text
stringlengths 99
184k
|
---|
නව ව්‍යවස්ථාවෙන් රටේ ඒකීය භාවය මෙන්ම බෞද්ධාගමට හිමිතැන සුරක්ෂිත වන බවට ජනපති හා අගමැති රටට කර තිබෙන ප්‍රකාශ පිළිබඳව විශ්වාසය තැබිය හැකි බව මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්යය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති.රටේ පාලන බලයේ සිටින ප්‍රධානීන් දෙදෙනා එවැන්නක් සිදු නොවන බව ස්ථිරව ප්‍රකාශ කරත්දී තවත් ප්‍රශ්න කරන්නට දෙයක් තිබේ දැයි උන්වහන්සේ එකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට පැවසූහ.පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධණ මහතා ඊයේ (02) පෙරවරුවේ මල්වතු මහ විහාරයට ගොස් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක අතුරු කමිටු වාර්තාව සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂයේ යෝජනා ඇතුළත් ලියවිල්ලක් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේට පිළිගැන්වූ අවස්ථාවේ උන්වහන්සේ මේබව ප්‍රකාශ කළහ.මෙම යෝජනා ඇතුළත් ලියවිල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට ලබාදී තිබෙන බවත් ඒ මහතා කීය.ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ඔබ ඇතුළු කිහිප දෙනකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වල සාමාජිකත්වය දැරූ බවත් බුද්ධාගමට හානියක් හෝ රටේ ඒකීය භාවයට හානියක් වන තීන්දු ගත්තේ නම් ඊට එරෙහි වීමේ අවකාශ තිබූ බවද මහනාහිමියෝ පැවසූහ.ව්‍යවස්ථාවක් රටට එපා කියන මතයේ සිට ක්‍රියා නොකර රටට ගැලපෙන හොඳ ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම වැදගත් බවත් රටට,ජාතියට,ආගමට අයහපත් වන තීන්දු ගන්නේ නම් එම අවස්ථාවේ ඊට එරෙහිව හඬ නගන බවත් මහනාහිමියෝ කීහ.යමක් කරන්නට යන සෑම අවස්ථාකම ඊට විරුද්ධ වන පිරිසක් රටේ සිටින බවත් බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම අත්සන් කිරීමට ගිය අවස්ථාවේද මේ අකාර විරෝධතා මතුවූ බවත් කී මහනාහිමියෝ ඉන් සිදුවූයේ රට අපස්සට යෑම බවද අවධාරණය කළහ.පවතින මැතිවරණ ක්‍රමය අහෝසි කර පැරණි කේවල ක්‍රමය හඳුන්වා දීම ඉතා හොඳ දෙයක් බවද පළාත් සභා තියෙනවාද නැද්ද යන්න නොතේරෙන තරමට ඒවාහි වැඩකටයුතු දුර්වල මට්ටමක තිබෙන බවත් මහනාහිමියෝ කීහ.මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අතුරු වාර්තාව තුළ රටේ ඒකීය භාවයට හා බුද්ධාගමේ ආරක්ෂාවට තර්ජනය වන යෝජනා ඇතුළත්ව තිබෙන බවත් මෙම වගන්ති දෙක වෙනස් කරන්න අත තියන්න එපා කියන නිවේදනයක් නායක හිමිවරු තුන් නමක් පසුගිය සතියේ නිකුත් කර තිබෙන බවත් මන්ත්‍රීවරයා කීය.ව්‍යවස්ථා සම්පාදනය සඳහා පත්කළ කමිටු වල සාමාජිකයින් ලෙස තමන් ඇතුළු පිරිස ඉදිරිපත් කළ යෝජනා අතුරු වාර්තාවට ඇතුළත් කර තිබෙන බවද ඒ මහතා කීවේය.අතුරු වාර්තාව තුළ සිංහලෙන් ඒකීය ලෙසත් දෙමළ බසින් එය ඒකාබද්ධ රාජ්‍යයක් ලෙස දක්වා තිබෙන බවත් කී ඒ මහතා ඉංග්‍රීසියෙන් මෙතෙක් තිබූ යුනිටරි යන්නට වෙනත් වචන වලින් නව අර්ථකතන ලබාදී තිබෙන බවත් හෙතෙම පැවසුවේය.මෙහිදී අදහස් දැක්වූ මහනාහිමියෝ කවුරු කියන එකද පිළිගන්නේ කියන එක ප්‍රශ්නයක් බවත් වැඩිපුර බොරු කියන්නේ කවුද කියන ප්රශ්නය දැන් අහන්න සිදුව තිබෙන බවත් කීහ.ඡායාරූපය-පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මල්වතු මහනාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත් අවස්ථාව |
සීලය හෙවත් සංවර වීම බෞද්ධ මාර්ගයෙහි ආරම්භයයි. සීලයෙන් ආරම්භව සමාධිය හරහා ප්‍රඥාව ලැබීම නිවන් මඟෙහි සරලම දැක්වීමයි. මෙම සීලය මූලිකව කොටස් දෙකකි. එනම් ගිහි සීලය සහ පැවිදි සීලයයි.පැවිදි සීලය මූලික කොටස් 2 කි. සාමණේර සීලය සහ උපසම්පදා සීලය නම් වන එම කොටස් 2 විස්තර කරමින් දේශණා කරන ලද සියළුම දේශණා උපාලි මහරහතන් වහ්න්සේ අග්‍ර වශයෙන් ධරාගෙන සිට උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවෙන් පැවත එන, එම දේශණා සියල්ල ඇතුලත් කොටස විනය පිටකය ලෙසින් වෙනම සංග්‍රග ගතව ඇත. මෙම උපසම්පදා සීලය කෙතරම් සංකීර්ණ සහ ගැඹුරු සීලයක්ද යන්න අදහසක් ලබාගත හැකි දේශණයකි දීඝ නිකායෙහි සඳහන් වන බ්‍රහ්මජාල සූත්‍රය. ඒ පිළිබඳව වෙනම ලිපියකින් සාකච්ඡා කරමු.මෙම ලිපියෙහි විස්තර කිරීමට මූලිකව අරමුණ වන ගිහි සීලයද එදිනෙදා සීලය සහ උපෝසථ සීලය ලෙසින් දෙවර්ගයකි. මෙම සීලයන් පිළිබඳව සූත්‍ර පිටකයෙහි බොහෝ විස්තර සහිත සූත්‍ර දේශණා හමු වෙයි.දිනපතා, පැය 24 පුරාම රැකගත යුතු සීලයයි.මෙම සීලය අප සැවොම දන්නා පංච සීලය, ආජීවක අෂ්ඨමක සීලය සහ බ්‍රහ්මචාරී සීලය ලෙසින් 3කි.’’මහානාමය, යම් දිනක පටන් ප්‍රාණඝාතයෙන් තොර වූයේ වේද, අදත්තාදානයෙන් තොර වූයේ වේද, කාමයෙහි වරදවා හැසිරීමෙන් තොර වූයේ වේද, බොරු කීමෙන් තොර වූයේ වේද, ප්‍රමාදයට හේතුවූ මත්පැන් පානයෙන් තොර වූයේ වේද, මහානාමය, මෙපමණකින් උපාසකයා සිල්වතෙක් වෙයි.’’ගෘහපතිය, සතුන් මරන්නා සතුන් මැරීම නිසා මෙලොවද යම් භයක් සහ වෛරයක් ඇති කෙරෙයිද, පරලොවද යම් භයක් සහ වෛරයක් ඇතිකෙරෙයිද, චෛතසික වූද, දුක් දොම්නස් විඳියිද, සතුන් මැරීමෙන් වෙන්වූවහුට මෙසේ ඒ භය සහ වෛරය සංසිඳුනේ වෙයි.“ගෘහපතිය, මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කරන්නා, මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය නිසා, මෙලොවද යම් භයක් සහ වෛරයක් ඇති කෙරෙයිද, පරලොවද යම් භයක් සහ වෛරයක් ඇති කෙරෙයිද, චෛතසිකවූ, දුක් දොම්නස් විඳියිද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානයෙන් වෙන් වූවහුට මෙසේ ඒ භය සහ වෛරය සංසිඳෙන්නේ වෙයි. මෙසේ මේ පස්වැදෑරුම් භය සහ වෛරය සංසිඳුනාහු වෙත්."මෙලෙසින් පංච සීලයෙහි හික්මීම තුලින් භයට, වෛරයට පාත්රවිය හැකි ගැටළු 5කින් මිදිය හැකි බව බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙන සේක. එය පංච සීලයෙන් ලැබිය හැකි මූලිකම ප්‍රතිලාභයයි. එනම් තමාට හෝ තමා නිසා අන් අයට භය සහ වෛරය ඇති වන කරුණු 5න්ම මිදී මානසික සැනසීම උදාකරගත හැකි වීමයි.මෙය කරුණු 8කින් සමන්විත, ආර්ය ශ්රාවකයා විසින් රැකියයුතු යැයි නිර්දේශිත, පංච ශීලයට වඩා පියවරක් කුශලය දෙසට නැඹුරු වුනු සීලයකි.මෙම සීලය රකිනු කැමති ගිහියා පංච සීලයේ එන කාමය වරදවා හැසිරීමෙන් වැලකීම කියන සිල් පදය වෙනුවට, අබ්‍රහ්ම චරියාවෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙයි. එනම් මෙම සීලය සමාදන්ව සිටින තාක් කල් බ්‍රහ්ම චරියාවෙන් යුතුව වාසය කරයි. එහිදී බ්‍රහ්මචාරී සීලය මෙසේය.මෙහිදී කැමතිනම් අජීවක අෂඨමක සීලයේ සිල්පදයන්ද, තෙවන සිල් පදය අබ්‍රහ්මචරියාවෙන් වැළකීමේ ලෙස සිල්පදය සමාදන් විය හැක."විශාඛාවෙනි, අංග අටකින් යුත් පෙහෙවස් සමාදන්වූයේ මහත්ඵල වේ. මහත් ආනිශංස වේ. මහත් ආලෝක ඇත්තේ වේ. මහත් පැතිරීම් ඇත්තේ වේ.1. ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ සතුන් නැසීම හැර දමා, සතුන් මැරීමෙන් වෙන්වී, බහා තැබූ දඬු ඇතිව, බහා තැබූ ආයුධ ඇතිව, ලජ්ජා ඇතිව, දයාවට පැමිණ, සියලු ප්‍රාණභූතයන්ට හිත අනුකම්පා ඇතිව වසත්."මමත් අද මේ රැය, මේ දවස, සතුන් මැරීම හැර දමා, සතුන් මැරීමෙන් වෙන්ව, බහා තැබූ දඬු ඇතිව, බහා තැබූ ආයුධ ඇතිව, ලජ්ජා ඇත්තේ, දයාවට පැමිණියේ, සියලු ප්‍රාණභූතයන්ට හිත අනුකම්පා ඇත්තේ වසමි."මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේය" යි මේ පළමුවන අංගයෙන් යුක්තවූයේ වෙයි.2.ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ අනුන් දුන් දෙය ගැනීමෙන් තොරව, දුන් දෙය ගන්නේ, දුන් දෙය බලාපොරොත්තු වන්නේ, ඉක්බිති මේ පිරිසිදුවූ ආත්මයෙන් වෙසෙත්ද,3. ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ කාම සේවනය හැර දමා බඹසර රකින්නේ (කාම සේවනය නොකරන්නේ) දුරුව හැසිරෙන්නේ, දෙදෙනෙකුගේ හැසිරීමවූ ගමුන්ගේ ක්‍රියාවෙහි නොඇලුණේද,4. ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ බොරුකීම හැරදමා, බොරු කීමෙන් වෙන්වූයේ, ඇත්ත කියන්නේ, ඇත්තට බැඳී ඇත්තේ, ඇදහිය යුතුවූයේ, විශ්වාස කළ හැකි වූයේ, ලෝකයාට නොගැලපෙන කියුම් නැත්තේ වෙත්.5. ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ රා මෙර මත් ද්‍රව්‍යයන්හි පමාව සිටීම හැර, රා මෙර මත් ද්‍රව්‍යවල ප්‍රමාදව සිටීමෙන් වෙන්වේද,7. ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ නැටීම්, ගී කීම්, බෙර ගැසීම්, උසුළු විසුළු බැලීම්, මල්දම් සුවඳ විලවුන් දැරීම, පැළඳීම, සැරසීම යන කරුණු වලින් වැළකුණේ වෙයි.ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ උස් අසුන්, මහ අසුන් හැර, උස් අසුන් මහ අසුන්වලින් වෙන්ව, මැස්සක හෝ, තණ ඇතිරියක හෝ, පැදුරෙහි නිදීම කරන්නේ වේද,.....මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේයයි.මේ අටවැනි අංගයෙන්ද යුක්තවූයේ වෙයි."මහණෙනි, අංග අටකින් යුත් පෙහෙවස් සමාදන්වූයේ මහත් ඵලය. මහානිශංසය. මහත් ආලෝක ඇත්තේය. මහත් පැතිරීම් ඇත්තේය"මෙම පෙහෙවස් සමාදන් වීමේ හෙවත් උපෝසථයේ වැදගත්කම නම්, එදා වෙනදා මෙන් නොව රහතන් වහන්සේලා අනුගමනය කරමින්, උන්වහන්සේලාගේ ගුණ සිහි කරමින්, "ඒ ගුණධර්මයන් මා තුලද වඩවා ගනිමී, ඒ වෙනුවෙන් අද දවස වෙහෙසෙමී" යන අධිෂඨානයෙන් යුතුව, දවස පුරාම, දිවා රාත්‍රී දෙකෙහිදීම ධර්මයේ හැසිරීමට, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අංග පුරුදු කිරීමට වෙහෙසීමයි.නිති පන්සිල්, පොහොය අටසිල් ලෙස බෞද්ධ සමාජය තුල සීලය එදිනෙදා ජීවිතයේ අංගයක් වූවා සේම පොහොය දිනය විශේෂ වූයේද මෙම සීලය මූලික කොට සැලකූ නිසාවෙනි."මාගේ මේ ශ්‍රි සද්ධර්මය බබළන්නේ විවෘත වූ විටය. ආවරණය වූ විට නොවේ" ශ්‍රී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ක්‍රි:පූ: 26-19 වලගම්...රුවන් වෛද්‍යතුමා ලියන ට්‍රාන්සිල්වේනියා බ්ලොග් අඩවියේ පුනරුප්පත්තිය/ පුනර්භවය සත්‍යද ලිපියට අදාලව අසමි දකිමි සොයමි බ්ලොග් අඩවිය ලියන විච..."බුදුරජාණන් වහන්සේද සාමාන්‍ය මනුෂ්‍යයෙකි" යන්න නිතර සමාජයේ අසන්නට ලැබෙන දෙයකි. නමුත් එය එසේමද? එදා භාරතීය සමාජයේ ඇතිවූ මෙම ප...පොල්කිච්චන් සහ කවුඩු පනික්කියන් යනු දිලිසෙන දේවල් එකතු කිරීමට ඉතාම කැමති කුරුල්ලන් දෙදෙනෙකි. මෙවැනිම තවත් කුරුල්ලන් කීපදෙනෙක්ම සිටිති. ම...කාලි යන නම ඇසූ පමණින්ම සිහියට නැගෙන කාලි දෙවඟන සහ කලියුගය පිළිබඳව බොහෝ දෙනා දන්නා බැවින් මේ උත්සාහය ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නොවේ. පරිගණ...රැකියාවකදී වන වෘත්තීය හමවක් වේවා, සමාජීයව සිදු වන හමුවීමක් හෝ වේවා දෙදෙනෙක් ප්‍රථම වරට හමුවූ විට එකිනෙකා පිළිබඳව විමසිලිමත් වීමත්, එකින...කාල් බෙන්ස් විසින් 1886 ප්‍රථම අභ්‍යන්තර දහන එන්ජින් ( Internal Combustion Engine) සහිත මෝටර් රථය එලිදැක්වීමෙන් වසර 130කට පසු මේ වන විට...මේ විස්තරයද දේශීය වෛද්යාචාර්ය ඇල්ලියද්දේ දයාරත්න වෙදමහතාගෙන් දැනගත් තොරතුරු සහ තවත් අන්තර්ජාල මූලාශ්‍ර ඇසුරෙන් සකස් කරන ලද්දක්. ස්නානය...කර්නල් සැමුවෙල් ට් රවුට්මන් : " මේ පිස්සු යකා .... රැම්බෝ .... " " රැම්බෝ ... ඒක කරන්න එපා .. මං කියන ...කඨින චීවර පූජාව නමින් කවුරුත් දන්නා වැසි සළු පූජාව අතීත ශ්‍රී ලංකාවේ සිදුකරන ලද අයුරු පිළිබඳව කතා පුවතකි මේ. අනුරාධපුර ප්‍රදේශයේ එක්තර... |
You are here: Home / ‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල / නෙළුම් යාය බ්ලොග් සම්මාන 2016 වසර සම්මාන ලාභීන්දෙවන ස්ථානය – පාසල් විෂය නිර්දේශයේ මහා හිඩැස බ්ලූ ෆිල්ම් වලින් පුරවමුද? | කැලේ පිපුණු මල් | වත්සලා විජේරත්නතෙවන ස්ථානය – ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ සිට ශ්‍රීමත් මදන මෝදකය දක්වා | කුරහන් හේන | කුරහන් හේනේ මල් මල්ලීදෙවන ස්ථානය – සංනිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) කොටස් 1-23 දක්වා | The Tech Croach Cyber | Tek Croachප්‍රථම ස්ථානය – සිරිල් සී. පෙරාරේ : පරිවර්තන සාහිත්‍ය වංශයේ ස්වර්ණමය පරිච්ඡේදයක නිමාව | පාඨයකාගේ පිටුව | ප්‍රභාත් චින්තක මීගොඩගේපෙර ටසිරිලක සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ රාජ්‍ය විචාරන කල්හී සිදුවන්නට යෙදුනා වූ මහා රථාභිවාතක ව්‍යාධි කතාවත්තුව මෙසේ අරඹන්නාහ..පෙර ටසිරිලක සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ තම රාජ්‍ය සරලව සාමෙන් විචාරන්නාහ.. පෙර මහින්දෝත්තම අධිරජාණෝ රාජ්‍ය විචෑරූ සමයෙහි මෙන්මැ මහජනතාවෝ මවට හොරෙන් බැටර් කටගෑ දරුවෙකු මෙන් බෝ සංතෘෂ්ඨියෙන් මේ ආදරයයි බලා දිවි ගෙව්වාහ.. රවිචන්ද්‍ර කාරුණික මහාමාත්යයාගේ පූර්ණානු දැනුමින් සකල කහවණු බදු වලින් නිදහස්ව සිටි ජනතාවෝ වංක බිරියගෙන් ඩිවෝස් වූ ස්වාමිපුරුෂයෙකු මෙන් ණය බරද බදු බරද රහිතව කල් ගත කළාහ.. ඇතැම් පුරවැසියෝ අමාත්‍යාංශ ඉදිරිපිටට පැමිණ අපෙන් බදු ගන්නැයි කියා බලහත්කාරයෙන් කහවනු මළු විසිකර ගියාහ..තුන් වේලටම ෆ්‍රයිඩ් රයිස් කමින් උස ජනයා සිකුරුටිද මිටි ජනයා කම්මකාර ද සුදු ජනයා හුණු කර්මාන්තයේද කළු ජනයා නොරොච්චෝලේද සේවා කරමින් සුඛිත මුදිතව සේවය කළාහුය..මෙසේ මෙත්පල් නිරිඳුන්ගේ සමයෙහි මහජනතාවෝ මරාගෙන මැරෙම බෝම්බයක් පුපුරවා ස්වර්ගස්ථව කන්‍යාවන් දෙසැත්තෑවක් සමගමැ සුව විඳින තලේබානුවෙකු මෙන් සුවෙන් සැපෙන් විසීමටැ හේතුව වි නම් මෙත්පල් සිරිසන් නිරිඳානන්ගේ අමාත්‍ය මණ්ඩලයේ ඇමතියන්ගේ දාහය මහන්සියේ ප්රතිඵලයෝමය..පෙර මෙන් එකසිය ගණනින් නොවැ මහා අල්මාරි පසෙකලා හොඳපාලන කුඩා අල්මාරියේ සිටියේ ඇමැතියෝ පන්විස්සකි.. ඒ ඇමැතියෝ දිනෙක රන්සළු පළඳා සඳ නැති වේලාවේද.. පසු කරමින් මහ බඩ වැටි ඕවිටි කලර් ලයිට් ද.. පාළු සොහොන් පිටි තේ වතු රබර් වතුද.. ගල් මුල් වල පය පැටලිලි හැපි හැපි අනේක විද දුක්ඛ දෝමනස්සයෝ විඳිමින්මැ අයින් වෙලා පයින්ද.. මැදට වෙලා කෙලින්ද ගමන් කරමින් පෙර මහින්දෝත්තමයන්ගේ සමයෙහි ධවල රත වලින් ජනතාවගේ සුව දුක් සොයා බැලුවාක් මෙන්මැ රටවැසි දණන්ගේ සුවදුක් විචෑරීය..මහා ගංගා පිටාරයකදී වුවද.. රුදුරු පර්වත වැටීමකදීද පිටසක්වලින් කශල ලෑ මොහොතකදීද ඇමැතියෝ මියගියවුන්ටත් පෙර එතැනට පැම්ණ සුව සලසා ජනයා දුකින් මුදවාලීය..මෙසේ ඇමැතියෝ කප් සුවාසූ දහසක් දුක් විඳැ වෙනත් රාජ්යන්ගෙන් කහවණු පගෝධි ගණනින් දීමට ඇරැයුම් කරද්දී යාන වාහන ජාතික දිසාපාමොක් මණ්ඩප පවා අඩමස්සකුදු ගණනකට නොගෙන තම දේශයේ ජනයාගේ සුවදුක් විචාරන දෙණියාය ජීවකයාණන් කෙනෙකු මෙන් රටවැස්සෝටම සෙත් කරමින් කල් ගත කරන කල්හී ජනතා සේවයටම ගිය උනුන්ට නොයෙක් ආබාධයන්මැ ඇතිවීය..එක් ඇමැතියෙකුගේ පශ්චාත්භාගයෙන් කොන්දේරුදා නම් දරුණු සත්වයෙකු ඇතුළු වී ශරීරකෘත්‍යය කිරීමට පවා නොහැකි වන්නාහ.. තවත් ඇමැතියෙකුගේ උණ්ඩුකපුච්ඡයට මස්තලුංගබෝජක නම් මොළය කා දමනා පණුවෙකු ඇතුළු වී මොළය ආහාරයට ගන්නට වන්නාහ.. තවත් වෙද ඇමැතියාගේ මුඛයෙහි සුනඛයෙකු බිජු ලෑම නිසා හේ ගොලු වන්නාහ.. සීනගප්පාරු රාජ්‍යට ගොස් එහි දිව්‍ය වෙදැදුරන් ලවා සුව කරගන්නැයි මහජනයා හඬා වැටී කීවිට මාගේ මේ ව්‍යායාමය කිසි කළෙකත් මවුන්ට් එලිසබෙත් යාමට නොවේ..රටවැස්සාගේ සුවයමැයි කියා පුස්කොළයක ලියා දී ජනතා සේවයෙහි යෙදුනාහ..මෙසේ භගන්දරාභාදද.. ඩෙංගුද.. හිස රුදාද.. ගලපටලය, කක්කල් කැස්ස, ආදී අටඅකෞෂණියක් රෝගාබාධයන්ගෙන් අමාත්‍ය මණ්ඩලයම රෝගී වන්නාහ..මෙසේ දිනකැ සියල්ලෝටම එකමැ රෝගයක් වැලඳිනි.. දහයේ රින්සෝ එකක් දමා කැලැතු කල පෙණ උතුරන්නාක් මෙන් කටින් පෙණ වගුරවිමින් ගැහෙමින් එකවරම බිම හොත්තේය..වහා සයිටමාරෝග්යශාලාවට ඇතුලත් කරන ලද කල්හී රෝග විනිශ්චයෙන් කියැවූයේ ” රථාභිවාතක ” නම් භයානක රෝගය වැළඳී ඇති බවයි..මෙයින් ගැලවුණේ නම් ඒ චාතූර්ය සෙනරතාණන් පමණි.. ඒ ඔහු අමරණීය නිසාවෙනි.. ඔහුගෙන් ගන්නාලද කෙල ස්වල්පයකින් එන්නතක් සාදා පොවා රෝගය සුව කළාහ…ඉදින් මේ පුවත් අසා නවකවදයෙන් දැයේ දරුවන් රැක්මට සටන්වදින අන්තරය මෙන් ජනතාවෝ ලිප්ටන් වටරවුමට පැමිණ එහි බිම හිඳ ඉදින් අපට සෙත් පතා කටයුතු කළේ මේ ඇමැතියෝමයැ.. උනුන් මෙසේ රෝබියෙන් ඇලැලී ගියේමනම් ඒ අප නිසාමය. ඉදින් උන් මේ රථාභිවාතක රෝගයෙන් ගලවාලන්නයැයි කියා දෙවියන්ට කන්නලව් කරන්නට වන්නාහ..සක් දෙවිඳුගේ පඬුපුල් අසුන වෙනත් ගැහැණු ළමයෙකුගේ පොටෝවකට තම පෙම්වතා විසින් දැමූ නයිස් පික් ඩියර් කොමෙන්ටුව දුටු පෙම්වතියකගේ දෑස මෙන් ගිණිගෙන දැවෙන්නට විය..සිය පශ්චාත්භාගයෙන් නැගි දියපට්ටාව අතගාමින් විමසු කල්හී ටසිරිලක ඇමැතියන්ගේ රථාභිවාතක රෝබිය දැක බටහිර කුමන්ත්‍රණයක් දුටු විමලානන් මෙන් කෝපාග්නියෙන් දැවීඑසැණෙහිම සකල ටසිරිලක ඇමැතියෝට ඖඩියෝද.. බෙන්සාද.. ජගුවරාද.. ප්රාඩෝමොන්ටේරෝ ආදී නේක රථ හස්ති ආල තෙරුන්ගේ මැතිණියාරාමයෙහි ඇත්පැටවා පහළ වූවාක් මෙන් පහළ විය.. |
ඔන්න ඔයාලට අපි දුන්න පොරොන්දුව ඉටු කරන්න යන්නේ..මේ සැරේ තියන colombo motorshow එක බලන්න අපි ටිකට් දෙනවා කිව්වනේ.ඔන්න ඒ ත්‍රෙඩ් එකේ ඒ ගැන අදහසක් දක්වපු ටිකට් ඉල්ලපු හැමකෙනාටම අපි ටිකට් දෙන්න හදන්නේ..තනියම නෙමෙයි තව ඔයාගේ යාලුවෝ දෙතුන් දෙනෙක් එක්කම යන්න පුලුවන් වෙන්න ටිකට් අපි ගෙදරටම එවනවා.ෆෙස්බුක් එකේන් වගේම අපේ වෙබ් අඩවියෙන් මේකට සහයෝගේ දිපු හැමෝටම ස්තුතියි.දිනපු අයගේ නම් සේරම පහත අපි දානවා..හරියම කිව්වොත් අපි ප්‍රවේශ පත්‍ර 100 කට ආසන්න සංඛ්‍යාවක් ඔයාලට නොමිලේ දෙන්න කටයුතු කරනවා.ඒ අයට අපේ Tictic Moderator ට පණිවිඩයක් යවලා ඔයාගේ ජයග්‍රාහනය තහවුරු කරගන්න තමයි තියෙන්නේ.පුලුවන් ඉක්මනට අපිට දන්වලා එවනවනම් හොදයි එතකොට ටිකට් ටික ගෙදරටම අපි එවන්න කටයුතු කරනවා.27 වන දිනට ප්‍රථම ඔයාලාට ටිකට් ලැබුනේ නැත්නම් ඒ පිලිබද දන්වලා එවන්න..මේ අපේ ආරම්භය පමණයි කවදාවත් වෙබ් අඩවියකින් නොදුන් ගොඩක් දෙවල් ලගදිම අපේ සමාජිකයන්ට අපි ලබා දිමට සුදානම්.zoom.lk හැමදාටම ඔයාලගේම වෙබ් අඩවියයි.මෙහි සදහන් කර තිබෙන්නේ මෙම http://www.zoom.lk/forums/events/101...ow-2011-a.html ත්‍රෙඩ් එක තුල ප්‍රවේශ පත්‍ර අවශ්‍ය කියා සදහන් කල අවම වශයෙන් පොස්ට් 50ක් ඉක්මවු සමාජිකයින් ගේ නම් පමණි. |
Neth Gossip - Lanka Gossip News | Gossip Lanka | Neth FM | Gossip : " එයා අඳින බ්‍රෑන්ඩඩ් කලිසම් , බෙල්ට්ස් ඔක්කොම මම අරන් දීපුවා, මම එක්ක ඉද්දිම වෙන ගෑනු ගෙදර තියාගෙන හිටියා" රොෂාන් පිලපිටියගේ කලින් පෙම්වතිය සුනාලි හෙළිකල රහස් .!" එයා අඳින බ්‍රෑන්ඩඩ් කලිසම් , බෙල්ට්ස් ඔක්කොම මම අරන් දීපුවා, මම එක්ක ඉද්දිම වෙන ගෑනු ගෙදර තියාගෙන හිටියා" රොෂාන් පිලපිටියගේ කලින් පෙම්වතිය සුනාලි හෙළිකල රහස් .!ප්‍රවීන රංගන ශිල්පී රොෂාන් පිලපිටිය සහ නිරූපන ශිලිපිනයක් මෙන්ම රංගන ශිල්පිනියක වන රිද්මා දිසානායක නව දිවියක් ආරම්භ කළ පුවත අප ඔබට මින් පෙර වාර්තා කළා. රොෂාන් - රිද්මා ආදර කතාව එලෙසින් ප්‍රසිද්ධ වද්දි මෙම ආදර කතාවට සම්බන්ධ තවත් චරිත ප්‍රසිද්ධ වීමට වූවා.ඒ අතරින් සුනාලි රත්නායක ප්‍රධානයි, රොෂාන් පිලපිටියගේ කලින් පෙම්වතිය යැයි කියන සුනාලි , තමන්ට සිදුවූ අසාධාරණය පිළිබදව මුද්‍රිත මාධ්‍යයක් සමග සංවාදයකට එක් වෙමින් හෙළිකර තිබුණා.ඔව්, මම මීට කාලෙකට කලින් සන්ඩේ ලීඩර් පුවත්පතේ මාධ්‍යවේදිනියක් ලෙස රැකියාව කළා. ඒ කාලෙ කලාව වෙනුවෙන්ම නොවුණත් වෙනත් ක්ෂේත්රවල ලිපි ලිව්වා.කැලිෆෝනියාවේ පැට්‍රිෂියා ස්ටුර්ලා ළග තියෙන ප්‍රසිද්ධ රූපලාවණ්‍ය ශිල්පය මෝස්තර නිරූපණය වගේම රංගනය ගැන හැදෑරීමක් කළා. ලංකාවට ආවේ වරින්වර. මම දේශපාලන විද්‍යාව උපාධිය කළා. ඊට පස්සේ කවර් පේජස්වලට ඡුායාරූප කළා. රෑම්ප් මොඩ්ලින් කිහිප වතාවක්ම කළා. ඔය අතරෙ 2009 නිවාඩුවට ආවහම සද මැදියම ටෙලි නාට්‍යයේ රගපෑවා.එයා ඒත් අපේ අම්මගෙ පැත්තෙ නෑයෙක්. අපි ගමේ යද්දි අපේ අම්මලයි, එක්ක මෙයා එහෙ ඉදලා තියෙනව. ඒත් මම එයාව ගොඩක් දන්නෙ නෑ. සුමිත්‍රා පීරිස් ආරාධනා කරපු චිත්‍රපටයක රූගත කිරීම් බලන්න තැනකට ගිය වෙලේ එයාව මට අහම්බෙන් හම්බවුණා.ඇත්තටම අපි ආශ්‍රය කළා. ඒ වෙනකොට මම වගේම එයත් කලින් සබදතා තිබිලා. මම කලින් විවාහයෙන් වෙන්වෙලා හිටියේ. එයත් එහෙමයි. ඉතින් අපි අතර ගොඩක් කතාබහ වුණේ දුරකතනයෙන්.එහෙම අය ඇති. ඒත් මම එහෙම නෙවෙයි. මම මේ ක්ෂේත්රය ගැන ගොඩක් දන්නෙ නෑ. මට එහෙම කරගන්න ඕනෑ නම් ලංකාවේ ඉද්දිම සබදතා ගොඩනගාගන්න තිබුණ. මට ඕනෑ වුණේ හොද කෙනෙක්. මොකද ඒ වෙනකොට මාව යම් තරමට දැනගෙන හිටියා.මගේ ගම කුරුණෑගල. ඒත් අවුරුදු දාහතක්ම හිටියෙ ඇමෙරිකාවේ. ඉතින් ඔය නළුවගෙ අතීතය ගැන මම එච්චර හිතුවේ නෑ. මම හිතුවේ එයා වෙනස් වෙයි කියලා. මුල්ම විවාහයෙන් ඉවත් වුණාට පස්සේ එයා කීවේ කලින් බැදල හිටිය රංගන ශිල්පිනියගේ වැරැදි. අනික මම විශ්වාස කළේ එයා කියපු දේවල් විතරයි.දැන් මට හිතෙනව එයාව විශ්වාස කරපු එක අපරාධයක් කියලා. අනික් කාරණය ගොඩක් අය කිව්ව දේවල් මම විශ්වාස කළේ නෑ.මම එයා වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කළා. ඇමෙරිකාවේ කිහිපවතාවක්ම එක්ක ගිහින් ලෝකෙ තියෙන හොදම සංගීත සන්දර්ශන බැලුවා. එයයි මමයි දෙන්නම රොක් මෙටිල් මියුසික් ගොඩක් ආසයි.අපි දෙන්නා කතා කළේ ෆෝන් එකෙන් විතරයි. විටින් විට ලංකාවට ආවා. ඔය අතරේ එයාව බර්ත්ඩේ සප්‍රයිස් දීලා පුදුම කළා. හැබැයි එයා මට එහෙම කළේ නෑ. අනෙක් කාරණාව එයා ඔය ෆොටෝ ෂූට්වලට දාන බ්‍රෑන්ඩඩ් කලිසම් බෙල්ට්, ෂර්ට් ඔක්කොම අරන් දුන්නෙත් මමයි.මම වරින් වර ලක්ෂ ගාණක් එයාට දීලා තියෙනවා. ඒව ඕනෑම තැනක ඔප්පු කරන්න බැංකු ස්ලිප් තියෙනව. දැන් දුන්නෙ නෑ කියන්නෙ කොහොමද, අනික මැලේසියාවේ ගිහින් මම අපි දෙන්නගෙ Pre වෙඩින් ෂූට් ඇල්බම් එකක් කළා. ඒකට ලොකු වියදමක් ගියා. එයා මාව බදින්න නොහිටිය නම් එහෙම වෙයදි. අනික මම ආපහු සල්ලි ඉල්ලද්දි මෙයා මට ත්‍රෙට් කළා.අපේ අම්මා කාලයක් අසනීපෙන් හිටියෙ. එකපාරක් එයාගේ හොරයක් අතට අහුවෙලා අහද්දි මට ගහලා අයි.සී.යූ. එකේ හිටියෙ. ඒ වෙලාවේ මට උදව්වට හිටියෙ රොෂාන්ගෙම යාළුවො දෙන්නයි. තව මට ගහපු පාරකට ඉස්සරහ දතක් මැරිලා. අම්මා මේ කිසිම දෙයක් දන්නෙ නෑ.මාත් එක්ක ඉන්න කාලෙදිම ගෑනු කිහිපදෙනක්ම ගෙදර ගෙන්වගෙන මෙයා ළග තියෙන කාන්තාරෙ කුසුම පොතේ කතාවෙන් අපි නාට්‍යයක් කරනවා කියලයි හැම ගෑනු කෙනෙක්ම ඇවිත් තියෙන්නේ. එකපාරක් මම එද්දි රඹුක්කන ගෑනියෙක් එයාගෙ බඩුත් අරගෙන ඇවිත් පදිංචිවෙලා. අම්මගෙ මළගෙදර ඉවර වෙලා ගොඩක් කල් කුරුණෑගල ඉන්නව කියල හිතල තව ගෑනියක් ගෙන්වගෙන. මෙයා නුගේගොඩ සිංහල කාන්තා ඉස්කෝලෙක ෆර්ෆෝමින් ආට් උගන්වන වේදිකා නිළිය එක්කත් සම්බන්ධ වෙලා ඉදලා තියෙනවා. එයා ක්ලබ් ගිහින් බොන කෙනෙක්. 2014 ඔහු මාවත් ඒ වළට යොමු කරන්න උත්සාහ කළා.ඒ රටේ පිරිමි ඔය වගේ වෙනත් සබදතා ඇති කරගන්නව නම් ඒ ගැන කියල කලින් සම්බන්ධවලින් අයින් වෙනවා. එයාලා ගොඩක් විවෘත මිනිස්සු. අනෙක වැරැදි කළොත් දඩුවම් සැරයි.‘ඊළඟ ඡන්දයෙන් පත්වෙන අගමැතිගේ මුහුණට ජනපති අකමැති වුවහොත් ඔහුවත් ඉවත් කරනවාද ‘ සුමන්දිරන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැනයක්..!''මෛත්‍රිපාල සිරිසේන මහතාට අපි හොඳ පාඩමක් උගන්වනවා'' අලුත් සළකුණකින් දේශපාලනයට එන්න සැරසෙන රාජිත කියන කතාව...!‘‘ අඩෝ හූ කීවේ කවුද ? උඹට ඉස්සෙල්ලා මම අධිකරණයට ආවේ..‘‘ - ශ්‍රේෂ්ඨාධිකරණයේදී ලැබුණු හූ සංග්රාහයෙන් වාසු යක්ෂාවේස වෙයි (VIDEO) |
රටවල්වල මිනිස්සු ඉන්නවා නෙමෙයි, මිනිස්සු කියන්නෙ රටවල්.. ඒත් මට තේරෙන්නෙ නැත්තෙ රටවල්වලට යුද්ධ කරන දුර්ජනයන්ට මිනිස්සු කියන එකයි.. මගේ ගෙවත්තෙ පුංචි මල් උයනෙ ඉන්න කොට කුණුවලට ආදරය කළ පුංචි ගැහැණු ළමයාව කොච්චරක් මතක් කරන්න පුළුවනිද? මම කි...අරණකට පෙම් බැඳ ගද්‍ය කාව්‍යය මා හද තුළ ඉපැද වූ රසභාව අපමණය. එහෙත්, එය කෙසේදැයි කිවීමට වචන සොයාගත හැක්කේ කොහෙන්ද? Bibhutibhushan Bandyopadhyay අරණක නොවිසූ අරණක් දැන හඳුනා නොගත් කෙනෙකුට එහි සෞන්දර්යය කෙසේ පවසම්දෝයි ළත වූවාක් මෙන්ය, එහි රස...දිගාමඬුල්ලේ ආශ්චර්යය කියවන කල්හි වන පෙත නැවුම් සුළං රැළින් ම'හද ජීවය ලබන්නා මෙන් හැඟිණි, පිරිසුදු හරිත තුරු පත් මා මුහුණ ගෑවෙමින් මිහිරි හඬින් මා ආමන්ත්‍රණය කළේය.රළ ආවේය; මුහුද දෙබෑ කරගෙන ආවේය; වැටකෙයියා ගොමු පෙළ පෙළා ආවේය. ඒ රළින් මා වැසී ගියේ.. සියලු මිණිමුතු පත්ල කිමිදිණ. හදෙහි නිදන්ගතව තිබූ ස්නේහය රළක් මෙන් දැන් නැඟී එයි. මම රළ මඟ නොහරිමි; එහි කිමිදෙමි.. බිඳෙන් බිඳ එය මා සුවපත් කරනු ඇත.. ස්මර...කලාතුරකින් කෙනෙකුට විශේෂයක් කළ හැකි බව, වැරෙන් අත මිරිකා ආදරය කිව හැකි බව, මරණයට වඩා ජීවිතය උතුම් බව, නොනවතින වීර්යය පව්ලූෂා, ඔබ සාමාන්‍ය මිනිසෙකි; එහෙත්, මට වීරයෙකි.වෛරයක් හා බැඳෙන ආලයට වඩා අතිශය විරහව පවා මම අගය කරමි. ප්‍රේමයක සිරගත වන්නෙකු පවා ආලෝකයෙන් මිදී යන කල, ප්‍රේමයත් වෛරයත් හා එකට මුහුවන්නෝ පහන් බව කරා වැටුණු මාවතද අහිමි කරගන්නෝය. සාහිත්‍ය රසය ඇත. පරිසර වැනුම් කදිමය. එහෙත්, චරිත මා හද ඇද බ...ෂසිකා අමාලි මුණසිංහ නම් වූ මා විසින් කඳු ගිරි බෙයඳක කැටයම් කර සුරක්ෂිත කරන ලදී. Watermark theme. Theme images by zbindere. Powered by Blogger. |
ජනවාරි 17 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ මුල් පිටුවේ පළවූ ප්‍රධාන ප්‍රධාන වාර්තා දෙකක් පිළිබඳ මගේ අවධානය යොමු වෙයි:(1) ‘‘පිරිමින්ට පුළුවන් නම් බාර් පාලනය කරන්න සහ බාර්වල වැඩ කරන්න, ගැහැනුන්ටත් පුළුවන් වෙන්න ඕනේ’’- පළාත් සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා‘‘මත්පැන් හල් විවෘතව තබන වේලාව දිග් කිරීම සහ මත්පැන් විකිණීම අපේ සංස්කෘතියටත් සාරධර්මවලටත් විරුද්ධයි’’- අතුරලියේ රතන හිමි.මත්පැන් හල්වල ගැහැනුන් වැඩ කිරීම සහ මත්පැන් හල් වැඩි වේලාවක් විවෘතව තැබීමට පක්ෂව කතා කොට තිබූ සරත් ෆොන්සේකාගේ මතය, ගැසට් නිවේදනය ඉල්ලා අස් කර ගත් මහින්ද සමරසිංහ විසින් නිෂ්ප්රභා කොට ඇත. මේ ආණ්ඩුව මීට පෙරත් ඇතැම් නිශ්චිත තීන්දු ගැනීමෙන් අනතුරුව ඒවා ඉල්ලා අස්කර ගත් අවස්ථා එමට ඇතත්, මගේ අදහස් දැක්වීම මෙම කාරණයට පමණක් සීමා කරමි.ප්‍රතිපත්තිමය තීරණ ගැනීමෙන් සහ ඒවාට අදාළ නීතිරීති/රෙගුලාසි ඇති කර ගැනීමෙන් අනතුරුව එම තීරණ ආපස්සට හැරවීම, ඉල්ලා අස්කර ගැනීම හෝ සංශෝධනය කිරීම මේ ආණ්ඩුවේ ගොබ්බ ඇබ්බැහියක් වී ඇත. විවිධ කාරණා සම්බන්ධයෙන් වන අධිෂ්ඨානය සහ කැපවීම අරභයා ආණ්ඩුව දක්වන චපල බව මේ කරුණුවලින් විසද වෙයි. ගැසට් මාර්ගයෙන් දැනුම් දීමට කලින් මෙවැනි ප්‍රතිපත්තිමය තීන්දු සහ ක්‍රියාකාරකම් පිළිබඳව කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡුා කොට අනුමත කර ගන්නේ නැතිවාවත් ද? මන්ද යත්, ඒ හැම තීරණයක්ම අපේ සංස්කෘතියට සහ සාරධර්මවලට පටහැනි බව මොවුන් දැනගන්නේ යම් කලක් ගතවීමෙන් පසුව වන බැවිනි.දේශපාලඥයන් සේම ආගමික පාර්ශ්ව විසින් ද කරනු ලබන මේ සාර්වත්රික සජ්ජායනා තුළ ඇති බොල් බව, පාරට බැස්සොත් කෙනෙකුට ඇස්පනාපිට දැක ගත හැකි වනු ඇත. මෙසේ උඩ දමනු ලබන සංස්කෘතිය සහ සාරධර්මවල ස්වභාවය, සාමාන්‍ය මිනිසා සම්බන්ධයෙන් පමණක් නොව, උගත් යැයි සැලකෙන සහ සංස්කෘතික යැයි සැලකෙන පිරිස් වෙතින් ද විද්‍යමාන වෙයි. ඔවුන්ගෙන් සියයට 90 ක්ම අසංස්කෘතික යැයි ද, අශිෂ්ඨ යැයි ද කීමට මම නොපැකළෙමි. මහ පාරේ යන වෛවාරන්න පොදු ජනතාව සේම වාහනවල යන එන්නන් ද කියාපාන්නේ අපේ ජාතික සංස්කෘතියේ සහ සාරධර්මවල තරමයි. ඒ අනුව, අපේ දේශපාලඥයන්ගේ සහ ආගමික පූජකයන්ගේ දේශනා හුදෙක් කුහකත්වය මිස වෙන දෙයක් නොවන බව පැහැදිළි වනු ඇත.සරත් ෆොන්සේකා කියන කතාව ටක්කෙටම නිවැරදි ය. මත්පැන් හල්වල වැඩ කිරීම ගැහැනුන්ට තහනම් කිරීම අවිචාරවත් සහ මූලික ප්රජාතන්ත්රීය අයිතීන් උල්ලංඝණය කිරීමක් නොවන්නේ ද? ඔවුන්ට එම අයිතිය පැවරීම අපේ සංස්කෘතියට සහ සදාචාරයට පටහැනි යැයි කියන දේශපාලඥයෝ සහ ආගමික නායකයෝ, මැද පෙරදිග කඹුරන අපේ ගැහැනුන් ගැන කටක් නාරිති. එම ගැහැනු ෂීක්වරුන්ගේ වැසිකිළි පවා සෝදති. එහිදී අපේ සංස්කෘතිය සහ සදාචාරයට වඩා වටින්නේ මුදල ය. ඔවුන් එවන ඩොලර් කාසි නොවන්නට අපේ ආර්ථිකය කඩා වැටෙනු ඇත. එසේ තිබියදී, අනුන්ගේ සංස්කෘතියට වඩා අපේ සංස්කෘතිය විශිෂ්ට යැයි කියන දේශපාලඥයන් සහ ආගමික නායකයන් කුහකයන් නොවන්නේ ද?අමාත්‍ය මහින්ද සමරසිංහ විසින් ඉහත කී ගැසට් නිවේදනය ඉල්ලා අස්කරගෙන ඇත්තේ, රාත්‍රී 10 දක්වා බාර් විවෘතව තැබීම අපේ සංස්කෘතියට පටහැනි යැයි කියන අතුරලියේ රතන හිමියන්ගේ මතයට ගරු කරමින් විය යුතුය. මේ තර්කයේ බරපතල පරස්පරයක් තිබේ. උදේ 8 සිට රාත්‍රී 8 දක්වා මත්පැන් විකිණීම අපේ සංස්කෘතියට එකඟ ද? මේ වනාහී, සදාචාරය විකාරයක් කර ගැනීමක් නොවේද? සදාචාරය, ගුණ ධර්ම සහ යහපත පිළිබඳ සංකල්ප වනාහී, කාලය, ස්ථානය සහ පුද්ගලයාගෙන් ස්වායත්ත, පරම අරුතක් ගෙන දෙන ප්රපංචයන් ය. යමක් රාත්‍රී 8 පසුව පැවතීම සදාචාර විරෝධී නම්, එම දෙයම රාත්‍රී 8 පෙර කිරීම සදාචාරවත් වන්නේ කෙසේද? සදාචාරය, සංස්කෘතිය සහ සාරධර්මවලට කාලානුක්රමයක් නැත. මත්පැන් නිෂ්පාදනය, විකිණීම සහ පාවිච්චිය අපේ ජාතික සංස්කෘතියට සහ සදාචාරයට පටහැනි නම්, ඒ පිළිබඳ කුහක දේශනා පැවැත්වීම පසෙකින් තබා කෙනෙකු කළ යුතුව ඇත්තේ ඒවා තහනම් කිරීමයි. මත්පැන් පිළිබඳ බෞද්ධ මතයට එම තහනම අනුකූල ය. එහෙත් එවැන්නක් කිරීමට තරම් ආගමික සහ සදාචාර හයියක් ඇත්තේ කාට ද? එහිදීත් වැදගත් වන්නේ, ඊනියා සංස්කෘතියට සහ සාරධර්මවලට වඩා, මුදලයි. සත්‍යය වන්නේ, අප ජාතියක් වශයෙන් සදාචාරවත් සහ සැදැහැවත් වෙනවාට වඩා පිරිහී ඇති බවයි.ප්රමුඛ වැදගත් කමක් සේ සලකා දේශපාලඥයන් විසින් අද මුලින් කළ යුතුව ඇත්තේ, මත්පැන් විකිණීමේ සුභ කාලය නිශ්චය කිරීමට කලින්, අපේ ගැහැනුන් කළ යුතු හෝ නොකළ යුතු රැුකියා කවරේදැයි විනිශ්චය කිරීමේ බලය තමන් වෙත පවරා ගැනීමට කලින්, දූෂණය සහ අල්ලසින් තමන්ව ශෝධනය කර ගැනීමයි. අපේ දේශපාලනික සේම ආගමික නායකයන් ද, කුහකත්වය පසෙක ලා, සදාචාරය, සංස්කෘතිය සහ සාරධර්ම පිළිබඳ වැදි බණ නොකියා, රටේ ලෞකික සංවර්ධනය සඳහා උරදීමට කාලය පැමිණ තිබේ.*2018 ජනවාරි 20 වැනි දා ‘කලම්බු ටෙලිග්රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “Hypocrisy of Political & Religious LeadersFrom” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ |
තිලකාගේ සේවය ජනවාරි මාසයේ අවසන් : ලෝක ශූරතාවට යන දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරීත්වය ගැටලුවක් | ඇස පාදන රැසආසියානු ශූරතා දැල්පන්දු කිරුළ ජයගැනීමට විශිෂ්ට සේවයක් සිදුකළ ජාතික දැල්පන්දු පුහුණුකාරිණී තිලකා ජිනදාස මෙනෙවියගේ ධුර කාලය 2019 ඒ අනුව ලෝක ශූරතා දැල්පන්දු තරගාවලිය සම්බන්ධයෙන් අවිනිශ්චිත භාවයක් නිර්මාණයවී ඇත. ලබන වසරේ ජනවාරි 15 වැනිදායින් තිලකා ජිනදාස මෙනවියගේ ධුර කාලය නිල වශයෙන් අවසන් වීමට නියමිතය. ඇයට වසරක කාල සීමාවක් සඳහා මෙම ධුරය ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා මෙම වසර මුලදී සිය නිර්දේශය ලබාදී තිබිණි.මේ අනුව මෙම වසරේ ජනවාරි 15 වැනිදා ඇරඹි ඇගේ ධුර කාලය අවසන් වීමට නියමිතය. එංගලන්තයේ ලිවර්පූල් නුවරදී ආරම්භවන ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියට පෙර ඇය සිය වාර්ෂික සේවා කාලය සම්පූර්ණ කිරීමත් සමඟ මෙලෙස පුහුණුකාරිත්වයෙන් ඉවත්වීමට නියමිිතය.ආසියානු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිත්වය වෙනත් පුහුණුකාරිණියකට ලබාදීමද ගැටලුකාරී තත්ත්වයක් වනුයේ එය කණ්ඩායමේ ජයග්‍රාහී රිද්මයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති හෙයිනි. සාර්ථකත්වය උදාකරගත් පුුහණුකාරිණියකගේ ක්‍රමවේදයන්ට සපුරා වෙනස් ක්‍රම ශිල්ප අනුගමනය කරමින් ලෝක ශූරතා තරගාවලියට පිටත්ව යාමට සිදුවුවහොත් එය ආරම්භයේදීම කණ්ඩායම ලබාගන්නා පරාජයක් වනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති. මේ අනුව නව පුහුණුකාරිත්වය සඳහා තිලකා ජිනදාස මෙනෙවියගේ සේවා දිගුවක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා හා දැල්පන්දු සම්මේලනය කටයුතු කළ යුතුව ඇතැයි ඔවුන්ගේ යෝජනාව වී තිබේ.මේ අතර ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය සඳහා සහභාගිවන කණ්ඩායම හඳුනාගැනීම වෙනුවෙන් පුහුණු සංචිතයක් කැඳවීමටත් එම සංචිතයට අවශ්‍ය පුහුණුව නිසි පරිදි ලබාදීමටත් අද හෙටම ආරම්භ කළ යුතුව ඇත. ඒ මන්දයත් ලෝක ශූරතා තරගාවලිය සඳහා වැඩිකාලයක් නොමැති හෙයිනි.මේ අතර ආසියානු දැල්පන්දු කිරුල දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමයම ඊයේ (11දා) ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පිළිගනු ලැබුණේය. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා වූ කණ්ඩායම පිළිගැනීමට ක්‍රීඩා අමත්‍යංශය නියෝජනය කරමින් සෙසු නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ. ඊයේ පෙරවරු 1.55ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 349 ගුවන් යානයෙන් ජයග්‍රාහී කණ්ඩායම දිවයිනට ළඟාවිය.Select ratingGive තිලකාගේ සේවය ජනවාරි මාසයේ අවසන් : ලෝක ශූරතාවට යන දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරීත්වය ගැටලුවක් 1/5Give තිලකාගේ සේවය ජනවාරි මාසයේ අවසන් : ලෝක ශූරතාවට යන දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරීත්වය ගැටලුවක් 2/5Give තිලකාගේ සේවය ජනවාරි මාසයේ අවසන් : ලෝක ශූරතාවට යන දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරීත්වය ගැටලුවක් 3/5Give තිලකාගේ සේවය ජනවාරි මාසයේ අවසන් : ලෝක ශූරතාවට යන දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරීත්වය ගැටලුවක් 4/5Give තිලකාගේ සේවය ජනවාරි මාසයේ අවසන් : ලෝක ශූරතාවට යන දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරීත්වය ගැටලුවක් 5/5 |
මං අවුරුද්දයි මාස 2ක් විතර හිටිය වාරුවක් නැතුව ඇවිදින්න බැරුව. මාස දෙකහමාරක් ඇඳේ උඩ අතට හිටිය තනියම පැත්ත වත් හැරෙන්න බැරුව. :baffled: කිරියෙ දන්න උන් ටික දන්නව හිටිය හැටි.නොකිව්ව කුප්ප කතාවක් නෑ. :P...100% එකඟයි. :yes::yes: මං කියන්නෙ අත්දැකීමෙන්. මං මාස 6කට වඩා බැන්ඩේජ් කරන් හිටිය කකුලක්. දනහිස වලලුකර හොලවන්න බැරුව ගල්වෙලා තිබ්බෙ. හෙමීට හරියනව පිසියොතෙරපි වලට යන්න බයවෙන්න එපා සම්පූර්ණයෙන්ම රිකවර්... |
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයේ වාන් දොරටු අටම විවෘත කර ඇති බැවින් දැදුරු ඔය පහළ නිම්නය භාවිතා කරන ජනතාවට විශේෂ අවධානයක් යොමුකරන ලෙස ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.එසේම දිවයින පුරා පවතින වැසි තත්ත්වය තව දුරටත් බලාපොරොත්තු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, උතුරු මැද, වයඹ, ඌව, සබරගමුව යන පළාත්වල ඇතැම් ප්‍රදේශවලත් මන්නාරම් දිස්ත්‍රික්කයේ ත් මිලි මීටර් 100ට වැඩි වැසි ප්‍රමාණයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.PreviousPrevious post:ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ අභියාචනය භාර ගැනේNextNext post:ප්‍රථම වතාවට ජාත්‍යන්තර තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය ශ්‍රී ලංකාවේ |
විශ්වවිද්‍යාල තුළ අද තිබෙන ප්රචණ්ඩත්වය, සහ හිංසනය, ලිංගික හිරිහැර, ලෝකයේ කිසිම රටක මම අහලා නැහැ - News i - Your Fastest News Provider Sri Lankaලෝක ළමා දිනයේ දී ළමා අයිතිවාසිකම් සහ වරප්‍රසාද පිළිබඳව මෙන්ම ළමයින්ට සමාජයෙන් එල්ලවී තිබෙන අභියෝග පිළිබඳව ද වගකිව යුතු සියලු පාර්ශ්වයන්ගේ දැඩි අවධානය යොමුවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ගාල්ල බලපිටිය රේවත ජාතික පාසලේ 2018 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට ඊයේ (01) පෙරවරුවේ එක් වෙමිනි. විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.“ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ විද්‍යාලයේ ඉදිකළ තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පැවරුනේ ද ජනාධිපතිතුමා අතිනි. එමෙන්ම ද්විතීයක කනිෂ්ඨ විද්‍යාගාර ගොඩනැගිල්ල ද ජනාධිපතිතුමා විසින් සිසු අයිතියට පවරාදෙනු ලැබීය.අනතුරුව පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී විශිෂ්ටතා දැක්වූ සිසුන්ට සම්මාන සහ තිළිණ පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි. මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අද දරුවා හෙට රටේ වගකීම් භාරගන්නා පුරවැසියන් බවට පත්වන බැවින් නැණවත් මෙන්ම ගුණවත් දරුවෙකු නිර්මාණය කිරීමට කැපවීම සියලුදෙනාගේ වගකීම බවයි.දරුවන් පිළිබඳ කටයුතු කිරීමට රජයේ වගකිවයුතු ආයතන රැසක් ස්ථාපිත කර තිබෙන අතර ව්‍යාපෘති ගණනාවක් ද දියත් කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එම සියලු කටයුතුවල ප්රතිලාභ ලැබිය යුත්තේ දරුවන්ටම බව ද ප්‍රකාශ කළේය.එමෙන්ම දැනුමෙන් සහ ගුණයෙන් පිරිපුන් දරු පිරිසක් බිහිකිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළේ දී විදුහල්පතිවරුන්, ගුරුවරුන් මෙන්ම අදාළ සියලු පාර්ශ්වයන් සිදුකරන කැපවීම ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගැයීමට ලක්විය.පාසල් අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් කිසිදු රජයක් වෙන් නොකළ විශාල මුදලක් වත්මන් රජය ලබාදී තිබෙන බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා රටේ දරුවන් වෙනුවෙන් කරන ආයෝජන රට සහ ජාතිය වෙනුවෙන් කරන ආයෝජනයක් බව ද කියා සිටියේය.රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ, නිශාන්ත මුතුහෙට්ටිගම, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, බලපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති දයාරත්න ද සිල්වා යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් ද, විදුහල්පති ඩී. සිරිනන්ද මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.ගාල්ල බලපිටිය රේවත ජාතික පාසලේ 2018 වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවට එක්වෙමින් ජනාධිපතිතුමා කළ කතාව 2018-10-01ලෝක ළමා දිනයේ දී ඔබ හමුවීමට ලැබීම ගැන මා සතුටට පත්වෙනවා. දයාරත්න ද සිල්වා මැතිතුමා මගෙන් ඔබේ පාසලට එන්නට දිනයක් ඉල්ලා සිටියා. ඒ අවස්ථාවේ දින පොත පෙරළද්දී මම දැක්කේ ඔක්තෝබර් පළමුවැනිදා සවස් වරුවේ විශේෂ උත්සවයක් කොළඹ පැවත්වෙන බව. ඒ නිසා කොළඹින් පිට දරුවන් සමග උදෑසන හමුවීම වැදගත් කියලා හිතලයි ඔබේ පාසලට මා පැමිණියේ.මේ පාසලේ විශේෂත්වයක් පිළිබඳව විදුහල්පතිතුමා සඳහන් කළා. සිංහල දරුවන් සහ මුස්ලිම් දරුවන් එකට මේ පාසලේ අධ්‍යාපනය ලබනවා. ඒ ආදර්ශය මේ පාසලට පමණක් නොවේ, එය රටටත් වැදගත් ආදර්ශයක්. ඒ වගේම බොහෝ පාසල් හා ආයතනවලට ගිය විට එහි තොරතුරු බලන විට ඉතාම කලාතුරකින් දකින තොරතුරක් මේ පාසලේ මම දැක්කා. අද ලංකාවේ ජනගහනයෙන් සියයට පනස් දෙකකට ආසන්නයි කාන්තා ජනගහනය. රජයේ කාර්යාලයකට ගියත් පාසලකට ගියත් ඕනෑම ආයතනයක ඒ රටේ ජාතික දර්ශක අනුව විශේෂයෙන් ජනගහනයෙන් කාන්තා පාර්ශ්වය තමයි වැඩි. පාසල්වලත් සාමාන්‍ය තත්ත්වය එයයි.නමුත් මේ පාසලේ පිරිමි දරුවන් 1500 ගණනක් ගැහැණු දරුවන් 1400 ගණනක්. අද දරුවනේ මේ දවස ඔබේ දවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ළමා දිනයක් ප්‍රකාශයට පත් කළේ ඇයි. වසරේ දින 365 ගත්විට එකසත් ජාතීන්ගේ සංවිධානයත්, වෙනත් සංවිධානත්, ලෝකයේ රටවල් තමන්ගේ රටේ වැදගත් වූ දිනයන් අපේ වාර්ෂික කැලැන්ඩරේ සටහන් කර තිබෙනවා. ඒ අතර ලෝක වැඩිහිටි දිනය, කාන්තා දිනය, ලෝක ළමා දිනය, මත්ද්‍රව්‍ය විරෝධී දිනය ආදි ලෙස නම් කර තිබෙනවා. ළමුන් සඳහා වෙනම දිනයක් වෙන් කළේ දරුවන් සම්බන්ධයෙන් වැඩි අවධානයකින් කටයුතු කිරීමේ වැදගත්කම නිසයි.ඇයි දරුවන්ට වෙනම දවසක් වෙන් කළේ දරුවන්ටත් බොහෝ ප්‍රශ්න තිබෙන නිසයි. එහෙම නම් උගතුන්, බුද්ධිමතුන්, සියලු රාජ්‍ය පාලකයින් සහ ගුරු භවතුන් දෙමව්පියන් සියලු දෙනාම දරුවන්ගේ ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. දරුවන්ගේ ප්රශ්නවලදී අපි දන්නවා දරුවන්ට පාසලේ තිබෙන අඩුපාඩු ප්‍රශ්න මොනවද කියලා. දරුවන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳව. දෙමව්පියන් ඇසුරේ දරුවන්ට සුරක්ෂිතභාවය කොතෙක් දුරට පැහැදිලිව තිබෙනවා ද කියන ප්රශ්නය අද අපේ රටේ වගේම ලෝකයේ අනෙකුත් රටවල්වලත් තිබෙනවා. දෙමව්පියන් තුළ වැඩෙන කාලය තුළ දරුවා මුහුණදෙන ප්‍රශ්න ගත්විට ඇතැම් ඒවා කායික ප්‍රශ්න, ඇතැම් ඒවා මානසික ප්‍රශ්න ආදී වෙනත් විවිධ ගැටලු තුළ දරුවා ප්‍රශ්නවලට මුහුණ දෙනවා.පාසලේ දීත් ඇතැම් වෙලාවට කායික ප්‍රශ්න ඇතැම් වෙලාවට මානසික ප්‍රශ්න වාර්තා වෙනවා. සමාජය වශයෙන් ගත්විට දරුවෙකුට ලැබෙන සැලකිල්ල, ගෞරවය සහ පිළිගැනීම පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. දරුවාට ආදරය කිරීම තමයි සමාජයේ සෑම කෙනෙකුගේම වගකීම ලෙස මා දකින්නේ. අපේ තනතුරුවලින් ඉවත්වෙලා අපි කතා කළොත් ජනාධිපති ද අගමැති ද ඇමතිවරු ද විදුහල්පති ද රාජ්‍ය ප්‍රධානීන් ද ඒ සියල්ලටම දරුවන් සිටිනවා. ඒ, මව සහ පියා කියන භූමිකාවේ දී යි. මාතෘත්වය සහ පීතෘත්වයෙන් තුළ දරුවාට සෙනෙහෙස, ආදරය, ගෞරවය සහ පිළිගැනීම අන් කිසිවෙකුගෙන් ලැබෙන්නේ නැහැයි කියලා අපි දන්නවා. ඒ නිසයි දරුවන් වැඩිපුරම දෙමව්පියන්ට ආදරය කරන්නේ. දරුවන් දෙමව්පියන්ට දක්වන ආදරය සහ ගෞරවය සමාජයේ අනෙක් ස්ථරවල ඉන්න අය ලබාගන්නේ කෙසේද. එසේ ලබා ගත යුත්තේ දෙමව්පියන් දරුවන්ගෙන් ආදරය ලබා ගන්නා ආකාරයටයි. දරුවාට තේරෙනවා නම් දෙමව්පියන්ගේ බාහිර අනෙකුත් සියලු ක්ෂේත්රවල සෑම කෙනෙක්ම අපි දෙස බලනවා, අපිට ගෞරව කරනවා, අපිට ආදරය කරනවා, අපිව පිළිගන්නවා, අපිව රකිනවා, අපිව පෝෂණය කරනවා, අපිට ජීවිතය හැඩගස්වාගන්න නිවැරදි දේ කියා දෙනවා ඒ වගේම අපේ ප්‍රශ්නවලට සවන් දෙනවා කියලා ඔවුනුත් සමාජයට ආදරය කරනවා.දරුවාගේ පුංචි මනස වර්ධනය වන ආකාරය ඔබ දන්නවා. අධ්‍යාපන මනෝ විද්‍යාවේදී විශේෂයෙන්ම දරුවාගේ මනස පිළිබඳව ගුරුභවතෙක් විදියට ඔබ දන්නවා. ලෝක ළමා දිනය පිළිබඳව කතා කරන විට අපේ ළමා ආරක්ෂණ අධිකාරියක් තිබෙනවා. වනිතාවන් හා දරුවන්ට අදාළව වෙනම අමාත්‍යාංශ තිබෙනවා. මම ජනාධිපති කාර්යාලයේ විශේෂ ව්‍යාපෘතියක් හැදුවා දරුවන් සුරකිමු කියලා. මේ සියලු යහපත් ආයෝජනවල ප්‍රතිඵලය ලැබිය යුත්තේ දරුවන්ටයි. ඒ අද දරුවා හෙට රට භාරගන්නා නිසා, අද දරුවා හෙට මුළු ලෝකයේ, සමාජයේ වගකීම භාරගන්නා නිසා, අද දරුවා හෙට දෙමාපියන් හා ගුරුභවතුන්ගේ වගකීම භාරගන්නා නිසා. නිර්මල, සුපිරිසිදු ආධ්‍යාත්මික මනසක් හදන්නට දරුවන් වෙනුවෙන් අපි කැපවන්නට ඕන.විශේෂයෙන්ම පාසල්වලට ගියාම විදුහල්පතිතුමා ඉදිරිපත් කරනවා වාර්ෂික වාර්තාව. ඒ විදුහල්පතිතුමා කෙටි කතාවක් කරලා වාර්ෂික වාර්තාව මට බාරදුන්නා. මම ඒක මොහොතක් කියෙව්වා. සෑම පාසලකට ගියාම ඒ පාසලෙන් අපට දෙන වාර්තා හා අධ්‍යාපන කාර්යාලවලින් ලබාදෙන වාර්තා පිළිබඳ ගත්තාම අපි ඉතාම සතුටු වෙනවා අපේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව. දැනුම පිළිබඳව. තරගකාරී සමාජයක දරුවා ඉදිරියට යන්න අධ්‍යාපනයෙන් පරිපූර්ණ දරුවෙක් හදන්න අද රජය කරන කැපවීම්වලදී පාසලක විදුහල්පතිතුමා ඇතුළු ගුරුවරුන් සහ අධ්‍යාපන නිලධාරීන් මහත් කැපවීමක් කරනවා.අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් අපිට සතුටු වෙන්න පුළුවන් ප්‍රතිඵල ලැබිලා තිබෙනවා. සී.ඩබ්.ඩබ්.කන්නංගර මහතා ඔබේ ප්‍රදේශයේ කෙනෙක්. ඒ විශිෂ්ට සැබෑ මානවහිතවාදියා අපේ රටට දායාද කළ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල ගෙවීගිය වසර 50-60 ක කාලය තුළ අපි ලබාගෙන තිබෙනවා. ඒ නිසා අපට උගතුන් බහුලයි. ජාතික වශයෙන් නොව අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලාංකික උගතුන් බොහෝමයක් සිටිනවා. ඔවුන් සිය දක්ෂතාවයන්, නිර්මාණශීලිභාවයන් සැමවිටම පෙන්වනවා. විශිෂ්ටයින්ගෙන් විශිෂ්ටයින්, ප්‍රමුඛයින්ගෙන් ප්‍රමුඛයින් අපි නිදහස් අධ්‍යාපනය තුළින් බිහිකරලා තිබෙනවා. විභාග හොඳින් සමත්වන, විද්වතුන්, උගතුන් බිහිවන රටක ඒ හා සමානව අද තිබෙන අනෙක් අභියෝගයට අපි මුහුණ දියයුතු වෙනවා. ඒ තමයි ජීවිතය සමත්වීම පිළිබඳ ගැටලුව. විභාග කොතෙක් හොඳට සමත් වුවත්, විභාගය සමගින් ජීවිතය සමත්විය යුතු වෙනවා. කනගාටුවෙන් වුවත් කියන්නට ඕන උගතුන් බහුල සමාජයක ජීවිතය අසමත්වීම් බහුලව සිදුවන්නේ අපේ විශ්වවිද්‍යාල තුළයි.විශ්වවිද්‍යාල තුළ අද තිබෙන ප්රචණ්ඩත්වය, සහ හිංසනය, ලිංගික හිරිහැර, ලෝකයේ කිසිම රටක මම අහලා නැහැ. අපි රාජ්‍ය නායකයින් ඇසුරු කරනවා. රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇසුරු කරනවා, පොත පත කියවනවා, මාධ්‍ය තුළ අහනවා, දකිනවා. නමුත් මහා ඛේදවාචකයක් අපේ විශ්වවිද්‍යාල තුළ තිබෙනවා. දේශපාලන හස්තයන් තිබෙනවා. ඒ දේශපාලන හස්තයන් අද ළමයින් විනාශ කරනවා. උසස් අධ්‍යාපන ඇමතිතුමා කතාකරන හැමවෙලේම ඒ වාර්තා ඉදිරිපත් කරනවා. විශ්වවිද්‍යාල දරුවන්ගෙන් කෙතරම් ප්‍රමාණයක් සිදුවන හිරිහැර නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය නතර කරනවාද? නවක වධය අද ප්‍රචණ්ඩත්වයට පත්වෙලා තිබෙනවා. උගත් තරුණ පරපුරේ ප්‍රවේශය වන විශ්වවිද්‍යාලය අද අපිට ඛේදවාචකයක් වෙලා තිබෙනවා. මේ පිළිබඳව දෙමාපියන් දැනුවත් වෙන්න ඕන, ගුරු භවතුන් දැනුවත් වෙන්න ඕන. අනෙක් සෑම රාජ්‍ය නිලධාරියෙක්ම දැනුවත් වෙන්න ඕන. ඒ සෑම කෙනෙක්ම ඒ පිළිබඳව වැඩි අවබෝධයකින් කටයුතු කරන්න ඕන.ඒ වගේම අනෙක් පැත්තෙන් ගත්තාම මත්ද්‍රව්‍ය පිළිබඳ ප්රශ්නය අද ලෝකය වසාගෙන තිබෙනවා. පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ විශේෂ රැස්වීමක් තිබුණා මත්ද්‍රව්‍ය මර්දනය පිළිබඳව. දූපත් රාජ්‍යයක් විදියට අපේ රටට අහිතකර දේවල් ඇතුල් වෙන්න බොහෝ ඉඩකඩ තිබෙනවා. අපි ඒවා වළක්වන්න ආරක්ෂක අංශ යොදවලා තිබෙනවා. නමුත් විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කෙසේ හෝ ඇවිත් අපේ දරුවන් බිලිගන්න පටන් අරන් තිබෙනවා. අද මේ රටේ පාසල්වලට විෂ මත්ද්‍රව්‍ය නොමිලේ බෙදා දෙනවා. ඒ වාර්තා අපි ගාව තිබෙනවා. සමහර දෙමාපියන් නිතරම මට දන්වනවා අපේ පාසල මෙන්න මෙහෙම පාසලක් ජනාධිපතිතුමනි, මේ පාසල බේරගන්න කියලා. ඒ පාසල් ගැන වාර්තාවක් අපි ගාව තිබෙනවා. ඒ වගේම තමයි විශ්වවිද්‍යාල. ඒවටත් නොමිලේ දෙනවා මත්ද්‍රව්‍ය. විශ්වවිද්‍යාල දරුවන් විදියට පෙනී සිටිමින් විශ්වවිද්‍යාල ඇතුළට ගිහින් විෂ මත්ද්‍රව්‍ය නොමිලේ ලබාදෙනවා. මේ ගැන දෙමාපියන්, ගුරුවරුන් හා අධ්‍යාපන බලධාරීන්, සෑම දිස්ත්‍රික්කයකම දිසාලේකම් ඇතුළු නිලධාරීන්, පොලිසිය සමග එක්ව පුළුල් දැනුවත් කිරීම් සිදුකරන්න ඕන.මම 2015 දී ජනාධිපතිවරයා විදියට පටන්ගත්ත මත්ද්‍රව්‍යවලට විරුද්ධ වැඩසටහන. මම සෞඛ්‍ය ඇමතිවරයා විදියට වැඩකරන කාලයේ දී ඒ පැවති ආණ්ඩුව සමගත් මට ප්‍රශ්න තිබුණා මත්ද්‍රව්‍ය වලට විරුද්ධව නීති රීති සම්මත කරන්න ගිහින්. නමුත් මම අද සතුටු වෙනවා මම සෞඛ්‍ය ඇමතිවරයා කාලයේත් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරද්දීත් ගත් තීන්දු තීරණ පිළිබඳව. පසුගියදා පැවති එක්සත් ජාතීන්ගේ සමුඑවට ඇමරිකාවට ගියාම, ඒ පාරවල්වල යනකොට මම දකිනවා පාරේ දෙපැත්තේ අයිනේ ඉන්න අය සිගරට් බොනවා. ඒ වගේම මහජනයා ගැවසෙන තැන්වලත් ඒ අය සිගරට් බොනවා. බස් නැවතුම්පළක ඉන්න බැහැ මිනිසුන් සිගරට් බොනවා. නමුත් අපේ රටේ ප්‍රසිද්ධ ස්ථානවල කිසිම කෙනෙක් දුම් බොන්නේ නැහැ. මහජනයා ගැවසෙන ස්ථානවල දුම් බොන්න බැහැ අපි සම්මත කළ නීති රීති අනුව. ඒ අතින් අපි ඉස්සරහට ගිහින් තිබෙනවා.පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුවට සමගාමීව මද්‍යසාර පිළිබඳව තවත් රැස්වීමක් තිබුණා, ඇල්කොහොල්, දුම්කොලවලට එරෙහිව. ඒ මද්‍යසාර සහ දුම්කොළ පිළිබඳව විශේෂ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වුණේ මමයි. මූලාසනය කරන්න මට විතරයි ආරාධනා කරලා තිබුණේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය අද ලෝකයේ රටවල් දෙකක කි‍්‍රයාත්මක වෙන මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන් ලෝකයේ අනෙක් රටවල්වලට ආදර්ශයක් විදියට පෙන්වනවා. එයින් එක් රටක් තමයි ශී‍්‍ර ලංකාව. අනෙක් රට අපි වගේම උරුගුවේ රාජ්‍යය. උරුගුවේ රාජ්‍යයේත් ශී‍්‍ර ලංකාවේත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක වන නීති රිති ලෝකයේ වෙනත් රවටවල්වල තවම නැහැ. ඒතරම් අපි තද නීති රිති කි‍්‍රයාත්මක කරලා තිබෙනවා. ඒ ගැන අපි සතුටු වෙන්න අවශ්‍යයි.ඒ නිසා පාසල් දරුවගේ ඉඳලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට මේ නව පරපුර මත්ද්‍රව්‍යවලින් බේරා ගන්න, මීට වඩා වැඩි අවධානයක් යොමු කරන්න අවශ්‍යයි. සංචාරක ව්‍යාපාරය රටකට සම්පතක්. අපි දූපත් රජ්‍යයක් විදියට පරිසර සම්පත්වලින් අනූන වූ පරිපූර්ණ වූ සුන්දර රටක් සංචාරක ව්‍යාපාරයෙන් අපි විශාල ආදායමක් ලබනවා. නමුත් සංචාරක ව්‍යාපාරය විස මත්ද්‍රව්‍යවලටත් එක් පැත්තකින් තදින් බලපානවා.ඒ නිසා ලෝක ළමා දිනයේ දී දරුවන් පිළිබඳව අවධානය යොමු කරන විට දරුවාගේ අයිතිවාසිකම්, දරුවාගේ අවශ්‍යතා ඔහුට දිය යුතු මග පෙන්වීම මේ සියල්ලත් එක්ක දරුවාට තිබෙන අභියෝග අප විසින් තේරුම් ගත යුතු වෙනවා. ඒ පාසලේ වෙන්න පුළුවන් තිබෙන අභියෝගය. දෙමව්පියන් ඇසුරේ වෙන්න පුළුවන්. පොදු ප්‍රවාහන සේවාවක් තුළ වෙන්න පුළුවන්. බස් නැවතුම් පොළේ වෙන්න පුළුවන් ඒ සෑම තැනකම දරුවා පිළිබඳව වැඩියෙන් විමසිලිමත් වීම, අවධානයක් යොමු කිරීම අප කාගේත් වගකීමක් සහ යුතුකමක් වෙනවා. දරුවෙක් දැක්ක විට දරුවා ඔහු කාගේ දරුවෙක් ද කියන ප්රශ්නය නොවෙයි ඔහු අපේ දරුවෙක් ඔහු මගේ දරුවෙක් කියන හැඟීම අපි කාගෙත් තියෙන්න අවශ්‍ය වෙනවා. ඒ දරු සම්පත රැක ගැනීම ජාතියේ අනාගත සියලු සම්පත් රැක ගැනීම සඳහා ඉතාමත් වැදගත් වෙනවා.මේ පාසලේ දියුණුව ගැන මම ඉතා සතුටු වෙනවා. ඒවගේම අලුත් මේ ගොඩනැගිලි අද විවෘත කරලා, ඒ තුළ දූදරුවන්ට ලැබුණු පහසුකම් ගැන මම සතුටු වෙනවා. මේ පාසලට විතරක් නොවේ කිසිම රජයක් යටතේ නොදුන් මුදලක් අපි අධ්‍යාපනයට වෙන් කරලා තියෙනවා. ඒ අධ්‍යාපනයට වෙන් කළ වැඩිම මුදල නිසා අද භෞතික සම්පත් හා මානව සම්පත් රාශියක් රටපුරාම පාසල් වලට ලැබෙනවා. විශ්වවිද්‍යාලයට කිසිම අණ්ඩුවක් නොදුන්නු අලුත් ගොඩනැගිලි, නේවාසිකාගාර මේ කාලය තුළ ඉදි වෙලා තිබෙනවා ඉදිවෙමින් පවතිනවා. පාසල්වලට අලුත් ගොඩනැගිලි ලැබෙනවා. ඒ වගේම විදුහල්පති තනතුරු පිළිබඳව, ග්රේණින් පිළිබඳව මම දන්නවා රටක් වශයෙන් තිබෙන ප්‍රශ්නයක්. එය ගාල්ල දිස්කි්රක්කයේ විතරක් තියෙන ප්‍රශ්නයක් නොවෙයි.ඒවගේම ගුරු හිඟය ගැන කතා කරන විටත් අද ලංකාවේ දුෂ්කර යැයි සම්මත උතුරු නැගෙනහිර, උතුරු මැද, ඌව වගේ ප්‍රදේශ විතරක් නොවෙයි බස්නාහිර, දකුණ, වයඹ, මධ්‍යම පළාත්වලත් ගුරු හිගය තදින්ම තිබෙනවා. ඊට හේතු රාශියක් තිබෙනවා.ගුරු හිඟය, ඉංජිනේරුවන්ගේ හිඟය, වෛද්‍යවරුන්ගේ හිඟය මේ රටේ බරපතළ ප්‍රශ්නයක්. නිදහස් අධ්‍යාපනය ලබලා, මහාචාර්යවරු වෙලා ඉහළ තනතුරුවලට යන අය අද වළක්වන්න බැරි විදියට පිට රට යනවා. වැඩි පඩි, වැඩි පහසුකම් වෙනුවෙන් සුවදායී පරිසරය වෙනුවෙන් මාතෘභූමිය බොහෝ උගතුන් අමතක කරනවා. ඔබ මේ පාසලේ ඉගෙන ගන්න දරුවෙක් විදියට ඔබ විශ්වවිද්‍යාලයට ගිහින් ඔබ අනාගතයේ දී වෛද්‍යවරයෙක් ද, ඔබ ගුරුවරයෙක් ද , ඉංජිනේරුවෙක් ද වෙනත් අංශයක විද්වතෙක් ද ප්‍රවිණයෙක් ද ඔබ මුලින්ම අධිෂ්ඨාන කරගන්න මම ඒ තැනට ගිහිල්ලා අවම වශයෙන් මගේ රටට, ජනතාවට මම අවුරුදු දහයක් වත් සේවය කරනවා කියලා.ලෝකයේ බෙහෝ රටවල්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම උගතුන්ට පිටරටවලට යාමට සීමාවන් සඳහන් කරලා තියෙනවා. අපේ රටේ ඔක්කොම නිදහස් කරලා තියෙන්නේ. ප්‍රජාත්නත්‍රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් ඒ සියල්ල එක්ක කම්කරු අයිතිවාසිකම් ඒ සියල්ල දොරටු විවෘත කරලා, මේක යහපත් බවින් භුක්ති විඳීම වගේම ඒ යහපත් බවින් බොහෝ අය අයහපත් ප්‍රයෝජන ගන්නවා. රට හැර දාලා විශාල වශයෙන් ඉංජිනේරුවරුන් පිටරට යනවා. ඉංජිනේරුවරුන් නැහැ. වෛද්‍යවරුන් විශාල වශයෙන් රට හැර යනවා රටට වෛද්‍යවරුන් නැහැ. අද හෙද සේවය ගත් විට විශාල වශයෙන් පිටරට යනවා. රටට අවශ්‍ය හෙද සේවයේ විශාල හිඟයක් තියෙනවා. ගුරු සේවයෙත් පිටරට යන අය ඉන්නවා ඔබ නොදන්නවා වෙන්න ඇති. අධ්‍යාපන අමාත්‍යාංශය වගේම මේ කොතෙක් බඳවා ගත්තත් ඇතැම් තැන්වල තිබෙන අතිරික්තයක් වගේම ඇතැම් තැන්වල බරපතළ අඩුපාඩු තිබෙනවා. ඔබේ දෙමව්පියන් ගැන සිතන්න අවශ්‍යයි. අපේ ගුරු මෑණිවරුන් ගැන හිතන්න අවශ්‍යයයි. රට ගැන හිතන්න අවශ්‍යයි. මේ භූමිය ගැන හිතන්න අවශ්‍යයි. ගහ කොළ වැල සතා සිව්පාවා මහ පොළොවට ආදරය කරන්න අවශ්‍යයි. අද හුඟාක් අය අම්මා තාත්තාටත් වැඩියෙන් ආදරය කරන්නේ ජංගම දුරකතනයටයි.ඒ නිසා අපි රට ගැන හිතන්න අවශ්‍යයි. මහපොළෙව ගහ කොළ සතා සිව්පාවාට ස්වාභාවික සම්පත්වලට ආදරය කරන්න. අපි ආදරය සහ ගරු කිරීම පිළිගැනිම දෙමව්පියන්ට ද වැඩිහිටියන්ට ද ගුරු මෑණිවරුන්ට ද ඒ සියල්ල තියෙන්න අවශ්‍යයි. රටක් දියුණුවෙන්නේ ඒ සාමූහික වගකීම තුළ.ඔබේ ආදරණීය පාසලේ ඉගෙන ගන්න දරුවන්ටත් දෙමව්පියන් සුබ පතනවා. ආශිර්වාද කරනවා. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ලිපි කිහිපයක් මට භාරදුන්නා. මේ ප්‍රදේශයේ යම්යම් අඩුපාඩු පිළිබඳවත් එහි තිබුණා. මේ ප්‍රදේශයේ පුරාවිද්‍යා ප්‍රශ්නයක්. මම ඒවා ගැන සොයලා බලලා අවශ්‍ය නිලධාරීන් සොයලා මැති ඇමතිතුමන්ලා සමග සාකච්ජා කරලා විසඳුම් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.දයාරත්න මැතිතුමා විද්‍යාලයට තිබෙන අඩුපාඩු පිළිබඳ ලිපියකුත් මට ලබා දුන්නා. කී‍්‍රඩාංගණය සහ පිහිනුම් තටාකය සෑදීමට ඇස්තමේන්තු හදලා මට දුන්න විගස ඒ අවශ්‍ය මුදල් ලබාදීමට හැකි බව සදහන් කරනවා. ඒ සඳහා කටයුතු ආරම්භ කරන්න ඒ සඳහා අවශ්‍ය මුදල් වසරේ මුදල් වලින්ම වෙන් කරන්න, ව්‍යාපෘතියේ ඇස්තමේන්තුව, හැකි ඉක්මනින් ලැබෙන්න සලස්වන්න. |
