text
stringlengths
99
184k
ජනාධිපතිවරයා දුෂණයට ඔතරම් විරුද්ධ නම් ශ්‍රී ලංකා ටෙලිකොම් – මොබිටෙල් සඳහා ජනාධිපති විමර්ශන කොමිසමක් පත්කළ යුතු බව එම ආයතනයේ සේවකයින් සඳහන් කරයි.ඒ මේ වන විට එම ආයතනය බරපතල සැක සහිත ගනුදෙනු වලින් පිරීගත් අන්ත දුෂිත මෙන්ම ඉතිහාසයේ කිසිදා නොවූවිරූ පාඩුවක් ලබන තැනට පත්ව ඇති නිසාය.වාර්තා වන තොරතුරු අතුරින් ශ්‍රී ලංකා ටෙලිකොම් – මොබිටෙල් හී සිදුව තිබෙන එවැනි අතිශය සැකසහිත ගනුදෙනුවක් වන්නේ Mobitel – stage 8 (upgrade) ටෙන්ඩරය Huawei සමාගමට සහ ZTE සමාගමට ලබාදී ඇති ආකාරයයි.Huawei සමාගමට ලබාදී ඇති ටෙන්ඩරයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 79 ක් වන අතර ZTE සමාගමට ලබාදී ඇති ටෙන්ඩරයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 6 කි.මෙහි ඇති ගැටළුව වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 85ක් තරම් ඇති විශාල වටිනාකමකින් යුතු අදාළ ගනුදෙනුව සිදුකිරීමේදී කිසිඳු ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර නොතිබීමය. මෙවැනි අධික වැයක් දරන්නට සිදුවන ගනුදෙනුවකදී ඒ සඳහා කැබිනට් අනුමැතිය මෙන්ම විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තුළ සිදුකිරීම නෛතික අවශ්‍යතාවක් වුවත් ඒ ගැන කිසිඳු තැකීමක් ටෙලිකොම්- මොබිටෙල් පරිපාලනය සිදුකර නොමැත.සේවක පිරිස් සඳහන් කරන ආකාරයට මෙම ගනුදෙනුව මුළුමනින්ම පසුගිය වසරේ සිදුකොට ඇත්තේ ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේනගේ මැදිහත්වීම මතය.එසේම මෙම ගනුදෙනුව තවදුරටත් සැක උපදවන කාරණයක් වන්නේ පසුගිය සිංහල – හින්දු අවුරුදු සමයේ එනම් අප්‍රේල් 16 සිට 22 දක්වා පී.ජී කුමාරසිංහගේ සමස්ථ පවුලටම චීන සංචාරයක් සඳහා Huawei සමාගම අනුග්‍රහය දක්වා ඇති බවද සේවක පිරිස් එල්ල කරන චෝදනාවය.එපමණක් නොව මේ වන විට ශ්‍රී ලංකා ටෙලිකොම් හී IT අංශය නංවාලීම සඳහා කියමින් Virtusa සමාගමට ලබාදීමේ සුදානමක් පවතින බවද වාර්තා වෙයි. ඒ පිළිබඳ සේවක පිරිස් අනාවරණය කරමින් සඳහන් කරන්නේ IT අංශයේ සමස්ථ ක්‍රියාවලිය වසරකට රුපියල් බිලියන 1ක් ගෙවා අදාළ සමගම හරහා සිදුකර ගැනීමේ අපේක්ෂාවෙන් මෙම කටයුත්ත දියත්කර ඇති බවය.එහිදීද කිසිඳු ටෙන්ඩර් කැඳවීමක් හෝ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදුව නොමැති බවද ඔවුන් සඳහන් කරයි. එපමණක් නොව ශ්‍රී ලංකා ටෙලිකොම් හී හදවත බඳු IT අංශය පෞද්ගලික සමාගමක් හරහා කරවා ගැනීමට යාම තුළ සමස්ත ආයතන පද්ධතියම අවධානමේ වැටීමක් සිදුවන බවද ඔවුන් පෙන්වා දෙයි.මේ පිළිබඳ තොරතුරු අනාවරණය කරන පාර්ශව සඳහන් කර සිටින්නේ මේ කිසිඳු සැකකටයුතු ගනුදෙනුවක් සම්බන්ධව මාධ්‍ය හෝ වගකිවයුතු පාර්ශව කතා නොකරන බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති පී.ජී.කුමාරසිංහ , ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයාවීම ඊට හේතුවී ඇති බව තමන් විශ්වාස කරන බවය.එසේම වත්මන් සභාපතිවරයා යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් හී කඩාවැටීම පෙන්වා දෙමින් තොරතුරු මුලාශ්‍ර සඳහන් කරන්නේ මේ වන විට රුපියල් බිලියන 35 කට අධික ණයක් සහිතව ආයතනය මුල්‍ය අර්බුදයකට ගමන් කර ඇති බවත් ආයතනය පවත්වාගෙන යන්නේ මහජන බැංකුවෙන් ලබාගත් බැංකු අයිරාවකින් බවය.එහෙත් වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට ශ්‍රී ටෙලිකොම් හී ණය ප්‍රමාණය රුපියල් බිලියන 6.9 ක් පමණක් වූ බවත් ඒ ණයද සමාගම ගෙන ඇත්තේ ආයතනය වර්ධනය කිරීමට අවශ්‍ය ව්‍යාපෘති සඳහා බවද වාර්තා වෙයි.ඒ අනුව ආයතනයේ ණය 5 ගුණයකින් පමණ වැඩිකිරීම හැර ආයතනයේ යහපත වෙනුවෙන් වත්මන් සභාපතිවරයා සිදුකළ කිසිඳු සේවයක් නොමැති බවද සඳහන් වෙයි. එසේම ආයතනය රුපියල් මිලියන 500ක පමණ බරපතල පාඩුවක් ලබමින් සිටින බව ඒ හේතුවෙන් සේවකයින්ගේ බෝනස් ගෙවීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතව පවතින බවත් සඳහන් කරන තොරතුරු මුලාශ්‍ර වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මේ ආකාරයට තවත් කාලයක් ගියහොත් ශ්‍රී ලංකා ටෙලිකොම් බංකොලොත්වීමේ අවධානමක්ද පවතින බවය.මේ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් හී විධායක නිලධාරී කිත්ති පෙරේරා මේ වන විටත් පුරප්පාඩුව පවතින ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා යොදා ගැනීමේ උත්සාහයකද සභාපතිවරයා නිරතව සිටින බව වාර්තා වෙයි.ටෙලිකොම් සභාපති කුමාරසිංහ මේ සම්බන්ධව “කිත්තිව CEO කරමු. මට ඒකට ඔයාලගේ උදව් ඕන” යනුවෙන් අධ්‍යක්ෂ මණ්ඩලයටද පවසා ඇති බවත් වාර්තා වෙයි. අයතා ඉපයීම් සම්බන්ධව දුෂණ චෝදනා ලාභියකු වන කිත්ති පෙරේරා ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්වුවහොත් ශ්‍රී ලංකා ටෙලිකොම් පවතින තත්ත්වයද ඊට අහිමි වන බව මෙන්ම මේ වන විටත් ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා ඇබෑර්තු නිවේදනයේ දැක්වෙන සුදුසුකම් ද කිත්ති පෙරේරා සපුරා නොමැති බවද වැඩිදුරටත් වාර්තා වෙයි.එසේම කිත්ති පෙරේරා ඇතුළු රාජපක්ෂ හිතවාදී නඩයක්ම මේ වන විට සභාපතිවරයා සමඟ මෙම දුෂිත ගනුදෙනු රැසක නිරතව සිටින බවත් එය ජනාධිපතිවරයාගේ දේශපාලන කීර්ති නාමයට බරපතල හානිකර තත්ත්වයක් බවද ඔවුන් සඳහන් කරයි.ඒ අනුව තොරතුරු මුලාශ්‍ර සඳහන් කර සිටින්නේ මේවා ගැන කෝපනොවී එල්ලවන චෝදනා ඇත්තද නැත්තද යන්න ගැන විමර්ශනය කිරීමේ යුතුකමක් ජනාධිපතිවරයාට ඇති බවය. එසේම එවැනි විධිමත් විමර්ශනයක් සිදුකළ විට ශ්‍රී ලංකා ටෙලිකොම්- මොබිටෙල් හී සිදුව තිබෙන දුෂණ සම්බන්ධවද ජනාධිපති විමර්ශන කොමිසමක් අවශ්‍ය බවට කරන යෝජනාවේ සාධාරණත්වයක් ඇති බව පෙනීයනු ඇති බවද ඔවුන් සඳහන් කරයි.← තේරෙයි.., කල් යයි..! වැලිකඩ සමූහ ඝාතනයට සම්බන්ධ පොලිසියේ රංගජීව සහ බන්ධනාගාරයේ එමිල් රන්ජන්ට බඩු බනිස්..! ගෝඩ් ෆාදර්ට කවදා ද?ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ නිතියානුකුල අග්‍රාමාත්‍ය ලෙස ඔබ පිළිගන්නේ? (මත විමසුම) October 28, 2018ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර අත් අඩංගුවට ගන්න නැතිනම් පිටුවහල් කරන්න – ජනාධිපති ගමරාළ බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි June 10, 2018රටේ බිහි වූ දූෂිතම සහ භයංකරම රාජ්‍ය නිලධාරියා වූ ගෝඨා මැරී ඉපදිලා වගේ කතා කරමින් රට යලි විපත් මගකට ඇද දාන්න හදනවා – ෂැන්ග්‍රිලා දේශණයට මුදල් ඇමැති මංගලගෙන් පිළිතුරක් May 20, 2018
ලාංකීය සිතිවිලි සිංහල බ්ලොග් කියවනය කොත්තු සින්ඩිය ලංකා Blogger හත්මාළුව ලංකා බ්ලොග් කියවනය මාතලන්ගේ සින්ඩිය මොබයිල්lkඅවකාශය හිතුවක්කාරයා ගැමියා පිණි පලස මීදුම් අරණ නි දහස් සිතුවිලි පිටස්තරයාගේ ලෝකය ෴ සොඳුරු මිනිසා ෴ ජනූගෙ කතා මනූගේ blog සටහන තරංග​ගේ බ්ලොග් පිටුව මංකඩ "දියත් කුලේ අපි" ඩුබායි වට්ටක්කා වැට නැති කට සිතුවිලි මණ්ඩිය වවුල් තිප්පොලේ සිට...‍ හැන්දෑව Rear Gateගුණේගේ කතාව, නන්දකුමාර, ගුණසේකර, පණ්ඩුලගම ගම් උදාව, කොත්තු, ගුණේගේ තුන් මාසෙ දානෙ ගෙදර සහ එරික්ගේ ගෝරනාඩුව.
හිතින් යන අය - වික්ටර් රත්නායක, සංඛ දිනෙත් | Hithin Yana Aya - Victor Rathnayake, Sanka Dineth - sinhala lyricsඅපි හදා ගත්තු මානසික ලෝකය තුල අපි දැකපු බොරු ටික අවබෝධ වෙච්ච දාට අපිව මේ විශ්වයේ කොටසක් බවට පත් වෙනවාසර් රොජර් කේස්මන්ට්: අධිරාජ්‍යයේ වීරයෙකුගේ සිට ද්‍රෝහියෙකු හා සමාජ දූෂකයෙකු දක්වා Sir Roger Casement : from Imperial Hero to Traitor and the Sexual Deviant(1 කොටස) පුරාණ ගොඩනැගිලි ආරක්ෂා කිරීම පිළිබඳ කුමාරස්වාමි අදහස් දැක්වීමෙන් වසර සියයකට පසු අම්බලම් කිහිපයක තොරතුරු"ඔසී රටේ අපේ කතා" ග්‍රන්ථයේ සිනුවර දොරට වැඩුම උත්සවයේ දී රසික සූරියආරච්චි විසින් කළ දේශනය - For those who were not there‘ආරේ ගුණ නෑරේ’ වැකියට ප්‍රවේණි විද්‍යා අර්ථ නිරූපණයක්.­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­පත්තෑයාගේ කතන්දරය | මේ ඉතා කුඩා කතා ද්විත්වය ලෝකය තවත් ලස්සන කිරීමට තම ස්ථානෝචිත ප්‍රඥාව මනා සේ මෙහෙයවන සියලුම බුද්ධිමත් සැමියන් ට උපහාර පිණිස ඉදිරිපත් කරමි.රස්තියාදුකාර පුරවැසියා - ගෑණු ළමයි ඇල්ගොරිතම සහ පාට ගැන කතා තුනක් (three stories about girls, algorithms and colors )
මරණ දඬුවම නියමව සිටි ලංකාවට කුඩු ගෙනා විදේශික ගැහැනුන්ට නො ඉල්ලා ම දුන් ජනාධිපති සමාව ගන්න ෆොන්සේකා ඉල්ලා සිටිය යුතු ම ද?තවදුරටත් මෙම ප්‍රශ්ණය නොඅසන්න. මේ සිදුකෙරෙන්නේ ඔබ කියා ඇති පරිදි සරත් ෆොන්සේකාගේ ලිට්මස් පරීක්ෂාවක් නොවේ. ලාංකීය ඊනියා ජනතාවගේ ලිට්මස් පරීක්ෂාවයි. කරුණාකර පරීක්ෂණ වලට බාධා නොකරන්න.කේ.පී යි කරුණයි මහින්දගේ අරක චූන් කරන නිසයි සමාව දුන්නේ..ඒත් ෆොන්සේකා කැමති නෑ ඒක චූන් කරන්න...ඒ නිසා සමාව දෙන එකක් නෑ මම හිතන්නේ...ඒක චූන් කරන්න කැමති වුන දාක සමාව දෙයි...
‘මට ඕනැ වුණේ ප්‍රේක්ෂකයන්ට තේරෙන හැටියට ඇමතීමයි’ – මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර - Created by Ketapathpawra - In category: චරිත - Tagged with: - කැටපත්පවුර - සයිබර් අවකාශයේ ප‍්‍රථම සිංහල සාහිත්‍ය සංග‍්‍රහයYou are here: Home / චරිත / ‘මට ඕනැ වුණේ ප්‍රේක්ෂකයන්ට තේරෙන හැටියට ඇමතීමයි’ – මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව හා සාහිත්‍යය පෝෂණය කිරීමට සුවිසල් මෙහෙවරක් කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් සිංහල නාට්‍යය පිළිබඳ වංශ කතාවේ සන්ධිස්ථානයක් ලෙස හැඳින්වෙන මනමේ නාට්‍යය හා ඔහුගේ සාහිත්‍ය සේවාව පිළිබඳ පේරාදෙණිය විශ්ව විද්‍යාල ශිෂ්‍යයකුව සිටියදී මහාචාර්ය සරච්චන්ද්‍රයන් ළඟින් ඇසුරු කළ ආචාර්ය සරත් අමුණුගම ලියූ ‘මනමේ මතක් වී’ ග්‍රන්ථයේ දෙවැනි මුද්‍රණයෙන් මේ ලිපිය උපුටා ගැනිණි.මනමේ මුලින්ම මහනුවර පෙන්වීම සඳහා සරච්චන්ද්‍ර තෝරාගෙන තිබුණේ පුෂ්පදාන විද්‍යාල භූමියේ ඉදිකරන ලද නවතම රංග ශාලාවය. කොළඹ ලයනල් වෙන්ඩ්ට් ශාලාවේ මනමේ මුලින්ම රඟ දැක්වූ අවස්ථාවේ සෙනඟ නොපැමිණි බව සරච්චන්ද්‍ර සඳහන් කර තිබේ. නාඩගමක් බැලීමට බටහිර පන්නයේ ප්‍රේක්ෂකයන් මැළි වන්නේ යැයි ඔහු සමහරවිට නිගමනය කරන්නට ඇති. එමෙන්ම පුෂ්පදාන ශාලාව සිංහල ප්‍රේක්ෂකයන්ට වඩාත් සමීප වූවක් යැයි ඔහුට වැටහුණා විය හැකිය. පුෂ්පදාන ශාලාවේදී මනමේ මුල් වරට බැලීමට සැලකිය යුතු සෙනඟක් පැමිණ සිටියේය. එහෙත් එයින් වැඩි දෙනෙක් පේරාදෙණිය සරසවියේ ගුරුවරුන් මෙන්ම සිසුහු වූහ. මේ වන විට රට තුළ කිසියම් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ “පේරාදෙණි” වැඩක් නැරැඹීමට සරසවි ඇඳුරන් හා සිසුන් පැමිණීම එකල සරසවිය තුළ පැවැති සමඟිය හොඳින් පිළිබිඹු කළේය.එදා පුෂ්පදාන ශාලාවේ මනමේ නරඹමින් ගත කළ පැය කීපය මගේ ජීවතය සදහටම වෙනස් කළ බව කියන්නේ එවැනි කලා කෘතියකට උපරීම ගෞරවය දැක්වීමටයි. එමඟින් අප රට තුළ නිර්මාණශීලී නූතන සිංහල සංස්කෘතියක් ගොඩ නැඟීමේ හැකියාව මගේ ඇස් පනාපිටම දැක ගත හැකි විය.සම්ප්‍රදායික සිංහල කාව්‍යයේ – වෙසෙසින්ම සංදේශ කාව්‍යයේ – ඇති වචන පමණක් නොවේ සරච්චන්ද්‍ර භාවිත කළේ, සිංහල ජන කවිය ද ඔහු උපයෝගී කර ගත්තේ ය. මහනුවර හා මාතර සමයේ රචිත කාව්‍යයෙන් ද ඔහු ආභාසය ලැබුවේය. මනමේ නාට්‍යයේ එන “සත් හට සෙත් දෙන” යන ගායනය නාඩගමින් ඒ ලෙසම උපුටා ගත් බව ඔහු ග්‍රන්ථයක සඳහන් කරයි. එහෙත් වැදගත් වන්නේ පොදු වචන යොදා ගැනීම පමණක් නොවේ. “මනමේ” හා “සිංහබාහු” වැනි නාට්‍ය උත්තම ගණයේ දෘශ්‍ය කාව්‍යයන් වන්නේ සරච්චන්ද්‍රගේ වදන් ‍ගැළපීම තුළින් මතු වන ඔහුගේ ප්‍රතිභාව නිසාය.මනමේ නාට්‍යයේ සාර්ථකත්වයට ප්‍රධානතම සාධකය සරච්චන්ද්‍රගේ නිර්මාණ කුසලතාවයි. ඔහු “මනමේ” දෘශ්‍ය කාව්‍යය සකස් කළා පමණක් නොව නාට්‍යයේ නිෂ්පාදක වශයෙන් එහි සෑම අංගයක් කෙරෙහිම ඔහුගේ නිර්මාණාත්මක බුද්ධිය හා රසඥතාව යොමු කළේය. සිය කාර්යය සාර්ථකව ඉටු කිරීමට අවශ්‍ය වූ කලාකරුවන් ඔහු එක්තැන් කරගත්තේය. චාල්ස් ද සිල්වා ගුරුන්නාන්සේත්, නාට්‍ය ශිල්පී වසන්ත කුමාරත්, ආචාර්ය සිරි ගුනසිංහත් උපයෝගී කර ගනිමින් සරච්චන්ද්‍ර ඔවුන්ගේ ශිල්ප ඥානය තුළින් නිෂ්පාදනයට උපරීම දායකත්වයක් ලබා ගත්තේ ය. ඒ අතින් බලන විට සරච්චන්ද්‍රගේ මුළු කලා දිවියම “මනමේ” නාට්‍යයට පෙර වදනක් සේ සැලකිය හැකිය.අප මනමේ නරඹන විට එහි ආකෘතිය මෙන්ම සිද්ධි ගැළපීම සරලව ගලා යන්නක් සේ පෙනෙන්නට පුළුවන. එහෙත් නාට්‍යය ගොඩනගා ඇති අයුරු විස්මයජනකය. එය සැකසුණේ බොහෝ අත්හදා බැලීම් කිරීමෙන් පසුව යි.පසුබිම් ගායනයේ හා ඇතැම් සින්දුවල ගායනා ක්‍රමය මෙන්ම වචන ද පසුව සරච්චන්ද්‍ර විසින් වෙනස් කරනු ලැබීය. තම නිෂ්පාදනය පිළිබඳව විචාරක අදහස් සමහර විට ඕනෑවටත් වඩා සරච්චන්ද්‍ර සැලකිල්ලට ගත්තේ ය. එකී විචාරයන් අනුව ඔහුගේ නිෂ්පාදනය සංශෝධනය කළේය. දක්ෂ සංගීතඥයන් වූ එච්. එච්. බණ්ඩාර, ජයන්ත අරවින්ද මුණ ගැසුණායින් පසු මනමේ නිෂ්පාදනයේ සින්දු හා සංගීතය වඩාත් නාට්‍යෝචිත කිරීමට සරච්චන්ද්‍ර පියවර ගත්තේය.මනමේ පෙළ හා සංගීතය කලින් කලට වෙනස් වුණා පමණක් නොව සිතාර් වාදකයෙක් හැටියට සරච්චන්ද්‍ර ද “මනමේ” වාදක වෘන්දයට එක් විය.“පනස් ගණන්වල අග භාගයත් හැට ගණන්වල මුල් භාගයත් පේරාදෙණි සාහිත්‍යය හා කලාවේ වැදගත් ම යුගය සේ සැලකිය හැකි ය. එම යුගය සංකේතවත් කළේ ආචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර යි. ඔහුට පෙරත් පසු වත් අප සරසවිවල දක්ෂ සාහිත්‍යකරුවන් හා කලාකරුවන් සේවය කළ බව සැබෑ ය. එහෙත් කිසියම් වැදගත් අවදියක හෝ ව්‍යාපාරයක්, හෝ එක් පුද්ගලයකු වටා පෙළ ගැසුණා නම් එය සරච්චන්ද්‍ර වටා ගොඩනැඟුණු පේරාදෙණියේ සාහිත්‍ය හා කලාව යි.”ඒ කාලයේ සරච්චන්ද්‍ර මහතා පදිංචි ව සිටියේ පේරාදෙණිය සරසවි බිමේ රමණීය ම ස්ථානය වශයෙන් සැලකිය හැකි සංඝමිත්තා කන්ද මුදුනේ සාදන ලද කුඩා නිවෙසක ය. එක් අතකින් සංඝමිත්තා ශාලාව ද, මහවැලි ගඟ ද, තවත් අතකින් හිඳගල පාර ද පෙනෙන තෙක් මානයේ පිහිටා තිබූ මේ නිවෙස ඉදිරියේ නිල් තණකොළ පිටියක් විය. යක් බෙරය වයමින් තොවිල් කවි කියන විට හෝ මද්දලය වයමින් චාර්ල්ස් සිල්වා ගුරුන්නාන්සේ නාඩගම් ගී ගයන විට හෝ සංඝමිත්තා ශාලාවේ මානවිකාවන් මහත් කුතුහලයෙන් එහි උඩුමහලේ සිට බලා සිටි හැටි මට තාම මතක ය. එම කාලයේ සෑම සවසක ම පාහේ අපි කීප දෙනෙක් සරච්චන්ද්‍ර මහතාගේ නිවෙසේ එක්තැන් වීම පුරුද්දක් කරගෙන සිටියෙමු. මාත් එම කණ්ඩායමට එක් වුණේ අරුණාචලම් ශාලාවේ විසූ මා මිතුරු එච්. එල්. සෙනෙවිරත්න (දැන් ඔහු ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙකි) සරච්චන්ද්‍ර මහතාගේ ඥාති දියණියක වූ ඉන්ද්‍රාණි සමඟ විවාහ ගිවිස ගෙන සිටි බැවිනි. ඒ නිසා සරච්චන්ද්‍ර නිවෙසේ නිතර ම ගැවසෙන්නට අපට ද අවසරය ලැබිණි.එසේ යන එන අය අතර සිරි ගුනසිංහ, ගුණදාස අමරසේකර, අමරදේව, ගුණසේන ගලප්පත්ති, එඩ්මන්ඩ් විජේසිංහ හා දයානන්ද ගුණවර්දන ප්‍රධාන තැනක් ගත් බව මට සිහි වේ. කුඩා කොළ පාට ෆොක්ස්වාගන් රථයක් පදවාගෙන යන සරච්චන්ද්‍ර මහතා සරසවි භූමියේ සුපුරුදු දර්ශනයක් විය. ලංකාවට ආනයනය කරන ලද ප්‍රථම ෆොක්ස්වාගන් රථය මිලදී ගත්තේ සරච්චන්ද්‍ර බව එකල විශ්ව විද්‍යාල ප්‍රවාදයක් විය. එතුමා අනුගමනය කරමින් දෝ සිරි ගුනසිංහ හා ගුණදාස අමරසේකර වැනි අයත් වැඩිකල් නොගොස් එම වර්ගයේ ම රථ මිලදී ගත්තෝ ය. මට මතක හැටියට ලංකාව අත්හැර යන තෙක්ම සිරි ගුනසිංහ පරිහරණය කළේ එම වර්ගයේ වාහනයකි.ඒ කාලයේ අවසර ලැබූ සැම විට ම අපි තොවිල් පවිල් නැරැඹීමට ගොස් ඒවා ගැන සටහන් තබා ගතිමු. වරක් සරච්චන්ද්‍ර මහතාත්, ගණනාථ ඔබේසේකරත්, ඩි. බී. සුරනිමලත්, මාත් හිනිදුම පත්තුවේ රට යකුමක් ගැන සටහන් ලිවීමටත්. ඡායාරූප ගැනීමටත් දෙගොඩ හරියේ දැඟලූ හැටි තව මත් මගේ මතකයේ සටහන් වී තිබේ. ‘සිංහල ගැමි නාටකය’ නමැති ග්‍රන්ථයේ පළවී ඇත්තේ එදා සුරනිමල ගත් ඡායාරූප යි.පන්ති කාමරය නිසා සරච්චන්ද්‍ර මහතාගේ ආධිපත්‍යයට යටත් නුවූ අපට ඔහු සමඟ වඩාත් සමීප ව ඇසුරු කිරීමට අවස්ථාව ලැබිණි.හිරු බැස යනවාත් සමඟ ම සරච්චන්ද්‍ර සිය වංග ජන ගායනා හා රවීන්ද්‍ර සංගීත තැටි එළියට ගන්නේ ය. පැයක් දෙකක් අපි ඒ සංගීතයට සවන් දෙමින් සිටිමු. ජපානයෙන් පැමිණි විට ඔහු “කොතෝ” නමැති සංගීත භාණ්ඩය ගෙනාවේය. වංග සංගීත තැටි වෙනුවට සරච්චන්ද්‍රගේ කොතෝ වාදනයට සවන් දීමට අපට අවස්ථාව ලැබිණි. ‘කදා වළලු’ නාට්‍යයේ පසුබිම් සංගීතය සඳහා ඔහු කොතෝවේ හඬ උපයෝගී කරගත්තේ ය. “කච්ඡ පුටෝ මගෙ රන් තලිය දියෝ” යැයි නැ‍ඟෙන සේරිවාණිජගේ අ‍ඳෝනාව උද්දීපනය වන්නේ ඇදුරු තුමා නිර්මාණය කළ කොතෝ වාදනයෙනි.විශ්ව විද්‍යාලයේ නිර්මාණ පන්තියකදී හෝ වේදිකා නාට්‍යයක් පුහුණු කිරීමේදී හෝ ඔහු අධිපති තත්ත්වයක් ආරූඪ කරගත්තේ නැත. නළුවාට හෝ නිළියට එම චරිතයට පිවිස එය නිරූපණය කිරීමේ නිදහස ඔහු හැම විට ම ලබා දුන්නේ ය. නළුවාගේ හෝ නිළියගේ අර්ථකථනය නමැති මැට්ට ඔහු ක්‍රම ක්‍රමයෙන් තමාට රුචි වෙන ලෙස හසුරුවා ගත්තේ ය. නාට්‍යය ඉදිරිපත් කිරීමේ දී නැටුම, වාදනය, ගායනය, පසුබිම, ඇඳුම් මෝස්තර, හැඩ වැඩ දැමීම ආදිය ගැන ඔහු විශේෂ උනන්දුවක් දැක්වී ය. ඒ සඳහා විශේෂයෙන් යොදා ගැනීමට ඔහු හැම විට ම මහන්සි ගත්තේ ය. චාර්ලිස් ගුරුන්නාන්සේ, සිරි ගුනසිංහ, අමරදේව, බැසිල් මිහිරිපැන්න, වසන්ත කුමාර වැනි අතිදක්ෂ කලාකරුවන්ගේ සහයා ඔහුට නොමඳ ව ලැබිණි.සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යයන් ඉදිරිපත් කිරීමේ දී ඔහු යොදාගත් සරල බව යුරෝපීය ‘මිනිමලිස්ට්’ සම්ප්‍රදායට නෑකම් කියන්නකි. ජපානයේ ‘නෝ’ සහ ‘කබුකි’ නාට්‍ය ක්‍රම ඔහුගේ සිත් ගත්තේ ඒ හේතුවෙනි. සිරි ගුනසිංහගේ ආභාසයෙන් ඈත් වත් ම සරච්චන්ද්‍ර එක්තරා කඨෝර පසුබිම හා ඇඳුම් නිර්මාණ ක්‍රමයකට යටත් විය. එම ‘අලංකාර’ ක්‍රමය ඔහුගේ නිර්මාණවලට කිසි සේත් ගැළපෙන්නේ නැතැයි මට සිතේ.මුනිදාස කුමාරතුංග, සෙනරත් පරණවිතාන, මාර්ටින් වික්‍රමසිංහ වැනි යුග පුරුෂයන්ගේ ගණයට එදිරිවීර සරච්චන්ද්‍රත් අනිවාර්යෙන් ම ඇතුළත් වෙයි. එහෙත් ඔහු බොහෝ දෙනා දැන් පවසන අයුරු අපේ අනන්‍යතාව සොයා ගිය කෙනෙක් නොවේ.එක් රූපවාහිනී වැඩසටහනක මහාචාර්ය ජේ. බී. දිසානායක සරච්චන්ද්‍ර මහතාගෙන් තමාගේ නාට්‍ය තුළින් දිස් වන ජාතික අනන්‍යතාව ගැන ප්‍රශ්න කරයි. මොහොතකට වයෝවෘද්ධ සරච්චන්ද්‍ර අප ඉස්සර හොඳින් හඳුනන මානව හිතවාදී කලාකරුවා බවට පත් වෙයි. ඔහුගේ සුපුරුදු සාවඥ සිනාව පා මෙසේ පිළිතුරු දෙයි.ඔහුගේ ගමනේ පිය සටහන් එම ප්‍රකාශය තුළ ගැබ් වී ඇතැයි මට සිතිණි, අවසාන වශයෙන් අපගේ මතකයේ රැ‍ඳෙන්නේ ඔහුගේ සුහදත්වය හා කලාවට ඇති කැපවීම යි.අවුරුදු අසූ දෙකක් වයස්ගත ජීවිතයේ සැඳෑ සමය පසු කළා වූ කලාකරුවකු අවසාන හුස්ම හෙළන තුරු තමා තෝරාගත් ගමන් ම‍ඟේ ම නොසැලී රැඳී, නිර්මාණයේ ම යෙදීම අප සියලු දෙනා ම විස්මයෙන් පුරවන්නක් නොවේ ද?
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායකට ඔක්තෝබර් 19 වැනිදා කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස අද නියෝග කර තිබේ.මේ අතර මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජනාධිපති කාර්යාලයේ වාහන අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමැති විමල් වීරවංශ මේ වන විට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ තිබේ.එසේම හිටපු ඇමැති කුමාර වෙල්ගමට එරෙහිව පසුගිය රජය සමයේ ගමනාගමන මණ්ඩලයට නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු පත් කරමින් රජයට පාඩු කළැයි අල්ලස් කොමිසම පවරා ඇති නඩුව ලබන නොවැම්බර් 7 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද නියෝග කර තිබේ.
මේ දවස් වල අපේ දේශගුණය ඉතා සීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතී. ඊයේ රාත්‍රියේ උෂ්ණත්වය බිංදුවෙන් පහළට ගොස් ඇති බව පෙනේ. උණුසුම් කාලය පුරා සරුවට වැවී තිබුණු නිවිති, කන්කුන් පඳුරු, වට්ටක්කා වැල් හා තක්කාලි ගස් ආදිය එක රැයින් මැලවී ගොස් තිබේ. ස්ප්‍රින් අනියන්, බොක් චෝයි වැනි ඇතැම් එළවළු වර්ග වලට පමණක් මේ සෘණ උෂ්ණත්වයට ඔරොත්තු දෙන්නට පුළුවන. වසරේ අඩක් පෘථිවියේ උතුරු අර්ධ ගෝලයට වැඩියෙන් සැලකූ ඉර දැන් වැඩියෙන් සලකන්නේ දකුණු අර්ධ ගෝලයේ ජීවත් වන අයට වුවත් උතුර දකුණනම් මාරු නොවී එසේම පවතී.අපට උතුර, දකුණ, නැගෙනහිර හා බටහිර වැනි දිශා ගැන කතා කළ හැකි වුවත් ඒ පොළොව මත කිසියම් ස්ථානයකට සාපේක්ෂව මිස නිරපේක්ෂ ලෙස නොවේ. කිසියම් තැනක සිට බටහිරින් ඇති තැනක් පසුකර තවත් බටහිරට ගිය විට කලින් බටහිරින් තිබුණු තැන තිබෙන්නේ නැගෙනහිරින් මිස තව දුරටත් බටහිර දිශාවේම නොවේ. කෙසේ වුවත්, මෙය මෙසේ නොවන තැන් දෙකක් පෘථිවිය මත තිබේ. ඒ උත්තර ධ්‍රැවය හා දක්ෂිණ ධ්‍රැවයයි.උත්තර ධ්‍රැවයට උතුරෙන් පොළොව මත වෙනත් තැන් නැත. එමෙන්ම, උත්තර ධ්‍රැවයේදී බටහිර හා නැගෙනහිර සමපාත වන නිසා එහි සිට බටහිරට හෝ නැගෙනහිරට යාමටද නොහැකිය. පොළොවේ සියලු තැන් තියෙන්නේ උත්තර ධ්‍රැවයට දකුණෙනි. මේ අයුරින්ම පොළොව මත පිහිටි සියලු තැන් තිබෙන්නේ දක්ෂිණ ධ්‍රැවයට උතුරෙනි. බටහිර හා නැගෙනහිර දිශා හා අදාළව මෙවැනි සුවිශේෂී තැන් නැත.බටහිර හා නැගෙනහිර දිශා අතර කිසිදු සුවිශේෂී තැනක් නැති නිසා උතුරේ සිට දකුණට අඳින මධ්‍ය රේඛාවක් පොළොවේ ඕනෑම තැනක් හරහා ඇඳිය හැකිය. පැරණි වෛදිකයන් මේ ඉර ඇන්දේ ලංකාව හා උදේනි නුවර එම ඉර මත පිහිටන අයුරිනි. දැන් අපි බොහෝ විට මේ ඉර අඳින්නට පුරුදු වී සිටින්නේ එංගලන්තයේ ග්‍රිනිච් නගරය හරහා යන පරිදිය. මෙය ලෝක දේශපාලනය මත මිස භෞතික කරුණක් මත තීරණය වූවක් නොවේ.ගෝලාකාර පෘථිවියේ ද්විමාන සිතියමක් අඳින විට එහි මධ්‍යය හරහා යන සිරස් රේඛාව ලෙස ඕනෑම තැනක් තෝරාගත හැකි වුවත්, මධ්‍යය හරහා යන තිරස් රේඛාව එසේ පහසුවෙන් වෙනස් කළ නොහැකිය. එවැන්නක් කරන්නේනම් උතුර හා දකුණ යන සංකල්පද, ඒ නිසාම අනෙකුත් දිශාවන් අර්ථ දක්වන ආකාරයද වෙනස් කරන්නට සිදු වේ. කෙසේ වුවත්, දැන් අප කරනවාක් මෙන් මේ නිශ්චිත තිරස් ඉරට උඩින් උතුර ලකුණු කිරීම අවශ්‍යම කරුණක් නොවේ. උතුර පහළින් හා දකුණ ඉහළින් තිබෙන පරිදි වුවද ලෝක සිතියමක් ඇඳිය හැකි අතර එහි කිසිදු වරදක් නැත.එසේනම්, ලෝක සිතියමේ හෝ වෙනත් සිතියමක ඉහළින් උතුර තිබෙන්නේත්, පහළින් දකුණ තිබෙන්නත් ඇයි? මෙයට සරල හේතුව වන්නේ වත්මන් ලෝක සිතියම ප්‍රචලිත කළේ යුරෝපීයයන් වීමයි. ඔවුන්ට ලෝක සිතියමෙහි තමන්ගේ රටවල් ඉහළින් මිස පහළින් ලකුණු කරන්නට අවශ්‍ය වූයේ නැත. මෙයින් වෙනස්ව පැරණි අරාබි හා චීන සිතියම් වල දකුණ ඉහළින් ලකුණු කර තිබේ.වත්මන් ලෝක සිතියම අමතක කළත් පැරණි ඉන්දියානුවන්ගේ ලෝකයේද උතුර තිබුණේ දකුණට ඉහළිනි. එයට හේතුවද පෙර හේතුවමය. ඉන්දියානුවන්ගේ ලෝකයේ උතුරෙන් සිටියෝ සුදු ලස්සන ආර්යයෝය. දකුණේ සිටියෝ කළු කැත අනාර්යයයෝය. සුරයන්ට උතුර අයිති වූ අතර දකුණ අයිති වූයේ අසුරයන්ටය.අපට අවශ්‍යනම් ලෝක සිතියමක් හෝ වෙනත් සිතියමක් උතුර පහළට සිටින සේ සකස් කරන්නට පුළුවන. එතරම් ප්‍රචලිත නැතත් එසේ සකස් කළ සිතියම් තිබේ. කෙසේ වුවද, සිතියමක් එසේ වෙනස් කළ පමණින් උතුර දකුණ මාරු නොවේ. දේශාංශ රේඛා හමුවන තැන් දෙකෙන් එකක් උත්තර ධ්‍රැවය ලෙසත් අනෙක දක්ෂිණ ධ්‍රැවය ලෙසත් නම් කර ඇත්තේ සම්මතයෙන් නිසා භෞතික කරුණු මත මේ උතුර හා දකුණ වෙනස් වන්නේ නැත.ඉහත උත්තර ධ්‍රැවය හා දක්ෂිණ ධ්‍රැවය මෙන් නොව චුම්භක උතුර හා දකුණ භෞතික සංසිද්ධියක් මත, එනම් පොළොවේ චුම්භක ක්ෂේත්‍රයේ හැසිරීම මත, තීරණය වන්නකි. මේ චුම්භක උතුරද කලින් කලට වෙනස් වන නමුත් එය මාලිමාවක් මඟින් නිරීක්ෂණය කළ හැකි දෙයකි. චුම්භක උතුර යනු දේශාංශ රේඛා හමුවන මනඃකල්පිත උත්තර ධ්‍රැවයම නොවූවත්, ඒ ආසන්නයේ ඇති තැනකි. ඒ නිසා, නාවික ගමනාගමනයේදී උතුර හොයා ගන්නට එයින් පිටිවහලක් ලැබේ.මාලිමාවක කටු කැරකෙන්නේ ඕස්ට්‍රේලියාව වැනි රටවල් තිබෙන පැත්තෙන් විරුද්ධ පැත්තටය. කැනඩාව වැනි රටවල් තිබෙන පැත්තටය. චුම්භක උතුරේ පිහිටීම වෙනස් වුවත් උතුර දකුණ මාරු වීම අපට අත්දැකීමක් නැති දෙයකි.මිනිසුන් පමණක් නොව බොහෝ සතුන් පවා පොළොවේ චුම්භක ක්ෂේත්‍රයට සංවේදීය. බල්ලෙක් මුත්‍රා කරන්නේද පොළොවේ චුම්භක ක්ෂේත්‍රය ගැන සොයා බැලීමෙන් පසුවය. හදිසියේම මේ චුම්භක ක්ෂේත්‍රයේ උතුර හා දකුණ මාරු වුනොත් වෙන්නේ කුමක්ද?මෙය විකාර කතාවක් නොවේ. පෘථිවිය බිහි වූ දින සිට විශාල වාර ගණනක් පොළොවේ චුම්භක ක්ෂේත්‍රයේ උතුර හා දකුණ මාරු වී තිබේ. මේ උතුර දකුණ මාරු වීම බොහෝ දුරට අහඹු ලෙස සැලකිය හැකි කාලාන්තර වලින් සිදුවන අතර එහි රටාවක් හඳුනා ගැනීම අපහසුය. උතුර දකුණ දකුණ මාරුවීම් දෙකක් අතර කාලය වසර මිලියනයක් තරම් දිගු වීමට මෙන්ම වසරක් හෝ වසර කිහිපයක් වැනි කෙටි කාලයක් වුවද විය හැකිය. උතුර දකුණ මාරුවීම් දෙකක් අතර සාමාන්‍ය කාලය වසර ලක්ෂ දෙක තුනක් පමණ වේ.අවසන් වරට පෘථිවියේ උතුර දකුණ මාරු වී තිබෙන්නේ වසර ලක්ෂ අටකට පමණ පෙරය. මේ අනුව, මේ වන විට සාමාන්‍යයෙන් උතුර දකුණ මාරුවීමට ගත වන කාලය මෙන් දෙගුණයකටත් වඩා වැඩි කාලයක් ගත වී තිබේ. මෙය අසාමාන්‍ය දිගු කාලයකි. ඇතැම් අය සැක පහළ කරන්නේ මීළඟ උතුරු දකුණු මාරුව නුදුරේදීම සිදුවීමට ඉඩ ඇති බවයි. එසේ සිදු වුවහොත්, මාලිමා කටුවක් හැරෙනු ඇත්තේ දැන් මෙන් කැනඩාව හා යුරෝපය පැත්තට නොව ඕස්ට්‍රේලියාව පැත්තටය.හදිසියේ උතුර දකුණ මාරු වුවහොත් එයින් ලෝකයට සිදුවන බලපෑම කෙබඳු වේද? පොසිල අධ්‍යයන මඟින් පෙනෙන්නේ මීට පෙර මෙය සිදු වූ අවස්ථා වලදීනම් කිසිදු විනාශයක් හෝ අමුතු දෙයක් සිදු වී නැති බවයි.එහෙම වෙනස් වීමක් අදුරගන්නවත් අපිට තාම හැකියාවක් නැතිව ඇති නේද ඉකෝ.. උතුර දකුණ මාරැ වෙන්නේ පෘථිවියේ චුම්බක ක්සේත්‍රය පිටස්තර හේතුවක් නිසා වෙනස් වීමක් නම් මුකුත් වෙන එකක් නෑ. කෝම උනත් තව තවත් සොයා බලා කියවන්න වටින තරමේ තොරතුරු ටිකක්. මේ වගේ එකකට එකක් විශේෂිත වූ ලිපි ගෙන එන්නට ඔබට උවමනාව දැඩි වේවා.. ජයජනප්‍රිය තලය‍ේ නිවුස් එකක් න‍ොවුනත්, මේක ඉතාම පරිස්සමින් නිරීක්ෂණය කරන දෙයක්. ධ්‍රව වෙනස් වීම කෙලින්ම බලපාන කාරණයක් නම්, ගුවන් තොටුපලවල ධාවන පථ අංකනය කර ඇති ආකාරයයි.මේවා මාලිමා දිශානතිය අනුව නම්කර තිබෙන්නේ. අවුරුද්දකට විතර කලින් චුම්බක උතුර සෑහෙන්න වෙනස් වූ නිසා, ල‍ෝකය‍ේ ප්‍රධාන ගුවන් තොටුපල කීපයක, ධාවන පථ වල අංක වෙනස් කරන්නට සිද්ධ වුන බව දන්නවා. දන්නා තරමින් චුම්බක උතුර නිරීක්ෂනය හා සලකුණු කිරීම අවුරුද්දකට සැරයක් කෙරෙන දෙයක්. මතක හැටියට ජාත්‍යන්තර ගුවන් ගමන් පාලක මණ්ඩලයක් තමා මේක කරන්න‍ේ.ඔය ධ්‍රැව මාරුවීම මිසයිල ගුවන්ගත කිරීමේ පද්ධති වලට එහෙම බලපෑමක් කරන එකක් නැද්ද. නැත්තං අහක යන මිසයිල ඔළුවට කඩාවැටෙන්න පුලුවන්.පෘථිවියේ වයස එක්ක සැලකූ විට මෙය කෙටි කලක් ඇතුළත සිදුවන දෙයක් වුවත් මිනිසෙකුගේ වයස සැලකූ විට මෙය හෙමින් සිදුවන දෙයක්. එක රැයකින් සිදුවෙන දෙයක් නෙමෙයි. ඇතැම් විට වසර සියගණනක් තුළ සිදුවන දෙයක්. ඒ නිසා, අවශ්‍ය වෙනස්කම් කරගැනීම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මේ කාලය ඇතුළත පොළොව තැනින් තැන තාවකාලික ධ්‍රැව මතු වෙමිනුයි උතුරු දකුණු මාරුව වෙන්නේ. එසේ වීමේදී ඉතා නරක කාලගුණ තත්ත්වයන් ඇති විය හැකි බව පැවසෙනවා.ඔය ධ්‍රැව මාරුවීම මීට කලින් සිදුවෙලා තියනවා කියලා හොයාගෙන තියෙන්නේ කොහොමද? ඒ ගැනත් ටිකක් විස්තර කරන්න.ආසන්න කාලය ගත්තොත් පැරණි මැටි බඳුන් වල චුම්භක ගුණ තිබෙන මැග්නටයිට් වැනි ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් අඩංගුව තිබෙනවා. මැටි පුළුස්සා නැවත සිසිල් කරන විට වුම්භක ගුණය නැති වන අතරම ඒ වන විට පැවති චුම්භක ක්ෂේත්‍රයේ දිශාව හා ප්‍රබලත්වය පිළිබඳ තොරතුරු එහි ඉතිරි වෙනවා. කැනීම් වලදී සොයා ගන්නා මැටි බඳුන් වල කාබන් කාල නිර්ණය කර එහි වයස හොයාගන්නා අතරම ඉහත තොරතුරු වලින් ඒ කාලයේ පැවති චුම්භක ක්ෂේත්‍රය ගැන දැනගන්න පුලුවන්. වඩා ඈත කාල වකවානු සැලකුවොත් පාෂාණ හැදෙන විට ඒ කාලයේ පැවති චුම්භක ක්ෂේත්‍රය ගැන තොරතුරු පාෂාණය ඇතුළේ සංරක්ෂණය වෙනවා. පාෂාණ හැදුණු කාලය වෙනත් ක්‍රමයකින් සොයාගත් විට චුම්භක ක්ෂේත්‍රය ඒ කාලයේ පැවති ආකාරය සොයාගත හැකියි. අවසාන වශයෙන් ලැබී තිබෙන සියලු නිරීක්ෂණය ආකෘතියකට ඇතුළු කර හිස්තැන් පිරවීම මඟින් කාලයත් සමඟ චුම්භක ක්ෂේත්‍රය වෙනස් වී ඇති ආකාරය සොයාගත හැකියි.කාලගුණ විද්‍යාව ගැන මට විශාල දැනුමක් නැහැ. චුම්භක ක්ෂේත්‍රයේ වෙනස්වීම් කාලගුණයට ලොකු බලපෑම් කරන බවනම් දන්නවා.අජිත් නිවාඩ් කබ්රාල් (2) අතීත මතක (42) අධ්‍යාපනය (35) අනාවැකි (23) අපේ වියුණු (17) අභ්‍යාවකාශ තරණය (1) අලි (3) අශෝක අධිරාජ්‍යය (5) ආකල්ප (22) ආකෘති (7) ආගම් හා දර්ශන (30) ආදායම් විෂමතාවය (9) ආර්ථික වර්ධනය (18) ආර්ථික විද්‍යාඥයෝ (6) ආර්ථික විද්‍යාව (152) ආවස්ථික පිරිවැය (11) ආහාර (21) ඇබ්බැහි (6) ඇමරිකාව (89) ඉංග්‍රීසි භාෂාව (3) ඉතිහාසය (49) ඉන්දියාව (17) ඉරානය (1) ඉස්ලාම් දහම (4) ඊශ්‍රායලය (2) ඊළාම් අරගලය (2) උපත් පාලනය (4) ඕලන්දය (1) ඕස්ට්‍රේලියාව (12) කම්කරු දිනය (2) කවි (2) කාටූන් (1) කාර්යක්ෂමතාවය (1) කාලය (24) කැනඩාව (2) කිතු දහම (5) කෘෂිකර්මය (1) කෙටි ප්‍රබන්ධ (3) ක්‍රීඩා (3) ගණිතය (5) ගබ්සාව (5) ගිණුම්කරණය (4) ග්‍රීසිය (5) චිත්‍රපට (2) චීනය (2) ජනකතා (6) ජනමත සමීක්ෂණ (4) ජනවිකාශ විද්‍යාව (6) ජනහිතකාමය (5) ජාත්‍යන්තර වෙළඳාම (6) ජීව විද්‍යාව (5) ජීවිතය (3) ජේආර් ජයවර්ධන (1) ජෛන දහම (1) ජ්‍යෝතිෂය (27) ටෙලිනාට්‍ය (8) ඩෙංගු (2) තාක්ෂනය (17) තාරකා විද්‍යාව (21) තුර්කිය (2) තෙල් (1) තෙල් මිල (1) තෝරාගැනීම් (20) දරිද්‍රතාවය (3) දර්ශනය (3) දෙමළ භාෂාව (1) දෙවන ලෝක යුද්ධය (1) දේශපාලන අර්බුදය (11) දේශපාලනය (113) ධනවාදය (26) නවමු පුවත් (25) නාට්‍ය (1) නැටුම් (1) නියාමනය (2) නීතිය (34) පරාක්‍රමබාහු (4) පරිණාමය (27) පරිණාමික මනෝවිද්‍යාව (1) පරිසරය (6) පර්යේෂණ (14) පළතුරු (2) පුද්ගල අයිතිවාසිකම් (2) පුරා විද්‍යාව (1) පෘතුගාලය (1) පේරාදෙණි සරසවිය (14) පොලී අනුපාතික (4) පොලීසිය (2) පෞද්ගලිකත්වය (1) ප්‍රජාතන්ත්‍රවාදය (12) ප්‍රතිශක්තිකරණය (4) ප්‍රවාහනය (11) බදු (2) බලශක්තිය (5) බුදු දහම (22) බොරු (1) බ්‍රිතාන්‍ය පාලනය (4) බ්‍රිතාන්‍යය (3) භාවනා (1) භාෂා (1) භෞතික විද්‍යාව (14) මංගල සමරවීර (1) මත්ද්‍රව්‍ය (1) මත්පැන් (4) මනෝ විද්‍යාව (2) මරණ දඬුවම (2) මරණය (11) මහ බැංකුව (11) මහා වංශය (3) මහින්ද රාජපක්ෂ (4) මානව හිමිකම් (3) මැතිවරණ ප්‍රතිඵල (27) මැද පෙරදිග (2) මිනිස්කම (7) මුදලේ අගය (4) මුදල් (7) මූල්‍ය පද්ධතිය (1) මූල්‍ය වෙළඳපොළ (6) මූල්‍ය සාක්ෂරතාව (1) මෛත්‍රීපාල සිරිසේන (3) යතාර්ථය (25) යුද අපරාධ (2) යුදෙවු දහම (1) යුරෝපය (4) රනිල් වික්‍රමසිංහ (3) රවී කරුණානායක (1) රාජ්‍ය ණය (15) රාජ්‍ය සේවය (1) රුසියාව (1) රෝග (3) රෝමය (1) ලිංගික අධ්‍යාපනය (4) ලිංගික චර්යා (6) ලේ (2) වංග භාෂාව (1) වසංගත (2) විණිමය අනුපාතිකය (7) විනෝදාංශ (2) විවෘත ආර්ථිකය (2) විශ්වාස (23) වෙනිසියුලාව (1) වෙළඳ ශේෂය (4) වෛද්‍ය වෘත්තිය (25) ව්‍යවසායකත්වය (5) ශ්‍රමික ප්‍රේෂණ (1) සංක්‍රමණය (18) සංඛ්‍යානය (1) සංඛ්‍යාලේඛණ (21) සංගීතය (10) සතුට (2) සත්ත්ව ලෝකය (16) සමාජ චර්යා (35) සමාජ මාධ්‍ය (3) සමාජවාදය (20) සමානාත්මතාවය (5) සම්භාවිතාව (1) සරල විනෝදය (3) සංවර්ධනය (1) සහනාධාර (5) සහල් (3) සාපේක්ෂ චලිතය (5) සාහිත්‍යය (17) සිංහල භාෂාව (5) සිංහල සංස්කෘතිය (10) සෘජු විදේශ ආයෝජන (1) සේවා ආර්ථිකය (21) සෝවියට් දේශය (8) සෞඛ්‍යය (53) ස්පාඤ්ඤය (1) ස්වභාවික ව්‍යසන (5) හර්ෂ ද සිල්වා (1) හින්දු දහම (5) හෘදයාබාධ (1) ළමා හිමිකම් (4)රාජපක්ෂ ණය - අද දිනයේ (ඔක්තෝබර් 15) රුපියල තරමක් අධිප්‍රමාණය වී තිබෙනවා. පසුගිය සති කිහිපය මුළුල්ලේ සිදුවුනේ රුපියල සීඝ්‍රයෙන් අවප්‍රමාණය වීමයි. එය වැළැක්වීමට රජය වගේ...ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා තිබෙනවා. එසේ කර තිබෙන්නේ අගතියට පත් පාර්ශ්වය...ලංකාවේ ජනාධිපතිවරයා ප්‍රධාන තවත් අය විසින් සති දෙකකට වැඩි කාලයක් තිස්සේ අල්ලමින් ඉන්න අඩවුවෙන් පැහැදිලි වන පළමු කාරණය වන්නේ ලංකාවේ පවතින...පසුගිය 26 වෙනිදා පටන් ගත් දේශපාලන පෙරළියෙන් පසුව මහ බැංකුව විසින් සල්ලි අච්චු ගැසීම වේගවත් කර තිබෙන බව සමාජ ජාලා හරහා වේගයෙන් පැතිරෙමින් ...තවත් සිකුරාදා මධ්‍යම රාත්‍රී ගැසට් නිවේදනයක් මේ වන විට නිකුත් වී තිබෙනවා. මෙය කිසිවෙකුටත් කලින් එක තරමේ සර්ප්‍රයිස් එකක් වුනා කියා මා හිත...මේ මොහොතේ අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින මූලික අයිතිවාසිකම් නඩු කිහිපය පිළිබඳව ලැබෙනු ඇතැයි සිතිය හැකි තීන්දු ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසය...ලංකාවේ හැමෝම වගේ මේ දවස් වල කට ඇරගෙන බලා ඉන්නේ ඉදිරි සතිය ඇතුළත පාර්ලිමේන්තුවේ සංයුතිය මොන විදිහට වෙනස් වෙයිද කියලයි. ලොකුවට කෑගැහුවට තවම...එජාපය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන හැම වෙලාවකම වෙනත් ඇතැම් අය එජාපයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. මේ කතිකාව ඇතුළේ ලොකුම තැනක් ලැබෙන්...පාර්ලිමේන්තුව නැවත කැඳවන දිනය පිළිබඳව වූ අවිනිශ්චිතතාවය මේ වන විට අවසන් වී තිබෙනවා. අද නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අනුව 14 වෙනිදා පාර්ල...මෙම ලිපිය සංශෝධන සහිතව වෙනත් මාතෘකාවක් යටතේ නැවත පළ කර තිබේ. සුළු එකතු කිරීමක් හා මාතෘකාවේ වෙනසක් ඇතත් මේ ලිපියේ ඇති කරුණු කිසිවක් ඉවත් ක...විධායකය හා ව්‍යවස්ථාදායකය අතර යම් සංහිඳියාවක් ඇති වීමේ ඉඩක් පෙනෙන්නට තිබෙනවා. සිදු විය හැකි අනෙකුත් දේවල් වලට සාපේක්ෂව මේ වෙලාවේ සිදු විය...මම හිතන විදිහට මෑතකාලීන ඉතිහාසයේ ශ්‍රී ලංකා රාජ්‍යය මුහුණ දුන් ලොකුම අර්බුදයටයි මේ වන විට මුහුණ දී තිබෙන්නේ. ලංකාවේ නියෝජිත ප්‍රජාතන්ත්‍ර...ජනාධිපති සිරිසේන විසින් මහින්ද රාජපක්ෂව ලංකාවේ අගමැති ලෙස පත් කරලා තියෙනවා. ඒ අතර, රනිල් වික්‍රමසිංහ තමන් තවදුරටත් අගමැති ලෙස කටයුතු කරන...ලංකාවේ දේශපාලන අර්බුදය මේ වන විට වඩාත් සංකීර්ණ වෙමින් පවතිනවා. විශේෂයෙන්ම, කථානායකවරයා විසින් ජනාධිපතිවරයා විසින් සිදු කර තිබෙන අගමැති පත්වී...ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව කණස්සල්ල පළ කරමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා . පහත තිබෙන්නේ අ...ගෙවුම් ශේෂ අර්බුදයට මුහුණ දීමේ ආණ්ඩුවේ (මහ බැංකුවේ) උපාය මාර්ග අතර ආනයන සීමා කිරීමේ උත්සාහය කැපී පෙනෙනවා. ඇතැම් අය පෙන්වා දී තිබෙන්නේ මේ ආකා...ලංකාවේ රජයේ සරසවියක සේවය කරමින් සිටියදී බැඳුම්කරයකට අත්සන් තබා උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වීමෙන් පසුව ආපසු නොපැමිණි අය රජයට ගෙවිය යුතු ...අජිත් නිවාඩ් කබ්රාල් සමග කරපු පුවත්පත් සාකච්ඡාවකට පාඨකයෙකු අපේ අවධානය යොමු කරවලා තිබුණා. එහි අදාළ කොටස පහත උපුටා දැක්වෙනවා. " රුපියලේ...ලංකාවේ ඉංජිනේරු අධ්‍යාපනය මා දන්නා තරමින් ආරම්භයේ සිට දිගටම සිදුකෙරුණේ ඉංග්‍රීසි බසිනි. මෙය කවර අවදියක හෝ සිංහලෙන් හෝ දෙමළෙන් සිදුවූ බවක්...මේ දවස්වල ලංකාවේ ප්ලාස්ටික් හාල් භීතිකාවක් පැතිරෙමින් පවතී. මේ කතාව පසුගිය වසර දෙක තුන ඇතුළත බත් ප්‍රධාන ආහාරය වූ ආසියාවේ හා අප්‍රිකාවේ...පේරාදෙණිය සරසවියේ අක්බාර් ශාලාවේ කෑම කා ඇති අය බ්ලොග් ලියන්නන් අතර නොඅඩුව සිටිති. පේරාදෙණියේ සරසවි බිම මැදින් ගලා යන මහා වාලුකා නදිය ඉංජින...සයිටම් විරෝධී අරගලය මරාගෙන මැරෙන සටනක් බවට පරිවර්තනය වෙමින් ඇති බව පෙනෙන්නට තිබේ. එය කණගාටුදායක තත්ත්වයකි. මේ ගැන ලිවිය යුතු බොහෝ දේ වෙනත...මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ විකාශනය කෙරෙන කූඹියෝ ටෙලි නාට්‍යය ගැන විශාල සංවාදයක් ඇති වී තිබේ. මේ සංවාදය බොහෝ දුරට එක් දිශාවකට විහිදුනු ...පසුගිය සතියේ ඇමරිකන් ඩොලරයේ මිල රුපියල් කිහිපයකින් ඉහළ ගියා. මේ විදිහට ඩොලරයේ මිල පොඩ්ඩක් ඉහළ යන හැම වෙලාවකම ලංකාවේ සෑහෙන පිරිසක් කලබල වෙ...අද වත්පොතේ දකින්නට ලැබුණු කෙටි වීඩියෝවක පාරේ හමුවන සාමාන්‍ය පුද්ගලයෙකු රුපියල් දහයේ නෝට්ටුවක දකින්නට ලැබෙන රූප ගැන විවරණයක් කරයි. මේ ව...අප විසින් මීට පෙරද කතා කර ඇති , ඇමැතිවරුන් තිදෙනෙකුට, නියෝජ්‍ය ඇමැතිවරුන් හතරදෙනෙකුට, රාජ්‍ය ඇමැතිවරයකුට හා පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභ...සිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය ගැන මාධ්‍ය වල ඕනෑ තරම් කතා වී ඇති නිසා ඒ ගැන අමුතුවෙන් කතා කරන්නට දෙයක් නැත. මෙය ඉතා කණගාටුදායක සිද්ධිය...කොළඹ සරසවියෙන් වෛද්‍ය විද්‍යා ප්‍රථම උපාධියත්, ස්කොට්ලන්තයේ දන්ඩී විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ඩිප්ලෝමාවක් හා පශ්චාත් උපාධි...
