුළපන මැයි දිනයට යෝධ ජවයක් එක් කරනු ඇත්තේ ගාලු දිස්ත්‍රික්කයේ ජනතාවය. ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන 10කට දෙදිනක් තුළ ගිය හිටපු ඇමති බැසිල් රාජපක්ෂ එහි රැස්වීම් 17ක් තබමින් ශ්‍රිලනිප බහුතර ක්‍රියාකාරිකයින් දිනා ගැනිමට සමත් විය. ඒ සඳහා ගාලු දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන වෛද්‍ය රමේෂ් පතිරණ, නීතිඥ මොහාන්ද සිල්වා සහ ජනප්‍රිය නිලි ගීතා කුමාරසිංහ යෝධ ශක්තියක් වී තිබිණි. බැසිල් රාජපක්ෂ දක්ෂ දේශපාලන නායකයෙකු බව අවිවාදිතය. ඔහුගේ වැඩ පිළිවෙලට එරෙහි වියහැක්කේ හවුල් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින අයෙකුට පමණි. බැසිල් රාජපක්ෂගේ වැරදි දකින ඇතමුන්ට තමන්ගේ ඇසේ ඇති පොල් පරාලය නොපෙනේ. ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රිලනිප පළාත් සභා මන්ත්‍රීවරුන් 33 දෙනාගෙන් 29ක් මෙවර එක්වන්නේ කිරුළපන රැළියටය. ගාල්ල රැළියේ ප්‍රධාන සංවිධායකවරයාවු මහ ඇමති ශාන් සමඟ ගාල්ලේ රැළියට එක්වනු ඇත්තේ පළාත් සභා මන්ත්‍රීවරුන් 4 දෙනෙක් පමණි. ජනතා විමුක්ති පෙරමුණද මෙවර මැයි දිනය සමරනුයේ රාජා හෝ මා හෝ ගංගා හෝ කියා ආණ්ඩු බිඳදැමීමේ හා ගොඩනැගීමේ කොන්ත්‍රාත්තු ඉටුකොට බරපතල අවමානයකට සහ අප්‍රසාදයකට පත්වී තිබෙන වකවානුවකය. වර්තමානයේ ඔවුන්ගේ උපාය මාර්ගය වී ඇත්තේ ආණ්ඩුවට එරෙහි ලාබ ප්‍රචාරක කටයුතු මගින් කන්ගැට්ටා තියරියෙන් ආණ්ඩුවටම තල්ලුවක් දීමය. ජවිපෙ සාම්ප්‍රදායික ආකර්ෂණීය මැයි දිනය සඳහා ජවිපෙ සමස්ථ සාමාජිකත්වය පමණක් නොව ඔවුන්ගේ දරු දැරියන්ද එක්වන බැවින් එය දිස්වන්නේ ගලවා ගැනීමේ හමුදාවක් ලෙසිනි. හඳ ගැන කවි ලිව්වාට හඳේ අයිතිකාරයා විය නොහැක. හවුල් ආණ්ඩුවේ ශ්‍රිලනිප නෛතික පාර්ශවය මේ සිදුකරනුයේ 1956 නැගී ආ ජනතා බලවේගය මරා දැමීමකි. සෘජුව සහ වක්‍රවද දැන සහ නොදැනද ඔවුහු ඒ සඳහා අත්වැල් සපයමින් සිටී. අධිරාජ්‍යවාදීන්ගේ සහ ඔවුන්ගේ ඒජන්තවරුන්ගේ උවමනාවන් සැදී පැහැදී ඉටුකරනු ලබමින් සිටී. පනස් හයේ හරය සහ පරමාර්ථ කෙලෙසූවන්ට 1956 අරුමය සැමරිය නොහැක. ඒ වෙනුවෙන් පෙනී සිටින්නටද නොහැකිය. යුතුකම සංවාද කවය කොළඹ මහජන පුස්තකාලයේ ඊයේ පැවැත්වු සම්මන්ත්‍රණයේදි අවධාරණය කළේ එයයි. මෙවර මැයි දිනය වැඩකරන ජනතා බලයක් හෝ සමාජවාදී සමාජයක් වෙනුවෙන් කැපකරන ජාත්‍යන්තර කම්කරු දිනයක් නොවේ. එය 1965 සිටම සෑම දේශපාලන පක්ෂයක් සහ කණ්ඩායමක්ම තම බලය විදහාපාන මැයි දින ‘ගේමකි’. මෙවර එජාපයට නම් බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේය. ශ්‍රිලනිප නෛතික පාර්ශවය සහ ජනතා පාර්ශවය යන දෙපිලටනම් මෙවර මැයි රැළි රජ දැක්මකි. ශ්‍රිලනිප නෛතික පාර්ශවයටනම් ගාලු මැයි රැළිය ගෙදර ගියොත් අමු නසීය මඟ සිටියෝත් තෝ නසීය වැනි තත්ත්වයකි. ශ්‍රිලනිප ජනතා පාර්ශවය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයට නම් කිරුළපන මැයි රැළිය නව උපතකට විදුලන නැකතක් සේය.(The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384) ධර්මන් වික්‍රමරත්න ejournalists@gmail.com 3 Responses to “ධර්මන් වික්‍රමරත්න ලියන මුරගල තීරු ලිපිය – 148 – මැයි දින ‘ගේම්’” Kumari Says: April 30th, 2016 at 3:49 pm Well said. May day under Sirisena reminds me of the May Days under JR. After JR sacked loads of government employees (I think about 40,000) for staging a strike asking for a Rs10 increase, UNP could not hold any May Days. “Peeditha Panthia” didn’t want the UNP. Then JR started bringing Indian singers to entertain the few people who came to Galle Face. People went to Galle Face not to listen to UNP lies but to watch these Indian artists. Dham Says: April 30th, 2016 at 3:59 pm සීගිරි අභය භූමිය විකිණිම වහා නවතන්න ගැටඹේ නාහිමියෝ ජනපතිට කියති 2016 අප්‍රේල් 28 08.25 a.m (රන්මලී සෝමසිරි) කෝටිපති ව්‍යාපාරිකයින්ට සීගිරිය අභය භූමිය කට්ටිකර විකුණා රුපියල් කෝටි ගණනක මූල්‍ය ගනුදෙනුවක් කර ඇතැයි පළවන වාර්තාව සම්බන්ධයෙන් සොයා බලා දැඩි පියවර ගත යුතුව ඇතැයි පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නා හිමියෝ ජනාධිපතිවරයාට පවසති. ලොව පුදුම කළ අටවන මහා පුදුමය වන සීගිරිය අපේ සිංහලයන්ගේ තාක්ෂණික අනන්‍යතාවය කියාපාන උරුමයක් හෙයින් මේ සම්බන්ධයෙන් දැඩි පියවර නොගත්තොත් එය රටත් ජනතාවත් සංස්කෘතියත් බරපතළ විපතකට ඇද දැමීමක් යැයි ද සිරිවිමල නාහිමියෝ සඳහන් කරති. රක්ෂිත වනාන්තර හෙළිකරන්න කිසිවෙකුටවත් ඉඩ දෙන්නේ නැහැ, මගේ කාලය තුළ රට බෙදන්න කිසිවෙකුටත් ඉඩ තියන්නේ නැහැ, නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා, නීතිය කඩකරන ඇමැතිවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නවා ආදී ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අභීතව ප්‍රකාශ කළත් වත්මන් රජයේ ක්‍රියාකලාපය මගින් රක්ෂිත වනාන්තර ඇතුළු පරිසර පද්ධතිය පමණක් නොව ඵෙතිහාසික උරුමයන් ගැන නගන හඬ ද පුස්සක් කර ඇතැයි ද උන්වහන්සේ සඳහන් කරයි. මහජන මුදලින් නඩත්තු වන පුරාවිද්‍යා නිලධාරීන් කිසියම් දේශපාලන හෝ වෙනත් බලවේගයකට යටත්ව මුදලට හදලට ගිජුව ක්‍රියා කරන්නේ ද යන්න මෙවැනි දේ තුළින් සිතීමට සිදුවන බව ද උන්වහන්සේ පෙන්වා දෙයි. මෙවැනි විනාශයන් පිළිබඳව මහා සංඝරත්නයත් මහජනතාවත් විමසිල්ලෙන් සිට ජාතික උරුමයන් රැක ගෑනීමට බලධාරීන්ට බලකිරීමේ ව්‍යාපාරයක් ඇරඹිය යුතුව ඇතැයි ද මෙවැනි අපරාධ සම්බන්ධයෙන් රටට තොරතුරු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් ලක්බිම පුවත්පතට ජාතියේ ප්‍රණාමය පුදන බව ද සිරිවිමල නාහිමියෝ වැඩිදුරටත් සඳහන් කරති. Christie Says: May 1st, 2016 at 8:04 pm සින්හලයේ වම නතිනම් සමාජවඩය පටන්ගත්තේ ඉන්දියානු පරපෝසිතයන්ය. 1927දී මොහන්දාස් කරම්චාන්ඩ් තමයි මුලපිරුවෙ. ඇන් ඇම් වගේ අයතමයි ඉන්දියානු පරපෝසිතයන්ගෙන් යැපුන අපේ මොල හෝදපු උන්. Leave a Reply You must be logged in to post a comment. Disclaimer: The comments contained within this website are personal reflection only and do not necessarily reflect the views of the LankaWeb. LankaWeb.com offers the contents of this website without charge, but does not necessarily endorse the views and opinions expressed within. Neither the LankaWeb nor the individual authors of any material on this Web site accept responsibility for any loss or damage, however caused (including through negligence), which you may directly or indirectly suffer arising out of your use of or reliance on information contained on or accessed through this Web site. All views and opinions presented in this article are solely those of the surfer and do not necessarily represent those of LankaWeb.com. This entry was posted on Friday, April 29th, 2016. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can skip to the end and leave a response. Search for: April 2016 M T W T F S S 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 « Mar May » Archives Archives Select Month November 2022 October 2022 September 2022 August 2022 July 2022 June 2022 May 2022 April 2022 March 2022 February 2022 January 2022 December 2021 November 2021 October 2021 September 2021 August 2021 July 2021 June 2021 May 2021 April 2021 March 2021 February 2021 January 2021 December 2020 November 2020 October 2020 September 2020 August 2020 July 2020 June 2020 May 2020 April 2020 March 2020 February 2020 January 2020 December 2019 November 2019 October 2019 September 2019 August 2019 July 2019 June 2019 May 2019 April 2019 March 2019 February 2019 January 2019 December 2018 November 2018 October 2018 September 2018 August 2018 July 2018 June 2018 May 2018 April 2018 March 2018 February 2018 January 2018 December 2017 November 2017 October 2017 September 2017 August 2017 July 2017 June 2017 May 2017 April 2017 March 2017 February 2017 January 2017 December 2016 November 2016 October 2016 September 2016 August 2016 July 2016 June 2016 May 2016 April 2016 March 2016 February 2016 January 2016 December 2015 November 2015 October 2015 September 2015 August 2015 July 2015 June 2015 May 2015 April 2015 March 2015 February 2015 January 2015 December 2014 November 2014 October 2014 September 2014 August 2014 July 2014 June 2014 May 2014 April 2014 March 2014 February 2014 January 2014 December 2013 November 2013 October 2013 September 2013 August 2013 July 2013 June 2013 May 2013 April 2013 March 2013 February 2013 January 2013 December 2012 November 2012 October 2012 September 2012 August 2012 July 2012 June 2012 May 2012 April 2012 March 2012 February 2012 January 2012 December 2011 November 2011 October 2011 September 2011 August 2011 July 2011 June 2011 May 2011 April 2011 March 2011 February 2011 January 2011 December 2010 November 2010 October 2010 September 2010 August 2010 July 2010 June 2010 May 2010 April 2010 March 2010 February 2010 January 2010 December 2009 November 2009 October 2009 September 2009 August 2009 July 2009 June 2009 May 2009 Recent Posts Why is NED sponsored Verite Research worried about LTTE dead commemorations? Sri Lanka’s Water should NOT be privatized Totally Free Energy from Sky – an addendum දේශපාලනඥයෙක් හිඟ මුදල් නොගෙවීම මත විදුලිය විසන්ධි කිරීමට ගිය ලංවිම සේවකයින්ට පහර දී රාජකාරියට බාධා කිරීම සම්බන්ධවයි අනපේක්ෂිතව හඹා ආ ව්‍යසන හා අර්බූදයන් මැද අකුරු කර, අපොස සාමාන්‍ය පෙළ ජයගත් දුවා දරුවන්ට සුබ පතමි. සජිතට සැප එයි.. සජිත් ඇමති කාලේ සංස්කෘතික අරමුදල වැනසූ හැටි සොයා පරීක්‍ෂණ… යහපාලන සමයේ සංස්කෘතික අරමුදලේ මුදල් ගිල්ල බහිරවයන් ගැන පරීක්ෂණයක් විශ්වවිද්‍යාල වලින් කල් ඉකුත්වූ සිසුන් පන්නන්න අලුත් පනතක් එයි International Law Implications of Canadian Parliament’s Motion on ‘Tamil Genocide’ Sri Lanka to ban arriving air passengers from wearing more than 22-carat gold Most Popular Specter of Federalism As the economy nosedives, human trafficking resumes in Negombo UK contributes £880,000 to help marginal fishers in Sri Lanka Where have all the Fish gone? Corporate Capture and Import Dependency Deepen the Debt trap Comments on Budget 2023 Recent comments aloy on Cash-strapped Sri Lanka appeals to expats to send money dingiri bandara on Cash-strapped Sri Lanka appeals to expats to send money Sarath W on For Canada, organic food is an expensive status symbol. For Sri Lanka, it’s a catastrophe dingiri bandara on Politicians Sri Lanka Needs dingiri bandara on High Commissioner Moragoda stresses the importance of developing eight thrust areas to elevate Sri Lanka- India economic relations to a strategic level dingiri bandara on The Heir of Yahapalana Govt’s Failed Agenda aloy on BUSINESSDhammika’s seven-pronged strategy to overcome SL’s foreign exchange crisis Cerberus on Renewable energy producers say they can generate more power if govt and CEB support NeelaMahaYoda on අනාගත කෘෂිකර්මාන්තය පිළිබඳව සමගි ජනබලවේගයේ දැක්ම aloy on “The Three Fuels miracle” the only solution to the energy crisis in Sri Lanka and to keep Sri Lanka alight, even if the whole world that depends of fossil fuel, goes dark after 2050.
එහෙත් ඇමරිකාවට බුදු දහම හඳුන්වා දුන් පසු එහි භාවනා ක්‍රම වල අපූර්ව බලය පිළිබඳව ඇමරිකානුවෝ පැහැදුනහ. වියට්‌නාම භික්‌ෂුවක වූ තිච් නාහ්ත් හැන්හ් විසින් නිර්මිත ප්‍රායෝගික බෞද්ධ දර්ශන සංකල්පයන් පාරිසරික හා සමාජ සාධාරණත්වය සඳහා වූ ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනෙන්නට විය. ජපන් සෙන් ගුරුවරයෙකු වූ ඩයිසෙට්‌සු ටෙයිටාරෝ සුසුකි නම් බෞද්ධ ලේඛකයාගේ ලියමන්ද ආසියාතික මෙන්ම ඇමරිකානු බෞද්ධ ගුරුවරුන් කෙරේ මහත් බලපෑමක්‌ ඇති කළ අතර මේ ඉගැන්වීම් මගින් ඇමරිකානු සංස්‌කෘතියටද බුදු දහමේ ආභාෂය මුසු වෙන්නට විය. බුදු හිමියන්ගේ ඉපදීම, බුදු වීම, පිරිනිවන් පෑම යන තෙමඟුල අප සමරන්නේ මැයි හෙවත් වෙසක්‌ මාසයේදීය. එහෙත් උතුරු කැලිෆෝනියාවේ ඇති සෙන් විහාරස්‌ථානයේදී මේ තෙමගුල සැමරෙන්නේ දෙසැම්බර් නිවාඩුවේදීය. කුඩා දරුවන්ට කෙටි දේශනයකින්ද, ඉන්පසුව ඉටිපන්දම් පත්තු කර වන්දනා කිරීමකින්ද පසුව භෝජන සංග්‍රහයකින්ද වෙනත් සැමරුම් වලින්ද බුදුන්ගේ ඉපදීමත් බුද්ධත්වයත් සැමරීම එහි සිරිතය. ඒ ඇමරිකන් පන්නයේ බුදු දහමෙහි පැතිකඩකි. ඇමරිකානු සංස්‌කෘතික විඤ්ඤාණයට මුලින්ම බුදු දහම ප්‍රවේශ වනුයේ 19 වන සියවසේ අග භාගයේදීය. ඒ ඇමරිකානු දාර්ශනික කවීන්ගේ, කලා විචාරකයින්ගේ සහ ලෝක ආගම් පිළිබඳ විද්‍යාර්ථêන්ගේ චින්තනයන්ට පෙරදිග ආගමික ඉගැන්වීම්වල සෞන්දර්යාත්මක සංකල්ප මුසු වූ යුගයයි. හෙන්රි ඩේවිඩ් තෝරෝව් සහ රැල්µa එමර්සන් වැනි කවීන් හින්දු සහ බෞද්ධ දර්ශනයන් ගැඹුරින් හැදෑරූහ. 1880 දී ශ්‍රී ලංකාවට පැමිණි හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌ බුදු දහම වැළඳගත් අතර zපරමවිඥානාර්ථයZ නම් ප්‍රකට දර්ශනවාදය සොයාගත්තේය. මේ අතරම බෞද්ධ කලා රසිකයින් විසින් බෞද්ධ සංස්‌කෘතියේ ඇති සෞන්දර්යාත්මක බව ඇමරිකාවට හඳුන්වා දෙනු ලැබිණ. කලා ඉතිහාසඥයෙකු මෙන්ම දර්ශනවාදය පිළිබඳ මහාචාර්යවරයෙකු වූ අර්නස්‌ට්‌ ෙµනෙලොසා සහ ඔහුගේ සමකාලීනයෙකු වූ විලියම් ස්‌ටර්ජිස්‌ බිගෙලෝ බෞද්ධ කලාවන් සොයාගෙන ජපානයට ගිය ප්‍රථම ඇමරිකානුවන් වූහ. ජපානයට ගොස්‌ එහිදී බුදු දහම වැලඳ ගත් ඔවුහු මහත් උනන්දුවෙන් බෞද්ධ කලාකෘති එකතු කළහ. ඔවුන් නැවත සියරට එන විට රැගෙන ආ බෞද්ධ කලාකෘති එකතුව ඇමරිකාවට ආසියානු කලාව පිළිබඳ වටිනා දැනුම් සම්භාරයක්‌ වූ අතර මේ වන විට එම කලාකෘති බොස්‌ටන් නගරයේ ඵමිeමප දෙ Fසබැ Aරඑs හි සුරක්‌ෂිතව ඇත. ඒa හා සමකාලීනවම පෝල් කාරස්‌ වැනි ලෝක ආගම් පිළිබඳ විද්‍යාර්ථêන් ඇමරිකානුවන් වෙත බෞද්ධ ඉගැන්වීම් ළඟා කරවන්නට කටයුතු කළහ. ඔහු ඔයෑ Gospel of Buddhaනම් ග්‍රන්ථය ලියා පළ කළ අතර එම ග්‍රන්ථය ඇමරිකානුවන් අතර අලෙවි වාර්තා තැබූ කෘතියක්‌ බවට පත් විය. ඔහු එම ග්‍රන්ථය පළ කළේ 1893 වසරේ චිකාගෝ හි පැවැත්වුණු -''ලෝක ආගමික පාර්ලිමේන්තුව'' ට සහභාගි වී වසරකට පසුවය. මෙය සුවිශේෂී අවස්‌ථාවකි. එය මෑත ඉතිහාසයේ පළමු වතාවට ලෝකයේ පවත්නා ප්‍රධාන ආගම් වල නියෝජිතයින්ට එක්‌ව තම තමන්ගේ ආගම් වල හරයන් පිළිබඳව දැනුම හුවමාරු කරගන්නට ලැබුණු අවස්‌ථාවකි. චිකාගෝවට බුදු දහම ගෙන එන්නට මුල් වනුයේ ජපාන සෙන් භික්‌ෂුවක වන ශාකු සෙයෝන් සහ තමන්ගේ සංස්‌කෘතිය ගොඩ නංවන අරමුණින්ම බටහිර විද්‍යාවන් හා දර්ශනවාදයන් පිළිබඳව හැදෑරූ ශ්‍රී ලාංකික බෞද්ධ සමාජ සංශෝධකයෙකු වූ අනගාරික ධර්මපාල තුමන්ය. ඔවුහු තමන්ගේ ආගම ඇමරිකානු වැසියන් වෙත ඉදිරිපත් කළේ ''අර්ථවිරහිත ඇදහීම් නැති, සියල්ලට බලපාන දෙවිකෙනෙක්‌ නැති, මිථ්‍යා විශ්වාස නැති සහ නිදහස්‌ දර්ශනයක්‌'' ලෙසය. ඇත්තෙන්ම සාම්ප්‍රදායික බුදු දහමේ දේව සංකල්පයක්‌ නැත, මතවාද හෝ විවිධාකාර පූජාවිධිද නැත. අනෙකුත් ආගම්වල මෙන් පූජනීය ග්‍රන්ථ හෝ ශාඛා වලට බෙදීම් නැත. එහෙත් 1893 ලෝක පාර්ලිමේන්තුවේදී බෞද්ධ නියෝජිතයින් විසින් නූතන ඇමරිකානුවන්ට ඔවුන්ගේ භාවනාවන් පිළිබඳව ඉදිරිපත් කරමින් අවධාරණය කොට සිටියේ බුදු දහම යනු හුදෙක්‌ ආගමක්‌ නොව ප්‍රායෝගික දර්ශනවාදයක්‌ බවයි. වර්තමානය දක්‌වාම ඇමරිකානුවන් විසින් බුදු දහම සලකන්නේ ඒ අර්ථයෙනි. එයින් අදහස්‌ වනුයේ බෞද්ධයින් තම දර්ශනය හිතාමතාම වැරදි ලෙස අර්ථ ගැන්වූවා යන්න හෝ ඇමරිකානුවන්ට අසන්නට වුවමනා වූ දෙය කීවා යන්න නොවේ. ඔවුන් ඉන් සැබවින්ම උත්සාහ කළේ අවුරුදු දෙදහස්‌ පන්සියයක්‌ පැරණි තම ආගමික දර්ශනය නූතන සමාජයට ගෝචර වන සේ ඉදිරිපත් කරන්නටය. එහෙත් එහි අවසන් ඵලය වූයේ බුදු දහම නමැති විසල් වෘක්‌ෂයේ අතු රිකිලි කිහිපයක්‌ පමණක්‌ ඇමරිකානු පසෙහි රෝපනය කිරීම පමණකි. බුදු දහමෙහි වඩාත් වැදගත් සංස්‌කෘතික අංග සහ ඉගැන්වීම් ආසියාකරයෙහිම රැඳී පවතිද්දී ඇමරිකාවට පැමිණියේ බුදු දහමෙහි කප්පාදු කළ කොටස්‌ කිහිපයක්‌, බෞද්ධ කලාවන්ගෙන් අතලොස්‌සක්‌ සහ භාවනා ක්‍රම ස්‌වල්පයක්‌ පමණකි. එහෙත් ඇමරිකාවට බුදු දහම හඳුන්වා දුන් පසු එහි භාවනා ක්‍රම වල අපූර්ව බලය පිළිබඳව ඇමරිකානුවෝ පැහැදුනහ. වියට්‌නාම භික්‌ෂුවක වූ තිච් නාහ්ත් හැන්හ් විසින් නිර්මිත ප්‍රායෝගික බෞද්ධ දර්ශන සංකල්පයන් පාරිසරික හා සමාජ සාධාරණත්වය සඳහා වූ ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනෙන්නට විය. ජපන් සෙන් ගුරුවරයෙකු වූ ඩයිසෙට්‌සු ටෙයිටාරෝ සුසුකි නම් බෞද්ධ ලේඛකයාගේ ලියමන්ද ආසියාතික මෙන්ම ඇමරිකානු බෞද්ධ ගුරුවරුන් කෙරේ මහත් බලපෑමක්‌ ඇති කළ අතර මේ ඉගැන්වීම් මගින් ඇමරිකානු සංස්‌කෘතියටද බුදු දහමේ ආභාෂය මුසු වෙන්නට විය. ඇමරිකානු අධ්‍යාපනයට බෞද්ධ අධ්‍යාපනය මුසු වූයේ කොලරාඩෝවෙහි ප්‍රථම බෞද්ධ අනුබද්ධිත විශ්ව විද්‍යාලය වූ නරෝපා විශ්වවිද්‍යාලය පිහිටුවීමත් සමගය. බුදු දහම පිළිබඳ උසස්‌ අධ්‍යාපනය සඳහා වූ අනෙකුත් අධ්‍යාපන ආයතන වන බටහිර කැලිෙµdaනියා විශ්වවිද්‍යාලය, සෝකා විශ්වවිද්‍යාලය, ඔරිගොන් හි මෛත්‍රිපා විද්‍යාලය වැනි අධ්‍යාපන ආයතන පිහිටුවීම සඳහා මෙයින් මුලපිරිණ. -"බෞද්ධ භාවනා මගින් මානසික ආතතියට පිළියම් යෙදීම" මේ වන විට ඇමරිකානු වෛද්‍ය ක්‌ෂේත්‍රය පිළිගත් ක්‍රමවේදයකි. එසේම සිරකරුවන්ගේ මානසික ආතතිය හා කෝපය පාලනය කිරීම සඳහා -විපස්‌සනා භාවනා වැඩසටහන් -ඇමරිකාවේ බන්ධනාගාර තුළ පැවැත්වෙයි. මෙසේම හමුදා සෙබළුන්ගේ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීම සඳහා ක්‍රමවේදයක්‌ ලෙසින්ද බෞද්ධ භාවනා ක්‍රම යොදා ගනු ලබයි. මේ වන විට හොලිවුඩ් සිනමාවේ ඔයෑ ඵ්එරසං වැනි දැවැන්ත සිනමා නිර්මාණයන් සඳහාද බෞද්ධ තේමාවන් යොදා ගන්නා අතරම, ක්‍රීඩා ක්‌ෂේත්‍රයටද බුදු දහමේ ආභාෂය පැමිණ ඇත. ඒ සෙන් ක්‍රීඩා පුහුණු උපක්‍රම භාවිත කිරීමෙනි. බුදු දහම යනු හුදෙක්‌ ආගමක්‌ පමණක්‌ නොව පුළුල් පරාසයක ක්‌ෂේත්‍රයන්ට ප්‍රායෝගිකව යොදා ගත හැකි දර්ශනවාදයක්‌ බව ඇමරිකානුවන් විසින් මේ වන විට අවබෝධ කරගනිමින් පවතියි. එහෙත් බුදු දහම වැරදි කෙලවරින් අල්ලා ගත්තවුන් ඇමරිකාවේද නැත්තේ නොවේ. බුදු දහමේ ඇති පරාර්ථකාමිත්වය සහ මෛත්‍රිසහගත සංකල්ප ගැන අධ්‍යයනයක්‌ නොකොට බුදු දහම යනු ස්‌වාර්ථය පමණක්‌ සලසාගන්නා ආගමික සංකල්පයක්‌ පමණක්‌ යෑයි අදහන කොටසක්‌ද වෙයි. එමෙන්ම බුදු දහමේ පෙරදිග ආභාෂයන් හේතුකොට ගෙන එය වෙළෙඳ අරමුණින් පමණක්‌ යොදා ගන්නා අයද වෙයි. ''සෙන් තේ'', -''ලකී බුද්ධා බාර්'' ආදී ලෙසින් තම වෙළෙද භාණ්‌ඩ ප්‍රවර්ධනය කරගැනීම සඳහා ඔවුහු බුදුදහමේ නම විකුණති. මේ සියල්ලෙන් පැහැදිලි වන එක්‌ කරුණක්‌ ඇත. ඒ කාරණය නම් බුදු දහමේ පැවැත්මට හා පැතිරීමට බලපාන එකම කරුණ මිනිසුන්ගේ අවබෝධ කරගැනීමේ හැකියාවත්, බුද්ධිමත් බවත් මිස කාලය හෝ දේශය පිළිබඳ ප්‍රශ්නයක්‌ බුදු දහමට නැති බවය. නිම්මි මුදිතා හේරත් Facebook Twitter Google+ Pinterest You Might Also Like GOSSIP LANKA NEWS « PREV NEXT » Newer Post Older Post Home Facebook Comments APPID Loading... Most Reading කෙල්ලන්ගේ ඇඟ දිහා බලලා ගති ගුණ හොයාගන්නේ මෙන්න මෙහෙමයි ia;%S foay ,laIK j,ska fy<s lrk ryia fndfyduhla ;sfhkjd'tajdhska lsysmhla .ek lshkakïflda' Th;a n,kak fï ,laIK Thdg;a ;sfhkjo ... අතවර සිද්ධියට ධනුෂ්කගේ සම්බන්ධයක්‌ නැහැ l%slÜ‌ l%Svl OkqIal .