text
stringlengths
278
105k
“Truth is stranger than fiction, but it is because Fiction is obliged to stick to possibilities; Truth isn't.” ― Mark Twain ප්‍රබන්ධ වලට වඩා මම පෞද්ගලිකව චරිතාපදාන ප්‍රිය කරමි. සමහර ප්‍රබන්ධවල කෙළවර අනුමාන කළහැකි නිසාත් කෙතරම් රසවත් දෙයක් වුවත් මෙලොව සැබවින්ම සිදුවූවක් යැයි නොසිතෙන නිසාත් මම ප්‍රබන්ධ වලට එතරම් ඇල්මක් නොදක්වමි. නමුත් වන්දිභට්ට චරිතාපදානද ස්වයං ලිඛිත චරිතාපදානද ඇතිබැවින් 'සත්‍යය' පිළිබඳ දෙවරක් සිතාබැලිය යුතු අවස්ථා ද නැත්තේම නොවේ. පහළින් දැක්වෙන්නේ මා කියවූ චරිතාපදාන වලින් මට මතක ඇති සිත්ගත් කිහිපයකි. ඒත් සමහරක පොතේ නම මතක නැත. තිබූ කරුණුද මතකයේ ඇත්තේ අඩුවැඩි වශයෙනි. ඒ නිසා පොත ගැන විස්තර කිරීම පසෙක තබා පුද්ගලයාගේ තොරතුරු ස්වල්පයක් කියන්නට අදහස් කළෙමි. එයත් කම්මැලි කාර්‍යයක් වූයේ ඒ ඒ පුද්ගලයන් පිළිබඳ විස්තර අන්තර්ජාලය තුළ සිංහලෙන් අඩංගු වීම නිසාය. එනිසා අදාළ තැනින් යම් උපුටා දැමීමක් කොට උපුටාගත් ස්ථානය කරා සබැඳියක් දැමුවෙමි. කැමති කෙනෙකුට පොත කියවීම පසෙක තබා අදාළ සබැඳියෙන් විස්තර ලබා ගත හැකිය. ලී ක්වාන් යූ මඩ ගොහොරුවක සිටි සිංගප්පූරුව කොළඹ තත්වයට ගෙන ඒමේ ඉලක්කයෙන් ඇරඹි ගමන නතරවූයේ කොළඹද පසුකරයාමෙනි. ඒ අසාහය කාර්‍යයේ නියමුවා සිංගප්පූරු හිටපු අගමැති ලී ක්වාන් යූ ය. පොතේ නම මතක නැතත් ඔහු මුල සිටම සිංගප්පූරුව ගොඩනැවීමෙහි දැක්වූ කාර්‍යයශූරත්වය පොතේ සඳහන් වී තිබිණි.මා මුලින්ම ඔහු ගැන දැනගත්තේ ධනාත්මක චින්තනය පිළිබඳ දේශනයකදීය. ඊට පසුකලෙක මා විමසා බැලීමේදීත් ඔහු ගැන දන්නෝ ඉතා අල්ප දෙනෙක් විය. මහත්මා ගාන්ධි මහත්මා ගාන්ධි පිළිබඳ නොදන්නෝ සිටිය හැක්කේ ඉතාම අල්පදෙනෙකි. එතරම්ම ඔහු ප්‍රසිද්ධ චරිතයකි. දිරුබායි අම්බානි ලෝ සුපතල බිලියනපතියන් වන අනිල් අම්බානි හා මුකේෂ් අමබානිගේ පියා, දිරුභායි අම්බානිය. රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් ආරම්භ කිරීමේ කතාවයි. මනිරත්නම්ගේ ගුරු හින්දි චිත්‍රපටයට පාදක කොටගෙන ඇත්තේ මේ ජීවිත කතාවයි. හිට්ලර් ගැන සඳහන් පොත් කීපයක්ම කියවා ඇත. විශේෂයෙන්ම හිට්ලර්ගේ ලේකම්වරියක විසින් රචිත පොත මා සිත්ගත්තේය. මර්සලීන් ජයකොඩි පියතුමා කතෝලික පියතුමෙක් වුවත් බෞද්ධ සංස්කෘතිය කෙරෙහිද සංගීතය කෙරෙහිද විශේෂ නැඹුරුවක් දැක්වීය. එන්. එම්. පෙරේරා එංගලන්තයේ විශිෂ්ට ආර්ථික මහාචාර්යවරයෙක් වූ හැරල්ඩ් ලැස්කි (Harlod laski) ගේ විශිෂ්ටතම ශිෂ්‍යා බවටද එන්. එම්. පත්විය. තම ගෝලයා ගැන මහා ඉහළින් කතා කළ හැරල්ඩ් ලැස්කි වරක් පැවැසුවේ ‘’එන්. එම්. පෙරේරා, එංගලන්තයේ උපත ලැබුවේ නම්, හේ එංගලන්ත අගමැති පදවිය හෝ මුදල් ඇමැති පදවියට පත්වන්නට බොහෝ දුරට ඉඩ තිබුණ බව‘යි. කෙසේ වුවද හේ වසර කීපයක් සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ මුදල් ඇමැති පදවිය ඉසුළුවේ ය. රටට හිතැති ප්‍රගතිශීලී යෝජනා රැසක් ඔහු දායාද කෙළේ ය. මෙහිලා මැණික් සංස්ථාව ස්ථාපනය කිරීම කැපී පෙනෙන ප්‍රගතිශීලී සමාජ සත්කාරයකි. (උපුටා ගැනීම) ප්‍රභාකරන් උපන් ගමෙහි පිහිටි වැල්වැටිතුරෙයි මහා විද්‍යාලය, දහස්‌ ගණන් දරු දැරියන්ගේ නුවන් පෑදූ පාසලකි. එහිදී අ.පො.ස. (සා.පෙළ) දක්‌වා අධ්‍යාපනය ලැබුව ද ප්‍රභාකරන්ගේ සිත යොමුවූයේ ත්‍රස්‌තවාදී ක්‍රියා වෙතය. හුදෙකලාව සිටීමට නිතර උත්සුක වූ ඔහු කරාටේ, ජූඩෝ ක්‍රීඩාවලට උනන්දුවෙන් සහභාගි විය. (උපුටා ගැනීම) 1942 මාර්තු මස 20වනදා ඓතිහාසික කන්ද උඩරට කොත්මලේ පුරවරයේ මාස්වෙලදී මෙලොව එළිය දුටු පින්බර පුත් රුවන නමින්ලයනල් ගාමිණී දිසානායක නම් විය. දක්ෂ ව්‍යාපාරිකයකු වූ ඇන්ඩෲ දිසානායකයන්ගේත්, සමරතුංග වෙලගෙදර කුමාරිහාමිගේත් දෙවැනි දරුවා ලෙස මෙලොව එළි දුටු ගාමිණීට එම නම යෝජනා කර ඇත්තේ එවක යතුරුගහලියැද්ද පන්සලේ ලොකු හාමුදුරුවන්ව වැඩ සිටි දිඹුල සීලානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි. (උපුටා ගැනීම) "මයිකල් රුදිගු පියතුමා, සම්ප්‍රදායික කතෝලික පියතුමෙකුගේ භූමිකාවෙන් මිදිලා විප්ලවීය විදිහට ජනතාවට සේවය කරන්ඩ උත්සාහ දරපු පියතුමෙක්. සාම්ප්‍රදායික ලෝගුව අතෑරලා සරම බැනියම ඇඳගෙන දුෂ්කර ගම්මානයක දිළින්ඳන් සොයාගෙන තමයි එතුමා යන්නේ. ඒත් ඒ වෙනුවට එතුමාව සොයාගෙන එන්නෙ වෙඩි උණ්ඩයක්. ඒ උණ්ඩය යන්නෙ එතුමාගේ ජීවිතයත් අරගෙන. මේ එතුමාගේ කතාවයි. " වීරප්පන් කර්ණාටක ප්‍රාන්තයේ ගෝපිනාතම් ගම්මානයේ දී කූසේ මුනිස්වාමි වීරප්පන් උපත ලැබූයේ 1952 ජනවාරි 18 වැනිදාය. වන්නියාර් කුලයේ ගවයන් ඇති කරන පවුලක උපන් ඔහු කුඩා කල ගම්මානයේ ප්‍රකට වූයේ ‘මොලකායි’ යන නමිනි. පවුලේ අය හා ඥාතීන් දඩමස් හා සුදුහඳුන් දැව ජාවාරමේ ද නියැළි අය වූ අතර වීරප්පන් කුඩා කල පටන්ම එම ජාවාරම්වල යෙදුණු තම ඥාතියකු වූ ක්සේවියර් ගෞන්දර් ගේ සහායකයා ලෙස කටයුතු කළේය. (උපුටාගැනීම) පියවරෙන් පියවර කණිෂ්ඨත්වයේ සිට ජ්‍යෙෂ්ඨත්වයට පැමිණ එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වය හොබවන වික්‍රමසිංහ මහතා පක්ෂ විපක්ෂ බහුතර ගෞරවයට පාත්‍ර වන්නේ සියලූ ගුණයන්ගෙන් සපිරි නිකැලැල් මහත්මා දේශපාලනඥයෙකු වශයෙනි. අඩුවෙන් කතා කොට වැඩියෙන් වැඩ කිරීම ප්‍රායෝගිකව ලෝකයට පෙන්වා දුන් අවංක ජනතා සේවකයෙකු වූ හෙතෙම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වන්නේ 1994 දීය. (උපුටාගැනීම) කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මොහු අධ්‍යාපනයට වඩා සිත යොමු කළේ කෙළි සෙල්ලම් සඳහාය. ටෙනිස්, කි‍්‍රකට්, පෝලෝ, බොක්සිං ,මල්ලවපොර පමණක් නොව අසුන් පිටයාමට ද මනා දස්කමක් දැක්වූ අතර මොහු නමින් ජෝන් ලයනල් කොතලාවල නම් විය.යුධහමුදා නිලධාරියකු වූ ජෝන් කොතලාවල මහතාගේත් ඇලිස් ආටිගල මැතිනියගේත් පුතකුව 1895 දී බණ්ඩාරගම කොතලාවල දී උපත ලද ජෝන්ට වයස අවුරුදු එකොළහ පමණ වන විට පියා මියගියේය. (උපුටාගැනීම) ජෝන් කොතලාවල කතාවේ සමහර තැන් මට අපැහැදිලි විය. ඒ පියාගේත් පුතාගේත් දෙදෙනාම ජෝන් කොතලාවල වූ බැවිනි. මම හිතන්නේ නෙයිනගෙ සූදුපොළ වැටලුවේ ජෝන් කොතලාවල පියාය. කියමු බලන්න දන්න මේ වගේ පොත් ටිකක් ගැන විස්තර. Get Widget 20 ප්‍රතිචාර Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest අයිතිවෙන ලිපි ගොඩ Books, පොත් 9.23.2015 කබරගොයි තලගොයි අරාබිය ලංකාව කබරගොයා වර්ෂන් බලන්න මේ වීඩියෝව හොඳට බලන්න ම්ලේච්ඡ තම්බි මිනීමරන විදිහ බලන්න උන් හදන්නෙ මෙහෙත් අරාබියක් කරන්න ලංකාවම බේරගන්න ශෙයාර් කරන්න ප්‍රසිද්ධියෙ ගල් ගහනා විදිහ බලන්න ප්‍රසිද්ධියෙ බෙලි කපනා විදිහ බලන්න ප්‍රසිද්ධියෙ එල්ලා මරන විදිහ බලන්න උන් එන්නේ මෙහෙටත් ශරියාව ගෙනෙන්න රැකගන්නට අපෙ මව් බිම පෙරට එන්න එහෙමත් පුළුවන්ද මෙහෙම දඬුවම් දෙන්න මෙලේච්ඡ තම්බි හැතිකරේම අතුගා දාන්න වැඩි වැඩියෙන් වීඩියෝව ශෙයාර් කරන්න තලගොයා වර්ෂන් අනේ පව් අහිංසක පොඩි එකෙක් මරාදාලා කළ එවුන් මරන්නෝනා ප්‍රසිද්ධියෙ ගල් ගහලා ලංකාවෙ කසිකබල් නීතියත් වල්වැදිලා බලන්නකො අරාබියෙ මරණ හැටි ගල් ගහලා හොරකමක් කෙරුවොතින් දමනවා අත කපල මිනිහෙක්ව මැරුවොතින් මරන්නේ බෙලි කපලා අපචාර කළෝතින් මරන්නේ ගල් ගහලා ඒ වගේ තිබ්බ නම් මෙලහකට රට හැදිලා රැකගන්න ලංකාව එන්න ඔබ හැම පෙරට අරාබියෙ වගෙ නීති ඕනෑ අපෙ රටට වැරදි කළ හැමෝවම ප්‍රසිද්ධියෙ එල්ලන්න නිකම් නම් යන්නෙපා ශෙයාර් කරලා යන්න Get Widget 21 ප්‍රතිචාර Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest 9.10.2015 කියවීම හුරුවීම හා නුහුරු වීම සාහිත මාසය වෙනුවෙන් යමක් ලිවිය යුතුයැයි සෑම සාහිත මාසයකදීම සිතෙන මුත් මෙතෙක් ඊට ඉඩක් ලැබී නැත. අද මේ පුරවන්නේ ඒ අඩුවයි. අපේ අම්මා කියන පරිදි මට අකුරු කියවා ඇත්තේ අපේ අම්මාය. එයින් 'පොත්තොයියෝ පත්තොයියෝ' කියවීම පටන්ගත් මට මුලින් පොතක් පතක් ලැබුනා කියා මතකයේ ඇත්තේ දිනක් තාත්තා වැඩ ඇරී එද්දී ගෙනා 'කැකුළු' පත්තරයයි. එකල අවුරුදු තුනක් හෝ තුන හමාරක් වයසැති මා සාලයේ මුනින් අතට වැතිරී සිටියදී අඳුරේම තාත්තා පැමිණි ආකාරයත් බයිසිකලය නවත්වා මට පත්තරය දුන් ආකාරයත් මට අද වගේ මතකය. මා ඉතා ආසාවෙන් පත්තරය ගත් හැටිද බිම පෙරළීගෙන රූප පාට කළ හැටිද තවමත් අද ඊයෙ මෙනි. එහි මැද පිටුවේ ඇති කතන්දරය තනිවම කියවාගත නොහැකිවූ මා හට අසා සිටිනු පිණිස තාත්තා එය කියවූයේය. සතියෙන් සතිය ලැබෙන පත්තර ගණන වැඩිවෙද්දී මට කියවිය හැකි ප්‍රමාණයද ඉබේම වැඩිවී තිබිණි. මොන්ටිසෝරියේ අවසානයත් සමඟම සතිපතා ලැබුණු 'කැකුළු' පත්තරයද නොලැබී ගියේය. කුඩා කල සිට සහජයෙන්ම පොත් වලට තිබූ ඇල්ම එක දෙක වසර වෙද්දී සෑහෙන තරමකට දියුණුවී තිබිණි. ඒ කාලයේ නිවසේ තිබූ එක පොතක්වත් මා අතහැරියේ නැත.විශේෂයෙන්ම අම්මා සතුව තිබූ අච්චු පොත් සියල්ලම මා කියවා දැමූයේ දෙක තුන වසරට පැමිණීමටත් කලින්ය. තාත්තා ලබාදුන් චීන සිතුවම් සහිත කතන්දර පොත් කිහිපයක්ද මා සන්තකයේ විය. විජය පත්තරෙන් නොමිලයේ ලැබූ කතන්දර පොත් කිහිපයක් මා සන්තක වූයේ අපේ පුංචිගෙනි. තාත්තා සමඟ පාන්දර නැගිට ඉස්කෝලෙ ගිය සමයේ මා නිරතුරු සිටියේ අච්චිලාගේ නිවෙස්වල බැවින් මාමලාගේ පුංචිලාගේ අච්චු පොත් සියල්ලද මගේ කියවීමේ රුචිය වර්ධනය කළේය. මම හතරවසරේදීම පල්ලියේ අන්නාවි මහත්මාගේ ලිපි ලේඛන වැඩ කටයුතු කළෙමි. ඇත්තටම මෙය කිසියම් ලාභ ප්‍රයෝජනයක් තකා කළ දෙයක් නොව තනිකරම අන්නාවි මහත්මයාට උදව් කිරීමකි. එවකට හැත්තෑ ගණන් හෝ අසූ ගණන් වයසේ පසුවූ එතුමාගේ ඇස් වල සුද ඉවත්කිරීමේ ශල්‍යකර්මය අසාර්ථක වී සදහටම ඇස් පෙනීම නැතිවී තිබිණි. නමුත් එතුමා එයින් අධෛර්‍ය වූ පුද්ගලයෙකු නොවේ. පල්ලියේදී වෙනදා පොත බලාගෙන කී යාච්ඤා එතුමා කට පාඩමින් කීමට ඉටාගත්තේය. යාච්ඤා මට කියා උච්චාරණය කරවා කටපාඩම් කරගැනීම නිසා ඒවා ඉබේම මට කටපාඩම් විය. කතෝලික පුවත්පතක්වූ ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත එතුමාට ඇසෙන සේ හඬ නගා කියවීමේ ප්‍රතිඵලය වූයේ නොදැනුවත්වම කියවීමේ හැකියාවද දැනුමද වර්ධනය වීමයි. සමහර දිනවල වදයක් ලෙස සිතුවද එහි වටිනාකම තේරෙන්නේ දැන්ය. මීට අමතරව එදිනෙදා මට මුණගැසුණු පොත් කියවීමි. සතිපතා විජය පත්තරය කියවීමි. විශ්ව විද්‍යාලයේදී චරිතාපදාන කියවීමි. එහෙත් එක පොතකදී හැර කෙකලකවත් පිස්සුවෙන් වගේ පොත් පසුපස හඹා යනතරම් ඇබ්බැහියක් මට නොවීය. ලැබෙන පොතක් පතක් කියවීමෙන් මම සෑහීමට පත්වීමි. එහෙත් දැන් පොත් කීයක් ලැබුනද කියවීමේ රුචියක් නැත. බ්ලොග් කියවීමට ඇබ්බැහිවී සිටිමි. නැවත පොත් සොයා යායුතුය. Get Widget 39 ප්‍රතිචාර Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest 9.04.2015 නූලෙන් බේරුණු කිඳිගොඩ මංගල්ලෙ මෙය ලියන මොහොතේ මගේ මතකය දශක එකහමාරක පමණ අතීතයට දිව යයි. එකල අපි යාන්තම් සා.පෙ. ලියූ කොල්ලන් වීමු. ජීවිත සරලව සැහැල්ලුවෙන් ගෙවා දැමීමු. ලිවීමට යන සිද්ධිය වන විට අප ගෙවමින් සිටියේ කැලැන්ඩරයේ නවවෙනි මාසයයි. දිනය හරියටම මතක නැතත් එදින සැප්තැම්බර් මස පළමුවැනි ඉරිදා යැයි කිව හැකි වන්නේ කිඳිගොඩ මංගල්ලය සෑම වසරකම සැප්තැම්බර් මස පළමුවැනි ඉරිදාට යෙදෙන බැවිනි.
මකර ලග්නයේ දෙවැනි කොටස වශයෙන් හැඳින්වෙන්නේ මේෂ, වෘෂභ, මිථුන, නවාංශකයක් හිමිව උපන් අයයි. මෙම අයට රවි යහපත් පල අත්කර දෙන අතර රවි 10 වැන්නේ නම් ක්‍රමාණුකූලව දියුණුව ගෙනදෙනු ඇත. ලග්න කේන්ද්‍රයේ රාශීන් අතර දහවැනි ස්ථානය හිමි වන්නේ මකර රාශියට වන අතර රවි ග්‍රහයා මකරයට සතුරු ග්‍රහයකු වන අතර කුජගේ උච්ච රාශිය මකරයයි. අධිපති ග්‍රහයා සෙනසුරු වන අතර මකරය සෙනසුරු ග්‍රහයාගේ ස්වක්ෂේත්‍ර රාශිය වේ. කම්මැලිකමින් නිකරුනේ කාලය ගත නොකරන අය වන අතර ලෞකික ආශාවන් ඉතා බලවත් වනු ඇත. විපතක දී වුවත් අන් අයගෙන් උදව් ඉල්ලීමට අකමැති ගතියක් ඇති අතර පඨවි රාශියක් වූ මකරයේ පෘථිවි ගතියත් චර ගතියත් තිබෙන නිසා එම රාශි තුනෙන් ස්ථිරකම අඩුම රාශිය ලෙස මකර රාශිය හැඳින්විය හැකි ය. රැස්කර ගැනීමේ ආශාව වැඩි අතර වෙහෙස මහන්සි නොබලා කටයුතු කරගෙන යාමේ හැකියාවක් ද ඇත. මකර ලග්නයේ පළමු කොටසට අයත් වන්නේ මකර, කුම්භ, මීන යන නවාංශක තුනෙන් උපන් අයයි. මෙම අය දැඩි ආත්ම ශක්තියෙන් යුක්ත දියුණුවීමේ තද ආශාවක් ඇති අය වනු ඇත. එමෙන්ම කරදර බාධා මැඬගෙන තම අදහස් ඉටුකර ගැනීමට ද සමත් ය. මකර ලග්නයෙන් හා මකර නවාංශකයෙන් උපන් අය පවුලේ හෝ තම ඥාතීන් අතර ප්‍රධානත්වයක් ගෙන කටයුතු කිරීමට සමත් වේ. ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා ද පස්වැන්න අධිපති සිකුරු ග්‍රහයා ද 09 වැන්න අධිපති බුධ ග්‍රහයා ද ශුභඵල උදාකර දෙනු ඇත. කලාකාමී හැඟීම්වලින් යුතු අය වන අතර ඊට සම්බන්ධ අධ්‍යාපන කටයුතුවල ද නිරත වනු ලබයි. මෙම අය කෙරෙහි පෙන්නුම් කරන දුර්වලකම් තම පහත් අදහස් හා වාචාලකම් වනු ඇත. නිතර සිත් පීඩා ගෙන දෙන කරුණු ද ඇතිවේ. අන් අය අතර ගරු සරු නොලැබීමට හෝ අවනම්බු ලැබීමට හේතුවන අතර පියාගෙන් ප්‍රයෝජන අඩුවේ. පළමුවන දෙර්කාණයට අයත් වන බැවින් 22වන දෙර්කාණාධිපති ග්‍රහයා රවි ග්‍රහයා වන අතර රවි ග්‍රහයා 6, 8, 12 යන ස්ථානයක සිටීම ද යහපත් නොවේ. රවි 10 වැන්නේ සිටීම නැති කරදර ඇතිවීමට හේතුවන අතර විශේෂයෙන් රජයේ රැකියා ලැබීමට බාධා ඇති කරයි. අමාරුවෙන් හෝ රැකියාවක් ලැබුණහොත් එය කරදර බාධා මැදින් කරගෙන යාමට සිදුවේ. උසස්වීම් වැනි දෑ ප්‍රමාද වන අතර උසස් අයගෙන් කරදර ද ඇති කරයි. හිතේ තෘප්තිමත් බවකින් යුතුව රැකියාව කරගෙන යාමට අපහසු වේ. රවි ලග්නයේ සිටීමෙන් උෂ්ණාධික රෝග, හිසේ හෝ රහස් ප්‍රදේශයන්හි රෝග සෑදීමට පහසු වනු ඇත. අහංකාර අයකු ලෙස අන් අයට වැටහෙන නිසා සමාජයෙන් වෙන්වීමට ඉඩ තිබේ. රවි 7 වැන්නේ සිටීම හෝ රවි සඳු යෝගය විවාහයට බාධා ඇති කරවන අතර හත් වැන්නේ රවි සිටීම නිසා විවාහය කල් යන බවට ද නොගැළපෙන අයකු හා යුගදිවිය ගත කිරීමට සිදුවීම හෝ ජාතියෙන් කුලයෙන් හෝ ආගමෙන් වෙනස් අයකු විවාහයට ලැබීමට, නැතහොත් වයසින් වෙනස් දික්කසාද වූ අයෙකු හෝ විවාහයට ලැබීමට ද පුළුවන. රවි මහ දශාව රවි අතුරු දශා මෙන්ම ඉරිදා දිනය අශුභපල ගෙනදෙනු ඇත. මකර ලග්නයේ දෙවැනි කොටස වශයෙන් හැඳින්වෙන්නේ මේෂ, වෘෂභ, මිථුන, නවාංශකයක් හිමිව උපන් අයයි. මෙම අයට රවි යහපත් පල අත්කර දෙන අතර රවි 10 වැන්නේ නම් ක්‍රමාණුකූලව දියුණුව ගෙනදෙනු ඇත. 11 වැන්නේ සිටීනම් හදිසි ධනලාභ ලැබීමට ද පුළුවන. මෙම අයට අශුභපල අත්කර දෙන්නේ ගුරු ග්‍රහයා ය. කොයි කරුණකදී වුවත් වහා කලබල වන ගතියක් මෙම අය ගෙන් පෙන්නුම් කරන අතර සැර පරුෂ ලෙස කතා කිරීමෙන් ඔහුගේ හෝ ඇයගේ මනසට ඇතිවන වේදනාව නිසා රෝගාබාධ ඇතිවීමට වුවත් ඉඩ තිබේ. අනුකම්පා ගතිය ද තරමක් අඩුවේ. වැඩිමහල් සහෝදරාදීන්ගෙන් පල ප්‍රයෝජන අඩු අතර ගුරු 7 වැන්නේ සිටීනම් විවාහය පමා කරවන අතර දහ වැන්නේ නම් රැකියාවට බාධා ගෙන දෙනු ඇත. මකර ලග්නයේ තුන්වන කොටස වන්නේ මකර ලග්නය වී කටක, සිංහ හෝ කන්‍යා යන නවාංශකයකින් උපන් අය වනු ඇත. මෙම අයගේ 22 වන දෙර්කාණාධිපති ග්‍රහයා කුජ බැවින් අශුභඵල උදාකර දෙයි. සෙනසුරු, සිකුරු, බුධ ග්‍රහයන් ශුභඵල අත්කර දෙන අතර කුජ 7 වැන්නේ සිටීමෙන් විවාහයට බාධා පැමිණෙන අතර ස්වාමියාට හෝ භාර්යාවට අකල් මරණ පවා ගෙන දෙනු ලබයි. ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග ධම්මිකා රාජපක්ෂ Your name කාරණය Comment * CAPTCHA This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions. Math question * 14 + 5 = Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4. Leave this field blank ෴ සබැඳි ලිපි ෴ ඔබේ ලග්නය වෘෂභ නම්... චරිත ලක්ෂණ රැකියාව විවාහය රෝගාබාධ මරණය මෙසේ විය හැකියි. ගොනෙකුගේ රුව සංකේතවත් කරන වෘෂභ රාශිය තාරකා 23කින් සමන්විත වන කැති නැකතේ පාද තුනක්ද... 2022-12-01 18:30:00 ග්‍රහ අපලවලට වෙන වෙනම පිළියම් රවි ග්‍රහ අපලයට සෙත් කවි කියවා සෙත් පැතීම.විෂ්ණු ආඝෝර යන්ත්‍රය පැලඳවීම.සූර්ය මණ්ඩල යන්ත්‍රය සුදුසුයි.සෙත් කවි කියවීමට හා විෂ්ණු දෙවියන් ප්‍රමුඛ... 2022-12-01 18:30:00 චරිත ලක්ෂණ රැකියාව විවාහය රෝගාබාධ මරණය මෙසේ විය හැකියි. ඔබේ ලග්නය මේෂ නම්... රාශි චක්‍රයේ ලග්න දොළසකි. මෙළොව ඉපදුණ හැම අයකුටම ලග්නයක් හිමිවේ. ලෝකයේ කොතනක කුමන වේලාවක උපත ලැබුවත් එම මොහොතේ නැඟෙනහිර අහසේ උදාවන තාරකාව ලග්නය... 2022-11-24 18:30:00 ග්‍රහයෝ කියන රෝග යෝග ජන්ම පත්‍රයේ 6 වැනි රාශියෙන් රෝග ගැන කරුණු අනාවරණය කර ගැනීමට උගත් ඡ්‍යෝතිෂවේදියාට හැකියාවක් ඇත. එමෙන්ම භාවවල හැඩරුව අනුසාරයෙන් ද වා පිත් සෙම්... 2022-11-17 18:30:00 විශ්වය කලඹන ග්‍රහ මාරු රැසක් ලග්න රැසකටම සුබපල උදාකරමින් අද සිකුරුත් අනිද්දා බුධත් 16 දා රවිත් වෘශ්චික රාශියට පිවිසෙද්දී 13 දා කුජ වෘෂභයට යයි අප්‍රතිහත ධෛර්යය හා නොපසුබට... 2022-11-10 18:30:00 ඔබේ ජීවිතයේ ප්‍රශ්න ද? විවාහ ප්‍රමාද ද? ගැටලුද? මෙන්න නොවරදින ඡ්‍යෝතිෂ විසඳුම් ග්‍රහ අපල දුරුවීමට වත්පිළිවෙත් ඔබේ ජීවිතයේ ප්‍රශ්න, ගැටලු, විවිධ කරදර, බාධා හා විවාහ ප්‍රමාදවීම් වැනි විවිධ ග්‍රහ අපල හේතුවෙන් සිදුවන බාධා සඳහා තම... 2022-11-10 18:30:00 දාරක සම්පත අහිමි වන්නේ කෙසේද? කාන්තාවකගේ කේන්ද්‍රයේ සඳු සිකුරු ලග්නයේ පිහිටි ශනි හෝ රාහු සමඟ 5 වැන්නේ පාපියෙකු පිහිටීම හෝ අසුබ දෘෂ්ටියකට ලක්වීමෙන් එකී කාන්තාව දරුඵල අහිමි බවට... 2022-11-10 18:30:00 කුම්භ ලග්න හිමි ඔබගේ ගතිගුණ අසරණයින්ට පිහිට වන දයාව, අනුකම්පාව හා ත්‍යාගශීලිත්ව ඇති තරමක් දුරට අන්‍යයන් ඇසුරු කිරීමේදි ඔවුන් ගැන එකවරම නොපැහැදී කලක් ඇසුරු කර මිත්‍රවන... 2022-11-03 18:30:00 ග්‍රහයෝග පල දෙන හැටි එක රාශියක එක ග්‍රහයකු බැගින් සිටීමෙන් යෙදෙන ඒක ශ්‍රැතිධර යෝගය (ඒකාවලීයෝගය) යෙදී ඇත්නම් සරසවි අධ්‍යාපනය ලබන උගතකු වනු ඇත. ජන්ම කේන්දරයක සඳුට ගුරු හෝ... 2022-11-03 18:30:00 විවාහයට බාධා කරන ග්‍රහයෝ විවාහය ගැන කතා කිරීමේ දී 7 වැන්න ගැන කිව යුතුමය. ශුභයින්ගෙන් විවාහය සාර්ථක වන අතර අශුභයින්ගෙන් අසාර්ථක වේ. සඳු, බුධ, ගුරු, ශුක්‍ර අසුබ පාපී ග්‍රහයින්... 2022-10-27 18:30:00 කන්‍යා ලග්නයට හිමි රැකියා කන්‍යා ලග්නයට හිමි රැකියා ගැන බැලීමේ දී ලග්නාධිපති සහ දහවැන්නාධිපති වන බුධ ගැන බැලිය යුතු වේ. කන්‍යා රාශිය පඨවි ගුණයෙන් යුත් උභය රාශියකි. මුද්‍... 2022-10-20 18:30:00 සිංහ ලග්නයට හිමි රැකියා රවි හිමි සිංහ ලග්නයෙන් උපන් ජන්මියා ආත්ම ශක්තියෙන් යුත් දියුණුවීමේ ආශා ඇති එඩිතර ගති ඇත්තෙක් වේ. සිංහ ලග්නයේ ලග්නාධිපති රාජ්‍යකාරක රවි වේ. රජය... 2022-10-13 18:30:00 කටක ලග්නයට හිමි රැකියා සෑම කේන්දරයකම රැකියාව ගැන බැලීමේ දී ඉගෙනීම ගැනත් බැලිය යුතු ය. ඉගෙනීම උසස් නම් රැකියාව උසස් වේ. කටක ලග්න හිමියාගේ අධ්‍යාපනය ගැන බලන විට අධ්‍... 2022-10-06 18:30:00 මිථුන ලග්නයට හිමි රැකියා මිථුන ලග්නයට හිමි රැකියා ගැන කතා කරන විට ලග්නාධිපති බුධ ගැනත් දහවැන්නාධිපති ගුරු ගැනත් බැලිය යුතුය. මිථුන ලග්නයේ ලග්නාධිපතිගේ ස්වරූපය වන බුද්ධිමත් බව... 2022-09-29 18:30:00 වෘෂභ ලග්නයට හිමි රැකියා වෘෂභ ලග්නය ගත් විට ලග්නාධිපති සිකුරු කර්මකාරක ශනි යන දෙදෙනා ගැනත් බැලිය යුතුයි. ලග්නාධිපති සිකුරු බැවින් නිතරම සිනහව මුහුණේ දැකිය හැකි අතර සංගීතයට,... 2022-09-22 18:30:00 කුම්භ ලග්නය හිමි කාන්තාව ලග්න කේන්දරයේ 11 වැන්න වූ කුම්භ රාශිය තිර රාශියක් වන අතර, සෙනසුරු ග්‍රහයා අධිපති ග්‍රහයා වේ. කුම්භ රාශියෙන් ප්‍රවේශම, ඉවසීම කල්ගියත් විරුද්ධවාදීන්...
අධිකරණයෙහි විභාග වන නඩු කටයුත්තක් කෙරෙහි බලපෑම් කිරීම නීතිවිරෝධී පමණක් නොව ආචාරවිරෝධී බව හය හතර තේරෙන වයසේ කුඩා දරුවෙක් වුව ද දන්නා කරුණකි. ඥානසාර තෙරණුවෝ කියන පරිදි බොහෝ ශාසනික, සාමයික කටයුතු සමඟ කාලයක් හෙතෙම වැඩ කරලා ද තිබේ. ඉතින් එතරම් දේවල් දන්නා බොදු බල සේනා මහලේකම්වරයා එම සරල සත්‍යය නොදන්නේ නොවේ. හෝමාගම අධිකරණයට පැන උසාවිය අස්සේ කලබැගෑනි ඇති කර රක්ෂිත බන්ධනාගාරගතවීම ඒ අනුව කළින් සූදානම් කරගත් නාටකයක් බව පැහැදිලි වී යා යුතු ය. ජාතිවාදීන් සියල්ල එක් පෙරමුණකට සන්ධානගතවෙමින් යන මේ මොහොතේ සිංහලේ අමු ජාතිවාදී සංවිධාන පැන නගින්නේත්, ඥානසාදුලා රිමාන්ඩ් වඩින්නේත් වෙන වෙන ම වුවත් මේවා අතර අන්තර්සම්බන්ධයක් තිබේ. හෝමාගම උසාවියට ඥානසාදු ගෙන එද්දී විරෝධය පළ කරන්නට පැමිණි සියලු චීවරධාරීන් බෞද්ධ භික්ෂූන් ම ද යන්න සැකයක් ඇතැයි විවිධ තැන්වලින් ආරංචි පළ වේ. බෞද්ධ භික්ෂුව යනු කවරෙක් ද යන්න අතිශය විවාදාපන්න මොහොතක අපේ අදහස නම් මෙලෙස හැසිරෙන්නට කිසිදු බෞද්ධ භික්ෂුවකට බැරි බව ය. කෙසේ වුවත් එදින උසාවියේ එම පිරිස හැසිරුණ ආකාරය අනුව එය සංවිධානාත්මක දේශපාලන ව්‍යාපෘතියක එක් කොටසක් බවත්, එදිනට පමණක් සිවුරු පොරවාගත් පිරිසක් එහි සිටින්නට ඇති බවත් බොහෝ දෙනා මත පළ කරති. Loading... BBS news reports Tweet on Twitter Share on Facebook Pinterest Email RSL Related Posts මිනිස් ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට අයවැයට එරෙහිව ජාතික විරෝධතා දිනයන් ප්‍රකාශයට පත් කරයි ගල්වැව සිරිධම්ම හිමියන්ට ඇප කඩදාසි මිල පාර්ලිමේන්තුවටත් බලපායි ලබන වසරේ සිට රියදුරු බලපත්‍රයට අකුසලතා ලකුණු ක්‍රමයක් මෙවර අයවැය ජනතා හිතවාදී අයවැයක් නොවෙයි – කාවින්ද ජයවර්ධන Search for: Contact Us Phone: +94-715-657400 Email: info@readsrilanka.com Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'readsrilanka.com' Join our email newsletter and get news & updates into your inbox for free. Categories CORONA: Covid 19 Developing Stories Fashion & Beauty culture FB මාත්‍රාව Men Photo Stories Uncategorized ආර්ථික සහ ව්‍යාපාරික උණුසුම් පුවත් ක්‍රීඩා කෘෂිකර්මය දේශපාලන ප්‍රතිපත්ති සහ සංවර්ධන පුවත් සහ වාර්තා මතවාද ලෝකාවලෝකනය විද්වත් කථිකාව විදේශීය විමර්ශන විශේෂාංග සෞඛ්‍යය අප හා සම්බන්ධවීමට දුරකථන: +94-715-657400 විද්‍යුත් තැපෑල: info@readsrilanka.com © සියලුම හිමිකම් ඇවිරිණි. මෙම වෙබ් අඩවියේ පළවන ලිපි අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් වන අතර එම ආචාරධර්ම උල්ලංඝනය කරමින් නීතිවිරෝධීව උපුටාගන්නන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරනු ඇත.
දිග රැවුල් ඇති අය ඇමෙරිකානුවන්හට සැකයි. දිග රැවුල් ඇති ජටා බැඳි අයට ඇමෙරිකානුවෝ බියයි. ඔෂෝට මේ දෙකම තිබුණා පමණක් නොව ඔහු ලෝගුවත් ඇන්දා. ඔහු වයස විසි එකේදී “ඥානාවබෝධය” ලැබූ බව කියනවා. ඔෂෝ යන්නෙන් අර්ථවත් වන්නේ ජපන් බසින් “නායක හිමි” යන්නයි. ඔෂෝ 1971 වසරේ පටන් තමන්ව “භග්වාන් ශ්‍රී රාජ්නීෂ්” යනුවෙන් හඳුන්වාගත්තා. ඔහු දර්ශනවාදය පිළිබඳ මහාචාර්වය වරයෙක්. ඔෂෝ ගේ නව සන්‍යාසීය ඉගැන්වීම් වල හරය මිනිසාව පරම සන්තෘෂ්ටිය කරා ගෙනයාමයි. භාවනාව, එළඹ සිටි සිහිය, ප්‍රේමය, සැමරීම, ධෛර්යය, නිරිමාණාත්මකභාවය, උපහාසය ඔහුගේ ඉගැන්වීම්වල කැපී පෙනෙන අංග වී තිබුණා. ඔෂෝ සමාජවාදය සහ මහත්මා ගාන්ධිව දැඩි ලෙස විවේචනයට ලක් කළ අයෙක්. ගාන්ධිව ඔහු හැඳින්වූයේ දරිද්‍රතාවයට වන්දනාමාන කරන පසුගාමී පුද්ගලයෙකු ලෙසයි. සමාජවාදය දුප්පත්කම සමානව සමාජගත කරනවා හැර වෙන යමක් නොකරන බව ඔහු කීවා. ඉන්දියාවට සමාජයක් වශයෙන් නැගීසිටීමට නම් අත්‍යාවශ්‍ය අංගය ධනවාදය බව ඔහු පෙනවා දුන්නා. කෙසේ වෙතත් ඉන්දියානුවෝ බොහෝ ගණනක් ඔහු වටා අනුගාමිකයන් ලෙස එක්රැස්වුණා. ඔහු පූනම්හි ආශ්‍රමයක් පිහිටුවාගත්තා. ඔෂෝගේ ජනප්‍රියත්වයත් සමගම ඔහු කෙරෙහි එල්ලවූ විවේචන වැඩිවුණා. පූනම්හි ආශ්‍රමයේ ගැටලු මතුවුණා. ආශ්‍රමය ඇමෙරිකා එක්සත් ජනපදයට ගෙනයන්න තීරණය කෙරුණා. ඔෂෝ ගේ අග්‍රශ්‍රාවිකාව ලෙස කටයුතු කළේ “ශීලා සිල්වර්මෑන්” හෙවත් “මා ආනන්ද් ශීලා” නැමැත්තියයි. 1981 වසරේ ජූනි මාසයේදී ඔෂෝ ඇමෙරිකා එක්සත්ජනපදය බලා ගියේ වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහායි. මා ආනන්ද් ශීලා ගේ සැමියා වූ “මාර්ක් හැරිස් සිල්වර්මෑන්” හෙවත් “ස්වාමි ප්‍රේම් චින්මයා” නැමැත්තා ඇමෙරිකානු ඩොලර් මිලියන 5 කට අධික මුදලක් ගෙවා ඔරිගන් හි අක්කර 6000 ක පමණ භූමි භාගයක් ඔවුන් වෙනුවෙන් මිලදී ගත්තා. ඔෂෝ අනුගාමිකයන් දහස් ගණනින් එහි පදිංචි වුණා. පාසල්, රෝහල්, තැපැල් කාර්යාල ආදී සියලු ප්‍රජා ගොඩනැගිලි එහි ඉදි වුණා. “රජ්නීෂ්පුරම්” ලෙස නම් කෙරුණු එහි නගරාධිපතිවරයෙකුද පත්කර ගැණුනා. කෙසේ වෙතත් අසල්වැසි ප්‍රදේශ වල උදවිය තැඹිලි පාට වස්ත්‍ර අඳිමින් ආවේසයෙන් මෙන් නටන ගයන මේ කල්ලියට එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඇමෙරිකාවේ විවිධ ප්‍රදේශ වලින් නිවාස අහිමි ජනතාව ගෙන්වාගෙන රාජ්නීෂ්පුරම් හි පදිංචිකරවාගෙනද තිබුණා. ඔෂෝ කීවේ අනූගනන් වන විට ලෝකය න්‍යෂ්ටික යුද්ධයකින් විනාශවන බවයි. ඒඩ්ස් රෝගය නිසා මිනිස් වර්ගයාගෙන් තුනෙන් දෙකක ප්‍රමාණයක් මියයන බවද ඔහු කියා සිටියා. සිය සන්‍යාසි අනුගාමිකයන්ට ලිංගික ක්‍රියාකාරකම් වලදී උපත් පාලන කොපු සහ රබර් අත්වැසුම් පැළඳීම ඔහු අනිවාර්ය කළා. ඒ වනවිට ලෝකයේ සෞඛ්‍ය බලධාරීන් පවා ඒඩ්ස් නිවාරණ ක්‍රමයක් ලෙස උපත්පාලන කොපු භාවිතය ප්‍රවර්ධනය කරමින් සිටියේ නැහැ. ඔය අතරවාරයේ ඔෂෝ හුදෙකළා ව්‍රතයකට පිවිසියා. ඔහු අනුගාමිනයන්ට දේශනා කිරීම සඳහා ආවේ නැහැ. අනුගාමියනක්ට ඔහුව දැකගන්න ලැබුණේ ඔහු සිය රොල්ස්-රෝයී වර්ගයේ මෝටර් රථ 93 න් එකක නැගී උදෑසන සංචාරයේ නිරතවන විට පමණයි. ඔහු සියලු බලතල මා ආනනද් ශීලා වෙත පැවරුවා. තමන් ගෙන එන්නේ ඔෂෝ ගේම වචනය බව ශීලා කියා සිටියා. ඔෂෝව සතුටින් තැබීම සඳහා කුමන මිලක් ගෙවීමට සිදුවුණත් කළ යුතු දේ අනිවාර්යෙන්ම කළ යුතු බව ඈ කියා සිටියා. 1984 වසරේ සැප්තැම්බර් 25 වැනිදා, ඔරිගන්හි ඩේල්ස් නම් කුඩා නගරයේ අයට කටුක අප්‍රසන්න අත්දැකීමකට මුහුණ දීමට සිදුවුණ කිසිදා අමතක කළ නොහැකි දවසක්. උණත් සමග උදරාබාධ ඇතිවුණා. මිනිස්සු වමනය කරන්න පටන්ගත්තා. ඔවුන්ගේ හිස් බමන්නට වුණා. ප්‍රතිකාර සඳහා රෝහල් වෙත දිව ගිය අයට මේ හිටිහැටියේ ඇතිවූ රෝග තත්ත්වයට ගොදුරුව සිටින්නේ තමන් පමණක් නොවන බව පෙනීගියා. රෝහලේ ඇඳන් වල, බිම, කොරිඩෝර වල, ආලින්දයේ සෑමතැනකම ජනතාව සමාන රෝග ලක්‍ෂණ සහිතව වැටී සිටියා. ක්‍ෂුද්‍රජීව විද්‍යාඥයන් යුහුව රෝගී තත්ත්වයට හේතුකාරකය සොයාගත්තා. ඒ සැල්මනෙල්ලා නම් බැකිටීරියාවයි. එය බිත්තර, මස්, කිරි ආදී සත්ත්ව ආහාර වර්ග වලත් උරග ගනයේ සත්ත්ව විශේෂයන් තුළත් හටගන්නවා. සැල්මනෙල්ලා බැක්ටීරියාව මිනිසාට මාරාන්තික නැහැ. නමුත් එය බිළිඳු දරුවන්ට සහ වයෝවෘද්ධ අයට මරණය ගෙන ආ හැකියි. දින දහයක් ගතවෙත්දී සැල්මනෙල්ලා බැක්ටීරියාව යළිත් වතාවක් ඩේල්ස් නගරවාසීන්ට පහර දුන්නා. මෙවර ආසාදිතයින් ගණන සියගණනක් බවට පත් වුණා. රෝහල් වල සියලු ඇඳන් පිරීගියා. සැල්මනෙල්ලා බැක්ටීරියාව වසංගතයක් ලෙස පැතිරයාමට හේතුව සොයාගැනීම ලෙහෙසි වුණේ නැහැ. ආපනශාලා සේවකයන් වැසිකිළි යාමෙන් පසු හරි හැටි අත් නොසේදීම නිසා සැල්මනෙල්ලා බැක්ටීරියාව ආහාර වලට එක්විය හැකියි. නමුත් යෝගී වූ සියගණනක් දෙනා එකම ආපන ශාලාවෙන් හෝ ආපනශාලගා දාමයෙන් ආහාරගත් අය නොවෙයි. පානීය ජල පරිවහණ පද්ධතියේවත් සැල්මනෙල්ලා බැක්ටීරියාව තිබුණේ නැහැ. සැල්මනෙල්ලා බැක්ටීරියාවට තටු ලැබීම ස්හභාවික සිදුවීමක්ද නැතහොත් කිසියම් කෙනෙකු හෝ පිරිසක් විසින් හිතාමතා කරන ලද්දක්ද යන්න පිළිබඳව සොයාබැලීමට ඇට්ලැන්ටා හි මධ්‍යම රෝග මර්දන ඒකකය කටයුතු ඇරඹුවේ ඒ සමගයි. වසංගතවේදියෝ පර්යේෂණ ඇරඹුවා. අසනීපකාරකය බව පෙනෙන පොදු සාධක නොමැතිවීම පර්යේෂණ වලට මහත් බාධාවක් වුණා. එක් යුවලකට තමන් අසනීපවීමට පෙර ආපන ශාලාවකින් එළවළු සලාදයක් කෑ බව මතක තිබුණා. රෝහල් කාර්ය මණ්ඩලය ප්‍රතිකාර ලද සියලුදෙනාගෙන්ම යළි තොරතුරු වාර්තාකර ගත්තා. ඔවුන් නගරයේ දහයක් පමණ වන ආපන ශාලා වලින් කුමන හෝ එකකින් සලාද වර්ගයක් ආහාරයට ගෙන තිබුණා. නමුත් පොදු ආහාර ද්‍රව්‍ය සපයන්නෙකු ගැන හොඩුවාවක් තිබුණේ නැහැ. ඔය අතරවාරයේ ක්‍ෂුද්‍රජීව විද්‍යාඥයන් සොයාගත්තේ සියලු රෝගී වූවන් තුල වූ සැල්මනෙල්ලා බැක්ටීරියා වර්ගය එහි අතිශය දුර්ලභ ප්‍රභේදයක් බවයි. එය වෙනත් බැක්ටීරියාවන් මෙන් නොව ප්‍රතිජීවක මගින් මැඩපැවැත්විය නොහැකියි. මේ වන විට නගරයේ රෝගී වූවන්ගේ ගණන 750 ක්. එයින් 10%ක් ආපනශාලා සේවකයන්. මාස දෙකක් ගතවෙද්දී සැල්මනෙල්ලා ආසාදනයට හේතුව ආපනශාලාවල අපිරිසිදු බව යැයි ඔරිගන් බලධාරීන් ප්‍රකාශයට පත්කළා. කිසිවෙකුටත් එය සෑහීමකට පත්විය හැකි එකක් වූයේ නැහැ. බලධාරීන්ගේ කුකුස ඔවුන් රාජ්නීෂ් කල්ලිය නමින් හැඳින්වූ ඔෂෝ අනුගාමික ප්‍රජාව වෙත යොමුවෙන්න පටන්ගත්තේ සාක්‍ෂියක් ඇතිව නොවේ. නිතැතින්මයි. මන්දයත් ඔෂෝ අනුගාමික ප්‍රධානීන් හා ප්‍රදේශයේ දේශපාලන බලවතුන් අතර නිතර මත.ගැටුම් හටගැනෙමින් තිබුණා. ඔෂෝව සතුටින් තැබීම සඳහා කුමන මිලක් ගෙවීමට සිදුවුණත් කළ යුතු දේ අනිවාර්යෙන්ම කළ යුතු බව මා ආනන්ද් ශීලා කී හැටි මෙන්ම, “අප මෙහි ආවේ නවතින්නයි. ඒ වෙනුවෙන් ලේ හලන්න සිදුවුනොත්, ඒ මිල වුනත් ගෙවන්න අපට බැරි නැහැ” යැයි ඈ ප්‍රසිද්ධ මාධ්‍යට වරක් කී හැටිත් බොහෝ දෙනාගේ මතයේ හොල්මන් කළා. රාජ්නීෂ් අනුගාමිකයන් අතර භේදබින්නතා හටගැනෙමින් තිබුණා. ශීලා ප්‍රමුඛ පිරිසක් එහි එක් පාර්ශවයක්. වඩා ධනවත් හොලිවුඩ් කණ්ඩායම නමින් හැඳින්වූ පිරිස අනෙක් පාර්ශවයයි. සියලු කලබල අතරතුර ශීලා සහ මා ආනන්ද් පූජා නමින් හැඳින්වූ “ඩයෑන් ඉවෝන් ඕනෑං” නැමැත්තිය යුරෝපය බලා ගියා. පූජා රාජ්නීෂ්පුරම් හි සෞඛ්‍යමධ්‍යස්ථානයේ ප්‍රධානියායි. සිය සිව් අවුරුදු හුදෙකලා ව්‍රතය නිමාකරමින් ඔෂෝ ප්‍රජාව හමුවට පැමිණියා. ඔහු කීවේ ශීලා සහ පූජා තවදුරටත් තමන්ගේ පිරිසක් නොවන බවයි. ඔවුන් සිය ආශ්‍රමය ඒකාධිපතිවාදී වධ කඳවුරක තත්ත්වයකට පත්කර ඇති බව ඔහු වැඩිදුරටත් කීවා. ඔවුන් ආහාර විෂ කිරීම ජලයට විෂ එකතුකිරීම දිස්ත්‍රික් නීතිවේදියාව මරාදැමීම ඇතුළු බොහෝ භයානක දෑ කිරීමට සැලසුම්කර ඇති බව ඔෂෝ හෙලිකළා. වැඩිදුර සොයාබලන්න රාජ්නිෂීපුරම් වෙත එන ලෙස ඔහු බලධාරීන්ට ආරාධනා කළා. රාජ්නීෂිපුරම් හි කළ ගවේෂණ වලින් හෙළිකරගත් තොරතුරු ඕනෑම අමෙරිකානුවෙකු භීතියෙන් මුසපත්කරවන්න සමත්. එහි සෑම බිම් අඟලක්ම ආවරණය වන පරිදි ආරක්‍ෂක කැමරා සවිකර තිබුණා. සියලුම දුරකථනවල සංවාද රහසේ පටිගතවෙමින් තිබුණා. එවැනි කැසට් පට ඇතුලත් විශාල කැසට්පට ගබඩාවක් ඔවුන් සතුව තිබුණා. එපමණක් නොව ආහාර විෂකිරීමේ සිට බෝම්බ සෑදීම දක්වා බොහෝ භයානක ක්‍රියා ශීලා ඇතුළු පිරිස සැළසුම් කර තිබුණා. නගරයේ වෛද්‍ය පරීක්‍ෂණාගාරයේ තිබී සැල්මනෙල්ලා විෂබීජය හමුවුණා. එය ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධී වන ලෙස වැඩිදියුණු කර ඇත්තේ ශීලා සමග පලාගිය පූජායි. ඇත්තෙන්ම ඔෂෝ මේ කිසිවක් දැන සිටියේ නැහැ. ගුවන් මගින් රටින් පිටවීමට උත්සාහ කරමින් සිටි ඔෂෝ උතුරු කැරොලයිනාවේ දී අත් අඩංගුවට ගැණුනා. ඔහුට එරෙහිව අනවසර සංක්‍රමණය පිළිබඳව චෝදනා ගොනු කෙරුණා. චෝදනා පිළිගත් ඔෂෝව ඉන්දියාවට පිටුවහල් කෙරුණා. ඇත්තෙන්ම සිදුවූයේ කුමක්ද? ඔෂෝව සතුටින් තැබීම අරමුණු කරගත් ශීලා ප්‍රමුඛ ප්‍රධානීන්ගේ වැඩ සැලැස්ම අවසානයේ නගරයේ දේශපාලන බලය අල්ලාගැනීමේ සැලැස්මක් බවට පත්ව තිබුණා. ඩේල්ස් නාගරික මැතිවරණයට ඔෂෝ අනුගාමිකයෙකුව ඉදිරිපත් කරනවා. ඔහුට ඡන්ද අවශ්‍ය පමණ නොලැබෙන බව සැබෑවෙතත් කෙසේ හෝ ඔහුව දිනවිය යුතුයි. කළ හැකි හොඳම දෙය බහුතර ජනතාව ඡන්දය දැමීමට යාම වැළැක්වීමයි. ශීලා සහ පූජා සැල්මනෙල්ලා බැක්ටීරියාව අවිය කරගන්නට මාන බැලුවේ ඒ සඳහායි. වැඩපිළිවෙළ, නොවැම්බර් මාසයේ ඡන්දය පැවැත්වෙන දිනයට පෙර දිනයේ නගරයේ ජල සැපයුමට බැක්ටීරියාව මුසු කිරීමයි. සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසවල සියගණනක් නගරවැසියන්ව රෝහල් ගතකරවමින් ශීලා ඇතුලු පිරිස සිදුකළේ ඒ සඳහා පෙරහුරුවක්. මුලින් අගෝස්තු මාසයේදී ඔවුන් සැල්මනෙල්ලා බැක්ටීරියාව ඩේල්ස් නගරයේ ප්‍රජාගොඩනැගිලි වල දොරවල් වල තවරා බැලුවා. එය සාර්ථක වුණේ නැහැ. නමුත් ඉන්පසු කළ දෙවැනි හා තෙවැනි අත්හදාබැලීම් සාර්ථකවුණා. ඒ වතාවල ඔවුන් සැල්මනෙල්ලා බැක්ටීරියාව කුඩා දිය විදින ආධාරයෙන් විසුරුවා හැරියේ නගරයේ අවන්හල් දහයක එළවළු සලාද වලටයි. මේ සිදුවීම ඇමෙරිකා එක්සත් ජනපදය මුහුණදුන් පළමු ජෛව ත්‍රස්ත ප්‍රහාරය ලෙස ගැනෙනවා. එයට මුල් වූ ආපනශාලා සියල්ලම පාහේ වසා දමන්න හිමිකරුවන්ට සිදුවුණා. එයට හේතුව සිදුවීමෙන් පසුත්, තවදුරටත් බියවන්නට රාජ්නීෂ්වරු ප්‍රදේශයේ නොමැතිවූවත් ජනතාව ඒ තැන්වලින් ආහාර ගන්න දැකවූ අහේතුක බියයි. 1990 වසරේ ජනවාරි 19 වැනිදා භග්වාන් ශ්‍රී රාජ්නීෂ් හෙවත් ඔෂෝ ඉන්දියාවේ දී මියගියා. “ඔෂෝ මිය ගියේ නැහැ. ඔෂෝ ඉපදුනේද නැහැ. ඔෂෝ මේ ලෝකයට විත් මෙහි වැඩ නිමකොට ආපසු ගියා පමණයි” ඔෂෝ ගේ අනුගාමිකයන් පවනස්නේ එහෙමයි. ශීලා සහ පූජා බටහිර ජර්මනියේදී අත්අඩංගුවට ගැණුනා. ආහාර විශකිරීම, මිනීමැරීමට තැත් කිරීම සහ ඒවාට අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම ආදී චෝදනා මත දෙදෙනාට අවුරුදු 23 සහ 15 බැගින් සිරදඬුවම් නියමවුණා. ඒ නමුත් යහපත් කල්ක්‍රියාව මත දෙදෙනාම මාස විසි නවයක කාලයකින් නිදහස ලැබුවා. ශීලා ස්විට්සර්ලන්තයට ගොස් යළි විවාහවුනා. ඈ තවමත් එහි ජීවත් වනවා. ඒ අතර රෝගීන්ට සත්කාර කරන සාත්තු නිවාස දෙකක්ද පවත්වාගෙන යනවා. අඛිල රන්සිරි මලලගේ Loading... Mystery news reports Tweet on Twitter Share on Facebook Pinterest Email RSL Related Posts මිනිස් ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට අයවැයට එරෙහිව ජාතික විරෝධතා දිනයන් ප්‍රකාශයට පත් කරයි ගල්වැව සිරිධම්ම හිමියන්ට ඇප කඩදාසි මිල පාර්ලිමේන්තුවටත් බලපායි ලබන වසරේ සිට රියදුරු බලපත්‍රයට අකුසලතා ලකුණු ක්‍රමයක් මෙවර අයවැය ජනතා හිතවාදී අයවැයක් නොවෙයි – කාවින්ද ජයවර්ධන Search for: Contact Us Phone: +94-715-657400 Email: info@readsrilanka.com Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'readsrilanka.com' Join our email newsletter and get news & updates into your inbox for free. Categories CORONA: Covid 19 Developing Stories Fashion & Beauty culture FB මාත්‍රාව Men Photo Stories Uncategorized ආර්ථික සහ ව්‍යාපාරික උණුසුම් පුවත් ක්‍රීඩා කෘෂිකර්මය දේශපාලන ප්‍රතිපත්ති සහ සංවර්ධන පුවත් සහ වාර්තා මතවාද ලෝකාවලෝකනය විද්වත් කථිකාව විදේශීය විමර්ශන විශේෂාංග සෞඛ්‍යය අප හා සම්බන්ධවීමට දුරකථන: +94-715-657400 විද්‍යුත් තැපෑල: info@readsrilanka.com © සියලුම හිමිකම් ඇවිරිණි. මෙම වෙබ් අඩවියේ පළවන ලිපි අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් වන අතර එම ආචාරධර්ම උල්ලංඝනය කරමින් නීතිවිරෝධීව උපුටාගන්නන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරනු ඇත.
කිසිදු ලෙසකින්වත් ලේක්හවුස් ආයතනය විකුණා නොදමන බව විෂය භාර ඇමැතිවරයා ලෙස තමන් සහතික වන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. එවැනි කැබිනට් පත්‍රිකාවක් ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට තමන් සිහිනෙන් හෝ සිතා නැති බව ද ඇමැතිවරයා කීවේය. ලේක්හවුස් ආයතනය විකුණා දැමීමේ සූදානමක් ඇති බවට පසුගිය ඉරිදා ‘සති අග අරුණ’ පුවත්පතේ පළ වූ වාර්තාවක් සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (02) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය ලේක්හවුස් ආයතනය සංචාරක හෝටලයක් කළා නම්, මුද්‍රණ කටයුතු වෙනත් තැනකට ගෙන ගියා නම් වැනි යෝජනාවන් මාධ්‍ය හිතවතුන් එක් වූ විට ඉදිරිපත් වන බවත් එහෙත් රජය හෝ විෂය භාර ඇමැතිවරයා ලෙස තමන්වත් එවැනි යෝජනාවන් කර නැති බවත් ඒ මහතා කීවේය. මීට ජනාධිපතිවරයාගේ නම ඈඳලා තිබුණා. සම්පූර්ණයෙන්ම කිසිම දිනක එතුමා එහෙම තමන්ගේ පෞද්ගලික දේපොළ හෝ ඥාති හිතවතුන්ගේ දේපොළ පිළිබඳ කටයුතු කර නැතැයි බන්දුල ගුණවර්ධන මහතා කීවේය. තමන්ගේ දේපොළ ගැන තවත් හිතන්නේ නැතුව මේ දේපොළ පිළිබඳ මෙතෙන්දි තීරණ ගනීවි කියලා හිතන්න බැහැ යැයිද කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පැවසීය. එහෙත් රාජ්‍ය මාධ්‍ය ආයතන සියල්ල මේ වන විට විශාල අලාභ මට්ටමක පවතින් බව පැවසූ ඇමැතිවරයා එම තත්ත්වය කළමනාකරණය කරගෙන ඉදිරියට ගෙන යෑමට සියලු සේවකයන් සහ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර අලුත් ක්‍රමවේදයක් සකස් කරන බව ද පැවසීය. ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. “මාධ්‍යවේදී හිතවතුන් එකතු වුණාම විවිධ යෝජනා ගේනවා. මීට වඩා හොඳයි සංචාරක හෝටලයක් කරා නම්, හොඳයි මුද්‍රණ කටයුතු වෙන තැනකට ගෙන ගියා නම් වැනි යෝජනා ඉදිරිපත් වෙනවා. රාජ්‍ය මාධ්‍ය ආයතන සියල්ල විශාල අලාභ මට්ටමක් යටතේ තමයි පවත්වාගෙන යන්නේ. අලාභය නෙවෙයි ප්‍රශ්නය. ඊළඟ මාසයේ වැටුප් ගෙවීම් පිළිබඳයි ප්‍රශ්නය. ඉතා විශාල සේවක අතිරික්තයකට වැටුප් ගෙවා ගන්න බැරි ගැටලුවකට මම මුහුණ දෙනවා. මම විෂය භාර ඇමැතිවරයා ලෙස මීට පෙර භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලලා ගෙවලා තිබෙනවා. මේ මොහොතේ භාණ්ඩාගාරයට එම මුදල් සැපයීමේ කිසිදු හැකියාවක් නැහැ. රට දැවැන්තම ආර්ථික අර්බුදයකට මුහුණදීලා තිබෙන්නේ. කැබිනට් පත්‍රිකා දුන්නට වැටුප් ගෙවීම සඳහා මුදල් දෙන්න නොහැකියාව දැනුම් දීලා තිබෙනවා. සියලු සේවකයන්, වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කරලා අලුත් ක්‍රමවේදයක් හදා ගන්න ඕන, කොහොමද අපි මේ ආයතන බේර ගන්නේ කියලා. එහෙම නැතුව වැටුප් ගෙවන්න බැරුව සම්පූර්ණයෙන් වසා දැමීමේ තත්ත්වය නතර කරලා අපි කොයි ක්‍රමයට ද වියදම් කළමනාකරණය කරලා කොහොම හරි හුස්ම ගන්න තත්ත්වය හදා ගන්නේ කියන තත්ත්වය හදනවා. විකුණන්න හෝ වසා දමන්න කටයුතු කරන්නේ නැහැ.” Facebook Twitter WhatsApp Telegram 2022-08-03 Previous Post: සිසුන් 7000කට වැඩි පිරිසකට විද්‍යා පීඨ වරම් Next Post: CIA ඩ්‍රෝන ප්‍රහාරයකින් අල් කයිඩා නායකයා මරුට Leave a Reply Cancel reply Your email address will not be published. Required fields are marked * Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Search Search Search Srilankan Tribune Connect with Us Latest News පොලිස් මර්ධනයේ දෑත් කළු තොප්පි දෙසට හැරෙයි‼️ By: admin On: November 14, 2022 Facebook Twitter WhatsApp Telegram Black Cap Movement සංවිධානයට එරෙහිව කොල්ලුපිටිය පොලිසිය විසින් හිරුණිකා අත්අඩංගුවට By: admin On: November 14, 2022 Facebook Twitter WhatsApp Telegram හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පොලීසිය විසින් අත්අඩංගුවට
සැලසුම් කර තිබූ ආකාරයට අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ 2020 මහ මැතිවරණය රටේ පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් එදින පැවැත්විය නොහැකි බව අද (19) මැතිවරණ කොම්සමේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැවසුවා. වත්මන් තත්ත්වය අනුව අපේ‍්‍රල් 25 වැනි දින සිට දින 14ක් ඇතුළත මහ මැතිවරණය පැවැත්වීමට තීරණය කර ඇති බවත් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා වැඩිදුරටත් ​සඳහන් කළේය. “නව කොරෝනාවෛරසයේ බලපෑමක් 100%ක් ශ්‍රී ලංකාවට නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළ ද” කලින් සැලසුම් කළ දිනට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නොමැති බව ඔහු පැවසීය. ”COVID-19 වෛරස් තත්ත්වය නිසා අපේ මැතිවරණ කැලැන්ඩරයේ පහුගිය දින 5ක්, 6ක් අඩාළ වුණා. දැනට කියන්න තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය කිසි ම විදියකට අප්‍රේල් 25 නොපැවෙත්වෙන බවයි.” මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මාධ්‍ය හමුවේදී සඳහන් කළේය. “කල් දමන ලද පාර්ලිමේන්තු මැතිවරණය යළි පවත්වන දිනය මැයි මාසය තුළ ද, ජූනි මාසය තුළ ද ඉන් ඔබ්බට ද යන්න තීරණය කරන්නේ අප විසින් නොව COVID-19 වෛරසය පාලනයට කාර්ය සාධන බලකායේ ඇති හැකියාව මත” යැයි ද ඔහු එහිදී ප්‍රකාශ කළේය. POLITICAL NEWS Tweet on Twitter Share on Facebook Google+ Pinterest Previous Article තෙල් මිල අඩුවීමේ ඍජු සහන ජනතාවට නොදී ආණ්ඩුවෙන් අලුත් වැඩ Next Article 20 සිට 27 දක්වා නිවසේ සිට රාජකාරී කරන හැටි රජය කියා දෙයි Recommended For You ලාංකීය දේශපාලනයේ නව සංධිස්ථානමය මොහොතක් විමල් – වාසු සහ ගම්මන්පිල ඇමැතිකම්වලින් පන්නයි: SB කැබිනට් එකට රිංගයි ජනතාව දවාලට පෝලිමේ – රෑට කළුවරේ: ‘ඇමතිවරු වාහන පෝලිම්වල යන ගමන් ජනතාවට වැදි බණ කියනවා’ ‘ආණ්ඩුව රීලෝඩ් ක්‍රමේට තෙල් ගන්න කොට අපිට පෙට්‍රල් ගහන්න වෙන්නේ සැෂේ ක්‍රමේට‘ ‘හයිවේ රොබරි’ පන්නයේ තවත් මහා පරිමාණ මුදල් මංකොල්ලයකට ආණ්ඩුවෙන් සැලසුම්‘ කාරක සභා රැසක් මෙම සතියේ රැස්වේ About the Author: Editor Search for: Archives Archives Select Month August 2022 (3) March 2022 (2) February 2022 (155) January 2022 (194) December 2021 (239) November 2021 (256) October 2021 (203) September 2021 (234) August 2021 (252) July 2021 (276) June 2021 (303) May 2021 (300) April 2021 (200) March 2021 (297) February 2021 (272) January 2021 (315) December 2020 (307) November 2020 (360) October 2020 (363) September 2020 (359) August 2020 (380) July 2020 (320) June 2020 (307) May 2020 (333) April 2020 (390) March 2020 (421) February 2020 (405) January 2020 (530) December 2019 (563) November 2019 (555) October 2019 (724) September 2019 (605) August 2019 (529) July 2019 (590) June 2019 (548) May 2019 (665) April 2019 (575) March 2019 (48) Follow Us Stay updated via social channels Tags AG NEWS agriculture Business COPE COVID 19 Economy Entertetment fashion Featured GAJABA NAGAWATHTHA GOSSIP health HM NEWS INTERNATIONAL JVP KARU JAYASURIYA NEWS FM NEWS PUBLIC parliament pmd news POLITICAL POLITICAL NEWS Prime media PR MEDIA PR NEWS public news sajith pramadasa Sanath M Bandara santh m bandara sl army commander slarmy news sl cricket Sl CRICKET - WOMAN TEAM SLFP - SLPP sl vs west 2020 sl v west Sport unhcr unp Week in Pictures Wimal Weerawansa woman women ජනපති ‍fashion දුරකථනය: +94-766-109836 විද්‍යුත් තැපෑල: bhathiyabarukanda@gmail.com © සියලුම හිමිකම් ඇවිරිණි. මෙම වෙබ් අඩවියේ පළවන ලිපි අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් වන අතර එම ආචාරධර්ම උල්ලංඝනය කරමින් නීතිවිරෝධීව උපුටාගන්නන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරනු ඇත.
( ‘වියරැවට එරෙහිව, ජීවිතය වෙනුවෙන් නොවැ 25 දින කොළඹ පැවැත් වූ විරෝධතාවයේ අවස්ථාවක්: ජායාරූපය වකල්ප වෙතිනි) ‘වියරැවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ව සංවිධානය කරන ‘වියරැවට එරෙහිව, වීදියේ විරෝධය‘ අද(05) දා සිට දිස්ත්‍රික්ක ගණනාවක විශාල මහජන සහභාගීත්වයකින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එවිසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක සඳහන් වේ. දුර්දාන්ත රාජපක්ෂ පාලනය හෙළා දකිමින් ප්‍රජාතන්ත්‍රවාදී ලංකාවක් සදහා අවශ්‍ය සමාජ දේශපාලන ප්‍රතිසංස්කරන පිලිබඳ සංවාදය සමාජ ගත කිරීම ‘වියරැවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ උද්ගෝෂණයේ අරමුණ වේ. එම උද්ඝෝෂන පැවැත්වෙන දින, ස්තානය/දිස්ත්‍රික්කය සහ වේලාවන් මෙසේ ය. දෙසැම්බර් 5(අද) උදේ 10.00 එප්පාවල, මහජන පොළ.. දෙසැම්බර් 5(අද) සවස 02.00 අනුරාධපුර, ඔරලෝසු කනුව අසල සහ නව බස්නැවතුම්පොල අසල.. දෙසැම්බර් 6 උදේ 10.00 දඹුල්ල, ආර්ථික මධ්‍යස්ථානය අසල.. දෙසැම්බර් 6 සවස 02.00 කුරුණෑගල, ඔරලෝසු කනුව අසල.. දෙසැම්බර් 7 උදේ 10.00 හලාවත නගරයේ දී.. ප්‍රාදේශීය විපක්ෂ දේශපාලන පක්ෂ නායකයින්, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ බහුජන සංවිධාන නියෝජිතයින් ට ආරාධනය කර ඇති මෙම වීදියේ විරෝධයට, ලංකාව පුරා දිස්ත්‍රික්ක ගණනාවක පුරවැසියන් විශාල ප්‍රමාණයක් සහභාගීවීමට නියමිත බව ද නිවේදනයේ දැක්වේ.
අධ්‍යාපනය කියන දේ වැදගත්කම පිළිබඳව අද වෙනකොට නිතරම කතාබහට ලක් වෙනවා. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන පනත අනුව, අධ්‍යාපනය ලැබීම මෙරට උපත ලබන ඕනෑම කෙනෙකුගේ අයිතිවාසිකමක්. කොහොම වුණත් ඒ අයිතිවාසිකම නිසි ලෙස ආරක්ෂා වෙනවා ද කියන එක නම් ගැටළුවක්. කලාපයේ රටවල් එක්ක සැසඳුවොත් ඉතාම හොඳ මට්ටමක තිබුණත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට පවතින පහසුකම් ගැන තවමත් 100%ක්ම සෑහීමකට පත් වෙන්න බැහැ. අධ්‍යාපනය කිව්වාම බොහෝ දෙනෙක්ට මතක් වෙන්නේ පාසල් අධ්‍යාපනය ගැන වුණත්, ඇත්තෙන්ම එය ජීවිතය පුරාම ලබා ගන්නා, ලබා ගත යුතු දෙයක්. සාමාන්‍ය පාසල් දරුවන්, උසස් අධ්‍යාපනයේ යෙදෙන දරුවන් පමණක් නෙවෙයි, යම් යම් කායික අපහසුතා තිබෙන දරුවන්, අනාගතය ගොඩනගා ගන්නට වෙහෙසෙන යෞවනයන් වගේම අපේම වැඩිහිටියනුත් අධ්‍යාපනයේ හිමිකරුවන් බවට පත් කිරීම අපේ රටේ වගකීමක්. මේ මහඟු කර්තව්‍යයට උරදෙන ආයතනයක් තමයි අමාලියා පදනම කියන්නේ. අමාලියා පදනම ක්‍රියාත්මක වෙන්නේ “ආත්ම ගරුත්වයෙන් යුතුව ජීවත් වීම සියලු දෙනාගේම අයිතියකි”, සහ “අවස්ථාව තිබේ නම් ඕනෑම අයෙකුට සමාජයට යහපතක් සිදු කළ හැකිය” කියන ප්‍රතිපත්ති දෙක පදනම් කරගෙන යි. ඕනෑම කෙනෙකුට තමන්ගේ හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න වඩාත්ම උපකාරී වන්නේ අධ්‍යාපනය බව අමාලියා විශ්වාස කරනවා. කෙනෙකුට සමාජයට වැඩදායී පුද්ගලයෙකු වීමේ දී වයස හෝ ආබාධිතබව බාධාවක් නොවන වටපිටාවක් ඇති කිරීම අමාලියා පදනමේ අරමුණ යි. ඔවුන් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් බොහොම යි. ඒ අතරින් enable, empower සහ encore තුන් විධ ව්‍යාපෘති මාලාවන් ප්‍රධාන වෙනවා. දරු නැළවිලි නෑසෙන දරුවන්ට අත්වැලක් දෙන Enable facebook.com/Amaliya-Foundation කතා කිරීමේ හෝ ඇසීමේ දුර්වලතා ඇති දරුවෙකු පිටතින් හඳුනාගන්න අපහසු නිසා ඔවුන් අලුතෙන් හමු වන හැම කෙනෙකුගෙන්ම වේදනාත්මක සමාජ අත්දැකීම් බොහොමයකට මුහුණ දෙනවා. ඒ අවස්ථාවල අපහසුවෙන් හැසිරෙන තමන්ගේ කුඩා දරුවා දකින දෙමව්පියන්ට දැනෙන වේදනාව මොන තරම් ද? ඒ වගේ දෙමව්පියන්ට, දරුවන්ට ශක්තියක් වෙමින් ඇසීමේ හා කතා කිරීමේ අඩුපාඩු මැඩගෙන ජීවිතය ගොඩ නගා ගන්නට අමාලියා පදනමේ Enable තුළින් හොඳ දායකත්වයක් ලබා දෙනවා. ශ්‍රවණ ආබාධිත වයස අවුරුදු 5 ට අඩු දරුවන් පාසල් ජීවිතයට සූදානම් කිරීම තමයි Enable වැඩසටහනේ ප්‍රධාන අරමුණ. මෙහි පළමු අදියරේ දී ළදරු අවධියේ සිටම ඔවුන්ගේ ආබාධය නිසා ඇතිවන අනිසි බලපෑම අවම කිරීම, එදිනෙදා කටයුතු සහ නිවසේ ක්‍රියාකාරකම් යොදාගෙන ඔවුන්ට භාෂා හා කතා කිරීමේ දැනුම ලබා ගන්න උදව් විය යුතු අයුරු කියා දීම සිදු වෙනවා. දෙවන අදියරේ දී වයස අවුරුදු දෙක හමාරේ සිට පහ දක්වා දරුවන් සඳහා සන්නිවේදනය ගොඩනගා ගන්නා ආකාරය, අදහස් ප්‍රකාශ කිරීමේ විධික්‍රම වගේම, මූලික ගණිත සංකල්ප සහ ලිවීමේ, කියවීමේ හැකියාවන් දියුණු කර ගන්නා ආකාරය ගැනත් පුහුණුවක් ලබා දීම සිදු වෙනවා. Enable ක්‍රියාත්මක වෙන්නේ අමාලියා පදනමේ “ධ්වනි” භාෂා විෂය නිර්දේශය යටතේ යි. ඇසීමේ සහ කතා කිරීමේ ගැටළු සහිත දරුවන්ට මඟ පෙන්වීම සඳහා අමාලියා පදනම හා එක් වී සිටින ගුරුවරුන් සියලුම දෙනා ඉන්දියාවේ ශ්‍රවණ ආබාධිත දරුවන් පුහුණුව සඳහා වූ බාල විද්‍යාලයේ පුහුණුව ලබා තිබෙනවා. facebook.com/Amaliya-Foundation අනාගතය ජය ගන්නට සිටින යොවුන් වියේ දරුවන් සවි බල ගන්වන Empower ලෝකයත් එක්ක බැලුවත් කරට කර සිටින දක්ෂයන්ගෙන් ශ්‍රී ලංකාවේ යොවුන් පරපුරේ කිසිදු අඩුවක් නැහැ. නමුත් නිසි අවස්ථාව, මඟ පෙන්වීම නොලැබීම නිසා ඔවුන්ට මඟහැරී යන දේවල් නම් බොහොම යි. යොවුන් වියේ දරුවෙකු ලබන අධ්‍යාපනය, ලබා ගන්නා අත්දැකීම් සහ ගොඩනගා ගන්නා ආකල්ප ඔවුන්ගේ මුළු ජීවිතයම හැඩ ගස්වන්නට සමත් බව වටහා ගැනීම ඉතාම වැදගත්. මේ කාර්යයට අතහිත දෙන්නට අමාලියා පදනමේ Empower ඇප කැප වී සිටිනවා. මේ යටතේ ඔවුන් සිදු කරන ප්‍රධානතම ව්‍යාපෘතියක් වන්නේ සරසවි සිසුන්ට උපදේශන හා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි. විශේෂයෙන්ම තමන්ගේ විශ්වවිද්‍යාල පන්ති කාමර තුළ ලබා ගන්නා අධ්‍යාපනය අධ්‍යාපනය රැකියාවකට සුදුසු ලෙස හැඩගස්වා ගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කිරීම, රැකියා ලෝකයට අවශ්‍ය මෘදු කුසලතා ගොඩ නැංවීම, රැකියා වෙළඳපොළ තුළ ඉදිරියට යාමට අවශ්‍ය වන සහ සමාජය තුළ යහපත්, සාර්ථක පුරවැසියෙකු වීමට අවශ්‍ය ආකල්ප ගොඩනැංවීමත් මේ තුළින් සිදු වෙනවා. Jetwing Hotels, Nestle, Slimline, Slimtex, සහ Thurulie වැනි ආයතන මේ සඳහා අමාලියා සමග අත්වැල් බැඳගෙන සිටිනවා. Empower හරහා වයඹ විශ්ව විද්‍යාලයේ සිසුන් 200කටත් වඩා වැඩි පිරිසක් මේ උපදේශන හා පුහුණු වැඩමුළුවලට සහභාගී වී තිබෙනවා. facebook.com/Amaliya-Foundation වැඩිහිටියන්ට නව ලෝකයේ ආගන්තුක බව මග හරවන Encore අද කාලේ ඩිජිටල්කරණය වූ හා තාක්ෂණයෙන් උසස් වූ උපාංගත්, ඒවා භාවිතය නිසා පහසු වී ඇති සේවාත් බහුලව දැක ගන්න පුළුවන්. මේවා නිසා අද වන විට අපේ ජීවිතය මොන තරම් පහසු, කාර්යයක්ෂම හා ඵලදායී වී තිබුණත් ඒවායේ ආගන්තුක බව, ඒවා වටහා ගත නොහැකි බව නිසාම අපහසුතාවන්ට ලක් වන වැඩිහිටියන් මොන තරම් සිටිනවා ද? අමාලියා පදනමේ Encore තාක්ෂණය නිසා තමන් නූතන සමාජයෙන් මඟහැරී ගොස් ඇති බව වැඩිහිටියන් හට දැනීම වළක්වන්න පෙරමුණ ගෙන සිටිනවා. facebook.com/Amaliya-Foundation මේ යටතේ වැඩිහිටියන් හට පරිගණක, අන්තර්ජාලය, සහ වෙනත් තාක්ෂණික උපාංග භාවිතය ගැනත්, එන්න එන්නම ඒවා භාවිතයට ගැනීම වැඩි වන බැංකු කටයුතු, වෙළඳසැල්, සන්නිවේදන සේවා ආදිය භාවිතය ගැනත් නිසි පුහුණුවක් ලබා දෙන වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක යි. එසේම වැඩිහිටියන් හට කායිකව මෙන්ම මානසිකවත් ක්‍රියාකාරීව, ශක්තිමත්ව සිටීමට අවශ්‍ය වටපිටාවක් සලසා දෙන සුහද වැඩමුළු, පන්ති සහ සාකච්ඡා වැඩසටහන් ද මෙහි දී සංවිධානය කෙරෙනවා. ස්වේච්ඡාවෙන් මේ වෙනුවෙන් සිය දැනුම, පුහුණුව සහ කාලය වැය කිරීමට කැමති පිරිස් සහ ඒ ගැන දැනුම ලබා ගැනීමට කැමති වැඩිහිටියන් සම්බන්ධ කරන වේදිකාවක් වීමටත් අමාලියා පදනමේ encore කටයුතු කරනවා. ඔබේ දායකත්වයත් ලබා දෙන්න අමාලියා පදනමේ උතුම් සමාජ සත්කාරයෙන් වැඩි පිරිසකට ඵල නෙලා ගැනීමට ඒ පිළිබඳව තොරතුරු ව්‍යාප්ත කිරීම ඉතා වැදගත්. ඉතින් ඔබත් අමාලියා තුළින් පිහිටක් ලබන්නට කැමති අයෙකු හඳුනනවා නම් ඔවුන් වෙත මේ ගැන දැන ගන්නට ඉඩ සලස්වන්න. ඒ වගේම ඔබට කැමති නම් මේ සඳහා ගුරුවරයෙක්, සම්පත් දායකයෙක් ලෙසත් එක් වීමට හැකියාව තිබෙනවා. මේ වැඩසටහන් පිළිබඳවත්, අමාලියා පදනමේ කටයුතු පිළිබඳවත් ඔබට amaliyafoundation.com වෙබ් ලිපිනය හරහා සම්බන්ධ වී වැඩිදුර තොරතුරු දැනගත හැකියි. අමතර කරුණු විමසීමක් අවශ්‍ය නම් දුරකථන අංක 0770 419284 ඔස්සේ හෝ [email protected] යන ඊමේල් ලිපිනය හරහා සම්බන්ධ වීමටත් අවස්ථාව තිබෙනවා. අමාලියා පදනම පිහිටා ඇත්තේ කොළඹ 05, R.A. ද මෙල් මාවතේ අංක 18 දරන ස්ථානයේ යි. කවරයේ රූපය : facebook.com/Amaliya-Foundation Related Articles ඓතිහාසික වෙහෙරගල article විශේෂාංග මැයි 16, 2018 නයිජීරියාවේ බොකෝ හරාම් ත්‍රස්ත සංවිධානය article විශේෂාංග මාර්තු 26, 2019 ටයිටැනික් නැවේ කතාව article විශේෂාංග පෙබරවාරි 11, 2019 ලොව ප්‍රථම වඳුරු ක්ලෝනය චීනයෙන් article විශේෂාංග ඔක්තෝබර් 11, 2018 විශ්වාසනීය “ආයෝජකයා” article මෑත ඉතිහාසයේ ලොකුම වංචාවන් 7ක් ජනවාරි 9, 2019 2020 දී ඔබේ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔබේ සැලසුම කුමක් ද? video විශේෂාංග නොවැම්බර් 22, 2019 අභ්‍යවකාශයට යාමට වරම් ලැබූ මුල්ම කාන්තාවන් තිදෙනා video විශේෂාංග මාර්තු 9, 2018 බඳින එකට වඩා බැඳෙන්න ඉඩ හැරියා නම් හොඳයි- ලේඛා මදරසිංහ article විශේෂාංග අගෝස්තු 26, 2019 Roar සිංහල Roar Media is a South Asian multilingual media platform that produces original stories and provides analysis on complex issues. All our content aims to inform, educate, and inspire.
ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට ජාත්‍යන්තර තහනමක් පැනවීම ඉතා ආසන්නයට පැමිණ ඇති බවත්, එසේ වුවහොත් මේ රට එම තහනමෙන් බේරා ගැනීමේ සටනට නායකත්වය දීමට තමා සුදානම් බවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමර් කොළඹ දී ඊයේ (27 ) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේය. ජාත්‍යන්තර තහනමක් ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් පැනවුවොත් මෙරට ක්‍රීඩකයන්ට, විනිසුරුවරුන්ට පුහුණුකරුවන්ට ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමට නොහැකිවීම වචනයෙන් පිරිමැසිය නොහැකි පාඩුවක් බවද ජස්වර් උමර් කීය. තමන් ගේ ඇති අඩුපාඩු වසා ගැනීමට ඇතැම් පිරිසක් පාපන්දු සම්මේලනයේ කටයුතු නිර්දය ලෙස විවේචනය කරමින් ජනාධිපති, ක්‍රීඩා ඇමති සහ පොලීසිය නොමග යවමින් සිදුකරන ලද ක්‍රියාවල අතුරුඵලයක් ලෙස ශ්‍රී ලංකාව මෙම අවදානමට පත් වී ඇති බවත් ක්‍රීඩාවේ නාමයෙන් දැන්වත් මෙම කටයුතු නතර කරන ලෙස තමා එවැනි පටු අවස්ථාවාදීන් ගෙන් අයැද සිටින බවත් හිටපු සභාපතිවරයා පැවසීය. මෙම මාධ්‍ය හමුව සඳහා 1995 වසරේ දකුණු ආසියානු ශූරතාවය දිනු පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්, ජේෂ්ඨ ක්‍රීඩකයන් පිරිසක්, පුහුණුකරුවන් සහ විනිසුරුවරුන් ඇතුළු පාපන්දු ලීග කීපයක සාමාජිකයෝ කිහිප දෙනෙක්ද සහභාගිවී සිටියේය. දූෂණ සහ අක්‍රමිකතා චෝදනා වලින් ගැලවීමට දරන උත්සහයක්.. පාපන්දු සම්මේලනය නිල කාලය දීර්ඝ කරමින් ආණ්ඩුව මීට පෙර නිකුත් කරන ලද ගැසට් නිවේදනය පසුගිය 23 වෙනිදා දා අහෝසි කරමින් පාපන්දු සම්මේලනයෙ නිල කාලය අහෝසි කිරීමට කටයුතු කරන ලදී. එම තත්ත්වය උදාවූයේ ක්‍රීඩාවට හිත නැති තමන්ගේ ආරක්ෂාව සදහා ක්‍රීඩාව උගසට තබමින් කටයුතු කරන පිරිසක් විසින් සිදු කරන ලද නොමග යැවීම් නිසා බවත් මෙරට පාපන්දු ක්‍රීඩාව පිළිබඳව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තුළ පැවති විශ්වාසය එමගින් බිඳී ගිය බවත් හිටපු සභාපතිවරයා සඳහන් කළේය. ඔවුන් මෙසේ හැසිරෙන්නේ තනතුරු සහ බල තණ්හාව නිසා යැයි තමා කලින් සිතා සිටියත් එහි සැබෑ අරුත තමාව මෙම සභාපති තනතුරෙන් ඉවත් කර ඔවුන් ඉදිරියේ ඇති දූෂණ චෝදනා සහ අක්‍රමිකතා වලින් ගැලවීම බවත් හිටපු සභාපතිවරයා සඳහන් කළේය. ''පාපන්දු කඩා වැටීමට හිටපු නිලධාරීන් වගකිව යුතුයි'' 1995 වසරේ සිට ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ ඇතිවූ පසුබැස්මට හේතු වූයේ 2021 වසර දක්වා වරින් වර මෙරට පාපන්දු පරිපාලනයට පත්වූ නිලධාරීන්ගේ අකාර්යක්ෂම සහ දූෂිත පාලනය නිසා බව ද හිටපු සභාපතිවරයා පැවසීය. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකු වූ අනුර ද සිල්වා තම පාර්ශවයට චෝදනා කළත් ඔහු සභාපතිධුරය දරන කාලයේ වසර දෙකක් තුළ රුපියල් ලක්ෂ 470 ක මුදල් වංචාවක් සිදුවී ඇති බවට තොරතුරු ලැබී තිබෙන බවත් හිටපු සභාපති ජස්වර් උමර් කීය. එකල මූල්‍ය කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ රංජිත් රොඩ්‍රිගෝ විසින් සෑම මාසයකම 25 හෝ 26 වැනි දිනයකදී අනුර ද සිල්වාගේ ගිණුමට යම් මුදලක් බැර කර තිබෙන බවත් ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන බවත් හිටපු සභාපති ජස්වර් පැවසීය. එමෙන්ම ඩොලර් ලක්ෂයක මුදල් වංචාවක් පිළිබඳ හිටපු සභාපතිවරයකු ට චෝදනා පවතින බවත් ඒ පිළිබඳව සිදුකරන ලද වෝහාරික පරීක්ෂණයෙන් පසුව පිටු 81 ක වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බවත් ඒ අනුව හෙළි වී ඇති කරුණු අතර සිංගප්පූරුවට කණ්ඩායමක් පිටත් කරන බව පවසමින් අදාළ මුදල් වංචාව සිදු කරනු ඇති බවටද තොරතුරු වාර්තා වී තිබෙන බවත් ජස්වර් උමර් සදහන් කළේය. ''මම රටට කෝටි 20ක් ඉතුරු කරල තියෙනවා'' පසුගිය වසරේ ජූලි පළවෙනිදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස තමන් පත් වූවත් ඒ වන විට රටේ පැවති කොරෝනා තත්ත්වය සහ පසුව මතුවූ ආර්ථික, දේශපාලන සහ සමාජයීය ගැටළු හේතුවෙන් තමන්ට සක්‍රීය ලෙස කටයුතු කරන්ට හැකි වූයේ මාස 6 කටත් අඩු කාලයක් බවත් හිටපු සභාපතිවරයා පැවසිය. එම සුළු කාලය තුළ වුව ද පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් දැවැන්ත සේවයක් සිදු කිරීමට තමාට හැකි වීම පිළිබඳව මේ අවස්ථාවේදී සතුටට පත්වන බව ද හිටපු සභාපතිවරයා සඳහන් කළේය. එම කාලය තුළදී දේශීය මට්ටමේ තරඟ 806ක් සංවිධානය කිරීමට තමාට හැකිවූ බවද එමෙන්ම ජාත්‍යන්තර තරඟ 31කට ජාතික කණ්ඩායම සහභාගි කරවීමට තමාට හැකි වූ බවද හිටපු සභාපතිවරයා පැවසීය. එමෙන්ම කටාර් දේශයේ සහ සවුදි අරාබියේ නේවාසික පුහුණු අවස්ථා තුනක් සදහා ජාතික කණ්ඩායම යොමු කිරීමට කටයුතු සිදු කළ බවත් ඒවා ඉතා සාර්ථක වූ බව ද හිටපු සභාපතිවරයා කීය. ජාතික කණ්ඩායමේ හිටපු පුහුණුකරු අමීර් ඇලජික් සහ දැල් රැකීමේ පුහුණුකරු ඉවත් කර ඔවුන් වෙනුවෙන් එතෙක් මාසයකට ගෙවන ලද රුපියල් ලක්ෂ 23 ක මුදල රටට ඉතිරි කර දීමට කටයුතු කළ බවත් ඔවුන් සඳහා වසරකට ලක්ෂ 270 ක මුදලක් ගෙවා ඇති බවත් හිටපු සභාපතිවරයා පැවසීය. ඒ වෙනුවට තමාගේ හිතවත් කම මත කටාර් දේශයේ පූර්ණ අනුග්‍රහය මත පුහුණුකරුවන් මෙරටට ගෙන්ව ගත් බවත්, පසුගිය කාලය තුළ දී තමා මේ රටට රුපියල් කෝටි 20කට වඩා වැඩි මුදලක් මේ රටට ඉතිරි කර දී තිබෙන බවද හිටපු සභාපතිවරයා කීය. සබැඳි පුවත් : දේශපාලන ඇඟිලි ගැසීම් නිසා ලංකාව පාපන්දු තහනමක් අභියස! පාපන්දු සම්මේලනය වසා දමයි! - වැටුප් ගෙවීමත් ප්‍රශ්නයක් පාපන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථාව සම්මතයි -නිලවරණය ඔක් 23 පාපන්දු ව්‍යවස්ථාව සංශෝධනය අධීක්ෂණයට විදෙස් නියෝජිතයෝ එති පාපන්දු නිලවරණය ගැන විශේෂ ගැසට් නිවේදනයක් ! පාපන්දු ප්‍රශ්නය විසඳන්න FIFA ලොක්කෝ එති - නිලවරණය මාස දෙකකින් The LEADER Whatsapp Group එකට එකතුවෙන්න වීඩියෝ play ග්‍රහ මාරුවයි - පිල් මාරුවයි! කෙහෙළිය කළබලයි!! Details Nov 15 play නිදහස පළමු වැඩෙන් ඩලස් හැලිලා! Details Nov 15 නවතම පුවත් 1 රට පිටරට පටවා ගොඩයාමට සැරසෙන රනිල්ගේ සංහිඳියා කෝඳුරු තෙල් - (ඥානසිරි කොත්තිගොඩ) Details Dec 9 2 ටිරාන්ගේ නියෝගයක් - පොලිසියට පාට් දැමූ ‘චණ්ඩියා’ අල්ලයි Details Dec 9 3 ‘බැමිණිතිකාලය’ : සමකාලීන මොහොතක - (මංජුල වෙඩිවර්ධන) Details Dec 9 4 'එකිනෙකාට ඇඟිල්ල දිග් කිරීමෙන් වළකින්න' - ගාමිණී වියන්ගොඩ Details Dec 9 5 11 වැනිදා ‌කොළඹට ලක්ෂ ගාණක් ! - ඔට්ටුවක් අල්ලමුද ? Details Dec 9 6 මගෙ 'මිනිහා' නැසූ එකා - දදය ඔබගෙ පාළුය කා - තව එක බුද දිනක් තකා - ඉන්නට ඉඩ නොදී මකා...-(මහේෂ් හපුගොඩ)
දෙමළ ජනතාවගේ ප්‍රශ්න හා ගැටළුවලට විසදුමක් ලැබෙන ආකාරයට නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයට සහය දැක්වීමට දෙමළ ජාතික සන්ධානය කැමැත්ත පල කරන බව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක හා එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා 11 දා යාපනයේදී පැවසීය. යාපනයේ පිහිටි ඒ මහතාගේ නිවසේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය. දෙමළ ජාතික සන්ධානය එදා සිට කටයුතු කරණු ලබන්නේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට බව කී සුමන්තිරන් මහතා ඒ සදහා විශාල හා ඉතා දිගු ගමනක් යාමට සිදුවන බවද කියා සිටියේය. මෙවර මහ මැතිවරණය තුළින් රජය අපේක්ෂා කරන්නේ තුනෙන් දෙකක බලයක් ගොඩ නගා ගැනීම බව පැවසූ සුමන්තිරන් මහතා එම බලය වෙනත් දේශපාලන පක්ෂ වල සහයක් නොමැතිව ලබා ගැනීමට උත්සාහයක නිරත්ව සිටින බවද කියා සිටියේය. නමුත් ඒ උත්සාහය කොතෙක් දුරට සාර්ථක වේදැයි යන්න පිළිබදව විශාල සැකයක් පවතින බව කී දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශකවරයා සිංහල බෞද්ධ ඡන්ද පදනමක් මතින් එය සාක්ෂාත් කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සහ කරණ බවද සදහන් කළේය. රජයේ සෑම ආයතනයකටම යුද හමුදා නිලධාරීන් ප්‍රධානීන් වශයෙන් පත් කර ගනිමින් ගෙන යන උත්සාහයද තුනෙන් දෙකක බහුතර බලයක් සදහා සිංහල බෞද්ධ ඡන්ද පදනමක් ගොඩ නගා ගැනීම සදහා බවද සුමන්තිරන් මහතා පැවසීය. රාජ්‍ය හා මහජන ආයතන සදහා යුද හමුදා නිලධාරීන් පත්කිරීම පාර්ලිමේන්තු සාම්ප්‍රදායට අනුව වැරදි ආදර්ශයක් බව කී සුමන්තිරන් මහතා දෙමළ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවන් කටයුතු කරණ බවද කියා සිටියේය. මේ පළාත් වල විවිධ සංවර්ධන කටයුතු සදහා දෙමළ ඩයස්පෝරාව විශාල සහයක් ලබා දෙන බවද සුමන්තිරන් මහතා මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩි දුරටත් සදහන් කළේය. Join @lankasara on Telegram Channel Tags: නවතම Previous Post ලංකාසර නිසා බලධාරීන් බැලුවා… රතු මුහුදේ තනිකළ නාවිකයෝ කියති Next Post කුරුළු හොටක මාරක පෙනුමෙන් අරඹුණු මුව ආවරණයේ ඉතිහාස කතාව Related Posts කොවිඩ් ආධාර ලෙස ලද රුපියල් බිලියන 1.34ක වෛද්‍ය සැපයූම් අමාත්‍යාංශ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් වෙලා නෑ… විගණනය කියයි! දෙසැම්බර් 9, 2022 වැට් බදු පනත් කෙටුම්පත සම්මත වෙයි! දෙසැම්බර් 9, 2022 බිලියන 40ක බදු වංචාවට පසුපස ඇති මත්පැන් බෝතලේ ස්ටිකර් මගඩිය ! දෙසැම්බර් 9, 2022 Discussion about this post No Result View All Result නවතම ලිපි කොවිඩ් ආධාර ලෙස ලද රුපියල් බිලියන 1.34ක වෛද්‍ය සැපයූම් අමාත්‍යාංශ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් වෙලා නෑ… විගණනය කියයි! වැට් බදු පනත් කෙටුම්පත සම්මත වෙයි! බිලියන 40ක බදු වංචාවට පසුපස ඇති මත්පැන් බෝතලේ ස්ටිකර් මගඩිය ! එල්ලෙන බඩෙන් කිලෝ 5 ක තෙල් ඉවත් කළ සැත්කමක් කෑගල්ල මූලික රෝහලෙන්… ( වීඩියෝ සහිතයි) ඖෂධ හිඟය හංගා බොරු කියන්න එපා… රටත් රෝගීනුත් අනතුරේ වැටෙනවා – විශේෂඥ වෙද්‍යවරු අමාත්‍යාංශයෙන් ඉල්ලති! ටැග = Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka. Latest News කොවිඩ් ආධාර ලෙස ලද රුපියල් බිලියන 1.34ක වෛද්‍ය සැපයූම් අමාත්‍යාංශ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් වෙලා නෑ… විගණනය කියයි!
(1) රෝද පාදම 280, උත්පාතය මිලිමීටර් 3.0 ක ඝන කාබන් ෆයිබර් පුවරුවක් භාවිතා කරන අතර, ෆියුස්ලේජ් ඝණකම මිලිමීටර් 1.5 කාබන් ෆයිබර් පුවරුවක් වන අතර එමඟින් ගුවන් යානයේ පියාසර ශක්තිය තහවුරු වන අතර කම්පනය අවම කරයි. (2) මුළු මිනිසුන් රහිත රාමුවම සැහැල්ලු කාබන් ෆයිබර් පුවරුවකින් සාදා ඇති අතර මුළු හිස් යන්ත්‍රයම ග්‍රෑම් 135 ක් බරයි (බෝල්ට් ඇලුමිනියම් තීරය වැනි යූඒවී හි අමතර කොටස් ඇතුළත්ව), එය පරිමාවෙන් කුඩා වන අතර දිගු වේ සේවා ජීවිතය (3) ෆියුස්ලේජ් ඇලුමිනියම් මිශ්‍ර ලෝහ තීරුව සමඟ සම්බන්ධ කර ඇති අතර එය වෙනස් කිරීමට පහසු වන අතර ෆියුස්ලේජ් වල ශක්තිය සහතික කෙරේ. නිෂ්පාදන වාසි දිගු ආයු කාලයක්: කාබන් තන්තු වල ඉතා අඩු බර ලක්ෂණ ඇති අතර කාබන් ෆයිබර් යූඒවී රාමුවේ බර ඉතා සැහැල්ලු වන අතර විඳදරාගැනීමේ කාලය අනෙකුත් යූඒවී වලට වඩා වැඩි ය; ශක්තිමත් ශක්තිමත් බව: කාබන් තන්තු වල සම්පීඩක ශක්තිය 35mpmp ට වඩා වැඩි වන අතර එයට ඉහළ ශක්ති ලක්ෂණ ඇත. යූඒවී කාබන් ෆයිබර් වැටීමට දැඩි ප්‍රතිරෝධයක් සහ සම්පීඩක ධාරිතාවක් ඇත; එකලස් කිරීමට හා විසුරුවා හැරීමට පහසුය: කාබන් ෆයිබර් බහු රෝටර් සහිත මිනිසුන් රහිත රාමුවේ ව්‍යුහය සරල වන අතර එය ඇලුමිනියම් තීරු සහ බෝල්ට් සම්බන්ධතාවයෙන් සාදා ඇති අතර එමඟින් සංරචක සවි කිරීමේ ක්‍රියාවලියේදී සැකසීම අතිශයින් පහසු වේ; එය ඕනෑම වේලාවක සහ ඕනෑම තැනක එකලස් කළ හැකි අතර, ගෙන යාමට පහසුය; එය භාවිතා කිරීම ඉතා පහසුය; දැඩි තදබල බවක් ඇති ගුවන් ඇලුමිනියම් තීරුව සහ බෝල්ට් භාවිතා කෙරේ. හොඳ ස්ථායිතාව: කාබන් තන්තු වලින් සාදන ලද බහු රෝටර් කාබන් ෆයිබර් යූඒවී වේදිකාවට කම්පන අවශෝෂණ හා ස්ථායිතාවයේ බලපෑමක් ඇති වන අතර ශරීරයේ සෙලවීමේ හෝ කම්පනයේ බලපෑම වේදිකාව මඟින් ප්‍රතිවිරෝධී වේ. කම්පන අවශෝෂක බෝලය සහ වේදිකා තහඩුව අතර හොඳ සංයෝජනයක් මඟින් ස්ථායිතාව ඉහළ නැංවීම සහ කම්පන අවශෝෂණය අඩු කිරීම සහ වාතය තුළ සුමටව පියාසර කිරීම සිදු කළ හැකිය. ආරක්‍ෂාව: බහුවිධ අවි වලට බලය විසුරුවා හැරීම නිසා, කාබන් ෆයිබර් බහු රෝටර් යූඒවී වලට ඉහළ ආරක්‍ෂක සාධකයක් සහතික කළ හැකිය; පියාසර කිරීමේදී එයට බලය සමතුලිත කළ හැකි අතර පාලනය කිරීමට පහසු වන අතර ස්වයංක්‍රීයව එහා මෙහා ගෙන යා හැකි අතර අපේක්ෂිත මාවතට අනුව පියාසර කිරීමට සැලැස්විය හැකි අතර හදිසි වැටීමෙන් වැළකී හානි සිදු විය හැකිය. සැලසුම සෑදීමට අපට උදව් කළ හැකිය, ඔබේ අවශ්‍යතා අනුව සියල්ල සකස් කර ගත හැකිය අපගේ සමාගම ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ තත්ත්ව පාලන පුද්ගලයින් 6 දෙනෙකු විසින් එක් එක් නිෂ්පාදන සම්බන්ධකයේ තත්ත්ව පාලනය සහ පරීක්‍ෂණය සඳහා ය. සෑම පාරිභෝගිකයෙකුම තෘප්තිමත් කිරීම සඳහා ද්‍රව්‍ය ඇමිණුම්, පීඩන තහඩු, නිරවද්‍ය සැලසුම, සීඑන්සී සැකසීම, නිමි නිෂ්පාදන පරීක්‍ෂා කිරීම සහ ඇසුරුම් කිරීම සඳහා අනුරූපී පාලක මණ්ඩල වලින් සමන්විත වේ. කලින්: ඊළඟ: මෝටර් රථ කාබන් ෆයිබර් බැටරි පෙට්ටිය ඔබේ පණිවිඩය මෙහි ලියා අප වෙත එවන්න නිෂ්පාදන ප්රවර්ග අපගේ නිෂ්පාදන හෝ මිල ලැයිස්තු ගැන විමසීම් සඳහා කරුණාකර ඔබගේ විද්‍යුත් තැපෑල අපට එවන්න, අපි පැය 24 ක් තුළ සම්බන්ධ වන්නෙමු.පරීක්ෂණයක්
ලොව ගෝලීය ආහාර සේවාවේ ප්‍රමුඛයා වන Sysco හි නවෝත්පාදන අංශය වන Sysco LABS Sri Lanka – ‘Enterprise Mobile Development – Patterns, Perils and Platforms’ යන නමින් දේශීය හා ජාත්යන්තර Enterprise Mobileප්‍ර වීණයන්ගෙන් සමන්විත සාකච්ඡාවක් මෑතකදී ඉදිරිපත් කළේය. Patterns, Perils and Platforms Mobile තාක්ෂණ ලෝලීන් සමඟ පුළුල්වූ දැනුමක් එහිදී බෙදා ගැනිණි. නිර්මාණ ශිල්පය, පරීක්ෂණය, සංවර්ධනය සහ ව්යවසාය ආයතන විසින් භාවිතා කිරීම සඳහා විවිධත්වයෙන් යුත් විධිමත් ජංගම යෙදුමක් (Mobile App) තැනීම වැනි සවිස්තරාත්මක කරුණු අවධානයට ගැනීම සඳහා ඉඩ සැකසුන වේදිකාවක් වූ මෙම සාකච්ඡාව Sysco LABS හි ජ්යෙෂ්ඨ තාක්ෂණික ප්රධානී අශාන් ධනපාල විසින් මෙහෙයවනු ලැබිණි. Enterprise Mobile Apps සඳහා ඉහළ යන ඉල්ලුමත් සමඟ, එවැනි යෙදුම් සැකසීමේදී විවිධත්වයෙන් යුත් විනයානුකූල ප්රවේශයක් අවශ්ය වේ. Enterprise Mobile App සැකසීමේදී සාමාන්ය රාමුවෙන් පිටත ගැටලු සඳහා සහාය දැක්වීමට Sysco LABS Austin හි අධ්යක්ෂ – Mobile Engineering රොබර්ට් ස්පින්වෙබර් සහ මෘදුකාංග ඉංජිනේරු චාල්ස් ‘චක්’ ඉම්පෙරටෝ සිය අත්දැකීම් හා විසඳුම් හුවමාරු කරගත්හ. මෙම ගෞරවනීය ප්රවීණයන් දෙදෙනා විවිධ ක්ෂේත්රයන් හි සැලකිය යුතු වගකීම් දැරුවන් වූ අතර දශකයකට අධික කාලයක් ගෝලීය ව්යවසාය සමාගම් සඳහා ජංගම යෙදුම් (Mobile App) සැකසීමේ පළපුරුද්දක් ඇති අය වෙති. Mobile Development සම්බන්ධයෙන් මහා පරිමාණයෙන් කටයුතු කිරීමේදී ව්යවසාය ආයතන මුහුණ පෑමට සිදු වන අභියෝග පිළිබඳව Sysco Shop Mobile App හි සාර්ථක මුදාහැරීමේ වගකීම පැවරී ඇති රොබර්ට් විස්තරත්මකව පෙන්වා දුන්නේය. ඔහු පැවසුවේ “මෙහෙයුම් පද්ධතිය (Operating System) බිද වැටීම ප්රධාන අභියෝගයක් සහ වගකිම්සහගත බවයි. විවිධ පදනම් අනුව නිෂ්පාදකයින්ගේ සංයෝගය, ආකෘති සහ තිර ප්රමාණයන් සහිත වැඩි දියුණු උපාංගයන්ද වෙනස් වේ. ආයතනයක් ලෙස අපේක්ෂා කරනුලබන භාවිත කිරීම් සඳහා අවධානය යොමුකරව යුතුව ඇත.’’ රොබර්ට් තවදුරටත් මෙසේද පැවසීය. “යෙදුම් නිර්මාතෘවරුන් වශයෙන් හැකි තාක් දුරට දත්ත ආරක්ෂා කිරීම අපගේ යුතුකමක් වේ. මා සිතන්නේ එය ජංගම දුරකථනයේ ඇති සුවිශේෂී තාක්ෂණික වාසියක් බවයි.” සේවකයින් ස්වාධීන ලෙස කටයුතු කරගෙනයාම ගැන අවවාදකරමින් ඔහු පැවසුවේ, “කණ්ඩායම් තුල සන්නිවේදනය කිරීමට, එයට දිරි දීම සහ එයට පහසුකම් සැලැස්වීම තවත් එක් විශාල අභියෝගයක් බවයි.” ‘’කාර්යක්ෂම වීම ඉතා පැහැදිලි කාරණයක් වන අතර කුඩා කණ්ඩායම් සමඟ නිරන්තර සහයෝගීතාවයක් සහ සන්නිවේදනයක් පැවැත්වීම වඩාත් පහසු කටයුත්තකි. අපේ යෙදුම කුඩා අංශ වලට වෙන්කිරීමෙන් (Modularizing) අපට ආවේණික යම් පරිමාණයක හැකියාවක් ලබා ගත හැකි අතර යම් කාර්යයක් කරන විට හැකි තරම් ස්වාධීනව කණ්ඩායම්වලට වැඩ කිරීමට ඉඩ සලසයි.’’ Enterprise Mobile Architecture හි වැදගත් කම කෙසේද යන ගැටලුවට පිළිතුරු දෙමින් චක් පැවසුවේය. මෙම සැසියේදී සාකච්ඡා කළ සංකල්ප, මෙවලම් සහ රාමු ගැන වැඩි විස්තර දැන ගැනීම සඳහා https://youtu.be/lztwpUpAKMg වෙත පිවිසෙන්න. ඉදිරි සාකච්ඡා සහ සිදුවීම් ගැන දැන ගැනීම සඳහා www.facebook.com/syscolabssl වෙත පිවිසෙන්න. Share this: Twitter Facebook WhatsApp Related Share Prev Post සීනි සහ සහල් සඳහා පාලන මිලක් ? Next Post ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය හෙට ඇරඹේ You might also like More from author දේශීය තිරුක්කෝවිල් වෙරළට මසුන් විශාල ප්‍රමාණයක් ගොඩගසයි දේශපාලන ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය ස්ථිරයි.. මහින්ද විශේෂ ප‍්‍රකාශයට සූදානම්.. සෞඛ්‍ය කොරෝනාවලින් වැඩිහිටි ප්‍රජාවට ප්‍රවේසම් වෙන්නැයි ඉල්ලීමක් දේශීය ETI හි තම ජීවිතය තැන්පත් කොට අසනීප වුණ අසරණ මිනිස්සු Prev Next Leave A Reply Cancel Reply Your email address will not be published. Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Recent Posts සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් නව ATM යන්ත්‍ර ස්ථාපිත කරයි විද්‍යාලෝක ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති ධූරයට සදාහරිත සමාගමේ සාමාන්‍යධිකාරී නිරෝෂන් මානවඩු මහතා පත්වෙයි. කොළඹ නගරයට වඩාත් අද්විතීය වූ කාර්යාල පරිශ්රයක් ලබා දෙමින් Mireka Tower ගොඩනැගිල්ල උත්කර්ෂවත්ව විවෘත කෙරේ
දේශීය ලොකු ළූණු ගොවියා ආරක්ෂා කිරීම වෙනුවෙන් දැනට විදේශ රටවලින් ගෙන්වන ලද ලොකු ලුණු කිලෝවකට පනවා ඇති ශත 25ක බදු මුදල ඉවත් කොට වහාම සරිලන බදු මුදලක් පනවන්නැයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රජයෙන් සහ වෙළඳ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (03) පැවසීය. දේශීය ලොකු ළූණු ගොවීන් මීට සති කිහිපයකට ඉහත දී අමාත්‍යවරයා වෙත දැනුම්දී ඇත්තේ දේශීය ලොකු ලූනු අස්වැන්න වෙළෙඳපොළට ලැබෙන අවස්ථාව වන විට විදේශීය රටවලින් ගෙන්වන ලොකු ළූණු සඳහා බදු මුදලක් පැනවීම වසර ගණනාවක් තිස්සේ අමාත්‍යවරයා විසින් සිදුකළ කටයුත්තක් නිසා මෙවර ද එම කටයුත්ත සිදු කරන ලෙස ද හෙතෙම සඳහන් කළේය. ඒ අනුව විදේශ රටවලින් ගෙන්වන ලොකු ළූණු සඳහා වහාම සුදුසු බදු මුදලක් පනවා දේශීය ලොකු ලූණූ ගොවියා ශක්තිමත් කළ යුතු බවත් එමගින් දේශීය ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් වන බව අමාත්‍යවරයා විසින් රජයට මෙන්ම වෙළඳ අමාත්‍යවරයාට දැනුම් දුන් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. දේශීය ලොකු ළූණු වගාව වැඩි වශයෙන් තමන් නියෝජනය කරන මාතලේ දිස්ත්‍රික්කයේ මෙන්ම මාතලේ අවට අනිකුත් දිස්ත්‍රික්කවල ද පවතින බවත් ප්‍රධාන වශයෙන් දඹුල්ල බල ප්‍රදේශය මුල් කර ගෙන දේශීය ලොකු ලූණු වගාව වැඩි වශයෙන් සිදු කර තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය. public news Tweet on Twitter Share on Facebook Google+ Pinterest Previous Article ‘ශත 25ක ආනයනය බද්ද තිබුණොත් අපි කම්මුතුයි‘ – ලොකු ලූනූ ගොවීන්ගෙන් මැසිවිලි Next Article තවත් සතියක් රට වසා දමයි Recommended For You දේශීය ලොකු ළුැණු වගාවත් හාන්සි වෙන ලකුණු ඖෂධ නියාමන අධිකාරියේ ගැහිලි ගැන ඇමැති චන්නගේ දැඩි අවධානය IOC ඉන්ධන මිල අහසටම නග්ගයි ! ජනපතිගෙන් ‘කිරි ගොවියාට කිරි ඉතිරෙන‘ නියෝගයක් මහ කන්නයේ වී අස්වැන්න 50%කින් අඩුවෙලා – ගොවීන් මැසිවිලි නගයි මේ වන විට යුක්රේනයේ නවතම තත්ත්වය කුමක් ද? About the Author: Thusal Search for: Archives Archives Select Month August 2022 (3) March 2022 (2) February 2022 (155) January 2022 (194) December 2021 (239) November 2021 (256) October 2021 (203) September 2021 (234) August 2021 (252) July 2021 (276) June 2021 (303) May 2021 (300) April 2021 (200) March 2021 (297) February 2021 (272) January 2021 (315) December 2020 (307) November 2020 (360) October 2020 (363) September 2020 (359) August 2020 (380) July 2020 (320) June 2020 (307) May 2020 (333) April 2020 (390) March 2020 (421) February 2020 (405) January 2020 (530) December 2019 (563) November 2019 (555) October 2019 (724) September 2019 (605) August 2019 (529) July 2019 (590) June 2019 (548) May 2019 (665) April 2019 (575) March 2019 (48) Follow Us Stay updated via social channels Tags AG NEWS agriculture Business COPE COVID 19 Economy Entertetment fashion Featured GAJABA NAGAWATHTHA GOSSIP health HM NEWS INTERNATIONAL JVP KARU JAYASURIYA NEWS FM NEWS PUBLIC parliament pmd news POLITICAL POLITICAL NEWS Prime media PR MEDIA PR NEWS public news sajith pramadasa Sanath M Bandara santh m bandara sl army commander slarmy news sl cricket Sl CRICKET - WOMAN TEAM SLFP - SLPP sl vs west 2020 sl v west Sport unhcr unp Week in Pictures Wimal Weerawansa woman women ජනපති ‍fashion දුරකථනය: +94-766-109836 විද්‍යුත් තැපෑල: bhathiyabarukanda@gmail.com © සියලුම හිමිකම් ඇවිරිණි. මෙම වෙබ් අඩවියේ පළවන ලිපි අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් වන අතර එම ආචාරධර්ම උල්ලංඝනය කරමින් නීතිවිරෝධීව උපුටාගන්නන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරනු ඇත.
එක්සත් රාජධානිය කොවිඞ් වසංගතය හමුවේ තවමත් පවතින්නේ අසීරු අඩියකය.මෙම බැරූරුම් තත්ත්වය හමුවේ කෝටි හතකට ආසන්න ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් වගකිවයුතු සෞඛ්‍ය ලේකම් වරයාගේ නොමනා හැසිරීමක් ජනමාධ්‍ය ඔස්සේ ප‍්‍රසිද්ධියට පත්වීමෙන් පසු අපහසුතාවයට පත්වූ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් 2021 ජුනි 26 වනදා සිය ඉල්ලා අස්වීම භාරදි ඇත.ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමෙන් පසු මාධ්‍ය ඇමතූ හිටපු ලේකම්වරයා සිය නුසුදුසු හැසිරීම සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද ප‍්‍රකාශ කලේය.මෙම අවස්ථාවට සිපගැනීමට ලක්වූ ඔහුගේ උපදේශිකාව වන ජීනා කොලඩන්ජෙලෝ ද සහභාගී වී සිටිනු දක්නට ලැබුන අතර එහිදී ඇය සිනහමුසු මුහුණින් සිටිනු දකින්නට ලැබුණි.කෙසේ වෙතත් අගමැති බොරිස් ජොන්සන් ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මැට් හැන්කොක්ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවයි. බි‍්‍රතාන්‍යයේ පලවන සන් පුවත්පත ජුනි 26 වන දින විශේෂ වාර්ථාවක් පලකරමින් කියා සිටියේ මැට් සිය විවාහක බිරිදට මෙන්ම බි‍්‍රතාන්‍ය ජනතාවටද වංචා කර ඇති බවයි.පුවත්පත් වාර්ථාව සමග විනාඩි 1යි තත්ත්පර 6 ක කාලයකින් යුත් වීඩියෝවක් ප‍්‍රසිද්ධකර ඇති අතර වීඩියෝවෙන් දැක්වෙන්නේ මැට් සිය කාර්යාල කාමරය තුලදී සිය උපදේශිකාව සිප වැළදගනිමින් අනිසි ලෙස හැසිරෙමින් සිටින බවයි.පුවත්පත සදහන් කරන ආකාරයට මෙම සිදුවීම මැයි 6 වන දින සවස 3 ට පසුව සිදුවී ඇති අතර එදින පලාත් පාලන මැතිවරණය හේතුවෙන් වෙස්මිනිස්ටර්හි පරිශ‍්‍රය කාර්යබහුල වී තිබෙන අතරවාරයේ මෙම සිදුවීම සිදුව තිබේ. ඔහු සිපවැළදගත් ජීනා කොලඩන්ජෙලෝ 1977 අගෝස්තු 13 වන දින උපත ලබා ඇති අතර ඇය මේ වන විට 43 වියෙහි පසු වෙයි.කෝටිපති ව්‍යාපාරික කාන්තාවක් වන ඇය සමාජ සේවිකාවක මෙන්ම ව්‍යවස්ථාදායකයට බලපෑම් කිරීමේ කණ්ඩායම් ක‍්‍රියාකාරිණියක් ලෙසද ප‍්‍රසිද්ධය. නීතීඥයෙකු වූ ග්ලේන් ගිබ් සමග වූ සිය පළමු විවාහයෙන් දික්කසාද වීමෙන් අනතුරුව 54 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වන ඔලිවර් ටෙ‍්‍රස් සමග 2009 වසරේදී විවාහ වන ඇයට දරුවන් තිදෙනෙකු සිටින අතර ඔවුන් සමග දකුණු ලන්ඩනයේ නිවසක පදිංචිව සිටියි. මැට් හැන්කොක් විසින් ඇය සිය උපදේශිකාව වශයෙන් පසුගිය වසරේ සේවයට බදවාගෙන ඇත . මැතිව් ජෝන් ඬේවිඞ් හැන්කොක් හෙවත් මැට් හැන්කොක් 1978 ඔක්තෝම්බර් 2 වන දින උපත ලබා ඇති අතර ඔහු මේ වන විට 42 හැවිරිදි වියේ පසු වෙයි. 2006 වසරේදී මාර්තා හෝයර් මිලර් සමග විවාහ වූ ඔවුන්ට දරුවන් තිදෙනෙක් සිටින අතර ඔවුන්ගේ විවාහ දිවිය වසර 15 ක් දීර්ඝ සාමකාමී සම්බන්ධතාවයක් ලෙස සැලකෙයි.1950 දශකයේ බටහිර ජර්මනියේ බි‍්‍රතාන්‍ය තානාපති ලෙස කටයුතු කල බාරොන් ඉන්චිරාගේ දියණියක වන මාර්තා සිය සැමියාට වෙනස්ව සිය පවුලේ තොරතුරු පෞද්ගලිකව තබාගැනීමට කැමති කෙනෙක් වන අතර ඇය මාධ්‍ය ඉදිරියට එන්නේ කලාතුරකිනි.කෙසේ වෙතත් අනාචාර හැසිරිම අනාවරණය වීමෙන් පසුව මැට් සිය වසර 15 විවාහ දිවිය අවසන් කර මාර්තාව හැර ගිය බව වාර්ථා වෙයි. 1999 දී කොන්සර්වේටිව් පක්‍ෂයෙන් ජාතික දේශපාලනයට පිවිසි මැට් 2010 වසරේදී බටහිර සෆොල්ක් හි මහජන නියෝජිතයා වශයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති අතර ඉන් අනතුරුව නිපුනතා හා ව්‍යවසාය, බලශක්ති,ආදී අමාත්‍ය ධූර කිහිපයක් දරා ඇති මැට් 2015 දී එක්සත් රාජධානියේ දූෂණ විරෝධී බලකායේ ප‍්‍රධානියා ලෙසද කටයුතු කලේය.2019 වසරේදී තෙරේසා මේ අගමැති ධුරයෙන් සහ පක්‍ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මැට් හැන්කොක් කොන්සර්වේටිව් පක්‍ෂ නායකත්වය වෙනුවෙන් ඉදිරිපත්වූ නමුත් පළමු ඡන්ද විමසීමේදී ලැබුන 20 ක්වූ අඩු ඡන්ද ප‍්‍රමාණය හේතුවෙන් පසුව තරගයෙන් ඉවත් විය. අනාචාර සිදුවීම අනාවරණයෙන් පසුව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ කොන්සර්වේටිව් මෙන්ම ලේබර් පක්‍ෂ මන්ත‍්‍රීවරුන්ද හැන්කොක්ට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කල අතර බොහෝ සමාජ ක‍්‍රියාකාරීන් මෙන්ම සංවිධානද ඔහු ඉවත්ව යා යුතු බවට හඩ නගන ලදි.මැට් හැන්කොක්ගේ ඉල්ලා අස්වීමට මෙම පීඩනය බලපෑ බව පිළිගැනේ.ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසු බි‍්‍රතාන්‍ය සෞඛ්‍ය ලේකම් තනතුරට අගමැති තෙරේසා මේ යටතේ ස්වදේශ කටයුතු ලේකම් ලෙස සේවය කල සජිඞ් ජාවිඞ් පත්කර ඇත. Share Facebook Twitter Pinterest WhatsApp Previous articleමෝහනයෙන් ප‍්‍රතිකාර කෙරෙන්නේ කෙසේද? Next articleශ‍්‍රී ලංකා ඔස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් විපක්ෂ නායක හමුවක් [email protected] RELATED ARTICLESMORE FROM AUTHOR ඉරිදා සංග්‍රහය විශේෂාංග ‘නයිට් ලයිෆ්’වලට හූ කියන රාත්‍රියට බය මිනිස්සු ඉරිදා සංග්‍රහය විශේෂාංග පර්ලිමේන්තුවේ ඇමරිකානු ව්‍යාපෘතියක් ! ඉරිදා සංග්‍රහය විශේෂාංග දේවදත්ත අංගුලිමාල පටලැවිල්ල හා රටම පරිහානියට යද්දී වසල කඳුවලට උඩින් පැනීම ! MOST POPULAR කළුතර බ්ලූ ස්ටාර් පෙරමුණේ January 10, 2022 ඕකයි තත්ත්වේ July 27, 2022 ගෑස් තොගයකට මුදල් ගෙවයි May 16, 2022 ණය හුටපටේ දුරදිග ගිහින් නීතිඥයා වෙඩි තියලා December 2, 2022 Load more HOT NEWS ඉරිදා සංග්‍රහය ගණුදෙනු ලොව ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් ලෝයල්ටි රිවෝඞ්ස් වෙතින් ඔප්පු හිමියන්ට මෙම... ප්‍රධාන පුවත් IOC පිරවුම්හල් 150කින් ඉන්ධන ලීටර් 6600ක් බෙදයි Uncategorized වෙඩි වැදී පුද්ගලයෙක් මරුට Uncategorized ඉන්දීය නියෝජිතයෝ පැමිණෙති EDITOR PICKS ශ්‍රී ලංකාව ආසන්නයේ බෙංගාල බොක්කේ භූ චලනයක් December 6, 2022 ශ්‍රීලනිප තනතුරුවලින් ඉවත් නොකරන්නැයි නිමල් සිරිපාලගේ ඉල්ලීම ඉවතට December 6, 2022 කාටූනය December 6, 2022 POPULAR POSTS සිංහල මැණිකේට එරෙහි ඩයස්පෝරාවේ කුහකත්වය October 10, 2021 ජංගි හොරා කුණුහරුපයක් නෙමෙයි – ආචාර්ය සෝමරත්න දිසානායක December 26, 2021 යොහානි බ්‍රිතාන්‍යයේ වාර්තාත් බිඳී October 20, 2021 POPULAR CATEGORY ප්‍රධාන පුවත්7210 ප්‍රාදේශීය පුවත්3200 විශේෂාංග1959 විගස පුවත්1900 කාටූන1870 ක්‍රීඩා1832 විදෙස් පුවත්1608 ABOUT US Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
අලුත් ආණ්ඩුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, නෛතික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය කුමක්ද යන්න දැන් පැහැදිලි වෙමින් පවතී. විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එහි ආරම්භයයි. ඊට පසුව සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද අලුත් කරන බව දැන් පැහැදිලිව පෙනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින්, ආණ්ඩුවක දේශපාලන අරමුණුද ප්‍රකාශයට පත්වේ. යෝජිත 20වැනි සංශෝධනයෙන් අලුත් ආණ්ඩුවේ දේශපාලන අරමුණුද, එම සංශෝධනයෙන් ඇතිවන දේශපාලන ප්‍රතිඵලද හඳුනාගැනීම, දැනට රටේ සිදුවන දේශපාලන විවාදය සඳහා ප්‍රයෝජනවත් වේ. යෝජිත ව්‍යවස්ථා සංශෝධනයෙහි ප්‍රධාන දේශපාලන අරමුණු දෙකක් තිබෙන බව පෙනේ. ඒවා මෙසේ හඳුනාගත හැකිය. ■ ‘විධායක ජනාධිපති ධුරය’ සඳහා නව ධුරයක් ඇති කරමින්, කැබිනට් මණ්ඩලය, ව්‍යවස්ථාදායකය, අධිකරණය, දේශපාලන ක්‍රමය සහ මුළු සමාජයද අබිබවා යන සංවරණ හා තුලනවලට යටත් නොවන බලයක්, එම ධුරය දරන්නාට ලබාදීම පළමුවැන්නයි. 1978 මුල් ව්‍යවස්ථාවත්, 2010දී 18වැනි සංශෝධනයත් යටතේ තිබුණාක් මෙන්, ජනාධිපති ධුරය රාජ්‍ය බලයේ කේන්ද්‍රීය මධ්‍යස්ථානය වන අතර, එය අප සමාජයේත්, දේශපාලන ක්‍රමයේත් ඇති අන් සෑම දෙයකටත්, පුද්ගලයකුටත් වඩා ඉහළින් සිටිනු ඇත. ■ ශ්‍රී ලංකාවේ දේශපාලන නිදහසේ සම්පූර්ණ ඒකාධිකාරය එක් පුද්ගලයකුගේත් එක් පවුලකත් ග්‍රහණයට නතු කිරීම. පලවිපාක දැනට යෝජිත 20වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3ක අනුමැතියෙන් සම්මත වුවහොත්, එයින් ඇතිවිය හැකි නිෂේධනීය දේශපාලන ප්‍රතිඵල ගණනාවක් තිබේ. කෙටියෙන් කිවහොත්, මෙම ව්‍යවස්ථා සංශෝධනය විනාශකාරී දේශපාලන බෝම්බයකි. එහි සාධනීය දේශපාලන ප්‍රතිඵල නැත. එම විනාශකාරී ප්‍රතිඵල, කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන ඒවා වෙයි. පහත සඳහන් විනාශකාරී ප්‍රතිඵල ඇතිකිරීමට අවශය තත්වයන් නිර්මාණය කිරීමේ ශක්‍යතාව විසිවැනි සංශෝධනයට තිබේ. ■ ශ්‍රී ලංකාවේ මෙතෙක් කල් ගෞරවයට පාත්‍ර වී තිබුණ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආයතනත්, සම්ප්‍රදායනුත් අවසානයකට පත් කිරීම. ■ ලංකාවේ 1931ට පෙර යටත් විජිත පාලන සමයේ තිබුණ ආකාරයේ දේශපාලන ක්‍රමයක් ඇති කිරීම. ඒ මගින් 1931 වසරේ සිට ලංකාවේ ජනතාව අත්පත් කරගෙන තිබෙන සියලුම දේශපාලන ජයග්‍රහණ සහ ප්‍රගතියද මකා දැමෙනු ඇත. එමෙන්ම, ජේ ආර් ජයවර්ධන මහතා 1978 ව්‍යවස්ථාව මගින් හඳුන්වා දෙන ලද ඒකාධිපතිවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවාදය විසින් අප රටේ ඇතිකරන ලද ලේ වැගිරීම් සහ දේශපාලන විනාශයන්, 20වැනි සංශෝධනයේ නිර්මාතෘවරුන්ට සම්පූර්ණයෙන් අමතක වී තිබෙන බව පෙනේ. ■ දැනට බලයේ සිටින පාලක පවුලත්, බලයේ සිටින වෙන අන් කවුරුන්වත්, සාමකාමී සහ මැතිවරණ ක්‍රියාමාර්ග මාර්ගයෙන් බලයෙන් ඉවත් කිරීමට නොහැකි වීම. ■ තමන් පාලකයන් කෙරෙහි තැබූ විශ්වාසය කඩකිරීම නිසා එම පාලකයන් සාමකාමීව බලයෙන් ඉවත් කිරීමටත්, තමන් අකමැති ආණ්ඩුවක් සාමකාමීව ගෙදර යැවීමටත්, ශ්‍රී ලංකාවේ ජනතාවට මෙතෙක් කල් තිබුණු පරමාධිපත්‍යයේ අයිතිය ඔවුන්ගෙන් පැහැර ගැනීම. විවෘතව, තරගකාරීව, බහු පක්‍ෂ ක්‍රමයක් මත පදනම් වන මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය යනු ආණ්ඩු වෙනස් කිරීමේ මාධ්‍යය වශයෙන් තවදුරටත් වලංගු නොවනු ඇත. ■ විධායකයට තමන් සතු රාජ්‍ය බලය හිතුවක්කාරවත්, ප්‍රජා පීඩක ලෙසිනුත්, අවභාවිත කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වරමක් ලබාදීම. මෙතෙක් කල් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවාදයේ මුල්ගල ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගනු ලැබ තිබෙන නීතියේ ආධිපත්‍යයයේ මුලධාර්මික රාමුව ඇතුළත සකස් වෙන යාන්ත්‍රණ තුළින්, මෙම බලය අවභාවිත කිරීම වැළැක්වීමට ඇති සංවරණ හා තුලන ක්‍රමයද අත්‍යන්තයෙන් දුර්වල කරනු ඇත. ■ ගිනිකොණදිග ආසියාවේ පසුගිය දශකවල, එනම්, 1960 ගණන්වලින් පසුව වර්ධනය වූ ඊනියා ‘සංවර්ධනවාදී රාජ්‍යවලට’ සමාන ඒකාධිපති රාජ්‍ය මාදිලියක් ලංකාවේද නිර්මාණය කිරීම. ■ ජනතාවගේ සෑම ආකාරයේ පුරවැසි නිදහසක්ම විධායකයේ හිතුවක්කාර පාලනයට සහ සීමාවන්ට යට කිරීම. ඉදිරි කාලයේ සිදුකෙරෙන නෛතික ප්‍රතිසංස්කරණ යටතේ, විශේෂයෙන් ප්‍රහාරයට ගොදුරු වනු ඇත්තේ පහත සඳහන් නිදහසේ අයිතිවාසිකම්ය. (අ) සිතීමේ නිදහස, (ආ) අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, (ඇ) සංවිධානය වීමේ සහ සමාගම් පැවැත්වීමේ නිදහස සහ, (ඈ) වෙනස් සහ විරුද්ධ මත දැරීමේ නිදහස සහ බලයට එකඟනොවීමේ නිදහස. ■ මෙතෙක් අප රටේ පැවැති දුර්වල ප්‍රජාතන්ත්‍රවාදය, ඒකාධිපති, ප්‍රජාපීඩක, ආණ්ඩුක්‍රමයක් බවට පරිවර්තනය කිරීම. මෙම විපාක සිදුවෙද්දී ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට පහත සඳහන් ආකාරයේ දේශපාලන ඛේදවාචකයන් දෙස බලා සිටීමටද සිදුවනු ඇත. ■ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට බල කෙරෙනු ඇත්තේ, එහිම නිෂේධනය හා විනාශය තමන් අතින්ම සිදුකර ගැනීමයි. ■ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 150කට හෝ ඊට වැඩි ප්‍රමාණයකට සිදුවනු ඇත්තේ, මහජන නියෝජිතයන් ලෙස තමන්ගේම සංකේතාත්මක මරණ වරෙන්තුවලට අත්සන් කිරීමටය. 20 වැනි සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ අත් ඔසවා කැමැත්ත පළකිරීම මගින් ඔවුන් කරනු ඇත්තේ, එවැනි සාමූහික සියදිවි නසා ගැනීමකි. මන්ද යත්, මෙම සංශෝධනය සම්මත වූ පසුව පාර්ලිමේන්තුව පත්වනු ඇත්තේ හුදෙක් විධායකයේ අණ පිළිපදින රබර් මුද්‍රාවක තත්වයටයි. යෝජිත විසිවැනි සංශෝධනය, දේශපාලනික සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වශයෙන් ඒ තරම්ම විනාශකාරී වන්නේ ඒ නිසාය. ඒ මගින් සිදු කෙරෙනු ඇත්තේ, ශක්තිමත් ආණ්ඩුවක් හෝ ශක්තිමත් පාලකයකු හෝ නිර්මාණය කිරීමම නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමික සහ දේශපාලනික රාමුව විනාශ කිරීමේ පදනම මත, ඒවායේ පදනම් විනාශ කර, එම විනාශයේ ගල් කැබලි මත, ශක්තිමත් පාලකයකු නිර්මාණය කිරීමයි. ශ්‍රී ලංකාවේ ජනතාව පසුගිය සියවස් එකහමාරක පමණ කාලයක් තුළ, අත්පත් කරගෙන තිබෙන නූතනත්වයේ ඉතාම වටිනා උරුමය වන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යයද ඒ මගින් විනාශ කෙරෙනු ඇත. විසිවැනි සංශෝධනය විවේචනය කළ යුත්තේ, එයට විරුද්ධ විය යුත්තේ සහ විරෝධය පළ කළ යුත්තේද එබැවිනි. ප්‍රජාතන්ත්‍රවාදයට ආපසු යෑම වර්තමාන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හවුලේ නායකත්වය දෙමින් ලංකාවේ සිදුවන ප්‍රජාතන්ත්‍රවාදය අතහැරීමේ ක්‍රියාවලිය සිදුවන්නේ අවධි දෙකකින් බව මේ ලිපිය ආරම්භයේදීම අපි දුටුවෙමු. විසිවැනි සංශෝධනයෙන් පසුව, සම්පූර්ණ ව්‍යවස්ථාවද සම්මත කිරීමෙන් පසුව, ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ඉදිරි අවුරුදු කිහිපය තුළ රටේ දේශපාලන ප්‍රතිවිරෝධතා ගොනුවනු ඇත්තේ ඒකාධිපතිවාදයේ සිට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන පරිවර්තනයේ නව ඓතිහාසික අවශ්‍යතාව වටාය. ලංකාවේ දැනට සිදුවන මෙම ඒකාධිපති පරිවර්තනයේ විශේෂ ලක්‍ෂණයක් වන්නේ, එය ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයෙන් සිදුවීමයි. එනම් මහජන ඡන්දයෙන් ‘ශක්තිමත් ආණ්ඩුවක්’ පිහිටුවා ගැනීමට බහුතර මහජන සහායක් ලබාගත් පාලක පිරිසක්, පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයද, බොහෝ විට අධිකරණයේ විරෝධතාවක් නොමැතිවද, එම පරිවර්තනය ‘නීත්‍යනුකූලව’ සිදුකිරීමයි. ලෝකයේ ඒකාධිපති පරිවර්තනයේ පොදු ගමන් මාදිලිය වී තිබෙන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු, ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග විසින් කුමන්ත්‍රණයක් හෝ ප්‍රචණ්ඩ ‘විප්ලවයක්’ මගින් පෙරලා දැමීමයි. එය ලංකාවේ සිදුවන්නේ නැත. 1978දීත්, 2010දීත් සිදුවූ මෙම පරිවර්තනයේ අතීත අවස්ථා ත්‍දකද, මහජන ‘වරමක්’ සහිතව, ‘නීත්‍යනුකූලව’ කරනු ලැබූ ඒවාය. 1933 ජර්මනියේ හිට්ලර්, ජර්මනියට ෆැසිස්ට්වාදය ගෙන ආවේද පාර්ලිමේන්තුවේ සහාය මාධ්‍ය කොට ගෙනය. ඒකාධිපති පරිවර්තනයක් සිදුවීම නැවැත්වීමට බැරි තත්වයට ලංකාව දැනට පත්වී තිබෙන්නේ මක් නිසාද? මෙම ප්‍රශ්නය බැරෑරුම්ව සාකච්ඡා කිරීම, ඉදිරි කාලයේදී ඒකාධිපති වාදයේ ගංගාව ආපසු හැරවීමට උත්සාහ ගන්නා සෑම දෙනාම කළ යුතු කාර්යයක්ද වෙයි. මන්ද යත්, දැනට පහසුවෙන් බිඳෙනසුලු තත්වයකට පත්වී ඇති ප්‍රජාතන්ත්‍රවාදය යළි පුනරුජ්ජීවනය කළ යුත්තේ, එවැනි යළි බිඳෙන විකල්පයක් ලෙස නොවන නිසාය. 2015-19 අත්දැකීමෙන් ඉගෙන ගැනීමට තිබෙන ප්‍රධාන පාඩමක් වන්නේ එයයි. ඒකාධිපතිවාදී පරිවර්තන ක්‍රියාවලිය නතර කිරීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය පුනරුජ්ජීවනය කිරීමටත්, අපේ සමාජය සූදානම්ව සිටියේය. එම කාර්යය ඔවුන් බාරදුන්නේ දුර්වල, වැනෙනසුලු ප්‍රජාතන්ත්‍රවාදීන් නායකත්වය දුන් දේශපාලන බලවේගයකටය. සමාජය තමන්ට බාරදුන් ඓතිහාසික වගකීමේ අර්ථයවත්, 2015දී බලයට ආ අගමැතිවරයාවත්, ජනාධිපතිවරයාවත්, ඇමතිවරුන්වත් මන්ත්‍රීවරුන්වත් දැනසිටියේ නැත. ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් ලංකාවේ සමාජය ඉදිරියේ ඉදිරි කාලයේ ප්‍රජාතන්ත්‍රවාදය පුනරුජ්ජීවනය කිරීමේ ව්‍යායාමයක් ඉදිරියේ තිබෙන බරපතළ අභියෝගයක් වනු ඇත්තේ, නොසැළෙන, නොබිඳෙනසුලු, අධිෂ්ඨානශීලී, ‘ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ’ දේශපාලන නායකත්වයක් සොයාගැනීමයි. ධනපති පන්තිය, කම්කරු පන්තිය, සුළු ධනේශ්වර පන්තිය හෝ ගොවි ජනතාව යන කවර සමාජ පන්තියක් වෙතින් එම නායකත්වය බිහිවනු ඇත්ද යන්න වැදගත් ගැටලුවක් නොවේ. නියම ගැටලුව වන්නේ, එම නායකත්වයේ සමාජ/පන්ති පසුබිම නොවේ, ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී විකල්ප නායකත්වයක් බවට පත්වීමයි. ‘ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක්’ යනු කුමක්ද යන්නද ඉදිරි කාලයේදී පැහැදිලි හා නිරවුල් කරගත යුතු සංකල්පයකි. එය වනාහි විශේෂයෙන්ම 2015-2019 කාලය තුළ සිදුවූ අසාර්ථක අත්හදා බැලීමේ නිෂේධනීය අත්දැකීම්ද, ප්‍රජාතන්ත්‍රවාදය ගැන අප රටේ දැනට ශක්තිමත්ව තිබෙන දක්‍ෂිණාංශික සහ ඒකාධිපතිවාදී විවේචනවල ඇති හරයාත්මක තර්කද, සැලකිල්ලට ගෙන කළ යුතුව තිබෙන බුද්ධිමය කාර්යභාරයක් ද වෙයි. විසිවැනි සංශෝධනයට ප්‍රජාතන්ත්‍රවාදී විකල්ප පරිකල්පනය කිරීමේදී 19වැනි සංශෝධනය ගැනද විචාරාත්මක සාකච්ඡාවක් ප්‍රමාද වී හෝ සිදුවිය යුතුව තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවලට කරන්නට තිබෙන්නේ, 19 සංශෝධනයට ආපසු යෑමක් ගැන සිතීම නොවේ. 19 සංශේාධනයේ ඓතිහාසික පරාජය පිළිබඳ සමාලෝචනයකින් පසුව, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී විකල්පය යාවත්කාලීන කරන්නේ කෙසේද යන්න බැරෑරුම්ව සිතා බැලීමයි. ඊට සමාන්තරව ප්‍රජාතන්ත්‍රවාදී අරගලය ඉදිරියට ගෙනයාම මූලෝපායගත කිරීමයි.■ Share Facebook Twitter Pinterest WhatsApp Countribute Anidda Newspaper Previous articleජනපතිට වැඩ කරන්න බැරි 19හි කුමන වරදක් නිසාද? Next articleවිසිවැනි සංශෝධනයේ හරය වන්නේ ජනාධිපතිගේ වගවීම අහෝසි කිරීමයි මන්ත්‍රීවරුන් 150 දෙනකු මෙයට සහාය දෙන්නේ මොන සිහියකින්ද? ■ මහාචාර්ය රොහාන් සමරජීව
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් | තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 20 කොටස: සිංහලයන්ට උතුර තහනම් වෙයි තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 20 කොටස සිංහලයන්ට උතුර තහනම් වෙයි “නායක සාධු ඉන්න එක අපිට හයියක්, අපව දාල යන්න එපා, අපේ හාමුදුරුවනේ අපි පුළුවන් විදිහට දානෙ හදල දෙන්නම්‘‘ රාමචන්ද්‍රන් මුදලාලි නාහිමියන් ළඟ බිම අසුන්ගෙන බැගෑපත් ලෙසින් ආයාචනා කර සිටියේ ය. ත්‍රස්තවාදීන් විසින් උතුරේ ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කිරීමත් සමඟ ම දකුණේ වන්දනාකරුවන් උතුරට පැමිණීම නැවතුණි. කිසිදු අයකු නාගදීපය සමඟ සබඳතා පැවැත්වූයේ නැත. මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් පමණක් ගිලන්පසට අවශ්‍ය දේ සිවුරු හා ඇදඇතිරිලි නාගදීපයට එවා තිබිණි. යාපනය නාග විහාරය, කන්දරෝදෙයි (කඳුරුගොඩ), දඹකොළ පටුන (සංඝමිත්තාරාමය), නාවක්කුලී විහාරය, කිළිනොච්චි ලුම්බිණි විහාරය ඇතුළු සියලු බෞද්ධ සිද්ධස්ථානයන්හි හිමිවරුන් කොළඹට වැඩම කෙළේ ජීවිත තර්ජන ඒ තරමට වැඩි වූ නිසා ය. ආරක්ෂක හමුදාවන්ට විහාරස්ථානවලට ආරක්ෂාව සැලසීමට නොහැකි තත්ත්වයක් උදා විය. ත්‍රස්තවාදීහු එම පන්සල් බිමට සමතලා කළහ. ලුම්බිණි විහාරයේ බෝධීන් වහන්සේ කපා දැමූහ. ඔවුහු එම විහාරය ආබාධිත තත්ත්වයට පත් වන ත්‍රස්තවාදීන්ට කෘත්‍රීම පාද හදන ස්ථානයක් බවට පත් කළහ. තම නිජබ්ම්හි සිංහල ජනතාව පදිංචිවි සිටින බව පවසමින් ත්‍රස්තවාදීන් විසින් මුලතිව් දිස්ත්‍රික්කයේ ඩොලර් ෆාම් හා කෙන්ට් ෆාම්හි නිරායුධ සිවිල් වැසියන් ද ඒ වන විටත් සමූහ ඝාතනය කර තිබුණි. එම ඝාතනවල දී ඩොලර් ෆාම්හි අහිංසක ජනතාව 33 දෙනකු හා කෙන්ට් ෆාම්හි 29 දෙනකු ඝාතනය කර තිබුණි. එමෙන්ම උතුරු නැඟෙනහිර මුහුදු මායිමේ පිහිටි කෝකිළායිහි සිංහල ධීවරයන් 11 දෙනෙක්ද ඝාතනය කර තිබූ අතර දෙමළ සන්නද්ධ කණ්ඩායමකට සම්බන්ධවීම ප්‍රතික්ෂේප කිරීම නිසා මඩකළපුවේ නිරායුධ දෙමළ ජනතාව ද ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කර තිබුණි. ඒ අහිංසක දෙමළ වැසියන් 30 දෙනෙකි. ඒ ලෙසින් යුද්ධය ක්‍රමයෙන් ඇවිලෙමින් තිබුණු අතර යුද හමුදාව විසින් ද ත්‍රස්තවාදීන් සොයා මෙහෙයුම් සිදු කරන්නට විය. ඒ වන විට කොළඹ යෑම මහා භයානක කටයුත්තක් වී තිබුණාක් මෙන්ම ආරක්ෂක අංශවලට දහසක් හේතු ඉදිරිපත් කරන්නට සිදුවිය. යුද්ධය වර්ධනය වෙමින් තිබුණි. කොළඹ යන විට දහසක් දේ කියන්නට සිදු විය. ඒ සඳහා අවසර ගත යුතු ය. යළි එන දිනය, යන්නේ කොහේටද? නවතින්නේ කොතැන ද? හමුවන්නේ කවුරුද? ආපසු එන විට රැගෙන එන්නේ මොනවාද? යන ප්‍රශ්න සියල්ලට ම සෑම අයෙක් ම පිළිතුරු සැපයිය යුතු විය. එයින් බාහිර ව කිසිවක් ගෙන ආ නොහැකි විය. මේ අතර ත්‍රස්තවාදීන් ද ඔවුන්ට බලය හිමි තැන්වල මුර කපොලු ඉදි කරන්නට විය. කොළඹට පැමිණීමේ දී පදුමකිත්ති හිමියන් කරෙයිනගර් දක්වා බෝට්ටුවකින් වැඩම කර එතැනින් හමුදා වාහනයකින් ගුරු නගර් දක්වා වැඩම කරන ලදී. හමුදාවේ සිට නිවාඩු ලබා එන පිරිස් රැඳී සිටින්නේ ගුරු නගර්හි ය. ගුරු නගර් සිට වාහනවලින් ආරක්ෂිත ව දුම්රිය ස්ථානය වෙත පිරිස් රැගෙන යති. පදුමකිත්ති හිමියෝ ද ඒ පිරිස් සමඟ වාහනයක කොතැනක හෝ අසුන්ගෙන වැඩම කරති. භික්ෂූන් වහන්සේ නමක් කියා විශේෂ ගරු සැලකිලි දක්වන්නට එතැන හැකියාවක් නැත. උන් වහන්සේ එවැන්නක් බලාපොරොත්තු වූයේ ද නැත. එකම ගෞරවය කොතැනක හෝ අසුනක් ලැබීම පමණකි. හමුදාවේ සෙබළුන්ගේ ඔද වැඩීම පිණිස පදුමකිත්ති හිමියෝ ආශිර්වාද කරති. දුම්රියේ පැමිණෙන හමුදා සාමාජිකයන්, දුම්රිය සේවකයන් හැර සිටි එකම සිංහලයා පදුමකිත්ති හිමියන් පමණි. මෙවන් දුෂ්කර මාරාන්තික ක්‍රියාවලියක් කොළඹට පැමිණීමට කරන්නට සිදුව තිබුණි. ජීවිත ආරක්ෂාව පතා නාගදීපයෙන් දකුණට පැමිණෙන ලෙස විහාරාධිපති හිමියන්ටත් පදුමකිත්ති හිමියන්ටත්, දකුණේ හිමිවරුන් ඇතැම් දේශපාලඥයින් මෙන්ම සමාජ ක්‍රියාකාරී සංවිධාන විසින්ද දන්වනු ලැබුණි. ‘‘පදුමකිත්ති, අපිට මෙහෙන් එන්න කියනවා, උන්නාන්සෙ මොකද කියන්නෙ කොළඹට වඩිනවද?‘‘ ‘‘නායක හාමුදුරුවන්ව දාල මැරුණත් මම යන්නෙ නැහැ,‘‘ පදුමකිත්ති හිමියෝ එසේ පවසමින් නාගදීපයේ තොටුපොළ වෙත දිව ගියහ. උන් වහන්සේ නාගදීප චෛත්‍ය දෙසත් මුහුද දෙසත් දෙතුන් වතාවක් බැලූහ. ‘මගේ තරුණම වයයසි මේ. මට දැන් අවුරුදු 24ක් අනෙක් හාමුදුරුවරු හොඳට බණ කියන්න ඉගෙන ගන්න කාලේ, බණ පොත් කියවන කාලේ, ඒත් මේ යුද්දෙ හින්ද මට ඒ මුකුත් නැහැ, ත්‍රස්තවාදීන් පටන්ගත්ත මේ යුද්දෙ ඉවර කරන පාටක් නැහැ. මගේ තාත්තත් මීට අවුරුදු දෙකකට කලින් නැතිවුණානෙ, දැන් මගේ එකම තාත්තා නායක හාමුදුරුවො, මමත් නායක හාමුදුරුවොත් එක්ක අපවත් වෙනකල් ම දූපතේම ඉන්නවා, ත්‍රස්තවාදීන් අප ඝාතනය කළත් අපි යන්නේ නැහැ‘ විනාඩි කිහිපයක් ඒ සිතුවිල්ලේ නිමග්න ව සිටි පදුමකිත්ති හිමියෝ ආපසු විහාරස්ථානයට දිව ගියහ. පදුමකිත්ති හිමියන් ආපසු වැඩම කරන විට රාමචන්ද්‍රන් මුදලාලි විහාරස්ථානයට පැමිණ සිටියේ ය. “නායක සාධු ඉන්න එක අපිට හයියක්, අපව දාල යන්න එපා, අපේ හාමුදුරුවනේ අපි පුළුවන් විදිහට දානෙ හදල දෙන්නම්‘‘ රාමචන්ද්‍රන් මුදලාලි නාහිමියන් ළඟ බිම අසුන්ගෙන බැගෑපත් ලෙසින් ආයාචනා කර සිටියේ ය. ‘‘නැහැ මුදලාලි, අපි නාගදීපෙන් යන්නේ නැහැ. මම පොඩි හාමුදුරුවොත් එක්ක මේ කතා කළෙත් ඒ ගැන තමයි. උන් වහන්සේ ත් කියනව අපි නාගදීපෙන් යන්නේ නැහැ කියලා‘‘ රාමචන්ද්‍රන් මුදලාලි ප්‍රීතියෙන් යුතුව විහාරස්ථානයෙන් පිටත්ව ගියේ ය. පසුව මුස්ලිම් ජනතාව ද නා හිමියන් හමුවට පැමිණ එම ඉල්ලීම ම කරන ලදී. ක්‍රමයෙන් ත්‍රස්තවාදී තර්ජන වැඩි වන්නට විය. දිනපතා ම කන් බිහිරි කරන වෙඩි හඬ ය. වෙඩි හඬ ක්‍රමයෙන් වැඩිවී දිවා රාත්‍රී වෙනසක් නැතිව ඇසෙන්නට විය. ඒ වන විට යාල්දේවි දුම්රියේ ගමන් කිරීම පවා දැඩි අනතුරුදායක තත්ත්වයක තිබුණි. දුම්රිය පුපුරුවා දමන බව ත්‍රස්තවාදීන් විසින් අවස්ථා කිහිපයක දී පවසා තිබුණි. ඒ ප්‍රකාශය සනාථ කරමින් ත්‍රස්තවාදීහු 1985 වසරේ යාල්දේවි දුම්රිය මාන්කුලම් ප්‍රදේශයට ආසන්නයේ දී බැරල් බෝම්බ අටවා පුපුරවා හරින ලදී. ඒ ජනවාරි 19 වැනිදා සෙනසුරාදා රාත්‍රියේ ය. කන්කසන්තුරේ බලා ගිය දුම්රිය ත්‍රස්තවාදී තර්ජන නිසා අතරමඟින් හරවා පස්වරුවේ කොළඹ බලා එමින් සිටියදී මේ ප්‍රහාරයට ලක් විය. දුම්රියේ රියැදුරා වූ රැපියෙල් ලියනගේ දුම්රියේ විදුලි පහන් නිවා දමා පැමිණි නිසා මැදිරි 13න් එන්ජිම හා මැදිරි 2ක් පමණක් බෝම්බවලින් බේරුණු අතර එම පිපිරවීමෙන් උතුරේ සිට නිවාඩු ලබා කොළඹ බලා පැමිණෙමින් සිටි යුද හමුදාවේ සෙබළුන් 23ක් හා සිවිල් වැසියන් 10 දෙනකු මිය ගියහ. කොළඹ හා යාපනය අතර දුම්රිය ධාවනය එයින් නතර විය. බස් රියෙන් පවා ගමන් කළ නොහැකි තත්ත්වයක් උදා විය. උතුරේ කිසිදු සිංහලයකු නොසිටිය යුතු බවත,් ආරක්ෂිත ස්ථානවලට හෝ සරණාගත කඳවුරුවලට හෝ යන ලෙස රජයෙන් දැනුම් දී තිබුණි. දින කිහිපයකට පසුව රාමචන්ද්‍රන් මුදලාලි යළිත් විහාරස්ථානයට පැමිණියේ ය. ‘‘අපිට පුළුවන් විදිහට දානෙ දෙනවනේ, සාමි අපිව දාල යන්න එපා‘‘ ‘‘නැහැ මුදලාලි අපි එහෙම මිනිස්කමට නිගා දෙන්නේ නෑ, මැරුණත් අපි නාගදීපෙ දාල යන්නේ නැහැ‘‘ නා හිමියෝ පැවසූහ. හතර වටින්ම වෙඩි වදින්නට විය. මුහුදේ පවා වෙඩි හඬ ය. අවසන් හුස්ම පොද දක්වාම නාගදීපයේම සිටින්නට නා හිමියන් හා පදුමකිත්ති හිමියෝ අදිටන් කර ගත්හ. දෙමළ ජනතාව හිමිවරුන්ට උදව් කළහ. විශේෂයෙන්ම රාමචන්ද්‍රන් මුදලාලි මෙන්ම ඔහුගේ භාර්යාව මීනාච්චි, ඇගේ දියණිය වන කමලක්කා (කඩේ අක්කා) ඇතුළු අය දාන වේල් දෙකම ලබා දුන්හ. තාරක වික්‍රමසේකර වප් පුර අටවක ඔක්තෝබර් 23 සිකුරාදා පූර්වභාග 06.57 න් පුර අටවක ලබා 24 සෙනසුරාදා පූර්වභාග 06.59න් ගෙවේ. සිකුරාදා සිල් පුර අටවක ඔක්තෝබර් 23 පසළොස්වක ඔක්තෝබර් 30 අව අටවක නොවැම්බර් 08 අමාවක නොවැම්බර් 14 | PRINTABLE VIEW | මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ඉන්දීය හිටපු වේග පන්දු යවන ක්‍රීඩක සුදීප් ත්‍යාගි සියලු තරග රටාවන්ගෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා. 33 හැවිරිදි ඔහු ඉන්දියාව වෙනුවෙන් එක්දින තරග 4කට සහ 20යි 20 තරග එකකට ක්‍රීඩා කර තිබූ අතර, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග 14 කදී චෙන්නායි සුපර් කිංග්ස් සහ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම් නියෝජනය කර තිබුණා. පළමු පෙල තරග 41කදී ඔහු බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 109ක්. 2009 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා ගත් සුදීප් ත්‍යාගි සිය අවසන් ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කර ඇත්තේ 2010 වසරේ දී යි. ඔහු එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සදහා ද ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් පසුවන බව සදහන්. ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට සුදීප් ත්‍යාගි තීරණය කර ඇත්තේ ද ඒ හේතුවෙන් නිසා බවට ඇතැම් මාධ්‍ය වාර්තා සදහන් කර තිබෙනවා. ඒ, ක්‍රිකට් පිටියෙන් සමු නොගත් ඉන්දීය ක්‍රීඩකයින්ට වෙනත් රටක පැවැත්වෙන ලීග් තරගාවලි ක්‍රීඩා කිරීමට අවසර හිමි නොවීම හේතුවෙන්. Share Leave a comment trending now ලයන්ගේ කඩුලු හයත් සමග ඔස්ට්‍රේලියාවට පළමු ටෙස්ට් තරගයෙන්… LPL තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නේ මෙහෙමයි ඉන්දීය එක්දින සංචිතයට වෙනසක් Watch : තීක්ෂණ දවා ගත් කඩුල්ල හා චාමිකගේ සුපිරි අවසානය ඉන්දියාවට එරෙහි බංග්ලාදේශ නායකත්වය ලිටොන්ට ලෝක කුසලානයේ දී වූ සිදුවීම් ගැන හොයන්න ක්‍රීඩා ඇමතිගෙන්… බ්‍රාවෝ අයි.පී.එල් පිටියට සමු දෙයි ; චෙන්නායි කණ්ඩායමෙන් නව… එක්දින තරගාවලිය අභියස බංග්ලාදේශය ආබාධ අර්බුදයක IPL වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 23 ක් වනිදු හසරංගට අයි.සී.සීයෙන් දඩුවම් hitwicket.lk is a Sri Lankan cricket news website. it was launched on 22 August 2016. It features news, articles and live coverage of cricket matches including scorecards and videos.
