text
stringlengths
99
184k
සී පී ඒ (CPA) මගින් දිනකට ඩොලර් 100ක ආදායමක් උපයන්නේ කොහොමද? , ට්‍රැෆ්‍රික් ලබා ගැනීමට අති සාරිථක ක්‍රමවේද 3ක්, අඩු වියදමකින් ඉහළ ට්‍රැෆික් එකක්, ක්ලික් බෑන්ක් වල රහස් ඇතුලු තවත් විස්තර ගොඩක් මේ එක්ස්ට්‍රීම් ඉන්කම් නින්ජා ඊ බුක් එකෙහි අඩංගුයි. සෝෂල් මාකටින් කරන අයටත් ගොඩක් වැදගත් විස්තර ගොඩක් තියෙනවා. එහෙනම් බා ගන්න.
Facebook ආයතනය ඔවුන්ගේ ම සංවාද ඇතුළත්ව කරමින් තව ද මාධ්‍ය වාර්තා සමග අනෙකුත් youtube, Netfix, Amazaon, Hulu ආදී වෙබ් අඩවි වලට තරගයක් ලබා දෙමින් රුපවාහිනී ප්‍රදර්ශනයට බලාපොරොත්තු වෙනවා.අනෙකුත් මාධ්‍ය ආයතවලට අභියෝගයක් වෙමින් facebook ආයතනය සැබෑ නිෂ්පාදන: පිටපත්, පිටපත් නොවන දේවල් හා ක්‍රීඩා තතු ඇතුලත් කරමින් සැලැස්මක් ඉකුත් බදාදා දින සිදු කරනු ලැබුවා.තව ද facebook ආයතනය මගින් ඔවුන්ගේ ම රුපවාහිනී වැඩ සටහනක් හා චිත්‍රපට ක්‍රියාත්මක කිරීමට මෙමගින් නියමිත වේ.
මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ මඟින් අනාවරණය කරගත් දකුණු මුහුදේ ගිලී ගිය දැව නෞකා | ශ්‍රි ලංකා පුරාවිද්‍යාව - Sri Lanka ArchaeologyHome සමුද්‍ර හා ජලාශ‍්‍රිත පුරාවිද්‍යාව මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ මඟින් අනාවරණය කරගත් දකුණු මුහුදේ ගිලී ගිය දැව නෞකාක‍්‍රිස්තු පූර්ව යුගයේ සිටම ශ‍්‍රී ලංකාවේ නාවුක ගමනාගමනය සිදු වූ බවට සාක්‍ෂි සාහිත්‍ය මූලාශ‍්‍රයන් හී සඳහන් වේ. විජයාගමනයේ සිට සිදුවූ විවිධ සංක‍්‍රමණ පිළිබඳ ව එහි ලා සඳහන්ය. එකී පැමිණීම් ආගමික, සංස්කෘතික, දේශපාලන හා ආක‍්‍රමණික අරමුණු සාක්‍ෂාත් කරගැනීම උදෙසා සිදු වී ඇත. ඒ අතර විශේෂ වන්නේ ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවා ලූ නෞකාවේ නැවේ කුඹය, කෙනිපතය හා පළපත චූලංගන, මහාංගන, සිරිවඞ්ඩන යැයි මන්දිර තුනක් කරවා තැම්පත් කිරීමයි (මහාවංශය 19 68-70) මෙය විශේෂ වැදගත්කමක් හිමිවන සිදුවීමකි. ලොව සමුද්‍ර කෞතුකාගාර සංකල්පය පිළිබඳ සඳහන් පළමු සිදුවීම වන නිසාවෙනි. මෙරට ඉතිහාසයේ යාත‍්‍රාවන්ගේ කොටස් සඳහන් වන පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.ලංකාවේ හමුවන ශිලා ලිපි කිහිපයක නාවුකයන් පිළිබඳව තොරතුරු සඳහන් වේ. නාවුක කරාව, දුත(න)වික, භොජකටක නවික, වශයෙන් ලෙන් පූජාකරන ලද අවස්ථා හී නවුක යන වචනය භාවිතාව ඇත (විජේසූරිය 1987: 20). නාවුක යනු යාත‍්‍රිකයන් හැදින්වීම පිණිස යොදාගත් වචනයක් බව පැහැදිලි ය. දුවේගල සෙල් ලිපියේ නාවික ප‍්‍රධානියකුගේ මුද්‍රාවක් නිරූපණය කර ඇත. එහි සඳහන් වන ‘ශගරඛිතශ’ යන නාමය සංඝ රක්ඛිත ලෙස පරණවිතාන අර්ථ දැක්වූව ද බොහෝ විද්වත් මතය වනුයේ ‘සාගරකිත්ති’ හෙවත් සාගරයේ සේවයේ නියුතු යන්න වන බවයි. මෙහි පැහැදිලිවම නෞකාවක රූප සටහනක් දක්වා තිබෙන අතර එහි කුඹ ගසක් හා රුවලක සලකුණු ද පැහැදිලිව හඳුනාගත හැකිය.අකුරුගොඩ ප‍්‍රදේශයේ සිදුකරන ලද කැනීමක දි මැටිබඳුන් කැබැල්ලක තිබී නැවක සළකුණක් හමු වී ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ජර්මන් කාවා පුරාවිද්‍යා ආයතනය විසින් මෙම කැනීම සිදුකර ඇත. මැටි බඳුන් කැබැල්ල ක‍්‍රිස්තු වර්ෂ 4වන සියවට පමණ අයත් බව කාලනිර්ණයෙන් තහවුරු විය (සිල්වා 2005:1). හමු වූ යාත‍්‍රා සලකුණේ නැව් තට්ටුව, ඇණිය, අවර, කුඹගස මෙන්ම රුවල් ද දක්වා ඇත. කුඹ ගසේ රුවල් රැදවීමට භාවිත කරනු ලබන Yard ද පැහැදිලිව දැකිය හැකි වේ. අනුරාධපුර ඇතුළුනුවර ආශ‍්‍රිතව රොබින් කනින්හැම් ඇතුළු කණ්ඩායම විසින් සිදුකරන ලද කැනීමකින් හමු වූ මැටි බඳුන් කැබැල්ලක ද යාත‍්‍රාවක සළකුණකි. මෙහි කුඹ ගස මෙන්ම රුවල ද පැහැදිලිව හඳුනාගැනීමේ හැකියාව පවතී.පළමු වන ගජබාහු රජු විසින් ගොඩවාය විහාරයේ පිහිටුවා ඇති සෙල් ලිපියක ගොඩවායෙහි වූ වෙළඳ වරායෙන් ලබා ගන්නා අයබදු මෙම විහාරස්ථානයට පූජා කළ බව සඳහන් වේ. එම ලිපියේ සම්පූර්ණ අදහස මෙසේ වේ.මෙම ලිපියෙහි අඩංගු සුක සුරියි යන පද පිළිබඳව විවිධ මත පලකර ඇතත් එහි ප‍්‍රධාන අදහස මෙම වරායෙන් අයකල යම් වර්ගයක බදු මුදල් බව පැහැදිලි ය (මුතුකුමාරණ 2009:3).මේ සියල්ල මෙරට යාත‍්‍රා භාවිත වූ බවට දියහැකි උදාහරණ කිහිපයක් පමණි. ශ‍්‍රී ලංකාව වටා පුරාවිද්‍යා අවශේෂ වශයෙන් යාත‍්‍රා විශාල සංඛ්‍යාවක් සොයා ගැනීමට ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මේ වන විට සමත්ව ඇත. මේ අතර බොහොමයක් යාත‍්‍රා යටත් විජිත සමයේ ගිලී ගිය යකඩ භාවිතයෙන් නිමවූ යාත‍්‍රා ය. ශ‍්‍රී ලංකාව වටා වන මුහුදේ උෂ්ණත්වය, පාරිසරික තත්ත්වය හා ලී භාවිතයෙන් යාත‍්‍රා නිමවීම යන කරුණු නිසාවෙන් අතීතයේ ගිලී ගිය යාත‍්‍රාවන්ගේ ශේෂයන් ඉතිරි නොවන්නට ඇත. ගොඩවාය හා අම්බලන්ගොඩ යාත‍්‍රා හැරුණු කොට දකුණු පලාතෙන් සොයාගෙන ඇති ඉතිරි ලී යාත‍්‍රා සියල්ල යටත් විජිත සමයේ ගිලී ගොස් ඇත. මෙම ලිපිය යටතේ අම්බලන්ගොඩ, ගාල්ල, කිරින්ද හා අම්බලන්තොට ආශ‍්‍රිතව ගිලී ගිය ලී නෞකා පිළිබඳ ව අවධානය යොමු කරනු ලැබේ.ක‍්‍රිස්තු පූූූූර්ව 2වන සියවසට පමණ අයත් වේ යැයි කාලණිර්ණ කර තිබෙන ගොඩවාය නෞකාව ආසියානු පැසිෆික් කලාපයේ මෙතෙක් හමුවී ඇති පැරණිම නෞකාවයි (Muthucumarana 2013:132). ගොඩවාය නෞකාව සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ ප‍්‍රදේශීය කිමිදුම් කරුවන් දෙදෙනෙක් වන පේමින්ද හා සුනිල් යන දෙදෙනා වෙත ය. ඔවුන් කිමිදුම් කටයුතු සිදුකරද්දී ගල් බංකුවක් හා වලංකටු සමූහක් හමු වී ඇත. ගල් බංකුවක් මුහුදු පත්ලේ තිබිය නොහැකි නිසාවෙන් ඔවුන් එය ගොඩට ගෙනවිත් තිබේ. පසුව ගොඩවාය විහාරස්ථානයේ කැනීම් කටයුතු සිදුකරමින් සිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ නිලධාරී සනත් කරුණාරත්න හට පෙන්වන ලදී. ඒ අනුව මෙකී ස්ථානය අනාවරණය විය (සනත් 2010:6). ගොඩවාය සිට කිලෝමීටර් 5ක් පමණ දුරින් මීටර් 32ක් ගැඹුරේ නෞකාවේ අවශේෂ පවතී.ගොඩවායෙන් හමු වූ මෙකී යාත‍්‍රාව නිශ්චිතවම මෙරටට අයත් වූ යාත‍්‍රාවක්ද යන්න පැවසීමට තරම් සාක්‍ෂි නැතත් පෙරදිග රටකට අයත් නෞකාවක් ලෙසින් හැඳිනිය හැක. අතීත මාගම රාජධානියේ ප‍්‍රධාන වරාය වූයේ ගොඩවායයි. වලවේ ගඟ මුවදොර ගොඩවාය වරාය පිහිටීම හේතු කොට ගනිමින් රට අභ්‍යන්තරයේ සිට වරායටත්, වරායේ සිට රට අභ්‍යන්තරයටත් භාණ්ඩ හුවමාරු වූ බව පැහැදිලි ය. ගොඩවාය අවට මුහුදු පත්ලේ ගල් භාවිතයෙන් නිම වූ ගල් නැංගුරම් දැකිය හැක. මෙම සාධකය ද පැහැදිලිවම ගොඩවාය අතීත වරායක් බවට තහවුරු වේ. නෞකාවේ කාලරක්ත වර්ණ මැටිබඳුන් විශාල ප‍්‍රමාණයක් විසිරී පවතී.මෙම මැටිබඳුන් ගොඩවාය විහාරය, අකුරුගොඩ හා තිස්සමහාරාමයේ කැනීම් මඟින් හමු වූ මැටි බඳුන් හා සමානතාවක් දැකගත හැකි වේ. නෞකාවෙන් ගල් බංකු කිහිපයක් හමු විය. හමු වූ එක් ගල් බංකුවක මත්ස්‍ය, වජ්‍ර හා නන්දිපාද සලකුණු දැකිය හැක. මෙම සලකුණු ක‍්‍රිස්තු පූර්ව යුගයේ භාවිත වූ සංකේත ය. (මුතුකුමාරණ 2011:2) ගල් බංකු මත තිබුණ සංකේත බෞද්ධ සංකේත බව පිළිගත් මතයි. මෙවැනි ගල් බංකු ඇඹරීම් සඳහා භාවිත කරන ලද බවට සාධක අකුරුගොඩ කැනීමෙන් හමු විය. යටාල විහාර කෞතුකාගාරයේ මෙවැනි ගල් බංකු කිහිපයක් ප‍්‍රදර්ශනයට තබා තිබේ.නෞකාවෙන් හමුවන ලී කොටස් ශක්තිමත්භාවයෙන් යුක්ත ය. මේවා දීර්ඝ කාලයක් මුහුදේ තිබීම නිසාවෙන් පොසිල තත්ත්වයට පත්ව ඇත. ඇතැම් තැනක බොහෝ සෙයින් දිරා ගිය යකඩ කොටස් දැකිය හැකි ය. මේවා පතුරු වශයෙන් ගැලවී යයි (මුතුකුමාරණ 2011:6). ක්‍ෂේත‍්‍රයේ තිබී හමු වූ තඹ කුට්ටි ද විශේෂ වේ. බොහෝවිට මෙම තඹ නෞකාවෙන් ප‍්‍රවාහනය කල භාණ්ඩ අතර තිබෙන්නට ඇත. මැටි භාජන වර්ණ ගැන්වීම සඳහා භාවිතයට ගන්නා ලද ග්ලේස් කුට්ටි (Glaz Ingots) හඳුනා ගැනීමට හැකි විය. මේවා නිල් පැහැයෙන් යුක්ත විය. මින් පෙර මෙවැනි කොටස් හමු වූ බවට වාර්තා නොවේ.දකුණු පලාතේ කිරින්ද හා යාල අතර වන මුහුදු සීමාවේ ඇති පරය රාවනා පරය ලෙසින් හඳුන්වයි. මෙය ඉංගී‍්‍රසියෙන් Great Basses නම් වේ. එහි අර්ථය මහා පරය යන්නයි. මෙම පරය ආශ‍්‍රිතව මුහුදු ගමන් මාර්ගය වැටී පැවතීම හේතුවෙන් බොහෝ නෞකා විනාශයට පත්ව ඇත. බි‍්‍රතාන්‍යයන් මෙහි ඇති අවධානම හේතුවෙන් සංඥා එළි නිකුත්කරන යාත‍්‍රා නවතා තැබීමට කටයුතු කර ඇත (විජේබණ්ඩාර 2011:161,162) මෙම යාත‍්‍රා සඳහා විශාල මුදලක් ගෙවීමට සිදුවීමත් එය එතරම් සාරථක නොවීමත් යන කාරුණු මත මෙම ස්ථානයේ ප‍්‍රදීපාගාර දෙකක් ඉදිකර තිබේ. රිදී කාසි නැව ද මෙම මහා පරයේ වැදී අනතුරට ලක්ව ගිලී ගිය නෞකාවකි. රිදී කාසි නැව පළමු වරට සොයාගනු ලැබුවේ 1961 වර්ෂයේ දී ය. මයික් විල්සන් සමග කිමිදුම් කටයුතු කල දහහතර හැවිරිදි බොබී ක‍්‍රීගෙල් (Bobby Kriegel) හා දහතුන් හැවිරිදි මාර්ක් ස්මිත් (Mark Smith) විසිනි. එහි දී ඔවුන් රිදීකාසි හා පිත්තල කාලතුවක්කු දෙකක් ගොඩ ගෙනා බව සඳහන් වේ (Clarke 1964:31,35). මෙහි රිදී කාසි දහස බැගින් රෙදි මළුවල තැම්පත් කර තිබිණ.නැව වයඹ දිග ඉන්දියාවේ සූරත්හි නිපදවන ලද රිදීකාසි තොගයක් ප‍්‍රවාහන කරමින් තිබියදී වර්ෂ 1702 මහා රාවණා පරය ආශ‍්‍රිතව අනතුරට ලක්ව ඇත. ඉන්දියාව පාලනය කරන ලද ඔරාන්ග්සිබ් (Aurangzeb) නම් මෝගල් අදිරාජ්‍යාට (1658-1707) අයත් අයත් රිදී කාසි මෙහි විය. මෙහු තම අධිරාජ්‍ය භාරතය පුරාව පැතිර වූ අධිරාජ්‍යයෙක් ලෙස ප‍්‍රසිද්ධය. එය ප‍්‍රමාණයෙන් නන්ද හා මෞර්ය අධිරාජ්‍ය තරම් වූ බව කිය වේ (විජේතුංග 2012:111).මයික් විල්සන් (Mike Wilson) රොඩ්නි ජොන්ක්ලස් (Rodney Jonklaas) හා ආතර් සී. ක්ලාර්ක් යන මහත්වරුන් මෙම ස්ථානයේ කිමිදී ඇත. අනතුරුව එවක පුරාවිද්‍යා කොමසාරිස්ව කටයුතු කල චාල්ස් ගොඩකුඹුරගේ අවසරය හා සහයෝගය මත ක‍්‍රමානුකූල පර්යේෂණයක් සිදුකර ඇත. මේ සඳහා මුහුදු පුරාවිද්‍යාව සම්බන්ධ විශේෂඥයෙකු වූ පීටර් තෝක්මෝටන් (Peter Thockmoton) සහභාගී විය. මෙරට ජලාශ‍්‍රිත පුරාවිද්‍යා උරුමය සම්බන්ධ ප‍්‍රථම පර්යේෂණය ද මෙය විය. එහි දී නැව ආශ‍්‍රිත සැළසුමක් සකස් කිරීමට ඔවුන් කටයුතු කරන ලදී. මෙහිදී අඩි 4.5 දිග අලංකාර කාල තුවක්කුවක්, පිත්තල බන්දේසියක් හා කාලතුවක්කු උණ්ඩ ගොඩගෙනාබව සඳහන් වේ (Clarke 1964: 144-146).මෙම ස්ථානයේ කිමිදුම් කළ හැකි වන්නේ වර්ෂයකට දින කිහිපයක් පමණි. 2009 හා 2011 යන වර්ෂයන්හී දී ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මෙම නැව ආශ‍්‍රිතව පර්යේෂණ කටයුතු සිදුකර ඇත. එහි දී කාලතුවක්කු හා විසිරී පැවතුණු රිදී කාසි කිහිපයක් අනාවරණය කර ගැනීමට හැකි විය.1641 වර්ෂයේ දී බි‍්‍රතාන්‍ය පෙරදිග ඉන්දීය වෙළද සමාගම නෞකාව මිලට ගෙන තිබේ. ඔවුන් මෙය ආශිර්වාද (BLESSING) ලෙස නැව නම්කර ඇත. මුල් කාලීන ව දීර්ඝ නෞකා කටයුතු සඳහා භාවිත කර ඇත. 1645 වර්ෂයේ දී ඉන්දියාවේ සුරාත් වෙත පැමිණ 1650 දක්වා ආසියානු කලාපයේ වෙළඳ කටයුතු සඳහා නෞකාව දායකව ඇත. පෙරදිග වෙළඳ ආදිපත්‍ය උදෙසා ඉංග‍්‍රිසි හා ලන්දේසි ජාතිකයින් බල අරගලයක නිරත විය. 1652 වර්ෂයේ මොවුන් අතර යුද්ධයක් හට ගත්හ. මෙය ගොඩබිම යුද්ධයක් නොව මුහුදේ කෙරුණු යුද්ධයක් විය. ආශිර්වාද නෞකාව ද මෙම සටන සඳහා එක්කර ගත්හ. එහි කාර්යභාරය වූයේ සටන් වැදී සිටින බි‍්‍රතාන්‍ය නෞකාවන්ට අවශ්‍ය යුධෝපකරණ ආහාර ද්‍රව්‍ය හා සෙබලුන් සැපයීමයි. 1653 දී පර්සියාවට ආසන්න මුහුදේ බි‍්‍රතාන්‍ය හා ඕලන්ද නෞකා අතර දරුණු සටන් ඇති විය. ආශිර්වාද නෞකාව තම භටයින් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යන විට යුද්ධය අවසන් වී තිබිණ. ඒ ලන්දේසීන්ට ජයග‍්‍රහනය අත්කර දෙමිනි. ඒ වන විටත් බි‍්‍රතාන්‍ය නෞකා රැසක් ඕලන්ද ජාතිකයින් අත පත්ව තිබිණ. සතුරු නෞකාවලට මැදි වූ ආශිර්වාද නෞකාව තනිව ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරන්නට විය. සටනින් නියත පරාජයක් අත්වන බව දැනගත් ආශිර්වාද නෞකාවේ කපිතාන්වරයා යටත් වන්නට තීරණය කලේය. ඒ කොන්දේසි කිහිපයක් පනවමිනි. තම නෞකාවේ කිසිවෙකුට අනතුරක් නොකරන්නේ නම් යටත්වන බවත් කොන්දේසි වලට එකඟ නොමැති නම් මැරෙන තුරු සටන් වදින බව දන්වා යවන ලදී. කොන්දේසි වලට එකඟ වූ ඕලන්ද ජාතිකයින් පිරිස් හා නැව අත්අඩංගුවට ගත්හ. පසුව නැව නෙදර්ලන්තයේ දී නැවත අලුත්වැඩියා කර ඇත.1655 වර්ෂයේ දී නැවතත් අලුත්වැඩියා කළ ආශිර්වාද නෞකාව බතාවියා වෙත එවන ලදී. ඒ ඇවෝන්ඩස්ටර් ලෙස නම්කිරීමෙන් අනතුරුව ය (Parthesius 2007:12-13). එහි අරුත සැදෑ තරුව හෙවත් ඉරබටු තරුවයි. ඇවෝන්ඞ්ස්ටර් 1656 ජපානය දක්වා ගමන් කර නැවත ඕලන්දයට පැමිණ තිබේ. නෞකාව අබලන් සහගත තත්ත්වයෙන් ඕලන්දය කරා පැමිණෙන විටත් ජලය කාන්දු වෙමින් තිබිණ. පසුව ඕලන්දයේ දී නැවතත් අලුත්වැඩියා කරන ලද අතර අනතුරුව බතාවියා හා ඉන්දුනීසියා කලාපයේ යාත‍්‍රා කිරීමට යොදාගෙන ඇත. 1658 වර්ෂයේ ඇවෝන්ඞ්ස්ටර් නෞකාව ලංකාවට පැමිණ තිබේ. ගාල්ල වරායේ නවතා තිබිය දී නැංගුරම සම්බන්ධ ලණුව කැඞී යාම හේතුවෙන් 1659 වර්ෂයේ විනාශයට පත්විය.නෞකාව සොයාගනු ලැබුවේ 1992 වර්ෂයේ දී ය. ඒ ගාල්ල වරායේ සිදුකල ගවේෂණයක ප‍්‍රතිඵලයක් ලෙසිනි. 2001 වර්ෂයේ දී නෙදර්ලන්ත ආධාර ඇතිව මධ්‍යම සංස්කෘතික අරමුදල නෞකාවේ කැනීම් කටයුතු ආරම්භ කරන්නට විය. එහිදී වැදගත් කරුණු රාශියක් හා පුරාවස්තු සොයාගැනීමට හැකියාව ලැබිණ. නැව මත රොන්මඩ තැම්පත් වීම මත බොහෝ කොටස් ආරක්‍ෂා සහිතව තිබිණ. එහි මධ්‍ය කොටසේ මුළුතැන්ගෙය විය. මුළුතැන්ගෙයි තිබී පිගන්, මැටිබඳුන්, හැඳි ආදී භාණ්ඩ රැසක් හමු විය. නැවේ පිටුපස කොටසේ සිදුකරන ලද කැනීමෙන් එහි තිබී යුධ උපකරණ සොයාගැනීමට හැකි විය. ඇවෝඞ්ස්ටර් නෞකාවෙන් අනාවරණය කරගත් පුරාවස්තු ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට කටයුතු කර ඇත.ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළද සමාගමට අයත් වූවකි. නෞකාවේ කාලතුවක්කු 36 සවිකර තිබී ඇත. 1625 වසරේ ඕලන්දයේ ඇමස්ටර්ඩෑම් වරායේ නැව නිපදවා තිබේ. ජාවා, සුමත‍්‍රා, මලක්කාව, ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා යොදාගත්හ. 1661 වර්ෂයේ මැයි මස 22 වන දින ගාලුු වරායේ දී යාත‍්‍රාව ගිලීගොස් ඇත. ගිලීයන අවස්ථාවේ කුරුදු පෙට්ටි 17,000ක් හා තවත් වෙළඳ භාණ්ඩ තිබී ඇත.ඇසින් දුටු සාක්ෂිකරුවකු උපුටා දක්වමින් ලන්දේසි ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළද සමාගමේ උසස් නිලධරියෙක් කරුණු ඉදිරිපත් කර තිබේ. ඒ අනුව තෝලන් (Thoolen) ඇන්ග්ලියර් (Angelier) හර්කියුලිස් (Hurcules) සහ එල්බර්ග් (Elburg) යන ලන්දේසි නැව් බතාවියා දක්වා යාත‍්‍රා කිරීමට නියමිතව තිබිණ. එම අවස්ථවේ ඇති වූ සුලඟකින් හර්කියුලිස් නැවේ නැංගුරම දැමූ ලණුව කැඞී ගොස් ගල්පරයක වැදී නැව විනාශ වී ඇත.පසුව කරන ලද ගවේෂණයක දී නෞකාවේ සීනුව සොයාගැනීමට හැකි විය. ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ‌මෙම සීනුව තැන්පත්කර ඇත. නැව නිෂ්පාදනය කරන ලද වර්ෂය ලෙසින් සීනුවේ සටහන්වන්නේ 1625 යි. ලෝකඩින් නිර්මාණය කරන ලද සීනුව මතුපිට AMORVINCIT OMNIAANNO හෙවත් LOVE CONQUERS ALL ආදරය සියල්ල විජයග‍්‍රහනය කරනවා යනුවෙන් සඳහන් කර ඇත.ගාලු වරායේ ගිබන් දූපත ආසන්නයේ නෞකාවේ අවශේෂ මීටර් 50ක් පමණ දුරට විසිරි පවතී. වර්තමානය වන විට කාලතුවක්කු පමණක් දැකිය හැක. ගල් පර අතර රැදී ඇති කාල තුවක්කු මීටර් 5ක් පමණ ගැඹුරේ ස්ථානගතව තිබේ. මේ ආසන්නයේ තිබී මුහුදේ ගැඹුර මනිනු ලබන උපකරණ දෙකක් (Sounding Led) හා ඊයම් භාවිතයෙන් නිම වූ පුරාවස්තුවක් හමුව තිබේ. මේවා හර්කියුලිස් නෞකාවේ භාවිත කරන ලද උපකරණ ලෙස සැලකේ.ගාලු වරායේ ගිලී ගොස් ඇති මෙම නෞකාව ද ඇවෝස්න්ටර් නෞකාව මෙන් රොන්මඩින් වැසී පවතී. ගිලීගිය කාලවකවානු පිළිබඳව නිශ්චිතවම සඳහන් කිරීමට හැකියාවක් නොමැත (Jeffery & Mutukumarana 2005:37). මෙම නෞකාව පළමුව අනාවරණය වූයේ 1992 වර්ෂයේ ගාලු වරාය ආශ‍්‍රිත සිදුකරනු ලැබූ ගවේෂණයක ප‍්‍රතිඵලයක් වශයෙනි. මෙහි ප‍්‍රධාන කොටස් වැල්ලෙන් වැසී පවතී (Green, Millar, Devendra 1993:3).යාත‍්‍රාවේ නිර්මාණ ලක්‍ෂණ අනුව යුරෝපීය හෝ ඇමරිකානු සම්බවයක් දක්නට ලබෙන බවටද අදහස් පල වී තිබේ. නෞකාවේ ලී කොටස් ඉහලට එස වී පවතී. නෞකාව සමබර කිරීම උදෙසා භාවිත කළුගල් විශාල වශයෙන් දක්නට ලැබේ. එම ගල් වලට යටින් ලී තට්ටුවේ කොටස් දැකිය හැකි වේ. නෞකාව නිපදවීම සඳහා රතු ඕක් (Red Oak) ලී භාවිත කර තිබේ (Green 1992:22). නෞකා බඳට ලී සම්බන්ධ කිරීම සඳහා භාවිත කළ තඹ ඇණ නෞකාවෙන් හමු වේ. එසේම මෙම ස්ථානය ගවේෂණය කිරීමේ දී මතුපිට පුරාවස්තු වශයෙන් දුම් නල අනාවරණය කරගෙන ඇත. ගාලූ වරාය තුළ වන අදුරු ස්වභාවය නිසාවෙන් නිරන්තරයෙන්ම පැහැදිලි දෘශ්‍යතාවක් මෙහි දැකිය නොහැක. මීටර් 3ක් පමණ ගැඹුරේ කොටස් තැම්පත්ව ඇත. තරමක් ඉහලට එස වී තිබෙන ලී කොටස් දැකිය හැකි වේ.අම්බලන්ගොඩ ධීවර වරාය තුළින් හමුවන දැවමය යාත‍්‍රාව පිළිබඳ ව මුලින්ම තොරතුරු හමුවන්නේ 1998 වර්ෂයේ දී ය. එම වර්ෂයේ දී අම්බලන්ගොඩ ධීවර වරාය අවට ප‍්‍රදේශවාසීන් හා ධිවරයින් විසින් වෙරළට මීටර 50ක් පමණ දුරින් වරාය ඇතුළත මුහුදු පත්ලෙන් යම් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත භාණ්ඩ අනාවරණය කොටගෙන ඇත. මෙම සිදුවීම පුවත්පත්වල පළවීතිබිණ. ගිහාන් ජයතිලක හා නෙරීනා ද සිල්වාගේ මූළිකත්වයෙන් එම ප‍්‍රදේශය ආශි‍්‍රතව සිදුකළ ගවේෂණය වැදගත් වේ. ක්‍ෂේත‍්‍රයේ තත්කාලීන ස්වභාවය හා ප‍්‍රදේශයේ ධීවර සමාජයේ යම් යම් පුද්ගලයින් විසින් ලබාදුන් තොරතුරු පිළිබඳ එහි දී සොයාබලන ලදී. ඒ වන විට යාත‍්‍රාව තිබූ ස්ථානය වැල්ලෙන් යට වී තිබූ අතර කිසිවක් සොයා ගැනීමට නොහැකි වී ඇත. එම දැව කොටස් දුටු අයගෙන් තොරතුරු ලබාගෙන ප‍්‍රදේශවාසින් විසින් ගොඩගෙන තිබූ පුරාවස්තු වාර්තාගත කර ඇත. ඒ අතර ඇඹරුම් ගලක්, බර කිරුම් පඩියක්, කොට්ටා පොල්, කිරි කවඩි, කුඩා කාලතුවක්කු උණ්ඩ දෙකක්, මෝස්තර සහිත පිඟන් බඩු, සුදු හා නිල් පැහැති චීන පෝසිලේන් බඳුන් කොටසක්, ඇත් දත් මිට සහිත මුතු කර්මාන්තය සඳහා භාවිත කළ නියනක් වැනි උපකරණයක්, දිශානතිය සොයා ගන්නා උපකරණයක කොටසක් (Astrolabe) වැනි දෑ විය.දේව රූපයක් පිළිබඳ තොරතුරු ලැබුන ද එය සොයාගත නොහැකි වී තිබේ. මේ සියලු තොරතුරු විමර්ශනය කිරීමෙන් පසු එම යාත‍්‍රාව ඉන්දීයාව හා ලංකාව අතර වෙළඳාමේ යෙදවූවක් විය හැකි බවට මත පල විය (Jayatilaka, Silva, Weerasingha….1998, 1).මෙම යාත‍්‍රාව ආසියානු සම්භවයක් සහිත බවට සෝමසිරි දේවේන්ද්‍ර ද සඳහන්කරයි. ඔහු පවසන්නේ මෙය බොහෝ විට යාපනය තෝනි (JaffnaThoni) නමින් හැඳින්වු යාත‍්‍රා විශේෂය විය හැකි බවයි. සොයාගත් භාණ්ඩ ආසියානු ඉහුම් පිහුම් උපකරණ බව මොහු සඳහන් කරයි (Devendra 2005: 5). වර්ෂ 2007 දී අම්බලන්ගොඩ වරාය ආශ‍්‍රිතව ගෙන ගිය සංවර්ධන වැඩ පිළිවෙලේ දී මුහුදු පත්ල හෑරීමකට ලක්කළ අතර එහිදී පුරාවස්තු රැසක් අනාවරණය විය. හමු වූ පුරාවස්තු අතර කිරිකවඩි (Cowry Shells, Cypraea moneta), තඹ පිඟන් හා බඳුන් (Copper Plates & Jars), සෙරමික් මැටි බඳුන් හා ලෝහමය පුරාවස්තු වාර්තා වී ඇත. ප‍්‍රදේශයේ යම් යම් පුද්ගලයින්ට කාලතුවක්කු හමු වූ බව ද වාර්තා වේ. හමු වූ එක් කාලතුවක්කුවක් ලණුවලින් බැඳ තිබූ බවට ද සාක්ෂි විය. ඒ අනුව වරාය සංවර්ධන කටයුතු අතරතුර දී ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ නිලධාරීන් එක්දින ගවේෂණයක නිරතවිය. එහිදී යන්ත‍්‍රාණුසාරයෙන් (Dredgin Machine) හාරන ලද ස්ථානය ඇතුළු අවට ප‍්‍රදේශය විශේෂ අවධානයට ලක් කළහ. මීටර් තුනක් පමණ ගැඹුරකින් ප‍්‍රදේශය යුක්ත විය. අවට ප‍්‍රදේශය ආශ‍්‍රිතව අනාවරණය කර ගැනීමට හැකි වූයේ විශාල ප‍්‍රමාණයක් වූ කිරි කවඩි පමණි. මුහුදු පත්ල හෑරීමේ දී මතු වූ පුරාවස්තු ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙන ගොස් තිබූ අතර එම භාණ්ඩ මුහුදු පුරාවිද්‍යා ඒකකය වෙත ගෙන එන ලදි. අරාබි අක්‍ෂර සහිත තඹ භාජන හා පිඟන් එහි තිබිණ. අක්‍ෂර සහිත භාජන දෙකක් එහි විය. වරාය හාරන මැෂිම හරහා තඹ භාජන ගමන් කිරීමෙන් ඒ්වා කැඞී ඇඹරීමට ලක්ව තිබිණ. තඹ භාජන දෙකේ දක්නට ඇති අරාබි අක්‍ෂර වල තිත් රහිත ය. අරාබි අක්‍ෂර වල තිත භාවිතය ආරම්භ වූයේ ඉස්ලාම් ආගම බිහි වූවාට පසුව ය. ඒ ක්‍රිස්තු වර්ෂ 6වන සියවසින් පසුව ය.මෙම අක්‍ෂරහී තිත් භාවිත කොට නොමැත. එබැවින් මෙම අක්‍ෂර ඉස්ලාමයට පෙර අක්ෂර බව පැහැදිලි ය. තඹ භාජන දෙකේම සටහන්ව ඇත්තේ එකම කරුණයි. ඒ ‘අබ්දුල් රාබ් ඔහුට ප‍්‍රධානය කරන ලදී’ (Mr.Abdul Rabb Awarded to him) ලෙස ය. (Karunarathna, Saleem, Chandrarathne 2016:92). අරාබි අක්ෂර හමුවීමෙන් නෞකාවේ කාලනිර්ණය හා ආසියානු සම්භවයක් සහිත යාත‍්‍රාවක්ය යන මතය අභියෝගයට ලක් විය.2012 වර්ෂයේ මාර්තු මස 1 සිට අපේ‍්‍රල් 10 වන දින දක්වා මුහුදු පුරාවිද්‍යා ඒකකය මෙම යාත‍්‍රාව ගිලී පවතින ස්ථානයේ කැනීමක් සිදුකරන ලදී. එහිදී මීටර් 1ක් පමණ ප‍්‍රමාණයට මුහුදු පත්ල කැනීම් කරන ලදී. නමුත් නෞකාවේ අවශේෂ සොයාගත නොහැකි විය. බොහෝ විට තවත් මීටර් කිහිපයක් වැලි වලින් යටව පවතින්නට පුලුවන. තාක්‍ෂණික උපකරණවල පැවති අඩුලුහුඩුකම් මත පර්යේෂණය ඉදිරියට රැගෙනයාමට බාධා ඇති විය.මෙරට වරායන් අතර ප‍්‍රධානතම වරායන් කිහිපයක් දකුණු පලාත ආශ‍්‍රිතව පිහිටා ඇත. ගොඩවාය හා ගාල්ල ඒ අතර ප‍්‍රධාන වේ. ඊට අමතරව ප‍්‍රදේශීයව සංවර්ධනය වූ පැරණි වරායන් විශාල ප‍්‍රමාණයක් දැකිය හැකි ය. අම්බලන්ගොඩ, දොඩන්දූව, වැලිගම, කිරින්ද, පොත්තන එවැනි පැරණි වරායන් කිහිපයක් පමණි. මෙකී වරායන් වෙත කි‍්‍රස්තු පූර්ව යුගයේ සිටම නෞකා පැමිණි බවට සාධක වේ. නමුත් ගිලීගිය යාත‍්‍රා අවශේෂ හමුවන්නේ ස්වල්පයකි. මෙරට මුහුදේ ස්වභාවය පැරණි නෞකා අවශේෂ ඉතිරි නොවන්නට හේතු විය. යටත් විජිත සමයේ ගිලීගිය ලී නෞකා හඳුනාගැනීමට හැකි වන්නේ ඒවායේ යකඩ භාවිත කර ඇති හෙයිනි. වර්තමානය වන විට ඇතැම් නෞකාවන්හී භාවිත කල ලී අවශේෂ දැකිය හැකි වූවද ඇතැම් තැනක ලී අවශේෂ දැකිය නොහැක. විශේෂයෙන්ම හර්කියුලිස් නෞකාව හා රිදී කාසි නැව පෙන්වා දිය හැක. ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය පුරාක්‍ෂේත‍්‍ර සොයාගනු ලබන්නේ ප‍්‍රදේශීය පුද්ගලයින් ලබාදෙන තොරතුරු මතය. ඒ අතර ‌බොහෝමයක් යකඩ නෞකාවන් ය. තවමත් ක‍්‍රමවත් විද්‍යාත්මක ගවේෂණයකට ලක්කර ඇත්තේ ගාල්ල වරාය ආශ‍්‍රිත කලාපය පමණි. එබැවින් ලංකාව වටා මෙතෙක් අනාවණයකර ගැනීමට නොහැකි වූ නෞකාවන් බොහෝ ප‍්‍රමාණයක් සැගව පවතින්නට පුලුවන.මුතුකුමාරණ, රසික (2009), දළනිදු, වෙළුම 1 කාණ්ඩය 1 ඔක්තෝම්බර්, ගෝඨ පබ්බත රජමහා විහාරය, මුහුදු පුරාවිද්‍යා ඒකකය, සංස්. රසික මුතුකුමාරණ, මධ්‍යම සංස්කෘතික අරමුදල, ගාල්ල.මුතුකුමාරණ, රසික (2011), දළනිදු, වෙළුම 3, කාණ්ඩය 1 ජනවාරි , ගොඩවාය පුරාක්ෂේත‍්‍රය -සංස්කෘතික සහයෝගීතා වැඩසටහන, සංස්කණය රසික මුතුකුමාණ, මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, ගාල්ල, විද්‍යුත් පුවත් සරණිය.විජේබණ්ඩාර, කි‍්‍රෂ්ණ (2011), චතුදිශ රුසිරු දුටුවෙම් ගොඩපවත් පටුන් මනොරමෙ, වයඹ සහ රුහුණු මුහුදේ නාවික වෘත්තාන්ත, එස්. ඇන්ඩි. එස්. ප‍්‍රින්ටර්ස්, කොළඹ.සනත්, ඩබ්.කේ. (2010), දළනිදු, වෙළුම 2 කාණ්ඩය 2 අපේ‍්‍රල්, ගොඩවාය මුහුදු පත්ලෙන් හමුවන බෞද්ධ සලකුණු, මුහුදු පුරාවිද්‍යා ඒකකය, සංස්. රසික මුතුකුමාරණ, මධ්‍යම සංස්කෘතික අරමුදල, ගාල්ල, විද්‍යුත් පුවත් සරණිය.ද සිල්වා නිමල් (2005), හම්බන්තොට දිස්ත‍්‍රික්කය, සමාජ සංස්කෘතික උරුමය, මොරවක මුද්‍රණාලය, කොට්ටාව, පන්නිපිටිය.Previous articleකොක්එබේ, මෙගලිතික සුසානය කැනීමේ අනාවරණ හා මධ්‍ය යාන්ඔය නිම්නයේ පුරාණ මානව ජනාවාසකරණයNext articleඅන්දරවැව, මෙගලිතික සුසානයෙන් හමු වූ බ‍්‍රාහ්මී ලේඛන හා ශී‍්‍ර ලංකාවේ පැරණිම බ‍්‍රාහ්මී ලේඛන පිළිබඳ විමර්ශනයක්
“උල්ලංඝනයන්ට ගොදුරුවූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමෙහිලා සැබෑ ප්‍රගතියක් ලැබීමට නම් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව අන් කවරදාටත් වඩා පැහැදිලිව පෙනෙන්නට තිබේ.”2009දී අවසාන වූ සිවිල් යුද්ධයේදී සිදු කරන ලද බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කිරීමෙහිලා 2013 වර්ෂයේදී ශ්‍රී ලංකාව දක්වා තිබෙන්නේ සුළු ප්‍රගතියක් බව 2014 ලෝක වාර්තාව ප්‍රකාශයට පත් කරමින් හියුමන් රයිට්ස් වොච් සංවිධානය අද(21) පැවසීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ජාත්‍යන්තර හෙළාදැකීම උත්සන්න වෙත්ම ආණ්ඩුව විවේචනයට ලක් කරන මානව හිමිකම් ක්‍රියාධරයන්ට සහ මාධ්‍යවේදීන්ට දිගින් දිගටම තර්ජනවලට සහ බියගැන්වීම්වලට මුහුණ දීමට සිදු විය.ආසියානු කටයුතු භාර හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ අධ්‍යක්ෂ බ්‍රැඩ් ඇඩම්ස් කියා සිටියේ, “යුධසමයේ සිදු කරන ලද උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කරන බවට ශ්‍රී ලංකා ආණ්ඩුව බොහෝ ප්‍රකාශ කරන නමුත් එවන් පරීක්ෂණවල කිසියම් හෝ ප්‍රතිඵලයක් දකින්නට ලෝකය තවමත් බලා සිටින” බවයි. “උල්ලංඝනයන්ට ගොදුරුවූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමෙහිලා සැබෑ ප්‍රගතියක් ලැබීමට නම් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව අන් කවරදාටත් වඩා පැහැදිලිව පෙනෙන්නට තිබේ.”ලෝක වාර්තාව -2014එහි 24 සංස්කරණය තුළ 667 පිටුවේ, හියුමන් රයිට්ස් වොච් සංවිධානය රටවල් 90කට වැඩි රටවල්වල මානව හිමිකම් පිළිබඳ සමාලෝචනය කරයි. සිරියාවේ ව්‍යාප්ත සිවිල් ජනතාව මරාදැමීම භිතිය අනාවරණය කලද ලෝක නායකයන් එය නැවැත්වීමට පියවර ගෙන ඇත්තේ අඩුවෙන් බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි. “ආරක්ෂා කිරීම සඳහා වගකීම” පිළිබඳ නැවත පනගන්වන ලද මූලධර්මයක් අප්‍රිකාව තුළ සමහර බොහෝ දාමරිකකම් වලක්වා ඇති බව පෙනෙන්නට ඇත. ඊජිප්තු බලය තුළ සහ වෙනත් රටවල බහුතරය සුළුතරයේ අයිතිවාසිකම් මර්දනය කර ඇත. එමෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂණ වැඩසටහන් පිළිබඳ එඩ්වර්ඩ් ස්නෝව්ඩන්ගේ හෙලිදරව්කිරීම් ලෝකය වටා ප්‍රතිරාව ඇති කරන ලදී.ආණ්ඩුව විසින්ම පත් කරන ලද උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමට අනුව වගවීම සම්බන්ධ විවිධ ක්‍රියාමාර්ගයන් ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා ආණ්ඩුව පසුගිය මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනාවට ප්‍රතිචාරය පළ කළේය. 2006දී ත්‍රිකුණාමලයේ “ශිෂයින් 5 දෙනකු ඝාතනය” ඝාතනයට සම්බන්ධ ඇතැම් සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සහ සිවිල් යුද්ධයේදී මියගිය සහ අතුරුදහන් වූ පුද්ගලයන් සොයා බැලීම සඳහා වූ මාස හයක ජාතික සංගණනය ආරම්භ කිරීම වැනි ඇතැම් කරුණු සාධනීය වුවත්, ඒවායේ අවසාන ප්‍රතිඵලය සහ වගවීම සම්බන්ධයෙන් ඒ මගින් ඇති කෙරෙන බලපෑම කවරක් වනු ඇත්දැයි තවමත් ස්ථිර නැත. සතියක සංචාරයක හමාරයේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය, නවී පිල්ලේ, කියා සිටියේ කිසිදු ප්‍රගතියක් සම්බන්ධයෙන් තමන්ට විශ්වසනීය සාක්ෂි දක්නට නොලැබුන බවයි.වගවීම සම්බන්ධයෙන් ප්‍රගතියක් නැති බව හුවා දැක්වීමට ආණ්ඩු ගණනාවක්ම නොවැම්බරයේ පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව යොදා ගත්තේය. කැනඩාව, මුරුසි දිවයින සහ ඉන්දියාවේ අගමැතිවරුන් සමුළුවට සහභාගි නොවීම කැපී පෙනිණ. දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන යාපනය නගරයේ සංචාරය කරමින් සහ “විශේෂයෙන්ම යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ භයංකර දේ” සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටිමින් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මානව හිමිකම් තත්වය පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් දැක්වීය.ආණ්ඩුව විවේචනය කරන ශ්‍රී ලාංකිකයන්ට තවමත් තර්ජනවලට සහ හිරිහැරවලට ලක් වීමට සිදු වී තිබේ. ආණ්ඩුව “ශීඝ්‍රයෙන් අධිකාරිවාදී දිශාවකට” ගමන් කරමින් සිටින බව පිල්ලේ වාර්තා කළාය. සිය සංචාරයේදී පිල්ලේ මුණ ගැසුණු පුද්ගලයන්ගේ නිවාසවලට ඉන් පසුව ආරක්ෂක හමුදා සාමාජිකයෝ පැමිණියහ. ආණ්ඩුවේ ජනමාධ්‍ය විශේෂයෙන්ම වගවීම සම්බන්ධයෙන් කටයුතු කරන මානව හිමිකම් ක්‍රියාධරයන් නම් කරමින් සහ විවේචනයට ලක් කරමින් සිටියේය.පරාජය කරන ලද දෙමළ විමුක්ති කොටි සංවිධානය (එල්. ටී. ටී. ඊ) සමඟ සම්බන්ධතා පැවැත්වූ බව සැලකෙන සුළුතර දෙමළ ජනතාව, දරුණු අතවරයන්ට මුහුණ දුන්හ. ආරක්ෂක හමුදා විසින් අත් අඩංගුවේ සිටි රැඳවූවන් වධ බන්ධනවලට ලක් කිරීම, දූෂණය කිරීම සහ පහත් ලෙස සැලකීම පුළුල් වශයෙන් සිදු විය. රැඳවූවන් වධ බන්ධනවලට ලක් කරන බවට එල්ල කරන චෝදනා ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන නමුත්, එල්. ටී. ටී. ඊ යට සම්බන්ධ දෙමළ ජාතිකයන් යළි සිය රට යැවු අවස්ථාවල ඔවුන් වධ බන්ධනවලට ලක් වීමේ අවදානමක් පවතින බව හෙළිවීමෙන් අනතුරුව යුරෝපා රටවල් ගණනාවක්ම ඔවුන් යලි ශ්‍රී ලංකාවට පිටත් කිරීම නවතා දැමුවේය.“2014වර්ෂය උදා වෙද්දී, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම උදෙසා ජාත්‍යන්තර බලපෑම උත්සන්න කිරීම, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට එල්ල වෙමින් තිබෙන තර්ජනය ආපසු හැරවීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක්ව පවතී,” යනුවෙන් ද ඇඩම්ස් පැවසීය.