නීති විරෝධි ලෙස දේශසීමා හරහා අමෙරිකාවට ඇතුළු වන සංක්‍රමණිකයන්ට සරණාගතභාවය ඉල්ලා සිටීමේ අයිතිය තහනම් කිරීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන තිබේ.එරට අධිකරණ සහ අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ එම විධායක නියෝගය කඩකරමින් අමෙරිකාවට ඇතුළුවන කිසිවකුටත් සරණාගතභාවය හිමි නොවන බවයි.අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව්ගිනි තත්ත්වය තරමක් දුරට පාලනය කර තිබේ. උතුරු කැලිෆෝනියාවේ සියයට තිහක කොටසක තත්ත්වය පාලනය කිරීමට ගිනි නිවන අංශ සමත්වී ඇත. තත්ත්වය පාලනය කළ ප්‍රදේශයේ අක්කර...ගජ චණ්ඩ මාරුතයෙන් ඉන්දියාවට බලපෑම් එල්ල වී තිබේ. චෙන්නායි ඇතුළු නගරවලට දැඩි වර්ෂාපතනයක් හටගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. බෙංගාල බොක්ක ආශ‍්‍රිත කලාපයේ සිට එම තත්ත්වය වර්ධනය විය. ඉදිරි පැය...අවුන් සාං සුඛී වෙත ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය ලබා දී තිබූ එහි උසස්ම සම්මානය වන හෘද සාක්ෂියේ තානාපති (Ambassador of Conscience) සම්මානය නිෂ්ප්‍රභ කිරීමට එම ආයතනය තීරණය කර තිබේ. නොබෙල් සාම ත්‍යාගය ද...කජු මිල පිළිබඳව උද්ගතව ඇති ගැටලුව විසඳා ගැනීම සඳහා කජු මිල දී ගැනීමට හමුදාව යෙදවීමට ටැන්සානියානු බලධාරීන් පියවර ගෙන තිබේ. රජ‍යේ අනුමත මිල ගණන් යටතේ කජු මිල දී ගැනීම සඳහා ජනාධිපති ජෝන් මගුෆුලි කාල...කැලිෆෝනියාවේ හටගෙන ඇති ලැව් ගින්නෙන් අමෙරිකාවේ ප්‍රසිද්ධ චරිත රැසකගේ නිවාස හා දේපළ ද විනාශ වී ඇත. ජෙරාඩ් බට්ලර්, මිලේ සයිරස් , කිම් කාර්ඩේෂියන් සහ ලේඩි ගගා සිය නිවෙස් වෙතින් ඉවත් වී ඇත්තේ සමාජ ජාලා...අමෙරිකානු ලේඛකයකු මෙන්ම මාර්වල් කොමික්ස්හි හිටපු සභාපති ස්ටැන් ලී මිය ගියේය. මිය යන විට 95 වැනි වියේ පසු වූ ඔහු 1961 වසරේ දී මාර්වල් කොමික්ස් හරහා ද ෆැන්ටාස්ටික් ෆෝ නිර්මාණය කළ අතර අනතුරුව ස්පයිඩර්...මියන්මාර නායිකා අවුන්සාන් සුකී හට ලබා දී තිබූ ගෞරව සම්මානයක් ඉවත්කර ගැනීමට අන්තර්ජාතික ක්ෂමා සංවිධානය තීරණය කර තිබේ. එම ආයතනය විසින් 2009 වසරේ පිරිනමන ලද ඔවුන්ගේ ඉහළතම ගෞරව සම්මානය මෙසේ ඉවත්...සුප්‍රසිද්ධ මාවල් ලෝකයේ සුපිරි වීර චරිත බිහිකළ ස්ටෙන් ලී මිය ගොස් ඇත. ඔහු මිය යන විට 95වන වියෙහි පසු විය. ස්ටෙන් ලී විසින් නිර්මාණය කළ මාවල් සුපිරි චරිත අතර ස්පයිඩර් මෑන්, එක්ස්- මෑන්,...චීන පළමු ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේදී අමෙරිකානු ඩොලර් බිලියන 57.83 කට ආසන්න ගනුදෙනු සිදුකිරීමට ව්‍යාපාරිකයන් එකඟ වේ.රටවල් 172 ක්, කලාප සහ අන්තර්ජාතික සංවිධාන මෙන්ම ව්‍යාපාර 3,600 කට වැඩි සංඛ්‍යාවක්...ජෝර්දානයේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් ඓතිහාසික පෙට්‍රා නගරයේ සංචාරකයන් 4,000කට අධික සංඛ්‍යාවක් මුදා ගැනීමට සිදු වී තිබේ. අනපේක්ෂිත ලෙස ඇති වූ මේ ගංවතුර හේතුවෙන් 11 දෙනකු මරු මුවට පත්ව ඇති...ලොව පුරා පැවැත්වෙන විලාසිතා ප්‍රදර්ශන අතරින් අමුතුම තාලයේ විලාසිතා හඳුන්වා දෙයි. මේ පාන්, බනිස්, එළවළු, පලතුරුවලින් නිර්මාණය කළ අපූරු නිර්මාණ කිහිපයකි.පළමු ලෝක යුද්ධය අවසන් වීමේ සියවන සංවත්සර ප්‍රධාන සැමරුම ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ සත්කාරකත්වයෙන් පැරිස් නුවරදී පැවැත්විණි. ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති...එතුමා කියන දේවල් තවදුරටත් විශ්වාස කරන්න අපි හරක් නෙවෙයි. ජනතාව ගොනාට ඇන්ඳුවා කියලා ඔබ හිතුවාට අවසානයේ ඔබමයි මීහරකාට ඇඳගෙන ඉන්නේ.ස්ත්‍රීවාද පිළිකාව ද ඉවර කළයුතුය. (නමුත් මානව හිමිකම් රැකිය යුතුය ) ස්ත්‍රීන් ගේ අයිතිවාසිකම් පුරුෂයින්ට හානි සිදුවන පරිදි ඉහළ දැමීම, පාර්ලිමේන්තුවේ ස්ත්‍රී නියෝජනය ඉහළ දැමීම ආදිය මගින් රට විනාශ...
විධායක ජනාධිපති ධුරය අහෝසී කිරීම නැමැති සංවාදය නැවත කරලියට පැමිණ තිබේ. 1978 ජේ. ආර් ජයවර්ධන විසින් මෙරටට හදුන්නා දෙනු ලැබූ විධායක ජනාධිපති ධුරය සම්බන්දයෙන් වන විරෝධය අද ඊයේ ඇති වුවක් නොවේ. එදා ජේ.ආර් විසින් 77 මැතිවරණයෙන් තමන්ට ලද හයෙන් පහක (5/6) බලය උපයෝගී කරගෙන අපමත පටවන ලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදුන්වාදුන් දින සිටම විධායක ජනාධිපති ධුරය අහෝසී කිරීම නැමැති සටන් පාඨය මෙරට වමේ මෙන්ම අනෙකුත් ප්‍රගතිශීලි නායකයින්ගේද සටන් පාඨයක් විය.අද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට එරෙහිවන විමල් , වාසු ඇතුළු කල්ලියේ සියළුදෙනාම එදා මෙම ‘විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම’ නැමැති සටන් පාඨය හඩගෑ පිරිස් වෙති. 1978 ජේ.ආර් ගේ ඒකාධිපති බලතල තරකරන ව්‍යවස්ථාව ගෙන එන මොහොතේ සමසමාජ , කොමිනිස්ට් පක්ෂ පමණක් නොව සිරිමා බණ්ඩාරනායකද ජවිපෙ සමග ඊට එරෙහි විය.ඉන් පසුව එළඹි සෑම ජනාධිපතිවරණයකදිම ජවිපෙ සටන් පාඨය වුයේ විධායක ජනාධිපකි ධුරය අහෝසි කිරීමයි. මන්ද විධායක ජනාධිපති ධුරයේ අනුහස් වැඩි කලක් යන්නට මත්තෙන් රටට දැනෙන්නට විය. 1980 ජුලී වැඩවර්ජනය මර්ධනය කිරීම. 1981 සංවර්ධන සභා ජන්දය මංකොල්ලකෑම, යාපනය පුස්ථකාලය ගිණිබත් කිරීම පමණක් නොව එදිරිවීර සරත්චන්ද්‍රයන්ට කාණුපල්ලේ දමා චේන් පහරවල් දෙනවිටද අපට දැනුනේ මෙම විධායක ජනාධිපති ධුරයේ ආදිනාවයි.1982 ජනාධිපතිවරණයේදී ජවිපෙ උත්සහ කලේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කර ජේ.ආර් පරාජය කිරීමය. නමුත් ඒ සදහා තම ප්‍රජා අයිතිය පවා අහෝසීවී සිටි සිරිමා එකග නොවීය. අවසානයේ එම උත්සාහය ව්‍යාර්තවු කල විධායක ජනාධිපති ධුරය අහෝසී කිරීමේ සටන් පාඨය යටතේ රෝහණ විජේවීර සහෝදරයා ජනාධිපතිවරණයට ඉදිරිපත්විය.ඉන්පසු 1988 දී 1994 දී 1999 දී එළඹි සෑම ජනාධිපතිවරණයකම ජවිපෙ භූමිකාව වුයේ ඒකාධිපති විධායක ජනාධිපති ධුරය අහෝසී කිරීම සදහා මැදිහත්වීමයි. 1988 දී ද 82 දී මෙන් සිරිමා පොදු අපේක්ෂකයෙක් ගෙනඒමේ උත්සාහයට හරස්විය.1994 ජවිපෙ ජනාධිපතිධුර අපේක්ෂකයා ඉවත්කර ගන්නෙ චන්ද්‍රිකා කුමාරතුංගගෙන් වසරක් ඇතුලත එනම් 1995 ජුලී 15ට පෙර විධායක ජනාධිපති ධුරය අහෝසී කිරීමේ ලිඛිත පොරොන්දුවක් රට හමුවේ ලබාගනිමිනි. චන්ද්‍රකා රටට දුන් එම ලිඛිත පෙරොන්දුව කඩ කල අවස්ථාවේ 1995 සිට සෑම ජුලි 15දාකම එම කඩකල පොරොන්දුව සිහිපත් කරමින් ජවිපෙ ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණය කරන ලදි. ඒ ප්‍රභාකරන් ජීවත්වන මරාගෙන මැරෙන බොම්බකරුවන් සහිත එල්.ටී.ටී.ඊ සංවිධානය සක්‍රීයව මෙම භූමිය මත සිටින තත්වයක් තුලය. එදා එම උද්ඝෝෂණ සදහා ජවිපෙ ටිල්වින් , ලාල් , අනුර සමග අද විධායකය රකින විමල්ද විය. එදා එම උද්ඝොෂණ වල මාධ්‍ය ඉදිරියේ ජවිපෙ ප්‍රකාශකයා වුයේ විමල්ය. අද ජවිපෙ විධායක ජනාධිපති ධුරය අහෝසී කිරීමට 20 වන ව්‍යවස්ථා සංශෝදනය ගෙන එනවිට ඊට එරෙහිව තප්පුලන බොහෝ අය එදා ලිප්ටන් වටරවුමේ පිකට් බොඩ් අල්ලන් සිටි අයයි.1999 වමේ පොදු අපේක්ෂකයෙක් ලෙස තවත් පක්ෂ කිහිපයක් සමග ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවිටද විමල් ඇතුළු ඔය නඩය වේදිකා දෙවනත් වනතුරු හඩනැගුවේ ‘විධායකය අහොසී කරනු’ කියාය.එපමණක් නොව 2005දි මහින්ද රාජපක්ෂ තම ‘මහින්ද චින්තන’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව සදහන් කරන්නේ විධායකය අහෝසි කිරිම සම්බන්දවයි. එදාද ජවිපෙ වෙනුවෙන් මහින්දගේ මැතිවරණ වෙදිකාවේ හඩ නැගු එක් අයෙක්වුයේ විමල්ය.ඉන් අනතුරුව 2010 දී මෙන්ම 2015 දී පැවති ජනාධිපපතිවරණ වලදීද ජවිපෙ ස්ථාවරයේ වෙනසක් නොවීය. ඔවුන් සැමදා තම පක්ෂයේ ස්ථාවර වු විධායක ජනාධිපති ධුරය අහෝසී කිරීමේ සටන් පාඨය තුල නොවෙනස්ව කටයුතු කර ඇත.මේ අනුව පෙනී යන්නෙ තම පැවැත්ම හා රැකවරණය වෙනුවෙන් දේශපාලනයේ අනාතයන් විසින් ජවිපෙට එරෙහිව අවලාද ගොඩනගමින් සිටින බවයි. ඔවුන් එල්ල කරන ප්‍රධාන විවේචනයක් වන්නේ ජවිපෙ 20 වන සංශෝධනය ගෙන ඒමෙන් රටේ ඒකීයභාවය පාවාදී ඇති බවයි. 13වන ව්‍යවස්ථා සංශෝධනය හරහා පලාත්සභා ක්‍රියාත්මක තත්වයක් තුල විධායක ජනාධිපති ධුරය අහෝසී නොකලයුතු බවයි. ඔවුන් මෙම ත්ත්වය 1994 , 1999 , හා 2005 දී නොදැක්කේ මන්ද?මෙම තර්කය වුවද අසත්‍යකි. 1990දී වරගරාජා පෙරුමාල් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් ප්‍රකාශ කරන විටද එය ව්‍යාර්ත කරන ලද්දේ එදා පැවති විධායක බලතල අනුව නොව පලාත් සභා පනතට පාර්ලිමේන්තුවේදී සංශෝදනයක් ගෙන එමින් ඒ හරහාය. අදටද පලාත්සභා පනත අනුව එම ඉඩ ප්‍රස්ථාව පවතී. ජවිපෙ ගෙන එන 20වන සංශෝධනය හරහාද ආණ්ඩුකාර වරයාගේ බලතල වෙනස් නොවන බව ඔවුන් පැහැදිලිව පවසයි.මේ සියල්ල හරහා අපට පෙනී යන්නෙ මෙම දේශපාලන කිනිතුල්ලන් මේ දගලන්නේ තම පැවැත්ම වෙනුවෙන් මිස වෙන යමක් උදෙසා නොවන බවයි. ඒ සදහා ඔවුන් සැමවිටම පාහේ පාවිච්චි කරනුයේ දේශප්‍රේමි සළුවයි. රටේ ඒකීයභාවය ඒ සදහා හොදම තුරුම්පුවය. දකුණේ බහුතරයකට අලෙවිකල හැකි ලාභ සටන් පාඨය එයයි.එය මේ දේශපාලන කිනිතුල්ලන් හොදින් දන්නා කරුණකි. එම නිසා මෙවරද ජවිපෙ රටට වැදගත් හා ඉතිහාසය පුරා ඉටුකර ගැනීමට නොහැකිවු විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ කරත්‍යයට අතගසා ඇති විට ඔවුන් තම පැවැත්ම ගැන සිහින මවයි.මෙවැනි දේශපාලන කිනිතුල්ලන්ගේ අවශ්‍යතාවය තමන්ට රැකවරණය දෙන තම පැවැත්ම ආරක්ෂාවන විධායක දඩ බල්ලෙකි. මෙවර ඔවුන්ගේ තේරීම ගොඨාය. 2020 ජනාධිපතිවරණයට ගෝඨා ඉදිරිපත්කර ඒ හරහා තම පැවැත්ම රැකගැනීම මෙම දේශපාලන කිනිතුල්ලන්ගේ උපක්‍රමයයි. ඒ වෙනුවෙන් වෙහෙසෙනවා හැරෙන්නට රට ගැන සිතා රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වෙහෙසීමෙන් තම පැවැත්ම අනතුරට පත්වනබව මෙම දේශපාලන කිනිතුල්ලන් අවබොධ කරගෙන සිටී.
෴ ගී පැදුර ෴: සංතාප තැවුල්නම් - ඉන්දික රුවන් (රූනි) | Santhapa Thewul Nam - Indika Ruwan (ROONY) - sinhala lyricsකුවේණි - රිද්ම වීරවර්ධන, දිනූපා කෝදාගොඩ | Kuweni - Ridma Weerawardena, Dinupa Kodagoda - sinhala lyricsඑක යායේ කකා වැටී - සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, බන්ධුල විජේවීර | Eka Yaye Kaka - Edward Jayakodi, Sunil Edirisinghe, Bandula Wijeweeraනෙත් යාය මත්වීය (දෙරණ මිස් ශ්‍රී ලංකා 2017 තේමා ගීතය) - රවීන් කණිශ්ක, හර්ෂ ධනෝෂ් | Derana Offmarks Miss Sri Lanka For Miss Earth 2017 Theme Song - Raveen Kanishka, Harsha Dhanosh ft Randhirගීතයකට නැවත නැවත සවන් දෙමින් එහි පද ලිවීම හැම විටම පහසු කටයුත්තක් නෙවෙයි. විශේෂයෙන්ම ශබ්ද තත්ත්වය දුර්වල පැරණි ගීතවල පද ලිවීම ටිකක් අපහසු දෙයක්. මොකද සමහර වචන අද අපි නිතර භාවිතා කරන ඒව නෙවෙයි.ඔබ ඒ වරදක් දුටුවොත් කමෙන්ටුවකින් අපට ඒ ගැන කියන්න. රසවත් ගී පද නිවැරදිව ඉදිරිපත් කරන්න ඔබෙන් ලැබෙන ඒ උදව්ව අපි හැමෝටම ගොඩක් වටින එකක් වේවි.මෙහි ඇතුලත් සියළු ගීත වල හිමිකාරිත්වය අදාල මුල් නිර්මාපකයින් සතුවන අතර, හුදු රසාස්වාදය උ‍දෙසාම පමණක් මෙලෙස ඉදිරිපත් කරන බව කරුණාවෙන් සලකන්න.
ලංකාවට ආව ශ්‍රෙයා ගෝෂාල් ප්‍රථම වතාවට ෂෝ එකක සිංහල සිංදුවක් කීව හැටි මෙන්න...!! - English - Hiru Videos | Hiru Gossip Videos | Gossip Lanka Videos | HiruVideos | Hiru Fm Videos | Hiru Videos Official Web Site | Gossip Lankaශිහාන්ට ඔහුගේම අතීතය මතක් කර දෙමින් කඳුළු බිඳක් මා වෙනුවෙන් ගීතය ගැයු සිහින මාලක විනිසුරුවන්ගේද ඉහළම ප්‍රසාද ලබාගනිමින් හිරු star වේදිකාවෙන් ඉදිරියටසචිත්‍ර ඔබේ අඩුපාඩු නෑ, ඔබ හොඳ ගායකයෙක්, ඔබේ ගායනයේදී මට අමරදේව රජතුමාව මතක්වුනා රූකාන්තව සංවේදී කරපු හැගුම්බර ගායනයදරු දුක උහුලා ගීතයට 86% ලබාගනිමින් යුද්ධ හමුදාවට හොද අභියෝගයක් ලබාදුන් නාවික හමුදාවේ ගයාෂාන් බුද්ධික ඉදිරියටම48 දෙනා අතරට ගීත් සිටිය යුතුයි, නිරෝෂාගේ ප්‍රකාශය එසේ වුවත් තරගේ ස්වභාවයට හිස නමමින් වේදිකාවෙන් සමුගත් ගීත්...මම හිතුවේ ඔබේ ගායනයට 95% ක් 96% ක් වත් ලැබෙයි කියලා, රූකාන්ත ඇතුළු ප්‍රවීණයන් පුදුම කල ඒ සුපිරි ගායනයජෝතිපාල, මිල්ටන්, අමරසිරි පීරිස්ගේ ජනප්‍රිය ගී වැලක් අපූරූවට ගායනා කරන හිරු STAR චරිතගේ දක්ෂතාවය අහලම බලන්නතිළිණ කවිෂ්ක ද්වන්දයට හොද අභියෝගයක් ලබාදෙමින් 74% ලබාගත්තත් තරඟ ස්වභාවය අනුව අවාසනාවන්ත ලෙස හිරැ Star හැරයාමට සිදුවෙයිනව රජයක් තෝරා පත් කර ගැනීමට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නිවැරදියි පුජ්‍ය මුරුද්දෙනියේ ධම්මරතන හිමි Video
ප්‍රධාන රථ වාහන වැරදි 6ට දඩය රු.25,000යි | Mini Gossip | Gossip Lanka News | Hot Gossip | Hiru Gossipරථ වාහන වැරදි 6ක් සඳහා දඩය රු.25,000ක් දක්වා වැඩිකිරීමට එකඟවූ බව පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.ඒ අනුව බීමත්ව රිය පැදවීම,රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම,අනාරක්ෂිත ලෙස දුම්රිය හරස් මාර්ගවලින් ධාවනය කිරීම,රක්ෂණ ආවරණයක් නොමැතිවීම,අධික වේගය හා දකුණෙන් ඉස්සර කිරීම ආදී වැරදි සඳහා මෙලෙස දඩය වැඩි කිරීම ගැටළුවක් නොවන බව විජේරත්න මහතා සඳහන් කළේය.අද(21)ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,මුදල් අමාත්‍ය රවී කරුණානායක ආදීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිවුණු බව ඔහු කියා සිටියේය.
ඇමෙරිකා මධ්‍යවාර මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂයට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය අහිමිවීමත් සමඟ නීතිපති ධුරයේ කටයුතු කළ ජෙෆ් සෙෂන්ස් එම ධුරයෙන් ඉවත් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගත්තේය.‘ඔබ කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, මම ධුරයෙන් ඉවත් වීමට තීරණය කළා’ යැයි ජෙෆ් සෙෂන්ස්, ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට නිකුත් කළ ලිපියෙහි සඳහන් වෙයි. එම ලිපියේ පිටපතක් ඇමෙරිකන් පුවත් සේවා වෙත යොමු වී ඇත.2016 ජනාධිපතිවරණයේදී ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වූයේ රුසියාවේ මැදිහත්වීමක් නිසා යැයි චෝදනා එල්ල වී ඇත. එම චෝදනා ඔප්පු කිරීමට ඇමෙරිකා ආරක්ෂක අංශ පවා පියවර ගෙන ඇත. කෙසේ නමුත් ට්‍රම්ප් සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගැනීම සිදු නොවුණේ ජෙෆ් සෙෂන්ස් ට්‍රම්ප් පාර්ශ්විකයකු වූ නිසා යැයි චෝදනා එල්ල වෙමින් පවතී.
මියන්මාරයේ අතුරු මැතිවරණයක් පැවැත්විණි. මියන්මාර දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දුන්නේ, මෙය නිල නොවන නායිකා අවුන් සාන් සූ කී සහ ඇගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ ජනප්‍රියත්වය උරගා බැලීමේ මැතිවරණයක් කියාය.සූ කී සහ ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී ලීගය විශිෂ්ට ජයක් හිමි කරගත්තේ 2015 වසරේ පැවැති මහ මැතිවරණයෙනි. මියන්මාර ව්‍යවස්ථාව සකසනු ලැබ ඇත්තේ පෙර පැවැති හමුදා පාලකයන් විසිනි.ඒ අනුව, විදේශිකයකු සමඟ විවාහ වී සිටි නිසා සූ කීට මියන්මාර ජනාධිපති ධුරය හෙබවිය නොහැකිය. සූ කී නිල නොවන නායිකාව ලෙස හැඳින්වෙන්නේ එහෙයිනි. සුළු ජාතික රොහින්ග්‍යා මුස්ලිම් වැසියන්ගේ අර්බුදය මුල්කොට ගනිමින් අවුන් සාන් සූ කීට විදේශවල අප්‍රසාදයට ලක් වී සිටී.
සිරකරුවෝද මනුෂ්‍යයෝය' යන්න බන්ධනාගාරයට ඇතුළු වන ගේට්ටුව අසල දක්නට ලැබෙන සුවිශේෂ වැකියකි. එහෙත් සත්‍ය වශයෙන්ම බන්ධනාගාරය සිරකරුවන්ට මනුෂ්‍යයන්ට සේ සලකනවාද යන්න උභතෝකෝටිකයකි.සෑම බන්ධනාගාරයක් ආශ්‍රිතවම බන්ධනාගාර රෝහල් ස්ථාපිතව පවතින අතර සුදුසුකම් ලත් වෛද්‍යවරු ඒවායේ සේවය කරති. බන්ධනාගාර රෝහල පිහිටා තිබෙන්නේ අසනීප වන රැඳවියන්ට ප්‍රතිකාර කරනු පිණිසය. ඔවුනට ප්‍රතිකාර කිරීමට පිටතට ගෙන ඒම උගහට කරුණක් හෙයින් බන්ධනාගාර පරිශ්‍රයේම අදාළ රෝහල පිහිටුවා තිබේ.කෙසේ වෙතත් බන්ධනාගාර රෝහල් ඉදි කිරීමේ මුඛ්‍ය පරමාර්ථය වඩාත් යහපත් වුවත් එයින් ප්‍රයෝජන ගන්නේ අදාළ පරමාර්ථය හෑල්ලු කිරීමට සමත් පිරිසක් විසින් වීම කනගාටුවට කරුණකි. අඩි 8ක් දිග සහ අඩි 4ක් පළල කුඩා සිර කුටියක රඳවා තැබීම සිරගත කිරීමේ සාමාන්‍ය ක්‍රමවේදය වන අතර එහිද වසනු නොරිසි පිරිසක් ස්වකීය දඬුවම් කාලය ගත කිරීමට බන්ධනාගාර රෝහල යොදා ගනිති.බන්ධනාගාරගත වන්නන් පිළිබඳව මෑතකාලීනව නිතර අසන්නට ලැබෙන පුවත වන්නේ 'අසනීප තත්ත්වය හේතුවෙන්' බන්ධනාගාර රෝහලට මාරු කර හැරි බවය. ඒ අනුව ඉකුත් කාල සීමාවෙහි බන්ධනාගාරගත වූවන්ගෙන් වැඩි පිරිසක් නැවතුණේ බන්ධනාගාර රෝහලේය.රාජ්‍ය දේපළ හා මුදල් අවභාවිතාවන් සම්බන්ධ චෝදනාවන්ට අදාළව අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය කෙළින්ම බන්ධනාගාර රෝහලට ගියේය. රජයේ වාහන 41ක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු විමල් වීරවංශ ඊනියා අසනීපයක් මවා බන්ධනාගාර ‍රෝහලට ඇතුළු විය. පසුගිය ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය මුදලින් සිල් රෙදි බෙදීමේ චෝදනාවට හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාම කොමිෂන් සභාවේ හිටපු සභාපති අනූෂ පැල්පිට අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු නමුත් තමන්ට පිට කොන්දේ අමාරු ඇති බව දන්වා බන්ධනාගාර ‍රෝහලේ නවාතැන් ගත්හ. "දිවි නැගුම" ව්‍යාපෘතියේ මුදල් අවභාවිත කළ බවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් නඩු ගොනු කිරීමෙන් පසුව බැසිල් රාජපක්ෂට තුනටියේ අමාරුවක් වැලඳුණු අතර බන්ධනාගාර රෝහලේ නැවතුණේය.හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට සමේ රෝගය වැලඳුණේ බන්ධනාගාරගත වෙත්දීමය. නාමල්ලා, යෝෂිතලා, ඥානසාර හිමි ඇතුළු බොහෝ දෙනෙකුට බන්ධනාගාර රෝහල හිමි විණි.බන්ධනාගාර ගත වන රැඳවියකු බන්ධනාගාර රෝහලට ඇතුළත් කරනවාද යන්න තීරණය කරන්නෙ බන්ධනාගාර ආඥා පනත යටතේ ය. එම තීරණය ගන්නේ බන්ධනාගාර අධිකාරියෙන් වන අතර බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට මාරු කරනවාද, පෞද්ගලික රෝහලකට මාරු කරනවාද යන්න තීරණය කරන්නෙත් යම් යම් නීති රෙගුලාසිවලට අනුවය.එමෙන්ම අදාළ රැඳවියා රෝහලට මාරු කර යවන ලෙස බන්ධනාගාර වෛද්‍යවරයා, නැත්නම් අධිකරණ වෛද්‍යවරයා නිර්දේශ කළ යුතුය.රටක ජීවත් වන සෑම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකම් හා වරප‍්‍රසාද හිමිවිය යුතුය. එය මානව අයිතියකි. නීතිය යනු සියලුදෙනාම සාධාරණත්වය පතන තැනකි. එවැනි තත්ත්වයක් තුළ වරප්‍රසාද ලත් පිරිසට පමණක් එහි ඉඩ ප්‍රස්ථා සැලසීම අවාසනාවකි.දඬුවමක් ලැබෙන්නේ නීති ප්‍රකාරවය. එකී දඬුවම විඳිනු වෙනුවට හොර පාරෙන් ගොස් විකල්ප සෙවීම 'ලැජ්ජා සහගත' තත්ත්වයකි. 'පොදු සමාවන්' ඉල්ලා බලපෑම් කරන්නේත්, බන්ධනාගාර රෝහලටම යන්න අවසර පතන්නේත් බොහෝ විට ස්වකීය බල අධිකාරියේ මහිම පෙන්වාය.හැබෑවටම රෝගී වූවෝ, අත පය පවා අහිමි වූවෝ ඒ වෙනුවෙන් නිසි ප්‍රතිකාරයක් ලබාගත නොහැකිව බන්ධනාගාරය තුළ ළත වෙති. කෙසෙල් කැනක් කැපුවාට දඬුවම් විඳින්නෝත්, උදළු මිටකට ගොබුඩු ලීයක් කපන්නට ගොස් අත්අඩංගුවට පත්ව ඇප ගෙවා ගත නොහැකි වූවෝත් බන්ධනාගාරයේ අපා දුක්විඳිති.එවන් අහිංසකයන් වෙනුවෙන් කිසිවෙකු 'පොදු සමාව' ඉල්ලන්නේ හෝ 'බන්ධනාගාර රෝහලට යොමු කරන ලෙස ඉල්ලන්නේ නැත.Select ratingGive වරප්‍රසාද ලත් සිරකරුවෝ 1/5Give වරප්‍රසාද ලත් සිරකරුවෝ 2/5Give වරප්‍රසාද ලත් සිරකරුවෝ 3/5Give වරප්‍රසාද ලත් සිරකරුවෝ 4/5Give වරප්‍රසාද ලත් සිරකරුවෝ 5/5
යාපනය වඩුක්කොඩයි සිත්තංකේනි මන්සන්ධියේදී අද (28) උදෑසන ප්‍රදේශවාසීන් හා පාසල් දරුදැරියන් පිරිසකගේ සහභාගිත්වයෙන් විරෝධතාවක් පැවත්විණි. ඒ සුලිපුරම් ප්‍රදේශයේදී ඝාතනයට ලක් වූ 06 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බව පවසමිනි.විරෝධතාව හේතුවෙන් මනිප්පායි පොන්නාලෙයි ප්‍රධාන මාර්ගයේ ගමන් කටයුතුවලටද බාධා එල්ල වී තිබූ අතර පසුව පොලීසියේ මැදිහත්වීමෙන් ගමනාගමන කටයුතු සාමාන්‍ය අයුරින් පැවැත්වීමට කටයුතු සලසා ඇත.විරෝධතාවයේ යෙදුණු පිරිස මෙහිදී ප්‍රධාන කරුණු තුනකට විරෝධය පළ කළහ. දැරියගේ මරණය සම්බන්ධයෙන් මුලදී සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඉන් පස් දෙනෙකු පොලිස් ඇප මත මුදාහැරීමත් පාසල් දැරියගේ මරණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය, ළමාරක්ෂණ අධිකාරියෙන් ඉල්ලීම්වලට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොමැති වීමත් පාසල් දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු සිටින බැවින් ඔවුන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීමත්ය.06 හැවිරිදි ශිවනේස්වරන් රෙජීනා දැරියගේ මළසිරුර පසුගිය 25වනදා සුලිපුරම්හි ළිඳක තිබී සොයා ගත් අතර පසුව මරණය ගෙල සිරකොට කළ එකක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය විය. ඒ සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවකු අත්අඩංගුවට ගෙන මේ වන වට රක්ෂිත බන්ධනාගාරගතකොට ඇත.Select ratingGive යාපනය දැරියගේ ඝාතනය ගැන පරීක්ෂණ විධිමත් නැතැයි ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය 1/5Give යාපනය දැරියගේ ඝාතනය ගැන පරීක්ෂණ විධිමත් නැතැයි ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය 2/5Give යාපනය දැරියගේ ඝාතනය ගැන පරීක්ෂණ විධිමත් නැතැයි ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය 3/5Give යාපනය දැරියගේ ඝාතනය ගැන පරීක්ෂණ විධිමත් නැතැයි ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය 4/5Give යාපනය දැරියගේ ඝාතනය ගැන පරීක්ෂණ විධිමත් නැතැයි ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය 5/5
AIA රක්ෂණ සමාගම මෑතකදී එළිදැක්වූ නව ව්‍යාපාර ප්‍රතිඥාව වන "සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සුවපත් සැපවත් දිගුකල් දිවියක් උදෙසා" යන සංකල්පය ක්‍රියාවට නංවමින් පසුගියදා නුවරඑළියේදී සෞඛ්‍ය කඳවුරක් පවත්වනු ලැබීය. රජයේ පාසලක පවත්වන ලද එම සෞඛ්‍ය කඳවුර තුළින් ප්‍රදේශයේ සියලුම පාසල් දරුවන්, ගුරුවරුන්, දෙමාපියන් ඇතුළු සාමාන්‍ය ජනතාවට තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමක් සිදුවූ අතර, වෛද්‍ය පරීක්ෂණ සිදුකර ගැනීමට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් සායනයක්ද පැවැත්විණ. ඊට අමතරව එම සෞඛ්‍ය කඳවුර පැවැත්වූ පාසලේ ගොඩනැගිලි දෙකක් පිරිසිදු කිරීම සඳහා AIA රක්ෂණ සමාගමේ ප්‍රධාන කාර්යාලයේ සහ ශාඛා කාර්යාලවල කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 50කට අධික පිරිසක්ද සහභාගි වූහ.Select ratingGive AIA රක්ෂණ සමාගමෙන් නුවරඑළියටත් සුවපත් දිවියක් 1/5Give AIA රක්ෂණ සමාගමෙන් නුවරඑළියටත් සුවපත් දිවියක් 2/5Give AIA රක්ෂණ සමාගමෙන් නුවරඑළියටත් සුවපත් දිවියක් 3/5Give AIA රක්ෂණ සමාගමෙන් නුවරඑළියටත් සුවපත් දිවියක් 4/5Give AIA රක්ෂණ සමාගමෙන් නුවරඑළියටත් සුවපත් දිවියක් 5/5
>> වඩුවේල් සුරේෂ් අයෙත් පනියි >> වසන්ත සේනානායක ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි >> කරූ සද්දෙට තීන්දු ගනියි >> විශ්වාසභංගයෙන් මහින්ද පරාද බව කිරි ඇල්ල කියයි >> උණුසුම මැද ෆවුසි පනියි >> පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තියයි >> අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට >> අර්බුධ රැසක් මැද පාර්ලිමේන්තුව ආරම්භ වෙයි >> ”ගජ” හේතුවෙන් මුහුද රළු වෙයි – පළාත් කිහිපයකට වැසි >> පියසේන එජාපයට එක් වූ බව හර්ෂ කියයි
රසායනික ද්‍රව්‍ය යොදා ඉදවීමකට ලක්කර තිබෙන පලතුරු මැනිං වෙළෙඳ පොළට භාර නොගන්නා බව මැනිං වෙළෙඳ පොළ පොදු වෙළෙඳ සමිතිය සඳහන් කරයි.පලතුරු රැගෙන එන ලොරියක පලතුරු කොටසකට හෝ රසායනික ද්‍රව්‍ය යොදා තිබුණොත් සමස්ත ලොරියේම පලතුරු ප්‍රතික්ෂේප කිරීමටත් තීරණය කර තිබෙන බවද එම සංගමයේ සභාපති දේශබන්දු ලාල් හෙට්ටිගේ මහතා සඳහන් කළේය.රසායනික ද්‍රව්‍ය යොදා පලතුරු ඉදවීමකට ලක්කර තිබේ නම් එය හඳුනා ගැනීමේ හැකියාව තිබෙන බවත්, මේ නිසා ගොවි ජනතාව හා මැනිං වෙළෙඳ පොළට පලතුරු රැගෙන එන වෙළෙඳුන් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් අද (21දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.
ලෝකයේ අංක එකේ ටෙස්ට් පිතිකරුවා බවට විරාත් කෝලි නැවත වරක් පත්ව ඇත. එංගලන්ත කණ්ඩායම හා ට්‍රෙන්ට්බ්‍රිජ් හි පැවැති තෙවැනි ටෙස්ට් තරගයේදී ඔහු දැක්වූ දක්ෂතා මේ සඳහා හේතු වී තිබේ. එම තරගයේදී ඉන්දියාව ලකුණු 203ක දැවැන්ත ජයක් ලැබූ අතර කෝලි ලකුණු 97ක් හා 103ක් රැස්කිරීමට සමත්විය.මේ වන විට කෝලි ප්‍රසාද ලකුණු 937ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව ලෝකයේ ඉහළම ටෙස්ට් ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවන් 10 අතරට පැමිණීමට කෝලිට අවශ්‍ය ඇත්තේ එක් ලකුණක් පමණි.ලෝකයේ ඉහළම ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයන් අතර පෙරමුණේ පසුවන ඩොන් බ්‍රැඩ්මන් (961) රැස්කරගෙන ඇත. ස්ටීව් ස්මිත් (947), ලෙන් හටන් (945), ජැක් හොබ්ස් හා රිකී පොන්ටින් (942), පීටර් මේ (941), ගැරී සෝබර්ස්, ක්ලයිඩ් වැල්කොට්, විවියන් රිචර්ඩ්ස් හා කුමාර් සංගක්කාර (938) පසුවෙයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් සිය සේවකයන් වෙනුවෙන් ඔවුන්ගේ වෘත්තීය හා පෞද්ගලික ජීවිතයේ අභියෝග ජයගැනීම සඳහා උපදේශන සේවා ලබාදීමෙන් මඟපෙන්වීමේ ප්‍රථම සේවක සහාය මධ්‍යස්ථානය (Employee Assistance Centre (EAC) පසුගියදා විවෘත කරන ලදී.ශ්‍රී ලංකාවේ ආයතනික වශයෙන් ආරම්භ කළ පළමු වැනි උපදේශන සේවා මධ්‍යස්ථානය මෙය වන අතර, එමගින් ඕනෑම සේවකයෙකුගේ මානසික සුවය සහ ගුණාත්මක දිවිය වෙනුවන් නොමිලයේ විශේෂඥ උපදේශන සේවා සපයනු ලබයි.මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මානව සම්පත් ප්‍රධානී ප්‍රදීප කැකුලාවල මහතා පවසා සිටියේ, “මේ වැඩපිළිවෙළ පදනම් වී ඇත්තේ සේවක යහපැවැත්ම සහ ඵලදායීතාව බොහෝවිට බැඳී පවතින ක්ෂේත්‍ර සහ ව්‍යාපාරික මනෝවිද්‍යාවේ මූලික මූලධර්ම මතයි. සේවකයන්ගේ යහපැවැත්ම ගුවන් සමාගමට ඉතා වැදගත් වන අතර, එමගින් ගුවන් සමාගමට සුවිශාල සේවාවක් ලබාදීමට ඔවුන් ධනාත්මක රාමුවක් තුළ රැඳී සිටින බව සහතික වෙනවා. එසේම ගුවන් සේවා ආයතනයක් වශයෙන් සේවකයන්ගේ කාර්ය සාධනය ඉහළ දැමීම වෙනුවෙන් ඔවුන් දිරිගැන්විය යුතුයි. මේ වැඩසටහන සේවකයන් වෘත්තිකයන් සහ පුද්ගලයන් වශයෙන් වර්ධනය කිරීමට ගුවන් සමාගමට හැකිවනු ඇති" යනුවෙනි.ජාතික ගුවන් සේවය කොළඹ පර්යේෂණ හා මනෝවිද්‍යා ආයතනයේ (CIRP) විශේෂඥ දැනුම මෙම වැඩසටහන සඳහා ලබා ගෙන තිබේ. කොළඹ පර්යේෂණ හා මනෝවිද්‍යා ආයතනය 2010 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ පුරෝගාමි හා ප්‍රමුඛ උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස හැදින්විය හැකිය. මෙම ආයතනය විසින් පුද්ගලික දිවිය සහ රැකියා සමබරතාව,දෙමව්පියන්ගේ යහපත් පැවැත්ම සහ ළමා මනස, පෞද්ගලික ජීවිතයේ මානසික පීඩනය හා මානසික අභියෝගවලට සාර්ථකව මුහුණ දීම, ඉහළ මට්ටමේ ක්‍රියාකාරිත්වය සහ ඉහළ මට්ටමේ රැඳී සිටීම, අධ්‍යාත්මික ගුණාත්මකභාවය වර්ධනය කිරීම යන කරුණු පිළිබඳ උපදේශන සේවා සපයනු ලබයි.කොළඹ පර්යේෂණ හා මනෝවිද්‍යා ආයතනයේ ( CIRP ) සභාපති ආචාර්ය දර්ශන පෙරේරා ප්‍රකාශ කර සිටි‍යේ, “ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා එක්ව මෙම පුරෝගාමී මෙහෙවර සඳහා නියැලී සිටීමට හැකිවීම පිළිබඳව සතුටට පත්වෙනවා. මෙවැනි ආකාරයේ වැඩපිළිවෙළක් තුළින් උපදේශන අවශ්‍යතා පිළිබඳ සමාජයීය දුර්මතවලින් බැහැරව උපදේශන අත්දැකීමක් ලබාගැනීමට හැකිවෙනවා. ජීවිතයේ අභියෝගවලට මුහුණදීම සඳහා අවශ්‍ය ක්‍රියාකාරී යාන්ත්‍රණයක් වර්ධනය කිරීම සඳහා මේ උපදේශනය වැදගත්. මෙමගින් දිරිමත් වූ සේවකයෙකු පමණක් නොව, ධනාත්මක මනසක් ඇති පුද්ගලයෙකු වශයෙන් සිටිමට හැකිවනු ඇති* යනුවෙන් පවසා සිටියේය.