මෑත කාලීනව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ වෙනස් වීම් හා වර්ධනය වන ක්ෂේත්‍ර ගැන විමසා බැලීමේ දී ශීඝ්‍රයෙන් සංවර්ධනය වන අංශ කිහිපයක් හඳුනා ගත හැකිය. මේවා අතර කෘත්‍රිම බුද්ධිය, සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය හා ක්වොන්ටම් පරිගණනය ඉදිරියෙන් සිටියි. අප සාර්ව අන්තර්ජාලය පිලිබඳව පුළුල්ව මෙයට ඉහත ඒකකයක දී කතා කළෙමු. අප එදිනෙදා භාවිත කරන පරිගණක වලට මිනිසාට මෙන් තේරුම් ගැනීමේ හා හැඟීම් ප්‍රකාශ කිරීමේ හැකියාව නොමැත. මෙම පරතරය අඩුකර ගනිමින් මිනිසා මෙන්ම ඉහත හැකියා දැක්විය හැකි පරිගණක නිර්මාණය කිරීමට වර්තමානයේ දී පරීක්ෂකයන් උනන්දුවක් දක්වනු ලැබේ. මෙලෙස නිර්මාණය කර ගනු ලබන බුද්ධිය කෘත්‍රිම බුද්ධිය ලෙස හැඳින්වේ. කෘත්‍රිම බුද්ධිය සමඟ යෙදවුම් ගණනාවක් එළි දැක ඇති අතර ගැඹුරු ස්නායුනාල (Deep Natural Networks ) දැනුම් ප්‍රස්තාර (knowledge Graphs), මිනිස් මොළය පරිගණක පද්ධති මගින් නිර්මාණය කරන අතුරු මුහුණත් මෙන්ම ගූගල් , ටෙස්ලා හා ඇපල් වැනි සමාගම් පර්යේෂණ වල යෙදෙන රියදුරන් රහිත මෝටර් රථ (Self Driving Vehicles)තාක්ෂණය වැනි ක්ෂේත්‍ර වඩා වැඩි උනන්දුවක් මෙන්ම ආකර්ශනයක් ද පරේෂකයන් තුළ මෙන්ම මේ පිළිබඳව උනන්දු වන පුද්ගලයන් අතර ද ඇති කිරීමට සමත් වී තිබේ. කෘත්‍රිම බුද්ධිය සහිත පරිගණකයක දැකිය හැකි ලක්ෂණ කිහිපයකි. බාහිර පරිසරයෙහි සිදුවන සිද්ධීන් හඳුනා ගැනීමේ හැකියාවෙන් යුතු වීම. තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන බුද්ධිය දියුණු කර ගැනීමේ හැකියාවෙන් යුතු වීම. අත්දැකීම් ඇසුරින් දැනුම ස්වයං වර්ධනය කර ගැනීමේ හැකියාව පරිසරයෙහි සිදුවන ක්‍රියාවලීන්ට අනුව ක්‍රියා කිරීමේ හා අනුගත වීමේ හැකියාවෙන් යුක්ත වීම. කෘත්‍රිම බුද්ධිය පිළිබඳව කතා කිරීමෙහි දී එහි ස්වභාවය අනුව ප්‍රධාන ආකෘති දෙකකට බෙදා දැක්විය හැකිය. ශක්තිමත් ආකෘතිය - කෘත්‍රිම බුද්ධි පද්ධතියකට සිතා කටයුතු කිරීමේ හැකියාවක් නැතහොත් ස්වයං ඉගෙනුමක් සමඟින් ඇති පද්ධතීන් මේ යටතට ගැනිය හැකි ය. දුර්වල ආකෘතිය - කෘත්‍රිම බුද්ධි පද්ධතියකට එයට ලබා දෙන ලද දේමත පමණක් සිතා කටයුතු කළ හැකි වීම ‍මින් අදහස් වේ. මේ වන විට ද භාවිත වන බහුතරයක්ම කෘත්‍රිම බුද්ධි වැඩසටහන් මෙම දෙවැනි වර්ගයට අයත් වේ. මෙම පටු බුද්ධිමත් භාවය අවබෝධ කර ගැනීම සඳහා මිනිසුන් විවිධ තාක්ෂණයන් නිර්මාණය කර ගෙන තිබේ. තාක්ෂණය තාක්ෂණයට අදාල විස්තරය සෙවීම් කාර්යයන් ලෝක සිතියම සටහන් කර ඇති රටවල් අතරින් රටක් හෝ ස්ථානයක් සොයා ගැනීම. ප්‍රවීණ පද්ධති ක්‍රමලේඛනයක අඩංගු පාලන ව්‍යුහ හා නීති භාවිත කරමින් දැනුම එක් රැස් කරගැනීම හා ඒවා සාමාන්‍ය ජනයාට අවශ්‍ය කාර්යයන් වල දී ලබා දීම ස්වාභාවික භාෂා සැකසුම් විවිධ මානව භාෂා හඳුනා ගැනීම හා තේරුම් ගැනීමේ කාර්යය කථනය හඳුනා ගැනීම - උදාහරණයක් ලෙස ඇමේසන් ඇලෙක්සා වැනි Digital Assistant වැනි උපාංග වල මිනිසා විසින් ලබා දෙන උපදෙස් වලට අදාලව තොරතුරු සොයා දීම හා උපාංග හැසිරවීමට අදාල වගන්ති හඳුනා ගැනීම සිදු වේ. පරිගණක දැක්ම සහ දර්ශනය වස්තූන් වෙන්කර හඳුනා ගැනීම මෙන්ම කැමරාවක් මගින් ලබා ගත් අන්තර්ගතය පරිවර්තනය සඳහා උපකාරී කිරීම යන්ත්‍ර ඉගෙනුම දත්ත එක් රැස් කොට එම දත්ත රටා වල සබඳතා හඳුනා ගනිමින් ඒ ඇසුරින් පුරෝකථන මෙන්ම තොරතුරු ලබා ගැනීම. උදාහරණයක් ලෙස පුද්ගලයන් භාවිත කරන අතෙහි බඳින ස්මාට් ඔරලෝසුවක් හරහා අදාල පුද්ගලයාට අදාල සෞඛ්‍ය තත්ත්වය මැන බලන දත්ත රැස්කොට ඔහුගේ ඇතිවිය හැකි අනරාක්ෂිත අවස්ථාවක් ගැන ක්ෂණිකව තොරතුරු ලබා දීම. ස්නායුක ජාල පද්ධති( Neural Network) මිනිස් මොලයේ ස්වභාවය හා එහි නියුරෝධ පද්ධතියෙහි සැකසුම අධ්‍යයනය කරමින් සකසන ලද කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ පද්ධතියකි.මිනිස් මොලය විසින් ගැටලුවක් විසඳීමේ දී එය විශ්ලේශනය කරන ආකාරය හා ඊට විසඳුම් ලබා ගන්නා ආකාරය මෙවැනි පද්ධතියක් ගොඩනැගීමේ දී අධ්‍යයනය කරනු ලැබේ. මෘදුකාංග කාරක නැතහොත් මෘදුකාංග නියෝජිත ( Software Agents ) යනුවෙන් අදහස් වන්නේ, කුමක්ද? මෘදුකාංග නියෝජිතයින් සාම්ප්‍රදායික පරිගණක වැඩසටහන් වලින් ඔබ්බට ගමන් කළ පරිණාමීය පියවරක් නියෝජනය කරයි. මෘදුකාංග නියෝජිතයින්ට තමන් විසින්ම ක්‍රියාත්මක කර ක්‍රියාත්මක වීමේ හා අනුගත වීමේ හැකියාව ඇත. මෙනිසා මෙවැනි මෘදුකාංගයකට මිනිස් පරිශීලකයෙකුගේ අදහස් හෝ අන්තර්ක්‍රියා අවශ්‍ය නොවේ. මෘදුකාංග නියෝජිතයින්ට යෙදුම් සහ මාර්ගගත බුද්ධිමත් නියෝජිතයන් ඇතුළු වෙනත් වැඩසටහන් හෝ නියෝජිතයන් ආරම්භ කිරීමට, අධීක්ෂණය කිරීමට සහ අවසන් කිරීමට හැකිය. වර්තමානයෙහි දී බොහෝ කාර්යයන් සඳහා මෘදුකාංග නියෝජිතයන් භාවිත වනු දැකිය හැකිය. වින්ඩෝස් පාරිසරිකයෙහි ක්‍රියාත්මක කළ හැකි Cortana සහ iOS හා මැක් මෙහෙයුම් පද්ධතියෙහි ක්‍රියාත්මක වන Apple Siri මෙවැනි මෘදුකාංග නියෝජිතයන් දෙකකට උදාහරණ ලෙස සැලකිය හැකිය. ප්‍රධාන වශයෙන් මෘදුකාංග නියෝජිත ලෙස සැලකෙන ඉහත ඩිජිටල් ඇසිස්ටන් වැඩසටහන් දෙක මිනිස් කටහඬ හඳුනා ගනිමින් එම විධාන වලට අනුව කටයුතු කරයි. මේ හැරුණු විට මෘදුකාංග නියෝජිත භාවිත වන අවස්ථා කිහිපයක් පහත පරිදි දැක්විය හැකිය. ස්වයංක්‍රීයව ඉලක්ක ගත අන්තර්ජාල සෙවීම් සිදු කිරීම සඳහා, පැමිණෙන විද්‍යුත් තැපෑල පරීක්ෂා කර වඩා වැදගත් විද්‍යුත් තැපැල් ලිපි හඳුනා ගනිමින් ඒවා අතරින් ප්‍රමුඛතාවය ලබා දිය යුතු ඒවා තෝරා ගැනීම සඳහා . විද්‍යුත් පෝරම ස්වයංක්‍රීයව පිරවීම වැනි කාර්යයන් සඳහා. මාර්ගගත රැකියා සෙවීම් සිදු කිරීම සඳහා, සමාජ ජාල පැතිකඩ සමමුහුර්ත කීරීම වැනි කාර්යයන් සඳහා. ඊ-වාණිජ්‍යය තුළ වඩා වාසිදායක ගනුදෙනු හඳුනා ගැනීම සඳහා හා වඩා වාසිදායක ගනුදෙනු කිරීම සඳහා. පොදුවේ ඕනෑම මෘදුකාංග නියෝජිතයෙකු තුළ දැකිය හැකි ලක්ෂණ කිහිපයක් හඳුනා ගත හැකි ය. නම්‍යශීලීබව - වෙනස් වන පරිසර තත්ත්වයන් වල දී ඒ අනුව හැඩ ගැසීමේ හැකියාව මේවාට ඇත. ස්වයං පාලන හැකියාවෙන් යුතු වීම - පරිශීලකයෙකු නොමැතිව ක්‍රියා කිරීම මෙන්ව තීරණ ගැනීම හා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තිබේ. සන්නිවේදන හැකියාවෙන් යුතු වීම- වෙනත් කාරක අතර මෙන්ම පද්ධතීන් අතර ද සන්නිවේදන මෙම නියෝජිත වලට තිබේ. අර්ථවත් ආකාරයෙන් හැසිරීමේ හැකියාවෙන් යුතු වීම- මෘදුකාංග නියෝජිතයෙක් පරිශීලකයෙකු වෙනුවට පද්ධතියක් හැසිරවීමට භාවිත වන ඒකකයක් බැවින් එයට අවස්ථාවට ක්‍රියාකිරීමේ හැකියාවක් තිබේ. බහුකාරක පද්ධතියක් යනු කුමක්ද? කාරක ගණනාවකින් සමන්විත වූ ඒවා එකිනෙක ක්‍රියාකරන පද්ධතියක් බහුකාරක පද්ධතියක් ලෙස හැඳින්විය හැකි ය. මෙම කාරණය වඩාත් පැහැදිලි කර ගැනීමට අපි එදිනෙදා සරල උදාහරණයක් ගනිමු. මිනිස් සිරැරෙහි ජීවය පවත්වා ගෙන යාම සඳහා එකිනෙකට සම්බන්ධිත පද්ධති රාශියක් සිරුර තුළ දැකිය හැකිය. ඒවා අතර මනා සම්බන්ධතාව හා නිසි ක්‍රියාකාරීත්වය නිසා ජීව පද්ධතිය නිසි ලෙස පවත්වා ගත හැක. බහුකාරක පද්ධතියක් යනුවෙන් අදහස් වන්නේ මෙලෙස නිසි සම්බන්ධතාවයක් සහිත කාරක ගණනාවක එකතුවකි. අන්තර්ජාලය පාදකව ක්‍රියාත්මක වන booking.com වැනි හෝටල් වෙන්කර ගැනීමේ පද්ධතියක් (online booking systems) සලකන්න. හෝටලයක් වෙන්කර ගැනීමේ කාර්යයෙහි දී කාර්යයන් ගණනාවක් සිදු කිරීමට වේ. අදාල දිනයන් වලට තමාගේ අවශ්‍යතාව අනුව හෝටලයක් සොයා ගැනීම, එහි කාමර ගණන තේරීම, මිල ගණන් සැසඳීම , ඇති ස්ථානය සිතියම් හරහා විමසා බැලීම මෙන්ම මුදල් ගෙවීම වැනි කාර්යයන් රාශියක් එක් පද්ධතියක් තුළ දැකිය හැකිය. මේවා අතර මනා සම්බන්ධයක් තිබිය යුතු අතර මෙවැනි පද්ධතියක මෘදුකාංග කාරක රාශියක් එකිනෙකට සම්බන්ධිතව ක්‍රියාත්මක වේ. ස්වභාවය අනුව කාරක තාක්ෂණයන් කිහිපයක් දැකිය හැකිය. තොරතුරු කාරක - සංකීර්ණ පද්ධති වල තොරතුරු එක් රැස් කිරීම, ගවේශනය, සැසැඳීම මෙන්ම නිර්දේශයන් ලබා දීම සඳහා තොරතුරු කාරක භාවිත වේ. පුරෝකථන කාර්යයන් සඳහා භාවිත වන කාරක- තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන සාධත ලබා දෙමින් අනාවැකි පළකිරීමේ කාර්යය සඳහා උදව් වේ. ජාලකළමනාකරණ කාරක- අන්තර්ජාලය තුළ දී දත්ත හුවමාරුව හා පාලනය සඳහා ජාලකළමනාකරණ කාරක භාවිත කළ හැකි ය. මහාමාර්ග වල තදබද පාලනය සඳහා භාවිත වන කාරක- අධික තදබදයක් පවතින ජනාකීර්ණ නගර වල එම තදබදය පාලනය සඳහා කාරක තාක්ෂණයන් භාවිත කරනු ලැබේ. මොනවද මේ වොන් නියුමාන් ආකෘතිය මත පදනම් වූ පරිගණක ? පරිගණකයට උපදෙස් සැපයීම සදහා අවශ්‍ය උපදෙස් පරිගණකය තුළම ගබඩා කොට අවශ්‍ය විටදි ඒවා භාවිතයට ගත හැකි බව පෙන්නුම් කරන ආචිත ක්‍රමලේඛ (Stored program)සංකල්පය මුලින්ම යෝජනා කරන ලද්දේ ජෝන් වොන් නියුමාන් (John Von Neumann) විසිනි. ඔහු විසින් සැලසුම් කරන ලද පරිගණකයේ පාලන එ්කකය (Control unit) අංක ගණිතමය හා තාර්කික එ්කකය(ALU) / මතක එ්කකය (Memory unit)/ රෙජිස්ටර (Register) හා ආදාන ප්‍රතිදාන එ්කක (Input output system) වලින් සමන්විත වේ. මෙම ආකෘතිය මත පදනම් වූ පරිගණ වොන් නියුමාන් ආකෘතිය මත පදනම් වූ පරිගණක නම් වේ. අප භාවිත කරන පරිගණක නිර්මාණය වී ඇත්තේ මෙම ආකෘතිය මතය පරිගණක සම්පත් වේගයෙන් වර්ධනය වීම සිදුවන බැවින් වොන් නියුමාන් ආකෘතිය මත පදනම් වන පරිගණක මත පමණක් පදනම් වීම දැන් අපහසු කරුණක් ව තිබේ. මුරේ රීතිය ( Moore’s Law ) අනුව ක්ෂුද්‍ර සකසන වල වේගය සෑම මාස 18 කට වරක්ම දෙගුණවේ. මේ අනුව සිලිකන් පතුරක් භාවිතයෙන් නිර්මාණය කරනු ලබන ක්ෂුද්‍ර සකසන වේගවත් කිරීමට යාමේ දී ඒවායේ අධික තාපයක් ඇති වීම මෙන්ම තවදුරටත් කුඩා කිරීමේ සීමා සහිත බව නිසා නව තාක්ෂණ පිළිබඳව සිතා බැලීමට විද්‍යාඥයන්ට සිදුවී ඇත. කොන්ටම් පරිගණක ( Quantum Computing ) හා එහි භාවිතය අප එදිනෙදා භාවිත කරන ඩිජිටල් පරිගණක වල භාවිත වන්නේ අංකිත සංඛ්‍යාක පද්ධතිය වන අතර මේ අනුව 1 හෝ 0 මගින් විද්‍යුත් ස්පන්ධන නිරූපණය කරනු ලැබේ. වරකට 1 හෝ 0 පමණක් නිරූපණය කළ හැකි පරිගණක පද්ධති වල දියුණු කිරීමේ යම් සීමාවක් දැකිය හැකිය. මෙයට එක් විසඳුමක් ලෙස කොන්ටම් පරිගණක නම් සංකල්පය ඉදිරිපත් වී තිබේ. මෙහිදී පරමාණුක යොදා ගනිමින් පරිගණකයෙහි මතකය හා සකසනය නිර්මාණය කර ගෙන තිබේ. කොන්ටම් පරිගණක වල 1 හා 0 එකවර නිරූපණය කළ හැකි බැවින් සංකීර්ණ කාර්යයන් වල දී එම කාර්යයන් කාර්යක්ෂමව කර ගැනීම සඳහා මෙම පරිගණක යොදා ගත හැකිව තිබේ. සාමාන්‍ය ඩිජිටල් පරිගණක වල බිටු වක් ( 1 හෝ 0 මගින් නිරූපණය වේ ) මගින් දත්ත පරිගණයෙහි තැන්පත් වුවද එකවර 1 හා 0 යන දෙකම නිරූපණය කළ හැකි කොන්ටම් පරිගණක වල භාවිත වන්නේ කියුබිටය නම් අගයයි. සොබාදහමෙන් පෙළඹවෙන පරිගණකකරණය (Natural Inspired Computing) සොබාදහමෙන් පෙළඹවෙන පරිගණනය නැතහොත් ප්‍රකෘති අනුප්‍රේරිත පරිගණනය යනු විවිධ පාරිසරික තත්ත්වයන් තුළ ඇති වන සංකීර්ණ ගැටලු විසඳීම සඳහා ස්වාභාවිකව සිදුවන සංසිද්ධි හැසිරෙන ආකාරය නිරීක්ෂණය කිරීම තුළින් නව පරිගණක ක්‍රමවේදයන් දියුණු කිරීමට උත්සාහ කරන තාක්ෂණයකි. මෙම පරිගණනය ස්වාභාවික පරිගණන තාක්ෂණයක් ලෙස ද හැඳින්වේ. උදාහරණයක් ලෙස කුහුඹුවන්ගේ ජනපද, මී මැසි හා කුරුල්ලන් රංචු වැනි ජීව විද්‍යාත්මක කණ්ඩායම් උත්තේජකවලට ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද, තොරතුරු සැකසීම සහ තීරණ ගන්නේ කෙසේද යන්න පිළිබඳව අධ්‍යයන කරමින් ඒවා ඇසුරින් එදිනෙදා ගැටලු වලට විසඳුම් සෙවීම මින් සිදුවේ.මෙම ප්‍රකෘති අනුප්‍රේරිත පරිගණනය තුළ විවිධ ශිල්ප ක්‍රම මෙන්ම ප්‍රවේනික ඇල්ගොරිතම ( ප්‍රධාන ඇල්ගොරිතම තුනක් මෙහි දී භාවිත වන අතර ඒවා Physics-Based Algorithms, Biology-Based Algorithms සහ chemistry-based algorithms ලෙස වර්ග කළ හැකිය ) හා පද්ධති ( Neural Network) ද භාවිත වේ. දැන් අපි මෙම පරිගණන ක්‍රමය තුළ භාවිත වන ශිල්ප ක්‍රම කිහිපයක් සැකෙවින් හඳුනා ගනිමු. ශිල්ප ක්‍රමය විස්තරය සමූහ බුද්ධිය(Swarm intelligence) කුහුඹු ජනපද , මී වද හා කුරුළු රංචු වැනි සමූහ වල ක්‍රියාකාරීත්වය හඳුනා ගනිමින් ‍ඒ ඇසුරින් පද්ධති නිර්මාණය කර ගැනීම මෙහි දී සිදු වේ. මෙවැනි ඒකකයක් තුළ තනිතනිව එම සතුන් කටයුතු කරන ආකාරය මෙන්ම සමූහයක් ලෙස ක්‍රියාකරන ආකාරය ද අධ්‍යයනය කරනු ලැබේ. මේ අනුව තනි තනි ඒකක එකතු කොට සමූහ බුද්ධි රටාවන් ගොඩ නැගීම මගින් සංකීර්ණ පද්ධති ගොඩනැගීමට ආදර්ශ ලබා ගැනීම සිදුවේ. පටල පරිගණනය (Membrane computing) ජීව විද්‍යාත්මක සෛල, විශේෂයෙන් සෛලීය පටල අධ්‍යයනය කිරීමෙන් නව පරිගණක ආකෘති සොයා ගැනීමට පරිගණක විද්‍යාව තුළ ‍යොදා ගැනෙන ශිල්ප ක්‍රමය පටල පරිගණකකරණය (MC) ලෙස හැඳින්විය හැකිය. සන්නිවේදන පද්ධති හා නියමාවලි(Communication Systems and Protocols) කොවිඩ් වැනි වෛරසයන් පැතිරෙන ආකාරය සලකන්න. එක් පුද්ගලයෙක් ගෙන් තවත් පුද්ගලයන් රාශියකට එය ව්‍යාප්ත වන අතර එම පුද්ගලයන්ගෙන් තවත් පුද්ගලයන් රාශියකට ලෙස ශීඝ්‍ර ව්‍යාප්තියක් මේවා පෙන්වයි. එලෙස ව්‍යාප්ත වන රටා අධ්‍යයනය කොට එම ආකාරයෙන් නවීන සන්නිවේද පද්ධති හා නියමාලි දියුණු කිරීමට අදහස් ලබා ගැනීම සඳහා මෙම ක්‍රමවේය භාවිත කෙරේ. සාර්වර්ත්‍රික පරිගණකය ලෙස හැඳින්වෙන්නේ කුමක්ද? වර්තමානයේ දී පරිගණක සෑම තැනකම දැකිය හැකි අතර අප ජංගම පරිගණක භාවිතයට ද බෙහෙවින්ම හුරුවී සිටිමු. ජංගම දුරකථනයක් හෝ ටැබ්ලට් පරිගණකයක් භාවිත කරමින් එදිනෙදා මගතොටේ දී හෝ වාහනයක ගමන් ගන්නා අතර දී අන්තර්ජාලය පරිශීලනය කිරීමට ද අප පෙළඹී සිටිමු. එහෙත් සාර්වර්තික පරිගණකය (Ubiquitous Computing හෝ "ubicomp") යනු එලෙස ජංගමව පරිගණක භාවිත කිරීම ලෙස කෙනෙකු වරදවා වටහා ගත හැකිය. සාර්වර්තික පරිගණනය යනු සෑම ස්ථානයකම , සෑම අවස්ථාවක දීම පරිගණක තාක්ෂණික උපාංග භාවිත කිරීමට අවස්ථාව සැලසීමයි. නිවසක් තුළ හෝ ඉන්පිටත සෑම තැනකම පරිගණක ගත උපාංග භාවිතයෙන් සේවා ලබා ගැනීමට මෙහි දී පරිශීලකයන් හට අවස්ථාව හිමිවේ.
මනෝරාජික ඉස්ලාම් අධිරාජ්‍යයක් ගොඩනැගීම තම අරමුණ යැයි පවසන ISIS සංවිධානය මේ මොහොත වනවිටත් ලෝකයේ අස්සක් මුල්ලක් නෑරම භීතියේ සෙවණැලි පතුරා අවසන්. ඉරාකයේ සහ සිරියාවේ ප්‍රදේශ ගණනාවක් සිය අණසක යටතේ තබාගෙන සිටින මෙම ත්‍රස්ත සංවිධානයට ලෝකයේ වෙනත් රටවල (විශේෂයෙන්ම ඇෆ්ගනිස්තානයේ සහ නයිජිරියාවේ) ක්‍රියාත්මක වන ඇතැම් ඇතැම් ත්‍රස්තවාදී සංවිධානවලත් සහය ලැබෙන බව කවුරුත් දන්නා දෙයක්. 2020 වන විට තමන් යටතේ ඇති ප්‍රදේශ යැයි නම් කරමින් අයිසිස් විසින් නිකුත් කළ සිතියම/Mirror. තම පාලනය යටතේ ඇති ප්‍රදේශවල දිවි ගෙවන අන්‍යාගමිකයන් සහ තමන්ගේ මතයන්ට එකඟ නොවන මුස්ලිම්වරුන් වධ බන්ධනයන්ට ලක් කරමින්, ඝාතනය කරමින් සහ පලවා හැරීමෙන් නොනැවතී ලෝකයේ පෙර-අපර දෙදිග රටවල ප්‍රධාන නගර ඉලක්ක කරමින් නොයෙකුත් ආකාරයෙන් සැලසුම් කරන ලද ප්‍රහාර එල්ල කරන මොවුන් සුපිරිසිදු ඉස්ලාමික අධිරාජ්‍යය පිලිබඳ සිහින පෙන්වා බොහෝ මුස්ලිම් තරුණ තරුණියන් අන්තවාදිත්වයට නැඹුරු කරගැනීමද සිදු කරනු ලබනවා. ඉතින්, ලොවක් භීතියට පත් කළ ISIS සංවිධානයේ උපත සිදුවුවේ කෙසේද යන්න පිලිබඳ මේ ලිපියෙන් පැහැදිලි කෙරෙනු ඇති. විවිධ නාමයන් ඔබ ISIS, ISIL, IS, Daesh යන වචන සියල්ලම ප්‍රවෘත්තිවලින් අසා ඇති. මේ සෑම එකක්ම සංවිධානය හැඳින්වීමට භාවිතා කරන නාමයනුයි. ඒවායින් අදහස් කරන්නේ මොනවාද යන්න ගැන දැන් වෙන වෙනම සලකා බලමු. 2015 නොවැම්බර් පැරිස් ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට පුෂ්පෝපහාර දක්වන ජනපති ඔලන්දේ (දකුණේ සිට දෙවෙනියට)/ Buzz Feed. ISIS (Islamic State of Iraq and Syria) 2014 වසරේදී ඉරාකයේ මොසූල් නුවර අත්පත් කරගන්නා විට මෙම සංවිධානය භාවිතා කරනු ලැබුවේ මෙම නාමයයි. සිරියාව තුළ තමන් අත්කරගෙන ඇති බලය පිළිබඳ හැඟවීමටයි ඔවුන් එසේ කරනු ලැබුවේ. ලෝකයේ වැඩි දෙනා දැනටත් මෙම සංවිධානය හඳුනන්නේ මෙම නමින්. ISIL (Islamic State of Iraq and Levant) ‘ඉස්ලාමික රාජ්‍යය’ හැඳින්වීමට ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා යොදා ගත්තේ මෙම නමයි. මෙහි ‘ලෙවන්ට්’ලෙස හැඳින්වෙන්නේ නැගෙනහිර මධ්‍යධරණි කලාපයේ ප්‍රදේශ හැඳින්වීමට භාවිතා කරනු ලබන ඓතිහාසික නාමයක්. IS (Islamic State) තමන්ට ඇත්තේ ගෝලීය අරමුණක් බව පෙන්වීම සඳහා සංවිධානය විසින්ම පසුව මෙම නම භාවිතා කරන්නට පටන් ගනු ලැබුවා. අනෙක් අතට තමන් සුපිරිසිදු ඉස්ලාමීය රාජ්‍යයක් බිහි කරන බව අඟවන්නත් ඔවුන් මෙම නම භාවිතා කරනවා. Daesh ප්‍රංශ ජනපති ප්‍රංෂුවා ඔලන්දේ ඇතුළු ලෝක නායකයන් බොහොමයක් අයිසිස් සංවිධානය මෙසේ හඳුන්වන්නට ගත්තේ 2015 නොවැම්බර් මස පැරිස් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟයි. ‘දේශ්’ යනුවෙන් උච්ඡාරණය කෙරෙන මෙය al-Dawla al-Islamiya al-Iraq al-Sham (Islamic State of Iraq and the Levant) යන්න හැඳින්වීමට භාවිත කරන සංකේත නාමයක්. එමෙන්ම අරාබි බසින් එය භාවිතා කරන්නේ එම සංවිධානය පහත් කොට සැළකීමක් ලෙසයි. එමනිසාම සිරියානු රජය වැනි විරෝධීන් මෙම යෙදුම භාවිතා කරනවා. සංවිධානය එම යෙදුමට අකමැති බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කිරීම බෑග්ඩෑඩ්හි පිහිට තිබූ ඉරාක ජනාධිපති මැදුර ඇමරිකන් ප්‍රහාර නිසා ඇති වූ දුමෙන් වැසී තිබුණ අයුරු/US News. අයිසිස් සංවිධානයේ ආරම්භය ගැන කතා කරන විට ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරාකය ආක්‍රමණය කළ 2003 වසර තෙක් කාලයේ පසුපසට යාමට අපට සිදුවනවා. ඉරාක රෙජීමය බිඳ වැටීමෙන් අනතුරුව ඇමරිකාව විසින් ආරම්භ කළ ‘de-Baathification’ ලෙස හඳුන්වනු ලැබූ වැඩපිළිවෙල යටතේ ඉරාකය එහි බාත් පක්ෂයේ බලපෑමෙන් නිදහස් කරදැමීමට සැලසුම් කළා. මේ පියවර නිසා එතෙක් සදාම් හුසේන්ට පක්ෂපාතීව සිටි දහස් ගණනක් සුන්නි මුස්ලිම්වරුන්ට ‘කුඩම්මාගේ සැලකිලි’ ලැබුණ අතර එය ඔවුන්ගේ දැඩි කෝපයට හේතු වුණා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සිතූ අල්කයිඩා සංවිධානය ඉරාකය තුල තම කඳවුර වඩාත් ශක්තිමත් කිරීම වෙනුවෙන් පියවර ගන්නට සැරසුණා. ඒ ‘ඉරාකය තුල අල්කයිඩාව’ යන නාමය යටතේ. මේ කාලයේදී අල්කයිඩා සංවිධානය ඉරානයේ සහයෝගය ලබමින් සිටි ෂියා මිලිෂියාවට එරෙහිව මධ්‍යම ඉරාකයේ සටන් වදිමින් සිටියා. එමෙන්ම ඉරාකයට අසල්වාසී ජෝර්දානයේ යම් යම් ස්ථාන ඉලක්ක කරමින් බෝම්බ ප්‍රහාර එල්ලකිරීමටත් ඔවුන් කටයුතු කළා. එහිදී අත්අඩංගුවට ගත් බොහෝ ත්‍රස්තවාදීන් ඇමරිකාව විසින් පවත්වාගෙන ගිය ‘බුකා කඳවුර’ වෙත යවනු ලැබූ අතර එහිදී ඔවුන්ට ‘රැඩිකල් ඉස්ලාමය’ කෙරෙහි නැඹුරු වීමට අවස්ථාව සැලසුණ බව පැවසෙනවා. කෙසේ හෝ 2007 වසරේ සිට ඇමරිකානු සහයෝගය යටතේ බෑග්ඩෑඩ් නුවර පවත්වාගෙන ගිය ෂියා ආණ්ඩුව සුන්නිවරුන්ට සමීප වෙමින් ‘ඉරාකය තුල අල්කයිඩාව’ ප්‍රතික්ෂේප කරන්නට පෙළඹවීම් කරනු ලැබුවා. මෙම වැඩපිළිවෙල යම් තරමකට සාර්ථක වූ බව පෙනෙන්නට තිබුණත් ඒ සියල්ල උඩු යටිකුරු වුණේ ‘අරාබි වසන්තය’ එළඹීමත් සමඟයි. අරාබි වසන්තය සිරියාවේ අසාද් විරෝධී රැලියක්/CBS News. ටියුනීසියාවෙන් ආරම්භව 2011 වසරේ සිරියාවට පැමිණි ‘අරාබි වසන්තයේ’ ප්‍රථිපලයක් ලෙස ජනාධිපති බෂාර් අල් අසාද්ට එරෙහිව මහජන විරෝධතා පැන නැගුණා. මේ විරෝධතා ඇරඹී ටික කලක් ගත වුණ පසු ඒවාට රජය විසින් ප්‍රහාර එල්ල කිරීමත්, කැරලිකරුවන් විසින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් නිසා රට තුල පැනනැගුනේ ප්‍රචණ්ඩකාරී වාතාවරණයක්. ‘ඉරාකය තුළ අල්කයිඩාව’ මෙම තත්වයෙන් ඵල නෙලාගත්තා. ඉරාකයේ ස්ථානගත කර තිබූ තම මෙහෙයුම් කටයුතු සිරියාවට රැගෙන ආ ඔවුන් තම අදහස් හා සමපාතවන අදහස් දරණ කණ්ඩායම් සමඟ සංධාන ගතවී සංවිධානයේ නම ‘ඉරාකය සහ සිරියාව සඳහා වූ ඉස්ලාමික රාජ්‍යය’ ලෙස වෙනස් කරගත්තා. ඉරාකය තුල ක්‍රියාත්මක වුණ අල්කයිඩා සාමාජිකයන් ගත් මේ පියවරට අල්කයිඩා මූලස්ථානය කිසිසේත්ම එකඟ වූවේ නෑ. මෙයට හේතුවුයේ ඔවුන් ඒ වන විටත් ‘සිරියාවෙහි අල්කයිඩාව’ ලෙස තම කටයුතු ව්‍යාප්ත කිරීමට සැලසුම් සකස් කර තිබූ නිසායි. මේ නිසා අල්කයිඩා මූලස්ථානය සහ අයිසිස් සංවිධානය අතර ගැටුම් හට ගත්තා. ඒවායේ ප්‍රථිපලයක් ලෙස අයිසිස් අල්කයිඩා සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළා. සිරියානු සිවිල් යුද්ධය සිරියාව දිනෙන් දින ලෙයින් නැහැවෙද්දි අයිසිස් සංවිධානය එහි ප්‍රධාන නගර කිහිපයක්ම සම්පූර්ණයෙන් අත්පත් කරගැනීමට සමත් වුණා. ත්‍රස්ත සංවිධානයක් විසින් එවැන්නක් කළ ප්‍රථම වතාව එය ලෙසයි සැලකෙන්නේ. සිරියාවට අමතරව ඉරාකයේ ප්‍රදේශ ගණනාවක් අද වන තුරුත් ඇත්තේ ඔවුන්ගේ පාලනය යටතේයි. ත්‍රස්තවාදීන් විසින් පුපුරුවා හැරි පැල්මයිරාවේ ඉපැරණි සිද්ධස්ථානයක්/RT. සිරියාවේ රඛා, ඉරාකයේ මොසූල් වැනි නගර අත්පත් කරගැනීමෙන් පසු අයිසිස් සංවිධානය තමන්ගේ සන්නාමය (brand) නැවත වරක් නව්‍යකරණය කිරීමට පියවර ගත්තා. ඒ ඉස්ලාමික අධිරාජ්‍යයක් (caliphate) ලෙසයි. එයින් නොනැවතුණ ඔවුන් ලෝකයේ සිව්දෙස වෙසෙන ඉස්ලාම් ජනතාවට ඔවුන් පවසන ඒ අධිරාජ්‍යය ගොඩනැගීම වෙනුවෙන් එක්වන්න යැයි ආරාධනා කර සිටියා. ඔවුන් විසින් මැවූ ඒ සිහිනය සැබෑ කරගැනීමට දහස් සංඛ්‍යාත විදේශිකයන් පිරිසක් තමන් පදිංචිව සිටි රටවලින් සිරියාව සහ ඉරාකයට පලා ආවා. එතැනින් පසුව ලෝකයේ සිදුවූවේ කුමක්ද යන්න පිළිබඳ ඔබට අවබෝධයක් ඇතැයි අපි විශ්වාස කරනවා. එමනිසා ලෝකයට එතරම් බලපෑමක් කිරීමට තරම් අයිසිස් සංවිධානය බලවත් වූවේ කෙසේද යන්න ගැන අවධානය යොමු කිරීම වැදගත්. බලවත් වීම රඛා නගරයේ පැවති අයිසිස් රැලියක්/Fort Russ. ඉරාකය සහ සිරියාව පාලනය කළ ෂියා-අලයියා පිරිස්වලින් සමන්විතවූ ආණ්ඩු කෙරෙහි බහුතර සුන්නි මුස්ලිම්වරුන් තුළ තිබුණේ නොසතුටක්. එම ආණ්ඩු තමන්ව පාගා දමා ඇති බව ඔවුන්ගේ විශ්වාසය වුණා. ඒ වගේම මෙම රාජ්‍යයන් දෙකෙහිම ඒ වනවිට පැවති අනාරක්ෂිත බව සහ සිරියානු ජනාධිපති අසාද්ගේ ඒකාධිපති පාලනය හේතුවෙන් ජනතාව තුල ඇතිවෙමින් තිබුණු කෝපය ආදී සියල්ලෙන්ම ප්‍රයෝජන ගන්නට අයිසිස් සංවිධානයට හැකිවුණා. එමෙන්ම, ඇමරිකානු ආක්‍රමණය නිසා කෝපයට පත්ව සිටි සදාම් හුසේන් රජයේ උසස් හමුදා නිලධාරීන් අයිසිස් සංවිධානයට සහය දැක්වූවා. මෙම නිලධාරීන් ජිහාඩ්වරුන්ට සහය නොදුන් අය වූවත් එවකට ඇතිව තිබූ තත්වය අනුව අයිසිස් සමඟ එක්ව කටයුතු කිරීමට පෙළඹුනා. සිරියානු සිවිල් යුද්ධයේදී ජනාධිපති අසාද් කෙරෙහි නොරිස්සුමෙන් සිටි ඇමරිකානු පාර්ශවය (ඇමරිකාව, කටාර්, සෞදි අරාබිය සහ තුර්කිය) කැරලිකරුවන් වෙත මුදල් හා අවි ආයුධ ලබා දුන් බව ප්‍රකට කරුණක්. ඒවායින් බොහොමයක් අවසානයේදී නතර වූවේ අයිසිස් සංවිධානය ලඟයි. තවද, ඇමරිකාව ඉරාකයෙන් සිය හමුදා ඉවත් කර ගත් පසු ඉතිරිවූ ඉරාක හමුදාව සතුව නවීන පන්නයේ අවි ආයුධ ඉතා විශාල ප්‍රමාණයක් තිබුණත් ඒ තුළ තිබුනේ දැඩි අසංවිධානාත්මක බවක්. හමුදා පාලන තන්ත්‍රය ඉතා දූෂිත එකක්ද වූවා. මේ හේතුවෙන් එම අවි ආයුධවලින් විශාල ප්‍රමාණයක් තමන් සතු කරගැනීමට අයිසිස් සංවිධානයට හැකියාව ලැබුණා. සංවිධානාත්මක අපරාධයන්ගේ යෙදීම (ඇමරිකානු මාෆියා කල්ලි මෙන්), ජනතාවගෙන් බදු සහ දඩ අය කිරීම වැනි ක්‍රියාමාර්ගවලින් මෙන්ම නීති විරෝධී ලෙස බොර තෙල් විකිණීමෙන්ද අති විශාල මුදල් සම්භාරයක් ඉපයීමට මෙම ත්‍රස්ත සංවිධානය සමත්වුණා. අද අප දකින බිහිසුණු සහ ප්‍රබල සංවිධානය ගොඩ නගා ගැනීමට මෙම ත්‍රස්තවාදීන් අඩිතාලම දැමුවේ එසේයි. අයිසිස් සහ සමාජජාල මෙය ලිපි ගණනාවකින් කතා කළ හැකි තරමේ විශාල මාතෘකාවක් වුවත් ඒ පිළිබඳ කෙටි සටහනක් නොතැබුවහොත් මෙම ලිපිය සම්පූර්ණ වන්නේ නැහැ. අයිසිස් සාමාජිකයන් විසින් නිකුත් කළා යැයි සැලකිය හැකි ට්විටර් පණිවුඩයක්/Daily Mail. සංවිධානයට කාඩර්වරුන් ආකර්ෂණය කර ගැනීමට අයිසිස් මූලික වශයෙන්ම භාවිතා කරනු ලැබුවේ සමාජජාලයි. විශේෂයෙන්ම ඉරාකයෙන් සහ සිරියාවෙන් පිටත සිටින තරුණ තරුණියන් වෙත තම ප්‍රොපගැන්ඩාවන් රැගෙන යාමට සැකසූ ඉතාම සූක්ෂම සමාජජාල භාවිතයක් ඔවුන් සතුව තිබුණා. එමඟින් ඔවුන් මුහම්මද් තුමාගේ කාලයේ තිබූවාක් වැනි පූර්ණ ඉස්ලාමික රාජ්‍යයක් පිලිබඳ සිහිනයක් මැව්වා. ඒ සිහිනය වෙත දැඩි ලෙස ප්‍රේම කරන්නට ලොව පුරා වෙසෙන තරුණ තරුණියන් පෙළඹවූවා. අනුකම්පා දැනවෙන අයුරින් පිළියෙළ කළ අන්තර්ජාල සටහන්, ඉතා සුපැහැදිලි ප්‍රොපගැන්ඩා වීඩියෝ ආදියෙන් බටහිර පන්නයට හැදී වැඩුණු ලාබාල තරුණ තරුණියන් තමන් වෙත ආකර්ෂණය කර ගන්නට අයිසිස් සංවිධානයට හැකියාව ලැබුණා. ඔවුන්ගෙන් විශාල පිරිසක් අයිසිස් හා එක්ව සටන් වදින්නට ඉරාකය හා සිරියාව වෙත පලා ගිය අතර ඇතැමෙක් තමන් පදිංචි රටවලම සිට අයිසිස් න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන්නට උත්සාහ දරනවා දැකගන්නට පුළුවන්. වත්මන් තත්වය පැරිස් නුවරට එල්ල වූ නීස් ප්‍රහාරය/NY Daily News. මේ වනවිට ලෝකයේ රටවල් 12කට ආසන්න ප්‍රමාණයක් අයිසිස් සංවිධානය හා සටන් වදිනවා. මේවායෙන් ඉරානය, සිරියාව සහ ඉරාකය ත්‍රස්තවාදීන් හා භූමියේ සටන් වදින අතර අනෙකුත් රටවල් ගුවන් ප්‍රහාර එල්ල කිරීම මගින් ඒ සටන්වලට සහයෝගය දක්වනවා. අයිසිස් සංවිධානය දැන් පෙරට වඩා දුර්වලව ඇතැයි ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මෑතකදී පවසා සිටියත් සිරියාවේ හා ඉරාකයේ ප්‍රදේශ ගණනාවක් ඔවුන් සතුව පැවතීමත් ඔවුන් විසින් ලෝකයේ විවිධ ප්‍රදේශවලට එල්ල කෙරෙන ත්‍රස්ත ප්‍රහාර නිසාත් අනතුර තවමත් පහව නොමැති බව කිවහැකියි. විශේෂයෙන්ම මැදපෙරදිග යුධමය වාතාවරණය නිසා මෙම ත්‍රස්තවාදීන් ආසියාවට සංක්‍රමණය වීමේ දැඩි අවදානමක් පවතින බව ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයන් පවසා සිටිනවා. අයිසිස් ඉලක්කවලට එල්ල වෙන ඇමරිකානු ගුවන් ප්‍රහාර/CNN. මේ සියල්ල අතරේ මැදපෙරදිග අයිසිස් ග්‍රහණයෙන් මිදී පලායන ජනතාව යුරෝපානු රටවලට ඇතුළු වීම නිසා දැඩි අර්බුදයකට මුහුණ දීමට යුරෝපා රටවලට සිදුව තිබෙනවා. ජාත්‍යන්තර නීති රීතිවලට අනුව එසේ පැමිණෙන ජනතාව ප්‍රතික්ෂේප කිරීමට නොහැකි නමුත් එම ජනතාවට මුවාවී පැමිණෙන ආගමික අන්තවාදීන් බටහිර රටවල ජන ජීවිතය අඩාල කිරීමට ක්‍රියා කිරීමත් එම රටවලට දැඩි හිසරදයක්ව තිබෙනවා. දිනෙක අයිසිස් සංවිධානය අවියෙන් පරාජය කිරීමට හැකියාව ලැබුණත් ඔවුන් විසින් පතුරා ඇති මතවාදය සහ දර්ශනය පරාජය කිරීමට ලෝකය සමත් නොවෙන තාක් කල් මෙම ගැටළුව නොනැසී පවතිනු ඇති. කවරයේ පින්තුරය: Sputnik News මූලාශ්‍ර – The Week, Quora, BBC, RT, Al Jazeera ඇතුළු අන්තර්ජාතික මාධ්‍ය වාර්තා Related Articles “ලංකාවේ අවසන් දළ ඇතාත් මරු දකියි” article ප්‍රවෘත්ති සහ වාර්තාමය ජනවාරි 16, 2018 කොරෝනාවෛරසයේ A ප්‍රභේදය ශ්‍රී ලංකාවේ article ප්‍රවෘත්ති සහ වාර්තාමය අප්‍රේල් 29, 2020 ශ්‍රී ලංකාවේ නවතම තානාපති කාර්යාලය ඉතියෝපියාවේ article ප්‍රවෘත්ති සහ වාර්තාමය පෙබරවාරි 9, 2017 ජනතා විරෝධතා හේතුවෙන් ලෙබනන් අගමැති ඉල්ලා අස්වේ article ප්‍රවෘත්ති සහ වාර්තාමය ඔක්තෝබර් 31, 2019 පසුගිය සතියේ කතාබහට ලක් වූ සිදුවීම් ගැන විමසුමක් article ප්‍රවෘත්ති සහ වාර්තාමය අගෝස්තු 12, 2022 කොංගෝවේ සරම්ප වසංගතය​ article ප්‍රවෘත්ති සහ වාර්තාමය මාර්තු 23, 2020 තවමත් නොවිසදුනු නොයිඩා ද්විත්ව ඝාතනය article ප්‍රවෘත්ති සහ වාර්තාමය නොවැම්බර් 10, 2017 ලී ක්වාන් යූගේ පුද්ගලික ලේකම් සිංගප්පූරුවේ අගමැති ධුරයට? article ප්‍රවෘත්ති සහ වාර්තාමය නොවැම්බර් 26, 2018 Roar සිංහල Roar Media is a South Asian multilingual media platform that produces original stories and provides analysis on complex issues. All our content aims to inform, educate, and inspire.
ආසියාතික රටක් වන ශ්‍රී ලංකාවට නෑකම් කියන තවත් ආසියාතික රාජ්‍යයක් ලෙස බංගලාදේශය හඳුන්වන්න පුළුවන්. ලෝ ප්‍රකට සාහිත්‍යධරයෙකු, විශිෂ්ට කවියෙකු සහ චින්තකයෙකුද වූ රවින්ද්‍රනාත් තාගෝර්තුමාද බෙන්ගාලය හෙවත් බංගලාදේශ ජාතිකයෙක් වෙනවා. ඉතින් බෙංගාලය හා බැඳුණු තොරතුරු බිඳක් මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා. videoblocks.com (බංගලාදේශයේ ජාතික ධජය දැක්වෙන පින්තුරයක්) බංගලාදේශයේ පිහිටීම හා ඓතිහාසික තොරතුරු. බංගලාදේශය පිලිබඳව සලකා බලන විට එය ආසියා මහාද්වීපයේ දකුණු දෙසට වන්නටත් ඉන්දියාවේ බටහිර දෙසට වන්නට පිහිටා ඇති රාජ්‍යයක් වෙනවා. එසේම එය නැගෙනහිරින් හා උතුරින් මියන්මාරයටද මායිම් වෙනවා. 16 වන සියවසේ පමණ සිටම බංග්ලාදේශය හඳුන්වා තිබෙන්නේ බෙංගාලය යන නමින්. මෙම රාජ්‍යය නිල වශයෙන් බංගලාදේශය ලෙසට බෙදී වෙන් වී තිබෙන්නේ 1947 දි බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලැබීමෙන් පසුවයි. 1971 නිදහස් සටනින් එය සම්පූර්ණ වශයෙන් නිදහස් රාජ්‍යයක් බවට පත් වී තිබෙනවා. එම නිදහස් අරගලයේදී ප්‍රතිපලයක් ලෙස බොහෝ මනුෂ්‍ය ජිවිත හා දේපල හානි සිදු වී තිබෙනවා. commons.wikimedia.org (බංගලාදේශයේ පිහිටීම දැක්වෙන සිතියමක පින්තුරයක්) බංගලාදේශය හා බැදුණු විශේෂ තොරතුරු. බංගලාදේශය, ආසියාතික රටක් වශයෙන් සාක් කලාපයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය දදරනවා. බංගලාදේශයේ අගනුවර වන්නේ ධකා අගනුවරයි. මෙම රාජ්‍යයට අයත් භුමිය වර්ග කිලෝමීටර 130 168 පමණ වනවා. එසේම බංගලාදේශයේ ජනගහනය 163 654 860 පමණ වන අතර එය ලෝකයේ ජනගහණය අතින් බලන කල අටවෙනියට ඉහළම ජනගහණයක් පවතින රට ලෙස සලකන අතර එය ලොව වැඩිම ජන ඝනත්වයක් සහිත රට ලෙසද වාර්තා වෙනවා. එරට රාජ්‍ය මුදල් ඒකකය ලෙස සැලකෙන්නේ බංගලාදේශ ටකා වේ. එසේම බංගලාදේශයේ ජාතික සත්වයා බෙන්ගාල ව්‍යාඝ්‍රයා වන අතර එරට ජාතික පක්ෂියා ලෙස සැලකෙන්නේ පොල්කිච්චායි. මානෙල් මල බංගලාදේශයේ ජාතික පුෂ්පය යි. බංගලාදේශයේ ජාතික භාෂාව බෙන්ගාලි භාෂාව වන අතර එහි ඉංග්‍රීසි භාෂාවද භාවිතා වෙනු දකින්නට හැකියාව ලැබෙනවා. මෙහි වෙසෙන මිනිසුන් ආගම් කිහිපයක් අදහන අතර මුස්ලිම් හා හින්දු ආගම් ඒ අතරින් ප්‍රධාන වෙනවා. එසේම බංගලාදේශ ජනගහණයෙන් වැඩි පිරිසක් අදහන ආගම බවට හඳුනා ගැනීමට ලැබෙන්නේ මුස්ලිම් ආගමයි. මෙම රාජ්‍යය තුල කෘෂිකාර්මික ආර්ථිකයක් දැක ගැනීමට හැකි වන අතර වී හා හණ වගාව එහිදී ප්‍රධාන වශයෙන් සිදු කෙරෙනවා. එයට අමතරව තිරිඟු හා තේ වගාවද දැකගැනීමට හැකියාව ලැබෙනවා. එරට කාන්තාවන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී තිබෙන්නේ ඇඟලුම් කර්මාන්තය වුවද එම සේවකයන්ට අඩු පහසුකම් හා අඩු ආරක්ෂාවක් ලැබෙන බවට චෝදනා පවතිනවා. (https://www.worldatlas.com/articles/prime-ministers-of-bangladesh.html) stories.flipkart.com (රවින්ද්‍රනාත් තාගෝර්තුමාගේ පින්තූරයක්) දේශපාලන පසුබිම බංගලාදේශ රාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදී රටක් වනවා මෙන්ම එය පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක වන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී සමුහාණ්ඩුවකි. එසේම එරට දේශපාලන පක්ෂ කිහිපයක ක්‍රියාකාරිත්වයක්ද පවතිනවා. එරට පරිපාලනය හා සම්බන්ධ නීති සම්පාදනය එරට ආණ්ඩුව හා පාර්ලිමේන්තුව එක්ව සිදු කරනු ලැබෙනවා. එසේම රාජ්‍යයේ ප්‍රධානියා වන්නේ ජනාධිපතිවරයා වන අතර ආණ්ඩුවේ ප්‍රධානියා වන්නේ අගමැතිවරයායි. එරට වර්තමාන ජනාධිපති වරයා වන්නේ අබ්දුල් හමීඩ් ය. ඔහු 2013 වසරේ සිට එම තනතුරේ සිටින අතර එරට අගමැතිවරිය වන්නේ 2009 වසරේ සිට බලයේ සිටින ෂෙයික් හසීනා මහත්මියයි. ( http://www.nationsonline.org/oneworld/bangladesh.htm) බෙංගාලයේ ජාතික සම්පත්. බංගලාදේශය යනු ස්වභාවික සුන්දරත්වයෙන් අනූන රටක් වනවා මෙන්ම ජාතික සම්පත් වලින් පොහොසත් රටක් ලෙසද හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. බංගලාදේශයේදී හමුවන ස්වභාවික සම්පත් අතරින් ස්වභාවික ගෑස් හා පහළ මට්ටමේ ගල් අඟුරු මූලික ස්ථානයක් ගන්නවා. එසේම බෙංගාලයේ ඩෙල්ටාව හෙවත් සුන්දර්බාන්ස් ඩෙල්ටාව ජෛව විව්ධත්වයෙන් ඉහළ ප්‍රදේශයක් ලෙස සැලකෙනවා. එම ඩෙල්ටාව ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලන්නේ මී වද කැඩිම හා සම්බන්ධයෙනි. prithulmahmud.wordpress.com (සුන්ද්ර්බාන්ස් ඩෙල්ටාවේ පින්තුරයක්) බංගලාදේශය මානව සම්පත අතින්ද පොහොසත්. එනම් ලෝ ප්‍රකට විශේෂ පුද්ගලයන් රැසකට මෙම භුමිය උපත ලබා දී තිබෙනවා. සුප්‍රසිද්ධ සාහිත්‍යධරයෙකු, විශිෂ්ට කවියෙකු හා චින්තකයෙකු වූ රවින්ද්‍රනාත් තාගෝර්තුමාගේ ජන්ම භුමිය වන්නේද මෙම බෙංගාලය වෙනවා. එසේම එතුමා යුරෝපයෙන් පිටත රටකින් නොබෙල් සම්මානය දිනූ පළමු පුද්ගලයා ලෙසද ඉතිහාසයේ ලියැවී තිබෙනවා. තවද බංගලාදේශයේ ජාතික ගීයේ නිර්මාතෘ වරයා වන්නේද තාගෝර්තුමායි. එරටට තවත් නොබෙල් සම්මානයක් දිනා දුන් පුද්ගලයෙකු ලෙස මහාචාර්ය මොහොමඩ් යුසුෆ් මහතා හදුනා ගැනීමට හැකියාව ලැබෙනවා. එනම් බංගලාදේශය තුල ග්‍රාමීන් බැංකු සංකල්පය බිහි කළේ එතුමා වන අතර එතුමා නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවේ 2006 වසරේදී වෙනවා. මේ ආකාරයට එරටට පමණක් නොව ලොවටම වැදගත් වූ පුද්ගලයන් රැසක් බෙන්ගාලයෙන් ලොවට දායාද වී තිබෙනවා. මේ ආකාරයට අපට නෑකම් කියන රටක් වන බංගලාදේශය හා බැඳුණු තොරතුරු හඳුනා ගත හැකියි. එය නිදහස් රාජ්‍යයක් වුවද නිරන්තරවම පාහේ රට අභ්‍යන්තරයේ සිදු වුණු හමුදා කුමන්ත්‍රණ හා දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් බංගලාදේශය වර්තමානය වන විටත් පවතින්නේ ලොව දුප්පත් රාජ්‍යයක් ලෙස යි. bangladeshflag.facts.co (කවරයේ පින්තුරය) මූලාශ්‍ර: http://www.bbc.com/news/world-south-asia-12650944 http://www.nationsonline.org/oneworld/bangladesh.htm http://www.nationsonline.org/oneworld/bangladesh.htm https://ipfs.io/ipfs/QmXoypizjW3WknFiJnKLwHCnL72vedxjQkDDP1mXWo6uco/wiki/Muhammad_Yunus.html https://belovedbd.com/bangladesh-natural-resources/ Related Articles කොවිඩ්-19න් නොසැලී ඉදිරියටම ඇදුණු ඉන්දියාව article විශේෂාංග අගෝස්තු 15, 2020 මිල්වෝකි හී මිනී කන්නාගේ කතාව article විශේෂාංග මැයි 6, 2019 ආර්ථිකය ස්ථාවර කරන හදිසි යෝජනා 12 ක් video විශේෂාංග අප්‍රේල් 18, 2022 උතුරු කොරියාව ලෝක සිතියමේ ඉතිරි කර දුන් රුසියානු ගුවන් සොල්දාදුවා – Mig 15 article විශේෂාංග නොවැම්බර් 10, 2017 අන්තර්ජාතික මානුෂවාදී නීතිය ගැන හැඳින්වීමක් article විශේෂාංග මාර්තු 23, 2017 මනු ගවුර් ගැන දන්නවා ද? video විශේෂාංග අගෝස්තු 9, 2018 සරලව සිංහලෙන් – ද ලාස්ට් කිංග් ඔෆ් ස්කොට්ලන්ඩ් video විශේෂාංග අප්‍රේල් 10, 2018 කාශ්මීර අර්බුදය video විශේෂාංග අප්‍රේල් 4, 2019 Roar සිංහල Roar Media is a South Asian multilingual media platform that produces original stories and provides analysis on complex issues. All our content aims to inform, educate, and inspire.
රජය ආර්ථික අර්බුදයකට මුහුණදී ඇතැයි පවසමින් දිනපතා ජනතාව මත බදු බර පටවමින්, සීමා පනවමින් සිටින රජය අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස පත් කර ඇති පිරිසට දැනට ලබාදී ඇති දීමනා සහ වරප්‍රසාදවලට අමතරව තවත් විවිධාකාර දීමනා සහ වරප්‍රසාද සංචාර ආදිය ලබාදීමට සැරසෙමින් සිටින බවට වාර්තාවේ. මෙලෙස අධීක්ෂණ මන්ත්‍රිවරුන් ලෙස පත්කර ඇති මන්ත්‍රිවරු පිරිසක්, ඒ සඳහා ලබාදෙන වාහනය සහ රුපියල් දෙලක්ෂයක මුදල ඇතුළු අනෙකුත් වරප්‍රසාද ලබාගන්නා බවට එක්සත් ජාතික පක්ෂයේම පිරිසක් චෝදනා කරන බව එක්සත් ජාතික පක්ෂ මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. එම අධීක්ෂණ මන්ත්‍රි පිරිසට රට සවාරි සඳහා වරම් ලබාදීමට යන බවටද තොරතුරු වාර්තා වේ. අධීක්ෂණ මන්ත්‍රිවරු පත්කිරීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවීමෙන් පසු එම පත්කිරීම් සිදුනොකළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර තිබියදීත් එය නොසලකා හරිමින් මෙසේ වාහන, මුදල් ඇතුළු වරප්‍රසාද ලබා දී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි. ඇතැම් අධීක්ෂණ මන්ත්‍රිවරු වාහන දෙකක් පාවිච්චි කරන බවටද තොරතුරු වාර්තා වේ. අධීක්ෂණ මන්ත්‍රිවරු වශයෙන් පත්කර ඇති මන්ත්‍රිවරුන්ගේ නම් සහ රුපියල් ලක්ෂ දෙක බැගින් මුදල් හිමිකරදී ඇති අධීක්ෂණ මන්ත්‍රිවරු කවුරුන්ද යන්න තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබාගැනීමට එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රි පිරිසක් ක්‍රියාකරමින් සිටින බවත් වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරයකුගේ සහ රාජ්‍ය ඇමැතිවරයකුගේ ආශීර්වාදය, මෙසේ රුපියල් දෙලක්ෂයක මුදල හා වාහනය ලබාගෙන ඇති අධීක්ෂණ මන්ත්‍රිවරුන් වෙත හිමිවී ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත. Economy United National Party UNP Recommended For You රාජ්‍ය සේවකයන්ට දුන් සිකුරාදා නිවාඩුව අවලංගු කෙරේ ශ්‍රී ලංකාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙයි ආහාර සුරක්ෂිතතාවයට තිරසර මාවත කියන ‘පවුලේ ගොවිතැන – Family farming‘ කාබනික වගාවේ අරුමය දකින්න එන්න ජනාධිපතිතුමනි ! – ඩොලර් ලක්ෂ ගණනක් අපේ ගස් යට කුණුවෙනවා About the Author: Editor Leave a Reply Cancel reply Your email address will not be published. Required fields are marked * Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Search for: About Voice of Ceylon Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'voiceofceylon.com'
පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ මහා ඛේදවාචකයක් සිදු වුණා. ඒ මීතොටමුල්ල කුණු කන්ද නාය යාමයි. මේ වගේ කුණු කන්දක් දින දෙක තුනකින් නිර්මාණය වෙන්නේ නෑ. එසේ සිදු වීමට හේතුව රටේ නිසි කුණු කළමණාකරණයක් සිදු නොවීමයි. අධික ජනගහනයත් මේකට හේතුවක්. මේ වන විට ලෝකයේ සමස්ත ජනගහනය බිලියන 7ත් ඉක්මවා තිබෙනවා. එය වර්ෂ 2050 වන විට බිලියන 10ද ඉක්මවන බවට ඇස්තමේන්තු කර තිබෙනවා. ඉතින් ලෝකයේ කුණු එකතු වීමේ ශීඝ්‍රතාවය තව දුරටත් වැඩි වීමක් මිස අඩුවීමක් නම් වෙන්නේ නෑ. ඉතින් අනාගතයට හෝ ප්‍රයෝජනයක් වේ යැයි සිතා අපි අදහස් කළා ලෝකයේ විවිධ රටවල් පාවිච්චි කරන ඉතාම සාර්ථක කසළ කළමණාකරණ වැඩපිළිවෙල කීපයක් ඔබ වෙත ගෙන එන්නට. යුරෝපීය රටවල් කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීම අතින් ඉදිරියෙන්ම සිටිනවා. මේ අතරින් ජර්මනිය, ඔස්ට්‍රියාව හා බෙල්ජියම ඉතා විශේෂයි. ජර්මනිය කසළ කළමනාකරණය අතින් ජර්මනිය බොහෝ ඉදිරියෙන් (alba.info) ජර්මනිය අතීතයේ සිටම නව නිර්මාණවලට හා කීර්තිමත් විද්‍යාඥයින්ට ප්‍රසිද්ධයි. කෙසේ නමුත් 1950 වන විට ජර්මනිය තුලත් කසළ එකතු වූ තැන් 50,000 ක් පමණ තිබුණා. නමුත් දැන් එහි ඇත්තේ එවැනි තැන් 300ක් පමණ. ඒවාට වෙන් කර හා වර්ගීකරණය කර රැගෙන එන කසළ පමණක් බාර ගැනෙනවා. 2005 දී ජර්මනිය සාමාන්‍ය කුණු කඳු තහනම් කරන ලද අතර ඔවුන් සැළසුම් කරගෙන සිටින්නේ 2022 වන විට ඉතිරි කුණු ගොඩවල් කිහිපයත් නැති කර දමා එකතු වෙන කසළ සම්පූර්ණයෙන්ම විදුලිය වැනි ශක්තීන් නිෂ්පාදනය සඳහා යොදා ගැනීමටයි. මේ කර්තව්‍යයෙන් ඔවුන් අනුමාන කරන පරිදි ඔවුන්ගේ සම්පූර්ණ ප්‍රාග්ධනයෙන් වසරකට යුරෝ බිලියන 3.7ක් ඉතිරි කර ගත හැකි අතර දැනටමත් කසල ප්‍රතිචක්‍රීයකරණය කිරීමෙන් ඔවුන් ශක්ති ආනයනයෙන් 3% ක්ද, ලෝහ ආනයන වියදමෙන් 20% ක්ද ඉතිරි කරගෙන තිබෙනවා. සාම්ප්‍රදායික ක්‍රමවලට වඩා ආරම්භයේදී නවීන ක්‍රම හඳුන්වාදීමට වැඩි වියදමක් ගත වූවත් ජර්මානු ව්‍යවසායකයන් එය දකින්නේ අනාගතයේ ලොවටම ඉතා වැදගත් වෙන හා අත්‍යවශ්‍ය වෙන කර්මාන්තයකට අත්පොත් ලැබීමට ලැබෙන අවස්ථාවක් හැටියටයි. ඔවුන්ගෙන් ලැබුණු අනුග්‍රහයෙන් කලින් කියපු කසළ ගොඩවල් 50000 කසළ දාහකයන් 70 කට හා ජෛව හා රසායනික කසළ සැකසීමේ කර්මාන්තශාලා 60 කට, කොම්පෝස්ට් නිෂ්පාදනාගාර 800කට පරිවර්තනය කර තිබෙනවා. ග්‍රීන් ඩොට් ක්‍රමය මඟින් අනවශ්‍ය කසළ නිෂ්පාදනය වැළකෙනවා (systalen.de) ජර්මනිය හඳුන්වා දී ඇති තවත් විශේෂ කසළ කළමණාකරණ ක්‍රමයක් තමයි තමයි ‘ග්‍රීන් ඩොට්’ හෙවත්’ කොළ තිත්’ ක්‍රමය. මේ ක්‍රමයේදී කසලවල වගකීම එය නිෂ්පාදනය කරන්නාට පැවරෙන අතර ඒ සඳහා ඔහු යම් ගෙවීමක් කළ යුතුයි. මේ නිසා ඉවතළන ද්‍රව්‍ය අඩුවෙන් යොදාගැනීමට නිෂ්පාදකයා පෙළඹෙනවා වගේම ප්‍රතිචක්‍රීකරණයටත් යොමු වෙනවා. මෙමඟින් භාණ්ඩ නිෂ්පාදනයේදී කඩදාසි, වීදුරු, ලෝහ වැනි දේ අඩුවෙන් පාවිච්චි කිරීමට නිපැයුම්කරුවන් පෙළඹෙන අතර මෙම කොළ තිත් ක්‍රමය කුණු නිෂ්පාදනය වසරකට ටොන් මිලියන 1 කින් අඩු කිරීමට දායක වී තිබෙනවා. ඔස්ට්‍රියාව ඔස්ට්‍රියාවේ වියනා නගරයට උණුසුම ලබා දෙන Spittelau කුණු දහනාගාරය (wikipedia.org) ඔස්ට්‍රියාව කුඩා රාජ්‍යයක් වුණාට කසළ කළමනාකරණය අතින් නම් ඉන්නේ ගොඩක් ඉදිරියෙන්. සාම්ප්‍රදායික ක්‍රම වන බදු පැනවීම වැනි ක්‍රමවලින් ඔවුන් සෑහෙන දුරට කසළ ප්‍රශ්නය අවම කරගෙන තිබෙනවා. මීට අමතරව ඔස්ට්‍රියානු ජෛව තාක්ෂණ ආයතනයක් මඟින් පොලි එතිලීන් තෙරැප්තලේට් හෙවත් පී.ඊ.ටී (PET) ප්ලාස්ටික් බෝතල් ජීරණය කළ හැකි දිලීරමය එන්සයිමයක් නිපදවා තිබෙනවා. මෙමඟින් පී.ඊ.ටී බෝතල්වල සංඝටකයේ මහා අණුව බිඳ හෙලා නැවතත් වඩා ප්‍රයෝජනවත් බහු අවයවික නිෂ්පාදනය කළ හැකියි. මේ එන්සයිමය යොදාගෙන මෙම ක්‍රියාවලිය ස්වහාවිකවම කළ හැකි අතර වෙනත් හානිදායක අතුරු ඵල කිසිවක් සෑදෙන්නේ නෑ. පී.ඊ.ටී බෝතල් නවමු ලෙස නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය බොර තෙල්වලින් ලබා ගත යුතු අතර අවසානයේ ප්‍රතිචක්‍රීයකරණය කළ හැකිව තිබුණේ දහනයෙන් හෝ ඇඹරීමෙන් පමණයි. එ්වා මිලෙන් අධික වූත්, අඩු කාර්යක්ෂ්මතාවයෙන් යුතු වූත් ක්‍රමයන්. බෙල්ජියම බෙල්ජියමේ කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් -(impactpaperec.eu) බෙල්ජියමත් කසළ කළමනාකරණය අතින් ඉදිරියෙන්ම සිටින තවත් යුරෝපීය රටක්. මෙම රටෙහි නිෂ්පාදනය වන කසළ වලින් 75%ක්ම නැවත යොදාගන්නවා, නැතිනම් ප්‍රතිචක්‍රීකරණය කරනවා හෝ කොම්පෝස්ට් බවට පත් කරනවා. බෙල්ජියම ඉතාම දි‍යුණු කසළ කළමණාකරණ තාක්ෂණ දෙකක් සිය රට වැසියන්ට හඳුන්වා දී තිබෙනවා. එනම් ‘එකොලයිසර’ ක්‍රමය හා ‘හරිත උත්සව හා තක්සේරු කිරීමේ මාර්ගෝපදේශනය’ යන ක්‍රමයි. එකොලයිසර් ක්‍රමය ඉතාම සාර්ථකව නව කසළ නිෂ්පාදනය වළක්වා ගැනීමේ ක්‍රමයක්. (no-burn.org) එකොලයිසර ක්‍රමයේදී කසළ එ්වා නිපදවන ප්‍රභවයේදීම හඳුනාගැනීම කෙරෙනවා. ඒ අනුව ගණනය කිරීමක් කොට කසළ ජනනය හා පරිසරයට වන බලපෑම අවම වන නිෂ්පාදන ක්‍රියාවලීන් හා භාණ්ඩ ප්‍රවර්ධනය කිරීම සිද්ධ කෙරෙනවා. මීට අමතරව ඒ ඒ නිෂ්පාදන සමාගම්වලට සිය ක්‍රියාවලීන්, භාණ්ඩ හා සේව වලින් වන කසළ ජනනය හා පරිසරයට වන බලපෑම් ගැන පූර්ව අධ්‍යනයකට අවස්ථාව සැළසෙනවා. මේ අනුව වඩාත් පරිසර හිතකාමී නිර්මාණවලට ඉතාම කාර්යක්ෂ්ම හා ලාභදායී ලෙස යොමු වීමේ අවස්ථාව ඔවුන්ට ලැබෙනවා. ‘හරිත උත්සව හා තක්සේරු’ ක්‍රමය කසළ ජනනය අවම කරන්නට බෙල්ජියමේ භාවිතා වන ඩිජිටල් ක්‍රමයක්. මෙමඟින් උත්සව පවත්වන්නන්ට සිය ව්‍යාපෘතියෙන් පරිසරයට සිදු වන බලපෑමේ ස්වභාවය හා ප්‍රමාණය පිළිබඳව පෙරැයීම් කළ හැකි අතර බලපෑම අවම වන පරිදි ඒවා පැවත්වීමට රුකුළක් වෙනවා. මෙම ක්‍රමය ප්‍රවර්ධනය කරන සමාගමේ වෙබ් අඩවියේ පරිසර හිතකාමී හා නැවත යොදාගත හැකි පිඟන්, හැඳි-ගෑරොප්පු වැනි භාණ්ඩ ලබා ගත හැකි තැන් පිළිබඳව විස්තරද අඩංගුයි. මෙමඟින් එවැනි පරිසර හිතකාමී නිෂ්පාදනවලට අත දීමක්ද වෙනවා. ඉහත කියපු ක්‍රමවලට අමතරව සමස්ථයක් ලෙස කසළ වලින් පරිසරයට වන බලපෑම අවම කිරීම සඳහා විවිධ දියුණු ක්‍රම බොහෝ රටවල් අනුගමනය කරනවා. පහත දැක්වෙන්නේ කසළ වලින් වන බලපෑම අවම කර ගැනීමට ලෝකයේ විවිධ රටවල් වර්තමානයේ උපයෝගී කර ගන්නා දියුණු හා කාර්යක්ෂ්ම ක්‍රම කිහිපයක්. නිර්වායු ජීර්ණය මේ ක්‍රමය යොදාගන්නේ ජෛව කසළ (ශාක හෝ සත්ව ප්‍රභවයකින් බිහි වන කසළ) සඳහායි. මෙහිදී ඔක්සිජන් රහිත පරිසරයක ක්ෂුද්‍රජීවීන් භාවිතයෙන් කසළ ජීර්ණය කිරීමට ලක් කෙරෙනවා. කාබනික ඝන, අර්ධ ඝන හා දියරමය අපද්‍රව්‍ය සඳහා මේ ක්‍රමය යොදා ගත හැකියි. මේ ක්‍රමය ඉතා ඉක්මන් එකක් වන අතර අතුරු ඵල වන ජීව වායුව (මීතේන්) ඉන්ධනයක් හැටියටද යොදා ගන්න පුළුවන්. foodwastenetwork.org.uk කසළ මඟින් ශක්තිය නිපදවීම මේ ක්‍රමය අතීතයේද උපයෝගී කරගනු ලැබුවා. කසළ දහනය කිරීම මඟින් නිපදවෙන තාපය ශක්තිය බවට පරිවර්තනය කර ගැනීම මෙහිදී සිදු වුණා. අදටත් බොහෝ රටවල් ඒ ක්‍රමය උපයෝගී කර ගන්නවා. සාමාන්‍ය දහනයේදී දුම වැනි කරදරකාරී අතුරුඵලත් නිපදවෙන නමුත් අළුතෙන්ම හඳුන්වා දී ඇති ක්‍රම මඟින් කාබනික කසළ කාබන් මොනොක්සයිඩ් හා හයිඩ්‍රජන් මිශ්‍රණයක් වන සංස්ලේෂ වායුව (Syngas) බවට පරිවර්තනය කෙරෙන අතර එම වායුව දහනය කර හුමාලය හා විදුලිය නිපදවීමට යොදා ගැනෙනනවා. ප්ලාස්මා ක්‍රමයේදී සංස්ලේෂ වායුව නිපදවන්නේ සෙල්සියස් අංශක 6000 ක පමණ උෂ්ණත්වයකින් යුතු ප්ලාස්මා දාහක මගින් කසළ දහනය කිරීමෙන්. මේ ක්‍රමයේදී කසළ ඒවායේ මූලික පරමාණුවලටම වියෝජනය වන අතර කිසිදු ශේෂයක් ඉතිරි වන්නේ නෑ. ප්ලාස්මා ක්‍රමයට වායු නිෂ්පාදනය කරන මධ්‍යස්ථානයක් (cahill-energy.com) මීට අමතරව ලෝකයේ තවත් ගැටළුවක් වී ඇති පොසිල ඉන්ධන හිඟ වීමට ප්‍රතිකර්මයක් ලෙසද කසළ යොදාගත හැකියි. කසළ දහනය කිරීමේදී අැති වන ජීව වායුව ස්වභාවික වායුවෙන් ධාවනය කිරීම සඳහා සැකසූ වාහනවලට කෙලින්ම යොදා ගත හැකියි. ශුන්‍ය අපද්‍රව්‍ය (Zero Waste) ක්‍රමය මෙය ඇත්තෙන්ම සත්‍ය ලෝකයේදී උදා කර ගත හැකි ඉලක්කයකට වඩා හැකිතාක් අපද්‍රව්‍ය අවම කර ගැනීම සඳහා යොදාගෙන ඇති සංකල්පයක්. මෙහිදී ඇත්තෙන්ම අවසාන ඉලක්කය යම් භාණ්ඩයක් හෝ සේවාවක් සැළසුම් කිරීමේදී ඉන් අනාගතයේදී බිහි වන අපද්‍රව්‍ය ප්‍රමාණය ශුන්‍යව තබා ගැනීමයි. මෙය කිසිදා උදා කරගත නොහැකි ඉලක්කයක් වුණත් ඒ මග යමින් ඉතා සාර්ථක ලෙස අපද්‍රව්‍ය ජනනය අවම කරගත් තැන් ලෝකයේ ඕනෑ තරම් තිබෙනවා. නිෂ්පාදකයාගේ වගකීම සමහර රට වල හිතුමතේ විදුලි උපකරණ බැහර කළ නොහැකියි (resources.realestate.co.jp) මේ ක්‍රමයත් ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක කෙරෙනවා. විශේෂයෙන් සමහර රටවල විදුලි උපකරණ නිෂ්පාදන සමාගම් ඔවුන්ගේ නිෂ්පාදන පාරිභෝගිකයා පාවිච්චි කර අවසන් වූ පසු එ්වායේ වගකීම නැවත භාරගත යුතුයි. පැරණි උපකරණ නැවත් ලබාගෙන ඒවායේ නැවත යොදාගත හැකි හෝ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කොටස් වෙන් කරගෙන අනික් කාෙටස් පරිසර හිතකාමී ලෙස බැහැර කළ යුතු ලෙස දියුණු රටවල නීති සැකසී තිබෙනවා. කසළ ප්‍රභවයේදීම වර්ගීකරණය කිරීම නවීන ලෝකය විවිධාකාරයේ කසළ නිෂ්පාදනය කරනවා. මේවා ප්‍රයෝජනවත් ආකාරයකට නැවත යොදා ගැනීමට හෝ ප්‍රතිචක්‍රීකරණය කිරීමට නම් ඊට පෙර වර්ගීකරණය කළ යුතු වෙනවා. එය කල් යන වගේම ඉතාම වියදම් කාරී වැඩක්. කසළ බැහැර කරද්දීම ඒවා වර්ගීකරණය කර බැහැර කළොත් මේ වියදම හා කාලය සම්පූර්ණයෙන්ම ඉතිරි කර ගන්නට පුළුවන් නේද? අද ලෝකයේ බොහෝ රටවල මේ ක්‍රමය අනුගමනය කෙරෙනවා. අඩුම ගණනේ කසළ දිරන, නොදිරන, වීදුරු හා යකඩ වශයෙන් වත් වෙන් කර දැමිය යුතු ලෙස සටහන් කරන ලද භාජන අද වන විට ශ්‍රී ලංකාවේ ද නගරබදව දකින්නට පුළුවන්. දැන් දැන් නගරසභා ද ගෘහාශ්‍රිත කුණු එකතු කරන්නේ වර්ගීකරණය කරගෙන. ශ්‍රී ලංකාවේත් දැන් දැන් කසළ වර්ගීකරණය සිදු වෙනවා. එය හොඳ ප්‍රවණතාවයක්. (newsfirst.lk) ලෝකයේ කසළ කළමණාකරණය කිරීම අතින් ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ ඉතාම පහළ තැනක. එක් පසෙකින් ශක්ති අර්බුදයටත් පිළියමක් විය හැකි කසළ ශ්‍රී ලංකාව කියන රමණීය දිවයිනේ මනස්කාන්ත බව නැති කරන එක නම් දුකට කාරණාවක්. ලෙහෙසියෙන්ම ප්‍රයෝජනවත් දෙයක් කරගන්නට හැකියාව තිබෙන කුණු නිසා අපේම සහෝදර සහෝදරියන්ගේ ජීවිත අහිමි වී යාම නම් ඉතාම ඛේදනීයයි. මීතොටමුල්ල කුණු කන්ද වගේ ඛේදවාචකයන්ට නැවතත් මුහුණ දිය යුතු නැහැ (dailynews.lk) මේ ලිපියේ සඳහන් ක්‍රමවලින් බහුතරයක් නිවැරදි දැක්මකින් යුතුව ශ්‍රී ලංකාවේ පාරිසරික හා ආර්ථික වපසරිය තුළ ක්‍රියාත්මක කළ හැකි මට්ටමේ තිබෙනවා. ඒවාට නිසි බලධාරීන්ගේ අවධානය ඉක්මණින්ම යොමු වන්නේ නම් එය රටටත් ජනතාවටත් යහපතක්ම වෙනු ඇති. 1 කවරයේ පින්තූරය (www.deltasd.bc.ca) මූලාශ්‍ර: greentumble.com waste-management-world.com Related Articles ඇයි රත්තරන් මෙච්චර ගණන්? video ප්‍රවෘත්ති සහ වාර්තාමය ජූලි 20, 2021 අන්ත දක්ෂිණාංශික පලහිලව්වෙන් පසු ජර්මනියේ නව ප්‍රාන්ත මැතිවරණයක්! article ප්‍රවෘත්ති සහ වාර්තාමය පෙබරවාරි 24, 2020 තවමත් පියාඹන්න අවසර නැති බෝයිං 737 මැක්ස් 8 ගුවන් යානය article ප්‍රවෘත්ති සහ වාර්තාමය අප්‍රේල් 5, 2019 ඉරානයේ සහය ලබන කලාපීය සන්නද්ධ සංවිධාන article ප්‍රවෘත්ති සහ වාර්තාමය ජනවාරි 20, 2020 සෞදි තෙල් සංකීර්ණ වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර video ප්‍රවෘත්ති සහ වාර්තාමය සැප්තැම්බර් 24, 2019 ඉන්දියාව තුළ යළි දරුණුවටම පැතිර යන කොරෝනාව article ප්‍රවෘත්ති සහ වාර්තාමය අප්‍රේල් 29, 2021 යෙන් අගය රුපියලට වඩා අඩුවෙන්නේ මෙහෙම යි video ප්‍රවෘත්ති සහ වාර්තාමය මැයි 7, 2021 ෆිදෙල් කැස්ත්‍රෝ – ජීවිතය, මරණය සහ ඇමරිකානු ඝාතන ප්‍රයත්න article ප්‍රවෘත්ති සහ වාර්තාමය නොවැම්බර් 28, 2016 Roar සිංහල Roar Media is a South Asian multilingual media platform that produces original stories and provides analysis on complex issues. All our content aims to inform, educate, and inspire.
මේ දවස්වල අපි රත්තරං ගැන වැඩියෙන් කතා බහ කරන්නේ රත්තරං මිළ ඉහල ගිය නිසයි. ඒ වගේම මැයි මාසයේ විවාහ වෙන්න ඉන්න අයටත් මේ තත්වය බලපාන්න ඇති. රත්තරංවල ඉතිහාසය පාරාවෝ රජදවසටත් වඩා ඈත අතීතයකට උරුමකම් කියනවා.එදා මෙදා තුර රත්තරං සමාජයේ වටනාකමට මෙන්ම ආභරණ විදිහටත් වැදගත් තැනක් ගෙන තිබෙනවා. ඒ වගේම රත්තරං ඕනෑම අවස්ථාවකදී සුරැකුමක් විදිහට හිලවව්ට තබා ණයක් ලබා ගන්න පුලුවනි. ඒ නිසාම රත්තරං වටිනාකමේ මාධ්‍යක් විදිහටත් හදුන්වා දෙන්න පුලුවන්.රත්තරං වෙනත් ලෝහ වර්ග සමග පහසුවෙන් මිශ්‍ර කරන්න පුළුවන්. අපි රත්තරං වල ඝනත්වය තීරණය කරන්නේ කැරට් කියන මිම්මෙන්. මුල් කාලයේදී රත්රන් බර තීරණය කිරීමට කැරොබ් ගහේ ඇට මිම්මක් විදිහට යොදා ගත් නිසා පසුකාලයේදී මේ මිනුමෙන් රත්රන් වල ඝනත්වය හැදින්වීමට පටන් ගත්තා. පිරිසිදු රත්රන් කැරට් 24 විදිහට නම් වුනත් මේ පිරිසිදු රත්රන් වලින් සකස් කරන ආභරණ සවි ශක්තිය නැහැ. ඒ නිසා රත්රන් සමග වෙනත් ලෝහ සංයෝග කිරීම කිසා රත්රන් හැඳින්වීමේදී කැරට් 12, 22 , 10, 12 විදිහට නම් කරනවා. රත්තරන් මිළට ගන්නා විට මේ ගැන හිතන්න දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියනවා වගේ රත්රන් මිළට ගැනීමට පෙරාතුව ඒ ගැන විශ්වාසවන්ත වෙළඳසැල් ගැන විමසා බලනන්. මේ වෙනුවෙන් ඔබට ඇසුරුකරන අයගෙන්, අන්තර්ජාලයෙන් තොරතුරු ලබා ගන්න පුලුවන්. ඒ විතරක් නොවෙයි. ආයතනයේ කීර්තිනාමය, ඉතිහාසය සහ එම ආයතනයට සම්බන්ධ ගනුදෙනුකරුවන් අනුව ඔබ මිළට ගන්නා ආයතනය කීරණය කරන්න පුලුවන්. ඒ වගේම ඔබ මිළට ගත් ආභරණ පිලිබඳව සැකයක් ඇති වුනොත් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට දන්වා සහතික කර ගන්නත් පුලුවන්. බිල්පතක් ලබා ගන්න රත්තරං ආභරණ මිලට ගන්නා විට ඒ වෙනුවෙන් බිල්පතක් ඉල්ලා සිටින්නට ඔබට අයිතියක් තිබෙනවා. යම් දවසක මෙම ආභරණය ඔබේ බව තහවුරු කිරීමට එය ඉතා හොඳ උපකාරයක්. අඩුම වශයෙන් බැංකුවකට උගසක් කරන විට වුනත් එම ආයතනයට යම් සැකයක් ඇති වුනොත් එහිදී මෙම බිල්පත මගින් ඔබේ අනන්‍යතාවය පෙන්වනන් පුලුවන්. ඒ වගේම යම් විදිහකින් එබේ ආභරණය නැති වුනොත් එහි අයිතිය තහවුරු කිරීමට මෙම බිල්පත හොඳ සාක්ෂියක් වේවි.. වගකීමේ සහතිකය… රත්තරං ආභරණයක් මිලට ගන්නා විට එහි වගකීමේ සහතිකය ඉල්ලා සිටින්න. එවිට අදාල කාලයේදී ඔබේ ආහරණයට සිදු වෙන අලාබහානි නැවත සකස් කර දීමට ආයතනයේ වගකීමක් තිබෙනවා. වැඩකුලිය ගැන හිතන්න රත්තරං ආභරණ මිළට ගන්නා විට ඔබට වැඩකුලිය ගැන විමසා සිටින්න පුලුවන්.රත්තරං වටිනාකම සමග වැඩකුලිය වෙනස් වෙන්නේ නම් ඔබට ඒ ගැන තීරණය කරන්න පුලුවන්. වටිනාකම අඩුයි.. විසිතුරු ආභරණ විදිහට ගල් සහ මුතු ඇල්ලූ ආබරණ වගේම අපි කම්බි වලලු විදිහට හදුන්වන ආභරණවල වටිනාකම අඩුයි. ඊට හේතුව මේවායේ බර ගනනය කරන්නේ විසිතුරු දේ ඉවත් කරමින් නිසා වටිනාකම් රැස් කරන විට යම් අවාසියක් තිබෙනවා. මැෂින්කට්ද.. ආභරණ අලෙවියේදී මැසින්කට් හෙවත් යන්ත්‍රානුසාරයෙන් නිපදවන ආභරණවලට වඩා අතින් නිපදවන ආභරණ මිළ වැඩියි. ඊට හේතුව අතින් නිපදවන ආභරණ ඉතා සියුම් විදිහට සිදු කරනවා. මිනිස් ශ්‍රමය වෙනුවෙන් පිරිවැය වැඩියි. ඒ නිසා මැෂින්කට් ආභරණ අතින් සාදන ආභරණවලට වඩා මිළ අඩුයි. වෙනත් අයට සමග හුවමාරු කරන්න එපා කිසිම දිනක එබේ ස්වරණාභරණ වෙනත් අය සමග හුවමාරු කරන්න එපා. එය ගීද මෝපසාංගේ මාලය කෙටිකතාවට වෙනස් විදිහට ඔබට බලපාන්න පුලවන්. ඔබේ නියම රත්රන් ආභරණයට සමානව වෙනත් බාල රත්තරං වලින් ආභරණ නිපදවන්න පුලුවන්. ඒ නිසා ආභරණ නිසා මිතුරා වගේම ආභරණත් අහිමි වෙන්න පුලුවන්. ආභරණ යනු වටිනාකමේ රැස්කිරීමක් ඔබ වෙත රත්රන් ආභරණ තිබීම යනු මුදලක් සුරක්ෂිතව තබා ගත්තාට සමානයි. අවශ්‍ය ඕනෑම විටෙක එය සුරැකුමක් විදිහට තබා ඔබට මුදල් ලබා ගන්න පුලුවන්. පරිහරණය නොකරන රත්රන් ආරක්ෂිතව තබන්න ඔබ නිතරම පරිහරණය කරන වළලු,මාල, මුදු, කරාබුවලට අතිරේකව තිබෙන ආභරණ ආරක්ෂිත සේප්පුවක තැබීමට පුලුවනි. ඒ වෙනුවෙන් බැංකු පහසුකම් අද ඉතා පුලුල්ලව ව්‍යාප්තව තිබෙනවා. අවශ්‍ය විටෙක නැවත ලබා ගෙන එම අවශ්‍යතාවය අවසානයේ එය නැවත බැංකුවේ සුරක්ෂිතව ගැබීමට පුලුවන්. නිවසේ තබා යෑම බොහෝ දුරට අනාරක්ෂිත නිසා මේ ගැන වැඩි උපදෙස් බැංකු ජාලයෙන් ලබා ගන්න පුලුවන්. පුන්‍යා චාන්දනී See author's posts Share Facebook Twitter Pinterest WhatsApp Previous articleනිරවුල් හා පිරිසිදු මනසකට භාවනාව Next articleසුපර් මාර්කට්ම හොයන්නේ ඇයි…? පුන්‍යා චාන්දනී RELATED ARTICLESMORE FROM AUTHOR Other ලස්සන වෙන්න මුලුතැන්ගෙයි පිහිට… Other අත්හදා බලන්න… Other විධිමත් මුලුතැන් ගෙයින් ලැබෙන වාසි මෙන්න LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. අලුත්ම ලිපි Other ඔබේ හෙට දවස යහපත් කරගැනීමට ඉටුකළ යුතු කරුණු 5ක් හර්ෂණ සේරසිංහ - June 5, 2016 0 සාර්ථකත්වය කියන්නේ දවසින් දවස පැයෙන් පැය ළඟාකරගන්න ඕන දෙයක්. එමෙන්ම සාර්ථකත්වය කියන්නේ මුදල්ම නොවේ. මේ දෙය ළඟා කරගන්න නම් ඔබ ඔබේ සාමාන්‍ය දින චරියාවේ... ඔබේ ජිවිතේ හොදම දේ ඇත්තේ ඉදිරියටයි. September 6, 2016 ප්ලාස්ටික්වලට පැන්ෂන් දෙමු July 5, 2017 ගැහැනිය අසතුටට පත් කරන පිරිමියා නිතර භාවිතා කරන වදන් April 21, 2016 ගෙදර දොරේ වැඩට මිනිත්තු පැකට් December 24, 2018 ABOUT US Womanly.lk වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ වෙසෙන කාන්තාවන් වෙත නව මානයක තොරතුරු සහ දැනුම ලඟා කිරීමේ අරමුණෙන් 2014 වර්ෂයේදී ආරම්භ කරන ලද්දක්. මෙම වෙබ් අඩවියේ පූර්ණ හිමිකාරීත්වය Avid Media Interactive (Pvt) Ltd ආයතනය සතුයි.
බෙන්තර ගඟෙන් එහා පැත්තේ ඉඳන් ඇස් නෑරපු බළල් පැටවකු වත් මෙහා පැත්තට ගේන්න එපා කියා ප්‍රකට කියමනක් තිබෙනවා. ඊට හේතුව වෙනත් පළාත්වලට ගොස් ශූර ලෙස මොළය පාවිච්චි කර ජීවිතය ජය ගත් විශාල පිරිසක් ඇත්තේ බෙන්තර ගඟෙන් එහා දකුණේ හින්දයි. බස්නාහිර හා දකුණු පළාත්වල සීමා ලකුණු කරමින් මුහුදට වැටෙන හිනිදුම අවටින් පටන් ගන්නා බෙන්තර ගඟ ඉතා අලංකාර පරිසරයකට වගේ ම ඉතිහාසයකටත් උරුමකම් කියනවා. බෙන්තර ගඟ මුල් අවස්ථාවේ දී- tripadvisor.com ගඟේ උපත බෙන්තර ගඟ ආරම්භ වන්නේ හිනිදුම හේකොක්‌ කඳුවැටියේ අඩි 2167 ක්‌ පමණ උසකින්.කුඩා දොළ පහරක් සේ ගල්පර්වත අතරින් ගලා බස්නා මේ නදිය තරමක් විශාල දිය දහරක් බවට පත්වන්නේ මීගම් ගඟ එක් වූ පසුව යි. ගඟ ඉහත්තාව තේ, රබර් හා කුරුඳුවගාවලින් සමන්විත යි. කිලෝමිටර් 72ක පමණ දුරක් ගෙවා බෙන්තරන් මුහුද සිප ගන්නා ගංගාවවර්ග කිලෝමීටර 622ක ජල පෝෂක ප්‍රදේශයක් සහිතයි. පැලවත්ත ගඟ, පිටිගල ගඟ, වැලිපැන්න ගඟ ආදි ජලයෙන් පෝෂිත අතුගංගා රැසක් ද එයට එක් කර ගන්නවා. වාර්ෂික ව සාගරය වෙත ගෙන යන ජල ප්‍රමාණය ඝන මීටර් මිලියන 358ක්. බේරුවල, බෙන්තොට, හිනිදුම, නියාගම, ඇල්පිටිය, වලල්ලාවිට වැනි ප්‍රාදේශීයලේකම් කොට්‌ඨාස කිහිපයක්‌ පසුකරමින් තමයි ගංගාව ගමන් කරන්නේ. ගංගාව පටන් ගන්නා හිනිඳුම වනාන්තර – planvivo.org ගඟ පළලින් වැඩි වන විට ගංගාව මැද දූපත් නිර්මාණය වී තිබෙනවා. මිදෙල්ල දූව, ඕලෑව, දෙල්දූව ඉන් කිහිපයක්. මේවා එක පෙළට පිහිටීම නිසා ගංගාව බෙදී ගිය ආකාරයක් පේනවා. එමෙන් ම නදියේ අලංකාරය ද ඉහළ ගොස් තිබෙනවා. ගඟබඩ පිහිටි බොහෝ ගම් ද දූපත් බවට වශයෙන් පැවති ඒවා යි. තුන්දූව. පොල්දූව, ලද්දූව‍, දේද්දුව එවැනි ගම්මානයි. බෙන්තර ගඟ මුහුදට වැටෙන්නට පෙර – Cinnamonhotels.com බෙන්තොට බෙන්තර ගඟ මුහුදට වැටෙන තොට වූ බෙන්තොට සංචාරක පුරවරයක්. සංදේශ කාව්‍යවල පවා සඳහන් වන ඓතිහාසික ස්ථානයක්. කොළඹ සිට කිලෝ මීටර් 63.5 ක දුරින් තමයි, බෙන්තොට පිහිටා තිබෙන්නේ.විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණීය ම ප්‍රදේශ අතර බෙන්තොටට මුල් තැනක් හිමි වෙනවා. අතීතයේ දෙගොඩ යා කරමින් පාලම් නොමැති කාලයේ දී එගොඩ සිට මෙගොඩටත් මෙගොඩසිට එගොඩටත් පහුරුවලින් ගමන් කර තිබෙනවා. බෙන්තොට තොටුපළෙහි අරක්ගෙන සිටිභයානක යක්ෂයකු සම්බන්ධ පුරාණ ජනප්‍රවාදයක් පවතිනවා. මේ නිසා භයානක තොටුපොළ යන අරුත් ඇති භීමතිත්ත නම් යෙදුමෙන් ඓතිහාසික කෘතිවල බෙන්තොට හඳුන්වා තිබෙනවා. බෙම්තොට, බෙම්තර හා බෙන්තර යන නම්වලිනුත් හඳුන්වනවා. බ්‍රිතාන්‍ය යුගයේ මෙරට මිනින්දෝරුවරයකු මෙන් ම ලේඛකයකු ද වූ ආර්. ඇල්.බ්‍රෝහියර් ලියූ “Seeing Ceylon” (බ්‍රෝහියර් දුටු ලංකාව) නම් ග්‍රන්ථයේ බෙන්තොට ගඟ ගැන මෙසේ පවසා තිබෙනවා: “බෙන්තොට ගඟ දිගේ ඉහළට චාරිකාවක යෑම සැබැවින්ම ඉතා සුන්දර අත්දැකීමකි.මෝයේ ඉවුර කඩොලානෙන් වැසී ඇත. බාදිය ඇති විට දී කඹයක ආකාරයට පොළොව බදාගෙන සිටින ඔබ මොබ මඩ ගඳ ඇති මුල් දැකිය හැකිය. මේ අතර තැනින් තැන විස්මයජනක අයුරින් පිරිසුදු දිය එක්රැස් වී ඇති තැන් ද නැත්තේ නොවේ. මේ තැන්හි සේරුන් ද, තාරාවන් ද ආහාර සොයමින් ඇවිදින අයුරු මනරම් ය. එමෙන්ම එහි දී ගං මෝයවලවාසය කරන විසල් හිසක් ඇති කොළ පැහැති ඇසින් යුත් කිඹුල්ලු ද ඇත. (බ්‍රෝහියර් දුටු ලංකාව- පරිවර්තනය: ප්‍රේමචන්ද්‍ර අල්විස්) බෙන්තර නදියේ සුන්දරත්වය – Wikipedia.org සංදේශ කවීන් දුටු බෙන්තොට මයුර සහ තිසරසංදේශවල පවා බෙන්තර සමෘද්ධිමත් පුරවරයක් ව පැවති බව සඳහන් කර තිබෙනවා. කෝට්ටේ යුගයේ රචිත ගිරා සංදේශයේ බෙන්තර ගැන සඳහන් ව ඇත්තේ මේ විදිහට යි: නොබැඳ විදෙන වරලස මල් පිටින්පිටින් නොහැඳ තරම ගිලිහෙන සළු පටින්පටින් පැහැද තවෙත දිව එන ලිය වටින්පිටින් සබැඳ නොසිට යාගන් බෙම්තොටින්තුටින් ගිරා කතුවරයා බෙම්තොට ළඳුන්ගේ රූපශ්‍රීය ගැන මෙහිදී වර්ණනා කොට තිබෙනවා. මයුර සංදේශ කවියා බෙන්තොට දැක්කේ මේ විදිහට යි: වෙන් කොට වනත ගෙවුයන් සිරි නොදත හැකී මන් තුට වඩන යැදි සිරි දෙන දෙව් තුරකී පින් කොට නොගොස් ඔබ මෙලොවම පැමිණි සකී බෙන්තොට දෙගොඩ දෙනුවර දෙව් ලෝ දෙකකී නදිය අසබඩ පිහිටි බුදු පිළිමයක් – Expedia.com අනුරාධපුර සද්ධාතිස්ස රජ කාලයේ ඉදි කළ වෙහෙර විහාර පහක් බෙන්තර ප්‍රදේශයේ තිබෙනවා. ඒ ගලපාත විහාරය, බෝධිමළු විහාරය, වනවාස විහාරය, උඩකොටුවවිහාරය, ගණේ විහාරයයි. ගලපාත විහාරයේ දීර්ඝ සෙල්ලිපියක් ද හමුවෙනවා. මහා පරාක්‍රමබාහු, කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල, දෙවැනි පරාක්‍රමබාහු, හයවෙනි පරාක්‍රමබාහු ආදි රජවරු මේ විහාර සංවර්ධනයකරලා පුද පූජා පවා පවත්වලා තිබෙන බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන්. බෙන්තොටට අයිති ස්ථාන වන වාඩිය, නිස්සංකගල, යාත්‍රාමුල්ල, පහුරුමුල්ල ගැන ඉතිහාසගත කරුණු රැසක් පවතිනවා. දූපත්වල කඩොලාන වනාන්තර – twitter.com පාරිසරික වැදගත්කම වළල්ලාවිට, තොටහ, අවිත්තාව ප්‍රදේශවල දීගංගාව ගලන්නේ යගිරල රක්ෂිත වනය අද්දරින්. මෙම ගංගා ද්‍රෝණිය ආශ්‍රිත ව තෙත් වර්ෂා වනාන්තර මෙන් ම කඩොලාන වනාන්තර දපිහිටා තිබෙනවා. මේ නිසා ගංගාව අවට ඉහළ ජෛව විවිධත්වයක් ද පාරිසරික විවිධත්වයක් ද දැකගත හැකි යි. ජලාශ්‍රිත වර්ෂා වනාන්තරවල දිවි ගෙවන පක්ෂින්, උරගයන්, උභය ජීවීන් ඇතුළු සත්ත්ව විශේෂ රැසකට බෙන්තර ගඟ අවට වටපිටාව වාසස්ථාන සපයනවා. බෙන්තර ගඟ වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ ඉත්තෑපාන, හොරවල ප්‍රදේශය පසු කර ගලා බසින අතර අලංකාර කඩොලාන වනාන්තර ද නිර්මාණය වී තිබෙනවා. බෙන්තර ගඟෙහි මෙම හොරවල ඉත්තෑපාන මල්ගස්ඕවිටදෙණිය කඩොලාන වනාන්තරය, ඉත්තෑපාන මඩවිට කඩොලාන වගේම ලුල්බද්දුව කඩොලාන වනබිම ද පිහිටා තිබෙනවා. කඩොලාන උමං අතරින් – Mylittleadventure.fr කඩොලාන වනාන්තර දෙද්දුව විල නැතහොත් තෙත්බිම බෙන්තර ගඟට අයත් පෙදෙසක්. මෙහි විශාලත්වය අක්‌කර 500 ක්‌ පමණ වෙනවා. ඒ ආශ්‍රිතව මිදෙල්ල දූව, බලිව දූව, රැපියෙල් දූව, සොහොන්දූව, අජපල දූව ලෙස දූපත් පහක් තිබෙනවා. මෙම දූපත් වගේම ගංගාවේ කඩොල් “උමං මාර්ග”ත්සංචාරකයන්ට අපූරු අත්දැකීම් ලබා දීමට සමත්. මේ නිසා බෙන්තර නදියේ බෝට්ටු සවාරි විදේශිකයන් වගේම දේශීයයන් අතරත් ජනප්‍රිය යි. බෝට්ටු සේවා සපයන ආයතන රැසක් ද බෙන්තර තිබෙනවා. රතමිල්ල ශාකය- divaina.com ශ්‍රී ලංකාවේ තිබෙන කඩොලාන විශේෂ අතුරින් මල් කඩොල්, රත්කඩොල්, මහ කඩොල් හා හීන් කඩොල් වැනි කඩොලාන විශේෂ බෙන්තර ගඟ ආශ්‍රිතව හමුවෙනවා. ගඟ දෙපස වැඩෙන ශාක අතර ගිං පොල්, කිරල, කැරන්, කෙකටිය, මිදැල්ල, පන්, වැටකෙයියා කිහිපයක් පමණයි. දැඩි ලෙස තර්ජනයට ලක්වූ කඩොලාන විශේෂයක් වන රතමිල්ල ශාකය බෙන්තර ගඟ ආශ්‍රිතකඩොලාන පරිසර පද්ධතියෙන් ද මේ වනවිට හඳුනාගෙන තිබෙන බව වාර්තා වනවා. ශ්‍රී ලංකාවේ ද මෙම ශාකය ජාතික රතු දත්ත වාර්තාවන්හි දැඩි ලෙස තර්ජනයට ලක් වූ ශාකයක් ලෙස හඳුන්වා දී තිබෙනවා. මාදු ගඟට පමණක් සීමා වූ ශාකයක් ලෙස හඳුනාගෙන තිබූ රතමිල්ල බෙන්තරගඟ ආශ්‍රිත කඩොලාන පරිසර පද්ධතියෙන් ද හමුවීම සතුටට කරුණක්. මෙම කඩොලාන වනාන්තර විවිධ කටයුතු සඳහා විනාශ කිරීම ගැනත් නිතර වාර්තා වෙනවා. ගම්මාන අසලින් ගලා බසිමින් – tripadvisor.com නාන තොටුපොළ බෙන්තර ගංගාව ජන ජීවිතය සමඟ තදින් බද්ධ වී ඇති ජල ප්‍රවාහයක්. ඒ නිසා ගඟේ බොහෝ ස්ථානවල අලංකාර නාන තොටුපොළවල් ද අදටත් දැකගත හැකි යි. ගඟ අද්දර ජීවත්වන ගැමියන් නෑම, රෙදි සේදීම ඇතුළු එදිනෙදා කටයුතු සඳහා තොටුපොළ භාවිත කරනවා. බෙන්තර ගඟෙහි වළල්ලාවිට පෙදෙසේ ගංගා ඉවුරේ කිරල ගස් බහුල යි. අක්කර ගණනාවක් පුරා පැතිර ඇති කිරල වගාවන් මෙම ප්‍රදේශයේ දී දැකගත හැකි යි. කිරල ගෙඩි භාවිත කර විවිධ ආහාර පාන නිපදවීම ද අතීතයේ පටන් මේ අවට ගම්මානවල සිදුවෙනවා. කිරල ගෙඩි මඟින් කිරල බීම, කිරල අයිස්ක්‍රීම් වැනි නිෂ්පාදන සිදුකිරීමට කිරල සම්පත් මධ්‍යස්ථානයක් ද හොරවල තොටුපළ ආසන්න ව පිහිටුවා තිබෙනවා. ගංගාවේ කිඹුලෙක් – Viator.com බෙන්තොට බෙල්ලෝ බෙන්තොට කලකට පෙර ප්‍රසිද්ධවෙලා තිබුණේ කාවාටි නම් බෙල්ලන්ටයි. දිගටි හැඩයෙන් යුත් පියන් දෙකක් සහිත මේ බෙල්ලන් ගල්වලට හා ජලයේ ඇති ගස්වල මුල්වලට ඇලී ජිවත් වෙනවා. කාවාටි බෙල්ලන් ගංමෝයේ කඩොලන වනාන්තරවල හා පහුරුමුල්ලේ සීමාවේ පිහිටි මහගල හා දිග්ගල යන තැන්වලින් බහුල ව ලබා ගෙන තිබෙනවා. කිමිදෙන්නන් ඒ සඳහා ම තැනූ දිග මිටි වර්ගයක් උපයෝගී කරගෙන තමයි බෙල්ලන් කැඩීම කරන්නේ. ගඟේ ජලය පහත මට්ටම හෙවත් බාදිය ඇති කාලේට කඩා ගන්නා කාවාටින් දිනදෙකක් ලුණු දියේ තබා ආහාර සඳහා පිළියෙළ කරගන්නවා. කාවාටී රසවත් මෙන්ම ගුණවත් ආහාරයක් ලෙසටත් ප්‍රකට යි. කලකට පෙර බහුල ව හමුවූ කාවාටි බෙල්ලන් අද දුලබ වී ඇති බවයි ගැමියන් පවසන්නේ. කාවාටි හැරුණු විට ගඟබඩ හමුවන මට්ටි බෙල්ලන් ද ආහාරයට ගන්නවා. බෙන්තොට පැරණි කාලයේ -facebook ගඟ ළඟ වාඩිය බෙන්තර පාලම අසල ගාලු පාර දෙපස ඒ කාලේ වාඩිය නමින් තමයි හැඳින්වූණේ. මේ ස්ථානයේ පිහිටි බෝධි වෘක්ෂය ඉදිරිපිට ගමේ විසූ පැරැන්නෝ පිංතාලියක් තනා තිබුණා. ක්‍රිස්තු වර්ෂ 1812 තරම් ඈතට දිව යන අතීතයක් මේ පිංතාලියට තිබෙනවා.පිංතාලියට වතුර පුරවන්න කළු ගලින් තැනූ ටැංකියක් ද ඒ අසල තිබුණා. අතීතයේ කොළඹ සිට දකුණේ ගාල්ල මාතර දක්වා බඩු පටවා ගමන් කළ ගැල්කරුවෝ මේ බෝධිය අසල අම්බලමේ නවාතැන් ගෙන තිබෙනවා. පිංතාලිය ඔවුන්ගේ ජල අවශ්‍යතා සපිරූ බව ගමේ පැරැන්නෝ පවසනවා. මූලාශ්‍ර: කවරයේ ඡායාරූපය - බෙන්තර නදියේ මසුන් මරන්නෙක් - serendibleisure.com දිනමිණ 2021 ඔක්. 27 අසිරු වේදිත කරුණාරත්න, පේෂල කරුණාරත්නගේ ලිපිය Divaina.com Lanakadeepa.lk Related Articles සංගීතය මියගිය දිනය video ඉතිහාසය සැප්තැම්බර් 10, 2019 ග්‍රීක-රෝම අධිරාජ්‍යය අතර හෙලනිස්තික යුගය article ඉතිහාසය සැප්තැම්බර් 4, 2018 ගම්පෙරළියේ මහගෙදර වූ බලපිටිය මහා කප්පින වලව්ව article ඉතිහාසය සැප්තැම්බර් 3, 2021 යුදෙව් වධ කඳවුරු වල නාසි පර්යේෂණ article ඉතිහාසය අප්‍රේල් 18, 2017 දෙවන ලෝක යුද්ධයේදී ආසියාව (තෙවන කොටස) – සිංගප්පූරුව ජපන් හමුදා අතට​ article ඉතිහාසය ජූලි 2, 2017 ගෝල්ෆේස් එකේ පුරාණ බිල්ඩිං ගැන පුදුම හිතෙන කතා article ඉතිහාසය නොවැම්බර් 30, 2020 ජානගත රෝගවලින් පෙළුණු රාජකීයයෝ article ඉතිහාසය සැප්තැම්බර් 24, 2019 ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිමය ගැන අප නොදත් කතා article ඉතිහාසය ජූලි 23, 2022 Roar සිංහල Roar Media is a South Asian multilingual media platform that produces original stories and provides analysis on complex issues. All our content aims to inform, educate, and inspire.
The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting Search Inside Google Display results as : Posts Topics Tags Advanced Search Latest topics SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා In the Meantime Within Our Shores! Sat Nov 26, 2022 10:19 pmකිත්සිරි ද සිල්වා අපි තමයි හොඳටම කරේ !Thu Nov 24, 2022 3:43 pmකිත්සිරි ද සිල්වා REXP.N0000 (Richard Pieris Exports PLC)Mon Nov 21, 2022 11:32 amකිත්සිරි ද සිල්වා NTB.N0000 (Nations Trust Bank PLC)Sun Nov 20, 2022 8:34 amකිත්සිරි ද සිල්වා RICH.N0000 (Richard Pieris and Company PLC)Sat Nov 19, 2022 8:17 amකිත්සිරි ද සිල්වා APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Thu Nov 17, 2022 7:09 amකිත්සිරි ද සිල්වා AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා PLC.N0000 (People's Leasing and Finance PLC) Sun Nov 13, 2022 8:51 amකිත්සිරි ද සිල්වා DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Sat Oct 22, 2022 8:52 amකිත්සිරි ද සිල්වා Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා මේ අර්බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේWed Oct 12, 2022 11:14 amruwan326 What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Wed Oct 05, 2022 7:44 amකිත්සිරි ද සිල්වා Tile - SnapshotWed Sep 28, 2022 12:45 pmකිත්සිරි ද සිල්වා Windows 10 is going to be the last major revision of the operating system.Wed Sep 21, 2022 9:01 amකිත්සිරි ද සිල්වා Why is LOLC Prices Going Down? Tue Sep 20, 2022 6:18 pmකිත්සිරි ද සිල්වා Coronavirus UpdatesMon Sep 19, 2022 6:55 pmකිත්සිරි ද සිල්වා Dividends of Insurance SectorFri Sep 16, 2022 9:37 amFirst Guy Trading or Investing while country facing bankruptcyThu Sep 08, 2022 9:03 pmmark ඉතිහාසේ වරද්දන්නේ නැතුව ලියමු.Sat Aug 06, 2022 11:19 amකිත්සිරි ද සිල්වා අරගලයට ජයවේවාFri Aug 05, 2022 1:36 pmකිත්සිරි ද සිල්වා 69 යේ මහා සාපය ! Fri Jul 22, 2022 9:19 amකිත්සිරි ද සිල්වා Cartoon TodayMon Jul 11, 2022 10:25 amකිත්සිරි ද සිල්වා Without further ado !Sun Jul 10, 2022 8:53 amකිත්සිරි ද සිල්වා Urgent Attention: US Ambassador to Sri LankaTue Jul 05, 2022 10:26 amකිත්සිරි ද සිල්වා LIOC.N0000 (Lanka IOC PLC)Sat Jul 02, 2022 8:21 amකිත්සිරි ද සිල්වා හොර පව්ලක් රකින්න !Tue Jun 28, 2022 7:55 amකිත්සිරි ද සිල්වා How to Pick the Right Representative.Mon Jun 27, 2022 10:27 amකිත්සිරි ද සිල්වා I Miss GOTA's Era !Mon Jun 27, 2022 7:49 amකිත්සිරි ද සිල්වා TJL.N0000 (Tee Jey Lanka PLC.)Wed Jun 22, 2022 8:12 pmකිත්සිරි ද සිල්වා Come Join OthersSun Jun 19, 2022 7:19 amකිත්සිරි ද සිල්වා CIND.N0000 (Central Industries PLC)Tue Jun 07, 2022 7:18 amකිත්සිරි ද සිල්වා Flying, the Safest Mode of TransportSat Jun 04, 2022 6:29 amකිත්සිරි ද සිල්වා CSE NEWS+ 2022Thu May 26, 2022 5:40 pmruwan326 Wesak Sun May 15, 2022 3:51 amකිත්සිරි ද සිල්වා Dividend AnnouncementsFri May 13, 2022 7:07 pmකිත්සිරි ද සිල්වා Turning the Other Cheek !Wed May 11, 2022 8:27 pmකිත්සිරි ද සිල්වා The Minority Mindset !Tue May 03, 2022 7:31 pmකිත්සිරි ද සිල්වා PINS.N0000 (People's Insurance PLC)Tue May 03, 2022 7:30 pmකිත්සිරි ද සිල්වා Sri Lanka NowFri Apr 22, 2022 5:43 pmකිත්සිරි ද සිල්වා Disclaimer Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts. All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum. This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker New Era- Not Gota's era 2 posters The Investor Sentiment - Equity and investments forum for Sri Lankans :: Lounge :: The chill-out spot Tweet ruwan326 Posts : 1735 Join date : 2016-09-29 Age : 44 Location : Horana + New Era- Not Gota's era Sun Apr 17, 2022 7:25 am ලංකාව ණය ගෙවීම් අත් හිටුවයි! >>>>>>>>>>>>>>>>>>>>>>> අද (අප්‍රේල් 12) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු පහෙන් පසුව ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතු විදේශ ණය හා වාරික ගෙවීම අත් හිටවා තිබෙනවා. මෙය ඒකපාර්ශ්වික තීරණයක්. මෙයින් අදහස් වන්නේ කුමක්ද? අමුවෙන්ම කිවුවොත් කන්න බොන්නවත් සල්ලි (විදේශ විණිමය) නැති තරමට ලංකාව නැට්ට්ටම හිරවෙලා. ණය වාරික හෝ පොලී ගෙවනවා කියන එක මේ වෙලාවේ හිතන්නවත් පුළුවන් දෙයක් නෙමෙයි. මේ තීරණය නිසා පසුව මොන විදිහේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වුනත්, ගෙවන්න අතේ සල්ලි නැත්නම් ඔයිට වඩා කරන්න පුළුවන් දෙයක් නැහැ. මේ තීරණය බලපාන්නේ මොන ණය වලටද? ශ්‍රී ලංකා රජය විසින් ලබාගෙන තිබෙන ස්වෛරිත්ව බැඳුම්කර ණය, වෙනත් රජයයන්ගෙන් අරගෙන තිබෙන ද්විපාර්ශ්වික ණය, ශ්‍රී ලංකා රජයේ ඇපවීම මත වාණිජ බැංකු හෝ වෙනත් ආයතන විසින් විදේශ ව්‍යවහාර මුදල් වලින් ලබාගෙන තිබෙන ණය ආදියට මෙම තීරණය බලපානවා. එහෙත් මහ බැංකුව සමඟ ඇති කරගෙන තිබෙන මුදල් හුවමාරු ගිවිසුම් වලට මේ තීරණය අදාළ නැහැ. රජයේ රුපියල් ණය වලටත් මේ තීරණය අදාළ නැහැ. මේ විදිහට ශ්‍රී ලංකා රජයට ඒකපාර්ශ්වික තීරණ ගන්න පුළුවන්ද? විදේශ ණය ගිවිසුම් වලට බලපාන්නේ ලංකාවේ නීතිය (පමණක්) නෙමෙයි. බොහෝ විට වෙනත් රටක හෝ රටවල් ගණනාවක නීති බලපානවා. විදේශ ණය හා අදාළව ශ්‍රී ලංකා රජය කියන්නේ තවත් එක් පාර්ශ්වකරුවෙක් පමණක් මිස නීති හැදීමේ හෝ නැමීමේ හැකියාවක් තියෙන "ලොක්කෙක්" නෙමෙයි. ඒ නිසා, එක් එක් ණය ගිවිසුමේ කොන්දේසි අනුව, ශ්‍රී ලංකා රජයට ඉදිරි කාලයේදී විවිධ ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න වෙයි. වඩා වැදගත් ප්‍රශ්නය මේ වගේ ඒකපාර්ශ්වික තීරණ ගන්න පුළුවන්ද බැරිද කියන එක නෙමෙයි. මෙහෙම නොකර වෙන කළ හැකි දෙයක් තිබුණාද කියන එකයි. ණය ගෙවන්න සල්ලි නැත්නම් කොහොමටත් ගෙවන්න විදිහක් නැහැ. ඒ කියන්නේ ඉතිරිව තිබෙන්නේ ණය පැහැර හරින ආකාරය පිළිබඳ විකල්ප පමණයි. ණය පැහැර හැරීම කළ යුතුව තිබුණු විකල්ප ක්‍රම මොනවාද? (1) ණය හිමියන් සමඟ සාකච්ඡා කර ද්විපාර්ශ්වික එකඟතාවයක් යටතේ ණය ගෙවීම අත් හිටුවා එම ණය පසුව ගෙවන ආකාරය සම්බන්ධව දෙපාර්ශ්වයට එකඟ විය හැකි වැඩ පිලිවෙලක් සකස් කර ගැනීම. (2) අවසාන මොහොත වන තුරු ණය කෙසේ හෝ ගෙවන බව කියමින් සිට අවසාන මොහොතේ ණය නොගෙවා පැහැර හැරීම (3) දැන් කර ඇති ආකාරයෙන් ඒකපාර්ශ්වික පූර්ව දැනුම්දීමක් සහිතව ණය ගෙවීම අත් හිටුවීම බොහෝ දෙනෙකු විසින් ණය ප්‍රතිව්‍යුහගත කරන මෙන් යෝජනා කරද්දී අදහස් කළේ ඉහත (1) විකල්පය ගැනයි. එහෙත් මෙය යම් කාලයක් ගත වන වැඩක්. මගේ අදහස වන්නේ අඩු වශයෙන් මාස හයකට පෙර අනිවාර්යයෙන්ම ණය පැහැර හරින්නට සිදුවන බව අවබෝධ කර ගෙන අවශ්‍ය කටයුතු පටන් ගත්තානම් මෙය කළ හැකිව තිබුණු බවයි. දැන් මේ සඳහා ප්‍රමාද වැඩියි. මේ වන විට අදාළ ක්‍රියාමාර්ගයට ප්‍රවේශ වී ඇතත් එය සම්පූර්ණ වීමට මාස ගණනාවක් යා හැකියි. එතෙක් අල්ලා ගෙන ඉන්න තරම් විදේශ සංචිත රටේ නැහැ. ඒ නිසා, ඉතිරිව තිබෙන්නේ (2) හා (3) විකල්ප පමණයි. ඒ දෙකෙන් වඩා හොඳ විකල්පය (3)යි. මෙය හානි අවම කිරීමේ විකල්පයක් පමණක් බව පැහැදිලිව තේරුම් ගත යුතුයි. (2) විකල්පයේ හානි ඊට වඩා වැඩියි. (1) වඩා හොඳ විකල්පයක් වුවත් දැන් ඒ සඳහා ප්‍රමාද වැඩියි. (3) යනු (1) සිදුවන තුරු ගෙන තිබෙන තාවකාලික පියවරක්. කෙසේ වුවත්, (1) කියන්නෙත් හානි අවම කරන විකල්පයක් පමණයි. මේ විකල්ප තුනටම නොගොස් නියම පිළිවෙලට ණය ගෙවන්න පුළුවන් වුනානම් තමයි වඩාත්ම හොඳ. හැබැයි දැන් ඒ ගැන කතා කරන එකේවත් තේරුමක් නැහැ. මේකත් විණිමය අනුපාතය හා පොලී අනුපාත පාලනය කිරීම වගේම දෙයක්. ඩොලරයේ මිල අඩුවෙන් තියෙනවානම් හොඳයි. පොලී අනුපාත අඩුවෙන් තියෙනවානම් ඒත් හොඳයි. හැබැයි මේ ඉලක්ක ලඟා කරගත යුත්තේ "නියම ක්‍රමයට" මිසක් හොර පාරෙන් නෙමෙයි. ඩොලරයේ මිල ඉහළ යාමට බලපාන දේ කරන අතරම ඩොලරයේ මිල පාලනය කිරීමේ ප්‍රතිඵල දැන් ඇස් පනාපිටම පේන්න තිබෙනවා. මතක තියා ගන්න අනාගතය ගැන සැලකූ විට තවමත් ඩොලරයේ මිල තියෙන්නේ සතුටු විය හැකි තැනක බව. පොලී අනුපාතික ගැන කියන්න තියෙන්නෙත් ඒකමයි. මේ ණය ජනතාවගේ එකඟතාවයෙන් තොරව රජය විසින් ජනතාව උකස් කර ගත් ණය සේ සලකා ඒකපාර්ශ්වීය ලෙස ගෙවීම කල් දැමීම සාධාරණිකරණය කළ හැකිද? මෙහි "රජය විසින් ජනතාව උකස් කර ගත්" කියන කොටස නිවැරදි වුවත් "ජනතාවගේ එකඟතාවයෙන් තොරව" කියන කොටස නිවැරදි නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රටක බහුතර ජනතා කැමැත්ත ලබා බලයට පත් වූ ආණ්ඩුවක මෙහෙයවීම යටතේ රජය විසින් ජනතාව උකස් කර ගත් ණය සැලකිය හැක්කේ ජනතාවගේ එකඟතාවයෙන් ලබාගත් ණය ලෙසයි. ඒ වගේම, මෙහිදී ප්‍රායෝගිකව බලපාන්නේ ජාත්‍යන්තර ගිවිසුම් නීති මිසක් සාධාරණත්වය පිළිබඳ මූලධර්ම නෙමෙයි. කලින් විස්තර කළ පරිදි, මෙය සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්නයක් නොව විකල්ප නැති වීම පිළිබඳ ප්‍රශ්නයක්. දැන් ණය හිමියන්ට වෙන්නේ කුමක්ද? වහාම සිදුවන දෙය ඔවුන්ට ලැබිය යුතු ණය වාරික හා පොලී මුදල් ලංකාවට ලබා දුන් අලුත් ණය බවට පරිවර්තනය වීමයි. එනම් ප්‍රාග්ධනීකරණය වීමයි. උදාහරණයක් ලෙස ජූලි මාසයේදී කිසියම් අයෙකුට ඩොලර් මිලියන 100ක ස්වෛරිත්ව බැඳුම්කර ආයෝජන වෙනුවෙන් එම මුහුණත වටිනාකම හා ඩොලර් මිලියන 2.9375ක කූපන් පොලී මුදලක් ලැබිය යුතු වුවත් දැන් එය ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ඇය එදින ඩොලර් මිලියන 102.9375ක අළුත් ස්වෛරිත්ව බැඳුම්කරයක හිමිකාරියක බවට පත් වෙනවා. ඒ වෙනුවෙන් එම මුදල ආපසු ගෙවන තුරු 5.875%ක පොලියක් ලැබෙනවා. ලැබෙනවා කිවුවත් එම මුදල බැංකු පොලියක් මෙන් ඉහත ආයෝජනයටම එකතු වෙන එකයි වෙන්නේ. මේ වැඩේට ණය හිමියෝ කැමති වෙයිද? අනිවාර්යයෙන්ම ඔවුන් කැමති වන එකක් නැහැ. මොකද මේ 5.875% පොලියට (ඉහත උදාහරණයේදී) ඔවුන් කැමති වී තියෙන්නේ වසර 10කට පෙර 2012දී. ඒ දවස්වල ලංකාවට ණය දෙන එකේ දැන් මෙන් අවදානමක් පෙනෙන්න තිබුණේ නැහැ. දැන් ඔවුන් මේ වගේ අඩු පොලියකට තමන්ගේ ණය අළුත් කරන්න කැමති වන්නේ නැහැ. ඉදිරියේදී මේ ණය හිමියන් එක්රැස් කර කරන සාකච්ඡාවකදී බොහෝ විට ඔවුන්ගේ නොගෙවූ ණය හා පොලී ආපසු ගෙවන තුරු මීට වඩා ගොඩක් වැඩි පොලියක් ගෙවීම සඳහා ශ්‍රී ලංකා රජයට එකඟ වෙන්න වෙයි. එවැනි එකඟතාවයක් ඇති කර ගන්න බැරි වුනොත් ඔවුන් නඩු මගට ගොස් ප්‍රමාද ගාස්තු, නඩු ගාස්තු ආදියත් ඉල්ලා සිටියි. කොහොම වුනත් දැනට ඔයිට වඩා වෙන කරන්න කියලා දෙයකුත් නැහැ. මීට පස්සේ ලංකාවට ණය ගන්න බැරි වෙයිද? රටක් ණය පැහැර හැරියා කියලා ආයේ කවදාවත්ම ණය ගන්න බැරි වෙන්නේ නැහැ. හැබැයි ලංකාවේ දැන් පවතින තත්ත්වය යටතේ තව සෑහෙන කාලයකට විදේශ ණය ගන්න ලේසි වෙන එකක් නැහැ. ණය නොගෙවා හිටියා කියලා ණය අහෝසි වෙන්නේ නැහැ. ඒ ණයට දවසින් දවස පොලී එකතු වෙනවා. ඒ එක්ක ලංකාවේ විදේශ ණය බර දැන් තිබෙනවාට වඩා විශාල ලෙස ඉහළ යයි. ඒ විදිහට ණය වැඩිවෙන්නේ අලුත් ණය එක ඩොලරයක් හෝ රටට එන්නේ නැතුවයි. බොහෝ විට ඉදිරි වසර පහ තුළ ගෙවිය යුතු ණය ටික ගෙවන්න පමණක් අඩු වශයෙන් අවුරුදු දහයක් යයි. ගත්ත ණය ටිකවත් ගෙවාගන්න බැරිව දඟලන රටකට සාමාන්‍ය ආයෝජකයෝ ණය දෙන එකක් නැහැ. මම කියන්නේ නුදුරු කාලය ගැනයි. ද්විපාර්ශ්වික ණයනම් තීරණය වන්නේ වෙනත් කරුණු මතනේ. ඒවා ලැබෙයි. ණය ප්‍රශ්නය ආර්ථිකයට බලපාන්නේ කොහොමද? බොහෝ විට ඉදිරි වසර දහයක පමණ කාලය තුළ ලංකාවට ලැබෙන විදේශ විණිමය ටික පිරිමහගෙන වියදම් කරන්න වෙයි. ඒ අතර ණය ගෙවන්නත් විදේශ විණිමය වෙන් කරන්න වෙයි. ඒ කියන්නේ ඩොලරය දිගින් දිගටම විශාල ලෙස ඉහළ යන්න ඉඩ හරින්න වෙනවා කියන එකයි. පොලී අනුපාතිකත් විශාල ලෙස ඉහළ යයි (ඉතිරිකිරීම් තියෙන අයට හොඳ ආරංචියක්!). ගොඩක් ආනයනික භාණ්ඩ ලංකාවේ මධ්‍යම පංතියට පරිභෝජනය කළ නොහැකි සුඛෝපභෝගී භාණ්ඩ බවට පත් වෙයි. අවුරුදු හතළිහකට පමණ පෙර තිබුණු සරල සුන්දර ජීවිතය ගැන ෆේස්බුක් පෝස්ට් දාපු අයට ඒ ජීවිතය විදින්න ඉඩ ලැබෙයි. රජයේ වියදම් විශාල ලෙස කපා හරින්න සිදු වෙයි. රටේ ඒක පුද්ගල ආදායම (ඩොලර් වලින්) දශක ගානකින් පස්සට යන්න පුළුවන්. මේවා අශුභවාදී අදහස් කියා හිතෙන අයට කියන්න තියෙන්නේ මේ ලියන්නේ පුලුවන්ම තරම් ශුභවාදී ලෙස බවයි. මේක ගොඩදාන්න වෙන විදිහක් නැද්ද? කණගාටුවෙන් වුනත් කියන්න වෙන්නේ නැවත මුල සිටම පටන් ගන්නවා හැර වෙන විකල්පයක් නැති බවයි. මේ වෙන්න යන්නේ සිස්ටම් රීසෙට් එකක්. ඕක කවදා හරි අනිවාර්යයෙන්ම වෙන දෙයක්. කලින් වෙන තරමට හොඳයි. වෙච්ච වැරදි වලින් පාඩම් ඉගෙන ගත්තොත්, හදිසියේ නොවුනත්, අළු ගසා දා නැගිටලා ගොඩ යන්න පුළුවන්~ඉකොනොමැට්ටා Like1 Dislike කිත්සිරි ද සිල්වා likes this post කිත්සිරි ද සිල්වා Top contributor Posts : 9621 Join date : 2014-02-23 Age : 64 Location : රජ්ගම + Re: New Era- Not Gota's era Tue Apr 19, 2022 1:43 am _________________ I am the wisest man alive, for I know one thing, and that is that I know nothing. Socrates Like Dislike Jump to: Select a forum||--Equities| |--Market chit chat| | |--S&P SL20 Stocks| | | |--Technical Trading| |--Industry Analysis| | |--Banks, Finance & Insurance| | |--Beverage, Food & Tobacco| | |--Chemicals & Pharmaceuticals| | |--Construction & Engineering| | |--Diversified| | |--Healthcare| | |--Hotels & Travels| | |--Investment Trusts| | |--Land & Property| | |--Manufacturing| | |--Plantations| | |--Oil Palms| | |--Power & Energy| | | |--Members' articles| |--News| |--Daily/Weekly Market Summary| |--Earnings update| |--CSE Announcements| |--Articles| |--Corporate Debt| |--Debt securities| |--Lounge |--The chill-out spot |--Entertainment Permissions in this forum: You cannot reply to topics in this forum Follow @LankanInvestor The Investor Sentiment Forum Administrator Admin *Administration/Technical related functions in addition to moderator functions* Forum Moderators slstock smallville Sriranga කිත්සිරි ද සිල්වා *Moderation capabilities for all discussion categories* *In alphabetical order* Top posters කිත්සිරි ද සිල්වා (9621) 9621 Posts - 17% yellow knife (6957) 6957 Posts - 13% nihal123 (6327) 6327 Posts - 11% slstock (6216) 6216 Posts - 11% sashimaal (5785) 5785 Posts - 10% Ethical Trader (5568) 5568 Posts - 10% serene (4850) 4850 Posts - 9% Backstage (3803) 3803 Posts - 7% Sriranga (3226) 3226 Posts - 6% The Invisible (3116) 3116 Posts - 6% Keywords stock sense daily quarterly making CIND COMB flying EXPO Lofc royal glas hayc DFCC watch shores dividend RICH lioc Cinv meantime Lanka CFVF Browns SLSTOCK Bank
අපිට නොමිලේ ලබාගන්න පුළුවන් තවත් හොද Player එකක් ගැන තමා මේ ලිපියමෙම player එක SMplayer ලෙස නම් කර තිබේ. SMplayer… Software July 24, 2020 Free Download Manger – Video ඔයාලට මතක ඇති මිට කලින් aluthl වෙතින් Free Download Manger එකක් ගැන ලිපියක් ගේනවා. එක බලපු නැති කෙනෙක් නම් ඔයා…
මා කලක් ජේවීපිය හා ජාතික හෙළ උරුමය යන ව්‍යාපාර දෙක හඳුනා ගෙන තිබුනේ සිංහල බෞද්ධ අයිතිය සදහා තරඟ කරන, ලංකාවේ සිංහල මතවාදී තලය පසුගාමී කිරීමට දායකවූ, සිංහල බෞද්ධ වර්ග වාදයට, විමුක්තිකාමී හා රණකාමී වේශයක් ලබාදුන්, ලංකාවේ යහපතට හේතුවන සැබෑ ප්‍රතිසංස්කරණ ඇතිවීම වලකා ලූ, සම්ප්‍රදායි දේශපාලන පක්ෂවලට වඩා වෙනස් සිංහල සමාජයේ පීඩිතයින්ට මුල් විහිදී ගිය සටන්කාමී එහෙත් පසුගාමී දේශපාලන ධාරා දෙකක් ලෙසය. සිංහ ධජය තමන් වෙත හිමි කරගැනීම ගැනීම සදහා මේ ව්‍යාපාර දෙක අතර එක කාලයකදී ලොකු පොරයක් තිබුණි. එම ධජයේ කිසියම් පංගුවක් අනුර කුමාර අත තිබුනු අතර ඉතිරි පංගුව තිබුනේ චම්පික රණවක අතය. අවසානයේ මහින්ද රාජපක්ෂ එම ධජයේ එකම හිමිකරුවා බවට පත්වූ අතර ඒ ක්‍රියාදාමය තුළ උදුරා ගැනීමක් සේම කැමැත්තෙන් භාරදීමක් යන ලක්ෂණ දෙකම අඩංගු වී තිබුනේ යැයි කිව හැකිය. මේ දෙපාර්ශවය මහින්ද රාජපක්ෂ බලයට ගැනීම සදහා තීරණාත්මක කාර්‍ය්භාරයක් ඉටු කළේය. ඒ දෙපිරිස නොවේ නම් ප්‍රභාකරන්ගේ වර්ජනය තිබියදීත් 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද පරාජය වන්නට ඉඩ තිබුණි. සිංහ ධජය සඳහා පොරය මහින්ද ජනාධිපති වී ඔහු සිය දේශපාලන බල අධිකාරිය ශක්තිමත් කරගැනීමෙන් පසු ජේවිපිය රාජපක්ෂ පාලනය සමග පවත්වාගෙන ආ සන්ධානයෙන් ඉක්මනින් ඉවත් විය. ඊට වෙනස්ව චම්පිකගේ හෙළ උරුමය එම ආණ්ඩුවෙන් ඉවත් වූයේ අවුරුදු 10 කට පසුවය. ඉන්පසු බොහෝ දේ සිදුවු අතර 2015 පරාජයවූ මහින්ද වෙනුවට 2019 අවසානය්දී ගෝඨාභය බලයට පත්වී මහින්ද අත තිබූ සිංහ ධජය ගෝඨාභය අතට මාරුවිය. එය දැන් තිබෙන්නේ ඔහු අතින් ද ගිලිහෙන තත්වයකය. ඒසේ ඔහු අතින් ගිලිහෙන සිංහ ධජය තමන් වෙත හිමි කර ගැනීමේ ආශාවක් අනුර කුමාර තුල ඇතිවී, ඔහු ඒ අරමුණ ඉටුකර ගැනීම සදහා ඊට ගැළපෙන ලෙස ඇඳුම් මාරු කර ගනිමින් සිටින බව පෙනේ. ඒ සමග ඔහුට හා ඔහුගේ ව්‍යාපාරයට අවංක ලෙස හෝ මූනිච්චාවට ඇති කර ගෙන තිබූ බහුත්වවාදි ගුණධර්මද ඉකමනින් අත් හරින්නට සිදු විය හැකිය. ඉතාමත් පුදුම සහගත දේ වනුයේ චම්පික ඊට වෙනස්ව 2015 තෝරාගත් මාර්ගයේම ඊට තරමක් වෙනස් ආකාරයකට ගමන් කිරීමට හිත හදාගෙන සිටීමය. ඔහු ගේ ගියර් මාරුව හා එතැන් සිට පවත්වා ගෙන යමින් තිබෙන වෙනස්කම් අවංකද නැද්ද යන්න තවමත් කිව නොහැකිය. රටේ සුළු ජාතින්ගේ විශ්වාසයට හේතු නොවීම රටේ අනාගත නායකත්වයට ඉව අල්ලමින් සිටින මෙම නායකයින් දෙදෙනාටම ආවේණික පොදු ලක්ෂණයක් ලෙස සැළකිය හැකිය. චම්පික සිය සංදර්ශනය පැවැත්වීම සදහා තෝරාගෙන තිබුනේ ද අනුර කුමාර ඔහුගේ සංදර්ශනය පවත්වන ලද ශාලාව මය. අනුර කුමාර, ජාතික ජනබලවේගය සංදර්ශනය වර්ණවත් කරන හේවිසි කණ්ඩායම ලෙස යොදා ගන්නා විට චම්පික එම කාර්‍යය සදහා 43 වැනි සේනාංකය යොදා ගත්තේය. අනුර තමන්ගේ දේශනයට අතිරේකව "අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශයක්" නමින් පොත් පිංචක්ද පළ කර තිබුණි. චම්පිකද සිය දේශනයට අතිරේකව අර්බුදය හා එය ජය ගතයුතු මාර්ගය විග්‍රහ කිරීම සදහා "ගොඩ එමු ගොඩ නගමු" යන හිසින් පොත් පිංචක් පළ කර තිබුනි. මෙම සංදර්ශන දෙක අතුරින් බාහිර පෙනුම අනුව නම් වැඩි ලකුණු ලැබිය යුත්තේ අනුරගේ සංදර්ශනයටය. නායකයින් දෙපල කරන ලද කථා දෙක අතරින් චම්පිකගේ කථාව වඩා අර්ථවත් සේම බරසාරය. අනුරගේ ප්‍රවේශය වුයේ ලංකාව ගලවා ගැනීමේ හැකියාව ඇත්තේ තමන්ට හා තම පක්ෂයට පමණක් බව පෙන්නුම් කොට රට අපට බාර දෙන ලෙසත් රට බාරගන්න අප සූදානම් බවත් කියා සිටීමය. චම්පික ඊට වෙනස්ව අර්බුදය ජයගැනීම සදහා පුළුල් ජාතික සම්මුතියක් හා ඒ සදහා ඒකාබද්ධ වැඩපිළිවෙළක අවශ්‍යතාව ගැන කථා කළේය. ඒ ප්‍රවේශ දෙක අතරින්ද චම්පිකගේ ප්‍රවේශය අනුර කුමාර කුමාරගේ ප්‍රවේශයට වඩා පුළුල් බව කිව යුතුය. මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී ඔහු පරාජය කිරීමේ ප්‍රශ්නය දැන් රට මුහුණ දී තිබෙන අර්බුදයට වඩා කුඩා ප්‍රශ්නයක් ලෙස සැළකිය හැකිය. එසේ තිබියදීත් මහින්ද රාජපක්ෂ පරාජය කිරීමේ ප්‍රශ්නය ජයගැනීම සදහා 2010 දී ඍජු ලෙස පොදු පෙරමුණක් හා පොදු අපේක්ෂකයෙකු වෙනුවෙන්ද නැවත 2015 දී පොදු අපේක්ෂකයෙකු වෙනුවෙන් අනියම් ලෙසද පෙනී සිටියේය. මහින්ද පරාජය කරන්නට ජාතික එකසත් පෙරමුණක් අවශ්‍ය වූ ජවිපෙට මහින්ද රාජපක්ෂ පරාජය කිරීමේ ප්‍රශ්නයට වඩා සිය දහස් ගුණයක් තරම් විශාල අර්බුදයක් ලෙස සැළකිය හැකි දැන් රට මූහුණ දී තිබෙන අර්බුදය විසඳන්න කල්පනා කරනුයේ පොදු ජාතික එකඟතාවයක් නැතිව තනි පක්ෂයක් ලෙසය! එක යුගයක් අවසන් වීම චම්පික ඉදිරිපත් කරන විසඳුම් ගැන කතා කරන්නට පෙර විශාල අර්බුදයක කරවටක් ගිලී සිටින මේ තීරණාත්මක අවස්ථාවේදී දේශපාලන නායකයින් හා ව්‍යාපාර ගැන මා කරනු ලබන විවේචනයන් ගේ අරමුණ කුමක්ද යන්න පැහැදිලි කිරීම වැදගත් වේ යැයි සිතමි. මා ඔවුන්ගේ තරඟකරුවකු නොවන අතර බල දේශපාලන ව්‍යාපෘතියක කොටස් කරුවකුද නොවෙමි. විවේචනය කරන්නේ විනාශ කිරීමේ අරමුණින් නොව දේශපාලන තලය මුවහත් කිරීමේ අරමුණිනි. දැන් අපි මුහුණ දී තිබෙන අර්බුදය ක්‍රියාකාරි ශක්තියෙන් පමණක් ජය ගත හැකි අර්බුදයක් ලෙස සැළකිය නොහැකිය. ඒ සඳහා පරිකල්පනය දියුණු කර ගැනීමද අවශ්‍යය. එය කළ හැක්කේ කරුණු හැදෑරීමෙන්, ඒ කරුණු විග්‍රහ කිරීමෙන්, ඒවා සංවාදයට හා වාද විවාදයන්ට ලක් කිරීමෙනි. මා කරන්නේ ඒ සදහා සුදුසු මතවාදි පසු තලයක් ඇති කිරීමට උත්සාහ කිරීමය. හොඳට හෝ නරකට එක යුගයක් අවසන් වෙමින් නව යුගයක් උදාවෙමින් පවතී. ඒ ක්‍රියාදාමය තුළ වෙනස් වන්නට කැමති නැති අධාන ග්‍රාහි දේශපාලන නායකයින් සේම දේශපාලන ව්‍යාපාර ද විනාශ වීමට නියමිත ය. මගේ මතය අනුව මේ අර්බුදය හොඳට හෝ නරකට අවසන් වන අවස්ථාව වන විට පරණ දේශපාලන නායකයින් අතරින් අල්ලා ගෙන සිටීමට හැකිවනු ඇත්තේ අතලොස්සකට පමණය. ඒ ධර්මතාව දේශපාලන ව්‍යාපාරවලටද බලපානු ඇත. එවිට දේශපාලන තලයේ වැඩි පංගුව සමන්විත වනු ඇත්තේ අළුත් නායකයින්ගෙන් හා අළුත් ව්‍යාපාර වලිනි. ඔවුන්ගේ ද සාර්ථක හෝ අසාර්ථක භාවය රදා පවතිනු ඇත්තේ නිර්භීත ලෙස තීන්දු ගැනීමට තිබෙන හැකියාව, අවංකකම හා පරිණත භාවය යන සාධක මතය. කුරුස යුද්ධය යුරෝපයේ අවසාන ආගමික යුද්ධය වුවාසේ වර්ගය හා ආගම මුල් කරගත් අවසාන මැතිවරණය වනු ඇත්තේද 2019 ජනාධිපතිවරණය හා 2020 පාර්ලිමේන්තු මැතිවරණ යයි. මින් මතු මහා වර්ගය හෝ මහා ආගම මත පමණක් පදනම් වී මැතිවරණ ජය ගැනීමට කිසිම පක්ෂ ව්‍යාපාරයකට නොහැකිවනු ඇති අතර මින් මතු ලංකාවේ මහජනයාගේ පිළිගත් නායකයින් හා පක්ෂ බවට පත්වීමට හැකි වනු ඇත්තේ එක වර්ගයකට හෝ ආගමකට සීමා නොවූ භේදයකින් තොරව සියලු වර්ග හා ආගම් වලට අයත් ජනයා එක සමාන අයිතිවාසිකම් ඇති එක සමාන මනුෂ්‍ය ගෞරවය ඇති මිනිසුන් ලෙස සලකා ක්‍රියා කරන නායකයින්ට හා පක්ෂවලට පමණය. ඒ සුදුසුකමේදීත් අනුර හා චම්පික යන නායකයින් දෙදෙනාම ඉන්නේ එම සුදුසු කම සම්පූර්ණ කරගත් තත්වයක නොව සම්පූර්ණ කර ගත යුතු තත්වයකය. දැන් අපට චම්පික ගේ වැඩසටහනේ හොඳ නරක ගැන කථා කරන තැනකට යා හැකිය. ගෙවුම් ශේෂ අර්බුදය විසඳා ගැනීම සදහා ඉදිරිපත් කර තිබෙන යෝජනා නිවැරදිය. හොඳ සිහිය තිබෙන ඕනෑම ආණ්ඩුවක් ක්‍රියා කරනු ඇත්තේද මීට පෙර ගෙවුම් ශේෂ අර්බුදවලට මුහුණ දුන් ලංකාවේ විවිධ ආණ්ඩු එම අර්බුද විසඳා ගත්තේ ද චම්පික යෝජනා කර තිබෙන ආකාරයට සමාන ආකාරයටය. වඩාත්ම මගේ මත භේදයට හේතු වන්නේ සමාජ-දේශපාලන අර්බුදයට අදාලව ඔහු ඉදිරිපත් කර තිබෙන විග්‍රහයන් හා යෝජනාය. සමාජ ක්‍රමයේ ඇති වී තිබෙන මහා කඩා බිඳ වැටීම හා ඊට බලපෑ ගැටුම් ආශ්‍රිත ප්‍රශ්න පදනම් කරගත් "වර්ග, කුල, ආගම් ප්‍රශ්නය" ලංකාවේ අර්බුදය අදිනිෂ්චය කෙරුන හා තවමත් ලංකාවේ අර්බුදය අදිනිෂ්චය කරමින් තිබෙන ප්‍රශ්නය ලෙස චම්පික සළකන්නේ හෝ සළකන්නට කැමති නැති බව පෙනේ. "ගොඩ එමු ගොඩනගමු" යන පොත හෝ ලේඛනය චම්පික ලියන ලද හෝ ඔහු ගේ අදහස් ඇතුළත් පොතක් හෝ ලේඛනයක් ලෙස සලකතොත් එහි ඔහු කියන්නේ "යුද්ධය අවසන්‍ ය... යුද්ධ සමයේ ඇතිවූ ආවේගයන්, වේදනාවන්, වෛරයන් පමණක් නොව සමහර න්‍යායන් හා කථිකාවන් පවා" වර්තමාන සමාජයට ගැලපෙන්නේ නැති බවය. සුළු ජාතිකයින් නොසළකා ක්‍රියා කිරීම අපි මොහොතකට උතුරේ දෙමළ ප්‍රශ්නය අමතක කරමු. ප්‍රභාකරන් පරාජය කිරීමෙන් පසු මුස්ලිම් ජනයාට එරෙහිව සිංහල ජනතාව තුල වෛරයක් හා පිළිකුලක් ඇති කිරීම සදහා ආරම්භ කොට අද දක්වා විවිධ ආකාර වලට පවත්වා ගෙන යමින් තිබෙන මුස්ලිම් විරෝධී හිංසනය අවසන් නොකර තිබියදීත් රටේ යහපත සලකා මුස්ලිම් ජනයා එම හිංසනය ඉවසා සිටිය යුතු අතර ඔවුහූ තමන්ට කරන ලද එම හිංසා පීඩා මුළුමනින් අමතක කල යුතු යි කියා චම්පික හිතන්නේද? දෙමළ තරුණ පරපුර ආයුධ අතට ගෙන සටන් කරන තැනකට ගියේ දෙමළ ජනයාට හිමි සාධාරණ භාෂා අයිතිවාසිකම් අහිමි කිරීම මගින් ඔවුන්ට අහිමිකල මනුෂ්‍ය ගෞරවය දිනා ගැනීම සදහා නිත්‍යානුකූල හා සාමකාමී රාමුවක එක දිගට වසර 18 ක් සටන් කොට අවසානයේ ඔවුන්ට එරෙහිව 1983 ජූලි වලදී බිහිසුණු හා කුරිරු සංහාරයක් ක්‍රියාත්මක වීමෙන් පසු වය. 83 කළු ජූලියට පෙරද උතුරේ සන්නද්ධ කණ්ඩායම් කිහිපයක් ඇතිවී තිබුන ද ඒවා ට දෙමළ ජනතාවගේ පිළිගැනිමක් තිබුනේම නැති තරම් ය. එම දිග්ගැස්සුන බෙදුම් වාදී කැරැල්ල පරාජය කෙරුණේ අඩු වැඩි ප්‍රමාණයකට ජේවීපී කැරැල්ල පරාජය කෙරුනු කුරිරු ආකාරයටය යන කාරණය අමතක කලද කැරැල්ල පරාජය කිරීමෙන් පසු දෙමළ කැරලිකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කල යුතුව තිබුණේ ජේවීපී කැරැල්ල පරාජය කිරීමෙන් පසු ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කල ප්‍රතිපත්තියට සමාන ප්‍රතිපත්තියක් නොවේද? ලංකාවේ වර්ග, කුල, ආගම් ප්‍රශ්නය සම්බන්ධයෙන් චම්පික සිතන බව පෙනෙන්නේ එය ව්‍යුහමය ප්‍රතිසංස්කරණ අවශ්‍ය නොවන කාලයාගේ ඇවෑමෙන් ඉබේ විසඳෙන ප්‍රශ්නයක් ලෙසය. දේශපාලන ක්‍රමය ගැන දේශපාලන ක්‍රමය ගැන චම්පික කල්පනා කරන විදියද පසුගාමීය. අළුත් ව්‍යවස්ථාවක් හදා ගැනීම විස්තර කර තිබෙන්නේ සපුරාගැනීම ඉතා දුෂ්කර කාරියක් ලෙසය. වැඩි කැමැත්තක් ඇති බව පෙනෙන්නේ ජනාධිපති ක්‍රමයත් ආරක්ෂා කරගෙන තිබෙන ව්‍යවස්ථාව සංශෝධනය කරගනිමින් යන ඉදිරි ගමනක් ගැනය. 20 වැනි සංශෝධනය අහෝසි කොට නැවත වැඩි දියුණු කල 19ක් කරළියට ගන්නා වැඩ පිලිවෙලක් ඒ සදහා ප්‍රමාණවත් වේ යැයි කල්පනා කරන බව පෙනේ. 19 වැනි සංශෝධනය නිසා අධිකරණය ස්වාධීන වීද? එසේ නම් ගෝඨාභයට එරෙහිව පැවරුණ නඩුවලදී සමහර අධිකරණ වලදී සාධාරණ හා නීතියට අනුකූලව කරුණු සලකා බලන ප්‍රතිපත්තියක් අනුගමනය නොකෙරුනේ ඇයි? ඔහුගේ ඇමරිකන් පුරවැසිභාවයට අදාල ප්‍රශ්නයේදී එය ජනාධිපතිවරණයට තරඟ කරන්නට යන අපේක්ෂකයකුට අදාල ජාතික වැදගත්කමක් ඇති ප්‍රශ්නයක් ලෙස සලකා අධිකරණය එම ප්‍රශ්නය හොඳින් කරුණු සොයා බලන තැනකට නොගියේ ඇයි? 19 නිසා මැතිවරණ කොමිසම ස්වාධීනව ක්‍රියා කරන තත්වයක තිබුනේ නම් ගෝඨාභයගේ ඇමරිකන් පුරවැසිභාවය පිළිබද ප්‍රශ්නය, නාම යෝජනා අවස්ථාවේදී හොඳින් කරුණු පරීක්ෂාවට ලක්කෙරෙන අවස්ථාවක් බවට පත් කරගත යුතුව තිබුනි. එය එසේ නොවූ බව අපි දනිමූ. මහජනයාගේ ආකර්ශනට හේතු වුවත් 17 හා 19 සංශෝධන වලින් ව්‍යවස්ථා සභා ක්‍රමයක් යටතේ ඇති කරන ලද කොමිසන් සභා ක්‍රමය ශක්තිමත් අත්තිවාරමක් මත ගොඩ නගන ලද ක්‍රමයක් නොවීය. ජනාධිපති කැමතිතාක් පමණක් පැවතිය හැකි ක්‍රමයක් විය. එවැනි දුර්වල ක්‍රමයක් ගොඩ නැගෙන්නට ඇත්තේම ජනාධිපතිවරුන්ගේ පමණක් නොව එම තනතුරට පත් වීමට සිහින දකිමින් සිටි නායකයින්ද එම ක්‍රමය දුර්වල තත්වයකින් ගොඩ නගනවා දකින්නට අපේක්ෂා කළ නිසා විය හැකිය. ජනාධිපතිගේ බල පරාක්‍රමය ඉදිරියේ තමන් සිටින්නේ දුර්වල තත්වයක බව මේ ක්‍රමයට තනතුරු ලබා ගෙන සිටි අය දැන සිටියේය. අවශ්‍ය අවස්ථා වලදී පාට මාරුකරන ප්‍රතිපත්තියක් ඔවුන් තෝරා ගන්නට ඇත්තේ ඒ නිසාය. මෙම කොමිසන් සභාවල සාමාජිකයින් සාමාන්‍ය කාලවලදී බලයේ සිටින ජනාධිපතිවරයාට පක්ෂපාත ලෙසත් එක්තරා ප්‍රමාණයකට ස්වාධීන ලෙසත් ක්‍රියා කල අතර, සංක්‍රමණීය කාලවලදී සිය පැවැත්ම රැක ගැනීම සදහා බලයේ සිටින ජනාධිපති වෙනුවට බලයට එන්නට නියමිත ජනාධිපතිට පක්ෂපාතව ක්‍රියා කරන පිළිවෙතක් අනුගමනය කළේය. දැන හෝ නොදැන මෙම ව්‍යවස්ථා සංශෝධන දෙකෙන් උත්සහ කලේ නීතියට ඉහළින් සිටින ජනාධිපති එම තත්වයෙහි සිටියදීම උසස් නිලතලවලට පුද්ගලයන් පත් කිරීමේදී හිතුවක්කාරී ලෙස ක්‍රියා කිරීම වළකා ඒ කටයුතු නියාමනය කිරීමය. නීතියට ඉහළින් සිටින ජනාධිපතිවරයෙකුගේ කටයුතු නියාමනය කල හැකි වනු ඇත්තේ ජනාධිපති නීතීයට ඉහළින් සිටින තත්වය අහෝසි කිරීමෙන් පසුව පමණක් බව එම සංශෝධන දෙකේ න්‍යායවාදින් තේරුම් නොගැනීම කොතරම් විහිළු සගතද? චම්පික ජනාධිපති කමට සිහින දකින බව පෙන්නෙන්නේද නීතියට ඉහළින් සිටින අවලස්සන ක්‍රමයද ආරක්ෂා කර ගැනිමට හේතුවන ආකාරයටය. ජනාධිපති නීතියට ඉහලින් සිටින තත්වය නැති කල යුතු බව, ඔහූ කොතැනකවත් කියා නැත. එය අමතක වීමක් නිසා විය නොහැකිය. අනුර කුමාර නම් ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව කියයි. එහෙත් ඔහු එය අහෝසි කරන්නට යන බව පෙනෙන්නේ ජනාධිපතිවරණයට තරඟ කොට ජනාධිපතිකම ලබා ගැනීමෙන් පසුය! මෙම ලිපිය දීර්ඝ වීම වැළකීම සඳහා මා විස්තර සහිතව කථා කරන්නේ නැතත් මෙම නායකයින් දෙදෙනා ස්වාධීන අධිකරණ ක්‍රමයක් ඇති කර ගැනීම හා ජනාධිපති ක්‍රමය තුළ දූෂණයෙන් කුණුවූ තත්වයකට පත්ව තිබෙන පාර්ලිමේන්තුව එම තත්වයෙන් මුදාගැනීම සදහා ඇති කළ යුතු ප්‍රතිසංස්කරණ ගැන ද ප්‍රමාණවත් තරමින් අදහස් පළකර නැති බව කිව යුතුය.◼️ දේශපාලන විචාරක වික්ටර් අයිවන්ගේ ෆේස්බුක් ගිනුමෙනි Print Email Prev Next නවතම විඩීයෝව dlb Footer Logo newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.
