text
stringlengths
1
163k
මෛත්‍රිපාල, රාජිත හා චම්පක | sinhalanet.net
Posted by Prof. Nalin De Silva On May 24, 2015 0 Comment
මෛත්‍රිපාල සිරිසේන කෝප වී ඇත. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ ප්‍රාදේශීය සම්මන්ත්‍රණයක දී කෝපයෙන් කතාකර අභියෝග කර තිබුණේ තමාට වඩා පක්‍ෂය හා රට වෙනුවෙන් කැප වී වැඩ කර ඇති අයකු පෙන්වන ලෙස ය. මම ශ්‍රී ල නි පාක්‍ෂිකයෙක් නො වෙමි. මෛත්‍රිපාලගේ අභියෝගය පාක්‍ෂිකයන්ට පමණක් දැයි නිශ්චිත ව කිව නො හැකි ය. ඒ කුමක් වුවත් මෛත්‍රිපාලට වඩා කැප වී පක්‍ෂයට හා රටට වැඩ කළ දෙදෙනකු ගැන මට කිව හැකි ය. ඒ චන්ද්‍රිකා කුමාරතුංග හා රාජිත සේනාරත්න ය. ශ්‍රී ල නි පක්‍ෂයේ නොවූවත් චම්පක හා රතන හිමි ද පක්‍ෂයට හා රටට කැප වී වැඩ කළ නායකයෝ වෙති.
චන්ද්‍රිකා එංගලන්තය වෙනුවෙන් ද අනෙක් සියල්ලෝ ම ඉන්දියාව වෙනුවෙන් ද කැප වී වැඩ කළහ. මෛත්‍රිපාල රට යනුවෙන් අදහස් කරන්නේ ඉන්දියාව විය හැකි ය. ඔවුහු සියල්ලෝ ම රාජපක්‍ෂලාට බය වෙති. ඊනියා රාජපක්‍ෂ රෙජිමය දේශපාලනයෙන් අතුගා දැමීම එංගලන්තයේ හා ඇමරිකාවේ අභිප්‍රාය වුවත් ඒ සඳහා මෛත්‍රිපාල තෝරාගනු ලැබුයේ ඉන්දියාව විසිනි. එහි දී ඉහත සඳහන් අය ද තවත් ඉන්දීය ඒජන්තයෝ ද කැප කිරීමෙන් වැඩ කළ හ. එහෙත් ඒ සෑම කැප කිරීමක් ම යම් ප්‍රතිලාභයක් අරමුණු කරගත්තේ විය. එබැවින් ඒ කැපකිරීම් නො වේ යැයි කෙනකුට තර්ක කළ හැකි ය. අපි ඒ ගැන තර්ක නො කරමු. ඒ කැප කිරීම් ලෙස සලකමු. මෛත්‍රිපාල තවත් කෝප ගැන්වීමට අපට අවශ්‍ය නො වේ.
කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන් අනාථ වන බව ඉහත කී අය මෙන් ම රනිල්, රවි, කිරඇල්ල ආදීහු ද දනිති. අද කෙසේ නමුත් ගෝඨභය අත් අඩංගුවට ගැනීමේ වෑයමක් ඇත. ඒ සඳහා නීතිපති අතිකාල සේවයෙහි යෙදී සිටිනු දැකිය හැකි ය. උසාවි නියෝගයට වෙනත් අර්ථකථන දීමට ඔවුහු උත්සාහ කරති. යමපාලනයට නිදහස් මැතිවරණයක් කෙසේවත් අවශ්‍ය නො වේ. ඔවුන්ට අවශ්‍ය භීෂණය රජයන මැතිවරණයකි. මෛත්‍රිපාලගේ ද රනිල්ගේ ද කෝපවීම් මගින් පෙන්නුම් කෙරෙනුයේ එය ය. වාසුදේව උඹ කීවාට නම් රනිල් කෝප නො වී ය. රනිල් සමහරවිට උඹ යන්න අසා නැතිවීම එයට හේතුව විය හැකි ය.