ගුරු වෘත්තියට සමු දුන් ඔහු, අපනයන සංවර්ධන මණ්ඩලයේ පර්යේෂණ සහකාරවරයකු ලෙස වසර 17ක් සේවය කළේය. ඒ අනුව ඔහු රත්කෙහෙල්, එනසාල් සහ ගම්මිරිස් වගාව ආශ්‍රිත පටක රෝපණ කාර්යයේ නිරත විය. එහෙත්, පසු කලෙක සේවයෙන් ඉවත් වූ ඔහු, තමා දන්නා තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඕකිඩ් වගාවට යොමු විය. අනතුරුව දේශීය සහ විදේශීය ඕකිඩ් ප්‍රභේධ යොදා ගනිමින් ශ්‍රී ලංකාවට උචිත, කල් පවතතින ඕකිඩ් විශේෂයක් නිෂ්පාදනය කළ ඔහු, මේ වනවිට ඕකිඩ් වගාව පිළිබඳ නොමිලේ උපදෙස් සපයමින්, මෙරට ජනයාගේ ආර්ථිකයට ශක්තිමත් අත්වැලක් ලබා දෙමින් සිටී. මීට අමතරව, කොච්චි අපනයන වගාවට ද සම්බන්ධව සිටින ඔහු, ඒ සඳහා ද මෙරට ජනයාට සහය දීමට අපේක්ෂාවෙන් සිටී. ඔහු නමින් සුනිල් අල්විස් ය.මේ වගේ පැළ වගාවක් ආරම්භ කළා කියලා කාටවත් අයහපතක් වෙන්නේ නෑ. ඕකිඩ් වගාව කියන්නේ සතුටෙින් මුදල් උපයන්න හොඳ ම මඟක්. මේ හරහා කෙටි කාලයකින් මුදල් ඉපැයීමේ හැකියාව තිබෙනවා. අවශ්‍ය වෙන්නේ වුවමනාව සහ ඒ කෙරෙහි යම් තරමකින් කැපවීමේ හැකියාවයි.රැකියාවක් නොකරන කෙනකුට වගේ ම,රැකියාවක් කරන කෙනකුට අමතර ආදායමක් ලබා ගන්න මේ වගාව මඟින් හැකියාව තියෙනවා. මේ වගාවට යොමු වුණොත්,කෙටි කාලයකින් මුදල් උපයන්න පුළුවන්.ශ්‍රී ලංකාව තුළ ඕකිඩ් වගාව මහාපරිමාණයෙන් කරන කෙනකුට, අවැසි පැළ ලබා ගැනීමට නිසි ස්ථානයක් මේ වනවිට සැකසී තිබෙනවද?ඒ සඳහා ඕකිඩ්වලින් හොඳ ම වර්ගය වෙන්නේ ඩෙන්ඩ්‍රෝබියම්. පැලනොප්සිස්, කැට්ලියා වගේ ඒවයේ පැළ ලබා ගැනීමේ හැකියාව අඩුයි.විදේශ රටවලින් ආනයනය කරන ඕකිඩ් වර්ග සඳහා අපේ රට තුළ වැඩි ඉල්ලුමක් තියෙනවා.ඒවායේ ගුණාත්මක බව පිළිබඳ ඔබේ ඇගැයීම කොහොමද?ඒවායේ මල්වල වර්ණය හොඳයි. කිනිත්තක හැදෙන මල්වල ප්‍රමාණය හොඳයි.ඒ වගේ ම ආකර්ෂණීයයි. ඒ නිසා ම අපේ රටේ බොහෝදෙනා ඒ මල්වලට ලොල් වෙනවා. මේ වගේ ආකර්ෂණීය ලක්ෂණ බොහොමයක් තිබුණත්,අපේ දේශගුණයට ඒ ශාක ඔරොත්තු දෙනවා අඩුයි. ඒ නිසා, ඒ ශාකයක්, අවුරුද්දකට දෙකකට වැඩිය තියා ගන්න බැහැ. කාලයක් තිබුණහම පැළේ බාල වෙලා, විනාශවෙලා යනවා. මාස හයක්, සමහරවිට අවුරුද්දක් යනකොට මැරෙන අවස්ථාත් තියෙනවා. ඒ නිසා ම තමයි අපේ අයට, උඩවැඩියා මල් සඳහා වෙළෙඳ පොළ රැඳිලා තියෙන්නේ. මේ නිසා, පාරිභෝගිකයො මල් පැළ අරන් යනවා. ඒක වවා ගන්න ක්‍රමය දන්නේ නැතිව ඒ පැළ මරා ගන්නවා. ආයෙ දකිනකොට කොහෙන් හරි පැළ අරගෙන යනවා. මෙය චක්‍රයක් විදිහට තමයි සිදු වෙන්නේ.මම කළේ විදේශයෙන් ගෙන්වන මල් පැළ සහ අපේ රටේ හැදෙන ඕකිඩ් පැළ එක් කරලා මේ දෙක අතර මල් පැළයක් සැකසීමයි. ඒක, අපේ රටේ දේශගුණයට ඔරොත්තු දෙන, අපට ගැළපෙන පැළයක්. ඒ මඟින් ඉතා ම උසස් තත්ත්වයේ නීරෝගී මල් පැළ සකස් කරන්න පුළුවන්.බොහෝදෙනා ඕකිඩ් පැළ ආනයනය කිරීම සඳහා විශාල වශයෙන් අපේ රටේ මුදල් වැය කරනවා. පැළ විශාල වශයෙන් නිෂ්පාදනය කරලා, එම අවශ්‍යතාව ඉටු කිරීම මඟින් අපේ රටේ මුදල් පිට රටවලට ඇදී යන එක නැවැත්වීම මගේ මුඛ්‍ය පරමාර්ථයයි.ඒ දේ මේ වනවිට මං සාර්ථක අයුරින් කරගෙන යනවා. මගේ මල් පැළ සදහා ඉල්ලුම්කරුවන්ගෙන් හොඳ ඉල්ලුමක් තිබෙනවා. ඒ වගේ ම, ඔවුන්ගෙන් හොඳ ප්‍රතිචාර තිබෙනවා.බීජ රෝපණය කියන්නේ පටක රෝපණයේ එක් අවස්ථාවක්. මං පැළ නිපදවීමේදී බීජ රෝපණය මඟින් පැළ බොහෝ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. පටක රෝපණය මඟින් පැළ නිෂ්පාදනය කිරීමත් මං දැන් ආරම්භ කර තිබෙනවා. ඉදිරියේදි ඒ පැළ විකිණීමට බලාපොරොත්තු වෙනවා. ඒත් ඒ මඟින් පැළ නිපදවීම සඳහා රසායන ද්‍රව්‍යවලට වැඩි මුදලක් වැය වන නිසා, ඒ පැළයක් බීජ රෝපණ පැළයකට වඩා මිල වැඩි වෙන්න ‍පුළුවන්.ඒත්, මේ වනවිට ශ්‍රී ලංකාවෙන් ම බීජ රෝපණ පැළ අඩු මිලට දෙන්න මට හැකිවී තිබෙනවා. දැනට මගේ නිවෙසට ඇවිත් ඕනැම කෙනකුට පැළ බලලා, තමන්ට කැමැති ආකාරයට පැළ ලබා ගන්න පුළුවන්.තමන්ට මේ වගාව පිළිබඳ හැදෑරීමක් ලබා ගැනීමට නොහැකි වීම,මේ වගාවට ප්‍රවිශ්ට වන කෙනකුට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක්. ඒ වගේ අයට ඔබ දැනුම්වත් කිරීම සිදු කරනවද?මං මේ වගාව පිළිබඳ බොහෝ දෙනෙක්ට නොමිලේම කියාදී තිබෙනවා. අලුතෙන්ම වගාවක් කරන්න බලාපොරාත්තු වන කෙනකුට, මේ වගාව කරන ආකාරය මුල ඉඳන් අගටම නොමිලේම කියා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. කෙටි කාලයක් ඇතුළත ආදායම් ලබා ගන්න මඟ මං කියලා දෙනවා.මම වගාකරුවන් වෙනුවෙන් පැකේජ හඳුන්වා දී තිබෙනවා. අලුතෙන් ම ආරම්භ කරන කෙනකුට, රු.25,000 පැකේජය ලබා ගන්න පුළුවන්. ඒ සඳහා,සෙ.මී.5 පෝච්චිවල පැළ කළ පැළ 500ක් දෙනවා. ඊට අමතරව, පූර්ණ සූර්යාලෝකය වැටෙන තැනක 50% සෙවණක් ලැබදෙන ආකාරයට සකසා ගත හැකි , පොළොව මට්ටමේ සිට අඩි 09ක් දිගට ඇදෙන ආකාරයට වර්ග මීටර 12ක අවිධිමත් සෙවණ දැලක් දෙනවා. NPK 20:20:20: NPK 30:10:10 NPK 10:52:10 ඇල්බට් සොලියුෂන් සහ ක්‍රොප්මාස්ටර් යන පොහොර වර්ග පහ දෙනවා. ඒවා මාස තුනකට ප්‍රමාණවත්. ඊට අමතරව, මැන්කොසෙට් හෝ කැප්ටාන් කියන දිලීර නාශක දෙක ලබා දෙනවා.මෙගා බෝතලයකට සවි කළ හැකි ස්ප්‍රේ යන්ත්‍රයක් මීට ඇතුළත්.මේ ආකාරයට අවිධිමත් සෙවණ දැලක් යටතේ සකසන වගාවක් කරන කෙනකුට,මාස තුනක් යනවිට පැළයක් රු.100ක් වටිනවා. ඒ කියන්නේ ඒ වනවිට වටිනාකම රු.50,000ක් කියන එකයි. ඒ වනවිට පැළයක් රු.100කට විකුණන්න පුළුවන්. එය තවදුරටත් තබා ගන්නවා නම්, මේ පෝච්චිය වෙන එකකට මාරු කරන්න වෙනවා. ඒ පෝච්චිය රු.7.50ක් වෙනවා. මාධ්‍ය සඳහා පොල් ලෙලි හෝ අඟුරු යොදනවා. මාස හයක් වනවිට මේ පැළයක් රු.250ක් වටිනවා. කෙටිකාලීනව ආයෝජනය කළොත්,ලාභ ලබන්න පුළුවන් කියන එක ඒ මඟින් ම පෙනෙනවා. නෙට් හවුස් එකක් හදන්නේ නැතිව, අවිධිමත් ආකාරයට මේ වගේ හොඳ ආදායමක් ලබන්න පුළුවන් .ඒ වගේ කෙටිකාලීන ආයෝජනයක් කරන කෙනෙක්ට, මෙය හොඳ ව්‍යාපාරයක්. හොඳ ආදායම් මාර්ගයක්.මං කරන්නේ වගා කටයුතු සඳහා සහය දීමයි. වගාකරුවන්ටම අලෙවිසැල හොයාගන්න පුළුවන්.මල් කිණිත්තක් සහිත පැළයක් එයාලටම විකුණ ගන්න පුළුවන්. නැත්නම්, රු.100 දක්වා වටිනාකම සහිත පැළගැනුම්කරුවන්ට ලබා දෙනවා. ඒ සඳහා ගැනුම්කරුවන් ඕන තරම් ඉන්නවා. ඒ වගේ ම, මල් වගාකරුවන්ට තමන් කැමැති කෙනකුට මල් ලබා දීලා, මුදල් ලබා ගන්න පුළුවන්. මගේ රු.25,000 පැකේජ ගත්ත අය 35 දෙනෙක් දැනට ඉන්නවා. ඒ කවුරුවත් රු.100 මට්ටමේදී පැළ විකුණුවෙ නෑ. රු.250 මට්ටමේදී පැළ විකුණන අය ඉන්නවා. ඒත්, සමහරු කැපුම් මල් සඳහා වගා කරනවා.දැනට කැපුම් මල් විකිණීමේදී මල් කුඩා ප්‍රමාණයක් ගෙන ගියොත්, මලක් රු.5ට 6ට ගන්නේ. මල් 1000ක් 2000ක් ගෙන ගියොත්, රු.10ට විතර විකුණ ගන්න පුළුවන්. වර්තමානයේ මං දුන්න පැළවල මල් එකතු කරලා, ලොකු ගැනුම්කරුවකුට දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. එහෙම කළොත් හොඳ මිලකට දෙන්න පුළුවන්.දේශීයව විකුණන්න. අපනයනය සඳහා ලක්මල්සලට දෙන්න පුළුවන්. එහි ලියාපදිංචිවෙලා, අපනයනය සඳහා තිබෙන ප්‍රමිති අනුගමනය කරලා විකුණන්න පුළුවන්. උදාහරණ වශයෙන් මල් කිණිත්තක මල් 10ක් තිබෙනවා නම්, අපනයන මට්ටමේදී මල් හතක් පිපිලා, මල් තුනක් පොහොට්ටු වශයෙන් තියෙන්න ඕනෑ.මල් කලඹ, මල් වඩම්, මල් සැරසිලි සඳහා ශ්‍රී ලංකාව තුළත් ඕකිඩ් මල් විශාල වශයෙන් යොදා ගැනෙනවා. ඒ සඳහා අපේ රටේ තිබෙන ඕකිඩ් මල් ප්‍රමාණවත් නෑ. ඒ නිසා, අපේ මල් අලෙවි කර ගන්න අපි පාර හදාගන්න ඕනෑ. ඒ සඳහා අප ඉදිරියේදී මල් සමිතියක් සැකසීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.පළමු මාස තුනේදී හලාගත් කෙහුබත් සමඟ චිප් ගල් යොදනවා. ඊ ළඟට හොඳ ම සහ සුදුසුම මාධ්‍ය අඟුරු. ඒත් අඟුරු නැති නිසා, ඒ සමඟ පොල් ලෙලි යොදා ගන්නවා.අඟුරු ගන්න නැත්නම්, තද ලීය සහිත දර අරගෙන අඟුරු හදාගන්න පුළුවන්. පොල්ලෙලි කාලයක් තියෙනකොට ජලය රැඳිලා, දිලීර එන්න පුළුවන්. ඒ වගේ ම ක්ලෝරීන් ජලය යොදනවා නම්, පැය 24ක් කට ආවරණය වූ භාජනයක නිරාවරණය කරලා තියලයි දාන්න ඕනෙ. නැත්නම්, අපි දාන පෝර ගසට උරා ගන්න බැරි වෙනවා.එහිදී පටක රෝපණය සඳහා විද්‍යාගාරයක් තිබිය යුතුයි. ඒකට ලක්ෂ 60ක් වැය වෙනවා. ඉඩ ප්‍රමාණය වැඩියෙන් තියෙන්න ඕනෙ. එහෙම හැකියාවක් තිබේනම්, මාස හයක් ඇතුළත මට අපනයන තත්ත්වයට පැළ සකසන්න පුළුවන්. එහෙම කරනවානම් රජයේ ආයතනයකින් හෝ වෙනයම් ක්‍රමයකින් අනුග්‍රහය ලැබිය යුතුයි.තවම කවුරුත් කරන්නේ නෑ. විසිතුරු පැළ නම් අපනයනය කරනවා. ඒකට හේතුව තායිලන්තයෙන් ලාබෙට මල් පැළ ආනයනය කරන්න පුළුවන් වීමයි. ඒත් ඒ ශාක බොහෝ කාලයක් තියා ගන්න බැහැ. මම හැදූ ඕකිඩ් අපේ රටට උචිත වගේ ම කල් පවතිනවා. ආනයනික ඕකිඩ් මල්වල සහ අපේ මල්වල වෙනස ඕන කෙනකුට දැකබලා ගන්න පුළුවන්.මේ සඳහා පූර්ණකාලීනව යොමු වීමේ අවශ්‍යතාවක් නෑ. රැකියාවක නිරත කෙනෙක්ට අර්ධකාලීනව මේ දේ කරන්න පුළුවන්. කාන්තාවන්ට බොහොම ලේසියෙන් ගෙදර ඉඳන්ම ආදායම් උපයන්න හොඳ ම ක්‍රමයක් විදිහට ඕකිඩ් වගාව හඳුන්වන්න පුළුවන්.පැළ 500ක් තිබෙන කෙනෙක්, මේ සඳහා දවසකට උපරිමයෙන් පැයක් වැය කළානම් ඇති. පැළ 500කටත්, ඊට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කළත් යෙදවුම, මහන්සිය එකයි.මට අවශ්‍ය, පුළුවන් තරම් පිරිස මේ වගාව සඳහා එක්කාසු කර ගැනීමට මිසක්, මේ වගාව කරන හැටි උගන්නලා හෝ පැළ විකුණලා හෝ මුදල් හම්බ කරන්න නෙමෙයි. මේ වගාව අද ආරම්භ කරලා හෙට නවත්වන්න කරන දෙයක් නෙමෙයි. ඒ නිසා අතේ තියෙන මුදලට ඕනම කෙනෙක්ට මේ වගාවේ යෙදෙන්න පුළුවන්. මම ඕකිඩ් වගාවට විතරක් යොමු වුණු කෙනෙක් නෙමෙයි. මං මාලදිවයිනේ විවිධ ව්‍යාපෘති ගණනාවක්ම කර තිබෙනවා. ලෝකෙ බොහෝ රටවල එළවළු හා පලතුරු වගා සඳහා උපදෙස් දී තිබෙනවා. ශ්‍රී ලංකාවෙත් දැනට දීප ව්‍යාප්තව ජලසම්පාදන ක්‍රම 4000ක් පමණ කර තිබෙනවා. ඊට අමතරව ගෙවතු අලංකරණ කටයුතු කරනවා. මේ වගාවට අමතරව ශ්‍රී ලංකාවේ වගා කළ හැකි එළවළු හෝ පලතුරු වගා කරන විදිහ ඇහුවොත්, ඕනෑම කෙනකුට අවශ්‍ය උපදෙස් නොමිලේම ලබා දෙන්න මං සූදානම්. ඒවායේ යෙදෙන වගා ක්‍රම, කල්පාදු ක්‍රම කියා දෙන්න මට පුළුවන්. මං උඩවැඩියා සඳහා යොමු වුණේ, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සහකාර කෙනකු ලෙස වසර 17ක් පටක රෝපණ කටයුතු කළ නිසා, ඒ තාක්ෂණය උපයෝගී කරගෙනයි.මං වගා කරන කොච්චි සඳහා වැඩි ම ඉල්ලුමක් තියෙන්නේ මාලදිවයිනේ. බීජ රෝපණය මඟින් පැළ කළ හැකි මේ කොච්චි විශේෂය මල් පෝච්චිවල සිටුවා වසර තුනක් පමණ තබාගෙන, හොඳ පලදාවක් ලබා ගන්නත් පුළුවන්. ඒ අතර තුන් සැරයක් කප්පාදු කරන්නත් පුළුවන්. ශ්‍රී ලංකාව තුළ මං සකසන කොච්චි විශේෂයේ කිලෝවක් රු.600කට පමණ විකුණන්න පුළුවන්. අපනයනය කරලා කිලෝවකට රු.500ත් 1500ත් අතර මිලකට විකුණන්න පුළුන්. දේශීය වශයෙන් වඩේ සහ කොත්තු නිෂ්පාදනය සඳහා අලෙවි කළ හැකියි. ඒ මඟිනුත් හොඳ ආදායමක් ලබන්න පුළුවන්.කොච්චි කරලක් විදිහට නැතිව, මොනවා හෝ නිෂ්පාදනයක් කරලා විකුණුවොත් එයිනුත් හොඳ ආදායමක් ලබාගත හැකියි. කොච්චිවලින් ලුණු දෙහි වගේ ම සෝස් සකසන්න පුළුවන්. මාළඟ ඒ සඳහා අවශ්‍ය කරන වට්ටෝරු තියෙනවා. එයත් ඉදිරියේදී නිෂ්පාදනයක් විදිහට කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.දැනට මාලදිවයිනට සතියකට කොච්චි කිලෝ 12,000ක් යවන්න අවස්ථාව තිබෙනවා. ඒත් අපට තවමත් පුළුවන් වෙලා තියෙන්නේ සතියකට කිලෝ 100ක වගේ කුඩා ප්‍රමාණයක් අපනයනය කරන්නයි.ඕනැම මොහොතක හැකියි. මහාපරිමාණයෙන් කරන්න කැමැති කෙනෙක්ට උපදෙස් දෙන්න සූදානම්. දැනටත් මං එහෙම කෙනකුට උපදෙස් ලබා දෙනවා.මං ඒවා මිලදී ගත්තෙ නැතුවට, අපනයනකරුවන් මුණගස්වා දීලා, ඒ කටයුත්ත ඉදිරියට කරගෙන යන්න මඟ සකසා දෙන්න කැමතියි.නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට ඇමරිකානු ඩොලර් මිලියන 50ක ඒකාබද්ධ ණයක් ලබාදීම සඳහා FMO ආයතනය විසින් මෑතකදී පියවර ගන්නා ලදී. වසර ගණනාවක් තිස්සේ මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය නංවාලීම සඳහා...සෝයා මීට් ලෝලීන්ට නවතම අත්දැකීමක් එකතු කරමින් හොට් බටර් කට්ල් ෆිෂ් රසැති සෝයා මීට් වෙළෙඳ පොළට හඳුන්වා දීමට සීමාසහිත ඊස්ට් වෙස්ට් මාර්කටින්ග් සමාගම පියවර ගෙන ඇත. ඉතිහාසයේ පළමු වතාවට වෙළෙඳ පොළට පැමිණෙන...IDM Nations Campus විසින් Doctor of Business Administration (DBA ආචාර්ය උපාධිය ශ්‍රී ලාංකේය සිසු සිසුවියන්ට පිරිනමනු ලැබීම දැන් අරම්භ කරනු ලැබ ඇත. මැලේසියාවේ ලින්කන් (Lincoln) විශ්වවිද්‍යාලය මේ...පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී මෝටර රථ අලෙවියේ පුරෝගාමියා බවට BMW මෝටර් රථ අවිවාදයෙන් පත්වී තිබේ. මේ අති නවීන තාක්ෂණයෙන් අනූන අති විශිෂ්ට BMW මෝටර් රථවල හිමිකරුවන්ට නිතර හිසරදයක්ව තිබූ...ශ්‍රී ලංකාවේ කොළඹ සහ තායිලන්තයේ අග නගරය වන බැංකොක් අතර ගුවන් ගමන් අරඹමින් එයාර් ඒෂියා දකුණු ආසියානු ආවරණය තවත් පුළුල් කරයි. සතිපතා වාර හතරක් ගමන් ගන්නා මෙම ගුවන් සේවය 2018 දෙසැම්බර් 14 වෙනි දින ආරම්භ...ශ්‍රී ලංකාවේ රෝගීන් 100දෙනකුගේ ඇසේ සුද ඉවත් කර කෘතීම කාච බද්ධ කීරීමේ ශල්‍යකර්ම 100ක් ඊයේ(07) නාරාහේන්පිට ලංකා හොස්පිටල් හීදී ආරම්භ විය. අද(08) දිනද එය සිදුකෙරේ. ශ්‍රී ලංකා චීන සමාජ...සම්පත් බැංකුවේ ‘සම්පත් සංහිඳ සේවර්’ යනු ශ්‍රී ලාංකීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් සුවිශේෂී ප්‍රතිලාභ ලබා දෙන බැංකු ගිණුමකි. මේ වන විට වසර දහයක් වැනි කාලයක් පුරාවට ශ්‍රී ලාංකීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්...අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම සමාගමක් වන දකුණු කොරියාවේ ලොතේ (Lotte) සමූහයට අනුබද්ධිත ලොතේ චිල්සන්ග් බෙවරේජ් සමාගම නිෂ්පාදනය කරන Hot 6 පෝෂණීය ශක්තිජනක පානය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් දොන්සන්ග් බයෝ...කන්ටේනර්, යකඩ සහ වානේ භාවිතයෙන් අඩු වියදමකින්, දිගු කල් පැවැත්මකින්, ඉහළ ගුණාත්මකභාවයෙන් හා ප්‍රමිතියෙන් යුත් නිර්මාණශීලී ගොඩනැඟිලි ඉදිකරන, ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු...රූපලාවණ්‍ය නිෂ්පාදන අත්හදා බැලීම සඳහා සතුන් භාවිතා කිරීමට එරෙහිව, ඔක්තෝබර් 4 දිනට යෙදුණු ලෝක සත්ත්ව දිනයේදී අත්සන් මිලියන 8.3 ක් සහිත .'Forever Against Animal Testing' පෙත්සම එක්සත් ජාතීන්ගේ සංවිධානය...විශිෂ්ටතම නව නිපැයුම්කරුවන් ජනාධිපතිවරයා අතින් සම්මානයට පාත්‍ර වේරට පුරා විසිරී සිටින නව නිපැයුම්කරුවන් සම්මානයෙන් ඇගයෙන නව නිපැයුම්කරුවන්ගේ ජාතික දින සැමරුම -2018 හා ජනාධිපති සම්මාන ප්‍රදානය...ශ්‍රී දළදා මාලිගාවේ උසස් අධ්‍යාපන ව්‍යාපෘතියක් වන ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය (SIBA Campus) හෙවත් සිබා විශ්වවිද්‍යාලය විසින් සිය සය වන උපාධි ප්‍රදානෝත්සවය පසුගිය දා අති සාර්ථකව සිබා විශ්වවිද්‍...
එච්.අයි.වී. ඒඩ්ස් වෛරසය ආසාදිත වූ පුද්ගලයන් 4200 ක් පමණ වාර්තා විය යුතු බවට ඇස්තමේන්තු කර තිබුණත් මෙතෙක් හඳුනාගෙන ඇත්තේ 3117 ක් බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.ඒ අනුව පුද්ගලයන්...ශ්‍රී ලංකාවේ 22 වැනි අගමැතිවරයා වශයෙන් පත්වූ මහින්ද රාජපක්ෂ මහතාට ලිතුවේනියානු ජනරජයේ සුබ පැතුම් එක්කර තිබේ.ලිතුවේනියානු ජනරජයේ කොන්සල් ජනරාල් ආර්.එම් මනිවන්නන් මහතා විසින් ශ්‍රී ලංකා අගමැතිවරයා වෙත...පාසල් ඇරී නිවෙස බලා යමින් සිටි වයස අවුරුදු 09ක බාලවයස්කාර දැරියක රවටා පාලු නිවසකට රැගෙන ගොස් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ 69 හැවිරිදි සිවුදරු පියෙකුට වසර 45ක බර වැඩ සහිත සිර දඩුවමක් හා අපයෝජනයට පත්...සමෘද්ධි සහනාධාරයට හිමිකම් කීමට අවශ්‍ය නියම සුදුසුකම, දේශපාලන පක්ෂ, පාට නොව සැබෑ දුගී දුප්පත්භාවය බව නිවාස, සමාජ සුබ සාධන ඇමැති විමල් වීරවංශ මහතා පැවැසීයසමෘද්ධිලාභීන් තේරීමේදී මින් ඉදිරියට සැබෑ දුගී...රනිල් වික්‍රමසිංහ මහතා සිය පක්ෂයේ නායකයා පත් කිරීමේදි ප්‍රජාතන්ත්‍රවාදිව කටයුතු නොකරන බවත් එවැනි නායකයකුට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීමට තිබෙන අයිතිය කුමක්දැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන්...සුළගේ වේගය පැයට කිලෝ මීටර් 100ක්ගජ සුළි කුණාටුව හේතුවෙන් යාපනය අර්ධද්වීපයේ සහ ආසන්න ප්‍රදේශවල අද(14)පස්වරුවේ සහ හෙට (15)සුළගේ වේගය පැයට කිලෝ මීටර් 100 දක්වා ඉහළ යා හැකි බැවින් අදාළ ජනතාව ඒ පිළිබඳ...සිය බිරිය නිවසේ නොමැති මොහොතක වෙනත් විවාහක කාන්තාවක් නිවෙසට රැගෙන ගොස් ඇයට බලහත්කාරයෙන් ලිංගික අතවරයක් සිදුකළ දෙදරු පියෙකු දඹුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සදුදා 12දා දඹුල්ල දිසා/මහේස්ත්‍රාත් අයි...මේ දිනවල හික්කඩුව, රත්ගම, බෙංතොට වැනි ප්‍රදේශවලට විදෙස් සංචාරකයින්ගේ පැමිණීම වැඩි වී ඇති බව සංචාරක කර්මාන්තයට සම්බන්ධ අය පවසති. ඒ අනුව දකුණේ අසිරිමත් තැන් හා මුහුදු වෙරලේ වැඩි වශයෙන් මේ පිරිස් දක්නට...අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන හතේම බහුතර බලය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට අනුරාධපුර දිස්ත්‍රික් ජනතාව සූදානමින් සිටිනවා. යැයි අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා...බුද්ධිමතුන් රටේ සිදු වන සියලු දේ පිළිබඳ නිරන්තර අවධියකින් සිට රටේත් ජනතාවගේත් යහපත උදෙසා නිවැරැදි මඟ පෙන්වීම් සිදු කිරීමේ ක්‍රියාවල යෙදීම ඉතාම වැදගත් බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප්‍රකාශ කරයි.ඒ මහතා...දැනට ආරම්භ කර ඇති යෝජිත ජල සම්පාදන ව්‍යාපෘති උසස් තත්ත්වයෙන් යුතුව කඩිනමින් සම්පූර්ණ කිරීමට කටයුතු කරන ලෙස නගර සැලසුම් හා ජල සම්පාදන ඇමැති ආචාර්ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා නිලධාරීන්ට නියෝග...පසුගිය වසර තුනක කාලයක දී මුල්‍ය වර්ධනයක් ඇති කළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නැවත දේශපාලනය සම්බන්ධ කරගෙන අගාධයක් කරාගෙන නොයන ලෙසට තමා සියලු ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන්ගෙන් ඉල්ලා සිටින බව ප්‍රවාහන හා...
සියලුම දැන්වීම් කාණ්ඩ රථ වාහන ගේ දොර ඉඩකඩම පරිගණක හා ලැප්ටොප් ජංගම දුරකථන සහ උපාංග රැකියා අධ්‍යාපණ සතුන් ඉලෙක්ට්රෝනික් උපකරණ ගේ දොර උපකරණ හා සේවා චාරිකා හා නිවාඩු විවිධ පුද්ගලික ආහාර / කුෂිකාර්මික සෞඛ්‍යය / රුපලාවන්‍ය ක්රීඩා හා රසවින්දන
samantha -හමුදාව, පොලීසිය සහ හමුදා බුද්ධි අංශ නීති විරෝධී ලෙස, යාපනය විශ්ව විද්‍යාලයට ඇතුළුවීම තහනම් කල යුතුයි. එසේ කලාම එකේ වාසිය යන්නේ මේ රටේ අයෙත් යුද්ධයකට අර අදින්න වෙර දරන අසමජ්ජජ්තියන්ටම නොවේද
සමනල සමලිංගික ප‍්‍රහාරයෙන් එජාපය හාන්සියි… දෙතුන් වරක් රස විදිය යුතු ජනපතිගේ ‘ජනමහිම’ සම්පූර්ණ කතාව මෙන්න..[Video]
චීන ජනාධිපති ෂීජින්පිං මහතා චීන රජය හා ජනතාව වෙනුවෙනුත් පෞද‍්ගලික වශයෙනුත් මෙම ප්‍රදර්ශනයට එක්වන රටවල්, ප්‍රදේශ හා ජාත්‍යන්තර සංවිධාන 172ක් සහ 3600කට වැඩි ව්‍යවසායන් උණුසුම් ලෙස පිළිගන්නා බව සමාරම්භක අවස්ථාවේදී ප්‍රකාශ කළේය.චීන සංවර්ධනයන්හි පවතින අවස්ථාවන් ග්‍රහනය කරගෙන ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ සහයෝගිතා පුළුල් කරමින් පොදු සමෘද්ධිය ඉටුකරගත හැකි බවට හෙතෙම විශ්වාසය පළ කරයි.චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ආනයනය තේමා කරගත් ලෝකයේ ප්‍රථම ජාතික මට්ටමේ ප්‍රදර්ශනයයි. එය ජාත්‍යන්තර වෙළඳ සංවර්ධන ඉතිහාසයේ දැවැන්ත නිර්මාණයකි.එය චීනය විදේශයන්ට විවෘත වීම පුළුල් කිරීම සඳහා අලුතින් ක්‍රියාත්මක කරන දැවැන්ත තීන්දුවක් වත්මන් ලෝක ආර්ථිකය ගැඹුරු ලෙස සකස් වෙමින් පවතී. ආරක්ෂණවාදය හා ඒකපාර්ශවවාදය මතුවී තිබේ. ආර්ථික ගෝලීයකරණය, බහුපාර්ශවවාදය හා නිදහස් වෙළඳ පටිපාටිය බාධාවන්ට ලක්ව ඇත. අස්ථාවර හා අස්ථිර සාධකයන් තවමත් බහුලව පවතී.එබැවින් වත්මන් තත්වය ගැන පැහැදිලිව අවබෝධ කරගෙන අදාළ මූලධර්මග්‍රහණය කරමින් විවෘත සහයෝගතා පිළිබඳ අධිෂ්ඨානයේ තරයේම නියැළී සිටිමින් අවදානම් හා අභියෝගයන්ට පොදුවේ මුහුණ දිය යුතු බව ෂී ජින් පිං මහතා සඳහන් කළේය.ඉදිරි වසර 15 තුළ ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන 30කට වැඩි ව‍ටිනාකමෙන් යුත් භාණ්ඩ හා ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන 10කට වැඩි වටිනාකමෙන් යුත් සේවා ‍වෙළඳාම චීනය පිළිගනු ඇති බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය.කුඩා වැවක් නොවන චීන ආර්ථිකය විශ්ව සාගරයක් බැවින් කුණාටු හෝ දැඩිසුළං හෝ හේතුවෙන් සාගරයක් විනාශවීමේ ඉඩකඩ නොමැති බවද හෙතෙම පැවසීය. මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා ව්‍යාපාරික නියෝජිත පිරිසක් ද සහභාගී වී සිටිති.
tik tok එකේ ලංකාවම කැළඹු මැණිකේ ඔබේ සිනාවේ සම්පුර්ණ ගීතය පිට වෙයි ලිංගිකත්වය උඩ දාන අධ්‍යක්ෂකවරුන්ට ඉරාජ් ගෙන් කනේ පාරක් පසුගිය දින ක...මම අසහන කාරයෙක් - අවසානයේ අශේන් පිළිගනී සමාජ ජාල වෙබ් අඩවි තුල මේ වන විට අශේන් සේනාරත්න නමැති පුද්ගලයෙකු සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනය වෙම...මිලියන ගණන් වියදම් කල පාටි දැමු චන්දිමාල්ට මළපනී "මගේ ඉවසීමේ සීමාවක් තියනවා මන් පොන්#$ කියලා හිතන්න එපා" සැප්තැම්බර් මාසය...සනත් ජයසූරිය, පුතාගේ 12 වැනි උපන් දිනය සැමරූ හැටි හිටපු ක්‍රිකට් ක්‍රිඩක සනත් ජයසූරිය සම්බන්ධයෙන් පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ ...මම SEX SCENE එකක් රඟපාන්න කැමතියි - ශෂී හේවගේ තමන්ට ලිංගික දර්ශන රඟපෑම සඳහා අවස්ථාවක් ලැබුණොත් එය බාරගන්න කැමති බව නිරූපණ ශිල්පිණි ශෂී ...කැම්පස්වල නවක වදයට, ලිංගික අතවර කරන හැටි හෙළි කරයි ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල තුල නවක වදය සම්බන්ධයෙන් මිට පෙර සාක්ෂි සහිතව පුවත් සහ වා...දමිත් අසංකව පිස්සු වැට්ටූවේ සමන්ත බද්‍ර හිමිද ? දමිත් ගේ සහෝදරයා හෙළි කරන අමුතු කතාව ඉකුත්දා රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි ගායන ශිල්පී...මගේ ප්‍රියතම දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ - මර්වින් සිල්වා තමන්ගේ ප්‍රියතම දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ මහතා බව හිටපු අමාත්‍ය මර්වින් ස...මේ වන විට ශ්‍රී ලංකාවේ අසැබි වීඩියෝ පට සහ විවිධ මඩ ප්‍රහාර සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පළ කිරීමේ වර්ධනයක් ඇති වී තිබෙනවා.මෙවැනි තත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයින් සහ සාමාන්‍ය පුද්ගලයන්ගේද පුද්ගලිකත්වයට හානි වූ අවස්ථා පසුගිය කාලයේ වාර්තා වුණා.මේ අතර මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවිවල දැඩි වශයෙන් කතාබහකට ලක් වන්නේ "රෝසා කෙල්ල" නමැති වීඩියෝ පටයි. මේ සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ විවිධ පොස්ට් පවා නිර්මාණය වී තිබුණා.මෙවැනි අවස්ථාවක මෙම සිද්ධියට මුහුණ පාන තරුණයා හෝ තරුණිය දැඩි අපහසුතාවයට පත්වන අතර මෙවැනි අවස්ථාවක ක්‍රියා කළ යුතු ආකාරය පිළිබද වීඩියෝ පටයක් පහතින් බලන්න.ඩොලරය 175ත් ඉක්මවයි පළමු වරට මෙරට මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 175 සීමාව අද (30) දිනයේ දී ඉක්මවා ගොස් තිබෙ...ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක මියුසික් වීඩියෝ නිර්මාණය කරන ඉරාජ් තම නවතම ගීතය අන්තර්ජාලයට මේ වන විට මුදාහැර තිබෙනවා.ඒ සම්බන්ධව මිට පෙර අප මුල් වරට වාර්තා කළා. මෙම ගීතයේ කාන්තා හිංසනය ගැන පැවසෙන අතර වත්මන් ජනාධිපතිතුමා ජනපති වීමට පෙර කළ ප්‍රකාශයක් එක් කරගනිමින් මෙම නිර්මාණය සිදු කර තිබෙනවා.පසුගිය කාලයේ කාගෙත් කතාබහට ලක්වූ වගේම වැඩි දෙනෙක්ගේ ආදරය දිනාගත් නිරූපණ ශිල්පිණි සඳනි ප්‍රනාන්දුගේ නවතම ඡායාරූප පෙළක් සමාජ ජාල වෙබ් අඩවි තුලින් හුවමාරු වනවා.
මොළයෙන් හා මාංශපේෂී මගින් නිකුත්වන සංඥා වලින් පාලනය කළ හැකි කෘත‍්‍රිම අතක් නිපදවීමට මොරටවු විශ්වවිද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සිසුහු තිදෙනෙක් සමත්වී සිටිති.යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ අවසන් වසරේ ඉගෙනුම ලබන කාලිංග නිසල්, ජනක සුබෝධ සහ ඉසුරු රුහුණගේ මෙය නිපදවූහ. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිළිණ ලලිතරත්න සහ පශ්චාත් උපාධි අපේක්ෂක චාමික පෙරේරා යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම ඔස්සේ මෙම රොබෝ අත නිපදවා තිබේ.විවිධ රෝගාබාධ, හදිසි අනතුරු සහ පශ්චාත් යුදමය වාතාවරණය නිසා අත් අහිමිවූවන් වැඩි ප‍්‍රතිශතයක් ශ්‍රී ලංකාව තුළ ජීවත්වේ. ඔවුන් අතරින් වැලමිටත් උරහිසත් අතරින් අත අහිමි අය වෙනුවෙන් කෘත‍්‍රිම අතක් නිපදවීම පර්යේෂකයන්ගේ උත්සාහය විය. ඔවුන් වෙනුවෙන් විවිධ වර්ගයේ කෘත‍්‍රිම අත් දක්නට ලැබෙන අතර ඒවා බොහෝමක් සක‍්‍රීය මට්ටමේ නොමැත. එවැනි සක‍්‍රීය කෘත‍්‍රිම අතක් මිලෙන් ඉතා අධිකය.ශ්‍රී ලංකාව වැනි රටකට එවැනි මිලෙන් අධික කෘත‍්‍රිම අත් භාවිත කිරීම අපහසු කටයුත්තක් විය හැක. බොහෝමයක් සක‍්‍රීය අත් පාලනය කිරීමට මාංශපේෂීවලින් ලබාගන්නා සංඥා (ඊඑම්.ජී. සංඥා) යොදාගෙන තිබේ. එහෙත් වැලමිටට ඉහළින් අතක් අහිමිවූ අයකුගේ සංඥා ලබාගත හැකි මාංශපේෂී සීමිත වේ. එවිට බොහෝවිට අතේ ඇඟිලි පාලනය කිරීමට අපහසුවේ.ඊට විසඳුමක් ලෙස මෙම නිර්මාණකරුවන් විසින් මාංශපේෂී සංඥාවලට අමතරව මිනිස් මොළයෙන් ලබාගන්නා සංඥා යොදාගෙන වැඩි ක‍්‍රියාකාරකම් ප‍්‍රමාණයක් කළ හැකි සාමාන්‍ය අතකට සමාන කෘත‍්‍රිම අතක් නිපදවීමට පර්යේෂණ කණ්ඩායම සමත්විය.‘‘මෙම කෘත‍්‍රිම අත නිර්මාණය කිරීමට පෙර මොළයේ සංඥා සහ මාංශපේෂී සංඥා ලබාගන්නා අකාරය ගැන පිඹුරුපත් සකස්කරන්න වුණා. ඒ අනුව බාහිරින් පැළැඳිය හැකි මාංශපේෂීවල (ඊ.එම්.ජී.) සංඥා අත් කරගත හැකි පද්ධතියකින් සහ බාහිරව හිසට පළඳින සංවේදක පද්ධතියක් මාර්ගයෙන් මොළයේ සංඥා ඊ.ඊ.ජී. සංඥා ලෙස ලබාගැනීමට අපට හැකිවුණා. කෘත‍්‍රිම අතේ වැලමිටෙහි චලනයන් කෘත‍්‍රිම අත භාවිත කරන පුද්ලයාගේ ද්විශීර්ෂ සහ ත‍්‍රී ශීර්ෂ මාංශපේශීන්ගෙන් නිකුත්වන සංඥා මගින් ක‍්‍රියාත්මක වෙනවා. අතේ ඇඟිලි චලන සිදුවන්නේ මොළයෙන් ලබාගන්නා ඊ.ඊ.ජී. සංඥා මගිනුයි.මෙහිදී (SSVEP) නැමැති විශේෂිත ක‍්‍රමවේදයක් පාදක කරගත්තා. මෙම ක‍්‍රමවේදයේදී සිදුවන්නේ කෘත‍්‍රිමව ඇති කරනු ලබන යම් කිසි සංඛ්‍යාතයකින් යුත් ආලෝක ප‍්‍රභව දෙස පියවි ඇසින් බලා සිටින විට එම සංඛ්‍යාතයට සමාන සංඛ්‍යාතයක් මිනිස් මොළය තුළින් ඊ.ඊ.ජී. සංඥා ලෙස නිකුත් වෙනවා. මෙමගින් එම ඊ.ඊ.ජී. සංඥා එකිනෙක වෙන්කර හඳුනා ගන්නා ගන්නා අතර අවසානයේ එම ප‍්‍රතිඵල අනුව අතෙහි ඇඟිලි ක‍්‍රියාකිරීමට අවශ්‍ය විධාන නිකුත් කිරීම මෙම කෘත‍්‍රිම අතෙන් කෙරෙනවා.ඊට අමතරව ඇඟිලි සහිත මැණික් කටුවෙන් පහළ කොටස වෙනම කොටසක් ලෙස ගලවා වැලමිටට පහළින් අත අහිමිවු අයකුට වුවද භාවිත කරන්න පුළුවන්. එවැනි යොදාගැනීමකදී අතෙහි වැලමිටට යටින් ඉතිරිව පවතින කොටසේ මාංශපේෂීවලින් ඊ.එම්.ජී. සංඥා ලබාගෙන එදිනෙදා ජීවිතයට අවශ්‍ය පරිදි අතෙහි ඇඟිලිවල චලන සිදුකිරීමට හැකිවෙනවා.මෙම ව්‍යාපෘතියේ මුල් අදියරේ ප‍්‍රතිඵල ලෝකයේ ප‍්‍රමුඛම ජාත්‍යන්තර ඉංජිනේරු හා වෛද්‍ය පර්යේෂණ සම්මන්ත‍්‍රණයක් වන දකුණු කොරියාවේදී පැවැත්වෙන IEEE EMBC 2017 සම්මන්ත‍්‍රණයේදී එළිදැක්වීමට තෝරාගෙන සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් යොදාගෙන මෙම උපකරණය මේ වන විටත් පරික්ෂා කර ඇති අයුරු පර්යේෂණය සිදුකළා. ඉදිරියේදී අබාධිත පුද්ගලයන් යොදගෙන සායනික පර්යේෂණ සිදුකිරීමට බලාපොරොත්තු වන බවද එහි නිර්මාණකරුවෝ පවසති.මෙය අනාගතයේදී නිෂ්පාදනයක් හැටියට හඳුන්වා දෙනු ලබන අතර වෛද්‍ය ක්ෂේත‍්‍රය, වෙළෙඳ ක්ෂේත‍්‍රයේ ආයෝජකයන්ටත් තමන් හා එක්වෙන්න යැයි ආරාධනා නිර්මාණකරුවෝ කරති. මෙම ව්‍යාපෘතියේ වැඩි විස්තර uom.bmi.research@gmail.com විද්‍යුත් ලිපිනයෙන් හෝ මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව හරහා ලබාගත හැකිය.මෙය නිර්මාණය කිරීමේදී මොරටුව විශ්වවිද්‍යාල උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය රාහුල අත්තලගේ, ඉංජිනේරු පීඨාධිපති මහාචාර්ය කපිල පෙරේරා, අංශ ප‍්‍රධානී ආචාර්ය රුවන් ගෝපුර, යාන්ත‍්‍රික කොටස් නිර්මාණයේදී සහාය වූ ඩයි ඇන්ඞ් මෝල්ඞ් ෆැසිලිටේෂන් ඇන්ඞ් ඩිවොලොප්මන්ට් ආයතනයේ අධ්‍යක්‍ෂ කථිකාචාර්ය ජනක මංගල, තාක්ෂණ නිලධාරී ජනත් ප‍්‍රියංකර සහ එල්. පෙරේරා යන මහත්වරු ද සහය වී තිබේ.අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනඟී, ජාතියේ පිනට පහල වූ ලක් පුතුනි, ඉදිරියටත් මේ වගේ අලුත් අලුත් දෑ තනන්නට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා....!!!හොඳ අදහසක්/නිපැයුමක්..... බලන්නකෝ අපේ හමුදාවන්ට/ ආරක්ෂක අමාත්‍යංශයට කියලා අබාධිත රණ විරුවන්ට උපකාරයක් කළ හැකිද කියලා. දෙපැත්තෙන්ම සපෝර්ට් එක අපේම කොල්ලන්ටනේ....ඉතාම ඉහල නිපැයුමක්. එබෝලා වැනි වසංගත රෝගීන්ට නිරෝධායන කුටියකින් පිටත සිට ප්‍රතිකාර කිරීමට උපකාර වෙන සොයාගැනීමක්. නමුත් අපේ සුදුවෑන් කාරයින්ට අහුවෙන්න තියන්න නම් එපා. ඇඟිලි සලකුණු නැතිවම වැඩේ දීල යයි.යුධ සමයේ සියළුම දේවල් අධික මිල ගණන් ගෙවා පිට රටවල් වලින් ගෙන්න ගත්ත. ඒ කාලේ යුද්ධයට දායක වීමට මෙවැනි නිර්මාණ කරුවන් අපේ විශ්ව විද්‍යාල වල හිටියේ නැද්ද ?
LankaWeb – The loss of the draft National Medicine Regulatory Authority Bill was the biggest tragedy-SiriSena,යහපාලන ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත බොරුවකි: වෛද්ය නිලධාරීන්ගේ සංගමයThe loss of the draft National Medicine Regulatory Authority Bill was the biggest tragedy-SiriSena,යහපාලන ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත බොරුවකි: වෛද්ය නිලධාරීන්ගේ සංගමය
යහපාලන ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත බොරුවකි . අප ගුරුදේවයන් වන මහාචාර්ය සේනක බිබිලේගේ නම පාවිච්චි නොකරන්න: වෛද්ය නිලධාරීන්ගේ සංගමයසමස්ත ලංකා රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය (ACGMOA) සභාපති දොස්තර ගිෂාන්ත දසනායක මහතා යහපාලන ජාතික ඖෂධ ප්රතිපත්ති පනත මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්රතිපත්තියට එරෙහිව යන එකක් බව පවසයි.මෙහි ඖෂධ මිල පාලනය ඇතුලත් වී නොමැති, පුස් නැතහොත් හිස් පනතක් බවත් පෙන්වා දේ. මෙම පනතින් ඖෂධ සමාගම් දැනට සිදුකරගෙන යන සුරකෑම් වලට නිතිමය වශයෙන් ආරක්ෂා කිරීමක් පමණක් සිදුවන බවත් මෙවැනි ජනතා ද්‍රෝහී පනතක් පාර්ලිමේන්තුවෙන් සම්මත වුහොත් මෙය නීතියක් බවට පත් වෙන බවට‍ අනතුරු හැඟවිය.මොවුන් කරන්නේ බිබිලේ නම විකුණා බිබිලේට එරෙහි යන පනතක් ගෙන එමයි. අවසන් වශයෙන් මෙම සංගමය ඉල්ලා සිටින්නේ කරුණාකර මෙම පනතට අපේ ගුරුදේවයන් මහාචාර්ය සේනක බිබිලේගේ නම පාවිච්චි නොකරන ලෙසටය. යහපාලන රජය විශේෂයෙන් රාජිත ඇමති, සේනක බිබිලේගේ පනත දැක නොමැතිනම් වෛද්ය නිලධාරීන්ගේ සංගමයට එම පණතහි පිටපතක් යහපාලනයට ලබා දිය හැකි බවද දසනායක මහතා දන්වනු ලැබිය.තවද මෙම සංගමය මහාචාර්ය සේනක බිබිලේගේ පනතහි අඩංගු කරුණු 10 ගැන අධ්යයනය කරන මෙන්ද ඉල්ලා සිටියහ. එසේ කිරීමෙන් පසු මෙම රජය සම්මත කිරීමට යන්නේ මහාචාර්ය බිබිලේට එරහිව යන පනතක් බව පැහැදිලිවම තේරුම් ගත හැකි බවද මෙම සංගමය පැහැදිලිවම පෙන්වා දුන්හ.තවද රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙම පනතට විරුද්ධ වන ලෙසටය. යම් ලෙසකින් මෙම පනත සම්මත උවහොත් දැනට ජනතාවගේ පෙලෙන ගැටලු වක් වන ඖෂධ හරහා කෙරෙන සුරාකෑමට කිසිදු ආකාරයෙන් පිලියමක් ලබා නොදෙන බවය.
බෙදුම්වාදී උවමනාවන් ඉටු කරමින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සදහා ගෙන එන 20 වන ව්‍යවස්ථා සංශෝධනය වහා නවත්වන්නැයි ජාතික නියෝජිත මහ සග සමුළුව කියා සිටිති.අනුර කුමාර දිසානායක මේ බෝම්බය ගෙන ආවත් පුපුරුවා හරින්නේ දෙමල සන්ධානයේ උවමනාව වත බවත් මේ උත්සාහ කරන්නේ නැට්ට විසින් බල්ලා වන්නන යයි සමුළුව අමතමින් පූජ්‍ය මැදගොඩ අබයතිස්ස හිමියෝ කියා සිටියහ.අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමි, එම නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි, බෙල්ලන්විල විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි ඇතුළු නායක හිමිවරුන් පිරිසක් සභාව ඇමතුහ.ව්‍යවස්ථාවක් සංශෝධනයක් මේ මොහොතේ අවශ්‍ය නැති බවට සංග සභාව විසින් ගන්නා ලද ඒකමතික තීන්දුව සංඝ ආඥාවක් ලෙසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත දැනුම් දීමටද එහිදී තීරණය කෙරින.2 Responses to “20 අකුලනු.. ව්‍යවස්ථා සංශෝධන එපා..- ත්‍රෙනිකායේ නායක හිමිවරුන් සංග ආඥාවක් නිකුත් කරති..”
පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය දෙසැම්බර් 18 තෙක් තාවකාලික අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ජනාධිපතිවරයාගේ ගැසට්ටුව අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් කිහිපයක් විභාගයට ගැනීමට අවසර දෙමිනි. අගවිනිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ...
