Human
stringlengths
167
12.4k
Assistant
stringlengths
167
12.4k
ජොර්ජියාහි පිහිටි සිය නිවසේ නාන තාටකය තුළ සිහිසුන්ව සිටියදී සොයාගත් හිටපු පොප් ගායිකා විට්නි හූස්ටන්ගේ දියණිය බොබි ක්‍රිස්ටිනා බ්‍රවුන් කෝමා තත්ත්වයට පත්ව තිබේ.පසුගිය සෙනසුරාදා උදෑසන ක්‍රිස්ටිනා ජලය පිරුණු නාන තාටකය තුළ මුණින් අතට වැටී සිටියදී සොයා ගනු ලැබුවේ ඇයගේ සැමියා විසිනි.21 හැවිරිදි ක්‍රිස්ටිනා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර කෙසේ වෙතත් වෛද්‍යවරුන් පවසා ඇත්තේ, ඇයගේ තත්ත්වය සම්බන්ධයෙන් මේ වන තෙක් නිශ්චිතව ම කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ය.පොලීසියේ ප්‍රකාශිකාවක උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ක්‍රිස්ටිනා සොයා ගන්නා අවස්ථාවේදී ඇය සිහිමුර්ජා වී සිට ඇති බව ය.සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය වී නොමැති අතර අනතුරට මත්කුඩු හෝ මද්‍යසාර සම්බන්ධයක් ඇතිදැයි යන්න සම්බන්ධයෙන් ද හෝඩුවාවක් හෝ ලැබී නොමැත.මීට අවුරුදු 3කට ඉහතදී අඟල් 12ක් පමණ ගැඹුරැති උණු වතුරවලින් පිරුණු නාන තටාකයක් තුළ තිබියදී මෙලෙස මුණින් අතට වැටී තිබියදී ක්‍රිස්ටිනාගේ මව වූ විට්නි හූස්ටන්ගේ මළ සිරුර සොයා ගැනිණ.කොකේන් භාවිතය නිසා හටගත් හෘද රෝගයක් හේතුවෙන් හදිසියේ ම නාන තටාකයට ඇද වැටීමෙන් හූස්ටන් මිය ගොස් ඇති බව ලොස් ඇන්ජලීස්හි හදිසි මරණ පරීක්ෂකවරයා නිගමනය කළේ ය.ක්‍රිස්ටිනා විට්නි හූස්ටන්ගේ එක ම දියණිය ද වන්නී ය.හූස්ටන් වරෙක පවසා තිබුණේ, සිය දියණියගේ දෑසින් තමන්ට තමන්ව දැකගත හැකි බව ය.

ලංකාවේ රේඩියෝපති සිරස එෆ්.‍එම්. මෙය සංවිධාන කරනු ලැබුවේ, දකුණු පළාතේ ත්‍රිරෝද රථ රියැදුරන් සහ ඔවුන්ගේ දූ දරුවන් වෙනුවෙනි.අද පෙරවරුවේ ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී මෙම වැඩසටහන ආරම්භ කළ අවස්ථාවට එම්.ටී.වී. එම්.බි.සී. මාධ්‍ය ජාලයේ ප්‍රධානීහු පිරිසක් ද එක්ව සිටියහ.සිරස එෆ්.එම්. ත්‍රීවිල් කානිවල් වැඩසටහන හොඳ ම ගායකයා තේරීම, අලංකාර ම ත්‍රිරෝද රථය තේරීම,ධාවන තරග, මිස්ටර් හැන්ඩ්සම් තේරීම ඇතුළු තරග රැසකින් සමන්විත විය.විනෝද ක්‍රීඩා,මැජික් සංදර්ශන ඇතුළු පවුලේ සැමට විනෝදජනක අංග රැසක් ද වැඩසටහනට ඇතුළත්ව තිබිණි.නිව්ස් ෆස්ට් යූ රිපෝටර් වාර්තාකරුවන් ලෙස ලියාපදිංවෙමින් අපගේ පුරවැසි මාධ්‍ය ජාලයට එක්වීමේ අවස්ථාව ද අද දකුණු පළාතේ ත්‍රිරෝද රථ රියදුරන්ට හිමි විය.සමනල සිරස හඬ පරීක්ෂණ පැවැත්වුණේ ඔවුන්ගේ දූ දරුවන් වෙනුවෙනි.සිරස එෆ්.එම්. දහසක් මල් සංගීතයෙන් මේ අවස්ථාව වඩාත් වර්ණවත් විය.

ජෝන් කීල්ස් සමූහය සමඟ එක්ව, ජෝර්ජ් කීට් පදනම සංවිධානය කළ ‘කලා පොළ’ අද විහාරමහාදේවී උද්‍යානයේදී පැවැත්විය.මෙවර එය සංවිධානය කර තිබුනේ 22 වැනි වරටයි.යුරෝපයේ එළිමහන් ගිම්හාන ‘කලා පොළ’ සංකල්පය ආභාෂයට ගනිමින් එම ‘කලා පොළ’ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ 1993 වසරේදී ය.ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිටින කලාකරුවන් 300කට අධික පිරිසකට තම නිර්මාණ ජාතික හා ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් අතරට පත් කිරීමට එම ‘කලා පොළ’ මහඟු පිටුවහලක් වේ.අද කලා පොළේ සමාරම්භය පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා මහතාගේ ප්‍රධානත්වයෙනි.මෙවර ‘කලා පොළ’ ට දෙස් විදෙස් කලාකරුවන් 250කට අධික පිරිසක් එක්ව සිටියහ.මෙම ‘කලා පොළ’ පැවැත්වෙන්නේ සෑම වසරකම ජනවාරි අවසන් ඉරිදායි.

විජය රජු ලක්දිවට පැමිණීමට පෙර මෙරට විසූ ජනයා භාවිත කළ භාෂාව ඉන්දු ආර්ය ගණයට අයත් භාෂාවක් නොවන බව අනාවරණය වී තිබේ.කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ප්‍රකාශ කළේ, සෙල් ලිපි අධ්‍යයනයකින් අනතුරුව මෙම කරුණු අනාවරණය කර ගත් බව ය.මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ඇතුළු සෙල් ලිපි විග්‍රහ කළ පඬිවරුන් ඇතැම් වචන මග හැර ඇති බව රාජ් සෝමදේව මහතා පවසයි.පඬිවරුන් එම වචන මග හැර ඇත්තේ, ඒවා කියවා ගැනීමට නොහැකි හෙයින් බව සෝමදේව මහතාගේ අදහස යි.ඔහු පෙන්වා දෙන්නේ, එම තේරුම් ගත නොහැකි වචන ඉන්දු ආර්ය නොවන වෙනත් භාෂාවකට අයත් බවට නිගමනය කළ හැකි බව ය.ඒ අනුව, විජය රජු පැමිණීමට පෙර ලක්දිව ව්‍යවහාර වූ භාෂාව ඉන්දු ආර්ය භාෂා ගණයට අයත් නොවන බව මහාචාර්ය රාජ් සෝමදේව මහතා අවධාරණය කරයි.

ලොව සුපිරි පා පන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ සහ නිරූපණ ශිල්පිනී ඉරීනා ශේක්ගේ ආදර සම්බන්ධය බිඳ වැටී තිබේ.ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ, ඉරීනා රොනාල්ඩෝගේ මවගේ උපන්දින සාදයට පැමිණීම ප්‍රතික්ෂේප කිරීමත් සමග පැන නැගුණ ප්‍රශ්නයක් හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය බිඳ වැටී ඇති බව ය.එහෙත් ඉරීනාගේ ප්‍රකාශකයා පවසා ඇත්තේ, ඔවුන් දෙදෙනොගේ සම්බන්ධය බිඳ දැමීමට එවැනි හේතුවෙක් බලපා නොමැති බව ය.ඔහු මාධ්‍යට පවසා ඇත්තේ, ප්‍රේම සම්බන්ධය පැවති සමයේ ඉරීනා රොනාල්ඩෝගේ පවුලේ සාමාජිකයින් සමග ඉතා සමීප සබඳතාවක් පැවැත් වූ බව ය.රියාල් මැඩ්‍රිඩ් ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ අන්තර් ජාතික පාපන්දු සම්මේලනය විසින් 2014 වසර සඳහා පිරිනමනු ලැබූ බැලැන්ඩෝ සම්මානය පසුගිය දා දිනා ගත්තේ ය.ස්විස්ටර්ලන්තයේ සුරික්හිදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැති සම්මාන ප්‍රදානෝත්සවයට ඉරීනා සහභාගී නොවුණු අතර රොනාල්ඩෝගේ සිව් හැවිරිදි පුත්‍රයා පමණක් ඊට සහභාගී විය.එහෙත් මිට පෙර තමන් සහභාගී වූ සෑම සුවිශේෂි උත්සව අවස්ථාවක් සඳහා ම රොනාල්ඩෝ 29 හැවිරිදි සිය පෙම්වතිය ද කැටුව යාම කැපී පෙනෙන කරුණක් විය.සම්මානයට පාත්‍රවීමෙන් පසු රොනාල්ඩෝ සිය ස්තුති කතාවේදී පවුලේ සාමාජිකයින් සහ කණ්ඩායමේ සගයින් පිළිබඳ සඳහන් කළ ද අවුරුදු 5ක් තමන් පෙම් කළ ඉරීනා පිළිබඳ කිසිදු සඳහනක් නොකළේ ය.

බොලිවුඩ් රංගන ශිල්පි සංජේ දත් සිරගෙදරින් ලද නිවාඩුව දීර්ඝ කර ගැනීම සඳහා කළ ඉල්ලීම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඒ අනුව ඔහු පූනේහි සිරදඬුවම් විදිමින් සිටින යෙවඩා මධ්‍යම සිර බන්ධනාගාරයට යළි වාර්තා කළ යුතුව ඇති බව ය.සිර දඩුවම් විදිමින් සිටින සංජේ දත්ට දින 14ක් සඳහා බන්ධනාගාරයෙන් නිවාඩු හිමි වූයේ, අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙනි.එම දින 14 ගත වීමෙන් පසු සංජේ දත් තව ත් දින 14ක් සඳහා නිවාඩු ඉල්ලා තිබේ.එහෙත් බන්ධනාගාර බලධාරීන් මුම්බායි පොලීසියට දැනුම් දී ඇත්තේ, සංජේ දත්ට ලබා දී ඇති නිවාඩුව තවදුරටත් දීර්ඝ කළ නොහැකි බව ය.1993 වසරේ මුම්බායි ප්‍රහාරය හා සම්බන්ධයෙන් සංජේ දත්ට එරෙහි ව වසර 5ක සිරදඬුවමක් නියම විය.පූනේ පිහිටි යෙවඩා බන්ධාගාරයේ සිරගත ව සිටින සංජේ දත් මේ වන විට 55 වන වියේ පසු වේ.

ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් ඉන්දියාවේ වසරේ හොඳ ම කාන්තාව ලෙස නම් කර තිබේ.මෙහි විශේෂත්වය වන්නේ, සත්ත්ව ආරක්ෂණ ජනතා සංවිධානයක් (PETA) විසින් ඇය හොඳ ම කාන්තාව ලෙස නම් කරනු ලැබීම යි.ජැක්ලින් ෆර්නැන්ඩස් සත්ත්වයින්ට යහපත් ලෙස සැලකීම නිසා මෙම සම්මානය ඇයට පිරි නමා තිබේ.

බොලිවුඩ් නළු සල්මන් ඛාන් 2014 වසරේ ඉන්දියාවේ කීර්තිමත් පුද්ගලයින් අතරින් වැඩි ම අදායමක් ඉපයූ පුද්ගලයින්ගේ ලැයිස්තුවේ ‍පළමු ස්ථානයට පත්ව සිටී.ෆෝබ්ස් සඟරාවට අනුව ඔහුගේ වාර්ෂික අදායම ඉන්දීය රුපියල් කෝටි 244.5 කි.පසුගිය වසරේ එම ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටි ශාරුක් ඛාන්මෙවර දෙවන ස්ථානය දක්වා පසුබැස තිබේ.ශාරුක් ඛාන් 2014 වසරේ උපයා ඇති ආදායම ඉන්දීය රුපියල් කෝටි 202.4කි.ෆෝබ්ස් සඟරාවට අනුව සල්මන් ඛාන් ප්‍රසිද්ධිය අතින් ද පළමු ස්ථානයට පත්ව සිටින අතර ශාරුක් එම ලැයිස්තුවේ 7වන ස්ථානය දක්වා පසු බැස තිබේ.සල්මන් ඛාන් රංගනයෙන් දායක වූ Jai Ho සහ Kick චිත්‍රපට මෙම වසරේ වාර්තාගත ලෙස අදායාම් ඉපයී ය.ශ්‍රේණිගත කිරීම්වල අබිතාබ් බච්චන් ඉපයීම්වලින් 3 වන ස්ථානයට ද ප්‍රසිද්ධියෙන් සිව් වන ස්ථානයට ද පත්ව සිටී.ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි සිව් වන ස්ථානයේ පසු වන්නේ ඉන්දීය රුපියල් කෝටි 141.8ක් උපයමිනි.අක්ෂේ කුමාර් ඉන්දීය රුපියල් කෝටි 172කට හිමිකම් කියමින් ඉපයීම් ලැයිස්තුවේ 4වන ස්ථානයට පත්ව සිටී.ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් ඉපයීම්වලින් 85වන ස්ථානයට ත් ප්‍රසිද්ධිය අතින් 45 වන ස්ථානයට ත් පත්ව සිටීම විශේෂත්වයකි.

දකුණු අප්‍රිකානු ජාතික රොලීන් ස්ට්‍රෝස් මෙවර ලෝක රූ රැජිණ තරගයේ කිරුළ දිනා ගත්තා ය.ඊයේ ලන්ඩන් නුවරදී අවසන් මහා තරගය පැවැත්විය.22 හැවිරිදි රොලීන් ස්ට්‍රෝස් මේ වන විට වෛද්‍ය සිසුවියක ලෙස අධ්‍යාපනය හදාරන්නී ය.රූ රැජිණ තරගයේ දෙවන හා තෙවන ස්ථාන ජයග්‍රහණය කළේ, හංගේරියානු රූමතියක වන එඩ්නා කල්ස්කර් හා අමෙරිකානු රූමතියක වන එළිසබත් සෆ්රිට ය.

දකුණු ඉන්දීය ජනප්‍රිය නිළියක වන දේවයානි ගුරු වෘත්තියට එක් වී තිබේ.ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඇය චෙන්නාහි පිහිටි පෞද්ගලික පාලසලක ප්‍රාථමික අංශයේ ගුරුවරියක ලෙස කටයුතු කරන බව ය.ආනන්දම්, ෆ්‍රෙන්ඩ්ස් සහ සූර්යවම්සම් දෙව්යානිගේ සුවිශේෂ රංගන කුසලතාව නිරූපණය වූ චිත්‍රපට අතරින් කිහිපයකි.දේවයානි කමල් හාසන්, විජේ වැනි ජනප්‍රිය නළුවන් සමග ප්‍රධාන නිළිය ලෙස චිත්‍රපටවල රංගනයෙන් දායක වී තිබේ.දෙව්යානි දියණියන් දෙදෙනකුගේ මවක ද වන්නී ය.

පකිස්ථානයේ ආන්දෝලනාත්මක නිළියක වන වීනා මලික් සහ ඇගේ සැමියාට වසර 26ක සිර දඬුවමක් නියම කර තිබේ.ඒජන්සි වාර්තාවල දැක්වෙන්නේ, පකිස්ථානයේ ප්‍රමුඛ පෙළේ Geo TV රූපවාහිනී සේවය හරහා ආගමික වශයෙන් අපහාසාත්මක වැඩසටහනක් කිරීම හේතුවෙන් මෙම සිර දඬුවම නියම කළ බව ය.මෙම නඩු තීන්දුවට අනුව Geo TV මාධ්‍ය ආයතනයේ හිමිකරු වන මීර් ෂකීල් උර් රහමන්ට සහ අදාළ රූපවාහිනී වැඩසටහන මෙහෙය වූ ෂයිස්ටා වහීඩිට ද වසර 26 බැගින් සිර දඬුවම් නියම කර තිබේ.

ග්‍රැමී සම්මානය දිනූ සැක්සෆෝන වාදන ශිල්පී කෙනී ජී (Kenny G) අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය.ඔහු අද රාත්‍රි 8.00ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන විශේෂ ප්‍රසංගයකට එක් වීමට නියමිත ය.කෙනී ජී යනු සැක්සෆෝනයෙන් ලොවක් වසග කළ අග්‍රගන්‍ය සංගීත නිර්මාණ ශිල්පියෙකි.තමන්ට අනන්‍ය වූ සැක්සෆෝන වාදන රටාවක් ඔස්සේ ලොව පුරා ප්‍රේක්ෂක ආදරය දිනාගත් මේ සුවිශේෂි වාදන ශිල්පියා 1994 වසරේදී ග්‍රැමී සංගීත සම්මානයෙන් ද පිදුම් ලැබීමට සමත් විය.ඒ, ඔහුගේ ෆොරේවර් ඉන් ලව් සංගීත නිර්මාණය වෙනුවෙනි.ස්වකීය සංගීත නිර්මාණ මෙන්ම ලෝක සංගිතයේ ප්‍රවීනයන් සමග ද සංගීත නිර්මාණය රැසක් ලොවට දායාද කළ කෙනී ජී ගේ සංගීත අත්දැකීම අද රාත්‍රියේදී නෙළුම් පොකුණ රඟහලට පැමිණෙන ශ්‍රී ලාංකිය සංගීත ලෝලින්ට අත්විඳිය හැකිය.දිවයිනට පැමිණීමෙන් අනතුරුව කෙනී ජී සහභාගි වූ ප්‍රවෘත්ති සාකච්ඡාව පහත දැක්වේ.කෙනී ජී (Kenny G) දිවයිනට පැමිණි අවස්ථාවේ නිව්ස්ෆස්ට් කැමරාවේ සටහන් වූ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.

ඉතාලියේ The Voice රියැලිටි වැඩසටහනේ පළමු ස්ථානය හිමි කරගත් Cristina Scuccia කන්‍යා සොහොයුරිය සිය පළමු ගීතය එළිදක්වා තිබේ.ඇය සිය පළමු ගීතය ලෙස එළිදක්වා ඇත්තේ, මැඩෝනාගේ ‘Like a Virgin’ ගීතයේ ප්‍රතිනිර්මාණයකි.ඇය පවසන්නේ, මෙම ගීතය පිළිබඳව කුමන විවේචන එල්ල වුව ද ඊට මුහුණ දීමට තමන් සූදානම් බව ය.මෙම ගීතයෙහි අදහස ආදරය තුළින් මිනිසුන්ට නව ජීවයක් ලබා දීම බව ඇගේ අර්ථකථනය යි.අතීතය අතහැර මිනිසුන්ට නව ජීවිතයක් ළඟා කර ගැනීමට අවශ්‍ය පෙළඹවීමක් මෙම ගීතය හරහා ඇති කරන බව Cristina Scuccia කන්‍යා සොහොයුරිය පවසයි.මෙම ගීතය දින දෙකක් තුළදී Youtube තුළින් නැරඹූ වාර ගණන 700000 ඉක්මවා තිබේ.මැඩෝනා ගැයූ ‘Like a Virgin’ මුල් ගී නිර්මාණය පහත දැක්වේ.