මහින්දට ලැබුණු ඡන්ද පනස්අට ලක්‍ෂය එකකින්වත් අඩු නොවී මැතිවරණයේ දී මහින්ද පිළට (මහින්ද ශ්‍රි ල නි ප –- සංධානයට) ලැබෙනු ඇත. මෙත්‍රිපාලට ලැබුණු ඡන්ද හැටදෙලක්‍ෂය ප්‍රධාන වශයෙන් ම එ ජා ප ඡන්ද හා දෙමළ මුස්ලිම් ඡන්ද ය. ඔහුට ලැබුණු ශ්‍රී ල නි ප ඡන්දවලින් අතිවිශාල බහුතරයක් මහින්ද පිළට ලැබෙනු ඇත. දෙමළ හා මුස්ලිම් ඡන්දවලින් ද සුළු ප්‍රමාණයක් වුවත් මහින්ද පිළට ලැබෙනු ඇත. ඉතිරි කොටස ඔවුන්ගේ ජාතිවාදී ආගම්වාදී පක්‍ෂවලට ලැබෙනු ඇත. මෛත්‍රිපාල, රාජිත, චම්පක, වෙල් විදානේ පිළට (ඔවුන් එසේ තරග කළහොත්) ලැබෙන්නේ ඉතා සුළු ඡන්ද ප්‍රමාණයකි. තරගය ඇත්තේ මහින්ද පිළ හා එ ජා ප අතර ය. මහින්ද පිළ තරගයෙන් ජයගනු ඇත. එහෙත් සුළු ජාතික පක්‍ෂවල මන්ත්‍රීවරුන් රනිල්ට සහාය දෙනු ඇත. මෛත්‍රිපාල ජනාධිපති බලතල යොදා රනිල් අගමැති ලෙස පත්කර ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනය කිරීමට ඉඩ ඇත. එය ද මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂය වෙනුවෙන් කරන කැප කිරීමක් වනු ඇත! ඒ වැළැක්විය හැක්කේ මහින්ද පිළට මන්ත්‍රීවරුන් 112කට වැඩි පිරිසක් ලබා දීමෙනි. ඒ නොකළ හැක්කක් නො වේ.
මෛත්‍රිපාලගේ කෝපය සාධාරණ ය. ඔහු සිතූ අයුරින් කරුණු සිද්ධ නො වේ. ඔහුට අද බටහිරයන් හා රනිල් කියන ආකාරයට වැඩ කිරීම හැර වෙනත් විකල්පයක් නැත. එහෙත් ඒ සෑම සිද්ධියකින් ම ඔහු ජනතාවගෙන් තව තවත් ඈත් වෙයි. ඔහුට මහින්ද පිළ සමග එකතු වුවහොත් පමණක් යම් අනාගතයක් ගැන බලාපොරොත්තු තැබිය හැකි ය. එහෙත් බටහිරයෝ එයට ඉඩ නො දෙති. මෛත්‍රිපාල වෙනුවෙන් කළ හැක්කේ කුමක් ද? ඔහුගේ කැපකිරීම් ඔහු රැක බලා ගනු ඇතැයි ඔහු සිතනවා විය හැකි ය. එවිට චම්පක, රාජිත, රතන හිමි ආදීන් රැක ගන්නේ කවු ද? ඉන්දියාව ද? චන්ද්‍රිකාට නම් ඕනෑම වෙලාවක මහගෙදරට (එංගලන්තයට) ගිය හැකි ය.
නලින ද සිල්වා
Previous: Hold! ‘Betrayal’ by Fonseka! Listen to this
Next: Tamil Genocide Day – Is it to remember civilians or LTTE?
 මිනිස් ආත්ම / ප්‍රාණ මවනු ලැබීම?
මිනිස් ආත්ම / ප්‍රාණ මවනු ලැබීම?
ප්‍රශ්නය: මිනිස් ආත්ම / ප්‍රාණ මවනු ලැබීම?