=K;s,lf.a ñ;=rl= úiska fkda¾fõ cd;sl ;reKshlg fld<U msysá fydag,hl § w;jr lrk ,o nj lshk isoaêh iïnkaOfhka úu¾Yk ... CRYSBRO Corn Fed Golden Yellow Chicken | බඩ ඉරිගු ආහාරයට ගන්නා කුකුලන්ගේ මස් ලාංකීය වෙලදපොලට ආහාර මිලදී ගැනීමේදී එහි ගුණාත්මක බව සහ පැහැය පිලිබඳව පාරිභෝගිකයින් වෙසෙසින්ම සැලකිලිමත් වේ. රන් පැහැයෙන් යුත් කහ මදය සහි... ගණිකාවන් විකුණපු ‘ස්පා’ ජාවාරමට ‍පොලිස් ලොක්කෙකුගෙන් ලොකු කරුණාවක් iïndyk wdh;khla uqjdfjka le,Ksfha mj;ajdf.k .sh uyd mßudK .Ksld cdjdrula jeg,Sug wêlrK ksfhda.hla o /f.k .sh ‍fmd,sia ks,OdÍka wod< je... කොට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාල විද්‍යාලයේ විදුහල්පති මත්ද්‍රව්‍ය වෙලදාමට හවුල්ද? දෙමවුපියන් චෝදනා නගයි fldÜfÜ wdkkao Ydia;‍%d, úoHd,fha úÿy,am;sg úreoaOj miq.shod úfrdaO;djhla mdi, bÈßfha§ mej;=ks' ta Tyqf.a ¥Ys; md,khg tfrysjhs' ... තරුණයන් තමන්ට වඩා වයසින් වැඩි කාන්තාවන්ට ආකර්ෂණය වෙන හේතුව මෙන්න ;ukag jvd jhiska jeäuy¿ ldka;djka iu. iïnkaO;d we;s lr.kak oeka ldf,a ;reKhka ;=, ;sfnkafka úYd, Wkkaÿjla' ird.S fmkqu ;reKhk... නාමල් එක්ක පෙමෙන් වෙලෙනවායැයි කිව්ව අයට මාධවී ඇත්තම පෙම හෙළි කරයි : Madhavee Anthony මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ලොකු දුව. ඉතින් පසුගිය දවස්වල මාධවී විසින් නාමල් රාජපක්ෂ සමග සිටින ඡායාරූපයක් සමාජජාල මාධ්‍යයන... මන්නයක් අතැතිව ග්‍රීස්‌ යකෙක්‌ හෙළුවෙන් ඇවිදින හැටි මෙන්න rd;%S ld,fha yd wÆhï ld,fha ksrej;ska ießirk .%Sia‌ hfll= ksid fydaud.u mkdf.dv rKúre .ïudkh" frdñfh,a udj;" me<|f.dv" ... දුලභ දියමන්තියක් සොරාගත් ලාංකිකයා ඩුබායිහි දී අමාරුවේ wfußldkq fvd,¾ ñ,shk 20la ják Èhuka;shla fidrlï fldg furgg tjQ ,dxlslhl= vqndhs fmd,sia w;awvx.=jg f.k ;sfí' ielalre trg uq,H wdh... දීපිකා ප්‍රියදර්ශනී පීරිස් විවාහ ගිවිස ගනී [ Photos ] ckm‍%sh .dhk Ys,amskS úYdro §msld m‍%sho¾YkS újdy Èúhg msúiqKd' ta nexl= lafIa;‍%fha lghq;= lrk pdñl l=udr uy;d iuÛska' Tyq ... ADVERTISEMEN - Advertisement - - Advertisement - - Advertisement - - Advertisement - Categories gossip lanka About Us දෙස් විදෙස්, ආර්ථික, ක්‍රීඩා, ලග්න ඵලාපල, තාක්ශණික හා විනෝදාත්මක පුවත් සඳහා පිවිසෙන්න. අපගේ නිල වෙබ් අඩවිය www.gossip99.com Popular Posts කෙල්ලන්ගේ ඇඟ දිහා බලලා ගති ගුණ හොයාගන්නේ මෙන්න මෙහෙමයි ia;%S foay ,laIK j,ska fy<s lrk ryia fndfyduhla ;sfhkjd'tajdhska lsysmhla .ek lshkakïflda' Th;a n,kak fï ,laIK Thdg;a ;sfhkjo ... අතවර සිද්ධියට ධනුෂ්කගේ සම්බන්ධයක්‌ නැහැ l%slÜ‌ l%Svl OkqIal .=K;s,lf.a ñ;=rl= úiska fkda¾fõ cd;sl ;reKshlg fld<U msysá fydag,hl § w;jr lrk ,o nj lshk isoaêh iïnkaOfhka úu¾Yk ... CRYSBRO Corn Fed Golden Yellow Chicken | බඩ ඉරිගු ආහාරයට ගන්නා කුකුලන්ගේ මස් ලාංකීය වෙලදපොලට ආහාර මිලදී ගැනීමේදී එහි ගුණාත්මක බව සහ පැහැය පිලිබඳව පාරිභෝගිකයින් වෙසෙසින්ම සැලකිලිමත් වේ. රන් පැහැයෙන් යුත් කහ මදය සහි... ගණිකාවන් විකුණපු ‘ස්පා’ ජාවාරමට ‍පොලිස් ලොක්කෙකුගෙන් ලොකු කරුණාවක් iïndyk wdh;khla uqjdfjka le,Ksfha mj;ajdf.k .sh uyd mßudK .Ksld cdjdrula jeg,Sug wêlrK ksfhda.hla o /f.k .sh ‍fmd,sia ks,OdÍka wod< je... කොට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාල විද්‍යාලයේ විදුහල්පති මත්ද්‍රව්‍ය වෙලදාමට හවුල්ද? දෙමවුපියන් චෝදනා නගයි fldÜfÜ wdkkao Ydia;‍%d, úoHd,fha úÿy,am;sg úreoaOj miq.shod úfrdaO;djhla mdi, bÈßfha§ mej;=ks' ta Tyqf.a ¥Ys; md,khg tfrysjhs' ... Labels COPYRIGHT © 2014 - Gossip99 @ Lak Media Network Pages Home FAQ About Contact Instagram accessToken '); //$(".dropdown-menu.fullwidth .row").wrap(' '); // featured post $('.FeaturedPost h3').each(function() { $(this).insertAfter($(this).parent().find('img')); }); $('.FeaturedPost p').each(function() { $(this).insertAfter($(this).parent().find('h3')); }); $('.FeaturedPost .post-summary').each(function() { var $this = $(this); var postlink = $this.find('h3 a'); $.get(postlink.attr('href'), function(data) { postlink.parent().after(' ' + $( data).find('.meta').html() + ' '); }, "html"); }); // contact form $(".ContactForm .contact-form-widget").addClass("fbt-contact-box"); $(".contact-form-widget form").attr("id", "contact-form"); $("#contact-form input").removeClass("contact-form-name"); $("#contact-form input").removeClass("contact-form-email"); $("#contact-form input.contact-form-button").wrap(" "); $("#contact-form #submit-contact input").removeClass(); // Back to Top var $ele = $('#BackToTop'); $(window).on('scroll', function() { $(this).scrollTop() >= 200 ? $ele.show(10).animate({ bottom: '0' }, 10) : $ele.animate({ bottom: '-50px' }, 10) }); $ele.on('click', function(e) { e.preventDefault(); $('html,body').animate({ scrollTop: 0 }, 400) }); // Theia Sticky Sidebar $('.post-left-sidebar, .post-sidebar').theiaStickySidebar({ "additionalMarginTop": "25", }); $('.sidebar').theiaStickySidebar({ "additionalMarginTop": "25", }); $('.left-sidebar').theiaStickySidebar({ "additionalMarginTop": "25", "additionalMarginBottom": "31", }); $('.homepage-content').theiaStickySidebar({ "additionalMarginTop": "25", }); $('.post-container').theiaStickySidebar({ "additionalMarginTop": "25", }); // comments avatar resize $('#comments .avatar-image-container img').attr('src', function(i, src) { return src.replace('s35', 's60') }); // Tooltip $('[data-toggle="tooltip"]').tooltip(); //page navigation $(".index .blog-pager").addClass("pagenav"); $(".showpageOf").addClass("pages"); $(".pagecurrent").addClass("current"); //first blog post $(".post-body .post-grid").first().removeClass("col-md-6").removeClass("col-xs-6").addClass("first-post"); $(".post-body .first-post .post-content").removeClass("post-content").addClass("img-credits"); $('.first-post .img-credits').appendTo('.first-post .img-thumb, .first-post .video-preview'); }); // loading blog $('.loader-mask').delay(250).fadeOut('600'); //popular posts $(".PopularPosts .item-title a").wrapInner(" "); $('.PopularPosts .widget-content ul li').each(function() { var $this = $(this); var postlink = $this.find('.item-title a'); var postURL = postlink.attr('href'); var postimgURL = $this.find('.item-thumbnail a img').attr('src'); $.get(postlink.attr('href'), function(data) { postlink.parent().after(' ' + $( data).find('.meta').html() + ' '); }, "html"); }); $(".PopularPosts img").attr('src', function(i, src) { return src.replace('w72-h72', 'w90-h70'); }); $(".PopularPosts .item-snippet").each(function(i) { len = $(this).text().length; if (len > 110) { $(this).text($(this).text().substr(0, 72) + '...') } }); // feature image $('.item .post-body .separator').first().addClass("hide"); $('.item .post-body img').first().appendTo('.fbt-post-header'); //]]>
ලෝකයේ ජනගහණය කීයක් විතර ඇතිද? මෑතකදී කරපු ඇස්තමේන්තුවලට අනුව ලෝක ජනගහණය බිලියන 7.4කටත් වඩා වැඩියි. නමුත් ලෝකයේ අති බහුතරයක් ජීවත් වෙන්නේ බොහොම දුප්පත් විදිහට බව මෑතකදී ලෝක ප්‍රසිද්ධ රාජ්‍ය නොවන සංවිධානයක් (NGO එකක්) වන Oxfam ආයතනය නිකුත් කරපු වාර්තාවකින් දැක්වෙනවා. මේ කරුණ තහවුරු කරන්න ඔවුන් දක්වන සරලම උදාහරණය තමයි මේ. ලෝකයේ දුප්පත්ම මිනිසුන් බිලියන 3.7කටත් වඩා (කෝටි 370කටත් වඩා) ධනවත්ම 8 දෙනා සතු වත්කම් ප්‍රමාණය ඉහළයි! ලෝකයේ ජනගහනය අධික ප්‍රදේශ. රූපය : විකිපීඩියා ශ්‍රී ලංකාව දකුණු ආසියාතික රටක්. අපේ රට පිහිටලා තියෙන්නේ නිල වශයෙන්ම ලෝකයේ ජනගහනය වැඩිම ප්‍රදේශයේ. ඉන්දියාව සහ චීනය කියන රටවල් දෙකේ ජනගහනය විතරක් මුළු ලෝකයේම ජනගහණයෙන් 1/3 කටත් වඩා වැඩියි. ඒ විතරක් නෙවෙයි, ඉන්දුනීසියාව, පාකිස්තානය, බංග්ලාදේශය, රුසියාව සහ පිලිපීනය කියන ආසියාතික රටවල් පහම ලෝකයේ ජනගහණය වැඩිම රටවල් 12ට අයත්. ඒ වගේම සංඛ්‍යාත්මකව ලෝකයේ දුප්පතුන් වැඩිම ගණනක් වාසය කරන්නෙත් ආසියාවේ. මේ වගේ තත්වයක් ඇති වෙන එක මොන විදිහකින්වත් සාධාරණයි කියලා හිතන්න පුළුවන් කමක් නැහැ. නමුත් මෑතකදී Oxfam එකෙන් එකතු කරපු දත්ත අනුව පෙන්නුම් කරන්නේ මේ තත්වය තවදුරටත් ඉහළ යන බවක්. චීනය, ඉන්දියාව සහ අලුත්ම දත්ත චීනය පලකරන සමහර සංඛ්‍යා දත්ත ගැන වැඩි විශ්වාසයක් තිබුණේ නැති නිසා ඉතා මෑතක් වන තුරු බොහෝ ආයතන වලට නිවැරදි ආදායම් ඇස්තමේන්තු සකස් කරගන්න බැරිවුණා. ඉන්දියාවේ දුෂ්කර පැතිවලින් ලැබෙන සමහර දත්‍ත වල වැරදිත් මේකට බලපෑවා. මේ නිසා මෑතක් වෙන තුරු බොහෝ දෙනා හිතාගෙන හිටියාට වඩා අති විශාල දුප්පතුන් පිරිසක් ජීවත් වෙන බව මෙවර වාර්තාවෙන් පැහැදිලිවම ඔප්පු වෙලා තියෙනවා. Oxfam කියන්නේ ලෝක ප්‍රසිද්ධ රාජ්‍ය නොවන සංවිධානයක්. රූපය : Oxfam – youtube channel 2016 වර්ෂයේදී Oxfam ආයතනය ප්‍රකාශයට පත් කරපු දත්ත වල තිබුණේ ලෝකයේ දුප්පත්ම මිනිසුන් බිලියන 3.6 ක වත්කම ඉහළම ධනවතුන් 62 දෙනාගේ වත්කමට සමානයි කියලයි. (ඒ වන විට ජනගහණය බිලියන 7.2යි. එක වර්ෂයකට ලෝක ජනගහණය මිලියන 200කින් විතර වැඩි වෙනවා) නමුත් චීනය සහ ඉන්දියාවේ දුෂ්කරම ප්‍රදේශ ගැන අලුතින්ම ලැබුණු දත්ත එක්ක බැලුවාම 2016 වන විටත් ලෝකයේ දුප්පත්ම අර්ධය සතු වත්කම් හිතුවාටත් වඩා අඩු මට්ටමක තිබුණු බව Oxfam ආයතනය සඳහන් කරනවා. හරි දත්ත ඇසුරෙන් ගණන් බැලුවා නම් 2016දී ඔවුන්ගේ වත්කම මුල් ධනවතුන් 9 දෙනාගේ වත්කම් වලට සමාන බව තමයි දැන් ගණන් බලලා තියෙන්නේ. 2010 අවුරුද්ද මේ අලුත් දත්ත ඇසුරින් පුරෝකථනය කරාම ලැබෙන්නේ දුප්පත්ම අර්ධයේ වත්කමට සමාන වෙන්න ඉහළම ධනවතුන් 43 දෙනාගේම ධනය අවශ්‍යයි කියන එක. නමුත් එන්න එන්නම සිද්ධ වෙන්නේ දුප්පතුන් තවත් දුප්පත් වෙන අතරේ ඉහළ ධනවතුන් තව තවත් ධනවත් වෙන එක. 2017 අවුරුද්ද වන මේ තත්වය තවත් උග්‍ර අතට හැරෙන බවක් පේනවා. දැන් ලෝකයේ ඉහළම ධනවතුන්ගේ වත්කම බිලියන 3.7කගේ වත්කමටත් වඩා වැඩි වෙලා. මේ තත්වයට දැන් කාගේත් අවධානය යොමු වෙලා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF එකේ) ප්‍රධානියා වගේම පාප් වහන්සේත් මෑතකදී සිදු වුණු මේ සමාජ අසාධාරණය ගැන කණගාටුව පළකරලා තියෙනවා. මේ වගේ තත්වයක් ඇති වීම ලෝකයේ පැවැත්මට හානිකර බවයි ඔවුන් පවසන්නේ. දිගින් දිගටම ධනවත් වෙන සුළුතරයක් අතරේ ඇති විශාල පිරිසකට තියෙන වත්කම් පවා අහිමි වෙන නිසා ලෝක දේශපාලනයේ පවා වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ධනවතුන් පිළිකුල් කරන පිරිස දිනෙන් දින වැඩි වන බවටත් වාර්තා පලවෙනවා. මේ නිසා වැඩි පිරිසක් අතර ජනප්‍රිය සටන් පාඨ දැන් ලෝකය පුරාම දේශපාලන වේදිකා වල ප්‍රධාන තැනකට ඇවිත්. දුප්පතුන් බහුතරයක් සහ ධනවතුන් කිහිපයක්. රූපය : medium.com ගෝලීය වශයෙන් පවතින අවධානම් ගැන ලෝක ආර්ථික සමුළුව (WEF එක) පසුගිය සතියේ පළ කරපු වාර්තාවේත් මේ ගැන සඳහන් වුණා. මේ වගේ තත්වයක් ඇති වුණේ ඇයි කියලා ඇහුවාම Oxfam එකේ ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානියා වන මැක්ස් ලෝසන් (Max Lawson) ලබා දීලා තියෙන්නේ මේ වගේ පිළිතුරක්. “ලෝක ආර්ථිකයේ අවිනිශ්චිත බව පසුගිය කාලය පුරාවටම ඉහළ මට්ටමක පැවතුණා. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම වගේම ඩොනල්ඩ් ට්‍රම්ප්‍ ජයග්‍රහණය කිරීම නිසාත් මේ තත්වය තව දුරටත් වැඩි වෙලා. කොහොම නමුත් තවමත් ව්‍යාපාරවලට සාර්ථක විකල්ප හොයා ගන්න පුළුවන් වෙලාත් නැහැ.” ඔහු අවසානයේ දුන්නු මේ අදහස හිතලා බලන්න බොහොම වටිනා එකක්. “බහුතර පිරිසකට මීට වඩා බොහෝ ප්‍රතිලාභ සැලසෙන විදිහට ධනවාදය කියන දේ ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රම තියෙනවා.” “සුපර්-චාජ්” වුණු ධනවාදයට එරෙහිව මේ වචනය ඔබට ඒ තරම් හුරු නැතිව ඇති. වාහනයක එන්ජිමක් “සුපර්-චාජ්” කරන්නේ එයින් ලැබෙන බලය වැඩි කර ගන්නයි. එන්ජිමේ බලයෙන් ක්‍රියාත්මක වෙන පොම්පයක් පාවිච්චි කරලා බලෙන්ම එන්ජිමට ලැබෙන වායු ප්‍රමාණය වැඩි කරන එක තමයි සුපර් චාජ් කිරීමක් කියන්නේ. ඉතාම ධනවත් කොටස්කරුවන් තමන් සතු කොටස්වල වටිනාකම ඉහළ නංවා ගන්න තමන්ගේ වත්කම් එක්ක ලැබෙන සමාජ තත්වය ඇසුරෙන් බලපෑම් / ප්‍රේරක පාවිච්චි කරනවා. ඉතින් මේක බොහෝ දුරට එන්ජිමක් “සුපර්-චාජ්” කිරීමකට සමාන කරන්න පුළුවන්. Oxfam ආයතනය ඔවුන්ගේ වාර්තාවේ ප්‍රධානම නිර්දේශයක් විදිහට දක්වලා තිබුණේ කොටස්කරුවන්ගේ මේ “සුපර්-චාජ්” වුණු ධනවාදය පිටුදැකිය යුතුයි කියලයි. ඒ වගේම ධනවතුන් බදු ගෙවීම පැහැර හරින එක නවත්වන්න ශක්තිමත් ක්‍රමවේද සකස් කළ යුතු බවත්, ධනවතුන්ට අසාධාරණව ධනය බෙදීයන අවස්ථා අඩු කර ගත යුතු බවත් ඔවුන් නිර්දේශ කරනවා. තමන්ගේ ජීවන වියදම් පිරිමසා ගන්න බොහෝ සේවකයන් වැඩි වැඩියෙන් වෙහෙසුණත් ඔවුන්ගේ ක්‍රය ශක්තිය, නැතිනම් භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව දිගින් දිගටම පහළ වැටිලා තියෙන්නේ. මේකේ අර්ථය ඔවුන්ට ලැබෙන ප්‍රයෝජනවත් ආදායම අඩු වෙනවා කියන එකයි. කොහොම වුණත් සුපිරි ධනවතුන්ගේ ආදායම 2009 ඉඳලා මේ වෙනකොට 11%කින් විතර වර්ධනය වෙලා. ලෝක ධනවතුන්ගේ තත්වය ලෝකයේ ලොකුම ධනවතා – බිල් ගේට්ස්. රූපය : digitaltrends.com කාලයක් පුරාවටම ධනවතුන්ගෙන් ඉහළම තැන ඉන්න බිල් ගේට්ස්ගේ ආදායම පසුගිය වසර 10 තුළදී 50%කින් විතර ඉහළ ගිහින් තියෙනවා. 2006 අවුරුද්දේ මයික්‍රෝසොෆ්ට් ආයතනයේ විධායක අධ්‍යක්ෂක ධූරයෙන් ඉවත් වෙන බව ප්‍රකාශ කිරීමත් එක්ක මේ අවුරුදු 10දී ඔහු හිමිකර ගත්ත වත්කම් ප්‍රමාණයත් ඩොලර් බිලියන 25කට වඩා වැඩියි. සංඛ්‍යාත්මකව ගත්තාම ඔහුගේ මුළු වත්කම ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයටත් වඩා ඉහළ අගයක්! (2015 දී බිල් ගේට්ස්ගේ වත්කම ඩොලර් බිලියන 82ක් වෙද්දී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 80ක් වගේ.) කොහොම වුණත් බිල් ගේට්ස් කියන්නේ සල්ලි පොදි ගහගෙන ඉන්න කෙනෙක් නොවන බව ලෝකය පුරාම ප්‍රසිද්ධයි. මේ තත්වය ඉහළ ධනපතියන් බොහෝ දෙනෙකුට පොදුයි. ඔවුන් හැමෝම තමන් සතු වත්කම් වලින් විශාල ප්‍රමාණයක් සමාජ සුභසාධන කටයුතු වලට යොදවනවා. ධනපතියා දානපතියා වුණාට ප්‍රශ්නේ විසඳිලා නැහැ කොහොම වුණත් Oxfam එකට අනුව සුපිරි ධනවතුන් කවුරුත් සුපිරි දානපතියන් වුණු පමණින් මේ ප්‍රශ්නයේ “රෝග මූලයට” විසඳුමක් ලැබිලා නැහැ. “ලොව පුරාම විසිරී සිටින සුපිරි ධනවතුන් සමාජ සුභසාධන කටයුතු වලට දායක වෙන එක ඇත්තෙන්ම හොඳ දෙයක්. නමුත් ආදායම් බෙදී යාමේ විෂමතාවය එන්න එන්නම වැඩි වෙනවා විතරයි. සුපිරි ධනපතියන්ට ගෙවන්න සිදුවෙන බදු ප්‍රතිශතය ඔවුන්ගේ පහළ සේවකයන් ගෙවන බදු ප්‍රතිශතයටත් වඩා අඩු වෙන ක්‍රමවේදයක් පවතින එක කිසිසේත් ලෝකයට හිතකර නැහැ.” කියලා ලෝසන් මහතා ප්‍රකාශ කරලා තියෙනවා. Oxfam ආයතනය ඔවුන්ගේ මේ වාර්තාවට පදනම් කරගෙන තියෙන්නේ Credit Suisse නැමැති ස්විස් බැංකුවේ දත්ත සහ රොයිටර් පුවත් සේවයේ දත්ත. මේ වාර්තාවේ නම් කරලා තියෙන ලෝකයේ ඉහළම ධනවතුන් වෙන්නේ මයික්‍රෝසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස්, ඉන්ඩිටෙක්ස් (Inditex) නිර්මාතෘ ආමන්ෂියෝ ඔටේගා, ප්‍රකට ආයෝජක වොරන් බුෆේ, මෙක්සිකෝවේ කාලෝස් ස්ලිම්, ඇමේසන් අධිපති ජෙෆ් බේසෝස්, ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග්, ඔරැකල් සමාගමේ ලැරී එලිසන් සහ නිව්යෝක්හි හිටපු නගරාධිපති මයිකල් බ්ලූම්බර්ග් කියන අට දෙනායි. මේ සුපිරිම ධනවතුන් 8 දෙනාගේ වත්කම බිලියන 3.7ක වත්කමට වඩා වැඩියි. රූපය : registerguard.com අපේ රටේ තත්වය මේ ධනපතියන් කවුරුත් අපේ රටේ නැති වුණත් ලෝකයේ පවතින තත්වයේම පැතිකඩක් අපේ රටෙත් දකින්න ලැබෙනවා. අපේ රටේ ඔය පරීක්ෂණය කළත් ඊට සමාන ප්‍රතිඵලයක් ලැබේවි කියලා හිතන්න පුළුවන්. සමාජයේ බහුතරයකට තමන්ගේ ආදායම ප්‍රමාණවත් නැති වුණත් ඉහළ පැලැන්තියේ බොහෝදෙනෙක් අති සුඛෝපභෝගී ජීවිත ගෙවනවා. ආදායම් බෙදී යාමේ විෂමතාව කියන එක ලෝකයට වගේම අපටත් පොදුයි. මේ තත්වයේ ලොකු වෙනසක් ඇති වේවි කියලා නම් තවමත් හිතන්නවත් බැහැ. නමුත් තමන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගන්නත් අපහසු පිරිසටත් යම් සාධාරණත්වයක් ඉටු වෙන කාලයක් ඒවි කියලා අපිත් පුංචි බලාපොරොත්තුවක් හරි තියාගමු නේද? Related Articles අහසේ සැරිසරන ඇලිගේටරයා හෙවත් කමෝව් KA 52 හෙලිකොප්ටරය article විශේෂාංග නොවැම්බර් 9, 2017 The X-Files ටෙලිකතා මාලාවේ තිරය පිටුපස කතා article විශේෂාංග අප්‍රේල් 29, 2021 කෝවිඩ්-19 නිසා අසරණ වුණු උපකාරක පන්ති ගුරුවරුන් article විශේෂාංග ජූනි 26, 2020 නීති විද්‍යාලය සහ නීති පීඨය එකක් ද දෙකක් ද? article විශේෂාංග නොවැම්බර් 14, 2016 තිරසාර සංවර්ධනයක් උදෙසා තනි තනි ව පෙළ ගැසෙමු ද? article විශේෂාංග අප්‍රේල් 23, 2018 මීම් කියන්නේ මොනාද? video විශේෂාංග ජූලි 2, 2018 ගව අපද්‍රව්‍යවලින් ගෑස් ප්‍රශ්නය විසඳිය හැකි ද? video විශේෂාංග ඔක්තෝබර් 19, 2022 මොළයට සිදු වූ හානි නිසා අසාමාන්‍ය හැකියාවන් ලැබූ පුද්ගලයින් article විශේෂාංග සැප්තැම්බර් 18, 2018 Roar සිංහල Roar Media is a South Asian multilingual media platform that produces original stories and provides analysis on complex issues. All our content aims to inform, educate, and inspire.