ලන්ඩනයේ පැවති ෆීෆා පාපන්දු සම්මාන 2017 උළෙලේදී ආජන්ටිනාවේ ලයනල් මෙසී හා බ්‍රසීලයේ නෙයිමාර් ඩි සිල්වා අභිභවා ලෝකයේ හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් විය.පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩා කරන රොනාල්ඩෝ, පෘතුගාලය වෙනුවෙන් තරග 147කදී ගෝල 79ක් ලබාගෙන ඇති අතර ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ් පාපන්දු කණ්ඩායමේද සාමාජිකයෙකි. පාපන්දු ඉතිහාසයේ සම්මාන හා තරග වාර්තා රැසකට හිමිකම් කියන මොහු මෙතෙක් ලොව බිහිවු හොඳම සහ ශේ‍ර්ෂ්ඨතම ක්‍රීඩකයා ලෙස සැලකෙන අතරම ෆොබ්ස් සඟරාවට අනුව 2017 වර්ෂයේ වැඩිම ආදායමක් උපයා ඇති ක්‍රීඩකයාද වේ.මුදල් පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීම සහ නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝග අංක 1, 2, 3 පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්කථානායකවරයාගේ ක්‍රියාකලාපයත් මන්ත්‍රිවරුන් අතරේ ඇතිවූ දූෂිත තත්ත්වයත් ආණ්ඩුව විසුරුවන්න හේතු වුණා-ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරයි 2018-11-12ජනපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ 33 වැනි වගන්තිය යටතේ ඔහුට ඇති බලතල අනුව -ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා 2018-11-12පොදුජන පෙරමුණු නීතිඥ සංගමයේ අනුරාධපුර ශාඛාවේ සභාපති නීතිඥ මහේෂ් කොටුවැල්ලට සිය කාර්යාලයෙන් ඉවත් වන ලෙස දන්වා පොලිසියට පැමිණිල්ලක් 2018-11-12මව්බිම පුවත පල දරයි දෙනෙත් නොපෙනෙන රසාරාට ඕච්ර්ණී ර්ථීචපබදඥප වෙතින් බේ්‍රල් යතුරුලියනයක් 2018-11-12උතුර නැඟෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දී දෙමළ ජනතා ප්‍රශ්න විසඳන්න පැවැති ආණ්ඩුව වෑයම් කළද ඊට ඉඩක් ලැබුණේ නෑ 2018-11-12මඟ සලකුණු ඔස්සේ ගිය පා ගමනක් කෘතියෙන් අෑත අතීතයේ අපේ මිනිසුන් ගිය සුන්දර මාවතක තොරතුරු අනාවරණය වෙනවා ‍ෙදාරට වැඩීමේ උත්සවයේදී උපාලි පුවත්පත් සමාගමේ හිටපු කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ එඩ්මන්ඩ් රණසිංහ කියයි 2018-11-12හිටපු අගමැති ඉවත් කිරීමෙන් පසු පොදු දේපළ පරිහරණය කරන්නන්ට නීතිමය කටයුතු කර නෑ අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමයෙන් පොලිස්පතිට පැමිණිල්ලක් 2018-11-12භාෂාවට සහ ජාතියට නොමියෙන මෙහෙවරක් කළ අරිසෙන් අහුබුදු කලාසූරීන්ට ගෞරව දැක්වීම කෘතවේදී සමාජයක ලක්‍ෂණයක් - මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස 2018-11-12ව්‍යාපාර දියුණු කර ගැනීමේ අරමුණින් අසූ දහසක මුදලකට ගත් වාලම්පුරියෙන් කිසිදු ප්‍රතිඵලයක් නෑ රාජගිරියේ කාන්තාවක් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි උසාවියෙන් නියෝග 2018-11-12ඉදිරි මැතිවරණයේ අගමැති අපේක්ෂකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාසයි දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක 2018-11-12දියේ ගිලී මියගිය විශ්වවිද්‍යාල සිසුන් තිදෙනාගේ මරණ පරීක්ෂණය එක් වරම ගලා ආ වතුර පහරට යාළුවන් පස් දෙනාම පහළ වළට වැටුණා 2018-11-12වෙන්නප්පුව පොලිසියේදී පහරදීමට හේතුව අසද්දී සාක්කුවට කුඩු පැකට්ටුවක් දමා පයින් බඩට ඇන්නා පොලිසියේදී අමානුෂික ප්‍රහාරයකට ලක්වූ වසන්ත කුමාර කියයි 2018-11-12ජ පුර නවක වධයට විරුද්ධ කණ්ඩායමේ ලේකම්වරයාට පහර දුන් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග 2018-11-12
Mobile phone course pathum sir ඔබ දන්නවද? ... ජංගම දුරකථන අලුත්වැඩියා ශිල්පියෙක් මසකට රැ60,000ක් - 100,000ක් අතර මුදලක් උ...ඔබ දන්නවද? ... ජංගම දුරකථන අලුත්වැඩියා ශිල්පියෙක් මසකට රැ60,000ක් - 100,000ක් අතර මුදලක් උපයන බව ............ එසේ නම් ඔබත් දැ...
ශ්‍රී ලංකාවේ මේවන විට මියුසික් වීඩියෝ කලාවේ රැල්ලක් ඇතිව තිබෙනවා. ඒ නිරුවත යොදා ගනිමින් සිදු කරන ලද නිර්මාණයි.එහිදී ප්‍රවීණ ගායක අමරසිරි පීරිස් මහතා සඳහන් කර ඇත්තේ කලාව අවතැන් වූ තැන හැමදෙම විනාශ වී යන බවයි. එමෙන්ම ඔහුගේ කාලයේ ගීත වල සංවර කමක් තිබු බවත් ඔහු පවසනවා.තවද ජගත් වික්‍රමසිංහ පවසන්නේ මෙවැනි නිර්මාණ සිදු කරන පුද්ගලයින් හට පවුල් පසුබිමක් නොමැති බවත් සංගීතය යන විෂය දුෂණය නොකළ යුතු විෂයක් බවයි ඔහු පවසා ඇත්තේ.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශෂිකා නිසංසලා පවසන්නේ නිරුවත යොදාගැනීමෙන් සිදු වන්නේ ක්ෂේත්‍රය විනාශ කිරීමක් බවයි.මෙලෙස බොහෝ චෝදනාවට ලක්වන පසුගිය කාලයේ ආන්දෝලනාත්මක මියුසික් වීඩියෝ නිර්මාණය කල ඉරාජ් පවසන්නේ මිලියන ගණන් බලලා තිබෙන්නේ මිනිස්සුන්ට වැඩි වැඩියෙන් අවශ්‍ය නිසා බවයි." මිනිස්සු තමන්ට කැමති ඒවා බලයි.. නැති ඒවා බලන්නේ නැතිව ඉඳි.. යුටියුබ් එකේ පෙන්නනවානේ කීයක් බැලුවාද කියලා.. සමහර වීඩියෝ 500ක්. සමහර වීඩියෝ මිලියන 6- 7 ක්. මිලියන ගණන් බලලා තියෙන ඒවා කියන්නේ මිනිස්සු වැඩියෙන් ඒවා ඉල්ලනවා කියන එකනේ..මියුසික් වීඩියෝ එකක් කිව්වම සමාජයට පණිවුඩයක් දෙන්න පුළුවන් දෙයකට පාවිච්චි කරන්න කියලා තමයි මම කියන්නේ.. නිරුවත කියන දේ ගත්තොත් මගේ මියුසික් වීඩියෝ වල පාවිච්චි කරන පැටර්න් එකක් තියෙනවා.අවුරුදු දෙකකට කලින් මගේ මියුසික් වීඩියෝවක තොල් සිප ගැනීමක් තිබ්බා කියලා ලංකාවේ අය යකා නැටුවනේ.. සිල් බිඳ ගත්තේ කියන මියුසික් වීඩියෝවේ තොල් සිප ගැනීම තිබ්බා කියලා සමහරක් පිරිස් මාධ්‍ය හමු තියලා මාව තහනම් කරන්න ඕන කියලා කිව්වා...ලෝකයේ වෙන රට වල මිනිස්සුන්ට ගිහිල්ලා කිව්වම උන් හිනා වෙන්වා.. උඹලගේ රටේ තාම වහල්ලුද ඉන්නේ කියලා අහනවා.. දැන් ඒවා සාමාන්‍ය ඒවා වෙලා.. මම කලේ ෆ්‍රේම් එක කඩන එක විතරයි...මට පස්සේ ආපු අය ඒක ජරා විදිහට කරනවා.. තේරුමක් නැතුව සල්ලි හම්බ කිරීමේ පරමාර්ථයෙන් කරනවා.. බලන අයත් ඒවා හරි නැත්නම් බලන්නේ නැතිව ඉන්න ඕන.. මේක ජන මාධ්‍ය තුල නෙවෙඉ ප්‍රචාරය වෙන්නේ..සමාජ මාධ්‍ය තුලින්.. යුටියුබ් ගිහින් සර්ච් කරලා තමන්ගේ ඩේටා කපා ගෙන බලන්නේ.. මේක බලෙන් පෙන්නන එකක් නෙවෙයි.. ඒ දේවල් මිනිස්සු තීරණය කරන ඕනි.. "
කාන්තාවකට තවත් කාන්තාවන් පිරිසක් ගැබ්ගත් බව පවසමින් කෑගැසුවත් ඇඳුම් ගලවලා පහරදී කරපු කැත වැඩක් අන්තර්ජාලය කළඹයි"මුල්ම පඩිය රුපියල් 50යි: ඒකත් අරන් ටජ් මහල් බලන්න ගියා" බොලිවුඩයේ සුපිරි තරු ෂාරුක් ඛාන්ගේ කතාව - Photosඅර්ජුන්ගේ අලුත්ම පෙම්වතිය ගාබ්‍රියෙලා ලොව සරාගී කාන්තාවන් 100 අතරට තෙරෙමින් ඉන්දියාවම කැළඹු හැටි - Photos“හිටපු ක්‍රිකට් නායකයා පාර්ලිමේන්තු මැතිවරණයට” – හැමතැනම පැතිරෙන, රටම බලා සිටින කතාවේ තීරණය ගැන සුපිරි ක්‍රීඩකයා හඬ අවදි කරයි
“සබරගමුව අනභිබවනීය පෙර ගමනකට ප්‍රමුඛ මුල්‍ය ශක්තිය වෙමින් දිවයිනේ විශිෂ්ටතම පළාත් ආදායම් දෙපාර්තමේන්තුව වීම.“සබරගමුව පළාත තුළ තමන් ගෙවීමට බැඳී ඇති බදු ගෙවීම සඳහා බදු ගෙවිය යුතු ජනතාව ස්වේච්ඡා අනුකූලතාව මත දිරිගැන්වීම.බදු ගෙවීමෙන් වැළකී සිටින්නන්ගෙන් නීතිය යටතේ බදු සහ ගාස්තු එක්රුස් කිරීම.පළාතේ පොදු මහජනතාවගේ ආර්ථිකමය සහ සමාජමය අභිවෘද්ධිය උදෙසා මූල්‍යමය දායකත්වය ලබාදීම.13 වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනයෙන් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පනවා ඇති බදු සහ ගාස්තු එකතු කිරීම නියාමනය කිරීමේ නියෝගයක් සබරගමු පළාතේ 1990 අංක 06 දරන මුදල් පනතේ ස්ථාපිත කරන ලදී.ඒ අනුව මුදල් ඇමති සහ ප්‍රධාන ලේකම්විසින් සබරගමු පළාතේ බදු හා ගාස්තු එකතු කිරීමේ ප්‍රධාන ආයතනය ලෙස පළාත් ආදායම් දෙපාර්තමේන්තුව වෙත බලය පවරා ඇත.
Join us on Facebook ,Twitter and Youtube. No need to register to download Subtitles... උපසිරැසි ලබා ගැනිමට රේජිස්ටර් විම අත්‍යාවශ්‍ය නොවේ.
ඔන්න කට්ටියට මම අද ගෙනාවෙ කිසිම කතාවක් නැතිව පැය එකයි මිනිත්තු 34ක් පුරාවට බඩ අල්ලගෙන හිනාවෙන්න පුළුවන් මේ අවුරුද්දෙ නිකුත් වුණ සුපිරිම කොමඩි ෆිල්ම් එකක් අරගෙන. ඇත්තටම පෞද්ගලිකව මේ අවුරුද්දෙ මම බලපු සුපිරිම කොමඩිය. මට මේකෙ සබ් එක කරනකොටත් හිනා යන එක නවත්තගන්න බැරිවුණා. ගෙදර අයත් කාමරේට එබිල බලනවා තනියම හිනා වෙන්නෙ මූට පිස්සුද කියලාඉතිං ෆිල්ම් එක ගැන විස්තර කලොත් NETFLIX ආයතනයෙන් කරපු සුපිරිම වැඩක් තමයි මේක.ඩේවිඩ් ස්පේඩ්, නැට් ෆැක්සන් සුපිරිම තාත්තලා විදියටත්ජෝයි බ්‍රැග්,මැට් ශිව්ලි පුතාලටත් රඟපානවා.මමත් ක්‍රෂ් වුණ බ්‍රාජට් මෙන්ඩ්ලර් බෙන්ගෙ පෙම්වතිය(හයියෝ මතක් වෙනකොට) විදියටත් රංගනයෙන් දායක වෙනවා.ගූගල් පරිශීලකයින් 87%කුත්, Imdb ප්‍රේක්ෂක ප්‍රතිචාරය 5.2කුත් මේකට ලැබිල තියනවා.කතාව ගැන නම් කියන්න දෙයක් නෑ. ඉන්නවා හාදයෙක් බෙන් කියලා.එයාට ඉන්නව හොඳම යාළුවෙක් ලැරී කියලා. එතකොට බෙන්ගෙ තාත්තා තමයි වේන් ඕමැලී කියන්නෙ.(වසරේ පියා බෙන් කැම්පස් එහෙම ගිහිං ඉවර වෙලා නිව්යෝක් වල පරිසර හිතකාමි ආයතනයක ජොබ් එකට යන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නෙ.ඉතිං ගිහම්හාන නිවාඩුවට බෙන් එනලා ලැරී එක්ක තාත්තව බලන්න.එයාලගෙ කතාව මම එතනින් නවත්තනවා.ලැරී කියන්නෙ සුපිරි මල්ලි කෙනෙක් ඉන්න අයියා කෙනෙක්.සුළුපියා විද්‍යාඥයෙක්.මලයා ඒඩින්ට වයස අටයි.හැබැයි වැඩ නම්... ඒ ගැන කියල වැඩක් නෑ.කියන්න බැරි වුණානෙ.ලැරිත් බෙන් එක්ක නිව්යෝර්ක් යන්න තමයි ප්ලෑන් එක.හැබැයි ගෙදරින් කැමති නෑ ලැරී නිව්යෝර්ක් යනවට.ඒ එයාලගෙම අකමැත්ත හින්දමත් නෙමෙයි.අහල පහල ගෙවල් වල උන්ගෙ කතා හින්දා(අපේ ගෙවල් වල වගේම බෙන් යන්නෙ ජොබ් එකටනෙ, තමුසෙ නිකං එහෙ ගිහිං මොනව කරන්නද. දන්නවද අහල පහල මිනිස්සු කියන කත....බ්ලා..බ්ලා..බ්ලා .." ඔන්න ඔහොම කියලා ලැරීගෙ අම්මා යෝජනාවක් ගේනවා ලැරීට තාත්ත එක්ක විද්‍යාගාරෙ වැඩට යන්න කියලා ජොබ් එකක් ලැබෙනකම්. ඔන්න එයාලගෙ කතාවත් මම එතනින් නවත්තනවා.ලැරීගෙ තාත්තා මර්ඩිටයි බෙන්ගෙ තාත්තා වේන්ටයි අපූරු අතීත කතාවක් තියනවා.ඔන්න ඕක නිසා පටන් ගන්නවා ලෝක යුද්ධයක්....ඉතිං අරගෙනම බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ කතාව. මම සහතික වෙනවා මේකට හිනා ගියෙ නැත්තං ඉතිං ආයෙ කියල වැඩක් නෑ.ඒක එක දේවල් වලට හිර වෙලා ඉන්න ජීවිතේ ටිකක් හිනා වෙලා ඔළුව ටිකක්ස සැහැල්ලු කරගන්න මේක අනිවාර්යයෙන් බලන්න කියලා මම යෝජනා කරනවා.ඒ මම සබ් එක කරපු නිසාම නෙමෙයි හොඳේ. එහෙනහ් ගිහිං එන්නම්.ජය වේවා.
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
💯 පාරිබොගික විශ්වාසය සමගින් වෙලදපොලෙහි අඩුම මිලට යතුරු පැදියක් මිලදි ගැනිමට,ඔබගෙ යතුරු පැදිය විකුනා ගැනිමට ,හුවමාරු කිරිමට හා ඔබගෙ පැරනි යතුරු පැදිය අපට ලබා දි අලුත් යතුරු පැදියක් ටික ටික ගෙවන්න රැගෙන යන්න ඔබත් අදම පැමිනෙන්න...
දිනය: අලුත්ම දින පළමුවෙන් දිනය: පැරණිම දින පළමුවෙන් මිල: වැඩිම මිල සිට අඩුම මිල දක්වා මිල: අඩුම මිල සිට වැඩිම මිල දක්වා
🔍🔍🔍 Location: Google search VISHMITHA CAR AUDIO & Accessories (කොට්ටාව පරණ පාරේ කොට්ටාව ආනන්ද විද්‍යාලය 🚸 පසු කර මිටර් 200 වම්පසින්↘️ පිහිටා ඇත⛳️ඔබ පන්නිපිටිය සිට පැමිණෙනවානම් පරණ පාරේ පන්නිපිටිය දුම්රිය ස්ථානය සිට මිටර් 800 කොට්ටාව දෙසට පැමිණෙන්න දකුණු පස වන්නට අප ආයතනය පිහිටා ↘️ ඇත )
රටතොට විස්තර - Ratathota Wisthara: Garment what to do to patrol problem - පැට්‍රොල් ප්‍රශ්නෙට ආණ්ඩුම මක්කරන්නද?
මේ දවස් වල රටේ හැම තැනම පැට්‍රොල් ප්‍රශ්නයක්. හැම තැනම ශෙඩ් වල පැට්‍රොල් නැතුව දිග පෝලිම්. මෙතන සමහර මිනිස්සු මේක වරදියට තේරුම් අරගෙනත් තියෙනව. අනික් හැම ප්‍රශ්නෙදිම වගේ මේකටත් ඔක්කොම බලින්නෙ ආණ්ඩුවට. නමුත් මේක ආණ්ඩුවේ වරදක් නෙවෙයි. මේක උනේ බාල තෙල් නැවක් ලංකාවට ඇවිල්ල ඒක බල්ධාරීන් සහ ඇමතිතුමා ආපහු හරවල යවපු නිසා. ඒකෙ වරඩක් නෑ. කාටද පුලුවන් වාහන වලට බාල පැට්‍රොල් ගහන්න? දැන් ආණ්ඩුව හොඳ තෙල් නැව එනකල් ඉන්නේ. ඒකට පොඩි වෙලාවක් යනව. මිනිස්සු ඒක හිතල ටිකක් ඉවසිලිවන්තව ඉන්න ඕනේ. ආණ්ඩුවටයි යහපාලනේටයි බැනල තේරුමක් නෑ. මේ ආණ්ඩුවට බනින මිනිස්සු හරිම මෝඩයි. ඒ මිනිස්සු දන්නේ නෑ ආණ්ඩුවට කරන්න දෙයක් නෑ කියල. ආණ්ඩුවේ වරදක් නෑ ආණ්ඩුවයි බලධාරීනුයි කරන්න පුලුවන් හැම දේම කරනව ප්‍රශ්නේ විසඳන්න. ආණ්ඩුවට බනින එකේ තේරුමක් නෑ. මේ වෙලාවේ බුද්ධිමත් ජනතාව ඉවසිලිවන්තව සිටිය යුතුයි.අපේ ගෙදර වතුර වලටත් පොඩි stock tank එකක් තියනවා.ඇයි තෙල් වලට එහෙම හදිසි අවස්තාවක ගන්න සතියකට දෙකකට tank ගහන්න බැරි.ඒව කරන්න අපිට බැරි නිසා තමයි අපි මුන්ව පත් කරන්නෙ.
අපි දෙදෙනා කතා කරගෙන තිබුණේ උදේ 9ට Raffles Place නම් MRT නැවතුමේදි මුණගැසීමටය. නමුත් ඒවන විටත් වේලාව 9:10ට පමණ වී තිබුණි. සතියට දින 5 1/2ක් රැකියා ස්ථානයට වාර්තා කළ යුතු අපට ඉරිදා යනු ඇති එකම නිවාඩු දිනය විය. එදිනත් උදෑසන අවදිවීම යනු ඉතාමත් අපහසු කාර්යයකි. සිංගප්පූරුවේ සිටින මාගේ මිතුරා මුණගැසීම සඳහා Pasir Ris වල පිහිටි අපේ තට්ටු නිවාසයෙන් පිටවන විටත් 8:45 පමණ වූයේ මේ නිසාය.අප දෙදෙනා විසින් මේ කතා කරන්නේ මුළු ලෝකය පුරාම සිංගප්පූරුවේ සංකේතය වශයෙන් සැලකෙන “කටින් වතුර විදින” ශරීරයේ උඩ කොටස සිංහයෙකුගේ හැඩයත් පහල කොටස දිය කිඳුරෙකුගේ හැඩයත් ඇති Merlion ගැනය. සිංගප්පූරුව තුළ Merlion ප්‍රතිමා 5ක් පමණ විවිධ තැන්වල දකින්නට ඇති අතර ඉන් වඩාත්ම ප්‍රසිද්ධ Marina Bay හි Merlion Park යනුවෙන් හැඳින්වෙන තැන පිහිටි ප්‍රතිමා 2 සහ Sentosa දිවයිනේ ඇති විශාල ප්‍රතිමාවයි.අතීතයේදි ජාවා ජාතිකයින් ජීවත්වූ ධීවර ගම්මානයක්ව පැවති නූතන සිංගප්පූරු දිවයින ජාවා භාෂාවෙන් “මුහුදු ගම්මානය” යන තේරුම රැගත් Temasek යන නමෙන් හැඳින්විණි. පසුව මැලේ ජාතික රාජ කුමාරයෙක් විසින් 14 වන සියවසේදී “සිංහපුර” යන අර්ථය ඇති Singapura නමින් නගරයක් ඉදිකර පාලනය කරන්නට යෙදුණි. විජය කුමාරයා ලංකාවට පැමිණි වේලාවේදී වෙරළ මත තැබූ අත තඹ පැහැවීම නිසා “තම්බපණ්ණි” යනුවෙන් නම් කල ආකාරයටම මෙම කුමාරයා මේ දිවයිනට ගොඩබට අවස්ථාවේදී සිංහයෙකු බඳු සත්ත්වයෙක් දුටු නිසා “සිංහපුර” යනුවෙන් නම් කල බව ඉතිහාස කතා සඳහන් කරයි.පුරාතන මුහුදු ගම්මානය සංකේතවත් කිරිමට කිඳුරු ශරීරයත්, සිංහපුරය සංකේතවත් කිරීමට සිංහ හිසත් යොදා Fraser Brunner නැමැත්තා විසින් මේ Merlion සංකේතය නිර්මානය කර ඇත. ඒ 1964දී පමණය. සිංගප්පූරුවට පැමිණෙන සියළු දෙනාම Merlion පසුබිමේ සිටින පරිදි ඡායාරූපයක් ගැනීමට පෙළඹීමෙන්ම Merlion සිංගප්පූරුවට කොතරම් වටිනා සංකේතයක්ද යන වග අවබෝධ කරගත හැක.Marina Bayහි පිහිටි Merlion බැලීමට අප දෙදෙනා මේ යන්නේ ඉතා විශේෂ දවසක බව කිසිම ලෙසකත් අප දැන සිටියේ නැත. ඡායාරූප වලින් දැක ඇති කටින් වතුර විදින මේ අපූරු පිළිමය පිළිබඳව මට මවාගත හැකිවූයේ ඡායාවක් පමණක් විය. කතාකරගත් පරිදි Raffles Place MRT නැවතුමේදී මුණගැසුණ අපි “H” දොරටුවෙන් පිටවී Merlion Park වෙත ඇවිද ගියෙමු.නමුත් Merlion වෙත ලංවන විට දුටුවේ වතුර විදින සිංහයා වෙනුවට ආවරණය කරන ලද සිංහයෙකි. කුමක් වී ඇත්ද? දෙදෙනාටම ප්‍රශ්නයකි. ; එතැන සිටි අයෙකුගෙන් විමසුවෙමු.ඔය නිශ්ශන්කමල්ල ආව කියන්නෙත් සිංහපුරෙන් කියල මම අහල තියනව. ඊකත් ඔය සින්ගප්පුරුවමද දන් නැහැ. Pirates of the Caribbean ෆිල්ම් එකේ සිංගප්පුරුව pirates ලාගේ මධ්‍යස්ථානයක්. එක ඇත්තද දන්නෙත් නැහැ.
ප්ලාස්ටික් බෝතල් අද පරිසරයටද මහත් ව්‍යසනයක් බවට පත්වී ඇත. එමෙන්ම ප්ලාස්ටික් බෝතල් භාවිතා කිරීමෙන් ශරීරය සෞඛ්‍යටද බලපෑමක් ඇතිවේ. ඔබ මිලදී ගන්නා ප්ලාස්ටික් බීම බෝතල් වල අඩියේ සංකේත හා අක්ෂර දක්වා තිබෙනවා ඔබ දැක ඇති. එහෙත් ඒවයේ තේරුම් ඔබ දැන සිටියාද? පහත දැක්වෙන්නේ එවැනි සංකේත හා අක්ෂර වල දක්වා ඇති දේවල් ගැනයි.මෙම බෝතල් වර්ගය එක් වරක් පමණක් භාවිතය සදහා නිපදවා ඇත. නැවත නැවත භාවිතා කිරීමේදී මෙම බෝතලය නිපදවීමට යොදාගන්නා අමුද්‍රව්‍ය වලින් පිටකරන දෑ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වයට බාධා ඇති කළ හැකි අතර මේවා පිළිකා කාරකද වේ.භාවිතයට වඩාත් සුදුසුම ප්ලාස්ටික් අමුද්‍රව්‍ය යොදාගෙන නිර්මාණය කර ඇත. සෞඛ්‍ය කෙරෙහි අඩුම බලපෑමක් ගෙන දෙන බෝතල් වර්ගය මෙයයි.මෙම බෝතල් නිෂ්පාදනය කිරීම සදහා විෂ රසායන ද්‍රව්‍යයත් භාවිතා කරන නිසා නැවත නැවත භාවිතා කිරීම සුදුසුම නැත. එමෙන්ම මේවා පිළිස්සීමේදී නිකුත්වන වායුව ආඝ්‍රානය කිරීමත් සෞඛට දැඩි තර්ජනයක් ඇතිකෙරේ.මෙම ප්ලාස්ටික් වර්ගය බොහෝ විට ප්ලාස්ටික් මලු නිෂ්පාදනය කිරීමට යොදාගනී. ශරීරයට ඇති අවධානම අඩුය. එහෙත් දිරාපත් නොවන නිසා පරිසරයට හානිකරය.මෙම ප්ලාස්ටික් වර්ගය Stiren නැමති පිළිකාකාරකය නිකුත් කරයි. මේවා බොහෝවිට භාවිතා වන්නේ ආහාර ඇසුරුම් කිරීමට හා කෝපි කෝප්ප නිෂ්පාදනය කිරීමටයි.භාවිතා කිරීමට නුසුදුසුම ප්ලාස්ටික් වර්ගය මෙයයි. මෙය නිෂ්පාදනය කිරීමට යොදාගන්නා අමුද්‍රව්‍ය වල BPA අඩංගු වේ.මින් පසු ඔබ ප්ලාස්ටික් බීම බෝතල් මිලදී ගන්නේනම් විෂ අඩුම HDPE/PP බෝතල් මිලට ගන්න. PETE/PVC/PS/PC ප්ලාස්ටික් භාවිතය අවම කරන්න. මේවා නැවත නැවත භාවිතා කිරීමෙන් වළකින්න.
කුරුටුගෑවේ Kunkuma Geeth Hewage on Friday, January 31, 2014 තියෙන්නෙ මෙතන ගීතයක හැඩ වැඩ, මට හිතෙන දේ, හිතට දැනුනු දේවල් / Comments: (1)හුඟ දවසකට පස්සෙ තවත් ලිපියක් ලියන්න හිතුනා.මම පුංචි කාලෙ ඉඳල හුඟාක් ආස කරපු ලස්සන ගීතයක් තිබුනා....වචන වල සැබෑ අර්තය හරියටම නොතේරුනත් ඒ ගීතයේ තාලය පුදුම විදිහට මගේ හිත ඇද බැඳ ගත්තා....මේ ලිපිය තුල සඳහන් වෙන ගීතයේ අර්තය 100% ම නිවැරදිද කියන එක හරියටම දන්නෙ නෑ....නමුත් මේ සඳහන් වන අර්තය ගීතයේ පද මාලාවත් එක්ක ගැලපෙනව කියල මට හිතෙන නිසා ඔයාලටත් කියවන්න දෙන්න හිතුනා.....අදහස උපුටාගත්තෙ මූනු පොතේ එක්තරා ලිපියකින්...කියවල බලන්න...මීට වඩා වෙනස් අදහස් තියෙනවනම් කොමෙන්ටුවක් විදිහට අදහස් දක්වන්න කියල සියලුම පාඨක හිතවතුන්ගෙන් ඉල්ලා සිටිනවා.......සදකඩ පහණක කැටයම් ඔපලා කියන සිංදුව අහලා තිබුනට එකේ තේරුම ගොඩක් අය දන්නේ නැතුව ඇතිනේ.... කියවලා බලන්නකෝ කොච්චර ගැබුරු හැගීම්බර තේරුමක්ද තියෙන්නේ කියලා.කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්... මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති, කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්...අද මගේ යාලුවන්ට මගේ ගානෙ ලස්සන, වටින,පොතක් දෙන්නයි හදන්නෙ...ටිකක් අමුතු කතාවක්...හැබැයි interesting පොතක්....මේ පලවෙනි කොටස...කියවල බලල හොඳ...කලින් දවසක ඔයාලට මේ පොතේ පලවෙනි කොටස දුන්නා.67 දෙනෙක් ඒ post එක බලල, 24 දෙනෙක් Download කරගත්තට Comment එකක් දාල යන්න තරම් කාරුනික උනේ තුන්ද...“ මචං මම මේ මග....එන ගමන් ඉන්නේ... ” පැයක් ඇතුලත මට බෝකයගෙන් 12 වෙනි වතාවටත් එකම උත්තරය හම්බ උනා. යකෝ මේ 2km එන්න මුට මෙච්චර වෙලා ...කෙල්ලෙක් තට්‍ටු බිල්ඩිමක උඩ තට්‍ටුවක තියෙන බාර් එකකට තනියම ආවලු. ඇවිල්ල වටපිට බලද්දි දැක්කල හෙනහැන්ඩි කොල්ලෙක් තනියම බියර් එකක් බිබී ඉන්නව. ...
ලසිත් මාලිංගට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානයක් වෙන්කර ගැනීමට නම් ඔහු අනිවාර්යයෙන්ම දේශීය තරගවලදී දක්ෂතා දැක්විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසීය.ඔහු මේ බව සඳහන් කළේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සාර්ථකව නිමා කිරීම සම්බන්ධයෙන් ඊයේ (15දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීය."ලසිත් මාලිංගට නැවත කණ්ඩායමට එන්න අනිත් ක්‍රීඩකයන්ට වගේම සම්භාවිතාවක් තියෙනවා. මම හිතන්නේ ඔහු දේශීය තරගවලට ඇවිල්ලා ඒ තරග හොඳට ක්‍රීඩා කළොත් අනිත් ක්‍රීඩකයන්ට ලැබෙන අවස්තාව ඔහුටත් ලැබේවි. ඒ අනුව තේරීම් කමිටුවට අවස්ථාව තියෙනවා අපේ කණ්ඩායමේ අවශ්‍යතාව අනුව ඔහුව කණ්ඩායමට තෝරනවාද නැද්ද කියලා තීරණය කරන්න" යැයි ශ්‍රී ලංකා පුහුණුකරුවා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි තේරීම් කමිටු සාමාජික ගාමිණී වික්‍රමසිංහ මහතා පැවසුයේ ලසිත් මාලිංග සම්බන්ධයෙන් තේරීම් කමිටුව මෙන්ම අනෙකුත් වගකිවයුතු බලධාරීන් සිටිනුයේ එක මතයක බවත්, ඔහුට ඉදිරියේදී පැවැත්වෙන විස්සයි20 දේශීය තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදී ඇති බවත්ය. එහිදී ඔහු දක්වන දක්ෂතා අනුව ඔහු සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවේ පැවසීය.කෙසේ වෙතත් මේ දිනවල දිගින් දිගටම දක්ෂතා අතර සිටින ලහිරු තිරිමාන්නට නැගී එන කණ්ඩායමේ හෝ අවස්ථාවක් ලබා නොදෙන්නේ ඇයිදැයි මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශන කර සිටියේය."තිරිමාන්න බංග්ලාදේශ තරගාවලිය ඉතා හොඳින් ක්‍රීඩා කළා. එහෙත් අපි ඔහුව එක පාරට ජාතික කණ්ඩායමට ගේන්නේ නැහැ. අපි ඔහු දිහා බලාගෙන ඉන්නේ. අපිට අවශ්‍ය වුණා ඔහුට විවේකයක් දෙන්න. ඉදිරියේදී අපි ඔහුටත් සාධාරණයක් ඉෂ්ට කරනවා" යැයි පැවසීය.චරිත් සේනානායක මහතාව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු බවට පත් කළේ එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා බවත්, ඉන්පසු ලෝක කුසලානය දක්වා ස්ථිර කළමනාකරුවෙකු පත් කරන බවත් මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය විය.ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් මෙහිදී පවසා සිටියේ දසුන් ශානක ඔහුට ලබාදුන් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් බවත්, ඔහු දැනට කණ්ඩායමේ ක්‍රීඩා කරන්නේ ඔහුට ගැළපෙනම ස්ථානයේ බවත්ය."අපි සාමාන්‍යයෙන් තරග පරදිද්දී තරගයෙන් තරගයට වෙනස්කම් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට අවශ්‍යයි දැන් ඉන්න ක්‍රීඩකයන්ට දිගටම අවස්ථාව ලබාදෙන්න. ක්‍රීඩකයෙක්ට අපි ඔහුගේ ස්ථානයේ දක්ෂතා දක්වන්න හැකි තරම් අවස්ථාව ලබාදෙනවා.අපි එක්දින තරගාවලියේ තරග තුනක් පැරදුනා. ධනංජය ද සිල්වා වුණත් ක්‍රීඩා කළේ අංක 06 ස්ථානයේ. අවාසනාවකට ධනන්ජයට සහ දසුන්ට කණ්ඩායමේ අවස්ථාව දෙන්න පුළුවන් ස්ථානය තමයි ඒ. නමුත් හැමෝටම ඒ කෙනාගේ හොඳම තැන හෝ අවශ්‍ය තැන ක්‍රීඩා කරන්න බැරි වෙනවා, මොකද කණ්ඩායම සමබර කරන්න අවශ්‍ය නිසා" යැයි ඇන්ජෙලෝ මැතිව්ස් සඳහන් කළේය.මෙහිදී කුසල් මෙන්ඩිස් දක්ෂතා අතරට නොපැමිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුහුණුකරුවා අදහස් දැක්වූයේ මෙලෙසිනි."කිසිම ක්‍රීඩකයෙක්ට එක් තරගාවලියක් දීලා අපිට තීරණ ගන්න බැහැ. කුසල් මෙන්ඩිස් කියන්නේ මේ වන විට අපිට ඉන්න හොඳම ක්‍රීඩකයෙක්. අපි ඔහුට තවත් වැඩි වැඩියෙන් අවස්ථා ලබාදිය යුතුයි ඔහුගේ සුපුරුදු දක්ෂතා දක්වන්න"මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ තේරීම් කමිටුව කනිෂ්ඨ ක්‍රීඩකයන්ගේ දක්ෂතා නැරඹීමකින් තොරව ඔවුන් සම්බන්ධයෙන් තීරණ ගන්නා බවත්, කනිෂ්ඨ තේරීම් කමිටුවක් යළිත් ස්ථාපිත කරන්නේද යන්නත්ය."මේ වන විට කනිෂ්ඨ තේරීම් කමිටුවක් නොතිබුණාට අපේ තේරීම් කමිටුව මේ තේරීම් කළේ පළාත් තරගාවලියක් නරඹලා. ඒ ඉන්දියාව පැමිණීමට පෙර පැවැති පළාත් යොවුන් තරගාවලියෙන්. එම තරගාවලිය තේරීම් කමිටුවේ හැම සාමාජිකයෙක්ම හැම තරගයක්ම නැරඹුවා.ඉන් අනතුරුවයි තේරීම් කළේ. අපේ ව්‍යවස්ථාව අනුව කනිෂ්ඨ තේරීම් කමිටුවක් තිබුණත් අවසන් තේරීම් කරන්න ඕන ජාතික තේරීම් කමිටුවෙන්. ඉතින් දැනට ජාතික තේරීම් කමිටුවෙන් එම තේරීම් කෙරෙනවා. අපේ යොවුන් කණ්ඩායමට මේ වසර අවසන් වෙනකම් ක්‍රීඩා කරන්න සංචාරයක් නැහැ. එනිසා අපි බලාපොරොත්තු වෙනවා මෙම වසර අවසන් වීමට පෙර කනිෂ්ඨ තේරීම් කමිටුවක් ස්ථාපිත කරන්න" යැයි පවසා සිටියේය.මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු චරිත් සේනානායක සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක සුරංග ලක්මාල්ද එක්ව සිටියහ.
අගුණකොළපැළැස්සේ මුලන ප්‍රදේශයේ අක්කර 100ක TEJC අඹ වගා සංවර්ධන කලාපයක් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.මෙම අඹ වගා කලාපය කෘෂිකර්ම අමාත්‍යාංශයේ වගා කලාප සංවර්ධන වැඩපිළිවෙල යටතේ ස්ථාපිත කෙරෙන අතර, ගොවීන් 200ක් විසින් එම වගාව සඳහා යොදා ගැනේ. වගා කෙරෙන අඹ පැළ ප්‍රමාණය පැළ 7000කි.මුලන TEJC අඹ වගා සංවර්ධන කලාපයේ වගා කටයුතු සඳහා TEJC අඹ පැළ බෙදාදීම 2018.10.20 දින පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා අතින් සිදු කිරීමට නියමිතය.කෘෂීකර්ම අමාත්‍යාංශය විසින් අරඹන ලද වගා කලාපවල වගා කෙරෙන සමස්ත අස්වැන්න මිලදී ගැනීමට දැනටමත් පුද්ගලික අංශය සමඟ ගිවිසුම්ගතව ඇති බැවින් ගොවීන් හට තම අස්වැන්න අලෙවි කර ගැනීමේ ගැටළුවක් පැන නොනගී. ඒ අනුව මුලන අඹ වගා සංවර්ධන කලාපයේ වගා කෙරෙන TEJC අඹ අස්වැන්න මිලදී ගැනීමට ගිවිසුම්ගත වීම ද ඔක්තෝම්බර් 20 දින සිදු කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
!!! erozan ඉජු ඉජු थारू यहाँ है අපේ කමට සවියක් ! ඉරේෂ්77 ආවා..® එකෙක් යන්නෑ හරි එන්න අපි radio අහමු එරෝසන් ඉජු ඉජු එළකිරි ෆැමිලි කුවේට්බැලයා ජංගි සහිතයි ජංගි සහිත thread ජරමර එෆ්එම් පට්ට බුරිය ප්‍රසාද්9805 ඈ පු* දෙන kuwait ඉජු ඉජු මට බයයි අයියා ! මාළඹේ සක්කිලියා මෙන්න රේඩියෝ ලිංගික අසහනය! සාතන්ගේ අඩවිය ෴crazybuddy෴ <dna is here 123 456 android anju.r aunty balu mahinda pannamu bbs terrorism booked_1 booked_2 b_i_n_g_o car champ is here dat ebay erozan bath balaya erozan ijuk ijuk funny gamaya gon badu good post idg job hoyamu kolavari kushan_sameera ආවා lol mahindage pacha ponz mahinda ponna hukanna mahinda wesa balla meka mage my1 my2 my3 nb dia paka3 paypal premium accounts programming rashee_irosh ආවා sinhala siripala konakapala slt slt අනාතයෝ software engineering sri lanka tag1 tag2 useful™ u_knw ආවා
ස්පාඤ්ඤයේ නගරයක බලහත්කාරයෙන් ගණිකා වෘත්තියෙහි යොදවා සිටි බ්‍රසීල ජාතික සමලිංගිකයින් පහළොස් දෙනෙකු ස්පාඥ්ඥ ‍පොලීසිය විසින් සොයා ගෙන තිබේ. මොවුන්ට පහරදීම් සිදුකර ඇති අතර මත්ද්‍රව්‍ය ගැනීමට බලහත්කාරයෙන් ‍පොළඹවා ඇති බවද මත්ද්‍රව්‍ය ව්‍යාපාරයෙහි යොදවා ඇති බවද බොහෝ අවස්ථාවන්හිදී තට්ටු නිවසක් තුළ සිරකොට තබාගෙන ඇති බවද වාර්තා වෙයි. අණට කීකරු නොවුණොත් ඔවුන්ට හදිහූනියම් කරන බවට තර්ජනය කොට තිබේ.හදි හූනියම් කටයුතු සඳහා ප්‍රකට ආගමික නිකායකට අයත් භාණ්ඩද තට්ටු නිවස තුළ තිබි සොයාගෙන ඇත. ගණිකා ව්‍යාපාරය පවත්වාගෙන ගිය දහතුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ටැන්සානියාවේ වික්ටෝරියා නම් වැවක මගී ප්‍රවාහන බෝට්ටුවක් පෙරලීමෙන් 136 දෙනෙකු පමණ මියගොස් ඇතැයි එරට බලධාරීහු පවසනවා. එමෙන්ම තවත් බොහෝ පිරිසක් අතුරුදහන්ව සිටින අතර, 200කට අධික පිරිසක් දියේ ගිලී ජිවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.සිකුරාදා (සැප්තැම්බර් 21) ගලවාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙන අතර MV Nyerere නම් මෙම බෝට්ටුව Bugorora තොටුපොළ බලා යන අතරවාරයේ ‘උකාරා;’ දිවයින අසලදී අනතුරට පත් වී තිබේ.මෙම බෝට්ටුවේ යාත්‍රා කළ හැකි ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් සිට ඇති අතර, තොටුපොළ ආසන්න වන විට පිරිස එක් පැත්තකට පැමිණීම නිසා එය පෙරලීමෙන් අනතුරට පත්ව ඇති බව වාර්ථා වනවා.
නාඩි ශාස්ත‍්‍රය ඉන්දියාවේ පුරාණ ඍෂි වරුන් විසින් නිර්මාණය කර ඇති පුදුම සහගත අනාගත අනාවැකි ඉදිරිපත් කිරීමේ ශාස්ත‍්‍රයකි. ප‍්‍රධාන මධ්‍යස්ථානය තමිල්නාඩුවේ පිහිටා ඇත. අතීතයේ ජීවත්වූ හින්දු මුනිවරු ලෝකයේ සියළුම මිනිසුන්ගේ අතීතය, අනාගතය හා වර්තමානය දැක ඇති බවත් එම තොරතුරු ඔවුන් පාම් කොල වල සටහන් කර ඇති බවත් වර්තමාන නාඩි ශාස්ත‍්‍රය පිළිබද ප‍්‍රවීනයන් පවසයි.සියලූම මිනිසුන්ගේ තොරතුරු ඇතුලත් එකිනෙකාට ආවේනික පාම් කොල පවතින අතර එය සොයාගනිමට නාඩි කියවන්නන් ඔවුන්ගෙ මහපට ඇගිල්ල්ලෙ ඇගිලි සලකුණ ලබගන්නා අතර එමගින් ඔවුන් පුද්ගලයාට අදාල නාඩි පත‍්‍රය සොයාගනී. එය එම පුද්ගලයාගේමද බව තහවුරු කරගැනීමට ඹහුගේ පෞද්ගලික තොතුරු පිලිබද නාඩි කියවන්න විමසයි. මෙම නඩි කියවන්නන් පරම්පරිකව එම රැකියාවට උරුමකම් කියයි. ලෝකයේ බොහෝ ප‍්‍රදේශ වලින් මෙම නාඩි ශාස්ත‍්‍රයෙන් තමන්ගේ අනාගතය දැක ගැනීමට මිනිසුන් පැමිණෙන අතර ශ‍්‍රීලංකාව, ඉන්දියාව, නේපාලය වැනි රටවල් වලින් මේ සදහා බහුලව මිනිසුන් පැමිණේ.ඔබ නාඩි කියවන්නෙකු ලගට ගොස් ඔබගෙ මහපට අගිල්ලේ ඇගිලි සලකුණ ලබා දීමෙන් පසු ඔවුන් ඔබට හිමි නාඩි පත්රය සොයා දෙනු ඇත. නමුත් සමහරක් විට ඔබගෙ නාඩි පත‍්‍රය වෙන නාඩි කියවන්නෙකු සතු විය හැකි හෝ කාලයත් සමග භාවිතයට නොගත හැකි ලෙස විනාශ වී තිබිය හැක,ලංකාව තුලද මෙම නාඩි කියවීම අද වන විට සිදුවේ. මෙහිදී අදාල පුද්ගලයාගෙ මහපට අගිලි සලකුන ලබාගෙන ඉන්දියවෙන් අදල නඩි පත‍්‍රය ගෙන්වා ගනි.බලන්ගොඩ ආනන්ද හිමියන් වැනි බොහෝ ලාංකීය උගතුන් මෙ සදහා යොමුවී ඇත. බලන්ගොඩ හිමියන්ගේ පත‍්‍රයෙහි උන්වහන්සෙ මතු බුදුවන අත්මය පිලිබදවද සටහන් වී තිබී ඇත. එසේම සුවකල නොහකියැයි පවසන රෝගවලට පිලියම් සෙවිමටද මෙම ශාස්ත‍්‍රය යොදා ගනි. තම අනාගත සහකරු සහකාරිය ගැන දැනගනීම, අනාගත රැුකියාව පමණක් නොව මතු ආත්මය පිලිබ`දවද මේ හරහා පවසනු ඇත. පුදුමයට කරුණ නම් අද උපදිනා දරුවා වෙනුවෙන් සැකසුන නාඩි පත‍්‍රයද නාඩි කියවන්නන් සතු වීමයි.6 වන පරිච්ඡෙදය -සතුරන්, සතුරුකම් රෝග, ණය බර, නඩුහබ සම්බන්ධ තොරතුරු සතුරු ක‍්‍රිරියාවල බලපැම් එවැනි තත්ව ජය ගැනීම සදහා උපදෙස් ප‍්‍රතිකර්ම.7 වන පරිච්ඡෙදය - විවහයට සුභදායක කාලය විවාහය ප‍්‍රමාද වීමට හේතු අනාගත සහකරුගෙ චරිත ලක්ෂණ එයින් ලැබෙන ප‍්‍රයෝජන, විවාහවී සිටින ඇයගේ සැමියගේ බිරිදගේ ගතිගුණ, දුබලකම්.මෙලස පරිච්ෙඡ්ද බොහොමයක් හරහා වර්තමන ආත්මය ගැන මෙන්ම අතීත ආත්ම, මීලග අනාගත අත්මය ගැන විස්තර දැගත හැකිවනු ඇත. මෙය ගුප්ත ශාස්ත‍්‍රයකි. කෙසෙවෙතත් පිලිගැනිම හෝ නොපිලිගැනිම ඔබගේ බුද්ධ්යෙන් විමසිය යුතු වේ.
" ඌරන්ට අසුචි වලින් ගහන්න ගහන්න ඌට සතුටුයි. ඒ හින්ද උඹට මම මුකුත් කියන්නේ නෑ FILLT. හෙළුවෙන් හිඟා කෑවනම් මිටවඩා නම්බුයි. " ලෙස ඔහු තම ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබු අතර එය සඳහා ෆිල්ටිගේ පිළිතුරු වීඩියෝවක් ද ෆිල්ටි එක් කර තිබුණා.මේ අතර පසුගිය කාලයේද විශ්ව මෙවැනි සටහනක් හේතුවෙන් කතාබහකට ලක් වුණා. ඒ පියුමිගේ ඇදුමක් සම්බන්ධයෙන් එක් කළ ෆේස්බුක් සටහන් කිහිපයක් වෙනුවෙන්. ඒවා පහතින් බලන්න.
අඹ ගහ යට: ලංකාවේ සියලුම මිනිසුන් පුස් මෝඩයන් යැයි සිතා සිටින, සියල්ල දත් යැංකි මැඩම්වත් ඇන්දවූ අපේ පැරඩි නිර්මාණකරුවෝ - Well done guys..!
ලංකාවේ සියලුම මිනිසුන් පුස් මෝඩයන් යැයි සිතා සිටින, සියල්ල දත් යැංකි මැඩම්වත් ඇන්දවූ අපේ පැරඩි නිර්මාණකරුවෝ - Well done guys..!ලංකාවේ ජහඃ මනයන් බොහෝ දෙනෙකුට පැරඩි සහ සාකෑසිසම් යන වචන වල තේරුම තෙරෙන්නේ නැත. සිංහල වෙබ් අවකාශය තුළ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පැරඩි අඩවිය වන "වර්ගපූර්ණිකාව" පටන් ගත් මුල් දිනවල ඇත්ත සහ පැරඩිය අතර වෙනස හදුනා ගත නොහැකිව ඩෙඟා නැටූ සැටි අපට තවමත් මතකය. [තර්ජන වලට බියෙන් අද එය වසා දමා තිබෙන්නේ අපේ අවාසනාවටය].""Ordain කියන වචනේ එක තේරුමක් නම් Order or decree (something) officially: "equal punishment was ordained for the two crimes". නිව්ස් එක එයා බුදු දහමේ පැවිදි වෙනවා නෙමෙයි රොබට් පැටින්සන් නළුවා සහ රූපට් සෑන්ඩර්ස් අධ්‍යක්ෂකවරයා සමඟ ආදර/ලිංගික පලහිලව්ව ගැනයි ... හපොයි මෙහෙමත් අවුල් කරගන්න මිනිස්සු!!!!"ලංකාවේ සියලුම මිනිස්සුන් පුස් මෝඩයන් යැයි සිතා සිටින, ලොකු මාළු ටැංකියක කුඩා මාළුවකු වීම නිසා, පොඩි මාළු ටැංකියක ලොකු මාළුවෙකු වීමට දගලන,ප.ප.ලි: ලංකාවේ ඉතා විශිෂ්ට සිංහල පැරඩි නිර්මාණකරුවන් සිටීම අපගේ භාග්‍යයකි. ඔවුන් මේ විකාර බලා ඉතා හොඳ වින්දනයක් ලබනවා නියතය.මේ අන්තිම ඉහල පැරඩිය කරන එකා ගේ ඇත්ත profile එකට මාලන්ලා පලු යන්න බනිනවා. අනේ මාලන්! උඹෙයි මගෙයි පැරඩිය. මේක කරන එකා දන්නව නම් උඹ පුක හපා ගෙන මැරෙනවා.මචන් උඹ ඉන්නේ ඇනෝ, මම ඉන්නේ මගේ ප්‍රොෆයිල් එකෙන්. මචන් ඇනෝ ඉන්න එකේ ලියපන්කෝ නම් ගම් ඇතුව සුද්ද සිංහලෙන් :)එක අතකට මේක වර්ගපූර්ණිකාව කරන එකා ඉන්නෙත් ෆේක්. ජංජාලේ ඇතුලත පලු යන්න බනින චරිතයක්. හැබැයි පලු යන්න බැන්නට තමන්ගේ වාසියට කතා ලියවෙද්දී මාලන්ට පැරඩිය."වර්ගපූර්ණිකාව" ලියන්නේ අහවලා. ඌත් එක්ක මගේ මතවාදී අවුලක් තියෙනවා. ඒත් උගේ ක්‍රියේටිවිටි එකට මම හැමදාම සැලියුට් කළා. උඹට ඔප්පු කරන්න ඕනේ නම් කියපන්. මට ඔප්පු කරන්න පුළුවන්.ජයශ්‍රී, සමාවෙන්න. ඒක කළේ උවමනාවෙන්මයි. මේක තෙරෙන්නනම් සිංහල සයිබර් අවකාශය ගැන පොඩි අවබෝධයක් අවශ්‍යයයි.දැනුයි තේරුණේ! අරුණි කියන්නෙ මෝඩියක් නෙවෙයි. ඒත් මේ වගේ කමෙන්ට් එකක් දාන්ඩ හේතුව එයා හැම වෙලාවෙම බල බලා ඉන්නේ ලංකාවේ මෝඩ මිනිස්සු(සහ අනෙක් වාමාංශික මෝඩ රටවල මිනිස්සු ) කරන අප්සට් දේවල් වලට කින්ඩියක් දාන්නෙ කොහොමද කියල. ඊට පස්සෙ තමන්ගෙ මහා දැනුම පෙන්නල පුලුවන්නම් පුද්ගල නිදහස තියන ලෝකේ එකම සුරපුර ගැන කියල ඇමරිකන් ඔපීනියන් එකක් දෙන්නෙ කොහොමද කියල.ඉතින් එහෙම චාන්ස් එකක් ලාවට හරි දැක්ක ගමන්ම පැනලා දෙනවා නැව් ටෝක්ස්! එයාගේ බ්ලොග් එකේ කොමෙන්ට්ස් වලට දෙන උත්තර දැක්කහම මේක හොඳටම බලාගන්ඩ පුලුවන්. අනිත් එකා මොනවද කියන්නෙ, ඇයි මූ එහෙම කියන්නෙ කියන එක එයාට අදාලම නෑ.යැංකි මැඩම්ගේ දැනුම සම්බන්ධවවත් බුද්ධිය සම්බන්ධවවත් මට කිසිම ගැටළුවක් නෑ. අවුල මචන් ඒ දැනුම එයා පවිච්චි කරන්නේ කොහොමද කියන එක. එයා ඒක භාවිතා කරන්නේ ඉතිරි සියලුම මිනිසුන් පහත් කරන්නනම්, දියුණු රටක ඉදගෙන දියුණුවෙමින් පවතින රටක් පහත් කරන්නනම් උඹ කිව්වාවගේ ඒ දැනුම අපතේ ගිය දැනුමක්.යැංකි මැඩම්ගේ දැනුම ගැන කතා කරනවානම් මට කියන්න තියෙන්නේ මේකයි: යම් කිසි දෙයක් විකිපීඩියාවේ ඇත්ද, යැංකි මැඩම් ඒ ගැන දනී; විකිපීඩියාවේ යමක් නැත්ද, යැංකි මැඩම් ඒ ගැන නොදනී.උදාහරණයක් ගනිමු. ෆොන්ටෙරා වෙබ් පිටුවේ තියෙනවා ඒ ගොල්ලෝ නවසීලන්තයේ කිරි ගොවියන් 13,000 ක් අයිතිය කියන බහුජාතික සමාගමක් කියලා. ඒ වුණත් විකිපීඩියා ලිපියේ තියෙන්නේ සමාගම අයිති නවසීලන්ත කිරි ගොවියන් 10,600 කට කියලයි. යැංකි මැඩම් විකිපීඩියාව කොපි කරපු නිසා එයාගේ බ්ලොග් ලිපියේ තියෙන්නෙත් ගොවීන් සංඛ්‍යාව 10,600 යි කියලා.