පිළිතුර: මිනිස් ආත්මයක් මවනු ලබන ආකාරය පිළිබඳ බයිබලයේ දෙආකාරයකින් සඳහන් කරනවා ඇත. ආත්මයක් පැවත එන්නේ ශරීරයක් සමගම එන දෙමව්පියන්ගේ ද්‍රව්‍යාත්මක යන්න මාතෘපීතෘජවාදයෙ හි විශ්වාසයයි. මෙයට දායක වන්නේ (A) උත්පත්ති 2:7 දෙවියන් වහන්සේ ආදම්ව මවලා ඔහු තුළට හුස්ම පිම්ඹා ඔහු “ජීවමාන ආත්මයක් / ප්‍රාණයක්” ප්‍රාණයක් බවට පත්වන පිණිස. ලියවිල්ලේ සටහන් කරනවා දෙවියන් වහන්සේ එම ක්‍රියාව නැවතත් කළ බවට. (B) ආදම්ට ඔහුගේම ස්වරූපයට පුත්‍රයෙකු ඉපදුනා (උත්පත්ති 5:3). ආදම්ගේ පරම්පරාව “ජීවමාන ආත්ම” ඇත්තෝ බවට පෙනේ ඔවුන් තුළට හුස්ම දෙවියන් වහන්සේ පිම්ඹේ නැත. (C) උත්පත්ති 2:2-3 හී සඳහන් කරන්නේ දෙවියන් වහන්සේ තමාගේ මැවීමේ කාර්යය නතර කර බවට. (D) ආදම්ගේ පාපය සියලු මිනිස් සංහතියටම බලපෑවා-ශාරීරිකව හා ආත්මිකව, ඉන් පැහැදිලි වන දෙය නම් ශරීරය හා ආත්මය දෙමව්පියන්ගෙන් පැමිණෙනවා නම්. නමුත් මේ වාදයෙහි ඇති දුර්වලකම නම් අපැහැදිලියි. කෙසේද සදාකාලික ආත්මයක් කෙසේද මුලු මිනිස් ශරීරය තුළම ක්‍රියාත්මක වන්නේ කියා. මේ වාදය නිවැරදි විය හැකි වන්නේ ශරීරය හා ප්‍රාණය වෙන්කල නොහැකි තරමට සම්බන්ධ නම්.
මැවුම්වාදය හී පවසනා දෙය නම් දෙවියන් වහන්සේ යම් කළලයක් පිළිසිඳ ගන්නා අවස්ථාවේදීම ඔහු / ඇය තුළ අළුත් ආත්මයක් පවත්වන බවට. මෙය මුල් සභා පියවරු බොහෝ දෙනෙකු පිලිගත් දෙයක් වන අතර එයට ලියවිල්ල සහය දක්වයි. පළමුව, ලියවිල්ල ශරීරයේ ආරම්භය හා ආත්මයේ ආරම්භය වෙන් කර තබයි (දේශනාකාරයා 12:7; යෙසායා 42:5; සෙකරියා 12:1; හෙබ්‍රෙව් 12:9). දෙවනුව, අනෙක් දෙය නමි් දෙවියන් වහන්සේ එක් එක් ආත්මය ඒ ඒ වෙලාවට ඇඹුවොත් ශරීරය හා ආත්මය වෙන්ව හඳුනා ගත හැක. මෙහි දුර්වලකම නම් එහි පවසන ලෙසට දෙවියන් වහන්සේ තවමත් දිගටම අළුත් ආත්ම අඹන බවට. උත්පත්ති 2:2-3 හී දෙවියන් වහන්සේ මැවීම අවසාන කාලයැයි පවසා තිබියදීත්. එසේම, මිනිස් සිරුරේ පැවැත්ම-ශරීරය-ආත්මය-ප්‍රාණය සියල්ල පාපය හේතුවෙන් ආසාදනයට ලක්ව තිබෙන හෙයින් දෙවියන් වහන්සේ අළුතින් ආත්මයක් මවනු ලැබුවා නම් ඒ ආත්මය තුළින් පාපය තිබෙන්නේ කෙසේද?
තුන්වන කෝණය, නමුත් එයට දේවවචනය සහයෝගය නොදක්වයි. එනම් දෙවියන් වහන්සේ සෑම මිනිස් ආත්මයක් එකවරම මැවූ බවට ඊටපසු බිහිවන අවස්ථාවේදී එය ශරීරයට එකතු කරයි. මෙම මතය දරන්නේ “ආත්ම ගබඩාගාරයක” දමා ඇති ලෙසට. ස්වර්ගයේ මිනිසකු ඉපදෙන සෑම මොහොතකම එය ඒ ශරීරයට සම්බන්ධ වේ. නැවතත්, මෙම මතයට බයිබලය සහයෝග නොදක්වයි. මෙය “අළුත් යුගයට” පුනරුප්පත්තිය පිළිගත් මත දරන්නන්ගේ මතයයි.