October 3, 2022 October 3, 2022 Pavithra Sandamali1 Comment on අත්අඩංගුවට ගත් 7 දෙනාගෙන් 9 දෙනෙකුගේ රුධිරයේ මත්ද්‍රව්‍ය තිබූ බවක් කමල් ගුණරත්න පැවසුවාද? දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සියලු කරුණු දුටු පමණින් සංසරණය කර ගැනීම සුලබව දක්නට ලැබෙනවා. ඇතැම් අවස්ථා වලදී සත්‍ය කරුණු පවා වෙනත් පාර්ශවයන් විසින් වෙනස් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හෝ ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ පළ කිරීමෙන් ජනතාව නොමග යනු ලබනවා. එවන් ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ […] Continue Reading FACT CHECK:දිගු නාසයක් සහිත මුහුණු ආවරණයක් පැළද සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ? December 14, 2021 February 17, 2022 Kalana KrishanthaLeave a Comment on FACT CHECK:දිගු නාසයක් සහිත මුහුණු ආවරණයක් පැළද සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ? ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ඡායාරූප සංස්කරණයට ලක්කර ඒවා වෙනත් අර්ථයන් ඉස්මතුවන සේ පළ කිරීම සමාජ ජාලාවල නිරන්තරයෙන්ම සිදුවන කාරණයක්. මේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ එසේ විකෘති කරන ලද ඡායාරූපයක් සම්බන්ධයෙන් අප විසින් සිදුකල කරුණුසොයා බැලීමක්. සමාජ ජාලා සටහන් ෆෙස්බුක් පිටුවක් මගින් අන්තර්ජාලයට ඡායාරූපයක් එක්කර තිබුණේ පහත සටහනද සමගින්. “ඔමික්‍රෝන් හැදුනත් මේ වගේමාස්ක් නම් දාන්නෙ නැහැ.”. Facebook | Archived […] Continue Reading FACT CHECK: කොළඹ, පැල්පත් නිවාස දැක්වෙන ඡායාරූපයක් ද? December 9, 2021 February 17, 2022 Pavithra SandamaliLeave a Comment on FACT CHECK: කොළඹ, පැල්පත් නිවාස දැක්වෙන ඡායාරූපයක් ද? කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනයත් සමග එහි තවත් පැතිකඩක් ලෙස දැක්වීමට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් පිළිබඳව අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ශ්‍රී ලංකාවේ කොළඹ ප්‍රදේශය බවට හඟවමින් ඡායාරූප සටහනක් ෆේස්බුක් ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්. Facebook | Archived Link මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්. මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ලංකාවේ බව බොහෝ […] Continue Reading FACT CHECK: පොර්ට් සිටි පිවිසුමේ ඇති නාම පුවරුව සිංහල භාෂාවෙන් සඳහන් නොවන්නේ ඇයි? March 18, 2021 February 18, 2022 Sara GunaratneLeave a Comment on FACT CHECK: පොර්ට් සිටි පිවිසුමේ ඇති නාම පුවරුව සිංහල භාෂාවෙන් සඳහන් නොවන්නේ ඇයි? තිරසාර නගර සංවර්ධන තේමාව යටතේ ඉදිවෙන පොර්ට් සිටි ව්‍යාපෘතිය හෙක්ටාර 269ක භූමියක් ගොඩකරමින් මෙරට ඉදිවෙන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතියයි. 2014 වසරේ ඉදිකිරීම් කටයුතු ඇරඹි මෙම වරාය නගරයේ වැඩකටයුතු දැන් ක්‍රමයෙන් අවසන් වෙමින් පවතියි. වරාය නගරය සහ එමඟින් මෙරටට ඇතිවී තිබෙන චීන බලපෑම පිළිබඳව නොයෙකුත් සටහන් විටින් විට දක්නට ලැබෙන අතර එහි ඉදිකිරීම් සමාගමේ පුවරුවක් යොදාගනිමින් හුවමරු […] Continue Reading FACT CHECK : LPL තරඟයක ප්‍රතිඵලයක් නිසා තරුණ යුවලක් දික්කසාද වීමට යන බවට උපහාසාත්මක කෝණයකින් පළවූ ව්‍යාජ සටහනක් December 1, 2020 June 24, 2022 Sahan PereraLeave a Comment on FACT CHECK : LPL තරඟයක ප්‍රතිඵලයක් නිසා තරුණ යුවලක් දික්කසාද වීමට යන බවට උපහාසාත්මක කෝණයකින් පළවූ ව්‍යාජ සටහනක් පුද්ගලයන් අපහසුතාවයට හෝ හාස්‍යයට ලක් කිරීමේ අරමුණින් සමාජ මාධ්‍ය ජාලා තුළ වරින් වර සටහන් ඉදිරිපත් වේ. මින් පෙරද තරුණයින් දෙදෙනෙකු පිළිබඳව ෆේස්බුක් ජාලයේ ඉදිරිපත් වූ සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනයේදී තහවුරු වූයේ ඒවා සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි. ඒ වාර්තා මෙතනින් සහ මෙතනින් මේ ආකාරයෙන්ම ලංකාවේ පැවැත්වෙන LPL තරඟාවලියේ ප්‍රතිවාදී කණ්ඩායම් දෙකකට සහය දැක්වූ තරුණ […] Continue Reading FACT CHECK: කොළඹ නගරය තුල සිදුකළ අහඹු PCR පරීක්ෂණවලදී කොරෝනා අසාදිතයන් 937ක් හමවු වුනාද? October 28, 2020 February 18, 2022 Sahan PereraLeave a Comment on FACT CHECK: කොළඹ නගරය තුල සිදුකළ අහඹු PCR පරීක්ෂණවලදී කොරෝනා අසාදිතයන් 937ක් හමවු වුනාද? කොරෝනා වෛරස් ආසාදනය නැවත වරක් දිවයින පුරා ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමගම, සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මේ පිළිබඳව නොයෙකුත් සටහන් ඉදිරිපත් වනු දක්නට ලැබුණා. මින් සමහර සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනයේදී තහවුරු වූයේ ඒවා නොමඟ යවන සුළු හෝ සාවද්‍ය සටහන් බවයි. කොළඹ නගරය තුල සිදුකළ අහඹු පරීක්ෂණ වලදී කොරෝනා අසාදිතයන් 937ක් හමවු බවට […] Continue Reading විදේශිකයෙක් මෑතකදී ලබාගත් ලංකාවේ දුම්රියක ඡායාරුපයක් ලෙස පළවූ සාවද්‍ය සටහනක් August 4, 2020 February 21, 2022 Sahan PereraLeave a Comment on විදේශිකයෙක් මෑතකදී ලබාගත් ලංකාවේ දුම්රියක ඡායාරුපයක් ලෙස පළවූ සාවද්‍ය සටහනක් ශ්‍රී ලංකාවේ දුම්රියක වැසිලියක ඡායාරුපයක් ලෙස පෙන්වන ඡායාරුපයක් පසුගිය කාලයේදී විශාල වශයෙන් සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වී තිබෙනු අපට දක්ගනන්ට ලැබුනා. “විදේශිකයෙක් ලංකාවේ කොළඹ නුවර නගරාන්තර සීඝ්‍රගාමි දුම් රියේ වැසිකිළියක් ජාත්‍යන්තරයට යැව්වේ මෙන්න මෙහෙමයි…” යන තේමාව යටතේ ෆේස්බුක් පරිශීලයින් විසින් පසුගිය සතියේ මෙම සටහන් හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසිනි තවදුරත් පරීක්ෂා කිරීමේදී අපට දැකගන්නට ලැබුනේ මෙවැනි […] Continue Reading ගෝඨාභය රාජපක්ෂගේ ගුවන් ටිකට්පතේ ඇත්ත නැත්ත! November 11, 2019 February 21, 2022 Sahan PereraLeave a Comment on ගෝඨාභය රාජපක්ෂගේ ගුවන් ටිකට්පතේ ඇත්ත නැත්ත! “කඩේ ගිය පොහොට්ටුව අනාථයි” යනුවෙන් නම් කරන සටහනක් පසුගිය සති අන්තය තුල විශාල වශයෙන් මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරුවෙමින් තිබෙන අතර දැකගැනීමට හැකිවුනා. මෙහි තවදුරටත් ගුවන් ටිකට් පතක ඡායාරූපයක්ද සමඟම දක්වා තිබුනේ “ගෝටා පරාජය පිළිගනී.. ඡන්දයට වියදම් කිරීම බැසිල් නවතයි… නඩු කටයුතු ආරම්භ වීමට පෙර රටෙන් පිට වීමට දෙපළ තීරණය කරයි.. ඩුබායි හරහා ඇමෙරිකාවට පැනීමට ගුවන් […] Continue Reading ClimateFactChecks.org Climate Change adversely impacts Water Security | Steps Towards Climate Resilient Water Management Systems Legalizing Cannabis in Sri Lanka | Implications in the fight against Climate Change Explained | What is Net-Zero Greenwashing and why was it highlighted by the UN Secy-Gen at COP27 Post misleadingly claims UN Report says CO2 deadlier than Cancer Hydroelectric power for Climate resilience – Overview of the Victoria Hydropower plant Popular Posts මෑතක දී රොබින් ප්‍රනාන්දු මහතා මියගිය බව හඟවමින් පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක්! දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට... by Pavithra Sandamali 2021 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල, ඔක්තෝබර් 05 නිකුත් කළා ද? Update : 11/25/22 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප... by Pavithra Sandamali කොටුව දුම්රිය ස්ථානයේදී විදේශිකයෙකුට වැඩි මුදලකට දුම්රිය ටිකට් පතක් විකුණූ අවස්ථාවක් ද?(Video) දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට... by Pavithra Sandamali ගංජා ශාකයේ ගුණ සහ විශේෂ වාසිදායක ලක්ෂණ ලෙස හුවමාරු වන සටහන් පිලිබදව කරුණු විමසීමක්! දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට... by Kalana Krishantha නොමඟ යවන සුළු අර්ථකතනයන් සමඟ ලංකාවේ හුවමාරු වන භික්ෂුන් දෙදෙනෙකුගේ ආරවුලක් දැක්වෙන ඡායාරූපයේ ඇත්ත කතාව! දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට... by Pavithra Sandamali Find Us On Follow Us On Youtube About Us Terms of Use Submit For Fact-Check Code Of Principles Correction & Submission Policy Disclaimer Privacy Policy Contact Us Archives Archives Select Month November 2022 (27) October 2022 (35) September 2022 (32) August 2022 (40) July 2022 (46) June 2022 (35) May 2022 (46) April 2022 (41) March 2022 (58) February 2022 (48) January 2022 (34) December 2021 (37) November 2021 (38) October 2021 (40) September 2021 (42) August 2021 (48) July 2021 (49) June 2021 (48) May 2021 (61) April 2021 (46) March 2021 (40) February 2021 (39) January 2021 (37) December 2020 (45) November 2020 (37) October 2020 (40) September 2020 (43) August 2020 (73) July 2020 (43) June 2020 (48) May 2020 (42) April 2020 (37) March 2020 (28) February 2020 (20) January 2020 (29) December 2019 (21) November 2019 (28) October 2019 (28) September 2019 (15) August 2019 (7) July 2019 (1) Like Our FB Page Categories Categories Select Category Altered (72) Animal (15) Art (2) Artist (5) Celebrity (18) Coronavirus (165) Economy (22) Education (12) Election (39) Environmental (3) Event (2) Explainer (93) False (628) False Headline (2) Food (1) Fuel Crisis (3) Gossip (8) Health (28) Hoax (5) International (179) Law Enforcement (1) Local (4) Medical (19) Misleading (552) Missing Context (45) National (1) Natural Disaster (1) Nature (3) Online Scam (5) Partly False (43) Political (436) Politics (3) Protests (17) Religious (11) Satire (17) Scam (2) Science (5) Security (19) Social (685) Sports (50) Technical (1) Technology (7) Tourism (2) Travel (6) Uncategorized (4) Vaccine (4) Visual (15) Weekly Digest (1) Weekly Fact Checks (1) Wildlife (7) World News (1)
ආර්තික අර්බුදය හින්දා ලංකාවෙ කාන්තාවන්ට වි‍ශේෂ වූ ප්‍රශ්න ඇතිවෙනවා. ඒ අයගෙ රැකියා නැති වෙනවා. මෙහෙම රැකියා නැතිවෙන බොහොමයක් පිරිස් ගණිකා වෘත්තියට එකතු වෙමින් පවතිනවා කියලා ඒඑන්අයි පුවත් සේවය වාර්තා කරනවා. කාන්තාවන්ගේ රැකියා අහිමිවීම නිසා ඒ අයගෙ පවුල්වල දුෂ්කරතා මතුවෙනවා. මේ හේතුවෙන් දිවිනසා ගන්නා අය ගැන පවා පුවත් වාර්තා වෙනවා. නමුත් ඊට වඩා ධෛර්යය සම්පන්න කාන්තාවන් තමන්ගේ ජීවිතයේ දැවැන්තම අභියෝගයක් බාරඅරගෙන, තමන්ට ප්‍රමාණවත් මුදලක් උපයාගත හැකි එකම මාධ්‍යය විදිහට විවෘත වෙලා තියෙන ලිංගික ශ්‍රමික කලාපයට ඇතුප්වෙනවා. ANI පුවත්සේවය වාර්තා කරන විදිහට මේ නිසා රටේ ගණිකා නිවාස වැඩිවීමක් සිදුවෙමින් පවතිනවා. පහුගිය මාස කීපයේ පමණක් ගණිකා වෘත්තියේ 30%ක පමණ වර්ධනයක් පෙන්වනවා. ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතීන් වෙනුවෙන් වැඩකරන සංවිධානයක් වන ස්ටෑන්ඩ්අප් මූව්මන්ට් ලංකා පෙන්වා දෙන විදිහට මේ කාන්තාවන් බොහොමයක් මේ රැකියාවට යොමුවෙන්නෙ තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාමේ දුෂ්කරතා නිසයි. මේ කාන්තාවන් තමයි බොහොමයක් පවුල්වල උපයන්නා වෙන්නෙ. සමහරුන්‍ දරුවන් එක්ක දික්කසාදව ජීවත් වෙන අය. තවත් සමහරුන්ගේ සැමියන් කිසිදු ඉපැයීමක් කරන්නෙ නෑ. සමහරු ජීවත් වෙන්නෙ මහළු දෙමව්පියන් සමග. මේ තමයි ඒ අයට තමන්ගෙ පවුල ජීවත් කරවන්න ගන්න තිබුණු එකම මාර්ගය. විශේෂයෙන්ම ඇගළුම් ක්ෂේත්‍රයේ විශාල වශයෙන් රැකියා අහිමි වීමක් සිදු වෙනවා. මෙහෙම රැකියා අහිමි වෙන බොහොමයක් දෙනා ගණිකා වෘත්තියට යොමුවන නැඹුරුවක් පේන්න තියෙනවා. ගොඩක් අයට සිද්ද වෙන්නෙ ස්පාවල රැකියා හොයාගන්න. සැ.යු- ගණිකාව යන වචනය අප පාවිච්චි කරන්නේ සිතාමතාමය. එය ඉන්දියාවේ ගණිකා යන ප්‍රභූමය, ගෞරවනීය වෘත්තිය සම්බන්ධ සැබෑ අර්ථය නැවත අත්පත් කරගත යුතු බවට අපි විශ්වාස කරනවා. රෙහානා කියන අවුරුදු 21ක තරුණියකගේ ප්‍රකාශය අනුව මාස 07ට කලින් එයාගෙ ඇගළුම් රැකියාව නැති වීම නිසා පවුලට ආදායමක් නැති වෙනවා. එයාට ස්පා හිමිකරුවෙක් ලිංගික ශ්‍රමිකයෙක් විදිහට රැකියාව කරන්න කතා කරනවා. මුලින් ප්‍රතික්ෂේප කළත් ඒ තිබුණු ආර්තික තත්වය නිසාම එයාට සිද්ද වෙනවා මේ රැකියාවට එන්න. අවුරුදු 42ක රෝසි කියන කතාව අනුව ඇය අවුරුදු 07ක දරුවෙකුගේ මවක්. දික්කසාද වෙලා ජීවත් වෙන්නෙ. තමන්ගේ දරුවා‍ගෙ අධ්‍යාපන කටයුතු කරගෙන යන්නවත් ඇයට ලැබෙන ආදායම මදි වෙනවා. ඇය මෙතෙක් කරගෙන ගිය පොඩි කඩේ මේ ආර්තික අර්බුදයත් එක්ක පවත්වාගෙන යන්න අමාරු තත්වයක් එනවා. මේ හින්ද ඇයට සිද්ද වෙනවා ලිංගික ශ්‍රමිකයෙක් විදිහට සේවය කරන්න. ඇත්තම තත්වය නම් රුපියල් 15000-20000ක් පමණ මුදලක් මාසයකට උපයපු කාන්තාවකට පුළුවන්කම ලැබෙනවා ලිංගික ශ්‍රමිකයෙක් විදිහට දවසකට එබඳු මුදලක් උපයාගන්න. ඒක ආකර්ශනීය තත්වයක්. ස්ටෑන්ඩ්අප් මූව්මන්ට් ප්‍රකාශ කරන ආකාරයට මේ ආර්ථික අර්බුදය හමුවේ බොහොමයක් කාන්තාවන්ගේ සැමියන් ඔවුන් හැර ගොස් තිබෙනවා. මේ නිසා ජීවත් වෙන මාර්ගයක් නැතිකමෙනුත් ලිංගික ශ්‍රමිකයන් විදිහට වැඩ කරන අය ඉන්නවා. මේ අය උපත් පාලන ක්‍රමයන් ගැන නොදැනුවත් සහ නොසැලකිලිමත් බව නිසා ගැබ් ගැනීම් සිද්ද වෙනවා. මේ වෙද්දි ඉහත ආයතනය විසින් එවන් ගැබ්ගැනීම් සිදුවුනු කාන්තාවන් දෙදෙනෙක් රැකබලාගන්නවා. රජයෙන් කිසිම සහායක් මෙවැනි ගැහැණුන් වෙනුවෙන් ලැබෙන්නෙ නැහැ. ශ්‍රී ලංකා සෙක්ස් පක්ෂය හැටියට අප යෝජනා කරන්නෙ මේ පවතින ආර්ථික අර්බුදය ගැන සබුද්ධිකභාවයකින් රජයට ලිංගික ශ්‍රමික වෘත්තිය අපරාධහරණය කරන ලෙසයි. එය අභියෝගාත්මක තීරණයක් බව ඇත්ත. නමුත් මානුෂිකබව සියල්ලට ඉහළින් සැලකූ රජයක සානුකම්පික තීරණයක් හැටියට යම් දවසක අගය කරනු ඇත. මෙවන් ප්‍රවෘත්තියක් ලැබුනු විගස පොලිසි මගින් සිදුකරන ගණිකා නිවාස වැටලීම් සහ ඒවා මහා ප්‍රවෘත්ති වශයෙන් මීඩියාවල පළකිරීම වහාම නතර කරන්න පියවර ගන්න. අපට මේ කාන්තාවන්ගේ ආර්තිකය රැකබලාගත නොහැකි නම් අවම වශයෙන් ඔවුන් මුදලක් උපයන වෘත්තියේ ආරක්ෂාව වෙනුවෙන් වගකීම්සහගත වෙන්න. මේ අයට නීතිමය සහ සෞඛ්‍යමය රැකවරණ සැලසීමට අවකාශ ලබාදෙන්න. මේ අයට උපත් පාලනය සහ ලිංගික රෝගවලින් ආරක්ෂා වීම පිළිබඳ දැනුම ලබාදීමට ඉක්මන් පියවර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ වගේම පෝලිම්වල, විවිධ අර්බුද මැද ජීවත් වෙන පිරිමින්ගේ ආතතිය පුපුරා යාමට නොදී සමනය කිරීමට මේ කාන්තාවන් විසින් කරන සමාජ සේවය පිළිගත යුතු වෙනවා. ගණිකා වෘත්තිය යනු අනෙක් කවර හෝ වෘත්තියක් තරමටම ගෞරවනීය වෘත්තියක් බව අපගේ පක්ෂයේ පිළිගැනීමයි. අනෙක් වෘත්තීන් හා සමානවම එයට වෘත්තීමය අයිතිවාසිකම් හිමිවිය යුතුය. එය කාන්තාවක් විසින් ස්වාධීනව, තමන්ගේ තීරණයෙන්, තමන්ගේ ශරීරයෙන් හා ශෘංගාරයෙන් මුදල් උපයන නිදහස් රැකියාවක් විය යුතුය. රජයන්ගේ වැරදි ප්‍රතිපත්ති නිසා බංකොලොත් වූ ආර්තිකයක ගැහැණුන් ජීවත් වීම වෙනුවෙන් කරන කර්මාන්තයකට අකුල් හෙලීමට තරම් අමානුෂික, ඊනියා සදාචාරාත්මක රජයක් බවට මේ නව රජය පත් නොවනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. මෙයට, ශ්‍රී ලංකා සෙක්ස් පක්ෂය. TAGS culture featured job prostitute sex party sri lanka Facebook Twitter Pinterest WhatsApp admin RELATED ARTICLESMORE FROM AUTHOR ජපන් කාම සිනමාව විරෝධයේ ශෘංගාරය ධනුෂ්කට මොකද වුනේ? කන්‍යා සිවි සැත්කම Dahmer යක්ෂයාගේ අවිහිංසකත්වය Links About Us Contact Terms & Conditions Subscribe to our newsletter Email Address Subscribe Join 298 other subscribers Facebook Page Facebook Page ABOUT US A Sexual Freedom Movement with a mission is to create a society that consists of open minded, intellectual, loving individuals with mutual respect for each other's desires and preferences