මේ දිනවල අසන්නට ලැබෙන ඇතැම් සිදුවීම් නිසා “තානාපති විනිර්මුක්තිය” පිළිබඳ ලිපියක් ඔබ වෙත ගෙන ඒමෙන්, එම සිදුවීම් සම්බන්ධව ඔබට වඩා අවබෝධයක් ලැබෙනු ඇතැ යි අපි තීරණය කළෙමු. සැබැවින්ම තානාපති විනිර්මුක්තිය යනු කුමක් ද? තානාපතිවරයෙකුට රටක නීති අදාල නොවේ ද? මේ ඒ පිළිබඳව සොයා බැලීමකි. සාමාන්‍යයෙන් විනිර්මුක්තිය ප්‍රධාන කොටස් 2කි. ඒ, රාජ්‍ය විනිර්මුක්තිය තානාපති විනිර්මුක්තිය ලෙස ය. මෙහිදී අපගේ අවධානය යොමු කෙරෙන්නේ “තානාපති විනිර්මුක්තිය” වෙතට යි. තානාපති විනිර්මුක්තියේ අතීතය තානාපති විනිර්මුක්තිය දුරාතීතයේ සිටම පැවත එන සංකල්පයකි. චීනය, ඉන්දියාව, හා බටහිර රටවල් අතර ක්‍රිස්තු පූර්ව 200 පමණ සිටම තානාපති සබඳතා පැවති බවට සාධක හා සාක්ෂ්‍ය හමුවී ඇත. ලංකාවේ තානාපති පිරිසක් රෝමයට ගොස් තිබූ බවට ද සඳහන් වේ. කෙසේ වෙතත් විධිමත් හා ක්‍රමානුකූල ලෙස තානාපති සේවය ආරම්භ වන්නේ මධ්‍යතන යුගයේ දී ය. ස්ථිර තානාපති සේවයක් පළමු වරට ආරම්භ කරන්නේ ප්‍රංශයේ 14 වැනි ලුවී රජතුමා යි. තානාපතිවරුන්ගේ අයිතීන් හා වරප්‍රසාදයන් පිළිබඳ නීතියක් ප්‍රකාශයට පත් වන්නේ 1961 දී ය. ඒ තානාපති සබඳතා පිළිබඳ වූ වියානා සම්මුතියෙනි (VCDR). තානාපති සබඳතා සාමාන්‍යයෙන් තානාපති සබඳතාවයක් ලෙස හඳුන්වන්නේ, “තමන්ගේ අධිකාරිය ලත් නියෝජිතයින් මාර්ගයෙන් රාජ්‍යයන් අතර අන්‍යෝන්‍ය සබඳතා පවත්වාගෙන යනු ලබන ඕනෑම මූලයකි”. වියානා සම්මුතියේ (VCDR) දෙවන වගන්තියට අනුව දෙරටක් අතර තානාපති සබඳතා ඇතිකර ගැනීමට නම් දෙපාර්ශවයේම කැමැත්ත සහ උවමනාව තිබිය යුතු ය. නමුත් එම සබඳතාව අවසන් කිරීමට එක් රාජ්‍යයක ක්‍රියාකලාපය වුව ද හේතු වේ. වරප්‍රසාද මුල්කාලීනව තානාපතිවරයෙකුට, අදාළ රාජ්‍යයේ පාලකයාට සමාන වරප්‍රසාද හිමිවිය යුතුයැ යි පිළිගැනුණි. තානාපතිවරයකුට හිරිහැර කිරීම අදාල රටේ පාලකයාට එරෙහිවීමක් ලෙස සැලකුණි. නමුත් වර්තමානය වන විට එම පිළිගැනීම වෙනස් වී ඇත. වර්තමානයේ තානාපතිවරුන්ට විනිර්මුක්තිය ලබා දෙන්නේ තම රාජකාරිය ඵලදායි ලෙස ඉටු කිරීමටත්, දේශීය වශයෙන් එල්ල විය හැකි තර්ජන හා බාධාවන්ගෙන් නිදහස්ව කටයුතු කිරීමත් යන අරමුණුවලින් යුක්තව ය. විනිර්මුක්තිය හිමි වන පුද්ගලයින් සාමාන්‍ය පිළිගැනීමට අනුව යම් පුද්ගලයකුට තානාපති විනිර්මුක්තිය හිමිවීමට නම් අදාළ පුද්ගලයා, අදාළ රාජ්‍යයේ නොවන අන්‍ය රාජ්‍යයක පුරවැසියෙකු විය යුතු ය. තානාපති මෙහෙවර ඉටු කිරීමේ නියෝජිතයෙකු විය යුතු ය. රාජකාරියේ ක්‍රියාකාරී දායකත්වයක් දක්වන්නෙකු විය යුතු ය. රාජකාරි VCDR හි 3 වැනි වගන්තිය අනුව අදාල දූත පිරිසට හිමිවන රාජකාරි නම්, යවන රාජ්‍ය (sending state) ලබන රාජ්‍යය (receiving state) තුළ නියෝජනය කිරීම. යවන රාජ්‍යයේ අයිතීන්, වරප්‍රසාද ආරක්ෂා කිරීම. යවන රාජ්‍යය සමග සබඳතා හා ගනුදෙනු පවත්වා ගැනීම. යවන රාජ්‍යයට අවශ්‍ය වාර්තා සැපයීම. දෙරට අතර (යවන රාජ්‍ය හා ලබන රාජ්‍ය) මිත්‍රත්වය, සංස්කෘතිය, හා ආර්ථික සබඳතා වර්ධනය කර ගැනීම. සේවක මණ්ඩලය VCDR හි 1 වැනි වගන්තියට අනුව තානාපති දූත මෙහෙවරට අදාළ සේවක මණ්ඩලය වන්නේ, තානාපති කාර්යයමණ්ඩලය තානාපතිවරයා, සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් උප තානාපතිවරයා, සහ කොන්සල්වරු පරිපාලන හා කාර්මික සේවයේ නිරතවන්නන් ගෘහස්ථ සේවක මණ්ඩලය පීඩා කළ නොහැකි බව තානාපති භූමිය සහ ගොඩනැගිල්ල වියනා සම්මුතියේ 25 වන වගන්තිය යටතේ, ලබන රාජ්‍යය විසින් අදාළ දූත පිරිසට අවශ්‍ය පහසුකම් ලබාදිය යුතු ය. 21 වැනි වගන්තිය යටතේ තානාපති පිරිසට වාසයට අවශ්‍ය ස්ථානයන් සොයා දීමට සහාය විය යුතු ය. එම ස්ථානයන්ට ද පූර්ණ විනිර්මුක්තිය හිමිවේ. ඒ අනුව අධිකරණ නියෝග, තහනම් නියෝග මඟින් එම ස්ථානයන් පරික්ෂා කළ නොහැකි ය. පොලීසියට තානාපතිවරයාගේ අවසරයකින් තොරව අදාළ ස්ථානයන්ට ඇතුල්විය නොහැකියි. අපරාධකරුවකු (ලබන රාජ්‍යයේ පුරවැසියෙකු වන, තානාපති වරප්‍රසාද භුක්ති නොවිඳින) එම භූමියේ සිටී නම්, ඔවුන් පොලිසියට භාරදීමට තානාපති පිරිසට සදාචාරාත්මක යුතුකමක් ඇත. 22 වගන්තිය අනුව තානාපතිවරයා වාසය කරන ගොඩනැගිලිවලට ද පූර්ණ විනිර්මුක්තිය හිමි වේ. ඒවායේ ඇති බඩු බාහිරාදිය, දේපල සෝදිසි කිරීමට ද පොලිසියට අවසරයක් නොමැති ය. උදාහරණයක් ලෙස ටෙහෙරාන් නඩුව ගනිමු. 1979 දී ඉරානයේ ශිෂ්‍යයන් පිරිසක් විසින් ඇමෙරිකානු තානාපති කාර්යයාලයට බලහත්කාරයෙන් ඇතුළු වී, එහි කාර්යයමණ්ඩලයේ පනස් දෙදෙනෙකු පූර්ණ ප්‍රාණ ඇපයට ගත්තෝ ය. මෙම ක්‍රියාවට ඉරාන පොලිසිය එරෙහි වූයේ ද නොවේ. මේ සම්බන්ධව පැවති නඩු විභාගයක් මඟින් තහවුරු වූයේ මේ හරහා වියානා සම්මුතියේ 22, 24, 25, 29, 27, 28, සහ 29 යන වගන්ති කඩකර ඇති බව යි. මෙම සිදුවීමෙන් පසු සුළු කාලයකින් ඇරඹුණු ඉරාන-ඉරාක යුද්ධයේ දී ඉරානයට ජාත්‍යන්තර සහයෝගය නොලැබීමට ද මෙම සිදුවීම හේතු විය. ප්‍රාණ ඇපකරුවෙකු සමග සිටින කැරලිකරුවන්/ Britannica තානාපති රැකවරණය තානාපති රැකවරණය පිළිබඳ නිශ්චිත සඳහනක් නොමැති ය. නමුත් 41 වැනි වගන්තියේ දක්වා ඇත්තේ විශේෂ එකඟතාවයන් තුළ තානාපතිවරයෙකුට කිසියම් තැනැත්තෙකුට රැකවරණය ලබාදිය හැකි බව යි. කෙසේ නමුත් ප්‍රධාන සම්ප්‍රදායට අනුව අපරාධකරුවෙකුට තානාපති රැකවරණය ලබාදීම තානාපතිවරයාගේ යුතුකමක් නොවන බවට විශ්වාස කරයි. තානාපති බෑගය සහ ලියකියවිලි 27 (2) වගන්තිය යටතේ කිසිවෙකුටත් තානාපතිවරුන්ගේ ලිපි ලේඛන පරීක්ෂා කළ නොහැකි ය. එම සම්මුතියේම 27 (3) වගන්තිය යටතේ තානාපතිවරුන්ගේ බෑගය පරික්ෂා කළ නොහැකි බව සඳහන් වේ. එහි Diplomatic Bag ලෙස සඳහන් කර තිබිය යුතු ය. 1964 රෝම ගුවන් තොටුපලේ දී “තානාපති බෑගය” ලෙස සඳහන්ව තිබුණු, ඊජිප්තු තානාපති කාර්යයාලයට අයත් තැපැල් මල්ලක් තුළ බැඳ දමා සිටි ඊශ්‍රායල ජාතිකයකු සොයාගන්නා ලදී. ඔහු ඊජිප්තු ජාතික ඔත්තුකරුවෙකු බවට හඳුනාගන්නා ලද අතර, තානාපති කාර්යයාලයේ දී මත්කර මල්ලට දමා, රටින් පිට කිරීමට තානාපති විනිර්මුක්තිය භාවිතා කිරීමට උත්සාහ දරා තිබේ. එම මල්ල මිට පෙරත් මිනිසුන් රටින් පිට කිරීමට භාවිතා කර ඇතැ යි සොයාගැනීමත් සමග, ඉතාලිය විසින් ඊජිප්තු තානාපතිවරයා ආපසු සිය මව් රාජ්‍යයට පිටත් කර යවා ඇත. තානාපති බෑගයක්/ Amazon තානාපති විනිර්මුක්තිය වියානා සම්මුතියේ 29 වගන්තිය යටතේ තානාපතිවරුන් පරීක්ෂා කිරීම, සහ අපරාධ හෝ සිවිල් චෝදනා මත අත්අඩංගුවට ගැනීම සිදු කළ නොහැකි ය. යම් හෙයකින් එම තානාපතිවරයා අදාළ රටේ නීති කඩ කර ඇත්නම්, ලබන රාජ්‍යයට ගතහැකි පියවර වන්නේ, එක්කෝ ඔහුව තම රාජ්‍යයෙන් පිටත් කර යැවීම හෝ තානාපතිවරයාගේ මව්රටට තානාපති පැමිණිල්ලක් සිදු කිරීම යි. තානාපතිවරයාට සමාන වරප්‍රසාද තානාපති කාර්යයමණ්ඩලයට හිමි නොවේ. ඔවුනට හිමි වන්නේ පරිපාලන කටයුතුවල දී විනිර්මුක්තිය පමණි. නමුත් තානාපතිවරයාගේ පවුලේ සාමාජිකයින්ට පූර්ණ විනිර්මුක්තිය හිමිවේ. 37 (2) වගන්තිය යටතේ තානාපතිවරුන් දේශීය බදුවලින් නිදහස් බව ද දක්වා ඇත. නමුත් මෙම බදු කාණ්ඩයට අයත් නොවන බදු වර්ග කිහිපයක් ඇත. ඒ අනුව වක්‍ර බදු, සහ ගැනුම් බදුවලින් ඔවුන් නිදහස් නොවේ. පෞද්ගලික නිශ්චල දේපළ සඳහා වන බදු, සහ පෞද්ගලික ආදායම් බදුවලින් ද තානාපතිවරුන් නිදහස් නොවේ. කෙසේ වුවත් තානාපතිවරුන් තම මව් රාජ්‍යයෙන් ගෙන්වාගනු ලබන බඩුබාහිරාදියට බදු අය නොකරයි. කොන්සල්වරුන්ගේ මුක්තිය මොවුන් තානාපතිවරුන්ගෙන් වෙනස් වේ. මොවුන්ව පත් කරන්නේ රටේ නාවික හා වාණිජ්‍ය කටයුතු සම්බන්ධයෙනි. එසේම වීසා සහ ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යයන් ද මොවුන් වෙත පැවරේ. මුල්කාලීනව මොවුන්ට වරප්‍රසාද හිමි නොවුණි. නමුත් 1975 සිට සීමිත වරප්‍රසාද කිහිපයක් වර්තමානය වනවිට හිමි වී ඇත. ඒ අනුව මොවුන්ගේ නිල කටයුතු දේශීය අධිකරණ බලයෙන් විනිර්මුක්තිය ලබන නමුත්, ඔවුන් තානාපතිවරුන් මෙන් පුද්ගලික ක්‍රියාවන්හි නිර්මුක්තිය නොලබයි. කොන්සල්වරයා අදාල රාජ්‍යයේම පුරවැසියෙකු නම් ඔහුට එම රාජ්‍යයේ නීතිය බල පැවැත්වේ. විනිර්මුක්තිය හිමි වන කාල පරාසය යවන රාජ්‍යය විසින් දූත පිරිසට නැවත පැමිණෙන ලෙස නියෝග කළ විට හෝ, අදාළ රාජ්‍යයන් දෙක අතර යුද්ධයක් පවතී නම් හෝ දූත මෙහෙවර නිමා වූවායැ යි සලකයි. දූත පිරිස ලබන රාජ්‍යයට ගොස් තමා අක්ත්‍රපත්‍ර භාර දුන් මොහොතේ සිට ඔවුනට තානාපති විනිර්මුක්තිය හිමිවේ. දූත පිරිසේ දූත මෙහෙවර අවසන් වී සාධාරණ කාලපරාසයක් ඉකුත් වී ඇත්නම් හෝ ඔවුන් රටින් පිට වී ඇත්නම් තවදුරටත් විනිර්මුක්තිය අදාළ නොවේ. සේවය අවසන් කිරීම 9 වැනි වගන්තිය යටතේ ලබන රාජ්‍යයට, පැමිණෙන තානාපති දූත පිරිස තම රාජ්‍යයට වද්දගැනීම ප්‍රතික්ෂේප කළ හැකිය. එය persona non grata ලෙස හඳුන්වයි. එවිට එම රාජ්‍යයට ඔවුන් පැමිණි පසු ඔවුන්ව නැවත ආපසු හරවා යැවිය හැකිය. ඒ වෙනුවෙන් කිසිදු නිදහසට කරුණක් ඉදිරිපත් කළ යුතු නැත. මේ සියල්ලෙන්ම අප අවබෝධ කර ගත යුතු මූලිකම දෙය වන්නේ තානාපති විනිර්මුක්තිය වරප්‍රසාදයක් මිස, පරම උත්තරිතර බලයක් නොවන බව යි. මෙය දෙරටේම අවබෝධය හා විශ්වාසය මත රඳා පවතී. මූලාශ්‍රයය: ජාත්‍යන්තර හා තුලනාත්මක නිතිය, නොයෙල් ඩයස් පියතුමා කුයින්ටින් ඩයස් ප්‍රකාශන (page 193-211) Related Articles මෑත ඇමරිකාවේ විශාලතම ව්‍යාපෘතිය – ඔපරේෂන් වෝප් ස්පීඩ් article විශේෂාංග මැයි 25, 2020 “චර්නොබිල්”ගෙන් බැට කෑ “ප්‍රිප්යත්” article විශේෂාංග අප්‍රේල් 19, 2018 රොස්වෙල් පියාඹන පීරිසි අනතුර article විශේෂාංග ජූලි 11, 2018 අයිෆල් කුළුණ ඉදිවීමේ පිටුපස කතාව article විශේෂාංග පෙබරවාරි 23, 2017 කාන්තා සුන්නත්කරණයේ ඛේදාන්තය article විශේෂාංග අගෝස්තු 30, 2018 මධ්‍යසාරයක් නොවූ රුසියානු බීර video විශේෂාංග ඔක්තෝබර් 15, 2018 සාහිත්‍ය සම්මාන අවුල ගැන විමසීමක් article විශේෂාංග ඔක්තෝබර් 15, 2020 වැඩිම කලක් කිරුළ දැරූ බ්‍රිතාන්‍ය රජුන් හා රැජිණියන් article විශේෂාංග මැයි 30, 2019 Roar සිංහල Roar Media is a South Asian multilingual media platform that produces original stories and provides analysis on complex issues. All our content aims to inform, educate, and inspire.
තලේබාන් රජය යටතේ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවා තිබෙනවා. ඒ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් පසුගිය දා නිල වශයෙන් නිවේදනය කර තිබුණා. පසුගිය වසර කීපය තුළ මෑත වසරවල දී ඇෆ්ගනිස්ථානය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබල නාමයක් බවට පත්වූ අතර ඔවුන්ගේ නැගීම සුරංගනා කතාවක් බඳු වුනා. කෙසේ වෙතත් පසුගිය අගෝස්තු මාසයේ දී ඇෆ්ගනිස්තාන පාලනය තලේබාන් කැරළිකරුවන් විසින් අත්පත් කර ගැනීමෙන් පසු එරට ආරවුල් කීපයක් ඇති වී තිබෙන අතර ඇෆ්ගනිස්තානය ජාත්‍යන්තරයෙන් හුදකලා වීමේ අවදානමක් තිබෙනවා. කාබුල්හි නව රජය විසින් කාන්තාවන්ට ක්‍රීඩා කිරීමට තහනම් කරන්නේ නම් මේ මස අගදී ඇෆ්ගනිස්තානය සමඟින් Hobart හි පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරගය අවලංගු කරන බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පසුගිය දා නිවේදනය කර තිබුණා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මෙම ගැටලුව සඳහා මැදිහත් වී ඇත්තේ ඒ අනුවයි. “පිරිමි සහ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න ඇෆ්ගනිස්තාන ක්‍රිකට්වලට අඛණ්ඩව සහය දැක්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විදිහට අපි කැප වී සිටිනවා”, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල සභාපති Greg Barclay නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. “ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවට සහය දක්වන්න වඩාත්ම ඵලදායී මාර්ගය වෙන්නේ නව රජය සමඟ යහපත් සම්බන්ධතාවයක් ගොඩනඟාගෙන ඒ තුළින් අපගේ සාමාජිකයාට සහාය වීම කියලා අපි විශ්වාස කරනවා.” පසුගිය තලේබාන් පාලනය විසින් පනවා තිබූ ගැහැණු ළමයින්ගේ අධ්‍යාපන තහනම සහ පිරිමි භාරකරුවෙකු නොමැතිව ප්‍රසිද්ධියේ යාමේ තහනම වැනි නීති නැවත සිදු නොකරන බව වත්මන් තලේබාන් නිලධාරීන් පවසා තිබෙනවා. කොළඹ LPL කණ්ඩායමට අලුත් හිමිකරුවෙක් යෙරොන්, නිමේෂ් සහ ලසිත් අර්ධ ශතක රැස් කරයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්වලට 21න් පහළ සංචිතයක් ලෝක කුසලානයක සමසත්කාරකත්වය ශ්‍රී ලංකාවට 2022 T20 ලෝක කුසලානයේ සත්කාරක නගර නම් කරයි “ක්‍රිකට් කියන්නේ මිලියන 35ක ඇෆ්ගන් වැසියන්ගේ බලාපොරොත්තුවල සහ සතුටේ මූලාශ්‍රයක්. අපි ක්‍රිකට් ආයතනයක් විදිහට අපේ නව රජය සමඟ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සමඟින් වගේම අනෙකුත් රටවල් සමඟ ඵලදායී සබඳතා පවත්වා ගැනීමට කැපවී සිටිනවා”, ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලයේ (ACB) සභාපති Mirwais Ashraf නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා. “අපි ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ සහ ක්‍රිකට් ආයතනයේ තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට සහ එහි ක්‍රියාකාරී මණ්ඩලයට දන්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔවුන්ට අපේ පූර්ණ සහාය සහ සහතිකය ලබා දෙන්න අපි කටයුතු කරමින් සිටිනවා.” ඇෆ්ගනිස්තානයට ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමට ඉඩ ලබා දෙමින් පූර්ණ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට අවසර ලබා දිය හැකි ද යන්න පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ අවධානය යොමු වී ඇති කරුණක්. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව පසුගිය සතියේ ඩුබායි හි පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී ද මේ පිළිබඳව සාකච්ඡා කර තිබුණා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නම් කළ ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයකු ලෙස පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානියා වන Ramiz Raja ද නම් කර තිබෙනවා. “ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවේ බොහෝ ආරවුල් තිබෙනවා. පුද්ගලයන් දෙතුන් දෙනෙක්ම තමන් නීත්‍යනුකූල නියෝජිතයා බව පවසමින් අපේ රැස්වීමට ආවා. රැස්වීමේ දී බොහෝ ව්‍යාකූලත්වයක් ඇති වුනා”, Ramiz Raja මාධ්‍යවේදීන් සමඟින් පවසා තිබුණා. “ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ඔවුන්ට රැස්වීමට සහභාගි වෙන්න ඉඩ නොදෙන්න තීරණය කළා. නමුත් ඒ තීරණය ඔවුන්ගේ අරමුදල්වලට හෝ ඔවුන්ගේ ක්‍රිකට්වලට බලපාන්නේ නැහැ.” තලේබාන් සංවිධානය විසින් පසුගිය සැප්තැම්බර් මාසයේ දී පිරිමි ළමයින්ට පමණක් නැවත පාසල් යාමට අවසරය ලබා දී තිබුණා. වැඩිහිටි ගැහැණු ළමයින්ට කොන්දේසි කීපයක් පනවා තිබූ අතර ඔවුන්ට නැවත පාසල් පැමිණීමට ඉඩ දෙන තෙක් නිවසේ රැඳී සිටීමට නීති පනවා තිබීම විශේෂත්වයක්. මෙම නීති ගෝලීය වශයෙන් දැඩි ආන්දෝලනයකට තුඩු දුන් අතර රටවල් රැසක් එය හෙළා දැක තිබුණා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිල තීරණයක් ගෙන නොමැති බවත් එරට ප්‍රදේශ කීපයක ගැහැණු ළමයින් නැවත පාසල් ගොස් ඇති බවත් ඇෆ්ගනිස්ථාන මාධ්‍ය වාර්තා කළා. “බොහෝ දෙනෙකුට වඩා වැඩි පෙරළියක් හා වෙනසක් අත්විඳ ඇති තරුණ ජනගහනයක් සිටින රටක ජාතික පිරිමි කණ්ඩායම සමඟ ඇෆ්ගනිස්ථානයේ ධනාත්මක වෙනසකට බලපෑම් කිරීමට ක්‍රිකට් ක්‍රීඩාව වාසනාවන්ත වුනා”, Barclay තවදුරටත් පවසා සිටියා. “ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ලෙස අපි එම තත්ත්වය ආරක්ෂා කළ යුතුයි. ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය හරහා අපි ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනස්කම් වලට බලපෑම් කිරීමට දිගටම උත්සාහ කරන්න ඕනේ. නමුත් අපි මේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරලා ඒ අනුව තීරණ ගන්න බලාපොරොත්තු වෙනවා.” Hindustan Times ඇසුරිනි >>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<< TAGS Cricket International Cricket ICC International Cricket Council Featured Afghanistan Cricket Board ACB FREE Ramiz Raja SHARE Facebook Twitter tweet Tharindu Jayasooriya Related Articles “අපේ ක්‍රීඩකයන් යන්ත්‍ර නෙමෙයි” Rohitගෙන් චෝදනා යෙරොන්, නිමේෂ් සහ ලසිත් අර්ධ ශතක රැස් කරයි කොළඹ LPL කණ්ඩායමට අලුත් හිමිකරුවෙක් Mickey Arthur ශ්‍රී ලංකාවට සමුදීමට සැරසෙයි ජනප්‍රිය ලිපි ධනංජය ලක්ෂාන් සංචිතයට; භානුකට විවේකයක් 24/11/2022 අභියෝග හඹා යන නිහඬ ප්‍රහාරකයා “සූරි” 24/11/2022 යුද හමුදාවේ කඩුලු දඩයම්කරු – කෞමාල් 22/11/2022 යුපුන්ගේ අනාගතයට ඩොලර් ලක්ෂයක ආයෝජනයක් 22/11/2022 වීඩියෝ Watch – පාසල් කාලෙදිම ජාත්‍යන්තරයට ගිය අලුත්ම තරුව – Dunith Wellalage... 26/11/2022 WATCH – ලකුණු 295ක් හඹා ගිය ගමනේ ශ්‍රී ලංකා හොඳම සබඳතාවය... 26/11/2022 WATCH – “මගේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන්නේ හදවතින්” – Sujan Perera –... 25/11/2022 WATCH – දේශීය ශූරයින් ශූරතාවය රැකගනිද්දී, පාසල් ශූරයින් ඉවතට – Cricket... 24/11/2022 Avatars by Sterling Adventures ThePapare.com is a comprehensive and interactive hub for news on Sri Lankan national, club and school sports. Speak to the editor: [email protected] Contact us: [email protected] About Contact Services Careers Terms and Conditions Help Updates © Copyright 2022 - ThePapare.com Powered by Dialog × "; } var td_theme_css = jQuery('link#td-theme-css'); if (td_theme_css.length) { td_theme_css.after(splited_css); } } }); } })();
වෙලාව හවස 2ට විතර ඇති. කාපු බීපු තැන්වල සතා සර්පයා වත් ඉන්නේ නෑ කියලා කතාවක් තියනවානෙ. කාලා බීලා ඉවරවෙලා කෝට් බෑය හරිගස්සා ගත්තු මම ලිෆ්ට් එක ළඟට ආවෙ ගෙදර යන්න හිතාගෙන. එතනදී මට ආයෙත් මුණගැහුණා කලින් වැඩපළේ මාගේ බොස්ව බොසුත් කලින් වැඩපළේ සගයින් කිහිපදෙනෙකුත් මමත් අපි හැමෝම ගිහිල්ලා හිටියේ අපිත් එක්කම වැඩකළ යාලුවෙක්ගේ නඩු තීන්දුවකට. මොනවා කරන්නද මිනිහා ජීවිතාන්තය දක්වා හිරේට නියම වුණා. දැන් තැවිලා වැඩක් නෑ මිනිහම කරගත්තු දේවල්නෙ. අනික මිනිහා ඔහොම හරි හැදුනොත් ලොකු දෙයක්. අපි කට්ටියම සෝපානෙ ඇතුලෙ කිටි කිටියෙ තදවුණා. ත්වරණයෙන් පටන් අරන් මන්දනයෙන් සෝපානෙ නතර වෙනකොට අපි හිටියෙ යටම තට්ටුවෙ. "මල්ලී කොහොමද යන්නෙ? " බොස් ඇහුවේ ඉහෙන් කණින් පෙරෙන් දාඩිය ලේන්සුවකින් පිහදාන ගමන්. "මෙතනින් ත්‍රී වීල් එකක ගිහින් බස් එකේ යනවා සර්" "අයියෝ මොන ත්‍රී වීල්ද මගේ වෙහිකල් එකේ ගියෑකි" "හා සර්" නිකං යන්න තියෙද්දී ත්‍රී වීල් කාරයින්ට සල්ලි කඩන්නේ මොකටද? මමත් තවත් දෙදෙනෙකුත් බොස්ගේ පසුපස ඇදුනා. රථගාල මුලම තිබූ කාරය වෙත ගිය පිරිස කෝට්බෝට් ගලවා වාහනය තුළට එබුවේ ටී ටීක් ගා ඇරුනු දොරවල් වලින්. මම කෝට්බෑය ඇඟේම එල්ලාගෙන හිටියේ මගින් බැස යන බලාපොරොත්තුවෙන්. "හරී මගින් බහිනවානෙ ඒක හින්දා ඔතනින් නගින්න" බොස්ගේ අණින් පසුපස ආසනේ වම් කෙළවර වාඩිවූ මම 'දඩස්' ගා දොර වසා ගත්තා. "හපොයි තාම ඔය පුරුද්ද අත අරින්ඩ බැරිවුනාද? " මම හිනාවෙලා නිකන් හිටියා. බොස් සමඟ ගමන් යන්න වාහනේකට නැගලා දොරවහගනිද්දි හැමදාම 'හිමින්' කියලා කියනවා මට අද වගේ මතකයි. කොච්චර කිව්වත් වැඩපලෙන් අස්වෙනකන්ම ඔය පුරුද්ද නම් අතැරගන්න බැරිවුනා. බොසුත් හිනාවෙලා සුක්කානම කරකවලා වාහනය පාර්ක් එකෙන් එළියට ගත්තා. ඒ ගමන් සිකුරුටිට අත වනා හිනා පොදක් දෙන්නත් අමතක කළේ නෑ. වාහනය තරමක් වේගයෙන් ඉදිරියට ඇදුනා. මධ්‍යසාර තොළ ගෑ කිසිවෙක් නොසිටි නිසාමද හැමෝම වචනයක්වත් කතා කළේ නෑ. කාලෙකින් හම්බෙලා කතාකරගන්න ඕනෑ ටිකත් ඇතුලෙදි කතා කළානෙ. ඉදිරියේ වාහන පෝළිමක් තිබුන නිසා බොස් තරමක් පසුපසට වෙන්න රථය නැවැත්තුවා. නැවැත්තුව හිඩසින් ප්‍රයෝජන ගන්න හිතපු රෝද තුනේ මල්ලී කෙනෙක් ඇවිල්ලා ගැහුවෙ නැතෑ අස්සෙ. "මුං හින්දා තමයි හැමතැනම බ්ලොක්. පොඩි ඉඩක් දකින්න නෑ. ගෙනල්ලා ඔබනවා. ඊටපස්සෙ ඌට යන්නත් නෑ අනික් වුන්ට යන්නත් නෑ." "කීයක් ගත්තද හරී ටවුන් එකේ ඉඳලා මෙතෙන්ට" "රුපියල් 100ක් ගත්තා" වාහන පෝළිම නැතිව ගියා. තුන් රෝද මල්ලිත් කෙලින් කරගෙන යන්න ගියා. අපිත් ඉතින් ආවා. ආයෙත් සයිලන්ස් මූඩ්. "මඟුල නම් හොඳට තිබ්බා නේද අයියේ?" යාන්තම් එකෙක්ගේ කටින් කතාවකට හෙඩිමක් වැටුනා. දැන් ඉතින් දිගටම යන්නයි තියෙන්නේ. "ඔව් කියන්න වරදක් නෑ" බොස් එහෙම කියද්දී එතන හිටපු හැමෝම ඒක අනුමත කළා. සමහරු වචන වලින් මම ඔලුවෙන්. "ඕගනයිසින්ග් නියමයි නැත්නම් ඔච්චර හොඳට කරන්න වෙන්නේ නෑ" ඉස්සරහ සීට් එකේ වමේ හිටපු එකාගේ අදහස. "ඕක කියන්නත් දෙයක්ද බං උඹ හිතුවද දවසින් දෙකෙන් මඟුලක් කන්න පුලුවන් කියලා" අනිත් එවුන් ඌට කැපිල්ල දානවා. "අඩුම ගානෙ මාස තුනක්වත් ඕන" "මම හිතන්නෙ XXXයා මාස 6කටත් කලින් ඉඳන් ඕකට ලෑස්ති වුනේ." අරූට කට උත්තරත් නෑ. ඔය අතරෙ කට්ටියම බැලුවෙ බොස්ගේ මූණ දිහා. කාටවත් සෙකන්ඩ් නොවෙන්න මොකක් හරි ඇදබෑමේ දක්ෂතාව තියෙන මිනිහා මොකෝ නිස්සබ්ද කියලා බලන්න. එයා තනියම හිනා වෙවී කාර් එක එළවනවා. අපිට ඉතින් අහන්න බෑනෙ මොකෝ හිනාවෙන්නෙ කියලා. ටික දුරක් එහෙමම ගිය බොස් කහඉරක් ළඟ වාහනය නවත්තලා වයසක සීයා කෙනෙකුට පාර පනින්න දීලා ශ්‍රී මුඛය විවෘත කළා. "මොකක්ද දැන් ප්‍රශ්නය?" එහෙම ඇහුවෙ කන් ඇසීමේ දුර්වලතාවයක් හින්දා නෙමේ කතාවට එන්ටර් වෙන්න පොටක් පාදගන්ට. "නෑ XXX අයියෙ මේ මඟුල් ප්‍රශ්නයක්. වෙඩිං එකකට ලෑස්ති වෙන්න කොච්චර කල් ඕනද කියන එකයි දැං ප්‍රශ්නෙ " සීයා අමාරුවෙන් පාර මාරුවුණා. ආයෙත් රෝද හතර කැරකෙන්න ගත්තා. "දැන් කාලෙ මනුස්සයෙක්ට පාර පනින්න ඉඩ දෙන්නේ කීයෙන් කී දෙනාද?" "පොඩි වාහන කාරයෝ තමයි නවත්තන්නෙ නැත්තෙ ඒ අතින් ලොකු වාහන කාරයෝ නවත්තලා ඉඩ දෙනවා. " "මම නම් ජීවිතේට දැකලා නෑ ත්‍රීවීල් කාරයෝ බස් කාරයෝ නම් ඉඩ දෙනවා" "අපේ කැම්පස් එක ඉස්සරහා නම් ඕන වාහනයක් නවත්තනවා. අපි නම් පනින්නෙ බලන්නෙත් නැතුව. " ඒ කතාවට මගේ සම්මාදම. "ඔව් ඉතින් යන්තම්වත් වැදිලා වාහනය පොඩි කරගන්නවට වැඩිය පරක්කුවෙන එක හොඳයි කියලා හිතෙනවා ඇති" "මම නම් කියන්නෙ අඩුම ගානෙ මාස 3ක්වත් ඕනෙ." එකපාරම කිව්වෙ පාර පැනිල්ලට සම්බන්ධ නොවී ඉස්සරහ හිටපු එකා. ඌට තමයි ලොකුම උනන්දුව තිබ්බෙ කතාව ඇදගෙන යන්න. බොස් දිහා බැලුවෙ වැඩේ අනුමත කරගන්න වගේ. බොස් එක එකාගෙ මූණු බල හොක්... හොක්.. ගානවා මිසක් කතාවක් නෑ. ඒ හොක්.. හොක්.. හඬ හිනා සද්දෙකටත් වැඩියෙ උඹලා දන්න රෙද්ද වගේ හැඟීමක් තමයි අපිට දුන්නෙ. එක එකා ඉතින් පුලු පුලුවන් හැටියට උත්තර දුන්නා. ඔක්කොටම ඉතින් හොක් හොක් තමයි. "මම නම් කියන්නෙ එක දවසක්වත් ඕනෙ නෑ " බොස් කිව්වෙ හෝන් ගහගෙන කෙලගෙන ආපු බස් එකකට ඉඩදෙන ගමන්. "එක දවසක්වත් ඕනෙ නෑ තමයි පැනලා ගිහින් කොහෙන්හරි දෙන්නෙක් හොයන් රෙජිස්ටර් වෙන්න නම්. අපි කිව්වෙ එහෙම මඟුල් නෙමෙයි මල් වේල් දාලා බැඳලා අඩුම ගානෙ පොඩි පාටි එකක් හරි අරං කෙරෙන මඟුලක් ගැන" "කවුද පැනලා යනවා කිව්වෙ මම කිව්වෙත් ඔය ජාතියෙ එකක් තමයි" "එක දවසින්" එකෙකුගෙ කටත් ඇරිලා ඇස් දෙකත් එළියට ඇවිත් කැස්පාව දැක්ක සතෙකුගෙ වගේ. "ඔව් එක දවසින් තමයි" බොස් කිව්වෙ තේජභරිත හඬකින්. "ඕනෑනම් උදාහරණ සහිතව පැහැදිලි කරන්නම්" ඒ වචන අපේ කණට මී පැණි වක්කරනවා වගේ උණා. අපිට තේරුණා බොස් මේ අර අඳින්නෙ කතාවකට තමයි. පොඩිකාලෙ "පුතාලා මම කතන්දරයක් කියන්න යන්නෙ" කියලා මිස් කෙනෙක් කිව්වම අපි පුටුවෙ හරිබරි ගැහිලා වාඩිවෙන්නෙ ඒ විදිහට අපිත් හරිබරිගැහිලා වාඩිවුණා. හිනාවෙන්න කට ලෑස්ති කොරගන්නත් එපායැ. බොසුත් කතාව කියාගෙන යන්නත් ඕන නිසා වේගෙ පොඩ්ඩක් අඩුකළා. නිකන් පාරදිහා බලන් කිව්වට ගතියකුත් නෑනෙ. අහන් ඉන්න වුන්ගේ මූණදිහා බලබල උන්ගෙ මූණු වෙනස්වෙන හැටි බල බල කතාව කියනකොට තමයි කියන මිනිහට නියම ගතිය එන්නෙ. හයියෙන් යද්දී ගතිය ගන්න වෙන්නේ ළඟපාත ඉස්පිරිතාලෙකට ගිහිල්ලා. ඒක නිසා වේගෙ අඩු වුණා. "මගේ මල්ලීගෙ යාලුවෙක්ගෙ වෙඩිමක් තිබ්බා... මීට අවුරුදු පහකට විතර කලින් මම හිතන්නෙ. ඒ යාලුවා එක්ක එච්චර කනෙක්ශන් එකක් මගේ තිබ්බෙ නෑ. ඒත් ඉතින් මිනිහා මගේ වෙඩින් එකට හරියට මහන්සි වුණා. ඕකෙදි ඇතිවෙච්ච ෆිට් එක උඩ තමයි මටත් මිනිහගෙ වෙඩින් එක කිව්වෙ. හැබැයි මට කියලා තිබ්බෙ හෝම්කමින් එකද කොහෙද " වමට හරවන්න සිග්නල් ලයිට් දැමුණා. 'බස් එකේ යනවනම් මෙතනින් බහින්න ඕනා. රස කතාවක් පටන් ගත්තු එකේ ඔන්න ඔය දිගටම යනවා. කම්පැනියට ගිහින් පරණ එවුනුත් හම්බෙලා යන්න බැරියැ. බොස්ටත් මීටර් නෑ වගේ. කතාවක් කියන්න තියෙනවානම් වෙන මොකුත් ඕනෙ නෑනෙ.' මම හිමීට සද්දෙ වහලා හිටියා. මාව මෙතනින් හලලා ගියොත්. වමට හැරිච්ච වාහනේ ආයෙත් යනවා ටිකක් වේගෙන්. "වෙඩින් එක දා මලයා උදෙන්ම ලෑස්තිවෙලා ගියා. මම වැඩට යන්න ලෑස්ති වේවී හිටියෙ. ඔන්න ටිකකින් කෝල් එකක් එනවා. 'අයියේ වැඩට යන්නද යන්නෙ පොඩි හදිස්සියක්' මම ඇහුවා 'මොකෝ' කියලා. 'මාර සීන් එකනෙ අයියෙ මඟුල් කාර් එක ඇවිල්ලා නෑනෙ අයියට බැරිද කාර් එක අරන් එන්න' මමත් ඉතින් මගේ මඟුලටත් ඉදවු කරපු එකානෙ කියල හිතලා කාර් එක අරන් පිටත් වුණා. මඟ දිගටම කෝල් එනවා ඉවරයක් නෑ. කොහෙද ඉන්නෙ අහලා. මම ඉතින් මේ ළඟ මේ ළඟ කියකිය ගියා. මොකද ඉගිල්ලෙන්නයැ" "එතන්ට ගිහිල්ලා බැරිනම් මහ ජංජාලයයි කාර් එකත් නෑ බෙස්ට්මනුත් නෑ.. පේජ්බෝයිත් නෑ... බලද්දී බෙස්ට්මන් තමයි කාර් එක ගේන්න පොරොන්දු වෙලා තියෙන්නෙ මිනිහත් නෑ. පේජ්බෝයි මිනිහගෙ අක්කගෙ පුතාලු. පොඩි එකත් නෑ. මනමාලයගෙ අම්මා වෙස්කට් එකත් උස්සන් දුවනවා පොඩි එකෙක් හොයන්න " "බෙස්ට්මන්ට මොකක්වෙලාද" "එවලෙ දැනගෙන හිටියෙ නෑ මොකක්වෙලාද කියලා. ඒ කාලෙ ෆෝන් තිබ්බෙත් නෑනෙ හැමෝටම. පස්සෙ දැනගත්තෙ යාලු මනමාලයට නින්ද ගිහිල්ලලු. පේජ්බෝයි වගෙ කවුරුහරි අහුලලා දාගන්න තිබ්බා. කොහෙද එච්චරකල් මනමාලයගෙ ගෙදර තිබ්බ කෝට් එක මිනිහා අරන් ගිහින්නෙ රෑ ඇවිල්ලා. ඊටපස්සෙ අහුලගත්තු පේජ්බෝයි කොල්ලයි මනමාලයවයි දාගත්තු මම ඇරලා ගියා කන්තෝරුවට නැකත පනින්න කලින්" "එතකොට මල් පොකුර දුන්නෙත් නැද්ද?" "මොන මල් පොකුරුද අනික මල් පොකුර දෙන්නත් යාලු මනමාලයෙක් ඉන්න එපායැ. මනමාලිගෙ පැත්තෙ මිනිස්සු භයවෙලා මනමාලයා පරක්කුවෙනකොට පැනලා ගිහින් කියලා හිතලා. කොහොමහරි වෙලාවට කන්තෝරුවට ගියා අත්සන් කරන වැඩ එහෙමත් අවුලක් නැතුව කෙරුණා. මගේ මඟුල් ගෙයක් නොවුනත් මම ඉතින් මූණ පොඩ්ඩක් හංගන් හිටියෙ. වෙච්ච වැඩ වලට මූණ දෙන්න පුලුවන්ද? මනමාලිගේ පැත්තෙ මිනිස්සු හිතනවා ඇති මුං නම් පිස්සෝ ටිකක් කියලා. බැඳලා ඉවරවෙද්දී තමයි මටනම් තේරුනේ මනමාලයගේ පැත්තයි මනමාලිගෙ පැත්තයි ජාඩියට මූඩිය වගේ කියලා." "ඒ මොකෝ අයියෙ " "වඳින්න බලද්දි මනමාලිගෙ දෙමව්පියො නෑ. " "ඒ මොකෝ" "අද පොළ දවස වගේ නේද? පාරෙ සෑහෙන සෙනඟක් ඉන්නෙ" බොස් පාරපුරා ඇහැ යවමින් කිව්වා. "මේ වටේ පිටේ ගම් ඔක්කොගෙම කඩකාරයො එන්නෙ මේ පොළට තමයි. අඩුවට අරන් ගිහින් ගිනි කනවා. මෙහෙ බඩු ලාභයිලු. ඉස්සර අපෙ පැත්තෙ මිනිස්සුත් ආවා." වාහනේ වේගය තවත් බාලවුනේ පාරෙ අවහිරකම් නිසාමයි. බොස් බොහොම කල්පනාවෙන් වාහනය එළවීම නිසා කතාවට පොඩ්ඩක් බාධා වුණා. "මම කොහෙද හිටියෙ? " වාහන ටිකක් අඩුවුනේ කතාව නැවත පටන් ගන්න වටපිටාව සකස් කරමින්. කතාවේ ඊළඟ ජවනිකාව පටන් ගනිද්දී ආයෙත් හරිබරි ගැහෙන්න අපි අමතක කළේ නෑ. 'පාරෙ' කියලා කියන්න කටට ආවත් "දෙමව්පියො වඳින තැන" අපි තැන මතක් කරා. "මනමාලිගෙ අම්මත් නෑ තාත්තත් නෑ. ලොකු සහෝදරයො කිව්වා ගෙදර ගිහින් වඳිමුකො කියලා. ආරංචි කරලා බැලින්නම් මනමාලිගේ අම්මා බයිට් හදනවලු" "එදා රෑ පාටිය මනමාලිගෙ පැත්තෙන්ද?" "රෑට නම් බැරියැ එදා දවල්. බයිට් හදන්න බාරගත්තු මිනිස්සු ඒක කරලා නෑ. ඒක හින්දා බයිට් හදන්න මනමාලිගෙ අම්මා නතර වෙලා" "තාත්තා??" "තාත්තා බාර් ගානෙ යනවලු අරක්කු හොයන්න. ගේන්න බාර ගත්තු එකා මඟ ඇරලා එකම ජාතියෙන් හොයන්නත් ඕනනෙ." "නියම මඟුලක්නෙ" "තාම නියම වුනේ නෑ... ජෝඩුව බහින්න හදනකොටම මෙන්න අරූ කඩාපාත්වුණා." "කවුද?" "වෙන කවුද බෙස්මනා. ඌ සරසපු කාර් එකත් අරන් ආවා අස්සෙ ගහන්න. එතකොට මනමාලි නැඟලා ඉවරයි මගේ කාර් එකට. මූව දැකලා මට යකා නැග්ගා. මූ කියනවා ඒකෙ යංලු. සෙනඟ ගොඩේ බනින්නත් බෑනෙ මම කිව්වා. ' මල්ලී එහෙම කාර් මාරු කරන්න හොඳ නෑ. දැන් ආපු එක මේකෙම යයි. ඔයා පාර දන්න මිනිහනෙ ඉස්සරවෙලා යන්න' කියලා ඒ කාර් එක ඉස්සෙල්ලා යැවුවා. යන්න කිව්වම ඌත් යනවා ඇරලා. මම ටිකක් හිමින් පස්සෙන් ගියෙ" "ඔය කොහෙද යන්නෙ සර්" මම ඇහුවෙ දැන් අපි යන තැන නෙමෙයි මනමාල ජෝඩුව පටවන් කොහෙද යන්නෙ කියලා. "මනමාලිගෙ ගෙදර දවල් කෑමට. මනමාලිගෙ ගෙදරට කිට්ටු වුණා විතරයි මෙන්න බොලේ දඩ බඩ ගාලා වෙඩි පත්තු වෙනවා. කිටු වුණා කිව්වට ගෙදරට ටිකක් දුරින් හිටියෙ. සාමාන්‍යයෙන් වෙඩි ගහන්නෙ දොරකඩට ආවමනෙ. බැලින්නම් ගෙදර එවුන් යාලු මනමාලයව වෙඩි ගහලා පිළිඅරගෙන. ගෙදර ඉන්න එවුන් දන්නෙ නෑනෙ මනමාල ජෝඩුව එන්නෙ මොකේද කියලා. සරසපු කාර් එක එතන්ට එද්දිම උන් ගැහුවා වෙඩි" අපි බඩවල් අල්ලන් හිනා. හිකි..හිකි.. "උනුත් මඤ්ඤං වෙලා සරසපු කාර් එකක් තියෙද්දි නිකන් කාර් එකකින් ජෝඩුව බහිනවා දැකලා. කොහොමහරි මනමාලිගෙ අම්මව වඳින්න අල්ලගන්න පුලුවන් උණා. තාත්තා තාම ඇවිත් නෑ." "නියම මඟුලක්නෙ විශ්වාස කරන්නත් බෑ" "කෝ හරී බහිනවා කිව්වා නේද? " "කම්පැනියටම යං. කාලෙකින් ගියෙත් නෑනෙ" "කාලෙකින් හම්බුණු නැති අයත් හම්බුනෑකිනෙ" බොස් කිව්වෙ කටකොනකින් හිනාවෙමින්. "ටිකකින් ඔන්න තාත්තා එනවා ත්‍රී වීල් එකක. අරක්කුත් අරන්. කොහොමහරි කිසිම සූදානමක් නැතුව මඟුල කෙරුණා. මාස ගණන් ලෑස්ති වෙන්න දෙයක් තිබුණෙත් නෑනෙ. ජස්ට් ඉන් ටයිම් ඔක්කොම " "ඒ වුනාට ඉතින් වැඩේ සවුත්තුයිනෙ" එහෙම කිව්වෙ කතාවට එකඟ නොවුනු එකෙක්. "මොකක්ද සවුත්තුව. දැන් බලන්ඩකො මල්ලී යාලු මනමාලයෙක් හිටියෙ නැතත් උන් දෙන්නා බඳින්නෙ නැද්ද? පේජ්බොයි ගියේ කලින් ලෑස්ති කරපු එකාද? කාර් එක කලින් ලෑස්ති කරාද? ඔය මොකුත්ම නෑනෙ. ඒත් මඟුල වුනේ. බයිට් කලින් හදලා නෑ. උණු උණු බයිට් ලැබුණා. අරක්කු කලින් ගත්තු නැති හින්දා එකම ජාතියෙන් ගේන්න බැරිවුණා. ඒක හින්දා කැමති කැමති ජාති බොන්න පුලුවන් උණා. බලන්ඩකො මල්ලී අමතර වාසිත් තියෙනවා." අපිට ඉතින් හිනාවෙන්න විතරයි ඉතුරුවෙලා තිබ්බෙ. "මඟුලෙන් පස්සේ දවසක මල්ලී තමයි නියම සීන් එක කිව්වෙ මම ඕක මතක් කර කර හිනාවෙනකොට. උන් දෙන්නා බඳින්න ඉඳලා තියෙන්නෙත් ඊට මාස දෙකකට විතර කලින්ලු. කාඩ් ගහලා බෙදලත් තිබිලා තියෙන්නෙ. මනමාලයා ටෝලර්කාරයෙක් " "ඒ මොකෙක්ද?" මැද්දට පැන්නෙ ඉපදුනාට පස්සේ අතේ ඇඟිලි ගාණට වඩා පාරක් මූද දැකපු නැති එකෙක්. ඌ එහෙම අහන එක සාධාරණයිනෙ. "ඒ කිව්වෙ මාලු කාරයෙක්. අර බහුදින ධීවර යාත්‍රා කියන්නෙ ඒකක වැඩ කරන එකෙක්. මේකට අමතක වෙලා වෙඩින් එක .මූ ඒකක නැගලා මූදු ගිහින්." "ඒකානම් අදහන්න වටින බඩුවක් " "ඔව්වා ගොඩට එන්නෙ මාසෙකට දෙකකට සැරයක්නෙ. හැතැම්ම සියගාණක් ගිය එකක් මූ හින්දා හරවගෙන එන්නේ නෑනෙ. ඉතින් මනමාලයට මඟුලට එන්න වෙලා නෑ." කම්පැනියට හැරෙන වංගුවට තව ටිකයි. මගේ දිව අගට ප්‍රශ්නයක් ආවා. ඒත් අහන්න ලැබුනේ නෑ. වෙන එකෙක් ඇහුවා මට කලින්. "තාම දෙන්නා එක වහලක් යට ඉන්නවාද? " "අපොයි ඔව්. ඔය ඉන්නෙ අපූරුවට.... ඔය කේන්දර බැලිලි. අවුරුදු ගණන් කලින් ලෑස්ති වෙන එව්වා බොරු වැඩ මල්ලී. නැද්ද මං අහන්නෙ?" මුළු කතාවම ඇහැව්වත් ඒකට අනිත් උන් දුන්නු උත්තරේ අහගන්න ලැබුනේ නෑ. "මාව ඔතන හංදියෙන් දාන්න සර්" "ඇයි හරී එහෙ යනවා කිව්වා නේද?" "පස්සෙ දවසක එන්නම් සර්. හැන්දෑවට ගමනක් යන්න තියෙනවා. මම යනවා ඔන්න ඔක්කොටම කිව්වා" වාහනය නතර වුණා.මම දොර ඇරගෙන බැස්සා. "හිමින් හිමින්" ඇතුලෙන් එන සද්දෙ නිසා හයියෙන් වහන්න ගිය දොර හිමීට තල්ලු කරන්න වුනේ. 'අන්න බස් එකක්' -------------------------------------------------------------------------------------------------------------- ප.ලි. : අද පලිය වෙන්වෙන්නේ කලින් ලිපියේ මම ඇසූ පූර්ව ප්‍රචාරණ ප්‍රශ්නයට උත්තර දුන්නු පාඨකයන්ට. ඒ ප්‍රශ්නයේ උත්තර වලට හොක්..හොක්.. ගාන්නේ නැතිව තෑග්ගක් දෙන්නයි ලෑස්තිය. තෑග්ග තමයි උත්තර දීපු අය ලියපු බ්ලොග් එකේ ඒගොල්ලෝ කැමතිම හා එයාලා අතින් ලියැවුණු හොඳම ලිපියට ලින්ක් එකක් දීම. එයාලාගෙ බ්ලොග් බලන්න එන අය වැඩී මගෙ එකට වඩා. ඒත් එයාලා කැමතිම ලිපිය බලන්න වෙන්නේ මෙතනින් පමණයි. මාතෘකාවෙ තියෙන ප්‍රශ්නෙට උත්තර ඕන අයට මෙතනින් ගිහින් ඒ ගොල්ලන්ගේ කමෙන්ට් ටික බලන්න පුලුවන්. පිණිබිඳු ලියූ පිණිබිඳු කැමතිම ලිපිය මධුරංග ලියූ මධුරංග කැමතිම ලිපිය nikki ලියූ nikki කැමතිම ලිපිය සයුරි ලියූ සයුරි කැමතිම ලිපිය ගැමියාගේ පත් ඉරු වේ කැමතිම ලිපිය @ පිණිබිඳු... : අක්කාට නම් මේ ගැන ළඟදී ලබාපු අත්දැකීම් ඇතිනෙ. @ මධුරංග : සහෝ පාර අහගත්තත් කරන්න දෙයක් නෑ. මම ඉතින් ගහක තමයි. @ nikki : උත්තරේට ස්තුතියි! @ සයුරි :මගේ පෝස්ට් එකේ හැටියට ගැළපෙන උත්තරේ මේක. @ ගැමියාගේ පත් ඉරුව : ළඟින් යන උත්තරයක්! පොඩි එකෙක්ලුනෙ තාම :) ප්‍රශ්නයට දීපු උත්තර වලටත් හොඳම හා කැමතිම ලිපිය තෝරා දුන්නාටත් ඕගොල්ලෝ ඔක්කොටම ස්තුතියි! ප.ප.ලි: සමාවෙන්න ඕනා. මේ කතාව නිසා කොටි කතාවට පොඩි බාධාවක් වුණා. කලින් ලිපි දෙක කියෙව්වේ නැත්නම් පහළ සැබැඳි වලින් යන්න. හැබැයි පරිස්සමින් මම කොටියෙක් කියලා හිතෙන්න පුලුවන්. දිගටම පෞද්ගලික අත්දැකීම් කියපු නිසා අනිත් එව්වා කියවන්න එන අය තරහා වෙලාද මන්දා. මම දුටු කොටි............1 මම දුටු කොටි............2 Get Widget Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest අයිතිවෙන ලිපි ගොඩ Kathandara, කතන්දර, පෞද්ගලික අත්දැකීම් 38 comments: මාරයාගේ හෝරාව 1/29/12, 5:18 PM ඇත්ත කතාව මගුලක් ගන්ට ඔය හැටි කල් මාන්සි වෙන්ට ඒන නැහැ..දැන් බලන්ටකෝ මල ගෙවල් ගන්නේ ඔය සතියක් ඇතුලත ටිප් ටොප් එකට...අව උනත් එව්වත් මගුල්නේ.. අනික මැරෙනවා කියන එක බදිනවා තරං ලේසිද.. ReplyDelete Replies හරී 1/31/12, 8:01 AM මාරයියා මගේ බ්ලොගය පැත්තේ ආවමද කොහෙද?..සාදරයෙන් පිළිගන්නවා... ඒක නම් ඇත්ත මැරිලා දවසින් දෙකෙන් ඔක්කොම ඉවර කරන්නේ..මඟුලක් එහෙම කරන්න බැරි මක්කෙයි..ශිහාන් අයියත් ඔය අපූරුවට මඟුලක් ගත්තෙ... "අනික මැරෙනවා කියන එක බදිනවා තරං ලේසිද.." මේකට නම් එකඟ වෙන්න බෑ අයියා.. මැරෙන එක ලේසියි එක පාර මැරුණා එච්චරයි..බඳින එක එහෙමද බැන්දට පස්සෙ කීපාරක් මැරි මැරී උපදින්න වෙයිද? :) අයෙත් මේ පැත්තෙ එයි කියලා හිතනවා.. Delete Replies Reply Reply ගැමියාගේ පත් ඉරුව 1/29/12, 5:56 PM සිරාවටම අඩේ මගේ කට ඇරිලා දිව රෝල්වෙලා කී බෝඩ් එකට වැටෙනවා තව පොඩ්ඩෙන් පිස්සුම හැදෙනවා අයියේ ඊයේ මගේ උපන්දිනේ ඒකට දුන්නු තෑග්ග කියලා මේක බාරගන්නම් හොඳේ.....බොහෝම ස්තූතියි කොයි ලෝකෙන්ද දෙයියනේ මගේ fb account එක හොයාගත්තේ???....පට්ට තකාව අයියේ එල ඈ ReplyDelete Replies හරී 1/31/12, 8:07 AM හි..හි.. ඒ මොකෝ මල්ලියෙ..? "කොයි ලෝකෙන්ද දෙයියනේ මගේ fb account එක හොයාගත්තේ???" සරලොක් හෝම්ස් බුද්ධිය තමයි..හැබැයි ඉතින් ඕක හොයාගන්න එක පිණිබිඳු අක්කව, මන්තරකාරිව, මාරයියගෙ ෆ්‍රිජ් එක, නඳුන් උයනෙ අයියව හොයාගන්න එක තරම් අමාරු වුනේ නෑ.. බොරු බං..පොඩි දෙයයි කළේ.. වම් මොළෙන් හිතලා ඒ ටික මෙහෙම පැත්තකට ගත්තා..දකුණු මොළෙන් හිතලා ඒ ටික තව පැත්තකට ගත්තා..ඊට පස්සෙ ඒ දෙක මෙන්න මෙහෙම මෙව්වා කළාම උත්තරේ ආවා.. :D 18වෙනි උපන් දිනයට උණුසුම් සුභ පැතුම් මල්ලියෙ..ස්තුතියි! Delete Replies Reply Reply සංකල්ප 1/29/12, 6:30 PM මේක මාර මගුල් කෑමක් නේ !! හික්ස් :) අර කිව්වත් වගේ දවසිනුත් වෙඩින් ගත්තෑකිනේ. තෑග්ගට බොහොම ස්තුතියි ! ReplyDelete Replies හරී 1/31/12, 8:25 AM මාරද කියලත් අහනවා මාර ඩබල්.. සන්තෝසයි තෑග්ගක් දෙන්න ලැබීම ගැන.. Delete Replies Reply Reply නදුන් උයන 1/29/12, 7:24 PM අන්න මඟුල්.... හැබැයි මම දන්නම යාලුවෙක් එයාගේ මංගල්ලේ ගත්තේ සුමාන 2ක ලක ලැහැස්තියකින්. මට යන්න බැරි උනත් ලස්සනට වෙඩිම තිබුනා. සමහර දේවල් ඉතින් අපි විහින් දිග් ගස්සගන්නවනේ.... ReplyDelete Replies හරී 1/31/12, 8:26 AM මම හිතන්නෙ මනමාලියන්ට තමයි ඉතින් වෙඩිම ලොකුකරගැනීමේ වැඩිම උවමනාවක් තියෙන්නෙ.. :) වෙඩිමකින් පෝසත් වෙන්නෙ වෙලෙන්ඳො තමයි.. Delete Replies Reply Reply nikki 1/29/12, 9:14 PM අපූරු තෑග්ගක්. බොහොම ස්තුතියි. ඒනිසා තවත් ලස්සන බ්ලොග් පෝස්ට් කීපයක් කියවන්න ලැබුනා. අරක මාර වෙඩින් එකක්නේ. ReplyDelete Replies හරී 1/31/12, 8:28 AM බොහොම සංතෝසයි...මම දැක්කා එව්වල කමෙන්ට් එහෙමත් දාලා තියෙනවා.. Delete Replies Reply Reply සෙන්නා 1/29/12, 9:30 PM අයියෝ හරී.. මට උඹේ මම දුටු කොටි 2 මිස්වෙලානේ.. එහෙම කොහොමද උනෙ ? බ්ලොග් රෝල් වල අප්ඩෙට් උන්නැද්ද ? ඒක හිමීට කියවන්ඩ ඕනා.. මේ කතාවනම් මරු.. ඔක්කොවන්ටම වැඩිය ලේඛන ශයිලිය විශිෂ්ඨයි.. ReplyDelete Replies හරී 1/31/12, 8:31 AM මොකක් හරි අප්ඩේට් වීමේ ප්‍රශ්නයක් තිබුණා තමයි..මම දැක්කෙ හද්ද පරණ පෝස්ට් එකකට ලින්ක් එකක් තියෙනවා..දෙතුන් පාරක් මෙක පබ්ලිශ් කළත් හරි ගියේ නෑ..බැරිම තැන අතඇරලා දැම්මා..කියවලා ප්‍රතිචාරයක් දෙන්නකො.. මට මේ හිතාගන්න බැරුව ඉන්නෙ ඒකෙම 3 ලියනවද? සම්භාව්‍ය පවෙනි මණ්ඩලේ එකකට ඊළඟට යනවද කියලා.. ස්තුතියි! මේ ශෛලිය කලින් අනිත් බ්ලොග්වල මම දැකලා තියෙන එකක්.. Delete Replies Reply සෙන්නා 2/1/12, 3:27 PM එතකොට මමනම් කරන්නේ, තව පෝස්ට් එකක් දානවා අරකට ලින්ක් එක දාලා.. මගේ අන්තිම පෝස්ට් එකටත් ඒ ගොඩවෙදකමම තමයි කරලා තියෙන්නේ... Delete Replies Reply Reply මකුළුවා..... 1/29/12, 9:42 PM නියම වෙඩිම...පට්ට.....:D ReplyDelete Replies හරී 1/31/12, 8:32 AM පට්ටදත් කියලා අහනවා පට්ට පට පට.. Delete Replies Reply Reply Sabith 1/29/12, 10:42 PM ඒකත් ජය සිරි මංගලම් එහෙනම් ඇ! මෙන්න මගුල්!දැන් කාලේ උන් මගුල් ගන්නය කියලා මගුල් නටනවනේ! ReplyDelete Replies Sabith 1/29/12, 10:43 PM මගේ පලමු පැමිනීමද කොහෙද! කොහොම මඟ ඇරුනද මංද බ්ලොග් එක! Delete Replies Reply හරී 1/31/12, 8:34 AM සිංහල බ්ලොග් අවකාසෙ බ්ලොග් 2000ක් විතර තියෙන එකේ මඟඇරෙන එක පුදුමයක් නෙමෙයි සහෝ.. සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට.. ආයෙත් එන්නකො මේ පැත්තෙ.. Delete Replies Reply Reply සයුරි 1/30/12, 12:21 AM හොඳම කතාව තමයි මනමාලයා ට්‍රෝලර් එකේ ගියපු කතාව..හි හි..ලියල තියන විදියනම් නියමයි...තෑග්ග ට බොහොම ස්තුතියි :)) ReplyDelete Replies හරී 1/31/12, 8:37 AM මමත් ආසයි ට්‍රොලර් එකක ගිහිල්ලා බලන්න..ඒත් එක හේතුවක් කාලෙ නෑ..අනික ඉතින් ගෙදරින් යන්න දේවියැ.. මාලු වැඩිපුර අහුවුනොත් උස්සලා මූදට දායිලු.. සංතෝසයි තෑග්ගක් දෙන්න ලැබිච්ච එකට.. Delete Replies Reply Reply Ru_Sirini 1/30/12, 12:50 AM අපූරු මනමාලයයි මනමාලියි..ජාඩියට මූඩිය වගේ.. ReplyDelete Replies හරී 1/31/12, 8:38 AM ඒකනෙ..දෙන්න හොඳට ගැළපෙනවනම් ඉතින් මඟුල මොන විදිහට උනත් කමක් නෑ..ගැළපෙන්නෙ නැත්නම් රාජකීය මඟුලක් වුනත් වැඩක් නෑ.. Delete Replies Reply Reply පිස්සා පලාමල්ල 1/31/12, 5:24 PM මට දැනෙන සංතෝසෙ... අදම මේ මොහොතෙම මේ ලින්ක් එක යවනව වෙන්න බාරිට. මොකට පස් මහ බැලුම් බලන්නද මඟුල් කරන්න... කාලෙකින් කියවපු සුපිරි ලිපියක්. මූනු පොතේ ශෙයා පාරකුත් දානවා. ReplyDelete Replies හරී 1/31/12, 6:03 PM හපොයි..බාරි දායි ගෝරියක්...කාන්තා පාර්ශවේනෙ වැඩිපුරම අනික් උන්ව පෝසත් කරන්න කැමති.. ස්තුතියි! ස්තුතියි!.. එහෙම තමයි හොඳ ළමයි ඉන්න ඕනා යමක් දැනගත්තම අනික අයටත් දන්වන්න ඕනා.. Delete Replies Reply Reply සාතන් 1/31/12, 5:49 PM මඟුල නම් කලා කියමුකො... ඔච්චර මරාල ගොඩක් එක වෙඩිමකට වැටුනෙ ප්ලෑන් කරලද බන් ;) වැඩ බාර අරන් හිටපු උන් ඔක්කොම මිසින් වෙන්න තරමටම... ReplyDelete Replies හරී 1/31/12, 6:05 PM එව්වා මම දන්නෙ නෑ අයියා බොස් තමයි දන්නෙ.. :) එක අතකට ඕකට ඔච්චර මරාල ගොඩක් නොවැටුනා නම් අපි මෙහෙම ඕක ගැන කියවයිද? Delete Replies Reply Reply ඕනමැන්ටල් 2/2/12, 2:18 AM මමත් ඔය වගේ කෙටි කාලීන ප්ලෑනක් ගහල තමයි බැන්දෙ ReplyDelete Replies හරී 2/3/12, 3:40 PM ඔය තියෙන්නෙ තව උදාහරණ.. Delete Replies Reply Reply Dude 2/2/12, 10:52 PM අපෙත් ඔය වැඩි අනං මනං තිබ්බෙ නෑ. ඔන්න ඔහෙ බැඳලා දැම්ම දෙන්නටම පඩි හම්බ වුනාම. ඕනයාට් ඔය කියලා තියෙන්නෙ. henryblogwalker the Dude ReplyDelete Replies හරී 2/3/12, 3:41 PM ඔව් අයියෙ අනම් මනම් වලින් පෝසත් වෙන්නෙ රටේ ලෝකෙ මිනිස්සු..මම අහලා තියනවා සමහරු ළමයි හම්බුනාට පස්සෙත් මඟුලට වෙච්චි ණය ගෙවනවා.. Delete Replies Reply Reply Hasitha Gunasinghe 2/4/12, 3:55 PM පට්ට කතාව හැමදේම වෙන්නේ හොඳටයි වගේ. නියම කතාව ReplyDelete Replies හරී 2/4/12, 8:16 PM ඒකනෙ..කොහොම බැන්ඳත් බැන්ඳානෙ.. Delete Replies Reply Reply Charmi 5/31/12, 12:41 PM මේක මරු ReplyDelete Replies Reply hare :-) 5/31/12, 6:15 PM කොයිතරං සූදානං වුණත් ඒ වෙලාවෙ වැඩේ කෙලවෙන්න ඉඩ තියෙනව නේද? ඒ අතින් කිසිම සූදානමක් නැතිව වුණත් නියමෙට යන වෙඩිමුත් තියෙනවනේ... ලොක්ක දීපු උදාහරණෙනං පට්ට. අපිත් කාර් එකේ යන ගමන් කතාව ඇහුවා වගේ... අර පොළක් ගැන කිව්වෙ දෙල්කඳ පොළද මන්දා... :-) ReplyDelete Replies Reply Aruna chaminda 5/31/12, 10:13 PM අනේ මංද? මේක තව කෙනෙක්ට කියන්නම්. කිව්වට අහයිද දන්නේ නෑනොවැ. කොහොම මඟ ඇරුනද මංද බ්ලොග් එක! ReplyDelete Replies Reply හරී 6/10/12, 9:01 AM @ Charmi, ස්තුතියි! @ hare :-), ඒක ඇත්ත.. ඒත් වෙන්න පුලුවන් දේවලුත් හිතුවානම් ගොඩදාගන්න පුලුවන්.. "අපිත් කාර් එකේ යන ගමන් කතාව ඇහුවා වගේ." එහෙම හිතුනා නම් සතුටුයි.. මටත් ඕනෙ උනේ කියවන අයට ඒ වගේ හැඟීමක් ඇතිකරන්න..
මෙම පිටුව පරිවර්තනය කරන්න: Select LanguageEnglishEspañolالعربيةবাংলা简体中文NederlandsFilipinoFrançaisDeutschItalianoPolskiPortuguêsРусскийසිංහල නවතම පුවත් "ඇදහිල්ල හා මුල්‍ය පෙළගැස්ම: මිෂනාරි ප්‍රමුඛතාවයක්" දෙසැම්බර් 2nd, 2022 OMI US JPIC කාර්ය මණ්ඩලය, ඉලිනොයිස් හි ගොඩ්ෆ්‍රේ හි උපදේශක කමිටු රැස්වීම නොවැම්බර් 18th, 2022 ශා. Séamus Finn, OMI Harvard Islamic Finance සමුළුවේදී කතා කරයි ඔක්තෝබර් 21st, 2022 පුවත් සංග්රහය RSS / XML පෝෂණය වෙත දායක වන්න පුවත් සංරක්ෂණ වාර්තා මාසික තෝරන්න දෙසැම්බර් 2022 නොවැම්බර් 2022 ඔක්තෝබර් 2022 සැප්තැම්බර් 2022 අගෝස්තු 2022 ජූලි 2022 ජූනි මස 2022 මැයි 2022 අප්රේල් මස 2022 මාර්තු 2022 පෙබරවාරි 2022 ජනවාරි 2022 දෙසැම්බර් 2021 නොවැම්බර් 2021 ඔක්තෝබර් 2021 සැප්තැම්බර් 2021 අගෝස්තු 2021 ජූලි 2021 ජූනි මස 2021 මැයි 2021 අප්රේල් මස 2021 මාර්තු 2021 පෙබරවාරි 2021 ජනවාරි 2021 දෙසැම්බර් 2020 නොවැම්බර් 2020 ඔක්තෝබර් 2020 සැප්තැම්බර් 2020 අගෝස්තු 2020 ජූලි 2020 ජූනි මස 2020 මැයි 2020 අප්රේල් මස 2020 මාර්තු 2020 පෙබරවාරි 2020 ජනවාරි 2020 දෙසැම්බර් 2019 නොවැම්බර් 2019 ඔක්තෝබර් 2019 සැප්තැම්බර් 2019 අගෝස්තු 2019 ජූලි 2019 ජූනි මස 2019 මැයි 2019 අප්රේල් මස 2019 මාර්තු 2019 පෙබරවාරි 2019 ජනවාරි 2019 දෙසැම්බර් 2018 නොවැම්බර් 2018 ඔක්තෝබර් 2018 සැප්තැම්බර් 2018 අගෝස්තු 2018 ජූලි 2018 ජූනි මස 2018 මැයි 2018 අප්රේල් මස 2018 මාර්තු 2018 පෙබරවාරි 2018 ජනවාරි 2018 දෙසැම්බර් 2017 නොවැම්බර් 2017 ඔක්තෝබර් 2017 සැප්තැම්බර් 2017 අගෝස්තු 2017 ජූලි 2017 ජූනි මස 2017 මැයි 2017 අප්රේල් මස 2017 මාර්තු 2017 පෙබරවාරි 2017 ජනවාරි 2017 දෙසැම්බර් 2016 නොවැම්බර් 2016 ඔක්තෝබර් 2016 සැප්තැම්බර් 2016 අගෝස්තු 2016 ජූලි 2016 ජූනි මස 2016 මැයි 2016 අප්රේල් මස 2016 මාර්තු 2016 පෙබරවාරි 2016 ජනවාරි 2016 දෙසැම්බර් 2015 නොවැම්බර් 2015 ඔක්තෝබර් 2015 සැප්තැම්බර් 2015 ජූලි 2015 ජූනි මස 2015 මැයි 2015 අප්රේල් මස 2015 මාර්තු 2015 පෙබරවාරි 2015 ජනවාරි 2015 දෙසැම්බර් 2014 නොවැම්බර් 2014 ඔක්තෝබර් 2014 සැප්තැම්බර් 2014 අගෝස්තු 2014 ජූලි 2014 ජූනි මස 2014 මැයි 2014 අප්රේල් මස 2014 මාර්තු 2014 පෙබරවාරි 2014 ජනවාරි 2014 දෙසැම්බර් 2013 නොවැම්බර් 2013 ඔක්තෝබර් 2013 සැප්තැම්බර් 2013 අගෝස්තු 2013 ජූලි 2013 ජූනි මස 2013 මැයි 2013 අප්රේල් මස 2013 මාර්තු 2013 පෙබරවාරි 2013 ජනවාරි 2013 දෙසැම්බර් 2012 නොවැම්බර් 2012 ඔක්තෝබර් 2012 සැප්තැම්බර් 2012 අගෝස්තු 2012 ජූලි 2012 ජූනි මස 2012 මැයි 2012 අප්රේල් මස 2012 මාර්තු 2012 පෙබරවාරි 2012 ජනවාරි 2012 දෙසැම්බර් 2011 නොවැම්බර් 2011 ඔක්තෝබර් 2011 සැප්තැම්බර් 2011 අගෝස්තු 2011 ජූලි 2011 ජූනි මස 2011 මැයි 2011 අප්රේල් මස 2011 මාර්තු 2011 පෙබරවාරි 2011 ජනවාරි 2011 දෙසැම්බර් 2010 නොවැම්බර් 2010 ඔක්තෝබර් 2010 සැප්තැම්බර් 2010 අගෝස්තු 2010 ජූලි 2010 ජූනි මස 2010 මැයි 2010 අප්රේල් මස 2010 මාර්තු 2010 පෙබරවාරි 2010 ජනවාරි 2010 දෙසැම්බර් 2009 නොවැම්බර් 2009 ඔක්තෝබර් 2009 සැප්තැම්බර් 2009 අගෝස්තු 2009 ජූලි 2009 ජූනි මස 2009 මැයි 2009 අප්රේල් මස 2009 මාර්තු 2009 පෙබරවාරි 2009 ජනවාරි 2009 නවතම වීඩියෝ සහ ශ්‍රව්‍ය වීඩියෝ: JPIC's Laudato Si' ක්රියාකාරී වේදිකා වාර්තාව සැප්තැම්බර් 16th, 2022 Laudato Siගේ ආත්මය තුළ: මිෂනාරි ඔබ්ලේට්ස් ප්‍රජාවන් පරිසරය සමඟ සම්බන්ධ කරයි සැප්තැම්බර් 7th, 2022 තවත් වීඩියෝ සහ ශ්‍රව්‍ය> පුවත් ලේඛනාගාරය »ප්‍රවෘත්ති "ඇදහිල්ල හා මුල්‍ය පෙළගැස්ම: මිෂනාරි ප්‍රමුඛතාවයක්" දෙසැම්බර් 2nd, 2022 වතිකානුව කතෝලිකයන්ට 'ඇදහිල්ලට අනුකූල' ආයෝජන සිදු කරන්නේ කෙසේදැයි කියයි නව මාර්ගෝපදේශ පතල් කැණීම්, උපත් පාලන ක්‍රම සහ ප්‍රචණ්ඩ වීඩියෝ ක්‍රීඩා සඳහා ආයෝජන අධෛර්යමත් කරයි පියතුමා විසිනි. Séamus P. Finn, OMI, අධ්‍යක්ෂ, OMIUSA JPIC, OIP ශා. Séamus P. Finn, OMI කොටස් හිමියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය යනු අත්‍යවශ්‍යයෙන්ම සෑම කොටස් හිමියෙකුම තම කොටස් හිමිකාරිත්වයේ තනතුරු සඳහා වගකීම භාරගෙන ඒවා මත ක්‍රියා කිරීමයි. කතෝලික සමාජ ඉගැන්වීමේ හිමිකාරිත්වය අයිතිවාසිකම් සහ වගකීම්වල මුල්ගල් මත නැංගුරම් ලා ඇත. මෙම WSJ ලිපියේ සඳහන් වතිකානු මාර්ගෝපදේශ නිෂ්පාදනය කිරීමට වසර 6ක් ගත වූ අතර මෙය ඔවුන්ගේ මිෂනාරි වෘත්තියේ කොටසක් කර ගැනීමට කැමති ආයතනික සහ තනි කොටස් හිමියන්ට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. මෙම මාර්ගෝපදේශ සකස් කළ කමිටුවේ සාමාජිකයන් සමඟ ඇදහිල්ලට සමගාමී ආයෝජනය පිළිබඳ අපගේ OMI දශක ගණනාවක අත්දැකීම් බෙදා ගැනීමට හැකිවීම මට විශේෂ අවස්ථාවක් විය. Wall Street Journal ලිපියට සබැඳියක් සඳහා පිවිසෙන්න Omiusa.org OMI US JPIC කාර්ය මණ්ඩලය, ඉලිනොයිස් හි ගොඩ්ෆ්‍රේ හි උපදේශක කමිටු රැස්වීම නොවැම්බර් 18th, 2022 (L සිට R දක්වා) ඉදිරි පෙළ: ගැරී හියුල්ස්මන් (Caritas Family Solutions, Godfrey, IL), Fr. Séamus Finn, OMI, Sr. Maxine Pohlman, SSND; පසුපස පේළිය: පියතුමා. Daniel LeBlanc, OMI, Rowena Gono, Patti Radle (Inner City Development, San Antonio, TX) නොවැම්බර් 10 සිට 11 දක්වා OMI JPIC කමිටුව Covid-19 වසංගතයෙන් පසු එහි පළමු දෙමුහුන් රැස්වීම පැවැත්වීය. පුද්ගල ස්ථානය වූයේ ගොඩ්ෆ්‍රේ, අයිඑල් හි පිහිටි ඓතිහාසික නිර්මල හදවත ඔෆ් මේරි නොවිටියේට් ය. JPIC හි වැඩ ගැන සාකච්ඡා කිරීමට සහ අදහස් හුවමාරු කර ගැනීමට කණ්ඩායම වසරකට දෙවරක් රැස්වේ. JPIC හි සමාජ වගකීම් සහිත ආයෝජන ප්‍රයත්නයන්, LaVista පාරිසරික ඉගෙනුම් මධ්‍යස්ථානය, 2021-2023 Synod, සහ Francis පාප්තුමාගේ Economy ඔෆ් ෆ්‍රැන්සිස්කෝ හරහා නිර්මාණය කිරීමේ මුලපිරීම්වල අඛණ්ඩතාව කේන්ද්‍ර කර ගත් රැස්වීම් සාකච්ඡා “වෙනස් ආකාරයේ ආර්ථිකයක් පිළිබඳව තරුණයින් සංවාදයේ නියුක්ත කරයි. මනුෂ්‍යත්වයට සහ සොබාදහමට වඩා හොඳින් ගරු කරයි. කණ්ඩායම ක්‍රීඩාංගනයේ සංචාරය කිරීමට ද විරාමයක් තැබීය අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද නවීකරණය, මිසිසිපි ගඟට ඉහළින් පිහිටි බ්ලෆ් මත හිඳින LaVista උද්‍යානය සහ නවාතැන නැරඹීම. එක්සත් ජනපද JPIC උපදේශක කමිටුව යනු යුක්තිය, ආර්ථික සංවර්ධනය සහ පරිසර විද්‍යාව පිළිබඳ ගැටළු කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන Oblates සහ ගිහියන්ගේ මිශ්‍රණයකි. ඔවුන් කාර්යාලය සඳහා ශබ්ද පුවරුවක් ලෙස සේවය කරයි. JPIC කමිටුවේ සහ කාර්යාල කාර්ය මණ්ඩලයේ සම්පූර්ණ ලැයිස්තුව: ආචාර්ය වික්ටර් කාමෝනා, සභාපති, දේවධර්ම හා ආගමික අධ්යයනය පිළිබඳ සහකාර මහාචාර්යසැන් ඩියේගෝ විශ්ව විද්යාලය පැට්ටි රදෙල් මහත්මිය, සම අධ්යක්ෂක, අභ්යන්තර නගර සංවර්ධනය පියතුමා ඩැනියෙල් ල්බ්ලෑන්ක්, ඔමී, ආශ්රිත, අන්තර්ජාතික ජේපීඑල් කාර්යාලය හා එක්සත් ජාතීන්ගේ නියෝජිතයා මැක්සින් පොල්මන්, SSND, අධ්යක්ෂ, ලා විස්ටා පරිසරවිද්යා අධ්යාපනික මධ්යස්ථානය ගැරී හියෙල්ස්මන් මහතා, ප්රධාන විධායක නිලධාරී, කැරිටාස් පවුලේ විසඳුම් මේරි ඕ හෙරොන් මිය, හිටපු OMI JPIC කාර්ය මණ්ඩලය සහ මේරි ඉමාකුලේට්ගේ ගෞරව නාමය එම්මානුවෙල් මුලෙන්ගා, ඕඑම්අයි, පාස්ටර්, ශාන්ත ඔගස්ටින් පල්ලිය පියතුමා සැමුවස් ෆින්, ඔමි, අධ්යක්ෂ, OMI JPIC & ආයතනික ප්රධානියා ස්ථාවර ආයෝජනයක් - OIP ආයෝජන භාරය ජෝර්ජ් නොල්වේ, සහය අධ්යක්ෂක, OMI JPIC රෝවිනා ගොනෝ, සන්නිවේදන සම්බන්ධීකාරක, OMI JPIC ශා. Séamus Finn, OMI Harvard Islamic Finance සමුළුවේදී කතා කරයි ඔක්තෝබර් 21st, 2022 කේම්බ්‍රිජ්, මැසචුසෙට්ස් – 21 ඔක්තෝබර් 22 සහ 2022 – ශා. Séamus Finn, OMI එක්සත් ජනපදයේ සහ ලොව පුරා සිටින විද්වතුන්, වෘත්තිකයන් සහ ප්‍රජා නායකයින් හාවඩ් ඉස්ලාමීය මූල්‍ය සම්මන්ත්‍රණයේදී අප සැමට හදිසි සහ හදිසි සමාජ හා පාරිසරික ගැටළු විසඳීම සඳහා ආගමික පදනම් සහ දානපතියන් වෙනත් ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැකි ආකාරය ගවේෂණය කරයි. මුහුණ. Laudato Si ගේ දැක්ම ක්‍රියාවට නංවන ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අපගෙන් ඉල්ලා සිටින විට මෙය එක් ඇමතුමකි. සම්මන්ත්‍රණ වෙබ් අඩවියට පිවිසෙන්න: https://humaifc.com/ La Vista Ecological Learning Center's Outreach Ministry ඔක්තෝබර් 5th, 2022 ෆොටෝ අනුග්‍රහය Philippe Oursel, Unsplash මැක්සීන් පෝල්මන්, එස්එස්එන්ඩී විසිනි La Vista Ecological Learning Center හි ප්‍රවේශ අමාත්‍යාංශයේ කොටසක් ලෙස, මම මෑතකදී Missouri හි Bridgeton හි Sarah Community හි විශ්‍රාමික Notre Dame හි පාසල් සහෝදරියන් (SSND) වෙත දින හතරක පසුබැසීමක් පිරිනැමුවෙමි. පසුබැසීමේ තේමාව විය ලෝඩාටෝ සී සහ SSND, මම සහෝදරියන් සමඟ අපගේ SSND චමත්කාරය සමපාත වන ආකාරය සහ ෆ්‍රැන්සිස් පාප්තුමාගේ විශ්වකෝෂය විසින් අභියෝගයට ලක් කරන ආකාරය ගවේෂණය කළෙමි. පසුබැසීමේ බලාපොරොත්තුව වූයේ, පාරිසරික අර්බුදයේ හදිසිතාව සහ හේතුවට වඩා විසඳුම සඳහා වඩාත් අත්‍යවශ්‍ය ක්‍රම ගැන සහෝදරියන් ඉගෙන ගනු ඇත. සෑම දිනකම මම විශ්වකෝෂයේ එක් සංකල්පයක් ආමන්ත්‍රණය කළෙමි, ෆ්‍රැන්සිස් පාප්තුමාගේ වචන ජීවත්වීමට සහ SSND හි එකමුතුකම ප්‍රකාශ කිරීමට නව ක්‍රම හෙළි කළ ආකාරය පෙන්වමින්. විශ්වීය හවුල, පාරිසරික අධ්‍යාත්මිකත්වය, පාරිසරික පරිවර්තනය සහ පාරිසරික අධ්‍යාපනය යන තේමාවන් ඇතුළත් විය. උදෑසන ඉදිරිපත් කිරීමත් සමඟම, සෑම සහෝදරියකටම SSND ව්‍යවස්ථාවෙන් උපුටා දැක්වීම් සහිත අත් පත්‍රිකාවක් ලැබුණි. ලෝඩාටෝ සී, සහ දවසේ තේමාවට මස් ලබා දුන් යාච්ඤා අත්දැකීමක්. SSND අධ්‍යාත්මික සහචරයින් සමඟ උදෑසන ඉදිරිපත් කිරීම් සහ දහවල් කාලයේදී තනි තනිව මඟ පෙන්වීමේ විකල්පය ඉදිරිපත් කරමින්, පසුබැසීමට අද්විතීය දෙමුහුන් ආකෘතියක් තිබුණි. අපගේ අර්බුදය පිළිබඳ කරුණු සමඟ සහෝදරියන්ට ඕනෑවට වඩා බර පැටවීමට අකමැති වූ මම ෆ්‍රැන්සිස් පාප්තුමාගේ ආකල්පය වැළඳගෙන සෑම උදෑසනකම මගේ ප්‍රියතම උපුටා දැක්වීම්වලින් එකකින් අවසන් කළෙමි: අපි යන ගමන් සින්දු කියමු. අපගේ අරගල සහ මෙම ග්‍රහලෝකය කෙරෙහි අපගේ සැලකිල්ල කිසි විටෙකත් අපගේ බලාපොරොත්තුවේ ප්‍රීතිය නැති කර නොගනිත්වා. (244) වීඩියෝ: JPIC's Laudato Si' ක්රියාකාරී වේදිකා වාර්තාව සැප්තැම්බර් 16th, 2022 අපගේ පොදු නිවස රැකබලා ගැනීම මිෂනාරි ඔබ්ලේට්ගේ දුප්පතුන් සඳහා වූ මෙහෙවරට අත්‍යවශ්‍ය වේ, මන්ද ඔවුන් පෘථිවියට වන විනාශයෙන් වඩාත්ම පීඩාවට පත්වන අය වන බැවිනි. වසර හතක Laudato Si' ක්‍රියාකාරී වේදිකාව Laudato Si හි ආත්මය තුළ සම්පූර්ණ තිරසාරත්වය සඳහා කැපවීමට අප සෑම කෙනෙකුටම නැවුම් අවස්ථාවක් ලබා දෙයි. Oblates JPIC සමෝධානික පරිසර විද්‍යාව සඳහා පියවරක් ලෙස පළාතේ Oblates සහ මිත්‍ර රටවල් වෙතින් පහත සඳහන් කාර්යයන් ප්‍රවර්ධනය කරයි. බාගත JPIC හි Laudato Si' ක්‍රියා වේදිකා වාර්තාව. Laudato Siගේ ආත්මය තුළ: මිෂනාරි ඔබ්ලේට්ස් ප්‍රජාවන් පරිසරය සමඟ සම්බන්ධ කරයි සැප්තැම්බර් 7th, 2022 ඔහුගේ විශ්වකෝෂයේ ලෝඩාටෝ සී'- අපගේ පොදු නිවස සඳහා රැකවරණය (2015), ෆ්‍රැන්සිස් පාප්තුමා මෙසේ ලිවීය, “ඇදහිලිවන්තයන් හෝ නැතත්, පෘථිවිය අත්‍යවශ්‍යයෙන්ම බෙදාගත් උරුමයක් වන අතර, එහි ඵල සෑම කෙනෙකුටම ප්‍රයෝජනවත් වනු ඇතැයි අපි අද එකඟ වෙමු. ඇදහිලිවන්තයන් සඳහා, දෙවියන් වහන්සේ සෑම කෙනෙකුටම ලෝකය මැවූ බැවින්, මෙය මැවුම්කරුට විශ්වාසවන්තභාවය පිළිබඳ ප්රශ්නයක් බවට පත්වේ. එබැවින් සෑම පාරිසරික ප්‍රවේශයක්ම දුප්පතුන්ගේ සහ වරප්‍රසාද ලත් අයගේ මූලික අයිතිවාසිකම් සැලකිල්ලට ගන්නා සමාජ ඉදිරිදර්ශනයක් ඇතුළත් කළ යුතුය. වතිකානුවේ Laudato Si ක්‍රියා වේදිකාව මාර්ගගතව බලන්න. COVID 19 වසංගතය පෙන්නුම් කර ඇත්තේ අපගේ ජීවිතය සහ ක්‍රියාවන් පරිසරය ඇතුළුව අප අවට සිටින අය සමඟ වෙන් කළ නොහැකි ලෙස බැඳී ඇති බවයි. අවුරුදු හතයි ලෝඩාටෝ සී'ක්‍රියාකාරී වේදිකාව අප සෑම කෙනෙකුටම පූර්ණ තිරසාරත්වය සඳහා කැපවීමට නැවුම් අවස්ථාවක් ලබා දෙයි. ලෝඩාටෝ සී. Oblates JPIC සමෝධානික පරිසර විද්‍යාව සඳහා පියවරක් ලෙස පළාතේ Oblates සහ මිත්‍ර රටවල් වෙතින් පහත සඳහන් කාර්යයන් ප්‍රවර්ධනය කරයි.
ASUS ශ්‍රී ලංකා සමාගම සිය නවතම සුවිශේෂී හඳුන්වා දීම වන ZenBook Flip 13 (UX363) ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. Intel Evo Platform මගින් ක්‍රියාත්මක වන මෙම ZenBook Flip 13 (UX363) සුවිශිෂ්ඨ portable අත්දැකීමක් ලබා දෙන අතර OLED touchscreen, 11th Generation Intel Core processors සහ Intel Iris Xe graphics මගින් බලගන්වා ඇත. ZenBook Flip 13 යනු HDMI සහ USB Type-A ports ද සහිත ලොව සිහින්ම ලැප් ටොප් පරිගණකයයි. එහි නවතම Thunderbolt 4 USB-C ports දෙකක්ද වේ. නව ප්‍රොසෙසර සහ ග්‍රැෆික්ස්, මෙන්ම 16 GB RAM එක හා 1 TB PCIe® 3.0 SSD මගින් Silky-smooth ක්‍රියාකාරිත්වයක් සහතික කරනු ලබයි. ZenBook Flip 13 හි ඇති WiFi 6, මගින් අන්තර්ජාලයේ 4K UHD වීඩියෝ සහ දත්ත හුවමාරුව 2.4 Gbps දක්වා රැහැන් මගින් සිදුකෙරෙන දත්ත හුවමාරු වේගයට වඩා වේගයෙන් ගමන් කරවීමට අවස්ථාව සලසා දී ඇත. රැහැන් රහිත සම්බන්දතා වඩාත් උසස් අන්දමින් සිදු කිරීම සඳහා ASUS WiFi Stabilizer සහ ASUS WiFi SmartConnect මෙම ලැප් ටොප් පරිගණකයෙහි ඇතුළත් වන අතර ASUS WiFi Master Premium technology තාක්ෂණයෙන් වයිෆයි ක්‍රියාකාරිත්වය තව දුරටත් ප්‍රශස්ත කර ඇත. ඒ අනුව WiFi signal සහ දmobile hotspots සමඟ බාධාවකින් තොරව සම්බන්ධ වේ. අවශ්‍ය ඕනෑම තැනකට පහසුවෙන් අතේ ගෙන යා හැකි වන පරිදි නිර්මාණය කර ඇති ZenBook Flip 13, 13.9 mm තරම් සිහින් වන අතර 1.3 kg තරම් සැහැල්ලු බවකින් යුතු බහුකාර්ය හැකියාවන්ගෙන් සමවිතය. laptop, tablet, tent, stand, හෝ අවශ්‍ය ඕනෑම අකාරයකට භාවිත කල හැකි වන පරිදි අංශක 360ක් කරකැවිය හැකි වන පරිදි නිර්මාණය කර තිබේ. සුවපහසු යතුරු ලියන හැකියාවක් ලබා දීම සඳහා සහ ලැප් ටොප් පරිගණකයේ පද්ධති සිසිලනය කිරීම සඳහා වැඩිදියුණු කළ edge-to-edge keyboard පරිගණකය විවෘත කිරීමේදී ස්වයන්ක්‍රියව හැඩ ගැසේ. ZenBook Flip 13 හි පැහැදිලි හා විචිත්‍රවත් දර්ශන ලබා දීම සඳහා සිනිඳු FHD OLED NanoEdge touchscreen තිරයක් ඇත. එසේම OLED ස්පර්ශක තිරයේ සාම්ප්‍රදායික LCD වලට වඩා 1.6X වැඩි වර්ණ පරිමාවක් ඇති අතර හානිකර විමෝචන 70% දක්වා අඩු කිරීම සඳහා නිල්-ආලෝක අනුපාතය කළමනාකරණය කරයි. ඒ අනුව පැය ගණනක භාවිතයෙන් පසුව වුවද පරිශීලකයාගේ ඇසට අපහසුවක් නොවන බවට සහතික වේ. ASUS Pen සහ Windows Ink සමඟ NanoEdge display හැකියාවන් කලාකරුවන්, ඡායාරූප ශිල්පීන් සහ නිර්මාණකරුවන්ට වඩාත් පහසුවක් ගෙන දේ. අළුතින් නිර්මාණය කරන ලද ASUS Pen හි පීඩන මට්ටම් 4096 ක් ඇති අතර එය වඩාත් ස්වාභාවික හැඟීම් ඇති කිරීම සඳහා වැඩි දියුණු කරන ලද නිරවද්‍යතාව සහ සංවේදීතාව සහතික කරයි. එහිදී නිර්මාණකරණය සඳහා සහාය දක්වන යෙදුමක අනිය නිර්මාණශීලිත්වය, සටහන් ගැනීම සහ බුද්ධිමය සංස්කරණය සඳහා මෙම ලැප්ටොප් පරිගණකය ඉතා ගුණාත්මක තේරීමක් වනු ඇත. ZenBook Flip 13 හි ද්විත්ව ක්‍රියාකාරී ස්පර්ශක – ASUS NumberPad 2.0 ද පෙර මාදිලියට වඩා 30% විශාල වන අතර පහසුවෙන් දත්ත ඇතුළත් කිරීම සඳහා LED-illuminated numeric keypadයකින් ද සමන්විතය. NumberPad පහසුවෙන් සක්‍රිය හෝ අක්‍රිය කිරීමට touchpad එකෙහි විශේෂිත icon ක් ද ඇත.මෘදුකාංග භාවිතයේදී NumberPad සක්‍රිය වූ විට පවා කර්සරය පාලනය කිරීම සඳහා මෙහිදී ඉඩ ලබා දේ. එක් බැටරි අරෝපනයකින් පැය 14 ක් දක්වා ක්‍රියා කළ හැකි ඉහළ බැටරි ධාරිතාවයකින් යුත් 67 Wh බැටරියක් සහිත ZenBook Flip 13 වත්මන් කාර්යබහුල ලෝකයේ ඕනෑම විවිධාකාරයේ ජිවිත රටාවන්ට හුරු වූ සෑම දෙනාටම පහසුවක් ගෙන දේ. මෙහිදී ZenBook Flip 13 හි 65-watt chargerය fast charging සඳහා සහාය වන අතර ASUS USB-C Easy Charge මගින් පරිශීලකයින්ට පුළුල් පරාසයක විහිදුනු USB-C හෝ USB-C Power Delivery (PD) chargers හරහා බැටරි ආරෝපණ පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සලසා තිබේ. ASUS ZenBook Flip 13 (UX363) හි වැඩි දුර තොරතුරු දැන ගැනීමට www.asus.com/lk වෙබ් අඩවියට පිවිසෙන්න. Share LEAVE A RESPONSE Cancel reply Your email address will not be published. Required fields are marked * Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Author View all posts Post navigation Previous Post#VIVOCARES INITIATIVE: A MOVE TOWARDS DIGITAL INCLUSION TO PROVIDE SMART EDUCATION TOOLS FOR INTERACTIVE LEARNING Next Postදේශීය නිෂ්පාදනය ප්‍රවර්ධනය කරමින් ටයිල් කර්මාන්තය දියුණු කිරීමට මැක්ටයිල්ස් වෙතින් දැවැන්ත ආයෝජනයක් You Might Also Like Sinhala අනාගතය වෙනුවෙන් සිංගර් සිය නවතම තේමාව හඳුන්වා දෙයි Author Sinhala Huawei, ඩිජිටල් සමාජ සවිබල ගැන්වීමේ 2020 ඉ-ස්වාභිමානී සම්මාන උළෙල සඳහා සම අනුග්‍රාහකත්වය දක්වයි Author Sinhala S-lon ප්ලාස්ටික් ජලනළ පරීක්ෂණ රසායනාගාරය, ISO 17025 සහතිකකරණය හිමිකර ගනියි Author Sinhala ඩීමෝ නවතම WD-40 Specialist® නිෂ්පාදන පෙල හඳුන්වා දෙයි Author Search for: Recent Posts How global MNCs can help bring in USD into Sri Lanka With Emirates Celebrate the 51st UAE National Day Spectrum Trading Company and Lanka IOC introduce SERVO ecoPLUS, an affordable, eco-friendly lubricant for all types of vehicles
මහාචාර්ය නන්දසේන රත්නපාල සූරීන් පසුගියදා අභාවප්‍රප්ත වූ බව දැන් කවුරුත් දන්නවා. සමාජ විද්‍යාව පිළිබඳ කෘති ගණනාවක් රචනා කළ පුද්ගලයෙක්, සමාජ විද්‍යා පර්යේෂකයෙක් හැටියටයි රත්නපාලයන් වඩා ප්‍රසිද්ධ. ඔහුගේ ශිෂ්‍ය පරපුර තදීය විෂයක්ෂේත්‍රය පුරා විසිර පැතිර සිටිනවා. රත්නපාලයන්ගේ කෘතිවලත් සමාජ විද්‍යා පර්යේෂණවලත් බැරෑරුම්/නොබැරෑරුම් කම් පිළිබඳ ක්ෂේත්‍රයට අයත් විවිධ අය කියන කතා මම අසා තිබෙනවා. ඒ ගැන මටත් විවිධ මත තියෙනවා, මම ඔහුගේ ක්ෂේත්‍රයට ඍජු සම්බන්ධයක් ඇති අයෙක් නොවුණත්. ඒත් මේ අවස්ථාවේ දී මට අදාළ කාරණය වන්නේ නන්දසේන රත්නපාල මහතා සිංහල භාෂාව සම්බන්ධයෙන් දැක්වූ ආකල්පය යි. මේ සටහන ඒ ගැනයි. මේ ගැන සාකච්ඡා කිරීම අභාවිත විද්වතාණන්ට කෙරෙන ගරු කිරීමක් වනු ඇතැයි මම කල්පනා කරනවා. නන්දසේන රත්නපාල මහතා සිංහල භාෂාවේ ද්විරූපතාව හා වියරණය පිළිබඳ දැරූ මතය අතිශය ප්‍රගතිශීලී එකක්. අපේ නූතන බස කුමන මගක් ගත යුතු ද යන්න නිසැක ව ම සහ නිබඳ ව ම රත්නපාලයන් නියැලී ගත්, ගත සිත වෙහෙසවූ පැනයක්. ඔහු මතයක් දැරුවා පමණක් නෙවෙයි, සක්‍රිය ව ම එකී මතය වෙනුවෙන් පෙනී සිටියා. කුමක් ද මේ භාෂා ද්විරූපතාව? මොන ම භාෂාවක් වුව ද කතාවට සහ ලිවීමට යන දෙඅංශය සඳහා යොදාගැනීමේ දී දෙඅතකට බෙදී යාම “ස්වාභාවික ව” සිදු වන්නක්. කථන බස හා ලේඛන බස සියයට සියයක් සමාන වන්නේ නෑ. එහෙත් සිංහල භාෂාව ජීවමාන භාෂාවකට තරම් නොවන තරමේ ද්විරූපතාවකින් සමන්විතයි. මේ ද්විරූපතාව භාෂා ව්‍යවහාරය තුළ පමණක් නොව බසෙහි වියරණය තුළ ද දැකගත හැකියි. මෙයින් අදහස් වන්නේ සිංහලයෙහි වියරණ විධි දෙකක් පවතින බවයි. එකක් කතා කිරීමට. අනික ලිවීමට. මේ ලිවීමට ගන්නා වියරණය අපේ භාෂාවේ සුඛග්‍රාහීත්වයට, පහසු උගැන්මට හා සන්නිවේදනයට බාධා පමුණුවන තරමේ දෘඪ, මියගිය දෙයක්. මේ ලියල බසේ වියරණය 1900 අවට එක්තරා වියරණයක් යළි පුනරුත්ථානය කළ ඇතැම් වියතුන්ගේ අත්තනෝමතික නිගමන අනුව අතීතයෙන් ආනයනය කළ දෙයක් මිස ස්වාභාවික ව පරිණාමය ව ආ දෙයක් නෙවෙයි. ඒත් අද පවා බොහෝ “පණ්ඩිතයින්” මේ ලියන බසේ වියරණය “උසස්” දෙයක් හැටියටත් කට බසේ වියරණය “පහත්”, වැරදි සහ “ව්‍යාකරණානුකූල නොවන” දෙයක් හැටියටත් හඳුන්වනු දැකිය හැකියි. නන්දසේන රත්නපාල සූරීන් සමාජ විද්‍යා ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට පළමුව පුහුණුව ලැබුවේ සිංහල අධ්‍යයනාංශයක. එසේ ම ඔහු නවකතාකරණය ආදී නිර්මාණාත්මක සාහිත්‍යයේ ද නියුක්ත ව සිටියා. ඒ නිසා ම දෝ ඔහුට භාෂාවේ මෙකී අර්බුදය ගැන සංවේදීතාවක් මුල පටන් ම තිබුණා. සෙනරත් පරණවිතාන, චාල්ස් ගොඩකුඹුරේ යන විද්වතුන්ගේ අනුශාසකත්වය සහිත ව 1969 අගෝස්තු 16 වැනි දින ආරම්භ වූ ජනසම්මත සිංහල සංගමයේ සම ලේකම් ධුර දැරුවේ නන්දසේන රත්නපාල සහ ඩබ්ලියු. ජේ. චන්ද්‍රපාල යන දෙදෙනා යි. ඔවුන්ගේ අරමුණ වූයේ කට බසේ (කතා කරන භාෂාවේ) ආත්මය අවබෝධ කරගැනීමත් එය උපයෝගී කරගන්නා අන්දම ගවේෂණය කිරීමත් යන දෙක යි. 1969 වන විටත් මෙය අලුත් අදහසක් වුණේ නෑ. 1891 දී මැන්දිස් ගුණසේකර ලියූ A Comprehensive Grammar of the Sinhalese Language යන කෘතියෙහි ඔහු මේ ද්විරූපතාව හඳුනාගෙන වර්ගීකරණය කර කට වහර ද ගෙනහැර පානවා. ඉන් පසු එදිරිවීර සරච්චන්ද්‍ර 1959 පෙබරවාරි මස නව වැනි දා දිනමිණ පුවත්පතට ‘වියරණ වැටින් දියුණුව ඇහිරේ’ යන හිසින් යුත් ලිපියක් සම්පාදනය කළා. ”දැන් සිංහල ගද්‍යයට වුවමනා කරන්නේ අලුත් ව්‍යාකරණයක්” බව ඔහු එහි පවසා තිබෙනවා. ”මේ අලුත් වියාකරණය අලුතෙන් වාත්තු කරගත් එකක් නෙමේ. සිංහල ගැහැණු පිරිමි එදිනෙදා කතා බහේ දී වැවහර කරන, අදහස් ගනුදෙනුවලදී යොදාගන්නා බසේ වියාකරණයි. ඒක අලුත් වෙන්නෙ ලේඛනයට විතරයි. ”තවදුරටත් කරුණු දක්වමින් සරච්චන්ද්‍ර කිව්වා, වියාකරණයයි කියන්නේ වැවහර බසේ තියෙන යෙදුම් බලා එයින් උපුටාගන්නා නීති රීතිවලට බවත් වියරණ ඇදුරෝ ශිෂ්ට පුයෝග ලෙස සැලකුවේ පැරණි ගත්කරුවන්ගේ යෙදුම් පමණක් බවත් දැන් උවමනා කරන්නේ වර්තමාන ගත්කරුවන් අතීතය කරා ඇදගෙන යාම නොව ඔවුන්ගේ ව්‍යවහාරය ශිෂ්ට පුයෝග ලෙස සම්මත කිරීම බවත් කතා ව්‍යවහාරයේ තියෙන යෙදුම් වියාකරණයට විරුද්ධයි කීම මතිභ්‍රාන්තියක් බවත්” (අජිත් තිලකසේන, අදට ඔබින බස, 12 පිටුව) සිරි ගුනසිංහ, සෙනරත් පරණවිතාන, ම. ව. සුගතපාල ද සිල්වා, අජිත් තිලකසේන ආදීන් ද මේ හා සමාන ආස්ථානයක සිටියා විතරක් නෙමෙයි ඔවුන් සරච්චන්ද්‍ර ඉක්මවා යමින් ලිපි ලේඛන පත පොත සම්පාදනය සඳහා කට බසේ වියරණය යොදාගත්තා. නන්දසේන රත්නපාලගේ සම්ප්‍රාප්තිය සිදු වන්නේ මෙවැනි සන්දර්භයක් තුළ. සෙනරත් පරණවිතාන මහතා සිංහලයෝ නමැති පොත ලීවේ සපුරා ම කට වහරේ බසින්. පරණවිතාන මහතා සිටියේ ප්‍රාකෘත සිංහල ලිවීමට ගත යුතු ය යන දැඩි මතයේ. නන්දසේන රත්නපාල මහතා සිය සමාජ විද්‍යා පරියේෂණ මූලධර්ම නමැති කෘතිය සම්පාදනය කළේ සමකාලීන සිංහල ව්‍යාකරණයෙන්. ඒ කියන්නේ අද තියෙන සිංහල භාෂාවේ වියරණයෙන්. එම පොත අදටත් සමාජ හා මානව විද්‍යා ක්ෂේත්‍රයන්හි පර්යේෂණ කටයුතුවලට මුලපුරන අයට තිබෙන හොඳ ම සිංහල අත්පොත. මේ පොත පළ වීම මගින් කට බසේ වියරණය “වැදගත්” හා “ශාස්ත්‍රීය” කටයුතුවලට ගත නොහැකි හඩු එෆ් එම් නාලිකාවල පච හෑලිවලට සීමා වූ දෙයකැයි නන්දෙඩවූ ආචීර්ණ කල්පික ආධානග්‍රාහීන්ට දුන් අතුල් පහරක් ද සදූපදේශයක් ද වුණා. කට බසේ වියරණය යනු කට වහර නෙවෙයි. කට බසේ වියරණය දේශන පවත්වන්න, විශ්ව විද්‍යාලවල උගන්නන්න හොද නම් ශාස්ත්‍රීය සාකච්ඡා සඳහා හොද නම් ලේඛනය සඳහා හොඳ නොවන්නේ කෙසේ ද යන ප්‍රශ්නය රත්නපාල මහතා මතු කළා. අපේ නූතන බස කුමන මාර්ගයක් ගත යුතු ද? යන හිසින් ලිපියක් සම්පාදනය කළ රත්නපාල මහතා සිය ආස්ථානය මෙසේ සංග්‍රහ කළා. මේ දීර්ඝ උපුටනය ඔහු බස පිළිබඳ දැරූ අදහස සමුච්චිත කරන අතර සක්‍රියව එය යොදාගත් අන්දම ද සන්නිදර්ශනය කරනවා. “1)භාෂාව වෙනස් වෙනවා. මේ වෙනස් වීම මොන බලයක් යොදාවත් නවත්වන්න බැහැ 2) බස යනු ශුද්ධ වස්තුවක් නොවෙයි. එය ධාතු කරඬුවක් මෙන් වැඳපුදාගත යුතු දෙයකුත් නොවෙයි. 3) භාෂාවක වියාකරණය කියන්නේ ඒ භාෂාවේ පවතින ව්‍යවහාරය අනුව සකස් කරගත්තු රීතිවලට. ඒවාත් සදාකාලික නැහැ. වෙනස්වීම්වලට භාජනය වෙනවා. 4) ’කුලවත්’ කියා සමාජයේ පවතින භේද අනුව භාෂාවක් බෙදා වෙන් කරන්න බැහැ. බසේ ‘පිරිසුදුකම’ ගැන කතා කිරීම සමාජවිද්‍යාත්මක ව අර්ථශුන්‍ය ක්‍රියාවක්. 5) වියාකරණය කෙතක් වටා ඇටවූ වැටක් වගේ නෙවෙයි. හරක් ආදී වල් සතුන්ගෙන් කෙත ආරක්ෂා කරගන්නා වගේ භාෂාව ආරක්ෂා කිරීමට බාහිර නීති අවශ්‍ය නැහැ. වියාකරණය තියෙන්නෙ බස තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට ඒක ‍තේරුම් ගැනීම ලේසිපාසු කරවන්න. වියාකරණය භාෂාව හැදෑරීමේ විද්‍යාවක් මිස බස ගමන් කරන මග නියම කරන නීති රීති රැගත් දැනනුවණක් නොවෙයි. මේ සත්‍ය කාරණා අපට විතරක් නොවෙයි ලෝකයේ ඕනෑම භාෂාවකට පොදුයි. ඒ නිසා ඒ ගැන කලබල වී වාදවිවාද මගින් සිත් නරක් කරගත යුතු නැහැ. ඒක බසේ ඉදිරි ගමනද වලක්වන්න පුළුවන්. අපේ සිංහල බසේ අක්ෂර දිහා බලන්න. බ්‍රාහ්මී ස්වරූපයේ සිට අද පවත්නා ස්වරූපය දක්වා ඒවැ හැඩගැසීගෙන ආවේ සමාජ විකාශනයත් එක්කයි. ගල් පුවරුවල ලියූ අකුරු, පුස්කොළ පොත්වල ලියූ අකුරු, මුද්‍රණ අකුරු හා අද පරිගණක අකුරු - හෙට ‘ඉන්ටනෙට් අකුරු’ - යනාදී නිදර්ශන දිහා බලන්න. අක්ෂර වින්‍යාසය ද වෙනස් උනේ මේ අන්දමින්. අද අපි මොන අන්දමේ නීති රීති හැදුවත් මේ සංකීර්ණ අවශ්‍යතා අනුව අක්ෂර වින්‍යාසය හැඩ ගැහෙනවා ඇති. වචන එක හැටියකට ලිය යුතු වන්නේ යම් කිසි අවශ්‍යතාවක් සඳහායි. පුරාණයේ හදාපු නීතියක් අනුව අද වචන ලියන්ට බැහැ. බස ඉදිරියට යන විට අක්ෂර වින්‍යාසය වෙනස් වෙනවා. අපි අද මහප්‍රාණ අකුරු බොහොමයක් ලියන්නේ නැහැ. අපේ හෝඩියේ පාවිච්චි නොකරන අකුරු වැඩි වෙමින් පවතිනවා. ශබ්දයෙන් වෙනසක් නොපෙන්නන න ණ ල ළ භේදය මුද්‍රණයෙන් නැති වෙලා යාවි. මේවා නැවැත්විය හැකි ද? මේවා නවත්වන්නට වෑයම් කිරීමට වෑයම් කිරීම ඉදිරියට ගලා යන දිය පහරක් නවත්වන්නට මැටි තල ඉදි කිරීමක් වගේයි. අපි දියුණු යැයි සිතූ බස හා වියාකරණ නීති කලින් කල වෙනස් උනා. අනුරපුර යුගයේ පොත් ලියූ බස පොළොන්නරු යුගයේ වෙනස් වීමට භාජනය වෙලා තියෙනවා. දඹදෙණි යුගයේ සද්ධර්ම රත්නාවලිය, පසුව ජාතක පොත ලියූ බස, එදා පොදුංන වහරට ඉතා ළඟයි. සිංහල ලියන බසේ මේ පොදුජන වහරට ලංවීමේ ගුණය සන්දේශ කාව්‍යවලිනුත් ගුත්තිලයෙන් හා බුදුගුණ අලංකාරයෙනුත් ඇතැම් විට දැකගන්න පුළුවන්. මේක ඉදිරියටම ක්‍රමයෙන් සිද්ධ වෙනවා ඇති. නූතන යුගයේ අවශ්‍යතා සංකීර්ණ නිසා සමහර විට ඉක්මණින් සිද්ධ වෙන්න පුළුවන්. අපේ නවකතා දිහා බලන්න. මුලදී නවකතාවල බස, ඒ නවකතා පුවත්පත්වල පළ වීම නිසා සරල වුණා. වියාකරණ ද ලිහිල් වුණා. ඊළඟට ඒ නවකතාවල චරිත නිරූපණයේ දී ව්‍යවහාරයට ගත් බස ජීවමාන බස වුණා. සමහර නවකතා එහෙම පිටින් ම කතා කරන බස ව්‍යවහාරයට ගෙන ලියා තියෙනවා. සිරි ගුනසිංහගේ ‘හෙවනැල්ල’ මගේ ‘නොදනිමි කාගෙ දොසා’ මෙන් ම නූතන තරුණ ලෙඛකයන්ගේ සමහර නවකතා හා කෙටිකතා ද මේ මග ගන්නවා. පුවත්පත් සරල බසක් යොදාගත යුතුයි. රූපවාහිනියටත් ඒ කාරණය බලපානවා. කතා කරන බස පුවත්පතට වඩා ගුවන්විදුලියට හා රූපවාහිනියට අවශ්‍ය යි. ප්‍රවෘත්ති ප්‍රචාරය කරන අපේ සමහර ගුවන්විදුලි විකාශන – ‘සිරස’ බීබීසී සන‍්දේශය – හා ‘එම්ටීවී’ වැනි රූපවාහිනි විකාශනකතා කරන බස යොදාගත්තත් රඩයේ ගුවන්විදුලිය හා රූපවාහිනිය බොහෝ විට යොදාගන්නේ ග්‍රන්ථාරූඪ බසයි. මේක කොතෙක් කාලයක් ගෙන්යන්න පුළුවන් ද? ඒවාගේ බසේ වැරදි බහුල වන්නෙ කරුණු දෙකක් හින්දායි. (1) පරණ පත පොත සහ ග්‍රන්ථාරූඪ නීති රීති නොදත් අය ඒවායේ මුල් තැන්වල සිටීම (2) සරල වශයෙන් මිනිස්සුන්ට යමක් දෙන්න උචිත බස කතා කරන බස බව ඒවායේ ප්‍රවෘත්ති සංස්කාරකයන්, නිවේදකයන් හා විස්තර ප්‍රචාරකයන් නොදැන සිටීම. කතා කරන බසට ක්‍රමයෙන් ළං වෙන්න මමත් දැන් තැත් කරනවා. විද්‍යත්මක පොතපත කතා කරන බසට ළං වී ලියන්නට පුළුවන් බව මගේ ‘සමාජවිද්‍යා පර්යේෂණ මූලධර්ම’ කියවන කාට වුණත් වැටහෙනවා ඇති. පාසැල් ග්‍රන්ථයක් ලියන විට සම්මත වියරණයට ළං ව ලියතත් කතාන්තරයක රීතිය ඒ තුළට ගෙන එන්නට මම වෑයම් කරනවා. කතා කරන බසේ වියඑණය හා රීතිය දැන උගෙන එය ලියන බසට හෝ වෙනත් සන්නිවේදන බසකට හරි හැටි යොදාගත හැකි වන්නේ අපේ පැරණි පතපොත හා නූතන පතපොත හරියාකාරව කියවා උගත් අයටයි. කතා කරන බසින් ලියන්නට ගිය පලියට ඒ නිසා ම හොඳ කෘතියක් මතු වන්නේ නැහැ. නිසඳැස් කියා කඩිමුඩියේ පල්හෑලි ලියන්නට පුළුවන්කමක් කලකට ඉහත නම් තිබුණේ නෑ. හතර පදයක් ලියන්න පුළුවන් අය අපේ සමාජයේ කොච්චර නම් ඉන්නවා ද? නමුත් හොඳ හතරපද එළිසම කාව්‍ය ග්‍රන්ථ ලියැවුණේ කීයද? කතා කරන බස හා එහි රීතිය පළමුව හොදාගත යුත්තේ 21 වැනි ශතවර්ෂයේ අපේ බසට එල්ල වන අභියෝගවලට මුහුණ දීමට යි. විශේෂයෙන් ම ගුවන්විදුලි හා රූපවාහිනී සන්නිවේදනය, අලුත් මුද්‍රණ ශිල්පය, පරිගණකය, අන්තර්ජාලය පිළිබඳ ප්‍රශ්නවලදී කතා කරන බස, එහි රීතිය හා වියරණය ඔස්සේ මිස උත්තර දීමට අපට බැහැ. පාසැල් අධ්‍යාපනයේ දී සම්මත වියරණ නීති රීති ඉතා ලිහිල් ව ඉගැන්විය යුතුයි. පාසැල්වල හා විශ්ව විද්‍යාලවල අපේ පැරණි පතපොත හැදෑරිය යුතු මයි. කොපමණ දුරට වගකීමෙන් ඉගෙන ගත්තත් ඒවා නොදත් නොකියවූ අය අනාගතයේ දී මොනම වැඩකට වත් යොදාගන්න බැහැ. ඒ නිසා අපි කළ යුත්තේ තේරුම් ගත නොහැකි, ව්‍යවහාරයේ නොයෙදෙන වියරණ නීති රීති ඉගැන්වීම නොව පහසුවෙන් වැඩ ගත හැකි සම්මත වියරණ නීති කතා කරන බසට හැකි තාක් ළං කොට දරුවාට ඉගැන්වීමයි. පොත්පත් වැඩියෙන් කියවීමට මග සැලසීමයි. 21 වැනි සියවසේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ මේ දරුවන් මිස වියාකරණ පොත් කර උඩ තබාගෙන දැනීමෙන් අසමබර වෙන අපේ වගේ උගත්තු නෙමේ. … “කතා කරන බසේ වියාකරණය එහෙම පිටින් ම කොපි කරන්ටයි කීම මගේ අදහස නොවේ. සමහර විට කතා කරන බස සමාජ අවශ්‍යතා අනුව වෙනස් වෙනවා. ඇතැම් ප්‍රවෘත්ති පත්‍රවල එබඳු නාගරික මුඩුක්කු බසක් යොදා ලියන රචනා තියෙනවා. (’මුඩුක්කු’ කීවේ හෙළා දැකීමකට නොවෙයි - බස අඳුනා දීමටයි) ඒ රචනාවල ඇත්තේ ඒ මුඩුක්කුවල ජීවත් වෙන අයගේ වචන කෝෂය මිස රීතිය හෝ ව්‍යාකරණය නෙමේ. ඒ වචන පවා පරිස්සමෙන් තෝරාගෙන රචනා කළ යුතුයි. කතා කරන බසේ ආත්මය හඳුනා නොගෙන එය ප්‍රවෘත්ති ආදී සන්නිවේදන කාර්යවලට උනත් යොදගන්න බැහැ. … “කතා කරන බසේ ආත්මය දැනගෙන, ඒ වාක්‍ය රටාවට හා වියරණයට ළං වන විදිහට ලියන බස හැඩගැස්වීම අපි කැමති වුණත් නැතත් අනාගතයේ දී සිද්ධ වෙනවා. ඒ නිසා මෙය වටහාගෙන කටයුතු කරනවා නම් අපි කාගේත් හිතසුව පිණිස වැදගත් වන බව ඒකාන්තයි” නන්දසේන රත්නපාල 1997 (අජිත් තිලකසේන සංස්කරණය කළ 1997 පළ වූ අදට ඔබින බස කෘතියෙන්) Posted by {"name"=>"Anandawardhana", "url"=>"http://www.blogger.com/profile/10726394732767354829?rel=author", "image"=>"http://farm1.static.flickr.com/163/433688837_ec30987a4e_o.jpg"} Updated May 9th, 2012 language, obituaries, si, sinhala, අවමංගල සටහන්, භාෂාව, සිංහල Tweet « බර්ග්මාන්ගේ අභාවය The case against Murdhaja » Recent Posts දූදරුවන් ලුහුබැඳ ඔත්තු බලන ට්‍රැකිං ඩිවයිස් වෑයමට අප එරෙහි විය යුත්තේ ඇයි? පොලිස් පාට් සමග 'ජනතා අධිකරනය' ඕර්වෙලියානු ඩිස්ටෝපියාවක් තුල මෘදුකාංග නිදහස, සංස්කෘතිය සහ දේශපාලනය ශ්‍රී ලංකාවේ 'ජාතික ආන්ඩුව' විසඳනු ඇත්තේ කුමන රටේ කුමන අර්බුදයක් ද? හූ ශිහ් ජාතික සංස්කෘතික ප්‍රතිපත්ති කෙටුම්පත් යෝජනාව සහ සම්පාදකවරුන්ගේ ප්‍රතිචාර අපි නොදන්න ජාතික සංස්කෘතික ප්‍රතිපත්තිය - අංක 2 මිලිටරි කලාව හංවඩු ගැහිල්ල, පච්ච කෙටිල්ල සහ තවත් සංස්කෘතික කටයුතු වලහා ආවෝ!: හාට්බ්ලීඩ්, ආරක්ශාව සහ මුරපද ගැන කාන්තා කටයුතු ඇමතිගේ වික්‍රම සහ ස්ත්‍රී විරෝධී නීති රාජ්‍ය නාට්‍ය තරගය ගැන සිතිවිලි ආයුබෝවන්! නව ලිපිනය සහ පෝශක ගැන විස්තර බ්ලොග් අඩෙවිය අලුත් සර්වරයකට සහ ඇන්ජිමකට - Migrating this blog to a new server and blog engine ගල්ලෙන මුර ලා!: සරච්චන්ද්‍ර උරුමය - අද සහ හෙට (1 කොටස) License වෙබ් ආලෝචනා | web alochana by Anandawardhana is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.
ජනතා මුදලින් මහරගම අපේක්‍ෂා රෝහල වෙනුවෙන් මිලදීගත් පෙට් ස්කෑනරය මේ මස 25 වැනිදා මෙරටට ගෙන ඒමට සූදානම් බවත්, මාර්තු මාසයේ සිට එය රෝගීන්ගේ ප්‍රතිකාර වෙනුවෙන් වෙන්කරන බවත් ෆයිට කැන්සර් කණ්ඩායමේ නායක, කඩීජා පදනමේ සභාපති එම්.එස්.එච්. මොහොමඩ් මහතා පවසයි. ජර්මනියේ නිෂ්පාදිත මෙම පෙට් ස්කෑනරයේ වටිනාකම කෝටි 22ක් පමණ වෙන බවත්, එය ලෝකයේ දැනට ඇති හොඳම පෙට් ස්කෑනරය බවත් ඔහු සඳහන් කළේය. මේ සඳහා වන එෆ්.ඩී.ජී. එන්නත සිංගප්පූරුවෙන් හෝ ඉන්දුනීසියාවෙන් ගෙන්වීමට සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළේය. “මෙම යන්ත්‍රය ස්ථාපිත කිරීමට අපි මහරගම අපේක්‍ෂා රෝහලේ වෙනම ගොඩනැගිල්ලක් ඉදිකරනවා. එය පරමාණුක බලශක්ති අධිකාරියේ නිර්දේශවලට අනුව සිදුවෙනවා. එහි ඉදිකිරීම් 90%ක් පමණ අවසන්. ඒ වගේම මෙහි පුහුණුව සඳහා 09 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විදේශයට යොමු කරනවා. පෙට් ස්කෑනරය සවි කිරීමට මාසයක පමණ කාලයක් ගත වෙනවා. එයින් ජනතාවට සේවය ලබාදීම මාර්තු මාසයේ සිට ආරම්භ කරනවා. මේ හරහා මාසයකට රෝගීන් 100ක් පමණ ස්කෑන් කිරීමට හැකිවෙනවා. අප මෙම යන්ත්‍රය ගුවන් මගින් ගෙන ඒමට සැලසුම් කර තිබෙනවා” යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. මහරගමට පෙට් ස්කෑනරය ජනවාරි 25 එයි 2018-01-01T21:52:00+05:30 aruna e Previous Page Next Page Home Latest Video Gallery Mini Gossip © Copyright (2012) * Lanka Hot News* All Rights Reserved. Home News Arts Features Sports Politics World Contact © Copyright (2012) *Gossip Lanka Hot News* All Rights Reserved. www.GossipLankahotNews.com is a Sri Lankan Number one online news website in English and Sinhala language. We provide trusted news in local, international, world, politics, sports, entertainment, hot gossip,astrology event photos and Videos- Latest News updates and information, Top headlines in Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, daily mirror, sri lanka Economics mirror, daily news, news first, lanka c news.Gossip lanka Hot News, Lanka E gossip, hot gossip news, ada latest hiru news, sinhala Asian news,Gossip Lanka sinhala Hot News, gossip lanka , Art, Rumours, lanka C news, Sinhala hot Video
චීන මහජන සමූහාණ්ඩුවේ සහනදායි ආධාර යටතේ තෝරා ගත් රෝහල් 13 ක් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හාදේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ඇමරිකානු ඩොලර් මිලියන 85 ක මුදලක් ඒ සඳහා වැය කිරීමට නියමිතය. දර්ගා නගරය ප්‍රාදේශීය රෝහල, අළුත්ගම ප්‍රාදේශීය රෝහල, මීරිගම මුලික රෝහල, සමන්තුරේ මුලික රෝහල, එරාවුර් මුලික රෝහල, පොතුවිල්මුලික රෝහල, කල්පිටිය ප්‍රාදේශීය රෝහල, රකිල්ලගස්කඩ මුලික රෝහල, මැදිරිගිරිය මුලිකරෝහල, පදවිය මුලික රෝහල,වලස්මුල්ල මුලික රෝහල, කලවාන මුලික රෝහල, මහියංගණය මුලික රෝහල යන රෝහල් මෙහිදී සංවර්ධනය කිරීමට නියමිතය. මෙම රෝහල්වල බාහිර රෝගී අංශය, සායන සංකීර්ණ, වාට්ටු සංකීර්ණ, මාතෘ ඒකක, ඖෂධ ගබඩා, බෝනොවන රෝග ඒකක, රුධිරපාරවිලයන මධ්‍යස්ථාන, රසායනාගාර, ශල්‍යාගාර, හදිසි ප්‍රතිකාර ඒකක, මාතෘ වාට්ටුසංකීර්ණ ඇතුලු තවත් සේවා ස්ථාන රැසක් සංවර්ධනය කිරීමට නියමිතය. at 11:19 PM Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest Newer Post Older Post Home Powered by Blogger. Popular විද්‍යාපීඨ කඩඉම් ලකුණු නිකුත් වේ 2015 අ.පො.ස. (උ.පෙළ) ප්‍ර‍තිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීවලට සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යප... ගෑස් රුපියල් 158කින් ඉහළ නගී කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල 25 වැනි දින සිට රුපියල් 158 කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුව තීරණය කර ඇත. ලොව වයස්ගතම කාන්තාව සමුගනී ලොව වයස්ගතම කාන්තාව ලෙස සැලකූ ජපන් ජාතික 117 හැවිරිදි වියේදී මියගොස් තිබේ. 21 වැනි දින පස්වරුවේ දකුණු ජපානයේ, කිකායි ප්‍රදේශයේ රෝහලකදී ඇය... රුසියා අග්‍රාමාත්‍යධුරයට දිමිත්‍රි මෙඩ්වෙඩෙ‍ව් මහතා යෝජනා කෙරේ රුසියා ජනාධිපතිවරයා එරට අග්‍රාමාත්‍යධුරයට දිමිත්‍රි මෙඩ්වෙඩෙ‍ව් මහතා යෝජනා කරයි. පුටින් ජනාධිපතිවරයා විසින් අදාළ නාම යෝජනාව එරට පාර්ලිමේන... කොළඹ ජල මාර්ග මගින් ප්‍රවාහන පහසුකම් සැළසීමට පියවර කොළඹ නගර කලාපය ආවරණය වන පරිදි අභ්‍යන්තර ජල මාර්ග ආශ්‍රිතව මගී ප්‍රවාහන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ. ඉස්මයිල් හනීයා ත්‍රස්තවාදීන්ගේ නාම ලේණඛයට හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනීයා ත්‍රස්තවාදීන්ගේ නාම ලේණඛයට එක් කිරීමට අමෙරිකාව තීරණය කර ඇත. හමාස් සංවිධනය මේ සිදුවීම දැඩි ලෙස හෙළා දක... පරාක්‍රම සමුද්‍රයේ ජලය නිකුත් කෙරේ පොළොන්නරුව - පරාක්‍රම සමුද්‍රයේ ජලයෙන් වගා කෙරෙන ගොවි බිම් සඳහා යල කන්නයට ජලය නිකුත් කිරීම ඇරඹි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. පොළොන්... කැමරූන් රාජ්‍යයේ පාසලක දරුවන් 79ක් පැහැර ගැනේ කැමරූන් රාජ්‍යයේ වයඹ දිග බමෙන්ඩා හී පාසලක නේවාසිකාගාරයකින් දරුවන් 79 දෙනකු සහ තවත් තිදෙනකු පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ. තායිවානයට රික්ටර් පරිමාණ 6.4 ක භූ කම්පනයක් තායිවානයට බලපෑ ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 200 කට අධික පිරිසක් තුවාල ලබා ඇත. විදෙස් මාධ්‍ය ... අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව් ගිනි පාලනයට ගිනි නිවන භටයෝ 12,000ක් කැලිෆෝනියා ප්‍රාන්තයේ පැතිර යන ලැව් ගිනි තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවන භටයන් 12,000 කට අධික සංඛ්‍යාවක් යොදවා තිබේ.
පස්පවුවලින් වැළකෙන බවට බෞද්ධයෝ උදේ සවස මතු නොව දහවලේ ද, අලුයම් කාලයේ ද පොරාන්දු වෙති. එහෙත් ඔවුන් ඉටු නොකරන්නේ ම එකී පොරොන්දුව යි. එම පොරොන්දු ඉටු කරන්නේ නම් මෙරට මතු නොව සමස්ත පෘථිවි තලය ම සුරපුරයකි; කිසිදු අවහිරයකින් බාධාවකින් තොර දිවියක් ගත කර නිවනට ම යා හැකි ය. පස්පවු පිළිබඳ කියවෙන සිල්පද අතුරින් දෙවන සිල් පදයෙන් කියැවෙන්නේ අන්සතු වස්තුව සොරකම් කිරීමෙන් වළකින බව යි. එහෙත් මේ බෞද්ධ රටේ ගෙවී ගිය තත්පරයක් තත්පරයක් පාසා සොරකම් සිදුවූවා මෙන්ම එලඹෙන තත්පරයක් තත්පරයක් පාසා සොරකම් සිදුවන්නේ ය. සැබැවින් ම සිදුවනවා නොව සිදු කරන්නේ ය. එම සොරකම් අතුරින් විවිධ පුද්ගලයෝ විවිධ අවස්ථාවන්හි දී රුපියලේ සිට බිලියන ගණන් සොරකම් කරති. ඇතැම් අය හසුවෙති. තවත් සමහරු අසු නොවී සිටිති. තවත් සමහරු හසු නොවන ආකාරයට සොරකම් කරති. මේ අතුරින් සොරකම් කර අසු වුව ද තමා නිදොස් යැයි පවසා ලෙස්සා යති. මේ ආකාරයට ලෙස්සා යන්නන් අතර වැඩිපුර සිටින්නේ දේශපානඥයෝ ය; ඔවුන්ගේ සහචරයෝ ය; සට්ටැඹියෝ ය. 2015 ජනවාරි මාසයේ 8 වන දින පරාජයට පත්වූ දේශපාලනඥයන් සහ එම දේශපාලනඥයන් යටතේ සේවය කළ අය අතරින් බහුතරයක් සොරු ය; කම්බා හොරු ය; හොරුන්ගේ හොරු ය. මේ හොරු රැළ 2005 වසරේ සිට තම සොරකම වැඩිදියුණු කරගත්තෝ ය. අවසානයේ එය ජීවිතයේ දෛනික පුරුද්දක් බවට පත්කරගත්තෝ ය. මේ හොරු දිනපතා එක්වතාවක් හෝ වැසිකිළියටයට නොගිය ද කිහිප වතාවක් සොරකම් නොකර සිටින්නට නම් අමතක නොකළේ ය. මේ හොරකම් කොතෙක් දියුනුවෙන් දියුණුවට පත්වූවාද යත් ආරම්භයේ දී රාජ්‍ය ව්‍යාපෘති සඳහා 10% කොමිස් ලබාගත් රාජපස්සයෝ කුජිතව යන මොහොත වන විට 500% දක්වා කොමිස් ලබාගන්නට පෙලඹී සිටියහ. යහපාලනය අරඹා දින සියය ඉක්ම යන්නට මත්තෙන් මේ හොරු නීතියේ රැහැනට කොටු කරගන්නා බවට එදා වත්මන් දේශපාලන නායකයෝ පොරොන්දු වූහ. එහෙත් කතාව දෝලාවෙන් ගමන පයින් කියන්නා සේ රටේ ජනතාවගේ ඇගට දැනෙන පරිදි හොරු නීතියේ රැහැනට කොටු කරගන්නා බවක් දක්නට නොලැඹුණි. කුජීතව ගිය දේශපාළුවෝ මෙය දඩමීමා කරගනිමින් ‘‘කෝ හොරු ඇල්ලුවාදැයි’’ කියමින් කෝචොක් කරන්නට වූහ. එහෙත් පාලකයෝ සහ අදාළ අංශ නිහඩව තම කාර්යයේ නියැළෙමින් සිටියහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් හිටපු ඇමතිවරුන්ගේ බිරින්දෑවරුන්ගෙන් ඇරඹි මෙහෙයුම අවසානයේ හිටපු ජනාධිපති දක්වා වර්ධනය විය. හොරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ කූටප්‍රාප්තිය වන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසම වෙත කැදවීමේ නියෝගය නිකුත් කළ සැණින් ‘‘කෝ හොරු ඇල්ලුවාදැයි’’ කටමැත දෙඩවූ දේශපාළුවන්ගේ දෙකොන රත්විය. එසේ රත් වූ දෙකොන ගිනි නොව තුන්කොන ගිනි ම නිවාගැනිම සඳහා මේ දේශපාළු හොරු රැළ පසුගිය දිනක උත්තරීතර යැයි උන්ම කියාගන්නා පාර්ලිමේන්තුවේ රැය පහන් කළේ ය. ඒ උපවාසයක නාමයෙන් හොද හැටි ආහාර පානාදියෙන් ද කාමසම්පත්තියෙන් ද සංතෘප්ත වෙමිනි. අවසානයේ සිදු වුයේ රටේ හැම පන්සලක් ගානේ ම ගොස් බෝධිපූජා තබන; ‘‘අනේ මාව අල්ලස් කොමිසමට ගෙනියනවෝ’’ කියමින් නහයෙන් අඬන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ දෙපතුළ අබියසට ගොස් ප්‍රකාශයක් ලබාගැනීමට අල්ලස් කොමිසම එකඟ වීම ය. සැබැවින් ම මෙය මේ දේශපාලක හොරු රැළ ලද ජයග්‍රහණයකි. ඒ ජයග්‍රහණයේ උණුසුම පහව යන්නටත් ප්‍රථම ගෝඨාභය නන්නදසේන රාජපක්ෂ ද අල්ලස් කොමිසම වෙත කැදවන නියෝගය ක්‍රියාත්මක් කරන්නට යෙදින. එහි දී, මේ දේශපාලක හොර නායකකාරාදින් ගේ පශ්චාත් භාගය වුව ද සඳුන් සුවඳ යැයි පවසන සුනඛ රැළක් අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවන්නේ අධිකරණ නියෝග ද තුට්ටුවකට මායිම් නොකරමිනි. ඊට පෙර දින පාර්ලිමේන්ත්ව අභියසට පැමිණි සුනඛ රැළ ද මේ ආකාරයෙන් අධිකරණ නියෝග නොතකා විරෝධතාවක නිරත වූහ. එහෙත් ඔවුන් පළවා හරින්නට ආණ්ඩුවේ බලධාරීන් ද උත්සාහ නොගත්තේ සරසවි සිසුන් මෙන් මේ සුනඛයෝ පොදු ඉල්ලීම් ඉල්ලා නොසිටි හෙයින් විය හැකි ය. එසේ නොවන්නට ඒ මොහොතේ පොලිසියේ මහත්වරුන්ට ද බොහෝ රාජකාරි යෙදෙන්නට තිබිණ. ඔවුන්ගේ බැටන් පොල්ලට ප්‍රාණවායුව ඇතුල්වන්නේ ද සරසවි සිසුන්, කම්කරුවන්, ධීවරයන් උද්ඝෝෂණය කරන්නේ නම් පමණි. රාජපස්ස පරපුරේ තවත් පුරුකක් වූ '500%' දිවයිනට ගොඩ බසින්නේ ද මේ අතරවාරයේ ය. මේ රටේ බත් කන සුනඛයන් අතර අසූචි කන සුනඛයන් සිටින බව ප්‍රත්‍යක්ෂ වූයේ '500%' කටුනායක ගුවන් තොටුපළින් ගොඩබට මොහොතේ ය. ඔහු පිළිගන්නට පැමිණ සිටියේ ගුරුවරියක් දණ ගැස්ස වූ දේශපාලුවෙකි; කුඩු කන්ටේනර් තොග මෙරටට ගෙන් වූ දේශපාළුවෙකි; ගුවන්විදුලි සංස්ථාව ගඳ ගැස්සවූ හඩ්ඩෙකි; තම විමුක්ති සටන පාවා දී දේශපාළුවන්ගේ වරප්‍රසාද වරදාන ලබාගත් හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයෙකි. හොරු අල්ලන්නැයි කටමැත දෙඩවූ මේ සුනඛ රැළ හොරු පිළිගැනීම සඳහා රැස්කකා, තෙරපෙමින් ‘‘අපේ නායකයාට ජයවේවා’’ යැයි උඩුබිරුවේ නායකයා පරාජය වූ බව දන්නා නිසා ය; යළිත් දිනවන්නට ඇත්නම් හොද යැයි අදහස් කළ නිසා ය. මේ සුනඛ රැළ දැක '500%' ද, '500%' දැක සුනඛ රැළ ද, ‘‘ෆුල් ෆන්’’ ගත් බව නම් හොඳටම පැහැදිලි ය. අවසානයේ සිදු වූයේ මේ සුනඛ රැළ සිහිනෙකින් හෝ නොපැතූ සිදු වීමකි. එනම් '500%' අධිකරණයට ඉදිරිපත් කොට අනතුරුව අත්අඩංගුවට පත්වීම ය. යහපාලන ආණ්ඩුවේ නිරුවත පෙනෙන්නට පටන් ගන්නේ එතැන් සිට ය. මන්ද සාමාන්‍ය ගැටකපන්නෙකු අසු වව ද ඔහු බන්ධනාගාර ගත කළ හොත් ඍජුවම යොමු කරන්න බන්ධනාගාරයේ වාට්ටටුවක් වෙත ය; නිදාගන්නට ලැබෙන්නේ සිමෙන්ති පොළොවේ ය; ආහාරයට ලැබෙන්නේ කල්දේරම් බත ය; නාගන්නට මුහුණකට සෝදාගන්නට ජලය ලැබෙන්නේ සීමිතව ය; හදිසි අසනිපයක් වූ විට බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීම සඳහා ද විශාල අරගලයක් කළ යුතු ය. නමුත් "500%" වැනි ‘‘ප්‍රභූ’’ හොරු කිසිවකුට මේ නීතිය අදාළ නොවන්නේ ය. මෙය ඊයේ හෝ අද පමනක් සිදු වු අකටයුත්තක් නොවේ. අප දන්නා ඉතිහාසය පුරා ම ‘‘ප්‍රභූ’’ යැයි නාමකරණය වූ ඕනැම පුද්ගලයකු අත්අඩංගුවට පත් වූ වහාම බන්ධනාගාර රොහල වෙත පිටත් කර හරී. අනතුරුව රජයේ රෝහලක හෝ පුද්ගලික රෝහලක ලැගුම් ගනී. සාමාන්‍ය පුද්ගලයකු බන්ධනාගාර ගතවූ විට හිසේ ඇම්මට පෙරසිටිමෝල් පෙත්තක් ගෙන්වා ගැනිමට අපහසු වුව ද මෙබදු දේශපාළු හොරුන්ට දිව බොජුන් වැළඳීමේ වරප්‍රසාදය හිමි වේ. මෙය වහා වැළැක්විය යුතු ප්‍රවණතාවකි. ‘‘සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය’’ යනුවෙන් වැලිකඩ සුවිසල් පවුරේ සදහන් වැකිය සාධාරණ ය; සැබෑ ය. එහෙත් බන්ධනාගාරය තුළ නැත්තේ ම එය ය. තිබේ නම් ඒ ‘‘ප්‍රභූ’’ යැයි නාමකරණයට ලක්වූවන්ට පමණි. යහපාලන සමයේ දී හෝ මෙම ප්‍රවණතාව වළකාලන්නට අදාළ බලධාරින් කටයුතු නොකරන්නේ නම් බන්ධනාගාර තුළ නොසන්සුන්තාවක් ඇතිවීම නොවැළැක්විය හැකි බව ආණ්ඩුවේ ඉහළ තනතුරු දරන්නෝ සහ අදාළ බලධාරියෝ සිහි තබාගත යුතු ය. ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it. Tweet More in this category: « 19 ට අදාළ අධිකරණ තීන්දුව ගැන ඇතැමුන් නගන ඔල්වරසන් දැදුරු ඔය වනසන ජිෆීට යහපාලනයෙන් තල්ලුවක් » Leave a comment Name * Email * Website URL Message * enter your message here... Enter the words you see below back to top Gossip හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක් වහාම කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය විය හැකි බවට අනතුරු අඟවන්නට ගිය පොහොට්ටුවේ ප්‍රබලයින් ප... මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ.. මහින්ද සමග යළි නැගිටීම පසෙක තබා රනිල් වික්‍රමසිංහ හා එක්ව යන දේශපාලන ගමනක් වෙනුවන් රාජපක්ෂ පවුලේ දේශ... එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර. එජාපය මහ ලේකම් තනතුරට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එමෙන්ම එජාපයේ... පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස වි... ජාතික සභාව කඩිනමින් සක්‍රීය කරන්නැයි... ගෝඨා නැවත දේශපාලනයට එනවාට රාජපක්ෂ... අද ඩෙඟා නටන්න හිටපු විපස්සෙට... අසමසම පරිවාර ඇමැති කලා කරු ජයසූරියගේ දියණය ඉන්දිරාගේ සමාජ දෘෂ්ටිවාදයට හානියක් කළේ නෑ -‘ආසු 34’ ගැන සංජීව පුෂ්පකුමාර සෑමවිටම ප්‍රේක්ෂක අවධානයට ලක්වන සිනමා නිර්මාණවල කර්තෘත්වය හිමි සම්මානනීය සිනමා කරුව... රංගන ශිල්පී හේමාල් රණසිංහගේ ''සෙකන්ඩ්... විජේදාස රාජපක්ෂගේ කෘති තුනක් සහ... ඔබෙන් ලද කරුණාවට දස දහස්වාරයක්... අම්මට විශ්වාස කරගන්න බැරි වුණා... අනං මනං ආත්මය විකුණු ප්‍රේමය ... එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...
අධ්‍යාපන රසකතා : දෙව්ලොව ගිය පෘථිවි විද්‍යාඥයින්ගේ සුහද හමුවක් ! Scientists from Earth meet in Heaven ! අධ්‍යාපන රසකතා Monday, 22 February 2021 දෙව්ලොව ගිය පෘථිවි විද්‍යාඥයින්ගේ සුහද හමුවක් ! Scientists from Earth meet in Heaven ! පසුගිය ශතවර්ෂ කිහිපය තුළ මෙලොව ජීවත්වූ විද්‍යාඥයින් සියලු දෙනාම වාගේ මරණින් පසු චුතවී, දිව්‍ය ලෝකයේ ඉපදීමට වාසනාව ලබා තිබේ. ඔව්හු දිව්‍ය ලෝකයේ විවිධ ස්ථානවල ජීවත් වූවත් එකිනෙකා නමින් හඳුනනවා මිස ඔවුන් අතර වෙනත් කිසිම සම්බන්ධයක් නොවීය. නිකරුනේ කාලය ගත කරමින් සිටින විද්‍යාඥයින්ගේ එකමුතුවක් සංවිධානය කිරීමට කල්පනා කළ පයිතගරස්, තමන් හොඳින් දන්නා ඇරිස්ටෝටල්ට මේ සම්බන්ධව දුර කථන පණිවුඩයක් දුන්නේය. “ඇරිස්, මම පයිතගරස්. මට පොඩි අයිඩියා එකක් ආවා, ඒකයි මේ තකහනියක්ම කතා කළේ. අපි මනු ලෝකයේ කොයි තරම් වැඩ කරපු අයද? මෙහෙට වෙලා නිකම්ම සිටින එකේ, අපගේ එකමුතුවක් හදලා මාසයකට වරක් වත් හමුවෙලා නැවතත් මොනවා හරි වැඩක් පලක් කරන්නට පටන් ගනිමුද?” පයිතගරස්ට ඇරිස්ටෝටල්ගෙන් ක්ෂණික පිළිතුරක් ලැබිණ. “හොඳ අදහසක් බොස්, මටත් ඔය ගැන හිතිලා තිබුණේ.” “ඇරිස්, මගේ ‘පයිතගරස් තියරම්’ එකේ ඍජු කෝණීය ත්‍රිකෝණය කුමන ආකාරයකට ඇන්දත්, ඍජු කෝණය සෑදෙන පැති දෙකේ දිගෙහි වර්ග ඵල දෙකේ ඓක්‍යය, ඉතිරි පැත්තේ දිගෙහි වර්ග ඵලයට සමාන වෙන්නේ මොකද කියා මටම මහත් ගැටළුවක්. දැන් සති කිහිපයක සිට මම මේ ගැනම කල්පනා කරමින් ඉන්නේ. නිකම්ම a2 + b2 = c2 කියන එකේ දැන් කාලෙට ගැලපෙන ලොකු ගැම්මක් නැහැ. මට තවම ඒකට මීට වඩා ගැඹුරු තේරුම් ගැනීමට අමාරු ප්‍රකාශනයක් හොයා ගන්නට බැරි උනානේ. මට මේකත් ඔයා එක්ක ටිකක් සාකච්ඡා කරන්න ඕනෑ. ඉක්මණට මුණ ගැසෙමු.” පයිතගරස් ඊළඟට කතාකලේ නිව්ටන්ටය. කම්මැලිකම නිසාම උයනක විශාල පරසතු ගසක් යට සෙවනේ, අඩ නින්දේ සිටි නිව්ටන් ඈනුමක් හරිමින්, නාද වූ තම මොබයිල් දුරකථනය ක්‍රියාත්මක කර එහි ඩයලය දෙස ටික වෙලාවක් බලා සිටියේය. මොබයිල් දුරකථනයේ පයිතගරස්ගේ නම සහ ඔහුගේ මුඩුම මුහුණ දුටු විගසම එය ක්‍රියා විරහිත කිරීමට මොහොතක් කල්පනා කළ නිව්ටන් “ඕනෑ එකක්, ලොක්කාගෙ අලුත් අදහසක්ද දන්නේ නැහැනේ” යි සිතමින් පණිවුඩයට සවන් දුන්නේය. පයිතගරස් ඔහුගේ ‘දෙව්ලොව විද්‍යාඥ එකමුතුව’ පිලිබඳ අදහස ගැන නිව්ටන්ටත් කීවේය. “අදහස නම් හොඳයි. ඒ උනත් ඔය කියන ‘එකමුතුව’ හදලා වැඩක් වෙයිද? අපේ පෘථිවියේ සිටින අලුත් පරම්පරාවට එහේ සිටීමත් එපා වෙලා, දැන් අඟහරු ලෝකෙටත් යන්න හදනවා කියන්නේ. ඇමෙරිකාවයි, චීනෙයි, අරාබියයි තරඟෙට ඒ ගැන වලිකනවාලු . අපිත් ටිකක් ඒ වගේ එකක් ගැනත් හිතලා බැලුවොත් නරකද ?” කියා තරමක සාවඥ සිනාවක් පෑ නිව්ටන්, “ඔයාගේ තියරම් එකෙත් අවුලක් තියෙනවා කියලා නිවේදනයක් නිකුත් කරලා කියලා මට ආරංචියක් ආවා. ඒක ඇත්තද? ඔය මොනවා කළත් කිසි වැඩක් නැති පාටයි. මට නම් ඔය කොයිවත් එපා වෙලා සිටින්නේ, ඒ උනත් කනබොන, ජොලි කරන වැඩසටහනක් තිබෙතොත් මම එතනට එක පයින් ‘ඇපල් ගෙඩියක් ගහෙන් බිමට එනවා වගේ’ මොහොතකින් ආකර්ෂණය වෙනවා.” කියමින් මහා හඬින් සිනාසුනේය. නැවත කථාකළ නිවුටන් “මම මේ කල්පනා කරමින් සිටින්නේ, මෙහේ ජාතික වෘක්ෂය වන මේ පරසතු ගස් වලින් කිසි වැඩක් නැහැනේ. පරසතු ගෙඩිත් දැන් ඇඹුල් රසයි. ඒ නිසා ‘රස ගුණ පිරි’ පරසතු ගෙඩි සහිත, කුරු මිටි ගස් විවිධ ප්‍රභේද රාශියක්, හරිතාගාර වල වැවීමට යෝජනාවක් දිව්‍ය මන්ත්‍රණ සභාවෙන් සම්මත වෙලාලු.” ටික වෙලාවක් කල්පනා කළ ඇරිස්ටෝටල්, “ඉතින් ඔය රූස්ස ගස් තිබෙන පරසතු වනාන්තරවලට මොකද කරන්නේ” යයි ප්‍රශ්න කළේය. “පරසතු අංක එකේ දැව වර්ගයක්ලු. පරසතු දැව සකස් කිරීම සඳහා, දේවේන්ද්‍ර රජයේ අනුග්‍රහයෙන් අන්තර් ග්‍රහලෝක මට්ටමේ විශාල දැව කර්මාන්ත ශාලාවක් පටන් ගන්නට යනවලු. තව අවුරුදු කිහිපයකින් ‘පරසතු දැව’ අඟහරු ලෝකෙටත් අපනයනය කළ හැකි වේවි.” “පරසතු වනාන්තරයටත් අඟහරු කොහොම වෙතත්, සෙනසුරු ලබන්නට වගෙයි” සිතූ පයිතගරස් තම ඇමතුම විසන්ධි කළේය. ඔහු ඊළඟට ඇමතුමක් ගත්තේ චාල්ස් ඩාවින්ටය. “චාලි කොහොමද වාසෙ ...දේසේ……? අපි කාලෙකින් හමු උනෙත් නැහැනේ. මොනවද අලුත් අදහස් එහෙම?” දුර කථන පණිවුඩයට වහාම පිළිතුරු දුන් ඩාවින් “හා ….මේ ලොකු අයියා නේ …… අපිවත් මතක් වෙලා වගෙයි. මොකද අර ‘තියරම්’ එකේ අවුල විසඳා ගත්තද?” කියා පයිතගරස් බලාපොරොත්තු නොවූ දෙයක් එක් වරටම ඇසීය. මෙයින් තරමක් පසුබෑ පයිතගරස්, තමාගේ තියරම් එකේ අඩුපාඩුව මේ තරමේ කටකතාවක් වී තිබීම ගැන පුදුමයට පත්විය. දැන් එහි කිසිම ව්‍යාකූල භාවයක් නොමැති බව පෙන්වීමට අවශ්‍ය බැවින්, අලුත්ම තත්ත්වය ගැන මෙසේ අදහස් දැක්වීය. “මගේ තියරම් එකේ අවුල දැන් බොහෝ දුරට විසඳිලා, ඇරිස්ටෝටල් උන්නැහෙත් අලුත් උපදෙස් කිහිපයක්ම දුන්නා. හෙට අනිද්දට ඒකට ඇමුණුමක් දාලා තව ටිකක් සංකීර්ණ කරල ශේප් කර දාන්නයි හදන්නේ.” අන් කෙනෙකුගේ සුළු අඩුපාඩුවක් වුවත් හාර අවුස්සන අය දිව්‍ය ලෝකයට ආ පැරණි මනුෂ්‍ය විද්‍යාඥයින් අතරත් සිටීම ගැන පයිතගරස්ට තරමක දුකක්ද ඇතිවිය. කොහොම වෙතත් මේ සමගම ඩාවින්ටත් තරමක ඇනුම් පදයක් කීම සඳහාම ඔහු නැවත මෙසේ ඇසීය. “මිනිස් ලෝකයේ අලුතින් පටන් අරන් තිබෙන ජාන තාක්ෂණය කියන අපබ්‍රංශය නිසා ඔයාගේ පරිණාම වාදයටත් අලුත් අර්ථයක් එකතු කිරීමට පිරිසක් ලොකු සටනක් ගෙන යනවා කියන්නේ ඇත්තද?” “ඔය කියන්නේ DNA ගැනනේ. ඔය කාරණය මාත් දැනගෙන හිටියා. ඒ උනාට ඒ කාළේ බොහෝ අයට නොතේරුන නිසා මම ඕකට නමක් දැම්මේ නැහැ. මම දැන ගත්තා කවද හරි ඔය ටික තේරුම් ගනියි කියල. මේ ලඟදි මනු ලෝකෙට කඩා පාත්වූ ‘පිට සක්වලින්’ පැමිණියා යයි තවමත් සිතා සිටින, කොරෝනා වසංගතය නිසා තමයි ඔය තර්කය ජනගත උනේ. වයිරසයේ අලුත් ප්‍රභේද හිටි හැටියේ හටගැනිම පරිණාමයේම සංසිද්ධියක් හැටියටයි මා දකින්නේ. ඒ කියන්නේ පරිණාමයත් පරිණාමය වෙලා. වෙනසකට තියෙන්නේ මේ වයිරස් පරිණාමය හරිම වේගවත්. මේ නිසා මෙයින් මගේ පරිණාම වාදයට වඩාත් ගැඹුරු නව අර්ථ කථනයක් ලැබෙනවා.” යනුවෙන් දීර්ඝ විස්තරයක් කළේය. මම මේ වැඩිපුරම කතාකලේ අපේ විද්‍යාඥ කාණ්ඩයේ අයගේ ‘වියත් සුහද එකමුතුවක්’ හදා ගැනීම සඳහා ඔබගේත් අදහස් ගන්න. පයිතගරස් අවශ්‍යතාවය පැහැදිලි කළේය. තරමක් අදි මදි කරමින් පිළිතුරු දුන් ඩාවින්, “වැඩේනම් හොඳයි. ඒ උනත් කව්ද ඕවා සංවිධානය කරන්නේ. මෑතකදී මිනිස් ලෝකයේදී නොබේල් තෑග්ග ලැබිලා මේ ලඟදි මෙහේට ආ අර ‘සාපේක්ෂතාව’ කියලා අලුත් තියරියක් ඉදිරිපත් කරපු හාදයා ඔය වැඩේට හොඳ ඇති. මට නමත් හරියට මතක නැහැ. ‘යංග් බ්ලඩ්’ නේ. කියපු ගමන්ම වැඩේ බාර ගනියි.” “ආ ….. ඔය කියන්නේ ඇල්බට් ගොයියා නේද? හරි…. හරි….. අයින්ස්ටයින් ද කොහෙද වාසගම. මම නම් මිනිහව ඒ තරම් දන්නේ නැහැ. චාල්ස් ළඟ නැද්ද මිනිහගේ ඊ මේල් ලිපිනය එහෙම”. පයිතගරස් ඇසුවේය. ටික වෙලාවක් කල්පනා කළ ඩාවින්ට යමක් මතක් වී “හරි….. හරි…. මට දුරින් නෑ කමකුත් තිබෙන, මෙන්ඩලීෆ් එයාගේ පරණ ආවර්තිතා වගුවේ ආකෘතිය අනුව, විද්‍යාඥයින්ගේ වගුවක් හදන්නට හදනවා. ඒකෙත් සිරස් කාණ්ඩ සහ තිරස් ආවර්ත තියෙනවලු. අපි කාගේත් සංකේත ඒකට දාලා. මගේ සංකේතය CD. මෙන්ඩලීෆ්ගේ සංකේතය DM ලු. ඔයාගේ සංකේතය සමහරවිට PG වෙයි. මේ නම් කිරීමට ගන්නේ අපේ නම්වල මුල අකුරුලු. ආවර්තිතා වගුවේ තිබෙන තවම සොයා නොගත් මූල ද්‍රව්‍ය වලට තිබෙන හිස් තැන් වගේ මේකෙත් හිස් තැන් තිබෙනවාලු. ඒ කියන්නේ තමන් විද්‍යාඥයින් යයි සිතාගෙන ගල් පැලෙන තර්ක ඉදිරිපත් කර, මහා ලෝක අර්බුද ඇති කරන දේශපාලන තක්කඩි ‘විද්‍යාඥයින්ගේ’ නම් වලින් හිස් තැන් ළඟදීම පුරවනවාලු. එයා ළඟ කාගේත් විස්තර ඇති. මම ඒ තොරතුරු සොයා දෙන්නම්.” කියමින් ඩාවින් පයිතගරස්ගේ ඉල්ලීමට කැමැත්ත පළ කළේය. පයිතගරස් මීට පසු කථා කළේ ආකිමිඩීස් ටය. මොබයිලය හත් අට වරක් නාද වීමෙන් පසු ආකිමිඩීස්ගේ “හෙලෝ ...ඕ ...ඕ ….” පිළිතුර සහිත ගැඹුරු කටහඬ ඇසිණි “හා … කොහොමද සහෝදරයා, මම පයිතගරස්. අවුරුදු කිහිපයකින්නේ මේ කතාකරන්නේ. දැන් කොහොමද ඔය පැත්තේ අලුත් ආරංචි එහෙම?” ටික වෙලාවක නිස්ශබ්දතාවයකින් පසු ආකිමිඩීස්ගේ ගැඹුරු කටහඬ නැවත ඇසිණි. “වරදක් නැහැ පයිතගරස්. මම මේ කල්පනා කරමින් සිටියේ, මිනිස් ලෝකයේ NASA කට්ටිය එකතු වෙලා අඟහරු ලෝකෙට යවපු Perseverance Rover යානාව ගැන. ඒ අය අඟහරු පස් එකතුකර එකවරටම පෘථිවියට ගෙනෙන්නේ නැතිව, පසුව යන ගමනකදී ගෙන ඒමට තැන්පත් කර තැබීමට තීරණය කිරීම මට හරිම රහසක්. මේකේ මොකක් හරි යටි අදහසක් තිබෙන්නට පුළුවනි. හේතුව කියන්නේ නැහැ. කාගෙන් අහන්නද? මොකද මේ ගැන ඔයාගේ අදහස.?” “ඇරත්, මට හදිසියේම කථා කළේ අලුත් Project එකක් ගැනවත් හිතුවද?” “අඟහරු ලෝකයට ගොඩ බස්සවන Rover යානය ගැන නම් මම කිසිම හාන්කවිසියක් දන්නේ නැහැ. මම නම් ඕව ගැන වැඩි උනන්දුවක් නැහැ. මට හිතුනා අපි මෙහේ සිටින වයස්ගත විද්‍යාඥයින්ගේ ‘සුහද හමුවක්’ සංවිධානය කිරීමට. මම තවත් කිහිප දෙනෙකුටම කතා කළා. කවුරුත් කැමතියි.” පයිතගරස් පැවසීය. “වැඩේ සංවිධානය කරන්නට භාරදෙන්නේ මේ මෑතදී මෙහෙට ආ සාපේක්ෂතා වාදියා, අයින්ස්ටයින්ට”. පයිතගරස් අලුත්ම තත්ත්වය පැහැදිලි කළේය. “හොඳ අදහසක්. දැන් අලුත් අයත් රාශියක් සිටිනවානේ. මමත් ඉහලින්ම කැමතියි.” ආකිමිඩීස් කීවේය. “සාපේක්ෂතා වාදියා මේ වැඩේට බොහොම හොඳයි. එහෙනම් ඉක්මණටම හමුවෙමු. ඔබට ස්තුතියි. ගුඩ් නයිට්” කියා ඔහු මොබයිලය විසන්ධි කළේය. ඒ අනුව පයිතගරස් අයින්ස්ටයින් ට ඇමතුමක් ගත්තේය. “ හෙල් ….ලෝ ...ඕ. ඇල්බර්ට්, මම පයිතගරස්. කාලෙකින් කතාකලේ. කොහොමද තොරතුරු.” “දීර්ඝායු වේවා අන්කල්, කට හඬ අහන්නත් ආසයි. අපි හොඳින් ඉන්නවා. කොහොමද ඔය පැත්තේ තොරතුරු?” ඔහුගේ ක්ෂණික පිළිතුරයි. “මම ඇල්බර්ට් ට කථාකලේ අලුත් වැඩක් ගැන යෝජනාවක් කරන්නයි. අපි මෙහෙ ජීවත්වෙන මනුලොවින් ආ විද්‍යාඥයින්ගේ සුහද හමුවක් පැවැත්වීමට අදහසක් පහල උනා. මම ඇරිස්ටෝටල්, නිව්ටන්, ආකිමිඩීස්, මෙන්ඩලීෆ්, ඩාවින් වගේ වැඩිහිටියන් කිහිප දෙනෙක් එක්කත් කතා කළා. මේ වැඩේට හැමදෙනාම කැමතියි. අපි ඒකමතිකව තීරණය කළා මේ සුහද හමුව සංවිධානය කිරීමේ කටයුතු අල්බර්ට්ට භාර දෙන්න.” පයිතගරස් තම අදහස දැන්විය. ටික කලකට පෙර පයිතගරස් සහ අයින්ස්ටයින් අතර a2 + b2 = c2 සහ E = m c2 යෙදුම පිලිබඳ මතභේදයක්ද ඇතිවිය කලකට පෙර පයිතගරස් සහ අයින්ස්ටයින් අතර a2 + b2 = c2 සහ E = m c2 යෙදුම පිලිබඳ මතභේදයක් හටගෙන තුබුණත් එය දෙදෙනාටම අමතකවී ගොස් තිබුණු නිසාදෝ, ඉතාමත් කුළුපග ආකාරයකට කතාබස් කළහ. “මම නම් ඔය හැමදෙනාම හඳුනන්නේත් නැහැ. ඒ උනත් හොඳ වැඩක් නිසා මග හරින්නත් බැහැ. අන්කල්ගේ උදව්වත් ලැබෙනවානම් මම වැඩේ භාර ගන්නම්. මේ හැමෝගෙම ලිපිනයන් හොයා ගන්නේ කොහොමද? අයින්ස්ටයින් ඇසීය. “වැඩේ බොහොම ලේසියි. මෙන්ඩලීෆ් එයාගේ පැරණි ආවර්තිතා වගුව වගේ අලුතෙන් ‘විද්‍යාඥ වගුවක්’ කියා අටමගලක් හදන්නට යනවාලු. මේකට එයා එකතු කරගත් තොරතුරු සහ කාගේත් ඊ මේල් ලිපිනයන් තිබේලු. මේ සියල්ල ලබාගෙන දවස් කිහිපයකින් මම ඔයාට ඊ- මේල් කරන්නම්.. “ දින කිහිපයකින්ම මනුලොව සිටි පැමිණි, එහිදී විවිධ ක්ෂේත්‍රවල නොයෙකුත් දක්ෂ කම් පෑ විද්‍යාඥයින් සිය දෙනෙකුගේ පමණ ඊ මේල් ලිපිනයන් සහ වෙනත් තොරතුරැ අයින්ස්ටයින් ට, පයිතගරස්ගෙන් ලැබිණ. සති කිහිපයක් ගතවිය. සියලු කටයුතු මනාව සංවිධානය කරනලද අයින්ස්ටයින් විසින් යවන ලද, ආරාධනා පත්‍රය සහ ඊ- මේල් පණිවුඩයට සියලු දෙනාගෙන්ම යහපත් ප්‍රතිචාර ලැබිණ. තවත් සති කිහිපයකින්, දෙව්ලොව රාජකීය විද්‍යා මන්දිරයේදී මනුලොවින් ආ විද්‍යාඥයින්ගේ ‘මහා සුහද හමුව’ ඉතාමත් උතකර්ෂවත් අන්දමින් පවත්වන ලදී. පැරණි විද්‍යාඥයින් සියයකට අධික පිරිසක් සහභාගිවූ එම ඓතිහාසික විද්‍යාඥ සුහද හමුවේ ආරාධිත අමුත්තා වූයේ, සියලු තේජෝ බල පරාක්‍රමයන්ගෙන් අගතැන් පත් මහා ශක්‍ර දේවේන්ද්‍ර උතුමාණන් වහන්සේය. දිව්‍ය භෝජන සහ දිව්‍ය මධු විතෙන් පිරුණු, ආලකමන්දාවේ අංක එක ශාලාවේ, සුහද හමුව පැවැත්විණි. කුසපත් ඇදීමෙන් තෝරාගත් ඉහලම පැලැන්තියේ දිව්‍යාංගනාවන්ගේ නැටුම් ගැයුම් වලින් අලංකෘත වූ, මනුලොවින් පැමිණි විද්‍යාඥයින්ගේ එම ‘සුහද එකමුතුව’ එතෙක් දෙව්ලොව පැවතී ඉහලම ගණයේ ප්‍රිය සම්භාෂණයක්ම විය. Posted by Dayaratna Weerasekara at 03:01 Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest 8 comments: Sri Lankan-African Angel 24 February 2021 at 13:24 Creative idea. I love another episode that shows Tesla meets Newton and Rosalind Franklin meets Watson & Crick. May be Newton and Watson/Crick never made it to heaven, particularly Newton who killed innocent elephant by electrocuting for no good reason. Anyways, thanks for the post. ReplyDelete Replies Dayaratna Weerasekara 25 February 2021 at 01:04 Thank you Angel, I thought of insinuating that certain traits present in 'man' and certain actions done by man have a tendency to be carried to the next birth place also, even if it happens to be "Heaven" Delete Replies Reply Reply ඉයන් 25 February 2021 at 20:24 එතකොට එහෙ තියෙන්නෙත් ඊමේල් සහ මොබයිල් ෆෝන්ස් ද? මේක අපේ වියත්මගට තර්ජනයක් වෙයිද? මරු කථාව දයාවී මහත්මයා. මම හිතුවේ මමත් මෙහෙම එකක් පටන්ගන්නවා අපායට ගියාම. ReplyDelete Replies Dayaratna Weerasekara 27 February 2021 at 12:19 ස්තුතියි ඉයන්, එහෙත් ඊමේල් සහ මොබයිල් ෆෝන් වගේ නව තාක්ෂණික මෙවලම් කලක සිට තිබෙනවා. ඒවා ස්වයංක්‍රීයයි. ඩයල් කිරීම අවශ්‍ය නැහැ. හිතපු ගමන් අවශ්‍ය අංකය ඩයල් වෙනවා. ඊ මේල් එකත් එහෙමයි. හිතන්න විතරයි තිබෙන්නේ. මේවාට කිසිම අය කිරීමක් නැහැ. චාජ් වීමත් ඉබේටම. අපායේදී නම් ඔය සුකුරුතම් වැඩ කරන්නට ලැබෙයිද මන්දා. මෙහෙන් ගිය තක්කඩි ඔක්කොම එහෙත් නොයෙක් ආකාරයේ බිස්නස් පටන් අරගෙන.ලෝදිය හැලියේ තිබුණු ටයිටේනියම් ලෝහයෙන් සෑදු හැඳි දෙකකුත් ආගිය අතක් නැතිලු. Delete Replies Reply Reply Pathum Herath 25 February 2021 at 20:45 මම හිතුවේ අන්තිම මොහොතේ අයින්ස්ටයින් සාපේක්ෂතාවාදයට අනුව මොකක් හරි පිස්සුවක් නටයි කියල... හෙහ් හෙහ් ... ලස්සන අදහසක් ! ReplyDelete Replies Dayaratna Weerasekara 27 February 2021 at 12:25 ස්තුතියි පැතුම්, අයින්ස්ටයින් හාදයා තවම එහෙට අලුත් නිසා වැඩිය පිස්සූ වැඩ තවම පටන් අරන් නැහැ. එයාත් ටිකක් සැකෙන් සිටින්නේ Black holes වල බලපෑම නිසා එයාගේ සාපේක්ෂතා වාදයටත් තර්ජනයක් එල්ල වේවිද කියල. Delete Replies Reply Reply Pra Jay 11 March 2021 at 00:28 There was once this Apache Indian who had 3 squaws - but none of them were able to bear him a child. A medicine man advised him that animal skins were potent - following his advise, the Apache slept with his 3 squaws on different animal skins - a hippo skin, a jaguar skin & a leopard skin. r>True to prediction, in due course he had children. The squaw with whom he slept on the jaguar & leopard skins presented him with a fine boy each. The squaw who slept on the hippo skin however had twins! All this goes on to prove what an old Greek philosopher called Pythagoras had been saying all along: the squaw of the hippopotamus is equal to the sum of the squaws of the other 2 hides. ReplyDelete Replies Reply Dayaratna Weerasekara 11 March 2021 at 16:15 Very good one Pra Jay, 2 hides - 2 sides squaw - square hippopotamus - hypotenuse The squaw on hide 1 + the squaw on hide 2 = the squaw on hippopotamus. Hide 1 is a, hide 2 is b and hide 3 (hippo) is c Finally 'a'squaw + 'b' squaw = 'c' or hippo squaw ReplyDelete Replies Reply Add comment Load more... Newer Post Older Post Home Subscribe to: Post Comments (Atom) Followers About Me Dayaratna Weerasekara View my complete profile Blog Archive ► 2022 (10) ► November (2) ► October (1) ► August (1) ► July (1) ► June (1) ► May (1) ► March (2) ► February (1) ▼ 2021 (14) ► December (2) ► November (1) ► October (2) ► September (1) ► July (2) ► May (2) ► April (1) ▼ February (2) දෙව්ලොව ගිය පෘථිවි විද්‍යාඥයින්ගේ සුහද හමුවක් ! ... සෙල්සියස් ( oC) සහ ෆැරන්හයිට් ( oF) උෂ්ණත්වමාන මග... ► January (1) ► 2020 (20) ► November (1) ► October (3) ► September (3) ► July (1) ► June (1) ► May (3) ► April (2) ► March (2) ► February (1) ► January (3) ► 2019 (23) ► December (1) ► November (3) ► October (2) ► September (3) ► August (2) ► June (1) ► May (2) ► April (2) ► March (4) ► February (3) ► 2018 (41) ► December (2) ► November (2) ► October (4) ► September (4) ► August (2) ► July (4) ► June (4) ► May (3) ► April (4) ► March (4) ► February (3) ► January (5) ► 2017 (81) ► December (5) ► November (4) ► October (6) ► September (5) ► August (10) ► July (10) ► June (9) ► May (15) ► April (9) ► March (2) ► February (4) ► January (2) ► 2016 (9) ► December (7) ► November (2) Popular Posts අපා, දෙපා, සිවුපා, ශඩ්පා, අෂ්ටපා, දශපා, සියපා සහ දහස්පා .......... පෘ ථිවි ජෛව ගෝලය තුළ සිටින, ලක්ෂ සංඛ්‍යාත සතුන් වෙන වෙනම හඳුනා ගැනීම කිසිවෙකුට කළ හැකි දෙයක් නොවේ. මේ ගැන කල්පනා කළ, ස්වීඩන් ජාතික ලිනෙයස් න... ඉංග්‍රීසි භාෂාව උච්චාරණය කිරීමේ ආසියානු ක්‍රමය ‘සංස්කෘතික හිඩැසක්’ද......? සීෂෙල්ස් රාජ්‍යයේ සේවය කරද්දී ලැබූ තවත් අත්දැකීමකි. මා සේවය කළ උසස් අධ්‍යාපන ආයතනයේ ප්‍රධානියා අයිරිෂ් ජාතිකයෙකි. එම ආයතනයේ. ඉගැන්ව... අප, ගණිත සංකල්පද කටපාඩම් කළ කාළයක් විය...... අ ප හතරේ පන්තියේ ඉගෙන ගන්නා කාලයේ , පන්ති භාර ගුරුවරයා වූයේ ප්‍රනාන්දු මහත්මයාය. ලා අලුපාටට හුරු ට්වීඩ් රෙද්දක් සහ සුදු කමිසයක් හැඳ, ඉන... ‘ආරේ ගුණ නෑරේ’ වැකියට ප්‍රවේණි විද්‍යා අර්ථ නිරූපණයක්.­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­ අ පගේ පැරණි ප්‍රස්තා පිරුළක, ‘ ආරේ ගුණ නෑරේ – . මල්ල කිහිල්ලෙන් නෑරේ’ යනුවෙන් පෙන්වා දෙන අදහස වන්නේ , සම්ප්‍රදායටම ගැතිවී අන්ධානුකර... ජෛව විවිධත්වය සුරැකීම සඳහා, වන වැදී ඇති බළලුන්, මිලියන දෙකක් ඝාතනය කිරීම · සුරතල් සතුන් වුවද පාලනයෙන් ගිලිහී ගියහොත් විනාශකාරී විය හැකිය . · දඩාවතේ යන බළලුන් මහා විපතකි . · බළලුන් සඳහ...