මේ මත දෙකෙන් කෝක හරි උනත් මාතෘපීතෘජවාදය හා මැවීමවාදය (මැවිල්ල) දෙකෙහිම දරණ අදහස නම් ආත්මය ඇතිවීම පිළිසිඳ ගැන්මට පෙර සිදු නොවන්නක් බවට, මෙය බයිබලයේ පැහැදිලි ඉගැන්වීමවේ. දෙවියන් වහන්සේ ආත්මය එකවර සාදාතිබෙනවාද හෝ පිළිසිඳ ගැනීම අවස්ථාවේ දී හදනවා යන්නෙන් කුමක් වූවත් සෑම මැවිල්ලේ ආත්මයකටම වගකිව යුත්තා දෙවියන් වහන්සේය.
තනතුරු නාම සංශෝධනයක් කෙරේ - Siyatha News
තනතුරු නාම සංශෝධනයක් කෙරේ
අධ්‍යාපන අමාත්‍යාංශයට අනුමතව සේවය කරන පාසල් කම්කරු, සනීපාරක්ෂක කම්කරු සහ මුරකරු තනතුරු දරණ 4766 දෙනෙකුගේ තනතුරු නාම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් සංශෝධනය කර ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සිදු කළ ඉල්ලීමකට අනුව අදාල සංශෝධන සිදු කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.
එම තනතුරු සඳහා සේවකයින් බඳවා ගැනීමේදී ඒ සඳහා අයදුම්පත් කරන සංඛ්‍යාව ඇබැර්තු සංඛ්‍යාවට වඩා ඉතා අවම අගයක් තිබිම සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යනයකින් පසු ඒ සඳහා හේතු වූ කරුණු පදනම් කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම ඉල්ලීම සිදු කර ඇත.
ඒ අනුව පාසල් කම්කරු නතතුර සේවා සහයක ලෙස ද සනීපාරක්ෂක කම්කරු තනතුර සේවා සහයක සනීපාරක්ෂක ලෙස ද මුරකරු තනතුර සේවා සහයක ආරක්ෂක ලෙසද අදාල නාමයන් සංශෝධනය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
Previous articleඋතුරේ ඉඩම් අයිතිකරුවන්ට දෙන්න – උතුරු ආණ්ඩුකාර
පුවත්පත් වාර්තා ‍සඳහා සිංහල වෙබ් අඩවි ‐ පිටු අංක 86 ‐ සස්රුත සිංහලයට ආදරය කරන අයට
Results for "පුවත්පත් වාර්තා" Found 1000 in 0.01 seconds. Displaying : page 86 of 100
පටිගතවෙන්න හොඳද හූවක්‌ දාපල්ලා පටිගත වෙන්න හොඳ හූවක්‌ දාපල්ලා "බොරුවෙන් චාටුවෙන් මුළු සිරිලක
එම රජයේ අදූරදර්ශී ක්‍රියා නොපැකිළිව විවේචනය කරමින් මහජනයා වෙනුවෙන් අභීත සටනක්‌ ගෙන ගිය ලේක්‌හවුස්‌ පුවත්පත් සමාගම බේරේගෙදර පච ප්‍රචාරකයන් බවට හඳුන්වමින් එම පුවත්පත් සමාගම රජයට පවරා ගැනීම සඳහා සිරිමාවෝ බණ්‌ඩාරනායක රජය විසින් පුවත්පත් පවරා ගැනීමේ පනත
ත් ප්‍රධාන පුස්‌තකාලයෙන් ලද සුවිශේෂී අනුග්‍රහයනුත් සම`ග යටත් විජිත අවධියේ මුද්‍රිත, අප්‍රකටව පවත්නා පුවත්පත් ස`ගරා කෙරේ වැඩි අවධානයකින් යුතුව අපි අපගේ පර්යේෂණ ඉදිරියට මෙහෙය වීමු. ඒ අනුව, මේ ලිපිය අවසන ස්‌තුති කර ඇති කාරුණික පිරිසකගේ මැදිහත්වීමෙන් පේර
රැව්පිළිරැව් සමාජ හෘද සාක්‍ෂියට කෙරෙන ඇමතුම අම්මේ හෘද සාක්‍ෂිය අවදි කරමු ද!