ඇපල් සමාගමේ සම නිර්මාතෘ අභාවප්‍රාප්ත ස්ටීව් ජොබ්ස්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කෙරෙන ‘Jobs’ චිත්‍රපටයේ ස්ටීව් ජොබ්ස්ගේ චරිතය සඳහා ඔස්කා සම්මානලාභී නළු ක්‍රිස්ටියන් බේල් (Christian Bale) තෝරාගෙන තිබේ.ස්ටීව් ජොබ්ස්ගේ සැබෑ ජීවිතය ඇසුරින් නිර්මාණය කෙරෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, සම්මානනීය අධ්‍යක්ෂ ඩැනී බොයිල් විසිනි.ඔහු මීට පෙර නිර්මාණය කළ ‘Slumdog Millionaire’ චිත්‍රපටයට සම්මාන රැසක් හිමි විය.ඒරන් සෝකින් ‘Jobs’ චිත්‍රපටයේ තිර පිටපත රචනා කරනුයේ, වෝල්ටර් අයිසැක්සන් විසින් රචනා කරන ලද ‘Steve Jobs’ නමැති චරිතාපදානය ඇසුරිනි.ඒරන් සෝකින් පවසන්නේ, Mac, NeXT සහ iPod යනුවෙන් කොටස් තුනක් ඔස්සේ මෙම චිත්‍රපටය නිර්මාණය වන බව ය.

ශ්‍රී ලාංකික සුපිරි බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ට බ්‍රිතාන්‍ය චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් සඳහා ඇරයුම් ලැබී තිබේ.ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, The Definition of Fear නමැති බ්‍රිතාන්‍ය චිත්‍රපටය සඳහා එලෙස ඇයට ආරාධනා ලැබී ඇති බව ය.තමන් රඟපෑ බොලිවුඩ් චිත්‍රපට නැරඹීමෙන් පසුව එම චිත්‍රපටයේ නිෂ්පාදකවරයාගෙන් තමන්ට ඇරයුම් ලැබුණු බව ජැක්ලින් පවසා තිබේ.ඇය සඳහන් කළේ, බොලිවුඩ් චිත්‍රපට කෙරෙහි බටහිර රටවල විශේෂ අවධානයක් පවතින බව ය.සල්මන් ඛාන් සමග රඟපෑ Kick චිත්‍රපටයේ සාර්ථකත්වය ඊට බොහෝ දුරට බලපාන්නට ඇතැයි ඇගේ විශ්වාසය යි.ඇය ප්‍රකාශ කළේ, බ්‍රිතාන්‍ය චිත්‍රපටයක ප්‍රධාන චරිතය සඳහා තමන්ට ඇරයුම් ලැබීම ඇදහිය නොහැකි තරම් සතුටට කරුණක් බව ය.Kick චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක වීඩියෝවක්…

බොලිවුඩ් සිනමාවේ සුපිරි තරුව ෂාරුක් ඛාන්ගේ අවුරුදු එකහමාරක් වයසැති පුතණුවන් බොලිවුඩ් සිනමාවට එක්වී තිබේ.ඒ, තිරගත වීමට නියමිත Happy New Year චිත්‍රපටය තුළිනි.ෂාරුක්ගේ බිරිඳ වන ගෞරි පවසා ඇත්තේ, එම චිත්‍රපටයේ ඇය ද රඟපාන බව ය.දිනක් රූගත කිරීම් අතරතුර ෂාරුක් ඛාන් සහ චිත්‍රපටයේ නිෂ්පාදිකා ෆාරා ඛාන් තමන්ට දුරකතනයෙන් කතා කර AbRam පුතණුවන් රූගත කිරීම් කරන ස්ථානයට රැගෙන එන ලෙස දැනුම් දුන් බව ගෞරි පැවසීය.එහි අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ, ඔවුන් දෙදෙනා ම චිත්‍රපටයට රංගනයෙන් දායක වීමෙනි.

ලෝකයට රහසක්ව පැවති සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ තුන්ව වන දරුවා පිළිබඳ තොරතුරු පළමු වරට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පළ කර තිබේ.ශාරුක් ඛාන් සිය තුන්වන දරුවා වන ජෝයි අබ්බ්‍රම් පිළිබඳව එලෙස කරුණු හෙළි කර ඇත්තේ දරුවාට අවුරුද්දකු ත් මාස 6ක් ගත වූ පසු ය.ගෞරි සහ ශාරුක් දෙපොළට තව ත් පුතෙක් සහ දියණියක් ද සිටිති.

සිරස එෆ්.එම්. නිවුස්ෆස්ට් එක්ව සංවිධානය කරන ත්‍රිරෝද රථ සැණකෙළියේ පළමු අදියර රත්නපුර හිදැල්ලන නව නගර ක්‍රීඩාංගණයේදී පැවැත්විය.මෙම සැනකෙළිය කඩවසම් ත්‍රිරෝද රථ රියැදුරු තෙරීමේ, අංකාර ම ත්‍රිරෝද රථය තෙරීම, ගායානා තරග ඇතුළු අංග රැසකින් සමන්විත විය.

ලිංගිකත්වය ඉස්මතු කිරීම සඳහා නිළියන් භාවිත කිරීමේදී ඉදිරියෙන් ම සිටිනුයේ ඉන්දීය චිත්‍රපට කර්මාන්තය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවකින් හෙළි වී තිබේ.කාන්තාවන් පිළිබඳව ක්‍රියාත්මක වන UN Women ආයතනයේ ප්‍රධානත්වයෙන් සැකසුණු මෙම වාර්තාව මගින් ලොව පුරා කාන්තාවන් පිළිබඳව අධ්‍යයනයක් කර ඇත.එම වාර්තාවෙහි සඳහන් වන්නේ, ආකර්ෂණය උදෙසා කාන්තාවන් යොදා ගැනීම සිනමා ක්ෂේත්‍රයේ බෙහෙවින් ඉහළ ගොස් ඇති බව ය.විශේෂයෙන් ම නිළියන්ගේ නිරුවත හෝ අඩ නිරුවත ප්‍රදර්ශනය කිරීම හරහා ප්‍රේක්ෂක අවධානය ලබා ගැනීමට සිනමා නිර්මාණකරුවන් උත්සහ දරන බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.මෙම තත්ත්වය ඉන්දීය සිනමා කර්මාන්තයේ නව ප්‍රවණතාවක් ලෙස වර්ධනය වී ඇතැයි එහි සඳහන් වේ.එය ලොව සියලු සිනමා කර්මාන්ත සමග ගත් කල 35%ක ප්‍රතිශතයකි.

සංගීතය විශ්ව භාෂාවක් බව ත් එය රස විඳීමට භාෂාව බල නොපාන බව ත් අපි අසා ඇත්තෙමු.මිනිසුන්ට අමතරව සතුන් ද සංගීතයට ප්‍රතිචාර දක්වන අවස්ථා ද අපට හුරුපුරුදු ය.ජාත්‍යන්තර බට නළා වාදන තරගයකදී සිය බට නළාව වයමින් සිටි ජපානයේ Yuki Ota නමැති 29 හැවිරිදි ශිල්පිණියකගේ නළල මත සමනලයෙකු වැසූ පුවතක් ඩෙන්මාර්කයෙන් වාර්තා විය.ඩෙන්මාර්කයේ ඔඩෙන්ස්හි පැවති Carl Nielsen International Flute Competition නමැති තරගය අතරතුර මෙම සිද්ධිය සිදුවී තිබේ.සමනලයා නළල මත වැසීමෙන් පසු ඒ මත ඇවිදීම නිසා Yuki Ota ට සිය වාදනය නිවැරදිව කිරීම අභියෝගයක් විය.ඇය හිස ගසමින් සමනලයා ඉවත් කිරීමට උත්සහ කළ ද සමනලයා ඇය අතහැර නොගියේ ය.කෙසේ වෙතත්, Yuki Ota එම සිද්ධියෙන් සිය ඒකාග්‍රතාව බිඳ වැටීමට ඉඩ නොදිණි.එම වාදන තරගයේ විනිශ්චය කරුවන් පවසන්නේ, වාදනය අතරතුර සමනලයා නළල මත වැසීම ත්, සමනලයාගේ බාධා කිරීම් මධ්‍යයේ නිවැරදිව බට නළාව වාදනය කිරීම ත් පුදුමසහගත බව ය.

ඉන්දීය සිනමා පටයකට රංගනයෙන් දායක වීමට තමන් කැමැත්තෙන් පසුවන බව හොලිවුඩ් සුපිරි නළු ආර්නල්ඩ් ස්වොට්සනේගර් (Arnold Schwarzenegger) පවසා තිබේ.ඔහු මේ බව සඳහන් කළේ, ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණ සිටින අවස්ථාවේ පැවති මාධ්‍ය හමුවකදී ය.ඔහු ප්‍රකාශ කළේ, ශංකර් (Shanmugam Shankar) නමැති දෙමළ සිනමා‍ අධ්‍යක්ෂවරයාගේ චිත්‍රපටයකට දායක වීමට වඩා ත් කැමති බව ය.ඊට අමතරව, ඉන්දීය නළු නිළියන් සමග රඟපෑමට ද තමන් විශේෂ කැමැත්තක් බව දෙවරක් කැලිෆෝනියාවේ ආණ්ඩුකාර ධුරය හෙබවූ ආර්නල්ඩ් ස්වොට්සනේගර් පැවසීය.තමන්ගේ දේශපාලන කටයුතු හේතුවෙන් සිනමාවෙන් ඈත්ව සිටි බව ත්, Terminator 5 චිත්‍රපටය හරහා යළි ත් සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට ඉඩ සැලසුණු බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.

ඉන්දියාවේ Times of India පුවත් වෙබ් අඩවිය බොලිවුඩ් නිළි දීපිකා පාදුකෝන් සම්බන්ධයෙන් පළ කළ ඡායාරූපයකට සහ එම ඡායාරූපය පිළිබඳ සටහනකට එරෙහිව දැවැන්ත රැල්ලක් නිර්මාණය වෙමින් පවතී.දීපිකා පාදුකෝන් සිය උඩුකය සුළු වශයෙන් නිරාවරණය වන ඇඳුමකින් සැරසී ගත් ඡායාරූපයක් මෙම ගැටුමට මුල් වී තිබේ.ඒ සම්බන්ධයෙන් Times of India පළ කළ සටහනට විරෝධය පළ කරමින් දීපිකා පාදුකෝන් සිය Twitter ගිණුමෙහි අදහස් දක්වා තිබිණි.ඉන්පසුව Times of India වෙබ් අඩවිය එම ඡායාරූපය ඉවත් කළේ ය.කෙසේ වෙතත්, මෙම සිද්ධියේදී Times of India වෙබ් අඩවියට එරෙහිව #IStandWithDeepikaPadukone යනුවෙන් Twitter වෙබ් අඩවිය තුළින් දැවැන්ත විරෝධයක් ආරම්භ කෙරිණි.ඒ සඳහා සහය පළ කරමින් #IStandWithDeepikaPadukone යටතේ පළ කර ඇති Tweets සංඛ්‍යාව මේ වන විට 25000 ඉක්මවා තිබේ.ඊට බොලිවුඩ් නිළියන් රැසක් ද එක්ව සිටිති.

Kick චිත්‍රපටයේ රඟපෑමෙන් පසුව සල්මන් ඛාන් සහ ජැක්ලින් ෆර්නැන්ඩස් අතර මිත්‍රත්වයකට එහා ගිය සබඳතාවක් ගොඩ නැගී ඇති බවට බොලිවුඩය පුරා තොරතුරු ගලා යමින් පවතින බව ඉන්දීය මාධ්‍ය පවසයි.එම මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, සල්මන් ඛාන් මේ දිනවල නිරන්තරයෙන් ජැක්ලින් ෆර්නැන්ඩස් සමග කාලය ගත කරන බව ය.ඔවුන් දෙදෙනා අතර සමීප සබඳතාවක් පවතින බව සල්මන්ගේ මිත්‍රයෙකු ද පවසා ඇතැයි මාධ්‍ය වාර්තාවල පළ වී ඇත.මීට පෙර ජැක්ලින් ෆර්නැන්ඩස් ප්‍රකාශ කළේ, Kick චිත්‍රපටයේ පිටපත කියවීමකින් තොරව ම තමන් ඊට එකඟත්වය පළ කළේ, සල්මන් ඛාන් එහි ප්‍රධාන චරිතය රඟපාන හෙයින් බව ය.පසුව සල්මන් ඛාන් ඇයට හින්දි භාෂාව ද ඉගැන්වූ අතර පළමු වරට ජැක්ලින් සිය චරිතය සඳහා හින්දි බසින් හඬ මුසු කළේ, Kick චිත්‍රපටය වෙනුවෙනි.

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් සිය ආකර්ෂණීය දේහය නිරූපණය කරන ඡායාරූප කිහිපයක් සිය නිල Twitter ගිණුමෙහි පළ කර තිබේ.අදාළ ඡායාරූප පළ කරමින් ෂාරුක් ඛාන් සඳහන් කර ඇත්තේ, සිය ශරීරය පිළිබඳව කතා කිරීමට තමන් කැමැත්තක් නොදක්වන නමුත් ‘Happy New Year’ චිත්‍රපටය වෙනුවෙන් එය කළ බව ය.‘Happy New Year’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය වන ෆාරා ඛාන් වෙනුවෙන් එම චිත්‍රපටයේ තමන් සිය ශරීරය නිරාවරණය කළ බව ඔහු දක්වා තිබේ.මීට පෙර ෆාරා ඛාන්ගේ ‘Om Shanti Om’ චිත්‍රපටයේ ද ෂාරුක් ඛාන් මෙවැනි දර්ශනයක් වෙනුවෙන් පෙනී සිටියේ ය.

පසුගිය දා මහත් ආන්දෝලනයක් ඇති කරමින් සයිබර් සොරුන් විසින් සමාජ ජාල වෙබ් අඩවිවල පළ කරන ලද ජෙනිෆර් ලෝරන්ස් (Jennifer Lawrence) සහ කේට් අප්ටන් (Kate Upton) යන හොලිවුඩ් නිළියන්ගේ නිරුවත් ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වීමට චිත්‍ර ශිල්පියෙක් සූදානම් වේ.XVALA නමැති එම චිත්‍ර ශිල්පියා එම ප්‍රදර්ශනය අමෙරිකාවේ The Cory Allen Contemporary Art gallery හි පැවැත්වීමට නියමිත ය.මෙම ප්‍රදර්ශනයේදී අදාළ නිරුවත් ඡායාරූප කැන්වස් රෙදි මත සිතුවම් කර ඉදිරිපත් කෙරෙනු ඇත.මීට අමතරව, ජනප්‍රිය චරිතවල පෞද්ගලික ජීවිතයට අදාළ සිතුවම් රැසක් ද මෙම ප්‍රදර්ශනයට එක් කෙරෙනු ඇත.

ළමා නිළියක ලෙස බොලිවුඩ් සිනමාවට පිවිස පසුව සම්මානනීය නිළියක බවට පත්වූ ශ්වේතා බාසු (Shweta Basu) ගණිකා වෘත්තියේ නියැළීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.ඇය ඉන්දීය පොලීසියට පවසා ඇත්තේ, මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් තමන් ගණිකා වෘත්තියට පිවිසි බව ය.මූල්‍ය අගහිඟකම් පැවතීම නිසා සිය පවුලේ අවශ්‍යතා ඉටුකිරීම අසීරු වී පැවති අවස්ථාවක තමන්ගේ සමීපතමයින් කිහිප දෙනෙකුගේ පෙළඹවීම මත මෙම වෘත්තියට එළඹුණු බව ඇය පවසා තිබේ.තමන් වැනි තවත් නිළියන් කිහිප දෙනෙකු ම මුදල් ඉපයීම සඳහා ගණිකා වෘත්තියෙහි නිරතව සිටින බව ද ඇය හෙළි කර ඇත.ළමා නිළියක ලෙස සිනමාවට පිවිසි ඇය හින්දි, දෙමළ, තෙළිඟු, බෙංගාලි චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී තිබේ.හොඳ ම ළමා නිළිය, හොඳ ම සහය නිළිය ඇතුළු ඉන්දීය ජාතික සම්මාන රැසකින් ඇය පිදුම් ලබා ඇති අතර ෆිල්ම්ෆෙයාර්, IIFA ඇතුළු තවත් සම්මාන රැසකට නිර්දේශ වී ඇති දක්ෂ රංගන ශිල්පිණියකි.

හොලිවුඩ් නිළියන්ගේ සහ ‍බටහිර ගායිකාවන්ගේ නිරුවත් ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවල ප්‍රචාරය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අමෙරිකානු ෆෙඩ්රල් විමර්ශන කාර්යංශය (FBI) තීරණය කර තිබේ.අමෙරිකානු ෆෙඩ්රල් විමර්ශන කාර්යංශයේ ප්‍රකාශකයෙකු Associated Press පුවත් ඒජන්සියට පවසා ඇත්තේ, මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පියවර ගෙන ඇති බව ය.අදාළ නිරුවත් ඡායාරූප Apple iCloud හරහා සයිබර් සොරුන් අතට පත් වී ඇති බවට සැක කෙරේ.Apple සමාගම පවසන්නේ, ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව ය.

2014 – කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල අද ආරම්භ විය.එම්.ටී.වී. එම්.බී.සී ආයතන සහ නිව්ස්ෆස්ට් චිත්‍රපට උළෙලට මාධ්‍ය අනුග්‍රහය දක්වයි.ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුනගේ සංසදය සංවිධාන කළ කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල අද පස්වරු 6ට ආරම්භ වුණේ කොළඹ රීගල් සිනමා ශාලාවේදී ය.2013 – 2014 වසරේ ජාත්‍යන්තරයේ අවධානය දිනාගත් රටවල් 40ක චිත්‍රපට 102ක් චිත්‍රපට උළලේ ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.හෙට සිට ලබන 7 වන දා දක්වා කොළඹ ස්ථාන 5කදී මෙම චිත්‍රපට නොමිලේ නැරඹිමට සැමට ම අවස්ථාව ලබා දී තිබේ.චිත්‍රපට උළෙලට සමගාමීව අධ්‍යක්ෂණය, ඡායාරූපකරණය, තිර රචනය වැනි අංශ පිළිබඳව වැඩමුළු පැවැත්වීමට ද සංවිධායකයින් කටයුතු යොදා තිබේ.

ඉන්දීය සුපිරි නළු අමිතාබ් භච්චන්ගේ නිල Twitter ගිණුමට සම්බන්ධ වී සිටින රසික රසිකාවියන් (followers) සංඛ්‍යාව කෝටිය (මිලියන 10) ඉක්මවා තිබේ.මෙහි සුවිශේෂත්වය වන්නේ, ඉන්දියාවේ වැඩි ම followers සංඛ්‍යාවක් හිමි Twitter ගිණුම මෙය වීම ය.සිය Twitter ගිණුමේ followers සංඛ්‍යාව කෝටිය ඉක්මවීම පිළිබඳව සතුට පළ කරමින් අමිතාබ් භච්චන් පළ කළ tweet පණිවුඩය පහත දැක්වේ.71 හැවිරිදි අමිතාබ් භච්චන් මේ වන විට චිත්‍රපට 180කට පමණ රංගනයෙන් දායක වී ඇති අතර The Great Gatsby චිත්‍රපටය හරහා ඔහු හොලිවුඩ් සිනමාවට ද ප්‍රවිෂ්ට විය.Followers සංඛ්‍යාව කෝටිය ඉක්මවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති Twitter වෙබ් අඩවිය පවසා ඇත්තේ, අමිතාබ් භච්චන් සිය Twitter ගිණුම හරහා ඔහු රසික රසිකාවියන් සමග නිරන්තරයෙන් සම්බන්ධ වන බව ය.ඔහු මේ වන විට පළ කර ඇති tweet පණිවුඩ සංඛ්‍යාව 33200 ඉක්මවා තිබේ.

