article
stringlengths
167
12.4k
summary
stringlengths
14
369
__index_level_0__
int64
0
504
text
stringclasses
1 value
ජවිපෙ පසුගිය නමවෙනිදා විල්පත්තු අභය භූමියේ වන සංහාරය පිළිබඳව සොයා බැලීමට සංචාරයක් කළේය. එම නීරීක්ෂණ චාරිකාවෙන් පසුව නැවතත් විල්පත්තු වන සංහාරය පිළිබඳව කතාබහ උණුසුම් වන්නට පටන් ගත්තේය. මේ අතරතුර ශ‍්‍රී ලංකා මුස්ලිම් සභාව විසින් මේ සංචාරය පිළිබඳව සඳහන් කරමින් ජවිපෙ නායක අනුර දිසානායකට ලිපියක් යොමු කළේය. එම ලිපියෙන් කියැවුණේ ජනතා විමුක්ති පෙරමුණ සිංහල අන්තවාදීන් විසින් ගෙන ගිය මතයට නොමග ගොස් ඇති බවත් විල්පත්තු සංචාරය කළේ ඒ නිසා බවත්ය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අන්තර් ජාලයේ ඇතුළු විවිධ මාධ්‍යවල ප‍්‍රවෘත්ති වාර්තා පළවිය. මේ සම්බන්ධයෙන් මුස්ලිම් සභාව වෙත පිළිතුරු ලිපියක් යොමුකිරීමටද ජවිපෙ නායක අනුර දිසානායක කටයුතු කළේය. “යුද්ධය අවසන් වීමෙන් මාස 06ක පමණ කාලයක් තුළ එම ප‍්‍රදේශවල ජීවත්වූ ජනතාව නැවත පදිංචි කිරීමේ අවශ්‍යතාවය මුලින් ආණ්ඩුවට අවධාරණය කළේ ජනතා විමුක්ති පෙරමුණය. ශ‍්‍රී ලංකා යුද හමුදාව අත්පත් කරගෙන සිටි ඉඩම් පවා ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා ලබාදිය යුතු බවද අවධාරණය කළේ ජවිපෙය. නිවාස අහිමි වූ ජනතාවට පදිංචිය සඳහා ඉඩම් ලබාදීමේදීද ඊට කිසිදු ජාතිකත්ව භේදයක් අවශ්‍ය නොවේ. ජනතාවට උපරිම සහන ලබාදිය යුතුයි යන ස්ථාවරයේ එදා සිටම අප පක්ෂය සිටි බව නොරහසකි. නමුත් දේශපාලන බලය පාවිච්චි කරමින් වන රක්ෂිත නැවත පදිංචි කිරීමට යොදා ගැනීම ගැටලූ සහගතය. වන සංරක්ෂණ ආඥා පනත, ජාතික පාරිසරික පනත, පුරාවිද්‍යා ආඥා පනත සහ වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත වැනි පාරිසරික නීති රීති නොසලකා මෙම ජනාවාස සඳහා එළිකිරීම් සිදුවෙමින් තිබේ. අප මෙම සිදුවීමට මැදිහත්වූයේ මේ ස්ථාවරයේ සිටය. ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි ජාතිවාදී මඩ ගොහොරුවලට නොවැටෙමින් ඉතිහාසය පුරා කටයුතු කළ අයුරින්ම ඉදිරියටද අන්තවාදයකට හෝ ජාතිවාදයකට නොවැටෙන බවත් කිසිදු ජාතිවාදී හෝ ආගම්වාදී කණ්ඩායමකට තම පටු අරමුණු වෙනුවෙන් ජ.වි.පෙ. නොමඟ යැවිය නොහැකි බවත් සහතික කරමු. එසේම කිසිදු විටක අප ප‍්‍රශ්න දෙස බලද්දී ජාතිවාදී පදනමක් මත පිහිටා කටයුතු නොකරන බවත් සියලූ ලාංකේය ජනතාවගේ සමාන අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බවත් අපි වැඩිදුරටත් අවධාරණය කරමු.” අනුර දිසානායක තම ලිපියෙන් අවධාරණය කළේය.
ජවිපෙ පසුගිය නමවෙනිදා විල්පත්තු අභය භූමියේ වන සංහාරය පිළිබඳව සොයා බැලීමට සංචාරයක් කළේය.
227
අයි.එස්.සටන්කාමින්ගේ ග්‍රහනයට ලක්වු ඉරාකයේ රමාඩී නගරය දින කිහිපයකින් යළි අත්පත් කර ගත හැකිවනු ඇති බව එරට අග්‍රාමාත්‍ය හෙයිදර් අල් අබාඩ් පවසයි.එහෙත් ඒ සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහයෝගය අවශ්‍ය වන බව හෙතෙම පවසා ඇත.අමෙරිකානු ආරක්ෂක ලේකම් ඇෂ්ටන් කාටර් ඊයේ ප්‍රකාශ කර තිබුණේ ආරම්භයේදී ඉරාක හමුදාව සටන් කිරීමට අකමැත්තක් දැක්වු බව පෙනී යන බවයි.මේ අතර සිරියාවේ අයි.එස්.සහ සුන්නි සටන්කාමින් හේතුවෙන් ලෝකය බලාපොරොත්තු නොවු අවදානමකට මුහුණ දී සිටින බව ලෙබනන් ජාතික ශියා හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්රල්ලා ප්‍රකාශ කර තිබේ.
අයි.එස්.සටන්කාමින්ගේ ග්‍රහනයට ලක්වු ඉරාකයේ රමාඩී නගරය දින කිහිපයකින් යළි අත්පත් කර ගත හැකිවනු ඇති බව එරට අග්‍රාමාත්‍ය හෙයිදර් අල් අබාඩ් පවසයි.