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 08 වනදා සීෂෙල්ස් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක ආරම්භ කිරිමට නියමිතව තිබෙනවා. ඒ පිළිබඳව සීෂෙල්ස් හි විදේශ කටයුතු අමාත්‍යංශය අද (03) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.මෙම සංචාරයේ දී දෙරට අතර සෞඛ්‍ය, අධ්‍යාපන,සංචාරක, ධීවර සහ සාගර ආරක්ෂාව සම්බන්ධයෙන් ද්විපාර්ශවිය සාකච්ජා පැවැත්වීමට නියමිතයි.සීෂෙල්ස් ජනාධිපතිවරයා විසින් පසුගිය මාර්තු මාසයේදී කල ආරාධනයක් පිළිගනිමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම රාජ්‍ය සංචාරයේ නිරත වේ.දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වසර 30 ක් තුළ සලකුණු කර ඇති අතර මෙම සංචාරය තුළින් එම සහයෝගීතාවය තවදුරටත් වර්ධනය වනු ඇතැයි විශ්වාස කෙරේ. සීෂෙල්ස් සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1988 ඔක්තෝබර් 03 වන දින ආරම්භ විය.PreviousPrevious post:භෞතික විද්‍යාවේ නොබෙල් ත්‍යාගය කැනේඩියානු ජාතික ඩෝනා වෙතNextNext post:එක්දින පිටියේ තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කෙරේ |
Sri Lanka University News Education Campus School ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පුවත්: Jaffna University protest |
19 + අධ්‍යාපන වෘත්තීය මාර්ගෝපදේශන හා වෙළද ප්‍රදර්ශනය, කුලියාපිටියේදී - News i - Your Fastest News Provider Sri Lankaඅධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ අදහසකට අනුව අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද 19 + අධ්‍යාපන වෘත්තීය මාර්ගෝපදේශන හා වෙළද ප්‍රදර්ශනය, කුලියාපිටිය මධ්‍යම මහ විද්‍යාලයේදී අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් ඊයේ (03) විවෘත කෙරුණා.එළැඹෙන ඉරිදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය විවිධ අමාත්‍යංශ හා අධ්‍යාපන අමාත්‍යංශයට අනුබද්ධිත දෙපාර්තමේන්තු හා සමන්විතව සංවිධානය කර ඇති අතර එහිදී හැදුනුම්පත් ලබා ගැනීම, විභාග සහතික ලබා ගැනීම ඇතුළු විවධ ජංගම සේවාවන් රැසක් ලබාගැනීමටද පහසුකම් සලසා තිබෙනවාපාසල් සිසු දරුවන් සදහා පාසල් විශය නිර්දේශයට අදාළ නාට්‍ය හා දර්ශන චිත්‍රපට ආදී ඉගැනුම් උපකාරක ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙන් විවිධ වූ සංදර්ශන පැවැත්වීමටද කටයුතු සලසා තිබෙන අතර එම ප්‍රදර්ශනය දිනපතා පෙරවරු 9.00 සිට පස්වරු 10.00 දක්වා විවෘතව පවතින බව සංවිධායකයෝ සදහන් කළා. |
ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු පහක් අද පස්වරුවේ ස්වයං ක්‍රියව විවෘත්ත වු බව ජලාශය බාර වාරිඉංජිනේරුවෝ පවසති.මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට ඇද හැලෙන දාරානිපාත වර්ෂාව තව දුරටත් පවතින අතර වාන්දොරටුවිවෘත්ත කිරිම තුලන් ජලය තත්ත්පරයට ගන මිටර 200 කොත්මලා ඔයට එක්වේ.කොත්මලා ඔය පරිහරනය කරන හා පහල ප්‍රදේශයේ ජනතාව කල්පනා කරි වන ලෙස ආපදා කලමණාකරනමධ්යස්ථානය නිවේදනය කරයිPreviousPrevious post:ලෝක මද්‍යසාර නිවාරණ දිනය අදයිNextNext post:භෞතික විද්‍යාවේ නොබෙල් ත්‍යාගය කැනේඩියානු ජාතික ඩෝනා වෙත |
නිලාවැලි වෙරළ තීරයේ සිට කිලෝ මීටර් දෙකක් ඔබ්බෙන් පිහිටි පරවි දූපත සමුද්‍ර ජාතික උද්‍යානය ශ්‍රී ලංකාවේ ඇති එකම දූපත් ජාතික උද්‍යානය ලෙස සැලකේ. විශේෂයෙන්ම මෙය දේශීය සංචාරකයන්ට වඩා විදේශීය සංචාරක අාකර්ෂණය දිනාගත් ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණයකි.සාමාන්‍ය ජනතාව පරවි දූපත යනුවෙන් හඳුන්වන්නේ එහි පිහිටි ගල් කුළුවලින් ගහණ නැගෙනහිර සහ බටහිර දෙපස පමණක් පටු වෙරළක් සහිත අක්කර පහක පමණ භූමියකින් යුතු කුඩා දූපතටය. මෙම පරවි දූපත 1963 දී අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, 2003 දී 1291/15 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් සාමාන්‍ය ජනතාවට පැමිණිය හැකි සමුද්‍ර උද්‍යානයක් ලෙස මෙය ප්‍රකාශයට පත් කර තිබේ.වනජීවී දෙපාර්තමේන්තුව මගින් පරවි දූපත සමුද්‍ර ජාතික උද්‍යානය ලෙස හඳුන්වන්නේ ඉහත සඳහන් කෙරුණු කුඩා දූපත් දෙක පමණක් නොව මුහුදේ තැනින් තැන ඇති ගල් පර, කොරල් ජීවීන් හා දුලබ මසුන් ගහණ හෙක්ටයාර් 417.429 ක් පුරා පැතිරුණු මුළු පරිසර පද්ධතියටමය.මෙම දූපත %පරවි දූපත^ ලෙස හැඳින්වීමට හේතුව අප අවට ජනතාවගෙන් විමසීමක් කළ අතර, එහිදී ඔවුන් පෙන්වා දුන්නේ අතීත ජනප්‍රවාදවලට අනුව ඈත අතීතයේදී මෙම දූපත පරවියන් මගින් පණිවුඩ හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක්ලෙස භාවිත කළ බවට සැලකෙන බවයි. ඒ සඳහා පුහුණු කළ පරවියන් මෙම දූපත තුළ ගාල්කොට සිට තිබේ. කෙසේ වෙතත් විද්වතුන් පෙන්වා දෙන ආකාරයට මෙහි පරවි ගහණයට ජීව විද්‍යාත්මක හේතුවක් වන්නේ මෙම පරිසර පද්ධතිය පරවියන්ගේ අභිජනනයට හිතකර සාධකයන්ගෙන් බහුල වීමයි .පරවි දූපත වෙත විදේශීය සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන්නේ ජූලි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා අතර කාලය තුළදීය. මන්ද එම කාලසීමාව තුළදී මුහුදේ රළු ස්වභාවය අඩුවීම හේතුවෙන් කිමිදීම් කටයුතුවලට හා කොරළ් නැරඹීමට පහසු නිසාවෙනි.සති අන්ත සහ පාසල් නිවාඩු කාලවලදී දේශීය සංචාරකයන් මෙහි වැඩි වශයෙන් පැමිණේ. සැප්තැම්බර් සහ පෙබරිවාරි කාලය තුළ මුහුද රළු ස්වභාවයක් ගනී. ඒ හේතුවෙන් මෙහි සංචාරක පැමිණීමද ඉතා අඩු අතර, ඇතැම් විට එම කාලයේදී දූපත පාළු ස්වභාවයක්ද උසුලයි.සංචාරක පැමිණීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තක් ඇත. එනම් පරවි දූපත ආශ්‍රිතව පිහිටා ඇත්තේ ඉතාමත් ඉහළ ජෛව විවිධත්වයකින් යුත් කොරල් පරයකි. මුහුද පත්ලෙහි පිහිටි ස්වභාව ධර්මයා විසින් කළ එම අද්විතීය නිර්මාණයේ අසිරිය විඳීමට යොමුවන්නේ 90෴ක්ම විදේශීය සංචාරකයන් පමණි.දේශීය සංචාරකයින් බොහෝ විට සිදුකරන්නේ මෙම දූපතට පැමිණ කා බී විනෝද වීම හා මුහුදේ පිහිනීම පමණි. ඒ හැර මෙම කොරල් පරයේ හෝ පරිසර පද්දතිය පිළිබඳ සංවේදී වීමක් ඔවුන් තුළ එතරම් දක්නට නොලැබේ. එමෙන්ම අවිධිමත් ලෙස අපද්‍රව්‍ය බැහැර කරමින් මෙම පරිසරයට වැඩිම විනාශයක් සිදු කරන්නේද දේශීය සංචාරකයන් විසින් බව දූපතේ සේවය කරන වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.පරවි දූපත ජාතික සමුද්‍ර උද්‍යානය වඩාත් වැදගත් වන්නේ එය දුර්ලභ ගණයේ විශාල ප්‍රමාණයේ ජෛව විවිධත්යෙන් යුතු කොරල් පර සහ විවිධ මත්ස්‍ය විශේෂයන්ගෙන් ගහණ වූ පරිසර පද්ධතියක් වීම නිසාවෙනි. මෙම අපූරු විචිත්‍රවත් කොරල් පරය කොරල් විශේෂ 100කින් පමණ සමන්විත අතර, මත්ස්‍ය විශේෂ 200කට ආසන්න ප්‍රමාණයක් මේ අවට දැක බලාගත හැකිය. ROCK PIGEON^ නම් පරවි විශේෂය පරවි දූපතට නම්පට බැඳීමට හේතුවී ඇති බව පෙනේ.පරවි දූපතෙහි පවතින ශාක පද්ධතියද සුවිශේෂීත්වයක් උසුලයි. කොහොඹ, සියඹලා, මලිත්තන් ශාක විශේෂද, පරවි දූපතටම ආවේණික වූ ටෙම්පිස්ඇසිඩ්යුලා වැනි ශාකද මේ අතර වේ. ලන්ටානා, පතොක් ආදී පඳුරු ශාක විශේෂද මෙහි සුලභව දක්නට ලැබේ. තවද පරවියන්ට අමතරව ප්‍රධාන වශයෙන් ගොළු කිරලා, බ්‍රාහ්මණ උකුස්සා, කළු කොකා ආදී කුරුලු විශේෂ ගණනාවක් මෙහිදී නිරීක්ෂණය කළ හැකිය.පරවි දූපතෙහි ප්ලාස්ටික් භාජන පමණක් නොව කඩදාසි කැබැල්ලක් හෝ තැන තැන දැමීම තහනම්ය. ගෙන එන සියල්ල ආපසු රැගෙන යා යුතුය. එමෙන්ම බීමත්ව දූපතට පැමිණීම සපුරා තහනම් අතර, දූපතට මද්‍යසාර ගෙන ඒමටද තහනම්ය. මෙම අපූරු දූපතේ සුන්දරත්වය ආරක්ෂා කිරීමට වෙහෙසෙන පොලිස් නිලධාරීන්ගේ සහ වනජීවී නිලධාරීන්ගේ කාර්යභාරය සැබවින්ම මෙහිදී පැසසිය යුතුමය.කෙසේ නමුත් පරවි දූපතට පැමිණෙන සංචාරකයන් සඳහා විධිමත් විවේකාගාර සහ සනීපාරක්ෂක පහසුකම් හිඟ බව පෙනේ. පරවි දූපතේ ගොඩබිමේ ඇවිද යෑමේදී වඩාත් කල්පනාකාරී වීම වැදගත්ය මන්ද වෙරළ පුරාම විසිරී ඇති බෙලි කටු නිසා දෙපා කැපී යාමේ අවදානමක් පවතින බැවිනි. එමෙන්ම කොරල්පර ආශ්‍රිතව කිමිදීමේදීද කොරල්වලට තුවාල වීමට ඉඩකඩ ඇති අතර, කිමිදීමේදී කිසිදු විටෙක කොරල් ඇල්ලීම, කොරල් මත ඇවිදීම, සිටගෙන සිටීම හෝ ඉඳගෙන සිටීම නොකළ යුත්තේ කොරල්වලට මෙන්ම ඉන් ඔබටද හානි වීමට දැඩි අවදානමක් පවතින නිසාවෙනි.අතිසංවේදී කොරල් පර සහිත කලාපය මෙහිදී වෙන්කර ඇති අතර, එම කලාපයට ඇතුළුවීමට සපුරා තහනම්ය.පරවි දූපත ආශ්‍රිතව ඇති විශේෂිත කොරල් පද්දතිය වෙත මෙහි පැමිණෙන සංචාරක බෝට්ටු හා තහනම් ධීවර කටයුතු නිසා සිදුවන හානි කිහිපයක්ම මෙහිදී හඳුනාගෙන තිබේ.ඇතැම් අවස්ථාවන්වලදී බෝට්ටු පතුල කොරල් පරයේ ගැටීම නිසා කොරල් පරයට දැඩි හානි සිදුවේ. අනෙක් ගැටලුව නම් මෙම සියලු බෝට්ටු ද්විත්ව පහර එන්ජින් බෝට්ටු නිසා අර්ධ දහනයෙන් නිකුත්වන තෙල් කොරල් පරයට හා සමුද්‍ර පරිසරයට මුසුවීම හේතුවෙන් පරිසර පද්ධතියට, මත්ස්‍යයන්ට මෙන්ම කොරල් පද්ධතියටද විශාල ලෙස හානි සිදුවේ. ඇතැම් ධීවරයන් ඩයිනමයිට් යොදා මසුන් මැරීම හේතුවෙන් කොරල්පර සම්පූර්ණයෙන්ම විනාශ වීමේ අවදානමක්ද මතුව තිබේ.සංචාරක බෝට්ටු මගින් සිදුවන හානි වැළැක්වීමට මෙන්ම ඔවුගේ ජීවන තත්ත්වයටද බලපෑමක් නොවන ලෙසට මේ සඳහා විසඳුමක් ලෙස මාලදිවයින වැනි රටවල් අනුගමනය කරන විශේෂීත ලී පාලමක් (Bordwalk) ඉදිකිරීම සුදුසු බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා යෝජනා කරයි. එය ක්‍රියාත්මක කිරීමට කිහිපවිටකම බලධාරීන් උත්සහ කළද යම් පිරිසකගේ අයුතු විරෝධතා හේතුවෙන් එය මේවන විට ඇනහිට තිබීම කණගාටුදායක කරුණකි. |
රාජපක්ෂවරුන් නැවතත් අර්බුදයකට ගොස් තිබේ. ඒ ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයට පසුගිය පස්වැනිදා පැවැති ජනබලය වැඩසහටහන සාර්ථක නොවීම නිසාවෙනි. මෙම වැඩසටහන සම්පූර්ණයෙන්ම පාහේ පිරී පැවතියේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ හා රාජපක්ෂවරුන්ගේ බලාපොරොත්තුවලිනි.පසුගිය ආණ්ඩුවේ දූෂණ වංචා හා මිනී මැරීම්වලට සම්බන්ධ පිරිස්වල අධිකරණ ක්‍රියාදාමයන් අවසන් පියවරයන්ට පැමිණීමත්, විශේෂ අධිකරණය ක්‍රියාත්මක වීමත්, ඒවායින් බොහොමයක් මෙම කණ්ඩායම්වලට අවාසි සහගත වීමත් හේතුවෙන් ඔවුන්ට දේශපාලනික හා සමාජ ආරක්ෂාවක් යොදා ගැනීම මෙන්ම එමගින් ආණ්ඩුව සමග කේවල් කිරීමේ බලයක් ගොඩනගා ගැනීම ඔවුන්ගේ ප්‍රධානතම බලාපොරොත්තුවක් විය. මීට අමතරව විපක්ෂයේ ජන සහභාගීත්වය හා එහි නායකත්වය නාමල් රාජපක්ෂට ලබාදීමද මහින්ද ප්රමුඛ කණ්ඩායම්වල බලාපොරොත්තුවක් විය.විශේෂයෙන් මා මීට පෙරත් මෙම කොලමෙන් පවසා ඇති පරිදි මහින්ද රාජපක්ෂගේ මුළු දේශපාලන ව්‍යාපෘතියම ගොනුවී ඇත්තේ නාමල් රාජපක්ෂගේ අනාගතය වෙනුවෙනි. නැතහොත් නාමල්ට හෙටක් තේමාවෙනි. එම පවුලේ අභ්‍යන්තර දේශපාලනයම විපක්ෂයේ දේශපාලනය බවට පත්කොට තිබේ. මෙහිදී රට තුළ ගොඩනැගී ඇති ගෝඨාභයවාදයත්, බැසිල්ගේ නායකත්වයත් වෙනුවට නාමල් රාජපක්ෂගේ නායකත්වය විපක්ෂ බලවේග ස්ථාවර කිරීම සඳහාගත් ප්‍රබලම වෑයම ලෙස මෙම ජනබලය හඳුනාගත හැකිය.මේ වෙනුවෙන් රාජපක්ෂවරු රට පුරා බෙදා ඇති මුදල් ප්‍රමාණය මිලියන 600ක් බව රජයේ බුද්ධි අංශ කියයි. විශුද්ධීකරණය නොකළ එතරම් මුදල් ප්‍රමාණයක් යෙදවීමට රාජපක්ෂවරු පෙළඹීමෙන් මෙම වැඩසටහනේ මහින්ද රාජපක්ෂට ඇති වැදගත්කම හා ප්‍රමුඛතාවය පැහැදිලි වේ.එසේම එම පක්ෂය ගොඩනැගීමේදී ග්‍රාමීය මට්ටමේ ප්‍රධාන සංවිධාන යාන්ත්‍රණය වූයේ සමෘර්ධි බළකායයි. මේ වෙනුවෙන් පළාත් පාලනයට ප්‍රථම එවකට සමෘර්ධි ඇමති එස්. බී. දිසානායක විශාල සහයෝගයක් ලබා දුන්නේය. ඔහු ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග රාජපක්ෂ බලවේගයට වසර 13කට වඩා වැඩි කාලයක් තිබූ ග්‍රාමීය දේශපාලන යාන්ත්‍රණය අහිමි විය.එම බලවේගයේම බලය පිළිබඳ බැසිල් රාජපක්ෂට හැර අනිකුත් කණ්ඩායම්වලට එතරම් අවබෝධයක් තිබුණාදැයි සැක සහිතය. එම නිසාම මාධ්‍යවලට පැමිණි දේශපාලකයන් විවිධ තර්ජන කරමින් ආණ්ඩුවට බලපෑම් කළේය. රට හා ආණ්ඩුව ආක්‍රමණය කරන බවට පාරම් පෑවේය. නමුත් මේ සියලු සිහින පුස්සක් කරමින් පස්වැනිදා කොළඹ වැටලීමේ මෙහෙයුම මේ සියවසේ ලංකා ඉතිහාසයේ විශාලම විහිළුව බවට පත්වෙමින් අවසන් විය. මෙහි ඇති අනික් ප්‍රධානම කාරණය නම් මාධ්‍යවල ආණ්ඩුව ගෙදර යවන බවට පාරම්බෑ කිසිවෙකුත් මේ සඳහා පැමිණ නොතිබීමයි. එනම් ඩලස්, වාසු, දිනේෂ්, ගම්මන්පිල මෙහි පැත්ත පළාතේ නොසිටියේය. නමුත් කුමක් හෝ දේශපාලන හේතුවකට විමල් සිටියේය. එහෙත් ඔහුගේ වෙබ් අඩවිය මෙම මෙහෙයුමට දිගින් දිගටම ප්‍රහාර එල්ල කළේය.මෙම තත්ත්වයන් සියල්ල මෙසේ තිබියදීත් රටේ පාලන බලය පතන දේශපාලන ව්‍යාපාරයක් පස්වැනිදා හැසුරුණු අකාරය අරුම පුදුමය. ඔවුන් ලක්ෂ ගණනක් එන බවට පුරසාරම් දෙඩුවාට තලවතුගොඩ හෝටලයකින් ඇනවුම් කොට තිබුණේ කෑම පාර්සල් 3000ක් පමණි. ඒ හැම කෑම පාර්සලයකම මහින්දගේ නම ගසා තිබුණි. මහින්දලා යනු රටම ණය උගුලක දැමූ වැඩවල සිට තම පාක්ෂිකයන්ට දෙන බත් පැකට්ටුව දක්වා තම නම ගසන බව ඔප්පු කළ පිරිසකි.එසේම මෙහි පැමිණි සියල්ලන්ම අධික ලෙස මත්පැන් පානය කොට තිබිණි. 81 දෙනෙකු අධික වෙරි මත නිසා රෝහල් ගතකිරීමට මෙහිදී සිදුවිය. තරු පහේ හෝටල්වල ලස්සනට වවා ඇති පොල් ගස්වල පොල් කැඩීමේ සිට ලයිට් කණුවල නැගීම, රජයේ දේපොළවලට හානි කිරීම, නගරය මැද එළිමහනේ මල මූත්‍රා කිරීම වැනිදෑ මෙහිදී සිදුවිය. මාගේ පෞද්ගලික තක්සේරුව වන්නේ නාමල් රාජපක්ෂගේ දේශපාලනය මේ මගින් වසර ගණනාවකින් පස්සට ගිය අතර, ජාතික නායකයෙකු ලෙස ඔහුට මතුවීමට තිබූ අවස්ථාවද මෙහිදී අහිමි වූ බවයි.කෙසේ වුවත් දොස්තර පාදෙණියගේ නිරුවත හෙළිවීමද මෙම පෙළපාළියේ තවත් ප්රතිඵලයකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කල්පනා කළේ ආණ්ඩුවේ පැවැත්ම අවසන් බවයි. මන්ද ඔවුන් සාපේක්ෂකව චීවරධාරීන් මෙන් දුර්වල දේශපාලනය මෙහෙයවන්නන්ය. ඔවුන් වර්ජනය කිරීමෙන් හා සිවිල් බලය යොදා තර්ජනය කිරීම දේශපාලනය ලෙස හඳුනාගෙන රටේ සියලුම කාරණාවලට මැදිහත් වෙමින් මාධ්‍යයේ ගොදුරක් බවට පත්වී තමන්ට ඇති සමාජයීය සිවිල් බලය හා ගෞරවය නැති කරගත් සමාජ කණ්ඩායමකි. එබැවින් ඔවුන් මෙතෙක් සඟවාගෙන සිටි බැටළු හම ඉවත් කර පස්වැනිදා ආණ්ඩුව ගෙදර යැවීමට එකතු විය. නමුත් රටේ කිසිවෙකුත් එම කතාවන් වැදගත් කාරණා ලෙස නොසැලකූ අතර දොස්තර සංගමයද නාමල් සමග කුජීත විය.අවසානයේ සිදුවූයේ නාමල්ට මෙන්ම පොහොට්ටුවට සෑහෙන කාලයකට දේශපාලන නැගිටීමකට ජනතාව ගොනුකිරීමට ඇති හැකියාව අහිමිවීමය. එසේම ඒකාබද්ධ විපක්ෂයේ හොරකම් කිරීමේ සංස්කෘතිය කෙතරම් බරපතළද යත් මෙම වැටලීමට වෙන්කළ මුදල්වලින් සෑහෙන කොටසක් හොරකම් කළ බවටද එකිනෙකා චෝදනා කරගන්නා බවට තොරතුරු හෙළිවෙමින් පවතී. |
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතා මෝටර් සයිකලයක් මත නිදාගෙන සිටින ඡායාරුපයක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි තුල හුවමාරු වනවා.ඊයේ දිනයේ මෙම ඡායාරූප ගෙන ඇති අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගමගෙන් ඊයේ දින පැය 12කට ආසන්න කාලයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ප්‍රශ්න කර තිබෙනවා.ඔහු නැවත පැමිණෙන තුරු ඒ අසළ මාර්ගයේ නාමල් රාජපක්ෂ මහතා රැඳී සිට ඇත්තේ ශෙහාන් සේමසිංහ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සමගින්.මන්තී‍්‍ර දිලූම් අමුණුගම උදැසන 11.30ට ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අතර ඔහු පිටව ගියේ ඊයේ රාතී‍්‍ර 11.30ට පමණ බවයි වාර්තා වන්නේ.අමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරා සහ අතුල අධිකාරි හා සමිතා එරන්දති මුදුන්කොටුවගේ දියණිය වන කාවින්ද්‍යා අධිකාරි එකට සිටින වීඩියෝ පටයක් සමාජ ජාල වෙබ් අඩවි තුලින් හුවමාරු වනවා.එහි සඳහන් වන්නේ ඔවුන් දේපළ ඉදිරි දිනක විවාහ වීමට රන් අභරණ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ද්ධ රන් භාණ්ඩ වෙළඳ සැලකට පැමිණ ඇති බවයි.මෙලෙස සමාජ ජාල වෙබ් අඩවි තුල හුවමරු වන්නේ එම වෙළඳ සැලේ රැඳී සිටි පුද්ගලයෙකු ගත් වීඩියෝ පටයක් බවයි වාර්තා වන්නේ. |
ප/ලි :- ඇගේ පුද්ගලික විස්තර හා පෑහෙන්නක් නොවන අතර , ඇය වන් දහසක් කතුන් වෙනුවෙන් ලිය වූවක් බව කරුණාවෙන් සලකන්න. |
දුරකථනය භාවිතා කළ පුද්ගලයා ඔහුගේ අනියම් සම්බන්ධය නවත්වන බවට පොරොන්දුවීම නිසාත්, මොහුගෙන් දැනගත යුත්තේ වෙනස් තොරතුරක් නිසාත් විමර්ශන නිලධාරීහූ ඔහු සමග පැවති වෛරීය කතා බහ ක්‍රමයෙන් සුහද කතා බහක් බවට පරිවර්තනය කරගත්හ. තමන් පැමිණියේ මත්පැන් බෝතලයක් ගෙනයාමට බැව් පැවසූ පැහැරගැනීමට ලක්වූ පුද්ගලයා, මෙම දෙදෙනාටද මත්පැන් පානයට ආරාධනා කළේය. මේවන විට විරසකය යම් දැන හැඳින ගැනීමකට පරිවර්තනයවී තිබුණු නිසාම සෙසු පිරිස උපායශීලි ලෙස ආරක්ෂාව සඳහා දුරින් ස්ථාන ගත කොට විමර්ශන නිලධාරීන් දෙදෙනා ඔහු සමග මත්පැන් සාදයකට එක්වූහ. වඩියක් දෙකක් හිස්වෙමින් ටික වේලාවක් ගිය පසු ක්‍රමයෙන් ඔහු සමග කතාවට වැටුණේය.“නෑ. අපි දුර යද්දි මං එක්ක යන උන් දෙන්නත් උන්ගෙ සිම් දාලා මේ ෆෝන් එකෙන් කතා කරනවා. මගේ ළඟම ඉන්න එකාගෙ ගල්ගමුව පැත්තෙ කෑල්ලක් ඉන්නවා. මිනිහ මාරෙට ලව් ඒකට. ළමයිනුත් ඉන්නවා ඒකිට. ඒත් ඒකිත් මූට පණ දෙන්න කතාව. “මෙවන් කතා බහ යමින් තිබියදී ගල්ගමුවේ සුවිනීතා සමග සබඳතාවයක් පවත්වාගෙන යන, කෞතුකාගාර සොරකමේ ප්‍රධාන සැකකරු වන ප්‍රියන්ත මේදිස් නොහොත් කංගැට්ටා මොහුගේ මිතුරෙකු බවත්, ඔහු මේවන විට සිටින්නේ මොහු සේවය කරන ‘...බීච්‘හෝටල් වැඩබිමේ බවත් විමර්ශන නිලධාරීන්ට සැකයකින් තොරව තහවුරු විය. අවසානයේදී සිවිල් ඇඳුමින් සිටින විමර්ශන නිලධාරියෙක් අවසන් තුරුම්පුව දමා ගැසුවේය.කුමක් හෝ තමන් නොදන්නා වෙනත් යමක් සිදුවන බවත්, මෙම පිරිසේ ඉලක්කය තමා නොවන බවත් ඒ මොහොතේ ඔහු අනුමාන කළේය. ඒ නිසාම ඔහු දිගින් දිගටම තමා නිදහස් කරන ලෙසත්, තමා අහිංසකයකු බැවින් තමාට වැඩබිමට යාමට අවස්ථාව දෙන ලෙසත් ඉල්ලා සිටියේය. ඒ වන විටත් මොහුගේ දුරකථනය විමර්ශන නිලධාරීන් අත පැවතිණි. මොහොතක්කල්පනාකර උපායශීලිව අවට දුරින් ස්ථානගතව සිටි නිලධාරීන් සමගද පණිවිඩ හුවමාරු කර ගැනීමෙන් පසුව පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා තීරණයකට එළඹියේය. මොහුට යාමට අවස්ථාව දුනහොත් නිසැකයෙන්ම ඔහුගේ මිතුරා වන කංගැට්ටාට ඔහු සොයා කිසිවෙකු පැමිණි බවට ආරංචිය ලැබෙනු ඇත. යළිත් වරක් ඔහු සොයා ගැනීමේ මෙහෙයුම් මුල සිට ආරම්භ කිරීමට සිදුවනු ඇත. ඒ නිසාම මේ ගැටලුව මෙතැනින් මේ මොහොතේම අවසානයක් දැකිය යුතු බව ඔහු නිගමනය කළේය.විමර්ශන නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකු මෝටර් රථයේ ඉදිරි පස අසුනට පැමිණියේය. අනෙක් නිලධාරියා තම පිස්තෝලයද සූදානම් කරගෙන දුරකථන හිමියා සමග පිටුපස අසුනට විය. රියදුරු ධර්මලිංගම් හෙමින් හෙමින් මොවුන් තිදෙනා රැගත් මෝටර් රථය ‘...බීච් හෝටල් වැඩබිම අසලට ගෙනාවේය. මේ අතර ඉදිරිපස අසුනේ සිටි නිලධාරියා සෙසු නිලධාරීන් සමග දුරකථනයෙන් සම්බන්ධීකරණය වෙමින් ඔවුන් සියලුම දෙනා අදාළ වැඩබිම අවට රැකවල්හි යෙදුවේ හදිසි උපකාරයක් අවශ්‍ය වුවහොත් අවදානම අවම කර ගැනීමටය.වැඩබිම සම්පූර්ණයෙන්ම තහඩුවලින් ආවරණය කර තිබුණු අතර දොරටුව පමණක් වැසීමට හා විවර කිරීමට හැකි තහඩු දොරකින් සමන්විත විය. එතැන ආරක්ෂක කුටියකි. එම ස්ථානයේ හෙල්මට්, ජැකට් හා ඇතැම් උපකරණ අංක යොදා ගබඩා කර තිබුණු අතර වැඩබිමට ඇතුළුවෙන්නන් තම තමන්ගේ හෙල්මට් හා උපකරණ එතැනින් ගෙන වැඩබිමට ඇතුළුවිය යුතු විය. පිටස්තර පුද්ගලයින්ට වැඩබිමට ඇතුළුවීම ‘සපුරා තහනම්‘ වන බවට දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබිණි. එකී දැන්වීම් ප්‍රකාරවම ආරක්ෂක නිලධාරීන් වහා පිරිස නැවැත්වීය. පළමුව එක් නිලධාරියෙකුද, දෙවෙනුවට වැඩබිමේ සේවකයා වූ දුරකථන හිමියාද, ඔහු පසුපසින් අනෙක් නිලධාරියාද වූහ.“අපි පොලීසියෙන්. අපට හදිසියකට ඇතුළට යන්න ඕන“ඉදිරියෙන් ගිය විමර්ශන නිලධාරියා එක් අතකින් තම රාජකාරි හැඳුනුම්පතද, අනෙක් අතින් තමා අත ඇති පිස්තෝලයද පෙන්වීය.“යමං.. මිනිහා හිටපු තැන පෙන්නපන්“ නිලධාරියෙක් ඔහු ඉදිරියට තල්ලු කළේය. ඉදිරියට ටික දුරක් ගිය ඔහු එක් තැනක නතර විය. වැඩබිමේ තැනින් තැන හිටපු කිහිපදෙනකු සිදුවන්නේ කුමක්දැයි බිරාන්තව බලා සිටියා විනා වචනයක් හෝ පිට කළේනැත. පණිවිඩය කෙසේ හෝ ලබාදී මොහු විසින් සැකකරුට පිටව යන ලෙස සංඥා කළේදැයි මොහොතකට විමර්ශන නිලධාරීන්ට සැකයක් ඇති විය. එහෙත් ඔහුගේ දුරකථනයද, තවමත් තමන් අත බැවින් එවැන්නක් කිරීමට ඉඩ ප්‍රස්ථාව පවතින්නේ ඉතාමත් අවම වශයෙන් බැව් ඊළඟ මොහොතේ ඔවුන්ට ඒත්තු ගියේය.“මේක කරන්න බෑ. මිනිහා එන්නෙ නැත්නම් ඔහේ අපෙන් නිදහස් වෙලා යන්නෙත් නෑ. තේරුණාද? නිලධාරියෙක් ඔහුට තර්ජනය කළේය.“අනේ සර් මං දන්නෙ නෑ. මං එළියට යද්දි මෙතැන හිටියා. සමහර දවස්වල අන්න අතනින් රිංගලා මිනිහා බීච් එකට යනවා කුඩු ගහන්න. එතැනින් බලන්න“ ඔය තහඩුවක් ඈත්වී ඇති තැනක් පෙන්වීය. ඔහුද තල්ලු කරගෙනම විමර්ශන නිලධාරීන් එතැනට පැමිණියහ. ඔහු කීවා නිවරදි විය හැකිය. එතැනින් සීරුමාරුවට කෙනෙකුට මාරුවිය හැකිය. දුරකථන හිමි පුද්ගලයාද එතැනින් එළියට යැවූ නිලධාරීන් දෙදෙනාද, එතැනින්ම යළි වෙරළට ගොඩබැස්සේය.“සර්.. අන්න අර බෝට්ටුවල මිනිහා ඉන්න පුළුවන්. සමහර දාට කුඩු ගහලා ඕවායේ නිදාගන්නවා“ ඔහු දුර තියා කීවේය.ඔහුගේ අනුමාන කිරීම නිවරදි විය. කිසියම් පුද්ගලයෙකු වෙරළ අයිනේ නවතා තිබුණු ධීවර බෝට්ටු කිහිපයෙන් එකක දිගාවී දුම් වැටියක් උරමින් සිටියේය. අසල විදුලි බල්බයකින් ඔහුගේ හැඩරුව තරමක් දුරට දැකගත හැකිවිය. පොලිස් පරීක්ෂකවරයා වහාම පිස්තෝලය එල්ල කරගෙනම ඔහු අසලට පැන්නේය.“ආහ් ඇත්තද? ඔව්. අපිත් සෑහෙන දවසක ඉඳලා බලාගෙන හිටියේ තමුන් හම්බවෙන්න තමයි.. දැන් නැඟිටිනවා..“ ප්‍රියන්ත මේදිස් හෙවත් කංගැට්ටා තමන් දිගාවී සිටි බෝට්ටුවෙන් නැඟිටින අතරවාරයේ වැඩබිම අවට දුරින් ස්ථාන ගත කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීහූ එතැනට එක් රොක් වූහ. සැකකරුට එකෙණිහිම මාංචු දමා දුරින් නවතා තිබුණු ජීප් රථයකට රිංගවනු ලැබිණි. සැකකරු හඳුනාගැනීමට අනියමින් සහය වුණු වැඩබිමේ අනියම් පෙම්වතා හෙවත් සැකකාර දුරකථනයේ හිමිකරු එතැනට ළංවිය.“දෙන්නම්. ඇත්තමයි ඔහේ අපට අදාළම නෑ. ඔයා අපේ කෙල්ලෙක් එක්ක තිබ්බ සම්බන්ධයක් ගැන කියලා ඔහේව බය ගැන්නුවා තමයි. ඇත්තටම ඒ සම්බන්ධය මොකක්ද කියලා අපි හොඳට දන්නවා. අපට ඕන වුණේ මෙයා අල්ලාගන්න ඔයාගෙන් උදව්වක් ගන්න විතරයි. බොහොම ස්තූතියි අපට උදව් කළාට. අපි ගිහින් එන්නම්. අපි. සී.අයි.ඩී එකෙන්“ඔහුගේ දුරකථනය ඔහු අතටම දී පිටට තට්ටුවක් දමා විමර්ශන නිලධාරීන් එන්නට හැරුණේය. පුරා මාස ගණනාවක් තිස්සේ විවිධ ගැහැට හා බොහෝ දුෂ්කරතාවන්ට මුහුණදෙමින් සෙවූ කෞතුකාගාර සොරකමේ ප්‍රධාන සැකකරු ලංසාගේ ප්‍රියන්ත මේදිස් නොහොත් බලයා නොහොත් බල ඔළුවා හෙවත් කංගැට්ටාගේ කට්ටිපැනීමේ පරිච්ඡේදය එතැනින් නිමාවිය. ඒ 2012 ඔක්තෝම්බර් මස 27 දාය. අත්අඩංගුවට පත්වූ කංගැට්ටා රැගත් ජීප් රථයට සන්නද්ධව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනෙක් ගොඩවූහ. එකී ජීප් රථය ඉදිරියෙන් යද්දී පිටුපසින් පොලිස් අධිකාරී පාලිත පනාමල්දෙණිය මහතාගේ උපදෙස් පරිදි මෙම මෙහෙයුමේ විමර්ශන නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක නිශාන්තද සිල්වා,පොලිස් පරීක්ෂක රාජකරුණා, උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක ආදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැගත් මෝටර් රථය කොළඹ බලා ඇදිණි.පසුදින සියලුම ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය බවට පත්වූයේ පුරා මාස ගණනාවක් තිස්සේ සොයන ලද කෞතුකාර සොරකමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් පුවතයි. මේ සමගින් ඇතැමුන් සැනසුම් සුසුම් හෙළන්නට වුවද, තවත් පිරිසක් මෙම සිදුවීම පවා සැක කරන්නට වූහ. ‘කුඩු කාරයෙකුට පුළුවන්ද මෙච්චර දෙයක් කරන්න‘ඔවුන් මෙම සැකකරු අත්අඩංගුවට පත්වීමේ සිදුවීම දෙස බැලුවේ වපර ඇසිනි. කෞතුකාගාර සොරකමෙන් අනතුරුව සැලකිය යුතු කාලයක් යනතුරු ඒ පිළිබඳ නිවැරදි තොරතුරක් දැනගැනීමට හෝ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම නිසා ඒවන විටත් සමාජය තුළ මේ සම්බන්ධයෙන් පැතිර පැවති කටකතා, ඕපාදූප දැඩිව විශ්වාස කිරීමට ඇතැමුන් සැදීපැහැදී සිටියහ. අනෙක් අතට කංගැට්ටා යනු හුදෙක් කුඩුකාරයෙක් බැව් පමණක් මිස ඔහුගේ පවුල් පසුබිම, සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස ඔහුගේ අපරාධ ඉතිහාසය, ඔහුගේ හැකියාවන් පිළිබඳ මාධ්‍යකරුවන් පවා වැඩිදුර තොරතුරු නොදැනසිටීමත්, ඒ පිළිබඳ ගවේෂණය නොකර සංසිද්ධි මතුපිටින් ස්පර්ශ කරමින් වාර්තා කිරීමත් එයට හේතුවූවා නිසැකය. ඒ නිසාම ඔහු විසින් මෙම අපරාධය සැලසුම් කිරීමේ සුලමුල සෙවීමේදී ඔහුගේම පාපොච්චාරණය මෙන්ම ඔහුගේ අපරාධ ඉතිහාසය පිළිබඳ දිවයිනේ වෙනත් පොලිස් ස්ථාන, බන්ධනාගාර ආදියෙහි ලියැවී ඇති සටහන් අතිශය වැදගත්ය.ලංසාගේ ප්‍රියන්ත මේදිස් උපත ලබන්නේ පස්දෙනෙකුගෙන් යුතු පවුලේ දෙවැන්නා ලෙසය. පැල්පත් නිවාස ආශ්රිත පවුල් පසුබිම තුළ කුඩා කල සිටම ඔහුට නිසි මගපෙන්වීමක් නොවීය. අසල්වැසියන් හේතුවෙන් ක්‍රමයෙන් මත්කුඩු භාවිතයට නැඹුරුවීම නිසාම අධ්‍යාපන කටයුතු අතරමගදී ඇණහිටී මොහුට මත්කුඩු මිලදී ගැනීමට නිතර නිතර මුදල් අවශ්‍යවීමත්, පවුල තුළ රැකවරණයක් හෝ යහමින් මුදල් නොතිබීමත් නිසාම පුංචි පුංචි සොරකම් සඳහා යොමුවිය. මේ අතර දේශපාලන දැනහැඳුනුම්කමක් මත අනියම් තැපැල් සේවකයකු ලෙස මුලින්ම පිළියන්දල ප්‍රදේශයේ තැපැල් කන්තොරුවක සේවය කිරීමට මොහුට හැකිවිය.නත්තල් හා අලුත් අවුරුදු සමය ළංවෙද්දී බොහෝ සේවකයින් කල්තියා නිවාඩුගෙන ගම්රට බලා යාමත්, එම කාලයේ සාපේක්ෂ වශයෙන් ලියුම්, ත්‍යාග ආදිය තැපෑලෙන් වැඩි වශයෙන් හුවමාරුවීමත් නිසා තාවකාලික ලියුම් බෙදන්නකු ලෙස කටයුතු කරන්නට ඔහුට අවස්ථාව උදාවෙයි. එකී අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා මොහු තැපෑලෙන් එන ඇතැම් පාර්සල් ලිහා බලා වටිනා කියන දෙයක් වෙත්නම් එහි හිමිකරු වෙත ලබානොදී සොරකම් කිරීමට පෙළඹෙයි.උත්සව සමයේ ගොඩගැසෙන ලියුම්වලට පිටතින් විදුලි පන්දමක් එල්ල කොට එහි ඇතුළත ඇතැම්විට නෝට්ටු, චෙක්පත් ආදිය ඇති වග දැනගන්නා මොහු ඒවාද නිසි හිමිකරුවන් වෙත ලබානොදි තමන් සතුකරගනියි. මෙම නීති විරෝධී හා සදාචාර විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි වැඩිවන විට සේවයට වාර්තා නොකරන මොහු රැකියාව හැරදමා එයි. පැමිණිලිවලට අදාළව සිදුකෙරෙන පරීක්ෂණ සඳහා පොලීසිය මොහු සොයා එන විට ගමෙන් පිට පැන සැඟවෙයි.පාසල් අධ්‍යාපනය අතරමග නැවතුණු පසු විටෙන් විට ජිම්නාස්ටික්, ජූඩෝ ආදී ආත්ම ආරක්ෂක සටන්කලා ටික කලක් ප්‍රගුණ කර ඇති ප්‍රියන්ත මේදිස් තමන් ඉගෙනගත් එකී දෙයට වැඩි ඇල්මක් හා දක්ෂතාවක් දක්වා තිබේ. ඒ නිසාම ජූඩෝ සටන් කලාව ඔහුට ඉගැන්වූ බැද්දගානේ ජූඩෝ මාස්ටර් විසින් තැපෑලේ රස්සාව අත්හැරුණු මොහු තමන් ළඟට කැඳවයි.“උඹ ඉතිං වැඩකාරයානෙ. රස්සාවක් නැති එකේ මගේ ක්ලබ් එකට ඇවිත් ඒකෙ තියෙන වැඩක් බලාගෙන ඉඳින්. මෙතෙන්ටත් ඉතිං එක එක විදිහේ එවුන් යනවා එනවානේ“බාරගත්තේ කාරණා දෙකක් නිසාය. පළමුවැන්න තැපෑලේ හොරකම් කිහිපයක් සම්බන්ධයෙන් තමන් සොයාගෙන පැමිණෙන පොලීසියේ මහත්තුරුන්ගෙන් ගැලවීමට නම් ගමට නොයා යම් දේශපාලන හයියක් සහිත තැනක රැඳීමය. දෙවැන්න නම් එදාවේල යැපීමටත්, මත්කුඩු මිලදී ගැනීමටත් අතට යම් මුදලක් අවශ්යවීමය. මේ කාරණා දෙක ඉටුවීම නිසා ඔහු මාස්ටර්ට අයිති බැද්දගාන සමාජශාලාවක සේවයට යයි. |
හරිත විප්ලවය හරහා ලෝකයා ආහාරවලට වස විස එකතු කර අනුභව කළත් මෙරටේ අතීතයේ සිටි මිනිසුන් ආහාරවලට කිසිදු කෘත්‍රීම ද්‍රව්‍යයක් එකතු කළේ නැත. එහෙත් හරිත විප්ලවය ලංකාවට හඳුන්වා දීමට රටේ බලධාරීන් කටයුතු කිරීමත් සමග රාජ්‍ය නිලධාරීන්ගේ උපදෙස් ඉහළින්ම පිළිගන්නා මෙරටේ බහුතර වූ ගොවි ජනතාවත් කිසිදු සොයා බැලීමකින් තොරව හරිත විප්ලවයෙන් බිහිවූ දේවල් වැලඳ ගැනීමට කටයුතු කළේය. එයින් බිහි වූ බීජ, කෘෂි රසායන වල්නාශක, රසායනික පොහොර මේ භූමිය තුළ භාවිත කිරීම හේතුවෙන් වසර දහස් ගණනක් තිස්සේ මෙරටේ ජනතාව රටට දායාද කළ පාරම්පරික බීජ ටික මුලින්ම රටට අහිමි විය.හරිත විප්ලවය හරහා බිහි වූ බොහෝ බහුජාතික සමාගම්වල මූලිකම අරමුණ වී තිබුණේ බීජ ඒකාධිකාරියක් ගොඩනැගීමය. ඒ අනුව ඔවුන් ලෝකයාට හොර රහසේ මරාගෙන මැරෙන බීජ නිෂ්පාදනය කළ අතර, මෙම බීජයකින් හටගන්නා පුෂ්පයක රේණු අප රටේ පාරම්පරික බීජයකින් හටගන්නා පුෂ්පයක රේණු සමග ගැටීමකට ලක්වීමේදී දේශීය බීජයෙන් හටගන්නා ඵලදාවේ රෝපණය වීමේ ශක්තිය හීන වී යයි.වසර 2500කට වැඩි ඉතිහාසයක් ඇති අප රටේ ගොවීන් ඉදිරි වගාවන් සඳහා බීජ ලබාගත්තේ එක් වගා කන්නයකදී ලැබෙනා අස්වැන්නෙන් හොඳම කොටස උපයෝගී කරගෙනය. මෙසේ දේශීය බීජ වඳ බීජ බවට පත්වීම නිසා සෑම වගා කන්නයකදීම සමාගම් මගින් නිපදවන බීජ මිලදී ගැනීමට මෙරටේ ගොවීන්ට සිදු වූ අතර, එහිදී බීජ සමග වල්ශාක, බීජ හා බැක්ටීරියා කවලම් කිරීමට බහුජාතික සමාගම් කටයුතු කරනු ලැබිණි. අනතුරුව වල් මර්දනයට, කෘමි මර්දනයට, වල්නාෂක, කෘමිනාශක නිර්මාණය කිරීමට බීජ නිෂ්පාදන සමාගම් කටයුතු කළේය. මීට අමතරව බහුජාතික සමාගම් මගින් බීජවලින් හොඳ අස්වැන්නක් ලබාගැනීමට රසායනික පොහොරත් හඳුන්වා දුන් අතර, ඉන්පසුව හරිත විප්ලවය හරහා ලොවට හඳුන්වා දුන් පලතුරු ඉදවීම සඳහාත්, විෂ රසායන වර්ග නිෂ්පාදනය කිරීමට බහුජාතික සමාගම් කටයුතු කළේය.මේ නිසා අකාලයේ රෝගී වන ජනතාව බේරා ගැනීමට ඉතාමත් සුළු පිරිසක් අරගලයක් ආරම්භ කළ අතර යම් කාලයකදී අරගල කිරීම තුළින් ජයග්‍රහණ කිහිපයක් අත්පත් කර ගත්තත් මේ රටේ ජාවාරම්කාර දේශපාලනඥයන් කිහිප දෙනෙකුට හා ජාවාරම්කාර නිලධාරීන් කිහිප දෙනෙකු විසින් එම ජයග්‍රහණ බිමට සමතලා කළේය. මෙවැනි තත්ත්වයක් තිබියදී ජාවාරම්කරුවන්ට අභියෝග කරමින් කොළඹ මැනිං වෙළෙඳ පොළේ වෙළෙඳුන් රටට ආදර්ශයක් දෙන කටයුත්තකට මුලපුරා තිබේ. ලංකාවේ නිෂ්පාදනය කරන බොහෝ පලතුරු රට පුරා විසිරී යන්නේ මැනිං වෙළෙඳ පොළ මූලික කර ගනිමින් වන අතර, මැනිං වෙළෙඳ පොළේ පලතුරු වෙළෙඳුන් පලතුරු ඉදවීම සඳහා ස්වාභාවික ක්‍රම භාවිත කිරීම හේතුවෙන් මෙරටේ බොහෝ ජනතාවට වස විසෙන් තොර පලතුරු අනුභව කිරීමේ අවස්ථාව හිමිවී තිබේ. මේ පිළිබඳව විමසීමට මෙම කටයුත්තට දායක වූ බලධාරීන් කිහිප දෙනෙකු සමග අප මෙසේ සාකච්ඡා කළෙමු.මැනිං වෙළෙඳ පොළේ කිසිදු වෙළෙන්දෙක් රසායනික ද්‍රව්‍ය වෙළෙඳ පොළ තුළටවත් රැගෙන එන්නේ නැහැ දේශබන්දු ලාල් හෙට්ටිගේ (සභාපති) - මැනිං මාර්කට් පොදු වෙළෙඳ සංගමයවස විසවලින් ජනතාව බේරාගැනීමේ අරමුණින් අපි දැඩි තීන්දුවක් ගෙන තිබෙනවා. මේ අනුව මැනිං වෙළෙඳ පොළ තුළදී කිසිදු පලතුරකට රසායනික ද්‍රව්‍ය ඉසින්න බැහැ. පලතුරු ඉදවීමට අවශ්‍ය නම් ඒකට පාරම්පරික ක්‍රම භාවිත කළ යුතු වෙනවා. ඒ සඳහා අවශ්‍ය දැනුම පහසුකම් වෙළෙඳුන්ට ලබාදීලා තියෙන්නේඒ වගේම ඉදවීම සඳහා රසායනික ද්‍රව්‍ය භාවිත කරලා තිබුණොත් එම පලතුරු මැනිං වෙළෙඳ පොළට භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමටත් කටයුතු කරනවා. රසායනික ද්‍රව්‍ය යොදා තිබෙනවාද කියා සොයා බැලීමට අපිට ක්‍රම‘වේද තියෙනවා. මේ නිසා පලතුරු රැගෙන එන ලොරියක කුඩා පලතුරු ප්‍රමාණයකට හරි රසායනික ද්‍රව්‍ය යොදා තිබුණොත් පලතුරු ලොරියම ප්‍රතික්ෂේප කරනවා. මේ නිසා මැනිං වෙළෙඳ පොළට පලතුරු රැගෙන එන වෙළෙඳුන්, ගොවි ජනතාව, මැනිං වෙළෙඳ පොළට ස්වාභාවික ආකාරයට පලතුරු රැගෙන ආයුතු වෙනවා.සියලු දෙනාම එකතුවී මෙම කටයුත්ත සිදුකරන නිසා මැනිං වෙළෙඳ පොළේ කිසිදු වෙළෙන්දෙක් රසායනික ද්‍රව්‍ය වෙළෙඳ පොළ තුළටවත් රැගෙන එන්නේ නැහැ. මෙම වැඩපිළිවෙළ සාර්ථක වීමට එය ප්‍රධාන හේතුවක්.මැනිං වෙළෙඳ පොළ තුළ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ රටේ තියෙන විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන 11 තුළත් ක්‍රියාත්මක කරනවා. වැලිසර, නුවරඑළිය, මීගොඩ, දඹුල්ල, තඹුත්තේගම, කැප්පෙටිපොළ, වේයන්ගොඩ, නාරාහේන්පිට, අැඹිලිපිටිය, නොරොච්චෝලේ, බෝකුන්දර, ආර්ථික මධ්‍යස්ථාන හරහා දෛනිකව විශාල පලතුරු ප්‍රමාණයක් හුවමාරු වෙනවා. මේ නිසා ස්වාභාවික ක්‍රම මගින් පලතුරු ඉදවීමට ආර්ථික මධ්‍යස්ථාන කටයුතු කිරීමත් සමග රටේ බොහෝ ජනතාවට සෞඛ්‍යයට හිතකර පලතුරු අනුභව කිරීමේ අවස්ථාව හිමිවෙනවා.ජනතාවත් හොඳ පලතුරු තෝරා ගැනීමට කටයුතු කළ යුතු වෙනවා. එහෙම කළොත් මුලින්ම පලතුරු ඉදවීමට භාවිත කරන වසවිස රටින් තුරන් කිරීමට හැකියාව තියෙනවා.ආර්ථික මධ්‍යස්ථාන තුළ පලතුරු ඉදවීම සඳහා රසායනික ද්‍රව්‍ය භාවිත නොකරන ලෙසට වෙළෙඳ ප්‍රජාව දැනුවත් කරලා තියෙන්නේ. ඒ වගේම ස්වාභාවික ක්‍රමයට ඉදවීම සිදුකරන ආකාරය පිළිබඳවත් වෙළෙඳුන් දැනුවත් කරලා තියෙන්නේ. මේ නිසා මැනිං වෙළෙඳ පොළ ආරම්භ කරලා තියෙන නීති රීති ඉදිරියේදී ආර්ථික මධ්‍යස්ථානවලටත් හඳුන්වා දෙනවා.වස විසෙන් තොර රටක් හදාගැනීම සඳහා වසර 10ක සිට අරගල කරනවා. ඒත් රට ගැන හැඟීමක් නැති, මිනිස්සු ගැන හැගීක් නැති දේශපාලනඥයන් කිහිප දෙනෙකු රටේ මිනිසුන්ට වස විස කැවීමට කටයුතු කරමින් සිටිනවා. ඒ වගේ තියෙන කාලයකදී මැනිං වෙළෙඳ පොළේ ව්‍යාපාරිකයන්, වෙළෙඳ සංගමය එක්ව ගත්ත මෙම තීන්දුව බලගතු එකක්. අපිට මුලින් ප්‍රශ්නයක් තිබුණා වස විසෙන් තොර රටක් නිර්මාණය කර ගැනීමට යෑමේදී අපිට ජීවිත පරිත්‍යාග කිරීමට සිදුවුවහොත් අප පස්සෙන් සිටින්නේ කවුද කියලා. ඒත් වෙළෙඳ ප්‍රජාව වගේ බලගතු පිරිසක් වස විසෙන් තොර රටක් නිර්මාණය කර ගැනීමට ඉදිරිපත් වෙලා තියෙනවා.හරිත විප්ලවය සිදුවුණාට පස්සේ එය සොයාගත් විද්‍යාඥයාට නොබෙල් ත්‍යාගය පවා හිමිවුණා. එදා එතුමා මේ වගේ විනාශයක් ගැන හිතන්නේ නැතිව ඇති. ඒත් බහුජාතික සමාගම් විසින් මෙය විනාශකාරී තත්ත්වයට පත් කළා. පලතුරු ඉදවීම සඳහා වෙළෙඳ පොළට නිකුත් කරන රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ප්‍රධාන සමාගම් ගැන රසායනික බෝතලයේ අඩංගු නැහැ. මේ නිසා යම් දෙයක් සිදුවුණත් නඩු පවරන්න කෙනෙක් නැහැ. පලතුරු ඉදවීම සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය 300කට වඩා රට තුළ තිබෙන බවට වාර්තා වෙනවා. 2013 වසරේදී රසායනික වර්ග 30ක් මැලේසියාවට ගිහිල්ලා පරීක්ෂණ කළා එතැනදී පරීක්ෂණ නිලධාරියා ඇහැව්වා මේවා භාවිත කරලා ඉදවන පලතුරු කන රටේ මිනිසුන් ඉන්නවද කියලා.මහා පොෙළාවට වස විස ගහනවා ඒ වගේම පලතුරු ඉදවන්නත් වස විස ගහනවා. අවසානයට සැවොම රෝගීන් වෙනවා. පලතුරු ඉදවීම ගත්තම අපේ රටට පාරම්පරික ක්‍රම රාශියක් තියෙනවා. ඒ ක්‍රමයට පලතුරු ඉදවීම හරහා රසය වගේම ගුණයත් සුරක්ෂිත වෙනවා. ඒත් බහුජාතික සමාගම් හඳුන්වා දුන් රසායනික ක්‍රම හරහා මිනිසුන්ට පිළිකා, වකුගඩු රෝග ඇතිවීම වගේම වෙනත් ශරීර ආබාධ රාශියක් ඇති වෙනවා.ජනතාවගේ සෞඛ්‍යය ගැන හිතලා මැනිං වෙළෙඳ පොළේ වෙළෙඳුන් යහපත් ක්‍රියාවක් සිදුකරනවා. ඒ සඳහා සම්පූර්ණ මගපෙන්වීම සිදුකළේ මමයි. ස්වාභාවික ක්‍රමයට පලතුරු ඉදවීම පිළිබඳව වෙළෙඳ සංගම් මට්ටමින් වෙෙළඳුන් දැනුවත් කිරීමට මම සූදානම් වෙලා ඉන්නේ. මෙම වැඩපිළිවෙළ යටතේ දැනට මැනින් වෙෙළඳ පොළේ වෙළෙඳුන් වගේම නුවරඑළිය ප්‍ර‘දේශයේ පලතුරු වෙෙළඳුන් දැනුවත් කරලා තියෙන්නේ. ස්වාභාවික ක්‍රමයට පලතුරු ඉදවන එක අමාරු වැඩක් නොවෙයි. මෙහිදී වෙළෙඳුන්ට විශේෂ වාසියක් අත්වෙනවා. මොකද රසායනික ද්‍රව්‍ය මිලදී ගන්න වියදම් වන මුදල ඉතුරු වෙනවා.මීට වසර 12ක් විතර වෙනකම් රසායනික ද්‍රව්‍ය යොදාගෙන විශාල පලතුරු ප්‍රමාණයක් ඉදවීමකට ලක්කලා. මම මුලින් පලතුරු ඉදවීම සිදුකළේ ස්වාභාවික ක්‍රමයට. සරලව කියනවා නම් කුඩා කාමරයකට පලතුරු දාලා. පරඬැල් පොඩි මුට්ටියකට දාලා ඒ තුළට ගිනි අඟුරක් දාලා පිම්බම දුම ඇතිවෙනවා. ඊට පස්සේ මුට්ටිය කාමර ඇතුළේ ටික වෙලාවක් තියලා එළියට ගන්නවා. පස්සේ කාමරය වසා දමනවා. මේක ඉතාමත් සරල ක්‍රමයක්. ඒ වගේම ඝන ඉටිරෙද්දකින් පලතුරු ටික හොඳට වහල තිබ්බත් නිකම්ම ඉදෙනවා.මැනිං වෙෙළඳ පොළ ආරම්භ වූ කාලයේදී මෙම ක්‍රමය භාවිත කළා. ඒත් නිලධාරීන් රසායනික ක්‍රම පිළිබඳව දැනුවත් කිරීම නිසා අපිත් නොදැනුවත්වම එම ක්‍රමයට හුරු වුණා. ඒ තුළින් රටේ ජනතාවට වස විස කැව්වා. ඒ වගේම අපේ පවුල්වල පිරිස්වලටත් පලතුරු හරහා වස විස කැව්වා. ඒත් දැන්නම් රසායනික ද්‍රව්‍ය පැත්ත පළාතකට ගෙන්නේ නැහැ. මම පලතුරු අරන් සිල්ලරට වගේම තොගයට විකුණනවා. දැන් කාටවත් බයවෙන්න දෙයක් නැහැ.“මැනිං වෙෙළඳ පොළ තුළ වසර 25කට වැඩි කාලයක් මම වෙෙළඳාම් කරනවා. පලතුරු සිල්ලර ක්‍රමයට අලෙවි කරනවා. අපි පලතුරුවලට රසායනික ද්‍රව්‍ය ගැහැව්වේ ඉතාමත් අඩුවෙන්. මොකද පලතුරු තොගය ගනිද්දී ඒ අය රසායනික ද්‍රව්‍ය ගහලා දෙන්නේ. ඒත් මහාචාර්ය චන්න ජයසුමන මහතා සිදුකළ දැනුවත් කිරීම්වලට අනුව අපි තේරුම් ගත්තා මේක වැරදි ක්‍රමයක් කියලා. මේ නිසා සිල්ලර වෙළෙඳාම් කිරීමට ගත්ත පලතුරු ස්වාභාවිකව ඉදවලා තියෙනවද කියලා මම හොඳට හොයලා බලනවා වස විස බලනවා. එහෙම නොතිබුණොත් මිලදී ගැනීමක් සිදු කරන්නේ නැහැ.මැනිං වෙළෙඳ පොළ තුළ පලතුරු ඉදවීමට රසායනික ද්‍රව්‍ය භාවිත නොකරන නිසා මැනිං වෙෙළඳ පොළ තුළින් තොගයට හෝ සිල්ලරට පලතුරු ගැනීමේදී ජනතාව බයක් ඇති කර ගත යුතු නැහැ.&මම අලෙවි කරන්නේ කෙසෙල්. කෙසෙල් වෙෙළඳාම ආරම්භ කරලා වසර 28කට වැඩියි. මුලින්ම ස්වාභාවික ක්‍රමයට කෙසෙල් ඉදවීම සිදුකළා. නිලධාරීන් එකතුවෙලා අලුත් ක්‍රමයක් කියලා රසායනික ද්‍රව්‍ය යොදන එක හඳුන්වා දුන්නා. ඒක නිසා ස්වාභාවික ක්‍රම ටික කාලයකට නතරවෙලා ගියා. කොහොම හරි රසායනික ද්‍රව්‍ය යොදලා කෙසෙල් ඉදවීම තුළින් මිනිස් ශරීරයට වස විස ඇතුළු වෙනවා කියලා අපි දැන් දැනුවත්. මේ නිසා ජනතාව වෙනුවෙන් හිතලා මම කෙසෙල් ඉදවීම සිදුකරන්නේ ස්වාභාවික ක්‍රමයටයි.මම කෙසෙල් තොග වශයෙන් ගෙන්වනවා. ගොවීන්ට ව්‍යාපාරිකයන්ට කියලා තියෙන්නේ ස්වාභාවිකවම කෙසෙල් ටික මැනිං වෙෙළඳ පොළට එවන්න කියලා. මේ නිසා ඉදවීම සිදුකරන්නේ මම. ඒක නිසා ජනතාව මැනිං වෙළෙඳ පොළේදී පලතුරු ගැනීමේදී අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැහැ.මැනිං වෙළෙඳ පොළෙන් පිටත රසායනික ද්‍රව්‍ය යොදවලා ඉදවීමකට ලක්කරන ගස්ලබු අලෙවි කරනවා. මේවා වැළැක්වීමට ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයිඅවුරුදු 10ක පමණ පෙර සිට මම මෙහි ගස්ලබු වෙළෙඳාම ආරම්භ කළා. මුලින්ම දේශීය ගස්ලබු අලෙවි කරපු නිසා ස්වාභාවික ලෙස ඉදවීමකට ලක්වෙන ගස්ලබු අලෙවි කළා.ඒත් දෙමුහුන් තාක්ෂණයට අනුව නිෂ්පාදනය කරන ගස්ලබු ඉදවීම් සඳහා අනිවාර්යයෙන්ම රසායනික ද්‍රව්‍ය භාවිත කිරීමට සිදුවුණා. එහෙම නැතුව ස්වාභාවික ක්‍රමයට දෙමුහුන් ගස්ලබු ඉදවීම නෑ. එහෙම කිරීමට යෑමේදී ගෙඩියට හානි සිදුවුණා. අවාසනාවන්ත කරුණ වෙලා තියෙන්නේ දේශීය ගස්ලබු සොයාගන්න බොහොම අමාරු වීමයි. ඒක නිසා බලධාරීන් දේශීය ගස්ලබු වගා ප්‍රචලිත කිරීමට කටයුතු කළ යුතු වෙනවා. කොහොම වුණත් රසායනික ද්‍රව්‍ය ගෙඩියට ඍජුවම ස්ප්‍රේ කරලා තියෙන ගස්ලබු අපි මිලදී ගන්නේ නැහැ. ඒ වගේම ගස්ලබු ඉදවීම සඳහා අපි මැනිං වෙළෙඳ පොළ තුළදී කිසිදු රසායනික ද්‍රව්‍යයක් භාවිත කරන්නේ නැහැ. මිනිස්සු අපෙන් ඇවිල්ලා අද කන්න, හෙට කන්න පුළුවන් ආකාරයට ගස්ලබු ඉල්ලනවා. මේ නිසා මැනිං වෙළෙඳ පොළෙන් පිටත ස්ථානවලදී රසායනික ද්‍රව්‍ය යොදවලා ඉදවීමකට ලක්කරන ගස්ලබු අලෙවි කරනවා. මේ නිසා මේවා වැළැක්වීමට ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. |
විකසිත වන මිනිස් අදහස් වාරණය කල හැකි බව ඔප්පු කර ඇත. එහෙත් අදහස් විකසිත වීම නැවතිය නොහේ. පුංචි අව් රැල්ලකටත් හේබා යන මීවන පඳුරු මෙන් ළදරු අවධියේ වැඩෙන ලාංකීය බ්ලොග් අවකාශයට පරිනාමීයව ගත්කල ඔබගේ බ්ලොගයට සිදුව ඇති දෙය සාධනීය වනු ඇත.ශුශ්ක ලාංකීය පොළොවේ මීවන පඳුරක් හෝ වැවීමට ඔබ ගත් උත්සාහය අගනේය. ඔබ රචනාවන්ගේ ආශ්වාදය මත උපන් එවන් මීවන පඳුරු මතු දිනෙකදී කවර හෝ ශුශ්ක පරිසරයක වුව විකසිත වන ආශ්වාදනීය පතොක් මල් යායක් නිමවනු ඇත. සයිබර් අවකාශයේ ඔබ වාරණය කල හැකි මුත්, පාඨක සිත් තුල ඔබ තබා ගිය අඩි සළකුණු වාරණය කල නොහැකි වනු ඇත.මා ඔබගේ ඇතැම් අදහස් හා එකඟ නොවූ අවස්ථා තිබිණි. එහෙත් ඔබගේ අදහස් ප්‍රකාශයේ නිදහස් අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නට එය බාධාවක් නොවේ. ඔබ කවුද යන්නද මම නොදනිමි. එමෙන්ම එය දැනගැනීමේ හෝ ඔබ දැන හඳුනා ගැනීමේ අවශ්‍යතාවක්ද මා හට නැත. එහෙත් ටැබූ සබ්ජෙක්ට්ස් අඩවිය මත ඔබ හෙළා ඇති මහත් ශ්‍රමය මා අගයමි.මෙවන් පොදු අවකාශයක 'අප' යනුවෙන් පෙනීසිටින්නට මා හට අවසරයක් ඇතිදැයි නොදනිමි. එබැවින් මේ දුෂ්කර අවස්ථාවේ ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් මගේ පෙනී සිටීම පිළිගන්න.ටැබූගේ දැක්ම ඇතැම්විට ප්රශ්නකාරීවුනත්,බ්ලොග් අවකාශයේ තමා නොඉවසන මත අශිෂ්ඨ ලෙස විනාශකිරීමට මේ ගත් ප්රවේශයනම් සිංහල බ්ලොගයේ අනාගතයට සුභ ලකුණක් නොවේ.උඹ උඹේ ෆේස් බුක් හැක් වෙච්ච එව ගැන නෙවේ, ටැබූට කරපු දේ හරිද් වැරදිද කියල බය නැතුව කියපන්! තමන්ගෙ දෙකහමාර බේරන් නිස්සබ්දව ඉන්න එපා!ටැබූ විසින් කරන ප්‍රධාන චෝදනාව වනුයේ ටැබූට මතවාදීමය ලෙස ගැටිය නොහැකි පුද්ගලයන් විසින් ටැබූ නිහඬ කළ බවයි. නමුත් ටැබූද එම ක්‍රියාවම කල වංචනිකයෙක් බව අප මෙහිදී ඉතාම වගකීමෙන් කියා සිටිමු.අද මේ ලිපියේ වැඩි හරියක් මිගාර නම් බ්ලොග්කරුවා වෙනුවෙන් අප වැය කරන්නෙමු. මන්ද ටැබූ බ්ලොග් අවකාශය තුල මතවාදීමය ලෙස නිරුවත් කර පැනයන්නට සැලස්වූ පළමු සහ අන්තිම පුද්ගලයාද ඔහු බැවිනි. මෙලෙස මතවාදීමය ලෙස පීචං වී, කුජීත වී, යාමෙන් පසු ටැබූ උත්සාහ කලේ මිගාරව වෙනත් ක්‍රමයකින් බ්ලොග් අවකාශයෙන් ඉවත් කිරීමටයි. පුලස්තිගේ අඩවියේ දී“අදාළ උමතු වර්ගවාදී වෛද්‍යවරයා පිළිබඳව කවුරුන් හෝ ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලයට පැමිණිලි කළ යුතුව ඇතැයි මම සිතමි. මෙවැනි උමතු වර්ගවාදීන්ට අසරණ රෝගීන්ගේ ජීවිත ගැන තීරණ ගන්නට ඉඩ දී තිබීම භයානකය. කිසි යම් දෙමළ මුස්ලිම් රෝගීන් පිරිසක් දැනටමත් මොහු අතින් අපහරණයට ලක්ව තිබුණොත් මම ඒ ගැන පුදුම නොවෙමි”යනුවෙන් ප්‍රකාශ කරන ටැබූ ඒ ගැන පළමු ඉඟිය සපයයි. වෛද්‍ය කවුන්සලයේ හිතවතකු මාර්ගයෙන් නිර්-රාමු දැන ගත් කාරණය නම් ටැබූ විසින් උත්ක ක්‍රියාව ඊට මාස කීපයකට පෙර කර ඇති බවයි! පැමිණිල්ල සිදු කලේ ටැබූද, එසේ නැත්නම් ඔහුගේ නියෝජිතයෙක් ද යන්න අප නොදනිමු. නමුත් මිගාර සම්බන්ධකරගෙන මේ පිළිබඳ විමසීමේදී කතාව ඇත්තක් බව හෙළි වී ගියේය! ඉන් පසුව ඔහුට මේ ගැන විමර්ශණයකට මුහුණ දීමටද සිදු වූ බව ඔහු අපට හෙලි කලේය. මේ පැමිණිල්ල හරහා ටැබූ උත්සාහ කරේ රැකියාව අහිමි කරවා මිගාර නිහඬ කරවීමයි. පෙනේද මහා ලිබරල ප්රජාතන්ත්රවාදියාගේ යටි කූට්ටු වැඩ! නමුත් දැන් සුදු රෙදි පොරවාගෙන ටැබූ දොඩන්නේ මතවාදීමය ලෙස තමා හා ගැටීමට නොහැකි නිසා ටැබූ බ්ලොගය හැක් කල බවයි. බුදු රැස් හක්කෙන් පතුරන ටැබූ ගේ බොක්කේ දඩ මස් ගඳ ඔයාකාරය. |
ඇයි කසිප්පු විකුනන සෝමෙ අයියා.ඌත් හිරේ ගියා තුන් අවුරද්දකට.දැන් උගේ ගේ එහා පැත්තේ අළුත් බාර් එකක් ඇරලාඕකා හිර කොරපු එකමයි හොඳ. මෙහෙ ඉන්න කොල්ලටයි බල්ලටයි හැම එකාටම කියලා ඔව්වා හදවන්ඩ ගත්තෝත් කෝ බොල කොමිස්? |
දැන්නම් ගොඩක් අමාරුයි ඒ දිසාවට පය නගන්න නුඹ වැන්නන්ට මලේ. ඒ දිසාව මුල් බැසගත් අයිතිකරුවන්ට පමණක් වන ලකුණු සැමඅතම දිස්වේ. |
කන්ටේනර්, යකඩ සහ වානේ භාවිතයෙන් අඩු වියදමකින්, දිගු කල් පැවැත්මකින්, ඉහළ ගුණාත්මකභාවයෙන් හා ප්‍රමිතියෙන් යුත් නිර්මාණශීලී ගොඩනැඟිලි ඉදිකරන, ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී ඉදිකිරීම් ක්ෂේත්රයේ ප්‍රමුඛයකු වන ඩිසයින් කන්ටේනර්ස් පෞද්ගලික සමාගමේ නවතම කාර්යාලය සහ ප්‍රදර්ශනාගාරය අංක 15/A, සමඟි මාවත, පිළියන්දළ ලිපිනයේ දී පසුගියදා උත්සවාකාරයෙන් විවෘත විය. කන්ටේනර් භාවිත කර නිවාස, කාර්යාල, ප්රදර්ශනාගාර, අවන්හල්, හෝටල්, විලා ආදී විවිධ ගොඩනැඟිලි වර්ග ඉදිකරන ඩිසයින් කන්ටේනර්ස් නව කාර්යාලයට පැමිණෙන ඔබට මේ නවතම ඉදිකිරීම් පිළිබඳ සියලු විස්තර ලබා ගත හැකිය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහනිර්මාණ ශිල්පීන්ගේ සහ ඉංජිනේරුවන්ගේ සේවය ලබා ගන්නා ඩිසයින් කන්ටේනර්ස් සමාගමේ (www.designcontainers.lk) නිර්මාතෘවරයා සහ කළමනාකාර අධ්යක්ෂවරයා වන, යකඩ හා වානේ ඉදිකිරීම් පිළිබඳ සිංගප්පූරුව, මැලේසියාව ආදී රටවල විශේෂ පුහුණුවක් ලැබූ ධනුෂ්ක මාලදෙණිය මහතා මෙසේ පැවැසීය.‘ කන්ටේනර්, යකඩ හා වානේ යොදාගෙන ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේ දී විවිධ අමුද්‍රව්‍ය යොදා ගන්න පුළුවන්. ගොඩනඟිල්ලේ ඇතුළත විවිධ ක්‍රමවලට නිර්මාණය කරන්න පුළුවන්. ජනෙල් සහ දොරවල් සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය, පොළොවට දාන කාපට් වර්ග, සිවිලිම සකසන ආකාරය, බිත්ති සකසන ආකාරය, විදුලි බල්බ දාන ආකාරය, වර්ණ භාවිත කරන ආකාරය පිළිබ සියලුම තොරතුරු අපේ නව කාර්යාලය සතුයි. අපි මේ සියලු ක්‍රමවලට ආදර්ශ ඉදිකිරීම් කාර්යාල පරිශ්‍රයේ සකසා තිබෙනවා. පාරිභෝගිකයන්ට මේ සියල්ල ප්‍රායෝගිකව පරික්ෂා කර බලා තමන්ට අවශ්‍ය ක්‍රමය තෝරා ගත හැකියි. ඒ අනුව ඔවුන්ගේ ගොඩනැඟිල්ල නිර්මාණය කිරීමේ වගකීම අප ආයතනය බාර ගන්නවා. මෙතෙක් කලක් අප කෙරෙහි විශ්වාසය තැබූ පාරිභෝගිකයන්ට සහ අපගේ කාර්ය මණ්ඩලයට විශේෂයෙන් ස්තුතිවන්ත විය යුතුයි.‘ අලෙවියෙන් පසු විශිෂ්ට සේවයක් සපයන කාර්ය මණ්ඩලයකින් සමන්විත ඩිසයින් කන්ටේනර්ස් සමාගම ඔබගේ ඉදිකිරීම් අවශ්‍යතා නව සියවසට ගැළපෙන සේ නව මෝස්තරවලින් සමන්විතව සිදු කිරීමට නිරන්තරව කැප වී සිටියි. |