ඉන්දික තොටවත්ත දෛවඥයා පසුගියදා චම්පිකගේ “බටයා” හෙවත් ධනුෂ්ක රාමනායකගේ කටුනායක ‘Eagles Lagoon View’ හෝටලයේ පැවති විවාහය උත්සවය අතරතුර වන අතර පමණ ඉක්මවා අඩියක් ගසා සිටි ඉන්දික තොටවත්ත එම අවස්ථාවට එක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉතා නරක අකාරයට අපහස වන අයුරින් කතා කර ඇති අතර “තමුන්නාන්සෙට රාජ යෝගයක් නෑ. මහින්ද රාජපක්ෂගෙ ජන්ම කේන්දරයේ මහා නරක වෙලාවක තමයි ජනාධිපතිවරණය පැවැත්වුනේ. ඒක නිසයි තමුන්නාන්සෙ බලයට ආවෙ. තමුන්නාන්සෙගෙ යහපාලන ආණ්ඩුව තව මාස 6 කින් හබස්. මගේ අනාවැකිය බොරු වුනොත් මම අනාවැකි කීම නවත්වනව… ඒ විතරක් නෙවේ ඔබ තුමාට ජිවත් වෙන්න වාසනාව නෑ …”මේ අතර ඉන්දිකගේ හදිසි ප්‍රහාරයෙන් දැඩි ලෙස තරහ ගිය මෛත්‍රීපාල සිරිසේන බැණ වදිමින් නැගිට ගොස් ඇති අතර “කවුද මේ පිස්සා මෙතන්ට ගෙනාවේ “බැණ වැදි ඇති බව වාර්තා වේ.මේම අනපේක්ෂිත බැණ වැදිම හේතුවෙන් චම්පික රණවක අන්ද මන්ද වි ඇති අතර පසුව පමණ ඉක්මවා සිටි ඉන්දික සිය නිල රථයෙන් ගෙදරට ගොස් බැස්සවිමට කටයුතු කර තිබේ.මේ අතර හදිසියේම මුණ ගැසුනු ඉන්දික තොටවත්ත දෛවඥයා ගෙන් මෙගා පොලිසි අමාත්‍ය චම්පික රණවක 2020 දී තමා ස්ථිර වශයෙන්ම ජනාධිපති වනවා දැයි තමන්ගේ කේන්දරය පරීක්ෂා කර පවසන ලෙස ඉල්ලා තිබේ.‘ඔබ තුමාගේ මම බැලුවා නේ ….ඒ කේන්දරේ නම් කිසිම රාජයෝගයක් නෑ. තමුන්නාන්සෙට වෙන්නෙ හැමදාම අරහෙට මෙහෙට පැන පැන ඇමතිකමක් ගැට ගහ ගන්න විතරයි. තමුන්නාන්සෙ ගැන කිසිම නායකයෙක්ට කිසිම විශ්වාසයක් නෑ. තමුන්නාන්සෙ හිටියෙ ගෝඨාත් එක්ක දිවෙන් දිව ගාගෙන නේද? අද මිනිහව ඇතුළට දාන්න ඉස්සරහින්ම වැඩ කරන්නෙ තමුන්නාන්සෙ නේද?’ යනුවෙන් කේන්දරය පරීක්ෂා කිරිමෙන් පසුව ඉන්දික තොටවත්ත දෛවඥයා පවසා තිබේ.
රාජපක්ෂ සමයේ භීෂකයා වූ ගෝඨාභය රාජපක්ෂට ශ්‍රීලනිපයේ දෙවැනි නායකත්වය දිය යුතුයැයි ‘යහ පාලන’ ආණ්ඩුවේ ඇමැති ජොන් සෙනවිරත්න දෙවැනි වරටත් කියන්නට පටන් ගෙන තිබේ. සෙනවිරත්නගේ හොරණෑ හඩට ප්‍රතිචාර දක්වන ගෝඨාභය රාජපක්ෂ කියන්නේ තමන් දෙවැනියා පමණක් නොව පළවැනියාවීමට වුවත් සූදානම් බවයි.රාජපක්ෂ මෙම ප්‍රකාශය කරන ලද්දේ අන්තවාදී බොදුබල සේනා මූලස්ථානයේදි බවද වාර්තාවේ. පණිවිඩය පමණක් නොව පණිවිඩකරුවාද වැදගත්ය. මෙම අවස්ථාවේදී පණිවිඩකරුවා වන්නේ අන්තවාදී කළහකරුවකු වන ගලබොඩ අත්තේ ඥාණසාරය.එනයින් ගෝඨාභය කියා සිටින්නේ තමා දෙවැනියා හෝ පළවැනියා වන්නේ අන්තවාදී කළහකරුවන්ගේ නියෝජිතයා ද ලෙස බවයි.සෙනවිරත්න මෙම ප්‍රකාශය මුලින්ම කරන ලද්දේ මේ වසරේ ජනවාරි මාසයේදීය. එම අවස්ථාවෙහිදී ඔහුට අත්වැල ඇල්ලීමට තවත් ඇමැතිවරු ගණනාවක්ම සිටියහ. දැන් ඔහු යළි එය පුනරුච්චාරනය කරන්නේ මුල් මුට්ටිය දැ බැලීම ජනාධිපති සිරිසේනට අනුව ජනාධිපතිවරණයෙන් ඔහු පරාජය වූයේ නම් අඩි හයක් යට මිහිදන් වන්නට තිබුනි. ඉන් ඔහු අදහස් කරන ලද්දේ රාජපක්ෂවාදි මිනීමරු බලකායන් විසින් තමන් ඝාතනය කරනු ඇති බවයි. එළෙස මෛත්‍රීපාල සිරිසේන ඝාතනය වූයේ නම් ඒ ඝාතනය පිටුපස ගෝඨාභය රාජපක්ෂ හැර අන් කවරකු සිටිනු ඇත්ද?රාජපක්ෂ පාලනයේ අළුගෝසුවා වූයේ ගෝඨාභය රාජපක්ෂ බව නොදන්නේ කව්ද? හත් වසරකට පෙර පැහැර ගෙන ගොස් පහරදී මැරෙන්නට අතහැර දමා ගොස් සිටි මාධ්‍යවේදී පෝද්දල ජයන්ත කැදවා කට වසාගෙන නොසිටියහොත් තමාට පක්ෂපාත බලවේග විසින් මරා දමන්නට ඉඩ ඇතැයි මරණ වරෙන්තුව ලීවේ මේ ගෝඨාභය රාජපක්ෂය.මහ දවල් මහමඟදී ඝාතනය කරන ලද මාධ්‍යෙව්දී ලසන්ත වික්‍රමතුංග කව්දැයි බීබීසී. වාර්තාකරුගෙන් අවඥාසහගතව ඇසූයේ මේ රාජපක්ෂය. එළෙසින්ම මහ දවල් දෙහිවලදී නිල ඇදුම් ලූ පොලිස් නිලධාරින් විසින් පැහැර ගෙන පහර දෙමින් සිටි මාධ්‍යවේදී විද්‍යාදරන් ත්‍රස්තවාදී සහායකයකු ලෙස හදුන්වා එම පැහැර ගැනීම ලුහු කරන ලද්දේද මේ රාජපක්ෂ විසිනි. (පසුව විද්‍යාදරන් නිදොස් කොට නිදහස් කරන ලදී.) ඩේලිමිරර් කතුවරියට තර්ජනය කොට නැගෙනහිර පළාතෙහි අතුරු හමුදා ගැන වාර්තාවක් ලියූ මාධ්‍යවේදිනියක මරා දැමෙනු ඇතැයි තර්ජනය කළේද මේ රාජපක්ෂමය.රාජපක්ෂ මර්දනය, භීෂණය සහ දූෂණය අහෝසි කිරීමේ ජනවරමකින් බලයට පත් ජනාධිපති සිරිසේනගේ දේශපාලන දෙවැනියා බවට පත් කර ගන්නට ප්‍රසිද්ධියේ යෝජනා කැරෙන්නේ එවැනි භීෂකයෙකි. මෙම යෝජනාවට එරෙහිව කෙලින් කතා කළේ හිටපු ජනාධිපතිනි කුමාරතුංග පමණකි.ජෝන් සෙනවිරත්නගේ ප්‍රකාශය රාජපක්ෂ සමයේ මෙරට සුලුතර ප්‍රජාවන් බියගන්වමින් භීෂක දේශපාලනයක් ගෙන ගිය අනතවාදි පිරිස් දිරි ගැන්වීමක් බවට දැන් පත්ව තිබේ.මන්ද යත් ඊට විරුද්ධව එතරම් හඬක් නැති නිසාය. ඔව්හු මහනුවරදී මුස්ලිම් ජනයාට එරෙහිව විදී බසින අතර කලුතරදී කතෝලික දේවස්ථාන වලට ප්‍රහාර එල්ල කරති. ජොන් සෙනවිරත්න ප්‍රසිද්ධියේත් තවත් මැති ඇමැතිවරුන් අප්‍රසිද්ධියේත් ගෝඨාභය රාජපක්ෂට පාවාඩ එළන විට රාජපක්ෂගේ සියලුම අන්තවාදී භිෂකයෝ උඩ පනින්නට පටන් ගෙන තිබේ.යළි කෙසේ හෝ රාජය බලය ලබා නොගතහොත් සිය පවුලේ සහ හවුලේ බොහෝ දෙනෙකුට මහ උලුගෙදර කල්දේරම් බත් රස බලන්නට සිදුවන බව දන්නා රාජපක්ෂ නඩයේ එකම අපේක්ෂාව යළි බලයට පැන ගැනීමයි. මේ පාවාඩ එළීමත් එම කූටෝපායික මුලෝපායේ එක් පියවරක් නොවේ යැයි කියන්නේ කෙසේද? බලයට පැන ගැනීමට ඇති එකම ඉනිමඟ ලෙස රාජපක්ෂවරුන් දකින්නේ යුදවාදී දෙමළ මුස්ලිම් විරෝධී, ප්‍රජාතන්ත්‍රවිරෝධී අන්තවාදය යළි මතු කර ගැනීමය. බලය අල්ලා ගැනීමට නොහැකි නම් එම අන්තවාදය මත ජනබලයක් ගොඩ නඟා ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ ක්‍රියා පිළිවෙත බකල් කිරීම රාජපක්ෂවරුන්ගේ දෙවැනි කූටෝපාය විය හැකිය.නැගෙනහිර මහ ඇමැති සහ නාවික හමුදාව අතර ඇතිවූ ප්‍රශ්ණය සිය යුදවාදී අන්තවාදී දේශපාලනය සඳහා රාජපක්ෂවරුන් වහාම යොදා ගන්නා ලදි. ඒ සම්බන්ධයෙන් රාජපක්ෂ විසින් නිකුත් කරන ලද නිවේදනය සඳහා යොදා ගෙන තිබුනේ ත්‍රිවිධ හමුදාපතිවරුන් සමඟ රාජපක්ෂ ගමන් කරන ජායාරූපයකි.කොස්ගම යුද හමුදා අවි ගබඩාව පුපරා යාම රාජපක්ෂවරුන් සැළකන්නේ සිය යුදවාදි අන්තවාදය පැතිරවීමේ තවත් අවස්ථාවක් ලෙසය. පාවඩ එළමින් පවතින ගොඨාභය රාජපක්ෂට අනුව යුද හමුදාපතිවරයා ඉල්ලා අස්විය යුතුය. මහින්ද රාජපක්ෂ කියන්නේ පිපිරුමට හේතුව යුද හමුදාවේ මානසික ජීව ගුණය බිදවැටීම විය හැකි බවය. (මෙම පිපිරීම ආණඩුවේ වස්වැදීමක් බව රාජපක්ෂ අනුගාමිකයකු වන වාසුදේව කියද්දී වීරවංශ කියන්නේ පිපිරීම යුද හමුදාව දුර්වල කිරීමේ බටහිර ක්‍රමන්ත්‍රණයක කොටසක් බවය.)මේ අතර රාජපක්ෂගේ හිටපු විදේශ ඇමැති පීරිස් කියා තිබුණේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයට යුද හමුදා පිරිස් අත් අඩංඟුවට ගැනීම වැරදි බවත් එය විශාල බටහිර සැලසුමක එක් පියවරක් විය හැකි බවත්ය. ජීරිස් තවදුරටත් කියන්නේ යුද සමයන්හි වූ අතුරුදහන්විම් සෙවීම සහ ප්‍රතිකර්ම යෝජනා කිරීමට ‘සොයාගත නොහැකි පුද්ගලයින් සඳහා කොමිසම’ පත් කිරීමට ආණ්ඩුවේ සැලසුමද යුද හමුදාවට විරුද්ධ පියවරක් බවය.ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව සිටින හමුදා පිරිස් සහ තජුඩීන් ඝාතනයට සැක පිට අත් අඩංඟුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක බැහැ දැකීමට මහින්ද රාජපක්ෂ සිරගෙදරට යන්නේ ඝාතකයින් වුව රුක ගැනීමට තමා සූදානම් බව සියල්ලන්ටම පෙන්වීමටය.මෙකී සියළු කාරණා අපට පෙන්වන්නේ රාජපක්ෂවරුන් යළි බලයට පැමිණීමට ඔට්ටු අල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මත නොව ජාතිවාදය, යුදවාදය සහ ඝාතකයින් රුක ගැනීමේ අන්තවාදය උඩ බවය. දැන් ජනාධිපති සිරිසේනගේ දෙවැනියා වන ලෙස ජෝන් සෙනවිරත්න අතුළු පිරිස් ගෝඨාභය රාජපක්ෂට පාවාඩ එළන්නේ එවැනි මතවාදයක් යළි රජ කිරීමට නොවේද?කවර හෝ රාජපක්ෂවරයකුට ජනපතිගේ දේශපාලන දෙවැනියා වීමට පාවාඩ එළිම වනාහී රාජපක්ෂ පාලනය පෙරළා දැමීමෙන් ලද සියළු ප්‍රජාතන්ත්‍රවාදී දිනා ගැනීම් පමණක් නොව අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාව අද දිනා ඇති සහයෝගය සහමුලින්ම ආපස්සට කර කැවීමේ උගුළකි.එවැන්නක් සිදු නොවනු ඇතැයි යමකු කීමට පුලුවන. එසේ නමුත් මහින්ද රාජපක්ෂට ශ්‍රිලනිපයෙන් නාම යෝජනා ලැබෙනු ඇතැයි සිතූයේ කව්ද? රජපක්ෂට එය ලැබුණා නොව ඔහුගේ දේශපාලන බලය පෙන්වා බලයෙන් ලබා ගන්නා ලද එකකි. වැරදීමකින් හෝ රාජපක්ෂ අතුලු ශ්‍රීලනිපයට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලැබුණේ නම් කුමක් වන්නට තිබුණිද?ලබන වසරට නියමිත පළාත් පාලන මැතිවරණයන්ගෙන් සිය බලය පෙන්වීම රාජපක්ෂවරුන්ගේ සිහිනයයි. එළෙස බලය පෙන්වා ශ්‍රිලනිපයේ බලය අල්ලා ගැනීම ද එම සිහිනයේම කොටසකි. ගෝඨාභයට පාවාඩ එළීම මෙම සැළැස්ම සඳහා මුට්ටිය දා බැලීමක් වැන්න.රාජපක්ෂ මතවාදය පරාජය කැරෙන දූෂණ සහ භීෂණ විරෝධී ප්‍රායෝගික පියවර අද අත්‍යවශය වන්නේ ඒ නිසාය. පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ චීනයේ හෝ ඉන්දියාවේ හෝ ඇමෙරිකාවේ හෝ නොවන මේ මහ පොළවේ බව රාජපක්ෂ දූෂණය සහ මර්දනය පැරද වූ සියලු බලවේග විසින් මතකයට නඟා ගැනීම ද වැදගත් වන්නේ ඒ නිසාය.රාජපක්ෂවරුන්ගේ ජාතිවාදී දේශපාලනය මත සැළකිය යුතු බලයක් ගොඩ නැගී ගෝඨාභයට ජනපති සිරිසේනගේ දේශපාලන දෙවැනියා කිරීමේ බලවේග පෙළ ගැසුණ හොත් ඒ වනාහී නූතන සුභ සහ යස නාටකය රඟ දැක්වීමක් බවට පෙරළෙන්නට ඉඩ තිබේ. මන්ද යත් කොකා ගැස්සීමට සොයා ගත යුත්තේ අන්ත ජාතිවාදයෙන් මුසපත් එක් පුද්ගලයකු පමණක් නිසාය. දෙවැනියා පමණක් නොව පළවැනියා වීමට සුභ දැන නොසිටියේද?
මේ දීමනාව ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කෙළේ මන්ත්‍රිවරුන්ට රුපියල් ලක්ෂයක් දෙන බවට යෝජනා කර තිබෙන්නේ තම ඡන්ද දායකයන් සමඟ සිදුකරන වැඩ කටයුතුවලට වියදම් කිරීමට මිස ගෙදර කටයුතුවලට වියදම් කිරීමට නොවන බවයි.සාමාන්‍යයෙන් මන්ත්‍රිවරයෙක් කාර්යාලය පවත්වාගෙන යෑමට හා එක් එක් වැඩකටයුතු සඳහා රුපියල් ලක්ෂ දෙක තුනක් වියදම් කරන බව පැවැසූ අගමැතිවරයා මෙසේද කීවේය. මන්ත්‍රි දීමනා සියල්ල වැඩි කරන්න යන බව අද ඩේලි මිරර් පත්‍රයේ පළවී තිබෙනු දැක්කා ග්‍රාමීය ප්‍රදේශ නියෝජනය කරන මන්ත්‍රිවරුන්ට එක එක දේවලට මුදල් දෙන්න, විවාහ මංගල උත්සවවලට, අවමඟුල් උත්සවවලට ගියාම තෑගි දෙන්න තිබෙනවා. අපට ඒවා නැහැ.ඒ නිසා තමන්ගෙ වැඩ කරගෙන යන්න හැම මන්ත්‍රිවරයකුටම එක ගණනක්; රුපියල් ලක්ෂයක් දෙන්න කියා යෝජනා කර තිබෙනවා. මේක ඒ අයට දෙන වෙනම දීමනාවක්. ඒ අයගේ දීමනාත් වැඩිකර තිබෙනවා. මගේ මතය නම් පඩිත් වැඩි කරන්න ඕනෑ කියන එකයි. දැනට එහෙම යෝජනා කර නැහැ.තවමත් අපේ මන්ත්‍රිතුමන්ලාට ලැබෙන පඩිය ඩේලි මිරර් පත්‍රයේ කර්තෘටත් අනෙක් පත්‍රවල කර්තෘතුමන්ලාටත් ලැබෙන පඩියටත් වඩා අඩු බව මා කියනවා. ඒ ගොල්ලන්ට දෙන පඩියත් දන්නවා. ඒ ගොල්ලොත් දීමනා වැඩි කරන්න කියා ඉල්ලා තිබෙනවා. අවුරුද්දකට විතර කලින් ඒගොල්ලොත් දීමනා වැඩි කරන්න කියා ඉල්ලුවා.මන්ත්‍රිතුමන්ලාට වියදම් කරන්නේ නැතිව ඉන්න බැහැ. එහෙම නම් කාගෙන් හරි ඉල්ලා ගන්න ඕනෑ. ඒ නිසා ඒකද හොඳ මේකද කියා ඉස්සර වෙලා මාධ්‍යයෙන් ප්‍රකාශ කරන්න. මන්ත්‍රිතුමන්ලාටත් මුදල් ඕනෑ. වුවමනා ප්‍රමාණයට වැඩියෙන් දීලා තිබේ නම් කියන්න.මන්ත්‍රිවරුන්ට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වන දිනකට ගෙවූ රුපියල් 500 දීමනාව තවත් රුපියල් 2,000කින් වැඩි කිරීමට තීරණය කර ඇත. පාර්ලිමේන්තුව මසකට දින 8ක් රැස්වන බැවින් මන්ත්‍රිවරයකුට පැමිණීමේ දීමනාව මේ අනුව මසකට රුපියල් 20,000කි.
“අපි ශ්‍රී ලංකිකයෝ ආරක්ෂක හමුදාව” යන නමින් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් සහ ආචාර්යවරුන් පිරිසකට මරණ තර්ජන – Vikalpa“අපි ශ්‍රී ලංකිකයෝ ආරක්ෂක හමුදාව” යන නමින් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් සහ ආචාර්යවරුන් පිරිසකට මරණ තර්ජනදෙසැම්බර් 16 වන දින උදේ යතුරුපැදිවලින් යාපනය විශ්වවිද්‍යාලයට පැමිණි නන්නාදුනන කණ්ඩායමක් විසින් එම විශ්වවිද්‍යාලයේ සිසුන් 08 දෙනෙකුට සහ ආචාර්යවරුන් 03 දෙනෙකුට “අවසාන නිවේදනයක්” ලෙස අනතුරු අගවමින් මෙම මරණ තර්ජනය පෝස්ටරයක් ලෙස අලවා තිබේ. එම නිවේදනය නිකුත් කරනුයේ ” අපි ශ්‍රී ලංකිකයෝ ආරක්ෂක හමුදාව” යන නමිනි.රුධිරය වගුරවා දෙමළ ජනතාවට අප ලබා දුන්නාවූ නිදහසට බාධාකරන්නවුන්ට උපරිම දඩුවම් ලබාදෙන බව එම පෝස්ටරයේ සඳහන්ව ඇත. යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ තෝරාපත් වූ ශිෂ්‍ය නායකයින් සහ අලුතින් ලබන වසරට පත්වී සිටින ශිෂ්‍ය නායකයින්​ගේ නම් ඉහත මරණ ලැයිස්තුවට ඇතුළත් කර ඇත. මින් එක් ශිෂයෙකු වන එස්. තවපලසිංහම් මහතා මෑතකදී හමුදා බුද්ධි අංශයෙන් යැයි සැකකෙරෙන පිරිසක් විසින් පහර කෑමට ලක්ව ඇති අතර මින් එක් ආචාර්යවරයෙකු වන එස්.රවීන්ද්‍රන් මහතා 2009 මාර්තු මසදී කොළඹදී පැහැගෙන යාමකට ලක්ව සති දෙකකට පසුව නිදහස් කර ඇත. මෙම තර්ජනාත්මක පෝස්ටරයෙන් පසු විශ්ව විද්‍යාලයේ සිසුන් හා ආචාර්යවරුන් පැහැරගෙන යාමකට හෝ ඝාතනයකට ලක්වේ යැයි දැඩි ජීවිත බියකින් පසුවේ.පොස්ටරයේ නම සඳහන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්වන ශාස්ත්‍ර පීඨයේ කිරුපාහරන්, අමල් රාජ්, තවපලන්,ශක්ති,ජනමෙනන්,සෙන්තිල් ද කළමණාකරණ හා අධ්‍යයන වාණිජ පීඨයේ සූරූපන් හා විද්‍යා පීඨයේ ප්‍රසන්න යන ශිෂ්‍යයින්ය.ජීවිත තර්ජනය ලක්ව ඇත්තේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වන්නේ භූගෝල අධ්‍යයන අංශයේ රවීන්ද්‍රන් , ශාස්ත්‍ර පීඨයේ ආචාර්යවරයෙක් සහ යාපනය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ලේකම් තනතුර හොඹවන විඥේශ්වරන් සහ හිටපු ශිෂ්‍ය නායකයෙකුව සිටි දැනට සහයක ආචාර්යවරයෙකු වන හරිහරන් යන මහත්වරුන් වේ.මේ පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහතා​ගේ කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ තමන් මේ පිළිබ​ඳ කිසිවත් නොදන්නා බවයි. ඊට අමතර අන්තර්විශ්ව විද්‍යාල බලමණ්ඩලයේ කැදවුම්කරු සංජීව බණ්ඩා​රගෙන් කළ විමිසීමකදී ඔහු ද මේ පිළිබඳ කිසිවක් නොදන්නා බව පැවසීය.මේ පිළිබදව අප කළ විමසීමකදී යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති එස්. තවපාලන් මීට සුලු වේලාවකට ඉහත දී සදහන් කළේ, එම පෝස්ටරයේ ශිෂයන් 8 දෙනකුගේ නම් සහ ආචාර්යවරැන් 3දෙනකුගේ නම් සදහන්ව තිබූ බවත්, දැන් වනවිට තත්ත්වය යහපත් වුවත් සිසුන් සහ ආචාරයවරැන් මේ පිළිබදව බියකින් පසුවන බවත්ය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් කැඳවීමේ නියෝගයට අදාළ තීන්දුව ඊයේ(13) උපරිමාධිකරණයේ අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ලබා දෙනු ලැබීය. ජාතියේ අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය පුළුල් කරමින් අගවිනිසුරු…iMAGE: Vikalpa එතෙක් පැවති නිසි ක‍්‍රමවේදය එක මිනිහෙක් කැඳ හැළියක් කෙළේය. පතුලක් නොපෙනෙන මානයේ මහා අවුලකට රටම ඇද දැම්මේය. ඒ තනි මිනිහාට ඊට ගතවුණේ සති දෙකක් පමණි. විධායක ජනාධිපති ක‍්‍රමයක් නොවන්නට, සමස්ත…No Constitution = No Democracy: ලංකාවේ ව්‍යවස්ථාව උල්ලංගනය කිරීමේ කුමන්ත්‍රණය පිළිබඳ සිසුන් 900ගේ විරෝධය දැක්වීමේ ප්‍රකාශයමීට දෙසතියකට පෙර, නිදහස ලැබීමෙන් පසු ප්‍රථමවරට ලංකාවේ අගමැතිවරයා ව්‍යවස්ථාවට පටහැනි ලෙස ඉවත් කර, තවත් අගමැතිවරයෙක් පත් කෙරුණි. නොවැම්බර් 9 වැනිදා, ලංකාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නීති විරෝධී නිවේදනයක් ගැසට් ගත කරමින්…‘අපගේ හැත්තෑ වසරක පැරණි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඔබතුමන්, අමු අමුවේ උල්ලංඝණය කළා’ ආචාර්ය දේවනේසන් නේසයියා, සිරිසේන ජනාධිපතිවරයාට යැවූ විවෘත ලිපියසංස්කාරක සටහන : පහත දැක්වෙන්නේ 1959 සිට රටට සේවය කර ඇති විශ‍්‍රාමික සිවිල් සේවකයෙකු වන ආචාර්ය දේවනේසන් නේසයියා විසින් යවන ලද විවෘත ලිපියකි. ඔහු, 2017 වර්ෂයේදී මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ජාතික ගෞරව…රටක ව්‍යවස්ථාවක් තිබෙන්නේ රටේ පවතින දේශපාලන බලාධිකාරයට එම ව්‍යවස්ථාවට අනුව රට කරවීම සඳහායි. නමුත් දැන් ජනාධිපති සිරිසේන ඔහුගේ හිතුවක්කාරී මතයට අනුව ක්‍රියාකරමින් ව්‍යවස්ථාව තුට්ටුවකට මායිම් නොකර ක්‍රියා කරමින් පවතී. මෙම තත්ත්වය රටට…රිලවෙකුට දැලිපිහියක් ලැබුණු විට ඔහු ආගිය අතේ එය හසුරුවන අතර තමන්ගේ නැට්ට කැපුනද තමන් අතෙහි ඇත්තේ දැලිපිහියක් බව ඌට නොවැටහේ. ඒ ආකාරයෙන්ම බේබදු සිහිනයක පසුවෙන නායකයෙකු රටක නීති සහ රටේ ජනතාව සමග…(මෙය, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කලින් ලියන ලද්දකි) පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට කතාබහක් තිබේ. ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි කැමති වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් තිබෙන බවට සහ නැති බවට තර්ක විතර්ක ඉදිරිපත් කෙරේ….iMAGE: vikalpa තුන් වැනියා පළමුවැනියා විය. ඒ වනාහී සිරිසේන මුහුණ දී සිටින දේශපාලන අබග්ගයේ තරම ය. සිරිසේන අගමැතිකමට මුලින්ම තෝරා ගන්නා ලද්දේ එජාප ප්‍රධානියකු වන කරු ජයසූරියයි. දෙවැන්නා ද එජාප නායකයකු වන…iMage by: LANKA Standard තමන් කිසිම ආකාරයකින් ජනාධිපති සිරිසේන ගෙන් පලි නොගන්නා බව රනිල් වික්‍රමසිංහ ඊයේ පවසා තිබුණි. මෙතරම් දෙයක් සිදු වී තිබෙද්දීත් අර්බුදය විසඳා ගැනීමේ අරමුණින් තමන් ජනාධිපති සිරිසේන සමඟ එක්ව…iMAGE:vikalpa සිරිසේන ජනපතිවරයාට දැන් නම් අර්ශස් තදවීමෙන් හොදෝටම මුක පූට්ටු වී ඇති සෙයකි. එහෙත් භායනක කාරණය නම් ඒ අමාරුකන් සියල්ල දැන් යන්නේ මේ රටේ ජනතාවගේ කරපිටින් වීමය. ලියුම්කරුගේ නිමිත්ත බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේ…මේ පාරාදීසය බිඳවැටීමක් ද ? ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය කුමන්ත‍්‍රණයක් පිළිබඳව ප‍්‍රාරම්භක සටහන් [ආචාර්ය අසංග වැලිකල]iMage by: Time 2018 ඔක්තෝබර් 26 වන සිකුරාදා සන්ධ්‍යාවෙහි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නාට්‍යයක මෙන් විශ්මයජනක නිවේදන දෙකක් නිකුත් විය. එය සිදුවූයේ පහත පිළිවෙලිනි. (අ) එක්සත් ජනතා නිදහස් සංධානය රජයෙන් ඉවත්වීම පිළිබඳව වූ…iMAGE: Vikalpa ඔබ මොන පැත්තේ හිටියත්, මේ දවස් වල පැති මාරු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අත යටින් ලැබෙන මුදල් වල නියම වටිනාකම ගැන ඔබ නිකමටවත් හිතුවද? ඔබ කිසියම් පක්ෂයකින් ඔබේ මනාපය අනුව කතිරය ගසන…මම සමනලුන්ට ප්‍රිය කරමි. ඒත් මම මාපිලුන් ට බිය වෙනවා මෙන්ම ඔවුන් මට හිරිකිතය. ඊයේ ලංකාවේ ජනාධිපති සිරිසේන දස දහස් ගණන් මිනිසුන් හමුවේ සමනලුන් රෑනක් ගැන කියමින් සමච්චලයෙන් සිනාසෙන්නේ මේ රටේ ජනයාගෙන්…iMage by: PMD News ‘‘මගේ රට නැවත පාවා දී තිබේ’’– පැබ්ලෝ නෙරූදා (මතක සටහන්) රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කෙළේ මන්දැ යි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැහැදිළි කෙළේ ඔවුන් දෙදෙනා අතර පැවති…
'ධනංජය ඉවතට..කුසල් ඇතුළට..'- අලුත්ම ක‍්‍රීඩකයකු සමගින් තුන්කොන් තරගාවලියට නම් කළ ශ‍්‍රී ලංකා සංචිතය මෙන්න යෝග්‍යතාව සමත් වු මැතිව්ස්ගේ පත්වීම තහවුරු වෙයි..තුන්කොන් තරගාවලියට සහභාගී වන ශ‍්‍රී ලංකා සංචිතය නම් කිරීම අදයි
ප්‍රංශයේ පිරනිස් කදු පාමුල ලුර්දු නම් නුවරක් විය. එහි ඉතාමත් දිලිදු ග්‍රාමයක පටු පාරක් අද්දර ඉතා කුඩා පැල්පතක් විය. මේ ගෘහයේ බර්නදෙත් නම් දැරියක් ජිවත් වූවාය. ඇගේ පියා පැන්සුව සබිරු වූ අතර මව ලුවිස්කැසීට්රොටි ය. ඇයට මාරි නමැති නැගනියක්ද මල්ලිලා දෙන්නෙක්ද වූහ. බර්නදෙත් ඇදුම රෝගයෙන් පෙලුණි. ඇය උච්චාරණය කිරීමට බොහෝ උත්සහයක් දැක්වුයේ ස්වර්ගයේ වැඩ සිටින , නමෝ මරියනි, විශ්වාස ලක්‍ෂණය යන යාච්ඤාවන්ය .බර්නදෙත් ඇදුම රෝගයෙන් පෙළුන හෙයින් පාසලට යාමට නොහැකි විය. ගුරුවරියකගෙන් ඇය ඉගෙන ගත්තාය. 1858 පෙබරවාරි 11 වන දින ශුද්ධවූ සතියට පෙර බ්‍රහස්පතින්දා ඉතාමත් තද සීතල දවසක් විය. සුබිරු මැතිණිය මාරි නමැති නමැති දෙවන දියණිය කැදවා ” ගේවී ” ගංතෙරට ගොස් දර කපාගෙන ඒමට කීවාය. බ්‍රයෙල් කන්දේ ගුහාවක්ද සිදුරක්ද විය. සිදුර පාමුල රෝස පදුරක් තිබිණි. ඔවුන් එගොඩ වී දර ඇහිලිමට පටන් ගත් අතර බර්නදෙත් තම සපත්තුව ගලවා ගගින් එතරට යාමට අදහස් කලාය.මෙන්න එවිට සිදුවූ සිද්ධිය. ” මගේ මේස් ගැලේව්වාත් සමගම විශාල කුණාටුවක් වැනි ශබ්දයක් ඇසි වට පිට බැලුවා. එත් ගස් සෙලවුනේ නැහැ. එවිට මම ගග හරහා යාමට කඩිනමින් අනිත් මේස් එක ගලවන්නට පාත්උනා. නැවත එම ශබ්දය ඇසුනා. ඉබේටම බැලුනේ ගල් ගුහාව දෙසටයි. සුදු ඇදුමක් ඇදගත් අලංකාර කාන්තාවක් මම දුටිමි. කුරුසියේ ලකුණ ඇදීමට මට නොහැකි විය. එම කාන්තාව අතේ ජපමාලයක් විය. ඇය කුරුසියේ ලකුණ ඇන්දාය. මම ඇය අනුගමනය කර කුරුසියේ ලකුණ ඇද ගත්තෙමි. මගේ බිය ක්‍රමයෙන් දුරු විය. මම ඒ ලස්සන කාන්තාව ඉදිරියේ ඇය සමග ජපමාලය කීවෙමි “යනුවෙනුයි.බර්නදෙත් ගෙව් ගංගාව වෙත අඩි තුනක් ගියාය. තවද පහත වී ඇගේ ඇගිල්ලෙන් වියලි පොලව සුරන්නට පටන් ගත්තාය. ඇය මෙසේ කලේ ඒ වනිතාව එසේ කිරීමට ඇයට පැවසු නිසාය. එදින සවස සමහරු වෙන කිසි දිනක එතැන නුදුටු වතුර පහරක් දුටුවෝය.අවසාන දර්ශනය එනම් මාර්තු 4 වන දින ඇය දෙමව්පියන්ට මෙසේ කීවාය. ” ලස්සන කාන්තාව මීට පසු නොඑන බවක් මට කීවේ නැත” යනුයි. දින 20 කට පසු රාත්‍රියේ හඩ ශබ්දයක් ඇයට ඇසුනි. එනම් ” ගුහාවට යන්න” යනුවෙනුයි. උදැසන ඇය ගුහාවට දිව ගියාය. පැමිණෙනවාත් සමගම මහත් ආලෝකයක් මැද රෝස පදුරට ඉහලින් වනිතාව සිටිනු දුටුවාය. බර්නදෙත් ඇගේ නම මට කියන්නැයි කන්නලව් කලෙමි. ” මම ජන්ම දෝෂයෙන් නිර්දෝෂ වූ තැනැත්තිය වෙමි”මෙසේ නිර්මල කන්‍යා මරිය තුමිය 18 වතාවක් දර්ශනය විය. ඇය ඉල්ලා සිටියේ ජේසුස් වහන්සේ අපට කියා දුන් ස්වර්ගයේ වැඩසිටින යාච්ඤාව ඇතුලත් ශු. ජපමාලය හැකිතරම් උච්චාරණය කරන ලෙසය. 2007 වසරේදී ලුර්දු හි නිර්මල කන්‍යා මරිය තුමියගේ සිද්ධස්ථානයේ 150 වැනි ජයන්තිය පවත්වන ලදී. වර්තමානයේ නිර්මල කන්‍යා මරිය තුමිය වෙනුවෙන් කැප කර ඇති සිද්ධස්ථාන අතරින් වැඩිම බැතිමතුන් පිරිසක් පැමිණෙන සිද්ධස්ථානය ලෙස ලුර්දු හි නිර්මල කන්‍යා මරිය තුමියගේ සිද්ධස්ථානය නම් කල හැක.
ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද රටට අවශ්‍ය සංශෝධනයක් නොවන බවයි.හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (16) උදෑසන අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදාගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින්ය.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ආශිර්වාද ලබාගත්තේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් පන්දු යැවීමේ පුහුණුකරු නික් පෝතාස් මහතා ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.චන්දික හතුරුසිංහ මහතා පත්වීමට පෙර, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙසත්, කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙසත්, නික් පෝතාස් කටයුතු කර තිබිණි.චන්දික හතුරුසිංහ මහතා වැඩභාර ගැනීමෙන් අනතුරුව ඔහු සහාය පුහුණුකරු ලෙස සේවය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටි බවද මේ අතර වාර්තා වේ.ලෝක ප්‍රකට ‘ලෝන්ලි ප්ලැනට්’ සංචාරක සඟරාව මගින් 2019 වසරේ ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත දහය අතරින් ශ්‍රී ලංකාව මුලික ස්ථානයට නම් කිරීම අපේ සංචාරක ව්‍යාපාරය ලත් ජයග්‍රහණයක් බවත්, ඒ ජයග්‍රහණයෙන් උදම් නොවී අපේ සංචාරක ව්‍යාපාරය තව තවත් සංවර්ධනය කරලීම සඳහා නව මංපෙත් සෙවිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ආගමික උරුමයන් වෙත මෙන්ම තවත් නවාංග වෙත සංචාරකයන් ආකර්ශනය කරලීම සඳහා විධිමත් සැලසුම් දියත් කළ යුතු බව ද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.“2015 වසරේ සිට මේ ආණ්ඩුව ක්‍රියා කළේ සංචාරක ව්‍යාපාරය සඳහා ප්‍රමුඛස්ථානයක් ලබාදීමටයි. අද වන විට එහි ප්‍රතිඵල අපට ලැබී තිබෙනවා. නමුත් මෙම ප්‍රතිඵලයෙන් සෑහීමකට පත්වී සංචාරක ව්‍යාපාරයේ වැඩ කටයුතු නතර කළ නොහැකියි. මෙම ප්‍රතිඵලය ආරම්භයක් පමණක් බව කිව යුතුයි.අප ඇති කරන අපනයන ආර්ථිකයේ ප්‍රධාන ස්ථානයක් ලැබෙන්නේ සංචාරක ව්‍යාපාරයටයි. ඒ කෙටි කාලීන විදේශ ආදායම් ඉපැයිය හැකි ව්‍යාපාරයක් ලෙසයි. සංචාරක ව්‍යාපාරය යටතේ විශාල හෝටල් පමණක් නොව, නිවාස ආශ්‍රිත නවාතැන් ලබාදීම, කුඩා කඩ සාප්පු හා අවන්හල් යනාදිය ඇති කරමින් අප ඉදිරියට යා යුතුයි.අපේ අඩුපාඩුකම් ද තිබෙන බව අප මතක තබා ගත යුතු වනවා. අපි එම අඩුපාඩු නිවැරදි කර ගත යුතුයි. ඒ වගේම විශාල වශයෙන් මුදල් වියදම් කරන සංචාරකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳව පමණක් නොව අපට ලැබෙන ආදායම කෙරෙහිත් අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ඒ නිසා සාමාන්‍ය මට්ටමේ සාචාරකයින් මෙන්ම ඉහළ මට්ටමේ සංචාරකයන් ආකර්ශනය කරගැනීම පිළිබඳවත් අපේ අවධානය යොමු කළ යුතු වෙනවා.එම නිසා මේ අවස්ථාවේ දී සංචාරක ව්‍යාපාරයේ වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ක්‍රියා කළ සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතාටත්, එතුමාගේ අමාත්‍යාංශයටත්, අමාත්‍යතුමා සමග වැඩ කටයුතු කළ සංචාරක සංවර්ධන අධිකාරියටත්, උපදේශන හා කාර්ය සාධන මණ්ඩලයටත්, සංචාරක ව්‍යාපාරයේ නිරත පුද්ගලික අංශයේ සාමාජිකයන්ටත්, මෙරට සංචාරක ව්‍යාපාරයේ යෙදී සිටින සියලූ දෙනාටත්, සෑම විටම සංචාරකයින් සමග තම මිත්‍රත්වය පෙන්නුම් කළ ජනතාවටත් ස්තඣතිවන්ත වෙනවා.2019 වසරේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කිරීම ඔස්සේ අපේ සංචාරක ව්‍යාපාරය තව තවත් දියුණු කොට දැනට ලැබෙන ආදායම දෙගුණයක් කර ගැනීමට ඉලක්ක කර ගනිමු යැයි මා අවසාන වශයෙන් පැවසීමට කැමතියි.”
දැල්ලන්ට හාල්මැස්සන් වැනි කුඩා මාළුන් ගිල්ලවා වැඩිවාසි ගන්නට උපක්‍රමයක් යෙදූ සංචාරක මාළු වෙළෙන්දෙකුට පාරිභෝගිකයා ඉදිරියේම එම කුඩා මසුන් වමාරන්නට සිදු වූ පුවතක් පෙරේදා (4) හිඟුරාණ සීනි කර්මාන්ත නිවාස ප්‍රදේශයෙන් වාර්තා විය.අක්කරපත්තුවේ සිට මෙම මාළු වෙළෙන්දා උදෑසන පැමිණ සිටි අතර “මාලෝ.....! මාලෝ.....! දැල්ලෝ..... පන්සීය තුන්සීයයි!” කියමින් නිවාස සංකීර්ණයේ කාටත් ඇසෙන ලෙස උස්හඬින් සංනිවේදනය කළ බව කියති.මේ අතර එක්තරා විශ්‍රාමික ආරක්‍ෂක නිලධාරියෙකු ඔහුගෙන් දැල්ලන් 500ක් මිලදී ගෙන පාරේ සිට නිවසට යන අතරතුර සෑම දැල්ලෙකුගේම බෙල්ල අසලින් වෙනත් කුඩා මාළුන්ගේ වරල් තිබෙනු දක්නට ලැබී ඇත.තවදුරටත් පරීක්ෂා කර බලනවිට ඒ සෑම දැල්ලෙකුටම කුඩා මාළුන් දෙදෙනා බැගින් ගිල්වා තිබෙනු දැක වහාම ආපසු ගොස් ‘අපිට දෙන්නේ දැල්ලොද එහෙම නැතිනම් හාස්මැස්සන්දැයි’ මාළු වෙළෙන්දාගෙන් ප්‍රශ්න කළවිට ඔහු කසාය බිවූ ගොළුවකු මෙන් නිරුත්තරව සිටි බවද කියති.මෙහෙම වෙන්නේ කෙසේදැයි නැවත ප්‍රශ්න කරනවිට “මම දන්නේ නෑ මාතියා මේ දැල්ලෝ මුහුදේ ඉන්නකොට මාළු ගිලින්න ඇතැයි” නිදහසට කරුණු කියා ඇත.කෙසේ වූවද ඔහු එම දැල්ලන්ට බලෙන් ගිල්ලවූ කුඩා මාළුන් සියල්ල වමාරවා නියමිත බරටම නැවත දැල්ලන්දී පසු නොබලා එම ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව දැනගන්නට ඇත.
පසුගිය 10 වැනි අගහරුවාදා කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුවේදී ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණ අතර ඇතිවූ එකඟතාව මත කැබිනට් මණ්ඩල සංශෝධනය හෙට (12) දිනයේ සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.පසුගිය 10 වැනි අගහරුවාදා පැවති කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුවේදී කැබිනට් සංශෝධනය සම්බන්ධව වැඩි අවධානයක් යොමුවූ බවත් පසුගිය දිනවල පැවති දේශපාලන ආතතිය හේතුවෙන් රටේ බොහෝ කටයුතු අපේක්ෂිත ඉලක්ක කරා ගෙනයාම අතපසු වූ බවත් එහෙයින් කැබිනට් සංශෝධනය කඩිනම් කර අලුත් අවුරුද්දේ අලුත් ගමනක් යාම ආණ්ඩුවේ අපේක්ෂාව වී ඇති බවද එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.මේ අතර පසුගිය 10 වැනි අගහරුවාදා පැවති කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුවේදී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවතින දේශපාලන අර්බුදය හමුවේ රට පත්ව ඇති අස්ථාවර තත්ත්වය පිළිබඳ දැඩි අදහස් දැක්වීමක් සිදුකර තිබෙන බවත් එහිදී රට අස්ථාවර කරන්නට ඉඩනොදෙන ලෙසත් ජනතාවට සුබවාදී දැනෙන වෙනසක් ඇතුව ජනවාරි 8 පොරොන්දු එලෙසම ඉටු කල යුතු බවත් අමාත්‍යවරයා ජනාධිපතිවරයාටද අගමැතිවරයාට අවධාරණය කර ඇති බව වාර්තා වෙයි.එළඹෙන 13 වනදාට පෙර කැබිනට් සංශෝධනය සිදුකර සම්මුති ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා පොරොන්දු වූයේ ඉන් අනතුරුව බවත් කෙසේ වුවත් එහිදී විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබාදුන් ශ්‍රීලනිප 16 කණ්ඩායම සම්බන්ධව ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් සඳහන්ව ඇත්තේ ඔවුන් සිය අමාත්‍ය ධුර වලින් ඉවත්ව විපක්ෂයේ අසුන් ගන්නා බවත් දැනගන්නට ඇත.
ඊසාන දිග තායිවානයේ මගීන් 366 ක් සමඟ ගමන් ගත් මගී දුම්රියක් යිලාන් දිස්ත්‍රික්කය හරහා ගමන් කරන විට දී වූ හදිසි පීලි පැනීමෙන් මගීන් 18 ක් මිය ගොස් 170 කට බරපතළ තුවාල සිදු වී ඇතැයි එරට ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම අනතුරට පත් දුම්රිය පුයුමා සීඝ්‍රගාමී 6432 වර්ගයට අයත් මගී දුම්රියකි. මෙම දුම්රිය වසර 8ක් නොකඩවා ධාවනය වී ඇති අතර ඉතා හොඳ තත්වයේ පැවති බවට සඳහන් ය. කෙසේවෙතත් මෙම දුම්රිය පීලි පැනීමෙන් එහි දුම්රිය පෙට්ටි 8ක් දුම්රිය මාර්ගයෙන් ඉවතට ගොස් ඇති අතර ඒවා ඉවත් කිරීම‍ට සහන කණ්ඩායම්, ගිනි නිවන භටයින් හා ආරක්ෂක භටයින් 120 ක් යොදවා ඇත.
කැලණිය විශ්වවිද්‍යාලයේ ප‍්‍රතිබිම්බ කලා තෙවන වසර විදයාර්ථියකු වන ඔෂාන් යාපා අමරසේකරගේ ‘සල රු සිත්තම්‘ ප‍්‍රදර්ශනය ඔක්තෝම්බර් 24 සහ 25 දෙදින පුරා උදෑසන 9 සිට සවස 5 දක්වා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ ආලින්දයේ දී පැවැත්වේ. අධ්‍යයන කාලසීමාව අතරතුර ඔහු විසින් නිර්මාණය කරන ලද කෙටි චිත‍්‍රපට දැක්මක් හා ඔහුගේ ම තෙලිතුඩින් සිත්තමට නැගුණු හෙළ සිනමාවේ විශේෂ චරිතයන්ගේ සිතුවම් දැක්මක්ද මේ දෙදින පුරා ප‍්‍රදර්ශනය කෙරේ.සල රු සිත්තම් ප‍්‍රදර්ශනයට එක්වන ඔබට, සිතුවම් කරන ලද හෙළ සිනමාවේ විශිෂ්ටතම චිත‍්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ උඩු කය චිත‍්‍ර ප‍්‍රදර්ශනය, හෙළ සිනමාවේ මහා නළුවන් සයදෙනාගේ උඩු කය ඡුායාරූප ප‍්‍රදර්ශනය, හෙළ සිනමාවේ දක්ෂතම හා සුරූපී ම නිළියන්ගේ උඩු කය ඡායාරූප ප‍්‍රදර්ශනය, හෙළ සිනමාවේ පේ‍්‍රමණීය යුග ප‍්‍රදර්ශනය, කුළුදඳුල් කෙටි චිත‍්‍රපට ප‍්‍රදර්ශනය ආදී ඔෂාන් යාපාගේ නිර්මාණකරණයන් කිහිපයක්ම රසවිඳිය හැකිය.