228
ලෝකයේ පුරාණ නටඹුන් සහිත නගරයක් ලෙස සැලකෙන සිරියාවේ පැල්මයිරා නගරයේ බලය සම්පූර්ණයෙන්ම අයි. එස් සටන්කාමීන් යටතට පත්ව තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ දිනයේදී අදාළ නගරයේ පාලනය සම්පූර්ණයෙන්ම අයි. එස් සටන්කාමීන් යටතට පත්කරගෙන ඇති බවයි.අදාළ නගරයේ ලෝක උරුමයන් ලෙස සැලකෙන නටඹුන් විශාල ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති බව වාර්තා වේ.අයි .එස් සටන්කාමීන් විසින් එල්ල කළ ප්‍රහාර වලින් හට්රා සහ නිමරුඩ් යන පෞරාණික ස්ථාන ද විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ලෝකයේ පුරාණ නටඹුන් සහිත නගරයක් ලෙස සැලකෙන සිරියාවේ පැල්මයිරා නගරයේ බලය සම්පූර්ණයෙන්ම අයි.
229
ඊජිප්තුවේ හිටපු ජනාධිපතිවන මොහොමඩ් මෝසි මහතා හට මරණීය දණ්ඩනය නියම වී තිබේ.2011 වර්ෂයේ අරගල අවස්ථාවන්හී එරට බන්ධනාගාරවල සිදුවුවායැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස එරට අධිකරණයක් විසින් මරණීය දණ්ඩනය නියම කර ඇති බව විදේශ වර්තා පෙන්වා දෙයි.
ඊජිප්තුවේ හිටපු ජනාධිපතිවන මොහොමඩ් මෝසි මහතා හට මරණීය දණ්ඩනය නියම වී තිබේ.
230
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩී සිය චීන නිල සංචාරය ආරම්භ කර තිබේ. අගමැතිවරයා ඇතුළු ඉන්දීය දූත පිරිස අද උදෑසන චීනයට ළඟා වී ඇත.චීනයේ ශියෑන් ගුවන්තොටුපළ වෙත පැමිණි නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස චීන රජය විසින් ඉතා උණුසුම් ආකාරයෙන් පිළිගෙන ඇති බව සඳහන්ය.චීන සංචාරය තුළදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා චීන ජනාධිපති ශි ජින් පින් ඇතුළු රජයේ ඉහළපෙළේ නිළධාරින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.එමෙන්ම නරේන්ද්‍ර මෝඩිගේ තෙදින නිල සංචාරය තුළදී දෙරට අතර වෙළඳ ගිවිසුම් 20කට ද අත්සන් තැබීමට සැලසුම් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.චීන සංචාරයෙන් අනතුරුව ඉන්දීය අගමැතිවරයා දකුණු කොරියාවේ සහ මොංගෝලියාවේ සංචාරය කිරීමට නියමිතව තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩී සිය චීන නිල සංචාරය ආරම්භ කර තිබේ.
231
“නාමල් රාජපක්ෂලා, නිමල් සිරිපාලලා තමන්ගේ බලය ගැන විතරයි හිතුවේ. මිනිස්සු ගැන නෙවෙයි. අපි මේක කතා කරලා බලමු. මම දිස්ත‍්‍රික් ලේකම් හමුවෙන්න යනවා.”සුනිල් හඳුන්නෙත්ති මුලතිව් ප‍්‍රදේශයේ සංචාරයක නිතර විය. ඒ අතරතුර වැලිඔය ප‍්‍රදේශයේ නැවත පදිංචි කළ ගම්මානවලද ජීවත් වන ප‍්‍රදේශවාසීන් හමුවීමට ගියේය. සපුමල්පුර, නාමල්පුර, හංසවිල, මොණරවිල වැනි ප‍්‍රදේශවල සංචාරය කිරීමට සුනිල් හඳුන්නෙත්තිට හැකිවිය. “මන්ත‍්‍රීතුමා අපි හොඳට ජීවත් වුණු මිනිස්සු අපිට ගෙවල් දෙනවා ඉඩම් දෙනවා කියලා අපිව මෙහෙ ගෙනත් දැම්මා. ගෙවල්වලට උඩින් ලයිට් කණු යනවා. අපි කුප්පි ලාම්පුවෙන් තමයි කාලේ ගෙවන්නේ. සමහර අය බදුල්ලේ, මහියංගනේ අය ඉන්නවා. නිමල් සිරිපාල මහත්තයා තමයි ගෙනත් දාලා තියෙන්නේ.” ගම්වැසියෙක් හඳුන්නෙත්තිට දුක්ගැනවිල්ලක් කීවේය. “වගා කරන්න ඉඩම් අක්කරයක් දෙනවා කිව්වා. අපිට ඉඩම් දුන්නේ නැහැ. වගාකරන්න තියා බොන්න වතුර නැහැ. වකුගඩු රෝගයෙන් සමහරු මැරෙනවා. ළමයිට ඉස්කෝලේ යන්න බස් එකක් නැහැ. බයිසිකල්වලින් ගිහින් දාන්නේ. හොඳට හිටපු අපි මෙහෙ ගෙනත් දාලා දුක් විඳිනවා. මේ අය ඡන්දය බලාගෙන තමයි අපිව ගෙනත් දැම්මේ. අපිට දැන් ඒක තේරෙනවා” තවත් කාන්තාවක් කීවාය. “අපි ඇවිත් අවුරුදු දෙකහමාරක් වෙනවා. තාම මන්ත‍්‍රී කෙනෙක් ආවේ නෑ අපිව බලන්න. ආවේ ජේවීපී එකෙන් විතරයි. අපි ආයේ කාටවත් ඡන්දේ දෙන්නේ නැහැ. අපිට වෙලා තියෙන්නේ දැන් වනචාරී යුගයට යන්න. අපිට අපේ ගම්වලට යන්න බැහැ ලැජ්ජයි. සමහරු එහෙ ගම්වලින් සල්ලි ගෙනත් මෙහෙ ජීවත් වෙනවා. ගෙනාපු ඇඳුම් ටික ඉවර වුණාම ඇඳුම් නැතිව තමයි අපිට ඉන්න වෙන්නේ” තවත් තරුණයෙක් කෝපයෙන් මෙන් කියාගෙන ගියේය.“නාමල් රාජපක්ෂලා, නිමල් සිරිපාලලා තමන්ගේ බලය ගැන විතරයි හිතුවේ. මිනිස්සු ගැන නෙවෙයි. අපි මේක කතා කරලා බලමු. මම දිස්ත‍්‍රික් ලේකම් හමුවෙන්න යනවා.” සුනිල් හඳුන්නෙත්ති ගම්වැසියන් අස්වසාලමින් කීවේය. විදුලිය ලබාදීම සඳහා ගෙනා උපාංගවලින් එම ගම්වල කුඩා දරුවන් සෙල්ලම් කරන ආකාරයද මන්ත‍්‍රීවරයාටද දැකගැනීමට හැකිවිය. අනතුරුව මන්ත‍්‍රීවරයා දිස්ත‍්‍රික් ලේකම්වරයා සහ එම ප‍්‍රදේශයේ මහවැලි ව්‍යාපෘතිය භාර අධ්‍යක්ෂවරයාද හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කළේය. අනතුරුව එම පළාත් බාර විදුලි අධිකාරීවරයාටද දුරකථනයෙන් අමතා විදුලිය ලබාදීම පිළිබඳව අවධානය යොමු කරවීය.