වසරකට පමණ ඉහතදී කවර හෝ දිනෙක. ගුවන් විදුලි නාලිකා.... රූපවාහිනී නාලිකා... මෙන්ම දිනපතා හා සති අන්ත පුවත්පත් ගණනාවක්‌ද අතිශයෝක්‌තියෙන් යුතුව එකී සිද්ධිය වාර්තා කළ අයුරු මගේ සිහියට නැගෙයි. කළුතර පාලම මත සිට කවර හෝ මවක විසින් සිය දරුවා කළු ගඟට වීසි කරන
උපාලි සෙවීමේ මහා මෙහෙයුම ඇරඹේ යෝනි සහ අමරසිංහ යන දෙදෙනාම Radio Ham වරුන් ලෙස හැඳින් වෙති. රේඩියෝ හැම
වාර්තාකාර රොබට්‌ මැහෝනි වහාම මේ පුවත ලියා ආසියානු රොයිටර් මූලස්‌ථානයට යෑවූ අතර එම මූලස්‌ථානය මගින් පුවත්පත් රූපවාහිනි සහ ගුවන්විදුලි ආයතනවලට එම පුවත බෙදාහරින්නට විය. ඒ පුවතේ සිංහල පරිවර්තනය මෙසේය, (රොබට්‌ මැහෝනි විසිනි) මීඩානය - (ඉන්දුනීසියාව) පෙබරව
පක්‍ෂය වෙනුවෙන් මගේ යුතුකම ඉටුකළා එක්‌සත් ජාතික පක්‍ෂයේ සම්මේලනය කැඳවා නව ව්‍යවස්‌ථාව සම්මත
පක්‍ෂය වෙනුවෙන් මගේ යුතුකම ඉටුකළා එජාප නායක රනිල් වික්‍රමසිංහ පියසේන දිසානායක එක්‌සත් ජාතික පක්‍ෂයේ සම්මේලනය කැඳවා නව ව්‍යවස්‌ථාව සම්මත කර දී පක්‍ෂය වෙනුවෙන් සිය යුතුකම ඉටුකළ බව එජාප සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13 දා) පැවැති පුව
නෝමන් පලිහවඩන හතළිස් වසරක පෑනක හරඹය අලුත් පුවත් මවන්නට කළ සටනක්‌!
ී විමල් සුරේන්ද්‍ර දිවයින ඉරිදා සංග්‍රහයේ පළ කළ ඡායාරූපයකින් පසු ඔහුට පවා විශේෂයෙන් තර්ජන එල්ල විය. පුවත්පත් ඡායාරූප ශිල්පීන් තම වගකීම මුල්ගල් තැබීම, පොල්තෙල් පහන් දැල්වීම, පීත්ත පටි කැපීම්වලින් බැහැරව එම අවස්‌ථාවලදී ප්‍රවෘත්තිමය වටිනාකමක්‌ ඇති ඡායාර
"මේ පොඩි කොල්ලද මගේ කථාව පත්තරේට ලිව්වෙ" නවරත්න අත්තනායක
87 සිට 1990 දක්‌වා යන කාලය තුළ, රජය විවේචනය කළ නැතහොත් හැකි පමණින් සත්‍ය හෙළි දරව් කිරීමට උත්සාහ කළ පුවත්පත් වලට ඉතා සෘජු ලෙසම තර්ජන එල්ල විය. සමහර අවස්‌ථාවල ප්‍රධාන කර්තෘවරුන් විශ්‍රාම යවන්නට තරම් පුවත්පත් හිමිකරුවන්ට තර්ජන එල්ල වූ බව රටට රහසක්‌ නොව
කට කතා රැල්ල
පුවත් පත් ජාලයක්‌ ජනතාව අතර පැතිරෙන්නට විය. ප්‍රසිද්ධියේ පළ කළ ද මාධ්‍ය ආචාරධර්ම කිසිවක්‌ ගරු නොකරන පුවත්පත් ජාලයක්‌ද රට තුළ ජනප්‍රිය විය. විකල්ප පුවත්පත් දහරාවක්‌ ද මේ කාලයේ එළිදැක්‌විණි. මේ සියල්ලේම ප්‍රවෘත්ති පළ වූයේ ජාතික පුවත්පත්වල මෙන් නොව සෘජු
ගුරුවරුන් 3000ක්‌ ස්‌ථානගත කළ නොහැකි නම්....