ශ‍්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ලංකාවේ මහ පරිමාණ වරාය ව්‍යාපෘතියක් සඳහා චීනයෙන් ණය සහ ආධාර ඉල්ලා සිටි හැම විටකම චීනය ‘හා’ කීවේය. ඔව්, අදාළ ව්‍යපෘතිය පිළිබඳ සාධ්‍යතා වාර්තාව මොකක් කීවත්, චීනය ‘හා’…
මුලින්ම ප‍්‍රශ්නයක්: යම් කිසි සමාජයක හැම කෙනෙකුම සෘජුව හෝ වක‍්‍රව අනිත් හැම කෙනෙකුටම වංචා කරයි නම්, ඒ සමාජයේ කිසිවෙකුට එයින් විශේෂ වාසියක් අත්වෙයි ද? මහා ධනවාදයේ සාරධර්ම අනුයන දුප්පත් රටක, දෙවර්ගයක මිනිස්සු…විකල්ප වෙබ් අඩවිය(www.vikalpa.org) විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට #EnageSMinSL “සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ ප්‍රකාශනයක්” සකස් කර ගැනීම වෙනුවෙන් සංවිධානය කළ මූලික වැඩමුලුව පසුගිය ජූනි මස 22, 23, 24 යන තෙදින තුළ මීගමුවේදී…iMage by;srilankabrief.org ‘හායි හූයි බබි ආච්චිගෙ බයිසිකලේ! කෙල්ලො කොල්ලො වටකරගෙන ගැහුව බෙල් එකඅඅඅ’ අපේ දෙවැනි පරම්පරාව ඒ පද දන්නේ නැතිව ඇති. අපේ කාලයේ නම් බයිලා බජව්වක අනීවාර්යයෙන්ම ‘හායි හූයි බබී ආච්චිගේ බයිසිකලේ…‘එහෙම පොටෝ ගන්න බෑ’ වව්නියාව පොලීසිය කියයි | ‘රාජ්‍ය ආයතන ඡායාරූප ගත කරන්න නීතියෙන් බාධාවක් නෑ’ [#RTIsl තොරතුරු ඉල්ලීමකින් තහවුරු වෙයි]ප්‍රකාශනයේ අයිතිය හා නිදහස වනාහි මෙරට ව්‍යවස්ථාව විසින් පිළිගෙන තහවුරු කොට ඇති රටේ පුරවැසියාගේ මුලිකම මිනිස් අයිතියකි. 1978 ව්‍යවස්ථාවේ 3 වන පරිජේදයේ 14 වන වගන්තියේ 1 (අ) කොටසේ මෙසේ සඳහන් වේ. “සෑම…
වමේ පක්ෂ සහ ප‍්‍රජාතන්ත‍්‍රීය බහුත්වවාදය ශ‍්‍රී ලංකාවේ වාමාංශික පක්ෂවල භූමිකාව ඔස්සේ සහ උතුරු නැගෙනහිර පීඩිත දෙමළ ජනතාව මෙන්ම ඉන්දීය සම්භවයෙන් යුත් කඳුරට පීඩිත දෙමළ ජනතාව කෙරෙහි ඔවුන් තුළ පැවති කැපවීමේ ඌනතාව ඔස්සේ…iMage by:Sunday Observer මරු සිරා, වැඩකාරයෙක් විය. තමා ගෙලවැළ ලා මරණයට පත් කිරීමට සිරා ඉඩ තැබුවේ නැත. මරු සිරා සිනමාවට ද ගීතය ද නැගුණි. පොළොන්නරුවේ සිරා කතාකාරයෙකි. වැඩ්ඩෙක් නොව බව හෙතෙමේම පෙන්වා…
පෙරහැර සුදානම්ය. කසකරුවෝද හේවිසිකරුවෝද දැනටමත් මහපාරේය. කසකරුවන් දෙස බලන විට පෙරහැර යන අත තේරුම් ගැනීම අමාරු නැත. එක් කසකරුවෙක් නම් අද්මිරාල් සරත් වීරසේකරය. තවත් කසකරුවෙක් නම් මේජර් ජෙනරල් කමල් ගුණරත්නය. වීරවංස සහ…හෝමාගම, ගොඩපරගහහේන ප‍්‍රදේශයේ බලපත‍්‍ර නොමැතිව, නීති විරෝධීව පවත්වාගෙන යන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ කර්මාන්තශාලාව හේතුවෙන් ඒ අවට පවුල් 40 කට වැඩි ප‍්‍රමාණයක් මේ වනවිට බලපෑමට ලක් ව සිටී. එම අපද්‍රව්‍යවල අඩංගු බැර ලෝහ…ආචාර්ය රොහාන් ගුණරත්නගේ අදහස් ‘ලෝක භූ-දේශපාලනය තුළ ශ‍්‍රී ලංකාව රඟපෑ යුත්තේ මධ්‍යස්ථ භූමිකාවක්’ බව ආචාර්ය රොහාන් ගුණරත්න කීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය එම ක්ෂේත‍්‍රයේ ඔවුන්ගේ ව්‍යාපෘති ක‍්‍රියාකාරකම් බොහොමයක් හේතුකොටගෙන, අදාළ අංශය අප‍්‍රිකානු කලාපය…සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘බිම්බාදෙවිය හෙවත් යශෝධරා’ නැරඹීමට මා තවත් යෙහෙළියන් දෙදෙනෙකු ද සමඟ, මහවැසි වැටුණු සෙනසුරාදා, කොළඹ රීගල් සිනමා ශාලාවට ගොඩ වැදුනෙමි. වෙලාව 3.30 වූ හෙයින්, ශාලාවේ ඉදිරිපිට, පෝලිමක් සැදී සිටින…iMage: Wikimedia Commons ආර්ථික වර්ධනය හා උපරිම තරමින් ලාභ ලැබීමේ ඉලක්කය වටා අධ්‍යාපනයේ සියලු අරමුණු කේන්ද්‍රගත කිරීම අධ්‍යාපනය සම්බන්ධයෙන් රජයේ මූලෝපායික උත්සහය වී තිබේ. එමනිසා ආර්ථික වර්ධනය සඳහා උපයෝගී නොවන විෂයන් ක්‍රමානුකූලව…
ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත 2018 අපේ‍්‍රල් මස 06 වැනි දින ගැසට් කරන ලදී. එම පනත් කෙටුම්පත මගින් ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන පද්ධතියෙහි ප‍්‍රබල වෙනස්කම් රැසක් සිදු කිරීමට යෝජනා කර…“අපිට ලැබිලා තියෙන වාතය, අපිට ලැබිලා තියෙන සුවද අපේ සහෝදර දෙමළ ජනතාවටත් ලැබෙන්න ඕනී” -ඩේමියන් මහතා (මීගමුව) Video here විකල්ප වෙබ් අඩවිය සිය 10වන වසරට (#VIKALPA10) සමගාමීව පවත්වනු ලබන ලංකාවේ යුද්ධයෙන් වසර…
"කටුක සත්‍ය ඉස්මතුකර දැක්වෙන වාර්තා වැඩසටහන්, පුරවැසි වෘතාන්තයන්, කෙටි චිත්‍රපට මෙන්ම දේශපාලන සංවාද, සාකච්ඡා, සිය ගණනක් විකල්ප පුරවැසි වෙබ් අඩවිය නිශ්පාදනය කර ඇත. පිවිසෙන්න අපගේ YouTube වීඩියෝ චැනලයට."
ආනන්ද වර්ධන දැන් රසකතා ලියන එක නවත්තලද කොහෙද. ඒකෙ අඩුපාඩුවක් මටනම් දැනෙනවා. පහුගිය දවසක ආනන්ද වර්ධනගේ "වෙබ් ආලෝචනා" අඩවියේ සාරවත් ලිපි ගොනුව අවුස්සගෙන යද්දි ෂෝක් කතා ටිකක් අහුවුනා. මේ මාර රොමෑන්ටික් කතාවට තමා මම කැමතිම. ඒ පෝස්ට් එකේ තව කතා දෙකක්ම තියෙනවා. (වෙලාවක් හොයාගෙන මේ අඩවිය ආපහු අවුස්සලා බලන්න. පාඩුවක් වෙන්නෙ නෑ)මම ආයෙත් පයින්. ලයනල් වෙන්ඩ්ට් පරිශ්‍රය අසල. හදිසියේ ම මා ඉදිරිපිටට පැන්න ආරක්ෂක භටයා ගෙන් නියෝගයක්.දැන් ඔහු මගේ දිහා බලාන තුවක්කුව (ඒකත් අමුතුම ගැජට් එකක්) පහතට අල්ලගෙන සීරුවෙන්! අන්දමන්ද වුණු මමත් මිලිමීටරයක් වත් හෙල්ලුණේ නෑ. තත්පර ගණනාවක් ගෙවීගියා අවුරුදු තරම් දිගට."හෙල්ලෙන්නැතුව ඉන්න" ඔහු ආයෙත් කීවෙ මට අමතක වෙයි කියල වෙන්න ඇති. මට අමතක නෑ. අපි කීකරු පුරවැසියොනෙ. මමත් දිගටම හෙල්ලෙන්නැතුව හිටියා. මම පාරට පිටුපා පදික වේදිකාව උඩ ඔහු දිහා බලාගෙන. ඔහු මා දිහා බලාගෙන. එක්තරා විදිහක ප්‍රේමාන්විත ඉරියව්වක්! මට ලැජ්ජ හිතිල එයාගෙ ඇස් දෙකෙන් අහකට, අතේ තිබුණු තුවක්තුව දිහාට මගේ ඇස් පාත් කළා. මොන විකාර හේතුවකට මන්ද මට එතකොට ම "අපි තුන් මුල්ලටම වෙලා ඉමු මුහුණට මුහුණ බලා" කියන සින්දුවත් මතක් උණා. ඒත් ඒකටත් තුන් දෙනෙක් ඉන්න එපැයි කියල ආයෙත් කල්පනාවට ආවා.එතකොට ම පිඹගෙන ගිගුම් දීගෙන ආ වාහන පේළියක් මට පිටිපස්සෙන් අපිව පහු කරගෙන යන හඬ ඇහුණා. ඒ මොකද්ද කියල බලන්න හිතුණත්, මම ඇස් දෙක තුවක්කුවෙන් අහකට ගත්තෙ නෑ. මං හිතන්නෙ මගෙ හිත තුවක්කුවට ඇදිල ගිය නිසා වෙන්න ඇති. වාහනවල හඬ නෑසී ගියා.අපේ අය විසින්ම එක්තරා කාල වලදී අහිමි කරගන්නා ලද නිදහස අපේ උන් විසින්ම නැවතත් ජරමර කර ලබාගැනීම උත්සවාකාරයෙන් මහ ඉහලින් සමරනවා. ඒකත් එක් තරා සැර විහිළුවක්.
අපි මෙහිදී ප්‍රධාන උපකරණ කීපයක් හදුනා ගනිමු, මෙහිදී මෙම උපකරණවල ක්‍රියාකරිත්වය පිලිබදව අප පසුවට කතා කරමු,පලමුව මේවා හදුනාගනිමු. Router R...CCNA හැදින්වීම(Introduction to CCNA Switching and Routing) බොහෝ අයට CCNA ඉගෙන ගැනීමට උවමනාව තිබුනත් , මුදල් අපහසුතා නිසා එය...
ගත වෙමින් පවතින්නේ මෙවර ග්‍රීෂ්ම නිවාඩුව තුළ ලංකාවේ ගෙවන අවසන් සතියයි. නිවසෙන් බැහැරව මසක කාලයක් ගෙවන විට සාමාන්‍යයෙන් කරන බොහෝ දේ මඟ හැරී යාම අසාමාන්‍ය දෙයක් නොවේ. ප්‍රමුඛතාවන් වෙනස්වීම, අන්තර්ජාල සම්බන්ධතා වල සීමාවන් ආදී විවිධ හේතු මත ඉකොනොමැට්ටාගේ වියුණු යාවත්කාලීන කිරීමද එසේ මඟ හැරුණු කටයුතු ලැයිස්තුවට එකතු වී ඇති අතර අවසන් වියුණු සටහන ලියා පළ කර තිබෙන්නේ මසකටද පෙරය.කෙසේ වුවද, මෙවර ලංකාවේ ගත කළ මසකට ආසන්න කාලය සාපේක්ෂව ඵලදායී වූ බැව් කිව මනාය. ජීවිතයේ විවිධ කාල වලදී සමීපව ඇසුරු කළ මිතුරු මිතුරියන් රැසක් නැවත හමු වන්නට ඉඩ සැලසුණු අතර ඉදිරි දින කිහිපය තුළද එවැනි හමු ගණනාවක් සිදුවීමට නියමිතව තිබේ. එමෙන්ම දිවයිනේ පළාත් හයක් ආවරණය කරමින් ප්‍රදේශ රැසක සංචාරය කිරීමටද මෙවර ඉඩ ලැබුණේය.මෙවර කළ "වෙනස් දෙයක්" වූයේ සෑහෙන කලකට පසු රියැදුරෙකුගේ සේවය ලබා නොගනිමින් ලංකාවේ දී මෝටර් රථයක සුක්කානම අතට ගැනීමේ සංකීර්ණ කටයුත්තට අත ගැසීමයි. ලංකාවේ වාහන ධාවනය කිරීමේ සමාචාර විධි (etiquette) නැවත අලුතෙන් ඉගෙන ගැනීම මුලින් හිතූ තරම්ම අමාරු වුණේ නැත.ඇමරිකාව දකුණෙන් වාහන එළවන රටකි. පොතේ හැටියට මෙන්ම ඇත්තටමද එය එසේමය. ඇමරිකාවේ පාරක වම් පැත්තේ වාහනයක් දකින්නට ලැබීම සුලභ සිදු වීමක් නොවේ.පොතේ හැටියට ලංකාව වමෙන් එළවන රටකි. එහෙත්, වාහන එළවීමේ සමාචාර විධි අනුව පාරේ වාහනයක් ධාවනය කළ යුතු පැත්ත වාහනයේ විශාලත්වය හා එහි වටිනාකම වැනි කරුණු මත තීරණය වේ. පෞද්ගලික මෙන්ම ලංගම බස් රථ වලටත්, මිල අධික ජීප් රථ හා මෝටර් රථ ආදිය සඳහාත් බලපාන්නේ ඇමරිකානු නීතිය බව පෙනේ. ඒ වාහන වැඩි වෙලාවක් තිබෙන්නේ පාරේ දකුණු පැත්තේය. නැත්නම් පාරේ මැදය. මෙවැනි වාහනයක් හෙඩ් ලයිට් ගසා සංඥා කළ විට පාරේ වමෙන් එන වාහන පාරෙන් ඉවත් වී කාණුවට බැස ඉදිරියෙන් එන වාහනයට ඉඩ දිය යුතුය.ත්‍රිරෝද රථ හා මෝටර් සයිකල් වැනි වැනි කුඩා වාහන වලට කැමති පරිදි පාරේ දකුණු පැත්තෙන් හෝ වම් පැත්තෙන් ගමන් කිරීමට තහනමක් නැත. අතුරු පාරවල් වලින් ප්‍රධාන පාරකට ත්‍රිරෝද රථයක් ඇතුළු කිරීමට පෙර ත්‍රිරෝද රථ රියැදුරෙකු සෑහෙන වෙලාවක් පරීක්ෂාකාරීව බලා සිටී. පාරේ වාහනයක් නැත්නම් එසේ සෑහෙන වෙලාවක් බලා සිටින එවැනි රියැදුරෙකු වාහනය පාරට දමන්නේ හරියටම වෙනත් වාහනයක් පැමිණෙන අවස්ථාවකදීය.ලංකාවේ වාහන වල සංඥා එළි භාවිතය හොඳ තත්ත්වයක තිබේ. කොයි තරම් හොඳද කියනවානම් බොහෝ රියැදුරන් විසින් දකුණු පස සංඥා එළිය වරක් දැල්වීමෙන් පසු එය නැවත නිවා දමන්නේ ගමන අවසන් කිරීමෙන් පසුව විය යුතුය. වාහනය වමට හැරවුවත්, දකුණට හැරවුවත්, දකුණෙන් ඉස්සර කළත්, වමෙන් ඉස්සර කළත් සංඥා එළියනම් දකුණටමය. කිසියම් පාරක මංතීරු දෙකක් සලකුණු කර ඇත්නම් එයින් අදහස් වන්නේ ලොකු වාහන තුනකට ගමන් කිරීමට ඉඩකඩ ප්‍රමාණවත් බවයි. ඊට අමතරව ත්‍රිරෝද රථ වලට හා මෝටර් සයිකල් වලට මේ ලොකු වාහන අතරින් රිංගන්නට ඉඩ තිබේ.බොහෝ දෙනෙක් කියන්නේ ලංකාවේ තිබෙන පාරවල් ප්‍රමාණයට වාහන ඕනෑවට වඩා වැඩි බවයි. මේ කතාවේ කිසියම් ඇත්තක් තිබෙන්නට පුළුවන. පසුගිය කාලයේ සැලකිය යුතු තරමේ මාර්ග සංවර්ධනයක් සිදු වී ඇතත් එයට අනුරූපව වාහන භාවිතයද ඉහළ ගොස් ඇති නිසා වාහන එළැවීමේ සමාචාර ලොකුවට වෙනස් වී නැත. එහෙත්, සාපේක්ෂව පාරවල් හොඳ හා වාහන අඩු කුරුණෑගලින් උතුරේ ප්‍රදේශ වල තත්ත්වයේ පැහැදිලි වෙනසක් දැකිය හැකිය. බෙදාගන්නට ඇති සම්පත් ප්‍රමාණය වැඩි වන විට මිනිසුන්ගේ චර්යාවන්ද වඩා හොඳ වීම සාමාන්‍ය දෙයකි.මගේ අදහස අනුව ලංකාවේ මහාමාර්ග වල දැකිය හැකි මහා වියවුලට එකම හේතුව පාරවල් ප්‍රමාණවත් නොවීම හා වාහන ප්‍රමාණය වැඩිවීමම නොවේ. වාහන ධාවනය විධිමත් ලෙස සිදුවේනම් පවතින මහාමාර්ග පද්ධතිය මීට වඩා බොහෝ කාර්යක්ෂම සේ භාවිතා කළ හැකි බව මගේ අදහසයි.පහත වගුවේ තිබෙන්නේ ලෝකයේ එක් එක් රටවල මහා මාර්ග වල දිග, ලියාපදිංචි වාහන සංඛ්‍යාව හා මහා මාර්ග කිලෝමීටරයකට වාහන ගණනයි. රට කුඩා වන තරමට මහා මාර්ග කිලෝමීටරයකට වාහන ගණන වැඩි වීම සාමාන්‍ය තත්ත්වයකි. මාල දිවයිනේ මහාමාර්ග කිලෝමීටරයකට වාහන 700ක් පමණ තිබේ. (වාහන ගණන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාගත් දත්ත වන අතර වසර පහක් පමණ පැරණි දත්ත වේ. මහා මාර්ග වල දිග විකිපීඩියාවෙනි.) සිංගප්පූරුවේ 293කි. දකුණු කොරියාවේ 218ක්ද, මැලේසියාවේ 165ක්ද, ජපානයේ 75ක්ද, නේපාලයේ 68ක්ද වේ. බංග්ලා දේශයේ 61කි. චීනයේ 52කි. ඇමරිකාවේ 39කි. ඉන්දියාවේ හා පකිස්ථානයේ 35ක් පමණ වේ. ලංකාවේ 46කි.ඉන්දියාව, පකිස්ථානය හා ඇමරිකාව වැනි ලොකු රටවලට මහාමාර්ග කිලෝ මීටරයකට ඇති වාහන ගණනට වඩා ලංකාවේ ගණන තරමක් වැඩි වුවත් ලංකාව සමඟ සැසඳිය හැකි බොහෝ රටවල් වලට සාපේක්ෂව එවැනි වැඩි කමක් පෙනෙන්නට නැත. එහෙත්, මහාමාර්ග කිලෝ මීටරයකට ඇති වාහන ගණන ලංකාවේ ගණනට වඩා වැඩි බොහෝ රටවල දැකිය නොහැකි තරමේ අවුලක් ලංකාවේ මහාමාර්ග වලදී දැකිය හැකිය. ලංකාවේ වාහන එළවීමේ සමාචාර විධිද මෙයට එක් හේතුවක් විය යුතුය.මං ඒත් හිතුවා ට්‍රම්ප් ඉකොන් ලියන ඒවා වාරණය කරලද කියලා. ඔය ලංකාවේ වාහන එළවීම ගැන නං කතා කරල වැඩක් නෑ. මොකද අපි ඔව්වා ගැන කලින් කතා කරපු නිසා. අද මේ පැයකට විතර කලින් මහ ට්‍රැෆ්ක් එකක මට පස්සේන් ආපු බයික් එකක් ඇම්බියිලන්ස් සයිරන් එක ගහනවා. මං බය වෙලා පාරේ අයිනට ගන්න කොට තමා දැක්කේ ස්කූටියක් කියලා. හැක්ඔබ ලංකාව හැර වෙනත් රටවල් කීයක වාහන පදවා තිබේද යන්නත් (රියදුරු බලපත්‍ර සහිතව) එම රටවලට සාපේක්ෂව ලංකාවේ මාර්ගවල ඇති බරපතල වැරදි මොනවාදැයි පැහැදිලි කල හැකිද? සාමාන්‍යයෙන් මෝටර් සයිකල් සහ ත්‍රීරෝද රථ වමෙන් ඉස්සර කිරීම, පාර හරහා ලේන් කපමින් වෙට්ටු දමා ඉස්සර කිරීම / හැරවීම සහ බස් පාර මැද නැවැත්වීම වැනි කොමන් වැරදි හැරුණු විට ලංකාවේ පළපුරුදු රියදුරෙකු මුහුණදෙන බරපතල අවුල් මොනවද? (ඉකොනොමැට්ටා වැනි විදේශිකයින් නුහුරු බව නිසා ගැටලු වලට මුහුණ දිය හැකියි )එමෙන්ම ඔබගේ රථයට හෝ හෙල්මට් එකට කැමරාවක් (ඩෑෂ් කැමෙරා) සවි කර එය ශ්‍රී ලංකා ට්‍රැෆික් වයලේශන්ස් ((https://www.facebook.com/srilankantrafficviolations) සමූහයට හෝ එවැනි ක්‍රියාකාරී ස්ථානයකට යොමුකිරීම මගින් මේ සම්බන්ධයෙන් ඔබට ක්‍රියාකල හැකියි.ලංකාවේ ධාවනය වන සියළු වාහන සඳහා බලපැවැත්වෙන පරිදි අධික ශබ්දය නිකුත් කරන නලා භාවිතය තහනම්, නව පනත අනුව ඩෙසිබල් 105 ඉක්මවන ශබ්ද නිකුත් කරන රිය නළා සඳහා නීති මාර්ගයෙන් කටයුතු කළ හැක, එමෙන්ම පොලිස් සහ ඇම්බියුලන්ස් සයිරන් අනොතෝරයිස්ඩ් ලෙස යොදාගැනීම තහනම් වේ. ඇම්බියුලන්ස් එකක් වුණත් ලෙඩෙක් නැතුව ආතල් එකට සයිරන් දැමීම දඬුවම් ලැබෙන වරදකි.ජූලි 01 වන දින සිට හදිසි සංඥා එළි සහ අනතුරු ඇඟවීමේ නලා හඬවල් සහිත පොලිස් වාහන හා අනෙකුත් හදිසි වාහන ධාවනය වන විට මාර්ගයේ ධාවනය වන අනෙකුත් සියලුම රථවල වේගය පැයට කිලෝ මීටර් 40 ක් උපරිම වේගයකට යටත් විය යුතු බව දැනටමත් ප්‍රසිද්ධියට පත් කර තිබේ. ඊට එරෙහිවූ විට දඩ මුදලක් එම ස්ථානයේදීම ගෙවීමට සිදු වන අතර නැතහොත් අධිකරණය තෙක් ගිය විට දඩ මුදලකට යටත් වීමට සිදු වන බවත් වාර්තා වේ. මීට අමතරව ධාවනය කරන විට පාපැදි සහ යතුරු පැදිකරුවන් තම ජංගම දුරකථනය භාවිතා කළහොත් එම ස්ථානයේම දඩ මුදලක් ලබා දීම වැනි නව නීති මේ වන විටත් ප්‍රසිද්ධ කර තිබේ. කෙසේවෙතත්, මෙම නව නීති ද ඇතුළත් සම්පූර්ණ මාර්ග නීති 408 ක් ඇතුළත් පිටු 547 ක පොතක් මේ වන විට සම්පාදනය කර තිබෙන බව ටීවී නිව්ස් වල දැක්කෙන් නැද්ද? මේ ගැන සොයා බලා දැනුවත්වන්න.දවසක් මම මංසන්ධි කො‍ටුවක නවතන් හිටියා ඉස්සරහා ක්ලියර් වෙනකම්... පිටිපස්සේ එකෙක් හෝන් ගහලා ගහලා බැරිම තැන ඉඩ තියන තැනකින් ඉස්සරහට ගිහින් හරියටම කො‍ටුව උඩ නැවැත්තුවා.. ඒ යන ගමන්, පොර සංඥා බාසාවෙන් "තොට පිස්සුද බූරුවො?" කියලා මගෙන් අහන්නත් අමතක කළේ නෑ....ලංකාවේ වාහන එලවනකොට ඇමරිකාවෙදි නොලැබෙන එක වාසියක් තියනවා. ඒ නොමිලේ හම්බෙන ඉවසීම ප්‍රගුණ කිරීමේ පාඨමාලාව...මංසන්ධි කොටුවෙන් පිටවීමට නොහැකි නම් දකුණට හරවන වාහනය හැර අනිත් කිසිදු වාහනයක් ඇතුලු නොකල යුතුය. මෙන්න මේ වීඩියෝ වල විස්තර තිබේ;ලංකාවේ පැරණි රියදුරන් බොහෝ දෙනෙක් ප්‍රායෝගිකව රියදුරු පරීක්ෂ්ණවලදී යෙලෝ බොක්ස් ජන්ක්ෂන් හරහා යනවිදිය පුහුණු නොවු අයයි, මේ ගැන ටීවී සහ සමාජ ජාල හරහා කතිකාවතක් ඇතිකළ යුතුයි.සාමාන්‍ය නීතිය යටතේ පදිකයින්ට පය තැබීමට තහනම් විය යුතු මංසන්ධි කොටුව එතැනදී භාවිතා වෙන්නේ පදික මාරුවක් ලෙසටයි.එතනදී පාර පනින උන්ට ඉඩ නොදුන්නොත් පාර පනින පොලිස් රාලහාමිලා අපිට රවන්නේ මං තෝව උසාවි දානවා වගේ බැල්මකින්.ඔබ දන්නෙ නැත්ද පොලිසිය එහා පැත්තෙ සහිරා විද්‍යාලය තියෙන බව? අනෙක එම ප්‍රදේශය භක්තිමත් ඉස්ලාම් භක්තිකයින් බහුලව වෙසෙන පෙදෙසක්, ඉස්ලාම් දහම අනුව රටේ නීතියට වඩා සර්වබලධාරී අල්ලාහ් තාලා දෙවිඳුන්ගේ දේව නීතියයි උතුම්, එමනිසා එම ජන්ක්ෂන් බොක්ස් එක ඉවත් කොට එම ස්ථානයට කහ ඉරක් දැමීම නැතිනම් එය එසේ තිබියදී ගුවන් පාලමක් සවිකිරීම අත්‍යාවශ්‍යයි. මෙහි සම්පූර්ණ වරද පසුගිය දූෂිත රාජපක්ෂ රෙජීමයේයි, ඔවුන් එවැන්නක් සිදු කළේ නැහැ, ඔවුන්ට ගුවන් පදික මාරුවක් ඉදිකිරීමට තිබුණා.ලංකාවේ මාර්ග නීතිය කියන්නේ ලෝකයේ කොහෙවත් නැති අමුතුම ජාතියේ එකක්. වරක් මම නිවාඩුවකට ලංකාවේ ගිහින් වාහනය එලවාගෙන යනකොට රවුන්ඩ් එබවුට් එකක දකුණෙන් එන වාහනේට ඉඩ දී ස්ලෝ කළා. එතකොට මාත් සමග හිටිය මගේ මල්ලි (ඌ ඩොකෙක්, එහෙම කිව්වේ මාර්ග නීති කැඩීම ත්‍රි වීල් කාරයන් පමණක් කරන දෙයක් කියලා හිතන නිසා) මට කිව්වේ "" එයා ගෑනු කෙනෙක්, අයියා එයාට ඉඩ දෙන්න ඕනෑ නැහැ අපි යං " කිව්වා. මම බැලුවේ වාහනය දිහා මිසක් රියදුරාගේ ලිංග භේදය නොවෙයිනේ. නමුත් ලංකාවේ ඒ ඒ වාහනයේ විශාලත්වය, දුර යන එකක්ද, පටවාගෙන යන්නේ මොනවද, රියදුරා ගැහැනුද පිරිමිද, සියලුම කරුණු නීතිය කැඩීමේ උපකරණ ලෙස පාවිච්ච් කරනවා.මේ එකක් විතරයි, මේ ඩෑශ් කැම් ඔව්නර්ස් ඔස්ත්‍රේලියා Dash Cam Owners Australia කියන ගෲප් එක සබ්ස්ක්‍රයිබ් කොරා නම් ඔසී වල ඉන්න "මහා ඥාණවන්ත" අතිසුපිරි අතිශ්‍රේශ්ට මිනිසුන්ගේ සුපිරි වැඩකිඩ බලාගත හැකිවනු ඇත, එයින් පසු ලංකාවේ ඩැයිවරලා තව හොඳයි කියල කියන්ට වෙයිද මන්දා.
හහ් හා, ඉතින් ඉඩියට් මහත්මයා, මමත් කිව්වෙ ඒකම තමයි. ලංකාවේ ට්‍රැෆික් වයලේසොං වීඩියෝ වල කමෙන්ට් කරන කට්ටියත් ඔහොම්මමයි, කොටින්ම ලංකාවෙ පොලෝසියත් කියන්නෙ මේ වගේ සාක්කි උන්නැහේලට දෙන්ට කියල තමයි. හැබැයි මචන් ඉඩියට් මහත්තයෝ මේකෙ අවුල තියෙන්නෙ මේකයි.ලංකාවට ඔස්ට්‍රේලියා, ඉන්ග්ලන්ඩ්, කැනඩා, ඩොයිච්ලන්ඩ්, ල ෆ්‍රොන්ස්, ඉතාල්යා, එස්පණ්‍යා, පොර්හ්තුගාල් ආදී බොහෝ රටවලින් එන හමේ පාට සුදු වූ විදෙස් සංචාරකයින් ලංකාවේ වාහන එලවීම දකින්නේ වෙනස් ආතල් එකක් විදිහටයි. නමුත් එම රටවලින්ම එන අප වැනිම දුඹුරු හම ඇති විදේශිකයින්ට මේක හෙන විසාල ප්‍රස්නයක් වීමයි. ගොඩක් වෙලාවට මෙහෙම කතා කියන හාල්පාරුවෝ ලංකාවට එන්නෙත් අවුරුදු ගාණකට වතාවක්, ඒ ඇවිත් සති කීපයක් ඉන්න එකේ මුන්ට මෙහේ වැරදි අටෝරාසියක් පේන එක පුදුමාකාර්යි නේද?අනෙක් පැත්තෙන් ඔය කිව්ව පිටරටවල ඒකපුද්ගල ආදායම ලංකාවට වඩා බොහෝ වැඩි නිසා මෙවුන්ට සල්ලිත් නැතුවයෑ? ඉතින් දෙය්යනේ ලංකාවට ආවම ඔච්චර අමාරුනම් මෙහේ ඉන්න හොඳ පළපුරුදු එක්ස්පර්ට් සේෆ් ඩ්‍රයිවර්කෙනෙක් එක්ක වාහනයක් / හොඳ සේෆ් කැබ් සර්විස් එකක් හොයාගෙන ඒකෙන් ශෆාන් ගමන් යන්න පුලුවන් වුණත් එම උත්තමයින්ගේ තියෙන කුණු ලෝබකමට ඒකත් කරන්නෙ නැතුව එක්කො ලංකාවෙ ඉන්න එකෙක්ගෙ වාහනයක් ටික දොහකට එල්ලගෙන තමුන්ම පැදගෙන යනව, නැත්නම් රෙන්ට් එකට රු. 2500 මරුටි ඇල්ටෝ කබලක් අරන් ඒක පැදන් යනවා.අනෙක ඉතින් ඔය අප වගේ දුඹුරු හම තියෙන ලාංකික සම්භවයෙන් යුත් විදෙශිකයින් බොහෝ දෙනෙක් ලංකාවට "හොලිඩේ" යනවා කියන්නේ දෙමව්පියන්ගේ සහ නෑයන්ගේ ගෙවල්වල ලැගීම තමයි , නැතුව සල්ලි ගෙවලා හොලිඩේ ගත කරන එවුන් නෙවෙයි. එහෙම එද්දි (අල්ඩි වගේ චීප් සුපර්මාකට් වලින්) එහෙන් ලාබෙට ස්පෙශල් ඔෆර් දාල තියෙන ස්වීට්ස් (චොකලට් වගේ) මෙහෙට අරන් ඇවිත් දීල ඒකෙන් ශේප් වෙලා ලංකාවෙ එවුන්ටත් ඇණයක් වෙලා තමයි ආපහු යන්නේ, ඉතින් සමහර විට උන් තරහටම මුන් ඩ්‍රයිව් කරද්දි එක එක ගොන් කතා කියල අවුල් කරනවත් ඇති. මොකෝ නැතෙයි මිස්ට ඉඩියට්?
හැබැයි මම නම් හිතන්නේ ඔබ වාහන වැඩිදැයි බැලීමට යොදාගත් සමස්ත මාර්ග දුර: වාහන සංඛ්‍යා අනුපාත ක්‍රමය එතරම්ම නිවැරැදි නොවන බවයි. ඇතැම් දිස්ත්‍රික්ක/ නාගරික ප්‍රදේශවල මාර්ග අධික ලෙස භාවිත වන අතරම ඇතැම් ග්‍රාමීය මාර්ග භාවිත නොවන තරම්. අනෙක ඔබ කියන්නේ මේ දත්ත වසර 5කට පෙර ඒවා බවයි. කෙසේ නමුත් පසුගිය දූෂිත රාජපක්ෂ කල්ලිය බලයේ සිටි 2010-2014 සහ පසුව 2015දීත් වාහන විශාල ලෙස ලංකාවට ආනයනය කල අතර මාර්ගද අතිවිශාල ලෙස පළල් කිරීමත් අලුත් මාර්ග ඇතිකිරීමත් වුණා.කොහොම වුණත් ඔබ වැනි රයිට් හෑන්ඩ් ට්‍රැෆික් ඇති රටක සිට වමෙන් පදවන ලංකාව වැනි රටකට පැමිණෙන අයට මූලික වශයෙන් මාර්ගයේ නුහුරු බව, සිග්නල් / වයිපර් ටැපලීම මැනුවල් ගියර් නම් ගියර් දැමීමේ නුහුරු බව වැනි ප්‍රශ්න ඉතා සාමාන්‍යයි.ඔබ ලංකාවේ පළාත් 6ක සැරිසැරුවානම් දකුණු වෙරළ තීරය, නුවර දම්ම්බුල්ල වැනි පළාත්වලදී මෙන්ම කොළඹදීත් සංචාරක සුදු ජාතිකයින් ස්කූටර්, මහීන්ද්‍රා මැxඉ ට්‍රක්/ බොලෙරෝ, ඩිමෝ බට්ටන් (ටාටා ඒස්) / ටාටා කැබ් ආදිය පදවනවා දකින්න ඇති. ඔවුන්ගේ ධාවනය කෙසේද? දඹුල්ල පැත්තෙනම් අත්ට්‍රැක්ටර්/ කුබෝටා රෝද හතරේ ට්‍රැක්ටර් හෙමත් එලවනවා. ඔවුන්ගේ ප්‍රියතම වාහනය හොන්ඩා ඩියෝ ස්කූටර් බයික් එකයි. (සර්ෆ් බෝඩ් හෙම බැඳන් ඇරල යන්නෙ,) ඔවුන් ලාංකිකයින්ටත් වඩා වෙට්ටු කාපර්ලා, මාර යෑමක් යන්නෙ.කොහොම වුණත් මට හමුවූ "සුදු හම ඇති" විදේශිකයින් නම් ලංකාවේ වාහන පැදවීමට බොහෝ ප්‍රියයි, ටුවරිස්ට් බස් වල නම් ඉදිරිපස වම් සීට් එකට ඔවුන් පොරකන්නේ ලංකාවේ ඇඩ්වෙන්චරස් මාර්ග අත්දැකීමට ඔවුන් බොහෝ ආස නිසයි. මේ ගැන ටුවරිස්ම් ෆීල්ඩ් එකේ අය සාක්ෂි දරාවි. ඔවුන් ලංකාවේ රිය පැදවීම සොෆ්ට් රෝලර් කෝස්ට් රයිඩ් එකක් මෙන් එන්ජෝයි කරන බව එක සුදු විදේශිකයෙක් මා හා පැවසුවා.කෙසේ නමුත් තලෙලු සම ඇති (ලාංකීය සංක්‍රමණික ) විදේශිකයින් නම් නිතර ලංකාව දෙස බලන්නේ නුහුරට බව මගේ පුද්ගලික නිරීක්ෂණයයි. විශේශයෙන්ම ඔස්ට්‍රේලියා/ එංගලන්තය වැනි රටවල අප මෙන්ම ලෙෆ්ට් හෑන්ඩ් ට්‍රැෆික් ඇති නිසා ඔවුන්ට මෙහි පැදවීම ගොඩක්ම අමාරු නැතිවුණත් බොහෝවිට කරුණු අතිශයෝක්තියෙන් දක්වමින් අවමන් සහගත කතා කීම සුලභයි. ඇතැම් ලාංකිකයින්ද ඒවාට හූමිටි තබමින් අනුමත කරන අතර ඔවුන් ඇතැම්විට ලංකාවෙන් පිට රටවල් ගැන එතරම් දන්නා අයත් නොවෙයි. මටනම් එය තරමක් ගැටලුකාරීයි. තවත් සමහරු කියන්නේ මෙය හීනමානය නිසා කියන කතාවක් බවයි.කොහොම වුණත් ඔබ ඇතැම් වාහන පාර මැදි ඇවිත් හෙඩ්ලයිට් ගහන බව කීවා, ලංකාවේ ඇතැම් පුද්ගලයින් මෙසේ කරන බව ඇත්ත, නමුත් බොහෝ විට පාර පටු නිසාද වාහන මැදින් එනවා මෙන් පෙනෙන්නටත් පුළුවන්. මෙවන් පටු මාර්ග ජපානය (උදා: ශිබමතා/ චිබාකෙන් - ජපානයේ ඇතැම් නාගරික මාර්ග ලංකාවටත් වඩා ඉතාම පටුයී) මෙන්ම එංගලන්තය/ අයර්ලන්තය වැනි රටවලත් මෙවැනි පටු මාර්ග තිබේ.ලංකාවේ සාමාන්‍යයෙන් ත්‍රීරෝද රථ සහ ඇතැම් යතුරු පැදි/ බස්/ ටිපර් සහ ඇතැම්විට කාර්/ වෑන් ද පාර පුරා අන්තුරුදායක ලෙස යාම පාලනය කිරීමට පොලීසිය විවිධ ක්‍රියාමාර්ග ගත්තත් තවමත් ඇතැමුන් අවිධිමත් ලෙස ධාවනය නවතා නැහැ. මේ සම්බන්ධයෙන් හොඳ කතිකාවතක් ඇතිකර රියදුරන්ගේ විනය දියුණු කිරීමට ක්‍රියාකල යුතුයි.හැබැයි සමස්තය ගැන සැලකීමේදී ඉන්දියාවේ වාහන සැසඳීමෙන් අඩු වූවාට, රට අතිශයින් විශාල වූවාට ඉන්දියාවෙ බොහෝ නගර වල ඇති ට්‍රැෆික් තත්වය ලංකාව හා සසැඳීමේදී අතිශයින්ම කනගාටු දායකයි. ලංකාවේ ත්‍රීවීල් රියදුරා පවා ඉන්දියානු රියැදුරන්ට සාපේක්ශව ආචාරශීලීයි.වමෙන් ඉස්සර කිරීම ධාවන තීරු අනුගමනය නොකිරීම ආදිය පොලීසිය මුලුමනින්ම නොසලකා හැර ඇති මාර්ග හැසිරීම්. ඒවා නිවැරදි කලා නම් බොහෝ දුරට මාර්ගය සාමකාමී වන්නට ඉඩ තියෙනවා.