“නාමල් රාජපක්ෂලා, නිමල් සිරිපාලලා තමන්ගේ බලය ගැන විතරයි හිතුවේ.
232
මේ වෙනකොට ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඉන්දියාවේ ජනරජ දින රැළියට සහ සංචාරයකට සහභාගී වී සිටින පුවත ඔබ දන්නවා ඇති. ඇමරිකානු ජනාධිපතිවරයෙක් මෙලෙස ඉන්දීය ජනරජ දිනයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වන ප්‍රථම අවස්ථාව මෙයයි. නවදිල්ලියේදී අද (26) දිනයේ පැවැත්වීමට නියමිත මේ උත්සවය සඳහා බැරක් ඔබාමා ඇතුළු පිරිස ඉන්දියාවට පැමිණ ඇත්තේ ඊයේ (25) දිනයේදී යි. ඒ වගේම ඔහු හෙට දිනයේ උදෑසන දක්වා ඉන්දියාවේ සංචාරයේ නිරත වන බවයි වාර්තා වන්නේ.ඉතින් මේ දැක්වෙන්නේ බැරක් ඔබාමා ජනපතිගේ ඉන්දීය සංචාරය හා බැඳුනු අපූරු තොරතුරු කිහිපයක්.ඇමරිකානු ජනපති සංචාරවල යෙදෙන සෑම අවස්ථාවකම:#1. දහස් ගණනක් ඇමරිකානු කාර්යමණ්ඩලයක් ඔහු සමඟ සංචාරය කරනු ඇත.උදාහරණයක හැටියට මෑතකදී සිදුවූ මැලේසියානු සංචාරයේදී 1600ක කාර්ය මණ්ඩලයක් ඔබාමා සමඟ සහභාගී වූ බවත්, අවසන් වරට ඔබාමා ඉන්දියාවට පැමිණිමේදී 3000ක ඇමරිකානු නිළධාරීන් සහභාගී වූ බවත් වාර්තා වේ. මේ නිළධාරීන් අතරට රාජ්‍ය නිළධාරීන්, මාධ්‍යවේදීන්, United States Secret Service (USSS) හි ස්නයිපර් භටයන්, තාක්ෂණික නිළධාරීන්, සහාය නිළධාරීන්, රියැදුරන් සහ ඔත්තුකරුවන් ඇතුලත්. මීට අමතරව ආරක්ෂක සුනඛයින්ද රැගෙන යන බව වාර්තා වනවා.#2. ඔබාමාගේ ආගමනයට සතියකට පමණ පෙර හෙලිකොප්ටර් හා මෝටර් රථ සමඟ තවත් කාර්මණ්ඩලයක් පැමිණේ.“Beast” ලෙස හැඳින්වෙන ඔබාමාගේ නිල රථයට අමතරව තවත් Cadillac රථයක් සමඟ ජනපති ආරක්ෂක අංශයේ රථවාහන ද සතියකට පමණ පෙර අදාල ස්ථාන වෙත රැගෙන එනු ලබයි.#3. දින පහකට පමණ පෙර ආරක්ෂක අංශ විසින් සිය කාර්යභාරය ආරම්භ කරයි:ඔබාමා ගැවසෙන පෙදෙස් සම්පූර්ණ පරීක්ෂාවකට පත්කර ඒවා පිළිබඳ විශේෂ වාර්ථාවක් පිළියෙල කරයි. විකිණිමට තබා ඇති අවි ආයුධ පවා පරීක්ෂාවට ලක්කර ආරක්ෂාවට තර්ජනයක් විය හැකි දේ සහ සැකකටයුතු දේ පිළිබඳව සොයාබලයි. රථ පෙළපාලිය ගමන්ගන්නා ප්‍රධාන ගමන්මාර්ගයට අමතරව තවත් ගමන්මාර්ග කිහිපයක්ම සූදානම් කරතබාගනියි. ඒ සෑම ගමන් මාර්ගයක් අවටම විශේෂ ස්නයිපර් භට කණ්ඩායම් රඳවා තබයි.#4. ජනපති ආරක්ෂක අංශ සිය මූලස්ථානය ලෙස ආරක්ෂිත හෝටලයක් වෙන්කරගනියි.ජනපති ආරක්ෂක මූලස්ථානය සහ ජනපති නවාතැන්ගන්නා හෝටලය ලෙස තෝරාගෙන ඇත්තේ නව දිල්ලියේ ITC Maurya සුපිරි හෝටලයයි. මීට පෙර ඔබාමාගේ ඉන්දීය සංචාරයේදීත් ඔහු ඇතුළු පිරිස නවාතැන්ගෙන ඇත්තේ එම හෝටලයේමයි. වාර්තාවන ආකාරයට මේ හෝටලයේ ඔබාමාගේ කාමරය සඳහා පමණක් ගාස්තුව ඉන්දීය රුපියල් ලක්ෂ 75කි.#5. ජනපති ආරක්ෂක අංශ විසින් ජනපති සිටින පෙදෙසට ආසන්න පෙදෙස හඳුන්වන්නේ “Kill Zone” ලෙසයි.මෙම සීමාවට ඇතුල්වීමට උත්සාහ දරණ ඕනෑම කෙනෙකුට හෝ ඒ පෙදෙස් අනවසරයෙන් රැඳී සිටින ඕනෑම පුද්ගලයෙකුට වෙඩි තැබීම සඳහා ඇමරිකානු රහස් සේවයේ (USSS) අයට අවසරය හිමිවේ.“Game Day” ලෙස හැඳින්වෙන්නේ ජනපති සහභාගීවන උත්සවය හෝ සමුළුව පැවැත්වෙන දිනයයි. ඒ දිනයේදී ක්‍රියාපිළිවෙල තරමක් වෙනස්:#6. මෙවර ඉන්දීය ජනරජ දින රැළිය මෑත කාලීන ඇමරිකානු ජනපතිවරයෙක් මිනිත්තු 45කට වැඩි කාලයක් එළිමහනේ විවෘත රැළියකට සහභාගී වන ප්‍රථම අවස්ථාවයි.