බටහිර ප්‍රසිද්ධ නිළියන්ගේ සහ ගායිකාවන්ගේ නිරුවත් ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවල ප්‍රචාරය කිරීමේ සිද්ධිය මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.මේ සම්බන්ධයෙන් හොලිවුඩ් නිළි ජෙනිෆර් ලෝරන්ස් අවධාරණය කළේ, තමන් මෙම කටයුත්තට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ය.මෙම තර්ජනය ත් සමග ඇයගේ නිරුවත් ඡායාරූප පළ කළ බ්ලොග් රචකයෝ කලබලයට පත්ව සිටිති.එවැනි බ්ලොග් රචකයෙකු වන පෙරෙස් හිල්ටන් (Perez Hilton) ජෙනිෆර් ලෝරන්ස්ගෙන් සහ වික්ටෝරියා ජස්ටිස්ගෙන් සමාව ඉල්ලා තිබේ.ඔහු ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සිය බ්ලොග් එකෙහි පළ කර තිබූ අතර පසුව ඉවත් කර ඇත.සයිබර් සොරුන් විසින් ප්‍රකට ශිල්පිණියන් 100කට අධික පිරිසකගේ නිරුවත් ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවල පළ කර තිබිණි.

ප‍්‍රවීණ කලාකරු බන්දුල විතානගේ මහතා කොළඹ ජාතික රෝහලේදී අද දහවල් අභාවප‍්‍රාප්ත වී තිබේ.කලක් රෝගීව සිටි ඔහු මිය යන විට 73 වන වියේ පසු විය.1940 සැප්තැම්බර් 11 වන දා බන්දුල විතානගේ ගෝනගලදී උපත ලැබීය.ඔහු අධ්‍යාපනය ලැබුවේ, අතුරුවැල්ල ප්‍රාථමික විද්‍යාලය, කොළඹ කේරි විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය යන පාසල්වලිනි.1963 වසරේදී ඇරඹුණු විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව ඇතුළු ආයතන රැසක සේවය කළ ඔහු 2001 වසරේ ටවර් හෝල් රඟහල පදනමේ උපදේශකයෙකු වශයෙන් පත් විය.මෙරට නාට්‍ය කලාව පෝෂණය කිරීම සඳහා අනුපමේය මෙහෙවරක් කළ බන්දුල විතානගේ මහතාට Newsfirst අපගේ උපහාරය…….

ජනප්‍රිය බටහිර නිළියන් සහ ගායිකාවන් පිරිසකගේ නිරුවත් ඡායාරූප රැසක් සමාජ ජාල වෙබ් අඩවි හරහා නීතිවිරෝධී ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවට ඔවුන්ගේ නියෝජිතයින් චෝදනා කර තිබේ.අමෙරිකානු මාධ්‍යවල දැක්වෙන්නේ, සයිබර් සොරුන් (hackers) විසින් මෙය කරන ලද බවට තොරතුරු හෙළිවී ඇති බව ය.ජෙනිෆර් ලෝරන්ස්, රිහානා, කිම් කාඩේෂියන් ඇතුළු පිරිසකගේ නිරුවත් ඡායාරූප එලෙස ප්‍රසිද්ධ කර තිබේ.ඔස්කා සම්මානලාභී හොලිවුඩ් නිළි ජෙනිෆර් ලෝරන්ස්ගේ නියෝජිතයෙකු පවසා ඇත්තේ, මෙය ජෙනිෆර් ලෝරන්ස්ගේ පෞද්ගලිකත්වයට කළ හානියක් බව ය.මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ද එම නියෝජිතයා සඳහන් කර තිබේ.ජෙනිෆර් ලෝරන්ස් සහ රිහානා හැරුණුවිට ඇම්බර් හර්ඩ්, ගේබ්‍රියල් යුනියන්, හිලරි ඩෆ්, ජෙනී මැකාර්ති, කේට් අප්ටන් ඇතුළු පිරිසක් ද මෙයට හසුවී ඇත.

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ට ජාත්‍යන්තර පොලීසියේ (Interpol) සන්නාම තානාපති ධුරයක් හිමිව තිබේ.ඒ, ජාත්‍යන්තර පොලීසිය විසින් ලොව පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත “Turn Back Crime” ව්‍යාපෘතිය සඳහා ය.මෙම ව්‍යාපෘතියෙහි අරමුණ අපරාධයක් වැළැක්වීම සඳහා සෑම පුද්ගලයෙකුට ම ක්‍රියාත්මක විය හැකිය යන්න ලොව පුරා ප්‍රචාරය කිරීම ය.මෙම සන්නාම තානාපති ධුරය හරහා ෂාරුක් ඛාන්ගේ ජනප්‍රියත්වය ප්‍රයෝජනයට ගනිමින් ජනතාව අතරට එම පණිවුඩය රැගෙන යාම ජාත්‍යන්තර පොලීසියේ අදහස වී තිබේ.නිවේදනයක් නිකුත් කරමින් ෂාරුක් ඛාන් පවසන්නේ, මෙවැනි කර්තව්‍යයක නියෝජිතයෙකු වීම තමන්ට විශාල ගෞරවයක් බව ය.යම් පුද්ගලයෙකුට අපරාධයක් කිරීමට එරෙහිව ඕනෑ ම පුද්ලගලයෙකුට ක්‍රියාකළ හැකි බව ත් සමාජයක් ලෙස අපරාධවලට එරෙහිව සාමූහිකව නැගී සිටිය යුතු බව ත් ෂාරුක් ඛාන් සිය නිවේදනයෙන් වැඩිදුරට ත් දක්වා තිබේ.

ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින Ice Bucket Challenge ව්‍යාපෘතියට මේ වන විට ලෝකයේ නන් දෙසින් විරෝධයක් එල්ල වෙමින් පවතී.එයට විරෝධය පළ කරන ඇතැම් ප්‍රකට පුද්ගලයින් පවසන්නේ, මෙය ජල සම්පත අපතේ යැවීමක් බව ය.Ice Bucket Challenge සඳහා ලෝක ප්‍රකට නළු නිළියන් රැසක් දායක වුව ද හොලිවුඩ් නිළි පමෙලා ඇන්ඩර්සන් එය ප්‍රතික්ෂේප කර තිබේ.ඇය පවසා ඇත්තේ, ඖෂධ පරීක්ෂා කිරීම් සඳහා සතුන් යොදාගන්නා ආයතනයක අරමුදලක් වෙනුවෙන් තමන්ට පෙනී සිටිය නොහැකි බව ය.ඊට අමතරව, බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා ද මෙම අභියෝගය ප්‍රතික්ෂේප කර තිබේ.ඇය සිය Twitter ගිණුමෙහි දක්වා ඇත්තේ, පිළිකා රෝගය හෝ නැවුම් ජලය වෙනුවෙන් ක්‍රියාත්මක වන සංවිධාන සඳහා ආධාර කිරීම වඩා ත් කාලෝචිත බව ය.මීට අමතරව, බොලිවුඩ් නිළි සෝනම් කපූර් ද පවසා ඇත්තේ, ජල සම්පත විනාශ කරමින් Ice Bucket අභියෝගයට සම්බන්ධ වීමට තමන්ගේ කැමැත්තක් නොමැති බව ය.

බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර්, චාලක න්‍යුරෝන අබාධය මෙලොවින් තුරන් කිරීම සඳහා වන අරමුදල ශක්තිමත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන ලෝක අයිස් බකට් අභියෝගය (The global Ice Bucket Challenge) භාරගත් අයුරු මෙම වීඩියෝවෙන් දැක්වේ.ඔහුට එම අභියෝගය කරනු ලැබ ඇත්තේ, බොලිවුඩ් නළු රිටීෂ් දේශ්මුඛ් විසිනි.ආක්ෂේ කුමාර් එම අභියෝගය, සුපිරි නළු සල්මන් ඛාන්, ට්වින්කල් ඛන්නා සහ අෂ්විනී යාඩි වෙත ඉදිරිපත් කර තිබේ.ඉන්දීය මාධ්‍ය පවසන්නේ, ආක්ෂේ කුමාර්ගේ අභියෝගයට සල්මන් ඛාන් ප්‍රතිචාර දක්වන තුරු ඉන්දීය වැසියන් බලා සිටින බව ය.මීට පෙර, බිල් ගේට්ස්, මාර්ක් සකර්බර්ග්, ටිම් කුක්, ජස්‍ටින් බීබර් වැනි ලෝක ප්‍රකට පුද්ගලයින් රැසක් මෙම අභියෝගය භාරගෙන තිබිණි.

වෙනත් ගායකයෙකුගේ ගීතයක් නීතිවිරෝධී ලෙස ගායනා කළ බවට කොලොම්බියානු පොප් ගායිකා ෂකීරා (Shakira) වරදකරු වී තිබේ.ඇයගේ Loca නමැති ගීතයේ ස්පාඤ්ඤ අනුවර්තනය ඩොමිනිකානු ගායක රේමන් වස්කියස්ගේ (Ramon Arias Vazquez) ගීතයකින් උපුටා ගෙන ඇති බව තහවුරු වී ඇත්තේ, නිව්යෝර්ක් ෆෙඩ්රල් අධිකරණයේදී ය.එම ගීතය එහි ඉංග්‍රීසි ගීතය සමග තැටිගත කර අලෙවි කර ඇතැයි ද නඩු විභාගයේදී හෙළි වී තිබේ.එම සංයුත්ත තැටිය එළි දක්වා ඇත්තේ, 2010 වසරේදී ය.ෂකීරාගේ Loca ගීතයේ ස්පාඤ්ඤ අනුවර්තිත ගීතය පහත දැක්වේ.

2014 වසgisele-bundchen-in-little-whit-topරේ වැඩි ම ආදායම් ඉපයූ නිරූපිකාවන්ගේ ලැයිස්තුව එළිදක්වා තිබේ.ෆෝබ්ස් සඟරාවට අනුව මේ වසරේ වැඩි ම ආදායම ඉපයූ නිරූපිකාව වන්නේ, ගිසෙල් බන්ෂෙන් (Gisel Bundchen) ය.ඇය පසුගිය මාස 12 තුළ උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 47කි.ඇය අඛණ්ඩව වසර 8ක් වැඩි ම ආදායම ඉපයූ නිරූපිකාව ‍බවට පත්වීම විශේෂත්වයකි.2014 වසරේ වැඩි ම ආදායම් ඉපයූ නිරූපිකාවන්ගේ සම්පූර්ණ ලැයිස්තුව පහත දැක්වේ.

හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට නළුවෙකු වන ජැකී චෑන්ගේ පුත් ජේසී චෑන් (Jaycee Chan) මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන තිබේ.චීන පොලීසිය පවසන්නේ, 31 හැවිරිදි ජේසී චෑන් සමග තවත් තායිවාන චිත්‍රපට නළුවෙකු වන 23 හැවිරිදි කයි කෝ (Kai Ko) ද අත්අඩංගුවට ගත් බව ය.ඔවුන් දෙදෙනා ම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බව පොලීසිය පවසයි.මේ අතර, ජැකී චෑන්ගේ පුත්‍රයාගේ නිවසේ තිබී මරිජුවානා ග්‍රෑම් 100ක් සොයාගෙන තිබේ.මෙහි විශේෂත්වය වන්නේ, ජැකී චෑන් මත්ද්‍රව්‍ය පාලන තානාපතිවරයෙකු ලෙස 2009 වසරේ සිට චීන පොලීසිය විසින් පත් කරනු ලැබ තිබීම ය.චීන ජනපති පසුගිය ජූනි මාසයේදී ආරම්භ කළ මත්ද්‍රව්‍ය පාලන වැඩසටහනට අනුව මෙම වැටලීම් වේගවත් කර තිබේ.ඒ අනුව, පසුගිය මසදී ද චීන චිත්‍රපට නළුවෙකු වන ගාඕ හූ (Gao Hu) නමැත්තා ද මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනිණි.අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව තායිවාන චිත්‍රපට නළු කයි කෝ පවසා ඇත්තේ, තමන් විශාල වැරැද්දක් කළ බව ත්, ඒ වෙනුවෙන් සිය රසිකයින්ගෙන් සමාව අයැද සිටින බව ත් ය.

කලක් රෝගාතුරව සිටි රෙබෙකා නිර්මලී මහත්මිය අද අලුයම 2කට පමණ අභාවප්‍රාප්ත වූයේ මහරගම පිළිකා රෝහලේදී ය.දයාබර දියණියකගේ මවක වූ නිර්මලී මහත්මිය රසික හදවත් තුළ වෙද හාමිනේ නමින් ජනප්‍රියත්වයට පත් වූවා ය.වෙද හාමිනේ චරිතයට රංගනයෙන් දායකත්වය දෙමින් 1987 වසරේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පා තැබූ රෙබෙකා නිර්මලී, වෑ දිය රැල්ල, සේක්කුගෙදර, ජීවිතය සුන්දරයි, කප් සුවහස්කල්, රන්තලිය වලව්ව, මොණරතැන්න, අකාල සන්ධ්‍යා, මිණිපුර හටන, ආදරවන්තයෝ,නිසල දිය සසල විය, දඬුබස්නාමානය, කඩුළු තහංචිය, දිය සායම්, වැනි නිර්මාණ තුලින් රංගන කෞශල්‍යය දැක්වූවා ය.සිරස ටී.වී. ඔස්සේ විකාශය වන ආදර සංධ්වනිය ටෙලි නාට්‍යයට ද ඇය රංගනයෙන් දායක වූවා ය.අද බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක දේහය තැන්පත් කෙරෙන අතර හෙට කලාභවනට ‍රැගෙන යාමට නියමිත ය.රෙබෙකා නිර්මලී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත ය.

ඔස්කා සම්මානලාභී විකට නළු රොබින් විලියම්ස් (63) උතුරු කැලිෆෝනියා‍වේ ඔහුගේ නිවසේදී මිය ගොස් තිබේ.විදෙස් වාර්තා පවසන්නේ රොබින් විලියම්ස්ගේ මරණය සිය දිවි නාසා ගැනීමක් බව ය.රෝහල් බලධාරීන් පවසන්නේ, හුස්ම ගැනීමේ අපහසුතාවක් මරණයට හේතු වී ඇති අතර මෙතෙක් සියදිවි හානි කර ගැනීමට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති බව ය.විලියම්ස් පසුගිය කාලයේ දැඩි ආතතියකින් පසු වූ බව රොබින් විලියම්ස්ගේ සමීපතමයින් විදෙස් මාධ්‍යට පවසා තිබේ.මොහු 1970 දශකයේ සිට ජනාදරයට පත් වූ දක්ෂ විකට නළුවෙකි.ප්‍රාන්ත බලධාරීන් පැවසුවේ, විලියම්ස් සිහිසුන්ව සිටින බවට ඊයේ දහවල් හදිසි ඇමතුමකින් පණිවුඩයක් ලැබුණු බව ය.

කොළඹ නගරයේ පිහිටි සියලු සිනමා හල් පරීක්ෂා කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ.කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුනි මහතා ප්‍රකාශ කළේ, චිත්‍රපට ශාලාවල සනීපාරක්ෂක තත්ත්වය පිළිබඳව නරඹන්නන්ගෙන් ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බව ය.නිසි සනීපාරක්ෂක තත්ත්වයක් නොමැති සිනමා ශාලාවලට බලපත්‍ර අහිමි කරන බව ද ඔහු සඳහන් කළේ ය.නිසි සනීපාරක්ෂක තත්ත්වයක් නොමැති සිනමා ශාලා ඇත්නම් ඒ පිළිබඳව වහා දැනුම් දෙන ලෙස කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා චිත්‍රපට නරඹන්නන්ගෙන් ඉල්ලා සිටී.එම පැමිණිලි දැනුම් දිය යුතු අංකය පහත දැක්වේ.

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් හේතුවෙන් බටහිර බෙංගාල ප්‍රාන්තයේ පොලිස් නිලධාරිණියකට දැඩි විවේචන එල්ල වී තිබේ.ඇය එම තත්ත්වයට පත්ව ඇත්තේ, කොල්කටාහි පැවති ප්‍රසංගයකදී ෂාරුක් ඛාන් පොලිස් නිලධාරිණියක් ඔසවාගෙන පසුව ඇය සමග නර්තනයක යෙදීම හේතුවෙනි.මෙම සිදුවීම සිදුවී ඇත්තේ, ප්‍රාන්තයේ මහ ඇමතිනිය වන මමතා බැනර්ජී ඉදිරිපිටදී ය.මේ පිළිබඳව දැඩි විවේචන එල්ල කරන භාරතීය ජනතා පක්ෂයේ නායකයින් පවසන්නේ, නිල ඇඳුමෙන් සැරසී නර්තනය යෙදීම පොලිස් සේවයට කළ නිග්‍රහයක් බව ය.කෙසේ වෙතත්, මෙය කලින් සැලසුම් නොකළ දෙයක් බව කොල්කටා පොලිස් කොමසාරිස් නිරූපම් සොම් සඳහන් කළේ ය.මෙම ප්‍රසංගයට බිපාෂා බාසු ඇතුළු සිනමා ශිල්පීන් පිරිසක් ද එක්ව සිටියහ.

පකිස්ථානයේදී තලේබාන් වෙඩි ප්‍රහාරයකට ලක්ව දිවි ගලවා ගත් මලාලා යූසෆ්සායි, ජනප්‍රිය පොප් ගායක ජස්ටින් බීබර්ගේ (Justin Bieber) නවතම මිතුරියක් බවට පත්ව තිබේ.ජස්ටින් බීබර්ගේ නිල Twitter ගිණුමෙහි මේ පිළිබඳව සඳහන් කර ඇත.එහි දැක්වෙන්නේ, ජස්ටින් බීබර් (Justin Bieber) සහ මලාලා යූසෆ්සායි වීඩියෝ දුරකතන සාකච්ඡාවක නිරත වූ බව ය.තමන්‍ ඇය මුහුණට මුහුණ හමුවීම සඳහා නොඉවසිල්ලෙන් බලා සිටින බව ද බීබර් පවසා තිබේ.ඔහු වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, මලාලා යූසෆ්සායි නමින් ක්‍රියාත්මක වන Malala Fund නමැති අරමුදලට උපකාර කිරීම සඳහා ඇය සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බව ය.Instagram හි පළ කළ අදහසමලාලා යූසෆ්සායි, ජස්ටින් බීබර්ගේ දීර්ඝ කාලීන රසිකාවියකි.

ඉන්දීය ජාතික ධජයට අගෞරව කළ බවට වන චෝදනා මත බොලිවුඩ් නිළි මල්ලිකා ෂෙරාවට්ට එරෙහිව හයිදරාබාද් මහාධිකරණය නොතීසි නිකුත් කර තිබේ.ඇයට මෙම චෝදනා එල්ල වූයේ, Dirty Politics නමැති චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කළ පෝස්ටරයකට පෙනී සිටීම හේතුවෙනි.එහි ඇය ඉන්දීය ජාතික ධජයේ ඇති තැඹිලි, සුදු සහ කොළ පැහැයෙන් යුත් රෙදි කැබැල්ලකින් සිය නිරුවත වසාගෙන සිටින ආකාරයට පෙනී සිටී.ඇයට එරෙහිව නඩු පවරා ඇති පැමිණිලි පාර්ශවය පවසන්නේ, එම පෝස්ටරය මගින් ඉන්දීය ජාතික ධජය අගෞරවයට ලක් කළ බව ය.මේ පිළිබඳව හයිදරාබාද් මහාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඇයට සති 4ක කාලයක් ලබා දී තිබේ.

බොලිවුඩ් සුපිරි නළු අමීර් ඛාන්ට එරෙහිව එරට අධිකරණයක් හමුවේ නඩුවක් පවරා ති‍බේ.ඒ, ළඟදී තිරගත වීමට නියමිත PK චිත්‍රපටයේ පුචාරක පුවරුවක අමීර් ඛාන් නිරුවතින් පෙනී සිටීමට එ‍රෙහිව ය.එම පෝස්ටරයේ අමීර් ඛාන් සම්පූර්ණයෙන් නිරුවතින් සිටින අතර ඔහුගේ රහස් ප්‍රදේශය වසාගෙන සිටිනුයේ, කුඩා කැසට් රෙකෝඩරයකිනි.ඊට එරෙහිව කාන්පූර් අධිකරණය හමුවේ නඩු පවරා ඇති මනෝජ් ඩික්සිත් නමැති නීතීඥවරයා චෝදනා කර ඇත්තේ, එම පෝස්ටරය මගින් නිරුවත සහ අශිෂ්ටත්වය ප්‍රවර්ධනය වන බව ය.මෙම චිත්‍රපටය ලබන දෙසැම්බර් මාසයේදී තිරගත කිරීමට නියමිත ය.අදාළ පෝස්ටරයට එරෙහි නඩුවෙන් චිත්‍රපට අධ්‍යක්ෂ රාජ්කුමාර් හිරානිට සහ නිෂ්පාදක විධූ විනෝද් චොප්රා ද වග උත්තරකරුවන් කර තිබේ.