‘‘පලදීම වැනි යමක් මානව ඉතිහාසයේ ඇත: පලදීමේ මෙවලම සරි කරන්නේ, වරදෙන් පීඩාවට පත් පුද්ගලයා නොව, වැරැුද්ද කළ පුද්ගලයාම වීම, ඓතිහාසික පලදීමේ එක් නියාමයකි.’’ – කාල් මාක්ස් (ද ඉන්ඩියන් රිවොල්ට්) ප‍්‍රථම මහින්ද චින්තන ප‍්‍රකාශනය 2005 දී අඩබෙර ගසා දියත් කෙරුණි. එම අවස්ථාවේ ගැයුණු තේමා ගීයෙන් ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂව වැණුවේ, ‘සමානාත්මතාව ගැන විශ්වාසය තැබූ රජෙක්’ වශයෙනි. ඉන් අට වසක් ඉක්ම යාමෙන් පසු, වේදනාකාරී ආපසු හැරී බැලීමක දී පහසුවෙන් වැටහෙන දෙයක් වන්නේ, එකී රාජකීය සඳහන තුළ, ලංකාව දුර්වල ප‍්‍රජාතන්ත‍්‍රවාදයක සිට පීතෘ ප‍්‍රවේණිගත රදළ ආණ්ඩුවකට පල්ලම් බැසීමේ ප‍්‍රථම යාවත්කාල පියවර අඩංගුව පැවති බවයි. එදා ඉදිරිපත් කළ මැතිවරණ ප‍්‍රකාශනයේ නාමය ද ඊට දෙස් දෙයි. (තමාගේ මැතිවරණ ප‍්‍රකාශනයක් තමාගේ නමින්ම ඉදිරිපත් කළ ප‍්‍රථම ලාංකීය නායකයා ඔහු ය). කෙසේ වෙතත්, ඒ මොහොතේ එකී ගේය රචනාව සහ මැතිවරණ ප‍්‍රකාශනයේ නාමය, බොහෝ ලාංකීය දේශපාලඥයන් ශෝචනිය ලෙසින් වහල් වෙන, එහෙත් බරපතල හානියක් නොවන, තමන් පුම්බා ගැනීමේ ළදරු ආශාවක නිදර්ශනයකට වැඩි දෙයක් වශයෙන් පෙනුණේ නැත. සාමාන්‍ය ජරමානුවන් හිට්ලර්ට ප‍්‍රතික‍්‍රියා දැක්වූයේ -හෝ නොදැක්වූයේ-කෙසේදැ යි විග‍්‍රහ කරන, නට්සි පාලන සමයේ කුසීත ආරක්ෂාවක කල්මැරූ වාග් විද්‍යාඥයෙකු වන මිල්ටන් මේයර්, මෙසේ තර්ක කරයි: ‘‘විරෝධය පෑමට පමණක් නොව, ආරම්භය දැකීමට පවා, කෙනෙකු අවසානය පෙරදැකිය යුතුය’’. ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී බොහෝ පාලන තන්ත‍්‍ර, වරකට කුඩා මාත‍්‍රාවෙන් දෙන මර්දනකාරී පියවර හරහා මහජනතාව ඒකාධිපතිවාදයට කෙමෙන් හුරු කරවන හෙවත් ‘මිත‍්‍රිඬේට්ස් ක‍්‍රමය’ අනුගමනය කරන බව සැබෑව. එහෙත් ඒ සෑම විටකම ඒ ගැන සංඥා නිකුත් වෙයි. එවැනි මාර්ගයක ආරම්භයේ දී පවා, අපේක්ෂිත අවසානය පිළිබඳ අනතුරු ඇඟවීම් පළවෙයි. යම් ජාතියකට එම අනතුරු ඇඟවීම් මගහැරෙයි නම්, එසේ වන්නේ, ‘හෘද සාක්ෂියේ ශාපය’ වෙනුවට, කුසීත කමේ ශාන්තියට කෙනෙකු තුළ ඇති කැමැත්ත නිසා ය. රාජපක්ෂගේ ගමනාන්තයත්, ගමන් පථයේ ස්වභාවයත් ඉඟි කෙරෙන මුල් කාලීන අනතුරු ඇඟවීම් ගණනාවක් තිබුණි. ඒ අතරින් වඩාත් ප‍්‍රකට සිදුවීම් වන්නේ, ව්‍යවස්ථානුකූලව සහ ව්‍යවස්ථා විරෝධීව රාජපක්ෂ සහෝදරයන්ව බලගැන්වීම, විරුද්ධවාදීන්ට සහ විවේචකයන්ට පහර දීම, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය කණපිට හැරවීම, ආණ්ඩුවේම ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමත්’, ස්වාධීන ජාත්‍යන්තර විද්වත් කණ්ඩායමත් අඩාල කිරීම, ‘සිවිල් වැසියන් කිසිවෙකු මියනොගිය මානුෂික මෙහෙයුම’ සහ ‘සුභසාධන ගම්මාන’ ගැන ද්විත්ව මිථ්‍යාව ජනනය කිරීම, ජෙනරාල් ෆොන්සේකාගෙන් පන්න පන්නා පළිගැනීම, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය සිංහාසනාරූඪ කැරැුවීම සහ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇටවීම ආදියයි. හතරවැනි ඊලාම් යුද්ධය ජයග‍්‍රාහීව අවසන් වී මාසයක් ගතවුණා පමණි. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග අමුතු විදිහේ යෝජනාවක් ගෙනාවේය. එනම්,දූෂණය මැඩලීම සඳහා සෑම රාජ්‍ය ආයතනයකම ‘ඔත්තු ඒකක’ පිහිටුවීමයි/ ‘දූෂණයට එරෙහි කාලෝචිත පියවරක්’ මැයෙන් ඒ ගැන ලියන ‘ඬේලි නිව්ස්’ පුවත්පතේ කතුවැකියක, මේ කියන ඔත්තු සේවාව හඳුන්වා තිබුණේ, ‘.. සෑම රාජ්‍ය දෙපාර්තමේන්තුවක් තුළම වෙස්වළාගෙන සේවයේ යෙදෙන ඉත්තෙකු පැලපදියම් කිරීමයි.’ ඒ වනාහී, අද තරමට බයාදු නැති, විසම්මුතික අදහස් පළ කළ කාලයකි. ඒ නිසා, ඉහත පියවරට එරෙහිව වාචිකව මතුවෙමින් පැවති ප‍්‍රහාරය ඉදිරියේ, මේ ‘ ඕර්වෙල්ලියානු’ යෝජනාව අතහැර දැමීමට ආණ්ඩුවට සිදුවිය. ආණ්ඩුවේ බදු සහ අපනයන ආදායම් පිළිබඳ සංඛ්‍යා ලේඛන රැුවටිලිකාරී ස්වභාවයක් ගන්නා බව, 2006 දී රජයේ විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. එවැනි වැරදි බොහෝ අවස්ථාවල පෙන්වා දී ඇතත් ඉන් ඵලක් වී නැති බව කී විගණකාධිපතිවරයා, ඒ හේතුවෙන් අනාගතේ අයවැය ඇස්තමේන්තු සහ සංවර්ධන සැලසුම් අයාලේ යාමට ඉඩ ඇතැ යි කීවේය. ඉලක්කම් සමග කළ ඒ සෙල්ලම, හුදු අහම්බයක්වත්, නිලධාරී අක‍්‍රමිකතාවක්වත් නොවේ. රාජපක්ෂ අයවැය සම්පාදනයේ ප‍්‍රධාන කුළුණක් වන්නේම, වියදම අවතක්සේරු කිරීමත් ආදායම අධිතක්සේරු කිරීමත් ය. ඒ මගින් වැසැංගෙන හිඩැස පසුව පියවා ගන්නේ, අවුරුදු පතා පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමෙනි. විගණකාධිපතිවරයා කළ ප‍්‍රසිද්ධ අනතුරු ඇඟවීම රාජපක්ෂලාට වහකදුරු මෙන් විය. එහිදී ඔවුන් තැත් කෙළේ, මහබැංකුවට කළ දේ විගණකාධිපති දෙපාර්තමේන්තුවටත් කිරීමට ය: එනම්, ආණ්ඩුවේ ගැත්තෙක්ව විගණකාධිපති තනතුරට පත්කිරීමටයි. එහෙත්, රජයේ මූල්‍ය කළමණාකරණයේ ප‍්‍රධාන මුරපල්ලා වන මේ වැදගත් තනතුර එසේ දේශපාලනීකරණයට යටත් කිරීමට එරෙහිව එම දෙපාර්තමේන්තුවේ සේවකයන් (වෘත්තීය සමිති සහ විපක්ෂයේ ද සහයෝගය සහිතව) පෙරට ආහ. එයින් ඇති විය හැකි දේශපාලනික සහ සමාජයීය විරෝධය දුටු රාජපක්ෂ සහෝදරයෝ සැලැස්ම යටගසා ගත්හ. සාපරාධී අපහාස නීතිය යළි හඳුන්වා දීමට, (පළාත් සභා පමණක් නොව, ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ පවා බල කප්පාදු කෙරෙන) ‘ජනසභා’ පත්කිරීමට සහ (ජාතිවාදී හෝ ආගම්වාදී පක්ෂ තහනම් විය යුතුය යන ව්‍යාජ කඩතුරාව යටතේ) සුළුජාතික දේශපාලනික පක්ෂ නීති විරෝධී කිරීමට ගත් ප‍්‍රයත්නයන් ද, ජාතික (සහ අන්තර්ජාතික) විරෝධතා මධ්‍යයේ අසාර්ථක විය. එහෙත් මෙහි ප‍්‍රතිපක්ෂය ද සාර්ථක වී තිබේ. බිය නිසා හෝ යමක් බරසාරව ගණන් නොගැනීම නිසා සමාජය පැත්තෙන් මන්දෝත්සාහයක් පෙන්නුම් කෙරෙන සෑම අවස්ථාවකම, විසම්මුතිය අඩපණ කොට, අපරාධකරුවන් ආරක්ෂා කිරීමාදියෙන් පවුල් බලය තර කර ගැනීමටත් රාජපක්ෂලා සමත් වූහ. ‘තාරුණ්‍යයට හෙටක්’ නැමැති සංවිධානය සමග, නාමල් රාජපක්ෂ ස්වකීය දේශපාලන ගමන ඇරැුඹීය. රැුකියා විරහිත උපාධි අපේක්ෂකයෙකු (මේ, නීති විද්‍යාලයේ විවාදාපන්න සාර්ථකත්වයන් ලැබීමට පෙර ය) විසින් ගොඩනගන ලද, දැනුවත් ආදායම් මාර්ගයක් නැති එවැනි ආධුනික සංවිධානයක් ප‍්‍රකෝටි ගණන් වන ව්‍යාපෘති ආරම්භ කරන්නේ කෙසේදැ යි සමාජය ප‍්‍රශ්න නොකෙළේ ඇයි? රටේ ප‍්‍රථම පුතාගේ මේ රාජ්‍ය නොවන සංවිධානයට මුදල් ආධාර කළෝ කවරහු ද, ඒ කොපමණ ප‍්‍රමාණයකින් ද ආදී වශයෙන් විපක්ෂය පාර්ලිමේන්තුවේ දී ප‍්‍රශ්න නොකෙළේ ඇයි? ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘතහස්ත ඇමතිවරුන් සහ දේශපාලඥයන්, නීති ශිෂ්‍ය නාමල් රාජපක්ෂ ඉදිරියේ දෙකට නැමුණේ ඇයි? අපරාධකරුවන්ට අභයදානය සැලසීම පාලකයන්ගේ සහ උන්ගේ ගැත්තන්ගේ පරමාධිකාරය බවට පත්වන විට රටකට තිබිය හැක්කේ චණ්ඩාල ආණ්ඩුකරණයක්ම පමණි. 2010 කෝප් වාර්තා මූලාශ‍්‍රවලට අනුව, ‘මග නැගුමට’ සේවා සැපයූ කොන්ත‍්‍රාත්කරුවන්ට ආණ්ඩුව රුපියල් බිලියන 1.2 කින් පොලූ තියා ඇත. ඉන් වැඩි හරියක්, හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ කළ සේවාවන් වෙනුවෙනි. මේ කොන්ත‍්‍රාත්කරුවන් තමන්ට හිමි විය යුතු මුදල් ඉල්ලා කටක් ඇරියේ නැත. ඒ, රාජපක්ෂලා තරහ කර ගැනීමෙන් ඇති විය හැකි ප‍්‍රතිවිපාක කෙරෙහි පවතින මාරාන්තික බිය හේතුවෙනි. ‘මග නැගුම’ නිලධාරීන් තමන්ගේ ගිණුම් විගණකාධිපතිවරයාට ඉදිරිපත් කරන්නේ නැත. ‘ඔවුන් පිළිබඳ පරීක්ෂා කිරීමට කෝප් කමිටුවට බලයක් නැති බවට, නීතිපතිවරයාගෙන් පවා ඔවුන් සහතික ඉදිරිපත් කළ’ බව, එක් කෝප් කමිටු සාමාජිකයෙක් කියයි. මේයර් කියන පරිදි, ‘රටවල් හැදෙන්නේ සින්දූර ලීයෙන් හෝ ගල්වලින් නොව, මිනිසුන්ගෙනි. ඉතිං රටවල් ද, ඒ ඒ මිනිස්සුන්ගේ හැටි හැටියට ය’. ස්වයං-විනාශකාරීව සනාථන සාර්ථකතා සහ සාමාන්‍යකෘත යහපැවැත්ම පිළිබඳ කල්පිත ලෝකයක රාජපක්ෂලා පාලනය හොබවන විට සැබවින් දිග හැරෙන්නේ, ඒ කයිවාරුවට ප‍්‍රතිපක්ෂව යන දුර්දම යථාර්ථයකි. එය භේද වපුරයි. ධනවතා සහ දිළින්දා අතර, බලවතා සහ අසරණයා අතර, වෙනස් වාර්ගිකයන් සහ වෙනස් ආගමිකයන් අතර, විකාරරූපී හිතළු සහ නග්න යථාර්ථය අතර පැල්ම තව තවත් තීව‍්‍ර කෙරේ. බඩජහරි සියයට 20 ක් සමග එදා වේල ගැටගහගන්නා සියයට 80 ක් වෙසෙත්. එය, 80-20 බුරුලක් නැති සමාජයක් වෙත යන ගමනකි. ඉහළ බදු බර, අධික මිළ අනුපාතික සහ බාල සේවාවන් විසින් මධ්‍යම පංතියේ පවා ගෙල හිර කරයි. සිංහල-බෞද්ධ න්‍යාය පත‍්‍රයකට ගැටගැසුණු පාලනයකට, බහුවිධ ජන කොටස් වෙසෙන සමාජයක යහපැවැත්ම සහතික කළ නොහැක. පවුල් පාලනයට ආවඩන පාලන තන්ත‍්‍රයක් තුළ, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඉඩක් නැත. දිළින්දාගේ සහ අසරණයාගේ දුකට අසංවේදි පාලනයකට, අර්ථවත් සංවර්ධනයක් ඇති කළ නොහැක. රාජපක්ෂ සංවර්ධන දැක්ම වශයෙන් පවතින බව අද පෙනෙන්ට තිබෙන්නේ, ධනපතියාට සහ දුර්ජනයාට ක්ෂේමස්ථානයක් වන සැණකෙලි ලංකාවකි. එහෙත් මේ කර්කශ යථාර්ථය ගැන දැන ගැනීමට ජනතාවට ඉඩ නොතැබිය යුතුය. රාජපක්ෂලාගේ ප‍්‍රතිවාදීන් සහ කලකිරුණු ඡන්දදායකයන්ව ‘විකල්පයක් නැති ආඥාදායකත්වයක’ බැඳ තබා ගත යුතුය. ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ පිළිබඳ පනත ඔවුන් යට ගැසුවේ එබැවිනි. විවේචකයන්ව නිහඩ කිරීමට ‘කැරට් අලය සහ මුගුර’ පාවිච්චි කරන්නේ එබැවිනි. දේශපාලනික වශයෙන් අවාසියට හිටින සාස්තරයක් කී ජ්‍යොතිෂඥයෙකු අත්අඩංගුවට ගැනීමට පවා පෙළඹුණේ එබැවිනි. එම තත්වය තුළ, සිංහලයන්ගේ සේසත ගිල ගැනීමට මානබලන සුළුජාතික ධනපතීන් පිළිබඳ පරණ මිථ්‍යාවන් සහ වැඩි වැඩියෙන් දරුවන් බෝ කරන සුළුජාතීන් විසින් සිංහලයන්ගේ දේශය ආක‍්‍රමණය කරනු ලැබීම පිළිබඳ මිථ්‍යාවන්, දේශපේ‍්‍රමී නිද්‍රාවක දකුණ සතපවා ගැනීම සඳහා නැවත නැවතත් පාවිච්චි කෙරේ. පවුලේ ඕනෑ එපාකම් විසින් වට කෙරුණු දැක්මක්, අවසානයේ එහි නියුක්තිකයන්ගේ (පවුලේ) ස්වාර්ථයන්ටත් හතුරුව සිටී. මන්ද යත්, තමන්ගේ සමීපතම පරිධියේ පවා ගොඩගැසෙන අසන්තෝසය සහ අරතියට ඔවුන් අන්ධ වන බැවිනි. පවුල් දේශපාලනයේ දී සිදුවන්නේ, පවුලේ අවශ්‍යතාවන්, ජනතා/ජාතික අවශ්‍යතා වශයෙන් වෙස්ගැන්වීමයි. පවුලේ පම්පෝරිය, බලයේ මුඛ්‍යතම කෘත්‍යය බවට පත්කර ගැනීමයි. ඊටත් උඩින්, රාජවංශික අපේක්ෂා ඈඳෙන විට, ආණ්ඩුකරණය තව තවත් අසමබර වෙයි. ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධි වෙයි. මේ චක‍්‍රවර්ති පුස්ස, මහ බක්කක් සේ කාලයක දී පෙනෙන්ට පිළිවන. එහෙත් එය, තාවකාලික, විනාශකාරී සහ ස්වයං-විනාශකාරී මායාවක් පමණි. එම සත්‍යය, රාජපක්ෂලා දත යුතුය. වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ව පරාජය කිරීමට ඔවුන්ට හැකි වුණේ එබැවිනි. *2013 නොවැම්බර් 21 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Chutzpah Years නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ COPE Wants Basil To Stop Rogue Investors Cheating Public Aftermath Of CHOGM 2013: Will There Be Justice For The victims? Latest comments GOD / November 26, 2013 1 0 meme lipiya liweema hethuwen mama obawa meme geethayata ekathu kara gannawa http://www.youtube.com/watch?v=uYkqRGbZTUM sthuthi / nimal dunuhinga / November 26, 2013 0 0 Rubber milk? [Mohandas Gandhi, political and spiritual leader in India…….. “If we are to teach real peace in this world, and if we are to carry on a real war against war, we shall have to begin with the children.”] I watch through my tiny window O this gloomy morning Sky sends us snow flakes to the burning Earth? I think of the poor children in the third world who skip the schools and struggle to collect rubber milk for their living? If this snow flakes convert into drinking milk I could have send them a shipload to strengthen their fractured bones? nimal p.dunuhinga / Sunila mendis / December 2, 2013 0 0 I am happy indeed to see the Sinhala translations of intelligent articles. Do these appear in Tamil to .? / තිසර / December 3, 2013 0 0 වෛරයෙන් වෛරය නොසන් සිදේ .එය සන් සිදෙන්නේ ඇවෛරයෙන් පමණි . / Leave A Comment Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published. Archives Archives Select Month November 2022 October 2022 September 2022 August 2022 July 2022 June 2022 May 2022 April 2022 March 2022 February 2022 January 2022 December 2021 November 2021 October 2021 September 2021 August 2021 July 2021 June 2021 May 2021 April 2021 March 2021 February 2021 January 2021 December 2020 November 2020 October 2020 September 2020 August 2020 July 2020 June 2020 May 2020 April 2020 March 2020 February 2020 January 2020 December 2019 November 2019 October 2019 September 2019 August 2019 July 2019 June 2019 May 2019 April 2019 March 2019 February 2019 January 2019 December 2018 November 2018 October 2018 September 2018 August 2018 July 2018 June 2018 May 2018 April 2018 March 2018 February 2018 January 2018 December 2017 November 2017 October 2017 September 2017 August 2017 July 2017 June 2017 May 2017 April 2017 March 2017 February 2017 January 2017 December 2016 November 2016 October 2016 September 2016 August 2016 July 2016 June 2016 May 2016 April 2016 March 2016 February 2016 January 2016 December 2015 November 2015 October 2015 September 2015 August 2015 July 2015 June 2015 May 2015 April 2015 March 2015 February 2015 January 2015 December 2014 November 2014 October 2014 September 2014 August 2014 July 2014 June 2014 May 2014 April 2014 March 2014 February 2014 January 2014 December 2013 November 2013 October 2013 September 2013 August 2013 July 2013 June 2013 May 2013 April 2013 March 2013 February 2013 January 2013 December 2012 November 2012 October 2012 September 2012 August 2012 July 2012 June 2012 May 2012 April 2012 March 2012 February 2012 January 2012 December 2011 November 2011 October 2011 September 2011 Latest Comments Bernard on Danushka’s Sex Scandal: Time For “Me Too Aragalaya” In Sri LankaJust wondering how a man can cope if he is suddenly denied Thiha on RW’s Oracle For Peace, Stability & GrowthLets get to economics. Every single country that went bankrupt had to Thiha on RW’s Oracle For Peace, Stability & GrowthThe Aragalaya was started by middle class people in the suburbs of Siva Sankaran Sharma on RW’s Oracle For Peace, Stability & GrowthAnyway the island's small communities of Malays, Borah, and other Indian and Siva Sankaran Sharma on RW’s Oracle For Peace, Stability & GrowthGood article Dr Ameer Ali. However, noticed still wants to distance the Mahila on RW’s Oracle For Peace, Stability & GrowthAA, "His distant target of the centenary year 2048 for Sri Lanka Mahila on RW’s Oracle For Peace, Stability & GrowthSJ, Depicts the clear case of inequality in the community, in view nimal fernando on RW’s Oracle For Peace, Stability & Growth“Those that fail to learn from history are doomed to repeat it.” Native Vedda on Mahindāgamanaya 3Svenson - "Yes he was a very good example of a runaway nimal fernando on RW’s Oracle For Peace, Stability & GrowthA history lesson for you young man Native 12:00 ....... https://www.youtube.com/watch?v=bEiuTykj1sk
ඉතාලියේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් අඩුම තරමේ තිදෙනෙකුට හෝ මේ වන විට කොරෝනා ආසාදනය වැළඳී හමාර ය. වර්තමානයේ ලංකාවේ පවත්නා අධික උණුසුම් කාලගුණය ලංකාවට රෝගය පැමිණීම පාලනය වන්නට හේතුව විය හැකි ය. මේ වන විට සෞඛ්‍ය අංශ විසින් දකුණු කොරියාවේ සහ ඉරානයේ සිට පැමිණෙන පුද්ගලයන් දින 14ක නිරෝධායනයට ලක් කරන්නට කටයුතු කර තිබේ. ඔවුන් නිරෝධායනය සඳහා බැටිකලෝ කැම්පස් හා කන්දකාඩු වෙත රැගෙන යනු ලැබේ. නිරෝධායනය සිදුකරන්නේ යුද හමුදාවේ මෙහෙයවීමෙනි. හැඳල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවීම සම්බන්ධයෙන් එල්ල වූ විරෝධය වැනි විරෝධයක් මෙම ප්‍රදේශවල නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම සම්බන්ධයෙන් එල්ල නොවීම ද සුවිශේෂ ය. නිරෝධායනය සඳහා ගෙන යන පුද්ගලයන්ගෙන් මුදල් අය කරන බවට පැතිරී ගිය කතාව පදනම් විරහිත කතාවක් නොවේ. රජයට එවැනි අරමුණක් තිබුණත්, නැතත්, විරෝධය හේතුවෙන් ඔවුන් වහා එකී මුග්ධ අදහස වෙනස් කරගැනීම අගය කළ යුතුය. කෙසේ වෙතත්, මෙමගින් නිරූපණය වන දෙයක් වන්නේ නිරෝධායන මධ්‍යස්ථානවල ගැටලු තිබිය හැකි බවයි. ඒවා ගැටුම්වලට ද තුඩු දෙන්නට පවා ඉඩ තිබේ. මේ වන විට ඇතැම් මාධ්‍ය ඒ හා සම්බන්ධ වාර්තා කිරීම් කරන්නේ ගැටුම් ඇවිළවෙන අන්දමටයි. ලංකාව වැනි රටක නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම් අවම මට්ටමක තිබීම තේරුම් ගත හැකි ය. නිරෝධායනය සඳහා යම් මුදලක්වෙන් කරනු ලබනවා නම්, අනිවාර්යයෙන් ම එයින් වැඩි ප්‍රමාණයක් වැය වන්නේ ඒ හා සම්බන්ධ නිලධාරීන්ට වැටුප්, දීමනා, ප්‍රවාහන ගාස්තු, සැපයුම් කොන්ත්‍රාත්තු ආදියටයි. නිරෝධායනයට ලක් කරන අයගේ කෑමවල සිට අඩුපාඩු මෙන් ම ගසාකෑම් ද තිබිය හැකි ය. නිරෝධායනය සඳහා ගෙන යන පුද්ගලයන් බස් රථවලින් පිටතට අත දමා අතට අත දෙන, භාණ්ඩ දෙන හා භාර ගන්නා අයුරු ද ඔවුන් විවෘත බස් රථවලින් රැගෙන යන අයුරු ද මාධ්‍යවලින් පෙන්වන ලදී. එය නිරෝධායනයක් නොවේ. ඔවුන් බලන්නට ගුවන් තොටුපළට යාම පවා වගකීම් විරහිත ක්‍රියාවකි. නිරෝධායනයට ලක්කරනු ලබන වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට මුදල් එවීම සඳහා විදේශ රැකියාවලට ගිය ‘රටවිරුවන්’ බව ද රජය අමතක නොකළ යුතු ය. ඔවුන්ට මානුෂික ලෙස සැලකිය යුතු ය. එසේම, නිරෝධායනයට ලක්වන්නන් ද නිරෝධායනය තම වගකීමක් ලෙස සැලකිය යුතු ය. ඔවුන් පැමිණෙන රටවලදී නිරෝධායනයට ලක්වන්නට සිදු වුණා නම් නිහඬව එය විඳ දරාගන්නා සේ ම මෙහිදී ද එය කළ යුතු ය. ගුවන් තොටුපළේ හෝ නිරෝධායන මධ්‍යස්ථානවල වීඅයිපී පහසුකම් බලාපොරොත්තු වීම හාඒ සම්බන්ධ ගැටුම් ඇති කරගැනීම තේරුමක් නැත. නිරෝධායන වැඩසටහන සඳහා රජයට සහාය දීම පුරවැසි වගකීමකි. මේ වන විට චීනය හා දකුණු කොරියාව වයිරසයේ ව්‍යාප්තිය පාලනය කරගැනීමට සමත් වී තිබේ. ඉතාලිය ද ඉතා විධිමත් පියවර ගෙන තිබේ. ලෝකයට මෙම අභියෝගය ජයගත හැකි ය. Share this: Twitter Facebook Like this: Like Loading... Related Post navigation කොවිඩ්-19 හරහා සාධනීය සමාජ වෙනසක් ඇති කරගන්නේ කෙසේ ද? ගල් ටයරය, අන්තරය හා පෙරටුගාමිත්වය Related News Health Life මගේ ගුරු පඩිය හා බිරිඳගේ හෙද පඩිය February 12, 2022 February 12, 2022 Health Life ආබාධ සහිතද? වෙනස් හැකියාවන් සහිතද? December 3, 2021 December 3, 2021 Health ඔමික්‍රෝන් මොනවා කරයිද? December 2, 2021 December 2, 2021 Leave comment Cancel reply Your email address will not be published. Required fields are marked with *. Comment Full Name * Email Address * Website අනුග්‍රාහක නිවේදන Recent Comments Lakshman Jayasinghe on මැයි 9 සහ අරගලයේ කතාව සරලව කෙටියෙන් Lakshman Jayasinghe on බලය බෙදීමට මහින්දත් පක්ෂ ඇයි? Lakshman Jayasinghe on ලංකාවේ සිදුවෙමින් තිබෙන විප්ලවය කුමක්ද? Mahinda Abeysinghe on බලය බෙදීමට මහින්දත් පක්ෂ ඇයි? Sarath warnakulasuriya on මහින්දගේ අද දවසේ වැදගත්කම කුමක්ද? Archives Archives Select Month December 2022 November 2022 October 2022 September 2022 August 2022 July 2022 June 2022 May 2022 April 2022 March 2022 February 2022 January 2022 December 2021 November 2021 October 2021 September 2021 August 2021 July 2021 June 2021 May 2021 April 2021 March 2021 February 2021 January 2021 December 2020 November 2020 October 2020 September 2020 August 2020 July 2020 June 2020 May 2020 April 2020 March 2020 February 2020 January 2020 December 2019 November 2019 October 2019 September 2019 August 2019 July 2019 June 2019 May 2019 April 2019 March 2019 February 2019 January 2019 December 2018 Categories Categories Select Category Agriculture (23) Art (84) Cinema (10) Drama (1) Fiction (4) Literature (18) Poetry (11) Business (5) Cartoon (65) Children (3) Cinema (1) Comics (5) Communication (2) Corruption (11) Crime (65) Democracy (16) Development (34) Disaster (3) Economics (12) Economy (93) Education (38) Elderly (4) English (110) Environment (16) Events (4) Fashion (4) Food (7) Gender (1) Governance (72) Health (142) History (4) Human Rights (41) Industry (5) International (72) Kalutara (4) Land (2) Language (1) Law (41) Life (197) Literature (8) Matugama (17) Matugama.com (7) Media (51) Military (3) Music (8) Nature (1) News (178) Opinion (29) Panadura (8) People (97) Philosophy (6) Photos (13) Places (21) Poems (5) Politics (547) Press Releases (3) Religion (17) Satire (3) Science (15) Security (11) Sports (19) Tamil (2) Technology (9) Terrorism (1) Tourism (2) Transport (19) Travel (18) Uncategorized (16) Video (23) Wildlife (5) Women (16) Youth (3) සිංහල (283)
කලින් කලට ලෝකය තුළ උන්මාදයක් වන තරමට ජනප්‍රිය වන ගීත බිහිවෙනවා. ඇතැම්විට ඒ ජනප්‍රිය රැල්ල අපේ රටටත් ගොඩවදින අවස්ථා තියෙනවා. Backstreet Boys සංගීත කණ්ඩායමේ Quit Playing Games (With My Heart) ගීතය, මයිකල් ජැක්සන්ගේ Earth Song ගීතය, Ed Sheeran ගායකයාගේ Shape of you ගීතය ලෝකය පුරා උන්මාදයක් ඇති කළ ගීත අතරින් කිහිපයක්. එලෙස ජනප්‍රිය වූ ඇතැම් ගීතවල යූටියුබ් නැරඹුම් වාර ගණන බිලියනය ඉක්මවාගොස් තිබෙනවා. 2011 වර්ෂයේ අගභාගය වන විට එවැනි උන්මාදයක් ඇති කිරීමට සමත් වූ ගීතයක් බිහි වෙනවා. එම ගීතය ලෝකයට මුදා හැරෙන්නේ “What makes you beautiful” නමින්. මේ ගීතය නිසා එවකට යන්තම් අවුරුදු 18 සම්පූර්ණ කළ තරුණයින්ගෙන් සැදි සංගීත කණ්ඩායමක් එක රැයින් ලෝකය පුරා ජනප්‍රිය වීම සිදුවෙනවා. ආරම්භයේ දී සාමාජිකයන් පස්දෙනෙකුගෙන් සැදුම්ලත් මේ සංගීත කණ්ඩායම හඳුන්වන්නේ One Direction, නැත්නම් 1D යන කෙටි නාමයෙන්. කණ්ඩායමේ සාමාජිකයන් (වමේ සිට දකුණට, ලුවිස් ටොම්ලින්සන්, ලයම් පේන්, සෙයින් මලික්, නියෝල් හොරාන්, හැරී ස්ටයිල්ස්) ඔබත් One Direction රසිකයෙකු නම් මේ ලිපියෙන් ඔවුන් සංගීත කණ්ඩායමක් ලෙස එක්වුණ හැටි, සංගීත ක්ෂේත්‍රයේ ඔවුන්ගේ ගමන්මඟ වගේම වර්තමානයේ දී ඔවුන්ගේ තත්ත්වය ගැනත් දැනගත හැකියි. ඔබ මේ සංගීත කණ්ඩායම ප්‍රිය නොකරනවා නම් ඔවුන්ගේ තොරතුරු දැනගෙන සිටීම ඊටත් වඩා වැදගත් වේවි! තරගයක් නිසා ඇතිවුණු මිතුදමක් එක්සත් රාජධානිය මුල් කරගනිමින් ලෝකයේත් අතිශයින් ජනප්‍රිය වූ ප්‍රාසාංගික වැඩසටහනක් තමයි “The X Factor” කියන්නේ. එම වැඩසටහන හරහා දක්ෂ ගායකයින් රැසක් ජාත්‍යන්තර සංගීත ක්ෂේත්‍රයට එක් වුණා. මෙම ප්‍රාසාංගික වැඩසටහනේ සත්වන අදියරේ දිනයක් වූ 2010 ජූලි මස 23 වැනිදා යම් විශේෂ දෙයක් සිදුවුණා. ගායනා තරගයට තනි තනිව ඉදිරිපත් වූ තරගකරුවන් පස්දෙනෙකු, තරගයේ ඊළඟ වටයට යාමට තරම් ප්‍රමාණවත් දස්කම් නොපෙන්වන බව විනිසුරුවරුන් විනිශ්චය කරනවා. නියෝල් හොරාන්, සෙයින් මලික්, ලයම් පේන්, ලුවිස් ටොම්ලින්සන්, සහ හැරී ස්ටයිල්ස් මෙලෙස ඊළඟ වටයට යෑමට අසමත් වූ තරුණයන්. නමුත් විනිසුරු මඬුල්ලේ සිටි සයිමන් කොවෙල් නම් සාමාජිකයා බොහොම බුද්ධිමත් තීරණයක් අරගන්නවා. ඔහු එම තරුණයන් පස්දෙනා පසෙකට කැඳවා වෙනස්ම යෝජනාවක් කරනවා. මෙම තරුණයන් පස්දෙනා වෙන වෙනම තරග කරනවාට වඩා කණ්ඩායමක් ලෙස තරග කිරීම වඩාත් සුදුසුයැ යි ඔහු යෝජනා කරනවා. යන්තමින් දහඅට වැනි වියට පා තැබූ මේ තරුණ ගැටවුන් තම අනාගතය වෙනුවෙන් සයිමන් කොවෙල් කළ මේ යෝජනාව ඉතා ඉහළින් පිළිගන්නවා. ඒ අනුව තරගයෙන් ඉවත් නොවී තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට මේ තරුණයන්ට තවත් අවස්ථාවක් ලැබෙනවා. එදා සයිමන් කොවෙල්ගේ තීරණය සහ ඔහුගේ උපකාරය නොවන්නට, ඉතා කෙටි කලකින් සංගීත ලෝකයම අතික්‍රමණය කිරීමට තිබූ අවස්ථාව මෙම තරුණයන්ගෙන් ගිලිහි යෑමට බොහෝි ඉඩ තිබුණා. ඔවුන් තරගය අතරතුරේම One Direction නමින් කණ්ඩායමක් පිහිටුවාගෙන නැවත තරගයට අවතීර්ණ වී බොහොම කෙටි කලකින් ජනප්‍රියවීමට පටන් ගන්නවා. අවසාන වටයන්හි දී ඔවුන් තියුණු ලෙස සටන් වැදුණත්, ඔවුන්ට The X-Factor සත්වන අදියර ජයග්‍රහණය කිරීමට හැකි වුණේ නැහැ. නමුත් ඔවුන් තරගාවලියේ තුන්වැනි ස්ථානයට පත්වෙනවා. එකල මේ වැඩසටහන විකාශය වන අතරතුරේ මේ තරුණයන් පස්දෙනා අතර මිතුදම් දළුලා වැඩෙන ආකාරය ප්‍රේක්ෂයන්ගේ නොමඳ ආකර්ෂණයට ලක්වුණා. තරගයේ තුන්වැනි ස්ථානයට පත්වීම වෙනුවෙන් ත්‍යාගය ලෙස ඔවුන්ට සයිමන් කොවෙල් සමග යුරෝ මිලියන දෙකක ගණුදෙනුවකට බැඳෙන්න අවස්ථාව ලැබෙනවා. එයින් උපරිම ප්‍රයෝජන ගත් ඔවුන් අද දක්වා සංගීත ක්ෂේත්‍රය තුළ ආ ගමන්මඟ සැබැවින්ම විශ්මයජනක යි. One Direction කණ්ඩායමට ජීවය දුන් සයිමන් කොවෙල් සමග කණ්ඩායම් සාමාජිකයන්/rollingstone.com/ කුළුදුල් ඇල්බමයෙන්ම අති සාර්ථකත්වයට 2011 වර්ෂයේ දී One Direction කණ්ඩායම තම ප්‍රථම සංගීත එකතුව “Up All Night” නාමයෙන් නිකුත් කළා. ඔවුන් කණ්ඩායමක් ලෙස නිල වශයෙන් නිකුත් කළ පළමු ගීතය වූ What Makes You Beautiful ගීතය අඩංගු වුණෙත් මේ ඇල්බමයේ යි. ඔවුන්ගේ ප්‍රථම ඇල්බමය ලෝකයට නිකුත් වුණේ වාර්තා රැසක් අලුත් කරමින්. ඒ අතර නිකුත් කළ කුළුදුල් ඇල්බමයෙන්ම “බිල්බෝර්ඩ් හොට් 200” නම් සංගීත දර්ශකයේ පළමු ස්ථානය දිනාගත් පළමු බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායම බවට One Direction පත්වීම කැපී පෙනෙනවා. ඔවුන් දෙවනුව නිකුත් කළ Take Me Home සංගීත ඇල්බමයෙන් ඔවුන්ගේ දක්ෂතාවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළා. ඔවුන්ගේ තුන්වන ඇල්බමය “Midnight memories” 2013 වර්ෂයේ නිකුත් වූ අතර, එම සංගීත එකතුව ඔවුන්ගේ සාමාන්‍ය ශෛලියෙන් තරමක් වෙනස් වූ ආකාරයක් ගනු ලැබුවා. එහිදී 80 දශකයේ බටහිර සංගීතයේ දක්නට ලැබුණ ඇතැම් ලක්ෂණ ඔවුන් බොහෝ සාර්ථක ලෙස මෙම සංගීත ඇල්බමයට එකතුකර තිබුණා. සාමාන්‍යයෙන් යුරෝපයෙන් බිහිවූ ගායකයෙකුට හෝ සංගීත කණ්ඩායමකට ඇමරිකා එක්සත් ජනපදයේ රසික පදනමක් ගොඩනඟා ගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. එක්සත් ජනපදය තුළ එලෙස රසික පදනමක් සාදාගැනීමට හැකි නම් අන්තර්ජාතික ලෙස ජනප්‍රියත්වයක් ලබා ගැනීම පහසු බව පිළිගැනෙනවා. එතරම්ම ශක්තිමත් සංගීත කර්මාන්තයක් එරට සතුවීම එයට හේතුව යි. යුරෝපයෙන් බිහිව එක්සත් ජනපදයේ සංගීත කර්මාන්තය ආක්‍රමණය කළ අතළොස්සක් වූ ගායන ශිල්පීන් අතර One Direction සංගීත කණ්ඩායමත් ඉහළින්ම තිබෙනවා. එක්සත් ජනපදයේ සාර්ථකම සහ ජනප්‍රියම සංගීත දර්ශකයක් වන බිල්බෝඩ් ගීත දර්ශකය තුළ පිට පිට හතර වතාවක් ඔවුන්ගේ මුල් සංගීත ඇල්බමයන් හතර ප්‍රථම ස්ථානයට පත්වුණා. One Direction සංගීත කණ්ඩායම දැනට නිකුත් කළ අවසාන ඇල්බමය වන Made in A.M. පමණක් එම ගීත දර්ශකයේ දෙවැනි ස්ථානයට පත්වුණා. One direction කණ්ඩායම අතිශයින් ජනප්‍රියවීමට හේතු වූ What makes you beautiful ගීතයේ ඇල්බම් කවරයක්/deviantart.com/summertimebadwi/ සෙයින් මලික් නික්මයයි One Direction කණ්ඩායමට ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම පැමිණීමට ගතවූයේ බොහොම කෙටි කාලයක් පමණ යි. ඔවුන් කණ්ඩායමක් ලෙස ක්‍රියාකාරීව සිටි වසර හයක පමණ කාලය තුළ ඔවුන්ගේ ජනප්‍රියත්වය බිඳකින්වත් අඩුවුණේ නැහැ. නමුත් කණ්ඩායම තුළ යම් යම් අර්බුද එම කෙටි කාලය තුළ ඇති වෙමින් තිබුණා. එහි උච්චතම අවස්ථාව එළඹුණේ “FOUR” ඇල්බමය නිකුත්වීමෙන් පසුව යි. One Direction සංගීත කණ්ඩායමේ සිටි ආකර්ෂණීයම පෙනුමක් හිමි තැනැත්තෙකු ලෙස සෙයින් මලික් සැලකෙනවා. සංගීත කණ්ඩායම තම ස්වර්ණමය අවධිය පසුකරගෙන යන අතරතුර ඔහු කණ්ඩායම හැරයාම රසිකයන්ගේ විශ්මයට හේතු වුණා. මානසික ආතතිය හේතුවෙන් ඉදිරියේ දී නියමිතව තිබූ සංචාරයකට සහභාගී නොවීමට සෙයින් මලික් ගත් තීරණයෙන් සතියකට පසුව ඔහු තම සමුගැනීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. “One Direction සංගීත කණ්ඩායම සමග මා ගතකළ අවධිය මා සිතුවාටත් වඩා විශාල එකක්. නමුත් වසර පහකට පසු සංගීත කණ්ඩායමෙන් ඉවත්වීමට සුදුසුම කාලය එළඹ ඇති බව මට සිතෙනවා. මගේ තීරණයෙන් කණ්ඩායමට ආදරය කරන රසිකයන් අධෛර්යයට පත්වෙනවා නම් ඒ වෙනුවෙන් මා සමාව ඉල්ලා සිටිනවා. නමුත් මේ අවස්ථාවේ මගේ හදවතට නිවැරදියැ යි හැඟෙන දෙය සිදුකිරීමට අවශ්‍ය යි. අධික ජනප්‍රියත්වයෙන් ඉවත්ව, පුද්ගලික ජීවිතයට ඉඩ දෙමින්, විවේකීව අවුරුදු 22ක සාමාන්‍ය තරුණයෙකු ලෙස ජීවිතය ගත කිරීම මගේ බලාපොරොත්තුව යි. මට මගේ ජීවිතයේ යහළුවන් හතරදෙනෙකු ඉන්නවා. ලුවී, ලියම්, හැරී, සහ නියෝල් ලෝකයේ හොඳම සංගීත කණ්ඩායමක් ලෙස One Direction ඉදිරියට ගෙන යන බව මම දන්නවා” සෙයින් මලික් තම නික්මයෑම ගැන අදහස් දක්වා තිබුණේ එලෙසින්. සෙයින් මලික් කණ්ඩායමෙන් ඉවත්වූ පසු ඉතිරි සාමාජිකයන් සතර දෙනා සුපුරුදු පරිදි One Direction කණ්ඩායම ඉදිරියට ගෙන යාම වෙනුවෙන් වෙහෙසුණා. ඒ අනුව සෙයින් මලික්ගේ සහභාගීත්වය නොමැති පළමු ඇල්බමය ලෙසින් Made in the A.M. 2015 වර්ෂයේ දී නිකුත් වෙනවා. සෙයින් මලික් නොමැති තත්ත්වයේ දී පවා මෙම ගීත ඇල්බමය අලෙවිය අතින් ඉහළ සාර්ථකත්වයක් ලබා ගන්නා අතර, ප්‍රමුඛ පෙළේ සංගීත දර්ශකයන් රාශියක ඉහළ ස්ථානයන් ලබා ගැනීමට සමත් වෙනවා. නමුත් One Direction වටා එක්රොක් වී සිටි රසිකයන් වික්ෂිප්තයට පත් කරවමින් Made in the A.M. සංගීත ඇල්බමයෙන් පසු One Direction කණ්ඩායම විසිර යනවා. One Direction තම ජනප්‍රියත්වයේ උපරිම තලයේ සිටියත්, සෙයින් මලික් කණ්ඩායම හැර යනවා/vogue.com/ නිමා නොවෙන විවේකයක් Made in the A.M. ඇල්බමය නිකුත්වීමෙන් පසු කණ්ඩායමේ සාමාජිකයන් දිගු විරාමයක් ලබා ගන්නා බව ලෝකයට නිල වශයෙන් ප්‍රකාශ කළා. නමුත් එම ප්‍රකාශයෙන් වසරකටත් වඩා අඩු කාලයක දී ඔවුන්ගේ පටිගත කිරීමේ කොන්ත්‍රාත්තුව අළුත් නොකිරීමට තීරණය වූ බව පුවත්පත් හරහා වාර්තා වුණා. සාමාන්‍යයෙන් One Direction දිනපතා පුවත් මවන සංගීත කණ්ඩායමක්. ඒ නිසා මොවුන්ගේ විසිර යෑම ගැන විවිධාකාරයේ කටකතා පැතිර යාමට පටන් ගත්තා. සංගීත කණ්ඩායමක් ලෙස සක්‍රීයව සිටි කාලයේ දී ඔවුන් බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කළ පිරිසක් වුණා. ලැබී තිබූ අධික ජනප්‍රියත්වය සහ මහද්වීප කිහිපයක් පුරා පැතිර යන ලෙස සංවිධානය කළ ප්‍රසංග මාලාව හේතුවෙන් සාමාජිකයන්ගේ පෞද්ගලික ජීවිතය මුළුමනින්ම පාහේ ඔවුන්ට අහිමි වන තත්ත්වයක් උදා වී තිබුණා. කණ්ඩායමේ විසිරයෑම ගැන වරින් වර සාමාජිකයන් විවිධාකාරයේ අදහස් දක්වා තිබුණා. ඔවුන් අධික වෙහෙසට පත්වී සිටි බවත්, කාර්යබහුලත්වය නිසා සාමාජිකයන් අතර විටින් විට විවේචනයන් සහ තර්ක විතර්ක ඇතිවූ බවත් වරෙක කණ්ඩායම් සාමාජික නියෝල් හොරාන් මාධ්‍යට පවසා තිබුණා. ඒ අනුව ඔවුන් සියලු දෙනාම එක්තරා දිනෙක එකට වාඩිවී බොහොම සුහද ලෙස පවතින තත්ත්වය ගැන සාකච්ඡා කළ බවත්, ඔවුන්ගේ අනාගත සැලසුම් සහ අළුත් යමක් කිරීමට එකිනෙකා තුළ ඇති අභිලාෂයන් ද සැළකිල්ලට ගෙන මෙලෙස විසිර යාමට තීරණය කළ බව නියෝල් තවදුරටත් පවසා තිබුණා. සාමාජිකයන් සියළු දෙනාගෙම පොදු අදහස වුණේ තවදුරටත් ඔවුන් කණ්ඩායමක් ලෙස සිටියහොත්, පවතින පීඩාකාරී වාතාවරණය හමුවේ කණ්ඩායම අසාර්ථක වීමේ වැඩි ඉඩක් පවතින බව යි. කෙසේ නමුත්, පසුකාලීනව ඔවුන් කණ්ඩායමක් ලෙස එකට සිටි කාලයේ දී ඇති වුණ ගැටුම්, හිත් නොහොඳකම් ගැන වරින් වර මාධ්‍යට ප්‍රකාශය ලබා දී තිබුණා. හැරී ස්ටයිල්ස් Dunkirk චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා/cosmopolitan.com/ “මම පමණටත් වඩා මත්පැන් පානයට හුරුවෙලා හිටියා. එය එන්න එන්නම නරක තත්ත්වයට හැරුණු අතර, එහි උපරිම අවස්ථාවේ දී මම මේ නරක පුරුද්දට සම්පූර්ණයෙන්ම නතු වෙන්නට යන බව මට තේරුණා. මම මත්පැන් පානය කළේ මා විසින්ම මා වෙනුවෙන් තැනූ පිස්සු ලෝකයෙන් බේරී සිටීමට යි. මේ වෙනුවෙන් කුමක් කළ යුතු ද කියා මම දැනගෙන හිටියේ නැහැ. පළමු චිකිත්සක සැසියේ දී මම කැමති දේවල් හෝ මා සම්බන්ධයෙන් කිසිම දෙයක අවබෝධයක් මට තිබුණේ නැහැ. ඒක ඉතාම බියජනක තත්ත්වයක්. මගේ වෘත්තිය කොතරම් දුරකට මට කරගෙන යන්න පුළුවන් වේවි ද කියලා මම බය වුණා. සාර්ථකත්වයට කවුද බය කියලා ඔබට අහන්න පුළුවන්. නමුත් සාර්ථකත්වය මා සතු හොඳම දේවල් කිහිප අවස්ථාවක දී මගෙන් උදුරා ගන්නා විට අහිමි වෙන දේවල් ගැන මම සැලකිලිමත් වෙන්න ඕනේ.” ලයම් පේන් නම් සාමාජිකයා කණ්ඩායම තුළ තිබූ කාර්යබහුලත්වයෙන් පැන නැඟුණු මානසික පීඩාව ගැන GQ සඟරාවට වරක් එලෙස කරුණු දක්වා තිබුණා. තම තමන්ගේ මාර්ග ඔස්සේ… අද වන විට තාවකාලිකව ක්‍රියාකාරීත්වය අත්හිටවූ සංගීත කණ්ඩායමක් ලෙස තමයි One Direction පවතින්නේ. ඔවුන් නැවත එක්වන කාලයක් ගැන පැහැදිලි සඳහනක් නැහැ. අද වනවිට මෙම කණ්ඩායමේ සියළු සාමාජිකයන් තම තමන්ගේ ඒකපුද්ගල සංගීත නිර්මාණකරණයේ නියැලී සිටිනවා. මුලදිම කන්ඩායමෙන් ඉවත් වූ සෙයින් මලික් Mind of Mine, Icarus Falls, යන ඒකපුද්ගල ඇල්බම මඟින් ඉහළ සාර්ථකත්වයක් අත්කර ගත්තා. කණ්ඩායමේ තවත් ආකර්ෂණීය සාමාජිකයෙකු වූ හැරී ස්ටයිල්ස් සිය නමින්ම නිකුත් කළ ඇල්බමයෙන් අති සාර්ථකත්වයකට ළඟා වුණා. එමෙන්ම ඔහු දැන් රංගන ශිල්පියෙකු ද වෙනවා. ක්‍රිස්ටෝෆර් නෝලන් අධ්‍යක්ෂණය කළ “Dunkirk” චිත්‍රපටයෙන් හැරී ස්ටයිල්ස් නළුවෙකු ලෙස ඉමහත් අවධානයකට පාත්‍ර වුණා. ඉදිරියේ දී ඔහුගේ තවත් සිනමා නිර්මාණ පැමිණීමට නියමිත යි. කණ්ඩායමේ‍ අයිරිෂ් සම්භවයක් සහිත එකම සාමාජිකයා වූ නියෝල් හොරාන්, මේ සියල්ලන්ටම වඩා වෙනස් ආරක් ගත් සංගීත රටාවකින් තම ඒකපුද්ගල ගීත නිර්මාණයන් රසිකයන් වෙනුවෙන් දායාද කළා. ඔහුගේ Flicker සහ Heartbreak Weather යන ඒකපුද්ගල ඇල්බමයන් ඉතා ඉක්මණින් රසිකයන් වැලඳ ගත්තා. මීට අමතරව ලුවිස් ටොම්ලින්සන්, ලයම් පේන් යන සාමාජිකයන් ද අද ඒකපුද්ගල සංගීතකරණයෙන් සාර්ථක වී සිටිනවා. කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන්ට වඩා නියෝල් හොරාන් ඒකපුද්ගල ගායකයෙක් ලෙස තරමක් වෙනස් ශෛලියක් අනුගමනය කරනවා/vocal.media/ කොහොම නමුත්, අන්තර්ජාතික තලයේ සංගීත ක්ෂේත්‍රය තුළ ඉතාම කෙටි කලකින් සාර්ථකත්වයේ ගිනිසිළු දල්වා, ඉක්මණින්ම නිවී ගිය සංගීත කණ්ඩායමක් ලෙස One Direction හැඳින්විය හැකියි. නමුත් ඒ සාර්ථකත්වයේ ප්‍රතිඵල ඔවුන් තවමත් බුක්ති විඳිමින් සිටිනවා. අදටත් ලොව පුරා විසිරී සිටින ඔවුන්ගේ රසිකයන්, නැවතත් One Direction කණ්ඩායම පිහිටුවා ගෙන පැමිණේවි කියන බලාපොරොත්තුවෙන් මඟබලා සිටිනවා. එයට හේතුව වන්නේ ඔවුන් තවමත් නිල වශයෙන් විසිරී ගොස් නොමැති නිසා යි. ඉතින්, One Direction කණ්ඩායමේ ඔබ වඩාත්ම ප්‍රිය කරන ගීතය කුමක් ද? Cover photo: teenvogue.com මූලාශ්‍රයයන්: j-14.com/ music.avclub.com/ gulfnews.com/ usmagazine.com/ insider.com/ Related Articles වෛද්‍ය මතයට එරෙහි බැටර්ස්බී පවුලේ අරගලය article ලෝකය වටා ජූලි 3, 2022 රංගිරෝවා හි පිහිටි ස්වභාවික මින්මැදුර article ලෝකය වටා නොවැම්බර් 8, 2018 ආහාර මෙනුවේ බොජුන් ත්‍රිමාණ ව පෙන්වන අනාගත අවන්හල් video ලෝකය වටා අගෝස්තු 31, 2022 වැඩි ම සත්ත්ව විශේෂ ගණනකගේ නිවහන: බර්ලින් සත්ත්වෝද්‍යානය article ලෝකය වටා මැයි 1, 2017 Roar සිංහල Roar Media is a South Asian multilingual media platform that produces original stories and provides analysis on complex issues. All our content aims to inform, educate, and inspire.
‘‘ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවෙන් සහ 14 වන ව්‍යවස්ථාවේ (1) බව අනුව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලු ම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ ය’’ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව - II වන පරිච්ඡේදය - 9 ආගම වනාහි එක් එක් පුද්ගලයා/ හෝ කණ්ඩායම් තම තමන්ගේ විශ්වාසය මත වැලඳගන්නා සංකල්පයකි. බුදුන් වහන්සේ ද, ක්‍රිස්තුන් වහන්සේ ද, මහම්මද්තුමා ද දෙසා වදාළේ මිනිසකු ලෙස ඉපිද මිය යන තෙක් මිනිසකු (මනසින් උසස් සත්වයකු) ලෙස ජිවත්වීම සඳහා අවැසි පිළිවෙතයි. එහෙත් එය හුදු ආගම නමැති සංකල්පයට සීමා කොට එක් ශාස්තෘෘවරයකු ගේ අදහස්/ සංකල්ප පරදවා තවත් ශාස්තෘවරයකුගේ අදහස්/ සංකල්ප සමාජ ගතකරන්නේ නම් එය ම එකී ශාස්තෘෘවරුන්ගේ මතයට පිටුපාන්නකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ඉහත උපුටනය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ම පටහැනියැයි ලියුම්කරුට හැඟේ. මන්ද ‘‘ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ’’ යනුවෙන් සඳහන් කරන අතර ම ‘‘ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය’’ යනුවෙන් ද සඳහන්ව ඇති හෙයිනි. සමාජවාදය යනු කුමක්දැයි යන්න හෝ ප්‍රජාතන්ත්‍රවාය යනු කුමක්දැයි යන්න විග්‍රහකිරීම මෙම ලිපියේ අරමුණ නොවන හෙයින් එය පසෙක තබා බහුවාර්ගික, බහු ආගමික ජනතාවක් වෙසෙන රටක එක් ආගමක් සඳහා ප්‍රමුඛස්ථානය ලබා දීම යන්න ම බුදුන් වහන්සේගේ දර්ශනය පිටුදකින්නකි. අප කිසිවකුටත් තවත් කිසිවකු අදහන ආගම කුමක්ද යන්න තීරණය කළ නොහැකි ය. එය තෝරාගත යුත්තේ ඒ ඒ පුද්ගලයාගේ මතය අනුව ය. එබැවින් මෙලොව එළිය දකින බිලිඳාගේ උප්පැන්න සහතිකයේ ආගම කුමක් ද යන්න විමසා සිටීම ම ඛේදවාචකයකි. අලුත උපන් බිලිඳාගේ ආගම කුමක් ද යන්න විමසිමේ දි ඒ සඳහා පිළිතුරු සපයන මව හෝ පියා එහි සටහන් තබන්නේ ඒ වන විට ඔහු හෝ ඇය අදහමින් සිටි ආගම යි. සැබැවින් ම මෙය ඒ බිළිදාගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමකි. අලුත උපන් බිලිදාට නමක් යෙදීම දෙමාපියන්ගේ කැමැත්තට අනුව සිදු වුව ද ඒ බිලිදාගේ හෝ බිලිඳියගේ ආගම කුමක් ද යන්න තිරණය කිරීමේ අයිතිය දෙමාපියන්ට උරුම වුයේ කෙසේ ද? බිලිඳා උස්මහත්ව සමාජය තේරුම් ගැනීමේ දි තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස අහිමි වන්නේ ද මෙලෙස උප්පැන්න සහතිකයේ ආගම කුමක් ද යන්න විමසා සිටින පැනයට සිය දෙමාපියන්ගේ ආගම තමාගේ ආගම ලෙස සටහන් කොට ඇති බැවිනි. එම සංසිද්ධිය එලෙස සිදුවද්දී ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ III වන පරිච්ඡේදයේ මෙසේ සඳහන්ව ඇත. ‘‘සැම තැනැත්තෙකුට ම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැලඳ ගැනීමේ නිදහස ද ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය.’’ අලුත උපන් බිලිඳාගේ උප්පැන්න සහතිකයේ ආගම කුමක් ද යන්න විමසිම මෙන් ම ඒ වන විට අදාළ බිලිඳාගේ මාපියන් වැලඳගෙන සිටි/අදහන ආගම බිලිදාගේ ආගම ලෙස සටහන් කිරීම මෙම වගන්තිය මතු නොව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරිමක් යැයි කලින් සදහන් කළේ ඒ අනුව ය. උප්පැන්න සහතිකයේ ආගම කුමක් ද යන්න නොවිමසා සිටියේ නම් හෝ දෙමාපියන් අදහන ආගම අලුත උපන් බිලිඳාගේ ආගම ලෙස සටහන් නොකර සිටියා නම් මෙකී වගන්තිය සර්ව සම්පූර්ණ වන්නේ ය. එසේ නොවන්නේ නම් මෙකී වගන්තිය, වගන්තියකට පමණක් සීමා වනවා මිස එය ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයකට පත්වන්නේ ය. මේ සියලු කරුණු සටහන් කිරීමට සිදු වුයේ ශ්‍රි ලංකා වාසි සියලු ආගම්, ජාති කුලමලවලට අයත් ජනයා යහපාලනයක් උදෙසා නව ආණුවක් ස්ථාපිත කළ මොහොතේ මෙරට වෙසෙන ආගම්වාදින්, ජාතිවාදින්, අන්තවාදින් සහ මූලධර්මවාදින් තම බඩගෝස්තරය උදෙසා යළි යළිත් ආගම් සහ ජාතිවාදය ඉස්මතු කිරිමට උත්සාහ දරන බව දක්නට ලැබුණු හෙයිනි. මෙයට කදිම නිදසුනක් සපයන්නේ ත්‍රස්ත සංවිධානයක් ලෙස විරුදාවලි ලබා සිටින ‘‘බොදුබල සේනා’’ නම් වූ චීවරධාරි සංවිධානය අභිනව ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීම ය. එනම් ‘‘අන්තවාදින්ගෙන් බැට කෑ සිංහල බෞද්ධ ජනතාවගේ ප්‍රශ්න කියන්න කොමිසමක් ඕනෑ’’ නමැති ප්‍රකාශය යි. මෙම ඊනියා බෞද්ධ සංවිධානය දිගින් දිගට ම කියා සිටින්නේ සිංහල ජාතිය විනාස කිරීමට වෙනත් විවිධ සංවිධාන උත්සාහ කරන බවයි. හොඳයි එය එසේ යැයි පවසමු. එහෙත් එයට විසඳුම දෙමළ මිනිසුන් ඝාතනය කිරීම ද? මුසල්මානුවන් ඝාතනය කිරීම ද? ඔවුන්ගේ දේපළවලට හානි පැමිණවීම ද? ඔවුන්ගේ ව්‍යාපාර ඉලක්ක කොට මැර ප්‍රහාර එල්ල කිරීම ද? මේ අන්තවාදී චීවරධාරින් ප්‍රමුඛ ත්‍රස්ත කණ්ඩායම තවදුරටත් මෙවන් කටයුතු කෙරෙහි යොමු වුවහොත් සිදුවන්නේ කුමක් ද යන්න උදාහරණයකින් මෙසේ පැහැදිලි කරමි. ‘‘ප‍්‍රභාකරන් නමැති දෙමළ කොළු ගැටයෙක් යාපනයේ සිට ඒ දිනවල පානදුරට පැමිණ සිටියේ එහි පදිංචිව සිටි තම නෑයන් මුණගැසීම පිණිස ය. හින්දු කෝවිලේ පූජකයා ද ඔහුගේ නෑයෙකු වූ නිසා ඔහු මුණගැසීමට එමින් සිටියදී ය, කැරළිකරුවන් කෝවිලට කඩාවැදුණේ. එහෙත් කිසිවකු ප‍්‍රභාකරන් කෙරෙහි අවධානය යොමු කළ බවක් පෙනෙන්නට නොතිබුණි. කෙසේ වෙතත් මොකක් හෝ විශාල විපතක් වන්නට යන බව අවබෝධ කරගත් ප‍්‍රභාකරන් කෝවිලෙන් ඈතට ගොස් පාර අයිනේ නතර කර තිබුණු පරණ ලොරි කබලකට මුවා වී බලා සිටියේ ය. තම ඥාති පුජකවරයා පණපිටින් ගිනි තබද්දී ‘අයියෝ සාමි’ කියා විලාප තබමින් ඔහු දැඟලූ දැඟලිල්ලත් ටික වේලාවකින් බිම පතිත වී නිහඬව දැවී අඟුරු වී ගිය ආකාරයත් දුටු ප‍්‍රභාකරන්ට කලන්තය හැදී බිම වැටීමට එන්නාක් මෙන් දැනුණි. එහෙත් ඔහුගේ දඩබ්බරකමත් දැඩි ආත්ම ශක්තියත් නිසා කලබල නොවී සිටීමට හැකි විය. ‘මේක මගේ හිතෙන් මට කවදාවත් ඉවත් කරන්න බැහැ. මට මෙතනින් බේරිලා යන්න හම්බඋනොත් මම කවදහරි මේ මිනීමරු සිංහලයන්ගෙන් පළිය ගන්නවා...’ කලබල අඩු පැතිවලින් රිංගා ආරක්ෂක ස්ථානයක් කරා යන අතර ප‍්‍රභාකරන් තමාට ම කියාගත්තේ ය.’’ ගමන නොනිමෙයි - ගුණදාස ලියනගේ - පිටුව 261 එදා එම සිද්ධිය නොවන්නට වසර තිහක් පුරා පැවති ම්ලේච්ඡ යුද්ධය ආරම්භ නොවන්නේ ය. ඒ ආකාරයෙන් ම මේ අන්තවාදී චිවරධාරි කන්ඩායම විසින් මේ වන විට මෙහෙයවා ඇති සහ ඉදිරියටත් මෙහෙයවීමට සූදානම්ව සිටින මුස්ලිම් විරෝධය හේතුවෙන් අනාගතයේ අප රට තවත් විනාශයකට ඇද නොවැටෙන්නේ යැයි විශ්වාස කළ හැකි ද? සිංහලයා දෙමළාට එරෙහි වුයේ ඔහු හුදෙක් දෙමළ බස කතාකිරීම නිසා පමණක් ම නොව සිංහලයා භුක්ති විඳින සියලු වරප්‍රසාද දෙමළා ද භුක්ති විඳින හෙයිනි. 1948 ලද ඊනියා නිදහසින් අනතුරුව මෙරට සිවිල් පරිපාලනයේ මෙන් ම වෛද්‍ය, ඉංජිනේරු යනාදි සියලු අංශවල ඉහළ නිලතල දැරුවේ දෙමල ජාතිකයන් විසිනි. එයට හේතු වුයේ ද ඔවුන්ගේ දක්ෂතාවය සහ සිංහලයාගේ අලසකම යි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදින් ඔවුන්ගේ පරිපාලනයේ පහසුව තකා මෙරට සිවිල් සේවය ස්ථාපිත කරන්නේ අගත් බුද්ධිමත් පිරිසක් දායක කොට ගෙන ය. එහි දී වඩාත් ඉහළ අධ්‍යාපනයක් ලබන්නට උතුරේ දෙමළ මිනිසාට අවස්ථාව උදාවීම ද අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාව මත සිදු වුවකි. උතුරෙන් අගතුන් බුද්ධිමතුන් බිහිවන්නේ මෙය හේතුකොට ගෙන ය. සිංහලයාට දෙමළා කෙරෙහි ඊර්ෂ්‍යාවක් උපදින්නේ මෙතැන් සිට ය. එසේ නොමැතිව පෙර පරිදි ම දෙමළ මිනිසා සිංහලයාගේ බැළ මෙහෙවර කරමින්, සිංහලයාගේ අසූචි අදිමින්, විදේශිකයන්ගේ මතු නොව සිංහලයාගේ ද තේ වතු, රබර් වතු ආදියෙහි ශ්‍රමය වගුරවමින් සිටියා නම් දෙමළා කෙරෙහි වෛරයක් සිංහලයාගේ සිතෙහි හට නොගන්නේ ය. එහෙත් දෙමළා ඉහළ වරප්‍රසාද ලබන විට සිංහලයාට ඇති වූ ඊර්ෂ්‍යාව පුපුරුවා හරින්නේ මෙරට ජාතිවාදය නමැති වෛරසය පතුරවමිනි. මෙය මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරලිය කෘතියේ ද සඳහන් වේ. දෙමළ ජනයාගේ මූලික අයිතිවාසිකම් පවා අහෝසි කරමින් දිගින් දිගට ම ඔවුන් පීඩනයට පත්කිරීම හේතුවෙන් පැන නැගි ගැටලුව අවසානයේ වසර තිහක් දක්වා පැවති යුද්ධයක් දක්වා රැගෙන ගොස් අවසන් වූයේ හතළිස් දහසක පමණ දෙමළ සිවිල් වැසියන් තොග පිටින් ඝාතනය කිරීමෙනි. එහෙත් දෙමළ මිනිසාගේ ගැටලු නොවිසඳුණු අතර ඉතිරි වූයේ සිංහළ මිනිසාගේ ස්වයං වින්දනයේ තෘප්තිය පමණි. ධනේශ්වර පාලකයන්ට ජනතාව තළා පෙළා රට පාලනය කිරීම සඳහා කුමන හෝ හේතුවක් වුවමනා ය. එසේ නොවන විට ජනතාව පවතින ඕනැම ආණ්ඩුවකට එරෙහිව විදි බසින්නෝ ය. එය වළක්වාගනුවස් පාලකයෝ විවිධ අවස්ථාවන්හි විවිධිකාරයේ අණ පනත් සම්මත කරගනිති. විවිධ සමාජ ප්‍රශ්න ඇති කරති. යුද්ධය අවසානයේ සිදුවන්නේ ද මෙය යි. එනම් දැන් දෙමළාගේ ප්‍රශ්නය වලංගු නොවන බැවින් මුසල්මානුවා සම්බන්ධ කරගත යුතු ය යන්න ය. ඒ අනුව ය, මුසල්මානුවා කෙරෙහි වෛරය වපුරන්ට කැසකවන්නේ. මුසල්මානුවන් මේ රටට එරෙහි යම් ක්‍රියාදාමයක යෙදි සිටින්නේ නම්, එය සොයා බැලීම සහ ඒ සදහා විසඳුම් සෙවිය යුතු ක්‍රමවේදයක් රජය සතුවිය යුතු ය. එය බුද්ධි අංශ මෙහයවා කළ යුතු කටයුත්තක් මිස තවත් ත්‍රස්ත සංවිධානයක් හරහා විසඳාගත යුතු කාරණයක් නොවේ. එහෙත් ලංකාවේ සිදුවන්නේ ඊට හාත්පසින් ම විරුද්ධ ක්‍රියාදාමයකි. එනම් ආණ්ඩුවේ අනුග්‍රහයෙන් අටවාගත් තවත් ත්‍රස්ත කණ්ඩායමක් විසින් ජාතිවාදි ආගම්වාදි මත වපුරා, අදාළ ආගමිකයන්ගේ ව්‍යාපාර, දේපළ මතු නොව ජීවිත ද විනාශ කිරීම ය. මෙය රටක සිදු නොවිය යුත්තකි. කළ යුත්තේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න හඳුනාගෙන ඒ සඳහා ගතයුතු නීතයානුකුල පියවර ගැනීම ය. එහෙත් මෙතෙක් සිදුවුයේ එක් එක් කණ්ඩායම් කලින් කලට විවිධාකාරයේ ආගම්, ජාතිබේද වපුරා රටේ ජනතාව භේද භින්න කිරීම ය. දැන් ඒ යුගය අවසන් කළ යුතුව ඇත. රටක නිල ලත් ත්‍රිවිධ හමුදාවක්, පොලිසියක්, රහස් පරික්ෂක දෙපාර්තමේන්තුවක්, ත්‍රස්ත විමර්ෂණ ඒකකයක් සහ බුද්ධි අංශයක් යනාදි සියලු ආයතන පිහිටුවා තිබෙන්නේ ස්වදේශිකව හෝ විදේශිකව අප රටට පැමිණෙන උවදුරු වළකාලනු පිණිසය. එසේ නම් මේ අන්තවාදින් නගන චෝදනා සත්‍යය ද යන්න සොයා බැලීම සඳහා ඒ ඒ අදාළ ආයතන වෙත භාර දිය යුතු ය. එසේ නොවී එක් එක් අන්තවාදී කණ්ඩායම් නීතිය අතට ගෙන ඔවුනොවුන්ගේ මතයට අනුව ජනතාව පොලඹවන්නේ නම් අවසන් වුවා යැයි කියන යුද්ධයේ ප්‍රතිඵලය ද, යහපාලනයේ ආරම්භය ද එය පවත්වාගෙන යාම ද තිඹිරි ගෙයි ම මිය යන්නේ ය. එය එසේ නොවන්නට නම් අභිනව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඍජු තීරණ ගෙන සියලු ජාති, ආගම්වාදයන් පිටු දැකිය යුතු ය. ජාතිවාදය, ආගම්වාදය පතුරවන්නෝ (පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ද පසුගියදා මැදමුලනේ දි ජාතිවාදය අවුළුවන්නට තැත් දැරුවේ ය) නීතියේ රැහැනට කොටු කරගත යුතු ය. ‘‘යහපාලනය’’ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ‘‘යහපාලනයක්’’වන්නේ එවිට ය. ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. Tweet More in this category: « යහපාලනයට දිවුරුම් දුන්නේ තක්කඩියකු ඉදිරිපිට දී ය... මෛත්‍රී : සැබෑ රාජ්‍යතන්ත්‍රඥයා » Leave a comment Name * Email * Website URL Message * enter your message here... Enter the words you see below back to top Gossip හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක් වහාම කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය විය හැකි බවට අනතුරු අඟවන්නට ගිය පොහොට්ටුවේ ප්‍රබලයින් ප... මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ.. මහින්ද සමග යළි නැගිටීම පසෙක තබා රනිල් වික්‍රමසිංහ හා එක්ව යන දේශපාලන ගමනක් වෙනුවන් රාජපක්ෂ පවුලේ දේශ... එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර. එජාපය මහ ලේකම් තනතුරට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එමෙන්ම එජාපයේ... පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස වි... ජාතික සභාව කඩිනමින් සක්‍රීය කරන්නැයි... ගෝඨා නැවත දේශපාලනයට එනවාට රාජපක්ෂ... අද ඩෙඟා නටන්න හිටපු විපස්සෙට... අසමසම පරිවාර ඇමැති කලා කරු ජයසූරියගේ දියණය ඉන්දිරාගේ සමාජ දෘෂ්ටිවාදයට හානියක් කළේ නෑ -‘ආසු 34’ ගැන සංජීව පුෂ්පකුමාර සෑමවිටම ප්‍රේක්ෂක අවධානයට ලක්වන සිනමා නිර්මාණවල කර්තෘත්වය හිමි සම්මානනීය සිනමා කරුව... රංගන ශිල්පී හේමාල් රණසිංහගේ ''සෙකන්ඩ්... විජේදාස රාජපක්ෂගේ කෘති තුනක් සහ... ඔබෙන් ලද කරුණාවට දස දහස්වාරයක්... අම්මට විශ්වාස කරගන්න බැරි වුණා... අනං මනං ආත්මය විකුණු ප්‍රේමය ... එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබද අවවාදාත්මක නිවේදනය/ Advisory of Strong Winds and Rough Sea Areas / பலத்த காற்று තද වැසි පිළිබද අනතුරු ඇගවීමේ නිවේදනය/ Advisory for Heavy Rain / பலத்த காற்று பற்றிய அபாய எச்சரிக்கை බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කළාපය පිළිබදය අවවාධාත්මක නිවේදනය Advisory for the Low-Pressure Area in the மேலும் பார்க்க இருக்குமிடம்: முகப்பு செய்தி மற்றும் நிகழ்வுகள் නව කොරෝනා වෛරස් ආසාධන ප්‍රතිකාර සදහා දිවයින පුරා රෝහල් 13 ක්. නව කොරෝනා වෛරස් ආසාධන ප්‍රතිකාර සදහා දිවයින පුරා රෝහල් 13 ක්. නව කොරෝනා වෛරස් ආසාධන ප්‍රතිකාර සදහා දිවයින පුරා රෝහල් 13 ක්. චීනයේ සිග්‍රයෙන් පැතිර යන නව කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් පුද්ගලයින් මේ වන විට පුද්ගලයින් 106 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බවත් විශාල සංඛ්‍යාවක් රෝගයට ගොදුරුවූ ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එසේම කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින් සංඛ්‍යාව දැනට සඳහන් කර සිටින පිරිසට වඩා ඉහළ ගොස් ඇති බවට විද්‍යාඥයින් විශ්වාස කරන බවත් චීනයට අමතරව ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව, ප්‍රංශය, සිංගප්පුරුව, හොංකොං, ජපානය, තායිලන්තය, දකුණු කොරියාව, නේපාලය, තායිලන්තය, තායිවානය, කැනඩාව, ජර්මනිය, වියට්නාමය ඇතුලු රටවල් 18 කින් පමණ වාර්තා වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඉන්දියාවේ කේරළය ඇතුළු ප්‍රාන්ත 04 කින් ද නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 11 දෙනෙක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව එරට මාධ්‍ය වාර්තා කර ඇත. එසේම මේ වන විට නව කොරෝනා වෛරසයට ගොදුරු වී ඇතැයි සැක කරන චීන ජාතික කාන්තාවක් කොළඹ අයිඩීඑච් රෝහලට ඇතුලත් කර පරීක්ෂණයකට භාජනය කර ඇති අතර ඇයට කොරෝනා රෝගය වැළදී ඇතැයි වාර්තා වේ. කොරෝනා වෛරස් අවදානම් තත්වයක් වාර්තා වුව හොත් ඒ සදහා ප්‍රතිකාර කිරීම සදහා ජාතික බෝවන රෝග විද්‍යායතනය(අයිඩීඑච්), ජාතික රෝහල (මහනුවර), උතුරු කොළඹ ශික්ෂණ රෝහල (රාගම), ශික්ෂණ රෝහල (කරාපිටිය), ශික්ෂණ රෝහල (අනුරාධපුර), ශික්ෂණ රෝහල (යාපනය), ශික්ෂණ රෝහල (කුරුණෑගල), ශික්ෂණ රෝහල (මඩකලපුව), පළාත් මහ රෝහල (රත්නපුර), පළාත් මහ රෝහල (බදුල්ල) ගම්පහ මහ රෝහල සහ මීගමුව මහ රෝහල යන රෝහල්වල ප්‍රතිකාර ගැනීම සදහා විශේෂ පහසුකම් සලසා ඇත. එසේම චීනයේ සිට මෙරටට පැමිණි පිරිස් මෙරටට පැමිණි දින දාහතරක් යන තෙක් ඔවුන් ගේ නිවෙස් හෝ වාසස්ථානවලින් බැහැරට නොයන ලෙස ජාතික වසංගත රෝග විද්‍යායතනය දැනුම් දී ඇත. එසේම එම කාලය තුළ උණ කැස්ස හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගයක් වැළදුනහොත් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හෝ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී මහතා දැනුවත් කර ඔබට ආසන්නම පිහිටි ඉහත රෝහළක් වෙත ප්‍රතිකාර සදහා යොමුවන ලෙස ජාතික වසංගත රෝග විද්‍යායතනය ඉල්ලීමක් කර ඇත. News & Events Sri Lankan delegation Leaves to Pakistan to participate in the PEER Programme. Stakeholder meeting with national technical agencies to prepare for the North East monsoon season 2022
දිවංගත ඩී.ඒ. රාජපක්ෂගේ 55වන ගුණ සමරුව නිමිත්තෙන් විශේෂ ගුණ සමරු දේශනය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගීවී තිබෙනවා. රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජ සේවා පදනම විසින් සංවිධානය කර තිබූ මෙම උළෙලේ මුලසුන මහා විහාර වංශික ශ්‍රී... රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම ජාතික සම්පත් විකිණීමක් නෙවෙයි – තාරක බාලසූරිය Admin - November 24, 2022 0 රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය ජාතික සම්පත් විකිණීමක් ලෙස අර්ථ දැක්විය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසනවා. ඒ අනුව පවතින ආර්ථික ගැටලුව සඳහා මේ තුළින් යම් විසඳුමක් සොයාගත හැකි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. යම්... කබ්රාල්ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ Admin - November 24, 2022 0 හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පවා පනවා තිබෙන විදේශ ගමන් තහනම දෙසැම්බර් මස 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව සැකකාර අජිත් නිවාඩ් කබ්රාල් අද (24) අධිකරණය හමුවේ පෙනී සිට ඇති බවයි... විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට සභාවෙන් පිටතට යන ලෙස කතානායක දැනුම්දෙයි Admin - November 23, 2022 0 පාර්ලිමේන්තුවේ විවාදයක් අතරතුර ඇතිවූ උණුසුම් තත්ත්වයක් මත කතානායකවරයා විසින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි හට සභාවෙන් පිටතට යන ලෙස දැනුම්දීමට කටයුතු කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා අයවැය තෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් සභාවේ කථාකරමින්... යළිත් අරගලයකට මම ඉඩ දෙන්නේ නෑ – ජනපති Admin - November 23, 2022 0 ආණ්ඩුව වෙනස් කිරීම සඳහා යළිත් අරගලයක් ඇති කරන බවට ඇතැමුන් ප්‍රකාශ කරන බවත්, ඒ සඳහා තමන් කිසිසේත් ඉඩ ලබා නොදෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. එසේ සිදු කිරීමට පැමිණියහොත් හදිසි නීතිය සහ හමුදාව යොදවන බව ද අද අයවැය තෙවනවර කියවීමේ... විපක්ෂයේ පක්ෂ රැසක් අයවැයට එරෙහි වෙයි Admin - November 22, 2022 0 විපක්ෂයේ පක්ෂ රැසක් අයවැය දෙවනවර ඡන්ද විමසීමේදී අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය හා උත්තර ලංකා සභාගය මෙවර අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවයි සඳහන් වන්නේ. මෙම ඉදිරිපත් කර... මාර්තුවලට පෙර මැතිවරණය පැවැත්විය යුතු නම් පවතින කොට්ඨාශ ක්‍රමය යටතේ එය සිදුකළ යුතුයි – මහින්ද දේශප්‍රිය Admin - November 21, 2022 0 එළැඹෙන පළාත් පාලන මැතිවරණය මාර්තු 20 ට පෙර පැවැත්වීමට අවශ්‍ය නම් සිදුකළ යුත්තේ, පවතින කොට්ඨාශ ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීම බව සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. ඒ අනුව සභික සංඛ්‍යාව අඩු කරමින් නව කොට්ඨාශ යටතේ මැතිවරණය පැවැත්විය නොහැකි... උදය ගම්මන්පිලට විදෙස් ගතවීමට අවසර Admin - November 21, 2022 0 හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. ඔහු විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. ව්‍යාජ ඇටෝනි... බැසිල් දිවයිනට පැමිණෙයි Admin - November 20, 2022 0 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ අද (20) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා. ඔහු ඇමෙරිකාවේ මාස එකහමාරක පමණ කාලයක් ගතකිරීමෙන් පසු මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ. ආර්ථික ස්ථායීකරණය සඳහා බලපාන නීති ප්‍රතිසංස්කරණයට අදාළ යෝජනා දෙසැම්බර් මසදී ඉදිරිපත් කිරීමට පියවර Admin - November 18, 2022 0 මෙරට ආර්ථික ස්ථායීකරණයට බලපාන නීති ප්‍රතිසංස්කරණයට අදාළ යෝජනා එළඹෙන දෙසැම්බර් අගදී රටට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක පවසනවා. රටේ ආර්ථික ස්ථායීකරණයට අදාළ නව නීති පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය... Loading posts... All posts loaded No more posts Posts navigation 1 2 … 178 Next Search for: Contact Us Phone: +94-715-657400 Email: info@readsrilanka.com Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'readsrilanka.com' Join our email newsletter and get news & updates into your inbox for free. Categories CORONA: Covid 19 Developing Stories Fashion & Beauty culture FB මාත්‍රාව Men Photo Stories Uncategorized ආර්ථික සහ ව්‍යාපාරික උණුසුම් පුවත් ක්‍රීඩා කෘෂිකර්මය දේශපාලන ප්‍රතිපත්ති සහ සංවර්ධන පුවත් සහ වාර්තා මතවාද ලෝකාවලෝකනය විද්වත් කථිකාව විදේශීය විමර්ශන විශේෂාංග සෞඛ්‍යය අප හා සම්බන්ධවීමට දුරකථන: +94-715-657400 විද්‍යුත් තැපෑල: info@readsrilanka.com © සියලුම හිමිකම් ඇවිරිණි. මෙම වෙබ් අඩවියේ පළවන ලිපි අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් වන අතර එම ආචාරධර්ම උල්ලංඝනය කරමින් නීතිවිරෝධීව උපුටාගන්නන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරනු ඇත.
Marvel Studios’ Doctor Strange in the Multiverse of Madness (2022) Official Trailer | සිංහල උපසිරස සමඟ Jurassic World Dominion (2022) Official Trailer | සිංහල උපසිරස සමඟ The Little Things (2021) චිත්‍රපටයේ මිනී මැරුම විසදමුද? දැනුමට පුවත් වගතුග වෙනත් KGF Chapter 1 ( KGF බොක්ස් ඔෆිස් වාර්තා තබමින් රජ ගමනේ….!!!) January 28, 2019 January 28, 2019 Kavishal Rasintha (kavii) 3 Comments 2018 දෙසැම්බර් 21 කියන්නේ දවසක් නෙමෙයි සමරන්න ඕන කරපු දවසක් මොකද ලෝකය පුරා 2018 වර්ෂයේ හොදම චිත්‍රපට බොහෝමයක් රිලීස් වුනේ ඒ දිනයේ නිසා. ඒ දිනයට සමගාමීව ඉංග්‍රීසි, හින්දි. දෙමල, තෙලිගු, කන්නඩ, මලයාලම් වගේ හැම භාෂාවකින්ම චිත්‍රපට රිලීස් කලා. ඒත් කවදාවත් හිතුවද එහෙම ඒ දවසෙම රිලීස් කරපු කවුරුත් වැඩිය ආස නැති කන්නඩ චිත්‍රපටයක් ඒ දවසෙම රිලීස් වෙච්ච අනිත් හැම චිත්‍රපටයකටම අභියෝගයක් එල්ල කරන්න පුළුවන් වෙයි කියලා. ඒ විතරක් නෙමෙයි ඒ සමහර බොක්ස් ඔෆිස් හිට් වෙයි කියලා හිතාගෙන හිටපු චිත්‍රපටි වලට මරු පහරක් ගහන්න මම මේ කියන කන්නඩ චිත්‍රපටයට පුළුවන් වෙයි කියලාකවුරුත් හීනෙන්වත් හිතුවද? කවුරුත් වැඩිය හිතුවේ නෑ, කවුරුත් වැඩිය ගනන් ගත්තේ නෑ, හුගක් දෙනෙක් මේ වෙනකොට සමහරවිට දන්නෙවත් නැතුව ඇති මෙහෙම ෆිල්ම් එකක් තියේද කියලා ඒ තරමට කන්නඩ ෆිල්ම් පිළිකුල් කරනවා සමහරු ඒත් කියන්න ඕන ඒ හැම සීමාවක්ම මේ ෆිල්ම් එකෙන් කඩලා ඉවරයි මේක බලපු කෙනෙක් කවදාවත් හිතන එකක් නෑ මේක කන්නඩ ෆිල්ම් එකක්ද කියලවත්…. චිත්‍රපටය රිලීස් වෙන්න කලින් IDMb පිටුවේ Most Anticipated Indian Movies and Shows (හුගක්ම අපේක්ෂා කරන ඉන්දියන් චිත්‍රපට සහ කතා) අතරේ 83% කට වඩා ඉහල අගයක් ලබාගෙන තිබුනේ මේ ෆිල්ම් එක බොක්ස් ඔෆිස් වාර්තා තියන බවට පුර්ව නිගමනයන් දෙමින්මයි. ඒ කිව්වා වගේම අද වෙනකොට බොහෝ වාර්තා බිදහෙලා බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරන්නට මේ ෆිල්ම් එකට හැකියාව ලැබිලා තියෙනවා. ඔව් මේ වෙන මුකුත් නෙමෙයි KGF Chapter 1 කන්නඩ චිත්‍රපටය. ඉන්දීය සිනමාවට ආශා කරන අය දන්න Rocking Star නමැති අනුවර්ත නාමයෙන් හදුන්වන Yash ගේ අති විශිෂ්ඨ රංගනය නිසාම වෙනම ගතියක් මේ ෆිල්ම් එකට ලැබිලා තියෙනවා. Rocking Star Yash ඔහුගේ රසිකයෙක් නම් අනිවාරෙන් Mr. and Mrs. Ramachari, Googly, Gajakesari, Masterpiece වගේ ෆිල්ම් ඔබ නරඹලා ඇති අනිවාරෙන්. එහෙම නරඹපු කෙනෙක් නම් දන්නවා කොයිවගේ ඇක්ටර් කෙනෙක්ද කියලා Yash කියන්නේ. ඔබ ඔහුගේ ෆිල්ම් රසවිදලා නැත්තම් මේ ෆිල්ම් එක බැලුවොත් අනිවාරෙන් ඔහුගේ රසිකයෙක් වෙනවා නොඅනුමානයි. ඒ තමයි ඔහුගේ හැකියාව. එහෙනම් බලමු ෆිල්ම් එකේ ඔබ නොදත් කරුණු කිහිපයක්. ඉන්දියානු රුපියල් කෝටි 50ත් 80ත් අතර වියදමකින් නිමවුන මේ ෆිල්ම් එක මේ ලිපිය ලියන අවස්ථාව වෙනකොට මාසයක් වගේ කාලයක් තුළ ඉන්දියානු රුපියල් කෝටි 219ක් උපයගෙන තියෙනවා. ඒවගේම මේ චිත්‍රපටය මුලින් ලෝකය පුරා සිනමාශාල 1800-2000 අතර ප්‍රමාණයක පමණයි තිරගත කිරීමට යොදාගෙන තිබී ඇත්තේ නමුත් පසුව ලෝකය පුරා මේ චිත්‍රපටය සිනමාශාලා 2460ක තිරගත කරනු ලැබුවා එයට හින්දි භාෂාවෙන් සිනමා ශාලා 1500ක්, කන්නඩ භාෂාවෙන් හා තෙලිගු භාෂාවෙන් 400ක්, දෙමළ භාෂාවෙන් 100ක් සහ මලයාලම් භාෂාවෙන් 60ක්ද ඇතුලත්වයි. ඊට අමතරව පකිස්ථානයේ සිනමාශාලා 71කද මේ චිත්‍රපටය තිරගත කරනු ලැබුවා, එය වර්ථා පොත් අතරට යන්නේ පකිස්ථානයේ තිරගත කරනු ලැබු ප්‍රථම කන්නඩ චිත්‍රපටය ලෙසයි. තව ගතහොත් අප්‍රිකාවේ රටවල් කිහිපයක, හොන්ග්-කොන්ග් වල සහ සයිප්‍රසය ඇතුළු යුරෝපා රටවල් කිහිපයකද මේ චිත්‍රපටය තිරගත වී තිබෙනවා. කන්නඩ චිත්‍රපටයක් මෙසේ බොහෝ රටවල් ගණනක තිරගත වූ ප්‍රථම අවස්තාවද මෙයයි. තවද KGF චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා පොත් අතරට යන්නේ ඉන්දීය රුපියල් කෝටි 100 සීමාව හා 200 සීමාව ඉක්මවූ පලවෙනි කන්නඩ චිත්‍රපටය විදිහටයි. චිත්‍රපටයේ වැඩිම කොටසක් රූගත කර ඇත්තේ සයිනයිඩ් කදුමතයි. එනම් ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ කෝලර් රත්තරන් පතල් ආශ්‍රිතවයි. චිත්‍රපටයේ නමද වන්නේ Kolar Gold Field යන්නයි. ඊට අමතරව වාර්ථාවෙන අන්දමට කොලර් රත්තරන් පතල ආශ්‍රිතව රත්තරන් ගැරීමෙදී සයිනයිඩ් අපද්‍රව්‍ය ටොන් මිලියන 32ක් පමණ හමුවෙලා තියෙනවා, එම සයිනයිඩ් අපද්‍රව්‍ය මගින් සැදුම් ලත් කදු පන්ති වල සිට තමා මෙම චිත්‍රපටයේ හුගක් රූපගත කිරීම් කර ඇත්තේ. කොලර් රත්තරන් පතලේ මුල්ම රත්තරන් සෙවීම ආරම්භ කිරීම සමග ලබාගත් පින්තූරයක් කොලර් රත්තරන් පතලේ අද තත්වය කොලර් රත්තරන් පතල ඇතුළත දර්ශනයක් සයිනයිඩ් අපද්‍රව්‍ය හොදින් දර්ශනය වෙන පින්තූරයක් කොලර් රත්තරන් පතලේ වැඩ කරමින් සිටින පුද්ගලයින් දෙදෙනෙක් තවද චෙන්නායි, තමිල්නාඩු, මුම්බායි සහ බැංගලෝර් වලද රූපගත කිරීම් සිදු කර තිබෙනවා. මෙම චිත්‍රපටය සඳහා KGF කාර්ය මණ්ඩලය වසර 3 කට වැඩි කාලයක් ගත කර ඇත. KGF චිත්‍රපටය වාර්තා වෙන විදිහට ආරංචි වෙන්නේ ඉන්දියාවේ හිංදියෙන් හඩකවපු වැඩිම ආදායම් ලැබු චිත්‍රපට අතර හතරවන ස්ථානය ලබාගෙන ඇති බවයි. ඊට ඉදිරියෙන් සිටින්නේ Bahubali ,Franchise, 2.0 යන චිත්‍රපටයි. ඉන්දීය චිත්‍රපට අතර Top Rated Indian Movies අතර 97වැනි ස්ථානයද KGF චිත්‍රපටය උපයගන්නේ එම Top Rated Indian Movies ලයිස්තුවේ පලවෙනි සියය අතරට පැමිණි ප්‍රථම කන්නඩ චිත්‍රපටය වීමේ භාග්‍යද හිමිකරගනිමිනි. ඒ වගේම Top Rated Kannada Movies අතර පලවෙනි ස්ථානයත් KGF සතු කරගන්නවා. මෙම චිත්‍රපටයේ රගපෑම හේතුවෙන් Yashට Filmibeat සම්මාන උත්සවයේ Best Actor සම්මානයටද නම් වෙලා තියෙනවා. භාෂා වැඩිම ප්‍රමාණයකින් එනම් භාෂා 5කින් (හිංදි, මලයාලම්, තෙලිගු, දෙමළ සහ කන්නඩ) රිලීස් වුන ප්‍රථම කන්නඩ චිත්‍රපටයද වන්නේ මෙයයි. මෙම චිත්‍රපටය සදහා ආරධිත රංගනයෙන් අප කවුරුත් ආදරය කරන Tamannaah Bhatia සහ Mouni Roy (ශිවන්‍යා) එකතු වෙනවා. බොලිවුඩයේ කින්කාන් හෙවත් ෂාරුක් කාන්ගේ අලුත්ම චිත්‍රටය වන Zero චිත්‍රපටයද තිරගත වූයේ මෙම චිත්‍රපටය තිරගත වූ දිනයේමයි නමුත් මෙම චිත්‍රපටයේ ආදයම ආසන්නයටවත් පැමිණීමට Zero චිත්‍රපටයට නොහැකි විය. ඒ අනුව KGF චිත්‍රපටය ලබාගත් කෝටි 219ට සාපේක්ෂව Zero චිත්‍රපටයට ලබාගත හැකිවූයේ මේ වෙනකොට කෝටි 180ක් පමණයි. (ලිපිය ලියන අවස්ථාවේදි චිත්‍රපට දෙකෙහිම ආදයම) Zero කෝටි 200ක වියදමක් දරා නිමවා තිබීමද විශේෂත්වයකි. අනික් කරුණ තමයි මේ ෆිල්ම් එකේ දෙවැනි කොටස එනම් KGF Chapter 2 පැමිණීමට නියමිතයි. එය දැනගැනීමට ඇති ආරංචිවල හැටියට මේ අවුරුද්දේ දෙසැම්බර් මස 31 වෙනදා රිලීස් කරනවා. හරියටම කියන්න පුළුවන් කමක් නෑ කල් යන්නත් පුළුවන් සමහරවිට මීට කලින් එන්නත් පුළුවන්. IMDb මීටරයේ 15500+ අධික ප්‍රේක්ෂක ඇගයීම මත 8.8/10 ක අගයක් ලබාගෙන තියෙන්නේ පෙර කී ලෙසම වැඩිම රේටින්ග් ලබාගත් කන්නඩ චිත්‍රපට අතර පලමු තැන තමා සතු කරගනිමින්. ඉහත කරුණු වලින් ඔබට KGF චිත්‍රපටය පිළිබද දැනුමක් එන්නට ඇති ඒ වගේම ඔබට මෙම චිත්‍රපටය නැරඹීමට ආශාවක් ඇතිවන්නට ඇති බව නිසැකයි. එහෙනම් හොද කොපියක් ආ විගස සිංහල උපසිරැසිය සමග හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගන්නම්. Kavishal Rasintha (kavii) ← වන් පීස් සිංහලෙන් කියවන්න : 194 වන පරිච්ඡේදය | “‌‌‌යකඩ කැපීමට!” Agents of S.H.I.E.L.D. Season 6 (2019) | පූර්ව ප්‍රචාරක පටය සිංහල උපසිරැසි සමග → You May Also Like Hitman නැවතත් Hitman agent 47 ලෙසින් 2015 දීත් August 28, 2015 හසිත කොඩිතුවක්කු 7 දෙසැම්බර් මස බොලිවුඩ් කැලැන්ඩරය December 2, 2014 තිසර නියෝ 3 සිනමාවේ ගීත ලොවින් 134 | Kodi Parakkudha | [ Kodi (2016) ] සිංහල උපසිරසි සමඟ| November 17, 2016 ඉන්ද්‍රජිත් උදය කුමාර 1 3 thoughts on “KGF Chapter 1 ( KGF බොක්ස් ඔෆිස් වාර්තා තබමින් රජ ගමනේ….!!!)” කවිශල් රසින්ත January 29, 2019 at 4:37 PM Permalink හොද කොපියක් ආපු ගමන් සබ් එක දෙනවා. තාම කැම් කොපි තියෙන්නේ. Hiranya January 29, 2019 at 4:27 PM Permalink subtitles nedda? තාරක නුවන් දිල්හාර January 29, 2019 at 1:20 AM Permalink සුපිරි ලිපියක්.. ස්තුතියි මේ වගේ එකක් ගෙනාවට දිගටම මේ වගේ ඒවා අරගෙන එමු.. ජයෙන් ජය..!! Leave a Reply Your email address will not be published. Required fields are marked * Comment * Name * Email * Website Δ Example Widget This is an example widget to show how the Right Sidebar looks by default. You can add custom widgets from the widgets screen in the admin. If custom widgets is added than this will be replaced by those widgets. ලාංකීය ට්‍රේලර් පුවත් ලාංකීය වීඩියෝ වෙනත් එකගෙයි සොකරි | පූර්ව ප්‍රචාරක පටය January 15, 2020 තිසර නියෝ 3 ජැක්සන් ඇනිතනි මහතාගේ නවතම සිනමා සිත්තමයි එකගෙයි සොකරි. චිත්‍රපටය අද්‍යක්ෂණය, තිර රචනය, නිෂ්පාදනය Jackson Anthony තිසර නියෝමෙතන පහළින් තියන සබැඳුම් ට්‍රේලර් ලාංකීය වගතුග නිදහසේ පියා DS | පූර්ව ප්‍රචාරක පටය July 22, 2018 ශාන් විමුක්ති 1 ට්‍රේලර් ලාංකීය බැට් මෑන්ලට සුපර් මෑන්ලට නොදෙවෙනි ලංකාවේ ගජමෑන් May 9, 2018 ශාන් විමුක්ති 10 පුවත් ලාංකීය වගතුග වෙනත් “Gajaman 2018” ගජමෑන් – ලංකාවේ පළමුවන 3D සිනමාපටය February 22, 2018 ශාන් විමුක්ති 8 Categories DC කොමික් කොමික් චිත්‍රකතා ජපන් කොමික් ට්‍රේලර් ටීවී දමිළ දැනුමට පුවත් මාවල් කොමික් ලාංකීය වගතුග විචාර වීඩියෝ වෙනත් හින්දි වෙනත් වන් පීස් සිංහලෙන් කියවන්න : 474 වන පරිච්ඡේදය | “අපිට ඒක කරන්න වෙනවා” March 28, 2020 Navodani Thilini Sasanika 8 Comments Transformers: Age of Extinction (2014) – පුර්ව ප්‍රචාරක පටය… March 7, 2014 විකියා 7 Comments 2014 නොවැම්බර් හොලිවුඩ් කැලැන්ඩරය November 1, 2014 තිසර නියෝ 4 Comments වන් පීස් සිංහලෙන් කියවන්න : 258 වන පරිච්ඡේදය | “‌‌හැම පාරක්ම වැටෙන්නෙ දකුණට” April 17, 2019 Navodani Thilini Sasanika 8 Comments Siren (2019) | Sneak Peek ප්‍රචාරක පටය සිංහල උපසිරැසි සමග October 13, 2018 ඉසුරු සම්පත් No Comments බයිස්කෝප් ලොව නොදුටු වැඩකිඩ 11 | Deadpool – හැදෙන හැටි February 25, 2016 විකියා No Comments වීඩියෝ පුවත් වගතුග වීඩියෝ වෙනත් Fantastic Beasts: The Secrets of Dumbledore (2022) Official Trailer 2 | සිංහල උපසිරස සමඟ March 5, 2022 තිසර නියෝ 2 කොමික් ට්‍රේලර් පුවත් වගතුග වීඩියෝ වෙනත් Marvel Studios’ Doctor Strange in the Multiverse of Madness (2022) Official Trailer | සිංහල උපසිරස සමඟ February 18, 2022 තිසර නියෝ 5 ට්‍රේලර් පුවත් වගතුග වීඩියෝ වෙනත් Jurassic World Dominion (2022) Official Trailer | සිංහල උපසිරස සමඟ February 11, 2022 ශාන් විමුක්ති 6 ට්‍රේලර් පුවත් වගතුග වීඩියෝ වෙනත් Turning Red (2022) Official Trailer | සිංහල උපසිරස සමඟ January 16, 2022 සංජන චමෝද් 0 ට්‍රේලර් පුවත් වීඩියෝ වෙනත් Red Notice (2021) Official Teaser | සිංහල උපසිරස සමඟ September 2, 2021 තිසර නියෝ 11 අපි ගැන ලංකාවේ ජනප්‍රියතම වෙබ් අඩවි අතර ඉහලින්ම රැඳී සිටින බයිස්කෝප් සිිංහලෙන් අඩවියෙන් සිංහල උපසිරසි ලබාගන්නා ඔබ හට සිනමාවේ සිව් දෙස තොරතුරු ඔබ සමීපයටම ගෙන එ්මේ කටයුතු බයිස්කෝප් සිංහලෙන් අඩවියේ බාල සොයුරා ලෙසින් සිනමාවේ නෙක තතු සොයා යන තේමාව සමඟින් බයිස්කෝප් මංසල අඩවිය තුලින් ඔබ හට පිරිනැමේ. අලුත්ම පුවත්, උපසිරසි යෙදූ පූර්ව ප්‍රචාරක පට, විශේෂාංග ලිපි, නොදන්නා බසක ගීත දන්නා හඳුනන සිංහල උපසිරසි සහිතව මෙන්ම සිනමාවට සම්බන්ද ඕනෑම ලිපියක් මංසල තුලින් පල කෙරනවා.. Useful Links වෙනත් වගතුග වීඩියෝ පුවත් චිත්‍රකතා මාවල් කොමික් DC කොමික් ජපන් කොමික් කොමික් ට්‍රේලර් ටීවී දැනුමට හින්දි අපව සම්බන්ධ කරගන්න අපව සම්බන්ධ කරගන්න සිනමාව ගැන දන්න සිනමාවට ආදරේ කරන, රූපවාහිනියට කැමති ඒ ගැන අලුත් තොරතුරු අප හරහා ලංකාවේ සෑම දෙනාටම සිංහලෙන් බෙදා දෙන්න කැමති ඔබටයි අපේ මේ ආරාධනාව! ඒ තොරතුරු, නවතම විස්තර ඔබට පුලුවන් නම් ලිපි වශයෙන් අපට ලබා දෙන්න අපට පුලුවන් ඔබට ඒ සඳහා මංසල තුල ඔබට ඉඩක් වෙන් කරන්න. ඉතින් අපිත් එක්ක අත්වැල් බැඳගන්න කැමති සිනමා, රූපවාහිනී රසික ඔබට පුලුවන් ඒ විස්තර පහත සඳහන් විද්‍යුත් ලිපිනය ,හරහා අපවෙත ලබා දෙන්න.
මෙමගින් සිදුකරන්නේ තරඟ විභාග හා එදිනෙදා ජිවිතයට වැදගත් වන සාමාන්‍ය දැනුම ප්‍රශ්ණ ලෙසට සකසා ඔබගේ ජoගම දුරකථනයට දවස පුරා ල SMS ලෙසින් ලැබිමට සැලැස්වීමයි මෙම සේවාව ක්‍රියාත්මක කරනු ලබන්නේ කවුද ? දිනපතා ඔබගේ දුරකථනයට ලැබෙන SMS පණිවිඩ සකස් කරනු ලබන්නේ lqlanka වෙබ් අඩවිය මගිනි සාමාන්‍ය දැනුමෙන් ඔබත් දක්ෂයෙක් නම් ඔබටත් අප වෙබ් අඩවියේ සාමාන්‍ය දැණුම ප්‍රශ්ණ සකස් කරන කණ්ඩායම හා එක්වී ඔබ සතු දැනුම විශාල පිරිසක් සමඟ බෙදා ගැනිමට හා අමතර ආදායමක් උපයා ගැනිමට අවස්ථාව උදාකර දීමට අප නිරන්තරයෙන්ම සූදානමින් සිටින අතර නිර්මාණශිලි නැවුම් අදහස් වලට අප නිර්න්තරයෙන් ප්‍රමුඛතාවය දෙනු ලැබේ ඔබත් අප කණ්ඩායම හා එක්වීමට කැමතිනම් ඔබගේ අයදුම් පත්‍රය දැන්ම [email protected] ලිපිනයට ඊමේල් කරන්න දිනපතා ඔබට ලබා දෙන එස් එම් එස් සකස් කරනු ලබන්නේ කුමක් පාදක කොට ගෙනද ? තරඟ විභාග වලට සාමාන්‍ය දැනුම ප්‍රශ්ණ පැමිණෙන රටාවක් තිබේ එදිනෙදා සිදුවන ජාතික හා අන්තර්ජාතික සිදුවීම් බොහෝවිට ප්‍රශ්ණ ලෙසට පැම්ණේ එම නිසා නිරන්තරයෙන් ජාතික පුවත්පත් වල පවතින කාලින වටිනකමක් යුතු පුවත් හා ආසන්න විභාග වල්දි පැමිණි ප්‍රශ්ණ වලට පාදක වූ මූලශ්‍රයන් හා වර්තමානයේ රූපවාහිනි නාලිකා හා ගුවන් විදුලි නාලිකා විසින් සිදුකරන ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් වලදි ඉස්මතුවු කරුණු සැලකිල්ලට ගනු ලැබේ SMS සේවාව සක්‍රිය කරගන්නේ කෙසේද ? මෙම සේවාව Dialog Mobitel Huch Airtel සහ Etisalt දුරකථන ජාල වලින් ක්‍රියාත්මක කරගැනිමට හැක ඒ සදහා පහත උපදෙස් අනුගමනය කරන්න සේවාව සදහා එක් එක් දුරකථන ජාල විසින් අයකරනු ලබන ගාස්තු පහතින් දක්වා තිබේ සේවාව ක්‍රියාත්මක කරගැනිමෙන් පසුව සේවාව අක්‍රිය කරගැනිමට සිදුකරන ආකාරයද පහතින් දක්වා තිබේ විභාග මානසිකත්වයෙන් මිදි සතුටින් හා පහසුවෙන් දවස පුරාම සාමාන්‍ය දැනුම වර්ධනය කරගැනිමට ඔබත් දැන්ම අපගේ සේවාව SMS සේවාව දැන්ම ක්‍රියාත්මක කරගන්න Popular Posts සාමාන්‍ය දැනිම එකතුව 1 - General Knowledge Questions and Answers දියමන්ති ආකර සඳහා ලොව වඩාත්ම ප්‍රසිද්ධ රට - දකුණු අප්‍රිකාව ලෝක දෑත් සේද… සාමාන්‍ය දැනීම ප්‍රශ්න 100 ක් (1 කොටස ) (1)වැඩිම වන ගහණයක් ඇති ආසියානු රට -භූතානය (2)ආසියාවේ පිහිටා ඇති විශාලතම වන… සාමාන්‍ය දැනිම එකතුව 2 - General Knowledge Questions and Answers වදවී ගිය ශාඛයක් ලෙස සැලකෙන පඬු කරඳ ශාඛයේ විද්‍යාත්මක නාමය - crudia zeyl… Subscribe Us Copyright and Disclaimer Notice This website contents some advertisements found from news papers,social media and other websites The legal copyrights of those contents belong to the actual owners. if you want to remove your advertisement from our website contact [email protected]
ඔබේ ළදරුවාට මාස 6 ක් දක්වා මව් කිරි පමණක් ලබා දීම අනිවාර්‍ය වන අතර පසුව අවු 1හෝ 2 ක් වන තුරු දරුවාට ද්‍රවමය හා ඝන ආහාර සමග මව් කිරි ලබා දීම කළ හැක. නමුත් මාස 6 පිරුණු ඔබේ ළදරුවාට මව් කිරි ලබා දීම අපහසු වන අවස්ථාවලදී ඔබත් ළදරු කිරිපිටි භාවිතයට පෙළබෙන මවක් විය හැක. එවන් අවස්ථාවලදී ළදරුවාට ගැලපෙන පෝෂ්‍යදායී කිරිපිටි වර්ගය තෝරා ගැනීම බුද්ධිමත් මවක් වන ඔබගේ වගකීමක්.ඒ සදහා ඔබට වැදගත් කරුණු කිහිපයක් ගැනයි අප අද කතා කරන්නේ. ඔබ පළමු වරට සිගිත්තා සදහා ළදරු කිරි පිටි වර්ගයක් තෝරා ගන්නා අවස්ථාවේදී තෝරා ගන්නා ආගන්තුක කිරිපිටි වර්ගයෙන් විශාල ප්‍රමාණයක් මිලදී ගන්න එපා. මන්ද ඔබ මිලදී ගත් කිරිපිටි වර්ගයේ රසයට ඔබේ කිරිකැටියා අකමැති වී ප්‍රතික්ෂේප කළහොත් වෙනත් කිරිපිටි වර්ගයකට මාරු වීම සදහා කුඩා ප්‍රමාණයකින් මිලදී ගෙන තිබීම වාසි දායක වෙන්න පුළුවන්. මව් කිරි වල තරම්ම නොමැති වුවත් බොහෝ ළදරු කිරි පිටි වල සිගිත්තාට අවශ්‍ය විටමින්, පෝෂණය වගේම කැලරිත් අඩංගු වෙනවා. සිගිත්තාට සුදුසුම කිරිපිටි වර්ගය තෝරා ගැනීමේදී…. සිගිත්තාගේ සිරුරට අත්‍යාවශ්‍ය පෝෂණ කොටස් අඩංගු කිරිපිටි වර්ගය යෝජනා කරන්නට වඩාත් සුදුසු පුද්ගලයා ඔබේ සිගිත්තාගේ වෛද්‍යවරයායි. එම නිසා සිගිත්තා සදහා කිරිපිටි වර්ගයක් තෝරා ගැනීමට පෙර දරුවාගේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්න අමතක කරන්න එපා. බොහෝ කිරි වර්ග නිෂ්පාදනය කර තිබෙන්නේ එළදෙනුන්ගෙන් ලබා ගන්නා කිරි වලිනි. එමෙන්ම බොහෝ වෛද්‍ය වරුන්ගේ තෝරා ගැනීමද එලදෙනුන් ගෙන් ලබා ගත් කිරි ආශ්‍රයෙන් නිපදවූ ළදරු කිරිපිටි වුවත්, සත්වමය කිරි සදහා ආසාත්මිකතා දක්වන දරුවන් සදහා දරුවාගේ වෛද්‍යවරයා යොජනා කරනු ඇත්තේ සෝයා කිරි නිෂ්පාදනයි. ආසාත්මිකතා යනු ඔබේ පවුලේ සාමාජිකයන් අතර බහුලව දැකිය හැකි තත්වයක් නම් දරුවාගේ වෛද්‍යවරයා ජීර්ණය සදහා පහසු ජලමිශ්‍රිත ( Hydrolyzed formula ) කිරිපිටි නිෂ්පාදන තොරා ගැනීමට උපදෙස් ලබා දෙනු ඇත. ඇතැම් ළදරු කිරිපිටි නිෂ්පාදන ප්‍රෝබයොටික්ස් ( probiotics) එනම් යෝගට් වැනි නිෂ්පාදන වල අඩංගු හිතකර බැක්ටීරියා වලින් සමන්විත වේ. මව් කිරි වලද දැකිය හැකි මෙම හිතකර බැක්ටීරියා දරුවාගේ ආහාර ජීර්ණ පද්ධතිය වඩාත් සෞඛ්‍යමත් කරයි. එවැනි නිෂ්පාදන සදහා වැඩි ඉඩක් ලබා දීම නැණවත් තීරණයක් වේවී. ඔබ තෝරා ගන්නා ළදරු කිරිපිටි නිෂ්පාදන වල යකඩ අඩංගු වීම ඉතා වැදගත් සාධකයක්. නමුත් ඇතැම් සෞඛ්‍යමය තත්වයන් මත ළදරුවාට යකඩ අඩංගු ආහාර ලබා නොදීමට වෛද්‍යවරයා විශේෂයෙන් උපදෙස් දී ඇත්නම්, එම උපදෙස් ඔබ අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි. නමුත් අනෙකුත් සෑම අවස්ථාවකදීම යකඩ අඩංගු ළදරු කිරිපිටි වර්ගයක් තෝරා ගැනීම ඔබේ දරුවා රක්තහීනතාවය වැනි රෝග වලින් දුරස් කර තබනු ඇත. ඔබේ ළදරුවාගේ වර්ධක අවධියේ මුලික ආහාරයක් වන ළදරු කිරිපිටි තෝරා ගැනීමේදී ආදරණීය, බුද්ධිමත් මවක් වූ ඔබත් මේ කරුණු පිළිබදව අවධානය යොමු කරනවා නේද? – එරන්දි – Share Facebook Twitter Pinterest WhatsApp Related Articles ඔබේ දරුවා මොහොතකටවත් තනි කරන්න එපා.. ළදරු වියේදීම කියවීම හුරු කරමු.. පොඩිත්තන්ට රස කෑම – නිවිති බතක් බබා එක්ක සාප්පු සවාරියේ යනවානම්… ළමයාට හිමි ලෝකය නිර්මාණය මගෙන් පටන් ගනිමු බෙඩ් ටයිම් ස්ටෝරි – 26 Don't Miss යෝනි මාර්ග දෙකක් සහ ගර්භාෂ දෙකක් සහිත එව්ලින්ගේ කතාව (අ)හිමි සිහින -224 (අ)හිමි සිහින -218 දවස් තුනෙන් බර අඩු කරන ටූනා ඩයට් ප්ලෑන් (අ)හිමි සිහින -216 විසි හැවිරිදි වියේදී අත් හැරුණු සිහිනය අවුරුදු 66 දී සැබෑ කර... Latest Articles සුහදිනි සුහදිනි -75 නිබන්ධිකා වන්නිනායක - December 2, 2022 0 ලෝක කුසලාන තරග ඇරඹිණ.සකීට මුල් තරග කිහිපය මග හැරෙන බව ඇය දැන සිටියා ය.නමුත් වෙනදා මෙන් සිහින නොපෙනෙන අහස් ගැන ඕනෑවට වඩා... Read more අහිමි සිහින (අ) හිමි සිහින -229 admin - December 1, 2022 0 පැමිණිල්ලේ නීතිඥයා කතාකල පසු එයට උත්තර බැඳීමට අපට අවස්ථාව ආවා.එවිට එතෙක් මා රැගෙන ගිය ලිපිගොනු සියල්ල එකින් එක පොලිස් ස්ථානාධිපතිවරයාට පෙන්වමින් මගේ... Read more නිබ්බුත ගීත නිබ්බුත ගීත -24 ගංගා ෂයිනි ගමගේ - December 1, 2022 0 ගේට්ටුවෙන් ඇතුලු වත්දී ම අප පිළි ගත්තේ දණක් උසට වැවුණ තණ කොළ හා වල් පැළෑටි වර්ග ය. කාලයකින් මේ බිමට මිනිස් දෙපා... Read more Lifestyle අවුරුදු 55 දී IVF තාක්ෂණය භාවිතා කර සිහිනය සැබෑ කරගත් අම්මා smartlady - December 1, 2022 0 කෙලී ක්ලාක් සිය ජීවිතය ගත කළේ මතකයන් ගොඩනඟා ගැනීමට සහ විවිධ වෘත්තීය අරමුණු සාක්ෂාත් කර ගැනීමටයි. ඇය ගුවන් තොටුපළ පර්යන්ත කළමනාකරුවෙකු ලෙස... Read more සුහදිනි සුහදිනි -74 නිබන්ධිකා වන්නිනායක - December 1, 2022 0 සකී අහස්ගේ නිවසට ගියේ නිම්නා ද සමඟ ය.හිමිදිරි පාන්දර අහස්ගේ නිවසට යද්දී ඔහු අවදිව වූවා පමණකි.සකී රැගෙන යන්නට එන බවට පිළිණ දුන්නාට... Read more Load more Jack Tree (Pvt) Ltd, 300/13 Bird Park, Madiwela, Kotte. Phone : 011 281 4449 Contact us: [email protected] smartlady.lk වෙබ් අඩවියේ අඩංගු සියලුම ලිපි Jack Tree (Pvt) Ltd ලිඛිත අවසරයකින් තොරව උපුටා ගැනීම, නැවත ප්‍රකාශණය කිරීම, බෙදාහැරීම, ප්‍රදර්ශනය කිරීම, විකාශනය කිරීම ඇතුළුව කුමන අයුරකින් හෝ භාවිත කිරීම බුද්ධිමය දේපල පනත යටතේ සිරදඬුවම් ලැබිය හැකි වරදකි.
රජය ආදායම් වැඩිකරගත්විට රජයේ ණයගැනීම් හා මුදල් මුද්‍රණය අවම වේ. එවිට බැංකු පොළී අනුපාතික පහළ යයි. එය ව්‍යපාරවලට හොඳය. උද්ධමනය අඩු වේ. එය පාරිභෝගිකයන්ට හොඳය. නැතිනම්, බදු වැඩි නොකර මුදල් අච්චු ගැසිය හැකිය. රජයට විදේශ ණය ගත නොහැකි නිසා දේශීය වශයෙන් තව තවත් ණය ගත හැකිය. එය ස්ථාවර විසඳුමක් නොවේ. ආර්ථිකය දිගටම කඩාවැටේ. බංකොලොත්භාවයෙන් ගොඩඒමක් නැත. මොසැම්බික් වැනි රටවල වූයේ එයයි. බදු වැඩිකිරීම බලපාන පිරිස ධනවත් සුළුතරයකි. ඒ අයට බදු කප්පාදු කර උපරිම සහන දුන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට ද උන් පහරදී පන්නා දැමූහ. දැන් රනිල් පන්නන්න ද ඔවුහු මුදල් විසිකරති. 2015-19 යහපාලන ආණ්ඩුව පැන්නීමට ඔවුන් කටයුතු කළේ ද ඍජු බදුවලින් ඇතිවූ බලපෑම නිසාය. ගෝඨාභය බදු කප්පාදු කළේ ඔවුන් සතුටු කරන්නටය. සතුටු වුණාද? දැක්මක්, සංස්කෘතියක්, සදාචාරයක් නැති මේ වසල වෙළඳ හා කළමනාකාර පැළැන්තිය කිසිවකින් සතුටු වන්නේ නැත. සතුටු කරන්නට ද බැරිය. උන්ගෙන් හිතන තරම් බදු ගන්න⁣ට ද බැරිය. එකවුන්ට් වංගු ගසා හෝ නිලධාරීන්ට පගා දී ඒවා නොගෙවා සිටින හැටි උන් දන්නවාය. හොරු අල්ලන පක්ෂවලට ද උන් සම්මාදම් දෙති. වැඩ සිදුවන්නේ එසේය. ඔය වසල පැළැන්තිය සතුටු කර ආණ්ඩු කරන්නට යන කාටත් කන්නට වන්නේ ගෝඨාභය කාපු කෑමම තමාය. රනිල්ට ද කන්නට සිදුවිය හැකිය. රනිල් එය අවබෝධ කරගෙන තිබේද, ප්‍රශ්නයට මුහුණ දෙන්නට යන්නේ කෙසේදැයි අප දන්නේ නැත. Share this: Twitter Facebook Like this: Like Loading... Related Post navigation හැත්තැ හතර අවුරුද්දෙ කතාව මොනවද බදුගෙවන මට රජයෙන් ලැබිල තියෙන්නෙ? Related News Politics සාරිය හා මානව හිමිකම් December 5, 2022 December 5, 2022 Politics රජයේ ලොක්කන් තවමත් පැන්ෂන් අරන් ගෙදර යන්නෙ නිල වාහනෙත් අරගෙන December 4, 2022 December 4, 2022 Politics මැයි 9 සහ අරගලයේ කතාව සරලව කෙටියෙන් December 3, 2022 December 3, 2022 Leave comment Cancel reply Your email address will not be published. Required fields are marked with *. Comment Full Name * Email Address * Website අනුග්‍රාහක නිවේදන Recent Comments Lakshman Jayasinghe on මැයි 9 සහ අරගලයේ කතාව සරලව කෙටියෙන් Lakshman Jayasinghe on බලය බෙදීමට මහින්දත් පක්ෂ ඇයි? Lakshman Jayasinghe on ලංකාවේ සිදුවෙමින් තිබෙන විප්ලවය කුමක්ද? Mahinda Abeysinghe on බලය බෙදීමට මහින්දත් පක්ෂ ඇයි? Sarath warnakulasuriya on මහින්දගේ අද දවසේ වැදගත්කම කුමක්ද? Archives Archives Select Month December 2022 November 2022 October 2022 September 2022 August 2022 July 2022 June 2022 May 2022 April 2022 March 2022 February 2022 January 2022 December 2021 November 2021 October 2021 September 2021 August 2021 July 2021 June 2021 May 2021 April 2021 March 2021 February 2021 January 2021 December 2020 November 2020 October 2020 September 2020 August 2020 July 2020 June 2020 May 2020 April 2020 March 2020 February 2020 January 2020 December 2019 November 2019 October 2019 September 2019 August 2019 July 2019 June 2019 May 2019 April 2019 March 2019 February 2019 January 2019 December 2018 Categories Categories Select Category Agriculture (23) Art (84) Cinema (10) Drama (1) Fiction (4) Literature (18) Poetry (11) Business (5) Cartoon (65) Children (3) Cinema (1) Comics (5) Communication (2) Corruption (11) Crime (65) Democracy (16) Development (34) Disaster (3) Economics (12) Economy (93) Education (38) Elderly (4) English (110) Environment (16) Events (4) Fashion (4) Food (7) Gender (1) Governance (72) Health (142) History (4) Human Rights (41) Industry (5) International (72) Kalutara (4) Land (2) Language (1) Law (41) Life (197) Literature (8) Matugama (17) Matugama.com (7) Media (51) Military (3) Music (8) Nature (1) News (178) Opinion (29) Panadura (8) People (97) Philosophy (6) Photos (13) Places (21) Poems (5) Politics (547) Press Releases (3) Religion (17) Satire (3) Science (15) Security (11) Sports (19) Tamil (2) Technology (9) Terrorism (1) Tourism (2) Transport (19) Travel (18) Uncategorized (16) Video (23) Wildlife (5) Women (16) Youth (3) සිංහල (283)
අප්‍රේල් 21 වන දාට යෙදුණු පාස්කු ඉරිදා දින ලංකාවේ සිදුවුණු මහා ඛේදවාචකය අප කණගාටුවෙන් සිහිපත් කරනවා. මේ සමග ඇතිවුණු පශ්චාත් ගැටුම් නිසා නිරන්තරයෙන් දින කිහිපයකට සැරයක් පාසා සමාජ ජාල අවහිරයන් ඇතිවුණා. Facebook, WhatsApp, YouTube ආදී වෙබ් සේවාවන් සියල්ලම අවහිර කරනු ලැබූ අතර එය මහත් කරදරකාරී තත්ත්වයක් ලෙස හැම කෙනෙක්ම සමාජ ජාල හරහාම පෙන්වා දුන්නා. හැබැයි, මේ ගැටළුවට අප අතරින් පතර මුහුණ දුන්නත් ඇතැම් රටවල දිගු කාලීනවම සමාජ ජාල අවහිර කර තිබෙනවා. උතුරු කොරියාව උතුරු කොරියානු ජනපති කිම් (cpj.org) උතුරු කොරියාව අසීමාන්තිකව අන්තර්ජාල සීමා පනවන ලද රටක් සේ සැලකෙනවා. 2016 පටන් එරට Facebook, YouTube, Twitter ආදිය වාරණය කරමින් අන්තර්ජාලය හරහා තොරතුරු පැතිරීම වළකා තිබෙනවා. සාමාන්‍යයෙන් එරට අන්තර්ජාල පහසුකම් පවා සාමාන්‍ය ජනතාවට ලබා දෙන්නේ නැහැ. ඇතැම් ඉහළ පෙළ නිලධාරීන්ට පමණක් අන්තර්ජාලය භාවිතා කරන්නට අවස්ථාව දී තිබෙන අතර විශ්වවිද්‍යාලවලට පවා ලබා දී තිබෙන්නේ ඉතාම සුළු පරිගණක ප්‍රමාණයක්. ඒවායේ භාවිතය රජය නිරීක්ෂණය කරනවා. විශ්වවිද්‍යාලයයන්, රාජ්‍ය කාර්යයාලයන්, පුස්තකාලයයන් සහ රාජ්‍ය සංස්ථාවන්හි භාවිතය සඳහා තිබෙන්නේ අන්ත:ජාලයක් (Intranet) හෙවත් වෙබ් අඩවි 5,500කින් පමණ සමන්විත Kwangmyong නමැති කුඩා ජාලයක්. එය කොරියානු පරිගණක මධ්‍යස්ථානය විසින් පෙරහන් කරනු ලබනවා. වින්ඩෝස්/මැක් වෙනුවට ඔවුන් Linux මත පදනම් වූ එරටම සකසන ලද Red Star නමැති මෙහෙයුම් පද්ධතියක් පාවිච්චි කරනවා. එරිත්‍රියාව එරිත්‍රියාවේ පිහිටීම (wikimedia.org) අප්‍රිකාවේ රහසිගතම රාජ්‍යය එරිත්‍රියාව යි. මිලියන 6ක ජනතාවක් වෙනුවෙන් එක් ටීවී චැනලයක් සහ එක් පුවත්පතක් ඇති එරට ජනතාවට අධ්‍යාපනයක් ලබා ඊට සුදුසු රැකියාවක් ලබන්නට, රජය හෙළා දැකීමට අවස්ථාවක් නොමැති අතර කථන නිදහස අවහිර කර තිබෙනවා. සියල්ලන්ම හමුදා සේවයට හෙවත් වහල් සේවයට යා යුතු අතර උපාධි ලැබූවන්ට පවා එහි වෙනසක් නැහැ. ජංගම දුරකතන භාවිතය ක්‍රමයෙන් ඉහළ ගිය ද ඒවාට අන්තර්ජාල ඩේටා පහසුකම් ලබා දෙන්නේ නැහැ. රැහැන් සහිත දුරකතන අස්මාරා අගනුවර ආශ්‍රිතව සීමිතව තිබෙනවා. EriTel නමැති රාජ්‍ය දුරකතන සේවාව මඟින් අන්තර්ජාල අවස්ථා ලබා දෙන නමුත් සීමාකාරී යි. වාර්තාකරුවන් ලිපි ලිවීමේ දී රජය මාතෘකාවක් සමග සම්මුඛ සාකච්ඡාවක් ලබා දී එය ලිවිය යුතු කෝණය පෙන්වා දෙන අතර, බාහිර රටකට තොරතුරු සපයන බව හෙළි වුවහොත් සිරගත කරනවා. ඒ අනුව, අන්තර්ජාල සීමාවන්, මාධ්‍ය හිමිකාරීත්වය, මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, බාහිරින් තොරතුරු සැඟවීම යන කථන නිදහසෙහි සමස්ත මට්ටම ගත් විට උතුරු කොරියාවටත් වඩා වැඩි අවහිරතා ඇති රටක් ලෙස එරිත්‍රියාව සැලකෙනවා. චීනය දැඩි වාරණයන් ඇති චීනය (vox-cdn.com) චීන මහා ගිනිප්‍රාකාරය (The Great firewall of China) මඟින් සියළුම අන්තර්ජාල ගනුදෙනු පෙරහන් කරමින් IP අවහිර කිරීම්, සහ ආකේතනය නොකරන ලද දත්ත පැකට් පරීක්ෂාවට ලක් කර සංවේදී Keywords සඳහා පරීක්ෂා කරනවා. DNS poisoning සහ URL පෙරහන් කිරීම් යොදා ගනිමින් ඔවුන් වෙබ් අඩවි වෙත පිවිසුම් වළකනවා. Google, Gmail පමණක් නොව BBC, New York Times වැනි පුවත් සේවා වෙබ් අඩවි ද අවහිර කර තිබෙනවා. ලොවට හුරුපුරුදු වෙබ් අඩවි වෙනුවට ඔවුන් අන්තර්ජාල සෙවුම් සඳහා Baidu, සමාජ ජාලය වශයෙන් WeChat ආදිය භාවිතා කරන අතර මෑතකදී ප්‍රසිද්ධ වූ TikTok ඇප් එක එරට වාරණය කර නැහැ. මේ සේවාවන්ට හුරුව ඇති නිසා වෙනත් රටකට ගිය විට මහත් අපහසුතාවට ලක්වන බව එරට වැසියන් Independent වෙබ් අඩවියට පවසනවා. නමුත් එම අවහිරකිරීම් ගැන ඔවුන්ගේ අප්‍රසාදයක් නොමැති අතර රටේ දියුණුව වෙනුවෙන් ඔවුන් ඊට කැපවී ඉන්නා බව යි වැඩිදුරටත් එහි දැක්වෙන්නේ. අන්තර්ජාල නීති වෙනුවෙන්ම වූ ‘අන්තර්ජාල ‍පොලීසියක්’ යොදවා ඇති අතර අන්තර්ජාල ආරක්ෂාව, වීඩියෝ පරීක්ෂාව, මුහුණු පරීක්ෂාව වැනි තාක්ෂණයන් ද බහුලව එරට යොදා ගැනෙනවා. සෞදි අරාබිය ආගමික හේතූන් මත වාරණ (cpj.org) අන්තර්ජාලය හරහා බෙදා හැරෙන ඇතැම් පොත්පත්, සඟරා, පුවත්පත්, චිත්‍රපට, සහ රූපවාහිනී සේවා ආදිය ඉතා තදින් ‍සෞදි අරාබියේ නිරීක්ෂණයට ලක්වෙනවා. ආගමික හේතූන් මත මෙම පරීක්ෂා කිරීම් සිදුවන අතර දේශපාලනික, සමාජයීය සහ ආගමික වශයෙන් ඉස්ලාම් ධර්මයේ එන පිළිගැනීම්වලට පටහැනි දේවල් සහිත වෙබ් අඩවි විශාල ප්‍රමාණයෙන් එරට අවහිර කරනු ලබනවා. විද්‍යාව හා තාක්ෂණවේදය සඳහා වූ අබ්දුලාසිස් රජුගේ නගරයෙහි ඇති ප්‍රොක්සි සේවාවක් මෙයට යොදා ගැනෙනවා. අසැබි වෙබ් අඩවි, මත්ද්‍රව්‍ය, සූදු, සහ මුස්ලිම්වරුන්ව වෙනත් ආගම්වලට හරවා ගැනීමට උත්සුක වන වෙබ් අඩවිවලට වැට බැ‍‍ඳ‌ෙන අතර, සමලිංගිකත්වය සහ ෂියා මතවාදයන් ද එරට අන්තර්ජාලය තුළ තහනම් මාතෘකා බවට පත් වෙනවා. විකිපීඩියාව අවහිර කර නැතත්, තම ආගමික මතයට පටහැනි නිසා ‘පරිණාමවාදය’ වැනි ලිපි සඳහා පිවිසුම් වළකනු ලබනවා. ඉරානය Internet cafe එකක සිටින ඉරාන ජාතිකයන් (rferl.org) Facebook, Twitter, YouTube සහ සෞඛ්‍ය, විද්‍යා, ක්‍රීඩා, පුවත් මෙන්ම වෙළඳ වෙබ් අඩවි ඇතුළු ලොව වැඩිපුරම පාවිච්චි කරන වෙබ් අඩවි 500ක්ම පමණ ඉරානයේ වාරණය කර තිබෙනවා. පරිශීලකයන්ගේ අන්තර්ජාලය භාවිතය අවම කිරීමට ඔවුන්ව පීඩනයට ලක් කරනු වස් අන්තර්ජාල වේගයන් පවා අඩු කර ඇති බව ඇතැම් අධ්‍යයනයන් පෙන්වා දෙනවා. 2012 පටන් ඉරානයේ අන්ත:ජාලයක් (Intranet) ක්‍රියාත්මක වන අතර, VPN භාවිතය, වෙනත් රටවල ඊමේල් ‍සේවා (Gmail ආදී) භාවිතය, වෙනත් රටවල නිපැයූ ආරක්ෂක මෘදුකාංග භාවිතය පමණක් නොව අන්තර්ජාල සබඳතා ආකේතනය කරන HTTPS ක්‍රමවේදය පවා එරට අවහිර කර තිබෙනවා. මෙම පෙරහන් කිරීම් සඳහා අවශ්‍ය දෘඪාංග සහ මෘදුකාංග ඉරානයේම නිපදවාගෙන තිබෙනවා. ඒවා භාවිතයෙන් අසැබි වෙබ් අඩවි, සමලිංගික වෙබ් අඩවි, පර්සියානු බසින් ඇති වෙබ් අඩවි, තම අන්තර්ජාල අනන්‍යතාව සැඟවිය හැකි සේවාවන් ආදී සියල්ලක්ම අවහිර කරනවා. සිරියාව නිතර ප්‍රහාරයන්ට ලක්වන සිරියාව (amnesty.org) දේශපාලන හේතූන් මත නිරන්තරයෙන් සිරියාවේ අන්තර්ජාල වාරණයන් ක්‍රියාත්මක වෙනවා. ගැටුම් නිර්මාණය වීම් සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් පෙරහන් කිරීම් මෙන්ම අවහිර කිරීම් දේශපාලනික, සමාජ ජාල, Web tools ආදිය මත සිදු කෙරෙනවා. 2011 නොවැම්බරයේ දී, 2013 වසරේ දී 10 වරක් පමණ සහ 2014 මාර්තු මස දී අන්තර්ජාලය සම්පූර්ණයෙන්ම අවහිර කරන ලද අතර රජය පැවසුවේ ඒවා සිදුකරන ලද්දේ ත්‍රස්තවාදීන් විසින් බව යි. සිරියානු ඉලෙක්ට්‍රොනික හමුදාව නමින් හැඳින්වෙන රාජ්‍ය පරිගණක හැකර්වරුන් පිරිසක් යොදාගෙන විරුද්ධ දේශපාලන පක්ෂවලට සහ මානව හිමිකම් කණ්ඩායම්, පුවත් සේවා වැනි බටහිර වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාර, විකෘති කිරීම් ඔවුන් සිදු කරනවා. අන්තර්ජාල වාරණය හොඳ ද? අන්තර්ජාල බාධක බිඳීම දක්වන නිරූපණයක් (america.gov) ශ්‍රී ලංකාව තුළ අප්‍රේල් 21 වන දා ඇතිවූ ඛේදවාචකයෙන් පසුව ඇතිවූ සෑම ගැටුමකදීම රජය විසින් සමාජ ජාල වාරණය කරමින් පශ්චාත් ගැටුම් නිර්මාණය වීම වළක්වන නමුත් එමඟින් ව්‍යාපාර සහ සාමාන්‍ය ජන ජීවිතයට හා නිදහස් අදහස් ප්‍රකාශනයට බාධා එල්ලවන බව සමාජ මාධ්‍යයන් තුළම සඳහන් වෙනවා. වෙනත් රටවල ද දේශපාලනික, සදාචාරාත්මක ආදී විවිධ හේතූන් නිසා වාරණයන් සිදු කරන නමුත් නිදහස් මනසකින් ලොව දකින්නට සහ ලෝකය වෙත විවර වීමට අන්තර්ජාලය තුළ ඉඩකඩ ද එමඟින් අවහිර වී යනවා. බොහෝ රටවල VPN වැනි වෙනත් ක්‍රම භාවිතයෙන් අන්තර්ජාලයට පිවිසෙන නමුත් එම ක්‍රමයන්ගෙන් විශාල වශයෙන් දත්ත තෙවන පාර්ශවයන්ට ලැබීම සිදු විය හැකියි. ඇතැම් VPN සේවාවන් Peer-to-peer ක්‍රියාත්මක වන නිසා අපට වෙනත් කෙනෙක්ගේ උපාංගයක් හරහා අන්තර්ජාලය විවෘත වන්නාක් සේම වෙනත් රටවල අයට ද අපේ උපාංගය හරහා අන්තර්ජාලය භාවිතා කළ හැකි වෙනවා. එවිට ඔවුන් කිසියම් අකටයුත්තක් සිදු කළහොත් අපටත් වන්දි ගෙවන්නට සිදු වෙනවා. මේ නිසා එක් හේතුවක් මත ගන්නා තීන්දුවක් නිසා ව්‍යාපාර කඩා වැටීම, එදිනෙදා කටයුතු අඩාල වීම ඇතුළු තවත් විවිධ ගැටළු උද්ගත වීම සිදු වෙනවා. අන්තර්ජාලය සහ තාක්ෂණය සංයමයෙන් භාවිතය පරිශීලකයන්ගේ යුතුකම මෙන්ම පාලකයන්ට ද එහි නිදහස ලබා දීම සඳහා නීති සැකසීම් වැනි වෙනත් නිසි ක්‍රියාමාර්ග ගැනීමයි වැදගත් වන්නේ. කවරය: dmnews.com Related Articles චීනය අභිබවා කෘත්‍රීම බුද්ධිය වෙනුවෙන් ඇමරිකාව ගත් විධායක නියෝගය article විශේෂාංග මාර්තු 11, 2019 කාල යාත්‍රිකයන්ට වෙන්වූ Stephen Hawking ගේ අකාලික සාදය article විශේෂාංග නොවැම්බර් 17, 2021 සමාජ මාධ්‍ය භාවිතයේ දී අනු දත යුතු Community Standards article විශේෂාංග අප්‍රේල් 11, 2022 Akon නිර්මාණය කරන අපූර්ව නගරය article විශේෂාංග ජනවාරි 9, 2020 Yeheli.lk video විශේෂාංග ජනවාරි 16, 2019 යුධ පුහුණුවට ඇමරිකානුවන් HoloLens භාවිතා කරයි article විශේෂාංග දෙසැම්බර් 12, 2018 ගේම්වලින් ගේමක් දෙන්න යන, ලංකාවේ ගේමර්ස්ලා article විශේෂාංග ජනවාරි 24, 2019 ඡායාරූපකරණයේ දී එන ISO ගැන පැහැදිලි කිරීමක් article විශේෂාංග ඔක්තෝබර් 23, 2018 Roar සිංහල Roar Media is a South Asian multilingual media platform that produces original stories and provides analysis on complex issues. All our content aims to inform, educate, and inspire.
පරිසර දූෂණය පාලනය කිරීම සම්බන්ධයෙන් විදේශ මූල්‍යාධාර මඟින් ක්‍රියාත්මක වන ව්‍යාපෘති හතරක් ක්‍රියාත්මක කිරීමට පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. ව්‍යාපෘති මේ වසර තුළ ක්‍රියාත්මක කරන බව ඇමැතිවරයා කියයි. ඒ අනුව රසායනික ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය මඟින් වන පරිසර දූෂණය කළමනාකරණය සඳහා පරිසර අමාත්‍යාංශය කේන්ද්‍ර කර ගත් ප්‍රධාන සම්මුතීන් අතර වන බාසල් සම්මුතිය මඟින් ආවරණය කෙරෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ව්‍යපෘති යෝජනා දෙකක් සහ ගෝලීය වශයෙන් රසදිය මඟින් ඇති වන බලපෑම් අවම කෙරෙන මිනමාටා සම්මුතිය මඟින් ආවරණය කෙරෙන රසදිය කළමනාකරණයට අදාළ මාර්ගෝපදේශ සම්පාදනය හා දැනුම්වත් කිරීම සඳහා වන ව්‍යාපෘති යෝජනා දෙකක් වශයෙන් පරිසර දූෂණය හා රසායනික ද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ ව්‍යාපෘති 4ක් ක්‍රියාත්මක කිරීම කෙරේ. ඒ අනුව එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමත්, ඒ සඳහා වන අදාළ ගිවිසුම්වලට එළඹීමත් ඉදිරි කාලයේදී කිරීමට නියමිතය. Related News Post navigation රත්නපුරෙන් හමුවූ විශාල මැනික් ගල් පොකුරට ඇත්තටම දැන් මොකද වුනේ! “හිජාස් හිස්බුල්ලාගේ සැඟවුනු භූමිකාව” කිඹුල් කඳුළු වලින් වැසුණු තිත්ත ඇත්ත මෙන්න! Related posts ඉන්දීය මුදල් ඇමතිනිය අලි සබ්‍රිට කීවේ කුමක්ද? April 19, 2022 24Admin 0 ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ ඉහළ පෙළේ ඉන්දීය ආර්ථික දූත පිරිස අප්‍රේල් 18දා වොෂිංටනයේ IMF... News අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශය! April 19, 2022 24Admin 0 රටේ ජනතාව දුෂ්කරතා රැසකට මුහුණදී සිටින බව අප පිළිගත යුතු බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.... News පාස්කු දින ප්‍රහාරයට සම්පූර්ණ වගකිවයුත්තා නිලන්ත ජයවර්ධන! April 19, 2022 24Admin 0 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කල් තියා ලැබුණු තොරතුරුවලට අනුව නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු...
2022 පාපන්දු ලෝක කුසලානයේ මූලික වටයේ තවත් තරග හතරක් ඊයේ (22) සහ අද (23) අලුයම (ශ්‍රී ලංකා වේලාවෙන්) නිමාවට පත්වුනා. ප්‍රබල ආජන්ටිනාව පරදවා සෞදි අරාබිය ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වෙද්දී, ඕස්ට්‍රේලියාව පරදවා ලෝක ශූර ප්‍රංශය ජයග්‍රහණය ලබා ගන්නට සමත් වුනා. එමෙන්ම දිනයේ පැවති අනෙක් තරග වූ ටියුනීසියා – ඩෙන්මාර්ක් සහ පෝලන්ත – මෙක්සිකෝ තරග ජය පරාජයෙන් තොරව අවසන් වුනේ ගෝල රහිතවයි. ආජන්ටිනාව පරදා සෞදිය සවුදිය පුරයි – Saudi Arabia defeats Argentina ආජන්‍ටිනාව සහ සෞදි අරාබිය Lusail Iconic ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ 7 වැනි මිනිත්තුවේ දී සෞදි ක්‍රීඩකයෙකු සිදු කළ වරදක් නිසාවෙන් ආජන්ටිනාවට දඬුවම් පහරක් හිමි වුනා. එම දඬුවම් පහර එල්ල කිරීමේ වගකීම ලබා ගත් සුපිරි ක්‍රීඩක Lionel Messi පන්දුව ගෝලයේ වම් කෙළවරින් දැල වෙත එල්ල කරමින් තරගාවලියේ ගෝල ලබා ගැනීම ආරම්භ කළා. එම අර්ධය තුළ තවත් ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීමට ආජන්ටිනා ක්‍රීඩකයින් සමත් වූවත් එම ගෝල සියල්ල ක්‍රීඩක අනිසි ස්ථාන ගත වීම් නිසාවෙන් අවලංගු කළේ ආජන්ටිනා ප්‍රේක්ෂකයින්ගේ සතුට තාවකාලිකව නතර කරමිනුයි. ආජන්ටිනා ක්‍රීඩකයින්ට පීඩනයක් එල්ල කරමින් 48 වැනි මිනිත්තුවේ දී පළමු ගෝලය වාර්තා කරමින් සිය කණ්ඩායම තරගයට ගෙන ඒමට Saleh Al Shehriට හැකි වුනේ පන්දුව ප්‍රතිවාදී ආරක්ෂක ක්‍රීඩකයා සහ ගෝල රකින්නා පසු කරමින් ගෝලයට එල්ල කරමිනුයි. එම ගෝලයේ උණුසුම පහව යාමටත් පෙර ක්‍රියාත්මක වූ Salem Al Dawsari 53 වැනි මිනිත්තුවේ දී පන්දුව ගෝලයේ දකුණු කෙළවරින් ගෝලය තුළට එල්ල කරමින් දෙවැනි ගෝලය වාර්තා කළා. ඒ සමඟින් ආජන්ටිනා කණ්ඩායමේ තරග 36ක අපරාජිත ආධිපත්‍ය බිඳ හෙළමින් තරගාවලියේ පෙරළිකාර ජයක් ලබා ගැනීමට සෞදි ක්‍රීඩකයින් සමත් වුනා. ගෝල ලබා ගත් ක්‍රීඩකයින්, ආජන්ටිනාව: Lionel Messi 10’ (P) සෞදි අරාබිය: Saleh Al Shehri 48’ , Salem Al Dawsari 53’ තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම. “ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්, තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක. ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න. ඔට්ටුවක් තබන්න ⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗 සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න. දැන්ම සහභාගී වෙන්න Share Facebook Twitter Google+ Pinterest WhatsApp Previous article2023 IPL තරඟාවලියේ Sunrises Hyderabad කණ්ඩායමේ මීළඟ නායකයා වීමට ඉහළම සුදුසුකම් ඇති ක්‍රිඩකයා ලෙසට ඉන්දීය මාධ්‍ය දසුන් ශානකව අනාවරණය කරයි ! Shanaka is eligible to be the next captain of Sunrisers Hyderabad in IPL 2023. Next articleප්‍රබල ජර්මනිය ජපානය ඉදිරියේ පසුබසී – Japan beats Canada 2-1 manager RELATED ARTICLESMORE FROM AUTHOR FIFA world cup 2022 ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany’s cup dreams fade FIFA world cup 2022 එංගලන්තය, සෙනගාලය, ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට -England, Senegal, America and the Netherlands have qualified for the Super 16 FIFA world cup 2022 පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට- ... LATEST POST ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany’s cup dreams fade චාමික කරුණාරත්නට එරෙහිව යළි පරීක්ෂණයක්? – සිඩ්නි හිදී ශ්‍රී ලාංකික විවාහක කතකට දුරකතනයෙන් අයුතු යෝජනා ගෙනල්ලා, තෙරීම් කමිටු සභාපති කියයි. Another investigation against Chamika Karunaratne? චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය.! charith and dunith led the team to victory දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට කැදවයි- Dunit Vellalage and Asita Fernando are called up to battle against Afghanistan එංගලන්තය, සෙනගාලය, ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට -England, Senegal, America and the Netherlands have qualified for the Super 16 RECENT POST ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany’s cup dreams fade චාමික කරුණාරත්නට එරෙහිව යළි පරීක්ෂණයක්? – සිඩ්නි හිදී ශ්‍රී ලාංකික විවාහක කතකට දුරකතනයෙන් අයුතු යෝජනා ගෙනල්ලා, තෙරීම් කමිටු සභාපති කියයි. Another investigation against Chamika Karunaratne? චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය.! charith and dunith led the team to victory දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානයට එරෙහිව සටනට කැදවයි- Dunit Vellalage and Asita Fernando are called up to battle against Afghanistan EDITOR PICKS ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last... December 2, 2022 චාමික කරුණාරත්නට එරෙහිව යළි පරීක්ෂණයක්? – සිඩ්නි හිදී ශ්‍රී ලාංකික විවාහක... December 2, 2022 චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත්... December 2, 2022 POPULAR POSTS බාසිලෝනා ක්‍රීඩා අධ්‍යක්ෂවරයා පාපන්දු ක්‍රීඩාවේ වඩාත්ම බුද්ධිමත් මිනිසා බව මාර්සෙයිල් සභාපති... April 8, 2022 BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS... April 29, 2022 පා පන්දුවෙන් ලොව හොල්ලන ශ්‍රී ලාංකික රුවැත්තිය​..​ May 2, 2022 POPULAR CATEGORY Cricket368 Tournaments175 Sri Lankan Cricketers162 International Cricket157 Foreign Cricketers140 Local136 daily131 Domestic Cricket126 International114 ABOUT US Contact us: info-sl@1xbet-team.com FOLLOW US Powered by lankansports MORE STORIES 2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World... November 21, 2022 Lionel Messiගේ අවසන් තරගය මෙයද? Is this Lionel Messi’s last goal? November 22, 2022 '); var formated_str = arr_splits[i].replace(/\surl\(\'(?!data\:)/gi, function regex_function(str) { return ' url(\'' + dir_path + '/' + str.replace(/url\(\'/gi, '').replace(/^\s+|\s+$/gm,''); }); splited_css += ""; } var td_theme_css = jQuery('link#td-theme-css'); if (td_theme_css.length) { td_theme_css.after(splited_css); } } }); } })();
ලෝකයම නත්තල් අසිරියට සැරැසෙද්දී අමෙරිකාවේ ධවල මන්දිරයද කිසිවෙකුටත් නොදෙවැනි අන්දමේ අලංකාර නත්තලකට සැරසුණි. එතෙක් මෙතෙක් සිටි ජනාධිපති ආර්යාවන් අතර හොඳම මෝස්තරකාරියක ලෙස සැලකෙන මෙලානියා ට්‍රම්ප් නත්තල් සැරැසිලි ඇරඹුවේ ඔක්තෝබරයේ සිටය. සාමාන්‍යයෙන් අමෙරිකාවේ ප්‍රධාන පෙළේ නත්තල් ගස් දෙකක් දක්නට ලැබේ. එයින් එකක් ප්‍රධාන නගරයේ පිහිටුවන අතර එය (කැපිටල් ක්‍රිස්මස් ට්‍රී) ලෙස හැඳින්වෙයි. අනෙක් ප්‍රධාන නත්තල් ගස ධවල මන්දිරයේ දකුණු පස තණබිමේ පිහිටුවාලන ජාතික නත්තල් ගසයි. මෙවර ධවල මන්දිර නත්තල් ගස හෙවත් ජාතික නත්තල් ගස ගෙන ආවේ වොෂින්ටනයේ සිට සැතපුම් 2800ක් ඈතින් පිහිටි වනබිමක සිටය. එය නිල් ස්ප_ස් වර්ගයේ ගසකි. ප්‍රධාන නත්තල් ගස ඉඩාහෝහි ජාතික වනෝද්‍යානයෙන් ලබාගත් අඩි 80ක් උස එන්ගල්මාන් ස්පස් ගසකි. ධවල මන්දිරයේ ප්‍රධාන ජාතික නත්තල් ගස හැරෙන්නට එය වටා පරිවාර ගස් 57ක් සිටුවා තිබේ. අමෙරිකාවේ ප්‍රාන්ත නියෝජනය වන අන්දමටය. මෙවර මෙම නත්තල් ගස් සැරැසීම සඳහා 12,000කට වැඩි සැරැසිලි භාණ්ඩ යොදාගෙන තිබේ. අඩි 180,000 දිගැති LED බල්බ මාලාවන් ගස් වටා ඔතන්නට 150ක් පමණ ස්වේච්ඡා සේවකයන් යොදන්නට යෙදුණි. නත්තල් විස්කෝතු 31000ක් විශේෂයෙන් නිපදවා තිබේ. ධවල මන්දිරයේ ජනේල සහ දොරවල් සරසන්නට මල් රීත් 71ක් යොදාගන්නට යෙදුණි. රාත්තල් 350ක් බරැති අලංකාර ධවල මන්දිරයේ අනුරුවක් ඉඟුරු පාන්වලින් තනා තිබුණි. ධවල මන්දිරයේ මේ නත්තල් ගස ආලෝකමත් කරන නිල උත්සවය පැවැතියේ නොවැම්බර් 30දාය. එයට හොලිවුඩ් තරු ඇතුළු ප්‍රභූන් දහස් ගණනක් සහභාගි වූහ. දේශපාලනඥයන් 25000කට ආරාධනා කර තිබුණි. නමුත් කැපිටල් නත්තල් ගස ආලෝකමත් කළේ සය හැවිරිදි පාසල් සිසුවියකි. උතුරු කොරියාවේ නත්තල තහනම් අමෙරිකාවේ නත්තලට එසේ සැරැසුනද උතුරු කොරියාවේ නායකයා නත්තලට තහනමක් පනවා තිබුණි. නත්තල් දිනය උතුරු කොරියාවේ සාමාන්‍යයෙන් ආගමික වශයෙන් සැමැරෙන්නේ නැත. ඒ වෙනුවට දෙසැම්බර් 24 උතුරු කොරියානු නායකයාගේ මිත්තනිය මියගිය දිනය ලෙස සැමරුමට ලක්වේ. මේ දින ඇතුළු නත්තල් කාලය තුළ මත්පැන් භාවිතය මෙන්ම ගී ගැයීම සහ නැටීමද කොරියානු නායකයා තහනම් කර ඇත. ලොකුම නත්තල් ගස මේ අතර ලෝකයේ නත්තල ඉහළින්ම සරසන නගර ලෙස ප්‍රසිද්ධ ෆින්ලන්තයේ ලැප්ලන්තය, නිවියෝක්, අම්ස්ටර්ඩෑම්, වියානා සහ මියුනිච්වලද අපූරු නත්තල් අසිරියෙන් ආලෝකවත්ව තිබුණි. ලැප්ලන්තය නත්තල් සීයා, ප්‍රවාදයට ජීවය දුන් රටයි. පිනිමුවන් ගැවැසෙන, හිම වර්ෂාවෙන් පිරුණු එරට සාන්ත ක්ලෝස් ගම්මානය සහ උද්‍යානය ලෝකයේ දස දෙසින් පැමිණි සංචාරකයන් නත්තල් සමයට රොද බැඳගන්නා තැනකි. නිව් යෝක්, හොලිවුඩ් චිත්‍රපට නිසාම ලෝකයේම ප්‍රසිද්ධ වූ නත්තල් අසිරිය රැගත් නගරයකි. ලෝකයේ උසම නත්තල් ගස පිහිටා ඇත්තේ මෙහිය. එය ජාතික රොකකොලර් මධ්‍යස්ථාන භූමියේ පිහිටා ඇති අතර දෙසැම්බරය පුරා ප්‍රදර්ශනයට ලක්ව තිබේ. ඇම්ස්ට්ර්ඩෑමයද නත්තල සරුසාර ලෙස සමරණ අතර අඩි 20ක් උසැති අලංකාර නත්තල් ගසක් එහි ඩෑම් චතුරශ්‍රයේ පිහිටුවා තිබේ. වියානාවද නත්තල ඉහළින්ම සමරන්නේය. අපේ රටේ වෙසක් දන්සැල් මෙන් එරට මාර්ග අයිනේ සංචාරකයන්ට ආහාර සපයන ස්ථාන පවතී. පුංචි ප්‍රේස්ට්‍රියක් වැනි කටගැස්මක් සමඟ වයින් වීදුරුවක් හැමෝටම නොමිලේ ඕනෑතරම් ලබාදෙයි. මියුනිච්හි අඩි 100ක් උසැති නත්තල් ගසක් චිරාත්කාලයක සිට නත්තල් සමයට පිහිටුවයි. ලොකු ට්‍රෑම්වල තබාගන ඉඟුරු පාන්, විස්කෝතු සහ වයින් සැමටම නොමිලේ බෙදාදීම මෙරටේද සිදුවේ. Facebook Twitter Google+ Pinterest You Might Also Like GOSSIP LANKA NEWS « PREV NEXT » Newer Post Older Post Home Facebook Comments APPID Loading... Most Reading CRYSBRO Corn Fed Golden Yellow Chicken | බඩ ඉරිගු ආහාරයට ගන්නා කුකුලන්ගේ මස් ලාංකීය වෙලදපොලට ආහාර මිලදී ගැනීමේදී එහි ගුණාත්මක බව සහ පැහැය පිලිබඳව පාරිභෝගිකයින් වෙසෙසින්ම සැලකිලිමත් වේ. රන් පැහැයෙන් යුත් කහ මදය සහි... කොට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාල විද්‍යාලයේ විදුහල්පති මත්ද්‍රව්‍ය වෙලදාමට හවුල්ද? දෙමවුපියන් චෝදනා නගයි fldÜfÜ wdkkao Ydia;‍%d, úoHd,fha úÿy,am;sg úreoaOj miq.shod úfrdaO;djhla mdi, bÈßfha§ mej;=ks' ta Tyqf.a ¥Ys; md,khg tfrysjhs' ... කෙල්ලන්ගේ ඇඟ දිහා බලලා ගති ගුණ හොයාගන්නේ මෙන්න මෙහෙමයි ia;%S foay ,laIK j,ska fy<s lrk ryia fndfyduhla ;sfhkjd'tajdhska lsysmhla .ek lshkakïflda' Th;a n,kak fï ,laIK Thdg;a ;sfhkjo ... අතවර සිද්ධියට ධනුෂ්කගේ සම්බන්ධයක්‌ නැහැ l%slÜ‌ l%Svl OkqIal .=K;s,lf.a ñ;=rl= úiska fkda¾fõ cd;sl ;reKshlg fld<U msysá fydag,hl § w;jr lrk ,o nj lshk isoaêh iïnkaOfhka úu¾Yk ... ගණිකාවන් විකුණපු ‘ස්පා’ ජාවාරමට ‍පොලිස් ලොක්කෙකුගෙන් ලොකු කරුණාවක් iïndyk wdh;khla uqjdfjka le,Ksfha mj;ajdf.k .sh uyd mßudK .Ksld cdjdrula jeg,Sug wêlrK ksfhda.hla o /f.k .sh ‍fmd,sia ks,OdÍka wod< je... තරුණයන් තමන්ට වඩා වයසින් වැඩි කාන්තාවන්ට ආකර්ෂණය වෙන හේතුව මෙන්න ;ukag jvd jhiska jeäuy¿ ldka;djka iu. iïnkaO;d we;s lr.kak oeka ldf,a ;reKhka ;=, ;sfnkafka úYd, Wkkaÿjla' ird.S fmkqu ;reKhk... මන්නයක් අතැතිව ග්‍රීස්‌ යකෙක්‌ හෙළුවෙන් ඇවිදින හැටි මෙන්න rd;%S ld,fha yd wÆhï ld,fha ksrej;ska ießirk .%Sia‌ hfll= ksid fydaud.u mkdf.dv rKúre .ïudkh" frdñfh,a udj;" me<|f.dv" ... නාමල් එක්ක පෙමෙන් වෙලෙනවායැයි කිව්ව අයට මාධවී ඇත්තම පෙම හෙළි කරයි : Madhavee Anthony මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ලොකු දුව. ඉතින් පසුගිය දවස්වල මාධවී විසින් නාමල් රාජපක්ෂ සමග සිටින ඡායාරූපයක් සමාජජාල මාධ්‍යයන... දුලභ දියමන්තියක් සොරාගත් ලාංකිකයා ඩුබායිහි දී අමාරුවේ wfußldkq fvd,¾ ñ,shk 20la ják Èhuka;shla fidrlï fldg furgg tjQ ,dxlslhl= vqndhs fmd,sia w;awvx.=jg f.k ;sfí' ielalre trg uq,H wdh... දීපිකා ප්‍රියදර්ශනී පීරිස් විවාහ ගිවිස ගනී [ Photos ] ckm‍%sh .dhk Ys,amskS úYdro §msld m‍%sho¾YkS újdy Èúhg msúiqKd' ta nexl= lafIa;‍%fha lghq;= lrk pdñl l=udr uy;d iuÛska' Tyq ... ADVERTISEMEN - Advertisement - - Advertisement - - Advertisement - - Advertisement - Categories gossip lanka About Us දෙස් විදෙස්, ආර්ථික, ක්‍රීඩා, ලග්න ඵලාපල, තාක්ශණික හා විනෝදාත්මක පුවත් සඳහා පිවිසෙන්න. අපගේ නිල වෙබ් අඩවිය www.gossip99.com Popular Posts CRYSBRO Corn Fed Golden Yellow Chicken | බඩ ඉරිගු ආහාරයට ගන්නා කුකුලන්ගේ මස් ලාංකීය වෙලදපොලට ආහාර මිලදී ගැනීමේදී එහි ගුණාත්මක බව සහ පැහැය පිලිබඳව පාරිභෝගිකයින් වෙසෙසින්ම සැලකිලිමත් වේ. රන් පැහැයෙන් යුත් කහ මදය සහි... කොට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාල විද්‍යාලයේ විදුහල්පති මත්ද්‍රව්‍ය වෙලදාමට හවුල්ද? දෙමවුපියන් චෝදනා නගයි fldÜfÜ wdkkao Ydia;‍%d, úoHd,fha úÿy,am;sg úreoaOj miq.shod úfrdaO;djhla mdi, bÈßfha§ mej;=ks' ta Tyqf.a ¥Ys; md,khg tfrysjhs' ... කෙල්ලන්ගේ ඇඟ දිහා බලලා ගති ගුණ හොයාගන්නේ මෙන්න මෙහෙමයි ia;%S foay ,laIK j,ska fy<s lrk ryia fndfyduhla ;sfhkjd'tajdhska lsysmhla .ek lshkakïflda' Th;a n,kak fï ,laIK Thdg;a ;sfhkjo ... අතවර සිද්ධියට ධනුෂ්කගේ සම්බන්ධයක්‌ නැහැ l%slÜ‌ l%Svl OkqIal .=K;s,lf.a ñ;=rl= úiska fkda¾fõ cd;sl ;reKshlg fld<U msysá fydag,hl § w;jr lrk ,o nj lshk isoaêh iïnkaOfhka úu¾Yk ... ගණිකාවන් විකුණපු ‘ස්පා’ ජාවාරමට ‍පොලිස් ලොක්කෙකුගෙන් ලොකු කරුණාවක් iïndyk wdh;khla uqjdfjka le,Ksfha mj;ajdf.k .sh uyd mßudK .Ksld cdjdrula jeg,Sug wêlrK ksfhda.hla o /f.k .sh ‍fmd,sia ks,OdÍka wod< je... Labels COPYRIGHT © 2014 - Gossip99 @ Lak Media Network Pages Home FAQ About Contact Instagram accessToken '); //$(".dropdown-menu.fullwidth .row").wrap(' '); // featured post $('.FeaturedPost h3').each(function() { $(this).insertAfter($(this).parent().find('img')); }); $('.FeaturedPost p').each(function() { $(this).insertAfter($(this).parent().find('h3')); }); $('.FeaturedPost .post-summary').each(function() { var $this = $(this); var postlink = $this.find('h3 a'); $.get(postlink.attr('href'), function(data) { postlink.parent().after(' ' + $( data).find('.meta').html() + ' '); }, "html"); }); // contact form $(".ContactForm .contact-form-widget").addClass("fbt-contact-box"); $(".contact-form-widget form").attr("id", "contact-form"); $("#contact-form input").removeClass("contact-form-name"); $("#contact-form input").removeClass("contact-form-email"); $("#contact-form input.contact-form-button").wrap(" "); $("#contact-form #submit-contact input").removeClass(); // Back to Top var $ele = $('#BackToTop'); $(window).on('scroll', function() { $(this).scrollTop() >= 200 ? $ele.show(10).animate({ bottom: '0' }, 10) : $ele.animate({ bottom: '-50px' }, 10) }); $ele.on('click', function(e) { e.preventDefault(); $('html,body').animate({ scrollTop: 0 }, 400) }); // Theia Sticky Sidebar $('.post-left-sidebar, .post-sidebar').theiaStickySidebar({ "additionalMarginTop": "25", }); $('.sidebar').theiaStickySidebar({ "additionalMarginTop": "25", }); $('.left-sidebar').theiaStickySidebar({ "additionalMarginTop": "25", "additionalMarginBottom": "31", }); $('.homepage-content').theiaStickySidebar({ "additionalMarginTop": "25", }); $('.post-container').theiaStickySidebar({ "additionalMarginTop": "25", }); // comments avatar resize $('#comments .avatar-image-container img').attr('src', function(i, src) { return src.replace('s35', 's60') }); // Tooltip $('[data-toggle="tooltip"]').tooltip(); //page navigation $(".index .blog-pager").addClass("pagenav"); $(".showpageOf").addClass("pages"); $(".pagecurrent").addClass("current"); //first blog post $(".post-body .post-grid").first().removeClass("col-md-6").removeClass("col-xs-6").addClass("first-post"); $(".post-body .first-post .post-content").removeClass("post-content").addClass("img-credits"); $('.first-post .img-credits').appendTo('.first-post .img-thumb, .first-post .video-preview'); }); // loading blog $('.loader-mask').delay(250).fadeOut('600'); //popular posts $(".PopularPosts .item-title a").wrapInner(" "); $('.PopularPosts .widget-content ul li').each(function() { var $this = $(this); var postlink = $this.find('.item-title a'); var postURL = postlink.attr('href'); var postimgURL = $this.find('.item-thumbnail a img').attr('src'); $.get(postlink.attr('href'), function(data) { postlink.parent().after(' ' + $( data).find('.meta').html() + ' '); }, "html"); }); $(".PopularPosts img").attr('src', function(i, src) { return src.replace('w72-h72', 'w90-h70'); }); $(".PopularPosts .item-snippet").each(function(i) { len = $(this).text().length; if (len > 110) { $(this).text($(this).text().substr(0, 72) + '...') } }); // feature image $('.item .post-body .separator').first().addClass("hide"); $('.item .post-body img').first().appendTo('.fbt-post-header'); //]]>
පොලිස් ආබාධිත රණවිරු සංගමය හා මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අතර සාකච්ඡාවක් පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවැත්විණ මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් වුණේ 88/89 අවධියේ ජනතා විමුක්ති පෙරමුණේ පෙරමුනේ භීෂණ සමයේ මියගිය හා ආබාධිත වූ පොලිස් නිලධාරීන්ගේ ගැටළු සම්බන්ධයෙනි. 88/89 සමයේ පොලිස් නිලධාරීහු 290 ක් මිය ගොස් ඇති අතර නිලධාරීන් 25ක් ආබාධිත තත්වයේ පසුවන අතර වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගන්වන ලද පොලිස් නිලධාරීන් හට මියයන තුරා දීමනා ගෙවීම සදහා වර්තමාන රජය මෙම වසරේ ගත් තීන්දුව ක්‍රියාත්මක වීමේ ප්‍රමාදය ආබාධිත රණවිරු සංගමය විසින් පෙන්වා දුන් අතර එසේ වීමට හේතු වූ තාක්ෂණික ගැටලු විසඳීමට මැදිහත් වන බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී පොරොන්දු විය. එසේම එල්ටීටීඊ ප්‍රහාර මගින් තුවාල ලබා විශ්‍රාම ගන්වන ලද නිලධාරීන්ට ලබාදී ඇති උසස් වීම් ඇතුළු වරප්‍රසාද මෙන්ම අවශ්‍ය විටදී කඩනමින් විශ්‍රාම ගැනීමට අවශ්‍ය කටයුතු තමන් වෙත ලබා දෙන මෙන් ඉල්ලා සිටි අතර ඒ පිළිබඳව ඇති හැකියාව හා අවකාශය සොයා බලා අවශ්‍ය කටයුතු කිරීමට උපරිම උත්සාහය යොදවන බවද මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය. public news Tweet on Twitter Share on Facebook Google+ Pinterest Previous Article ජනදුක ජනමාධ්‍ය හෙළිකිරීම නිසා නව නිවාස 30ක් ජනතාවට හිමි වෙලා Next Article රාජ්‍ය කඨින මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් Recommended For You දේශීය ලොකු ළුැණු වගාවත් හාන්සි වෙන ලකුණු ඖෂධ නියාමන අධිකාරියේ ගැහිලි ගැන ඇමැති චන්නගේ දැඩි අවධානය IOC ඉන්ධන මිල අහසටම නග්ගයි ! ජනපතිගෙන් ‘කිරි ගොවියාට කිරි ඉතිරෙන‘ නියෝගයක් මහ කන්නයේ වී අස්වැන්න 50%කින් අඩුවෙලා – ගොවීන් මැසිවිලි නගයි මේ වන විට යුක්රේනයේ නවතම තත්ත්වය කුමක් ද? About the Author: Thusal Search for: Archives Archives Select Month August 2022 (3) March 2022 (2) February 2022 (155) January 2022 (194) December 2021 (239) November 2021 (256) October 2021 (203) September 2021 (234) August 2021 (252) July 2021 (276) June 2021 (303) May 2021 (300) April 2021 (200) March 2021 (297) February 2021 (272) January 2021 (315) December 2020 (307) November 2020 (360) October 2020 (363) September 2020 (359) August 2020 (380) July 2020 (320) June 2020 (307) May 2020 (333) April 2020 (390) March 2020 (421) February 2020 (405) January 2020 (530) December 2019 (563) November 2019 (555) October 2019 (724) September 2019 (605) August 2019 (529) July 2019 (590) June 2019 (548) May 2019 (665) April 2019 (575) March 2019 (48) Follow Us Stay updated via social channels Tags AG NEWS agriculture Business COPE COVID 19 Economy Entertetment fashion Featured GAJABA NAGAWATHTHA GOSSIP health HM NEWS INTERNATIONAL JVP KARU JAYASURIYA NEWS FM NEWS PUBLIC parliament pmd news POLITICAL POLITICAL NEWS Prime media PR MEDIA PR NEWS public news sajith pramadasa Sanath M Bandara santh m bandara sl army commander slarmy news sl cricket Sl CRICKET - WOMAN TEAM SLFP - SLPP sl vs west 2020 sl v west Sport unhcr unp Week in Pictures Wimal Weerawansa woman women ජනපති ‍fashion දුරකථනය: +94-766-109836 විද්‍යුත් තැපෑල: bhathiyabarukanda@gmail.com © සියලුම හිමිකම් ඇවිරිණි. මෙම වෙබ් අඩවියේ පළවන ලිපි අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් වන අතර එම ආචාරධර්ම උල්ලංඝනය කරමින් නීතිවිරෝධීව උපුටාගන්නන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරනු ඇත.