‘රයිගම් ටෙලීස්‘ සම්මාන නිර්දේශ ප්‍රකාශයට පත් කරෙන උත්සවය මැයි 19 දා සවස 6 ට නළුනිළියන් සහ කලාකරුවන් විහාල පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ කිංග්ස්බරි හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි.බුඩී කීර්තිසේනගේ අලුත්ම චිත්‍රපටය ‘නිම්නයක හුදෙකලාව‘ මැයි 19දා සිට කොළම රීගල් -කොල්ලුපිටිය -ලිබර්ටි ලියිට් -මහරගම ඇමටි ලයිට්- බොරැල්ල ලිඩෝ ඇතුළු සිනමාශාලා රැසක තිරගතවෙයිසෞම්‍ය ලියනගේ-සංගීතා වීරරත්න-රවීන්ද්‍ර රන්දෙනිය -විමුක්ති ජයසුන්දර-සමනලී ෆොන්සේකා-පාලිත සිල්වා ජයලාල් රෝහණ- ලක්ෂ්මන් මෙන්ඩිස්- සචිනි අයේන්ද්‍රා ඇතුළු නළි නිළියන් චරිත නිරූපණය කරති.පුරා සිව් දශකයකට අධික කාලයක් තිස්සේ සිංහල සිනමා සාහිත්‍යයට හා විචාර කලාවට විශිෂ්ට සේවාවක් ඉටු කළ සුනිල් මිහිඳුකුල ප්‍රවීණ සාහිත්‍යවේදියාණන්ගේ සේවය ඇගයීමේ උත්සවයක් මැයි මස 04 වැනිදා, බෘහස්පතින්දා පස්වරු 3.30 ට, කොළඹ 05, පොල්හේන්ගොඩ පිහිටි ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.ඊයේ (31) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැති ජනාධිපති සිනමා සම්මාන ප්‍රදානෝත්සවයෙදී 2015 වසරේ හොඳම තිර රචනය - හොඳම චිත්‍රපටය - හොඳම අධ්‍යක්ෂණය- හොඳම සංස්කරණය- හොඳම ශබ්ද සංකලනය- හොදම නළුවා- හොඳම නිළිය ඇතුළු සම්මාන රැසක්ම ප්‍රසන්න විතානගේ ගේ ‘ඔබ නැතුව ඔබ එක්ක‘ චිත්‍රපටයට හිමිවිය.පෙර කී ප්‍රවර්ගයට වඩා සරලමතික නියෝජනයක් ලෙස සැලකිය හැකි රාජපක්ෂ රෙජීමයේ අනුහසින් බිහි වූ රජ කතා හා බෞද්ධ කතා දෘෂ්ටාන්තමය රැල්ල සෘජු ජාතිකවාදයටත් එහා ගිය ජාතිවාදී සිනමාවකි. එක අතකින් කර්මාන්තයක් ලෙස ලංකාවේ සිනමාව අධික ලෙස බිඳවැටුණු හා පිරිහුණු යුගයක් ගෙවන මේ මොහොතේ සිනමාව තුළ ජාතිකත්ව සාධකය නැවත නැවත වතුරේ යට ගැසූ බෝලයක් මෙන් මතුවෙමින් තිබේ. ජාතික රාජ්‍යක් ලෙස හා ජාතික ආර්ථියක් ලෙස කිසිදු සංගත හෝ ස්ථාවර බවක් ලංකාවට තවදුරටත් හිමි නැත. මෙවන් යුගයක සමාජ දේහය තුළ මෙන්ම සිනමාවේ ද ජාතිකත්වය විවිධ මුහුණුවරින් උත්කර්ෂයට නැංවීම කුතුහලය දනවන සුළු ය.Baiju Bawra චිත්‍රපටය තුළින් ඇය බෞතිස්ම ලැබුවා පැවසුවොත් එය නිවැරදිය. එයින් ඇය සම්මානයටද පාත්‍රවිය. ඉන් අනතුරුව තිරයට පැමිණි පරිනීතා, ශාර්දා , කොහිනූර්, අzසාඩ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, දිල් ඒක් මන්දීර්, චේරාග් කහීන් රෝශ්නී කහීන්,සාන්ජ් ඕර් සවේරා වැනි චිත්‍රපට තුළින් ඇය ඉමහත් ජනප්‍රියත්වයට පත්වුනි.සාහිත්‍ය හා සමාජය අතර ඇත්තේ ප‍්‍රබල සම්බන්ධයකි. සාහිත්‍ය කෘති නිර්මාණය කිරීමට වස්තු විෂය සපයනු ලබන්නේ සමාජයයි. නිර්මාණයන්ට පාදකවන සමාජ පරිස්ථිතිය පිළිබඳ අවබෝධය සාර්ථක රසවින්දනයකට උපකාරී වේ. සමාජීය සාහිත්‍ය අධ්‍යයනය, සමාජ විද්‍යාත්මක විචාර න්‍යාය වැනි සංකල්ප ලොව පුරා ව්‍යාප්ත වන්නට වූයේ ද මේ නිසාවෙනි. කුමන හෝ කාලවකවානුවක සමාජ, දේශපාලන, සංස්කෘතික, ආර්ථික සාධක පාදක කොටගෙන නිර්මාණ බිහිවිය හැකිය. බුද්ධිමත් සහෘදයා එම සමාජ, දේශපාලන, ආර්ථික සාධක ඇති යුගය සොයා යයි. අපට නුහුරු නුපුරුදු අද්දැකීම් ග‍්‍රහණය ගත හැකි වනුයේ එවිටය.ඉන්දියාවේ බිහිවූ විශිෂ්ට ගීත රචකයකු - ගායකයකු සංගීඥයකු සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ ආචාර්ය බුපෙන් හසරිකා සමරමින් ඔහු උපන් ඇසෑම් ප්‍රාන්තයේදී ඇසෑම් සාහිත්‍ය සභාවෙන් පිරි නැමෙන ආචාර්ය බුපෙන් හසරිකා අන්තර්ජාතික සහයෝගිතා සම්මානය මෙවර හ්‍රී ලාංකේය සිනමාවේදී ප්‍රසන්න විතානගේට පිරි නැමිණි.දුරවබෝධ සංකීර්ණතාවෙන් යුතු නවකතා එකහෙළා බැහැර කිරීමට ද මා කැමති නැත. එක හුස්මට, ඉතා පහසුවෙන් කියවා හමාර කළ නොහැකි නවකතා ප‍්‍රතික්ෂේප කරන්නේ නම් පියදෝර් දොස්තයෙව්ස්කි, ජේම්ස් ජොයිස් හා ඇතැම් විට ගාර්ෂියා මාර්කේස්ගේ නවකතා ද අපට මඟහැරෙනු ඇත. අනෙක් අතට පහසුවෙන් කියවා හමාර කළ හැකි අති සරල නවකතා වුව ද මඳක් කියවන කල ඇති දෙයක් නැතැයි සිතෙයි.(ප්‍රවීණ සිනමාවේදිනී ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ ‘සින්ඩ්‍රෙල්ලා‘ චිත්‍රපටය මෙ දිනවල ඩයලොග් සැටලයිට් රූපවාහිනියේ 7th sircuite (චැනල අංක 20) තිරගත වෙයි. මේ විමර්ශනය ඒ නිමිත්තෙනි)සිනමාවේ කෝණයෙන් පසුගිය රාජපක්ෂ රේජීමයේ දේශපාලන අවධිය නරඹන විට සලකුණුකල හැක්කේ ආන්තිකකරණයක් පමණි. එක අතකින් ජැක්සන්ගේ 'අබා'(2008) චිත්‍රපටියෙන් ඇරඹි රජකතා රැල්ලක් වූ අතර අනෙක් පසින් මායිම් ගම්මාන ආශ්‍රිත හෝ අඩු වැඩි වශයෙන් ජාතික ගැටලුවේ අන්කොන් රැගත් සම්භාව්‍ය සිනමාවක් දක්නට ලැබිණ. රාජපක්ෂලා දේශපාලනයේ මෙන්ම සිනමාවේද අතරමැද නැති කළේය. එසැනින් ලංකාවේ සිනමා විචාරයද දෙපලු විය. සිනමාවට සෘජු සම්බන්ධයක් නැති ජාතිවාදීන් පිරිසක් දේශප්‍රේමී නොහොත් දෘෂ්ටාන්ත ( allegorical) සිනමාවට කත ඇදීය. තවත් අපි වගේ පිරිසක් එහි දෘෂ්ටිවාදයට එරෙහිව විශ්ලේෂණ ව්‍යාපෘතියක නිරත විය.පෙරළිකාර සිනමාකරු විශ්වනාත් බුද්ධික කීර්තිසේන :බූඩී - ගේ සිනමා උළෙලක් මැයි මස 17 - 18 දෙදින තුළ ජාතික චිත්‍රපට සංසථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වේ.සෘජුවම විරෝධාකල්ප දනවන බොහෝ නිර්මාණවල ගැබ්වන සටන්පාඨ ස්වරූපය මා සිත නොගනියි. අනිත් අතට අවනත ව පවත්නා ක‍්‍රමයට මෙහෙකරන නිර්මාණ ඊටත් වඩා සිත් නොගනියි. කලාත්මක විරෝධය සමග එකග නොවී බැරිය. විසිවන සියවසේ විවාදාපන්නම නාට්‍යකරුවා ලෙස හඳුනාගත හැකි බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් නම්වූ ජර්මන් ජාතික නාට්‍යකරුවා අප ග‍්‍රහණය කරගන්නේ මෙකී ප‍්‍රබල කලාත්මක විරෝධයෙනි.නූතන සමාජය පුරා ම ව්‍යාප්ත ව පවතින්නේ ගුණාත්මක භාවයෙන් තොර අටෝප සාටෝපභාවයෙන් ආඪ්‍ය සර්ව පිත්තල ලෝකයකි. එය අධ්‍යාපනය මගින් ද විශද වේ. එනිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ සැබෑ දක්ෂයා යටපත් වී කට පාඩම් කිරීමේ හැකියාවෙන් යුතු ගිරා පෝතකයින් ජයග‍්‍රහණයේ සීමාව කරා සැපත් වේ. මම බලාපොරොත්තු වූ කැම්පස් ජීවිතය මෙය නම් නොවෙමි. එනිසා නිවසින් විශ්වවිද්‍යාලය කරා පිය නගන්නේ ද නැවත නිවස බලා පැමිණෙන්නේ ද තැවුල් සිතකින් යුතුවය.කපිල කුමාර කලිංගගේ නවතම නාට්‍ය නිර්මාණය ‘බැංකු වීරයා‘ මාර්තු 31 රාත්‍රී 7 ට ලයනල් වෙන්ට්ඩ් රඟහලේදී වේදිකාගත වෙයිඇය සමනළියක ලෙසින් නිදහසේ සිටි කාලයක් ඇත . කාලයත් සමග උස් මහත් වෙද්දී පවුලේ අභාෂය හරහා කුඩා කල සිට දුටු කලාවට ඇය ආදරය කළත් ඒ හා සමගම ඇය සමාජ ක්‍රියාකාරිනියක ලෙසින් වෙනස්ම කෝණයකින් වටපිටාව දකින්නට සමත් වුවාය . තම වයසට වඩා මුහුකුරා ගිය ජිවිතාවබෝධය සමග ගමන් කල ඇය සමාජයේ බොහොමයක් ගැටළු ඉදිරියේ ප්‍රබල හඩක් නැගුවාය. නිසග නිර්මාණ කුසලතා සහිත සුජාත රංගවේදයක් උදෙසා ජිවිතය කැප කළ ෆොන්සේකා පරම්පරාවේ වත්මන් පුරුක සමන්මලී ෆොන්සේකාය.
පසුගියදා ඉන්ධන මිල අඩු කිරීමට නව රජය පියවර ගැනීමත් සමඟ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණි.ජාතික ගමනා ගමන කොමිශන් සභාවේ පැවති මෙම සාකච්ඡාවට එහි සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටයේය.මෙම සාකච්ඡාවට බස් සංගම් නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් එක්ව සිටි අතර එහිදී බස් ගාස්තු සියයට 02 කින් පහත දැමීමට එකඟතාව පලවිය.කෙසේවෙතත් අවම බස් ගාස්තුවේ වෙනසක් සිදු නොවන බවයි අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කළේය.
ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන 113 ක්‌ පියවරෙන් පියවර බත්තරමුල්ල පෙදෙසේ ස්‌ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇති බවත් ඊළඟ වසර තුළ රටේ එකම පරිපාලන නගරය බවට පත්වන්නේ බත්තරමුල්ල හා ශ්‍රී ජයවර්ධනපුර කලාපය බවත් මහ නගර හා බස්‌නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික මහතා ප්‍රකාශ කළේය.තවද කොළඹ තවදුරටත් ශ්‍රී ලංකාවේ අගනගරය හැටියට තබාගෙන දෙවැනි අගනගර තුනක්‌ ඒ වටා ඉදිකරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.ඇමැතිවරයා ඒ බව ප්‍රකාශ කළේ රුපියල් මිලියන 213 ක වියදමින් කඩුවෙල නව සති පොළ හා අතිරේක බස්‌ නැවතුම් පොළ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් එම භූමියේදී පැවැති උත්සවය හමුවේ කෙටි දේශනයක්‌ පවත්වමිනි.කඩුවෙල සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, සුජීව සේනසිංහ, කොළඹ දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ සංවිධායක ප්‍රියන්ත පත්බේරිය, කඩුවෙල හිටපු නගරාධිපති ජී. එච්. බුද්ධදාස, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ජගත් මුණසිංහ යන මහත්වරු හා කඩුවෙල නාගරික කොමසාරිස්‌ ලේඛා ගීතාංජලී මහත්මිය ඇතුළු පිරිසකගේ සහභාගීත්වය ඇතිව අදාළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණි.අද කොළඹ කියන්නේ තවදුරටත් ජනතාව පදිංචි වීමට බලාපොරොත්තු වන නගරයක්‌ නොවන බවද 1991 වසරේ කොළඹ නගරයේ ජනගහනය හයලක්‍ෂ හැටපන් දහසක්‌ බවට ජන සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වී ඇති අතර 2012 වසර වන විටත් කොළඹ ජනගහනය ගණනය වී ඇත්තේ එම සංඛ්‍යාවම බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.අද මුළු රටේම නාගරික සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ මහ නගර හා බස්‌නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයෙන්. නාගරික සංවර්ධන අධිකාරියත් ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධව රට පුරාම "සුත පුරවර" නමින් ඉදිකරන උප නගර සංවර්ධන ව්‍යාපෘතියක්‌ මෙයට අයිතියි. කොළඹ තවදුරටත් අපේ අගනගරය වශයෙන් තිබියදී කොළඹ වටා කඩුවෙල, හෝමාගම, කැස්‌බෑව, මැතිවරණ කොට්‌ඨාස දෙවැනි අග නගර වශයෙන් සංවර්ධනය කරනවා.ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, ඇමැති සුජීව සේනසිංහ හා ප්‍රියන්ත පත්බේරිය යන මහත්වරුද රැස්‌ව සිටි පිරිස අමතා කතා කළහ.
වේදිකා නාට්‍ය, සිනමා (ටෙලිනාට්‍ය ඇතුළු රඟපෑම, රචනය සහ අධ්‍යක්ෂණය පිළිබඳ ක‍්‍රමානුකූල වෘත්තීය පුහුණුවක් ලබා දෙන ඩිප්ලෝමා පාඨමාලාවක් ජනකරළිය සංස්කෘතික පදනම විසින් ආරම්භ කර තිබේ.ජනකරළිය සංස්කෘතික පදනම විසින් නිර්මාණය කළ ‘‘තිත්ත කහට’’, ‘‘හිරු නැගෙනතුරු’’ සහ ‘‘අඳුර සහ එළිය’’ යන නාට්‍ය තුන අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයිය නව රංගශාලාවේදී රංගගත වෙයි.මෙම ඔක්තෝබර් මස 17 වැනි බදාදා ‘‘තිත්ත කහට’’ නාට්‍යය සවස 2.30ට සහ 6.30ටද, ‘‘හිරු නැගෙනතුරු’’ සහ ‘‘අඳුර සහ එළිය’’ නාට්‍ය දෙක 18 වැනි බ‍්‍රහස්පතින්දා සවස 6.30ටද රඟදැක්වෙනු ඇත.2017 වසරේ ප්‍රකාශිත ප්‍රශස්ත කවකතාවට පිදෙන ස්වර්ණ පුස්තක සම්මානය අද (15) සවස 6 ට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පිරිනැමෙයිමේ සඳහා දැනට රංගනයේ යෙදී සිටින නළු නිළියනට මෙන්ම රඟපෑමේ පිපාසාවෙන් සිටින තරුණ තරුණියන්ටද සහභාගි විය හැකිය.ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම වැඩ මුළුව මෙහෙයවන්නේ සිනමා හා වේදිකා රංගනය පිළිබද න්‍යායාත්මක පොත්පත් රාශියක් ලියා ඇති ප්‍රවීණ රංගන ශිල්පියකු හා රංගාචාර්යවරයකු වන ධර්මජිත් පුනර්ජිව මහතාය.පුවත්පත්කලාවේදිනියක -නවකතාකාරියක සහ තිරනාටක රචිකාවියක වන බුද්ධිනී ජයවර්ධනගේ අලුත්ම නවකතාව ‘අහස්‘ මැයි 24 වෙනිදා සවස 3ට ජාතික පුස්තකාලසේවා මණඩල ශ්‍රවණාගාරයේදී දොරට වඩී.ප්‍රවීණ නාට්‍ය වේදී ලූෂන් බුලත්සිංහල ගේ නවතම නාට්‍ය නිර්මාණය ‘වෙස්මූණ ගලවන්න‘ නොවැම්බර් 11 දා සවස 7ට ලයනල් වෙන්ට්ඩ් රහහලේ වේදිකාගත වෙයි.හැත්තෑ වසරක් ඉක්මවූ හෙළ සිනමා වංශකතාවේ, ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට ශ‍්‍රී ලාංකීය චිත‍්‍රපටයක් සිංහල හා දමිළ භාෂා ද්විත්වයෙන් ම එකවර ප‍්‍රදර්ශනය කිරීමේ භාග්‍ය ලබමින්, සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂණය කළ, නිදහස් සටනට නායකත්වය සැපයූ මහාමාන්‍ය ඞී. එස්. සේනානායක ශූරීන්ගේ ජීවන චරිතය ඇසුරින් තැනූ ”නිදහසේ පියා - ඞී. එස්.” චිත‍්‍රපටය 12වන දින සිට දිවයින පුරා රිද්මා මණ්ඩලයේ සිනමාශාලාවන්හී දී තිරගත කිරීමට නියමිතව ඇත.කොළඹ නාට්‍ය කථීකාව පසුගිය වසර පුරාවටම ඉතා සාර්ථකව ජර්මානු සංකෘතික මධ්‍යස්ථානයේ අනුග්‍රහයෙන් ඉන්ටර් ඇක්ට් ආර්ට් ආයතනය මගින් පවත්වන ලදී. වසරක කාලයක් පුරා නාට්‍ය කලාවේ විවිධ මානයන්වල රංගකලා වාර්තා චිත්‍රපටි රැසක් සංවාදය සඳහා ඉදිරිපත් කරන ලදී. ඒ සඳහා දේශීය මෙන්ම විදේශීය තරුණ සහ ප්‍රවීණ නාට්‍යකරුවන්ද සහභාගී වෙමින් එම අත්දැකීම් ඛෙදා ගන්නා ලදී.ලලිත් ප්‍රෙමතිලකගේ කුළුඳුල් චිත්‍රපටය ‘රයිගමයයි ගම්පලයයි‘ දැන් ඉහලම ප්‍රෙක්ෂක ප්‍රතිචාර මැද දිනයින පුරා සිනමා ශාලාවල තිරගත වෙයි.පැරැණි සිංහල ජනකතා පිළිබඳව පාසල් ළමුන් දැනුවත් කිරීමේ සහ ළමුන්ට මවුපියන් සමග එකට සිට නැරැඹිය හැකි අන්දමේ චිතුපටයක් නිර්මාණය කිරීමේ පරමාර්ථයෙන් මෙහි තිර නාටකය ලියා ඇත්තේද ලලිත් ප්‍රේමතිලක විසිනි.ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එකම හා පළමු ජාත්‍යන්තර නාට්‍ය උළෙල වන කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල මැයි 24 සිට 30 දා දක්වා ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වෙයි.මෙවර නාට්‍ය උළෙල සඳහා රටවල් අටකින් නාට්‍ය 13ක් ඉදිරිපත් කොට ඇති අතර නාට්‍ය දර්ශන වලට අමතරව නාට්‍ය වැඩමුලු- ජාත්‍යන්තර නාට්‍ය වේදීන් ගේ සම්මේලනද පැවැත්වෙයි.නදීකා බංණ්ඩාරගේ නවතම රංග කාර්යය තෙත්භූමි ඔක්තෝබර් 26 වන සවස 7.00ට නුගේගොඩ විජේජ්රාම රෝයල් තැප්‍රොබේනියන් රංග අවකාශයේදී වේදිකා ගතවෙයි.නදීකා බණ්ඩාර, මුරුගන් එමා, සුසන්ත ප්‍රදීප්, අජිත් සංජීව, කසුන් ජයරත්න, ජෙනිටස් පෙරේරා, බිනාල් අතුරුලියන රංගනයෙන් Þයක වන මෙහි සංගීත නිර්මාණය ශාක්‍යා වීරසිංහගෙනි.පුවත්පත් කලාවේදියකු, ලේඛකයකු, විචාරකයකු හා කවියකු වන ජයසිරි අලවත්තගේ ‘කාව්‍යාලාප‘ සහ ‘මකරන්ද‘ කාව්‍ය විචාර පිළිබඳ විචාරාත්මක සංවාදයක් ‘කවිවර කතිකාව‘ මැයෙන් හෙට (16) සවස 3ට නුගේගොඩ මහජන පුස්තකාලයේදී පැවැත්වෙයි.නදීකා බණ්බාරගේ අලුත්ම නාට්‍ය නිර්මාණය ‘තෙත් භුමි‘ සැප්. 01 දා රාත්‍රී 7ට නුගේගොඩ , විජේරාම රෝයල් තැප්‍රොබේන් සංස්කෘතික අවකාශයේදී වේදිකා ගතවෙයි.අපූර්ව ප්‍රෙමනීය පුවතක් වටා ගෙතුණු ‘වස්සානයේ සඳ‘ බබලවන්නට උදයකාන්ත ඇන්ජලො සංජීව බාන්ස් සහ ඕෂධී හිමාෂා නමැති නවක නළුවකු සහ නිළියක ද යොදාගන තිබේ.රවීන්ද්‍ර රන්දෙණිය- පියුමි හංසමාලි- සුවිනීතා වීරසිංහ- අනුලා කරුණාතිලක- අනුජ් රණසිංහ- ශ්‍රීනාත් මද්දුමගේ ඇතුළු නළු නිළියෝ සෙසු චරිත නිරූපණය කරති.ප්‍රවීණ සිනමාවේදී උදයකාන්ත වර්ණසූරියගේ ‘වස්සානයේ සඳ‘ චිත්‍රපටයේ තිරනාටකය සහ එම තිරනාටකය ඇසුරින් ලියු නවකතාව චිත්‍රපටය ප්‍රදර්ශනයත් සමග එළි දැක්වීමට කටයුතු යෙදා ඇත.හොදම නළුවා- මහේන්ද්‍ර- හොදම නිළිය - නදී ජනප්‍රියම නළුවා -තුමිදු ජනප්‍රියම නිළිය -නයනතාරා හොදම ටෙලි නාට්‍යය- බැද්දේ කුලවමිය ජනප්‍රියම ටෙලි නාට්‍යය- කූඹියෝ
රූපලාවණ්‍ය මධ්‍යස්ථානයකදී එන්නතක් විස වීමෙන් මියගිය බොරැල්ල ළමා රෝහලේ වෛද්‍යවරිය මීට මාස දෙකකට පමණ පෙර දේහලක්ෂණ විද්‍යාඥ සමන් ජයතිලක මහතා හමුවූ අවස්තාවේදී ඇයට මහා විපතක් සිදුවීමට ඉඩ ඇති බව ජයතිලක මහතා කියා ඇති බව වාර්තා වේ.මිය ගිය වෛද්‍ය පී . ඒ. ප්‍රියන්ගි මහත්මිය බොරැල්ලේ පිහිටි ජයතිලක මහතාගේ කාර්යාලයට ඇතුළු වීමට රැදී සිටියදී ඇයට පසුව අවස්ථාව ලබා ගැනීම සඳහා අසුන්ගෙන සිට ඇත්තේ රූපලාවණ්‍ය ශිල්පිනියකි.එහිදී රූපලාවණ්‍ය ශිල්පිනිය හා කතාබහට වැටුණු වෛද්‍ය ප්‍රියන්ගි තමා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරියක බව හෙළිදරව් කොට තිබේ. පසුව ජයතිලක මහතා හමුවී පැමිණි වෛද්‍ය ප්‍රියන්ගි මහත්මිය රූපලාවණ්‍ය ශිල්පිනියට පවසා ඇත්තේ සමන් ජයතිලක මහතා තමන්හට පැවසුවේ ඉදිරියේ එන කාලය නරකම බවය. තමාට සැත්කමකට මුහුණ දීමට වන බවත් එය මහා විනාශයක් ගෙන දෙන සැත්කමක් බවත් කී ජයතිලක මහතා ජීවිත හානි ඇති බවද කියූ අතර, තමන් එම කියමන් විශ්වාස නොකරන බැව් කියමින් යන්නට ගොස් ඇත්තේ රූපලාවණ්‍ය ශිල්පිනිය අත තම තොරතුරු කාඩ්පතක් ද තබමිනි.මේ සම්බන්ධයෙන් සමන් ජයතිලක මහතාගෙන් විමසූ අවස්ථාවේදී එම වෛද්‍යරියගේ මුහුණ, ඇස්, අත්ල බලා එම මහත්මියට සැත්කමක් මඟින් හෝ හදිසි අනතුරක් මඟින් ජීවිත හානියක් වීමට ඉඩ ඇති හෙයින් සැත්කම්වලදී ඉතාම පරෙස්ස්ම් වන ලෙසත් ඉදිරි කාලය පරෙස්සමෙන් කටයුතු කරන ලෙසත් තමා අවවාද කළ බව ජයතිලක මහතා කියයි.කෙසේ වුවත් තමා ඇය වෛද්‍යරියක බව මුල් අවස්ථාවේ නොදැන සිටියත්, ඇය ඉතාම ඉහළට ඉගෙනගත් කෙනෙක් බවත්, කිසිදු කෙනෙකුගේ කීමක් ගණන් නොගන්නා කෙනෙකු බවත් ඇයට කී බව ජයතිලක මහතා වැඩිදුරටත් කීවේය.
‘1955 බදුල්ල කයිලගොඩ දොළොස් දෙනෙකුගෙන් යුත් පවුලක හත්වැන්නියව උපන් ඇය පරණ පල්ලියගුරුගේ අනෝජා කාන්ති සිරිවර්ධන‘පූර්ව කථනය එසේ ඇසෙද්දී දුරස්ථ රූපයක්ව තිරයේ ඇඳුණු ඇගේ රුව කෙමෙන් කෙමෙන් සමීප රූපයක් බවට පත්වුණා. මුහුණේ තැනින් තැන මතුව ඇති රැළි මැදිවියද ගෙවා දමන දෑස්, නොකියාම බැරි දෙයක් කියා දමන්න සැරසෙන්නාක් මෙන් මුවගෙහි මදහසක්ද මතු වුණා.අනෝජා වීරසිංහ ජාත්‍යන්තර සම්මානලාභී රංගවේදිනිය. පසුගියදා ජාතික රූපවාහිනියේ විකාශය වූ විනීතා කරුණාරත්න අධ්‍යක්ෂණය කළ ‘ආලකමන්දාවේ‘ කථානායිකාව වූයේ ඇයයි.‘මේ ළඟදි දවසක මං පාරේ ඇවිදගෙන යනකොට දෙයක් සිද්ධ වුණා. ටී.වී. එකේ රිදී නිම්නයේ අපේ පරණ ෆිල්ම් හරියට යනවානෙ. ඒවා දැකපු අම්මෙකුයි පුතෙකුයි මාව නවත්තනෙ මෙහෙම කියනවා.‘පුතේ මේ අර චිත්‍රපටවල හිටපු නැන්දා තමයි. අනේ ඔයා ඒ කාලෙ කොච්චර ලස්සනද? අම්මා මෙහෙම කියද්දි දරුවා මං දිහා කට ඇරගෙන බලා ඉන්නවා. අම්මාට නම් පිස්සු කියලා දරුවාට හිතෙන්න ඇති. ‘එපා කරදර කරන්න. ඔයා මාව දැනගත්තාට මේ දරුවාට මාව දැන ගන්න බැරුව ඇතිනේ.‘මම කිව්වා. ‘ඒක නේන්නම් ඔයා කොච්චර ලස්සනට .... සුන්දරව හිටියාද? ‘ අම්මා ආයෙත් කියනවා. එදා නෙමෙයි මම අදයි ලස්සන කියලා මට ඇතුළෙන් හිතෙනවා.‘‘නිළියක් වෙන්න ආසාවෙන් හිටියේ මායා අක්කා. මට ඕනෑ වුණේ ගායිකාවක් වෙන්න. ඒත් අන්තිමේ මායා අක්කා ගායිකාවක් වෙලා මං නිළියක් වුණා.‘සිනමාව මට අහම්බෙන් ලැබිච්ච දෙයක්. ඒ දවස්වල මං වැඩ කළේ රක්ෂණ සංස්ථාවෙ. එතැන ම‍ගේ යෙහෙළියක හමුවෙන්න සුනිල්සෝම පීරිස් නිතරම එනවා. ඒ ආව වෙලාවට මාත් නළු නිළියො ගැන විස්තර සුනිල්සෝම පීරිස්ගෙන් අහනවා. ගාමිණී , මාලනී, විජය, ජෝ... මේ ගොල්ලො දැකලා තියෙනවාද කියලා මං ඇහුවා. එයා කිව්‍වා ‘අපෝ ඔව්‘ කියලා. ‘මෙහෙම ළඟම ඉඳිද්දි දැකලා තියෙනවාද?‘ ‘ඔව්.... ඔව්.... අපි එකට කනවා බොනවත් ‘කියලා කිව්වා. මටත් දැන් ඉතිං මට හරිම ආසයි. මං මගේ යාළුවාට කිව්වා මටත් ඔය චිත්‍රපටයක මොනව හරි පුංචි කෑල්ලක් හොයල දෙන්න කියලා. ඉස්සර මං මොනරාගලදි ‘අඳුරෙන් එළියට‘ කියල නාට්‍යයක රඟපාල පොඩි අත්දැකීමකුත් තිබුණා. මගේ යාළුවා සුනිල්සෝම පීරිස්ට ඒ ගැන කියලයි තිබුණෙඑහෙම එක දවසක සුනිල්සෝම පීරිස් කලබලෙන් දුවගෙන ආවා. චිත්‍රපටයක පුංචි දර්ශනයකට නිළියක් ඕනෑවෙලා කියලා මට ලෑස්ති වෙන්න කිව්වා. රූගත කිරීම තිබුණෙ පහුවදා.විදුලි පඩිපෙළක මං පහළට එනවා. මා පස්සෙන් ජෝ අබේවික්‍රම ලුහුබඳිනවා. මගේ මූණට එබෙමින්, විපරම් කරමින් ඔහු මා දිහා බලනවා. මං රවනවා.ඔරවනවා. වචනයක්වත් කතා බහක් නෑ. අන්තිමේ පඩිපෙළෙන් බැහැලා ගස්සගෙන යනවා. ටක් ටික් ටුක් කියනකොට ඒ රූපගතකිරීම ඉවරයි. චිත්‍රපටය ‘ටක් ටික් ටුක්‘.මගේ මූණ සුදුපාට වෙන්නම මේක්අප් කරලා. මට මූණ හෝදන්නත් ලෝබයි. මං එහෙම මේක්අප් පිටින්ම ගෙදර යන්න බස් එකට නැග්ගා. වීදුරුව අයිනෙ ෂීට් එකක ඉඳගත්තා.‘දැන් මමත් නිළියක්‘ එහෙම හැඟීමක් හිට ආවා. කා දිහාත් නොබලා වීදුරවෙන් පිටත බලාගෙන හිටියා. ඒ වෙලාවෙ මාව දැකපු පිරිමි ළමයි රංචුවක් ‘ඒයි... කවුද බං මේ මළකෝළම‘ කියලා හරියට විහිළු කළා. ඒත් මට ඒ කතා ගානක් වුණේ නෑ.‘‘ගුවන්විදුලියේ ජනප්‍රිය වෙච්ච ‘මොණරතැන්න‘කතාව චිත්‍රපටයකට නගන්න යසපාලි නානායක්කාර මහත්තයා ලෑස්ති වෙලා අලුත් නිළියක් හොයලා තියෙනවා. සුනිල්සෝම පීරිස් මං ගැන කිව්වට වැඩිය කැමති වෙලා නෑ. අන්තිමේදී කොහොම හරි සුදුසු නිළියක් නැතුව ඉඳිද්දී සුනිල්සෝම පීරිස්ට කියලා තියෙනවා මාවවත් එක්කගෙන එන්න කියලා.‘‘රූගත කිරීම් යොදාගෙන තිබුණෙ මාතර. උදෙන්ම මාවයි, මහත්තයාවයි, දුවවයි වෑන් එකට නග්ගගත්තා. ඊට පස්සෙ කැමරා උපකරණ අනෙකුත් දේවල් සේරෝම එකතු කරන්න කොළඹ වටේම රවුම් ගහලා කොළඹින් පිටත් වෙනකොටත් හවස්වෙලා.පහුවදා රූගත කිරීම් තිබුණෙ මුහුදු වෙරළෙ. මම රඟපෑවෙ මාලනී අක්කාගෙ යෙහෙළිය සුරංගි විදිහට. මාලනී අක්කාගේත් මගේත් දෙබසක්. මමත් ඉතිං මගේ දෙබස් හයියෙන් කෑගහලා අත් දෙකත් ගස්සලා කිව්වා. ඒකට සෙට් එකේ හිටිය හැමෝටම හිනා. යසපාලිත මහත්තයාටත් හිනා. ඒ වෙලාවෙ මාලනී අක්කා හෙමින් සැරේ මාව පැත්තකට එක්කගෙන ගිහිල්ලා ‘කැමරාව ඉස්සරහ ගොඩක් දේවල් කරන්න ඕන්නෑ. පුංචි පුංචි දේවල් වුණත් ඇති ‘ කියලා බොහොම ආදරෙන් කියලා දුන්නා. මගේ පළමුවැනි ගුරුවරිය මාලනී අක්කා. ඒ දර්ශනයෙන් පස්සේ විජය (පියසෝම) අප් දිහාට ඇවිදගෙන එනවා. රන් රූපයක් වාගෙ ලස්සනයි.මොණරතැන්නෙ රඟපෑමට මට රුපියල් පන්සීයක් ලැබුණා. ඒ විතරක් නෙමෙයි රුපියල් මිලියන ගණනක අත්දැකීමුත් ලැබුණා.ෂූටිං ඉවරවෙලා ගෙදර එන්න බලනකොට වාහනවල ඉඩ නෑ. අපි ආවෙ කෝච්චියේ. මරදානෙන් බහිනකාට හොඳටම රෑ වෙලා. අපි ඉස්ටේසමේ ඉඳලා පාරට ආවෙ වැල්ලම්පිටියට යන්න බස් එකක නැගගන්න. ඒ 89 කලබල කාලෙදවසක්.ඇඳිරි නීතිය දාලා. අපි දන්නෙත් නෑ. කිසිම වාහනයක් පාරක නෑ. නන්දට හොඳටම කේන්ති ගිහින්. එයා දුව වඩාගෙන මට හුඟක් ඉස්සර වෙලා පයින් යනවා. මාතරින් ගත්ත කිරි හට්ටියි ඇඳුම් බෑගුයි සේරම අත් දෙකේ එල්ලාගෙන මං ඒ දෙන්නා පිටිපස්සෙ. මරදානෙ ඉඳලා වැල්ලම්පිටියටම අපි ආවෙ පයින්.රඟපෑවාට ඔය කාලෙ ජනප්‍රිය වෙන්න පුළුවන් කමක් තිබුණෙ නෑ. ඒ හින්ද මං කල්පනා කරල රිය පදවන්න, පීනන්න, අශ්වයො පිටේ යන්න, නටන්න, කරාටේ ගහන්න ඔය හැම දේම ඉගෙන ගත්තා. ඒක අධ්‍යක්ෂවරුන්ටත්, නිෂ්පාදකවරුන්ටත් පහසුවක් වුණා. මට චිත්‍රපට ලැබුණා. ජනප්‍රියත්වයෙන් ඉහළට ගියා.‘‘ඔව්. ඒ නිහාල්සිංහ අයියා හින්දා. නිහාල්සිංහ අයියා මගේ සරසවිය. ඔහුව ඉස්සෙල්ලාම හමුවුණේ සුනිල් ආරියරත්නයන් ගේ ‘කැලෑමල්‘ චිත්‍රපටයෙන්. ඒ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා නිහාල්සිංහ අයියා.‘‘නිහාල්සිංහ අයියාගේ ‘මල්දෙණියෙ සිමියොන්‘ චිත්‍රපටයේ ජේන් සහ සෝමා විදිහට මං ද්විත්ව චරිත රඟපෑවෙ. ‘මල්දෙණියෙ සිමියොන්‘ තිරගත වුණේ 86 වසරෙදි.87 වසරෙ ඉන්දියාවේ නවදිල්ලි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී මේ ද්විත්ව චරිත නිරූපනය වෙනුවෙන් මට රජත මයුර සම්මානය හිමි වුණා.‘‘ඒ දවස්වල මගේ චිත්‍රපට තිරත වෙද්දි තාත්තත් එනවා ඒ චිත්‍රපට බලන්න.තාත්තා එන්නෙ මගේ අතේ එල්ලිලා හරි ආඩම්බරේට. ඒ එනකොට හෙමින් සැරේ අහනවා ‘තාම සම්මානයක් මොකුත් නැද්ද?‘ කියලා. ඒත් මගේ රඟපෑම් ජාත්‍යන්තරව ඇගයෙනකොට ඒ සම්මානය දකින්න තාත්තා මෙලොව හිටියෙ නෑ. ඒක මට දුකක්.89 – 90 කාලෙ ලම්ඩා වලිනුත් තවත් ආයතන කිහිපයකිනුත් රටවල් කිහිපයකිනුත් වරින්වර රංගනය ඉගෙනගත්තා. The island චිත්‍රපටයෙ රඟපාන්නත් ලැබුණා‘ජීවිතයේ විවිධ හැලහැප්පීම් එක්ක මානසිකව පල්ලෙහාටම ඇදවැටිච්ච කාලයකුත් තිබුණා. 2000 අවරුද්දෙ දේශපාලන පළිගැනීම් මත මොණරාගල මගේ ගෙදරට ගිනි තැබුණා. මගේ චිත්‍රපට ඔක්කොම පිච්චිලා ගියා. ගෙදර තිබිච්ච සරස්වතී රූපෙත් බාගයක් විතර පිච්චිලා. ඉතිරිවෙලා තිබුණෙ බුද්ධ රූපෙ විතරයි.‘‘ජීවිතේ මොනතරම් අනිත්‍යයිද? මේ අනිත්‍ය ගැන නේද බුදුහාමුදුරුවෝ කියලා තිබුණෙ කියලා මට හිතුණා. ඒ සත්‍ය සොයා යන්නට මා තුළ පෙළඹීමක් ඇති කළා.නිළියක් හැටියට අතිශය කාර්යබහුල වෙමින් ගත කළේ මොන තරම් සරුවපිත්තල ජීවිතයක්
1.ජාතික සීමා නිර්ණය කමිටු වාර්තාව පදනම් කරගෙන ප්‍රකාශයට පත් කරන ලද අංක 1928/26 හා 2015/08/21 දිනැති ගැසට් නිවේදනය - Sinhala - Tamil - English2. අභියාචනා විමර්ශන කමිටු වාර්තාව පදනම් කරගෙන ප්‍රකාශයට පත් කරන ලද අංක 2006/44 හා 2017/02/17 දිනැති ගැසට් නිවේදනය - Sinhala - Tamil - English3.1 පළාත්පාලන ආයතන කොට්ඨාස සීමා නිර්ණය නියම වල මුද්‍රණ දෝෂ, මායිම් හා කොට්ඨාස නාම නිවැරිදි කිරීමේ කමිටු වාර්තාව පදනම් කර ගත් අතිගරු ජනාධිපතිතුමාගේ අත්සනින් යුත් අංක 2047/51 හා 2017/12/02 දිනැති ගැසට් නිවේදනය - Sinhala - Tamil - English3.2 පළාත්පාලන ආයතන කොට්ඨාස සීමා නිර්ණය නියම වල මුද්‍රණ දෝෂ, මායිම් හා කොට්ඨාස නාම නිවැරිදි කිරීමේ කමිටු වාර්තාව පදනම් කර ගත් පළාත් සභා හා පළාත් පාලන ගරු අමාත්‍ය ෆයිසර් මුස්තාෆ මැතිතුමාගේ අත්සනින් යුත් අංක 2047/52 හා 2017/12/02 දිනැති ගැසට් නිවේදනය - Sinhala - Tamil - English4. ගම්පහ දිස්ත්‍රික්කයේ අංක 16-මහර ප්‍රාදේශිය සභවේ අංක 31 දරන කොට්ඨාසයේ නම ලෙස දක්වා ඇති “අක්බාර්ටවුන්” යන කොට්ඨාස නාමය වෙනුවට එඩේරමුල්ල 01 යන නාමය ඇතුළත් අංක 2052/34 හා 2018/01/05 දිනැති ගැසට් නිවේදනය - Sinhala - Tamil - English
අගෝස්තු 18 වැනිදා සිට සැප්තැම්බර් 02 වැනිදා දක්වා ඉන්දුනීසියාවේදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලට පෙරහුරුවක් ලෙස ඉන්දුනීසියාවේ ජාකාර්තා නුවරදී මේ දිනවල පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනය අවසන් වනවිට රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් තුනක් හා ලෝකඩ පදක්කම් තුනක් දිනාගැනීමට සමත්ව ඇත.ඒ අනුව මීටර් 100 (පිරිමි) මූලික තරගයේදී තත්. 10.28ක කාලයක් වාර්තා කරමින් අවසන් තරගයට පිවිසි විනෝජ් සුරංජය ද සිල්වා එහිදී තත්. 10.30ක කාලයක් සටහන් කරමින් රන් පදක්කම දිනාගනිද්දී මූලික තරගයේදී විනෝජ් අභිභවා ගිය ඉන්දුනීසියාවේ සොහිරි ලූලා තත්. 10.32ක කාලයක් සටහන් කරමින් රිදී පදක්කම දිනාගත්තේය.ශ්‍රී ලංකාව දිනූ අනෙක් රන් පදක්කමේ අයිතිය මීටර් 400 පිරිමි ඉසව්වේදී තත්. 46.83ක කාලයක් සටහන් කළ තරුෂ ධනංජයට හිමිවෙද්දී එම ඉසව්වේ ලෝකඩ පදක්කම තත්. 46.97ක දක්‍ෂතාවක් දැක්වූ දිලිප් රුවන්ට හිමිව තිබීමද විශේෂත්වයකි.මේ අතර ඊයේ පැවැති මීටර් 1500 කාන්තා ඉසව්වේදී විනාඩි 4:19:25ක කාලයක් සටහන් කළ නිලානි රත්නායක තවත් රිදී පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දෙද්දී එහි රන් පදක්කම හිමිවූයේ වි:4:18:74කින් අවසන් කළ ඉන්දියාවේ චිත්‍රා උන්නික්‍රිෂ්නන්ටය.ඊයේ පැවැති පිරිමි දුර පැනීම ඉසව්වේදී මීටර් 7.82 පිම්මක් සටහන් කළ ජනක විමලසිරි ලෝකඩ පදක්කමක් දිනාගත් අතර එහි රන් පදක්කම මීටර් 7.96ක දක්‍ෂතාවක් පෙන්වූ ෂෑන් යොවගන්ටත්, මීටර් 7.89ක දුරක් සටහන් කළ චීන තායිපේ කණ්ඩායමේ ලින් හුන්-මින්ට රිදී පදක්කමත් හිමිවිය.කෙසේ වෙතත් 2016 වසරේදී ආරක්ෂක සේවා ශූරතාවලියේදී මීටර් 8.15ක දුරක් සටහන් කරමින් දුර පැනීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක් තබා තිබූ අමිල ජයසිරිට හිමිවූයේ 10 වැනි ස්ථානයයි. එහිදී ඔහුගේ පළමු වැනි හා දෙවැනි උත්සාහයන් අසාර්ථක වූ අතර, තෙවැනි උත්සාහයේදී මීටර් 7.22ක දක්‍ෂතාවක් පෙන්වීය.තවද ඊයේ පැවැති දස ප්‍රයාම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට තවත් රිදී පදක්කමක් දිනාදීමට අජිත් කරුණාතිලක සමත්වූ විය. ඊයේ පැවැති එම ඉසව්වට අදාළව පැවැති මීටර් 100 තරගයේදී ආරම්භක සංඥාව නිසි පරිදි ශ්‍රවණය කිරීමට නොහැකිවීම හේතුවෙන් ඒ සඳහා තත්. 14.37ක කාලයක් ඔහුට වැය වී තිබූ අතර, එසේ බාධාවක් නොවන්නට ඔහුට හොඳ කාලයක් සටහන් කරමින් රන් පදක්කම දිනාගැනීමට අවස්ථාව තිබිණි.පෙරේදා පැවැති තරගවලදී මීටර් 400 කාන්තා ඉසව්ව තත්. 54.89ක කාලයකදී අවසන් කළ උපමාලිකා රත්නකුමාරිට ලෝකඩ පදක්කමක් හිමිව තිබිණි.