සල්මන් ඛාන් යන නම ඇසූ සැණින් ඕනෑ ම අයෙකුගේ සිහියට නැගෙනුයේ, කෙළිලොල් එමෙන් ම වගකීමකින් තොරව ජීවිතය ගත කරන සැහැල්ලු දිවිපෙවෙතක් සහිත පුද්ගලයෙකි.එහෙත්, ඔහුගේ සුපිරි නළුකමට එහා ගිය අතිශය සංවේදී මානව හිතවාදී චරිතයක් ඔහු තුළ සැබෑවට ම පවතින බව දැනගත හැක්කේ, ඔහුගේ පෞද්ගලික ජීවිතය දෙසට එබී බැලීමෙන් පමණි.ඒ පිළිබඳව සොයා බැලීමට අපට සිතුණේ, ඔහු සිය නිල Twitter ගිණුමෙහි සඳහන් කළ පණිවුඩයක් නෙත ගැටීමෙන් පසුව ය.එම‍‍ tweet පණිවුඩයෙහි සඳහන් වූයේ, හෘදයාබාධ සහිත දරුවන් 100 දෙනෙකුට නොමිලේ සියලු ප්‍රතිකාර ලබා දීම සඳහා තමන් තීරණය කර ඇති බව ය.ඔහු ඒ බව සිය නිල Twitter ගිණුමෙහි සඳහන් කර ඇත්තේ, මෙසේ ය.එම‍‍ tweet පණිවුඩයෙහි සඳහන් වන්නේ, ප්‍රතිකාර සඳහා මුදල් සපයා ගැනීමට අපහසු රෝගීන් 100 දෙනෙකුට මෙම අවස්ථාව සැලසෙන බව ය.සල්මන් ඛාන්ට අයත් Being Human (BH) නමැති පුණ්‍යායතනය මගින් එම ප්‍රතිකාර සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට නියමිත ය.මීට පෙර ‍මෙම පුණ්‍යායතනය මගින් සල්මන් ඛාන්ගේ රසිකයින්ට රැකියා සොයා දීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක විය.ඊට අමතරව, සතුන්ට ආදරය කිරීම, නොයෙක් ආබාධ සහිත දරුවන්ට උපකාර කිරීම ආදී පුණ්‍ය ක්‍රියා රැසක් සඳහා සල්මන් ඛාන් සිය දායකත්වය සපයා තිබේ.සල්මන් ඛාන් සුපිරි තරු සංකල්පයෙන් මිදී සාමාන්‍ය පීඩිත ජනතාව සමග දුක සැප බෙදාගන්නා ආකාරය පහත ඡායාරූපවලින් සනාථ වෙයි.

ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් සහ සුපිරි නළු සල්මන් ඛාන් රඟන Kick චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළා තිබේ.එය තිරගත වූ පළමු සති අන්තයේදී පමණක් ඉපයූ මුදල ඉන්දීය රුපියල් කෝටි 83.83කි.Kick චිත්‍රපටය ඉන්දියාවේ සිනමාහල් 5000ක පළමු වරට තිරගත කෙරුණේ, පසුගිය 25 වන දා එනම් මීට දින 4කට පෙර යි.මෙම චිත්‍රපටයේ ජැක්ලින් සිය චරිතය සඳහා පළමු වරට හින්දි බසින් හඬ කවා තිබීම විශේෂත්වයකි.Kick චිත්‍රපටයේ ඇතුළත් ගීතයක් පහත දැක්වේ.

හොලිවුඩ් සිනමා නළුවන් අතර වැඩි ම ආදායමක් ලැබූ නළුවන් පිළිබඳ නවතම වාර්තාව Forbes සඟරාව විසින් එළිදක්වනු ලැබ තිබේ.මෙම වාර්තාව සකසා ඇත්තේ, 2013 වසරේ ජූනි මාසයේ 2014 ජූනි මාසය දක්වා කාලය තුළ ඉපයූ ආදායම් සැලකිල්ලට ගනිමිනි.එම වාර්තාව අනුව වැඩි ම ආදායමක් උපයා ඇත්තේ, රොබර්ට් ඩවුනි යි.අඛණ්ඩව දෙවන වසරට ත් එම ස්ථානය හිමි කරගත් රොබර්ට් ඩවුනි (Robert Downey Jr.) අදාළ කාලය තුළ උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 75 ඉක්මවයි. (ශ්‍රී ලංකා මුදලින් රු. කෝටි 900කට අධික ය)මෙම වාර්තාවේ සිව් වන ස්ථානය ලියනාඩෝ ඩිකැප්‍රියෝ (Leonardo DiCaprio) හිමි කරගෙන ඇති අතර ඔහු උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 39කි.වැඩි ම ආදායම් ඉපයූ හොලිවුඩ් තාරකා ලේඛනය පහත දැක්වේ.රොබර්ට් ඩවුනි – අමෙරිකානු ඩොලර් මිලියන 75———————————————————————————ඩ්වේන් ජොන්සන් – අමෙරිකානු ඩොලර් මිලියන 52———————————————————————-බ්‍රැඩ්ලි කූපර් – අමෙරිකානු ඩොලර් මිලියන 46—————————————————————–ලියනාඩෝ ඩිකැප්‍රියෝ – අමෙරිකානු ඩොලර් මිලියන 39———————————————————————–ක්‍රිස් හෙම්ස්වර්ත් – අමෙරිකානු ඩොලර් මිලියන 37—————————————————————–ලියම් නීසන් – අමෙරිකානු ඩොලර් මිලියන 36————————————————–බෙන් ඇෆ්ලෙක් – අමෙරිකානු ඩොලර් මිලියන 35——————————————-ක්‍රිස්ටියන් බේල් – අමෙරිකානු ඩොලර් මිලියන 35

ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් පළමු වරට බොලිවුඩ් චිත්‍රපටයක සිය චරිතයේ හඬ කවා තිබේ.මීට පෙර ඇය රඟ පෑ හින්දි චිත්‍රපටවල හඬ කැවීම් කරන ලද්දේ වෙනත් හින්දි හඬ කැවීම් ශිල්පීන් විසිනි.ඇය මාස ගණනක් තිස්සේ හින්දි භාෂාව ඉගෙන ගැනීමට උත්සහ කළ අතර ඒ සඳහා සුපිරි නළු සල්මන් ඛාන් ඇයට බෙහෙවින් උපකාර කළ බව ජැක්ලින් මීට පෙර පැවසීය.ජැක්ලින් ෆර්නැන්ඩස් සමග ඇයගේ නවතම තොරතුරු පිළිබඳව කළ සාකච්ඡාවක් පහත දැක්වේ.ප්‍රශ්නය: ඔබ පළමු වරට බොලිවුඩ් චිත්‍රපටයක හඬ කැවීම් කළා නේද?ජැක්ලින්: මීට කලින් මගේ චරිත සඳහා හඬ කැවීම් කළේ, හඬ කැවීමේ ශිල්පිනියන්. Kick චිත්‍රපටය තමයි මගේ ජීවිතේ මට ලැබුණු ලොකු ම අවස්ථාව. මම රඟ පෑ දැවැන්ත ම චිත්‍රපටය ත් ඒක යි. ඒකෙ හඬ කැවීම් කරන එක මට ලොකු පීඩාවක් වුණා. පළවෙනි දෙබස් කිහිපය හඬ කවන්න මට දවස් තුනක් ගතවුණා. ඒත් ඊට පස්සෙ මං ඒක අල්ල ගත්තා. ඒ හඬ කැවීම්වලට මං ගොඩක් කැමති යි.ප්‍රශ්නය: Kick චිත්‍රපටයේ පිටපත බලන්න ත් කලින් ඔබ එහි රඟ පාන්න එකඟ වුණා ද?ජැක්ලින්: ඔව්. ඒක ඇත්ත. ඒ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා සල්මන් ඛාන් වීම නිසා ම මං ඒක භාර ගත්තා.ප්‍රශ්නය: ඔබ මිලදී ගත් ශ්‍රී ලංකාවට අයත් දූපතේ මන්දිරයක් ඉදිකළා ද?ජැක්ලින්: නෑ. මං ඒ දූපත මිල දී ගත්ත. ඒත් දැන් ම ඒකෙ මන්දිරයක් හදන්න හිතලා නැහැ. මට ඕන සුන්දර, හුදකලා තැනක නිවසක් හදන්න. එතන මගේ සිහින මන්දිරය හදනවා. ඒත් ඊට කලින් මගේ ජීවිතේ ස්ථාවර කර ගන්න ඕනෙ.ප්‍රශ්නය: නළු නිළියන් අතර ගැටුම් පවතින ක්ෂේත්‍රයක ඔබ එවැනි ගැටුම්වලින් වැළකී සිටින්නේ කෙසේ ද?ජැක්ලින්: මට නම් මගේ සමකාලීන නළු නිළියන් සමග වැඩ කිරීමේ අපහසුතාවක් මතු වෙලා නැහැ. අපි ගෙවන්නේ ගොඩක් සංකීර්ණ ජීවිත. ඒත් මං කැමති මගේ සමකාලීනයො සහ සාමාන්‍ය ජනතාව සමග සමීප සබඳතාවක් පවත්වන්න යි. ඒ වගේ ම, ජනප්‍රිය පුද්ගලයින් අතර ගැටුම් වාර්තා කිරීමේදී මාධ්‍ය අතිශයෝක්තියෙන් ඒවා වාර්තා කරන බව යි මගේ හැඟීම.ප්‍රශ්නය: ඔබ සහ චිත්‍රපට අධ්‍යක්ෂ සජිඩ් ඛාන් සමග සම්බන්ධයක් තිබේ ද?ජැක්ලින්: නැහැ. කොහෙත් ම නැහැ. මිනිස්සු ඉදිරියට යනව. අපි දෙන්නා මේ වෙනකොට ඉන්නේ ගොඩක් දුරස් වෙලා.

Facebook ‘fans’ සංඛ්‍යාව මිලියන 100 ඉක්මවූ ලොව පළමු වැන්නා බවට කොලොම්බියානු සුපිරි පොප් ගායිකා ෂකීරා (Shakira) පත්ව තිබේ.ෂකීරාගේ Facebook ගිණුමේ සිටින ‘fans’ සංඛ්‍යාව මේ වන විට මිලියන 100 ලක්ෂ 739ක් ද ඉක්මවා ඇත.ඒ අනුව, සමාජ ජාල වෙබ් අඩවි හරහා ලොව වැඩි ම රසිකයින් පිරිසක් සිටින ජනප්‍රිය චරිතය බවට පත්ව ඇත්තේ, ඇය යි.ෂකීරා පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අතරතුර නිරන්තරයෙන් Facebook වෙබ් අඩවිය භාවිත කළ අතර ඇය සිය අදහස් සහ ඡායාරූප රැසක් සිය රසිකයින් සමග share කර ගත්තා ය.ඇය share කළ ඡායාරූප අතරින් වැඩි ම රසික ප්‍රතිචාරයක් ලබා ඇත්තේ, පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය පැවති මරකානා ක්‍රීඩාංගණයේ ඇය පාපන්දුවක් සමග ගත් පහත දැක්වෙන ඡායාරූපය යි.එයට ලැබී තිබුණු likes සංඛ්‍යාව මිලියන 3.5 ඉක්මවයි.ෂකීරා පවසන්නේ, Facebook වැනි සමාජ ජාල වෙබ් අඩවි හරහා රසිකයින් සහ කලාකරුවන් අතර පැවති දූරස්ථභාවය අවම වූ බව ය.මේ අතර, පොප් ගායක Eminemගේ Facebook ගිණුමේ ‘fans’ සංඛ්‍යාව මිලියන 91.9ක් වන අතර රිහානා සතු ‘fans’ සංඛ්‍යාව මිලියන 89කි.

බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාගේ නවතම ඡායාරූපයක් Twitter වෙබ් අඩවිය හරහා මහත් කතාබහට ලක්වී තිබේ.මෙම ඡායාරූපය ඇය රංගනයෙන් දායක වූ Mary Kom චිත්‍රපටයේ ඇය පෙනී සිටි අවස්ථාවක් නිරූපණය කළ එකකි.ඇය Twitter වෙබ් අඩවියේ පළ කළ පෝස්ටරය පහත දැක්වේ.ඊට බොලිවුඩ් නළු නිළියන් රැසක් දක්වා ප්‍රතිචාර අතරින් කිහිපයක් පහත දැක්වේ.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ජර්මන් කණ්ඩායම පැමිණි ගමන් මග පිළිබඳව සැකසුණු විශේෂ ග්‍රැෆික් වීඩියෝවක් මේ දිනවල ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතී.එම වීඩියෝව නිර්මාණය කර ඇත්තේ, BOBDIGI නමැති ආයතනයක් මගිනි.නීල් ආම්ස්ට්‍රෝං සඳ මත පා තැබූ දර්ශනය අනුසාරයෙන් එය ප්‍රතිනිර්මාණය කර තිබේ.පළමුවෙන් පෘතුගාලයට පහර දෙන ජර්මනිය පසුව ප්‍රංශය පරදවන අතර බ්‍රසීලයට අත්වූ ඉරණම ද එම වීඩියෝව මගින් නිරූපිත ය.මෙම වීඩියෝ අවසන් තරගයට පෙර සකස් කළ එකක් වන හෙයින් ලියනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව පමණක් ආපදාවකින් තොරව සැඟවී සිටින අයුරු මෙහි දැක්වේ.මෙම වීඩියෝව Youtube වෙබ් අඩවිය හරහා ලක්ෂ 4ක් පමණ නරඹ ඇති අතර Twitter සහ Facebook වෙබ් අඩවි හරහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නරඹා තිබේ.

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට නැවුම් අත්දැකීමක් එක් කළ සිරස සුපර් ස්ටාර් ඊයේ තව ත් තරුවක් සුපිරි තරු අතරට එක් කළේය.මහරගම ගයාන් අරෝෂ මෙවර සිරස සුපර් ස්ටාර් කිරුළ හිමි කර ගත්තේ රුපියල් කෝටියක ත්‍යාග මුදලක් ද සමගිනි.ශ්‍රී ලාංකේය 6 වෙනි කටහඬ සොයා යන “තාරුකා වසන්තය” සිරස සුපර් ස්ටාර් අවසන් මහා තරගය අති උත්කර්ෂවත් ලෙස ඊයේ පැවැත්වුණේ රත්මලාන, ස්ටයින් මැදිරි සංකීර්ණයේදී ය.අති නවීන පහසුකම් සහිත ස්ටයින් මැදිරියට ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් දැඩි උද්යෝගයකින් යුතුව එක්රොක්ව සිටියහ.විද්‍යුත් මාධ්‍යයේ පෙරළිකරුවා වෙමින් නැවුම් අත්දැකීම් ජනතාවට තිළිණ කරන සිරස ටී.වි. මෙවර සුපර් ස්ටාර් සීසන් 6 අවසන් මහා තරගය පැවැත්වුවේ මෙතෙක් පැමිණි ගමන් මගෙහි අභිමානය ද ඇතිවයි.මින් පෙර සහෘදයන් රස ගැන්වූ තරු රැසක් මෙවරත් ප්‍රසංගයට එක්වෙමින් අවසන් මහා තරගය වර්ණවත් කළේය.දිවයිනේ නන් දෙසින්, සුපර් ස්ටාර් සීසන් 6 තරගයට එක්ව සිටි දහස් සංඛ්‍යාත තරගකරුවන් අතරින් තීරණාත්මක 12 දෙනා තෝරා ගැනිණ.ඔවුන් අතුරින් අවසාන මහා තරඟයට සුදුසුකම් ලබමින් සුපර් ස්ටාර් කිරුළ වෙනුවෙන් ඊයේ තරග වැදුණේ මහරගම ගයාන් අරෝෂ, නිකවැරටියේ චාමර ප්‍රසාද් සහ දෙහිවල ටෙහානි ඉමාරා.අනතුරුව තරගකරුවන් තිදෙනා සුපර් ස්ටාර් වේදිකාව මත සිය කුසලතා විදහා දැක්වූහ.සුපුරුදු පරිදි සිරස සුපර් ස්ටාර් රාත්‍රිය වර්ණවත් කරන්නට ගායන හා නර්තනාංග රැසක් ද එක්කර තිබුණි.සිරස සුපර් ස්ටාර් කිරුළේ ජයග්‍රාහකයා කවුරුන්දැයි ප්‍රකාශයට පත් කෙරුණේ රැස්ව සිටි පිරිස මහත් කුතුහලයෙන් බලා සිටියදී ය.වෙහෙසකර ව්‍යායාමයක සුබ ප්‍රතිඵල අත්කර ගත් අලුත්ම සුපිරි තරුව ගයාන් අරෝෂ, ස්ටයින් මැදිරිය ගිඟුම් දුන් ජනතා ප්‍රතිචාරය මධ්‍යයේ මෙවර සුපිරි තකරුව බවට පත්විය.විද්‍යුත් මාධ්‍ය ඉතිහාසයේ දෙවැනි වරට රියැලිටි ටී.වී වැඩසටහනක වැඩිම මුදල් ත්‍යාගය වන රුපියල් කෝටියක් මෙහිදී ගයාන්ට පිරිනැමුණා.දෙවැනි ස්ථානය නිකවැරටියේ චාමර ප්‍රසාද්ට හිමි වූ අතර, තෙවැනි ස්ථානය හිමි කරගත්තේ දෙහිවල ටෙහානි ඉමාරා.ජයග්‍රහණයෙන් පසුව සිරස සුපර් ස්ටාර් ගයාන් අරෝෂ ඇතුළු ශිල්පීන් ප්‍රේක්ෂකයින් රස ගැන්වූහ.අනතුරුව නිව්ස්ෆස්ට් වෙත අදහස් දැක්වු ගයාන් අරෝෂ මෙසේ පැවසීය.ඇත්තෙන්ම පුදුමාකාර සතුටක් තියෙන්නේ.මොකද මේ ගමන ඇතුලේ මටත් වඩා මගේ වටපිටාව ගොඩක් සතුටු වෙනවා.මගේ වටේ හිටපු ලොකු හයියක් මගේ පිරිස.මගෙ අම්මා තාත්තා මගේ ආයතනය. මගේ පාසල ම‍ගේ ගම සහ ලාංකීය ජනතාව මේ වෙළාවේ මාත් එක්ක එකතු වෙලා සතුටු වෙනවා.මේ සතුට බෙදාගන්න මාත් එක්ක එකතු වෙච්ච මාව මෙතෙන්ට ගෙනාපු හැමදෙනාටම ස්තුතිය් දුමාල් සර්ට විශේෂයෙන්ම.කෘතඥ වනවා මගේ මේ ගමන පිටුපස්සේ හිටපු හැමෝටම. මේ වටිනාකම ලාංකේය කටහඩ වෙන්න මට දීපු ශක්තිය මේ ආදරණීය සිරස මේ වේදිකාව මේ වේදිකාව මාව ගෙන ගිය තැන හිතාගන්නත් බැරි තරම්.ගමක හිටපු මම අද වෙනකොට ලෝකයක්ම දන්න හඬක් බවට පත්වෙලා හුඟක් ස්තූතියි සිරසට.හුඟක් ආදරෙයි.ඒ ආදරයත් එක්ක සිරසත් එක්ක සංගීත ගමනේ වෙනසක් කරන්න සහ තව ඉගෙනගන්න සංගීතයට ලාංකේය සංගීතයට යමක් කරන්න මගේ බලාපොරොත්තුව ස්තුතියි සිරසට නැවත වාරයක්.