ඉන්දියාවේ මානව සම්පත් සංවර්ධන අමාත්‍යංශය (MHRD) සහ ඉන්දීය රජය විසින් මනිපායි ඇකඩමි උසස් අධ්‍යාපනය විශ්ව විද්‍යාලය ඉන්දියාවේ වඩාත් පිළිගත් විශ්ව විද්‍යාලය ලෙස නම් කරමින් “විශිෂ්ටතම ආයතනය“ බවට පත් කරයි. 2018 ජුලි මාසයේදී මෙම විශ්ව විද්‍යාලය මෙම සම්මානයෙන් පුදනු ලැබීය.මෙම අවස්ථාවට එක්වූ මනිපායි ඇකඩමි උසස් උසස් අධ්‍යාපන ආයතනයේ උප කුළපති ආචාර්ය එච් විනෝද් බාත් මහතා සඳහන් කළේ මනිපායි ඇකඩමි උසස් අධ්‍යාපන ආයතනය ඉදිරි වසර දෙක තුළ නව විශ්ව විද්‍යාල 3ක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි. ඉන්පළමුවැන්න බැංගලෝර් හි ඉදිකෙරෙන අතර දෙවැන්න ජම්ස්පුර් හිදී ඉදිකෙරෙන අතර තුන්වැන්න ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන බවයි.ලෝකයේ ප්‍රමුඛ විශ්ව විද්‍යාල රැසක් සමඟ ඒකාබද්ධව කටයුතු කරන MAHEහෙවත් මනිපායි ඇකඩමි උසස් අධ්‍යාපන ආයතනය ඉගැන්වීම් සහ පර්යේෂණ කටයුතු දිරිගැන්වීම සඳහා කටයුතු කරමින් සිටියි. මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක නිලධාරි සත්‍ය නඩෙල්ලා,නොකියා ප්‍රධාන විධායක නිලධාරි රජිව් සූරි ආදීන් මෙම විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූවෝ වෙති.මෙයින් පැහැදිලි වන්නේ MAHE උපාධි සඳහා වන ජාත්‍යන්තර පිළිගැනීමයි.ජාත්‍යන්තර ශ්‍රේණිගත විශ්ව විද්‍යාලයක් බවට පත්වීම සඳහා වන සියලු සුදුසුකම් මෙම විශ්ව විද්‍යාලය සපුරා ඇති බවත් නුදුරේදීම ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් බවට පත්වනු ඇති බවත් එහි උපකුලපති එච් විනෝද් බාත් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
කූඹියෝ ටෙලි නාට්‍යය තවමත් අවසන් වී නැතත් එය අවසන් වෙන්නට තවත් ඇත්තේ කොටස් කිහිපයක් පමණක් විය යුතුය. ටෙලිනාට්‍ය රචකයා විසින් මේ වන විට කිහිප වරක්ම ප්‍රේක්ෂකයින්ව කරකවා අතහැර තිබේ. තමන් නරඹන්නේ ටෙලිනාට්‍යයක් බව මේ නරඹන්නන් "දන්නා" නිසා කතාවේ පෙර කොටස් නරඹද්දී තමන් "දැන සිටි" දේවල් ඇත්ත නොවන බව, එසේ නැත්නම් කවදාවත්ම ඇත්ත නොවූ බව, ඔවුන්ට පසුව තේරේ.කූඹියෝ ටෙලිනාට්‍යයේ ඉහත කථාංගය විකාශනය වන විට ලංකාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වී සතියක් ගතවී තිබේ. එහෙත්, පසු මැතිවරණ කම්පන තරංග වල තීව්රතාව තවමත් අඩු වී නැත. තවමත් එළියට නොපෙනෙන පුංචි මැතිවරණයේ ලොකු ප්‍රතිඵල අපට ඉදිරියේදී දකින්නට හැකි වනු ඇත.පෙනෙන්නට ඇති පරිදි මැතිවරණයෙන් පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයක් ලබා තිබේ. මාධ්‍ය වාර්තා අනුව පොදුජන පෙරමුණ විසින් පළාත් පාලන ආයතන 231ක් හෝ වැඩි ගණනක් ජයගෙන ඇති අතර ඒ බව විදහා දැක්වෙන සිතියම් මාධ්‍ය වල පළවී තිබේ. මේ සිතියම මේ වන විට විකිපීඩියාවේද දැකිය හැකිය. එහෙත්, ඇත්තටමනම් පොදුජන පෙරමුණට බහුතර බලය ලැබී තිබෙන්නේ පළාත් පාලන ආයතන 121ක හෝ ආසන්න ගණනක පමණි. පළාත් පාලන ආයතන 340න් 200කටත් වැඩි ගණනක කිසිදු තනි පක්ෂයකට බහුතර බලය ලැබී නැත. ඒ පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම තීරණය වන්නේ පක්ෂ හා කණ්ඩායම් සන්ධානගත වන ආකාරය අනුවය.ඉහත කරුණ බොහෝ දෙනෙකුට රහසක් නොවූවත්, මහින්ද පාක්ෂිකයින් හා මහින්ද විරෝධීන් වෙනසක් නැතිව විශාල පිරිසක් විසින් විශ්වාස කරන දෙවන බොරුව වන්නේ පොදුජන පක්ෂය විසින් 45%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති බවයි. "දි ඉකොනොමිස්ට්" වැනි සඟරා හරහා බටහිර ලෝකය වෙත සම්ප්‍රේෂණය වෙමින් තිබෙන්නේද මේ නිර්මිත යථාර්තයයි. එහෙත්, ඇත්තටම මේ ප්‍රතිශතය 40.5%කට පමණ වඩා වැඩි නැත. පොදුජන පෙරමුණේ සහාය ලැබූ ස්වාධීන කණ්ඩායම් හා පක්ෂ විසින් ලබාගත් හා එම පක්ෂය තරඟ කළේනම් ලබන්නට තිබූ ඡන්ද ප්‍රමාණයද ප්‍රතිශතයක් ලෙස 0.6-0.8% නොඉක්මවයි.මාධ්‍ය වල පළවී ඇති ප්‍රතිශත ගණනය කර තිබෙන්නේ පොදුජන පෙරමුණ, එජාප, එජනිස හා ශ්‍රීලනිප, ජවිපෙ හා ඉලංගෛ තමිල් අරසු කච්චි යන ප්‍රධාන දේශපාලන පක්ෂ හා සන්ධාන පහ හැර අනෙකුත් පක්ෂ හා කණ්ඩායම් විසින් ලබාගෙන ඇති ලක්ෂ 12කට ආසන්න ඡන්ද ප්‍රමාණය නොසලකා හරිමිනි.මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය ලෙස බොහෝ දෙනා දන්නා දේ තනිකරම නිර්මිත යථාර්තයකි. එහෙත් ඒ මත පදනම්ව මේ මොහොත වන විටත් ඉතා වැදගත් දේශපාලන තීන්දු ගැනෙමින් පවතී. ලංකාවේ මහ පොළොවේ දේශපාලනයට තීරණාත්මක බලපෑමක් සිදුවිය හැකි දේ ලියන්නට අප අකැමැති නිසා මේ ගැන වැඩිපුර කතා කරන්නට කැමති නැතත්, කාලයක් යද්දී මේ නිර්මිත යථාර්තය "සැබෑ" යතාර්ථය බවටත්, ඉතිහාසය බවටත් පත් වනු ඇත.මෙහිදී නිර්මිත යතාර්ථයක් ගැන අප කතා කරන්නේ සැබෑ යතාර්ථයකට සාපේක්ෂව නොව තවත් නිර්මිත යතාර්ථයකට සාපේක්ෂවය. ඒ මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර ඇති නිල මැතිවරණ ප්‍රතිඵලයි. අප දන්නා තරමින් කිසියම් හේතුවක් නිසා ආනමඩුව ප්‍රාදේශීය සභාවේ ප්‍රතිඵල තවමත් ප්‍රකාශයට පත් කර නැති අතර කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ ප්‍රකාශිත නිල ප්‍රතිඵලය සංශෝධනය කර නැවත ඉදිරිපත් කර තිබේ.පළාත් පාලන ආයතන දහයකටත් වැඩි ගණනක නිල ප්‍රතිඵල වල මේ වන විටත් බැලූ බැල්මටම පෙනෙන වැරදි දැකිය හැකිය. නිවැරදිම ප්‍රතිඵලය දැක ගන්නටනම් මේ වැරදිද නිවැරදි විය යුතුය. එවිට අපට දැකිය හැකි වනු ඇත්තේ සැබෑ යතාර්ථයද? ඡන්ද ප්‍රතිඵල වලින් පිළිබිඹු වන්නේ ඡන්දදායකයින්ගේ "සැබෑ" කැමැත්තද?හං හං හා... ලංකාවේ පළාත් පාලන මැතිවරණය පැවැත් වූ 11 රාත්‍රියේ සිට උඩ පැන නැටූ මහින්දගේ බත් බැලයන්ට මාගෙ සාතිශය සංවේගය පළ කරන අතරම විනාඩි දෙකක නිශ්ශබ්දතාවක්ද පවත්වමි. අද රෑට කොට්ටෙට චූ කරල බුදියගනියව්.මහින්ද ඇමතිකම් හිගා කාල ලැජ්ජා නැහැ. මහින්ද රාජපක්ෂ ඇමතිකම් දෙකක් ඉල්ලලා . වරාය එයාට, විදේශ පුතාට....එනම් 1947 සිට මේ දක්වා සියලු පළාත් පාලන මැතිවරණ බ්ලයේ සිටින ආණ්ඩුව විසින් ඉතා ඉහළින් සහ පහසුවෙන් දිනුවත් මෙවර අලුත් පක්ෂයක් වූ පොහොට්ටු කල්ලිය ඉන්දියාවේ ආම් ආද්මී මෙන් මැතිවරණ ප්‍රතිඵල උඩු යටිකුරු කර තිබේ.මෙහි ඔබ කළාක් මෙන්ම ඡන්ද ප‍්‍රතිඵලය ගැන කෙරෙන විවිධාකාර විසුළු විකාර විග‍්‍රහයන් තමන්ගේ අච්චුවට දමා විග‍්‍රහ කිරීමට කෙනෙකු මොන තරම් පෙළඹෙන්නේද යන්න මනාව පෙන්වන තවත් විසුළු අවස්ථාවක් වන්නේ, මේ පරාජය "සයිටම් ප‍්‍රශ්නය" අරභයා මේ ආණ්ඩුව අනුගමනය කළ පිළිවෙතේ ප‍්‍රතිවිපාකයක් වශයෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය විසින් හඳුන්වනු ලැබීමයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩත් මේ ඔබගේ පට්ට ආතල් විග්‍රහ වලට නොදෙවෙනි මෙවැනිම ප‍්‍රකාශයක් කර තිබේ.ඔහුට අනුව, "පොහොට්ටුව වෙනුවෙන් පාවිච්චි කළ ඡන්දය, ආණ්ඩු වෙනසක් ඉල්ලා පාවිච්චි කළ ඡන්දයක් මිස, මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පාවිච්චි කළ ඡන්දයක් නොවේ" ලු. පොහොට්ටුවට ඡන්දය පාවිච්චි කළ ඡන්දදායකයන් ආණ්ඩු වෙනසක් අපේක්ෂා කළ බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ඔවුන් ගිය වර ජනාධිපතිවරණයේදීත් ඡන්දය ප‍්‍රකාශ කොට ඇත්තේ ද මෙලෙසින්ම ය. පළාත් පාලන ඡන්දයට මහින්ද රාජපක්ෂගේ බලපෑමක් නැතැයි කීම, කුහක කතාවක් නොවෙයි නම්, බොළඳ කතාවකි.ඔබ මෙහි අමතක කල පළමු කරුණ සාමාන්‍යයෙන් මහා මැතිවරණයක චන්ද ප්‍රතිපලය පළාත් පාලන චන්ද ප්‍රතිපලයක් සමග සංසන්දනය විහිළුවක් වීමයි. හේතුව සෑමවිටම පළාත් පාලන චන්දයක වැඩි වාසිය බලයේ සිටින පාලක පක්ෂයට. අනිත් කරුණ මහින්දට විරුද්ධව අගමැති ගේ බලය ඇති එජාපය, සහ විධායක බලය ඇති සිරිසේන ඇතිකළ දැඩි පීඩනය. මෙම කරුණු සලකා බැලීමේදී මහින්දගේ ජයග්‍රහණය අවතක්සේරු කරන මෙවැනි සංඛ්‍යා ලේඛන පදනමක් නැති විහිළුවක්.කොහොම වුණත් අලුත් මැතිවරණ ක‍්‍රමය තුළ සමානුපාතික නියෝජනය හරි තිතට ලැබෙන්නේ යැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කීවද, මේ මැතිවරණයේදී එක් එක් පක්ෂය දිනාගෙන ඇති පළාත් පාලන ආයතන සංඛ්‍යාව දෙස බැලීමේදී යම් දැඩි විකෘති සහගත බවක් පෙනෙන්ට ඇති බවත් අප විසින් නිරීක්ෂණය කළා.දැන් උදා ලෙස, පො.ජ.පෙ. මෙවර සියයට 44.65% ක් හෙවත් 4,941,952 ක් ලබාගෙන පළාත් පාලන ආයතන 239 ක් ජයග‍්‍රහණය කොට ඇති බව කියන අතර, සියයට 32.63 ක් හෙවත් 3,612,259 ක් ඡන්ද ලබා ගත් එක්සත් ජාතික පක්ෂයට ජය ගත හැකිව තිබෙන්නේ පළාත් පාලන ආයතන 41 ක් පමණි. එනම්, පො.ජ.පෙ. දිනා ඇති ආයතන සංඛ්‍යාවෙන් අඩක්වත් දිනා ගැනීමට ඊට හැකි වී නැත. එසේම, ආණ්ඩුව කරවන පක්ෂ දෙක වශයෙන් එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ලබා ගත් ඡන්ද ප‍්‍රමාණයත්, ඡන්ද ප‍්‍රතිශතයත්, පො.ජ.පෙ ලබා ගත් ඡන්ද ප‍්‍රමාණයට සහ ප‍්‍රතිශතයට වඩා වැඩි වෙතත්, ඔවුන්ට ලබා ගත හැකිව තිබෙන ආයතන සංඛ්‍යාව වන්නේ 51 ක් පමණි. ඊට වඩා අඩු ඡන්ද ප‍්‍රතිශතයක් සහ ඡන්ද ප‍්‍රමාණයක් ලබාගෙන ඇති පො.ජ.පෙ. ට, ආයතන 239 ක්ම ලැබී තිබේ.මෙවරත් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පාවිච්චි කළ ඡන්ද ප‍්‍රමාණය, ජනාධිපතිවරණය සහ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය සමග සැසඳීමේදී, මෙවර වැඩියෙන් පහළ ගොස් ඇති බව, ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු පෙන්වා දෙති. ඒක ඇත්ත, මහින්ද රාජපක්ෂ පිළ මෙවර ලබාගෙන ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ලබා ගත් ඡන්ද ප‍්‍රමාණයට වඩා අඩු ඡන්ද ප‍්‍රතිශතයක් බව ඇත්ත නමුත් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව එසේ කිව නොහැක.පසුගිය 2015 අගෝ. පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබා ගත් ඡන්ද ප‍්‍රමාණයට වඩා ලක්ෂ දෙකක පමණ වර්ධනයක් ඔහු සම්බන්ධයෙන් මෙවර පෙන්නුම් කරයි. අනිත් අතට, ආණ්ඩු බලය හොබවන පක්ෂ දෙක වශයෙන් එක්ව රාජ්‍ය බලය සහිතව ලබාගෙන ඇති ඡන්ද ප‍්‍රමාණය සහ ප‍්‍රතිශතය, පො.ජ.පෙ. මෙවර තනිව තරඟ කොට ලබාගත් ප‍්‍රමාණයට සහ ප‍්‍රතිශතයට වඩා වැඩි වෙතත්, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ මුළු ඡන්ද ප‍්‍රමාණයත්, ප‍්‍රතිශතයත් ඉතා බරපතල ලෙස පල්ලම් බැසීමකට ලක්ව තිබේ. එසේ වුණේ මන්ද යන්න තේරුම් ගැනීමට තවමත් එක්සත් ජාතික පක්ෂය අසමත්ව ඇති බව එජාප මාධ්‍යකරුවන්ගේ බහුබූතවලිනුත් අජිත් ධර්මකීර්ති වැනි ප්‍රබල එජාප හිතවාදීන්ගේ කෝලම් වලිනුත් මනාව පෙනේ.එහෙත් මෙතනදී රාජ්‍ය බලය ලබාගත් එක්සත් ජාතික පක්ෂයේ ‘‘කට විතරයි, වැඩ නැහැ’’ ප‍්‍රතිපත්තිය ඔවුන්ගේ පසුබෑමේ ප‍්‍රධාන හේතුව වශයෙන් ගත හැකිය. පසුගිය පරණ රාජපක්ෂ රෙජීම පාලන තන්ත‍්‍රයේ දූෂිතයන්ට එරෙහිව බොරුවට හඬගෑම, එක්සත් ජාතික පාක්ෂිකයන් සෑහෙන ප‍්‍රමාණයක් එම පක්ෂයට ඡන්දය දීමෙන් වළක්වාලන ලදි. එහෙත් ඔවුන් මහින්ද රාජපක්ෂට ඡන්දය පාවිච්චි කෙළේ නැත. තම පක්ෂය කෙරෙහි වන ඔවුන්ගේ කලකිරීම, හිටපු පාලකයන්ට එරෙහිව පියවර ගැනීම එක්සත් ජාතික පක්ෂය විසින් වළක්වනු ලබන්නේය යන මෛත‍්‍රීපාල සිරිසේනගේ චෝදනාව ඉදිරියේ තවත් උග‍්‍ර වන්නට ඇත.එමෙන්ම ලංකාවේ විශාල බුද්ධිමත් කොටසක් පසුගිය මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය සහ රාජපක්ෂ-විරෝධී කඳවුර සමග එකට සිටගත්හ. මේ ආණ්ඩුව දූෂණය දුරලමින් යහපාලනය ගෙන එනු ඇතැයි ඔවුහූ දැඩිව අපේක්ෂා කළහ. එහෙත් රාජ්‍ය බලය ලබාගත් වහාම අතිශය අශික්ශිත ලෙස වහ වහා ලක් ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදුකල අති දැවැන්ත මහ බැංකු බැඳුම්කර වංචාව සිදුකිරීමත් ඊටත් වඩා එය බොළඳ ලෙස ගලේ පැහැරූ බළලුන් මෙන් යට ගැසීමට උත්සාහ කිරීමෙන් සහ ඒ හොරුන්ව ආරක්ෂා කිරීමට එක්සත් ජාතික පක්ෂය නින්දිත උත්සාහත් නිසා තම පාක්ෂිකයන් අතරේ පැවති විශ්වාසයත් බිඳ ගත්තේය.පසුගිය 2010-2014 රාජපක්ෂ රජයේ දැවැන්ත දූෂණ පිළිබඳ මතකය තවම ඇති නිසා මේ ඡන්දදායකයන් පිසිස සතුව අවසානයේ ඉතිරි වුණේ, ජනතා විමුක්ති පෙරමුණට හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡුන්දය පාවිච්චි කිරීමට හෝ ඡන්දය නොදා සිටීමට සිදු වන තත්වයකි. සේවක අර්ථසාධක අරමුදලේ සල්ලි මේ බැඳුම්කර වංචාව හරහා ගසා කා ඇති බව තමාගේ දේශපාලනික විරුද්ධවාදීන් කීමට පටන් ගත් නිසා වතුකරේ එක්සත් ජාතික පක්ෂ ඡන්දදායකයන් කෙරෙහි මෙම වංචාව මොන තරම් බලපෑවේ ද යන්න අමාත්‍ය පලනී දිගම්බරම් කීවේය.ලාංකික බහුතර ජනතාවගේ හදවත් තේරුම් ගැනීමට එක්සත් ජාතික පක්ෂයට නොහැකි වීම ඔවුන්ගේ පරාජයට තවත් හේතුවක් විය. බලයට ආ සැණින්, ජීවන වියදම අඩු කිරීමේ ක‍්‍රමයක් වශයෙන් ප්ලේන් ටී එකේ සහ ආප්පයක මිල නියම කිරීමට තැත් කිරීමෙන් ඔවුන් පෙන්නුම් කෙළේ එය පොළොවේ පය ගසා නොසිටින පක්ෂයක් බව ය. ජනතාවට අවශ්‍ය වන්නේ කුමක් ද යන්න ගැන ඔවුන්ට කිසිදු වැටහීමක් නැති බව එයින් පෙන්නුම් කෙරුණි. වසර පහක දී රැකියා දස ලක්ෂයක් නිර්මාණය කිරීමට පොරොන්දු වූ ඔවුහූ පසු ගිය වසර තුනක කාලය තුළ රැුකියා 400,000 ක් සපයා ඇතැයි කීහ. එහෙත් මේ මුළු කාලය මුළුල්ලේ එක කර්මාන්ත ශාලාවක් හෝ වැඩබිමක් ඔවුන් විවෘත කොට නැත. මැතිවරණයක් සඳහා කයිවාරු සහ ලස්සන ප‍්‍රතිපත්ති එතරම් වැදගත් වන්නේ නැත. වැදගත් වන්නේ, ජනතාවට සෘජු බලපෑමක් ඇති යහපත් කටයුතු සිද්ධ වීම ය. නමුත් එවැනි දෑ සිදුවුණාද කියා ඔබට පෝස්ට් එකක් මගින් දීර්ඝ වශයෙන් විස්තර කළ හැකි නම් ඉතා අගෙයි.//දැන් උදා ලෙස, පො.ජ.පෙ. මෙවර සියයට 44.65% ක් හෙවත් 4,941,952 ක් ලබාගෙන පළාත් පාලන ආයතන 239 ක් ජයග‍්‍රහණය කොට ඇති බව කියන අතර, සියයට 32.63 ක් හෙවත් 3,612,259 ක් ඡන්ද ලබා ගත් එක්සත් ජාතික පක්ෂයට ජය ගත හැකිව තිබෙන්නේ පළාත් පාලන ආයතන 41 ක් පමණි.//පොදුජන පෙරමුණ හා එජාපය එක්ව දෙරණ ප්‍රධාන වූ මාධ්‍ය යොදා ගනිමින් රටක්ම රවටා තිබේ. ඔය සංඛ්‍යා 6න් එකක්වත් නිවැරදි නැත. මෙය විග්‍රහයක් නොවේ. වඩා නිවැරදි මැතිවරණ ප්‍රතිඵලයයි.
ගාලු ක්‍රීඩාංගණයේ පළමු ටෙස්ට් ජයග්‍රහණයත්, වසර දෙකකට පසුව පළමු විදෙස් ටෙස්ට් ජයග්‍රහණයත් දෙකම වාර්තා කරමින් ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඊයේ තවත් දිනයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකා පිල ලකුණු 211කින් පරාජය කළ සංචාරක එංගලන්ත පිල සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ලොව වැඩිම ටෙස්ට් කඩුලුලාභී වමත් පන්දු යවන්නා වන රංගන හේරත්ගේ සමුගැනීමේ සතුට උදුරාගත්තේය. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස එංගලන්ත ක්‍රීඩකයන්ගේ අත් පොලොසන් හඬ මැද පිටියට පිවිසි රංගන හේරත්ගේ අවසන් ටෙස්ට් ඉනිම අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයාමකින් නිමාවට පත්විය.තරගයේ ජයග්‍රහණය සඳහා වාර්තාගත ලකුණු 462ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිල ඊයේ පස්වරු තේ පානයෙන් ඕවර 19කට පසුව ලකුණු 250කට දැවී ගියේ තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලාව 1-0කින් එංගලන්තයට පෙරමුණ ලබා දෙමිනි.වසර 2016 ඔක්තෝබරයේ චිතගොන් නුවරදී බංග්ලාදේශය පරාජය කිරිමෙන් පසුව මේ දක්වා එංගලන්ත පිල විදෙස් රටවල ටෙස්ට් තරග 13කට ක්‍රීඩා කළ අතර කිසිදු ජයග්‍රහණයක් වාර්තා කළේ නැත. එමෙන්ම එංගලන්ත පිල මීට පෙර ගාලු ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරග 4කට සහභාගි වී කිසිදු ජයග්‍රහණයක් ලබා සිටියේ නැත.පෙරේදා රාත්‍රිය පුරා ගාල්ලට දැඩි වර්ෂාවක් පතිත වූවත් ඊයේ උදැසන නියමිත වේලාවටම තරගය ආරම්භ කිරීමට තරම් උචිත කාලගුණය තත්ත්වය මැද පිටියට පැමිණි දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා පළමු කඩුල්ලට ලකුණු 50ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූවත් එංගලන්ත පිලේ වේගපන්දු තුරුම්පුව වන ජේම්ස් ඇන්ඩර්සන් අවස්ථා කිහිපයකදීම මේ දෙදෙනාගේ ඉවසීම පරීක්ෂාවකට ලක් කළේය.පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 50දීම බිඳ වැටුණේ ජැක් ලීච්ගේ පන්දුවකට කෞෂාල් සිල්වා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි. පිටියේ විනිසුරුගේ තීරණය අභියෝගයකට ලක් කළ කෞෂාල් විනිසුරු තීරණ යළි විමසීමේ ක්‍රමවේදයේ පිහිට පැතුවත් ප්‍රතිඵලය එයම විය.මුයින් අලි පන්දු යැවීමට කැඳවීමෙන් පසුව ඔහු යැවූ මුල්ම ඕවරයේ දී බෙන් ස්ටෝක්ස්ට දුන් උඩපන්දුව ගිලිහී යාමෙන් කඩුල්ල රැකගැනීමට වාසනාවන්ත වූ දිමුත් සිය ඉනිමට තවත් ලකුණු 10ක් එක්වෙද්දී ආපසු ක්‍රීඩාගාරයට පියමැන්නේ මුයින් අලිගේ පන්දුවකට ඔහු අතටම උඩපන්දුවක් ලබාදෙමිනි. ඒ අනුව මුළු ලකුණු සංඛ්‍යාව 59ක් වෙද්දී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම නැවත ක්‍රිඩාගාරයේ අසුන් ගත්තේ සෙසු පිතිකරුවන්ගේ කරමත විශාල වගකීමක් පවරමිනි.ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිමේදිත් ඉතා දුර්වල පහරකින් නිකරුණේ කඩුල්ල පූජා කළ අංක 3 පිතිකරු ධනංජය ද සිල්වා දෙවැනි ඉනිමේදිත් අපරික්ෂාකාරී ලෙස දැවීගියේ තම කණ්ඩායමේ පරාජය ඉක්මන් කර දමමිනි. බෙන් ස්ටෝක්ස් විසින් යවන ලද දිවා ආහාරයට පෙර අවසන් ඕවරයේ පළමු පන්දුව කඩුලු රකින බෙන් ෆෝක්ස් අතට යාමට පෙර ධනංජයගේ පිත්තේ යාන්තමින් ගැටුණු බවට අනුමාන කරමින් එංගලන්ත පිලේ ක්‍රීඩකයන් විසින් කරන ලද ඉල්ලීම ප්‍රධාන විනිසුරු මේරියස් ඉරස්මස් අනුමත කළේ තරමක් කල්පනා කිරීමෙන් පසුවය. එම තීන්දුව අභියෝගයට ලක්කළ ධනංජය විනිසුරු තීරණ යළි විමසීමේ ක්‍රමවේදයෙන් කඩුල්ල රැක ගැනීමට සමත්වූවත් ඊළඟ පන්දුවට අපරික්ෂාකාරි පිත්ත දමමින් ස්ලිප් හී සිටි එංගලන්ත පිලේ නායක ජෝ රූට් අතටම උඩපන්දුවක් ලබාදීමෙන් තවත් ලකුණු 39ක් එකතු වෙද්දී ශ්‍රී ලංකා පිලට තුන්වැනි කඩුල්ලත් අහිමිව ගියේය. ඒ සමගම දිවා ආහාරය සඳහා තරගය නැවැත්වූ අතර ශ්‍රී ලංකා පිල කඩුලු 3කට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 98ක් විය.දිවා ආහාරයෙන් පසුව ශ්‍රී ලංකා ඉනිමට ජීවය ගෙනදුන් කුසල් මෙන්ඩිස් සහ ඇන්ජෙලෝ මැතිව්ස් මුළු ලකුණු සංඛ්‍යාව 144 දක්වා ඉහළට ඔසවා තැබීමට සමත්වූහ. මිනිත්තු 96ක් පුරා කඩුල්ලේ රැඳී සිටිමින් මනා සංයමයකින් යුතුව පන්දුවට පහරදුන් කුසල් මෙන්ඩිස් ජැක් ලීච්ගේ පන්දුවකට හතරේ පහරක් එල්ල කරමින් ලකුණු සංඛ්‍යාව 45 දක්වා ඉහළ දමාගත්තේය. එහෙත් ඊළඟ පන්දුවේදී ඉදිරියට පැමිණ ඉහළින් එල්ල කළ පහරකින් මුයින් අලි අතට උඩපන්දුවක් ලබා දුන්නේ අනවශ්‍ය කළබලකාරි ස්වරූපයක් පෙන්නුම් කිරිමෙනි.අංක 6 ස්ථානයෙන් පිටියට පැමිණි නායක දිනේෂ් චන්දිමාල්ට ජැක් ලීච්ගෙන් ලැබුණේ ඔහු අන්දමන්ද වුණු පන්දුවකි. ආරක්ෂාකාරිව පන්දුව පිළිගැනීමට චන්දිමාල් උත්සාහ කළත් එය ඔහුගේ පිට ඉන්න ගලවා දැමුවේ ශ්‍රී ලංකා පිල පරාජයේ ආගාධයට ඇද දමමිනි.ලකුණු 18ක් ලබා සිටියදී බෙන් ස්ටෝක්ස්ගේ පන්දුවකට මැතිව්ස් එල්ල කළ පුල් පහරින් ජේම්ස් ඇන්ඩර්සන් අතටම ගිය උඩපන්දුව ඔහු බිම දැමීමෙන් කඩුල්ල බේරාගත් මැතිව්ස් පස්වරු තේ පානයට පෙර මේ තරගයේ දෙවැනි අර්ධ ශතකයත් වාර්තා කරමින් නිරතවූයේ හුදෙකලා සටනකය. පස්වරු තේ පානය වනවිට කඩුලු 5ක් දැවී ලකුණු 190ක් ලබා සිටි ශ්‍රී ලංකා පිලේ 6 වැනි කඩුල්ල ලෙස නිරෝෂන් දික්වැල්ල දැවී ගියේ තේ පානයෙන් පසුව මුයින් අලි යැවූ මුල්ම ඕවරයේ පළමු පන්දුවෙනි. අලිගේ දෙවැනි ඕවරයේදී මැතිව්ස් දැවීයාමත් සමග ශ්‍රී ලංකා පිලේ පරාජය ඉක්මන් විය.ඊයේ තරගයෙන් පසුව ක්‍රීඩාවෙන් සමුගත් රංගන හේරත් වෙනුවෙන් ගාල්ල ක්‍රීඩාංගණයේ විශේෂ උත්සවයක් සංවිධාන කර තිබූ අතර අනූව දශකයේ බිහිවූ අවසන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාගේ නික්ම යාම නිමිත්තෙන් ඔහුට විශේෂ තිළිණ හා සමරු සටහන් රැසක් ප්‍රදානය කෙරිණි.සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 285 ක් ලබා ගත්තේය. පල්ළේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද(14...සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ළේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි අද (14) ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට එංගලන්ත කණ්ඩායම සමත් විය. ඒ අනුව පළමුව...මැලිබන්-ඕෂන් ලංකා-ඔමේගා ලයින් කණ්ඩායම්වලටත් ශූරතාවෙළෙඳ සේවා ආයතන තුළ වොලිබෝල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය අඛණ්ඩව 7 වැනි වරට සංවිධාන කළ ‘වෙළෙඳ සේවා වොලිබෝල්’ තරගාවලියේ...තහනමක් පනවන්න ආසියානු-ලෝක සම්මේලනවලට නිර්දේශආසියානු පාපන්දු සම්මේලනයේ මතභේදාත්මක ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකාව සහය දැක්වීම පිළිබඳ තම ස්ථාවරය මාධ්‍ය මගින් ප්‍රකාශයට පත්කළ හිටපු පාපන්දු සභාපති රංජිත්...දිල්හාර ලොකුහෙට්ටි⁣ගේ අලුත්ම බිල්ලයිශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට එරෙහිව ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනා ගොනු වෙයි.ඒ අනුව සති දෙකක් තුළ ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනා...ප්‍රබලතම දඟ පන්දු තුරුම්පුව රංගන හේරත්ගේ සහ දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කිරීමේ හැකියාව ඇති නායක දිනේෂ් චන්දිමාල්ගේ අඩුපාඩුවත්, තරගමාලා පරාජයකින් බේරී සිටීමේ අභියෝගයත් කරපින්නාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (14)...ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ එක්සත් ආරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් ආයතන දුෂණ විරෝධි සංග්‍රහයේ වගන්ති උල්ලංඝණය කර ඇති බව, එම ආයතනය වෙනුවෙන් පෙනි සිටිමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය...ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන නවසීලන්ත තරග සංචාරයට අදාළ තරග කාලසටහන මෙ වන විට නිකුත්ව තිබේ. මේ අනුව දෙසැම්බර් 15 වැනිදායින් ඇරඹෙන තරග සංචාරය ජනවාරි 11වනදා අවසන් විමට නියමිතය. මෙම...ඩයලොග් චැම්පියන් ලීග් ශූර කොළඹ පාපන්දු සමාජය ගෝල් 8-0කින් බේරුවල සුපර් සන් පිල පරාජයට පත් කරයි. මෙවර චැම්පියන් ලීග් පාපන්දු ශූරතාවලියේ තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ගෝල් සංඛ්‍යාව කොළඹ පිල මේ ජයග්...පන්දු 62කින් ලකුණු 92ක් රැස් කරමින් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ ආරම්භක පිතිකරු ශිකර් ධවාන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව චෙන්නායි නුවර පැවැති තුන්වැනි විස්සයි20 තරගයෙන් කඩුලු 6ක ජයක් කරා...කාන්තා ක්‍රිකට් පිටියේ සුපිරි ක්‍රීඩිකාවන්ගේ දස්කම් වසර දෙකකට වරක් මුවහත් කරන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විස්සයි20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී ආරම්භ විය.‘...ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමේ බලය පැවරෙන නිලවරණ කමිටුව ඊයේ පැවැති විශේෂ මහා සභා රැස්වීමකදී පත්කෙරෙයි.ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පැවැති ක්‍රීඩා සමාජ 84ක නියෝජිතයින්ගෙන්...
ඔබ දන්නවද? ... ජංගම දුරකථන අලුත්වැඩියා ශිල්පියෙක් මසකට රැ60,000ක් - 100,000ක් අතර මුදලක් උපයන බව ...... එසේ නම් ඔබත් දැන්ම සම්බන්ධ වෙන්න... කතා කරන්න.මෙම පාඨමාලාවේදි ජංගම දුරකථන වල software / Hardware / Unlocking යන අංශ 3ටම අයත් සියලුම කොටස් ආවරණ කෙරේ.මෙම පාඨමාලාව හැදෙරිමෙන් පසු ඕනෙම දුරකතනයක් සදා ගැනීමට හැකි අතර එසේ නොහැකිනම් හැකියාව ලැබෙන තෙක් නොමිලේ පුහුණු කරනු ලැබේ# රැකියාවක නිරත වන ගමන් වුවද මසකට විශාල මුදලක් උපයා ගත හැකි, ඕනැම අයකුට ඉතා පහසුවෙන් හැදැරිය හැකි පාඨමාලවකි.
ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීම රටක් වශයෙන් මෙන්ම ක්‍රීඩකයෙකුට පෞද්ගලිකවද ලබා ගත හැකි විශාලම ජයග්‍රහණයකි. ලංකාව වෙනුවෙන් මෙතෙක් කිසිදු ක්‍රීඩකයෙකු විසින් ඔලිම්පික් රන් පදක්කමක් දිනාගෙන නැත. එදා මෙදාතුර පැවති ඔලිම්පික් තරඟාවලි වලින් ලංකාවට රිදී පදක්කම් දෙකක් පමණක් හිමි වී තිබේ.ලංකාව වෙනුවෙන් මුලින්ම ඔලිම්පික් පදක්කමක් දිනා ගනු ලැබුවේ එංගලන්ත සම්භවයක් තිබුණු ලාංකිකයෙකු වූ ඩන්කන් වයිට් විසිනි. කළුතර, ලත්පඳුරේදී උපත ලැබූවකු වූ ඩන්කන් වයිට් විසින් 1948 ලන්ඩන් ඔලිම්පික් තරඟාවලියේදී ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් දිනාගත්තේය. ඉන් පසුව, මහරගම ගුරු විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපනය පිළිබඳ දේශකයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු පසුව නයිජීරියාවේ සරසවි දෙකකද දේශකයෙකු ලෙස කටයුතු කිරීමෙන් පසුව එංගලන්තයේ පදිංචියට ගොස් මිය යන තුරු එහි ජීවත් වී තිබේ.ලංකාව වෙනුවෙන් දෙවන ඔලිම්පික් පදක්කම හිමි කර දුන්නේ සුසන්තිකා ජයසිංහයි. 2000 වසරේ පැවති සිඩ්නි ඔලිම්පික් තරඟයේදී ඇය ලෝකඩ පදක්කමක් දිනාගත්තාය. වසර හතකට පසුව මේ තරඟයේදී ඇයට වඩා ඉදිරියෙන් සිටි මේරියන් ජෝන්ස් විසින් තහනම් උත්තේජක භාවිතා කර ඇති බව තහවුරු වීම නිසා සුසන්තිකාගේ ලෝකඩ පදක්කම රිදී පදක්කමක් විය. මේරියන් ජෝන්ස්ට ඈ විසින් දිනාගෙන තිබුණු ඔලිම්පික් රන් පදක්කම් තුනක් හා ලෝකඩ පදක්කම් දෙකක් අහිමි වූ අතර ඔලිම්පික් තරඟ වාරණයක්ද පැනවුණු අතර පසුව සයමසක සිර දඬුවමක්ද හිමි විය.ඔලිම්පික් තරඟ වලදී වැඩිම දස්කම් දක්වා ඇති රට ඇමරිකා එක්සත් ජනපදයයි. ශිශිර ඔලිම්පික් තරඟාවලිද ඇතුළුව, ඇමරිකාව විසින් ලබාගෙන ඇති ඔලිම්පික් පදක්කම් ගණන 2,800 ඉක්මවන අතර එය මුළු පදක්කම් ගණනින් හයෙන් එකක් පමණ වේ. සෝවියට් දේශය බිඳ වැටෙන්නට පෙර එරට ඇමරිකාවට හොඳ තරඟයක් දුන්නේය. එහෙත් ඔලිම්පික් තරඟාවලි වැඩි ගණනකදී වැඩිම පදක්කම් හිමි කරගෙන ඇත්තේ ඇමරිකාවයි. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව ඇමරිකාව දෙවැනි තැනට වැටුනේ බෙයිජිං තරඟාවලියේදී පමණි.ඇමරිකා එක්සත් ජනපදය ලංකාව මෙන් 16 ගුණයක ජනගහනයක් සිටින රටකි. ඒ නිසා, ඇමරිකාව ලංකාවට වඩා ඔලිම්පික් පදක්කම් ගැනීම තේරුම් ගත හැකිය. එහෙත්, ඇමරිකාව ඔලිම්පික් තරඟයකදී සාමාන්‍යයෙන් පදක්කම් 100ක් පමණ දිනාගනිද්දී ලංකාවට කලාතුරකින් හැර එක් පදක්කමක් හෝ දිනාගන්නට නොහැකි වීම විමසිය යුතු කරුණකි.වැඩිපුර ඔලිම්පික් පදක්කම් ගැනීම සඳහා ලංකාව කළ යුත්තේ කුමක්ද? ක්‍රීඩා ඇමති මාරු කළ යුතුද? ක්‍රීඩා ඇමතිව දිරිගැන්වීම සඳහා ඔහුට තවත් වාහන කිහිපයක් ලබා දිය යුතුද? ක්‍රීඩා අමාත්‍යංශයට වෙන්කරන ප්‍රතිපාදන වැඩි කර තවත් නිලධාරීන් බඳවා ගත යුතුද? එසේ නැත්නම්, ඔලිම්පික් තරඟ වලදී ඉදිරියෙන්ම සිටින ඇමරිකාව වැනි රටක් කරන දේ අනුගමනය කළ යුතුද?සතයක්වත් නැත. ඇමරිකාවේ ක්‍රීඩා ඇමතිලා හෝ ලේකම්ලා නැත. ක්‍රීඩා අමාත්‍යංශයක් හෝ දෙපාර්තමේන්තුවක්ද නැත. රජයේ වෙනත් ආයතනයක් යටතේ ඒ කටයුතු සිදුවන්නේද නැත. අඩු වශයෙන් ඇමරිකන් රජය විසින් ඇමරිකන් ක්‍රීඩකයින් විසින් උපයන ත්‍යාග මුදල්ද ඇතුළු ආදායමෙන් රටේ අනෙක් අයගෙන් අය කරන බදු මුදල අය නොකර සිටින්නේ හෝ නැත.ඇමරිකාවේ ඔලිම්පික් ක්‍රීඩකයින් පුහුණු කරන හා ඔවුන්ට ත්‍යාග මුදල් ඇතුළු මූල්‍යමය ආධාර සපයන "ටීම් යූඑස්ඒ" යනු ලාභ ලැබීම අරමුණු කර නොගත් ආයතනයකි. ඇමරිකාවේ ජාතික ඔලිම්පික් කමිටුව ලෙස ක්‍රියා කරන්නේද රජයට සම්බන්ධයක් නැති මෙම ආයතනයයි. හමුදා සාමාජිකයින් වෙනුවෙන් කරන ඇතැම් කටයුතු වෙනුවෙන් ලබාගන්නා මුදල් හැර එම සංවිධානයට රජයෙන් කිසිදු මුදලක් නොලැබේ. එහෙත්, පසුගිය වසරේදී පමණක් ඩොලර් මිලියන 212.9ක් එම සංවිධානය විසින් ක්‍රීඩාව වෙනුවෙන් වැය කර තිබේ. මේ වියදම් වලට ක්‍රීඩකයින්ගේ සරසවි අධ්‍යාපන වියදම් පියවීම වැනි සුබසාධන කටයුතු සඳහා වන වියදම්ද ඇතුළත්ය."ටීම් යූඑස්ඒ" යනු ලාභ ලැබීම අරමුණු කර නොගත් ආයතනයක් වුවත්, එයින් අදහස් වන්නේ ඔවුන් පාඩු ලබන බව නොවේ. තමන් සතු විකාශන අයිතිය ඇතුළු අයිතීන් විකිණීමෙන් එම ආයතනය විසින් වසර තුළ ඩොලර් මිලියන 293.9ක ආදායමක් උපයා ඇති අතර මහජන ආධාර හා වත්කම් ආයෝජන ආදායම් ආදියද ඇතුළුව ඩොලර් මිලියන 350.6ක සමස්ත ආදායමක් ලබා තිබේ. පරිපාලන වියදම් ආදිය ඇතුළු සියලු වියදම් ඉවත් කිරීමෙන් පසුව ඩොලර් මිලියන 77.9ක ලාභයක් එම ආයතනයේ ප්‍රාග්ධන වත්කම් වලට වසර තුළදී එකතු වී තිබේ.ක්‍රීඩාව යනු පහසුවෙන් වැය කරන මුදලට වඩා ආදායම් ඉපයිය හැකි ක්ෂේත්‍රයකි. ඒ නිසා, රටක් ක්‍රීඩා අංශයෙන් ඉදිරියට ගෙනයාම සඳහා මහජන මුදල් වැය කිරීම හෝ රාජ්‍ය මැදිහත්වීම අවශ්‍යම කරුණක් නොවේ.ඩන්කන් වයිට්ගේ කාලයේදී නොතිබුණත්, සෑහෙන කලක සිට ලංකාවේ ක්‍රීඩා අමාත්‍යංශයක් තිබෙන අතර මහජන මුදලින් ක්‍රීඩා ඇමතිවරයෙකු හා විශාල නිලධාරීන් පිරිසක් නඩත්තු කෙරේ. ක්‍රීඩා අමාත්‍යංශයේ වියදම් වෙනුවෙන් 2017 වසර සඳහා රුපියල් මිලියන 4,484ක් වෙන් කර ඇති අතර දළ වශයෙන් ලංකාවේ එක් පවුලක් ක්‍රීඩා අමාත්‍යංශය නඩත්තු කිරීම සඳහා පමණක් රුපියල් 900ක් පමණ මේ වසරේදී වැය කිරීමට නියමිතය. මෙය හාල් කිලෝ දහයක්, මස් හෝ මාළු කිලෝවක්, කිරිපිටි කිලෝවක පැකැට්ටුවක්, අලුත් කමිසයක්, චීන අවන්හලකින් කෑම වේලක් නැත්නම් අරක්කු බෝතලයක් වැනි දෙයක් වෙනුවෙන් වැය කළ හැකි මුදලකි.ක්‍රීඩා අමාත්‍යංශය නඩත්තු කිරීම සඳහා පමණක් ලංකාවේ පවුලකට තමන්ට මිලදී ගත හැකිව තිබුණු හාල් කිලෝ දහය, මස් හෝ මාළු කිලෝව, කිරිපිටි කිලෝවක පැකැට්ටුව, අලුත් කමිසය, චීන කෑම වේල නැත්නම් අරක්කු බෝතලය කැප කරන්නට සිදුවන අතර ඒ වෙනුවෙන් ඔවුන්ට ලැබෙන්නේ මොනවාද යන්න විමසා බැලිය යුතු දෙයකි.පසුගිය වසර හැට නවයක කාලය තුළ ලබාගත් එකම ඔලිම්පික් පදක්කම දිනාගත් සුසන්තිකා ජයසිංහ විසින්ද කිහිප වරක් කර ඇති චෝදනාවක් වන්නේ රජය ඇය වෙනුවෙන් ප්‍රමාණවත් දෙයක් කර නැති බවයි. ඇතැම් විට ලංකාවේ ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් රජය විසින් කිසිවක් නොකළද මේ කාලය තුළ අහඹු ලෙස එක් ඔලිම්පික් පදක්කමක් ලංකාවට හිමි වන්නට ඉඩ තිබුණු බව අපට බැහැර කළ නොහැකිය.සුසන්තිකා විසින් රජයෙන් දිගින් දිගටම වරප්‍රසාද ඉල්ලීම අනුමත කළ නොහැකි වුවත්, ඇගේ ඉල්ලීමේ පදනමක් නැතුවාම නොවේ. ක්‍රීඩා අමාත්‍යංශය නඩත්තු කිරීම සඳහා ලංකාවේ වෙනත් පවුල් මෙන්ම ඇයද දායක වී තිබේ. මේ පවුල් වලින් වැඩි දෙනෙකුට තමන් වැය කළ මුදල වෙනුවෙන් ප්‍රතිලාභයක් නොලැබෙන හා ලබාගන්නට ඉඩක් නැති පසුබිමක අඩු වශයෙන් ඒ වෙනුවෙන් හෙට්ටු කිරීමේ හැකියාවක් ඇති සුසන්තිකා විසින් හෝ එය කිරීම පෞද්ගලිකව කෙසේවෙතත් රටේ රජයෙන් බැහැරව සිටින පුද්ගලයින්ගේ නියෝජිතයෙකු ලෙස සැලකූ විට තමන්ට අයිති දෙයක් ඉල්ලා සිටීමකි.ක්‍රීඩාව වෙනුවෙන් කිසිදු රාජ්‍ය මැදිහත්වීමක් නොකරන හා පොදු අරමුදල් වැය නොකරන ඇමරිකාව ක්‍රීඩාව අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටවීම අහම්බයක් නොවේ. රාජ්‍ය මැදිහත්වීම් නිසා හැමවිටම පාහේ ප්‍රායෝගිකව සිදුවන්නේ වඩාත්ම සුදුස්සාට තැන නොලැබී යාමයි. රාජ්‍ය යාන්ත්‍රණයේ අකාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නයේ කොටසක් වන මෙය ක්‍රීඩා ඇමති මාරු කිරීමෙන් හෝ ක්‍රීඩා අමාත්‍යංශයට වැඩිපුර ප්‍රතිපාදන ලබා දීමෙන් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවේ.රාජ්‍ය මැදිහත්වීම් අවම වන තරමට දක්ෂයින්ට ඉහළට පැමිණීමට ඇති අවකාශ පුළුල් වනු ඇති අතර ක්‍රීඩාවට ලැදි අයට එවැන්නන්ට සෘජුවම උදවු කිරීමටද අවකාශ සැලසෙනු ඇත. ඒ සඳහා අතරමැදියෙකු ලෙස රජය යොදාගත් විට අවසාන වශයෙන් සිදුවන්නේ කොහේවත් ඉන්නා පිරිසක් නඩත්තු කිරීමේ බර මහජනයාට දරන්නට සිදුවීම පමණි.මෙය ලංකාවේ දැවැන්ත රාජ්‍ය යාන්ත්‍රණයේ අකාර්යක්ෂමතාවය පිලිබඳ එක් උදාහරණයක් පමණි. රජය මගින් කරන වෙනත් බොහෝ කටයුතු වල තත්ත්වයේද වැඩි වෙනසක් නැත.ක්‍රීඩා අමාත්‍යංශය පවත්වාගෙන යාම වෙනුවෙන් මේ අවුරුද්දේ ලංකාවේ සාමාන්‍ය පවුලක් විසින් වැය කරන රුපියල් 900 වෙනුවෙන් ඒ අයට ඊට වඩා වටිනා දෙයක් ලැබෙනවනම් කරුණාකර ඒ මොනවාද කියා කියන්න. මේ ලැබෙන දේවල් ආණ්ඩුව විසින් ක්‍රීඩාව වෙනුවෙන් මොනවත් නොකළානම් නොලැබෙන දේ විය යුතුයි. (මෙය මෙවැනි එකම අමාත්‍යංශය නෙමෙයි. අනිත් ඒවටත් මම එනවා.)ක්‍රීඩාවේ අරමුණ නිරෝගී ශක්තිමත් තරුණ පරපුරක් බිහිකිරීම. පාසැල් මට්ටමින් පසු දිස්ත්‍රික් මට්ටමින් සහ සමස්ථ දිවයින මට්ටමින් පවත්වන ක්‍රීඩා තරඟ ආදිය මෙහෙයවන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය. ඇත්තටම ඔවුන්ට මීට වඩා කාර්‍යභාරයක් ඉටුකල හැකියි. ප්‍රධානම ප්‍රශ්ණය නම් කිසිම අමාත්‍යාංශයකට ලඟා විය හැකි ඉලක්ක නොමැතිකම. එසේ ඉලක්ක තිබෙනවානම් ප්‍රධානම ඉලක්කය විය යුත්තේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ සමඟ ඒකාබද්ධව සියළුම පාසැල් සහ විශ්ව විද්‍යාල ශිශ්‍යයෙක්ම අඩුම තරමේ එක් ක්‍රීඩාවක නියැලීම අනිවාර්‍ය කිරීම. ඇමෙරිකාව වගේ රටවල විශ්ව විද්‍යාල ක්‍රීඩා ඉහලම මට්ටමක තිබෙනවා. අනික විශ්ව විද්‍යාල වලට ඇතුලත් වන ප්‍රතිශතයත් වැඩි නිසා වයස් කාණ්ඩයක වැඩි දෙනෙක් මේ සඳහා යොමුවෙනවා. මෙමඟින් නිරෝගී පරපුරක් බිහිවෙනවා. එම නිසා ක්‍රීඩාවේ අරමුණ පදක්කම් දිනීමම නෙමෙයි. ලංකාව ගැන ගත්තොත් ජාත්‍යන්තර මටටමේ ක්‍රීඩකයන් සාපේක්ෂව අඩු වුණත් කලාපීය මට්ටමේ ක්‍රීඩා වලින් අපි තරමක් හෝ සාර්ථකයි.මම දන්න විදිහට රටේ ඇති ක්‍රීඩාංගන නඩත්තු කරන්නත් ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබෙන ප්‍රතිපාදන යෙදවෙනවා. ඒවා සාමාන්‍ය මහජනයාට ප්‍රයෝජනයට. එක දෙයක් තියෙන්නේ දියුණු රටවල් වලට් සාපේක්ෂව තුන්වන ලෝකයේ රටවල අයට ක්‍රීඩා සඳහා ඉතිරිවන කාලය අඩුයි. රැකියාවට සහ ආපසු ප්‍රවාහණයට ගතවන කාලය, අති තරඟකාරී විභාග නිසා ඇතිවී ඇති ටියුෂන් වැනි දේවල් නිසා ශිෂ්‍යන්ට ක්‍රීඩා සඳහා ඉතිරිවන කාල මඳකම යන ඒවාත් අපේ රටේ ක්‍රීඩා වල යෙදෙන ප්‍රමාණය සීමා වීමට හේතු. මේ සියල්ලම රටක ක්‍රීඩ වල යෙදෙන ප්‍රමාණය සහ එම යෙදෙන්නන්ගේ මට්ටම තීරණය වෙනවා. එම නිසා අමාත්‍යාංශයක වියදම සාධාරණද යැයි බැලීම පදක්කම් වලින් මැනීම නම් ගැලපෙන්නේ නැහැ. මම කිව්වේ එයයි.හරි. දැන් ක්‍රීඩා අමාත්‍යංශය නඩත්තු කිරීම නිසා එවැන්නක් නොතිබුණු 1972ට වඩා පෙර කාලයට වඩා, එහෙමත් නැත්නම් තරුණ පරපුර නිරෝගී හා ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුවට සල්ලි නොගෙවන රටකට වඩා ලංකාවේ තරුණ පරපුර නිරෝගී හා ශක්තිමත් වෙලා තියෙනවා කියන්න තියෙන නිර්ණායක මොනවාද?ක්‍රීඩාවේ අරමුණ පදක්කම් දිනීම කියා මම කියන්නේ නැහැ. නමුත් පදක්කම් කියන්නේ ඔබ කියන පරිදි 'තරුණ පරපුර නිරෝගී හා ශක්තිමත්' වෙලාද කියන එක මැනිය හැකි එක් නිර්ණායකයක්. දෙවනුව, පදක්කම් කියන්නේ ක්‍රීඩා අමාත්‍යංශය විසින් තමන් විසින් කළ දෙයක් ලෙස පෙන්වන දෙයක්. තරුණ පරපුර නිරෝගී හා ශක්තිමත් වුන බවක් ඔවුන් පෙන්වා නැහැ. තෙවනුව, "Formulation of new strategies and implementation of programmes to harness the potential of sports in building the image of Sri Lanka internationally" කියන එක ක්‍රීඩා අමාත්‍යංශයේ කාර්යයක් ලෙස ඔවුන් පෙන්වන එකක්. ඔවුන් පවුලකින් රුපියල් 900ක් ගන්නේ එසේ කරන බව කියමින්. ක්‍රීඩා අමත්‍යාංශය පිහිටුවීමෙන් පසුව ඔලිම්පික් තරඟයකදී ලංකාවේ ජාතික ගීය වාදනය වී ඇත්තේ එක් වරක් පමණක්නම්, එය ක්‍රීඩා අමාත්‍යාංශ නොතිබුණු කාලෙත් සිදු වූ දෙයක්නම් සහ එයට මුල් වූ තැනැත්තිය විසින්ද ක්‍රීඩා අමාත්‍යංශය විසින් කළ දෙයක් නෑ කියනවනම් ක්‍රීඩා හරහා ජාත්‍යන්තර ප්‍රතිරූපය හැදීම වෙනුවෙන් ආණ්ඩුව ගත් සල්ලි වලට හරියන දෙයක් කළාද කියන ප්‍රශ්නය පැහැදිලිවම තියෙනවා.//ලංකාව ගැන ගත්තොත් ජාත්‍යන්තර මටටමේ ක්‍රීඩකයන් සාපේක්ෂව අඩු වුණත් කලාපීය මට්ටමේ ක්‍රීඩා වලින් අපි තරමක් හෝ සාර්ථකයි.//ක්‍රීඩා අමාත්‍යංශය සල්ලි එකතු කරගන්නේ "Formulation of new strategies and implementation of programmes to harness the potential of sports in building the image of Sri Lanka in the Asia Pacific region" කියල නෙමෙයිනේ. ඒ කියන්නේ ඔවුන් ගත් සල්ලි වලට කාර්ය සාධනයක් කර නැහැ. කලාපයේ ලැබුණු දේවල් වලටත් ක්‍රීඩා අමාත්‍යංශයේ දායකත්වය වෙනම විමසිය යුතු දෙයක්.//අනික විශ්ව විද්‍යාල වලට ඇතුලත් වන ප්‍රතිශතයත් වැඩි නිසා වයස් කාණ්ඩයක වැඩි දෙනෙක් මේ සඳහා යොමුවෙනවා. මෙමඟින් නිරෝගී පරපුරක් බිහිවෙනවා.//අවුරුදු සීයකට කලින් ඇමරිකාවේ එවැනි තත්වයක් තිබුණේ නැහැ. නමුත් ඒ කාලයේත් ඔලිම්පික් තරඟ වලදී ඇමරිකාව ඉදිරියෙන් හිටියා.//මම දන්න විදිහට රටේ ඇති ක්‍රීඩාංගන නඩත්තු කරන්නත් ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබෙන ප්‍රතිපාදන යෙදවෙනවා. ඒවා සාමාන්‍ය මහජනයාට ප්‍රයෝජනයට.//ගම් වල ක්‍රීඩාංගන නඩත්තු කිරීම කරන්නෙත් ක්‍රීඩා අමත්‍යංශයෙන්නම් බලය විමධ්‍යගත කිරීම ගැන කරන කතා විහිළුවක් නේද? එක වටයකදී පළාත් සභා ආදිය සාධාරනීකරනය කිරීමට මධ්‍යම ආණ්ඩුවේ කටයුතු ඒවාට දමනවා. ඉන් පසුව, ඇමති තනතුරු සාධාරනීකනය කිරීමට ඒවා ආපහු ගන්නවා. අවසානයේ සිදුවී තිබෙන්නේ සාමාන්‍ය ජනතාව රජය නඩත්තු කිරීමට වැය කරන මුදල වැඩිවීම පමණයි.//එම නිසා අමාත්‍යාංශයක වියදම සාධාරණද යැයි බැලීම පදක්කම් වලින් මැනීම නම් ගැලපෙන්නේ නැහැ. මම කිව්වේ එයයි.//පදක්කම් එක් නිර්ණායකයක් පමණයි කියන එකට මම එකඟයි. වියදම සාධාරණ බව පෙන්වන වෙනත් මොනවා හෝ නිර්ණායක තියෙනවනම් ඒ ගැන කතා කළ හැකියි.//එසේ ඉලක්ක තිබෙනවානම් ප්‍රධානම ඉලක්කය විය යුත්තේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ සමඟ ඒකාබද්ධව සියළුම පාසැල් සහ විශ්ව විද්‍යාල ශිශ්‍යයෙක්ම අඩුම තරමේ එක් ක්‍රීඩාවක නියැලීම අනිවාර්‍ය කිරීම.//අනිවාර්ය හමුදා සේවය වගේනේ. හරියටම ප්‍රශ්නය තියෙන්නේ ඔන්න ඔතනයි. ජේආර්ගේ සිට යූඑන්පී කාරයන් බොහෝ දෙනෙක් සිතන්නෙත් පොල්පොට්, හිට්ලර්, ස්ටාලින්, ලී ක්වාන් යූ ආදීන් හිතූ විදිහටයි. ඉයන් එය මෙහි කෙළින්ම ලියා තිබෙනවා. ලංකාවේ යූඑන්පී ආණ්ඩු වාමාංශික ආණ්ඩු වලින් වෙනස් නොවෙන්නේ මෙතැනදීයි. නිරෝගීව ඉන්න හැටි රටේ මිනිස්සු දන්නේ නෑ. රටේ මිනිස්සු නිරෝගීව හා ශක්තිමත්ව ඉන්න මොකද කරන්න ඕනෑ කියන එක දන්නේ අපි. ඒක අපිට නොමිලේ කියාදෙන්න බැහැ. ඒ නිසා අපි එක් පවුලකින් රුපියල් 900ක් අය කර ගන්නවා. දැන් 900 ගෙවල අපි කියන විදිහට ගිහින් පැයක් එක්සයිස් කරන්න. නැත්නම් වෙඩි තියනවා. ඕක කරන්නනම් ඉතිං ගෝඨාභය වගේ කෙනෙක් තමයි හරියන්නේ. සිංගප්පූරුව වැනි තැන් වල සාර්ථක වී තිබුණත් ඔය ආකෘතිය පසුගිය අවුරුදු 69 තුළ ලංකාවේ සාර්ථක වී නැහැ.ලංකාවේ ප්‍රශ්නය වාමාංශික නොවන පක්ෂ වල අයත් රාජ්‍යමූලික මධ්‍යගත චින්තනය ඇතුලෙම හිරවී සිටීමයි. එසේ සිටීම ඔවුන්ට පෞද්ගලිකව වාසියි. මෙයින් එළියට යන තුරු ලංකාවේ ආර්ථිකයට ගොඩ යාමක් නැහැ. ඕක කරන්නනම් ජේවීපී එක වගේ පක්ෂයක් වඩා හොඳ වෙයි. මොකද එවිට ක්‍රමයේ අකාර්යක්ෂමතා තිබුණත් ක්‍රමය පවත්වාගෙන යන පුද්ගලයින්ගේ අකාර්යක්ෂමතා හරි ටිකක් අඩුවෙයි. වැය කළ සම්පත් ප්‍රමාණයට වටිනවද කියන එක වෙනම කරුණක් වුවත් ක්‍රීඩාවට රජය මැදිහත් වුනු සමාජවාදී රටවල් අඩු වශයෙන් පැහැදිලිව පෙනෙන කාර්ය සාධනයක් පෙන්වූවා. මධ්‍යගත චින්තනයෙන් එළියට යන්න රනිල් 2001දී උත්සාහ කළත් දැන් ඔහු එදා සිටි තැන නැහැ.//අනිවාර්ය හමුදා සේවය වගේනේ. හරියටම ප්‍රශ්නය තියෙන්නේ ඔන්න ඔතනයි. ජේආර්ගේ සිට යූඑන්පී කාරයන් බොහෝ දෙනෙක් සිතන්නෙත් පොල්පොට්, හිට්ලර්, ස්ටාලින්, ලී ක්වාන් යූ ආදීන් හිතූ විදිහටයි. ඉයන් එය මෙහි කෙළින්ම ලියා තිබෙනවා.// i am refering to this part
ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ක්‍රීඩාවේ උන්නතියට, අමාත්‍යාංශය නඩත්තුව වෙනුවෙන් මහජනතාව වියදම් කරන මුදලට සාපේක්ශව කිසිවක් සිදුවී නැති බව ඉතා පැහැදිලිය.ක්‍රීඩාවෙන් අන්තරජාතික මට්ටමට ලඟා වූයේ ක්‍රිකට් ක්‍රීඩාවත් සුසන්තිකාත් පමනි. ක්‍රිකට් දියුනු වුනේ ගාමිනි දිසනායකලා, අර්ජුන ලා වැනි මිනුස්න් නිසාය. ඒ ඔවුන් ක්‍රීඩා ඇමති කම දැරූ කාලයේ නොව වෙනත් තනතුරු දරමින් කල සේවයන් වලිනි. සුසන්තිකා ආවේ ඇගේ අප්‍රතිහත ධෛර්‍ය හා දක්ශ තාව නිසාය.ක්‍රීඩා අමත්‍යාංශයෙන් අමාත්ය තුමා, එතුමාගේ පවුල, වටේ සිටින හෙන්චන්ය්යන් සහ උන්ගේ පවුල් වෙනුවන් වියදම් කල පසු ඉතිරි මුදලින් , වැඩිම මුදලක් වෙන් වන්නේ ජාතික මට්ටමේ පාසල් වෙනුවෙනි.ඉයන් ගේ තර්කය ඇත්ත නම් සුසන්තිකාලා බිහි විය යුත්තේ ජාතික පාසල් වලින් මිස ක්‍රීඩා පිට්ටනියක් වත් නැති ඈත පලාත් වලින් නොවේ. එමෙන්ම එක සුසන්තිකා කෙනෙගෙන් නොනැවතී කඩින් කඩ හෝ තවත් සුසන්තිකාල බිහි විය යුතුය.ඇත්තෙන්ම අපි මේ කරන්නේ ඇමතියෙක් සහ පවුලක් නඩත්තු කරන අතරම, ඇමතිකමක් නොළබුවේ නම් ජීවිතයට රටින් එළියට යන්නට හැකියාවක් නැති ඇමතියාට සහ පවුලට ලෝකයේ ලොකු ලොකු හෝටල් වල නැවතී ඔලිම්පික්, ලෝක කුසලාන වැනි තරඟ නැරඹීමට අපි මුදල් දී, එම තර්‍රන්ග නිවසට වී රූපවහිනියෙන් නැරඹීමයි./* කළුතර, ලත්පඳුරේදී උපත ලැබූවකු වූ ඩන්කන් වයිට් විසින් 1948 ලන්ඩන් ඔලිම්පික් තරඟාවලියේදී ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් දිනාගත්තේය. ඉන් පසුව, මහරගම ගුරු විද්‍යාලයේ */මොකද පැරාත් ලත්පදුරට නුදුරු මතුගම, මහරගම ගුරු විදුහලේ ඉගෙන ගෙන තියෙනවා, ක්‍රීඩා ගුරුවරයෙකු ලෙසත් වැඩ කරලා තියෙනවා.//ඇමරිකාවේ ක්‍රීඩා ඇමතිලා හෝ ලේකම්ලා නැත. ක්‍රීඩා අමාත්‍යංශයක් හෝ දෙපාර්තමේන්තුවක්ද නැත// ඒකනේ ඇමරිකාවේ කිසි දියුණුවක් නැත්තේ. ඒකට මෙහෙ. සීනි ඇමතිලා හිටියනේ. ගංවතුර ඇමති, නායයාම් ඇමති වගේ ඒවා ඉස්සරහට එන්න තියෙනවා.තව ටිකක් කල් යද්දී ක්‍රීඩා අමත්‍යංශයත් කඩලා ක්‍රිකට් ඇමති, වොලිබෝල් ඇමති, චග්ගුඩු ඇමති ආදීන් පත් කරන්න ඉඩ තියෙනවා.දැන් සුසන්තිකාවයි, ප්‍රින්ස් උදයවයි පැත්තකදාලා ලියමුකො වැඩි තන්හාවට සල්ලි හොයන්න ගිය දනපතින්ගේ පාඩුව බදුගෙවන ජනතාව පියවිය යුතුද කියලා. මේවා බිලියනගණන් හොඳේ!මේ වෙනුවෙන් මහජන මුදල් වැය කිරීම මා අනුමත කරන්නේ නැත. එහෙත්, ඔබ විසින් සුසන්තිකාව හා ප්‍රින්ස්ව ඔබ කියන "දනපතින්ගෙන්" වෙන් කරන නිර්ණායකය පැහැදිලි නැත. ඔබ දමා ඇති ලින්ක් එක අනුව තැන්පතුකරුවන් 9000කට රුපියල් මිලියන 3500ක් වන්දි ගෙවන්නට තීරණය කර තිබේ. මේ අනුව, එක් අයෙකුට ලැබෙන සාමාන්‍ය මුදල රුපියල් 388,889කි. ලක්ෂ හතරකට අඩු මුදලක් මූල්‍ය ආයතනයක තැන්පත් කිරීමට හැකි අයෙක් ලක්ෂ 250ක පෞද්ගලික රෝහල් බිලක් ගෙවිය හැකි අයෙකුට වඩා "දනපතියෙකු" වන ආකාරය කරුණාකර පැහැදිලි කරන්න පුලුවන්ද?මා මෙහිදී 'දනපතියන්' ලෙස හැදින්වුයේ දනය ඉපයීමේ අරමුණින් සාමානය පොලි අනුපාතය ඉක්මවා වැඩි පොලියක් ලැබීමට වැඩි අවධානමක් යටතේ ආයෝජනයකළ පුද්ගලයන්ටයි.එසේම මා මෙහිදී රු මිලියන 3500 'දනපති' තැන්පත්කරුවන් 9000 අතර සමසේ බෙදාදෙනු ඇතැයි යන ඔබගේ උපකල්පනය පිළිගන්නේ නැහැ.. මෙය බොහෝවිට මේ දනපතියන්' ආයෝජයන්ය මුදලේ ප්‍රතිශතයක් විය යුතුයි. මට මතක අයුරු, වැඩිම ආයෝජනය රු මිලියන 800ක් හා අඩුම ආයෝජනය රු. 9000ක්. තවත් මහේල ජයවර්ධන මිලියන 200-300 ආයෝජනයක කරතිබූ බව මතකයි.සමසේ බෙදාදෙනු ඇති බව මම කියන්නෙත් නැහැ. ලොකු තැන්පතු ඇති අය ටික දෙනෙක් ඉන්නවා කියන්නේ රුපියල් 9000 සිට සුළු තැන්පතු කළ විශ්‍රාමිකයින් වැනි අයත් සෑහෙන දෙනෙක් මේ ගොඩේ සිටින්නට ඉඩ ඇති බවයි. කොහොම වුනත්, ඒ කරුණ පැත්තකින් තිබ්බොත් ඔබ මතු කරන මූලික විරෝධතාවට මම සම්පූර්ණයෙන්ම එකඟයි. ගෝල්ඩන් කී වැනි (මම දන්නා තරමින්) මහා බැංකුව අනුමත නොකළ ආයතනයක මුදල් තැන්පත් කළ අයට හානි පූරණයක් කිරීම මහජන මුදල් නාස්ති කිරීමකට අමතරව වැරදි පූර්වාදර්ශයක්. මහ බැංකුව අනුමත කළ ආයතනයක් බිඳ වැටුණු විට හානි පූරණය කිරීමේ පදනමක් තිබෙනවා.ලංකාවෙ තියන අති බහුතරයක් අමාත්‍යංශ ඒව ඕනෙ කමට පිහිටපුව නෙමේ, මුක්කු ගහන කාලකණ්නියෙකුට ඇම්ති පට්ටමක් දෙන්න ඕනා හින්දා හදපු ඒවා විතරයි.. උන් ඒවයෙන් කරන්නෙ රටට සේවයක් කරණ එක නෙමේ තමන්ගෙ බඩවඩා ගන්න එක.. මේවා ඉතින් ඕනැම අන්දයෙකුට වුනත් පේන දේවල්..වෙනම එකින් එක ගත් විට නොපෙනුනත් මේ හැම රජයේ ආයතනයකම ඇති අකාර්යක්ෂමතාවයන් එකතු කළ විට එය රටේ ආදායම් උපදවන අයට විශාල බරක්. කිසියම් ආයතනයක් නඩත්තු කිරීම සඳහා පවුලක් හෝ පුද්ගලයෙක් විසින් ගෙවන මුදලට වඩා වැඩි දෙයක් ආපසු නොලැබෙනවානම් එවැනි ආයතන නඩත්තු කළ යුතු නැහැ.