සඳු ගමන් කරන්නේ 9, 10, 11 සහ 12 වැන්න මතිනි. ආරම්භයේදීම පුණ්‍ය කටයුත්තකට සහභාගි වන අතර, චිත්ත ධෛර්යයෙන් යුතුව වැඩ කරයි. ගෘහ ජීවිතය තුළ සුළු මතභේද ඇති වුවත් දුරදිග නොයයි. දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යෑමට හැකි අතර, ප්‍රාථමික දුවා දරුවනට දෙමාපිය සහයෝගය අත්‍යවශ්‍ය වේ. තුනටියෙන් පහළ අවයවවල සහ විශේෂයෙන් පාදවල වේදනා සහ අසනීප මතු කරයි. ආරම්භයේ පුණ්‍ය කටයුතුවලට සහභාගී වීමෙන්ම අපල මග හැරේ. අය 5, වැය 3, සුබ අංකය 5, සුබ වර්ණය - රතු, සුබ දවස - ඉරිදා වෘෂභ - මිල මුදල් ලාභ‍ සඳු ගමන් කරන්නේ 8, 9, 10 සහ 11 වැන්න මතිනි. ආරම්භය තරමක් අසුබදායී බවක් පෙන්නුම් කළද මැද කොටසේ සිට යහපත්ය. ගෘහ ජීවිතය තුළ සාමකාමී බව ඇතිවේ. ආදායම් තත්ත්වය සුබ අතට හැරේ. රැකියාව වෙනුවෙන් ඇවිදිලි වැඩිවෙයි. බලාපොරොත්තු නොවූ මුදලක් අතට ලැබේ. අජීර්ණ රෝග, කලවා සහ පාදවල අසනීප මතු වෙයි. හැකි නම් සතිය ආරම්භයේ කරඳ කොළ මත පහන් 7ක් තබා වර්ණවත් සහ සුවඳ මල් බෝධීන් වහන්සේට පූජා කරන්න. අය 7, වැය 5, සුබ අංකය 6, සුබ වර්ණය ක්‍රීම්, සුබ දවස - සිකුරාදා මිථුන - ආදායම් ඉහළට සඳු ගමන් ආරම්භ කරන්නේ 7, 8, 9 සහ 10 වැන්න මතිනි. ගෘහ ජීවිතය තුළ සමාදානය පෙන්වයි. අගහිඟකම් ඇති නොවේ. දුවා දරුවන්ට සිය ඉගෙනීමේ කටයුතු හරිහැටි සිදුකර ගැනීමට හැකියාව ඇත. පොතපත කෙරෙහි ඇල්ම වැඩිවේ. රැකියා සහ ආදායම් ඉපයීමේ මාර්ගවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ මල බද්ධය, මුත්‍රා ආසාදන, පාදවල සහ තුනටිය ආශ්‍රිත රෝගාබාධ ඇතිවිය හැකි බැවිනි. කොහොඹ පැළයකට ජලය දැමීමෙන් අපල අවම වේ. අය 11, වැය 8, සුබ අංකය 3, සුබ වර්ණය කොළ, සුබ දවස සඳුදා කටක - ගෘහ ජීවිතයේ සමගිය වැඩිවේ සඳු ගමන් ආරම්භ කරන්නේ 6, 7, 8 සහ 9 වැන්න මතිනි. ගෘහ ජීවිතය සමගියෙන් ගෙනයයි. රැකියා හා ව්‍යාපාර අංශවලින් වැඩි ලාභ ප්‍රයෝජන අත් නොවුනත් එදිනෙදා වියදම් පියවා ගැනීමට හැකි වාතාවරණයක් සැලසේ. කොඳු ඇට පෙළේ වේදනා, මුත්‍රා දෝෂ, අජීර්ණ රෝග, පාදවල වේදනා මතුවිය හැකි අතර, සතුරු කරදර ආදියට ද ඉඩ ඇත. සඳුදා උදෑසන සුදු මල් චෛත්‍යයක් අබියස පුදා කරණීය මෙත්ත සූත්‍රය කියා සතියේ වැඩ ආරම්භ කරන්න. අය 8, වැය 6, සුබ අංකය 2, සුබ වර්ණය - සුදු, සුබ දවස - සඳුදා සිංහ - දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වේ රැකියා සහ ආදායම් මාර්ගවලින් සිතන තරම් ලාභයක් අත් නොවුණද උත්සාහය අත් නොහැර කටයුතු කරන්න. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. වකුගඩු, මුත්‍රා දෝෂ, අජීර්ණ, තුනටියේ වේදනා පෙන්නුම් කරයි. චිත්ත පීඩා ඇතිවන ආරංචි ද පැමිණිය හැකිය. එසේ නොමැති නම් හිතවතකු අමනාප වීම, ලෙඩදුක් අසන්නට ලැබෙයි. හැකි නම් මේ වස් කාලය තුළ බෝමළුව පිරිසුදු කර පැන් බඳුනක් බෝධියට දමන්න. අපල දුරුවී සහනය සැලසේ. අය 5, වැය 4, සුබ අංකය 1, සුබ වර්ණය - රතු, සුබ දවස - අඟහරුවාදා කන්‍යා - ස්වයං රැකියාවලට සුබයි සඳු ගමන් ආරම්භ කරන්නේ 4, 5, 6 සහ 7 වැන්න මතිනි. ගෘහ ජීවිතය තුළ ගැටලු සාකච්ඡා මඟින් සමාදානයෙන් විසඳා ගනියි. රැකීරක්ෂා ව්‍යාපාර අංශවලින් සාමාන්‍ය ආදායමක් උපයයි. නිවෙසේ සිට කරනු ලබන ස්වයං රැකියාවලට සුබයි. දරුවන්ගේ අධ්‍යාපනික තත්ත්වය උසස්වේ. දැඩි උනන්දුවකින් වැඩ කරයි. උදර රෝග, ගර්භාෂගත රෝග සහ මලබද්ධය ඇති විය හැකිය. ඉගෙන ගන්නා දරුවකුට අවශ්‍ය කරන සුළු දෙයක් හෝ රැගෙන දීමෙන් අපල අඩුවේ. අය 8, වැය 5, සුබ අංකය 5, සුබ වර්ණය - කොළ, සුබ දවස - සිකුරාදා තුලා - සහෝදර උපකාර හිමිවේ සඳු ගමන් ආරම්භ කරන්නේ 3, 4, 5 සහ 6 වැන්න මතිනි. සොයුරු සොයුරියන්ගෙන් උදවු උපකාර හිමි වේ. මේ සතියේ ගෙදරදොර වැඩකටයුතු සාර්ථක වේ. යුග දිවිය තුළ තරමක ගැටලුකාරී තත්ත්වයන් මතුවේ. දරුවන්ගේ ඉගෙනීමේ කටයුතුවලින් මවුපියන්ට සතුටු විය හැකි අන්දමේ ප්‍රතිඵල පෙන්නුම් කරයි. කොඳුඇට පෙළේ වේදනා, උදර රෝග, හෘදය සම්බන්ධ ගැටලු මතු කරයි. හැකි නම් සඳුදා දින උදේ පළමු පැය 6 -7 අතර චෛත්‍යයක් අබියස සුදු හා තැඹිලි වර්ණ මල් පූජා කර ජය පිරිත කියන්න. අය 7, වැය 5, සුබ අංකය 6, සුබ වර්ණය - ක්‍රීම්, සුබ දවස - සෙනසුරාදා වෘශ්චික - ධන ලාභ සහිත සතියක් සඳු ගමන් කරන්නේ 2, 3, 4 සහ 5 වැන්න මතිනි. රැකියා කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ඉපයිය හැකි සතියකි. පුණ්‍ය කටයුතු වෙනුවෙන් ද දායක වෙයි. සහෝදර බැඳීම් වැඩිවේ. සහජ දක්ෂතා ඔප් නැංවෙන අතර ඒවාට ජයග්‍රහණ ද හිමි වේ. දත්වල සහ ඇස් රෝග හට ගත හැකිය. හැකි නම් අඟහරුවාදා දින උදේ හෝ සවස චෛත්‍යයක් අබියස රතු මල් පූජා කර අභිසම්භිධාන පිරිත කියන්න. අය 5, වැය 3, සුබ අංකය 5, සුබ වර්ණය - රතු, සුබ දවස - අඟහරුවාදා ධනු - බැඳීම් වර්ධනය වේ සඳු ගමන් කරන්නේ ලග්නය 2, 3 සහ සිවුවැන්න මතිනි. සුබ සතියකි. අතපසු වූ වැඩ කොටස් යළි ආරම්භ කිරීමට කටයුතු කරයි. දියුණුවට කටයුතු සලස්වා ගැනීමට උනන්දු වේ. සහෝදර බැඳීම් වර්ධනය වන අතර මවුපියන්ගේ වුවමනා එපාකම් වෙනුවෙන් වෙහෙසෙයි. ආර්ථිකය යැපීමට ප්‍රමාණවත්ය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල දියුණුවක් දක්නට ලැබෙයි. සෙම් රෝග, මුඛ රෝග, උරහිස වේදනා, හෘදය ආශ්‍රිත රෝග මතු කරයි. වෙල් මාළුන්ට, තිරිසන් සතුනට ආහාර දීමෙන් අපල අවම වේ. අය 5, වැය 3, සුබ අංකය 5, සුබ වර්ණය - කහ, සුබ දවස - ඉරිදා මකර - කෘෂි කාර්මික අංශයේ දියුණුව සඳු ගමන් කරන්නේ 12 ලග්නය 2 සහ 3 වැන්න මතිනි. සතිය මුලදී රැවටිලි ආදියට භාජනය වීම හා පාඩු සිදු විය හැකි වුවත් සතියේ මැද කොටස සුබය. කරන කියන කටයුතුවලින් ප්‍රයෝජන ලබයි. කෘෂිකාර්මික කටයුතුවලද නියැළේ. ආර්ථිකය තරමක් සුබ වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලින් ඵල ප්‍රයෝජන ගත හැකි වාතාවරණයක් ඇත. පා ඇඟිලිවල තුවාල හා පාදවල වේදනා මෙන්ම මුහුණු අවට ඉන්ද්‍රියයන්ගේ අසනීප ඇති විය හැකිය. ආරම්භයේ බුදුන් වහන්සේට පැන් බඳුනක් තබන්න. අය 7, වැය 5, සුබ අංකය 6, සුබ වර්ණය නිල්, සුබ දවස සිකුරාදා කුම්භ - ලොතරැයි දිනුම් සඳු ගමන් ආරම්භ කරන්නේ 11, 12, 1 සහ දෙවැන්න මතිනි. අතමිට මිල මුදල් ගැවසේ. විදෙස් ගමන් සඵල වේ. මානුෂීය ගුණධර්ම වර්ධනය වන අතර පුණ්‍ය කටයුතු සිදු කරයි. උසස් අධ්‍යාපනය ලබන දුවා දරුන්ට සුබඵල පෙන්වයි. ආර්ථිකය ශක්තිමත් වේ. එහෙත් වංචනික අයගේ ප්‍රයෝගවලට හසු වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න. හැකි නම් සතිය ආරම්භයේ වයසක දුර්වල අයකුට ආහාර වේලක් දෙන්න. සහනය සැලසේ. අය 8, වැය 5, සුබ අංකය 3, සුබ වර්ණය නිල්, සුබ දවස සිකුරාදා මීන - විදෙස් ගමන් සඵල වේ සඳු ගමන් ආරම්භ කරන්නේ 10, 11, 12 සහ ලග්නය මතිනි. රැකියා සහ ආදායම් මාර්ගවලින් අතමිට සරුවේ. ඇවිදිලි වැඩිවේ. නොසිතූ මිල මුදලක් ලැබීමට ඉඩකඩ පවතී. ගෘහ ජීවිතය සාමකාමීය. විදේශ ගමන් බලාපොරොත්තුව සිටි අයට සුබදායකය. හිතවතුන් අමනාප වීමට ඉඩ ඇති බැවින් වචනය වචනය පරෙස්සමෙන් හසුරු වන්න. කලවා සහ පාදවල වේදනා මතු කරයි. සතිය ආරම්භයේ බෙලිමල්, රණවරා වැනි කහපාට ගිලන්පස තුන් බෝධියටත් භික්ෂුන් වහන්සේලාටත් පූජා කරන්න. අය 11, වැය 8, සුබ අංකය 9, සුබ වර්ණය කහ, සුබ දවස බ්‍රහස්පතින්දා Comments Your name කාරණය Comment * Leave this field blank Related Articles පාපන්දු ලෝක කුසලානය අස්සේ ඇහෙන මානව හිමිකම් චෝදනා වසර11ක් තුළ විදෙස් ශ්‍රමිකයන් 6500කට වඩා මිය ගිහින් - ගාඩියන්ඒ සියලු දෙනා පාපන්දු පිටිවල සේවකයන් නොවේ -... ප්‍රචණ්ඩ අන්තවාදී අරගලකරුවන් ගිනි තැබුවේ අපේ ගෙවල් නොව මිනිසුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම්වලටයි බොහෝ දෙනකු එදා දවස ඇරඹුවේ සුපුරුදු ලෙස වුවත් උදෑසන සිසිල මැකී හිරු ගිනියම් වන්නට පටන් ගනිද්දී රට ද උණුසුම් වන්නට පටන් ගත්තේ... රුහුණු ගුරු සිසුන් නිරුවත් කර බඩ ගෑවූ නවක වද ආරාවුලේ ඇතුල් පැත්ත - ගුරු විද්‍යාලයෙන් තෙවසරක නේවාසික පුහුණුව අවසන් කර නික්ම යෑමට තිබුණේ දින දෙකයි- නවක වදයට ලක්ව ඇත්තේ... වරායේ හිර වුණු කිරිපිටි තොගය ගැන ඇත්ත නැත්ත මෙන්න මෙරටට ආනයනය කරන ලද කිරිපිටි තොගයක් සම්බන්ධව මේ වන විට යම් මතභේදකාරී තත්ත්වයක් උදා වී තිබේ. පෞද්ගලික කිරිපිටි සමාගමක් විසින්... වසර 91 කින් සංශෝධනයට සැරසෙන විහාර දේවාලගම් ආඥා පනත විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය වීම වර්තමානයට ගැළපෙන ආකාරයට සකස් කිරීමේ කිසිම ගැටලුවක් නෑ- අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ... අභියෝග හමුවේ නොසැලුණු සිරිසේන කුරේ! (සිරිසේන කුරේගේ අභාවයෙන් වරසක් ගෙවීම නිමිත්තෙනි)සැබැ නායකත්වය පිළිබඳ පරමාදර්ශ සොයා යන කවරකු හට වුවද සිරිසේන කුරේ මහතාගේ... මෝටර් රියේ සැඟවුණු මාරයා නොසිතූ මොහොතක සිදු වූ අති අනුවේදනීය සිද්ධියකින් පිළියන්දල මාම්පේ ප්‍රදේශවාසීහු තවමත් කම්පාවට පත්ව සිටිති. පිළියන්දල මාම්පේ... ‘දෙවියන් දුන් දඬුවම’ එක්දහස් නවසිය අසූව දශකයේ සිට වසර 41 තිස්සේ ඒඩ්ස් භීතිකාව නිසා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මිය ගොස් ඇති අතර තවත් ලක්ෂ ගණනක් මරණය... සිසු ජීවිතයක් ගිනි රකුසාට බිලි දෙන්න ගිය චණ්ඩින්ට බයේ හැංගුණු නුවර පොලිස් කෙරුවාව - තාත්තාට පෙට්‍රල් ගැසූ පසු තාත්තාව බේරා ගන්න බර්නි සිසුවා ඉදිරියට පැනලා- අපරාධකරු කවුරුන් දැයි... වඳ වන කුරුලු නාමාවලියේ ඉදිරියෙන්ම කුරුල්ලෝ 19ක් - ලංකාවේ පක්ෂි විශේෂ 522 අතරින් 81ක් වඳවීමේ තර්ජනයට- රතු දත්ත ලැයිස්තුවක් සැකසුණත් ... ඔස්ට්‍රේලියාවේදී මාට්ටු වුණු ක්‍රිකට් මූල්‍ය වංචාවට ලංකාවේ ලොක්කොත් හවුල්ද? ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිදු වූ ධනුෂ්ක ගුණතිලකගේ ලිංගික අතවර පළහිලව්වේ උණුසුම මැකී යෑමටත් පෙර තවත් ශ්‍රී ලාංකික ක්‍රිකට්... සාධනීය ප්‍රතිඵල ලබාගත හැකි හොඳ යෝජනා මෙවර අය වැයෙහි අන්තර්ගතයි මෙවර අයවැය පිළිබඳ සංවාදයකට ප්‍රථම මේ අය වැය ඉදිරිපත් කළ පසුබිම පිළිබඳ අපි සලකා බැලිය යුතුය. අය වැය ඉදිරිපත් කරන අවස්ථාව වන...
Google සමාගම විසින් එළිදක්වන ලද Google Pixel 7 සහ 7 Pro දුරකථන අතිශයින් ජනප්‍රියතාවයට පත් වූයේ එහි වූ නවතම තාක්ෂණයන්… Tech News September 5, 2019 Android 10 නිළ වශයෙන් Google Pixel ,Essential වලට ඔන්න බළාපොරොත්තු වූ පරිදි Google සමාගම විසින් September 3, 2019 දිනයේ ඔවුන්ගේ Google Pixel ජංගම දුරකථන සියල්ලටම Android 10 වල stable සංස්කරණය…
කටුනායක ගුවන්තොටුපල හරහා ලංකාවට පැමිණෙන පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කිරීමේදී විශාල ගසාකෑමක් සිදුවන බවත්, ගුවන්තොටුපලේදී පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීමට තිබූ අවස්ථාව නතර කරමින් ආර්මාර්ථකාමී ව්‍යාපාරිකයින්ට මුදල් ගසාකෑමට අවස්ථාව උදාකර ඇති බව ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ. මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසූ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසූහ. ‘‘අපිට පේනවා කොරෝනා එන්නත මුල්කරගෙන යම්කිසි පිරිසක් ඉතාමත් ක්‍රමානූකූල, කපටි කයිරාටික ධනෝපායනයකට යොමුවෙලා තියෙනවාකියලා. ලාභයට ලෝක වෙළදපොලෙන් එන්නත් ගන්නේ නැතිව වැඩි මුදලකට එන්නත් ගන්නවා. චීනයත් එක්ක ශීු ලංකාව එන්නත් ලබා ගැනීමේ ගිවිසුමේ මිල අනාවරණය කරන්නේ නැහැ . ලබා ගන්න මිල ප්‍රසිද්ධ කරන්නේ නැහැ. දෙපාර්ශ්වයම එකග වෙනවා මිල ප්‍රසිද්ධ කරන්නේ නැතිව ඉන්න. කෝ මෙතන විනිවිද භාවයක්. සමහර පෞද්ගලික සමාගම්ඉදිරිපත් වෙලා තියෙනවා එන්නත ශ්‍රී ලංකාවේ නිපදවන්න ආණ්ඩුව එයට අවසරදෙන්නෙ ්නැහැ. ඇයි ඒ? රැපිට් ඇන්ටිජන් පරික්ෂණ සම්බන්ධයෙන් මතවාද පළවුණා. ඉතාමත් අඩු මුදලකට ගන්න රැපිඩ් ඇන්ටිජන් කට්ටල තිබියදී අතිවිශල මුදලකට ගන්න බවට චෝදනා ආවා. එපමණකුත් නොවෙයි පීසීආර් පරික්ෂණ සම්බන්ධයෙන් කටුනායක සිදුවෙන මහා සාපරාධී ගසා කෑමක්. පෞද්ගලික හෝටල් වලට අහිංසක ගුවන් මගීහූ දක්කාගෙන ගිහිල්ලා බලහත්කාරයෙන් මුදල් අයකර ගැනීමේ දාමරික ක්‍රියාවක් සිදුවෙමින් පැවතුණා. ජනමධ්‍යයෙන් මෙය උලුප්පා දැක්කුවාට පසුව ආණ්ඩුව ආරම්භ කලා කටුනායක ගුවන්තොටුපල ආශ්‍රිත පීසීආර් මධ්‍යස්ථානයක්. ඒකට විශාල වියදමක් දරලා ආරම්භ කළ ආයතනයක් සාමාන්‍යයෙන් පැයකට පරික්ෂණ 500ක් පමණ කරන්න පුලුවනි. මේ ආයතනය වැඩ පටන් ගත්තා වැඩ පටන් අරගෙන ක්‍රියාත්මක වුණේ දවස් දෙකයි. ඒක නැවත වසා දැම්මා. ඒහෙම නම් කුමක්ද මේ වෙන්නේ , ආත්මාර්ථකාමී පෞද්ගලික ව්‍යාපාරිකයන්ට අවස්ථාව සලසලා දීලා තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් අපට පැහැදීලිවම නිගමනය කරන්න වෙලා තියෙනවා අවංකත්වය පෙරදැරිකරගෙන නෙවෙයි මේ වැඩපිලිවෙල යන්නේත එන්නත්කරණය පිලිබදව යළිත් සිතන්න තම තමන්ගේ හෘද සාක්ෂීයට අනුව කටයුතු කරන්න හැබැයි අපිට අපේ පැත්තෙන් කියන්න තියෙන්නෙ බුදුහාමුදුරුවන්ගේ අවවාදයමයි. පොදු ජනතාව තුල මතයක් ඇති කලා දේශීය වෛද්‍ය ක්‍රමය කියන්නේ කිසිදු පදනමක් නැති මිත්‍යා විශ්වාසයක් පමණයි කියලා. එහෙම කියන අතරම ඔවුන් කළේ මෙන්න එකම විසදුම එන්නත පමණයි කියන එකයි. ජනතාව බලහත්කාරයෙන් එන්නත්කරණයට පොළඹවලා තියෙනවා. හැබැයි අපි මුල ඉදලාම කියනවා මේ කොරෝනා වයිරසය ආරම්බ වුණ මොහොතේ සිටම දේශීය වෛද්‍යවරුන්ට අවස්ථාව දෙන්න කියලා. කියලා. දේශීය වෛද්‍ය කියන්නේ රජයේ ලියාපදිංචි වී ඇති එසේම නීත්‍යානූකූලව පිළිගත් ආයතන. නමුත් නිත්‍යානූකූලව පිළිඅරගෙන දේශීය වෛද්‍යවරුන් නිර්මාණය කිරීමේ කාර්යය ආණ්ඩුව කරනාව නම් ඇයි මෙවැනි බරපතල අවස්ථාවකදී ‌ දේශීය වෛද්‍යවරුන්ට අවස්ථාවන දෙන්නේ නැත්තේ. පැහැදිලිවම මේක දේශීයත්වයට එරෙහිව ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක් බව අප පැහැදීලිව කිව්වා. දැනට එය වේගයෙන් ක්‍රියාත්මක වෙනවා‍. ඒ නිසා අපි අදත් කියනවා දේශීය වෛද්‍යවරුන්ට අවස්ථාවක් දෙන්න. අවුරුදු දහස් ගණනක අත්දැකීම් මුල්කරගෙන ඔවුන් අද ඉතාමත් සාර්ථක ලෙස ප්‍රතිකාර කරගෙන යනවා. මේකට අවස්ථාවක් දෙන්න. මේකෙන් කියන්නේ නැහැ ඇලොපති ක්‍රමය බටහිර ක්‍රමය ප්‍රතික්ෂේප කරන්න කියලා. මෙම සම්පූර්ණ වාර්තාව ඔබට https://www.youtube.com/watch?v=xjfKGt1VO5w නැරඹිය හැකිය. public news Tweet on Twitter Share on Facebook Google+ Pinterest Previous Article අයවැය විවාදය නොවැම්බර් 12 සිට දෙසැම්බර් 10 දක්වා Next Article පිළිකා රෝගී කතුන්ට සරණ වන ‘සොඳුරු දිරියවන්ති‘ ජාතික වැඩසටහන ඇරඹෙයි ! Recommended For You දේශීය ලොකු ළුැණු වගාවත් හාන්සි වෙන ලකුණු ඖෂධ නියාමන අධිකාරියේ ගැහිලි ගැන ඇමැති චන්නගේ දැඩි අවධානය IOC ඉන්ධන මිල අහසටම නග්ගයි ! ජනපතිගෙන් ‘කිරි ගොවියාට කිරි ඉතිරෙන‘ නියෝගයක් මහ කන්නයේ වී අස්වැන්න 50%කින් අඩුවෙලා – ගොවීන් මැසිවිලි නගයි මේ වන විට යුක්රේනයේ නවතම තත්ත්වය කුමක් ද? About the Author: Thusal Search for: Archives Archives Select Month August 2022 (3) March 2022 (2) February 2022 (155) January 2022 (194) December 2021 (239) November 2021 (256) October 2021 (203) September 2021 (234) August 2021 (252) July 2021 (276) June 2021 (303) May 2021 (300) April 2021 (200) March 2021 (297) February 2021 (272) January 2021 (315) December 2020 (307) November 2020 (360) October 2020 (363) September 2020 (359) August 2020 (380) July 2020 (320) June 2020 (307) May 2020 (333) April 2020 (390) March 2020 (421) February 2020 (405) January 2020 (530) December 2019 (563) November 2019 (555) October 2019 (724) September 2019 (605) August 2019 (529) July 2019 (590) June 2019 (548) May 2019 (665) April 2019 (575) March 2019 (48) Follow Us Stay updated via social channels Tags AG NEWS agriculture Business COPE COVID 19 Economy Entertetment fashion Featured GAJABA NAGAWATHTHA GOSSIP health HM NEWS INTERNATIONAL JVP KARU JAYASURIYA NEWS FM NEWS PUBLIC parliament pmd news POLITICAL POLITICAL NEWS Prime media PR MEDIA PR NEWS public news sajith pramadasa Sanath M Bandara santh m bandara sl army commander slarmy news sl cricket Sl CRICKET - WOMAN TEAM SLFP - SLPP sl vs west 2020 sl v west Sport unhcr unp Week in Pictures Wimal Weerawansa woman women ජනපති ‍fashion දුරකථනය: +94-766-109836 විද්‍යුත් තැපෑල: bhathiyabarukanda@gmail.com © සියලුම හිමිකම් ඇවිරිණි. මෙම වෙබ් අඩවියේ පළවන ලිපි අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් වන අතර එම ආචාරධර්ම උල්ලංඝනය කරමින් නීතිවිරෝධීව උපුටාගන්නන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරනු ඇත.