"මා දැන සිටි එක් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකු මධුලෝලයෙන් පෙලෙන රෝගීන් ගේ හිමොග්ලෝබීන් කෙතෙක් අඩු වූවද ඔවුනට රුධිර පාරවිලනය කිරීමට විරුද්ධ විය. ඒ ආගමික හේතු නිසා නොවේ. මේ බේබදු කාලකන්නින්ට බ්ලඩ් දෙන එක අපරාධයක් කියා ඔහු නිතර කීවේය. සුරාධූර්ත්වය රෝගයක් ලෙස දැකීමට ඔහුට නොහැකි විය. බඩවල් ඉදිමුණු මදිරාබාධයෙන් පෙලුනු රෝගීන් ඔහුගේ වාට්ටුවේ මිය ගියද ඔහු සැලුනේ නැත."ඉහත ඡේදය උපුටා ගත්තේ ටික දවසකට පෙර පළ කර තිබුණු වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ ලිපියකිනි. එම ලිපියට කමෙන්ටුවක් එකතු කරමින් අජිත් ධර්මා විසින් ලියා තිබුණේ කිසි දිනෙක මත්පැන් පානය නොකළ ඔහුගේ පියාට බොහෝ විට අධික මත්පැන් පානය හේතුවෙන් හැදෙන රෝගයක් වැළඳී රෝහල්ගතව සිටියදීද රෝහල් සේවකයින් විසින් ඔහු මධු ලෝලියෙකුව සිට ඇති බවට පූර්ව නිගමනයකට පැමිණ කුඩම්මාගේ සැලකිලි දැක්වූ බවයි.ඇමරිකාවේ ජනගහණයෙන් ඇතැම් සීමිත කොටස් වලට හැර වැඩි දෙනෙකුට නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් නැති අතර වෛද්‍ය ප්‍රතිකාර වල මිල සෘජුව හෝ වක්‍රව (වෛද්‍ය රක්ෂණයක් හරහා) රෝගියා විසින් ගෙවිය යුතුය. මේ නිසා කිසියම් වෛද්‍ය ප්‍රතිකාරයක මිල යනු වෙනත් පාරිභෝගික භාණ්ඩයක මෙන්ම ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිලයි. ඉල්ලුම හා සැපයුම සමතුලිත වන විට භාණ්ඩයක හෝ සේවාවක හිඟයක් ඇති නොවේ. කෙසේ වුවද, වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැය කළ හැකි මුදල රෝගියාගේ මිල දී ගැනීමේ හැකියාව මත තීරණය වන නිසා වෛද්‍යවරයෙකු විසින් රෝගියෙකුට ප්‍රතිකාරයක් නියම කිරීමේ දී, හැම විටම සවිඥානකව සිදු නොවූවත්, එයින් රෝගියාට සැලසෙන යහපත වැය වෙන මුදල සමඟ සැසඳීමක් කිරීමට සිදු වේ.ලංකාවේ රජයේ රෝහලක සේවය කරන වෛද්‍ය වරයෙකුට බොහෝ විට මේ මිල සාධකය ගැන ඇමරිකාවේදී මෙන් සැලකිලිමත් වන්නට සිදු නොවේ. එහෙත්, වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැය වෙන මුදල රෝගියාගෙන් අය කර නොගෙන වෙනත් අයෙකුගෙන් අය කර ගන්නා ක්‍රමයකදී ඉල්ලුම හා සැපයුම සමතුලිත නොවන බැවින් බොහෝ විට වෛද්‍යවරයාට වෙනත් ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදු වේ. ඒ අවශ්‍යතා තරමට සම්පත් නොමැති වීම නිසා ඇතිවන සම්පත් බෙදා හැරීමේ ගැටළුවයි. මෙහිදී ඇමරිකාවේදී මිල සාධකය මඟින් ස්වයංක්‍රීය ලෙස සිදු වන සම්පත් බෙදා හැරීමේ කාර්යය වෛද්‍යවරයාට තමන්ගේ අභිමතය පරිදි කිරීමට සිදු වේ. වඩා ඉහළ තලයකදී රෝහල් අතර සම්පත් බෙදා හැරීම කිසියම් නිලධාරියෙකු හෝ නිලධාරීන් කිහිප දෙනකු විසින් ඔවුන්ගේ අභිමතය පරිදිත්, පොදුවේ සියළුම රජයේ රෝහල් වලට සම්පත් වෙන් කරන ප්‍රමාණය මුදල් ඇමති වරයා හා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් විසින් ඔවුන්ගේ අභිමතය පරිදිත් සිදු කරයි.කිසියම් රජයේ රෝහලක සේවය කරන වෛද්‍යවරයෙකුට රෝගීන් අතර බෙදා දිය හැකි සම්පත් ප්‍රමාණය සියළුම රෝගීන්ගේ අවශ්‍යතාවන් සඳහා ප්‍රමාණවත් නැත. ඖෂධ, පරීක්ෂණ උපකරණ හා රෝහල් ඇඳන් ආදී සියළුම ආකාර වල සම්පත් වලට මෙය බලපායි. මෙහිදී සම්පත් බෙදා හැරීම සම්බන්ධව අභිමතය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති වෛද්‍ය වරයෙකු තමන්ගේ පෞද්ගලික නිර්ණායක හෝ වෛද්‍ය ආචාර ධර්ම මත පදනම් වූ වෙනත් පොදු නිර්ණායකයක් යොදා ගනිමින් ප්‍රමුඛතා පදනම මත සම්පත් බෙදා හැරීම සිදු කරයි. මේ ප්‍රමුඛතා පදනම තීරණ ගන්නා පුද්ගලයා අනුව වෙනස් විය හැකිය. රුවන් ජයතුංගගේ උදාහරණයේ මධු ලෝලියාට හා අජිත් ධර්මාගේ පියාට රුධිර ප්ලාස්මා පාරවිලනය සිදු නොකෙරෙන්නේ ඔවුන් මේ තීරණය ගන්නා පුද්ගලයාගේ ප්‍රමුඛතා පදනම මත පහළට වැටෙන බැවිනි.රජයේ රෝහල් වල සම්පත් හිඟය ක්‍රමයෙන් ඉහළ යද්දී සම්පත් බෙදා හැරීම සම්බන්ධව වෛද්‍ය වරුන්ට කළ හැකි බලපෑමද ක්‍රමයෙන් ඉහළ යයි. 2017 වසර සඳහා අයවැයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 160,971.8 කි. මෙය 2016 වසර සඳහා වෙන්කර තිබුණු මුදල වූ රුපියල් මිලියන 198,838.0 ක මුදලට වඩා 19.04% කින් අඩු මුදලකි (2017 අයවැය ඇස්තමේන්තු ඉංග්‍රීසි පිටපත වෙළුම 1 පිටුව 327). කෙසේ වුවද, 2016 වසරේ ගණන සංඛ්‍යාලේඛණ විජ්ජාවකින් වැඩිකර පෙන්වූ මුදලකි. ඇත්තටම වෙන් කර තිබුණු මුදල මීට වඩා රුපියල් මිලියන 17,878 කින් අඩු මුදලක් විය. එම ගණන ඉවත් කළද 11.05%කින් ප්‍රතිපාදන කප්පාදු වී තිබේ.රජයේ වියදම් වැඩි කර නොගන්නා අතර, ණය ගෙවීම සඳහා වැඩි මුදලක් වෙන් කිරීම සඳහා මෙවර අමාත්‍යාංශ වැඩි ප්‍රමාණයක ප්‍රතිපාදන යම් ප්‍රමාණයකින් කප්පාදු කර ඇති බව පෙනේ. බොහෝ දෙනාගේ අවධානයට ලක්වන සෞඛ්‍ය හා අධ්‍යාපන වැනි ක්ෂේත්රද මේ ප්‍රතිපාදන කප්පාදුවෙන් ගැලවී නැත. (මේ ගැන ඉඩක් ලැබුණු විටක පසුව වෙනම කතා කරමු.)කෙසේ වුවද, අවසන් ප්‍රතිඵලය වන්නේ රජයේ රෝහල් වල සම්පත් හිඟය තව දුරටත් ඉහළ යාමයි. ඒ සමඟම වෛද්‍යවරුන් ඇතුළු රෝහල් සේවකයින්ට සම්පත් බෙදා හැරීමේදී සිය අභිමතය ක්‍රියාත්මක කිරීමට ලැබෙන ඉඩකඩ තව දුරටත් ඉහළ යනු ඇති අතර, රුවන් ජයතුංගගේ ලිපියේ මධු ලෝලියා වැනි අයට එහි වන්දිය වැඩිපුර ගෙවන්නට සිදු වනු ඇත.මේ කියන ආකාරයේ මධු ලෝලීන් මට මගේ ජීවිතයේදී ඕනෑ තරම් හමු වී තිබේ. මැරෙන්නම අමාරු වී රෝහල් ගත කර යාන්තම් ගොඩදාගෙන නැවත ආපසු පැමිණියත් මෙවැනි අය මත්පැන් පානය නවත්වන්නේ නැත. ඇත්තටම ඒ වන විට මත්පැනෙහි වහලුන්ව සිටින ඔවුන්ට මේ පුරුද්දෙන් මිදීමේ හැකියාවක්ද නැත. බොහෝ රෝහල් සේවකයින් මෙවැනි තැනැත්තන්ව දකින්නේ තමන්ගේ පාලනය යටතේ ඇති සීමිත සම්පත් ප්‍රමාණය විනාශ කරන සමාජ විරෝධීන් කොටසක් වශයෙනි. ඒ නිසා සම්පත් බෙදා හැරීමේදී වරදකාරී හැඟීමකින් තොරව එවැන්නන්ට අඩු ප්‍රමුඛතාවයක් දීමට ඔවුන්ට හැකි වී තිබේ. අධික ලෙස මත්පැන් පානය කිරීමේ සමාජ පිරිවැයක් ඇත්තටම තිබුණත් මෙහිදී එම තාර්කික හේතුවට වඩා වැඩිපුර බලපාන්නේ තීරණ ගන්නා පුද්ගලයින්ගේ ආගමික හා සංස්කෘතික පසුබිමයි.මත්පැන් වලට එරෙහිව යන තාර්කික හේතුත්, ඊටත් වඩා ආගමික හා සංස්කෘතික හේතුත් නිසා රජයයන්ට මත්පැන් පානය අධෛර්යමත් කිරීම හේතුවක් ලෙස ඉදිරියට දමමින් මත්පැන් පානය කරන්නන්ගෙන් අධික බදු අය කිරීමට හැකියාවක් ලැබී තිබේ. මේ මඟින් මත්පැන් භාවිතය අධෛර්යමත් වන බව ඇත්තක් වුවත් බදු වැඩි කිරීම මඟින් රජය ඇත්තටම අපේක්ෂා කරන්නේ සිය බදු ආදායම් ඉහළ නංවා ගැනීමය. එය එසේ නොවේනම් රජය විසින් කළ යුත්තේ මෙසේ සුරා බදු ලෙස එකතු කර ගන්නා මුදල් වැය කිරීමේදී මත්පැන් වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමට ප්‍රමුඛතාවයක් දීමයි. එහෙත්, එවැන්නක් සිදු නොවේ. ඒ නිසා, හැමවිටම වාගේ මේ බදු වැඩි කිරීම් කරන්නේ "ගාණකටය".බදු වැඩි වීම නිසා ඕනෑවට වඩා මිල වැඩි වූ විට අන්තිමට වෙන්නේ, ලොතරැයි වලින් වුනාක් මෙන්, රජයේ බදු ආදායම අඩු වීමයි. ඇස්තමේන්තු කර ඇති පරිදි, 2017 වසරේදී රජයේ සුරා බදු ආදායම රුපියල් මිලියන 175,500 දක්වා වැඩි කර ගැනීමට රජය අපේක්ෂා කරයි (2017 අයවැය ඇස්තමේන්තු ඉංග්‍රීසි පිටපත වෙළුම 1 පිටුව XXIV). මේ මුදල 2017 වසරේදී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට වෙන් කර ඇති මුළු මුදලට වඩා රුපියල් මිලියන 14,528 කින් පමණ වැඩිය. ඒ නිසා, ලංකාවේ මධු ලෝලීන් ගෙවන බදු වලින් පමණක් රජය විසින් "නොමිලේ" ලබා දෙන සියළුම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය සේවාවන් ලබා දී වෛද්‍යවරුන්ගේ හා සෞඛ්‍ය ක්ෂේත්රයට සම්බන්ධ රජයේ ඉහළ නිලධාරීන්ගේ වාහන ආනයන බදු සහන නිසා රජයට අහිමි වන ආදායමද ආවරණය කර ගැනීමට පුළුවන.රෝහල්ගත වී යන්තම් ගොඩ දාගෙන ආපසු ගෙදර යන මධු ලෝලීහු නැවතත් මත්පැන් පානය කර රෝගී වී ආපසු රෝහල්ගත වෙති. එහෙත්, රෝහල්ගත වන ඒ වාර දෙක අතරද ඔවුහු රජයට තවත් සැලකිය යුතු වැඩිපුර මුදලක් බදු ලෙස ගෙවති.මෙහිදී මෙසේ රෝහල්ගත වන වැඩි දෙනෙකු පරිභෝජනය කරන්නේ නීති විරෝධී මත්පැන් බවත්, ඒ නිසා ඔවුනගෙන් රජයට බදු ආදායමක් නොලැබෙන බවත් කියවන අයෙකුට මට "කියා දෙන්නට" පුළුවන. මතුපිටින් පෙනෙන පරිදි මේ කතාව නිවැරදිය. එහෙත්, ඇත්තටම මෙය සංකීර්ණ කරුණකි. නීති විරෝධී මත්පැන් පරිභෝජනය කිරීමට මේ පිරිස් පොළඹවා ඇත්තේ රජයයි. ඒ, බදු මඟින් මිල හත් අට ගුණයකින් ඉහළ යැවීම හරහා "නියම මිලට" තත්ත්වයෙන් වඩා හොඳ මත්පැන් පරිභෝජනය කිරීමට අඩු ආදායම්ලාභී බොහෝ දෙනෙකුට ඇති අයිතිය රජය විසින් නැති කර ඇති බැවිනි.මේ පිටුපස සෞඛ්‍යමය හේතු තිබුණත්, මෙහිදී ආගමික හා සංස්කෘතික හේතු වලින් මේ ඉහළ බදු වලට වැඩි තල්ලුවක් ලැබී තිබේ. සීනි හා පිෂ්ඨය වැඩිපුර ගැනීමද විශාල ලෙස සෞඛ්‍ය ප්‍රශ්න ඇති කරන අතර බත් වලට වන ඇබ්බැහියද අත් හැරීම ඉතා අපහසු ඇබ්බැහියකි. ඒ නිසා මත්පැන් මෙන්ම මිල වැඩි වුවත් ඉල්ලුම එතරම් අඩු නොවන හාල් වලට විශාල බද්දක් පැනවීමෙන් රජයට බදු ආදායම සැලකිය යුතු ලෙස වැඩි කර ගැනීමට පුළුවන. නමුත්, කිසිදු රජයක් ඒ ගැන නිකමටවත් හිතන්නෙවත් නැතිවා පමණක් නොව හැකි තරම් අඩු මිලකට හාල් සැපයීමට දැඩි උත්සාහයක් දරයි. ඒ, සෞඛ්‍යමය හේතු කෙසේ වුවත් "බඩ පිරෙන්නට බත් කෑම" මත්පැන් පානය කිරීම මෙන් "වරදක්" නොවන නිසාය.මත්පැන් පානය කරන්නෝද අඩු වැඩි වශයෙන් මේ සංස්කෘතික රාමුව තුළම සිරවී සිටින අතර තමන් කරන්නේ වරදක්ය යන හැඟීම පෙරදැරි කරගෙන කියන ගාණක් ගෙවා මත්පැන් මිලදී ගන්නවා මිස ඔවුහු කවදාවත් සංවිධානය වී කොටුව දුම්රියපොළ ඉදිරිපිට රැස් වී රජය නඩත්තු කිරීමට විශාල දායකත්වයක් දෙන තමන්ගේ "බේබදු අයිතිවාසිකම්" වෙනුවෙන් හඬ නඟන්නේ නැත. ඒ වෙනුවට ඔවුන්ගේ තෝරා ගැනීම වන්නේ නීත්‍යානුකූල මත්පැන් මිල තමන්ට දරා ගැනීමට නොහැකි වන විට නිහඬව නීති විරෝධී මත්පැන් වෙත යොමු වීමයි. මෙසේ ඉහළ සුරා බදු හමුවේ කිසිදු විරෝධයක් නොපා නීත්‍යානුකූල මත්පැන් වෙළඳපොළෙන් පිරිසක් බැහැර වීම තුළ එසේ නොකරන අයගෙන් වැඩි මුදලක් බදු ලෙස ඉපැයීමට රජයට වක්‍රව උදවුවක් ලැබේ. නීත්‍යානුකූල මත්පැන් සඳහා අය කරන ඉහළ බදු නිසාම ඇතිවන නීති විරෝධී මත්පැන් වෙළඳසැල් වෙත ඔවුහු යොමු වෙති.මෙසේ විශාල මුදලක් රජයට බදු ලෙස ගෙවමින් තමන්ගේ මුදලින් මත්පැන් පානය කරන්නන් බොහෝ දෙනෙකු මෙන්ම මේ විශාල බදු මුදල නොගෙවිය හැකි බැවින් නීත්‍යානුකූල මත්පැන් වෙළඳපොළෙන් බැහැර වී බදුද සමඟ වැඩි මිලක් ගෙවා "හොඳ මත්පැන්" පරිභෝජනය කිරීමේ අවස්ථාව එය කිරීමට ආර්ථික ශක්තියක් ඇති අයට පවරා දීම මඟින් ඔවුන්ගෙන් වැඩිපුර බදු මුදලක් අය කර ගැනීමට රජයට වක්‍ර ලෙස උදවු කර ඇති පිරිසද මත්පැන් පානය කරන්නේ සංස්කෘතිය හරහා උරුම වන වරදකාරී හැඟීමක් සහිතව බැවින් බේබද්දන් රෝහල් තුළ මෙන්ම වෙනත් තැන් වලද බයිට් වීම ඉදිරියටත් එසේම සිදු වනු ඇත.සුරාධූර්ත්වය රෝගයක් එය දියවැඩියාව ප්‍රෙෂර් එක වගේ රෝගයක් එය එලෙස දකින්න තාම අපේ වෛද්‍යවරු සූදානම් නෑ. නමුත් තව වසර 10 - 20 යන විට ආකල්පමය වෙනසක් එයිබේබද්දා කියන්නේ අරක්කු බද්ද ගෙවන එකාට කියන නම කියල අපේ යාළුවෙක් තැනකදි කිව්වා. බේ = බීම , බද්දා = බද්ද ටැක්ස්. ඒ නයින් බේබද්දා බේබද්ද ගෙවන එකායමෙතැනදී අදාළ වෛද්‍යවරයාගේ සිට මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් දක්වා හැමෝම කරන්නේ එයයි.හොඳ පැහැදිලි කිරීමක්!මට හිතෙන්නේ පැණි බීම වලින් ඔයිට වඩා හානියක් සිදුවෙනවා කියල මොකද ඔය කෝලා වර්ග වගේ ඒවා බොන අය වැඩියි . ඒ වගේම අර හැමදාම අරක්කු බොන අයට වඩා හැමදාම කෝලා බොන අය වැඩියි. ඒවයින් කොහාම ටැක්ස් එකක් ආන්ඩුවට එනවද දන්නෑ !මත්පැන් වල හානිය ගොඩක් වැඩියි. නමුත්, බොහෝ විට අධික සුරා බදු වල අරමුණ වෙන්නේ මේ හානිය අවම කිරීම නෙමෙයි. පැණි බීම භාවිතයත් එක්තරා සීමාවක් ඉක්මවූ විට හානිකර විය හැකියි. නමුත්, බදු වලින් ඒ හානිය අඩු කළ හැක්කේ යම් තත්ත්වයන් යටතේදී පමණයි.මම හිතනවා දැන් දේශීය මත්පැන් වලට වඩා ලොකු ඉල්ලුමක් විදේශීය මත්පැන් වලට තියෙනවා කියලා.මොකද බදු සහිතව විශාල මුදලක් ගෙවා දේශීය මත්පැන් දෙනවාට වඩා සුළු මුදලක් වැඩියෙන් ගෙවා බදු රහිත විදේශීය මත්පැන් බෝතල් ගන්න පුලුවන්. ඉස්සර මගුල් ගෙවල්වල දුන්නේ ගොඩක් වේලාවට දේශීය මත්පැන් හැබැයි දැන් නම් විදේශීය මත්පැන් තමයි බොහෝවිට දෙන්නේ.ඒ දෙන්නෙත් වෙළඳ පොලේ මිලට වඩා අඩු මිලකට ඩියුටි ෆ්‍රී වලින් අර ගත්තු එව්වා.බදු සහිතව විශාල මුදලක් වෙන විදේශීය මත්පැන් බෝතලයක් උදාහරණයක් විදියට vat 69 750ml බෝතලයක් බදු සහිතව රුපියල් 5370/- වෙනවා.නමුත් බදු රහිතව අලෙවි කරන්නෙක් හොයා ගත්තොත් රුපියල් 2800 ත් 3000 ත් අතර මිලකට මිලී ලීටර් 750 vat 69 විස්කි බෝතලයක් මිලදී ගන්න පුළුවන්.සමහරු ඉන්නවා තොග වශයෙන් බදු රහිතව විදේශීය මත්පැන් ලග තබාගෙන ඉන්නා අය.එතකොටත් විශාල මුදලක් අහිමි වෙන්න පුළුවන් බදු වශයෙන්.මනෝජ්, ඔබ කියන කරුණ ඇත්ත. භාණ්ඩයක 'සැබෑ' මිල මෙන් කිහිප ගුණයක් බදු අය කළ විට වෙන්නේ මේ භාණ්ඩ භාවිතා කරන ආකාරය අනුව සමාජයේ පන්ති භේදයක් හැදෙන එකයි. දැන් මෙහිදී අධික සුරා බදු දරා ගත නොහැකි අඩුම ආදායම් ලබන ස්ථරය නීත්‍යානුකූල මත්පැන් පරිභෝජනයෙන් පළවා හැරෙනවා. ඔවුන් නීති විරෝධී මත්පැන් භාවිතයට යොමු වෙනවා. නිතර රටින් පිට යාමේ හැකියාව ඇති ඉහළ හා ඉහළ මැදි ආදායම් ලබන ස්ථරය බදු රහිතව විදේශීය මත්පැන් ගන්නවා. ඔය අතර ඉන්න අය තමයි මේ විශාල බද්ද ගෙවමින් නීත්‍යානුකූල දේශීය මත්පැන් මිලදී ගන්නේ. අධික ආනයන බදු අය කෙරෙන කාර් සම්බන්ධව වෙන්නෙත් ඔය ටිකමයි. ඉහළම ස්ථරය බදු රහිත හෝ බදු සහන වරප්‍රසාද ලබනවා. පහළම ස්ථරය අඩු මිලකට ත්‍රිරෝද රථයක් හෝ මෝටර් සයිකලයක් ගැනීමෙන් පවා පළවා හැරෙනවා. අතර මැද අය බදු බර දරමින් පරිභෝජනය කරනවා. මෙහිදී බදු බර දරන අතරමැද ස්ථරය මෙන්ම, ඇතැම් විට ඊටත් වඩා, මිලක් අධික බදු භාණ්ඩ නිසා පරිභෝජනයෙන් පළවා හැරෙන කණ්ඩායමටත් දරන්න වෙනවා.රජයක් නඩත්තු කිරීමේදී කාගෙන් හෝ එහි මිල අය කළ යුතුයි. ප්‍රායෝගිකව වෙන්නේ සමාජයේ අඩුම ප්‍රතිරෝධයක් ඇති තැනකින් මේ බදු අය කර ගැනීමයි.පුන්නක්කු වලට ටැක්ස් එකක් ගැහුවනම් ඔය ඔක්කොම වියදම් පියවලා, භාණ්ඩාගාර බිල්පත් ටිකක් ගන්නත් සල්ලි ඉතිරි වෙයි... :Dඅරක්කු සිගරැට් බොන එවුන්ගේ වැඩි ටැක්ස් දායකත්වයෙන් පඩිනඩි, නවාතැන්, ඩියුටි ෆ්‍රී වාහන, වෙදකම්, අධ්‍යාපනය ගන්න ගොන් ගොබිලෝ හැම එකාගෙන්ම බැනුම් අහන්න වෙන අහිංසක ජීවින් කොට්ඨාශයක් තමයි බේබද්දෝ සහ දුම් බොන්නෝ කියන්නේ...ඔවුන්ගෙන් සමාජයට වෙන හානි වලට වඩා ඒ වෙනුවෙන් ඔවුන්ට ගෙවීමට සිදුවී ඇති මිල ඉතාම වැඩියි. මත්පැන් බොන අය කියන්නේ පාරිභෝගිකයින් කණ්ඩායමක් ලෙස 'අධික සූරාකෑමකට' ලක් වූ පිරිසක්. මෙය රජය විසින් කරනවාක් මෙන් පෙනෙන නමුත් සංස්කෘතික ආධිපත්‍යය තුළ සිදුවන දෙයක්. 'සූරාකෑමට' ලක්වන පිරිස් පවා ඇතැම් විට අධික මත්පැන් බදු අනුමත කරන්නේ මේ සංස්කෘතික ආධිපත්‍යය නිසා. මධුලෝලියෙකුගේ බිරිඳක් වැනි අයෙකු උදාහරණයට ගත්තොත් මේ බදු වලින් සෑහෙන කොටසක් වක්‍ර ලෙස ඇයටත් ගෙවන්න වෙනවා.සුරා කර්මාන්තය හරහා පවුල් කීයක් නඩත්තුවෙනවාද කියා බැලුවොත්, මේ පාරිභෝගිකයින් නැතිවී ගියොත් සෞඛ්‍ය සේවය නඩත්තු කරන්න කැසිනො දාන්න වෙයි.මෙහි එවැනි පැත්තකුත් තියෙනවා. බදු හා නීති කෙතරම් වැඩි කළත් මත්පැන් ඉල්ලුම සම්පූර්ණයෙන් නැති නොවන ඉල්ලුමක් නිසා සැපයුම කෙසේ හෝ හැදෙනවා. මත්පැන් විකිණීම තහනම් මුස්ලිම් රටවල් වල අත්දැකීම් ඇති අය එවැනි තැන් වලත් 'කර්මාන්තය' කෙසේ හෝ සිදුවන ආකාරය ගැන හොඳින්ම දන්නවා ඇති. |
අමාත්‍යාංශ මට්ටමින් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය මූලප්‍රවාහකරණ වැඩසටහන් ස්ථාපිත කිරීම. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ දැනුවත් කිරීමේ වැඩසටහන - 2018.06.11අමාත්‍යාංශ මට්ටමින් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය මූලප්‍රවාහකරණ වැඩසටහන් ස්ථාපිත කිරිමේ වැඩසටහනට අදාළ ව අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දුන් තීරණය පරිදි සියලු අමාත්‍යාංශයන් ක්‍රියා කල යුතු ආකාරය පිළිබඳ ව අප අමාත්‍යාංශය විසින් 2017.01.27 වන දින 01/2017 දරණ චක්‍රලේඛය නිකුත් කරන ලදි.ඒ අනුව, මෙම වැඩසටහන සඳහා සියළු අමාත්‍යාංශයන් හි තීරණ ගත හැකි මට්ටමේ සිටින නිලධාරියෙකු / නිලධාරිනියක කේන්ද්‍ර නිලධාරී ලෙස පත් කර ගන්නා ලදි. මෙම විෂය පිළිබඳ කේන්ද්‍ර නිලධාරීන් පමණක් දැනුවත් කිරීම මෙම කටයුතු සාර්ථක වීමට ප්‍රමාණවත් නොවේ. එබැවින්, එක් එක් අමාත්‍යාංශයන් හි තීරණ ගැනීමේ කාර්යයේ නියුතු ඉහළ විධායක මට්ටමේ නිලධාරීන් මෙම විෂය පිළිබඳ සංවේදී කිරීම අත්‍යාවශ්‍ය කරුණක් විය.ඒ අනුව, අප අමාත්‍යාංශය විසින් සියලුම අමාත්‍යාංශයන්හි සේවයේ නියුතු සියළු නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පැවැත් වීමට සැලසුම් සකස් කරන ලදි. ඒ අනුව එහි ප්‍රථම දැනුවත් කිරීමේ වැඩසටහන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම්තුමන් සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් 2018.06.11 වන දින පෙ. ව. 9.00 සිට ප. ව. 2.00 දක්වා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ දී පවත්වන ලදි. ඒ සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම්තුමන් ද එම අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතන ප්‍රධානීන් මෙන්ම අමාත්‍යාංශ නිලධාරීන් සහභාගී වන ලදි. ස්ත්‍රී පුරුෂ ෂමාජභාවීය සංවේදීතාවය ඇති කිරීම උදෙසා අප අමාත්‍යාංශය විසින් දියත් කෙරෙන ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඇතුළත් ගීතමය වැඩසටහන ද මෙහි විශේෂ අවස්ථාවක් විය.ස්ත්‍රී පුරුෂ සමාජභාවීය මූලප්‍රවාහකරණ වැඩසටහන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක් කරන්නේ කොසේ ද? යන්න පිළිබඳ දේශනයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කමලා ලියනගේ මහත්මිය විසින් සිදු කරන ලදි. එසේම, ඉදිරි වර්ෂයේ දී සකස් කරනු ලබන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ වාර්ෂික ක්‍රියාකාරී සැලසුමෙහි අන්තර්ගත විය යුතු කරුණු සහ නිවාස ක්ෂේත්රයේ දී ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අයවැයකරණය ඒ ඒ කාර්යයන් සඳහා අඩංගු කරගන්නේ කෙසේද?, වාර්ෂික ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීමේ දී ස්ත්‍රී පුරුෂ සමාජභාවය සංවේදී වන අයුරින් ප්‍රධාන කාර්ය සාධක දර්ශක (KPI) සකස් කර ගන්නේ කෙසේද ? යන්න පිළිබඳව දේශනය උපදේශක ශ්‍රියාණි පෙරේරා මහත්මිය විසින් සිදු කරන ලදි. අමාත්‍යාංශ මට්ටමින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් තුරන් කිරීමේ කමිටුව ස්ථාපිත කිරීමට අදාළ දේශනය ජාතික කාන්තා කමිටුවේ සභාපති ස්වර්ණා සුමනසේකර මහත්මිය විසින් සිදු කරන ලදි.නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ පවත්වන ලද මෙම වැඩසටහනෙහි තාක්ෂණික සහ සම්පත්දායකයන් සඳහා වූ මූල්‍යමය දායකත්වය USAID ආයතනයේ ශ්‍රී ලංකාව තුළ ප්රජාතන්ත්රවාදී රාජ්‍ය පාලනය සහ වගවීම සවිමත් කිරීමේ ව්‍යාපෘතිය (SDGAP) මඟින් සිදු කරන ලදි. |
පළාත් පාලන මැතිවරණයට පෙර රනිල්-මහින්ද හෝ මහින්ද-මෛත්‍රී සන්ධානගත නොවූයේ ඇයිද යන්න තේරුම් ගැනීම අපහසු නැත. එහෙත්, රනිල්-මෛත්‍රී සන්ධානයක් ඇති නොවූයේ ඇයි?අපි මුලින්ම පසුගිය 2015 අගෝස්තු මැතිවරණ ප්‍රතිඵලයෙන් කතාව පටන් ගනිමු. එම මැතිවරණයේදී, උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක හැර ඉතිරි දිස්ත්‍රික්ක 17න් නවයක වැඩිම ඡන්ද ලබාගත්තේ එජාපයයි. ඉතිරි දිස්ත්‍රික්ක අටෙහි වැඩි ඡන්ද ගත්තේ එජනිසයයි. මේ මැතිවරණයේදී එජාපය විසින් ඉහත අවසන් පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රතිශතයට ඉතා ආසන්න ප්‍රතිශතයක් ලබා ගන්නට ඉඩ තිබේ. ශ්‍රීලනිප හා පොදුජන පෙරමුණ ලෙස බෙදී සිටින එජනිස කොටස් දෙක විසින් එකතුව වැඩිම වුණොත් ලබා ගනු ඇත්තේ එම මැතිවරණයේදී එක් එක් දිස්ත්‍රික්කයෙන් ලබාගත් ඡන්ද ප්‍රතිශතයයි.පෙර ලිපියකින් පැහැදිලි කළ පරිදි, වැඩිම කොට්ඨාශ ප්‍රමාණයක වැඩි ඡන්ද ලබාගත හැකි පක්ෂයට අලුත් මැතිවරණ ක්‍රමය වාසිදායකය. සිංහල බහුතරයක් ජීවත් වන කොට්ඨාශ වල වැඩිම ඡන්ද ලබාගැනීමේ ශක්‍යතාවයක් ඇත්තේ එජාපයට හා පොදුජන පෙරමුණට පමණි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෛත්‍රීපාල සිරිසේනගේ බලකේන්ද්‍ර තුළ වුවද ශ්‍රීලනිපයට පළමු තැනට එන්නට ලොකු ඉඩක් ඇති බව නොපෙනේ.ශ්රීලනිපය බෙදී නොතිබුනත්, පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාපය පළමු තැනට පැමිණි ප්‍රදේශ වල වැඩිම ඡන්ද ලබා ගැනීමට ඉඩ තිබෙන්නේ එජාපයයි. එහෙත්, එජාපයට පාර්ලිමේන්තු මැතිවරණයේදී එජනිසය පළමු තැනට පැමිණි ප්‍රදේශ වල වැඩිම ඡන්ද ලබා ගැනීමටනම් එම ප්‍රදේශ වලදී පොදුජන පෙරමුණ අභිබවන්නට සිදු වේ. එජනිසයේ ඡන්ද පදනම සමස්තයක් ලෙස තරමක් අඩු වීමට ඇති ඉඩකඩ පැත්තකින් තිබ්බොත්, මෙහිදී වැදගත්ම සාධකය වන්නේ මෛත්‍රීපාල පාර්ශ්වයට එජනිස ඡන්ද පදනමින් කොපමණ හිමිවේද යන්නයි.මේ ප්‍රමාණය එජනිස ඡන්ද වලින් 30-35%ක් පමණ වන්නට බොහෝ දුරට ඉඩ ඇති අතර එම ඡන්ද වලින් 65-70%ක් පමණ පොදුජන පෙරමුණ වෙත කැඩී යන්නට ඉඩ තිබේ. එහෙත්, ශ්රීලනිපය තනිව තරඟ නොකර එජාපය සමඟ සන්ධානගත වූයේනම් බොහෝ විට එජනිස ඡන්ද 80-85% පමණම පොදුජන පෙරමුණ වෙත යන්නටත් 15-20%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් පමණක් එජාප-ශ්‍රීලනිප සන්ධානය වෙත ලැබෙන්නටත් ඉඩ තිබුණේය.ශ්‍රීලනිප හා එජාපය වෙනම තරඟ කරද්දී, එජාපය හා එජනිසය අතර පාර්ලිමේන්තු මැතිවරණයේදී වූ ඡන්ද පරතරය නැති වී එජාපය මුල් තැනට එන්නටනම්, අඩු වශයෙන් එම ඡන්ද වෙනසට සමාන ඡන්ද ප්‍රමාණයක් ශ්රීලනිපය වෙත ලැබිය යුතුය. එහෙත්, එජාප හා ශ්‍රීලනිප සන්ධානගත වූයේනම් ඒ සඳහා අවශ්‍ය වන්නේ පෙර කී ඡන්ද වෙනසින් අඩක් පමණි. ඒ, මෙහිදී පොදුජන පෙරමුණේ ඡන්දයක් අඩුවීමත් එජාප-ශ්‍රීලනිප පෙරමුණේ ඡන්දයක් වැඩිවීමත් යන කරුණු දෙකම එකවර සිදුවන බැවිනි. කෙසේ වුවත්, මේ අවස්ථා දෙකේදී ඡන්දදායකයින් හැසිරෙන්නට ඉඩ ඇති ආකාරයන්ගේ වෙනස්කම් සැලකූ විට මේ විකල්ප දෙකේ වැඩි වෙනසක් ඇති බවක් නොපෙනේ.පාර්ලිමේන්තු මැතිවරණයේදී එජනිසය මුල් තැනට පැමිණි දිස්ත්‍රික්ක අටෙන් පහකදීම එජනිසය හා එජාපය අතර වූයේ 8% නොඉක්මවූ ඡන්ද ප්රතිශතයකි. මේ ඡන්ද ප්‍රතිශතය මෙවර මැතිවරණයේදී ශ්රීලනිපය විසින් ලබා ගන්නා බව ඉතා පැහැදිලි කරුණකි. එමෙන්ම, එජාපය මුල් තැනට පැමිණි දිස්ත්‍රික්ක වල එජනිසය මුල්තැනට පැමිණි ආසන වල (උදාහරණයක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ප්‍රදේශ වල) පැවති ඡන්ද ප්‍රතිශතයද මීට වඩා විශාල නැත.කෙසේ වුවද, හම්බන්තොට, මාතර හා මොනරාගල දිස්ත්‍රික්ක වලදී එජනිසය පිළිවෙලින් 18.2%කින්, 13.4%කින් හා 10.6%කින් එජාපයට වඩා ඉදිරියෙන් සිටියේය. මේ පරතරය නැති නොවන්නටනම් පොදුජන පක්ෂය විසින් එජනිස ඡන්ද පදනමෙන් පිළිවෙලින් 2/3ක්, 3/4ක් හා 4/5ක් ආකර්ෂණය කර ගත යුතුය. මාතර හා මොනරාගල කෙසේ වුවත් අඩු වශයෙන් හම්බන්තොටදී පොදුජන පෙරමුණට කොට්ඨාශ කිහිපයක වැඩිම ඡන්ද ලබා ගන්නට හැකි වන්නට ඉඩ තිබේ. එය වැළැක්විය හැක්කේ ශ්‍රීලනිපයට එජනිස ඡන්ද වලින් අඩු වශයෙන් 35%ක් රඳවාගත හැක්කේනම් පමණි. මෙය සිදුවන්නට හෝ නොවන්නට පුළුවන. අනෙක් අතට එජාපය හා ශ්රීලනිපය හවුලේ ඡන්දයට ඉදිරිපත් වුවද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන බල ප්‍රදේශ කිහිපයක වැඩිම ඡන්ද එම හවුලට නොලැබී යාමේ අවදානම නැති වන්නේ නැත. ඒ හැරුණු විට, මේ මැතිවරණයේදී සිංහල බහුතරයක් සිටින අනෙකුත් ප්‍රදේශ වල මුල් තැනට එන්නට එජාපයට බාධාවක් ඇති බවක් නොපෙනේ.රනිල්-මෛත්‍රී සන්ධානගත වීම හා නොවීම යන විකල්ප දෙකේ වෙනස කැපී පෙනෙන්නේ අලුත් ක්‍රමයට මන්ත්‍රී ධුර බෙදී යන ආකාරය පරීක්ෂා කිරීමේදීය.මෙය පැහැදිලි කර ගැනීම සඳහා උදාහරණයක් ලෙස අපි තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව ගනිමු. අලුත් බෙදීම අනුව, එහි කොට්ඨාශ මන්ත්‍රීධුර 13කි. ඊට අමතරව ලැයිස්තුවෙන් අවම වශයෙන් තවත් මන්ත්‍රීවරු 8 දෙනෙකු පත් විය යුතු අතර මැතිවරණ ප්‍රතිඵලය අනුව මේ ගණන ඉහළ යා හැකිය.මෙවර තිස්සමහාරාම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ එජාප හා ජවිපෙ ඡන්ද ප්‍රතිශත මේ ගණන් වලට වඩා වැඩි වන්නට ඉඩ තිබේ. අපි ඒ බව අමතක කර, එජාප හා ජවිපෙ ඡන්ද ප්‍රතිශත එසේම තිබෙනු ඇති බවත්, එජනිස ඡන්ද වලින් 2/3ක් පොදුජන පෙරමුණටත් ඉතිරි 1/3 ශ්‍රීලනිප වෙතටත් යනු ඇතැයි උපකල්පනය කරමු. එවිට ඡන්ද බෙදීම පහත පරිදිය.මේ ආකාරයෙන් සමස්ත ඡන්ද බෙදී ගියොත් බොහෝ විට එජාපයට තිස්සමහාරාම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොට්ඨාශ 13 තුළම වැඩි ඡන්ද ලබා ගැනීමට හැකි වේ. ඒ අනුව, එජාපයට මන්ත්‍රීධුර 13ක් හිමි වේ. සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීධුර 21 බෙදී යා යුත්තේ පහත පරිදිය.එහෙත්, එජාපය දැනටම මන්ත්‍රීධුර 13ක් හිමි කරගෙන ඇති නිසා මුළු මන්ත්‍රීධුර ගණන 25 දක්වා ඉහළ යයි. ඒ මෙසේය.මේ අනුව මුළු ඡන්ද වලින් 38.66%ක් පමණක් ලබාගත් එජාපය ශ්රීලනිපය නැතුවම තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ බහුතර බලය ලබාගෙන තිබේ.යම් හෙයකින් ශ්රීලනිපය එජාපය හා එක්ව තරඟ කර ශ්‍රීලනිප ඡන්ද සියල්ලම එජාපයට එකතු වුවහොත් සිදුවන්නේ කුමක්ද?මෙහිදී, කොට්ඨාශ මන්ත්‍රීධුර 13ම එජාප-ශ්‍රීලනිප හවුලට හිමිවනු ඇති අතර නාමයෝජනා පිළියෙළ කරන විට එයින් 2ක් හෝ 3ක්වත් ශ්‍රීලනිපයට ලබා දෙන්නට එජාපයට සිදුවනු ඇත. දැන් සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීධුර බෙදීයන්නේ පහත පරිදිය.එහෙත්, එජාප-ශ්‍රීලනිප හවුල මන්ත්‍රීධුර 13ක් දැනටමත් ලබාගෙන ඇති නිසා තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ අවසන් සංයුතිය පහත පරිදි වනු ඇත.හවුලේ ඉල්ලා එජාපයට හා ශ්‍රීලනිපයට ලැබී ඇත්තේ මන්ත්‍රීධුර 13ක් පමණි. එහෙත්, වෙන වෙනම ඉල්ලුවානම් මේ පක්ෂ දෙකට මන්ත්‍රීධුර 16ක් ලැබෙනු ඇත. අවස්ථා දෙකේදී උපකල්පිත එජාප-ශ්‍රීලනිප හවුලකට ප්රතිපක්ෂ පොදුජන පෙරමුණේ හා ජවිපෙ මන්ත්‍රීධුර ගණන් වෙනස් වී නැත. ඒ අනුව, වෙන්ව තරඟ කිරීම නිසා, එජාප-ශ්‍රීලනිප පක්ෂ දෙක එකතුව ලබාගන්නා මන්ත්‍රීධුර ගණන මුළු මන්ත්‍රීධුර ගණනේ ප්‍රතිශතයක් ලෙස 59% සිට 64% දක්වා ඉහළ යයි. ඒ මේ පක්ෂ දෙකේ ඡන්ද ප්‍රතිශත වල එකතුව 55.76% පමණක්ව තිබියදීය.යම් හෙයකින් එජනිස ඡන්ද වලින් 80%ක්ම පොදුජන පෙරමුණට ලැබී සියලුම කොට්ඨාශ වල වැඩි ඡන්ද එම පක්ෂය විසින් හිමි කර ගත්තොත් සිදුවන්නේ කුමක්ද?මේ අවස්ථාවේදී, මුළු ඡන්ද වලින් 41.05%ක් ලබාගත් පොදුජන පෙරමුණට වෙනත් කිසිදු පක්ෂයක උදවු නොලබා තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවන්නට ඉඩ ලැබේ.එහෙත්, මේ අවස්ථාවේදී එජාප-ශ්‍රීලනිප හවුලක් තිබුණානම් පොදුජන පෙරමුණේ මන්ත්‍රීධුර ගණන 13 සිට 8 දක්වා අඩුවී එජාප-ශ්‍රීලනිප හවුලේ මන්ත්‍රීධුර ගණන 10 සිට 13 දක්වා ඉහළ යනු ඇත. ඒ අනුව, එජාප-ශ්‍රීලනිප හවුලට තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවන්නට ඉඩ ලැබෙනු ඇත.යම් හෙයකින් එජනිස ඡන්ද වලින් 75%ක් පමණ පොදුජන පෙරමුණට ලැබී ඉතිරිය ශ්‍රීලනිපයට ලැබුණොත් මේ දෙක අතර අතරමැදි තත්ත්වයක් ඇති වී කොට්ඨාශ මන්ත්‍රීධුර 13 එජාපය හා පොදුජන පෙරමුණ අතර බෙදී යා හැකිය. එවිට එජාපයේ හා පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රතිශත ආසන්නව සමාන නිසා කොට්ඨාශ මන්ත්‍රීධුරද බොහෝ දුරට ආසන්න ලෙස, එනම්, 6:7 හෝ 5:8 ලෙස බෙදී යනු ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ මන්ත්‍රීධුර බෙදී යන්නේ පහත පරිදිය.මේ තෙවන අවස්ථාවේදී එජාපයට හෝ පොදුජන පෙරමුණට තනිව බලය පිහිටුවිය නොහැකි වන අතර ශ්‍රීලනිපයට දුරස්ථ පාලකය හිමි වේ.1. එජනිස ඡන්ද වලින් අඩු වශයෙන් 30-35% පමණ ප්‍රමාණයක් ශ්රීලනිපය විසින් ලබාගත්තොත් එජාපයට තනිව බලය පිහිටුවිය හැකිය. ඒ නිසා, මැතිවරණ සන්ධානයකින් එජාපයට විශේෂ වාසියක් නොලැබේ.2. එජනිස ඡන්ද වලින් අඩු වශයෙන් 25% පමණ ප්‍රමාණයක් ශ්රීලනිපය විසින් ලබාගත්තොත් එජාපයට ශ්රීලනිපය සමඟ හවුලේ බලය පිහිටුවිය හැකිය. මේ අනුව, මැතිවරණ සන්ධානයක් තිබුණද නොතිබුණද සිදුවන්නේ එකම දෙයයි.3. එජනිස ඡන්ද වලින් 20% පමණ දක්වා ශ්‍රීලනිප ඡන්ද පදනම අඩු වුවහොත්, පොදුජන පෙරමුණට තනිව බලය පිහිටුවිය හැකිය. එහෙත්, එජාප-ශ්‍රීලනිප මැතිවරණ සන්ධානයක් තිබුණානම් එම සන්ධානයට බලය පිහිටුවන්නට ඉඩ ලැබිය හැකිව තිබුණි.කෙසේ වුවද, ඉහත 3 තත්ත්වය ඇති විය හැක්කේ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව වැනි සීමිත තැන් කිහිපයකදී පමණි. එනම්, එජනිස කණ්ඩායම් දෙකේ ඡන්ද ප්‍රතිශත එකතුව 50% මට්ටම ඉක්මවන හෝ ඊට ආසන්න හා එජාප ඡන්ද ප්‍රතිශතයට වඩා අඩු වශයෙන් 10%ක් පමණවත් වැඩි තැන් වලදීය.පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එජනිසය විසින් එවැනි වැඩි ඡන්ද පරතරයක් පවත්වාගත් ප්‍රදේශ ලෙස හෝමාගම, කැස්බෑව, ගම්පහ, දොම්පේ, බණ්ඩාරගම, හොරණ, ලග්ගල, බලපිටිය, කරන්දෙණිය, බෙන්තර-ඇල්පිටිය, රත්ගම, හබරාදූව, හක්මන, අකුරැස්ස, කඹුරුපිටිය, දෙවිනුවර, මුල්කිරිගල, බෙලිඅත්ත, තංගල්ල, තිස්සමහාරාමය, ගල්ගමුව, ආනමඩුව, වැල්ලවාය, කලවාන, කොළොන්න මැතිවරණ බලප්‍රදේශ හඳුනාගත හැකිය. මේ ආසන බොහොමයකද එජනිස ඡන්ද වලින් අඩු වශයෙන් 20-25% ප්‍රමාණයක්වත්, එනම් මුළු ඡන්ද වලින් 10-12% ප්‍රමාණයක්වත් මෙවර මැතිවරණයේදී ශ්රීලනිපය විසින් ලබාගන්නා බව ස්ථිරය. ඒ නිසා, හෝමාගම, කැස්බෑව, ගම්පහ, දොම්පේ, බණ්ඩාරගම, ලග්ගල, බලපිටිය, කරන්දෙණිය, බෙන්තර-ඇල්පිටිය, හක්මන, කලවාන වැනි ආසන වලද කොට්ඨාශ මන්ත්‍රීධුර වැඩි ගණනක් මෙවර එජාපයට හිමි වන්නට ඉඩ තිබේ.එහෙත්, හොරණ, රත්ගම, හබරාදූව, අකුරැස්ස, කඹුරුපිටිය, දෙවිනුවර, මුල්කිරිගල, බෙලිඅත්ත, තංගල්ල, තිස්සමහාරාමය, ගල්ගමුව, ආනමඩුව, වැල්ලවාය, කොළොන්න වැනි තැන් වලදී පොදුජන පෙරමුණ කොට්ඨාශ මන්ත්‍රීධුර ලබාගැනීම සිදු නොවන්නටනම් එජනිස ඡන්ද වලින් අඩු වශයෙන් 35% පමණ, එනම් මුළු ඡන්ද වලින් 18-20% පමණ, ශ්රීලනිපය වෙත රැඳිය යුතුය. අකුරැස්ස, කඹුරුපිටිය, මුල්කිරිගල, බෙලිඅත්ත, තංගල්ල, වැල්ලවාය හා කොළොන්න වැනි තැන් වල එය එසේ නොවන්නට පුළුවන. එහෙත්, එය එසේ එසේ වී එම ප්‍රදේශ වල මුල් තැනට පොදුජන පෙරමුණ පැමිණේනම්, එජාප-ශ්‍රීලනිප සන්ධානගත වුවද තත්ත්වය වෙනස් නොවිය හැකිය.අවසාන වශයෙන් කිව හැක්කේ එජාප-ශ්‍රීලනිප මැතිවරණ සන්ධානයකින් එම පක්ෂ දෙකෙන් එකකටවත් ලොකු වාසියක් ලැබීමට ඉඩක් නොතිබුණු බවයි.අලුත් මැතිවරණ ක්‍රමය පෙර ක්‍රමයට සාපේක්ෂව පක්ෂයට වඩා පුද්ගලයාට තැන දෙන ක්රමයකි. එමෙන්ම, අලුත් කොට්ඨාශ බෙදීම් නිසා සෑම ප්‍රධාන දේශපාලන පක්ෂයකටම ග්‍රාමීය මට්ටමේ නායකයින් අලුතින් බිහි කරගන්නට සිදු වී තිබේ. සෑහෙන කලක් විපක්ෂයේ සිටීම නිසා එජාපයේ ග්‍රාමීය නායකයින් ක්‍රමයෙන් ක්ෂය වී ගොස් ඇති අතර ශ්‍රීලනිප ග්‍රාමීය නායකයින් දෙපිලකට බෙදී ඇත. ඒ නිසා, එම පක්ෂ තුනටම අලුත් ග්‍රාමීය නායකයින් බිහි කරගන්නට සිදුවී තිබේ. පළාත් පාලන මැතිවරණ බල ප්‍රදේශ වල කොට්ඨාශ අපේක්ෂකත්වය හරහා මේ පක්ෂ තුනෙන්ම අලුත් පිරිසකට ග්‍රාමීය නායකයින් ලෙස ඉදිරියට එන්නට අවස්ථාව සැලසී තිබේ.එජාපය හා ශ්රීලනිපය සන්ධානගත වුවහොත් කිසියම් පළාත් පාලන බල ප්‍රදේශයක කොට්ඨාශ වලින් යම් ගණනක අපේක්ෂකත්වය ශ්‍රීලනිපයට පිරිනමන්නට එජාපයට සිදුවන අතර ප්‍රධාන වශයෙන්ම එජාප ඡන්ද වල පිහිටෙන් එම අපේක්ෂකයින් ජයග්‍රහණය කරනු ඇත. ඉන්පසුව, මෙවැනි ජයග්‍රාහී අපේක්ෂකයින් එම කොට්ඨාශ තුළ ඡන්ද පදනමක් හදාගෙන බලය තහවුරු කරගැනීම දිගුකාලීනව එජාපයට අවාසියකි. මෙය ලැයිස්තුවෙන් මන්ත්‍රීධුර ගණනක් වෙන් කිරීමට වඩා වෙනස් තත්ත්වයකි. එමෙන්ම, එවිට එවැනි කොට්ඨාශයක එජාප අපේක්ෂකයෙකුට මේ මැතිවරණය හරහා මතු වන්නට ඇති අවස්ථාවද නැති වී යයි. ශ්රීලනිපය පැත්තෙන් ගත්තත් එක් පැත්තකින් එජාපයේත්, අනෙක් පැත්තෙන් පොදුජන පෙරමුණේත් දේශපාලන බලය හමුවේ සිය බිම් මට්ටම ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාව කැපී පෙනේ. වෙනම තරඟ කිරීම මෙයට උදවුවකි.මීට අමතරව මෙවර මැතිවරණ සන්ධාන ඇති නොවීමට ප්‍රධානම හේතුවක් වන්නේ දෙකට බෙදුණු එජනිසයේ එක් එක් කණ්ඩායමේ ශක්තිය ගැන කිසිවෙකුටත් නිවැරදි තක්සේරුවක් නොමැති වීමයි. මෙවර පළාත් පාලන මැතිවරණයේදී වෙනම තරඟ කර තමන්ගේ ශක්තිය හරියටම දැනගැනීම වඩා වැදගත් මැතිවරණයකදී අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ හෙට්ටු කිරීම පහසු කරයි.මේ සියලු කරුණු අනුව, පළාත් පාලන මැතිවරණ වලට පෙර එජාප-ශ්‍රීලනිප සන්ධානයක් ඇති නොවීම තේරුම් ගත හැකිය. මේ වන විට මෛත්‍රී ප්‍රධාන ශ්රීලනිපය හා එජාපය වෙන වෙනම පළාත් පාලන ආයතන වලට තරඟ කරයි. ඒ අතර, මෛත්‍රී පාර්ශ්වය බැඳුම්කර ගනුදෙනුව ඇතුළු ආණ්ඩුවටට එරෙහිව ඇති දූෂණ චෝදනා ඉස්මතු කරයි. මෙයින් අදහස් වන්නේ රනිල් මෛත්‍රී සැබෑ විරසකයක්ද? එසේනම්, මැතිවරණයෙන් පසුව ආණ්ඩුවේ පාර්ශ්ව දෙක දෙමඟක යයිද?පෙර විස්තර කළ කරුණු අනුව පැහැදිලි වන පරිදි මේ වෙලාවේ එජාපයට අවශ්‍ය වන්නේ එජනිස ඡන්ද හැකිතාක් සමානව පොදුජන පෙරමුණ හා ශ්රීලනිපය අතර බෙදීමයි. මැතිවරණ ප්‍රතිඵල ගණිතය අනුව මෙන්ම දිගුකාලීනවද එජාපයට වාසිදායක වන්නේ එවැනි බෙදීමකි. එමඟින් එජාපයට දිවයිනේ සියලුම සිංහල බහුතර ප්‍රදේශ වල කොට්ඨාශ මන්ත්‍රීධුර හිමිකර ගැනීමට ඉඩ සලසයි. එජනිස ඡන්ද අතිමහත් බහුතරයක් පොදුජන පෙරමුණ වෙත යාම මෙන්ම එසේ නොගොස් ශ්රීලනිපය වෙත රැඳීමද එජාපයේ යහපතට හේතු වන්නේ නැත. කෙසේවුවද, ප්‍රායෝගිකව සිදුවන්නට ඉඩ ඇත්තේ ප්‍රදේශ වැඩි ගණනක එජනිස ඡන්ද වලින් වැඩි කොටස මහින්ද පාර්ශ්වයට ලැබීම නිසා මේ වෙලාවේ මේ අපේක්ෂිත තුලනය සිදුවන්නේ මෛත්‍රී පාර්ශ්වය එජනිස ඡන්ද වලින් හැකිතාක් වැඩි ප්‍රමාණයක් ලබාගත් තරමටය.අනෙක් අතට, ශ්රීලනිපය සමස්තයක් ලෙස මෙවර තෙවන තැනට පැමිණෙන බව පැහැදිලිය. එහෙත්, ඇතැම් තැන් වලදී එම පක්ෂය පොදුජන පෙරමුණ අභිබවා දෙවන තැනට පැමිණෙන්නටත්, තවත් ඇතැම් තැන් වලදී ජවිපෙටද වඩා අඩුවෙන් ඡන්ද ගනිමින් සිවුවන තැනට වැටෙන්නටත් ඉඩ තිබේ. මොනවා කිවුවත් ධුර කාලය අවසානයේදී සම්පූර්ණයෙන්ම දේශපාලනය අතහැර ගෙදරට වී සිටින්නට සූදානමක් ඇති බවක් නොපෙනෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පමණක් නොව ඔහු සමඟ තවදුරටත් රැඳී සිටින ප්‍රාදේශීය නායකයන්ගේද අනාගතය තීරණය වන්නේ මෙවර ශ්රීලනිපය විසින් ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය මත නිසා ඔවුන්ට අවශ්‍ය වන්නේද කෙසේ හෝ එජනිස ඡන්ද වලින් වැඩි ප්‍රමාණයක් රඳවා ගැනීමටය. හැකි කමක් ඇත්නම්, මුල් තැනට පැමිණීම කෙසේ වුවත්, පොදුජන පෙරමුණ අභිබවා දෙවන තැනට හෝ එන්නටය.පසුගිය ජනාධිපතිවරණයට පෙර මහින්ද ආණ්ඩුවේ හොරකම් ගැන විශාල ලෙස කතා කළත් ඒ හොරකම් ඇල්ලුවේ නැති නිසා මෛත්‍රීපාලට මේ මැතිවරණදී මහින්දගේ හොරකම් ගැන නැවත කතා කළ නොහැකිය. එහෙත්, බැඳුම්කර ගනුදෙනුව ගැන කතා කිරීම හරහා ඔහු කරන්නේ ඡන්දදායකයින්ට පසුගිය ආණ්ඩුවේ හොරකම් ගැනද වක්‍ර ලෙස මතක් කිරීමයි.මෙයින් ශ්‍රීලනිපයට ලැබෙන වාසි කිහිපයකි. එක පැත්තකින් ඔහු පෙන්වන්නට හදන්නේ රනිල් සමඟ ඉන්නේද මහින්ද සමඟ සිටි ආකාරයේම හොරු රැළක් බවයි. අනෙක් අතට ඔහු පෙන්වන්නේ මහින්දගේ හොරකම් අල්ලන්නට ඔහුට ප්‍රමාණවත් ඉඩක් නොලැබුණේ තවත් හොරු කණ්ඩායමක් වන එජාපය නිසා බවයි. මෙසේ පැරණි දූෂණ විරෝධී සටන් පාඨය ප්‍රතිචක්‍රීකරණය කරමින් ඔහු හදන්නේ දූෂණ විරෝධී ඡන්ද තමන්ගේ ගොඩට දමා ගැනීමටය.කෙසේ වුවත්, සම්ප්‍රදායික ශ්‍රීලනිප පාක්ෂිකයාට පමණක් නොව සම්ප්‍රදායික ග්‍රාමීය එජාප පාක්ෂිකයාටද මහින්දගේ හොරකම් හෝ බැඳුම්කර හොරකම ප්‍රශ්නයක් නොවේ. ඒ නිසා, මේ කණ්ඩායම් හා අදාළව මෛත්‍රීගේ උත්සාහයෙන් වැඩක් වෙන්නේ නැත. නාගරික එජාප ඡන්දදායකයා බැඳුම්කර සිදුවීමට සංවේදී වුවත් එය ඔවුන්ට එජාපයට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමට හේතුවක් නොවේ. දූෂණ විරෝධයට සංවේදී වන්නේ සාම්ප්‍රදායික එජාප පාක්ෂිකයින් හෝ ශ්‍රීලනිප පාක්ෂිකයින් ලෙස සැලකිය නොහැකි, එහෙත් පසුගිය ජනාධිපතිවරනයේදී මෛත්‍රීපාල සිරිසේනටත් මහා මැතිවරණයේදී එජාපයටත් ඡන්දය දුන් නාගරික හා අර්ධ නාගරික ඡන්දදායකයින් පිරිසයි. මේ කොටස ප්‍රමාණාත්මකව විශාල නොවූවත් ඔවුන්ගේ මතය ලංකාවේ දේශපාලනයට තීරණාත්මක ලෙස බලපායි.මේ වෙලාවේ බැඳුම්කරය ගැන කතා කිරීම සම්ප්‍රදායික එජාප ඡන්ද අඩුවීමට හේතුවක් වන්නේ නැත. ඒ හරහා සිදුවන්නේ යහපාලන ආණ්ඩුව බිහිකිරීම වෙනුවෙන් දායක වුවත් මේ වන විට ආණ්ඩුව සමඟ කළ කිරී සිටින, නිර්පාක්ෂික හෝ දැඩි පාක්ෂිකත්වයක් නැති ඡන්දදායකයින් මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ නොකර සිටීම හෝ ජවිපෙ වෙත ආකර්ශනය වීම හැකිතාක් වළක්වමින් එම ඡන්ද මෛත්‍රීගේ ශ්රීලනිපය තුළ රඳවා ගැනීමයි. එය එජාපයට වක්‍ර වාසියකි.මැතිවරණයෙන් පසු රනිල්-මෛත්‍රී සම්බන්ධතාවයට කුමක් වෙයිද? ලිපිය දැනටමත් දිග වැඩි නිසා එය අපි පසුව කතා කරමු.මේ වැදගැම්මකට නැති ලබ්බවල් ගැන හිත හිතා පොස්ට් දාන්නේ ඇයි හලෝ. දනවකෝ තමුසේ පේරා හිටපු කලේ ගත්තු ආතල් ගැනවත්./ඒ හරහා සිදුවන්නේ යහපාලන ආණ්ඩුව බිහිකිරීම වෙනුවෙන් දායක වුවත් මේ වන විට ආණ්ඩුව සමඟ කළ කිරී සිටින, නිර්පාක්ෂික හෝ දැඩි පාක්ෂිකත්වයක් නැති ඡන්දදායකයින් මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ නොකර සිටීම හෝ ජවිපෙ වෙත ආකර්ශනය වීම හැකිතාක් වළක්වමින් එම ඡන්ද මෛත්‍රීගේ ශ්රීලනිපය තුළ රඳවා ගැනීමයි./ජවිපෙ වෙත කොටසක් ආකර්ෂණය වනු ඇති බවත්, තවත් කොටසක් නොවැටෙනු ඇති බවත් මමත් විශ්වාස කරනවා. මම මෙහි කියන්නේ මෛත්‍රීපාල සිරිසේන විසින් උත්සාහ කරන්නේ එම ඡන්ද වලින් හැකිතාක් ප්‍රමාණයක් ශ්රීලනිපය වෙත රඳවා ගැනීම බවයි. අලුත් නාට්‍යය රඟපෑමට හේතුව ලෙසත් මම දකින්නේ එයයි. කොහොම වුණත් එම උත්සාහය යම් තරමකින් හෝ සාර්ථක වනු ඇති බව මගේ අදහසයි.ලිපියේ අඩක් පමණ කියවන විට හිතුණේ මේ සියලු විශ්ලේෂණ කරන්න හැකි වී තියෙන්නේ මිනිසුන් කිසිම විචාර බුද්ධියකින් තොරව ඡන්දය දෙන නිසා නේද කියායි!ඔහෙට විචාර බුද්ධියක් තිබුන නිසා වෙන්නැති නේද ඉස්සර කතන්දරකාරයා කියල බ්ලොග් එකක් ලිව්වේ පඩ,ජී, ශුක්‍ර, කක්කා, ජෝක්කු, ඔසප් ගැන එහෙම?අලුත් ඡන්ද ක්‍රමය ගැනනම් බොහෝ දෙනෙකුට අවබෝධයක් නැහැ. මැතිවරණ ප්‍රතිඵල පිටවූ පසු ගොඩක් අයට වෙනස තේරෙයි.සියල්ල එජාපයට වාසි සහගත උපකල්පන මත පමණක් රැඳෙමින් මෙවැනි විචාරයක් ලිවීම ඉකොනොමැට්ටා ගොඩ නගා ගෙන ඇති ප්‍රථි රූපයට හානියක් බව සිතේ.හාර පන්සීයක් පමණක් කියවන බ්ලොග් ලිපියකින් එජාපයට හෝ වෙනත් පක්ෂයකට දැනෙන තරමේ වාසියක් හෝ අවාසියක් වෙන්නේ නැහැ. මගේ ප්‍රතිරූපයට වෙන්නේ කුමක්ද කියන එක තීරණය වන්නේ ලැබෙන මැතිවරණ ප්‍රතිඵලය මතයි. මම මොනවා ලිවුවත් ලැබෙන ප්‍රතිඵලය ඒ නිසා වෙනස් වෙන්නේ නැහැ.කැඩෙන්නට රනිල් මෛත්‍රී දීගයක් තිබුණේ නැත. ජනාධිපතිවරණය පෙනී පෙනී මහජනතාව රැවටීම පිණිස (තමාගේ බැරිකම වසා ගැනීම පිණිස) තකහනියේ නම් ලියා අස්සන් කර ආවා පමණි. රනිල්ගේ තම්මැට්ටම් රනිල් තවමත් ගසයි - මෛත්‍රී තමන්ගේ තම්මැට්ටම් තවමත් ගසන්නීය. දීගයක් කියා දෙදෙනා එක්ව ගසන මගුල් බෙරයක් ඇත්තේ නැත.ඉකොනොමැට්ටාගේ විග්රහයේ අඩුපාඩු ඇත.මේ විවේචනය ඔහුගේ කලින් ලිපියටද අදාලය එජාපයට වාසි සහගත තත්වයක් ඇති බව විවාදාත්මකය. යන කෝච්චියට නගින්න හැමෝම හදන නිසා එහි වාසියද පවතින ආන්ඩුවට ඇත. එහෙත් මම ජීවත්වන දිස්ත්‍රික්කයේ තත්වය ගැන මා හට ලැබෙන සජීවී දත්ත මෙම සංඛ්‍යාලේඛන හරඹයට වඩා ප්රබලය.එජනිසයේ චන්ද පොදුපෙරමුනට හා ශ්‍රීලනිපයට තුනෙන් දෙක හා තුනෙන් එක බැගින් කැඩෙන්නේ නැත. බොහෝ කොට්ටාසවල ශ්‍රීලනිප අපේක්ෂකයාට ඇත්තේ ඔහුගේ පවුලේ චන්ද පමනඉ. නමුත් එජාප ශ්‍රීලනිප බොරු රන්ඩු නිසා යම් මනෝවිද්‍යාත්මක බලපෑමක් චන්දය ආසන්නයේ සිදුවිය හැක. එහෙත් උපරිමව ශ්‍රීලනිපයට කැඩෙන්නේ 5% ක් 10% ක් අතරප්රමානායකි. ඉකොනොගේ සමස්ත විග්රහයේ පදනම ඉන් දෙදරයිඑජාපයෙන් අළුත් මුහුණක් තරුණ වියේ කාන්තාවක් ඉදිරිපත් කොට ඇත. ඇය ගැන ගමේ කිසිවෙක් එතරම් දැන හැඳුනුමක් නම් නැත.ලොකුම විහිළුව ශ්‍රී ල නි ප යෙන් කර ඇති ඉදිරිපත් කිරීමයි. අත ලකුණින් තරඟ වදිනුයේ අර කී යූ එන් පී අපේක්ශිකාවගේ සොයුරායි. හෙවත් යූ එන් පී පවුලක තරුණයෙකි.ගමේ ශ්‍රී ලංකා කාරයින් කිසිවෙක් ඔහු කවරෙකුදැයි නොහඳුනයි. කිසිදා ක්‍රියාශීලී දේශපාලනයෙහි යෙදුනෙකු නොවෙයි. නිල් කොඩි සහිතව ඔහු නිදහස් පක්ෂය රැක ගැනීමට ගමේ සහය ඉල්ලයි.//එහෙත් මම ජීවත්වන දිස්ත්‍රික්කයේ තත්වය ගැන මා හට ලැබෙන සජීවී දත්ත මෙම සංඛ්‍යාලේඛන හරඹයට වඩා ප්රබලය.////එහෙත් උපරිමව ශ්‍රීලනිපයට කැඩෙන්නේ 5% ක් 10% ක් අතරප්රමානායකි. ඉකොනොගේ සමස්ත විග්රහයේ පදනම ඉන් දෙදරයි//ශ්‍රීලනිප ඡන්ද වලින් 5-10% ප්‍රමාණයක් කියන්නේ මුළු ඡන්ද වලින් 2-4% ප්‍රමාණයක්. මෙය ජවිපෙ ඡන්ද පදනමටත් වඩා ගොඩක් අඩුයි. ශ්රීලනිපය සමස්තයක් ලෙස එතරම්ම පහතට වැටෙයි කියා මම හිතන්නේ නැහැ. ඇතැම් ප්‍රදේශ වල එසේ විය හැකියි. |
තිරසර සංවර්ධන දර්ශකයන්ට අදාළව කාන්තාවන්ට එරෙහි හිංසනය සම්බන්ධව පළාත් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනපළාත් පාලන ආයතන සදහා තේරී පත් වූ කාන්තා සභිකයින්ගේ ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන (කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක)කාන්තා දේශපාලන සහභාගිත්වය පුළුල් කිරිම සඳහා බලමණ්ඩල කාන්තාවන් දැනුවත් කිරිමේ වැඩසටහන කොළඹ හා කෑගල්ල දිස්ත්‍රික්ක |
පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිහරඹය නිසා ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම ලකුණු 203කට සීමාකළ සංචාරක එංගලන්ත පිල ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ඊයේ නිමාවට පත්වනවිට සිය දෙවැනි ඉනිම සඳහා කිසිවකු නොදැවී ලකුණු 38ක් ලබා සිටියේය. දිනය නිමාවෙද්දී එංගලන්ත පිලේ ආරම්භක පිතිකරු යුගලය රොරී බර්න්ස් ලකුණු 11ක් ද, කීටන් ජෙනිංග්ස් ලකුණු 26ක් ද රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳි සිටි අතර කඩුලු 10ම අතැතිව ශ්‍රී ලංකා පිලට වඩා ලකුණු 177ක් ඉදිරියෙන් පසුවෙයි.ඊයේ උදෑසන එංගලන්ත ඉනිමේ ඉතිරිව තිබූ අවසන් කඩුලු 2කම ඕවර 6ක් ඇතුළත දවාගැනීමට පන්දු යවන්නන් සමත්වූවත් ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන්ගේ අපරික්ෂාකාරී පිතිහරඹය හේතුවෙන් දිවා ආහාරයට පෙර ලකුණු 42ක් ඇතුළත කඩුලු 4ක්ම බිඳ දැමීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත්වූහ.ශ්‍රී ලංකා පිල පස්වරු තේ පානය සඳහා තරගය නතරකරන විට කඩුලු 5ක් දැවී ලකුණු 136ක් ලබා සිටි අතර තේ පානයෙන් පසුව ලකුණු 67ක් තුළ ඉතිරි කඩුලු 5ම බිඳ වැටුණේ එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 139ක් පසුපසින් සිටිමිනි.ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට හැරී ගියේ ලකුණු 10ක් ඇතුළතදීය. ජේම්ස් ඇන්ඩර්ස් විසින් යවනු ලැබූ ශ්‍රී ලංකා ඉනිමේ පළමු පන්දුවට හතරේ පහරකින් සංග්‍රහ කළ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ඊළඟ පන්දුවෙන් දැවී ගිය අතර කෞෂාල් සිල්වා සිවුවැනි ඕවරයේදී දැවී ගියේ සැම් කරන්ට මංගල ටෙස්ට් කඩුල්ල ලබාදෙමිනි. අංක 3 ස්ථානයේ ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් එක්ව ඉනිම ගොඩනැගීමට ගත් උත්සාහය ලකුණු 34දී බිඳ වැටුණේ ජැක් ලීච්ගේ පන්දුව හරිහැටි අවබෝධ කරගැනීමට කුසල් මෙන්ඩිස් අසමත්වීමෙනි. මුයින් අලිගේ කඩුල්ල තුළට දඟ කැවුණු පන්දුවකට ඉතා අපරික්ෂාකාරී ලෙස ස්වීප් පහරක් එල්ල කළ නිකරුණේ කඩුල්ල පූජා කළේය.පෙරේදා එංගලන්ත ඉනිමේ දෙවැනි භාගය අතරතුර පාදයේ ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්වූ නායක දිනේෂ් චන්දිමාල් ඊයේ පිතිහරඹයට එක්වූයේ අංක 6 ස්ථානයෙනි. දැඩි පසුබෑමකට ලක්වූ ශ්‍රී ලංකා ඉනිම ඇන්ජෙලෝ මැතිව්ස් සමග එක්ව ලකුණු 115 දක්වා ඉදිරියට ගෙනයාමට සමත්වූ චන්දිමාල් ලකුණු 33ක් ලබා සිටියදී ආදිල් රෂීඩ්ගේ කඩුල්ල තුළට පතිතවූ පන්දුවකට ඉදිරියට පැන පහරක් එල්ල කරන්නට යාමෙන් දැවී ගියේ ෆෝක්ස්ගේ ස්ටම්ප් කිරීමකට හසුවීමෙනි.ඊයේ පස්වරු තේ පානයට පෙර සිය ටෙස්ට් තරග දිවියේ 30 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්වූ මැතිව්ස්ට තේ පානයෙන් පසුව මුයින් අලිගේ පළමු පන්දුවෙන්ම ආපසු ක්‍රීඩාගාරයට හැරීයාමට සිදුවිය. අලිගේ එම ඕවරයේ පළමු පන්දු 2 තේ පානයට පෙර යවා තිබූ අතර වේලාසනින්ම තේ විවේකය ලබාගැනීමට තරග විනිසුරුවන් තීරණය කළේ අලි විසින් යවනු ලැබු දෙවැනි පන්දුවට නිරෝෂන් දික්වැල්ල එල්ල කළ ස්වීප් පහරින් පන්දුව ෂෝර්ට් ලෙග් කලාපයේ සිටි රොරී බර්න්ස්ගේ හිසෙහි පසුපස පෙදෙසේ වැදීමෙන් ඔහු බිම ඇද වැටීම හේතුවෙනි. කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව පසුව වාර්තා විය.ලකුණු 136කදී පිතිකරුවන් 6 දෙනකුටම නැවත ක්‍රීඩාගාරයේ අසුන් ගැනීමට සැලැස්වූ එංගලන්ත පිලේ පන්දු යවන්නන්ට චකිතයකින් තොරව මුහුණ දුන් ඩිල්රුවන් පෙරේරා ඉතා අගනා ලකුණු 21ක් රැස් කිරීමට සමත්විය. දික්වැල්ල සමග එක්ව 7 වැනි කඩුල්ලට ලකුණු 36ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඩිල්රුවන් ඒ අතරතුර සිය ටෙස්ට් තරග දිවියේ ලකුණු දහස සම්පූර්ණ කරමින් ටෙස්ට් ලකුණු දහසක් සහ කඩුලු සියයක් දවාලූ සිවුවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්විය. ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු 4ම බිඳ වැටුණේ ලකුණු 32ක් ඇතුළතදීය.පෙරේදා තරගය නතර කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 321ක් ලබා සිටි එංගලන්ත පිලේ පළමු ඉනිම ඊයේ උදෑසන ඕවර 6ක් ඇතුළත නිමා කිරීමට ඩිල්රුවන් පෙරේරා සහ සුරංග ලක්මාල් සමත්වුහ. ජැක් ලීච්ගේ කඩුල්ල දවාගැනීමත් සමග කඩුලු 5 සම්පූර්ණ කළ ඩිල්රුවන් පෙරේරා සිය ටෙස්ට් තරග දිවියේ ඉනිමක කඩුලු 5ක් දවාලූ 7 වැනි අවස්ථාව ලෙස එය සටහන් කරගත්තේය.එංගලන්ත ඉනිමේ අවසන් කඩුල්ල ලෙස බෙන් ෆෝක්ස් දැවී ගියේ සිය මංගල ටෙස්ට් ඉනිමේ දී අනගි ශතකයක් වාර්තා කිරීමෙන් පසුවය. කණ්ඩායමේ කඩුලු රකින්නා වන 25 හැවිරිදි මේ දකුණත් පිතිකරුවා අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කරමින් වාර්තා රැසකට හිමිකම් කීමට සමත්විය. එංගලන්තය වෙනුවෙන් මංගල ටෙස්ට් ඉනිමේදී ශතකයක් රැස් කළ දෙවැනි කඩුලු රකින්නා ලෙසත්, එවැනි දස්කමක් පැ ලොව 5 වැනි කඩුලු රකින්නා ලෙසත් ඔහු වාර්තාපොතට එක්විය.ඊට පෙර එංගලන්තය වෙනුවෙන් එවැනි දස්කමක් පෑවේ 2007 වසරේ ලෝඩ්ස් පිටියේදී ශතකයක් රැස් කළ කඩුලු රකින පිතිකරු මැට් ප්රියර්ය. ෆෝක්ස් ඊයේ වාර්තා කළ ශතකය ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී මංගල ටෙස්ට් තරගයේ ශතකයක් රැස් කළ පස්වැනි අවස්ථාව ලෙසත් වාර්තාපොතට එක්විය.ශ්‍රී ලංකා පිල සහ සංචාරක එංගලන්ත පිල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ පස්වරු ශ්‍රී ලංකා පළමු ඉනිම නිමාවට පත්වීමෙන් පසුව බ්‍රිතාන්‍ය ජාතික ක්‍රීඩාලෝලියකු පිටිය මැදින් දිව ගිය අයුරු. |