බෞද්ධයා රූපවාහිනිය මගින් 4 Aug 2016 දින විකාශය වූ ධර්ම දේශනාව ධර්ම දානයක් ලෙස ඔබ වෙත පූජා කරමි. මෙය සියළු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා!!
෴ ගී පැදුර ෴: නිදි නැති රැය පුරාවට - සේනක බටගොඩ, සෙරීනා වීනස් බටගොඩ | Nidi nathi reya purawata - Senaka Batagoda, Serena Venus - sinhala lyricsනිදි නැති රැය පුරාවට - සේනක බටගොඩ, සෙරීනා වීනස් බටගොඩ | Nidi nathi reya purawata - Senaka Batagoda, Serena Venus - sinhala lyrics
ගරු පළාත් අධ්‍යාපන අමාත්‍ය දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය, දක්‍ෂිණපාය, ලබුදූව 091-2246159 091-2246157
ජයතිස්ස බ්ලොක් මහතා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ (වැ.බ.) දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ඉහළ ඩික්සන් පාර, ගාල්ල
42 ප්‍රජා සහයෝගිතා සංවර්ධන පදනම (නම වෙනස් කරන ලදි (අක්රම් පදනම) 83, Maligakanda Road, maradana, Colombo 1052 ශ්‍රී ලංකා නාවික හමුදා සිවිල් සේවා සුභසාධක සංගමය නාවික හමුදා මූලස්ථානය, ශ්‍රී ලංකා නාවික හමුදා සිවිල් සේවා සුභසාධක සංගමය, කොළඹ 01.
මම මේ අපි බස් වල ගමන් කරද්දි විදින්න වෙන වින්නැහිය ගැන කීප ගමනක්ම ලියන්න හිතා ගෙන හිටියට මොකද ලියනවා තියා ලියාපු එකක් බලන්නවත් නෑනේ ඉතින් වෙලාවක්. අපිට කැම්පස් ඉද්දි තිබුණු නිදහස නම් කියන්න වචන නෑ. දැන් ඉතින් උදේම නැගිටල ඔෆිස් දිව්වා. හැමදාම කරන දේවල් ටිකම කලා. රෑ වෙලා ගෙදර එනවා.බස් ගැන කතා කරද්දි කතා කරන්න දේවල් ගොඩක් තිබුනට, මට ඕනේ දුර ගමන් සේවා සපයන බස් වල දාන සින්දු ගැනයි ඒවයෙ යද්දි වෙන අකරතැබ්බ සහ කෑම ගන්න නවත්තන ස්ථාන ගැනයි කතා කරන්න.බස් එකට නගිනකොට කියනව සීට් තියෙනවා නගින්න නගින්න කියල. ඊට පස්ස්é ටිකට් එකත් දෙනව අතට. සල්ලිත් දීල හිටගෙනම යනවා සෑහෙන දුරක්. අපෙ රටේ මිනිස්සු අනිත් එකාගෙ කකුල් කැඩුනත් මොකද කියලා වාඩි වෙලාම ඉන්නවා ඇර නිකමටවත් සීට් එකක් බෙදාගෙන පුරුද්දක් නෑ. සමහරු වාඩි වෙලාම ගිහින් කකුල් රිදෙනවට ටිකක් හිටගෙනත් වාඩි වෙනවා. ඒ ලඟම තව මනුස්සෙයෙක් එච්චර දුරක් හිටගෙන ඇවිත්කෙලින් ඉන්න බැරුව ඉන්නවා. එත් සීට් එකක් බෙදගෙන පුරුද්දක් නෑ.ඒකෙ තියෙන දුකම හිතෙන දේ තමයි දෙන්නම ගෙවලා තියෙන්නෙ එකම මුදලක්. මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෙ. හැමෝටම දුර ගමන් සේවා බස් රථ වලදි කිසියම් දුරක් ගියාම හිටගෙන ඉන්න අයටත් සීට් එක හුවමාරු කරගෙන යන්න පුරුද්දක් ඇති කරන්න ඕනේ.ඊට පස්සෙ වෙන ලොකුම කරදරය තමයි බස් එකෙ කොත්තු සංගීතය විඳින්නට සිද්ධ වෙන එක. මේක තනිකරම මනුස්සෙයෙක්ට නිදහසෙ ජීවත් වීමට ඇති අයිතිය උල්ලංඝණය කිරීමක්. කිසිම බස් එකක කලාත්මක ගීත අහන්න ලැබෙන් නැ. ඉතින් මේකෙ ගමන් කරන බොහෝ දෙනෙක් අමාරුවෙන් තමයි ඕවා අහගෙන යන්නෙ.හොදම දේ තමයි බස් රථ වලදී භාවිතා කරනු ලබන තැටි සඳහා ප්‍රමිතියක් ඇති කිරීම. එය සමාජයේ යහ පැවැත්ම උදෙසා හුදෙක් බලපාන්නක්.තවත් බරපතල කාරණයක් තමයි බස් ගමන් අතරතුර මගීන්ට තේ සහ ආහාර පාන ලබා ගැනීමට නවවත්වනු ලබන ස්ථාන. කිසිදු පිරිසිදුකමකින් තොර වූත් කිසිදු නැවුම්භාවයකින් තොරවූත් ආහාර සම්මත මිල ගණන් ඉක්මවා විකුණන තැන් වලමයි බස් එක නවත්වන්නෙ. මේවා ගැන වගකිව යුතු අංශ ඒ දෙස නොබැලීම පුදුමයට කරුණක්..
සත්‍යය සොයන මිනිසා... පෙනෙන සත්‍යය වසා දමයි... - [image: truth] “නොපෙනෙන සත්‍යයක් ගැන විස්වාස කරන හා කතාකරන මිනිහා ඇයි සාමාන්‍ය ජීවිතේදි සත්‍ය යටගහන්ඩ මෙච්චර දඟලන්නෙ???” මේ තේමාව හිතේ තියාගෙන මුල් පද ...
ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණය කළ නවතම සිනමාපටය වන 'ඝරසරප' හි මාධ්‍ය දර්ශනය මේ මස 22 දා කොළඹ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වේ.චිත්‍රපටය නිෂ්පාදනය කොට අත්තේ අර්ජුන කමලනාත් විසින් වන අතර කමල් අද්දරආරච්චි, ජැක්සන් ඇන්තනි, සංගීතා වීරරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු , අමීෂා කාවින්ධි, කාවින්ද්‍යා අධිකාරි, දෙවනක පොරගේ, ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වී තිබේ.මෙරට සුභාවිත ගීතයේ මංසලකුණක් ලෙස සැලකෙන ප්‍රවීන සංගීතවේදී විශාරද එඩ්වඩ් ජයකොඩි ගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය “මාරම්බරී” එළඹෙන 22 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතය.විශාරද චරිතා ප්‍රියදර්ශනී පිරිස් හා ශාරන්‍යා ජයකොඩි ද ප්‍රසංගය සඳහා ගායනයෙන් එක් වන අතර එහි සංගීත අධ්‍යක්ෂණය සුසිල් අමරසිංහ විසිනි.මෙවර “මාරම්බරී” සංවිධාන වන්නේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සේවක සුබ සාධක සංගමයට ආධාර පිණිසය.අනුප් වේගාගේ සිතුවම් ප්‍රදර්ශනයක් වන ‘චංචලතා‘ පැරඩයිස් රෝඩ් ගැලරි කැෆේ හිදී පසුගිය 31 වනදා ආරම්භ වූ අතරඑය එළඹෙන 27 වැනිදා දක්වා දිනපතා උදෑසන 6 සිට රාත්‍රී 8 දක්වා පැවැත්වීමට නියමිතය. ඔහුගේ නිර්මාණ දැකබලා ගැනීමට මෙන්ම ඒවා මිලදී ගැනීමට ද මෙහිදී අවස්ථාව ලැබෙනු ඇත.ඉසිපතන විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ අනුප් මුල්කාලයේදී එළවළු හා පළතුරු ආදිය යොදාගනිමින් කැටයම් නිර්මාණකරණයේ යෙදුණේය. ඉන්පසුව, හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ වන ඔහු මෙරට මෙන්ම විදේශයන්හි ද රැකියාවේ නිරත වී ඇත.මෙම මස 29 වැනිදා සිට රීගල්, ලිඩෝ ඇතුළු සෙල් (CEL) සහ රිත්මා මණ්ඩලයේ සිනමාශාලාවල ප්‍රදර්ශනය සඳහා සූදානම්ව තිබේ.නොසිතු මොහොතක නන්නාදුනන අවිගත් පිරිසක් තම ස්වාමියා සහ පියා ඝාතනය කිරීමෙන් පසු තම දරුවන්ට සහ සහෝදර සහෝදරියන්ට යහපත් ජීවිතයක් උදාකර දීම වෙනුවෙන් කැපවෙන උදාර මවක් සහ ඇගේ තරුණ දියණිය වටා ගෙතී ඇති දැවෙන විහඟුන් කැපවීම සහ පරිත්‍යාගය පිළිබඳ වීර කාව්‍යයකි.දැවෙන විහඟුන් චිත්‍රපටය සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි වෘත්තාන්ත චිත්‍රපටයයි. සමනලී ෆොන්සේකා, චාන්දනී සෙනවිරත්න, මහේන්ද්‍ර පෙරේරා, අනෝමා ජනාදරී, ලීයෝනි කොතලාවල, ශ්‍යාම් ප්‍රනාන්දු, දසුන් පතිරණ, පුබුදු චතුරංග, ධර්මප්‍රිය ඩයස්, තිස්ස බණ්ඩාරනායක, ප්‍රියංකා සමරවීර, දර්ශන් ධර්මරාජ්, සංජීව දිසානායක රංගනයෙන් දායකවන දැවෙන විහඟුන් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කාලිංග දේශප්‍රියගෙනි. ඇදුම් නිර්මාණය අජන්ත අලහකෝන්, කලා අධ්‍යක්ෂණය පියතිස්ස අකුරම්බොඩ, වේශ නිරූපණය ප්‍රියන්ත දිසානායක, සංස්කරණය අජිත් රාමණායක සහ කැතරිනා වර්තේනා, වර්ණ සංයෝජනය එළි අකෝකා, ශබ්ද පරිපාලනය ප්‍රියන්ත කළුආරච්චි සහ නිකොලා දාහලින් විසින් සිදුකර තිබේ.
ඉන්දියන් සාගර‍යේ මුතු ඇටය බදු වු අප ඉපදුන ලක් දෙරනේ ත්‍රස්තවාදීන් විසින් විනාශ නරමින් සිටිනා මොහොතක මගේ තාරුණ්‍යයද කැපකරමින් 1995 වර්ෂයේ දී මම යුධ හමුදාවට බැදුනෙමි. ත්‍රීකුණාමලය කැෆන්බර් පුහුණු පාසලෙන් මුලික පුහුණුව ලබා 3, වන ශ්‍රීලංකා පාබල හමුදාව වෙත ඇතුලත් වුවෙමි. එමඒකකයේ දියුධ හමුදාවේ පාඨමාලා අතරින් විමර්ෂන, බැලැන්ස්ටයිල්, ගුවන් සංග්‍රාමික, පාඨමාලා හදාරා යුධ නිපුනත්වය වර්ධනය කොට එයින් ලැබූ දැනුම සමග උතුරේ රණගොස, සත්ජය, ජයසිකුරු යන ක්‍රියාන්ව්ත ගනනාවකට සහභාගී වුවෙමි. එම ක්‍රියාන්විත වලදි අපට දිවා රෑ අව්ව වැස්ස ඝන වනාන්තර මඩ වගුරු සියළු අභියොග ජයගෙන අපමන දුක් විද දරාගෙන ඉදිරියට ගියෙමි. ත්‍රස්තවාදින් සමග සටන් පටන් ගත් පසු සැහැල්ලු අවි බිම් වෙඩි මරඋගුල් වලින් බේරි ත්‍රස්තවාදින්ගේ බලකොටු විනාශ කරමින් අපි ඉදිරියට ඇදුනෙමු. අප එකට සිටිනා සහෝදර සෙබලුන් තුවාල වුවද මියගියද අප අරමුන කරා ඉදිරියට යන්නමු. යුද්ධයේ කුරිරුකම අපට හොදින් වැටහී තිබුනෙමු. අප එක මොහොතක් නතර වුවහොත් අපගේ ජිවිතයද එතනින් නිමාවිමටද පුලුවනි සියළු සෙබලුන්ගේ අරමුණ ත්‍රස්තවාදින්ගෙන් රට බේරාගැනිමය.ත්‍රස්තවාදින් ඔඩ්ඩුසුඩාන් ඉදිරි ආරක්ෂක වලල්ල බිද දමමින් පැමිනෙමින් සිටියේ අප සතු භුමිය ටික ටික ආක්‍රමණය කරමින්ය. ඔවුන්ගේ ගමන නතර කිරිමට අප ඒකකයට සහ විමර්ෂණ කාණ්ඩායමටත් විශාල කාර්ය්‍යක් පැවරුනි. ''1999" සැප්තැම්බර් මස 17 වෙනි දින අප ඒකකය සහ විමර්ෂණ කණ්ඩායම මාන්කුලම් ඝණ වනාන්තරය මැදින් නැදුන්කේනි මාර්ගයට පිවිසෙමින් සිටියේය. එම ගමනේ පෙරගමන් කරුවන් වුයේ අප විමර්ෂණ කණ්ඩායමය. උදෑසන 9.30 ට පමණ අප ඉදිරියෙන් ත්‍රස්තවාදින් මුණ ගැසුනේ නොසිතු ලෙසය. අප කණ්ඩායම ක්ෂණිකව දැඩි ප්‍රහාරයක් එල්ල කරේ කොටි ත්‍රස්තවාදින්ට කිසිවක් සිතා ගැනීමටවත් ඉඩක් නොතබය. මා ඉදිරියට වෙඩි තබමි න් යන විටදි මගේ වම් පැත්තේ සිට කොටි කාන්තාවක් පසු පසට පැනගියේ මා විමතියට පත් කරමින්ය. ඉදිරියේ පලුගසක් සහ හුඹසක් විය. මගේ වම්පැත්තෙන් ගිය සෙබළා හුඹසට මුවාවී වෙඩි තබද්දි මම පලු ගසට මුවාවි වෙඩි තැබුවෙමි. වම් පැත්තේ සිටි සෙබළාගේ උරහිසින් දුමක් පිටවනු දුටුවා පමණි ඔහු මට වෙඩි වැදුනා කියමින් බිම ඇද වැටුනේය. මේ අතරතුර අප කණ්ඩායමේ සෙබල හෙට්ටිආරච්චිගේ හිසටද වෙඩි ප්‍රහාරයක් වැදුනමුත් ඔහුගේ හිස් ආවරණය නිසා ජිවිතය බේරුණි. ඉතාමත් බිහිසුණු ලෙස වෙඩි හුවමාරුව සිදුවෙද්දී මගේ පපුව හරහාද හෙණයක් වදින්නාක් මෙන් උණ්ඩය ඇදි ගියේ මාද බිම ඇද වට්ටවමිනි. පලුගසට මුවාවී සිදු වුයේ කුමක් දැයි බැලුවෙමි. මා පපු ආවර්ණයට ඇද සිටි ආවර්ණ තහඩුවද කුඩුවි මැගසින් එකද හිල් කරගෙන අත් බොම්බ දෙකට අගලක් උඩින් උණ්ඩය විසිවී තිබිනි. මගේ ජිවිතය බේරුනේ පෙරකල පිනකට යැයි මට සිතුනි. අපගේ ප්‍රහාරයන් හමුවේ ත්‍රස්තයින් පසුබැස ගිය අතර සටන පැයකට අධික කාලයක් තිබුණි. මාගේ වම් පැත්තෙ ප්‍රහාරය පටන් ගැනිමේදි සිටි දිසානායකට කථා කලත් ඔහුගෙන් පිලිතුරක් ලැබුනේ නැත. පසුව සොයා බැලීසේදී ඔහු ඇතුලු තිදෙනෙක් මව්බිම වෙනුවෙන් මෙම සටනේදී දිවි පුදා තිබුනි. කොටි කාන්තාවො විස්සකට අධික ප්‍රමාණයක් මරා දැමීමට අපටහැකිවී තිබිනි. සියළු දේ අවසානයේදි මම පැලද සිටි පපු ආවර්ණය ගලවා බැලීමේදී එයට යොදා තිබු පේලේට් එක වැලි කැට ගානට කුඩුවි තිබුනි.ඒ.... 2000. 02.07 වන දිනය හිරු අවරට බැස ගොසින් ඝන අදුර කෙමින් කෙමින් උදා වු මොහොතේ අප විමර්ෂණ කටයුක්තකට චාවකච්චේරි තණන්කිලප්පු ප්‍රදේශයේ ඉදිරි ආරක්ෂක වලල්ලේන් එපිටට පියමැන්නේ තුන්වන දිනටත්ය. මධ්‍යම රාත්‍රිය වනතෙක් අප කණ්ඩායම ත්‍රස්තවාදින්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරමින් ඉදිරියට ගියෙමු. අප ඉදිරියේ පටු මාර්ගයක් විය. එය නිරීක්ෂණය නිරිම මා ඉදිරියේ සිටි අනෙක් සෙබලුන් කරමුත් මම මගේ ප්‍රහාරක වෙඩි බලය සැපවිය හැකි ගිනි අවිය සමග ඉදිරිය පෙනෙනසේ ගමන් ගත් මාර්ගයෙන් අඩි දෙකතුනක් වම් පැත්තට ගියෙමි. එතන මොහොතක් නතරවිය එම අවස්ථවෙදි මහ හඩක් නගමින් මගේ වම් පාදයට පෑගී තිබු "පිඩන බිම් වෙඩිල්ල" පපුරා ගිගේය. එම මොහොතේදී මම බිම ඇදගෙන වැටුනෙමි. කුමක් වුවාදැයි නොදැනුනි ඝණ අන්ධ මුළු ප්‍රදේශයම වෙලී තිබුනි. වම්පාදයෙන් දැඩි වෙදනාවක් සමග හිරිගතියක් ඇතිවුනි. වේදනාව කියා නිම කිරිමට නොහැකි තැරම් විය.එත් මම වචනයක්වත් කථා නොකර සිටීමට දැඩි විර්ය්‍යක් ගන්නට සිදුවුනි. මම ඒ මොහොතෙත් සිටියේ සතුරු භුමියේ නිසාය. මම ‍ගෙන ගිය අවිය සමග පසු පසට ඒමට සුනම් වූ නමුත් මගේ වම් පාදය පොලවට නොවදිනා නිසා පාදය කුඩුවී ඇතැයි මට සිතුනි. ටික දුරක් දණගාගෙන ආ නමුත් කකුලෙන් එන වේදනාව නිසා දණ ගාගෙන එමටවත් නොහැකිය නැවත මාගේ ගිනි අවිය අධාරයක් සේ ගෙන ඇවිදගෙන එමට සුදානම් වුවත් එම පාදය කෙසේවත් බිමට නොවදිනා නිසා එයද අසාර්ථක විය නැවත මම වෙදනාව සහ අමාරුව හිතේ තදකරගෙන නැවතත් දණගාගෙන ඉදිරියටම ආවේමි. ඊට පසු මගේ සහොදර සෙබලුන් මම සොයා ගත්තෙමි එම මොහොත වන විට මා තුවාල වුබව මාසමග සිටි සියළු සෙබලුන් දැන සිටියමි. ඔවුන් විසින් අපගේ අධාරක කාලතුවක්කු, මොටර් වෙඩි බලය ඉල්ලා එම ප්‍රහාරද සතුරු භුමියට පතිත වෙමින් තිබුනි මා එම මොහොතේ පලාලි යුධ හමුදා රොහල වෙත ගෙන ගියේය පසුවදා උදැසන පලාලි සිට ගුවන් හමුදායානයෙන් රත්මාලාන ගුවන් හමුදා කදවුර වෙත ගෙන විත් කොළඔ යුධ හමුදා රොහල වෙත ගෙනාවේය මා යුධ පිටියට කල සේවය එතනින් නිම විය. එනමුත් මා හට දුකක් ඇත්තේ කොටි ත්‍රස්තවාදින් මේ ලක් දෙරනින් තුරන් කරනා තුරු මාගේ සේවය ඉටු කිරිමට නොහැකි වු බැවිනි. "මා ලක් බිමට කල සෙවය නිසා රණශුරපදක්කමෙන්ද පිදුම් ලැබුවේය...!
Sri Lanka University News Education Campus School ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පුවත්: Hamuwennata Samugannata Campus Song Storyමේ ගීතය අසන විටදි පේරාදෙණිය සරසවියේ 2003-2004 අධ්‍යයන වර්ෂයේ සිසුන් ගොඩාක් සංවේදී වෙනව.... ගීතය නෙමෙයි... මම ඔයාලට මේ කියන සත්‍ය කතාව හොදින් කියවන්න..... එහෙනම් මෙන්න කතාව....2003-2004 අධ්‍යන වර්ෂය ආරම්භ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට එනව තරුණයෙක් පොල්ගහවෙල ඉදල... ඔයාලා දන්නව ඇතිනේ ලංකාවේ සරසවියක තිබෙන එකම දුම්රියපොල තියෙන්නෙ පේරාදෙණිය සරසවියෙ.... ඉතින් ඒ තරුණයට ඒක ගොඩාක් පහසුවක්......පේරාදෙණිය විද්‍යාලයට පීඨයට පැමිණි මේ තරුණායාට සුපුරුදු පරිදි කාඩ් එකකුත් වැදුනා... කාඩ් එක තමා බොනපාට්... මම මෙතනින් ඉදිරියට මේ තරුණයව හදුන්වන්නෙ බොනපාට් කියල... මොකද මුළු සරසවියම ඔහුව හදුනගත්තෙ බොනපාට් යන නමින්....(අදටත් බොනපාට් කියලා පේරාදෙණිය සරසවියෙ කාගෙන් හරි ඇහුවොත් ඔහුව දන්නවා එච්චරට ඔහු ප්‍රසිද්ධයි )ඉතින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ආපු මේ බොනපාට් සරලවම කියනවනම් පට්ටම සංවේදී... පට්ටම මීටරයක්... ඔහු පැමිණියේ භූගර්භ විද්‍යා උපාධිය හදාරන්න.... ඔය උපාධිය ලංකාවෙන්ම පවත්වන්නෙ පේරාදෙණිය සරසවියේ පමණයි... ඔවුන්ගෙනුත් විශේෂ භූගර්භ විද්‍යා උපාධිය සදහා තේරෙන්නෙ 10 දෙනෙක් පමණයි...අපේ මේ බොනපාට් ඒ 10දෙනා අතරට තේරුණාම කොහොමද මිනිහගෙ මීටරේ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ යාළුවනේ...... කෙටියෙන්ම කියනවනම් වසරකට භූගර්භ විද්‍යා විශේෂ උපාධිධාරීන් ලංකාවෙන්ම බිහිවෙන්නේ 10 දෙනයි..... (මේ භූගර්භ විද්‍යා විශේෂ උපාධිය තියෙන ඕනම කෙනෙකුට ඕනෑම රටකින් නොමිලේ රැකියා සහ වීසා දෙනව.... කොහොමද උපාධියෙ තත්වය යාළුවනේ)පවුලේ එකම දරුවා වූ මේ බොනපාට්ට ආදරේ සෙනෙහස එතරම් අවශ්ශ්‍ය උනේ නෑ... මොකද දෙමාපියන්ගෙ මුළු ලෝකයම උනේ මේ බොනපාට්.. සරසවියට එනකල්ම ඔහුටත් ආදරයක් අවශ්‍ය උනේ නෑ... ඒ තරම් දෙමාපියන් ඔහුට ආදරය සෙනෙහස දුන්න... කොහොමින් හරි සරසවියේ තනිවුන, පොත් අතර කාළය ගෙවුණු මේ බොනපාට්ටත් තනිකම කාන්සිය නිසා සරසවි ආලය ටිකෙන් ටික දැනෙන්න පටන්ගත්ත....ඔහු සම්බන්ධයක් ඇති කරගත්ත සරසවියේ තරුණියක් සමග... ඇයටත් කාඩ් එකක් තියෙනව... එය තමයි සොබනි. ඇයත් පොල්ගහවෙලමයි... ඔන්න ඉතින් අපේ මේ බොනපාට් සොබනිත් එක්ක ආදරය කරන්න පටන් ගත්ත....යාළුවනේ හැඩි දැඩි සිරුරක් ,ලස්සනක් තිබුණ මේ බොනපාට් පුදුම මීටරයක්.... ඒ වගේ කෙනෙක් සරසවිය තුලදි නිරායාසයෙන්ම ජනප්‍රියයි... අනික යාළුවන්ට තියෙන ආදරයත් උපරිමයි. සරසවි බාශාවෙන් සිරා බොක්කෙ කොල්ලෙක් ඔහු.. කොහොමින් හරි මේ දෙන්න දැන් සරසවියෙ ඉන්නෙ එකට, එකම ගමේ නිසා ගමට යන්නෙ එකට , නැවත එන්නෙ එකට... ගෙවල් වලිනුත් කැමතියි දෙදෙනාටම....ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ... මුළු සරසවියම දන්නව බොනපාට් තව වසර 2කින් 3කින් නවතින්නෙ ඇමරිකාවේ නැතිනම් යුරෝපයේ කියල.... ඒ නවතින්න යනවිට සොබනි ඔහුගේ බිරිද වෙයි කියලා අපි හැමෝමත් බොනපාට් සහෝදරයත් හිතුව. අනිත් සරසවි පෙම්වතුන් වගේම මොවුන් දෙදෙනත් ආදරෙන් වෙලෙමින් කාලය ගතකලා.....මුදල් ප්‍රශ්ණයක් නැතිනම්, බොනපාට් පුදුම ලස්සනයිනම්, ඇමෙරිකාව පුරවැසිභාවය දීමට ආරාධනා කරන උපාධියක් තිබෙනවනම්, අනාගතේ පැහැදිලිනම්, සොබනිට ගෙදරිනුත් කැමතිනම්.... කොතරම් වාසනාවන්තයෙක්ද යාළුවනේ අපේ මේ බොනපාට්... අනික සොබනිත් වාසනාවන්තයි බොනපාට් ලැබුනට... සරසවියෙ හැමෝම හිතුවෙ එහෙමයි....නමුත් සොබනි හිටි හැටියේම බොනපාට්ව අත ඇරියා.... හරිනම් බොනපාට් තමා සොබනිව අතාරින්න ඕන. සොබනි කියන්නෙ සාමාන්‍ය තරුණියක්. ඇය ලස්සනයි. නමුත් campus එකේ යාලුවෝ කියන විදියට බොනපාට්ගෙ ලගදි ඇය නවදැලි හේනක පෑව වැදිරි රුවක් හා සමානයි.... ඒත් සොබනි බොනපාට්ව අතෑරියා... කොහොමද මේවගේ දෙයක් වෙන්නෙ.. නමුත් එහෙම දෙයක් උනා... බොනපාට් තනිවුනා... ඇය ඔහු තනිකලා....නමුත් මේ බොනපාට් මම කලින් කිවුව වගේ පුදුමාකාර චරිතයක්... ඔහු මේ සම්බන්ධය නවත්වපු බවක් සරසවියේ කිසිම කෙනෙකුට හැගෙවුවෙ නෑ... පෙන්නුවෙත් නෑ.... නමුත් සම්බන්ධය නවත්වලා.... බොනපාට් උත්සාහ කරන්න ඇති සොබනිව නැවත කැමති කරවගන්න. බොනපාට් උත්සාහ කරන්න ඇති නැවතත් සොබනි එක්ක සරසවි දුම්රිය ස්ථානයෙන් ගෙදර යන්න, ආයෙ එන්න... සරසවියෙ ඇවිදින්න...නමුත් ඇය ඔහු අතෑරලා.... ඔහු මේක සගවගෙන විවිධ හේතු දක්වමින් මගෑරියා.... ඔහු තනිවම විදවන්න පුළුවන් උපරිම දුක්වින්දා.... ලොකයෙන්ම දුකක් සගවගෙන දුක්වෙන එක හරිම අමාරුයි... ඒත් මේ කතාවේ අවාසානය වෙනකල් ඔහුගේ අතිජාත මිත්‍රයන්වත්... ඔහුගේ රූමවත් දන්නෙ නෑ... සොබනි ඔහුට බූට් එක තියල කියල... ඒ තරමටම මොහු සොබනිව ආරක්ෂා කලා....ගෙදර හුරතලේකට හැදුනු බොනපාට්ට ආයේ මේ දුක දරාගන්න නම් ලේසිනම් නෑ ... ඔහු දුක විදින්න, විදවන්න තියෙන උපරිම විදියට උත්සාහ කලත් මේ දුක ඔහුට දරාගන්න බෑ..... ඔහු ගත්ත තීරණයක්..... අනාගත සුපිරි විද්‍යාඥයා විශ්ව විද්‍යාලයෙන් හොරෙන් ගත්ත රසායනික කැට ටිකක්....ගියා හන්තානේ මාකස් නේවාසිකාගාරයට ඈතින් ෆයිනස් යායේ තිබෙන ගල් තලාවක් මතට.... අවසන් උත්සාහය දැරුව ඔහු ඇමතුමක් අරගෙන සොබනිට... වැඩක් නෑ... ඇය අසංවේදීයි.. ඇයට බොනපාට්ගේ හදවත දැනෙන්නෙ නෑ... ඔහු කරන්න යනදේ ගැන වැටහීමක්වත් සංවේදීතාවයක්වත් නෑ....උනදේ කියාගන්නත් බෑ .... සරසවි සිසුන්ට බොනපාට්ව මුණ ගැහුනේ ඊට දින දෙකකට පසුව... ඩෙනිම් කලිසමත් නිල් ඉරි ටීෂර්ට් එකත් ඇදගෙන මුනිං අතට මැරිල ඉන්නව අපේ අනාගත භූගර්භ විද්‍යාඥයා ගල් තලාව මත....ඔහු මිය ගිහින් තියෙන්නෙත් බොලද විදියට නෙමෙයි... ඔහුගේ මියයාම, ඔහුගේ දුක, වේදනාව ගැන විවිධ ඉගි කිරීම් සදහන් කරමින් ඔහු සටහනක් පොතක ලියල තිබුණ.... නමුත් ඔහුගේ බුද්ධියෙන් දෙන ඉගි තේරුම් ගැනීම ඉතා අපහසුයි... ඇයි ඔහු ඉගි විතරක් දුන්නෙ ...මිය යන්න හේතුව සරලවම කියන්න තිබුනනේ... ඇයි ඔහු එහෙම නොකිව්වෙ.... සොබනිට නොදැනුනාට ඔහු ඒ තරම් සොබනිට ආදරෙයි.... සොබනි නිසා මැරුණ කිවුවොතින් සොබනිට වෙනදේ ඔහු දන්නව.... ඉගිවලින් දුන් පණිවිඩය අපිට නොතේරුණාට සොබනිට හොදටම වැටහෙන්න ඇති.....මට දැනෙන විදියට රජෙක් වගේ මුළු විශ්ව විවිද්‍යාලයපුරා ප්‍රචලිත වෙලා සිටි බොනපාට්, සොබනිලගට ගිහින් කියන්න ඇති.... එන්න අපි යමු කෝච්චියෙ ගමේ වෙනද වගේ කියල... කොතරම් නම් ඉල්ලීම් කරන්න ඇත්ද ඔහු සොබනි ලග වැද වැටිල....දුක දරාගෙන ඉදල ඉදල බැරිම තැන මැරෙන්න තීරණය කරපු අපේ මේ බොනපාට් අන්තිම මොහොතෙදිත් කෝල් එකක් අරගෙන තියෙන්නෙ සොබනිට.... මොනව කියන්න ඇත්ද..? අඩ අඩා ආදරේ ඉල්ලන්න ඇති නේද...? මගේ කදුලු බිදු වැටෙන්න නොදී එන්න සොබනි ආයෙත්... කියන්න ඇති නේද...? මේ තරම් සියුමැළිද කළුගල් කියල සින්දු ලියපු රටේ දැන් කියන්න තියෙන්නෙ මේ තරම් රළු ඇයිද හදවත් කියල.... ‍හැබැයි මෙහෙදී මම එක දෙයක් සදහන් කරන්න ඕන... සොබනි දැන් හොදින් ජීවත් වෙනවාලු .. ඇය සාර්ථක පවුල් ජීවිතයක් ගෙවනවාලු ... ඒ නිසයි මෙහි සියළු නම් සදහන් කලේ නැත්තෙ... අනික මට මෙහිදී හිතට වැදුණු දෙයක් තියෙනවා.... ඒ තමයි ඔහුගේ හොදම යාළුවෙක්ගෙන් මේක අහපු වෙලාවේ කියපු කතාවක්....මේ යාළුව බොනපාට්ගේ මලගෙදරට සහභාගී වුනේ නෑ... ඇයි කියල ඇහුවම ඔහු දීපු පිළිතුරෙත් හිතන්න දෙයක් තියෙනවා... "අම්ම තාත්තගෙ එකම ලෝකය කෙල්ලෙක් නිසා බොනපාට් නැති කරගත්තෙ ඌ, ඌ ගැන වටිනාකමක් නැති නිසා.... ඉතින් ඌට ඌ වටින්නෙ නැත්නම්... එහෙම එකෙක් මට කෙහොමත් වටිනාකමක් නෑ. ඒ නිසා මම මලගෙදර ගියේ නෑ...... "
අප කුඩා උන් සන්දියේ ඇසූ ජනප්‍රිය කතාන්දරයක් තිබේ. ඒ තල් අත්තකට වැටුණු බෙලි ගෙඩියකට තිගැස්සී, ලෝකය පෙරළෙනවා යැයි වනාන්තරයක්ම බියවැද්දූ හාවාගේ කතාවය. කලින් කලට අපේ කනටද මෙවැනි තල් අතුවලට වැටෙන බෙලි ගෙඩි ශබ්ද ඇසේ. ඒවාට බියවී රට පෙරළෙනවා යැයි හිස් ලූලූ අත දුවන මනුසත්තුද වෙති. මෑතකදී එසේ ඇසුණු කතා දෙකක් විණි. පළමුවැන්න වූයේ "හිට්ලර්" කතාවය. දෙවැන්න වූයේ "ප්‍රභාකරන්" කතාවය. අප සිතා සිටින්නේ වන සතුන්ට වඩා බුද්ධියෙන් සහ පරීක්ෂාකාරී බවින් වැඩි මනුසතුන් කියාය. නමුත් මේ සිද්ධි දෙකෙහිලා අපේ මනුසතුන් හැසිරුණු ආකාරය දෙස බලද්දී නම්, නිතැතින්ම අපට සිහියට නැඟුණේ තල් අත්තට වැටි බෙලි ගෙඩියට බිය වූ හාවාමය.හිට්ලර් කරළියට පැමිණෙන්නේ උපන් දිනයකට ආශිර්වාද පතා අනුනායක හිමියන් කළ අනුශාසනා කතාවකිනි. උපන්දිනය හා අනුශාසනා අතරට හිට්ලර්ලා කෙතරම් දුරට ගැළපේ දැයි යන්න වෙනමම විමසිය යුතු කාරණයකි. එහෙත් ඒ පුවතට දැක්වූ ප්‍රතිචාරවලින් අපට පෙනුණේ "හිට්ලර්" යන වචනයට මිනිසුන් තුළ ඇති භීතිකාවයි. පොදුවේ අපට යම් තිගැස්මක් එන්නේ අතීත අත්දැකීම් සමඟ වර්තමාන සිදුවීම් ගළපා බලද්දීය. එවිට අප කරන්නේ අනාගතය පිළිබඳව ක්ෂණික චිත්ත රූප මනසේ මවා ගැනීමයි. ඇතැම්හු මේවාට "මනෝ විකාර" කියා කියන අතර "විකාර හීන" යැයි කියන ඇත්තෝද සිටිති. හීනද "දවල් හීන" සහ "රාත්‍රී හීන" කියා අප වර්ග දෙකකට බෙදාගෙන තිබේ. දහවලේ දකින හීන හැබෑ නොවෙතැයි ඇතැම්හු විශ්වාස කරති. කෙසේ වෙතත් අනුනායක හිමියන්ගේ ප්‍රකාශය දේශපාලන විචාරකයන්ට, ෆේස්බුක් වීර‍යන්්ට සහ බුකී ඔස්තාද්ලාට අනුව නිර්ලජ්ජ, භයානක ප්‍රකාශයකි. නමුත් හිමියන්ට අනුව එය වැරදි අර්ථකථනයකි. එය තමන්ගේ සම්පූර්ණ කතාවේ එක් කුඩා කොටසකි. උන් වහන්සේ කියන පරිදි සමස්ත කතාවේ අරුත වන්නේ රටට වඩාත් වැඩදායී යහපත් පාලනයක් සහ ශක්තිමත් නායකත්වයක් යන්න එහි අදහසයි. ඒ පාලකයා තුළ අණ සහ බණ යන දෙකම අඩංගු විය යුතු බව තමන්ගේ අදහස වූයේ යැයි උන් වහන්සේ කියා සිටියහ.රාජ්‍ය ඇමතිනියකව සිටි විජයකලා මහේෂ්වරන් සිය කතාව කළේ දේශපාලන වේදිකාවකය. ඇය එම කතාව කළේ දමිළ බසිනි. එම වේදිකාවේ රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ හිටපු ආරක්ෂක ඇමතිවරයෙකු හිඳ තිබේ. ඇගේ කතාවේ අපට අසන්නට ලැබුණු, අපේ මාධ්‍ය පරිවර්තනය කළ කොටසින් කියවුණේ උතුරේ ගැහැනුන්, දරුවන් සුරක්ෂිතව නිවෙස් බලා පැමිණීමට නම් යළි එල්.ටී.ටී.ඊ ය නඟා සිටුවිය යුතු බවකි. ඇය සිය කතාවට එල්ලවූ විරෝධය හේතූවෙන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූවාය. ඇගේ සම්පූර්ණ කතාව කුමක් වන්නට ඇත්ද..? ඇය සිය කතාවේදී මතු කළ උතුරේ වන තිස්දහසක් වැන්දඹු පවුල්, දොළොස් දහසක් පුනරුත්ථාපනය කළ එල්.ටී.ටී.ඊ සාමාජිකයන්, රැකියා විරහිත උපාධීධාරීන්, දේශපාලකයින්ගේ වාහන වලින් උතුරට ප්‍රවාහනය කෙරෙන මත්ද්‍රව්‍ය වැනි කාරණා පරිවර්තනය නොවූයේ ඇයි..?මෙය ඉතා සංවේදී කාරණයකි. උතුරෙන් ඇසෙන හඬේත්, දකුණෙන් ඇසෙන හඬේත් ඇත්තේ එකම රිදීමකි. සමාන වේදනාවකි. අපට ඇසෙන කොටසට වඩා නෑසෙන කොටස, අසන්නට නොදෙන කොටස භයානකය. භාෂා දෙකකින් මේ උච්චාරණය වන්නේ අපේ රටේ අප පෙළන කැක්කුම් ගැනය. අප මේ හීලෑකරගෙන සිටින්නේ අපේ සැබෑ ස්වාමියන්ය බව සිතන අධි තක්සේරුවෙන් අපි බැහැර විය යුතු කාලය එළැඹ තිබේ. මේ ඔවුන් හොරා කා ඇත්තේ අපේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වියදම් කළ යුතු ධනය බව සිතට ගත යුතුය. එබැවින් වංචාකරුවන්ට, දූෂිතයින්ට මේ රටේ පාලකයන් වීමට අයිතියක් නැත. ඔවුන් මේ ආයුධ දී ඇත්තේ කැත්තට ,උදැල්ලට පෑනට,පොතට හුරුකළ යුතු දරුවන්ගේ දෑතටය. මේ අපයෝජනය වෙන්නේ මත්කුඩු උරන්නේ හෙට පීදී දළු ලා, ගස් විය යුතු අපේ අනාගත දරු පරපුරය. බෝඩ් ලෑලී උස්සාගෙන වීදී බැස සිටින්නේ ජීවත්වෙන්න රස්සාවක් ඉල්ලන, රස්සාවේ අයිතිවාසිකම් ඉල්ලන අපේ සහෝදර, සහෝදරියන්ට. බඩගින්නට, අඟහිඟකම්වලට, පිඩනයට ජාතී ආගම් නැත. කන්කසන්තුරයේ සිට දෙවුන්දර තුඩුව දක්වා කඳුළු නිවා සිනා පිපිය යුතුය.සිය දරුවා නිරුවත් කිරීමට එරෙහිවුණු පියාව කපා මැරූ අනුරාධපුරයේ පවුලට මෙන්ම, යුද්ධයේ අමිහිරි වේදනාවන් පපුවේ දරාගෙන, වේදනාවෙන් මොරදෙන උතුරේ පවුල් වලටත් සාධාරණය ඉටු විය යුතුය. පකිස්ථානය නවාස් ෂරීෆ්ට, ඔහුගේ දියණියට, බෑනාට දුන් දඬුවම්, මේ රටේ මහජන දේපළ කොල්ලකෑ සියල්ලටම දිය යුතුය. මැලේසියාවේ මහතීර් මොහොමඩ්ලා මෙන් විනිසුරුවරයාගේ සිට සියලු වැරදිකරුවන් තරාතිරම නොබලා නීතිය ඉදිරියට පැමිණවිය යුතුය.එදිනට නිව්යෝර්ක් ටයිම්ස්ලාට, චැනල් ෆෝ වලට ලංකාව ගැන ප්‍රවෘත්ති හිඟ වනු ඇති. එසේ වීමට නම් අනුනායක හිමියන්, විජයකලා වැනි අය කියන කතාවන්හි අපට නෑසුණ කොටස් ශ්‍රවණය කළ යුතුය. එතෙක් අපි නින්දේදී දකින ලී ක්වාන් යූ ගේ සිංගප්පූරුව අපිට දවල් හීනයකි.Select ratingGive හිට්ලර්ලා, ප්‍රභාකරන්ලා සමඟ එන අණ සහ බණ 1/5Give හිට්ලර්ලා, ප්‍රභාකරන්ලා සමඟ එන අණ සහ බණ 2/5Give හිට්ලර්ලා, ප්‍රභාකරන්ලා සමඟ එන අණ සහ බණ 3/5Give හිට්ලර්ලා, ප්‍රභාකරන්ලා සමඟ එන අණ සහ බණ 4/5Give හිට්ලර්ලා, ප්‍රභාකරන්ලා සමඟ එන අණ සහ බණ 5/5
ඔයාලා දන්නවනේ ඉබ්බා කියන සතා දිය ගොඩ දෙකේම හැසිරෙන සත්වයෙක් කියලා.අපි හැමදෙනාම අහල තියන දැකල තියන ඉබ්බා උපමා කරගෙන අපේ බුදුහාමුදුරුවෝ ඉතා වටිනා දිවිමග පහන් කරන නිවන් දෙරටුව විවර කරන ශ්‍රේෂ්ඨ දහම් කරුණු රාශියක් දේශනා කරලා තියෙනවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ වම්මික සුත්‍රයේ (තුඹස උපමා කොට වදාළ දේශනාව) ඉදිඹුවකුගේ කට්ට සහ අපේ පංචස්කන්ධය පිළිබද මනා විවිරණයක් ලබා දෙනවා. ඔයාලා දන්නවානේ ඉබ්බට උපතින්ම උරුමවෙලා තියෙන්නේ ඉඹි ගමනක් කියලා. ඉඹි ගමන කියන්නේ බොහොම හෙමිහිට යන එකක් නේ. නමුත් මේ ඉබ්බා ඉතාම ආඩම්බරෙන් තමයි ඉබ්බාගේ කට්ට දිහා බලන්නේ.ඌ ඒකට ගොඩාක් ආදරෙයි. හැබැයි ඌ දන්නේ නෑ ඌට ඉබි ගමනක් උදාකලේ ඌ උජාරුවෙන් හිතාගෙන ඉන්න ඌ ආදරය කරන ඉබි කට්ට කියලා.අන්න ඒ වගේ තමයි යම් පුද්ගලයෙක් ඉබ්බා කට්ටට ආදරේ කලා සේ මේ ජරා ජීර්ණවන ස්වභාවයෙන් පවතින ඇට මස් ලේ නහර වලින් ගැවසුන ශරීරයට ආදරය කලහොත් ඒ තුල බැදුනොත් ඔහුටත් නිවන් මග ගමන් කරන්න වෙන්නේ ඉඹි ගමනක් ලෙසින්.තව වරකදී බුදුරජාණන් වහන්සේ කච්චප සූත්‍රයේදී පංචඉන්ද්‍රියන් සහ ඉබ්බා උපමාකරගෙන ලස්සන සූත්‍රයක් දේශනා කලා.අර ඉහතදී කිව ඉබ්බාට කට්ටෙන් ඉලියට දාගෙන යන කෑලි කීයක් තියනවද කියලා ඔයගොල්ලෝ දන්නව ද? ඒයාට කෑලි පහක් කට්ටෙන් ඉලියට දාගෙන යන්න පුළුවන් ඒ තමයි කකුල් හතර සහ ඔළුව, දිනක් ඉබ්බෙක් මේ කෑලි පහම ඉලියට දාගෙන ගමනක් ගියා.බඩගිනි වු නරියෙක් කෑම සොයාගෙන යනකොට මේ ඉබ්බා දැක්කා.මේ නරියා ඉබ්බා ගොදුරක් කරගන්න හිතාගෙන ලගට ගියා.මෙය දැක්ක ඉබ්බා උපක්‍රමශීලීව තමන්ගේ අවයවයන් කටුව තුල සගවා ගත්තා.නරියා එකම අණ්ඩක් හෝ එලියට දැමු විගස කඩාගෙන අහාර ගන්නවා යැයි සිතා එතනම වාඩි වී බලාගෙන සිටියා. උපක්‍රමශීලී ඉබ්බා එකම අණ්ඩක්වත් එලියට නොදමා සිටියා.දැන් ඔයගොල්ලන්ට තේරනවනේ බැරිවෙලාවත් එක අණ්ඩක්වත් එලියට දැම්මනම් ඉබ්බට ඒකාන්තයෙන්ම මරණයට පත්වෙන්න සිද්ධ වෙනවා කියලා.මෙසේ බලන් හිටපු නරියා සුන්වූ බලාපොරොත්තු වලින් යුක්තව හාමතේම යන්න ගියා.ඉබ්බා ඉබ්බගේ ගමන නැවත ආරම්භ කලා.මෙය දේශානකල බුදුරජාණන් වහන්සේ ලෝකයාට වටිනා මහා දහම් කාරණයක් දේශනා කලා.පින්වත් මහ‍ණනි, ඉබ්බාගේ කෑලි පහ අපගේ පංචඉන්ද්රිියට සමානයි.නරියා මාරයා හා සමානයි.පංචඉන්ද්‍රිය කියන්නේ ඇස,කන,නාසය,දිව,ශරීරය යි. මේ පංචඉන්ද්‍රියන් අපි මනාව සංවර කරගත යුතුයි.එකම ඉන්ද්‍රියක් හෝ සංවර කර නොගත හොත් එයම ඔහුගේ විනාශය පිණිස ඒකාන්තයෙන්ම හේතු වන බව බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාලසේක.