ලොව ආකර්ෂණීය ම කාන්තාව ලෙස FHM සඟරාව විසින් බොලිවුඩ් නිළි දීපිකා ‍පාදුකෝන් නම් කරනු ලැබ තිබේ.මෙම සඟරාව විසින් පවත්වනු ලැබූ ඡන්ද විමසීමකින් අනතුරුව දීපිකා පාදුකෝන් ලොව ආකර්ෂණීය ම කාන්තාව ලෙස නම් කෙරිණි.මෙම නම් කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් දීපිකා පාදුකෝන් පැවසුවේ, සිය ලස්සනට වඩා තමන් කළ රඟපෑම් පිළිබඳව සලකා ජනතාව තමන්ට ඡන්දය දුන් බවට විශ්වාස කරන බව ය.FHM සඟරාව අනුව ලොව ආකර්ෂණීය ම කාන්තාවන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමිව ඇත්තේ, ප්‍රියංකා චොප්රාට ය.මීට පෙර වසර කිහිපයකදී ම පළමු ස්ථානයේ පසුවූ කට්‍රිනා කායිෆ්ට මෙවර හිමිව ඇත්තේ, තෙවන ස්ථානය යි.ලොව ආකර්ෂණීය ම කාන්තාවන් 10 දෙනා පහත දැක්වේ.1. දීපිකා ‍පාදුකෝන්2. ප්‍රියංකා චොප්රා3. කට්‍රිනා කායි‍ෆ්4. නාර්ගීස් ෆක්රි5. ශ්‍රැති හසන් (කමල් හසන්ගේ දියණිය)6. අනුෂ්කා ෂර්මා7. නේහා ෂර්මා8. ඉලීනා ඩි’කෲස්9. කැලී කෝකෝ10. ද්‍රස්ති ධමී

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ රියැදුරා බාල වයස්කාර තරුණියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.17 හැවිරිදි එම තරුණිය බොලිවුඩ් නිළියකගේ නිවසේ මෙහෙකාරියක ලෙස සේවය කරමින් සිටි අයෙකි.ඇය ලාටූර් නමැති දුෂ්කර ප්‍රදේශයක සිට මුම්බායිහි පිහිටි එම නිළියගේ නිවසට පැමිණ ඇත්තේ, මීට මාස 5කට පමණ පෙර ය.34 හැවිරිදි රාජේන්ද්‍රකුමාර් ගෞතම් නමැති ෂාරුක් ඛාන්ගේ රියැදුරා ඇය හඳුනාගෙන ඇත්තේ, ඔහුගේ මිතුරෙකුගේ උපකාරයෙනි.පසුව ඔහු ඇයට ෂාරුක් ඛාන්ගේ නිවසේ විශාල වැටුපක් සහිත රැකියාවක් ලබා දෙන බව පවසා ඇති අතර වරක් ෂාරුක් ඛාන්ගේ නිවස වෙත ඇය රැගෙන විත් තිබේ.ජූනි මස 18 වන දා සැකකරු ඇයට, ඇය සේවය කළ නිළියගේ නිවසේ සේවයෙන් ඉවත් වන ලෙස පවසා ඇති අතර ඉන්පසු සිය නිවසට රැගෙන යන බවට පොරොන්දු වී ඇත.ඒ අනුව, ඇය එම නිවසේ සේවයෙන් ජූනි මස 20 වන දා ඉවත් වී රියැදුරා හමුවී තිබේ.රියැදුරා ඇය රැගෙන නල්ලසෝපාරා නමැති ප්‍රදේශයක හෝටලයක් වෙත ගොස් ඇත්තේ, පසුව සිය නවසට රැගෙන යන බවට රවටමිනි.ඇය එම හෝටලය තුළදී එදින රාත්‍රියේ දූෂණය වී ඇති අතර මේ පිළිබඳව කිසිවෙකුට හෙළි නොකරන ලෙසට සැකකරු ඇයට තර්ජනය කළ බව ඇය පවසයි.පසුදා ඇය තනිව මුම්බායි වෙත පැමිණ ඇති අතර මුම්බායිහි ඇය දන්නා හඳුනන කිසිවෙක් නොවූයෙන් පොලීසියට ගොස් පැමිණිල්ලක් කර තිබේ.පොලීසිය පවසන්නේ, ඇයගේ පවුලේ රැකියාවක් කළ එක ම තැනැත්තිය ඇය බව ය.මෙම පැමිණිල්ල අනුව ඊයේ පස්වරුවේ ෂාරුක් ඛාන්ගේ රියැදුරා අත්අඩංගුවට ගෙන තිබේ.

යම් දිනක බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් සමග එක්ව ගී ගැයීමට තමන් කැමැත්තෙන් පසුවන බව අමෙරිකානු රැප් ගායක Armando Christian Perez හෙවත් පිට්බුල් (Pitbull) පවසයි.ඔහු ඉන්දීය පුවත් ඒජන්සියක් සමග පවසා ඇත්තේ, පසුගිය වසරේ IPL සමාරම්භක උත්සවයේදී තමන් ෂාරුක් ඛාන් සමග එක ම වේදිකාවේ ගී ගයමින් නර්තන ඉදිරිපත් කළ බව ය.එහිදී, ෂාරුක් ඛාන් තමන්ට බොලිවුඩ් නර්තන විධි කිහිපයක් ඉගැන්වූ බව ද පිට්බුල් සඳහන් කර තිබේ.ෂාරුක් ඛාන් යනු ක්‍රියාශීලී විශිෂ්ට කලාකරුවෙකු බව ඔහු අවධාරණය කර තිබේ.යම් හෙයකින් ෂාරුක් ඛාන් පිට්බුල්ගේ ආරාධනාව පිළිගතහොත් පිට්බුල් බොලිවුඩ් කලාකරුවෙකු සමග ගී ගයන දෙවන අවස්ථාව එය වනු ඇත.මීට පෙර ඔහු ‍බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රා සමග ගීතයක් නිර්මාණය කළේ ය.

බොලිවුඩ් නිලි ප්‍රිටී සින්ටා හිටපු පෙම්වතාට එරෙහිව පොලීසි යයි inShare Jun 14, 2014 sagarika chathumali Entertainment, Top Slider 0බොලිවුඩ් නිලි ප්‍රිටී සින්ටා හිටපු පෙම්වතාට එරෙහිව පොලීසි යයිසුපිරි බොලිවුඩ් නිලි ප්‍රිටී සින්ටා සිය හිටපු පෙම්වතා වන ව්‍යාපාරික නෙස් වාඩියාට එරෙහිව පොලිසීයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, දකුණු මුම්බායේ වෙන්කඩේ ක්‍රීඩාංගණයේදී ඔහු තමන්ට හිරහැර කළ බවට ත් අපවාද නගමින් තර්ජනයක කළ බවට ත් පවසමින් ඇය එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව ය.මැයි මස 30 වන දා අදාළ ක්‍රීඩාංගණය තුළදී ඔහු එලෙස තමන්ට තර්ජනය කළ බව පවසමින් ඇය පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ, පසුගිය 12 වැනි දා ය.අදාළ දිනයේදී වෙන්කඩේ ක්‍රීඩාංගණය තුළ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Kings XI Panjab සහ Chennai Super Kings කණ්ඩායම් අතර තරගය පැවැත් විය.බොලිවුඩ් නිළි ප්‍රිටී සින්ටා Kings XI Panjab කණ්ඩායමේ එක් හිමිකාරියක් වන්නී ය.පැමිණිල්ල සම්බන්ධයෙන් අදහස් දක්වමින් වාඩියා පවසා ඇත්තේ එල්ල වන චෝදනා සියල්ල තමන් ප්‍රතික්ෂේප කරන බව ය.එකී චෝදනා පදනම් විරහිත ඒවා බව ද ඔහු අවධාරණය කර සිටී.39 හැවිරිදි ප්‍රිටී සින්ටා සහ 44 හැවිරිදි වාඩියා අතර පැවති 5 වසරක පෙම් සබඳතාවට නැවතීමේ තිත තැබුණේ, 2009 වසරේදී ය.

23 හැවිරිදි ඉන්දීය නිරූපණ ශිල්පිනියක දූෂණය කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටි බොලිවුඩ් නළු ඉන්ද්‍ර කුමාර් ඇප මත නිදහස් කර තිබේ.එම නිරූපණ ශිල්පිනිය චෝදනා කර තිබුණේ, තමන්ට බොලිවුඩ් චිත්‍රපටවල රඟපෑම සඳහා අවස්ථාව ලබා දෙන බව පවසමින් ඉන්ද්‍ර කුමාර් විසින් තමන් දෙවරක් දූෂණය කරනු ලැබූ බවට ය.මෙම චෝදනා මත ඉන්ද්‍ර කුමාර් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, පසුගිය අප්‍රේල් මාසයේදී ය.ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඉන්දීය රුපියල් 30000ක මුදල් ඇපයක් මත ඔහු මුදා හැරි බව ය.ඉන්ද්‍ර කුමාර් බොලිවුඩ් චිත්‍රපට රැසක් සඳහා රංගනයෙන් දායක වී ඇති අතර සල්මන් ඛාන් සමග රඟපෑ Wanted චිත්‍රපටය අතිශයින් ජනප්‍රිය විය.

විශ්ව රූ රැජිණ තරගය සඳහා තායිලන්තය නියෝජනය කිරීමේ භාග්‍යය ලත් තායිලන්තයේ මේ වසරේ රූ රැජිණ වෙලුරී දිත්සායාබුට් සිය කිරුළ අත්හැර තිබේ.ඒ, එරට දේශපාලන ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් ඇය පළ කළ මතභේදාත්මක ප්‍රකාශයක් සමගින් මතුවූ දැඩි විරෝධය හේතුවෙනි.ඇය මීට මාස කිහිපයකට පෙර Facebook වෙබ් අඩවිය ඔස්සේ සඳහන් කර තිබුණේ, “යක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් එල්ලා මැරිය යුතු” බව ය. (“I am so angry at all these evil activists. They should be executed, You’re wicked – you won’t die peacefully in your beds”)මෙම ප්‍රකාශයට ෆේස්බුක් භාවිත කරන්නන් මෙන් ම දේශපාලන ක්‍රියාකාරීන් ද දැඩි විරෝධය පළ කර තිබිණි.ඊට අමතරව, ඔවුන්ගෙන් එල්ල වුණු විරෝධය හමුවේ තායිලන්තයේ රූ රැජිණ දැඩි පිඩනයකට ලක් විය.ඇයට එරෙහිව විරෝධය පළ කළ පිරිස් අවධාරණය කළේ, රූ රැජිණක් සාමය පිළිබඳව මිස එල්ලා මැරීම් පිළිබඳව කතා නොකළ යුතු බව ය.ඇය තායිලන්තය නියෝජනය කරමින් විශ්ව රූ රැජිණ තරගයට සහභාගි නොවිය යුතු බවට ද ඔවුහු බල කර සිටියහ.මෙම පීඩනය මත ඊයේ කැඳවූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කඳුළු සලමින් ඇය සඳහන් කළේ, සිය මවට පීඩනයක් නොදිය හැකි හෙයින් තමන් තායිලන්ත රූ රැජිණ කිරුළ අත්හරින බව ය.ඇය එම ප්‍රකාශය කළ අවස්ථාව ඉතාමත් හැඟුම්බර සංවේදී අවස්ථාවක් විය.මේ වසරේ තායිලන්තයේ රූ රැජිණ වෙලුරී දිත්සායාබුට් කිරුළ පැළඳි මොහොත පහත දැක්වේ.(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න)

GANGNAM STYLE ගීතය හරහා ලෝක ප්‍රකට වූ දකුණු කොරියානු ගායක Psy ගේ නවතම ගීතය වන HANG OVER ගීතය මේ වන විට ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතී.එම ගීතය Psy ගේ නිල youtube පිටුවෙහි පළ කර ඇත්තේ, පෙරේදා (ජූනි 08) දිනයේදී ය.ඒ අනුව, ගතවූ දින එකහමාර තුළ එම ගීතය නරඹා ඇති වාර ගණන මිලියන 16 ඉක්මවා තිබේ.මෙම ගීතය Psy ගායනා කර ඇත්තේ Snoop Dogg සමග එක්ව ය.(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න)

ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි Pont des Arts පාලම ලොව පුරා ප්‍රචලිතව ඇත්තේ, ප්‍රේමවන්තයින් සිය ආදරය සංකේතවත් කිරීම සඳහා පැමිණෙන සුවිශේෂී ස්ථානයක් ලෙස ය.එහි සුවිශේෂත්වය වනුයේ, ආදරවන්තයින් එහි පැමිණ සිය ආදරය සංකේතවත් කරමින් ඔවුන් දෙදෙනොගේ නම් සහිත ලොක් (Lock) දෙකකට ඉබි යතුරු දමා එම යතුරු ජලාශයට විසි කිරීම ය.දශක ගණනාවක් පුරා මෙහි එල්ලා ඇති ඉබි යතුරුවල බර නිසා පාලම කඩා වැටීමට ආසන්න තත්ත්වයකට පත්ව ඇතැයි ප්‍රංශ පොලීසිය පවසයි.හොලිවුඩ් සුපිරි නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ ආදර පාලම නැරඹීමට ගිය අවස්ථාවක්මේ හේතුවෙන් පාලම මතට පිවිසීම අද දිනයේ සිට තහනම් කෙරුණු අතර එහි ඇති ඉබි යතුරු ඉවත් කිරීමට කටයුතු කර තිබේ.ආදරවන්තයින් යම් විශ්වාසයකින් එහි රැඳවූ ඉබි යතුරු ඉවත් කිරීම සදාචාර සම්පන්න නොවන බවට ඇතැම් පිරිස් චෝදනා කරති.(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න)

හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් සිංහල සාහිත්‍යයට කළ සේවාව සමරමින් රචනා තරගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.ජාතික කියවීමේ මාසය වෙනුවෙන් මෙය සංවිධානය කරනුයේ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සහ මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය ඒකාබද්ධව ය.වයස අවරුදු 12-15 යටතේ සහ 16-18 යන වයස් කාණ්ඩ දෙකක් යටතේ සිංහල සහ දෙමළ භාෂාවෙන් මෙම තරගය පැවැත්වේ.මේ පිළිබඳව වැඩි විස්තර කොළඹ 07, නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට පැමිණ හෝ දූරකතන අංක 0112685197 / 0112674386 ඔස්සේ ලබා ගැනීමට හැකි වේ.මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් ජීවත් වූ කොග්ගල නිවසමාර්ටින් වික්‍රමසිංහයන් භාවිත කළ මෙවලම්මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නිවසේ පිහිටි කෞතුකාගාරයමාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෘති කිහිපයක්

ඉන්දියාවේ බහුල ලෙස ස්ත්‍රී දූෂණ, සමූහ දූෂණ සහ කාන්තා හිංසන ආදී සමාජ විරෝධී ක්‍රියා වාර්තා වෙමින් පවතී.මෙය සමස්ත ඉන්දීය සමාජයට ම කැලලක් බවට පත්වෙමින් තිබේ.බොලිවුඩ් සිනමාවේ වීරයෙකු වන සුපිරි නළු ආක්ෂේ කුමාර් සිය වීරත්වය රිදී තිරය තුළ පමණක් නොව සාමාන්‍ය ජීවිතයේදී ද පවත්වාගෙන යාම සඳහා පියවරක් ගැනීමට අවධානය යොමු කර ඇත්තේ, ඉන්දීය සමාජය කඩා වැටෙමින් තිබෙන මොහොතක ය.ඔහුගේ වෑයම දුර්වලත්වය කරපින්නාගෙන උපත ලද ස්ත්‍රිය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළකි.ඒ සඳහා ඔහු ස්ත්‍රීන් තුළ ස්වයං ආරක්ෂක හැකියාවන් වර්ධනය කිරීම සඳහා විශේෂ පාසලක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.එම පාසල හරහා ස්ත්‍රීන්ට මාර්ෂල් ආර්ට් සහ ටයික්වන්ඩෝ යන සටන් කලා ඉගැන්වීමට නියමිත ය.ආක්ෂේ කුමාර් හුදු කාඩ්බෝඩ් වීරයෙකු නොවන අතර ඔහු මාර්ෂල් ආර්ට් සටන් කලාව මැනවින් ප්‍රගුණ කළ අයෙකු වන අතර ටයික්වන්ඩෝ සටන් කලාව සඳහා කළු පටි ලබාගත් දක්ෂයෙකි.ඔහු පවසන්නේ, තමන් උගත් දේ තුළින් සමාජයට යම් වැඩදායී සේවාවක් කිරීම සිය අරමුණ බව ය.ඉන්දියාවේ අනාරක්ෂිත ස්ත්‍රියට සිය ආරක්ෂාව තමන්ට ම සලසා ගත හැකි ක්‍රමවේදයක් සැකසීම ඔහුගේ අරමුණ වී තිබේ.

The Voice රියැලිටි ටීවී වැඩසටහනේ ඉතාලි නිෂ්පාදනයේ මෙවර පළමු ස්ථානය එරට ක්‍රිස්තියානි කන්‍යා සොහොයුරියකට හිමිව තිබේ.ක්‍රිස්ටිනා ස්කූසියා නමැති එම කන්‍යා සොහොයුරිය එම ගායන තරගයට සහභාගි වී සිටියේ ද සිය නිල ඇඳුමෙන් ය.25 හැවිරිදි ඇය The Voice කිරුළ දිනා ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව දෙවියන් වහන්සේට ස්තුති කළා ය.ඇය පැවසුවේ, සිය ගායනා තුළින් දෙවියන් වහන්සේගේ ආශ්චර්යය ඉස්මතු කිරීමට වෑයම් කළ බව ය.(පහත දැක්වෙන්නේ, ඇය මෙම තරගයේ පූර්ව වටයකදී ගැයූ ගීයකි)

ඉන්දියාවේ වඩා ත් ආකර්ෂණීය ම කාන්තාවන් අතර තුන් වන ස්ථානය ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ට හිමිව තිබේ.ජැක්ලින් මෙම ස්ථානයට පත්ව ඇත්තේ, ටයිම්ස් ඔෆ් ඉන්ඩියා (Times of India) පුවත්පත කළ සමීක්ෂණයකිනි.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජැක්ලින් ෆර්නැන්ඩස් පවසන්නේ, තමන් ඒ පිළිබඳව බෙහෙවින් සතුටු වන බව ය.තමන් පිළිබඳව ඉන්දීය ජනතාව දක්වන ආකර්ෂණය තමාට ශක්තියක් බව ද ඇය සඳහන් කළා ය.ඉන්දියාවේ වඩා ත් ආකර්ෂණීය ම කාන්තාවන් අතර පළමු ස්ථානය දීපිකා පාදුකෝන්ට හිමිව ඇති අතර දෙවන ස්ථානය කට්‍රිනා කයිෆ්ට හිමිව තිබේ.

රූපවාහිනී සමීක්ෂණ වාර්තා හෙවත් රේටිංස් සකස් කිරීම සඳහා යොදා ගන්නා මිනුම් දඬු සම්බන්ධ විශ්වසනීයත්වය පිළිබඳව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අමාත්‍යංශ ලේකම් ආචාර්ය චරිත හේරත් යන මහත්වරුන් අද රූපවාහිනී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද විශේෂ සාකච්ඡාවක නිරත වූහ.මෙම සාකච්ඡාවේදී රූපවාහිනී මාධ්‍ය ආයතන ප්‍රධානීන් පෙන්වා දුන්නේ, සමීක්ෂණ වාර්තා සකස් කිරීමේදී භාවිත කරන මිනුම් දඬුවල විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ගැටලු ඇති බව ය.එබැවින් මෙම මතභේදාත්මක තත්ත්වයට පිළියමක් යොදන තෙක් වත්මන් සමීක්ෂණ වාර්තා සකස් කිරීම අත්හිටුවන ලෙස ඔවුහු ඉල්ලීමක් කළහ.ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ, විද්වත් කමිටුවක් පත් කර මෙම සමීක්ෂණ වාර්තාවල විශ්වසනීයත්වය පිළිබඳව ස්වාධීන විශ්ලේෂණයක් සිදුකරන බව ය.