මම සහ අයියා මෙලොව දකින්නේ තාත්තට ව්‍යපාර ගණනාවක් තිබුණු සමෘද්ධිමත් කාලෙක. මගේ පියා ගේ ගම කිරිබත්ගොඩ නිසා අපි එහේ හිටියේ. පස්සේ කාලෙක දී තාත්තාගේ ව්‍යාපාර සම්පුර්ණයෙන්ම ඇද වැටුණා. ණයට අරගෙන ව්‍යාපාර කළා. ඒ ණය ගෙවාගන්න බැරි වෙලා නඩු හබවලට මුහුණ දෙන්න වුණා. අම්මා අපිව එක්කගෙන ඇගේ බණ්ඩාරගම මහ ගෙදරට ගියා. පොඩි කාලේ ජීවත් වුණේ එහේ. අවුරුදු දෙකකට පස්සේ ආච්චි, අපේ අම්මට ඉඩමක් ලියලා දුන්නා. 1956 දී විතර අපි එහේ පදිංචියට ගියා. ඒ තමයි වාද්දුව. පාසල් ගියෙත් ඒ හිටපු තැන්වලමයි. වාද්දුව පිරිමි පාසල, වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය සහ මොරටුව සද්ධර්මලංකාර පිරිවෙනට ගියා. උසස් අධ්‍යාපනය සඳහා ඇතුළු වුණේ කළුතර දිස්ත්‍රිකයේ තිබෙන, කලා හදවතක් ඇති දරුවෙක්ට යන්න පුළුවන් හොඳ ම තැන වුණු හොරණ විද්යාරත්නයටයි.මගේ මවගේ ධනය තමයි පියා වැඩි වශයෙන් ව්‍යාපාරවලට යෙදෙව්වේ. ඒ දේවල් සම්පූර්ණයෙන් ම නැති වෙලා යද්දි, මවට ලොකු මානසික පීඩනයක් ඇති වුණා. වෛද්‍ය ප්‍රතිකාර කළත්, ඒ ආතතිය නිසා ඇය නිතරම දැඩි කෝපයකින් ජීවත් වුණා. කාලෙක දී ඇගේ සිහි කල්පනාව අඩු වුණා. තාත්තා පොඩි කාලේ ඔරලෝසු අලූත්වැඩියා කරන්න දැනගෙන හිටියා. ව්‍යාපාර බංකොලොත් වුණාට පස්සේ, ඔහු ඔරලෝසු අලුත්වැඩියා කරන රැකියාවට ගියා. මම මේ සිදුවීම්වලට මුහුණ දෙන්නේ අවුරුදු 7 හෝ 8 වගේ කාලෙදි. මවුපියන්ගේ ආදරය ලැබිය යුතු කාලයේ, ඒ ආදරය ලබන්න මට බැරි වුණා. පැත්තකට වීසි වුණු ළමා දිවියක් තමයි මට තිබුණේ. මම අම්මටවත්, තාත්තටවත් ඒ ගැන දොස් කියන්නේ නැහැ. එදා අපි ජීවත් වුණේ, ඔවුන් මුහුණ දීපු ප්‍රශ්න තේරුම් ගන්න පුළුවන් වයසක නෙමෙයි .ඒ හුදෙකලාව තදින් බලපෑවා. රංචු ගැහෙන්න විවිධ වූ තරාතිරමේ අය ඇසුරු කරන්න ආසාව තිබුණට, ඒ වුවමනාව ඉටු කර ගන්න බැරි වුණා. ඒ වුවමනාව ඉටු කර ගන්න මට භාග්‍ය ලැබුණේ කලා ක්ෂේත්රයට අවතීර්ණ වීමෙන්. ඒ අවතීර්ණ වෙන්නෙත් නාට්‍ය හෝ චිත්‍රපට හැදීමේ හැඟීමකින් නෙමෙයි.එහෙම දැනුණේ නැහැ. අප ඒ පැතිවලට යොමු කරන්න පියාට අවශ්‍යතාවක් තිබුණෙත් නැහැ. මගේ පියා බොහොම අහිංසකයි. මගේ තාත්තා, කොතරම් අඩු පාඩූ තිබුණත්, කලා නිර්මාණයක් බලන්න මුදල් ඉල්ලද්දි, කවදාවත් බැණලා එලවපු කෙනෙක් නෙමෙයි . එහෙම තාත්තා කෙනෙක් ජීවිතේ ඉන්නවා කියන එක ම භාග්‍යයක්.හොරණ විද්‍යාරත්න විද්‍යාලයේ උසස් පෙළ කරන කාලේ තමයි හොඳ කලා නිර්මාණයක වැදගත්කම දැනෙන්න පටන් ගත්තේ. රස විඳිය හැකි ගීතයක් ඇහෙද්දි, එතෙක් රසවින්දයි කියලා හිතුණු ගීත මගෙන් බැහැර වෙන්න ගත්තා. එය කිසියම් ගවේෂණාත්මක ගමනක ප්‍රතිඵලයක්. මට සතුටින් ජීවත් වෙන්න අවස්ථාව ලැබුණේ කලා ක්ෂේත්රයට පැමිණීමෙන් පසුවයි.අද වගේ ඇඳුමෙන් පැලැඳුමෙන් කෙනෙක් දිහා බලලා තීරණ ගන්න සමාජයක් ඒ යුගයේ තිබුණේ නැහැ. හැම කෙනක් අතරම කිසියම් වු මනුෂ්‍ය සෙනෙහසක් තිබුණා. ඒ කාලේ ගුරුවරුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. අනාගතේ මෙහෙම පුද්ගලයෝ බවට පත් වෙන්න පුළුවන් කියලා එදා ගුරුවරු සමහරවිට අපේ දක්ෂතා අඳුර ගන්න ඇති. හොරණ විද්‍යාරත්නය තමයි මගේ නාට්‍ය කලාවේ තිඹිරි ගෙය. එහිදි ගුරුවරු කිහිප දෙනෙක් පාසල් නාට්‍ය කිහිපයක් නිර්මාණය කළා. හේමසිරි ලියනගේ මහතාගේ නාට්‍යයක මට රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ එතැනින්. ඒ ඔස්සේ දයානන්ද ගුණවර්ධන, හෙන්රි ජයසේන වගේ අය අඳුරගන්න ලැබුණා. ඒ අවස්ථාව මං ලැබූ භාග්‍යයක්.බොනී මහත්තයගේ ජීවතේ සරසපු උපාංග තිබෙනවානේ. ස්ත්‍රීය, සුරාව ඒ ගැනම නෙමෙ මම කියන්නේ. ඒ තනිකම නැති කර ගැනීමට ගත් හැම ගමන් මඟකම අවසානය වුණේ, අවසානයෙත් තනි වීමයි. මම හිතන්නෙ, ජීවිතේ වයස්ගත වීමකුත් තියෙන නිසා, මරණය දක්වාම එය තරණය කරලා, ජයග්‍රහණයක් ලබන්න බැරි වෙයි.එය හරියට, දරුවෝ පස් දෙනෙක් ඉන්නකොට, කොයි දරුවටද වැඩියෙන් ආදරේ කරන්නේ කියලා අහනවා වගේ. මම අද වෙනකල් හදලා තියෙන්නේ නාට්‍යය පහයි. චිත්‍රපට පහයි. ඒ සියල්ලම විවිධ වූ තේමා සහිතයි. මගේ පළමු වැනි චිත්‍රපටය ‘හංස විලක්‘. ප්‍රේක්ෂක ප්‍රතිචාර පැත්තෙන් එය විශේෂයක් දක්වනවා.ඔව්. ඒ පිළිබඳ පසුතැවීමක් තියෙනවා. මේ වගේ රටක මට නිහඬ වෙන්න වෙලා තියෙන්නේ. නිර්මාණ කිරීම මම ජය ගත්තේ තනි මහන්සියෙන්. කලින් කළ නිර්මාණ 10 ටම මම මුදල් හොයාගන්න දරපු මහන්සිය අප්‍රමාණයි.මම කලාව වෘත්තිය කර නොගත් නිර්මණකරුවෙක්. ඒත්, 1985 වසරෙදි, රැකියාවෙන් ඉවත් වෙන්න මං තීරණය කළා. ඉන් පස්සේ දැඩි ආර්ථික අහේනියකට ලක්වෙලා, ජීවිතේ බේර ගන්න ඕන නිසා, 1989 වසරෙදි ශ්‍රී ලංකාව අතහැරලා ගියා. රැකියාවක් නැතිව ඒ අවස්ථාවේ දී මුහුණ දුන් සිදුවීම් තමයි, ගැටලූ බවට පත් වුණේ.මං වඩාත් ම සමීප වු නිර්මාණකරුවෝ විදිහට සයිමන් නවගත්තේගම, වසන්ත ඔබේසේකර සහ ධර්මසේන පතිරාජ හඳුන්වන්න පුළුවන්.නැති වුණු දේ වැඩියි. ලැබුණු දේ මදියි කියලා මගේ තෘෂ්ණාවක් නැහැ. වෙන කෙනෙක් සතුටෙන්, සිනහාවෙන් ගත කරනකොට, මම ඒ දිහා බලලා අඬපු කෙනෙක්. එහෙම අවස්ථා මුළු ජීවිත කාලේ පුරාම තියෙනවා. කවුරුත් ඒකට වැරැදියි කියලා මං කියන්නේ නෑ. ඒ මම ලබා ගත්ත ජීවිත අයිතියක්.මම එහෙම හිතුවා. මගේ ‘හංස විලක්‘ චිත්‍රපටය මට ඊට බොහොම බලපෑම් කළා. ඒ අත්දැකීම සිනමා භාෂාවෙන් ඉදිරිපත් කළාට, ඒ හා සමාන ජීවිතයක් මට උරුම වේවී කියලා මම හිතුවේ නැහැ. ‘හංසවිලක්‘ ඒකෙ පළමු අවස්ථාව. මම හිතන්නේ වර්තමානයේ චිත්‍රපටයක් කරනවා නම්, වැඩිය හොඳ මා දෙස බලන මනුෂ්‍යයට රූප මාධ්‍යයෙන් මරණය සිහිපත් කරලා, ඔහුට මගේ අතීතය කෙබඳුද කියන්න පුළුවන් ආකෘතියක් තුළ යම්කිසි ඇමතීමක් කරන්නයි. මෑතක දී මට තවත් කාරණයක් කල්පනා වුණා. මගේ කලා ජීවතේ කළ සෑම නිර්මාණයක්ම අතිශයින්ම දුඃක්ඛිත ලෙස නිර්මාණය වූ නිර්මාණ මිසක්, මල් යහනාවක් මත ලස්සනට ඉඳගෙන නිර්මාණය වූ කලා කෘති නෙමෙයි. ඒ නිර්මාණකරණයේ අත්දැකීම් එක්කරලා, මගේ එක් එක් කලා කෘතියට අදාළව එක එක පොත බැගින් ලියන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නොකර මරුණොත්, එය මට ලොකු පාඩුවක්.සෙනඟ ගොඩක් මැද්දේ තනිවුණු අවස්ථා තියෙනවා. ඒ අපේ මතවාද අතරෙයි. මම ජාතිවාදයට විරුද්ධ කෙනෙක්. දෙමළා කියලා ඒ මිනිහා පහත් කරලා සලකන සමාජයක් පවතින බව මට දැනගන්න ලැබෙන්නෙ, පසු කාලෙක, සමාජයේ දැනුම් තේරුම් තියෙන කෙනෙක් වෙනකොටයි. එය ලොකු වේදනාවක්. මේ මිනිස්කම මා තුළ පිහිටන්නට, කලාව තමයි මට දායාදය ලබා දෙන්නේ. කලාවේ යෙදෙමින් නිර්මාණ ඇසුරු කර ගත්තහම, මනුෂ්‍යයන්ට එහෙම වෙන්න පුළුවන්. අද වෙනකොට තිරිසන්කම මනුෂ්‍යත්වය වෙලා, මිනිස්කම සම්පුර්ණයෙන්ම බැහැර වූ සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. අපේ රටට එහෙම වෙන එක පුදුමයක්. අපි බෞද්ධයෝ කියලානේ කියන්නේ. මම බෞද්ධයෙක් කියන දේ මං ළඟ නැහැ. හැබැයි මගේ අතින් කාටවත් හිංසාවක් වෙන්නේ නැහැ. බෞද්ධකමට ඒ ඇති. මම ඇසුරු කරපු කලා නිර්මාණ මට මනුෂ්‍යයෙක් වශයෙන් ජීවත් වෙන්න උදවු වුණා. එය පණිවිඩයක් විදිහට සමාජගත කරන්න මම කැමැතියි. අමානුෂික ක්‍රියා ගැන මම කතා කරනවා. එය මගේ අයිතියක්. මේ දක්වාම ඒ අයිතිය මා සතුයි. එය මගේ මරණෙන් අහෝසි වෙනතුරු, කාටවත් නතර කරන්න බැහැ.මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. ඒ අයට ඔවුන්ගේ මව විසින්ම ඉතා ම වෙහෙස මහන්සි වෙලා ඉගැන්නුවා. දුක් වෙන්න කාරණාවක් නැහැ. ඒත්, හැලහැප්පිලි තිබුණා. ඒ හැම දේම පුළුවන් ආකාරයට දරා ගත්තා.ඔව්. කිහිප විටෙකම බරපතළ විදිහට ඒ සඳහා උත්සාහ කළා. මම දැඟලූවටම මැරෙන්නේ නෑනේ. තව ජීවත් වෙන්න මොකක් හෝ භාග්‍යයක් ඇති. මම මැරෙන්න උත්සාහ කරද්දි, ඒකට මොකක් හරි ප්‍රතිකාරයක් තියෙනවානේ. ඒ ප්‍රතිකාර මඟින් මට යම් ප්‍රමාණයක සහනයක් ලැබුණා.විශාල වශයෙන් තියෙනවා. පැවිද්දෙක් විදිහට ජීවත් වීම, ඒ කලකිරීමට සුවයක් විදිහට මම හිතන්නේ නැහැ. කලකිරීමෙන් ජීවත් වීමෙත් යම් සුවයක් විඳිනවා. බෞද්ධකම හෝ කිසි ම ආගමක් මම කරගහ ගෙන නැහැ. ආගම කියන්නේ කාටවත් කරදරයක් නොවී ජීවත් වීමයි.ස්වර්ණමය යුගයක් මගේ ජීවිතේ තිබුණ ද කියලා කියන්න බැහැ. මගේ වටේ ඉන්න යාළුවො තමයි මා දකින්නේ. ඔවුන් එදා දැක්ක ධර්මසිරිම තමයි අදත් දකින්නේ. ස්වර්ණමය කියලා කියන්න පුළුවන් පවුල් පසුබිමක් මට නැහැ. මට හිටපු හොඳ ම දෙවිවරු මවුපියෝ. ඒ දෙවිවරු නැති වුණාට පස්සේ, මට තව දෙවිවරු නැහැ.නිර්මාණකරුවෙක් වශයෙන් ශ්‍රී ලංකාව වගේ රටක නම කියූ පමණින් හඳුනන මිනිසකු බවට පත් වීම. හොර මැරකමෙන් තොරව, හැම නිර්මාණයක දී ම අවංකවම ඒ නිර්මාණය වෙනුවෙන් මම වෙහෙසුණා. ඒ නිර්මාණ එළිදක්වලා මහජනයා ඒක නරඹනකොට, මට ලොකු සතුටක් දැනෙනවා. ඒක වෙනත් කෙනකුට ලැබෙන්නේ නැහැ. යම් කාලයකදි සමාජයේ කතාබහට ලක් වූ, නීතියෙන් නොබැඳුණු බැඳීමකින් ඔබ පීතෘත්වය ලබනවා. ඒ අභියෝගයට මුහුණ දුන්නේ කොහොමද?ඒක සමාජයේ ස්වභාවය. මට වැරැදිලා නැහැ. මම මුහුණ දුන්නේ කිසි ම මිනිහෙකුට මුහුණ දෙන්න බැරි අත්දැකීමකට. මට විලංගු දාන්න සදාචාරයට බෑ. හැබැයි ඒ අත්දැකීම යළි යළි ලබලා, මං කිසි ම කෙනකුට හිංසාවක් කරලා නැහැ.මව වශයෙන් ඇගේ ගරුත්වයත්, පියා වශයෙන් මගේ ගරුත්වයත් ආරක්ෂා වෙලා තියෙනවා. අපි හොඳ මිත්‍රයෝ. ඒත්, අපි සම්බන්ධ මූලික කාරණාවලදි, ජීවිතේ ආරවුල් ඇති කර නොගෙන ජීවත් වෙනවා. එය බොහෝ දෙනකුට අපහසු කාරණාවක්.හැමෝම හවසට ගෙදර යනවනේ. මටත් ගෙදරක් තියෙනවා. ඒ මම හිටිය තැන. ඒ සුවඳ තිබුණු තැනට තමයි මම ගිහිල්ලා තියෙන්නේ.වැරැදි තීරණ නැහැ. මනුෂ්‍යයෙක් ජීවිතේ පිළිබඳ තීරණ ගතයුතු වෙලාවල, ඒ තීරණ මම අරන් තියෙනවා. අවුරුදු 20 දි මම විවාහ වෙනකොට තාත්තා කිව්වා "මේ විවාහ වෙන වයසක් නෙමෙයි" කියලා.කලාව වෙනුවෙන් කළ කැපවීම බැලූවහම, මට පෞද්ගලික ජීවිතයක් නැහැ කියලා දැනෙනවා. කලාත්මක ජීවිතයට උපකාර කළ, විශේෂයෙන්ම සඳහන් කළ යුතු කෙනෙක් ඉන්නවා. ඒ බෙනඩික් දොඩංගොඩ. ඔහු මට පියෙක් හා සමානව ඇලූම් කළා.තෘප්තිමත් නැත්නම්, ජීවත් වෙන්න හිතෙන්නෙත් නැහැ. දෛවයෙන් මට යම් ප්‍රමාණයක දේ ලැබිලා තියෙනවා. නොලැබුණු දේ පස්සේ මම හඹාගෙන ගිහින් නැහැ. අල්පේච්ඡ වු ජීවිතයක් ගත කරන්නයි මම උත්සාහ කරන්නේ.යාන වාහන, සුඛ විහරණ මගේ ජීවිතේ හොයලා නැහැ. මට ඕනැම වෙලාවක බස් එකක යන්න පුළුවන්. වාහන තියෙන්නේ අපේ මේ කාල වේලාව අඩු කර ගන්න මිසක්, මහජන ප්‍රදර්ශනයට නෙමෙයි. නිර්මාණ නිසා මනුෂ්‍යයන්ගේ ගෞරවය ලැබිලා තියෙනවා. කාටවත් ඒ නිර්මාණ එක්ක ගැටෙන්න බෑ . ඒ නිර්මාණවල යම් කිසි වූ අපූරු සත්‍යයක් ගැබ් වෙලා තියෙනවා. එය මගේ මරණයෙන් පසු එළියට ඒවි.දැන් නම් අතිශයින් වෙහෙසකරයි. මරණය මා හොයාගෙන විත්, මගේ ඇස් පියවී වැතිරී ඉන්නකොට, ඒ තමයි ධර්මසිරි සුවය ලබන මොහොත.එක එක වකවානුවල අපි මනුෂ්‍යයෝ ගැන තීරණ ගත්තා. මිනිස්සු රැවටෙන එක ඉතා ම දුඃක්ඛිතයි . තමන් රැවටුණු බව දැන ගැනීම තමයි මිනිසුන්ට දරා ගන්න බැරි ම දේ. එය දරා ගන්න බැරි වේදනාවක්. ඉදිරියේ දී මිනිස්සු රවට්ටන්නේ නැති මිනිස්සු, පුළුවන් තරම් මේ රටේ බිහි වේවා! |
නිදහස් අධ්‍යාපනය පිළිබඳ ජනප්‍රිය අදහසක් වන්නේ ඒ හේතුවෙන් සමාජයේ අසමානතා අඩු වන බවයි. නිදහස් අධ්‍යාපනය සමාජයට බරක් වුවත්, එමඟින් ඉහත අරමුණ යම්තාක් දුරකට ඉටුවේ. එහෙත්, නිදහස් අධ්‍යාපනය තිබුණු පමණින් සමාජයේ සියල්ලන්ටම අධ්‍යාපනය ලැබීමට සමාන ඉඩප්‍රස්තා හිමිවන්නේ නැත.දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ තීරණ ඔවුන්ගේ දෙමවුපියන්ගේ හෝ භාරකරුවන්ගේ තීරණයි. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දෙමවුපියන් විසින් ආයෝජනය කරන්නේ එමඟින් ඔවුන්ගේ අනාගත ශුභ සිද්ධිය සැලසෙන බවට ඇති විශ්වාසය නිසාය. මේ වෙනුවෙන් ඔවුන්ට මිලක් ගෙවන්නට සිදු වේ. එසේ ගෙවන උපරිම මිල තීරණය වන්නේ සිදුවන යහපත හා වැය කරන අරමුදල් වල ආවස්ථික පිරිවැය මතය. අඩු ආදායම් ලබන පවුලක දෙමවුපියෙකුගේ මුදල් වල ආවස්ථික පිරිවැය මුදල් යහමින් ඇති පවුලක දෙමවුපියෙකුගේ මුදල් වල ආවස්ථික පිරිවැයට වඩා වැඩිය. ඒ නිසා, සැලසෙන යහපත සමාන වන තත්ත්වයකදී මුදල් ඇති පවුලක දෙමවුපියන් විසින් ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩි මුදලක් ආයෝජනය කිරීමට වැඩි ඉඩකඩක් තිබේ.ලංකාවේ නිදහස් අධ්‍යාපනය ආරම්භ වන යුගයේදී, එය එසේ නොවුනානම්, රටේ දරුවන්ගෙන් සැලකිය යුතු පිරිසකට පාසැල් අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව නොලැබෙන්නට ඉඩ තිබුණේය. නිදහස් අධ්‍යාපනය හේතුවෙන් වැඩි පිරිසකට ඒ අවස්ථාව ලැබුණේය. එහි සමාජ පිරිවැය හා යහපත වෙනම කතා කළ යුතු දෙයකි. එය පසුවට තබමු.නිදහස් අධ්‍යාපනය ආරම්භ වන යුගයට සාපේක්ෂව අද වන විට ලංකාවේ පවුල් වල ආදායම් ව්‍යාප්තිය සැලකිය යුතු තරමින් දකුණට විතැන් වී (වැඩි වී) තිබේ. නිදහස් අධ්‍යාපනය නොතිබුණද, අද වන විට, එදාට සාපේක්ෂව රටේ දරුවන්ගෙන් විශාල පිරිසක් පාසැල් අධ්‍යාපනය ලබනු හැකිව තිබිණි. කෙසේ වුවද, නිදහස් අධ්‍යාපනය නිසා ඒ ප්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි වී තිබේ.ඒ අතරම, නිදහස් අධ්‍යාපනය තිබුණද, මූලික අධ්‍යාපනය අනිවාර්ය වුවද, අදටත් රටේ ඇතැම් දරුවන්ට මූලික පාසැල් අධ්‍යාපනයක් නොලැබේ. ඒ, මිල පාලනය කිරීම මඟින් (මේ අවස්ථාවේදී මිල ශුන්‍ය මට්ටම කරා රැගෙන ඒමෙන්) ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය වෙනස් කළ හැකි වුවත්, ඉල්ලුම් සැපයුම් බලවේග තවදුරටත් ක්‍රියාත්මක වන බැවිනි. ඒකීය පුද්ගලයින් විසින් ස්වභිමාර්ථය වෙනුවෙන් කටයුතු කිරීම නියාමනය මඟින් වැළැක්විය නොහැකිය. එහෙත්, නියාමනය හේතුවෙන් පුද්ගලයෙකුගේ තේරීම් අතරින් වඩා හොඳ තේරීම වෙනස් වන්නට පුළුවන.අද ලංකාවේ පාසැල් වයසේ දරුවෙකුට අවශ්‍ය පාසැල ලබා ගැනීම කෙසේ වෙතත් කුමක් හෝ රජයේ පාසැලක අධ්‍යාපනය ලැබීමට විශාල බාධාවන් නැත. එසේ ලැබෙන පාසැලක පාඨමාලා ගාස්තු නොගෙවා ඉගෙනීමට තිබෙන අවස්ථාවට අමතරව පාසැල් පෙළපොත් හා පාසැල් නිලඇඳුම් ආදී තවත් බොහෝ දේ රජයෙන් ලැබේ. එහෙත්, ඉතාම "බාල" පාසැලකට දරුවන් යවන දෙමවුපියෙකු වුවත් තවත් අමතර වියදම් රැසක් දැරිය යුතුය. අභ්‍යාස පොත් ඇතුළු පාසැල් උපකරණ හා පාසැල වෙත දරුවා ප්‍රවාහනය කිරීම ආදිය මේ අනෙකුත් මූලික වියදම් අතර වේ. ගමේ පාසැලට දරුවා පයින් ගෙන යන දෙමවුපියෙකු විසින් ඒ සඳහා වැය කරන කාලයද, මුදල් වැය වීමක් නැතත්, ප්‍රවාහන වියදමේ කොටසකි. (ලංකාවේ පාසැල් ළමුන්ගෙන් 33.9%ක්ම පාසැලට පයින් යන අයයි.) දරුවන් තරමක් ලොකු මහත් වූ විට ඔවුන්ගෙන් තමන්ගේ වැඩට උදවු ගන්නට නොලැබීමද (විශ්ව ළමා ප්‍රතිපත්ති ආදියේ මොනවා තිබුණත්) දෙමවුපියන්ගේ අලාභයකි. මේ අමතර වියදම් දැරිය නොහැකි පවුල් වල දරුවන්ට අදටත් පාසැල් වරම් අහිමි වේ.වසර කිහිපයකට පෙර ප්‍රකාශයට පත් කෙරුණු යුනිසෙෆ් වාර්තාවකට අනුව, අධ්‍යාපනය අනිවාර්යයෙන් ලැබිය යුතු අවුරුදු 5-14 වයසේ ලංකාවේ ළමුන්ගෙන් 1.8%ක් පාසැල් නොයති. වතු අංශයේ මේ ප්‍රතිශතය 4.6%ක් තරම් ඉහළය. මෙයට ප්‍රධානම හේතුවක් වන්නේ අධ්‍යාපනය ලැබිය යුතු වයසේ දරුවන් ළමා ශ්‍රමිකයන් ලෙස කටයුතු කිරීමයි. වාර්තාව අනුව දරුවෝ 107,259ක් ළමා ශ්‍රමිකයෝ ලෙස කටයුතු කළහ. ඔවුන්ගෙන් 60%ක් පමණම යෙදී සිටියේ අනතුරුදායක රැකියා වලය. 2016 ළමා ක්‍රියාකාරිත්ව සමීක්ෂණයේ දත්ත අනුවද, කිසියම් ආර්ථික කටයුත්තක නිරතව සිටින ළමුන් ගණන 103,704කි. මේ ලංකාවේ ආදායම් ව්‍යාප්තියේ පහළම කාණ්ඩයේ තත්ත්වයයි. නිදහස් අධ්‍යාපනය පැවතියද එයින් මේ පහළම ආදායම් කාණ්ඩයේ දරුවන් බොහෝ දෙනෙකුගේ ජීවිත ආලෝකමත් වී නැත. එහෙත්, මේ ළමා ශ්‍රමිකයින් හෝ ඔවුන්ගේ දෙමවුපියන් විසින් කිසියම් භාණ්ඩයක් මිලදී ගන්නා හැම විටකම ඔවුන් විසින්ද වක්‍ර ලෙස ලංකාවේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වැය කරති.මේ පහළම කාණ්ඩයට ඉහළින් සිටින දෙමවුපියන්ගේ දරුවන් බොහෝ දෙනෙකු රජයේ පාසැලක අධ්‍යාපනය ලැබුවත් එයින් අදහස් වන්නේ එම දරුවන්ට හොඳ, සමාන, හෝ ගෙවන මුදලට වටින අධ්‍යාපනයක් ලැබෙන බවම නොවේ. ලංකාවේ රජයේ පාසැල් අතර ඇති ගුණාත්මක භාවයේ වෙනස්කම් ඉතා විශාලය.පාසැල් වෙත ඇති දෙමවුපියන්ගේ ඉල්ලුම පාසැල් වල ගුණාත්මක භාවය පිළිබඳ ඉඟියක් සපයයි. හොඳ පාසලකට යවන්නට හැකියාව තිබේනම් තමන්ගේ දරුවා ගුණාත්මක භාවය අනුව පහළින් ඇති පාසලකට යවන්නට දෙමවුපියෙකු පෙළඹෙන්නේ නැත. ගුණාත්මක භාවය මනින නිර්ණායක එක් එක් පුද්ගලයාට සාපේක්ෂ වීම වෙනම කරුණකි.ලංකාවේ පාසැල් අතරින් තවමත් වැඩිම ඉල්ලුමක් තිබෙන්නේ නිදහස් අධ්‍යාපනය ඇරඹෙන්නට පෙර ක්‍රිස්තියානි මිෂනාරීන් විසින් හෝ පරමවිඥාර්ථ සමාගම වැනි සංවිධාන විසින් ස්ථාපිත කර පවත්වාගෙන ගිය පාසැල් වලටය. මේ පාසැල් වලින් වැඩි ප්‍රමාණයක් මේ වන විට රජය සතුව ඇති අතර සුළු ප්‍රමාණයක් පෞද්ගලික පාසැල් ලෙසම පවත්වාගෙන යනු ලැබේ. පසුව ඇරඹුණු මධ්‍ය මහා විද්‍යාල වලටත් විශාල ඉල්ලුමක් ඇතත් පළමු කාණ්ඩයේ පාසැල් වලට මෙන් සියවසක හෝ එකහමාරක පමණ කාලයක් තිස්සේ උපයාගත් කීර්ති නාමයක් නැති මේ පාසැල් ඉල්ලුම අනුව සමස්තයක් ලෙස තිබෙන්නේ පළමු කාණ්ඩයේ පාසැල් වලට වඩා පිටුපසිනි.ප්‍රධාන වශයෙන්ම ඉහත කාණ්ඩ දෙකට අයත්, උසස්පෙළ විද්‍යා විෂය හැදෑරීමේ පහසුකම් ඇති රජයේ පාසැල් ගණන රටේ මුළු පාසැල් ගණනින් 10% නොඉක්මවයි. දෙමවුපියෙකු විසින් මේ පාසැලකට දරුවෙකු දමා ගැනීම දරුවාගේ කුසලතාවය තිබූ පමණින්ම කළ නොහැක්කකි. ඒ සඳහා, එතරම් පාරදෘශ්‍ය නොවන තවත් බොහෝ වියදම් දැරිය යුතුය.එසේ වීනම්, දෙමවුපියන් විසින් තමන්ගේ ආර්ථික ශක්තිය අනුව දරුවන් හැකි තරම් හොඳ පාසැලකට යැවිය හැකිව තිබුණි. මෙහිදී, වැඩි ආර්ථික ශක්තියක් ඇති දරුවන්ට හොඳ පාසැල් ලැබීම නිතැතින්ම සිදු වන්නකි. එහෙත්, එසේ වූ පමණින් දරුවෙකුට හොඳ පාසැලක් ලැබීමේ එකම නිර්ණායකය දෙමවුපියන්ගේ ආර්ථික ශක්තිය වෙන්නේ නැත.නිදහස් අධ්‍යාපනය හඳුන්වා දෙන්නට පෙර යුගයේ ලංකාවේ තිබුණු ආකාරයේ ලාභ ලැබීම අරමුණු කර නොගත් පාසැල් හැම විටම වාගේ පාසැලට ඇතුළු කරගන්නා දරුවන්ගේ කුසලතා මට්ටම් ගැනද සැලකිලිමත් වන නිසා කුසලතාව අතින් බොහෝ පහතින් සිටින දරුවෙකුට මුදල් තිබූ පමණින්ම හොඳ පාසැලකට යාම අසීරු වනු ඇත. ඒ අතරම, කුසලතාව අතින් බොහෝ ඉහළින් සිටින දරුවන් යම් ප්රමාණයකටද ශිෂ්‍යත්ව ආදිය හරහා හොඳ පාසැල් වලට ඇතුළු වීමට අවස්ථාව සැලසෙනු ඇත. මෙවැනි විශේෂ තත්ත්වයන් තිබුණත් ඉතා පැහැදිලිවම වැඩි ආර්ථික ශක්තියක් ඇති පවුලක උපන් දරුවෙකුට හොඳ පාසැලකට ඇතුළු වීමට අඩු ආර්ථික ශක්තියක් ඇති පවුලක උපන් සමාන කුසලතා ඇති දරුවෙකුට වඩා වැඩි අවස්ථාවක් ලැබෙනු ඇත.ලාභ ලැබීම අරමුණු කරගත් පාසැල් පැවතුනේනම් හොඳ පාසැල් වැඩි ආදායම් ලබන දෙමවුපියන්ගේ දරුවන්ට ලැබෙන්නට තිබෙන ඉඩකඩ තවත් වැඩි විය හැකිව තිබුණු නමුත් කුසලතාවය වැඩි, අඩු ආදායම් පවුල් වල දරුවන්ට ශිෂ්‍යත්ව ආදිය හිමි වීම තවදුරටත් සිදුවනු ඇත. එය සිදු වීමට මේ පාසැල් අයිතිකරුවන් ජනහිතකාමීන් විය යුතු නැත. හොඳ දරුවන් කිසියම් ප්‍රමාණයක් ශිෂ්‍යත්ව දී ඇතුළු කරගත් විට පොදුවේ පාසැලේ ගුණාත්මක භාවය ඉහළ යාමත්, ඒ හේතුවෙන් මුදල් ගෙවා පැමිණෙන සිසුන් ආකර්ෂණය කර ගැනීම පහසුවීමත් නිසා ලාභ ලැබීමේ අරමුණ තිබියදීම මෙය සිදු වේ. මේ හේතුව නිසාම, මුදල් ගෙවන්නට සූදානම් වුවත් කුසලතාවයෙන් අඩු දරුවෙකුට හොඳ පාසැලකට ඇතුළු වීම අපහසු වනු ඇත. කෙසේ වුවද, සමස්තයක් ලෙස, ඉතා පැහැදිලිවම, වැඩි ආර්ථික ශක්තියක් ඇති පවුලක උපන් දරුවෙකුට හොඳ පාසැලකට ඇතුළු වීමට අඩු ආර්ථික ශක්තියක් ඇති පවුලක උපන් සමාන කුසලතා ඇති දරුවෙකුට වඩා වැඩි අවස්ථාවක් ලැබෙනු ඇත.නිදහස් අධ්‍යාපනය පැවතියද, ඉහත තත්ත්වයේ විශාල වෙනසක් සිදු වී නැත. දැනටත් හොඳ පාසැල් ලෙස හඳුනා ගැනෙන පාසැල් වලට ඇතුළු වීමට ලැබෙන්නේ කිසියම් අවම ආර්ථික මට්ටමක් ඇති පවුල්වල දරුවන්ට පමණි. මේ ක්‍රියාවලිය තුළ, සිසුවෙකුගේ කුසලතාවයට තැනක් ලැබෙන නමුත් කුසලතාවය තිබූ පමණින්ම කිසියම් සිසුවෙකුට හොඳ පාසැලකට ඇතුළු වීමට නොලැබේ. දෙමවුපියන්ගේ වත්කම් ඉහළ මට්ටමක තිබේනම් දරුවන්ගේ කුසලතාවය කිසියම් තරමකට අඩු වුවද හොඳ පාසැලකට ඇතුළු වීමට අවස්ථාව ලැබේ. විශේෂයෙන්ම ජනප්‍රිය පාසැල් වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළු කිරීමේදී දරුවන්ගේ කුසලතාවය නිර්ණායකයක් වන්නේ ඉතා අඩුවෙනි. එහිදී, වැඩිපුර බලපාන්නේ දෙමවුපියන්ගේ ආර්ථික තත්ත්වය හා "වැඩක් කරගැනීමේ" හැකියාවයි.ජනප්‍රිය පාසැල් වල ගුණාත්මක භාවය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරන පිරිවැයෙන් විශාල කොටසක් ලැබෙන්නේ දෙමවුපියන්ගේ මුදල් වලිනි. මේ අර්ථයෙන් බැලූ විට මේ පාසැල් බොහොමයක් ආකෘතිමය ලෙස, ඉගැන්වීම සඳහා මුදල් අයකරන, එහෙත් පොදු අරමුදල් වලින් කිසියම් ප්‍රමාණයකට සුබසාධනය වන පාසැල් ලෙස සැලකීමේ වැරැද්දක් නැත. රජය මඟින් මේ පාසැල් පවත්වා ගැනීමට මූලික පිරිවැයක් දැරුවත්, මෙවැනි පාසැලක ගුණාත්මක භාවය තීරණය කරන ආන්තික රුපියල හැමවිටම ලැබෙන්නේ එහි පාරිභෝගිකයින් වන දෙමවුපියන්ගෙනි. ආදි ශිෂ්‍යයන් විසින් බොහෝ විට පාසැල් වෙත අරමුදල් සපයන්නේද පසුකාලීනව තමන්ගේ දරුවෙකු පාසැලට දමාගැනීමේ අරමුණ පෙරදැරිව නිසා ඔවුන්ද වක්‍ර ලෙස සුවිශේෂී පාරිභෝගික කණ්ඩායමක්ම වේ.දුෂ්කර පාසැල් වල උගන්වන ගුරුවරුන්ට කිසියම් අමතර දීමනාවක් ලැබුණත්, ජනප්‍රිය පාසැල් වල ගුරුවරුන්ට රජයෙන් කිසිදු අමතර දීමනාවක් නොලැබේ. එසේ වුවත්, ජනප්‍රිය පාසැල් වලට එන්නට බොහෝ ගුරුවරු කැමැත්තෙන් සිටිති. ඒ නිසා, ජනප්‍රිය පාසැලකට හොඳ ගුරුවරුන් ආකර්ෂණය කර ගැනීම අපහසු නැත. දුෂ්කර පාසැල් වල සිදු වන්නේ මෙහි අනිත් පැත්තයි. ජනප්‍රිය පාසැලකට එන්නට බොහෝ ගුරුවරුන් කැමැත්තෙන් සිටින්නේ එහි පිටතට නොපෙනෙන මුදල් හා/හෝ මුදල් නොවන වාසි ඇති බැවිනි.පාසැල් ලාභ ලබන ව්‍යවසායකයින් විසින් පවත්වාගෙන ගියේනම් ජනප්‍රිය පාසැල් වල ගුරුවරුන්ට වැඩි ප්රතිලාභ ලැබිය හැකිව තිබුණි. ඒ වැඩි ප්රතිලාභ නිසා වඩා හොඳ ගුරුවරුන් එම පාසැල් වලට ආකර්ශනය විය හැකිව තිබුණි. රජයේ මධ්‍යගත සැලසුම තුළ එයට ඉඩක් නැතත්, වෙළඳපොළ බලයන් විසින් වක්‍ර ලෙස ඒ දෙයම සිදු කරයි.කෙසේ වුවද, රජයේ ජනප්‍රිය පාසැලකට සෘජුව මුදල් ගෙවා "මුදල් පදනම මත" දරුවෙකු ඇතුළු කර ගැනීමේ නීත්‍යානුකූල අවස්ථාවක් දෙමවුපියන්ට නැත. ඒ නිසා, මුදල් අල්ලස් වල සිට ලිංගික අල්ලස් දක්වා බොහෝ දේ සිදුවන්නේ රටේ නීති රාමුවෙන් පිටතය. රටේ නීති රාමුවෙන් පිට පනින්නට සෑම දෙමවුපියෙක්ම කැමති නැත. ඒ නිසා, සැලකිය යුතු මුදලක් ගෙවා ජනප්‍රිය පාසලකට දරුවෙකු ඇතුළු කරගන්නට කැමති, ඒ සඳහා හැකියාව ඇති, දෙමවුපියන් බොහෝ දෙනෙකුට ඒ සඳහා අවස්ථාව නොලැබේ. ජාත්‍යන්තර පාසැල් වලට ඉල්ලුමක් ඇති වී තිබෙන්නේ මෙවැනි දෙමවුපියන්ගෙනි.ජාත්‍යන්තර පාසැල් වලට දරුවන් යවන්නේ තමන්ගේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම සඳහා සැලකිය යුතු මිලක් ගෙවන්නට සූදානමින් සිටින දෙමවුපියන් පිරිසකි. ඔවුන්ට ඇති අනෙක් විකල්පය වන රජයේ පාසලකට දරුවෙකු ඇතුළු කිරීමටද මෙයට කිට්ටු මුදලක් සෘජුව හෝ වක්‍ර ලෙස වැය කරන්නට සිදු වේ. එහෙත්, ඔවුන්ට ඇති ප්රශ්නය මේ මුදල ගෙවීම නොවේ. මුදල ගෙවා එවැනි පාසැලකට දරුවෙකු ඇතුළු කර ගැනීමට පාරදෘශ්‍ය ක්‍රමයක් නැති වීමයි.මුදල් ඇති අයෙකුට තමන්ගේ දරුවෙකු මුදල් ගෙවා ජාත්‍යන්තර පාසැලකට ඇතුළු කර ගත හැකිය. එහෙත්, ජනප්‍රිය පාසලකට දරුවෙකු ඇතුළු කර ගැනීමට කිසියම් මුදලක් මෙන්ම බලයක්ද අවශ්‍ය වේ. මීට අමතරව, මේ අවස්ථා දෙකේදීම දරුවාගේ කුසලතා මට්ටමද නොසලකා හැරෙන්නේ නැත.රජයේ ජනප්‍රිය පාසැල් වල තත්ත්වය මෙසේ වුවත්, රජයේ පාසැල් වලින් සෑහෙන ප්‍රමාණයක් මෙවැනි "ඉල්ලුමක් ඇති" පාසැල් නොවේ. 2016 පාසැල් සංගණනය අනුව, රජයේ පාසැල් වලින් 30%ක පමණ සිටින්නේ සිසුන් සියයකට අඩු ගණනකි. එයින් අඩක පමණ සිටින්නේ සිසුන් පණහකට අඩු ගණනකි. රජයේ පාසැල් වලින් 30%කම ගුරුවරුන් සිටින්නේ තනි ඉලක්කමේ ගණනකි. ඒ අතර, එක් ගුරුවරයෙකු සිටින පාසැල් 27ක්ද, ගුරුවරුන් දෙදෙනෙකු පමණක් සිටින පාසැල් 108ක්ද තිබේ. පානීය ජලය හා සනීපාරක්ෂක පහසුකම් වැනි මූලික පහසුකම් පවා නැති පාසැල් ගණනාවක් තවමත් රටේ තිබේ.රටේ පහළ ආදායම් ලබන පවුල් වල දරුවන් වැඩි දෙනෙකුට අවසාන වශයෙන් හිමි වන්නේ ඉහත ආකාරයේ අඩු පහසුකම් සහිත පාසැලකි. පවුලේ ආදායම් තත්ත්වය අනුව දරුවන්ට පාසැල් හිමිවීම සිදුවන්නේ පළමු ශ්‍රේණියට ඇතුළු වෙත්දීමය. පස්වැන්නේ ශිෂ්‍යත්ව විභාගය, ඒ ගැන කවර විවේචන තිබුණත්, සිසුවකුගේ දක්ෂතාවය මත පියවරක් ඉහළට තබන්නට ලැබෙන පළමු අවස්ථාවයි. එහෙත්, ශිෂ්‍යත්ව විභාගයෙන් කුසලතා පෙන්වූ පමණින් දක්ෂ දරුවෙකුට ඔහුගේ කුසලතාවයන්ට ගැලපෙන හොඳම පාසැලට යන්නට ඉඩ ලැබෙන්නේ නැත. පවුලේ ආදායම් තත්ත්වය මෙහිදීද හරහට හිටී.රජයෙන් නොමිලේ ලැබෙන අධ්‍යාපනය වෙනුවෙන් එක් පුද්ගලයෙකුට දරන්නට සිදුවන පිරිවැය පිළිබඳ දළ ඇස්තමේන්තු කිහිපයක් මගේ පෙර ලිපි වලින් ඉදිරිපත් කළෙමි. මේ මුදල් වලින් වැඩි ප්‍රමාණයක් අය කර ගැනෙන්නේ වක්‍ර බදු ලෙසය. වැඩි ආදායම් ලබන පවුල් වැඩියෙන් පරිභෝජනය කරන නිසා බදු වලට ඔවුන්ගේ දායකත්වය වැඩිය. ඒ නිසා, මතු පිටින් පෙනෙන්නට ඇති පරිදි නිදහස් අධ්‍යාපනය නිසා ඉහළින් පහළට සම්පත් ගලායාමක් සිදුවේ. නමුත්, මෙය පෙනෙන තරම්ම ලොකුවට සිදු වන්නේ නැත.කිසියම් පවුලක ආදායම ඉහළ යන විට පරිභෝජනයද ඉහළ යයි. එහෙත්, පරිභෝජනය සිදුවන්නේ ආදායමට සමානුපාතිකව නොවේ. ආදායම් මට්ටම කෙතරම් පහත් වුවත් ජීවත් වීම සඳහා මූලික පරිභෝජන මට්ටමක් පවත්වා ගත යුතුය. ආදායම මේ මට්ටමට වඩා අඩුනම් පවුලකට රජයෙන් ලැබෙන සහනාධාර වලින්, වෙනත් අයගේ පරිත්‍යාග වලින් හෝ ණය වලින් වියදම් පියවාගෙන මේ මූලික පරිභෝජන මට්ටම පවත්වා ගන්නට සිදුවේ. පවුලක ආදායම වැඩි වෙද්දී එසේ වැඩි වන ආදායමෙන් කිසියම් ප්‍රතිශතයක් පරිභෝජනය වෙනුවෙන් වෙන් කෙරෙන නමුත් සියල්ල එසේ වෙන් කෙරෙන්නේ නැත. වැඩි ආදායම් මට්ටම් වලදී ඉතිරිය ආයෝජනය කිරීමත්, අඩු ආදායම් මට්ටම් වලදී සෘණ ආයෝජන (ණය ගෙවීම) කිරීමත් සිදුවන බැවිනි. මෙහි ප්‍රතිඵලයක් ලෙස පවුලක පරිභෝජන මට්ටම් විචල්‍ය වන්නේ ආදායම් විචල්‍ය වනවාට වඩා අඩුවෙනි.අඩු ආදායම් ලබන බොහෝ දෙනෙක් තමන්ගේ ආදායම් මට්ටමද ඉක්මවා පරිභෝජනය කරති. ඒ නිසා, ඒ අයගෙන් සැලකිය යුතු මුදලක් වක්‍ර බදු ලෙස රජය විසින් එකතු කර ගනී. ඒ වෙනුවෙන්, ඔවුන්ගේ දරුවන්ට කිසියම් පාසැලක් ලැබේ. එහෙත්, මේ පාසැල බොහෝ විට "ඉල්ලුමක් ඇති" පාසැලක් නොවේ.එක් දරුවෙකු වෙනුවෙන් රජය වැය කරන මුදල වැඩි වූ පමණින්ම එම දරුවන්ට ලැබෙන අධ්‍යාපනය වඩා හොඳ එකක් වෙන්නේ නැත. ගුරුවරු එක්කෙනෙක් හෝ දෙදෙනෙක් හා සිසුන් හත් අට දෙනෙක් පමණක් සිටින පාසැල් ලංකාවේ තිබේ. එවැනි පාසැලක එක් දරුවෙකු වෙනුවෙන් රජය වැය කරන මුදල ජනප්‍රිය පාසැලක දරුවෙකු වෙනුවෙන් රජය වැය කරන මුදලට වඩා බොහෝ වැඩි විය හැකිය. එහෙත්, එයින් අදහස් වන්නේ එවැනි පාසැල් වල දරුවන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලැබෙන බව නොවේ.රටේ ඉහළ ආදායම් ලබන පවුල් වල සිටින්නෝ පරිභෝජනය පිණිස වැඩි මුදලක් වැය කරති. එහෙයින්, වැඩි බදු මුදලක්ද ගෙවති. එහෙත්, ඒ අතරම මේ බොහෝ දෙනෙක් ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් රටේ "හොඳ පාසැල්" කවර ආකාරයෙන් හෝ ලබා ගනිති. ඒ වෙනුවෙන්, විශාල අමතර මුදලක් මේ අය වැය කරන්නේ වුවත්, ගෙවන බදු මුදලට හා අමතර මුදලට වඩා වටිනා අධ්‍යාපනයක් ඔවුහු තමන්ගේ දරුවන් වෙනුවෙන් ලබා ගනිති.රජය මඟින් නොමිලේ ලබා දෙන පාසැල් අධ්‍යාපනය රටේ පවුල් වලට සමස්තයක් ලෙස 'ශුන්‍ය සමස්ත එකතුවක් (zero sum)' ලැබෙන ක්‍රියාවකි. රජයකට සම්පත් නිර්මාණය කළ නොහැකිය. ඒ නිසා, හැම විටම එක් අයෙකුට ලබා දෙන්නට වෙන්නේ තවත් අයෙකුගෙන් ලබා ගන්නා දෙයකි. මේ ක්‍රියාවලියේ ජයග්‍රාහකයින් හා පරාජිතයින් කවුද? (මෙහි පහත ඉදිරිපත් කරන ප්‍රතිශත යොදාගන්නේ කරුණු පැහැදිලි කිරීම පිණිසය. ඒවා ඉතා දළ ඇස්තමේන්තු පමණි.)ආදායම් ව්‍යාප්තියේ පහළින්ම සිටින පවුල් 2%ක පමණ ප්‍රමාණයක දරුවන්ට නිදහස් අධ්‍යාපනය තිබියදී වුවද අවශ්‍ය මූලික අධ්‍යාපනයවත් නොලැබේ. එහෙත්, ඔවුහු නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පරිභෝජනය සඳහා තමන්ට ඇති සීමිත සම්පත් කැප කරති. ඔවුහු මේ ක්‍රියාවලියේ පැහැදිලි පරාජිතයෝය.ඉන් පසුව සිටින 40%ක පමණ වන පවුල් වල දරුවන්ට (ලංකාවේ පාසැලකට පයින් හෝ බයිසිකලයකින් යන ප්‍රතිශතය 43.3%කි.) ඉගෙන ගන්නට රජයේ කිසියම් පාසැලක් ලැබේ. එහෙත්, එසේ ලැබෙන්නේ "ඉල්ලුමක් නැති" පාසැලකි. මේ ආදායම් කාණ්ඩයේ දරුවන්ව මුදල් වැය කර හෝ "වෙනත් ක්‍රම වලින්" වඩා හොඳ පාසැලකට යැවීමට ඔවුන්ගේ දෙමවුපියන්ට හැකියාවක් නැත. මේ කාණ්ඩය විසින් වක්‍ර බදු ලෙස ගෙවන මුදලට වඩා වැඩි මුදලක් රජය විසින් ඔවුන් අධ්‍යාපනය ලබන පාසැල් වෙනුවෙන් වියදම් කරන්නේයැයි සිතිය හැකිය. එහෙත්, එසේ වූ පමණින් ඔවුන් ගෙවන මුදලට වටිනා අධ්‍යාපනයක් ඔවුන්ගේ දරුවන්ට ලැබෙන්නේද යන්න සැක සහිතය.නිදහස් අධ්‍යාපනය නොතිබුණේනම්, මේ වන විට වුවද, ඉහත කණ්ඩායමෙන් අඩකට පමණ කිසිදු අධ්‍යාපනයක් නොලැබෙන්නට ඉඩ තිබුණේය. නිදහස් අධ්‍යාපනය හේතුවෙන් මේ තත්ත්වය වැලක්වී තිබේ. එහෙත්, මෙසේ ලැබුණු අධ්‍යාපනය නිසා මේ කාණ්ඩයේ පවුල් වල ජීවිත විශාල ලෙස සමෘද්ධිමත් වී නැත. මේ කාණ්ඩයේ සිසුවෙකු අධ්‍යාපනය හරහා සමාජයේ ඉහළම ස්ථරයට නැඟීම සිදු නොවන්නක් නොවූවත්, ඒ ඉඩකඩ විශාල නැත. ඒ නිසා, ගෙවන බදු මුදලට සාපේක්ෂව මේ කණ්ඩායම විසින් ලබන පෞද්ගලික ප්රතිලාභ එතරම්ම විශාල නැත.කෙසේ වුවද, ඉහත පිරිස් පාසැල් වෙත යොමු නොවුනේනම් එම සමාජ කාණ්ඩය අතරින් සමාජ විරෝධීන් වැඩි ප්‍රමාණයක් බිහි විය හැකිව තිබුණි. එය එසේ සිදුනොවීම ඔවුන්ගේ අධ්‍යාපනය යම් තරමකින් සුබසාධනය කරන ඉහළ ආදායම් ලබන අයගේ වාසියකි. එයට අමතරව සාක්ෂරතාවය සහිත මූලික ශ්‍රමය සපයන්නන් පිරිසක් සිටීම සමාජ ස්ථරයේ ඉහළින් සිටින ව්‍යවසායකයින්ටද වාසියකි. (මේ ගැන කියන්නට තවත් බොහෝ දේවල් තිබේ. ඒවා පසුවට තබමු.)අනෙක් අන්තය දෙස බැලුවොත්, ඉහළින්ම සිටින 6-7%ක පමණ ප්‍රමාණයක් තමන්ගේ දරුවන් යවන්නේ ජාත්‍යන්තර පාසැලකට හෝ වෙනත් පෞද්ගලික පාසැලකටය. මේ ස්ථරයේ තවත් පිරිසක් (3-4%ක් පමණ ලෙස සිතමු) සැලකිය යුතු මුදලක් (බොහෝ විට අත යටින්) වැය කර ඔවුන්ගේ දරුවන් රජයේ ජනප්‍රිය පාසැලකට දමා ගත් අයයි. (මේ ප්‍රතිශතය මීට වඩා බොහෝ වැඩි විය හැකිය.) ඔවුන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සැලකිය යුතු මුදලක් වක්‍ර බදු ලෙස ගෙවා ඇති අයයි. මේ උඩින්ම සිටින ස්ථරයද, පවතින ක්‍රමය තුළ සමස්තයක් ලෙස පරාජිතයෝ වෙති. ඔවුන් ගෙවන බදු මුදල් වෙනුවෙන් ඔවුන්ට සැලසෙන ප්‍රධානම යහපත රටේ සමාජ විරෝධීන් අඩුවෙන් බිහිවීම වැනි වක්‍ර ලාබයි.නිදහස් අධ්‍යාපනයේ වාසි වැඩිපුරම ඇත්තේ මේ කාණ්ඩ දෙක අතරමැද සිටින 50%ක පමණ පිරිසටය. ඔවුන් අතරද දරුවන් මෝටර් රථයකින් හෝ පාසැල් වෑන් රථයකින් පාසැලට යවන 15%ක පමණ පිරිස වඩා ඉහළින් සිටිති. ඒ සඳහා පොදු ප්‍රවාහන සේවා හෝ මෝටර් සයිකල් හා ත්‍රිරෝද රථ භාවිතා කරන 35%ක පමණ පිරිස පහළින් සිටිති.මේ මැද ස්ථර දෙකේ සිටින පවුල් වල අයද රජයට බදු ගෙවනවාට අමතරව, ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සැලකිය යුතු මුදලක් වැය කරන අයයි. එහෙත්, ඔවුහු බොරු පදිංචි පෙන්වීම, අත යටින් හෝ අත උඩින් මුදල් ගෙවීම, ආදි ශිෂ්‍ය සංගම් හරහා බලපෑම් කිරීම, පෞද්ගලික සම්බන්ධතා ආදී විවිධ ක්‍රම වලින් දෙපැත්තේ සිටින අඩු ආදායම් හා වැඩි ආදායම් කාණ්ඩ පසු කර පෝලිම පනින්නට සමත් වන අයයි. (මෙයින් කියන්නේ මේ ආදායම් කාණ්ඩයේ සිටින සියල්ලන්ම එසේ කරන බව හෝ වෙනත් ආදායම් කාණ්ඩ වල අය එසේ නොකරන බව නොවේ.) ඒ නිසා, අවසාන වශයෙන් තමන් ගෙවන මුදලට වඩා වටිනා දෙයක් මේ කාණ්ඩයේ අය තමන්ගේ දරුවන් වෙනුවෙන් ලබා ගනිති. මේ මැදි ආදායම් කාණ්ඩය තුළ සිටින කාණ්ඩ දෙක අතරින්ද ඉහළ ස්ථරය සිටින්නේ වඩා ඉදිරියෙනි.ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය තුළ වැඩිම වාසි ලබන්නේ 15%ක් පමණ වන ඉහත ඉහළ මධ්‍යම පාන්තික ස්ථරයයි. දෙවනුවට සිටින්නේ 35%ක් වන පහළ මධ්‍යම පාන්තික ස්ථරයයි. ඉහළින්ම සිටින 10%ක පමණ පිරිස පමණක් නොව පහළින්ම සිටින 40%ක පමණ පිරිසද මේ ක්‍රමය තුළ පරාජිතයෝය.මිනිසුන් තමන්ගේ (හා තමන්ගේ දරුවන්ගේ) යහපත වෙනුවෙන් කටයුතු කිරීම සාමාන්‍ය ස්වභාවයකි. මිනිසුන්ගේ මේ ස්වභාවය ස්වභාවික ලෙසම වෙනස් වන තුරු බලහත්කාරයෙන් යටපත් කළ නොහැකිය. නීතිරීති හරහා සමාජ සාධාරණත්වය ඇති කරන්නට හදන හැම විටකම මිනිස්සු මේ නීතිරීති මඟහැර වාසි ලැබිය යුතු ක්‍රම සොයති. ජනප්‍රිය පාසැල් අසලින් ගෙවල් කුලියට ගෙන, ඡන්ද ලැයිස්තු වල නම් වෙනස් කරගෙන, ආදිශිෂ්‍ය සංගම් හරහා බලපෑම් කරමින්, මුදල් හා ලිංගික අල්ලස් ලබා දෙමින් දෙමවුපියන් විසින් උත්සාහ කරන්නේ පවතින නීතිරීති වලින් කෙසේ හෝ රිංගා තමන්ගේ දරුවන්ට පුළුවන් තරම් හොඳ පාසැලක් ලබාගැනීමටය. අයෙක් එසේ කරන හැම විටකම තවත් දරුවෙකුගේ අවස්ථාව නැති වේ. ඇතැම් අය කියනාවක් මෙන් "සමාජයේ සෑම දරුවෙකුම තමන්ගේ දරුවන් මෙන් සිතන" දෙමවුපියන් සිටින්නේ ආගම් ලෙස අදහන දේශපාලනික විශ්වාස තුළ පමණි. මිනිසුන්ගේ මේ ස්වභාවය වෙනස් වන තෙක් එය නොතකා හදන සැලසුම් සාර්ථක වන්නේ නැත.නිදහස් අධ්‍යාපනය නිසා ලංකාවේ විෂමතාවයන් අඩුවී ඇතැයි යමෙකු සිතනවානම් එය බොරුවක් නොවුවත්, ඔය කියන දෙය මහා ලොකුවට සිදු වී නැත. ඇත්තටම සිදුවී ඇත්තේ නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීමට පෙර පැවති විෂමතාවයන් තවදුරටත් පවත්වාගෙන යා හැකි පරිදි ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය පරිණාමය වී තිබීමයි.//. ඇත්තටම සිදුවී ඇත්තේ නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීමට පෙර පැවති විෂමතාවයන් තවදුරටත් පවත්වාගෙන යා හැකි පරිදි ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය පරිණාමය වී තිබීමයි.// |
ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල දැන් භාවිතා කරන සිවිල් දින දර්ශනය ග්‍රෙගෝරියන් දින දර්ශනයයි. ග්‍රෙගෝරියන් දින දර්ශනය සකස් කර ගැනුණේ ඉන් පෙර පැවති ජුලියන් දින දර්ශනය සංශෝධනය කර ගැනීමෙනි. ජුලියන් දින දර්ශනයේ ආරම්භය ජුලියස් සීසර්ගේ රෝමයට දිව යන්නකි.ජුලියන් දින දර්ශනය සකස් කිරීමට සහශ්රයකට පමණ පෙර ලෝකයේ බොහෝ රටවල භාවිතා වූයේ චන්ද්‍ර මාස මත පදනම් වූ දින දර්ශනයයි. මේ දින දර්ශන වල විවිධ ප්‍රභේද තිබුණේය. ඇතැම් දින දර්ශන අමාවක පෝයෙන් අවසන් වූ අතර තවත් ඒවා පසළොස්වක පෝයෙන් අවසන් විය. මේ ක්‍රම දෙකේදීම, මුල් කාලයේදී මාසයේ ආරම්භය පදනම් වූයේ හඳේ අවශ්‍ය වක්‍රය සැබෑවටම අහසේ පෙනීම මතය. එහෙත්, කාලගුණ තත්ත්වය හෝ වෙනත් කිසියම් හේතුවක් නිසා නියම දින හඳ නොපෙනීම මේ ක්‍රමය අනුගමනය කිරීමේදී මතු වූ ගැටලුවකි.ඉහත ගැටලුවට විසඳුමක් ලෙස චන්ද්‍රමාස මත පදනම් වූ සිවිල් දිනදර්ශන බොහෝ සංස්කෘතීන් තුළ නිර්මාණය විය. මේ මාසයක දින ගණන බොහෝ විට 29ක් හෝ 30ක් විය. ඉර, හඳ හා පොළොව (එසේ නැත්නම් ඉර, පොළොව හා හඳ) එකම රේඛාවක් මත පිහිටන අවස්ථා දෙකක් අතර කාලය දින 29.53ක් පමණ වන නිසා කිසියම් මාසයක නියමිත දිනයේදී හඳ නොපෙනුණත් දිගුකාලීනව මේ දින දර්ශන නිරීක්ෂණ සමඟ සෑහෙන දුරකට ගැලපුනේය.මෙවැනි ඇතැම් දින දර්ශන වසර තුනකට පමණ වරක් අධික මාසයක් එක් කිරීමෙන් සූර්ය වර්ෂය සමඟද ගලපනු ලැබුවේය. මුල් කාලයේදී මෙය කළේද ස්වභාවික නිරීක්ෂණ මත පදනම් වෙමිනි. තිරිගු පැසීම, සමනලයින් දක්නට ලැබීම හෝ සංචාරක කුරුල්ලන් පැමිණීම වැනි නිරීක්ෂණ වසරක් අවසන් වී ඇති බව තහවුරු කළේය. ඒ හැර නිවර්තන වර්ෂයක හෝ නක්ෂත්ර වර්ෂයක දිග හරියටම දැන ගැනීමට තරම් දැනුමක් මුල් කාලයේදී කිසිදු සංස්කෘතියක නොතිබුණේය.සූර්ය වර්ෂය මත පදනම් වූ සිවිල් දින දර්ශන භාවිතය මුලින්ම ඇරැඹී ඇත්තේ ඊජිප්තුවේ හා බැබිලෝනියාවේය. මේ දින දර්ශන වල සූර්ය වර්ෂයක් දින 365ක් ලෙස සලකා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස වසර හතරකට පමණ වරක් අවුරුද්දකට දිනයක් අඩුවී තිබේ. ඊජිප්තු කැලැන්ඩරය සූර්ය කැලැන්ඩරයක් වූ මුල් කාලයේදී දින තිහේ මාස 12ක් ලෙස දින 360ක් පමණක් තිබී ඇතත් පසුව අමතර දින 5ක් අධික දින ලෙස වසර අවසානයට එකතු කර තිබේ. වසර හතරකට වරක් මේ අධික දින ගණන 6ක් දක්වා ඉහළ නැංවීමෙන් මේ දින දර්ශනය වඩා නිවැරදි කිරීමට ජුලියන් කැලැන්ඩරය හඳුන්වා දීමට සියවස් තුනකට පමණ පෙර උත්සාහ දරා ඇතත් එය සාර්ථක වී නැත.රෝම කැලැන්ඩරයේ මුලින්ම තිබී ඇත්තේ මාස දහයක් පමණි. ඒ, මාර්තු සිට දෙසැම්බර් දක්වා වන මාස දහයයි. එයින් පසුව එළැඹෙන ශීත සෘතුව තුළ විශේෂ මාස නම් කිරීමක් සිදුවී නැත. කෙසේ වුවද, පසුව එකොළොස්වන හා දොළොස්වන මාස ලෙස ජනවාරි හා පෙබරවාරි මාසත්, ඇතැම් වසර වලදී පමණක් එකතු කෙරෙන දහතුන්වන අධික මාසයකුත් එක් වී තිබේ. රෝම කැලැන්ඩරය ජුලියන් ප්‍රතිසංස්කරණයට පෙරම මාසයකට නිශ්චිත දින ගණන් ඇති සිවිල් කැලැන්ඩරයක් වී ඇති අතර මුල් මාස එකොළහ දින 29කින් හෝ 31කින් සමන්විතවද, අවසන් මාසය වූ පෙබරවාරි මාසය කෙටි මාසයක්වද පැවතී තිබේ. සාමාන්‍ය අවුරුද්දක් දින 355ක් වුවත්, දින 378ක අධික අවුරුදු වරින් වර එකතු කිරීමෙන් පැරණි රෝමන් දින දර්ශනය සූර්ය වර්ෂය සමඟ සමපාතව තබාගෙන තිබේ.කෙසේවුවද, මේ අධික මාස එකතු කිරීම බොහෝ වර්ෂ වලදී නිවැරදිව සිදුවී නැත. එහි ප්‍රතිඵලයක් ලෙස වසන්තයේ ආරම්භය වසරින් වසර කල් යාම නිසා ක්‍රිස්තු පූර්ව 46 වසර වන විට වසන්තය ජූනි මාසය පමණ දක්වා කල් ගොස් තිබේ. ජුලියන් කැලැන්ඩරය හඳුන්වා දෙනු ලබන්නේ මෙවැනි පසුබිමකය.ජුලියන් කැලැන්ඩරයට අනුව සෑම වසර හතරකටම වරක් අධික අවුරුද්දක් පැමිණෙන නිසා වසරක සාමාන්‍ය දින ගණන 365.25කි. මෙය නිවර්තන වසරකට වඩා මිනිත්තු 11.23කින් පමණ දිග, එහෙත් සූර්ය සිද්ධාන්ත වසරකට වඩා මිනිත්තු 12.61කින් පමණ කෙටි කාලයකි. අවුරුද්දේ දින ගණන තීරණය කරන ක්‍රමවේදය නිශ්චය කිරීමට අමතරව, ඒ වන විට අධික මාස එකතු නොකිරීම නිසා ඇති වී තිබුණු අක්රමිකතාවය නැති කිරීමට මේ වසරට අමතර දින 90ක්ම එක් කර තිබේ. ඒ සාමාන්‍යයෙන් ඊට පෙර අධික වර්ෂයකට එකතු කළ දින 23 හා තවත් අමතර දින 67ක් වශයෙනි. ඒ අනුව, ක්‍රිස්තු පූර්ව 46 වර්ෂයට දින 445ක් තිබී ඇත.ජුලියන් දින දර්ශන ප්‍රතිසංස්කරණයේදී වර්ෂයේ ආරම්භය ලෙස ජනවාරි 1 දිනය තෝරාගෙන තිබේ. ඒ දිනය එවකට රෝම අධිරාජ්‍යයේ තානාපති නිලධාරීන්ට පත්වීම් ලබාදුන් දිනයයි. එමෙන්ම, එසේ කිරීමෙන් එම වර්ෂයේ ශිශිර සූර්ය නිවෘත්තිය සිදුවූ දෙසැම්බර් 24 දිනය දැන් බොහෝ දෙනෙකු ජේසු උපත සිදුවූ දිනය ලෙස සලකමින් සමරන නත්තල් රාත්‍රිය සමඟ සමපාත විය. ඒ වර්ෂයේදී වසන්ත විෂුවය සිදුව ඇත්තේ දැන් ජේසු බිළිඳා පිළිසිඳුණු දින ලෙස බොහෝ දෙනෙකු විශ්වාස කරන මාර්තු 24 දිනයි. යුදෙවු හා මුල් ක්‍රිස්තියානි සම්ප්රදායේ දවස ඇරඹුණේ සූර්ය අස්තය සමඟ නිසා මේ දවස් වල රාත්‍රී කාල එම දින දර්ශන අනුව පිළිවෙලින් දෙසැම්බර් 25 හා මාර්තු 25 විය.කෙසේ වුවද, ජුලියන් අවුරුද්දක් නිවර්තන අවුරුද්දකට වඩා මිනිත්තු 11.23කින් පමණ දිග නිසා ජුලියන් වර්ෂ ක්‍රමය පැවතෙද්දී වසන්ත විෂුවය දිනය වසර 128කට පමණ වරක් දිනකින් පසුපසට යාම නිසා 1582දී ග්‍රෙගෝරියන් කැලැන්ඩරය හඳුන්වා දෙන කාලය වන විට වසන්ත විෂුවය සිදුවී ඇත්තේ දින 14කට පමණ පෙර මාර්තු 11 දිනකය. ග්‍රෙගෝරියන් ප්‍රතිසංස්කරණය හේතුවෙන් 1582 වසරේ දින 10ක් කැලැන්ඩරයෙන් ඉවත් කරනු ලැබීම නිසා ඉන් පසුව වසන්ත විෂුවය මාර්තු 21 දක්වා තල්ලු වී තිබේ.පෙර ලිපියෙන් පෙන්වා දුන් පරිදි ක්‍රිස්තු වර්ෂ 543 ආසන්න වසර වලදී මේෂ සංක්‍රාන්තිය හා වසන්ත විෂුවය සිදුව ඇත්තේ එකම දවසකය. එම වසරට පෙර වසර වලදී මේෂ සංක්‍රාන්තිය සිදුව ඇත්තේ වසන්ත විෂුවයට කලිනි. ජේසුස් වහන්සේගේ මරණය සිදුවී ඇති ක්‍රිස්තු වර්ෂ 33දී මේෂ සංක්‍රාන්තිය සිදුවී ඇත්තේ මාර්තු 14 දින හෝ ආසන්න දිනකය. මේෂ සංක්‍රාන්තිය පසුවී දින 5කට පසු මාර්තු 19වන දින උදාවූ පුර පෑලවිය හඳ සමඟ ඒ අවුරුද්දේ වෙසක් මාසය උදා විය. මේෂ සංක්‍රාන්තියෙන් දින 20කට පමණ පසුව අප්‍රේල් 3 වන දින පුර පසළොස්වක පෝය උදා වෙද්දී හඳ විසා නැකතටද පැමිණියේය. ඒ නිසා, ජේසුස් වහන්සේ මරණයට පත් වූ ක්‍රිස්තු වර්ෂ 33 අප්‍රේල් 3 සිකුරාදා දිනය සිංහල චන්ද්‍රමාස ක්‍රමය අනුව අනුව මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වෙසක් දිනය තීරණය කිරීමට යොදාගන්නා තායිලන්තය හා මියන්මාරය වැනි වැනි ථෙරවාද බෞද්ධ රටවල භාවිතා කරන චන්ද්‍ර මාස ක්‍රමය අනුවද වෙසක් පුර පසළොස්වක පෝය දිනයකි.ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීම ක්‍රීඩකයෙකුට ලබා ගත හැකි ඉහළම ජයග්‍රහණයකි. ඔලිම්පික් ජයග්‍රාහකයන්ට රන්, රිදී හා ලෝකඩ පදක්කම් හිමි වන නමුත් ඒ පදක්කම් හදා තිබෙන්නේ අදාළ ලෝහ වලින්ම නොවේ.ඔලිම්පික් රන් පදක්කමක රත්තරන් තිබෙන්නේ ග්‍රෑම් 6ක් පමණ හෙවත් 1.2% නොඉක්මවන ප්‍රමාණයක් පමණි. ඉතිරිය රිදී හා තඹ මිශ්‍රණයකි.රිදී පදක්කමකනම් 92.5%ක් රිදී තිබේ. ඉතිරිය තඹයි. රන් පදක්කමක අඩංගු රිදී හා තඹ මිශ්‍රණයේ රිදී අනුපාතයද මෙයමය.ඔලිම්පික් රන් පදක්කමක ලෝහ වටිනාකම ඇමරිකන් ඩොලර් 550ක් පමණද, රිදී පදක්කමක වටිනාකම ඩොලර් 300ක් පමණද, ලෝකඩ පදක්කමක වටිනාකම ඩොලර් 2ක් පමණද වේ.ඔලිම්පික් පදක්කමක් දිනාගන්නා ක්‍රීඩකයෙකුට ඉහත පදක්කම් හැරුණු විට වෙනත් මුදල් ත්‍යාගයක් හිමි නොවේ. එහෙත්, බොහෝ රටවල ඔලිම්පික් කමිටු හෝ රජයයන් මඟින් ඔලිම්පික් පදක්කම් දිනා ගන්නා ක්‍රීඩකයින් දිරිගැන්වීම සඳහා යම් මුදල් ත්‍යාගයක් ප්රදානය කරයි.අවසන් වරට ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් ජයග්‍රහණය කළ සුසන්තිකා ජයසිංහට ඇගේ ලෝකඩ පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 5ක මුදල් ත්‍යාගයක් හිමි විය. මේ මුදල එවක පැවති විණිමය අනුපාතිකය අනුව ඇමරිකන් ඩොලර් 67,500ක පමණ මුදලකි.මහජන පරිත්‍යාග මත යැපෙන ලාභ නොලබන සංවිධානයක් වන ඇමරිකන් ඔලිම්පික් කමිටුව විසින් රන්, රිදී හා ලෝකඩ පදක්කම් ලාභීන්ට පිළිවෙලින් ඇමරිකන් ඩොලර් 25000, 15000 හා 10000 බැගින් ලබා දෙයි. එහෙත්, මේ ත්‍යාග මුදල් වලින් සැලකිය යුතු කොටසක් ක්‍රීඩකයින් විසින් ආදායම් බදු ලෙස රජයට ගෙවිය යුතුය.මේ අයුරින්ම කැනඩාවේ ක්‍රීඩක විශිෂ්ඨත්ව අරමුදල මඟින් රන්, රිදී හා ලෝකඩ පදක්කම් ලාභී කැනේඩියානු ක්‍රීඩකයින්ට පිළිවෙලින් කැනේඩියන් ඩොලර් 20000, 15000 හා 10000 බැගින් ලබා දෙයි. මේ ත්‍යාග මුදල්ද ආදායම් බදු වලට යටත්ය.ඕස්ට්‍රේලියාවේ තත්ත්වයද මීට සමානය. ජයග්‍රාහක ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට ඕස්ට්‍රේලියානු ඩොලර් 20000, 15000 හා 10000 ලෙස ත්‍යාග මුදල් හිමි වේ.ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා ඕස්ට්‍රේලියාව වැනි බටහිර රටවල ඔලිම්පික් පදක්කමක් වෙනුවෙන් ක්‍රීඩකයෙකුට ලැබෙන මුදල් ත්‍යාගය එම රටවල ඒක පුද්ගල ආදායමට සාපේක්ෂව එතරම් විශාල නොවූවත්, ක්‍රීඩකයින් දිරි ගැන්වීම සඳහා මීට වඩා සැලකිය යුතු ලෙස විශාල මුදල් ත්‍යාග පිරිනමන රටවල්ද තිබේ. මෙවැනි රටවල් බොහොමයක් වැඩිපුර ඔලිම්පික් පදක්කම් නොලබන රටවල්ය. ඒ නිසා, ඔලිම්පික් ක්‍රීඩකයෙකුට වැඩි වාසි තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා ඕස්ට්‍රේලියාව වැනි බටහිර රටවල නොව ඔලිම්පික් පදක්කම් වැඩිපුර නොලබන රටවලය.සිංගප්පූරුව විසින් ඔලිම්පික් රන් පදක්කමක් ලබා ගන්නා එරට ක්‍රීඩකයෙකුට සිංගප්පූරු ඩොලර් මිලියනයක මුදල් ත්‍යාගයක් ලබා දෙන බව කලක සිට නිවේදනය කර තිබුණු අතර 2016 ඔලිම්පික් තරඟයේදී මුල් වලට ක්‍රීඩකයෙකු විසින් මේ ත්‍යාගය දිනා ගත්තේය, රිදී හා ලෝකඩ පදක්කම්ලාභීන්ට සිංගප්පූරුව විසින් සිංගප්පූරු ඩොලර් 500,000 හා 250,000 බැගින් ප්රදානය කරයි. දන්නා තරමින් ඔලිම්පික් පදක්කම්ලාභීන්ට වැඩිම මුදල් ත්‍යාග ගෙවන රට සිංගප්පූරුවයි.අසල්වැසි ඉන්දියාව විසින් මෙවර ඔලිම්පික් තරඟයේදී රන්, රිදී හා ලෝකඩ පදක්කම් දිනාගන්නා ක්‍රීඩකයින්ට පිළිවෙලින් ඉන්දියානු රුපියල් ලක්ෂ 50, 30 හා 20 ලෙස ත්‍යාග මුදල් ලබා දෙන බව නිවේදනය කර තිබුණේය. ඉන්දියාවට මෙවර රිදී හා ලෝකඩ පදක්කම බැගින් ලැබුණත් රන් පදක්කමක් හිමි වුණේ නැත.ඇතැම් ඔලිම්පික් පදක්කම්ලාභීන් විසින් ඔවුන්ගේ ඔලිම්පික් පදක්කම් වෙන්දේසි කර තිබේ. බොහෝ විට මෙය කර ඇත්තේ කිසියම් පුණ්‍ය කටයුත්තක් සඳහා මුදල් ඉපැයීමටය. මේ වෙන්දේසි වලදී, ඔලිම්පික් පදක්කමක මිල බොහෝ විට තීරණය වී ඇත්තේ පදක්කම ලබාගත් වසර හා පදක්කම්ලාභියා කෙතරම් ප්‍රසිද්ධද යන්න මතය.බර්ලින්හි පැවති 1936 ඔලිම්පික් තරඟයේදී ජෙසී අවන්ස් විසින් ලබාගත් ඔලිම්පික් රන් පදක්කමක් 2013දී ඇමරිකන් ඩොලර් 1,466,574 කට වෙන්දේසි වූ අතර දන්නා තරමින් මෙය ඔලිම්පික් පදක්කමක් වෙන්දේසි වී ඇති ඉහළම මිලයි. මළල ක්‍රීඩා ඉතිහාසයේ වඩාත්ම ප්‍රසිද්ධ ක්‍රීඩකයා ලෙස සැලකෙන අප්‍රිකානු ඇමරිකානුවෙක් වූ ජෙසී අවන්ස් විසින් 1936 බර්ලින් ඔලිම්පික් තරඟයේදී මිනිත්තු 45ක් තුළ ලෝක වාර්තා තුනක් තබමින්, ඔලිම්පික් රන් පදක්කම් හතරක් දිනාගත්තේය. ජෙසී අවන්ස්ගේ සුපිරි කාර්ය සාධනය එවකට ජනප්‍රියව පැවති හිට්ලර්ගේ ආර්ය විශිෂ්ඨත්වය පිළිබඳ ප්රවාදයට විශාල අභියෝගයක් වූ අතර ඒ හේතුවෙන් ඔහුට ඉතිහාසයේ වැදගත් තැනක් හිමිවිය. ඔහුගේ ඔලිම්පික් රන් පදක්කම මෙවැනි ඉහළ මිලකට වෙන්දේසි වීමට හේතුව වූයේ එයයි.කලකට පසු සුසන්තිකා ජයසිංහ විසින් ලංකාවටද ඔලිම්පික් ජයග්‍රහණයක් ලබා දුන්, 2000 සිඩ්නි ඔලිම්පික් තරඟයේදී රන් පදක්කමක් දිනාගත් තවත් කළු ඇමරිකානුවෙකු වූ ඇන්තනී අර්වින් විසින් 2004 ආසියානු සුනාමියෙන් විපතට පත් වූවන්ට ආධාර පිණිස ඔහුගේ ඔලිම්පික් රන් පදක්කම ඊබේහි වෙන්දේසි කළ අතර එම පදක්කම ඇමරිකන් ඩොලර් 17,101කට වෙන්දේසි විය. ඉන්පසුව ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන සිටි ඔහු පසුව නැවතත් පුහුණුවීම් කර 2016දී තවත් ඔලිම්පික් රන් පදක්කමක් දිනාගත්තේය. මුල් පදක්කම නැතත් මේ දෙවන පදක්කම තවමත් ඔහු සතුව තිබේ.සැබෑ ඔලිම්පික් පදක්කම් වලට සමාන අනුකරණ පදක්කම් ඒවායේ ලෝහ අගයට ආසන්න ඉතා අඩු මිලකට ඊබේහි විකිණේ. මෙවැනි අනුකරණ ඔලිම්පික් පදක්කමක් ඩොලර් විස්සකට තිහකට මිල දී ගත හැකිය. එහෙත්, සැබෑ ඔලිම්පික් පදක්කමක් වෙළඳපොළෙන් මිලදී ගැනීම එතරම් පහසු නොවන්නේ සිය පදක්කම විකුණන්නට ඉදිරිපත් වන ක්‍රීඩකයින් ඉන්නේ සීමිත ප්‍රමාණයක් බැවිනි. ඒ නිසා, සැබෑ ඔලිම්පික් පදක්කම් ඒවායේ ලෝහ අගයට වඩා ඉතා වැඩි මිලකට වෙළඳපොලේ අලෙවි වේ.සැබෑ ඔලිම්පික් පදක්කම් ඒවායේ ලෝහ වටිනාකමට වඩා වැඩි මිලක් ගෙවා මිලදී ගන්නේ විනෝදාංශයක් ලෙස ඔලිම්පික් පදක්කම් එකතු කරන අයයි. වෙන්දේසිකරුවන්ගේ ඇස්තමේන්තු අනුව ලෝකයේ මෙවැනි අය පණහකට වඩා නැත. ඒ නිසා, ඔලිම්පික් පදක්කම් වෙළදපොළේ සැපයුම අඩු වුවත්, ඉල්ලුමද අඩුය. මේ හේතුව නිසා, විශේෂත්වයක් නැති සාමාන්‍ය ඔලිම්පික් පදක්කමක් ඉතා විශාල මිලකට අලෙවි වන්නේද නැත.යූඑස්ඒටුඩේ විසින් වසර කිහිපයකට පෙර වෙන්දේසිකරුවෙකු හා සාකච්ඡා කිරීමේදී ප්‍රකාශ කර තිබුණු පරිදි විශේෂ ඓතිහාසික සිදුවීමකට සම්බන්ධ නැති රන්, රිදී හා ලෝකඩ ඔලිම්පික් පදක්කම් වෙන්දේසි වන සාමාන්‍ය මිල පිළිවෙලින් ඩොලර් 10000, 8000 හා 6000 පමණ වේ. මේ අනුව, ඔලිම්පික් ක්‍රීඩකයින් වැඩි දෙනෙකුට සිය පදක්කම් වෙන්දේසි කර ලබා ගත හැකි මුදල තමන්ගේ රටේ ඔලිම්පික් කමිටුවෙන් ලැබෙන ත්‍යාග මුදලටද වඩා අඩු මුදලකි.අපේ රටේ ලිං මැඩියන්ට ඔය ඔලිම්පික් මෙඩ්ල් කෝටි ගානට විකුණන කතා මැජික් තමා ඇමතියෙක් කැඩුනු කුණු සපත්තු දෙකත් කෝටි ගානට විකුනනව කියපු කතා ගිල්ල උන්ට මෙව්ව මොනාද?හැබැයි අපිට නම් ඉස්සරහට ඔලිම්පික් නෙමේ ආසියානු පදක්කමකුත් කෝටි ගානක් වටීවි මොකෝ දකුණු ආසියාවෙන් එහාට ක්‍රීඩා ජයග්රහණයක්පේන තෙක් මානෙක නැහැ./* ඔලිම්පික් පදක්කමක් ජයග්‍රහණය කළ සුසන්තිකා ජයසිංහට ඇගේ ලෝකඩ පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 5ක මුදල් ත්‍යාගයක් හිමි විය. මේ මුදල එවක පැවති විණිමය අනුපාතිකය අනුව ඇමරිකන් ඩොලර් 67,500ක පමණ මුදලකි. */වසර 2000 කාලේ ලක්ෂ පණහක් තිබුණු කෙනෙකුට මොනවා නොකරන්න තිබුණා ද? දැන් පවා ලංකාවේ පාසල් ගුරුවරයෙකුට පඩි ලැබෙන්නේත් මසකට රුපියල් 40,000 පමණයි!ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් 2018 වසර සඳහා වන රජයේ හා බැංකු නිවාඩු දින නියම කරමින් (සාමාන්‍යයෙන් කරන පරිදි) අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. මේ අනුව, 2018 වසරේ පෝය නිවාඩු දිනයන් මෙසේය.මේ අනුව, 2018 වෙසක් පෝය එළැඹෙන්නේ අප්‍රේල් මාසයේදීය. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි විසින් ජනවාරි 31 අධි දුරුතු පුර පසළොස්වක ලෙස නම් කර නවම්, මැදින්, බක්, වෙසක් හා පොසොන් පෝය දින ඉදිරියට තල්ලු කර "වෙසක් පෝය අප්‍රේල් මාසයට වැටීමෙන් සිදු වී ඇති අවුල" නිවැරදි කළ යුතු බව යෝජනා කර තිබේ.සිංහල චන්ද්‍රමාස හා ග්‍රෙගෝරියන් මාස අතර සෘජු සම්බන්ධයක් නැත. බොහෝ විට වෙසක් පුර පසළොස්වක පෝය යෙදෙන්නේ ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුව මැයි මාසය තුළ වුවත්, එය අප්‍රේල් මාසය තුළද යෙදෙන්නට ඉඩ තිබේ. 1885 වසරේදී පළමු වෙසක් නිවාඩුව සමරනු ලැබුවේද අප්‍රේල් 28 දිනකදීය.වෙසක් මාසය යනු මැයි මාසය නොවේ. වෙසක් මාසය ඇරඹෙන්නේ සිංහල අවුරුද්දෙන් (මේෂ සංක්‍රාන්තියෙන්) පසුව එළැඹෙන පළමු අමාවක පෝය දිනය ගෙවී යාමෙන් පසුවය. මෙය අප්‍රේල් 13-28 අතර කිසියම් දිනක සිදු විය හැකිය. මේ අමාවක පෝය සිංහල අවුරුද්ද ගෙවී දින දෙක තුනක් ඇතුළත යෙදුනොත් වෙසක් පුර පසළොස්වක පෝය යෙදෙන්නේ අප්‍රේල් මාසය තුළය.සිංහල චන්ද්‍රමාස හා ග්‍රෙගෝරියන් මාස අතර සම්බන්ධයක් නැතත් චන්ද්‍රමාස හා සූර්ය මාස අතර සම්බන්ධයක් තිබේ. කිසියම් සූර්ය මාසයක් ඇරඹීමෙන් පසු අමාවක පෝය ගෙවී පුර පෑලවිය ලබන විට අළුත් චන්ද්‍රමාසයක් ආරම්භ වේ. මේ චන්ද්‍රමාස නම් කරන්නේ මාසය ඇරඹෙන විට පැවති සූර්ය මාසයට අනුරූපවය. මේෂරවි මාසය තුළ ආරම්භ වන චන්ද්‍රමාසය වෙසක් මාසයයි.සූර්යමාසයක් චන්ද්‍රමාසයකට වඩා දිග නිසා සෑම සූර්ය මාසයක් තුළම චන්ද්‍රමාසයක් ආරම්භ වන අතර පුර පසළොස්වක පොහොයක්ද යෙදේ. ඇතැම් සූර්ය මාස තුළ චන්ද්‍රමාස දෙකක් ඇරඹෙන අවස්ථා තිබේ. එවිට එයින් එක් මාසයක් අධි මාසයක් ලෙස නම් කෙරේ.සූර්ය මාසයක් යනු සූර්යයා කිසියම් රාශියක ගමන් කරන කාලයයි. 2018 වසර තුළ සූර්ය මාස ගෙවෙන්නේ පහත පරිදිය.ජනවාරි 16 දින අමාවක පෝය එළැඹෙන්නේ ජනවාරි 14 දින මකරරවි මාසය ආරම්භ වීමෙන් පසුවය. මේ අනුව, ජනවාරි 16 දින දුරුතු මාසය අවසන් වී නවම් මාසය ආරම්භ වෙයි. ඒ නිසා, ජනවාරි 31 දිනට යෙදෙන්නේ නවම් පුර පසළොස්වක පෝයයි. එය අධි දුරුතු පෝයක් ලෙස නම් කරන්නේනම් එය වැරැද්දකි.මේ අයුරින්ම, අප්‍රේල් 16 අමාවක පෝය යෙදෙන්නේ අප්‍රේල් 14 දින සිදුවන මේෂ සංක්‍රාන්තියෙන් පසුවය. ඒ නිසා, එදින වෙසක් මාසය ආරම්භ වෙයි. ඒ අනුව, වෙසක් පුර පසළොස්වක පෝය දිනය අප්‍රේල් 29 දිනට යෙදෙයි. මැයි 15 හා ජූනි 15 අතර ගෙවෙන වෘෂභරවි මාසය තුළ අමාවක පෝය දින දෙකක් ගෙවේ. මේ දින දෙකෙන් පසුව එළැඹෙන චන්ද්‍රමාස දෙකම පොසොන් මාසයි. සම්ප්රදාය අනුව යමින්, ඒ මාස දෙකෙන් එකක් අධිපොසොන් මාසය ලෙස නම් කර තිබේ.මැයි 15 දින පොසොන් මාසය උදාවන අතර මැයි 27 පොසොන් පුර පසළොස්වක පෝයයි. ජූනි 13 අධිපොසොන් මාසය එළැඹෙන අතර එම මාසය තුළ ජූනි 27 දිනට යෙදෙන්නේ අධිපොසොන් පුර පසළොස්වක පෝයයි. මේ අනුව, ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් පෝය දින නියම කර ඇති ආකාරයේ කිසිදු වරදක් නැත.කෙසේවුවද, අනෙකුත් බෞද්ධ රටවල වෙසක් දිනය තීරණය කරන්නේ ලංකාවේ ක්‍රමයටම නොවේ. තායිලන්තයේ වෙසක් දිනය තීරණය කරන්නේ වෙසක් පුර පසළොස්වක දින හඳ විසා (විශාඛ) නැකතට ආසන්නව පිහිටීම ගැන සැලකිලිමත් වෙමිනි. ඒ නිසා, මේෂ සංක්‍රාන්තියෙන් දින පහක් ඇතුළත අමාවක පෝයක් යෙදුනොත් ඉන් පසු එළැඹෙන මාසය වෙසක් මාසය ලෙස සලකන්නේ නැත. මේ අනුව, 2018 තායිලන්තයේ වෙසක් දිනය සමරනු ඇත්තේ මැයි 29 දිනයි. එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ජාත්‍යන්තර වෙසක් දිනය නිර්ණය කරන්නේද තායිලන්ත ක්‍රමවේදය අනුව යමිනි. ඒ නිසා, ලබන අවුරුද්දේ ලංකාවට ජාත්‍යන්තර වෙසක් දිනය සමරන්නට අවශ්‍ය වුවහොත් එය කරන්නට වෙන්නේ පොසොන් පුර පසළොස්වක පෝය දවසේය.නරකම දෙය අඟහරුවාදාට හෝ බ්‍රහස්පතින්දාට නිවාඩු වැටීමයි. මැදට ඉතුරුවෙන දවසේ කන්තෝරුවක වැඩක් කරගන්න කෙනෙක් නැහැ.මම දන්නා තරමින් පෝය කමිටුව කියා එකක් තිබෙනවා. නිවාඩු දින තීරණය කරන්නේ මේ ක්‍රමවේදය ගැන දැනුමක් තිබෙන පිරිසක් විසින්. ඇමතිවරයාගේ නමින් ගැසට් එක ප්‍රකාශ කළත් එයට ඔහුගේ සෘජු බලපෑමක් නැහැ.ඔබ මෑතකදී මේ ගැන ෙපෝස්ටුවක් දැම්මා නේද... වෙසක් පෝය අප්‍රේල් මාසට යෙදීම ගැන කියුව මතකයි... මේ වෙසක් පෝය ගැන කතාබහේදී මට ඒ පෝස්ටුව මතක් උනා... ඔබගේ මෙවන් පෝස්ටු ඉතාමත්ම වැදගත්...ඇත්තටම මෙය එක් දින දර්ශනයක ඇති දිනයක් වෙනත් දින දර්ශනයකට සාපේක්ෂව බලන්න යාම නිසා ඇති වී තිබෙන ප්‍රශ්නයක්. නත්තල එකම දිනයක තිබෙන්නේ ග්‍රෙගෝරියන් කැලැන්ඩරයට සාපේක්ෂවයි. සිංහල සූර්ය දින දර්ශනය හා චන්ද්‍ර දින දර්ශනය පමණක් නෙමෙයි ඉස්ලාම් හිජ්රි දින දර්ශනය හෝ යුදෙවු දින දර්ශනය වැනි එකකට අනුව බැලුවොත් නත්තල් දවස වසරින් වසර වෙනස් වෙනවා. ඒ වගේම සිංහල චන්ද්‍ර දින දර්ශනය අනුව හැම වර්ෂයකව වෙසක් පෝය යෙදෙන්නේ එකම දවසකයි. ඒ වෙසක් මාසයේ පහළොස්වෙනි දින. එය වෙනස් වන බව පෙනෙන්නේ ග්‍රෙගෝරියන් දින දර්ශනයට සාපේක්ෂව බැලූ විටයි. ඒ වගේම, හිජ්රි දින දර්ශනය අනුව හැම වසරකම රාමසාන් උත්සව දිනය යෙදෙන්නේ එකම දින.ලංකාවෙ ඉන්න 8 පාස් ගොබ්බ දේසපාලුවො, මොකක් හරි අල්ල ගන්නවා ආණ්ඩුවට ගහන්න. මේ වගේ දේවල් ගැන දැනුවත් වෙන්න බ්ලොග් බලන එකක්යැ. අඩු ගානෙ පොතක් කියවන්නෙවත් නෑ. උපදේශකයෙක් පත් කර ගත්තත් උනුත් ඡන්ද වැඩ කරපු හෙන්චයියො විතරනෙ. |