අද වන විට ජගත් ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවට වසර 140 ක් වෙනවා. ඒ වාගේම ජගත් එක්දින තරඟ ආරම්භ කර අවුරුදු 46 කුත්, ටී 20 ජාත්‍යන්තර තරඟ කරළියට පැමිණ වසර 12 කුත් ගත වෙලා. මේ දීර්ඝ කාලය තුළ විවිධ කණ්ඩායම්වලට අයත් දක්ෂ ක්‍රීඩකයන් සිය ගණනක් ප්‍රේක්ෂකයන් නෙත ගැටෙන්නට ඇති. මොවුන්ගෙන් සමහරක් තම දක්ෂතාවයට උපරිම සාධාරණයක් ඉටුකරමින් ක්‍රිකට් ඉතිහාසය නැවත ලියූ අතර සමහරකට තරඟ තහනම් පැනවීම, විවිධ ආබාධ අාදිය නිසා ඒ තත්වයට යන්නට නොහැකි වුණා. ඒ අතරිනුත් ඉතාම අවාසනාවන්තයින් කිහිප දෙනෙක්ම ඉන්නවා. ඉතාම දීප්තිමත් අනාගතයක පෙර මං පෙනි පෙනී සිටියදී, එහෙමත් නැතිනම් හොඳ ස්ථානයකට පත්ව, තමන්ගේ රට වෙනුවෙන් තවදුරටත් ක්‍රීඩා කිරීමේ හැකියාවක් තිබියදී තමන්ගේ ජීවිතයෙන් සමු ගන්නට ක්‍රීඩකයෙක්ට සිදු වුණොත් ඒක කොයි තරම් අවාසනාවක්ද? ඒ වාගේම ඔහුගේ රටට, ප්‍රේක්ෂකයින්ට කොයි තරම් බලවත් කණගාටුවක්ද? මේ ලිපියෙන් කියැවෙන්නේ ලෝකයම හැඬවූ ක්‍රිකට් ලොවේ එවැනි අති දක්ෂ අවාසවන්තයින් කිහිප දෙනෙක් ගේ ඉරණම් ගැන‍යි. පිලිප් හියුස් – ඕස්ට්‍රේලියාව (වයස අවුරුදු 25) (espncricinfo.com) මේ හුරුබුහුටි ඕස්ට්‍රේලියානුවාගේ ඛේදජනක මරණය නම් තවමත් ලාංකීය ක්‍රිකට් ලෝලීන්ට මතක ඇතුවා නිසැකයි. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 26ක් හා එක්දින තරඟ 25 ක්‍රීඩා කර ඇති මොහු ශ්‍රී ලංකාවට එරෙහිවද හොඳින් දස්කම් දක්වා තිබෙනවා. ඉතාම ප්‍රිය මනාප ක්‍රීඩකයෙක් වූ මොහු තාක්ෂණයෙන් ඉතා පිරිපුන් නිසා අනාගාතයේ ඉතා හොඳ ටෙස්ට් ක්‍රිකට් තරුවක් වේ යැයි බොහෝ දෙනා අනාවැකි කීවා. ෆිල් හියුස් 2014.11.25 දින ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පළමුපෙළ ක්‍රිකට් තරඟාවලිය වන ෂෙෆීල්ඩ් පළිහ ශූරතාවයට අයත් තරඟයකදී පන්දුව ගෙළේ වැදීමෙන් අනතුරකට ලක් වෙනවා. ප්‍රතිවාදී පිළේ ෂෝන් ඇබොට් විසින් එවන ලද වේගපන්දුව සිය වම් කණට පහළින් ගෙළේ වැදීම නිසා ඔහු සිහි විසඥ වෙනවා. වහාම ළඟම ඇති ශාන්ත වින්සන්ට් රෝහලට ඇතුළු කළත් ඔහුගේ තත්වය හොඳ අතට හැරෙන්නේ නෑ. මේ අතර වෛද්‍යවරු පන්දුව වැදීම නිසා ඔහුගේ මොළයට රුධිරය ගමන් කරන ප්‍රධාන නාළයක් පුපුරා ඇති බවත්, අභ්‍යන්තර රුධිර වහනය නිසා ඔහුගේ තත්වය අසාධ්‍ය බවත් සොයා ගන්නවා. ලෝකයම හඬවමින් ඊට දින දෙකකට පසු ෆිල් හෙවත් පිලිප් හියුස් ලොවෙන් සමුගන්නේ ඕස්ට්‍රේලියාවෙන් බිහි වෙන්නට තිබුණු තවත් සුපිරි තරුවක් ලෝකයට අහිමි කරමින්. ඒ වන විට ඔහුගේ 26 වන උපන්දිනයට තිබුණේ දවස් 3 ක වාගේ කාලයක්. අනතුරෙන් පසුව හියුස් ඇද වැටී (espncricinfo.com) හැන්සි ක්‍රොන්යේ – දකුණු අප්‍රිකාව (වයස අවුරුදු 32) (post.jagran.com) හැන්සි ක්‍රොන්යේ කියන්නේ දකුණු අප්‍රිකාව බිහි කළ විශිෂ්ටම ක්‍රිකට් නායකයෙක් වගේම තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. නමුත් 2000 වසරේදී ඉන්දියාවේ කළ සංචාරයකදී ඔහු තරඟයක් මුදලට පාවා දෙනවා. වරද පසුව හසු වන අතර ඔහු එය පිළිගත්තත් ඉන් ඔහුව ජීවිත කාලය පුරා තරඟ තහනමකට ලක්වෙනවා. ඊට අවුරුදු දෙකකට පසු එනම් 2002 දී හදිසියේම ඔහු ගමන් කළ කුඩා ගුවන් යානයක් කඳුකර පෙදෙසකට කඩා වැටී ඔහු මරණයට පත් වෙනවා. ඒ වන විට තරඟ පාවාදී ප්‍රේක්ෂක ගැරහුමට ලක්ව සිටියත් ඔහුගේ මරණය දකුණු අප්‍රිකාණුවන් සංවේගයට ලක් කළේ ඊට පෙර ඔහු සිය රට වෙනුවෙන් දැක්වූ දස්කම් නිසයි. මිය යන විට 32 වියේ පසු වුණු ක්‍රොන්යේ එවකට තහනමකට ලක්ව සිටියත් තවත් අවුරුදු 6 ක පමණ කාලයක් ක්‍රිකට ක්‍රීඩාවේ නිරත වීමට තරම් ශරීර යෝග්‍යතාවක් ඔහු තුළ තිබුණා. රුනාකෝ මෝටන් – බටහිර ඉන්දීය කොදෙවු (වයස අවුරුදු 33) (espncricinfo.com) බටහිර ඉන්දීය කොදෙවු හි රුනාකෝ මෝටන් පිතිකරුවෙක් ලෙස කුඩා කාලයේදීම විශිෂ්ට දක්ෂතා දැක්වූ අයෙක්. කෙදිනක හෝ ජාතික වර්ණ ලැබෙනු ඇතැයි ඔහුගේ උපන් රට වන ට්‍රිනිඩ්‍රෑඩ් හා ටොබේගෝ හි වැසියන් විශ්වාස කළා. සිතූ ලෙසම ඔහුට එ් අවස්ථාව ලැබුණත් නිසියාකාර දක්ෂතා නොපෙන්වීම නිසා වරින් වර කණ්ඩායමෙන් ඉවත් වීමට ඔහුට සිදු වුණා. වරින් වර සිය නිසඟ හැකියාව උපරිමයෙන් පෙන්වීමට ඔහුට හැකි වුණා. විශේෂයෙන්ම 2006 වසරේ නේපියර් හීදී සත්කාරක නවසීලන්තයට එරෙහිව ඔහු ලද ශතකය ඊට නිදසුනක්. අසාර්ථක වීම නිසා 2010 දී කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වන ඔහු ඉන් පසු වසර දෙකක්ම ජාතික කණ්ඩායමට තේරෙන්නේ නෑ. තවත් වසර කිහිපයකට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට හැකියාව මෝටන් තුළ ඉතිරිව තිබීම නිසා ප්‍රේක්ෂකයන් ඔහු නැවතත් කණ්ඩායමට පැමිණේ යයි බලාපොරොත්තුවෙන් සිටියත් කිසිදා එය ඉටු නොවුණේ 2012 මාර්තු 4 වැනි දින සිදු වූ රිය අනතුරකින් ඔහු අකාලයේ මරු වසඟයට යාම නිසායි. බෙන් හොලියොක් – එංගලන්තය (වයස අවුරුදු 24) (mid-day.com) ඇඩම් හොලියොක් හා බෙන් හොලියොක් සොහොයුරන් දෙදෙනා එංගලන්තයට හිමි වූ වටිනා සම්පත් දෙකක්. ඕස්ට්‍රේලියාවේ ඉපිද එංගලන්තයට පැමිණෙන මොවුන් දෙදෙනාගෙන් බාල සොහොයුරු වන බෙන් හොලියොක් ජාතික වර්ණ දිනා ගන්නේ වයස අවුරුදු 20ක් පමණ වන විටයි. නමුත් ඔහු ජාතික කණ්ඩායමේදී ඒ තරම් සාර්ථක වන්නේ නෑ. ඔහුට ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ ටෙස්ට් තරඟ 2ක් හා එක්දින තරඟ කිහිපයක් පමණයි. අසාර්ථක වුවත් උපන් දක්ෂයෙක් වූ නිසාම ඔහු ගැන එංගලන්ත ක්‍රිකට් බලධාරීන් හැම විටම අවධානයෙන් සිටි අතර වයසින් මුහුකුරා යාමත් සමඟ දක්ෂතා අතරට පැමිණීමට ඔහුට හැකි වෙනු ඇතැයි විශ්වාස කෙරුණා. නමුත් ඒ ප්‍රාර්ථනා සුන් කරමින් 2002 වසරේදී ඕස්ට්‍රේලියානු සංචාරයක යෙදී සිටි බෙන් හොලියොක්ගේ කාරය තාප්පයක වැදී දරුණු අනතුරක් සිදු වෙනවා. මින් බරපතල තුවාල ලබන ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකි වෙන්නේ නෑ. මිය යන විට ඔහු 24 වැනි වියේ පසු වුණා. බෙන් හොලියොක් ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ට වැදගත් වෙන්නේ ඔහු මුත්තයියා මුරලිදරන්ගේ 200 වන ටෙස්ට් ගොදුර වීම නිසායි. ආචි ජැක්සන්- ඕස්ට්‍රේලියාව (වයස අවුරුදු 23) (youtube.com) ආචි ජැක්සන් යන නාමය වර්තමානයේ ක්‍රිකට් නරඹන්නන්ට ඒ තරම් හුරු පුරුදු නැති වුණත් 1920 දශකයේ ක්‍රිකට් නැරඹූවෙකුට නම් ඒ තරම් නුපුරුදු නමක් නෙවෙයි. ලොව විශිෂ්ටම පිතිකරු ලෙස අදටත් සැළකෙන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ සමකාලීනයෙක් වූ ආචි ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම ලබන්නේ වයස අවුරුදු 19දී. සිය පළමු ටෙස්ට් තරඟයේ පළමු ඉනිමෙදීම සිය දක්ෂතාවය ප්‍රකට කරන මේ හිරිමල් යෞවනයා ආරම්භක පිතිකරු හැටියට පැමිණ මනරම් ලකුණු 164ක් ලබා ගන්නේ එම කණ්ඩායමේම සිටි ඩොනල්ඩ් බ්‍රැඩ්මන්වත් පහසුවෙන් අභිබවමින්. එම ඉනිමත් සමඟ ඔස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයන් අනාගතයේ ඔහුගෙන් බ්‍රැඩ්මන්ගෙන් මෙන්ම ශතක වරුසාවක් බලාපොරොත්තු වෙන්නට ඇති. නමුත් සියළු දෙනාගේ අවාසනාවට ඔහුට එවකට සුව කළ නොහැක්කක් වූ ක්ෂ‍ය රෝගය වැළඳෙනවා. සිය ක්‍රිකට් ජීවිතයේ රැස් කළ එකම ශතකය ලෙස මංගල තරඟයේ ලකුණු 164 හි මතක සටහන පමණක් ඉතිරි කරන අාචි ක්‍රීඩා කරන්න සමත් වන්නේ ටෙස්ට් තරඟ 8කට පමණයි. ආචි ජැක්සන් එංගලන්තය ඕස්ට්‍රේලියාවට හොඳ හැටි බැට දුන් ‘බොඩි ලයින්’ තරඟාවලිය අතරතුර මෙලොවින් සමුගන්නේ මද කාලයක් දුක් විඳීමෙන් අනතුරුවයි. ඒ වන විට වයස අවුරුදු 23ක් පමණක් වූ මොහු ජීවත්ව සිටියා නම් සමහර විට ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට සිය වාර්තා කිහිපයක්ම ඔහුට පුදන්නට සිදු වනු නිසැක බවට ක්‍රිකට් විද්වතුන් මත පළ කර තිබෙනවා. ට්‍රෙවෝ මැඩොන්ඩෝ – සිම්බාබ්වේ (වයස අවුරුදු 24) (news.bbc.co.uk) සිම්බාම්වේ කණ්ඩායම නියෝජනය කළ පළමු කළු ජාතික පිතිකරු වන ට්‍රෙවෝ මැඩොන්ඩෝ ගැන එහි ප්‍රේක්ෂකයන් දැක්වූයේ යහපත් ආකල්පයක්. ලැබුණු අවස්ථාවල හොඳින් දක්ෂතා අතරට එන්නට නොහැකි වුණත් මදින් මද ඔහු තම දක්ෂතා වර්ධනය කරගන්නා බව පෙණුනා. නමුත් 2001 වසරේදී ඔහු ගොදුරු වුණු මොළයේ මැලේරියාවෙන් සුවය ලබන්නට තරම් වාසනාවක් මැඩොන්ඩෝ ට තිබුණේ නැහැ. 2001 වසරේදී මිය යන විට ඔහුට යාන්තම් වසර 24ක්ව තිබූ අතර ක්‍රීඩා කර තිබුණේ ටෙස්ට් තරඟ 3 කට හා එක්දින තරඟ 13 කට පමණයි. විශේෂ සිහි කිරීම : මලික් අලස් – ශ්‍රී ලංකාව (වයස අවුරුදු 17) මලික් අලස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තබා පළමු පෙළ ක්‍රිකට්වත් ක්‍රීඩා කර නොතිබූ යෞවනයෙක්. නමුත් ඩී.ඇස් සේනානායක විද්‍යාලයට ක්‍රීඩා කරන සමයේදී බොහෝ දෙනා අනාවැකි කීවේ මොහුත් අර්ජුන රණතුංග හා අරවින්ද ද සිල්වා මෙන්ම පාසල් අධ්‍යාපනය නිම වූ සැණින් ජාතික කණ්ඩා‍යමට ක්‍රීඩා කරනු ඇති බවයි. 1984 වසරේ එක් දිනයක පාසල් තරඟයක් අතරතුර එක්ස්ට්‍රා කවර් කලාපයේ පන්දු රකිමින් සිටි මලික් දෙසට වේගයෙන් පැමිණි පන්දුවක් රැක ගැනීමට යාමේදී ඔහුගේ හිසේ පිටුපස පන්දුව වැදී ඔහු සිහි විසඥ වෙනවා. වහාම ප්‍රතිකාර සඳහා රැගෙන ගියත් ඔහුගේ දිවි බේරීමට වෛද්‍යවරුන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ ආකාරයට ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙන්නට ගිය විශිෂ්ට සම්පතක් ජාතික ක්‍රිකට් අත්පොත් තබන්නටත් පෙර ජාතියට අහිමි වෙනවා. මිය යන විට මලික්ගේ වයස අවුරුදු 17ක් පමණයි. අපි මේ කියා අැති ක්‍රීඩකයන්ට අමතරව අකාලයේ මිය ගිය තවත් ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන දන්නවා නම් ඔවුන් ගැන අනෙක් පාඨකයන් එක්ක තොරතුරු බෙදා ගන්නත් ඔබට පුළුවන්. 1 කවරයේ පින්තූරය (espncricinfo.com) මූලාශ්‍ර www.independent.co.uk www.cricwaves.com espncricinfo.com sundaytimes.lk Related Articles යුද්ධයෙන් උපන් ඇෆ්ඝනිස්ථානයේ ක්‍රිකට් article ක්‍රීඩා ජූලි 26, 2017 ගාලු පිටියේ ක්‍රිකට් වාර්තා අලුත් කළ සිංහ-කිවි ටෙස්ට් තරගය article ක්‍රීඩා අගෝස්තු 20, 2019 ආසියානු කුසලානයේ සත්කාරකත්වය ලංකාවට හිමිවන ලකුණු article ක්‍රීඩා ජූනි 30, 2020 2005 අළුබඳුන තරගාවලියේ ෆ්ලින්ටොප්ගේ හපන්කම් article ක්‍රීඩා අගෝස්තු 2, 2019 1997 ඉන්දු-ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ පළමු තරගය article ක්‍රීඩා ඔක්තෝබර් 11, 2019 ශ්‍රී ලංකා – සිම්බාබ්වේ අමතක නොවන එක් දින මතක article ක්‍රීඩා ජනවාරි 19, 2022 තරග පාවා දීම – ක්‍රොන්යේ සහ දිල්ලි පොලීසිය article ක්‍රීඩා ජූනි 1, 2018 2002 පාපන්දු ලෝක කුසලානයේ කොරියානුවන්ගේ හපන්කම් article ක්‍රීඩා සැප්තැම්බර් 18, 2019 Roar සිංහල Roar Media is a South Asian multilingual media platform that produces original stories and provides analysis on complex issues. All our content aims to inform, educate, and inspire.
La පෙරිකෝන් ආහාර අද වන විට වඩාත්ම ජනප්‍රිය බර අඩු කර ගැනීමේ ක්‍රමයක් වන අතර එහි නම a ප්‍රසිද්ධ චර්ම රෝග විශේෂ සහ එකම නමින් පෝෂණ විශේෂ expert. මෙම ආහාරය, කෙටිම කාලය තුළ සැලකිය යුතු බර අඩු කර ගැනීමට පොරොන්දු වීමට අමතරව, එය වැඩිදියුණු කිරීමට උපකාරී වන බව සහතික කරයි මනසෙහි තත්වය සහ සැක සහිත පුද්ගලයාගේ ශක්ති මට්ටම ඉහළ නැංවීම. එය අද සිට ඉතා ප්‍රසිද්ධ ආහාරයකි බර අඩු කර ගැනීම සඳහා බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින් ඇය පසුපස ගොස් ඇත සිහින් රූපයක් ලබා ගන්න. මෙම ආහාරය යම් ආකාරයක ආහාර වේලක් අනුගමනය කිරීමට උත්සාහ කරයි හැකි තරම් පෝෂ්‍ය පදාර්ථ සෑම විටම ඊනියා ආශ්චර්යමත් ආහාර වේලෙහි බර අඩු කිරීමේ ක්‍රමයෙන් වළකින්න. කෙසේ වෙතත් එය එසේ ය දැඩි විවේචනයට ලක් වූ සහ අධෛර්යමත් කළ ආහාරයකි වෘත්තිකයන් සහ පෝෂණ විශේෂ experts යින් විශාල සංඛ්‍යාවක් විසින් එය භයානක ප්‍රතිප්‍රහාරයක් සහිත තවත් ප්‍රාතිහාර්යමය ආහාරයක් ලෙස දකිනවා. ඒ 1 පෙරිකෝන් ආහාරය කුමක්ද? 2 පෙරිකෝන් ආහාරයේ ආහාර කාණ්ඩ දහය 3 Perricone diet දෛනික මෙනුව 4 පෙරිකෝන් ආහාරයේ අවාසි පෙරිකෝන් ආහාරය කුමක්ද? වෛද්‍ය පෙරිකෝන් පෙන්වා දෙයි ආහාර කණ්ඩායම් දහයක් කිලෝ සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි කර ගැනීමට කැමති ඕනෑම කෙනෙකුගේ දෛනික ආහාර වේලෙහි අඩු නොවිය යුතු විවිධ වර්ගයේ පෝෂ්‍ය පදාර්ථ සමඟ. බර හා කිලෝ බර වැඩිවීම වළක්වා ගැනීම සඳහා, ආහාර වේලෙන් හැකි තරම් වළක්වා ගැනීමට උපදෙස් දෙයි සීනි පරිභෝජනය මී පැණි හෝ ස්ටේවියා වැනි සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදන සමඟ එය ප්‍රතිස්ථාපනය කරන්න. තිරිඟු හෝ ඉරිඟු පිටි වල පෝෂ්‍ය පදාර්ථ නොමැති බැවින් ඒවා ආහාරයට ගැනීමෙන් වළකින්නැයි ඔහු නිර්දේශ කරයි කැලරි වැඩියි ශරීරය සඳහා. මෙම වර්ගයේ ආහාර සඳහා තහනම් කර ඇති අනෙකුත් නිෂ්පාදන වන්නේ හයිඩ්‍රජනීකෘත මේද මාගරින් හෝ බටර් වල තත්වය මෙන්ම. පෙරිකෝන් ආහාරයේ ආහාර කාණ්ඩ දහය මෙම ආහාර කණ්ඩායම් දහයක් පෙරිකෝන් ආහාර මගින් ආරක්ෂා කරනු ලැබේ: මෙම ඔමේගා -3 මේද අම්ල ශරීරයට සෞඛ්‍ය සම්පන්න මේද ලබා දෙන බැවින් ඒවා ශරීරයට සැබවින්ම ප්‍රයෝජනවත් වේ. ඒවා සැමන්, ටූනා, සාඩින් හෝ බිත්තර වැනි ආහාර වල දක්නට ලැබේ. ඇති පලතුරු කෙඳි වලින් පොහොසත් ඇපල් හා මිදි පලතුරු මෙන් ආහාර රුචිය තෘප්තිමත් කිරීමට ඒවා උපකාරී වේ. අලිගැට පේර වැනි අධික මේද පලතුරු. මෙම මේද ශරීරයට සෞඛ්‍ය සම්පන්න වන අතර එයට උපකාරී වේ රුධිර කොලෙස්ටරෝල් පාලනය කරන්න. කුරුඳු, සාදික්කා හෝ කහ වැනි කුළුබඩු. මක්නිසාද යත්, පෙරිකෝන් කුළුබඩු ආහාර වේලෙහි අත්‍යවශ්‍ය වන අතර ඒවා වළක්වා ගැනීමට උපකාරී වේ සීනි මට්ටම රුධිරයේ ඇති අතර ලුණු සඳහා විශිෂ්ට ආදේශක වේ. මිරිස් අ විශාල ප්‍රති-ගිනි අවුලුවන බලය සහ වඩා වේගයෙන් කැලරි තුරන් කිරීමට ඉඩ සලසන පරිවෘත්තීය වේගවත් කිරීමට උපකාරී වේ. වල්නට්, ආමන්ඩ් හෝ වට්ටක්කා ඇට වැනි ඇට වර්ග. ඔවුන් පොහොසත් ය නිරෝගී ඔමේගා 3 මේද ඒවායේ ප්‍රෝටීන් විශාල ප්‍රමාණයක් අඩංගු වේ. බෝංචි හෝ පරිප්පු වැනි රනිල කුලයට අයත් තන්තු හා පොහොසත් ය මේදය දහනය කරන්න වෙනත් ආහාර වර්ග වලට වඩා ඉක්මනින් හා කාර්යක්ෂමව. යෝගට් එය අ ප්‍රොයිබොටික් ආහාර එය බඩවැල් ශාක වැඩි දියුණු කිරීමට උපකාරී වන අතර කැල්සියම් වලින් ද පොහොසත් ය. ධාන්ය වර්ග ඕට්ස් හෝ බාර්ලි වැනි ඒවා ඇත්තෙන්ම පෝෂ්‍යදායී වන අතර තන්තු විශාල ප්‍රමාණයක් අඩංගු වේ. බ්රොකොලි, නිවිති හෝ සලාද කොළ වැනි එළවළු. මෙම ආහාර ඒවා අඩු කැලරි සහ විටමින් සහ තන්තු වලින් පොහොසත් ය. Perricone diet දෛනික මෙනුව ඩයට් පානය කිරීමට උපදෙස් දෙයි වතුර වීදුරු 2 ක් ඔබ නැගිටින විගසම, මේ ආකාරයෙන් ශරීරයේ ඇති විෂ ඉවත් කරනු ලැබේ. උදෑසන ආහාරය: එය සමන්විත විය හැකිය එක් ටෝටිලා තුනක් පැහැදිලිය පලතුරු කැබැල්ලක් සහ කිරි හෝ යෝගට් සමඟ ඕට් මස් කෝප්පයක් සමඟ. ඔබට පාන් හෝ කෝපි හෝ යුෂ තිබිය නොහැක. දිවා ආහාරය: ඔබට සමහරක් තිබිය හැකිය ග්‍රිල් කළ සැමන් ඔලිව් තෙල් සහ පළතුරු කැබැල්ලකින් සැරසී ඇති හරිත සලාදයක් සමඟ. ඔබ ආහාර ගන්නා අතරතුර වතුර වීදුරු 2 ක් පානය කිරීම වැදගත්ය. රස: සුලූ කෑම අතරතුර ගැනීම සුදුසුය ස්වාභාවික යෝගට් පළතුරු කැබැල්ලක් හා වතුර වීදුරුවක් අසල. රාත්රී ආහාරය: ඔලිව් තෙල් හා පළතුරු කැබැල්ලකින් සැරසී ඇති හරිත සලාදයක් සමඟ අඹරන ලද ටූනා ටිකක් කෑමට අවසර ඇත. බොන්න වතුර වීදුරු 2 ක් ඔබ කමින් සිටියදී. එය උදේ කෑමට අවසර ඇත ගෙඩි අතලොස්සක් හෝ කුසගින්න තෘප්තිමත් කිරීම සඳහා යම් පලතුරක් සහ ආහාර වේලෙහි එතරම් කුසගින්නෙන් නොසිටීම, ශරීරය පරිපූර්ණ ලෙස සජලීව තබා ගැනීම සඳහා දිනකට ජලය ලීටර් දෙකක් පමණ පානය කිරීම අත්‍යවශ්‍ය වේ. පෙරිකෝන් ආහාරයේ අවාසි වෙනත් ඊනියා ආශ්චර්යමත් ආහාර මෙන්, ප්‍රශස්ත ප්‍රති .ල ලබා දෙයි හැකි කෙටිම කාලය තුළ. නිශ්චිතවම, පෙරිකෝන් ආහාරය ස්වල්පයක් අහිමි වීම සහතික කරයි මාසයක් තුළ කිලෝ 8 ක්. මෙම කාරණය නිසා ආහාර පුරුදු වල කිසිදු වෙනසක් සිදු නොවූ විට, ඔබ භීතිය නිසා අහිමි වූ සියලු බර නැවත ලබා ගනී. ප්‍රති ound ල බලපෑම. මෙම වර්ගයේ ආහාර වේලෙහි විශාලතම අන්තරාය එය බවට සැකයක් නැත, එබැවින් ආහාර වේල අවසන් වූ පසු පුරුදු වෙනස් කිරීම අත්‍යවශ්‍ය වේ සෞඛ්‍ය සම්පන්න සහ සමබර ආහාර වේලක් නිතිපතා ව්‍යායාම කිරීම සමඟ පරිපූර්ණ බර පවත්වා ගැනීමට ඔබට උපකාරී වනු ඇත. . තවත් ප්‍රධාන අඩුපාඩුවක් වන්නේ එය එසේ වීමයි අසමබර ආහාර වේලක් එය ශරීරයට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ ලබා නොදෙන බවත්. ශරීරය දුක් විඳිය හැකි බැවින් කාලයත් සමඟ මෙම ආහාරය දීර් ong කිරීම භයානක වන්නේ එබැවිනි බරපතල සෞඛ්‍ය ගැටළු. මෙම අවාසි සහ අවාසි තිබියදීත්, පෙරිකෝන් ආහාරය යනු ලෝකයේ වඩාත්ම ජනප්‍රිය බර අඩු කර ගැනීමේ ක්‍රමයක් වන අතර බොහෝ දේ ඇත සුප්රසිද්ධ මේ ආකාරයේ ආහාර අනුභව කළ අය. ඔවුන් අතර, දැඩි ආරක්ෂකයා ස්පා Spain ් of යේ රැජින වන අතර එය එයයි ලෙටිසියා මහත්මිය එය මෙම වර්ගයේ ආහාර සඳහා හොඳම වෙළඳ දැන්වීම බවට පත්ව ඇත. අමතර කිලෝ කිහිපයක් නැති කර ගැනීම සඳහා ඔබ මේ ආකාරයේ ආහාර වේලක් ආරම්භ කිරීමට තීරණය කර ඇත්නම්, දැඩි අවධානයක් යොමු කරන්න ඊළඟ වීඩියෝවට සුප්‍රසිද්ධ පෙරිකෝන් ආහාර ගැන තව ටිකක් දැන ගැනීමට එය ඔබට උපකාරී වනු ඇත. ලිපියේ අන්තර්ගතය අපගේ මූලධර්මවලට අනුකූල වේ කතුවැකි ආචාර ධර්ම. දෝෂයක් වාර්තා කිරීමට ක්ලික් කරන්න මෙන්න. ලිපියට සම්පූර්ණ මාර්ගය: Nutri Diet » යැපුම් දීමනාව » පෙරිකෝන් ආහාරය ඔබ උනන්දු විය හැකිය අදහස් පළ කිරීමට ප්රථම වන්න ඔබේ අදහස තබන්න පිළිතුර අවලංගු කරන්න ඔබේ ඊ-මේල් ලිපිනය පළ කරනු නොලැබේ. අවශ්ය ක්ෂේත්ර දක්වා ඇති ලකුණ * අදහස් * නම * විද ත් තැපැල් * මම පිළිගන්නවා රහස්‍යතා නියමයන් * දත්ත සඳහා වගකිව යුතු: මිගෙල් ඇන්ජල් ගැටන් දත්තවල අරමුණ: SPAM පාලනය කිරීම, අදහස් කළමනාකරණය. නීත්‍යානුකූලභාවය: ඔබේ කැමැත්ත දත්ත සන්නිවේදනය: නෛතික බැඳීමකින් හැර දත්ත තෙවන පාර්ශවයකට සන්නිවේදනය නොකෙරේ. දත්ත ගබඩා කිරීම: ඔක්සෙන්ටස් නෙට්වර්ක්ස් (EU) විසින් සත්කාරකත්වය දක්වන දත්ත සමුදාය අයිතිවාසිකම්: ඕනෑම වේලාවක ඔබට ඔබේ තොරතුරු සීමා කිරීමට, නැවත ලබා ගැනීමට සහ මකා දැමීමට හැකිය. උණුසුම් කිරීමේ, ප්‍රායෝගික උපදෙස්වල මූලික කරුණු ආතරයිටිස් රෝගයෙන් පෙළෙන අයට රෝග ලක්ෂණ සමනය කරන උපක්‍රම අනුභව කිරීම ↑ ෆේස්බුක් ට්විටර් Pinterest RSS පෝෂණය බෙසියා සැරසීම ස්වයං ආධාර සම්පත් අම්මා අද ගෙවතු වගාව ක්‍රියාත්මකයි සයිබර් පතොක් අත්කම් පච්ච කෙටීම හැඩකාර මිනිසුන් ඇන්ඩ්‍රොයිඩ් මෝටර් සත්යතාව Spanish Afrikaans Albanian Amharic Arabic Armenian Azerbaijani Basque Belarusian Bengali Bosnian Bulgarian Catalan Cebuano Chichewa Chinese (Simplified) Chinese (Traditional) Corsican Croatian Czech Danish Dutch English Esperanto Estonian Filipino Finnish French Frisian Galician Georgian German Greek Gujarati Haitian Creole Hausa Hawaiian Hebrew Hindi Hmong Hungarian Icelandic Igbo Indonesian Irish Italian Japanese Javanese Kannada Kazakh Khmer Korean Kurdish (Kurmanji) Kyrgyz Lao Latin Latvian Lithuanian Luxembourgish Macedonian Malagasy Malay Malayalam Maltese Maori Marathi Mongolian Myanmar (Burmese) Nepali Norwegian Pashto Persian Polish Portuguese Punjabi Romanian Russian Samoan Scottish Gaelic Serbian Sesotho Shona Sindhi Sinhala Slovak Slovenian Somali Spanish Sudanese Swahili Swedish Tajik Tamil Telugu Thai Turkish Ukrainian Urdu Uzbek Vietnamese Welsh Xhosa Yiddish Yoruba Zulu
දිවයින පුරා දිස්ත්‍රික්ක 13ක ගෘහස්ථ කර්මාන්තයක් ලෙස කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සිදු කෙරේ. කිතුල් මැදීමේ සිට අලෙවිය දක්වා වූ කර්තව්‍යයේ දී කර්මා... දිවයින පුරා දිස්ත්‍රික්ක 13ක ගෘහස්ථ කර්මාන්තයක් ලෙස කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සිදු කෙරේ. කිතුල් මැදීමේ සිට අලෙවිය දක්වා වූ කර්තව්‍යයේ දී කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු මග හැර ජාත්‍යන්තර වෙළෙඳපොළ දක්වා කිතුල් ආශ්‍රිත නිෂ්පාදන රැගෙන යාම ජනාධිපතිතුමාගේ අපේක්ෂාව විය. එය අරමුණු කරගනිමින් 2021 වසරේ මාර්තු 17 වන දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් කිතුල් සංවර්ධන මණ්ඩලය පිහිටුවනු ලැබීය. එහි ඓතිහාසික ප්‍රවේශයක් ලෙස “කිතුල් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි ගමන් මග” ගාල්ල, අක්මීමන හියාරේ ජලාශය අසලදී (17) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් පිළිගනු ලැබිණ. කිතුල් පැණි නිෂ්පාදනය සඳහා “ශ්‍රී ලංකා ප්‍රමිත” හඳුන්වා දෙමින් “ප්‍රමිත සහතිකය” ජනාධිපතිතුමා වෙත භාර දෙනු ලැබීය. වැවිලි කර්මාන්ත පුහුණු ආයතනය වෙතින් කිතුල් මල් මැදීම පිළිබඳ පුහුණුව ලැබූ තිදෙනෙකුට සහතික පත් සහ කර්මාන්තකරුවන් පස් දෙනෙකුට සංකේතාත්මකව තාක්ෂණික උපකරණ ප්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ. කිතුල් නිෂ්පාදන ඇතුළත් මංජුසාවක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු විය. කිතුල් මැදීම, පැණි නිෂ්පාදනය, කිතුල් ආශ්‍රිත ආහාර, කිතුල් වලින් නිෂ්පාදිත විසිතුරු භාණ්ඩ සහ කර්මාන්ත සඳහා භාවිතා කරන මෙවලම් ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය. මහා සංඝරත්නය, අමාත්‍ය රමේෂ් පතිරණ, ආණ්ඩුකාර විලී ගමගේ, රාජ්‍ය අමාත්‍ය මොහාන් පී. ද සිල්වා, ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ, ඉසුරු දොඩංගොඩ, අරුන්දික ප්‍රනාන්දු, අනූප පැස්කුවෙල් යන මහත්ම මහත්මීහු, ප්‍රාදේශීය දේශපාලනඥයෝ සහ රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. Facebook Twitter Linkedin Pinterest Email Related Posts උණුසුම් පුවත No comments Newer Post Older Post Home Subscribe to: Post Comments (Atom) Popular Posts ඩයනා විදේශිකයෙකු බව සනාථයි .සජබෙ අමාරුවේ?? රාජ්‍ය සේවක වැටුප් ගෙවන්න මුදල් නෑ කිතුල් රා ජනතාවට ලබා දීමට වැඩපිළිවෙලක් අවශ්‍යයි - රාජ්‍ය අමාත්‍ය චාමර ලංකාවේ ක්‍රිකට් හැර අනෙක් සෑම ක්‍රීඩාවකටම උදව් කරන්නම් - එංගලන්තය වංචා වලට සම්බන්ද නැති නිසයි අපිට ඇමතිකම් ලැබෙන්නෙ - මහින්ද අමරවීර Latest Posts {latest} Cloud Labels Corona උණුසුම් පුවත උණුසුම් පුවත් කලා පුවත් කොරෝන කොරෝනා ක්‍රීඩා පිටිය ගොසිප් ජායා රූප දේශපාලන මුළුතැන්ගෙය රූපලාවන්‍ය විදෙස් පුවත් ව්‍යාපාරික පුවත් Powered by Blogger. Ads Place Featured Post ඩයනා විදේශිකයෙකු බව සනාථයි .සජබෙ අමාරුවේ?? සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිප...
ඩයලොග් Sense 2 තියෙන්නේ ස්මාට්ෆෝන් එකක් වෙනුවෙන් ලොකු මුදලක් වියදම් කරන්න අකමැති, ඒ වුණාට අත්‍යාවශ්‍යම දේවල් ලේසියෙන් කරගන්න පුළුවන් ස්මාට්ෆෝන් එකක් අවශ්‍ය අය වෙනුවෙන්මයි. සාමාන්‍යයෙන් ස්මාට්ෆෝන් මිලෙන් අධිකයි, ඒ වගේම මිලෙන් අඩු ස්මාට්ෆෝන් බොහෝ විට කිසිම ප්‍රයෝජනයකට ගන්න බැරි ඒවා. නමුත් Sense 2 කියන්නේ ලොකු ලොකු ස්මාට්ෆෝන්වල තියෙන, නිතර වැදගත් වන පහසුකම් කිහිපයක්ම අතේ ඇති මුදලට ස්මාට්ෆෝන් හොයන කට්ටිය වෙනුවෙනුත් ලබා දෙන්න ගත්ත උත්සාහයක්. Sense 2 ස්මාට්ෆෝන් එක නිපදවලා තියෙන්නේ ඩයලොග් වෙනුවෙන්මයි, ටිකක් විමසිල්ලෙන් බැලුවොත් ඒ බව හොඳින් පෙනෙනවා. උපාංගයේ පිටුපස ඩයලොග් ලාංඡනය එම්බොස් කර තිබෙන ආකාරය දැකගන්න පුළුවන්. පිටුපස කවරය ගලවලා බැලුවාම දකින්න ලැබෙන ලිතියම් අයන් බැටරියේත් ඩයලොග් ලාංඡනය දැක ගන්න ලැබෙනවා. Sense 2 ස්මාට්ෆෝන් එකේ පිටුපස. Sense 2 එකේ තියෙන්නේ ප්ලාස්ටික් ආවරණයක් වුණාට බ්‍රෂ් කරපු ලෝහමය නිමාවක් තියෙන මිලෙන් අධික දුරකථන වගේම හොඳ පෙනුමකින් යුතුයි. ලෝහමය ෆෝන් එකක් වගේම හොඳ බරක් සහ සවිමත් බවක් තියෙනවා කියලා අතට ගත්තු ගමන් දැනෙනනවා. ඔබත් මහා විශාල දුරකථන තිරයකට අකමැති කෙනෙක් නම් Sense 2 එක ඔබට කියාපු ප්‍රමාණයේ ස්මාට්ෆෝන් එකක්. අඟල් 4ක තිරයක් තිබෙන මේ ෆෝන් එක ඉතාම පහසුවෙන් ඕනෑම පොකට් එකකට දමාගෙන ඉන්න පුළුවන්. Sense 2 එකේ ඉදිරිපස පෙනුම. අංගෝපාංග Sense 2 එක තුළ ගිගාහර්ට්ස් 1.3ක වේගයෙන් යුත් කෝර් හතරක ප්‍රොසෙසරයක්, ගිගා බයිට් 4ක මෙමරි එකක් සහ මෙගාබයිට් 512ක රැම් එකක් අඩංගුයි. ගිගා බයිට් 32ක් දක්වා මෙමරි කාඩ් එකක් පාවිච්චි කරලා මෙමරි එක ඉහළ නංවා ගන්නත් පුළුවන්. ඇන්ඩ්‍රොයිඩ් 6.0 මාෂ්මෙලෝ මෙහෙයුම් පද්ධතිය නිසා අලුත්ම ඇප් බොහොමයක් කිසි කරදරයක් නැතිව පාවිච්චි කරන්නත් හැකියාව තිබෙනවා. OS එක සහ ඇප් පාවිච්චි කරද්දී කිසිම හිර වෙන ගතියක් දැනෙන්නේ නැහැ, සේරම බොහොම සුමටව ක්‍රියාත්මක වෙනවා. කලිනුත් කිව්වා වගේ මේකේ තිරය අඟල් 4ක මල්ටි ටච් සහිත කැපෑසිටිව් වර්ගයේ එකක්. 480×800 රෙසලූෂන් එකත් මේ ප්‍රමාණයේ තිරයකට හොඳටම ප්‍රමාණවත්. 2050mAh ක ලිතියම් අයන් බැටරිය ගැන විශේෂයෙන් කියන්න අවශ්‍යයි. දුරකථන තිරය කුඩා නිසා මේ ස්මාට්ෆෝන් එක බැටරි බලය පාවිච්චි කරන්නේ ඉතාම අඩුවෙන්. එක වරක් චාජ් කරලා සෑහෙන කාලයක් පාවිච්චි කරන්න ඒ නිසාම ඔබට අවස්ථාව ලැබෙනවා. පිටුපස කැමරාව මෙගා පික්සල් දෙකක, ෆ්ලෑෂ් එකක් සහිත එකක්. එයින් සාමාන්‍ය කටයුතුවලට පාවිච්චි කරන්න හොඳ කොලිටියක් තියෙන ෆොටෝස් වීඩියෝස් ගන්න පුළුවන්. වීඩියෝ කෝල් එකක් ගන්න VGA කැමරා එකක් ඉදිරිපසත් තියෙනවා. Sense 2 ස්මාට්ෆෝන් එක සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන සියලුම නෙට්වර්ක් පහසුකම්වලින් සමන්විතයි. 3G HSPA+ සෙලියුලර් නෙට්වර්ක් වගේම 802.11 b/g/n WiFi සහ බ්ලූටූත් සම්බන්ධතා පාවිච්චි කරන්නත් කිසිම ගැටළුවක් නැහැ. ඔබටම ගැලපෙන ස්මාට්ෆෝන් එකක් Sense 2 ස්මාට්ෆෝන් එක අතට ගත්තාම බොහොම කොලිටි උපාංගයක් බව දැනෙනවා වගේම කුඩා ප්‍රමාණය නිසා ඕනෑම කෙනෙකුට එහා මෙහා ගෙන යන්නත්, එදිනෙදා වැඩකටයුතුවලදී කිසිම කරදරක් නැතිව පාවිච්චි කරන්නත් පුළුවන්. විශේෂාංගවලින් පිරිලා තිබුණත් මේක ඇත්තටම වඩාත් ආකර්ෂණීය වෙන්නේ මිලෙන් අඩු නිසාමයි. අතේ ඇති මුදලට අවශ්‍යම පහසුකම්වලින් සමන්විත, හුරුබුහුටි, පාවිච්චිය පහසු ස්මාට්ෆෝන් එකක් හොයන කාටත් Sense 2 හොඳ තේරීමක් වේවි. Sense 2 එකේ සම්පූර්ණ මිල රුපියල් 6,990ක් විතරයි. අවුරුද්දක වගකීම් කාලයකුත් එක්කයි මෙය ඔබට ලැබෙන්නේ. මෙය රට පුරා පිහිටි ඕනෑම ඩයලොග් පාරිභෝගික සේවා මධ්‍යස්ථානයකින් මිලදී ගන්න ඔබටත් අවස්ථාව තිබෙනවා. Related Articles ලිනක්ස් පරිගණක වලට වෛරස් අඩු ඇයි? article ස්ටාර්ට් අප් ජූනි 12, 2017 මුහුණත පුරාම තිරය ඇති අප්‍රසිද්ධ Android දුරකතන 5 ක් article ස්ටාර්ට් අප් නොවැම්බර් 14, 2017 අමෙරිකානු බුද්ධි අංශයන් Huawei සහ ZTE රටින් ‍ඉවතලයි article ස්ටාර්ට් අප් පෙබරවාරි 16, 2018 ඩිජිටල් නිර්මාපකයන්ට මෙටා වෙතින් Creators of Tomorrow article ස්ටාර්ට් අප් සැප්තැම්බර් 11, 2022 කෘත්‍රීම බුද්ධිය කුඩා දරුවන්ගෙන් ඉගෙන ගන්නට පටන් ගනියි article ස්ටාර්ට් අප් ජූලි 23, 2022 අපට නැතිවම බැරි පරිගණකයේ ඉතිහාස කථාව article ස්ටාර්ට් අප් ජූලි 1, 2017 Venture Engine හරහා ඔබේ ව්‍යාපාරයත් සාර්ථක කරගන්න! article ස්ටාර්ට් අප් නොවැම්බර් 30, 2018 ඩයලොග් අලුතින්ම හඳුන්වා දෙන MyDialog – දැන් හැම ඩයලොග් සේවාවක්ම එකම ඇප් එකකින් article ස්ටාර්ට් අප් මැයි 11, 2017 Roar සිංහල Roar Media is a South Asian multilingual media platform that produces original stories and provides analysis on complex issues. All our content aims to inform, educate, and inspire.
පරිසර හිතකාමී සෑම කෙනෙක්ම නිර්මාංශ අහාර ගන්නා අය විය යුතු ද? නොඑසේනම් නිර්මාංශ අහාර ගන්නෝ සියලු දෙනාම පරිසර හිතකාමීන්ද? මෙය පරිසර අධ්‍යාපනය සහ පරිසර සංරක්ෂණය ගැන උනන්දුවක් දක්වන සෑම කෙනෙකු විසින්ම විසඳා ගතයුතු, එසේම එහි සීමා ගැන තීරණය කරගත යුතු ගැටළුවක් ලෙස දැක්විය හැකිය. පරිසර අධ්‍යාපන වැඩ සටහනකදී අප කණ්ඩායමකට මුහුණ පෑමට සිදුවූ එබඳු ගැටළුවක් පිලිබඳ සටහනකි මෙය. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දියත් කරනු ලැබූ ද්විතීය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතියේ පරිසර අධ්‍යාපන උපදේශක ලෙස සේවය කරද්දී, පරිසර අමාත්‍යාංශයේ පවත්වනලද වැඩ මුළුවකට සහභාගිවීමට මා නම් කරන ලදී. එම වැඩ මුළුවේදී දින දෙකක විවිධ පරිසර පද්ධති නිර්ක්ෂණ චාරිකවකටද සහභාගී වීමට සිදුවිය. අට දෙනෙකුගෙන් යුක්ත අප කණ්ඩායම භාරව ගියේ විශ්ව විද්‍යාලයක පරිසර විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ කථිකාචාර්යවරයෙකි. මෙම සංචාරයේදී, දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජෛව විවිධත්ව සංරක්ෂණය පිලිබඳ බොහෝ කරුණු අධ්‍යයනය කිරීමට හැකිවිය. දෙවන දිනයේ දිවා භෝජනය සඳහා අපට කථිකාචාර්යවරයාගේ ඥාතියෙකු විසින් ආරාධනා කර තිබිණ. ඔහු බලංගොඩ ප්‍රදේශයේ වතු අධිකාරිවරයෙකු වන අතර දිවා ආහාරය සකස් කර තිබුණේ ඔහුගේ නිල නිවාසයේය. කථිකාචාර්යවරයා විසින් අප හඳුන්වා දුන් පසු, ටික වෙලාවක් පිළිසඳරේ යෙදී සිටි අපි, දිවා ආහාරය සඳහා හිඳ ගතිමු. ‘අද අලුත් මාළු සොයා ගන්නට බැරි උනා. ඒ නිසා ටින් මාළු තෙම්පරාදු කරලා සකස් කළා.’ කි ගෙහිමියාද අප සමග අහාර ගැනීම පිණිස හිඳ ගත්තේය. විවිධ ආකාරයට සකස් කළ එළවලු ව්‍යංජන රාශියක්‌, එළවලු සලාදයක්, සුප් භාජනයක්ද සමග තම්බන ලද එළවලු ද වෙනම භාජනයක අසුරා හිබිණ. නිවසේ කෝකියා විශාල බඳුනක දමන ලද තවත් දුම් දමන කුකුල් මස් කරියක් ගෙනවිත් මේසයේ පසෙකින් තැබිය. ‘මස් නොකන අයත් ඉන්නවද?’ කියා ඔහු ප්‍රශ්න කළ විට අප අතර සිටි නිර්මාංශික දෙදෙනා තමන් මස් නොකන බව කිහ. ‘ඒක හොඳයි. මමත් මස් කන්නේ නැහැ.’ කි ඔහු ‘එළවලු ඕනතරම් කන්න.’ කියා එළවලු බඳුන ඔවුන් වෙත ට කිට්ටු කළේය. ගෙහිමියා නිර්මාංශ කෙනෙක් බව දැන ගැනීමෙන් පසුවත්, ආගන්තුක අප මස් ආහාරයට ගැනීම සුදුසුද යන්න මට මහත් ප්‍රහේලිකාවක් විය. අන් අයටද එසේම සිතෙන්නට ඇත. තව ස්වල්ප වෙලාවකින් කෝකියා දුම් දමමින් තිබෙන ඉමිහිරි සුවඳක්ද සහිත තවත් බඳුනක් පසෙක තිබුණු කුඩා මේසය මත තැබිය. එය ගෙනා පසු ගෙහිමියා තම ඥාතියා වන කථිකාචාර්යවරයාට කනට කිට්ටු කර රහසින් යමක්‌ කිවේය. මඳ සිනහවක් පෑ ඔහු, ‘බෑ.. බෑ... බෑ...., මම නම් ප්‍රතිපත්තියක් වශයෙන් දඩ මස් කන්නේ නැහැ. මේ මහත්වරුන්ගෙනුත් අහලා බලමු.’ යයි කියා අප දෙස බලා. ඉතාමත් සිහින් හඬකින්, නොකැමැත්තෙන් මෙන්, ‘මුව මස් උයලා තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවනම් කන්න.’ කීවිට අප එකිනෙකාගේ මුහුණු දෙස බැලුවෙමු. කිසිවෙකු කිසිවක් කතා නොකළහ. දින දෙකක් තිස්සේ ජෛව විවිධත්ව සංරක්ෂණය පිලිබඳ නොයෙකුත් පැතිකඩ ගැන විවිධ ප්‍රායෝගික අත්දැකීම් ලැබූ අපි, වඳවී යන තර්ජනයට මුහුණ පා සිටින සතුන් ගැන විශේෂ අවධානයක් යොමු කළෙමු. ශ්‍රී ලංකාවට ආවේනික තිත්මුවා දඩයම් කිරීම සහ වාසස්ථාන අහිමිවීම නිසා වඳවීමේ තර්ජනයට තදින්ම මුහුණ පා සිටින බව පසුගිය දින දෙකෙහිදී කිහිප වරක්ම සකච්ජා කළෙමු. අද, කවුරුන්හෝ, එම අහිංසක තිත් මුවෙකුගේ දිවි හානිකර ලබාගන්නා ලද මස් වලින්, මෙම නිවසේ සකස් කළ ව්‍යංජන බඳුනක් ආහාරය සඳහා අප ඉදිරියේ තබා ඇත. අප කණ්ඩායමේ නායකයා ප්‍රතිපත්තියක් වශයෙන් එය මුලින්ම ප්‍රතික්ෂේප කළේය. කණ්ඩායමේ දෙදෙනෙක් නිර්මාංශ ආහාර ගන්නා අය වුහ. ඉතිරි අප සය දෙනාද, ප්‍රතිපත්ති ගරුකව එම මස් ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප කළෙමු. ගෙහිමියාත් නිර්මාංශී අයෙකි. එසේනම් නීති විරෝධිව දඩයම් කරන ලද අහිංසක මුවෙකුගේ මස් බව ඔහු දැනුවත්ව සිටියදීත් ආගන්තුකයින්ට සංග්‍රහ කිරීම සඳහා සකස් කළේ කුමන හේතුවක් නිසාද? අප කෑදර කමින් එම මස්, රස කර කර භුක්ති විඳියයි ඔහු සිතන්නට ඇද්ද?. මේ සියල්ල අපට මහත් ප්‍රහේලිකාවක් විය. ශ්‍රී ලංකාවට ආවේනික තිත් මුවා ( Axis axis ceylonensis) සොබා දහම සුරැකීමේ ජාත්‍යන්තර සංවිධානය (International Union for Conservation of Nature – IUCN) විසින් සකස් කරනු ලබන රතු දත්ත පොතෙහිද සටහන්වී ඇති, වඳවීමේ තර්ජනයට මුහුණපා ඇති, ශ්‍රී ලංකාවේ තිත් මුවා, දඩයම් කිරීම නීතියෙන් දඬුවම් විඳිය හැකි වරදකි. මුව මස් විකිණීම, ළඟ තබාගැනීම, ආහාරය සඳහා සකස් කිරීම ආදී සියල්ලම නීති විරෝධිය. නීතියෙන් තහනම් කර නැතත්, එම මස් බුදින අයද වරදෙහි කොටස් කරුවන් වනු ඇත. කෙසේ වුවත් වතු පාලක ඥාතියා එතරම් දුරට සිතන්නට නැත. පැමිණෙන අමුත්තන්ට ඉහලින්ම සංග්‍රහ කිරීමට අවශ්‍ය බව ඔහු සිතුවා විය හැකිය. අප සියලු දෙනාම මහත් අසීරු තත්ත්වයකට පත්වූ බව දුටු ඔහු, ඒ පිලිබඳව අප සැමගෙන් සමාව අයැද සිටියේය. අප නායක කථිකාචාර්යවරයා ඔහුට සියල්ල විස්තර කරදී අප නිරත වී සිටි කාර්යය මනාව පැහැදිලි කර දුන්නේය. නිර්මාංශ ආහාර රටාව ගැනද ඔහු කාලින තොරතුරුද සහිත පැහැදිලි කිරීමක් කරන ලදී. ඔහු පළ කළ අදහස් මෙසේ දැක්විය හැකිය. “මිනිස් ශිෂ්ඨාචාරයේ මුල් අවදිවල සිටම මිනිසා අහාරය සඳහා වන සතුන් දඩයම් කිරීමට සහ මත්ස්‍යයින් ඇතුළු වෙනත් ජලජ ජීවීන් අල්ලා ගැනීමටත් පටන් ගෙන ඇත. පසුව, භෝග වර්ග වගා කිරීමට පුරුදු වූ ඔහු, ප්‍රධාන වශයෙන් කිරි, ලෝම සහ සම් ලබාගැනීම සඳහා සතුන් ඇතිකිරීමටද යුහුසුළු විය. ඒ සමගම වන සතුන් දඩයම් කිරීමද කරගෙන යන ලදී. තාක්ෂණ දියුණුවත් සමගම සතුන් ඇති කිරීමද විශාල වශයෙන් දියුණුවී ගව, බැටළු සහ එළු පට්ටි ආරම්භ විය. මේවා මගින් කිරි සහ කිරි ආහාර නිෂ්පාදන, විවිධ ආකාරයට සකස් කල මාංශමය ආහාර, බැටළු ලොම් වලින් සකස් කල ඇඳුම ආදිය ලොව ප්‍රචලිත වන්නට විය. ඇතිකරන සතුන් සඳහා සුදුසු ආහාර සැපයීමට විශාල තණබිම් අවශ්‍ය විය. තණබිම් සකස් කිරීමට වනාන්තර හෙළි පෙහෙළි කිරීමට සිදුවිය. මෙසේ වනාන්තර සිමා වන විට වන සතුන්ද වඳ වීමේ තර්ජනයට මුහුණ පෑහ. මේ වන විට, රටෙහි මිනිස් ගහණයට වඩා කිහිප ගුණයක්ම ගවයින් සිටින රටවල් කිහිපයක්ද ලෝකයේ ඇත, දකුණු ඇමෙරිකාවේ උරුගුවේ රාජ්‍යයේ මිනිස් ජන ගහනය මිලියන තුනක් පමණ වන අතර රටෙහි ගව ගහනය මිලියන දොළහක්‌ පමණ වේ. මිනිසා විසින් පරිසර සමතුලිතතාවය සහ ජෛව විවිධත්වය පිළිබඳ හොඳින් අවබෝධ කර ගැනීමෙන් පසුව වනජීවී සංරක්ෂණය පිළිබඳව සිත් යොමු කරන ලදී. අප්‍රිකානු මහාද්වීපයේ සමහර රටවල ආහාරය සඳහා දඩමස් මත යැපෙන ජන කොටස් තවමත් සිටිති. ඔව්හු දඩ මස් හඳුන්වනුයේ ‘කැලෑ මස්’ (bush meat) ලෙසටය. ලෝකයේ සෑම රටකම පාහේ දැනට වනජීවී සංරක්ෂණය සඳහා රක්ෂිත වනාන්තර සහ අධි රක්ෂිත වනාන්තර කලාප වෙන්කර තිබේ. ශ්‍රී ලංකාවේද දැනට සම්පුර්ණ භුමි ප්‍රමාණයෙන් 29 % පමණ වනාන්තර තිබේ. මෙයින් සෑහෙන ප්‍රතිශතයක් රක්ෂිත වනාන්තර ලෙස නම්කර ඇත. ඒ සමගම වන සතුන් දඩයම් කිරීම පිළිබඳවද දැඩි නීති රීති පනවා තිබේ. රංචු වශයෙන් ජීවත්වන, ශ්‍රී ලංකා තිත්මුවා රක්ෂිත වනාන්තරවලට පමණක් සිමා නොවී, මිනිසා ජීවත්වන ගම් බිම් අසලටද පැමිණේ. සමහර අවස්ථාවලදී එසේ පැමිණෙන සතුන් කුරිරු මිනිසාගේ උගුල් වලට හෝ තුවක්කු උණ්ඩයට ලක්වේ. මෙම අවාසනාවන්ත තත්ත්වය හොඳින් තේරුම් ගතහොත් දඩමස්, විශේෂයෙන්ම මුව මස්, ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප කළ හැකිය. ආගමික පසුබිම හෝ අහිංසාවාදී බව නිසා, නිර්මාංශ ආහාරයට පුරුදුවූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ලෝකයේ විවිධ රටවල ජීවත්වෙති. එසේම, පරිසර සංරක්ෂණය ගැන දැඩි උනන්දුවකින් සිත් යොමු කරන අතරම, නීති විරෝධී නොවන මස් මාංශ අනුභව කරන අයද සිටිති. තමන්ගේ සිතුම් පැතුම් මත, මස් මාශ ආහාරයට ගැනීම හෝ නිර්මාංශ වීම යන දෙකෙන් එකක් තෝරා ගැනීම සඳහා කාටත් නිදහස තිබේ.” කථිකාචාර්ය තුමාගේ කෙටි දේශනය ඉතාමත් කාලින අදහස් ප්‍රකාශ කිරීමක් විය. පරිසර සංරක්ෂණය සඳහා මස් මාංශ අනුභවයෙන් තොරවීම එක්‌ අංශයකි. අවිහිංසාවාදීව මස් මාංශ අනුභවයෙන් වැලකීම තවත් පැත්තකි. ප්‍රතිපත්ති ගරුකව දඩමස් අනුභව නොකිරීම වනසතුන් කෙරෙහි අනුකම්පාව දැක්වීමකි. Posted by Dayaratna Weerasekara at 14:00 Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest 24 comments: වැව් ඉස්මත්ත 15 September 2017 at 18:13 ඉතාම වටිනා සටහනකි ReplyDelete Replies Dayaratna Weerasekara 15 September 2017 at 18:48 වැව් ඉස්මත්ත, ඔබට ස්තුතියි Delete Replies Reply Reply Duminda Abeysekara 15 September 2017 at 20:02 කිරි මස් මාලු සිරුරට ගුණ ඇති නේද පිරි පුන් අයෙක් කෑවොත් එය වරදක්ද දිරි ගෙන පරිසරේ රැක්කොත් හොඳ නේද පරි සර රකින්නා මස් වැළකිය යුතුද ජයවේවා!!! ReplyDelete Replies Dayaratna Weerasekara 15 September 2017 at 21:00 ස්තුතියි දුමි, ගහ කොළ සතා සීපාවන් මනහාර මතු පරපුරට දැක ගැනුමට ඉඩ නෑර වනසා දැමුවහොත් නොම දැක හරි පාර කවදා දකින්නද? දියුණුව තිරසාර ඔබට ජයම ! Delete Replies Reply Reply තඩියා 15 September 2017 at 22:11 වඳවී යන සතුන් අප ආරක්ශා කල යුතුයි....විවාදයක් නෑ..හැබැයි ඉතින් උන් මේ ලෝකෙ ඉන්නෙ ආහාර දාමයෙ කොටසක් විදිහට නේ..ඉතින් කනවනම් කෑවත් ඇති වරදකුත් නෑ ReplyDelete Replies Dayaratna Weerasekara 16 September 2017 at 15:46 තඩි මල්ලි, ඔබ හරියට හරි. මා මේ සටහන ලිවීමට සිතුවේ ප්‍රායෝගිකව අත්දුටු සිද්ධිය ආශ්‍රිතව වනජීවී සංරක්ෂණය පිළිබඳව ඇති දුර්මතය ගැන සැලකිලිමත් වීමටයි. ජෛව ලෝකයේ විවිධත්වය රඳා පවතිනුයේ අහාර දාම සහ ආහාර ජාල මත බව සත්‍යයක්. මිනිආද එම සංසිද්ධි වලට යම්කිසි ප්‍රමාණයක දායකත්වයක් සපයනවා. එසේ වුවත් මිනිසාගේ නොමිනිස් කම නිසා සිදු කරන පරිසර හානි බොහෝ විට නැවත යථා තත්ත්වය ගෙන ආ නොහැකියි. Delete Replies Reply Reply Praසන්ன 15 September 2017 at 23:53 වනාන්තරවල ජීවත්වන සතුන් අසීමිත ලෙස මිනිසුන්ගේ ග්‍රහණයට අහුවෙනවනං ඒක වරදක් තමයි. ඒත් ආහාර දාමයේ හැටියට උං වෙන සතෙකුගේ හෝ ගොදුරක් විය යුතුයි. 'මස් පිණිස ඇති කරන සතුන්' ආහාරයට ගැනීම පරසර සංරක්ෂණයට බලපෑමක් කරන එකක් නෑ මම හිතන්නෙ. ReplyDelete Replies Dayaratna Weerasekara 16 September 2017 at 15:59 ස්තුතියි ප්‍රසන්න, ආහාර දාමයකදී හෝ ආහාර ජාලයකදී එක සතෙකු තවත් සතෙකුගේ ආහාරය වීම ස්වාභාවික සංසිද්ධියකි. පරිසර සමතුලිතතාවය රඳා පවතිනුයේ මේ නිසයි. මිනිසා මෙම සමතුලිතතාවයට අනිසි ලෙස ඇතුල් වූ විට විශේෂයෙන්ම විශාල වශයෙන් සතුන් දඩයම කිරීම හෝ වන විනාශය සිදු කරන විට ඉතාමත් සංවේදී පරිසර සමතුලිතතාව අකර්මන්‍ය වී අනර්ථකාරී ප්‍රතිඵල ලැබෙනවා. වනජීවී සංරක්ෂණයේ ප්‍රධානටහම අරමුණ වනුයේ ජාන සමුච්චය (Gene pool) නොනැසී පවත්වා ගැනීමයි. මෙය දුර්වල වු විට හෝ ශුන්‍ය වූ විට සත්ත්ව හෝ ශාක විශේෂය වඳවී යාමට තුඩු දේ. Delete Replies Reply Reply Manoj 18 September 2017 at 01:59 තිත් මුවා කොහොම වෙතත් වල් ඌරන්,මොණරුන් ඇතුළු බොහෝ සත්වයින් ඉන්නවා තම ප්‍රජාව තුල අධික ලෙස වර්ධනය වූ එවැනි සතුන්ගේ මස් ආහාරයට ගන්න කැමති අයට ඒසඳහා ඉඩ ලබා දිය යුතුයි.විශේෂයෙන් නීති පනවා සංරක්ෂණය කිරීමට අවශ්‍ය නොවන සතුන් සම්බන්ධයෙන් රජයට පුළුවන් ඒ වැනි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න. ReplyDelete Replies Dayaratna Weerasekara 18 September 2017 at 20:53 ස්තුතියි මනෝජ්. වඳවී යාමේ තර්ජනයට තවමත් හසුවී නැති වල් ඌරන්, මොනරුන් වැනි සතුන් ගැන වුවද ඔබ කියන පරිදි ලිහිල් තත්වත්යක් අනුගමනය කළහොත් ඔවුන්ද ඉතා ඉක්මණට රතු දත්ත පොතට ඇතුලත් වීම නොවැලක්විය හැකියි. මෙයට සම්බන්ධ ක්‍රියාදාමයන් පවතිනුයේ විෂම චක්‍රයකය. (vicious circle) . තාක්ෂණ සහ වෛද්‍ය විද්‍යාවේ දියුණුව සමග මිනිසාගේ පරම ආයුෂ වැඩිවෙමින් තිබේ. ජනගහනයද ශිඝ්‍රයෙන් වැඩිවේ. මිනිස් වාසස්ථාන, මහාමාර්ග, සංවර්ධන කටයුතු ආදිය සඳහා වනාන්තර විනාශ වේ. ඉතිරි වනාන්තර වලද ඉසුලුම් ධාරිතාව (carrying capacity) අඩු වෙමින් පවතී. මේ නිසා වන සතුන් අතරද ජීවත්වීමේ තරඟයක් පවතී. මෙවැනි පසුබිමක සතුන් දාදයම් කිරීමේ නීති රීතිද ලිහිල් කළහොත් කුමන සතුන් වුවද වඳවී යාම වැළක්විය නොහැකිය. Delete Replies Reply Reply රාජ් 18 September 2017 at 21:09 පෙරේතකමින් දඩමස් හොයාගෙන ගිහිල්ල කාපු අතීතයක් මටත් තිබුන. හැබැයි දැනට නං දඩමසින් ඈත් වෙලා ඉන්නෙ. මොකද වඳවෙමින් යන සතුන් මැරීම තහනම් කර ඇති නීතියට අවනත වෙන්න එපැයි. අනෙක් මස් මාලු නං කනව. ReplyDelete Replies Dayaratna Weerasekara 19 September 2017 at 01:03 ස්තුතියි රාජ්, යථාර්තය දැක දැනුවත් වීමෙන් පසු ඔබ අනුගමනය කරන පිළිවෙත ඉතාමත් නිවැරදි ක්‍රමයයි. දැනට ලොව පුරා අධ්‍යාපනයෙන් සහ විවිධ මාධ්‍ය ඔස්සේ කරගෙන යන විද්‍යාත්මක වනජීවී සංරක්ෂණ ක්‍රමවේද මගින් වනජීවීන් වඳවී යාම බොහෝ දුරට අඩු කර ගත හැකි වන බවට පිළිගැනීමක් තිබේ. සමතුලිත ආහාරයකට අවශ්‍ය ප්‍රෝටීන වැඩි ප්‍රමාණයක් ලබාගතහැකි මස් පිණිසම ඇති කරන සතුන්ගේ මස් කෑම හෝ නොකෑම පෞද්ගලික අදහසක් පමණයි. Delete Replies Reply Reply රසිකොලොජිස්ට් 18 September 2017 at 21:34 ඔසී රටේ කැන්ගරු වැනි මස් හඳුන්වන්නේ යනුවෙනි. ඒ දඩ(යම්) කිරීම ක්‍රීඩාවක් නිසා යැයි සිතමි. ReplyDelete Replies රසිකොලොජිස්ට් 18 September 2017 at 21:34 (ළඟඳීම බලාපොරොත්තුවන්න "ඔසී රටේ අපේ කතා" කෙටිකතා සංග්‍රහය) Delete Replies Reply Dayaratna Weerasekara 19 September 2017 at 01:11 ස්තුතියි රසික, ඔබ සඳහන් කර ඇත්තේ 'bush meat' යන්න යයි සිතමි. අප්‍රිකානු රටවල පවා කිරි ලබාගැනීම සඳහා සතුන් ඇති කරන අතරම ආහාරය සඳහා වන සතුන් දඩයම කර දඩ මස්ද ලබාගන්නවා. වනාන්තරයෙන් ලබාගන්නා මස් නිසා 'bush meat' යනුවෙන් ව්‍යවහාර කරනවා ඇති. Delete Replies Reply Dayaratna Weerasekara 19 September 2017 at 01:13 "ඔසී රටේ අපේ කතා" කෙටිකතා සංග්‍රහය පලවෙන්නේ බ්ලොග් පොස්ට් වලද, නැතිනම් සිංහල පුවත්පත් වලද? Delete Replies Reply Reply Pra Jay 18 September 2017 at 22:45 ආගම් විස්වාස ආදිය ගාව ගන්නේ නැතුව නවීන ඝාතන ක්‍රමවලින් හැකි පමණ වේදනා අඩුව මරණ (humane slaughter) ඇති කරන සතුන්ගේ මස් විතරක් තියනව නම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. දඩමස් ගැන නම්: වඳවීමේ තර්ජනයට පත්වය් ඇති සතුන් මැරීම කොහොමත් නොකල යුතුයිනේ. වල් ඌරු මස් කෑම ගැන මට එතරම් ප්‍රශ්නයක් නෑ. ඒත් මරණ විදිහ වේදනා සහගත නම් කන එක ගැන ගිල්ටි හිතෙනවා ReplyDelete Replies Dayaratna Weerasekara 19 September 2017 at 01:20 ස්තුතියි Pra Jay, දැන් බොහෝ රටවල මස් පිණිස ඇති කරන සතුන්ගේ මස් ලබාගැනීමට humane slaughter ක්‍රම භාවිත වෙනවා. අනාගතයේදී ජගත් මිනිස් ජනගහනයට අවශ්‍ය ප්‍රෝටීන ඇතුලු බොහෝ පෝෂක ලබාගැනීම සඳහා මස් මාංශ වැඩි වැඩියෙන් අවශ්‍ය වන බව පෙනෙන්නට තිබෙනවා. Delete Replies Reply Reply කල්‍යාණ මිත්‍ර 19 September 2017 at 02:13 අනිච්චානුකව කරන මදුරුවෙක් තැලීම වගේ දෙයක් හැර මම කිසිම සතෙක් හිතා මතා මරන්නේ නෑ.. අඩුම තරමින් ඉඳ හිට ගෙමිදුලට එන සර්පයෙක් ගෝනුස්සෙක් වත් නොකරම බැරි උනොත් මිසක් මරන්නේ නැ අල්ලලා කෑලේට විසිකරනවා මිසක්.. (නමුත් ගෙදරට තර්ජනයක් වෙන මීයන්, කැරපොත්තන් වගේ උන් නම් රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා මරලා දානවා) මස් කෑම ගැනත් එහෙමයි. ඕනෙම මසක් රසට උයලා තිබ්බොත් කනව.. ඒත් ගෙදර උයන්නේ මාළු කරවල නැත්නම් උපරිම චිකන් විතරයි.. :) ඔය කියපු තැන එදා මම හිටියානම් මුවමස් කන්න ඉඩ තිබ්බා.. එහෙම බැලුවම මං කිසිම ප්‍රතිපත්තියක් නැති එකෙක්.. හැක්.. සාකච්ඡාවට බඳුන් විය යුතු මාතෘකාවක්. ස්තූතියි ඔබට.. ReplyDelete Replies Reply Dayaratna Weerasekara 19 September 2017 at 13:20 ස්තුතියි කල්‍යාණ, ඔබ කර තිබෙන විස්තරය කාටත් සාධාරණ දෙයක්. සංරක්ෂණය කළ යුත්තේ නැතිවියාමේ තර්ජනයට ලක්වන ජීවීන්. මදුරුවන් කැරපොත්තන් වැනි ජීවීන් ඉතාමත් ශීඝ්‍රයෙන් බෝවන නිසා වඳවීමේ වීමේ තර්ජනයක් නැහැ. මේ සතුන්ට අහිතකර රසායනික ද්‍රව්‍ය වලට එරෙහිව ප්‍රතිශක්තිය ලබා ඉක්මනටම පරිණාමය වන්නටත් පුළුවනි. මිනිසාට වසර දහස් ගණනකින්වත් එසේ කළ නොහැකියි. ඒ උනත් සමහර සර්පයින් එම තර්ජනයට ගොදුරුවෙලා. ඔබ පොදුවේ සතුන් වෙනුවෙන් අනුගමනය කරන පිළිවෙත සාධාරනයි. මසට ඇතිකරන සතුන්ගේ මස් කෑදර කම නිසා නොමැතිව පෝෂණය සඳහා ආහාරයට ගැනීම අවශ්‍යයි. දඩමස් ගැනනම් දෙවරක් සිතිය යුතුයි. සමහරවිට ඔබ වුවත් ඒ අවස්ථාවේදී සමස්ත කණ්ඩායම නිසා මුව මස් ප්‍රතික්ෂේප කරන්නට තිබුනා. ස්තුතියි. මේ ගැන තව දුරටත් සාකච්ඡා කරමු. ReplyDelete Replies Reply ඇනෝපිලිස් 19 September 2017 at 16:27 තිත් මුවා වඳ වෙමින් පවතින සතෙක් ද ..?? ඒක දැන ගත්තෙ අද ඉස්සර මාත් නිර්මාංශයි.. කේක් කන්නෙත් නෑ බිත්තර හිංද ... දැං කිසිම කෑමක් තෝරන්නෙ නෑ ... මේසෙට එන ඕනම කෑමක් කනව ... කිසිම කෑමකට වැඩිය ආසයි කියල නෑ ... පරිසර ප්‍රශ්නෙට නං ඉතිං ඔය වගේ සීනිබෝල උත්තර වැඩක් නෑ .. මිනිස් ගහනය පාලනය කිරීම තමා එකම උත්තරේ ... කරන්ඩ බැරිම දෙයත් ඒකයි .. ReplyDelete Replies Reply Dayaratna Weerasekara 20 September 2017 at 13:26 ස්තුතියි ඇනෝ, /මිනිස් ගහනය පාලනය කිරීම තමා එකම උත්තරේ ... කරන්ඩ බැරිම දෙයත් ඒකයි ../ හොඳම පිළියම ඒකද කියන එකත් සැකයි. නෝර්වේ ස්වීඩන් වගේ රටවල් වල ජනගහනය පාලනය කරලා උපත් අනුපාතය සහ මරණ අනුපාතය සම තත්ත්වයක තිබෙනවා. ඒ උනත් එම රට වලත් පරිසර ගැටළු රාශියක් තිබෙනවා. ඔවුන්ද වනජීවී සංරක්ෂණය ගැන දැඩි උනන්දුවක් දක්වනවා. ඕනෑම ජීවි ගහනයක සමතුලිත තත්ත්වය, මිනිසාගේ හෝ වෙනත් බලපෑමක් නිසා වෙනස් වූ විට බලාපොරොත්තු නොවන විපර්යාස සිදු වෙනවා. බොහෝවිට ස්වාභාවික ආපදා නිසා පරිසරයට සිදුවන හානි කල් යාමේදී යථා තත්ත්වයට පත් වෙනවා. ReplyDelete Replies Reply Unknown 2 August 2019 at 19:37 වටිනා අදහස්! ස්තූතී ReplyDelete Replies Reply Dayaratna Weerasekara 2 August 2019 at 20:51 ස්තුතියි 'නොදන්නා' ලිපිය පළකර වසර දෙකෙකට පසු, ඔබ එය කියවා අදහස් පළ කිරීම ගැන ස්තුතියි.තවත් මෙවැනි අදහස් හුවමාරුවකින් නැවත හමුවෙමු. ReplyDelete Replies Reply Add comment Load more... Newer Post Older Post Home Subscribe to: Post Comments (Atom) Followers About Me Dayaratna Weerasekara View my complete profile Blog Archive ► 2022 (10) ► November (2) ► October (1) ► August (1) ► July (1) ► June (1) ► May (1) ► March (2) ► February (1) ► 2021 (14) ► December (2) ► November (1) ► October (2) ► September (1) ► July (2) ► May (2) ► April (1) ► February (2) ► January (1) ► 2020 (20) ► November (1) ► October (3) ► September (3) ► July (1) ► June (1) ► May (3) ► April (2) ► March (2) ► February (1) ► January (3) ► 2019 (23) ► December (1) ► November (3) ► October (2) ► September (3) ► August (2) ► June (1) ► May (2) ► April (2) ► March (4) ► February (3) ► 2018 (41) ► December (2) ► November (2) ► October (4) ► September (4) ► August (2) ► July (4) ► June (4) ► May (3) ► April (4) ► March (4) ► February (3) ► January (5) ▼ 2017 (81) ► December (5) ► November (4) ► October (6) ▼ September (5) අමතක වීමක් නිසා සිදුවූ අකර තැබ්බයක්........... පරිසර සංරක්ෂණය සහ මස් මාංශ අනුභවය ....... 1955 වසරේ ඇතිවූ පුර්ණ සුර්යග්‍රහණය, ඉතා හොඳින් දුට... “පත්තෑයෙක් ... පත්තෑයෙක්...” කාර්යාල වෑන් රථයේ මහා... ජලය සහ ජල පරිහරණය පිළිබඳව අප දැනුවත්ද ? ► August (10) ► July (10) ► June (9) ► May (15) ► April (9) ► March (2) ► February (4) ► January (2) ► 2016 (9) ► December (7) ► November (2) Popular Posts අපා, දෙපා, සිවුපා, ශඩ්පා, අෂ්ටපා, දශපා, සියපා සහ දහස්පා .......... පෘ ථිවි ජෛව ගෝලය තුළ සිටින, ලක්ෂ සංඛ්‍යාත සතුන් වෙන වෙනම හඳුනා ගැනීම කිසිවෙකුට කළ හැකි දෙයක් නොවේ. මේ ගැන කල්පනා කළ, ස්වීඩන් ජාතික ලිනෙයස් න... ඉංග්‍රීසි භාෂාව උච්චාරණය කිරීමේ ආසියානු ක්‍රමය ‘සංස්කෘතික හිඩැසක්’ද......? සීෂෙල්ස් රාජ්‍යයේ සේවය කරද්දී ලැබූ තවත් අත්දැකීමකි. මා සේවය කළ උසස් අධ්‍යාපන ආයතනයේ ප්‍රධානියා අයිරිෂ් ජාතිකයෙකි. එම ආයතනයේ. ඉගැන්ව... අප, ගණිත සංකල්පද කටපාඩම් කළ කාළයක් විය...... අ ප හතරේ පන්තියේ ඉගෙන ගන්නා කාලයේ , පන්ති භාර ගුරුවරයා වූයේ ප්‍රනාන්දු මහත්මයාය. ලා අලුපාටට හුරු ට්වීඩ් රෙද්දක් සහ සුදු කමිසයක් හැඳ, ඉන... ‘ආරේ ගුණ නෑරේ’ වැකියට ප්‍රවේණි විද්‍යා අර්ථ නිරූපණයක්.­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­ අ පගේ පැරණි ප්‍රස්තා පිරුළක, ‘ ආරේ ගුණ නෑරේ – . මල්ල කිහිල්ලෙන් නෑරේ’ යනුවෙන් පෙන්වා දෙන අදහස වන්නේ , සම්ප්‍රදායටම ගැතිවී අන්ධානුකර... ජෛව විවිධත්වය සුරැකීම සඳහා, වන වැදී ඇති බළලුන්, මිලියන දෙකක් ඝාතනය කිරීම · සුරතල් සතුන් වුවද පාලනයෙන් ගිලිහී ගියහොත් විනාශකාරී විය හැකිය . · දඩාවතේ යන බළලුන් මහා විපතකි . · බළලුන් සඳහ...
ක්‍රිකට්, පා පන්දු, වොලිබෝල්, රගර්, ගොල්ෆ් හා ටෙනිස් වැනි ක්‍රීඩාවන් ලෝකයේ ඉතා ජනප්‍රිය ක්‍රීඩා ලෙස හඳුන්වා දිය හැකියි. මෙම ක්‍රීඩා සාමාන්‍යයෙන් අප කා අතරත් ඉතා ප්‍රසිද්ධයි. නමුත් ලෝකය පුරා එතරම් ප්‍රසිද්ධ නොවූ, නරඹන්නන් ත්‍රාසයෙන් මුසපත් කරන ක්‍රීඩා කිහිපයක් පිළිබඳව කෙටි විස්තරයක් ඔබ වෙත ගෙන ඒමටයි සැරසෙන්නේ. සාමාන්‍ය දැක්මකින් ඔබ්බට ගිය මිනිසුන් විසින් මෙම ක්‍රීඩා නිර්මාණය කර තිබෙනවා. මෑතක සිට ලෝකයේ විවිධ ප්‍රදේශ වල ජනප්‍රිය වෙමින් පවතින මේවා extreme sports හෝ adventurous sports ලෙස හඳුන්වයි. මේ වන විටත් නිසි පුහුණුවක් සමඟ වෘත්තීය මට්ටමෙන් ඒ සඳහා සහභාගී වන්නන්ගේ ගණන සීග්‍ර ලෙස ඉහළ යමින් පවතිනවා. ත්‍රාසජනක බව, හදීසි අනතුරුවලින් බහුල බව හේතුවෙන් ජීවිත අවදානම පවා ඉහළයි. මෙම ක්‍රීඩාවන්හි නියැලීමට ක්‍රීඩකයා සතුව මනා ආත්ම ශක්තියක් මෙන්ම හොද ශාරීරික යෝග්‍යතාවයක් තිබිය යුතු වෙනවා. කන්දෙන් පැනීම (Cliff diving) Pinterest හවායි දුපත් වල ක්‍රි:ව 1770 තරම් ඈත අතීතයේ එහි වාසය කළ නිර්භීත පුද්ගලයන් හදුනා ගැනීම සඳහා මුහුද අවට ඇති මීටර් 200 පමණ උස ගල් පර්වතයන්ට නැග මුහුදට පනිමින් ආරම්භ කළ මෙම ක්‍රීඩාව වර්තමානය වන විට ලොව පුරා ඉතා ජනප්‍රියයි. මෙතරම් උසක සිට ජලයට පනින විට ඉතා දැඩි වේදනාවක් සිරුරට දැනෙන නමුත් වීරත්වය හා ත්‍රාසජනක බවින් පිරුණු මෙම ක්‍රීඩාව මානසික ඒකාග්‍රතාවක් ඇති ක්‍රීඩකයන්ට එතරම් අභියෝගයක් නොවෙයි. ඔබ ගාලු කොටුවේ සංචාරය කරන විට Cliff diving අනිවාර්යෙන්ම දැක ගන්නට පුළුවන්. හැබැයි ඒ ක්‍රීඩාවක් විදිහට නම් නෙවේ, එසේ එම ක්‍රීඩාවේ ඔවුන් නිරත වන්නේ ජීවනෝපායක් ලෙසයි. බන්ගී පැනීම් (Bungee Jumping) Bucharest Apartments පාලමක්, උස් ගොඩනැගිල්ලක් හෝ ඉතා උස් බෑවුමක් සහිත කඳු මුදුනක සිට Bungee ලණුවක් පාද වල වළලුකර දෙකේ ගැටගසාගෙන පහළට පැනීම මෙහිදී සිදු වෙනවා. පනින පුද්ගලයාගේ බරට අනුව bungee ලණුවේ දිග ප්‍රමාණය වෙනස් වෙනවා. අතීතයේ මෙලෙස පැනීම් සිදුකර තිබෙන්නේ ස්ථාවර ස්ථානයක සිට වුවත් වර්තමානයේ වඩා ත්‍රාසජනක අත්දැකීමක් ලබා ගැනීමේ අරමුණෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වායු බැලුන, හෙලිකොප්ටර වැනි සචල ස්ථාන වල සිටද පහළට පනිනු දකින්නට පුළුවන්. පැනීම හේතුවෙන් ක්‍රීඩකයාගේ විභව ශක්තිය චාලක ශක්තිය බවට පත්වෙන අතර ලණුව ඇදෙන සුළු බැවින් ක්‍රීඩකයා විශාල වෙලාවක් උඩට හා පහළට පැද්දෙමින් මෙම ත්‍රාසජනක අත්දැකීම විඳගනු ලබනවා. 1979 අප්‍රේල් මස 1 වෙනිදා මෙම ක්‍රීඩාව ලොවට හදුන්වා දෙන්නේ Bristol නගරයේ Clifton පාලමෙන් පහළට පනින ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඩේවිඩ් ක්‍රයික් හා සයිමන් කෙලීන් විසිනුයි. රළ මත ලිස්සීම (Surfing) Mpora ලංකාවේ සංචාරක කර්මාන්තයේ දියුණුවට බලපාන එක් කරුණක් ලෙස surfing හදුන්වා දිය හැකියි. ආරුගම්බේ මුහුදු තීරය මේ සඳහා නම් දරන ලොව පුරා ප්‍රසිද්ධ මුහුදු තිරයක්. ඊට අමතරව ඕස්ට්‍රේලියාවේ gold cost, දකුණු අප්‍රිකාවේ jeffery’s bay වැනි වෙරළ තීරයන්ද මේ සඳහා සුදුසු වෙනවා. මෙම මුහුදු තීර වල විශේෂ ලක්ෂණ වන්නේ හොඳින් රළ නැගීමයි. මෙලෙස නැගෙන යෝධ රළ සමඟ surfing board එකක් මත නැගී දණ ගසා හෝ දිගා වී වැනි ඉරියව් වලින් ක්‍රීඩාවේ යෙදෙනවා. ඉතා විශාල ලෙසින් උසට නැගෙන රළ යටින් රිංගා යමින් ක්‍රීඩකයන් විදින ත්‍රාසජනක අත්දැකීම නරඹන්නට surfing ක්‍රීඩා ලෝලීන් ඉතා කැමතියි. පාකර් (Parkour) Blogs – Financial Times ප්‍රංශයේ රේමන්ඩ් බෙල් විසින් 1990 වසරේ හඳුන්වා දුන් ක්‍රීඩාවක් වන parkour ලොව පුරා ප්‍රසිද්ධ කරන්නේ ඔහුගේ පුත් ඩේවිඩ් බෙල් විසින්. ඒ ඔහු හා ඔහුගේ මිතුරන් එක් වී නිර්මාණය කරන ලද yamakasi(යමකාසි ) හා පාකර් යන ක්‍රීඩා කණ්ඩායම් දෙක අතර පැවති අභියෝගාත්මක තරඟ වට කිහිපය හේතුවෙන්. නිදහස් දිවීම (free running) ලෙසත් හදුන්වන මෙම ක්‍රීඩා අංගය බොහෝ චිත්‍රපටයන්හි දර්ශනයන් සඳහාද වර්තමානය වන විට යොදාගෙන තිබෙනවා. දිවීමට අමතරව අතරමගදී හමුවන විවිධ වර්ගයේ බාධක ඉතා කාර්යක්ෂම අයුරින් පසුකර යාම මෙහිදී කළ යුතුයි. මේ සඳහා දිවීම සමඟම පැනීම්, රින්ගීම් පැද්දීම්,පෙරලීම් හා කරණම් ගැසීම් උචිත අවස්ථාවන්හි සිදු කළ යුතුයි. ක්‍රීඩාව සඳහා යොදා ගන්නා බාධක මත මෙහි ත්‍රාසජනක බව තීරණය වෙනවා. පියෑඹීම (Wingsuit flying) Wikipedia ඈත අතීතයේ සිටම පියෑඹීමේ නොතිත් ආශාවකින් පසු වූ මිනිසා පක්ෂීන් සේ අත්තටු පැළඳගෙන උස් ස්ථාන වලින් බිමට පැන්න බව අප අසා තිබෙනවා. නමුත් එවැනි පැනීම් හේතුවෙන් ඔවුන්ට අත් වී තිබෙන්නේ මරණයයි. 1912 වසරේදී ප්‍රංශයේ ජීවත් වූ ඇදුම් මසන්නෙක් ඉගිලීමට සුදුසු ඇඳුමක් මසා අයිෆල් කුලුනෙන් පැන පියාඹීමට දැරූ උත්සාහය නතර වී තිබෙන්න ඔහු මරණයට පත් වීමෙන්. මෙසේ 1990 වසරේදී පැට්‍රික් ද ගෙයා(ක්)හොං (Patrick de Gayardon) විසින් නිර්මාණය කරන ලද ඇඳුම මේ සඳහා සුදුසු විය. එම birdman ඇඳුම ලෙස ලොවපුරා ජනප්‍රිය වෙනවා. මෙලෙස නිර්මාණය වූ ඇඳුම් අතරින් පක්ෂීන් සේ අහසේ සැරි සැරීමට අද වන විට යොදා ගනු ලබන්නේ wing suit නම් ඇඳුමයි. මෙහි කොටස් වල වර්ගඵලය වැඩි බැවින් වායු ගෝලය තුළ නිදහසේ පා වීමට හැකියාව ලැබෙනවා. මෙම ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන් ගුවන් යානයක සිට පහළට පැන පක්ෂීන් මෙන් වායුගෝලයේ නිදහසේ පා වෙමින් පසුව, අවසානයේදී පැරෂුට් ආධාරයෙන් ගොඩබැසීම සිදු කරනවා. චකිතය හා මානසික ආතතිය මැනවින් පාලනය කරන ක්‍රීඩාවක් ලෙස මෙය නම් කර තිබෙනවා. ස්කේටිං (Skating) Shutterstock 1950 දශකය තුළ ඇමරිකාවේ කැලිෆෝනියා වෙරළ තිරයේ surfing ක්‍රීඩාවේ නිරතවන ක්‍රීඩකයන් විසින් මුහුදේ රළ නොමැති අවස්ථාවන්හිදී, ඒ වෙනුවට කළ හැකි ක්‍රීඩාවක් ලෙස මෙම සංකල්පය බිහිකර තිබෙනවා. රෝද සවිකළ ලී පුවරු මත නැගී ඔවුන් ප්‍රාථමික skateboarding ක්‍රීඩාව නිර්මාණය කළ අතර අද වන විට වේගයෙන් පාර පුරා, පඩි පෙළවල් මතින් මෙන්ම පඩිපෙළවල අත්වාරු මතින් පවා ගමන් කිරීමට ක්‍රීඩකයන් සමත් වෙලා තිබෙනවා. ක්‍රීඩාව අතරතුර කුඩා අත්වැරැද්දක් සිදු වුවහොත් එය මාරක අනතුරක් බවට පත්වීමේ ඉඩකඩ ඉතා ඉහළ බැවින් මේ සඳහා මූලික පුහුණුවීම් ඉතා හොඳින් කළ යුතු වෙනවා. ඉතින් මෙම ත්‍රාසජනක ක්‍රීඩා කිහිපයක් පිළිබඳව කෙටි විස්තරය නිමා කරන්නයි සුදානම් වෙන්නේ. ක්‍රීඩකයන් මෙන්ම ප්‍රේක්ෂකයන්ද භීතියට පත්කරවන මෙම ක්‍රීඩාවන්හි නිරතවීමට මනා පුහුණුවක් මෙන්ම දැඩි ආත්ම ශක්තියක් අවශ්‍යයි. කවරයේ ජායාරූපය – F Magazine Luxury Related Articles 2014 පාපන්දු ලෝක කුසලානයේ දී දුටු කොස්ටා රිකා මැජික්! article ක්‍රීඩා සැප්තැම්බර් 8, 2022 පාකිස්ථානු-දකුණු අප්‍රිකා තරගයේ පෙර විමසුම article ක්‍රීඩා ජූනි 21, 2019 කිවි බිමේදී කිවියන්ව අසරණ කළ ආනල්ඩ්ගේ සුපිරි ඉනිම article ක්‍රීඩා සැප්තැම්බර් 20, 2019 ශ්‍රී ලංකා – සිම්බාබ්වේ අමතක නොවන එක් දින මතක article ක්‍රීඩා ජනවාරි 19, 2022 ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලැබුණු හැටි article ක්‍රීඩා ජනවාරි 24, 2020 එංගලන්ත – අමෙරිකා ගැටුමට මැදි වූ පාපන්දු ලෝක කුසලානයේ B කාණ්ඩයේ තතු article ක්‍රීඩා නොවැම්බර් 13, 2022 1996 සිංගර් ලෝක ශූරතා සිව්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා දස්කම් article ක්‍රීඩා සැප්තැම්බර් 6, 2019 සචින්ගේ එක්දින ක්‍රිකට් වාර්තා පසුපස හඹායන ඉන්දියානුවා article ක්‍රීඩා නොවැම්බර් 8, 2018 Roar සිංහල Roar Media is a South Asian multilingual media platform that produces original stories and provides analysis on complex issues. All our content aims to inform, educate, and inspire.
රුහුණු අධ්‍යාපන විද්‍යාපීඨයේ මෑතකදී සිදු වූ සිසු ගැටුම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු වී ඇති අතර ගුරු අධ්‍යාපනයෙහි නියැලෙන ශික්ෂණලාභීන්ගේ විනය පවත්වා ගැනීම සඳහා ගතහැකි උපරිම පියවර අනුගමනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනු ඇති බව විද්‍යාපීඨ කොමසාරිස් රංජිත් චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේය. එහිදී, අදාළ සිද්ධියට සම්බන්ධ වු සිසුන් 54 දෙනාගේ ශිෂ්‍යභාවය අවලංගු කිරීමටත්, වැඩිදුර කියවන්න Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත් No Comments ඉදිරියේ දී සාමාන්‍ය පෙළට තාක්ෂණය විෂය හර විෂයක් ලෙස එකතු කිරීමට පියවර ගන්නවා සඳුදා, 05 දෙසැම්බර් 2022 by Rukmalee_MOE ඉදිරියේ දී සාමාන්‍ය පෙළට තාක්ෂණය විෂය හර විෂයක් ලෙස එකතු කිරීමට පියවර ගන්නවා.ලංකාවේ අපේ දැනුම ඉතා ඉහලයි නමුත් එය ප්‍රායෝගිකව භාවිත කිරීමේදී ගැටලු තිබෙනවා.අපේ තාක්ෂණික දැනුම යාවත් කාලීන විය යුතුයි– අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සෙසු රටවලට සාපේක්ෂ ව දැනුම අතින් අප ඉදිරියෙන් සිටියත් ඒ දැනුම ප්‍රායෝගික ව භාවිත කිරීමේ ක්‍රියාදාමයක් අපට නොමැති නිසා වෙනත් වැඩිදුර කියවන්න Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත් No Comments අනෙකුත් රාජ්‍ය සේවකයන් මෙන් ගුරුවරුන් මාරු නොකරන අතර විෂය අනුව ස්ථානගත කෙරේ. සඳුදා, 05 දෙසැම්බර් 2022 by MOE_Sameera – අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පොදුවේ රාජ්‍ය සේවකයන් මාරු කරන ක්‍රමවේදයට අනුව ගුරුවරුන් මාරු කළහොත් දරුවන්ට විෂය ආවරණය කිරීමේ ගැටලු මතු වන බැවින් සිසු අවශ්‍යතා කේන්ද්‍ර කරගනිමින් ගුරුවරුන් උචිත පරිදි ස්ථානගත කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඩිජිටල් අධ්‍යාපන සංවර්තනය සඳහා වූ ප්‍රතිපත්ති මත සැකසුණු ඩිජිටල් අධ්‍යාපනයේ ප්‍රධාන සැලසුම පිළිබඳ කෙටුම්පත වැඩිදුර කියවන්න Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත් No Comments පන්ති කාමරය තුළ ලබා දෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ විප්ලවීය වෙනසක් මගින් දෙමාපියන්ගේ බොහෝ ආර්ථික දුෂ්කරතා ජයගත හැකියි. බ්‍රහස්පතින්දා, 01 දෙසැම්බර් 2022 by MOE_Sameera – අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද බොහෝ දෙමාපියන්ට සිය වැටුපෙන් වැඩි ප්‍රමාණයක් දරුවන්ගේ අමතර පන්ති සඳහා වෙන් කිරීමට සිදු වීමේ අසාමාන්‍ය ප්‍රවණතාවක් පෙනෙන්නට තිබෙන අතර පාසල් ප්‍රවාහන වෑන් රථ සඳහා ද අධික වියදමක් දැරීමට සිදු ව තිබීම නිසා දෙමාපියන්ගේ වියදම තවත් ඉහළ ගොස් ඇතැයි ද මේ සියලු අධ්‍යාපනික ආර්ථික අභියෝග ජයගැනීමට පන්ති කාමරය තුළ ලබා වැඩිදුර කියවන්න Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත් No Comments දෙසැම්බර් 05 සිට 2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් නොකෙරේ. බ්‍රහස්පතින්දා, 01 දෙසැම්බර් 2022 by MOE_Sameera 2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම, මෙම වසරේ තුන් වන වාරය ආරම්භ වන 2022.12.05 දින සිට සිදු කරනු නොලැබේ. 2023 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම සිදු කරනු ලබන්නේ, 2022 වර්ෂයේ තෙවන පාසල් වාරය අවසන් වන 2023 මාර්තු මස 24 දිනට පසු, පාසල්වල පවතින පුරප්පාඩු මත පාසල් වෙත යොමු කරනු ලබන අයදුම්පත් වැඩිදුර කියවන්න Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත් No Comments විශ්වවිද්‍යාල සිසුන්ගේ පරමාර්ථය විය යුත්තේ ප්‍රථම උපාධිය ලබා, හැකි ඉක්මනින් සමාජගත වී තම වගකීම බාර ගැනීමයි අඟහරුවාදා, 29 නොවැම්බර් 2022 by Rukmalee_MOE ලෝකයේ බොහෝ සංවර්ධිත රටවල ද විශ්වවිද්‍යාල අධ්‍යාපනය මුදල් ගෙවා ලබා ගත යුතු වුවත් අපේ රටේ ප්‍රථම උපාධිය මහජනතාවගේ බඳු මුදලින් නොමිලේ ලබා දීම ශ්‍රී ලාංකික සිසුන් ලද මහත් භාග්‍යයක් බව ද, එබැවින් විශ්වවිද්‍යාල සිසුන්ගේ මූලික පරමාර්ථය විය යුත්තේ තම අධ්‍යාපන කටයුතු හැකි ඉක්මනින් අවසන් කොට සමාජයේ ඔවුන්ට හිමි ව ඇති වගකීම නොපිරිහෙලා ඉටු කිරීම බව වැඩිදුර කියවන්න Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත් No Comments 2023 වසරේ සිට පළමු ශ්‍රේණියට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික ක්‍රියාකාරකම් පදනම් ව භාවිතයට ගන්නවා සඳුදා, 21 නොවැම්බර් 2022 by Rukmalee_MOE තාක්ෂණය සමඟ ඉදිරියට යාමේ දී මව්බසට අමතරව ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම අත්‍යාවශ්‍යයි. තාක්ෂණයත් සමඟ ඉදිරියට යාමේ දී මව්බසට අමතරව ජාත්‍යන්තර භාෂාවක් වශයෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමේ වැදගත් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා පවසයි. තව ද එසේ නොවීමෙන් වේගයෙන් ඉදිරියට යන සමාජය තුළ පන්ති පරතරය වඩාත් පුළුල් වී අනාගත රැකියා ලෝකය එක්තරා පිරිසකට පමණක් සිමා වීම වැඩිදුර කියවන්න Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත් No Comments පාසලට අනිසි සිරිත් පැමිණීමට වැට බැඳීම සඳහා විශේෂ වැඩසටහනක් අඟහරුවාදා, 01 නොවැම්බර් 2022 by Rukmalee_MOE Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත් No Comments 10 ශ්‍රේණියේ දරුවන්ට ලබන වසරේ සිට කෘත්‍රීම බුද්ධිය විෂය ඉගැන්වේ. අඟහරුවාදා, 01 නොවැම්බර් 2022 by MOE_Sameera – අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාසලට අනිසි සිරිත් පැමිණීමට වැට බැඳීම සඳහා විශේෂ වැඩසටහනක් නවතම යුනෙස්කෝ වාර්තා අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට එහා ගිය අධ්‍යාපන පරිවර්තනයකට කඩිනමින් අප ගමන් කළ යුතු ව තිබෙන පසුබිමක අදියර කිහිපයක් ඉදිරියට යමින් ලබන අවුරුද්දේ දී 10 ශ්‍රේණියට කෘත්‍රීම බුද්ධිය විෂය ඉගැන්වීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුර කියවන්න Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත් No Comments ප්‍රතිසංස්කරණය පරිවර්තනයකට මාරු වී අධ්‍යාපනය ජාත්‍යන්තර තලයට සඳුදා, 31 ඔක්තෝබර් 2022 by MOE_Sameera – අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ලෝක කොවිඩ් ව්‍යසනයෙන් පසු අධ්‍යාපනයේ පරිවර්තනයකට ගමන් කළ යුතු වූ යුනෙස්කෝ සම්මුතීන්වලට අදාළ වන පරිදි 2023 වර්ෂයේ සිට මෙරට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩිනමින් අධ්‍යාපන පරිවර්තනයක් දක්වා පුළුල් කළ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති පොලිමත් සරසවියේ (Polymath )
ඓතිහාසික බැබිලෝනියානු ශිෂ්ඨාචාරයේ, වත්මන් ඉරාකයේ මහා උරුමය අන්තවාදී මූසලු ISIS කුළු ගෙඩි පහරින් වැනසේ! February 28, 2015 අන්තවාදයෙන් අඳ වූ කළ..., විදෙස් විත්ති No comments අයිසීස්‌ ත්‍රස්‌තයෝ ඉරාකයේ මෝසුල් කෞතුකාගාරයේ තිබූ වසර 3000 ක්‌ වටිනා ඓතිහාසික ප්‍රතිමා සියල්ල විනාශ කර ඇත. යකඩ මිටි සහ සිදුරු විදින යන්ත්‍ර භාවිත කරමින් මෙකී පෞරාණික ප්‍රතිමා වනසා තිබේ. මෝසුල් නගරයේ පිහිටි නිනේවේ කෞතුකාගාරයේ පැරණි ප්‍රතිමා රැසක්‌ තිබූ බව අනාවරණය වේ. විනාශ කරන ලද ප්‍රතිමා අතර ක්‍රිස්‌තු පූර්ව නව වැනි සියවසට අයත් ඇසිරියන් නිර්මාණද වේ. පසුගිය ජුනිමස මෝසුල් නගරය අයිසීස්‌ ත්‍රස්‌තයන්ගේ පාලනයට නතු විය. මෙලෙස පැරණි සිතුවම් සහ ප්‍රතිමා වැනසීම ඉරාකයේ සභ්‍යත්වය සහ ශිෂ්ඨාචාරය විනාශ කිරීමක්‌ යෑයි ඉරාක රජය කියා සිටී. අයිසීස්‌ ත්‍රස්‌ත සංවිධානය මෙයට පෙර පැරණි පොත් 10000 ක්‌ හා දුර්ලභ ගණයේ ලියකියෑවිලි 700 ක්‌ ද පුළුස්‌සා දමා ඇත. http://www.divaina.com/2015/02/28/forign01.html Pic Source Read More Friday, February 27, 2015 හිටපු ජනපති සහ වත්මන් ජනපති වැඳපුදා ගත් මොකක්ද මේ ඉන්දියාවේ තිරුපති කෝවිල February 27, 2015 විවිධ No comments තිරුපති කෝවිල කියන්නේ ඉන්දියාවේ පිහිටා තිබෙන ලෝක ප්‍රසිද්ධ, ඓතිහාසික වටිනාකමක් ඇති හින්දු සිද්ධස්ථානයක්. මෙහි බොහෝ හාස්කම් ඇති ස්ථානයක් ලෙස හින්දු මැතිමතුන් විශ්වාස කරනවා. මේ ගැන අප බොහෝ කාලයක සිට යම් යම් කරුණු දැන සිටියත් පසුගිය ජනාධිපතිවරණය සමයේ වැඩි දෙනෙක් මේ ගැන කතා කරන්න පටන් ගත්තා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනු වස් පූජා පවත්වා බාරහාරවීමට නාම යෝජනා දුන් සැනින් මෙම කෝවිලට ගොස් තිබූ නිසයි. ඔහු එහි පූජාවන්ට සහභාගි වී සිටින ආකාරය පිළිබඳව විවිධ ඡායාරූප අන්තර්ජාලයේ පළවී තිබුණා. ජනාධිපතිවරණය නිමවීමත්, සමග මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමත් සමග මේ පිළිබඳ උණුසුම ගිලිහිලා ගියා. නමුත් නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දීය සංචාරය අතරතුරේ තිරුපති වන්දනාවේ යන බැව් ප්‍රවෘත්තිවලින් පැවැසුණු නිසා නැවතත් ඒ පිළිබඳ උනන්දුවක් ඇති වී තිබෙන බවක් පෙනෙනවා. ඇත්තටම මොකක්ද මේ තිරුපති කෝවිල ? මෙය තිරුපති යනුවෙන් හැඳින්වුවත් නියම නම වන්නේ ‘තිරුමාල ශ්‍රී වෙන්කතේෂ්වර කෝවිල’ යන්නයි. එය ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි, චිට්ටූර් දිස්ත්‍රික්කයේ තිරුපති නම් කඳුකර නගරය ආසන්නයේ පිහිටා තිබෙනවා. තිරුපති නගරයට ආසන්නව ඇති නිසා එය වැඩි දෙනෙක් හඳුන්වන්නේ ‘තිරුපති කෝවිල’ නමින්. තිරුමාල කන්ද මුහුදු මට්ටමේ සිට මීටර් 853ක උන්නතාංශයකින් පිහිටා තිබෙනවා. එම ප්‍රදේශය වර්ග කිලෝමීටර් 27කින් පමණ යුක්තයි. මෙම කන්ද මුදුන් හතකින් සමන්විතයි. හින්දු විශ්වාසයට අනුව එය සියලු සර්පයන්ට අධිපති රජු වන අදීෂගේ හිස් හත යැයි පැවසෙනවා. මෙම මුදුන් හත සේසාද්‍රි, නීලාද්‍රි, ගරුඩාද්‍රි, අන්ජානාද්‍රි, වෘෂභාද්‍රි, නාරායනාද්‍රි සහ වෙන්කතාද්‍රි යනුවෙන් හඳුන්වනු ලබනවා. ක්‍රි.ව. 300 දී පමණ ඉදිකළේ යැයි සැලකෙන මෙම කෝවිල පිහිටා තිබෙන්නේ මේ අතරින් වෙන්කතාද්‍රි හෙවත් වෙන්කත් කන්දේ මුදුන මතයි. මෙම කෝවිලට අධිගෘහිත හින්දු දෙවියා වන්නේ වෙන්කතේෂවරයි. ඔහු විෂ්ණු දෙවියන්ගේ එක් වේෂයක් යැයි විශ්වාස කෙරෙනවා. බලාජි, ගොවින්ද හා ශ්‍රීනිවාස යන නම්වලින් ද වෙන්කතේෂ්වර හඳුන්වනු ලබනවා. මෙම කෝවිල කෙළවර වන්නේ පූජනීය විලක් වූ ශ්‍රී ස්වාමි පුෂ්කර්නි හි එක් ඉවුරකින්. දකුණු ඉන්දීය ගෘහනිර්මාණ ශිල්පයට අනුව ඉදිකොට ඇති මෙහි දක්නට ඇති අක්ෂර සියල්ල ඇත්තේ දෙමළ බසින්. තිරුපති කෝවි‍ලේ පවතින්නේ යැයි පැවැසෙන හාස්කම්වලට අමතරව මෙය ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ලෝකයේ ඇති ධනවත්ම කෝවිල හැටියටයි. ලෝකයේ වැඩි දෙනෙක් සංචාරය කළ ස්ථානයක් වන නිසා මෙයට අධික ලෙස විවිධ ප්‍රදානයන් ලැබෙනවා. මෙය කරා දිනකට වන්දනා කණ්ඩායම් වශයෙන් 50,000 - 100,000 දක්වා පැමිණෙනවා. වාර්ෂිකව පැමිණෙන වන්දනාකරුවන්ගේ සංඛ්‍යාව මිලියන 30-40 පමණ වන බවයි පැවැසෙන්නේ. වාර්ෂිකව පැවැත්වෙන බ්‍රහ්මෝත්සවම් පූජා උත්සව සමයන්හිදී මෙයට දිනකට පැමිණෙන වන්දනා කණ්ඩායම් සංඛ්‍යාව ලක්ෂ පහක් දක්වා ඉහළ යන බව වාර්තා වෙනවා. මේ නිසා මොවුන්ගෙන් පූජා පිණිස ලැබෙන මුදල්, වෙනත් වටිනා භාණ්ඩ නිසා ලොව ඇති ධනවත්ම සිද්ධිස්ථානය මෙය බවට පත්වීමේ පුදුමයක් නැහැ. මෙම දේවස්ථානය පිළිබඳ ප්‍රවාද කිහිපයක්ම පවතිනවා. එයින් එක් විශ්වාසයකට අනුව මෙහි පවතින වෙන්කතේෂ්වර පිළිමය හින්දු විශ්වාසයට අනුව පෘථිවිය බිහිවුණු කලියුගය මුළුල්‍ලේම මෙහි පැවැතී තිබෙනවා. ලොව පුරා පැතිර පවතින විශ්වාසයන්ට අනුව මේ දේවාලයට බාරහාර වීමෙන් සියලු බලා‍පොරොත්තු ඉටුවන බවයි පැවැසෙන්නේ. අප රටේ හිටපු රාජ්‍ය නායකයා නැවත ජනපතිවීමේ පැතුම නිසැකවම ඉටුවේ යැයි බලා‍පොරොත්තුවෙන් මෙයට බාරහාර වී පුද පූජා පවත්වන්නට ඇත්තේ ද ඒ නිසා විය යුතුයි. නමුත් මෙවර එවැන්නක් නම් සිදුවූයේ නැහැ. හාස්කම්වලට අමතරව මෙය පිළිබඳ තවත් එක් රසවත් කතාවක් ද පවතිනවා. එය තිරුපති ප්‍රදේශයේ කවුරුත් දන්නා දෙයක්. මේ කතාව උරුලෑවන්ට සම්බන්ධයි. මෙම දේවාලයට සම්බන්ධව ඇති 12 වැනි සියවසට අයත් ‍ලේඛනවලත් මෙම සතා ගැන සඳහන්ව තිබෙනවා. උරුලෑවා කියන්නේ අධික දුර්ගන්ධයක් ඇති සතෙක් වුවත්, මෙයින් හමුවන ඓතිහාසික ‍ලේඛනවලට අනුව උගෙන් ලබාගත් ශ්‍රාවයකින් පිළියෙළ කරගත් තෙල් වර්ගයක් මිශ්‍ර කළ ජලයෙන් එකල සිටි රජවරු ස්නානය කරන්නට පුරුදුව සිටි බව පැවැසෙනවා. මෙම තෙල් වර්ගය හඳුන්වනු ලබන්නේ ‘පුනුගු’ නමින්. රජවරු මෙසේ ස්නානය කරන්නේ සුවඳවත්ව සිටීමට බවයි පැවැසෙන්නේ. මෙම තෙල් 14 වැනි සියවස පමණ වන විට ඉතා මිල අධික සුවඳ විලවුන් වර්ගයක් බවට පත්ව තිබුණා. මෑත ඉතිහාසයේදී මෙම තෙල් වර්ගය භාවිත කළේ එහි සෑම සිකුරාදා දිනකම පැවැත්වෙන වෙන්කතේෂ්වර පූජවේදී එම දෙවිඳුන්ගේ පිළිමයේ ආ‍ලේප කිරීම සඳහායි. නමුත් උරුලෑවා වඳවීගෙන යන සත්වයෙක් ලෙස ලැයිස්තු ගතකිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම චාරිත්‍රයට බාධා පැමිනුණා. තිරුපති කෝවිල හයිද්‍රාබාද් සිට කිලෝ මීටර් 579ක්, චෙන්නායි සිට කිලෝමීටර් 86ක් සහ බැංගලෝර්වල සිට කිලෝමීටර් 181ක් දුරින් පිහිටා තිබෙනවා. අපේ රටේ සිට බොහෝ දෙනෙක් ඉන්දියාවට ගමන් කිරීමේදී තෝරාගන්නේ චෙන්නායි ගුවන් තොටුපළ නිසාත්, එතැන් සිට කිලෝමීටර් අසූහයක් තරම් අඩු දුරක මෙය පිහිටා තිබිමත් නිසාත් මෙය නරඹා වැඳුම් පිඳුම් කරගෙන එන්නට ඉතාම පහසුයි. තිරුපති කෝවිල නිසාම එහි ජාත්‍යන්තර මට්ටමේ ගුවන් තොටු‍පොළක් ද පිහිටුවා තිබෙනවා. එය පිහිටා ඇත්තේ තිරුපති නගරයේ සිට කිලෝමීටර් දාහතරක් දුරින්, ඔබ සැහැල්ලු බඩු බාහිරාදිය රැගෙන යනවා නම් පමණක් චෙන්නායි ගුවන් තොටුපළ හරහා තිරුපති කරා ඉතා කෙටි වේලාවකින් ළඟාවන්න පුළුවන්. බඩුබාහිරාදිය වැඩිපුර අරන් යනවා නම් ඔබ යායුතු වන්නේ හයිද්‍රාබාද් ගුවන්තොටුපළටයි. එමෙන්ම චෙන්නයි සිට තිරුපති දක්වා දුම්රියෙන් මෙන්ම මහා මාර්ගය ඔස්සේ ද ගමන් කළ හැකියි. චෙන්නායි සිට පැය තුනකින් පමණ ළඟා විය හැකි වුණත් හයිද්‍රාබාද් හරහා යනවා නම් පැය 10-12 ක පමණ ගත විය හැකියි. මීට අමතරව තිරුපති කරා වන්දනා ගමන් සංවිධානය කරන විවිධ ආයතන බොහෝ ගණනක් චෙන්නායි ඇතුළුව ඉහත කී අනෙක් ප්‍රධාන නගර දෙකේ පවතිනවා. ඒවායෙන් ද ප්‍රයෝජන ගත හැකියි. නමුත් චෙන්නායි සිට ගුවනින් ගමන් කිරීම සඳහා කිසිදු මාර්ගෝපදේශකයකු අවශ්‍ය නැති බවයි කිව යුත්තේ. තිරුපති නගරය කරා ගමන් කරන බැතිමතුන්ට සහ විදේශීය සංචාරකයින්ට නවාතැන් සැපයීම සඳහා විවිධ මට්ටමෙන් ස්ථාන බොහොමයක් පවතිනවා. මෙම කෝවිල භාරකාර මණ්ඩලය මගින් ඉදිකළ නවාතැන් ඉතාමත් අඩු මිලට ලබාගන්නට පුළුවන්. සාමාන්‍ය පහසුකම් සපයන කුඩා ප්‍රමාණයේ නවාතැන් අපේ රටේ මුදලින් නම් රුපියල් 250-550 ත් අතර මිලකට ලබාගන්නට පුළුවන්. වායුසමීකරණය කළ කුඩා නවාතැන් කාමරයක් අපේ රටේ මුදලින් රුපියල් 1280-1600 අතර මිලකට ලබාගන්නට පුළුවන්. මේ සඳහන් කළේ එක් දිනකට මිල ගණන්. මීට අමතරව තරු පන්තියේ හෝටල් ද පවතිනවා. ෆෝර්චූන් සිලෙක්ට් ග්‍රෑන්ඩ් රිජ්, ආර්.ආර්. හවුස්, ෆෝර්චූන් කෙන්සස් හොටෙල් ආදිය මේ අතර පවතින අතර එක් රාත්‍රියක් සඳහා ඒවායේ මිල ගණන් අපේ රටේ මුදලින් රුපියල් 2000-6000 අතර පවතිනවා. ඔබ තිරුපති කරා ගමන් කරන්නේ නම් මීට අමතරව දැනගත යුතු කරුණු කිහිපයක්ම තිබෙනවා. ඒ එම ප්‍රදේශයේදී ඔබ හැසිරිය යුතු අන්දමයි. මෙය ලක්ෂ ගණන් වන්දනාකරුවන් පැමිණෙන ස්ථානයක් බව මුලින්ම මතකයේ තබා ගත යුතුයි. සිද්ධස්ථානයට ගැළපෙන ඇඳුම් ඇඳිය යුතුයි. මත්පැන් පානය නොකළ යුතු අතර මස් පමණක් නොව මාළු හා බිත්තර මෙම ප්‍රදේශයේදී පරිභෝජනයෙන් වැළකිය යුතුයි. කෙළ ගැසීම හෝ අන්‍යයන්ට කරදර වන ලෙස හැසිරීම නිසා ඔබ එහි නොසිටිය යුතු අයෙක් බවට බලධාරීන්ට පෙනී යන්නට පුළුවන්. කෝවිල තුළට ඇතුළුවීමේදී ජංගම දුරකථන හා කැමරා රැගෙන යාම සපුරා තහනම්. කාන්තාවන් සාම්ප්‍රදායික ඉන්දීය සාරියකින් සැරිසිය යුතුයි. එසේ නොමැති නම් ගෙල වැසෙන සේ සුදු රෙද්දක් ඔතා ගත යුතුයි. මේවා කෝවිලට ඇතුළුවන ස්ථානයෙන් අපේ රටේ මුදලින් නම් රුපියල් 180කට පමණ ලබාගන්නට පුළුවන්. මෙම ප්‍රදේශයේ ස්වාභාවික ජලය කිවුල් ස්වභාවයෙන් යුක්ත බැවින් බෝතල් කළ ජලය පානය කිරීම වඩාත් සුදුසුයි. අවසාන වශයෙන් කිව යුත්තේ ඔබගේ ආගමික විශ්වාසය කුමක් වුවත් ඔබ සංචාරයේ යෙදෙන ආගමික ස්ථානයේ සම්ප්‍රදායයන්ට ගරුකරන්නට මතක ලබා ගත යුතු බවයි. නිරංජන් චාමින්ද කරුණාතිලක http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=44100:2015-02-25-14-27-58&catid=90:lakbima-gossip&Itemid=0 Read More චාවාකච්චේරියේ පිපිරීමක්‌. වළ දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 148ක්‌ සොයා ගනී February 27, 2015 ඇසි දිසි තතු 1 comment චාවාකච්චේරිය සංකස්‌ථාන දුම්රිය ස්‌ථානය ආසන්නයේ නිවසක්‌ අසල සිදු වූ පිපිරීමකින් පසු පොලිසිය සිදු කළ මෙහෙයුමකදී සුරක්‍ෂිතව වළදමා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 148 ක්‌ සොයා ගෙන තිබේ. කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌ සඳහා ගෙනා මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය වළ දමා තිබෙන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි. මෙම ඉඩමේ තිබූ නිවසක්‌ ආසන්නයේ පෙරේදා (25 වැනිදා) රාත්‍රී කිසියම් පිපිරීමක්‌ සිදු වූ අතර, මෙම පිපිරීම සිදු වූ ස්‌ථානය හා ඒ අවට ප්‍රදේශය පොලිසිය විසින් ඊයේ (26 වැනිදා) දැඩි සෝදිසියට ලක්‌ කර තිබේ. එහිදී නිවස ආසන්නයේ වළ දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි විය. මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය පොහොර බෑග්වල බහා ඉතාම සුරක්‍ෂිත ආකාරයට වළ දමා තිබූ බව පොලිසිය පවසයි. මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය වළ දමා තිබූ ඉඩම 2009 වර්ෂයේදී එහි හිමිකරු විසින් වෙනත් පුද්ගලයකුට විකුණා දමා තිබිණි. ඉඩම මිලදී ගත් පුද්ගලයා මෙම පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව කිසිවක්‌ නො දන්නා බව පරීක්‍ෂණවලින් හෙළි වී ඇත. මෙහිදී ගොඩගනු ලැබූ පුපුරණ ද්‍රව්‍ය තොගය කොටි ත්‍රස්‌තවාදීන් විසින් යුද සමයේදී වළදැමූ ඒවා බවට සැක පහළ කරයි. පොලිසිය සහ යුද හමුදාව මෙම ඉඩම හා ඒ අවට ප්‍රදේශය දැඩි පරීක්‍ෂාවට ලක්‌ කරන බව උසස්‌ නිලධාරියෙක්‌ කියා සිටියේය. හේමන්ත රන්දුණු http://www.divaina.com/2015/02/27/news01.html Pic Source Read More Thursday, February 26, 2015 මහ විරු මහ පැරකුම් මහ නිරිඳා February 26, 2015 හෙළ විරු තතු No comments පළමුවන පරාක්‍රමබාහු ( මහා පරාක්‍රමබාහු; 1123–1186) 1153 සිට 1186 දක්වා ශ්‍රී ලංකාවේ රජතුමා විය. එතුමාගේ අග නගරය වූ පොළොන්නරුව හි සිට එතුමාගේ රාජ්‍යත්වය තුලදී, දිවයිනෙහි උප රාජධානි තුන, එතුමා විසින් එක්සත් කරන ලදී. තම අග නගරය පුළුල් කෙරුමට හා විචිත්‍රවත් කෙරුමට යුහුසුළු වූ හේ, විසල් වාරිමාර්ග පද්ධතීන් ගොඩනැංවීම, රටෙහි යුද්ධ හමුදාව ප්‍රතිසංවිධානය කිරීම, බෞද්ධ පිළිවෙත් ප්‍රතිසංස්කරණය කිරීම, කලා කටයුතු වලට රුකුල් දීම ආදියෙහි නියැළුනු අතර, දකුණු ඉන්දියාව සහ මියන්මාරය හි හමුදා ක්‍රියාන්විතයන් හිද නිරත විය. "අහසින් වැ‍ටෙන එක් දිය බිඳුවක්වත් මිනිසාගේ ප්‍රයෝජනයට නොගෙන මුහුදට එක් වීමට ඉඩ නොදිය යුතුය " යන භාෂණය ඔහුගේ ජනප්‍රිය කියමන් අතුරින් එකකි. පරාක්‍රමබාහුගේ තුරුණු වියෙන් වැඩි කොටසක් ගෙවුනේ, පිළිවෙලින් දක්කිණදේශ සහ රුහුණ යන රාජ්‍යයන්හි රජවරුන් වූ, කිත්ති ශ්‍රී ‍මේඝ සහ ශ්‍රී වල්ලභ යන්නාවූ එතුමාගේ මාමාවරුන්ගේ රජ මාලිගා වල හා, රජ රට රජු වූ, දෙවන ගජබාහු ගේ රජ මාලිගාවෙහිය. 1140 දී පමණ හේ, තම මාමා වූ කිත්තිගේ අනුප්‍රාප්තිකයා ලෙසින් දක්කිණදේශයේ රජු බවට පත්ව ඊලඟ දශකය තුලදී දක්කිණදේශයෙහි යටිතල ව්‍යුහය මෙන්ම එහි යුද්ධ හමුදාවද වැඩි දියුණු කළේය. බොහෝ කල් පැවැති සිවිල් යුද්ධයකින් අනතුරුව, 1153 දී පමණ එතුමාණන්, මුළු දිවයින පුරා තම අණසක පතුරවා 1186 දී එතුමාගේ මරණය දක්වාම එම ස්ථාපිතයෙහි පිහිටියේය. පරාක්‍රමබාහුගේ රාජ්‍ය කාලයෙහිදී, එතුමා විසින්, මියන්මාරයෙහි රජවරුන්ට දණ්ඩන පමුණුවන රිසියෙන් යුද්‍ධ ක්‍රියාන්විතයක් දියත් කල අතර, දකුණු ඉන්දියාවෙහි චෝල අධිරාජ්‍යය ට එරෙහිව පාණ්ඩ්‍යයන් හට උපකාර කරන අතරතුර චීනය හා මැද පෙරදිග රටවල් සමග පුළුල් වෙළෙඳ සබඳතා පවත්වාගෙන ගියේය. දිවයින තුල, ඔහු විසින් ආගමික සිද්ධස්ථාන ස්ථාපිත කිරීම, රෝහල්, සමාජ සුභසාධන ඒකකයන්, ඇළ සහ පරාක්‍රම සමුද්‍රය වැනි විසල් ජලාශ ගොඩනැගීම, ආදිය සිදු කෙරිණි..... 993 හිදී සිදුවූ පළමුවන රාජ රාජ චෝල ගේ ශ්‍රී ලංකා ආක්‍රමණයට අනතුරුව, ශ්‍රී ලංකා දිවයින, දකුණු ඉන්දියාවේ බලවත් චෝල රාජ ආණ්ඩුවෙහි අණසකට අඩ වශයෙන් යටත්ව පැවතිණි. Iවන විජයබාහු රජ (1055–1100) රජතුමා රාජ්‍යත්වයට පත්වන තුරු මෙම ප්‍රදේශයන් චෝල පාලනය යටතේ පැවතිණි. තම රාජ්‍යත්වයෙහි ඇරඹුමත් සමගම, පළමුවන විජයබාහු විසින් සාර්ථක ලෙස චෝල ආක්‍රමණිකයන් පලවා හැර, රජ රට අගනගරය, අනුරාධපුරයෙහි සිට, නව සැලසුම් කල නුවරක් වූ, පොළොන්නරුව (පුලත්තිනගර) වෙත ගෙන එන ලදි. පළමුවන වික්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය සමය (1111–1132) වන විට, දිවයින, රාජධානි තුනකට —රජ රට, දක්කිණ දේශ, සහ රුහුණ —වෙන් කොට තිබුණි. එනමුදු, වික්‍රමබාහු ඉමහත් ගරුත්වයෙන් සැලකුණේ, ඓතිහාසික හා ආගමික වැදගත් කමින් හෙබි අඩවි පිරි රජ රට අයත්ව සිටි බැවිනි. එනමුදු, දක්කිණදේශයේ ("දකුණු රට") රජවූ මානාභරණ හා, ඔහුගේ සොහොයුරන්වූ හා රුහුණෙහි සම-රජුන් වූ, ශ්‍රී වල්ලභ හා කිත්ති ශ්‍රී මේඝ, කිරුළ සඳහා ඇස යොමා සිටි පිළිමළුන් වූහ.තවදුරට සැලකූ කල, මෙම තිදෙන ම, විජයබාහුගේ සොහොයුරියගේ පැවතෙන්නන් වූ අතර, එම නිසාම සිහසුනට ප්‍රබල හිමිකමක් දැරූහ; චූල වංශයෙහි ඔවුන් හඳුන්වනුයේ රාජ වංශයෙහි ආර්ය ශාඛාව ලෙස වන අතර, පළමුවන වික්‍රමබාහු කාලිංග ශාඛාවට අයත් විය. පුරාතන වංශකතාවක් වන චූල වංශයෙහි එන පරිදි, පරාක්‍රමබාහුගේ උපත පිලිබඳව, එතුමාගේ පියාණන් වූ දක්කිණ දේශයෙහි මාණාභරණ රජු විසින් දුටු සිහිනයක පෙනී සිටි දෙවියෙකු වැනි රුවක් විසින් පෙරනිමිති පල කෙරිණි.මානාභරණගේ බිරිය රත්නාවලීට එපරිද්දෙන්ම පුතකු උපන් අතර, ඔහු පරාක්‍රමබාහු ලෙසින් නම් ලැබුවේ, ඔහුගේ "රුපුන්-මඩින බාහු නිසාවෙනි. ඔහු උපන් වසර නිශ්චය වශයෙන් සහතික කර නොදැනුතත්, සාමාන්‍යයෙන් එය 1123 පමණ විය යැයි විශ්වාසය කෙරේ.[තහවුරු කරන්න] ස්ථානය කලක් දක්කිණද්ශයෙහි අග නගරය වූ දැදිගම (පුන්ඛගම) යයි විශ්වාස කෙරේ. මෙම ස්තානය සිහිවීම පිනිස ඉදිකල ස්මාරකය කොටවෙහෙර නම් වේ. දරුවාගේ උපත පිලිබඳ දැනුවත් වූ පොළොන්නරුවෙහි පළමුවන වික්‍රමබාහු අණකලේ, පිරිමි දරුවා ඔහුගේ සිහසුනට උරුමකරු ලෙස ඇති දැඩි විය යුතු බවයි. තම මරණය තෙක් සිහසුන දරා, ඉක්බිතිව පරාක්‍රමබාහු වෙතට එය පැවරීමට අදහස් කල වික්‍රමබාහු විසින්, මෙවැනි දාරක ග්‍රහණයක් යෝජනා කලේ, සමාදානයේ ලකුණ ක් ලෙසින් විය යුතුයි. කෙසේවෙතත් මානාභරණ විසින් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කලේ, "මෙවැනි පුත් රුවනක් පිටත් කොට යැවුම ... (ඥානාන්විත) සුදුස්සක් නොවේ" යැයි පවසමිනි. ඔහු තවදුරටත් අනුමාන කලේ "...පිරිමි දරුවා එහි රැගෙන ගියහොත්, වික්‍රමබාහුගේ පාර්ශවය... බලයෙන් දිදුලනු ඇත, රෑස් විහිදුවනු ඇත, එනමුදු අපගේ අභාග්‍යය, දැනටමත් ඉමහත්, තවදුරටත් උග්‍ර වනු ඇත.] ශ්‍රී ලංකාවෙහි රාජකීය වංශ අතර පැවැති භේදය කෙතරම් උග්‍රවීදයත් මෙවැනි කරුණකදී පවා එකඟතාවයකට එළඹීමට නොහැකි විය. දරුවාගේ උපත සිදුවී ඉතා කෙටි කලකින්, මානාභරණ රෝගාතූරවී මිය ගියේය. රුහුණෙහි සම-රජූ වූ, ඔහුගේ බාල සෙහොයුරු කිත්ති ශ්‍රී මේඝ, දක්කිණදේශයෙහි සිංහාසනාරූඪ වූ අතර, රුහුණෙහි එකම රජු ලෙසින් ශ්‍රී වල්ලභ ප්‍රකාශයට පත්කෙරිණි. පරාක්‍රමබාහු, ඔහුගේ මව රත්නාවලී හා ඔහුගේ සොහොයුරියන් දෙදෙන මිත්තා සහ ප්‍රභාවතී, රුහුණෙහි අග නගරය වූ මහානාගහුල වෙත යවන ලදුව, ශ්‍රී වල්ලභ ගේ ආරක්ෂාව යටතේ දිවි ගෙවීමට සලස්වන ලදි. රුහුණෙහි හා දක්ඛිණදේශයෙහි පරාක්‍රමබාහුගේ ඇතිදැඩි කිරීම වෙත ශ්‍රී ලංකාවෙහි දේශපාලනය විසින් නිතැතින් ම සිදුකළ බලපෑම සැලකිය යුතු තරම් එකක් විය. ඔහු කුඩා දරුවෙකුව සිටියදීම, ඔහුගේ වැඩිමහළු සොහොයුරියවූ මිත්තා; රුහුණේ ශ්‍රී වල්ලභගේ පුතු හා ඔවුන්ගේ ඥාති සෙහොයුරු වූ මානාභරණ වෙත බලහත්කාරයෙන් සරණපාවා දෙන ලද්දේ රත්නාවලී රැජිණගේ අභිප්‍රායට එරෙහිවය. රජ පවුලෙහි කාලිංග වශයෙහි කුමාරිකාවක් වූ රත්නාවලී, ඇය රජ පවුලෙහි ආර්ය ශාඛාවෙහි රජ කෙනෙකුගේ වැන්දඹුවක් වුවද, වඩාත් කැමැත්තක් දැක්වූයේ ඇයගේ දූ වරුන් කාලිංග වංශයෙහි රජෙකුට සරණ පාවා දීමටය. ශ්‍රී වල්ලභගේ රජ මාලිගාවෙහි කල් ගත කල සමයෙහිදී, තම අනාගත මහේශිකාව (රජ මෙහෙසිය) බවට පත් වූ, ශ්‍රී වල්ලභ ගේ දියණිය, ලීලාවතී හමුවීමට පරාක්‍රමබාහුට අවස්ථාව ලැබුණු අතර, පරාක්‍රමබාහුගේ මරණයෙන් පසුව ඇයගේ අභිමතය පරිදි රට පාලනය කිරීමට වරම ඇය වෙත ලැබිණි. 1132 දී, වික්‍රමබාහුගේ මරණයෙන් අනතුරුව, දෙවන ගජබාහු රජරට සිංහාසනාරූඨ විය. නව රජුගේ මානවක බවින් උපරිම ප්‍රයෝජනය ගැනුමට රිසි වූ රජ පවුලේ ආර්ය ශාඛාවෙහි රාජකීයයන් දෙදෙනා වන ශ්‍රී වල්ලභ හා කිත්ති ශ්‍රී මේඝ, රජ රට බලෙන් අල්ලා ගැනුමට අසාර්ථක ප්‍රයත්නයක නිරත වූහ. ගජබාහු පාලකයා ලෙසින් ස්ථීර ලෙසින් ස්ථාවරත්වයකට එළැඹි අතර ඒ අනුව ආර්ය රජුන් දෙදෙනාට වඩා නාමික ලෙසින් ජ්‍යෙෂ්ඨයා බවට පත් වූ අතර ශ්‍රී වල්ලභ හා කිත්ති ශ්‍රී මේඝ දෙදෙනාගෙන් එක් අයෙකුවත් ඔවුන්ගේ ජීවිත කාලය තුලදී රජ රට රජු හට සිංහාසනය අහිමි වනවා දැකීමට වරම් නොලැබූහ. ආර්ය-කාලිංග යුද්ධයෙන් අනතුරුව, රුහුණේ ශ්‍රී වල්ලභගේ මාලිගයෙන් නික්මුණු පරාක්‍රමබාහු, දක්කිණදේශයෙහි නව අගනුවර බවට පත්ව තිබූ සංඛතාලි වෙත නැවත පැමිණ, ඔහුගේ මාමා සමග විසීම ඇරඹීය.චූල වංශය පවසන පරිදී මෙම නික්මයාමට හේතු යුක්ත වූයේ ඔහු තුලවූ අසහනය හා රුහුණෙහි උත්ත්ජජනක දෑ නොතිබීමය. රජ රට සිංහාසනයට රුහුණෙහි මානාභරණ නැංවීමට ශ්‍රී වල්ලභ වෙත තිබූ සැලසුම් හේතුවෙන්, රාජසභාවෙහි පරාක්‍රමබාහුගේ තරාතිරම ඇඩි ලෙස අවප්‍රමාණ වීම මෙයට පාදක වන්නට ඇත.අනෙක් අතට, ඔහුගේම පුතුන් නොමැති වූ කිත්ති ශ්‍රී මේඝ විසින් දක්කිණදේශයෙහිදී ඔහු සාදරයෙන් පිළිගන්නාලදුව පුත් තනතුරෙහි අනිවාර්යයෙන්ම හදා වඩා ගැණිනි; මෙයින් පසුව චූල වංශය විසින් පරක්‍රමබාහුගේ පියා ලෙසින් කිත්ති දක්වයි. දක්කිණදේශයෙහි ගතකල මේ කාලය තුලදී, හේ, කෞටිල්‍යගේ වැදගත් කෘතීන් හා ව්‍යාකරණ ශාස්ත්‍රය, සාහිත්‍යය, ඇතුන්-පිට-යෑම, සටන් කලාවන්, ගැයුම් හා නැටුම් ආදී විෂයයන් අධ්‍යයනය කලේය. වැඩිහිටි වියට පත්ව ටික කලකින්, තරුණ කුමරා රහසේ දක්‍ඛිණදේශයෙන් පිටත්ව රජ රට දෙවන ගජබාහුගේ අඩවිය කරා පිටත්ව ගියේය. බඩලත්ත (වත්මන් බතලගොඩ) හිදී තම මිත්‍ර-පාක්ෂිකයන් හමුව, රජ රට හා දක්‍ඛිණදේශයෙහි මායිමෙහිදී හේ සේනාපති(අණ දෙන නිලධාරි) සංක බැහැදුටුවේය. කුමරුගේ ගමන පිළිබඳව කිත්ති ශ්‍රී මේඝ වෙත දැනුම් දීමට සංක උත්සාහ දැරූ විට, ඔහු මරා දැමීමට පරාක්‍රමබාහු කටයුතු යෙදවීය. තමාගේ රැකවලාව සිටි සංක පිළිබඳ කිත්ති ශ්‍රී මේඝ හැඳින්වූයේ 'මාගේ රාජධානියෙහි බලවත්ම නිලකාරයා' ලෙසට වූ අතර, මේ නිසා ඝාතනය ඉතාමත් බරපතළ ලෙසින් සැලකිල්ලට ගැනිණි. ඉන්පසුව පරාක්‍රමබාහු විසින් බුද්ධගම (වත්මන් මැණික්දෙන නුවර) හා සංකගේ සියළු වස්තුව අත්පත්කොට ගත්තේය. පොළොන්නරු මාලිගය සමග සංකුලතාවයක් ඇති කර ගනී යැයි බියවූ කිත්ති ශ්‍රී මේඝ විසින් තමාට විරුද්ධව එවන ලද බල සේනාවක් ද පැරදවූ හේ, මලය ප්‍රදේශය හරහා ගජබාහුගේ මාලිගය වෙත ගමන් කලේය.පරාක්‍රමබාහුගේ හැසිරීම ට හේතූන් අපැහැදිලි නමුත්, චූල වංශය පවසන පරිදී, ඔහුගේ ගමන අනිවාර්යයෙන්ම පෙරික්සුම් සඳහා සිදුවූවකි. පළාත් තුනෙහි රාජකීයයන් තුන් දෙන එක්සත්ව සිටියද, ඔවුන් සියළු දෙකගේ සිත් තුල නලියමින් තුබූ ආශාව වූයේ රජ රට රාජධානිය පාලනය කිරීමයි. කෙසේවුවත්, මේ කාලය වන විට, ඔවුන්ගේ කුඩා පළාත්වල තිබූ සීමාසහිත සම්පත් ප්‍රමාණය හේතුවෙන්, මෙයින් අතුරින් කිසිවෙකු හෝ රජ රට පාලනය සිදුකිරීමට අසමත්වූ බවක් ඇඟවිනි. මෙය විශ්වාස කිරීමට පරාක්‍රමබාහු අකමැති වූ අතර, එම නිසාම රජ රජ සංචාරය කොට එම පළාතේ තිබූ තත්ත්වය තමන් විසින් අධ්‍යයනය කිරීමට රිසි විය. කුමරු නැවතත් දක්‍ඛිණදේශය වෙත ගෙන ඒමට කිත්ති ශ්‍රී මේඝ දැරූ තැත පැහැදිලි කෙරුණේ තම බෑණනුවන් ගේ සුභසිද්ධිය පිළිබඳ ඔහු තුල වූ සාංකාව හා එලෙසම පරාක්‍රමබාහු විසින් ආර්ය හා කාලිංග දෙපාර්ශවය අතර විරුද්ධතා නැවත අවුළුවායිය යන සැකය හැර වෙන කිසිවක් නොවන ලෙසිනි. කෙසේවෙතත්, දක්‍ඛිණදේශයේ රජු හා ඔහුගේ බෑණා අතර "සෙනෙහෙවන්ත බැඳීමක් " තිබූ බව යන්න නම් "ප්‍රබන්ධයක්" ලෙසින් පිළිගැනෙන අතර, ගෙන හැර දැක්වෙන්නේ "මෙම අරගලයෙහි සිදුවීම් මාලාව එළිදැක්වුනු විලාශය හා, මාමා හා බෑණා අතර ප්‍රශ්න-විරහිත සබැඳියාවක් තිබූ බව පැවසෙන අදහස, පරස්පරවිරෝධි බවය. ගජබාහු‍ගේ රාජ සභාවෙහි ගතකල කාලය තුලදී, පරාක්‍රමබාහු විසින් වැදගත් කර්තව්‍යයන් දෙකක් කරන ලදි. මෙයින් පළමුවැන්න වූයේ, ගජබාහුගේ රාජසභාව සම්පූර්ණයෙන් ආවරණය වන පරිදී චරපුරුෂ ජාලයක් ඇති කිරීම වන අතර දෙවැන්න වූයේ තම සෙහොයුරියන් අතුරින් එක් අයෙකු වූ භද්දාවතී කුමරිය ගජබාහු රජ වෙත සරණ පාවා දීමයි. මෙම විවාහය හා බොහෝ අනෙකුත් ක්‍රියාවන් ඔස්සේ,පාලකයා (Iවන ගජබාහු) විසින් හා රජ පවුල විසින් ඔහු වෙත පැවරුනු කාර්යයන් සතුටුදායක ලෙසින් සම්පූර්ණ කිරීමට පරාක්‍රමබාහු සමත්විය.කෙසේවෙතත්, භද්දාවතීගේ මුළු දෑවැද්ද තම භාරයෙහි තබා ගැනුමට ඔහු ක්‍රියාකල අතර, ගජබාහුගේ සේනාධිපති ගෝකණ්ණ හා සමග රහස් ගිවිසුමකට එළඹීමට හේ ක්‍රියා කලේය. අවසානයෙහිදී පරක්‍රමබාහුගේ ක්‍රියාකලාපය පිළිබඳව ගජබාහු තුල සැක පහල වූ අතර, රාත්‍රියෙහි හොර රහසේ රජ රට හැර දමා දක්‍ඛිණදේශය වෙත ගමන් ඇරඹීමට පරක්‍රමබාහු ක්‍රියා කලේය. දක්ඛිණදේශය වෙත ප්‍රත්‍යාගමනය එසේ කරන ලෙසින් තම මව රත්නාවලී ගේ බලවත් පෙරැත්තය නොවන්නට, දක්කිණදේශයෙහි අග නුවර වූ සංඛතාලි යට ඇතුළු වී, තම මාමා වූ කිත්ති ශ්‍රී මේඝ රජු බැහැ දැකුමට පරක්‍රමබාහු අකමැති විය. කෙසේ වුවද, පරක්‍රමබාහුගේ පෙරළා පැමිණීමට කෙටි කලකින් පසුව මරණයට පත්වූ අතර චූල වංශය ගෙනහැර දක්වන්නේ, කුමරු "තම පියාගේ මරණය නිසා ජනිත විය යුතු වූ ශෝකයෙන් විපරිත වූ බවක් නොපෙණිනි" යනුවෙනි—මෙය සමහරවිට දෙදෙනා අතර වූ නොහොඳ නෝක්කඩුව ගෙන හැර පාන්නක් විය හැක.පරාක්‍රමබාහු දැන් දක්කිණදේශයෙහි රජු බවට පත් විය. රාජ්‍ය තන්ත්‍රය - පරාක්‍රමබාහුගේ රාජ සභා මණ්ඩපය දක්ඛිණදේශය විෂයයෙහි, පරාක්‍රමබාහුගේ අභිප්‍රාය වූයේ, ඉතා කෙටි කලකින්, අනෙකුත් සියළු රාජධානි අභිබවා යන පරිදී, එය පුළුල් කිරීමයි.ගොඩනැගීමේ හා පිළිසකර කිරීමේ යෝධ ව්‍යාපාරයක් එතුමා විසින් දියත් කල අතර, එහි අවශිෂ්ට වර්තමානයෙහිදීත්, මධ්‍යම ශ්‍රී ලංකාවෙහි දක්නට ලැබේ. වර්තමාන කුරුණෑගල අසබඩ, දැදුරු ඔය මත්තෙන්, කොටබද්ද නම්වූ පුරාතන පැන්නුම් පාලමක්, ප්‍රතිෂ්ඨාපනය කල පුවතක් ඔහු පිළිබඳව තුඩ තුඩ කියැවේ. නව රජුගේ පෞරුෂත්වය නිරූපනය වූයේ, ව්‍යාපෘතිය කිසිසේත් කල නොහැක්කක් බවට එය නිම කිරීමේ කටයුත්ත පවරාතිබූ වාස්තුවිද්‍යාඥයින් පැමිණ ඔහුට වාර්තා කල විට, පරාක්‍රමබාහු ලබා දී තිබූ, "ජන බලය යොදවා නිම කල නොහැකි කිසියම් ව්‍යාපෘතියක් මෙලොව කොහි තිබේද?" යන පිලිතුරෙනි.ඇළ හා බැමි ඉදි කල යුතු බවට නියෝග කල හේ, ඒ අවට විසල් කැලෑ ප්‍රදේශයන් එළි පෙහෙළි කොට, නව කුඹුරු සඳහා ඉඩකඩ සැලසීය. විශාල කුඹුරු යායක් විසින් ජලය ලබා ගැනුම සඳහා භාවිත කල යෝධ ජලාශයක් වූ, පරාක්‍රම සමුද්‍රය ගොඩනැගීම, ඔහු විසින් සිදුකෙරුණු කැපී පෙනෙන කර්තව්‍යයකි. ජලාශයෙහි මධ්‍යයෙහි වූ දිවයින් මත, හේ මාලිගයක් හා දාගැබක් ගොඩනැංවීය. රාජ සභාවෙහි පිළිවෙල වෙනස් කළ ඔහු, එය සංස්කෘතික ක්‍රියාවන්ගේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කොට, ඇතුන් හෝ අසුන් පිට යෑම, කඩු හරඹය, විදේශීය භාෂා භාවිතය හා නැටුම් හා ගැයුම් හි දක්ෂ තරුණ කුලීනයන් එය වෙතට ආකර්ෂණය කර ගති. දක්කිණදේශයෙහි රජය ප්‍රතිසංස්කරණය කළ ඔහු හමුදා කටයුතු හා අභ්‍යන්තර පරිපාලනය පිහිටවූ අමාත්‍යාංශ දෙකට පසුව තුන්වැනි දෙපාර්තමේන්තුවක්ද එක් කළේ ආකර පරිපාලනය අධීක්ෂණය කෙරුමටය. චීන සේද සැලකිය යුතු ලෙසින් සුවිශේෂි ආනයන භාණ්ඩයක් වූ අතර පිළිම හා සිද්ධස්ථාන සංස්කාරය සඳහා භාවිතා කෙරිණි. මුතු හා මැණික් (මෙය වෙත රජු විශේෂ උනන්දුවක් දැක්වීය) දිවයිනෙහි අපනයන අතර වැදගත් ස්ථානයක් ඉසිලු අතර, කුරුඳු (මෙය 19වන සියවස වන තෙක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩය විය), සහ යුද්ධ ඇතුන් ද එසේම වැදගත් වූහ.වෙළෙඳාමෙන් බොහෝ කොටසක් රාජ්‍යයේ ප්‍රධාන නැව් තොටු වූ කල්පිටිය, හලාවත සහ කොළඹ වෙතින් සිදුවිය. යුඬයට සැරැසීම පරාක්‍රබාහුගේ හමුදාව ප්‍රකීර්ණක ජනවාර්ගික සැදුමක් සහිත විය. ඔහුගේ සමහරක් නිලධරයන්, අනුරාධපුරයේ සිට පාලන තන්ත්‍රය මෙහෙයවමින් රජරට බලය සමසේ බෙදා ගත් මහා පුරාණ ගෝත්‍රයන් දෙක වන මෞර්ය සහ ලම්භකර්ණ යන්නට අයත් වූහ. මලය රට (නූතන දුම්බර) රජු යැයි කියා ගත් අයෙකු යටතේ හා කුරුණෑගල අවටින් වූ දෙමළ ජාතික සොල්දාදුවන් සමූහයක්ද ඔහු වටා රොක්වූහ. දක්කිණදේශය සහ රජරට අතර සටන් ඇවිලුනු කාලය වන විට මෙම පෙර කී පුද්ගලයාගේ සේනාවට වැද්දන්ද, චේරාවරුන්ද, සාම්ප්‍රදායිකව රණ කෙලියෙහි නොයෙදෙන පහත් කුලයන්ට අයත් වූවන්ද එක්ව සිටියහ. චූලවංශය පවසන පරිදී සොල්දාදුවන් සංඛ්‍යාව 100,000 පමණ වුවත්, සත්‍ය ප්‍රමාණය ඊට අඩු විය හැක. සටන් ඇතුන්, අශ්වාරෝහකයන් සහ වැටලීම් යන්ත්‍ර උපයෝගී කර ගැනුමට පරාක්‍රමබාහුට හැකි වන්නට ඇති අතර උතුරේ ගජබාහුගේ බලයට මොහුගේ සේනාව තර්ජනාත්මක වන්නට ඇත. රජ රට යටත් කර ගැනුම - ගජබාහු සමග යුද්ධය මානාභරණ සහ ගජබාහු සමග යුද්ධය පරාක්‍රමබාහු රජු පොළොන්නරුවේ සාමය ඇති කිරීම සඳහා ඔහුගේ සෙන්පති දේව යැවූ නමුත්, ඔහුගේ හමුදාව ප්‍රතිසංවිධානය කර ගැනීමට පළමුව ඔහුට මානාභරණ සමග සටනක පැටලීමට සිදු විය. රුහුණේ රජු පොරොන්දු වූ ආකාරයටම පරාක්‍රමබාහුගේ හමුදාවට දැඩි ප්‍රහාරයක් එල්ල කර පොළොන්නරුවෙන් පලා යාමට සැළැස්වීය. කාලිංග වංශිකයිනට මානාභරණ සමග තිබූ එකඟතාවය ඔවුනටම පාරාවළල්ලක් විය. මන්ද කියතොත් නගරය ඔහුගේ භාරයේම තබා ගැනීමට මානාභරණ අදහස් කරගෙන තිබුණු බව ඉක්මණටම පැහැදිලි වූ හෙයිනි. ඔහු ගජබාහුගේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් බොහෝ දෙනෙකු මරණයට පත්කොට ගජබාහු පොළව යට තැනූ සිරගෙයක සිර කළේය. මේ අතර මානාභරණගේ (විජයබාහුගේ ලේලිය) මව වූ සුගලා දේවියට සහ බිරින්දෑවරුනට දකුණේ සිට රජරටට පැමිණෙන ලෙස දන්වා යවන ලදී. දකුණේ බොහෝ කාලයක් තිබුණු දන්ත ධාතුව හා පාත්‍රා ධාතුව ඔහුගේ ආරක්ෂාව යටතේ රජරටට ගෙන එන ලදී. මෙම අවස්ථාවේදී ගජබාහු, පරාක්‍රමබාහුගෙන් උදව් ඉල්ලා ආයාචනය කළේය. පරාක්‍රමබාහු ‍පොළොන්නරුවට ධාන්‍ය ලැබෙන මාර්ග වසා දමන ලෙස සහ රුහුණ සහ රජරට අතර මාර්ගයේ යන සංචාරකයින්ට හිරිහැර කරන ලෙස තම හමුදාවට දන්වා සිටියේය. මෙහි ප්‍රථිඵලයක් වශයෙන් පොළොන්නරුවේ මානාභරණ සමග සිටි ජනතාව "කූඩුවක දැමූ කුරුල්ලන් සේ" දුර්වල වූහ. උතුරේ ඔහුගේ බලය මැඩ පැවැත්වීමේ අරමුණෙන් දක්ඛිණදේශ හමුදාවන්ගෙන් විටින්විට එල්ල වන ප්‍රහාරයන් අතරේ මානාභරණ රක්ඛ සෙනෙවියාට පහර දීමට පොළොන්නරුවෙන් පිටත් විය. රක්ඛ සෙනෙවියා ඒ වන විට බටහිර රජරට මහත් විනාශයක් කරමින් සිටියේය. ඔහු නැති අතර වාරයේ පරාක්‍රමබාහුගේ හමුදාව පොළොන්නරුව අල්ලා ගෙන දෙවැනි ගජබාහු මුදා ගත්තේය. ඒ සමගම මානාභරණගේ භාණ්ඩාගාරය ද තමනට අයිතිකර ගත්තේය. අධෛර්යයට පත් වූ රුහුණේ රජු බුදුන්ගේ ධාතු ද තම පවුලේ අයද සමග දකුණ බලා ආපසු පැමිණියේය. නිදහස් කරනු ලැබූ ගජබාහු පරාක්‍රමබාහු පැමිණීමට පෙර පොළොන්නරුව අතහැර නැව් නැග රටින් පිට වී යාමට තීරණය කළේය. එහෙත් ගජබාහුගේ අනුගාමිකයින් පිරිසක් පරාක්‍රමබාහුගේ හමුදාවට පහර දීම නිසා දෙපාර්ශවය අතර නැවතත් සටනක් ඇවිලුණේය. පරාක්‍රමබාහු ඔහුගේ හමුදාව ගජබාහු අල්ලා ගැනීම සඳහා පිටත් කළේය. තමා ඉතා ඉක්මණින් අල්ලා ගන්නා බව අවබෝධ වුණු ගජබාහු, මැදිහත් වන ලෙස ඉල්ලා සංඝට ආයාචනා කළේය. රෝගීව සිටින රජුගෙන් ඉදිරියට තර්ජනයක් ඇති නොවන බවත් ඔහුට ඉදිරි කාලය සැනසිල්ලේ ඉන්නට හරින ලෙසත් යනාදී කරුණු පරාක්‍රමබාහුට ඒත්තු ගන්වන ලදී. පරාක්‍රමබාහුට එරෙහිව නැවත යුද්ධ කිරීමට ගජබාහු එකඟ කරවා ගැනීමට මානාභරණ තැත් කළ නමුත් ගජබාහු එම අදහස ප්‍රතික්ෂේප කළේය. "මම රජරට පරාක්‍රමබාහුට පවරා දුනිමි" යනුවෙන් ඔහු ගල් පුවරුවක ඒ බව සටහන් කර ඔහුගේ නිලය පරාක්‍රමබාහු උදෙසා අත්හළ බව තහවුරු කළේය. ගජබාහු කන්තලේට ගියේය. රජරට රජු ලෙස ඔහුගේ රාජ්‍ය ප්‍රාප්තිය සිදු වී 22 වෙනි අවුරුද්දේ ඔහු කන්තලේදී මිය ගියේය. උපුටා ගැනුම - කෝට්ටේ සිංහලයා .....!!! Read More රාජ්‍ය සේවකයින්ගේ දීමනා සමඟ නව වැටුප් විස්තරය February 26, 2015 ඇසි දිසි තතු 3 comments දින 100 වැඩපිළිවෙළ යටතේ රාජ්‍ය අංශයේ වැඩිම වැටුප් වැඩි වීම අද (25) දින සිදු වන බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා ඇති බවට වාර්ථාවේ. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසූවේ දින 100 වැඩපිළිවෙළ සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී බවට වාර්ථාවේ. ඒ අනුව අවම මූලික වැටුප රුපියල් 11,730ක් වූ රාජ්‍ය සේවකයෙකුගේ දීමනා සමඟ ලබන මුළු වැටුප වන රුපියල් 25,040 ට නව රජයේ අතුරු අයවැයෙන් යෝජනා කළ පරිදි පළමු වැටුප් වැඩි කිරීම වන රුපියල් 5,000 එකතු වූ විට අද ලැබෙන මුළු වැටුප රුපියල් 30,000 ඉක්මවයි. නව රජය රුපියල් 10,000කින් වැටුප් වැඩි කිරීමේ පොරොන්දුව අනුව ඉතිරි රුපියල් 2,000 එළඹෙන ජුනි මාසයේ සිට මෙම වැටුපට එකතු වන අතර එවිට රාජ්‍ය සේවකයෙකු ලබන අවම වැටුප රුපියල් 32,000කට වඩා වැඩි වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන හා ප්‍රජාත්‍රන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ. දඩල්ලගේ මහතා පැහැදිලි කර ඇති බවට වාර්ථාවේ. රුපියල් 47,515ක රාජ්‍ය අංශයේ උපරීම මූලික වැටුප ලබන රාජ්‍ය සේවකයෙකුට දීමනා සමඟ අද වැඩි වන රුපියල් 5,000 එකතු කළ විට ලැබෙන මුළු වැටුප රුපියල් 72,800ක් පමණ වන අතර එළඹෙන ජුනි මාසයේ සිට එකතු වන රුපියල් 2,000 සමඟ මුළු වැටුප රුපියල් 74,800 දක්වා වැඩි වන බවට වාර්ථාවේ. දින 100 වැඩපිළිවෙළ තුළ වැඩි කළ මුදල් මූලික වැටුපට එකතු කරන්නේ ද යන්න විශ්‍රාම වැටුප්, රජයේ ආදායම, පෞද්ගලික අංශවල බලපෑම යන කරුණු පදනම් කරගෙන මුදල් අමාත්‍යංශය සමඟ එක්ව අවධානය යොමු කරන බව ද නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසා ඇති බවට වැඩි දුරටත් වාර්ථාවේ. http://lankafocusnews.com/?p=34430 Pic Source Read More දස වැදෑරැම් යෝජනාව ජනපති-ශ්‍රිලනිප ප්‍රධානීහු සාකච්ඡාවක February 26, 2015 ඇසි දිසි තතු No comments ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිත දස වැදෑරුම් යෝජනාවලියක් පිළිබඳව එම පක්ෂයේ ප්‍රධානීහු පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (23) සවස මුණගැසී සාකච්ඡා කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති මන්දිරයේදී පෙරේදා (23) පස්වරුවේ මෙම සාකච්ඡාව පවත්වා තිබේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, නව මැතිවරණ ක්‍රමයක්, ස්වාධීන කොමිෂන් සභා යළි ස්ථාපිත කිරීම, ජාතික හා ආගමික සංහිඳියාව, වංචා දූෂණවලට එරෙහිව විධිමත් යාන්ත්‍රණයක්, අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් ආදී වූ කරුණු ඇතුළත් යෝජනාවලියක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි මධ්‍යම කාරක සභා රැස්වීම පිළිබඳව සහ එහි න්‍යාය පත්‍රය පිළිබඳව සාකච්ඡා කිරීමට මෙලෙස ජනාධිපතිවරයාව මුණගැසුණු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් මෙම යෝජනාවලිය පිළිබඳ ඊයේ (24) අප කළ විමසුමකදී පැවැසීය. ඉහත සඳහන් යෝජනා ආදී වූ කරුණු පිළිබඳව සාකච්ඡා පවත්වන්නේ ඉදිරියේදී පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. පානුක රාජපක්ෂ http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=44076:2015-02-24-18-36-04&catid=34:news&Itemid=62 Read More ගණන් බැස්සූ භාණ්ඩ වල මිල මෙන්න. ගැසට් කරයි! February 26, 2015 ඇසි දිසි තතු No comments අතුරු අයවැයෙන් මිල අඩු කරන ලද ආහාර ද්‍රව්‍ය 12ක පැවැතිය යුතු මිල ගණන් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව සුදු සීනි (පැකට් නොකරන ලද) කිලෝ ග්‍රෑමයක් රුපියල් 87ක් විය යුතු අතර සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 අසුරණය රුපියල් 325ක් හා කිලෝග්‍රෑම් එකේ අසුරණය රුපියල් 810ක් විය යුතු වේ. සස්ටජන් කිරිපිටි ග්‍රෑම් 400 අසුරණය රුපියල් 1500කි. පැකට් නොකරන ලද තිරිඟු පිටි කිලෝ ග්‍රෑමය රුපියල් 87ක් විය යුතු අතර මුංඇට කිලෝ ග්‍රෑමය රුපියල් 265ක් වේ. ආනයනික වියළි හාල් මැස්සන් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 385කි. ග්‍රෑම් 425ක් බරැති ටින් කළ මාළු මිල රුපියල් 140ක් විය යුතු අතර ග්‍රෑම් 155ක් බරැති ටින් මාළු රුපියල් 70ක් විය යුතුය. කොත්තමල්ලි ඇට කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 350ක් වන අතර උළුඳු කිලෝ ග්‍රෑමයක් රුපියල් 300ක් වේ. උම්බලකඩ කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 1740ක් විය යුතු අතර කුඩු කල හෝ ඇඹරූ කහ කිලෝ ග්‍රෑමය රුපියල් 800ක් විය යුතු අතර කුඩු කළ හෝ ඇඹරූ වියළි මිරිස් කිලෝ ග්‍රෑමය රුපියල් 400ක් විය යුතුය. අදාළ මිල ගණන් ඉකුත් 20 දා සිට බලාත්මක වන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. ගයාත්‍රි ගීගනආරච්චි http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=44077:2015-02-24-19-09-54&catid=34:news&Itemid=62 Read More බුද්ධ ශීර්ෂය විකෘති කර, බුදුදහමට නිගා කළ මුසලු ජාවාරම්කරුගෙන් ප්‍රශ්න කිරීමේදී තවත් ප්‍රතිමා 21 ක්‌ හමුවෙයි February 26, 2015 අන්තවාදයෙන් අඳ වූ කළ... 2 comments ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශීර්ෂය විකෘති කර උද්‍යාන සැරසිල්ලක්‌ ලෙස බුද්ධ ප්‍රතිමා අලෙවි කිරීමේ ජාවාරමක නියෑළී සිටියදී අත්අඩංගුවට ගත් මුස්‌ලිම් ජාතිකයාගෙන් තවදුරටත් කරන ලද ප්‍රශ්න කිරීමේදී තවත් බුද්ධ ශීර්ෂ ප්‍රතිමා 21 ක්‌ උඩහමුල්ලේ ගොඩනැගිල්ලක ඉහළ මාලයේ සඟවා තිබියදී පසුගිය 23 දා දහවල් සොයාගත් බව බොරලැස්‌ගමුව පොලීසිය පවසයි. මීට පෙර මොහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී බොරලැස්‌ගමුව, දිවුල්පිටිය, සුරියමල් මාවතේ නිවෙසකින්ද විකෘති කළ බුද්ධ ශීර්ෂ සහිත ප්‍රතිමා හතක්‌ සොයාගනු ලැබීය. එම වැටලීමට පෙර දිවුලපිටිය, සූරියමල් මාවතේ නිවසේ ගබඩා කර තිබූ බුද්ධ ශීර්ෂ සහිත ප්‍රතිමා හා උද්‍යාන සැරසිලි විශාල තොගයක්‌ ලොරි රථයකින් අටවතාවකදී රැගෙන ගොස්‌ ඇතැයි හෙළිවූ බව පොලීසිය කියයි. සැකකරු විකෘති කර සාදන ලද බුද්ධ ශීර්ෂ සහිත ප්‍රතිමා විදේශ රටවල්වලට අපනයනය කළේද? යන්න සම්බන්ධයෙන් පොලීසිය පරීක්‌ෂණ සිදු කරති. තමන් නුගේගොඩ පදිංචි බවත්, නිවසේ ඉඩකඩ මදිකම නිසා මෙම බුද්ධ ශීර්ෂ සහිත ප්‍රතිමා බොරලැස්‌ගමුව, දිවුල්පිටිය හා උඩහමුල්ලේ පදිංචි මිතුරන් දෙදෙනකුගේ නිවෙස්‌වල තබා තිබූ බවත් සැකකරු පොලීසියට ප්‍රකාශ කර ඇත. සැකකරු අවස්‌ථා අටකදී ලොරි රථයකින් රැගෙන ගිය බුද්ධ ශීර්ෂ සහිත ප්‍රතිමා ද සොයා ගැනීමට පොලීසිය පරීක්‌ෂණයක්‌ අරඹා ඇත. මේ පිළිබඳව බස්‌නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්‌පති අමරසිරි සේනාරත්න, නුගේගොඩ කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මර්වින් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ අධීක්‌ෂණය යටතේ බොරලැස්‌ගමුව පොලීසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක හැරිසන් හෙට්‌ටිහේවා මහතාගේ උපදෙස්‌ මත නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‌ෂණ පවත්වති. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් http://www.divaina.com/2015/02/26/news15.html Pic Source සබැඳි ලිපි - [ හෙළ බොදුනුවන්ගේ මෙත් කරුණාව ගැන තවත් සහතික කුමට අවැසිද? http://denethharinna.blogspot.com/2012/10/blog-post_15.html ඉඳුරුව හෝටලයක බිකිනි වනන්න බුදු පිළිම දමලා http://denethharinna.blogspot.com/2013/02/blog-post_4446.html 'බුද්ධ බාර්', 'නිර්වාණ', 'අල්ලා බාර්' සහ 'කුරාණ්' http://denethharinna.blogspot.com/2013/01/blog-post_6491.html තුන් ලොවට නයු වූ සම්මා සමිඳුන්ට අපහාස කළ 'බුද්ධ බාර්' හි 'නිර්වාණ' බුෆේ දුන් පාපතරයන් තවමත් නිදැල්ලේ http://denethharinna.blogspot.com/2013/01/blog-post_23.html බුදුදහම විශ්ව යථාර්ථය බවට පිළිගන්නා මෑත අනාගතය දක්වා එය ආරක්ෂා කර ගැනුම - දිවයින කතුවැකිය http://denethharinna.blogspot.com/2013/01/blog-post_24.html බුද්ධ බාර් වැටලීම http://denethharinna.blogspot.com/2013/01/blog-post_882.html රෑට කන්නේ නිර්වාණේ සමාවෙන්න බුදු රජුනේ! http://denethharinna.blogspot.com/2013/01/blog-post_9046.html ] Read More Wednesday, February 25, 2015 සිංහලයෙකුට නැගෙනහිර මහ ඇමතිකම නොදෙන බව හකීම් කියනවා – දයා ගමගේ February 25, 2015 ඇසි දිසි තතු 7 comments සිංහලයෙකුට නැගෙනහිර මහ ඇමති වන්නට ඉඩ දිය නොහැකි බව පවසමින් ඇමති රවුෆ් හකීම් ජාතිවාදී ලෙස කටයුතු කරන බව නැගෙනහිර පළාත් සභා මන්ත‍්‍රී එජාප ජාතික සංවිධායක දයා ගමගේ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ හකීම් මහතා මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලයෙකු බවත් පසුගිය ජනාධිපතිවරණයේදී අවංකව මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය නොදුන් බවත්ය. කෙසේ වෙතත් නාගරික සංවර්ධන හා ජලසම්පාදන අමාත්‍යධූරය වැනි හොඳ අමාත්‍යාංශයක් හකීම් මහතාට ලබා දී ඇති බවද ඒ මහතා කියා සිටී. https://lankacnews.com/sinhala/news/128753/ Read More Tuesday, February 24, 2015 කැබිනට් ඇමැතිවරුන් 30කට ව්‍යවස්ථාවෙන් සීමාවක්??? February 24, 2015 ඇසි දිසි තතු 1 comment ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු රජයේ කැබිනට් ඇමැතිවරු සංඛ්‍යාව 30ක් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායකයින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව රජයේ ආරංචි මාර්ග තහවුරු කරයි.එම යෝජනාවට අනුව නියෝජ්‍ය ඇමැතිවරු සංඛ්‍යාව 30ක් දක්වාද සීමා කිරීමට සැලසුම් කර තිබේ. මෙම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථා සංශෝධන කමිටුවේදීද නිදහස් පක්ෂ නායකයින් සාකච්ඡාවට ලක්කර ඇතත් ඊට එකඟතාව පළකිරීමට නිදහස් පක්ෂ නායකයින් තවමත් තීරණය කර නැත. කෙසේ වෙතත් රජයේ ව්‍යවස්ථා සංශෝධන කමිටුව ඉදිරියේදී රැස්වීමෙන් පසු මේ යෝජනාව සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කෙරෙනු ඇත.මේ අනුව ඉදිරියේදී සකස් කරන නව ව්‍යවස්ථාවට රජයේ ඇමැති ධුර සංඛ්‍යාව සහ එම ඇමැති ධුරයන්ට අදාළ විෂය පථයන් ව්‍යවස්ථාව තුළ පැහැදිලිව දැක්වීමට නියමිතය. ඉන්පසු බලයට එන ඕනෑම රජයකට එම රජයේ අමාත්‍යධුර වෙනස් කිරීම හෝ විෂය පථයන් මාරු කිරීමට -අවශ්‍ය වුවහොත් ව්‍යවස්ථා සංශෝධනයකට යෑමට සිදුවෙනු ඇත. පානුක රාජපක්ෂ http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=43998:-30-&catid=34:news&Itemid=62 Pic Source Read More Saturday, February 21, 2015 'රට විරුවෝ!' - වහල් මව් මාකට් කිරීම සහ අතුරු ඵල! මැද පෙරදිග ගෘහ සේවයේ ශෝකාන්තය February 21, 2015 කාලීන ලියැවුම් No comments සෞදි ස්වාමියා ඇණ 24ක් ගැසූ ආරියවතී පසුගිය දිනක පුවත්පතක පළ වී තිබූ "පුංචි පුවතකට" මගේ ඇස යොමු විය. එම පුවතේ සිරස්‌තලය වූයේ "හයේ දුව කෙලෙසුවයි 38 හැවිරිදි පියා සැකපිට" යනුවෙනි. පුවත මෙසේය. "....හය හැවිරිදි දැරියක දූෂණය කළ බවට කියන ඇගේ පියා අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කියයි. එම ළමා හා කාන්තා කාර්යාංශයට ලැබුණු තොරතුරක්‌ අනුව සැකකාර පියා ඉකුත් 9 දා සවස අත්අඩංගුවට ගෙන තිබූ අතර දැරිය පොලිස්‌ බාරයට ගෙන තිබේ. තිස්‌ අට හැවිරිදි සැකකාර පියාට සිය දියණිය කලක සිට දූෂණය කිරීමට අනුබල දුන් මිතුරකුද ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. දැරියගේ මව විදේශ රටක ගෘහ සේවයේ නියෑළෙන බවත් දැරිය ජීවත් වී ඇත්තේ පියා සමඟ බවත් පොලිසිය කියයි..." ලෝකයේ වෙනත් ඕනෑම රටක මෙබඳු පුවතක්‌ පළවන්නේ මුල් පිටුවේය. එසේ වන්නේ මිනිසකු තිරිසනකු වීම ඉතා අස්‌වාභාවික සිද්ධියක්‌ නිසාය. එහෙත් පසුගිය තිස්‌ වසර තුළ මව විදේශගතවී පියා හෝ වැඩිහිටියකු හෝ විසින් දියණියක දූෂණය කිරීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ප්‍රවෘත්තියක්‌ වීම පුදුමයක්‌ නොවේ. එහෙත් මේ සිද්ධියේ දී එය වඩාත් බරපතළ වන්නේ දැරියගේ වයස යන්තම් හය වසරක්‌ වීමය. මේ කියවීමෙන් ඇතිවූ සිත්වේදනාව තුනී වන්නටත් පෙර බ්‍රහස්‌පතින්දා "දිවයිනේ" අතිශයින අනුවේදනීය පුවතක්‌ 7 වැනි පිටුවෙන් කියෑවූයෙමි. "ජීවිතය ජය ගන්න සෞදි ගිය වනිතාට වෙච්ච දෙයක්‌" යන මැයෙන් පළවූ ඒ පුවත 'දිවයින' පාඨකයන් කියෑවූ බව නිසැකය. එසේ වුවද එයින් උපුටා ගත් කොටසක්‌ යළි මතක්‌ කර දීම වැදගත්ය. "..... කුඩා පැල්පතක තම මෑණියන් හා සොහොයුරු සොහොයුරියන් සමඟ ආර්ථික අපහසුතා මැද ජීවත් වූ වැලිකන්ද, මදුරංගල සුන්දර මූර්ති වනිතා (24) සෞදි අරාබියට ගෘහ සේවය සඳහා ගොස්‌ ඇත්තේ මීට දෙවසරකට උඩදීය. එහෙත්.... කාලය ගතවීමත් සමඟ වනිතා ලංකාවට එන දිනයට සති කිහිපයක්‌ තිබියදී මවුපියන් විසින් තම දියණියගේ රුව දැක ගැනීමට මහත් ආශාවෙන් සිටියත් ඒජන්සියෙන් ලද දැන්වීම වූයේ සති කිහිපයකින් ඇය ලංකාවට එන බවය. සති කිහිපය ගෙවී ගිය තැන වනිතාට අත්වී ඇති ඉරණම වනිතාගේ මවට දැනගන්නට ලැබුණේ ඒජන්සියෙනි. වනිතාගේ බෙල්ලට ලණුවක්‌ දා සියදිවි නසාගෙන ඇති බවය. එහෙත් එය එසේ නොවීය. වනිතාගේ බෙල්ල කපා ඝාතනය කොට ඇති බව පොලිසියෙන් ලැබුණු තොරතුර විය. උදේ පුවත්පත් කියෑවීමෙන් පසු දහවල් දොළහේ රූපවාහිනී පුවත් නැරඹීමි. තවත් ඛේදජනක සිද්ධියක්‌ වාර්තා විය. ඒ පහළොස්‌ හැවිරිදි වියෙහි ළපටි යුවලක්‌ ප්‍රේම සම්බන්ධතාවක්‌ නිසා දැදුරුඔයට පැන දිවි නසා ගැනීමේ සංවේගදායක පුවතය. මා සමඟ ටෙලිවිශනය නැරඹූ දෙතුන් දෙනාට මා "ඒ ළමයින්ගේ අම්මලාත් පිටරටද දන්නෙ නෑ" යෑයි කීවේ විහිළුවට මෙනි. එහෙත් පසුවදා දැනගන්නට ලැබුණේ කුමක්‌ද? මෙසේ ජලාශයට පැන මියගිය දැරියගේ මව විදේශ ගතවී සිටි අවධියේ ඇය ඥති නිවසක නවත්වා ගිය බවයි. දැරිය ඒ ගැටවරයා සමඟ පෙම් සබඳකමක්‌ ඇති කරගෙන අත්තේ ඒ කාලයේය. 1984 මදුරාසි ගුවන් තොටුපොළේ මහා ඛේදවාචකයෙන් පසු මම මේ "කාන්තා අපනයනය" වහාම නවත්වා දැමිය යුතු යෑයි එදා රජයටද නිර්දේශ කරමින් පුවත් පත්වලටද ලිපි රාශියක්‌ ලියා එවීමි. ගුවන් තොටුපළේ සිද්ධිය වන දිනවල පවා කපටි ඒජන්සිකරුවන් විසින් බොම්බායට ගෙන ගොස්‌ අතරමං කරන ලද ශ්‍රී ලාංකික කාන්තාවන් බොම්බායේ හා මදුරාසියේ තානාපති කාර්යාලවල මැදිහත්වීමෙන් ආපසු සියරටට එවූ අන්දම විස්‌තර කළෙමි. මේ ගෘහ සේවිකා අපනයනයේ ඉතිහාසය දෙසට හැරී බලමු. මැදපෙරදිග ඛනිජ තෙල් බහුල රටවල ධනවත් හා උසස්‌ මධ්‍යම පන්තියේ පවුල් ගෘහ සේවයට කාන්තාවන් බඳවා ගත්තේ දුප්පත් පවුල් වලිනි. ඛනිජ සම්පත, කළු රත්තරං (ඊක්‌ජන ඨදකා) බවට පත්වීමත් සමඟ දුගීභාවය ඒ රටවලින් තුරන් විය. ධනවත් පවුල්වලට පමණක්‌ නොව පහළ මධ්‍යම පන්තියේ රටවලටද ගෘහ සේවිකාවන් අවශ්‍ය විය. ඒජන්සිකරුවන්ගේ අවධානය මුලින්ම යොමු වූයේ ඉන්දීය උපමහාද්වීපයටය. එහෙත් ඉන්දියාව සිටියේ දැඩි ස්‌ථාවරයකය. "අපේ රටේ කාන්තාවන් කොතරම් දුප්පත් කිව්වත් රටින් පිට ගෘහ සේවිකාවන් වශයෙන් යැමෙන් ඉන්දියානු කාන්තා අභිමානයට අවමානයක්‌ සිදු වීම වැළැක්‌විය නොහැකි නිසාත්, එසේ වීමේදී රටේ පවුල් සංස්‌ථාව බිඳ වැටෙන නිසාත් ගෘහ සේවිකාවන් වශයෙන් කාන්තාවන් පිටරට යෑවීම තහනම් කළ යුතුය." ස්‌ථාවරය එසේ වුවද පුහුණු රැකියා සඳහා (ගුරුවරියන් හා සාත්තු සේවිකාවන් වැනි) රැකියාවලට යැම බාධාවක්‌ නොවන බව පෙන්වා දිය යුතුය. පකිස්‌ථානයද ඉන්දියාවේ ස්‌ථාවරයම අනුගමනය කළේය. ඒජන්සිකරුවන්ගේ අවදානය ඊළඟට යොමු වුයේ ශ්‍රී ලංකාවටය. රටේ රැකියා ප්‍රශ්නනය විසඳීමටත් විදේශ විනිමය ලබාගැනීමටත් මෙය ස්‌වර්ණමය අවස්‌ථාවක්‌ බව විදේශ අගමැති ඒ. සී. එස්‌. හමීඩ් මහතා ප්‍රකාශ කළේ ප්‍රසිද්ධියේමය. "පෙරහැර" ඇරෑඹුණි. අද විදේශ රටවල ගෘහ සේවිකාවන් වශයෙන් සංක්‍රමණය වී ඇති ශ්‍රී ලාංකීක කාන්තාවන් සංඛ්‍යාව ලක්‍ෂ 7 ඉක්‌මවයි. මේ සියලු දෙනාම වයස අවුරුදු 18 ත් 50 ත් අතර අය වෙති. පිලිපීන ගෘහ සේවිකාවක්‌ බාරෙන් හිදී තමාට ලිංගික අතවර කිරීමට තැත් කළ ස්‌වාමියාට පිහියකින් ඇන මරා දැමුවාය. මේ නිසා මහත් ආන්දොලනයක්‌ පැන නැඟිණි. අන්තර්ජාතික රොයිටර් පුවත් සේවය මැදපෙරදිග ගෘහ සේවිකාවන් පිළිබඳ විශේෂ සමීක්‍ෂණ වාර්තාවක්‌ පළ කළේය. එහි කොටසක්‌ මෙසේය. "මැදපෙරදිග නිවෙස්‌වල ගෘහ සේවිකාවන් වශයෙන් ආසියානු කාන්තාවන් විශාල සංඛ්‍යාවක්‌ සේවය කරති. පිලිපීන කාන්තාවෝ වැඩිපුරම සේවය කරන්නේ ධනවත් පංතියේ නිවෙස්‌වල ඉහළ වැටුප් තලයකය. ශ්‍රී ලාංකික කාන්තාවන් බොහෝ දෙනා සේවය කරන්නේ මධ්‍යම පන්තියේ නිවෙස්‌වල අඩු වැටුපකටය". කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර ගැනද එම වාර්තාවේ සඳහන් වෙයි. පිලිපීන කාන්තාවෝ එක්‌කෝ 'ගනුදෙනු හෙට්‌ටුකර' කැමැත්ත පළකරති. නැතිනම් විරෝධය පාමින් අස්‌වී යති. ශ්‍රී ලාංකික කාන්තාවෝ බොහෝ දෙනා එබඳු අවස්‌ථාවලදී සේවා ස්‌ථානයෙන් පලාගොස්‌ තානාපති කාර්යාලයේ පිහිට පතති. සමහරු යටත්වෙති. කිහිප දෙනෙක්‌ දිවිනසාගෙන ඇත. පසුගිය වසර 25 කට අධික කාලයක්‌ තිස්‌සේ කාන්තාවන්ගේ මළකඳන් කොපමණ සංඛ්‍යාවක්‌ ලංකාවට ගෙන එන ලද්දේද? කී දෙනෙක්‌ ගැබිනියන් වී සියරටට පැමිණියෝද? මේ පිළිබඳ වරින්වර ජනතා විරෝධය හා උද්ඝෝෂණ ද මතුවී ඇත. සතිපතා පුවත් පතකින් සංවිධානය කරන ලද "කුවේට්‌ කඳුළු" එක්‌ අවස්‌ථාවකි. මැද පෙරදිගට සංක්‍රමණය වූ කාන්තාවන් මෙසේ දහදුක්‌ විඳිමින් උපයන මුදල් තම පවුල්වලට එවූ පසු සිදුවන්නේ කුමක්‌ද? (එම මුදල්වලින් වක්‍රව අපේ ආනයනයන්ට ලැබෙන වාසිය අසීමිතය). සිය බිරින්දැවරුන් විදේශගත වී සිටින කාලය තුළ අනියම් සබඳතා ඇතිකර ගන්නා සැමියෝ සංඛ්‍යාව සුළුපටු නොවෙති. එබන්දො තම දරුවන්ට වඩා අනියම් බිරියන්ට හා මොවුනගේ දරුවන්ට සලකන අවස්‌ථාද විරල නොවේ. පවුල් ජීවිත අවුල් වූයේ ක්‍රමයෙනි. උච්චම අවස්‌ථාව එළැබියේ තාත්තලා පමණක්‌ නොව, මාමලා, සීයලා වැනි වැඩිහිටියන්ද තම භාරයේ සිටි දැරියන් කෙලෙසන්නට පටන් ගැනීමත් සමඟය. ඊට අමතරව 'ඒඩ්ස්‌' වසංගතය 'අතුරුඵලයක්‌' වීය. මේ රටේ යහපාලනය යථාර්ථයක්‌ වීමට නම් අපේ විදේශ රැකියා ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වෙනස්‌ විය යුතුය. ප්‍රමුඛතාව හිමිවිය යුත්තේ පවුල් සංස්‌ථාව ආරක්‍ෂා කිරීමටය. කාන්තාවන් පිටරට ගියවිට පිරිමින් නොමඟ යැම පුදුමයක්‌ නොවේ. දරුවන් නන්නත්තාර වීමද එසේමය. ඒ අතරම සැමියා විදේශගත වූ විට (දීර්ඝකාලීනව) බිරියන්ට සිදුවන්නේ කුමක්‌ද? ඔවුන් පතිවත රැක්‌කද, සත්‍යයට වඩා ඕපදූපවලට මුල්තැන දෙන මේ රටේ කෙතරම් නින්දාවන්ට ඔවුන්ට මුහුණපාන්නට සිදුවන්නේද? මේ සියල්ලට වඩා ජාතියට සිදුවන අවමානය? 2002 සැප්තැම්බර් මාසයේ ඔස්‌ටේ්‍රලියාවේ ටැමිල් ගාඩියන් (ඕපසක ඨ්‌රාස්‌බ) අන්තර් ජාලයේ පළවූ පුවතක්‌ සිඩ්නි නුවර වසන මගේ මිතුරෙක්‌ ලංකාවට වාර්තා කළේය. ඒ පුවත සැකෙවින් මෙසේය. "ශ්‍රී ලංකාවේ ජනාධිපතිධුරය උසුලන්නේ කාන්තාවකි. එහෙත් ඒ රට මැදපෙරදිග හැඳින්වෙන්නේ 'ගෘහ සේවිකාවන්ගේ දේශය' වශයෙනි. දෙමළ කාන්තාවෝ අවි රැගෙන නිජබිම වෙනුවෙන් සටන් කරති. සිංහල කාන්තාවෝ ගෘහ සේවය සඳහා මැදපෙරදිගට සංක්‍රමණය වෙති...." අපේ ගම් පෙදෙසේ එක්‌ කාන්තාවක දොහා රටේ ගෘහ සේවිකා පත්වීමක්‌ ලබා ගියාය. ඇගේ වරලස දිගය. ගෙට ඇතුළු වූ විගස ගෘහණිය ඇයට පැවසුවේ "වහාම ඔය කොන්ඩෙ කපලා දාන්න ඕන..." යනුවෙනි. ඉක්‌බිතිව ඇගේ ගමන් මල්ල පරීක්‍ෂා කළාය. එහි තිබූ සීනිසම්බල්, අග්ගලා සහ කළුදොදොල් වැනි දේ දුටු ගෘහණිය "මේවා වහාම බින් එකට දාන්න..." යෑයි නියෝග කළාය. මේ අප දැනගත් එක අතවරයක්‌ පමණි. විදේශ රැකියා සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන හා ඒ සඳහා විශේෂ අමාත්‍යාංශයක්‌ පිහිටා ඇති තවත් රටක්‌ ලෝකයේ ඇත්දැයි අපි නොදනිමු. සංවර්ධනයට යොමු වූ සෑම රටකම ප්‍රමුඛතාව දෙන්නේ මිනිස්‌ ශ්‍රමයටය. නිපුණතා අමාත්‍යාංශයක්‌ පිහිටුවා අපේ තරුණ තරුණියන් පුහුණු කරන්නේ මේ රටේ සංවර්ධනය සඳහාද? නැත්නම් දකුණු කොරියාවේ හෝ මැදපෙරදිග හෝ අවශ්‍යතාවන් ඉටු කිරීමටද? රාජ්‍ය අනුග්‍රහයෙන් විදේශ රැකියා සඳහා දහස්‌ ගණනින් ස්‌ත්‍රී-පුරුෂයන් යෑවීම සහ මිනිස්‌ ජාවාරම්කරුවන් නීති විරෝධීව බෝට්‌ටුවලින් ඔස්‌ටේ්‍රලියාවට හෝ ඉතාලියට හෝ පටවාගෙන යැමද 'එකම කාසියේ දෙපැත්ත' යෑයි යමෙක්‌ කිවහොත් ඔහුට දොස්‌ පැවරිය හැකිද? එස්‌. පියසේන http://www.divaina.com/2015/02/21/feature01.html Pic Source & Story - Doctors remove 19 nails from Sri Lankan maid සබැඳි ලිපි - [ 'රට විරුවෝ!' - වහල් මව් මාකට් කිරීමhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_6128.html ] Read More සිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද - අභියෝගාත්මක 80% කඩ ඉම ජයගනී. පොදු ජනයා වෙනුවෙන් අඛන්ඩ සටනක් ගෙනගිය මෛත්‍රීට උපහාරය! February 21, 2015 ඇසි දිසි තතු No comments සිගරැට්‌ පැකට්‌ටු මත සියයට අසූවක ප්‍රමාණයකින් සෞඛ්‍යමය රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කෙරෙන පනත් කෙටුම්පත ඊයේ (20 දා) පාර්ලිමේන්තුවේ දී පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ එකඟත්වය මත සම්මත කෙරිණි. ඒ අනුව දුම්කොළ නිෂ්පාදන ඇතුළත් සෑම පැකට්‌ටුවකම, ඇසුරුමකම හෝ කාඩ්බෝඩ් පෙට්‌ටියක ඉදිරිපස සහ පිටුපස දෙපැත්තෙන්ම ඉහළ මතුපිට පෘෂ්ඨය සියයට අසූවක ප්‍රමාණයකින් ආවරණය වන පරිදි සෞඛ්‍යමය රූපමය අවවාද ප්‍රදර්ශනය කළ යුතුය. ඒ සමග අදාළ පෙට්‌ටියේ ඇති එක්‌ එක්‌ දුම්කොළ නිෂ්පාදනයේ අඩංගු තාර සහ නිකොටින් ප්‍රමාණය නිශ්චිතව දැක්‌වෙන ලේබලයක්‌ද දෙපැත්තේම ප්‍රදර්ශනය කළ යුතුය. මෙම සෞඛ්‍යමය රූපමය අවවාද මාස හයෙන් හයට මාරු කළ යුතු බවද ඒ සඳහා වන රූපමය අවවාද ඇතුළත් සංයුක්‌ත තැටිය දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියෙන් ලබාගත යුතු බවද පනත් කෙටුම්පතේ දැක්‌වේ. මෙම රූපමය අවවාද ඇතුළත් නොවන සිගරැට්‌ පැකට්‌ටු අලෙවි කිරීම, බෙදාහැරීම සහ ගබඩා කිරීම රුපියල් පනස්‌දහසක දඩයක්‌ සහ අවුරුද්දක සිර දඬුවමකට යටත් වන වරදක්‌ බවද මෙම පනත් කෙටුම්පතෙහි වැඩිදුරටත් දැක්‌වේ. අජිත් අලහකෝන් - කුෂාන් සුබසිංහ http://www.divaina.com/2015/02/21/news30.html Pic Source සබැඳි ලිපි කිහිපයක් - [ දුම්වැටි, එතනෝල්, කුඩු මඬිනවා! ඖෂධ ප්‍රතිපත්තියක් යළි සකසනවා! - මෛත්‍රීhttp://denethharinna.blogspot.com/2015/01/blog-post_5.htmlමධ්‍යසාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය හදා ඉවරයි. සිගරට්‌වලට කරපු දේ අරක්‌කුවලටත් කරනවා - මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2014/07/blog-post_15.htmlසිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද නඩු තීන්දුවට එරෙහිව දුම්කොළ සමාගම් ශ්‍රේෂ්ඨාධිකරණයටhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_1183.htmlසිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද - 80% ඉලක්කයට යමු!http://denethharinna.blogspot.com/2014/05/80_17.htmlඋණ සෙම්ප්‍රතිෂ්‍යාව තරමටම පිළිකා රෝගයත් වර්ධනය වෙලා. තර්ජනවලට බයේ දුම්වැටියට එරෙහි සටන නවත්වන්නේ නැහැ - මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_8960.htmlසිගරැට්‌ රූපමය අවවාදය : අධිකරණ තීන්දුව ගැන මා තෘප්තිමත් නැහැ. 80% දිනනතුරු සටන අතහරින්නේ නැහැ - මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2014/05/80.htmlමාරක දුම්කොල සමාගම් වෙනුවෙන් නි.ඇමති මුස්තාපා සමඟ බහුතර මුසලු නීතීඥයන් - දුම්වැටි රූපමය අවවාද - 80% ඉල්ලීම ඉවතට. 50-60% අවසරhttp://denethharinna.blogspot.com/2014/05/50-60.html ගැහැට දුක්‌ මැද්දෙන් සිගරැට්‌ පැකට්‌ටුවට රූපමය අවවාද එයි!http://denethharinna.blogspot.com/2014/02/blog-post_4342.htmlරට රැකුණේ මහා සංඝරත්නය නිසා - මතින් තොර සමාජයක්‌ යටතේ සඟ රුවනට සුව දැහැත් වට්ටියක් - මෛත්‍රීhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_5164.htmlඑංගලන්තයේ සහ ඇමෙරිකාවේ සුදු මහත්වරුන්ට අයිති සමාගම් අපේ අධිකරණයට ඇවිල්ලා සාකච්ඡා කරනවා. ගැසට් නිවේදනයට දෙයියන්ගේ පිහිටයි – මෛත‍්‍රීhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_5398.htmlදුම්කොළ අධිරාජ්‍යයේ යටත්වැසියන් වන අපි...http://denethharinna.blogspot.com/2013/11/blog-post_9187.htmlමේ ලෝකෙ පාලනය කරන්නෙ දේශපාලකයෝ නොවේ, බහු ජාතික සමාගම්! - මතට එරෙහි සටනේ රජරට විරුවා මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_8370.html80%ක් දුන්නොත් වෙළඳ ලකුණ පේන්නෙ නැහැලු. නියෝගය ඉවත්කරන්න. මුස්තාපාගෙන් ගල් පැලෙන තර්ක. සිගරට් සමාගම් වෙනුවෙන් ෆායිස් මුස්තාපා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. 80% නියෝගය ශේ්‍රෂ්ඨාධිකරණය අත්හිටුවයි!http://denethharinna.blogspot.com/2013/09/80-80-80.htmlසිගරැට්‌ පැකට්‌වල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම ඉක්‌මන් කරන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5670.htmlහැම අතකම සිගරැට්‌ - ඇත්ත සඟවන දුම්වැටි මාෆියාව - දිවයින කතුවැකියhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9229.htmlදුම්වැටි විරෝධී සටන ජාතික අරගලයක් කරන සටනේ නායකයා මමයි - රටරටින් බිහිවූ දෙවන විශිෂ්ට මෛත්‍රීපාලයන්http://denethharinna.blogspot.com/2013/09/blog-post_6542.html ] Read More Friday, February 20, 2015 ඖෂධ පනත ව්‍යවස්‌ථාවට අනුකූලයි - ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක දැනුම් දෙයි February 20, 2015 ඇසි දිසි තතු No comments ජාතික ඖෂධ පනත් කෙටුම්පත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනනුකූල නොවන බව (අනුකූල බව) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇතැයි කථානායක චමල් රාජපක්‍ෂ මහතා පෙරේදා (18 දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. පාර්ලිමේන්තු රැස්‌වීම ආරම්භයේදී නිවේදන ඉදිරිපත් කරමින් කථානායකවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සභාවට දැනුම් දුන්නේය. කථානායකවරයා මෙසේද කීය. "ජාතික ඖෂධ නියාමන අධිකාරිය" යන නමින් යුත් පනත් කෙටුම්පත පිළිබඳව නිවේදනයක්‌ කරනු කැමැත්තෙමි. ජාතියේ හිත සුව පිණිස වහා අවශ්‍ය යෑයි අමාත්‍ය මණ්‌ඩලය විසින් සහතික කරනු ලැබූ මෙම පනත් කෙටුම්පත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 122 (1) (ආ) ව්‍යවස්‌ථාව ප්‍රකාර අතිගරු ජනාධිපතිතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරනු ලැබීය. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් සංශෝධන පනත් කෙටුම්පතට එකතු කිරීමට යටත්ව එම පනත් කෙටුම්පතේ විධිවිධාන කිසිවක්‌ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනනුකූල නොවන බවට 123 ව්‍යවස්‌ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව දන්වනු කැමැත්තෙමි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්ය සටහන් දැක්‌වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු යෑයි මම නියෝග කරමි. කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන් http://www.divaina.com/2015/02/20/news18.html Pic Source Read More අල්ලා නමින් ලොව කළඹන ISIS අන්තවාදයට ඉරාකයේ පවුල් 45ක් බිළි. පුළුස්සා මර දමලා! February 20, 2015 අන්තවාදයෙන් අඳ වූ කළ..., විදෙස් විත්ති 1 comment ඉරාකයේ අල් බැග්ඩායි නගරය අල්ලාගත් අයිසිස්‌ ත්‍රස්‌තයෝ ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ගේ පවුල් 45 ක්‌ පුළුස්‌සා මරා දමා ඇත. ආරක්‍ෂක හමුදා පවුල් රැඳීසිටි නිවාසවලට රැකවරණ සපයන ලෙස ඉරාක කර්නල් කයිට්‌ අල් ඔබිදි ඉරාක රජයෙන් ඉල්ලා ඇතත් නිසි ආරක්‍ෂාවට ලැබී නැත. මෙම හමුදා පවුල් සිටි නිවාස සංකීර්ණයට සැතපුම් පහක්‌ ඈතින් ඇමරිකානු හමුදා කඳවුරක්‌ පිහිටා ඇත. http://www.divaina.com/2015/02/19/forign03.html Read More දිගු කලක් කුඩු ජාවාරම් කළ මොහොමඩ් මරණ දඬුවම නියම කරද්දී සිහිසුන්ව වැටෙයි February 20, 2015 ඇසි දිසි තතු No comments හෙරොයින් ග්‍රෑම් 5.68 ක ප්‍රමාණයක්‌ ජාවාරම් කිරීමේ හා සන්තකයේ තබා ගැනීමේ චෝදනාවන්ට වැරදිකරු වූ අයකුට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මන් සූරසේන මහතා ඊයේ (19 දා) මරණීය දණ්‌ඩනය නියම කළේය. චූදිතට දඬුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරුවරයා මරණීය දණ්‌ඩනය නියම කළ අවස්‌ථාවේදී ඔහු අධිකරණ ශාලාවේ සිහිසුන්ව ඇද වැටුණු අතර බන්ධනාගාර නිලධාරීහු ඔහු නැගිටුවා පුටුවක හිඳවූහ. නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ චෝදනා පත්‍රයක්‌ අනුව පැවැති නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු වී මරණීය දණ්‌ඩනය නියම වූයේ බත්තරමුල්ල රොබට්‌ ගුණවර්ධන මාවත පදිංචි මොහොමඩ් අක්‍රම් අමීර් නමැති අයටය. වර්ෂ 2009 ජුනි මස 24 දා කොළඹදී අන්තරාකාරී මත් ද්‍රව්‍යයක්‌ වන හෙරොයින් ග්‍රෑම් 5.68 ක ප්‍රමාණයක්‌ ජාවාරම්කිරීම හා සන්තකයේ තබා ගැනීම යටතේ විත්තිකරුට එරෙහි චෝදනා ගොනුකර තිබිණි. විත්තිකරු දීර්ඝ කාලයක්‌ තිස්‌සේ විදේශීය පුද්ගලයන් සමග මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි පුද්ගලයකු බවට නඩු විභාගයේදී කරුණු හෙළිදරව් විය. සමන්ත ඉලේපෙරුම http://www.divaina.com/2015/02/20/news30.html Pic Source සබැඳි ලිපි - [ මොහොමඩ් ඉල්ෂාඩ් ගෙන් හෙළි වූ තොරතුරු අනුව අබ්දුල් ගවාර් පාකිස්‌තාන කුඩු කප්පිත්තා දෙහිවලදී දැලේ http://denethharinna.blogspot.com/2014/09/blog-post_68.html මොහොමඞ් සබීර් කුඩු රජු ලංකාවේ අංක 1 - වෙලේ සුදා හා සිද්දික්ගේ මත්කඩු ජාරාවමේ මෙරට ප‍්‍රධානියා http://denethharinna.blogspot.com/2014/08/1.html ලංකාවේ තුන්වන කුඩු රජා ‘අහමඞ් සබීර් තාජුඞීන්’http://denethharinna.blogspot.com/2014/08/blog-post_32.html තනුඡ්දීන්ගේ කුඩු කිලෝ 39 ඕස්ට්‍රේලියාවට තේ ලෙස යවන්න හදලා! මූසල කුඩු ප්‍රිති අපනයන මාෆියාවෙන් ශ්‍රි ලාංකීය අපනයනයන්ට දැඩි බලපෑමක් http://denethharinna.blogspot.com/2014/08/39.html තවත් මූසල කුඩු රජෙක් (තනුඡ්දීන්) මාට්ටු! මෙවර කිලෝ 59යි http://denethharinna.blogspot.com/2014/08/59.html කන්ටේනර් පිටින් ලංකාවට කුඩු එවන්නේ මාළිගාවත්තේ ‘සිද්ධික්’http://denethharinna.blogspot.com/2014/07/blog-post_43.html මෙවරත් මුසලුවන්! පෙර වාර්තා බිඳේ. දැවැන්තම හෙරොයින් තොගයක් රේගු අත්අඩංගුවේ! උපවාසය නිසා නීතිය ක්‍රියාත්මක කිරීමට අපහසුයි?http://denethharinna.blogspot.com/2014/07/blog-post_4915.html කුඩු කල්ලියේ සාමාජිකයෝ ඩුබායි හා පාකිස්‌තානයේ - එස්‌.ටී.එෆ් අණදෙන නිලධාරීhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_1487.html කෝටි 68ක කුඩු අල්ලයි - දෙවැනි විශාලම තොගය - සෙල්වරාඡ්, සෙල්වදොරේ දෙසොහොයුරන් දැලේ!http://denethharinna.blogspot.com/2014/06/68.html අල්ලාහු අක්බර් - ලෝකයටම කුඩු බෙදන්නේ මුසලු ඇෆ්ගනිස්ථානයෙන් | මුසලු අඹුසැමි යුවළ ඖෂධ උපකරණ අස්‌සේ ගෙනා හත්ලක්ෂයක කුඩු තොගය මාට්ටුhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9095.html මුසලු කුඩු හොරුන්ට නඩු නෑ... කාගේ බලපෑමක්ද?http://denethharinna.blogspot.com/2014/04/blog-post_1335.html කුඩු මුසලුවන්ගේ වෘත්තියද? හෙරොයින් ගිල ශ්‍රී ලංකාවට පැමිණි මුසලු දෙසොහොයුරියන් දිවි ඇති තෙක්‌ හිරේhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_30.html කුඩු සමඟ මොහොමඩ්ලා! මොහොමඩ් චාලි, මොහොමඩ් අල් සබ්රි, මොහොමඩ්...http://denethharinna.blogspot.com/2014/04/blog-post_14.htmlකෝටි 2 ක කුඩු සමඟ කුඩු උවඉසුත් දැලේ. කුඩු මෙහෙයවන්නන් සාතිශය බහුතරය මුසලුවන්http://denethharinna.blogspot.com/2014/04/2.html මෙරටට කුඩු ගෙන්වන සියල්ලන් මුසලුවන්??? හොරොයින් තොගයක් සමඟ පාකිස්තානුවෙක් ගුවන්තොටේදී අල්ලයි!http://denethharinna.blogspot.com/2014/04/blog-post_2568.html මේ මුසලු කුඩු ජාවාරමේ එක් දාමයක් පමණි! කුඩු ගෙනාවේ 'මොහොමඩ් චාලි' - බාරගන්න හිටියෙ 'මොහොමඩ් සබ්රි' - බඩු එව්වේ 'සිද්ධික්‌'http://denethharinna.blogspot.com/2014/03/blog-post_3335.html ‘බෝල්ට්’ මොහොමඞ් ඩබලම අත්අඩංගුවට. වැඩකරන්නේ ලාංකික කුඩු රජු සිද්දධික් යටතේ! කලින් කුඩු කිලෝ 12ක් ගෙනා සියාමුත් දැලේ...http://denethharinna.blogspot.com/2014/03/12.html කළින් 3වතාවක් මහා පරිමාණයෙන් ගෙන්වලා! කුඩු කිලෝ 36 ක්‌ ගෙනා පාකිස්‌තානු කුඩු රජා සහ මෙරට මුසලු කුඩු ප්‍රධානී මොහොමඩ් දැලේhttp://denethharinna.blogspot.com/2014/03/3-36.htmlකුඩු කිලෝ 36 මහ මොළකරුවන් පකිස්ථානු මුසලුවා සහ ලාංකීය කුඩු මුසලුවා දැලේhttp://denethharinna.blogspot.com/2014/03/36_19.html මුසළුවන් කපටි මොළයෙන් මෙහෙයවෙන, සිහළුන් බී නැසෙන, ලංකාවේ නම කුඩු කරන, කුඩුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_6273.html පාකිස්‌තානයෙන් බෝල්ට්‌ ඇණ පෙට්‌ටි දෙකක කෝටි 36ක කුඩුhttp://denethharinna.blogspot.com/2014/03/36_11.html මෙරට පකිස්ථානු මුසලුවෙකුගේ නමට පකිස්ථානයෙන් තවත් කිලෝ 36ක කුඩු තොගයක්http://denethharinna.blogspot.com/2014/03/36.html ස්‌නායු පද්ධතිය අක්‍රීය කරමින්, සිහළ තරුණ පරපුර ගිලගන්නා, මුසලුවන් බෙදාහරින මත 'ටැබා'http://denethharinna.blogspot.com/2013/10/blog-post_9711.html මුසලුවන් ගෙන්වන, සිහලුන් බී නැසෙන, ආසියාවම පරාජය කළ මුසලු කුඩු ජාවාරම http://denethharinna.blogspot.com/2013/09/blog-post_6535.html කුඩු කන්ටේනරයට පාකිස්‌තාන් අයිතිකරුවෝ තිදෙනෙක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_4466.htmlලක්‍ෂ දෙකක කුඩු සමග කොටුවූ තිදෙනා තොරතුරු වමාරති. මාලිගාවත්තේ කුඩු ප්‍රබලයෙක්‌ සොයා මෙහෙයුමක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1825.htmlමුසලුවන් ගෙනා අල කන්ටේනර් දෙකේ කුඩු ඇත්දැයි සැක! වරායෙන් පිට කිරීම වහා අත්හිටුවයි...http://denethharinna.blogspot.com/2013/09/blog-post_3391.htmlපාකිස්‌තානුවාගේ 'සෙල් ෆෝනය' කුඩු කන්ටේනරය ගැන වමාරයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8.htmlකුඩු කිලෝ 200 පසුපස ලෝක කුඩු කප්පිත්තෙක්‌http://denethharinna.blogspot.com/2013/09/200.htmlජාත්‍යන්තර මාෆියා කල්ලි ශ්‍රී ලංකාව කුඩු හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ කරගෙනhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1445.html මේ වැනසෙන්නේ සිහළ බොදු තාරුණ්‍යයයි. වසරකදී රු. කෝටි 2670 ක කුඩු බොති.http://denethharinna.blogspot.com/2013/10/2670.html ] Read More Newer Posts Older Posts Home Subscribe to: Posts (Atom) Popular Tags Blog Archives පිවිසුම් අනුචරයකු වන්න පෙළගැස්ම අන්තවාදයෙන් අඳ වූ කළ... (641) අපේ අතීතය (4) ඇසි දිසි තතු (1857) උරුමයක අසිරිය (218) කාලීන ලියැවුම් (653) නොමියෙන චරිත (67) බොදු මඟ (144) වැනසෙන උරුමය (216) විදෙස් විත්ති (618) විවිධ (245) සෞඛ්‍ය (111) හලාල්??? (63) හෙළ විරු තතු (34) මුල් පිටුව . මුහුණු පොතෙන් එන්න | Join via FB සියලුම ලිපි ► 2019 (2) ► May (2) ► 2018 (30) ► August (4) ► July (7) ► June (10) ► March (9) ► 2017 (187) ► December (10) ► October (13) ► September (11) ► August (2) ► July (40) ► June (23) ► May (16) ► April (25) ► March (20) ► February (11) ► January (16) ► 2016 (363) ► December (15) ► November (20) ► October (21) ► September (12) ► August (32) ► July (35) ► June (41) ► May (46) ► April (25) ► March (40) ► February (36) ► January (40) ▼ 2015 (548) ► December (33) ► November (54) ► October (45) ► September (74) ► August (26) ► July (34) ► June (68) ► May (87) ► April (26) ► March (50) ▼ February (19) ඓතිහාසික බැබිලෝනියානු ශිෂ්ඨාචාරයේ, වත්මන් ඉරාකයේ ම... හිටපු ජනපති සහ වත්මන් ජනපති වැඳපුදා ගත් මොකක්ද මේ ... චාවාකච්චේරියේ පිපිරීමක්‌. වළ දමා තිබූ පුපුරණ ද්‍රව... මහ විරු මහ පැරකුම් මහ නිරිඳා රාජ්‍ය සේවකයින්ගේ දීමනා සමඟ නව වැටුප් විස්තරය දස වැදෑරැම් යෝජනාව ජනපති-ශ්‍රිලනිප ප්‍රධානීහු සාකච... ගණන් බැස්සූ භාණ්ඩ වල මිල මෙන්න. ගැසට් කරයි! බුද්ධ ශීර්ෂය විකෘති කර, බුදුදහමට නිගා කළ මුසලු ජාව... සිංහලයෙකුට නැගෙනහිර මහ ඇමතිකම නොදෙන බව හකීම් කියනව... කැබිනට් ඇමැතිවරුන් 30කට ව්‍යවස්ථාවෙන් සීමාවක්??? 'රට විරුවෝ!' - වහල් මව් මාකට් කිරීම සහ අතුරු ඵල! ම... සිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද - අභියෝගාත්මක 80% ... ඖෂධ පනත ව්‍යවස්‌ථාවට අනුකූලයි - ශ්‍රේෂ්ඨාධිකරණ තීර... අල්ලා නමින් ලොව කළඹන ISIS අන්තවාදයට ඉරාකයේ පවුල් 4... දිගු කලක් කුඩු ජාවාරම් කළ මොහොමඩ් මරණ දඬුවම නියම ක... ලංකා සහලේ විස ආසනික්. පොහොර සමාගම් වල බලපෑමට වාර්ථ... අල්ලා නමින් ම්ලේච්ඡත්වය! - ජෝර්දාන ගුවන් නියමුවා ප... ISIS ඉරාක දරුවන්ව මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ලෙස යො... තලේබාන්, අල්කයිඩා මෙරට හිතවතුන්ගේ වත්කම්, දේපොළ අත... ► January (32) ► 2014 (1301) ► December (34) ► November (73) ► October (62) ► September (62) ► August (83) ► July (117) ► June (131) ► May (167) ► April (116) ► March (132) ► February (144) ► January (180) ► 2013 (1997) ► December (167) ► November (228) ► October (265) ► September (195) ► August (218) ► July (207) ► June (180) ► May (172) ► April (118) ► March (94) ► February (101) ► January (52) ► 2012 (126) ► December (29) ► November (14) ► October (32) ► September (15) ► August (18) ► July (7) ► June (8) ► May (3) Ayubowan! To install SINHALA FONTS... http://www.locallanguages.lk/sinhala_how_to_install_in_english.html දෙනෙත් හරින්න !. Powered by Blogger. පරිවර්ථකය තොරතුරු සොයන්න! ජනප්‍රිය ලිපි රාජිතගෙ නැව් හයටම ආරක්ෂාව දුන්නේ මම. රාජිත මගෙන් සල්ලි ගත්තු හැටි මං කියන්නම්. සල්ලි දුන් නැති වුණාම මම හොරා කියනවා. චම්පිකත්, අර්ජුනත් සල්ලි ඉල්ලුවා - ඇවන්ට්ගාර්ඞ් සේනාධිපති x ගැහුවෙ සේනාධිපතිට වැදුනෙ රණවිරුවන්ට – ඇවන්ගාඩ් සේනාධිපති සියල්ල හෙළිකරයි. මැති ඇමැත්තන්ගේ රෙදිත් ගැලවෙයි x මේ ව්‍යාපාරය රටට ගෙනාවෙ අප... අනාථයෙකු ලෙස පැමිණි රිශාර්ඩ් බද්දුද්දීන්ගේ පවුලේ වත්මන් මිලියන 240ක වත්කම - අක්කර තුන්දහසක හිමිකම මුසලු පෙම්වතා දරු ගැබ වනසා සිහින් හඬින් හැඬූ කලලය ගෙන, පිහියෙන් ඇන, පෙට‍්‍රල් දමා පුච්චලා පෙම්වතීගේ දරු ගැබ වනසා කලලය ගෙන පෙට‍්‍රල් දමා පුච්චලා තම පෙම්වතියගේ සත් මස් දරු ගැබක් වනසා බිළිදු කළලයට පෙට‍්‍රල් දමා පුළුස්සා දමා පෙම්වත... පළමුව හිමියන්ට පහර දී, සුදු ඇඳි බොදු පෙරහැරට උස් ගොඩනැඟිලිවල සිට සංවිධානාත්මකව ගල්, ගඩොල් වලින් පහර පිට පහර දෙමින් අරඹන, මූසලු ජිහාඩයේ බේරුවල කැඩපත! හකීම්ගේ මිත්‍යාවට එරෙහිව සැම දැනුවත් කරමු! By initiating the collisions after hitting a Buddhist monk, consider the mirror of Jihadism in Aluthgama, by hitting children, women &am... දඹුල්ල ගැන ගොඩක් වදවෙන කට්ටිය මේව ගැන මොකද කියන්නෙ දන්නෙ නැහැ... සේයාරුව: 2005 ජූලි 11 සඳුදා ලක්බිම රටක ජාතියක අභිමානය ඔදවඩවන සාධක අතරින් අතීත උරුමයන්ට හිමිවනුයේ සුවිශේෂී ස්‌ථානයකි. ලොව වෙනත් කිසිදු ... යුදෙව්වන් වෙසෙන අසිරිමත් ඊශ්‍රායලය ගැන ඔබ නොදත් විස්මිත තොරතුරු! (තද කොළපාට - මේ රටත් එක්ක කෙලින්ම යුධ වැදුනු රටවල්, ලා කොළපාට- ඒ අරාබි රටවලට උදව් කරපු රටවල්, නිල් පාටින් - මේ පුංචි රට අර හැමෝටම තනිය... "අබු සුරෙයියා සයිලානි" ගලේවෙලින් කටුනායකට... එතැනින් සිරියාවට... එතැනින් අයි.එස්‌.අයි.එස්‌.ට... තහනම් වචනය රටේ ආරක්ෂාව! ත්‍රස්‌තවාදය ගැන බොහෝදුර දැක "විමර්ශනශීලී අනාවැකි" පළ කරන විද්වතුන්, භික්‍ෂූන් වහන්සේලා, සිවිල් සමාජයේ ක්‍රියාකාරීන් බොහෝමයක්‌ දෙ... සිංහලයන් ජාතිවාදීන් ලෙස හුවා දක්‌වමින් ගෙන යන වැඩ පිළිවෙළ රට බෙදීමේ සැලසුමක්‌ - ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි මෙරට සියයට හැත්තෑවක්‌ පමණ සිටින සිංහලයන් ජාතිවාදීන් ලෙස හුවා දක්‌වමින් ගෙන යන වැඩපිළිවෙළ තව වසර කීපයකින් රට බෙදීමේ සැලසුම් බවත්, එබැවින් ... රටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු! ලොව පුරා මුස්‌ලිම් බැතිමත්හු හඡ්ජි උත්සවය සැමරුවේ ඉකුත් 16 වැනිදාය. හඡ්ජි උත්සවය වෙනුවෙන් අල්ලා දෙවියන් නමස්‌කාර කිරීම සඳහා අනුරාධපුරයේ ස... දකුණු ආසියාවටත් ISIS - ඩකා ප්‍රහාරය - කුරානය නොදන්නා විදේශිකයන්ගේ බෙලිකපා මරා දමති! Source සිකුරාදා දිනයේ රාත්‍රිය එළඹෙද්දී බංගලාදේශයේ ඩකා අගනුවර රාජතාන්ත්‍රිකයින් වෙසෙන කලාපයේ පිහිටි Holey Artisan Bakery ආපන ශාලාව ගනුද...
ජනවාරි 13 සම්පූර්ණ දිනය අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමට වෙන් කෙරේ 2022 වසර සදහා පාර්ලිමේන්තු රැස්වීම් ලබන ජනවාරි 11 වන දින ආරම්භ කිරීමට ඊයේ (09) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මේ අනුව දෙසැම්බර් 10 වැනිදා අයවැය විවාදය අවසන් වීමෙන් පසු ලබන ජනවාරි 11,12 සහ 13 යන දිනවල පාර්ලිමේන්තුව රැස්වීමට මෙහිදී තීරණය වී ඇත. ජනවාරි 11 වැනිදා පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. ඉන් අනතුරුව පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) විවාදයට ‍ගැනීමට නියමිතය. තවද මෙදින ආණ්ඩුවේ කටයුතුවලින් අනතුරුව ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්ය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමෙන් පසු ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමට නියමිත බවද මහලේකම්වරයා පැවසීය. ජනවාරි 12 වැනිදා පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. අනතුරුව පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන), පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීම, අධිකරණ සංවිධාන (සංශෝධන) , සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) යන පනත් කෙටුම්පත් (දෙවැනිවර කියවීම්) විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිතය. ජනවාරි 11 සහ 12 දින දෙකේම ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා ද ප.ව 4.50 සිට ප.ව 5.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් විවාදයට ගැනීම සදහාද වෙන් කර ඇත. මේ අතර ජනවාරි 13 වන ‍දින පෙ.ව 10.00 සිට ප.ව 4.30 දක්වා අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනාව ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණයවූ බව මහලේකම්වරයා පැවසීය. POLITICAL NEWS Tweet on Twitter Share on Facebook Google+ Pinterest Previous Article ‘Covid එන්නත නොගත් කිසිවෙකුට පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම්’ Next Article 2022 විසර්ජන පනත් කෙටුම්පත තෙවැනිවර කියැවීම වැඩි ජන්ද 93 කින් සම්මතයි Recommended For You දේශීය ලොකු ළුැණු වගාවත් හාන්සි වෙන ලකුණු ලාංකීය දේශපාලනයේ නව සංධිස්ථානමය මොහොතක් ඖෂධ නියාමන අධිකාරියේ ගැහිලි ගැන ඇමැති චන්නගේ දැඩි අවධානය විමල් – වාසු සහ ගම්මන්පිල ඇමැතිකම්වලින් පන්නයි: SB කැබිනට් එකට රිංගයි IOC ඉන්ධන මිල අහසටම නග්ගයි ! ජනපතිගෙන් ‘කිරි ගොවියාට කිරි ඉතිරෙන‘ නියෝගයක් About the Author: Thusal Search for: Archives Archives Select Month August 2022 (3) March 2022 (2) February 2022 (155) January 2022 (194) December 2021 (239) November 2021 (256) October 2021 (203) September 2021 (234) August 2021 (252) July 2021 (276) June 2021 (303) May 2021 (300) April 2021 (200) March 2021 (297) February 2021 (272) January 2021 (315) December 2020 (307) November 2020 (360) October 2020 (363) September 2020 (359) August 2020 (380) July 2020 (320) June 2020 (307) May 2020 (333) April 2020 (390) March 2020 (421) February 2020 (405) January 2020 (530) December 2019 (563) November 2019 (555) October 2019 (724) September 2019 (605) August 2019 (529) July 2019 (590) June 2019 (548) May 2019 (665) April 2019 (575) March 2019 (48) Follow Us Stay updated via social channels Tags AG NEWS agriculture Business COPE COVID 19 Economy Entertetment fashion Featured GAJABA NAGAWATHTHA GOSSIP health HM NEWS INTERNATIONAL JVP KARU JAYASURIYA NEWS FM NEWS PUBLIC parliament pmd news POLITICAL POLITICAL NEWS Prime media PR MEDIA PR NEWS public news sajith pramadasa Sanath M Bandara santh m bandara sl army commander slarmy news sl cricket Sl CRICKET - WOMAN TEAM SLFP - SLPP sl vs west 2020 sl v west Sport unhcr unp Week in Pictures Wimal Weerawansa woman women ජනපති ‍fashion දුරකථනය: +94-766-109836 විද්‍යුත් තැපෑල: bhathiyabarukanda@gmail.com © සියලුම හිමිකම් ඇවිරිණි. මෙම වෙබ් අඩවියේ පළවන ලිපි අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් වන අතර එම ආචාරධර්ම උල්ලංඝනය කරමින් නීතිවිරෝධීව උපුටාගන්නන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරනු ඇත.
ආණ්ඩුවේ පාර්ශ්වකාර ප්‍රධාන පක්ෂ දෙකට එකඟතාවකට පැමිණීමට නොහැකි වීමෙන් ඇමැති මණ්ඩල සංශෝධනය දින නියමයක් නැතිව කල් දමා ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ. එජාපය හා ශ්‍රී ලනිප ආණ්ඩුව පිහිටුවා ඇත්තේ එජාපයට කැබිනට් ඇමැති තනතුරු 30ක් සහ ශ්‍රී ලනිපයට ඇමැති තනතුරු 15ක් වශයෙන් බෙදී යන එකඟතාව මත වන අතර එම එකඟතාව කඩ කරමින් ශ්‍රී ලනිපයට දැනට එජාපයට අයත් ඇමැති තනතුරු ලබාදිය නොහැකි බව එජාපය දැඩිව අවධාරණය කොට තිබේ. අවශ්‍ය නම් දැනට ජෝන් අමරතුංග මහතා යටතේ ඇති ඉඩම් අමාත්‍යාංශය පමණක් ශ්‍රී ලනිපයට ලබාදිය හැකි බව එජාපයේ ස්ථාවරය බවද දැනගන්නට ඇත. සංශෝධනය කිරීමට මීට පෙර අවධානය යොමු වූ විදේශ කටයුතු, ජනමාධ්‍ය, උසස් අධ්‍යාපන හා මහාමාර්ග, මුදල්, කෘෂිකර්ම, වරාය අමාත්‍යාංශ සඳහා පුද්ගලයන් නම් කිරීමේ ගැටලුවක් ආණ්ඩුවට ඉස්මතු වී තිබේ. මුදල් අමාත්‍යාංශය භාර ගැනීමට නම් නියෝජ්‍ය ඇමැති ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරන ලෙස මංගල සමරවීර මහතා අගමැතිවරයාගෙන් ඉල්ලා ඇති බවද දැන ගන්නට ඇත. එමෙන්ම ජේ‍යෂ්ඨයන් ඉවත් කොට ඒ වෙනුවට වෙනත් අයකු පත් කිරීමේ ගැටලුවකටද ආණ්ඩුව මුහුණ දී සිටියි. එවැනි හේතු නිසා ඇමැති මණ්ඩල සංශෝධනය දින නියමයක් නොමැතිව තවදුරටත් කල් දමා ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය. Loading... Maithripala Sirisena Ranil Wickramasighe SLFP UNP Tweet on Twitter Share on Facebook Pinterest Email RSL Related Posts ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරුවේ ප්‍රධාන ආරාධිත ලෙස ජනපති රනිල් එක්වෙයි රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම ජාතික සම්පත් විකිණීමක් නෙවෙයි – තාරක බාලසූරිය කබ්රාල්ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට සභාවෙන් පිටතට යන ලෙස කතානායක දැනුම්දෙයි යළිත් අරගලයකට මම ඉඩ දෙන්නේ නෑ – ජනපති විපක්ෂයේ පක්ෂ රැසක් අයවැයට එරෙහි වෙයි Search for: Contact Us Phone: +94-715-657400 Email: info@readsrilanka.com Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'readsrilanka.com' Join our email newsletter and get news & updates into your inbox for free. Categories CORONA: Covid 19 Developing Stories Fashion & Beauty culture FB මාත්‍රාව Men Photo Stories Uncategorized ආර්ථික සහ ව්‍යාපාරික උණුසුම් පුවත් ක්‍රීඩා කෘෂිකර්මය දේශපාලන ප්‍රතිපත්ති සහ සංවර්ධන පුවත් සහ වාර්තා මතවාද ලෝකාවලෝකනය විද්වත් කථිකාව විදේශීය විමර්ශන විශේෂාංග සෞඛ්‍යය අප හා සම්බන්ධවීමට දුරකථන: +94-715-657400 විද්‍යුත් තැපෑල: info@readsrilanka.com © සියලුම හිමිකම් ඇවිරිණි. මෙම වෙබ් අඩවියේ පළවන ලිපි අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් වන අතර එම ආචාරධර්ම උල්ලංඝනය කරමින් නීතිවිරෝධීව උපුටාගන්නන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරනු ඇත.
පසුගියදා PUBG Mobile ඇතුළු apps 118ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට ඉන්දියානු රජය විසින් පියවර ගත් බවට මින් පෙර ලිපියක් මගින් ඔබව දැනුවත් කළා මතක ඇති. PUBG Mobile, APUS Launcher, Baidu ඇතුළු apps 118ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට කටයුතු කරයි පසුගිය ජුනි මාසයේදී ඉන්දීය රජය විසින් TikTok ඇතුළු ප්‍රසිද්ධ චීන mobile apps59ක් තහනම් කිරීමට කටයුතු කළ අතර, ඉන් පසුව නැවතත් ජුලි මාසයේදී තවත් apps 47ක්තහනම් කිරීමට කටයුතු කරනු ලැබුවා. ජාතික ආරක්ෂාව වෙනුවෙන් TikTok, Share It, UC Browser ඇතුලු apps 59 ක් ඉන්දියාවතුළ තහනම් කිරීමට ඉන්දියානු රජය කට… TechNews.LK - Tech News සිංහලෙන්Kasun Jayarathna මෙම තහනම හේතුවෙන් app එකෙහි මුල් හිමිකරු මෙන්ම දකුණු කොරියානු සමාගමක් වන Blue Hole Studio ආයතනය විසින් ඉන්දියාව තුළ PUBG Mobile ක්‍රීඩාව බෙදා හැරීම සඳහා Tencent ආයතනය වෙත ලබා දී තිබූ බලපත්‍රය අවලංගු කිරීමටද කටයුතු කරනු ලැබුවා. ඉන්දියාව තුළ PUBG Mobile හි අයිතිය Tencent Games ආයතනයෙන් ඉවත් කිරීමට PUBG Corporation එක කටයුතු කරයි PUBG ඇතුළු තවත් චීන apps ගණනාවක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව තුළ තහනම්කිරීමට ඉන්දියානු රජය කටයුතු කළ බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති. PUBG Mobile, APUS Launcher, Baidu ඇතුළු apps 118ක් ඉන්දියාව තුළ තහනම් කිරීමටකටයුතු කරයිපසුගිය ජුනි මාසයේදී ඉන්දීය රජය විසින් TikTok ඇතුළු ප්‍රසිද්ධ චීන… TechNews.LK - Tech News සිංහලෙන්සචින් කවිඳු මේ වන විට Blue Hole Studio ආයතනය විසින් ඉන්දියානු telecom සමාගමක් වන Reliance Jio සමාගමත් සමඟ නැවත වරක් ඉන්දියාව තුළ PUBG Mobile ක්‍රීඩාව ආරම්භ කිරීමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙනවා. Themrphone වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට, PUBG Mobile තහනමෙන් පසුව මෙම සාකච්ඡා ආරම්භ වූ අතර එය තවමත් මුල් අවධියේ පවතින බව ද වාර්තා වෙනවා. මීට අමතරව, තවමත් දෙපාර්ශවයම ගනුදෙනුවේ විවිධ අංශ අධ්‍යයනය කරමින් සිටින බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙනවා. මෙම සාකච්ඡාව පිළිබඳව තවමත් නිළ ප්‍රකාශයක් ලබා දී නොමැති නමුත් Blue Hole Studio ආයතනය විසින් blog සටහනක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ PUBG Mobile app එක ඉන්දියාව තුළ unban කර ගැනීමට ඔවුන් කටයුතු කරන බවයි. Tencent සමාගමත් සමඟ ඇති සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස මෙම app එක ඉන්දියාවේ තහනම් කර ඇති බැවින්, දේශීය බෙදාහරින්නෙකු සමඟ එකඟතාවයකට පැමිණීම මගින් බොහෝ විට මෙම තහනම ඉවත් කිරීමට හැකියාවක් තිබෙනවා. මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GizmoChina වෙබ් අඩවිය සහ TheMrPhone වෙබ් අඩවිය භාවිතා කළ හැක. Sanka Maduranga sᴏᴘʜᴏᴘʜɪʟᴇ Sanka Maduranga's Profile මේ වගේ අළුත්ම news යන එන ගමන් බලන්න, දැන්ම අපේ Mobile Apps install කරගන්න. Techie Android Techie Lite iOS Techie Windows — TechNews.LK — News මේ මස 01 වෙනි දා එළීදැක්වීමට නියමිත ව තිබුණු Xiaomi 13 series launching event එක කල් දැමීමට කටයුතු කරයි NSBM FOSS Community එක මඟින් සංවිධානය කරන Technosphere 2022 උළෙල පිළිබඳව දැනගනිමු DevFest 2022 උළෙල පිළිබඳව දැනගනිමු See all 2151 articles → YouTube 1 min read Scheduled Streams සහ Premieres පහසුකම් සඳහා අලුත් section එකක් එකතු කිරීමට YouTube ආයතනය සූදානම් වන ලකුණු YouTube channel වලට subscribe කර තිබුණත්, පරීශිලකයින් හට ඔවුන්ගේ ප්‍රියතම නාලිකා සජීවිව ඇති වේලාව සොයා ගැනී Prabodha Lakshan වසර 2කට පෙර Gadgets 2 min read Samsung Wireless Charging Trio උපාංගය ජර්මනිය සහ කොරියානු online Samsung Store වලට එකතු කිරීමට කටයුතු කරයි Samsung Wireless Charging Trio පිළිබඳව මීට පෙර ලිපියක් හරහා ඔබව දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා මතක ඇති. Samsung සමාගමේ Sanka Maduranga වසර 2කට පෙර Copy Article Copy Link Facebook Twitter Top Made with in Sri Lanka. Terms & Conditions Privacy Policy Correction Policy Fact-Checking Policy Advertising Policy Ethics Policy Disclaimer Help
වතුර යනු ජීවත්වෙන්නට නැතිවම බැරි වූවක් වෙද්දී වතුරට වඩා දියමන්ති මිල ඉහළ ඇයි? මෙය දියමන්ති-වතුර විරුද්ධාභාසය (diamond-water paradox) නමින් ජනප්‍රිය වූවකි. එය මේ නමින් සඳහන් නොකර ඇඩම් ස්මිත් සිට සම්භව්‍ය අර්ථ ශාස්ත්‍රඥයන් විසින් කාලයක් තිස්සේ විසඳා ගන්නට උත්සාහ ගන්නා ලද විරුද්ධාභාසයකි. දියමන්ති වලට වඩා වතුර නැතිවම බැරි වෙද්දී, ඇයි මිනිසුන් දියමන්ති වලට මේ තරම් මුදලක් ගෙවන්නටත්, වතුර වලට ඩිංගක්, සමහර විට කීයක් හෝ වැය කරන්නටත් අකමැති? සම්භව්‍ය අර්ථ ශාස්ත්‍රඥයන්ට එය පහදා ගන්නට බැරි වීමට හේතුව වූයේ මිනිසුන් “වතුර” සහ “දියමන්ති” අතර දෙකෙන් එකක් තෝරා ගැනීමක් නොකරන බව ඔවුන් නොදැකීම නිසයි. වතුර යැයි අපි කියද්දී කිසිවෙක් ලෝකයේ පවතින සියළු වතුර එයට අඩංගු කරමින් සැලකිල්ලට පාත්‍රය කරන්නේ නැත. එසේම දියමන්ති යැයි අපි කියද්දී ද කිසිවෙක් ලෝකයේ පවතින සියළු දියමන්ති එයට අඩංගු කරමින් සැලකිල්ලට පාත්‍රය කරන්නේ ද නැත. යමක් තෝරා ගැනීම යනු ක්‍රියාවකි. ප්‍රැක්සිස් (praxis) යන පුරාතන ග්‍රීක වචනයෙන් කියැවෙන්නේ නිදහස් පුද්ගලයෙක් විසින් ක්‍රියාවක නියැළෙන්නට කරන තෝරා ගැනීම යන්නයි. ප්ලේටෝ, ඇරිස්ටෝටල්, සෙන්ට් ඔගස්ටීන්, ඉමැනුවෙල් කාන්ට්, සොරෙන් කියකිගාඩ්, මාටින් හෛඩෙගර්, පාවුලෝ ෆ්‍රියෙර් හා ලුඩ්විග් වොන් මීසස් යනාදීන් මෙහි විවිධ අර්ථ කථනයන් දක්වා තිබෙන අය වෙති. කාල් මාක්ස් සිය දාර්ශනික රචනා 11 කින් හැදෙන Theses on Feuberach හි නොකියා කියා ඇත්තේ “දාර්ශනිකයන් ඉටු කර ඇත්තේ ලෝකය විවිධාකාරයෙන් අර්ථ කථනය කර තිබීම පමණක් බවත්, එහෙත් කළ යුත්තේ ලෝකය වෙනස් කිරීම බවත් ය.” 19 වැනි සියවසේ සමාජවාදියෙක් වූ ඇන්ටෝනියෝ ලැබ්රියෝලා මාක්ස්වාදය යනු ප්‍රැකිස්ස් හි දර්ශනය ලෙසින් සැලකුවේය. නව සහශ්‍රසයේ දී ද මිනිස් ස්වභාවය කුමක් දැයි හඳුනා නොගත්තවුන්ට, නිදහස් පුද්ගලයෙක් විසින් ක්‍රියාවක නියැළෙන්නට කරන තෝරා ගැනීම අනේක විධ ආකාරයන් වලින් නිර්වචනය කරන්නට හැකි වූවාට, මාක්ස්ට හා අනෙක් සියළු මාක්ස්වාදීන්ට පවා එය වෙනස් කළ නොහැකි වූ බව ඔප්පු කර ඇත්තේ ලෝක ඉතිහාසයයි. මාක්ස්ගේ ශ්‍රම න්‍යාය උත්සාහ කළේ යම් නිෂ්පාදනයක් කරන්නට කොතරම් ශ්‍රමයක් වැය වූවාදැයි අනුව භාණ්ඩයේ අගය කියන්නට ය. ශ්‍රම න්‍යාය මත පදනම් වූ මාක්ස්වාදී අදහස් නිසා තවමත් පොත් කියවන ලංකාවේ අය පොතක පිටු ගණන දිහා බලමින් සහ පොතක් අලෙවි කොමිස් මට්ටම් 20% හා 30% ක් වෙද්දීත් ලාබ උපයා ගන්නට හැකිනම් ඇයි පොතක් අඩු මිලකට දෙන්න බැරි යැයි අහමින් සිටින්නේ අගයක ප්‍රභවය සහ ස්වභාවය ගැන නොදන්නාකමෙනි. අගයක ප්‍රභවය සහ ස්වභාවය ගැන කාල් මෙන්ගර් විසින් ලියන්නේ අර්ථ ශාස්ත්‍රයේ සිද්ධාන්ත (1871) නම් කෘතියේ තුන්වැනි පරිච්ඡේදයේය. සම්භව්‍ය අර්ථ ශාස්ත්‍රඥයන්ට එතෙක් විසඳා ගත නොහැකි වූ ගැටළුවක් විසඳන්නට හේ සහාය දෙන ලදි. ක්‍රියාවක් කරන මිනිසෙක් නිශ්චිත ප්‍රමාණයන් වලින් යුතු භාණ්ඩ අතර තෝරා ගැනීමක් කරන්නෙකි. මෙය දියමන්ති-වතුර විරුද්ධාභාසය අනුසාරයෙන් පැහැදිලි කරන උත්සාහයක් හැටියට අප ඒ මිනිසාගේ තෝරා ගැනීම වතුර බැරල් එකක් සහ කැරට් දහයක දියමන්තියක් අතර වූවක් යැයි සලකා බලමු. වතුර යනු දියමන්තියට වඩා ප්‍රයෝජනවත් වූවක් යැයි සෑම දෙනෙක්ම පිළිගනිති. එහෙත් මෙතැන පිළිතුර වන්නේ, තෝරා ගන්නා අය විසින් එයට දෙන අගය මත ප්‍රයෝජනවත් බව පදනම් වෙනවා යන්නයි. මිනිසෙක් පිරිසිදු වතුර උල්පතක් ඇති කන්දක් අසල වාසය කරන්නේ ද, වතුර බැරල් එකක් දෙන්නම් කිව්වොත් ඔහු ඔබ දිහා විමතියෙන් බලනු ඇත. මන්ද ඔහුට වතුර උල්පතෙන් පිරිසිදු වතුර නොමිලේ නිතිපතා ඕනෑ තරම් ප්‍රමාණයකින් ලැබෙන බැවිනි. සමහර විට වතුර බැරල් එකක් ලැබීම ඔහු ඍනාත්මක වූ ලෙසකින් ද සලකනු ඇත. ලස්සන පරිසරයේ සුන්දරත්වය බිඳ දමන බැරල් එකක් තමන් ළඟ තබාගැනීමට සිද්ධ වීම කරදරයක් යැයි හේ සිතනු ඇත. එහෙත් මේ මිනිසාට දියමන්ති නැතැයි සිතමු. දියමන්තියක අයිතිය ඔහුට අනගි වූවක් විය හැකියි. ඔහුට එය වතුරට වඩා අගනා වූවක් ද විය හැකියි. එහෙත් මේ මිනිසාම අපි හිතමු සහාරා කාන්තාරය තරණයට ගියා යැයි කියා. පිරිසිදු වතුර ඇති කන්ද අසල වාසයෙන් නික්ම වී එහි යෑම නිසා ඔහුගේ තත්වය වෙනස් වී ඇත. ඔහු සහාරා කාන්තාරය තරණය කරන්නේ ඔහු සතු දියමන්තිය ද පොකැට්ටුවේ දමාගෙන කියා යැයි ද අපි සිතමු. එසේ යද්දී ඔහු සතු බොන්නට තිබි වතුර සියල්ල ම අවසන් වී ඔහු පිපාසයෙන් පෙළෙන්නේ පමණක් නොව මරණයට ද ආසන්න වී ඇතැයි ද සිතමු. එවිට සමහර විට ඔහු එක වතුර කෝප්පයක් සඳහා සිය කැරට් දහයේ දියමන්තිය දෙන්නට ද ඉදිරිපත් වෙනු හැකියි. එහෙත් එසේම සමහර විට දියමන්තියට ඇති කෑදරකම නිසා මසුරු සිතක් ඇති ඒ මිනිසා තව දුරටත් වතුරට වඩා දියමන්තිය අගය කරමින් පිපාසයෙන් මිය යෑම වඩා හොඳ යැයි තෝරා ගන්නට ද ඉඩ ඇත. භාණ්ඩයක අගය විෂයමූලික වූවකි. කැරට් දහයක දියමන්තියක් සහ වතුර බැරල් එකක් සඳහා විවිධ පුද්ගලයන් විසින් විවිධ අගයන් දෙන්නට පෙළඹෙනු ඇත. එසේම එකම පුද්ගලයෙක් විසින් වෙනස් අගයන් වෙනස් කාලයන් වල දී දෙන්නට ද පෙළඹෙනු ඇත. මෙන්ගර් පැවසුවේ, “අගය ඒ නිසා භාණ්ඩයක නෛසර්ගික වූවක් නෙමෙයි. භාණ්ඩයේ ලක්ෂණයක් නෙමෙයි. අපේ උවමනාවන් තෘප්තිමත් කරගනු සඳහා අගය යනු අපි යම් භාණ්ඩයකට දෙන වැදගත්කම පමණකි.” යම් උවමනාවක් තෘප්තිමත් කරගන්නට විවිධාකාර උත්සාහයන් හි යෙදෙන්නට හැකියාව මිනිසාට ඇත. අයෙක් මුලින් තමන් වැදගත් යැයි සිතන දේවල් සඳහා වතුර පාවිච්චියට ගන්නට සිය අතමිට වැය කරයි. මෙය තාර්කික අවශ්‍යතාවය මත එළඹෙන නිගමනයකි. අයෙක් මුලින් ම තෘප්තිමත් කරන්නේ එයා තමනට වැදගත්ම වූව යැයි සැලකෙන උවමනාවයි. වතුර නැති අයෙක් වතුර මුලින් ම පානය පිණිස ගනියි. පිපාසයෙන් මැරෙන්නට සිද්ධ නොවන තරම් වතුර ප්‍රමාණයක් තමනට ඇතැයි දකිද්දී උයන්නට පිහන්නට වතුර පාවිච්චි කරගනු ඇත. එකිනෙකින් එකිනෙකට ලැබෙන අමතර වතුර බාල්දිය යනු වැදගත් යැයි නොසැලෙකන අනිකුත් දේවල් සඳහා යොදාගන්නා වතුර බවට පත්වේ. එහි දී කෙමෙන් ප්‍රයෝජනවත් බව යන්න අඩු වී යයි. යමක අගය ගැන ගැටළුව තෝරාගැනීමක් ඉදිරියේ දී විසඳී යන්නකි. අවිනිශ්චිත ලෝකයක වැරදි සිදුවීම් නිතර දකින්නට හැකියි. තෝරාගැනීමේ ක්‍රියාවක් කරන්නා හැම විටම තීරණයක් ගන්නේ අවිනිශ්චිත අනාගතයක් ගැනයි. ඒ නිසා වැරද්දක් සිදුවීම නිරන්තරයෙන් අපේක්ෂා කළ යුත්තකි. නිශ්චිතව සිද්ධ වෙන්නේ මෙසේ යැයි දන්නා ලෝකයක අප ජීවත්වෙන්නේ නම්, එවැනි ලෝකයක යමක් තෝරාගැනීම නිසා ඇතිවන ප්‍රතිඵලය වෙනස් කරන්නට නොහැකි නම්, එවිට තෝරාගැනීම් කරන්නට අවශ්‍යතාවයක් නැත. එහෙත් එවැනි නිශ්චිත ලෝකයක අප ජීවත් නොවන නිසා අපට ක්‍රියාවන් තෝරාගන්නට සිද්ධ වී ඇත. අප අනුමාන කරන දේවල් මෙන් ම නොසිතු දේවල් ද සිද්ධ විය හැකියි. අයෙක් සතු වතුර වෙනත් අයෙක් සොරාගත්තේ ද නැවත ඒ ගැන තීරණයක් ගන්නට සිද්ධ වෙද්දී ඒ අය විසින් වතුර සඳහා දෙන අගය වෙනස් විය හැකියි. මෙය බෙදාගන්න: ට්විටර් ෆේස්බුක් මුද්‍රණය වි-තැපැල් WhatsApp රෙඩිට් ටම්බ්ලර් පින්ටරෙස්ට් පොකට් මෙයට කැමති වන්න: කැමතියි පුරණය වෙමින්... 2 comments « අභිමත ඉලක්කය වෙනුවට එහි අනිත් පැත්ත සිද්ධ වෙන නීති පැනවීමේ අරමුණ කුමක් ද? ආණ්ඩු එකතු වී නියැළෙන දුස්සන්ධානය » 2 Responses Subscribe to comments with RSS. wachana.lk said, on ජූනි 15, 2021 at 3:27 පෙ.ව. වටිනා කියන ලිපියක්. ප්‍රති-පිළිතුරු සැපයීම arunishapiro said, on ජූනි 15, 2021 at 5:59 පෙ.ව. ස්තූතියි. ප්‍රති-පිළිතුරු සැපයීම ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න මෙහි ඔබේ ප්‍රතිචාරය ලියන්න... Fill in your details below or click an icon to log in: ඊමේල් (අත්‍යවශ්‍යයි) (Address never made public) නම (අත්‍යවශ්‍යයි) වෙබ් අඩවිය ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න ) ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න ) ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න ) අවලංගු කරන්න Connecting to %s නව ප්‍රතිචාර ගැන වි-තැපෑල හරහා මාව දැනුවත් කරන්න. නව ලිපි ගැන වි-තැපෑල හරහා මාව දැනුවත් කරන්න Δ මෙම බ්ලොග් එකෙන් උපුටා ගන්නා කොටසක් හෝ එයින් ගත් සටහනක් සම්පූර්ණයෙන් පළකරද්දී, ලබා ගත් තැන එනම් බ්ලොග් එකේ නම “අරුණි ශපීරෝ වෙතින්” යැයි සඳහන් කරන්නට තරම් කාරුණික වෙන්න. ස්තූතියි. අර්ථ ශාස්ත්‍රය -එක දවසින් සොයන්න: පසුගිය සටහන් පසුගිය සටහන් මාසය තෝරන්න නොවැම්බර් 2022 (1) ඔක්තෝබර් 2022 (2) ජූලි 2022 (1) මැයි 2022 (2) අප්‍රේල් 2022 (4) මාර්තු 2022 (1) පෙබරවාරි 2022 (2) ජනවාරි 2022 (4) දෙසැම්බර් 2021 (5) නොවැම්බර් 2021 (2) ඔක්තෝබර් 2021 (5) සැප්තැම්බර් 2021 (3) අගෝස්තු 2021 (3) ජූලි 2021 (1) ජූනි 2021 (2) මැයි 2021 (4) අප්‍රේල් 2021 (2) මාර්තු 2021 (6) පෙබරවාරි 2021 (5) ජනවාරි 2021 (7) දෙසැම්බර් 2020 (4) නොවැම්බර් 2020 (3) ඔක්තෝබර් 2020 (8) සැප්තැම්බර් 2020 (1) අගෝස්තු 2020 (2) ජූලි 2020 (2) ජූනි 2020 (4) මැයි 2020 (9) අප්‍රේල් 2020 (13) මාර්තු 2020 (8) පෙබරවාරි 2020 (1) ජනවාරි 2020 (2) දෙසැම්බර් 2019 (2) නොවැම්බර් 2019 (1) ඔක්තෝබර් 2019 (13) සැප්තැම්බර් 2019 (11) අගෝස්තු 2019 (5) ජූලි 2019 (2) ජූනි 2019 (5) මැයි 2019 (3) අප්‍රේල් 2019 (5) මාර්තු 2019 (3) පෙබරවාරි 2019 (7) ජනවාරි 2019 (2) දෙසැම්බර් 2018 (1) නොවැම්බර් 2018 (1) ඔක්තෝබර් 2018 (2) සැප්තැම්බර් 2018 (4) අගෝස්තු 2018 (5) ජූලි 2018 (4) ජූනි 2018 (1) මැයි 2018 (6) අප්‍රේල් 2018 (8) මාර්තු 2018 (9) පෙබරවාරි 2018 (7) ජනවාරි 2018 (6) දෙසැම්බර් 2017 (10) නොවැම්බර් 2017 (9) ඔක්තෝබර් 2017 (14) සැප්තැම්බර් 2017 (13) අගෝස්තු 2017 (10) ජූලි 2017 (13) ජූනි 2017 (10) මැයි 2017 (20) අප්‍රේල් 2017 (18) මාර්තු 2017 (18) පෙබරවාරි 2017 (10) ජනවාරි 2017 (5) දෙසැම්බර් 2016 (4) නොවැම්බර් 2016 (15) ඔක්තෝබර් 2016 (8) සැප්තැම්බර් 2016 (14) අගෝස්තු 2016 (14) ජූලි 2016 (6) ජූනි 2016 (7) මැයි 2016 (9) අප්‍රේල් 2016 (6) මාර්තු 2016 (4) පෙබරවාරි 2016 (10) ජනවාරි 2016 (5) දෙසැම්බර් 2015 (8) නොවැම්බර් 2015 (8) ඔක්තෝබර් 2015 (14) සැප්තැම්බර් 2015 (8) අගෝස්තු 2015 (8) ජූලි 2015 (7) ජූනි 2015 (10) මැයි 2015 (10) අප්‍රේල් 2015 (8) මාර්තු 2015 (13) පෙබරවාරි 2015 (11) ජනවාරි 2015 (7) දෙසැම්බර් 2014 (6) නොවැම්බර් 2014 (6) ඔක්තෝබර් 2014 (8) සැප්තැම්බර් 2014 (12) අගෝස්තු 2014 (10) ජූලි 2014 (10) ජූනි 2014 (6) මැයි 2014 (8) අප්‍රේල් 2014 (6) මාර්තු 2014 (9) පෙබරවාරි 2014 (10) ජනවාරි 2014 (6) දෙසැම්බර් 2013 (6) නොවැම්බර් 2013 (16) ඔක්තෝබර් 2013 (23) සැප්තැම්බර් 2013 (17) අගෝස්තු 2013 (23) ජූලි 2013 (24) ජූනි 2013 (23) මැයි 2013 (46) අප්‍රේල් 2013 (28) මාර්තු 2013 (39) පෙබරවාරි 2013 (23) ජනවාරි 2013 (19) දෙසැම්බර් 2012 (21) නොවැම්බර් 2012 (18) ඔක්තෝබර් 2012 (29) සැප්තැම්බර් 2012 (22) අගෝස්තු 2012 (24) ජූලි 2012 (18) ජූනි 2012 (17) මැයි 2012 (19) අප්‍රේල් 2012 (23) මාර්තු 2012 (17) පෙබරවාරි 2012 (21) ජනවාරි 2012 (21) දෙසැම්බර් 2011 (16) නොවැම්බර් 2011 (23) ඔක්තෝබර් 2011 (28) සැප්තැම්බර් 2011 (24) අගෝස්තු 2011 (26) ජූලි 2011 (21) ජූනි 2011 (20) මැයි 2011 (21) අප්‍රේල් 2011 (22) මාර්තු 2011 (22) පෙබරවාරි 2011 (13) ජනවාරි 2011 (16) දෙසැම්බර් 2010 (13) නොවැම්බර් 2010 (11) ඔක්තෝබර් 2010 (17) සැප්තැම්බර් 2010 (13) අගෝස්තු 2010 (12) ජූලි 2010 (13) ජූනි 2010 (13) මැයි 2010 (13) අප්‍රේල් 2010 (19) මාර්තු 2010 (18) පෙබරවාරි 2010 (21) ජනවාරි 2010 (26) දෙසැම්බර් 2009 (19) නොවැම්බර් 2009 (2) සැප්තැම්බර් 2009 (2) ජූලි 2009 (1)
ගොවියා, පාරිභෝගිකයා සහ නිෂ්පාදන සැපයුම්කරු අතර යාන්ත්‍රණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වෙයි. කෘෂිකර්ම, අභ්‍යන්තර වෙළෙඳ, පාරිභෝගික සුබසාධන, වැවිලි හා අපනයන අමාත්‍යාංශ ලේකම්වරු සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනය ඇතුළු තවත් ආයතන කිහිපයක නිලධාරීන් සමග අද (30) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැති විමර්ශන සාකච්ඡාවේදී එතුමා ඒ සම්බන්ධව විමසුවේය. වෙළෙඳ, අපනයන, පොහොර ඇතුළු සේවා සැපයුම්, තොග සැපයුම්කරුවන්, තොග ගැණුම්කරුවන්, භාණ්ඩ එකතුකරන්නන්, හෝටල් වැනි මහා පරිමාණ ගැණුම්කරුවාගේ සිට දෛනික පාරිභෝගිකයා දක්වා වූ කෘෂි බෝග අලෙවිකරණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණ. කෘෂි අස්වැන්න සඳහා ඉහළ මිලක් වෙනුවෙන් ගොවියාට තරග කිරීමේ හැකියාව ලබා දීමටද මින් අපේක්ෂා කෙරේ. පහසු සහ සරල තාක්ෂණය භාවිත කරමින් ඕනෑම අයෙකුට ඩිජිටල් හුවමාරුවට සම්බන්ධවීමේ හැකියාව තිබිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. මෙහි අවසන් ප්‍රතිඵලය භව බෝගයෙන් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් බිහි කිරීම බව රාජපක්ෂ මැතිතුමා පැවසීය. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, තාක්ෂණය මගින් යා කරමින් ගොවියා සහ ගැනුම්කරුවා පහසුවෙන් සම්බන්ධ කිරීමට ද ඩිජිටල් තාක්ෂණය උපයෝගි කර ගත හැකිය. එමගින් අතරමැදියාගෙන් ලැබෙන මුදලට වඩා වැඩි මිලක් ගොවියාට ලබා ගැනීමට ද හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. රටේ පාරිභෝගික අවශ්‍යතා සමීක්ෂණයට ද මේ ක්‍රමය දායක කරගත හැකිය. මධ්‍යම ගමනා ගමන මණ්ඩලය, දුම්රිය සහ තැපැල් දෙපාර්තමේන්තුවද ඩිජිටල් තාක්ෂණ මෙහෙයුම් ප්‍රවාහන ක්‍රියාවලියට එක් කරගත යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය. අමාත්‍ය චමල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු ද සාකච්ඡාවට එක් වූහ. Facebook Facebook Messenger Twitter Pinterest LinkedIn Tumblr Reddit WhatsApp Viber සංස්කාරක Previous post ආණ්ඩුව උපකාරක පංති ගුරුවරුන්ට සහන ලබාදිය යුතුයි –… Next post ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ වෙසක් පණිවිඩය Related post ගවේෂණාත්මක ප්‍රවෘත්ති හා කාලීන සංඛපාල, ගල්බොක්කයාය කඳුවැටිය වැනසීමට සැරසෙන ලංවා සිමෙන්ති... November 22, 2022 ප්‍රවෘත්ති හා කාලීන විවරණ අසරණකම් පහ කරන්න පහසුකම් ගමට යවන්න –... November 22, 2022 ප්‍රවෘත්ති හා කාලීන විශේෂාංග ලොවට නෑසෙන හංස ගීතය – ආබාධ සහිත... November 22, 2022 Leave a Reply Cancel reply Your email address will not be published. Required fields are marked * Save my name, email, and website in this browser for the next time I comment. About Us sinhala.ejournalist.lk owns the copyright in the content published on the Website except where otherwise indicated by a third party’s proprietary notice. Images, trade marks and brands are also protected by other intellectual property laws and may not be reproduced or appropriated in any manner without written permission of their respective owners. Unless specifically prohibited by a notice published on any page, you may make a print copy of such parts of the Website as you may reasonably require for your own personal use provided that any copy has attached to it any relevant proprietary notices and/or disclaimers. All other use is prohibited.
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස ..!! තස්ස – ඒ භගවතො – භාග්‍යවත් වූ අරහතො – අරිහත් වූ සම්මා සම්බුද්ධස්ස – සම්මා […] Read more November 3, 2021 October 6, 2022 Travel ධම්මපදය – බුද්ධ වර්ගය – සබ්බ පාපස්ස අකරණං සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්තපරියොදපනං එතං බුද්ධාන සාසනං. (ප්‍රාණවධාදි) සියලු අකුශලකර්‍ම නොකිරීම ද, (ගේ හැර පැවිදි වූ තැන් පටන් රහත් පලයට පැමිණෙන […] Read more November 3, 2021 October 6, 2022 Travel විශුද්ධි මාර්ගය ශීල කතා – 01 එවං අනෙකගුණසඞ්ගාහකෙන සීලසමාධිපඤ්ඤාමුඛෙන දෙසිතොපි පනෙස විසුද්ධිමග්ගො අතිසඞ්ඛෙපදෙසිතොයෙව හොති. තස්මා නාලං සබ්බෙසං උපකාරායාති විත්‍ථාරමස්ස දස්සෙතුං සීලං තාව ආරබ්භ ඉදං පඤ්හාකම්මං හොති. කිං සීලං, […]
2015 දියුණුවෙමින් තිබුන රටක් මාදොළුවාවේ සොබිත හාමුදුරුවෝ ඇවිල්ල යහපාලනයක් හදලා මේ රට විනාශය කළා. රට කුඩුකාරයන්ටයි පාතාලයටයි , ස්ත්‍රී දුෂකයින්ටයි, දරුවන් අපයෝජනය කරන්නන්ටයි,බැංකු හොරුන්ටයි , බාරදුන්න. අවුරුදු 30ක විනාශකාරී ත්‍රස්තවාදය තුරන්කරලා රට දියුණුව කරා ගෙන යමින් තිබු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්ගේ පාලනය පරාජය කළා. අවසානයේ මදොලුවාවේ සොබිත ස්වාමීන්වහන්සේටත් උරුමවුයේ විදේශයකදී වූ අකල් මරණයක්. රටට උරුම වුයේ අන්ත විනාශයක්. අවුරුදු 30කටත් වැඩි කාලයක් මරණ බයෙන් සිටි ජනතාවට 2005 සිට යහපත් ආරක්‍ෂිත වාතාවරණයක් ගෙනවිත් රට විවිධ අංශවලින් දියුණුකරමින් රට දියුණුව කරා ගෙන යන්නට හැකියාවක් පෙන්වුයේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමයි. දේශපාලන නායකත්වයට සෑම අතින්ම සුදුසු කම් තිබෙන බව ජනතාවගේ ඇස් ඉදිරියේ ක්‍රියාවෙන් පෙන්නුම්කරනලද රාජපක්ෂ පවුලේ ගොටාබය රාජපක්ෂ මැතිතුමාට මේ යහපාලනය කල විනාශය තේරුම් ගත් 69 ලක්ෂයක් ජනතාව, චන්දය දී එතුමා ජාතියේ නායකත්වයට තෝරාගත්තා. ඒ මිනිසුන්ගේ කැමැත්ත . එදා ජනතාව කලේ, 2015 මදොලුවාවේ සොබිත හාමුදුරු වන්ගේත්, රනිල් වික්‍රමසිංහ ගේත්, මෛත්‍රපාල සිරිසේන ජනපති තුමාගේත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන්, ජනතා විමුක්ති පෙරමුනේ සහයත් ඇතිව පත්වුණ යහපාලන යට ඔවුන්ගේ අප්‍රසාදය, අකමැත්ත , යහපාලනයේ තුච්ච නින්දිත බව තේරුම්ගෙන ඔවුන්ට කල අසාධාරණයට පලිගැනීමක්. එදා 69 ලක්ෂයක් ජනතාව විසින් ප්‍රතික්ෂේපකල යහපාලනයේ අවතාර දැන් වෙනත් පක්ෂ හදාගත්තත් හමට ඇලවී තිබෙන යහපාලන ඇඳුමින්ම ඇවිත්, කොතරම් අපහසු කම් මද්‍යයේ උනත් රටට නවජීවනයක් උදාකරන්නට අතිමහත් උත්සහයක් දරමින් විශිෂ්ට වැඩ කොටසක් කරන ගොටාබය රාජපක්ෂ ජනාදිපතිතුමන්ගේ රජයට විවිධාකාර විවේචන ගොනුකරයි. කිසිම අන්දමකින් රටට හෝ ජනතාවට වැදගත් ප්‍රයෝජනවත් දෙයක් නොකරන සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පැමිණ සිටින විපක්ෂය, රටේ දියුණුවට ගොටාබය රාජපක්ෂ ජනාධිපතිතුමන් ගෙන යන රට දියුණුකිරීමේ වැඩපිළිවලට අවහිරකම් කරන බව ජනතාව නොදන්නවා නොවේ. ජනතාව රවටන්න මේ විපක්ෂයේ යහපාලන අවතාරවලට බැරිබව ඔවුන්ට තේරෙන බැවින් නොයෙක් දැන් උන් අබෞද්ධ දර්ෂණ පෙන්නුම්කරන භික්ෂුන්වහන්සේලා රැස්කරගෙන ජනාධිපතිතුමන්ගේ සෞභාගයේ දැක්මට විරෝධය දක්වනවා. ඇයි මේ ? මේ ලියන මට හිතෙන හැටියට මේ එක්සත් ජාතික පක්ෂ යහපාලන අවතාරවලටවත්, මලකඩ කාපු ජනතා විමුක්ති පෙරමුණටවත් දේශීය දැක්මක් නෑ. ඔවුන්ට . තේරෙන්නේ නෑ මොකක්ද මේ ගොටාබය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ ජාතිකත්ව විප්ලවය කියලා. සමගි ජන බල වේගය කියන පරණ එක්සත් ජාතික පක්ෂ යහපාලන අවතාර දේශ හිතයිශී සන්වර්ධනයක් දන්නේ නෑ, එවුන් එදත් අදත් බටහිරට වහල්වුවන්, ජනතා විමුක්ති පෙරමුණ උන්ගේම මොකක්දෝ මර්ක්ස්වාදයක් ගැන හීන දකින්නෝ. යහපාලන අවතාර කතාකරන්නේ රට සිංගප්පුරුවක් කරන්නේ කොහොමද රටේ පාලනයට බටහිර රටවල් එක්කරගන්නේ කොහොමද කියලා. පහුගිය චන්දයේදී සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කර දේශපාලන භුමියෙන්ම අතුගා ඉවත දැමු එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ලය්ස්තුවෙන් පාරලිමේන්තුවට ඇවිල්ල කියනවා අන්තර්ජාතික මුදල් අරමුදලින් ආධාර ඉල්ලන්න ඕනේ කියලා. මේ රටට විදේශිකයෙක් ගෙනල්ල මහා බැංකුවේ නායකයකරලා දෙවතාවක් පිට පිටම බැංකු හොරම් කල රනිල්ගෙන් රටහදන්න මොන අවවාදද ගන්න පුළුවන්. උන් දැන් අහක දැමු කාසි වගේ. මුන්ට බෑ මේ රටහදන්න. වැරදිලාවත් මුන්ට බලය දෙන්න තරම් අපේ මිනුස්සු දීනනම් වෙන්නේ 2015 වෙච්චදෙමයි. රට බංකලොත් වෙනවා. එනිසා ජනතාව ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ගැන විශ්වාශයක් තබා ගැනීම සඳහා සෞභාග්‍යයේ දැක්ම මොකක්ද කියලා අවබෝධකරගත යුතුමයි. සෞභාග්යේ දැක්ම සුදානම් කර තියෙන්නේ අමාරු මෙතෙක් කල නොකළ කාර්යයක් කිරීම සඳහා ගන්න පියවරක් වශයෙන්. කියමනක් තියනවා නේ දුකක් නැතිව අම්මාකෙනෙකුට දරු ප්‍රසුතියක් කරන්න බෑ කියලා. ඒ වගේ තමයි අපේ ශ්‍රී ලංකාව ලංකාව වශයෙන් දේශීයත්වයට මුල්තැන දීල රට දියුනුකරන්නනම් අපි හුඟක් කැපවීම් කල යුතුයි, අපි වේදනාව උසුලාගෙන බලාපොරොත්තුවෙන්, ඉවසීමෙන් කටයුතු කල යුතුයි. රටේ දේවල්වලට තැනක් දීල රටේ අවශ්‍ය තාවයන් අපිම සකස් කර ගත යුතුයි; එයට දාපු අඩිතාලමයි සෞභ්ග්යේ දැක්ම. දේශපාලන දර්ශනයක් නැති සමගි ජන බලවේගයේ යහපාලන අවතාර මහා නින්දිත සටන් පාට ගෙන සර් ෆේල් කියාගෙන ගෙන යන අශික්ෂිත විපක්ෂ දේශපාලනය කිසි සදාචාරාත්මක කමක් නැති ජනතා විරෝධී ක්‍රියා පිළිවෙලක්. ලංකාවෙ විපක්ෂ නායකයා ඔහුගේ විපක්ෂ නායකකම අවිභාවතාකරනවා ප්‍රජාතන්ත්‍ර වාදයට පටහැනිවේ ක්‍රියාත්මක කරවනවා. විපකාශය කියන්නේ පාරලිමේන්තුවේදී රජය විවේචනය කිරීමම නොවේ. මේ රජයට චන්දය දුන් හා විපක්ෂයට චන්දය දුන්නේ ශ්‍රී ලංකික ජනතාවමයි එබැවින් ඒ දෙගොල්ලටම එකවිධියට ගෞරව කිරීම ඔවුන් ගැන සැලකිලිමත්වීම සියලු දේශපාලන පක්ෂවල යුතුකමක්. 69 ලක්ෂයක් ජනතාව ගොටාබය රාජපක්ෂ ජනාධිපති තුමා තෝරාගත්තේ ඔවුන් එතුමා පිලිබඳ තැබූ විශ්වාශය නිසා, ජනතාවගෙන් තවත් කොටසක් විපක්ෂයට චන්දය දුන්න නමුත්, චන්දයෙන් පසු දෙගොල්ලම ගොටාබය ජනාධිපති තුමා ඔවුන්ගේ නායකයා හැටියට පිලිගන්නවා. ඒවගේම විපක්ෂ නායකයාද ජනාධිපති තුමාට රටේ ජනාධිපති වශයෙන් ගෞරව කලයුතුයි ඔහු කෙරෙහි විශ්වාශය තැබිය යුතයි. රජය වැරදි කරන විට එබව පෙන්වාදිය යුතුයි, සටන් පාට කියමින් සර් ෆේල් කියා ගැනීමෙන් අසොභන විධියට ජනාධි පති තුමාට ඇමතීම එතුමාට පමණක් නොවේ එතුමාට චන්දය දුන් ජනතාවටත් කරන අගෞරවයක්. එවැනි වැඩපිලවෙලකට යෑම ප්‍රජාතන්ත්‍රය ගරුකරන ඕනෑම විපක්ෂ නායෙකුට හෝ වෙනත් පක්ෂ නායකයෙකුට සුදුසු නෑ. ඒ අශික්ෂිත අසොභන ක්‍රියා පිලිවෙලක් . දියුණු වුනු ප්‍රජාතන්ද්‍රවාදී බටහිර රටවල් වල ඒවැනී අසෝබන ක්‍රියාවන් සිදුවන්නේ නෑ. ජනතාව චන්දයෙන් ජනාධිපති කෙනෙකු පත්කරගන්නේ සීමිත කාලයකට ඉන් පසුව වෙනත් ජනාධිපතිකෙනෙක් පත්කරගැනීමේ අයිතිය ජනතාවට තියෙනවා. එබැවින් මේ සීමිත කාලයේ ජනාධිපති තුමාට සියලු ජනතාවගේ විපක්ෂයේ හා ආණ්ඩුපක්ෂයේ සම්පුර්ණ සහයෝගය දිය යුතුයි. ඒකයි, ප්‍රජාතන්ත්‍රවාදය. මේ සුළු දේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නොදන්නා බවක් පෙනෙනවා, ඔහුගේ විපක්ෂ අනුගාමිකයන්ද ඔහුගේ පහත් හැසිරීම නිසා ජනාධිපති තුමාට අගෞරවයෙන් යුතුව ආමන්ත්‍රණය කරනවා . මෙය නැවැත්විය යුතයි. විපක්ෂනායකයා යහපත් සීලාචාර මිනිහෙක් හැටියට කටයුතු කල යුතුයි. විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට රට දියුණුකිරීමේ දේශපාලන දර්ශනයක් නෑ . ඔහු කෙසේ හෝ ජනාධිපතිවීමේ බලාපොරොත්තුව ඇතිව කටයුතු කරන පුද්ගලයෙක් මිස රටට දැයට ආදරයක් ඇතිව කටයුතු කරන්නෙක් නොවේ. එසේ නොවන්නේ නම් 69 ලක්ෂයක් ජනතාව ගොටාබය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවශයෙන් තොරා ගත්තායින් පසුව, සජිත් ප්‍රේමදාසට තිබුනා යහපාලනය ආණ්ඩුව විසුරුවා හැර ගොටාබය රාජපක්ෂ ජනාධිපතිතුමාට තාවකාලික ආණ්ඩුවක් පිහිටවීමට අවස්තාව ලබාදීමට. නමුත් ඔහු එසේ නොකල නිසා රටටත් ජනතාවට ගැටළු රාශියකට මුහුණ දෙන්නට සිදු උනා. එවැනි විපක්ෂ නායෙකුට අද කිසිම අයිතියක් නෑ ගොටාබය රාජපක්ෂ ජනාදිපතිතුමා මහත් අපහසුකම් මද්‍යයේ ගෙන යන රාජ්‍යය කටයුතු සීමාවක් නැතිව අයුතු ලෙස විවේචනය කරන්න. . ඊයේ පෙරේදා ලැයිස්තුවෙන් පරලිමේන්තුවට පැමිණි රටට දැයට ආදරයක් නොමැති චන්දයෙන් ගොමගොඩක්මෙන් ඉවතදැමූ රනිල් වික්‍රමසිංහ යුදහමුදාපති කරගෙන යන විශාල කාර්ය භාරය පිළිබඳව විවේචනයක් කළා. එදා හොර රහසේ ත්‍රස්තවාදීන් සමග ගිවිසුම් අත්සන් කල රනිල් වික්‍රමසිංහ කවදත් යුදහමුදාවේ අසමත්කම ගැන කියමින් විහුලුකලා . තොප්පියගල ත්‍රස්තවාදීන් නැති පර්වතයක් කියපු රනිල් කොහොමද අපේ යුදහමුදාපති කරන විශාල කාර්ය භාරය සුළුකොට තකන්නේ ? ලංකාවේ යුදහමුදාව ලෝකයේ වෙන කොයිම රටක හමුදාවකට සමකල නොහැකියි. ඒ අපේ යුදහමුදාව ලංකාවේම පුද්ගලයින් කොටසක් රජයට විරුද්ධව අවී ආයුධ ගෙන පටන් ගත් අවුරුදු 30ක පමන කාලයක් තිස්සේ ගෙනගිය අමානුෂික ජනතාව පිඩනයට ලක්කරමින් අහිංසක බාල මහලු ස්ත්‍රී පුරුෂ ජනතාවක් මරාදැමු ත්‍රස්ත වාදය නතර කර ලංකාවට සාමය, ආරක්ෂාව උදාකර ලංකාව දියුනුකිරීම සඳහා අසහාය මෙහෙවරක් කරන විරෝදාර ලාංකික දරු පිරිසක්. ඔවුන් අපේ සදාකාලික වීරයන්. ශවේන්ද්‍ර සිල්වා යුද්ධාධිපති තුමා ත්‍රස්තවාදීන් සමග මුහුණට මුහුණ දී සටන් කල යුද්ධ නායකයෙක්. එතුමා කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා ජනතාවටත්, සෞක්‍ය අංශයටත්, පොලිසියට, හා රජයට අසහාය සේවයක් කරනවා. වෙන කොයිම රටකවත් මෙතරම් කැපවීමකින් ජනතාවගේ යහපත සඳහා කිසිම අවස්තාවක පසුබටනොවී ඉදිරිපත් වන යුදහමුදාවක් නෑ මේ බව මේ කොරනා වසංගත කාලයේ හොඳට පෙනීයන සත්‍යයක්. . මෙය නොදන්නා හමුදාපතිට හා යුද හමුදාවට ගරහන රනිල්ලා සජිත්ලා හා ඔවුන්ගේ අනුගාමික යහපාලන අවතාර, හා ජනතාවිමුක්තිපෙරමුනේ පරාජිතයෝ ලංකාවට කැළලක්. රටට කොයිම විධියකින් කොරෝනා මැඩපැවැත්වීමට ආධාරයක් නොදෙන විපක්ෂයේ මොවූන් සදාකාලිකව දේශපාලනයෙන් අයින්කර දැමීමට ජනතාව වග බලා ගත යුතුයි. මේ කොරෝනා වස් අනගත මද්‍යයේ උවත් ආර්ථික අපහාසුතාවයන්ටත් මුහුණදෙමින් ගොටාබය රාජපක්ස මැතිතුමන්, ගෞරවාදර මහින්ද රාජපක්ස අගමැති තුමා සමග කරන පාලනය ඉතාමත් ප්‍රෂන්ෂනීයි. ගොටාබය රාජපක්ෂ මැතිතුමන්ගේ රාජ්‍ය මෙවන් කාලයක උවද රටේ දියුනුව සඳහා විශාලා පරීශ්‍රමයකින් කට යුතු කරන බව ජනතාව දැනගත යුතුයි. මේ රට මෙවන් අපහසුකම් මද්‍යයේ උවද දියුණු කිරීමට මේ රජය ගන්න උත්සාහයට විපක්ෂය විරුද්ධවන්නේ ඇයි ? විපක්ෂයේ යහපාලන අවතාරයන් හා ඔවුන්ගේ අනුගාමික ජනතා විමුක්ති පෙරමුණ ආදී පක්ෂ රජය කරන හැමදේටම විරුද්ධව විශාල හඬක් නගන්නේ ජනතාව, රජයට හා ගොටාබය රාජපක්ස මැතිතුමන්ට විරුද්ධ කරවා, රටේ කලබල ඇතිකර එයින් ආණ්ඩුව අප්‍රසාදයට පත්කිරීම සඳහායි. මොවුන්ට විදේශික ආධාර ද්‍රවිඩ දයස්පොරාවෙන් මෙන්ම කුඩා රටවල් දියුනුවෙනවාට විරුද්ධව සටන් ආරම්භ කර තිබෙන එක්සත් ජාතීන්ගේ සංගමයට අයත් ජිනීවා හී පිහිටි UN Human Rights Commission ; European Union, කැනඩාව, එංගලන්තය , ඇමෙරිකාව ආදීන් ආධාර දෙනවා . මේ අතර තුර ලංකාව ආර්ථික, සාමාජික, සෞක්‍ය වශයෙන් දියුණුකිරීමට රටට අවශ්‍ය දේ රටේම ඇතිකර රට ස්වයංපෝෂිත කිරීමට මහත් උවමනාවකින් ජනාධිපති තුමා ඇතුළු රජය ගෙන යන සටනට උපකාර වෙනවා වෙනුවට මහා සංඝ රත්නයෙන් සමහරක් දෙනාවහන්සේලා නින්දිත ගොටාබය රාජපක්ෂ ජනාධිපතිතුමන් හා එතුමාගේ රජයට විරුද්ධව නින්දිත් ක්‍රියා මාර්ගයක් ගෙන තිබෙන බවද පෙනෙන්න තියෙනවා. එය කණගාටු දායක බව දකින්නේ රටේ සන්ඝ රත්නය උන්වහන්සේලාගෙන් විය යුතු වැඩ කොටස නොකරන බැවින්. රටේ සදාචාරය බෞද්ධ ශිස්තචාරය වල්ගතවෙමින් පවතින බවක් දැන් ඇස් ඉදිරියේ පෙනෙන්නේ, සංඝරත්නය උන්වහන්සේලාට අයිති වැඩ කොටස නොකර දේශපාලනයට බැස සිටින නිසයි. අද බෞද්ධයා අතර මන් වී සිටින්නේ. රාජ්‍යවිරෝධි දේශපාලකයන් තරහ, ක්‍රෝධය, වයිරය,අසමිගිය, මිනිසුන් අතර ප්‍රකට කරද්ධී, සීලය, යහපත් බව, කරුණාව, මෛත්‍රීය මිනිසුන්ට පැහැදිලි කර රටේ දුස්සීලයන් , ස්ත්‍රී දුෂකයන්, දරුවන් අපාචාරය කරන්නන් , කුඩුකාරයින් , මිලට මිනීමරන්නන් නැතිකිරීම සඳහා බෞද්ධ භික්ෂුව ජනතාවට අවවාද අනුසාසනා දෙනවා වෙනුවට දේශපාලනයට කරට ගෙන සිටින නිසාය. විපක්ෂයේ යහපාලන අවතාර වලට කෙලින් හෝ වක්‍රව උපකරා කරන භික්ෂුන්වහන්සේලා රටට සාපයක් බවට පවත්වීගෙන යයි. මේ අපරාධය නතර කරන්න තුන් නිකායේ භික්ෂුන් වහන්සේලා ඉදිරිපත්විය යුතුයි . නැත්නම් රටට වන හානිය කියා නිමකළ නොහැකියි. 1948 නිදහස ලැබූ ලංකාව නිදහස් ජාතියක් වශයෙන් එක්කිරීමට පළමුවන පියවරගත්තේ SWRD බණ්ඩාරනායක මැතිතුමන්, ඊට පෙර නිදහසේ පියා විය යුතව සිටි ශ්‍රීමත් බාරොන් ජයතිලක මැතිතුමාගේ මරණයත් සොයාබැලිය යුතුය. එතුමා , 1942 ඉන්දියාවට තානපතිවරයකුමෙන් යැවීමට හේතුව පිළිබඳව පැහැදිලි පරීක්ෂණයක් කර නොමැත. එතුමන් ඉන්දියාවේ සිට පැමිණෙමින් සිටිද්දී අහස් යානයේදීම මරණයට පත් වූ බවක් අසා තිබේ/. එතුමාගේ මරණයෙන් සිංහල බෞද්ධ නායෙකු රටට අහිමි විය. කෙසේවෙතත් 1948 ලැබූ නිදහසින් පසුව ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් දෙකඩවී විනාශයට පත්වීමට තියෙද්දී ඒ විනාශයෙන් බේරාගැනීමට හැකිවුයේ 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති වීම නිසාය. අද එක එකා එක එක විධියේ කතාකියතත් එදා 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති නොවුනේනම් මේ රට අපට අහිමිවන්නට ඉඩ තිබුණි. රාජපක්ෂ කෙනෙකුට මිස ඊට පෙර සිටි කිසි කෙනෙකුට ශ්‍රී ලංකාව විනාස්ධයෙන් බේරාගෙන දියුනුවකරා ගෙනයන්නට නොහැකිවීය. 2015 ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ එදාසිටි මහලේකම් පක්ෂය අත්හැර නොගියානම් මේ රට දියුණු රටක් වීමට ඉඩ තිබුනේය. නමුත් 2015 මාදොලුවාවේ සොබිත් හාමුදුරුවන් ගත් වැරදි තීරණය හා මෛත්රීපලා සිරිසේන මැතිතුමාගේ ද්‍රෝහිකම නොවුනානම් ලංකාව යහපාලනයේ ගොදුරක් වී බංකලොත් රටක් නොවෙන්නට ඉඩ තිබුණි. ගොටාබය රාජපක්ෂ ජනාධිපති තුමාට ලැබුනේ යහපාලනයේ ගොදුරක් වී බංකලොත්වූ රටක්. මේ සජිත් ප්‍රේමදාස ඇතුළු යහපාලනයේ අවතාරවූ ඔහුගේ අනුගාමිකයින් දැන් මහා හයියෙන් පරලිමේන්තුව දෙවනත්කටමින් කෑකෝ ගසමින් නින්දිතයින් ලෙස පරලිමේන්තුවේ හැසිරෙන්නේ උන් රටට කරපු අපරාධ ජනතාවට අමතක කරවන්නයි. අදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මහලේකම් කෙනෙක් රටට ද්‍රෝහිකම් කරන බවක් දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා කල ප්‍රකාශයකින් පෙනීයයි. දයාසිරි ජයසේකර ආණ්ඩුව අපහාසයට ලක්කරමින්, ඔහුට කරගන්න බැරි බතික්, දේශීය වස්ත්‍ර කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය විහුලු අමන්ත්‍යන්ශයක් යයි සඳහන් කරමින් කතාකිරීම නිසා නැවතත් ශ්‍රී ලංකා නිදහස්පක්ෂයෙන් ජනතා ද්‍රෝහිකයෙකු ඇතිවෙයයි බියක් ඇතිවේ. Leave a Reply You must be logged in to post a comment. Disclaimer: The comments contained within this website are personal reflection only and do not necessarily reflect the views of the LankaWeb. LankaWeb.com offers the contents of this website without charge, but does not necessarily endorse the views and opinions expressed within. Neither the LankaWeb nor the individual authors of any material on this Web site accept responsibility for any loss or damage, however caused (including through negligence), which you may directly or indirectly suffer arising out of your use of or reliance on information contained on or accessed through this Web site. All views and opinions presented in this article are solely those of the surfer and do not necessarily represent those of LankaWeb.com. This entry was posted on Sunday, July 4th, 2021. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can skip to the end and leave a response. Search for: July 2021 M T W T F S S 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 « Jun Aug » Archives Archives Select Month November 2022 October 2022 September 2022 August 2022 July 2022 June 2022 May 2022 April 2022 March 2022 February 2022 January 2022 December 2021 November 2021 October 2021 September 2021 August 2021 July 2021 June 2021 May 2021 April 2021 March 2021 February 2021 January 2021 December 2020 November 2020 October 2020 September 2020 August 2020 July 2020 June 2020 May 2020 April 2020 March 2020 February 2020 January 2020 December 2019 November 2019 October 2019 September 2019 August 2019 July 2019 June 2019 May 2019 April 2019 March 2019 February 2019 January 2019 December 2018 November 2018 October 2018 September 2018 August 2018 July 2018 June 2018 May 2018 April 2018 March 2018 February 2018 January 2018 December 2017 November 2017 October 2017 September 2017 August 2017 July 2017 June 2017 May 2017 April 2017 March 2017 February 2017 January 2017 December 2016 November 2016 October 2016 September 2016 August 2016 July 2016 June 2016 May 2016 April 2016 March 2016 February 2016 January 2016 December 2015 November 2015 October 2015 September 2015 August 2015 July 2015 June 2015 May 2015 April 2015 March 2015 February 2015 January 2015 December 2014 November 2014 October 2014 September 2014 August 2014 July 2014 June 2014 May 2014 April 2014 March 2014 February 2014 January 2014 December 2013 November 2013 October 2013 September 2013 August 2013 July 2013 June 2013 May 2013 April 2013 March 2013 February 2013 January 2013 December 2012 November 2012 October 2012 September 2012 August 2012 July 2012 June 2012 May 2012 April 2012 March 2012 February 2012 January 2012 December 2011 November 2011 October 2011 September 2011 August 2011 July 2011 June 2011 May 2011 April 2011 March 2011 February 2011 January 2011 December 2010 November 2010 October 2010 September 2010 August 2010 July 2010 June 2010 May 2010 April 2010 March 2010 February 2010 January 2010 December 2009 November 2009 October 2009 September 2009 August 2009 July 2009 June 2009 May 2009 Recent Posts THE DEBT RESTRUCTURING CONTROVERSY IN SRI LANKA Queen Victoria Statue “The Doctor in the Society: A Sri Lankan Perspective” වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයෙන්ශ්‍රී ලංකාවට ඖෂධ පරිත්‍යාගයක්.. බලශක්ති සහයෝගීතාවය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ තානාපති Khaled Nasser AlAmeri අතර සාකච්ඡාවක්.. රුසියාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය වෙනුවෙන් සැමවිටම පෙනී සිටි විශ්වාසවන්ත මිතුරෙක් – අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා The journalists who revealed about Thilini’s father are receiving death threats Sri Lanka and Bangladesh ports to boost connectivity “කොහොමද එහෙම වුණේ?…”බිලියන 390ක් දැම්මේ ඇයි ? කවුද ඒ තීන්දුව ගත්තේ ? Sri Lanka Central Bank sees inflation to cool from 70% to 4% by end 2023: Report Most Popular Specter of Federalism UK contributes £880,000 to help marginal fishers in Sri Lanka As the economy nosedives, human trafficking resumes in Negombo Where have all the Fish gone? Corporate Capture and Import Dependency Deepen the Debt trap International Law Implications of Canadian Parliament’s Motion on ‘Tamil Genocide’ Recent comments aloy on Cash-strapped Sri Lanka appeals to expats to send money dingiri bandara on Cash-strapped Sri Lanka appeals to expats to send money Sarath W on For Canada, organic food is an expensive status symbol. For Sri Lanka, it’s a catastrophe dingiri bandara on Politicians Sri Lanka Needs dingiri bandara on High Commissioner Moragoda stresses the importance of developing eight thrust areas to elevate Sri Lanka- India economic relations to a strategic level dingiri bandara on The Heir of Yahapalana Govt’s Failed Agenda aloy on BUSINESSDhammika’s seven-pronged strategy to overcome SL’s foreign exchange crisis Cerberus on Renewable energy producers say they can generate more power if govt and CEB support NeelaMahaYoda on අනාගත කෘෂිකර්මාන්තය පිළිබඳව සමගි ජනබලවේගයේ දැක්ම aloy on “The Three Fuels miracle” the only solution to the energy crisis in Sri Lanka and to keep Sri Lanka alight, even if the whole world that depends of fossil fuel, goes dark after 2050.
මම මේ කියන්න යන්නෙත් කතාවක්. හැබැයි ටිකක් වෙනස් විදිහෙ. සංවේදි එකක් නම් නෙමෙයි ඔන්න. පසුගිය සතියේ මගෙ යාළුවෙක් ගෙදර ඇවිත් එයාගෙ විවාහ මංගල්‍යයෝත්සවය කියල ගියා. යාළුවෙක් කිව්වට දුරින් නෑදෑකෙනෙකුත් වෙන‍වා. ගෑණු ළමයෙක්. අවුරුදු 10 ක විතර ප්‍රේමයක අවසාන ඵළය. කතාවෙ ආරම්භය සිද්ධවෙන්නෙ මෙහෙමයි. මේ කියන මගේ යාළුවා මට වඩා මාස දෙකක් විතර වැඩිමල්. හැබැයි හරිම ලස්සනයි. සුදු කොන්ඩෙ දිග බොහොම ප්‍රිය මනාප කෙනෙක්. ඉතින් අපි සාමාන්‍යය පෙළ කරල ඉවර වෙච්ච කාලෙ ඉතින් කඩ්ඩ හදාගන්න කඩු හරඹ පන්තියි පරිගණක දැනුම වැඩිකරගන්න ඒ පන්තියි යනවනෙ. (දැන් තාලෙ වෙනස්, කාලෙ අළුත් හන්ද) ඒ කාලෙ එහෙමයි. ඉතින් ඔය කාලෙ මේ යාළුවත් ඔය පන්තියකට ගියා. ඇහැට කණට පේන දැරිවි හන්ද ඉතින් අයියල පොරේ. කොහොම කොහොම හරි කල් යල් බලල තවත් හොද හැදිච්ච පිරිමි ළමයෙක් මෙයාගෙන් යාළුවෙන්න ඇහැව්වා. ඒ ළමයගෙත් වරදක් නැති හන්ද සහ මෙයාගෙත් කැමැත්ත ඇබිත්තක් තිබ්බ හන්ද කිව්වා “මට ඕවට මුකුත් කියන්න බෑ. ඇවිත් ගෙදරින් අහන්න” කියල. අපිත් හිතුව වැඩේ එතනින් ඉවරයි කියල. මොන? එතනින් තමයි පටන් ගත්තෙ. මේ ළමයත් එයාගෙම වයසෙ. යන්තම් සාමාන්‍ය පෙළ ඉවර කළා විතරයි. ඔන්න පහු වෙනිදම මේ ලමයා යාළුවගෙ ගේ දොරකඩ. යාළුවා හිතුවෙත් නෑ එහෙම දෙයක් වෙයි කියල. ඔන්න ඉතින් කෙලින්ම ප්‍රශ්ණය යාළුවගෙ තාත්තට යොමු කළා. මාමණ්ඩි අළුත් බෑනගෙ විස්තර ඇහැව්වා. ඒත් කෙරුවාව ගැන එච්චර පැහැදීමක් නෑග තාම පොඩි එකෙක්නෙ. යන්තං ඕ ලෙවල් ඉවර වුනා විතරයි මගුල් කතා කරන්න එනවා රස්සාවක් වත් නෑනෙ. ඉතින් මාමණ්ඩි කිව්වා මෙහෙම. “මගෙ දුව මම හැදුවෙ දොස්තර කෙනෙකුට හරි ඉංජිනේරුවෙකුට හරි දෙන්න. පුතාට තාම රස්සාවක් වත් නෑනෙ. ඉතින් පවුලක් ගෙනියන්නෙ කොහොමද? කවද හරි දොස්තර කෙනෙක් හරි ඉංජිනේරුවෙක් වෙලා ඇවිත් කතා කරන්නකො” කොල්ලත් ඇරියෙ නෑ. කිව්ව මාමණ්ඩිට මෙහෙම. “ හරි මම එහෙනම් මම එන්නම්, හැබැයි මාමත් වචනෙ ඒ විදිහටම රකින්න ඕනෙ”. යාළුවට මාර සන්තෝසයි. ඊට පස්සෙ මේ ළමයා ගණිත විශයයන් කරන්න පටන් ගත්තා. මේ වෙද්දී දෙන්නා යන්තම් කතා කරනවා එච්චරයි. අවුරුදු දෙකක් ගෙවිල ගිහින් ‍උසස්පෙළ ප්‍රතිපල ආවට පස්සෙ කොල්ල ඉස්සෙලම ගෙදර යන්නත් කලින් ආවෙ මාමා හම්බවෙන්න. ඇවිත් ප්‍රතිපල කිව්වා. මාමට කට උත්තර නෑ. දිස්ත්‍රික්කයෙ 5 වෙනියා ගණිත අංශයෙන්. දිවයිනේ 25 ද කොහෙද “දැන් මාමා මොකද කියන්නෙ” කියල කොල්ලා ඇහැව්වා. මාමා මොනව කියන්නද? එදා ඉදන් දෙන්නට ගෙදරින් ආශිර්වාදෙ තියනවා. ඒ දෙන්නගෙ මගුල් ගෙදර තමයි ඔය කියල ගියෙ. ඔන්න ඔහොමයි කොල්ලන්ගෙ වැඩ. (මම මේ කල්පනා කලේ අපිට ඔහොම මාමන්ඩිල හිටියෙ නෑනෙ. හිටියනං අපිත් ගොඩ) ඡායාරූපය මෙම යොමුවෙනි at May 19, 2010 11 comments: Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest Labels: මට හිතෙන හැටි, විවිධ Thursday, May 13, 2010 ප්‍රතිපත්තිගරුක මිනිසෙකුගේ ඉරණම මා මතු සදහන් තරනුයේ මා දන්නා හිත‍වතෙකු පිළිබද කතන්දරයයි. වර්තමාන සමාජය හා බලන කල ඔහු කළුත් නැති සුදුත් නැති අළු චරිතයකි. කිසියමු වු දෙයක අනන්තයට නොගිය හෙතෙම හැමදේම මධ්‍යස්ථව ඉවසයි. විවාහකයෙකු වූ හෙතෙම විවාහයට වසර ගණනාවකට පෙර සිටම නිර්මාංශ පුද්ගලයෙකි. කිසිදා මත්පැන් නොබිව් ඔහු දුම්පානයද සූදුවද අතහැර ජීවත්වූවෙකි. අඩුම තරමේ උත්සව අවස්ථාවකදී වත්බියර් පානයෙන් වුවද බැහැරවූ ආදර්ශමත් චරිතයක් විය. කාලය ක්‍රමයෙන් ගෙවී ගියේය. විවාහයෙන් පසුවද හිතවතා ‍ප්‍රතිපත්ති රැක්කේය. ටික කලෙක පටන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන්නට විය. ශරිරයේ බොහෝ වෙනස්කම් ඇතිවිය. ශරීරය ක්ෂය විය. නිතරම අසනීප විය. සාමාන්‍ය බෙහෙත් සහ පරීක්ෂන වලින් සුවයක් නොවීය. අවසානයේදී සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකෙරිනි. ඔහුගේ නියම තත්ත්වය අනාවරණය විය. අද ඔහු දියවැඩියා රෝගියෙකි. කොලෙස්ටරෝල් අධිකව අඩංගුය. තවත් එකි මෙකී රෝග ගණනාවකට ඔහු හිමිකම් කියයි. එකල ඹහුට මත්පැනට ඇරයුම් කල මිතුරෝඔහුට සරදම් කරති. මාංශ භක්ෂකයෝද එසේමය. ලෝ දහම සමානයයි කියුවත් මෙවැනි අසමානතා ලෝ දහම තුල ඇත. රැකි ප්‍රතිපත්ති කුමටදැයි අද හෙතෙම සිතයි. ඡායාරූපය ලබා ගත්තේ මෙම යොමුවෙනි. at May 13, 2010 2 comments: Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest Labels: මට හිතෙන හැටි, විවිධ, සංවාදයට විවෘතයි, සිතන්නට යමක් Wednesday, May 05, 2010 මල්ලිගේ කතා මම පවුලේ එකම ලමයා. මට ඉතින් සහෝදර සහෝදරියො කවුරුත් නෑ. පොඩිකාලෙ ඉදන් මගෙ තනියට හිටියෙ මහප්පගෙ පොඩි එකා තමයි. අල්ලපු ගෙදර ඉන්න හන්ද මට කවදාවත් පාළුවක් දැනුනෙ නෑ. දැන් මිනිහා ගජ ඉලන්දාරියා. දැනුත් මල්ලිගෙ කතා හන්ද පාළුවක් නෑ. මේවා මල්ලිටයි මල්ලිගෙ සෙට් එකේ ඉන්න අයටයි වෙච්ච දේවල්. මම මේ දේවල් ලියන්න හිතාගෙන හිටියෙ බ්ලොග් මැරතන් එකට. නොදැනුවත්ව වෙච්ච වැරැද්දට මට අන්තර්ජාලෙට ඇතුල් වෙන්න බැරි වෙච්ච හන්දා මැරතන් එකට එන්න බැරිවුනා. දැන් ඒ කතා ටික එක එක වෙනසකටත් එක්ක ලියන්නම්. හිනා යයිද නම් මම දන්නෙ නෑ. හිනා යන ගතියක් තියන හන්ද පොඩි පොඩි කතා ටිකක් ලියන්නම්.මේක තමයි පළවෙනි කතාව. මල්ලිත් මල්ලිගෙ යාළුවො සෙට් එකත් වැඩිපුර ඉන්නෙ පන්සලේ. පන්සලේ මොකක් හරි වැඩක් තියනවනම් කොල්ලො ටික මැරීගෙන වැඩ. ඕක හන්දම ගමේ පන්සලේ පොඩි හාමුදුරුවොත් මේ කට්ටිය එක්ක හරි හිතවත්. ඒකට තවත් හේතුවක් තිබුනා. ඒ පොඩිහාමුදුරුවොත් බොහොම තරුණ කෙනෙක් වීම. ඉතින් මේ සුහදත්වය දිගටම පැවතුනා. ඔන්න දවසක පන්සලේ උත්සවයක් තිබ්බා. කට්ටිය ගජරාමෙට වැඩ. පොඩි හාමුදුරුවොත් ඉතින් ඇවිත් උදව්වුනා. ටික වෙලාවකින් හාමුදුරුවො මේ ගොල්ලන්ට තේ එකක් බොන්න පන්සලට කතා කලා. කට්ටියට ඒකට වත් ඉස්පාසුවක් නෑ. හාමුදුරුවන්ගෙ ඇවිටිල්ලත් වැඩියි. ඉතින් එතන හිටපු මල්ලිගෙ යාළුවෙක් හාමුදුරුවන්ට “හාමුදුරුවො යන්න අපි වඩින්නම්” කියල කිව්වා. ඉතින් කතාව එතනින් ඉවරයි. at May 05, 2010 2 comments: Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest Labels: මල්ලිගේ කතා Newer Posts Older Posts Home Subscribe to: Posts (Atom) ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ... ශ්‍රී ලංකාවට ඊ-බේ ඉබේ නතරවීමට පෙර..... අන්තර්ජාල පරිශීලකයෙක් හැටියට ඊ බේ ගැන නොදන්නා කෙනෙක් ඇතැයි මම අදටත් සිතන්නේ නැත. ඒ ඊ බේ එතරම්ම තරුණ පරම්පරාව අතර ජනප්‍රිය නිසාය. ලෝකයේ... ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ... වැද්දන්ගෙන් ප්‍රවේසම් වෙනු ලංකාවේ ආදි වාසීන් ගැන බොහෝ කතා ඇත. ඒ ඔවුන්ගේ භාෂාව අපෙන් මදක් බැහැර වන නිසාය. බොහෝ කතා විහිළුවට හදන ඒවාය. ආදි වාසීන් සිටින්නේ ලංකාවේ පම...
5G යනු 5 වන පරම්පරාවේ ජංගම දුරකථන ජාලය යි. එය 1G, 2G, 3G, සහ 4G ජාලවලින් පසු ආ නව ගෝලීය wireless ප්‍රමිතියක්. මිනිස් සමාජය පමණක් නොව, 5G යන්ත්‍ර, සහ උපාංගවලින් යුත් IoT සමාජය පවා වැඩි වේගයකින්, අඩු පොරොත්තු කාලයකින් (latency) එකට සම්බන්ධ කිරීමට ඊට හැකියාව තිබෙනවා. 5G ජීවයට ගෙන ඒමට ලොව පුරා සමාගම් කිහිපයක් u දායක වී තිබෙන අතර, කිසිම සමාගමකට හෝ තනි පුද්ගලයකුට 5G තාක්ෂණය පිළිබඳ තනි අයිතියක් නැහැ. 4G සතුව තිබුණේ මෙගාබයිට් 8-10 පමණ වේගයක් වුවත්, 5G තාක්‍ෂණය තත්පරයට ගිගාබයිට් (Gbps) ගණනකින් යුත් උපරිම දත්ත වේගයක් සමඟ ඉහළ අත්දැකීමක් ලබා දීමට අදහස් කරනවා. ඉහළ කාර්ය සාධනය සහ වැඩිදියුණු කළ කාර්යක්ෂමතාව නව පරිශීලක අත්දැකීම් සවිබල ගැන්වීම මෙන් ම, නව කර්මාන්ත සඳහා ද පහසුකම් සපයනවා. කොවිඩ් සමඟ බිඳ වැටුණු ආර්ථිකය නැවත නඟා සිටුවීමට අඛණ්ඩ ව සිදු කෙරෙන තාක්‍ෂණික නවෝත්පාදන දායක වන අතර ආර්ථික විශ්ලේෂණ පෙන්වා දෙන්නේ පශ්චාත් වසංගත යුගයේ සමෘද්ධිය සඳහා 5G තාක්ෂණය ද ඉතා වැදගත් වන බව යි. ඒ 5G සේවාව මිනිසා, තොරතුරු, සහ උපාංග අතර ශක්තිමත් සබඳතාවක් ලොව පුරා ගොඩනඟමින් සන්නිවේදනයෙන් ඔබ්බට යමින් සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය, නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍ර රැසකට සෙත සලසන නිසා යි. 5G ඇන්ටෙනා පද්ධතියක් – ericsson.com රටවල් 50ක විසිරුණු Accenture ආයතනය සිදු කළ 2021-2025 ආර්ථික විශ්ලේෂණයකට අනුව පූර්ණ කාලීන, අර්ධ කාලීන සහ තාවකාලික රැකියා ඇතුළු ආර්ථිකයේ සියලු ම අංශ හරහා අමෙරිකාව තුළ රැකියා මිලියන 16ක් දක්වාත්, යුරෝපයේ මිලියන 20ක් දක්වාත් නිර්මාණය කිරීමට හෝ නවුමු ආරකට පරිවර්තනය කිරීමට 5Gවලට හැකියාව ඇති බව පෙන්වා දී තිබෙනවා. නිෂ්පාදන කටයුතු සඳහා ඉහළ bandwidth එකක්, අඩු ප්‍රමාදයක් සහ ඉහළ විශ්වසනීයත්වයක් අවශ්‍ය වන අතර, 5G තාක්ෂණය එම අවශ්‍යතා සියල්ල ම පාහේ සපුරනවා. ලොව නිෂ්පාදන ආයතනවලට 5G තාක්‍ෂණය මඟින් අඩු පිරිවැයකින් සහ අඩු කාලයකින් නිෂ්පාදන සිදු කිරීමට හැකියාව ලැබෙනවා. එපමණක් ද නොව, ඔවුන්ට තවදුරටත් ආයතනය තුළ ම දත්ත ගබඩා සහ සර්වර් පරිගණක පවත්වාගෙන යන්නට හැකියාව ලැබෙන නිසා ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් ඇති කරගත යුතු වන්නේත් නැහැ. නිෂ්පාදන රොබෝවරුන් හැසිරවීමේ දී ක්ලවුඩ් (Cloud) සේවා භාවිත කිරීමටත්, ආරක්ෂක උපාංග අතර සන්නිවේදනය කාර්යක්ෂමවත් කරගත හැකි නිසා දත්ත, සහ පරිශ්‍ර ආරක්ෂාව ඉතා හොඳින් සලසා ගත හැකි වෙනවා. Ericsson ආයතනය කළ පර්යේෂණයක් දක්වන්නේ, කර්මාන්තශාලා තුළ රොබෝවරුන් හා නිෂ්පාදන යන්ත්‍ර හැසිරවීමටත්, ස්මාර්ට් ප්‍රවාහන කටයුතු සඳහාත්, පද්ධති සැලසුම් කිරීමට සහ Simulate කිරීමටත්, දත්ත රැස් කරන උපාංග සඳහාත් 5G මඟින් ඉහළ පිටුබලයක් ලැබෙන බව යි. “තවදුරටත් නව ව්‍යාපාර ආකෘති අත්හදා බලමින් කල් ගත කළ යුතු වන්නේ නැහැ. IoT වැනි නව [වෙළෙඳපොළ] අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගනිමින් නව ආදායම් මාර්ග සලසා ගන්නට දැන්ම කටයුතු කරන්න. දැනටමත් LTE (4G) මත පාදක වූ විශාල IoT ජාල තිබෙනවා. කළ යුත්තේ කුමක්දැයි කියා [දැන ගැනීමට] අත්හදා බැලීම් කළහොත් 5Gවල වාසි [ඔබේ ව්‍යාපාරයටත්] ලබා ගත හැකි යි,” යනුවෙන් එය දක්වනවා. රොබෝවරුන් සමග සන්නිවේදනයට කම්හල් තුළ 5G යොදා ගත හැකියි – pinimg.com 5Gවලට වර්ග කිලෝමීටරයක් තුළ උපාංග මිලියනයකට සහාය වීමට, Download සහ Upload එකවර කිරීමට, සහ විශ්වාසදායක ලෙස මිලි තත්පර ගණනකින් ප්‍රතිචාර ලබා දීමට හැකියාව තිබෙනවා. මෙම හැකියා විවිධ භාවිත අවස්ථා ඇති කරවනවා. කර්මාන්ත එම ප්‍රතිලාභ සාක්ෂාත් කර ගනිමින් ආර්ථිකයට සවිබලයක් සපයන බැවින් 5G නිසා වක්‍රාකාර ව ඩොලර් ට්‍රිලියන ගණනක ආර්ථික බලයක් ලොවට දායාද කරවනවා. Accenture කළ විශ්ලේෂණයක් අනුව, එක්සත් ජනපද ආර්ථිකයේ අතිරේක දළ විකුණුම් (gross output) ඩොලර් ට්‍රිලියන 2.7 දක්වාත් යුරෝපයේ එය යූරෝ ට්‍රිලියන 2කිනුත් ඉහළ යනු ඇතැයි පෙන්වා දෙනවා. දළ දේශීය නිෂ්පාදිතය අතින් ගත් කල, 5G සමඟ එක්සත් ජනපදයට ඩොලර් ට්‍රිලියන 1.5ක් දක්වාත්, යුරෝපයේ යූරෝ ට්‍රිලියන 1ක් දක්වාත් වර්ධනයක් ලැබිය හැකි බවට එය පුරෝකථනය කරනවා. එසේම, එය පෙන්වා දෙන්නේ ස්මාර්ට් සංවේදක සහ ඩ්‍රෝන භාවිත කිරීමෙන් අවදානම අඩු කරගෙන විශාල මුදලක් ඉතිරි කර ගත හැකි බව යි. සෞඛ්‍යය ක්ෂේත්‍රයට දුරස්ථ ක්‍රමවේද යොදා ගනිමින් රෝගීන් ගැන ක්ෂණික ව සොයා බැලීමට හැකි වීමෙන් සේවා පලදායීතාව ඉහළ නංවා ගන්නටත්, රෝහල තුළ රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම වළක්වා ගන්නටත් හැකි වන බවත් පෙන්වා දෙනවා. 5Gවල අඩු ප්‍රතිචාර කාලය පිළිබඳ නිරූපණයක් – pgs-soft.com “5G තවමත් මෙලොව බිහි ව නොමැති කර්මාන්ත නිර්මාණය කිරීමට තුඩු දෙනු ඇත. නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීමට සහ ප්‍රතිලාභ උපරිම කිරීමට හැකි ප්‍රත්‍යක්ෂ සහ ප්‍රායෝගික හැකියාවන් එය සතු වේ,” Accenture සටහන් කරනවා. ශ්‍රී ලංකාව තුළ ද මේ වන විටත් 5G අත්හදා බැලී‍මේ ස්ථාන රැසක් පවතිනවා. ඉන් ඇඟවෙන්නේ අපේ රටේ ව්‍යාපාරිකයන්ට මෙන් ම නව ව්‍යවසායකයන්ටත් දේශයේ ආර්ථික පුනර්ජීවයට නවුමු ආකාරයකින් දායක වීමට හැකි යටිතල පහසුකම් ඔවුන්ට පිරිනැමෙන බවට අරුණලු උදා වී ඇති බව යි. තමන්ගේ නිෂ්පාදන කටයුතු ස්මාර්ට් ආකාරයෙන් කරගෙන යන්නට අවස්ථාව උදාවන බැවින් ඔවුන්ට දැනට පවතින ක්‍රමවේද අනාගතයට සරිලන ලෙස, තිරසාර ව සන්නද්ධ කර ගන්නට දැන් කාලය එළඹ පවතිනවා. Dialog 5G අත්හදා බැලී‍මේ ස්ථාන ලෙස ලිබර්ටි ප්ලාසා, ගලධාරි හෝටලය අවට, තර්ස්ටන් අවට, මොරටුව සරසවිය සහ කටුබැද්ද නගරාශ්‍රිත ව, මරදාන, නාරාහේන්පිට, කෝට්ටේ, නාවල, හෝකන්දර, රත්මලාන මෙන් ම කොළඹින් එපිට මහනුවර දළදා මාලිගාව අවට, ගාල්ල ඩයලොග් ආකේඩ් එක, කරාපිටිය, කටුනායක ගුවන් තොටුපොළ වැනි ජනාකිර්ණ ස්ථාන රැසක් පවතිනවා. මේවායේදී ඔබේ Dialog 5G දුරකථනයෙන් අධිවේගී 5G සේවාව නොමිලේ ම අත්හදා බැලිය හැකි යි. ඒ සම්බන්ධ වැඩි විස්තර සඳහා dialog.lk/5g වෙත පිවිසෙන්න. Foot Notes: කවරයේ ඡායාරූපය: iiot-world.com Related Articles නිල්වලා ගඟේ මිනී මරන කිඹුල් කතා article විශේෂාංග පෙබරවාරි 5, 2022 පාඨකයා, ලේඛකයා, සහ ප්‍රකාශකයා article විශේෂාංග ඔක්තෝබර් 8, 2016 රැල්ල, කැරැල්ල සහ ප්‍රංශ නවරැල්ල article විශේෂාංග මාර්තු 30, 2018 සාහිත්‍යය තුළින් ජයගත් හෙමිංවේගේ පරාජිත ප්‍රේමය article විශේෂාංග පෙබරවාරි 14, 2018 ලොව ගැඹුරුම අගාධය – මරියානා ආගාධය article විශේෂාංග මාර්තු 6, 2018 අමුතු චර්යා රටා තිබූ ප්‍රසිද්ධ පුද්ගලයින් article විශේෂාංග සැප්තැම්බර් 13, 2018 ලංකාවට නොමරිසි, සමරිසි කතාවක් article විශේෂාංග සැප්තැම්බර් 26, 2019 “බේබි මේලින්” හෙවත් ඇමරිකාවේ ක්‍රියාත්මක වූ ළදරුවන් තැපැල් කිරීමේ ක්‍රමය article විශේෂාංග පෙබරවාරි 8, 2018 Roar සිංහල Roar Media is a South Asian multilingual media platform that produces original stories and provides analysis on complex issues. All our content aims to inform, educate, and inspire.
සමාගම පිහිටුවීමේ සිට, අපගේ සමාගම ISO 9001:2015 සහතිකය සහ අනෙකුත් සහතික කිරීම් හරහා ප්‍රායෝගික පේටන්ට් සහතික ගණනාවක් ලබාගෙන ඇත.වසර ගණනාවක් දේශීය හා විදේශීය ගනුදෙනුකරුවන්ට සේවය කිරීම, බොහෝ ගනුදෙනුකරුවන්ගේ පිළිගැනීම ලබා ගැනීම. 2013 දී, අහම්බෙන්, ඇල්ජීරියානු පාරිභෝගිකයෙකු මට ඊමේල් විමසීමක් එවූ අතර, මම හැකි ඉක්මනින් ඔහුට පිළිතුරු දුනිමි.මම ඔහුට කර්මාන්ත ශාලාවේ පේටන්ට් සහතිකය සහ සමාගමේ ශක්තිය පෙන්වුවෙමි.සති දෙකක සංවාදයකින් සහ අවබෝධයකින් පසුව, මම ඔහුගේ අනුමැතිය ලබාගෙන පළමු සහයෝගීතාවයට පැමිණියෙමි.පසුව, ඔහු මගේ දිගුකාලීන පාරිභෝගිකයා බවට පත් විය.පහත පින්තූරයේ දැක්වෙන්නේ මම ඔහු සමඟ සහයෝගයෙන් කටයුතු කළ පසු හොඳම විකුණුම් පරිමාව වූ නිෂ්පාදන ය. පාරිභෝගික සහාය අපි ගැන ඉතිහාසය පාරිභෝගික පින්තූරය කර්මාන්තශාලා සංචාරය සම්බන්ධතා තොරතුරු Guangzhou Spring Package Co., Ltd. raymond@springpackage.com +86 13533784903 +86 13302279580 පුවත් පත්‍රිකා අපගේ නිෂ්පාදන සහ මිල ගණන් පිළිබඳ විමසීම් සඳහා, කරුණාකර අපට විද්‍යුත් තැපෑල එවන්න, සහ අපට පහසු යැයි හැඟෙන සේ අප හා සම්බන්ධ වන්න හෝ ස්තුතිය සමඟ අපට පණිවිඩයක් තබන්න.
ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාගේ මාස 9 ක් වන බාලවයස්කාර දියණිය දූෂ්‍ය කරන බවට තර්ජනාත්මක ට්විටර් පනිවිඩ යොමු කළ 23 හැවිරිදි තරුණයෙකු හයිද්‍රාබාද් නුවරදී මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රාම්නාගේෂ් ශ්‍රීනිවාස් අකුබතිනි ලෙස හඳුනාගෙන ඇති විත්තිකරු බදාදා මුම්බායි පොලිසියේ සයිබර් අපරාධ අංශය භාරයට ගැනිණි. විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානය හමුවේ පරාජයට පත්වීමත් සමඟ චූදිතයා බාලවයස්කාර දැරිය ගැන සඳහන් කරමින් විරාත්කෝලි හට ට්විටර් පණිවුඩයක් ඔස්සේ ස්ත්‍රී දූෂණ තර්ජනය කර තිබු අතර කෝලි ඒ ගැන පොලිසියට පැමිණිලි කළේය. මූලික තොරතුරුවලට අනුව විත්තිකරු ආහාර බෙදාහැරීමේ ඇප් එකක මෘදුකාංග අංශයේ සේවය කරමින් සිටින ‘බී ටෙක්‘ උපාධිධාරියෙකි. රාම්නාගේෂ් ශ්‍රීනිවාස් අකුබතිනි මුම්බායි වෙත රැගෙනවිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. විරාත් කෝලි සහ අනුෂ්කා ෂර්මාගේ දියණියට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන තර්ජන සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඉල්ලා දිල්ලි කාන්තා කොමිසම (DCW) මේ මස මුලදී දිල්ලි පොලිසියට නොතීසියක්ද යවා තිබුණි. කොමිසම, දිල්ලි පොලිසියට ලිපියක් යවමින්, සිද්ධිය “ලැජ්ජා සහගත” ලෙස නම් කර ඇති අතර, චූදිතයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා තිබුණි. TAGS featured Facebook Twitter Pinterest WhatsApp Previous articleඑල්.පී.එල්. තෝරාගැනීමේදී ලංකාවේ ජ්‍යෙෂ්ඨයෝ එළියට. විශ්‍රාම ගිය විදෙස් ක්‍රීඩකයෝ ඇතුළට.