කොළඹ තුම්මුල්ල හන්දියට නුදුරු, විශ්වවිද්‍යාල පෙදෙසේ ගහකොළවලින් පිරි සෙවණැති වටපිටාවේ පිහිටි පැරණි මන්දිරයක් වන රෙජිනා වලව්ව අද අයිති වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයට යි. මේ ඉපැරණි ප්‍රතාපවත් මැදුර තුළ සැඟවුණු අතීත කතාව පවසන්නේ ප්‍රේමය පිළිබඳ දුක්බර පුවතක්. මේ එම කතාව සොයාගිය චාරිකාවක්. සිත්තරකු දුටු රෙජිනා වලව්ව – fos.cmb.ac.lk පිහිටීම කොළඹ තුම්මුල්ල හන්දියෙන් ආරම්භ වන කුමාරතුංග මුනිදාස මාවත ( පැරණි තර්ස්ටන් පාර) දෙපස ම පිහිටා ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයට අයත් ගොඩනැඟිලි යි. එම නූතන මහල් ගොඩනැඟිලි අතර පිහිටි ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ශිල්පය සිහිපත් කරවන කැපී පෙනෙන අලංකාර දෙමහල් මන්දිරය රෙජිනා වලව්ව යි. එයට ඉංග්‍රීසි පාලන කාලේ ලැබුණු නම වන ‘කොලේජ් හවුස්’ ලෙසින් තමයි අද එය හඳුන්වන්නේ. සුන්දර වලව්ව සහ ඉදිරිපස උයන – phototakenwith.com වලව්වේ හැඩ ඉදිරිපසින් ගහකොළින් යුක්ත විශාල අලංකාර මිදුලකින් සමන්විත මේ වලව්වේ ආකර්ශනීය හැඩය නිසා එය දකින කාටත් අමතක වන්නේ නැහැ. දෙපසින් විහිදුණු තෙමහල් සේ පෙනෙන ඕවලාකාර ගොඩනැඟිලි දෙකත්, ඒවා මැදින් ඉදි කෙරුණු මහල් තුනක් ලෙස දිස්වන උස් කුලුනක් වැනි ගොඩනැඟිල්ලත් නිසා රෙජිනා වලව්ව ගම්භීර බවක් උසුලනවා. මහල් තුනක් සේ පිටතට පෙනුණ ද මෙම ගොඩනැඟිල්ල දෙමහල් එකක්. පියස්සේ සිව්රැස් හැඩය ද මෙහි අලංකාරත්වය ඉහළ නැංවීමට හේතු වෙනවා. ඉදිරිපස ඇති පෝටිකෝව මන්දිරයේ පෙනුමට ආකර්ශනීයත්වයක් එක් කරනවා. බිත්තිවල ඇති කැටයම් පෝටිකෝවේ ආකර්ශනීයත්වය ඉහළ නැංවීමට හේතුවක්. පෝටිකෝවේ පියස්ස දරා සිටින අඳුරු පැහැ කුලුනුවලින් එයට ලැබෙන්නේ කදිම සුන්දරත්වයක්. ආරුක්කු ආකාර කැටයම් සහිත ජනේල, සියුම් ලෝහ කැටයමින් යුත් සඳලු තල, වහලේ බාල්කවල කැටයම් ද මෙම ගොඩනැඟිල්ලේ පෞරාණිකත්වය සිහිපත් කරනවා. වික්ටෝරියානු සහ ඉතාලියානු ගෘහ නිර්මාණ ශිල්පය වික්ටෝරියානු සහ ඉතාලියානු ගෘහ නිර්මාණ ශිල්පය එකට මිශ්‍ර කර රෙජිනා වලව්ව ඉදිකළ බව යි පැවසෙන්නේ. එයට එම කාලයේත් විශාල මුදලක් වැයවන්නට ඇති බව එහි සියුම් ලියකම් ආදියෙන් පෙනෙනවා. පෝටිකෝව පසුකරමින් කොලේජ් හවුසියට ඇතුළු වනවිට ම මුණගැසෙන්නේ දැව තරප්පු පේළියක්. මුළු උඩු මහල ම වසා සිටින්නේ තේක්ක ලීයෙන් නිමවුණු ගෙබිම යි. චාල්ස් හෙන්රි ද සොයිසා සහ ඔහුගේ විවාහ සේයාරුව-wismakarma.com සොයිසා පවුලේ මතක රෙජිනා වලව්ව ඉදි කළේ ලංකාවේ සිටි ධනවත් ම පුද්ගලයා ලෙස සැලකුණු චාල්ස් හෙන්රි ද සොයිසාගේ සිව්වන පුතා තෝමස් හෙන්රි ආතර් ද සොයිසා යි. චාල්ස් හෙන්රි ද සිල්වාට එකල ඉඩම් අක්කර හතළිස් දහසක් (40,000ක්) අයිති ව තිබූ බව පැවසෙනවා. දානපතියෙක් ලෙසත් ප්‍රකට චාල්ස් හෙන්රි ජීවත් වුණු කොල්ලුපිටිය බගතලේ වලව්වත් විශාල මන්දිරයක්. චාල්ස් හෙන්රි ද සොයිසාගේ සමයේ දී රෙජිනා වලව්වේ සිට ඇල්ෆ්‍රඩ් හවුස් හරහා බම්බලපිටිය මැජෙස්ටික් සිටි දක්වා ඉඩම් සියල්ල ද සොයිසා පවුලට හිමි ව තිබුණා. රෙජිනා වලව්වට නුදුරින් පිහිටා ඇති තවත් පැරණි මන්දිරයක් වන ලක්ෂ්මී ගිරියේ හිමිකරු වූයේ තෝමස් හෙන්රි ද සොයිසාගේ වැඩිමල් සහෝදරයා වුණු ඇල්ෆ්‍රඩ් ජෝෂප් රිචඩ් ද සොයිසා යි. මේ විශාල මන්දිරවලින් එකල ඔවුන්ගේ ධනවත්කම ප්‍රකට කළා. තෝමස් හෙන්රි උපත ලබා ඇත්තේ 1874 දි යි. ඔහු මොරටුව වේල්ස් කුමර විදුහලෙන්, ශාන්ත තෝමස් විදුහලෙන් සහ කොළඹ රාජකීය විදුහලෙන් අධ්‍යාපනය ලබා තිබෙනවා. අධ්‍යාපනයෙන් පසු පියාගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වී සිටි තෝමස් වතු වගාව සහ මිනිරන් පතල් ව්‍යාපාරය ඉදිරියට කරගෙන ගියා. එම ව්‍යාපාර කටයුතුවලින් විශාල ධනයක් ද ඔහු ඉපයූවා. තෝමස් ආතර් සහ රෙජිනා යුවළ – sundaytimes.com දකුණේ රෙජිනා සයිමන් පෙරේරා අබේවර්ධන දකුණේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් ලෙස කිරුළු දරා සිටියා. ඔහු ගාල්ල ප්‍රදේශයේ බෞද්ධ බළ කණුවක් ලෙසත් ප්‍රසිද්ධ චරිතයක්. අබේවර්ධන, චාල්ස් හෙන්රි ද සිල්වාගේ හොඳ මිතුරෙක්. සයිමන් අබේවර්ධනගේ දියණිය වුණේ රෙජිනා පෙරේරා අබේවර්ධන ළමාතැනී යි. මේ පවුල් දෙක නිතර හමු වන නිසා තරුණ වයසේ පසුවූ චාල්ස් හෙන්රිගේ පුත් තෝමස් සහ රෙජිනා අතර පෙම් සබඳතාවක් ඇති වුණා. අබේවර්ධන පවුල බෞද්ධයන් වුණත් සොයිසා පවුල ඉතා බැතිමත් කිතුණුවන්. නමුත් ඔවුන්ගේ දරුවන්ගේ විවාහයට ආගම බාධාවක් වුණේ නැහැ. ආතර්- රෙජිනා විවාහය සිදුවුණේ 1899 මාර්තු 2 වැනි දා, ගාල්ල සියලු ශාන්තුවරයන්ගේ දෙව්මැදුරෙදි යි. එම විවා මඟුල එකල ලංකාවේ කවුරුත් අතර කතාබහට ලක් වුණ පමණක් නොව ලන්ඩනයේ පවා ප්‍රවෘත්තියක් බවට පත් වුණා. 1899 වසරේ මාර්තු 02 වැනි දා ලන්ඩනයේ ඩේලි ග්‍රැෆික් පුවත්පත ද මෙම සරණ මංගල්‍යය වාර්තා කර තිබුණා. එම පුවත්පත් වාර්තාවේ සඳහන් වන්නේ තෝමස් ආතර් ද සොයිසාගේත් රෙජිනා පෙරේරා අබේවර්ධන ළමාතැනීගේත් සරණ මංගල්‍යය වෙනුවෙන් දින හතක් පුරා උත්සව පැවති බව යි. සොයිසා පවුලේ මුල් බිම වන මොරටුවේ හිතවතුන් සහ ඥාතින් ඇතුළු අති විශාල පිරිසක් මංගල්ලයට සහභාගි වී තිබෙනවා. ඒ අමුත්තන් කිසිවකුගෙන් මංගල යුවල ත්‍යාග ලබා ගෙන නැති බවත් සඳහන් වෙන කරුණක්. ගාල්ලේ දී විවාහ වුණු නව යුවළ මුලින් ම පදිංචි වී ඇත්තේ ආතර් ද සිල්වාට අයත් බ්‍රොඩි නම් නිවසේ. කලක් ගත වන විට ආතර්- රෙජිනා යුවළට දියණියන් පස් දෙනෙක් ලැබුණා. රෙජිනා වලව්ව- dailynews.lk රෙජිනා වලව්ව තම බිරියට දැඩි සේ ආදරය කළ තෝමස් ආතර් ඇය වෙනුවෙන් තමන්ට පියා ගෙන් හිමිවුණු ඉඩමක අලංකාර මන්දිරයක් ඉදිකිරීම ආරම්භ කළේ මේ අතර යි. ඒ 1912 ආසන්න කාලයේදි යි. එය නම් කළේ රෙජිනා වලව්ව කියන නමින්. ප්‍රධාන දොරටුවෙන් සාලයට ඇතුළු වූ විට කාමර ගණනාවක් දිස්වන ලෙස එය සැලසුම් කර තිබුණා. මන්දිරයට ඇතුළු වන විට ම උඩු මහලට පිවිසෙන අලංකාර කැටයම් සහිත පියගැට පෙළ ද දිස්වෙනවා. අලංකාර සිවිලිම, කැටයමින් යුත් දොර ජනෙල් ආදිය ද මන්දිරයේ ඇතුළත පෙනුම ඉහළ නංවනවා. රෙජිනාට එහි පය තැබීමටවත් වාසනාවක් ලැබුණේ නැහැ. වලව්වේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතිද්දී ඇය හදිසියේ ම මිය යාම එයට හේතුව යි. රෙජිනා වලව්වේ වැඩ කටයුතු නිමවූයේ කිනම් වර්ෂයකදී ද යන්න ගැන නිශ්චිත සාධක හමුවන්නේ නැහැ. 1920ට ආසන්න කාලයක එය නිම වූ බව සිතිය හැකි යි. රෙජිනාගේ මරණයෙන් වසර හයකට පසු වැඩිමහල් දියණිය වූ වයලට්ගේ විවාහය සිදු කර ඇත්තේ රෙජිනා වලව්ව ඉදිරිපස තැනූ මඟුල් මඩු ආකෘතියක් සහිත ගොඩනැඟිල්ලක යි. කොලේජ් හවුස් පෝටිකෝව – cmb.ac.lk කොලේජ් හවුස් ආණ්ඩුකාර හෙන්රි මැනිංගේ අනුග්‍රාහකත්වය යටතේ ලංකාවට විශ්වවිද්‍යාල කොලීජියක් ඇති කිරීමට පිඹුරුපත් සැකසුණා. මෙම කොළඹ විශ්වවිද්‍යාල කොලීජිය ආරම්භ කිරීමට නව ගොඩනැඟිල්ලක් අවශ්‍ය වුණා. මේ අතර රෙජිනා වලව්ව විකිණීමට ආතර් ද සොයිසා තීරණය කර තිබුණා. ඒ වනවිට ඔහුගේ ව්‍යාපාර බංකොලොත් වෙමින් පැවති බව ද පැවසෙනවා. විශ්වවිද්‍යාල කොලිජියේ පන්ති සඳහා ගොඩනැඟිල්ලක් ලෙස ශ්‍රීමත් එඩ්වඩ් ඩෙනම්ගේ නිර්දේශය යටතේ 1920 දී එවක ආණ්ඩුව රෙජිනා වලව්ව මිල දී ගත්තා. ඉන් පසුව එහි නම කොලේජ් හවුස් බවට පත් වුණා. ඒ සමඟ ම වලව්වට යාබද ව පිහිටි රාජකීය විදුහලට අයත් ව තිබූ විශාල ගොඩනැඟිල්ලක් ද අලුතින් අරඹන්නට යන විශ්ව විද්‍යාල කොලිජියට පවරා ගැනුණා. ගොඩනැගිල්ලේ අලංකරණ -fos media facebook page එවකට ආණ්ඩුකාරයා ව සිටි විලියම් මැනිං විශ්වවිද්‍යාල කොලීජියේ ආරම්භය සටහන් කළේ කොලේජ් හවුස් ගොඩනැඟිල්ලේ පැවති උත්සවයකින්. මෙම වලව්ව අදටත් කොළඹ විශ්වවිද්‍යාලයයේ පරිපාලන ගොඩනැඟිල්ල ලෙස පවත්වාගෙන යනවා. මුල් කාලයේ විශ්වවිද්‍යාල කොලිජියේ කලා හා විද්‍යා උපාධිවල මූලික දේශන පැවැත්වූයේ එම මන්දිරයේ ශාලාවල යි. 1942 දී විශ්වවිද්‍යාල කොලිජිය කොළඹ විශ්වවිද්‍යාලය බවට පත්වීමෙන් අනතුරුව එහි උපකුලපති සර් අයිවර් ජෙනිංස් සිය කාර්යාලය පිහිටුවා ගත්තේත් මේ ගොඩනැඟිල්ලේ යි. කොළඹ විශ්වවිද්‍යාල පුස්තකාලය මුලින් ම පටන් ගත්තේ ද කොලේජ් හවුස් තුළ යි. සොල්බරි ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම උප කුලපතිවරයාගේ කාර්යාලයත්, ලේඛකාධිකාරිවරයාගේ කාර්යාලයත් සෙනට් ශාලාවත් එහි පිහිටා තිබෙනවා. සර් අයිවෝ ජෙනිංග්ස් සොල්බරි ව්‍යවස්ථාව කෙටුම්පත් කළේ ද අද මෙහි උපකුලපති කාමරයේ සිට බව සඳහන් වෙනවා. උප කුලපතිවරයකු වූ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර 88-89 භීෂණ සමයේ දී ඝාතනය කෙරුණේ ද මෙහි උපකුලපති කාර්යාලය තුළදී යි. රෙජිනා වලව්ව අසලින් තර්ස්ටන් පාරේ සිට ගාලු පාර දෙසට ඇති අතුරු පාර අතීතයේ හැඳින්වුණේ රෙජිනා පාර කියලයි. පසුව කොළඹ නගර සභාව එම පාර රැජන පාර ලෙස නම් කර තිබෙනවා. කවරයේ ඡායාරූපය- රෙජිනා වලව්වේ ඉදිරිපස පෝටිකෝව - blog.colombobeacon.com මූලාශ්‍ර: serendib.btoptions.lk lankadeepa.lk sundaytimes.lk Related Articles සාමාන්‍ය දරු ප්‍රසූතිය පිළිබඳව ඔබ දැනගත යුතු කරුණු – පළමු කොටස article විශේෂාංග ජූලි 17, 2017 ආදරය සොයා යුද්ධයෙන් පලා ගිය යුක්රේන තරුණිය: ඇනා article විශේෂාංග සැප්තැම්බර් 26, 2022 ශ්‍රී ලංකාවේ ප්‍රසූතිකාධාර නිවාඩු සම්බන්ධ නීතිය article විශේෂාංග ඔක්තෝබර් 10, 2017 ‘ප්‍රින්සස් ඔටෝ මිකැනික්’: යුදබිමට ගිය එලිසබෙත් article විශේෂාංග සැප්තැම්බර් 20, 2022 අපි‍්‍රකානු ඉතිහාසය හැඩගැස් වූ ගැහැණු article විශේෂාංග ඔක්තෝබර් 27, 2017 මරණය ගෙන ආ දෙව්දුව: ක්‍රිස්ටන් ගිල්බට් article විශේෂාංග පෙබරවාරි 9, 2022 පිරිමින් සේ වෙස්වලාගෙන තම අරමුණු දිනූ කාන්තාවන් 3 දෙනෙක් article විශේෂාංග අගෝස්තු 3, 2017 කෙස් සුදු වෙන එක නවත්වන්න පුළුවන් ද? article විශේෂාංග නොවැම්බර් 6, 2017 Roar සිංහල Roar Media is a South Asian multilingual media platform that produces original stories and provides analysis on complex issues. All our content aims to inform, educate, and inspire.