ඝන කැලෑවෙන් වැසී තිබුණු මේ පුරවරය බෙල්, සෙනරත් පරණවිතාන ආදී පුරාවිද්‍යා කොමසාරිස්වරුන්ගේ හා නිලධාරීන්ගේ කැපවීම නිසා කටුකොහොල් හෙලිකොට පැරණි ශ්‍රී විභූතිය හෙළිකරගන්නට හැකි වි තිබේ. සංස්කෘතික ත්‍රිකෝණ වැඩසටහන (මධ්‍යම සංස්කෘතික අරමුදල) අනුව ද අනුරාධපුරයේ ආගමික ස්මාරක සංරක්ෂණය කොට තිබේ. සාරධර්ම හුවමාරුව, සංස්කෘතික සම්ප්‍රදායන් හා විශ්වීය වැදගත් කමක් ඇති සිද්ධි වලට උරුමකම් කියන බැවින් 1982 සිට යුනෙස්කෝ සංවිධානය අනුරාධපුරය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබේ.අද අනුරාධපුරය භක්තිමත් බෞද්ධයන්ගේ පමණක් නොව පැරණි කලාශිල්ප, තාක්ෂණය, වාස්තු විද්‍යාව හා සංස්කෘතිය ආදී නොයෙකුත් ක්‍ෂේත්‍ර පිළබඳව උනන්දුවක් දක්වන බොහෝ සංචාරකයන්ගේ ද සිත්සතන් පුබුදුවාලන පෙදෙසක් වී ඇත.අනුරාධපුරයේ පැරණි සිද්ධස්ථාන හා ඓතිහාසික ස්මාරක නැරඹීමේ දී ඒවා පිහිටි ප්‍රදේශ හා ඓතිහාසික තොරතුරු අනුව කලාප කිහිපයකට වෙන්කර ගැනීම පහසුය. ඒමහින්දාගමනයෙන් පසු ලංකාවේ පිහිටුවන ලද ප්‍රථම ආරාමික ප්‍රදේශය මහමෙව්නා තිස්සාරාම මහා විහාර ප්‍රදේශයයි. මුටසිව රජතුමා විසින් සකස් කර තිබු මහාමේඝ නම් රාජකීය උද්‍යානය මහින්දාගමනයෙන් පසු දේවානම්පියතිස්ස මහා රජතුමා විසින් මිහිඳු හිමියන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලාට පුජා කරන ලද බව වංශකථාවල සඳහන්වේ. “මහමෙව්නා තිසරම් රද්මහ වෙහෙර” යනුවෙන් සෙල්ලිපි වල සඳහන් වන්නේ දේවානම් පියතිස්ස මහ රජතුමා මිහිඳු හිමියන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලා වෙනුවෙන් ඉදිකළ විහාරයයි.වර්තමානයේ අටමස්ථානය යනුවෙන් හැඳින්වෙන්නේ 1872 දී ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ඔප්පුවක් මගින් ප්‍රදානය කළ ශ්‍රී මහා බෝධිය, ලෝවාමහාපාය, ථුපාරාමය, මිරිසවැටිය, රුවන්වැලි සැය, අභයගිරිය, ලංකාරාමය හා ජේතවනය වන නමුත්මි හිඳු හිමියන් විසින් නම්කළ පුජනිය ආගමික ස්ථාන අටක් පිළිබඳව දීපවංශය, මහ වංශය, සිංහල බෝධිවංශය, පුජාවලිය, සද්ධර්මාලංකාරය, සද්ධර්ම රත්නාකරය ආදී පැරණි පොත පත් වල සඳහන්වේ. ඒවා නම්, තිස්සාරාමය, සංඝයා වහන්සේලාගේ විනය කර්ම කරන කම්ම මාලකය, ජන්තාඝර පොකුණ, ශ්‍රී මහා බෝධිය පිහිටුවන ස්ථානය, පෝය ගෙය, ලහබත්ගෙය, දාන ශාලාව හා රුවන්වැලි සැය ආදියයි. මේ මහා විහාර පරිශ්‍රයේ මිහිඳු හිමියන් නම්කළ පුජනිය ස්ථාන හා තවත් විශේෂ ස්ථාන කීපයක නටබුන් අද දැකිය හැකි ය. ඒවා අතරින් ප්‍රමුඛස්ථානය හිමිවන්නේ ශ්‍රී මහා බෝධියට හා රුවන්වැලි මහා සෑයටයි.බුදුරජානන් වහන්සේට බුද්ධත්වයට පත්වීමට සෙවන දුන් දඹදිව බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධියේ දකුණු ශාඛාව ක්‍රිස්තු පූර්ව 246 දී පමණ දේවානම්පියතිස්ස රජතුමාගේ ඉල්ලීම පරිදි අශෝක රජතුමා විසින් මිහිඳු හිමිගේ සොහොයුරිය වූ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ සමගින් වප් මස පුර පසළොස්වක පෝය දිනයක දී ලංකාවට වැඩම කරවන ලදී. ඉන්දියාවේ තාම්රලිප්තියෙන් ශ්‍රී මහා බෝධි අංකුරය සමග නැව් නැගී සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ලංකාවේ දඹකොළ පටුනට ගොඩබැස තිවක්ක බමුණුගම හරහා අනුරාධපුරයට වැඩම කොට ඇත. ඉන්පසු මහමෙව්නාවේ රාජද්වාරයේ මේ බෝධිය රෝපණය කර ඇත.ශ්‍රී මහා බෝධිය අද අඩි 21ක් ඉහළින් වන මට්ටම් තුනකින් වන වේදිකාවක වඩාහිඳුවා ඇති අතර වේදිකාවේ දිග අඩි 71ක් හා පළල අඩි 57ක් වේ. ශ්‍රී මහා බෝධිය අද දක්නට තිබෙන මට්ටමට වඩා පහත මට්ටමක රෝපණය කර තිබු බවත්, පසුව බැමි බැඳීම් ආදිය නිසා මේවන විට ඉහල වේදිකාවක මේ බෝධිය පිහිටා තිබෙන ආකාරයක් දැකිය හැකි ය.දේවානම්පියතිස්ස රජු ලංකා රාජ්‍යයෙන් හා විවිධ පුදපුජා කරමින් බෝධියට උපහාර දක්වන ලදී. ඉන් පසුව ද රාජ්‍යත්වයට පත්වූ සියලුම රජ වරුන්ද සියලු පුජාවන් කිරීම, ගොඩනැඟිලි හා ආරක්ෂාවට ප්‍රාකාර බැඳීම, ආදිය කරවන ලදී. මහානාග රජතුමා වන අලින්ගෙන් ආරක්ෂා කිරීමට දිය අගලක් ද කර වූ බව කියති. බෝධියට ජලය සම්පාදනය කරන ලද්දේ මිරිසවැටිය අසල වූ පොකුණු වලින් බව අනුමාන කෙරේ. දැනට ඇති ප්‍රාකාරය කරවා ඇත්තේ කිර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේ ඉලුපැන්දෙනියේ අත්ථදස්සි හිමිපාණන් විසිනි. ස්මාරකවල තිබු ගල්කණු ආදිය මෙයට උපයෝගී කරගෙන ඇත. එය අඩි 10ක් උසින්, උතුරේ සිට දකුණට අඩි 338ක් දිගින්, නැගෙනහිර සිට බස්නාහිරට අඩි 274ක් පළලින් හා අඩි 5ක් ඝනකමින් යුක්ත ය. 1969 දී හා 2003 දී රන් වැට දෙකක් කරවා ඇත. ශ්‍රී මහා බෝධියේ ආවතේව කටයුතු බෝධිය ලංකාවට වැඩම කිරීමේ දී පැමිණි බෝධි භාරක කුල පරම්පරාවලින් පවත එන අයගෙන් ඉටු වේ.ශ්‍රී මහා බෝධිය සම්බන්ද ව චාරිත්‍රානුකුල වාර්ෂික උත්සව හතරක් පැවැත්වේ. ඒ දුරුතු මංගල්ලය, පරණ අවුරුදු මංගල්ලය, නානුමුර මංගල්ලය හා කාර්ති මංගල්ලය යනුවෙනි. ශ්‍රී මහා බෝධිය රජ කෙනෙකු සේ සලකන බැවින් සිංහල අවුරුද්දට පසුව නානු මුර මංගල්ලයට පෙර දා සන්ධ්‍යාවේ ශ්‍රී මහා බෝධි රාජයාට ආභරණ පැළඳවීමේ චාරිත්‍රයක් ද ඇත. මේ සඳහා සහභාගී වන්නේ මහා විහාර ස්වාමින් වහන්සේලා හා ආවතේව කටයුතු කරන වෙල්ලිදුර පරම්පරාවේ ප්‍රධානින් පමණි. අනුරාධපුරය වල් බිහිව තිබු කාලයේ බෝධීන් වහන්සේ වන සතුන්ගෙන් ආරක්ෂා කිරීමට බෝධීන් වහන්සේ වටා රාත්‍රියේ දී ගිනි මැළ දල්වන ලදී. මේ සඳහා දර ගෙන එම මිනිසුන්ගේ පුරුද්දක් වූ අතර පසුව වර්ෂය සඳහාම අවශ්‍ය දර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයේ දී ගෙන ඒම චාරිත්‍රයක් බවට පත්විණ. මේ නිසා චාරිත්‍රානුකුලව පෙරහරින් දරමිටි රැගෙන ඒම දරමිටි පෙරහැර ලෙසත්, නිකිණි පුර පසළොස්වක පොහොය දරමිටි පොහොය ලෙසත් භාවිත වන්නට විය.ශ්‍රී මහා බෝධියට පරිවාර බෝධීන් වහන්සේලා 41ක් තිබෙනු දැකිය හැකි ය. උඩ මළුවේ 3ක් හා වැලි මළුවේ 38ක් වශයෙනි.ශ්‍රී මහා බෝධිය පරිශ්‍රයේ වන ප්‍රතිමා ගෘහයේ බදාම පිරියම් කොට සායම් ආලේප කරන ලද බුදුන් වහන්සේගේ ශෛලමය හිටි පිළිමයක් හා හිඳි පිළිමයක් වේ. මේ පරිශ්‍රයේ 6 වන හා 8 වන සියවස් වල සඳකඩ පහන් කීපයක්, 8 වන සියවසේ මුරගල් සත් පෙන නාග රුපයක් කැටයම් සහිත පිය ගැටපෙළ ආදිය දක්නට ඇති අනෙකුත් නෂ්ටාවශේෂ අතර වේ.මහා විහාරයේ පොහොය ගෙය ලෝවා මහා පායයි. දේවානම්පියතිස්ස රජතුමා ශ්‍රී මහා බෝධියට උතුරින් පොහොය ගෙයක් ඉදිකළ අතර දුටුගැමුණු රජතුමා විසින් එය නව මහල් ප්‍රාසාදයක් බවට පත්කොට ලෝහ උළු සෙවිලි කරවන ලදී. සද්ධාතිස්ස රජුගේ කාලයේ (ක්‍රී.පූ.137-119) දී පහනක් පෙරලි ප්‍රාසාදය ගිනි ගෙන විනාශ වුයෙන් පසුව එය සත් මහල් කොට තනවනු ලැබිණ. දෙවන සිරිනාග කාලයේ දී ද (ක්‍රි.ව. 246-247) එසේම ගිනිගනු ලැබීමෙන් පසුව එය පස් මහල් කොට සාදන ලදී. මහසෙන් රජු මහා විහාර වාසින් සමග උරණ වුයෙන් මේ ගොඩනැඟිල්ලේ පදනම පවා මුලිනුපුටා දමා භුමිය නගුලින් සාවා උඳු වැපුරු බව කියති. පසුව මේ ප්‍රාසාදය කිත්සිරි මෙවන් රජු නැවත ගොඩ නැංවිය. පාන්ඩ්ය සේනා හා 10 වන සියවසේ චෝළ ආක්‍රමණ නිසා ප්‍රාසාදය සම්පුර්ණයෙන් විනාශ වින. පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු රජතුමා නැවත මෙය නටබුන්ව පැවති ගොඩනැඟිලි වල ගල් කණු 1,600ක් සිටුවා ගොඩනැඟිල්ල නැවත ඉදි කරන ලදී.මේ ගොඩනැඟිලි භුමියේ කරන ලද පුරාවිද්‍යාත්මක කැනීම් වල දී කිතුල් හෝ තල් දැව වලින් කරවා බදාම තවරා ගොඩනැඟිල්ල ඉදි කර ඇති බවත් බදාම මත චිත්‍ර ඇඳ තිබු බවත්, ගොඩනැඟිල්ල ගිනිගත් බවට සාධකත් සොයාගෙන ඇත.ලෝවාමහාප්‍රසාදයටත් රුවන්වැලි මහා සෑයත් අතර ඇති සමතලා භුමි භාගය පන්හම්බ මාලක හෙවත් පැණඹ මලුව ලෙස හැඳින්වේ. මහා විහාර භික්ෂුන් වහන්සේලාගේ රැස්වීම් ශාලාව රංසිමාලකය ලෙස හැඳින්වේ. අපවත් වූ මිහිඳු මහරහතන් වහන්සේගේ දේහය තැන්පත්කොට තිබුනේ මෙහි බව කියති.භික්ෂුන් වහන්සේලාට දානය ලබාගැනීමට අවශ්‍ය සලාකය ලබා දුන්නේ ලෝවාමහාපාය ඉදිරිපිට ඇති ලහබත් ගෙය නම් ස්ථානයේ දී ය. පසු කාලීන ව පිරිත් සජ්ජායනය කොට සලාකය ලබාගත් නිසා මෙය පිරිත් ලහගේ නමින් ද හැඳින් වූ බව කියති.ලෝවාමහාපායට උතුරින් ඇත්තේ මහා විහාරයේ දාන ශාලාවයි. මෙය එක පැත්තක් අඩි 130ක් පමණ දික් වූ සම චතුරශ්‍රාකාර ගොඩනැඟිල්ලකි. මේ පරිශ්‍රයේ නැගෙනහිරින් අඩි 45ක් පමණ දික්වූ ශෛලමය දන් ඔරුවක් ඇත. මෙය 3,000ක් පමණ භික්ෂුන් වහන්සේලාට දැන් සැපයීමට ප්‍රමාණවත් බව පෙනේ. මධ්‍යයේ ගල් අතුරු මිදුලකි. සිව් දෙසින් අංගනයට ඇතුළුවීම සඳහා වූ පිය ගැට පෙළ හතරකි.රුවන්වැලි මහා සෑයට දකුණින් පිහිටි පොකුණු දෙකකින් එකක් ප්‍රතිසංස්කරණය කර ඇත. මේ පොකුණු මහා විහාරිය භික්ෂුන් වහන්සේලා ස්නානය සඳහා භාවිත කරන්නට ඇත.බුදු රජාණන්වහන්සේ පරිභෝග කරන ලද ස්ථානයක් වශයෙන් දක්වා ඇති පැරණි කකුධ නම් වැව කෙළවරක දේවානම්පියතිස්ස රජතුමා සිටුවා තිබු ශිලා ස්ථම්භයක එතුමාගේ මුණුපුරෙකු ස්ථුපයක් ඉදිකරන බව සටහන් කොට තිබු බව දුටු, දුටු ගැමුණු රජතුමා ක්‍රිස්තුු පූර්ව 137 දී එම ස්ථම්භය ඉවත්කර එය තිබු ස්ථානයේ රුවන්වැලි සෑය ඉදිකළ බව වංශකතාවල සඳහන් වේ. මෙය ඉදිකළ ස්ථානයේ වූ ඉවත් කිරීමට සිදු වූ තෙලඹු ගසක ස්වර්ණමාලි නම් වෘක්ෂ දේවතාවක් සිටි බැවින් අැගේ නමින් ස්තුපය නම් කල බවක් ජනප්‍රවාදයේ පවතී. මෙය ඉදි කලේ රුවන් මලුව නම් ස්ථානයක බැවින් රුවන්වැලි සෑය නමින් හැඳින්වූ බවක් ද කියෙ වේ.රුවන්වැලි මහා සෑය ඉදිකිරීම පිලිබඳ කතාපුවත මහාවංශය, ථුපවංශය ආදී වංශකතා පොත්වල විස්තරාත්මකව හා වර්ණනාත්මකව සඳහන් කොට ඇත. මේ ථුපයේ විෂ්කම්භය අඩි 370කි. ප්‍රතිසංස්කරණය කරන ලද ථුපයේ උස අඩි 338කි. අත්තිවාරම රියන් 7ක් ගැඹුරට කපා ගල් දමා ඇති බව කියති. ස්තුපය නිර්මාණයට යොදා ගන්න ගාඩොළු සඳහා යොදාගත් මැටි වල් පැල හට නොගන්නා සේ ඉතා හොඳ තත්ත්ව පාලනයකින් නිමවා ඇත.දුටු ගැමුණු රජතුමාගේ අභාවයට පෙර මෙම ථුපයේ වැඩ අවසන් කරන්නට නොහැකි වූ බැවින් සද්ධාතිස්ස රජතුමා විසින් මෙහි වැඩ නිම කරන ලදී. ඉන් පසුව ද නොයෙකුත් රජවරුන් විසින් මෙහි සංවර්ධන කටයුතු හා ප්‍රතිසංස්කරණ කටයුතු කර ඇත.රුවන්වැලි සෑ මළුවේ ඇති පිළිම ගෙයෙහි මේ කල්පයේ බුදුවරුන් සිව්දෙනාගේ හා මතු බුදුවන මෛත්‍රී බෝසතුන්ගේ පිළිමය ඇති බැවින් පස් පිළිම ගෙය නමින් හැඳින් ‌වේ.මළුවේ ගිනිකොන සුර්ය දේවාලයක් තිබුණු බවක් කිය වේ. මළුවේ සිව් කොන කුඩා ස්ථුප 4ක් හා තවත් කුඩා ස්ථුපයක් වේ.පිළිම ගෙය ළඟ නිශ්ශංක මල්ල රජුගේ සෙල් ලිපියක් හා සළපතල මළුවේ බිම කල්යානවති රැජින කාලයේ සෙල් ලිපියක් ඇත. නැගෙනහිර දොරටුව සමීපයේ දුටු ගැමුණු පිළිරුවක් හා දකුණු වාහල්කඩ ඉදිරිපස භාතිකාභය රජුගේ පිළිරුවක් ඇත.සෑයේ උතුරු දොරටුව ආසන්නයේ අඩි 20 අඟල් 4ක් උස සෙල් කුළුණක් දක්නට ඇත. මෙය ඉන්ද්‍රකීලය ලෙස සමහරු හඳුන්වති. මෙය දේවානම් පියතිස්ස රජතුමා සිටුවා තිබු ශිලා ස්ථම්භය ලෙස ද සමහරු දකිති. මෙය යුප ගලක් වන්නට ද බැරි නැත.රුවන්වැලි සෑ නැගෙනහිර වාහල් කඩෙහි 12 වන සියවසේ දී පමණ අඳින ලද බවට සැලකෙන කොළ, දළු, හා මල්වලින් සැදි ලියවැල් රටාවක් හා ඒ තුල කිඳුරු රුවක් දැක්වෙන සිතුවම් කීපයක ශේෂයන් තිබී ඇත.රුවන් වැලි සෑයට ඊසාන දෙසින් වේදිකාවක් මත කුඩා ස්ථුපයක් ඇත. මෙය කුමක්ද කියා තවමත් ස්ථිර නිගමනයකට පැමිණ නැත.රුවන් වැලි සෑයේ නැගෙනහිර දොරටුව ඉදිරිපස බෙහෙත් ඔරුවක් සහිත නටබුන් රෝහල් භූමියක නටබුන් බවට විශ්වාස කෙරේ.රුවන් වැලි සෑයට බටහිරින් අභය වැව පිහිටා ඇත. එහිද පැරණි නටබුන් දැකිය හැක. රුවන් වැලි සෑය හා අභය වැව අතර ප්‍රදේශයේ දිගු පොකුණක් පිරිවෙන් වලට අයත්යයි සිතිය හැකි ගොඩනැඟිලි රාශියක නටබුන් ඇත.ශ්‍රී මහා බෝධියට නිරිත දෙසින් මයුර පිරිවෙන නමින් වූ ගොඩනැඟිල්ලක නටබුන් දැකිය හැකි ය. ක්‍රිස්තුු වර්ෂ 340-368 අතර කාලයේ රජකළ බුද්ධදාස රජතුමා විසින් මහා විහාර භික්ෂුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඉදිකළ පිරිවෙන මෙය විය හැකිි ය. මෙය දිගින් අඩි 66ක් හා පළලින් අඩි 45කි.Next articleයාන් ඔය නිම්නයේ පූර්ව ඓතිහාසික අවධියේ ජනාවාස ව්‍යාප්තවීමේ මෝස්තරය පිලිබඳ පුරාවිද්‍යා විමසුමක්එන්. එච්. සමරසිංහ මහතා1976 වසරේ දී එවකට විද්‍යෝදය නමින් හඳුන්වනු ලැබූ වර්තමාන ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයෙන් කලා උපාධියක් ලබා රජයේ ආයතන කිහිපයක විවිධ තනතුරු දරා 2010 වසරේ දී විශ්‍රාම ලැබීය. ලංකාවේ පෞරාණික ස්ථාන හා ලෝක උරුමයන් පිළිබඳව විස්තරාත්මකව සොයා බැලීමට විශේෂ උනන්දුවක් දක්වන ‌මෙතුමා විශ්‍රාම ගැනීමෙන් පසු ලංකාවේ බොහෝ පෙදෙස්වල ‌මෙන් ම විදේශයන් කීපයක සැරිසරා දැකබලා ගත් දේ අන් අය සමග බෙදා ගැනීමට කැමැත්තක් ද දක්වයි. එතුමා ඒ ‌වෙනුවෙන් ම "සැරිසර සමරු" නමින් බ්ලොග් අඩවියක් ද පවත්වා ගෙන යනු ලබයි.
"ෆියුචර් මයින්ඩ්ස් 2012" අධ්‍යාපනික හා වෘත්තීය මාර්ගෝප‍දේශන ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (22) ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. අද පෙරවරුවේ ආරම්භ වූ ප්‍රදර්ශනය හෙට සහ අනිද්දා යන දිනවලදී ද පැවැත්වීමට නියමිතය. මීට අමතරව ජුනි මස 30 වැනිදා සිට ජූලි මස පළමුවැනිදා දක්වා මහනුවරදීත්, සැප්තැම්බර් මස 1 සහ 2 යන දිනවල ගාල්ලේ දීත් මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.අද ආරම්භ වූ ප්‍රදර්ශනයේ විශේෂ අවස්ථාවන් කිහිපයක් මෙසේ ඡායාරූපයට නැගී තිබිණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දියාව තුළ නැවත පිළිගැනීමක් ඇති වීම පිළිබඳව සතුටුවිය යුතුබව. බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) බොරලුගොඩ ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරු මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.දිවංගත අමාත්‍ය ඉන්දික ගුණවර්ධන මහතාගේ තෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් ගුණසැමරු උත්සවක් ඊයේ කොස්ගොඩ බොරලුගොඩ ප්‍රදේශයේදී පැවත් විය.
මෙය මීට වසර මිලියන ගණනාවකට පෙර ඇතිවූ ග්‍රහ ලෝක අතර යුද්ධයකදී අඟහරු ග්‍රහයා මතට එල්ලකරන ලද බෝම්බ ප්‍රහාරයක ප්‍රතිඵලයක් බව මත පළ කරන්නන් අදහස් දක්වයි.කෙසේ වෙතත් තවත් පරීක්ෂයන් පිරිසක් එම ප්‍රකාශය බැහැරකරමින් පෙන්වා දෙන්නේ මෙය ස්වභාවික විපර්සාසයන්ට ලක්වූ පාෂාණයක් විය හැකි බව ප්‍රකාශ කරයි.
බැඳීම් තියෙන්නේ ලොකේෂන් එකේදි විතරයි. ඒ බැඳීම් ගෙදර ගෙනියන්නෙ නෑ. එළියට බැහැලා එහෙ මෙහෙ යන යාළුකම් මට නැහැ.මේ දවස්වල සඳපිනි වැස්ස සහ හිරු සුපර් හීරෝ වැඩසටහන නිසා කාර්යබහුලයි. හැබැයි ඒ අතරේ නිදහසේ ඉන්නත් කාලයක් ලැබිලා තියෙනවා.කාලයක් එනවා එක දිගටම වැඩ කරන්න සිද්ධ වෙන. එහෙම වැඩ කරලා වැඩ කරලා එක දවසක් හරි ගෙදර නැවතුණොත් ආයෙත් ෂූටින් යන්න මාර කම්මැළියි. ඒත් මම වැඩ කරන්න වගේම නිදහසේ ඉන්නත් කැමැති කෙනෙක්.ඇත්තටම ඒ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මාධවීගේ චරිතයට සාධාරණයක් කරන්න මම උත්සාහ කරනවා. අනෙක් නළු නිළියන්ටත් මම මට පුළුවන් උපරිම සහාය දෙනවා.සඳපිනි වැස්ස ටෙලි නාට්‍යයේදී ප්‍රවීණ රංගන ශිල්පිනියක් එක්ක නොහොඳ නෝක්කාඩුවක් ඇති කරගත්තා කියන්නේ ඇත්තද..?මට මුහුණට ඇවිත් කවුරුත් මුකුත් කියන්නේ නම් නෑ. හැමෝම මට ආදරෙයි. මමත් හැමෝම එක්ක හොඳින් වැඩ කරනවා. හිත් ඇතුළේ මොනවා තියෙනවද කියලා දන්නේ නෑ. මම නම් කාටවත් වැරැද්දක් කරන්නේ නෑ.රංගන ශිල්පිනියක් විදියට තමයි මම ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගියේ. රංගන ශිල්පිනියක් ලෙස ඉන්න එක තමයි මට ගැළපෙන්නේ. හැබැයි හිරු සුපර් හීරෝ වැඩසටහනේ ඉදිරිපත් කිරීමේ කටයුතුත් ආසාවෙන් කරනවා.එහෙම නෙවෙයි. රංගනය තමයි මට ගොඩක්ම ගැළපෙන්නේ. රියැලිටි වැඩසටහනක් ඉදිරිපත් කරන්න ලැබීම මගේ ජීවිතයට ලොකු අත්දැකීමක්. මම නිවේදිකාවක් නෙවෙයි. ඒ නිසා ඒ අවස්ථාව මට ලොකු අභියෝගයක් වුණා.මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම වැඩසටහන ලස්සනට ඉදිරිපත් කරනවා කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඒ නිසා ලැබෙන ප්‍රතිචාර ගැන සතුටුයි.මට මේ ක්ෂේත්‍රයේ ලැබිච්ච අවස්ථා ගැන ගොඩක් සතුටුයි. රංගන ක්ෂේත්‍රයට එන්න ලැබෙන අවස්ථාව පොඩි නෑ. කොච්චර ලස්සන ගැහැනු ළමයි හිටියත් සමහරුන්ට රංගන ක්ෂේත්‍රයට එන්න අවස්ථාව නෑ. සමහරු රංගන ක්ෂේත්‍රයට එන්න ඇවිත් අමාරුවේ වැටෙනවා. ඒත් මට හොඳ පිරිසක් ලැබුණා වැඩ කරන්න. ඉතිං මට ලැබිච්ච රංගන අවස්ථා ගැන සතුටුයි.ඒ සුන්දර ලෝකය තියෙනවා. හැබැයි ඒ සුන්දර ලෝකේ ඇතුළේ ජීවත් වෙන්න තමයි අමාරු. මොළේ කල්පනා කරලා ජීවත්වෙන්න ඕන මොන ක්ෂේත්‍රයේ වුණත්.මම ආශ්‍රය කරන හැමෝම හොඳින් ආශ්‍රය කරනවා. හැබැයි ඒ බැඳීම් තියෙන්නේ ලොකේෂන් එකේදි විතරයි. ඒ බැඳීම් ගෙදර ගෙනියන්නෙ නෑ. එළියට බැහැලා එහෙ මෙහෙ යන යාළුකම් මට නැහැ.බයක් නෙවෙයි. මම කොහොමත් එහෙමයි. ඉස්කෝලේ යන කාලෙත් මම එහෙම කෙනෙක්. මට විශේෂම යාළුවෙක්ට කියලා ඉන්නේ ටනාෂා හතරසිංහ. ඒ ඇරෙන්න මම අනෙක් අය සාමාන්‍ය විදියට ආශ්‍රය කරනවා.
ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම වෛද්‍ය වාර්තාවෙන්. පසුව තීරණය වෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ විස්සයි20 ලීග තරගාවලියේදී ශූරතාව දිනාගත් කොළඹ කණ්ඩායමේ නායකයාද වූ චන්දිමාල් එම තරගාවලියේදී ඇගිල්ලක ආබාධ්‍යකට ලක්විය.ඒ අනුව ඔහුට මේ සතියේදී වෛද්‍ය පරීක්ෂණයක් කිරීමට නියමිත අතර එයින් ලැබෙන වාර්තාව අනුව ඔහුගේ සහභාගීත්වය තීරණය වෙනු ඇත.එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී තරගාවලිය එළැඹෙන 15 දා ආරම්භවීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම 11 දා තරගාවලියට එක්වීමට දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.මේ අතර දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ බිරිඳ සිය පළමු දරු ප්‍රසූතිය අපේක්ෂාවෙන් සිටින හෙයින් ඔහුද තරගාවලියේ පළමු තරග කිහිපය සඳහා එක්නොවන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ඉරානයේ ටෙහෙරාන්හිදී පසුගියදා (3දා) අවසන් වූ ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ගයන්තිකා අබේරත්න ලැබූ රන් පදක්කම මෙන්ම නිමාලි, උපමාලිකා සහ ජනක හිමිකර ගත් ලෝකඩ පදක්කම් තුන හේතුවෙන් පදක්කම් 4ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.එහිදී මීටර් 1500 කාන්තා ඉසව්වට සහභාගි වූ ගයන්තිකා විනාඩි 4යි තත්පර 26.83ක කාලයක් සටහන් කරමින් (නව ගෘහස්ථ වාර්තාවක්ද සහිතව) රන් පදක්කම දිනා ගනිද්දී මීටර් 400 කාන්තා ඉසව්වට සහභාගි වූ උපමාලිකා රත්නකුමාරි තත්පර 54.90ක කාලයක් සටහන් කරමින් ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය.තවද ශූරතාවලියේ අවසන් දිනයේදී දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 7.61ක් වාර්තා කළ ජනක ප්‍රසාද් විමලසිරි ලෝකඩ පදක්කමක් දිනාගත් අතර තරගාවලියේ ආරම්භක දිනයේදීම මීටර් 800 කාන්තා ඉසව්වට සහභාගි වූ නිමාලි ලියනආරච්චි විනාඩි 2යි තත්පර 10.83ක කාලයක් සටහන් කරමින් ලෝකඩ පදක්කමක් දිනාගත්තද ඇයගේ හොඳම කාලය අසලටවත් ඒමට නොහැකි වී තිබීමද විශේෂත්වයකි.කෙසේ වෙතත් ශ්‍රී ලංකාවෙන් මෙම සිවුදෙනාට අමතරව හෂිනි ප්‍රබෝධා (තුන්පිම්ම) සහභාගි වුවද ඇයට පදක්කමක් කරා යෑමට නොහැකි වී තිබිණි. මෙම තරගාවලිය සඳහා පිටත්ව යෑමේදී දිනක ප්‍රමාදයකින් පසුව යෑමට සිදුවූ අතර එයට හේතුව වූයේ මෙරට ක්‍රීඩා බලධාරීන්ගේ වරදින් මතුවූ ගුවන් ප්‍රවේශ පත්‍ර ප්‍රශ්නයක් නිසා පෙර දිනයේ කටුනායක ගුවන් තොටුපොළට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත හැරී ඒමට සිදු වීමයි.
ෆේස්බුක් ටයිම් ලයින් කවර් ඩිසයින් කරල විකුණන අයට, තමන්ගේ ෆේසුබුක් ගිණුමේ කවර් එක අලුතුම ස්ටයිල් එකකට වෙනස් කරල වැඩ් පෙන්නන්න අවශ්‍ය අයට මෙන්න සුපිරි ටෙම්ප්ලේට්ස් ‍29ක්. පිලිගත් දිග පළල (851x315 px) සහ ෆුලි එඩිටබල් පී එස් ඩී ෆයිල්ස්. ඔබට ජය.قُلْ أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ فَإِنْ تَوَلَّوْا فَإِنَّمَا عَلَيْهِ مَا حُمِّلَ وَعَلَيْكُمْ مَا حُمِّلْتُمْ وَإِنْ تُطِيعُوهُ تَهْتَدُوا وَمَا عَلَى الرَّسُولِ إِلا الْبَلاغُ الْمُبِينُ (٥٤)
ශ‍්‍රී ලංකාව තුළ සංහිඳියාව ඇතිකිරීම සඳහා රජය තවදුරටත් ක‍්‍රියාමාර්ග ගනිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී පසුගියදා යළි අවධාරණය කෙරුණා. ඒ, ඇමරිකාව සහ කැනඩාව ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවන බවට කළ ප‍්‍රකාශයට ලබාදුන් පිළිතුර සමගයි. පසුගිය 27 වැනිදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 22 වන සැසිවාරය මේ වනවිට ස්විසර්ලන්තයේ ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී පැවැත්වෙනවා. පසුගිය 4 වැනිදා මෙම සැසිවාරය ඇමතූ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකානු නියෝජිත ඇලන් ඩොනහෝව් සඳහන් කළේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවී ඇති බවයි. මේ එහිදී අදහස් දැක්වූ ජිනීවා මානව හිිමිකම් කවුන්සිලයේ ඇමරිකානු නියෝජිතවරිය.එම සැසිවාරයේදීම කැනඩා නියෝජිතයාද ශ‍්‍රී ලංකාවේ වත්මන් මානව හිමිකම් තත්ත්වය පිළිබඳව අදහස් පළකරමින් කියා සිටියේ තවදුරටත් ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වන බවයි. කෙසේ වෙතත් පෙරේදා දිනයේදී ඊට පිළිතුරු ලබාදුන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ‍්‍රී ලංකා නියෝජිතවරිය සඳහන් කළේ මේ වනවිටත් මානව හිමිකම් වැඩිදියුණු කරමින් ශ‍්‍රී ලංකාවේ සංහිඳියාව ඇති කිරීමට කටයුතු කර ඇති බවයි.
දිනය: අලුත්ම දින පළමුවෙන් දිනය: පැරණිම දින පළමුවෙන් ධාවනය වූ දුර: වැඩිම සිට අඩුම දක්වා ධාවය වූ දුර: අඩුම සිට වැඩිම දක්වා මිල: වැඩිම මිල සිට අඩුම මිල දක්වා මිල: අඩුම මිල සිට වැඩිම මිල දක්වා
සබරගමු විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයට දේශන ශාලා පහසුකම් නොමැතිවිම ඇතුලූ ගැටලූ රැසක් මූලික කරගනිමින් සබරගමු විශ්ව විද්‍යලයීය මහා ශිෂ්‍ය සංගමය අද (12) කොළඹ කොටුවේ සිට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා උද්ඝෝෂණ පෙළපාලියක් පැවැත්වූහ.කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසළින් ගමන් ආරම්භ කළ මෙම උද්ඝෝෂණ පෙළපාලිය කොම්පඤ්ඤ වීදිය, ඩාර්ලි පාර, ඉබ්බන්වල මංසන්ධිය ඔස්සේ වෝඞ් පෙදෙස දක්වා ගමන් කරනු ලැබිණි.වෝඞ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ආසන්නයේ ජල ප‍්‍රහාරක රථ දෙකක් රඳවා තිබූ අතර පොලිස් ආරක්ෂාවද දැඩිකර තිබිණ. එහෙත් එම ස්ථානය දක්වා ගමන් කිරිමේදි සිසු සිසුවියන්ට පොලිසියෙන් කිසිදු බාධාවක් නොවිය.මාර්ග බාධක් කිසිවක්ද යොදා තිබුණේ නැත. විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ පිවිසුම් දොරටු ඉබි යතුරු දමා වසා තිබූ අතර සිසුන්ගේ ගැටලූ පිළිබඳව ඇතුලත් වාර්තාව භාරගැනීමට කිසිදු වගකිව යුතු නිලධාරියෙක් පිටතට පැමිණියේ නැත. සිසු සිසුවියන් එම ස්ථානය ඉදිරිපිට මාර්ගයේ එකන් මංතීරුවක් වසාගනිමින් බිම වාඩිවි පැයක පමණ කාලයක් උද්ඝෝෂණයේ යෙදී සිට විසිර ගියහ.ඔය වගේ හද්දා පිටිසර තියෙන විශ්වවිද්‍යාල වලට ආචාර්යවරු එන්නේ නෑ. ඉන්න ටිකත් සතියටම දවසයි දෙකයි දේශන කරන්නේ. ඉතුරු දවස් ගෙදර. එන දවසෙ ඔක්කොම දේශන ටික කරන්න ගියාම දේශන ශාලා හිඟයි කියනවා. අනික ඔය වගේ විශ්වවිද්‍යාලවල ඇතුළු වෙන ළමයින්ගෙන් ගොඩක් අය අතරමගදි දාලා යනවා වැඩක් නැති හින්දා.
එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ පසුගිය සති අන්තයේ පැවැති තරගයකදී නිව්කාසල් යුනයිටඩ් කණ්ඩායම හමුවේ ප්‍රබල මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පරාජයට පත්වූ අතර තරගයේ 65 වැනි මිනිත්තුවේදී නිව්කාසල් කණ්ඩායම වෙනුවෙන් මැට් රිචී ගෝලය වාර්තා කර තිබිණි.එම තරගය ජය ගැනීමත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ 16 වැනි ස්ථානයේ පසුවූ නිව්කාසල් කණ්ඩායම 13 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. මේ අතර ලිවර්පූල් හමුවේ සවුත් හැම්ප්ටන් ගෝල 2-0ක් ලෙසත් ටොටෙන්හැම් හොට්ස්පර් හමුවේ ආසනල් ගෝල 1-0ක් ලෙසත් පරාජයට පත්ව තිබූ අතර එවර්ටන් හමුවේ ක්‍රිස්ටල් පැලස් ගෝල 3-1ක් ලෙසත් මැන්චෙස්ටර් සිටි හමුවේ ලෙස්ටර් සිටි ගෝල 5-1ක් ලෙසත් පරාජයට පත්ව තිබිණි.
අගුණකොළපැලැස්සේ පදිංචිව සිටි අවුරුදු 11ක් වන දැරිවියක් වස පානය කර සිය දිවි නසාගෙන ඇතැයි පොලීසිය පවසයි. ඊයේ සවස මෙම සිදුවීම සිදුව තිබේ. වස පානය කිරීමට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැත.එංගලන්තය ඉදිරියේ දණ නැමූ ඉන්දීය පිලේ හිත හදන්න සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර එයි නිලූකාගේ වැඩ කුරේ බලයි
පුළුල් භුමි ප්‍රදේශයක් පුරාම විවිධ පුරාවිද්‍යාත්මක නෂ්ඨාවශේෂ රාශියක් දැකිය හැකි නගරයක් ලෙස අනුරාධපුරය ලෝකප්‍රකට ය. ක්‍රිස්තු පුර්ව පමණ සමයේ සිට 12 වන සියවස පමණ කාලය දක්වා විවිධ කාලවල ඉදිකරන ලද ආරාම සංකීර්ණ රාශියක් අනුරාධපුරයේ තිබූ බව දැකිය හැකි ය. මේ අතර පුජාභූමි ප්‍රදේශයේ පිහිටි අභයගිරි විහාර සංකීර්ණයට හිමිවන්නේ වැදගත් තැනකි. එය අනුරාධපුරයේ පැවති විහාරාම අතරින් විශාලතම ආරාම සංකීර්ණයයි. කලාත්මක වාස්තු විද්‍යාත්මක ආදී විවිධ මානයන්ගෙන් බලන විට අනුරාධපුරයේ පිහිටි ආකර්ශනීය ස්මාරකයන් බොහෝමයක් අයත්වන්නේ අභයගිරි සංකීර්ණයට බව පෙනේ.ශ්‍රී ලංකාවේ පළමුවන දේශපාලන හා ආගමික අගනුවර අනුරාධපුරය බව පොදු පිළිගැනිම වී ඇත. මල්වතු ඔය ඉවුරේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ පමණ ඇරඹුණු සේ සැලකෙන, වසර 1500කට වැඩි කාලයක් තිස්සේ ක්‍රමයෙන් වර්ධනය වූ මේ නගරය විශිෂ්ට සභ්‍යත්වයක කෙන්ද්‍රස්ථානයයි. ලංකාවට බුදු දහම පැමිණ ව්‍යාප්ත වීම හේතුවෙන් මේ නගරය පුරා ඉතා විශාල ආගමික සිද්ධස්ථාන බිහිවිය. දෙස් විදෙස් පතල අධ්‍යාපන මධ්‍යස්ථාන බිහිවිය. බෞද්ධ සංස්කෘතිය දස දෙස පතල විය 12 වන සියවසේ ආක්‍රමණ හේතුවෙන් අගනුවර පොළොන්නරුවට සංක්‍රමණය වුයෙන් මේ අලංකාර නගරය වල්බිහිවන්නට විය.
පී. ජී. කුමාරසිංහ මහතා අනුබද්ධිත සමාගම හතක හිමිකාරත්වය දරන ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපතිවරයා ලෙස එක් වුණේ 2015 ජනවාරි 22 දිනය. 1996 වසරේදී සමාගම පෞද්ගලීකරණය කරනු ලැබීමෙන් අනතුරුව පත් වූ 8 වැනි සභාපතිවරයා ඔහුය. මීට පෙර ඒ මහතා රාජ්‍ය දැව සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළ අතර Land Reclamation & Development Company Ltd හා LRDC Services (Pvt) හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුද වේ. මීට අමතරව, අරලිය සමාගම් සමූහයේ මූල්‍ය උපදේශකවරයෙකු වශයෙන්ද ඒ මහතා කටයුතු කරයි. ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියෙකු වන කුමාරසිංහ මහතා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙන් මහජන කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ගණකාධිකරණය හා මූල්‍ය කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හා ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක්ද ලබා තිබේ. රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ක්ෂේත්‍ර ගණනාවක සේවය කිරීමෙන් කුමාරසිංහ මහතා ලබා ඇති අත්දැකීම් සම්භාරය වසර 30 කට අධික කාලයක් පුරා දිවෙයි.චැං චී බෙං මහතා 2008 ජූනි 05 දින ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කෙරුණු අතර ඉන් අනතුරුව මොබිටෙල් (පෞද්) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයටද ඒ මහතාව බඳවා ගනු ලැබිණ. 56 හැවිරිදි බෙං චැං මහතා මැලේසියානු ජාතිකයෙකි. ඔහු විගණන කමිටුවෙහි සාමාජිකයෙකුද වේ. දැනට Usaha Tegas Group Sdn. Bhd. ("Usaha Tegas") හි විධායක අධ්‍යක්ෂවරයෙකුද වන එතුමා Maxis Berhad and Bumi Armada Berhad, Maxis Communication Berhad, Binariang GSM Sdn. Bhd., Measat Global Berhad සහ Aircel Limited තවත් ආයතන කිහිපයකම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වශයෙන්ද කටයුතු කරයි. චැං චී බෙං මහතා එක්සත් රාජධානියේ නිව්කාසල් ඌපොන් ටෛන් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති අතර එංගලන්ත හා වේල්ස් වරලත් ගණකාධිකරණ ආයතනයෙහි සාමාජිකයෙකුද වේ.ලෝරන්ස් පරාට්ස් මහතා 2010 මැයි 26 දින සිට බලපැවැත්වෙන පරිදි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට එක් විය. විද්‍යාව හා ඉංජිනේරු විද්‍යාව පිළිබඳ B.Sc (Hons) උපාධියක්, සන්නිවේදන පද්ධති පිළිබඳ විද්‍යාපති (M. Sc.) උපාධියක් හා ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයෙන් M. Eng. Sc. උපාධියක් හිමි ඒ මහතා එසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ෆිලිප්ස් ත්‍යාගය දිනා ගැනීමටද සමත්ව තිබේ. Engineers Australia (FIEAust) හි අධිසාමාජිකයෙකුද වන ලෝරන්ස් මහතා ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යල විධායක සංවර්ධන වැඩසටහනෙහි සාමාජිකයෙකුද වේ. මෙතුමා 2011 වසරේදී Australian Academy of Technological Sciences and Engineering (ATSE) හි අධිසාමාජිකයෙකු වශයෙන් තේරී පත් විය. ජංගම හා ස්ථාවර දුරකතන සන්නිවේදනය බ්‍රෝඩ්බෑන්ඩ්, චන්ද්‍රිකා තාක්ෂණය සහ අන්තර්ජාතික සන්නිවේදන ජාල පිළිබඳ වසර 30 කට අධික අත්දැකීම් සමුදායකින් ඒ මහතා පොහොසත්ය. ලෝරන්ස් පරාට්ස් මහතාගේ විශේෂඥ ඥානය හා අත්දැකීම් විහිදී පවතින ක්ෂේතු කිහිපයක් ලෙස සන්නිවේදන යටිතලපහසුකම් සංවර්ධනය, මෙහෙයුම්, අලෙවි, පාරිභෝගික සේවා හා ඒ ආශ්‍රිත නියාමන ගැටළු විසඳීම ආදිය සඳහන් කළ හැක. Acacia Australia Pty Ltd හි අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියාද වශයෙන් ඕස්ට්‍රේලියාව තුළ ජාතික බ්‍රෝඩ්බෑන්ඩ් සන්නිවේදන ජාලයක් ව්‍යාප්ත කිරී‍ම වෙනුවෙන් ඒකාබද්ධ යෝජනාවලියක් සකස් කිරීමේ වගකීමද ඒ මහතා විසින් ඉටු කරනු ලැබීය. මීට අමතරව, Maxis Communication Berhad හි අධ්‍යක්ෂවරයෙකු, Technology Committee of the Board හි සභාපතිවරයා සහ Telstra Corporation හි හටපු ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියෙකු වශයෙන්ද ඒ මහතා හඳුන්වා දිය හැක. ඩොලර් බිලියන ගණන් වැය වූ වැඩසටහන් රැසක විධායක කටයුතු මෙහෙයවීමේ වගකීම මෙතුමා විසින් ඉටු කරන ලදි. විවිධ තාක්ෂණයන් රැසකටම අදාළව සන්නිවේදන ජාල පරිවර්තන කටයුතු හා ඒවා පතුරුවා හැරීම ආදිය ඉන් කිහිපයකි. ප්‍රාදේශීය හා ග්‍රාමීය සන්නිවේදන මෙහෙයුම් සම්බන්ධ පුළුල් අත්දැකීම් සමුදායකින්ද පරාට්ස් මහතා පොහොසත්ය. ඕස්ට්‍රේලියානු රජය විසින් දියත් කරන ලද අන්තර්ජාල සහායක වැඩසටහනෙහි (Internet Assistance Program) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වශයෙන් මීට පෙර කටයුතු කළ එතුමා ඕසුට්‍රේලියානු සෞඛ්‍ය තොරතුරු විද්‍යා සම්මන්ත්‍රණය සහ තාක්ෂණික විද්‍යා හා ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඕස්ට්‍රේලියානු ඇකඩමියෙහි ආරාධිත දේහකවරයෙකු වශයෙන්ද පිළිගැනීමට පාත්‍ර වී තිබේ. On-Trac@Peter Mac නව යොවුන් හා වැඩිහිටි පිළිකා නිවාරණ වැඩසටහනේ හිටපු සභාපතිවරයෙකුද වන ඒ මහතා විසින් ඊ-සෞඛ්‍යය ප්‍රවර්ධනය කරනු වස් මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ.ලායි මහත්මිය ඕස්ට්‍රේලියාවේ මෙන්බර්න් විශ්වවිද්‍යාලයේ වාණිජවේදී උපාධිධාරිණියකි. ඇය, මැලේසියානු ගණකාධිකාරි ආයතනයේ වරලත් ගණකාධිකාරිණියක මෙන්ම ඕස්ට්‍රේලියානු වෘත්තීය ගණකාධිකාරී ආයතනයේ සහතිකලත් ගණකාධිකාරිණියකද වේ. වසර 30 කට අධික කාලයක් පුරාවට විදුලිසංදේශන, මූල්‍ය, බැංකු හා රාජ්‍ය අංශයේ මූල්‍ය, ප්‍රසම්පාදන හා විගණන වැනි ක්ෂේත්‍රවල කටයුතු කිරීමෙන් ලද අත්දැකීම් සමුදායකින් ලායි මහත්මිය පොහොසත්ය. එතුමිය මැලේසියාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සැපයුම්කාර සමාගම වන Maxis Berhad හි වසර 18 ක කාලයක් සේවය කළ අතර අවසන් වරට එහි මූල්‍ය පාලක තනතුර දැරීය.ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරියෙකු වන වෑගපිටිය මහතා එම විශ්වවිද්‍යාලයේම පශ්චාත් උපාධි ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත‍්‍රපති (MBA) උපාධියක්ද ලබා ඇත. දැනට ඒ මහතා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයෙන් ආචාර්ය උපාධිය සඳහා අධ්‍යයන සිදු කරමින් සිටී. ලාෆ් ගෑස් පී එල් සී මෙන්ම එහි මව් සමාගම වන ලාෆ් හෝල්ඩිංස් ලිමිටඞ්හි සභාපති මෙන්ම සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී තනතුර දරන්නේද වෑගපිටිය මහතා වේ. එසේම, ඒ මහතා ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සහ ජාතික ගෙවීම් කොමිසමේ විධායක කමිටු සාමාජිකයෙකු වන අතර ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සනාතන සභා සාමාජිකයෙකුද වේ. 2010 වසරේදී ලංකා තරුණ ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ හිටපු සභාපතිවරයා වූයේද මෙතුමාය. මීට අමතරව, වෑගපිටිය මහතා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ හිටපු අධ්‍යක්‍ෂ හා විධායක සභා සාමාජිකයෙකු වශයෙන්ද කටයුතු කළේය. 2012 වසරේදී පැවැත්වුණු ආසියා පැසිෆික් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී ‘‘2010 වසරේ හොඳම ව්‍යවසායකයා’’ ලෙස පිදුම් ලැබුවේ වෑගපිටිය මහතාය. 2005 දී ව්‍යවසායකත්වය සඳහා පිරිනැමෙන ‘‘ජාතික ස්වර්ණ සම්මානය’’ට අමතරව, 2006 දී ශ‍්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් ‘‘වසරේ හොඳම ව්‍යවසායකයා’’ ලෙසද ඒ මහතා සම්මානයට පාත‍්‍ර විය.
1994 වසරේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම වෙත එක් විය. ඉලෙක්ට්‍රොනික හා විදලිසංදේශන ඉංජිනේරු විද්‍යාව පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලයෙන් M.Eng උපාධියක් හිමිකරගත් කිත්ති පෙරේරා මහතා එක්සත් රාජධානියේ Institute of Electrical Engineers and Engineering Council හි වරලත් ඉංජිනේරුවෙකි. අනතර්ජාතික දත්ත සම්ප්‍රේෂණ පද්ධති, මුහුදු සංදාම පද්ධති, දත්ත හා අන්තර්ජාල ප්‍රොටොකෝල ජාලකරණය හා ව්‍යාපෘති කළමනාකරණය ආදී ක්ෂේත්‍ර කිහිපයකම පුළුල් දැනුමකින් හා අත්දැකීම් සමුදායකින් හෙබි නිලධාරියෙකි. වසර 10 කට අධික කාලයක් ව්‍යවසායික හා රාජ්‍ය අංශයේ පාරිභෝගිකයින් සමග කටයුතු කිරීමෙන් ලද අත්දැකීම් සමුදායකට හිමිකම් කියන ඒ මහතා ශ්‍රී ලංකාවට Metro Ethernet තාක්ෂණය හඳුන්වාද දීමට පුරෝගාමීව කටයුතු කළ අයෙකි. පාරිභෝගිකයින් විශාල පිරිසක් වෙත අධිවේගී අන්තර්ජාල සබඳතා සහිතව ඉහළ ප්‍රමිතියේ හඬ-දත්ත ඒකාබද්ධ ව්‍යවසායික සන්නිවේදන සේවා සැපයීමේදී අමිල මෙහෙයක් මෙතුමා ඇති ඉටු වී තිබේ.ෆර්නෑන්ඩස් මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට බැඳුණේ 1991 වසරේදීය. ඒ මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා විදුලිසංදේශනය පිළිබඳ Bsc - Eng උපාධිධාරියෙකි. මීට අමතරව, ඒ මහතා ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයෙන් MBA උපාධියක්ද ලබාගෙන ඇත. විදුලිසංදේශන මෙහෙයුම්, නඩත්තු කටයුතු, ව්‍යාපෘති කළමනාකරණය, පාරිභෝගික සේවා හා අලෙවිකරණය ආදී ක්ෂේත්‍ර ආශ්‍රිත වසර 23 ක පමණ අත්දැකීම්වලින් පොහොසත් ෆර්නෑන්ඩස් මහතා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ අධිසාමාජිකත්වය හිමි වරලත් ඉංජිනේරුවෙකි. ප්‍රධාන ජාල නිලධාරී තනතුරට අමතරව එතුමා Sri Lanka Telecom (Services) Ltd හි අධ්‍යක්ෂවරයා වශයෙන්ද කටයුතු කරයි. මොහු ශ්‍රී ලංකා පුද්ගල කළමනාකරණ ආයතනයෙහි සම්පත් පුද්ගලයෙකුද වේ.
1993 වසරේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට එක් විය. අජන්ත මහතා 1987 වසරේදී ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා විදුලිසංදේශනය පිළිබඳ BSc. උපාධිය මොරටුව විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්තේය. කර්මාන්ත ඉංජිනේරු විද්‍යාව (industrial engineering) පිළිබඳව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් ලබාගත් පශ්චාත් උපාධි ඩිප්ලෝමාවකටද මෙතුමා හිමිකම් කියයි. මීට අමතරව, අජන්ත සෙනෙවිරත්න මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් MBA උපාධියක්ද හදාරා තිබේ. වරලත් ඉංජිනේරුවෙකු වන ඒ මහතා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයෙකි. මෙතුමා, අලෙවිකරණය පිළිබඳ වසර 10 කට අධික අත්දැකීම්වලින් පෝෂිත නිලධාරියෙකි.