Within the Whirlwind (සුළිසුළඟ ඇතුළත) කියන්නෙ Marleen Gorris විසින් අධ්‍යක්ෂණය කරන ලද, 2009දී එළිදක්වන ලද චිත්‍රපටයක්. එයට පදනම් වුණේ Evgenia Ginzburg විසින් 1967දී පළකරන ලද ඇගේම ජීවන අත්දැකීම්. 1934දී රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ නායකයකු වූ සර්ජි කිරොව් ඝාතනයට ලක්වීමෙන් අනතුරුව 1936-38 සමයේ රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ නායක ජෝසප් ස්ටාලින්ගේ මෙහෙයවීමෙන් දියත් කරන ලද මහා මර්දනය යනු වෙනම කතා කළ යුතු විෂයයක්. එහිදී සුළුතර ජාතීන්, බුද්ධිමතුන් ඇතුළු විවිධ සමාජ කොටස් වෙත ඉතා තිරශ්චීන මර්දනයක් දියත් කළා. මිලියනයක් පමණ ජනයා මරාදැමූ බව වාර්තා වෙනවා. එයට හේතු මොනවාද යන්න අතිශය සංකීර්ණයි. කෙසේ වෙතත්, මේ සංහාරය ස්ටාලින්ගේ උන්මාදයකින් පැනනැගුණු එකක් වුණත්, එය සමස්ත පක්ෂ දේහය පුරාම පැතිරුණු එකක්. එයට වගකිවයුතු විශාල පිරිසක් ඉන්නවා. ඒ වගකිවයුතු අයත් ඇතැම් විට ඒ සංහාරයේ ගොදුරු බවට පත්වෙනවා. මේ මර්දනය කොමියුනිස්ට් පක්ෂය තුළමත් දරුණු ලෙස සිදුවෙනවා. එව්ජීනියා ගින්ස්බර්ග් කොමියුනිස්ට් පක්ෂයේ ද ක්‍රියාකාරිනියක වන, කසාන් විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය කථිකාචාර්යවරියක්. ඇයට චෝදනා කරන්නේ ඇය ට්‍රොස්කිවාදී යයි සැක කරනු ලබන තවත් ආචාර්යවරයකු වූ එව්ලොව් සම්බන්ධයෙන් දේශපාලන අවදියෙන් කටයුතු කිරීමට අසමත් වූ බවටයි. එම ආචාර්යවරයා වරදකරු වන්නේ ඔහු පුවත්පතකට ලියූ ලිපියකටයි. ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවය පිළිබඳ න්‍යාය ස්ටාලින්ගේ දැක්මට අනුකූලව විග්‍රහ කිරීමට අසමත් වීම ඔහුට එල්ලවෙන චෝදනාවයි. ඔහු මරණ දඬුවමට ලක්වෙනවා. එව්ජීනියා තමාට එල්ල කරන ලද චෝදනාවට විරෝධය පළ කළ විට ඇයට ට්‍රොට්ස්කිවාදී ත්‍රස්තවාදී කණ්ඩායමක සාමාජිකයකු වීම පිළිබඳ බොරු චෝදනාවක් එල්ලකර දස වසරක සිර දඬුවමක් සඳහා සයිබීරියාවට පිටත් කරනු ලබනවා. එහිදී හමුවන සුළුතර ජාතියකට අයත් වෛද්‍යවරයකුගේ උපකාරයෙන් ඇය අලුත් ජීවිතයක් ආරම්භ කරනවා. ඇය විනාශ කිරීමට මුල්වන බේලින් නම් කොමියුනිස්ට් පක්ෂ නිලධාරියා පසුකලෙක ඇයට සිරකඳවුරකදී හමුවෙනවා. ඒ මිනිසාත් අවසානයේදී ඇගේ ඉරණමටම ගොදුරු වී මියයනවා. මේ චිත්‍රපටයට පසුබිම් වන ඉතිහාසය වෙනම හැදෑරිය යුතුයි. එසේම, මෙය තරමක් භාවාතිෂය ලෙස කරන ලද නිර්මාණයක් බව ද පෙනෙනවා. ගින්ස්බර්ග්ගේ කතාව මීට වඩා ගැඹුරකින් යුතු බව මා අසා තිබෙනවා. කෙසේ වෙතත්, මා මේ සටහනෙන් අදහස් කරන්නේ කොමියුනිස්ට් පන්නයේ මධ්‍යගත ප්‍රජාතාන්ත්‍රික පක්ෂ හා කණ්ඩායම් සම්බන්ධයෙන් මට තිබෙන අද්දැකීම් කිහිපයක් ගැන සාකච්ඡා කිරීමටයි. ඒ සඳහා මා මේ චිත්‍රපටය තේමාවක් කරගන්නවා. මා මෙම රුසියානු කොමියුනිස්ට් පක්ෂ මාදිලියේ පක්ෂ සංස්කෘතිය දිගින් දිගටම ප්‍රශ්න කරන කෙනෙක්. ලංකාවේ සමාජ ව්‍යාපාර එම උගුලෙන් ගැලවිය යුතු යයි සිතන කෙනෙක්. වාමාංශික පක්ෂ පමණක් නොවෙයි, ජාතිකවාදී ව්‍යාපාර හා වෘත්තීය සමිති, රාජ්‍ය නොවන සංවිධාන පවා මෙම සංවිධාන ආකෘතිය අනුගමනය කරන බව පෙනෙනවා. මේ පක්ෂ, කණ්ඩායම් ආදිය තුළ තිබුණු පැරණි සංස්කෘතිය දැන් වෙනස්වෙමින් තිබෙන බව පෙනෙනවා. එය හොඳ ප්‍රවණතාවක්. එහෙත්, ඒ සංස්කෘතියේ නෂ්ඨාවශේෂ හෝ දකින්නට ලැබෙනවා. මේ පක්ෂවල මා දුටු මූලික ලක්ෂණයක් වන්නේ පක්ෂය පවතින්නේ පක්ෂය වෙනුවෙන් වීමයි. සාමාජිකත්වය තබා නායකත්වයවත් මේ පක්ෂවලට වැදගත් නැහැ. පක්ෂය හැමවිටම සියල්ලට ඉහළින් තිබෙන අද්භූත බලයක්. ඒ බලවේගය විසින් තමයි නායකයන් මෙන්ම සාමාජිකයන් ද හැසිරවෙන්නේ. එහිදී මතවාදය ඉතා වැදගත්. මේ මතවාදය නිර්මාණය කිරීමේදී නායකයන්ගේ අදහස් වැදගත් වෙනවා. එහෙත්, නායකයන් නැතුවත් මතවාදය පවතින්නට පුළුවන්. මතවාදයෙන් ගිලිහෙන, මතය නිර්මාණයට මුල් වූ නායකයා වුණත්, අවසානයේදී ද්‍රෝහියෙකු වන්නට පුළුවන්. මෙහිදී තවත් කාරණයක් ගැන සඳහන් කළ යුතුයි. මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය අනුව පක්ෂය ගොඩනැගිය යුත්තේ පහළ සිට ඉහළට වුණත්, ව්‍යවස්ථාවේ මේ ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණය හැමවිටම අත්හිටුවලායි තිබෙන්නේ. එයට මොකක් හෝ හේතුවක් තිබෙනවා. එක්කෝ ධනපති මර්දනය. එහෙම නැතිනම් ප්‍රතිවිප්ලවය. අධිරාජ්‍යවාදී ආක්‍රමණ තර්ජන පවා වෙන්නට පුළුවන්. පුංචි පුංචි පක්ෂවලට නම්, හැමදාමත් අත පොවන මානයේ සතුරෙකු ඉන්නවා. ඒ තමන් හොඳින් දන්නා හඳුනන, තමන් ළඟ සිට වෙන්ව ගිය කණ්ඩායමක්. කවුරු හෝ සතුරකුගෙන් ආරක්ෂා වීම සඳහා අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය හැමවිටම අත්හිටුවායි තිබෙන්නේ. එකට සිටින තාක් කල්, මෙම පක්ෂ සාමාජිකයන් අතර ඉතා තද හෘදයාංගම බැඳීම් තිබෙන බවක් පෙනෙනවා. බොහෝ විට විවාපත් වන්නේ පවා පක්ෂ සාමාජිකයන්. පක්ෂ සාමාජිකයන් සෙසු සමාජයට වඩා උත්තරීතර මිනිසුන් පිරිසකැයි ඔවුනොවුන් අතර පිළිගැනීමක් තිබෙනවා. සෙසු සමාජය දෙස ඔවුන් බලන්නේ උඩඟු ලෙසයි. තමන් ඉතිහාසය විසින් පවරන ලද බරපතල වගකීමකට උර දී සිටින උත්තරීතර මිනිසුන් පිරිසකැයි ඔවුන් සිතනවා. එහෙත්, සියල්ල වෙනස් වන්නේ කුමන හෝ හේතුවක් මත පක්ෂයේ නායකයන් මෙකී සාමාජිකයා සමග බිඳුණු පසුවයි. නිහඬව යටත් වුණොත් යම් සමාවක් ලැබෙන්නට පුළුවන්. එහෙත්, යුක්තිය උදෙසා සටන් කළොත්, එම පුද්ගලයා දරුණු ද්‍රෝහියකු වෙනවා. මෙවැනි අයට භාවිතා කරන වචන තිබෙනවා. සමාජවාදී සමානතා පක්ෂයේ ශබ්දකෝෂය අනුව නම් භ්‍රෂ්ටයායි. ජවිපෙ, පෙසප හා සමාන්තර බලවේග කලෙක විමතිකයා යන වචනය පාවිච්චි කළා. විදින් ද වර්ල්වින්ඩ් චිත්‍රපටය කොමියුනිස්ට් පාක්ෂිකයන් අතර තිබෙන මානව සම්බන්ධකම්වල ස්වරූපය නිරූපණය කරන ආකාරය විශිෂ්ටයි. පක්ෂයේ වෛරයට පාත්‍ර වූ පුද්ගලයාගේ සැමියා, බිරිය, මව්පියන්, සොයුරු සොයුරියන්, මිතුරු මිතුරියන් පවා එම පුද්ගලයා පාවාදිය හැකියි. පක්ෂයේ උත්තරීතරභාවය තුළ කිසිදු මිනිසෙකු හෝ මිනිස් සම්බන්ධයක් වැදගත් වන්නේ නැහැ. සියලු මිතුරන් සතුරන් වන හැටිත්, සැමියා පවා පිටුපාන හැටිත්, සමස්ත පවුලම බිඳවැටෙන හැටිත්, මධ්‍යම පන්තික සුවපහසු නිවසක සිට තමන්ම ගොස් අඳුරු, සීතල සිරකුටියක ගාල් වන හැටිත්, පක්ෂය විසින් ඒකපාර්ශ්විකව චෝදනා ඉදිරිපත් කර නඩු විභාග කරන හැටි හා කෘර දඬුවම් පමුණුවන හැටිත්, කටුක සයිබීරියාවේ දුක්ඛිත ජීවිතයත් එව්ජීනියාගේ කතාවෙන් ඉදිරිපත් වෙනවා. ගොඩඑන්නට බැරි ජීවන අගාධයෙන් අවසානයේදී ඇය ගොඩඑන්නේ ආදරය නිසායි. පක්ෂ සංස්කෘතියෙන් බැහැර කරන ලද මිනිසුන් තුළ ගොඩනැගෙන සම්බන්ධකම්, වෛරය, තවමත් ඉතිරි වී තිබෙන පක්ෂ භක්තිය ආදිය ද චිත්‍රපටයේ යම් යම් ආකාරවලින් නිරූපණය වෙනවා. සිය පාක්ෂිකයන් පවා මේ අන්දමින් සංහාරය කරන්නට පෙළඹෙන මෙම මානසිකත්වය කොමියුනිස්ට් නොවන වෙනත් ජාතික සමාජවාදී පක්ෂවලත් දකින්නට පුළුවන්. විශේෂයෙන්ම දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය වැනි ජාතික විමුක්ති ව්‍යාපාර විසින් ඝාතනය කරන ලද තමන්ගේම සාමාජිකයන් සංඛ්‍යාව අතිවිශාලයි. පීඩිත ජනතාව තම නිදහස වෙනුවෙන් ව්‍යාපාර ගොඩනගාගත යුතුයි. ඒත් මෙවැනි අත්දුටු මරඋගුල් නැවත ශක්තිමත් නොකළ යුතුයි. Share this: Twitter Facebook Like this: Like Loading... Related Post navigation පසුපසින් එන නුඹ හෙල්පිං හම්බන්තොට සිට බේබි-81 දක්වා සුනාමි වංචා Related News Literature ඔයිල් පැල්ලමේ වික්‍රමය October 23, 2022 October 24, 2022 Art Poetry Politics ජාතික සුරංගනා අරමුදල March 18, 2022 March 18, 2022 Art Cinema කලාවේ පීඩිතයා, සමාජ ආර්ථික ප්‍රාග්ධන හිමියා හා සමාජවාදී අරගලය March 12, 2022 March 12, 2022 1 thought on “කොමියුනිස්ට් පක්ෂ තුළ මිනිස් සම්බන්ධකම් ගැන චිත්‍රපටියක්” Pingback: කොමියුනිස්ට් පක්ෂ තුළ මිනිස් සම්බන්ධකම් ගැන චිත්‍රපටියක් - TOPnews.LK Leave comment Cancel reply Your email address will not be published. Required fields are marked with *. Comment Full Name * Email Address * Website අනුග්‍රාහක නිවේදන Recent Comments Lakshman Jayasinghe on මැයි 9 සහ අරගලයේ කතාව සරලව කෙටියෙන් Lakshman Jayasinghe on බලය බෙදීමට මහින්දත් පක්ෂ ඇයි? Lakshman Jayasinghe on ලංකාවේ සිදුවෙමින් තිබෙන විප්ලවය කුමක්ද? Mahinda Abeysinghe on බලය බෙදීමට මහින්දත් පක්ෂ ඇයි? Sarath warnakulasuriya on මහින්දගේ අද දවසේ වැදගත්කම කුමක්ද? Archives Archives Select Month December 2022 November 2022 October 2022 September 2022 August 2022 July 2022 June 2022 May 2022 April 2022 March 2022 February 2022 January 2022 December 2021 November 2021 October 2021 September 2021 August 2021 July 2021 June 2021 May 2021 April 2021 March 2021 February 2021 January 2021 December 2020 November 2020 October 2020 September 2020 August 2020 July 2020 June 2020 May 2020 April 2020 March 2020 February 2020 January 2020 December 2019 November 2019 October 2019 September 2019 August 2019 July 2019 June 2019 May 2019 April 2019 March 2019 February 2019 January 2019 December 2018 Categories Categories Select Category Agriculture (23) Art (84) Cinema (10) Drama (1) Fiction (4) Literature (18) Poetry (11) Business (5) Cartoon (65) Children (3) Cinema (1) Comics (5) Communication (2) Corruption (11) Crime (65) Democracy (16) Development (34) Disaster (3) Economics (12) Economy (93) Education (38) Elderly (4) English (110) Environment (16) Events (4) Fashion (4) Food (7) Gender (1) Governance (72) Health (142) History (4) Human Rights (41) Industry (5) International (72) Kalutara (4) Land (2) Language (1) Law (41) Life (197) Literature (8) Matugama (17) Matugama.com (7) Media (51) Military (3) Music (8) Nature (1) News (178) Opinion (29) Panadura (8) People (97) Philosophy (6) Photos (13) Places (21) Poems (5) Politics (547) Press Releases (3) Religion (17) Satire (3) Science (15) Security (11) Sports (19) Tamil (2) Technology (9) Terrorism (1) Tourism (2) Transport (19) Travel (18) Uncategorized (16) Video (23) Wildlife (5) Women (16) Youth (3) සිංහල (283)
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් | ධර්ම දේශනාව: ත්‍රිවිධ රත්නයේ ගුණ අනන්තය යෙකෙචි බුද්ධං සරණං ගතාසෙ - නතෙ ගමිස්සන්ති අපායං - පහාය මානුසං දෙහං - දෙව කායා පරිපුරෙස්සන්ති, සනරාමර ලෝක සිවංකර අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක් සමයෙක්හි පන්සියයක් මහරහතන් වහන්සේලා පිරිවරකොට කපිලවස්තු නුවර මහ වනයෙහි වැඩ වසන සේක. එසමයෙහි දස දහසක් ලෝක ධාතූන් හි දෙවි දේවතාවෝ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ආර්ය ශ්‍රාවකයන් දැකීමට පැමිණියාහු ය. එසේ පැමිණි එක් දේවතාවෙක් මෙම ගාථාවෙන් බුදුන් සරණයාමේ ආනිශංස ප්‍රකාශ කළහ. යම් කෙනෙක් බුදුන් සරණ ගියාහු ද ඔවුහු අපායට නොයන්නාහ. ඒ බුදුන් සරණ ගියෝ මනුකය හැර දේව කාය සම්පූර්ණ කරන්නාහු ය. කල්ප ගණන් තිස්සේ බුද්ධ යන වචනය පවා අසන්නට නොමැතිව තිබිය දී කාලාන්තරයකින් මනුලොව පහළවන ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නිසා බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය ප්‍රකට වීමෙන් මනුලොව ප්‍රධාන දස දහසක් සක්වළ පුරාවට මංගල සම්මතයෙන් අසිරිමත් දෙතිසක් ප්‍රාතිහාර්යවලින් සියලු සත්වයන්ගේ චිත්ත සන්තාන ප්‍රසන්න වන්නාහ. සාදු නාදයෙන්, තුති පූජාවෙන් තුටු පහටු වන්නාහ. එවන් උතුම් තෙරුවන් සරණ යෑමෙන් ලබන ප්‍රතිවිපාක අනන්ත අප්‍රමාණ වන්නේ ය. අප බෞද්ධයන් වශයෙන් අන්‍ය ආගමිකයන් අතර අනන්‍යතාවයෙන් සිටීමට හේතුවන්නේ අවංක චේතනාවෙන්, අචල ශ්‍රද්ධාවෙන්, කුසල චෛතසිකයෙන් තෙරුවන් සරණ යාමයි. තිසරණ සරණ යාම පිළිබඳව ධර්මානුගත ශාස්ත්‍රීය අවබෝධයක් තිබිය යුතු වන්නේ ය. සරණ, සරණාගමන, සරණාගත, සරණාගමන ප්‍රභේද සරණාගමන ඵල, සංකිලේෂ යන කරුණු හය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නේ නම් වරක් ගත් සරණාගමනය ජීවිතාන්තය දක්වා නොනැසී පවතින්නේ ය. බුද්ධාදී රත්නත්‍රය සරණ යාමෙන් භය, ත්‍රාසය, දුක, පරිලාභ, හිංසනය, භීෂණය නැතිවන බැවින් සත්වයන්ට එකම පිහිට තිසරණ සරණයාම වන අතර එය පිහිට කරගෙන පළමුව, දෙවනුව, හා තෙවනුව සිත කය කැපකිරීම සරණාගමන නම් වන්නේ ය. සරණ ගිය තැනැත්තා සරණාගත නම් වන්නේ ය. ලෝ සත නැහැවූ සදහම් අමා වැස්ස සියලු බුදු ගුණයන්හි පිහිටා වදාළ සේක ධර්මය දැකීමෙන් බුදුරජාණන් වහන්සේ දකින්න මාර සංග්‍රාමය ජයගත් ශ්‍රේෂ්ඨ වීරයාණෝ අසිරිමත් ශාස්තෘන් වහන්සේ සත්‍ය දකින නුවණැස දියුණු කරන්න අකීකරු චේතිය රජු අපායෙහි ගිලුණු හැටි වෙසක් අව අටවක ජූනි 02 බදාදා පූ.භා 00.46 අව අටවක ලබා 03 බ්‍රහස් පූ.භා 01.13 ගෙවේ. බදාදා සිල් අව අටවක ජුනි 02 අමාවක ජුනි 09 පුර අටවක ජුනි 17 පසළොස්වක ජුනි 24 මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
එතනෝල් ඇතුළු මත්පැන් නිශ්පාදන අමුද්‍රව්‍ය ගෙන්වා ගැනිමේ අපහසුතාව හා හිඟය මත දේශීය මත්පැන් මිල ද විශාල මුදලකින් ඉහළ යාමට නියමිත බවයි වාර්තා වන්නේ. බොහෝ දුරට බහුලව භාවිත කරන අති විශේෂ බෝතලයක මිල රු. 1,000කට ආසන්න මිලකින් ඉහළ යාමට නියමිත බව ද වාර්තා වේ. මේ අතර සිගරට් මිලද රු.20කට ආසන්න මිලකින් ඉහළ යාමට නියමිත බවටත් මාධ්‍ය වාර්තා පළවී තිබේ. Facebook Twitter WhatsApp Messenger Viber TAGAlcohol and cigarette Alcohol and cigarette prices rise latest news srilanka Previous Postඉන්ධන පෝළිමේ සිටියදී තවත් අයෙකුට ජීවිතය අහිමිවෙයි Next Postඅනිද්දා සිට පෞද්ගලික බස් ධාවනයත් නවතින ලකුණු
කොවිඞ්-19 වසංගත තත්වය නිසා බැංකු වෙත ගෙවිය යුතු ණය වාරික සඳහා ලබාදෙන සහන සම්පූර්ණයෙන් ලබා නොදී, ණය නොගෙවන කාලසීමාව සඳහා පොලී මුදල් අය කිරීමට ඇතැම් බැංකු කටයුතු කරන බව අනිද්දා වෙත අදහස් දැක්වූ කිහිපදෙනෙක් පැවසූහ. ණය සහන ලබාගැනීම සඳහා බැංකු කළමනාකරුවන් සමඟ කතාබහ කළ ඇතැම් පුද්ගලයන්ට කළමනාකරුවන් වාචිකව පැහැදිලි කර ඇත්තේ ණය වාරික අය කරගත්තේ නැතත්, කොවිඞ්-19 වසංගතය පවතින කාලසීමාව වෙනුවෙන් පොලී ගණනය කරන බවය. ඒ අනුව වසංගත තත්වය අවසන් වූ පසුව එලෙස ගණනය වූ පොලී මුදල් අය කරගන්නා බව බැංකු කළමනාකරුවන් කියා ඇත. ඇතැම් පුද්ගලයන් එලෙස කළමනාකරුවන් කරන ලද පැහැදිලි කිරීම් පටිගත කර තිබුණි. ඊට අමතරව බැංකුවලින් ඇතැම් සහන ලබාගැනීම වෙනුවෙන් අපේ‍්‍රල් 30 වැනිදාට පෙර බැංකුව අමතා ඒ සඳහා ඉල්ලීම් කළ යුතු අතර ඒ පිළිබඳව නිසි ලෙස දැනුවත් නොවීම නිසා ඇතැම් පුද්ගලයෝ අපහසුතාවට පත්ව සිටිති. මහ බැංකුව නිකුත් කළ පුවත්පත් නිවේදනයෙහි අවසානයේ මෙසේ සඳහන් වී ඇත. ‘පවතින දුෂ්කරතා හමුවේ ඉහත සඳහන් ණය සහනයන්ගෙන් තමාට අවශ්‍ය සහන ලබාගැනීම සඳහා 2020 අපේ‍්‍රල් 30ට පෙර, තමන්ට අදාළ බැංකු ශාඛාවෙන් විමසන ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටී. තවද බැංකු විසින් මෙම යෝජනා ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව මහ බැංකුව විමසිල්ලෙන් පසුවනු ඇත.’ ප‍්‍රායෝගිකව බොහෝ පාරිභෝගිකයන් තම තමන්ගේ බැංකු ශාඛාවලට දූරකථන ඇමතුම් ලබාදෙනවාද, එලෙස ඇමතුම් ලබාදුන් පසු තමාට හිමි සහන නිසි ලෙස ලබාගත හැකිදැයි විමසීමට තරම් අවබෝධයක් තිබෙනවාද යන්න සිතාගැනීමට අසීරු තත්වයකි. කෙසේ වෙතත් තමන්ට හිමි සහන මොනවාදැයි මහ බැංකුවේ පුවත්පත් නිවේදන හා චක‍්‍රලේඛ කියවා තේරුම් ගැනීමත්, මහබැංකුවේ චක‍්‍රලේඛවලින් රිංගා යෑමට බැංකු කටයුතු කරනවාද යන්න සෙවීමත් දැන් පාරිභෝගිකයන්ගේ වගකීමක් වී ඇති බව පෙනේ. ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උපලේකම් කේසර කෝට්ටේගොඩවිතානගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මහ බැංකුව සහන රැුසක් ලබාදෙන බව නිවේදනය කොට, ඒ සහනවලට අදාළ උපදෙස් මූල්‍ය ආයතන වෙත නිකුත් කර ඇති නමුත් එම උපදෙස් අතරින් රිංගා යෑමේ හැකියාවක් බැංකුවලට තිබෙන බවය. ‘මහබැංකුව ලබාදුන් සහන කොටස් තුනකින් යුක්තයි. අලූත් ණය වර්ග ලබාදීම, දැනට හොඳින් ගෙවමින් පවතින ණය වර්ග සඳහා ලබාදුන් සහන සහ හිඟ සහිතව ගෙවමින් සිටි ණය වර්ග වෙත ලබාදුන් සහන කියන කොටස් තුනෙන් එම සහන සමන්විතයි. මේ සහන මහ බැංකුව ලංකාවේ මූල්‍ය ආයතනය වෙත නිකුත් කළ 2020 අංක 05 චක‍්‍රලේඛයෙනුත්, එයට සමගාමීව නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙනුත් විස්තර කර තිබෙනවා. කෙසේ වෙතත් මෙසේ ලබාදුන් ඇතැම් සහන සරලව විස්තර කළ නොහැකියි. එය මඳක් සංකීර්ණ බව කියන්න ඕනෑ. කෙසේ වෙතත් මා සරලව එය පැහැදිලි කරන්නම්. 2020 අංක 05 චක‍්‍රලේඛය අනුව ණය සහන ලබාදීමේදී විවිධ ආදායම් මට්ටම් වශයෙනුත් බෙදා දක්වා තිබෙනවා. විධායක හා විධායක නොවන වශයෙන් බෙදා තිබෙනවා. ඒ අනුව සහන වර්ග වෙනස් වෙනවා. ණය සහන ආදායම් මට්ටම අනුව මාස 2, මාස 3 හා මාස 6 වශයෙන් වෙනස් වෙනවා. ඊට අමතරව ලීසිං වර්ග හිඟ අයටත් මාස හයක සහනයක් ලැබෙනවා. ඊට අමතරව විදේශ වෙළඳාමට ණය සහ අයිරා පහසුකම් ලැබෙනවා. චෙක්පත් සඳහා ලැබුණු සහන තියෙනවා. කෙසේ වෙතත් මහ බැංකුවේ චක‍්‍රලේඛයෙහි, බැංකුවලට රිංගා යන්න පුළුවන් අපැහැදිලි තැන් තියෙනවා. ඉහත ණය සහන ලබාදෙන්නේ කොහොමද, ඒ ණය සහන වලට අදාල පොලී අය කරගන්න පුළුවන්ද, බැරිද වගේ ප‍්‍රශ්න තියෙනවා. මොකද බැංකු ණයක් ගෙවීමේදී අපේ වාරිකයක මූලික කොටස් තුනක් තිබිය හැකියි. එකක් අපි ලබාගත් ණය මුදල නැවත පියවීම. අනෙක පොලී අනුපාතය. වාරිකය රුපියල් දහසක් කියා හිතමු. එයින් වාරිකය රුපියල් 850ක් සහ පොලිය රුපියල් 100ක් විය හැකියි. ඊට අමතරව මීට පෙර වාරික ගෙවීමට ප‍්‍රමාද වූ නිසා එකතු වුණ දඩ මුදල් තියෙන්න පුළුවන්. දැනට හිඟ ණය සඳහා දඩ මුදල් ඉවත් කරන්නැයි මහ බැංකුවේ චක‍්‍රලේඛයෙන් උපදෙස් දීලා තියෙනවා. යම්කිසි ණයක් මෙම මාස හයක කාලසීමාව ඉවත් කරලා, මාස හයෙන් පසුව නැවත ගෙවීම සඳහා ප‍්‍රතිලේඛනගත කළ යුතුයි. ඒ අනුව අප ගෙවිය යුතු වාරිකයක වටිනාකම නැවත සකස් කළ යුතුයි. මෙසේ ප‍්‍රතිලේඛනගත කිරීමේදී බැංකුවට රිංගා යා හැකියි. උදාහරණයක් ලෙස අප වාරික නොගෙවා සිටින මාස කිහිපයේදී අපෙන් අයකරගත යුතු පොලී මුදලට මොකද වෙන්නේ. ඒ පොලී මුදල අපි නැවත ණය ගෙවන්නට පටන්ගත්තාට පසු, අය කරගනීවිද? උදාහරණයක් විදියට අපට ඉදිරි මාස හයේදී රුපියල් 6000ක පොලී මුදලක් ගෙවන්න තිබුණොත්, එතැනින් පස්සේ අපේ ණය වසර තුනකට ප‍්‍රතිලේඛනගත වුණොත් ඒ අවුරුදු හයේදී අවුරුද්දකට රුපියල් 2000 ගාණේ ගෙවන්නට සිදුවේවිද කියා පැහැදිලිව කියා නැහැ. අපට වාර්තා වෙන විදියට සමහර බැංකු ණය සහන ලබාදුන් කාලසීමාව සඳහා පොලී අයකරන බව. ඒ අනුව සමහර බැංකු ඉදිරි මාස හය වෙනුවෙන් පොලිය ගණනය කරනවා විය හැකියි. මේ තත්වය ගැන බැංකු සේවක සංගමය විදියට අපට තියෙන අදහස මේකයි. මේ අසීරු කාලසීමාවෙහි බැංකුවල පාරිභෝගිකයන් සඳහා උපරිම සහන ලබාදීමට කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම සාධාරණ ලෙස ණය වාරික ගෙවූ පාරිභෝගිකයන්ටත්, සාධාරණ හේතු මත ණය වාරික පැහැරහරින ලද පාරිභෝගිකයන්ටත් ඒ සහන ලැබිය යුතුයි. අප තේරුම් ගන්න ඕනෑ සමහර පාරිභෝගිකයන් සිතාමතා ණය ගෙවීම පැහැර හරිනවා. ඒත් තවත් සමහර අයට සාධාරණ හේතු මත ණය ගෙවීමට අසීරු තත්වයන් උදා වෙනවා. ණය මුදලකින් බෝට්ටුවක් මිලදී ගත් ධීවරයෙක් කියා හිතමු. ඔහුගේ බෝට්ටුවේ යම්කිසි දෝෂයක් නිසා මුහුදු යන්න බැරිව, ණය වාරික පැහැරහැරීමක් සිදුවෙලා තිබුණොත් ඔහුට සාධාරණ හේතුවක් මත තමයි වාරික ගෙවන්න බැරිවෙලා තියෙන්නේ. ඒ අයට උපරිම සහන ලැබෙන්න ඕනෑ. මේ අතරේ බැංකුවල පැවැත්ම ගැන මහ බැංකුව කල්පනා කරලා, අවශ්‍ය සහන ලබාදෙන්නත් ඕනෑ. බැංකු පවතින්නේ පොලීවලින් ලැබෙන ලාභය මත. ඒ අනුව බැංකුවල පැවැත්ම ගැනත් කල්පනා කරමින් සහන සැලසිය යුතුයි.’ මාර්තු 31 වැනිදා බැංකුවලින් ලබාදෙන ණය සහනවලට අදාළව මහ බැංකුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි. එම නිවේදනයෙහි මහ බැංකුව මූල්‍ය ආයතන වෙත ලබාදී ඇති උපදෙස් සඳහන් කර තිබුණි. එම නිවේදනය අනුව මාර්තු 31 වැනිදා ණය සහන ලබාදුන්නත්, විශාල පිරිසකගේ අපේ‍්‍රල් මස වැටුපෙන් ණය වාරික කපාගැනීමට බැංකු කටයුතු කර තිබුණු බව මීට පෙර වාර්තා විය. කෙසේ වෙතත් එලෙස කපාගත් ණය වාරික නැවත ලබාදෙන බව පසුව ඇතැම් බැංකු ප‍්‍රකාශයට පත්කර තිබුණි. එහෙත් නව අවුරුදු සමහ හා වසංගතය නිසා අසීරු තත්වයක සිටි සමයක වාරික කපාගැනීම බොහෝ දෙනෙකුට ආර්ථික ප‍්‍රහාරයක් වී තිබුණි. පසුව වාරික නැවත ලබාදුන්නත්, හානිය සිදුවී හමාරය. හානිය සිදුවීමට පෙර වළක්වාගැනීමට මහ බැංකුව අසමත් විය. විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන් වෙත ලබාදීමට නියමිතව තිබුණු උත්සව දීමනාද මෙලෙස ණය සහන ලබාදෙන බව කියමින් කපා දමා තිබුණි. පෞද්ගලික ආයතන රැුසක පවා ප‍්‍රායෝගික හේතු නිසා උත්සව දීමනා ලබා දී තිබුණේ නැත. ලංකාවේ බොහෝ මිනිසුන් උත්සව දීමනා ගන්නේ ‘පාටි’ දමන්නට නොවේ. ජීවත්වෙන්නටය. මෙවැනි තත්වයන් යටතේ ජනතාවට ලැබිය යුතු මූල්‍ය සහන ගැන රජය මීට වඩා වගකීමකින් කටයුතු කිරීම වැදගත් බව අපගේ අදහසය. Tags gotabaya rajapaksha ravaya Ravaya Newspaper Ravaya Newspaper Ravaya Anidda e Paper Mahithripala sirisena කේ. සංජීවelection අනිද්දා අනිද්දා පුවත්පත අනිල් ජාසිංහ කොරෝනා කොවිඩ්19 ගුවන් ටිකට්පතක් ගෝඨාභය රාජපක්ෂ ඡන්ද තීන්දුව ජනපති අතේ නැත ජනපති ජන්දය ජයදේව උයන්ගොඩcorona පුවත් පොලිස්පති මත්පැන් අත්‍යවශ්‍ය භාණ්ඩයකි මහබැංකුවේ උපදෙස්වලින් රිංගා බැංකු පොලී අයකරයි මහින්ද දේශප්‍රිය මහින්ද රාජපක්ෂ මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ කොමිසම මැතිවරණය මැතිවරණයanidda රාවය රාවය පුවත්පත ලාංකික සිසුන්ගේcovid 19 වසංගතය ව්‍යවස්ථා සභාවට.රාවය.රාවය පුවත්පත.Anidda Newspaper Share Facebook Twitter Pinterest WhatsApp Countribute Anidda Newspaper Previous articleරාජ්‍ය දේපළ අවභාවිතය ගැන නව චක‍්‍රලේඛයක් නිකුත් කරන්න- ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්
දැන් කාලෙ හැමෝම එකේක විධියට අනාවැකි කියන එකේ Roar අපිත් තීරණය කළා මුත්‍රාවල වර්ණය අනුව අනාවැකියක් කියන්න. ගුරු මුෂ්ඨි නැතුව ඔන්න ඔබට ම නිවසේදී ම බලාගන්න ක්‍රමයක් තමයි මේ කියන්නේ (නැත්නම් තැපෑලෙ එහෙම අපිට කුප්පි එවන්න එපා හොඳේ). මේ ගුරුකමෙන් හැබැයි ජොබ් එකක් ලැබෙයිද එහෙම නැත්නම් ගෑණු ළමයෙක් යාළුවෙයිද වගේ දේවල් නම් කියන්න අමාරුයි, ඒත් ඒ දෙක ම ලබාගන්න ජීවත් වෙලා ඉන්න පුළුවන් ද කියලා නම් ටක්කෙට ම කියන්න පුළුවනි. (viralportal.net) පොඩි කාලෙ අම්මා හරි තාත්තා හරි ළඟට ගිහින් කාටවත් ඇහෙන්නැති වෙන්න රහසින් චූ බරයි කියපු අයත් පී-පී-තාරා කියලා පොෂ් තාලෙට ඩැඩීට කියපු අයත් මේක කියවනවා ඇති. ඒත් දවසක් බස් එකේදි නම් පොඩි එකෙක් මහා සද්දෙට, අම්මේ.. කියලා ඕක කියපු වෙලාවෙ මට වගේ ම වටේ හිටපු අයට ලැජ්ජ හිතුණා. කටපාඩමින් ඒකට ලැජ්ජ වෙන්න අපි ඉගෙන ගෙන තිබුණාට ලොකු පන්තිවලදි ඉගෙන ගත්තා ම තමයි තේරෙන්නෙ නයිට්‍රජනීය බහිස්‍රාවය සියළු සත්ත්වයෝ ම කරන බවත්, ලැජ්ජ වුණා කියලා නොකර ඉන්න එක නම් ඇඟට ගුණ නැහැ කියලා. කොයි බරත්, උස්සගෙන ඉන්නවාට වඩා නිදහස් වුණා ම දැනෙන සනීපෙ නම් සල්ලිවලට ගන්න බැහැ මහත්තයො. නීරෝගී පුද්ගලයෙකුගේ සාමාන්‍ය මුත්‍රා වර්ණය වන්නේ, පිදුරු වර්ණයයි. හැබැයි මුත්‍රා අවර්ණ වුණොත් ඉන් කියැවෙන්නේ ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා වතුර පානය කර ඇති බව යි. ඒකෙ කිසි වැරැද්දක් නැහැ, මොකද අපේ ශරීරයෙන් සියයට 70ක් ම පමණ ජලය තිබෙන නිසා පිපිඤ්ඤා ගෙඩියක් වගේනේ. ඒකට ඉතින් ප්‍රශ්ණයක් වුණොත් වෙන්නේ වතුර අඩු වුණෝතින් තමයි. ඒ හින්දා අවර්ණ මුත්‍රා ගැන බය වෙන්න දෙයක් නැහැ, ඒත් වතුර අඩුවෙන් බිව්වොත් නම් මුත්‍රාවල වර්ණය තද කහ පැහැ වෙනවා. එහෙම නිතර වෙන්න දෙන එක නම් ලෙඩ ගොඩකට දවල් කෑමකට ආරාධනා කළා වගේ තමයි. (huffpost.com) මුත්‍ර මාමයිට් පාට වුණොත් වහා ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕන. එවන් තද කළු-දුඹුරු වර්ණයක් එන්නේ වතුර අඩුවෙන් පානය කළාම හා අක්මාවේ ආසාදනයක් එනම්, හෙපටයිටීස් හෝ සිරෝසිස් වැනි රෝග තත්වයක් ඇති වුණාමයි. අක්මාවේ ප්‍රදාහයට පත් සෛල එකතු වීම හෙපටයිටීස් ලෙස හඳුන්වනවා. එය හමේ හෝ ඇස්වල අමුතු කහ පැහැයක් ඇතිවීමෙන් සහ ආහාර අරුචිය ඇතිවීමෙනුත් හඳුනාගන්න පුළුවන්. අක්මාවට දීර්ඝ කාලීනව හානි පැමිණීම නිසා සිරෝසිස් ඇති වෙනවා. මත්පැන් සහ හෙපටයිටීස් බී නිසා ඇතිවන සිරෝසිස්; නිතර දැනෙන තෙහෙට්ටුව, වෙහෙස බව සහ කසන සුළු කහ පැහැති සමෙන් ද හඳුනා ගන්නට පුළුවන්. එහිදී මෙම මුත්‍රාවල කළු වර්ණයට හේතු වෙන්නේ බිලිරුබීන් මුත්‍රාවලට එක් වීමෙනුයි. බිලිරුබීන් වලින් තමයි අක්මාවේදී රුධිර සෛල බිඳ දමන්නේ. මලපහවල සාමාන්‍ය දුඹුරු පැහැය ලබා දෙන්නේත් එයමයි. බීටා කැරොටීන් හෝ විටමින් B සහිත දේවල් හෝ රයිබොෆ්ලේවීන් හෙවත් විටමින් B2 වැඩිපුර ගත්තොත් ඒවා ජලයේ පහසුවෙන් දිය වෙන නිසා ශරීරයට අවශෝෂණය කරගන්නට බැරි හෝ වැඩිමනත් දේ එක්වීමෙන් මුත්‍රාවල වර්ණය දීප්තිමත් තැඹිලි හෝ කහ වර්ණයට හැරෙනවා. හැමවිට ම මුත්‍රා කටුස්සෙක් වගේ පාට කරපු පලියට ම භය වෙන්න දෙයක් නැහැ. බොහෝ අවස්ථා වලදී අපි ගන්නා ආහාරපාන හෝ බෙහෙත් වර්ග අනුව එහි වර්ණය වෙනස් වන්නට පුළුවන්. මේ විධියට බීට් වැනි ආහාර පමණ ඉක්මවා ආහාරයට ගත්තොත් මුත්‍රා රතු පැහැ ගැන්වෙන්න පුළුවන්. ඒ වගේම පමණ ඉක්මවා දිගු දුරක් එක දිගට දිව්වත් එහෙම වෙන්න පුළුවන්. හැබැයි එහෙම නැතිව රත්පැහැ වුණොත් ඉන් කියැවෙන්නේ රුධිර ගැලීමක්, ආසාදනයක්, විසප්පුවක්, ප්‍රොස්ටේට් ග්‍රන්ථියේ ඉදිමීමක්, මුත්‍රාශයේ ගලක් පමණක් නෙවෙයි එය පිළිකාවක් දක්වා ම දිවෙන්න පුළුවන්. හදිස්සියෙවත් Smurfs කතාවෙ ඉන්න අය වගේ මුත්‍රා නිල් පාට හෝ Arrow වගේ කොළ පාට වුණොත් ඒ අනිවාර්යයෙන් ම ආහාර වර්ණක හෝ ඖෂධයක් නිසා තමයි. ඒ ඖෂට අතරින් කිහිපයක් ලෙස ප්‍රතිබැක්ටීරියා, ප්‍රතිහිස්ටැමීන්, වමනය නවතන ඖෂධ හා ආමාශයේ ආම්ලික බව අඩු කරන දේ දක්වන්නට පුළුවන්. හැබැයි අත දරුවෙකුගේ එවන් මුත්‍රා වර්ණයක් දකින්න ලැබුණොත් ඒ ගැන වෛද්‍යවරයෙක්ට දැනුම් දෙන්නට ඕන. එය ජානමය ගැටළුවක් වන හාට්නප් හෝ බ්ලූ ඩයපර් සින්ඩ්‍රෝමය වන්නට පුළුවන්. (amanda-jensen.com) වර්ණ හැරුණා ම ඇතැම්විට මුත්‍රා පෙණ සහිත වන්න පුළුවන්. ඒ කාය වර්ධන ප්‍රෝටීන් පාන වර්ග වැනි අධික වශයෙන් ප්‍රෝටීන් අඩංගු දේවල් ශරීර ගත වුණා ම ශරීරයට අවශෝෂණය කරගත නොහැකි වැඩි ප්‍රෝටීන ප්‍රමාණය ඊට හේතු වෙනවා. එහෙත් එසේ නොකරත් දිගට ම මෙය පැවතුණොත් වෛද්‍යවරයෙකු හමුවීම යෝග්‍ය යි. මොකද, වකුගඩු ආබාධ නිසා ශරීරයේ තිබෙන ප්‍රෝටීන මුත්‍රාවලට එක්වීමෙන් එසේ සිදුවන්න පුළුවන් නිසා යි. එහෙනම් ඉතින් මින් පස්සේ සින්දු කිය කිය හතර වටේ බල බලා මුත්‍රා කරන්නෙ නැතිව ‘දේදුන්න සේ ම නීල ආකාසේ’ මුත්‍රාවලට පැස්ටල් පෙට්ටියෙන් පාටක් ඇවිත් තිබුණොත් ටිකක් ඒ ගැන අවධානය යොමු කරන්න තරම් ඔබට දැන් දැනුමක් තිබෙනවා. මුලාශ්‍රය: iytmed.com කවරයේ පින්තුරය: ehp.niehs.nih.gov/ Related Articles එතෙර වීමට අපහසු ලොව භයානකම පාලම් කිහිපයක් article ලිස්ට් ඔක්තෝබර් 30, 2017 ලොව ශීතල ම දේශගුණය පවතින ස්ථාන 5 ක් article ලිස්ට් මැයි 7, 2022 ජුරාසික් පාර්ක් සිනමාපට පෙළ article ලිස්ට් ජනවාරි 22, 2018 ක්‍රීඩා උත්සව ඉලක්ක කර එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර 4ක් article ලිස්ට් නොවැම්බර් 10, 2017 ලොව මාරාන්තිකම කෘමීන් 5 දෙනෙක් article ලිස්ට් දෙසැම්බර් 1, 2017 2018 නැරඹිය යුතුම හොලිවුඩ් සිනමාපට කිහිපයක් article ලිස්ට් ජනවාරි 5, 2018 ශ්‍රී ලංකාව තුළ 90 දශකයේ දී ජනප්‍රිය වුණු ටෙලිනාට්‍ය 3ක් article ලිස්ට් මාර්තු 28, 2022 රුසියාව ආක්‍රමණය කර පරාජය වුණ පාලකයෝ article ලිස්ට් ඔක්තෝබර් 11, 2017 Roar සිංහල Roar Media is a South Asian multilingual media platform that produces original stories and provides analysis on complex issues. All our content aims to inform, educate, and inspire.
IOS 6 හි අපට තිබුණි Wraparound, අපට ස්ප්‍රින්ග්බෝඩ් හි අවසාන පිටුවේ සිට ස්පොට් ලයිට් වෙත යාමට ඉඩ දුන් වෙනස් කිරීමකිs, නමුත් එය කිසි විටෙකත් iOS 7 වෙත යාවත්කාලීන නොවීය. දැන් iOS 7 හි දිස්වේ මොබියස්, තවත් එක පිටුවක් ලෙස අපට තවදුරටත් ස්පොට් ලයිට් නොමැති බව සමග ඉතා සමාන වෙනස් කිරීමකි ස්වයිප් ස්ප්‍රින්ග්බෝඩ් හි අවසාන පිටුවේ සිට පළමු පිටුවට කෙලින්ම යයි, සහ ප්‍රතිලෝමව සමාන වේ: පළමු සිට පසුපසට ලිස්සා යාමෙන් අපට යෙදුම්වල අවසාන පිටුවට කෙලින්ම යා හැකිය. තව දුරටත්, මොබියස් අපගේ පමණක් නොවේ ස්ප්‍රින්ග්බෝඩ් «අනන්තය», චක්‍රීය හෝ රවුම් ලෙස, ඔබට එය හැඳින්වීමට අවශ්‍ය ඕනෑම දෙයක්; එය ද බලපායි ෆෝල්ඩර. අපගේ ෆෝල්ඩරවල පිටු නිමක් නැති ලෙස පිරික්සීමට අපට හැකිය. සරලම දෙය නම් එය වීඩියෝවෙන් දැකීමයි, මෙන්න මම ඔබට පැහැදිලිව දැකීමට එකක් තබමි: එය ඔබට හොඳ අදහසක් සේ පෙනේ ඔබට ස්ප්‍රින්ග්බෝඩ් හි පිටු බොහොමයක් තිබේ නම් හෝ ෆෝල්ඩර වල ඇති බොහෝ යෙදුම් සහ ප්‍රධාන එක වෙත ආපසු යාමට ඔබට මුල් බොත්තම භාවිතා කිරීමට අවශ්‍ය නැත, ඔබ බොහෝ දෙනෙක් අනුකරණය කිරීම සඳහා අතථ්‍ය නිවාස හෝ සක්‍රියකාරක වැනි වෙනස් කිරීම් ස්ථාපනය කර ඇති බව මම දනිමි. මුල් පිටුව බොත්තම භාවිතා කිරීම. අපගේ Youtube චැනලය Subscribe කරන්න ප්‍රවේශම් වන්න එය අනුකූල වේ වැනි වෙනස් කිරීම් සහ tweaks විශාල සංඛ්‍යාවක් සමඟ වසන්තය 3 ඕ අනන්ත බහාලුම්, ඒත් එය අනුකූල නොවේ අනෙක් අය තරම් ජනප්‍රියයි බැරලයක මිල. එය ස්ථාපනය කිරීමට පෙර ඔබට Cydia හි ඇති සියලුම අනුකූලතා හා නොගැලපීම් දැකිය හැකිය. එය අපගේ අයිෆෝන් වෙත කිසිදු අයිකනයක් හෝ සැකසීමක් එක් නොකරයි, එබැවින් අපට එය අක්‍රිය කිරීමට අවශ්‍ය නම් අපට සයිඩියා වෙත ගොස් එය සොයාගෙන එය සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුය. ඔබට එය බාගත කළ හැකිය නිදහස් Cydia හි, ඔබ එය සංවර්ධක ටයිලර් කැසන් http://repo.tylercasson.com හි ගබඩාවේ සොයා ගනු ඇත. ඔබ එය කළ යුතුයි ජේල් රයිස් ඔබගේ උපාංගයේ, එය සහය දක්වන්නේ iOS 7 ට පමණි. වැඩි විස්තර - රැප්රවුන්ඩ්: ස්ප්‍රින්ග්බෝඩ් හි අවසාන පිටුවේ සිට ස්පොට් ලයිට් වෙත ගොස් අනෙක් අතට (සීඩියා) ලිපියේ අන්තර්ගතය අපගේ මූලධර්මවලට අනුකූල වේ කතුවැකි ආචාර ධර්ම. දෝෂයක් වාර්තා කිරීමට ක්ලික් කරන්න මෙන්න. ලිපියට සම්පූර්ණ මාර්ගය: අයිෆෝන් ප්‍රවෘත්ති » හදිසි ජාවාරමක් » Cydia » මොබියස්: ඔබේ ස්ප්‍රින්ග් බෝඩ් අසීමිත කරන්න (සීඩියා) ඔබ උනන්දු විය හැකිය අදහස් දක්වන්න, ඔබේ අදහස් තබන්න ඔබේ අදහස තබන්න පිළිතුර අවලංගු කරන්න ඔබේ ඊ-මේල් ලිපිනය පළ කරනු නොලැබේ. අවශ්ය ක්ෂේත්ර දක්වා ඇති ලකුණ * අදහස් * නම * විද ත් තැපැල් * මම පිළිගන්නවා රහස්‍යතා නියමයන් * දත්ත සඳහා වගකිව යුතු: AB අන්තර්ජාල ජාල 2008 SL දත්තවල අරමුණ: SPAM පාලනය කිරීම, අදහස් කළමනාකරණය. නීත්‍යානුකූලභාවය: ඔබේ කැමැත්ත දත්ත සන්නිවේදනය: නෛතික බැඳීමකින් හැර දත්ත තෙවන පාර්ශවයකට සන්නිවේදනය නොකෙරේ. දත්ත ගබඩා කිරීම: ඔක්සෙන්ටස් නෙට්වර්ක්ස් (EU) විසින් සත්කාරකත්වය දක්වන දත්ත සමුදාය අයිතිවාසිකම්: ඕනෑම වේලාවක ඔබට ඔබේ තොරතුරු සීමා කිරීමට, නැවත ලබා ගැනීමට සහ මකා දැමීමට හැකිය. මට පුවත් පත්‍රිකාව ලැබීමට අවශ්‍යයි Pepito ප්රකාශ කළේය කරන්න 9 වසර ඉතා හොඳ වෙනස් කිරීමක්, එය පවතින බව මම දැන සිටියේ නැත පෙපිටෝට පිළිතුරු දෙන්න IOS 7 හි පසුබිම් යෙදුම් යාවත්කාලීන කිරීමේ විකල්පය සංවර්ධකයින් සඳහා මිල අධික විය හැකිය ඔබගේ බැටරි ආයු කාලය දෙගුණ කිරීමට බැට්සේවර් පොරොන්දු වේ (සීඩියා) ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනයේ ප්‍රවෘත්ති ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනයේ නවතම iPhone ප්‍රවෘත්ති ලබා ගන්න නම විද්යුත් තැපෑල දිනපතා පුවත් පත්‍රිකාව සතිපතා පුවත් පත්‍රිකාව මම නීතිමය කොන්දේසි පිළිගන්නවා ↑ ෆේස්බුක් ට්විටර් Youtube Pinterest විදුලි පණිවුඩ විද්‍යුත් තැපෑල RSS RSS පෝෂණය මම මැක් වලින් ඇපල් මාර්ගෝපදේශ Android උදව් ඇන්ඩ්‍රොයිඩ් Android මාර්ගෝපදේශ සියලුම Android ගැජට් ප්‍රවෘත්ති ජංගම සංසදය ටැබ්ලට් කලාපය වින්ඩෝස් ප්‍රවෘත්ති ජීවිත බයිට් නිර්මාණ ඔන්ලයින් සියලුම ඊ රීඩර්ස් නිදහස් දෘඩාංග ලිනක්ස් ඇබ්බැහි වූවන් උබුන්ලොග් ලිනක්ස් වෙතින් WoW මාර්ගෝපදේශ වංචා බාගත කිරීම් මෝටර් පුවත් බෙසියා Spanish Afrikaans Albanian Amharic Arabic Armenian Azerbaijani Basque Belarusian Bengali Bosnian Bulgarian Catalan Cebuano Chichewa Chinese (Simplified) Chinese (Traditional) Corsican Croatian Czech Danish Dutch English Esperanto Estonian Filipino Finnish French Frisian Galician Georgian German Greek Gujarati Haitian Creole Hausa Hawaiian Hebrew Hindi Hmong Hungarian Icelandic Igbo Indonesian Irish Italian Japanese Javanese Kannada Kazakh Khmer Korean Kurdish (Kurmanji) Kyrgyz Lao Latin Latvian Lithuanian Luxembourgish Macedonian Malagasy Malay Malayalam Maltese Maori Marathi Mongolian Myanmar (Burmese) Nepali Norwegian Pashto Persian Polish Portuguese Punjabi Romanian Russian Samoan Scottish Gaelic Shona Serbian Sesotho Sindhi Sinhala Slovak Slovenian Somali Spanish Sudanese Swahili Swedish Tajik Tamil Telugu Thai Turkish Ukrainian Urdu Uzbek Vietnamese Welsh Xhosa Yiddish Yoruba Zulu
කුජ ශුක්‍ර - චන්ද්‍ර ශනි -ශුක්‍ර ගුරු ත්‍රිකෝණ දෘෂ්ටිය ශුක්‍ර චන්ද්‍ර- චන්ද්‍ර ශනි චතුර් කෝණ දෘෂ්ටිය ගුරු ශනි රවි චන්ද්‍ර ෂඩ් කෝණ දෘෂ්ටිය සමඟ රවි බුධ ආදිත්‍ය - දාමිණි යෝග මූලාශ්‍රව තෙදැති බලැති සූර්ය දිව්‍ය රාජයා උපේන්ද්‍ර යෝග බලැතිව සිංහ රාශියේ ඔටුණු පැළඳුවේ ය. දක්ෂිණායන වර්ෂා ඍතුවෙහි 01 භාග නිකිණි මස අව සැටවක තිථිය ලත්බුධ දින මා 1 2 3 4 පුවපල් 1 2 3 4 උත්‍රපල් 01 පාද නවයක් පුරාවට සැප්තැම්බර් 17 උදෑසන වන තෙක් සිංහ රාශිය මේෂ නවාංශකය ආශ්‍රිතව සිංහ රාශිය මේෂ නවාංශකය යෙදෙන අගෝස්තු 17 බුධ දින රාජ්‍ය කාරක රවි ග්‍රහයා පෙරවරු 7. 23ට රවි හිමි සිංහ රාශියෙහි ඔටුනු පැලැඳූවේය. නැගෙනහිර ක්ෂිතිජයෙහි රවි හිමි සිංහ රාශි උදාවෙහි ස්වක්ෂේත්‍රව මූල ත්‍රිකෝණව රවි ග්‍රහයාද ඥානකාරක බුධ මිත්‍රශීලීව ද කේතු සතුරුව චන්ද්‍රයා සමව තුන්වැන්න වූ වික්‍රම ස්ථානගතව ද වක්‍ර සෙනසුරු ස්වක්ෂේත්‍රව ද වක්‍ර ප්ලූටෝ සතුරුවද සතුරු රෝග ස්ථානයක් වූ 6 වැන්නේ ද වක්‍ර නැප්චූන් ස්වක්ෂේත්‍රව මූල ත්‍රිකෝණව වක්‍ර ගුරු ස්වක්ෂේත්‍රව 8 වැන්න වූ මෘත්‍යු ස්ථාන ගතව ද රාහු සතුරුව යුරේනස් සමව අඟහරු දහ වැන්න වූ කර්මස්ථානගතව ද ශුක්‍ර ග්‍රහයා මාන්දි ග්‍රහයා ද වෙමින් 03-10 අධිපති දොළොස් වැන්න වූ වැය ස්ථාන ගතවද අඟහරු විසිදෙවැනි මාරක දෙර්කාණාධිපතියා සහ බාධක ග්‍රහයා ලෙසට ද යෙදී විශ්ව තාරකා මන්දාකිණිය නිර්මාණය විය. මෙම ග්‍රහචාරය අනුව රාජ්‍ය තන්ත්‍රයේ ඵලදායි පෙළගැස්මක් දක්නට ලැබෙයි. පෞද්ගලික වෘත්තීන් ආශ්‍රිතව ද ව්‍යාපාර කටයුතු සාර්ථකව සක්‍රීය වීම සිදුවේ. නිර්නාමික මෙන්ම නාමික සතුරු බලවේග ද මේ අතර ක්‍රියාත්මක විය හැකිය. සංස්කෘතියේ යම් පිබිදීමක් දැකගත හැකිවේ. සංචාරක ව්‍යාපාරය ද දියුණුවකට මංපෙත් විවර වෙයි. දේශීය නිෂ්පාදන ධාරිතාවය මුවහත් වීම අඩු ආදායම්ලාභීන්ගේ ආදායම් තත්ත්වය ඉහළ යාම මෙම ග්‍රහචාරයට අනුව බලාපොරොත්තුª විය හැකිය. සෞඛ්‍ය, අධ්‍යාපන සමෘද්ධියට නව ගමන් මඟක් ඇරඹීම මෙම කාල සීමාවේදී දක්නට ලැබේ. ධනයෙන් බලයෙන් අභිමානයෙන් ප්‍රතාපවත් දරු දැරියන් පිරිසක් ඉපදීම ද මේ කාලයේ බලාපොරොත්තු විය හැක. රටේ පැවැති උද්ඝෝෂණ කැලඹිලි විරෝධතා නිර්මාණය වීම දුර්වල වී යාම ද දැකිය හැකිය. සිංහ රවියෙහි ගුණාත්මක මෙන්ම ධනාත්මක බවක් සෞරග්‍රහ මණ්ඩල කිරණයන් වෙතින් විශ්වයට ඇදහැලෙන බවක් පෙනී යන්නකි. මෙම කාලසීමාවේ දී විනාශකාරී ක්‍රියාවන් මර්දනය වෙමින් විශ්වය පාලනය වෙයි. ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි Your name කාරණය Comment * CAPTCHA This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions. Math question * 3 + 5 = Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4. Leave this field blank ෴ සබැඳි ලිපි ෴ ඔබේ ලග්නය වෘෂභ නම්... චරිත ලක්ෂණ රැකියාව විවාහය රෝගාබාධ මරණය මෙසේ විය හැකියි. ගොනෙකුගේ රුව සංකේතවත් කරන වෘෂභ රාශිය තාරකා 23කින් සමන්විත වන කැති නැකතේ පාද තුනක්ද... 2022-12-01 18:30:00 කතරගම දෙවියන් හා බැඳුණු ජනප්‍රවාද වල්ලි දෙවඟන හා කඳ කුමරුවන් වල්ලි දේවාලයට පැමිණෙයිකතරගම වල්ලි දේවාලය යනු කතරගම මහා දේවාලය තරම්ම පැරණි, වල්ලි දෙවඟන වෙනුවෙන්ම ඉදි කළ ස්ථානයක්. කතරගම... 2022-12-01 18:30:00 මීන ලග්නයට හිමි රැකියා මීන ලග්නයට හිමි රැකියා ගැන බැලීමේ දී ලග්නාධිපති හා දහවැන්නාධිපති වන ගුරු ගැන බැලිය යුතුයි. මීන රාශිය ආපෝ ගුණයෙන් යුත් උභය රාශියකි. එකිනෙකට වෙනස්... 2022-12-01 18:30:00 කතරගම දෙවියන් හා බැඳුණු ජනප්‍රවාද කඳසුරිදු මල් මාලයේ හාස්කම කතරගම දේවාලය පසුබිම් කර ගෙන පුදුම දේවල් සිද්ධ වෙනවා. කතරගම දේවාලය මුල් කර ගෙන සෑම වසරකදීම පෙරහැර මංගල්‍යයන් තුනක් පැවැත් වෙනවා. ඒ පෙරහැරට අලි ඇතුන්... 2022-11-24 18:30:00 කුම්භ ලග්නයට හිමි රැකියා කුම්භ ලග්නයට හිමි රැකියා ගැන බැලීමේදී ලග්නාධිපති ශනිත් දසවැන්නාධිපති කුජ ගැනත් බැලිය යුතුය. කුම්භ රාශිය වායෝ ගුණයෙන් යුත් තිර රාශියකි. කුම්භ ලග්න... 2022-11-24 18:30:00 මකර ලග්නයට හිමි රැකියා මකර ලග්නයට හිමි රැකියා ගැන බැලීමේ දී ලග්නාධිපති ශනිත් දහවැන්නාධිපති සිකුරු ගැනත් බැලිය යුතු ය. මකර රාශිය පඨවි ගුණයෙන් යුත් චර රාශියකි. මකර ලග්න... 2022-11-17 18:30:00 ග්‍රහයන්ගේ වක්‍ර වීම ඔබේ ලග්නයට බලපාන්නේ කෙසේද? ග්‍රහයෙක් වක්‍ර වීම යන්න මේ දිනවල ඔබ නිතර අසනු ලබන දෙයකි. එසේ වක්‍ර වීම ඔබේ ලග්නයට කෙසේ බලපාන්නේ ද කියා විමසා බැලීම මේ ලිපියේ අරමුණයි.ග්‍රහයාගේ... 2022-11-17 18:30:00 ග්‍රහයෝ කියන රෝග යෝග ජන්ම පත්‍රයේ 6 වැනි රාශියෙන් රෝග ගැන කරුණු අනාවරණය කර ගැනීමට උගත් ඡ්‍යෝතිෂවේදියාට හැකියාවක් ඇත. එමෙන්ම භාවවල හැඩරුව අනුසාරයෙන් ද වා පිත් සෙම්... 2022-11-17 18:30:00 බුධ හා සිකුරු අතර ප්‍රබල ග්‍රහ සටනක් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු දියුණුව ඇති වේ ධනාත්මක බවකින් යුතුව ආර්ථික නිෂ්පාදන කටයුතු සිදුවන කාල පරාසයකි කෘෂිකාර්මික හා කාර්මික අංශයන්හි නව... 2022-11-17 18:30:00 ඔබේ ජීවිතයේ ප්‍රශ්න ද? විවාහ ප්‍රමාද ද? ගැටලුද? මෙන්න නොවරදින ඡ්‍යෝතිෂ විසඳුම් ග්‍රහ අපල දුරුවීමට වත්පිළිවෙත් ඔබේ ජීවිතයේ ප්‍රශ්න, ගැටලු, විවිධ කරදර, බාධා හා විවාහ ප්‍රමාදවීම් වැනි විවිධ ග්‍රහ අපල හේතුවෙන් සිදුවන බාධා සඳහා තම... 2022-11-10 18:30:00 ධනු ලග්නයට හිමි රැකියා ධනු ලග්නයට හිමි රැකියා ගැන බැලීමේ දී ලග්නාධිපති ගුරුත් දහවැන්නාධිපති බුධ ගැනත් බැලිය යුතු වේ. ධනු රාශිය තේජෝ ගුණයෙන් යුත් උභය රාශියකි. යුක්තිය දිවි... 2022-11-10 18:30:00 බුදුබව පතනා පත්තිනි දෙවඟන බුදුරදුනට මී අඹ පුදමින් බුදු බව ප්‍රාර්ථනා කළ බවත් සඳහන් වෙයි. බුදු විය හැක්කේ පිරිමියකුටම පමණි. පත්තිනි දෙවඟන මෙසේ පිරිමි බව පතමින් බුද්ධත්වය ප්‍... 2022-11-10 18:30:00 සාර්ථක විවාහයකට ගැළපිය යුතුම පොරොන්දම්... දෙදෙනකු විවාහයක් සඳහා එළඹීමේදී මූලිකව පොරොන්දම් බැලීම අනිවාර්යනේම සිදු කරනු ලබයි. පොරොන්දම් බැලීමෙි විවිධ ක්‍රම රාශියකි. ඒ අතර සාම්ප්‍රදායික විවාහ... 2022-11-03 18:30:00 වෘශ්චික ලග්නයට හිමි රැකියා වෘශ්චික ලග්න හිමියාගේ දහවැන්නාධිපති රවි වේ. රවි ග්‍රහයා රජය නිවේදනය කරයි. දහවැන්නාධිපති බලවත් නම් රජයට සම්බන්ධ රැකියා හිමි වේ. ලග්නය හා දහවැන්න තිර... 2022-11-03 18:30:00 සෙනසුරුගේ ඉදිරිය කෙසේ වේද? හඳුන්වා දී ඇති බොහෝ කරුණු මත බුද්ධ ධර්මයත්, ඡ්‍යෝතිෂයත් එක් ආකාරයේ ශාස්ත්‍ර ධර්මයන් බව උගත් ඔබ දන්නවා. බුදුදහම හේතුඵල ධර්මයක් වගේම හේතුඵල දර්ශනයක්.... 2022-11-03 18:30:00 මකර ලග්න හිමි ඔබගේ ගතිගුණ ලග්නාධිපති හා නියෝජනය කරන ග්‍රහයා ශනි හෙවත් සෙනසුරු ය. මකර ලග්න හිමියන් ඉතාම දක්ෂ, අවංක, ආචාරශීලී බුද්ධිමත් ඉතාම මහන්සියෙන් කරන වැඩකටයුතුවල නිරත වී...
කලා සමුදායක් බඳු වූ මිනිස් ජීවිතය, වත්මනේ දී ජාවාරම් වීමට ඔබින භෞතිකයක් වැනි ය. විවිධ සිද්ධි දාමයන් වල සම්මිශ්‍රණයකි, ජීවිතය . එකිනෙකට වෙනස් වූ සිද්ධි වල දී, පුද්ගලානුබද්ධව ලබන්නා වූ අත්දැකීම්, විටෙක පෞද්ගලික මෙන් ම පොදු අත්දැකීම් බවට පත් වීමට ඉඩකඩ නැතුවාම නොවේ. එළිය දුටු දා පටන් මව ගේ තුරුලේ උණුහුම විඳ හැදී වැඩෙන පුද්ගලයා, කරඳඩු උස් මහත් වූ පසුව තමන්ට අවැසි දේ නොලැබෙන විටක දී, මව් ඝාතකයෙකු වීමට ප්‍රමාද නොවන්නේ, කෘෘරත්වය හෝ ආවේගශීලී බව මුල් කරගෙන කටයුතු සිදු කිරීම නිසා ය. ඔවුහු ,,,,, මනුෂ්‍යයෝ ද ?? නැතිනම් තිරිසනුන් ද?? ඔවුහු, ` තිරිසන්කම ´ විශේෂණ වූ මිනිස් සමාජය කි. “බැඳීම්” යන සමුදායක, පුරුකක් වන `මම´, නාමය දරන්නා ගතික වන්නා වූ ,,, අපූර්ව මිනිසෙකි…. *මම* යනු, පුද්ගල හෝ සංඥා නාමයක් පමණි … දිනෙන් දින නව්‍ය වන ලෝකය තුළ, “මම” යන්නට කීමට නිශ්චිත අර්ථකථනයක් නැත. සියලු තර්කයන් නිශ්ප්‍රමාණ කරමින්, “මම” ගොඩනැඟෙනුයේ, සමාජ අවස්ථා වලට අනුගාමීව ය… හඳුනාගත නොහැකි / අසීරු දෙයක් වේද, නිශ්චිත නිරූපිතයක් නැති යමක් වේ ද, එනම්,’* මමත්වය * යි…. මෙවැනි වූ දාමයන් හා සිර වී සිටින මොහු අනේකවිධ අවස්ථාවල දී, විවිධ වූ පුද්ගලනාමයන් උසුලයි. විවිධ තත්ත්වයන්ට අනුරූපී වන “මම” යන පුද්ගලයාට නිශ්චිත අර්ථකථනයක් දීමට වෙහෙස වෙනවාට වඩා කළ හැකි ඵලදායී ම ක්‍රමය වන්නේ, ° • මමත්වය • ° යහපත් ලෙස හසුරුවාලීම යි. ආරම්භය යහපත්ව ගෙන, එය පවත්වාගෙන යාම පුද්ගලානුබද්ධ කාර්යය කි. ~ රූපණය ~, හැඳින ගනිමින්… උපත ලබන, “මම” , වාචිකත්වය අභිසෙස් ලබා මේ කරනු ලබන , * ජීවිත තරණය *,,, අර්ථ පූර්ණ කර ගත හැකි වන්නේ , °° මමත්වය °° හඳුනාගැනීම පසුපස හඹා යාම තුළ නොවේ, යහපත් °° මමත්වයක් °° නිර්මාණය කිරීමෙනි.
ටැන්සානියාව, නිල වශයෙන් ටැන්සානියානු එක්සත් ජනරජය (ස්වෙයිලී: [Jamhuri ya Muungano wa Tanzania] Error: {{Lang}}: text has italic markup (help)),[13] යනු නැගෙනහිර අප්‍රිකාවේ රටකි. එයට උතුරින් මායිම් වන්නේ කෙන්යාව සහ උගන්ඩාව වෙති; බස්නාහිරින් රුවන්ඩාව, බුරුන්ඩි, සහ කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය වෙති; දකුණු දෙසින් සැම්බියාව, මලාවි, සහ මොසැම්බික් වෙති. රටෙහි නැගෙනහිර මායිම නිමැවී ඇත්තේ ඉන්දියානු සාගරයෙන් සහ අප්‍රිකාවේ උසම කන්ද වන, ඊසාන දිග ටැන්සානියාවේ කිලිමන්ජාරෝ වෙතිනි. ටැන්සානියා එක්සත් සමුහාණ්ඩුව දුපත් 26 කින් සමන්විතය. රටේ වර්තමාන ජනාධිපති ජතායා මිර්ෂෝ කික්වෙට් 2005 වසරේ දී පත් විය. 1996 සිට රටේ අගනුවර වන්නේ ඩොඩෝමාය. එහි පාර්ලිමේන්තුව හා රාජ්‍ය කාර්යාල පිහිටා ඇත. නිදහස් කාලය අතරතුර ඩර්සලාම් නගරය රටේ දේශපාලන අගනුවර විය. වර්තමානයේ එම නගරය ටැන්සානියා‍වේ ආර්ථික අගනුවර වේ. ඩාර්සලාම්හි රටේ ප්‍රධානතම වරාය පිහිටා ඇත. 1964 වර්ෂයේ රාජ්‍ය දෙකක එකතුවකින් ටැන්ගන්යිකා එක්සත් සමුහාණ්ඩුව හා සැන්සිබා ස්ථාපිත කල අතර, පසුව එය ටැන්සානියා එක්සත් සමුහාණ්ඩුව වශයෙන් නම් කෙරුණි. ආශ්‍රිතසංස්කරණය ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; sim නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි ↑ David Lawrence (2009). Tanzania: The Land, Its People and Contemporary Life. Intercontinental Books. pp. 146–. ISBN 978-9987-9308-3-8. ↑ "About the United Republic of Tanzania". Permanent Representative of Tanzania to the United Nations. සම්ප්‍රවේශය 31 January 2015. ↑ 4.0 4.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; BFF නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි ↑ 5.0 5.1 "Tanzania". The World Bank. සම්ප්‍රවේශය 4 July 2015. ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; 2012 census නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි ↑ "World Development Indicators". The World Bank. සම්ප්‍රවේශය 4 July 2015. ↑ "World Development Indicators". The World Bank. සම්ප්‍රවේශය 4 July 2015. ↑ "World Development Indicators". The World Bank. සම්ප්‍රවේශය 4 July 2015. ↑ "GINI Index". The World Bank. සම්ප්‍රවේශය 14 October 2014. ↑ "2014 Human Development Report Summary" (PDF). United Nations Development Programme. 2014. pp. 21–25. සම්ප්‍රවේශය 27 July 2014. ↑ "UPDATE 2-Tanzania's GDP expands by 32 pct after rebasing – officials". Reuters. 19 December 2014. සම්ප්‍රවේශය 19 December 2014. ↑ Tanzania. Dictionary.com. Dictionary.com Unabridged (v 1.1). Random House, Inc. (accessed: 27 March 2007). This approximates the Kiswahili pronunciation [tanzaˈni.a]. However, /tænˈzeɪniə/ is also heard in English. මූලාශ්‍රසංස්කරණය උපුටාදැක්වීම් දෝෂය: "note" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="note"/> ටැග සොයාගත නොහැකි විය.
වාහන නතර කර PCR කරන වැඩපිළිවළෙක් ඕන….! එමගින් ආසාදිතයින් හඳුනා ගැනීමට වගේ ම අනවශ්‍ය සංචරණ සීමා කරන්නත් පුළුවන්….! – මහාචාර්ය අර්ජුන ද සිල්වා June 3, 2021 at 11:14 pm | by emanisa.lk රථ වාහනවලින් ගමන් කරන අතරේදී පුද්ගලයන් කොවිඩ් පරීක්ෂණවලට ලක් කිරීමේ (drive through test) වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි ජ්‍යේෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා රජයට යෝජනා කරයි. එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන් අනවශ්‍ය සංචරණ බොහෝ දුරට පාලනය වන අතරම ආසාදිතයන් හඳුනාගැනීමටද ඉන් ඉඩ ප්‍රස්ථාව සැලසෙන බව ඔහු කියයි. සංචරණ සීමා ක්‍රියාත්මකවන කාලසීමාවේදී සමහරුන් අනවශ්‍ය ලෙස ගමන් බිමන්වල යෙදුණු බව කී මහාචාර්යවරයා එය ඉතා වැරදි ක්‍රියාවක් බවද කීවේය. සංචාර සීමා ක්‍රියාත්මක වන කාල සීමාවේදී කොරෝනා පරීක්ෂණ අඩු කිරීම හොඳ නැතැයිද මෙවැනි කාලයකදී එවැනි පරීක්ෂණ සිදු කිරීම ඉතා පහසු යැයි ද ඔහු සඳහන් කරයි. රෝගීන් වැඩි ප්‍රමාණයක් රෝග ලක්ෂණ තවමත් නොපෙන්වන බවත් රට වසා ඇති කාලසීමාවේදී ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට නම් කොරෝනා පරීක්ෂණ වැඩිකළ යුතු බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා කියයි. පී.සී.ආර් නොකර රට වැසීමෙන් උපරිම ප්‍රයෝජන ලබාගත නොහැකි යැයිද ඔහු සඳහන් කළේය. ලෑම්ප්(LAMP) තාක්ෂණය කොරෝනා ලක්ෂණ නොපෙන්වන අය සඳහා භාවිත කළ හැකි අලුත්ම පරීක්ෂණ ක්‍රමවේදයක් බවත් මේ තාක්ෂණය මේ රටේ ක්‍රියාත්මක කිරීමට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී ඇති බවත් ඔහු අනාවරණය කළේ ය. අඩු වියදමකින් සහ අඩු කාලයකින් එම පරීක්ෂණ කළ හැකි බව ද මහාචාර්යවරයා හෙළි කළේය. Tweet Leave a Reply Cancel reply Your email address will not be published. Required fields are marked * Comment * Name * Email * Website මුල් බිස්ස මුල් පුවරුව අවුරුද්දට ආණ්ඩුවෙන් සංචරණ සීමා නෑ….! ජනතාව සංචරණ සීමා දාගන්න ඕන…! මුල් පුවරුව අවුරුද්ද චාරිත්‍ර වාරිත්‍රවලට සීමා වෙයි…! අවුරුදු උත්සව පොළ සැනකෙළි සඳහා අවසර නෑ…..! සංචරණ සීමා පනවන්නත් සූදානම්…! මුල් පුවරුව ජනතාව නිරෝධායන නීති රකින්නේ නෑ…! 07 වන දා තෙක් සංචරණ සීමා ලිහිල් කිරීමක් නෑ….! – හමුදාපති මුල් පුවරුව ඉදිරියේ දී කොවිඩ් මරණ ඉහළ යාම වළක්වන්න බෑ…! දිස්ත්‍රික් සංචරණ සීමා ඇතුළු දැඩි පියවර ගන්න…! – වෛද්‍ය සංගම් ජනපතිට ලියයි…
දුර අහසට මේ පොළොවෙ ඉදන් ගව් ගණන් කීයද.. මා විසිකෙරුවේ ඒ තරම්ම දුරින් දුරටද.. ඔබ අත් හැරලා පෙම් කරාට මාව සඳහට.. මට හිදින්න බෑ ඒ මතකෙන් කොහොමත් එලෙස.. මහමෙර වගේ තවමත් මගේ හදවතේ නුඹ.. රිදවනවා... දුර කතර ගෙවාගෙන - කරුණාරත්න දිවුල්ගනේ Dura Kathara Gewagena - Karunarathna Diwlgane දුර කතර ගෙවාගෙන මම නොකියම ආවට මට සමාවෙයන් බණ්ඩර මැණිකේ අර බලන්න අර පුර හඳ අහසේ දුම් වලාකුළෙන් තරුකැට හැංගිලා නෙත් කොණින් බලා මට ඉඟි බිඟි කළා මට ඉන්නට බෑ කොළොම්තොටට වෙලා උඹෙ කතාකරන දෑස මතක්... දුර යන්න හිතුවාට - සශිකා නිසංසලා Dura Yanna Hithuwata - Sashika Nisansala දුර යන්න හිතුවාට සැඟවි හොරෙන් ඔබ නැතුව මම ඉන්නේ කොහොමද ඉතින් වාවන්න බැරි කඳුළු ආවත් නෙතින් හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබේන් // අවුතැන් වෙලා ළැමතුරේ පෙම් හැඟුම් හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදමි... දුරස් වන්නට - ඉන්ද්‍රජිත් දොලමුල්ල Duras Wannata - Indrajith Dolamulla දුරස් වන්නට සිතන සැමවිට තවත් ළං වෙනවා මතක නැතිකර ගන්න සිතු විට සිතේ රජ වෙනවා // සතුට සපිරුණු නැවුම් ලොවකට සෙනෙහෙ දම් පිරුවා අපට අප නැති ලොවක් පිළිබඳ සිතන්නත් බැරුවා // දුරස් වන්නට සිතන... දූ හිඳින්නේ පෝරුවේ - උරේෂා රවිහාරි Duu Hindinne Pooruwe - Uresha Ravihari දූ හිඳින්නේ පෝරුවේ පියාණනේ ඔබේ සුභ දිනේ පියා නැතේ... ඔබ කොහේ ගියා කියා දන්නේ නෑ දූ ඔබේ හඬයි තැවෙයි මෙසේ... ජීවිතේම මං පරාද වූ ලෙසින් සිතේ මට පිය සෙනේ නැතේ... දූ කියාලා සනසවන්න රත්තරන්...
සමහර PCB සමහර යාන්ත්‍රික කොටස් සහ පටල ස්විචය සමඟ එකලස් කිරීමට අවශ්‍ය වේ, එය PCB පුවරු මත යාන්ත්‍රික කොටස් සහ පටල ස්විචය එකලස් කිරීමට පාරිභෝගිකයාට උපකාර කිරීමට අපට ගැටලුවක් නොවේ. එය යාන්ත්‍රික කොටස් එකලස් කිරීම, දෘශ්‍ය එකලස්කිරීම්, වේගවත් මූලාකෘතිකරණය, බල පැනල එකලස්කිරීම්, ලුමිනරි, වෛද්‍ය යාන්ත්‍රණය හෝ ඕනෑම ආකාරයක මෙකට්‍රොනික්ස් පැවරුම කුමක් වුවත්, දිගු කාලීන හා කෙටි කාලීන විද්‍යුත් යාන්ත්‍රික එකලස් කිරීම සඳහා නවීකරණය කරන ලද තාක්‍ෂණයෙන් අපි සන්නද්ධව සිටිමු. ඔබට වේගවත්ම යාන්ත්‍රික එකලස් කිරීමේ සේවාව ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබට අවශ්‍ය නිෂ්පාදන සංවර්ධනය කිරීමට හෝ නිෂ්පාදනය කිරීමට හොඳම ඉංජිනේරුවන් ලෙස අපව තෝරා ගත හැකිය. චීනයේ හොඳම තාක්ෂණයෙන් යාන්ත්‍රික එකලස් කිරීම සඳහා බහු-ස්ථර PCB Best Tech යනු 2006 වසරේ සිට චීනයේ ඇති පළපුරුදු යාන්ත්‍රික එකලස් කිරීමේ නිවසකි. Best Tech යනු විවිධ වර්ගයේ නිෂ්පාදන සම්බන්ධයෙන් විවිධ යාන්ත්‍රික එකලස් කිරීම් සඳහා සහය දැක්වීමේ හැකියාවයි.යාන්ත්‍රික එකලස් කිරීම, යාන්ත්‍රික ජනාකීර්ණ, යාන්ත්‍රික සවිකර, වේගයෙන් යන්න Copyright © 2022 Best Technology Co, Limited - www.bstpcb.com All Rights Reserved. Copyright © 2022 Best Technology Co, Limited - www.bstpcb.com All Rights Reserved. වෙනත් භාෂාවක් තෝරන්න ╳ English العربية Deutsch Español français italiano 日本語 한국어 Português русский 简体中文 繁體中文 Afrikaans አማርኛ Azərbaycan Беларуская български বাংলা Bosanski Català Sugbuanon Corsu čeština Cymraeg dansk Ελληνικά Esperanto Eesti Euskara فارسی Suomi Frysk Gaeilgenah Gàidhlig Galego ગુજરાતી Hausa Ōlelo Hawaiʻi हिन्दी Hmong Hrvatski Kreyòl ayisyen Magyar հայերեն bahasa Indonesia Igbo Íslenska עִברִית Basa Jawa ქართველი Қазақ Тілі ខ្មែរ ಕನ್ನಡ Kurdî (Kurmancî) Кыргызча Latin Lëtzebuergesch ລາວ lietuvių latviešu valoda‎ Malagasy Maori Македонски മലയാളം Монгол मराठी Bahasa Melayu Maltese ဗမာ नेपाली Nederlands norsk Chicheŵa ਪੰਜਾਬੀ Polski پښتو Română سنڌي සිංහල Slovenčina Slovenščina Faasamoa Shona Af Soomaali Shqip Српски Sesotho Sundanese svenska Kiswahili தமிழ் తెలుగు Точики ภาษาไทย Pilipino Türkçe Українська اردو O'zbek Tiếng Việt Xhosa יידיש èdè Yorùbá Zulu
ස්පාඤ්ඤයෙන් නිදහස ලබා ගත් කියුබාව ඉන් අනතුරුව ඇමරිකානු පාලනයට නතු වෙනවා. ඔවුන් කියුබාව යටත් කරගෙන නොසිටියත් ඔවුන්ට හිතවත් පාලනයක් කියුබාව තුළ නිර්මාණය කිරීමට ඇමරිකානු රජය තම බලය යෙදවීම මෙහිදී සිදු වුණා. ඒ පිළිබඳව විස්තර පසුගිය ලිපියකින් ඔබ වෙත ගෙන ආ අතර අද දිග හැරෙන්නේ කියුබාවේ බලය, බැටිස්ටා නම් ඒකාධිපති පාලකයෙක් විසින් ලබා ගැනීම හා ඔහුට එරෙහිව ෆිදෙල් කැස්ත්‍රෝ නම් විප්ලවවාදියාගේ නැගී සිටීම පිලිබන්දවත් ය. බැටිස්ටා විසින් බලය පැහැර ගැනීම කර්ලොස් ප්‍රියෝ (fr.wikipedia.org) ඇමරිකාවෙන් නැවත කියුබාවට පැමිණෙන බැටිස්ටා 1952 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කරනවා. නමුත් ජනාධිපතිවරණයට මාස තුනකට ප්‍රථම එනම් 1952 වසරේ මාර්තු 10 වනදා හමුදා කුමන්ත්‍රණයකින් රටේ බලය අල්ලා ගැනීමට බටිස්ටා සමත්වෙන අතර එවකට කියුබානු ජනාධිපතිවරයා වූ කර්ලොස් ප්‍රියෝ (Carlos Prío Socarrás) ව බලයෙන් නෙරපා දමා එදිනම බැටිස්ටා කියුබානු ජනාධිපතිවරයා ලෙස පත්වෙනවා. ජනාධිපතිවරයා ලෙස පත්වෙන ඔහු එම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය අවලංගු කරන්නට කටයුතු කරන අතර බලය පැහැරගෙන ඉතා සුළු දවසකින් එනම් මාර්තු 27 වනදා ඔහුගේ ආණ්ඩුවට ඇමරිකානු රජයේ අනුමැතිය හිමිවෙනවා. බැටිස්ටාගේ අත්තනෝමතික පාලනය බැටිස්ටා (ThoughtCo) බැටිස්ටාගේ පාලන සමය වන විට කියුබාවේ ආර්ථිකය ඉතා අඩාල තත්වයක පැවති අතර රජයේ නාස්තිය හා දූෂණය​ ද ඉතා අධික විය. නීතිය හා අධිකරණය පිළිබඳව ද විශ්වාසයක් තැබිය නොහැකි යුගයක් ලෙස බැටිස්ටා පාලනය හඳුන්වා දිය හැකියි. රජය විසින් අධ්‍යාපනය, සෞඛ්‍ය හා පොදු පහසුකම් වෙනුවෙන් මුදල් වෙන් නොකිරීම ද රට තුළ බලවත් නොසන්සුන්තාවයක් නිර්මාණය කරන්නට සමත් වෙනවා. 1953 වසර වන විට කියුබානු පවුලක සතියක් තුළ දළ අදායම ඩොලර් හයක් තරම් අඩු අගයක් ගත් අතර රටේ වැඩ කළ හැකි ජනතාවගෙන් 20% කට ආසන්න ප්‍රමාණයක් විරැකියාවෙන් පෙළෙනවා. විශ්ව විද්‍යාල හා ජන මාධ්‍යය තම පාලනයට හසු කරගන්නා ඔහු දැඩි කොමියුනිස්ට් විරෝධියෙක් ලෙස ද සදහන් කළ හැකියි. ඔහුගේ පාලනය, ඇමරිකානු හිතවාදී පාලනයක් ලෙස හදුන්වා දිය හැකි අතර බැටිස්ටාගේ පාලන සමයේ දී කියුබානු උක් වගා බිම් වලින් 40%ක අධික ප්‍රමාණයක අයිතිය හිමිව තිබෙන්නේ ඇමරිකානු ව්‍යාපාරිකයන්ටයි. රටේ පැවති ඛනිජ තෙල් නිධි හා ස්භාවික සම්පත් වලද වැඩි අයිතියක් ඇමරිකානුවන්ට හිමිව තිබුණා. තවද බොහෝ ඇමරිකානු ව්‍යාපාරික ආයතන ද කියුබාවේ සංචාරක කර්මාන්තය හා සම්බන්ධව සිටිනවා. විප්ලවයක අවශ්‍යතාවය ඇමරිකානු ව්‍යාපාරිකයන් හා කියුබානු ඉහළ පන්තියට පමණක් හිමි වූ හවානා නුවර ප්‍රිය සාද (mashable.com) ඒකාධිපති පාලනය එරෙහිව නැගී සිටි නීතිවේදියෙක් වූ ෆිදෙල් කැස්ත්‍රෝ ඇතුළු තරුණ කණ්ඩායමක් බැටිස්ටාගේ දූෂිත හා බලහත්කාරී පාලනය විරුද්ධව කියුබානු අධිකරණයේ නඩු පවරන නමුත් අධිකරණය විසින් එය නිෂ්ප්‍රභා කර දමනවා. මේ සමඟම බැටිස්ටා පාලනය නීතිමය ක්‍රියා මාර්ග මගින් පරාජය කිරීම කළ නොහැකි බව අවබෝධ කරගන්නා ෆිදෙල් ඒ සඳහා ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක නිරත විය යුතු බව වටහා ගන්නවා. හවානා නුවර බැටිස්ටාගේ මන්දිරය (mashable.com) ඒ අනුව ක්‍රියාත්මක වන ෆිදෙල් හා ඔහුගේ සොහොයුරු රාවුල් කැස්ත්‍රෝ ඇතුළු පිරිසක් අවි ආයුධ එකතු කිරීමේ රහස්‍ය වැඩ කටයුතු හා ආයුධ සන්නද්ධ ව්‍යාපාරයකට නව සාමාජිකයන් සොයා ගැනීමේ වැඩ කටයුතු බොහෝමයක් 1952 වසරේ අග භාගය වන විට සම්පූර්ණ කරගන්නවා. මොන්කාඩා ප්‍රහාරය සඳහා ෆිදෙල් සුදානම් වේ තරුණ පිදෙල් කැස්ත්‍රෝ (Mathrubhumi English) 1952 වන විට ෆිදෙල් කැස්ත්‍රෝ කියුබානු ජනතාවාදී පක්ෂයේ (Party of the Cuban People) තරුණ නායකයෙක් වූ අතර ඔහුගේ දේශපාලනික, විප්ලවීය ක්‍රියාකාරම් හේතුවෙන් ෆිදෙල් වටා රැස් වූ තවත් ආයුධ සන්නද්ධ වීප්ලවවාදීන් 160 දෙනෙකු කියුබාවේ සන්තියාගෝ නගරයේ පිහිටි මොන්කාඩා හමුදා බැරක්කයට පහර දීමට සුදානම් වන අතර 1953 වසරේ ජූලි 26 වනදා සිදු වෙන මෙම ප්‍රහාරය “ජූලි 26 කැරැල්ල” ලෙසත් නම් කරනවා. ප්‍රහාරය සඳහා සහභාගී වූ 160 දෙනා අතරින් විශාල පිරිසක් අවුරුදු 20 ගණන් වල තරුණයන් වූ අතර ප්‍රහාරය සඳහා පැහැදිලි ලෙස කොමියුනිස්ට් සංවිධානයක් මුල් නොවූ අතර බැටිස්ටා පාලනයට විරුද්ධ වූ පහළ මධ්‍යම ප්‍රාන්තිකයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් ලෙස ජූලි 26 ව්‍යාපාරය හදුන්වන්නට පුළුවන්. ප්‍රහාරකයන් 160 දෙනාගෙන් හතර දෙනක් පමණක් උසස් අධ්‍යාපනය ලද පුද්ගලයන් වූ අතර බහුතර පිරිස ප්‍රාථමික අධ්‍යාපනය පමණක් ලැබූ තරුණයන් වුණා. 1952 වසරේ අවසානය වන විට 1200 ක පමණ තරුණ පිරිසක් සංවිධානය වටා රොක් වෙන අතර කැරැල්ල සඳහා රයිෆල් හා හමුදා ඇදුම් මිලදී ගැනීම ද ෆිදෙල් විසින් බොහෝ දුරට අවසන් කරනවා. ප්‍රහාරය එල්ල කිරීමට පෙර දා රාත්‍රියේ සන්තියාගෝ නගරයට ආසන්න සිබෝනි (Siboney) ගම්මානයේ ගොවිපොළක ප්‍රහාරකයන් 160 දෙනා රැදී සිටි අතර 26 වනදා හිමිදිරියේ ඔවුන් ප්‍රහාර එල්ල කිරීම සඳහා සන්තියාගෝ බලා පිටත්ව යනවා. අසාර්ථක වූ පළමු ප්‍රහාරය අසාර්ථක ප්‍රහාරය (Sara Davidson) කැරලිකරුවන් 135 දෙනෙක් පිදෙල්ගේ නායකත්වයෙන් යුතුව මොන්කාඩා හමුදා බැරක්කයට පහර දීම පාන්දර 5ට පමණ ආරම්භ කරන අතර රාවුල් කැස්ත්‍රෝගේ නායකත්වයෙන් තවත් කැරලිකරුවන් 24 දෙනෙක් බෙයමෝ (Bayamo) නගරයේ බලය අල්ලා ගැනීම සඳහා පිටත් වෙනවා. කැරලිකරුවන්ගේ ප්‍රහාරය ඉතා දුර්වල වූ අතර සංවිධානාත්මකව පහර දීමට නොහැකිවීම මෙහි ප්‍රධාන දුර්වලතාවය විය. රජයේ හමුදාව හා පොලිසිය විසින් කැරැල්ල පැය කිහිපයකින් මර්දනය කරන අතර කැරලි කරුවන් බොහෝ දෙනෙක් ඝාතනය කර අනෙක් පිරිස අත් අඩංගුවට ගැනීමට ඔවුන් විසින් ක්‍රියා කරනවා.(පසුව ෆිදෙල් විසින් පවසන්නේ මරණයට පත් වූ කැරලිකරුවන් 61 දෙනාගෙන් සටන අතරතුර මරණයට පත් වූයේ 5ස් දෙනෙකු පමණක් බවත් ඉතිරි 56 දෙනාම අත්අඩංගුවට ගත් පසු බැටිස්ටාගේ හමුදාව විසින් ඝාතනය කළ බවයි) සටන අතරතුර රජයේ හමුදා හා පොලිස් භටයන් 19 දෙනෙක් මරණයට පත්ව 30 කට අධික පිරිසක් තුවාල ලබනවා. 1953 ඔක්තෝම්බර් 16 වන දා පිදෙල් ඇතුළු පිරිසට විරුද්ධව අධිකරණයේදී නඩු විභාග වූ අතර සටන මෙහෙය වූ පිදෙල්ට වසර 15ක සිර දඩුවම් හිමිවෙනවා. අනෙකුත් ප්‍රධාන නායකයින් වන රාහුල් ( Raúl Castro) ඔස්කාර් ඔල්කල්ඩේ (Oscar Alcalde) පෙද්රෝ මෙරැට් (Pedro Miret) හා අර්නෙස්ටෝ ටිසොල් (Ernesto Tizol) ට වසර 13ක සිරදඬුවමක් හිමිවනවා. අනෙකුත් පිරිස් වලට අවුරුදු 10ක, අවුරුදු 3ක හා මාස 7ක සිර දඩුවම් හිමිවෙනවා. නඩු විභාගය අතරතුර තම අදහස් දැක්වීම යටතේ ෆිදෙල්, පැය හතරක් පුරාවට බැටිස්ටා පාලනයට විරුද්ධව ඔහු ගත් ක්‍රියාමාර්ගයේ සාධාරණීත්වය පිළිබඳව කරුණු දක්වන අතර වසර කිහිපයකින් පසු එම කතාව ඇතුළත් “ඉතිහාසය මා නිදොස් කරනු ඇත” (History Will Absolve Me) නමින් කෘතියක් පළ වෙනවා. අත්අඩංගුවට පත් ෆිදෙල්ඇතුළු පිරිස (Cuba 1952-1959 – Blogger) සිරගත කළ ෆිදෙල් ඇතුළු පිරිස දැඩි මහජන ඉල්ලීම මත 1955 වසරේදී නිදහස් කිරීමට බැටිස්ටාට සිදුවෙන අතර ඔහු විසින් එම පිරිස මෙක්සිකෝවට පිටුවහල් කරනවා. විප්ලවය අත් නොහරින ෆිදෙල් ඇතුළු පිරිස එහිදී ඔවුන්ට හමු වූ අර්නෙස්ටෝ ගුවේරා (Ernesto Guevara) හෙවත් චේ ගුවේරා සමඟ නැවත කියුබාවට පැමිණෙන්නේ බැටිස්ටා පාලනය කියුබාවෙන් ඉවත් කිරීම අරමුණු කරගෙනයි. එතැන් සිට කියුබානු විප්ලවයේ ජයග්‍රහණය දක්වා තොරතුරු රැගත් තවත් ලිපියකින් හමුවෙමු. කවරයේ ඡායාරූපය​ – 2016 වසරේදී කියුබාව විසින් ජූලි 26 සන්නද්ධ සටන සැමරීම (cpcml.ca) Related Articles සියනෑ කෝරළේ අප්‍රකට ලෙන් විහාර ගැන තොරතුරු article ඉතිහාසය දෙසැම්බර් 23, 2021 සෝවියට් ජනයාගේ චිත්ත ධෛර්යය පෙන්වූ ලෙනින්ග්‍රාද් වටලෑම​ video ඉතිහාසය පෙබරවාරි 11, 2019 බේරේ වැව හිස් කර පෘතුගීසින්ට පහරදුන් සිංහල රජතුමා article ඉතිහාසය දෙසැම්බර් 4, 2019 මහා ජල ගැල්ම – එය සැබෑවට සිදුවුනි ද? article ඉතිහාසය දෙසැම්බර් 12, 2017 ලෝකයේ ඉහළ අදායමක් ලබන සූදුවේ පුරවරය – මැකාවු article ඉතිහාසය ඔක්තෝබර් 4, 2018 මහනුවර ගියත් නො දකින තැන් කිහිපයක් ගැන කතා article ඉතිහාසය ජූලි 25, 2021 වියට්නාම් යුද්ධයේ දී ඇමරිකානු පරාජයේ ආරම්භය article ඉතිහාසය ජූලි 13, 2018 මාර්ෂල් වැසියන්ට ඇමෙරිකානුවන් කළ අපරාධය article ඉතිහාසය නොවැම්බර් 2, 2018 Roar සිංහල Roar Media is a South Asian multilingual media platform that produces original stories and provides analysis on complex issues. All our content aims to inform, educate, and inspire.
2022 විභාගයට පෙනී සිටින උසස් පෙළ සිසුන්ට සූදානම් වීමට සාධාරණ කාලයක් ලබාදිය යුතුයි - JNP Sri Lanka | National Freedom Front Home පොලිටිකල් ගොසිප් මාධ්‍ය සාකච්ඡා විශේෂ පුවත් ❮ ❯ 2022 විභාගයට පෙනී සිටින උසස් පෙළ සිසුන්ට සූදානම් වීමට සාධාරණ කාලයක් ලබාදිය යුතුයි by admin 13/09/2022 | 11:25 0 Posted in කාලීන පුවත් “2021 ප්‍රතිඵල ආවේ අගෝස්තු අග – 2022 විභාගය දෙසැම්බර් මුල” “2022 විභාගයට පෙනී සිටින උසස් පෙළ සිසුන්ට සූදානම් වීමට සාධාරණ කාලයක් ලබාදිය යුතුයි” (අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්තට උත්තර සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශගෙන් ලිපියක්) ගරු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල. ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි, 2022 උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට සූදානම් වීම සඳහා සාධාරණ කාලයක් ලබා දීම 2022 අපොස(උසස් පෙළ) විභාගයට පළමු වරට, දෙවන හා තෙවන වරට ද පෙනී සිටින සිසුන්ගෙන්, එම විභාගය 2022 දෙසැම්බර් මස 05 වැනිදා සිට පැවැත්වීමට ගෙන ඇති තීරණය හේතුවෙන් තමන් පත්ව ඇති දුෂ්කරතාව පිළිබඳව අප වෙත දිනපතා දැනුම්වත් කිරීම් රාශියක් සිදු වෙමින් පවතී. ඒ කෙරෙහි අපගේ බලවත් අවධානය යොමු කරමින් ඔබතුමන් වෙත මෙම ලිපිය යොමු කරමි. 2022 අපොස(උසස් පෙළ) විභාගයට පළමු වරට පෙනී සිටින්නේ 2020 ජූලි මස සිට සිය අධ්‍යයන කටයුතු ඇරඹූ පිරිසකි. ඔවුන්ට කොරෝනා වසංගතය හමුවේ දීර්ඝ කාලයක් පාසල් වසා තැබීම හේතුවෙන් ද දින සියයක පමණ ගුරු වර්ජනය හේතුවෙන් ද ආර්ථික ආපදා තත්ත්වය හමුවේ පැන නැගුණු ඉන්ධන අර්බුදය හේතුවෙන් ද තම අධ්‍යයන කටයුතු සඳහා එල්ල වූ බාධාවන් සුළුපටු නොවන බව ඔබතුමන් ද හොඳින් දන්නා කරුණකි. දෙවන වරට හා තෙවන වරට මෙම විභාගය සඳහා පෙනී සිටින සිසුන් ද ඉහත කී තත්ත්වයන් හමුවේ පැන නැඟුණු දුෂ්කරතාවන්ට පමණක් නොව ඊට අමතර ගැටලුකාරී තත්ත්වයන්ට ද මුහුණ පා සිටිති. 2021 අපොස(උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල ඔවුනට ලැබෙන්නේ 2022 අගෝස්තු 28 වැනිදා ය. ඔවුනට එම ප්‍රතිඵල මත පදනම්ව දෙවන වරට හෝ තෙවන වරට විභාගයට සූදානම් වීමට ලැබී ඇත්තේ මාස තුනක පමණ කාලයක් පමණි. නමුත් කොරෝනා වසංගතය ඇතුළු රටෙහි උද්ගත වූ ගැටලු හේතුවෙන් 2020 අපොස(උසස් පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් හට ප්‍රතිඵල නිකුත් වී මාස 9ක පමණ කාලයක්, එනම් 2021 මැයි සිට 2022 පෙබරවාරි දක්වා කාලයක් සූදානම් වීම සඳහා ලැබී ඇත. එසේම, සාමන්‍ය පරිදි යම් වසරක අගෝස්තුවේ දී උසස් පෙළ විභාගය පැවැත්වූවා නම් ප්‍රතිඵල දෙසැම්බරයේ දී නිකුත්ව ඊළඟ වර විභාගය, ලබන වසරේ අගෝස්තු මුල පවත්වා ඇති අතර ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව දෙවන වරට හා තෙවන වරට පෙනී සිටින සිසුන්ට විභාගය සඳහා සූදානම් වීමට ලැබී ඇති අවම කාලය මාස 07 කි. මේ සියලු කරුණු කෙරෙහි අවධානය යොමු කළ විට පෙනී යන්නේ 2022 අපොස(උසස් පෙළ) විභාගය පෙර වසරේ ප්‍රතිඵල නිකුත් කොට මාස තුනක පමණ කාලයකට පසු පැවැත්වීම කිසිසේත්ම සාධාරණ නොවන බව ය. තව ද 2022 උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු කණ්ඩායම් අප වෙත යොමු කර ඇති, විශාල නියැදියක් උපයෝගී කරගනිමින් ඔවුන් සිදුකළ සමීක්ෂණයක ප්‍රතිඵල මගින් ද පෙන්වා දී ඇත්තේ සියයට 78ක පමණ සිසු පිරිසක් මෙවර විභාගය 2023 පෙබරවාරි මාසය දක්වා කල් දමන ලෙස ඉල්ලා සිටින බව ය. වත්මන් අර්බුදකාරී තත්ත්වයන් මත අප රටෙහි අධ්‍යාපන පද්ධතිය මුහුණ පා ඇති ගැටළු, පසුබෑම් ක්‍රමිකව මඟ හරවා ගත යුතු අතර ඊට පිළියම් ලෙස සිසු මනස පීඩාවට හා ව්‍යාකූලත්වයට පත් වන තීරණ ගැනීම යෝග්‍ය නොවන බව අපගේ අදහස ය. එබැවින් 2022 අපොස(උසස් පෙළ) විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට ඒ සඳහා සූදානම් වීමට සාධාරණ කාලයක් ලබා දීමට පියවර ගන්නා ලෙස ඔබතුමන් වෙතින් කාරුණිකව ඉල්ලා සිටිමි. ස්තුතියි, මෙයට විශ්වාසී, විමල් වීරවංශ(පා.ම.) සභාපති, උත්තර ලංකා සභාගය, නායක, ජාතික නිදහස් පෙරමුණ 2022-09-11 පිටපත්:- සියලු ජනමාධ්‍ය Related Posts මෝඩ විදියට ‘මැච් එක’ ගහලා වැඩක් නැහැ! ගහන්න ඕනේ රටේ ජනතාවගේ අතට ‘කප් එක’ ගේන්න පුළුවන් වෙන විදියට. ඒ ‘මැච් එක’ ගහන්න අපි එකතු වෙමු! -උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශගෙන් ජනතාවට ඇරයුමක්! ‘මැච් එක(අරගලය) අපි දින්නා. කප් එක රනිල්ගේ අතට ගියා’ කියා ජවිපෙ අද පවසන බවත් අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “නුවරඑළිය සම්ප්‍රාප්තිය” අද සිදු වූ වගයි… ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර About Author admin ඔබගේ අදහස් Cancel reply Your email address will not be published. Required fields are marked * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ Recent Posts මෝඩ විදියට ‘මැච් එක’ ගහලා වැඩක් නැහැ! ගහන්න ඕනේ රටේ ජනතාවගේ අතට ‘කප් එක’ ගේන්න පුළුවන් වෙන විදියට. ඒ ‘මැච් එක’ ගහන්න අපි එකතු වෙමු! -උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශගෙන් ජනතාවට ඇරයුමක්! අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “නුවරඑළිය සම්ප්‍රාප්තිය” අද සිදු වූ වගයි… අරගලයට මුල් කාලයේ අපිත් ආශිර්වාද කළා… ටැමිල් ඩයස්පෝරාව, මුස්ලිම් මූලධර්මවාදීන්, එන්.ජී.ඕ. කාක්කෝ, ඉත්තෝ, ගැත්තෝ කුක්කෝ ඔය ඔක්කොම එකට එකතු වුණාට පස්සේ අපි ආශිර්වාද කරයිද රටට කෙළවන්න? – ජා.නි.පෙ. නිමල් පියතිස්ස ව්‍යාජ අරගලකරුවන්ගේ කර මතින් ජනපති පුටුවට පැනගත් රනිල් වික්‍රමසිංහ අද, ‘යළි අරගලයකට ඉඩ නැතැයි’ කියමින් තර්ජනය කරනවා – ජා.නි.පෙ. ජාතික සංවිධායක, පා.ම. ජයන්ත සමරවීර “කොච්චර දැඟලුවත් රක්ෂණ සංස්ථාව විකුණන්න අපි ඉඩදෙන්නේ නැහැ” – ජා.නි.පෙ. පා.ම. ජයන්ත සමරවීර Recent Comments Champa on ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත් කිරීම පිළිබඳව ඇමෙරිකානු තානාපතිනිය සිදු කළ ප්‍රකාශය දැඩි අප්‍රසාදයෙන් යුතුව හෙළා දකිමු! යුක්තිය on “ඇමරිකාවට ‘අවසන් තුරුම්පුව’ අදින්න ඉඩ නොතබමු” Champa on “අද මේ රට ඇමරිකාවට ඕනෑම ජෝගියක් නටාගන්න පුළුවන් රටක් බවට පත්කරලා” යුක්තිය on ‘තේරීම් කාරක සභා – රියැලිටි ෂෝ‘ පෙන්වා මේ රටේ ජාතික ආරක්‍ෂාව තවදුරටත් අනතුරේ හෙළන්න එපා! බුද්ධි නිලධාරින්, බුද්ධි ක්‍රියාන්විතයන් පාවා දෙන්න එපා! Archives November 2022 October 2022 September 2022 October 2021 March 2021 February 2021 January 2021 August 2019 July 2019 June 2019 May 2019 October 2017 August 2017 July 2017 Categories Uncategorized කාලීන පුවත් පොලිටිකල් ගොසිප් මාධ්‍ය සාකච්ඡා විශේෂ පුවත් නවතම වීඩියෝ මෝඩ විදියට ‘මැච් එක’ ගහලා වැඩක් නැහැ! ගහන්න ඕනේ රටේ ජනතාවගේ අතට ‘කප් එක’ ගේන්න පුළුවන් වෙන විදියට. ඒ ‘මැච් එක’ ගහන්න අපි එකතු වෙමු! -උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශගෙන් ජනතාවට ඇරයුමක්! ‘මැච් එක(අරගලය) අපි දින්නා. කප් එක රනිල්ගේ අතට ගියා’ කියා ජවිපෙ අද පවසන බවත් එසේ අනුවණ ආකාරයට ‘මැච්’ ගසා ඵලක් … අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “නුවරඑළිය සම්ප්‍රාප්තිය” අද සිදු වූ වගයි… ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා “ජනතාව පෙළගැස්වීමේ අත්හළ නොහැකි … අරගලයට මුල් කාලයේ අපිත් ආශිර්වාද කළා… ටැමිල් ඩයස්පෝරාව, මුස්ලිම් මූලධර්මවාදීන්, එන්.ජී.ඕ. කාක්කෝ, ඉත්තෝ, ගැත්තෝ කුක්කෝ ඔය ඔක්කොම එකට එකතු වුණාට පස්සේ අපි ආශිර්වාද කරයිද රටට කෙළවන්න? – ජා.නි.පෙ. නිමල් පියතිස්ස අරගලයට, එහි ආරම්භයේදී තමන් විසින්ද ආශිර්වාද කළ නමුත් පසුකාලීනව, ටැමිල් ඩයස්පෝරාව, මුස්ලිම් මූලධර්මවාදීන් සහ එන්.ජී.ඕ. කාක්කන් එක් වීමත් සමඟින් තමන් … ව්‍යාජ අරගලකරුවන්ගේ කර මතින් ජනපති පුටුවට පැනගත් රනිල් වික්‍රමසිංහ අද, ‘යළි අරගලයකට ඉඩ නැතැයි’ කියමින් තර්ජනය කරනවා – ජා.නි.පෙ. ජාතික සංවිධායක, පා.ම. ජයන්ත සමරවීර ව්‍යාජ අරගලකරුවන්ගේ කර මතින් ජනපති පුටුවට පැනගත් රනිල් වික්‍රමසිංහ මහතා අද, ‘යළි අරගලයකට ඉඩ නැතැයි’ කියමින් තර්ජනය කරන බව උත්තර … “කොච්චර දැඟලුවත් රක්ෂණ සංස්ථාව විකුණන්න අපි ඉඩදෙන්නේ නැහැ” – ජා.නි.පෙ. පා.ම. ජයන්ත සමරවීර වත්මන් ආණ්ඩුව කෙතරම් උත්සාහ කළද, තමන් රක්ෂණ සංස්ථාව විකිණීම සඳහා ඉඩ ලබා නොදෙන බව ජාතික නිදහස් පෙරමුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත … පුත්තලමේ මන්ත්‍රීවරයෙක් INSEE සමාගමෙන් සිමෙන්ති කොට්ට 2000 ක් අරන්; එයා කපුටව පිළිගන්න ගුවන් තොටටත් ගියා – පා.ම. විමල් වීරවංශ ආණ්ඩු පක්ෂයේ, පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු විසින් INSEE සිමෙන්ති සමාගමට බලපෑම් කර, සිමෙන්ති මිටි දෙදහසක් ලබාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් … “ජෝශප් ස්ටාර්ලින්ලා ගුරුවරුන්ව කැමති ඇඳුමක් ඇඳීමට පොළඹවනවා ; ගුරුවරයෙක් දෙන්නෙක් දැනටමත් මේකට අහුවෙලා” – ඔවුන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගය පා.ම. ජයන්ත සමරවීර, අධ්‍යාපන ඇමැතිගෙන් විමසයි එන්.ජී.ඕ. බත්බැලයෙකු වන ජෝශප් ස්ටාර්ලින් ගුරුවරුන්ට පහසු ඇඳුමක් අඳින ලෙස නැවත නැවතත් පවසමින්, ගුරුවරුන්ව තමන් කැමති ඇඳුමක් ඇඳීමේ තත්වයට පත් … මේ රටට අයිති ඩොලර් බිලියන 35ක් වෙන රටවල ‘පාක්’ කරලා තිබෙන්නේ – උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය, විමල් වීරවංශ ශ්‍රී ලංකාවට අයත් ඩොලර් බිලියන 35ක් වෙනත් රටවල ‘පාක්’ කර අති බව උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ … අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “නුවරඑළිය සම්ප්‍රාප්තිය” – නොවැම්බර් 27, පෙරවරු 9.30 ට හඟුරන්කෙත සංස්කෘතික ශාලාවේ දී ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජනතාව පෙළගැස්වීම මේ මොහොතේ … “අපි මුහුණදෙන ආර්ථික, සාමාජීය, දේශපාලනික සැබෑ අර්බුදයන්ට මේ අයවැයෙන් විසඳුම් ලබාදී තියෙනවාද?” – ජා.නි.පෙ. පා.ම. මොහොමඩ් මුසම්මිල් වර්තමානයේදී ශ්‍රී ලංකාව මුහුණදෙන ආර්ථික, සාමාජීය සහ දේශපාලනික සැබෑ අර්බුදයන්ට මෙවර අයවැයෙන් විසඳුම් ලබාදී ඇත්දැයි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී … ”කරව්! නැත්නම් පලයව්!!” – මහජන සමුළුවේ ”දොළොස් වැදෑරුම් යෝජනාවලිය ජනගත කිරීම” ” ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් – නොරොච්චෝලේ, ලක්ෂපාන විදුලි බලාගාර ඇතුළු රාජ්‍ය සම්පත් විකුණා “ණයට අරන්- සැපට කෑමේ ගමන” නව වටයකින් ඇරඹීමටයි ජනාධිපතිවරයා සැරසෙන්නේ” – උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය, විමල් වීරවංශ “කරව්! නැත්නම් පලයව්!!” ; රටම බලමුළු ගැන්වූ දැවැන්ත මහජන සමුළුව…. “කරව්! නැත්නම් පලයව්!!”: රටම බලමුළු ගන්වන මහජන සමුළුව නොවැම්බර් 19(හෙට) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී
තරිඳු ශ්‍රී ලොකුගමගේ විසින් රචිත ජීවිතයේ ඔයිල් පැල්ලම් නවකතාව කියෙව්වෙමි. රස වින්දෙමි. මේ විචාරයක් නොවේ. මා විචාරකයෙකු නොවන අතර විචාර ලියන්නේ ද නැත. මා ලියන්නේ යම් කෘතියක් ඔස්සේ විඳින ලද රසය හා ඒ ඔස්සේ මගේ සිතට නැගුණු සිතුවිලිය. සාහිත්‍යකරුවකු කෘතියක් නිර්මාණය කරන්නේ තමන් ඒ නිර්මාණයෙන් විඳින රසය සමාජය සමග බෙදාගැනීමටය. සමාජය එම කෘතිය ගැන සංවාද කිරීම කලාකරුවාගේ ජයග්‍රහණයකි. එහි ගුණදොස් විවේචනය විනිශ්චයකාරයන්ගේ වැඩකි. ජීවිතයේ ඔයිල් පැල්ලම් ශ්‍රී ලාංකික නවකතාවේ වස්තු විෂය නිම්වළලු පුළුල් කළ කෘතියකි. මීට පෙර ශෙහාන් කරුණාතිලකගේ චයිනමන් නවකතාව ක්‍රිකට් ඇසුරෙන් නවකතා කලාව පෝෂණය කළ අන්දමින්ම තරිඳු පරණ ඉංග්‍රීසි කාර් ඇසුරෙන් නවකතාව පෝෂණය කරයි. ශෙහාන්, ප්‍රදීප් මැතිව් නම් මන:කල්පිත ක්‍රිකට් ක්‍රීඩකයකු ඇසුරෙන් කතාවක් ගොඩනැගූ අන්දමින්ම තරිඳු මන:කල්පිත ඔස්ටින් ඒ90 ඇට්ලැන්ටික් කාරයක් ඇසුරෙන් අපූරු කතාවක් නිර්මාණය කරයි. ඔහුගේ පොතේ කවරයේ තිබෙන්නේ එම වර්ගයේ ඡායාරූපයකි. මම 1984, 85 වර්ෂවල කොළඹ වෝකර්ස් පුත්‍ර සමාගමේ ඉංජිනේරු ආධුනිකයකු ලෙස අවුරුදු දෙකක් මෝටර් යාන්ත්‍රික විද්‍යාව හැදෑරුවෙමි. ඒ කාලයේ අතපත ගාන්නට ලැබුණු ඔස්ටින්, මොරිස් වාහනවල මතකය මගේ මනස තුළ නැවත අවදි වීමෙන් මම කුල්මත් වුණෙමි. උසස් පෙළට පිස්සු කෙළීම නිසා මා ගැන බියවී මට ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ මෙම පාඨමාලාවට අයදුම් කරන්නැයි කියා මගේ මව්පියන් මා එයට තල්ලු කළමුත් මා කවදාවත් කාර්වලට එතරම් ආසාවක් දක්වා නැත. එය මගේ සිහින සීමාවට එපිටින් තිබෙන බැවින් මට එය හුදෙක්ම උපයෝගී භාණ්ඩයක් පමණි. තරිඳු සිය නවකතාව සම්ප්‍රදායික සම්මාන ආකෘතිය තුළ සිර කරන්නට යාම නිසා මේ පරණ කාර්වල පිංතූර හෝ චිත්‍ර ටිකක් තම පොත තුළින් පාඨකයාට ඉදිරිපත් කරන්නට තිබුණු අවස්ථාව ඔහුට මගහැරී ඇත. ඔහුගේ කාර් බොහොමයක පිංතූර මා බැලුවේ අන්තර්ජාලය පීරලාය. සැලසුම් සහගත, වෘත්තීය ලේඛකයකු මෙන්ම දක්ෂ අලෙවිකරුවකු ද වන ශෙහාන් කරුණාතිලකගේ චයිනමන් කියවූ දිනවල මම නිකමට මැතිව් නම් ක්‍රිකට් ක්‍රීඩකයාගේ නම අන්තර්ජාලයේ සොයා බැලුවෙමි. ඒ වන විට ඒ නමින් ව්‍යාජ ක්‍රිකින්ෆෝ පිටු පවා නිර්මාණය කර තිබිණි. එම පිටුව මෙතනින් බලන්න. මෙම සබැඳියෙන් ප්‍රදීප් මැතිව් නම් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් වෙන් කරන ලද වෙබ් පිටුවට පිවිසිය හැකිය. ප්‍රදීප් මැතිව්ගේ මෙම විස්මිත පන්දු විස්තර හා රූපසටහන් පොතේ ද තිබේ. තරිඳුගේ පොතෙහි ඉදිරි මුද්‍රණවලදී ඒ පිළිබඳ සැලකිලිමත් විය හැකිය. එසේම, මා සිතන පරිදි එය තවදුරටත් සංස්කරණය කර ඉංග්‍රීසියෙන් ප්‍රතිරචනයක් කළහොත් ජාත්‍යන්තර වෙළඳපොළක් සාදාගත හැකිය. ලංකාවේ ලේඛකයන්ට මේ දූපතේ හතර මායිමෙන් එපිටට සිතන්නට හැකි විය යුතුය. ජීවිතයේ ඔයිල් පැල්ලම් යනු ලාංකීය සමාජ දේශපාලනික මනෝභාවයේ හරස්කඩකි. මා එසේ කියන්නේ සමාජ මනස මෙන්ම එම නවකතාව ද කුමන්ත්‍රණ න්‍යායයන්ගෙන් පිරී තිබෙන නිසාය. සාහිත්‍යයෙහි එය කිසිදු ආකාරයක ගැටලුවක් නොවේ. සාහිත්‍යය තිබෙන්නේ රසය පිණිසය. සෙසු කලාවන් තිබෙන්නේ ද ඒ සඳහාය. කූඹියෝ ටෙලි නාට්‍යය ද එවැනිය. එය යථාර්ථය යයි සිතීම පෝන් චිත්‍රපටිවල ශුක්‍ර ගැලුම් ගණන් පහවීම ඇත්ත යයි සිතනවා වැනිය. කූඹියෝ ටෙලි නාට්‍යයේ නළුවන් දේශපාලන වීරයන් යයි සැලකීම පෝන් චිත්‍රපටි සමග සන්සන්දනය කිරීම අපහාසාත්මක වන නිසා මම මෙතනින් නවතිමි. එහෙත්, පසුගිය කාලයේ ලංකාවේ සමාජයට කූඹියෝ ටෙලිනාට්‍යයත්, යථාර්ථයත් පැටලී තිබිණි. එහි නිර්මාණකරුවා එයට වගකිව යුතු නැත. එහෙත්, කූඹියෝ නළුවන්ටත් තමන් කවුරු හෝ මාර පොරකැයි සිතෙන මානසිකත්වයක් පහළ වී තිබෙනු දක්නට හැකි විය. ඔයිල් පැල්ලම් නවකතාව ද කඩාවදින්නේ මේ කුමන්ත්‍රණ න්‍යාය කලා අවකාශයටයි. එය කුමන්ත්‍රණවලින් පිරිලාය. එහි තිබෙන බොහෝ මහා කුමන්ත්‍රණ යථාර්ථයේදී අභව්‍ය වන්නේ එම කුමන්ත්‍රණවල අරමුණු ඉතා සිල්ලර ඒවා නිසාය. කොටින්ම පරණ කාර් ලබාගැනීම වැනි ඒවා නිසාය. ඒ වෙනුවෙන් තරිඳු නිර්මාණය කරන ෆැන්ටසිය විචිත්‍රය. එහෙත්, වතුර කොරහෙන් සූස් ගා පැන නහය කඩාගෙන කන කිඹුලන් තරමට කුමන්ත්‍රණ වැඩි වී එය තරමක් ගම්වල වෙසක් කාලයට කළු ඉටිරෙදිවලින් හදන හොල්මන් ගුහාවක තත්වයට පත්වී තිබේ. තරිඳුගේ වික්‍රමය තිබෙන්නේ බස හැසිරවීමේ නව්‍යකරණය තුළයි. සුචරිත ගම්ලත් සූරීන් ජීවතුන් අතර සිටියා නම් හඩු බසකැයි කිව හැකි වුණත්, එය අප දැනට භාවිතා කරන කථන ව්‍යවහාරයේ අතිශයෝක්තියට නගන ලද ස්වරූපයකි. විශේෂයෙන්ම වාහන ඇසුරෙන් ඔහු නිර්මාණය කරන උපමා, රූපක, ප්‍රස්ථාව පිරුළු ආදිය මනරම්ය. මුළු කෘතිය පුරාම සදය උපහාසයක් රැඳෙන්නේ එහෙයිනි. ඔයිල් පැල්ලමේ චරිත තරමක් විකාරරූපීය. දිනේෂ්, ඇන්ටනි, නෝලට් නැන්දා, රෝෂිණී, සමදරා, ලොන්ත හාමුලා හා ඇමති සමන්ත වැනි කවුරුත් එසේය. මෑතක සිට දූෂිත, අපරාධකාරී, කුමන්ත්‍රණකාර දේශපාලකයකුගේ චරිතය වටා ගොඩනැගෙන කුමන්ත්‍රණ න්‍යාය සමුදාය විශේෂයෙන්ම දකණු ආසියාතික කලා සංදර්භයේ වට්ටෝරුවක් නිර්මාණය කර තිබේ. එහි කිසිදු වරදක් නැත. එහෙත්, දේශපාලකයාගේ මේ ඒකාකෘතික චරිතය සමාජය වෙත සන්නිවේදනය වීමත් සමග එක පැත්තකින් සියලු දේශපාලනඥයන් එසේ යයි සමාජය සිතීම හා එසේ වීම දේශපාලනඥයාගෙන් අපේක්ෂා කිරීම ද, දේශපාලනඥයා ද එසේ වීම ද සිදු වේ. එමගින් එම ඒකාකෘතිය නැවත නැවතත් වැරගැන්වේ. මෙම ඒකාකෘතිය නැවත නැවත ඉදිරිපත් කිරීම ජනප්‍රිය දෙයක් විය හැකි වුවත්, එය සමාජ වෙනස සම්බන්ධයෙන් සාධනීය නැත. කලාකරුවාට එය අදාළ නැති බවට තර්ක කළ හැකිය. එහෙත්, කලාව රසවිඳින අපට ඒ ගැන කතාකිරීමට අයිතියක් නැතැයි කියන්නට හේතුවක් ද නැත. රසවිඳිය හැකි නවකතාවක් නිර්මාණය කළ තරිඳු ශ්‍රී ලොකුගමගේට ස්තුතියි. Share this: Twitter Facebook Like this: Like Loading... Related Post navigation බදු විතරද? රජයේ බර එතකොට? ඒඩ්ස් මාරාන්තිකද? නැත Related News Art Literature Poetry ඔහු මරා දැමූ මිනිසා – The Man He Killed කවියේ පරිවර්තනය May 19, 2021 May 19, 2021 Art Fiction Literature ගංවතුර කඳවුරේ නයනා (කෙටිකතාව) May 17, 2021 May 19, 2021 Art Fiction Literature පිරිත් කියනවා මිනිත් මරනවා March 9, 2021 March 9, 2021 Leave comment Cancel reply Your email address will not be published. Required fields are marked with *. Comment Full Name * Email Address * Website අනුග්‍රාහක නිවේදන Recent Comments ධම්මික විතාන on මැයි 9 සහ අරගලයේ කතාව සරලව කෙටියෙන් Lakshman Jayasinghe on මැයි 9 සහ අරගලයේ කතාව සරලව කෙටියෙන් Lakshman Jayasinghe on බලය බෙදීමට මහින්දත් පක්ෂ ඇයි? Lakshman Jayasinghe on ලංකාවේ සිදුවෙමින් තිබෙන විප්ලවය කුමක්ද? Mahinda Abeysinghe on බලය බෙදීමට මහින්දත් පක්ෂ ඇයි? Archives Archives Select Month December 2022 November 2022 October 2022 September 2022 August 2022 July 2022 June 2022 May 2022 April 2022 March 2022 February 2022 January 2022 December 2021 November 2021 October 2021 September 2021 August 2021 July 2021 June 2021 May 2021 April 2021 March 2021 February 2021 January 2021 December 2020 November 2020 October 2020 September 2020 August 2020 July 2020 June 2020 May 2020 April 2020 March 2020 February 2020 January 2020 December 2019 November 2019 October 2019 September 2019 August 2019 July 2019 June 2019 May 2019 April 2019 March 2019 February 2019 January 2019 December 2018 Categories Categories Select Category Agriculture (23) Art (84) Cinema (10) Drama (1) Fiction (4) Literature (18) Poetry (11) Business (5) Cartoon (65) Children (3) Cinema (1) Comics (5) Communication (2) Corruption (11) Crime (65) Democracy (16) Development (34) Disaster (3) Economics (12) Economy (94) Education (38) Elderly (4) English (110) Environment (16) Events (4) Fashion (4) Food (7) Gender (1) Governance (72) Health (142) History (4) Human Rights (41) Industry (5) International (72) Kalutara (4) Land (2) Language (1) Law (41) Life (197) Literature (8) Matugama (17) Matugama.com (7) Media (51) Military (3) Music (8) Nature (1) News (178) Opinion (29) Panadura (8) People (97) Philosophy (6) Photos (13) Places (21) Poems (5) Politics (547) Press Releases (3) Religion (17) Satire (3) Science (15) Security (11) Sports (19) Tamil (2) Technology (9) Terrorism (1) Tourism (2) Transport (19) Travel (18) Uncategorized (16) Video (23) Wildlife (5) Women (16) Youth (3) සිංහල (283)
මැයි දිනය සමරන්නට සැරසෙන බහුතරයක් ලාංකීය වාමාංශිකයන් අතර ජන අරගල ව්‍යාපාරය සිය මැයි දින තේමාව ලෙස යොදාගෙන තියෙන්නේ සමාජවාදී ජීවිතයක් යන තේමාවයි. මේ වාමාංශිකයන් නොදන්නා ප්‍රධාන කාරණාවක් වන්නේ මේ වන විටත් සමාජවාදය යන්න අභාවයට ගොස් ඇති බවයි. සමාජවාදය අවංගු වී ඇති බවට බටහිර බුද්ධිමතුන් මතයක් ප්‍රකාශ කර තියෙනවා. කොටින්ම වර්ථමාන ත්ත්වයන් අනුව සමාජවාදය යනු ධනේෂ්වර සමාජයට පෙර පැවති පූර්ව ධනේෂ්වර සමාජයේම දිගුවක් බවට ලඝු වී තිබෙනවා. කම්බෝජිවායාවේ පෝල් පෝට් ගේ සමාජවාදී සමාජය වගේම රුසියාවේ ස්ටාලින් ගේ සමාජවාදයත් අපට ඒකාධිපවාදය හැර වෙන යමක් ඉතිරි කලේ නැහැ. පවතින ධනවාදී සමාජයට වඩා උසස් සමාජයක් නිර්මානය කරන්න නම් පූර්ව ධනේෂ්වර සමාජයක් නිර්මාණය කර වැඩක් නැ. අවශ්‍ය වන්නේ ධනේශ්වර සමාජයට වඩා මානව සමාජයට විමුක්තිය උදාකරන සමාජයක් නර්මාණය කිරීමයි. ‍මේ නිසා අපි කොමියුනිස්ට් සමාජයක් ගැන තමයි කල්පනා කරන් ඕනේ. කොමියුනිස් සමාජය කියන්නේ ධනවාදී සමාජයට වඩා උසස් සමාජ ක්‍රමයක්. ඒ සම්බන්ධයෙන් අපි පසුව දීර්ඝ වශයෙන් වෙනත් ලිපියකින් පැහැදිලි කරනවා. පහත ඡායාරූප වලින් දැක්වෙන්නේ එංගලන්තයේ ප්‍රයිමාර්ක් ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණයක නිතර වන එංගලන්තයේ වැසියන් පිරිසක්. ඒ අය බංගාදේශයේ ඇගලුම් කම්හල් සිද්ධියට එරෙහිව සිය වරෝධය දක්වනවා. කැමති නම් ඒ පිරිසත් මේ සමාජවාදී ජීවිතයක් හදන්නට සිතා ඉන්න පිරිසට තමන්ගේ ගොඩට දා ගන්න පුලුවන්. 3mana - Tags: සමාජවාදී මැයි දිනයට පෙර-වදනක් සමාජවාදී මැයි දිනයට පෙර-වදනක් No comments Subscribe to: Post Comments ( Atom ) Featured Post සමන්ත විද්‍යාරත්න. සක්‍ර දෙවියන් ප්‍රමුඛ දේව සභාවට ලීයු ලියමන 2021 අගෝස්තු 24 බදුල්ලේදීය. ලිපි අංක 1 මහා සක්‍ර දිව්‍යරාජයානන් ප්‍රමුඛ දේව මණ්ඩලයේ සියලුම දෙවිවරුන්ට ගෞරවයෙනි, සෙත් වේවා !! මෙම ලිපිය ඔබ ව... Facebook Sri lanka team Popular ස්ත්‍රීන් ගේ ලෝකය තුළ පිරිමින් දේශපාලන පොන්නයන්වීම-(කාන්තා දින පණිවිඩය) ලංකාවේ වාමාංශික පක්ෂ ඇතුලු බොහෝ පිරිස් කාන්තා දිනය පිළිබදව විවිධ අටුවා,ටීකා,ටිප්පනි ලියා ඇත. මේ සියල්ල මගින් ගම්‍යමාන ව... සාත්‍රේට සංජීව බණ්ඩාර හමුවීම සංජීව බණ්ඩාර ….., ඔබ පළඳින්නේ දුප්පතාගේ රබර් සෙරෙප්පු දෙකය .. ඔබ උදේට කෑවේ රොටී කැල්ලක් පමණි .. නමුත් ඔබ වැදූ අම්මා පෙවූ රන් කිරේ ජවයෙන් ද... කුවේණි එදා අපේ රටට පළිගැහුව සාප නවය මෙන්න ...........ඉබාගාතේ යන වල්මත් ජාතියක් බිහිවේවා! වරිගෙන් පිටමං කළාට විජය අතහැර දැමුවාට හෙළ දිවයිනට-වරිගෙට කුවේණි කළ සාපය = හෙළ දිවයින හතර පැත්තෙන් විනාශ වේවා! = හෙළයේ නායකයන් විනාශ ... පබා දඟකාර ද? බුද්ධිමත් ද? 01 උපේක්ෂා ස්වර්ණමාලී යනු පබා ටෙලි නාට්‍යයෙන් සිංහල ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිත්වයට පත් වූ නිළියකි පසුගිය මහ මැතිවරණයේ දී ගම්පහ... මල් පෙරහැරේ අපි ගෝලයෝ. සන්නා අපේ දළ ඇතා. - සන්නා වටේ සිටින පැපොල් ඇට ලොන්තයන්ට සමන් එදිරිමුණී. කියපු කතාව පුද්ගලික සම්බන්ධකම් ප්‍රසිද්ධියේ ප්‍රකාශට පත් කිරීමේ න්‍යාය මා උගත්තේ සන්නාගේ අම්මා පොතෙනි. මේ ඔහුව අමතන්නේ ඒ රචනා ශෛලීයෙනි. # සන්නා ගැන... දෙරණේ හිගන සම්මාන පූජාවේ කතාවක් - දුලීකා මාරපන කියයි කලාකරුවාගේ මානව හිමිකම් උල්ලංඝනය වීම. --------------------------------------------------- මම කවුරුත් දැයි මුලින්ම හදුන්වා දීමට කැමැත්තෙම... ආගමික අන්තවාදය මිනිස් නිදහස සීමා කළා |රටින් පිටුවහල් කළ ශී‍්‍ර ලාංකික මුස්ලිම් ලේඛිකා ෂර්මිලා සෙයියිද් රාවය පුවත්පත - අජිත් නිශාන්ත ශ්‍රී ලාංකික මුස්ලිම් ලේඛිකාවන් ගැන අපට අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. එයට හේතුව ලේඛනයේ හෝ නිර්මාණකරණයේ යෙදෙන... 2019 ජනාධිපතිවරණ ප්‍රතිඵලය ගැන - වික්ටර් අයිවන් මෙම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ජනාධිපතිවරණය දිනීමේ වැඩි හැකියාව තිබෙන්නේ ගෝඨාට නොව සජිත්ට බව මම කීවෙමි. එහෙත් එය එසේ වූයේ න... නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය අහිමි කිරීම - වික්ටර් අයිවන් වික්ටර් අයිවන් ලංකාවේ දේශපාලන කරළියට නීති ක්‍රියාධරයකු හා ජනාධිපති අපේක්ෂකයන් ලෙස ලෙස එකතු වී සිටින නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය වසර ... ආර්‍යාවන්ට මෙන්සස් හැදෙන්නේ නැද්ද? (පක්ෂ වහල් භාවයෙන් තොරව කියවමු!) ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගන්න කාන්තාවකට කිසිම මොහොතක උඩ මළුවට යන්න දෙන්නෙ නැහැ. හේතුව කිළි කියන එක තමයි මම අහල තියෙන්නෙ. එහෙමයි ... Recent Recent Comments හිටපු ඇමති රාජිත ගැන බුද්ධදාස විතානආරච්චි අතීතාවර්ජනය කරමින් මුහුණුපොතේ තැබූ සටහන මෙන්න. හිටපු ඇමති රාජිත ගැන බුද්ධදාස විතානආරච්චි අතීතාවර්ජනය කරමින් මුහුණුපොතේ තැබූ සටහන මෙන්න. හෙළුව පෙනීම - වික්ටර් අයිවන් හෙළුව පෙනීම - වික්ටර් අයිවන් මල් පෙරහැරේ අපි ගෝලයෝ. සන්නා අපේ දළ ඇතා. - සන්නා වටේ සිටින පැපොල් ඇට ලොන්තයන්ට සමන් එදිරිමුණී. කියප මල් පෙරහැරේ අපි ගෝලයෝ. සන්නා අපේ දළ ඇතා. - සන්නා වටේ සිටින පැපොල් ඇට ලොන්තයන්ට සමන් එදිරිමුණී. කියපු කතාව
ගයි බ්‍රයන්ට් තනිකඩව සහ තමාගේම දරුවන් නොමැතිව නිව් යෝර්ක් නගරයේ ළමා සුභ සාදන දෙපාර්තමේන්තුවේ සේවය කළේය. හදා වඩා ගන්න කැමති දෙමාපියන්ගේ දැඩි අවශ්‍යතාවන්යට දිනපතාම ඔහු මුහුණ දුන් අතර ඒ සඳහා යමක් කිරීමට තීරණය කළේය. දශකයකට වැඩි කාලයක් බ්‍රයන්ට් දරුවන් පනස් දෙනෙකුට වඩා ඇති දැඩි කළ අතර වරක් එකවර ළමයින් නව දෙනෙකු රැක බලා ගත්තේය. “මම හැරී බලන සෑම අවස්ථාවකදීම නවතින්නට තැනක් අවශ්‍ය වූ ළමයෙක් සිටියේය” කියා බ්‍රයන්ට් පැහැදිළි කළේය. ඔබේ නිවසේ සහ හදවතේ ඉඩක් ඇත්නම් ඔබ එය කරන්න. ඒ ගැන වැඩිය සිතන්න එපා”. හැදී වැඩී තමන්ගේම ජීවිත ගොඩ නගා ගත් මෙම හදා වඩා ගත් වැඩිහිටි දරුවන්ට තවමත් බ්‍රයන්ට්ගේ මහල් නිවාසයේ යතුරු ඇති අතර ඔවුන් බොහෝ විට ඉරිදා දිනවල දිවා ආහාරය සඳහා “තාත්තා” බැලීමට පැමිණෙති. බ්‍රයන්ට් බොහෝ දෙනෙකුට පියෙක්ගේ ආදරය පෙන්වා ඇත. අමතක වූ හෝ පසෙකට දැමූ සියල්ලන් පසුපස දෙවියන්වහන්සේ හඹා යන බව දේව වචනයේ සඳහන් වන්නේය. සමහර ඇදහිලිවන්තයන් මේ ජීවිතයේ අනාථ හා අවදානමට ලක් වූවද උන්වහන්සේ ඔවුන් සමග සිටීමට පොරොන්දු වූ සේක. “දෙවියන්වහන්සේ පියා නැත්තන්ට පියෙක්ද… (ගීතාවලිය 68:5). නොසළකා හැරීම හෝ ඛේදවාචකයක් තුළින් අප තනිව සිටින්නේ නම් අප වෙත ළඟා වෙමින්ද අපව ළංකර ගනිමින්ද අපට බලාපොරොත්තුවක් ලබා දෙමින්ද දෙවියන්වහන්සේ තවමත් එහි සිටින සේක. ඇත්තෙන්ම දෙවියන්වහන්සේ “හුදකලා වූවන් පවුල්වල වස්වන සේක” (6 පදය). යේසුස්වහන්සේ තුළ අනෙකුත් ඇදහිලිවන්තයන් අපගේ ආත්මික පවුලට සමගියෙන් ඇතුල් වෙති. අපගේ අභියෝගාත්මක පවුල් කතන්දර, අපගේ හුදකලාව, අපව අත්හැර දමා තිබීම හෝ අපගේ දුර්වල වූ සම්බන්ධතා කුමක් වුවත් අප ආදරය ලබන බව අපට දැන ගත හැකිය. දෙවියන්වහන්සේ සමග අප තවදුරටත් පියා නැති දරුවන් නොවන්නෙමු. ඔබට ප්‍රේම කරන කිසිදා ඔබව අත් නොහරින ස්වර්ගීක පියෙක් සිටින්නේය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? උන්වහන්සේ ඔබේ ගැඹුරුම අවශ්‍යතාවයන් සපුරාලන්නේ කෙසේද? දෙවි පියාණෙනි, මට හොඳ පියෙක්, සැබෑ පියෙක්, කිසිදා මා අත්හැර නොයන කෙනෙක් මට අවශ්‍යය. ඔබවහන්සේ මට මෙම පියා වනු ඇතැයි මම විශ්වාස කරමි. වින් කොලියර් විසිනි | වෙනත් කතුවරුන් සොයන්න Facebook Twitter විද්‍යුත් ලිපිනය මුද්‍රණය Our Daily Bread Topics: Uncategorized දවසේ පිංතූරය තව දුරටත් කියවන්න දවසේ වීඩියෝව 0අදහස් 0සංග්‍රහය You must be logged in to post a journal. බයිබලයේ, ජීවිත වෙනස් කරන්නාවූ ප්‍රඥාව සියලුදෙනා හට තේරුම් ගැන්වීම හා ඊට සමීපවීමට සැලැස්වීම අපගේ මෙහෙවර වන්නේය. අපගේ දර්ශනය සියලු ජාතීන් ක්‍රිස්තුස්වහන්සේ සමඟ පුද්ගලික සම්බන්ධතාවක් අත්දකිනු දැකීම, උන්වහන්සේ මෙන් වන පිණිස වර්ධනය වනු හා උන්වහන්සේගේ පවුලේ සභාවක සේවය කරනු දැකීමය. මෙම වෙබ් අඩවියේ සඳහන් බයිබල් පාඨ ශී‍්‍ර ලංකා බයිබල් සංගමයේ අවසරය ඇතිව, © 1995 ප‍්‍රකාශයට පත් කළ ශුද්ධවූ බයිබලයේ සංශෝධිත පැරණි අනුවාදයෙන් උපුටාගෙන තිබේ.
ලංකාවේ ඕනම කෙනෙක් නම කිව්වත් අඳුනන රජ කෙනෙක් තමා ‘දුටුගැමුණු’ කියන්නේ. මහාවංශ කතුවරයා මහාවංශයේ වීරයා කරන්නෙත් මේ දුටුගැමුණු රජතුමාව. දුටුගැමුණු ගැන මහාවංශය තුල පරිච්ඡේද කිහිපයකින් ම විස්තර කරලා තියෙනවා. හැම කුඩා සිද්ධියක් ගැන ම විස්තරයක් තියෙනවා. නමුත් එක දෙයක් හැර. රුවන්වැලි මහා සෑය දුටුගැමුණු රජතුමාගේ ප්‍රකට නිර්මාණයක්. මේ නිර්මාණය කරන අතරතුර රජතුමා හදිසියේ අසනීප වෙනවා. අසනීප වෙලා රුවන්වැලි මහා සෑය හදලා ඉවර වෙන්න කලින් මිය යනවා. රජතුමා අසනීප වුන බවක් ලියලා තිබුනත් එහෙම අසනීප වෙන්න හේතුව මොකක් ද? ලෙඩේ මොකක් ද? බෙහෙත් කලේ කව් ද? කියලා කිසි දෙයක් සඳහන් වෙන්නේ නැහැ. අච්චර ලොකුවට දුටුගැමුණුව විස්තර කරලා අන්තිමට මැරෙන්න හේතුව නොදාපු එක නම් ගැටලුවක්. දුටුගැමුණුගේ මේ මරණය ගැන ජනකතාවක් නම් තියෙනවා. ඒ කතාව මේකයි. රුවන්වැලි මහා සෑය හදමින් ඉන්න අතරතුර මේ මහා සෑය වන්දනා කරන්න එනවා රූමත් නාග කන්‍යාවෝ කිහිප දෙනෙක්. ඔතනදි නාග කන්‍යාවෝ කියන්නේ ඉතින් රූපකයක්. නයි නෙමේ. නාග ගෝත්‍රයේ රූමත් මනුෂ්‍ය කාන්තාවෝ කියලා කියමුකෝ. මේ රූමත් කාන්තාවෝ මහා සෑය වඳින්න ආපු බව රාජපුරුෂයෝ රජතුමාව දැනුවත් කරනවා. මේ තොරතුර දැනගත්තු රජතුමා වහාම යනවා මේ රූමත් කාන්තාවෝ බලන්න. බලලා නතර වෙන්නේ නැහැ. රජතුමා එක් කාන්තාවකගේ අතින් අල්ලලා යන්න දෙන්නේ නැතුව අල්ලගන්නවා. “රජතුමනි, මාව අතාරින්න. මම නාග කන්‍යාවක්. මගේ ස්වාමිපුර්ෂයා නාග රාජයෙක්.” නාග කන්‍යාව රජතුමාට කිව්වා. “නාග රාජයාට මම මොකටද බය වෙන්නේ, එනවා මෙහෙන්” කියලා රජතුමා මේ නාග කන්‍යාවව මාළිගාවට අරගෙන යනවා. ගිහින් මේ නාග කන්‍යාවත් එක්ක එකතුවෙනවා. මේ එකතුවීමෙන් පස්සේ නාග කන්‍යාව රජතුමාට මෙහෙම කියනවා; “රජතුමනි මේ කිසිම දෙයක් කාටවත් දැනගන්න තියන්න එපා. මගේ ස්වාමිපුර්ෂයා දැනගත්තොත් මහා විනාශයක් වෙන්නේ.” මෙහෙම කියලා මේ කාන්තාව යන්න කලින් කවදාවත් තිසා වැවට බහින්න එපා කියලා රජතුමාට එක් උපදෙසක් දෙනවා. මේ නාග කන්‍යාව ගෙදර ගියත් එයාගේ අමුතු හැසිරීම ගැන සැක හිතුනු නාග රාජයා දවසක් මේ ගැන ප්‍රශ්න කරනවා. එතනදී හැම දේම මේ නාග කන්‍යාව තමන්ගේ ස්වාමිපුර්ෂයාට කියනවා. මේ නිසා මේ නාග රාජයා දුටුගැමුණු රජතුමාත් එක්ක හිටියේ බොහොම කේන්තියෙන්. මේ අතර රජතුමා මුලදි බය නැතුව කතා කරත් තිසා වැවේ නාන එක නතර කරනවා. නමුත් ටික කාලයකින් මේ අනතුරු ඇඟවීම ගැන රජතුමාට අමතක වෙලා තිසා වැවේ නාන්න යනවා. අවසානයේ මේ වැවේ හිටපු නයෙක් දෂ්ට කරලයි රජතුමා අසනීප වෙන්නේ. ඒ තමා ජන කතාව. නාග ගෝත්‍රිකයෝ මේ නාග කන්‍යාවගේ සිදුවීමට පෙර ඉඳන් ම දුටුගැමුණු රජතුමා සමඟ අමනාපයෙන් හිටියේ. ඒ තමන් වැඳපුදාගත් ධාතූන් වහන්සේලා රවට්ටලා අරගෙන රුවන්වැලි මහා සෑයේ තැන්පත් කරපු නිසා. මේ බව මහාවංශයේ තිස් එක්වෙනි පරිච්ඡේදයේ අපූරුවට තියෙනවා. රුවන්වැලිසෑයේ තැන්පත් කිරීමට නාග රජ්ජුරුවන්ගෙන් ධාතූන් ඉල්ලපු සෝණුත්තර තෙරුන්වහන්සේට නාගරජ්ජුරුවෝ මෙහෙම කියනවා; “භික්ෂුව, බලනු මැන. නොයෙක් ආකාරයෙන්, නොයෙක් රන් රුවන්වලින් ඉතා සුන්දර ලෙස මනාකොට නිර්මාණය කරලා තියෙන මේ චේතියඝරය. තමුන්නාන්සේගේ ලංකාද්වීපයේ සියලු රන් රුවන් එකතු කළත් මෙහි පඩිපෙළ පාමුල ඇති සඳකඩපහණක් තරම්වත් වටිනාකමක් නෑ. මේ චේතියඝර ආදියේ ඇති මුතු මැණික්වල වටිනාකම ගැන කවර කතාද! ඒ නිසා භික්ෂුව, මහා සත්කාර ලැබෙන තැනකින් අල්ප සත්කාර ලැබෙන තැනකට ධාතූන් වහන්සේලා ගෙනියනවා යන මෙය තොපට ගැලපෙන දෙයක් නොවේ.” නාගයෝ සහ දුටුගැමුණු රජ අතර තිබුණු අමනාපකම ඒ කාලයේ සමාජය දැනගෙන හිටියා. දුටුගැමුණු රජතුමාගේ මරණයට නාගයෝ සම්බන්ධ කතාවක් කාලයත් සමඟ පැටලුනේ ඒ නිසා විය යුතුයි. [ඡායාරූපය - බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න] at December 25, 2021 6 comments: Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest Monday, December 20, 2021 අපි වයසට යන්නේ ඇයි? ඔබ වසර 10,000කට පෙර ජීවත් වූ අයෙක් නම් ඔබගේ ආයු අපේක්ෂාව වසර තිහකට නොවැඩියි. ඔබ වසර 100කට පෙර ජීවත් වූ අයෙක් නම් ඔබගේ ආයු අපේක්ෂාව වසර 50කට නොවැඩියි. ඔබ මීට දශක කිහිපයකට පෙර ඉපදුනු අයෙක් නම් ඔබගේ ආයු අපේක්ෂාව වසර 80ක් දක්වා යා හැකියි. තාක්ෂණයේ දියුණුවත් සමඟ මිනිසුන්ගේ ආයු අපේක්ෂාවත් ක්‍රමක්‍රමයෙන් වැඩි වුනා. කුඩා අවධියේ පටන් මැදි වියට එනතෙක් ම වයස්ගත වීම අපේ ශාරීරික වර්ධනයට බලපෑවා. වයසත් එක්ක ඇවිදින්න, දුවන්න වගේම නව ක්‍රියාකාරකම් රැසක් අපිට කිරීමට හැකියාව ලැබුනා. නමුත් අපගේ එක්තරා වයසක ඉඳන් මේ හැකියාවන් හීන වෙන්න පටන් ගන්නවා. අපි 'වයසට යනවා' කියලා කටවහරේ කියන්නේ ඒ කාලෙදි යි. නමුත් ඇයි අපි වයසට යන්නේ? තරුණ අවධියේ දී වයස්ගත වීම ශාරීරික වර්ධනයට හේතු වෙලා තවත් කාලයක දී වයස්ගත වීම ශරීරයේ දුබලතාවට හේතු වුනේ කොහොම ද? අපි අද සොයා බලමු ඒ ගැන. වයස්ගත වීම කියන්නේ රෝගයක් නෙමේ. දියවැඩියාව, ඇල්සයිමර් සහ ක්ෂයරෝගය ආදී දේවල් රෝග. වයස්ගත වීම මේ සමහර රෝග වලට හේතු වෙන්න පුලුවන් වුනත් වයස්ගත වීම රෝගයක් ලෙසින් සැලකෙන්නේ නැහැ. අපි වර්ධනය වෙන්නේ සෛල බෙදීමෙන්. එකෙන් දෙකක් දෙකෙන් හතරක් ආදී විදිහටත් තවත් ආකාර වලටත් අපේ ශරීරයේ සෛල බෙදෙනවා. මේ බෙදීමේ දී අපේ සෛල වල තියෙන වර්ණදේහත් ඒ එක්කම බෙදෙනවා. පාරම්පරික ලක්ෂණ ඉදිරි පරපුර අරගෙන යන්නේ මේ වර්ණදේහ තුලින්. මේ සෛල බෙදීම සම්බන්ධයෙන් හෙෆ්රික් නම් වූ විද්‍යාඥයෙක් විශේෂ සොයා ගැනීමක් සිදු කරනවා. ඔහු පවසනවා අපේ ශරීරයේ සෛල වලට බෙදීමට හැකියාවක් ලැබෙන්නේ නිශ්චිත ප්‍රමාණයක් දක්වා පමණයි කියලා. වර්ණ දේහ වල කෙලවර සෑදී ඇත්තේ 'ටිලමියර්' නම් වූ ද්‍රව්‍යයකින්. මේ ටිලමියර් වර්ණ දේහ තුල තිබෙන්නේ වර්ණ දේහ වලට සිදුවන හානි වලින් ආරක්ෂා කරගන්න. නමුත් සෛල බෙදීමේ ක්‍රියාවලියේ දී මේ ටිලමියර් ටිකෙන් ටික කොට වෙනවා. ටිලමියර් කොට වෙලා කොට වෙලා අන්තිමේ දි නැති වුනාම යි සෛලයේ බෙදීම අවසන් වෙලා සෛලය මිය යන්නේ. අපි වයසට ගිහින් මිය යන්නෙත් මේ හේතුව නිසා. ටිලමියර් කොට නොවෙන එක් සත්වයෙක් ඉන්නවා. ඒ තමා පොකිරිස්සා. පොකිරිස්සන්ගේ ශරීරයේ සෛල වර්ධනය වෙනකොට ඒවායේ ටිලමියර් කොට වෙන්නේ නැහැ. ඒ ටිලමොරේස් නම් එන්සයිමය නිසා. මේ නිසා පොකිරිස්සන් දිනෙන් දින ශක්තිමත් වෙනවා මිසක් මොන මොහොතකදිවත් වයසට යන්නේ නැහැ. ඒ සත්තු මිය යන්නේ මිනිස්සු වගේ තවත් සතෙක් උන්ව කෑවොත් විතරයි. දැන් කෙනෙක්ට හිතෙන්න පුලුවන් අපිටත් පොකිරිස්සගේ වගේ ටිලමියර් කොට වෙන්නේ නැතිව තිබ්බනම් හොඳයිනේ කියලා. නමුත් ඒක හිතන තරම් හොඳ දෙයක් නම් නෙමේ. අපේ ශරීරයේ පිළිකා සෛලත් ක්‍රමක්‍රමයෙන් ගුණනය වෙනවා. මේවායේ වර්ණදේහ වල තියෙන ටිලමියර් කොට වෙන්නේ නැහැ. මේ නිසයි පිළිකාවක් පැතිරීම වළක්වන්න අපහසු. සාමාන්‍ය විදිහට සෛල බෙදිලා ටිලමියර් කොට වෙලා සෛල මිය යනවා නම් පිළිකා සෛලත් කාලයකින් අපේ ශරීරයෙන් තුරන් වෙන්න තිබ්බා. නමුත් එහෙම වෙන්නේ නැහැ. මේ හේතුව නිසාමයි අපේ ශරීරයේ අනෙකුත් සෛල වල ටිලමියර් කොට වෙන්නේ. එහෙම නොවුනා නම් ඒවායේ රෝග කාරකයක් තිබුනොතින් ඒ රෝග කාරකයත් නොනවත්වා ගුණ වෙන්න තිබුනා. එහෙම බැලුවොත් අපේ වයසට යෑමත් එක්තරා ආකාරයක අපිව ආරක්ෂා කරගන්න ශරීරය යොදන උපක්‍රමයක්. at December 20, 2021 5 comments: Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest Thursday, December 16, 2021 මළ පොතේ අකුර දැකලා තියෙනවා ද? අතීතයේ දී ගැමි ගෙදරක මරණයක් සිදු වුනාම ඒ මරණය ඍජුව පැවසීම අසුබ යැයි සිතූ නිසා ගම්මුන් විශේෂ අක්ෂරයක් සහිත තල්පතක් ගම වටා රැගෙන ගියා. ඒ අකුර දුටු පමණින් යනෙකුගේ මරණයක් හැඟවෙන බවත් මෙයට මළපොතේ අකුර යැයි කියැවෙන බවටත් කතාවක් මම අහලා තියෙනවා. සමාජ ජාලා තුල පමණක් නොව අන්තර්ජාලයේ ඔබ මෙම මළ පොතේ අකුර කුමක්දැ යි සෙව්වොත් පහත පින්තූරයේ දැක්වෙන අක්ෂරය පැමිණෙනවා. නමුත් සැබවින් ම මේ මළපොතේ අකුර ද? මළ පොතේ අකුර මෙය යැයි කීවත් එය සනාථ කිරීමට කිසිදු සාධකයක් මට හමුවූයේ නැහැ. මළ පොතේ අකුර මෙය යැයි කියන කිසිවෙකුටවත් මේ මළ පොතේ අකුර යැයි සනාථ කල හැකි යැයි මම සිතන්නෙත් නැහැ. එසේ නම් මළපොතේ අකුර කියන්නේ මොකක් ද? මළ පොතේ 'අකුර' නමින් යෙදුමක් බහුලව භාවිතා වුනත් මළ පොතේ 'අකුරු' නමින් බහු වචන පදයකුයි ගැමියෝ භාවිතා කළේ. මාලනී බුලත්සිංහල මහත්මිය වුනත් කියන්නේ මළ පොතේ 'අකුරු' බෑ කී මිනිහා ඉංගිරීසි පත්තරේ මුල ඉඳන් අගට බලනවා මිසක් මළ පොතේ 'අකුර' බැරි මිනිහා එහෙම කරනවා කියලා නෙමෙයිනේ. සමහරු ඉස්පිළි පාපිළි නැති නිසා 'ඉ' ස්වරයට මළ පොතේ අකුර යැයි හඳුන්වනවා. නමුත් ඉස්පිළි පාපිළි යෙදෙන්නේ නැති තවත් අක්ෂර තියෙන නිසා 'ඉ' අක්ෂරයට මළ පොතේ අකුර කීමත් පිළිගන්න අපහසුයි. ගැමි පුද්ගලයෙක් මියගියා ම අක්ෂරයක් අඩංගු තල්පතක් ගම වටා රැගෙන යන කතාවත් තරමක් පිළිගන්න අපහසුයි. එහෙම දෙයක් කිසිම ඓතිහාසික මූලාශ්‍රයක සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා මේ අදහස පසු කාලීනව ඇතිවූ අදහසක් වෙන්න ඕන. ඇරත් ගැමියෙක් මැරුණම ඒක කටින් කියන්න බැරි ඇයි? කෙනෙක්ගේ මරණයක් වචනයෙන් පැවසීම අසුබ යැයි සඳහන් තැනකුත් නැහැ. මේ හේතු කාරණා නිසා අතීත ගැමියෙක් මිය ගියාම අක්ෂරයක් ලියූ තල්පතක් ගම වටේ රැගෙන යන කතාව අපිට බැහැර කරන්න වෙනවා. ගැමි සංස්කෘතිය තුල සෑදෙන මිත්‍යාවක් පිටිපස්සේ සැඟවුනු සත්‍යයක් තියෙන්න පුලුවන්. මළ පොතේ අකුරු වල කතාවත් ඒ වගේ. වර්තමානයේ දී නම් මළ ගෙදරක දී සතිපට්ඨාන සූත්‍රය සඡ්ඣායනා කරනවා. අතීතයේ දී සඡ්ඣායනා කල ජාතක කාව්‍යයක් තිබුනා. ඒ වෙස්සන්තර ජාතක කාව්‍යය. වෙස්සන්තර කාව්‍යයයේ (වෙසතුරු දා කව) දරුවන් දන් දෙනකොට මහ පොළොව කම්පා වුන විදිහ ඇහෙනකොට මළ ගෙදරක තියෙන ශෝකය තුනී වෙනවා කියලා අතීත ගැමියෝ විශ්වාස කළා. මේ නිසා හැම මළ ගෙදරක ම වෙස්සන්තර ජාතක කාව්‍යය සඡ්ඣායනා කළා. අතීත ගැමියෝ මළ පොත කීවේ ඒ වෙස්සන්තර ජාතක කාව්‍යය ලියූ තල්පතට. මේ තල්පත කියවන්න පුලුවන් වෙන්නේ අකුරු සාස්තරේ දන්න අයට විතරයි. ගමේ බොහෝ දෙනෙක් අකුරු සාස්තරේ දන්නේ නැති නිසා මේ මළ පොත, එහෙමත් නැතිනම් වෙස්සන්තර ජාතක කාව්‍යය කියවන්න පුලුවන් වුනේ කිහිප දෙනෙක්ට විතරයි. ටික කාලයක් යනකොට මිනිස්සුන්ට මේ ජාතක කාව්‍යයේ කවි ටික ඇහිලා ඇහිලම කට පාඩම් වෙනවා. අකුරු සාස්තරේ නොදන්න කෙනෙක් වුනත් තල් පත අතේ තියාගෙන කටපාඩමින් කවි ටික කියන්න පුලුවන් වුනා. ඒත් සමහරු ජාතක කාව්‍යය නිතර ඇහිලත් කටපාඩම් කරගත්තේ නැහැ. මේ අයට තමා ගම්මු කීවේ 'මළ පොතේ අකුරුවත් බැරි මිනිහෙක්' කියලා. at December 16, 2021 6 comments: Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest Tuesday, December 14, 2021 දෙවියන් සහ මිනිස් මොළය යුරෝපයේ පුනරුද සමයේ සිටි කලාකරුවෝ තම කලා නිර්මාණ වල සියුම් තැන් පිළිබඳව ඉතා ඕනෑකමින් සොයා බැලුවා. එවන් ශිල්පීන් අතර මයිකල් ඇන්ජලෝ නම කලා ශිල්පියා ඉතා විශේෂ යි. ඔහු නිමවූ මෝසෙස්ගේ පිළිමයේ මෝසෙස් දකුණු අතෙහි උඩ කොටසේ නහරයක් සමෙන් ඉලිප්පී පෙනෙයි. වර්තමාන වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම් වලට අනුව නම් එම නහරය පිටතට පෙනෙන්නේ අපගේ අතේ සුළු ඇඟිල්ල ඉහලට එසෙව්වොත් පමණි. මයිකල් නිමවූ මෝසෙස්ගේ පිළිමයේ මෝසෙස් තම සුළු ඇඟිල්ල ඉහලට ඔසවාගෙන සිටියි. අපගේ ගෙල ප්‍රදේශයේ ඇති කණ්ඩරික ශිරාව පිටතට පෙනෙන්නේ අප කලබලයෙන් තිගැස්සී සිටින විට යි. මයිකල් ඇන්ජලෝ නිපදවූ දාවිත්ගේ පිළිරුවේ ඉතා සියුම් ව එම ශිරාව පෙනෙයි. දාවිත්ගේ පිළිමයේ නිරූපණය වන්නේ ඔහු ගොලායත් නම් පිළිස්ති යෝධයාත් සමඟ සටනට මොහොතකට පෙර අවස්ථාවකි. එමනිසා එම මොහොතේ දාවිත් තිගැස්සී සිටි බව හොඳාකාරවම කිව හැකියි. මෙම වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම් මයිකල් ඇන්ජලෝගේ අවධියේ දී සිදු වූ දේවල් නොවේ. සමහර සොයා ගැනීම් මයිකල්ගෙන් වසර සියයකටත් පසු සොයාගත් ඒවා ය. එම නිසා එකල කලා ශිල්පීන්ට සිතුවම් ඇඳීමට අමතරව මළ සිරුරු විච්ඡේදනයෙන් ලත් විශාල දැනුමකුත් තිබුනු බව අප මතකයේ තබා ගත යුතුයි. මයිකල් තමන්ගේ කලා නිර්මාණ වලට මෙවන් වෛද්‍ය විද්‍යාත්මක කරුණු ඇතුලත් කල අවස්ථා වලට ඇත්තේ උක්ත සඳහන් කල ඒවා පමණක් ම නොවේ. එවන් ආකාරයේ සිතුවම් අතරින් මගේ ප්‍රියතම සිතුවමක් ඇත්තේ වතිකානයේ සිස්ටයින් දේවස්ථානයේ සිවිලිමේ ය. මයිකල්ට ස්වර්ගය හා දෙවියන් සම්බන්ධ කරමින් සිස්ටයින් දේවස්ථානයේ සිතුවම් කිරීමට අවසර දෙන්නේ එකල සිටි පාප්වහන්සේ විසින්. මයිකල් එහි සිතුවම්කරණයේ නියැලෙන්නේ එම සිතුවම් එකල මෙන් ම වර්තමානයේ සිතුවම් වලට ද අභියෝගයක් එක් කරමින්. ක්‍රිස්තියානි ආගමේ ලෙසට ලොව පලමු මිනිසා වන ‘ආදම්’ දෙවියන්වහන්සේ විසින් දූවිල්ලෙන් මවයි. මයිකල් ඇන්ජලෝ විසින් එම ආදම්ව මැවීම සිස්ටයින් දේවස්ථානයේ සිතුවම් කරන්නේ සිවිලිමේ. මෙහි දී වම් ආදම් සිටින අතර දකුණු පස දෙවියන් සිටියි. මයිකල්ට පෙර දෙවියන් නිරූපණයට අලෝකයක් වැනි දේ යොදා ගත්තත් ඔහු දෙවියන්ව නිරූපණය කලේ වයෝවෘධ පුද්ගලයෙක් ලෙසින්. එය එකල සම්ප්‍රදායට පිටින් යෑමකි. දෙදෙනාගේ ඇඟිලි ගෑවී නොගෑවී තිබේ. දෙවියන් වටා කුඩා දරුවෝ ද දෙවියන් කරට අත දා සිටින තම ඉපදුනේ නැති පලමු කාන්තාව ලෙසින් හැඳින්වෙන 'ඒව' ද සිටින අතර සියලු දෙනා වටා රතු පැහැති රෙදි කඩක් තිබේ. සාමාන්‍ය නරඹන්නෙක්ට නම් මෙය අලංකාර සිතුවමක් පමණයි. නමුත් 1990 වසරේ දී මෙම සිතුවම දුටු වෛද්‍ය ෆ්‍රෑන්ක් ලින්ක් මේ ගැන ඉදිරිපත් කළේ වෙනත් ම අදහසක්. ඔහු පැවසුවේ දෙවියන්ව නිරූපිත කොටස හුදෙක් සිතුවමක් පමණක් නොව එහි ඇත්තේ මිනිස් මොළයක හරස්කඩක් බවයි. දෙවියන්ගේ හැඩයෙන්, දරුවන්ගේ ගෙල හැරවී ඇති ආකාරයෙන්, කකුල් පිහිටලා තිබෙන ආකාරයෙන් මොළයේ කොටස් නිරූපණය වන බව කියා ෆ්‍රෑන්ක් පර්යේෂණ පත්‍රිකාවක් එම වසරේ ඉදිරිපත් කරා. මෙම සිතුවමේ මොළය සබ බෙල්ල සම්බන්ධ කරන නහරයකුත් කොල පැහැයෙන් මයිකල් සිතුවම් කර තිබෙනවා. මේවායේ ඉතා නිරවද්‍යතාව නිසා මෙම සිතුවම මොළයට සමාන වීම අහම්බයක් ලෙසින් කිසිසේත් ම හඳුන්වාදිය නොහැකියි. මයිකල් ඇන්ජලෝ විසින් වසර ගනනාවක් වෙහෙස මහන්සි වී සිරුරු විච්ඡේදනය කිරීමෙන් ලත් වෛද්‍ය දැනුම තම සිතුවම් වලට භාවිතා කිරීම ගැන වසර පන්සීයකට පසු අදත් කතාබහට ලක් වීම ඉතා පුදුම දනවන සුළුයි. මයිකල් ඇන්ජලෝ විශේෂ වන්නේ ඒ නිසා පමණක් ම නොවේ. ආගමික පැලැන්තිය ඉතා බලවත්ව සිටි අවධියක දී දෙවියන් යනු මිනිස් මොළයේ නිර්මාණයක් බව අදටත් පාප්වහන්සේව තෝරාපත්කරගන්නා ස්ථානයේ සිතුවම් කිරීමට තරම් එඩිතර වූ පුද්ගලයා ද මයිකල් ඇන්ජලෝ වන නිසාය. at December 14, 2021 18 comments: Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest Sunday, December 12, 2021 පරම්පරාව, චෙස් සහ රෝමියෝ ජුලියට් මගේ නම අවසන් වෙන්නේ ‘ප්‍රනාන්දු’ යන නමෙන්. මට මේ නම ලැබුනේ මගේ පියාගෙන්. තුෂාර ප්‍රනාන්දු තාත්තාගෙ නම. අපේ සීයගේ නම ඇලන් ප්‍රනාන්දු. අපි නම් කිව්වේ පප්පා කියලා මිසක් සීයා කියලා නෙමේ. පප්පාගෙත් තාත්තාගේ නම පීටර් ප්‍රනාන්දු. මගේ අම්මාගේ නම මිහිරි පෙරේරා. අම්මාගේ තාත්තාගේ නම මර්වින් පෙරේරා. ඔයාලා දන්න ගායකයා නම් නෙමේ. සීයගේ සම්පූර්ණ නම මහරගේ ක්ලැරන්ස් මර්වින් පෙරේරා. ගායකයෝ දෙන්නෙක්ගෙම නම් තියෙනවා එතන. සීයගේ තාත්තගේ නම අන්තෝනියෝ පෙරේරා. මට මගේ පරම්පරාවේ සුළු හෝ කරුණක් දන්න උපරිමයට ම කියන්න පුලුවන් ඔච්චරයි. මම මගේ සහෘද පාඨකයන්ගෙන් අහන්න කැමතියි ඔයාලට ඔයාගේ පරම්පරාවේ සීයලා කී දෙනෙක් නම් කරන්න පුලුවන් ද කියලා. අඩුම තරමේ වලව් පෙළපතකින් පැවත එන කෙනෙක්ට වුනත් තමන්ගේ සීයලා අට දෙනෙක්ව ආපස්සට කියන්න බැහැ මතකයෙන්. අපේ මතකයේ තියෙන්නේ අපේ පරම්පරාවේ සුළු කොටසක් විතරයි. අපෙන් පස්සේ පරම්පරා තුලින් අපිව මතකයෙන් ගිලිහිලා යනවා මහ කාලයක් යන්න කලින්. එහෙම බලනකොට අපි මේ රකින්න උත්සහ කරන ‘ජාතිය’ කියන එක ගැනත් ඇත්තට ම අපි මොනව ද දන්නේ? මම ක්‍රිස්තියානි වුනාට මගේ පරම්පරාවේ ආදිතමයන් බෞද්ධ අය වෙන්න ඇති. ඒ බෞද්ධ අයගේ පරම්පරා වල ආදිතමයන් යක්ෂ නාග ගෝත්‍රිකයන් වෙන්න ඇති. ඔවුන්ගෙනුත් ආදිතමයන් හිරු සඳු අදහපු පූර්ව ඓතිහාසික යුගයේ අය වෙන්න ඇති. ඔහොම දිගින් දිගට ම යනකොට අද වෙන් වෙන්ව තියෙන හැම ජාතියක ම ආගමකම අයට පැවත එන්නේ එක ම කොට්ඨාශයකින් කියලා නිගමනයට එන්න පුලුවනි. අපි ඉස්කෝලේ යන කාලයේ තිබුනා රෝමියෝ සහ ජුලියට් කියලා ශේක්ස්පියර්ගේ කතාවක්. මේ කතාවේ රෝමියෝ සහ ජුලියට් හිටපු පවුල් දෙක ජන්මාන්තර වෛරක්කාරයෝ. මේ වෛරය කොතරම් පරන ද කියනවා නම් පවුල් දෙක තුල වෛරය පටන් ගන්න හේතුවක් කතාවේ කියන්නේ නැහැ. ඒ ඇයි කියනවා නම් කතාවේ වර්තමානයේ ජීවත් වුනු එක චරිතයක්වත් ඒ වෛරයට හේතුව දැනගෙන හිටපු නැති නිසා. අපිත් මේ වගේ තමා විවිධ ජාතීන් අතර ගැටුම් ඇතිවෙනකොට අපිට පරම්පරාවෙන් දායාද වුනු දේවල් ඉදිරියට අරගෙන යනවා විතරයි ඒවා දායාද වුනේ කොහොමද කියලා හොයලා බලන්නේ නැහැ. පරම්පරා ගැන කියනකොට මට මතකෙට එන්නේ ‘චෙස්’ ක්‍රිඩාව. චෙස් ක්‍රීඩාව සංස්කෘතීන් කිහිපයක එකතුවකින් සෑදුනු ක්‍රීඩාවක්. ඉන්දියාවේ රජ කෙනෙක්ට අවශ්‍ය වුනා වාසනාව උරගා නොබලන ක්‍රීඩාවක් නිර්මාණය කරන්න. මොකද ඒ කාලයේ තිබුනු හැම ක්‍රීඩාවක් ම පාහේ කාසියක් දාදු කැටයක් උඩ දමා වාසනාව උරගා බැලුවා. ඒ අනුවයි චෙස් ක්‍රීඩාව උපත ලබන්නේ ඉන්දියාවේ. මේ ක්‍රීඩාවේ ඇත් අස් රිය පාබල කොටස් හතර ම තිබුනු නිසා ෂත්රන්ජ් නොහොත් චතුරංගනී කියලයි කිව්වේ. සිරසට හා තිරසට කොටු අට බැගින් තිබුනු ලෑල්ලකයි ක්‍රීඩාව කලේ. මේ ක්‍රීඩාවට පර්සියාවෙනුත් කොටස් එකතු වුනා. පර්සියාවේ රජතුමාට පොදුවේ කිව්වේ ‘ෂාහ්’ කියලා. ඒ රජතුමා මැරුණම කිව්වේ ‘ෂාහ් මාත්’ කියලයි. චෙස් ක්‍රීඩාවේ ‘චෙක් මේට්’ වදන හැදුනේ ‘ෂහ් මාත්’ වදනින්. චෙස් ක්‍රීඩාව කාලයත් එක්ක විවිධ සංස්කෘතීන්ගෙන් පෝෂණය වුනා. වාසනාව උරගා නොබලන ක්‍රීඩාවක් තමන්ගේ යටත් වැසියෙක්ට හදන්න පුලුවන්කම ලැබුන නිසා ඉන්දියාවේ රජතුමා හිටියේ බොහොම සතුටින්. “මට හරිම සතුටු යි ඔබගේ මේ නිර්මාණය ගැන. ඔබ කැමති ත්‍යාගයක් ඉල්ලන්න, මම ඔබට ඒ දේ ලබා දෙන්නම්” රජතුමා කිව්වා. “රජතුමනි මම හරි ම සරල පුද්ගලයෙක්, ඒ නිසා ඔබතුමා මේ ක්‍රීඩාවේ දී එක් කොටුවකට ඉත්තෙක් දැම්මොත් මට හාල් ඇටයක් දෙන්න. ඊලඟ කොටුවට ඉත්තෙක් දැම්මම හාල් ඇට දෙකක් දෙන්න. ඊටත් පස්සේ කොටුවට ඉත්තෙක් දැම්මම හාල් ඇට හතරක් දෙන්න.” යටත් වැසියා කිව්වා. රජතුමා හිතුවා මේක හරිම සරල සුළු දෙයක්නේ කියලා. රජතුමා ක්‍රීඩාව කරන්න කලින් ගාල් මළුවක් අරගෙන එන්න කියලා රාජ පුරුෂයින්ට කිව්වා. ඒත් එක්ක ම රජතුමාගේ පුරෝහිත කෙනෙක් ගණන් හදලා බැලුවා ඇත්තට ම රජතුමා මේ යටත් වැසියාට කොතරම් හාල් ඇට ප්‍රමාණයක් දෙන්න ඉන්නවද කියලා. පළමු කොටුවට එක හාල් ඇටයයි. දෙවන කොටුවට දෙකයි. තුන්වන කොටුවට හතරයි. හතරවන කොටුවට අටයි. පස්වන කොටුවට දහසයයි. හයවන කොටුවට තිස් දෙකයි. හත්වන කොටුවට හැට හතරයි. අටවන කොටුවට එකසිය විසි අටයි. අටවන කොටුවට දෙසිය පනස් හයයි. නමවන කොටුවට පන්සිය දොළහයි. දහවන කොටුවට එක්දාස් විසි හතරයි. දහවන කොටුවෙ දි විතරක් සහල් ඇට දාහක් ලැබෙනවා මේ යටත් වැසියාට. ඒ විතරක් නෙමේ දහවන කොටුවට කලින් තිබුනු කොටුවල දි ලැබුනු සහල් ඇටත් මේ යටත් වැසියා ලඟ තියෙනවා. “රජතුමනි, මේ යටත් වැසියා මොහොතකට කලින් ඔබතුමාගෙන් ඉල්ලුව සහල් ප්‍රමාණය පෘතුවියේ මෙතෙක් පැවති සහල් ප්‍රමාණයටත් වඩා වැඩියි” පුරෝහිත රජතුමාට කිව්වා. අවසානයේ දී රජතුමා යටත් වැසියාගේ හිස ගසා මරා දැමුවා. බොහෝ කතා අවසන් වෙන්නේ එහෙමයි. චෙස් ක්‍රීඩාවේ කොටු කිහිපයක් ඉදිරියට යනකොට මුළු ලෝකය ම මෙතෙක් පරිභෝජනය කල සහල් ප්‍රමාණය ලැබෙනවා වගේ තමා අපේ පරම්පරා ත්. අපි පරම්පරා කිහිපයක් ආපස්සට ගියාම අපි හැමෝම එකම තැනක දී එකතු වෙනවා. අපි මේ සරල දේ දේරුම් ගත්තේ නැත්නම් අපිට වෙන්නේ පවුල් දෙකක හේතුවක් නොදන්නා වෛරයක් නිසා රෝමියෝ ජුලියට් මැරුණා වගේ ම මැරෙන්න. at December 12, 2021 12 comments: Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest Newer Posts Older Posts Home Subscribe to: Posts (Atom) ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන් “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ... ප්‍රශ්න තුන [ පහත දැක්වෙන්නේ ප්‍රකට ගත්කතුවරයෙක් වන ලියෝ ටෝල්ස්ටෝයි විසින් 1885 දී එළිදක්වනු ලැබූ කෙටිකතාවක මවිසින් කරනු ලැබූ සිංහල පරිවර්තනයයි.] ... ලංකාවේ පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණය ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන්මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය හොඳින් දැන සිටියහ. ඌව පළාතට අයත් බෙරගලින් සොයා ගෙන ඇති ක්‍රි.ව. 2400 ට දි... මධ්‍යම කඳුකරයේ කපොලු හා සානු මධ්‍යම කඳුකරයේ ස්වභාවිකව නිර්මාණය වූ තවත් භූ විෂමතාවයක් වන්නේ කපොලු ය. උස් කඳු දෙකක් අතර පිහිටි පහත් ස්ථානය කපොල්ලකි. කපොලු නිසා ශ්‍රී ලංකා... Search This Blog Home Report Abuse About Me වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු ) View my complete profile ► 2022 (2) ► March (2) ▼ 2021 (46) ▼ December (5) දුටුගැමුණු හා නාගයෝ අපි වයසට යන්නේ ඇයි? මළ පොතේ අකුර දැකලා තියෙනවා ද? දෙවියන් සහ මිනිස් මොළය පරම්පරාව, චෙස් සහ රෝමියෝ ජුලියට් ► November (1) ► October (2) ► September (2) ► August (5) ► July (7) ► June (11) ► May (13) ► 2020 (64) ► September (3) ► July (1) ► June (5) ► May (18) ► April (13) ► March (16) ► February (8) ► 2019 (16) ► December (1) ► November (6) ► July (4) ► February (3) ► January (2) ► 2018 (35) ► December (1) ► November (1) ► October (1) ► September (1) ► July (1) ► June (3) ► May (5) ► April (5) ► March (3) ► February (13) ► January (1) ► 2017 (78) ► December (12) ► October (5) ► September (5) ► August (2) ► July (15) ► June (10) ► May (8) ► April (5) ► March (4) ► February (7) ► January (5) ► 2016 (146) ► December (8) ► November (4) ► October (11) ► September (8) ► August (8) ► July (18) ► June (7) ► May (10) ► April (48) ► March (3) ► February (6) ► January (15) Labels ඉතිහාසය ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය කවි නිසඳැස් කෙටි කතා නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල - 2016 අටම්පහිය සින්ඩිය ලුහුබඳින්නන් Total Pageviews Popular Posts ප්‍රශ්න තුන [ පහත දැක්වෙන්නේ ප්‍රකට ගත්කතුවරයෙක් වන ලියෝ ටෝල්ස්ටෝයි විසින් 1885 දී එළිදක්වනු ලැබූ කෙටිකතාවක මවිසින් කරනු ලැබූ සිංහල පරිවර්තනයයි.] ... ලංකාවේ පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණය ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන්මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය හොඳින් දැන සිටියහ. ඌව පළාතට අයත් බෙරගලින් සොයා ගෙන ඇති ක්‍රි.ව. 2400 ට දි... මධ්‍යම කඳුකරයේ කපොලු හා සානු මධ්‍යම කඳුකරයේ ස්වභාවිකව නිර්මාණය වූ තවත් භූ විෂමතාවයක් වන්නේ කපොලු ය. උස් කඳු දෙකක් අතර පිහිටි පහත් ස්ථානය කපොල්ලකි. කපොලු නිසා ශ්‍රී ලංකා... ලෝක ළමා දිනේ බිහිවුනේ මෙහෙමයි පුංචි ඔයාලා වෙනුවෙන් වෙන්වූ විශ්ව ළමා දිනයක් ඔක්තෝම්බර් පළමුවැනිදාට යෙදී තිබෙනවා. මෙම දිනය සැමරූ අප සැමගේ මූලික අරමුණ වූයේ කුඩා දරුවන් “ළමා... මා කියවූ පොත් - අසිරිමත් ඉන්දියාව [ඒ.එල්. බෂාම්] මේ කියන්න යන්නෙ පොතක් ගැන. මම පහුගිය ටිකේ ලිව්ව ඉන්දියාව ගැන ලිපි වලට අවධානය යොමු කලා නම් ඒවයේ මම මූලාශ්‍රයක් විදිහට යොදාගත්ත අසිරිමත් ඉන්දි... පුරාණ - නූතන ලාංකීය ජන සමාජ ස්ථරයේ නොබිඳෙන බැම්ම - කුල - 1 කොටස වර්තමානය වන විට එතරම් තදබලව නොපැවතුනද අතීත ලාංකීය ජන සමාජයේ උග්‍ර ලෙස මුල් බැසගත් අංගයකි කුල ක්‍රමය. මෙම ලිපි පෙළ මගින් ලාංකික කුල ක්‍රමය ... පෙළ පොතේ තිබෙන "පාන් නැත්නම් කේක් කාපල්ලා" කියමන නිවැරදි ද? අද සිටින ලාංකික දරුවන් සාමාන්‍ය පෙළ ඉතිහාස විෂයේ ‘ප්‍රංශ විප්ලවය’ යන පාඩම ඉගෙනගන්නා විට ‘පාන් නැත්නම් කේක් කාපල්ලා’ යන කියමනක් මාරි ඇන්ටොනෙට... ෆෙන්සිං මේ දවස්වල ඔලිම්පික් තරඟාවලිය පැවැත්වෙන නිසා සමහරවිට මම වගේ ඔයාලත් ඒ ඒ තරඟ නරඹනවා ඇති කියලා හිතනවා. මේ තරඟ අතරේ ලාංකිකයන්ට එක් නුහුරු තරඟයක් ... පුරාණ ඊජිප්තුවේ ගණිතය පුරාණ ඊජිප්තු වැසියන් විසින් ඔවුන්ගේ ගණිත දැනුම වර්ධනය කරගත්තේ ඔවුන්ට සැබෑවටම ඇති ප්‍රශ්න සඳහා ප්‍රායෝගික විසඳුම් ලබා ගැනීම සඳහාය. නයිල් නද...