ඉන්දියාව දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා බොහෝ මුල පිරීම් සඳහා වේගයෙන් ක්‍රියා කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හි පැවති COP-26 සමුළුවේදී ‘ජාතික ප්‍රකාශය’ ඉදිරිපත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දේශගුණික විපර්යාස අභියෝග සමඟ කටයුතු කිරීමේදී ඉන්දියාව විසින් ලෝකයට ත්‍යාගයක් ලෙස ‘පංචම්රිත්’ යන අංග පහක් ඉදිරිපත් කළේය. “දේශගුණික විපර්යාස පිළිබඳ මෙම ගෝලීය කම්පනය මධ්‍යයේ, ඉන්දියාව වෙනුවෙන්, මෙම අභියෝගයට මුහුණ දීම සඳහා ‘පංචාම්රිත්’ යන අංග පහක් ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි,”යනුවෙන් අගමැති මෝදි පැවසීය. ගෝලීය උණුසුම සහ දේශගුණික විපර්යාසවලට එරෙහිව ඉන්දියාවේ කරුණු පහකින් යුත් න්‍යාය පත්‍රය පිළිබඳ විස්තර ලබා දෙමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය. පළමුව, ඉන්දියාව 2030 වන විට එහි පොසිල නොවන බලශක්ති ධාරිතාව ගිගාවොට් 500 දක්වා ළඟා වනු ඇත. දෙවනුව, 2030 වන විට ඉන්දියාව සිය බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 50ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාලනු ඇතැයි අගමැතිවරයා පැවසීය. තෙවනුව, ඉන්දියාව මින් ඉදිරියට 2030 දක්වා මුළු ප්‍රක්ෂේපණය කරන ලද කාබන් විමෝචනය ටොන් බිලියනයකින් අඩු කරනු ඇති බව ඔහු සඳහන් කළේය. සිව්වනුව, 2030 වන විට ඉන්දියාව සිය ආර්ථිකයේ කාබන් තීව්‍රතාවය සියයට 45 කින් අඩු කරනු ඇති බව මෝඩි දැනුම් දුන්නේය. තවද ‘පංචමරිට්’ හි පස්වන සහ අවසාන අංගය 2070 වසර වන විට ඉන්දියාව ශුද්ධ ශුන්‍ය ඉලක්කය සපුරා ගනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය. “මෙම පංචාමෘත දේශගුණික ක්‍රියාකාරකම් සඳහා ඉන්දියාවේ පෙර නොවූ විරූ දායකත්වයක් දක්වනු ඇත,” යනුවෙන් ඔහු පැවසීය. අද මුළු ලෝකයම විශ්වාස කරන්නේ ඉන්දියාව පැරිස් කැපවීම පිළිබඳ ලිපියෙන් හා ආත්මයෙන් ඉදිරිපත් කළ එකම විශාල ආර්ථිකය බව සඳහන් කළ අගමැති මෝදි, රට අධිෂ්ඨානශීලීව, වෙහෙස මහන්සි වී වැඩ කර ප්‍රතිඵල පෙන්වමින් සිටින බව ප්‍රකාශ කළේය. ස්ථාපිත පුනර්ජනනීය බලශක්ති ධාරිතාවයෙන් ඉන්දියාව ලෝකයේ හතරවන ස්ථානයේ සිටින බව ඔහු දැනුම් දුන්නේය. “පසුගිය වසර 7 තුළ ඉන්දියාවේ ෆොසිල නොවන ඉන්ධන ශක්තිය 25% කට වඩා වැඩි වී ඇති අතර දැන් එය අපගේ බලශක්ති මිශ්‍රණයෙන් සියයට 40 දක්වා ළඟා වී තිබේ,” මෝඩි වැඩිදුරටත් පැවසීය. ඉන්දියාවේ විශිෂ්ඨ දුම්රිය පද්ධතිය 2030 වන විට ‘ශුද්ධ ශුන්‍ය’ බවට පත් කර ගැනීමේ ඉලක්කයක් තබා ඇති බව දන්වමින්, මෙම මුලපිරීම පමණක් වාර්ෂිකව විමෝචනය ටොන් මිලියන 60 ක් අඩු කිරීමට හේතු වනු ඇතැයි ඔහු පැවසීය. රටේ දැවැන්ත LED බල්බ ව්‍යාපාරය වාර්ෂිකව ටොන් මිලියන 40 කින් විමෝචනය අඩු කරන බව අගමැති මෝදි පැවසීය. අද වන විට ඉන්දියාව ශක්තිමත් එවැනි බොහෝ මුලපිරීම් සඳහා වේගයෙන් කටයුතු කරමින් සිටින බව ඔහු ප්‍රකාශ කළේය. ඉන්දියාව ජාත්‍යන්තර මට්ටමින් ලෝකය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ආයතනික විසඳුම් ද ලබා දී ඇති බව පෙන්වා දුන් මෝදි, සූර්ය බලශක්තියේ විප්ලවීය පියවරක් ලෙස ඉන්දියාව ජාත්‍යන්තර සූර්ය සන්ධානය ආරම්භ කළ බව පැවසීය. “දේශගුණික අනුවර්තනය සඳහා ආපදා ඔරොත්තු දෙන යටිතල පහසුකම් සඳහා අපි සන්ධානයක් නිර්මාණය කර තිබෙනවා. මෙය කෝටි ගණනකගේ ජීවිත බේරාගැනීමේ සංවේදී සහ වැදගත් මුලපිරීමක් බව ඔහු සඳහන් කළේය. “අද අවශ්‍ය වන්නේ මනස්කාන්ත සහ විනාශකාරී පරිභෝජනය වෙනුවට සිහිකල්පනාවෙන් යුතුව සහ හිතාමතා භාවිතා කිරීමයි,” ඔහු ප්‍රකාශ කළේය. අද ඉන්දියාව නව කැපවීමකින් සහ නව ශක්තියකින් ඉදිරියට යාමට අධිෂ්ඨාන කර ඇති බව සඳහන් කරමින් අගමැති මෝදි පැවසුවේ දේශගුණික මූල්‍ය සහ අඩු වියදම් දේශගුණික තාක්ෂණයන් හුවමාරු කිරීම වඩාත් වැදගත් වන බවයි. සංවර්ධිත රටවල් ඉක්මනින්ම ඩොලර් ට්‍රිලියන 1 ක දේශගුණික මූල්‍යයක් ලබා දෙනු ඇතැයි ඉන්දියාව අපේක්ෂා කරන බව ඔහු පැවසීය. “අද අපි දේශගුණය අවම කිරීමේ ප්‍රගතිය නිරීක්ෂණය කරන විට, අපි දේශගුණික මූල්‍යකරණය ද නිරීක්ෂණය කළ යුතුය,” මෝදි තවදුරටත් පැවසීය. ඉන්දියාව ඉතා ධෛර්යයෙන් සහ විශාල අභිලාෂයකින් දේශගුණය විෂයයෙහි ඉදිරියට ගමන් කරන බව අගමැති මෝදි ප්‍රකාශ කළේය. ඉන්දියාව ද අනෙකුත් සියලුම සංවර්ධනය වෙමින් පවතින රටවල දුක් වේදනා තේරුම් ගෙන ඒවා බෙදා ගන්නා අතර ඔවුන්ගේ අපේක්ෂාවන් දිගටම ප්‍රකාශ කරන බව ඔහු සහතික විය. ලෝකය බේරා ගැනීම සඳහා විශාල පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින අතරම, බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවලට දේශගුණික විපර්යාස ඔවුන්ගේ පැවැත්මට වඩා විශාල වෙමින් පවතින බව ඔහු පැවසීය. INTERNATIONAL Tweet on Twitter Share on Facebook Google+ Pinterest Previous Article මිලින්ද මොරගොඩ සහ ඉන්දිය මුදල් අමාත්‍යවරිය අතර විශේෂ සාකච්ඡාවක් Next Article අඟේ ඉඳලා කන කන්න එපා – සනත් නිශාන්ත විමල්ට කියයි Recommended For You දේශීය ලොකු ළුැණු වගාවත් හාන්සි වෙන ලකුණු ඖෂධ නියාමන අධිකාරියේ ගැහිලි ගැන ඇමැති චන්නගේ දැඩි අවධානය IOC ඉන්ධන මිල අහසටම නග්ගයි ! ජනපතිගෙන් ‘කිරි ගොවියාට කිරි ඉතිරෙන‘ නියෝගයක් මහ කන්නයේ වී අස්වැන්න 50%කින් අඩුවෙලා – ගොවීන් මැසිවිලි නගයි මේ වන විට යුක්රේනයේ නවතම තත්ත්වය කුමක් ද? About the Author: Thusal Search for: Archives Archives Select Month August 2022 (3) March 2022 (2) February 2022 (155) January 2022 (194) December 2021 (239) November 2021 (256) October 2021 (203) September 2021 (234) August 2021 (252) July 2021 (276) June 2021 (303) May 2021 (300) April 2021 (200) March 2021 (297) February 2021 (272) January 2021 (315) December 2020 (307) November 2020 (360) October 2020 (363) September 2020 (359) August 2020 (380) July 2020 (320) June 2020 (307) May 2020 (333) April 2020 (390) March 2020 (421) February 2020 (405) January 2020 (530) December 2019 (563) November 2019 (555) October 2019 (724) September 2019 (605) August 2019 (529) July 2019 (590) June 2019 (548) May 2019 (665) April 2019 (575) March 2019 (48) Follow Us Stay updated via social channels Tags AG NEWS agriculture Business COPE COVID 19 Economy Entertetment fashion Featured GAJABA NAGAWATHTHA GOSSIP health HM NEWS INTERNATIONAL JVP KARU JAYASURIYA NEWS FM NEWS PUBLIC parliament pmd news POLITICAL POLITICAL NEWS Prime media PR MEDIA PR NEWS public news sajith pramadasa Sanath M Bandara santh m bandara sl army commander slarmy news sl cricket Sl CRICKET - WOMAN TEAM SLFP - SLPP sl vs west 2020 sl v west Sport unhcr unp Week in Pictures Wimal Weerawansa woman women ජනපති ‍fashion දුරකථනය: +94-766-109836 විද්‍යුත් තැපෑල: bhathiyabarukanda@gmail.com © සියලුම හිමිකම් ඇවිරිණි. මෙම වෙබ් අඩවියේ පළවන ලිපි අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් වන අතර එම ආචාරධර්ම උල්ලංඝනය කරමින් නීතිවිරෝධීව උපුටාගන්නන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරනු ඇත.
ආණ්ඩුව මේ වන විට දියත් කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලට එරෙහිව කටයුතු කිරීමට උතුරේ දෙමළ දේශපාලන පක්ෂ එකතු වී සාකච්ඡාවක් කළ බව ප්ලොට් පක්ෂයේ නායක... Read more පුවත් ආණ්ඩුවට එරෙහිව දෙමළ පක්ෂ එකතු වේ රේඛා නිලුක්ෂි හේරත් - September 20, 2020 0 ආණ්ඩුව මේ වන විට දියත් කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලට එරෙහිව කටයුතු කිරීමට උතුරේ දෙමළ දේශපාලන පක්ෂ එකතු වී සාකච්ඡාවක් කළ බව ප්ලොට් පක්ෂයේ නායක...
අජිත් නිවාඩ් කබ්රාල් විසින් පාලනය කරන ලද ශ්‍රී ලංකා මහබැංකුව හරහා සුබේරිට ලබාදුන් මෙම දැවැන්ත මුදල් කන්දරාව වනාහි මැදපෙරදිග ශ්‍රමිකයන් වැනි දුක් විඳින ජනයා විසින් මේ රටට දුකසේ උපයා දුන් මුදල්ය. අජිත් නිවාඩ් කබ්රාල් හා මහින්ද රාජපක්ෂ ඇමරිකානු පල්හොරෙකුට ලබාදුන් ඒ මුදල් ගැන පසුගිය යහපාලන රජය හෝ විමර්ශනයක් සිදුකළේ නැත. News Detail Cartoon සියලු බැඳුම්කර වංචාකරුවන්ට පොදු සමාවක් දෙනු! January 25, 2020 January 27, 2020 admin ජනාධිපතිතුමනි, ඔබ ද රාජපක්ෂ පවුලේ සාමාජිකයකු නිසා මෙම මුල්‍ය අපරාධවලට වක්‍රව සම්බන්ධ වූ අයෙකු බව අපි අමතක කරමු. ඔබ ප්‍රබල ජනවරමක් හිමි නායකයෙකි. ඔබට ශුද්ධවන්ත නායකත්වයක් ගොඩනගාගැනීමට සැබෑ උවමනාවක් තිබේ News Detail Economy මහ බැංකු වංචා සම්බන්ධයෙන් මහේන්ද්‍රන්ට මෙන් ම කබ්රාල්ට ද නීතිය ක්‍රියාත්මක විය යුතු ය January 23, 2020 January 23, 2020 admin වෝහාරික විගණන වාර්තාව වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු. මිලියන 275ක් වැය කරන ලදී. එහි පිටපත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබෙන්නේ එහි ඇමුණුම් නැතුව ය. නීතිපති උපදෙස් අනුව, නීති News Detail අනුග්‍රාහක නිවේදන Recent Comments Lakshman Jayasinghe on මැයි 9 සහ අරගලයේ කතාව සරලව කෙටියෙන් Lakshman Jayasinghe on බලය බෙදීමට මහින්දත් පක්ෂ ඇයි? Lakshman Jayasinghe on ලංකාවේ සිදුවෙමින් තිබෙන විප්ලවය කුමක්ද? Mahinda Abeysinghe on බලය බෙදීමට මහින්දත් පක්ෂ ඇයි? Sarath warnakulasuriya on මහින්දගේ අද දවසේ වැදගත්කම කුමක්ද? Archives Archives Select Month December 2022 November 2022 October 2022 September 2022 August 2022 July 2022 June 2022 May 2022 April 2022 March 2022 February 2022 January 2022 December 2021 November 2021 October 2021 September 2021 August 2021 July 2021 June 2021 May 2021 April 2021 March 2021 February 2021 January 2021 December 2020 November 2020 October 2020 September 2020 August 2020 July 2020 June 2020 May 2020 April 2020 March 2020 February 2020 January 2020 December 2019 November 2019 October 2019 September 2019 August 2019 July 2019 June 2019 May 2019 April 2019 March 2019 February 2019 January 2019 December 2018 Categories Categories Select Category Agriculture (23) Art (84) Cinema (10) Drama (1) Fiction (4) Literature (18) Poetry (11) Business (5) Cartoon (65) Children (3) Cinema (1) Comics (5) Communication (2) Corruption (11) Crime (65) Democracy (16) Development (34) Disaster (3) Economics (12) Economy (93) Education (38) Elderly (4) English (110) Environment (16) Events (4) Fashion (4) Food (7) Gender (1) Governance (72) Health (142) History (4) Human Rights (41) Industry (5) International (72) Kalutara (4) Land (2) Language (1) Law (41) Life (197) Literature (8) Matugama (17) Matugama.com (7) Media (51) Military (3) Music (8) Nature (1) News (178) Opinion (29) Panadura (8) People (97) Philosophy (6) Photos (13) Places (21) Poems (5) Politics (547) Press Releases (3) Religion (17) Satire (3) Science (15) Security (11) Sports (19) Tamil (2) Technology (9) Terrorism (1) Tourism (2) Transport (19) Travel (18) Uncategorized (16) Video (23) Wildlife (5) Women (16) Youth (3) සිංහල (283)
කොරෝනා වසංගතය හමුවේ අපගේ විදේශ විනිමය අර්බුදය උග‍්‍ර වී ඇත. තෙල් මිල වැඩි කිරීමට හේතු වී ඇත්තේ ද ලෝක තෙල් මිල ගණන් ඉහළ යෑමට වඩා රටේ විදේශ මුදල් සංචිත හිඟ වීම නිසා බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල පසුගියදා මාධ්‍ය හමුවක දී කීවේය. මේ නිසා විදේශ මුදල් රටින් පිටවීම තවදුරටත් සීමා කළ යුතු අතරම සහ අලූතින් විදේශ මුදල් උපයන මාර්ග වෙත අප යොමු විය යුතුව තිබේ. මේ සමගම නව අභියෝගයක් ද මතු වී ඇත. එනම් යළිත් ජීඑස්පී ප්ලස් බදු සහනය අහිමි වීමේ අවදානමකට මුහුණ දීමට අපට සිදුව තිබීමයි. ලංකාවට ලැබුණු මෙම ජී.එස්.පී. ප්ලස් බදු සහනය ගැන යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති යෝජනාවක් නිසා අද ප‍්‍රශ්නය මතුව තිබේ. මේ ගැන රට තුළ දැන් කතාබහක් ද ඇතිව තිබෙන අතර හිටපු අගමැති සහ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගියදා (13* මේ ගැන මාධ්‍යයට ප‍්‍රකාශයක් කර තිබුණි. ඒ අනුව යුරෝපා සංගමයෙන් ලද ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමි වෙනු ඇතැයි අවවාද කර ඇති හෙයින් අවදානම හමුවේ තවදුරටත් දේශපාලනය නොකර එම සහනය ආරක්ෂා කිරීමට රජය වහාම කටයුතු කළ යුතු බවට හිටපු අගමැතිවරයා පවසා තිබුණි. ඔහු මාධ්‍ය වෙත නිකුත් කළ විශේෂ ප‍්‍රකාශයේ තවදුරටත් සඳහන් කර තිබුණේ අපේ විදේශ විනිමය පහත වැටී ඇති හෙයින් ජී.එස්.පී. ප්ලස් බදු සහනයත් අහිමි වුවහොත් රුපියලේ වටිනාකම බාල්දු වී ඩොලරයකට රුපියල් 300ක පමණ මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවත් එසේම රැුකියා දහස් ගණනක් අහිමි වීමටත් ඉඩ ඇති බවයි. යුරෝපා සංගමය මගින් ලංකාවට ලබා දෙන ජී.එස්.පී. ප්ලස් සහනය ඉවත් කළ යුතු දැයි යළි සලකා බැලීම යුරෝපා කොමිසමට පැවරීමට පසුගියදා බෙල්ජියමේ බ‍්‍රසල්ස් නුවර දී රැුස්වූ යුරෝපා පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කොට ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණි. මේ ගැන රජය පැත්තෙන් වඩාත්ම අදහස් දක්වා තිබුණේ මුදල්, ප‍්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතාය. අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු කීවේ යම් හෙයකින් ජීඑස්පී ප්ලස් බදු සහනය අහිමි වීමේ තත්ත්වයක් ඇති වුවහොත් ඒ ඊට මුහුණ දීමට රජය සූදානම් බවයි. එහෙත් කොවිඞ් වසංගතය සමග බැඳුණු නව ආර්ථික වාතාවරණය හමුවේ එය මීට පෙර වතාවට වඩා අභියෝගාත්මක වීමට ඉඩ තිබේ. මේ ගැන ඇමැති කබ්රාල් මේ ලියුම්කරුට කීවේ මේ බදු සහනය අහිමි වීමේ තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා ආර්ථිකමය වශයෙන් රටට මුහුණ දීමට හැකි තත්ත්වයක් ඇති කර ගන්නා බවයි. එම සහනය අහිමි වීමෙන් වන අවාසිය මගහැරවෙන විදියට වෙනත් වාසි ලබා ගැනීමට කටයුතු කරන බව ද ඔහු කියා කීවේය. හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මාධ්‍යට කර තිබූ ප‍්‍රකාශයට පිළිතුරු දුන් රාජ්‍ය ඇමැති ඇමැති කබ්රාල් මහතා මෙසේ කීවේය. ‘අපට යුද්ධය කරන කාලෙත් මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න සිදු වුණා. මේ සහනය අයින් කරනවා කියල ලොකු ආන්දෝලනයක් ගියා. ඒ වගේම එය අයින් කෙරුවා. එසේ කරගෙන යද්දී ඔය හිටපු අගමැතිතුමාම තමයි කිව්වේ රැුකියාවල් හයලක්ෂයක් අහිමි වෙනවා. ඩොලරයට ගෙවන්න වෙන රුපියල අගය දෙගුණ වෙනවා. මේ වගේ ලොකු කතාවක් කිව්වා. මේවා අද මතක් කරගන්න එකත් වටිනවා. අද වගේම ප‍්‍රකාශයක් එතුමා එදා විපක්ෂ නායකයා හැටියට කෙරුවා. අපි ඒ වුණාට ඒවාට මුහුණ දුන්නා. එක රැුකියාවක් නැති වුණේ නැහැ. රුපියල අවප‍්‍රමාණය වුණෙත් නැහැ. රුපියල අධිප‍්‍රමාණය කරගන්න අපට පුළුවන් වුණා. රටේ කාර්යක්ෂමතාව වැඩි කරගත් නිසා අපිට ඒකට මුහුණ දෙන්න පුළුවන් වුණා.’ මේ සහනය ලබා දීමේ දී රටක ආර්ථිකමය කරුණුවලට අමතරව කිසියම් දේශපාලනයක් ද පවතින බව ප‍්‍රකට කරුණකි. ඒ ගැන කබ්රාල් ඇමැතිවරයා මෙසේ ද කීවේය. ‘මේ සඳහා රටේ ආර්ථිකමය කටයුතුවලට හැරෙන්නට ශ‍්‍රී ලංකාවට විවිධ දේශපාලනික, ශ‍්‍රී ලංකාවේ අනන්‍යතාවට සහ ස්වෛරීතාවට බලපාන කොන්දේසි දානව නම් කිසිම වැදගත් රටක්, කිසිම වගකිව යුතු රටක් ඒවාට එකඟ වෙන්නේ නැහැ. මේ කොන්දේසිවල තියෙනවා අපි චීන රජය සමග තියෙන සම්බන්ධතාව අඩු කරන්න ඕන කියල. විවිධ පොලිසියට භාර අරන් තියන පුද්ගලයින්ව නිදහස් කරන්න ඕන කියල තියෙනවා. මේ කොන්දේසිවලට කව්ද එකඟ වෙන්නේ. පසුගිය රජය නම් එකඟ වුණා. රනිල් වික‍්‍රමසිංහ මහතා නියෝජනය කරන පක්ෂයට එවැනි කටයුතුවලට එකඟ වෙන්න පුළුවන්.’ මේ නිසා මේ රජයේ ස්ථාවරය සමග සලකා බැලීමේ දී එම කියන යුරෝපා සංගමයේ කොන්දේසිවලට යටත්ව ජීඑස්පී ප්ලස් බදු සහනය රැුක ගත හැකි වනු ඇති ද යන ප‍්‍රශ්නය තිබේ. මේ නිසා යම් හෙයකින් නැවත වරක් ජීඑස්පී ප්ලස් බදු සහනය අපට අහිමි වෙනවා නම් එහිදී අප විකල්ප ක‍්‍රියාමාර්ගවලට මුහුණ දී අප ආර්ථික වශයෙන් එයට මුහුණ දිය හැකි තත්ත්වයක් අති කරගත යුතු වේ. මේ නිසා රජය ඒ සඳහා ද පෙර සූදානමකින් කටයුතු කිරීම වැදගත්ය. හේතුව කොවිඞ් වසංගතය හමුවේ මේ මොහොතේ අප රට පමණක් නොව මුළු ලෝකයම මුහුණ දී සිටින්නේ සාමාන්‍ය වාතාවරණයකට නොවන බැවිනි. ඇතැම් රටවල් නම් මේ වනවිට මෙම වසංගතය පැතිරීම සාර්ථකව පාලනය කරගෙන ආර්ථික කටයුතු ඉතා හොඳින් පණගන්වා ගෙන තිබේ. ඒ අතින් නම් අප සිටින්නේ ඉතා කනගාටුදායක තැනකය. එනම් මේ කොවිඞ් තෙවන රැුල්ල හමුවේ මුලදී අවදානම වර්ධනය වෙමින් පවතින විට වෛද්‍ය අංශ කී පරිදි දින 14 ක් රට වැසීමට ආණ්ඩුව ක‍්‍රියා නොකළේය. එසේ කොරෝනා තෙවැනි රැුල්ල පාලනය කිරීමට නිසි වෙලාවට පියවර නොගත් නිසා අවසානයේ මාසයකට අසන්න කාලයක් (ජුනි 21 දක්වා* රට වැසීමට සිදුව තිබේ. මේ නිසා වසංගත තත්ත්වය පැතිරීමට අමතරව ආර්ථිකය අකර්මණ්‍ය වන දින ගණන ද වැඩි විය. ඒ නිසා වැඩි අහිතකර ආර්ථික බලපෑමකට මුහුණ දීමට රටට සිදුව තිබේ. මීළඟට තෙල් මිල වැඩි කිරීම ද බලවත් කතාබහකට ලක්වන කරුණක් වී තිබේ. ඇත්ත වශයෙන්ම මේ තත්වය උග‍්‍ර වී ඇත්තේ මේ මොහොතේ අපට විදේශ විනිමය හිඟයක් පවතින නිසාය. මේ සම්බන්ධයෙන් ඇමැති උදය ගම්මන්පිල මහතා කියන කරුණුවලට අප එකඟය. ”ඉදිරි ගිවිසුම්වලට ගියා නම් තෙල් මිල මෙසේ වැඩි කිරීමට වෙන්නේ නෑ. මූල්‍ය වෙළෙඳපොළ විශේෂඥයෝ කියති” යන ශීර්ෂය යටතේ අප පුවත්පතේ පසුගිය ජුනි 14 දින පුවතක් පළ විය. එම ඉදිරිපත් කිරීම කළේ දැනට මුල්‍ය වෙළෙඳපොළේ කටයුතු කරන ප‍්‍රධාන පෙළේ බැංකුවක භාණ්ඩාගාර අංශයේ හිටපු ප‍්‍රධානියෙකි. මේ ලියුම්කරුට තොරතුරු දුන් අය ඉල්ලීමක් කළේ එය ඉදිරිපත් කළ අයගේ නම පුවත්පතේ සඳහන් නොකරන ලෙසයි. එහෙත් අප හිතවත් ගම්මන්පිල ඇමැතිවරයාට අවශ්‍ය නම් ඒ ගැන කරුණු අපට ලබාදිය හැකිය. එසේම ඉදිරි ගිවිසුම් යනු මේ අවස්ථාවේ ඉන්ධන මිල දී ගැනීම් සඳහා ගැලපෙන මෙවලමක් නොවන බව ද ඇමැතිවරයා කියා තිබුණි. ඒ සම්බන්ධයෙන් රජයේ නිල ආර්ථික උපදේශකයා වන ශ‍්‍රී ලංකා මහ බැංකුවෙන් බලශක්ති අමාත්‍යාංශයට අවශ්‍ය නම් උපදෙස් ලබාගත හැකිය. ස්වර්ණවාහිනියේ පසුගිය දේශපාලන වැඩසටහනක දී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සද්ධාමංගල සූරියබණ්ඩාර මහතා ද මේ පුවත ගැන ගම්මන්පිල මහතාගෙන් විමසීමක් කළ විට ඇමැතිවරයා කීවේ තමන්ට එවැනි යෝජනාවක් නොලැබුණු බවයි. එය සත්‍යයකි. ඇමැතිවරයාට එම ඉදිරිපත් කිරීම ලබාදීමට උත්සාහ ගත් නමුත් එය කළ නොහැකි වී තිබේ. එය ඉදිරිපත් කළේ තෙල් සංස්ථා සභාපතිවරයාට බවත් මේ ලියුම්කරුට තොරතුරු දුන් අය ඊයේ (16* දිනයේ ද මේ ලියුම්කරුට සඳහන් කළේය. මේ ගැන වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කිරීම පසුවට තබා මීළඟට ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල ගැන අපි අවධානය යොමු කරමු. 