සිනමා ක්ෂේත්‍රය තුළ තමන්ට මිතුරන් නොමැති බව ජනප්‍රිය බොලිවුඩ් නිළියක වන සෝනාක්ෂි සින්හා පවසයි.ඇය සඳහන් කළේ, තමන් බොහෝ අවස්ථාවල තනිව සිටීමට ප්‍රිය කරන බව ය.වෙනත් නළු නිළියන් සමග සබඳතා පැවැත්වීමට තමන් කැමැත්තක් නොදක්වන බව ද සෝනාක්ෂි සින්හා සඳහන් කළා ය.26 හැවිරිදි ඇය පවසන්නේ, සිනමා නිර්මාණ සඳහා වෙනත් නළු නිළියන් සමග කටයුතු කිරීමේ අකමැත්තක් තමන් තුළ නොමැති බව ය.තමන්ට ක්ෂේත්‍රයේ පුද්ගලයින් මුණ ගැසෙනුයේ, සම්මාන උළෙලවලදී පමණක් බව ද සෝනක්ෂි සින්හා පැවසීය.

සුපිරි හොලිවුඩ් නළු බ්‍රැඩ් පිට් සමග සිය විවාහය නුදුරු දිනයක සිදු නොවන බව සුපිරි හොළිවුඩ් නිළි ඇන්ජලිනා ජොලී පවසන්නී ය.ඇය සඳහන් කරන්නේ, ඔවුන් දෙදෙනා ජනප්‍රිය පුද්ගලයින් බැවින් එම අවස්ථාවට සූදානම් වීමට විශාල කාලයක් අවශ්‍ය බව ය.කෙසේ වෙතත් සිය විවාහ උත්සවය පැවැත්විය යුතු ආකාරය පිළිබඳව දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයින් සමග එක් ව සාකච්ඡා කරන බව ද ඇන්ජලිනා ජොලී වැඩි දුරට ත් පවසන්නී ය.

හොලිවුඩ් නළු බ්‍රැඩ් පීට්ට නාඳුනන පුද්ගලයෙකුගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.ඒ, නවතම හොලිවුඩ් චිත්‍රපටයක් වන Maleficentහි හඳුන්වා දීමේ වැඩසටහනක් සඳහා රතු පලස මතින් ගමන් කරමින් සිටියදී ය.ඔහුගේ සහකාරිය වන ඇන්ජලීනා ජොලී එම චිත්‍රපටයට රංගනයෙන් දායක වේ.හොලිවුඩ්හි එල් කැපිටාන් රංග ශාලාවේ පැවති මෙම උත්සවයට රතු පලස මතින් බ්‍රැඩ් පීට් සහ ඇන්ජලීනා ජොලී ගමන් කරමින් සිටි අවස්ථාවේ සිනමා ලෝලියෙකු රතු පලස මතට පැන ඔහුට පහර දුන් බව සිද්ධිය ඇසින් දුටුවන් පවසා තිබේ.කෙසේ වෙතත්, එම ප්‍රහාරයෙන් බ්‍රැඩ් පීට්ට හානියක් සිදුව නොමැති අතර ඔහු අදාළ උත්සවයට සහභාගි වී ඇත.පහර දුන් පුද්ගලයා එම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනිණි.පහර දීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් යනු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජනප්‍රිය බොලිවුඩ් නිළියකි.මේ වන විට 28 වන වියේ පසුවන ඇය ශ්‍රී ලංකාවට වඩා ජනප්‍රියත්වයක් ඉන්දියාව තුළ හිමි කරගෙන සිටී.ඒ, ඇය රංගනයෙන් දායක වූ බොලිවුඩ් චිත්‍රපට රැසක් අතිශයින් ජනප්‍රිය වීම හේතුවෙනි.ඉන්දියාවේ Hindustan Times පුවත්පත ඇය සමග කළ සම්මුඛ සාකච්ඡාවක් පහත දැක්වේ.එහිදී ඇය සිය පෞද්ගලික ජීවිතය, ආදරය, සිනමාව සහ සමාජ ජාල වෙබ් අඩවි පිළිබඳව දැක්වූ අදහස් පළ වෙයි.ආදරය ගැන කියන්නෙ කුමක් ද?“මම තව ම තනිකඩ යි. මේ මොහොතේ මම අවධානය යොමු කරන්නෙ මගේ වෘත්තිය පිළිබඳව පමණ යි. මට අවශ්‍ය විශිෂ්ට සිනමාකරුවන් සමග විශිෂ්ට චිත්‍රපටවලට දායක වීමට යි”සල්මන් ඛාන් සමග කළ රංගනය ගැන අදහස් දැක්වුවොත්?“සල්මන් සමග රඟපෑමෙන් මම ගොඩක් සතුටක් ලැබුවා. (සජිඩ් නඩියවාලාගේ Kick චිත්‍රපටය) ඒක වචනයෙන් විස්තර කරන්න අමාරුයි. අවංකව ම මම ඔහුගේ ගොඩක් දේ ඉගෙන ගත්තා”පළමු වරට ද්විත්ව රංගනයක නිරත වීම ගැන හිතන්නේ කුමක් ද?ඒ රංගනය ක‍ළේ අලුත් අධ්‍යක්ෂවරයෙකු වන වික්‍රම්ජිත් සිංගේ චිත්‍රපටයක් වෙනුවෙන්. එහි මම චරිත දෙකකට පණ පොවනවා. ඊට අමතරව, අර්ජුන් රම්පාල් සහ රන්බීර් කපූර් එහි රඟපානවා. ඒක සතුට වගේ ම විශාල අභියෝගයකට මුහුණ දුන් චිත්‍රපටයක්.ඔබගේ බොලිවුඩ් සිනමා ජීවිතය ගැන හිතන්නේ කුමක් ද?ඒක විශාල අරගලයක්. ඒත් මම ඒ තුළ මාව හොයා ගන්න උත්සහ කළා. බොලිවුඩ් සිනමා කර්මාන්තයේ පසුබෑමකට ලක් නොවී ආරක්ෂා වී සිටීම දුෂ්කර යි.කටකතාවලට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද?ඒ වගේ කටතකාවලට ප්‍රතිචාර දක්වන්න තියෙන හොඳ ම මාධ්‍ය තමයි, සමාජ ජාල වෙබ් අඩවි. ඒ හරහා අපිට අපේ අදහස් ඍජුව ම දක්වන්න හැකියාවක් පවතිනවා.

සිරස සුපර් ස්ටාර් වැඩසටහනෙන් ඇතැම් තරගකරුවන් ඉවත් වීම මෑත කාලයේ විවාදාත්මක මාතෘකාවක් බවට පත්ව තිබේ.අන්තර්ජාලය තුළ ද එය අතිශයින් විවාදාත්මක කරුණක් බවට පත්වී අවසන් ය.මෙවැනි පසුබිමක් තුළ පසුගිය සෙනසුරාදා සිරස සුපර් ස්ටාර් වැඩසටහන පැවැත්වුණේ සාධාරණත්වය රැකගැනීමේ යම් යම් වෙනස්කම් ද ඇතුළත්වයි.සිරස සුපර් ස්ටාර් සීසන් සික්ස් සඳහා ඉදිරිපත් වූ රාජගිරියේ හර්ෂ චතුරංගට ඊයේ ඉවත් වීමට සිදුවිය.හර්ෂ චතුරංග ඉවත් වීමෙන් ටික වේලාවකට පසු රාජගිරිය ප්‍රදේශයේ සිට පිරිසක් සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ මූලස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වුණේ ඊයේ රාත්‍රියේයි.ඔවුන් ඉල්ලා සිටියේ හර්ෂ චතුරංගට යළිත් අවස්ථාව ලබාදෙන ලෙස ය.අනතුරුව එම ස්ථානයට පැමිණ සිටි පොලීසිය මෙම පිරිසට දැනුම් දුන්නෙ සාකච්ඡාවක් සඳහා හෙට පෙරවරු දහයට නියෝජිතයින් පිරිසක් එවන ලෙස ය.පොලිසිය පැමිණ ටික වේලාවකට පසු උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිස විසිර ගිය හ.ඊයේ පැමිණි පිරිස කළ ඉල්ලීම අනුව අද පෙරවරු 10.30ට පමණ ඔවුන්ගේ නියෝජිතයින් පිරිසක් සිරස ප්‍රධාන කාර්යාලයට පැමිණියේ කළමණාකාරිත්වය සමග සාකච්ඡාවක් සඳහායි.එම සාකච්ඡාව අතරතුරදීද සංවිධානාත්මක පිරිසක් බස් රථයකින් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වීම නිසා නොසන්සුන් තත්ත්වයක් ඇති වූහ.අනතුරුව සාකච්ඡාව තාවකාලිකව නතර කෙරුණු අතර, කළමනාකාරිත්වය නියෝජිත පිරිසට දැනුම් දුන්නේ, සාකච්ඡාව ඉදිරියට ගෙන යාම සඳහා අදාළ පිරිස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ය.පොලීසිය ද පැමිණ අවට ප්‍රදේශයේ තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වූ අතර, සාකච්ඡාවට පැමිණි නියෝජිතයින් එහි ගොස් විරෝධය පළ කළ පිරිස එම ස්ථානයෙන් පිටත් කර හැරියේය.නියෝජිතයින්ගේ ඉල්ලීම අනුව සාකච්ඡාව ප්‍රධාන කාර්යාලයේදී දෙවැනි වරටත් ආරම්භ වුයේ ඉන්පසුවයි.සාකච්ඡාවෙන් අනතුරුව නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකු නිව්ස්ෆස්ට් වෙත අදහස් පළ කළේය.හර්ෂ 4 වෙනියට ඇවිල්ලා අවසන් 4 දෙනා අතරට ඇවිල්ල තව 3 දෙනෙක් ආවා කියල ඊයේ ඉවත් වුණා.නමුත් ඇත්තෙන්ම අපි දැක්කෙ ලොකු අසාධාරණයක් තවත් කට්ටියක් අරගෙන.නමුත් අපි මේ නිලධාරීන් එක්ක කතා කරාම හර්ෂගේ ජීවිතේ තියෙන්නේ ඇත්තෙන්ම හර්ෂව අඳුරන්නේ සිරස මාධ්‍යයේ මේ වැඩසටහන සුපර් ස්ටාර් නිසා.දුර ගමනක් යා හැකියි.වොරන්ටි එකක් දුන්නා අපිට.හර්ෂව අත්හරින්නේ නැහැ හොඳ ගමනකට මග පාදල දෙනව කියලා.ඉතිං අපි ඒක පිළි අරගෙන දැන් සාකච්ඡාව අවසන් කළාඋසස් පොලිස් නිලධාරීන් පිරිසක් ද එහිදී ප්‍රධාන කාර්යාලයට පැමිණ සිටි අතර, සාකච්ඡාවෙන් අනතුරුව නියෝජිත පිරිස ද පිටව ගිය හ.සිරස සුපර් ස්ටාර් ජයග්‍රාහකයාට ලැබෙන ත්‍යාග මුදල රුපියල් කෝටියක් බැවින් ඇතැම් පිරිස් එස්.එම්.එස්. හරහා මෙම අවස්ථාව අවභාවිත කරන්නට ද පෙළඹී සිටින බව කළමනාකාරිත්වය නිරීක්ෂණය කර තිබේ.එබැවින් කළමනාකාරිත්වය තීරණය කළේ, සියයට හැටක් එස්.එම්.එස්. තුළිනුත්, සියයට 40ක් විනිසුරු තීරණය අනුවත් ලබා ගනිමින් අවසන් ප්‍රතිඵලයට එළඹීමටයි.කළමනාකාරිත්වය මෙම පියවර ගත්තේ, ශ්‍රී ලංකාවේ සිටින මුළුමහත් තරුණ ප්‍රජාවටම විවෘත සුපර් ස්ටාර් වැඩසටහනට සහභාගි වන සෑම තරාතිරමකම දක්ෂයින්‍ට සාධාරණය ඉටු කිරීමේ අරමුණින් ය.

බොලිවුඩ් සිනමා නළු නිළි යුවළක් වන රන්බීර් සිං සහ දීපිකා පාදුකෝන් අතර ප්‍රේම සබඳතාවක් පවතින බවට නොයෙකුත් තොරතුරු පළ විය.ඔවුන් දෙදෙනා රංගනයෙන් දායක වූ රාම්-ලීලා (Ram-Leela) චිත්‍රපටය තිරගත වීමෙන් අනතුරුව එම තත්ත්වය තව ත් කතාබහට ලක්විය.කෙසේ වෙතත්, එම තොරතුරු සාවද්‍ය බව රන්බීර් සිං ඉන්දියාවේ PTI ප්‍රවෘත්ති ඒජන්සියට පවසා තිබේ.එම පුවත් ඒජන්සිය සමග පැවති සාකච්ඡාවකදී රන්බීර් සිං පවසා ඇත්තේ, ඇය තමන්ගේ සමීපතම මිතුරියක් පමණක් බව ය.සිය ජීවිතයේ තමන්ට හමුවූ වඩා ත් ම ආශ්චර්යවත් පුද්ගලයා ඇය බව ද ඔහු සඳහන් කර ඇත.රංගන ශිල්පිණියක් ලෙස ත්, වෘත්තීයමය කාන්තාවක් ලෙස ත් තමන් බෙහෙවින් දීපිකා පාදුකෝන්ට ගෞරව කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.මෙතෙක් තමන් සහ දීපිකා අතර සබඳතාවක් ඇති බවට තොරතුරු පළවී ඇතැයි තමන් නොදැන සිටි බව ත්, ඒ පිළිබඳව අවධානය යොමු කිරීමට තමන්ට අවශ්‍යතාවක් නොමැති බව ත් ඔහු අවධාරණය කර තිබේ.

සුපිරි බොලිවූඩ් නළු ෂාරුක් ඛාන් ලෝකයේ දෙවැනි ධනවත්ම නළුවා බවට පත්ව තිබේ.ඔහුගේ වටිනාකම ඩොලර් මිලියන 600කි.විකට නළු ජෙරි සේන් ෆෙල්ඩ් (Jerry Seinfeld), වෙල්ත් එක්ස් (Wealth X) හොලිවූඩ් සහ බොලිවූඩ් ධනවත්ම ලැයිස්තුවට අනුව ලෝකයේ පොහොසත්ම නළුවායි.ඔහු ඩොලර් මිලියන 820ක වටිනාකමකින් යුත් බව ට ඇස්තමේන්තු කොට තිබේ.තුන්වන ස්ථානය හිමිකර ගත් නළු ටොම් කෲස්ගේ වටිනාකම ඩොලර් මිලියන 480කි.ෂාරුක් ඛාන් හොලිවූඩ් සිනමාවේ ටොම් හැන්ක්ස්, ක්ලින්ට් ඊස්ට් වූඩ් සහ ඇඩම් සැන්ඩ්ලර් යන නළුවන්ට වඩා පොහොසත් බවට වෙල්ත් එක්ස් (Wealth X) ආයතනය පවසයි.ඉන්දියාවේ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් අතිශයින්ම ජනප්‍රිය ෂාරුක් ඛාන් ඉන්දියාවේ හැඳින්වෙන්නේ බොලිවූඩ් බාඩ්සා නැත්නම් බොලිවූඩ් සිනමා සක්විති යනුවෙනි.ෂාරුක් ඛාන් චිත්‍රපට නිෂ්පාදකයෙක්. රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්. ඉන්දීය ක්‍රිකට් සමාජයක අයිතිකරුවෙක්. එසේම ධානපතියකි.ඔහු බොලිවූඩ් චිත්‍රපට 50කට වැඩි ගණනක රංගනයෙන් දායක වී තිබේ.බීබීසීය පවසන ආකාරයට ඔවුන්ගේ දිල්ලි වාර්තාකරු විකාස් පාන්දේ පැවසුවේ ෂාරුක් ඛාන් සම්බන්ධ මෙම ප්‍රවෘත්තිය ඉන්දීය මාධ්‍යයට ලැබුණ විට එය පුදුම එලවන තොරතුරක් නොවුන බව ය.ව්‍යාපාරිකයෙක්ඔහු චිත්‍රපටකරුවකු පමණක් නොව ව්‍යාපාරිකයකු බවත් වටහා ගත යුතු බවය ඔහු පවසයි.ඔහුට අයිති ක්‍රිකට් කණ්ඩායමක් ඉන්නවා. ඔහු චිත්‍රපට නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යනවා. ඒ සියල්ලටම වඩා වැදගත් වන්නේ ඔහු තමන්ගේ චිත්‍රපට නිෂ්පාදනය කරනවා. මේවයින් ඔහුට දිගටම ලාභ ලැබෙනවා. ඉතින් මේ ඔක්කොම බලපුවම ඔහු දෙවැනි පොහොසත් නළුවා කියන එක පුදුම වෙන්න කරුණක් නොවෙයිපුවත් පත් වාර්තා ප්‍රතිචාර පිළිබඳව තව දුරට ත් අදහස් දක්වමින් බීබීසියේ දිල්ලි වාර්තාකරු විකාස් පාන්දේ පැවසුවේ ෂාරුක් ඛාන් අමෙරිකානු නළු ටොම් කෲස් සහ අමෙරිකානු විකට නළු ඇඩම් සැන්ඩ්ලර් ට වඩා පොහොසත් ආදී වශයෙන් පුවත් පත් වාර්තා පලකොට ඇති බව ය.

සිරස සුපර් ස්ටාර් අවසන් අදියරේ ජයග්‍රාහි තරගකරුවන් තෝරා ගැනීම සඳහා විනිශ්චය මණ්ඩලයට ද අවස්ථාව ලබාදීමට තීරණය කර තිබේ.ඒ අනුව මෙතැන් සිට ජයග්‍රාහකයින් තෝරා ගැනීමේදී විනිශ්චය මණ්ඩලයට 40% ක අභිමතයක් ප්‍රකාශ කළ හැකියි.අක්‍රමිකතා මගහරිමින් ප්‍රේක්ෂක මතය වඩාත් ඵලදායි කිරීම මේ තීරණයට හේතු විය.සිරස සුපර් ස්ටාර් හයවන අදියරේ අවසන් අදියර දැන් ක්‍රියාත්මක වේ.ඒ අනුව මේ වනවිට තරගකරුවන් සිව් දෙනෙක් අවසන් අදියරට සුදුසුකම් ලබා අවසන් ය.ඊට අමතරව වයිල් කාඩ් ක්‍රමයෙන් යළි එක් වූ තිදෙනෙකු ද තරග වදී.කෙසේ වෙතත් වයිල් කාඩ් තුළින් යළිත් තිදෙනෙකුට අවස්ථාව ලබාදීම පිළිබඳව අවසන් අදියරේදි ජයග්‍රහණය කර ඉදිරියට පැමිණි සිව්දෙනා සහ ඔවුන්ගේ ආධාරකරුවන් විරෝධය පල කළහ.එම විරෝධයත් සමඟ පසුගිය දා තරගාවලිය රූගත කිරීමේදි උණුසුම් තත්ත්වයක් ඇති විය.එස්.එම්.එස්. මනාපයෙන් තේරි ඉදිරියට පැමිණ ඇත්තේ ගයාන් අරෝෂ, හර්ෂ චතුරංග, නුවන් බුලත්සිංහල සහ මුදිත ජයකොඩියි.චාමර ප්‍රසාද්, ටෙහානි ඉමාරා සහ කණිෂ්ක ශාලින්ද වයිල් කාඩ් තුළින් යළි තරගයට එක් වූහ.තරගකරුවන් තරගයේ යෙදෙනවා ද නැද්ද යන්න පිළිබඳව බාහිර පාර්ශ්වයන්ගෙන් එල්ලවන මැදිහත්වීම හෙළා දකින සිරස සුපර් ස්ටාර් නිෂ්පාදක කණ්ඩායම තම තීරණය කිසිසේත් වෙනස් නොකරන බව අවධාරණය කළේය.රුපියල් කෝටියක් වු විශාල තැගි මුදල දිනා ගැනීමේදි කිසිවෙකුටත් අසාධාරණයක් සිදු නොවීමට වග බලාගන්නා නිෂ්පාදක කණ්ඩායම තරගකරුවන් තේරීමේ ක්‍රමයට වෙනස්කම් ද එක් කර තිබේ.ඒ අනුව ඉදිරියේදි එක් දුරකතන අංකයකින් යොමුකළ හැක්කේ එස්.එම්.එස්. මනාප 10 ක් පමණි.ඊට අමතරව විනිශ්චය මණ්ඩලය 40% ක තම අබිමත මතය ද ඉදිරි‍යේදි පල කරනු ඇති.කිසිදු තෙවන පාර්ශ්වයක අභ්‍යන්තර මැදිහත්වීම්වලට ඉඩක් නොදෙන අතර සිරස සුපර් ස්ටාර් කිරුළේ නියම හිමිකරුවා තෝරා ගැනී‍මේ ශුද්ධ අයිතිය සුරකින බවත් ඒ සඳහාවන සියලු මැදිහත්වීම් සහ අභියෝග පරාජය කරන බවත් නිෂ්පාදක කණ්ඩායම අවධාරණය කළේය.