න් අගෝස්‌තු මස 28 වැනි දිනට පෙර උපාධිධාරීන්ගෙන් අයදුම්පත් ලබා ගැනීම සඳහා බස්‌නාහිර පළාත් සභාව මගින් පුවත්පත් දැන්වීමක්‌ පළකරනු ලැබ ඇත. මේ අතර ජාතික පාසල්වල මෙන්ම පළාත් සභා පාසල්වල පුරප්පාඩු පවතින්නේ යෑයි හඳුනා ගෙන තිබෙන සෞන්දර්ය උපාධිධාරී ගුරුවරුන් ස
නෝමන් පලිහවඩන නමැති මෙම සුවිශේෂී පුද්ගලයා මට ප්‍රථම වරට හමුවූයේ ඥනාර්ථ ප්‍රදීපය පුවත්පතේ මා ප්‍රාදේශීය වාර්තාකරුවකු ලෙස සේවය කරන සමයේදීය. ඉන්පසුව මා ලේක්‌ හවුස්‌ පුවත්පත් කාණ්‌ඩයේ සේවය කළ වකවානුවේදී මුණ ගැසුණු මොහුගේ ක්‍රියා කලාපය මා තදින්ම සිත්ගත් අ
පිටසක්වලයා: 2012
Posted by Lasitha Abayagunawardhana Weerasinghe at 9/21/2012 02:58:00 PM
එස්බී මාමා නොකඩවා දෙවන අවුරුද්දෙත් ලබාදුන්න ආතල් නිවාඩුවේ පළමු මාස එකහමාර සාර්ථකව නිමා කරන විට හාඩ්ඩිස්කයේ අහුමුළුවල සැඟවීතිබූ සියළුම මාදිලිවල බයිස්කෝප් ඔක්කෝමටික බලලා අහවර කලා...
ඊට පස්සෙ කරන්නම දෙයක් නැතිකමට ඉන්ටනෙට් එකේ වටයක්දාලා නවකතා පොත් දෙකතුනක් බාගෙන කියවන්ටයි කියලා ගත්තා.. පලවෙනි පොතම භාගයක් විතර කියෝගෙන යනකොට ඒවැඩෙත් අප්පිරියාම වුනා..
අපිටනං ඉඳලා ඉඳලා හැදුනොත් හැදුනොත් හැදෙන්නෙ බඩේ අජීර්නයක්, පීනස්අමාරුවක්, කුශ්ඨයක්, බෙල්ලෙ ඇමැට්ටියක්. අඩුම ගානෙ තවත් මිනිහෙක්ට කටක් ඇරලා කියන්න පුළුවන් ලෙඩක් හැදෙනවයැ. හෙක් හෙක්..
Posted by Lasitha Abayagunawardhana Weerasinghe at 7/20/2012 10:10:00 AM
Labels: පොත්, මළඉලව්, ලව්
Posted by Lasitha Abayagunawardhana Weerasinghe at 7/13/2012 07:31:00 PM
Labels: Need for Speed Most Wanted, VGA
Posted by Lasitha Abayagunawardhana Weerasinghe at 6/29/2012 07:21:00 PM
Labels: මළඉලව්
බාගත් බයිස්කෝප්, ටීවී සීරීස්
අද රෑම බලලා ඉවරයක් කරපල්ලා
ඉවරයිලු ස්ට්‍රයික්....!
Posted by Lasitha Abayagunawardhana Weerasinghe at 6/27/2012 10:55:00 AM
Labels: නින්ද, නිවාඩු, විශ්වවිද්‍යාල, ස්ට්‍රයික්
Posted by Lasitha Abayagunawardhana Weerasinghe at 5/18/2012 09:36:00 PM
Labels: ඔලිම්පික්, ටීවී
ප්‍රීති වෙසක්..!