කොත්තු රොටිය 3 || KOTHTHU ROTIYA 3 || FUNNIEST DaNcE by RaMoD with COOL STEPS 2017කොත්තු රොටිය 3 || කොල්ලො කෙල්ලෝ � |
LED නාම පුවරු ප්‍රෝග්‍රෑම් කිරීමට වෙනත් මෘදුකාංග කොතෙකුත් තිබුනත් මෙම මෘදුකාංගය මගින් ඉතා පහසුවෙන් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්.සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට අනුබද්ධ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මඟින් කොළඹ දිස්ත්‍රික්කයේ LED බල්බ නිෂ්පාදනය පිළිබඳ තාක්ෂණය ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින නවක ව්‍යවසායකයන්හට න්‍යායික හා ප්‍රායෝගික තාක්ෂණික වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.මෙම වැඩසටහනින් පුහුණු වන්නන් හට, LED බල්බවල වැදගත්කම, මූලික ඉලෙක්ට්‍රොනික් දැනුම, බිත්ති/තාප්ප සඳහා සුදුසු බල්බ නිෂ්පාදනය, ආලින්දය, විසිත්ත කාමර සඳහා බල්බ නිෂ්පාදනය, LED Drivers යොදා බල්බ නිෂ්පාදනය කිරීම, ත්‍රීරෝද රථ සඳහා ආලෝකකරණ උපාංග නිෂ්පාදනය කිරීම, උත්සව සඳහා වන බල්බ නිෂ්පාදනය කිරීම, විවිධ වර්ගවල බල්බ් වැල් නිෂ්පාදනය කිරීම ආදි කරුණු පිළිබඳ දැනුමක් ලබා දීමට නියමිතය.අමුද්‍රව්‍ය ලබා ගත හැකි ස්ථාන පිළිබඳ විස්තර ලබා දීමක්ද සිදු කෙරේ. වැඩසටහන සාර්ථකව අවසන් කරන පිරිස සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මඟින් පිළිගත් වටිනා සහතිකයක් පිරිනමනු ලබන අතර පසුවිපරම් සේවාවන්ද කරනු ඇත.මේ පිළිබඳ වැඩිවිස්තර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, 98, දෙවන මහල, හයිලෙවල් ප්ලාසා ගොඩනැගිල්ල, දෙල්කඳ, නුගේගොඩ යන ලිපිනයෙන් හෝ 0112815009, 0713660033 යන දුරකතන අංකවලට අමතා ලබා ගත හැකි වේ. |
෴ ගී පැදුර ෴: ඔව් මං දවසක් කිව්වා බොරුවක් - විරේෂ් කුරේ, ඩැඩී | Ow man dawasak kiwwa boruwak - Viresh Cooray, Daddy - sinhala lyricsඔව් මං දවසක් කිව්වා බොරුවක් - විරේෂ් කුරේ, ඩැඩී | Ow man dawasak kiwwa boruwak - Viresh Cooray, Daddy - sinhala lyrics |
එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය භාණ්ඩ හා සේවා දේශීය හා විදේශීය වෙළදපොල තුලින් සපුරා ගන්නවා. තාක්ෂණයේ දියුණුවත් සමගම අන්තර්ජාලය තුලින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම ප්‍රචලිත වී ඇත. මේ සදහා විවිධ වූ online shop ලෝකය පුරා පවතින අතර ඉන් වඩාත්ම ප්‍රචලිත එසේත් නොමැතිනම් පරිභෝගිකයන්ගේ විස්වාසය දිනාගත් online shop/eCommerce sites බොහෝ ඇත. ඉතින් අද ඔයාලට කියන්න යන්නේ ඔයලා…සංචාරකයන්ගේ විවිධ වූ අවශ්‍යතාවන් වෙනුවෙන් ලොව වටා නවීන තාක්ෂණයෙන්, පහසුකම් වලින් සහ ස්වභාව සෞන්දර්ය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් විවිධ වූ වර්ගයේ හොටෙල් ඉදිකර සහ ඉදිකිරමින් පවතී. අද මම ඔයාලට කියන්න යන්නේ වෙනස්ම වර්ගයේ හොටෙල් වර්ගයක් ගැන. ඒ කියන්නේ "bubble" හොටෙල් ගැන. මේවා හැඩයෙන් බුබුලාකාරයි. සංචාරකයන්ට අවශ්‍ය සියලු පහසුකම් සපයමින් එළිමහනේ සුන්දරත්වය නැරබීමට හැකිවන අයුරින්…හාල්මැස්සන් පිසීමේදී තක්කාලි එක්කල විට දැනෙන රසය ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. ගොඩක් ගෘහණියන් තක්කාලි එක්කර ආහාර පිසීමට පුරුදුව සිටිනවා. නමුත් එහි ඇති ගුණාත්මක භාවය හෝ අතුරු ප්‍රතිවිපාක පිළිබදව කිසිම අවබෝදයක් නොමැත. .හාල්මැස්සන් වැනි කුඩා මළු වල කැල්සියම් බහුලවම තිබෙන අතර ඉදුණු තක්කාලි වල ඔක්සලික් අම්ලය අන්තර්ගත වේ. කැල්සියම් සහ ඔක්සලික් අම්ලය එකිනෙක ප්‍රතික්‍රියා කරමින් ඔක්සලේට් නමැති…ඔව්, එක ඔයාලට වගේම අපි හැමෝටම ප්‍රශ්ණයක්.ඈත අතීතයේ සිට අද දක්වාම විවිඩ අවශ්‍යතා සදහා බුලත් භාවිතා කරයි. ගම්මුන් වෙලේදි, කමතෙදි, කඩපලේදි හා පාළුව කාන්සිය මගහරවා ගැනීමට බුලත් විටක් හැපීමට අමතක කලේ නැහැ. ඉපැරණි ජන සමාජයේ විවිධ මතිමතාන්දර වල ඉන්න අපේ මුතුන් මිත්තන් බුලත් විටක් සැපීමේදී බුලත් කොළේ අග සහ මුල කඩාදැමීමට පුරුදුව සිටිනවා. සමහරෙක් කියනවා…“කුරුඳු” වසර දහස් ගණනක් තිස්සේ ලොව පුරා ඖෂධීය වශයෙන් භාවිතා කර ඇති බලවත් කුළු බඩු වර්ගයකි. බොහෝ කෑම වට්ටෝරු වල දෛනිකව එය භාවිතා කරනු ලබන්නේ එහි පැතිරුණු සෞඛ්‍ය ප්රතිලාභ,රසවත් බව, උණුසුම් රසය නිසාය. එම නිසා එහි මිල ගණන්ද ඉතා ඉහළය. පර්යේෂන වලට අනුව, කුරුඳු ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ඖෂධ පැළෑටිවලින් හා ඖෂධීය කුළුබඩු වලින් එකක් වන…Google Play Newsstand යනු පුද්ගලාරෝපණ පුවත්පත් පාඨකයෙක් වන අතර ඔබේ මාතෘකාව, ප්‍රවෘති සහ සඟරා සොයන තනි ගමනාන්තයක් සපයනු ලබයි.වෙළදපොලේ විවිඩ වර්ගයේ චුයින්ගම් වර්ග විකිණීමට තිබේ.වයස් භේදයකින් තොරව ලොකු කුඩා බොහෝ දෙනෙක් මේවා හැපීමට පුරුදු වී සිටින අතර පාසැල් යන ළමුන් අතරේ වඩාත් ප්‍රචලිත වී තිබේඅහස ගොරවද්දී, විදුලි කොටද්දී කාටත් බයක් දැනෙනවා. මොකද එමගින් අනතුරක් වීමේ සම්භාවිතාව වැඩි නිසා. ඉතින් අද ඔබට කියල දෙන්න යන්නේ ගොරවන්නේ, විදුලි කොටන්නේ මක් නිසාද කියල. වායුගෝලයේ ඇතිවන අඩු පීඩන තත්වයන් වලදී විදුලි කෙටීමක් ගෙරවීමක් ඇතිවිය හැකියි. අඩු පීඩනයක් ඇති ස්ථානයකට වැඩි පීඩනයක් ඇති ස්ථානයෙන් සුළං හමා එද්දී වලාකුළු වල චලනයක් හට ගනී. එහිදී අදික…ඔබට නිරන්තරයෙන් දකින්නට ලැබෙන සත්වයෙක් තමයි කටුස්සා කියල කියන්නේ. ඌ ජිවත් වන පරිසරයට අවේණික පරිදි ඌගෙ සමේ පාට වෙනස් කර ගන්නවා. එසේ වීමට හේතුව තමයි කටුස්සාගේ සමේ විශේෂ වර්ණ වර්ධක සෛල පිහිට තිබීම.ඌට අවශ්‍ය පරිදි මේවා හකුළුවමින් පුම්බමින් මෙම වර්ණ සෛල පරිසරයේ ඇති වර්ණයට සමාන ලෙසින් වර්ණ වෙනස් කර ගන්නවා. මේය ස්භාවිකවම කටුස්සාට ලැබුණු ආත්මාරෂක… |
මුහුද යට ඇති අපූරු පිළිම නිර්මාණ ඔබට දැකගත හැකි වන්නේ ඉන්දුනීසියාවේ බාලි දූපතේ පිහිටා ඇති පෙමුටෙරාන් ගම්මානය ආශ්රිත මුහුදේදීය. සංචාරකයන් ආකර්ශනය කරගැනීමේ ව්‍යාපෘතියක ප්රථිඵලයක් වශයෙන් මෙම Temple Garden ප්‍රතිමා ඉදිවෙන්නේ 2006 වසරේදීය. මීටර 29ත් - 15ත් අතර ගැඹුරකදී කිමිදුම් කරුවන්ට මෙම ප්‍රතිමා නැරඹිය හැක. ප්‍රතිමා නිර්මාණකරුවන් විසින් මෙහිදී ගෞතම බුදුන්ගේ සහ හින්දු දෙවිවරුන්ගේ ප්‍රතිමා පැරණි නටඹුන් ලෙස ඉදිකර ඇති බැවින් ලොව පුරා කිමිදුම් කරුවන්ගේ සංචාරක පාරාදීසයක් වී ඇත. |
අර්තාපල් කියන්නේ දෛනිකව දැකිය හැකි ආහාර වර්ගයකි. අල යොදා ගනිමින් ඔබට ලස්සන වෙන්න පුළුවන් කියලා ඔබ ඇතැම් විට නොදන්නවා විය හැකියි. අර්තාපල් වල විටමින් බහුලව තිබේ. එය ඇපල් වලට වඩා 20 ගුණයකින් ඉහළයි. අල භාවිතයෙන් සිදුකරන රෑපලාවණ්‍ය ක්‍රමයක් ගැන ඔබට මේ ලිපියෙන් ඔබට අප ඉදිරිපත් කරනවා. අල යුෂ මුහුණේ සමට උරා ගැනීමෙන් මුහුණ පැහැපත් වෙයි. එපමනක් නොවෙයි, ඇස් යට සම සුසිනිඳු කිරීමට ද එය ඉවහල්වේ. ඇස් යට එල්ලා වැටීම අඩු කරයි. අර්තාපල් වලින් පහත දක්වා ඇති විදියට ඔබේ රුව ලස්සන කරගැනීම හරිම පහසුයි.නොපිසන ලද අර්තාපල් වල ආවරණය ඉවත් කර තුනී පෙති විදිහට කපා ගන්න. ඒවා මුහුණේ තබාගෙන විනාඩි 15කින් - 20කින් ඒවා ඉවත්කර මුහුණ සෝදා හරින්න. ඉන්පසුව තෙතමනය වැඩි කරන ලෝෂන් එකක් මුහුණට යොදන්න.තම්බාගත් අල පොඩිකර, ඒවා කිරි හා මිශ්‍ර කරන්න. මෙහිදී කොටස් 5කට කිරි කොටස් 1ක් යන අනුපාතයට මිශ්‍රණය සකස් කරගැනීම ඉතාමත් සුදුසුයි. එසේ මිශ්රකරගත් තැවරුම මුහුණේ ආලේපකර කරන්න. විනාඩි 15 – 20කින් සොදා හරින්න. ඉන් පසුව ලෝෂන් එකක් මුහුණට යොදන්න.ඉහත සඳහන් කළ ක්‍රමය දිගටම භාවිතා කිරීමෙන් මුහුණේ සම වඩාත් සෞම්‍ය හා පැහැපත් කර ගැනීමට හැකිවෙයි. දින කිහිපයක් පමණක් නොවෙයි, මෙම අර්තාපල් සත්කාරය දිගටම භාවිත කිරීමෙන් ඔබට ඉතා හොද පැහැපත් සමක් උරුම කරගන්නට හැකි වේවි. |
හැඳින්වීම කෘෂිකාර්මික ක්ෂේත්රයට රටේ ආර්ථිකයේ ප්‍රධාන ස්ථානයක් හිමි වන අතර ඉන් අතිරේක ආහාර බෝග සඳහා වැඩි අවධානයක් යොමු වෙමින් පවතී. 2016 වන විට අතිරේක ආහාර බෝගවලින් ස්වයංපෝෂිත කරවීමේ ඉලක්කය පෙරදැරිව කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මෙම වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලැබේ. දේශීය අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා වාර්ෂිකව අතිරේක ආහාර බෝග ආ... වැඩි දුරටත්...හැදින්වීම තිරසාර කෘෂිකාර්මික ජල කළමනාකරණ ව්‍යාපෘතියේ පළමු අදියර 2005 වර්ෂයේදී ආරම්භ කළ අතර ඒ යටතේ වියළි කළාපීය ප්‍රදේශ වල කෘෂිකාර්මික කටයුතූ සදහා ජලය සැපයීම පිණිස සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්පයක් හා බිංදු ජල තාක්ෂණය සහිත නල පද්ධති ඇතූලත් සූර්ය බල ජල සූක්ෂම පද්ධති 5,000ක ප්‍රමාණයක් 2007 වර්ෂයේ ජූලි මාසය වන විට ස්ථාපනය කර ඇත. මේ වන විට පළමු... වැඩි දුරටත්...කාබනික ද්‍රව්‍ය යනු ශාක කොටස් හෝ සත්ත්ව අපද්‍රව්‍ය වේ. කාබනික පොහොර ලෙස හදුන්වනු ලබන්නේ බෝග නිෂ්පාදනයට කාබනික ද්‍රව්‍ය යොදා ගන්නා අවස්ථා වලදී වේ. කොම්පෝස්ට් නිෂ්පාදනයේදී සිදු කරනු ලබන්නේ සංකීර්ණ කාබනික ද්‍රව්‍ය ක්ෂුද්‍ර ජීවින්ගේ කි‍්‍රයාකාරිත්වය මඟින් සරල කාබනික ද්‍රව්‍ය බවට පත් කිරීමයි. කාබනික පොහොර ලෙස ක්රමාණුකූලව නිෂ්පාදනය කරන ලද කාබනික ද්රව්... වැඩි දුරටත්...කෘෂිකාර්මික කටයුතු වල නියැලෙන ආයතන මඟින් ජනනය වන පර්යේෂණ දැනුම ගොවීන් වෙත ප්‍රචාරණය කිරීම හා එමඟින් ඹවුන්ගේ කෘෂි ගැටළු මග හරවා ගැනීමටත්, අනෙකුත් ගොවීන් අතර මෙම ක්‍රම ප්‍රචලිත කිරීමේ ක්‍රම වේදයක් ලෙසත් මෙම ආදර්ශන ගම්මාන පිහිටුවීමට අපේක්ෂිතය. බෝග නිෂ්පාදනයේ සිට පරිභෝජනය දක්වා ගොවි ප්‍රජාව වෙත හඳුන්වා දිය යුතු නව තාක්ෂණ ක්‍රම ගම්මාන තුල ආදර්ශනය කිරීම... වැඩි දුරටත්...දේශීය ආහාර නිෂ්පාදනය දිරි ගැන්වීම සඳහා, අඩු වරප්රසාදලාභී ගොවීන් ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය ඉහළ නැංවීම අරමුණු කොට පිරි නමනු ලබන මෙම කෘෂි යන්ත්‍රෝපකරණ ලබා දීමේ වැඩසටහන 1971 වසරේ ආරම්භ කර ඇත. එතැන් සිට සෑම වසරකදීම මෙම ව්‍යාපෘතිය යටතේ කෘෂි යන්ත්‍රෝපකරණ, අප රටට ලැබෙන අතර 2004 වසරේ සිට ජපන් රජයේ නව ත... වැඩි දුරටත්...ගුණාත්මක බීජ හා රෝපණ ද්‍රව්‍ය අවශ්‍ය ස්ථාන වලට, අවශ්‍ය වේලාවට, අවශ්‍ය ප්‍රමාණයෙන් ලබාදීම හා රට තුල බීජ හා රෝපණ දුව්‍ය සුලබතාව ඇති කිරීම අරමුණු කර ගනිමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු සීමිත සම්පත් ද උපයෝගී කර ගනිමින් ගොවීන් වෙත ගුණාත්මක බීජ සැපයීම සඳහා ප්‍රජා මුලික බීජ නිෂ්පාදන ගම්මාන වැඩසටහන නමින් වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කෙර... වැඩි දුරටත්...මෙතෙක් මාතලේ දිස්ත්‍රික්කයට සීමා වී තිබූ ලොකු ළූණු බීජ නිෂ්පාදනය අනුරාධපුරය, පොලොන්නරුව වැනි දිස්ත්‍රික්ක වලටද ව්‍යාප්ත කග හැකි බව දැනට පෙනී ගොස් ඇත. ඒ අනුව මෙම වැඩසටහන අනුරාධපුරය, මාතලේ, කුරුණෑගල හා පොලොන්නරුව දිස්ත්‍රික්ක වල ක්‍රියාත්මක කරනු ලැබේ. මහවැලි ප්‍රදේශ වලද මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙතත් ඒ සඳහා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන වැය කිරීමක් සිදු නොක... වැඩි දුරටත්... |
Ministry of Agriculture - Sri Lanka - කෘෂිකර්ම අංශ නවීකරණය කිරීමේ ජාතික කෘෂිකාර්මික ප්‍රදර්ශනය දෙසැම්බරයේදී.කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම අංශ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය හා අන්තර්ජාතික සංවර්ධන සංගමයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.කෘෂිකර්ම අංශ නවීකරණ පිළිබඳව ගොවි ජනතාව සහ කෘෂිකාර්මික ක්ෂේත්රයේ ව්‍යවසායකයින් දැනුම්වත් කිරීම සඳහා වන අන්තර්ජාතික කෘෂිකාර්මික ප්‍රදර්ශනයක් ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (25) දින ප්‍රකාශ කළේ ය.“අස්වැන්න” 2018 ( Harvest - 2018 ) යනුවෙන් නම් කර ඇති මෙම කෘෂිකාර්මික ප්‍රදර්ශනය දෙසැම්බර් 11 දින සිට 16 දින දක්වා BMICH හිදී පැවැත්වෙන අතර, එම ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගී වන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ය.මෙම ප්‍රදර්ශනයේ විශේෂත්වය වන්නේ මෙරට කෘෂිකර්මාන්තයේ සංවර්ධනය උදෙසා යොදා ගත හැකි අතිනවීන තාක්ෂණය සහ අධි තාක්ෂණික උපකරණ භාවිතය, යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) ක්‍රියාත්මක කිරීම, කෙටි කලකින් අස්වැන්න ලබා ගත හැකි බෝග වර්ග හඳුන්වා දීම, දේශිය හා විදේශීය ගැනුම්කරුවන්ට අවස්ථාව සලසා දීම, නව තාක්ෂණික උපකරණ භාවිතයෙන් ක්‍රියාත්මක වන නව වගා සංවර්ධන කලාප හඳුන්වා දීම, පුද්ගලික හා රාජ්‍ය අංශයේ මැදිහත්වීම යටතේ වෙළඳපොළ සකස් කිරීම වැනි කරුණු රැසක් පිළිබඳ මෙම ප්‍රදර්ශනයේ අවධානය යොමු කර තිබීමයි.මෙම ප්‍රදර්ශනය සම්බන්ධයෙන් අද (25) දින පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ප්රවෘත්ති සාකච්ඡාවක් පැවති අතර, එහිදී අමාත්‍යවරයා කියා සිටියේ කෘෂිකාර්මික ක්ෂේත්රය තුළ මෙවර මහ කන්නයේදී ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකි බව තමන් විශ්වාස කරන බවයි. දැනට ලැබෙන වර්ෂාව අනුව ලංකාවේ සෑම ප්‍රදේශයකම වැව් ජලයෙන් පිරීගොස් තිබෙන නිසා අපේක්ෂිත වී අස්වැන්න ලබා ගැනීමට හැකිවුවහොත් ලබන වසරේදී පිටරටින් සහල් ආනයනය කිරීමට අවශ්‍යතාවයක් පැන නොනැඟෙනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.මෙම අවස්ථාවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන්, කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියේ උපදේශක ආචාර්ය රොහාන් විජේකෝන්, එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂිකා ටුලානි වීරකෝන් මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ. |
මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා අංගණය වෙත නෞකාවකින් තෙල් පොම්ප කෙරෙන අවස්ථාවේ තෙල් බෝයාවේ පැරණි අබලන් නළයක් හදිසියේ පුපුරා යාම නිසා දැවිතෙල් ටොන් 25ක පමණ ප්‍රමාණයක් මේ වනවිට මුහුදට නිකුත්ව තිබේ. මෙම හදිසි තෙල් තෙල් විසිරුමින් දික්ඕවිට සිට මීගමුව දක්වා මුහුදු තීරයට බලපෑම් එල්ලවී ඇත. ඒ පිළිබඳව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා මෙසේ සිය අදහස් පළකර සිටියේය. |
TK Research & Solution (Pvt) Ltd ආයතනය විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකාවේ 2015 පාර්ලිමේන්තු මහමැතිවරණයේ සමීක්ෂණයේ ප්‍රථිපල සටහන. |
හිටපු රාජ්‍ය ඇමතිනී, පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන්ට එරෙහිව නඩු පවරන ලෙස නීතිපතිවරයා පොලිස්පති පූජිත් ජයසුන්දරට නියෝග කර තිබේ.නීතිපතිවරයා එහිදී දැනුම් දී ඇත්තේ ඇය දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බැවින් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි.ඊට අමතරව හිටපු රාජ්‍ය අමාත්‍යවරිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 (ආ) වගන්තිය උල්ලංගණය කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ද අභියාචනාධිකරණයට අධිචෝදනා පත්‍ර ගොනු කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කර ඇත.හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පසුගිය දා යාපනයේ පැවති උත්සවයකදී ප්‍රකාශ කළේ උතුරු හා නැගෙනහිර පළාත්වල යළි එල්.ටී.ටී.ඊ, සංවිධානය ශක්තිමත් කිරීම සඳහා කටයුතු කළ යුතු බවයි.පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම ලබන දෙසැම්බර් 07 වන දා දක්වා බලපැවැත්වෙන පරිදි වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.ඒ,...පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා සතු බව නීතිපති ජයන්ත ජයසුරිය මහතා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම...පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා නිතුක් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරුවරයා ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්...පාර්ලිමේන්තු සැසිවාර කල් තැබීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අත් හිටුවන ලෙසට ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම නොවැම්බර් මස 27වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නියම කළේය....හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතාට පනවා තිබු විදෙස් ගමන් තහනම දෙසැම්බර් 14 වැනිදා සිට මාසයක් බල පැවැත්වෙන පරිදි ඉවත් කිරිමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (09) නියෝග කළේය. ...තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.ඒ, සැකකරු අද කොටුව මහේස්ත්...හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා ඇප මත මුදා හැරිණ.ඒ සැකකාර හිටපු අමාත්‍යවරයා කොටුව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.එහිදී අර්ජුණ රණතුංග රුපියල් ලක්ෂ 05ක ශරීර...බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස අලි ඇතුන් සිය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් ‘අලි රොෂාන්’ ඇතුළු විත්තිකරුවන් 07 දෙනා දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹ විශේෂ...ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය සමාගමක් පිහිටුවා පවත්වාගෙන යෑම සම්බන්ධව චානුක රත්වත්තේ මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ ඊයේ...අද(22) උදෑසන 09.25ට පමණ මාතර, ඌරුබොක්ක ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ. හුලංකන්ද, දම්පහල මාර්ගයේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු හීගොඩ රෝහලට...සතොසට අයත් රුපියල් මිලියන 05 කට අධික මුදලක් අවභාවිත කිරිමේ චෝදනා මත ,හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට කුරූණැගල මහාධිකරණය අද (16...භාරත ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුලු විත්තිකරුවන් 03 දෙනෙකුට කොළඹ මහාධිකරණය දුන් මරණ දඬුවම, ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි. මෙම... |
මෙරට පරිසර පද්ධති සහ දේශීය සත්ත්ව විශේෂයන්වලට දැඩි අහිතකර බලපෑමක් එල්ල කෙරෙන ආක්‍රමණශීලී ශාක විශේෂ හා සත්ත්ව විශේෂ බොහොමයක් පවතින අතර, ඒවා මේ වනවිට ශ්‍රී ලංකාව පුරා ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරනු ලබයි. ඒ අතරින් යෝධ නිදිකුම්බා ශාකය ආක්රමණික ශාකයක් ලෙස විශාල හානියක් අප පරිසර පද්ධතිය වෙත පමුණුවයි.ඉපැරණි ග්‍රීසියේ මිනිසුන් නිරුවතින් දිවීම ඇතුළු ක්‍රීඩා කළේ ඇයි? නිරුවත් කලා නිර්මාණ බිහි කළේ ඇයි? යන්න බොහෝ දෙනෙකුට ඇති ගැටලුවකි. ඉපැරණි ග්‍රීසිය තුළ නිරුවත සම්න්ධයෙන් තිබුණු හැඟීම නූතන අදහසින් අර්ථගැන්වීමට අපහසු වේ. නිරුවත් සිරුර සම්බන්ධයෙන් පැරණි ග්‍රීසියේ පැවතියේ පූජනීය තත්ත්වයකි. පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ ආරම්ය දහ අටවැනි සියවසේ මුල්භාගය දක්වා දිව යයි. එයින්ද වසර දෙකකට පසු 1824 වසරේදී එම උද්‍යානය තවත් යුග අවශ්‍යතාවක් ලෙස සලකමින් ජාතික ශාකාගාරය පේරාදෙණිය උද්‍යානයේ ස්ථාපනය කර තිබේ. ජෛව විවිධත්වය සහ සංරක්ෂණය වෙනුවෙන් පරිසරය සහ මිනිසා අතර පැවතිය යුතු සබැඳියාව කෙතරම්ද යන්න තිරසර සංවර්ධනය සමග විවිධ මතිමතාන්තර සංකල්ප සහ අදහස් යෝජනා ගෙන එන මානව හිතවාදීහු පෙන්වා දෙති. එකී කාර්යය වෙනුවෙන් කැපවූ එහෙත් නිහඬ සහ මිලකළ නොහැකි මෙහ පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක මේ සතියේදී කුරහන් සුවඳ තීරු ලිපියෙන් ඔබ හමුවීමට අවස්ථාවක් ලැබී ඇත. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්රයේ ඇති වූ නොව, ඇතිකළ අර්බුදය හේතුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් එය නිමා කිරීම කිරිම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. පසුගිය ඔක්තෝබර් මස සිදු වූ බලපෙරළිය සමග මේ වන විට රටට සහ ජනතාවට අසීමිත ලෙස ආදරය කරන දේශපාලන පාර්ශ්ව දෙකක් බලය වෙනුවෙන් දැඩි අරගලයක යෙදී සිටියි. මෙම බලපොරය හේතුවෙන් අද වන විට රාජ්‍ය සේවය මෙන්ම ජනතාවද පත්ව සිටිනුයේ දැඩි වික්ෂිප්ත ස්වභාවයකටය. ඒ පිළිබඳ මෙම විග්‍රය ගෙන එනුයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යනාංශ ප්‍රධානී, මහාචාර්ය මයුර සමරකෝන් මහතාය. ලෝකයේ එතෙක්, මෙතෙක් බිහි වූ සියලු ඒකාධිපතියන් පෞරුෂ දුර්වලතාවලින් හෝ මානසික හෝ ශාරීරික සංකූලතාවලින් යුතු අය වෙති. විශේෂයෙන් ආණ්ඩුක්‍රම වැනි මූලික නීති ලියැවිල්ලක් අභිභවා යෑමට නැතිනම් තමන් එකඟව සිටි සමාජ ගිවිසුමකට පිටින් වැඩ කිරීමට සැලකිය යුතු සංකූලතාවන් තිබිය යුතුය. ඉරාකයේ සදාම් හුසේනද, ලිබියාවේ ගඩාබිද එවැනි අයවලුන්ය. ඔවුන් කාන්තාරයේ එළුවන් බලමින් තම ළමා කාලය අපයෝජනයට ලක්වූ, සමාජය කෙරෙහි වූ ඇති වෛරයට දේශපාලනයට පිවිසි අය වෙති. එසේම රුසියාවේ ස්ටලි පසුගිය කාලවකවානුව පුරාවටම අධිකරණ ඇප ලබාදීම සම්බන්ධයෙන් බොහෝ කතාබහ ඇතිවිය. කළ හැකි සෑම අලුගුත්තේරු ක්‍රියාවක්ම, ජඩ වැඩක්ම සිදුකළ දේශපාලනඥයන් නීතිය හමුවට ඉදිරිපත් කරනු ලදුව අසුරු සැණින් ඇප මත නිදහස් විය. මෙවැනි ජුගුප්සාජනක සිදුවීම් එකක් නොව ගණනාවක්ම පිට පිටම සිදුවන කල සමස්ත පාලන යාන්ත්‍රණය කෙරෙහි ජනතාවගේ සිත්හි ඇති ගරුත්වය හීන වී යෑම පුදුමයක් නොවේ. පොලිස් නිලධාරීන් විසින් ‘‘%නීතිය නවන’ බව මහජනතාව නිතරම මැසිවිලි නගනු අපට අසන්නට ලැබේ. ලොකු ලොක්කන් යම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දෙදහස් දහඅටේ නොවැම්බර් මස නව වැනිදා රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීය. 2019 ජනවාරි මස 05 වැනිදා මහමැතිවරණයක් සඳහා දින නියම කර ඇත. ජනාධිපතිවරයාගේ හදිසි තීරණය අද වනවිට මුළු රටේම කතාබහට ලක්වන ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබේ. පාර්ලිමේන්තුව හදිසියේම විසුරුවා හැරීමට බලපෑ හේතු කවරේද? පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරීම නීත්‍යනුකූල වන්නේද? ජනාධිපතිවරයාගේ මෙම තීරණය අභියෝගයට ලක්කළ හැකිද? සහ උඩුදුවන වණයක් බවට පත්ව ප්රජාතන්ත්රවාදය කන්නද? අපට ඕනෑ කෑම බීම හා ඇඳුම්, පැලඳුම්. අපේ දරුවන්ට පාසල්* යැයි ඇතැම්හු පවසති. එහෙත් එය මතුපිටින් පෙනෙන තරමට සත්‍යය හා විසිතුරු කියමනක් නොවේ. එමෙන්ම ගරුසරු වැදගත් කියමනක්ද නොවේ. ගැඹුරු අර්ථයෙන් ගත් විට මෙය මහා මුග්ධ ප්‍රකාශයකි. පක්ෂනායක රැස්වීම අවසානයේදී කථානායකවරයා දැඩි තීන්දුවක් ගත්තේය. “මට මන්ත්‍රීවරු 116 දෙනෙක්ගේ අත්සන් සහිතව ලැබිලා තිබෙන ඉල්ලීම තමයි ජනාධිපතිවරයාගේ නව පත්වීම් ව්‍යවස්ථාවට සහ ප්රජාතන්ත්රවාදයට පටහැණි නිසා පාර්ලිමේන්තුවේ බහුතර මතයට අනුව අගමැතිවරයා පත්වීමට ඉඩ සැලසිය යුතුයි කියන එක. බහුතර මතයට මට හිස නමන්න වෙනවා. ඒ අනුව 14 වැනිදා ස්ථාවර නියෝග අත්හිටුවා බහුතරය විමසිය යුතු බවයි මගේ තීරණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ඔක්තෝබර් 26 වැනිදා අගමැතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසුව රට තුළ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධව පාර්ශ්ව කිහිපයක් දැක්වූ අදහස් පහතින් දැක්වේ. සර්වජන ඡන්ද බලය රට තුළ ක්‍රියාත්මක වීමෙන් පසු මේ රටේ පාලකයන් පත් කර ගනු ලබන්නේ ජනතා ඡන්දයෙනි. වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු පාලකයන් පත්කර ගැනීමේ සුදුසුකමට පත්වන මේ රටේ ජනතාව ඡන්ද පොළට ගොස් ඡන්ද පත්‍රිකාවේ තම කැමැත්ත පළකිරීම තුළින් පාලකයන් පත් කර ගැනීම ප්රජාතන්ත්රවාදී ක්‍රමය ලෙසද හඳුන්වනු ලබයි. සමේ විශාලතම අවයවය වූ සම සම්බන්ධයෙන් ඇතිවන රෝග තත්ත්ව පිළිබඳ අප බොහෝ විට කරදර වන්නේ ඒවා අනෙක් ආබාධ මෙන් නොව භාහිර පෙනුම තුළින්ද මතු වී රෝගීයාගේ සාමාන්‍ය පෙනුමට පවා බලපෑම් කරන බැවිනි. සාමාන්‍යයෙන් ඇතැම් රෝග බටහිර වෙදකම අනුව සම්පූර්ණයෙන් සුව කළ නොහැකි යැයි පවසන අතර පාලනය කළ හැකි බව පමණක් පවසයි. එයට හේතුව මේ රෝග මතුවීමට බලපාන ගැටලු මුලිනුපුටා දැමීමට බටහිර වෙදකම විසින් තවමත් ප්‍රතිකාර සොයා ගැනීම සඳහා පර්යේෂණ සිදුකොට නොමැති වීමය. නමුත් බටහිර වෙදකම අපේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයෙන් නිර්මාණය කළ පඹගාල කෙතරම් සංකීර්ණද යන්න අද හොඳින්ම පැහැදිලිය. අප ඉදිරිපිට දිගහැරෙමින් පවතිනුයේ ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ඇති වූ දරුණුතම දේශපාලන අර්බුදයයි. එම අර්බුදය කොතරම් අපූරු වූවාදැයි කිවහොත් ලක් ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලාංකික ජනතාව සිය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදාරමින් සිටිති. රටේ උද්ගත වී ඇති දේශපාලන වාතාවරණය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාගෙන් විමසීමක් සිදුකිරීමට %අද^ අපි සිතුවෙමු. මේ ඒ මහතා මේ පිළිබඳව දැක්වූ අදහස්ය. දමිළ දේශපාලන හා එල්.ටී.ටී.ඊ. සිරකරුවන් සම්බන්ධයෙන් මා කළ ප්‍රකාශයක් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙන මාතෘකාවක් බවට පත්ව තිබේ. මේ පිළිබඳ පැහැදිලි කිරීමකින් මෙම සතියේ කුරහන් සුවඳ තීරු ලිපිය ආරම්භ කිරීමට අදහස් කරමි. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා අර්බුදයේ දසවැනි දිනයත් උදා වෙමින් තිබේ. ආර්ථිකය විශාල අවුලකට පත් වී තිබේ. රුපියලේ දැවැන්ත කඩා වැටීම නැවැත්වීමට රට අභ්‍යන්තරයේ ඩොලර් සැපයුම ඉහළ දැමීමට විදේශ සංචිතවලින් ඩොලර් මිලියන පනහක් පසුගිය දිනක නිදහස් කළේය. එය අනාගතයේදී බරපතළ ප්‍රතිඵල ගෙන දෙනු ඇත. රට තුළ ඇති වී තිබෙන ආර්ථික, සමාජීය ගැටලුවලට අමතරව පළාත් සභා මැතිවරණය කල් දැමීමත් මේ වනවිට ප්‍රධාන ගැටලුවක් බවට පත්වී තිබේ. පළාත් සභා 03ක නිල කාලය අවසන් වී වසරකට අධික කාලයක් ගතවී තිබෙන අතර, මීට අමතරව මේ වසර තුළදීත් පළාත් සභා 03ක නිල කාලය අවසන් විය. මැතිවරණය කල් යෑමට හේතුවක් ලෙස සීමා නිර්ණ වාර්තාවේ ගැටලු පෙන්වා දෙමින් තිබේ. එහෙත් නිරීක්ෂණ සංවිධාන සඳහන් කරන ආකාරයට මැතිවරණය කල් යෑමට හේතු ලෙස පනතේ පවතින තාක්ෂණික ගැටලු, උපලේඛන ගැටලුද බලපා තිබේ. එබැවින් දැන් මුළු රටේම කියවීම කෙරෙහි හදිසි උනන්දුවක් හටගෙන තිබේ. දැන් වැඩිදෙනෙකු කියවීමට සොයන පොත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැනි දුරවබෝධ ලියවිල්ලක් ජනතාවගේ උපරිම අවධානයට ලක්වීම විස්මයජනක සිද්ධියකි. පොදු ජනතාව ආණ්ඩුක්රමය ගැන විපරම් කරන්නට පෙළඹී ඇත්තේ මේ වන විට උත්සන්න වී ඇති ආණ්ඩුක්‍රම අර්බුදය හේතුවෙනි. ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා බලනුයේ තවමත් නිෂ්ඨාවට පත් නොවූ ආණ්ඩු පෙරළිය කුමන අතකට කැරකී යනු ඇතිද යන්න අනුමාන වශයෙන් හෝ දැන ගනු රටේ ඇති වී තිබෙන දේශපාලන පෙරළිය විශාලය. එය පෙර නොවු විරූ මට්ටමේ බිහිසුණු සංකීර්ණ තත්ත්වයක පවතී. මේ පිළිබඳ බොහෝ වාද විවාද රැසක් පවතින නිසා එම වාද ගැන කතා කිරීමට බොහෝ අය පෙළඹෙන බවද පෙනේ. එය මෙවන් අවස්ථාවක සාමාන්‍ය‘යෙන් නිර්මාණය වන ස්වභාවයකි. මම එහි එක් පැත්තක් උදෙසා හේතු දැක්වීමට ඉදිරිපත් නොවෙමි. මා මෙහිදී උත්සාහ ගන්නේ මෙම අර්බුදය ඔස්සේ ඉස්මතු වන තවත් අර්බුදයක් පිළිබඳ සාකච්ඡා කිරීමටයි. එය නම් නායකත්වයේ අර්බුදයයි. චීනයේ චැන් බුදු සමය බිහි කිරීම උදෙසා විශාල සේවාවක් කළ උන්වහන්සේ චීනය තුළ අදත් වන්දනාමානයට බඳුන් වේ. සිංහල රජෙකුගේ පුතෙකු ලෙස උපත ලබන ආර්යදේවයන් ඉන්දියාවේ මාධ්‍යමික සම්ප්රදාය යටතේ දාර්ශනික පුහුණුව ලැබූවෙකි. සමස්ත මහායානික බුදු දහම මෙතෙක් බිහි කළ ශ්‍රේෂ්ඨතම ආචාර්යවරුන් හය දෙනාගෙන් කෙනෙකු ලෙස ආර්යදේවයන් හැඳින්වේ. මාධ්‍යමික සම්ප්රදාය යනු ශුන්‍යතාවාදය නිර්මාණය කළ ගුරුකුලයයි. එය බිහි කළේ මාධ්‍යමික ගුරුකුලය බිහි කළා වූ නාගාර්ජුනපාදයෝය. ආර්යදේවයෝ නාගා පරිසරය සමග බැඳුණු අපේකම, අපේ උරුමය සහ අපේ අනන්‍යතාව මේ වනවිට නැවත ජනතා සංවාදයට විවෘත වූ කතාබහකි. එහිලා අප දැනුවත් කරමින් අපේකම පිළිබඳ මතකය අවදි කළ මහනුවර ජාතික කෞතුකාගාරයේ අධිකාරී කේ.ඩී.වී. චන්දිමාල් මහතාට සවන් දෙමු. දෙදහස් දහඅට වර්ෂයේ ඔක්තෝබර් මස විසිහය වැනි දිනය වසරේ වෙනත් සාමාන්‍ය දිනයක ආකාරයට ගෙවී අවසන් වෙමින් පැවතුණි. ඒ වනවිටත් සාකච්ඡා මට්ටමේ පැවැති මෛත්‍රී මහින්ද හවුල් ආණ්ඩුව පිළිබඳ බලාපොරොත්තු කඩවී ඇති බව විද්‍යුත් මාධ්‍යයන්ගේ හැසිරීම අනුව අනුමාන කළ හැකි විය. එදින රාත්‍රී හත පසුවී මිනිත්තු හතළිහක් පමණ ගත වනවිට සියල්ල උඩුයටිකුරු විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙහි දිවුරුම් දුන් බවට විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රචාරය කළ අතර, රජයේ ප්‍රවෘ මේ රටේ බොහෝ දෙනෙකුගේ හදවතේ නායකයා වන මහින්ද රාජපක්ෂ මහතා නැවතත් ජනතාව වෙනුවෙන් බලයට පැමිණ සිටින අවස්ථාවක මෙම සතියේ කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට ලැබීම භාග්‍යයක් ලෙස සලකමි. 30 අවුරුදු ශාපලත් යුද්ධය ජය ගැනීමෙන් පසු ආර්ථික යුද්ධය ජය ගැනීම සඳහා කටයුතු කරමින් සිටින විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2015 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් පරාජයට පත්විය. ඉන් අනතුරුව පත් වූ ආණ්ඩුව රටේ ජනතාව ගැන නොසලකමින් ජාත්‍යන්තරයට අවශ්‍ය පරිදි කටයුතු කරමින් සිටියේය. මේ පි පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දැමීම පිළිබඳව රට තුළ කතාබහක් ඇති වී තිබේ. මීට අමතරව පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බවට දේශපාලන පක්ෂ කිහිපයක් මත ඉදිරිපත් කරමින් තිබෙන අතර, තවත් කණ්ඩායමක් නව ක්‍රමයට මැතිවරණය පැවැත්විය යුතු බවට මතයක් ඉදිරිපත් කරමින් සිටී. මේ නිසා මැතිවරණය පැවැත්වෙන දිනයක් පිළිබඳව හෝ නිශ්චිතව සඳහන් වන්නේ නැත. මෙතෙක් කලක් තිරය පිටුපස තිබූ ගජ මිතුරුකමක් පසුගිය 26 වැනි දින සවස් කාලයේදී සමස්ත ජනතාවටම දැන ගැනීමට හැකි විය. 2015 වසරේ ජනවාරි 08 වැනි දින පැවැති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරය අහිමි වූයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ජනතාවගෙන් ලබා ගත් ජනවරම නිසාය. ලංකාවේ දේශපාලනය තුළ මේ සතිය උණුසුම් වූයේ ජනාධිපතිවරයා විසින් හදිසියේම තවත් අගමැතිවරයෙකු පත්කිරීම හේතුවෙනි. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම පාක්ෂිකයෝ ජනාධිපතිවරයා කෙරෙහි තදින් උරණව සිටිති. ජනාධිපතිවරයාගේ මෙම හැසිරීම ජාත්‍යන්තරය විසින් ප්‍රථමයෙන් විශ්වාස නොකළ අතර, ඔවුන් ජනාධිපතිවරයාගේ මානසික සෞඛ්‍ය ප්‍රශ්න කර සිටි බවටද තොරතුරු පළවේ. ඔහු විසින් සිදු කරන ලද ක්‍රියාව ලංකාවේ මිලියන 23ක් වන ජනතාවගේ ජීවිත බරපතළ අවදානමකට දමා තිබේ. රටේ රටේ සැබෑ සංවර්ධනයක් ඇතිකිරීමට නම් ගම්බද භූමිවල පමණක් නොව නාගරික අවකාශවලද වගා කිරීම අවශ්‍ය වේ. නගර යනු කර්මාන්තයේ හා පරිපාලන කටයුතුවල මධ්‍යස්ථානය වූවාට එහි ගොවිතැන මුළුමනින්ම නැතිකළ යුතු නොවේ. ලොව වෙනත් රටවල ඇති නගර සමග සසඳා බලන කල අපේ රටේ ඇත්තේ සොච්චම් නගරය. ප්‍රමාණයෙන් මෙන්ම ජීවන දෘෂ්ටියෙන්ද ඒවා ගම්වලට වඩා වෙනස් වන්නේ සුළු වශයෙනි. ඇත්තටම ලංකාවේ ඇත්තේ බටහිර අර්ථයේ නගර නොව ගම්මානවල යම් විශාලිත ස්වරූපයක් පමණි. %සෑම දෙයකටම මිනුම් දණ්ඩක් තිබිය යුතුය^ යැයි ඉතා පැරණි කියමනක් අප අසා තිබුණද, ප්‍රාථමික අධ්‍යාපනයේදී දරුවෙකුට හුරු කරවන ලිවීම සහ ඇඳීම පිළිබඳ පරිමාණ මිනුම් දණ්ඩක් පිළිබඳ උපකරණයක් හෝ අදහසක් නිර්මාණය කර ගැනීමට මෙතෙක් හැකියාවක් නොතිබිණි. බොහෝ දරුවන්ට පැහැදිලි ලෙස අකුරු ලීවීමට සහ ඇඳීමට නොහැකිය. එයට හේතුව වන්නේ, ලිවීමේ සහ ඇඳීමේ පරිමාව ඔවුන් නොදැන සිටීමය. ඉගෙනීමෙහි දක්ෂතාවන් බොහෝ විට මනිනු ලබන්නේ ලියා දක්වන පිළිතුරු පත්‍රයක් නිරීක්ෂණය කිරීම මගින් බැවින |
හොඳම තත්වයේ ඇති Bajaj Discover 135 බයිසිකලය 2008 වසර පළමු අයිතිකරු 42018 km Licence / Insurance 2019/10 දක්වා මිල සාකච්ඡා කල හැකිය මුදල් හදිසියකට Good Condition Bajaj Discover 135 Year 2008 Mileage 42018 km Licence / Insurance up to 2019 October 1 st... |
ක්‍රමලේඛයක් පරිශීලනය කරන්නෙකුට එය පහසුවෙන් තේරුම් ගැනීම සඳහා එම ක්‍රමලේඛයේ එක් එක් කොටස් පිළිබඳ විස්තර එම ක්‍රමලේඛය තුළම අන්තර්ගත කිරීමට විවරණ භාවිතා කරනු ලැබේ. මේවා ක්‍රමලේඛයක ඇති ප්‍රකාශ මෙන් කි‍්‍රයාත්මක නොවේ. ඇතැම් විට ක්‍රමලේඛයේ ඇති ඉවත් කළ යුතු ක්‍රමලේඛ කොටස් සම්පූර්ණයෙන්ම මකා ඉවත් නොකර තාවකාලිකව කි‍්‍රයාත්මක නොවන තත්ත්වයට පත් කිරීමට (temporally disable) ද විවරණ භාවිතා කරනු ලැබේ.Single line comment/one line comment ලබා දීම සඳහා # සංකේතය භාවිතා කරනු ලැබේ. # සංකේතයට පසුව හමුවන සියල්ල පයිතන් විසින් නොසලකා (ignore) හරිනු ලැබේ. |
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ එක්සත් ජනපද රජයට අයත් සහශ්‍ර අභියෝගතා සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරි Brock Bierman මහතා අතර හමුවක් ඊයේ (24) පස්වරුවේ සිදු වුණා. |
වයස අවුරුදු 18න් ඉහල කාන්තාවන්ට මත්ද්‍රව්‍ය මිළදී ගැනීම සහ මත්පැන් ශාලාවල රැකියාව කිරීම සම්බන්ධයෙන්, ආණ්ඩුව එහි තීබූ අනපනත් ලිහිල් කීරීම පිළිබදව පසුගිය සතියේ ජනතාව අතර කතා බහට ලක් වුනා.කෙසේ වෙතත් දින තුනක් වැනි කෙටි කාලයක් තුළ එම නීතිය යලි බලාත්මක කරමින් නීතිරීති පැනවූයේ ජනාධිපතිවරයාගේ අදහසකට අනුවයි.කාන්තාවන්ට මත්පැන් පොවන්න කොටසක් දගළන බව පේනවා. ඔවුන්ගේ මෙම ක්‍රියාව දැඩිලෙස මම හෙළා දකිනවා. දැනටම මත්පැන් නිසා සෑහෙන්න පිරිමි අමාරුවේ වැටිලා ඉන්නවා, මේ තත්වය අපේ ගැහැණු ළමුන්ටත් උදා වෙනවා දකින්න මම කැමති නෑ.අද සමීක්ෂණයක් කලහොත් පිරිමින්ටත් වඩා රට ගැන දුක්වන්නේ කාන්තාවන්ය.ඒ ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය ගැන හිත තුල ඇවිලෙන දරුකැක්කුම නිසාය. මෙය මත්ද්‍රව්‍ය වලට ඔවුන් කැමති කරවා ගන්න තියෙන ලොකුම බාදව බව ආංඩුවේ හෙන්චයියලා දන්නවා. රටගැන හැගීමක් ඇති අය දූශිත පාලනයකට බාදවක්. ඒනිසා ආංඩුවේ පාලකයන්ට මොනක්රමයකින්හෝ කමක් නැහැ කාන්තාවන්ට මත්පැන් පානය කලයුතුමය. නැත්නම් කොහොමද යහපාලනයක් වෙන්නේ?“අපි වේදිකාවෙ පිටුපස තැනකයි වාඩිවෙලා හිටියෙ. එයා වේදිකාවට ආවෙ හරියට ජනාධිපතිවරයෙක් එනවා වගෙයි. ආරක්ෂක භටයො පිරිවරාගෙනයි ආවෙ. මීට කලින් ‘වන් ඩිරෙක්ෂන්’ කණ්ඩායම ඕස්ට්‍රේලියාවට ආපු වෙලාවෙදිත් සමහර නගරවල...ලොව විශාලතම මගී නෞකාවට ගොඩවෙමු ඔබ මුහුදු වෙරළට හෝ වරායකට ගිය අවස්ථාවක නැවක නැඟී මහසයුරේ චාරිකාවක් යන්නට සිහින මවන්නට ඇතුවාට සැකයක් නැත. ඒ නෞකාව අති සුඛෝපභෝගී එකක් වී විනෝදාස්වාදය ලබා ගන්නට අවශ්‍ය...පියුමි නමැති නිළියන් කිහිප දෙනෙකුම අප ක්ෂේත්රයේ සිටිති. උපේක්ෂා නම ඇත්තියක් ද අප ක්ෂේත්රය නියෝජනය කරයි. ඒ නම් දෙක එකතු වී තැනුණ නමක් ඇති යුවතියක් මේ වන විට රංගන ක්ෂේත්රයට පැමිණ සිටියි. ඇය පියුමි...මා නිවැරැදි නම් ඔබේ නම අනුරාධා එදිරිසිංහ? ඔව්. අනුරාධාගේ වෘත්තීය රංගනය? ඒකටත් මට ඔව් කියලා තමයි කියන්න වෙන්නේ. ඔබ ක්ෂේත්රයට පිවිසෙන්න හිතාගෙන හිටියේ සෑහෙන්න කාලෙකට කලින්ලු. එදා ආරම්භ කළ ගමනට...මීට සතියකට පෙර දිනමිණ Online වාර්තා කල අයුරින් ම පළාත් සභා මන්ත්‍රී උදාර රත්නායක මහතා විවාහවී තිබේ. එම අවස්ථාවේ සේයාරූ කිහිපයක් පහතින්, [[{"type":"media","view_mode":"media_large","fid":"...පබා හී චාපා ලෙස රංගනයට පා තබා මුතු පළස හී සුබෝධා ලෙස ප්‍රේක්ෂකයන්ට ළං වූ ඇය දැන් ඒ සියලු චරිත අභිබවා දේවී හි බිසෝ කුමාරි ලෙස ප්‍රේක්ෂක හදවත් තුළට කිඳා බසින්නට තරම් සමත් වී සිටින්නී ය. ඒ නිසාම නිරෝෂා...මේ වන විට 30 වන වියේ පසුවන බොලිවුඩයේ ජනප්‍රිය නිළියක් වන සෝනම් කපූර් මෙවර Filmfare සඟරාවේ නොවැම්බර් කලාපය වෙනුවෙන් තමන්ගේ අඩනිරුවත් ඡායාරූප ලබාදී තිබෙනවා. එම ඡායාරූප...මෙවර දෙරණ සිනමා සම්මාන උලෙළේ හොඳම නළුවා සඳහා තිදෙනෙකු නිර්දේශ වී සිටියා. ඒ අය තමයි කුමාර තිරිමාදුර, සරත් කොතලාවල සහ නාමල් ජයසිංහ. පුදුමෙ කියන්නේ මේ නළු බට්ටො තුන්දෙනාම නිර්දේශ වෙලා තිබුණේ එකම චිත්...ඩිනක්ෂි ප්‍රියසාද් කාර්යබහුල වෙලා තියෙන තරම . . . ඇය මේ දවස්වල දුරකතනයට ද පිළිතුරු දෙන්නේ බොහොම අඩුවෙන්. ඩිනක්ෂි කොච්චර කාර්යබහුල ද කියලා කියනවා නම් ඇයට සමහර වැඩවලට දෙන්න වෙලාවකුත් නැහැ. ඔන්න...සමනලුන් රෑ පුරා නිදන්නේ කොහේ දෝ වස්සානයේ දිනෙක සැඟ වෙන්නේ කෙලෙසදෝ ඔබ නොවේ..... ඔබ නොවේ එය අසන්නේ මමයි ඔබ නොවේ..... ඔබ නොවේ එය අසන්නේ මමයි තටු සිත්තමේ වර්ණ සඟවන්නේ...පුංචි තිරයෙන් ඔබ හමුවන දඟකාරිය වාසනා මොකක්ද ඔබේ නම? වාසනා දිලිනි. වෘත්තීය? දැනට මම නිළියක්. මෝස්තර නිරූපිකාවක් වන්නටත් බලාපොරොත්තු වෙනවා. වාසනාගේ ගම කොහේද? පොළොන්නරුව....වේදිකාව, පුංචි තිරය සහ සිනමාවේ කලින් කලට දක්නට ලැබෙතත් අදටත් ඇය ජනප්‍රියය.එහෙයින් මෙවර තරුවක් සමග වරුවක් අපගේ විශේෂාංගය ඇය වෙනුවෙන් වෙන් කළා. සිවම්මා ධනපාල වේදිකා නාට්‍යයෙහි ගුණපාලි වූ ඇය මේ දිනවල... |
වරාය හා ගුවන් සේවා අමාත්‍යංශය මිහින් ලංකා ගුවන් සේවයට ලබා දුන් රුපියල් මිලියන 300ක ණය මුදල හා පොළිය ආපසු ගෙවා නැතැයි සමාගමේ ගනුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී අද අනාවරණය වුණා.එහිදී හෙළි වූයේ, මෙම ණය මුදලට අදාළව රුපියල් මිලියන 37ක පොළී ආදායමක් ගුවන් සේවා අමාත්‍යංශයට ගෙවිය යුතුව ඇති බවයි.ඔහු එවක මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කර ඇතැයි ද අද අනාවරණය විය.PreviousPrevious post:Demons in paradise කොළඹ දී සංවාදයටNextNext post:පැපුවා නිව්ගිනියාවටත් භූ කම්නයක් |
දිවයිනේත් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේ දී (ජුනි මස 06 වන දින සිට) බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.දැනට දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සහ වළාකුලින් බර ස්වභාවය තවදුරටත් පවතිනු ඇත. බස්නාහිර,දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.ඇතැම් ස්ථානවලට,විශේෂයෙන් සබරගමුව සහ මධ්‍යම පළාත්වල මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක. අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇතිවිය හැක.දකුණු පළාතේ මොණරාගල, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.අද කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය හඳුන්වා ඇත්තේ “කොළඹ වැටලීම” යනුවෙන් ය. එහි ඉලක්කය ආණ්ඩුව පෙරළා දැමීම බව කියති. ප්රජාතන්ත්රවාදයට අනුව ආණ්ඩුවක් පෙරළා තව ආණ්ඩුවක් පත් කිරීමට මැතිවරණයක් පැවැත්විය යුතු ය. මැතිවරණයක් සඳහා තව දීර්ඝ කාලයක් නැතත්; අද හෙට ම බලය හුවමාරු කර ගැනීමට සංවිධායකයන්ට ඉතා තදබල වුවමනාවක් ඇති බව පෙනී යයි. ඒ අනුව ප්රජාතන්ත්රවාදයට පයින් ගැසීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වී ඇත. එය මහජන අභිමතය නොසලකා හැරීමක් ලෙස ද හැඳින්විය හැකි ය. කොළඹ වැටලීම යන තේමා පාඨයෙන්ම පෙනී යන්නේ මෙය බලහත්කාරයක් බව ය.උද්ඝෝෂණයේ ප්‍රධාන සංවිධායකයන් ගත්විට පා - ගමන්, අත්වැල්, ශබ්ද ඝෝෂා ආදිය පවත්වා පළපුරුදු අය බැවින් මෙය දේශපාලන උපාය මාර්ගයක් හැටියට හෝ කුමන්ත්‍රණයක් හැටියට හෝ අර්ථ ගැන්විය හැකි ය. කුමන වර්ගයක විරෝධතාවයකට හෝ අද පවතින ඉඩ කඩ සීමා රහිත ය. එහි යටි අර්ථය වන්නේ ආණ්ඩුව අසීමිත ප්රජාතන්ත්රවාදයක් ලබා දී ඇති බව ය. සංවිධායකයන් අතුරුදහන් වන්නේ නැත. රාත්‍රියෙහි ඔවුන්ගේ නිවෙස්වලට සුදු වෑන් කඩාවදින්නේ නැත. ඒ පමණක් නො ව; විරෝධතාකරුවන්ට වෙඩි තබා මරා දමන පිළිවෙතක්ද අද නැත. එබැවින් බියකින් හා සැකයකින් තොරව උද්ඝෝෂණය පැවැත්වීමේ පසුබිම හා වාතාවරණය ආණ්ඩුව විසින්ම සකස් කර දී තිබේ.වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර තුනකි. ගෙවීගිය කාලය තුළ කෙළවරක් නැති උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්විණි. වරෙක නැඟිටිමු යනුවෙන් විරෝධතාවක් පැවැත්විණි. තව වරෙක පළමු වෙඩිමුරය යනුවෙන් උද්ඝෝෂණ පැවැත්විණි. තවත් වරෙක ඊළඟ වෙසක් පොහොය කේන්ද්‍ර කොට ජනරැලි පැවැත්විණි. එහෙත් ආණ්ඩුව යාන්තමට හෝ සෙලවුණේ නැත. මේ අනුසාරයෙන් බලන විට පෙනී යන්නේ කොළඹ වැටලීම ඒකාබද්ධ විපක්ෂයේ අන්තිම තුරුම්පුව විය හැකි බව ය. මෙය සාමාන්‍ය විරෝධතාවකින් එහාට ගිය කැරැල්ලක් බවට පත් කර ගැනීමේ වුවමනාව සංවිධායකයන්ට තිබේ. කොළඹ මහ රෝහල පමණක් නොව රාගම රෝහලත් සූදානම් කර තබන්නැ’යි එක් සංවිධායකයෙක් කියා ඇත.බැලූ බැල්මට පෙනී යන්නේ ඒකාබද්ධ විපක්ෂය සමඟි සම්පන්නව හා සංවිධානාත්මකව මේ විරෝධතාව මෙහෙය වන බව ය. එහෙත් ඇත්ත කතාව ඊට වඩා වෙනස් ය. එක කණ්ඩායමක ඉලක්කය වන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පුටුවේ තැබීම ය. තව කණ්ඩායමක අභිප්‍රාය වන්නේ බැසිල් රාජපක්ෂ රජ කරවීම ය. තවත් කණ්ඩායමක අරමුණ නාමල් රාජපක්ෂ රටේ නායකයා බවට පත් කිරීම ය. ඒකාබද්ධ විපක්ෂය තුළ බලවත් කල්ලිවාදයක් පවතින බවද ආරවුලක් මෝරා වැඩෙන බවද ඉතා පැහැදිලි ය. ඒවා යටගැසීම සඳහා යොදාගත් සංකේතය වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ය.එක්තරා දේශපාලන විචාරකයකුට අනුව මේ උද්ඝෝෂණය කොළඹ වටලෑම පිණිස නො වේ. එහි අරමුණ ආණ්ඩුව ගෙදර යැවීම ද නොවේ. මේ විරෝධතාවේ යටි අරමුණ ඒකාබද්ධයේ ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න තෝරාගැනීම ය. එය තවදුරටත් පැහැදිලි කළහොත්; කොයි, කවර රාජපක්ෂවරයා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන්නේ ද යන්න තීන්දු කරනු ලබන්නේ අද පැවැත්වෙන විරෝධතාව ඔස්සේ ය. මේ මතයෙහි පිළිගත හැකි තර්කයක් තිබේ. රාජපක්ෂවරු ජනාධිපති පුටුව සඳහා බල අරගලයක යෙදී සිටිති. එය හීන් නූලෙන් ගෙන යන තරගයකි. එක පැත්තක ගෝඨා සිටී. තව පැත්තක බැසිල් සිටී. තවත් පැත්තක නාමල් සිටී. මේ අතර මහින්ද හා චමල් ද අවශ්‍ය වුවහොත් ඉදිරිපත් වීමට බලා සිටිති.ඒකාබද්ධ විපක්ෂය යැයි කියුව ද මේ ව්‍යාපාරය තුළ සෑම අතෙකින් ම තහවුරු වී ඇත්තේ රාජපක්ෂවරුන්ගේ බල ආධිපත්‍යයයි. එක පවුලක් වටා කේන්ද්‍රගත වී ඇති දේශපාලනයක් කිසිවිටෙක ප්රජාතන්ත්රවාදී වන්නේ නැත. එය ඇදී යන්නේ එක්කෝ ඒකාධිපතිවාදය කරාය. නැතහොත් වැඩවසම්වාදය කරා ය. ඒකාබද්ධ විපක්ෂයේ සියලුදෙනාට මේ දෙකෙන් එකක් තෝරාගැනීමට සිදුවනු ඇත. රාජපක්ෂවරුන්ගේ බලඅධිකාරිය ද දැන් අභ්‍යන්තර ආරවුල්වලට මුහුණ දෙයි. එහි මේ වනවිට පවතින්නේ කණ්ඩායම් කිහිපයක උග්‍ර තරගයකි. කුමන කණ්ඩායම ජයග්‍රහණය කරත් ද යන්න තීන්දු කළ නොහැකි දෙයකි.රටක් ඒකාධිපතිවාදය දෙසට ඇදී යන්නේ නම්; එය වැළැක්වීම සඳහා පියවර ගැනීම බුද්ධිමතුන්ගේ ද, ප්රබුද්ධ දේශපාලකයන්ගේද වගකීමකි. ඒ මතු නොව; රටක ජනමාධ්‍ය වුව එය වැළැක්වීම සඳහා යම් පියවරක් ගත යුතු ය. මේ සඳහා බලපවත්වන රජයේ වගකීම වෙන ම පවතී. අපගේ පිළිගැනීමට අනුව ඒකාධිපතිවාදය යළි හිස එසැවීම වැළැක්වීමට ගෙන ඇති පියවරක් නැත. ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් සියල්ලටම ඉඩදීම සුදුසු දෙයක් නො වේ. විරෝධතාවකට ඉඩ දිය යුතු වුව; කැරැල්ලක් සඳහා ඉඩදිය යුතු නො වේ. කොළඹ වටලෑම පරිවර්තනය වෙමින් තිබෙන්නේ කැරැල්ලක් දෙසට ය. දැනට පෙනී යන සාධක අනුව එය තහවුරු වෙයි. අපට සිහිපත් වන්නේ බුදුන් නාගරාජයන්ට ලබාදුන් උපදේශනය යි.නාගයෝ මෛත්‍රී භාවනාවට හුරු වී කිසිවකුට පෙණය නොදක්වා කරබාගෙන සිටියෝය. ගැහැනු වන වැදී දර කඩා ඒවා මිටි ලෙස බැඳ ගැනීමට නාගයන් යොදාගත්හ. මේ හිරිහැරය දරාගත නොහුණු නාගයෝ බුදුන් විමැසූහ. උන්වහන්සේගේ උපදේශනය වූයේ දෂ්ඨ නොකළද ඉඳ - හිට හෝ පෙණය පිප්පිය යුතු බව ය. ආණ්ඩුව ද පෙණය හකුලාගෙනම සිටීම වැරැද්දකි. ඉඳ - හිට හෝ තමන්ගේ බලය ප්‍රදර්ශනය කළ යුතු ය. මේ අතින් බලන විට පොලිස්පතිවරයාගේ මතය ඉතා නිවැරැදි ය. ඔහු කියා සිටින්නේ අවම බලය නොව; අවශ්‍ය බලය යොදන්නට තමන් සූදානම් බව ය.මේ උද්ඝෝෂණය සඳහා සෙනඟ එන්නට පුළුවන. නොඑන්නටත් පුළුවන. ජන බලය,නැගිටිමු, පළමු වෙඩිමුරය, වෙසක් පොහොය දා ඉලක්කය ආදී ලෙසින් පැවැති විරෝධතා ලෙසින් මෙය ද අකා මකා වී යන්නටත් පුළුවන. කොයි හැටි වුව සෙනඟ රැස් වූ පමණින් ආණ්ඩුවක් ගෙදර යැවීම කළ නොහැකි ය. ඇරත් උද්ඝෝෂණ, රැස්වීම්. ජනරැලි ආදියට සහභාගී වන පිරිස රටේ ජනගහනයෙන් ඉතා ස්වල්පයකි. ඡන්ද දායකයන් අතරින් ගතහොත් ඊටත් වඩා ස්වල්පයකි. ජන බලය ඇත්තේ ඒ ස්වල්ප දෙනා අතර නොවන බව ජනවාරියේ දේදුනු විප්ලවය අපට කියා දෙයි. දේදුනු විප්ලවය කතා කළේ මිනිසුන්ගේ බුද්ධියට ය. ඒකාබද්ධය කතා කරන්නේ මිනිසුන්ගේ ඇඟට ය.හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශය කියවාගෙන යන අපට දවල් තරු පෙනෙන්නට පටන් ගත්තේ ය. එම ප්‍රකාශය කියවන කෙනකු ක්ලාන්ත වී බිම පතිත වන්නටත් පුළුවන. ප්‍රකාශයේ සඳහන් දේවල් ඒ තරමටම විස්මයකට...ජින් පෝල් සාත්‍රේ වරක් මෙසේ කියා තිබේ. පුද්ගලයකුගේ වටිනාකම තීන්දු කළ හැක්කේ ඔහුගේ සාක්කුවේ ඇති මුදලට අනුව නොවේ. පුද්ගලයාගේ මුළු වටිනාකම තීන්දු කළ හැක්කේ ඔහුට අනාගතයේ ලැබීමට නියමිත මුදලේ එකතුවක් ද...පුද්ගලයන්ට සුදුසු ආකාරයට අනුව නායකත්වය හිමිවන බව කියති. එහෙත් එය තීන්දු කරන්නේ සමාජය යි. වඩාත් පුළුල් අර්ථයකින් දක්වතොත්; නායකත්වය හා නායකත්වයේ පැවැත්ම මහජනයා විසින් තීරණය කරනු ලැබේ. ඉනික්බිති නායකයා...ලිතුවේනියාවේ ප්‍රකට කවියකු වූ වෙන්කාස්ගේ අදහසකින් අද මේ තීරුව ආරම්භ කරන්නට කැමැත්තෙමු. මේ කවියා වරක් කියා සිටියේ මව්බිම බේරාගත් විරුවන්ගේ අවතාර හැමවිට ම මහපාරේ ඇවිද යන බව ය. මව්බිම දෙකඩ වීම වැළැක්වීම...පෝල් එච්. ඩග්ලස් නම් දේශපාලන විචාරකයා 1950 ගණන්වලදී Òඑතික් ඉන් ගවර්මන්ට්Ó නමින් පොතක් ලියා තිබේ. මේ පොතට පාදක වන්නේ ඔහු විසින් හාවර්ඩ් විශ්වවිද්‍යාලයේදී පවත්වන ලද දේශන කිහිපයකි. එතික්ස් හෙවත්...කිප්ලිං නම් විචාරකයා මීට දසක ගණනාවකට පෙර ආසියාව හැඳින්වූයේ ම්ලේච්ඡයන්ගේ කලාපයක් හැටියටය. ඉන්දියාව හා ශ්‍රී ලංකාව ගැන විශේෂ දැනීමක් ඔහුට තිබිණි. ඔහුගේ වචනවලින් කිවහොත් පෙරදිග පෙරදිගම ය. අපරදිග අපරදිගම...සෙලවෙන දත් ගැළවුණාට කටට පාඩුවක් වන්නේ නැත. ඒවා ගැළවී යන තරමට කටට සනීපය. එලෙස ම කට පිරිසුදුය. මනූෂ පිළිබඳ කතාන්දරය වටහාගත යුත්තේ ඒ අයුරින්ය. එහෙත් මේ තරුණ මන්ත්‍රීවරයාගේ අනාගතය ගැන කල්පනා කරන විට අපට...ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ ඉන්ද්‍ර කුමාර් ගුජ්රාල් මහතා වරක් අපූරු ප්‍රකාශයක් ජාත්‍යන්තර ප්‍රජාව වෙත මුදා හළේය. ඔහුගේ ප්‍රකාශයෙහි හරයාත්මක අර්ථය වූයේ ආසියාවේ පාර්ලිමේන්තු ක්‍රමය හා ප්...ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට ඇති බලතල ගැන හුඟ දෙනකු දන්නේ නැත. සමහරු එහෙන් - මෙහෙන් අහුලාගත් වගන්තිවලින් තර්ක කරති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ විශාරදයෝ පවා අග - මුල පාගාගෙන කතා කරති. ඔවුන් දේශපාලන...තෙල් ගහන්නට පිරවුම්හල වෙත යන රියැදුරා මීටරය දෙස බලන්නේ නැත. මීටරය දෙස බැලුවහොත් ඔහුට තරු පෙනෙයි. රියැදුරන්ගේ ඔළුව හොඳට ම කොළොප්පම් වන්නේ දහවනදාට ය. එදාට රියැදුරන් සිටිනුයේ රතු කට්ට පැනලා ය. එදාට මිල...මෙයට සතියකට පෙර ශ්‍රී ලංකා දේශපාලනයේ අතිශය වැදගත් වූ ද එතරම් ම තීරණාත්මක වූ ද තීරණයක් ගනු ලැබුණි. එම තීරණය අන් කිසිවක් නොව මෙරට අග්‍රාමාත්‍ය ධුරයට මහින්ද රාජපක්ෂ මහතා පත්කරන්නට ජනාධිපති මෛත්‍රීපාල...වික්‍රමසිංහ මහතාගේ අසාර්ථකභාවයත්, එක්සත් ජාතික පක්ෂයේ දිළිඳුකමත් රටට ප්‍රදර්ශනය කරමින් කොල්ලුපිටියේ විරෝධතාව නිමාවට පත්විය. මීට පෙර ඒකාබද්ධය කොළඹට රැගෙන ආ ජනගංගාව දෙස බලන විට මෙය ඉතා ඇබිත්තකි. රටේ... |
Chencan GM3560T බිග් තරම 5 අක්ෂ හැඩගැස්වීමේ සඳහා CNC Router ක්‍රියාවලිය මධ්‍යස්ථානය - චීනය චීනයේදී Chenan යන්ත්‍රෝපකරණ |