පෘතුවිය උණුසුම් වෙමින් ඇති බවත්, දේශගුණය සීග්‍රයෙන් වෙනස් වෙමින් ඇති බවත්, ඒ නිසා මිනිසාට හා මුළුමහත් ජෛව ලෝකයටම අසුබ අනාගතයක් උදාවෙමින් පවතින බවත් පවසමින් පරිසර විද්‍යාඥයින්, පරිසර හිතකාමීන් කරන අනතුරු ඇගවීම් පිළිබදව මේ වන විටත් ඔබ දැනුවත් ව තිබෙනවා. ඔවුන් උත්සාහ කරන්නේ ලෝක කාර්මික බලවතුන්ගේ ඇස් පාදා නූතන තාක්ෂණය හැකිතාක් පරිසර හිතකාමී තාක්ෂණයක් බවට පත් කිරීමටයි. එනම් කාබන් ඩයෝක්සයිඩ් හා තවත් විෂ වායූන් පිට නොකරන ලෝකය උණුසුම් වීමට හේතු නොවන තාක්ෂණයක් බවට පත් කරගැනීමටයි.එහෙත් තවත් විද්‍යාඥයින් පිරිසක් දැන් ඊට හාත්පසින්ම විරුද්ධ අමුතුම මතයක් ලෝකයට ඉදිරිපත් කරනවා. මෙතෙක් නොවූ විරූ පරිසර විපර්යාසයක් ලොව තුල දැන් සිදුවෙමින් පවතින බව ඔවුන්ද පිළි ගන්නා කරුණක්. එහෙත් කෘෂි අස්වැන්නේ සිට මිනිස් සෞඛ්‍ය දක්වා විවිධ ක්ෂේත්‍රයන් හි විවිධ පර්යේෂණ සිදු කොට ඔවුන් පවසන්නේ පෘතුවිය උණුසම් වීම ඉතාමත් වාසි සහගත බවත් අපට ඊට හැඩ ගැසීමට හැකි බවත්ය.ලන්ඩන් සරසවියේ ජීව භූගෝල විද්‍යාඥ පිලිප් ස්ටෝට් පවසන්නේ යම් අයෙකුට සීතල හා උණුසුම යන දෙකෙන් එකක් තෝරාගැනීමට ඉඩ දුන්නොත් උණුසුම තෝරා ගැනීම නිසැක බවයි. ශීතල ආර්ථිකයට, කෘෂි කර්මයට, සෞඛ්‍යට, ජෛව විවිධත්වයට විතරක් නොවෙයි හැම දේකටම අහිතකර බවයි ඔහු පවසන්නේ. ඔහු පවසන අන්දමට යුරෝපා ඉතිහාසයේ සමෘද්ධිමත් අවධීන් සෑම එකක්ම පාහේ පැන නැගී ඇත්තේ අසාමාන්‍ය ලෙස උණුසුම තිබුණු කාල වලදීයි. 1100 සිට 1300 කාලය මෙවන් සමෘද්ධිමත් උණුසුම් කාලයක් වන අතර 1450 හා 1870 අතර පැවති කුඩා අයිස් යුගයේ දුර්භික්ෂ, වසන්ගත හා කෝලාහල ගොඩක් වැඩි වෙලා තියෙනවා.2003 වසරේ යුරෝපයේ පැවති උෂ්ණාධික දින කිහිපයක් නිසා මිනිසුන් 14000ක් පමණ මිය යෑම පෘතුවිය උණුසුම් වීමේ අනිටු ප්‍රථිපලයක් ලෙස පරිසර හිතකාමීන් දක්වන විට ඊට විරුද්ධව කරුණු දක්වන ඔවුන් පවසන්නේ ඊට වඩා වැඩි පරිසක් අධික ශීතල නිසා මිය යන බවයි. දැනට පළවී ඇති ගණනය කිරීම් අනුව ඉදිරි වසර 45 තුල උණුසුම වැඩි වීම නිසා වසරකට මිනිසුන් 2000ක් පමණ මිය යන බව කියා තිබුණත්, ඔවුන් පවසන්නේ ශීතල නිසා වසරටකට මිය යන 20000ක මරණ සමග සැසදීමේදී එය ඉතා කුඩා අගයක් බවයි.පෘතුවිය උණුසුම් වීමේ භයානකම ප්‍රථිඵලය ලෙස සලකන්නේ මුහුදු මට්ටම ඉහළ යාමයි. මේ නිසා ලෝකයේ වෙරළ බඩ බිම් විශාල ප්‍රමාණයක්ද, දූපත් විශාල ප්‍රමාණයක්ද මිනිසුන්ට අහිමි වන බව කියවුනි. පළමුව සාගර මට්ටම මීටර් 1.5ක් කින් ඉහළ යන බවට අනාවැකි පළ කළද පසුව මුහුදු මට්ටම වෙනස්වීම පිළිබද ජාත්‍යන්තර අධිකාරිය එය සෙන්ටිමීටර් 20ක් දක්වා පහත හෙලනු ලැබීය. මුහුදට යට වෙනු ඇතැයි අනාවැකි පල කල මාලදිවයිනට මේ නිසා කිසිදු තර්ජනයක් නොමැති බව දැන් පවතින මතයයි.කෘෂිකර්මාන්තය පිළිබදව 1990 දශකයේ සිදුකල පර්යේෂණ වලින් පැවසූයේ පෘතුවිය උණුසුම් වීම නිසා ලොව ප්‍රධාන වගාවන් වන ධාන්‍ය වගාවට මරු පහරක් වදින බවයි. එහෙත් නව පර්යේෂකයින් මෙයට විරුද්ධ අදහසක් දක්වයි. එම පර්යේෂණ වලදී ‘මිනිසාගේ තැනට සුදුසු ලෙස ක්‍රියාකිරීමේ හැකියාව‘ යන සාධකය එම පර්යේෂකයින් අමතක කර ඇති බව ඔවුන් පවසනවා. පෘතුවිය උණුසුම් වීම නිසා ධාන්‍ය අස්වනු 20%කින් පහල වැටෙනු ඇතැයි කලින් ප්‍රකාශ වී තිබුණත් මහාචාර්ය රොබට් මෙන්ඩෙල් පවසනුයේ එනිසු සමස්ථ අසුවනු ප්‍රමාණය 13%කින් ඉහළ යනු ඇති බවයි. මෙසේ අස්වැන්න වැඩි වීමට හේතුව වන්නේ විද්වතුන් ඉතාමත් බිය පල කරන හරිතාගාර වායුවක් වන කාබන් ඩයොක්සයිඩ් වායුව නිසා වීමත් විශේෂත්වයක්. මෙම වායුව වැඩි වීම නිසා තිරිගු අස්වැන්න 18% කින්ද, ගවයින්ට කෑමට සුදුසු තණකොළ වර්ග වල වර්ධනය 36% කින්ද වර්ධනය වන බවයි පැවසෙන්නේ. මීට අමතරව වනාන්තර වලටද මෙම තත්වය වඩාත් හිතරක වනු ඇත. ඇමසන් ආදී වැසි වනාන්තර තව තවත් ඝනව වැඩීමට පෘතුවි උණුසුම හේතුවක් වේවි.ආර්ථික පර්යේෂණ මගින්ද පැහැදිලිව පෙන්නුම් කරන්නේ උණුසුම් පෘතුවියට හැඩගැසීමට යන වියදමට වඩා වැඩි වියදමක් හරිතාගාර වායූන් ඉවත් කිරීම සදහා වියදම් වන බවයි. ‘‘අපි සියලුම පොසිල ඉන්ධන බලාගාර වසා දමලා, වාහන ක්‍රියා විරහිත කරලා දැම්මත් පෘතුවි දේශගුණය වෙනස් වන එක නවතින්නේ නැහැ. මෙතැන තිබෙන ගැටලුව අපට මේ තත්වය හා ගැටෙන්නට ශක්තිය නැති කමයි“ මහාචාර්ය ස්කොට් පවසනවා.
සිරකරු දිනය වෙනුවෙන් දිවයිනේ සෑම බන්ධනාගාරයන්හිම විවිධ වැඩසටහන් කි‍්‍රයාත්මක බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය සදහන් කරයි.ඊට ආගමික, සංස්කෘතික වැඩසටහන් සහ වෛද්‍ය සායනද, බන්ධනාගාර ගත රැඳවියන් බැලීමට ඔවුන්ගේ ඥාතීන්ට අද විශේෂ අවසරයක් ද හිමිවේ.ඒ අනුව බන්ධනාගාර ගත කර සිටින රැඳවියන්ට අවශ්‍ය ආහාරපාන රැගෙන ඔවුන්ගේ ඥාතීන්ට පැමිණීමට අවස්ථාවද හිමිව තිබේ.අගමැතිවරයෙකු පත් කරමින් ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කරන තුරු වත්මන් අග්‍රාමාත්‍යවරයා ධුරය දරනු ඇතැයි, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ පවසයි.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති...පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාව සම්මත වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා දැනුම් දෙමින්, ඊට අවශ්‍ය ලියකියවිලි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත යැවීමට පියවර ගන්නා බව කථානායක...මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලෙහි සිදු කල කැනීම් කටයුතු අද (14) සිට තාවකාලික නවතා දැමූ බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය. ...ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපතිවරයා ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ජී.එස් විතානගේ මහතා පත් කර තිබේ. පත්කිරීම සිදුකර ඇත්තේ මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා විසිනි...පාර්ලිමේන්තුව හෙට(15) පෙරවරු 10 දක්වා කල්තැබේ. කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (14) පාර්ලිමේන්තුව රැස්විය. එහිදී යෝජනා දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. පාර්ලිමේන්තු මන්තී‍්...කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදි පැවති පක්ෂ නායක රැස්වීම මීට සුළු මොහොතකට පෙර අවසන් වී තිබේ. ඒ අනුව අද (14) සභාවේ කටයුතු සිදුවෙන ආකාරය පිළිබඳව න්‍...ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ හා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද(14) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය. ඒ පාර්ලිමේන්තුවේදී ය. ආණ්ඩු පක්ෂ සියලු...කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම මේ වන විට ආරම්භ වී ඇත. මේ අතර පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයි වාර්තා වන අතර පොලීසිය සහ කැරලි මර්දන ඒකකය විසින්...කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීම සඳහා මේ වන විට මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වෙත පැමිණෙමින් සිටින බව වාර්තාවේ. මේ අතර ඊයේ(13) නිවේදනයක් නිකුත් කරමින්...බොරැල්ල කොටා පාර ආසන්නයේදී අද (14) උදෑසන දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධීයි. ශ්‍රේෂ්ඨාධිකරණය යම් හෙයකින් තීන්දුවක් ලබා දුනහොත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යා යුතුද, නැද්ද තීරණය කිරීමට මහජනතාවට බලය ලබාදීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය...යුරෝපා ආර්ථික හවුලේ ආධාර මත රුපියල් මිලියන තිහක් පමණ වැය කොට ඉදිකරන ලද මොනරාගල තොග වෙළඳ පොළේ කඩකාමර ඉදිකර වසර දෙකක් ගතවී ඇතත් මෙතෙක් වෙළඳුන්ට ලබාදී නැත.මෙම තත්ත්වය මත මොනරාගල ප්‍රාදේශීය සභාවට වාර්ෂිකව ලැබෙන විශාල බදු මුදලක් අහිමි වී තිබේ.එපමණක් නොව තොග පොළෙන් තොග වශයෙන් ගොවීන්ගේ නිෂ්පාදන මිලදී ගන්නා වෙළඳුන්ට භාණ්ඩ ගබඩා කර ගැනීමට නොහැකිව අසරණ වී සිටිති.මේ පිළිබඳව මොනරාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.ඇම් රත්නවීර මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ මෙම කඩකාමර තොග වෙළඳුන්ට ලබාදීමට පියවර ගන්නා ලෙස ඌව පළාත් පාලන කොමසාරිස්වරයාට දැනුම් දී තිබෙන බවයි.සමුපකාරය යන්නෙහි නිර්වචනය "ස්වේච්ඡාවෙන් එක් වූ පුද්ගලයන් සමූහයකගේ පොදු ආර්ථික, සමාජික, සංස්කෘතික අවශ්‍යතා හා අපේක්ෂාවන් ඉටුකරගැනීම සඳහා ඔවුන්ගේ සාමූහික අයිතිය සහිතව ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කරනු ලබන...ලංකාවේ විශාලම එළිමහන් ඉගෙනුම් ඉගැන්වීම් පරිශ්‍රය මිනුවන්ගොඩ මාරපොළ මහා විද්‍යාල භූමියේ ඉදිකර තිබේ. පාසල් භූමිය තුළ ඉදිකර ඇති මෙම ඉගෙනුම් ඉගැන්වීම් පරිශ්‍රය වර්ගඅඩි 7500ක විශාලත්වයකින් සමන්විතය. එහි...ඇමරිකන් හස්ල් 18වෙයින්බර්ග්ගේ ඉදිරි-කොන් ජාවාරමද එන්න එන්නම වර්ධනය විය. ප්‍රධානම හේතුව වුණේ නොදැනුවත්ව වුවද ඔහුගේ රැවටිලිවලට හසු වු, වල්මත් වු ගනුදෙනුකරුවන්ගෙන් ස්විස් බෑන්ක් පුරාවෘත්තය ප්‍...පුරාණයේ සිටම ස්ත්‍රී දේහ ලක්ෂනවලින් නොයෙක් ආකාරයෙන් අනාවැකි පළ කර තිබේ. ඒ අනුව කාන්තාවන්ගේ ඇස්, කන්, නාස, දෙතොල් ආදී නොයෙකුත් අංගවලින් ඇයගේ ගති පැවතුම් හා ජීවන රටාව පිළිබඳව නොයෙක් තොරතුරු හෙළි වී ඇත....නොවැම්බර් මස 14 සිට නොවැම්බර් මස 20 දක්වාමේෂප්‍රභූ ඇසුර ලැබේවෘත්තීමය වශයෙන් පරිපාලන බලය ඇත. අභියෝග හමුවේ කාර්යයන්වල නිරත වේ. ප්‍රභූන් හා ඇසුරට වැටේ. තම කාර්යාලයේ ලිපිගොනු ගොඩ ගැසේ. එම නිසා මානසික...හඳහනක් පරීක්‍ෂා කරගැනීම සඳහා ජ්‍යොතීෂවේදියකු වෙත පැමිණෙන බොහෝ දෙනකු පුන පුනා විමසන කරුණක් වන්නේ තම කේන්ද්‍රය පරීක්‍ෂා කර ගැනීමට බොහෝ ජ්‍යොතිෂවේදීන් වෙත ගියත්, ඔවුන් පවසන පලාපල කිසිවක් සිදු නොවන්නේ...මේ කතා සංග්‍රහයෙහි පොදු දුර්වලතා කිහිපයක් ද තිබේ. එක දුර්වලතාවක් වන්නේ, ඇතැම් කතා පරිපාකයකට පත් නොවීම ය. තව දුර්වලතාවක් වන්නේ, කෙටිකතාවට හුරුපුරුදු ප්‍රබල අවසානයක් නොපැවතීම ය. තවත්...ප්‍රත්‍ය ශතකයේ 83 වැනි ශ්ලෝකය අනුව පුද්ගලයෙකුට පියවරුන් පස් දෙනෙක් වෙති. තම පියා, බිරියගේ පියා, ගුරු පියා, ආහාර දෙන තැනැත්තා, භයසන්ත්‍රාසයෙන් ගලවන තැනැත්තා, ඒ පස්දෙනා ය. මේ ආචාර ධර්මය සිහියට නගා...කැනේඩියානු ඓතිහාසික ප්‍රබන්ධ නවකතා රචකයකු වන මිචෙල් කෘමී, නිව් ෆවුන්ඩ්ලන්තයේ මෙමොරියල් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබීය. ඔහුගේ නවතම කෘතිය ‘ගැලෝරි’ පිළිබඳ www.abebooks.com වෙබ් අඩවිය සමඟ යෙදුණු...කර්තෘ - නිලන්ති ප්‍රනාන්දු‘මැණික් මල්ල’, ‘දෙව්ලොවින් තෑග්ගක්’ යන ළමා සාහිත්‍ය කෘති ළමයින් අතට පත්කළ නිලන්ති ප්‍රනාන්දු, ‘සින්දු ගෙදර ළමයි’ නමැති කෘතියෙන් පරමාදර්ශී ගැමි පවුලක කතාව ඉදිරිපත් කරයි.අහස...China Mieville රචනා කළ The Story of the Russian Revolution කෘතිය, උපාලි රත්නායක විසින් 'ඔක්තෝබර්' නමින් පරිවර්තනය කර ඇත. මේ එම කෘතිය සහ එහි පරිවර්තන කාර්ය පිළිබඳ, ලේඛකයා සමඟ කළ කතාබහකි.1917 රුසියාවේ...19 වන ව්‍යවස්ථාවේ 62වන ව්‍යවස්ථාවේ දෙවන අනු ව්‍යවස්ථාවට අනුවද ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය හිමිවී තිබේ. තවද 19 වන ව්‍යවස්ථාවේ 29 වන ව්‍යවස්ථාවේ (ඈ) ව්‍යවස්ථාවේ...
කාන්තාව, හැම විටෙකම කිසිවකු මත යැපෙන්නියක් විය යුතු නැත. තමාගේම වෙර වීර්යයෙන් ජීවිතය දිනන්නට ඇයට ද හැකියාවක් ඇත. ඇතැම්විට ඇරැඹුම කඳුළක් විය හැකි මුත්, ඉවසීමෙන් දුරක් ගෙවූ කල, සිනා මල් හමුවන්නේ පොකුරු පිටින් ය.භාග්‍යා මදනසිංහ ගේ ගම බදුල්ල ය. බදුල්ල විහාරමහා දේවි විද්‍යාලයෙන් අකුරු කළ ඇය, මේ වන විට වෘත්තියෙන් ගෘහ නිර්මාණ ශිල්පිනියකි. එනමුත්, ඇගේ විනෝදාංශය වුයේ වෙනයම් ම දෙයකි. භාග්‍යා පවසන අන්දමට ඇය කුඩා කල පටන්ම පොත්වල බලි කුරුටු ගෑමට දක්වා ඇත්තේ විශේෂ කැමැත්තකි. අවසානයේ කාටුන් චරිත ඇඳීම දක්වා ම වැඩි දියුණු වී ඇත්තේ ද, ඇගේ එම කැමැත්තයි.විශ්වවිද්‍යාලයේ දේශනවලට සහභාගි වන අතරතුරේදී ද ඇගේ සටහන් පොත්වල, ඇගේම යහළු යෙහෙළියන් කාටුන් චරිත බවට පත්ව ඇත්තේ හරි ම අපූරුවට ය. මේ හැකියාවට හිතවතුන්ගෙන් ලැබුණු ඉහළ ප්‍රතිචාර නිසාම, භාග්‍යා තව තවත් ඒ අංශයට ම යොමු වී ඇත. මේ සම්බන්ධයෙන් ස්වයං අධ්‍යයනයක් කිරීමට ඇය පෙලඹෙන්නේ නිතැතින්ම ය. පවුලේ උදවිය සේ ම, ඇගේ අනාගත සහකරුත් මේ කටයුතුවලදී ඇයට විශාල සවිශක්තියක් වුණු බව, භාග්‍යා සිහිපත් කරන්නේ ඉතාමත් සතුටිනි. ඇය “Movingdoodles” නමින් ෆේස්බුක් ගිණුමක් අරඹන්නේ තමන්ගේ කාටුන් චිත්‍ර පළ කිරීමට ය. මිනිස් ඉරියව් අපූරුවට සිතුවම් කරන්නට පටන් ගත් තැන පටන්, ඇගේ කාටුන් චිත්‍රවලට ඉල්ලුම වැඩි විය.“මම හිතුවෙ නෑ කවුරුත් මගෙන් මුදලට කාටුන් ඇඳලා දෙන්න කියලා ඉල්ලීමක් කරයි කියලා. ඒත්, කෙනෙක් මට ෆොටෝ එකක් පෙන්නලා ඒ වගේ එකක් ඇඳලා දෙන්න කියලා කිව්වා. මුලින් බෑ බෑ කියලා, පස්සෙ මං ඒ වැඩේ භාර ගත්තා. බොහෝ සේ මහන්සි වෙලා තමයි මං ඒක ඇන්දෙ. ඒත්, ඒක එයාගේ හිතට ඇල්ලුවෙ නෑ. එයා ඒක සල්ලි දීලා ගත්තෙත් නෑ. එහෙම වුණා කියලා මම නැවතුණේ නෑ. දිගටම ඇන්දා. මගේ අක්කා තමයි වැඩිපුර ඇන්දෙ. මොකද එයා මට පේන්නෙ කාටුන් චරිතයක් වගේ. ඒ චිත්‍ර දැකලා ආයෙමත් මට දිගටම ඇනවුම් ලැබුණා. මට අවශ්‍ය වෙලා තිබුණෙ, මිනිස් ඉරියව් අඳින එක නෙමෙයි. අපිට ළඟා වෙන්න බැරි දේ චිත්‍රයට නඟන්න. මං හිතින් මවා ගන්න දේ චිත්‍රයට නඟන්න. ඒත්, ඉල්ලුමක් හැදිලා තියෙන්නෙ මිනිස් ඉරියව් සහිත චිත්‍රවලටයි.”භාග්‍යා මේ වන විට රැකියාවට අමතරව, ඉහළ ආදායමක් ලබන්නේ ඇගේ නිර්මාණාත්මක හැකියාව හේතුවෙනි. සිය අධ්‍යාපන කටයුතු සහ අමතර වියදම් සඳහා බොහෝ කලක පටන් ඇගේ මහන්සියෙන් උපයාගත් මුදල් වියපැහැදම් කරන ඇය, මාපියන්ට බරක් නොවී, නිරන්තරයෙන් සිය වියදම් කළමනාකරණය කරගන්නීය.මේ වන විට ළමා සඟරාවක ඇගේම කාටුන් කතාවක් ඇඳීමට ද භාග්‍යාට, භාග්‍ය උදාවී ඇති අතර, ඇගේ සිහිනය වී ඇත්තේ දිනෙක කාගෙත් මතකයේ රැඳෙන කාටුන් චරිතයක් සියතින් බිහි කිරීමටය.රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසන් ඉලක්කය වන පක්ෂ නායකත්වය රැකගැනීම සඳහා පෙළගස්වන ලද මෙම උප්පරවැට්ටි කරණකොට ගෙන විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් නිර්මාණය විය. එහිලා රජයන් දෙකක් එකවර නිර්මාණය විය....* ඇස් වසා කරන වාහන මස් කිරීම තවත් එකක්* ජාවාරම්වලට ලක්වු මෝටර් රථවලට නව පෙනුමක්* හොර වාහන දහස් ගණනක් ලියාපදිංචි වෙලා* තිරුබදු දැලට හසු නොවී කොටස් ගෙන්වා වාහන තැනීමරටපුරා සිදු කෙරෙන මහා පරිමාණ...ටොම්සන් මහත්තයාත්, ඇම්බන් මහත්තයාත්, උන්නැහේත් හැටන් පැත්තේ ගියේ මේ දවස්වල පාරවල් නාය යෑම ගැන තොරතුරු ටිකක් සොයන්නටය. ඒ අතර ඔවුන් දුටුවේ බස්නැවතුම් පොළේ සිටින පාසල් ළමයින් රංචුවක් දෙසය. ඔවුන්ගේ...මෑතකදී අමෙරිකානු ජනාධිපති ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස පිළිගන්නා බව ප්‍රකාශ කිරීමත් සමඟම මුස්ලිම් රටවලින් ඊට එරෙහිව නොයෙක් විරෝධතා පැවැත්වුණි. එසේම මේ සිද්ධි‍යත් සමඟම පලස්තීනයේ ජාතික කවියා ලෙස...දෙමළ ජනයාට එරෙහිව 83 ජූලි මාසයේ දියත් කළ හිංසනය මම ඇසින් දුටුවෙමි. ඒ හිංසනය දියත් වෙද්දී නීතිය හා සාමය ආරක්ෂා කිරීම සිය වගකීම කරගත් පොලීසියේ ක්‍රියාකාරිත්වය ද ඇසින් දුටුවෙමි. බොහෝ තැනක ඔවුන් එක්කෝ...නිතර ම, ඇතැම්විට දිනපතා ගමන් කරන පාරේ වුවත් නිල්ලෙන් ගහණ කඳුවැටියක් වැනි සුන්දර තැනක් දකින විට රිය කවුළුවෙන් නෙත් යොමා එදෙස බලා සිටින්නට මම පුරුදුව සිටිමි. මා අපේ ගමට ආසන්න සුන්දර කඳුවැටියක් දෙස මෙසේ...කුමුදු පීරිස්2018 අටවෙනි මස අටවෙනිදා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය වෙත සුවිශේෂී කටයුත්තක් සිදුකෙරිණි. ඒ අප රට ජන ඇදහිලි සංස්කෘතියේ වන “දහඅට සන්නිය” නිවැරැදිව සිතුවමට ලක්කොට...අංජලී දිසානායකl ඔබ ගැන හඳුන්වාදෙමින් කතාව අරඹමු?මම අංජලී දිසානායක. මගේ ගම බදුල්ල. අම්මයි, තාත්තයි. අක්කයි, නිංගියි, මල්ලියි ඉන්නවා.l කලා ක්ෂේත්‍රයට ආවේ මොන අවුරුද්දෙද?මම කලා ක්ෂේත්‍රයට අවේ 2104...ඇගේ ඇරයුම ආදරණීය විය. එහෙත් සුපුරුදු පරිදි මම සොම්නසින් ද සන්ත්‍රාසයෙන් ද උතුරා ගියෙමි. මේ ඒකාකාරී ජීවිතයෙන් මඳකට අත්මිදීම සොම්නසට කරුණක් වුවද ගෘහමූලිකයාගේ අවසරය හා මගේ ආදරණීය කොල්ලන්ගේ තුන්වේල මා...සුනෙත් මාලිංග ලොකුහේවාl “නිදහසේ පියා DS” චිත්‍රපටය සියලු බාධක ජයගනිමින් ඉදිරියට යෑම පිළිබඳ ඔබේ අදහස කුමක්ද?මේ චිත්‍රපටිය මේ විදිහට සාර්ථකව වැඩ නිම කරන්නත්, තිරගත කරන්නත් ලැබීම ගැන බොහොම සතුටුයි....ඒ 1970 වකවානුවයි. එමෙන්ම ජනපති රිචඩ් නික්සන් සිය කාර්ය මණ්ඩලය සමඟ පසුකලක දී ‘වෝටර්ගේට්‘ අපවාදයට හේතු වූ දේශපාලනික පසුබිම සාධාරණීකරණය කරමින් සිටි අවධියයි. නමුත් රටේ සිදුවන දේශපාලනික වෙනස්කම්...පහුගිය දවසක මම ලංකාදීප කාර්යාලයට ගොඩවැදුණෙ ගාමිණි කන්දෙපොල සහෘදයා මුණගැහෙන්ඩ. ගාමිණිත් එක්ක කතාබහ කරල ඉවරවෙලා කාර්යාලයෙන් එළියට බහින්න ලෑස්ති වන විට සිනහමුසු මූණකින් යුතුව කෙනෙක් මා ඉදිරියට ආවා. ඒ...
එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන "අහන්න" වැඩසටහන අද (24) පදියතලාව ශ්‍රී මහ බෝධි විහාරස්ථානයේ දී සහ තංගල්ල පොලිස් ස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණි.මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින "අහන්න" වැඩසටහන හෙට (25) උදෑසන 10.00 ට බිබිල - විජයමුණි සොයිසා සංස්කෘතික මධ්‍යස්ථානයේ දී සහ හවස 3.00 ට අම්බලන්තොට - අල් අක්බාර් මහා විද්‍යාලයේ දී පැවැත්වේ.
GovSMS යනු කෙටි පණිවිඩ (SMS) මගින් රාජ්‍ය තොරතුරු සහ සේවා ලබාගත හැකි තවත් මාධ්‍යයකි. මේ සඳහා ‘1919‘ කෙටි අංකය සියළුම GSM සහ CDMA දුරකථන සමාගම්වල ග්‍රාහකයින් සඳහා භාවිතා කළ හැක.ලංකා ධිවර සංස්ථා අලෙවි සැල් වල දිනපතා මාළු මිල ගණන් මහජනතාවට පහසුවෙන් ලබා ගත හැකි වන පරිදි රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919), GovSMS සහ Android තාක්ෂණණය සහිත ජංගම දුරකතන තුලින් ලබා දෙයි.මෙම දිනපතා මාළු මිල ගණන් GovSMS සේවාව තුලින් ලබා ගැනීම සඳහා විශේෂිත වූ කෙටි පණිවිඩය පහත පරිදි ඉදිරිපත් කල යුතු වේ.උදා :- කොළඹ ප්‍රදේශයේ “කෙලවල්ලා” කිලෝවක මිල ගණන් ලබා ගැනීම සඳහා, පහත දැක්වෙන පරිදි කෙටි පණිවිඩයක් 1919 ට යැවිය යුතු වේ.
තේ කර්මාන්තශාලාව වෙත සපයන ලද අමු තේ දළු සදහා ගෙවන මිල එම කර්මාන්තශාලාව මගින් එම මාසය තුල වෙන්දේසියේ අලෙවි වන මිලට සාපේක්ෂව ගණනය කරනු ලබයි. ( වෙන්දේසියේ අලෙවි වන මිලෙන් 68 ක් සදහා ලැඛෙනු ඇත) මෙසේ ගණනය කරනු ලබන මිල සාධාරණ මිල” වශයෙන් හදුන්වයි.කර්මාන්තශාලාවට අදාල අවසාන මාසයේ අමු තේ දළු සඳහා ගෙවිය යුතු මිල ලියාපදිංචි අංකය ද සමග ඔබ වෙත ලැඛෙනු ඇත.කර්මාන්තශාලාවට අදාල ඔබ සඳහන් කල මාසයේ අමු තේ දළු සඳහා ගෙවිය යුතු මිල ලියාපදිංචි අංකය ද සමග ඔබ වෙත ලැඛෙනු ඇත.
වවුනියාව,පූන්තෝට්ටම් ප්‍රදේශයේ නිවසකට ඊයේ (25) රාත්‍රියේ පැමිණි කිඹුලෙකු අල්ලාගත් බව වවුනියාව වනජිවි කාර්යාල නිළධාරීන් සදහන් කළා. වවුනියාව වනජිවි නිළධාරීන් පැවසූවේ පවතින නියඟය හමුවේ වැව් සිදීයාම හේතුවෙන් අදාළ කිඹුලා ආහාර සොයාගෙන ගම් වදින්නට ඇති බවයි.අල්ලාගත් කිඹුලා අඩි අටක පමණ දිගින් යුතු වන හැළ කිඹුල් විශේෂයට අයත් කිඹුලෙකු වන බවද වනජිවි නිළධාරීන් පැවසූ‍හ.PreviousPrevious post:කිම් ජොන්ග් අන් සමග ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවෙනි සමුළුවටNextNext post:‘පෝෂර්’ සමාගමේ ඩීසල් වාහන නිෂ්පාදනය නතර වෙයි
ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාවේ ස්වර්ණමය රාත්‍රිය "Hiru Golden Film Awards - 2018" සම්මාන උළෙල අති උත්කර්ෂවත් ලෙස නිමාවට පත්වෙයි (ඡායාරූප)ලාංකීය සිනමා සම්මාන ඉතිහාසය නැවත ලියූ, ප්‍රමිතිගත අන්තර්ජාතික සිනමා සම්මාන රාත්‍රියක උත්කර්ශය... Read MoreHiru Golden Film Awards 2018 ජනප්‍රියම නළුවා , ජනප්‍රියම නිළිය රන් සම්මානයෙන් පිදුම් ලබන්නේ කවුද ? අවසන් 10 දෙනාගේ නම් ප්‍රකාශයට පත් කෙරේ"දවස් 10 යි..ටිකට් 1000 යි.. දවසට ටිකට් 100 යි " හිරු Golden Film Awards 2018 ඇසින් දුන් සාක්ෂිකරුවන් වීමට ඔබටත් අවස්ථාවක්රියැලිටි ටෙලිවිෂන් කරළිය උඩු යටිකුරු කරමින් "හිරු මෙගා ස්ටාර්ස් 2" කිරුළ මේනකා - රනිල් දිනාගනී (ඡායාරූප)
මෙය ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කළ ප්‍රථම 3D චිත්‍රපටය වන අතර එහි ජනප්‍රිය චරිත රැසක් සහභාගී වූ චිත්‍රපටයක්.මේ සඳහා රුපියල් මිලියන 75 පමණ වියදම් වී ඇති බවයි ඔවුන් අප සමග පැවසුවේ. එහි පුර්ව ප්‍රචාරක පටය පහතින් බලන්න.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් දිවුරුම්දීමේදී ජේ ආර් ජේ ව්‍යවස්ථාවේ 7 වන ෂෙඩූල් එකට අනුව රටතුල වෙනම රජ්‍යයක් පිහිටුවීමට උදව් නොකරණවාය යන දිවුරුම් ප්‍රකාශයද ප්‍රසිද්ධියේ කළේය. මෙය ඔහුගේ අතීත ක්‍රියාවලිය ගැන මහජනයා තුල ඇති මත, ආකල්ප හා සැක දුරුකරලීමේ උපායක් වූවා වියහැකිය.රටවල් වල නීති හා ගොන් නීති ඇත. කෙරෙන නීති හා නොකෙරෙන නීති ඇත. බොරු නීතිද ඇත. හිතපු නීතිය වෙනුවට හිතපු නැති දෙයක් සිදුවෙන්නටද පුළුවණ. ගැටළු විසඳනවා වෙනුවට පැණවූ නීතිය අළුත් ප්‍රශ්න මතුකලා විය හැකිය. සමහරු දැන දැනම හොර නීති ගේනවාද විය හැකිය. පොතේ ඇති නීතිය කුමක්ද කියා විවරණය කරන්න උසාවි ඇත. එය වෙනම කතාවකි. නඩුකාරයින් අනුව හා කාලය හා අවස්ථාව අනුව විවරණ වෙනස්වේ. මේ මොන පැත්තෙන බැලුවත් ඉහතකී 7 ෂෙඩූල් නීතිය ඇස්බැන්‌දුමක් පමණය. ඉන්දියාවේ, ලංකාවේ හෝ ඇමෙරිකාවේ පොත් වල තිබෙන නීති හරියට ක්‍රියාත්මක වුනා නම්, වෙනවා නම් ඒ රටවල් මිහිබට සුරපුරවල් නොවන්නේද?ලංකාවේ 7 ෂෙඩූල් එක ඇස්බැන්‌දුමක්/මුසාවක් යයි කීමට හේතුව කුමක්ද? වෙනම රාජ්‍යයක් පිහිටුවීමට උදව් කරන්නේ කෙසේද යන්න නොසලකා, වෙනම රාජ්‍යයක් පිහිටුවීමට උදව් නොකරන්නේ කෙසේද යන්න විස්තර කල නොහැකි නිසාය. මේ නිසා ඇත්තවශයෙන්ම ලංකාව ඇතුලත වෙනම රාජ්‍යයක් පිහිටුවීම වලක්වන්නට අවශ්‍යනම්, වෙනම රාජ්‍යයක් පිහිටුවීමට උදව් වන කාරණා ලැයිස්තුවක් සාදා ඒවා නොකලයුතු බව 7 ෂෙඩූල් එකේ සඳහන් කල යුතුය.1. වෙනම රාජ්‍යයක් පිහිටුවීමට යෝජනාව මුලින්ම ආවේ 1921 දී පොන්නම්බලම් අරුණාචලම් ගෙනි. 1949 දී චෙල්වනායගම් දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටුවේය. 1976 දී වඩ්ඩුකෝඩ්ඩෙයි යෝජනාව ආවේය. 1987 දී ගෙනා 13 වන සංශොධනය අනුව ලංකාවේ දෙමළ නිජ භූමියක් ඇත යන චෙල්වනායගම් මිථ්‍යාවට පණදී ඇත. 2009 දී මේ සියළුම මත යුද්ධ බලයෙන් පරාජය කරණ ලදී. එහෙත් 2014 දී විග්නේශ්වරන් සිංහල ආණ්ඩු 1948 න් පසුව දෙමළ ජනයා සමූලඝාතනය කරන බව කියා සිටියේය. මෙම කතා හා අධස් අතරින් පැහැදිළිවම ප්‍රතික්‍ෂේප වුනේ 1985 තිම්පු යෝජනා හතර පමණය. ඉතින් මේ අදහස් තවදුරටත් කියාගෙන යාමට ඉඩදීම 7 ෂෙඩූල් එකට පටහැනි නැද්ද? මේවා කරගෙන් යද්දී 7 ෂෙඩූල් එක අනුව දිවුරන්න පුළුවන් නොවේද? මේ අනුව 7 ෂෙඩූල් එක කියන්නේ වළාකුල් වලින් සාදාගත් දැලක් නොවේද? කොටින් තබා මකුළුවෙක් වත් ඊට හසු නොවේ.2. දැන හෝ නොදැන වෙනම රාජ්‍යයක් පිහිටුවීමට හේතු උපකාරවන ඉණිමං සදාදීම, පාර කපාදීම 7 ෂෙඩූල් එකට පටහැනි නැද්ද? මේ කාරණයේදී වුවත් දෙපැත්තක් ඇත. ඉංගිරිස් වලින් කියනවා නම් කමිෂන් හා ඔමිෂන් ය. කරණය හා අකරණය කියා සිංහලෙන් කියන්නට පුළුවන.ලංකාවේ පෙඩරල් කාරයින් ඉන්දියාවේ පෙඩරල් කාරයින්ට වෙනස් ය. ලංකාවේ අය ඉල්ලන්නේ ස්වයංපාලන අයිතියද සහිත පෙඩරල් එකය. එසේ ඉල්ලන පෙඩරල් දීමට රනිල් සමග දැන් ඉන්නා රාජිත, ජයම්පති වික්‍රමරත්න, එරාන් වික්‍රමරත්න, මංගල සමරවීර යනාදී පෙරහැරක්ම සිටිති. මෙසේ පෙඩරල් ඉල්ලන අයට 13 සංශොධනය යටතේ ඉදිරියට ගොස් ඉඩම් හා පොළිස් බලතලදීම 7 ෂෙඩූල් එකට අනුකූලද?කොසොවෝ ආකාරයේ චන්දයක් ඉල්ලුවේ චෙල්වනායගම් කාලයේ සිටමය. එසේ තිබියදී යූ එන් ඒජන්සි හරහා ඉදිරියේ උතුරේ හා නැගෙනහිර ජනමත විචාරණයකට ඉඩ පාදා ගැනීමට ආණ්ඩුවෙන්ම ඉඩදීම 7 ෂෙඩූල් එකට එකඟද?3. ටැමිල් නාඩ් ලංකාවට යා කරන්න පාලමක් හා බිංගෙයක් හදන්නට යාම ලංකාව ටැමිල් නාඩ් වල කොටසක් කිරීම නොවේද? එසේ නම් එය 7 ෂෙඩූල් එකට ගැලපේද?4. විග්නේශ්වරන් හා අනිත් අය රට කැඩීමට කෙළින්ම තුඩුදෙන කතා කරද්දී රටේ ඒකීය භාවය රකිනවාය කියන රාජ්‍ය නිලධාරීන් (ජනාධිපති, අගමැති, ඇමතිලා) ඒ ගැන නිහඬව සිටීම (අකරණය) 7 ෂෙඩූල් එකට එකඟද?මේ කාරණා ගැන හොඳින්ම දන්නා කෙනෙක්නම් දයාන් ජයතිලක මහතාය. මේ කාරණා ගැන කතා කිරීමේ වගකීම ඇත්තේ කාටද? මාදුළුවාවේ සෝභිත හිමිටද? රතන හිමිටද? චම්පික රණවකටද?මහින්ද පිල මේ ගැන කරන්නට යන්නේ කුමක්ද? බොදු බල සේනාව/බොදු ජන පෙරමුණ මේ ගැන පැහැදිලි කර ගම්වල පත්‍රිකා බෙදන්නට සිතනවාද?
උත්සවය අමතමින් ජනාධිපතිවරයා තව දුරටත් කියා සිටියේ FCID, CID හා අල්ලස් කොමිසම දේශපාලන න්‍යාය පත්‍ර මත කටයුතු කරන්නේ නම් තමන් ඊට එරෙහිව දැඩි තීන්දු ගන්නා බවයි.මේ ආයතනයන් තුනම ක‍්‍රියාත්මන වන්නේ එක්සත් ජාතින පක්‍ෂ ඇමතිවරුන් යටතේ වන අතර ජනාධිපතිවරයාගේ මෙම ප‍්‍රකාශයක් සමග එජාප-ශ‍්‍රීලනිප දේශපාලන අවුල පුපුරා යාම ආසන්න තත්වයක පවතී.
� Friday 26 December 2014 10.20AM ජනාධිපතිවරණයට පෙර කුමාර් ගුනරත්නම් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත - පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය [ තමිල්වින් වෙබ් අඩවිය ]
පෑස්සුම් positioner, ද ප්රධාන වශයෙන් සමහර විශේෂ ව්යුහයන්, ඉදිකිරීම් යන්ත්ර, කුඩා රවුම් වැඩ ෙකොටස්නංවා, සහ තවත් දේ සඳහා භාවිතා, පෑස්සුම් පිහිටුම් උපකරණ ලෙස හැඳින්වේ. එය ප්රධාන වශයෙන් උපාංගය, විදුලිය-පවත්වාගෙන උපාංගය, stander හා විදුලි කැබිනට් පෙරලා දමා, හැරී උපාංගය, කම්කරු ඇතුළත් වේ. එහි කම්කරු වගුව දැඩි කම්කරු මේසය මත ස්ථාවර වැඩ ෙකොටස්නංවා සහතික කිරීම සඳහා ටී ශෛලිය මඳබව 6 හැරවුම් උපාංගය මගින් ධාවනය කරනු ලබයි.1. මේස පෑස්සුම් Positioner උපාංගය හා විදුලි පාලන පද්ධතිය පෙරලා දමා, භමණ worktable සමන්විත වන හරවන්න.පාලනය නැඹුරු වීම සඳහා ඩිජිටල් භ්රමණ වේගය කියවිය යුතුය සහ අඩි අභිබවමින් පාලනය සමග 2.Remote අත පාලනය කොටුව.3.The worktable වැඩ කෑල්ලක් හොඳම ස්ථානය වෑල්ඩින් කිරීමට ඉඩ (0-120 ° දී) (360 ° දී) භමණය ෙහෝ ඇලව ගත හැක.1. නල වෙල්ඩින් positioners නල spooling සිට ඉතා විශාල ස්ථානයක් ෆෙඩරලිස්ට් රචනා කොටස් ස්ථානගත දක්වා වු විවිධ යෙදුම් සඳහා භාවිතා වේ.නල, මන්ථ, ෙරෝද, වැළමිට හා අනෙකුත් උපාංග එකමුතු විට 2. පෑස්සුම් positioners විශාල ඵලදායීතාව වැඩිදියුණු.3. වෙල්ඩින් ෙදොඹකර, නල හැරෙමින් positioners සමග විශාල සමග වැඩ ෙකොටස්නංවා භ්රමණය හෝ පිහිටුම් විට විශේෂයෙන් ප්රයෝජනවත් වේ පැටවුම් පියවා.4. අපි අභිරුචි නල වෙල්ඩින් positioners හා නළ මාර්ග මෙහෙයුම් අයදුම්පත් විවිධ ගැලපෙන බව වෙල්ඩින් භ්රමණය වගු නිර්මාණය සහ නිෂ්පාදනය.ඒ: ඔව්, අපි වෘත්තීය නිෂ්පාදක වසර 15 ක් පමණ Positioner එකමුතු විශේෂඥ වේ. අප ගනුදෙනුකරුවන් අවශ්යතා සපුරාලීම සඳහා ශක්තිමත් නිර්මාණ කණ්ඩායම ඇත.ඒ: ඔව්, අපි වෘත්තීය නිෂ්පාදක වසර 15 ක් පමණ උපකරණ එකමුතු විශේෂඥ වේ. අප ගනුදෙනුකරුවන් අවශ්යතා සපුරාලීම සඳහා ශක්තිමත් නිර්මාණ කණ්ඩායම ඇත.ඒ: සියලු යන්ත්ර ප්රිථම පරීක්ෂා සිදු කරනු ලැබේ. ඒ 30min නඩු කම්කරු යන්ත්රය නිදොස් සහතික කිරීමට ක්රියාත්මක කර ඇත.වෙල්ඩින් තීරු හා Boom, හසුරුවන්නන් හා රොබෝ, තිරස් නල ෙරෝලර්, තීරු හා උත්පාතය, වැනි තීරුව Boom හසුරු, හසුරුවන්නන් හා රොබෝ, නල වෙල්ඩින් හසුරු, හරස් වෙල්ඩින් හසුරු, සිලින්ඩරාකාර වෙල්ඩින් හසුරු, බිම් බෝම්බ ඉවත් කිරීමේ සඳහා වෙල්ඩින් හසුරු, ස්වයංක්රීය ආහාර සැපයුම් හසුරු, සුළඟ, ටවර් හසුරු යන්ත්රය නල සඳහා හසුරු .welding, මහ පෑස්සුම් Positioner, බෝල්ට් ලිෆ්ට් පෑස්සුම් Positioner ගැළපුම් ...2. රැහැන් රහිත / ගුවන් විදුලි වගුව වෙල්ඩින් positioner හැරවීම සදහා අත පාලනය ලබා ගත හැකි වන අතර, නමුත් සාමාන්යයෙන් අධික බදු හා දිගු නල / ටැංකි සඳහා.1. අපි ලෝකයේ රටවල් 30 කට වඩා වැඩි අපේ positioners අපනයනය කර ඇත. යුරෝපීය සහ ඇමරිකානු කොටස් ලබා ගත හැකි වේ.2. මෙහි වැඩ පින්තූර සමහර වෙල්ඩින් pisitoner පහත ඔවුන්ගේ වැඩ කටයුතු අඩවියෙන් අපගේ ගනුදෙනුකරුවන්ට ප්රතිචාර සියලු වේ.අපගේ නිපැයුම් සහ pricelist ගැන පරීක්ෂණ සඳහා, කරුණාකර අප වෙත ඔබගේ ඊ-තැපැල් ලිපිනය අත්හැර අපි පැය 24 ක් තුළ ස්පර්ශ වනු ඇත.