(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න)මෙවර ප්‍රංශයේ කාන් සිනමා සම්මාන උළෙලේ වැඩි ම ආකර්ෂණය දිනාගත් නිළියක බවට බොලිවුඩ් සුපිරි නිළි අයිෂ්වර්යා රායි පත් විය.ඇය සැරසී සිටි රත්‍රන් පැහැති සුවිශේෂී ඇඳුම කෙරෙහි විදෙස් මාධ්‍යවේදීන්ගේ වැඩි අවධානයක් යොමු විය.ඇතැම් මාධ්‍ය එම අවස්ථාව වාර්තා කළේ, අයිෂ්වර්යා රායි කාන් සිනමා උළෙල රනින් බැබලවූ බවට ය.මේ ඇයගේ ඡායාරූප කිහිපයකි.

ප්‍රංශයේ කාන් සිනමා සම්මාන උළෙලේ සභාපති ගිලස් ජේකොබ් ඉරානයේ නිළියකට හාදුවක් දීමට ගොස් දැඩි ආන්දෝලනයකට ලක්ව සිටී.ඔහු බටහිර ආචාර ක්‍රමය අනුව හාදුවක් දෙමින් සුබ පතා ඇත්තේ, ඉරාන නිළියක වන ලයිලා හටාමි නමැත්තියකි.මේ පිළිබඳව ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මෙය ඉරාන කාන්තාවකගේ පාරිශුද්ධත්වයට කළ නින්දාවක් බව ය.ලයිලා හටාමි කාන් සිනමා සම්මාන උළෙලට සහභාගි වීම ද ආගමික විශ්වාසයන් උල්ලංඝණය කිරීමක් බව ඉරාන සංකෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාන් සිනමා සම්මාන උළෙලේ සභාපති ගිලස් ජේකොබ් සිය tweet පණිවුඩයකින් පවසා ඇත්තේ, තමන් ලයිලා හටාමිගේ කම්මුල පමණක් සිපගත් බව ය.එය බටහිර රටවල සාමාන්‍ය ආචාර ක්‍රමයක් බව ද ඔහු වැඩිදුරට ත් පෙන්වා දී තිබේ.එහෙත්, මෙම සිද්ධිය ඉරාන මාධ්‍ය මෙන් ම එරට රජයේ බලධාරීන් ද දැඩි ලෙස හෙළා දැක ඇත.ලයිලා හටාමි තවමත් ඉරානයේ වෙසෙන අතර ඔහුගේ සැමියා ද රංගන ශිල්පියෙකි.(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න)

හොලිවුඩ් නිළි පැමෙලා ඇන්ඩර්සන් සිය අතීතය පිළිබඳව කළ විවරණයකින් ප්‍රංශයේ කාන් (Cannes) නගරය මෙන් ම ලෝකය ම කැළඹීමට පත්ව තිබේ.ඒ, තමන් කුඩා දරුවෙකුව සිටි සමයේ අවස්ථා රැසකදී බරපතළ ලිංගික අපචාරවලට ලක්වූ බවට ඇය ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයක් හේතුවෙනි.The Baywatch නමින් ලොව පුරා ප්‍රචලිත වූ ටෙලිනාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතයට පණ පෙවූ පැමෙලා ඇන්ඩර්සන් කාන් සිනමා සම්මා උළෙලට සහභාගි වීම සඳහා ප්‍රංශයට පැමිණ සිටින අතරතුර සහභාගි වූ සත්ත්ව ශුභසාධන වැඩසටහනකදී ඇය මෙම තොරතුරු හෙළි කළා ය.‍46 හැවිරිදි පැමෙලා එහිදී පැවසුවේ, වයස අවුරුදු 6 තමන් පළමු වරට තමන්ව රැක බලා ගැනීම සඳහා ‍යොදවා සිටි කාන්තාව අතින් ලිංගික අතවරයට ලක්වූ බව ය.පසුව වයස අවුරුදු 12දී සිය මිතුරියක සමග ඇයගේ පෙම්වතාගේ නිවසට ගොස් සිටි අවස්ථාවක ඔහුගේ වැඩිමල් සොහොයුරා විසින් තමන් දූෂණය කරනු ලැබූ බව ඇය ප්‍රකාශ කළා ය.ඉන් වසර කිහිපයකට පසු සිය හිටපු පෙම්වතෙකු සහ ඔහුගේ මිතුරන් පිරිසක් විසින් තමන් සමූහ දූෂණයකට ලක් කළ බව ද ඇය හෙළි කළා ය.මිනිසුන් විශ්වාස කිරීම හේතුවෙන් තමන් අතීතයේ කරදර රැසකට මුහුණ දුන් බව ත්, තමන් සතුන්ට ආදරය දැක්වීමට හේතුව එම අතීත අත්දැකීම් බව ත් ඇය පැවසීය.

බ්‍රිතාන්‍යයේ ජනප්‍රියතම ගී ඇල්බම් (albums) අතර සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ Xscape ඇල්බමයට ප්‍රථම ස්ථානය හිමිව තිබේ.මෙය ඔහු විසින් පටිගත කරන ලද ශ්‍රාවකයින් අතට පත් නොකළ ගී සමුච්චයකින් සමන්විත ය.එම ගීත 1983 සහ 1999 අතර කාලය තුළ පටිගත කරන ලද ගීත වේ.එම ගීත යළි පටිගත කිරීමෙන් අනතුරුව ඇල්බමයක් ලෙස ඉදිරිපත් කර තිබේ.මෙහි විශේෂත්වය වන්නේ, රසිකයින් අතට පත් නොකිරීමට මයිකල් ජැක්සන් තීරණය කර ඉවත දමා තිබූ ගීත එකතුවක් රසික ප්‍රසාදයට පත් වීම ය.මයිකල් ජැක්සන් අභාවප්‍රාප්ත වී වසර 5ක් ගත වුව ද ඔහුගේ ගීත තවමත් රසිකයින් අතර නොනැසී පවතින බවට මෙය උදාහරණයක් බව විචාරකයෝ පෙන්වා දෙති.එම ගීත සමුච්චයෙහි ඇතුළත් Love Never Felt So Good නමැති ගීතය පහත දැක්වේ.(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න)

තමන් ‍අයිෂ්වර්යා රායිගෙන් දික්කසාද වන බවට මාධ්‍යවල පළවන වාර්තා කෙරෙහි බොලිවුඩ් නළු අභිෂේක් භච්චන් දැඩි ලෙස කෝපාන්විතව ප්‍රතිචාර දක්වා තිබේ.ඔහු Twitter වෙබ් අඩවිය ඔස්සේ සිය කෝපය පළ කර ඇත්තේ, කාව්‍යාත්මක විලාසයකට ය.එම අපූරු Tweet පණිවිඩය පහත දැක්වේ.ඉන් කියැවෙන්නේ, සිය දික්කසාදය පිළිබඳව තමන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යයට තමන් ස්තූතිවන්ත වන බව ය.දික්කසාදයෙන් පසු තමන් යළි විවාහ වන දිනය ද මාධ්‍ය මගින් දැන ගැනීමට අපේක්ෂා කරන බව ද අභිෂේක් පවසා තිබේ.මෙම Tweet පණිවිඩය කෙරෙහි ඉන්දීය මාධ්‍යවල මෙන් ම බොලිවුඩ් සිනමා ක්ෂේත්‍රය තුළ ද දැඩි අවධානයක් යොමුව ඇත.

ජනප්‍රිය පුද්ගලයින් සම්බන්ධයෙන් සංවේදී පිළිවෙතක් අනුගමනය කරන ලෙස බොලිවුඩ් නිළි ප්‍රීටි සින්ටා මාධ්‍ය සහ සාමාන්‍ය ජනතාවගෙන් විවෘත ඉල්ලීමක් කර තිබේ.ඒ, Twitter වෙබ් අඩවිය හරහා ය.මිනිත්තු කිහිපයක් තුළ ඇය Twitter වෙබ් අඩවිය ඔස්සේ පළ කළ tweets 15ක් මගින් ඇය ජනප්‍රිය පුද්ගලයෙකු වීමේ අවාසි පිළිබඳව මනා පැහැදිලි කිරීමක් කර තිබේ.එය ජනප්‍රිය පුද්ගලයින් පිළිබඳව කරුණු විකෘති කර මහ ජනතාව අතරට ගෙන යන පුද්ගලයින්ට එල්ල කළ දරුණු ප්‍රහාරයක් බව විචාරකයෝ පෙන්වා දෙති.ඇය එහිදී සඳහන් කර ඇත්තේ, ජනප්‍රිය පුද්ගලයින් සමාජය සමග ගනුදෙනු කිරීමේදී යම් සීමාවලට යටත් වන බව ය.ප්‍රීටි සින්ටාගේ එම tweets පෙළ පහත දැක්වේ.

ප්‍රකට පොප් ගායිකා බියොන්සේගේ (Beyoncé) සොහොයුරිය බියොන්සේගේ සැමියාට පහර දීමට හේතුව මාධ්‍යයට අනාවරණය වී තිබේ.New York Daily News වෙබ් අඩවියට අනුව බියොන්සේගේ සොහොයුරිය වන සෝලංගි නෝල්ස්, බියොන්සේගේ සැමියා වන Jay-Zට පහර දී ඇත්තේ, බහින් බස් වීමකින් පසුව ය.New York City හෝටලයේ පැවති සාදයෙන් පසුව Jay-Z, තව ත් පොප් ගායිකාවක වන රිහානා (Rihanna) හමුවීමට යන බව පැවසීම මත මෙම ගැටුම හටගෙන තිබේ.රිහානා සහ Jay-Z අතර දීර්ඝ කාලයක සිට සමීප සබඳතාවක් පවතින අතර බියොන්සේගේ සොහොයුරිය Jay-Zගෙන් විමසා ඇත්තේ, යළි නිවසට නොගොස් රිහානා හමුවීමට යන්නේ ඇයි ද? යනුවෙනි.එම අවස්ථාවේ බියොන්සේගේ සොහොයුරිය මත් පැන් පානය කර සිට ඇති අතර Jay-Z ද ඇයට බැණ වැදී ඇත.අනතුරුව විදුලි සෝපානයට පැමිණි පසු ඇය ඔහුට පහර පිට පහර එල්ල කළා ය.මෙම වීඩියෝව ඊයේ දිනයේ Youtube තුළින් ලොව වැඩි ම පිරිසක් නැරඹූ වීඩියෝව බවට පත් විය.(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න)

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සිය උපන් දිනය වෙනුවෙන් චිත්‍රපට නිෂ්පාදක රිටේෂ් සිධ්වානිගෙන් නිවාඩුවක් ඉල්ලා තිබේ.ඔහුගේ 49 වන උපන් දිනය ලබන නොවැම්බර් මස 2 වන දාට යෙදී ඇත.ෂාරුක්ගේ මීළඟ චිත්‍රපටය වන Raesහි රූගත කිරීම් ආරම්භ වීමට නියමිතව ඇත්තේ, නොවැම්බර් මස 1 වන දා ය.එම දින තීරණය කිරීමෙන් පසුව ෂාරුක් ඛාන් සිය Twitter වෙබ් පිටුව හරහා ඉල්ලා ඇත්තේ, තමන්ට නොවැම්බර් 2 වන දා නිවාඩුවක් ලබා දෙන ලෙස ය.එම Twitter සටහන පහත දැක්වේ.“Ritesh you will give me a day off on my Birthday na and not be a tough producer please,”

පසුගිය 8 වන දා පැවති සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සංස්කරණය, හොඳම සංගීත අධ්‍යක්ෂණය සහ හොඳම නළුවා යන සම්මාන පහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයට හිමිවූහ.පසුගිය නව දිල්ලි ජත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේද ශ්‍රි සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයයි.චිත්‍රපටයට හිමිවූ සම්මාන 5ද රැගෙන එහි අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිස ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණී අවස්ථාවේ හරසරින් පිලිගැනිණ.මෙම චිත්‍රපටියෙන් ජනතා ප්‍රසාදයට පත්ව සිටින එහ ප්‍රධාන චරිතය රගන ගගන් මලික් උතුරු ඉන්දීයානු රංගන ශිල්පියෙකි.

අමෙරිකානු සිනමා කර්මාන්තයේ බොක්ස් ඔෆිස් වාර්තා අනුව 2014 වසරේ වැඩිම ආදායමක් ලැබූ විදෙස් චිත්‍රපටය බවට බොලිවුඩ් චිත්‍රපටයක් වන The Lunchbox පත් වී තිබේ.එය උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2.7කට අධික ය.මෙහි අන්තර්ගතය වන්නේ, මධ්‍යම පන්තික ගෘහණියක් සිය සැමියාගේ ආකර්ෂණය තමන් වෙත යොමු කර ගැනීම සඳහා ගන්නා උත්සහය යි.එහිදී සැමියා තමන් දෙන දිවා ආහාරය භුක්ති විඳිනවා ද යන්න දැන ගැනීම සඳහා උත්සහ දරනුයේ, ඔහු වෙනත් ස්ථානයකින් ආහාර ගනී ද යන්න දැන ගැනීම සඳහා ය.එම දිවා ආහාරය ගෙන යන පුද්ගලයින් එය මාරු කර ලබා දීමෙන් කතාව ගොඩ නැගී තිබේ.මෙය ඉන්දීය මධ්‍යම පන්තික සමාජයේ අතිශය සුළු සංසිද්ධියක් වටා ගෙතුණු නිර්මාණශීලී චිත්‍රපටයකි.(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න)

සිරස සුපර් ස්ටාර් හය වැනි අදියරේ අවසන් 12 දෙනා අතරට තේරී පත්වූ තරගකරුවන් දෙදෙනෙකුට අසාධාරණයක් සිදුවූ බව පවසමින් අද පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.රත්මලානේ ස්ටයින් මැදිරි සංකීර්ණ පරිශ්‍රය ඉදිරිපිටදී ඔවුන් උද්ඝෝෂණය කළේ, අවසන් තරගකරුවන් පස් දෙනාගෙන් සිව් දෙනෙකු තෝරාගැනීමේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින් තිබියදී ය.සිරස සුපර් ස්ටාර් අවසන් වටයේ තරගකරුවන් 12 දෙනා අතුරින් මේ වන විට ජයග්‍රාහී මාවතට පිවිස ඇති ශිල්පීන් සංඛ්‍යාව 4කි.උද්ඝෝෂකයින් පැවසුවේ පසුගියදා ඉවත් වූ තරගකරුවන් දෙදෙනෙකුට අසාධාරණයක් සිදුව ඇති බැවින් ඔවුන් කෙසේ හෝ යළි තරගයට ඇතුළත් කරගන්නා ලෙස ය.පසුව සිරස සුපර් ස්ටාර් බලධාරීන් උද්ඝෝෂකයින් සමග සාකච්ඡා කළහ.මේ පිළිබඳ තවත් තොරතුරු අද රාත්‍රී 9 සිරස සුපර් ස්ටාර් වැඩසටහනෙන් බලාපොරොත්තු වන්න.

බොලිවුඩ් නිළි ඓශ්වර්යා රායිට එරෙහිව ශ්‍රී ලාංකිකයෙකු නඩු පවරා තිබේ.නිරෝෂන් දේවප්‍රිය නමැති එම පුද්ගලයා එසේ නඩු පවරා ඇත්තේ, ඓශ්වර්යා රායි, අභිෂේක් භච්චන් සමග විවාහ වීම නිසා තමන්ට දැඩි මානසික පීඩනයක් එල්ල වූ බවට චෝදනා කරමිනි.ඔහු පවසා ඇත්තේ, ඓශ්වර්යා රායි සහ තමන් අතර සබඳතාවක් පැවති බවට ය.නිරෝෂන් දේවප්‍රිය නමැත්තා මේ වන විට පදිංචිව සිටිනුයේ, තායිවානයේ ය.

ජර්මනියේ උපන් ඉන්දීය බොලිවුඩ් නිළියක වන එව්ලින් ෂර්මා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට්හිදී විශාල අකරතැබ්බයකට මුහුණ පා තිබේ.එව්ලින් ෂර්මා පවසා ඇත්තේ, තමන් සිය දෙමාපියන් හමුවීම සඳහා ජර්මනියට ගිය අවස්ථාවේ ෆ්‍රැන්ක්ෆර්ට්හි සිටි තරුණයින් පිරිසක් තමන් හඳුනාගෙන ඡායාරූප ගැනීමට උත්සහ කළ බව ය.ඔවුන්ට ඒ සඳහා ඉඩ දුන් පසු අනවශ්‍ය ලෙස ඡායාරූප ගැනීමට උත්සහ කර ඇත.ඉන්පසු ඇය එම ස්ථානයෙන් පිටවී ඇති අතර අදාළ තරුණයින් ඇය ලුහුබැඳ තිබේ.එම අවස්ථාවේ තමන් දැඩි ලෙස තැති ගත් බව ත් වහා කුලී රථයක නැගී දෙමාපියන් වෙසෙන නිවසට පැමිණි බව ත් ඇය සඳහන් කළා ය.මෙම හිරිහැරය ඉන්දියානු තරුණයින් පිරිසකගෙන් සිදුවීම ලජ්ජාවට කරුණක් බව ද ඇය අවධාරණය කළා ය.2006 වසරේ බොලිවුඩ් සිනමාවට එක්වූ එව්ලින් ෂර්මා චිත්‍රපට 7ක පමණ ප්‍රධාන චරිතවලට පණ පොවා තිබේ.