ගලගලේවෙල මිවලපතහා ගල්වල්වැටියාගම ප්‍රදේශයේ ගොවියෙකු ඊයේ (11) පස්වරුවේ තමන් සීසාමින් සිටි අත්ටක්ටරයෙන් ඇදවැටී ඊට යටවිමෙන් මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල මීවලපතහා ගල්වටියාගම ප්‍රදේශයේ පදිංචි ආර්.ඩී. ශ්‍රියානන්ද නම් 48 හැවිරිදි දෙදරු පියෙකි. මහා පරිමාණෙන් එළවළු සහ වී වගාව සිදු කරන මෙම ගොවි මහතා 11 දින පස්වරු තුනට පමණ තම නිවස පිටුපස ඇති කුඹුරේ වි වගාව සඳහා දෙවැනි හීය හෑම සඳහා නිවසින් ට්‍රැක්ටර් රථය ද සමග පිටත් වූ බව බිරිඳ කියයි. විනාඩි කිහිපයක් ගතවනවාත් සමග ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු පැමිණ තම සැමියා කුඹුරේ වැටී සිටින බව දැනුම් දුන් බව ද ඇය පැවසුවාය. අත් ට්‍රැක්ටරය කුඹුරේ පළමු ලියැද්දට යොදවන වත් සමඟ ආසන්නයේ තිබුණු මුරුංගා ගසක මුලක මඩ රෝද පැටලී ඉවතට වැටුණු ගොවියා එම නගුල් තල වලට යටවී මීටර් කිහිපයක් ඇදගෙන ගොස් තිබෙන බවත් පසුව ට්‍රැක්ටර්ය රියැදුරු නොමැතිව මීටර් 200ක් පමණ වෙනත් වගාවන් හරහා ධාවනය වී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති. එසේ ටැක්ටර් රථය ධාවනය වෙමින් දුටු අවට පදිංචිකරුවන් වහා දිව විත් ඇත්තේ රියදුරෙකු නොමැතිව ට්‍රැක්ටරයකකුඹුරු මැද ධාවනය වන දර්ශනය දැකීමත් සමඟ බව ඇසින් දුටුවෝ පවසති. පසුව එම කණ්ඩායම වහා ක්‍රියාත්මක වී ධාවනය වෙමින් තිබූ ට්‍රැක්ටරය නවතා ට්‍රැක්ටරය පැමිණි මාර්ගය දිගේ මීටර් දෙසීයක් ආපස්සට ගමන් කිරීමේ දී මෙම ගොවි මහතා වැටී සිටිනු දැක නිවසට දැනුම් දී දඹුල්ල මූලික රෝහලට වහා අරැගෙන ගොස් ඇත. රෝහලට රැගෙන යන විටත් මෙම ගොවියා මිය ගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල public news Tweet on Twitter Share on Facebook Google+ Pinterest Previous Article කාබනික දියර පොහොර කෑන් පුපුරයි – ඇළහැර ගොවීන්ගේ කතාව Next Article කණු කසළ සොයා ආ දැවැන්තයින් නිසා දඹුල්ල – මහියංගනය පාරේ දැඩි අවදානමක් ! Recommended For You දේශීය ලොකු ළුැණු වගාවත් හාන්සි වෙන ලකුණු ඖෂධ නියාමන අධිකාරියේ ගැහිලි ගැන ඇමැති චන්නගේ දැඩි අවධානය IOC ඉන්ධන මිල අහසටම නග්ගයි ! ජනපතිගෙන් ‘කිරි ගොවියාට කිරි ඉතිරෙන‘ නියෝගයක් මහ කන්නයේ වී අස්වැන්න 50%කින් අඩුවෙලා – ගොවීන් මැසිවිලි නගයි මේ වන විට යුක්රේනයේ නවතම තත්ත්වය කුමක් ද? About the Author: Thusal Search for: Archives Archives Select Month August 2022 (3) March 2022 (2) February 2022 (155) January 2022 (194) December 2021 (239) November 2021 (256) October 2021 (203) September 2021 (234) August 2021 (252) July 2021 (276) June 2021 (303) May 2021 (300) April 2021 (200) March 2021 (297) February 2021 (272) January 2021 (315) December 2020 (307) November 2020 (360) October 2020 (363) September 2020 (359) August 2020 (380) July 2020 (320) June 2020 (307) May 2020 (333) April 2020 (390) March 2020 (421) February 2020 (405) January 2020 (530) December 2019 (563) November 2019 (555) October 2019 (724) September 2019 (605) August 2019 (529) July 2019 (590) June 2019 (548) May 2019 (665) April 2019 (575) March 2019 (48) Follow Us Stay updated via social channels Tags AG NEWS agriculture Business COPE COVID 19 Economy Entertetment fashion Featured GAJABA NAGAWATHTHA GOSSIP health HM NEWS INTERNATIONAL JVP KARU JAYASURIYA NEWS FM NEWS PUBLIC parliament pmd news POLITICAL POLITICAL NEWS Prime media PR MEDIA PR NEWS public news sajith pramadasa Sanath M Bandara santh m bandara sl army commander slarmy news sl cricket Sl CRICKET - WOMAN TEAM SLFP - SLPP sl vs west 2020 sl v west Sport unhcr unp Week in Pictures Wimal Weerawansa woman women ජනපති ‍fashion දුරකථනය: +94-766-109836 විද්‍යුත් තැපෑල: bhathiyabarukanda@gmail.com © සියලුම හිමිකම් ඇවිරිණි. මෙම වෙබ් අඩවියේ පළවන ලිපි අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් වන අතර එම ආචාරධර්ම උල්ලංඝනය කරමින් නීතිවිරෝධීව උපුටාගන්නන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරනු ඇත.
රටේ පාසල් දරුවන්ගෙන් සියයට දහයත් පහළොවත් අතර සංඛ්‍යාවක් ආහාර නැතිකම ඇතුළු ප්‍රධාන හේතු තුනක් හේතුවෙන් පාසල් වලට පැමිණීම අදිමදි කරන තත්වයක් සමීක්ෂණයකදී පෙනී ගිය බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවැසීය. මේ තොරතුරු අනාවරණය වූයේ දිවයින පුරා පාසල් 350ක ගුරුවරුන් 370 ක් යොදාගෙන කරන ලද සමීක්ෂණයකදී බවද ඔහු සඳහන් කළේය. දරුවන් පාසල්වලට පැමිණීම අදිමදි කිරීමට පළමු හේතුව ලෙස හඳුනා ගත්තේ ප්‍රවාහන දුෂ්කරතා බව පැවසූ මහාචාර්යවරයා ආහාරපාන නැතිකම දෙවන හේතුව ලෙස හඳුනාගන්නා ලදැයිද ප්‍රකාශ කළේය. පාසල් උපකරණ මිලදී ගැනීමට හැකියාවක් නොමැතිවීම දරුවන් පාසල් වලට පැමිණීමට අදිමදි කරන තුන්වෙනි හේතුව ලෙස හඳුනා ගත් බවද ඔහු පැවසීය. මේ අතර පාසල් දරුවන් පාසලට පැමිණියත් බාහිර ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වීමේ පැහැදිලි අඩුවක් දක්නට බව එම සමීක්ෂණයේදී තොරතුරු අනාවරණය වූ බව පවසන මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ප්‍රමාණවත් පරිදි පෝෂණයක් නොලැබීම මෙයට හේතුවන්නට ඇතැයි සැක කළ හැකි බවද සඳහන් කළේය. සුජිත් හේවාජුලිගේ Source – Lankadeepa Facebook Twitter WhatsApp Messenger Viber Previous Post''මට නම් පිං මන්ත‍්‍රීකම් එපා'' - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර Next Post''මම කා එක්කවත් Living Together ජීවත් වුණේ නෑ'' - කටකතා වලට තරින්දි උත්තර දෙයි
වැරදුණු තැනකදී බොහෝ දෙනකු තෝරා ගන්නේ නීතිය රකින ‍පොලිසිය වෙත යාමටය. නීතිය රකින තැනටත් යන එන අයට වරදින අවස්ථාද අනන්තවත් අසන්නට ලැබෙන්නේ ඒවායේත් සිටින අනංග චරිත නිසාය. එවන් අනංගයන්ගෙන් නිදහස් විය නොහැකිව තම අසරණකම වෙනුවෙන් යහන්ගත වන තරුණියන් මෙන්ම කාන්තාවන්ගේ ශෝකාන්තයන් නිතරම අසන්නට ලැබේ. මේ ලිපිය මගින්ද ලියුම්කරු මතු කරන්නට යන්නේ එවැනි ශෝකාන්තයක් මැද ජීවිතයම අඳුරු කරගත් ‍පොලිස් ලොක්කන් අතරේ සිටින තැනැත්තෙක් ගැනය. ඔහු නිසා ජීවිතයම අඳුරු කරගත් තරුණියන් ‍පොලිස් දෙපාර්තමේන්තුවේම මෙන්ම කොළඹ සමාජයේ සල්ලිකාර නෝනලාත් සිටින බව කීමට අටුවා ටීකා අවශ්‍ය නොවේ. ඒ තරමටම ඔහුගේ නම කී පමණින් ඔහුගේ කැරැට්ටුව ගැන කියන්න ‍පොලිසියේම බොහෝ දෙනෙක් සූදානම්ය. මෙකී තරුණ නිලධාරියාගේ කඩවසම් බවට හා තරුපටි උෂ්ණයට වහල් වූ කොළඹ සමාජයේ සල්ලිකාර නෝනලාත් නොදන්න රහසක් එළිවන්නේ කොළඹට නුදුරු ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකදීය. මේ කියන නිලධාරියා තනතුරින් ඉහළ ‍පොලිස් ලොක්කෙකුය . ඔහු බිරිඳ සමග විශේෂඥ වෛද්‍යවරයකු හමුවන්නට පුද්ගලික රෝහලකට පැමිණෙන්නේ තමාට ඇති සුව නොවී තිබෙන ලෙඩවලට බෙහෙත් ගැනීමටය. එහිදී වෛද්‍යවරයාගේ නිර්දේශ මත ‍ලේ සාම්පල පරීක්ෂාවක් කර වාර්තාව ගන්නට යන්නේද සිය බිරිඳත් සමගය. රසායන විද්‍යාගාර වාර්තා සම්බන්ධව ඉහළ පිළිගැනීමක් ඇති පුද්ගලික රෝහලක මෙම පරීක්ෂණ වාර්තා සැකසෙන්නේය. ‍පොලිස් ලොක්කාට තම ජීවිතයම උඩුයටිකුරු වූ බව දැන ගන්නට ලැබෙන්නේ වෛද්‍යවරයා හමුවේ දිගහැරුණ ‍ලේ පරීක්ෂණ වාර්තා ගැන විස්තර කරද්දීය. තමා එච්.අයි.වී. ආසාදිතයෙක් බවට ‍පොලිස් ලොක්කාට හෙළිවන්නේ එතැනදීය.ලංකාවේ සිටින එච්.අයි.වී. ආසාදිතයන් 2884 දෙනා අතරට මෙකී නිලධාරියාත් ඇතුළු වන්නේ සමාජයටම භීතියක් ඇති කරමිනි. ‍පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පවසන ආකාරයට මෙකී ‍පොලිස් නිලධාරියා සහකාර ‍පොලිස් අධිකාරි තනතුරෙන් ‍පොලිස් සේවයට බැඳුණු දා පටන් තම තරුණ ජවය පෙන්වා තිබුණේ තරුණ ‍පොලිස් කාන්තාවන්ටය. මොහුගේ විෂමාචාර නිසා කොළඹට නුදුරු ‍පොලිස් කොට්ඨාසයක ලොක්කෙකු ලෙස සේවය කරද්දී එම තනතුරෙන් මාරු කර යවන්නේද තරුණ ‍පොලිස් කාන්තාවන් සමග විෂමාචාර වැඩවල නිරත වූ බවට ලද චෝදනාව මතය. මෙමගින් සමස්ත ‍පොලිස් කාන්තාවන් කෙරෙහි වැරදි මතයක් ඇති කිරීමට අපගේ බලා‍පොරොත්තුව නොවුණද මෙය සමාජයට හෙළි කරන්නට උත්සාහ ගන්නේ මෙකී නිලධාරියාගේ බලපෑමට අකැමැත්තෙන් හෝ කම්සුව වින්ද අයටත් එච්.අයි.වී. ආසාදනය වන්නට තිබෙන ඉඩකඩ වැඩි නිසාය. එමගින් සමස්ත සමාජයටම වන බලපෑම විශාල වන්නේ තමන් එච්.අයි.වී. ආසාදිතයන් බව නොදැනද ඔවුන්ද තම පෙම්වතා හෝ සැමියා සමග ගත කිරීමෙන් ඔවුන්ද එච්.අයි.වී. ආසාදිතයන් බවට පත් වීමට ඉඩ ඇති නිසාය. සාමාන්‍යයෙන් එච්.අයි.වී. වෛරසය ශරීරයට ඇතුළු වී වසර දෙකත් අටත් අතර කාලයකදී ඒඩ්ස් රෝගියකුගේ ලක්ෂණ මතුවන බව වෛද්‍යවරුන්ගේ මතයය. කෙසේවුවද එම කාලය තුළ කුමන හෝ ආකාරයෙන් අනාරක්ෂිත ලිංගික ඇසුරක් පැවැත්වූයේ නම් ඔවුන්ද එච්.අයි.වී. ආසාදිතයන් බවට පත්වීම සාමාන්‍ය කරුණක් වන්නේය. ‍පොලිස් දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ගවලට අනුව මෙකී ‍පොලිස් නිලධාරියා ‍පොලිස් මූලස්ථානයේ මෙන්ම විවිධ ප්‍රදේශවල රාජකාරි කරද්දී ඇහැට කනට පෙනෙන තරුණ ‍පොලිස් නිලධාරිනියන්ට හා ‍පොලිස් කාන්තාවන්ට මොහුගේ ග්‍රහණයෙන් ගිලිහියාම අසීරු වී තිබුණි. ඒ තරමටම ඔහු ඒ සඳහා ඇබ්බැහි වූවෙක් වූ නිසාය. මෙකී නිලධාරියා තම තරුණ ජවය පෙන්වන්නට ගොස් ජීවිතයම වරද්දා ගන්නේ කෙදිනක හෝ ‍පොලිස්පතිවරයකු වීමේ අවස්ථාවද තිබියදීය.‍පොලිස් දෙපාර්තමේන්තුව තුළ මෙවැනි සල්ලාලකම්වල නිරත වූ පළමු නිලධාරියා මොහු නොවන බවද සිහිපත් කළ යුතුය. ඔහුටත් වඩා ‍‍‍ජ්‍යෙෂ්ඨ තනතුරු හොබවන ‍පොලිස් ලොක්කන්ගේ කිල්ලෝටවලද බොහෝ රහස් තිබෙන බව ‍පොලිස් මූලස්ථානයේ ලොක්කන් මෙන්ම ‍පොඩ්ඩන්ද දන්නා දෙයකි. “එයා අපේ තාත්තා කෙනෙක් වගේ. ප්‍රශ්නයක් ගැන පැමිණිලි කරන්න හෙඩ් ක්වාටර්ස් ගියාම මුලින්ම කියන්නේ නම්බර් එකට රෑට කෝල් එකක් දෙන්න කියලා. පස්සේ හොයලා බැලුවම මේ ‍පොලිස් ලොක්කා මේ වගේ රෑට කතා කරන්න කියලා නීතියේ සහනයක් ගන්න යන තරුණ අයව එයාගේ අසහනය පිට කරන්න තියාගෙන ඉඳලා කියලා තේරුණේ.” මේ දැනට යුරෝපයේ සිටින තරුණියක් අප වෙත එවූ ලිපියක සඳහන් වූවකි. එවැනිම යුරෝපයේ සිට මෙරටට ආ ද්විත්ව පුරවැසිභාවය හිමි සුරූපි කතක් තම ෆේස්බුක් පිටුවේ මිතුරන්ට යවා තිබුණේද පැමිණිල්ලක් කරන්නට යද්දී තම ඇඟිලි අත ගාන්නට පවා පෙරුම් පුරනා ‍පොලිස් ලොක්කන් ගැනය.ඇත්තටම මේ මිනිස්සු නීතිය හරියට ක්‍රියාත්මක කරන නීතිගරුක නිලධාරීන්ටත් කැළලක් කරනවා. හොඳ නිලධාරීන් දහසක් අතරේ මේ වගේ අසත්පුරුෂයෝ කිහිප දෙනෙක් මුළු නිල ඇඳුමම ගඳ ගස්සනවා. මම පැමිණිල්ල කරන්න ගියාම පැමිණිල්ල ගැන අහනවාට වඩා ලොක්කන්ගේ ඇස් කැරකෙන්නේ මගේ ඇස් දෙකයි, ඇඟයි දිහායි බලන එකෙන්. ෆෝන් එකට ආපු එස්.එම්.එස්. පෙන්වන්න යද්දී ඇඟට නොදැනී ඇඟිල්ල අත ගාන්න, අත අල්ලන්නයි යන්නේ. උදව් කරන විදිහට දෙන කෝල්වලින්ම මේ ලොක්කෝ හැරෙන්නේ කොහාටද කියලා තේරෙනවා. නීතියේ සරණ පතලා යන ඕනෑම අයකුට මෙවන් තත්ත්වයක් නම් ‍පොලිසිවලට යන කාන්තාවන්ගේ බහුතරයක් මුන්ගේ ඕනෑඑපාකම් සපුරන්න වෙනවා ඇති. ඇත්තටම යුරෝපයේ මේ වගේ තත්ත්වයක් නැහැ.” යැයි එම පණිවුඩයේ සඳහන් විය. ඇය තම බංගලාවක් කුලියට දෙන්නට ගොස් ඇති වූ මුදල් ආරවුලක් විසඳා ගන්නට ‍පොලිසියට ගිය විට ‍පොලිස් ලොක්කා පැමිණිල්ල විභාග කිරීම වෙනුවට බංගලාව අයිති කර ගන්නටද උත්සාහ කර තිබුණේ ඇයගේ නාරිලතා පෙනුමට වහ වැටීම නිසාය.කාන්තාවක් දුටු පමණින් තම නිල ඇඳුමේ ගෞරවයද අමතක වන මෙකී නිලධාරීන් නිසා අපකීර්තියට පත්වන්නේ ‍පොලිස් දෙපාර්තමේන්තුවමය. ‍පොලිසියේ ඉහළ සිට පහළටම විනය පිරිහීයාමට නොදීම මෙහිදී කාගේත් වගකීම වන්නේය.මෙය ‍පොලිසියටත් වඩා විනය රකින හමුදාවලත් සමහර අවස්ථාවල අසන්නට ලැබෙන්නේ ඒවායෙත් විනය පිරිහී ගිය නිලධාරීන් නිසාය.පසුගිය පුවත්පත් වාර්තාවලට අනුව එය මනාව තහවුරු වන්නේය. හිටපු ගුවන් හමුදාපතිවරයකුටත් තම තනතුර පවා තරුණ ගුවන් සෙබළියක හා පෙමින් බැඳීම නිසා නැතිවූ වග ඉතිහාසය සාක්ෂි දරන්නේය. ගුවන් සෙබළිය තම ඇසුරේ තබාගත් ගුවන් හමුදා ලොක්කාට වැරදුණේ බොරැල්‍ලේදී සෙබළිය සමග යන මෝටර් රථයේ මගියකු ගැටීම නිසාය. එදා ගුවන් හමුදාපතිට ගෙදර යන්නට තරම් අනියම් පෙම කරළියට එන්නේ අනතුර සිදුවූ තැනට පැමිණි නිර්භීත ‍පොලිස් රථවාහන අංශයේ කොස්තාපල්වරයකු නීතිය හරිහැටි ක්‍රියාත්මක කර තිබූ නිසාය. මේ ආකාරයට ගත් කල යුද හමුදාවේත් එවැනි සිදුවීම් වාර්තා වන්නේ යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරයකුගේ බිරිඳක වූ එවකට කර්නල්වරියකට සමාජ රෝග වැලඳී ඇතැයි වෛද්‍ය වාර්තාවකින් හෙළිවීම නිසාය. මෙකී හමුදා නිලධාරිනිය තම සැමියාට හොරෙන් වෙනත් නිලධාරීන් ඇසුරේ පෙම් සුව විඳින්නට යාම නිසා සමාජ රෝග වාර්තාවක්ද සමග හමුදාවෙන් යන්නට සිදුවී ඇත්තේද මෑත ඉතිහාසයේදීය. මේ ආකරයටම සල්ලාලකම්වලට හුරුවූ ‍පොලිසියේ ඉහලම පුටුවකට ආ ඇත්තකු ගැනද ඉතිහාස වාර්තාවලින් කියවෙන්නේය. කොළඹින් පිටතදී පැවැති නිදහස් දින සැමරුම් උළෙලකදී කොළඹින් ගිය නිලධාරීන්ට නවාතැන් සැපයුවේ ප්‍රබල දේශපාලනඥයෙකි. එවකට ඔහු වටා ඕල්කට් ඇතුළු පාතාල ප්‍රබලයන් රැසක්ම සිටි නිසා ‍පොලිස් ලොක්කා අවනත කර ගැනීම දේශපාලනඥයාට අවශ්‍ය වූයේය.ඒ වෙනුවෙන්ම ‍පොලිස් ලොක්කාට රුසියානු තරුණියන් පස් දෙනකු සමග විස්කි. බකාඩි ඇතුළු විදේශීය මත්පැන් සමග උණුසුම් රාත්‍රියක් ගත කරන්නටද සුපිරි හෝටලයකදී අවකාශ සැලසුණේය. Facebook Twitter Google+ Pinterest You Might Also Like GOSSIP LANKA NEWS « PREV NEXT » Newer Post Older Post Home Facebook Comments APPID Loading... Most Reading CRYSBRO Corn Fed Golden Yellow Chicken | බඩ ඉරිගු ආහාරයට ගන්නා කුකුලන්ගේ මස් ලාංකීය වෙලදපොලට ආහාර මිලදී ගැනීමේදී එහි ගුණාත්මක බව සහ පැහැය පිලිබඳව පාරිභෝගිකයින් වෙසෙසින්ම සැලකිලිමත් වේ. රන් පැහැයෙන් යුත් කහ මදය සහි... කොට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාල විද්‍යාලයේ විදුහල්පති මත්ද්‍රව්‍ය වෙලදාමට හවුල්ද? දෙමවුපියන් චෝදනා නගයි fldÜfÜ wdkkao Ydia;‍%d, úoHd,fha úÿy,am;sg úreoaOj miq.shod úfrdaO;djhla mdi, bÈßfha§ mej;=ks' ta Tyqf.a ¥Ys; md,khg tfrysjhs' ... ගණිකාවන් විකුණපු ‘ස්පා’ ජාවාරමට ‍පොලිස් ලොක්කෙකුගෙන් ලොකු කරුණාවක් iïndyk wdh;khla uqjdfjka le,Ksfha mj;ajdf.k .sh uyd mßudK .Ksld cdjdrula jeg,Sug wêlrK ksfhda.hla o /f.k .sh ‍fmd,sia ks,OdÍka wod< je... කෙල්ලන්ගේ ඇඟ දිහා බලලා ගති ගුණ හොයාගන්නේ මෙන්න මෙහෙමයි ia;%S foay ,laIK j,ska fy<s lrk ryia fndfyduhla ;sfhkjd'tajdhska lsysmhla .ek lshkakïflda' Th;a n,kak fï ,laIK Thdg;a ;sfhkjo ... අතවර සිද්ධියට ධනුෂ්කගේ සම්බන්ධයක්‌ නැහැ l%slÜ‌ l%Svl OkqIal .=K;s,lf.a ñ;=rl= úiska fkda¾fõ cd;sl ;reKshlg fld<U msysá fydag,hl § w;jr lrk ,o nj lshk isoaêh iïnkaOfhka úu¾Yk ... දුලභ දියමන්තියක් සොරාගත් ලාංකිකයා ඩුබායිහි දී අමාරුවේ wfußldkq fvd,¾ ñ,shk 20la ják Èhuka;shla fidrlï fldg furgg tjQ ,dxlslhl= vqndhs fmd,sia w;awvx.=jg f.k ;sfí' ielalre trg uq,H wdh... නාමල් එක්ක පෙමෙන් වෙලෙනවායැයි කිව්ව අයට මාධවී ඇත්තම පෙම හෙළි කරයි : Madhavee Anthony මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ලොකු දුව. ඉතින් පසුගිය දවස්වල මාධවී විසින් නාමල් රාජපක්ෂ සමග සිටින ඡායාරූපයක් සමාජජාල මාධ්‍යයන... මන්නයක් අතැතිව ග්‍රීස්‌ යකෙක්‌ හෙළුවෙන් ඇවිදින හැටි මෙන්න rd;%S ld,fha yd wÆhï ld,fha ksrej;ska ießirk .%Sia‌ hfll= ksid fydaud.u mkdf.dv rKúre .ïudkh" frdñfh,a udj;" me<|f.dv" ... දීපිකා ප්‍රියදර්ශනී පීරිස් විවාහ ගිවිස ගනී [ Photos ] ckm‍%sh .dhk Ys,amskS úYdro §msld m‍%sho¾YkS újdy Èúhg msúiqKd' ta nexl= lafIa;‍%fha lghq;= lrk pdñl l=udr uy;d iuÛska' Tyq ... තරුණයන් තමන්ට වඩා වයසින් වැඩි කාන්තාවන්ට ආකර්ෂණය වෙන හේතුව මෙන්න ;ukag jvd jhiska jeäuy¿ ldka;djka iu. iïnkaO;d we;s lr.kak oeka ldf,a ;reKhka ;=, ;sfnkafka úYd, Wkkaÿjla' ird.S fmkqu ;reKhk... ADVERTISEMEN - Advertisement - - Advertisement - - Advertisement - - Advertisement - Categories gossip lanka About Us දෙස් විදෙස්, ආර්ථික, ක්‍රීඩා, ලග්න ඵලාපල, තාක්ශණික හා විනෝදාත්මක පුවත් සඳහා පිවිසෙන්න. අපගේ නිල වෙබ් අඩවිය www.gossip99.com Popular Posts CRYSBRO Corn Fed Golden Yellow Chicken | බඩ ඉරිගු ආහාරයට ගන්නා කුකුලන්ගේ මස් ලාංකීය වෙලදපොලට ආහාර මිලදී ගැනීමේදී එහි ගුණාත්මක බව සහ පැහැය පිලිබඳව පාරිභෝගිකයින් වෙසෙසින්ම සැලකිලිමත් වේ. රන් පැහැයෙන් යුත් කහ මදය සහි... කොට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාල විද්‍යාලයේ විදුහල්පති මත්ද්‍රව්‍ය වෙලදාමට හවුල්ද? දෙමවුපියන් චෝදනා නගයි fldÜfÜ wdkkao Ydia;‍%d, úoHd,fha úÿy,am;sg úreoaOj miq.shod úfrdaO;djhla mdi, bÈßfha§ mej;=ks' ta Tyqf.a ¥Ys; md,khg tfrysjhs' ... ගණිකාවන් විකුණපු ‘ස්පා’ ජාවාරමට ‍පොලිස් ලොක්කෙකුගෙන් ලොකු කරුණාවක් iïndyk wdh;khla uqjdfjka le,Ksfha mj;ajdf.k .sh uyd mßudK .Ksld cdjdrula jeg,Sug wêlrK ksfhda.hla o /f.k .sh ‍fmd,sia ks,OdÍka wod< je... කෙල්ලන්ගේ ඇඟ දිහා බලලා ගති ගුණ හොයාගන්නේ මෙන්න මෙහෙමයි ia;%S foay ,laIK j,ska fy<s lrk ryia fndfyduhla ;sfhkjd'tajdhska lsysmhla .ek lshkakïflda' Th;a n,kak fï ,laIK Thdg;a ;sfhkjo ... අතවර සිද්ධියට ධනුෂ්කගේ සම්බන්ධයක්‌ නැහැ l%slÜ‌ l%Svl OkqIal .=K;s,lf.a ñ;=rl= úiska fkda¾fõ cd;sl ;reKshlg fld<U msysá fydag,hl § w;jr lrk ,o nj lshk isoaêh iïnkaOfhka úu¾Yk ... Labels COPYRIGHT © 2014 - Gossip99 @ Lak Media Network Pages Home FAQ About Contact Instagram accessToken '); //$(".dropdown-menu.fullwidth .row").wrap(' '); // featured post $('.FeaturedPost h3').each(function() { $(this).insertAfter($(this).parent().find('img')); }); $('.FeaturedPost p').each(function() { $(this).insertAfter($(this).parent().find('h3')); }); $('.FeaturedPost .post-summary').each(function() { var $this = $(this); var postlink = $this.find('h3 a'); $.get(postlink.attr('href'), function(data) { postlink.parent().after(' ' + $( data).find('.meta').html() + ' '); }, "html"); }); // contact form $(".ContactForm .contact-form-widget").addClass("fbt-contact-box"); $(".contact-form-widget form").attr("id", "contact-form"); $("#contact-form input").removeClass("contact-form-name"); $("#contact-form input").removeClass("contact-form-email"); $("#contact-form input.contact-form-button").wrap(" "); $("#contact-form #submit-contact input").removeClass(); // Back to Top var $ele = $('#BackToTop'); $(window).on('scroll', function() { $(this).scrollTop() >= 200 ? $ele.show(10).animate({ bottom: '0' }, 10) : $ele.animate({ bottom: '-50px' }, 10) }); $ele.on('click', function(e) { e.preventDefault(); $('html,body').animate({ scrollTop: 0 }, 400) }); // Theia Sticky Sidebar $('.post-left-sidebar, .post-sidebar').theiaStickySidebar({ "additionalMarginTop": "25", }); $('.sidebar').theiaStickySidebar({ "additionalMarginTop": "25", }); $('.left-sidebar').theiaStickySidebar({ "additionalMarginTop": "25", "additionalMarginBottom": "31", }); $('.homepage-content').theiaStickySidebar({ "additionalMarginTop": "25", }); $('.post-container').theiaStickySidebar({ "additionalMarginTop": "25", }); // comments avatar resize $('#comments .avatar-image-container img').attr('src', function(i, src) { return src.replace('s35', 's60') }); // Tooltip $('[data-toggle="tooltip"]').tooltip(); //page navigation $(".index .blog-pager").addClass("pagenav"); $(".showpageOf").addClass("pages"); $(".pagecurrent").addClass("current"); //first blog post $(".post-body .post-grid").first().removeClass("col-md-6").removeClass("col-xs-6").addClass("first-post"); $(".post-body .first-post .post-content").removeClass("post-content").addClass("img-credits"); $('.first-post .img-credits').appendTo('.first-post .img-thumb, .first-post .video-preview'); }); // loading blog $('.loader-mask').delay(250).fadeOut('600'); //popular posts $(".PopularPosts .item-title a").wrapInner(" "); $('.PopularPosts .widget-content ul li').each(function() { var $this = $(this); var postlink = $this.find('.item-title a'); var postURL = postlink.attr('href'); var postimgURL = $this.find('.item-thumbnail a img').attr('src'); $.get(postlink.attr('href'), function(data) { postlink.parent().after(' ' + $( data).find('.meta').html() + ' '); }, "html"); }); $(".PopularPosts img").attr('src', function(i, src) { return src.replace('w72-h72', 'w90-h70'); }); $(".PopularPosts .item-snippet").each(function(i) { len = $(this).text().length; if (len > 110) { $(this).text($(this).text().substr(0, 72) + '...') } }); // feature image $('.item .post-body .separator').first().addClass("hide"); $('.item .post-body img').first().appendTo('.fbt-post-header'); //]]>
TS-199 මාලාවpocket setterඇඟලුම් පොකට් මැසීම සඳහා අධිවේගී ස්වයංක්‍රීය මහන මැෂිමකි.මේpocket setterයන්ත්‍රවල ඉහළ මැහුම් නිරවද්‍යතාවයක් සහ ස්ථාවර ගුණාත්මක බවක් ඇත.සාම්ප්‍රදායික අතින් නිෂ්පාදනය හා සසඳන විට වැඩ කාර්යක්ෂමතාව 4-5 ගුණයකින් වැඩි වේ.එකpocket setterයන්ත්‍රයට එකවර ස්ථානගත කිරීම, නැවීම සහ සාක්කු මැසීම සම්පූර්ණ කළ හැකිය.එක් ක්රියාකරුවෙකුට දෙකක් ක්රියාත්මක කළ හැකියpocket setterයන්ත්‍ර, සහ වැඩ කාර්යක්ෂමතාව 2500-3000 කෑලි/පැය 8ක් තරම් ඉහළ විය හැක. TS-199 ශ්‍රේණියේ වාසි: 1, එය වියන ලද රෙදි සඳහා පමණක් නොව, ගෙතූ රෙදි සහ ඩෙනිම් රෙදි සඳහා සුදුසු වේ. වියන ලද රෙදි ගෙතූ රෙදි 2, මැහුම් නිරවද්‍යතාවය ඉහළ වන අතර මැහුම් සිට සාක්කු ආන්තිකය (0.5mm-0.8mm) ඒකාකාර වේ. 3, අභිරුචිකරණය කරන ලද අච්චුව, පාරිභෝගික වෙළඳපල කොටස සහතික කිරීම සඳහා ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම සඳහා වෙළඳපොලේ වෙනස්වන ප්‍රවණතාවයට අනුව, සියලු වර්ගවල සාක්කු විලාසයන් සපුරාලිය හැකිය. 4, පුද්ගලීකරණය කළ ක්‍රියාවලිය.දෘශ්‍ය ස්පර්ශ තිරය, බහු භාෂා වලින් ක්‍රියා කිරීමට පහසුය.හිතකාමී පරිශීලක මෙහෙයුම් පද්ධතිය මඟින් ක්‍රියාකරුට ඉක්මනින් ක්‍රියාකාරී තත්ත්වයට ඇතුළු වීමට, විවිධ පරාමිතීන් සැකසීම සම්පූර්ණ කිරීමට සහ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබේ.pocket setterයන්ත්රය. 5, නඩත්තු කිරීමට පහසුය, අච්චුව ආදේශ කිරීම ඉතා පහසු වේ.නිශ්පාදන කාර්යක්ෂමතාවය බෙහෙවින් වැඩි දියුණු කරමින් මිනිත්තු 8ක් ඇතුළත අච්චු ප්‍රතිස්ථාපන සම්පූර්ණ කට්ටලය සම්පූර්ණ කළ හැක 6, දෘඪාංග වින්‍යාසය කර්මාන්තයේ පළමු පන්තියේ ප්‍රමිතීන්ට අනුකූල වේ.බර යන්ත්‍ර හිසකින් සමන්විත වන අතර සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග ලෝක ප්‍රසිද්ධ නිෂ්පාදකයින් විසින් සාදා ඇත. හි විශාලතම වාසිpocket setterයන්ත්‍ර නම්: නැමීමේ සාක්කුව, මැහුම්, එකවර ද්‍රව්‍ය එකතු කිරීම, අධිවේගී මැහුම්, සියලු වර්ගවල රෙදි සඳහා සුදුසු, අභිරුචි කළ අච්චු, පුද්ගලීකරණය කළ තාක්ෂණය, පහසු ක්‍රියාකාරිත්වය, වේගවත් අච්චු වෙනස් කිරීම සහ විශිෂ්ට මැහුම්.ඊට අමතරව, විශාලතම ලක්ෂණයpocket setterඩබල් ලයින් ෂර්ට් සහ ජීන්ස් සාක්කු මහනවා. පසු කාලය: දෙසැම්බර්-30-2020 අප අමතන්න අංක 1 Yewang පාර, Yexie නගරය, Songjiang දිස්ත්‍රික්කය, Shanghai, China දුරකථන:0086-18221379878 විද්යුත් තැපෑල:doris@chinatopsew.com පරීක්ෂණයක් අපගේ නිෂ්පාදන හෝ මිල ලැයිස්තුව පිළිබඳ විමසීම් සඳහා, කරුණාකර ඔබගේ විද්‍යුත් තැපෑල අප වෙත තබන්න, අපි පැය 24ක් ඇතුළත සම්බන්ධ වන්නෙමු.
දේශපාලන පත්වීමක්ද ? ගුවන් සේවා සමාගමට උපදෙස් දෙන්න පත් කළ තිලක් වීරසිංහ - ඩියෙඩ්‍රි ලිවේරාගේ සුදුසුකම් මෙන්න - Lanka Mag Tuesday, November 29 2022 Breaking News රටට ආදරෙයි නම් දැන් සිලුදෙනාම රනිල්ට සහය දිය යුතුයි. – වෙල්ගම යාල Night Safari ලගඳීම…?? රාජ්‍ය සේවකයින්ට ආසන්නම සේවා ස්ථානයට මාරුවීම්… පාසල් ගුරුවරුන්ගේ ඇඳුමේ වෙනසක් නෑ – අධ්‍යාපන අමාත්‍යාංශය මේ වසරේ මුදල් මුද්‍රණය පසුගිය වසරට සාපේක්ෂව අඩුවේ.. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මහ බැංකුව ගැන හරිහැටි අවබෝධයක් නෑ. – මහ බැංකු අධිපති විනය භාර ගුරුවරයා 7 වසරේ සිසුවාගේ කන පලයි! පැවති ආණ්ඩුවල අඩුපාඩු නිසා ආර්ථික අර්බුදය හටගත්තා – මහා බැංකු අධිපති අයවැය තෙවන වර කියවීම අද.. මා කිසිදා ජනතාව අතහැර දමා පළා ගියේ නෑ. – හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්..! Sidebar Random Article Menu BREAKING NEWS EXCLUSIVE POLITICS VIRAL NEWS GOSSIP NEWS SMART UPDATE ARTICLES NEWSPAPER COLUMNS SOCIAL MEDIA PICKS SPORTS CRICKET OTHER Search for YouTube Facebook Home/BREAKING NEWS/දේශපාලන පත්වීමක්ද ? ගුවන් සේවා සමාගමට උපදෙස් දෙන්න පත් කළ තිලක් වීරසිංහ – ඩියෙඩ්‍රි ලිවේරාගේ සුදුසුකම් මෙන්න BREAKING NEWSEXCLUSIVE දේශපාලන පත්වීමක්ද ? ගුවන් සේවා සමාගමට උපදෙස් දෙන්න පත් කළ තිලක් වීරසිංහ – ඩියෙඩ්‍රි ලිවේරාගේ සුදුසුකම් මෙන්න January 13, 2020 1 minute read ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු ලෙස සිදු කළ පත්වීම් දෙකක් පසුගිය දිනවල දැඩි ලෙස කතාබහට ලක්විය. ඒ ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂකවරයෙක් ලෙස පත් කළ තිලක් වීරසිංහ සහ ඩියෙඩ්‍රි ද ලිවේරා මහත්මියගේ පත්වීම් සමගය. තිලක් වීරසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විවාහ වූ ලිමිනි වීරසිංහගේ පියා වූ අතර, ඩියේඩ්‍රි ද ලිවේරා රෝහිත රාජපක්ෂ විවාහ වූ ටටියානා ජයරත්නගේ මව වීම මත විවේචනයට ලක් වුනා. කෙසේ වෙතත් මෙම දෙදෙනාම පත් කොට ඇත්තේ විධායක නොවන අධ්‍යක්ෂකවරුන්ගේ තනතුරු වලටය. ඒ සැලසුම්කරණයේදි උපදේශාත්මක සේවයක් සිදු කිරීමටය. මෙම විධායක නොවන අධ්‍යක්ෂකවරුන්ට වැටුපක් නොගෙවන අතර රුපියල් දස දහසක (10,000/=) ඉන්ධන දීමනාවක් පමණක් ගෙවයි. මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ව්‍යාවසායකයෙක් වන තිලක් වීරසිංහ මහතා සංචාරක හෝටල් ජාලයක හිමිකරුවෙක්ද වේ. ඒ මහතා සංචාරක ක්ෂේත්‍රයේ රජයේ උපදේශන කමිටු වල තනතුරු හෙබවු ප්‍රථම අවස්තාව මෙය නොවේ. පසුගිය එජාප රජය විසින් 2017 වසරේදි, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් මෙරට සංචාරක ව්‍යාපාරය නැංවීම උදෙසා විද්වත් කමිටුවක් පත් කළේය. තිලක් වීරසිංහ එම කමිටුවේද සාමාජිකයෙක් ලෙස කටයුතු කළේය. එලෙස සංචාරක ක්ෂේත්‍රයේ පරිනත, අත්දැකීම් බහුල ව්‍යවසාකයෙක් වන තිලක් වීරසිංහගේ උපදේශාත්මක සේවය ලබා ගැනීමට නව රජය කටයුතු කර ඇත්තේ එවැනි පසුබිමකය. ඩියඩ්‍රි ද ලිවේරා ගුවන් තොටුපොළ පරිපාලනය පිළිබඳ වැඩිම අත්දැකීම් හා පළපුරුද්ද හිමි ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායිකාවයි. ඇය මින්පෙර බොහෝ ගුවන් සමාගම් වල කළමණාකරණ සහ අධ්‍යක්ෂක තනතුරු ද‍රා තිබේ. Exel holdings ආයතනයේ අධ්‍යක්ෂක වශයෙන්ද Jetwing Air සමාගමේ කළමණාකාරිණිය ලෙසද ඇය 1990 දශකයේ පටන් කටයුතු කර තිබේ.
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් | යළි පිබිදෙන කූරගල තපෝවනයේ ඓතිහාසික බෞද්ධ උරුමය යළි පිබිදෙන කූරගල තපෝවනයේ ඓතිහාසික බෞද්ධ උරුමය කූරගලට මැදින් පොහොය තවත් ඓතිහාසික දිනයක් වෙනු නියත ය. මැදින් පොහොය දින මුල්ගල තැබෙන ඒ මහා චෛත්‍යය නොබෝ දිනකින් ශ්වේත වර්ණයෙන් බැබළෙනු ඇත. කූරගල කඳු මස්තකයට පිවිසුණු කල නෙත් යුගලට පහළින් හරිත වර්ණ කාලතිත්ථ කෙත් යාය ද, ඒ අතර ගලා බසින වලවේ කොමලිය ද, එයින් පිරීයන නීලවර්ණ වැව් දාමය ද දෙඇසට සමව සිටින එකිනෙකට අත්වැල් බැඳගත් කඳු පන්තිය ද නෙත් යුගලට ඉහත්තාවෙන් නෙක රටා මවන අහස්කුස ද ගත සනසවන සිහින් සුළං දාරාව ද ගතට සිතට දනවන්නේ දිව්‍යමය රසයකි. අමෘතයකි. මේ සා සොබාසිරි පිරි නිහඬ අරණක් ඕනෑම වන්නේ මනැස වඩන උත්තමයන්ට ම පමණි. එය එලෙසම අතීතයේ දී සිදුව ඇත. ඉතින් අප මේ පිවිසෙන්නේ දිව්‍ය සිරි ගෙනෙන නිහඬ පරිසරයක නික්ලේෂී යතිවරයාණන් වහන්සේලා නිවන පැතූ කූරගල ආරණ්‍ය සේනාසනයට යි. සමන් දෙවි රැකවරණය ලබන සබරගමු පළාතේ ශ්‍රී පාද මස්තකයෙන් පින් බරිතව මැණික් ජනිත කරන්නා වූ රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තන්ජන්තැන්න ග්‍රාම නිලධාරී වසමට අයත්ව කූරගල බෞද්ධ ආරාම සංකීර්ණය පිහිටා තිබේ. ගැඹුරු පර්වත ප්‍රාන්තයක උස්ව පිහිටි කූරගල හා හිටුවන්ගල කඳු ශිඛර දෙක ප්‍රධාන කොටගෙන මෙම තපෝවන අරණ පිහිටා ඇත. දකුණු - ගිනිකොන දිශානුගතව අඩි 500- 1500 ක් සමෝච්ඡ රේඛා අතර බෑවුමක විහිදෙන පර්වත මාලයේ උසම ශිඛරය කූරගල වේ. මෙම ප්‍රදේශය කඳුකර වියළි වෘක්ෂලතා කලාපයට අයත්වුව ද තෙත් හා වියළි සංක්‍රාන්ති කලාපයක අවසාන ඉමෙහි පිහිටා ඇත. කඳුවැටියේ පිළිවෙලින් අනෙකුත් උසම ස්ථාන වන්නේ හිටුවන්ගල, කවුඩුමානහෙළ, කලුගල හා බඹරගලයි. නෙතට රසඳුනක් වූ හාත්පස පරිසරය භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලාගේ නිරාමිස ප්‍රීතිය ජනනය කරන කදිම තෝතැන්නක් බව නොරහසකි. කඳු මුදුනත හිස් අවකාශයට යොමු වූ ලෙන් ආරාම තුළින් දැකිය හැකි වලවේ නිම්නයේ හාත්පස පරිසරය චමත්කාර ජනක ය. ක්‍රි.පූ. 2-3 සියවසට අයත් සේ ගැනෙන කටාරම් කොටා පූර්ව බ්‍රාහ්මී අකුරින් සටහන්ව පවතින ලෙන් ආරාම භික්ෂූන් වහන්සේලා මෙම ස්ථානයේ වැඩ විසූ බවට කදිම සාධක ය. කඳු මුදුනත හිස් අහස සිපගන්නා සංරක්ෂිත ස්ථූපය එයට පිවිසීමට ගලින් තැනූ පාද ගන්ඨිකා මෙහි ඓතිහාසික අගය තීව්ර කරයි. කූරගල තපෝවනය හුදකලා නොකරමින් තදාසන්නයේ පිහිටි ගල්ටැම්යාය, බුදුගල, ඇඳගල, දහයියාගල, දියඉන්න ආදී ක්‍රී.පූ. 2 වන සියවසේ සිට ක්‍රි.ව. 10 වන සියවස දක්වා කාලයට අයත් පුරාවිද්‍යාත්මක නටඹුන් විහිද ඇත. එබැවින් කූරගල හා සබැඳී මෙම ප්‍රදේශය අතීත බෞද්ධ උරුමයේ තෝතැන්නක් බව සත්‍යම ය. මිහිඳු මාහිමිගේ ආගමනයත් සමඟ බුද්ධ දර්ශනය මෙරට රාජ්‍ය ආගම බවටත්, අරිට්ඨ කුමරු ප්‍රමුඛ රාජකුමාරවරුන්ගේ පැවිද්දත් සමඟ සංඝ සමාජය මෙරට සනුහරේ මාර්ගෝපදේශකයන් බවට පත් විය. සඟ පරපුරේ වර්ධනයත් සමඟ බුද්ධ දර්ශනයේ නියමාර්ථය සෙවූ එම උත්තමයන්ගේ පරිභෝජනය සඳහා රට වට පැතිරගත් ස්වභාවික ලෙන් සකසා පිදීමේ පූජා විධියක් මෙරට ඇරඹෙන්නට විය. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම දඩයමින් හා පලවැල නෙළාගනිමින් ජීවත් වූ මානවයන් ලැගුම් ස්ථාන වශයෙන් මූලිකව ම ස්වභාවික ගල්ලෙන් භාවිත කරන ලද බවට සාධක හමුවේ. එනම් ලක්දිව ඉතිහාසයේ මානව ක්‍රියාකාරකම්වල මූලාරම්භය ලෙන් ආශ්‍රිතව සිදු වී ඇත. මෙරට තෙත් කලාපයට අයත් පාරිසරික කලාපය තුළින් කිතුල්ගල බෙලිලෙන, කුරුවිට බටදොඹලෙන, බුලත්සිංහල ෆාහියන් ලෙන, අත්තනගල්ල අලවල ලෙන හා රත්නපුර බෙලිගල්ගේ ලෙන් ප්‍රාග් මානව ක්‍රියාකාරකම් හඳුනාගත් ලෙන් කිහිපයකි. කූරගලද එවන් අතීත ප්‍රාග් මානවයන්ට සෙවණ සෑදූ ලෙන් පද්ධතියකින් සමන්විත ය. මෙම තපෝවන ආරාමයේ සිදුකරන ලද පුරාවිද්‍යා කැණීමකින් අදින් වසර 16000 කට පූර්වයේ මෙම පුණ්‍ය භූමියේ බලංගොඩ මානවයා ද දිවිගෙවා ඇති බවට සාධක සොයාගන්නා ලදී. එපමණක් නොව එම මානවයාගේ අස්ථි සැකිල්ලක් ද මෙම බිමේ සැඟව තිබී මතු කරගන්නා ලදී. ප්‍රාග් මානවයාගේ වාස භවනෙන් පසුව මෙම පුණ්‍ය භූමිය කමටහන් වැඩූ යතිවරයාණන් වහන්සේලාගේ පා පහස ලැබූ භූමියක් බවට පත්විය. ඒ ක්‍රී. පූ. 2-3 සියවස්වල දී ය. එනම් මීට වසර 2300 කට පමණ පූර්වයේ දී ය. බුදුන් වහන්සේ ජීවමානව වැඩ විසූ එක් නිවාස වර්ගයක් ලෙස ගල්ලෙන් හඳුනාගත හැකිවේ. උන්වහන්සේ වැඩ විසූ මෙවැනි ගල්ලෙන් පිළිබඳව අට්ඨකතා සාහිත්‍ය තුළින් මෙන්ම වංසකතා ලේඛනවලින් අපට හමුවේ. බුදුරජාණන් වහන්සේ වැඩ විසූ රත්ගල ගුහාව ගඳකිලිය, ගන්ධකුටිය ලෙස සිංහල බෝධිවංසයෙන් හඳුන්වා දී තිබේ. එසේම බුදුන් වහන්සේ නිතර වාසය කළ පිප්පාල ගුහාව අලලා ඉන්දීය පුරාවිද්‍යාඥයින් විසින් පර්යේෂණ සිදුකර ඇත. එසේම ගිජ්ජකූටයේ බුදුරදුන් වාසය කළ ගුහා දෙකක් ද වේ. එසේම “භාග්‍යවතුන් වහන්සේ වේදියක පර්වතයෙහි ඉන්දසාල ගුහාවෙහි වාසය කරන සේක” යනුවෙන් මජ්ක්‍ධිම නිකායට්ඨ කතාවෙහි සදහන් කර තිබේ. තවද භාග්‍යවතුන් වහන්සේට වාසය පිණිස පූජා කළ එක් ලෙනක් පිළිබඳව සඳහන්ව ඇත. එම ලෙනෙහි නාමය සූකරබත වෙයි. බුදුන් වහන්සේ ජීවමානව ගල් ලෙන් තුළ වාසය කළා සේ ම තම ශ්‍රාවක සංඝයාට ද ගල්ලෙන් තුළ වාසය උචිත ලෙස අනුදැන වදාරා තිබේ. සාරත්ථප්පකාසිනියෙහි සඳහන් වනුයේ ලෙන්, මණ්ඩප හා කූටාගාර යනු පුණ්‍යවන්ත වූ භික්ෂුවක් විසින් අයත් කර ගනු ලබන බොහෝ උසස් සෙනසුන් වශයෙනි. විශුද්ධි මාර්ගයට අනූව ගුහාවල සහ ලෙන්වල වසන භික්ෂූන් ද මහේශාඛ්‍ය ශ්‍රමණයන් වහන්සේ ලෙස හඳුන්වා දී ඇත. තවද මහා පින් ඇති භික්ෂූන්ට ලැබෙන බොහෝ ප්‍රණීත සේනාසන අතරට ලෙන් අයත් කර තිබේ. එම නිසා ලක්දිව බුදු සසුනේ සමාරම්භක අවධියේ මුල්ම භික්ෂූ නිවසක් වූයේ ස්වභාවික පර්වත සහ ගල් ලෙන් ය. ඒ බව හඳුනාගැනෙනුයේ මෙවැනි ගල් ලෙන් වල වැසි දිය ආවරණයක් ලෙස ඒවායේ ඉහළ මුහුණතේ කොටවා තිබෙන කටාරමට මඳක් පහළින් දැකිය හැකිවන පූර්ව බ්‍රාහ්මීය අක්ෂර සහිත ශිලා ලේඛන වල අනුසාරයෙනි. මෙවැනි ගල්ලෙන් සහිත භික්ෂූ ආරාමයක් පිළිබඳව වංසකතා සාක්ෂි හමුවන පළමු අවස්ථාව දීපවංශයේ සඳහන් වන මිහිඳු හිමියන්ගේ වස් විසීම ක්‍රියාවලය හා සබැඳේ. උන්වහන්සේ වස් විසීම සඳහා මිහින්තලයට ගිය බව ද, ඒ සඳහා අටසැට ලෙන් පූජා කළ බව සහ ලෙන් ආරාමයක් බවට පත් කළ ආකාරය එහි දැක්වේ. මෙවැනි ගල්ලෙනකට ගෘහය හෙවත් ගෙය යන වචනය ව්‍යවහාර කළ බවට පිදුරන්ගල ලෙන් සංකීර්ණයෙන් හමුවූ එක් ශිලා ලිපියකින් සනාථ වේ. එම ලිපියේ සඳහන්ව තිබෙන ‘ලෙනගේ’ යන පදය සංස්කෘතයේ ගෘහය යන්නට පර්යාය වෙයි. එම වචනය ලෙන යන වචනය සමඟ යෙදෙන බැවින් ලෙන හෙවත් ගුහාව ගෘහය හෙවත් නිවාසය බවට පත්ව ඇත. මේ ආකාරයෙන් පර්වත භූමි භික්ෂූ නිවාස සඳහා තෝරාගැනීමට බලපෑ ප්‍රධාන කාරණා අතර ප්‍රාග් ඓතිහාසික ලෙන් නිවාස භාවිතයේ ඌරුව, කඳු මුදුන් හා බැඳුණු පුරාණ ආගමික හා අභිචාර විධි, පර්වත බෑවුම් සහ ලෙන් වැනි ස්ථානවල තිබෙන ස්වභාවික ආරක්ෂාව මෙන්ම භාවනානුයෝගී භික්ෂූන්ට අවශ්‍ය වූ හුදෙකලා බව මෙවන් පරිසර පද්ධතීන් හි නිරන්තරයෙන් ගැබ්වී තිබෙන අතර, බෞද්ධ සාහිත්‍යයේ ඉගැන්වීම්වලින් ගුහා නිවස්නය භික්ෂූන්ට කැපවූ එක් නිවස්න වර්ගයක් ලෙසින් අනුදැන වදාරා තිබීම ද ඊට බලපෑ හේතුවක් වන්නට ඇත. මෙවැනි ස්වභාවික ලෙනක් ගෘහයක් ලෙස හෙවත් ගෙයක් දක්වා පරිවර්තනය කිරීමේ දී ඒ වෙනුවෙන් සිදුකළයුතුවන අනිවාර්ය මිනිස් මැදිහත්වීම අංගුත්තර නිකායට්ඨකතාවේ සඳහන් වන සිතුල්පව්වේ තිස්ස තෙරුන්ගේ කථාවෙන් මොනවට නිරූපණය වේ. සිතුල් පව් වැසි තිස්ස තෙරුන් තම වැඩිමහලු තෙරුන් වෙනුවෙන් ගල්ලෙනක් තෝරාගෙන එය වාසස්ථානයක් බවට පත්කළ අයුරු එහි දැක්වේ. ඊට අනූව එම ගල්ලෙන තුළ දැව පුරවා, දවා, ඉන්පසුව ලෙන සෝදා, ගඩොල් වලින් වටකර බිත්ති පිරියම්කර ලෙන් කර්මාන්තය කර ඇත. කූරගල තපෝවන ආරාම සංකීර්ණයෙන් කටාරම් රහිත ලෙන්, කටාරම් හා පූර්ව බ්‍රාහ්මී ලෙන් ලිපි සහිත ලෙන් හා කටාරම් පමණක් සහිත ලෙන් ගණනාවක් දැකගත හැකි වේ. මෙම සියලු ලෙන් අතීත යතිවරයාණන් වහන්සේලාගේ පරිභෝජන අවශ්‍යතා සැපිරූ බවට සැකයක් නොමැත. මෙහි වන ලෙන් ද්විත්වයක කටාරමට පහළින් පූර්ව බ්‍රාහ්මී අකුරින් කොටන ලද ශිලා ලිපි ද්විත්වයක් දැකගත හැකිවේ. මුල් සමයේ සී.එච්.කොලින්ස් මහතා විසින් වාර්තා කර අර්ථගන්වන ලද මෙම ලිපි පරණවිතාන මහතා විසින් 1970 වර්ෂයේ රචිත පූර්ව බ්‍රාහ්මී ශිලා ලේඛන නම් ග්‍රන්ථයේ නිවැරදිව කියවීමක් සහිතව පළකර ඇත. එක් ලිපියක “දතහ ශමුදහ ලෙන” යන්න ද, අනෙක් ලිපියේ “පරමුඛ ශූමනහ පරමුඛ ශූමය” යන්න ද වේ. ඒවාහි අරුත පිළිවෙලින් දත්තගේ සහ සමුදගේ ලෙන හා ප්‍රදාන සුමනගේ සහ ප්‍රධානී සුමයගේ ලෙස දැක්විය හැක. මෙම කෙටි ලෙන් ලිපි වලින් අවධාරණය කර ඇත්තේ ඉහත නම් සඳහන් ප්‍රදේශාධිපති බෞද්ධ ප්‍රභූවරු සඟසතු කොට මෙම ලෙන් පිදූ බව ය. බොහෝ ලෙන් ලිපිවල දැකගන්නට ඇති අගත අනගත චතුදිශ ශගශ දිනෙ (අතීත අනාගත සතර දිශාවෙන් පැමිණියාවූ නොපැමිණියාවූ ද භික්ෂු සංඝයාට පූජා කළ වගයි) යන වචන මෙම ලෙන් ලිපි වල දැකගන්නට නොලැබීමෙන් පෙනීයන්නේ මෙම ලිපි අනුරාධපුර යුගයේ මුල් අවධියට නෑකම් කියන බව ය. එසේම කඳු ශිඛරය මත ඇති ස්ථූපය, ස්ථූපයට පිවිසීමට කඳු බෑවුම හරහා යොමුව ඇති සකසන ලද පඩි වාස්තු විද්‍යාවේ කදිම නිර්මාණයකි. මෙම ආරාම සංකීර්ණයේ වන බොහෝ ලෙන් තුළ සිට පිටත බැලූවිට පෙනෙනුයේ තෙරක් නොපෙනෙන අහස හා සොබා සිරියයි. මෙම අපූරු පිහිටීම වීතරාගි භික්ෂූන්ට සිත එක්තැන් කරගෙන මාර්ගඵල අවබෝධ කර ගැනීමටත්, සසර මග කෙටි කරගෙන නිවන් මඟ පසක් කරගැනීමටත් හැකිවන්නට ඇත. දුමින්දාගමනයත් සමඟ සිදුවූ මහා බෝධි රෝපණයත් සමඟ එයින් පැන නැගුනු පළමු අෂ්ඨඵල බෝධි අංකුරයන්ගෙන් එක් පැළයක් රෝපිත ව ඇත්තේ මෙම කූරගල පින්බිමට නුදුරින් පිහිටි ප්‍රදේශයක වේ. එය වර්තමානයේ හඳගිරිය ලෙස හඳුනාගනු ලබයි. එහිවන බෝධීන් වහන්සේ අද පවා විරාජමානව ශාන්ත සුන්දර පරිසරයක වැඩ හිඳීනා අතර මෙහි බෝධිඝරය අනුරාධපුර පැරැණි බෝධිඝර හා සම්‍යරූපී ලක්‍ෂණවලින් යුක්තවේ. කූරගල පින්බිම ස්ථානගත ව ඇත්තේ තවත් මෙවන් බෞද්ධාගමික ආරාමික නටඹුන් ගොන්නක් වටකරගෙන ය. කූරගල ගල්ලෙන් තපෝ වනයකට අයත්වේ. ජනප්‍රවාදිත අදහස අනුව මෙහි පැරැණි නාමය කූරගල නොව කුහරගල වේ. එම නම ව්‍යවහාරවීමට හේතුවී ඇත්තේ හිටුවන්ගල පර්වතය මුදුනේ නැගෙනහිර බෑවුමේ ස්වභාවික ව පිහිටි ගල් දෙබොක්කාවක් කුහරයක් ලෙස තරමක ගැඹුරට පිහිටා තිබීමයි. එය අඩි 15-20 ක් පමණ ගැඹුරට මිනිසුන් දෙදෙනකුට පමණ එකවර බැසිය හැකි කුහරයකි. ඝන අන්ධකාරයෙන් යුත් කුහරය දිගේ මඳක් පහළට බැසීමේ දී පර්වත තලයේ නැෙඟනහිර මුහුණතට සූර්යාලෝකය වැටීමෙන් විවරවූ පැලුම් තුලින් ආලෝකය මතුවේ. කූරගල ගවේෂණ වාර්තාවේ සඳහන් පරිදි අතීතයේ දී මෙම පර්වතය තණ්ඩුලෙය්‍යක පබ්බත ලෙස හඳුන්වා ඇත. තුන් සිංහලයේ රුහුණු රට උතුරු දිග කඩඉම හෙවත් රුහුණු මායා දෙරට වෙන් කෙරුණු කඩ ඉම වශයෙන් සලකා ඇත්තේ මෙම කූරගල කඳුවැටියයි. තණ්ඩුලෙය්‍යක පබ්බත යනු වී සුලභ පර්වතය යන අරුත ගෙනේ. කූරගල කන්ද පාමුල අදටත් දැකගන්නට ඇත්තේ අක්කර දහස් ගණන් පුරා පැතිරගිය සුවිසල් කෙත් යායයි. එනම් කාලතිත්ථ වෙල්යායයි. කූරගල තපෝවන ආරාමය පිහිටි කල්තොට යනු රෝහණ රාජධානියට සමගාමීව පැවැති උප රාජධානියක් බවට සාධක වේ. ක්‍රි.පූ. අවධියේ (210-250) රජ පැමිණි දෙවැනිපෑතිස් රජ දවස ගව්වෙන් ගව්ව බෝධී රෝපණය කරවා විහාර ද කළ බව මහාවංස බෝධීවංස ආදී වංස කථාවන්හි සඳහන්වේ. එම බෝධී රෝපණය කරවූ ගම්වල නාමාවලියක් බෞද්ධ සාහිත්‍යයේ වන අතර එහි සඳගිරිය, තනකිරියන්වල, ගොඩකුඹුර වෑගුණ පට්ටිය හා කල්තොට නාමයන් වන අතර ඒවා කල්තොට ප්‍රදේශය ආශ්‍රිතව විහිද පවතී. අනුරාධපුර, පොළොන්නරුව ආදී මහා නගරවලට නොදෙවෙනි ගොවිතැනින් දියුණු ජනාකීර්ණ මනා සරුසාර භූමි ප්‍රදේශයක් බව අද වුව ද දැකගත හැකිවේ. කල්තොට ඉස්මත්තේ හෙවත් කල්තොට රාජධානියේ බටහිර ඉමේ බැඳී දෙපා (දෙපසට ජලය ගෙන යාහැකි) අමුණෙන් මුළු කල්තොට ප්‍රදේශයම කුඹුරු අස්වද්දා එහි වැඩි ජලය වේලි ඔයට බස්වා වේලිඔය සම්පූර්ණයෙන් හරස්කර මැද බැද්දේ කොන්ගලින් බඳීන ලද අමුණේ ජලාශයෙන් වැවෙන් වැවට එම දිය බස්වා කුඹුරු කරමින් වැව් 138 ක් කරවා තවත් වැව් 18 ක් බන්දවා මුළු ප්‍රදේශයම එකම වෙල්යායක් හා ජනාකීර්ණ ප්‍රදේශයක්ව පැවති බව 1940-1964 හපුතලේ භූමි සිතියමෙන් ද පෙනේ. මෙම ප්‍රදේශයේ නටබුන්ව ඇති වැව් හා අමුණු පිළිබඳව විමසනවිට කල්තොට සිට මාගම දක්වා එකම වෙල්යායක් ව තිබුණු බව සනාථ වේ. වලවේ ගඟින් එගොඩ මෙගොඩ දෙපසට ම වතුර ගෙනයාමට කල්තොට දෙපා අමුණ පිළිබඳව පැරැණි ජන කවියක මෙසේ සඳහන් ය. කල් බලලා එක වරුස තෙ සීයෙදි වෙසඟෙහි පුරසැටවක රවිදා සිත යොදලා ගහතුරු මීනෙද රවි හෝරාවට ඇරඹුනදා සුර නිමලා මහ විකුමැති යෝදය දෙපසට දියදෙන අමුණ බැඳා තිස හදලා පස වැඩි කිරියැති මාවෙල් යාදෙක මාගම පරදා මෙම කවියට අනුව තිස් කිරියන් නොහොත් වී අමුණු 2240 ක් මෙගොඩද එපමණම ප්‍රමාණයක් වලවේ ගඟෙන් එගොඩ ද කුඹුරු තිබී ඇත. මෙම ප්‍රදේශයේ එකල වීරමහසූරිය නම් රජෙකු සිට ඇති අතර ඔහුගේ කාලයේදී කූරගල කන්දත් බඹරගල කන්දත් යාකර බැම්මක් බැඳ ඉද්දගල වැව කරන ලද බව ජනප්‍රවාදයේ එයි. ක්‍රිි.පූ. 2-3 වන සියවසේ සිට බෞද්ධ ආරාම සංකීර්ණයක් ලෙස විරාජමාන කූරගල තපෝවනය පසුකාලීන ව ජරාවාසවී තිබේ. ගොඩනැගිලි සම්ප්‍රදාය දියුණුවීමත් සමඟ ගල්, ගඩොල්, දැව භාවිතයෙන් ආරාම ඉදිවන්නට වූ අතර ඒ නිසාම භික්ෂූන් ගල්ලෙන් භාවිතයෙන් ඉවත්වන්නට විය. ඒ සමග බොහෝ පැරැණි ලෙන් ආරාම සංකීර්ණ භාවිතයෙන් ඉවත් ව තිබේ. එසේම රාජධානි බිඳවැටීම, ආක්‍රමණ හා ජනතාව ජනාකීර්ණ ප්‍රදේශවෙත සංක්‍රමණය වීමත් සමග පැරැණි ම ලෙන් ආරාම සංකීර්ණ භාවිතයෙන් ඉවත්වුණි. මෙසේ වසර සිය දහස් ගණනක් සංඝයා වහන්සේලාගේ පාද ස්පර්ශය ලැබූ මෙම පින්බිම පසුකාලීනව ඉස්ලාම් භක්තිකයන්ගේ වන්දනා ස්ථානයක් බවට පත්ව ඇත. ඉස්ලාම් භක්තිකයන්ගේ කූරගල සම්ප්‍රාප්තිය හා මෙහි ඔවුන්ට වන සබඳතාවය පිළිබඳව ඉස්ලාම් භක්තිකයන්ට වෙනම කථිකාවක් ඇත. 1932 වර්ෂයේදී සී.එච්.කොලින්ස් මහතා විසින් රාජකීය ආසියාතික සඟරාවට ඊඩඥ ඒපජඩචඥධතධඨර ධට බඩඥ ඕඪදබඥදදච මැයෙන් ලියනලද ලිපියේ කූරගල පිළිබඳව ද සඳහන් වේ. ඔහු කූරගලට පැමිණෙන විටත් එම පරිශ්‍රයේ ලෙන් ආශ්‍රය කොට මුස්ලිම් ජාතිකයන් සිට ඇත. ඔහුගේ වාර්තාවට අනුව කූරගල කඳු මුදුනේ ඇති ගල් ලෙනක් තුළට මුස්ලිම් පූජකයෙක් පිවිස ඇති අතර නැවත ඔහු පැමිණ නැත. මේ නිසා ලෙන තුළ ඇති උමං කුහරය මක්කම දක්වා තිබෙන බව ඔවුන්ගේ විශ්වාසයයි. නමුත් ජනප්‍රවාදවලට අනුව මෙම උමගෙන් පිවිසිය හැක්කේ බුදුගලට ය. බෞද්ධ පාලනයෙන් ගිලිහුනු සමයක මුස්ලිම් භක්තිකයන් විසින් කූරගල පරිශ්‍රය අධිස්වභාවික විශ්වාස හා ශුද්ධ වස්තු හා බැඳී ආකල්පය මත භාවිතයට ගෙන ඇත. මක්කම යනු මුස්ලිම් භක්තිකයන්ගේ ශුද්ධ ස්ථානය වේ. ඊට කූරගල පරිශ්‍රය බද්ධකර ආගමික සංකල්පය වර්ධනය කිරීමට මෙන්ම තහවුරු කිරීමට ඔවුන් උත්සාහ ගෙන ඇත. සමකාලීනව තම ආගමික සංකල්පයන් ව්‍යාප්ත කිරීමට සමාජයෙන් බාධාවක් නොවුණ නිසාවෙන් එකී පරිශ්‍රය තුළ ඉස්ලාම් භක්තිකයන් ස්ථානගත වූහ. ආගමක් වර්ධනය වීමට මූලික වශයෙන් පූජාවිධි පද්ධතියක් තිබීම අත්‍යවශ්‍ය ය. එසේම ඊට සම්බන්ධ ආගමික විශ්වාසයන් වඩාත් තර්කානුකූල ලෙස ගොඩනැගීම කළයුතු ය. තවද ඒ සඳහා සංවිධානය වූ පිරිසක් සිටීම ද වඩා වැදගත්වේ. ගල්ලෙන්වල ස්වභාවික පිහිටීම මෙන්ම ලෙන් ආශ්‍රිතව ඇති බ්‍රාහ්මී අක්ෂර මගින් ඉස්ලාමීය අනන්‍යතා ලක්ෂණ බව පෙන්වමින් තර්කානුකූල ලෙස මුස්ලිම් ආගමික භක්තිකයන් අතර විශ්වාස ගොඩනඟාගැනීමට ඔවුන් කටයුතු කර ඇත. තවද තම ආගමික නිකායේ නායකයන්ගේ සොහොන් කොත් පිහිටුවමින් ආගමික විශ්වාස භූමිය හා බැඳී පවතින ලෙසට උපක්‍රමශීලී ව කටයුතු යොදා ඇත. එසේම පාලන අධිකාරියක් ද ඒ තුළ ගොඩනැඟී ඇත. ආගමික ස්ථානයක් පවත්වාගෙන යාමට ප්‍රජා සහභාගිත්වය ද වැදගත් වේ. බලන්ගොඩ හා කල්තොට ප්‍රදේශය අශ්‍රිතව ජීවත්වන ජනතාවගෙන් වැඩි පිරිසක් මුස්ලිම් ජාතිකයන් වෙති. කූරගල පැවැත්ම සඳහා විවිධ ආධාර මුදල් සපයමින් ගොඩනැගිලි ඉදිකිරීම මෙන්ම විවිධ කටයුතුවලට මුස්ලිම් ප්‍රජාවගේ සහභාගීත්වය ලැබ කූරගල තම ආගමට ළංකර ගැනීමේ ප්‍රයත්නයේ දී ඉස්ලාම් භක්තිකයන් ක්‍රි.පූ.අවධියේ ලියවුණු පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපි ඔවුන්ගේ අනන්‍යතා ලක්ෂණ සහිතව ප්‍රචළිත කර ඇත. එනම් අර්ථ ගන්වා ඇත. “දතහ ශමුදහ ලෙනෙ” යන්න “දත්ථාසේලාන්” ලෙස වැරදි විග්‍රහයක සිට ඔවුන්ගේ ශුද්ධ ස්ථානය හැඳීන්වීමට යොදාගෙන ඇත. තව ද ලේඛිත බ්‍රාහ්මී අක්ෂර “කුරන්’ අකුරු යනුවෙන් වැරදි ලෙස හඳුන්වන බව කිරිඇල්ලේ ඤාණවිමල හිමියන් සබරගමුවේ පැරණි ලියවිලි කෘතියේ සඳහන් කර තිබේ. එසේම ඉස්ලාම් බැතිමතුන් කටාරම් සහිත ලෙනක අභිමුඛව ඇති පර්වත කොටසක අරාබි අක්ෂරයෙන් ශිලා ලේඛනයක් කොටා ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට උත්සාහගෙන තිබේ. කූරගල බෞද්ධ උරුමය පිළිබඳව රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල හිමි, විකිලියේ නාරද හිමි හා රාජකීය පණ්ඩිත වටද්දර ඤාණීස්වර හිමියන් සාහිත්‍යයමය වශයෙන් කරුණු හෙළිකරමින් විශාල සේවාවක් කර ඇත. වටද්දර ඤානීස්වර හිමියන් බුදුන් වහන්සේ දිවා විහරණය කළ දිවා ගුහාව කූරගල ආශ්‍රිතව ස්ථානගතව ඇති බවට ද මතයක් දක්වා ඇත. ප්‍රාග් මානවයාගේ වාසභවනයක් ලෙස ඇරඹි පසුව බෞද්ධ භික්ෂූන්ගේ අරමුණු සාක්ෂාත් කරන්නා වූ තපෝවන ආරාමයක් බවට පත්ව බොහෝ කාලයක් විරාජමානව පැවැතිණි. ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාධක විමසා බැලීමේ දී මෙම භූමියේ නිරවද්‍ය අයිතිය බෞද්ධ ආරාම සංකීර්ණයකට අයත්වන බව සක්සුදක් සේ පැහැදිලිවේ. කේ.උදේනි අරුණසිරි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදින් පුර පසළොස්වක මාර්තු 28 ඉරිදා පූර්වභාග 03.27 පසළොස්වක ලබා 29 සඳුදා පූර්වභාග 00.17 ගෙවේ. ඉරිදා සිල්. පසළොස්වක මාර්තු 28 අව අටවක අප්‍රේල් 04 අමාවක අප්‍රේල් 11 පුර අටවක අප්‍රේල් 20 | PRINTABLE VIEW | මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ජනාධිපතිතුමා කියන දෙය හරියට හරිය. රජයේ සේවකයන්ට හා වර්ක් ෆ්‍රොම් හෝම් කළ හැකි පෞද්ගලික අංශයේ සේවකයන්ට ප්‍රශ්නයක් නැත. එහෙත්, දෛනික ආදායම් උපදවන අවිධිමත් අංශයේ කම්කරුවන්ට, පෞද්ගලික අංශයට, ස්වයං රැකියා කරන අයට, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකයන්ට ඇඳිරි නීති මැද පැවැත්මක් නැත. මේ කියන පිරිසගේ ජීවිත, ජීවනෝපාය, ව්‍යාපාර, පෝෂණය, සෞඛ්‍යාරක්ෂාව කඩාවැටුණහොත් රටත් බිඳවැටේ. අර ගෙදර ඉඳන් මාසෙ අන්තිමට පඩිය අතට ගන්නට පුළුවන් රජයේ සේවකයන්ටද කෙළ වේ. News Detail Economy Health Politics වයිරසයෙන් ආරක්ෂාවේ වගකීම ජනතාවට දී ආණ්ඩුව ආර්ථිකය කඩාකප්පල් නොකර සිටිය යුතුය October 5, 2020 October 5, 2020 admin කොවිඩ්-19න් කරන දේශපාලනය දැන්වත් අතහැර දැමිය යුතුය. වයිරසයෙන් ජනතාව ආරක්ෂා කරන දේවතාවන් සේ පෙනී සිටින්නට පාලකයන් උත්සාහ නොකළ යුතු ය. ඒ වෙනුවට වයිරසයෙන් ආරක්ෂා වීමේ වගකීම වැඩි වැඩියෙන් මහජනතාවට භාර කරමින් ආණ්ඩුව වැඩි අවධානයක් ආර්ථිකය වෙත යොමු කළ යුතුය. News Detail Development Life ඇඳිරි නීතිය සාර්ථක ද? April 25, 2020 April 25, 2020 admin අජිත් පැරකුම් ජයසිංහ මෙම සටහන තබන අප්‍රේල් 24 දින මධ්‍යම රාත්‍රිය වන විට කොවිඩ්-19 ශ්‍රී ලංකාව තුළ වේගයෙන් පැතිරෙන බවට සාධක ලැබෙමින් තිබේ. මේ වන විට ආසාදිතයන් සංඛ්‍යාව 400 ඉක්මවා News Detail අනුග්‍රාහක නිවේදන Recent Comments Lakshman Jayasinghe on ආර්ථික ප්‍රතිසංස්කරණවලට එරෙහි බොරු තර්ක ධම්මික විතාන on මැයි 9 සහ අරගලයේ කතාව සරලව කෙටියෙන් Lakshman Jayasinghe on මැයි 9 සහ අරගලයේ කතාව සරලව කෙටියෙන් Lakshman Jayasinghe on බලය බෙදීමට මහින්දත් පක්ෂ ඇයි? Lakshman Jayasinghe on ලංකාවේ සිදුවෙමින් තිබෙන විප්ලවය කුමක්ද? Archives Archives Select Month December 2022 November 2022 October 2022 September 2022 August 2022 July 2022 June 2022 May 2022 April 2022 March 2022 February 2022 January 2022 December 2021 November 2021 October 2021 September 2021 August 2021 July 2021 June 2021 May 2021 April 2021 March 2021 February 2021 January 2021 December 2020 November 2020 October 2020 September 2020 August 2020 July 2020 June 2020 May 2020 April 2020 March 2020 February 2020 January 2020 December 2019 November 2019 October 2019 September 2019 August 2019 July 2019 June 2019 May 2019 April 2019 March 2019 February 2019 January 2019 December 2018 Categories Categories Select Category Agriculture (23) Art (84) Cinema (10) Drama (1) Fiction (4) Literature (18) Poetry (11) Business (5) Cartoon (65) Children (3) Cinema (1) Comics (5) Communication (2) Corruption (11) Crime (65) Democracy (16) Development (34) Disaster (3) Economics (12) Economy (94) Education (38) Elderly (4) English (110) Environment (16) Events (4) Fashion (4) Food (7) Gender (1) Governance (72) Health (142) History (4) Human Rights (41) Industry (5) International (72) Kalutara (4) Land (2) Language (1) Law (41) Life (197) Literature (8) Matugama (17) Matugama.com (7) Media (51) Military (3) Music (8) Nature (1) News (178) Opinion (29) Panadura (8) People (97) Philosophy (6) Photos (13) Places (21) Poems (5) Politics (548) Press Releases (3) Religion (17) Satire (3) Science (15) Security (11) Sports (19) Tamil (2) Technology (9) Terrorism (1) Tourism (2) Transport (19) Travel (18) Uncategorized (16) Video (23) Wildlife (5) Women (16) Youth (3) සිංහල (283)
“ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති රකින, ප්‍රතිපත්ති අනුගමනය කරන, ඒවා ක්‍රියාත්මක කරන්න බැඳී ඉන්න දේශපාලන පක්ෂයක් තමයි මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දි බලයට පත්කර ගත යුත්තේ” යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසිය. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසුවේ හල්දුම්මුල්ල ප්‍රදේශයේ පෙරේදා (25) දා පැවැති ජන රැලියකට එක්වෙමිණි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය. “පාර්ලිමේන්තුව එක් පක්ෂයකත් ජනාධිපතිවරයා තවත් පක්ෂයකත් සිටීම හේතුවෙන් ගැටුමක් ඇති වෙනවා පමණක් නොවෙයි එයා කියන දේ මෙයා කරන්නේ නැහැ. මෙයා කියන දේ් එයා කරන්නේ නැහැ. ඒ තුළින් රටට වැඩක් වෙන්නේ නැහැ. නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වරයා කලා වගේ දැන් අපිට තියෙන්නේ අගෝස්තු පස් වැනිදා පාර්ලිමේන්තුව එතුමා නියෝජනය කරන දේශපාලන පක්ෂයකට ලබා දෙන්න. එතකොට විතරයි රටේ අනාගතය වෙනුවෙන් කතා කරන්න පුළුවන් වෙන්නේ. රටට වැඩක් කරන්න පුළුවන් වෙන්නේ. අපි දන්නවා පසුගිය අවුරුදු හතර හමාරක කාලය තුල රටට වැඩක් කෙරුණේ නැහැ.අවුරුදු 30 කට වැඩි කාලයක් මේ රටෙි තිබුණ යුද්ධය අපි 2005 බලයට ඇවිල්ල අවසන් කලා. අපි එදා කාප⁣ට් පාරක් දැක්කේ කොළඹ කිටිටුවට ආපුවාම. අද අපේ් හැම ගමකම කාපට් පාරක් තියෙනවා. කාපට් පාරක් නැති ගමක් නැහැ. ගමක ගමනාගමන පහසුකම් තියෙනවානම්, විදුලිය තියෙනවා නම්, බීමට පිරිසිදු ජලය තිබෙනවානමි ඒ පළාත අනිවාර්යයෙන්ම දියුණු වෙන පළාතක් බවට පත් වෙනවා. මේ ⁣ හල්දුම්මුල්ල ප්‍රදේශය හැත්තෑ ගණන් වල හරිම පොහොසත් ප්‍රදේශයක් කිවුවොත් වැරදි නැහැ. මේ ප්‍රදේශවල විශාල ආදායම් මාර්ග තිබුණා විශේෂයෙන්ම උක් වගාවෙන්. ඒ යුගය හැත්තැ හතෙන් පස්සේ නැති වෙලා ගියා. දැන් නැවත වාරයක් මේ ප්‍රදේශවල සංවර්ධනයක් ඇති කරලා නැවත වාරයක් ශක්තිමත් ගම්මානයක් බවට, ප්‍රදේශයක් බවට පත් කිරීම තමයි අපි කළ යුතුව තියෙන්නේ. ඒ නිසා රටේ ඒ් පිළිබඳව අවබෝධයක් තියෙන, මේ ගමිමාන ගැන අවබෝධයක් තියෙන, ප්‍රදේශය පිළිබඳව අවබෝධයක් තියෙන පිරිසක් තමයි අපි මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ. හල්දුම්මුල්ල කියන්නේ නායයෑමිවලට ලක්වෙන ප්‍රදේශයක්. නාය අවදානම් තියන ප්‍රදේශයක්. මේ අවදානමෙන් මේ පළාත බේරගන්න ඕනි කියන එක අපි මතක තියාගත යුතුව තිබෙනවා.නාය අවදානමක් නොමැතිව මේ රට තුළ ජීවත්විමට හැකි විය යුතු බවට අපි විශ්වාස කරනවා.අපි කරගෙන ආපු සියළුම සංවර්ධන වැඩ පිළි⁣වෙලවල් පසුගිය කාලයේ නැති වුණ බව ඔබ දන්නවා. ඒ සංවර්ධන වැඩ සමිපුර්ණයෙන්ම අත හැරලා දැම්ම. පසුගිය අවුරුදු පහත් අරගෙන තමයි අපිට මේ අවුරුදු පහ වැඩ කරන්න වෙන්නේ. පසුගිය අවුරුදු පහේ පාරවල් හැදිල්ල සමිපුර්ණයෙන්ම නැවැත්තුවා.⁣ අපි හදපු වරාය විකුණලා දැම්මා. පෝර්ට්සිටිය විකුණලා දැමිමා. ඒක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තියයි. ඔවුන් බලයට ආපු හැම අවස්ථාවකදිම මේ රටේ සමිපත් විකුණුවා. මේ සම්පත් ටික හැමදාම රැක ගත්තේ අපේ ආණ්ඩුවක් තියන කොට විතරයි. ඒ සම්පත් රැක ගැනිමේ වගකීම අපිට තියෙනවා. අද එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා. අද එක්සත් ජාතික පක්ෂයේ ඉන්න දෙගොල්ලක් දෙකට බෙදිලා තරඟ කරනවා. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ටික තමයි දෙකට බෙදිලා තියෙන්නේ. අලුත් ඡන්ද යන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය හිතන්නේ නැහැ ආණ්ඩුවක් පිහිටුවන්න. ඔවුන්ගේ සටන සිරිකොත ඇල්ලිමෙි සටන. මම දැක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා තියෙනවා සිරිකොත අල්ලන්න හදනවා. එහෙම අල්ලගත්තොත් අපි උසාවි ගිහිල්ලා බේර ගන්නවා කියලා. මේ තමයි එක්සත් ජාතික පක්ෂයට අත්වෙලා තියන කලදසාව. අපි වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් ඉදිරිපත් කරලා තිබෙනවා. වැඩ කරන්න හොඳ ප්‍රතිපත්තියක් තිබෙනවා. ජනාධිපතිවරයා පත්කර ගන්න හැටනව ලක්ෂයක් ඡන්දේ දුන්නා. අපිත් සමඟ අත්වැල් බැඳ ගන්න. නෙළුම් පොහොට්ටුවට ඡන්දේ දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසිය. Facebook Facebook Messenger Twitter Pinterest LinkedIn Tumblr Reddit WhatsApp Viber සංස්කාරක Previous post TNAට එරෙහිව වවුනියාවේ විරෝධයක් Next post පාස්කු ප්‍රහාරය – රිෂාඩ්ගෙන් ප්‍රකාශයක් Related post ගවේෂණාත්මක ප්‍රවෘත්ති හා කාලීන සංඛපාල, ගල්බොක්කයාය කඳුවැටිය වැනසීමට සැරසෙන ලංවා සිමෙන්ති... November 22, 2022 ප්‍රවෘත්ති හා කාලීන විවරණ අසරණකම් පහ කරන්න පහසුකම් ගමට යවන්න –... November 22, 2022 ප්‍රවෘත්ති හා කාලීන විශේෂාංග ලොවට නෑසෙන හංස ගීතය – ආබාධ සහිත... November 22, 2022 Leave a Reply Cancel reply Your email address will not be published. Required fields are marked * Save my name, email, and website in this browser for the next time I comment. About Us sinhala.ejournalist.lk owns the copyright in the content published on the Website except where otherwise indicated by a third party’s proprietary notice. Images, trade marks and brands are also protected by other intellectual property laws and may not be reproduced or appropriated in any manner without written permission of their respective owners. Unless specifically prohibited by a notice published on any page, you may make a print copy of such parts of the Website as you may reasonably require for your own personal use provided that any copy has attached to it any relevant proprietary notices and/or disclaimers. All other use is prohibited.
අපි මේ ලිපි පෙළ පටන් ගත්තෙ ලන්දේසීන් ලංකාවට ගොඩ බැහැලා රෝමානු කතෝලිකයන්ට එලව එලවා පහරදෙන්න ගත්ත තැනින්. ඔවුන් කරපු දේවල් පළවෙනි ලිපි දෙක කියවපු අය දන්නවා ඇති. ඒ විදිහේ තාඩන පීඩන වලට ලක්වෙලා තමුන්ගෙ ආගම අදහාගන්න බැරුව හිටපු රෝමානු කතෝලිකයන් හොයාගෙන තමයි ජුසේවාස් පියතුමා ආවෙ. පියතුමාගෙ ජීවිත කතාවෙ මුල් කොටසත් එතුමා ලංකාවට ආපු හැටිත් ලන්දේසීන්ගෙන් නූලෙන් ගැලවුනු හැටිත් ඒවගේම මහනුවරදි හිරබත් කාපු හැටිත් මුල් ලිපි වලින් මම කිව්වා. ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 1 කොටස ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 2 කොටස ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 3 කොටස දැන් ඉතිරි ටික.. ඉතිරිය කියවන්න >> Get Widget 77 ප්‍රතිචාර Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest අයිතිවෙන ලිපි ගොඩ Bl. Joseph Vaz, Saints, ජෝසප් වාස් පියතුමා, ශුද්ධවන්තයෝ 1.24.2013 පාප්තුමා හා මෝරා දවසක් උදේ පාන්දර පාප්තුමා මුහුදු වෙරළක ඇවිදිමින් හිටියා. ටිකකින් පාප්තුමා දැක්කෙ ඇස් අදහාගන්න බැරි දර්ශනයක්. එංගලන්ත රගර් ජර්සියක් ඇඳගෙන හිටපු මනුස්සයෙක්ව කන්න යනවා ලොකු මෝරෙක්. දත් විලිස්සාගත්තු මෝරා මිනිහාව හපනවා. ඒ මිනිහා පුළුවන් තරම් දඟලනවා බේරෙන්න. එහෙට දඟලනවා. මෙහෙට දඟලනවා. මූදෙ වතුරත් ලේ පාට වෙලා. පාප්තුමාට කරන්ඩ දෙයක් නැතුව දුකෙන් බලාගෙන හිටියා. මෙන්න එකපාරටම බෝට්ටුවක් කඩාගන බිඳගෙන යනවා මෝරා ඉන්න තැනට. ඒකේ හිටපු තුන්දෙනාගෙන් කෙනෙක් මණ්ඩයකින් ගහනවා මෝරට. මෝරා දඟලද්දි අනිත් දෙන්නා එංගලන්ත මනුස්සයාව බේරාගෙන බෝට්ටුව පටෝගන්නවා. ඒ වගේම මනුස්සයව කන්ඩගිය මෝරට ගහලා ගහලා ගහලා ගහලා මරලා බෝට්ටුවට දාගන්නවා. මෝරාවයි මනුස්සයවයි දාගෙන බෝට්ටුව ගොඩට එන තැනට පාප්තුමා දිවයන්නෙ බොහොම සන්තෝසෙන්. බෝට්ටුවේ හිටපු තුන්දෙනා ඇඳගෙන හිටපු ස්කොට්ලන්ත රගර් ජර්සි දැකපු පාප්තුමාට මාර පුදුමයි. "මම ඔබලාට ආශිර්වාද කරනවා දරුවනේ. ඔබලා කරේ ඉතා උතුම් ක්‍රියාවක්. මම අහලා තිබුනෙ ස්කොට්ලන්ත රගර් ෆෑන්ස්ලයි එංගලන්ත රගර් ෆෑන්ස්ලයි නයි වෛරයි කියලා. ඒත් ඔබලා ඒ කතාව බොරු කරා. ඔබලාට දෙවියන් වහන්සේ ආශිර්වාද කරාවි" පාප්තුමා ඔවුන්ට ආශිර්වාද කරලා ඒ වගේම නොසෑහෙන්න ප්‍රශංසා කරලා පිටව යනවා. "කවුද බන් ඒ නාකි මනුස්සයා" "අර පල්ලියේ පාප් කියන්නෙ ඒ මනුස්සයට තමයි" "මට නම් මිනිහා කියපු මොකුත් තේරුනේ නෑ. මිනිහට මොළේ හොඳ නැද්ද?" "හරි..හරි.. කතා ඇති. අපි අපේ වැඩේ කරමු. මොකද කියන්නේ මේ ඇමම ගහනවාද? නැත්නම් තව සුද්දෙක්ව අල්ලන් එනවද?" -පරිවර්තනයකි- Get Widget 45 ප්‍රතිචාර Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest අයිතිවෙන ලිපි ගොඩ Jokes 1.21.2013 ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 3 කොටස ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්. මේ ඇහෙන්නෙ අපේ ඇන්ටෝනියෝ අයියා දෙවෙනි විමලධර්මසූරිය රජතුමාගෙන් අවසර ගන්න හිතාන තමුන්ගෙ යාළුවෙක් හම්බුවෙන්න වෑඋඩ ඉඳලා කන්ද උඩරටට යන සද්දෙ. මොනවා? ඇන්ටෝනියෝ අයියාව දන්නෙ නෑ. වෙන්ඩ බෑනෙ. හා හා කමක් නෑ එහෙනම් පහළ තියෙන ලිපි දෙක කියවලා එන්න. හැබැයි පරක්කු වෙන්ඩ එපා. ඇන්ටෝනියෝ අයියා රජ වාසලට යන්ඩ කලින් එන්ඩ. ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 1 කොටස ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 2 කොටස ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.. එහෙනම් අද කතාව.. ඉතිරිය කියවන්න >> Get Widget 60 ප්‍රතිචාර Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest අයිතිවෙන ලිපි ගොඩ Bl. Joseph Vaz, Saints, ජෝසප් වාස් පියතුමා, ශුද්ධවන්තයෝ 1.16.2013 ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 2 කොටස කලින් කොටස අපි නැවත්තුවෙ කොහෙන්ද? ආ.. ජුසේ වාස් පියතුමාත් එතුමාගේ සහයක ජෝනුත් ලංකාවට එන්ඩ පිටත්වෙච්ච තැනින්නෙ. එහෙනම් අද එතන ඉඳන් කතාව කියවමු. ඊට කලින් නොකියවපු අය කලින් ලිපිය කියවලා එනවානම් තමයි හොඳ. ජුසේවාස් පියතුමා කියන්නෙ කවුද? ජෝන් කියන්නෙ කවුද? ඒගොල්ලො ලංකාවට ආවෙ ඇයි? කියන ප්‍රශ්නවලට උත්තර හොයාගන්න නම් කලින් ලිපිය කියවන්නම වෙනවා. මෙන්න එහෙනම් ඒ ලිපියට යන පාර. ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 1 කොටස එහෙනම් අද කතාව පටන්ගමු නේද? කට්ටිය ලෑස්ති නේ? ඉතිරිය කියවන්න >> Get Widget 58 ප්‍රතිචාර Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest අයිතිවෙන ලිපි ගොඩ Bl. Joseph Vaz, Saints, ජෝසප් වාස් පියතුමා, ශුද්ධවන්තයෝ 1.14.2013 ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 1 කොටස ස්ථානය : කළුතර, කලමුල්ලේ මුදලාලි කෙනෙකුගේ නිවසක්. දිනය/වේලාව : 17 වෙනි ශතවර්ෂයේ අගභාගයේ අවුරුද්දක දෙසැම්බර් මස 24 වෙනිදා / දහවල් වැරහැලි ඇදගත් යාචකයෙක් මුදලාලිගේ නිවස අසලට පැමිණෙයි. "මුදලාලි මහත්තයෝ කෑමට යමක් දෙන්න පුළුවන්ද?" මුදලාලි මහ හඬින් සිනාසෙයි. "මොකද බැරි. උඹ හරිම වාසනාවන්තයි. අද මෙහෙන් විතරක් නෙමෙයි. මේ පළාතෙ ඕනෑම ගෙදරකින් කෑම හොයාගත්තැකි. අද රෑ නත්තල්නෙ මනුස්සයො. අපේ ජේසු ස්වාමිදරුවො ඉපදිච්ච දවස. අද අපේ ගෙවල්වල කෑම බීම ඕනෙතරම් " කිසිදු වෙනසක් නොපෙන්වන යාචකයා බයාදු පෙනුමෙන් බලාසිටී. ඉතිරිය කියවන්න >> Get Widget 91 ප්‍රතිචාර Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest අයිතිවෙන ලිපි ගොඩ Bl. Joseph Vaz, Saints, ජෝසප් වාස් පියතුමා, ශුද්ධවන්තයෝ 1.09.2013 ශු. බයිබලය ශු. බයිබලය කියන්නේ කිතුනුවන්ගේ ආගමික ග්‍රන්ථය බව නොදන්නා කෙනෙක් ඉන්නවානම් මෙතනින් එහාට මේ ලිපිය නොකියවන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටින්න කැමතියි. විහිළුවට වගේ එහෙම කිව්වෙ බයිබලය කියන්නෙ කිතුනුවන්ගේ ආගමික ග්‍රන්ථය බව නොදන්නා කෙනෙක් නැති හන්දා. ඉතින් කාටවත් මේ ලිපිය කියවීමට අවශ්‍ය මූලික සුදුසුකම නැතැයි කියා මා හිතන්නේ නෑ. එහෙනම් වැලවටාරම් කියවන්නේ නැතුව ලිපිය කියවමු. ඉතිරිය කියවන්න >> Get Widget 71 ප්‍රතිචාර Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest අයිතිවෙන ලිපි ගොඩ Holy Bible, ශු. බයිබලය 1.05.2013 ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ දෙවෙනි කොටස ජේසුස් වහන්සේගේ ජීවිත කතාව බොහෝම සරලව කෙටියෙන් කියාගෙන යන අතරෙ, මේ වෙනකොට කොටස් දෙකක්ම කියලා ඉවරයි. මම මුලින්ම මේ කතාව කොටස් හතරකට බෙදුවා. 1. ජේසුස් වහන්සේගේ උපත (මෙතනින් කියවන්න.) 2. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය 3. ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය 4. ජේසුස් වහන්සේගේ මරණින් පසු ජීවිතය හා දෙවන පැමිණීම පිළිබඳ විශ්වාසයන් ලිපි හතරකින්ම දාන්න පොරොන්දු උනාට දෙවෙනියට ලියවුනු ලිපිය බොහොම දිග වෙච්ච නිසා කොටස් දෙකකට කඩන්න උනා. ඒත් ඒ දාපු මුල් ලිපිය නම් ටිකක් සංකීර්ණ පාටයි. මටම ඒක තේරුණා. ලිපිය දිගු වෙන නිසා විස්තර කිරීම් අඩුවීමත් එක්ක තේරුම් ගැනීමේ හැකියාවත් අඩුවෙලා තිබුනා. ඒ ගැන සමාව ඉල්ලන අතර ඉතුරු ටික සංස්කරණය කරලා පළකරන්නයි යන්නේ. එම නිසා මේ ලිපියේදී හැකිතරම් සරලව විස්තර කිරීමට යාමෙන් වචන ගණන වැඩි විය හැකි බව කරුණාවෙන් සළකන්න. එකම ලිපියක් තුළ ශෛලීන් දෙකක් භාවිතා කළේත් කියවීමේ ඒකාකාරීත්වයෙන් මුදවන්න. ඒක සාර්ථකද මන්දා. කලින් ලිපියේදී බොහෝදෙනා ඉල්ලූ පරිදි තේරුනේ නැති දේවල් පැහැදිලි කිරීමට වෙනම ලිපි ලියවේවි. ඒවගේම මේ ලිපිය නම් ඉතාම සරල බසින් ලියන්නයි බලාපොරොත්තුව.
ස්‌වභාවික පුෂ්පයන් පමණක්‌මය සුවඳ විහිදුවන්නේ .......................... සිංහල ගීතාවලියේ දිදුලණ මිණිකැට වන් එදා ඇසුණු අමරණීය ගී පෙළ එලෙසින්ම namal67@gmail.com සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya Thursday, November 24, 2022 R Muththusamy songs of 60-70s මුත්තුස්වාමි ගී රස සරණිය ඔහු ආර් මුත්තුස්වාමි නම් විය ............. විවිධ රස කැළතු සත්සර ලාලිත්‍යය මහසංගීතවේදී සුනිල් සාන්තයන් ගේ පළමු සිනමා සංගීත නිර්මාණ ඇතුළත් වුයේ 1956 තිරගත වු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ පළමු සිනමාකෘතිය වු ’රේඛාවේ’ ය. එවර ඔහු ඒවා පටිගතකිරීම් මෙහෙයවීමට ඉන්දියාවට ගියේ නැති බවත් ඒ වෙනුවට ඒ යුගයේ බටහිර සංගීත විද්‍යාව හදාරා එහි නිපුණත්වය ලද බී ඇස් පෙරේරා සංගීතඥයා ඊට යොමුකරවු බවත් සඳහන්ය. රේඛාවේ ’ඉන්ද‍්‍රානි විජයබන්ඩාර’ සහ ’සිසිර සේනාරත්න’ මෙන්ම ’අයිවෝ ඩෙනිස්’ සහ ’තිලකසිරි ප‍්‍රනාන්දු’ ගැයු සියඵ ගීත වල තනු නිර්මාණය පමණක් සිදුකල සුනිලුන් ඒවයේ සංගීත සංයෝජනය කිරීමේ කාර්ය භාරය පෙරකී බඹරැන්දේ ශ‍්‍රීනාත් පෙරේරා වෙත පැවරීය. ලෙස්ටර් ගේ ’රේඛාව’ එදවස සම්මත සිනමා ආකෘතියෙන් බැහැර වීම නිසාදෝ මුල්‍යමය සාර්ථකත්වය නොළද්දේය. භාරතයේ මහා සිනමාකරු ’රාජ් කපූර්’ ඔහුගේ ’රේඛාව’ නරඹා එය අගය කර ලෙස්ටර් ට හැකිනම් තවත් අවස්ථාවක් උදාකරදෙන ලෙස ලාංකීය සිනමා කර්මාන්තයේ එදවස දැවැන්තයෙකු වූ ’සිනමාස්’ සමාගමේ අධිපති ’කේ ගුණරත්නම්’ ගෙන් ඉල්ලා සිටි බව ද කියැවේ. ඒ අනුව ලාංකීය සිනමාලෝලීන්හට දැවැන්ත පසුතල සහිත බටහිර ක‍්‍රියාදාම ගණයේ සිනමා කෘතියක් ලෙස ’සංදේශය’ නරඹන්නට අවස්ථාව ලැබුනේ 1960 වසරේදීය. එය දක්‍ෂින භාරතීය සිනමා වට්ටෝරුවේ සංඝටක වූ ’සංගීතය’, ’සටන්’ සහ ’උද්වේගකර දර්ශන’ යන්ගෙන් සමාලංකෘත වූ නිසාදෝ අති සාර්ථක සිනමා පටයක් ලෙස කිරුඵ පැළැන්දේය. එහි ඇතුළත් ’අරිසෙන් අහුබුදු’ ශූරීන් ගේ ගී පද රචනා උදෙසා නැවතත් ලෙස්ටර් ගේ ඉල්ලීමට අවනත වෙමින් ’සුනිලුන්’ මධුර ගී තනු නිර්මාණය කළේය. එහෙත් මෙවර ගුණරත්නම්ගේ නිර්්දේශය නිසාදෝ ඒවයේ සංගීත සංයෝජනය කිරීමේ භාරදුර කටයුත්ත පැවරුනේ දක්‍ෂින භාරතියෙකු ව පසුව ලාංකීය පුරවැසි භාවය ලත් නැසිගිය ’ආර් මුත්තුසාමි’ සංගීතවේදියා වෙතය. ඔහුගේ කාර්යභාරයේ සාර්ථක අසාර්ථක භාවයේ තීරණය කිරීමේ වගකීම රසික ඔබ වෙත පැවරේ. ලතා වල්පොළ ගායන ශිල්පිනිය මෙන්ම එච් ආර් ජෝතිපාල ගායන තරුව ගැයු සංදේශයේ ගීත සියල්ලම සැටවස් පිරී අදද එදාමෙන් ශ‍්‍රාවක හද පිනවමින් පවතින්නේය. 01 පුන්සඳ එළියයි එන මද සුළගයි මල් මල් සුවඳයි ..................... 02 ?න ගිරා ?න අඹේ මී බීබී රණ ගිරවී රණ ගිරවයි සොයන්නේ .................. 03 රැුජින මමයි අපේ රාජ්ජේ මගේ සැමියා රජා තමයි....................... 04 සුදට සුද වළාකුලයි නිල් අහසේ පාවෙන්නේ කන්ද උඩින් පණිවිඩයයි ................... සහ ජෝති ඇතුඵ පිරිස ගැයු 05 පෘතුගිසි කාරයා රටවල් අල්ලන්න සූරයා ................. මෙන්ම බෙග් ඇතුඵ පිරිස ගැයු 06 කෝ හතුරෝ කෝ හතුරෝ ................. ධර්මදාස වල්පොළ ගේ හඞ ඇතුළත් 07 කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුනා ................. නරඹන්න ’පුන්සඳ එළියයි..., ----------------------- එදවස සිනමා පටයක අවම වශයෙන් වත් අඩංගු විය යුතුව තිබුනු ගීතමාලාව සම්පුර්ණ කර දුන්නේය. සංදේශයේ මේ අත්‍යන්ත සාර්ථකත්වයට සුනිල් සාන්ත සහ මුත්තුසාමි දෙපොළ ගේ මෙම සංගීතමය කාර්ය භාරය ද සුවිශේෂි මෙහෙවරක් ඉටුකරන්නට ඇතිබව නිසැකය. මන්ද යත් එදවස සිනමා ගීතයක් සවන්දෙන්නට නම් සාමාන්‍ය ජනයා අදාළ සිනමා පටය නැවත නැවතත් නරඹනවා හැරෙන්නට වෙනත් විකල්ප නොතිබුනු නිසාවෙනි. නමුත් යමක් කමක් තිබූ අයට නිවසේ ග‍්‍රැමෆෝන් තැටි ධාවන යන්ත‍්‍රයක් තිබුනේ නම් එහි ගීත ඇතුළත් තැටිය ගෙනැවිත් වාදනය කරමින් රස විඳින්නට හැකි විය. (එහෙත් සංදේශය සිනමා පටයේ තැටියක් නිකුත් කරන ලද්දේදැයි නොපැහැදිලිය*. ඉහත පූර්විකාවෙන් ප‍්‍රවේශය උදාකර ගන්නේ පෙරකී භාරතීය සම්භවයක් සහිත ලාංකීය සංගීතවේදී ආර් මුත්තුස්වාමි එනම් රාමයියා මුත්තුස්වාමි ගේ සංගීත කාර්යභාරයේ තොරතුරු අතරින් බිඳක් මතුකරදෙනු පිණිසය. ඉහත ලැයිස්තු ගත වුයේ ඔහු හා පුරා කියා සිංහල සිනමාපටයක සංගීත සංයෝජනයේ යෙදුනු අවස්ථාව නොවේ. ඉන් වසර පහකට පමණ පෙර දී තිරයේ ඇඳුනු ’මාතලන්’ නම් සිනමාපටය වෙනුවෙන් ද යොවුන් ලතා වල්පොළ ශිල්පිනිය යොදවා ඔහු ඒ ප‍්‍රමාණයේම ගීත සංඛ්‍යාවක් බිහිකරදුන්නේය. ඒවයේ සංගීත අදියුරු මතුනොව සත්සර රටා තනු පවා ඔහුගේය. එතැන් සිට ’60 දශකයේ’ සිංහල සිනමා සංගීත බලාධිකාරිය පැවැත්වූවන් අතර ඔහු ප‍්‍රමුඛයෙකුව සිටියේය. විසල් වාද්‍ය වෘන්දයක් යොදවා දිර්ඝ අන්තර් වාදන සංගීත ඛන්ඩ ඔහු සිය සිනමා ගී නිර්මාණ සඳහා යොදාගත්තේය වසන්ත සමයේ මි අඹ වනයේ .......... අනන්ත සුවයකි ගෙන දෙන්නේ .......... ගිමන් හරින්නට සමන් වැලක් යට ......... නිරන්තරේ ඒ යාදෙන්නේ................ (ධර්මදාස වල්පොළ ගැයුම - ’ඉපදුනේ ඇයි- 1967 ) සවන්දෙන්න ’වසන්ත සමයේ’ ----------------------- කර්ණාටක සංගීතයේ හසළ දැනුමකින් හෙබියා වූ ඔහු ගේ පරපුර එහි සංගීතවේදීන් ලෙස කටයුතු කළ බව කියැවේ. එහෙත් ඔහු ඒ කර්ණාටක ශෛලියේ ඇලිගැලී සිටියේ නැති අතර තමන්ට පැවරී ඇති භාරදුර කාර්ය භාරය, එනම් ගීත මගින් අදාළ සිනමාපටය ජනප‍්‍රිය කරවීමේ වගකීම හොඳින් අවබෝධ කරගෙන ඒ අනුව කටයුතු කරනු ලැබ ඇති බවට සාක්‍ෂි එමට හමුවෙයි. රාගධාරී ශෛලිය භාවිත කරමින් එදවස ලාංකීය රිදිසිණු හඞ නිළි රැුජින ’රුක්මණි දේවී’ වෙනුවෙන් ඔහු එදා කල නිර්මාණයක රසය එදත් අදත් නොඅඩුව පවතී. සිතාරේ ...සිතාරේ ...සිතාරේ........... අතැගිලි පිරිමදින හඞට ගයන සිතාරේ ...වයන සිතාරේ............ (ගී පද - කරුණාරත්න අබේසේකර - සම්පත - 1966) සවන්දෙන්න ’සිතාරේ...........' ----------------------- බටහිර සංගීතයේ ආභාෂය ලබනට නිසි තැන නිසි පරිදි කටයුතු කරන්නට ඔහු කිසි විටක පැකිලුනේ නැත. විමසනු මැනවි. එදවස බටහිර ඉංග‍්‍රිසී ගිත ගයක කන්ඩායමක් වු ’ද ජෙට්ලයිනර්ස්’ ප‍්‍රමුඛ ගායිකා ’මිනෝන් රත්නම් ප‍්‍රනාන්දු’ ගේ හඞ එම් එස් ආනන්දන් හැදු ’සත පනහ’ වෙනුවෙන් යොදාගත් ආකාරයයි මේ අද අපි ඉන්නේ විනෝදෙන්ම මත්වී ......... ඔව් මේ රැ ............ කවුරුද එන්නේ හොරාවගේ මත්වි එය හොඳ නෑ ........... මම නැළවෙන්නේ ඔබේ සිතේ හැංගී ඔව් මේ රැ ... සුරලොව යන්නේ මෙහේ ඇවිත් සැමදා ඔව් මේ රැ ...... (සත පනහ- 1965) ගී පද හර්බට් ඇම් සෙනවිරත්න ගෙනි. සවන්දෙන්න ’අද අපි ඉන්නේ’ ----------------------- මේ යුගය පසුවි යද්දී ලංකාවේ සංගීත භාවිතාව මහත් පෙරළියකට ලක්වෙමින් පැවතියේ ’බීට්ල්ස්’ වැනි බටහිර සංගීත කන්ඩායම් අනුකරණය කරමින් හතු පිපෙන්නා සේ බිහිවු විසල් ගණනක ’ගායක කන්ඩායම්’ නිසාය. ක්ලැරන්ස් විජේවර්ධනගේ ’මූන්ස්ටෝන්ස්’ කළඑළි බසිද්දී තවත් යොවුන් ශිල්පියෙකු වු ’නෙවිල් ප‍්‍රනාන්දු’ නම් අතිදක්‍ෂ ගිටාර් වාදකයා විසින් තමන්ගේ ’ලොස් කැබැයියරෝස්’ සතරදෙනාගේ ගායක සංසදය බිහිකර තිබිනි. ආචාර්ය ලෙස්ටර් ද එයින් කුල්මත් වී පන්ඩිත් අමරදේවයන් ලවා සිය සිනමා නිර්මාණයක් වූ ’දෙලොවක් අතර’ ට ,’නෙවිල් ගේ කන්ඩායම’ යොදාගත්තේය. මෙම රසවතුන් අතරින් සමහරු සාම්ප‍්‍රදායික භාරතිය සංගීත භාන්ඩ යොදා ගනිද්දී තවත් අය බටහිර ලතින් ඇමෙරිකානු වාද්‍ය භාන්ඩ සහ බෙරවර්ග භාවිතයට පෙළඹි සිටියේය. ’ඩ‍්‍රම්ස්’ කට්ටලය වාදනය කරමින් ගැයු ගීත ඒ අතර කෙමෙන් විසිර පැතිර යද්දී ’මුත්තුස්වාමි’ සංගීතවේදියා එයින් උපරිම ඵලනෙලා ගන්නට සමත් විය. යුරෝපයේ හිම වැටෙනා තාලෙට ............. සිතල සුවය දැනේ ......... ජපානයේ පිපි හිරිමල් සුවඳයි අප වෙත තුරුඵ වුනේ .......... මේ ලක් පොළවේ නිල්කඳුවැටි මැද සීතල සුවය ගෙනේ ........ තේ කඳු පාමුල පිපිමල් සුවඳයි අපදැක තුරුඵ වුනේ ............. (ලතා සහ ධර්මදාස වල්පොළ ’උතුම් ස්ත‍්‍රි - 1969 වෙනුවෙන් - ගී පද - නැසිගිය ප‍්‍රවිණ පුවත්පත් කලාවේදී ධර්මසිරි ගමගේ) නරඹන්න යුතලයේ දී ’යුරෝපයේ හිම’ ----------------------------- 1970 වසර උදාවෙද්දී ’මුත්තුස්වාමී’ සංගීතවේදියා ලංකා ගුවන් විදුලි ද‍්‍රවිඩ වාද්‍ය වෘන්දයේ මෙහෙයුම්කරුවාණෝ ලෙස පත්කරනු ලැබ සිටියේය. එතැන් හි සිට සිනමා සංගීත කර්මාන්තයෙන් ඉසිඹු ලද ඔහු විසින් සිය ප‍්‍රතිභාව ගුවන් විදුලි ගීත කලාව කරා විහිදුවන්නට විය. ශ‍්‍රීණීධරිත ස්වර්ණ භූමියයි.............. කමනීය විජය භූමියයි............ අසමානය ජනම් භූමි සම්මානනීය භූමියයි............... (ලතා වල්පොළ 1972 ජනරජ ව්‍යවස්ථා උළෙල සැමරුම් ගී පද හේම ශ‍්‍රී ද අල්විස් විසිනි) රහසක් ඇත ඔබ හට පවසන්නට ......... සෙව්වෙමි සසර පුරා ........... පෙරමග බල බල ............. පියමැන ඉන්නෙමි ......... ඔබමුණ ගැසෙන තුරා ............ (ලතා - ධර්මදාස වල්පොළ ගුවන් විදුලි සරළ ගී - හේම ශ‍්‍රී ද අල්විස් ගී පද සංකල්පනා - 1972) සවන්දෙන්න ’රහසක් ඇත’ ----------------------- උක්ත වසර ගෙවිගිය කාලය සිංහල ගී තැටි ඇල්බම් කර්මාන්තයේ වසන්තයයි. විවිධ වෙළඳ සමාගම් පවත්වාගෙන ගිය ගිත කලාවට පෙම්බැඳි රසවතුන් එකිනෙකා පරයා ජනප‍්‍රිය ගුවන් විදුලි ගායක ගායිකාවන් යොදා නව ගීත මෙන්ම එදවස අතිශය ජනප‍්‍රසාදයට පත් ගුවන් විදුලි ගීත ද ප‍්‍රතිනිර්මාණය කරමින් සිය තැටි ලේබල් ඔස්සේ ජනගත කරන්නට තරග කලේය. ඔවුනතර ’සූරිය’ - ජෙරල්ඩ් වික‍්‍රමසූරිය ’ජෙම්ටොන්’ - විජයපාල හෙටිටආරච්චි ’පිලිප්ස්’ ජාත්‍යන්තර ලේබලය ලංකා නියෝජිත - පැට‍්‍රික් කොරේරා ’අර් ඒ සී’ සහ ’ශ‍්‍රීමත්’ මෙන්ම ’වාසනා’ ලේබල - සංගීතවේදී ආර් ඒ චන්ද‍්‍රසේන ’නිව් සවුන්ඩ්’ - ලක්‍ෂමන් පෙරේරා ’ලෝටස්’ - ක‍්‍රීශාන්ත කුරේ ’සිල්වර්ලයින්’ - කෙනත් සී පෙරේරා ’ෂානක’ - නවරත්න අත්තනායක (සුජාතා අත්තනායක ගී) ’තරංගා’ - විජය රාමණායක අදද එදාමෙන් අමර වරම ලද මිල්ටන් මල්ලවාරච්චි, ඉන්ද‍්‍රානි පෙරේරා, ක්ලැරන්ස් විජේවර්ධන, අමරදේව, වික්ටර් රත්නායක, නන්දා මලිනී, ටී එම් ජයරත්න, නීලා වික‍්‍රමසිංහ, සෝමතිලක ජයමහ, ලතා ව්ලපොළ, ඇනස්ලි මාලේවන, ළමා ගායිකාවන් වූ දමයන්ති ඒකනායක, ලිලන්ති කරුණානායක, ශිරෝමි ප‍්‍රනාන්දු ජනප‍්‍රිය ගී ගණනාවක් එළිදුටුවේ ඉහත ලේබලයන්ගේ නැවුම් ගී ලෙසය (ඒවායෙන් සමහරක් ගුවන් විදුලි ගී නොවේ* ’ජොති’ සහ ’එම් එස් ප‍්‍රනාන්දු’ වැනි ජනප‍්‍රිය ආරේ ගායකයන් ගැයු ගුවන් විදුලි ගී නැතුවා නොවුනද එය ඉතා අල්පයකි. ඔවුන් දෙදෙනාගේ අතිශය ජනප‍්‍රිය ගීත බහුතරය සිනමාවෙන් හැරෙන්නට බිහිවුනේ ’වෙළඳ තැටි’ වෙතිනි. ’වෙළඳ තැටි’ නිෂ්පාදකයන් නොසිටින්නට ’ලංකාවේ කන්ඩායම් ගී යුගය’ බිහිනොවන්නට ඉඩ තිබිනි. මක්නිසාද යත් ඔවුනට එක්තරා යුගයක ගුවන් විදුලියේ දොර කවුඵ වැසී එය තහනම් පදෙසක් බවට පත් වි තිබුනු නිසාවෙනි. සංගීතවේදී ආර් මුත්තුස්වාමී හට 1973 දී ’ගොපඵ හඞ’ සිනමාකෘතිය සංගීතවත් කරන්නට වරම් ලබන ලදුව හරූන් ලන්ත‍්‍රා ශිල්පියාගේ අතිශය ජනප‍්‍රිය නිර්මාණයක් වු ’මගේ නාමලී බැඳි ආදරේ...........’ බිහිකරදුන්නේ නමුදු එය අවසනාවකට හින්දි ගී තනුවක ප්‍රතිනිර්මානයෙන් එළිදුටුවේය.. ඒ අතරවාරයේ ඔහුටද මතු කී වෙළඳ ගී තැටි ඇල්බමයක් සඳහා සිය නිසග ප‍්‍රතිභාව යොමුකරන්නට අවස්ථාව ලද්දේය. ඒ කෙනත් සී පෙරේරා ගේ ’සිල්වර්ලයින්’ ලේබලය වෙතටය. ඔහු බොහෝ අවස්ථාවලදී ගුවන් විදුලි ගී ප‍්‍රතිනිර්මාණය කිරීමේ කටයුත්තට වඩා නැවුම් හරවත් මධුරතර නිර්මාණ සිය ශ‍්‍රාවක පාරිභෝගික භවතුන් උදෙසා පිරිනමන්නට ඇප කැපවි සිටියෙකි. ඒ වෙනුවෙන් දිව ? වෙහෙසුනු ඔහු නිසා ලාංකීය සංගීත කෙතට හරවත් ගී රැුසක් එකතුවිය. සිය නැවුම් ගී නිර්මාන ’ගුවන් විදුලියේ’ මැදිහත්වීමකින් තොරව ප‍්‍රසිද්ධකරලීමේ අපහසුතාවය මනාලෙස වටහගෙන සිටි නිසාදෝ ඔහු සෑම ඉරුදිනකම පෙරවරු 10 සිට අඩපැයක කාලයක අනුග‍්‍රහක වෙළඳ වැඩසටහනක් ගුවන් විදුලියේ එදවස සිංහල දෙවන සේවය එනම් වත්මන් වෙළඳ සේවය වෙතින් වෙන්කරවාගෙන ප‍්‍රවිණ ගුවන් විදුලි ශිල්පී නාට්‍යවේදී දිවංගත ගැමුණු විජේසූරිය ශිල්පියා එහි නිවේදක කාර්යය භාරය ඉටුකරගන්නට යොදා ගත්තේය. ශ‍්‍රාවක අපද ’සිල්වර්ලයින්’ නිකුත් කළ නැවුම් ගී රසය විඳගත්තේ මෙම වැඩසටහන ඔස්සේය. මුත්තුස්වාම් සංගීතවේදියා එවරද ’පෞද්ගලික වෙළඳ තැටි ගී’ යනු හොඳින් ලාභ ඉපදවිය යුතු ව්‍යාපාරයක් යන්න මනාලෙස අවබෝධකරගෙන සිටින්නට ඇති අතර ඒ අනුව විවිධ තාක්‍ෂනික ශීල්පීයෝප‍්‍රකම ද යොදාගැනීමෙන් නොනැවත බටහිර ඉලෙක්ට්‍රෝනික සංගීත භාන්ඩ වැඩිමනත් ව යොදා එමෙන්ම එහි එන ’සුසංවාද’ ’ප‍්‍රසංවාද’ (Harmony) - (Counter Melody) විමසා බලනු මැනවි මුත්තුස්වාමී ස්වරාලංකරණ රසෝඝය ආචාර්ය සුජාතා අත්තානයක කමණිය ස්වර සමාධියෙන්. ප‍්‍රාථමික තාක්‍ෂනයකදී වුවද කළහැකි උපරිම ශබ්ද ප‍්‍රයෝග භාවිත කරන්නට එදවස සංගීතවේදීන් සහ සංයෝජකයන් උත්සුක වූහ. ඒ සිය නිර්මාණයෙන් උපරිම වෙනසක් රසයක් ජනිත කරවන්නටය. පහත වැයෙන ’නළලත කියඹු ලතා’ ගීතයේදී ’රිවර්බ් (Reverb) නම් තාක්‍ෂනය භාවිත කර ඇති බවක් හැගීයයි. එහිදී ගායන ශිල්පියා ගේ හඞ දෝංකාර නවයි. ඇතැම් සිනමා ගී සහ විශේෂ තැටි ඇල්බම් පටිගත කිරිමේදී මෙවන් ශබ්ද ප‍්‍රයෝග එදවස භාවිත කරනු ලැබ තිබින නළලත කියඹු ලතා .............. පළඳින සිරිළියේ ......... හිරු සඳු මිහි මඞලේ ............ ඔබ රුව නෙවෙද ප‍්‍රියේ .............. නළලතා කියඹු ලතා .............. තුඩ තුඩ මියුරු නදින් ......... ඔබ ගී වරුණ ඇසේ ... කවි ගී මුතුහරසේ ............ ලියැවෙයි සතර දෙසේ ............. පෙම්හද පොකුරු පියුම් හදඔබේ ලියේ ............. පහනේ සිඵව ලෙසින් බැබලේ ........... මෙරූප නාරිලතා ගුණ රූ වරුණ කියා ....... දයාද ඇයි පැතුවේ රන්මිනි අගය කියා .......... අරුමය අරුම ලොවේ ........... ඒකයි සොඳුරු ලියේ .... යහගුන නිමල යොවුන් හදඔබේ ලියේ .......... ධනයට වැඩියෙන් නැතිවද අගේ ............. (ගී පද ප‍්‍රවිණ පුවත්පත් කලාවේදී නැසිගිය ආචාර්ය අජන්තා රණසිංහ - 1975* ලේබලය - සිල්වර්ලයින් නිපැයුම - කෙනත් සී පෙරේරා සවන්දෙන්න ’නළලත කියඹු ලතා’වට ----------------------- ’රාමයියා මුත්තුස්වාමි’ සංගීතවේදියාගේ වෘත්තිය දිවියෙන් අසුරු සැණක තොරතුරු මෙලෙස කැටිකොට දැක්වුයේ වෙසෙසින් ඔහු එහි රාමුවකට, ශෙලීයකට කොටුනොවු ස්වාධීන පුඵල් දැක්මක් සහිත නිර්මාණකරුවෙක් බව පසක් කරනු රිසියෙනි. ආර් මුත්තුස්වාමී ගාන්ධර්වයාණෝ 1988 ජූනි මස 27 දාතමේදීී සිය දයාබර පියඹ ’නිලීයා මුත්තුස්වාමී’ සහ ’දරු තිදෙනා’ මෙන්ම සුවහස් සංඛ්‍යාත ගී ශ‍්‍රාවකයන් තනිකර දමා මෙළොවින් නික්ම ගියහ. --------------------------------------------------------------------- මුත්තුස්වාමි සංගීතවේදියාණෙනි ඔබට මොක් සුව පතමි........... Posted by Eda Asunu Gee at 10:27 PM Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest 6 comments: නිදිගෙ පංච තන්තරේ November 25, 2022 at 3:59 PM පළමු කමෙන්ටුවෙන්ම අඩුවක් ගැන කියනවාට සමා වෙන්න. ලිපියේ වටිනාකම නිසාම මෙවැනි අතපසුවීමක් වුණත් නොසලකා හරින්නට බැහැ කියා හිතුනා. ෆ්ලොරිඩා ජයලත් හැදුවේ 'ස්වීප් ටිකට්' ෆිල්ම් එක නේද? ReplyDelete Replies Eda Asunu Gee November 26, 2022 at 6:38 AM බොහොම ස්තුතියි එය එම් එස් ආන්නද ලෙස නිවැරදි විය යුතුයි Delete Replies Reply නිදිගෙ පංච තන්තරේ November 26, 2022 at 6:11 PM අහිතක් හිතන්න එපා. මේ කාරනාව වැදගත් එකක් නිසයි හරියටම නිවැරදි කළ යුත්තේ. ස්වීප් ටිකට් සිංහල සිනමාවේ සන්ධිස්ථානයක් වෙන්නේ ෆ්ලොරිඩා ජයලත් එය අධ්‍යක්ෂණය කළ නිසයි. ඇය තමා පළමු ශ්‍රී ලාංකීය චිත්‍රපට අධ්‍යක්ෂිකාව. ඒ බව නුවන් නයනජිත් කුමාර ලියූ 'ශ්‍රී ලාංකේය සිනමා වංශය' පොතේ 32, 535 පිටුවලින් කියවෙනවා. Delete Replies Reply Eda Asunu Gee November 27, 2022 at 4:35 AM ඔව්, එය නිවැරදියි.ඊට පස්සේ රූබි ද මෙල්...පිපෙන කුමුදු 1967 වෙන්නැති Delete Replies Reply Reply Litseeker November 25, 2022 at 5:52 PM කාලයේ වැලිතලයෙන් යටවී ඇති මිණිමුතු යළි මතු කරදීමෙන් ඔබ කරන්නේ මහඟු සේවයක්. මෙහි සඳහන් වී ඇති ආකාරයට හරූන් ලන්ත්‍රාගේ 'මගේ නාමලී....' ගීතය ස්වතන්ත්‍ර තනුවක් යන අදහස එන්නට ඉඩ ඇතත් එය හින්දි තනුවක් නේද? ReplyDelete Replies Eda Asunu Gee November 26, 2022 at 6:42 AM එය නිනිවැරදියි. එය එතැනින් ඉවත් කළ නොහැකියි. ඒ බව එතැන සඳහන් කරන්නම් ස්තුතියි Delete Replies Reply Reply Add comment Load more... Older Post Home Subscribe to: Post Comments (Atom) හෙටටත් අදටත් මියුරුය ඒ ගී රස සරය හෙටටත් අදටත් මියුරුය ඒ ගී රස සරය ආ ගිය ඇත්තන්ගේ ලැයිස්‌තුව මා වඩාත්ම ප්‍රිය කරන්නේ මෙනවද හොයන්නේ ? එදා වේදිකාව ගිගුම් දුන් ගී පොකුරක බිඳිති දේශාභිමානි අතරින් අල්පමාත්‍රයක බිඳිති පෙළක්‌ පුංචි අපේ ගී ලොව එද ඇසුණු ගී - ළමා ගී බිඳිති පෙළින් ඇබින්දක්‌ ස්‌වභාවික පුෂ්පයන් පමණක්‌මය සුවඳ විහිදුවන්නේ .......................... සිංහල ගීතාවලියේ දිදුලණ මිණිකැට වන් එදා ඇසුණු අමරණීය ගී පෙළ එලෙසින්ම Featured Post අන්න බලන් සකි - මෙන්න බලන් සකි - රිය සක කැරකෙනවා අන්න බලන් සකි - මෙන්න බලන් සකි - රිය සක කැරකෙනවා අප විවාපත් වන්නට පෙරාතුව හසුන් පත් හුවමාරුකර ගැනීම සිදුකළා මට ලැබෙන හසුන් පත් ඇයගේ ගම... Subscribe To Posts Atom Posts Comments Atom Comments බිලොග් විමාන පෙළ සින්දු ඇනෝ "කඳු යායෙන් එහා දෙසක සැණකෙළි සිරි තිබෙන්නේ" - කාලෙකට කලින් පොස්ට් එකක් දාන්න හදලා තිබුන එකක් .....ඔන්නොහෙ දැම්මා ටෙස්ටින් වන් කියලා .... නෙල්ලි කැලේ ගඟ අයිනේ පුංචි කැකුළු ළමුන්නේ හමන සුළඟ මුමුණා යන ... 1 month ago යසනාත් සිතුවිලි ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා - හෙන්රි කල්දේරා නාමය අපේ පොඩි කාලේ අපේ ඔළුවල තැන්පත්ව තිබුණේ ඒ නමින් නොවේ. තත් තත් තත් තාර පැටියා යන නමින්. ඒ ඔහුගේ අතිශය සුන්දර සහ ජනප්‍රිය ගීතයක් වූ ... 5 months ago හද ගී පොත... කොළ මැඩපන් ඔයි රාමා...! - *බත්මැඩිල්ල අමාරු නැත... එහෙත් කොළ මැඩිල්ල ප්‍රවේසමෙන් කලයුතුය... නැතහොත් සකස්කල කෙතද, ශ්‍රමයද, බිත්තර වී ද අපතේ යනු නිසැකය... කොළ මැඩිල්ලට කළවිටක් (කමත...
අප මේ දක්වා විග‍්‍රහ කළ ඓතිහාසික තත්්ත්වයන්ට අනුව වසර 2000 මොහොතේ දී LTTE සංවිධානය යුද්ධයේ ගුරුත්ව-කේන්ද්‍රය තමන් දෙසට හරවා ගත්තේය. ශිවරාම් නොහොත් තරාකිගේ විග‍්‍රහයට අනුව LTTEය සාම්ප‍්‍රදායික යුද හමුදාවක් බවට පරිවර්තනය වීමෙන් තෙවන යුද අවධිය අවසන් විය. 9/11 සිදුවීමත් සමඟ භූ දේශපාලනයේ ගෝලීය ඛණ්ඩාංක වෙනස් විය. බටහිර සමාජයත්, ඇමරිකාවත් ජාතික විමුක්ති අරගලයකට දක්වන මෘදු ප‍්‍රතිපත්තිය වහාම අතහැර දැමුවේය. වියට්නාම් යුද්ධයේ හදිසි අවසානය (1975) සමඟ ඇමරිකාව පැත්තෙන් චීනයේ දේශපාලන පසමිතුරුභාවය හීලෑකරණය වීම ආරම්භ විය. 60 දශකය තුළ චීනය සිටියේ ලෝක විප්ලවය වෙනුවෙන් විකල්පයක් නිර්මාණය කරමිනි. නමුත් 70 දශකය මැද වනවිට එය රැුඩිකල් විකල්පයක සිට නවලෝක අධිරාජ්‍යයක් කරා වර්ධනය වීම දේශපාලනිකව ආරම්භ විය. වියට්නාම් යුද්ධයේ අවසානයත් සමඟ ඇමරිකානු හෙජමොනියේ නව යුගයක් ආරම්භ විය. චීනය ලෝක ආර්ථික බලවතකු වීමේ සටන ආරම්භ විය. අලිමංකඩ කඳවුරු සංකීර්ණය බිඳ වැටීමෙන් පසුව LTTE ය පැත්තෙන් යුද්ධයේ තීව‍්‍රතාව උපරිම මට්ටමට ළඟා කර ගැනීමට උත්සාහ කළ මුත් අවසන් මොහොතේ දී ඉන්දීය මැදිහත්වීම නිසා එම සිතියම අකුළා ගැනීමට සිදු විය. අතීතාවලෝකනයක දී අලිමංකඩ ජයග‍්‍රහණය විසින් LTTE පාබල හමුදාවේ ආරම්භය සනිටුහන් වූ අතර ඓතිහාසික පුද්ගලයකු ලෙස බාල්රාජ්ගේ භූමිකාවද අවසන් විය. 2000 සිට ඉදිරියට ගත වූ කෙටි කාලය තුළ බාල්රාජ්ගේ බිරිඳ මුලතිව් වීථිවල තමන්ට තම සැමියා පහර දෙන බවට චෝදනා තියමින් විලාප තැබුවාය. මෙමඟින් සංකේතවත් වන්නේ හිස්ටරික ස්ත‍්‍රියක් පිළිබඳ සංවිධානයට ඇති නොදැනුමයි. කෙසේ වෙතත් පසුව අත්භූත අන්දමින් බාල්රාජ්ගේ බිරිඳ නාගයකු දෂ්ට කිරීමෙන් මිය ගියාය. ලෝක භූ දේශපාලනයේ ධනවාදී ව්‍යුහාත්මක වෙනස්කම් නිසා බටහිරටත් – ඇමරිකාවටත් අවශ්‍ය වූයේ සිංහල රාජ්‍යය සහ LTTE ය අතර යුද්ධයේ තීව‍්‍රතාව අඩු කිරීමටය. නමුත් ඉන්දියාවට අවශ්‍ය වූයේ LTTE ය කොටු කිරීමටය. මහින්ද රාජපක්ෂ 2005 දී බලයට එනතුරු මෙම යුද්ධයේ දී චීනයට භූමිකාවක් පැවතුණේ නැත. එරික් සොල්හයිම් යුද්ධයේ තීව‍්‍රතාව අඩු කිරීමේ ඒජන්තයා ලෙස ක‍්‍රියා කළ අතර නෝර්වේ රාජ්‍යයට ලංකාව තුළ සාම ව්‍යාපෘතියක් පැවතියේ නැත. (මේ සඳහා අවශ්‍ය අයට ඇති තරම් ඓතිහාසික සාක්ෂි එකතු කළ හැකිය) මෙම හේතුව නිසා LTTE ය පැත්තෙන් යුද්ධයේ තීව‍්‍රතාව අඩු කිරීම සඳහා මාර්ග සිතියමක් නිර්මාණය කළේය. එම සිතියමට අනුව ලංකාව කොටස් තුනකට වෙන්කර යුද්ධයේ අඩු තීව‍්‍රතාව රඳවා ගත්තේය. (1) නැගෙනහිර පළාත – Hit and Run උපාය මාර්ගය. මෙය කර්නල් කරුණා මඟින් ක‍්‍රියාත්මක කරන ලද අතර එම ක‍්‍රියාකාරකම් බුද්ධිමය වශයෙන් දියුණු කිරීම සඳහා COIN න්‍යාය පිළිබඳ පොතක් කරුණාට ලබා දුන් බව ශිවරාම් තම ජීවන සටහන්වල දී ප‍්‍රකාශ කරයි. කර්නල් කරුණා ජයසිකුරු මෙහෙයුමට පසු LTTE යට තීරණාත්මක සාධකයක් නොවූයේ මේ නිසාය. (2) උතුරු පළාත (වන්නිය) – සාම්ප‍්‍රදායික පාබල හමුදාව. ශ‍්‍රී ලංකා යුද හමුදාව සමඟ උපායිකව තීරණාත්මක මොහොතේ ‘ප‍්‍රමාදය’ මඟින් සටන ජයග‍්‍රහණය කිරීම. යුද්ධයේ මුළු මහත් ගුරුත්ව කේන්ද්‍රය වෙනස් කරන සුලු අවියක් (න්‍යෂ්ටික හෝ රසායනික අවි) LTTE යට තිබුණේ නැත. එනිසා අවසන් සටන සැලසුම් කර තිබුණේ නැගෙනහිර මුහුදේ නවතා ඇති යුද නැව් මඟින් වන්නිය කරා එන ශ‍්‍රී ලංකා යුද හමුදා ඩිවිෂනවලට පහර දීමටය. මෙම තත්ත්වය ඇමරිකාව මඟින් ව්‍යර්ථ කරන ලදී. ප‍්‍රහාරක සැලසුමේ දළ රූපය පහත පරිදිය ———— රූප සටහන———— A,B, C යනු ශ‍්‍රී ලංකා යුද හමුදාවේ මුඛ්‍ය ප‍්‍රහාරක බලඇණි 3 යි. (3) දකුණේ සිංහල සමාජය – මෙම කොටස සඳහා යෝජනා කරන ලද්දේ ත‍්‍රස්තවාදයයි. මෙමඟින් උත්සාහ කළේ සිංහල සමාජයේ මතවාදය ත‍්‍රස්තවාදය මඟින් විචලනය කිරීමයි. මෙම වැඩසටහන මූලික වශයෙන් රඳා පැවතුණේ ටොසී ඔත්තු සේවයේ දේශීය සහ විදේශීය ඔත්තු විශ්ලේෂකයන් මතය. මුළුමහත් ව්‍යාපාරයම විනාශ මුඛයට ගියේ ටොසී ඔත්තු සේවයේ මධ්‍යගත චින්තනයේ දෝෂයක් නිසා බව වැටහෙන විට සංවිධානයම සමූල ඝාතනය විය. ටොසී ඔත්තු සේවයේ මූලෝපායික දෝෂය හට ගත්තේ කොතැනින්ද? 2002 වර්ෂයේ පැවති රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුව විසින් සංකේතාත්මකව උතුරට යවන ලද ‘කොකා-කෝලා’ (ධනේශ්වර පාරිභෝගික භාණ්ඩ) නිසා LTTE යේ විනාශය ආරම්භ වූ බව රනිල්ගේ අතීත හිතවතකු වන ටැක්සි අබේ එකල මාධ්‍යවලට ප‍්‍රකාශ කළේය. ඊට අමතරව ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කළේ තමන් කරුණා සහ තමිල් චෙල්වම් අතර විරසකයේ මූලාරම්භකයා බවය. ත‍්‍රස්තවාදය තම මූලෝපායික වැඩසටහනේ තීරණාත්මක තැනක තබන ඕනෑම දේශපාලන සංවිධානයක් මතක තබාගත යුතු ඉතා වැදගත් කරුණක් පොට්ටු අම්මාන් විසින් අමතක කර දමන ලදී. (විශේෂයෙන් 2000 ට පසු) මිනිසා රඳා පවතින්නේ සංකේත පද්ධතියක සාරය මතය. ජේසුස් වහන්සේ කුරුසිය මත කී වදන ත‍්‍රස්තවාදයේ දී අමතක නොකළ යුතුය. ජේසුතුමාගේ උධෘතය මෙසේය.”දෙවියන් යනුවෙන් කෙනෙක් නැත. එය සමූහයක් විසින් ඔප්පු කළ යුතු සිද්ධාන්තයක් පමණි” යම් කෙනෙකු දෙවියන් යනුවෙන් කෙනෙක් පවතී යැයි සිතා කටයුතු කළහොත් දෙපැත්තේ හොරු දෙදෙනෙකු තබා ගෙන මිය යාම අනිවාර්යය. තමන් විසින් අනෙකා විනාශ කිරීමට බෝම්බ තැබීමෙන් පසු සුදු කොඩි ඔසවාගෙන යන්නේ නම් එය උමතු බවකි. බටහිර යහපත් ශිෂ්ට මිනිසා අවසන් මොහොතේ හෝ අපව ගලවා ගනු ඇත යනුවෙන් LTTE ය කරන ලද උපකල්පිතය නන්දිකඩාල් කළපුවෙන් අවසන් ගමන් ගියේය. ලෝකයේ කිසිදු මිලිටරි විද්‍යාවකට හසු නොවන කෲර විද්‍යාවකට තමන් හසුවන්නට නියමිත බව LTTE ය සිතුවේ නැත. සිංහල සොල්දාදුවා අවසන් වශයෙන් බෞද්ධයකු සතු කරුණාව පහල කරනු ඇත යන අනුමානයද විස්මිත ලෙස අවසන් මොහොතේ අතුරුදන් විය. බෞද්ධයා යනු යථාර්ථය සමඟ තදාත්මික නොවන භක්තිවන්තයකු නිසා ඔහුට එකවර කරුණාවන්ත වීමටත්, මිනීමරුවකු වීමටත් හැකි බව 71, 87 – 89, 2009 යන අවස්ථා තුනේදීම ඔප්පු විය. සිංහල බෞද්ධයා ධනවාදය සමඟත් පවතින්නේ යම් පරතරයක් තබාගෙන නිසා ධනවාදය සමඟ ඉතා සතුටෙන් කල් ගෙවීමට සිංහල මිනිසාට හැකිය. මෙම තත්ත්වය නියත වශයෙන්ම ටොසී නායකයා නොදැන සිටි අභ්‍යන්තර කරුණකි. අවසන් මොහොතේ දී තම දෑතින් තම දරුවා විනාශ නොකර ඔහුව සිංහල සොල්දාදුවන් දෙසට එවීමෙන් දෙවියන් යනුවෙන් පරමාදර්ශයක් සිංහල සමාජයට නැති බව ප‍්‍රභාකරන් [මෙයට කරුණා පැටලවීම දෝෂයකි] ඔප්පු කළේය. මෙතෙක් පැවති සංවාදයේ සාරාංශය – ‘සමස්තය’ පිළිබඳ අදහසක් නොමැතිව ඉදිරියට ගමන් කිරීමට නොහැකි බව අවධාරණය කරන්නේ නම් ලංකාවේ ‘දෙමළ ප‍්‍රශ්නය’ අධිනිශ්චය වූයේ මන්ද? උදාහරණයක් ලෙස ‘දෙමළ මිනිසාට’ අවාසිසහගත වන සමාජ – සංස්කෘතික ව්‍යුහ නිර්මාණය කරන ලද්දේ ශ‍්‍රී ලංකාවේ වාර්ගික හුදෙකලා කිරීමේ ද්විපාක්ෂික ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉතිහාසය විසිනි. නමුත් මේ ඉතිහාසය වහරණ විට අපගේ දැඩි අවධානය යොමු වන්නේ ජන වර්ගය දෙසටය. මාක්ස්වාදීන් මෙම ප‍්‍රශ්නය අවබෝධ කර ගැනීමේ දී ජනප‍්‍රිය නොවන ආකෘතියක් වහල් කර ගනියි. ඔවුන්ට අනුව දෙමළ මිනිසා සුළු ජාතිකයකු වීමට වඩා ඔහු/ ඇය වන්නියේ දිළින්දකු වීම වැදගත්ය. උදාහරණයක් ලෙස ලක්ෂ්මන් කදිරගාමර් ලංකාවේ බලවත්, ලොව පිළිගත් සිවිල් නිලධාරියෙකි. මෙමඟින් සනිටුහන් වන්නේ ශ‍්‍රී ලංකාව තුළ වාර්ගික අන්තවාදයක් නොමැති බවට ප‍්‍රබල සාක්ෂියකි. එසේ නොමැති නම් සිංහලයා ඉවසීම ප‍්‍රගුණ කර ඇති බවට ඉහත උදාහරණය සාධකයකි. කදිරගාමර් විදේශ ඇමැතිවරයා වීම මඟින් ලෝකයට ප‍්‍රකට වන කාරණය වන්නේ දෙමළෙකුට ලංකාව තුළ ඇති තරම් සාර්ථක විය හැකි ආකාරයයි. කලක් ඔහු ජනතා විමුක්ති පෙරමුණේ උත්කර්ෂවත් වස්තුවක් වූයේ ද මේ නිසාය. නමුත් මෙම තත්ත්වය දෙමළා සම්බන්ධ සුවිශේෂයක් පමණි. එය සාර්වත‍්‍රික භාවිතාවක් නොවේ. සමස්ත චිත‍්‍රයට අනුව සිංහල මිනිසාට වඩා සිංහල රාජ්‍ය යන්ත‍්‍රය තුළ බහුතර දෙමළ ජනයා ආන්තික වෙයි. මේ හේතුව නිසා සමස්තයක් ලෙස ශ‍්‍රී ලංකාව තුළ දෙමළ මිනිසාගේ සැබෑ තත්ත්වය වන්නේ දුක්ඛිතභාවය සහ මර්දනයයි. එබැවින් LTTE යනු දෙමළ ප‍්‍රශ්නය දෙස සාර්වත‍්‍රික විසඳුමක් යෝජනා කළ ව්‍යාපාරයයි. නමුත් මෙම අදහස දේශපාලනිකව ඉදිරිපත් කිරීමේදී ටොසී ඔත්තු සේවයේ ‘විනෝදය’ පිළිබඳ දැනුම ලොප් වූයේ කෙසේද? මතවාදී ක්ෂේත‍්‍රයේ දී පේ‍්‍රමදාසට විකල්පයක් වීමට ජවිපෙට නොහැකි වුවත් LTTE ය ඊට සමත් විය. චන්ද්‍රිකාගේ මානුෂික ධනවාදයට මුහුණ දීමට ඊට හැකි විය. නමුත් 2005 දී සිදු වූයේ කුමක්ද? දීප්ති කුමාර ගුණරත්න ඔබේ අදහස කියන්න... SHARE Facebook Twitter tweet Previous articleෆූකෝ දකින සිපිරි ගෙය Next articleවම පැහැදිලිද…? Admin RELATED ARTICLESMORE FROM AUTHOR News ලෙනින් සමඟ අපේ ජීවිත B News වැහිළිහිණියන්ගේ සංඥාව. News පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පශ්චාත් මාක්ස්වාදය. Follow us 4,006FansLike 58FollowersFollow 179SubscribersSubscribe Latest news ලෙනින් සමඟ අපේ ජීවිත B December 2, 2022 වැහිළිහිණියන්ගේ සංඥාව. November 25, 2022 පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පශ්චාත් මාක්ස්වාදය. November 18, 2022 කූඹියෝ සීරීස් 2 එපිසෝඩ් 1.1 – කුහුඹු රාජ්‍යය November 18, 2022 Home News Political Hegel Seminars Hot Video English Žižek Articles Lifestyle FB LIKE For Sharing NEWS By: Rashid Azar © 3mana | Online news magazine - 2017-2021. All Rights Reserved. | Design by: Lanka Designer '); var formated_str = arr_splits[i].replace(/\surl\(\'(?!data\:)/gi, function regex_function(str) { return ' url(\'' + dir_path + '/' + str.replace(/url\(\'/gi, '').replace(/^\s+|\s+$/gm,''); }); splited_css += ""; } var td_theme_css = jQuery('link#td-theme-css'); if (td_theme_css.length) { td_theme_css.after(splited_css); } } }); } })();