GM3560T බලවත් ඉද්ද, ලොකු කම්කරු ප්‍රමාණය, වේගයෙන් වේගය, ඉහළ නිරවද්‍යතාවයකින් හා දිගු ලිෆ්ට් කාලය සමග, Chencan ස්වයං සංවර්ධනය 5 xis යාන්ත්‍රික වේ.1. යන්ත්‍රයේ උපරිම ව්‍යුහාත්මක සැලසුම් කරා පරිගණක-මෘදුකාංග ආධාරයෙන් නිර්මාණය සම්පාදනය. චංචල ගැන්ට්‍රි සහ ස්ථාවර වගුව මාදිලිය වන විට, මුළු යන්ත්‍රය වානේ ව්‍යුහය යලි තහවුරු සමග වෑල්ඩින් ඇත. ශක්තිමත් ඉළ ඇට තුල වෑල්ඩින් ඇත. මානසික ආතතිය සහන ප්‍රතිකාර බොහෝ ක්‍රියාවලීන් විශාල මුළු යන්ත්‍රයේ පැටලෙයි වැඩි දියුණු හා ස්ථාවරත්වය, විකෘති කිරීමට පහසු නැත, විශිෂ්ට කරන බවට තහවුරු කිරීම සඳහා, ඉහළ උෂ්ණත්වය පෑස්සුම් ප්‍රතිකාර විසින් සකස්;2. Z අක්ෂය ඉහල නිරවද්‍යතාවකින් TBI ඉහල නිරවද්‍යතාවකින් පන්දුව ඉස්කුරුප්පු ඇණ සහ මුළු ඉෙසඩ් සහ ඉද්ද ප්‍රමාණය තහඩු යොදා වෙහෙස ද්‍රව්‍ය සඳහා ද ඉහළ නිරවද්‍යතාව සහ ස්ථාවරත්වය විට වැඩ ඉඩ බර නිර්මාණ භාවිතා වන3. මාර්ගෝපදේශය දුම්රිය මාර්ග සහ රාක්කය දූවිලි සාක්ෂි ඇතුළත ආවරණය කර ඇත. දූවිලි සාක්ෂි නිර්මාණය පිරිසිදු ඔවුන් තබා ඇත;4. Z අක්ෂය ඵලදායී මෝටර් ගේ පැටවීම බලය අවම කරන අතර යන්ත්‍රයේ සේවා ජීවිතය දීර්ඝ වන ද්විත්ව නයිට්රජන් ඉතිරි සිලින්ඩර නිර්මාණය, භාවිතා කරන්න. කිසිදු අවශ්‍යතාවයක් වායු පීඩනය යන්ත්‍රය භාවිතා කිරීමමෙහෙයුම වඩාත් පහසු කිරීමට USB සබඳතාවයකින් සහ ජනෙල් පාලන පද්ධතිය සහ ඇමරිකා එක්සත් ජනපදය තාප හුවමාරුව පද්ධතිය සමඟ පාලනය කැබිනට් සමග 5.Switzerland ගණන් 5 අක්ෂය පාලන පද්ධතිය,6. ටී තව්, යකඩ වැඩ මේසය ප්‍රකාශ ඉහළ පෑස්සුම් ප්‍රතිකාර විසින් ක්‍රියාවලිය විකෘති කිරීමට පහසු නැත. එක කෑල්ලක් වගුව සඳහා උපරිම දිග කන්ටේනර් ගැලපෙන්නේ කිරීම සඳහා 2m ය;7. මෙවැනි වාහන තෙල් පද්ධතිය, වාහන තෙල් මීදුම පද්ධතිය, chiller සමග මෝටර් රථ ඉද්ද සිසිල් පද්ධතිය, ජර්මනිය Igus කේබල්, ආරක්ෂක ඉදිරිපිට සහ නැවත දොර ... සියලුම නිර්මාණ හොඳම සමග මුළු යන්ත්‍රය ගැනීම සහතික කිරීමට වෙනත් නිර්මාණ අපි විශිෂ්ට වෙළෙඳ භාවිතා අමතර කොටස්, කාර්ය සාධනය;1. අච්චු කර්මාන්තය: ඇලුමිනියම්, ෆෝම්, ප්ලාස්ටික්, පීවීසී, ලී, ෆයිබර්ග්ලාස් හා අනෙකුත් මෘදු-ෙලෝහමය දව ඕනෑම මූර්ති,2. තෙරපුම් අච්චු කර්මාන්තය: ඕනෑම වර්ගය කාර් පුස්, බෝට්ටු පුස්, වාත්තු පුස්, ගුවන් පුස්, Dia පුස්, ආදිය;3. පළඟ සැකසුම් කර්මාන්තය: පරිවාරක, ඇලුමිනියම්, ප්ලාස්ටික් හා රසායනික, එම PCB, කාර් ශරීරය චලනය, හිස නමාගෙන, ජවන, විශේෂ විරෝධී මණ්ඩලයක්, ඉෙපොක්සි, දුම්මල, ABS, පීපී, PE, සහ වෙනත් කාබන් මිශ්‍රණයක් තරු;Chencan සමාගම චීනයේදී පළාත් Qihe ආර්ථික සංවර්ධන කලාපය, කම්කරුවන් 200 කට වඩා වැඩි සහ 60 වෘත්තීය තාක්ෂණ ශිල්පී ඇති 13,000 ㎡ නවීන බලාගාරය සමග වන පිහිටා ඇත. |
එම පුවත වාර්තා වන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාව තුල ඉහළින් පවත්වන විවාහ උත්සව සදහා මෙම බදු මුදල ලබා ගැනීමට සුදානම් වන බවයි වාර්තා වන්නේ.මෙවැනි පනතක් හඳුන්වාදීමට තීරණය කර ඇත්තේ ඉන්දියාව තුළ මුදල් වැඩි වශයෙන් වැය කරමින් සිදුකරන දැවැන්ත විවාහ මංගල උත්සව හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වල දැක්වෙන්නේ. |
News Latest මහනුවර ජාතිවාදී ගැටුමට මුල්වූ ප්‍රධාන සැකකරු අමිත් ජීවන් දෙවැනියා සුරේද ඇතුළු 10 ක් අත්අඩංගුවට |
මහනුවර අන්තරායකාරී පරිසරයක් නිර්මාණය කරන්නට ජාතික අසමගිය ඇති වන ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරමින් සිටි පුද්ගයින් 10 දෙනෙකු ත්‍රස්ත විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද සවස දැනුම් දුන්නේය.එහි ප්‍රධාන සැකකරු විදානපතිරණගේ අමිත් ජීවන් වීරසිංහ සහ දෙවැනියා ලෙස හදුනාගත් නස්නාරං පට්ටියගේ සුරේද සුරවීර ද සිටින බව ඔහු සදහන් කළේය.අමිත් ජීවන් වීරසිංහ යනු මින් ඉහත 2017 දෙසැම්බර් ගිංතොට මුස්ලිම් විරෝධි කලබලයක් ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කරමින් නිර්මාණය කරන්නට උත්සුකවීම නිසා‘මහසෝන් බලකාය‘ නමැති කල්ලියක් ඔහු නිර්මාණය කර තිබුණ බවද පැවසුණ අතර නිරන්තරයෙන්ම සිය මුහුණින්ම ෆේස් බුක් වෙත සජීවීව එමින් අන්‍ය ජාතීන් හෙළා දකින අදහස් පැතිරීමට කතා පැවැත්වූ අයෙකි.අමිත් ජීවන්ගේ සහායක ලෙස කටයුතු කරන නස්නාරං පට්ටියගේ සුරේද සුරවීර ‘සිංහලේ සුරේද‘ යන නමින් හදුන්වනු ලබන්නෙකු වන අතර ඔහුද ‘මහසෝන් බලකාය‘ ආරම්භක සාමාජිකයෙකු බවත් ඔහු විසින්ම තබන ලද සටහන් වලින් අනාවරණය වී තිබේ.මේ දක්වා දිගන පූජාපිටිය ආශ්‍රිතව සිද්ධිවලට සම්බන්ධ සැකකරුවන් 81 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය සදහන් කරන ලදි.මේ දක්වා මහනුවර සිදුවීම් 45 ක් වාර්තාවී තිබෙන බව දැන්වූ මාධ්‍ය ප්‍රකාශක සිදුවීම් වලින් දෙදෙනෙකු මියගොස් ඇති බවත් මුස්ලිම් කඩ සාප්පු 200 කට වැඩි ගණනක් විනාශ වී ඇති බවත් දන්වා සිටියේය.මෙවැනි වැරදි සඳහා අත්අඩංගුවට පත් වූ පුද්ගලයින්ට ඇප ලබාගැනීමට වුවද ඉතා සුවිශේෂී වූ කරුණු ඉදිරිපත් කළ යුතු බවත් 2018 අංක 01 දරණ හදිසි අවස්ථා (විවිධ විධිවිධාන සහ බලතල) රෙගුලාසි යටතේ කටයුතු සිදු කරමින් පවතින බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. |
දවස් 2න් පැය කීපෙන් වර්ජන නවත්වන රටක 4000කට අඩු පිරිසක් 2/3 ක බලයක් තියෙන ආණ්ඩුවකට විරුද්දව මාස තුනක පඩිත් නැතුව වෙනත් කිසිම පොදු පිරිසකගේ ආධාරයකුත් නැතුව දවස් 100ක් සටනක් ගෙන ගිය.මහලොකු විප්ලව නවකතා කියෝලා මකරු මරන්න පිට දෙසවලින් වීරයෝ එනකන් හීන බලන ලංකාවේ කොන්දක් නැති සෙවල මිනිස්සු මේකේ ඇද කුද අඩු පාඩු හොයල තවත් ටිකක් ආතල් ගනීවි.යම් කිසි දවසක අපේ දරුවන්ට හරි නිදහසේ හිතන්න පුළුවන් කමක් ලැබුනොත්, රටක අනාගතය වෙනුවෙන් ඒ කැපකිරීම කරපු මිනිස්සුන්ව ලජ්ජා නැතිව තනිකරලා දාල ගෙවල් වලට වෙලා නිවුස් වලින් විප්ලව කරපු අපි ගෙන ප්‍රශ්න කරනකොට, හදවතට එකඟව දෙන්න උත්තරයක් තියෙනවද කියල දැන්මම කල්පනා කලොත් හොඳයි.එබැවින් අපි නිහඬව සියල්ල රස වින්දෙමු. ඔවුන් අප සොයා එන බවද අපි දන්නෙමු. එත් ඒ අන්තිමටම බැවින් අපිට සතුටුය. අපිව අන්තිමට තේරීම ගැන අපි ඔවුන්ට පින් දෙන්නෙමු. මලත් අනුන් කන ගේමවල් රසවිඳ මියයාම අපිටනම් පිනකි.ඔයි හැම එකාම ගියේ උන්ගේ ගොඩ වැඩි කරගන්න තනියෙන් ආත්මාර්ථකාමි ගමනක්. ඇයි බැරි කස්ටියටම එකතුවෙලා යන්න. එහෙම යන්නේ නෑ. හැම එකාටම ඕන පොර වෙන්න. එහෙම උනාම ඕන එකෙක්ගේ කර අඹන්න දක්ෂ එකා ජයග්‍රහණය කරනවා. ඊසී ගේමක් එයාට තියෙන්නේ. අන්තීමෙදි නැට්ට පුකේ ගහගෙන. දෙන කුණු ගොඩක් කාලා. එකතැන 3 න් පාරක් කැරකිලා. වකුටුවෙලා නිදා ගන්නවා.තමන්ගේ අර්ත්මර්තකමි ඉල්ලීම් ටිකකට පමණක් කේවල් කර පොදු අරමුණු බැසිල් ඉදිරියේ වශ්පකරහැරි FUTA වේ සටන උඩදාන්න යන මහතුනේ ඔයගොල්ලෝ නටනකොට මොනර නටනකොට වගේ බිජ්ජ පේනවා කියල තමයි කියන්න තියන්නේ.ඔයගොල්ලෝ ඔය කියන 4000 වර්ජනේ කරනකොට එස් බි නම් කියුවේ "විනාඩි 10 යෙන් වැඩේ ක්‍රෂ් කරනව කියල. ඒකාලේ ඔහෙලව ආණ්ඩුව පඩේකටවත් ගණන් ගත්තේනැ. අඩුමගානේ බැසිල් සිරිමතා සකච්චවක්වත් ලබාදුන්නේ නැ. ඔයාල ගමක බලයක් වුනේ සමාජයේ අනෙකුත් ස්ථර සටනට දායක වූ නිසා. පවත්වපු එකම රැළියකටවත් පාගමනකටකත් ඔය 4000 න් 1000 වත් සහබාගි උනාද කියල හොදට හොයල බලන්න. එහෙම වුනාට මේ රටේ සාමාන්‍ය නිමිස්සු ෆුට එක වටේ එක්රොක් උනේ 6% ඉල්ලීම නිසා, එහෙම නැත්තම් ආණ්ඩුව තමන්ගේ දරුවාගේ අද්යපනෙට කෙලවනවා කියල කලින් දැනන් හිටපු නිසා, එක හරිගස්සන්න ඕනේ නිසා. මකරු මරන්න යමු කියුවේ ඔයාලා! රටේ පොඩි මිනිහ එහෙම කරන්න බැ නේද මහත්තයෝ කිවුවහම ඔයගොල්ලෝ තමයි කියුවේ අපි කියවපු පොත් වල වීරයා මකර මැරුවා අපිත් එක්ක යමු කියල. මකර මරන්න ගිය ඔහෙලා කඩුව පුකේ ගහගෙන එලියට අවහම අපිට අයිතියක් නැද්ද ඔහෙලගෙන් අහන්න මකර මැරුවද මකර ඇරියද කියල අහන්න. අපිට කියන්න තියෙන්නෙත් කොලේ මොකද්ද කියල හදවතට හදවතට එකඟව දෙන්න උත්තරයක් තියෙනවද කියල දැන්මම කල්පනා කලොත් හොඳයි, කියන එක තමයිඅපි මාද්‍යවේදීන් කරා ගියෙමු - අපි මාද්‍යවේදීන් නොවුමුත්උන් අපට සහය විය, උන් රවටන එක අපට සුළු වැඩක් වියඅපි පවුද්ගලික අංශයේ සේවකයන් කරා ගියෙමු - අපි පවුද්ගලික අංශයේ සේවකයන් නොවුමුත්උන් අපට සහය විය, දැන් උන්ට උන්ගේ වැඩක් බලාසිටිය හැකඅපි ශිෂ්‍යන් සොයාගියෙමු - අපි ශිෂ්‍යයෝද නොවුමුත් උන් අපට සහය විය, උන්ව හැම දාම මෙන් මෙවරද කඩේ දක්කුවෙමුඅපි ආචාර්යවරුන් සොයාගියෙමු - අපි අචාරයවරුන්ද රැවටුයෙමු, ප්‍රදාන පෙලේ සමිති දෙකක පොරවල් උගුර කඩාගෙන බෙරිහඳුන් අතර අපි පුකෙනුත් සිනා සුනෙමු.ඇයි යකෝ දැනටම සාමාන්‍ය රජයේ සේවකයෙක්ට වඩා හය හත් ගුණයක් පඩි ගන්න එවුන්ට මාස තුනක් වර්ජනය කරන්න බැරිකමක් තියෙනවද? සාමාන්‍ය රජයේ සේවකයෙක් වගේ පස් ගුණයක් ගන්නවනම් අඩුම ගාණෙ සාමාන්‍ය මිනිස්සු විදියට ඉහ ගහල ජීවත් වෙන්න පුඵවන්නම් මාස හතරක් පඩි නැතුව වර්ජනේ කරන්න බැරිය.කොමන්ට් එක දාපු එකා හරකෙක්. අනෙක වරප්රසාදලාභී බලවත් උදවිය නිසා උන් දන්නව උන්ට කදුඵ ගෑස් ගහන්නෙ, පොලීසිය දාල පහර දෙන්නෙ, රස්සාවෙන් දොට්ට දාන්නෙ නෑ කියල. ඒ වගේම වෙන වර්ජකයයන්ට වගේ නෙවෙයි වැඩ වර්ජනය කරපු කාලෙට ගෙඩි පිටින් පඩි හබ්බවෙනව කියලත් දන්නව. ඉතින් බොලේ ණයක් වෙලා හරි අවුරුද්දක් හරි ඇදගෙන යන්න පුඵවන්නෙ.ඇත්තටම කොන්දක් තිබුණනම් මේක ඉවරයක් වෙන්නම ඇදගෙන යන්න තිබුණ. නැත්තේ වුවමනාවකුයි. හේතුව මේක රට ගැන හිතල කරපු දෙයක් නෙවෙයි ආත්මාර්ථකාමීව තවත් වැඩි පඩි ඉල්ලන්න කරපු දෙයක් නිසයි. ඒ වැඩි පඩි හබ්බවෙන්නෙත් ජනතාව මිරිකල ගන්න සල්ලි වලින් කියන එකත් මුන් නොදන්නව නෙවෙයි. මුන්ට කොහොමත් හදවතක් නෑ.අනෙක මහින්දව බලයට ගේන්න හෙණ අමාරුවක් තිබ්බෙ මුන්ට ඒ කාලෙ. ඉතින් ලැජ්ජාවකුත් ඇති රෙදි ඇඳන් මහින්දට විරුද්ධව දිගින් දිගටම යන්න. මොකද බුද්ධිමත්තුනම් දේශපාලකයන්ට කඩේ යන්නෙ නෑනෙ. විශේෂයෙන්ම අලුගෝසු දේශපාලකයන්ට. එහෙම වෙන්න හදවතක් නැති වෙන්නම ඕනි. හෘද සාක්ෂියක් නැති වෙන්නම ඕනි. |
ලොව දිනන දරුවෝ දැනුවත් කිරීමේ වැඩසටහනෙහි පළමු පියවර වශයෙන් 2018/10/22 දින මහරගම තරුණ සේවා සභාවේදී පෙ.ව.9.00 සිට මධ්‍යහන 12.00 දක්වා |
ශ්රීීි ලාංකීය දරුවන්ගේ අයිතිවාසිකම්, සුභසාධනය හා ඔවුන්ගේ පුර්ණ සංවර්ධනය උදෙසා ක්‍රියාත්මක වන රාජ්යෙ යාන්ත්‍රණයේ ප්‍රධාන පාර්ශවකරුවන් වන්නේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයයි. මුල් ළමාවියේ දරුවන් උදෙසා ශාරීරික, මනෝසමාජීය සහ ප්‍රජනන සංවර්ධනයෙන් යුතු ශ්‍රී ලාංකීය මුල් ළමාවිය දරු පරපුරක් බිහි කිරීම දැක්ම කොට ගත් ළමා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකාව තුළ මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන සුවිශේෂි වැඩසටහන් ඒකරාශි කර ගනිමින් 2018 වසරේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාව 2018.10.18 වන දින පෙ.ව 10.00ට අමාත්‍යාංශ ශ්‍රවණාගාර පරිශමානසික සෞඛ්‍ය දිනයට සමගාමිව ක්‍රියාත්මක වන උපදේශන වැඩසටහන 2018/10/25 දින බත්තරමුල්ල, සුහුරුපාය, 19 වන මහලේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.මෙම වැඩසටහනට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ගරු අමාත්‍යය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමියගේ ප්‍රධානත්වයෙන් හා අමාත්‍යංශ ලේකම් අශෝක අලවත්ත මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. |
මුදල් නෝට්ටු වලින් සිංහ දිය සලකුණ ඉවත් කිරීම පසුපස ඇති කුමන්ත්‍රණය අලුතෙන් නිකුත් කරන ලද මුදල් නෝට්ටු වල සිංහ දිය සලකුණ ඉවත් කර ඒ වෙනුවට... |
රැප් ගායක ෆිල්ටිගේ නවතම ගීතය වන මල්ලී සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි හරහා බොහෝ ලෙස කතාබහකට ලක් වුණා.කෙසේ වෙතත් එම ගීතය කෙටි කාලයක් තුළ මිලියනයක පිරිසක් නරඹා තිබෙන අතර ෆිල්ටි එම හේතුවෙන් අප අතරින් වෙන් වූ කලාකරුවන්ට ගෞරවය පුද කිරීම සඳහා ගොස් තිබුණා. |
කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රතිඵල දෙස බැලූ විට පෙනී යන්නේ මහින්ද රාජපක්ෂ විසින් පසුගිය ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රමාණයෙන් විශාල කොටසක් මෙවර පොදුජන පෙරමුණ විසින් ලබාගෙන ඇති බවයි. මේ ප්‍රමාණය එජනිසය විසින් මහමැතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රමාණයටද වඩා වැඩිය. ඒ අතර එජාපය විසින් පසුගිය මහමැතිවරණයේදී ලබාගත් නාගරික හා අර්ධ නාගරික ඡන්ද විශාල හෝදාපාළුවකට ලක්වී ඇති අතර එම ඡන්ද වලින් කොටසක් එජනිසය වෙතත්, තවත් කොටසක් ජවිපෙ හා වෙනත් පක්ෂ වෙතත් කාන්දු වී තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රතිඵලය ඉහත කරුණු තවදුරටත් සනාථ කරයි.පොදුජන පෙරමුණ විසින් මෙවර ගම්පහෙන් ලබා ඇති ඡන්ද ප්‍රමාණය 655,554 ක් වන අතර මේ ප්‍රමාණය මහමැතිවරණයේදී එජනිසය විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා 105,596කින් වැඩිය. මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ භාවිතා වූ ඡන්ද ප්‍රමාණයද පසුගිය මහමැතිවරණයේදී සිට වැඩි වී ඇත්තේ 108,400 කිනි. මේ අනුව, ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ විසින් ලැබූ ඡන්ද 664,347 අතරෙන් මහමැතිවරණයේදී එජනිසයට නොලැබුණු කොටසෙන් විශාල ප්‍රමාණයක් නැවත ආපසු ලබාගන්නට පොදුජන පෙරමුණ සමත් වී තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩි වූ ඡන්ද වලින් 3,196ක් හැර ඉතිරිය මෙසේ පොදුජන පෙරමුණ විසින් නැවත ලබාගත් ඡන්දයි.මේ අයුරින් පොදුජන පෙරමුණ මහින්දගේ ඡන්ද නැවත එකතු කර ගනිද්දී එජාපයේ ඡන්ද ප්‍රමාණය 181,644 කින් අඩු වී තිබේ. ගම්පහෙන් ශ්රීලනිපය විසින් ලබාගත් ඡන්ද 136,298හිත්, ජවිපෙ වැඩිපුර ලබාගත් ඡන්ද 14,297හිත්, වෙනත් පක්ෂ විසින් වැඩිපුර ලබාගත් ඡන්ද 33,853හිත් එකතුව ඡන්ද 184,448 කි. මේ අනුව, අලුත් ඡන්ද තුන්දහසක් පමණ හැරුණු විට මෙසේ බෙදී ගොස් ඇති ඉතිරිය එජාපයෙන් අඩුවූ ඡන්ද ප්‍රමාණයට සමානය. මෙසේ එජාපය විසින් අහිමි කරගෙන ඇත්තේ, වැඩි වශයෙන්ම, තෙවසරකට පෙර ආකර්ශනය කරගත් පාවෙන ඡන්දයි. කොළඹින් හා ගම්පහෙන් පමණක් එජාපය විසින් අහිමි කරගෙන ඇති ඡන්ද ප්‍රමාණය 411,865 කි.ගම්පහ දිස්ත්‍රික්කය ලංකාවේ වැඩිම ඡන්දදායකයින් පිරිසක් සිටින දිස්ත්‍රික්කයයි. එමෙන්ම, ශ්‍රීලනිපයේ නිර්මාතෘන් වන බණ්ඩාරනායකලාගේ බලකොටුවයි. එම දිස්ත්‍රික්කය තුළ පොදුජන පෙරමුණ හමුවේ ශ්‍රීලනිපයේ පසුබෑමෙන් පිළිබිඹු කරන්නේ ශ්‍රීලනිපයේ මළගමයි. මින් ඉදිරියට බණ්ඩාරනායක පවුලේ ජීවත්වන සාමාජිකයින්ට හෝ පක්ෂයක් ලෙස ශ්‍රීලනිපයට ලංකාවේ දේශපාලනය කෙරෙහි මෙතෙක් කළ බලපෑම කළ හැකියැයි නොපෙනේ.ලංකාවේ දේශපාලනය තුළ ප්‍රධාන පක්ෂ දෙකකට මිස තෙවන පක්ෂයකට පාලන බලය ලබාගත හැකි බලවේගයක් ලෙස පැවතිය හැකි රික්තකයක් නොමැත. එසේ තෙවන පක්ෂයක් ලෙස මතු වූ පක්ෂ කිසිවකට වැඩි ආයු කාලයක් තිබී නැත. එහෙත්, පොදුජන පෙරමුණ විසින් මේ වන විට ශ්රීලනිපය විස්ථාපනය කරමින් මේ අභියෝගය ජයගෙන ඇති අතර ඒ හේතුවෙන් ඉදිරියේදී ශ්‍රීලනිපයට අත්වනු ඇත්තේ පැරණි වාමාංශික පක්ෂ වලට අත් වූ ඉරණමයි.ගම්පහ දිස්ත්‍රික්කයේ කොට්ඨාශ 416කින් ශ්රීලනිපය මුල් තැනට පැමිණ ඇත්තේ කොට්ඨාශ 6 කදී පමණි. කොට්ඨාශ 67ක් එජාපය විසින් ජයගෙන ඇති අතර ඉතිරි කොට්ඨාශ 343ම ජයගෙන ඇත්තේ පොදුජන පක්ෂයයි. කෙසේවුවත්, ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19ක් අතරින් පොදුජන පෙරමුණට බහුතර බලය ඇත්තේ ආයතන 10ක පමණි. එක් ආයතනයක බලය එජාපයට ලැබී ඇති අතර ඉතිරි ආයතන අටක බලය පිහිටුවිය හැක්කේ පක්ෂ දෙකක හෝ කිහිපයක සන්ධානයකට පමණි. ඒ නිසා, ගම්පහ දිස්ත්‍රික්කය තුළදීද මේ වෙලාවේ කොළඹදී මෙන් ශ්රීලනිපය සතුව සැලකිය යුතු තීරක බලයක් තිබේ.පස්වන වසරේ ඉගෙනුම ලබන තම පුත්‍රයා මධ්‍ය වාර්ෂික පරීක්ෂණයෙන් ගණිතය විෂය සඳහා අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා ඇතිබව දැකීමෙන් වික්‍රමසූරිය මහතා අතිශයින් කෝපයට පත්විය. වහා තම පුතා කැඳවූ...උඹට කිව්ව් නේද අර සිරිවර්ධනලගේ කොලුව එක්ක දඟල දඟල ඉන්නකොට ඔය ටික වෙයි කියල. බලපන් අර රාජසූරියගේ පුතා ගණන් වලට 100 න් 80 ක් අරන්ලු. බලපන් උඹට කීයද ?මීළඟ ඔලිම්පික් උළෙලේ මීටර් 100 දිවීමේ ප්‍රථම ස්ථානය ලබන රුසියාව රන් පදක්කම හිමිකර ගන්නා අතර දෙවන ස්ථානය ලබන ඇමෙරිකාව රිදී පදක්කමද තුන්වන ස්ථානය ලබන එංගලන්තය ලෝකඩ පදක්කමද හිමිකරගන්නේ යයි අපි උපකල්පනය කරමු.01.ඇමෙරිකාව සහ එංගලන්තය යන රටවල් දෙකම නේටෝ සංවිධානයට අයත් රටවල්ය. එනිසා රුසියාව එක පදක්කමක් ලබද්දී නේටෝ සංවිධානය පදක්කම් දෙකක් ලබයි. එකට වඩා දෙක යනු විශාල සංඛ්‍යාවකි.06.රුසියාව ලද පදක්කමේ ඝනකමට වඩා ඇමෙරිකාව සහ එංගලන්තය ලද පදක්කම් එකමත එක තැබූ විට ලැබෙන්නේ වැඩි ඝනකමකි.කොහේවත්ම නැහැ. කියල වැඩක් නැහැ. ඡන්දය තිබුණේම ගමට මන්ත්‍රී කෙනෙක් පත් කරගන්න මිසක් ආණ්ඩු මාරු කරන්න නෙමෙයිනේ. ඒ වුණාට අවශ්‍යම දෙය නැහැ.නිල වශයෙන් බලාගත හැකි තැනක් තවමත් නැහැ. ගැසට් කරන කල්ම ඉන්න වෙයි වගේ, ඊට පෙර ඡන්ද ප්‍රතිඵල ලේඛණ වල තියෙන වැරදි හදන්න වෙනවා. ජාතික දේශපාලනයට තිබෙන බලපෑම වෙනස් වෙන්නේ නැතත් මන්ත්‍රීවරුන් සංඛ්‍යා ගණනය කිරීමේ වැරදි තවමත් තිබෙනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන ඔබ කියන අනාවැකිය නිවැරදි නැත. මෙතන පොදුජන පෙරමුණ කියන බැසිල් සහ ජී.එල්. ගේ පක්ෂයට මිනිස්සු ජන්දය දුන්නේ නෑ. ඔවුන් ජන්දය පාවිචිචි කලේ මහින්ද රාජපක්ෂවෙනුවෙන් සහ යම් සුළු පිරිසක් ආන්ඩු විරෝධය වෙනුවෙන්. අනෙක ශ්‍රීලංකා නිදහස් පක්ෂයට ජනාධිපතිචරණයේ දී ජන්දය දුන්න අය පාක්ෂිකයන්ට පෙන්නන්න ඕන කමක් තියෙන්න ඇති තම නායකායා විදියට මෛත්‍රීපාල සිරිසේන තබා ගැනීමට තමන් අකමැතිබව. ශී‍්‍රලනිපයට පැවැත්මක් තියෙනවා . හැබැයි මෛත්‍රීපාල මහත්තයා නායකත්වය වෙනකෙනෙකුට බාරදුන්නනොත්. ඔය කියන පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ එක ආසනයක්වත් නෑ. ඇත්ත වශයෙන්ම ඔය පක්ෂයට සහයෝගය දක්වපු ශී‍්‍රලනිප මංත්‍රීවරු කරේ නීති විරෝධී වැඩක් නමුත් මෛත්‍රීට ඒකට විනය පරීක්ෂණ තියනවා කියල බොරු වහසිබස් දෙඩුවට එහෙම කරන්න පක්ෂයේ සුබෑ බලයක් ඔහුට නෑ. ඒක නිසා දැන් මෛත්‍රීට කරන්න තියෙන්නේ පක්ෂ නායක කමින් අස්වෙන්න. එයා නමුත් කරන්න යන්නනේ එජාප නායකයා වෙනස් කරන හදන එක !මේ අදහසට එකඟයි. උදාහරණයක් ලෙස කවදා හෝ විමුක්ති වැනි නැවුම් චරිතයක් දේශපාලනයට පැමිණියොත් (94 චන්ද්‍රිකා ආවා වාගෙ) නැවත අත්තනගල්ල ඇතුළු බණ්ඩාරනායක බලකොටු දිනන එක ශ්‍රීලනිපයට එතරම් අසීරු වෙන එකක් නෑ. නමුත් මේ සඳහා නිවැරදිව මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවිය යුතුයි.කැපුවත් කොළ කැපුවත් නිල් මානසිකත්වය වර්තමානයේ අභාවයට යන බව නම් පැහැදිලියි. මම නම් එය දකින්නේ සාධනීය ලක්ෂණයක් ලෙස.//විමුක්ති වැනි නැවුම් චරිතයක් දේශපාලනයට පැමිණියොත් (94 චන්ද්‍රිකා ආවා වාගෙ) නැවත අත්තනගල්ල ඇතුළු බණ්ඩාරනායක බලකොටු දිනන එක ශ්‍රීලනිපයට එතරම් අසීරු වෙන එකක් නෑ.// විමුක්ති කර ඇති ප්‍රකාශ පිළිබඳ ප්‍රචාරයන් සලකා බැලීමේදී මහින්දට ආකර්ෂණය වන සිංහල බෞද්ධ ඡන්ද කිසිවක් ඔහුට නොලැබෙනු ඇති.//ලංකාවේ දේශපාලනය තුළ ප්‍රධාන පක්ෂ දෙකකට මිස තෙවන පක්ෂයකට පාලන බලය ලබාගත හැකි බලවේගයක් ලෙස පැවතිය හැකි රික්තකයක් නොමැත. එසේ තෙවන පක්ෂයක් ලෙස මතු වූ පක්ෂ කිසිවකට වැඩි ආයු කාලයක් තිබී නැත. //මගේ අදහස නම්, මැතිවරණය කුමක් වුවත්, ලංකාවේ බහුතරය තමන්ගේ ඡන්දේ දෙන්නේ තනි පුද්ගලයින්ට මිසක් දේශපාලන පක්ෂ වලට නෙවෙයි. ඩී.එස් ගේ ඉඳන් 2018 පුංචි ඡන්දේ මහින්දගේ ජයග්‍රහණය දක්වාම ඒක එහෙමයි. දේශපාලන පක්ෂය ගැන සලකා ඡන්දේ දුන්නානම් අද රටේ තියෙන්නේ ජවිපෙ ආණ්ඩුවක්.මගේ අදහස තනිකරම මෙහි අනිත් පැත්ත. මම හිතන හැටියට ජවිපෙට ඡන්දේ නොලැබෙන්නේම ඔවුන් ජවිපෙ නිසා. එජනිස ලැයිස්තුවෙන් ඉල්ලූ විට සෑම දිස්ත්‍රික්කයකම වගේ මුල් තැන් වලට පැමිණ මන්ත්‍රීවරුන් 40ක් පමණ පත් කරගන්න හැකි වුණේ ඒ නිසා.//මගේ අදහස තනිකරම මෙහි අනිත් පැත්ත. මම හිතන හැටියට ජවිපෙට ඡන්දේ නොලැබෙන්නේම ඔවුන් ජවිපෙ නිසා. එජනිස ලැයිස්තුවෙන් ඉල්ලූ විට සෑම දිස්ත්‍රික්කයකම වගේ මුල් තැන් වලට පැමිණ මන්ත්‍රීවරුන් 40ක් පමණ පත් කරගන්න හැකි වුණේ ඒ නිසා.//යූඇන් පියට මේ මොහොතේ රනිල් හැර වෙන විකල්පයක් නැත. දෙවැනි පෙළක් ජේ ආර් ගේ කාලයේ හැර අන් කවර කලක වත් තිබුනේ ද නැත .මේ මොහොතේ රනිල් වෙනුවට සිටිනා සජිත් කරූ වැනි විකල්ප වලට මහින්දට තබා නාමල්ටවත් අභියෝගයක් වන්නට නොහැකි .ඔවුන් ජය ගන්නට නම් සිරා දිනූ පොල් ලෙල්ලක් දැම්මත් දිනන ජාතියේ රැල්ලක් නිර්මාණය විය යුතුය. නමුත් දැන් රැල්ල මහින්දගේ ඉවුරට ගහන තත්වයක් තුල ඒ නම් හීනයකි.එක්කෝ යූඇන් පිය උද්දච්ච මුරණ්ඩු රනිල්ව ආම්බාම් කර ගනිමින් මහින්දට බැටන් එක නොදී සිරාව බැලන්ස් කිරීමේ ගේම ගැසිය යුතුය. නැත්නම් රනිල්ව පන්නා අලුත් තරුණ නායකයෙකු ( එවැන්නකු වේදැයි සැකයකි ) සමග ලෝන්ග් ටර්ම් ගමනකට මුල පිරිය යුතුය.රාජපක්ෂලාට බැටන් එක ගිය පසු නැවත ලබා ගැනීමට නම් කොහොමත් සෑහෙන කාලයක් බලා සිටිය යුතුය. මේ මොන නෙයියාඩ ගම උනත් ලංකාවේ ජහමනයා තේරුම් ගත යුතු එකම දේ නම් ලංකාවේ වර්තමාන දේශපාලනය යනු බලය ලබා ගැනීම සඳහා සහ එය පවත්වා ගැනීම සඳහා ඕනෑම දහජුරාවක් කරන අසික්කිත ගේම් එකක් පමණක් බවයි. මේ එකෙකුටවත් රට ගැන ජනතාව ගැන ඇල් පෙනෙත්තක කැක්කුමක් නැති බව තේරුම් ගැනීමට චන්දයෙන් පසු ගතවූ පසුගිය සතිය හොඳටෝම ඇතිය.රාජපක්ෂට ජනතාව ගැන කැක්කුම නම් අගමැති කම ගෙන ආණ්ඩුවක් පිහිටුවා රට ස්ථාවර කරන්න පුළුවනි නොවේදැයි අසන්නට පොහොට්ටුවට චන්දය දුන් ජහමනයා කල්පනා කල යුතුය. |
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2. |
රෝහින්ග්‍යා ප්‍රජාව වෙනුවෙන් අපරාධ අධිකරණයෙන් මූලික විමර්ශනයක් - News i - Your Fastest News Provider Sri Lankaමියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට එරෙහිව කරන ලද බව පැවසෙන අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් මූලික විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.දහස් ගණන් රෝගින්ග්‍යා ජනතාව ඝාතනයට ලක්වෙමින් උන් හිටි තැන් අහිමි කරමින් දියත් කෙරුණු මියන්මාර හමුදා මෙහෙයුම ගැන පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමටද එමගින් අවස්ථාව උදාවීමට ඉඩ ඇත.මියන්මාර ආරක්ෂක හමුදාව රෝහින්ග්‍යා ජනතාව ඝාතනය කළ බවට සහ වධ බන්ධන පැනවූ බවට එල්ල වූ චෝදනා පදනම් විරහිත බව මීට ඉහතදී හමුදා පරීක්ෂණයක නිගමනය වූ නමුත් මානව හිමිකම් සංවිධාන එම පරීක්ෂණ වාර්තාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.මියන්මාරය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අත්සන් තබා නැතත්, බංග්ලාදේශය එහි සාමාජිකයෙකු බැවින් රෝහින්ග්‍යා ජනතාවට එරෙහි අපරාධ ගැන පරීක්ෂා කිරීමට තමන්ට අධිකරණ බලයක් තිබෙන බව විනිසකරුවෝ සදහන් කළා.පසුගිය අගහාරුවාදා දින මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළ එක්සත් ජාතීන්ගේ විමර්ශකයෝ, රෝහින්ග්‍යා ජනතාවට එරෙහිව මියන්මාර හමුදාව විසින් කරන ලද බවට චෝදනා කෙරෙන බරපතල මානව හිමිකම් උල්ලංඝන ඇතුළත් පිටු 444 ක වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.නමුත් මර්සුකි දරුස්මාන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමේ වාර්තාව ඒකපාර්ශ්වික බව පවසමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මියන්මාර තානාපති Kyaw Moe Tun එය දැඩි විවේචනයට ලක් කර තිබෙනවා.රෝහින්ග්‍යා සරනාගතයින් රටේ ආරක්ෂාවට සහ බෞද්ධ අනන්‍යතාවට තර්ජනයක් බව මියන්මාර බලධාරීන්ගේ තර්කය වී තිබෙන නමුත් රෝහින්ග්‍යා ප්‍රජාව පවසන්නේ පරම්පරා ගණනාවක සිට තමන් මියන්මාරයේ වෙසෙන බවයි.2016 වසරේ හට ගත් ප්රචණ්ඩ ක්‍රියා හමුවේ ද ආණ්ඩුවේ හමුදා විසින් ස්ත්‍රී දූෂණ, ඝාතන, ගම්මාන ගිනි තැබීම සහ වධහිංසා පමුණුවන ලද බවට රෝහින්ග්‍යා වැසියෝ චෝදනා කළා.PreviousPrevious post:ඌව පළාතේ රෝහල් වල ජල භීතිකා එන්නත නෑNextNext post:ඉදිරියේදී වල් ඌරු මස් වෙළදපලට |
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කුමන්ත්රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව දූෂණ විරෝධී බළකාය චෝදනා කළේය.දූෂණ විරෝධී බළකායේ අධ්යක්ෂ නාමල් කුමාර මහතා ඊයේ (12දා) මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම චෝදනාව කළේය. මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමටද පැමිණිලි කළ බව කී ඒ මහතා, ඉක්මන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවද කියා සිටියේය.“ශ්‍රී ලංකා පොලීසියේ ත්‍රස්ත විමර්ශන අංශයේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා කියන්නේ පෞද්ගලික අභිමතාර්ථවලට වැඩ කරන චරිතයක්.පොලීසියේ 95%ක් විතර පහළ නිලධාරීන් ඉන්නවා එම පුද්ගලයාගේ තාඩන පීඩනවලට ලක්වෙලා. පොලීසියේ බොහෝදෙනා කැමතියි මේ පුද්ගලයා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා නම්. මගේ ජීවිතයට අවදානමක් තියාගෙන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ගැන මම හෙළිදරව් කරන්නේ රට වෙනුවෙන් හිතලයි.මම මේ පුද්ගලයා ගැන පොලිස්පතිතුමාට පැමිණිලි කරන්න ගියේ නැහැ. මොකද නාලක ද සිල්වා මහත්තයා හොඳ කෙනෙක් කියලා මට හඳුන්වලා දෙන්නේ පූජිත ජයසුන්දර මහත්තයා. ඒ නිසා නාලක සිල්වා මෙහෙම වරදක් කළා කියලා පොලිස්පතිට කියනවාද, නැද්ද කියලා මම දෙපාරක් හිතුවා. ඒ නිසයි මම මෙය රටට හෙළි කළේ. යැයි පැවසීය.මෙහිදී ජාතික බුද්ධි සේවාවේ අධ්යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, නි.පොලිස්පති නන්දන මුණසිංහ යන මහත්වරුන්ට විරුද්ධව අසත්‍ය ප්‍රචාර කර ඔවුන්ගේ සේවය හෑල්ලුවට ලක් කරන ලෙස නි.පො. නාලක ද සිල්වා මහතා තමන්ට පැවසූ බවත්, නාමල් කුමාර මහතා මෙහිදී වැඩිදුරටත් හෙළි කළේය.මේ කතාව හරිම අස්වාභාවිකයි. දූෂණ විරෝධී ව්‍යාපාරයේ මෙහෙයුම් අධ්යක්ෂකලු. පොලිස් ලොක්කෝ ගැන අසත්‍ය ප්‍රචාර කරන්න සහ මෙයා එහෙම කියන එව්වා පිළිගන්න අර පොලිස් ලොක්ක මේවගේ රහස්‍ය වැඩක් බාර දෙන්න තරම් මේ පුද්ගලයා කවුද? මෙතැන වෙන දෙයක් සිද්ධ වෙලා තියෙන්නේ කියලා මට හිතෙනවා. එක්කෝ අර පොලිස් ලොක්කව frame කරන්න කවුරු හරි මේ මිනිහව් දාල තියෙනවා. එහෙම නැත්නම් අර DIG සෙට් එකක් උඩහමුල්ලේ ගෙදරක ඉඳන් මැතිඇමති විපක්ෂ මන්ත්‍රීවරු පත්තරකාරයෝ හැමෝගෙම දුරකථන වලට සවන් දෙනවා කියලා කතාවක් ගියේ. එතනට මේ conversation එක අහු වෙලා තියෙනව. ඒක එලියට ගන්න වෙන විදිහක් නැති නිසා මේ මිනිහ ලව්වා ඒක කරනවා. හේතුව මං හිතන්නේ කාට හරි ලකුණු දාගන්න ඕනේ වෙලා තියෙංවා. මේ මිනිහ පස්සේ ලොකු පොලිස් ලොක්කෙක් ඉන්නවා. එහෙම නැතුව මෙයාට මේ කතාව කියන්න හයියක් එන්නේ නැහැ. මෙයා පොලිස්පතිගේ ගජ මිතුරෙක් වෙන්න එපාය ඇයි කිව්වා නම් මෙයා මේ පාවල දෙන පොලිස් ලොක්ක මෙයාට අඳුන්වල දුන්නේ පොලිස්පතියි කියලා මිනිහම කියනවනේ. පොලිස් පොතේ හැටියට ඕනේ අපරාධයක් කරපු මිනිහෙක් ඒකේ මොකක් හරි clue එකක් ඉතුරු කරනවලු. මේ වගේ කතා එන්නේ මිනිස්සුන්ව distract කරන්න. |
නිදහස ඉල්ලා අනුරාධපුර සිරකරුවන් සමග මැගසින් සිරකරුවන් ද උපවාසයේ - News i - Your Fastest News Provider Sri Lankaඅනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි දෙමළ දේශපාලන සිරකරුවන් 10 දෙනකු ආරම්භ කරන ලද උපවාසයට මැගසින් බන්ධනාගාරයේ දේශපාලන සිරකරුවන් 40 දෙනෙකු 3 බදාදා සිට එක්වු බවයි බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය පවසන්නේ.ශ්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් ඉන්නා බව පිළිගැනීම ඔවුන්ගේ නිදහස වෙනුවෙන් සපුරාලිය යුතු අත්‍යාවශ්‍ය පියවරක් බව දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාරිමුත්තු සතිවේල් පියතුමා පසුගිය ද දේශපාලන සිරකරුවන්ගේ නිදහස පතා පැවති විරෝධතාවයක දී කියා තිබුණි.දැනට ඝන ආහාර වර්ජනයේ යෙදී සිටින අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන්ගේ තත්වය බරපතල බව පවසන පියතුමා, ඉල්ලීම් ඉටු නොවුනොත් ඉදිරියේදී දියර ආහාර හා වෛද්‍ය ප්රතිකාරද අත්හිටුවීමේ මාරාන්තික තීරණයට ඔවුන් එළැඹ ඇති බව කියා සිටියේය.ත්‍රස්ත විරෝධී නීති යොදාගෙන වසර ගණනක් තිස්සේ සිරගතකොට සිටින ඔවුන්ට යුක්තිය ඉටු කිරීම පමා වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවත් අධිකරණයත් නඩු කටයුතු කල් යැවීම නිසා බවටයි දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා වන ජාතික ව්‍යාපාරය චෝදනා කරන්නේ.දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා වන ජාතික ව්‍යාපාරයේ ගණන් බැලීමට අනුව දෙමළ දේශපාලන සිරකරුවන් 107 දෙනෙකු දැනට බන්ධනාගාර ගතව සිටිති.PreviousPrevious post:විවේචන ආවට පසුබට වෙන් නෑNextNext post:හඳගමගේ අලුත්ම චිත්‍රපටය දකුණු කොරියාවේදී |
හැම දේම උන්ටම ගියා නේන්නං. අපි සල්ලි දීලා ගත්තු මැසිමටත් තහංචි වැටිලා! ඉස්සරහට වෙන මොනවට තහංචි වැටෙයිද දන්නෑ!අසභ්‍ය වීඩියෝවක් බැලීම වැනි සාපේක්ෂව අහිංසක (කිසිවකුට කරදරයක් නැති) ක්‍රම වලට වැට කඩුලු බැඳීම, ඔවුන් ඊට වඩා දරුණු, ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට පෙලඹීමක් විය හැකි බව මේ තකතීරු සුචරිතවාදීන්ට නොපෙනෙන එකනෙ කාරණාව.. |
"වෙනදට ඉස්කෝලේ ඇවිල්ලා මම ඔයා එනකම් බලන් ඉන්නවා.ඒ පුරුද්ද මට තාමත් තියනවා.ඔයා මාත් එක්ක කතා නොකර හිටියත්, මා දිහා බලන් නැතුව හිටියත් වෙනදා පුරුද්දට මට ඔයා දිහා බැලෙනවා.ඔයා දැන් මට අයිති නෑ කියලා, ඔයා මාව අමතක කරලා කියලා මගේ හිත පිළිගන්න සූදානම් නෑ.මගේ හිත ගොඩක් බලාපොරොත්තු වලින් පිරෙව්වේ ඔයා.ඒ හැම බලාපොරොත්තුවක්ම සිද බිද දමන්න තරම් නපුරු හිතක් ඔයාට තිබුණද?ඔයා හැර මම මගේ ජීවිතේ වෙන කෙනෙක් ගැන මම බලාපොරොත්තු තියාගෙන හිටියේ නෑ.හැමදාම ඔයත් එක්ක සතුටින් ඉන්නයි මම බලාපොරොත්තු වුණේ.මම කොච්චර ලස්සන හීන මැව්වද ඔයා ගැන.ඒ හැම හීනයක්ම හීනයක් වෙන බව දැනෙනකොට මගේ පපුව දෑවිලා යනවා.ඒ දවස් වල ඔයා එක දවසක් ඉස්කෝලේ එනනැතුව හිටියත් මට මහා පාළුවක් දැනෙනවා.ඒත් අද ඔයා ඉස්කෝලේ ඇවිල්ලත් ඒ තනිකම මට ඒ වගේම දැනෙනවා.ඔයා තනිවම විදවන්න එපා.අපි දෙන්නම එකට විදවමු කියපු ඔයාමද අද මට මෙච්චර දුකක් දුන්නේ.මට දුක දැනුන වෙලාවක ඔයා දිහා බලලා වුණත් දුක නැති කරගන්න පුළුවන්.ඒත් අද මට තියන එකම දුක ඔයානම්, මම කොහොමද ඔයා දිහා බලලා දුක නැති කර ගන්නේ.ආදරය ගැන සුන්දර විදියට හිතන්න පුළුවන් හිතක් ඔයාට තිබුණා. ඔයාගේ හදවත හරිම සුන්දරයි.ඒ වගේම විවෘතයි.මම කැමතියි ඒ වගේ හිතක ආදරයකට.ඇත්තටම මාව තේරුම් ගන්න පුළුවන් හිතක් තිබුණේ ඔයාට විතරයි.ඔයාගේ හදවතේ ඒ සුවද විදින්න අනේ මං පිං කළා මදිද? "ඔයාව එයා තේරුම් අරන් කියලයි මටත් හිතෙන්නේ. ඔයාත් එයාව තේරුම් ගන්න බලන්න. හැම දේම නැතිවෙන කොට මේ දේත් එහෙමයි කියල තේරුම් ගන්න. |
මේක දැම්මට බොහොම ස්තූතියි... මම ෆේස්බුකියෙත් Share කළා.. කතරකට වැටුන දිය බිංදුවක්.... අහන්න අහන්න ආසයි... |
කැරිබියානු හයිටි දිවයිනේ උතුරෙන් පිහිටි පෝට් – ඩි – පෙයික්ස් නගරයට කිලෝමීටර විස්සක් පමණ නුදුරින් අද ප්‍රභල භූ කම්පනයක් සිදුව තිබෙනවා. එය රික්ටර් මාපක 5.9 ක ප්‍රබලතාවකින් යුක්ත වන බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ. මෙම භූ කම්පනයේදී දේවස්ථානයක් ඇතුලූ ගොඩනැගිලි රැසකට හානි සිදුවී ඇති බවට වාර්ථා වනවා. එම භූ කම්පනය පෝට් ඩි ප්‍රින්ස් අගනුවරටද දැනී ඇති බව සඳහන්.PreviousPrevious post:සිවාජිලිංගම්ට මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක්NextNext post:නිදන කාමර තුළ ජංගම දුරකතන තබාගැනීමේ අවධානමක් |
ඉන්දුනීසියාවේ බස් රථ අනතුරකින් 21 දෙනෙකු ජීවිතක්ෂයට - Hiru News - Srilanka's Number One News Portal, Most visited website in Sri Lankaඉන්දුනීසියානු ජාවා දිවයිනේ සංචාරක බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.බටහිර ජාවා - සකභූමි සංචාරක නිකේතන ප්‍රදේශයේ දී ඊයේ මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ දේශීය සංචාරකයන් රැගත් බස් රථයක්.පුද්ගලයන් 37 දෙනෙකු රැගත් බස් රථය කඳුකර ප්‍රදේශයක වේගයෙන් පල්ලමක් බසිමින් සිටියදී රියදුරට පාලනය කර ගත නොහැකිව ගැඹුරු ප්‍රපාතයකට පෙරළී ඇති බව සඳහන්.ජාකර්තා නුවර සිට පැමිණි රැගත් බස් රථ හතරකින් සමන්විත දේශීය සංචාරකයන් කණ්ඩායමකට අයත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී තිබෙනවා. |
හරි කතාව. අපේ පවුල් වල කිසි කෙනෙක් ආයි ඔය සිරිසේනගේ පක්ශෙන් එන එකෙකුට චන්ද දෙන්නෙ නැති බව වගකීමෙන් කියනව.නොරැවටෙනු! ලොරෙන්සෝ කියන්නේ ටීඑන්ඒ කාරයෙක්. මහින්ද පරද්දන්න ගජරාමෙට වැඩකරපු මිනිහෙක්. ඔයා හැමතැනම මහින්දට විරුද්ධ කොමෙන්ට් දාන එක තමයි කරන්නේ. නිතරම අන්තර්ජාලේ ඕක තමයි කරන්නේ. |
දේශය සංස්කෘතික වශයෙන් ඉතා ඉහල දර්ශකයක් අත් පත් කරගෙන තිබූ දේශයක්විය. සෝවියට් දේශයේ සාහිත්‍ය , නාට්‍ය , ගීත , ඔපෙරා , සෝවියට් චිත්‍රපට අන්තර් ජාතික කීර්තියඅත්පත් කරගෙන තිබුණි. ලෝකයේ කුඩා දිවයිනක කුඩා ජන සමාජයක් නියෝජනය කල අපදමෙම සෝවියට් සංස්කෘතියෙන් පෝෂණය වූයෙමු.ලෝ ප්‍රකට බල්ශෝයි තියාතරය අසලින් මම කිහිප විටක් ඒ මේ අත ගොස් තිබුනද බල්ශෝයිරඟහලට ගොඩවී නාට්‍යක් ඔපෙරාවක් නැරඹීමේ වාසනාව නොලද්දෙමි. එහෙත් බල්ශෝයිතියාතරයේ රඟ දක්වන ලද ස්වෝන් ලේක් සහ නට්ක්‍රැකර් යන බැලේ නාට්‍ය කියෙව් නගරයේදීමම නැරඹුවෙමි.ඔපෙරා වලට ආලය කළ සෝවියට් ජනතාව ඇමොඩේයස් මෝසාට් ගේ ජීවිත කතාව අඩංගු වූඇමොඩේයස් නම් ඇමරිකානු චිත්‍රපටය බැලීමට පොදි ගැසුනහ. ඇමොඩේයස් චිත්‍රපටය මමනැරඹුවේ සෝවියට් දේශයේදීය. මේ හැර ඉතලියානු සහ ජර්මානු ඔපෙරා එකල සෝවියට්දේශයේ පෙන්වන ලදි. සෝවියට් සහ නැගෙනහිර යුරෝපීය ඔපෙරා රූබල් තුනක් වැනි සුළුමුදලක් ගෙවා මම නැරඹුවෙමි. මෙවැනි උත්කෘෂ්ට ඔපෙරාවක් බැලීමට ප්‍රවේශ පත්රයක්බටහිර ලෝකයේ අවම වශයෙන් ඩොලර් සියයක්වත් වේ.සෝවියට්වරු සතුව උසස් සිනමාවක් තිබුනේය. ඔවුන් ගේ බැට්ල්ශිප් පතොම්කින් නම්අන්තර්ජාතික කීර්තියට ලක් වූ චිත්‍රපටය සෝවියට් රූපාවාහිනියෙන් මම කිහිප වතාවක්මනරඹා තිබේ. එසේම මෑන් විත් එ මූවි කැමරා, සර්ජි බන්ඩර්චුක් රඟපෑ ; වෝ ඇන්ඩ් පීස්,මොස්කව් ඩස් නොට් බිලීව් ඉන් ටියර්ස් , ඩයමන්ඩ් ආර්ම්, තිහි දොන් ( දොන් නදිය ගලා බසී ) යන ලෝක පූජිත චිත්‍රපට නැරඹුවෙමි.සිනමාව අධ්‍යනය කරන ඕනෑම ආධුනිකයෙකු මේචිත්රපට නැරඹීම අනිවාර්ය බව මම කියමි. මේ හැර හැට , හැත්තෑව සහ අසූව දශකයේසෝවියට් චිත්රපටද මම ආශාවෙන් නැරඹුවෙමි. අද වූවද ඉඳ හිට යූ ටියුබ් ගොස් සෝවියට්චිත්රපට නැරඹීම මම කරමි.මේ චිත්‍රපට අතර පිදිසත් ත්රීතය හොලද ලීතිය, අෆෝන්යා, මාලිංකය වේරා යන චිත්රපටතිබේ. මේ චිත්‍රපට සිනමාව වින්දනය කරන රසිකයන් නැරඹිය යුතුය. එසේම ලෝකයේහොඳම යුද චිත්‍රපට සෝවියට් යුද චිත්‍රපට බව මම කියමි. මෙසේ කියන්නේ ලෝංගස්ට් ඩේ ,ගන්ස් ඔෆ් නැවරොන් , ඇපකොලිප්ස් නව් , ප්ලැටූන්, බ්‍රිජ් ටූ ෆාර් , තින් රෙඩ් ලයින් ,සේවිංප්රයිවෙට් රයන් යන බටහිර චිත්රපටද නරඹා තිබෙන රසිකයෙකු වශයෙනි. එසේම ලිබරේශන්නම් සෝවියට් යුද චිත්‍රපටය නොබැලුව දෑස් මක්කටද ? කියා මම අසමි.සෝවියට් නාට්‍ය පිළිබඳවද කතා කල යුතුය. සෝවියට් නාට්‍ය ගැන ඉගෙන ගැනීමට බටහිරනාට්යකරුවන් බොහෝ දෙනකු සෝවියට් දේශයට ආහ. එසේම සොලමන් ෆොන්සේකා,හෙන්රි ජයසේන සෝවියට් නාට්‍ය අධ්‍යනය කළහ. නාට්‍ය අධ්‍යනයට බ්‍රෝඩ්වේ යාමටහැකියාව තිබුනද හෙන්රි ජයසේන සෝවියට් දේශයට ආ බව ඔහුගේ මිනිසුන් වූ දරුවන් ස්වයංචරිතාපදානයේ සඳහන් වේ.සෝවියට් දේශයේ ජීවත් වූ කාලයේ මම ඉරාන , චෙකස්ලෝවේකියානු , රුමේනියානු,හංගේරියානු, පෝලන්ත, නැගෙනහිර ජර්මානු, බල්ගේරියානු චිත්‍රපට නැරඹුවෙමි. ලංකාවේදීහෝ බටහිරදී මෙම චිත්‍රපට නැරඹීම දැන් සිහිනයක් පමණි. මේ හැර පාස්පෝර්ට් නම්ගුරුසියානු කවට චිත්‍රපටයද මගේ සිත් ගත්තේය. ගුරුසියානු චිත්‍රපටයක් ලෙස්ටර් ජේම්ස්පීරිස් මහතා නරඹා තිබේද කියා සැකය.සුප්‍රකට වොල්ගා වොල්ගා චිත්‍රපටය වරක් මම කැනඩාවේ රුසියන් ප්‍රජාව සිටි ප්රදේශයකදීනැරඹුවෙමි. වොල්ගා වොල්ගා චිත්‍රපටය ස්ටාලින් ගේ ප්‍රියතම චිත්‍රපටය විය.සෝවියට් ගීත වලට අප ප්‍රිය කලෙමු. ආලා පුගචෝවා, ව්ලැදිමීර් විසෝස්කි, වික්තර් සෝයි , වැලේරි ලියොන්තීයෙව් , ලයිමා වයිකූලෙ ( ලයිමා ලැත්වියානු ජාතික කාන්තාවකි ) මෝල්දෝවාජාතිකාවක වූ සොෆියා රතාරෝ යනාදීන් ගේ ගීත මෙන්ම මෂ්ශිනා ව්රේම්නි , කිනෝ, යනසංගීත කණ්ඩායම්ද , අරියා වැනි රොක් මෙට්ල් සංගීත කණ්ඩායම්ද ගීත වලටද අපි සවන්දුන්නෙමු.වරක් මම ව්ලැදිමීර් විසෝස්කි ගේ ගීත ප්‍රිය කරන බව ඇසූ ක්රොඒශියානු කැනේඩියානුවෛද්යවරයෙකු වූ වෛද්‍ය අයිවන් පෙරුස්කෝ විමතියට පත්වී ” ඔබ ජාත්‍යන්තර සංස්කෘතිකලෝකයකට නිරාවරණය වී තිබෙන බව කීවේය. ඊට පිළිතුරු ලෙස මා කීවේ මේ සඳහා මමසෝවියට් දේශයේ සංස්කෘතික ජීවිතයට නය ගැති බවයි.ව්ලැදිමීර් විසෝස්කි ගේ ගීත බටහිර ලෝකයටද ලඟා වී තිබූ අතර බටහිර චිත්‍රපටයක් වූ වයිට්නයිට්ස් චිත්‍රපටයේ තේමා ගීත සඳහා ලයනල් රිචී සහ ව්ලැදිමීර් විසෝස්කි ගේ ගීත තෝරාගන්නා ලදි. තවද මම ව්ලැදිමීර් විසෝස්කි ගේ ගීතයක් සිංහලටද පරිවර්තනයකලෙමි. මර්ලේනා සීම්නා විසින් විසෝස්කිගේ ගීත භාෂා 59 පරිවර්තනය කොට පොතක් ලෙස පළ කොට තිබේ. මේ පොතේ මා විසින් පරිවර්තනය කල Koni Priveredlivye” ගීතයේ සිංහල අනුවාදය අන්තර්ගතය.සෝවියට් දේශයේ රූපාවාහිනී සේවයද විශිෂ්ඨ සේවාවක් විය. පහත් රුචිකත්වයෙන් යුත් අවරගනයේ වැඩසටහන් වෙනුවට ඔවුන් නිතරම සම්භාව්‍ය චිත්‍රපට පෙන්වූ අතර උසස් ගනයේබටහිර චිත්‍රපට ටෙලි නාට්‍ය හඞ කවා විකාශනය කරන ලදි. මේ සම්භාව්‍ය ටෙලි නාට්‍ය අතරප්රන්ස , ආර්ජෙන්ටීන, බ්‍රසීල සහ ඇමරිකානු , බ්‍රිතාන්‍ය නිර්මාණ වූහ.සෝවියට් අර්ථ ක්රමයේ යම් යම් අඩුපාඩු මෙන්ම පුද්ගලික නිදහසේ සීමාවන් තිබුණු බව සැබෑය. එහෙත් සංස්කෘතික මිනිසෙකු නිර්මාණය කිරීමේලා ඔවුන් බටහිර රටවල් වලට ඉදිරියෙන් සිටිබව මට සිතේ. ඔබට සෝවියට් මිනිසෙකු සමග රුඩොල්ෆ් වැලැන්ටීනෝ , ඕසෝන් වේල්ස්, අතර්මිලර් , වෝල්ටර් ස්කොට්, අගතා ක්‍රිස්ටි, ඉයන් ගිලන් , ඩේවිඩ් බෝවි , ඩාර්ලි , හෙමිං වේ, බොරිස් කාලෝෆ් , වැග්නර් යනාදීන් ගැන කතා කල හැකිය.සෝවියට් මිනිසා ඔබව තේරුම්ගනු ඇත. එසේම ඔහු ඩොස්ටයෙව්ස්කිගේ, පුෂ්කින්ගේ , ශේක්ස්පියර්ගේ, රොමේන් රොලාන්ඩ්ගේ, හර්මන් මෙල්විල් ගේ , ජෙෆ්රි චෝසර් ගේ පොත් කියවා ඇති මිනිසෙකි.සෝවියට් විශ්ව විද්‍යාල වලද මේ සංස්කෘතික දියුණුව තිබුනේය. බොහෝ යුරෝපීය විශ්වවිද්‍යාල වල මෙන් ලිංගික නිදහසද තිබූ නිසා ඔවුන් අතර පර පීඩක චර්යා, අන්‍යන්කෙරෙහි කායික , වාචික හෝ ලිංගික හිංසනයන් ප්රචණ්ඩ හැසිරීම් රටා දක්නට තිබුනේ නැත.මෙතැන මම ලිංගික නිදහස කියන්නේ බල්ලන් බලලුන් මෙන් පාරේ සංසර්ගයේ යෙදීමේ නිදහසකියන අර්ථයෙන් නොවේ. කාන්තාවකට අතවරයකට ලක් නොවී පොදු ප්‍රවාහන සේවාවක යා නොහැකි ලංකාව වැනි ලිංගික පීඩනය සහ ලිංගික කුහකකම උඩුදුවා තිබෙන සමාජයක්ලිංගික නිදහස කියූ විගස එය අර්ථ කථනය කරන්නේ පාර දිගේ සංසර්ගයේ යෙදීමේ නිදහසකියාය. එවැනි සමාජයක් ගැහැනියෙක් කොට ගවුමක් ඇඳගෙන ගිය විට සලිත වෙති. එසේමතරුණ තරුණියන් අතර තිබෙන ආදරය තේරුම් නොගෙන ලිංගික ඉරිසියාව මත ඔවුනටඅවහිර සීමා දමති. උගන්වන්නේ අනෙකාට ආදරය කිරීම නොව ද්වේශ කිරීමටය.මෙවැනි ලිංගික පීඩන තත්වයක් සෝවියට් සමාජය තුල තිබ්බේ නැත. සෝවියට් විශ්ව විද්යාලසිසුන් බැලේ වැනි නර්තනයන් හැදෑරූහ. බෝල් රූම් ඩාන්සිං පන්ති ගියහ. එසේම පරිසරආශ්රිත වැඩසටහන් බොහෝ තිබුණි. සති අන්තයේ ඔවුන් ඩිස්කොතේක් ගියහ.සංස්කෘතික මිනිසෙකු නිර්මාණය කිරීමේලා සෝවියට් පද්ධතිය භාවිතා කළ ක්‍රියා මාර්ගයන්අධ්යනයට ලක් කිරීම සුදුසුය. සෝවියට් දේශයේ සිට උතුරු ඇමරිකා විශ්ව විද්‍යාල වලට පැමිණිසිසු සිසුවියන් මගේ නිරීක්ෂණයට ලක්වී තිබේ. ඔවුන් උතුරු ඇමරිකානු සිසු සිසුවියන්ට වඩාලෝකය පිලිබඳ ප්රතිවේධයකින් යුක්තය.මෙලෙස පැරණි සෝවියට් දේශයේ සිට පැමිණි මරීනා යෝක් විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියකි.මරීනා සමග දේශපාලනය , කලාව , සාහිත්‍ය ගැන කතා කිරීමට මම ප්‍රිය කරමි. ඇය ඩන්ටේඅලගියෙරි, වුල්ෆ්ගැං වොන් ගර්ටර් (ගතේ) , ඔස්කා වයිල්ඩ් , එමලි බ්‍රොන්ටේ , ජෙෆ්රරි ආචර්මෙන්ම අයිසෙක් ඇසිමෝව් ද කියවා තිබේ.එහෙත් ඛේදජනක ලෙස වර්තමාන රුසියානු නවපරම්පරාව කියවීමෙන් ඈත් වෙමින් සිටිති. ඔවුන් බොහෝ සෙයින් නරඹන්නේ Vin Diesel රඟනඇක්ශන් වර්ගයේ චිත්‍රපටය. ඔවුන් ගේ රසාඥතාව බොහෝ සෙයින් පිරිහී තිබේ. පැරණිසෝවියට් සංස්කෘතික මිනිසා මරාගෙන නව මිනිසෙකු පැමිණ තිබේ. එහෙත් ඔහු සංස්කෘතිකවශයෙන් හිස් මිනිසෙකි. සංස්කෘතික වශයෙන් දුගී මිනිසෙකි. |
වර්ෂයේ මේ වන විට වල් අලි පහරදීමෙන් පුද්ගලයින් 75 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර,මේ වන විට වල් අලි 150 දෙනෙකු පමණ පිරිසක් වර්ෂයේ මේ වන විට ජිවිතක්ෂයට පත්ව ඇති බව වනජීවි කටයුතු පිළිබද අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.වවුනියාව නන්දිමිත්‍රගම පැවති අලි වැට ගැටළුව සම්බන්ධයෙන් වන සාකච්ජා කිරීමට ජනතාව හමුවීමේ වැඩසටහනකට 22 වැනිදා එක්වෙමින් අමාත්‍යවරයා මෙලෙස පැවසුවේය.අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් පැවසූවේ සෑම වර්ෂයකම වගා ප්‍රමාණයන්ගෙන් සියයට 25 ක ප්‍රමාණයක් අලි විනාශ කිරීමේ තත්වයක් උද්ගතව ඇති අතර, මිනිස්සුන්ට,දේපළවලට හා වගාවන්ට අලින්ගෙන් වන හානිය අවම කිරීමට තමන් උත්සහ කරමින් සිටින බවයි.වර්තමානයේදී අලි වැටවල් කිලෝමීටර 4500 ක් ඉදිකොට තිබෙන අතර, තවත් කිලෝමීටර 2500 ක් ඉදිකිරීමට අවශ්‍යව තිබෙන බවද ෆොන්සේකා මහතා පැවසුවේය.අලිවැටවල් ඉදිකිරීම හා නඩත්තුව වෙනුවෙන් රුපියල් බිලියන පහක මුදල් යොදවීමට සිදුව තිබෙන අතර, අපේ මූලික අරමුණ ගමයි කුඹුරයි ආරක්ෂා කර ගැනීම වන බවද හෙතෙම එහිදි සදහන් කළේය.අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ අලි වැට ආරක්ෂා කිරීමට සිවිල් ආරක්ෂක භටයින් හා වනජිවි නිළධාරීන් 7000 ක පිරිසක් යෙදවීමට නියමිත බවද හෙතෙම අවධාරණය කළේය.PreviousPrevious post:ජනපති අද ගෝලීය සාමය සඳහා වූ නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුවටNextNext post:බිනර පොහොය අදයි |
භාෂා භාෂාව තෝරන්නඉංග්රීසිඅප්රිකානුඇල්බේනියානුඅරාබිආර්මේනියානුඅසර්බයිජානබාස්ක්බෙලරුසියානුබල්ගේරියානුකැටලෝනියානු කොරියානු ගලීසියානු ග්රීකචීන (සම්ප්‍රදායික: තායිවාන්)චීන (සාම්ප්‍රදායික)ක්රොඒෂියානුචෙක්ඩෙන්මාර්කලන්දේසිඑස්ටෝනියානුපිලිපීනක්රොඒෂියානුප්රංශකොරියානුජෝර්ජියානුජර්මානුග්රීකහයිටි ක්රියෝල්හෙබ්රෙව්හින්දිහංගේරියානුඅයිස්ලන්ත අරාබිඉන්දුනීසියානුඅයර්ලන්තඉතාලිජපන්කොරියානුලැට්වියානුලිතුවේනියානුමැසිඩෝනියානුමැලේමෝල්ටානුනෝර්වේපර්සියානුපෝලන්තපෘතුගීසිරුමේනියානුරුසියානුසර්බියානුස්ලෝවැක්ස්ලෝවේනියානුස්පාඤ්ඤස්වාහිලිස්වීඩන්තායිතුර්කියුක්රේනහංගේරියානුහින්දිඑය මම හිතන්නේ ලස්සනයි මම නිසා මම හොඳ A350 සඳහා ද අවධානය යොමු කරන ලද අතර මම මේ එක එකක් නමුත් මම ද හොඳ A380 හොයන්නේ සිතන ලබා ගත හැකි බව. ඔබ ද liveries එකතු කිරීමට ඇති හැකියාව සමග හොඳ එයාර්බස් A380 දන්නේ නම් කෙනෙකු මට සළකනවා මදි විය. මම "අහස්යානා නිර්දේශ කිරීම" ලෙස හඳුන්වයි මාතෘකාව විසින් නිර්මාණය කර ඇති නිසා ඔබ A380 ක යෝජනාව තිබේ නම් මට කියන්න කරුණාකර.මගේ පරිගණකය: CPU: AMD Ryen 7 1700X @ 3.9GHz | මවු පුවරුව: ASUS ප්‍රයිම් X370 Pro | RAM: G Skill Ripjaws V 16GB 3200MHz @ 2933MHz | ග්‍රැෆික් කාඩ්: ASUS GeForce GTX 1070 ද්විත්ව | ගබඩා: සැම්සුන් 850 EVO 250GB SSD + Western Digital 1TB WD නිල් HDD | PSU: EVGA සුපර්නෝවා 750 G2 750W | මෙහෙයුම් පද්ධතිය: වින්ඩෝස් 10වත් අඩු මට එය තනි officical කාර්ය සාධන ලේඛන තවමත් නිකුත් පවා තොරව ගුවන් ගමන් සාධකය එය බේරා ගැනීමට කළමනාකරණය සහ X-තලය සඳහා සම්පූර්ණයෙන්ම විශ්වාස කළ A350 වර්ධනය කැපී පෙනෙන හිතන්නේ. මම මේ යානා තැම්පත් ඊළඟ යාවත්කාලීන සඳහා බලාගෙන ඉන්නවා. මම කුමක් වසරේ දී FSX / P3D භාවිතා කරන්නන්ගෙන් එයාර්බස් A350 පියාසර කිරීමට හැකි වනු ඇත කල්පනා.මණ්ඩලය ප්‍රවර්ග Rikoooo ගැන - සාදරයෙන් පිළිගන්නවා නව සාමාජිකයන් - යෝජනාවක් කොටුව - නිවේදනය ගුවන් යානය සිමියුෙල්ටර සංසද - FSX - FSX වාෂ්ප සංස්කරණය - FS2004 - Prepar3D - X-Plane මාධ්‍ය - තිර - වීඩියෝ අහස්යාත්රාංගනයක් සාකච්ඡාව - ෆ්ලයි Tunes - මොකක්ද සහ ඔබ අද පියාසර කළේ - රියල් ගුවන් සේවා වෙනත් ගුවන් ඇරඹුනි - ගුවන් ගමන් Gear ගුවන් සිමියුලේටර් - - FlightGear ගැන - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මාලාව - පාදක සිම්පතක් |