ප්‍රකට ඉන්දී නිළියක සහ නිරූපණ ශිල්පිණියක වන පූනම් පාණ්ඩේ මුම්බායි පොලීසිය තලේබාන් සංවිධානයට සම කර තිබේ.ඇය මෙලෙස මුම්බායි පොලීසියට දැඩි දෝෂාරෝපණයක් එල්ල කර ඇත්තේ, නොහොබිනා හැසිරීමක් සම්බන්ධයෙන් චෝදනා කරමින් පොලීසිය ඇයගෙන් දැඩි ලෙස ප්‍රශ්න කිරීමේ සිද්ධියෙන් අනතුරු ව ය.පසුගිය සෙනසුරාදා දිනක රාත්‍රියේ පූනම් සිය මෝටර් රථය තුළ පුරුෂයෙකු සමග නොහෙබිනා ලෙස හැසිරුණු බවට චෝදනා කරමින් මුම්බායි පොලීසිය ඇයගෙන් දැඩි ලෙස ප්‍රශ්න කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණ.කෙසේ වෙතත් එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කරමින් පූනම් පවසා ඇත්තේ තමන් සිය නිවස අසල නවතා තිබූ මෝටර් රථයේ සිය සොහොයුරා වන ආදිත්‍ය පාණ්ඩේ සමග මිස අන් කිසිවකු සමග නොසිටි බව ය.එහිදී කිසිදු නොහෙඹිනා හැසිරීමක් හෝ මත් පැන් පානය කිරීමක් සිදු නොවූ බව ඇය අවධාරණය කර තිබේ.ඇය වැඩි දුරට ත් පවසා ඇත්තේ, තමන් එම අවස්ථාවේ දිග ඇඳුමකින් සැරසී සිටි බව ත් ය.සිද්ධියත් සමග සිය සොයුරා ඇතුළු පවුලේ සියලු සාමාජිකයින් දැඩි කම්පනයකට ලක්ව සිටින බව ත් ඇය පවසා ඇත.එම අවස්ථාවේ පොලීසිය තමන්ට සවන් නොදුන් බව ත් අදාළ සිද්ධියත් සමග සිය ප්‍රතිරූපයට හානියක් වූ බවත් ඇය පවසා තිබේ.

මෑතකදී ගායිකාවක බවට පත්වූ බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා, පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් හමුවී තිබේ.මෙම හමුව සිදුව ඇත්තේ, ලාස් වේගාස්හි රාත්‍රී සමාජ ශාලාවක පැවති සංගීත සංදර්ශනයකදී ය.31 හැවිරිදි ප්‍රියංකා චොප්රා මෙම සංගීත සංදර්ශනයේ නිවේදිකාව ලෙස කටයුතු කළා ය.එහිදී එම හමුව සිහිපත් කිරීම සඳහා ඡායාරූපයක් ද ගෙන තිබේ.

මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්න කිරීම සාධාරණ නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.අර්ජුන් මහේන්ද්‍රන් මහතාට රටින්පිටව යාමට සිදුවූයේ රාජපක්ෂ රෙජිමයේ අමනෝඥ ක්‍රියා පිළිවෙත නිසා බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ අද(03) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මහතා විසින් මහබැංකු අධිපතිවරයාගේ පුරවැසිභාවය අදාළව නඟන ලද ප්‍රශ්නයක් නිසාය.මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වීමට යාමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් දෝෂාරෝපණ එල්ලවීම නිසා සභා ගැබ තරමක් උණුසුම් වූ බව අප වාර්තාකරු කියා සිටියි.කෙසේ වෙතත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා එලෙස රටින් පිටනොවූයේ නම් ලසන්ත වික්‍රමතුංග වැන්නන්ට සිදුවූ දේ ඔහුටද වන්නට ඉඩතිබුණු බවයි.පැවති රජයේ ආරක්ෂක ලේකම් ධූරය වැනි ඉහළපෙළ තනතුරු පවා අමෙරිකානු පුරවැසියන් විසින් උසුළන ලද තත්ත්වයක් තුළ මෙවැනි ප්‍රශ්න නැඟීම සාධාරණ නොවන බව වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කළේය.එසේම සේවය කරන පිරිස් රටින් යවන ප්‍රතිපත්තියක් නොව රටට සේවය කරන පිරිස් ‍ගෙන්වා ගැනීමේ යුගයක් උදාකරන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.දිනේශ් ගුණවර්ධන වැනි මන්ත්‍රීවරුන්ට අද දවසේ නිදහසේ කතා කිරීමට පවා අවස්ථාව උදාවීම පිළිබඳව සතුටුවිය යුතුව ඇති බවත්, රාජපක්ෂ යුගයේ කතා කරන අයට නිහඬව සිටීමට සිදුවූ බව සිහිපත් කළ යුතුව ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණෙන ලෙසට ඇයට දැනුම්දීමක් කර තිබූ බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇයට මෙම කැඳවීම කර ඇති බවද ඒම ඒකකය කියා සිටි‍යේය.පසුගිය 28 වැනිදා ඇයට මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබූ අතර එදින පැමිණිය නොහැකි බව ඇය විසින් දන්වා තිබූ බව වාර්තා විය.ඒ අනූව අද ඇය මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඇත.

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සම්බන්ධයෙන් යුක්‍රේන රජයේ පරීක්ෂණ අවසන් වූ වහාම ඔහුට එරෙහි ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.එම අමාත්‍යංශයේ ප්‍රකාශිකා මහීෂනී කොලොන්නේ මහත්මිය කියා සිටියේ යුක්‍රේන ජාතිකයින් 19 දෙනෙකුට අවි ආයුධ ලබාදීමේ සිද්ධියක් සමබන්ධයෙන් උදයංග වීරතුංගට එරෙහිව යුක්‍රේන රජය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.අදාළ පරීක්ෂණය සඳහා ශ්‍රී ලංකා රජය පූර්ණ සහය ලබාදෙන බවත් ඒ පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන බවත් කොලොන්නේ මහත්මිය පවසයි. පසුගියදා උදයංග වීරතුංග මහතා ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණ ඇති බවද මහීෂනී කොලොන්නේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා එක්සත් ජනතා‍ නිදහස් සන්ධානයට ආණ්ඩු බලය ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කර තිබේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේ සන්ධාන රජයක් යටතේ දින 30 ක් ඇතළත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා බවයි.සන්ධානයේ සියළු පක්ෂ වල නියෝජිතයින් අදාළ තීරණය පිළිබඳව මේ වන විට පොදු එකඟතාවයකට ද පැමිණ ඇති බව සඳහන්ය. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඒ පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය. කෙසේවෙතත් ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කලේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ආණ්ඩු පෙරළි සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

බලය අතහැරීම තමාට ගැටලුවක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.ඔහු පෙන්වා දෙන්නේ පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිපළ නිකුත්වීමටත් පෙර තමා එම ධූරයෙන් ඉවත් වූ බවයි.ගාල්ල, හිනිඳුම , පනන්ගල ගංගාරාම විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

වත්මන් සමෘද්ධි අමාත්‍යවරයා 'දිරිය සවිය'නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සමෘද්ධි ප්‍රතිලාභීන්ට අයත් මුදල් සමෘද්ධි ප්‍රතිලාභීන් නොවන පිරිස් අතරේ දේශපාලන හිතවත්කම් මත බෙදාදෙන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.ඊට අදාළව සමෘද්ධි ප්‍රතිලාභීන් නොවන 05 දෙනෙකු රු.500 බැගින් තැන්පත් කළ කණ්ඩායම් වල සාමාජිකයින්ට රු.100,000 දක්වා ණය මුදල් ලබාදීමේ වැඩපිළිවෙලක් දියත් කර ඇති බව විපක්ෂ නායකවරයා කියා සිටියේ අද(03) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රකාශයක් කරමිනි.මේ සඳහා සමෘද්ධි ප්‍රතිලාභීන් විසින් කරන ලද අනිවාර්ය ඉතිරිකිරීම් හා ඔවුන්ට අයත් සම්පත්ද යොදවාගෙන ඇති බවත්,තවද හම්බන්තොට ඇතුළු ප්‍රදේශ රාශියක රු.100,000 බැගින් වූ ණය මුදල සඳහා ප්‍රතිලාභීන් තෝරාගෙන ඇත්තේ එජාපයට සබඳතා දක්වන දේශපාලනඥයින්ගේ ලැයිස්තු මත බවද වාර්තාවී ඇතැයි ඔහු සඳහන් කළේය.මෙම ක්‍රියාවලියෙන් සමෘද්ධි ප්‍රතිලාභීන් විසින් ඉතා අමාරුවෙන් ඉතිරිකර ගන්නා ලද අරමුදල් අනතුරට ලක්කරමින් සිය දේශපාලන ආධාරකරුවන් පිනවීම සඳහා ගෙන යනු ලබන වැඩපිළිවෙලක් බවත්, එය නීති විරෝධී මෙන්ම යහපාලනයට හා සදාචාරාත්මක දේශපාලනයට පටහැනි බවත් සිල්වා මහතා පෙන්වා දුන්නේය.එසේම සමෘද්ධි නිලධාරීන් සඳහා පසුගිය රජය විසින් සකස් කරන ලද සේවා ව්‍යවස්ථාව තවමත් සම්මත කර නොමැති බවත්,8300 ක් පමණ වූ මුල් සේවා කාලයේම ඉතිරිකරගත් සමෘද්ධි නිලධාරීන්ගේ සේවක අර්ථ සාධක මුදල් හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මෙතෙක් ලබාදී නොමැති බවත් ඔහු අවධාරණය කළේය.එසේම අලුතින් සේවයට බඳවා ගත් සේවකයින් වෙනුවෙන් පාරිතෝෂික ලබාදී නොමැති බවත්,මුදල් අයකරගෙන වාරික ගෙවා ඇති කාන්තා සමෘද්ධි නිලධාරීන් රාශියකට තවමත් යතුරුපැදි ලබාදී නොමැති බවත් විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.විශේෂයෙන්ම මෙම මූල්‍ය අක්‍රමිකතාව පිළිබඳ සමෘද්ධි නිලධාරීන් විසින් 'මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය' වෙත පැමිණිලි කර ඇති බවත්, එහෙත් මෙතෙක් එම පැමිණිල්ල පිළිබඳ විමර්ශනයක් සිදුකර නොමැති බවත් , ඒ පිළිබඳ නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස සමෘද්ධි නිලධාරීන්ගේ සංගම් ගණනාවක් කරුණු ඉදිරිපත් කර ඇති බවත් ඔහු කියා සිටියේය.එබැවින් රජයෙන් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු අපේක්ෂා කරන බව විපක්ෂ නායකවරයා සදහන් කළේය.01.'දිරිය සවිය'වැඩසටහනට මුවාවෙමින් සමෘද්ධි ප්‍රතිලාභින්ට අයත් ඉතිරිකිරීම් ගිණුම්වල ඇති මුදල් සමෘද්ධි ප්‍රතිලාභීන් නොවන පිරිස් අතර දේශපාලන බලපෑම් තුළින් නම් කරනු ලබන අයවළුන්ට රු.100,000 දක්වා ලබාදීම නීති විරෝධී බව හා සදාචාර විරෝධී බව රජය පිළිගන්නේද?02. සමෘද්ධි ප්‍රතිලාභීන් නොවන පුද්ගලයින් එක් කර ගනිමින් ව්‍යාජ කණ්ඩායම් සකස් කොට සමෘද්ධිලාභීන්ට අයත් මෙම මුදල් මෙසේ බෙදාදීමට කටයුතු කිරීම වහාම නවත්වන්නේද?03. මේ පිළිබඳව සිදුකර ඇති මූල්‍ය අක්‍රමිකතාවන්ට වගකිවයුතු අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් සියලුදෙනාටම එරෙහිව නොපමාව පියවර ගැනීමට කටයුතු කරන්නේද?04. යහපාලනයේ මුවාවෙන් සිදුකෙරෙන මෙම අක්‍රමිකතාවයට සම්බන්ධවූ සියලුමදෙනා අධිකරණය හමුවට ගෙන ඒමට කටයුතු කරන්නේද?05. සමෘද්ධි නිලධාරීන් සඳහා පසුගිය රජය මගින් සකස් කරන ලද සේවා ව්‍යවස්ථාව වහාම සම්මත කිරීමට ක්‍රියාමාර්ග ගන්නේද? නොඑසේනම් ඒ මන්ද?06. 8300 ක් පමණ වූ මුල් සේවා කාලය ඉතිරිකරගත් සමෘද්ධි නිලධාරීන්ගේ සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල් ද අලුතින් සේවයට බඳවාගත් සේවකයින් වෙනුවෙන් ලබාදිය යුතු පාරිතෝෂික මුදල්ද මුදල් අයකරගෙන වාරික ගෙවා ඇති මෙතෙක් ලබා නොදුන් යතුරුපැදි කාන්තා සමෘද්ධි නිලධාරීන් සඳහා ලබාදීමට කටයුතු කරන්නේද? නොඑසේනම් ඒ මන්ද?විපක්ෂ නායකවරයා විසින් නඟන ලද ඉහත ප්‍රශ්නවලට ආණ්ඩු පක්ෂය විසින් ඉදිරි සභා වාරයේදී පිළිතුරු ලබාදෙනු ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යොජනාව අද(03) දිනයේ ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.අද(03) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.එම විශ්වාසභංග යෝජනාව සඳහා මේ වන විට පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් සියයකට අධික සංඛ්‍යාවක් අත්සන් තබා ඇති බවද ඒ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.එම මාධ්‍ය හමුව අමතමින් මන්ත්‍රී දිනේෂ ගුණවර්ධන මහතා කියා සිටියේ ව්‍යවස්ථාදායක සභාවට කාන්තා නියෝජනයක් අවශ්‍ය බවයි.ව්‍යවස්ථාදායක සභාව සඳහා කාන්තා නියෝජයක් මෙන්ම වතු කම්කරුවන් සම්බන්ධ නියෝජනයක්ද අවශ්‍ය බව හෙතෙම එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය.එසේම කිසිදු වලංගුතාවයක් නොමැතිව නව මුදල් නෝට්ටුවලට අත්සන් තැබීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අරජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව අධිකරණය වෙත යෑමටද තමන් ඇතුළු පිරිස බලාපොරොත්තු වන බව එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.තවද පපුගිය මාස හය ඇතුළත රටේ ආර්ථිය පහළ බැස ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ දින දෙකක කාලයක් ලබා ගන්නා බවත් හෙතෙම ‍වැඩිදුරටත් කියා සිටියේය.එම මාධ්‍ය හමුවට සහභාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතා කියා සිටියේ ජාතික ආණ්ඩු සඳහා නැවත යටත් නොවන බවයි.එසේම 20 වන ව්‍යවස්ථා සංශෝධනය ස්ථිර කර ගැනීම සඳහා එ.ජා.ප. තර්ජන වලට බියවිය යුතු නොවන බවද ඒ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවීමට එරෙහිව අද(31) දහවල් තංගල්ල බස් නැවතුම්පල ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විය. පළාත් සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයින් මෙන්ම ප්‍ර දේශවාසීන් පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය හෙට දිනයේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවීමට දැනුම්දී ඇති බව සඳහන්ය.නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය විසින් දැනුම්දිමක් සිදුකර ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් හිටපු ජනාධිපතිවරයා ඇතුළු හමුදා නිලධාරීන් 43න් දෙනෙකුට එරෙහිව යුධ අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.ඔහු පෙන්වා දෙන්නේ එළඹෙන සැප්තැම්බර් මාසයේදී අදාළ චෝදනාව ඉදිරිපත් කිරීමට නියමිත බවයි.පාදුක්ක ප්‍රදේශයේ පැවති උත්සවයකදී විමල් වීරවංශ මහතා මෙම අදහස් පළ කළේය.

පාර්ලිමේන්තුව යනු දේශපාලන වේදිකාවක් නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.තමන් කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්වන ආකාරයෙන් අදහස් ප්‍රකාශ කර නොමැති බව ඔහු සඳහන් කරයි. තෙල්දෙණිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මෙම අදහස් පළ කළේය.

පසුගිය බදාදා දිනයේ පාර්ලිමේන්තුවේ සාකච්ඡාවකට සහභාගිවී සාකච්ඡා කාමරයෙන් එළියට පැමිණෙමින් සිටි විජිත හේරත්ට කථානායකවරයා මුණ ගැසුණේය. “මන්ත‍්‍රීතුමා ඔබතුමාලාගේ නියෝජිතයා නම් කරලා එවන්න ව්‍යවස්ථාදායක සභාවට. එහෙම වුණොත් සිකුරාදා අපිට ව්‍යවස්ථාදායක සභාව නම් කරලා අවසන් කරන්න පුළුවන්.” කථානායකවරයා කියා සිටියේය. “අපි හිතුවේ ඒ නියෝජිතයා පත්කරන්න අයිතිය තිබෙන්නේ ටී.එන්.ඒ එකට කියලා. අපි ටී.එන්.ඒ එකත් එක්ක සාකච්ඡා කරලා ඉක්මනටම නියෝජිතයා නම් කරලා එවන්නම්.” විජිත හේරත් කතානායකවරයාට පොරොන්දු විය. නව මැතිවරණ ක‍්‍රමයට ජවිපෙන් යෝජනාවක්...මේ අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් නව මැතිවරණ ක‍්‍රමයක් සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. ජවිපෙ ස්ථාවරය වී ඇත්තේ නව මැතිවරණ ක‍්‍රමයෙන් ජනතා කැමැත්ත සාධාරණව පාර්ලිමේන්තුවේ පිළිබිඹු විය යුතු බවත් මනාප ඡන්ද ක‍්‍රමය අහෝසි කළ යුතු බවත්ය. එමෙන්ම ජවිපෙ නව යෝජනාවක් ඉදිරිපත් කරයි. යෝජිත ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි 7වැනි ලක්ෂණය ලෙස තිබෙන්නේ ‘නාම යෝජනා භාරදීමේදී දිස්ත‍්‍රික් මට්ටම සඳහා සමානුපාතික ක‍්‍රමය යටතේ පත්විය හැකි උපරිම මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාවට 3ක් එකතු කිරීමෙන් ලැබෙන සංඛ්‍යාවට සමාන අපේක්ෂකයින් සංඛ්‍යාවක් මැතිවරණ කොට්ඨාස සඳහා නාම යෝජනා කළ යුතු අතර ඡන්ද ප‍්‍රදේශවලට තරග කරන අපේක්ෂකයින් නිශ්චිතව සඳහන් කළ යුතු’ බවය. ඒ අනුව ජවිපෙ කියා සිටින්නේ ”දිස්ත‍්‍රික් ලයිස්තුව යටතේ කේවල ඡන්ද ප‍්‍රදේශයක් ඉලක්ක කර ගනිමින් තරග කරන අපේක්ෂකයාගේ නම පමණක් ඡන්ද දායකයාට තෝරාගැනීම සඳහා ඡන්ද පත‍්‍රිකාවේ ඉදිරිපත් කිරීම අසාධාරණ බවය. එසේ වන විට දිස්ත‍්‍රික් ලයිස්තුව යටතේ අතිරේකව තරග වදින එනම් ඡන්ද ප‍්‍රදේශයක් නියෝජනය නොකරන අපේක්ෂකයින්ගේ නම් ඡන්ද පත‍්‍රිකාවේ සඳහන් නොවන අතර ඔවුන්ගේ නම් ඇත්තේ නාම යෝජනා පත‍්‍රයේ පමණි. ඔවුන් සඳහා වන තමන්ගේ කැමැත්ත සලකුණු කිරීමේ හැකියාවද ඡන්දදායකයින්ට අහිමි කෙරෙනු ඇත. මෙසේ වන විට යම් දිස්ත‍්‍රික්කයක් වෙනුවෙන් සමානුපාතික ලයිස්තුව යටතේ ඉදිරිපත් වන අපේක්ෂකයින්ට මැතිවරණයේදී කාර්යභාරයක් නොමැති වීමද ඔවුන් එකම දිස්ත‍්‍රික්කයක අසමාන තරගකරුවන් වීමද වැළැක්විය නොහැකි වනු ඇති බව පෙන්වා දෙන ජවිපෙ එහෙයින් ඡන්දදායකයින්ට එම අපේක්ෂකයින් සඳහා තම කැමැත්ත ප‍්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබාදිය යුතුව ඇති බවට යෝජනා කරයි.