2020 දී ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල ගැන තොරතුරු පසුගිය දා ඉදිරිපත් වූ නවතම මහ බැංකු වර්තාවේ (2020* සඳහන් වේ. එහි පිටු අංක 82 සහ 83 පිටුවල මේ විස්තර සඳහන් ය. මේ අරමුදල නම් කර ඇති ආකාරයෙන්ම පැහැදිලි වන්නේ මෙය තෙල් මිල ස්ථායි කිරීමේ අරමුණෙන් ඇති කළ බවයි. මහ බැංකු වාර්තාවේ සඳහන් වන පරිදි ගිය වසර (2020* තුළ දී රුපියල් බිලියන 69.2ක (රු. කෝටි 6920 ක* මුදලක් ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදලෙහි එකතු වී තිබී ඇත. මේ මුදල එකතු වූයේ ශ‍්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාගත් අරමුදල් ද සමගය. රජයේ ඇමැතිවරුන් දැන් ප‍්‍රකාශ කරන පරිදි නම් මේ අරමුදලේ මුදල් ශේෂය අවසන් වී තිබේ. එනම් මේ මුදල් තෙල් මිල ස්ථායි කිරීම සඳහා නොව වෙනත් කටයුතු වෙනුවෙන් වියදම් කර ඇති බවයි. මේ අනුව මේ අරමුදලට එකතු වූ මුදලින් රුපියල් බිලියන 48 ක්ම (රු. කෝටි 4800ක්ම* ලංකා විදුලිබල මණ්ඩලය වෙතින් තෙල් සංස්ථාවට ලැබිය යුතු හිඟ මුදල් අර්ධ වශයෙන් පියවීම සඳහා ද එසේම දළ වශයෙන් තවත් රුපියල් බිලියන 21 ක් (රු.කෝටි 2100 ක්* ශ‍්‍රී ලංකා මහ බැංකුව වෙත නිකුත් කෙරුණු භාණ්ඩාගාර බිල්පත් පියවීම සඳහා ද යොදා ගෙන තිබේ. අසාමාන්‍ය ලෙස ජාත්‍යන්තර වෙළෙඳපොළේ පහළ ගිය තෙල් මිලෙහි ප‍්‍රතිලාභ මගින් දේශීය ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම වෙනුවට ඉන්දන මිල ස්ථායි කිරිම සදහා, 2020 මාර්තු මාසයේදී මෙම ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල පිහිටුවන ලදී. 2020 මාර්තු මාසයේ දී එම අරමුදල ස්ථාපිත කරන විට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම ඔස්සේ ශ‍්‍රී ලංකා මහ බැංකුව වෙතින් රුපියල් බිලියන 47.5ක අරමුදල් රැුස් කර ගෙන තිබේ. 2020 අපේ‍්‍රල් මාසය අවසානයේ සිට පෙට‍්‍රල්, සුපිරි ඞීසල් සහ සුදු ඞීසල් ආනයනය සඳහා ඉන්ධන අධිභාර පැනවූ අතර, අධිභාර හරහා රැුස් කරන ලද අරමුදල් ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල වෙත යොමු කරන ලදී. මහ බැංකු වාර්තාවේ මේ ගැන වැඩිදුරටත් තොරතුරු සඳහන් වේ. මේ අරමුදලේ එකතු වූ මුදල් වෙනත් කටයුතු වෙනුවෙන් වියදම් නොකර ඉන්ධන මිල ස්ථායිකරන අරමුණ වෙනුවෙන්ම යොදා ගත්තා නම් මේ මිල වැඩි කිරීම, මෙවැනි ජනයා වඩාත්ම පීඩාවට පත්ව සිටින මේ අවස්ථාවේ නොකර සිටීමට ඉඩ තිබුණු බව අපගේ අදහසයි. මේ අනුව ආණ්ඩුවේ ක‍්‍රියාකලාපය සහ කොවිඞ් වසංගතය හමුවේ උග‍්‍ර වී ඇති විදේශ විනිමය හිඟය හමුවේ තෙල් මිල වැඩි නොකර සිටිය නොහැකි වාතාවරණයක් උද්ගතව ඇති බව අපගේ අදහසයි. කොවිඞ් වසංගතය පාලනය කිරීමට නිසි වෙලාවේ රට වැසීමේ ක‍්‍රියාමාර්ග අනුගමනය නොකළ නිසාත් එම ක‍්‍රියාමාර්ග ප‍්‍රමාද වී ගැනීම නිසාත් අද රට මුහුණ දී සිටින අවදානම් සහගත තත්ත්වය පැහැදිලිය. මේ නිසා දැනට ක‍්‍රියාත්මක වන සංචරණ සීමාවල හිල් වසා එය වඩාත් ඵලදායි කරගත යුතුව තිබේ. මේ ආකාරයෙන්ම තෙල් මිල ප‍්‍රශ්නය හමුවේ ද මිල වැඩි නොකර සිටිය නොහැකි පසුබිමක් රජයේ ක‍්‍රියාකලාපය විසින්ම නිර්මාණය වී ඇති බව අපට පෙනේ. Share Facebook Twitter Pinterest WhatsApp Previous articleඑස්ටීඑෆ් එකට කසිප්පු තිත්පළේදී කොටුවූ පාතාල සුද්දා ගංජා හේන් දෙකක් වමාරයි Next articleගවේෂණාත්මක සිංහල නවකතාවේ ‘චක‍්‍රවර්ති’ [email protected] RELATED ARTICLESMORE FROM AUTHOR විශේෂාංග අදානි සල්ලි එන්ඩීටීවී බලය අල්ලයි අතිරේක කඨීශූල සහ සයිටිකා නිසා මතුවන කොන්දේ වේදනාවට ආයුර්වේද ප්‍රතිකාර අතිරේක ආසාදන රෝගවලට මුහුණදීමට MOST POPULAR කොවිඩ් ආසාදිත හාරලක්ෂය පනී August 25, 2021 Screenshot October 16, 2022 බැසිල් පාර්ලිමේන්තුවට පත් කිරීමේ ගැසට්ටුව මේ සතියේ June 28, 2021 ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග සඳහා දින නියම කරයි July 19, 2021 Load more HOT NEWS ප්‍රධාන පුවත් යුද හමුදාපති සහ රුසියානු භූමි මෙහෙයුම් ප‍්‍රධානී අතර සුහද හමුවක් අද දිවයින කතුවැකිය සැනසීම අද නොවේ හෙට ප්‍රධාන පුවත් ලෝක උරුම ගාලු කොටුවේ අනවසර ඉදිකිරීම් රොත්තක්… පුරාවස්තු ආඥාපනතේ අඩුපාඩු නිසා... අතිරේක රේන්බෝ සිනමා උළෙලේ හොඳම සිනමා අධ්‍යක්ෂණය ‘ද නිව්ස් පේපර්ස්’ EDITOR PICKS අදානි සල්ලි එන්ඩීටීවී බලය අල්ලයි December 5, 2022 2019 බදු සංශෝධනයෙන් දේශීය ආදායම් ලිපි ගොනු ලක්‍ෂ 14 සිට ලක්‍ෂ 5 ට අඩුවෙලා December 5, 2022 එල්පීඑල්වලට පළමුවරට විදෙස් විනිසුරුවරු දෙදෙනෙක් December 5, 2022 POPULAR POSTS සිංහල මැණිකේට එරෙහි ඩයස්පෝරාවේ කුහකත්වය October 10, 2021 ජංගි හොරා කුණුහරුපයක් නෙමෙයි – ආචාර්ය සෝමරත්න දිසානායක December 26, 2021 යොහානි බ්‍රිතාන්‍යයේ වාර්තාත් බිඳී October 20, 2021 POPULAR CATEGORY ප්‍රධාන පුවත්7192 ප්‍රාදේශීය පුවත්3192 විශේෂාංග1957 විගස පුවත්1889 කාටූන1866 ක්‍රීඩා1827 විදෙස් පුවත්1608 ABOUT US Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
මේ වගේම මංගල සහ ශ්‍රී පති 2007දී 'සිහිනයේ අභියෝගය' නමැති රට හදන ප්‍රතිපත්ති ප්‍රකාශනය අරගෙන රනිල් හමුවෙන්න රනිල්ගේ කාර්යාලයට ගියහ. වැඩි දවසක් ගියේ නැත. රනිල් - මංගල සහ ශ්‍රී පති එකට එක්වී 2008 අය - වැයෙන් ආණ්ඩුව වට්ටන්න සාකච්ඡා ආරම්භ කළහ. "රනිල් - චන්ද්‍රිකා හමුවෙන් පස්සෙත් ඒකම වෙයිද...?" කියන්න දන්නේ නැත. 'දේශපාලනය ගැන කිසිම දෙයක් කතා කළේ නැහැ...' චන්ද්‍රිකා එළියට ඇවිත් මාධ්‍යයන්ට කීවාය. "මම ආගමික සංහිඳියාව ගැන සාකච්ඡා කරන්න ජනාධිපතිගෙනුයි ඇමැතිවරුන්ගෙනුයි අවස්ථාව ඉල්ලල තියෙනවා. තවම ප්‍රතිචාර නැහැ..." චන්ද්‍රිකා කියා තිබුණි. ආගමික සංහිඳියාව කියන මාතෘකාව ලංකාවේ සමාජ, දේශපාලන, සංස්කෘතික බලවේග එක තැනකට ගෙන එන්න හොඳ මාතෘකාවකි. රනිල්ව හමුවීමටත් කලින් චන්ද්‍රිකා මහානායක හිමිවරුන් හමුවී මේ ගැන සාකච්ඡා කළ බව ඇය මාධ්‍යයන්ට කියා තිබිණි. ඊළඟට ඇයට කතෝලික, ක්‍රිස්තියානි, හින්දු සහ මුස්ලිම් ආගමික නායකයන් හමුවී මේ ගැන සාකච්ඡා කරන්න පුළුවන. විපක්‍ෂයේ මෙන්ම ආණ්ඩුවේ පක්‍ෂ ශ්‍රී ල.නි.ප.යේම මැති ඇමැතිවරුන් හමුවී ඇයට මේ ගැන සාකච්ඡා කරන්න පුළුවන. ඒ වගේම නීතිඥ, වෛද්‍ය ඇතුළු විද්වත් සංවිධාන පමණක් නොව මාධ්‍ය පවා හමු වී සාකච්ඡා කරන්න මෙය හොඳ මාතෘකාවකි. ආගමික සංහිඳියාව යන මාතෘකාව යටතේ චන්ද්‍රිකා සතියෙන් සතිය මාධ්‍යයන්ට නිවුස් හදන කොට බිත්තර තම්බන ගාණට රත් වෙන්නේ මහින්දගේ පපුවය. චන්ද්‍රිකාගේ මේ හමුවීම් නතර කරන්න මහින්දට බැරිය. ඇය ආගමික සංහිඳියාව ගැන සාකච්ඡා කරන්න අවස්ථාවක් ඉල්ලපුවාම මහින්ද කල්යල් බලන්නේ සංහිඳියාවට මුවාවෙලා ආණ්ඩුවේ ඇමැතිවරු හිඳින්න චන්ද්‍රිකා හැටහතර මායම් දානවාද කියා හිතල විය යුතුය. මහින්ද චන්ද්‍රිකා හමු වූ විට මේ වැඩේට රාජ්‍ය පිළිගැනීමක් ලැබේ. ඉන්පසු චන්ද්‍රිකා ඇමැතිවරුන් හමු වන විට එය නතර කරන්න මහින්දට බැරිය. චන්ද්‍රිකා එක්ක කතා කරන ඇමැතිවරුන් ගැන මහින්ද ඉන්නේ ඇහැ ගහගෙනය. මේ නිසාම ඇමැතිවරුන් චන්ද්‍රිකා එක්ක කතා කරන්න පණ බයය. ඒත් මේ වගේ වැඩක් අස්සේ ඇමැතිවරුන්ට චන්ද්‍රිකා හමුවී නිවී සැනසිල්ලේ කතා කරන්න පුළුවන. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලය පමණක් නොව රටේ විවිධ බල කණ්ඩායම් හමු වී සාකච්ඡා කොට චන්ද්‍රිකා ඉදිරිපත් කරන යෝජනාවලිය රටේම කතාබහට ලක් වෙන යෝජනාවලියක් විය හැකිය. 'පොදු අපේක්ෂකයා එන්නේ ඒ යෝජනාවලිය තුළින්ද...?' ඒක නම් තවම කියන්න බැරිය. හැබැයි චන්ද්‍රිකා මේ වැඩේට බැහැල තියෙන්නේ නිකම්ම නිකන් කාලයක නොවේ. ඇය යූ.ඇන්.පී.යේ 17ත් වසරක ආණ්ඩුව වෙනස් කොට හරියටම වසර 20ක් පිරෙද්දීය. 1994 හරියටම මේ වගේ මාර්තු මාසයකදී චන්ද්‍රිකා හිටියේ දකුණේය. ඇය දකුණේ ගම් නියම්ගම් පුරා යමින් මහ රෑ එළිවෙන ජාමෙටත් රැස්වීම් තියමින් වසර 17කට පසු යළි ශ්‍රී ල.නි.ප. ආණ්ඩුවක් බලයට ගෙන එන්න දරදිය ඇද්දාය. චන්ද්‍රිකා රැල්ල කියල රැල්ලක් හැදුණේ ඒ කාලයේය. යූ.ඇන්.පී. ය හාන්සි වුණේ ඒ රැල්ලෙන්ය. චන්ද්‍රිකා දකුණට ගිහින් කීවේ යූ.ඇන්.පී. ආණ්ඩුවේ අවසානයක ආරම්භය සහතික කරල දෙන්න කියලාය. දකුණේ ජනතාව ඒ වැඩේ කරල දුන්නේය. දකුණ දිනලා චන්ද්‍රිකා රටම දින්නේ 1994 ජූලි මහ මැතිවරණයෙන්ය. ඒ මෙයට හරියටම වසර 20කට කලින්ය. මෙයට හරියටම වසර 10කට කලින් චන්ද්‍රිකා 2001දී තමාට අහිමි වුණ ආණ්ඩුව යළි ලබා ගත්තාය. ඒත් හරියටම 2004 පෙබරවාරි මාසයේ පාර්ලිමේන්තුව විසුරුවල අප්‍රේල් ඡන්දය තියලාය. ඇය යළි තමාට ආණ්ඩු බලය දෙන්න යැයි කියමින් රට වටා ගියේ හරියටම මේ වගේ 2004 මාර්තු මාසයේය. හැබැයි තමා බලය ඉල්ලන්නේ තමාට හිමි ශ්‍රී .ල.නි.ප. නායකත්වයත් නැති කරගෙන මහින්දව ජනාධිපති කරන ආණ්ඩුවක් පිහිටුවන්න යැයි චන්ද්‍රිකා එදා හීනෙන්වත් නොහිතන්න ඇත. ඇත්තටම 2004 පාර්ලිමේන්තුව විසුරුවාලීම වළක්වා චන්ද්‍රිකා සහ එවකට අගමැති රනිල් අතර සංහිඳියාවක් ඇති කොට ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න චන්ද්‍රිකාගේ විශ්වාසවන්තයා වූ මනෝ තිත්තවැල්ල සහ රනිල්ගේ විශ්වාසවන්ත මලික් සමරවික්‍රම අතර සාකච්ඡා ආරම්භ විය. එම සාකච්ඡාවලට ඉන්දියාව, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සහාය පළ කළහ. සාකච්ඡා පටන් ගන්නකොට චන්ද්‍රිකා රනිල්ගේ ආණ්ඩුවේ අමාත්‍යංශ තුනක්ම අරගෙන තිබුණි. රාජ්‍ය ආරක්‍ෂක, පොලිස් සහ මාධ්‍ය එම අමාත්‍යංශ තුනය. "මම ජේ.වී.පී. එක්ක ගිවිසුම් ගහනවාට වඩා මේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳන්න යූ.ඇන්.පී. එක්ක ගිවිසුමකට එන්න කැමැතියි. ඔයා රනිල්ට ගිහින් කියන්න මම ගත්ත අමාත්‍යංශ තුනම එක පාර දෙන්න බෑ. එතකොට මම විහිළුවක් වෙනවා. පොලිසිය භාර අමාත්‍යංශයයි, මාධ්‍ය එකයි මම දෙන්නම්. මම රනිල් එක්ක එකතු වෙලා සාම වැඩපිළිවෙළ ගැන එකඟතාවකට ආවාට පස්සේ ආරක්‍ෂක අමාත්‍යංශය දෙන්නම්. එතෙක් රනිල් එක්ක සාකච්ඡා කරල ආරක්‍ෂක අමාත්‍යංශයේ වැඩ කරගෙන යමු..." මේ චන්ද්‍රිකා මලික්ට කී කතාවය. ඒත් රනිල් කීවේ පළමුව චන්ද්‍රිකා කරපු වැරැද්ද නිවැරැදි කරන්න ඕනෑ කියාය. සාකච්ඡා දිග්ගැස්සෙද්දී මංගලලා, කදිරගාමර්ලා සහ ජ.වි.පෙ. පාර්ලිමේන්තුව විසුරුවන ලෙස චන්ද්‍රිකාට බලපෑම් කළහ. චන්ද්‍රිකා ඔවුන්ගේ හඬට යට විය. එදා චන්ද්‍රිකා සහ රනිල් අතර සංහිඳියාව ඇති වුණා නම් අද මහින්ද මේ රටේ ජනාධිපති නොවේ. එහෙනම් මහින්දට අගමැතිකමවත් නැත. එහෙම වුණා නම් මහින්ද අදටත් විපක්‍ෂ නායකය. එදා චන්ද්‍රිකා - රනිල් සංහිඳියාවට එරෙහි වූ මංගලලාත් ඒ කරපු ඓතිහාසික වරද ගැන කනගාටුව පළ කර ඇත. ජ.වි.පෙ. දෙකඩ වුණෙත් ඒ ඓතිහාසික වැරැද්ද නිසාය. ඒ වැරැද්ද නොකළා නම් අද ශ්‍රී .ල.නි.ප. - ජ.වි.පෙ. සන්ධාන විපක්‍ෂයේ විපක්‍ෂ නායකයා ජ.වි.පෙ.න්. බිහි වීමට ඉඩ තිබුණි. මහින්දට එහෙම නම් විපක්‍ෂ නායකකමත් නැත. 'ආගමික සංහිඳියාව හරහා චන්ද්‍රිකා ඒ ඓතිහාසික වැරැද්ද නිවැරැදි කරන්න යනවාද...?' ඒක ගැන තවම කියන්න කල් වැඩිය. හැබැයි චන්ද්‍රිකා ආ වෙලාවේ රනිල් කීවේ එජාපයට පක්ෂයක් ලෙස සංහිඳියාවට එක් වෙන්න බැරි බවය. 'නොකියා කීවේ චන්ද්‍රිකා අපේක්ෂිකාව වුණොත් යූ.එන්.පී. සහාය නැති බවද?' ඒක දන්නේ රනිල් විතරය. කොහොම වුණත් 1994, 2004 වගේම 2014ත් චන්ද්‍රිකාට තීරණාත්මක විය යුතුය. මොකද හතර කියන්නේ චන්ද්‍රිකා පෙරළි කරන හතර පෙරළියේ වසරය. උපුල් ජෝශප් ප්‍රනාන්දු Tags: චන්ද්‍රිකාගේ හතරවරං චන්ද්‍රිකාගේ හතරවරං 2 comments: Anonymous March 14, 2014 at 6:25 AM API CHANDRIKATA BAYAI UPUL MALLIYE ReplyDelete Replies Reply Anonymous March 16, 2014 at 10:28 AM upul joseph pranando kiyanne pissek.miniha hamadama mea wage lipi liyanawa.eth ewa wela na ReplyDelete Replies Reply Add comment Load more... Subscribe to: Post Comments ( Atom ) Featured Post සමන්ත විද්‍යාරත්න. සක්‍ර දෙවියන් ප්‍රමුඛ දේව සභාවට ලීයු ලියමන 2021 අගෝස්තු 24 බදුල්ලේදීය. ලිපි අංක 1 මහා සක්‍ර දිව්‍යරාජයානන් ප්‍රමුඛ දේව මණ්ඩලයේ සියලුම දෙවිවරුන්ට ගෞරවයෙනි, සෙත් වේවා !! මෙම ලිපිය ඔබ ව... Facebook Sri lanka team Popular ස්ත්‍රීන් ගේ ලෝකය තුළ පිරිමින් දේශපාලන පොන්නයන්වීම-(කාන්තා දින පණිවිඩය) ලංකාවේ වාමාංශික පක්ෂ ඇතුලු බොහෝ පිරිස් කාන්තා දිනය පිළිබදව විවිධ අටුවා,ටීකා,ටිප්පනි ලියා ඇත. මේ සියල්ල මගින් ගම්‍යමාන ව... සාත්‍රේට සංජීව බණ්ඩාර හමුවීම සංජීව බණ්ඩාර ….., ඔබ පළඳින්නේ දුප්පතාගේ රබර් සෙරෙප්පු දෙකය .. ඔබ උදේට කෑවේ රොටී කැල්ලක් පමණි .. නමුත් ඔබ වැදූ අම්මා පෙවූ රන් කිරේ ජවයෙන් ද... කුවේණි එදා අපේ රටට පළිගැහුව සාප නවය මෙන්න ...........ඉබාගාතේ යන වල්මත් ජාතියක් බිහිවේවා! වරිගෙන් පිටමං කළාට විජය අතහැර දැමුවාට හෙළ දිවයිනට-වරිගෙට කුවේණි කළ සාපය = හෙළ දිවයින හතර පැත්තෙන් විනාශ වේවා! = හෙළයේ නායකයන් විනාශ ... පබා දඟකාර ද? බුද්ධිමත් ද? 01 උපේක්ෂා ස්වර්ණමාලී යනු පබා ටෙලි නාට්‍යයෙන් සිංහල ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිත්වයට පත් වූ නිළියකි පසුගිය මහ මැතිවරණයේ දී ගම්පහ... මල් පෙරහැරේ අපි ගෝලයෝ. සන්නා අපේ දළ ඇතා. - සන්නා වටේ සිටින පැපොල් ඇට ලොන්තයන්ට සමන් එදිරිමුණී. කියපු කතාව පුද්ගලික සම්බන්ධකම් ප්‍රසිද්ධියේ ප්‍රකාශට පත් කිරීමේ න්‍යාය මා උගත්තේ සන්නාගේ අම්මා පොතෙනි. මේ ඔහුව අමතන්නේ ඒ රචනා ශෛලීයෙනි. # සන්නා ගැන... දෙරණේ හිගන සම්මාන පූජාවේ කතාවක් - දුලීකා මාරපන කියයි කලාකරුවාගේ මානව හිමිකම් උල්ලංඝනය වීම. --------------------------------------------------- මම කවුරුත් දැයි මුලින්ම හදුන්වා දීමට කැමැත්තෙම... ආගමික අන්තවාදය මිනිස් නිදහස සීමා කළා |රටින් පිටුවහල් කළ ශී‍්‍ර ලාංකික මුස්ලිම් ලේඛිකා ෂර්මිලා සෙයියිද් රාවය පුවත්පත - අජිත් නිශාන්ත ශ්‍රී ලාංකික මුස්ලිම් ලේඛිකාවන් ගැන අපට අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. එයට හේතුව ලේඛනයේ හෝ නිර්මාණකරණයේ යෙදෙන... 2019 ජනාධිපතිවරණ ප්‍රතිඵලය ගැන - වික්ටර් අයිවන් මෙම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ජනාධිපතිවරණය දිනීමේ වැඩි හැකියාව තිබෙන්නේ ගෝඨාට නොව සජිත්ට බව මම කීවෙමි. එහෙත් එය එසේ වූයේ න... නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය අහිමි කිරීම - වික්ටර් අයිවන් වික්ටර් අයිවන් ලංකාවේ දේශපාලන කරළියට නීති ක්‍රියාධරයකු හා ජනාධිපති අපේක්ෂකයන් ලෙස ලෙස එකතු වී සිටින නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය වසර ... ආර්‍යාවන්ට මෙන්සස් හැදෙන්නේ නැද්ද? (පක්ෂ වහල් භාවයෙන් තොරව කියවමු!) ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගන්න කාන්තාවකට කිසිම මොහොතක උඩ මළුවට යන්න දෙන්නෙ නැහැ. හේතුව කිළි කියන එක තමයි මම අහල තියෙන්නෙ. එහෙමයි ... Recent Recent Comments හිටපු ඇමති රාජිත ගැන බුද්ධදාස විතානආරච්චි අතීතාවර්ජනය කරමින් මුහුණුපොතේ තැබූ සටහන මෙන්න. හිටපු ඇමති රාජිත ගැන බුද්ධදාස විතානආරච්චි අතීතාවර්ජනය කරමින් මුහුණුපොතේ තැබූ සටහන මෙන්න. හෙළුව පෙනීම - වික්ටර් අයිවන් හෙළුව පෙනීම - වික්ටර් අයිවන් මල් පෙරහැරේ අපි ගෝලයෝ. සන්නා අපේ දළ ඇතා. - සන්නා වටේ සිටින පැපොල් ඇට ලොන්තයන්ට සමන් එදිරිමුණී. කියප මල් පෙරහැරේ අපි ගෝලයෝ. සන්නා අපේ දළ ඇතා. - සන්නා වටේ සිටින පැපොල් ඇට ලොන්තයන්ට සමන් එදිරිමුණී. කියපු කතාව
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසිවාරයට සහභාගී වීම සදහා ඇමරිකාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එරට දේශපාලන කටයුතු පිළිබද සහකාර රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා අතර හමුවක් අද (21) පස්වරුවේ නිව්යෝක් නුවර දී පැවැත්විණි. Search for: Contact Us Phone: +94-715-657400 Email: info@readsrilanka.com Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'readsrilanka.com' Join our email newsletter and get news & updates into your inbox for free. Categories CORONA: Covid 19 Developing Stories Fashion & Beauty culture FB මාත්‍රාව Men Photo Stories Uncategorized ආර්ථික සහ ව්‍යාපාරික උණුසුම් පුවත් ක්‍රීඩා කෘෂිකර්මය දේශපාලන ප්‍රතිපත්ති සහ සංවර්ධන පුවත් සහ වාර්තා මතවාද ලෝකාවලෝකනය විද්වත් කථිකාව විදේශීය විමර්ශන විශේෂාංග සෞඛ්‍යය අප හා සම්බන්ධවීමට දුරකථන: +94-715-657400 විද්‍යුත් තැපෑල: info@readsrilanka.com © සියලුම හිමිකම් ඇවිරිණි. මෙම වෙබ් අඩවියේ පළවන ලිපි අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් වන අතර එම ආචාරධර්ම උල්ලංඝනය කරමින් නීතිවිරෝධීව උපුටාගන්නන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරනු ඇත.