පී. රොශාන් කලුආරච්චි මහතා (DipM, MCIM (UK) සහ MSLIM) ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සේවයට එක් වූයේ 2010 වසරේදීය. එතුමා වසර 19 කට අධික අත්දැකීම් බහුල වරලත් අලෙවිකරණ විශේෂඥයෙකි. දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද කලුආරච්චි ලබා ඇති අත්දැකීම් සන්නිවේදනය, මාධ්‍ය, භාණ්ඩ හා සේවා බෙදාහැරීමේ ක්‍රමවේද කළමනාකරණය, අඩු මිලකට වේගවත්ව අලෙවි වන නිෂ්පාදන හා සන්නාම කළමනාකරණය, හා විදුලිසංදේශන සේවා ආදී අවශයෙන් සමස්ථ අලෙවිකරණ ක්ෂේත්‍රය පුරාම විහිදී පවතී. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට බැඳීමට පෙර ඒ මහතා මොබිටෙල් සමාගමේ සාමාන්‍යාධිකාරී - අලෙවි තනතුරෙහි කටයුතු කළ අතර එහිදී ඔහු ලබා දුන් පෙරළිකාර උපායමාර්ගික අලෙවිකරණ නායකත්වය වසර 3 ක් වැනි සුළු කාලයක් ඇතුළත දිවයිනේ දෙවැනි විශාලතම ජංගම දුරකතන සේවා සැපයුම් සමාගම බවට පත් වීමට මොබිටෙල් සමාගමට මග පෙන්වීය. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් දියත් කරන ලද "අභිමාන" සේවාව, 2012 වසරේදී කලුආරච්චි මහතාගේ මගපෙන්වීම යටතේ ලබාගත් ජයග්‍රහණ අතරින් එකකි.උදේනි සමරරත්න මහතා එක්සත් රාජධානියේ සහතිකලත් ගණකාධිකාරීන්ගේ වරලත් සංගමයේ (Chartered Association of Certified Accountants) සහ කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරලත් ආයතනයේ (Chartered Institute of Management Accountants) සාමාජිකයෙකි. මෙතුමා මීට පෙර රිචඩ් පීරිස් පී එල් සී, ලංකා අශෝක් ලේලන්ඩ් පී එල් සී, ජපානයේ Noritake Ltd, ‍ලක්සම්බර්ග් නුවර පිහිටි Ferrero Ltd සහ සියැට් කැලනි හෝල්ඩිංස් ලිමිටඩ් වැනි සමාගම් රැසක සේවය කර ඇත්දැකීම් ඇති අයෙකි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට බැඳීමට ප්‍රථම මොහු සියැට් කැලණි හෝල්ඩිංස් සමාගම් සමූහයේ සමූහ සාමාන්‍යාධිකාරී - මූල්‍ය තනතුර දැරීය. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් වසර 25 කට අධික කාලයක් මූල්‍යකරණය විෂයෙහි අත්දැකීම් සමුදායකට උරුමකම් කියන්නෙකි.
1982 වසරේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට එක් වූ විජේවීර මහතා 2001 දී බිල්පත් පර්ෂද ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ලදුව 2005 වසරේදී ප්‍රධාන තොරතුරු නිලධාරී තනතුරට උසස් කරනු ලැබීය. මෙතුමා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරු ආයතනය (IIESL), එක්සත් රාජධානියේ ඉංජිනේරු හා තාක්ෂණ ආයතනය (IET) හා ශ්‍රී ලංකා පරිගණක සංගමය ආදියෙහි සාමාජිකත්වය උසුළයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම වෙනුවෙන් උපායමාර්ගික තොරතුරු තාක්ෂණ ගමන් මග පාදා දෙමින් දැවැන්ත තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති රැසකට සම්බන්ධව කටයුතු කර ඇති විජේවීර මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ භාවිත කෙරෙන OSS හා BSS පද්ධති දෙක ඒකාබද්ධ කිරීමේ මෙහෙයුම දියත් කළ පුද්ගලයා වෙයි.1984 වසරේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට බැඳුණු චින්තක විජේසූරිය මහතා 2001 වසරේදී කලාප ප්‍රධානී තනතුරටත්, 2010 වසරේදී ප්‍රධාන කලාප නිලධාරී තනතුරටත් උසස්වීම් ලැබුවේය. එක්සත් රාජධානියේ රේඩියෝ හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ආයතනයෙහි උපාධිධාරී සාමාජිකත්වය ලබාගත් මෙතුමා එක්සත් රාජධානියේ විදුලි ඉංජිනේරු ආයතනයේ වරලත් ඉංජිනේරුවෙකුද වේ. ඕස්ට්‍රේලියාවේ La Trobe විශ්වවිද්‍යාලයේ තාක්ෂණික කළමනාකරණය පිළිබඳ MBA උපාධිධාරියෙකු වන විජේසූරිය මහතා ඕස්ට්‍රේලියාවේ Association of Professional Engineers Scientists and Managers Associations හි සාමාජිකත්වයද උසුළයි. විදුලිසංදේශන ක්ෂේත්‍රයේ මෙහෙයුම්, නඩත්තු කටයුතු, විකුණුම්, අලෙවිකරණ, පාරිභෝගික සේවා, තත්ත්ව කළමනාකරණය හා ව්‍යාපෘති කළමනාකරණය ආදී අංශ රැසක් පිළිබඳ පුළුත් අත්දැකීම් රැසකට උරුමකම් කියයි.
දොස්තර :- ඉතින් මේ කරන්න යන එකෙයි ඒකෙයි වෙනසක් නැහැ. දෙන්නම දරුවො. වෙනස තියෙන්නෙ ඒ අපරාදේ ඔයා මගෙ අතින් කරවන්න යන එකයි. ඊට වඩා ඔයාගෙ අතින්ම කලානම් ඒක හොඳයිනෙ.දරු ගැබක් කියන්නෙත් ජීවිතයක්. තප්පරයක් තප්පරයක් පාසා මේ ලෝකෙ එළිය දකින්නත් කලින් මරාදාන ඒ අහිංසක දරුවන් ගැනත් මදක් හිතන්න. ඔවුන්ට මේ ලෝකෙට එන්න අයිතියක් නැද්ද? ඇයි ඒ අහිංසක දරුවට ජීවිතේ බාගෙට දීලා සරදමක් කරන්නෙ. කාටවත් කියන්න බෑ මට මේ දරුවා කුසට ආවේ පාරේ බිම බලාගෙන ඇවිදගෙන යද්දි කියලා. නැත්තන් මේ දරුවා පොතක් බල බල ඉද්දි කුසට ආවා කියලා. තමුන්ගෙ උවමනාවෙන් කරගන්න දේකට අහිංසක දරුවෙක්ගෙ ජීවිතයක් පළිද?
තම දිවි දෙවැනි කොට අන් අයගේ දිවි පළමුකොට රැකියාවේ නිරත වෙන දියේ ගිලී මිය යන්නට තිබුණු ජීවිත සියයක් පමණ ජීවත් කරවූ ස්වෙච්ඡා ජීවිතාරක්ෂකයන් දහතුන් දහසක් පමණ මෙරටට දායාද කළ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිහතමානී ජීවක පොලිස් සැරයන්වරයෙකු අපට හමු විණි.කිසිදු ලාභ අපේක්ෂාවක් තනතුරු නම්බුනාම නොමැතිව සිදුකරන එම සේවාව පිළිබඳව සොයා යන්නට අප තීරණය කළේ තවත් ජීවිතයක් බේරා ගැනීමට ඔහුට ශක්තියක් වෙන්නට පමණක් නොව මෙවැනි සැඟවී ඇති විශාල මෙහෙවරක් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් සිදුකරන නිලධාරීන් පිළිබඳව පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ අවධානය යොමු කරවීම සඳහාය.ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන්වරයකු ලෙස සිය රැකියාව කරන ඔහු නමින් සුනිල් විජේසිංහ නම් වෙයි.මේ වන විට ලොව පුරා ජීවිතාරක්ෂකයන් දහතුන් දාහක් පුහුණු කිරීමට ලිඛිත සාක්ෂි ඇතිව, දියේ ගිලී මිය යන්නට තිබුණු ජීවිත 46ක් ජීවත් කරවීම ඔහුගේ පුහුණුවීම්වලින් පසුව විදේශීය රටවල රැකියා කරන තරුණ තරුණියන් සියයක් ද දායාද කළ ඔහුගේ සේවය අතිමහත්ය.පොලිස් කොස්තාපල් තනතුරක සිට මේ සා විශාල සේවාවක් සිදුකළ සුනිල් විජේසිංහ නම් වූ පොලිස් සැරයන්වරයාට පොලිස් දෙපාර්තමේන්තුව තුළින් ලැබිය යුතු ඇගයීම් ලබා නොතිබීම පිළිබඳව අපට ද ඇත්තේ කනගාටුවක් පමණි.දඹුල්ල මූලස්ථාන පොලිසියට අනුයුක්තව මේ දිනවල සුනිල් විජේසිංහ මහතා මාතලේ කොට්ඨාසයේ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කරයි. ඔහු වෙනුවෙන්ම මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා විසින් වෙනමම ඉඩකඩක් පොලිසියේ ලබාදී තිබීම විශේෂත්වයකි. තමන්ගේ සේවා කාලයේ සිදුකළ අනභිභවනීය මෙහෙවරයන් සිහිපත් කෙරෙන තොරතුරු එම කාමරයේ සෑම තැනම ප්‍රදර්ශනය කොට තිබීම තවත් සුවිශේෂී වූ කරුණකි.සුනිල් විජේසිංහ මහතාගේ දඹුල්ල පොලිසියේ ඇති මෙම කාමරය සමස්ත පොලිස් නිලධාරීන්ට ම ආදර්ශමත් වනු නොඅනුමානය. අනිවාර්යයෙන් පොලිස් නිලධාරියකු එම ස්ථානයට පැමිණ ක්‍රියාකාරකම් සියැසින් දැක මහජන සේවයට එක්වෙන්නේ නම් ශ්‍රී ලංකා පොලිසියේ මිත්‍රශීලීත්වය මහජන සේවය මේ සියල්ල එහි ගැබ් වී ඇති නිසාය.සුනිල් විජේසිංහ පොලිස් සැරයන්වරයාගේ තවත් සුවිශේෂී වූ කාර්යයක් බවට පත්ව ඇත්තේ ජීවිතාරක්ෂකයන් දහතුන් දාහක් මෙරටට දායාද කරමින් ඔවුන් මත්පැන් දුම්වැටිවලින් තොර සමාජයක් බිහිකිරීම සඳහා තම ගෝල බාලයින් හුරු කිරීම වෙයි.1985 වසරේ දහවෙනි මාසෙ විසි වැනි දින ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට පොලිස් කොස්තාපල්වරයකු ලෙස ඇතුළත් වන සුනිල් විජේසිංහ මහතා තලෙයිමන්නාරම, පුත්තලම, ආණමඩුව, මොරවැව, මාතලේ, මඩකළපුව, කෝපායි, වවුනියාව, දඹුල්ල යන පොලිස් ස්ථානවල වරින්වර සේවය කළේය.1986 වසරේ පත්වීම් ලැබ තලෙයිමන්නාරම් පොලිසියට යන අතරතුර ඔවුන් ගමන් කරමින් තිබූ බෝට්ටුවක් ආපදාවකට ලක්ව එහි පොලිස් නිලධාරීන් සහ අනිකුත් අයට සිදුවූ අපහසුතාවය දැක පොලිසියේ සහ පාසල් ළමුන්ට පිහිනුම් හා ජීවිතාරක්ෂක ක්‍රියාවලියකට එක්වන බව අදිටන් කරගත් ඔහු 1991 වසරේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එවකට සිටි මිත්‍ර ආරියසිංහ මහතාගේ නායකත්වයෙන් යුතුව පොලිස් ජීවිතාරක්ෂක සේවයට එක් වෙයි. පසුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතාගේ උපදෙස් පරිදි පාසල් ළමුන් ඉලක්ක කරගෙන පොලිස් ජීවිතාරක්ෂක සංගමයේ සහයෝගය ඇතිව පාසල් ජීවිතාරක්ෂක පුහුණු කිරීම් සහ ජීවිතාරක්ෂක කණ්ඩායම් ස්ථාපිත කිරීම ආරම්භ කළේය .ඒ අනුව 2000 වසරේ 2002 වසරේ 2006 වසරේ ලංකාව පුරා ම ආවරණය වන පරිදි විසිරී සිටින පිහිනුම් කණ්ඩායම් ජාතික තලයට රැගෙන එමින් දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේ ජාතික පිහිනුම් තරගාවලි සංවිධානය කිරීම ද ඔහුගේ තවත් සුවිශේෂී වූ කාර්යයකි. ඒ සඳහා දායකත්වය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (හිටපු) සිරිසේන හේරත් මහතාගෙන් ලැබී තිබිණි.මේ වෙනවිටත් දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා පිහිනුම් උපදේශකයෙකු ලෙසත් එමෙන්ම ලෝක ජීවිතාරක්ෂක සංගමයෙන් 1994 වසරේ දී මෙරිට් සහතිකය ලබාගත් පොලිස් සැරයන්වරයා බවට පත්ව ඇත්තේ ද සුනිල් විජේසිංහ මහතායි.පොලිස් සැරයන් සුනිල් විජේසිංහ මහතා පුහුණු කළ සිසු සිසුවියන් මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව උපපොලිස් පරීක්ෂක මෙන්ම පොලිස් පරීක්ෂක තනතුරුවල ඔහු සමගම සේවය කිරීමට එක්ව තිබීම තවත් සුවිශේෂී වූ කරුණකි. එහෙත් ඔහු තවමත් පොලිස් සැරයන්වරයෙකුය. මෙහි තවත් අපූර්වත්වයක් බවට පත්ව ඇත්තේ පොලිස් සැරයන්වරයෙකුට ගුරු නම්බුව තබමින් උපපොලිස් පරීක්ෂකවරුන් පොලිස් පරීක්ෂකවරුන් ඔහුට “සර්” යන නාමයෙන් ආමන්ත්‍රණය කිරීමය.මෙම සුවිශේෂී වූ පොලිස් සැරයන්වරයා පිළිබඳව තවදුරටත් කරුණු තොරතුරු සොයා ගැනීම සඳහා අප ඔහු සමග කතාබහට එක් වුණෙමු.“අපිට වගකීමක් පවරලා තිබුණා ඒ වගකීම තමයි අපි කරන්නේ. එදා තලෙයිමන්නාරම්වල දී ඇතිවෙච්ච සිදුවීම් නැවත ඇති නොවෙන්න ඒ වගේම තවත් ජීවිත බේරාගන්න ජීවිත බේරාගැනීම සඳහා තව අය පුහුණු කරන්න ඒ විතරක් නෙවෙයි පොලිස් නිලධාරියකු හැටියට සිදුකරන්න පුළුවන් උපරිම සේවය සිදු කිරීම තමයි මගේ බලාපොරොත්තු වුණේ. අද ඇත්තටම මම ගොඩක් සතුටින් රස්සාව කරන කෙනෙක්.මම පොලිස් සේවයට ඇවිල්ලා පොලිස් ජීවිතාරක්ෂක සංගමයට එක්වෙලා පාසල් ජීවිතාරක්ෂක පිහිනුම් කණ්ඩායම් පුරුදු කරමින් සිටින කාලයේ මගෙන් ඉගෙන ගත්ත පාසල් සිසුන් අද පොලිසියට බැඳිලා කොස්තාපල්වරුන් හැටියට පොලිස් සැරයන්වරුන් හැටියට පොලිස් පරීක්ෂකවරුන් හැටියට වගේම උපපොලිස් පරීක්ෂකවරුන් හැටියට මේ ක්ෂේත්‍රයේම ඉන්නවා. මම එයින් ලබන්නේ පුදුම ආත්ම තෘප්තියක්.ඒ වගේම තමයි අපේ රට වටේම වතුර, මුහුදෙන් යට වෙලා. ලංකාවේ අවුරුද්දකට ජල අනතුරුවලින් 1500ක් පමණ ජීවිත නැතිවෙනවා කිසියම් වැඩපිළිවෙළක් අපිට පුළුවන් ආකාරයෙන් හදනවා කියලා තමයි මගේ හිත කිව්වේ. ඒ අනුව තමයි මට පුළුවන් උණේ මේ වෙනකොට පීනන්න බැරිව හිටපු දහතුන් දාහකට වැඩිය අයට පීනන්න පුරුදු කරන්න. ඒ විතරක් නෙවෙයි විශාල ජීවිතාරක්ෂක කණ්ඩායමක් පුහුණු කරලා නොමිලේ ඕනෑම තැනක දී අනතුරක් හදිසි ආපදාවක් රිය අනතුරක් වුණහම ඒ අය ජනතාවට පිහිට වෙන ස්වෙච්ඡා කණ්ඩායම් හදන්න. අද මට සතුටුයි හදිසි ආපදාවක් උනහම ලංකාවේ ඕනෑම තැනකට කිසිදු මුදලකින් තොරව අරන් යන්න මගේ ළඟ ඉන්නවා තරුණ තරුණියන්. ඒ අය ස්වේච්ඡාවෙන් අනුන්ගෙ දේපල ජීවිත ආරක්ෂා කරන්න හදිසි ආපදාවකදී යන්න ඉන්නවා. වෙසක්, පොසොන් ඇසළ ආදී මෙන්ම අලුත් අවුරුදු දවස්වලත් ඇළ දොළ ගංගා ජලාශවල දිය නාමින් සතුටු වෙන අයගේ ජීවිතාරක්ෂාවට මගේ ළමයි ගිහිල්ලා නොමිලේ රැඳී ඉඳලා ඒ අයව බේරා ගන්නවා.දියනාමින් ඉද්දි දියේ ගිලිලා මිය යන්න ආසන්නයේ සිටි 46 දෙනෙක් ලිඛිත සාක්ෂි ඇතිව බේරගෙන තියනවා. අනිත් ඒවා ලිඛිත සාක්ෂි නැහැ. මං හිතන්නේ අපේ සාමාජිකයන් මගේ ගෝලයන් සිදු කරපු ඒවත් එක්ක ජීවිත සීයකට වැඩිය මේ වෙනවිට අපි රට පුරා බේරගෙන තියෙනවා.උතුරු වසන්තය වැඩසටහන යටතේ උතුරු නැගෙනහිර පාසල් සිසු සිසුවියන් පන්දහසකට පමණ ජීවිතාරක්ෂක පුහුණුව දෙන්නත් ඒ අයට ජලයෙන් ජීවිතය බේරා ගැනීමටත් පුහුණු කරන්න හැකියාව ලැබුණා. ඒක ලොකුම සාර්ථකම වැඩසටහනක් වුණා. ඒ වගේම තමයි ලංකාවේ පළමු ජීවිතාරක්ෂක තූර්යවාදක කණ්ඩායම ආරම්භ කිරීමත් මගේ ජීවිතේ ලැබූ තවත් භාග්‍යයක්. අදටත් මේ තූර්යවාදක කණ්ඩායම ක්‍රියාත්මකයි. මේක පොලිස් ස්ථානවලට අරගෙන යනවා වාර්ෂික පරීක්ෂණවලට.ඒ වගේම තමයි පාසල් ජීවිතාරක්ෂකයන් පුහුණු කරලා ඒ අය පාසල්වලින් ඉවත් වුණාට පස්සේ අපි හදපු ජීවිතාරක්ෂක සංගම්වල සාමාජිකයන් බවට පත්වෙනවා. පාසල් ළමුන් එක්ක එකට කටයුතු කරන්න බැරි හින්දා මම ආරම්භ කළා ජීවිතාරක්ෂක ආදි ශිෂ්‍ය සංගමයක්. එ්කෙත් තරුණ තරුණියන් විශාල පිරිසක් මේ වන විට සේවයේ යෙදී ඉන්නවා. ඒ අය මේ වන විට වැව් ආසන්නයේ ස්ථාන පිරිසිදු කොට දියේ ගිලීම් ඇතිවන ස්ථාන පරීක්ෂා කිරීමේ උස් ගොඩනැගිලි හදලා එ් විතරක් නෙවෙයි නොමිලේ ඔවුන්ගේ සහයෝගයෙන් විවිධ ජීවිතාරක්ෂක ආපදා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.දැනට මම මාතලේ කොට්ඨාස ජීවිතාරක්ෂක ඒකකයේ ස්ථානාධිපතිවරයා හැටියට වැඩ කරනවා. ඊට අමතරව පොලොන්නරුව කොට්ඨාසයේ මහනුවර කොට්ඨාසයේ අධීක්ෂණ නිලධාරියා හැටියටත් සේවය කරනවා.මීට අමතරව හදිසි ආපදා පුහුණු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. දඹුල්ල ඉබ්බන්කටුව ජලාශය, කණ්ඩලම ජලාශය මුල්කරගෙන මාතලේ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න සේවක සේවිකාවන් ඒ වගේම පොලිස් ස්ථානවල නිලධාරීන් රාජ්‍ය ආයතන රැසක නිලධාරීන්ට මේ වනවිටත් ජීවිතාරක්ෂක පුහුණුව ආපදා පුහුණුව මම ලබා දීලා අවසන් කරලයි තියෙන්නේ.ඒ වගේම තමයි විවිධ ප්‍රදේශවල අපි සිතන්නේ නැති ප්‍රදේශවල දී හදිසියේ දියේ ගිලී සොයාගැනීමට නොහැකිව තිබුණු මළ සිරුරු මේ වනවිට විස්සකට අධික ප්‍රමාණයක් ඥාතීන්ට සොයා දීමට හැකියාව ලැබුණා. ඒකත් උතුම් ක්‍රියාවක්. මොකද මළසිරුර හොයාගන්න බැරුව බොහෝ දෙනා ළත වෙද්දි හඬා වැටෙද්දි දැන් අපට තමයි කතා කරලා කියන්නේ මළසිරුර හොයා දෙන්න කියලා. ඒ වෙලාවට අපි දවල් රෑ කියල බලන්නෙ නෑ. ඕනෙ වෙලාවක පැය 24 ම ක්‍රියාත්මක වෙනවා.“ඇත්තටම මම ගෙදර ඉන්නවා ගොඩක් අඩුයි. මගේ බිරිඳ තමරා කුමාරි යාපා. එයා ගුරුවරියක්. එයා මගේ සේවයට ගොඩක් උදව් කරනවා. එයා දන්නවා මම ගෙදරට වඩා සමාජයේ මිනිස්සුන්ට උදව් පදව් කරමින් ඉන්න කෙනෙක් කියලා. ඒ නිසා එයා මාව හඳුනාගෙන තියෙන නිසා ප්‍රශ්න ඇති වෙන්නෙ නෑ. මට ඉන්නෙ එක දුවයි සරණි කාවින්දි. එයා තාම ඉස්කෝලේ යනවා, මහනුවර ප්‍රදේශයේ පාසලකට තමයි යන්නේ. ඇයගේ අධ්‍යාපන කටයුතුවලටත් මම ගොඩක් උදව් කරනවා.”පොලිස් සැරයන් සුනිල් විජේසිංහ මහතා එසේ ආඩම්බරයෙන් අප සමග පැවැසීය. කෙසේවෙතත් 1985 වසරේ පොලිස් කොස්තාපල්වරයකු ලෙස ශ්‍රී ලංකා පොලීසියට එක්වූ සුනිල් විජේසිංහ මහතා 2003 වසරේ ජනවාරි මාසයේ පොලිස් සැරයන් තනතුරට උසස් කිරීමෙන් පසු 2018 වසර වනතුරුම පොලිස් සැරයන් තනතුරේ පමණක් සේවය කිරීම විශේෂත්වයකි. ඔහු ලබන වසරේ එනම් 2019 ජූලි මාසයේ 24 වැනි දින විශ්‍රාම යෑමට සිටින අතර මේ වන විට පොලිස් සේවයේ වසර තිස් පහකට ආසන්න කාලයක් මේ සුවිශාල වූ මෙහෙවර මොහු සිදුකර හමාරය.විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ විවිධ උසස්වීම් ලබන සමාජයක ශ්‍රී ලංකා පොලිස් සේවයට අමිල මෙහෙවරක් ඉටුකළ, එනම් මෙරට ජීවිතාරක්ෂකයන් දහතුන්දාහක් පුහුණු කොට සියයකට ආසන්න ප්‍රමාණයකට විදේශ රැකියා ලබා දුන්, ශ්‍රී ලංකාවේ පළමු ජීවිතාරක්ෂක තූර්යවාදක කණ්ඩායම ආරම්භ කළ, සියයකට ආසන්න දියේ ගිලී මියැදෙන්නට වූ ජීවිත බේරාදුන්, විස්සකට ආසන්න මළසිරුරු ගොඩගත්, රාජ්‍ය සේවකයන්ට හා පෞද්ගලික ආයතනවලට හදිසි ආපදා තත්ත්වයෙන් මිදීමට පුහුණුව ලබාදෙන, සුවිශේෂී වූ කාර්යයක් පොලිස් දෙපාර්තමේන්තුවේ නමින් ඉටුකළ පොලිස් සැරයන් සුනිල් විජේසිංහ මහතා තවත් මාස කිහිපයකින් සිය රාජකාරියට සමු දී පොලිස් සැරයන්වරයකු ලෙසම ගෙදර යනු ඇත.මෙම පොලිස් සැරයන්වරයා සිදුකළ අනුපමේය සේවය ඇගයීම සඳහා පසුගිය දිනක සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහා නායක ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහා නා හිමියන් විසින් ඇගයීමකට ලක්කරනු ලැබීය. ඒ හැර ඔහුගේ සේවාව ඇගයීමට ලක් වූයේ ඔහු සේවය කර අනුයුක්තව සිටි පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් විසිනි. ඔවුන් කොපමණ ඉහළ පොලිස් නිලධාරීන්ට සුනිල් විජේසිංහ පොලිස් සැරයන්වරයා පිළිබඳව කරුණු දැක්වුවද ඉහළ පොලිස් බලධාරීන්ට ඒවා එතරම් වැඩදායී නොවෙන්නට ඇත.මේ හා සුවිශාල වූ සේවාවක් සිදු කොට විශ්‍රාම ගැනීමට යද්දී තමන් ගේ බලාපොරොත්තුව කුමක් දැයි අප විමසීමක් කළෙමු. ඔහු කියා සිටියේ තමන්ට කීර්ති ප්‍රශංසා උසස්වීම්වලට වඩා අවශ්‍ය වෙන්නේ මෙම සුවිශාල වූ සේවාවක් ඉටුකරන පොලිස් ජීවිතාරක්ෂක කොට්ඨාසය පොලිස් දෙපාර්තමේන්තුව තුළ වෙනම කොට්ඨාසයක් බවට පත් කිරීමට හැකියාව ඇත්නම් එය තමාගේ එකම සිහිනය බවය.
පරිසරයේ පවතින ගහ, කොළ, මල්, ගෙඩි උපයෝගී කර ගෙන පෙරදා නුවර කලාවියේ ආහාර රටාව සකස්වී තිබිණ. එසේ සකස් කරගත් රසකැවිලි මාළුපිණි ආදිය පිළිබඳ විස්තර පහත දැක්වේ.කීරොටී - රසවත් කෑමකි. කැකුළු හාල් පිටිවලට ලුණු වතුර පදමට දමා පොල් වතුරෙන් අනා රාමන්ඩි මිශ්‍රකර පිපෙන්නට තියයි. පිටි මිශ්‍රණය පිපුණ පසු ආප්ප උයන පිළිවෙලට කීරොටී සාදා ගනු ලැබේ. ඊළඟට කීරොටි කෑමට පැණි හොද්දක් සාදා ගනී. පොල්කිරි, පොල්පැණි හෝ මීපැණි, හාල්පිටි, ලුණු වතුර පදමට ගෙන මිශ්‍රකර ලිපේ තබා උතුරවනු ලැබේ. ඉන්පසු කලින් සෑදු කීරොටී මේ පැණි හොද්දට දමා පැයක් දෙකක් තැබූ විට කීරොටීවලට මේ පැණි හොද්ද උරා ගනී. ඉන්පසු කෑමට ගැනීමට පුළුවන.කිරිවැදෑනි - කිරිවැදෑනි ද රසවත් කෑමකි. කැකුළු හාල් බැද අඹරා වතුර සමඟ රාමන්ඩි දමා, අනා පිපෙන්න තබනු ලැබේ. මේ පිටි පිපුණ පසු අාප්ප උයන ආකාරයට ටිකක් ඝනකමට සාදනු ලැබේ. මේවා මුදවන ලද කිරි සහ මීපැණි සමඟ මිශ්‍ර කොට ආහාරයට ගනු ලැබේ. කිරිවැදෑනි ලෙස හඳුන්වන්නේ මේවාය.දොහොයි - තවත් නුවර කලාවියේ රසවත් කෑමකි. කුරහන් පිටි සමඟ උඳුපිටි පදමට ගෙන එකට අනා තරමක් උකුවට සකස් කර ගනී, ඉන්පසු රොටී කබලක් බඳු ඊටම විශේෂ වූ ‘දොහොයි’ තැටියක දමා ලිපේ තබා රත්වෙන ආකාරයට රොටියක් මෙන් දෙපැත්ත පෙරලා හොඳින් පිළිස්සුන පසු තැටියෙන් ඉවත් කර බිමට බාගනී. දොහොයි රසකැවිල්ලක් නොව ගුණාත්මක හා ශක්තිමත් ආහාරයකි. දොහොයි කෑමට ලූල් මාළු ඇඹුල, කමත් බිම්මල්, දඩමස් වැනි ව්‍යාංජනයක් සකස් කරගනී.වෙල්ල වැහුම් - කැකුළු හාල් පිටිවලට වතුර හා ලුණු මිශ්‍රකර තුඩුදවුලා වැනි නානු ඇති යුෂ වර්ගයක් ද යොදා පිටි මිශ්‍රණය සාදා කබලට දමා තැම්බුන පසු කබලෙන් ගලවා බිමට ගෙන මැදට පැණිපොල් තබා රවුම් කර ගනී.කොමළවටා - සීනි හොඳින් උණුකොට ගාන ලද පොල් ඇති පදමට සීනි මිශ්‍රණයට දමා හොඳින් මිශ්‍ර කර ඉන්පසු කැකුළු සහල් පිටි කළවම් කර ලිපේ තබා රත් කරනු ලැබේ. මේවා අතේ ගුලිකර ගත හැකි තරමට උකු බවට පත්වූ පසු ලිපෙන් බාගෙන වෙනම සකස් කර ඇති පොල්පැණි මිශ්‍රණය මෙයට මුහුකොට යළිත් ලිප තබා රත් කරගෙන අග්ගලා මෙන් ගුලි වශයෙන් සාදා ආහාරයට ගනී.ආස්මී - කැකුළු හාල් පිටි සකස් කරගැනීමෙන් පසු මේවා පොල් කිරට දමා මුහුකොට අතේ නොඇලෙන පදමට පිළියෙල කරගත යුතුය. ඉන්පසු දවුල් කුරුඳු කොළ සහ පොල් මිශ්‍රකොට වංගෙඩියේ දමා කොටා පසුව මිරිකා රෙදි කඩකින් පෙරා යුෂ වෙන්කර ගත යුතුය. ඉන්පසු මෙම නානු යුෂ සහ පිටි මුහුකොට ඇඟිලිවලින් රැළි බේරෙන පදමට සකස් කොට තෙල් ලිපේ තබා ඇඟිලි අගින් මෙම මිශ්‍රණය හිමින් සීරුවේ තෙල් භාජනයට ටික ටික දමා තැම්බීගෙන එද්දී හැන්දක් සහ කූරක් යොදාගෙන ආස්මිය දෙකට නමා, තෙලෙන් ඉවතට ගෙන භාජනයක දමා දවසක් පමණ තෙල් බේරෙන්නට තියා දෙවෙනි දිනයේත් ආස්මි තෙල් කබලට දමා බැදගෙන ලිපෙන් බා පදමට උණු කරගත් පැණි රටාවකට ආස්මිය මතට එක් කිරීමෙන් පසු ආහාරයට ගනු ලැබේ.උඳු වළලු - මෙයද නුවර කලාවියේ ඉතා රසවත් කෑමකි. උඳු ඇට වතුරට දමා හොඳින් පෙඟුණ පසු ඒවායේ පොතු ඉවත් කර සෝදා මිරිස් ගලේ දමා අඹරා ගනු ලැබේ. ඉන්පසු කැකුළු සහල් පිටි ටිකක්ද මුහුකර පොල්කිරි දමා පැය පහක් පමණ වේලා පිටි පිපෙන්නට තැබිය යුතුය. ඊළඟට පිරිසිදු රෙදි කෑල්ලක කුඩා සිදුරක් කර එම රෙදි කෑල්ලට මෙම පිටි මිශ්‍රණය ටික ටික ගෙන ලිපේ තබා ඇති රත්වූ තෙලට වළලු ආකාරයට මිරිකා රන්වන් පාටට පැමිණි පසු තෙලෙන් ඉවත් කොට උණුකර සූදානම් කරගත් පොල් පැණි, කිතුල් පැණි. මීපැණි හෝ සීනි පැණිවලට මෙම වලලු දමා වලලුවලට පැණි පිරුණු පසු ඉවත් කර ප්‍රයෝජනයට ගත හැකිය.ලාළු - තවත් රසකැවිලි වර්ගයකි. කැකුළු හාල් සෝදා පිටිකර ගැනීමෙන් පසු පෙනේරයකින් හලා පිටිවලට ඇල්වතුර දමා උකුවට අනාගනු ලැබේ. ඉන්පසු හිල් කළ පොල් කටුව ගෙන මෙම පිටි මිශ්‍රණය පොල් කටුවට දමා කෙසෙල් කොළයක් මතට මලක් මෙන් සිටින සේ තදකර වත්කර ගත යුතුය. ඉන්පසුව මේවා එකිනෙක වන්ඩුවේ තම්බා, තැම්බුන පසු අව්වේ තබා වේලාගත යුතුය. ඊට පසු තෙලෙන් බැද පැණි මිශ්‍ර කොට ආහාරයට ගනු ලැබේ. වන්ඩු​වේ තැම්බීම යනු වතුර දැමූ මුට්ටියක කඩපිම්ම බැඳ ඒ මත මේවා තබා තවත් භාජනයකින් වසා ලිපේ තබා තම්බා ගැනීමය.පොල් කැවුම් - කැවුම්වලට පිටි සාදාගන්නා ආකාරයට පිටි සකස් කර ඇල් වතුර දමා තරමක් දියාරු ආකාරයට පිටි මිශ්‍රණය සකස් කරගත යුතුය. ඊට පසුව කලින් සකස් කරගත් පොල් ගුලිය පිට මිශ්‍රණයට දමා හොඳින් පිටි තැවරුණු පසු උණුවන තෙල් තාච්චියට දමා රන්වන් පාටට හැරෙන තුරු තෙලේ බැද ලිපෙන් බාගත යුතුය. මේවා පොල් කැවුම් ලෙස හඳුන්වනු ලැබේ.කිතුල් තලප - මේරූ කිතුල් ගසක බොඩය ඉවත් කරගෙන කුඩාවට කෑලි කපා වේලා ගැනීමෙන් පසු වංගෙඩියේ දමා කොටා, පෙනේරයකින් හලා පිටි ටික බේරා ගනු ලැබේ. ඉන්පසු මුට්ටියට කඩපිම්ම බැද කිතුල් පිටි වතුරේ දියකර කඩපිම්මට දමා කාල් ගාමින් පිරිසිදු පිටි ටික මුට්ටියට පෙරා ගෙන ඊළඟට ​​ෙම්වාට ලුණු මිශ්‍රකර ලිප තබා පදමට තැම්බුන පසු මඳ ගින්නේ තියෙන්නට හැර පසුදා උදයට කෑලි කැපිය හැකි තරමට කැටගැසී ඇති කිතුල් තලපය කෑලි කපා ගනිති. ගුණදායක ආහාරයකි. එසේම තරු පහේ හෝටලයකදීවත් කෑමට නොලැබෙන රසවත් ආහාරයකි.කුරහන් තලප - කුරහන් පිටි පෙනේරයකින් හලාගෙන ඇල්වතුරට දියකර ඉන්පසු ලිපේ තබා තලපයක් බවට පත්වන තුරු නිතර හැඳි ගා ගත යුතුය. ඒ අතර ඊට ප්‍රමාණවත් තරමට ලුණු දියර මිශ්‍ර කළ යුතුය. තලපයක් බවට පත්වූ පසු ලිපෙන් බාගෙන සුදුසු හොද්දක් සාදා ගෙන ආහාරයට ගත හැකිය.මෙනේරි බත් - මෙනේරි වී වනේ දමා කොටා හාල් කරගැනීමෙන් පසු ඒවාට කැකුළු හුණු සාල් හතරෙන් එකක් පමණ මුහුකොට මෙනේරි කිරිබත් සාදා ගත හැකිය. තම්බාපු හාල්වලට සුණු සාල් හතරෙන් එකක් පමණ මෙනේරි හාල්වලට මුහු කිරීමෙන් මෙනේරි බත් සාදා ගැනීමට හැකිය.අමුහාල් බත් - ‘අමු’ නමින් ධාන්‍ය වර්ගයක් ඇත. මේවා වනේ දමා කොටා සහල් සකස් කරගෙන කැකුළු සුණු සහල් සමඟ මිශ්‍ර කිරීමෙන් අමු කිරිබත් ද තම්බාපු සුණු සහල් සමඟ මිශ්‍ර කිරීමෙන් අමුබත් ද සාදා ගැනීමට පුළුවන.තණහාල් කිරිබත් - ‘තණ’ නමින් ධාන්‍ය වර්ගයක් ඇත. තණ ඇට වංගෙඩියේ දමා කොටා පොතු ඉවත් කර තණහාල් ලබාගෙන ඒවාට කැකුළු සුණු හාල් මිශ්‍ර කොට තණ හාල් කිරිබත් සාදාගැනීමට පුළුවන.ඕලු බත් - වැව්වල හැදෙන ජලජ පැලෑටියක් වූ ඕලුවල ගෙඩි හැදී පැසුණු පසු ඒවා කඩාගෙන විත් හොඳින් වේලා වංගෙඩියේ දමා කොටා පොතු ඉවත් කර ඕලු සහල් කරගත හැකිය. ඉන්පසු හාල් හුණ්ඩුවකට ඕලුහාල් පතක් පමණ මිශ්‍රකොට ඕලු බත් පිසගත හැකිය. ඕලු හාල්වල විශාල අස්වැන්නක් පවතී.ලෝලු දළු මාළුව - ලෝලු දළු පිරිමහින තරමට කඩාගෙන සෝදා වතුර තබා තැම්බීමෙන් පසු වතුර පෙරා හැර ලුණු, මිරිස්, උම්බලකඩ, තුනපහ කුඩු, රතු ලූණු ආදිය දමා අමුමිරිස් කරල් කීපයක් සහ තක්කාලි ගෙඩියක් දෙකක් සහ මිටිකිරි ටිකක් දමා තවදුරටත් තම්බාගෙන තෙම්පරාදු කර ගත යුතුය.අත්තික්කා ගෙඩි මාළුව - ලපටි අත්තික්කා ගෙඩි ඇති තරමට ගෙන වතුර දමා තම්බා වතුර ඉවත් කළ යුතුය. ඉන්පසු ලුණු, මිරිස්, රතුලූණු ආදිය මිශ්‍ර කොට යළිත් මිටි කිරෙන් තම්බා තෙල් අබ දමා ගත යුතුය.ගිණිතිල්ලා ගෙඩි මාළුව - පැසුණු ගිණිතිල්ලා ගෙඩි කඩාගෙන ඒවා දෙකට පලා මැද ඇති අැට ඉවත් කර ඇල් වතුරෙන් තම්බා වතුර පෙරා හැර තුනපහ, රතුලූණු, ලුණු, මිරිස් දමා මිටි කිරිවලින් තම්බා තෙම්පරාදු කරගත යුතුය.නෙළුම් අල - නෙළුම් අල සෝදා පිරිසිදු කරගෙන ඇල් වතුරෙන් තම්බා ඉන්පසු වතුර ඉවත් කර නෙළුම් අල කෑලිවලට කපා, ඒවාට තුනපහ ලුණු මිරිස් එකතු කර මිටි කිරෙන් නැවත තම්බා, තෙම්පරාදු කරගත හැකිය.නෙළුම් අල තම්බා ආහාරයට ගැනීම - නෙළුම් අල සෝදා පිරිසිදු කොට බතල මෙන් කෑලිවලට කපා වතුරෙන් හෝ වන්ඩුවෙන් තම්බා පොල් සහ ලුණු මිරිස් සමඟ ආහාරයට ගත හැකිය.කෙකටිය අල තම්බා ආහාරයට ගැනීම - වැව්වල හැදෙන කෙකටිය ගස්වල නෙළුම්වල මෙන් අල එරෙයි. ඒවා ගලවා ගෙන හොඳින් සෝදා පිරිසිදු කර ඇල් වතුරෙන් තම්බා වතුර පෙරා හැර, ආහාරයට ගැනීමේදී බතල අලවල මෙන් ඒවායේ පොතු ගලවා ඉවත් කළ යුතුය. පොල් සමඟ හෝ ලුණු මිරිස් සමඟ ආහාරයට ගත හැකිය.ඕලු දළු මාළුව - ඕලු දඬු ගෙන සෝදා රේණු හැර හීන්වලට කෑලි කපා ලුණු, මිරිස්, තුනපහ සහ පොල් දමා මලවා ගැනීමෙන් මැල්ලුමක් සේ ආහාරයට ගත හැකිය.මයිල මල් මාළුව - මයිල මල් තම්බා වතුර හැර ලුණු මිරිස්, තුනපහ, රතු ලූණු ආදිය දමා මිටි කිරෙන් මාළුව උයා තෙම්පරාදු කරගත හැකිය.කරකොළ මැල්ලුම - කරකොළ නමින් ගස් විශේෂයක් කැලෑවේ තිබේ. මේවායේ නොමේරූ කොල සෝදා අඟුණ කොළ මෙන් සිහින්ව කපා රතුලූණු, අමු මිරිස් සහ පොල් මුහුකොට මලවා ගත හැකිය.ලී කොළ සම්බෝලය - ලී කොළ නමින් පවත්නා පඳුරු විශේෂයේ ලා කොළ කඩාගෙන විත් සෝදා සිහින්ව ලියා රතු ලූණු, උම්බලකඩ, පොල්, ලුණු, අමු මිරිස් ආදිය මුහුකොට සම්බෝලය සාදා ගත හැකිය.බුත්සරණ කොළ බැදගැනීම - බුත්සරණ නම් වූ පඳුරු විශේෂයක් තිබේ. මේවායේ පුංචිම මල් සමඟ තනිකරම සුදු පාට කොළ හැදෙයි. මේ සුදුපාට කොළ පපඩම් මෙන් බැද ගැනීමට පුළුවන. මේ සඳහා පළමුවෙන් පිටි මිශ්‍රණය සාදා ගත යුතුය. හාල් පිටි හෝ පාන් පිටි ගෙන ඒවාට අමු මිරිස්, ලුණු කුඩු, ලූණු, කරපිංචා, මිරිස් කුඩු ආදිය දමා උකුවට මේ පිටි මිශ්‍රණය සාදා ගෙන ඊළඟට සුදු බුත්සරණ කොළ මෙම මිශ්‍රණයේ ගිල්වා රත්කළ තෙලට දමා බැඳ ගැනීමට පුළුවන.අබ ඇට සම්බෝලය - අවශ්‍ය තරමට අබ ඇට කබලේ බැදගෙන ලුණු, මිරිස්, බදින ලද අබ ඇට, රතු ලූණු සියල්ල මිරිස් ගලේ අඹරා, සාමාන්‍ය සම්බෝලයක් විදියට සාදා ගැනීමට පුළුවන.වැල්පෙනෙල සම්බෝලය - දළු වැල් පෙනෙල කොළ නොතැලෙන අන්දමට සිහිනව කපා ලූණු, රතු ලූණු, අමු මිරිස් දමා ගොටුකොළ සම්බෝලයක් හදන පිළිවෙලට සාදා ගැනීමට පුළුවන.උඩත්තා කොළ මැල්ලුම - උඩත්තා කොළ සෝදා පිරිසිදු කරගෙන අගුණකොළ කපන ආකාරයට සිහින්ව ලියා වෙනත් කොළ වර්ග මලවන ආකාරයටම මලවා ගත හැකිය.තෙලටිය ගෙඩි මාළුව - තෙලටි ගෙඩි දෙකට කපා තම්බා වතුර පෙරා ඉන්පසු තුනපහ ලුණු මිරිස් ආදිය දමා මිටි කිරිවලින් මාළුව උයාගෙන තෙම්පරාදු කරගත් මාළුවක් සාදාගත හැකිය.පෙතන් මල් බැදුම - පළමුවෙන් හාල්පිටි ​හෝ පාන්පිටි අවශ්‍ය තරමට ගෙන කරපිංචා, ලූණු, ලුණු, මිරිස් ආදිය එකට අඹරා ඒවා පිටිවල දියකර උකුවට පිටි මිශ්‍රණය සාදාගනු ලැබේ. ඊට පසුව පෙතන් මලේ පෙති ගලවා එකිනෙක පෙති මෙම මිශ්‍රණයේ පොඟවා කොකිස් බදින ආකාරයට තෙලට දමා බැදගත හැකිය.තිබ්බොටු සම්බෝලය - තිබ්බොටු අවශ්‍ය තරමට ගෙඩි කඩා ගෙන හොඳින් සෝදා කබලේ බැද පසුව හොඳින් කුඩු කරනු ලැබේ. ඉන්පසු පොල්, ලුණු, රතුලූණු, තක්කාලි සමඟ තිබ්බොටු කුඩු මිශ්‍රකර ආහාරයට ගත හැකිය.අවර මාළුව - ළපටි අවර කරල් ගෙන දෙකට පලා ඇට සහ මදය ඉවත් කර තම්බා වතුර ඉවත් ​කර තුනපහ, මිරිස්, ලුණු ආදිය දමා තෙම්පරාදු කරගත් විට රසවත් මාළුවකි.කිරින්ගලා කොළ අැඹුල - කිරින්ගලා කොළ නොතැලෙන සේ සෝදා දිය බේරෙන්නට තියා, ඊළඟට තුනපහ හොද්ද උතුරා පැසෙන විට කොළ පොඩි නොවන සේ කපා හොද්දට දමා තුනපහ දමා තැම්බුන පසු ලිපෙන් බා ගන්න. මෙය ඉතා රසවත් ඇඹුලකි. පෙර රජදරුවන්ගේ භෝජනයට පවා කිරින්ගලා කොළ ඇඹුල එකතු කර තිබේ.පුහුල් මල් සාදා ගැනීම - පුහුල් ගෙඩියේ පොත්ත ඉවත් කර දික් අතට පුහුල් තීරු කපා ගැනීමෙන් පසු ඒවා නැවත හීන්වට දික් අතට තුනීවට කපා ගනු ලැබේ. ඊළඟට මෙසේ කැපූ පුහුල් කෑලි හුණු දියට දමා දවසක් පමණ තබා නැවත ගෙන හොඳින් සෝදා දිය බේරෙන සේ තැබිය යුතුය. ඉන්පසු පුහුල් කෑලි කිලෝ එකකට සීනි කිලෝවක් වන සේ ගෙන සීනි උණුකර ප්‍රයෝජනයට ගත හැකිය.පෙරදා නුවර කලාවියේ ජනතාව පරිසරය සමඟ එක්ව පරිසරයේ සම්පත් උකහා ගෙන ජීවිත ගැටගසා ගත් බව පරිසරයෙන් උකහා ගත් මෙම ආහාර වට්ටෝරුවලින් සනාථ වේ.
අපි මහත් වෙබ් අඩවිය, සමඟ අමුත්තන් විය ඔබේ වෙබ් අඩවිය සඳහා ඔබට අවශ්ය හොඳම විකල්පය මෙය වෙබ් ඔබේ ප්රේක්ෂක වෙත ලබා ආරම්භ තෝරා ගැනීමට අවශ්ය හැම දෙයක්ම තියෙනවා.ඔබේ වෙබ් අඩවියේ කිරීමට සැලසුම් කිහිපයක් සහ සියලු සම්පත් වර්ධනය කළ යුතුය. කුලී පිට! ෙසේවා: ආදිය වේ සහතික 99.9% ක්ම නොමිලේ සංක්රමණය, සතිපතා රක්ෂිත ඇති,වසම් ලියාපදිංචි ரூ 25,26 වසරකට .ඉහළට * සිට. රෙජිස්ටර් වසම් .ඉහළට .com ,. කොමර්ෂල්, .net, .info, .net.br සහ වෙනත් අය. දැන් අන්තර්ජාලය මත ඔබේ වෙළඳ නාමය සහතික!අයදුම්පත ලකුණු පරිදි, දත්ත සමුදාය SQL අයදුම්පත අද්විතීය රටාවන් වෙත වාර්තා වේ දිගින් දිගටම කාර්ය සාධනය ඉක්මනින් ආකෘති හුරුSMTP සමග POP3 තුළද, යළි-යොමුවීම් ෆිල්ටර්, ලැයිස්තු, වෙබ් තැපැල්,-ස්පෑම් විරෝධී, ප්රති-වයිරස සහ තවත් ඊ-තැපැල් සඳහා සම්පූර්ණ විසඳුමක්අපේ වෙබ් පදනම් කරගත් පාලන පුවරුවට අඩවිය කළමනාකරණ කේක් කෑල්ලක් කරයි. https://sdns.pw:2083 <--?--> හරහා මණ්ඩලයක් සරල මෘදුකාංග ආරක්ෂිත ප්රවේශය භාවිතා කර ඔබගේ වෙබ් අඩවිය සියලුම අංශවල කළමනාකරණය කිරීමේ හැකියාව ඔබට බල ගැන්වීම408 Softaculous 408 මහා විධානාවලි, PHP පන්ති 1115 හා රක්ෂණ වාරික වෙබ් අඩවිය තනන්නා සහිත ප්රධාන වාහන ස්ථාපකය වේඑය පවත්වාගෙන දිනපතා ඔබේ ගොනු උපස්ථ ,-DDOS විරෝධී ආරක්ෂාව. හදිසි අවස්ථාවක සුවිශේෂී නාලිකාව සේවා සහයෝගයඅපි ඔබ සහ ඔබේ සමාගම සඳහා හොඳම විසඳුම තියෙනවා! ඔයා කවදාවත් අන්තර්ජාලය හරහා නව ගනුදෙනුකරුවන් දිනා කිරීමට අප එතරම් සමීපව ළංව වී තියෙනවාවෙබ් අඩවිය සැකිලි 200 සංස්කරණය ඔබ කැමති නම් ඔබේ වෙබ් අඩවියේ භාවිතා කිරීමට සූදානම් වැඩි සියලු සත්කාරක සැලසුම් සඳහා ලබා ගත හැකි.