එජාපය ඉතා පරිස්සමෙන් කෑම මේසය සකස් කළේය. මෙසේ කෑම මේසය සකස් කරද්දී තමන් ඇතුළු එක් එක් පුද්ගලයින්ට අසුන් ගන්නට සිදුවන තැන් ගැන අදහසක් එජාපයට තිබුණේය. ඒ අනුව, හොඳම රසමසවුළු දීසි තමන් අසුන් ගන්නට සිටි අසුන ආසන්නයේ ස්ථානගත කෙරුණු අතර ඒ කෑම බඳුන් බොහොමයක් තබා තිබුණේ පොදුජන පෙරමුණ අසුන් ගනු ඇතැයි පෙනෙන්නට තිබුණු පැත්තට හැකි තරම් දුරස්ථවය. එහෙත්, අවසානයේදී එජාපයට අසුන් ගන්නට සිදු වී තිබෙන්නේ කෑම මේසයේ විරුද්ධ පැත්තේය.පළාත් පාලන ආයතන වලට කාන්තා නියෝජිතයින් පත් කිරීම හා අදාළව ඉහත තත්ත්වය විශේෂයෙන් කැපී පෙනේ. පොදුජන පෙරමුණේ මන්ත්‍රීධුර 3445න් 3266ක්ම කොට්ඨාශ මන්ත්‍රීධුරයි. කිසියම් පක්ෂයක සමානුපාතික නියෝජනය කොට්ඨාශ මන්ත්‍රීධුර වලින් දැනටමත් සම්පූර්ණ වී ඇති විට පණත අනුව 25% කාන්තා නියෝජනය අදාළ නොවේ. එමෙන්ම, එජනිස/ශ්‍රීලනිප හා ජවිපෙ ඇතුළු අනෙකුත් බොහෝ පක්ෂ 20% මට්ටම ඉක්මවා ඡන්ද ලබාගනිමින් අඩුම වශයෙන් ලැයිස්තු මන්ත්‍රීධුර 4ක් හිමි කර ගෙන ඇත්නම් ඒ ඉතාම සීමිත තැන් කිහිපයක පමණි. ඒ නිසා, එජාපය හැර අනෙකුත් පක්ෂ කිසිවකට 25% කාන්තා නියෝජනය බරක් වන්නේ නැත.එහෙත්, එජාපයේ මන්ත්‍රීධුර 2,436න් 1,570ක්ම ලැයිස්තු මන්ත්‍රීධුරයි. එමෙන්ම, එජාපය ආයතන බොහොමයක 20% ඡන්ද ප්‍රතිශතය ඉක්මවා ඇති අතර අවම වශයෙන් මන්ත්‍රීධුර 4ක් හිමි කරගෙනද තිබේ. ඒ නිසා, 25% කාන්තා නියෝජනයේ බර වැඩිපුරම වැටෙන්නේ එජාපය මතය. කිසියම් දේශපාලන පක්ෂයකට වාසි වන පරිදි මැතිවරණ නීති සකස් කිරීමේ ඇති අවුල මෙයයි. ඡන්දදායක හැසිරීම කිසිවෙකුට හරියටම පුරෝකථනය කළ නොහැකි නිසා මෙවැනි අපේක්ෂිත වාසියක් ඉතා පහසුවෙන් අවාසියකට හැරෙන්නට පුළුවන.මෙවර පළාත් පාලන මැතිවරණ වලින් පොදුජන පෙරමුණ හා එහි සහාය ලැබූ කණ්ඩායම් විසින් ලක්ෂ 51.25ක පමණ ඡන්ද ප්‍රමාණයක් ලබා තිබේ. මෙය පසුගිය මහ මැතිවරණයේදී එජනිසය විසින් ලබාගත් ලක්ෂ 47.3ක ඡන්ද ප්‍රමාණය ඉක්මවන්නකි. වලංගු ඡන්ද ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස මෙය මහ මැතිවරණයේ එජනිස ඡන්ද ප්‍රතිඵලයට වඩා අඩු වන්නේ 1.1%කින් පමණි. ශ්රීලනිපය හෝ එජනිසය විසින් මෙවර ලබාගෙන තිබෙන්නේ ඡන්ද ලක්ෂ 15.0 ක් හෙවත් මහමැතිවරණයේදී එජනිසය විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයෙන් 31.67%ක් පමණි. ඊට අමතරව, මහ මැතිවරණයේදී එජනිසයට සහාය දුන් ලංකා කම්කරු කොංග්‍රසය, තමිල් මක්කල් විඩුතලයි පුලිකල්, ජාතික කොංග්‍රසය ඇතුළු වෙනත් පක්ෂ විසින් මෙවර තවත් ඡන්ද ලක්ෂ 1.84ක් ලබා තිබේ. මේ ඡන්දද ඉවත් කළ විට, මහ මැතිවරණයේදී එජනිසය විසින් ලබාගත් ඡන්ද වලින් අඩුම වශයෙන් ඡන්ද ලක්ෂ 30.50ක් මෙවර පොදුජන පෙරමුණ විසින් ලබාගෙන තිබේ.කෙසේවුවත්, පොදුජන පෙරමුණ හා එහි සහාය ලැබූ කණ්ඩායම් විසින් ලබා ඇති මුළු ඡන්ද ප්‍රමාණය ලක්ෂ 51.25ක් පමණ වන අතර ඒ ප්‍රමාණය ඉහත ගණනට වඩා ලක්ෂ 20.75කින් වැඩිය. මහ මැතිවරණයේදී එජනිසය විසින් ලබාගත්තේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා ලක්ෂ 10.35කින් අඩු ඡන්ද ප්රමාණයකි. මේ ඡන්ද මහ මැතිවරණයේදී භාවිතා නොවුණු බව පෙනෙන්නට තිබුණේය. ඒ, වලංගු ඡන්ද සංඛ්‍යාවද ඊට ආසන්න ප්‍රමාණයකින් (ලක්ෂ 9.56කින්) පහළ යාමත්, ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන විසින් ලැබූ ඡන්ද ප්‍රමාණය ඔහුට සහාය දැක්වූ පක්ෂ වල ඡන්ද වල එකතුවට ආසන්නව සමාන වීමත් සැලකූ විටය.පළාත් පාලන ඡන්ද වලදී වලංගු ඡන්ද ප්‍රමාණය ලක්ෂ 12.42කින් ඉහළ ගිය නිසා මේ ඡන්ද මෙවර පොදුජන පෙරමුණ විසින් ආකර්ෂණය කර ගෙන ඇතැයි සිතිය හැකි වුවත්, පොදුජන පෙරමුණ හා සහායක පක්ෂ විසින් මෙවර ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය තවත් මිලියනයකින් පමණ වැඩිය.මහ මැතිවරණයේදී ජවිපෙ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණය මෙවර ලක්ෂ 1.7කින් වැඩි වී ඇති අතර ද්‍රවිඩ සන්ධානයේ ඡන්දද අඩු වී නැත. ලක්ෂ 14.49කින් විශාල ලෙස අඩු වී ඇත්තේ එජාපයේ ඡන්දයි. මෙයින් ලක්ෂ 1.64ක් පමණ මහ මැතිවරණයේදීදී එජාපයට සහාය දැක්වූ වෙනත් පක්ෂ අත ඇතත් තවත් ලක්ෂ 12.85ක පමණ අඩුවක් තිබේ. මෙවර සෑම දිස්ත්‍රික්කයකම ඡන්ද භාවිතය මහ මැතිවරණයට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බැවින් මේ ඡන්ද භාවිතා නොවූ ලෙස සැලකිය නොහැකිය.ජනාධිපතිවරණයට සාපේක්ෂව බැලුවොත් කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ඡන්ද පනස් දහසක පමණ අඩුවක් හා ගම්පහ ඡන්ද දස දහසක පමණ සුළු අඩුවක් දැකිය හැකි වුවත් ඉතිරි සෑම දිස්ත්‍රික්කයකම වලංගු ඡන්ද ප්‍රමාණයන් ඉහළ ගොස් ඇත. මේ අනුව, එජාපය විසින් මහ මැතිවරණයේදී ලබාගත් නාගරික ඡන්ද හැටදහසක් පමණ භාවිතා නොවූ බවත්, තවත් ලක්ෂ 1.7ක් පමණ ජවිපෙ වෙත සම්ප්‍රේෂණය වූ බවත් සැලකුවහොත් තවදුරටත් ලක්ෂ 10.5ක පමණ අඩුවක් තිබේ.මහ මැතිවරණය හා පළාත් පාලන මැතිවරණ අතර ඡන්ද වෙනස් වීම් සැලකූ විට මෙවර ශ්රීලනිපය හා එජනිසය විසින් ලැබූ ඡන්ද ලක්ෂ 15 පසුගිය මහ මැතිවරණයේදී එජනිසය විසින් ලබාගත් ඡන්දම සේ සැලකුවහොත් මහ මැතිවරණයේදී එජාපය විසින් ලබාගත් ඡන්ද වලින් මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් පොදුජන පෙරමුණ වෙත සම්ප්‍රේෂණය වී තිබිය යුතුය. එජාපය විසින් 2015දී ලබාගත් පාවෙන ඡන්ද කිසියම් ප්‍රමාණයක් පොදුජන පෙරමුණ වෙත සෘජුවම මාරු වී තිබිය හැකි වුවත් බොහෝ විට සිදුවී තිබෙනවා විය හැක්කේ එජනිස ඡන්ද වලින් තවත් මිලියනයක් පමණ පොදුජන පෙරමුණ වෙතත්, එජාප ඡන්ද එපමණම ප්‍රමාණයක් ශ්රීලනිපය හෝ එජනිසය වෙතත් සම්ප්‍රේෂණය වීමයි.එසේනම් එජනිසය මහ මැතිවරණයේදී ලබාගත් ඡන්ද ලක්ෂ 47.3න් ලක්ෂ 41ක් පමණම එනම් 87%ක් පමණම ලබාගෙන ඇත්තේ පොදුජන පෙරමුණයි. එජනිස වෙත ඉතිරිව ඇත්තේ එම ඡන්ද වලින් 10%කට නොවැඩි ප්රමාණයකි. එනම් ප්‍රමාණාත්මකව ලක්ෂ පහකට නොවැඩි ඡන්ද ප්රමාණයකි. එජනිසයේ ඉතිරි ඡන්ද මිලියනයක් පමණ මහ මැතිවරණයේදී එජාපය වෙත ලැබුණු ඡන්දයි.පළාත් පාලන මැතිවරණ වලින් ජවිපෙ හා ද්‍රවිඩ සන්ධානයට අයත් පක්ෂ විසින් ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණ මැතිවරණයට පෙර අප විසින් සිතා සිටි ප්‍රමාණ වලට සමානය. ශ්‍රීලනිප හා එජනිස විසින් ලබාගෙන ඇති ලක්ෂ 15ක පමණ ඡන්ද ප්‍රමාණයද නිවැරදි වුවත් ඒ වැරදි උපකල්පන කිහිපයක සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ශුන්‍ය වී ඇති බැවිනි.පළමුව, එජනිස ඡන්ද වලින් අවම වශයෙන් 20%ක්වත් එම පක්ෂය වෙත රැඳෙනු ඇතැයි මා සිතුවත් එසේ රැඳී ඇත්තේ 10%ක පමණ ඡන්ද ප්රමාණයකි. එම ඡන්ද වලින් 90%කට ආසන්නවම ලබාගන්නට පොදුජන පෙරමුණ සමත්ව තිබේ.දෙවනුව, ජනාධිපතිවරණයේදී භාවිතා වී මහ මැතිවරණයේදී භාවිතා නොවුණු මිලියනයක් පමණ වූ ශ්‍රීලනිප ඡන්ද ආණ්ඩු බලය වෙනස් නොකරන පළාත් පාලන මැතිවරණයකදී පොදුජන පෙරමුණ වෙත ආකර්ෂණය වනු ඇතැයි මා සිතුවේ නැත. එහෙත්, එය එසේ සිදුවී තිබේ.තෙවනුව, මහ මැතිවරණයේදී එජාපය විසින් ලබාගත් පාවෙන ඡන්ද වලින් කොටසක් ශ්‍රීලනිප/එජනිස හා ජවිපෙ වෙත ආකර්ශනය වනු ඇතැයි මා සිතා සිටියත් ඒ ප්‍රමාණය පිළිබඳව මගේ ඇස්තමේන්තුව වූයේ මීට වඩා අඩු එකකි. මා සිතා සිටියේ එජාපය ලක්ෂ 40 ඉක්මවා, බොහෝ විට ලක්ෂ 41-42ක පමණ ඡන්ද ප්‍රමාණයක් ලබාගනු ඇති බවයි. ඒ අනුව, මෙවර එජනිසයට 2015 එජනිස ඡන්ද ලක්ෂ 10ක් පමණ හා 2015 එජාප ඡන්ද ලක්ෂ 5ක් පමණ ලැබෙනු ඇතැයි මා සිතා සිටියත් ඔවුන්ට ලැබී ඇති බව පෙනෙන්නේ එජාප ඡන්ද ලක්ෂ 10ක් පමණ හා එජනිස ඡන්ද ලක්ෂ 5කට නොවැඩි ප්රමාණයකි.පොදුජන පක්ෂයේ වත්මන් ශක්තිය 41.2% පමණ වන අතර එජාපයේ ශක්තිය 29.4%කි. ඇතැම් අය විසින් කරන පරිදි එජනිසයේ 12.1% එජාපයට එකතු කළද, එහි තිබෙන්නේ 41.5%කි.මේ අතර මහින්දවාදීන් විසින් පොදුජන පක්ෂයේ ඡන්ද හා එජනිස ඡන්ද එකතු කරමින් ගණන් හදති. මේ ගොඩවල් දෙක එකතු කළ විට 53.3%ක් පමණ වේ. ඉදිරි මැතිවරණයකදී එජනිස වෙත තවමත් ඉතිරිව ඇති ශ්‍රීලනිප ඡන්ද වලින් සැලකිය යුතු කොටසක් පොදුජන පෙරමුණ විසින් ආකර්ශනය කරගනු ඇති නමුත් එජනිස විසින් මෙවර ලබාගෙන ඇති මිලියනයක් පමණ වූ පාවෙන ඡන්ද ප්‍රමාණය පිළිබඳව එවැනි සරල උපකල්පනයක් කළ නොහැකිය.ජනාධිපතිවරණ හා මහ මැතිවරණ ගැන බොහෝ දෙනෙක් කතා කළත් එවැනි ජාතික මැතිවරණයක් පැවැත්වෙන්නට පෙර මුලින්ම පැවැත්වෙනු ඇත්තේ පළාත් සභා මැතිවරණයයි. අලුත් පළාත් සභා මැතිවරණ ක්‍රමය හා අලුත් පළාත් පාලන මැතිවරණ ක්‍රමය අතර එක් පැහැදිලි වෙනසක් තිබේ.පළාත් පාලන මැතිවරණ සඳහා අදාළ වූ 60:40 අනුපාතය පළාත් සභා මැතිවරණ වලදී 50:50 ලෙස වෙනස් වේ. ඒ නිසා, කිසියම් පළාත් සභාවක බලය පිහිටුවීම සඳහා එම පළාත් සභා බල ප්‍රදේශයේ සියලුම කොට්ඨාශ ජයගැනීම ප්‍රමාණවත් සාධකයක් නොවේ!අලුත් මැතිවරණ ක්‍රමය අනුව පළාත් සභාවක බලය පිහිටුවීමටනම් අවම වශයෙන් 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබීම අනිවාර්ය අවශ්‍යතාවයකි. දැනට පවතින ඡන්ද සංයුතිය එසේම තිබුණොත් පොදුජන පෙරමුණට බලය පිහිටුවන්නට ඉඩක් ලැබෙනු ඇත්තේ දකුණු පළාත් සභාවේ පමණි. මේ ප්‍රතිඵලය අනුව, වෙනත් කිසිදු පළාත් සභාවක් තුළ කිසිදු තනි පක්ෂයකට බලය පිහිටුවන්නට ඉඩක් නැත.පොදුජන පෙරමුණ විසින් මේ වන විටත් ඔවුන්ට ලබාගත හැකි ඡන්ද විශාල ප්‍රමාණයක් ආකර්ශනය කරගෙන අවසන් නිසා ඉතිරි තීරණාත්මක ඡන්ද ප්‍රමාණය ආකර්ශනය කර ගැනීම පහසු කටයුත්තක් නොවේ. ඒ අතරම, දැනට ඔවුන් සමඟ රැඳී සිටින ඡන්දදායකයින් එසේම රඳවා තබා ගැනීමද අවශ්‍ය වේ. මෙයින් දෙවැන්න සාපේක්ෂව පහසු කටයුත්තකි. මාධ්‍ය හරහා පුළුල් ලෙස ප්‍රචාරය කෙරෙන 45% බොරු ඡන්ද ප්‍රතිශතය මෙන්ම කුරහන් පාටින් පාට කර ඇති බොරු සිතියමද මේ දෙවන කටයුත්තට උපකාරී කරනු ඇතත්, ඒ හරහා එජනිස ඡන්ද සියල්ලම ආකර්ෂණය කර ගත හැකියැයි සිතන්නේනම් එය මුලාවකි.ශ්‍රීලනිප පාක්ෂිකයින්ගෙන් 90%කටත් වඩා සිටින්නේ මහින්ද සමඟ බව පැහැදිලි කරුණක් වුවත් උග්‍ර මහින්ද විරෝධී ශ්‍රීලනිප පාක්ෂිකයෝද යම් ප්‍රමාණයක් සිටිති. මේ වන තුරුත් මෛත්‍රී වෙත රැඳී ඇති ශ්‍රීලනිප ඡන්ද වලින් යම් ප්‍රමාණයක් මෙවැන්නන්ගේ ඡන්දයි. එමෙන්ම, එජනිසය මෙවර ලබා ඇති පාවෙන ඡන්ද විශාල ප්‍රමාණයක්ද මහින්ද විරෝධී ඡන්දයි. එජාපයෙන් කැඩී එජනිසයට ඡන්දය දෙමින් ඔවුන් එජාපය වෙතද සිය විරෝධය පෙන්වා ඇතත්, ඔවුන්ට මහින්ද නැවත බලයට පත්වනු දකින්නට අවශ්‍ය නැත. කෙසේ වුවත්, එයින් අදහස් වන්නේ මහින්ද බලයට එනු වැළැක්වීම සඳහා මේ ඡන්දදායකයින් විසින් ඕනෑම තත්ත්වයක් යටතේ එජාපය වෙත ඡන්දය භාවිතා කරනු ඇති බව නොවේ.මේ වන විට ලංකාවේ මැතිවරණ වල ප්‍රතිඵලයට පාවෙන ඡන්දදායකයින්ගේ බලපෑම පෙරටත් වඩා ඉතා විශාලය. 2015 ජනවාරියේදී මෙන්ම මෙවරද ඡන්ද ප්‍රතිඵලය තීරණාත්මක ලෙස වෙනස් කළේ මේ පිරිසයි. දශක කිහිපයකට පෙරද මෙවැනි කොටසක් සිටියත් ඔවුන්ට තනි පුද්ගලයින් ලෙස තීරණ ගන්නවා හැර අද තරම් විශාල බලපෑමක් කිරීමේ හැකියාවක් තිබුණේ නැත. එහෙත් දැන් ඔවුන්ට අදෘශ්‍ය සංවිධානයක් ලෙස එකතු වන්නට සමාජ මාධ්‍ය විසින් වේදිකාවක් සපයා තිබේ. ඒ නිසා, ඔවුන්ගේ තීරණ තනි තීරණ වුවත් ඒවා අහඹු තීරණ නොවේ. ඒ තීරණ වල දිශානතියක් හා රිද්මයක් තිබේ. එමෙන්ම මේ පිරිස දැන් සංඛ්‍යාත්මකව මෙන්ම ප්‍රතිශතයක් ලෙසද ඉතා විශාලය. ඒ හේතුව නිසා ලංකාවේ කිසියම් හෝ ඉදිරි මැතිවරණයක ප්‍රතිඵලය පුරෝකථනය කිරීම පහසු කටයුත්තක් නොවනු ඇත.ඇතැම් අයට අනුව මෙවර පොදුජන පෙරමුණ ලැබූ ජය වාර්තාගත එකකි. ඔවුන් කියන පරිදි මෙතෙක් කිසිදු පළාත් පාලන මැතිවරණයකදී බලයේ සිටින පක්ෂය පරාජය වී නැත. මේ කරුණ මා විසින් සනාථ කරගෙන නැතත් එය එසේ වන්නට පුළුවන. පළාත් පාලන මැතිවරණයකදී බලයේ නොසිටින පක්ෂයකට ඡන්දදායකයින් ආකර්ෂණය කරගැනීම ඉතා අසීරුය. ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ විසින් ලබාගත් ඡන්ද වලින් මහ මැතිවරණයේදී එජනිසය වෙත නොලැබුණු ඡන්ද මිලියනය මෙවරද භාවිතා නොවනු ඇති මා විසින් උපකල්පනය කළේද මේ පදනමිනි.වෙනත් අයුරකින් සිතා බැලුවොත් ඉතිහාසයේ සිදුවී ඇති දෙය හා මෙවර සිදුවී ඇති දෙය අතර ලොකු වෙනසක්ද නැත. පළාත් පාලන මැතිවරණයක් ජයගැනීම අසීරු වන්නේ බලයේ නැති පක්ෂයකටය. එහෙත්, 2015 මැතිවරණ පරාජයෙන් පසු දිගින් දිගටම මහින්දවාදීන් හැසිරුණේ පරාජිතයින් ලෙස නොවේ. තවදුරටත් බලය ඇත්තන් පරිද්දෙනි. අනෙක් අතට ආණ්ඩුවේ පාර්ශ්ව දෙක හැසිරුනේද තවදුරටත් මහින්ද අතේම බලය තිබෙන්නාක් මෙනි. මේ ආණ්ඩුව බලයට පත් වී සෑහෙන කාලයක් යනතුරුම මහින්ද බිල්ලා පෙන්නනවා හැරෙන්නට ආණ්ඩුවට වෙනත් පෙන්නන්නට යමක් තිබුණේ නැත. අන්තිමේදී රටේ ඡන්දදායකයින්ට නිතර අහන්නට ලැබුණු මහින්ද බිල්ලාගේ කතාව එපා විය.මෙසේ ආණ්ඩුව විසින් මහින්ද බිල්ලා ගැනම කියනවා හැර වෙනත් යමක් නොකිරීමේ ප්‍රතිඵලය වී ඇත්තේ එජාපය වෙත 2015දී ආකර්ෂණය වූ පාවෙන ඡන්ද සියල්ලම වාගේ ඔවුන්ගෙන් ගිලිහීමයි. එහෙත්, මහබැංකු බිල්ලා පෙන්වමින් මේ ඡන්ද වලින් විශාල ප්‍රමාණයක් රඳවා ගන්නට මෛත්‍රීපාල සිරිසේන විසින් සමත් වී තිබේ. තවත් කොටසක් ජවිපෙ වෙත විතැන් වී ඇති අතර මුස්ලිම් ඡන්ද හා කොළඹ ආශ්රිත දෙමළ ඡන්ද ජනවාර්ගික පක්ෂ වෙත විතැන් වී තිබේ.මේ බොහෝ පාවෙන ඡන්දදායකයින්ට මහින්ද බිල්ලා ගැනම අසා එපා වී තිබුණත් ඔවුන්ට මහින්ද රාජපක්ෂ යනු තවදුරටත් බිල්ලෙකි. අනෙක් අතට ආණ්ඩුවට මහින්ද බිල්ලාම නැවත කෙසේ හෝ විකුණනවා හැරෙන්නට විකුණන්නට වෙනත් දෙයක් ඇත්තේද නැත. කෙසේ වුවත්, 2015 ඡන්දයේදී මෙන්ම ඉන් පසුව දෙවසරක් පමණ තිස්සේද විකිණූ මහින්ද බිල්ලා නැවත විකුණන්නටනම් වෙනස් අසුරනයක් අවශ්‍යය.මෙවර මැතිවරණයේ වැරදි සමස්ත ප්‍රතිඵලය හා කුරහන් පාට ලංකා සිතියම මුලින්ම ඉදිරිපත් කළේ දෙරණයි. මේ වන විට එය ඇත්ත ප්‍රතිඵලය බවට පත්ව තිබේ. ඕනෑම සති අන්ත පුවත් පතක් හෝ විවිධ බ්ලොග් සටහන් ඇතුළු මැතිවරණය පිළිබඳව ලියැවුණු වෙනත් ලිපි කියවූ විට මෙය පැහැදිලිය. දෙරණ යනු පසුගිය ආණ්ඩුව කාලයේ සිය ව්‍යාපාර දියුණු කරගත් ලංකාවේ ජාතිකවාදීන් අතර ජනප්‍රිය මාධ්‍ය ආයතනයකි. පොදුජන පෙරමුණේ මැතිවරණ ජයග්‍රහණය උත්කර්ශයට නැංවීමට මීට වඩා හොඳ මාධ්‍ය ආයතනයක් තවත් නැත. කෙසේ වුවද, මෙවර එජාප මැතිවරණ ප්‍රචාරණ කොන්ත්‍රාත්තුව ලැබී තිබුණේද එම ආයතනයටමය.කෙසේවුවත්, මේ කටයුත්තේදී එජාපයේ හා පොදුජන පෙරමුණේ අවශ්‍යතා පුදුමාකාර ලෙස සමපාත වී තිබේ. පොදුජන පෙරමුණට ඔවුන්ගේ ඡන්ද දායකයින්ට ළඟ පෙනෙන ජයග්‍රහණය පෙන්විය යුතුය. එජාපයට ඔවුන්ගෙන් ගිලිහී සිටින පාවෙන ඡන්දදායකයින්ව කීද්දුවා නැවතත් මහින්ද බිල්ලා පෙන්වන්නට අවශ්‍යය. එහෙත් එය කළ යුත්තේ පෙර මෙන් සෘජු ලෙස නොව ඇඟට නොදැනෙන පරිද්දෙනි. දැන් වැඩේ ගොඩය. මෙවර එජාපයට අවශ්‍ය ප්රචාරක කටයුත්ත කරන්නේ මහින්දවාදීන් විසින්මය. එජාපයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ හෝ කතා කළ ඇතැමුන් දැනටමත් නැවත එජාපය දෙසට හැරී තිබීම තුළ පෙනෙන්නේ මේ ප්රචාරක උපක්‍රමය සාර්ථක බවයි.ලංකාවේ දේශපාලන පක්ෂ ගැන කතා කරන්න දෙයක් නැත.ඔබගේ ලිපියේ අන්තිම වැකිය බලද්දී ඔබ පිටරටක ජීවත්වනබව පෙනීයයි.පාවෙන චන්ද පොදුජන පෙරමුන වගේ ජාතිකවාදය ප්‍රවර්ධනය කරපු පක්ෂයකට ලැබුනයි කියල හිතන්න අමාරුයි. විශේෂයෙන් 2015 ජනධිපතිවරනයේ දී පොදු අපේක්ෂකයාට චන්දය දුන්න අය බොහෝ දෙනෙක් 2018 චන්දය දීමෙන් වැලකී සිටියා. 2018 ජනාධිපතිවරනයේ චන්දය දීමේ ප්‍රතිශතය 81.52%. නමුත් 2018 පළාත් පාලන මැතිවරනයේ ප්‍රතිශතය 70% කට වඩා අඩුයි.( නියම ගමන වෙබ් එකෙන් සොයාගන්න බැළුවා නමුත් බැරිවුනා.)මම පුද්ගලිකව දන්නා මගේ අත් දැකීම අනුව 2015 මහින්දට ජන්දය දුන් සියළුම දෙනා මෙවර පොහොට්ටුවටයි ජන්දය දුන්නේ. ඒක නිසා ඔතන තියෙන්නේ 2015 චන්ද ටිකම තමයි. |
මේස පිහියෙන් පාන් ගෙඩියක්වත් කපල නැති එවුන් කම්කරු නායකයො විදියට පිළිගන්න එක මෝහයයි. ඒක කම්කරුවන්ගෙ දෝෂයක්. |
කොරියානු භාෂාවේ අක්ශර 40 යක් වෙයි එය මුලීක වශයෙන් කොටස් 2ක කින් යුක්ත වන අතර ඒවා හන්ගල් යනුවෙන් හදුන්වයි.හමි ඒ වැරැද්ද හදලා තමයි පාතින් රූප සටහන දැමිමෙ බොහම තුති වැරැද්ද පෙන්වා දුන්නාට නීගා මල් චාරානේ. කොමස්මිදා .....අද කොරියන් භාෂාව සිංහලයන් වු අප ඉගෙන ගත යුත්තේ ඇයි?. මෙ වන විටත් දකුණු කොරියාවේ ශ්‍රීලංකිකයන් විශාල ප්‍රමාණයක් රැකියාවල් වල නියුක්තව ...දෙවන ලිපියෙන් ඔබ කොරියානු භාෂාවේ ස්වර 21 එක ඉගෙන ගන්න ඇතැයි අප සිතන්නෙමු එසේ නම් තුන්වන ලිපියෙන් කොරියානු භාෂාවෙ ව්‍යකද්ජන හදුනා ගනිමු. කොර...ප්‍රත්‍ය උක්ත ප්‍රත්‍ය 이 / 가 වාක්‍යයක ප්‍රධානියා උක්තය වෙයි කොරියානු භාෂාවේදි නාම පදයක් උක්තය භවට පරිවර්තනය කරගැනීම සදහා උක්ත ප්‍රත්‍යයන් 이...පුපී නාම පද 이 - 그 - 저 කිසියම් පුද්ගලයෙකු සත්වයෙකු හෝ කිසියම් දෙයක් ඉස්ථානයක් හැදින්වීම සදහා යොදන පද නාමපද ලෙස හදුන්වයි . එකී නාමපද පිළිබද...කොරියානු භාෂාවේ අක්ශර 40 යක් වෙයි එය මුලීක වශයෙන් කොටස් 2ක කින් යුක්ත වන අතර ඒවා හන්ගල් යනුවෙන් හදුන්වයි. හන්ගල්한글 ස්වර 21 ව්යාකද්ජන 1... |
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන හා අධීක්ෂණය මත නාගරික සංවර්ධන අධිකාරියේ ද අධීක්ෂණය යටතේ සෙත්සිරිපාය පරිශ්‍රයේ ඉදි කිරීමට නියමිත දිවා සුරැකුම් මධ්‍යස්ථානය සඳහා මුල් ගල තැබීම කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ මහානගර හා බස්නාහිර සංවර්ධන ගරු අමාත්‍ය අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2018 අගෝස්තු මස 08 වන දින පෙ:ව 9.12 ට යෙදුණු සුභ මොහොතින් සෙත්සිරිපාය පරිශ්‍රයේ දී සිදු කරන ලදි. මෙම අවස්ථාව සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් රැසක් සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ, නාගරික සංවර්ධනය අධිකාරියේ සභාපති, අධ්යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන් ද සුභ සාධක සංගමයේ නිලධාරී මහත්ම මහත්මීන් ද සහභාගී වූහ.රාජ්‍ය සේවකයින් රාජකාරීන්හි නිරත වන කාලසීමාවන්හී දී ඔවුන්ගේ දරුවන් සුරක්ෂිතව රැඳවීමට සුදුසු ස්ථාන නොමැති වීම හේතුවෙන් රාජ්‍ය නිලධාරීන් දැඩි අපහසුතාවයට පත් වන අතර , එය සේවාවන්හි ගුණාත්මක බව අඩු වීමට ද හේතු පාදක වේ. බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රය තුල ද අලුතින් අමාත්‍යාංශ ගණනාවක් ස්ථාපිත කිරීම හේතුවෙන් නව දිවා සුරැකුම් මධ්‍යස්ථානයක අවශ්‍යතාවය දඩිව උද්ගතව පවතින අතර, ඒ සඳහා පිළියමක් වශයෙන් ආදර්ශ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ලෙස මෙම නව දිවා සුරැකුම් මධ්‍යස්ථානය ඉදිකෙරේ. එසේම සියලුම රාජ්‍ය ආයතන වල දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් අප අමාත්‍යාංශය දැනුවත් කර ඇති අතර , එහි නියමු ව්‍යාපෘතිය ලෙස මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථානය ඉදිකිරීම පිළිබඳ අවධානය යොමු කර ඇත.කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් මේ සඳහා රුපියල් මිලියන 10 ක ප්‍රතිපාදන වැය කරනු ලබන අතර, ළමා ලේකම් කාර්යාලය මඟින් අවශ්‍ය තාක්ෂණික උපදේශකත්වය ලබා දේ. නියමිත ප්‍රමිතීන්ට අනුව ළමා මිතුරු පරිසරයක් දරුවන්ට ලබා දීම තුළින් දරුවන් සඳහා උපරිම විභවතාවයන් සංවර්ධනය වීමට අවස්ථාව හා පරිසරය නිර්මාණය කිරීම මඟින් දරුවන්ට හිතකර වන ලෙස මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථානය සැලසුම් කර ඇත. |
කුකුළුමස් යනු අප කුඩා කාලයේ අපට හිතේ හැටියට කන්නට ලැබුණු කෑමක් නොවේ. ලංකාවේ මධ්‍යම පාන්තික පවුලක් වූ අපේ ගෙදරට බොහෝ විට කුකුළුමස් ගෙනාවේ පියාගේ පඩි දවසේ හෝ නිවසට අමුත්තෙකු පැමිණෙන අවස්ථාවක වැනි විශේෂ දවසකය. ඊට වඩා වැඩිපුර කුකුළුමස් කෑම අපේ ආර්ථිකයට ඔරොත්තු නුදුන්නා පමණක් නොව ඒ තරමට කුකුළුමස් කෑම, අඩු වශයෙන් ඒ කාලයේ අපේ ගෙදර පැවති සංස්කෘතිය තුළ, අවශ්‍ය හෝ සාමාන්‍ය දෙයක් ලෙස සැලකුනේද නැත. කුකුළුමස් සැලකුනේ අවුරුද්දට හදන හත්මාළුව හෝ කිරිදානයකට හදන කිරියා මෙන් මඟුල් ගෙදරක් වැනි උත්සව අවස්ථා වලට ගැලපෙන ආහාරයක් මිස දිනපතා ආහාරයට ගත යුතු දෙයක් ලෙස නොවේ.කුකුළුමස් ආහාරයට ගැනීමෙන් සංකේතවත් වුනේ සතුටයි. ඒ නිසා, සතුට පෙන්වීම නුසුදුසු අවස්ථාවක් ලෙස සැලකෙන අවමංගල අවස්ථාවක ඉදෙන කෑමකට කුකුළුමස් හෝ වෙනත් මස් වර්ගයක් පමණක් නොව අළුත් මාළු හෝ එකතු වුනේ නැත. මුහුදුබඩ පළාත් වල සංස්කෘතිය මීට වඩා වෙනස් වූවා විය හැකිය. මළ ගෙදරක සාමාන්‍යයෙන් පිළියෙල කළ ආහාර වේලක වූ සත්ත්ව ප්‍රෝටීන් සංරචකය වූයේ කරවල හෝ හාල්මැස්සන් හොද්දකි. කුකුළුමස් සතුටේ සංකේතයක් වූවාක් මෙන් හාල්මැස්සා දුකේ සංකේතයක් වූවා විය හැකිය.රට වටකර රට මෙන් කිහිප ගුණයක් විශාල අනන්‍ය මුහුදු කලාපයක් තිබුණත්, මුහුදට සැතපුම් පණහක පමණ දුරින් රට මැදට වෙන්නට සිටි අපට කුකුළුමස් මෙන්ම අළුත් මාළුද සුඛෝපභෝගී ආහාර විය. අපේ ආහාර වේලට දිනපතා සාමාන්‍යයෙන් එකතු වුනු සත්ත්ව ප්‍රෝටීන් ප්රභවය වූයේ එක්කෝ කරවල හෝ වියලි හාල්මැස්සන්ය. එසේ නැත්නම් බිත්තරයි. බිත්තර එතරම් දුලබ ආහාරයක් නොවූයේ සමඟි පෙරමුණු ආණ්ඩු කාලයේ හෝ ඇතැම් විට ඊටත් පෙර අපේ ගෙදර කුකුළු පාලනය ඇරඹී තිබුණු නිසාය. මෙසේ ගෙදර හැදූ කිකිළියන්ගේ බිත්තර සීමිත ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් මා ඇතුළු කුඩා දරුවන් වෙනුවෙන් වෙන් වෙන්නට ඇතැයි දැන් මට හිතේ.බිත්තරයක් කඩන්නට අයෙක් සොයා ගැනීම ඇතැම් විට ප්‍රශ්නයක් වුවත් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් ඒ පවට කර ගහන්නට කවුරු හෝ වැඩිහිටියෙකු ඉදිරිපත් විය. එහෙත්, ගෙදර කුකුළු පට්ටියේ කුකුළෙකු මස් කරන්නට තරම් ධෛර්යයක් අපේ ගෙදර වැඩිහිටියන් කිසිවකුටත් නොතිබුණේය. වරක් කුකුළු කූඩුවට කලවැද්දන් පැන කුකුළන් විශාල ගණනක් මරා දමනු ලැබ තිබුණු විටකද, ලොකු වලක් කපා ඒ කුකුළන් වල දැම්මා මිස සුද්ද කර ආහාරයට ගැනුණේ නැත. කුකුළුමස් හැමවිටම වාගේ සම්පාදනය කර ගැනුණේ නගරයේ වූ මස් කඩයෙන් මිල දී ගැනීම මඟිනි.ඉඳහිට අතරින් පතර කාගෙන් හෝ ලැබුණු වල් ඌරු මස් ගාතයක් හැර ගම් ඌරු මස් හෝ හරක් මස් මුල් කාලයේදී අපේ ගෙදර ඉදුනේම නැත. එහෙත්, එයට හේතු වූයේ සංස්කෘතික හේතු මිස ආර්ථික හේතුම නොවේ.දශක හතර පහකට පෙර අපේ ගෙදර ආහාර රටාවේ තිබුණු ආර්ථික හා සංස්කෘතික සීමාවන් ලංකාවේ ආහාර සංස්කෘතිය තුළ තවමත් විශාල ලෙස වෙනස් නොවී දකින්නට පුළුවන. රටේ සාමාන්‍ය ආදායම් මට්ටම පසුගිය දශක හතර තුළ සැලකිය යුතු ලෙස වැඩි වී ඇතත් කුකුළුමස් වලින් තවමත් සංකේතවත් වන්නේ ධනපතියෙකුගේ පරිභෝජන රටාවයි. කාටුන් චරිත වල දැකිය හැකි බඩ තඩි දේශපාලනඥයාගේ පිඟානේ තවමත් දකින්නට ලැබෙන්නේ රෝස් කළ ලොකු කුකුළෙකි.කුකුළුමස් පරිභෝජනය හරහා සංකේතවත් කෙරෙන ලංකාවේ ආදායම් විෂමතාවය කාටුන් වලට සීමා වූවක් නොවේ. එය ලංකාවේ සැබෑ ආහාර පරිභෝජන රටා තුළ තවමත් දකින්නට හැකි දෙයකි. ආර්ථික සාධක හේතුවෙන් කුකුළුමස් හා අළුත් මාළු පමණක් නොව බිත්තරද ලංකාවේ අති මහත් බහුතරයකට තවමත් හිතේ හැටියට පරිභෝජනය කරන්නට ලැබෙන්නේ නැත. මෙයින් වෙනස්ව, හරක් මස් පරිභෝජනය සීමා වී ඇත්තේ සංස්කෘතික සාධක හේතුවෙනි.අදටත් ලංකාවේ දුප්පත්ම නිවාස ඒකක සියයට විස්ස තුළ වියලි හාල්මැස්සන් පරිභෝජනය කුකුළුමස් පරිභෝජනය ඉක්මවයි. දුප්පත්ම නිවාස ඒකක 10% තුළ ජීවත් වන පවුලක් වසරකට වියලි හාල්මැස්සන් කිලෝග්‍රෑම් 3.2ක් ආහාරයට ගන්නා අතර ආදායම අනුව දෙවන හා තෙවන පහළ මට්ටම් වල ඉන්නා අය පිලිවෙලින් වියලි හාල්මැස්සන් කිලෝග්‍රෑම් 5.1ක් හා 5.6ක් ආහාරයට ගනිති. මේ කණ්ඩායම් වලට හාල්මැස්සන් ආහාරයට ගැනීම කෙරෙහිද සිය ආදායම් මට්ටම බාධාවක් වන නමුත්, ආදායම අතින් උඩින් සිටින 70%ට එය එතරම් බාධාවක් නොවේ. ආදායම බාධාවක් නොවූවද ලංකාවේ පවුලක් හාල්මැස්සන් කිලෝග්‍රෑම් 6-7කට වඩා ආහාරයට ගන්නේ නැත. එය ලංකාවේ සාමාන්‍ය පවුලකට වියලි හාල්මැස්සන් පරිභෝජනය කිරීම සඳහා ඇති රුචිකත්වයේ සීමාවයි.හරක්මස් ආහාරයට ගැනීම ආදායම අනුව පහළින් සිටින 50%කටම ප්‍රශ්නයක් වුවත්, උඩින් සිටින 50%ට එයද බාධාවක් නොවේ. පහළම 10%ට අයත් පවුලක සිට හයවන 10% දක්වා පැමිණෙද්දී වාර්ෂික හරක්මස් පරිභෝජනය ග්‍රෑම් 744 සිට කිලෝග්‍රෑම් 4.8 දක්වා ක්‍රමයෙන් වැඩි වන නමුත් එතැන් සිට ආදායම වැඩිවන විට සිදුවන්නේ වාර්ෂික හරක්මස් පරිභෝජනය අඩු වීමයි. මෙයින් පෙනෙන්නේ සංස්කෘතික හා වෙනත් ආර්ථික නොවන සාධක වල බලපෑම ආර්ථික සාධක ඉක්මවා යාමයි. රටේ ආදායම් අනුව පහළින් සිටින 50%ට සංස්කෘතික සාධක ප්‍රශ්නයක් නොවූවත් ඉහළින් සිටින 50%ට එය ප්රශ්නයකි. සංස්කෘතික සාධක වලට අමතරව සෞඛ්‍යමය හේතුද මේ නිරීක්ෂණයට සැලකිය යුතු තරමින් දායක වනවා විය යුතුය.කුකුළුමස් හා බිත්තර පමණක් නොව කෙලවල්ලා මාළු පරිභෝජනය හා අදාළවද පෙනෙන රටාව ඉහත රටාවන්ට වඩා වෙනස්ය. මේ ආහාර වර්ග පරිභෝජනය ආදායම වැඩිවන විට දිගින් දිගටම ඉහළ යයි. එයින් පෙන්නුම් කරන්නේ ආදායම අනුව ඉහළින්ම සිටින නිවාස ඒකක වලට පවා මේ ආහාර වර්ග පරිභෝජනය තවදුරටත් ඉහළ දැමීමට ඇති බාධාව ආදායම් සීමාවන් බවයි. ඒ අනුව පෙනී යන්නේ රටේ ආදායම් මට්ටම් වැඩි වීම හෝ මිල පහළ යාම නිසා කුකුළුමස්, බිත්තර හා අළුත් මාළු මිලදී ගැනීමේ හැකියාව වැඩි වන තරමට එම ආහාර වර්ග පරිභෝජනයද තව දුරටත් දිගින් දිගටම ඉහළ යන්නට ඉඩ ඇති බවයි. කුකුළු මස්, බිත්තර හා කෙලවල්ලන් (අලුත් මාළු) හා අදාළව ලංකාවේ පාරිභෝගිකයින්ගේ සීමාකාරී සාධකය වී තිබෙන්නේ ක්‍රය ශක්ති සීමාවන් මිස හාල් මැස්සන්ට මෙන් රුචිකත්වයේ සීමාවන් හෝ හරක්මස් වලට මෙන් සංස්කෘතික සීමාවන් නොවේ.රටේ පහළම ආදායම් ලබන 10%ට අයත් පවුලක වසරකට ඉදෙන්නේ කුකුළුමස් කිලෝ ග්‍රෑම් 1.37ක් පමණි. බිත්තර 39කි. ඉහළම ආදායම් ලබන 10%ට අයත් පවුලක වාර්ෂික කුකුළුමස් පරිභෝජනය කිලෝ ග්‍රෑම් 33.8ක්ද, බිත්තර පරිභෝජනය 210ක්ද වෙයි. දුප්පත් නිවසක එක් කුකුළෙකු ඉදෙන විට ධනවත් නිවසක් කුකුළන් 25ක් පමණ ඉදෙයි. එහෙත්, හාල්මැස්සන් හා අදාළව මේ අනුපාතය දෙගුණයක් පමණි.මස් පිණිස හෝ බිත්තර පිණිස කුකුළන් හදන කුඩා (කුකුලන් 1000 නොඉක්මවන) ගොවිපොළවල් 39,209ක් ලංකාවේ තිබේ. මේවායේ අයිතිකරුවෝ රටට බරක් නැතිව ජීවත්වන කුඩා පරිමාණ ව්‍යවසායකයෝ වෙති. බිත්තර මිල අඩු වීමට හේතු වන, කර්මාන්තයේ සිදුවන සුළු ආකෘතිමය වෙනසක් නිසා වුවද මේ ව්‍යවසායයන් පවත්වා ගෙන යාම අසීරු වී ඒවායින් කොටසක් බිඳ වැටෙන්නට පුළුවන.මේ කුඩා පරිමාණ කුකුළු ගොවිපොළ හිමියෝ "ධනපතියෝ" නොවෙති. එහෙත්, අඩු මිලට බිත්තරයක් කන්නට ලැබීමෙන් වාසි ලබන අය අතර සිටින අවුරුද්දකට වරකට වඩා කුකුළුමස් කන්නට හැකියාවක් නැති, මාසයකට වරකට වඩා බිත්තරයක් කන්නට හැකියාවක් නැති පුද්ගලයෝ ඔවුන්ටද වඩා අසරණයෝ වෙති. එවැනි පවුල් වල සිටින ප්‍රමාණය අඩු වශයෙන් මිලියන දෙකකි. කුඩා පරිමාණ කුකුළු ගොවිපොළ හිමියන් හතළිස් දහසකට නොවැඩි පිරිසකට සහන සලසන්නට වෙන්නේ රටේ අඩුම ආදායම් ලබන 10%ට අයත් මිලියන දෙක ඉක්මවන පුද්ගලයින් ඇතුළු රටේ මාංශමය ආහාර කන සෑම අයෙකුගේම කෑම වේලෙන් බිත්තර කිහිපයක් හා කුකුළුමස් ග්‍රෑම් කිහිපයක් ඉවත් කර ගැනීම මඟින් පමණි. එය කොතරම් උචිතද යන්න විමසා බැලිය හැක්කේ ඒ නිසා සමාජ අතිරික්තය වෙනස්වන ආකාරය පරීක්ෂා කිරීම මඟිනි.මෙහි අලුත් මාලු වෙනුවෙන් කෙලවල්ලා යෙදීම එතරම් සුදුසු නැතැයි මට හැඟේ. අප කුඩා කාලේ කෙලවල්ලන් වනාහී රතු මාලුවක් ය ඌශ්නය කියා බොහෝ දෙනෙක් කෙලවල්ලා කෑම නොකල අතර බොහෝ දෙනෙක් ප්‍රිය කල තලපත් මාලු වලට වඩා කෙලවල්ලා බොහෝ ලාබ විය.පසුකලෙක වෙලෙඳ පොලේ කෙලවල්ලාට වැඩි ඉල්ලුමක් ඇති වූ නිසා (ජපානයට යවනවා කියා අසා ඇත ) එය තලපත් මිලටම,, සමහර විට තලපත් වලටත් වඩා වැඩි මිලකට වෙලෙඳ පොලේ අලෙවි වෙයි.තලපත් මාලු වනාහී බොහෝ දෙනෙකු ආහාරයට ගන්නට කැමති මාලු වර්ගය වන අතර එහි මිල ද බොහෝ විට ස්තාවර අගයක පවතී... මේ දිනවල කිලෝව රුපියල් 900 සිට 1100 දක්වා.ඔබ පෙන්වා දෙන කරුණට පදනමක් තිබෙනවා කියා හිතනවා. නමුත්, සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් පළ කර ඇති අවසන් සමීක්ෂණ වාර්තාවේ මෙවැනි විස්තරාත්මක තොරතුරු තියෙන්නේ බලයා හා කෙලවල්ලා මාළු ගැන පමණයි.ඇත්තටම බලයා, කෙලවල්ලා, සාලයා, හුරුල්ලා, තෙප්පිළි (වැව් මාළු) වගේ වෙනත් මාළු වර්ග ගණනක් තලපත් වලට වඩා ඉදිරියෙනුයි ඉන්නේ.අපිත් පොඩි කාලේ නිතරම කෑවේ කරවල තමයි. මාළුකාරයා ගමට ගේන මාළුත් හුරුල්ලෝ වගේ ඒවා පමණයි. ඉතිං, හාල්මැස්සෝ, කීරමින්, කාරල්ලෝ කරවල තමයි හැම වේලකට ම වාගේ.මම හිතාගෙන හිටියේ කරවල වැඩිපුර ආහාරයට ගත්තේ අලුත් මාළු නොපැමිණෙන මුහුදෙන් ඈත ප්‍රදේශ වල කියලයි. (සමහර විට රසිකගේ අම්මා කලවානෙන් ගෙන ආ රුචිකත්වය වෙන්න පුළුවන්)මට නම් එදත් අදත් හාල්මැස්සන් බැදුම හා සමාන රසක් තිබෙන මසක් හෝ මාළුවක් නැහැ. මිල පැත්තෙන් බැලුවොත් අදනම් කුකුළු මස් ලාබයි මට හිතෙන්නේ. හොඳම තත්වයේ ලංකා හාල්මැස්සෝ කිලෝ එකක් රු.900 පමණ වෙනකොට කුකුළු මස් කිලෝ එකක් රු 500 කට හෝ ඊටත් අඩුවෙන් ගන්න පුළුවන්.ඔව්. දැන් කුකුළු මස් ලාබයි. කුකුළුමස් වල එක් වෙනසක් වන්නේ ප්‍රධාන ආහාරයක් ලෙසත් කන්න හැකි වීමයි. කරවල හාල්මැස්සෝ ආදිය වරකට ගොඩක් කන්න බැහැ./පහළම 10%ට අයත් පවුලක සිට හයවන 10% දක්වා පැමිණෙද්දී වාර්ෂික හරක්මස් පරිභෝජනය ග්‍රෑම් 744 සිට කිලෝග්‍රෑම් 4.8 දක්වා ක්‍රමයෙන් වැඩි වන නමුත් එතැන් සිට ආදායම වැඩිවන විට සිදුවන්නේ වාර්ෂික හරක්මස් පරිභෝජනය වැඩි වීමයි./එතැන් සිට වැඩි නොවේ අඩු වෙන්ටෝන නේද .පිදුරු වගේ කුකුළු මස් කන්නේ ඇයි? රස ගුණ හරක් මස් කන්න. හරක් මස් කියන්නේ බොහොම පෝෂ්‍යදායී ආහාරයක්. ඔබ ඔබේ දරුවන්ට ආදරෙයි නේද? ඒ නිසා ඔබ ඔවුන්ට ලබා දෙන්නේ හොදම දේ නේද? එහෙනම දිනපතාම හරක්මස් කෑමට දෙන්න. ඔබත් ලේ වඩවන,ගුණදායක, රසවත් හරක් මස් කෑමට ගන්න.උදේට නැගිට්ටම ඇයි ඔය බත් තම්බ තම්බ ඉන්නේ. මුණ කට හොදන් යන්න ටවුමේ සම්සුදීන් මුදලාලිගේ හෝටලේට. ගිහිං වාඩිවෙලා ඕඩර් කරන්න හොදට සැරට හිටින්න හදපු හරක් මස් හොද්දක් එක්ක උණු උණු රෝස් පාන් දෙකක්... මේ පාන් උණු උණුවේ හදන්නෙත් සම්සුදීන් මුදලාලිගේ බේකරියේමයි. ම්ම්. ඉතිං ටික වෙලාවකින් මේසෙට අරං එයි ඒ දිව්‍ය බෝජනේ. ඔන්න ඉතිං දෙසා බාන එකයි තියෙන්නේ. ඊට පස්සේ වැඩි සීනි ප්ලේන්ටි එකක් අරං, එකත් බිලා, බිල ගෙවන ගමන් සිගරට් එකකුත් අරං එකත් පත්තු කරන් වැඩට යන එකයි තියෙන්නේ.ඔහොම වැඩට ගිහිං කන්තෝරුවේ වැඩකර කර ඉන්නකොට දවල් වෙනවනි. ඊට පස්සේ වැදගත්ම දේ දවල් කෑම. දවල් කෑමට ඉතිං බත් නොවැ කන්නේ ගොඩ දෙනෙක්. එහෙනං ඉතිං හොදම තේරීම ලතීෆ්ගේ හෝටලය. අර පල්ලියට එහා පැත්තේ තියෙන්නේ. පෙප්සි බෝර්ඩ් එකක් එහෙම ගහලා. අන්න එතැන. එහෙන ගිහිං හෝටලේ ඇතුලේ වැඩි වෙලා රජ්ජුරුවෝ වගේ ඉල්ලන්න හරක් මස් එක්ක බත්.. පකිස්තානෙන් ගෙන්නපු හාල් වලින් උයපු දුම් දාන සුදු බත්, දිව පිනවන රසවත්, ගුණවත් හරක් මස්, පරිප්පු, විශේෂයෙන් උයපු අළු කෙසෙල් මාළුව ඊට අමතරව තවත් රසවත් මාළු පිනි රාශියක්. ඇයි බැදපු මාළු උනත් ගන්න පුළුවන්. ආයේ ඉතිං රස ගුණ කියලා නිම කරන්න වචන නෑ. කන්න හිතේ හැටියට නිවී සැනසිල්ලේ. බත් කාලා ඉවර වෙලා හොද වටලප්පං එකකුත් කාලා, සිගරට් දෙකකුත් අරං බිලත් ගෙවලා යන්න ඔපිස් එකට.ඊට පස්සේ ඔපිස් එකේ වැඩ අනං මනං කරලා හවස් වෙලා ගෙදර යන ගමන් අපේ නානාගේ දුවනගිරියෙන් රතු පාටට, පැණි බේරෙන බූන්දි ටිකක් අරං යන්න පොඩි එවුන්ට.පස්සේ ඔය ගෙදර ගිහිං මුණ කට එහෙම හෝදලා, ටිකක් විවේක අරං ඉන්නකොට නෝනා අහයි රෑට කන්නේ මොනාද කියලා. අනේ ඇයි ඉතිං මේ හැන්දෑ වෙලා ආයේ ගෙදර කෑම හදන්න මහන්සි වෙන්නේ. හන්දියේ මුස්ලිම් හෝටලයට විනාඩියක දුරනි. යන්න එතැනට. රෑට කන්න හොද රස ගුණ හරක් මස් කොත්තුවක්... පොඩි එවුන්ටත් ඔබ ආදරේ නේද? ගන්න රසවත් ගුණදායක හරක් මස් කොත්තු. අනික ඒ ගමන්ම හොදවයින් අරක්කු භාගේකුත් ගන්න. ආ ඒත් එක්කම මුස්ලිම් හෝටලෙන් සිගරට් ගන්නත් අමතක කරන්න එපා හොදද. ඊට පස්සේ ඉතිං දිව්‍ය ලෝකේ ගියා වගේ තමයි නේද?මම නම් කැමති, චීන්නු, තුර්කියෝ, සීක්ල, එහෙම ලංකාව හැම තැනම හෝටල් දාගෙන හිටියනම්, අපට අඩු තරමේ හොඳ සයිවර් කඩයක් වත් නෑ, එ මිනිස්සුවත් එලවල දාලා, ඔහෙලව අල්ලලා කුරක්කන් තලපම ගිල්ලවන්න ඕන.දෙවියන් වහන්සෙට මස් කෑල්ලක් හම්බ වුනා එයා එයින් කොටසක් කාලා ඉතිරිය බිම තැබුවාම කුනු ගෑවෙන නිසා කෝටු හතරක් උඩ රැඳෙව්වා.අපි පිටිකිරි අඩුකරලා හාල්මැස්සෝ වැඩිකරන්න කැමති වුනත්, මිලදී ගැනීම සීමාකරලා තියෙන්නේ ඒ ගඳට මැස්සෝ ගෙට එන නිසා, කුමක් හෝ හේතුවක් නිසා පිසීමට සුදානම් කල හාල්මැස්සෝ පැකට් වෙළඳ පොලේ නෑ.ටිකක් විතර පුදුමයි. මෙහෙනම් ගන්න තියෙනවා. සුපිරි වෙළඳසැල් වල කළමනාකරුවන් මෙය කියවනවනම් සිතා බැලිය යුතු දෙයක්!කාණ්ඩ වෙන් කර තිබෙන්නේ එක් කාණ්ඩයකට මුළු ජනගහණයෙන් 10%ක් පමණ වැටෙන ලෙසයි. රටේ පවුල් ඒකක ගණනින් හරියටම 10%ක්. පවුල් ඒකකයක සිටින පුද්ගලයින් ගණන ඉතා සුළු වශයෙන් වෙනස් වන නිසා ජනගහණයෙන් හරියටම 10%ක් නොවූවත්, ආසන්න ලෙස එසේ සැලකීමේ වරදක් නැහැ. මේ දත්ත 2012/13 නිසා ප්‍රෝටීන් පරිභෝජනය මේ වන විට යම් තරමකින් වැඩි වී ඇති.අපේ ගෙදරත් වැඩිපුර හාල් මැස්සන් හා මාළු වලින් කෑවේ හුරුල්ලන්ය. විච්රකතුමාගේ ප්‍රියතම කෑම බල කරවල , හුරුල්ලෝ මාළු හා , කෙලවල්ලන්ය. එමනිසා අප භුක්තිවින්දේද එම අහාරය. කුකුළු මස් ඔහු එතරම් ප්‍රිය නොකළ අතර විශේෂ අවස්ථාවක පමණක් ආහාරයට ගත්තා. |
පසුගිය මාර්තු මාසය අවසානය වන විට ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 9,702.8ක් විය. එයින් රුපියල් බිලියන 5,626.2ක් දේශීය ණය වූ අතර ඉතිරි රුපියල් බිලියන 4,076.7 විදේශ ණයයි. දේශීය ණය වලින් වැඩි ප්‍රමාණයක් රුපියල් ණය වන අතර විදේශ ණය වලින් වැඩි ප්‍රමාණයක් වෙනත් විදේශ ව්‍යවහාර මුදලකින් ලබාගත් ණයයි. ඒ නිසා, අපි අපේ පහසුව සඳහා මේ ලිපියේදී දේශීය ණය රුපියල් ණය ලෙසත් විදේශ ණය ඩොලර් වැනි වෙනත් විදේශ ව්‍යවහාර මුදලකින් ලබාගත් ණය ලෙසත් සලකමු.ලංකාව කලක සිට ණය අර්බුදයක සිරවී සිටින බව දැන් කවුරුත් දන්නා කතාවකි. මේ ආණ්ඩුව බලයට පත් වන තුරු මේ ණය අර්බුදය ගැන වැඩිපුර කතා කළේ විපක්ෂයේ සිටි දේශපාලන පක්ෂ, ආණ්ඩු විරෝධීන් සහ සහ වෙනත් ඇතැම් මැදහත් විශ්ලේෂකයින් විසින් පමණි. ආණ්ඩු විසින් බොහෝ විට කියන්නට උත්සාහ කළේ එවැනි අර්බුදයක් නැති බවයි. මේ කියන්නේ පසුගිය ආණ්ඩුව පැවති කාලය ගැන පමණක් නොවේ.මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව තත්ත්වයේ වෙනසක් සිදු විය. දැන් ණය අර්බුදය ගැන වැඩිපුරම කතා කරන්නේ බලයේ සිටින ආණ්ඩුවයි. ඒ නිසා ණය අර්බුදයක් ඇතැයි කීම දැන් ආණ්ඩු විරෝධී හෝ ආණ්ඩුවට කඩේ යන ප්‍රකාශයක් ලෙස සැලකෙන්නේ නැත. හොරකම් වැනි වෙනත් දේවල් ගැනද තත්ත්වය එසේය.ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් දේශපාලනඥයින්ට හදිසියේම නිරීක්ෂණය වී ඇති කරුණක් වන්නේ රටේ හැම තැනම හොරු සිටින බවයි. ඒ අනුව, රටේ හැටියට ආණ්ඩුවේ හොරු සිටීම අමුතු දෙයක් නොවේ.තවමත් කිසිදු දේශපාලනඥයෙකු විසින් "සොයාගෙන" නැතත්, ආණ්ඩුව පමණක් නොව රටේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් විශාල පිරිසක්ද පෞද්ගලිකව ණය අර්බුද වල හිර වී සිටිති. එහෙම බැලුවාම රටේ හැටියට ආණ්ඩුව ණය අර්බුදයක සිටීමද අමුතු දෙයක් නොවේ.ණය අර්බුද වල පැටලී සිටින සාමාන්‍ය මිනිසුන් සැලකිය යුතු ප්‍රමාණයක් විසින් කරන්නේ මාසයෙන් මාසයට ණය රෝල් කිරීමයි. මෙවැනි ඇතැම් අය ක්‍රෙඩිට් කාඩ්පත් දෙකක් නඩත්තු කරමින් එකකින් අනිත් එකේ ණය ගෙවීමත්, අනිත් එකෙන් මුල් එකේ ණය ගෙවීමත් මාරුවෙන් මාරුවට කරති. ක්‍රෙඩිට් කාඩ් වල අධික පොලී අනුපාතික නිසා ණය එන්න එන්නම වැඩි වේ. එවිට විසඳුම බැංකුවට කතා කර ක්‍රෙඩිට් කාඩ් එකේ සීමාව ණය ඉහළ දමා ගැනීමයි. මේ ක්‍රමයට කලක් ඇදගෙන යා හැකි වුවත් කොයි වෙලාවේ හෝ අමාරුවේ වැටෙන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත.ව්‍යාපාරිකයින් ලෙස තමන්ව හඳුන්වා ගන්නා ලංකාවේ බොහෝ දෙනෙකු විසින් කරන්නේද ණය රෝල් කිරීමයි. මේ බොහෝ දෙනෙකු ව්‍යාපාරිකයෝ මිස සැබෑ ව්‍යවසායකයෝ නොවෙති. එයින් කියන්නේ සැබෑ ව්‍යවසායකයින්ද නොසිටින බව නොවේ. බැලූ බැල්මට ආණ්ඩුවට පිටින් සිටින කොටසක් මෙන් පෙනෙන ලංකාවේ ව්‍යාපාරිකයින් අතරින්ද සෑහෙන පිරිසක් ඇත්තටම ආණ්ඩුවේම කොටස්ය. මේ අයද දේශපාලනඥයින් හා රජයේ සේවකයින් මෙන්ම විශාල අකාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයක් තිබීමේ ප්රතිලාභ ලබන්නෝය. ආණ්ඩුවේ කොන්ත්‍රාත් මත හෝ රජයට භාණ්ඩ හෝ සේවා සම්පාදනය කිරීම මඟින් ලාභ ලබන්නන්ගේ සිට මන්ත්‍රීවරුන් විසින් බදු රහිතව ගෙන්වන වාහන මිල දී ගන්නන් ඇතුළු බොහෝ දෙනෙක් මේ ගොඩට දැමිය හැකිය.ලංකාවේ බොහෝ ව්‍යාපාරිකයින් ව්‍යාපාරිකයින් වී සිටින්නේ ඔවුන්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් මත පදනම්ව නොවේ. ඔවුන් සතුව උරුමයෙන් හිමිවූ ප්‍රාග්ධනයක් තිබීම හෝ සමාජ සම්බන්ධතා මත පදනම් වූ ප්‍රාග්ධන ප්‍රවේශ හැකියාවක් තිබීම මත පදනම්වය. මේ දෙකෙන් එකක්වත් නැති ලංකාවේ බොහෝ දෙනෙකුට ව්‍යවසායකත්ව හැකියාවන් තිබුණද ව්‍යාපාරිකයින් වීමට අවස්ථාවක් නොලැබේ. තමන්ගේ හැකියාව අනුව හිමි විය යුතු, එහෙත් පවතින තත්ත්වයන් යටතේ තමන්ට නොලැබෙන අවස්ථාව අධ්‍යාපනය හරහා ඉහළට ගොස් වෘත්තීයවේදීන් වීම මඟින් වෙනත් ආකාරකින් ලබා ගැනීමට ඔවුන් උත්සාහ කරන්නේ එබැවිනි. රජයේ සරසවි වල වෛද්‍ය පීඨ වලට විශාල ඉල්ලුමක් තිබෙන්නේ වෛද්‍යවරුන් වන්නට "ඇඟෙන්ම" උවමනාවක් තිබෙන පිරිසට සමාජ ඉනිමගේ ඉහළට යාමට වෙනත් ප්‍රවේශ මාර්ග නැති තවත් පිරිසක්ද එකතු වීම නිසාය.සාමාන්‍ය පුද්ගලයෙකුට ලංකාවේ වාණිජ බැංකුවකින් ආයෝජන ණයක් ගැනීම ඉතාම අපහසුය. මෙවැනි අයට බැංකුවකින් පහසුවෙන් ලබාගත හැක්කේ කල්බදු ආකාරයේ පරිභෝජන ණය, උගස් ණය හා ක්‍රෙඩිට්කාඩ් ණය පමණි. ලංකාවේ බැංකු වලින් ව්‍යාපාරික ණය ලබා ගන්නෝ බොහෝ දෙනෙකු එක්කෝ දැනටමත් සැලකිය යුතු ප්‍රාග්ධනයකට හිමිකම් කියන අයයි. එසේ නැත්නම් දේශපාලන හෝ වෙනත් සම්බන්ධතා ඇති අයයි. සරසවි ප්‍රවේශ සුදුසුකම් ලැබීමට තරම් ශාස්ත්රාලීය දක්ෂතා නැති, උරුමයෙන් ලැබුණු ප්‍රාග්ධනයක්ද නැති, එහෙත් කිසියම් ආකාරයක දක්ෂතාවන් ඇති අය ප්‍රාදේශීය දේශපාලනඥයින් වන්නට උත්සාහ කරන්නේ ඉහළට නගින්නට ඔවුන්ට ඉතිරි වී ඇති හොඳම විකල්ප ප්‍රවේශ මාර්ගය එය නිසාය. දේශපාලන සම්බන්ධතා ඇතුළු වෙනත් දේ නැතුව පාසැලක කැන්ටිමක් කිරීමේ අවස්ථාව ලබා ගැනීම පවා අසීරු කරුණකි.ලස්සෙට කොඩි දමා සිටින බව පෙනෙන ඇතැම් ව්‍යාපාරිකයින්ගේ ශුද්ධ වත්කම් සෘණ අගයක් ගන්නවා වන්නටද පුළුවන. වත්කම් මිස බැංකු ණය පිටතට පෙනෙන්නේ නැත. එහෙත්, ඒ හේතුව නිසා මෙවැනි ව්‍යාපාරිකයකුට සිය ව්‍යාපාරය බිඳ නොවැටී පවත්වාගනිමින් හා අත දිගහැර වියදම් කරමින් හොඳ ජීවන තත්ත්වයක්ද පවත්වාගැනීමට නොහැකි වන්නේද නැත. එක් ණයක් ගෙවා ගන්නට අසීරු වන විට තවත් ණයක් ගන්නට පුළුවන.එක පැත්තකින් මෙවැනි "හිර වී සිටින" ව්‍යාපාරිකයෙකුට බැංකුව තවත් ණය නොදී සිටියොත් වෙන්නේ ඔහුගේ ව්‍යාපාර ක්ෂණිකව බංකොලොත් වී දැනට ලබාගෙන ඇති ණයද ගෙවන්නට නොහැකි වීමයි. එහෙම වුනොත් ණය අනුමත කළ බැංකු කළමනාකරුගේ රැකියාවද අනතුරේය. එහෙම වනවාටත් වඩා වෙන්නට ඉඩ තිබෙන්නේ අදාළ පාරිභෝගිකයා වෙනත් බැංකුවක් වෙත යාමයි. එයද, පළමුව කළමනාකරුගේ ඉලක්කත් පසුව රැකියාවත් අනතුරේ හෙළයි. මෙයට අමතරව මේ ව්‍යාපාරිකයින් බොහෝ දෙනෙකුට බැංකුවකින් ණයක් අනුමත කර ගැනීමේ "ක්‍රමවේදය" ගැන මනා පළපුරුද්දක් තිබේ. බැංකුව රාජ්‍ය බැංකුවක් වුවත්, පෞද්ගලික බැංකුවක් වුවත් පවුලේ සාමාජිකයින් සමඟ තායිලන්තයේ හෝ මැලේසියාවේ සති අන්තයක් ගෙවන්නට අකමැති කළමනාකරුවෝ නැත.වරින් වර ණය රෝල් කිරීම ලංකාවේ බොහෝ ව්‍යාපාරිකයින්ගේ විශේෂ ප්‍රාගුණ්‍යයකි. ඕකට අවශ්‍යනම් ණය රෝල් කිරීම නොකියා ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියා කියන්නත් පුළුවන.ව්‍යවසායකයින් යනු වෙනත් අයට නොපෙනෙන දේ දැකිය හැකි අයයි. මෙවැන්නන්ට ඇතැම් විට වෙනත් අයට නොපෙනෙන "සිම්පල් ප්ලෑන්" පෙනේ. ව්‍යවසායකත්වය යනු අධ්‍යාපනය හරහාම බිහිවන දෙයක් නොවේ. එහෙත්, ව්‍යවසායකත්වය තුළින් යා හැකි දුර අධ්‍යාපනය විසින් තීරණය කරයි. අධ්‍යාපනය යනු හැමවිටම විධිමත් අධ්‍යාපනයම නොවූවත්, ඇතැම් සංකීර්ණ විෂයයන් හා අදාළව අලුතෙන් දෙයක් සාර්ථක ලෙස කරන්නටනම් අදාළ විෂයයේ මූලධර්ම පිළිබඳව හොඳ අවබෝධයක් තිබිය යුතුය. වතුරෙන් දුවන කාර් හදන්නට පෙර එන්ජිමක ක්‍රියාකාරීත්වය ගැන හා ශක්ති සංස්ථිතිය සිදුවන ආකාරය ගැන මූලික දැනුමක් අවශ්‍ය වේ. ඩෙංගු වලට බෙහෙත් හොයන්නට පෙර ඩෙංගු රෝගය සිරුරේ විවිධ අවයව වල ක්‍රියාකාරිත්වයට බලපාන ආකාරය ගැන මැනවින් අවබෝධ කරගත යුතුය. එවැනි පෙර පුහුණුවක් නැති අයෙකු විසින් ඉදිරිපත් කරන "සිම්පල් ප්ලෑන්" එකක වුවද ගන්නට දෙයක් තිබෙන්නට ඉඩක් නැත්තේම නැතත්, එවැන්නක් ගොන්පාර්ට් එකක් වෙන්නට තිබෙන ඉඩ ඊට වඩා වැඩිය.ඉතිහාසය පුරා ලංකාව මුහුණ දුන් ප්‍රශ්න වලට විසඳුම් සෙවීමට අපට තිබුණු එක් "සිම්පල් ප්ලෑන්" එකක් වුනේ ඉඟුරු දී මිරිස් ගැනීමයි. පෘතුගීසින් එළවන්නට ලන්දේසීන් සමඟත්, ලන්දේසීන් එළවන්නට ඉංග්‍රීසින් සමඟත් ගිවිසුම් ගැසූ ජාතියකට ඩොලර් ණය වෙනුවට යෙන් ණය ගැනීම හොඳ විසඳුමක් බව පෙනෙන්නට පුළුවන. හොරකම් නැවැත්වීමෙන් පසු ඉතිරිවන මුදලින් සියලු ණය පියවා රට සමෘද්ධිමත් කිරීමේ "සිම්පල් ප්ලෑන්" එක ආකර්ශනීය වූ අයුරින්ම මේ "සිම්පල් ප්ලෑන්" එකද ඇතැම් අයට ආකර්ශනීය විය හැකිය.දේශපාලන සම්බන්ධතා ඇතුළු වෙනත් දේ නැතුව පාසැලක කැන්ටිමක් කිරීමේ අවස්ථාව ලබා ගැනීමට පවා අසීරු කරුණකි.athha |
ඔබපියා 1974 වසරේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය විදුහලේ ඉගෙන ගනිද්දී රගර් ක්‍රීඩාව පුහුණුව සඳහා කෝට්ටේ නව පාර්ලිමේන්තු පාරේ පිට්ටනියක් පුහුනුවට ගියා කියා මහා ලොකු බොරුවක් ලියා අප සැම රැවටීමට උත්සහා කළා නමුත් 1974 වසරේ නවපර්ලිමෙතුවක් කෝට්ටේ තියා කොහෙවත් සිතියමක්වත් තිබිනේ නැහැ .1977 රජය්පෙරලුනු පසු JR ජනාධිපති විසින් තමයි 4 July 1979 මුල් ගල තියා 29 April 1982 විවුර්ථ කලේඑවකට මගේ පියා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය භට ඛණ්ඩයේ අණදෙන්නා විදියට තමයි කටයුතුකරලා තියෙන්නේ. විචාරක පාසල් කාලයේ මුදල් ඇමති ආචාර්ය එන්. එම්. පෙරේරා කියලා ඔබ කියනවා [1964-65] සහ [1970-1977] නමුත් ආචාර්ය එන්. එම්. පෙරේරා මැති තුමා 1979 වසරේ මිය යනවාඉතින් ඔබ [ඔබේ පියා සේම ]කියන පරිදි ඔහු රන්ටඹේ යායුත්තේ 1990 පසුවයි ඊට ප්‍රථම රන්ටබේ පුහුණු කඳවුරක් තිබුනෙත් නැහැ 1979 පෙර එවැනි කඳවුරක් ලෝකයේ කිසිම සිතියමක් හෝ කාගේ සිතෙවත් තිබුනේ නැහැරට පාලනය කරන අයටත් තියෙනෙන් සිම්පල් ප්ලෑන් වගේනේ. ඒ ගොල්ලොත් හදන්නේ නය රෝල් කරන්න. එක හින්ද තමයි සමහර වෙලාවට නයට සල්ලි අරන් හදපු දෙයින් ලාභයක් නැත්නම් ඒක විකුනන්නේ නැතිව මොනවා කරන්නද කියන අදහස එන්නේ. |
ජාතික කොඩියකින් කිසියම් ජාතියක් සංකේතවත් වේ. ජාතික කොඩිය කියා කියන විට ජාතියක් ලෙස හැඳින්වෙන්නේ කිසියම් රටක පුරවැසියන් වන සියලු දෙනාවමය.සිංහ කොඩිය ලෙස හැඳින්වෙන ලංකාවේ ජාතික කොඩිය දුඹුරු පසුබිමක ඇති කඩුවක් අතින් ගත් සිංහයෙකුගේ රුවකින් හා බෝ කොළ හතරකින්ද, කොළ හා තැඹිලි පැහැ තීරු දෙකකින්ද, මේ කොටස් දෙක වටේට දිවෙන කහ පැහැ තීරු වලින්ද සමන්විතය. ඒ සංකේත වලින් නියෝජනය වන්නේ මොනවාද කියා මෙය කියවන සියල්ලෝම දනිති.ඇමරිකා එක්සත් ජනපදය බිහි කිරීම සඳහා එක්සත් වුනු මුල් ජනපද 13 නියෝජනය කරන රතු හා සුදු තීරු 13කින් හා වත්මන් ප්‍රාන්ත 50 නියෝජනය කරන නිල් පසු බිමක පිහිටි තාරකා 50කින් වත්මන් ඇමරිකන් ජාතික කොඩිය සමන්විතය. මුල්ම ඇමරිකන් ජාතික කොඩියේ තිබුණේ තාරකා 13ක් පමණි. ඇමරිකා එක්සත් ජනපදයට අලුත් ප්‍රාන්ත එකින් එක එකතු වී විශාල වෙද්දී එයට අනුරූපව කොඩියට අලුතින් තාරකා එකින් එක එකතු වී මේ වන විට එහි තාරකා ගණන 50 දක්වා වැඩි වී තිබේ. එහෙත්, ආරම්භයේදී ඇමරිකා එක්සත් ජනපදය බිහිවුණේ ජනපද 13ක් එක්සත් වීමෙන් නිසා තරු වැඩි වුනත්, කොඩියේ තීරු ගණන තවමත් 13ක් ලෙස නොවෙනස්ව තිබේ.ඇමරිකා එක්සත් ජනපදය බිහිවුණේ එහි වූ සංක්රමනිකයන්ගේ ජනපද 13ක් එක්සත් වී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සමඟ සටන් කර නිදහස් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීම මඟින් මිස එවකට තිබුණු ස්වාධීන රාජ්‍ය 13ක් එක්සත් වීමෙන් නොවේ. ඇමරිකා එක්සත් ජනපදය විසින් එරට හඳුන්වන "United States of America" යන වචනය අනුව යමින් විමසිල්ලකින් තොරව අමු අමුවේ "ඇමරිකා එක්සත් රාජ්‍ය" ලෙස සිංහලට පරිවර්තනය නොකර එම රට හැදුනු ඓතිහාසික පසුබිම සමඟ මනාව ගැලපෙන පරිදි, "ඇමරිකා එක්සත් ජනපදය" ලෙස සිංහලෙන් හැඳින්වීමට එම වචනය මුලින්ම භාවිතා කළ කවුරු හෝ පුද්ගලයා නිර්මාණශීලී වී තිබේ.රටක ජාතික කොඩියෙන් සංකේතවත් වන්නේ ඒ රටේ ජනතාව නිසා ජාතික කොඩියකට නිසි ගෞරවය නොලැබේනම්, ඒ රටේ ජනතාවටද සිදුවන්නේ නිග්රහයකි. ඇමරිකන් කොඩියට නිසි ගෞරවය ලැබෙන බව තහවුරු කිරීම පිණිස ධජ ආචාර ධර්ම පද්ධතියක් (Flag Code) තිබේ. ජාතික කොඩියට අගෞරව නොවන පරිදි එය භාවිතා කළ යුතු ආකාරයන් මෙහි විස්තර කර තිබේ. උදාහරණයක් ලෙස ඇමරිකන් ජාතික කොඩියක් ඔසොවා ඇති විට එය ඊට පහළින් ඇති වෙනත් දෙයක ස්පර්ශ නොවිය යුතු අතර කිසිදු පුද්ගලයෙකු ඉදිරියේ ජාතික කොඩිය පහත් නොකළ යුතුය.ඉහත කී ධජ ආචාර ධර්ම පද්ධතිය බිහි වුනු පසුබිමක් තිබේ. ලන්ඩන්හිදී පැවැත්වුණු 1908 ඔලිම්පික් තරඟයේ ආරම්භක උත්සවයේදී එක් එක් රටෙන් පැමිණි කණ්ඩායම් එහි ප්‍රධාන අමුත්තා වූ හතරවන එඩ්වඩ් රජු ඉදිරියෙන් යද්දී සිය ජාතික කොඩිය රජු වෙත ඇල කර රජුට ගෞරව දක්වා ඇතත් ඇමරිකාව නියෝජනය කරමින් ධජය රැගෙන ගිය ක්‍රීඩකයා මේ චාරිත්‍රය ඉටු කිරීම ප්‍රතික්ෂේප කිරීම හරහා මතු වුනු කතිකාව එම පසුබිමයි.මේ අයුරින් ගෞරව ලබන ඇමරිකන් කොඩියක් වුවද කලක් යද්දී අනෙක් සියලු දේ මෙන්ම පරණ වී, දුර්වර්ණ වී, ඉරී ගොස් තවදුරටත් රටේ ප්‍රෞඪත්වය නොපෙන්වන තත්ත්වයට පත් වන බව කිව යුතු නොවේ. එය සෑම දෙයකම ඇති අනිත්‍ය ස්වභාවයයි. ඇමරිකානු ධජ ආචාර ධර්ම පද්ධතිය අනුව එවැනි නිසි ප්‍රමිතියෙහි නොමැති ජාතික කොඩි ඉවත් කර ඒ වෙනුවට අලුත් කොඩියක් භාවිතා කළ යුතුය. එවිට පැරණි කොඩියට සිදුවන්නේ කුමක්ද?ධජ ආචාර ධර්ම පද්ධතිය අනුව කාලයක් රටට සේවය කළ ජාතික කොඩියකට ගෞරවාන්විත අවසානයක්ද හිමි විය යුතුය. පරණ ජාතික කොඩි වල කොටස් කුණු බක්කි වලට යන්නේනම් එයට ඒ ගෞරවය නොලැබේ. ඒ නිසා, තවදුරටත් භාවිතයට නුසුදුසු, සේවය නිමා කළ ඇමරිකන් ජාතික කොඩි ගෞරවාන්විතව විශ්‍රාම ගැන්විය යුතුය.මෙය කළ හැකි වඩාත් උචිතම ආකාරය ලෙස සැලකෙන්නේ එවැනි කොඩියක් ආදාහනය කිරීමයි. මෙය ඉතිහාසය පුරා මළවුන්ට ගෞරව දැක්වීම සඳහාද භාවිතා කළ ක්රමයකි. ඇමරිකන් ලේජන් වැනි ඇමරිකානු වෙතරානුවන්ගේ සංවිධාන හා බාලදක්ෂ බාලදක්ෂිකා සංවිධාන ආදිය වාර්ෂිකව මෙවැනි කොඩි විශ්‍රාම ගැන්වීමේ උත්සව පවත්වා ගෞරවාචාර මධ්‍යයේ, සේවය නිමා කළ ඇමරිකන් ජාතික කොඩි පුළුස්සා දමයි.පහත වීඩියෝවේ තිබෙන්නේ එවැනි අවස්ථාවකි. මෙහි විශේෂත්වය වන්නේ සුළු ජාතිකයින් නියෝජනය කරන තීරු ගැලවී, දුර්වර්ණ වී, තවදුරටත් ජාතික අභිමානය නොපෙන්වන පරිදි විකෘති වී ඇති ලංකාවේ ජාතික කොඩියක්ද කුණු බක්කියකට නොදමා, තමන්ගේ රටේ ජාතික කොඩියට ලබා දෙන ගෞරවයම ලබා දෙමින් නිසි පරිදි විශ්‍රාම ගැන්වීමට මේ ඇමරිකානුවන් පිරිස කටයුතු කිරීමයි.වෙනත් බොහෝ තැන් වල ධජ විශ්‍රාම ගැන්වීමේ උත්සව මීට වඩා විචිත්‍ර ලෙස සිදු කෙරෙන අතර එවැනි උත්සව වල වීඩියෝ විශාල ප්‍රමාණයක් යූටියුබ්හි තිබේ.මෙම භාවිතයෙන් ඉවත්කරන ධජ වලට සැබෑවටම කරන්නේ කුමක්දැයි දැන්ගත්තේ මේ ඔබේ පොස්ට් එකෙන්, ඔබට බොහෝ ස්තූතියි. කෙසේ නමුත් ඔබ මෙහි දේශපාලනය, විශේෂයෙන්ම සිංහල ජාතිවාදී දේශපාලනයේ ටොපික් එකක් - ජාතික ධජය - ගැන කියා ඇති නිසා වත්මන් ලාංකීය දේශපාලනය ගැන අදහසක් දක්වන්නම්, මා මේ කරුණු වෙනත් දේශපාලන බ්ලොග් වලත් කමෙන්ට් එකක් ලෙස දැමූ අතර ඔබ අකමැති නැතැයි සිතමින් මෙහිද දමන්නම්. ඔබ එජාපය සහ ලංකාවේ ඡන්දදායකකයින්ගේ හැසිරීම ගැන පුරෝකථනය කළ ලෙසම මගේ අදහසත් දක්වන්නම්, ඔබේ විරුද්ධත්වයක් නැතිනම්.දැනට පවතින තත්වය අනුව රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු එජාපයේ ඡන්ද පදනම අතිවිශාල ලෙස ඛාදනයකට ලක්ව තිබෙයි. ජනපති සිරිසේන සතුව තමන්ටම කියා ඡන්ද පදනමක් තිබුණේ නැත. එසේ නමුත් ඔහු සහ සහ සමඟ සිටින හතලිස් ගණනාවක් වන ශ්‍රිලනිප මැති ඇමැතිවරුන්ගේ ඡන්ද පදනම ද කුජීත ලෙස සේදී ගොස් තිබේ.ජනාධිපති ධූරයට පත්වූ සිරිසේන සිය ඡන්ද දායකයින් විසින් ප්‍රතික්ෂේප කර තිබීම දෙවැනි විය හැක්කේ 2018 පෙබ 10 පලාත් පාලන මැතිවරණයෙන් ප්‍රබල එජාප බලකොටුවක් වූ බටහිර කොළඹින් රනිල් වික්‍රමසිංහගේ එජාපය පරාජය වීමයි.තවත් කැපී පෙනෙන ළකුනක් නම් 2015 ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ තිස් ලක්ෂයක් පමණ පසුගිය 2018 පෙබරවාරි 10දා රාජපක්ෂට (පොහොට්ටු කල්ලියට) ඡන්දය දීමයි. ඉන් අතිබහුතරය 2015 රාජපක්ෂයට ඡන්දය දීමට අකැමැති වූ විරෝධතා ජන්ද යැයි සැළකීමේ වරදක් නැත.2015දි රාජපක්ෂ විරෝධී ජන බලවේග සතුව තිබූ දැඩි දූෂණ විරෝධී සටන් පාඨ මෙවර රාජපක්ෂ අතට ගොස් තිබුණි. එය පුදුම නමුත් ඇත්තකි.2015 බලයට පැමිණි වහාම ජනපති සිරිසේන සිය සහෝදරයාට අධික වැටුපක් සහිත ශ්‍රී ලංකා ටෙලිකොම්හි සභාපති ධුරය ප්‍රධානය කළේය. අනෙක් පැත්තෙන් වික්‍රමසිංහ සිය අතිජාත උපදේශකයා වන චරිත රත්වත්තේගේ සහෝදරයා අධික වැටුපකට පාඩු ලබන ශ්‍රීලන්කන් එයාලයින්ස් සභාපති බවට පත් කළේය.විදෙස් තානාපති සේවය සිරිසේනගේ සහ වික්‍රමසිංහගේ හෙංචයියන් සහ ඥතීන්ගෙන් පුරවනු ලැබුණි. ආචාර ධාර්මික ජනමාධ්‍ය භාවිතය වලපල්ලට යවා මහාරාජා නාලිකාවන්ට ප්‍රකෝටි ගණන් වටිනා සංඛාත ලබා දුන්නේ සිරිසේනය. දැන් එම නාලිකා රෙදි නැතිව වික්‍රමසිංහට විරුද්ධව සිරිසේන වෙනුවෙන් කඩේ යයි. සියල්ලටමත් වඩා ලක් ඉතිහාසයේ එතෙක් මෙතෙක් දැවැන්තම දූෂණය වූ බැඳුම්කර වංචාවේ දේශපාලන වගකිව යුත්තා බවට අගමැති වික්‍රමසිංහ පත්විය. අගමැති වික්‍රමසිංහගේ මිතුරියකයැයි කියන සබීතා පෙරේරාගේ සැමියාට අයත් ගොඩනැඟිල්ලකට මසකට මිලියන 25 - 30 බැගින් දැන් දෙවසරකටවක් වඩා ප්‍රයෝජනයක් නොගෙන කුලී ගෙවීමද වික්‍රමසිංහගේ ගැටයකි.මේ ලැයිස්තුව දිගය. දූෂණය නැති කොට දූෂකයින්ට නිසි දඩවම් ලබා දෙන බවට ශපථ කර බලයට පැමිණි ආණ්ඩුවක් ඒ සම්බන්ධයෙන් කළ එකම දේ නම් තමන් රාජපක්ෂ කල්ලිය කුජීත ලෙස පරදවමින් ඊටත් වඩා අතිශය බරපතල ලෙස දූෂණ අඩිපාරෙහිම වඩා වැඩියෙන් ගමන් කිරීමය. හිටපු දූෂකයින් සමඟ ඩීල් ගනුදෙනුවලට යෑමත් ඔවුන් වසර 10කින් තැබූ රෙකෝඩ් වසරකින් දෙකකින් කුඩු කිරීමත්ය. එබැවින් එවැනි ආණ්ඩුවකට ඡන්දය නොදී සිටි ලැජ්ජා බය ඇති ලක්ෂ 30ක් තරම් ජනයාට වරදක් කිව හැකිද?එබැවින් මෙම තත්වය ලංකාව තුළ දිගින් දිගටම පවතින්නට යන්නේ මෙලෙස නම් රාජපක්ෂ පවුල සහ එහි අන්තේවාසිකයින් දකුණෙහිදී ඉදිරි මැතිවරණ සියල්ල ජය ගැනීම වැළැක්විය නොහැකිය. තිත්ත නමුත් ඇත්ත එයයි. එකල ජර්මනියේ ආඩල්ෆ් හියුඩ්ට්ලර් බලයට ගෙන එන ලද්දේ ද මෑතදී පිලිපීනය අයෝමය හස්තයකින් පාලනය කරන රොබෙර්තෝ දු'තර්තේ බලයට පත් කරන ලද්දේ ද බහුතර මහජන ඡන්දයෙනි. ඉතිහාසයෙහි නිශ්චිත අවස්ථාවන්හිදී පටු ජාතිකවාදයෙන් සරසන ලද දුෂ්ඨ සහ මර්දනකාරී දේශපාලනයන් ජය ගනී. සමහර විට දැන් ශ්‍රී ලංකාව ගමන්කරන්නේ එවැනි අන්තයක් කරා විය හැක.මේ බව පසක් වන්නේ දූෂණයේ සහ භීෂණයේ සංස්කෘතිය කොතරම් මෙරට දේශපාලන සංස්කෘතියේම කොටසක් වී ඇත්ද යන්න පසුගිය 2015 -2018 තෙවසර විසින් අපට දැඩි ලෙස පෙන්වා ඇති නිසාය.2018 කොළඹ මහනගර සභාවට රාජපක්ෂ කණ්ඩායමෙන් තරඟ කළ තරුණ දේශපාලනඥයකු ප්‍රසිද්ධියේම කීවේ තමන් බලයට පත් වූ පසු මත්කුඩු ජාවාරම මැඩළිමට ගෝඨා භය රාජපක්ෂ මෙන් යුද හමුදාව යොදා ගන්නා බවයි. ගෝඨා භයගේ මේ කුඩු විරෝධී සටන නිරායුද තරුණයන් ඝාතන කර අතර වැලිකඩ ඝාතනද එහිම දිගුවක් නමුත් එම භීෂණය විසින් කුඩු ජාවාරම මර්දනය නො වූ බව නො දන්නේ කව්ද? එසේ තිබියදිත් ගෝඨාභය අනුගමනය කරන බවට ශපථ කරන තරුණ දේශපාලනඥයින් සිටීම අප තේරුම් ගන්නේ කෙසේද? එම ප්‍රකාශයෙන් සංකේතවත් කරන්නේ භීෂණයේ සංස්කෘතිය මගින් බලයට ඒමේ භයානක දේශපාලනයයි.දූෂණ පිටු දැකීම සිය දේශපාලනයේ ප්රමුඛ පරමාර්ථය බවට පසුගිය 2018 මැතිවරණ වේදිකා වන්හි දී පාරම් බෑ ජනපති සිරිසේන පාර්ශවය, රාපපක්ෂ කණ්ඩායමේ සහායෙන් හෝ ආණ්ඩුවක් සෑදීමට අර ඇදීමෙන් පෙන්නුම් කරුණේ ද එදා පෙන්වූ ව්‍යාජ දූෂණ විරෝධය දේශපාලන බල තන්හාවට යටවී තිබූ අන්දමයි. රනිල් වික්‍රමසිංහ සිය අගමැතිකම රැකගැනීම පිනිස ඔහුම බොරු කයිවාරු ගැසූ ලිච්ඡවී සම්මුති දේශපාලනය ඇපයට තැබීම ද පෙන්නුම් කරන්නේ ඔහුගේ සැබෑ නිරුවත වූ සියල්ලටම පෙර මමය යන උග්‍ර බල තණ්හාවේ දේශපාලනයයි. වික්‍රමසිංහගේ නව ලිබරල් ආර්ථික පිළිවෙත් මගින් ඇති කරන ලද පොහොර සහනාධාර කපා හැරීම/ පාසැල් නිල ඇඳුම්/ පෙළ පොත් නොදීම වැනි සහන කප්පාදුද රාජපක්ෂගේ වාසියට තිබුණි.ශ්‍රී ලාංකේය දේශපාලනයෙහි ලද පරාජයන් හමුවෙහි තවදුරටත් රනිල්- මෛත්‍රී ආණ්ඩුවෙන් 2015 ජනවාරි පෙරළියේ අපේක්ෂා ඉටු වීමට ඉඩක් ඇතැයි සිතීම අතිශය දුෂ්කර ය, මන්ද යත් දෙපාර්ශවයම විවිධ මට්ටමින් රාජපක්ෂ කල්ලිය පවා යොදුන් ගණනින් පරදවා අතිශයින් දූෂිත අශීලාචාර කුජීත තැනක් කරා ඇදී ගොස් තවත් එම අන්තයටම උග්‍ර ලෙස ඇදී යමින් ඇති බැවිනි. එජාපයේ විදේශ ඇමැති සහ වික්‍රමසිංහගේ අතිජාත සගයකු වන මාරපන දැන් කියන්නේ පරාජයට හේතුව ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම බවයි. සිරිසේනට අනුව මංගල සමරවීර විදේශ ඇමැති ධූරයෙන් ඉවත් කරන ලද්දේ ජිනිවා මානව හිමිකම් කොමිසමෙ දී මානව හිමිකම්, සංහිදියාව සහ වගවිම සම්බන්ධ ඒකාබද්ධ යෝජනාවකට එකඟවූ නිසාය.ආණ්ඩුවේ දූෂණ විරෝධය පමණක් නොව දෙමළ දේශපාලකයින්ට වැඩි දේශපාලන වරප්‍රසාද/ වරදාන සහ ඉඩම්/ පොලිස්/ මූල්‍ය බලතල ලබාදෙන දේශපාලන විසදුමක් ඇතුළත් නව ව්‍යවස්ථාවක් ඇති කිරීම දැන් ඉතිහාසයට අයත් දේ බවට පත්වීමට බොහෝ දුරට ම ඉඩ තිබේ.වත්මන් අන්ත දූෂිත අශීලාචාර යහපාලන රෙජීමය යටතේ පසුගිය තෙවසරෙහි නො කරන ලද දේශපාලන ව්‍යාපාරයක් ඉදිරි මාස 18 තුළ ආණ්ඩුව මෙතින් සිදුවීමට කිසිදු ඉඩක් නැතැයි යන්න අපගේ අචල විශ්වාසයයි.මේ නිසා ඉදිරි දින කිහිපය වන විට යහපාලන ආණ්ඩුව ඉදිරි වසර එකහමාරට පවතින්නේද නැත්ද යන්න බොහෝ දුරට තීරණය වි හමාර වන්නට පවා හැකි අතර එය තව දුරට පැවතියත් පවතිනු ඇත්තේ අනෙකා ගිල දැමීමට කරවල් උල්කරගත් කුරිරු ගොර සර්පයින් දෙ දෙනෙකු ලෙසය. හරය අතින් නම් දැන් යහපාලන රෙජීමය අවසාන වී බොහෝ කල්ය. එය පැවැතියද පවතිනු ඇත්තේ හුදු බාහිර නාමික ස්වරූපයක් ලෙස පමණකි.ජනාධිපතිවරණයකදී රාජපක්ෂ කල්ලිය මගින් ඉදිරිපත් කරන ජනපති අපේක්ෂකයකුට සියයට 51ක් ගැනීමට තවමත් ටිකක් අසීරු නමුත් එය අවසාන වශයෙන් තීරණය වනු පළාත් පාලන ජය (හෝ ඉදිරි පළාත් සභා ජය ) මගින් ඇති කරනු ලබන ගැම්ම සහ රැල්ල වඩා බලවත්ව ගමන් කරනු ඇත්තේ කුමන දිහාවට ද යන්න අනුව මෙන්ම ජනපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ විරසක වී රුපුන් මෙන් ගැටුම් උත්සන්න කරගතහොත් නිසැක වාසිය රාජපක්ෂ කල්ලියටය. එසේ නොවී ලිච්ඡවී සම්මුති යහපාලන හමුල් ආණ්ඩුව නව දැක්මක් යටතේ අලුත් ජවයක් ලබා ගන්නේ නම් එහි අචාසිය බලගතු වෙමින් සිටින රාජපක්ෂ කල්ලියටය.අප කැමැති වුවත් නැතත් පාර වැටි ඇත්තේ සම්මුතිය දෙසට නොවේ. අගමැති වික්‍රමසිංහ එදා 2004 දී කළාක් මෙන් තම දේශපාලන බලසම්පන්න භාවය ගැන අධි තක්සේරුවකින් ඉතා උද්ධච්ච ලෙස කිසිවකුටත් කන් නොදී වලව්වේ හාමු මානසිකත්වයෙන් කටයුතු කරන අතර ජනපති සිරිසේන කිසිම ඉදිරි දැක්මක් නැතිව එදිනෙදා මොකක් හෝ තේරුමක් නැති ජවුසමක් නටමින් එදාවේල ටයිප් දේශපාලනයක නිරතව සිටි.දැන් ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී බලවේග හැකි නරකම තත්ත්වයන්ට සූදානම් විම ක්ෂණිකව සිදුකළ යුතුය. අද අපට බලගතු චිත්තාකර්ෂණීය නායකත්වයකින් යුතු මාදුළුවාවේ සෝභිත නායක භික්ෂුවක් නැත. 2015 ජනවාරි මසදී ජනහද බැන්දූ බලගතු සාධාරණ සමාජයක් සඳහා වූ ප්‍රබල ව්‍යාපාරයක් ද කොහේවත් නැත.එජාප පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ වෙනුවට දෙවෙනි ස්තරයෙහි දැකියහැකි නායකයින් දෙදෙනාම එනම් විසුළු සහගත මහල්ලකු වන කරු ජයසූරිය සහ උඩඟු බකපණ්ඩිතයකු වන සජිත් ප්‍රේමදාස සිංහල ජාතිකවාදී නැමුරුවකින් යුතු වුවත් ජාතික නායකත්වයට කිසි හැකියාවක් නැති අදක්ෂයින්ය.අනෙක් අතට දෙමළ සමාජයද ඔවුන්ට කිසි වැඩක් නොකරමින් මහජන මුදල් කබාසිනියා කරමින් පුද්ගලික වරප්‍රසාද වරදාන විඳිමින් ආණ්ඩුව සමඟ දීගයක සිටින දෙමළ සන්ධානය සෑහෙන තරමකට දුර්වල කර තිබේ. එහි ද නව දෙමළ ජාතිවාදි බෙදුම්වාදී බලවේග ශක්තිමත් වී තිබේ.එසේ නමුත් කළුවලාකුළු තුළ රිදී රේඛා ද නැගෙනු ඇත. එම රිදී රේඛා බලවත් කරන්නේ කෙසේද යන්න ඔබ විසින් ලියන මීළඟ පෝස්ට් එකෙන් හෝ වෙනත් ඉදිරි පෝස්ටුවකින් අපි සංවාදයට බඳුන් කරමු. ඔබ ඊට එකඟද?ඇනෝ, ඔබේ දීර්ඝ කමෙන්ටුව කියෙවුවා. ඔබ ලියා ඇති බොහෝ දේ වලට අඩු වැඩි වශයෙන් එකඟ වෙන්නත් පුළුවන්. ලංකාවේ දේශපාලනය ගැන විශ්ලේෂනාත්මක ලෙස කතා කර ඇතත් ඒ සීමාවෙන් එහාට මම මේ බ්ලොග් එකේ කතා කර ඇතැයි මා හිතන්නේ නැහැ. ඒ නිසා දැනටනම් ඔබ කියන "රිදී රේඛා බලවත් කරන්නේ කෙසේද?" කියන එක ගැන කතා කරන්න මගේ අදහසක් නැහැ. අවංකවම මට එවැනි නිශ්චිත අදහසකුත් නැහැ. |