මෙවර ජනරජ දිනයේදී ජනපති ඔබාමා පැය 2කකට අධික එළිමහන් රැළියකට සහභාගී වීමට නියමිත අතර ඒ කාලය ජනපති ආරක්ෂක අංශ නිළධාරීන් හට වැඩි අවධානයකින් සිටීමට සිදුවේ.#7. ඔබාමාගේ Cadillac One රථය හැරුණුකොට වෙනත් රථයක ඔබාමා ගමන්ගන්නා ප්‍රථම අවස්ථාවත් මෙය විය හැකියි.ඉන්දීය ජනරජ දිනයේ සම්ප්‍රදාය අනුව ආරාධිත අමුත්තා රාජ්පත් සිට රාෂ්ඨපති භවන් දක්වා ගමන්ගන්නේ ඉන්දීය ජනපති සමඟයි. නමුත් ඔබාමාගේ Cadillac One රථය හඳුන්වා දීමත් සමඟ මේ වනතෙක් ඔහු වෙනත් කිසිදු වාහනයක ගමන්ගෙන නැහැ. කෙසේ නමුත් ඉන්දීය ආරක්ෂක නිළධාරීන් පවසන්නේ ඉන්දීය ජනරජ දිනයේ සම්ප්‍රදාය වෙනස් කළ නොහැකි බවයි. එ බැවින් බොහෝවිට ඔබාමා, නරේන්ද්‍ර මෝඩි සමඟ මෝඩිගේ රථයේ ගමන්කරනු ඇති නමුත් ඔබාමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු මතු වුවහොත් ඔබාමාගේ Cadillac One (The Beast) මෝටර් රථයත් මෙවර රථ පෙළපාලියට එකතු වනු ඇත.මීටඅමතරව ඉන්දීය රජයත් ජනපති ඔබාමාගේ ආරක්ෂාව උදෙසා විශේෂ පියවර අනුගමනය කර ඇත.#8. ඔබාමාගේ සංචාරය අතරතුර ආරක්ෂාව සඳහා දිල්ලි නගරයේ 15000කට අධික ආරක්ෂක කැමරා සවිකර ඇත.#9. රැලියට දින 3කට පෙර සිට රාජ්පත් හි සියළුම දුම්රිය ස්ථාන, රාජ්‍ය ආයතන සහ මාර්ග වසා ඇත.#10. ජනරජ දිනයේ රැළිය පැවැත්වෙන ස්ථානයේ සිට කිලෝමීටර් 450ක ප්‍ර දේශයක අහස ගුවන්යානා හෝ වෙනත් පියාසර යානා ගමන් කිරීම තහනම් කර ඇත.#11. ඇමරිකානු ජනපති ගමන්ගන්නා යානය හැඳින්වෙන්නේ Air Force One ලෙසයි.මෙවර ඉන්දීය ගමනේදී ඔබාමා ගමන් ගන්නා යානය Air Indian One නමින් හැඳින්වෙන අතර එම යානයත් Air Force One මෙන්ම තාක්ෂණයෙන්, පහසුකම් වලින් හා ආරක්ෂාවෙන්ද උසස් බවයි පැවසෙන්නේ.#12. ජනපති හා පිරිස ප්‍රවාහනයට ජෙට් යානා එකක් නොව දෙකක් යොදාගන්නා අතර අනෙක් යානය අමතර යානයක් ලෙසයි රැගෙන යන්නේ.#13. ඇමරිකානු ජනපතිගේ නිළ කාමරය වන Oval Office කාමරය මෙන්ම Air Force One ගුවන් යානයේ අභ්‍යන්තරය නිමවා ඇත.#14. එම යානයට මිසයිල මඟහැර ගමන් කල හැක.#15. 2001 සැප්තැම්බර් 11 වන දින ඇමරිකානු ප්‍රධාන පෙලේ ආරක්ෂක ස්ථාන වලට ප්‍රහාර එල්ල වූ අවස්ථාවේ ජනපතිගේ ආරක්ෂක ස්ථානය වූයේත් Air Force One යානයයි.ගුවන් ගමනට වඩා සැපපහසු ආරක්ෂිත ආකාරයටයි ඔබාමාගේ නිල රථය Cadillac One නිපදවා ඇත්තේ.#16. Cadillac Limo මෝටර් රථයක පෙනුම තිබුනත් මේ රථයේ එංජිම ට්‍රක් රථ එංජිමක්.#17. නිල රථයේ දොරක බර = බොයිං 757 යානයක දොරක බරඅඟල් 8ක් ඝණකම ඇති මෝටර් රථයේ වීදුරු අඟල් 5ක් පමණ ඝණකමකින් යුක්තයි.#18. මේ කාරය මිසයිල ප්‍රහාරයකට වුවත් පහසුවෙන් ඔරොත්තු දෙයි.#19. අංශක 180ක කෝණයකින් මෝටර් රථය හැරවිය හැකි අතර ජනපති ඔබාමාට න්‍යශ්ඨික ප්‍රහාරයක් පවා සිය මෝටර් රථයේ සිට මෙහෙයවිය හැක.#20. ඇමරිකානු ජනපතිගේ ඉන්දීය ගමනේ වැඩකටයුතු සඳහා දිනකට ඩොලර් මිලියන ගණනක් වැයවේ.ඉන්දීය පුවත් වාර්ථා කරන අයුරින් ඔබාමාගේ ඉන්දීය සංචාරයේ කටයුතු සඳහා දිනකට ඩොලර් මිලියන 200කට අධික මුදලක් වැයවේ. (රුපියල් කෝටි 2644කට ආසන්න මුදලක්)
මේ වෙනකොට ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඉන්දියාවේ ජනරජ දින රැළියට සහ සංචාරයකට සහභාගී වී සිටින පුවත ඔබ දන්නවා ඇති.