බෙලිමල් කිරිකෝපි ඉඳහිට මයියොක්කා
කොත්තමල්ලි බිව්වා හකුරුත් එක්කා
අයිස්ක්‍රීම් පෝලිමෙ හිටි සුදු අක්කා
තොරණගාවදිත් ඉන්නවා මං දැක්කා
කැරකෙන කූඩු වට එල්ලූ පොඩි කූඩූ
බලනට ඇවිත් හිටියා මරු මරු ජෝඩූ
නොම්බරෙ ලියූ තෙල බනුවේ පොඩි තුණ්ඩූ
කෙල්ලන් හට බෙදයි දන්සල ලඟ බන්දු
ලෑන්ඩ් මාස්ටර් ත්‍රීවීලර් අස්සේ
ඩිමෝ බට්ටො වල කච කච හඬ මැද්දේ
විසෘත පවුල් නැගිලා සයිකල් මත්තේ
සිරි නරඹමින් යයි මංමාවත් ඔස්සේ
Posted by Lasitha Abayagunawardhana Weerasinghe at 5/05/2012 08:00:00 PM
අනාගතේ දවසක...
පුතේ උඹලගෙ සීයා කොල්ලා කාලෙ තිබ්බා facebook කියලා එකක්... උඹලගෙ සීයත් ෂෝක් ෂෝක් ඉස්ටේටස් අප්ඩේට්ස් එහෙම දාලා බොහොම ජොලියෙන් හිටියා... පස්සෙ ඒක අයිතිකාර සකර්බර්ග් කියන මහතැන් ඒකට share කියලා බටන් එකක් දැම්මට පස්සෙ මිනිස්සු එකම ගොන් පෝස්ට් එක හතර වටේට share කොරන්න ගත්තා.. ඒක හින්දම උඹලගෙ සීයට ඔය facebook කියන එක එපාවුනා... හොහ් හොහ් හොහ්
ඊට පස්සෙ තමයි උඹලගෙ සීයා බොලොග් ලියන්ට ගත්තෙ...
Posted by Lasitha Abayagunawardhana Weerasinghe at 5/03/2012 03:33:00 PM
Labels: facebook, අනාගතේ, පොඩි එවුන්, සීයා
සමරු...!
හ්ම්.. Autograph එකක් නේද..? ඔව්වා මොනවද මට.. වෙහෙර ගිලපු එකාට අග්ගලත් කජ්ජක්ද කිව්වලු.. දෙන්නං තනි ඇහැට නෙමෙයි, දොරටු නමෙන්ම කඳුළු පනින්න..
මුලින්ම හොයමු බලන්ඩ හිස් පිටුවක්.. එක පිටුවක්නං මදි වෙයි.. මොකද මගෙ අදහස් ගඟ ගලන්ට ගත්තහම ආයෙ නවත්තන්න පුළුවන් එකක්යැ.. මේ තියෙන්නෙ හොඳ පොට් එකක්... රා..යිට් මෙතන හොඳයි..
හරි දැන් කොහොමද පටන් ගන්නෙ..ලිවුමක් වගේද.. නෑ නෑ එහෙම හරියන්නෑ.. බලමු අනිත් එවුන් කොහොමද ලියලා තියෙන්නෙ කියලා.. හැම එකාම මොකක් හරි ගොන් පාට් එකකින් තමා පටන් අරන් තියෙන්නෙ.. ”අපි මුලින්ම හම්බෙච්ච හැටි..” ඒක හොඳයි පටන් ගන්න..
චැහ්.. කවද්ද මං මේකිව මුලින්ම හම්බුනේ... මතක් කරමු බලන්ඩ.. ම්හු.. මතක නෑ නොවැ බොල... හොඳට මතක් කරපං බලන්ඩ.. බස් එකේදිද, කෝච්චියෙදිද, නාන ළිඳ ළඟදිද, තැපැල් කන්තෝරුවෙදිද, විංකලේදිද..? මොන මඟුලෙදිද මේකිව මට මුලින්ම හම්බුනේ..? හික්ස්.. කවද්ද ඒකිව අන්තිමට හම්බුනේ.. ඒකවත් මතක නෑනෙවැ ඕයි... හරියන්නෑ හරියන්නෑ.. ඒ වැඩේ හරියන්නෑ..
හරි කොහොම හරි පටන් ගත්තා කියපංකො.. මොනවද ඊට පස්සෙ ලියන්නෙ.. යකෝ මම හිතං හිටියෙ තුනේ දෙකේ සීට් බස් එකක හිටගෙන යනවට වඩා අමාරු වැඩක් මේ ලෝකෙ නෑ කියලා... බලාගෙන ගියහම කෙල්ලෙක්ගෙ ඔටෝ එකක් ලියනවා කියන්නෙ ඊටත් අමාරු වැඩක් නොවැ.. මේ වැඩේ හරියන්නෑ..