පළතුරු කියන්නේ මිනිස් සිරුරට විටමින් සහ ඛණිජ ලවණ සැපයීමේදී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන ආහාර කාණ්ඩයක්. සමහරු ආහාර වේලක අනිවාර්ය අංගයක් විදියට පළතුරක් එක්කර ගත්තත්, තවත් සමහරු ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මේ ලිපියෙන් විස්තර වෙන්නේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන අපිට ශ්‍රී ලංකාව තුලදීම සපයා ගන්න පුළුවන්, නමුත් ඉහල පෝෂණයක් සපයන පළතුරු වර්ග කිහිපයක් පිළිබඳවයි. කෙසෙල් කෙසෙල්. (hesca.org) කෙසෙල් කියන්නේ ශ්‍රී ලංකාව තුල වැඩිම වශයෙන් වගා කෙරෙන, ඒ වගේම ඉතාම බහුල වශයෙන් පරිභෝජනයට ලක් වෙන ජනප්‍රිය පළතුරු වර්ගයක්. කෙසෙල් ආහාරයට ගැනීම මඟින් ශරීරයට යම් කැලරි ප්‍රමාණයක් වගේම විටමින් B6 සහ විටමින් C ලබාගන්න පුළුවන්. ඒ වගේම කෙසෙල් වල අඩංගු තන්තු මඟින් මල බද්ධය වැනි තත්ත්ව මඟ හරවනු ලබනවා. කෙසෙල් ආහාරයට ගැනීමෙන් ආහාර පිළිබඳව යම් සංතෘප්තතාවයක් ලබා දෙන නිසා ඔබට බර අඩු කර ගැනීමට අවශ්‍ය නම් ඒ ඉලක්කය වෙත ලඟා වෙන්නත් කෙසෙල් උපකාරී වෙනවා. රත් කෙසෙල්. (healthyfoodstyle.com) බොහෝ කෙසෙල් ප්‍රභේද වල පොත්ත ඉදුණු අවස්ථාවලදී කහ පැහැයක් ගන්නවා. නමුත් රත් කෙසෙල් නමින් හැඳින්වෙන කෙසෙල් ප්‍රභේදයේ පොත්ත රතු දුඹුරු පැහැයට හුරුයි. තැඹිලි තැඹිලි. (everystockphoto.com) තැඹිළි කියන්නේ පානයක් වශයෙන් සපයා ගත හැකි ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය පළතුරක්. උණුසුම් දින වලදී විජලනය වීම වලකා ශරීරයට සිසිලසක් ලබා ගැනීම සඳහා බොහෝ විට මෙය පානයක් ලෙස භාවිතා කෙරෙනවා. ඒ වගේම තැඹිළි වතුර වල ඛණිජ ලවණ විශාල ප්‍රමාණයක්, එන්සයිම වර්ග සහ ප්‍රති ඔක්සිකාරක සංඝටක අන්තර්ගතයි. තැඹිළි වතුරේ අන්තර්ගත ඛණිජ ලවණ මඟින් රුධිර පීඩනය අඩු කරනු ලබන බවත්, වකුගඩු වල යහ පැවැත්මට දායක වන බවත් පැවසෙනවා. ඒ වගේම දියර වශයෙන් පහසුවෙන් අවශෝෂණය කල හැකි ආකාරයෙන් පවතින නිසා ජීර්ණය අපහසු පුද්ගලයින්ට අතිරේක පෝෂක පානයක් ලෙසත් මෙය ලබා දිය හැකියි. නෙල්ලි නෙල්ලි. (organicfacts.net) නෙල්ලි යන වචනය ඇසූ සැනින් සමහරුන්ට නම් තිත්ත රසක් දැනෙන්න පුළුවන්. නෙල්ලි ඉතාමත් ගුණදායක පලතුරක් වුණත්, බොහෝ අය අතර එතරම් ප්‍රසිද්ධ නැත්තේ මේ තිත්ත රස නිසා. නමුත් ආයූර්වේද ප්‍රතිකාර ක්‍රමයේදී බහුලව භාවිතා කරන නෙල්ලි රුධිර කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට විශාල දායකත්වයක් සපයනවා. ඒ ශරීරයට හිතකර අධි ඝණත්ව ලිපිඩ ප්‍රමාණයේ අගය වෙනස් නොකර ශරීරයට අහිතකර අඩු ඝණත්ව ලීපිඩ ප්‍රමාණය අඩු කිරීම මඟින්. ඒ වගේම දියවැඩියාව, පිළිකා, අජීර්ණ, සන්ධිපත් රුදාව ආදී රෝගවලට ප්‍රතිකාර කිරීමේදීත් ආයූර්වේදයේ නෙල්ලි යොදා ගනු ලබන බව සඳහන් වෙනවා. ඒ වගේම නෙල්ලි ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට, ඇස් පෙනීම වැඩි දියුණුකිරීමට, ආහාර ජීර්ණය පහසු කරවීමට, වයස්ගත වීමත් සමඟ මුක්ත ඛණ්ඩක නිසා සමේ ඇතිවන ලප කැලැල් ඉවත් කරවීමට මෙන්ම කාන්තාවන්ට ඇති වන ඔසප් වේදනාව අඩු කිරීමටත් දායක වෙනවා. දෙළුම් දෙළුම්. (wildrosesnowdrops.blogspot.com) දෙළුම් කියන්නේ සොයා ගැනීමට තරමක් අසීරු, නමුත් ඉතාමත් ඉහල ඖෂධීය වටිනාකමකින් යුත් පළතුරක්. විටමින් C සහ විටමින් K යන විටමින් වර්ගත්, පොටෑසියම් යන මූලද්‍රව්‍යයත්, ස්වභාවික තන්තුත් ප්‍රධාන වශයෙන්ම දෙළුම් වල අඩංගු වෙනවා. නිරක්ති තත්ත්ව මඟ හැරීමට, නොමේරු දරු උපත් ඇති වීමේ අවදානම අඩු කිරීමට, පිළිකා වැලඳීමේ අවදානම අඩු කිරීමට මෙන්ම සම නීරෝගී සහ දිදුලන බවට පත් කිරීමට මෙම පළතුර සමත්කම් දක්වනවා. වරකා ඉදුණු කොස් හෙවත් වරකා. (epicurious.com) පළතුරක් ලෙස වරකා වැඩි ජනප්‍රියත්වයක් උසුලන්නේ නැහැ. කොස් ගෙඩියක පරිණත අවස්ථාව වන මෙම අවස්ථාවේදී මෙහි ඇති ආවේණික පැණි රසය නිසා ඇතැමුන් මෙය පළතුරක් වශයෙනුත් ආහාරයට ගන්නවා. මෙහි ඇති වාසිදායකම කාරණය තමයි ඉතාමත් අඩු වියදමකින් සහ පහසුවෙන් සොයා ගත හැකි වීම. පෝෂ්‍ය පදාර්ථ විදියට කාබෝහයිඩ්‍රේට, විටමින් සහ ඛණිජ ලවණ මෙන්ම තන්තු විශාල ප්‍රමාණයකුත් මෙහි අන්තර්ගතයි. වරකා වල අඩංගු තන්තු මඟින් ආහාර ජීර්ණය ක්‍රමවත් කර මල බද්ධය ඇති වීම වලක්වනවා. ඒ වගේම ආන්ත්‍රික පිළිකා ඇති වීමේ අවධානම අඩු කරනවා. සමේ නිරෝගී භාවය දිගටම පවත්වාගෙන යාමට වයස්ගත පෙනුම අඩු කරවීමටත් මෙය සමත්. එසේම වරකා මඟින් ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සිදු කරනු ලබනවා. මිල අධික ආනයනික පළතුරු වලට වඩා අපට පහසුවෙන් සොයා ගන්න පුළුවන් මේ වගේ සරල පළතුරු වර්ග අතුරුපස විදියට ආහාර වේලට එකතු කර ගැනීම මඟින් ආහාරයේ වටිනාකම වැඩි වනවා මෙන්ම එය වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට දොරටු විවර කරනවා. කවරයේ පිංතූරය – thisislandlife.com මූලාශ්‍ර: healthline.com, kingcoconut.asia, usesofcoconut.com, webmd.com, healthyfoodhouse.com, healthbeckon.com, nutrition-and-you.com, naturalsociety.com Related Articles රිටි පන්න ධීවරයෙකු සමග දවසක් video කලාව සහ ජීවන රටා අප්‍රේල් 8, 2017 පුරුෂ ලිංගයට වන්දනා කළ අපේ පැරැන්නෝ article කලාව සහ ජීවන රටා දෙසැම්බර් 7, 2020 ශබ්දය නිශ්ශබ්දය අතර ජීවිතය – ඝෝෂා video කලාව සහ ජීවන රටා අගෝස්තු 22, 2017 සෙම්ප්‍ර‍තිශ්‍යාවට ලොව වටා භාවිතා වන අත් බෙහෙත් article කලාව සහ ජීවන රටා ජනවාරි 8, 2017 Roar සිංහල Roar Media is a South Asian multilingual media platform that produces original stories and provides analysis on complex issues. All our content aims to inform, educate, and inspire.
“අපේ රටේ බැංකු තියෙන්නෙ බැංකුවල සේවය කරන අයගේ සුඛ විහරණය සඳහායි” – හිටපු කර්මාන්ත අමාත්‍ය, පා.ම. විමල් වීරවංශ “රටවල් ශ්‍රේෂ්ඨ රටවල් බවට පත් වන්නේ නව අදහස් වලින්; රටේ බැංකු පද්ධතියම හදල තියෙන්නේ නව අදහස් වලට දිරි දෙන්න නොවේ” – හිටපු කර්මාන්ත අමාත්‍ය, පා.ම. විමල් වීරවංශ අපනයනකරුවන් 27 යි රටට ඩොලර් ගේන්නෙ; ඩොලර් නොගෙනෙන අයට දඬුවමකුත් නෑ …. – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “ගාල්ල සම්ප්‍රාප්තිය” අද සිදු වූ වගයි… අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “ගාල්ල සම්ප්‍රාප්තිය”අද (29) එහි නායක මණ්ඩලයේ සහභාගීත්වයෙන් මෝඩ විදියට ‘මැච් එක’ ගහලා වැඩක් නැහැ! ගහන්න ඕනේ රටේ ජනතාවගේ අතට ‘කප් එක’ ගේන්න පුළුවන් වෙන විදියට. ඒ ‘මැච් එක’ ගහන්න අපි එකතු වෙමු! -උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශගෙන් ජනතාවට ඇරයුමක්! අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “නුවරඑළිය සම්ප්‍රාප්තිය” අද සිදු වූ වගයි… පුත්තලමේ මන්ත්‍රීවරයෙක් INSEE සමාගමෙන් සිමෙන්ති කොට්ට 2000 ක් අරන්; එයා කපුටව පිළිගන්න ගුවන් තොටටත් ගියා – පා.ම. විමල් වීරවංශ රුසියාව සැමවිටම රුසියාව වනු ඇත… මේ රටට අයිති ඩොලර් බිලියන 35ක් වෙන රටවල ‘පාක්’ කරලා තිබෙන්නේ – උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය, විමල් වීරවංශ කාලීන පුවත්.. Read All News 0 ‘ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීම’ මෙවර අය-වැයෙන්… අනු කාරක සභාවේ සියලු නිර්දේශ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මාස හයක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි… ‘ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීම’ සම්බන්ධයෙන් පත් කළ අමාත්‍ය අනුකාරක සභාව ඊයේ(30) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ සියලු නිර්දේශ මාස 06ක් වැනි කෙටි කාලයක් තුළ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කළ යුතු යැයි අමාත්‍ය මණ්ඩලය තීරණය කරන ලදි. මේ අනුව වසර... Posted On 01 Sep 2021 , By admin ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව විසඳීම සඳහා පත් කළ කැබිනට් අනු කමිටුව තෙවන වරටත් රැස්වෙයි ! Posted On 17 Aug 2021 , By admin ගුරු – විදුහල්පති ගැටලුව විසදීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ විශේෂ නිවේදනය Posted On 12 Aug 2021 , By admin දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ලංකා පිඟන් සංස්ථාවේ දායකත්වය ලබාදීමට අම්පාර එරගම පිහිටි අක්කර 232කින් යුත් ලංකා පිඟන් සංස්ථා උළු හා ගඩොල් කම්හල් පරිශ්‍රයෙහි විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා. Posted On 16 Jul 2021 , By admin දීඝවාපී චෛත්‍ය රාජයාණන් ප්‍රතිසංස්කරණයට අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය සඳහා සුවිශේෂ මැටි වර්ග සහ තාක්ෂණ උපදෙස් ලංකා පිඟන් සංස්ථාව හරහා ලබා දීමට ඇමති විමල් මැදිහත් වෙයි ! Posted On 16 Jul 2021 , By admin « First‹ Previous31323334353637Next ›Last » වෙනත් පුවත්.. 0 “නැත්ත වෙනුවට ඇත්ත ” පොත පිළිබඳ ලබා දී තිබෙන අධිකරණ තීන්දුව අප පිළිනොගන්නා බැවින් ඊට එරෙහිව ඉහළ අධිකරණයට යාමට අපි තීරණය කර ඇත්තෙමු. “නැත්ත වෙනුවට ඇත්ත ” පොත පිළිබඳ ලබා දී තිබෙන අධිකරණ තීන්දුව අප පිළිනොගන්නා බැවින් ඊට එරෙහිව ඉහළ අධිකරණයට යාමට අපි තීරණය කර ඇත්තෙමු. එබැවින් අදාළ වන්දි මුදල් ගෙවීමේ අවශ්‍යතාවක් දැනට පැන නගින්නේ නැත . එමෙන්ම එම මුදල මහජනතාවගෙන් එකතු කිරීමට පූජ්‍ය... Posted On 11 May 2019 , By admin “මේ මොහොතේ ප්‍රමුඛතම අවශ්‍යතාව මහින්ද – මෛත්‍රී නායකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් නොපමාව ගොඩනැගීමයි” Posted On 11 May 2019 , By admin « First‹ Previous31323334 "අපේ රටේ බැංකු තියෙන්නෙ බැංකුවල සේවය කරන අයගේ සුඛ විහරණය සඳහායි" - හිටපු කර්මාන්ත අමාත්‍ය, පා.ම. විමල් වීරවංශ "රටවල් ශ්‍රේෂ්ඨ රටවල් බවට පත් වන්නේ නව අදහස් වලින්; රටේ බැංකු පද්ධතියම හදල තියෙන්නේ නව අදහස් වලට දිරි දෙන්න නොවේ" - හිටපු කර්මාන්ත අමාත්‍ය, පා.ම. විමල් වීරවංශ අපනයනකරුවන් 27 යි රටට ඩොලර් ගේන්නෙ; ඩොලර් නොගෙනෙන අයට දඬුවමකුත් නෑ .... - උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ ඇහෙන කතා 0 එදා “ලක්දිවට” “සත්‍යයේ හඬ” කැන්දාගෙන ආ ආදරණීය සුනිල් අයියා ඇතුළු සහපිරිවර… එදා “ලක්දිවට” “සත්‍යයේ හඬ” කැන්දාගෙන ආ ආදරණීය සුනි Posted On 25 Feb 2022 0 ජනපති ගෝඨාභය ඇමති විමල්ට දුන්නු ‘මිටිය’ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කර්මාන්ත අමාත්‍ය ධුරයෙහි වැඩ භාර ගනු ලැබුවේ පසුග Posted On 27 Aug 2020 0 ‘‘මම මක්කම ගියාම මගේ කටේ දකුණු පැත්ත කැපුවා – මවුලානා ආණ්ඩුකාරතුමා දැක්ක මගේ කට කපනවා‘‘ මුස්ලිම් අන්තවාදයට එරෙහිවුන යහියා මවුලවිතුමා කියන කතාව ‘‘මම මක්කම ගියාම මගේ කටේ දකුණු පැත්ත කැපුවා – මවුලානා ආණ්ඩුකාරතුමා දැක්ක මගේ කට කපන Posted On 12 May 2019 අපගේ සබැදි නවතම මාධ්‍ය සාකච්ඡා https://www.youtube.com/watch?v=rTJNPnvigBY&ab_channel=WimalWeerawansa නවතම වීඩියො සංවාද https://www.youtube.com/watch?v=wTX41zajWVY&ab_channel=WimalWeerawansa Wimal Weerawansa “අපේ රටේ බැංකු තියෙන්නෙ බැංකුවල සේවය කරන අයගේ සුඛ විහරණය සඳහායි” – හිටපු කර්මාන්ත අමාත්‍ය, පා.ම. විමල් වීරවංශ “රටවල් ශ්‍රේෂ්ඨ රටවල් බවට පත් වන්නේ නව අදහස් වලින්; රටේ බැංකු පද්ධතියම හදල තියෙන්නේ නව අදහස් වලට දිරි දෙන්න නොවේ” – හිටපු කර්මාන්ත අමාත්‍ය, පා.ම. විමල් වීරවංශ අපනයනකරුවන් 27 යි රටට ඩොලර් ගේන්නෙ; ඩොලර් නොගෙනෙන අයට දඬුවමකුත් නෑ …. – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “ගාල්ල සම්ප්‍රාප්තිය” අද සිදු වූ වගයි… අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “ගාල්ල සම්ප්‍රාප්තිය”අද (29) එහි නායක මණ්ඩලයේ සහභාගීත්වයෙන් මෝඩ විදියට ‘මැච් එක’ ගහලා වැඩක් නැහැ! ගහන්න ඕනේ රටේ ජනතාවගේ අතට ‘කප් එක’ ගේන්න පුළුවන් වෙන විදියට. ඒ ‘මැච් එක’ ගහන්න අපි එකතු වෙමු! -උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශගෙන් ජනතාවට ඇරයුමක්!
සාමාන්‍යයෙන් කපුටෙක් හුරතලේට හදනවා කිව්වොත් ටිකක් විතර අමුතුයි නේද? ඒත් හුරතලේට හදන අපූරු කපුටෙක් ගැන අපට මේ ආරංචිය ලැබෙන්නෙ චීනයෙන්. සුනඛයෙක් වගේ බුරන්න, ගිරවෙක් වගේ කතා කරන්න, ස්වාමියාගේ අණින් සුරුස් ගාල පියාඹා ගිහිං මීයො අල්ලන්න, මේ කපුටු සුරතලා හරිම දක්ෂයිලු. මේ කපුටු සුරතලාට නමක් නැතත්, මෙයා ජීවත් වෙන ගොවිපොලේ මීයන්ට නම් මෙයාගෙන් ගැලවිල්ලක් නැති බව තමයි කියන්නෙ. ඒ වගේම ගිරවෙක් වගේ කතා කරනව කිව්වෙ, මෙයා කියවන්නෙම චීනෙන්ලු. මේ කපුටු සුරතලාගෙ ස්වාමියා වෙච්ච, මා බාඕචෙන්ග් කියන විදියට, චීන භාෂාවෙ සරල වැකි කිහිපයක්ම මෙයාගෙ කටේ තියෙනවා. ඒ වගේම සුනඛයෙක් වගේ බුරන්නෙ අහල පහල ඉන්න සුනඛයොත් උසිගන්වන ගමන් කියල තමයි කියන්නෙ. චීනයේ ගුආන්ග්ෂි ප්‍රාන්තයේ, නැන්නිග් හි ජීවත්වෙන මේ කපුටා, හුරතලයට හදන්න අරගෙන දැන් අවුරුද්දක් විතර ගතවෙලා කියල තමයි මා කියන්නෙ. මෙයාගෙ කතා කිරීමේ හා බිරීමේ හැකියාවන් ගැන තමන් පුදුමයට පත්වුණත්, මෙයා මීයො අල්ලල දෙන එක ගැන ගොඩක් සතුටු වෙනව කියලත් මා කියනවා. “මම මීයෙක් පෙන්නපු ගමන් මෙයා වේගයෙන් පියාඹා ගිහිං ඌව අල්ලා ගන්නවා. ඒ හින්දම, අපේ ගොවිපොලේ මී ගහනය බොහෝ සෙයින් පාලනය වුණා.” අමුතුම තාලේ කපුටු සුරතලාට පුදුම තරමේ ආදරයකින් හිටියත්, මෙයා නරක ලකුණක් යැයි කියමින් අසල්වාසීන් නිතර කංකෙඳිරිගාන නිසාම, තම කපුටු සුරතලා මිතුරෙකුගේ ගොවිපොලක ටික දවසක් නතර කරන්න මා කටයුතු කරල තියෙනවා. ඒත්, මෙයාව නොදැක ඉන්න බැරි නිසාම, ඊට පස්සෙ මාසෙකින් විතර තමන්ගෙ සුපුරුදු කපුටු සුරතලා බලන්න මා ගිහිල්ලා. “එයා මගේ දිහා හොඳට බලාගෙන හිටියා. තවත් හොඳට බැලුවා. අන්තිමට එක පාරටම මාව අඳුරගෙන, කියෝගෙන කියෝගෙන ගිහිල්ලා, එක පාරටම ඇවිත් මගේ උරහිසේ වැහුවා.” POLITICS 0 Comments popular news ලංකාවම බිලිගත් Onmaxdt නමැති තවත් පිරමීඩ ජාවාරමක් Monday / 28 / 2022 3398 කෝටි අටදහසක් වැයකලත් ඉතිහාසයේ දුර්වලම සත්කාරකයින් වූ කටාරය Wednesday / 30 / 2022 2523 ලෝක කුසලාන තරග මැදට කඩාපාත් වූ ප්‍රේක්ෂකයාට අත්වූ ඉරණම Wednesday / 30 / 2022 2512 පන්දුවාරයකට හයේ පහර හතක් ?? Monday / 28 / 2022 1544 මන්ත්‍රී අමරකීර්ති ඝාතනයේ සැකකරුවෙක් බන්ධනාගාරයේදී මරුට Tuesday / 29 / 2022 1521 ලෝක කුසලානයට පැමිණියාට පමණක් කැනඩාවට කෝටි හාරසීයක් Monday / 28 / 2022 1474 ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න. Reply To: Eranda - cb chds hcdsh cdshcsdchdhd Cancel නම: විද්‍යුත් තැපැල් ලිපිනය: ඔබේ ප‍්‍රතිචාර: ඇතුලත් කරන්න Top WWW.ADA.LK Ada Sections Latest News | Women | Videos | Business | Sports | Saravita | Opinion | Middle East | International | Technology | Pilisarana | Our Group Sites Lankadeepa | Dailymirror | Tamilmirror | Sunday Times | Daily FT | Ada | Deshaya | Hitv | Mirror Citizen | WNOW | Lanka Women | Wijeya | Contact Us Editorial : +94 011 247 9642, +94 011 247 9671 Technical : +94 011 538 3437 Marketing : +94 011 538 3439 Web Master : Pradeep@admin.wnl.lk Web Advertising Inquiry : Dilan - +94 77 372 7288 Charith - +94 77 567 1710 WNL Home Home Delivery Advertise With Us Feedback Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.