233
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඉන් අනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.යම් යම් පාර්ශවයන්ගේ ඉල්ලීම මත මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳ වන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපති බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.එම සංශෝධන කෙටුම්පතේ ඉදිරි කටයුතු ඊළඟ පාර්ලිමේන්තුවේදී තවදුරටත් කරගෙන යෑමට ජනාධිපතිවරයා මෙන්ම ආණ්ඩුවක් ලෙසද බලාපොරොත්තු වන බව ඔහු අවධාරණය කළේය. එසේම දින සියය තුළ ආණ්ඩුව විසින් සිදු කිරීමට තිබු සියල්ල අවසන් බවත්, ඒ අනුව පාර්ලිමේන්තුව තවදුරටත් පවත්වාගෙන යෑමෙන් ප්‍රායෝගිකව ප්‍රතිඵලයක් නොමැති බවත්, ආණ්ඩුවේ ස්ථාවරයද පාර්ලිමේන්තුව විසිරුවාහැරීම බවද ඒ මහතා අද දෙරණට සඳහන් කළේයඑමෙන්ම විපක්ෂය විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් යොමු කරන ලද විශ්වාසභංග යෝජනාව ඉතාමත් අඥාදායක ක්‍රියාවක් බවද අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේය.ඒ මහතා සඳහන් කර සිටියේ අගමැතිව‍රයා පවසන්නේද ආණ්ඩුව විසිරුව හැරිය යුතුව ඇති බවත්, එසේ තිබියදීත් විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ තේරුම ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ වැටහීමක් නොමැති බවයි. එහි ඇති ඛේදජනක තත්ත්වය වනුයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ එ.ජා.පයෙන් තරඟකර මේ වන විට විපක්ෂයේ සිටින පුද්ගලයින් පවා අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීම බවද අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් අද දෙරණ සමඟ සඳහන් කර සිටියේය.
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඉන් අනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
234
නාරාහෙන්පිට අභයාරාමය මැතිවරණ කාර්යාලයක් නොව පන්සලක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.වෙන්නප්පුවේ හා කුලියාපිටියේ පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අද හිටපු ජනාධිපතිවරයා මුණ ගැසුණු අතර අනතුරුව මාධ්‍යවේදීන් විසින් නාරාහෙන්පිට අභයාරාමය දේශපාලන කටයුතුවලට යොදා ගැනීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ගැන හිටපු ජනපතිගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ හෙතෙම මේ බව පැවසීය.තමන් මුණ ගැසීමට නිතරම ජනතාව පැමිණෙන නිසා අභයාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් එම කටයුතුවලට තමාට අවසර දුන් බව එහිදී හිටපු ජනාධිපතිවරයා කීවේය.තමන් නිතර පන්සල් ඇසුරු කරන අයෙකු බවද හෙතෙම පැහැදිලි කළේය.ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් පවත්වාගෙන ගිය බව කියන සිරිලිය ගිණුම ගැන මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති කියා සිටියේ එය ඇසිය යුත්තේ යහපාලනයෙන් තමා යනුවෙනි.එම ගිණුමේ ආණ්ඩුවේ සල්ලි ඇත්තේත් නැති බවත්, දීලත් නැති බවත්, හෙතෙම කීවේය.පසුගියදා ශ්‍රීලනිප මාධ්‍ය හමුවකදී බෙදාහැරි “ මේ ගැනත් සිතන්න” පොත සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් හිටපු ජනපතිගෙන් ප්‍රශ්න කළේය.තමන් පොත ගැන දන්නේ නැති බවත්, එය තමන් දුටුවේ මාධ්‍යයෙන් බවත්, ‍හෙතෙම පැවසුවේය.සුසිල් ප්‍රේම් ජයන්ත් හා අනුර ප්‍රියදර්ශන යාපා පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමේ රාවයක් ගැන ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ විට රාජපක්ෂ මහතා කියා සිටියේ එවැන්නක් සිදුකරාවි යයි තමන් නොසිතන බවයි.ඉදිරි මැතිවරණයේදී ශ්‍රීලනිපයෙන් නාමයෝජනා නොලැබෙන බවක් පැවසෙන බව මාධ්‍යවේදීන් කියද්දී තමන් නාමයෝජනා ඉල්ලුවේ නැති බවත්, නාමයෝජනා ඉල්ලුවේ කවුදැයි යනුවෙනුත් හෙතෙම ප්‍රශ්න කළේය.
නාරාහෙන්පිට අභයාරාමය මැතිවරණ කාර්යාලයක් නොව පන්සලක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
235
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාට බාරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසයි.එම විශ්වාසභංගයට පාර්ලිමේන්තු මන්ත්‍රීන් 112 දෙනෙකු අත්සන් තබා ඇතැයිද ඒ මහතා අද දෙරණට පැවසීය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බව පසුගිය දිනවලදී විපක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් මාධ්‍ය හමු කිහිපයකදීම අවධාරණය කරන ලදී.මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසා තිබුණේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය කථානායකවරයාට ඊයේ රාත්‍රී බාරදුන් බවයි.ඊට මන්ත්‍රීන් 113 දෙනෙකු අත්සන් තබා ඇති බවද හෙතෙම පැවසීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාට බාරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසයි.