ලොව පුරා විවිධ රටවල විවිධ සංස්කෘතීන් යටතේ ජීවත් වූ හෝ ජීවත් වන පුද්ගලයින් විසින් වාර්තා කර ඇති මරණාසන්න අත්දැකීම් වල පුදුමාකාර සමානත්වයක් තිබේ. ඉතා දීප්තිමත් ආලෝකයක් දැකීම, සිරුරෙන් ඉවත්ව අහසේ පාවීම, කාලය පිලිබඳ හැඟීමක් නොමැති වීම, වේදනා රහිත සුවදායක හැඟීම් මෙන්ම 'මියගොස් සිටි' කාලයේ සිදුවූ දේ ගැන පූර්ණ අවබෝධයක් තිබීම බොහෝ දෙනෙකු විසින් වාර්තා කර ඇත.ලෝකයේ ප්‍රධාන ආගම් සියල්ලකටම වාගේ පොදු මූලික විශ්වාසයක් වන්නේ ශරීරය තුළ පිහිටි, භෞතික නොවන, ස්ථිර පැවැත්මක් ඇති ආත්මයක් පිලිබඳ අදහසයි. එක් එක් ආගමේ අවසන් අරමුණ වෙනස් වුවද, සිරුර අතහැර මේ අවසන් අරමුණ කරා ලඟා වන්නේ ඉහත කී ආත්මයයි. මේ අදහස අනුව, මරණය යනු භෞතික සිරුරින් මේ ආත්මය ඉවත්ව යාමයි. ප්‍රධාන ආගම් අතරින් මෙවැනි ආත්මයක් නැති බව ප්‍රකාශ කෙරෙන්නේ බුද්ධ දර්ශනය තුළ පමණි. කෙසේවුවද, ප්‍රායෝගිකව බොහොමයක් බෞද්ධයින්ට මේ 'අනාත්ම' සංකල්පය පැහැදිලි නැති බැවින් බුද්ධාගම අදහන බොහොමයක් පිරිස්ද මේ කරුණ හා අදාළව බොහෝ විට අනෙකුත් ආගම් අදහන අයගෙන් වෙනස් නැත.මරණාසන්න අත්දැකීම් පැහැදිලි කෙරෙන ප්‍රධාන ප්‍රවාද දෙකක් තිබේ. මෙයින් පළමුවැන්න අනුව, මේ අත්දැකීම් වලට හේතුව සිරුර තුළ පැවති ආත්මය සිරුරෙන් පිටව කිසියම් කාලයකට පසුව නැවත සිරුර තුළට පිවිසීමයි. එසේ සිරුරෙන් පිටව සිටින කාලය තුළද, මේ ආත්මයට බාහිර පරිසරයේ සිදුවන දේ නිරීක්ෂණය කිරීමේ හැකියාවක් තිබේ. මේ ප්‍රවාදය බොහෝ දෙනෙකුගේ ආගමික විශ්වාස සමඟ වඩා හොඳින් ගැලපේ.දෙවන මතය අනුව, මරණාසන්න අත්දැකීම් යනු සැබෑවටම මොළය අක්‍රීයව පැවති කාලයේ ලැබූ අත්දැකීම් නොවේ. ඒවා, මොළය අක්‍රිය වීමට ආසන්නව හෝ නැවත ක්‍රියාකාරී වූ වහාම ලැබුණු අත්දැකීම් විය හැකිය. ඊට අමතරව, කිසියම් 'හිස්තැන් පිරවීමේ' ක්‍රියාවලියක්ද මෙහිදී සිදුවේ. මේ ප්‍රවාදය අනුව, අක්‍රීයව පැවති කාලය තුළ මොළය විසින් අළුත් තොරතුරු ලබා නොගනී. කෙසේවුවද, 'මියයාමට පෙර' අවස්ථාවේ සිට 'නැවත පණ ලැබුණු' අවස්ථාව දක්වා ජීවිතය සුමටව, අඛණ්ඩව ගලා නොයාම මොළය විසින් විසඳාගත යුතු ගැටළුවකි.මා උදේ සේවයට යන විට නිවසේ බඩුභාණ්ඩ තිබුණු පිළිවෙලත්, මා දොරගුළු ලූ බවත් මට හොඳ හැටි මතකය. එහෙත්, මා ආපසු පැමිණෙන විට මගේ නිවසේ දොර විවෘතව ඇති අතර හා මගේ ලිපිගොනු යම් කිසිවෙකු විසින් අවුස්සා දමා තිබේ. මා නිවසේ නැති අතරේ සිදු වූ දේ මා නොදනිතත්, මා දන්නා දේ ඇසුරින් හැකි පරිදි මේ 'හිස්තැන පුරවා ගැනීමට' මගේ මොළය ක්‍රියා කරයි. දෙවන ප්‍රවාදය අනුව, මරණාසන්න අත්දැකීම් වලදී සිදුවන්නේද මෙවැන්නකි. වෛද්‍යවරුන් හා අනෙකුත් රෝහල් සේවකයින් විසින් කරන්නට ඇතැයි මා මගේ පෙර අත්දැකීම් ඇසුරින් සිතන දේත්, මරණය ගැන මගේ ආගමික විශ්වාස මත මා හිතන දේත්, මා අසා ඇති වෙනත් මරණාසන්න අත්දැකීම් අනුවත් මගේ මොළය විසින් මේ හිස්තැන පුරවයි.මරණාසන්න අත්දැකීම් මඟින් ඉහත මා ඉදිරිපත් කළ මත දෙකෙන් එකක්වත් වැරදි හෝ නිවැරදි බව තහවුරු නොවේ. එම මත දෙකෙන් කවර එකක් මඟින් වුවද මරණාසන්න අත්දැකීම් පැහැදිලි කළ හැකිය.ස්ටනි බෘක්හි පිහිටි නිවු යෝර්ක් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ සහාය මහාචාර්ය සෑම් පාර්නියා ප්‍රධාන ජාත්‍යන්තර පර්යේෂක කණ්ඩායමක් විසින් සිදු කළ, බොහෝ දෙනෙකු විමසිල්ලෙන් බලා සිටි පර්යේෂණයේ අරමුණ වූයේ මේ ගැටළුව විසඳා ගැනීමයි. 2008 වසරේදී ඇරඹුණු මේ පර්යේෂණ අධ්‍යනය සඳහා ඇමරිකාවේ, එක්සත් රාජධානියේ සහ ඔස්ට්‍රියාවේ පිහිටි රෝහල් 15ක නේවාසිකව සිටි හදවත අකර්මන්‍ය වීමෙන් පසු 'නැවත පණ ලබා දීමට' උත්සාහ ගැනුණු රෝගීන් යොදා ගැනිණි. මෙහිදී පර්යේෂකයින් විසින් යොදාගත් උපාය මාර්ගය වූයේ රෝගියා සිටි කාමරයේ උස් රාක්කයක් මත ඉතා හොඳින් පෙනෙන (චිත්‍රයක් වැනි) කිසියම් භාණ්ඩයක් රැඳවීමයි. කෙසේවුවද, ඇඳ මත වැතිර සිටින විට මෙය නොපෙනෙන අතර කාමරයේ සිවිලිම මට්ටමේ සිට බිම බලන විට පමණක් මේ භාණ්ඩය ඉතා පැහැදිලිව දර්ශනය වේ. රෝගීන්ට මේ භාණ්ඩය පැහැදිලිව විස්තර කළ හැකිනම් එයින් අදහස් වන්නේ මරණාසන්න අත්දැකීම් යනු 'මියගොස් සිටි කාලයේ' සැබෑවටම සිදුවූ දේ බවයි.රෝගීන් 2,060 දෙනෙකුව යොදා ගෙන සිදුකළ මේ දැවැන්ත පරීක්ෂණයේ ප්‍රතිඵල 2014 දෙසැම්බරයේදී 'රීසස්ටිකේෂන්' ජර්නලයේ පළවිය. මේ පර්යේෂණ ප්‍රතිඵලය විශාල මාධ්‍ය අවධානයක්ද දිනා ගත්තේය. කෙසේවුවද, අදාළ පර්යේෂකයින්ට ඔවුන් විසඳුම් සෙවූ මූලික ගැටළුවට පැහැදිලි පිළිතුරක් ලබා දීමට හැකිවී නැත.පර්යේෂණය සඳහා යොදාගත් රෝගීන් අතරින් 'ආපසු ඒමට' හැකි වුනේ 140 දෙනෙකුට පමණි. ඔවුන් අතරින්ද, විස්තරාත්මක සම්මුඛ සාකච්ඡාවක් සඳහා ඉදිරිපත් වීමට යෝග්‍ය තත්ත්වයක සිටියේ 101 දෙනෙකු පමණි. ඒ අතරින්, 9 දෙනෙකු කිසියම් ආකාරයක මරණාසන්න අත්දැකීම් ලබා තිබුණු අතර 'මියගොස් සිටි' කාලයේ සිදුවූ දේ මතක තිබුණේ දෙදෙනෙකුට පමණි. ඒ දෙදෙනාගෙන් එක් අයෙකුට මේ කාලය තුළ සිදු වූ ඇතැම් දේ නිවැරදිව විස්තර කළ හැකි වී තිබේ. කෙසේවුවද, මේ දෙදෙනාම හදිසි තත්ත්වයක් යටතේ මේ අත්දැකීම් ලබන විට සිටියේ අර 'මල් පෝච්චිය තිබුණු' කාමරයේ නොවූ නිසා මුලින් සැලසුම් කළ පරීක්ෂණයනම් සිදුවී නැත.නිගමනයකට එළඹීමට ප්‍රමාණවත් දත්ත නොමැති නිසා මේ පරීක්ෂනයෙන්ද මරණාසන්න අත්දැකීම් පිලිබඳ ගැටළුව විසඳී නොමැත.මරණය ගැන මිනිස්සු හිතන විදිහ ජීවත් වන කාලයේදී ගන්න තීරණ වලටත්, ඒ නිසා ජීවත් වන අයටත් බලපානවනේ මයියා. ඒ නිසා මරණය ගැන දැනුම දියුණු වුනොත් ජීවත් වන අයගේ ජීවිත වලටත් ලොකු වාසියක් තියෙනවා.අපි හිතමු මරනයෙන් පස්සෙ මොකක් වත් වෙන්නේ නෑ කියලා....එහෙම දෙයක් උනොත් බොහෝමය ආගම් නාය යන තත්වයක් ඒවී....එතකොට පින් පව්, අපාය ස්වර්ගය ගැන හිතලා මිනිස්සු නොකරන්න හිටපු වැඩත් කරන්න පටන් ගන්න පුලුවන්...එතකොට සමාජය ට හොදක් වෙයිද නරක්කක්වෙයිද කියන ප්රශ්නය එනවා....අපි හිතමු මරනෙන් පස්සේ අපායක් ස්වර්ගයක් තියෙනවයි කියලා.... එහෙමා උනාම මිනිස්සුන්ට හොද වැඩ කරන්න මෝටිවේශන් එකකුත් නරක වැඩ කරන්න බයකුත් ඇති වෙයි..අතුරු පලයක් විදිහට පුජකයෝයි කියා ගන්නා සෙට් එක හම්බු කර ගනියි...මිස් ෆයර් වෙලා ආගම් අතර යුද්ධත් ඇති වෙවීමරනයයෙන් පස්සේ මොකද වෙන්නේ කියලා දැන ගැනීමෙන් ඇතිවන ප්රයෝජ්ය අගය වර්තමාන හරි පීල්ලට ගැනීම නම් මරනය පිලිබද දැනීමෙන් ස්ව්යාත්තව ඒ කර්තව්‍ය කරන්න බැරිද?ඉඩක් ලැබුනහම ලියල දාන්න, කවිඳු. එක පාරයි මැරෙන්නෙ කිවුවට එක පාරකට වඩා මැරෙන අයත් සෑහෙන්න ඉන්නවා බලාගෙන ගියාම. |
මටනම් හිතෙන්නේ සමහර අය හදිසි අනතුරකදී මොලයට ඇතිවන කම්පනය මෙන්ම ශල්‍ය නිර්වින්දන හේතුවෙනුත් යම් යම් ක්ෂිතිමය තත්වයන්ට පත්ව මෙවැනි අදහස් ප්‍රකාශ කරන බවයි.සමහර දේවල් ගැන අපි දන්නා දේවල් අවසන් නිගමනයකට පැමිණීමට තරම් ප්‍රමාණවත් නැහැ. හැබැයි ඉදිරි කාලය තුළදී මේ දේවල් ගැනත් අපට මීට වඩා හොඳින් දැනගන්න හැකිවෙයි. වඩා විස්තර සහිතව රුවන් ලියා තියෙන්නෙත් එවැනි දෙයක්ම තමයි.//මේක දිග වැඩි උනා මාරයා දැක්ක දෙවෙනි එක පස්සේ දෙන්නං..// කෝ බං ඒක. දැං මට සිද්ධවෙනව තොට මාරය පෙන්නන්න. හැක්..දැන් මට හිතා ගන්න පුළුවන් ටෙස්ලා ගැන මේ තරම් උනන්දුවෙන් ලියන්නේ ඇයි කියලා. :) දේශිකා වෙනුවට වෙන කෙනෙක් වැඩේට අත ගැහුවනම් සොරි ඩොට් කොම් තමයි.හෝලි බයිබලයේ හැටියටනම් මරනාසන්න අත්දැකීමකදී අහසේ කවුළුවක් සෑදී පුද්ගලයා සමාන්තර විශ්වයකට ඇදී යනවා. එහිදී හිරු මෙන් දීප්තිමත් මුහුනක් ඇති ඔපදැමූ පිත්තල කුළුනු දෙකක් වන් පාද ඇති සුදු ලෝගුවක් ඇඳි හොඳින් හඳුනන තැනැත් වහන්සේ කෙනෙක් මුනගැහෙනවා. ඉන්පසු කාටවත් නොතේරෙන අපභ්රන්ෂ ටිකක් වෙනවා.ඔය කතාව කියවල තිබුණු සහ විශ්වාස කළ ගොඩක් අය මේ කරුණු ඒ විදිහටම තහවුරු කරල තියෙනවා. ඒ විස්තරනම් බොහෝ විට මතකයේ තැන්පත් වී ඇති ඒ දැනුම නිසා 'ආපසු පැමිණි පසු' හිතුණු දෙයක් විය හැකියි.රිය අනතුරක් නිසා සිදුවුන ඔය වගේ NDE එකක් මටත් තියෙනවා. සුදු පාට එළියකුත් පෙනුණා. දැන් කල්පනා කරනකොට හිතෙන්නේ නම් අධික වේදනාව සහ භීතිය නිසා සිදුවුන චිත්ත රූප මැවීමක් පමණක් බවයි.මේ සුදු පාට එළිය සහ සිරුරෙන් පිටත සිටින අත්දැකීමනම් පහසුවෙන් පැහැදිලි කළ හැකියි. ඒ වගේම කාලය නොදැනීමත්.එවැනි කතා තියෙනවා, වර්ෂා. ඒත් එවැනි කතා වල විශ්වාසනීයත්වය ගැන මම හරියටම දන්නේ නැහැ. මෙතැනත් තියෙන මූලික අදහස (උඩින් ඇති පළමුවෙනි ප්‍රවාදයේදී වගේ) භෞතික සිරුර නිවෙස කරගෙන කිසියම් 'සැබෑ' පුද්ගලයෙකු ඇතුළේ ඉන්නවා කියන එකයි. එවැන්නෙක් සිටීද කියන එක තහවුරු කිරීමට සාක්ෂි සෙවීම තමයි උඩින් කී පර්යේෂණයේ මූලික අරමුණ වුනේ. එහෙත්, ඔවුන්ට මුලින් බලාපොරොත්තු වූ පරිදි එය කළ හැකි වුනේ නැහැ.අපිට ඇස් දෙක පියාගත්තට පස්සේ පෙන්නේ නැහැ ඒ ආලෝක තරංග ඇස හරහා මොලයට උත්තේජනයක් දෙන්නේ නැති නිසා, එහෙම බලනකොට මිනිහෙක් මැරෙන්න ආසන්න වෙන මොහොතකදි ඇසේ තියෙන කාච භෞතිකව ඇහෙන් එළියට ගිහිල්ල පෙන්න බැහැහැබැයි අපිට දෙයක් පිලිබදව අපිට තියෙන මතකයන්ගෙන් යම් පරිකල්පනයන් හදාගන්න පුලුවන්, මට මෙතන ඉදගෙන අපේ ගේ මේවගේ කියල දෙයක් මවා ගන්න පුලුවන් හැබැයි ඒ රූපයේ අපිට පෙන්නේ නැහැ. ඒක යම් මතකයක් අවදිකරනව මිසක් රූපයක් පෙන්නේ නැහැ. හරියට හීන පෙනෙනව වගේ, රූප නැහැ සිද්ධි විතරයි ඇත්තටම තියෙන්නේ....“මරණය ඔබ ජිවත්වන තුරු ඔබට මුණගැසෙන්නේ නැත. මියගිය පසු ඔබ ජිවත්ව නැත. එබැවින් ජිවිතය සතුටින් ගත කරන්න“ මෙහෙම මතයක් කියපු උද්‍යානවල ජිවිතය ගෙවපු දාර්ශනිකයෝ අතීතයේ යුරෝපයේ සිටිය කියල මම අහල තියෙනවඔබේ අදහස් වඩා කිට්ටු ඉහත දෙවන ප්රවාදයටයි. මෙයින් වෙනස්ව භෞතික ඇස් නොමැතිව 'දකින්න' පුළුවන් බව විශ්වාස කරන අයත් ඉන්නවා. එවැනි ඇතැම් අය තමන්ගේ මතය තහවුරු කිරීමට මරණාසන්න අත්දැකීම් ගැන කතා කළත් එමඟින් එය තහවුරු වන්නේ (හෝ ප්‍රතික්ෂේප වන්නේ) නැහැ.බුදු දහමේ විස්තර කෙරෙණ අනාත්ම සංකල්පය තේරුම් ගන්න අපහසුයි තමා. මරණින් මතු වෙනත් ස්තානයක නැවත ප්‍රතිසන්ධියක් හට ගන්නවා කියන එකෙන් කියවෙන්නේ මොකක් නමුත් දෙයක් මේ ජීවිතයෙන් එතනට ගමන් කරණ බවක්නේ. එතකොට මේ ජීවිතේ අපි කරණ කුසල් අකුසල් දෙකෙහිම ප්‍රතිවිපාකත් රැගෙන තමයි මේ ගමන සිදු වන්නේ. නිවනින් කෙලවර වෙන තාක් කල් නිශ්චිත අනන්‍යතාවයක් සහිත ශක්තියක්/බලයක්/ආත්මයක් බවයෙන් බවයට ගමන් කෙරෙණා බවක් නෙමේද කියවෙන්නේ ?මම තේරුම් ගන්න හැටියටනම් බෞද්ධ සංකල්පය අනුව ජීවිතය ලෙස අප දකින දෙය යම් රිද්මයකට සිදුවන සිදුවීම් පෙළක් එක් තනි සිදුවීමක් ලෙස ගැනීමේ ප්‍රතිඵලයක්. විදුලි බල්බ පේළියක එකක් නිවෙන විට ආසන්නව ඇති එක දැල්වෙනවානම් මේ බල්බ පේලිය දිගේ යමක් ගලායනවා වගේ අපට පේනවා. එවිට එහි ආරම්භයක් හා අවසානයකුත් පේනවා. මේ ගලායන දෙය අපේ මනසේ නිර්මාණයක්. ඒ බව තේරුම් ගත් විට ඉතිරි වන්නේ නිවෙන දැල්වෙන තනි විදුලි බුබුළු පමණයි.ජීවිතය සම්බන්ධයෙන් ඔබ කියන එක මට වටහා ගන්න පුළුවන්. ඒත් ජීවිත දෙකක් (මේ ජීවිතය හා මතු ජීවිතය) සම්බන්ධයෙන් ගත්තාම ඒ දෙක අතර තියන සම්බන්ධය තමා ආත්ම සංකල්පයෙන් බැහැරව තේරුම් ගන්න අමාරු... මෙතනදි ආත්ම සංකල්පය බැහැර කරලා හිතන්න තිබුනා පෙර ජීවිතේ කුසල්, අකුසල් මේ ජීවිතේදි විපාක නොදෙන තත්ත්වයක් තිබුනනම්...මට ලඟදි ඇහුනා බය හිතෙන දෙයක්. කෝමා එකක ඉඳල නැවත ඇහැරුන කෙනෙක් කියල තිබුනා කෝමා එකේ ඉන්න කොට අන් අය කියපු දේවල් ඇහුන කියලා.සිහි නැතුව නින්දක ඉන්න එක කමක් නෑ. ඒත් එහෙම නැතුව සිත වැඩකරනව හැබැයි කෝමා එකක . එහෙම කාලයක් ඉන්නකොට පිස්සු හැදෙයි නේද?අපේ ඇස් වලට සංවේදී නොවන තරංග ආයාම අපේ සිරුර වටා තියෙනවා. මේ තරංග ආයාම සිරුරේ භෞතික හා මානසික තත්ත්ව අනුව වෙනස් වෙනවා. මේ තරංග උපකරණ මඟින් හඳුනාගෙන ඒ අනුසාරයෙන් අපේ සිරුරේ තත්ත්වයන් ගැන දැනගැනීමේ හැකියාවක් තියෙනවා.ඇතැම් අය විශ්වාස කරන ආත්මය කියන දෙය සංවේදනා දැනිය හැකි දෙයක්. මෙවැන්නක් ඇති බව තහවුරු කිරීමට (හෝ ප්‍රතික්ෂේප කිරීමට) නිශ්චිත සාක්ෂි නැහැ.මරණය කියන්නේ මිනිස්සුන්ට කාලයක් තිස්සේ උත්සාහ කරලත් තවමත් විසඳාගත නොහැකි වුනු ගැටළුවක්..ලස්සනම වැඩේ කියන්නේ ඉදිරිපත් වෙලා තියන තියරි ටෙස්ට් කරලා ජීවත් වුනු කෙනක් නැති එක..වසර අටකට පමණ පලමු දරුණු හෘදයාබාධයක් වැළඳුනු අවස්ථාවක මරණාසන්න අත්දැකීමක් විදිහට මට දැනුනේ නම් එකම දෙයයි. " හෙට එළිවෙන්නට පෙර මම මැරෙන්නයි යන්නෙ " කියල ඉතාම ප්රබලව හිතට දැනුනා. |
෴ ගී පැදුර ෴: රතු මල් ඔසරිය - තිලකසිරි රත්නායක | Rathu mal osariya - Thilakasiri Rathnayaka - sinhala lyrics |
පොර්න්හබ් වෙබ් අඩවිය විසින් නිකුත්කර තිබූ අශ්ශීල වීඩියෝ නැරඹීම සම්බන්ධ සංඛ්‍යාලේඛන අඩංගු පෝස්ට් එකක් අධ්‍යයනය කිරීමෙන් පසු මාගේ මිත්‍ර... Read More |
සිරි රම්‍යා හෝටලයට යන මා කෙටි කෑම ඇනවුම් කරයි. වේටර්වරයා පැමිණ කුඩා පිඟානක් මා ඉදිරියෙන් තබා සෝස් බෝතලය පැත්තකින් තබයි. ටික වේලාවකින් රෝ... Read Moreලැකානීයානු අර්ථ විග්රහයට අනුව මෝඩයෙක් යනුවෙන් හැඳින්වෙන්නේ කිසිවෙක් තමාගේ ඒ මොහොතේ පවතින අනන්‍යතාවය තමාගේ සැබෑ අනන්‍යතාවය යැයි විශ්වාස ... Read Moreමේ දිනවල කතාබහට ලක්වෙන අලි ඇතුන් ඝාතනය හා ස්භාවික ව්‍යසනයන් අතර ඍජු සම්බන්ධයක් තිබෙනවා දැයි නිශ්චිතවම කීමට හැකියාවක් නැත. නමුත් මිනිසා ... Read More |
විද්‍යාව, හිස්ටෙරික කතිකාව සහ මනෝවිශ්ලේෂණාත්මක න්‍යාය මනෝවිශ්ලේෂණය විද්‍යාවෙන් වෙන් කර හඳුනාගැනීම සඳහා ප්‍රත්‍යය (cause) සහ ආත්මයක් ... Read More |
පොර්න්හබ් වෙබ් අඩවිය විසින් නිකුත්කර තිබූ අශ්ශීල වීඩියෝ නැරඹීම සම්බන්ධ සංඛ්‍යාලේඛන අඩංගු පෝස්ට් එකක් අධ්‍යයනය කිරීමෙන් පසු මාගේ මිත්‍ර...ඔටෝ වෙයිනින්ගර් නම් ප්‍රති-ස්ත්‍රීවාදී දාර්ශනිකයා පවසන්නේ ස්ත්‍රියට ඇයගේම කියා පැවැත්මක් නොමැති අතර ඇයගේ සද්භාවාත්මක තත්වය අනුව ස්ත්...ප්‍රංශ දාර්ශනිකයකු වන ශාක් ඩෙරීඩා වරක් ස්නානයෙන් අනතුරුව නිරුවතින් එළියට පැමිණෙන විට ඔහුගේ නිවසේ ඇතිකරන සුරතල් පූසා ඔහු දෙස බලා සිටිනවා ද...වැනිලා ද? චොකලට් ද? නිරන්තරයෙන් මුහුණ දීමට සිදුවන තෝරාගැනීමක්. ලංකාවේ වැනිලා හා චොකලට් අරගලයේ ජයග්‍රහකයා කව්රුන් ද කියා දැන ගැනීමට කූල්ස්...ෆේස්බුක් ආරම්භයේදී ලබාදුන්නේ විනෝදය හා ආශ්වාදයය. මේ වනවිට ෆේස්බුක් හරහා වැඩිපුර ඇති කරන්නේ කාංසාව(anxiety) සහ බියය. මෙම කාංසාව හා බිය එක...අලි ඇතුන් පෙරහැරේ ගෙන යාම බුදු දහමේ ඉගැන්වීමක් නොව ඒ ආභාෂයෙන් ගොඩ නැඟුන සංස්කෘතියේ අංගයකි. කිසිදු දහමට සංස්කෘතික රික්තයක් තුල පැවතිය නො...දාර්ශනික මතවාදයක් කියන එක නිකන් යූසර් මැනුවල් එකක් කියවලා තේරැම් ගන්නවා වගේ ලේසියෙන් කරන්න බැරිබව ඇත්ත. යම් උත්සහයක් දරන්න වෙනවා. එහෙම උ...empty gesture ලෙස සැලකෙන්නේ සැබෑ හැඟීමකින් තොරව සිදුකරන ක්‍රියාවන් හෝ හැසිරීම්ය. එමෙන්ම අනෙක් පාර්ශවය එම හැසිරීම බැරැරුම්ව නොගනී යන විශ්...සිරි රම්‍යා හෝටලයට යන මා කෙටි කෑම ඇනවුම් කරයි. වේටර්වරයා පැමිණ කුඩා පිඟානක් මා ඉදිරියෙන් තබා සෝස් බෝතලය පැත්තකින් තබයි. ටික වේලාවකින් රෝ...කලකට ඉහත මංගල ඡායාරූපකරණය යනු සරළ මෙන්ම ඒකාකාරී දෙයක් විය. ඇන්තූරියම් මල් ගැසු කවිච්චියේ වාඩි වී සිටින මංගල යුවල පළතුරැ බීම බොන අවස්ථාව,... |
ජනතා විමුක්තිපෙරමුන සහ පෙරටුගාමී දේශපාලන සෙවනැලි වලට කොටුවී එයින් අන්දවූ ශ්‍රී ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලවල සිසුන් 80% පැමිනීම අනිවාර්ය නීතිය දැඩිලෙස විවේචනය කරන බව පැහැදිලිය. මෙම නීතියට යටත්ව විභාගවලට පෙනීසිටීම සඳහා නුසුදුස්සන්වීම තම අධ්‍යාපන අයිතිය අහිමිකිරීමක් ලෙස සලකයි. අධ්‍යාපන අයිතිය අහිමිකිරීම මානව හිමිකම් උල්ලන්ගනයක් බව ද සිහිතබාගත යුතුය.මුදලට විකිනෙන අධ්‍යාපනයක් යටතේ එසේ වියයුතු නැත. හේතුව, සේවා දායකය ලබාදීමට පොරොන්දුවූ සේවයෙන් කොපමණ ප්‍රමාණයක් තමාට අවශ්‍ය ද කියා තීරණය කිරීමට මුදල් ගෙවා සේවය ලබාගන්නාට අයිතියක් ඇත. අනෙක් අතට ගෙවීම් නිසි පරිදි කරඇති සේවා යෝජකයා හට පොරොන්දුවූ සේවය නීති දමා බලහත් කාරයෙන් දීමට සේවා දායකයාට ඇති අමාරුවක් හෝ අයිතියක් ද නැත. එනිසා පුද්ගලික අධ්‍යාපන ක්‍රමය තුල ප්‍රයෝගිකව සිදුවන්නේ මුදල් අතිවිශාල ප්‍රමාණයක් තම අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන සිසුවා තම ආයෝජනය වෙනුවෙන් උපරිම ප්‍රතිපල ලබාගැනීම සඳහා දේශන, ප්‍රායෝගික සහ අනෙකුත් අදාළ අධ්‍යාපන කටයුතු සඳහා තම උපරීම කාලය සහ ශක්තිය යොදවයි.නිදහස් අධ්‍යාපනය තුල සිසුන්ගේ අධ්‍යාපනය සඳහා එමරටේ සියලු ජනයා ආදායම් බදු ගෙවා ආයෝජනය කරයි. සිසුවාට මෙය නොමිලේ ලැබෙනදෙයක් ලෙස පෙනුනද එයටද ගෙවීමක් සිදුවේ. නිදහස් අධ්‍යාපනය හරියට අධ්‍යාපනයට යන වියදම අධ්‍යාපනය ලබන නොලබන සියල්ල අතරේ බෙදා ගැනීමක් වැනිය. අධ්‍යාපනය නොමිලේ ලැබෙනදෙයක් ලෙස තරුණ සිසුන්ගේ මොළ සෝදා ඒත්තු ගන්වන මේ ජනතා විමුක්තිපෙරමුන සහ පෙරටුගාමී දේශපාලන බලවේග එහි සත්‍ය තත්වය සිසුන්ට පහදාදෙන්නේ නැත. නිදහස් අධ්‍යාපනය යනු සිසුන්ට රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුළුවී අවශ්‍යනම් අධ්‍යාපනය ලැබීමටත් නැතිනම් අධ්‍යාපනය කුණු කුඩයට දමා විවිධ දේශපාලන පක්ෂවල අරමුණු ඉටුකරදීමට තම අධ්‍යාපනයට වෙන්වූ කාලය තමනට රිසි පරිදි නාස්තිකිරීමට පරම අයිතියක් තමන් හට ඇතැයි සිතන සිසුන් බිහිවීම මෙතුලින් සිදුවී ඇත.නමුත් නිදහස් අධ්‍යාපනය තුල සිසුන්ට මෙසේ අධ්‍යාපනය වෙනුවෙන් රටෙහි පුරවැසියන් සියල්ල දරන බර පැනවෙනුවෙන් වගකීමක් ඇත. එනම් එබර පැන වෙනුවෙන් ජනතාවට වන්දි ගෙවීමයි, එනම් තම විෂය ක්ෂේතරය තුලින් උපරිම සේවයක් කිරීමයි. එසේ කිරීමට මනා දැනුම සම්භාරයක් සහ අත්දැකීම් වලින් පිරිපුන් ඵලදායී උපාධි ධරයින් ලෙස විශ්ව විද්‍යාලයෙන් පිටවිය යුතුය. එනිසා නිදහස් අධ්‍යාපනය තුල සිසුන් සටන් කලයුත්තේ තම පැමිනීම අනිවාර්ය කිරීමට එරෙහිව නොව ගුරුවරුන්ගේ පැමිනීම අනිවාර්ය කිරීම වෙනුවෙනි. දේශන වල ප්‍රායෝගික වැඩවල ගුණාත්මය, විෂය නිර්දේශය, විද්‍යාගාර, පර්යේෂණ පහසුකම් වෙනුවෙන් සටන් කලයුතුය. දේශනා වලට සහභාගී වීම සහ දැනුම අතර ප්‍රබල සම්බන්දතාවක් ඇතිබව මටනම් මේවනවිට තහවුරුවී ඇත.තරුණ සිසුන්ගේ අධ්‍යාපනය විනාශකිරීම ජනතා විමුක්ති පෙරමුණ අපේ කාලයේ සිටම කළා. එකල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තිබූ "පළමුව මව්බිම - දෙවනුව උපාධිය" සටන්පාටය තවම මාගේ මතකයේ තිබේ. දර්ශීය සමාජවාදයක් වෙනුවෙන් අප සිල්ලගේ අධ්‍යාපනය අවුරුදු 2 කින් පමණ පසුබෑමකට ලක්කළ එකල වමේ සහෝදරවරුන් සමහරක් අද සේවය කරන්නේ තම රටටවත් නොවේ. පිරටක සේවයට ගියත් ඒ කියුබාවට නම් නොවේ. ඔවුන් සේවය කරන්නේ, ධනවාදයේ සංකේත වන ඇමරිකාවේ, කැනඩාවේ, බ්‍රිතාන්‍යයේ, ස්විට්සර් ලන්තයේ, ජපානයේ, නවසීලන්තයේ, ඕස්ට්‍රේලියාවේ ආදී රටවල Monsanto, DOW, Syngenta, Fonterra, Nestlé, Prima වැනි දැවැන්ත බහුජාතික සමාගම් වල. ලංකාවේ නම් මේ විශ්ව විද්‍යාල වාමාංශිකයින් CIC, Lankem, Hayleys, Fonterra, Nestlé, Prima, CTC, Keels ආදී දුප්පත් ගොවීන් සහ සියලු ජනයා සූරාකමින් ලාභ උපයන බහුජාතික සමාගම් වලට කිසිදු හිරිකිතයකින් තොරව සේවය කරනු බලාගත හැකිය.තව මාස 6 කින් මහින්ද රාජපක්ෂ මේ රටේ පාලකයා වුනේ නැත්තම් මම අනාවැකි කියන එක නවත්වනවා - දෛවඥ ඉන්දික තොටවත්ත |
ඉන්ධන පිරවුම්හලක් කොල්ල කයි – CCTV දර්ශන | Mini Gossip | Gossip Lanka News | Hot Gossip | Hiru Gossipවේවැල්දෙණියේ හා නයිවල ඉන්ධන පිරවුම්හල් 2 ක් ආයුධ සන්නද්ධ පුද්ගලයන් විසින් අද අළුයම කොල්ල කා තිබෙනවා. එම ඉන්ධන පිරවුම්හල් දෙකෙන් කොල්ලකරුවන් රැගෙන ගොස් ඇති මුදල රුපියල් 65,000 ක්.වේවැල්දෙණිය ඉන්ධන පිරවුම්හලේ කොල්ලය සිදුව තිබුණේ අද අළුයම 12.45 ට පමණ. මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි ඉන්ධන පිරවුම්හලට යතුරුපැදියකින් කොල්ලකරුවන් දෙදෙනා පැමිණ සිටියේ යතුරුපැදියකින්. මුහුණු ආවරණය කරගෙන පැමිණි ඔවුන් පිහියක් හා පිස්තෝලයක් පෙන්වා ඉන්ධන පිරවුම්හල කොල්ලකන ආකාරය එහි තිබූ සී.සී.ටී.වී. කැමරාවේ සටහන්ව තිබුණා.මේ අතර වේයන්ගොඩ නයිවල ඉන්ධන පිරවුම්හලට ද අද අළුයම 2 ට පැමිණි කොල්ලකරුවන් පිරිසක් එහි තිබූ රුපියල් 50,000 ක මුදලක් පැහැරගෙන ගොස් තිබුණා. |
පැපොල් වල විටමින් A, බීටා කැරොටීන් වගේම papain නම් එන්සයිමයත් අඩංගු වෙනවා. papain ඉතා හොද ප්‍රතිඔක්සිකාරයක් නිසා සමේ මැරුණු සෛල ඉවත් කරන අතරම නැවත අළුත් සෛල ඇති වීම වේගවත් කරනවා. පැපොල් කෑමට ගැනීමෙන්, බීමට ගැනිමෙන් හෝ සමේ ආලේප කිරීමෙන් සමේ තරුණ බව හා දීප්තිමත් බව වැඩි කරගැනීමට හැකිවනවා.අලිගැට පේර වල අඩංගු biotin (විටමින් B7 ) මගින් සමේ සෛල නැවත වර්ධනය වීම වේගවත් කරන අතරම විටමින් E සම ස්වාභාවිකව ආරක්ෂා කරයි. මෙහි අඩංගු මේද අම්ල මගින් සමේ වියලි බව නැති කරයි. අලිගැට පේර ආහාරයට ගැනීමෙන් හෝ සම මත ආලේප කිරීමෙන් දිදුලන තරුණ සමක් ඇති කර ගැනීමට හැකිවේ.කසෙල් වල විශාල පොටෑසියම් ප්‍රමාණයක් අඩංගු නිසා සමේ තෙතමනය ආරක්ෂා කර සමේ වියළි බව නැති කරයි. මෙහි සමට යෝග්‍ය වන විටමින් A, B සහ E වැනි පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් අඩංගු නිසා සම රැලි වැටීම, සුදුමැලි වීම, අදුරු පැහැ තැන් සහ පැල්ලම් ඉවත් කර සම සිනිදු කරයි.ඇපල් වල malic නම් පළතුරු ඇසිඩ් වර්ගය අඩංගු වෙනවා. මෙය රූපලාවන්‍ය කටයුතු සදහා විශාල ලෙස භාවිතා කරන ඇසිඩ් වර්ගයක්. මෙම malic ඇසිඩ් මගින් සමේ මැරුණු සෛල නැවත වර්ධනය වීම වේගවත් කරයි. ඒ වගේම ඇපල් වල අඩංගු කෙදි මගින් කුරුලෑ ඇති වීම පාලනය කරයි.මෙහි අඩංගු salicylic ඇසිඩ් සමේ සිදුරු තුලට ගමන් කර whiteheads සහ blackheads ඉවත් කර සම හොදින් පිරිසිදු කරන නිසා කුරලෑ ඇති විම වලක්වයි. ස්ට්‍රොබෙරි වල ඇති Ellagic ඇසිඩ් ඉතා හොද ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියාකර සමේ කොලජන් ඉවත් කරන අතර හිරු කිරණින්ද සම ආරක්ෂා කරයි. දිනපතා ස්ට්‍රෝබෙරි ආහාරයට ගැනීමෙන් දිදුලන සමක් ලබා ගත හැකිවේ.කිවි විටමින් C බහුලව ඇති පළතුරකි. කිවි ග්‍රෑම් 100ක විටමින් C මිලි ග්‍රෑම් 98ක් අඩංගුව ඇත. විටමින් C මගින් සමේ තරුණ බව හා පිවිතුරු බව ඇති කරයි.ආමන්ඩ් විටමින් E ලබාදෙන හොදම ආහාරයකි. ආමන්ඩ් ඇට වෙනත් ආහාරයක් සමග හෝ තනිව අහාරයට ගැනීමෙන් එහි ඇති විටමින් E මගින් සම පෝෂණය කර හිරුගෙන් වන හානි වලින් සම ආරක්ෂා කරයිලෙමන් සමේ පැහැය වෙනස් කර සම සුදු පැහැ කරන අතරම කුරුලෑ කැලැල් හා වෙනත් කැලැල් ඉවත් කිරීමට සමත්ය. එමෙන්ම සමේ ඇති සිදුරු තුලට ගමන් කර ඇතුලතින් පිරිසිදු කරයි. ලෙමන් විදුරුවකට මීපැණි එක් කර උදෑසන හිස් බඩ පානය කිරීමෙන් සමේ අදුරු පැහැය හා කැලැල් ඉවත් කර දිදුලන සමක් ලබා ගත හැකිය.කැරට් වල බීටා කැරොටීන් බහුලව අඩංගු වේ. බීටා කැරොටීන් මගින් සමේ පටක අළුත්වැඩියා කරන අතරම අනවශ්‍ය හිරු කිරණින් සම ආරක්ෂා කරයි. කැරට් පිස කෑමට ගැනීමෙන්, කැරට් අමුවෙන් ආහාරයට ගන්නවාට වඩා වැඩි සමට හිතකර බිටා කැරටීන් ප්‍රමාණයක් ලබා ගත හැකිවේ.වට්ටක්කා ඇට zinc වලින් පරිපූර්ණය. Zinc සමේ සෛල පටල ආරක්ෂා කිරීමටත්, සමේ කොලජන් ප්‍රමාණය පාලනය කිරීමටත්, සෛල නැවත වර්ධනය වේගවත් කිරීමටත් උපකාරී වේ. |
දිඹුල ක්‍රිස්ටස්ෆාම් වතුයායේ වතුකම්කරු පවුලක අලුත උපන් තුන් නිවුන් සිඟිති ගැහැනු දරුවන් තිදෙනා පෝෂණය කිරීමට එම සිඟිත්තියන්ගේ දෙමව්පියෝ පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙති.දික්ඔය මූලික රෝහලේදී පසුගිය ජනවාරි 29 වැනි දින උපත ලබා ඇති එම සිගිත්තන්ගේ බර අඩුකම නිසා දින කිහිපයක් ඔවුන් පේරාදෙණිය, ගම්පොළ සහ අවිස්සාවේල්ල යන මූලික රෝහල්වල ළමා ඒකකවල රඳවා තැබීමෙන් අනතුරුව නැවත දෙමව්පියන්ට භාරදී තිබේ.එම දෙපළට මෙම සිගිත්තන්ට අමතරව පාසල් වියේ පසුවන 12 සහ 11 වියේ පසුවන තවත් ගැහැනු දරුවෝ දෙදෙනෙක්ද සිටින අතර ඔවුහු මේ වන විට හැටන් සහ කොටගල පාසල්වල අධ්‍යාපනය ලබති. දරුවන්ගේ පියා මේ වන විට පියා කොළඹ ප්‍රදේශයේ කුලී රැකියාවක නිරතව සිටින අතර මව එම වතුයායේ තේදලු නෙළන්නියක ලෙස කටයුතු කරයි. මීට අමතරව එම නිවසේ ක්රිෂ්ණකුමාරන්ගේ මව සහ පියාද ජීවත් වෙති.ʻමට ලැබෙන සොච්චම් වැටුපෙන් සියලුම දෙනා ජීවත් වෙන්නේ. අලුත උපන් සිඟිත්තන්ට මව් කිරි ලබාදීමට තරම් ප්‍රමාණවත් මව් කිරි බිරිඳ සතුව නොමැති නිසා වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත මෙම සිඟිත්තන්ට දිනකට මව් කිරිවලට අමතරව නිර්දේශිත පිටි කිරිද ලබා දෙනවා. එම කිරි පිටි ලබාගැනීමට විශාල මුදලක් වැය වන බැවින් විශාල ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත් වන අප දැඩි අසීරුතාවට පත්ව සිටිනවා.ʼʻආර්ථික අපහසුතා මධ්‍යයේ හෝ මෙලවට බිහිවූ දරුවන් හොඳන් රැක බලා ගැනීම මගේ එකම අධිෂ්ඨානයයි. ඒ සඳහා කිසියම් අයෙකු හෝ ආයතනයක් උදවු උපකාර කරන්නේ නම් එය මහඟු පින්කමක්.ʼමොහුන්ගේ ලිපිනය විරන් ක්රිෂ්ණකුමාරන්, ක්‍රිස්ටස්ෆාම් වත්ත, කොටගල වන අතර 077-2591462 දුරකථන අංකය ඇමතීමෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හකිය. |
ග්‍රීසියේ තීස්ටස් කුමරු, තම සොහොයුරු ඇට්රියස්ටත් ඔහුගේ පරම්පරාවටත් ශාප කර රටින්පැන ගියේය. ඒ ඔහුගේ ඉතිරි වූ එකම පුතුවූ ඊගිස්තස් ද රැගෙනය. ශාපලත් ඇට්‍රියස් රජුටත් පුත්තු දෙදෙනකු සිටියහ. වැඩිමහලා ඇගමෙම්නොන් වූ අතර බාලයා වූයේ මෙනෙලෝස්ය. පියාගේ වියෝවයෙන් පසුව ග්‍රීසියේ සමෘද්ධිමත් නගරයක් වූ ආගෝසයේ රජ වූයේ ඇගමෙම්නොන්ය. ඇගමෙම්නොන් හා ඔහුගේ සොහොයුරු විවාහ වූයේ එකම කුස උපන් සොහොයුරියන් දෙදෙනකු සමගය. ඒ ටින්ඩාරෝස් නම් ස්පාටාවේ රජුගේ දියණියන් වන ක්ලිටමෙනස්ට්‍රා හා හෙලන්ය. ටින්ඩාරෝස් රජුගේ මරණයෙන් පසුව එහි රජ වූයේ මෙනලෝස්ය.මෙම කාලයේ දී ට්‍රෝජ නුවර රජ වී සිටියේ ප්‍රියාම් රජුය. දිනක් ඔහු පුත් පැරිස් කුමරු යම් රාජ්‍යතාන්ත්‍රික කටයුත්තකට ඔහුගේ පියා විසින් මෙනලෝස්ගේ රාජධානියට එවන ලදී. මෙනලෝස් ද පැරිස් කුමාරයාට ඉතා ඉහළින් ආගන්තුක සත්කාර කොට පිළිගනු ලබයි. මේ අතර මෙනලෝස් රජු හට හදිසියේම කීට දේශයට යාමට සිදුවේ. මේ අතරතුර කඩවසම් පැරිස් කුමරු සමඟ සබදකමක් ඇතිකරගන්නා මෙනලෝස්ගේ බිරිය වන හෙලන්, පැරිස් කුමරු සමඟ ඔහුගේ නුවන වන ට්‍රෝජ නුවරට පැන යයි.නැවත සිය රටට පැමිණෙන මෙනලෝස් මෙපුවත දැනගෙන ඒ බව තම වැඩිමහල් සොහොයුරා වූ ඇගමෙම්නොන් හට දැනුම් දෙයි. සුළු ආසියාතික රටක් වූ ට්‍රෝජයේ කුමාරයෙක් විසින් ග්‍රීක රාජ කුමාරිකාවක් පැහැරගෙන යාම සෑබෑ ලෙසින්ම ග්‍රීකයන් සිතුවේ ඔවුන්ට කරන ලද අපහාසයක් ලෙසින්ය. මුළු ග්‍රීක පෞර රාජ්‍ය සියල්ලෙහිම එකතුවෙන් ඒකාබද්ධ හමුදාවක් ඇගමෙම්නොන් යටතේ සංවිධානය කොට, ට්රෝජයට එරෙහිව යුද්ධයක් සදහා පිටත්ව යෑමට සැරැසෙයි. යුද ශූර ඇක්ලීස් ආදී යුධ සෙන්පතියන් රැගත් නාවික හමුදාවට ගමන නතර කරන්නට සිදුවූයේ හදිසියේ මුහුදු සුළං විරුද්ධ දිශාවට හමන්නට වූ නිසාය.මෙසේ දින, සති, මාස ගණන් ඕලිස් නම් වරායට වී සිටීමට සිදුවීමෙන් සේනාංක ඉතා දුර්වල විය. රෝගාබාධ ඇති විය. මේ අතර සේනාංකයේ සිටි කාල්චාස් නම් අනාවැකි කියන්නා බිහිසුණු අනාවැකියක් පළ කළේය. එමඟින් කියවුණේ විරුද්ධ දිසාවට සුළං හැමීම නතර කොට නැව් දියත් කිරීමට නම්, ඇගමෙම්නොන්ගේ කන්‍යා දියණිය වූ ඉපිජීනියා හිස ගසා බිලි දිය යුතු බවයි. රජු ඉතා බැරෑරුම් තීරණයකට අවතීර්ණ වේ. දියණිය ඇක්ලීස් නම් යුධ සෙනෙවියාට විවාහ කරදෙන්නට යැයි ව්‍යාජයක් දක්වා, ගෙන්වා ගන්නා ඇගමෙම්නොන් තම දියණියගේ හිස ගසා දමා බිලි පුද කරයි. මෙතෙක් කලක් නොහැමූ සුළං හමන්නට විය. නැව් දියත් කෙරිණි.දස වසරක් පුරා දීර්ඝ යුද්ධයකින් පසුව ට්‍රෝජ නුවර අල්ලා ගන්නා ඇගමෙම්නොන් ප්රමුඛ කණ්ඩායම ට්‍රෝජයේ සියලු පිරිමි මරා දමයි. කාන්තාවන් දූෂණය කරයි. වස්තුව කොල්ලකයි. දේව මණ්ඩපයන්ද කෙලසා දමයි. ඇගමෙම්නොන් විසින් තම සොහොහුරාගේ බිරිදව සිටි, පසුව පැරිස් කුමරු විසින් කැදවාගෙන ගිය හෙලන්ව දූෂණය කරනු ලබයි. එතැනින් නොනැවතුණු ඇගමෙම්නොන් ට්‍රෝජයේ ප්‍රියාම් රජුගේ දියණිය වූ ද ඇපලෝ දෙවොලේ දෙවියන් වෙනුවෙන් කැපවී සිටි කන්‍යාවියක් වූ කැසැන්ඩ්‍රා කුමරියව දූෂණය කරයි. ඉනික්බිතිව ඇය ලිංගික වහළියක ලෙසින් නැවත ඇගමෙම්නොන් රැගෙන එයි.ඇගමෙමනොන් නොමැති කාලයේ ආගෝසයේ පාලනය ගෙන ගියේ ඇගමෙම්නොන්ගේ බිසව වූ ක්ලිටමෙනස්ට්රාය. මේ වන විටත් මුලින් සදහන් කරන ලද තිසියස් රැගෙන ගිය ඔහු පුත් ඊගිස්තස් ආගෝසයේ මාලිගයට පැමිණ, තම පියාට කළ අපහාසයට පළිගැනීමට සිතා ක්ලිටමෙනස්ට්‍රා සමඟ සබදකමක් ගොඩනගාගෙන සිටියේය.තම දියණිය, ඉපිජීනියා මරා දැමීමේ පළිය ගැනීමේ අරමුණින් යුද්ධය දිනා එන ඇගමෙම්නොන් රතු පළසක් මතින් පිළිගන්නා ක්ලිටමෙනස්ට්‍රා දෙවියන්ගේ කෝපය ඔහුවෙත දල්වාලයි. උපක්රමශීලීව රජු නාන ඔරුවේ ගිලී ඇගපත දොවා පිටතට එනවිට දැලකින් රජුව පටලවා කඩුවකින් තුනවරක් ඇන මරා දමයි. මේ සමඟ තිසියස් විසින් ඇට්‍රියස් රජ පෙළපතට එරෙහිව කරන ලද ශාපයද සම්පූර්ණ වෙයි. එහෙත් දිගින් දිගටම පළිගැනීම් නිමක් නොවීය. ඇසකට ඇසක් දතකට දතක් යන කියමන ඔස්සේ පළිගැනීම් දිගටම ක්‍රියාත්මක විය. ඇගමෙම්නොන්ගේ මෙම කතා පුවත පදනම් කොටගෙන ඊස්කිලස් විසින් ඇගමෙම්නොන් නාට්‍ය රචනා කරනු ලැබීය. මෙම සටහන එහි පරිවර්තනයක් වූ ආරිවංශ රණවීරගේ ‘‘ඔරෙස්ට්රියානු නාට්‍ය ත්‍රිකය“ නම් කෘතියෙන් උපුටා ගත්තකි.බලය වෙනුවෙන් ඕනෑම තුච්ච ක්‍රියාවක් කිරීමට මෙකල පමණක් නොව ඈත අතීතයේ සිටම මිනිසුන් සිටි බව අප පසක් කරගත යුතුය. වඩා වැදගත් වන්නේ පළියට පළිය ගැනීම නොව, මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටීමයි.Select ratingGive රණ ශූර ඇගමෙම්නොන් 1/5Give රණ ශූර ඇගමෙම්නොන් 2/5Give රණ ශූර ඇගමෙම්නොන් 3/5Give රණ ශූර ඇගමෙම්නොන් 4/5Give රණ ශූර ඇගමෙම්නොන් 5/5 |
කේ. සචිදානන්දන් යනු ජාතික මට්ටමෙන් මෙන්ම ජාත්‍යන්තරවද කීර්තියට පත් මලයාලම් කවියෙකි. කේරලයේ ක්‍රිස්තු විද්‍යාලයේ සහ කැලිකට් විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස ද, ඉන්දියානු සාහිත්‍ය ඇකඩමිය (සාහිත්‍යය පිළිබඳ ජාතික ඇකඩමිය) විසින් පළ කරනු ලබන‘ඉන්ඩියන් ලිටරෙචර්‘ සඟරාවේ සංස්කාරකවරයා ලෙස මෙන්ම පසු කලෙක එහි ප්‍රධාන විධායකවරයා ලෙස ද ඔහු කටයුතු කර ඇත. මලයාලම් බසින් කාව්‍ය සංග්‍රහයන් 21ක්, විදෙස් කාව්‍ය නිර්මාණ පරිවර්තන සංග්‍රහයන් 16ක්, විචාර රචනා සහ සම්මුඛ සාකච්ඡා ඇතුළත් කෘතීන් 23ක්, ඉංග්‍රීසි බසින් රචනා කළ විචාර සංග්‍රහයන් තුනක් මෙන්ම මලයාලම්, ඉංග්‍රීසි සහ හින්දි බසින් රචනා කරන ලද නිර්මාණ සංග්‍රහයන් ගණනාවක් ද ඔහු විසින් පළකරනු ලැබ තිබේ. ප්‍රඥාව දල්වන උසස් නිර්මාණාත්මක බවක්, ගැඹුරක් සහ මානවීය ගුණයක් පළ කරන ඔහුගේ නිර්මාණ දෙස් විදෙස් කාව්‍ය රසික සහ විචාරක පිරිස්වල සම්භාවනාවට පාත්‍ර වී ඇත. කවිය පිළිබඳ විශේෂ සාහිත්‍ය සැසි කිහිපයකට සහභාගි වීම සඳහා මෑතකදී ඔහු ශ්‍රී ලංකාවටද පැමිණියේය.අහස විඩාබර පෙනුමයි. තවත් මොහොතකින් වැසි කදුළු බලාපොරොත්තු විය හැක. එය එසේ වූවත් සීත සුළං හමමින්, ගත කුල්මත් කරන බවක් කිව නොහැක. ඒ වෙනුවෙන් කිව හැක්කේ "තවත් මිනිත්තු කිහිපයක් ඇතුළත මීතොටමුල්ලේ කුණු නැවත ඇවිස්සිය හැක, අධික වාහන තදබදය තවත් මොහොතකින් අප ස්පර්ශ කිරීමට සූදානම්ය" වැනි කාලගුණ අනාවැකිය.කාන්සිය නිවා ගැනීමටත්, කිසි දිනක ඉගුරු නොදුටු තේකෝප්පය රස බැලීමටත් කලියෙන් මා මේ පොත් රාක්කිය තුළ සොයන්නෙ කුමක්ද! කාවද!අහඹු ලෙස හමු වූ නිර්මලී, ඇගේ නිර්මල වූ කවි අතර තදින් සිර කළාය. කිසි දිනක හමු වී නොමැති, කතා බස් කර නොමැති, අඩුම තරමේ මුහුණු පොතේ මිතුරියක්වත් නොවන ඇය හොර රහසේම ඇගේ කවි මිතුරියක් බවට පරිවර්තනය කළාය.මේ කවිය තුළ කිවිඳිය ජීව්ත් වේයැයි සිතට කාවැදිමින් කවිය ගලා ගියේය. මදකට ඉන් මිදී කල්පනා කර බැලුවෙම්. තරුණ විය පසුකළ කොයි තරම් නම් අය, තවමත් ප්‍රේමයක්,ස්වාමිපුරුෂයෙක්, භාර්යාවක් බලාපොරොත්තුවෙන් මංගල දැන්වීම් පිටු පුරවනවාද? ආදරය සෙනෙහෙස යන අකුරු සතර සොයමින් ඉබාගාතයේ ඇවිදිනවාද! තමාගේ අධ්‍යාපන මට්ටම, තමන්ට හිමි වතුපිටි, ඉඩකඩම් සියල්ලම කොටුවක් තුළ පුරවමින් ඔවුන් බලාපොරොත්තු වන්නෙ කුමක්දැයි මේ කවිය තුලින් නිර්මලී හොඳින් පෙන්වා දෙයි.නිර්මලී නොමැරී ගෙවන මේ පිටු පනස් අට තුළ හතළිස් ඇදිරි යුවතිය පසු කරමින් ඉන්පසු අවුරුදු විස්සක - විසි එකක තරුණියක් ළග ආයෙම නතර වුණෙමි.ගම්බද පරිසරයක හැදී වැඩී නගරයට පැමිණෙන ඇය තම පවුල වෙනුවෙන් දුක දරන්නියක්ය. එනමුත් ගම්වාසින් දන්නා ආකරායට ඇය උසස් රැකියාවක නිරත වෙයි.තරුණ අවධියේදී සිත තුළ උපදින හීන විටෙක පුදුමාකාරය. නමුත් ඇයගේ සියලුම හීන පිළුණු වූ සිත සමහ දිය වී ගොස් හමාරය. ණයවාරිකය හෝ ගෙවාගත නොහැකි බව ඇය පෙන්වාදෙන්නේ 'මැසිතෙල්' බෝතලයට එය පෙඟීගොස් යැයි පවසමින්ය. වයෝවෘද්ධව ලෙඩ ඇදේ කල්ගෙවන පියාගෙ කැසිල්ලක් පවා ඇයව වියවුල් තත්වයට පත් කරණ කාරණයක් වී හමාරය.ජීවන අරගලය තුළ ඈ නිරුත්තරය.ත වත් කිසිත් හඬ ගා කීමට අවැසි නැත. එබැවින් මෙය විඳිමු! සමුගනිමු! කවි අතර මියදෙමු! |
රටට විපතක්, දුකක්, පීඩාවක් දැනුණු හැම මොහොතකම තවමත් ජනතාව මුමුනන දෙයක් ඇත. එනම් ‘අනේ ප්‍රේමදාස මහත්තය හිටියා නම් අපට මෙහෙම වෙන්නෙ නෑ’ යන්නය. ඒ තරමටම අදටත් ප්‍රේමදාස මහතා සිහිපත් කරන අය බොහෝය. ඊට හේතුවක් තිබිය යුතුය. ඔහු නැති කාලයක සුනාමි විපතින් රටම අනාථ විය. පිට රටවලින් ආධාරද ලැබුණේය. ඒ විපත, වෙනුවෙන් ලෝකයාගේ ඇස් එතරම් විවර වූ, ආධාර කෙරුණු අවස්ථාවක් නොවීය. ඒත් තවමත් සුනාමි විපත නිසා දුකට පත් ඇතැමුන්ට නිසි පිළිසරණක් නැත. ‘ප්‍රේමදාස මහතා සිටියා නම්’ යැයි කියැවුණු ප්‍රමුඛතම අවස්ථාව එයය. ඉන් පසු සාමසර කන්ද නාය යෑම, ස්වාභාවික විපත්වලින් අන්ත අසරණ වීම, යුද්ධයෙන් විපතට පත් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව කාලයක්ම සරණාගත කඳවුරුවල සිටීම, කුණු කන්ද නාය යෑම වැනි හැම මොහොතකම ‘ප්‍රේමදාස මහතා හිටියා නම්’ යැයි කියැවුණේ ඇත්තටම ප්‍රේමදාස මහතා හිටියා නම් ඒ දුකට පත් හැම දෙනාම සැපතකට හරවන දැවැන්ත ක්ෂණික උත්සාහයක් ගන්නා බැවිනි.පාන්දර තුනට හැඟිටගෙන දවසේ පත්තර සියල්ල කියවා එහි තිබූ ජනතා ගැටලු එළිවෙන්නට පෙර අදාළ නිලධාරීන් අවදිකරවා ඉටු කරන තැනට කටයුතු කළ ‘ප්‍රේමදාස ක්‍රමවේදය’ අද නැත. රාජ්‍ය සේවයේ යම් විනයක් තිබුණු වකවානුවක් තිබුණා නම් ඒ ප්‍රේමදාස යුගයේය. සුළු සේවකයාගේ පටන් ඉහළ නිලධාරියා දක්වා ප්‍රේමදාස මහතා යන යන තැන දිවගොස් වැඩ කර පෙන්වූයේ වෙන කවරදාකවත් නැති විධියටය. ඒ නිසාම ප්‍රේමදාස මහතාට ඇති බය නිසා දෝ වැඩේ හරි නම් ඉටු වුණේය. අද ජනාධිපති කියලත් වැඩ නොවෙන රටක් බිහිවෙලාය. ඇතැමුන්ට දැන්නම් මතක නැති වූවාට එදා ජනතාවට යමක් කරගන්නට කොළඹටම එන්නට සිදුවිය. එය වෙනස් කළේ ප්‍රේමදාස මහතාය. දිසාපතිගේ බලය ‘ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත විමධ්‍යගත කර පරිපාලනය ගමට ගෙන යන්නට ‘ප්‍රාදේශීය ලේකම් කාර්යාල’ හැදුවේ ඔහුය. අද උප්පැන්න සහතිකය, මරණ සහතිකය, විවාහ සහතිකය, හැඳුනුම්පත ගන්නට ආදී අත්‍යවශ්‍ය දේ ගන්නට කොළඹට එන්නට ඕනෑ නැත. ගමේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ඒවා කරගත හැකිය.ගමට මුදල් ලැබෙන ගමේ ආර්ථිකය පණ ගැහෙන දෙයක් කළේ ඔහුය. එවකට ආසියානු කලාපයේ වේගවත්ම ඇඟලුම් කර්මාන්ත ව්‍යුහය ඔහු පටන් ගත්තේ වේගයෙනි. ගැමි දරුවකුට කොළඹ බෝඩිමක තපින්නට ඉඩ නොතබා, ඒ මුදලද ඉතිරිවෙන ලෙස හද්දා පිටිසර ගම්මාන තුළට ඇඟලුම් හල් ගෙන ආවේය. ගමේ කඩමණ්ඩියේ කඩවලට මෙන්ම ගමේ ආර්ථිකයටද ජීවයක් ලැබුණේය. ගමේ පැල්පතට මුදල් ගලා ආවේය. ‘ප්‍රේමදාස සුද්දියන්ට ජංගි මහන්න කම්හල් හදනවා’ කියා ඔහුට පරිභව කළ අයට අද මේ වන තුරුත් හරි හැටි කර්මාන්ත විප්ලවයක් කරගන්නට බැරි වූ තැනකය.ඔහුට දුක හොඳ හැටි දැනුණේය. කොළඹ හැදුණු, වැඩුණු ප්‍රේමදාස මහතා පෝලිම්වල ලැග රජයේ ආයතනයකට බිල්පත් ගෙවන්න ගිය මිනිහාගේ පටන්, මරණාධාර සමිතියේ කෙරුවාව තෙක්ම අපේ රටේ පරිපාලන කෙරුවාවේ කඩාවැටීම, රිදවීම දෑසින් දුටුවේය. මේ නිසාම තරුණ වියේ සිටම දේශපාලනයේ ඔහු වඩ වඩාත් තෙම්පරාදු වූයේ සැබෑම ජනනායකයකුගේ අත්දැකීම් බහුල ප්‍රායෝගික නායකත්ව ලකුණු පෙන්වමින්ය.ඔහු කිසිදිනෙක මුල අමතක නොකළේය. ශ්‍රී සුචරිත ව්‍යාපාරයෙන් සමාජ මෙහෙවර ඇරැඹූ හෙතෙම අගමැති වූ පසුත් ඔහු හා දුෂ්කර ක්‍රියා කළ ක්රියාකාරිකයන් හා ඔවුන් හා පසුකළ කටුක අතීතය අමතක නොකළේය. එය ඔහුගේම වචනවලින් මෙසේය.‘මට දැන් කවුරුහරි කිව්වොත් ආයෙත් 1939 අවුරුද්දට යන්නය කියලා.. මට නම් ආයෙ යන්න හිතෙන එකක් නෑ දෙයියනේ. ඒ තරම් කටුක කාලයක්. හිතාගන්නවත් බෑ. මොනතරම් දුකක්ද මම වින්දෙ. මොනතරම් දුකක්ද ඔයගොල්ලො මාත් එක්ක ඇවිත් වින්දේ. මට ඒ කාලෙ නම් ජීවිතේ කවදාවත් අමතක වෙන්නෙ නෑ. මට අගමැතිකම ඕනැයි කියලම නෙවෙයිනෙ මං පටන්ගත්තෙ. හිමින් හිමින් මාව නොදැනීම ඉස්සරහට තල්ලු වුණා. මට හිතෙන්නෙ මං සංසාරේ පතාගෙන ආපු දෙයක් වෙන්න ඇති. මේ රටේ ඉපදිලා ඉඳලා මේ රටේ ඇත්ත දැනගෙන මේ වගේ අඩු පහසුකම් තියෙන දුප්පත් මිනිසුන් අතර පොඩි මිනිහෙක් වෙලා ඉපදුණෙත් ඒක වෙන්න ඇති.’අගමැති වූ පසු සුචරිත ශාලාව හොඳින් නිමවා එය විවෘත කළ දා හෙතෙම තම හදගැස්ම මෙසේ ඉදිරිපත් කළේ එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනයන්ද මුලසුනේ තබාගෙනය.‘මම ගොඩාක් දුක් වින්ද කෙනෙක්. ඒ නිසා දුක ගැන මට අමුතු කතා කියා දෙන්න ඕනෑ නෑ. මගේ පියාගේ මරණයෙන් පස්සෙ අපි හරිම අසරණ වුණා. අපි අනාථ වුණා. ඒත් මම නැඟිට්ටා. 1964 මම විවාහ වුණාට පස්සෙ මට තේරුණා මම අනාථභාවයෙන් මිදුණා කියලා. බිරිය මට මේ වැඩකටයුතුවලට විශාල රුකුලක් දුන්නා. ඥාතීන් වගේම මිත්‍රයන්ද පරාජයේදී මාත් එක්ක හිටියා. ඒක ජයග්රහණයේදී මේ ඉන්නව වගේ නෙවේ. හරිම වටිනවා දුකේදී ළඟින් ඉන්න එක. මගේ සරණ බන්ධනයෙන් පස්සෙ මගේ උපකාරයට තවත් දෙන්නෙක් මට ලැබුණා. ඒ මගෙ පුතයි, දුවයි. හැබැයි ඒ දෙන්නා ආණ්ඩු පක්ෂයේ නම් නෙවේ. විරුද්ධ පක්ෂයේ. නිතරම කරන්නේ විවේචනය.ඒකත් මට දැන් රුකුලක් වෙලා තියෙනවා. මැතිවරණ කාලෙ මම ගෙවල් ලක්ෂයක් හදන බව කිව්වා. මැතිවරණය ඉවරවුණු හැටියෙම මගෙ දුව අහන්න පටන් ගත්තා. ‘තාත්තෙ කෝ ගෙවල් ලක්ෂය?’ කියලා. ගෙවල් හැදීගෙන එනකොට කිව්වා මේසන් බාස්ලට කියලා නෙවේ තාත්තම ගෙවල් හදල පෙන්වන්න ඕන කියලා. ඒ වගේ දරුණු විවේචන තියෙනවා. පුතත් ඒ වගෙයි. මම එදා ගෙදරට එනකොට කියනවා, අපොයි අපොයි අපේ කතාව නවත්වමු. මොකද අපෙත් ප්‍රජා උරුමය නැති කරයි කියලා. ගෙදරදී දරුවන්ගෙන් එන විවේචනත් හොඳයි. තාත්තාලා ගෙදරදීත් හැදෙනවා. අපි හැම තැනදීම හරිත් නෑනේ. ඒ නිසා මේ තත්ත්වෙට එන්න, මං අගමැති වෙන්න ගෙදරදීත් මට ලොකු උදව්වක්, විවේචනයක් ලැබුණා. ඒකයි මම තවමත් තමුන්නාන්සේලාගේ අගමැති වෙන්නෙ.’අද මෙන් ගමේ ආර්ථිකය අමතක කරන උන්දැලා සිටින රටක ගමට මුදල් ගලා යන්නට සලස්වා ගමේ මිනිහාට ඔහුගේ තරමටත් වඩා හොඳ නිවහනක ජීවත්වන්නට ඉඩ හසර සැපැයුවේය. ‘උදාගම්’ හැදුණේ එහෙමය. උදාගමක් හැදෙද්දී, ගමට මුදල් ලැබෙද්දී රැකියා මැවුණේය. මේසන් බාස්ගේ පටන් අත් උදවුකරුවා දක්වාද? ඉන් අනතුරුව සිමෙන්ති විකුණන වෙළෙන්දාද, වැලි හා ගල්, ගඩොල් වෙළෙන්දාද පොහොසත් වූයේ ඒවාට බැඳුණු රැකියා අවස්ථාද වැඩි කරමිනි.ප්‍රේමදාස මහතාට මේ විශ්වකර්ම වැඩේ කරගෙන යන්නට එදා මුදල් අමාත්‍යාංශයෙන් යහමින් මුදල් නොලැබිණි. කාටවත් ආඩපාළි නොකියූ හෙතෙම ‘සෙවණ’ ලොතරැයිය පටන් ගෙන, ඒ හරහා ජනතාවගේ මුදලින් ‘රටටම ගෙවල් හදන ලොතරැයියක්’ පටන් ගත්තේය. එහි හොඳම අවස්ථාව ගම්උදාව ප්‍රදර්ශනයයි. මෙය සැණකෙළියක් බවටත්, මුදල් කා දමන්නක් බවටත් දරුණු විවේචන බොහෝ විය.එහෙත් ගම්උදාව හරහා ගොවිතැන් බත් කළ හද්දා පිටිසර ජනතාවට මොහොතකට හෝ සතුටක් විනෝදනයක් ගමටම ගෙනැවිත් දෙන ක්‍රමය ගැන කිසිවකුත් කතා කළේ නැත. මැරිගෝරවුමේ සිට දරු මල්ලන් සමඟ දවසක් දෙකක් හෝ මේ අහිංසක ගැමියන්ට විනෝද වන්නට තිබුණු අයිතිය දෙපාමුලට ගෙන ආවේය.‘ගම්උදාව’ නිසා එම ප්‍රදේශය හා ඒ අවට මංමාවත් අලුතින්ම හැදුණු අතර හද්දා පිටිසර ප්‍රදේශවල ගම්මාන, පොකුරු ගම්මාන බිහි වූ අතර ඒ හැමටම විදුලිය ද ලැබුණේය. ගමට කම්හල්, ගමට විදුලිය, ගමට නිවාස, ගමට මුදල් ගලා ආවේ එලෙසය. ඊට ජාති, ආගම්, කුල භේද තිබුණේ නැත. යුද්ධය පැවැති කාලයේ පවා වවුනියාව වැනි දුෂ්කර ගම්වලටද ඒ අනුව කම්හල් ලැබුණේය. එය ප්රභාකරන්ගේද යම් සැලකිල්ලකට, තැති ගැන්මකට ලක් වූයේය. ‘ප්‍රේමදාස දෙමළ නිජ භූමිය සියුම් විධියට සමාජ, ආර්ථික, දේශපාලනමය වශයෙන් ආක්‍රමණය කරනවා’ යන ප්රභාකරන්ගේ විනිශ්චය එකල උතුරේ පුවත්පත්වල එලෙස පළ වුණේය.ඔහු සැණින් ප්රශ්නය විසඳන්නට ප්‍රායෝගිකව කටයුතු කළ ශූර නායකයෙකි. දුම්රිය හරස් මඟකදී දුම්රියේ හැපී මිනිසුන් මිය ගිය පුවත සැලවූ සැණින් ඔහු රට පුරාම “උණ බම්බු ගේට්ටු” සවිකර ගමේම ජනසවිලාභියකු ඒවා ක්‍රියා කරවන්නට පත් කොට ඔවුන්ටද රැකියාව දුන්නේය.වෙලාවට වැඩකරන පුරුද්ද ඉහළින් අගය කළ හෙතෙම ධානපතියන්ගේ ආධාරයෙන් ගමේ ටවුමේ කාටත් පෙනෙන්නට වෙලාව බලා කියා ගන්නට ඔරලෝසු කණු පිහිටුවිය.හෙළ අතීතය අමතක නොකළ ප්‍රේමදාස මහතා අපේ රජවරුන් ගැන වූ මතකය අලුත් පරම්පරාවට, සිහිපත් කරවීමට. එම රජවරුන්ගේ ප්‍රතිමාද ඉදිකරවූයේය. එපමණක් නොව හැදුණු ගම්උදා පරිශ්‍රයේ දාගැබක්ද තනා ආගමික ස්ථානද නිමැවීය.ගැමියාගේ දෙපාමුලට ඉහළ සෞඛ්‍ය පහසුකම් ඇති රෝහලක් ගෙන එන්නට ඔහු සිහින ද දුටුවේය. මියයන්නට ආසන්න කාලයේ රට පුරාම එවැනි ග්‍රාමීය මට්ටමේ අංග සම්පූර්ණ රෝහල් 200ක් ඉදිකිරීම සැලැසුම් කරමින් උන්නේය.ඔහු ප්රභාකරන් කොටු කරන්නට හා අඩු මිනිස් බලයකින් යුද්ධය ඉවර කරන්නටද උපාය යෙදුවේය. ‘මහත්තයා’ ප්‍රභාකරන්ගෙන් කඩා මානසිකව ප්‍රේමදාස මහතා වෙත නතු කර ගෙන තිබුණේය. ප්රභාකරන්ගේ කේන්දරය පවා හොයාගෙන ඔහුට මාරක මොහොතක පහරදී වැඩේ ඉවරයක් කර දමන්නටද සැලැසුම් කළේය.මේ සියල්ල හොඳින් නිරීක්ෂණය කළ ප්රභාකරන් මෙන්ම දකුණේ සිටිය ඇතැම් විරුද්ධවාදීන්ද ඊට අඩුමකුඩුම සපයමින් ‘ප්‍රේමදාස මිනීමරුවෙක්’ ය යන්න රට පුරා පතුරුවමින් තම තමන් ශුද්ධවන්තයන් යැයි නොකියා කියා ගනිමින් ප්‍රේමදාස ඉවර කරන වැඩේ පටන්ගෙන තිබුණේය. මෙය තනිකරම දේශපාලන කුහකකමක් නිසා ඇති වූවක් බව පෙනුණේ ප්‍රේමදාසට එරෙහිව පක්ෂය තුළත් ඉන් පිටතත් රොද බැඳගත් බලවේගවල ක්‍රියාකාරිත්වයෙනි. ඒ අනුව ප්‍රේමදාස මහතා තව එක දවසකවත් ජීවතුන් අතර තබාගැනීම ප්‍රභාකරන්ටත් දකුණේ අන්තවාදීන්ටත් හිසරදයක්ම විය. එහි අවසානය වූයේ ඔහු උපන් ගමේදීම, ඔහු හා බැඳුණු පීඩිතයන් අතරේදීම ඔහුව සාහසික ලෙස ඝාතනය කර දැමීමය.එය එසේ වූ බව ජනතාවගේ හෘදය සාක්ෂියට දැනුණේය. ඒ නිසාම ජනතාවගෙන් අති බහුතරයක් තවමත් ‘අනේ ප්‍රේමදාස මහත්තයා හිටියා නම්’ යැයි කියන්නේ නිකමට නොවේ. |
2015 නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක වරයා වශයෙන් මෙවර නම් කර ඇත්තේ රාජවරෝදියම් සම්පන්දන් මහතායි. මෙහි විශේෂත්වය වන්නේ ලංකා ඉතිහාසයේ සිංහල නොවන විපක්ෂ නායක වරයෙක් පත්වූ දෙවන අවස්ථාව මෙය වීමයි. මීට පෙර 1977 සිට 1983 දක්වා කාලයේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ ඒ. අමිර්තලිංගම් මහතා සිංහල නොවන ප්‍රථම විපක්ෂ නායක වරයා වශයෙන් පත් වී තිබෙනවා.1933 පෙබරවාරී 05 උපත ලද සම්පන්දන් මහතා දැනට 83 වන වියේ පසුවෙන දමිළ ජාතිකයෙක්. දෙමළ ජාතික සන්ධානයයේ නායකවරයා වශයෙන් කටයුතු කරන මෙතුමා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 33,834 ලබාගෙන පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රී වරයෙක්. වෘත්තියෙන් නීතිඥයකු වන සම්පන්දන් මහතා දරුවන් තිදෙනෙකුගේ පියෙක් වෙනවා.ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමත් සමග අනෙක් පක්ෂ අතරින් වැඩිම ආසන සංඛ්‍යාවක් (ආසන 16ක් ) ලබාගත් දෙමළ ජාතික සන්ධානය ප්‍රධාන විපක්ෂය ලෙසත්, විපක්ෂ නායක වරයා ලෙස සම්පන්දන් මහතාත් කථා නායක කරු ජයසූරිය මහතා විසින් නම් කර තිබෙනවා.මෙරට ප්‍රධාන පක්ෂ දෙක එක් ජාතික ආණුඩවක් නිර්මාණය කිරීම සහ ප්‍රධාන විපක්ෂය වශයෙන් අඩු ආසන සංඛ්‍යාවක් ලබා ගත් පක්ෂයක් පත් වීමත් සම්බන්ධව හොද මෙන්ම නරක මතයන්ද ඉදිරිපත් වන අතර මෙය ආනදෝලනාත්මක වෙනසක් ලෙසයි පැවසෙන්නේ. |
ඇමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාශ්‍රිත ප්‍රදේශ වෙත ෆ්ලෝරන්ස් සුළි කුණාටුව ඇතුළු වෙමින් පවතින බවත්, එය දශක කිහිපයකින් පසුව එම කලාපයට ඇතුළු වන ප්රබළතම සුළි කුණාටුව විය හැකි බවත් කාලගුණ අංශ අනතුරු අඟවයි.සවුත් කැරොලීනා ප්‍රාන්තයේ වෙරළාසන්නයේ ජීවත්වන සියලු ජනතාව ඉවත් කිරීමට ආණ්ඩුකාරවරයා අණකර ඇති අතර, නෝර්ත් කැරොලීනා සහ වර්ජීනියා යන ප්රාන්තයන්ද හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.කාලගුණ අංශ පවසන්නේ ෆ්ලෝරන්ස් සුළි කුණාටුව මේ වනවිට සිව්වැනි අදියරේ සුළි කුණාටුවක් ලෙස පැයට කිලෝමීටර් 195ක පමණ වේගවත් සුළං සමග තවදුරටත් ශක්තිමත් වෙමින් ගොඩබිම කරා පැමිණෙමින් ඇති බවයි.එලඹෙන බ්‍රහස්පතින්දා දිනයේදී මෙම සුළි කුණාටුව කැරොලීනා ප්‍රාන්තයෙන් ගොඩබිම කරා ඇතුළු වෙනු ඇති බව කියැවෙයි.ඊයේ දිනයේදී නෝත් කැරොලීනා හි කේප් ෆියර් වෙරළ තීරයේ සිට කිලෝමීටර් 2,000ක් පමණ දුරින් සාගරයේදී දෙවැනි අදියරේ සුළි කුණාටුවක් ලෙස ෆ්ලෝර්න්ස් පැවති බවද කාලගුණ අංශ කියයි.අත්ලාන්තික් සාගරයේ පවතින උණුසුම් ජල දහරා සමග මෙම සුළි කුණාටුව පස්වැනි අධියරේ අති ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වීමේ අවදානම වැඩි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.වර්ෂ 1989 දී නෝත් කැරොලීනා ප්‍රාන්තය වෙත බලපෑ සිව්වැනි අදියරේ හියුගෝ සුළි කණාටුවෙන් පසුව මෙම කලාපය වෙත පැමිණෙන එම අදියරේම හෝ ඊටත් ප්‍රබල සුළි කුණාටුවක් ලෙස ෆ්ලෝරන්ස් සැලකෙයි. |
ඇය මරණ දඬුවමට නියම වී තිබුණේ අසල්වාසීන් සමග ඇති කරගත් දබරයකදී මොහම්මද් තුමාට අපහාස කළේ යැයි චෝදනාවෙනි. ගුවන්ගතව විනාඩි 13ක් වැනි කාලයකින් රේඩාර් තිරයෙන් අතුරුදන් වූ යානය සෙවීමට ඩ්‍රෝන් සහ සෝනාර් තාක්ෂණය. ආයුද සන්නද්ධ අමතර භටයන් 5,200ක්, හෙලිකොප්ටර්, ගුවන්යානා, බාධක, කටුකම්බි සංක්‍රමණිකයන්ට හරස් වනු ඇති. පිපිරීමෙන් කිසිවෙකු ජීවිතක්ෂයට පත්ව නොමැති අතර, පිපිරීමේ වගකීම කිසිවෙකු විසින් භාරනොගෙන ඇති බව කියයි. ප්‍රකෝටිපති විචායි ශ්රීවද්ධනප්රභා, සිය කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක්, හෙලිකොප්ටරයේ නියමුවා සහ තවත් මගියෙකු මියයති. ඇයගේ මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත්තේ, ප්‍රාදේශීය මැතිවරණවලදී එම පක්ෂය දැඩි පරාජයක් ලැබීමෙන් පසුවය. ලයන් එයාර් ගුවන් සේවයට අයත් JT-610 යානය පැන්ග්කාල් පිනැන්ග් වෙත ගමන් කරමින් තිබියදී අනතුරට පත්ව තිබේ. දකුණුදිග මෙල්බර්න් නුවරදී මෙසේ දියේ ගිලුණු කැංගරුවා මේ වනවිට සුවය ලබමින් සිටින බව පශු වෛද්‍යවරු පවසති. මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති එඩ් වුඩ්වර්ඩ්ගේ ආරාධනයකින් ඔවුන් බ්‍රිතාන්‍යයට පැමිණ ඇත. මේ හරහා සියලු සෞදි වැසියන්ට චෝදනාවක් එල්ල වුවත්, තුර්කිය සමග පවත්වන සබඳතා පළුදු කර නොගන්නා බව සෞදිය කියයි. ඇමෙරිකාවේ ප්රමුඛ පෙළේ පුද්ගලයන් 8 දෙනෙකුට පාර්සල් බෝම්බ, සී.එන්.එන්. මූලස්ථානයත් බෝම්බ බියෙන් ඇලළෙයි. බටහිර මාධ්‍යයේ විවේචන මැද, චීනය ඇ.ඩො.බිලියන 20ක වියදමින් ඉදිකළ ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂී නිර්මාණයක්. ජෝර්ජ් සෝරෝස්ගේ නිවස වෙත බෝම්බ පාර්සලයක් ලැබී දින කිහිපයක් ගතවන අවස්ථාවේදී මෙම සිද්ධිය වාර්තා වෙයි. ආරම්භයේදී පස්වැනි මට්ටමේ අතිශය බිහිසුණු සුළි කුණාටුවක් ලෙස පැවති මෙය, දැන් සිව්වැනි මට්ටමේ කුණාටුවකි. කිලෝ මීටර් 55ක දිගකින් යුතු පාලම 2016 වසරේදී විවෘත කිරීමට නියමිතව තිබුණත්, ඇති වූ විවිධ දුෂ්කරතා හමුවේ කලි ඇදිණි. ඡන්ද මධ්‍යස්ථාන ඉලක්ක කරමින් පිපිරීම් කිහිපයක්ම සිදුව ඇති අතර, පුද්ගල මරණ සහ තුවාල වීම් රැසක් වාර්තා වෙයි. ඉන්දියාවේ උතුරුදිග පන්ජාබ් ප්‍රාන්තයේ, අම්රිට්සාර් ප්‍රදේශය ආසන්නයේ දුම්රිය මාර්ගයක මාරක රිය අනතුරක්. |