බිහිසුණු 1983 කලු ජූලිය වැන්නක් ‘යළි කිසි දා සිදු නොවීමට මතක තබා ගැනීම‘ යන්න තේමා කොට ගනිමින් ”30 වසරකට පෙර” නම් වෙබ් අඩවියක් සමග ඒ හා බැදි ක්‍රියාවලීන් ගණනාවකින් සමන්විත ව්‍යාපෘතියක් අප ‘විකල්ප‘ වෙබ් අඩවියේ සහෝදර වෙබ් අඩවිය වන ‘ග්‍රව්න්ඩ්වීව්ස්‘ වෙබ් අඩවිය මේ වන විට දියත් කරමින් තිබේ. විශේෂයෙන් ලංකාවේ අන්තර්ජාල මාධ්‍ය තුල නව මානයන් පිළිබදව ඉතා ප්‍රභල සංඛේත සපයන එම ව්‍යපෘතිය තුල ඉතා ප්‍රභල හැගවුම් මෙන්ම අතිශය දුර්ලබ ප්‍රකාශනයන් ගණනාවක් පවති.විශේෂයෙන් කලු ජූලියට වසර 30ක් සැපිරෙන මොහොතේ ලාංකීය දේශපාලන සහ සමාජ වටපිටාව තුළ සිංහල වර්ගවාදී කණ්ඩායම්නැවතත් සිංහල නොවන ජාතීන්ට සිදු කරමින් පවතින හිංසනීය තත්ත්වයන් මෝරමින් තිබෙන ත්ත්වයක් තුළ මෙම ව්‍යායාමය වර්තමානයේ ලංකාව තුළ ප්‍රභල ලෙස සලකුණු වෙයි.1983 දී වර්ගවාදයේ සහ මිලේච්ඡත්වය ලොවට පෙන්වමින් මුග්ධ, අධිපතිවාදී රාජ්‍යයේ පහස ලබමින් දමිළ ලේ සොයමින්, ඔවුන්ගේ දේපළ කොල්ලකමින් වීදි පුරා ප‍්‍රචණ්ඩත්වය මුදාහරිමින් ලංකාවේ දකුණේ නගර, ගම් දනව් පුරා මුදාහල කුරිරු වර්ගවාදී සාහාසිකත්වයට එනම් ‘කලූ ජූලිය’ ට 2013 ජූලියට වසර 30කි. 1983න් පසු සංඛේතාත්මකව ඇරඹි සංහාරය 2009න් අවසන් කළා යැයි කියමින්, අද ද තුවාල සුවකිරීමේ කාර්යය වෙනුවට තුවාල පාරමින් නැවත වරක් වර්ගවාදයත්, සිය මුග්ධ අධිපතිවාදයත් ලාංකීය පොළොව මත වපුරමින් තිබීම අතිශය ඛේදජනකය.එම බියකරු තත්ත්වය තුළ ”30 වසරකට පෙර” මේ උත්සහය තුවාල සුවකර ගැනීමට මෙන්ම, එවන් තුවාල යළි ඇති නොවීමට ගන්නා ලද උත්සහයක එක් පියවරක් ලෙසත් මෙම නවමු මාධ්‍ය ක්‍රියාවලිය හැදින්විය හැකිය.එම ”30 වසරකට පෙර” ව්‍යාපෘතියේ ප්‍රමුඛ කාර්යය සිදු කරන ග්‍රව්න්ඩ්වීව්ස් වෙබ් අඩවියේ සංස්කාරක, සංජන හත්තොටුව ”30 වසරකට පෙර” වෙබ් අවකාශය පිළිබදව මෙසේ සටහන් කරයි.‘‘මෙම ව්‍යාපෘතිය මින් පෙර කලාතුරකින් පළ වූ හෝ කිසි දා පළ නොවූ අදහස් ඔස්සේ යුගකාරක ’83 දෙමළ විරෝධී සංහාරය සිහි තබා ගැනීමට සහ විමසා බැලීමට දරන ප‍්‍රයත්නයකි. ත්‍රෛමාධ්‍යයීය මිශ‍්‍රණයක සිට තොරතුරු ග්‍රැෆික් දක්වා, audio podcast සිට විඩියෝ පට දක්වා, ඡායාරූපකරණයේ සිට අවධානය ඇද ගන්නාසුලූ ලිපි දක්වා – නිෂ්පාදකවරුන් මාධ්‍ය සහ විධික‍්‍රම ගණනාවක් යොදා ගෙන ඇත. තමන් එල්ටීටීඊයට එක් වූයේ ඇයි ද යන්න සහ අද දින ගමන් දරන අදහස කුමක් ද යන්න පිළිබඳ මේරි ගුණවතී වර්ධරාජා පවසන කතාව වැනි ඇතැම් නිෂ්පාදන කිසි දා නෑසූ හඬවල් හසු කර ගනියි. සුනෙලා ජයවර්ධනගේ ත්‍රෛමාධ්‍යයීය නිෂ්පාදනය ගූගල් අර්ත්( Google Earth) ඡායාරූප සමූහයක් පසුබිම ලෙස යොදා ගෙන සාමාන්‍ය පුද්ගලයන්ට දේවත්වය ආරෝපණය කරමින් පසු ගිය දශක තුන පුරා පැතිර ගිය ප‍්‍රචණ්ඩත්වය විමසා බලයි. තෙහානි ආරියරත්න තමන් සහ තමන්ගේ පවුල් අවදානමෙහි හෙළා ගනිමින් ප‍්‍රහාරය තුළ දී අනෙකුන්ට ආරක්ෂා ස්ථාන සැපයූයන්ගේ කතා පුවත් හසු කර ගනියි. ෂානි ජයවර්ධන කළු ජුලිය පිළිබඳව ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව දරන අවධානය ඇද ගන්නාසුලූ අදහස් සහ තමන්ට එරෙහිව අද දින එල්ල කෙරෙන වැඩෙන වාර්ගික ප‍්‍රචණ්ඩත්වය ඔවුන්ට හැගෙන ආකාරය හසු කර ගනියි. ශානිකා පෙරේරා 1983න් පසුව සිදු වුණු ප‍්‍රධාන ‘ව්‍යවස්ථාමය’ වෙනස් වීම්’ විමසා බලමින් අසංග වැලිකල කළ පර්යේෂණයක දෘශ්‍ය සැලසුම් යොදා ගනිමින් සිය අදහස් සන්නිවේදනය කරයි. Picture Press නිෂ්පාදකවරු, කලින් ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවියෙහි කළාක් මෙන් ම, එළඹෙන 30 වසරේ දී ශ‍්‍රී ලංකාවේ සම්බන්ධතා කළු ජුලිය පැන නැගීමට තුඩු දුන් දෙයට උපකාර වේ දැයි නොඑසේ නම් එය වළකනු ඇත් දැයි ඡායාරූප 80කට වැඩි සංඛ්‍යාවක් සහ පුළුල් සටහන් මාර්ගයෙන් ප‍්‍රශ්න කරති. ඡායාරූප මාර්ගයෙන් ඔවුන් හසු කර ගෙන ඇති ඇතැම් පුද්ගලයන්, ආයතනයන් සහ ස්ථානයන් මින් පෙර කිසි විටෙක කවර හෝ මාධ්‍යයක පෙනී සිට නැත.”‘‘..කාංසාව, භීතිය, ප‍්‍රචණ්ඩත්වය, ධෛර්යය, ආදරය, කැප කිරීම, අහිමි වුණු අවස්ථා මෙන් ම බලාපොරොත්තුවේ දිය උල්පත් පිළිබඳව ද කියැවෙන මෙම කතා පුවත් විස්මිත නිපුණතාවකින් සහ සහකම්පනයකින් යුතුව හසු කර ගැනෙන්නේ කුසලතා පූර්ණ සහ නානාවිධ පරම්පරාවලට අයත් නිෂ්පාදකවරුන් කණ්ඩායමක් විසිනි… ඉතා බොහෝ දෙනා අමතක කිරීමට උත්සාහ කරන එහෙත් අනෙකුන් නො මැකිය හැකි ලෙස කොටා තැබීමට උත්සාහ කරන සිදුවීම් අතිශයින් ම නවමු සහ ආකර්ෂණීය ආකාරවලින් යළි සිහිපත් කිරීම සඳහා ඩිජිටල් මාධ්‍යය සහ අන්තර්ජාලය බලපෑම් සහගත අයුරින් යොදා ගත හැකි ආකාරය පෙන්වන ආදර්ශයක් ලෙස ද ප‍්‍රයෝජනවත් වේ යැයි මම බලාපොරොත්තු වෙමි.‘‘‘‘අඩවියට පිවිස නුදුරු අනාගතයේ දී තවත් දෑ එක් වනු ඇති නමුත් දැනටමත් පළකර ඇති අවධානය ඇද ගන්නාසුලූ අතිමහත් තොරතුරු එකතුව විමසා බැලීමට මම ඔබව දරි ගන්වමි.‘‘කෙසේ නමුත් මෙම ප්‍රභල ව්‍යායාමයෙහි ප්‍රධන අවස්ථාවක් ලබන අගෝස්තු 24 සහ 25 දිනවල පෙ.ව. 10 සිට ප.ව. 5 දක්වා – පාක් ස්ටී‍්‍රට් මිව්ස්හි සහ වෙයාර්හවුස් ඞීහි ද ව්‍යාපෘතියේ අන්තර්ගතයෙන් බොහොමයක් විහිදී තිබෙනු ඔබට දැක ගත හැකි ය. එසේම සති අන්තයේ දී මෙම ස්ථානවල මේ ආශ‍්‍රිත තවත් නොයෙක් දෑ ද සිදු වනු ඇති බවත් ”30 වසරකට පෙර” අඩවිය සදහන් කරයි.එබැවින් එම ප්‍රභල නව්‍ය විහිදුම හරහා කලූ ජූලිය ගැන යළි ස්මරණය කිරීමට සහ එහි කම්පනයන් තම නිර්මාණ ඔස්සේ යළිත් සමාජය වෙත මුදා හරිමින්, යළි කිසි දා සිදු නොවීමට මතක තබා ගැනීම: ”30 වසරකට පෙර” අඩවිය සහ එයට සමගාමී ක්‍රියාවලීන් සමග එක්වන ලෙස ඝාතනයට එරෙහි ජීවිතයට ආදරය කරන සියලු දෙනාගෙන් ‘විකල්ප‘ වෙබ් අඩවිය ඉල්ලා සිටිමු.
සත්‍ය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යපෘතිය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක් මගින්, ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ නිමාවෙන් සය වසරකට පසු, වධ බන්ධන, ලිංගික හිංසන, නීති විරෝධී රඳවා තබා ගැනීම් සහ ඝාතන…[Image:Vikalpa | ජනාධිපතිවරයා පසුගියදා සංචාරය කළ යාපනයේ අවතැන් කඳවුරක්..] ජනවාරි 8වෙනිදායින් බලයට පත් වූ ‘යහපාලන ආණ්ඩුව‘ විසින් දෙමළ ජනයා තුළ නව බලාපොරොත්තුවක් ඇති කරමින් එතෙක් හමුදාව විසින් පවරා ගෙන තිබූ උතුරේ ඉඩම්…2009 යුද්ධය අවසන් වීමට මත්තෙන් එනම් 2007 සැප්තැම්බර් මාසයේදී මුල්ලිකුලම් ප්‍රදේශයේ 1200කට ආසන්න පිරිසක් සමගම එම මුල්ලිකුලමෙන් පිටව යන ලෙස නාවික හමුදාවෙන් නියෝග ලැබිණි. ‘යුද්දය එන බැවින් ඔබලා යන්න ඕන‘ නේවි උපදෙස්…[Main Image : alexir | other image @Vikalpa] ‘පඩිපෙළ නතරවන සෑම තට්ටුවකම සෝපානයෙන් විරුද්ධ දිශාවේ, අලවා තිබූ පෝස්ටරයේ විශාල මුහුණක් බලා සිටියේය. එය ඔබගේ සෑම ඉරියව්වක් පසුපසින්ම ගමන් ගන්නා දෑසක් උරුම වර්ගයේ…යුද්ධයෙන් වසර 6කට පසුවත් නාවික හමුදාවේ අවසර මත පැවැත් වූ ‘මුල්ලිකුලම් මිනිසුන්ගේ නත්තල් දේව මෙහෙය‘(Photos)[මුල්ලිකුලම් මිනිසුන්ගේ නිවාස, වතුපිටි මිලිටරි අවශ්‍යතාවයන් වෙනුවෙන් සිය බලහත්කාරය යොදා මීට වසර 6කටත් පෙර ලබාගත් නාවික හමුදාවෝ එහි ඇති දේවස්ථානයේ දේව මෙහෙයට පසුගිය 24 දා රාත්‍රියේ සහභාගී වූ ඒ අවතැන් මිනිසුන්ට කෝපි…Image by:Vikalpa මට අදාළ අය මරණයට පත් වූ විට ඔවුන් සැමරීමට මට අයිතියක් තිබිය යුතු සේම මට ඍජුව අදාළ නොවන කවුරුන් මරණයට පත් වුවද එය නොසමරා සිටීමටද මට අයිතියක් තිබිය යුතුය යන…
Image by: Nalini ‘‘මගේ පුතා හිටියේ සංවිධානේ තමයි. එයා අවුරුදු 4ක්ම හිටියා. අපි ඔක්කොම එයාට ආදරේ කලා. ගෙදර එන්න කියලා කිවුවා. එයා හැමදාම කිව්වේ ඉක්මනට එන්නං කියලා. ඒත් එයා ආවේ නෑ. එක…වසර තිහකට අධික කාලයක් පැවති යුද්ධය 2009 මැයි 18 දින තමන් (සහ තම පවුලේ හෙංචයියන්) විසින් සම්පූර්ණයෙන්ම තුරන් කළ බවට මහින්ද රාජපක්ෂ හන්දියක් හන්දියක් ගානේ පම්පෝරි ගැසුවේය. මීට අමතරව, තමන්ට හිතැති බත්බැලයන්…
2006 අගෝස්තු 20වන දින, එනම් වසර 09කට පෙර, යාපනයේ අල්ලයිපිඩි නාවික හමුදා මුරපොල අසල අවසන් වරට දැකීමෙන් පසු ජිම් බ‍්‍රවුන් පියතුමා සහ විමලදාස් අතුරුදහන් විය[1]. ඊට දින කිහිපයකට පෙර නාවික හමුදා නිලධාරියකු…Image Credit: FB/Rajapaksha ‘‘ඔවුන් සම්මත ආකාරයේ යුද්ධයක් කළේ මොකද කියලා මං දන්නේ නැහැ. ප‍්‍රභාකරන්ට තිබුණා, හැංගිලා සටන ගෙනියන්න. මම එල්.ටී.ටී.ඊ, සංවිධානේ නායකයා වුණා නං, මං කරන්නේ බිම්ගත වෙලා, කැළේට වෙලා ගරිල්ලා යුද්ධයක්…‘‘පොලිසිවලටයි, යාපනේ උසාවිවලටයි ගල් ගැහැව්වා. එල්.ටී.ටී.ඊ. සංවිධානේ මුලින් පටන් ගත්තෙත් ඔහොම තමයි. මේක ඉතා භයානක තත්වයක්.’’ -හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉහත සඳහන් ප‍්‍රකාශය උපුටා දක්වන ‘ඬේලි මිරර්’ ප‍්‍රවෘත්ති වාර්තාවක්, යාපනේ සිදුවීම් සම්බන්ධයෙන්…
[පළමු කොටස] ඉතිහාසය මියැදෙමින් තිබේ. නව අරගලයක ආරම්භය සිදුවීමට නියමිතව ඇත. අරාජක කාලයේදී බොහොමයක් අශෝබන දෑ ගත හැකිය, යන ග්‍රාම්ස්චියානු න්‍යාය අර්ධද්වීපයේ ක්‍රමයෙන් මතුවෙමින් පවතින නව රැල්ල ලෙස හැඳින්වීමේ වරදක් නැත. ජනවාරී…
Image Credit: REUTERS ශ‍්‍රී ලංකාවට එරෙහි ව ඉදිරිපත් වී තිබෙන ‘යුද අපරාධ චෝදනා‘ සම්බන්ධ වගවීමේ ක‍්‍රියාවලියේ ස්වභාවය පැහැදිළි කරමින්, ජනාධිපති සිරිසේන මහතා පසුගිය දා බීබීසීය ට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේ දී යළි…විත්‍යා සිවලෝගනාදන් දැරිය පැහැරගෙනගොස්, වදහිංසා පමුණුවා, ලිංගික අතවරයට ලක් කොට, ගෙල සිරකොට මරා දමා දින කිහිපයක් ගත වී ඇත. මෙම අවාසනාවන්ත ඛේදවාචකය සම්බන්ධයෙන් වන විවාදය සහ කතාබහ රටේ සෑම කොනකම පැතිරෙමින් පවතින…
ඇමරිකාව තුල පිහිටි, දැවැන්ත තාක්ෂනික සමාගමක් වන නෙදර්ලන්තයේ එන්එක්ස්පීහි අර්ධ සන්නායක චිප් නිෂ්පාදක ක්වල්කොම් සමාගම ඩොලර් බිලියන 44ට අත්කර ගැනීමේ සැලැස්ම බීජිනය විසින් දියබත් කිරීමත් සමඟ, දැනට කෙරීගෙන යන හා ගැඹුරු වන ඇමරිකානු වෙලඳ යුද්ධයට චීනයෙන් ප්‍රති ප්‍රහාරයක් එල්ල විය.අත්කර ගැනීමේ ගිවිසුමට චීන ආන්ඩුව අත්සන් නොතබන බව පැහැදිලි වීමෙන් පසුව ක්වල්කොම් 25දා සවස, තමන් ගිවිසුමෙන් ඉවත් වන බව නිවේදනය කලේය. ගිවිසුම ක්‍රියාත්මක වීමට අවශ්‍ය ඒකාධිකාර විරෝධී ප්‍රතිපාදන යටතේ එවැන්නක් අනුමත කිරීමට අවශ්‍ය ජාතික නීති උපදෙස් ලබාදෙන නව දෙනාගෙන් අවසන් සාමාජිකයා වූයේ චීනයයි.චීනය ලෝකයේ විශාලතම අර්ධ සන්නායක නිපෂ්පාදකයාය. පසුගිය වසරේ එහි අගය ඩොලර් බිලියන 132ක් විය. ඒවායේ ආදායමෙන් වඩි පංඟුවක් හිමිකර ගන්නේ, දකුනු කොරියානු, ජපාන, තායිවාන හා ඇමරිකානු සමාගම් විසිනි.පුලුල්ව පැතිරුනු වාර්තා වලට අනුව, අත්පත්කර ගැනීමේ ගිවිසුම් පිලිබඳව වගකිවයුතු චීන නියාමකයින් එයට මේ වසර මුල අත්සන්තබා ඇත ද බීජිං ආන්ඩුව එයට අවසන් අනුමැතිය ලබාදෙන තෙක් බලාපොරොත්තු තබා සිටියේ ය. එහෙත් වේලාව අවසන් වීමට පැය කිහිපයක් තිබියදීත් එම අනුමැතිය නොලැබීම නිසා තමන් එයින් ඉවත්වන බව ක්වල්කොම් නිවේදනය කලේය.චීන ආන්ඩුවේ නිල ආස්ථානය වූයේ අනුමැතිය නොදීම චීන-ඇමරිකා වෙලඳ ගැටුමට සම්බන්ධයක් නැතැයි යන්නය. චීනයේ වෙලඳ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකුට අනුව, “මා දන්නා තරමින් ප්‍රශ්නය විශ්වාසය කඩවීමේ නීතිය බලගැන්වීම පිලිබඳ කාරනයකි.”එහෙත් අනෙකුත් මාධ්‍ය වාර්තා දෝංකාරය නැංවමින් ෆිනෑන්ෂල් ටයිම්ස් වෙත පැවසූ අයෙකුට අනුව, “ක්වල්කොම්හි දැක්ම පරිදි සෑම දෙයක්ම අවශ්‍ය ආකාරයට ඉටුකර තිබුනි.”ගිවිසුම පිලිබඳ ක්‍රියාවලිය ඔබාමා පාලනය කාලයේ පටන්ගෙන වසර දෙකක් තිස්සේ ඉටුවෙමින් තිබුනි. එහෙත් සන්ධිස්ථානය පැමිනියේ, විශේෂයෙන්ම බීජිනයේ “2025 චීනයේ සාදන ලදී” යන සැලැස්මට සම්බන්ධ අයගේ චීන නිෂ්පාදනයන්ට ඩොලර් බිලියන 50ක තිරුබදු පැනවීම ඉදිරියට ගෙන යන බවට ට්‍රම්ප් පාලනය මැයි මාසයේ නිවේදනය කිරීමත් සමඟය. චීනය පෞද්ගලික දේපොල සොරාගැනීමේ ද බලහත්කාරී තාක්ෂනික මාරුකිරීම්වල ද යෙදී සිටින බවට නැඟුනු චෝදනා යටතේ, 1974 වෙලඳ පනතේ 301 වගන්තිය ධවල මන්ඳිරය විසින් ඒ සඳහා උපයෝගී කර ගත්තේය.තීන්දුව පලවූයේ ට්‍රම්ප් ආන්ඩුවේ සාමාජිකයින් සමඟ චීන උප අගමැති ලියු හී පැවැත්වූ ඉහල පෙලේ සාකච්ඡා වලින් තෙදිනකට පසුවය. චීනය ඇමරිකාවෙන් කරන ආනයන ඩොලර් බිලියන 100න් වැඩිකිරීමට එකඟවූ එම රැස්වීමෙන් පසුව ඇමරිකානු භාන්ඬාගාර ලේකම් ස්ටීවන් මුන්චින් පැවසුවේ, වෙලඳ යුද්ධය “අත්හිටුවාගත්” බවය.එහෙත් එය කඩකරමින් වොෂින්ටනය තීරුබදු පැනවීම, චීනයේ ප්‍රධාන වෙලඳ නියෝජිතයාට ප්‍රසිද්ධියේ ගැසූ කම්මුල් පහරක් විය. බීජිනයේ මනෝ ගතිය වෙනස්වූ අතර ඒ පිලිබඳ නිල ප්‍රකාශයක් ප්‍රසිද්ධ නොකල ද එය පෙන්නුම් කලේ අත්පත්කර ගැනීමේ අවසාන අනුමැතිය නොලැබෙන බවයි.ක්වල්කොම් ප්‍රධාන විධායක නිලධාරී ස්ටීව් මොලන්කොප් පැවසුවේ “අපට ඉහලින් පැමිනි දෙයක් මඟින් පැහැදිලිවම අප ග්‍රහනයට ගත්” බවය. සමාගමට දැන් එන්එක්ස්පී වෙත වන්දි වශයෙන් ඩොලර් බිලියන 2ක් ද මූල්‍ය ආයෝජකයින්ගේ ඉල්ලීම් සැපිරීම පිනිස ඩොලර් බිලියන 30ක කොටස් යලි මිලට ගැනීමේ වැඩසටහනක් ද නිවේදනය කිරීමට සිදුවේ.තමන්ගේම ඒකාබද්ධවීම් හා අත්පත්කර ගැනීම් පිලිබඳ සැලසුම් ඔස්සේ යාමට පෙර, ක්වල්කොම්-එන්එක්ස්පී ගිවිසුමේ ප්‍රතිපලය දෙස බලා සිටි අධි තාක්ෂනික සමාගම් හා චිප් නිෂ්පාදකයින්ට මෙම අත්කර ගැනීම බිඳ වැටීමෙහි දුරදිග යන ඇඟවුම් පවතී.විශ්ලේෂක මයිකල් වෝල්ක්ලි බ්ලූම්බර්ග් වෙත පැවසූ පරදි, “එය නිශ්චිතවම අත්පත්කර ගැනීම් හා ඒකාබද්ධයන්ගේ අනාගතය පිලිබඳ කනස්සල්ල වැඩිකරනු ඇත. චීනය සමඟ ප්‍රශ්නය කොතෙක් කල් පවතී ද හා එය ගිවිසුම් වලට බාධා පමුනුවයි ද යන්න පිලිබඳ අනිශ්චිත භාවය වැඩෙමින් ඇත.”බිඳ වැටුනු ගිවිසුම පිලිබඳ සිය වාර්තාව තුලෆිනෑන්ෂල් ටයිම්ස්, “කෙටි කාලයේදී අර්ධ සන්නායක කර්මාන්තය තුල, ඕනෑම විශාල අත්පත්කර ගැනීම් හා ඒකාබද්ධයන් මත දැවැන්ත රතු එලියක් දල්වා ඇතැයි” සඳහන් කල කාර්මික විශ්ල්ෂකයෙකු උපුටා දක්වයි. “තාක්ෂනයේ පරදුවට තැබී ඇති දෑ බෙහෙවින්, බෙහෙවින්ම ඉහලය, විශේෂයෙන්ම චීනයට අර්ධ සන්නායක දැවැන්ත මූලෝපායික වැදගත් කමක් දරන තතු තුලය.”එවන් ගිවිසුම් 2015 හා 2016 අතර ඩොලර් බිලියන 200ට වැඩි අගයක් ඉසිලීය. එයට ක්වල්කොම්_ එන්එක්ස්පී ගිවිසුම ද ඇතුලත්ය. දැන් ඇරඹෙමින් තිබෙන රැහැන් රහිත 5ජී තාක්ෂනය සඳහා හොඳින්ම සූදානම්ව සිටින ස්මාට්ෆෝන් හා පරිගනක ක්ෂේත්‍රයේ, සිය තත්වය නංවා ගැනීමට කුඩා සමාගම් අපේක්ෂා කරයි.එවන් කටයුතු පසුගිය වසර තුල අඩුවෙමින් තිබුනි. දැන් එය “හඬ නඟමින් නතරවන තැනට පැමින තිබේ.” ෆිනෑන්ෂල් ටයිම්ස් උපුටා දක්වන තවත් කාර්මික විශේලේෂකයෙකු එසේ පවසයි.ක්වල්කොම් එම කර්මාන්තය තුල මාරුවීම්වල ද අධි තාක්ෂනික සංවර්ධනය මත ඇමරිකානු හා චීනය අතර ගැටුමේ ද හරි මැද පිහිටියේය. මාර්තුවේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, “ආරක්ෂක හේතු” මත බ්‍රෝඞ්කොම් යන ඇමරිකානු සමාගම විසින් ඩොලර් බිලියන 142ට ක්වල්කොම් අත්පත්කර ගැනීම වැලැක්වීමට කෙලින්ම මැදිහත් විය.ක්වල්කොම්හි ඉල්ලීම මත ඇමරිකාවේ විදේශ ආයෝජන කමිටුව (CFIUS) ක්‍රියාවලිය තුල මැදිහත්විය. ඒ අනුව එය අනාවරනය කර ගත්තේ, වෝල් වීදියට ඉතා පොදු භාවිතයක් වන, සමාගමට මූල්‍ය සැපයීම පිනිස අත්පත්කර ගැනීමෙන් පසුව බ්‍රෝඞ්කොම්, වියදම් කපාහරින බව හා එහි ප්‍රතිපලය ලෙස ක්වල්කොම්හි පරියේෂන හා සංවර්ධන කටයුතු සඳහා වෙන් කෙරෙන අරමුදල් කපා හරිනු ඇති බවයි.මෙ මඟින් හුආවේ වැනි චීන සමාගම් වලට 5ජී සංවර්ධන ක්‍රියාවලියේදී ප්‍රමිතීන් නියම කිරීමට ඇති සිය අනුහස වැඩිකර ගැනීමට අවකාශ සලසයි.“මෙම සතුරු අත්පත්කර ගැනීමේ ප්‍රතිපලයක් ලෙස ක්වල්කොම් විසින් අතහරින ඉඩකඩ පිරවීමට චීනය වේගයෙන් ඉදිරියට එනු ඇත. දැනට එක්සත් ජනපදය විසින් ආධිපත්‍යය දරනු ලබන ප්‍රමිතීන් නියම කිරීමේ අවස්ථා අඩුවනු ඇත.”චීනයට එරෙහිව “ජාතික ආරක්ෂාව” සහතික කිරීමේ පදනම මත සිව් මසකට පෙරාතුව ක්වල්කොම් “බේරාගැනීමට” සමත් වුව ද එම පදනමම මත තීරුබදු පිලිබඳව ට්‍රම්ප් පාලනය ක්‍රියාත්මක කල කටයුතු දැන් සැලකිය යුතු පහරක් වැදීමට හේතුවී ඇත.එවන් පියවරයන්හි අවසානය එය වන බව නොකියවේ. චීනයේ සමස්ත අපනයනයන්ම ආවරනය වන පරිදි ඩොලර් බිලියන 500ක් වටිනා චීන නිෂ්පාදිතයන්ට තීරුබදු පනවන බවට ට්‍රම්ප් පාලනය තර්ජනය කර තිබේ. චීනය ඇමරිකාවෙන් ආනයනය කරන්නේ ඊට බිලියන 350ක් පමන අඩු වටිනාකමකින් යුත් නිෂ්පාදිතයන්ය. එබැවින් එකට එක කිරීමේ තීරුබදු පැනවීමක් සිදු නොවන්නේය.එහි අර්ථය පහර දීම සඳහා වඩ වඩාත් අනෙකුත් මාවත් යොදාගැනීමට බලනු ඇති බවයි. ක්වල්කොම් ගිවිසුම දියබත් කිරීම එවන් පියවරයන්හි පලමුවැන්න විය හැකිය. එය වෙලඳ යුද්ධය අනෙකුත් ක්ෂේත්‍ර කරා පැතිරයාම පිලිබඳ සලකුනකි.2010.11.08 සිට මෙම වෙබ් අඩවියේ ලිපි PDF ක්‍රමයට අමතරව යුනිකෝඩ් වෙබ් පිටු ආකාරයෙන්ද පලකරන බව අපගේ පාඨකයන්ට කරුනාවෙන් දැනුම් දෙමු.
සිංහලයන් විසින් දෙමළ ඉඩම් අල්ලා ගැනීම ජාත්යන්තර අපරාධයකි.සිංහලයන්ට ඔවුන්ගේ නිවෙස්වලට යන්න ඕන, ශ්රී ලංකාවේ දකුණු පළාතේ
වාත්තු තාක්‍ෂණය එසේ වුව ද මුද්‍රා හා පීඩන තාක්‍ෂණයේ දී විශේෂ ශිල්පීය නිපුණතාවක් තිබිය යුතුවා සේම මනා පළපුරුද්දක් තිබිය යුුතු බව පෙනේ. මේ සඳහා මුද්‍රා සකස් කිරීමේ දී වාත්තු අච්චුවල මෙන් කාසියේ ඝණත්වයෙන් හරි අඩක් මුද්‍රාවේ නිර්මාණය නොකෙරුණ බව සමීප නිරීක්‍ෂණය මඟින් හඳුනාගත හැකි විය. ඒ ආකාරයෙන් අච්චු දෙක එක්වූ කල නිර්මාණය වන කාසියේ ඝණත්වය සම තත්වයක තිබිය යුතු ය. එහෙත් එකම කාසියේ විවිධ ඝණත්වයන් දක්නට හැකිය.ඞී.එම්. නිෙරා්ෂා උදයංගනී පර්යේෂණ නිලධාරිණි (පුහුණු වන), මධ්‍යම සංස්කෘතික අරමුදල, අභයගිරි විහාර ව්‍යාපෘතිය, අනුරාධපුරය. dm.niroshaudayangani@gmail.com පුරාණ ශී‍්‍ර ලාංකීක වාස්තු විද්‍යාවේ කොරවක්ගලට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. තිරස් අතට පිහිට...
දිවයින අවට මුහුදු ප‍්‍රදේශවල සුළෙඟ් වේගය වැඩි වීමේ හැකියාවක් ඉදිරි දින කිහිපයේදීත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝ මීටර 30ත් 40ත් අතර අගයක් ගන්නා බවයි.මීගමුව සිට පුත්තලම කන්කසන්තුරය සහ ත‍්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සුළෙඟ් වේගය විටන්විට පැයට කිලෝ මීටර 50ත් 60ත්ි දක්වා වැඩි විය හැකි යි.එවිට එම ප‍්‍රදේශ රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප‍්‍රජාව අවදානයෙන් පසු විය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ. මේ අතරබස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටන්විට වැසි ඇති විය හැකියි.
මේ සතියේ දේශපාලන කරළිය උණුසුම් මුහුණුවරක් ගත්තේ ඒකාබද්ධ විපක්ෂය විසින් පැවැත්වූ “ජනබලය කොළඹට“ විරෝධතාවය නිසාය. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොළඹට පාක්‍ෂිකයන් රැගෙන ඒමට ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනඥයෝ කටයුතු සංවිධාන කර තිබුණද කොළඹට පැමිණ එම විරෝධතා රැලිය පැවැත්වීමේ ස්ථානයක් ප්‍රසිද්ධ කර නොතිබිණි. ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධතාව මාසයක පමණ කාලයක සිටම ඉතා සූක්‍ෂම ලෙසින් සංවිධානය කර තිබිණ. සංවිධාන කටයුතුවල මූලිකත්වය ඒකාබද්ධයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුට බාරදී තිබුණු අතර සංවිධාන බලය ගම්මට්ටම දක්වා දියත් කර තිබිණ. බස්රථ සූදානම්කර ගැනීම, පාක්‍ෂිකයින් රැස්කර ගැනීම හා ඔවුන්ට ආහාර පානාදිය සපයාදීමට බාරදී තිබුණේ ප්‍රාදේශීය සභා සහ නගර සභාවල මන්ත්‍රීවරුන්ටය. ඔවුන් විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ සංවිධාන කටයුතු සංවිධානය කළහ. ඇතැම් දේශපාලනඥයන් සිය ආධාරකරුවන්ට ඔවුන්ගේ නම ගැසූ ටී-ෂර්ට් පවා බෙදාදී තිබිණ. ඇතැම් මන්ත්‍රීවරුන් හා සංවිධායකයන් ඔවුන්ගේ පෞද්ගලික වියදමින් රුපියල් ලක්‍ෂ ගණනක් වැය කර තිබූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. තවත් පිරිසකට ව්‍යාපාරිකයන්ගේ අනුග්‍රහය ලැබී තිබුණු බවද දැනගන්නට තිබේ. ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධතාව පසුගිය බදාදා පස්වරුවේ ආරම්භ වී එ මැදියම් රෑ වන තුරුත් පැවතීම විශේෂයක් වූ අතර එවැන්නක් මෙරට දේශපාලනයේ සිදු වූ පළමු අවස්ථාව බවද පැවසේ. ඇතැම් විදේශීය රටවල විශේෂයෙන් තායිලන්තය වැනි රටවල රැය පහන්වනතුරු පැවැත්වෙන විරෝධතා තිබෙන අතර මෙවර ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කර තිබුණේ එවැනි ආකාරයක විරෝධතාවයකි. විරෝධතා කරුවන්ට මෙන්ම දේශපාලනඥයන්ට ද එම විරෝධතාව නැවුම් හා විශේෂ අත්දැකීමක් වූ බවද දේශපාලන විචාරකයෝ සඳහන් කරති.විරෝධතාව පැවැත්වූ පසුගිය 05 වනදා උදෑසන සාකච්ඡා වට කිහිපියක්ම පැවැත්විණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්නයෙන් ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් කොළඹ විජේරාම පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්විණි. ඊට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන වෘත්තීය සමිති නායකයින්ද පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධානයද සමඟද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණේ විරෝධතාවයේ අවසන් සැලසුම හෙළි කරමිනි. මේ අතර කාගේත් අවධානය වූයේ මෙම ජනබලය කොළඹට විරෝධතාවය සැලසුම් කිරීමේ නායකත්වය ගෙන තිබූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා දෙසය. ඊටත් වඩා ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨයින්ට නොරිස්සන සුළු දෙයක් වී තිබුණේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සාකච්ඡාවේදී නාමල් රාජපක්ෂ මහතා මූලිකත්වය ගෙන එම සාකච්ඡාව මෙහෙයවීම පිළිබඳවය. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් වැඩි කාර්ය බාරයක් බාරව සිටියේ හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාටය. ඔහු රටපුරා මහා සංවිධාන ජාලයක් ගොඩනගාගෙන තිබුණු අතර ඒකාබද්ධ විපක්‍ෂයේ කටයුතුද ඔහු විසින් සංවිධානය කෙරිණි. එහෙත් මෑතකදී රාජපක්‍ෂ සහෝදරයන් අතර හටගෙන තිබෙන යම් යම් මත ගැටුම් හේතුවෙන් බැසිල් රාජපක්‍ෂ තරමක් පසුගාමී තත්ත්වයකට පත් වී තිබෙන බවක් දක්නට ඇතැයි ඇතැම් පිරිස් අදහස් දක්වා තිබිණි. ඒකාබද්ධ විපක්‍ෂයේ බැසිල් හිතවාදී දේශපාලනඥයෙක් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු සමඟ ඒ පිළිබඳව අදහසක් ප්‍රකාශ කර ඇත්තේ “බැසිල් තමයි සංවිධාන කටයුතුවලට හොඳම මිනිහා. මිනිස්සු රැස්කරන්න බැසිල්ට හොඳ සංවිධාන ජාලයක් තිබෙනවා. ඒ දක්‍ෂතාව ගෝඨාභයට නැහැ. ඒ නිසා බැසිල් නැතිව මේ වගේ සංවිධානාත්මක කටයුතු කරන්න අමාරුයි” යනුවෙනි. එහෙත් බැසිල් රාජපක්‍ෂ “කොළඹට ජනබලය” සංවිධානය කරන්නට ඉදිරිපත් වූයේ නැත. ඒ වෙනුවෙන් කිසිදු කැපකිරීමක් බැසිල් රාජපක්‍ෂගෙන් සිදු නොවූ බවට ඒකාබද්ධයේ නායකයෙක් එළිපිටම චෝදනා කර තිබිණ. මෙවර සැලසුම් කර හෝ නොකර බැසිල් රාජපක්‍ෂ විදෙස් ගත වී තිබිණ. “නාමල්ගේ වැඩක් විදියට තමයි මේක මුල ඉඳන්ම ප්‍රකාශයට පත් වෙලා තිබුණේ. ඒකට බැසිල්ගෙ වැඩි මනාපයක් නැහැ. ඒ නිසා කරල බලන්න කියල වගේ අදහසක් දීලා බැසිල් රට ගියා” යැයි ද සුළු දේශපාලන පක්‍ෂයක නායකයෙක් කියා තිබේ. මේ අතර ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධතාව සම්බන්ධයෙන් ආණ්ඩුව දින කිහිපයකම සිට දැඩි අවධානයක් යොමු කර තිබූ නමුත් ආණ්ඩුව මුලින් ප්‍රකාශ කර තිබුණේ විපක්‍ෂයේ විරෝධතාව එතරම් ගණන් නොගන්නා බවය. “මේ ආණ්ඩුව රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් ලබාදී තිබෙනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස භුක්ති විඳින්න විපක්‍ෂයට පුළුවන්. හැබැයි ජනතාවට හෝ පොදු දේපළවලට හානියක් සිද්ධ වෙන්න බැහැ” යැයි ආණ්ඩුවේ මැති ඇමැතිවරු ප්‍රකාශ කර තිබේ. අගමැතිවරයා ද ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධතාව පිළිබඳ අදහස් ඉදිරිපත් කර තිබුණු නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිදු ප්‍රකාශයක් හෝ අදහසක් පළකර නොතිබීම විශේෂත්වයකි.මේ අතර ආණ්ඩුවේ හැසිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේම දේශපාලනඥයන් පිරිසක් පසුගිය සඳුදා කොළඹ ඇමැති නිල නිවසකදී හොර රහසේම සාකච්ඡාවක් පවත්වා තිබිණි. නොනිල මට්ටමින් පැවැති එම සාකච්ඡාවේදී ආණ්ඩුවේ ඇමැතිවරයෙක් මෙලෙස අදහස් දක්වා තිබේ. “මහින්ද රාජපක්‍ෂ වුණත් ඔය වැඬේට ඒ තරම් කැමති නැහැ. ඒත් මහින්දට තවමත් ජනබලයක් තිබෙනවාය කියන එක පෙන්නන්නත් ඕක හොඳ අවස්ථාවක්. විරෝධතාව සංවිධානය කළේ සුළු පක්‍ෂවල නායකයන්ගේ විශේෂ උවමනාවට. අපට ලැබිලා තියෙන තොරතුරුවලට අනුව අවසන් මොහොතේ මහින්දට වැඬේට එකඟ වෙන්න සිද්ධ වුණා” යැයි එම ඇමැතිවරයා සඳහන් කළේය. “ආණ්ඩුව කොළඹ විරෝධතාව ගණන් ගන්නේ නැති තත්ත්වයක් තමයි පෙන්නුවේ. ඒ වුණාට ආණ්ඩුව සූදානම් වුණා පොලිසියට සහ ආරක්‍ෂක අංශවලට උපදෙස් දීලා තිබුණා. ඒ අනුව ඉකුත් අඟහරුවාදා ඉඳලම කොළඹ වැදගත් මර්මස්ථානවලට දැඩි ආරක්‍ෂාවක් යොදවා තිබුණා.” සඳහනක් කරමින් තවත් අයෙක් කියා සිටියේ ආණ්ඩුවේ රහසක් හෙළිකරන බවක් පෙන්වමිනි. “පෙළපාලි ගිහින් කොළඹ බිම වාඩිවෙලා සෙනඟ පෙන්නලා ආණ්ඩු පෙරළන්න බැහැ. යම් විරෝධතාවයක් දක්වන්න පුළුවන්. ආණ්ඩුවක් පෙරළන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තිබෙනවා. ඒක මැතිවරණය. මැතිවරණයකින් තමයි ආණ්ඩුවක් පෙරළන්න වෙන්නේ. එතැනින් මෙපිට මුකුත් කරන්න බැහැ. ඒකාබද්ධ විපක්‍ෂයේ පිරිස් බ්‍රහස්පතින්දා ගෙදර ගියා ආණ්ඩුවට මුකුත් වුණේ නැහැ” යැයි විරෝධතාවයෙන් පසුව තවත් පිරිසක් අදහස් ප්‍රකාශ කරමින් සිටිති.මෙම මස මුල් සතියේ පාර්ලිමේන්තු සභාවාරයක් පැවැත්වීමට නියමිතව තිබූ අතර ජවිපෙ 20වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා න්‍යාය පුස්තකයට ඇතුළත් වී ඇතිද යන්න සොයා බැලූවේ සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයාය. එය පස්වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිතව තිබූ අතර එය කළ යුතුව තිබුණේ විජිත හේරත් මන්ත‍්‍රීවරයාගේ පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙසය. කෙසේ වෙතත් මන්ත‍්‍රීවරයා කොරියාවේ සිටි බැවින් සුනිල් හඳුන්නෙත්ති දුරකතනයෙන් ඔහු දැනුවත් කළ අතර විජිත හේරත් කියා සිටියේ තමන් 04 වෙනිදා අළුයම දිවයිනට පැමිණෙන බවයි. විජිත හේරත් විසින් සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනාව සිදු කළ අතර පක්ෂ නායක අනුර දිසානායක එය ස්ථිර කළේය. සභානායකවරයාගේ ඉල්ලීමක් අනුව 20 සංශෝධනය ගැන විජිත හේරත් විසින් කෙටි හැඳින්වීමක්ද ඉදිරිපත් කරන ලදී. පසුව ජවිපෙ මන්ත‍්‍රී කණ්ඩායම සභාගැබෙන් පිටතට පැමිණි අතර සිය පළමු කඩඉම් ජයග‍්‍රහණය පිළිබඳව සතුට බෙදා ගත්හ. පසුව විජිත හේරත් පාර්ලිමේන්තුවේ පනත් අංශයට ගොස් කාර්යමණ්ඩලයට සිය පක්ෂයේ ගෞරවනීය ස්තූතිය පුදකරන බව කියා සිටියේය.”මන්ත‍්‍රීතුමා අපිට ස්තූති කළාට ඔබතුමාට ස්තූතියි. මොකද අපේ කාර්යභාරය මේ විදියට පැසසුමට ලක්වුණේ පළවෙනි වතාවට. ඔබතුමාලගේ උත්සාහයට අපි සුභ පතනවා.” පනත් අංශයේ නිලධාරියෙක් කියා සිටියේය.එදිනම අනුර, විජිත, නලින්ද පාර්ලිමේන්තු පුස්තකාලයට ගියේ පුවත්පත් කියවීම සඳහාය. පුවත්පත් බලමින් සිටි අනුර දිසානායකට පුස්තකාල සේවකයෙකු අතින් සංඥා කරමින් විශේෂ අමුත්තෙක්ද පුවත්පත් බලන බව හැඟවීය. ජවිපෙ මන්ත‍්‍රීවරුන්ගේ අවධානය ඒ දෙසට යොමුවිය. විශේෂ පුද්ගලයා වූයේ ජනාධිපතිවරයාය. ඔහු පාර්ලිමේන්තුවේ උත්සවයකට සහභාගිවීමට පැමිණ සිටියේය. අනුර දිසානායක මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා අසලට පැමිණ සුහද කතාබහක නිරත විය. මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ උද්ඝෝෂණය පිළිබඳවද කතාව ඇදී ගියේය. ”හෙට වෙනකල් ඉන්නවා කිව්වට ? වෙන්න කලින්ම කට්ටිය යනවා. මම දන්නවනේ එයාලගෙ වැඩ” ජනාධිපතිවරයා කියා සිටියේය. කෙසේ වුවත් ජනාධිපතිවරයා 20වැනි සංශෝධනය පිළිබඳව කතා නොකර සිටීමට පරෙස්සම් විය. එතනට පැමිණි වෛද්‍ය නලින්ද ජයතිස්සද ජනාධිපතිවරයාගේ අවධානය ගැටලූවක් පිළිබඳව යොමු කළේය. සයිටම් ආයතනයේ සිසුන් කොතලාවල ආයතනයට අනුයුක්ත කළ පසුව ඔවුන්ගෙන් මුදල් අයකිරීම ගැටලූවක් බව ඔහු පෙන්වා දුන්නේය. ශිෂ්‍යත්ව පදනමින් සයිටම් ආයතනයේ අධ්‍යාපනය ලැබූ සිසුන්ගෙන්ද මුදල් අයකරන බව මන්ත‍්‍රීවරයා සඳහන් කළේය. ඒ පිළිබඳව සොයා බලන බවට ජනාධිපතිවරයා මන්ත‍්‍රීවරයාට පොරොන්දු විය.පසුගිය කාලයේ බස්නාහිර පළාත් සභාව දේශපාලන වේදිකාවේ හොඳම මාතෘකාවක් විය. ඒ ලක්ෂ හයහමාරක පුටු 125ක් හේතුවෙනි. ඒ සම්බන්ධයෙන් කතාබහක් ඇතිවුනේ ජවිපෙ මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චිගේ හෙළිදරව්වක් සමගිනි. මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිිටි මන්ත‍්‍රීවරයාට තවත් කරුණු ගණනාවක් පිළිබඳව තොරතුරු වාර්තා විය. පුටු සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලැබුණු බව සැලවුණු මන්ත‍්‍රීවරයා ඔහුට දුරකතන ඇමතුමක් ලබාදුන්නේ කරුණු විමසා බැලීමටය. ”ආණ්ඩුකාරතුමා මට ආරංචියක් ලැබුණා පුටු ගැන විමර්ශන වාර්තාවක් ඔබතුමාට ලැබුණා කියලා. මට ඒකෙන් කොපියක් ගන්න පුළුවන්ද?” ලක්ෂ්මන් නිපුණාරච්චි විමසීය. ”මන්ත‍්‍රීතුමා ඒක රහස්‍ය වාර්තාවක්නේ. ඒක ගැන තව කරුණු හොයන්න ඕනෑ. මම මාධ්‍ය සාකච්ඡාවක් තියන්න තමයි හිතාගෙන ඉන්නේ.” ආණ්ඩුකාරවරයාගේ පිළිතුර විය. කෙසේ වෙතත් පුටු පිළිබඳ ටෙන්ඩරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුවේ බස්නාහිර පළාත් ලේකම්වරයා ප‍්‍රධානියා වන අතර ඔහු ටෙන්ඩර් මණ්ඩලයේද සාමාජිකයෙකි. රහස ඇත්තේ එතැන බව මන්ත‍්‍රීවරයාට දැනගන්නට ලැබිණි. එමෙන් තවත් වංචා දූෂණ ගණනාවක් ගැනද මන්ත‍්‍රීවරයාට දැනගන්නට ලැබී තිබේ. ඒ පළාත් සභා ගොඩනැගිල්ලේ පුදුමාකාර දොරක් පිළිබඳවය. එම දොර සඳහා කෝටියකට අධික මුදලක් වියදම් කර ඇති බව නිල නොවන ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබී ඇත. කෙසේ වෙතත් මේ පිළිබඳව මන්ත‍්‍රීවරයා පළාත් සභාවෙන් ප‍්‍රශ්නයක් විමසා ඇති අතර පිළිතුරු අපේක්ෂාවෙන් සිටියි. කෙසේ වෙතත් ලක්ෂ හයහමාරේ පුටුවල අසුන්ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි මන්ත‍්‍රීවරුන් ලක්ෂ්මන් නිපුණාරච්චි සමඟ ප‍්‍රකාශ නොකළ හැකි කෝපයෙන් පසුවන බවද දැනගන්නට තිබේ.ශ‍්‍රී ලංකා ආණ්ඩුව සහ සිංගප්පූරු රජය අතර අත්සන් කරන ලද ගිවිසුම පිළිබඳව මේ වනවිට ඇත්තේ විශාල කතාබහකි. නමුත් එහි බරපතළකම පිළිබඳ ජනතාව අවශ්‍ය ගැඹුරින් වටහාගෙන නොමැති බවද කතාබහක් තිබේ. මේ සම්බන්ධයෙන් ජවිපෙ නායකයින්ගේ අවධානය යොමු වූයේ දේශපාලන තත්වය පිළිබඳව ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදීය. ”ලංකාවම නිදහස් වෙළඳ කලාපයක් වෙන්නයි යන්නේ. ඒ විතරක් නෙවෙයි භාණ්ඩ වර්ග 3500ක පමණ බදු නිදහස් වෙනවා. ක‍්‍රමානුකූලව තවත් භාණ්ඩ වර්ග 3500ක ආනයන බදු නිදහස් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. මූල්‍ය, අධ්‍යාපන, ප‍්‍රවාහන, සෞඛ්‍ය, නීති, උපදේශන, ශ‍්‍රමික ආදී සේවා ක්ෂේත‍්‍ර ගණනාවට පුද්ගලයන්ට සහ සමාගම්වලට මැදිහත්වෙන්න දොර ඇරෙනවා. නමුත් අපේ රටේ ව්‍යාපාරිකයෝ වත් මේ ගැන අවශ්‍ය ප‍්‍රමාණයට මැදිහත්වීමක් නැහැ” සුනිල් හඳුන්නෙත්ති කීවේය. ”මාධ්‍යවේදීන්ටත් මේ ගැන හොඳම අදහස් නැහැ වගේ පේනවා. මාධ්‍යවේදීන් දැනුවත් කරන්න විශේෂ දැනුවත් කිරීමක් සංවිධානය කළොත් හොඳයි. මොකද මේ ගැන සංවාදය හදන්නේ වෙන්නේ මාධ්‍ය තුළින්.” වසන්ත යෝජනා කළේය. ”අපි මේ ගැන ජනතාව දැනුවත් කරන පත‍්‍රිකාවක් බෙදමු. ඊට අමතරව විද්වතුන්, ව්‍යාපාරිකයින් සහභාගි කරවාගෙන සම්මන්ත‍්‍රණ මාලාවක් පටන් ගමු” ටිල්වින් සිල්වා විසින් කළ යෝජනාවට සියලූ දෙනාගේ එකඟතාව පළ විය.ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවට කොරියා රජයෙන් ලද ආරාධනයකට අනුව පාර්ලිමේන්තු කණ්ඩායමක් විශේෂ සංචාරයක් සඳහා පසුගිය සතියේ සම්බන්ධ විය. කතානායකවරයාද නියෝජනය කළ එම කණ්ඩායමට ජවිපෙ නියෝජනය කරමින් සම්බන්ධ වූයේ විජිත හේරත් මන්ත‍්‍රීවරයාය. නිල කටයුත්තෙන් පසුව විජිත හේරත් මන්ත‍්‍රීවරයා තව දින දෙකක් කොරියාවේ රැඳී සිටීමට තීරණය කළේ කොරියාවේ ‘එතෙර අපි’ සංවිධානය විසින් සංවිධානය කොට තිබූ වැඩසටහන් කිහිපයකට සහභාගිවීමටය. දකුණු කොරියාවේ ශ‍්‍රී ලාංකිකයින් තිස්දහසකට අධික පිරිසක් රැකියා කරමින් සිටින අතර ඔවුහු ගැටලූ ගණනාවකට මුහුණ දෙමින් සිටිති. විජිත හේරත් මන්ත‍්‍රීරයා පළමු දිනයේ ශ‍්‍රී ලාංකිකයින් රැකියා කරන ස්ථානවලට ගොස් ඔවුන් සමඟ සුහද සාකච්ඡාවක නිතර වූ අතර ඇතැම් ආයතනවල පාලනාධිකාරිය සමඟද සාකච්ඡා වට කිහිපයක්ද පැවැත්වීය. එදින පස්වරුවේ ශ‍්‍රී ලාංකිකයින්ගේ නවාතැන්පොළවලට ගොස් ඔවුන් සමඟ රාත‍්‍රී ආහාරයද ලබාගත් මන්ත‍්‍රීවරයා ඔවුන්ගේ ජීවිත අත්දැකීම් බෙදා හදාගත් අතර වත්මන් දේශපාලන තත්වය ගැනද ඔවුන් දැනුවත් කළේය. පසුදින ‘එතෙර අපි’ සංවිධානය විසින් පෝචෝන්හිදී සමුළුවක් සූදානම් කොට තිබිණි. එහිදී විජිත හේරත් වර්තමාන දේශපාලන තත්වයත් විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් මුහුණ දෙන ගැටලූ පිළිබඳවත් ජවිපෙ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙනුත් දේශනයක් පැවැත්වීය. එමෙන්ම විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින්ගේ ගැටලූ පිළිබඳ පාර්ලිමේන්තුවේ අවධානය යොමුකිරීමටත් අවශ්‍ය පියවර ගැනීමටත් ඔහු පොරොන්දු විය.ඇමැති ධූරයෙන් ඉවත් වූ ශ්‍රීලනිපයේ 16 කණ්ඩායමේ කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා තවමත ඇමැති නිල නිවස තවමත් රජයට බාර දී නොමැති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. වත්මන් යහපාලන ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා භාවිත කළේ කොළඹ විජේරාම මාවතේ පිහිටි ඇමැති නිල නිවස වන අතර එය නැවත අලුත්වැඩියා කර ඇතැයිද වාර්තා වේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුට ගෙන ආ පසුගිය අප්‍රේල් 04 වැනිදා ඔහු ආණ්ඩුවෙන් ඉවත් වූයේය. එම ඉවත්වීමෙන් පසු පුරප්පාඩු වූ ක්‍රීඩා අමාත්‍ය ධුරයෙහි ෆයිසර් මුස්තාෆා මහතා දිවිරුම් දුන්නේ මැයිමස පළමුවැනිදායි. ඒ අනුව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අමාත්‍ය ධුරයෙන් ඉවත්ව අදට මාස තුනක් ගතව ඇතැත් ඔහු තවමත් අමාත්‍ය ධුරකාලයේදී භාවිත කළ නිල නිවස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට භාර දී නොමැත. එම නිවස පිහිටා ඇත්තේ කොළඹ හත හෙක්කර්කොබ්බෑකඩුව අංක සී - 78 දරණ ස්ථානයේය. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අවස්ථා ගණනකදී එම නිල නිවසින් ඉවත්ව එය තමන්ට භාර දෙන්නැයි දයාසිරි ජයසේකර මහතාට දන්වා ඇතත් එය දයාසිරි මන්ත්‍රීවරයා එය කිසිදු සැලකිල්ලකට ගෙන නැතැයි වාර්තා වේ. දයාසිරි ජයසේකර මහතාට එරෙහිව නඩු පවරා නිවස නැවත ලබා ගන්නා ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කර ඇතැයිද එම ආමත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.එක්සත් ජාතික පක්ෂ උප නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට යලි කැබිනට් අමාත්‍යධූරය දීමට අවසන් එකඟතාවය ඇති වී තිබෙන බව දැනගන්නට තිබේ. යළි කැබිනට් ඇමැතිධූරයට පත් කිරීමට කිසිදු විරෝධතාවයක් නැති බව ජනාධිපතිවරයා තමාට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා එජාප දේශපාලන මණ්ඩලයට නිල වශයෙන් දැනුම් දී ඇත. රවි කරුණානායක මන්ත්‍රීවරයා එලෙස දැනුම් දී ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේදී පෙරේදා (05) පැවැති එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදීය. එම රැස්වීමට එජාප ජාතික සංවිධායක, අමාත්‍ය නවින් දිසානායක, පක්ෂ මහලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, පක්ෂ සභාපති, අමාත්‍ය කබිර් හෂිම්, විදේශ රැකියා, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සි අලවතුවල හා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පි පෙරේරා යන මහත්වරු සහභාගී වී සිටියහ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි අවස්ථාවේ තමා හමුවූ බවත් එවිට මේ බව දැනුම් දුන් බවත් රවි කරුණානායක මහතා දේශපාලන මණ්ඩලයට සදහන් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට එරෙහිව පවතින චෝදනා පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට අගමැතිවරයා කළ දැනුම් දීමට අනුව නීතිපති මතයද ලබන සතියේ දැනුම් දීමට නියමිතය. ඉහත පසුබිම යටතේ රවි කරුණානායක මන්ත්‍රීවරයාට යළිත් කැබිනට් අමාත්‍යධූරය ස්ථිර වශයෙන්ම හිමිවිමට නියමිතය.පළාත් සභා මැතිවරණය හොඳින් හෝ නරකින් හෝ ජනවාරි මාසයේදී පැවැත්විය යුතුම බවට මැතිවරණ කොමිෂන් සභාව ස්ථිර තීන්දුවකට එළැඹී තිබේ. “කතානායකතුමා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළා. අගමැතිතුමා ඒ කමිටුවට පත්වුණා. එතකොට කමිටුවේ සියලු සාමාජිකයන්ට නීතියෙන් වගකීමක් පැවරෙනවා. සීමා නිර්ණය වාර්තාව සංශෝධන කිරීමට මාස දෙකෙන් ඒක සිද්ධ වෙන්න ඕනේ. අපට අගමැතිගෙ කමිටුව විශ්වාසයි. ඡන්දය ජනවාරියේ ගන්න පුළුවන්” යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර තිබේ. මැතිවරණ කොමිසමේ අදහස වී ඇත්තේ පළාත් සභා මැතිවරණය අනිවාර්යෙන්ම නව ක්‍රමයටම පැවැත්වෙන බවය. ඇතැම් සුළු දේශපාලන පක්‍ෂ තවදුරටත් දිගින් දිගටම විරෝධය පළකරන්නේ පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්වීම සම්බන්ධයෙනි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙන්ම ඇමැති මනෝ ගනේෂන්ගේ කණ්ඩායම ද පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්විය යුතු බවට ආණ්ඩුවේ නායකයන්ට දිගින් දිගටම බලපෑම් කරමින් සිටින බවක් පෙනෙන්නට තිබේ.ඊයේ (06) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එජාප 72 වැනි සම්මේලනයට සහභාගී වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා “ජනබලය කොළඹට“ විරෝධතාවය ගැන සිහිපත් කළේය. පසුගියදා පැවැති “ජනබලය කොළඹට“ විරෝධතාවය නිසා එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සර සැමරුම කල් දැමීමට යෝජනා කර තිබූ බව අගමැතිවරයා සඳහන් කළේය. “සර් මේ සම්මේලනය තියන්න ඕනද. අරපැත්තෙන් එනවා පොහොට්ටුවෙන් එනවා බලය අල්ලගන්න. ආණ්ඩුව ආරක්ෂා කර ගන්න මේක කල් දාන්නද“ යනුවෙන් තමාට පෙරේදා දුරකතන ඇමතුම් කිහිපයක් ලැබුණු බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය. “අපි අපේ වැඩේ කරමු ඒක ඒගොල්ලන්ට ඒ වැඩේ කර ගන්න“ යනුවෙන් තමා එලෙස විමසූ අයට පිළිතුරු දුන් බවද අද බලන විට පොහොට්ටුවේ ජනබලයත් නොමැති බවත් මාධ්‍යයේ පච බලයත් නොමැති බවත් අගමැතිවරයා මාධ්‍යයටද චෝදනා කළේය. “ඊයේ සිදුවූ ඓතිහාසික වැඩකටයුත්ත මොකක්ද යන්න මට කියන්න. පළමු වතාවට නිවාස යෝජනා ක්‍රම 138 අපේ නියෝජ්‍ය නායකතුමා ආරම්භ කළා. කොයි මාධ්‍යයේද ඕක තිබ්බේ. මට අත උස්සලා හරි එක්කෙනා මට කියන්න. මන්ත්‍රී කමක් දෙන්නම් මන්ත්‍රී නෙමෙයි ඇමැතිකමක් දෙන්නම්. කොයි මාධ්‍යයද මාධ්‍යයෙන් මේ පක්ෂය නැති කරන්න බෑ.“ යනුවෙන් අගමැතිවරයා සිනහවෙමින් ප්‍රකාශ කළේය.කොළඹ මහ නගර සභාවේ කොමසාරිස්වරයා සම්බන්ධයෙන් මේ වනවිට පරීක්‍ෂණ තුනක් පැවැත්වේ. කෝප් කමිටුව ආණ්ඩුකාර කාර්යාලය මෙන්ම මහ නගර සභාවද ඔහු සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වෙන්නේ මීතොටමුල්ල කුණුකන්ද සම්බන්දයෙන් ඉකුත් කාලයේ සිදුවූ සිද්ධීන්වලටය. ඒ කෙසේ වෙතත් නගර සභා ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ පරීක්‍ෂණ යට ගැසීමේ ක්‍රියාදාමයක් සිදුවන බවය. “කොළඹ මහ නගර සභාවේ රෙකෝඞ් රූම් එකේ නිලධාරියෙක් මාරු කරන්න හදනවා. එම නිලධාරියා හොඳින් වැඩ කරන නිසා පරීක්‍ෂණ යට ගහන්න අමාරුයි. ඒ නිසා ඔහු මාරු කරන්න හදනවා. අපි මේ ගැන ආණ්ඩුකාරතුමාට පැමිණිලි කළා” යැයි පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීවරියක් කියා සිටියාය.