236
ජාතික ආණ්ඩුවක් සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදු අවබෝධතා ගිවිසුමකට එළඹ නොමැති බව විපක්ෂ නායක නිමල් සිරිපාල සිල්වා මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවක් සඳහා ගිවිසුමකට එළඹ ඇති බවත්, රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බවත්, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පැවති උත්සවයකදී ප්‍රකාශ කර ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වාදෙන්නේය. අදාළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව නිවේදනයක් නිකුත්කරමින් පවසන විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා එවැනි ගිවිසුමක් ඇත්නම් එය ප්‍රසිද්ධියට පත්කරන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට අභියෝගයක් ද කරයි.ඉදිරි මහ මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂයට අනිවර්යෙන්ම මුහුණ පෑමට සිදුවන දැවැන්ත පරාජය දැන දැන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සහ විපක්ෂ ක්‍රියාකාරින් අධෛර්යට පත් කිරිමේ අරමුණින් සජිත් ප්‍රේමදාස මහතා මෙවැනි ප්‍රකාශ සිදුකරන බව විපක්ෂ නායකවරයා පවසයි.එමෙන්ම රටේ මීළඟ අගමැතිවරයා තීරණය කරනුයේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා නොව එළඹෙන මහ මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කරන ජනතාව බව ඔහු පෙන්වාදෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒකායන බලාපොරොත්තුව හා අභිප්‍රාය වනුයේ ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඇතුළු ප්‍රතිගාමි බලවේග පරාජයට පත්කර එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක් බිහි කිරීම බව විපක්ෂ නායකවරයා පවසයි. එම පරාජය පිළිගැනිමට නොහැකිව එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩු සංකල්පයට මුලාවී ඉදිරි මැතිවරණයට මුහුණදීමට කටයුතු කිරීම හාස්‍යයක් බව නිමල් සිරිපාල සිල්වා මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
ජාතික ආණ්ඩුවක් සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදු අවබෝධතා ගිවිසුමකට එළඹ නොමැති බව විපක්ෂ නායක නිමල් සිරිපාල සිල්වා මහතා පවසයි.
237
ලෝක පරිසර දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව, මැදිරිගිරිය වටදාගෙය පරිශ්‍රයේදී අද පෙරවරුවේ පැවත්විණ. උත්සවය සඳහා පරිසර රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.එහිදී සැමරුම් උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ පරිසරය සුරැකීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි. පසුගිය රජය සමයේ පරිසර හානි විශාල ප්‍රමාණයක් සිදුව ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා මින් ඉදිරියට එවැනි සිදුවීම් සිදුනොවීමට වගබලා ගන්නා බව ප්‍රකාශ කර ඇත.ජගත් පරිසර දින සැමරුම වෙනුවෙන් වටදාගෙය පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු විය. භාවිතයෙන් ඉවත්කරන ලද ජංගම දුරකථන අපහරණය කිරීමේ වැඩසටහනක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමද මෙහිදී සිදු විය. මීගොල්ලෑව වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සනිටුහන් කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර මධ්‍යම පරිසර අධිකාරියේ පිළිසරු ව්‍යාපෘතිය මගින් මැදිරිගිරිය ප්‍රාදේශීය සභාව වෙත ට්‍රැක්ටර් රථයක් ප්‍රදානය කිරීමට අදාළ යතුර භාරදීමද ජනාධිපතිතුමා අතින් සිදු විණ. මැදිරිගිරිය ජාතික පාසලට පාසල් උපකරණ ලබාදීම, ජගත් පරිසර දින සැමරුම වෙනුවෙන් සංවිධානය කළ කෙටි චිත්‍රපට උළෙලේ ජයග්‍රාහකයින්ට තිළිණ ප්‍රදානය කිරීම, ගොවි උපකරණ කට්ටල ප්‍රදානය කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ජගත් පරිසර දින සැමරුම වෙනුවෙන් සංවිධානය කර තිබුණි. රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි, මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ලෝක පරිසර දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව, මැදිරිගිරිය වටදාගෙය පරිශ්‍රයේදී අද පෙරවරුවේ පැවත්විණ.
238
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් තෝරා ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම සතියකින් දීර්ඝ කර තිබේ.අද දිනයේ අයදුම්පත් කැඳවීම අවසන් වීමට නියමිතව තිබුණද බොහෝ පිරිසකගේ ඉල්ලීම මත මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේය. පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ අයදුම්පත් කැදවීම ලබන 10 වැනිදා අවසන්වීමට නියමිතය.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් තෝරා ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම සතියකින් දීර්ඝ කර තිබේ.
239
ජනාධිපතිවරණය සමයේ අනවශ්‍ය වියදම් හා නාස්තිය සම්බන්ධව කතා කළ හිරුණිකා මේවනවිට ගමනාගමනය සඳහා යොදාගන්නේ හෙලිකොප්ටර් බව ෆේස්බුක් පිටුවක් ඔස්සේ පසුගිය දිනක ඇයගේ ඡායාරූපයක් සහිතව චෝදනා නගා තිබුණි.නමුත් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් හිරුණිකා ෆේස්බුක් සටහනක් තබා කියා ඇත්තේ එම ඡායාරූපය සිටින්නේ තමා නොවන බවයි.ගුවනින් ගමන් කිරීමට තමා බියක් දක්වන නිසාවෙන් ඇය හෙලිකොප්ටර් වලින් ගමන් නොකරන බව එහි දක්වා තිබේ.ඇය එය සිය ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබු අයුරු පහතින්
ජනාධිපතිවරණය සමයේ අනවශ්‍ය වියදම් හා නාස්තිය සම්බන්ධව කතා කළ හිරුණිකා මේවනවිට ගමනාගමනය සඳහා යොදාගන්නේ හෙලිකොප්ටර් බව ෆේස්බුක් පිටුවක් ඔස්සේ පසුගිය දිනක ඇයගේ ඡායාරූපයක් සහිතව චෝදනා නගා තිබුණි.