ආවා ටිකිරි මොලේට “මැග්නිපිසන්ට්” වර්ගයේ අදහසක්.. ගූගල් දෙයියන්ගෙන් අහනවා... උන්නාන්සෙ මට පිහිට වෙයි..
“Friendship quotes” -> Search
ප.ලි.: මේදිනවල පිටසක්වලයගේ ගජයෙක් මුහුනපා සිටින බරපතල අර්බුදයක් ඇසුරෙන් ගොඩනඟන ලද මන:කල්පිත මෙව්වා එකකි.. :D
Posted by Lasitha Abayagunawardhana Weerasinghe at 4/23/2012 12:13:00 PM
Labels: Autographs, Google, සමරු
බලන්නකො මල්ලි.
පිටසක්වලයගෙ ගෙදර තියෙන්නෙ හන්දිය කිට්ටුව නිසා ගමේ උඩහ පැ‍ත්තෙ මිනිස්සු බස්‍එකට නඟින්න බයිසිකල් වල ඇවිත් බයිසිකල් පිටසක්වලයගෙ ගෙදර පිටිපස්සෙ මඬුවට දාලායන සිරිතක් අනාදිමත් කාලෙක ඉඳන් පැවතෙනවා. උන් හුඟක් දෙනෙක් හන්දියෙන් එහාට බයිසික‍ල් පදින්නෙ නෑ. මොකද කස්ටියට ලයිසන් නෑ.
ඔන්න අවුරුදු නිවාඩුවට ගෙදර ආපු පිටසක්වලයා අද උදේ ගෙදර ඉස්සරහා පඩිය උඩට වෙලා ගිරම්පට්ටං ගහගෙන පාරෙ උදේට පන්ති යන කෙල්ලො ගැන ගැන හිටියා.. එතකොටම ප්‍රාග් ‍ඓතිහාසික යුගයට අයත් මෝටර් සයිකලයක නැඟගත්ත බුවෙකේ පිටසක්වලයටත් හිනාවක් දාගෙන මඩුව පැත්තට ගියා. මෙන්න ටිකවෙලාවකට පස්සෙ ඒ බුවා ආපහු බයිසිකලේම ආපහු එනවා දැක්ක පිටසක්වලයා ප්‍රශ්නාර්ථයක් මූණෙ ඇඳගෙන ඌ දිහා බැලුවා..
-“බලන්නකො මල්ලි, දැන් ඉතින් ආපහු ගෙදර යන්න වෙනවනේ..”
පිටසක්වලයා ප්‍රශ්ණාර්තෙ මූනෙ තියාගෙනම ඇහුවා.. “මොකෝ අයියෙ සීන් එක”
-“බලන්නකො මල්ලි බයිසිකලේ නවත්තන්න හදනකොටනෙ දැක්කෙ බයිසිකලේ යතුර ගෙනත් නෑ කියලා..”
ඉතින් හත්ඉලව්වෙ යතුර නැතුව කොහොමද ස්ටාට් කලේ කියලා පිටසක්වලයට අහන්න හිතුනත් අපේ ගමේ එවුන්ගෙ බයිසිකල් ගැන දන්න හින්දා කට පියන් හිටියා..
පිටසක්වලයගෙ ගමේ බුවාල ගාව තියෙන්නෙ ජපානෙන් එවපු බයිසිකල්වල කීප සැරයක්ම මොඩිෆයි කරපු වර්ශන්.. ඒවා ස්ටාට් කරන්න වගේම නවත්න ගන්නත් බයිසිකලෙන් බයිසිලේට ආවේනික වත්පිලිවෙත් ගනනාවක්ම කරන්න ඕන.. සයිඩ් කප් එක ගලවලා වයර් දෙකක් එකට ෂෝට් කරලා පල්ලමකට අල්ලලා ටිකදුරක් තල්ලු කරලා ස්ටාට් කරගන්න බයිසිකලේ නවත්න ගන්නත් තවත් ඒවගේම වත්පිලිවෙත් කිහිපයක් කරන්න ඕන.. හැබැයි ඉතින් ඒවට අමුතුවෙන් සිකියුරිටි සිස්ටම් ඕනෙ නෑ..
README.md exists but content is empty. Use the Edit dataset card button to edit it.
Downloads last month
0
Edit dataset card