එම අධ්‍යනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ලොව සෑම පුරුෂයන් පස්දෙනෙකුගෙන් එක් අයකුට ද, සෑම කාන්තාවන් හය දෙනෙකුගෙන් එක් අයෙකුට ද පිළිකා රෝගය වැළඳෙනු ඇති බවයි.රටක් සංවර්ධනය වීමත් සමඟ වෙනස්වන ජීවන රටා හමුවේ පිළිකා රෝගය වැළඳෙන ප්‍රතිශතය ඉහළ යන බව ද එම අධ්‍යනයේ වැඩිදුරටත් සඳහන් ය.ලොව පුරා මරණවලින් තුනෙන් එකක පිරිසක් පෙනහලු පිළිකා , පියයුරු පිළිකා සහ බඩවැල් ආශ්‍රිත පිළිකාවලින් මියයන බව ද එම අධ්‍යනයෙන් පෙන්වා දෙයි.
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගය 2018 (写真付き): කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයで泊まれるバケーションレンタル、貸別荘&レンタルコンドミニアムのベスト20 - Airbnb කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගය, スリランカ
දිවයිනට පැමිණි තායිලන්ත අග‍්‍රාමාත්‍ය ජෙනරාල් ප‍්‍රයුත් චන් ඕචා පිළිගැනීමේ රාජ්‍ය උත්සවය මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යයාලයේදී පැවැත්වෙනවා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්.තායිලන්ත විශේෂ ගුවන් යානයකින් අද පස්වරුවේ දිවයිනට පැමිණි තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා පිිළිගනු ලැබුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින්දෙදින නිල සංචාරයක් සඳහා තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණියේජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනයකට අනුවයි.සංචාරය අතරතුරදී තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපතිතුමා අග‍්‍රාමාත්‍යවරයා ඇතුලූ රජයේ ඉහළ පෙලේ නිළධාරීන් හමුවීමට නියමිතයි. එහිදී ශ‍්‍රී ලංකාව හා තායිලන්තය අතර පවතින සබඳතා වර්ධනය කිරීම සඳහා වන ද්වී පාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති.තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් කිරීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;සුදුපාට ඇතෙකු එන හැටි ගල් වඩුවා දැක්කා. ඇතා පිට වාඩි වී හිටියා රජ කෙනෙක්. ගල් වඩුවා දණ ගසා රජතුමාට ආචාර කළා. ඔහු මෙහෙම සිතුවා.ඇතා බවට පත්වුණු ගල් වඩුවාගේ පිට උඩ රජා වාඩිවෙලා තේ බොනවා. රජ්ජුරුවන්ගේ උණු තේ කෝප්පයෙන් උණු තේ ටිකක් ඇතාගේ පිටට වැටුණා. උගේ පිට රිදුණා."මීට වැඩිය හොඳයි රජ කෙනෙකු වෙනවානම්" කියලා ගල්වඩු ඇතා සිතුවා. එහෙම සිතුවා විතරයි, ගල් වඩු ඇතා රජ කෙනෙකු බවට පත් වුණා.ඔන්න දැන් ගල් වඩු රජතුමා සුදු ඇතා පිට නැගිලා යනවා. රජතුමා උණු තේ බීලා සතුටු වුණා. සතුට අසතුටට හැරුණා. බොහොම සැරට ඉඅර පායන්නට පටන් වුණා. රජතුමාට ඇස් අරින්නවත් බැහැ. කඳුළු ගලන්නට වුණා. ඉර අව්ව එතරම් සැරයි.සිතුවා විතරයි ගල් වඩු රජා එක පාරටම ඉර බවට පත් වුණා. එදා සිට මේ අලුත් ඉර පායන්නට පටන් ගත්තා. ඉර අව්ව නිසා මහ පොළොව ගිනි රත් වුණා. අහසේ වළාකුළු ඇති වෙලා, වැහි වළාවක් හැදුණා. මේ වැහි වලාකුල නිසා ඉර අව්ව මහ පොළොවට පායන්නෙ නැහැ. ඉර තරහ වෙලා මෙහෙම සිතුවා.සිතුවා විතරයි ගල් වඩු ඉර එක වරම වැහි වළාකුලක් වුණා. දැන් ඉතින් කුණාටුවට අසු වෙච්ච වැහි වළාව අහස හැම තැනම දුවනවා.සිතුවා විතරයි, ගල්වඩු වැහි වලාව කුණාටුවක් වෙලා ඉවරයි. කුණාටුව වේගයෙන් හමන්නට වුණා. ගස්, වැල්, ගෙවල්වල වහලවල් කැඩිලා බිම වැටුණා. බොහොම සැර කුණාටුවක්! මේ කුණාටුව ලොකු ගල් කන්දක හැප්පිලා බිඳුණා.කඳු මුදුන වලාකුළු වලටත් වඩා උසයි. කඳු පා මුල ඉන්න මිනිසුන් බොහොම පුංචියි. මහ විසාල කන්ද මිනිසුන් කරන වැඩ ගැන සැලකුවේ නැහැ. හයිය අත් දෙකක් ඇති මිනිහෙක් ලොකු ගල් කටුවක් අරගෙන එන හැටි ගල් කන්ද දැක්කේ නැහැ. මිනිහා ගල් කටුවෙන් කන්දට ඇන්නා."රජතුමා වඩිනවා. දණ ගහපියව්! නමස්කාර කරව්!" ඇතකු, රජකු, වැහිවලාවක්, කුණාටුවක්, ගල් කන්දක් බවට පත් වෙලා ආයෙමත් ගල්වඩුවකු වුණු මිනිහා මෙහෙම සිතුවා;ඔහු දණ ගැස්සවීමට පුළුවන් බලවතෙක් ලෝකයේ නැහැ. මිනිහා යටත් වන්නේ පිටින් ඇති බලයක් නිසා නොවෙයි. තමාගේම බියසුළු, නිවට කම් හන්දා.(තජික් කතාවක් ඇසුරින් සැකසුණු 'ගල් වඩුවා' සෝවියට් රුසියානු කතන්දර පොත ඇසුරිනි. කතන්දර පොත ලිවුවේ- ආර්. කුෂ්නේරෝවිච්, චිත්‍ර ඇන්ඳේ- විනකූරොව් සහ ෂ්වාර්ට්ස්මාන්, සිංහලට පරිවර්තනය කළේ- දැදිගම වී. රුද්‍රිගු)
මහා මුදල් වංචාවක් !..අධීවේගී ක‍්‍රිකට් තරගාවලියට ගිය ක‍්‍රීඩකයින්ට ලැබිය යුතු මුදල් සොරාගත්තේ කවුද?
ආසියාවේ ක්‍රිකට් බලවතා අන් කවරෙකු හෝ නොව තමන් යයි නැවත වරක් ඔප්පු කළ ඉන්දියානුවෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද (28 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී කඩුලු 3 කින් බංග්ලාදේශය පරාජය කරමින් හත්වැනි වතාවටත් ආසියානු ක්‍රිකට් කුසලානය තමන් සතුකරගත්හ.ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වූ ඇන්ජලෝ මැතිවුස් විසින් තබා ඇති විශේෂ ලෝක වාර්තාවක් ගැන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ හෙලි කර ඇත.ශ්‍රි ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ආසියානු කුසලාන තරගාවලියට සහභාගීවීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා.සංචාරක දකුණු අප‍්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන්ද ශ‍්‍රී ලංකාව ලකුණු 199ක දැවැන්ත ජයග‍්‍රහණයක් අත්කර ගත්තේය.ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර තරග තහනමක් පැනවිමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තිරණය කර තිබෙනවා.ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමණාකාරු අසංක ගුරුසිංහට ජාත්‍යන්තර ක‍්‍රිකට් ආයතනය විසින් පනවා ඇති ටෙස්ට් තරග දෙකක තහනමට අමතරව එක්දින තරග 04ක තහනමක් පනවා තිබේ.මේ දිනවල බටහිර ඉන්දීය කොදෙවු සංචාරයක නිරත වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දෙවැනි ටෙස්ට් තරගයේදී නායක දිනේෂ් චන්දිමාල් විසින් පන්දුව පළුදු කලේ යයි එල්ල වූ චෝදනාවට ඔහු විසින් ගොනු කරන ලද අභියාචනය ප‍්‍රතික්‍ෂෙප කිරීමට ජත්‍යන්තර ක‍්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැති ඒෂියන් වර්ල්ඩ් සිනමා උළෙලේ (Asian World Film Festival) හොඳම නිළියට හිමි සම්මානය දැවෙන විහඟුන් (Burning Birds) චිත්‍රපටයේ කුසුම්ගේ චරිතය වෙනුවෙන්අනෝමා ජනාදරිට හිමිවිය. අනෝමා ජනාදරි හොඳම නිළිය ලෙස සම්මාන දිනා ගත්තේ ආසියානු කලාපයෙන් හොඳම විදේශීය ඔස්කාර් සහ ගෝල්ඩන් ග්ලෝබ් චිත්‍රපටය සඳහා සඳහා තරඟවදින චිත්‍රපට 16ක් අතුරිනි.ජාත්‍යන්තර සම්මාන දිනුසංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ දැවෙන විහඟුන් (Burning Birds) වෘත්තාන්ත චිත්‍රපටය ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැතිඑෂියන් වර්ඩ් සිනමා උළෙලේ (Asian World Film Festival) තරගකාරි අංශය නියෝජනය කරමින් හිම දිවියා සම්මානය (Golden Leopard Award) වෙනුවෙන් තරග වැදුණි. පසුගිය බ්‍රහස්පතින්දා (2017 නොවැම්බර් 02දා) පස්වරුවේ ලොස් ඇන්ජලීස් නුවර ආක්ලයිට් සිනමාහලේදී සම්මාන ප්‍රදානය සිදු කෙරුනු අතර සුප්‍රකට චින- ඇමරිකානු සිනමා නිළි ලීසා ලු (Lisa Lu) ජූරීයේ සභාපතිනිය ලෙස කටයුතු කළාය.දැවෙන විහඟුන් චිත්‍රපටය ඒෂියන් වර්ල්ඩ් සිනමා උළෙලේ හොඳම නිළිය සම්මානයට අමතරව මීට ප්‍රථම ජපානයේ 17 වන ටෝකියෝ ෆිල්ම්එක්ස් අන්තර්ජාතික සිනමා උ‍ළෙලේ දී (17th Tokyo FILMeX International Film Festival)ජුරියේ සුවිශේෂ සම්මානය (Special Jury Prize/ දෙවන ස්ථානය), 15වන ජිනිවා අන්තර්ජාතික මානව හිමිකම් සිනමා (International Film Festival and Forum on Human Rights, Geneva) උළෙලේදී හොඳම චිත්‍රපයට සඳහා සම්මානය මෙන්ම තරුණ ජුරි සම්මානයද දිනාගත්තේය.මේ වනවිට බූසාන්, රොටර්ඩෑම්, මියුනික්, ගොතන්බර්ග් ඇතුළු ලොව ප්‍රබල සිනමා උළෙල විස්සකට වඩා ආරාධනා ලැබූ දැවෙන විහඟුන් චිත්‍රපටය සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි වෘත්තාන්ත චිත්‍රපටයයි. එය ශ්‍රී ලංකා, ප්‍රංශ, දොහා කටාර් සහ නේදර්ලන්තය රටවල සම නිෂ්පාදනයකි.මහේන්ද්‍ර පෙරේරා, සමනලී ෆොන්සේකා, අනෝමා ජනාදරී, චාන්දනී සෙනෙවිරත්න, ලීයෝනි කොතලාවල, ශ්‍යාම් ප්‍රනාන්දු, දසුන් පතිරණ, පුබුදු චතුරංග, ධර්මප්‍රිය ඩයස්, තිස්ස බණ්ඩාරනායක, ප්‍රියංකා සමරවීර, දර්ශන් ධර්මරාජ්, සංජීව දිසානායක ඇතුළු පිරිස රංගනයෙන් දායකවන දැවෙන විහඟුන් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කාලිංග දේශප්‍රියගෙනී.
චීනය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා තාක්‍ෂණ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා යුවාන් මිලියන 400 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාව වෙත ලබා දීම සඳහා වූ ගිවිසුමට 16 වන දා සන්ධ්‍යාවේ චීනයේ බෙයිජිං නුවර මහජන මහා ශාලාවේ දී අත්සන් තැබිණි.චීන අග්‍රාමාත්‍ය ලී ක’ඡියාන් (Li Keqiang) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී මෙම ගිවිසුමට අත්සන් තැබූයේ චීනයේ නියෝජ්‍ය වෙළඳ අමාත්‍ය ෆු ෂියිං (Fu Ziying) මහතා සහ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසිනි.
“මේ රටේ සංස්කෘතිය ඉදිරි පරම්පරාවට ආරක්ෂා කිරීමට දහම් අධාපනය අත්‍යාවශ්‍ය වෙනවා.” - අමාත්‍ය ෆයිසර් මුස්තෆාමැද කොළඹ ශාසනාරක්ෂක බල මණ්ඩලය හා ෆයිසර් මුස්තෆා පදනම එක්ව සංවිධානය කළ මැද කොළඹ බල ප්‍රදේශයේ ඇති දහම් පාසැල්වල ගුරුවරුන්ගේ දහම් අධ්‍යාපනය වැඩිදියුණු කිරීමේ ගුරු පුහුණු වැඩසටහනක් ගරු පළාත් සභා ,පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමාගේ මග පෙන්වීම යටතේ පසුගියදා කොළඹ 14, ශ්‍රී සෝමානන්ද විහාරස්ථානයේ දී පැවැත්විනි. එහි දී දහම් පාසැල්වල ගුරුවරුන් හට සහතිකපත්‍ර ප්‍රධානයෙන් අනතුරුව දහම් පැසැල් ගුරුවරුන් හා සහභාගී වූ පිරිස අමතූ අමාත්‍යවරයා,“මේ රටේ සංස්කෘතිය ඉදිරිපරම්පරාවට ආරක්ෂා කිරීමට දහම් අධ්‍යාපනය අවශ්‍යයි. අද අපි දකිනවා දෙමව්පියන් ආගම ධර්මය අමතක කරලා තමන්ගෙ දරුවන්ට අධ්‍යානය ගැන පමණක් උනන්දුවක් දැක්වීම, මා හැමදාම කියන ආකාරයට මිනිසා හා තිරිසනා අතර ඇති පරම වෙනස වන්නේ දහම හෝ අධ්‍යාපනයයි. යම් අයෙකුට බලාපොරොත්තුවක් ඇති කිරීමට හෝ තමන්ගේ ජීවිතයේ යම් පලයක් ඇති කිරීමට ධර්මය අවශ්‍ය වන බව සදහන් කිරීමට මම කැමතියි.පසුගිය කාලේ සමහර ආණ්ඩු නීති ගෙන ඒමට හැදුවා කැසිනෝ නීතිගත කරන්නට. එහි ප්‍රතිපලයක් වූයේ එම ආණ්ඩුව වැටුණු එක. හේතුව අපේ රට ආර්ථිකයට වඩා දහමෙන් සංස්කෘතියෙන් පෝෂණය වූ රටක්.මම තීරණයක් ගත්තා සුගතදාස ක්‍රීඩාංගනයේ තැබෑරුම වැසීමට. හුගක් අය කිව්වා ඉතිහාසයේ සිටම සුගතදාස ක්‍රීඩාංගනයේ තැබෑරුම තියෙනවා. ඒ නිසා එය කරගෙන යා යුතුයි කියා. නමුත් මම ඒ ගත් තීන්දුව ජනාධිපතිතුමාට හා අගමැතිතුමාට මා දැනුවත් කලා. අපේ රටේ සමාජ විරෝධී ක්‍රියා අඩුකිරීමටත් මේ රටේ ආර්ථිකමය හා සමාජමය වශයෙන් පෝෂණය වීමට දහම් අධ්‍යාපනය අත්‍යාවශ්‍යයි.අද දහම් අධ්‍යාපනය පිළිබද නිසි දැනුමක් නැතිව ඊළග පරපුරට එය ලබා දීමට නොහැකියි. දහම් පාසැල් ගුරුවරයෙකුට වගකීමක් තියෙනවා ළමයින්ගේ අද්යාත්මික බව තවතවත් වැඩි කිරීමට දහම් අධ්‍යාපනය විධිමත්ව ලබා දීමට .බුදු දහම බෞද්ධ සංස්කෘතිය මගෙ හදවතට ඉතාමත් කිට්ටුයි. මම මල්වතු හා අස්ගිරිය පන්සල් කේන්ද්‍ර කොට ගෙන මහනුවර දිස්ත්‍රික්කයේ දහම් පාසැල් ගුරුවරුන්ට විශාල වැඩසටහනක් දියත් කලා. බුදු දහම කියන්නේ ජීවන රටාවක් ,එය බෞද්ධයන්ට පමණක් සීමා වූ දෙයක් නොවෙයි. මම මුස්ලිම් භක්තිකයෙක් උනත් බුදු දහම තුල ඇතිදේවල් මම ඉගෙන ගෙන තියෙනවා. කවුරු මොනවා කිව්වත් අද ලෝකය දිහා බලන විට බෞද්ධයින් තරම් මෛත්‍රී කරුණාව ඇති ජන කොටසක් කොහෙවත් නෑ.පොදුවේ ගත් කල මේ රටේ සුළු ජාතීන්ට නිදහසේ ජීවත්වීමට මේ රටේ බෞද්ධ ජනතාව ලබා දී ඇති අවස්ථාව ලෝකයේ කිසිදු රටක නැති බව අප දැන ගතයුතුයි.අද මම තමුන්නාන්සේලා ඉදිරියේ මුස්ලිම් භක්තිකයෙක් හැටියට අද මේ කථාව පවසන්නේ මම මුස්ලිම් පවුලක උපන් නිසා. අද තමුන්නාන්සේලාගෙන් බහුතරයක් බුදුදහම අදහන්නේ. බෞද්ධ පවුලක උපන් නිසා. ඒ නිසා එසේ ආගම ධර්මය බොහෝ අවස්ථාවලදී උත්පත්තියෙන් ම තීන්දු වූ දෙයක්.මේ රටට අවශ්‍ය මෛත්‍රීය කරුණාව, සහජීවනය. සියළු ජාතීන්හට ඇතුලත් කිරීමේ හැකියාව බෞද්ධ දර්ශනය තුලින් තිබෙනවා”.
මොසැම්බික්‌ රාජ්‍යයේ පැට්‍රල් බවුසරයකින් ඉන්ධන ලබා ගැනීමට පිරිසක්‌ දැරූ උත්සාහයේදී එම බවුසරය පිපිරී 73 ක්‌ මරුමුවට පත්වී ඇත.මෙහිදී තවත් 100 කට අධික පිරිසක්‌ තුවාල ලබා තිබේ. පැට්‍රල් බවුසරය පිපිරී ඇත්තේ අධික උෂ්ණත්වය නිසා බව අනාවරණය වී ඇත. එහෙත් බවුසරය තුළ බෝම්බයක්‌ තිබුණේ ද යන්න ගැන පරීක්‍ෂණ පවත්වන බව රජයේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.මෙම පැට්‍රල් බවුසරය ජනතාවට ඉන්ධන විකිණීමේ යෙදී සිටි බවට සැක කෙරේ.තුවාල ලත් අයගෙන් කීපදෙනකුගේ තත්ත්වය බරපතළ වේ.
ධනවත් ව්‍යාපාරිකයකු ගේ බිරිඳ වන තිස්පස් වියැති නදීරා දෙදරු මවකි. විශේෂයෙන් කැපී පෙනෙන රූ සපුවකින් යුතු ඇය කාගේත් සිත් දිනාගත් තැනැත්තියක වන අතර පිනට දහමට සේම සමාජ සේවා කටයුතුවලද යෙදෙන්නියක වූවාය.නදීරාගේ සුවිසල් නිවසේ සාලයේ අඩි හතරක සහ අඩි තුනක ප්‍රමාණයේ රමණීය චිත්‍රයක් ප්‍රදර්ශනය කෙරේ. එය නදීරා විසින් තම සිත තුළ ඇඳුණු මනෝ රූපයකට අනුව ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියකු ලවා අන්දවා ගන්නා ලද්දකි. ඒ අනුව එම ඡායාරූපයේ මුළු වටිනාකම රුපියල් ලක්ෂ දෙකක් පමණ වන බව ඇය කියන්නීය.මේ දර්ශනය මම දන්න කියන කා‍ලේ ඉඳලම මගේ හිතේ මැවුණු එකක්; මේ වෙල, මේ දොළපාර එතකොට මේ ගුරු පාර ඒකට ඉහළින් කැඩිලා තියන අන්න මේ බෝක්කුව වගේ දේවල් පුංචි කා‍ලේ ඉඳලම මගේ හිතේ තදින්ම ඇඳිලා තියනවා; ඒත් මේක මම කොහේදි හරි දැක්ක තැනකුත් ‍නෙවෙයි. ඒත් මටම පුදුමයි සැරින් සැරේ මේ දර්ශනයම මගේ හිතේ මැවෙන්නේ මොකද කියලා; කොහොම හරි මම ටිකක් ලොකුමහත් වෙලා මේ ගැන ටිකක් දැනුම් තේරුම් තියන අයට කියනකොට ඒ අය තමයි කිව්වේ මේක එකත් එකටම සංසාර පුරුද්දක්; මට මේ විදිහට මැවිලා පේන්නේ මම ගිය ආත්මේ ජීවත් වුණු පරිසරේ කියලා” නදීරා එම සිතුවම පිළිබඳව විමසන සැමට එසේ කියන්නීය.නදීරා ආර්ථික අතින් එතරම් සවිමත් පවුලක දියණියක් නොවූවද ඇය විවාහ කරගත් තැනැත්තා ධනවත් ව්‍යාපාරිකයකි. එබැවින් ඇගේ එම සිතේ රැඳි රුව දක්ෂ චිත්‍ර ශිල්පියකු ලවා සිත්තමට නංවාගෙන නිවසේ සාලයේ එල්ලා ගැනීමට ඇයට හැකිව තිබේ.“මේ චිත්‍රය මගේ හිතේ ඇඳුණු රූපයට සීයට සීයක්ම සමාන නැතත් සීයට හැත්තෑවක් අසූවක් සමානයි. හැබැයි මම මේ චිත්‍රය අන්දවා ගත්තෙත් පුදුම යුද්ධයක් කරලා තමයි; මීට කලින් මම ආටිස්ලා තුන් හතර දෙනෙකුටම මගේ හිතේ ඇඳුණු රූපය කියලා ඒකෙන් චිත්‍රයක් අඳින්න කිව්වා; නමුත් වැඩේ හරියට කෙරුණේ නැහැ. ඒ හින්දා මම දවස් ගාණක් තිස්සේ මේ ආටිස්ට්ට කියලා කියලා තමයි මේ තරමට හරි මගේ හිතේ තියන දේ අන්දවා ගත්තේ” නදීරා ඒ සිතුවම පිළිබඳව විමසන සැමට එසේ පවසනුයේ තරමක ආඩම්බරයෙනි. එමෙන්ම ඇය තමන්ගේ මතකයේ මැවෙන එම රුව නිවසේ සාලයේ සිත්තමට නංවාගෙන ඇත්තේ එක් විශේෂ අරමුණක් පෙරදැරිවය. එනම් තම නිවසට පැමිණෙන අමුත්තන්ගෙන් ඒ පිළිබඳව අදහස් දැන ගැනීමට සහ ඔවුන්ගෙන් කිසිවකුත් ඊට සමාන පරිසරයක් සැබැවින්ම දැක තිබේදැයි දැන ගැනීමටය. එසේ දැනගතහොත් ඒ ඔස්සේ තමන්ට තම ඉහත ආත්මය කරා යා හැකියැයි නදීරා විශ්වාස කරන්නීය. කෙසේ හෝ ඇය තුළ පවතින මෙය කිසියම් මානසික විකෘති හෝ අසාමාන්‍යතාවයක් විය හැකි බවත් මෙම පුරුද්ද මෙලෙසින්ම පැවතියහොත් එම මානසික අසාමාන්‍යතාවයේ පරාසය තවත් පුළුල්විය හැකි බවත් නදීරාගේ සැමියාට ඔහුගේ මිතුරකු පවසා තිබිණ. ඔහුගේ එම කීමෙන් කලබලයට පත් නදීරාගේ සැමියා එම චිත්‍රය ගලවා විනාශ කිරීමට වෙර දරා ඇත්තේ එමගින් ඇයට මානසික රෝගයක් වැලඳෙතැයි යන බිය නිසාය. එහෙත් තමන්ට මානසික රෝගයක් නොමැති බව දීරා සිය සැමියාට පුන පුනා කියා සිටි බැවින් අවසානයේ ඔහු කියා ඇත්තේ ඒ පිළිබඳව නිශ්චය කිරීම මනෝ වෛද්‍ය වරයකුට භාර කළ යුතු බවය. නදීරා තම සැමියා ද සමග මනෝ වෛද්‍යවරයකු හමුවට පැමිණියේ ඒ අනුවය.නදීරා සහ ඇගේ සැමියාගේ ප්‍රකාශයන්ට සාවධානව අසා සිටි මනෝ වෛද්‍යවරයා විසින් ඉන්පසුව නදීරාගේ සෙසු ගති පැවතුම් සහ චර්යාවන් පිළිබඳවද විමසීමක් කරන ලදි. එහිදී ඔහුට අනාවරණය කර ගත හැකි වූයේ ඇගේ සෙසු චර්යාවන්හි අසාමාන්‍යතාවයක් නොමැති බවය. ඒ අනුව මෙම තත්ත්වය මිනිස් මනැසේ සාමාන්‍යයෙන් මැවෙන රූප සංඥා (Imagery) බවත් මෙහිදී සිදුව ඇත්තේ එම රූප සංඥා විශේෂ ආකෘතිකරණයකට ලක්වීමක් පමණක් බවද මනෝ වෛද්‍යවරයා විසින් මෙහිදී අවධාරණය කරන ලදි.මනැසින් මේ වගේ රූප සංඥා දැකීම විතරක් මානසික රෝග ලක්ෂණයක් විදිහට හඳුන්වන්න බැහැ. ඒත් ඒ රූප සංඥා තමන්ගේ කැමැත්තට පටහැනිව හිතට බලහත්කාරයෙන් කඩා වදිනවා නම් ඒ වගේම ඒ කඩා වැදීම් වලින් මානසික පීඩාවක් දැනෙනවා නම් ඒ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතුයි.” මනෝ වෛද්‍යවරයා කීය. මට නම් එහෙම මානසික පීඩාවක් දැනෙන්නේ නැහැ. ඒ රූපය හිතේ මැවෙන කොට මගේ වෙන වැඩක් පලක් වුණත් කර ගන්න පුළුවන්. අනික ඒ වගේ දේකින් හිතට පුංචි සතුටකුත් දැනෙනවා” නදීරා කීය.තමන් ජීවිතේ එදිනෙදා අත්දකින විශේෂ සංසිද්ධීන්වලට ආගමික සංස්කෘතික ආරෝපණයන් දෙන එක හැම සමාජයකම දකින්න ලැබෙන දෙයක්. මෙතනදීත් ඒ රූපමය මතකය පෙර ආත්මයේ සිද්ධියක් හැටියට අර්ථ දක්වන්නේ ඒ නියාමය අනුවයි“ ඒ වගේම ඒ අර්ථ නිරූපණ වලින් මානසික ආතතියත් අඩු වෙන්න පුළුවන්” මනෝ වෛද්‍යවරයා කීය.“මට ඔය තත්ත්වය ගැන විස්තර කරන්න පුළුවන් විද්‍යාත්මක වශයෙන් විතරයි; නමුත් ඔය වගේ අත්දැකීම් වලින් තමන්ට මානසික පීඩාවක් ඇති වෙනවා නම් හරි තමන්ගේ පෞරුෂයට පවුල් ජීවිතයට සමාජගත ජීවිතයට මොකක් හරි අහිතකර බලපෑමක් වෙනවා නම් හරි තමයි ඔය ගැන සැලකැලිමත් විය යුත්තේ” මනෝ වෛද්‍යවරයා කීය.“ඇත්තෙන්ම එහෙම දෙයක් නම් නැහැ ඩොක්ට; මම මේ ගැන ටිකක් හරි කලබල වුණේ මගේ යාළුවගේ කීම හින්දයි.” නදීරාගේ සැමියා කීය. ඒ කෙසේ හෝ නදීරාගේ එම ඉහත ආත්මයේ මතක රූපය මානසික රෝගයක් හෝ රෝග ලක්ෂණයක් නොවන බව සනාථ වූ බැවින් ඇය සහ ඇගේ සැමියා මනෝ වෛද්‍යවරයාට සතුටින් සමු දී නිවෙස බලා ගියහ.
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ මගින් ඉකුත් 5 වෙනිදා කොළඹදි සංවිධානය කර තිබු ජන බලයට සහභාගි වි සිටයදි හෘදයාබාධයකින් මියගිය හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචිව සිටි ජගත් විමලසුරිය මහතාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැසක් ඔහුගේ නිවසට පැමිණියේය.පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ , කුමාර වෙල්ගම , මහින්දානන්ද අලුත්ගමගේ සහ සී.බි රත්නායක යන මන්ත්‍රිවරුන් මෙසේ ජගත් විමලසුරිය මහතාට අවසන් ගෞරව දැක්විමට පැමිණියේය.39 හැවිරිදි ජගත් විමසුරිය මහතා තිදරු පියෙක් වන අතර , ඔහු වෘත්තියේ පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු වශයෙන් සේවය කරමින් සිටියහ.ජගත් විමලසුරිය මහතාගේ අවසන් කටයුතු පසුගියදා (08) පස්වරුවේ හැටන් කුඩාගම පොදු සුසාන භුමියට සිදු කෙරිණි.
සබරගමු පළාත් ආණ්ඩුකාරවර නිලූකා ඒකනායක මහත්මිය ඉතාලියේ රාජ්‍ය ත්‍රාන්ත්‍රික සංචාරයක් සඳහා දිවයිනෙන් බැහැර වීමට නියමිත අතර එම කාලය තුළ රෙජිනෝල්ඩ් කුරේ මහතා වැඩබලන ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කරනු ඇත.