240
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇත්තේ මන්ත්‍රීන් 81 දෙනෙකු බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.එම යෝජනාවේ මන්ත්‍රීන් 114 දෙනෙකු අත්සන් කර ඇති බව පැවසුණත් තමන්ට වාර්තා වී ඇති පරිදි එහි අත්සන් තබා ඇත්තේ 81 දෙනෙකු යැයි අරලියගහ මන්දිරයේ අද පැවැති උත්සවයකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේය.එම මන්ත්‍රීන් 81 දෙනාගෙන් 15 දෙනෙකුද ඊට අත්සන් තබා නැතැයි පවසා ඇති බවක් දැනගන්නට ඇතැයිද ඒ මහතා එහිදී කිවේය.කෙසේ වුවද එකී විශ්වාසභංගය ඉදිරිපත් කරන ලෙස අභියෝග කරන බවද ඇමතිවරයා අවධාරණය කළේය.මෛත්‍රී - රනිල් එකමුතුවෙන් ගොඩනැඟුණු ආණ්ඩුවෙන් ජනතාවට සහන ලබාදෙන දෙන විටදී මහින්ද රාජපක්ෂ මහතාට සහන දීමට නොහැකි වූ නිසා මෙලෙස විශ්වාසභංග ගෙන එන බව ඒ මහතා චෝදනා කළේය.මේ අතර අග්‍රාමාත්‍යවරයාට එරෙහි වීශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීම සඳහා මන්ත්‍රීවරුන් 120 දෙනෙකු ඊට එකඟතාව පළ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද පැවසීය.කොළඹදී අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටි අතර එම මාධ්‍ය හමුවට එක්වූ මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසුවේ අදාළ විශ්වාසභංගයෙන් අගමැතිවරයා ඉවත් කර විකල්ප රජයක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූව අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය සම්මත වූ පසු කැබිනට්ටුව විසුරුවා හැරෙන බවත්, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත හිමි පුද්ගලයාට අගමැති තනතුර ලබාදිය යුතු බවත්, හෙතෙම පෙන්වාදුන්නේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇත්තේ මන්ත්‍රීන් 81 දෙනෙකු බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
241
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ගෙන එනවායැයි පසුගියදා මහත් ප්‍රසිද්ධියක් ලබාදුන් විශ්වාසභංග යෝජනාව අද පස්වරුවේදී කතානායක චමල් රාජපක්ෂ මහතාට භාරදී තිබේ.මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100 කට වැඩි ගණනකගේ අත්සනින් භාරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා පැවසීය.ඔහු සඳහන් කළේ විශ්වාසභංග යෝජනාවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද අත්සන් තබා ඇති බවයි.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ගෙන එනවායැයි පසුගියදා මහත් ප්‍රසිද්ධියක් ලබාදුන් විශ්වාසභංග යෝජනාව අද පස්වරුවේදී කතානායක චමල් රාජපක්ෂ මහතාට භාරදී තිබේ.
242
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ලබන සතියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සූදානම් වේ.අද උදෑසන අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ මෙම යෝජනාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 90 ක් පමණ මේ වනවිට අත්සන් තබා තිබෙන බවයි.විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කරුණු ගැන සඳහන් කරමින් මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ට බෙදාදුන් ලේඛනය මෙන්න!
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ලබන සතියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සූදානම් වේ.
243
ලෝකවාසී බෞද්ධයින් වෙසක් මංගල්‍යයට සූදානම් වෙද්දී සමස්ත බ්‍රිතාන්‍යයම තවත් රාජකීය දරු උපතක සතුට සැමරීමට සූදානම් වන බවත් එංගලන්තයේ විලියම් කුමරුගේ ප්‍රිය බිරිඳ කේට් මිඩ්ල්ටන් සිය දෙවන දරු උපත සිදුකිරීම සඳහා අද අළුයම රෝහල් ගතවූ බවත් වාර්තා වේ.විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එංගලන්ත වේලාවෙන් අද අලුයම 6.00 ට පමණ කේට් කුමරිය රෝහල් ගතව ඇතැයි රජ මාළිගය නිවේදනය කළ බවයි.කේට් කුමරිය මෙවර බිහි කරන්නේ පුතෙක්ද ? දුවෙක්ද ? යන්න පිළිබඳව එංගලන්ත වැසියන් ඕටටු පවා අල්ලමින් සිටින බවත් මෙම රාජකීය දරු උපත සැමරීමට එංගලන්ත වැසියන් සූදානමින් සිටින බවත් මෙම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.32 වැනි වියේ පසුවන විලියම් කුමරු සහ 33 වනවියේ පසුවන කේට් කුමරිය මෙවර උපදින්නේ පුතෙකුද දියණියදැයි නොදන්නා බවත් ඒ බව හඳුනාගැනීමේ වෛද්‍ය පරීක්ෂණයකට ඇය සහභාගී නොවුණු බවත් වැඩිදුරටත් වාර්තා වේ.
ලෝකවාසී බෞද්ධයින් වෙසක් මංගල්‍යයට සූදානම් වෙද්දී සමස්ත බ්‍රිතාන්‍යයම තවත් රාජකීය දරු උපතක සතුට සැමරීමට සූදානම් වන බවත් එංගලන්තයේ විලියම් කුමරුගේ ප්‍රිය බිරිඳ කේට් මිඩ්ල්ටන් සිය දෙවන දරු උපත සිදුකිරීම සඳහා අද අළුයම රෝහල් ගතවූ බවත් වාර්තා වේ.