විදෙස් වාර්තා සඳහන් කළේ එරට පොලීසිය අල්ලස් සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව ප්‍රබල සාක්ෂි රැස්කරගෙන ඇති බවයි.ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ වින්දන වංශය පෙරළිකල සුපිරි තරු උත්කර්ෂය "Hiru MegaStars 02" අවසන් මහා තරඟයට පෙර සූදානම
ශ්‍රී ලංකාවේ ප්‍රථම ජ්‍යෝතිෂ්‍යය මෘදුකාංගය වන තරු කිරණ හඳුන්වා දුන් සමාගම විසින් හඳුන්වා දෙන අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වන ත්‍රයි භාෂා ජ්‍යෝතිෂ්‍යය සේවා මෘදුකාගය. ජ්‍යෝතිෂ්‍යය වේදීන් සඳහා විශේෂයි.සිග්මා හඳහන, තරු කිරණ ආදී මෘදුකාංග මගින් ලාංකීය ජ්‍යෝතෂ්‍යය වේදීන්ගේ විශ්වාසය දිනාගනිමින් වසර 10කට වඩා ක්ෂේත්‍රයේ රැඳී සිටිනා ආයතනයකි. ජ්‍යෝතිෂය මූලධර්ම හරිහැටි අවබෝධ කර නොගෙන නිර්මාණය කෙරුණු ජ්‍යෝතිෂය මෘදුකාංගයකින් සිදුවන්නේ ජ්‍යෝතිෂය ක්ෂේත‍්‍රයට හානියක් පමණි. එය අවබෝධ කරගත් අප හට, පෙර අපරදිග ජ්‍යෝතිෂය ක‍්‍රමවේදයන්හී ප‍්‍රවීන ජ්‍යෝතිෂ වේදීන්ගේ අධීක්ෂණය යටතේ නිර්මාණය වුණු තරු කිරණ සහ kendare.com මෘදුකාංග ශ්‍රී ලංකාවේ ඇති වඩා නිවැරදිම සහ විශ්වාසනීයම මෘදුකාංගයන් ලෙස අපට නොබියව පැවසිය හැක.කේන්දරේ.com අන්තර්ජාල මෘදුකාංගය මගින් වෘතීය මට්ටමේ ජ්‍යෝතිෂ්‍යය වේදීන් නොවන අය සඳහා ද නිවැරදි කේන්ද්‍ර සටහන් ගණනය සහ පොරොන්දම් ගැලපීමේ සේවය ලබා ගත හැක. මෙම මෘදුකාංගය මගින් ලබා ගත හැකි සේවා, ලොව …නව අංග පොරොන්දම් ගැලපීම. (ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ භාවිතා වන විවිධ ක්‍රම ඇතුලය.) අශ්ඨ කූඨ ගැලපීම විසි පොරොන්දම් දස පොරොන්දම් ආරූඩ පාද ගණනය ග්‍රහයන්ගේ උච්ච නීච සතුරු භාවය ග්‍රහයන් වක්‍ර …තරු කිරණ මෘදුකාංගයට වසර 10ක් සපිරෙන මේ අවස්ථාවේදී Kendare.com යනු, ජංගම දුරකථනයකින් හෝ පරිගණකයකින් මාසික ගෙවීමේ පදනම මත අන්තර්ජාලය හරහා භාවිතා කළ හැකි මෘදුකාංගයකි. මේ සඳහා ඔබට වැය වන්නේ දිනකට …
ස්වර්ණවාහිනියේ විකාශය වෙන සිවගුරුනාදන් මහත්මයාගෙ ‘හංස පිහාටු‘ ටෙලි නාට්‍යෙය් මම මැර දේශපාලකයකුගේ චරිතයක් රඟපානවා. ඔහු කිත්තා. (කිත්සිරි) එහෙම චරිතයකින් මීට කලින් මාව දැකල නැති හින්ද ප්‍රේක්ෂකයන් ගෙන් විශාල ප්‍රතිචාරයක් ලැබෙනවා. ඇත්තටම ප්‍රේක්ෂකයො අතර මං මේ දවස්වල වැඩියෙන්ම ජනප්‍රිය වෙලා ඉන්නෙ ‘කිත්තා‘ නමින්.හිරු ටී.වී. ඔස්සේ විකාශය වෙන සංජය නිර්මාල් මහත්මයාගෙ ‘වස්සානේ ප්‍රේමයේ‘ ආදිත්‍ය කියන පෙම්වතාගේ චරිතය රපානවා.ස්වර්ණවාහිනියේ විකාශය වෙන ක්‍රිෂ්ටි ෂෙල්ටන් මහත්මයාගෙ ‘මතු සම්බන්ධයි‘ ටෙලි නාට්‍යෙය් මම වයොවෘද්ධ ගායකයෙක්.මේ චරිත එකකට එකක් වෙනස් චරිතනෙ. රංගන ශිලපියෙක් විදිහට විවිධාකාර චරිත ලැබෙද්දි ඒක ඔයාට කොහොමද දැනෙන්නෙ?ඇත්තටම ඒක හොඳයි. විවිධාකාර චරිත වලින් මට මාවම අභියෝගයට ලක් කරන්න හැකියාව ලැබෙනවා. මුල්කාලෙ මට වැඩි වශයෙන් ලැබුණේ එකම විදිහේ පෙම්වතාගේ චරිත. වයසෙන් මුහුකුරා යද්දි මෙහෙම වෙනස් චරිත ලැබීම අර ඒකාකාරීත්වයෙන් මිදෙන්න හොඳ අවස්ථාවක්. එහෙම අවස්ථා ලැබෙන්න අධ්‍යක්ෂවරු තුළ විශ්වසනීයත්වයක් ඇතිවීම සතුටක්.මැර දේශපාලන චරිත කියන්නෙ අපේ රටේ නිතර අහන්න දකින්න ලැබෙන චරිතනෙ. කොහොමද එහෙම චරිතයක් අභියෝගයක් වුණේ?එක පැත්තකින් ඒකමත් අභියෝගයක්. තවත් පැත්තකින් ඒ චරිත අභ්‍යන්තරය අල්ලාගන්න එකයි අභියෝගය. එතෙන්දි කිත්තා තුළ මේ විදිහේ හැඩතල තියෙන්න ඕනෑ කියනදේ අධ්‍යක්ෂවරයා තුළ තිබුණා. ඔහුගේ එකඟතාවය මත යම් යම් දේවල් මා තුළිනුත් එකතු වුණා. අනෙත් එක කිත්තාට පිටපතෙන් ලොකු තල්ලුවක් ලැබුණා. මේ පිටපත සද්ධා මංගල සූරියබණ්ඩාරගෙ. මට වුණත් කිත්තාට අනුගත වෙලා යම් දෙයක් එකතු කරන්න පිටපත විශාල ලෙස ඉඟි සැපයූවා.ඔහොම කෙනෙක් අපේ ගමෙත් ඉන්නවා කියල සමහරු කියනවා. සමහර පළාත් සභා මන්ත්‍රීවරුත් කතා කරලා කියනවා. ‘හොඳයි හොඳයි අපි ගැනත් තියෙනවා නේද?‘ කියලා.ඔව්. ඉදිරියේදී තිරගත වීමට නියමිත සුගත් සමරකෝන් මහත්මයාගෙ ‘අපේ කාලේ පටාචාරා‘ චිත්‍රපටයේ පටාචාරාගේ සැමියා ජීවන්ත විදිහට ප්‍රධාන චරිතයත්, සංජය නිර්මාල් මහත්මයාගෙ ‘ජූලි හතයි‘ චිත්‍රපටයේ ටෝනි කියන ප්‍රහසන චරිතයත් රඟපෑවා.මේ දවස්වල රෝයි ද සිල්වා මහත්මයාගෙ අලුත්ම චිත්‍රපටයේ කවීෂ කියන හීරෝ කොමඩි චරිතයේ රඟපෑම් ඉවර කළා. මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම රූපගත කළේ ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් වල.සාමාන්‍යෙයන් මුලු චිත්‍රපටයක්ම පිටරටක රූගත කෙරෙවා අඩුයි. ඇත්තටම මේ චිත්‍රපටය සුන්දර අත්දැකීමක් වුණා. නලීන් මාපිටියගෙ ‘තානාපතිලගෙ ගෙදර‘ චිත්‍රපටයේත් මුබාරක් කියන මුස්ලිම් තරුණයාගෙ චරිතය රඟපෑවා.මම සාමාන්‍ය ජීවිතේත් විහිළු තහළු කරලා සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්.සංජය නිර්මාල් මහත්මයලා එක්ක වැඩ කරද්දි මගේ ඒ හැසිරීම් දැකල කිව්වා ඔයාට හොඳ කොමඩි ඇක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්නෙ කියලා. ඔහුගේ ‘ජූලි හතයි‘ චිත්‍රපටයේ ටෝනි ගෙ චරිතය මට ලැබෙන්න ඇත්තෙ ඒ හින්ද වෙන්නැති.ටෝනි කියන්නෙ සරළ ප්‍රහසනය ඉක්මවා ගිය චරිතයක්. ප්‍රහසනයේදී මූලිකම දේ තමයි කාලය. ඒක ඉතා වැදගත්. අවශ්‍ය වෙලාවටම හාස්‍යය නොදුන්නොත් පන්ච් වෙන්නෑ. මිනිස්සු හිනස්සනවා කියන එක ලේසි නෑ. චරිතය තුළ අපේ පටලවා ගැනීම් තමයි හාස්‍යය මතු කරන්නෙ.ඒ ‍වගේ හය දෙනෙක් පටලැවෙන පටලැවිල්ල තමයි ජූලි හතේ තියෙන්නෙ.අපේ ජීවිතේ හොඳයි. සතුටුයි.ඇයගෙන් ලැබෙන සහාය කියල නිම කරන්න බෑ. සංගීතයට ඇය මට වඩා දක්ෂයි. සංගීතය පැත්තෙන් මට වැඩි දියුණු වෙන්නට ඇයගෙන් ලැබෙන්නෙ විශාල සහායක්. අලුත් නිර්මාණයක් ලැබුණහම වුණත් අපි සාකච්ඡා කරලා ඒවා පෝෂණය කර ගන්නවා. උමාලි ජැක්සන් අයියාගෙ ‘සී රජ‘ රූගත කිරීම් එක්ක ඉන්නවා. උමාලි රඟපාන ‘බොහීනියානුවා‘ ටෙලිනාට්‍යයත් විකාශය වෙනවා. ඇය මං තරම්ම කාර්ය බහුල වෙන්න කැමති නෑ. මගේ වැඩත් එක්ක නිතරම ගෙදර රැඳෙන්න ඉඩකඩ අඩු වුණත් විවේකයක් ලැබුණ හැටියෙ අපි කොළඹින් පිටට යන්න උත්සාහ කරනවා.‘මහ රජ ගැමුණු‘ චිත්‍රපටයේ අපි දෙන්නම රඟපෑවත් එක රූප රාමුවෙ ඉන්න ලැබුනෙ නෑ. ඒත් ‘තානාපතිලගෙ ගෙදර‘ චිත්‍රපටයේ අපිට එහෙම අවස්ථාවක් ලැබුණා. ඇය රඟපාන්නෙ දමිළ චරිතයක්. මම මුබාරක් කියන මුස්ලිම් තරුණයා.සංගීතයට වැඩි බරක් දෙන්නයි හිතාගෙන ඉන්නෙ.ඒකල ගායනයක් කරන්නත් හිතාගෙන ඉන්නවා. උමාලිත් එක්ක ගායනා කළ ගීතයක් ආදර වන්තයින්ගේ දිනයට නිකුත් කරන්නත් ලෑස්ති වෙනවා.මේ ගීතය ලිව්වෙ සජිත් චතුරංග. මියුසික් කළේ රාජ් තිලයාපලම්. රූප රචනය කළේ කසුන් කාවින්ද. මැලේසියාවේ සුන්දර පසුතල වලයි මේ ගීතයේ රූපගත කිරීම් සිදු කළේ.උමාලිටත් මටත් ඒක ලොකු අත්දැකීමක්. ආදරවන්තයින්ගේ දිනයට මේ ගීතය සුන්දර සිහිවටනයක් වෙයි කියලා හිතෙනවා.
අපි කොම්පීතරේ කරන ඕනම ක්‍රියාකාරකමක් වීඩියෝවක් විදියට ලබා ගැනීමට Desktop Activity Recorder පට්ට භාණ්ඩේ.ජනප්‍රිය වීඩියෝ ෆොර්මැට් දෙකක් වන AVI,SWF වලින් අපිට අවශ්‍ය විදියට,අවශ්‍ය තැනකට අවුට්පුට් වීඩියෝ එක ලබා ගැනීමට පුලුවන්.වීඩියෝ ටියුටෝරියල්,ප්‍රසන්ටේෂන්,පෙරදැක්වීම්(Trailer) සකස් කිරීමට ප්‍රයොජනවත් සොෆ්ටුවක්.ෆයිවර් වල සේල් කරන අයට තමන්ගෙ ගිග් එකට වීඩියෝවක් දාන්නත් නියමයි.තව මීටරේ පොඩ්ඩක් කරකලා බලන්නකෝ.වැඩ දාහක් කර ගන්න පුලුවන්.එහෙනම් බා ගන්න.ගිහින් එන්නම්.ඔබට ජය.
රාජකාරි නිමවී මිතුරන් සමඟ සාදයකට එක්වී මහ රෑ නිවෙසට පැමිණ බිරිය සමඟ රණ්ඩු වී වෙරි මරගාතේ දුම්රිය මාර්ගයේ නිදා සිටි සිවිල් ආරක්ෂක භටයකු ඉකුත් 02දා අලුයම මඩකළපුව සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක ගැටී මියගොස් ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි.මෙසේ මියගොස් ඇත්තේ වැලිකන්ද, රිදීපොකුණ සිවිල් ආරක්ෂක බළකා මූලස්ථානයට අනුයුක්තව සේවය කළ සම්මු ගයාන් උපුල් සිල්වා (28) නම් එක්දරු පියෙකි.මොහු ඉකුත්දා (01දා) රිදීපොකුණ සිවිල් ආරක්ෂක බළකා මූලස්ථානයේ රාජකාරි කර සේවා මුරය අවසන් කොට සිය මිතුරන් සමඟ සාදයකට සහභාගි වී රාත්‍රි 11.30ට පමණ මනම්පිටිය මාගංතොට නිවෙසට පැමිණ බිරියත් සමඟ ඇති කරගත් වචන හුවමාරුවක් නිසා රාත්‍රි නිදාගැනීමට අසල තිබූ දුම්රිය මාර්ගයට ගොස් තිබේ. හොඳටම සූර් වී සිටි මෙම පුද්ගලයා දුම්රිය පීල්ලක හිස තබා නිදාගෙන සිට ඇත. තද නින්දට වැටුණු මෙම පුද්ගලයා අලුයම මඩකළපුව සිට කොළඹ බලා ධාවනය වන 2.35 දුම්රියට යටවී තිබේ. හිස සහ අතක් කඳින් වෙන්වී තිබුණු සිරුර 02දා උදෑසන 07.00ට පමණ ගම්මුන් විසින් දැක ඇත.සිද්ධිය නිසා කොළඹ බලා ධාවනය වූ දුම්රිය පැයක පමණ කාලයක් ප්‍රමාද වූ බවද දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි. පොළොන්නරුව පොලිසිය පරීක්ෂණ සිදුකරයි.
බංග්ලාදේශයේ පැවැති 5 වැනි අවු. 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අපරාජිතව ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව සමත් විය. බංග්ලාදේශයේ මීර්පුර් ශ්‍රී බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේ පැවැති ඉන්දු-ශ්‍රී ලංකා අපරාජිතයන්ගේ අවසන් මහ තරගයේදී ලකුණු 144ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.මේ අනුව ඉන්දියාව අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන දිනාගත් සිව්වැනි අවස්ථාව මෙය වන අතර, ශ්‍රී ලංකාව අනුශූරයන් බවට පත්වූ දෙවැනි අවස්ථාව වෙයි. ඊයේ පැවැති අවසන් තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දුවාර 50 දී කඩුලු 3ක් දැවී ලකුණු 304ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම පන්දුවාර 38.4කදී ලකුණු 160කට සීමා විය.
2015 ජනපතිවරණයෙන් පරාජය වී ගෙදරගිය ජනපති මහින්ද රාජපක්ෂ ජනපතිවරයාට තවමත් ගැමියන් අමතන්නේ අපේ ජනපති තුමා යනුවෙනි.එයටත් වඩා රටේ දරුවන්ගේ හිතේ තවමත් ජනපති ලෙස ජීවත් වන්නේ ජනපති අප්පච්චී සහ ජනාධිපති මාමා ලෙසය.එයට සජීවී සාධක එකතුකරමින් පාසල් වල කුඩාදරුවන් එතුමා වෙනුවෙන්වු හැඟීම් අකුරුකළ අාකාරය අපුර්වත්වයක් ගෙනදෙයි.සියළු දෙනාට බලාගැනීම සදහා එම ලිපි මෙසේ ඉදිරිපත් කරමු.
2018 වසරේ දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත ඔලිම්පික්‌ තරගාවලියට සහභාගීම සඳහා රුසියාවට තහනමක් පනවා ඇති බව ජාත්‍යන්තර ඔලිම්පික්‌ කමිටුව ප්‍රකාශයට පත් කර ඇත.රුසියානු ඔලිම්පික්‌ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක විශාල ලෙස භාවිතා කර ඇති බව සනාථ වීම නිසා මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.එසේම රුසියානු ඔලිම්පික්‌ කමිටු සභාපති ඇලෙක්‌සැන්ඩර් ෂුකොව්ගේ සාමාජිකත්වය තහනම් කිරීමටද ඔලිම්පික්‌ කමිටුව තීරණය කර ඇත.
පාකිස්තානයට සමෘද්ධිය ගෙන එන බවට පොරොන්දු වෙමින් බලයට පත් වූ ඉම්රාන් ඛාන් මේ වනවිට එරට සමාජ මාධ්‍යය තුළ දැඩි විරෝධයකට හා විවේචනයකට ලක්ව සිටී.ඉම්රාන් ඛාන් තම පෞද්ගලික නිවසේ සිට නිල නිවස දක්වා හෙලිකොප්ටරයකින් ගමන් කළ බවට මේ වනවිට චෝදනා එල්ල වී තිබෙන අතර පෞද්ගලික නිවසේ සිට ඉම්රාන් ඛාන්ගේ නිල නිවස දක්වා ඇති දුර සැතපුම් 9.3 (කිලෝමීටර 15) ක් බව පැවසේ.නව අගමැති ඉම්රාන් ඛාන් මෙලෙස තම නිල නිවෙස වෙත යෑම සඳහා හෙලිකොප්ටරයක් භාවිත කිරීම පාකිස්තාන සමාජ මාධ්‍යයේ මේ සතියේ ප්‍රධානතම මාතෘකාව බවට ද පත්ව ඇත.වියදම් කප්පාදු කරන බවටත්, ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අනෙක් මැති ඇමැතිවරුන් සහ සියලු නිලධාරීන් පළමු පන්තියේ ගුවන් ගමන් යෑම තහනම් කිරීම, වියදම් කප්පාදු කිරීම යනාදි පියවර ගන්නා බව පැවැසීමෙන් අනතුරුව ඉම්රාන් ඛාන් මෙසේ හෙලිකොප්ටරයෙන් දෛනිකව ගමන් බිමන් යෑම බොහෝ පිරිසකගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.ආරක්ෂක පියවරක් ලෙස අගමැති ඉම්රාන් ඛාන් මෙසේ හෙලිකොප්ටරයෙන් තම නිල නිවස වෙත ගමන් ගත් බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තානයේ ජනමාධ්‍ය අමාත්‍ය ෆවාද් චෞද්රි පැවැසීය.පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව පැවැසීය. හෙලිකොප්ටරයකින් කිලෝමීටරයක දුරක් යෑම සඳහා වැය වන්නේ පාකිස්තාන රුපියල් 55ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 73කට ආසන්න මුදලක්) යැයි ද හෙතෙම කීය.ඔහුගේ එම ප්‍රකාශය ද දැඩි විවේචනයකට මෙන්ම උපහාසයකට ද ලක්ව තිබේ. එතරම් අඩු මුදලකට හෙලිකොප්ටරයෙන් ගමන් බිමන් යෑමට හැකිවීම සම්බන්ධයෙන් පාකිස්තාන ජනතාව සැක උපදවාගෙන සිටිති.හෙලිකොප්ටරය යන වචන යොදමින් ට්විටර් සමාජ ජාලය තුළ ට්විටර පණිවුඩ 16,000කට වැඩි සංඛ්‍යාවක් නිකුත්ව තිබීමද විශේෂත්වයකි. ඇතැම් පිරිස් ඒ සම්බන්ධයෙන් හාස්‍ය ජනනය කරන ඡායාරූප, චිත්‍ර ආදී බොහෝමයක් ද හෙලිකොප්ටර යන වචනය යටතේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කළහ.
Neth Gossip - Lanka Gossip News | Gossip Lanka | Neth FM | Gossip : උදාරිගේ විවාහය දෙදරා ගියාද..? දික්කසාද වෙන්න සූදානම්ද..? සමාජජාලා හරහා පැතිර ගිය කතාවලට උදාරිගෙන් පිළිතුරු..!!උදාරිගේ විවාහය දෙදරා ගියාද..? දික්කසාද වෙන්න සූදානම්ද..? සමාජජාලා හරහා පැතිර ගිය කතාවලට උදාරිගෙන් පිළිතුරු..!!උදාරි කෞෂල්‍යා කියන්නෙ බොහෝ දෙනාගෙ ආදරය දිනාගත් රංගන ශිල්පිනියක. ඒ වගේම නිවේදිකාවක් විදියටත් ඇය ප්‍රසිද්ධියට පත්ව සිටියා. පහුගිය කාලයේම සමාජ ජාල මාධ්‍ය හරහා හරහා පුවත් මවන චරිතයක් බවට පත්වුනු ඇයගේ විවාහ ජීවිතය දෙදරා ගිය බවටද කටකතාවක් පැතිර ගියා. කොහොම වුනත් කලක් නිහඬව සිටි උදාරි පුවත් පතක් හා සම්මුඛ සාකච්ඡාවකට එකතු වෙමින් මේ වගේ කතාවක් කියලා තිබුණා.මම අධ්‍යාපන කටයුතුවලට ඇමෙරිකාවට ගිහින් හිටියේ. ලංකාවට ඇවිත් පොඩි කාලයක් කල් ගත්තා. හැබැයි අලුත් ආරම්භයකට තමයි දැන් ලෑස්ති වෙන්නේ.මම මගේම සැලෝන් එකක් පටන් ගන්න ඉන්නේ. ඒක කාලයක් තිස්සේ මගේ හිතේ තිබ්බ හීනයක්. ඒ වැඩ කටයුතු ළඟදීම ආරම්භ කරනවා.රංගනය කියන දේ වෘත්තියක් විදියට කරන්න පුළුවන් කාලයක් විතරයි. ඉතින් අපි අද ගැන වගේම අනාගතය ගැනත් හිතන්න ඕන. ඒකයි මම මගේම ව්‍යාපාරයක් පටන් ගන්න හිතුවේ. මගේ තාත්තත් ව්‍යාපාරිකයෙක්. ඒ නිසා ඒ ආභාසය මටත් තියෙනවා.මට රංගනයට ආරාධනා කිහිපයක්ම ලැබුණා. මම තමයි ඒ වැඩවලට සම්බන්ධ නොවුණේ. කොහොම වුණත් මේ අවුරුද්දේ හොඳ ආරම්භයක් තියනවා.විවාහයෙන් පස්සෙත් රඟපෑම් කටයුතුවලට, නිවේදන කටයුතුවලට සම්බන්ධ වුණ උදාරි හිටි හැටියේ විදේශ ගත වුණා. මොකක්ද ඒ ගත්ත තීරණය?මීට අවුරුදු තුනකට කලින් තමයි මම විවාහ ගිවිස ගත්තේ. ඇමෙරිකාවට යනකල්ම අපි දෙන්නම රංගන කටයුතුවලට සම්බන්ධ වුණා. නිවේදන කටයුතුවලටත් සම්බන්ධ වුණා. අධ්‍යාපන කටයුතුවලට ඇමෙරිකාවට යන්න හිතපු නිසා තමයි වැඩ නතර කළේ. විවාහ වුණා කියලා වැඩ නතර කළේ නෑ.හැමෝම දන්නවා ආදරය කරන්න. හැබැයි එකම ආදරයක් එක්ක ජීවිත කාලය පුරාම ජීවත් වෙන්න පුළුවන් සුළු පිරිසකට විතරයි. පවුල් ප්‍රශ්න කියන දේවල් හැම පවුලකම තියෙනවා. මගේ පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්න මේ වෙලාවේ කතා කරන්න මම කැමැති නැහැ.මම නිවැරැදි නම් මාව අතහැර ගිය අය ගැන මම දුක්වෙන්නේ නෑ. මගේ හෘදසාක්ෂිය දන්නවා නම් මම නිවැරැදියි කියලා මට එච්චරයි වටින්නේ. වැරැදි කරන අයට කර්මය විසින් වෙලාවට දඬුවම් ලබාදෙයි. ඒකෙන් පැනලා යන්න කාටවත් බෑ.ජීවිතයට ලැබුණු අත්දැකීම ඉදිරි ජිවිතයට පන්නරයක්. මට මාව විශ්වාසයි. ජීවිතයේ වැටිච්ච වැටිල්ල ඉදිරි ගමනට ලොකු ශක්තියක් වේවි.නාළිකා දෙක තුනකින් නිවේදන කටයුතුවලට ආරාධනා කරලා තිබෙනවා. ඒවා සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. හොඳ වැඩක් ලැබුණොත් සම්බන්ධ වෙනවා.ඉදිරි අනාගතය මෙහෙම වෙන්න ඕන කියලා දෙයක් නෑ. හුස්ම වුණත් ළඟ ඉන්නේ මැරෙනකල් විතරයිනේ. හැමෝටම උදවු කරගෙන හොඳින් ජීවත් වෙන්න තමයි බලාපොරොත්තුව.
අතිගරු ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා ඔක්තෝබර් 25 දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් ධූරයට උසස් කර ඇත.එතුමන් වසර 35 කට ආසන්න කාලයක් නාවික හමුදාව වෙනුවෙන් සුවිශේෂි සේවාවක් ඉටු කර ඇත.1982 වසරේදී ශ‍්‍රී ලංකා නාවික හමුදා 11 වන ශිෂ්‍යභට නිලධාරි බදවා ගැනිමට එක්ව ඇති එතුමන්තම මව්බිම වෙනුවෙන් ඉටු කළ සේවාව අතිමහත්ය. අනගිභවනීය සේවයක් ඉටු කර 2017 ඔක්තෝබර් 26 දින වත්මන් නාවික හමුදාධිපති, අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා නාවික හමුදාවෙන් විශ්‍රාම යන ලදී.
කරණය සඳහා පිහිටුවූ ජාතික ආර්ථික සභාව හරහා රටේ ආර්ථිකය හැසිරවීමේ නායකත්වය තමන් මේ වසරේ සිට භාර ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.ඔහු පවසන්නේ අවුරුදු තුනක් එක්සත් ජාතික පක්ෂයේ අයට අවශ්‍ය විදියට ආර්ථික කළමනාකරණයට ඉඩ දුන් බව හා අද ජනතාවට බරපතළ ආර්ථික ප්‍රශ්න තිබෙන බවයි.
අනාගත 4න් ගැන හිතාගන්න පුළුවන් …CAMERA 4න් නම් නවතින්නේ නෑ ……..එන්න එන්නම CAMERA ගැන වැඩි වෙනවා. Nokia 9 එකේ leaked images වගයක් දැක්කා. එකේ camera 5 , Flashers 2 යි…අම්මෝ Camera 4 ලෝකේ පලමු Quad Camera Phone එක😍👍 Congratulations අයියේ👍👍 නියමයි video එකක් අයියේ😘😍 I wish you all the best😍😍😀
වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයේ මුදල් අවභාවිත කල බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවට පෙනී සිටීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා එම අධිකරණය වෙත පැමිණ ඇති බව සඳහන්ය.
ආනයනික රෙදි සඳහා විශාල වශයෙන් බදු පැනවීම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ගැටලු. රැසකට මුහුණදීමට සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.පමුණුව ප්‍රදේශයේ රෙදිපිළි වෙළෙඳුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේබව සඳහන් කළේය.පසුගිය අගෝස්තු 16 වැනිදා සිට ආනයනික රෙදි සම්බන්ධයෙන් වූ බදු ප්‍රතිපත්තියේ වෙනස් වීමත් සමඟ දේශීය රෙදි පිළි නිෂ්පාදනයට එය බලපාන ආකාරය පිළිබදව පමුණුව ප්‍රදේශයේ රෙදි වෙළෙඳුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ඊයේ (15) ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කළේය.ආනයනික රෙදි කන්ටෙනරයක් නිදහස් කිරිම සඳහා විදම් වු මුදලට වඩා වර්තමානයේ ලක්ෂ 20ත් 25ත් අතර මුදලක් වැඩිපුර ගෙවීමට සිදු වන බවද මන්ත්‍රිවරයා පැවසීය.මෙලෙස බදු අයකිරිම හේතුවෙන් ඉදිරියෙදි රෙදි ආනයනය කරමින් නිෂ්පාදන කටයුතු සිදු කරන වෙළඳුන් සහ එම කර්මාන්තය කඩා වැටෙන බවද මන්ත්‍රිවරයා පැවසීය.මහින්දට නැවතත් ඉන්දියාවේ පිළිගැනීමක් තිබීම ගැන සතුටුයි සහෝදරයෙක් ජනාධිපති අපෙක්ෂකයා වන බව මහින්ද කිව්වේ නෑ
ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද, ඔබ සියල්ල අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසා.මේ ලෝකයේ ධර්මය කියලා දෙයක් තියෙනවනම් අවබෝධ කරගන්න කර ගන්න තියෙන්නේ එකම එක දෙයයි. අනිත්‍ය කියන දෙය විතරයි. ඒ නිසා ශාස්ත්‍රී ලෝක ධාතු තිබ්බත්, බ්‍රහම්ම ලෝක තිබ්බත්, දිව්‍ය ලෝක තිබ්බත්, මනුස්ස ලෝකේ තිබ්බත්, ප්‍රේත ලෝකේ තිබ්බත්, තිරිසන් ලෝකේ තිබ්බත් අම්මා, තාත්තා, නංගි, මල්ලි, පුතා, දුව හිටියත් ඔය සියල්ල තිබ්බත් ඔය සියල්ලේ එකම ස්වභාවය අනිත්‍ය කියන ස්වභාවය විතරයි. එහෙනම් අනිත්‍ය කියන්නේ ධර්මයමයි.
කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගොකරැල්ල මංසන්ධිය ආසන්නයේදී ඊයේ (21දා) අලුයම යතුරුපැදියක් ටිපර් රථයක හා කන්ටේනරයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ බව ගොකරැල්ල පොලිසිය කියයි.අධික වේගයෙන් පැමිණි ටිපර් රථයට ඉස්සර කිරීමට යෑමේදී ඒ හා ගැටුණු යතුරුපැදිය ටිපරයේ පැටලී මීටර් පනහක් පමණ දුරකට මාර්ගයේ ඇදීයෑමෙන් පසු යතුරුපැදිය හා ටිපර් රථය ගිනිගෙන තිබේ. ගිනිගැනීම හේතුවෙන් යතුරුපැදිය සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇත. ටිපර් රථයේ ඉදිරිපස කොටස විනාශ වී තිබේ.ටිපරයේ ගැටීමත් සමඟ යතුරුපැදියේ යමින් සිටි පුද්ගලයන් දෙදෙනා මහා මාර්ගයට විසි වී වැටී ඇති අතර ඒ මොහොතේ කුරුණෑගල සිට දඹුල්ල දෙසට ගමන් කරමින් තිබූ කන්ටේනරයට ඔවුන් දෙදෙනාම යටවීමෙන් ඔවුන්ගේ සිරුරුවලට බරපතළ හානි සිදුව ඇතැයි සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදු කරන ගොකරැල්ල පොලිසියේ රථවාහන අංශය කියයි.මෙසේ අවාසනාවන්ත ලෙස මරුමුවට පත්ව ඇත්තේ ගොකරැල්ල - ගල්ළිඳකොටුව ප්‍රදේශයේ පදිංචිව සිටි ජයකොඩි ආරච්චිගේ රංජිත් ජයකොඩි (45) හා ජයකොඩි ආරච්චිගේ විජය කුමාර (43) යන දෙසොහොයුරන්ය. ඔවුන් දෙදෙනාම තිදරු පියවරු වෙති.අනතුරට සම්බන්ධ ටිපර් රථයේ සහ කන්ටේනර් රථයේ රියැදුරන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ස්වාධීන රූපවාහිනි සේවයේ ප්‍රවෘත්ති උපදේශකවරයා ලෙස කටයුතු කළ හිටපු ජේ‍යෂ්ඨ පුවත්පත් කතුවරයකු වූ ජටිල වැල්ලබඩ මහතා ඊයේ (21දා) පෙරවරුවේ හදිසියේ අභාවප්‍රාප්ත විය.මියයන විට 57 වැනි වියේ පසු වූ වැල්ලබඩ මහතා දිනපතා 'ලක්බිම' හා 'ඉරුදින' පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරයා වශයෙන් දශක එකහමාරක් පමණ සේවය කළේය.ප්‍රියදර්ශනී කැකුණගොඩ මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයා වූ වැල්ලබඩ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ සේවයේ නියුතු ඉෂ්ඨාර්ථ වැල්ලබඩ හා කොළඹ විශාඛා විද්‍යාලයේ ශිෂ්‍යා සෞන්දර්යා වැල්ලබඩ දූ පුතුන්ගේ ආදරණීය පියාණන්ද විය.ජටිල වැල්ලබඩ මහතා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට අනුබද්ධිත ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ අධ්‍යක්ෂවරයකු වශයෙන්ද කටයුතු කරමින් සිටියේය.කර්තෘ සංසදයේ ප්‍රධාන ලේකම්වරයා ලෙසද දෙවරක් කටයුතු කර ඇත.කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ වැල්ලබඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (23 වැනිදා) පස්වරු 5.00ට කැලණිය, පිලපිටිය ආදාහනාගාරයේදී සිදුකෙරේ. අවසන් ගෞරවය සඳහා දේහය කැලණිය, සිංහාරමුල්ලේ, විහාර මාවතේ අංක 1 දරන තැන පිහිටි නිවෙසේ තැන්පත් කර තිබේ.
සංචාරක ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාගැනීම වේගවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමකට අද (15) අත්සන් තැබිණි.එහිදි ශ්‍රී ලංකා සංවාරක සංවර්ධන අධිකාරිය වෙනුවෙන් එහි සභාපති කාවන් රත්නායක හා නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් එහි සභාපති ආචාර්ය ජගත් මුණසිංහ යන මහත්වරු අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.සංචාරක ව්‍යාපෘති සහ ආයෝජනවලදී අදාළ ව්‍යාපෘතිවලට අනුමැතිය ලබාගැනීම කඩිනම් කිරීම මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ ප‍්‍රධාන අරමුණ වී තිබේ.ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සිවු අවුරුදු සංචාරක ක‍්‍රමෝපාය සැලැස්ම සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය මෙරට ආයෝජන වැඩි කිරීමේ අරමුණින් දියත් කරන වැඩසටහනට සමගාමීව මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි.
පුත්තලම - මනතිව් ප්‍රදේශයේ ඉස්සෝ කොටුවකට පැන සිටි හැළ කිඹුලෙකු අල්ලා ගත් බව පුත්තලම වනජීවී පාලන ඒකකය කියයි.එම ඉස්සන් කොටුවේ හිමිකරු විසින් වනජීවී නිළධාරින්ට කළ දැනුම් දීමකට අනුව එහි ගොස් විශාල පරිශ්‍රමයක් දරා මෙම හැළ කිඹුලා අල්ලා ගත් බවත් දින කිහිපයක් මෙම කිඹුලා ඉස්සන් කොටුවේ ඉස්සන් විශාල ප්‍රමාණයක් ගිල දමා ඇති බව වනජීවී නිලධරයෝ පවසති.අඩි 6 ½ දිග වයස අවුරුදු 3 ක් පමණ විය හැකි මේ හැළ කිඹුලා ප්‍රදේශයේ පවතින දැඩි නියං තත්වය හේතුවෙන් ආහාර හා ජලය සොයා පිට ඇළ දිග පැමිණ මේ ඉස්සන් ගොවි පොළට පැමිණෙන්නට ඇති බවට වනජීවී නිළධාරින් සැකපළ කරයි.පුත්තලම දිස්ත්‍රික් වනජීවී සහකාර අධ්‍යක්ෂක කේ. චන්ද්‍රරත්න මහතාගේ උපදෙස් පරිදි පුත්තලම වනජීවී පාලන ඒකකය ස්ථාන භාර නිළධාරි වනජීවී අඩවි සහකාර එම්.ඒ. බණ්ඩාර මහතා ඇතුළු නිළධාරින් පිරිසක් මෙම කිඹුලා අල්ලා ගැනීමට කටයුතු කළේය.අනේ ඒ සතාටත් ජීවත්වීමේ අයිතිය තිබෙනවා. ඉක්මණට කොහෙට හරි වතුර තිබෙන තැනක මුදාහරින්න. සතුන් තව සතුන් අල්ලාගෙන කෑම ස්වභාවධර්මයා ඇතිකළ දෙයක්... එය වෙනස් කිරීමට අපිට බැහැ. අපිට වුවමනාවකුත් නැත...
එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටු වන ලෙසට එජාපයේ මැති ඇමැතිවරුන් බහුතරයේ එකඟත්වය පළවී ඇතැයි වාර්තා වේ.ඊයේ අරලියගහ මන්දිරයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ එජාප පසුපෙළ මන්ත්‍රිවරුන් පක්ෂය තුළ යම් යම් වෙනස්කම් කරමින් තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව සෘජුව යෝජනා කළැයි එම සාකච්ඡාවට සහභාගි වූ මන්ත්‍රිවරු පිරිසක් 'මව්බිම' පැවැසූහ.එජාප තනි ආණ්ඩුවක් ඉල්ලා පක්ෂ නායකයාට බල කළ එජාප පසුපෙළ මන්ත්‍රිවරුන් වූයේ කාවින්ද ජයවර්ධන, මයන්ත දිසානායක, හර්ෂණ රාජකරුණා, බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, තුෂාර ඉඳුනිල්, හෙක්ටර් අප්පුහාමි, විජයපාල හෙට්ටිආරච්චි, නලින් බණ්ඩාර, ජේ.සී. අලවතුවල, නාලක කොළොන්නේ, සන්දිත් සමරසිංහ යන මහත්වරුන්ය.ඔවුන් පැවැසුවේ මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල පිළිබඳව අවධානය යොමුකර ඉදිරියේදී අනිවාර්යයෙන්ම සිදු කළයුතු වෙනස්කම් ගැන පක්ෂ නායකයා දැනුවත් කළ බවයි. තනි ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් කළ යෝජනාවට රනිල් වික්‍රමසිංහ මහතා දැඩි ලෙස අවධානය යොමු කළ බවද ඒ මන්ත්‍රි පිරිස පැවසූහ.මේ අතර එජාප කැබිනට්, නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරුන් පෙරේදා (12දා) අගමැතිවරයා හමුවේ එ.ජා.ප තනි ආණ්ඩුවකට යා යුතු බව දැඩිව ප්‍රකාශ කර තිබෙන බවද ආරංචි මාර්ග සඳහන් කරයි.එජාප තනි ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවට එ.ජා.ප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද එකඟ වී ඇති බවත් බොහෝ දුරට ඊයේ රාත්‍රි, වික්‍රමසිංහ මහතා ප්‍රධාන එජාප ඇමැතිවරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට නියමිතව තිබූ සාකච්ඡාවේදී මේ තීරණය ජනාධිපතිවරයාට දැනුම්දීමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.මේ සියල්ල අතරතුර කතානායක කරු ජයසූරිය මහතා අන්තර් අගමැති ලෙස පත්කිරීමට යන බවටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පිහිටුවීමට යන එ.ජා.ප. තනි ආණ්ඩුවට ශ්‍රී .ල.නි. පක්ෂයේ ඇමැතිවරුන් දහදෙනකු එකතු වන බවටත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් නොකළහොත් ශ්‍රී .ල.නි.පයේ බහුතර ඇමැතිවරුන්, පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයෙන් අසුන් ගන්නා බවටත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිර්පාක්ෂික වන බවටත් පසුගිය දින දෙක තුළ දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචි පැතිර ගොස් තිබිණි.මේ අතර ඊයේ පස්වරුවේ ව්‍යාපාරිකයන් පිරිසක් සමඟ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා පැවැත්වූ සාකච්ඡාවකදීද දැනට රජය මුහුණ දී ඇති අර්බුදයට එකම විසඳුම වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ තනි රජයක් ස්ථාපිත කිරීම බවට අවධාරණය කර ඇතැයිද වාර්තා වේ.එජාප නායකත්වයේ වෙනසක් විය යුතු බවට ඇතැමුන් අදහස් පළ කළද, පක්ෂයේ ක්‍රියාකාරීත්වය පදනම් වන්නේ එක් එක් පුද්ගලයන්ට හෝ පක්ෂවල අවශ්‍යතා මත නොව පක්ෂයේ තීන්දු තීරණ මත බවද අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබෙන බවද දැනගන්නට ඇත.
– දිල්රුක් කන්නන්ගර සර්වජන ඡන්ද බලය (1931) ලබාදීමට පෙර කිසිදු දේශීය නායකයෙකු සිංහල ජනතා අභිමතාර්ථ කෙරෙහි කිසිදු තැක්මක් පල නොකළහ. රාජ්‍ය මන්ත්‍රණ සභා ධූරීන් බ්‍රිතාන්‍ය පාලනයට ආවඩනු මිස ජනීජනයා නොතැකූහ. නිදහස් අධයාපනය සැමට ලබාදීමෙන් තම පොල් වත්තේ පොල් කඩන්නන් නැතිවන බව පැරණි තාලේ දේශපාලකයකු විසින් කීම කදිම උදාහරණයකි. එහෙත් සර්වජන චන්ද බලය (1931) සමඟ එය […]
By M D P DISSANAYAKE මං මුලාවී පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ මං මුලාවූ සමනළියකගෙනි පාර අසා තිබුනේ // ඇයත් නොදන්නිය ඇය යන මානය උන්හිටි තැන් මතකයේ අඩමානය // පාර කියන්නේ කෙලෙසද මා හට ඇයටද පාරක් ඇති නැති ගානය මං මුලාවී………. අප හමුවූයේ මන්දැයි නොදනිමි පාර ඇසූයේ ඇයිදැයි නොකියමි // අපේ ගමන අද නවතනු […]
යාපනයේ මණ්ඩතිව් මුහුදු වෙරළ අසල බෝක්කුවක් යට සඟවා තිබූ කිලෝ ග්‍රෑම් පහක් පමණ වන බෝම්බයක් පෙරේදා (20දා) පොලිසිය විසින් සොයාගෙන ඇත.මේ බෝම්බය එල්.ටී.ටී.ඊ. සංවිධානය සතු බෝම්බයක් බවට පොලිසිය සැක කරන නමුත් එවැනි බෝම්බයක් කිසිවකුත් නොදැක මෙපමණ කාලයක් තිබීම ගැන සලකා බලන විට එම බෝම්බය මෙතැනට ගෙනැවිත් දමන්නට ඇත්තේ දින කීපයකට පෙර කවුරුන් විසින් හෝ බවටද සැකයක් පහළ වී තිබේ.එම බෝම්බය පෙට්ටියක බහා හොඳින් ආවරණය කොට තිබූ නිසා බෝම්බ පරිහරණය පිළිබඳ ඉතා හොඳ දැනුමක් ඇති අයකු විසින් මෙම බෝම්බය මෙතැනට රැගෙන විත් ඇති බවද පොලිසිය සැක කරයි.
සිංගප්පූරුවේ සිටින හිටපු ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඕනෑම මොහොතකදී අත්අඩංගුවට ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇතැයි නීතිපති ජයන්ත ජයසූරිය පවසයි.අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලාංකික පුරවැසියකු නොවුවද, සිංගප්පූරු ජාතිකයකු ලෙස සිටියද ඔහුව අත්අඩංගුවට ගැනීමට වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවත්නා නීති රාමුව ප්‍රමාණවත් බවද එම නීතියට අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බවද නීතිපතිවරයා පවසයි.විදේශීය සංචාරකයකු ශ්‍රී ලාංකික නොවන පුද්ගලයකු මෙරට තුළ අපරාධයක් කළහොත්, ශ්‍රී ලංකාවේ නීතියට පටහැනිව කටයුතු කළහොත් ඔහු හෝ ඇය අත්අඩංගුවට ගැනීමේ හැකියාව ඇති බවද ඒ හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයාට අදාළව ශ්‍රී ලංකා නීතිය හැරදැමිය නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එවන ලද බැඳුම්කර සිද්ධිය පිළිබඳව විමර්ශන කොමිසමේ වාර්තාව ලැබීමෙන් පසුව එය නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් වෙත භාරදී ඇති බවද ඔවුන් එය විමර්ශනයෙන් අනතුරුව සිවිල් හා අපරාධ අංශ වෙත ලබාදීමට නියමිතව ඇති බවද ඉන් අනතුරුව හිටපු මහ බැංකු අධිපතිවරයාට සහ ඔහුගේ බෑනාට එරෙහිව කුමන ආකාරයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නේද යන්න පිළිබඳව විමසා බලන බවද නීතිපතිවරයා පවසා සිටියි.සියලු කරුණු සහ සාක්ෂි නඩු පැවැරීමට පෙර පරීක්ෂාවට ලක් කිරීමට සිදුවන බැවින් නීතිමය ක්‍රියාමාර්ගයන්ට යොමුවීමට කොපමණ කාලයක් ගතවනවා දැයි නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බවද පවසයි. කෙසේ වුවද නීතිමය ක්‍රියාදාමය ඉක්මනින් ඉටුකිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව දැඩි ලෙස සැලකිල්ලට යොමු කර කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කරයි.
නොවැම්බර් 13, 2018 | ඓතිහාසික නඩු තීන්දුවක්, ශ්‍රි ලංකාවේ විනිශ්චයකාර වරුන්ගේ විශ්වාසය ලෝකයට පෙන්නු අවස්ථාවක්නොවැම්බර් 11, 2018 | රාජ්‍ය නායකයා ව්‍යවස්ථාව කඩමින් මිනිස් මුලික අයිතින් නැතිකරනවා,ඇමරිකාව ප්‍රමුඛ ලෝක බලවතුන් ගෙන් ශ්‍රි ලංකාවට දැඩි තහංචිනොවැම්බර් 11, 2018 | ශ්‍රි ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට රටේ රාජ්‍ය නායකයාව හමුවීම මල්වතු මහානායක හිමි ප්‍රතික්ෂේප කරයි.සමස්ථ රටවැසියන්ම අපේක්ෂිත යුක්තිය අද ඉටුවිය. මෙයින් රටේ කීර්තියට හානිකිරීමට පිට පොට ගැසු මෛත්‍රිපාල ගේ හෙළුව දැන් හෙලිවිය. මෙම තීරණයත් සමඟම රටේ මුලික නිතිය…රාජ්‍ය නායකයා ව්‍යවස්ථාව කඩමින් මිනිස් මුලික අයිතින් නැතිකරනවා,ඇමරිකාව ප්‍රමුඛ ලෝක බලවතුන් ගෙන් ශ්‍රි ලංකාවට දැඩි තහංචි ජනාධිපති මෛත්‍රිපාල එක්සත් ජාතින් ගේ සංවිධානය මුලාකරමින් ලෝක බලවතුන් ගොනාට ඇන්දවීම පිලිබදව අද එ.ජා.ස. මුලස්ථානයේ පැවති සාකච්චාවකදි ශ්‍රි ලංකාවේ ජනාධිපති ගේ මේ ක්‍රියාකලාපය පිලිබදව දැඩි…2015 ජනවාරි08 වෙනිදා පටන්ම හන්දිගානේ කෝවිල් ,පන්සල් ගානේ මෛත්‍රි කිය කියා ගියේ රාජපක්ෂලා රටේ ධනය හුරාකාපු හැටිය. රජමාලිගා රටපුරාම ඉදිකොට කුමාරයන්ට ,කුමාරිකාවන් රැගෙන යහන් ගතවීමට…ශ්‍රි ලංකාවේ රාජ්‍ය නායකයා වන මෛත්‍රි පාල තමාම 2015 වසරේ දි කියු හොරුන්ට ,තක්කඩියන්ට,හා මිනිමරුවන්ට නැවතවරක් නිතිවිරෝධිව රට භාරදීමට විරෝධය පැමට මල්වතුමහානායක හිමිපානන් ජනාධිපති හමුවීම…රටේ දේපල හොරාකෑමට හා අයථාපරිහරනය නිසා අධිකරණයේ සැකකරුවන් වු පුද්ගලයන්ව තෝරා රට භාරදීම ඉතාම නින්දිතය. ලෝකයක් සමග යනරටක් වෙනුවට ලෝකයෙන්ම කොන්කර තබන රටක් හැදීම මෛත්‍රිපාලට…නිතිපති අගවිනිසුරු දෙදෙනාම පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිට බැරිබව කීවත් ගමරාළ තවත් පැය කීපයක් තුල ශ්‍රි ලංකා පාර්ලිමේතුව විසුරවයි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලි නොගනිමින් ,රටේ නිතියානුකූල පාර්ලිමේතුව විසුරව දැමීමට පල්ලෙවත්තේ ගමරාළ මේ වනවිට කටයුතු කරමින් සිටී. රටේ නිතිය පිලිබදව හසල දැනුමක් ඇති අගවිනිසුරුවරයාද ,ඒ…දවසේ සිකුරාදා………..ජනාධිපති මෛත්‍රි ව්‍යවස්ථාව කඩමින් මානව හිමිකම් ද කඩනවා, යුරෝපා සංගමය නැවතත් ජී. එස්.පී සහනය අත්හිටුවයි ද……………….? ලෝක ප්‍රජාවම මවිතයට පත් කරමින් රටේ ව්‍යවස්ථානුකූල අගමැතිවරයකු සිටියදී තවත් පුද්ගලයකු පසුගිය 26 වනදින ඉතාම රහසිගතව පතකරන ලදි. බ්‍රිතාන්‍ය තුල කිසිදු ලිඛිතමය ව්‍යවසථාවක නැත. ඒත්…ශ්‍රි ලංකා ජනාධිපති ජනතාව ගේ මානව හිමිකම් උල්ලංගනය කරමින් රට අස්ථාවර කරනවා- කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල සිසුවෙක් යුරෝපා සංගමයට පැමිණිලිකරයි මේ වනවිට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉගනුම ලබන ශ්‍රිලාංකික සිසුවෙකු විසින් ජනාධිපති මෛත්‍රිපාල ලංකීය ජන් අතාවගේ මුලික් අයිතින් කඩකරමින් , රටේ මුලිකම නිතිය හාස‍ය්‍යට ලක්කරමින් ජනතාව ගේ…“මට 113 ක් හදාගන්න බැරිනම් මම ආණ්ඩුව විසුරවනවා,මට නිති වැඩක් නෑ ” – ( ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ) රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පයින් ගසා නිතියානුකූලව පත් වු අගමැති සිටියදී රටකට තවත් අගමැතිවරයකු පත්කරන්නේ නම් ඒ රටේ ජනාධිපති පිස්සෙක් විය යුතුය. ඔක්තෝබර 26 වනදින හොර…ජනතා පරමාධිපත්තිය අල්ලසට ගන්නන් හා විකුණන්නට වහාම නිතිය ක්‍රියාතමක විය යුතුය. එසේ නොකරන්නේ නම් ඊට එරෙහිව ජනතාව පාරට බැසිය යුතුය. This post is also available…
රාජපක්ෂවරුන්ට එල්ල කර තිබෙන සියලුම චෝදනා අසත්‍ය බව රටේ ජනමතයෙන් ඉතා හොඳින් පැහැදිලි වන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඇතුළු රාජපක්ෂවරුන්ට බොරු චෝදනා එල්ල කරමින්, මඩ ප්‍රහාර එල්ල කරමින් දිගින් දිගටම සිදුකරන ලද දේශපාලන පළිගැනීම්වලට එරෙහිව ලක්ෂ 50කට ආසන්න ජනකායක් ආණ්ඩුවට මතක සිටින පාඩමක් උගන්වා ඇති බවද ඔහු පෙන්වා දෙයි.කොතරම් දේශපාලන පළිගැනීම් සිදුකළද මේ රට සහ ජනතාව වෙනුවෙන් රාජපක්ෂවරුන් පෙනී සිටින බවත් දේශපාලන පළිගැනීම්වලට එරෙහිව ඉදිරියේදී නීතියෙන් කටයුතු කරන බවත් බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේය.
අනුරාධපුර වාරියපොළ මාර්ගයේ බීමතින් රිය පදවා බරපතළ රිය අනතුරක් සිදුකළේ යැයි චෝදනා ලැබ සිටින කුරුණෑගල හිටපු මහාධිකරණ විනිසුරුවරයා වාරියපොළ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල වැඩබලන මහෙස්ත්‍රාත් ජයප්‍රේම බී. තෙන්නකෝන් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 23 වැනි (හෙට) දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියෝග කර ඇත.ඉකුත් 19 වැනි දින සැකකරු විසින් පැදවූ මෝටර් රථයකට වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් මවක සහ දියණියක යට වීමෙන් සිදුවූ මේ අනතුරෙන් 35 හැවිරිදි මව වාරියපොළ රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගිය අතර බරපතළ තුවාල ලද 12 හැවිරිදි දියණිය කුරුණෑගල ශික්ෂණ රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටී.ඉකුත් 20 වැනි දින සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් සැකකාර මහාධිකරණ විනිසුරුවරයා අනතුර සිදුවන අවස්ථාවේදී මත්පැන් පානය කොට සිට ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.