244
ශ්‍රී ලංකාවේ නව රජය සිදුකරමින් තිබෙන වැදගත් ප්‍රතිසංස්කරණ සඳහා තාක්ෂණික සහාය ලබාදීමට ඇමරිකාව සූදානම් යැයි අද පෙරවරුවේදී ලංකාවට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කොළඹදී පැවසීය.මීට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබුණේ ශ්‍රී ලාංකිකයින් නීති විරෝධී ආකාරයෙන් විදේශයන්හි සඟවා තිබෙන වත්කම් සෙවීම සඳහා වත්මන් රජය ඇමරිකාවේ සහ ඉන්දියාවේ සහයෝගය ඉල්ලා තිබෙන බවයි.මේ අනුව, ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කරන තාක්ෂණික සහයෝගය ලාංකිකයින් විදේශයන්හි සඟවා ඇතැයි කියන වත්කම් සොයා ගැනීමේ මෙහෙයුම සඳහා ඉතාමත් ඉහළින් ලැබෙනු ඇතැයි අනුමාන කළ හැකිය.මේ අතර, ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කොළඹදී සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදය නැංවීම, ආයෝජන කටයුතු පුළුල් කිරීම මෙන්ම සබඳතා වර්ධනය කර ගැනීම සඳහා මෙරටට සහයෝගය ලබාදීමට ඇමරිකාව සූදානම් බවයි.ශ්‍රී ලංකාව සමග තිබෙන සම්බන්ධතාවය තවදුරටත් පුළුල් කිරීමට ඇමරිකාව සූදානම් බවත් ආර්ථික වශයෙන් ලංකාව සමග තිබෙන බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීමට ඇමරිකාව කටයුතු කරන බවත් හෙතෙම අවධාරණය කළේය.ශ්‍රී ලංකාවේ භාණ්ඩ මිලදී ගන්නා ප්‍රමුඛතම රටක් වන ඇමරිකාව විසින් 2013 වසරේදී ඩොලර් බිලියන 2.5 ක් වටිනා මෙරට අපනයන මිලදීගෙන තිබෙන අතර ලංකාව ඇමරිකාවෙන් එම වසරේදී ගෙන්වා තිබෙන්නේ ඩොලර් මිලියන 314 ක් වටිනා භාණ්ඩ පමණි. මේ අනුව, දෙරට අතර ද්විපාර්ශවික වෙළඳාමේදී වැඩි වාසි තිබෙන්නේ ලංකාව පාර්ශවයටයි.පසුගිය රජය චීනයට වඩාත් හිතවාදීවීම පිළිබඳව ඇමරිකාව එතරම් කැමැත්තක් නොදැක්වූ අතර නව රජය චීනයට වඩාත් නැඹුරුවීමේ ප්‍රතිපත්තියෙන් බැහැරවී ඇත.චීන සමාගම් විසින් ලංකාවේ සිදුකරන යටිතල පහසුකම් ව්‍යාපෘති නැවත ඇගයීමට නව රජය තීන්දුකර තිබෙන අතර පසුගිය රජයට වඩා වත්මන් රජය ඇමරිකානු හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.මීට පෙර 2005 වසරේදී එවක ඇමරිකානු රාජ්‍ය ලේකම් ධූරය දැරූ කොලින් පවෙල් ලංකාවේ සංචාරය කළේය.ජෝන් කෙරී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ද්‍රවිඩ ජනතාවගේ නියෝජිතයින් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ නව රජය සිදුකරමින් තිබෙන වැදගත් ප්‍රතිසංස්කරණ සඳහා තාක්ෂණික සහාය ලබාදීමට ඇමරිකාව සූදානම් යැයි අද පෙරවරුවේදී ලංකාවට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කොළඹදී පැවසීය.
245
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුට සහ පළමු බිරිඳ වූ ඩයනා කුමරියට දාව විලියම් සහ හැරී කුමරුන් දෙදෙනාට පෙර රහසිගතව දියණියක් බිහි වූ බවට අමෙරිකානු සඟරාවක තොරතුරු පළ කර තිබේ.Globe නමැති අදාළ සඟරාවෙහි දක්වා ඇත්තේ, සාරා නමැති එම දියණිය මේ වන විට 33 වන වියේ පසුවන බව ය.මෑතකදී විලියම් කුමරුගේ බිරිඳ වන කේට් මිඩ්ල්ටන් අමෙරිකාවට පැමිණ සාරා හමුවූ බව ද එම සඟරාවෙහි සඳහන් කර තිබේ.මෙම පුවත සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නැතත්, ඊට අදාළ තොරතුරු කිහිපයක් එම සඟරාව හෙළි කර ඇත.එහි දක්වා ඇත්තේ, චාර්ල්ස්ගේ ශුක්‍රානු සෛල සහ ඩයනාගේ ඩිම්බ සෛල එක් කර කළලයක් නිපදවා ඇති අතර එය දැරියක බිහි වන කළලයක් බව හඳුනා ගැනීමෙන් පසුව එම කළලය විනාශ කිරීමට උපදෙස් දී ඇති බව ය.එහෙත්, එම කළලය විනාශ නොකළ වෛද්‍යවරයෙකු එය සිය බිරිඳගේ කුසෙහි තැන්පත් කළ බව එම වාර්තාවෙහි සඳහන් වේ.මෙම සිද්ධිය සිදුව ඇත්තේ, ඩයනා 19 වන වියේ පසුවද්දී ය.ඒ අනුව, අදාළ වෛද්‍යවරයාගේ බිරිඳගේ කුසෙහි තැන්පත් කළ කළලයෙන් සාරා නමැති දැරිය බිහිවී තිබේ.‍විද්‍යා ප්‍රබන්ධ කතාවක් සේ හැඟෙන මෙම සිද්ධිය ප්‍රචාරය කිරීමෙන් පසුව එය සාවද්‍ය බවට කිසිදු ප්‍රකාශයක් මෙතෙක් කර නොමැත.
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුට සහ පළමු බිරිඳ වූ ඩයනා කුමරියට දාව විලියම් සහ හැරී කුමරුන් දෙදෙනාට පෙර රහසිගතව දියණියක් බිහි වූ බවට අමෙරිකානු සඟරාවක තොරතුරු පළ කර තිබේ.
246
අමෙරිකානු ජනපති බරැක් ඔබාමාගේ බිරිඳ වන මිෂෙල් ඔබාමා හිටිහැටියේ ලෝකයේ ආකර්ෂණය දිනා ගන්නා ආකාරයේ කටයුතුවල නිරත වන තැනැත්තියක් බව අපි දනිමු.මෙය ද එවැනි ක්‍රියාවකි.137 වන වරට ධවල මන්දිරයේදී පැවති පාස්කු මංගල්‍යයට සමගාමීව මෙම විශේෂ නර්තනය පැවැත්විණි.කුඩා දරුවන්ගේ ස්ථුලභාවය අඩු කිරීම සඳහා ඇය ක්‍රියාත්මක කරන “Let’s Move!” ව්‍යාපාරයේ පස් වන සංවත්සරය ද එහිදී සැමරිණි.ඇය මෙම නර්තනය තුළින් ඇගේ නර්තන හැකියාව ලෝවට ම ප්‍රදර්ශනය කිරීමට සමත් විය.එපමණක් නොව නර්තනය තුළින් ස්ථුලභාවය අවම කර ගත හැකි බව ලොවට පෙන්වා දීම ද මෙහි අරමුණක් විය.
අමෙරිකානු ජනපති බරැක් ඔබාමාගේ බිරිඳ වන මිෂෙල් ඔබාමා හිටිහැටියේ ලෝකයේ ආකර්ෂණය දිනා ගන්නා ආකාරයේ කටයුතුවල නිරත වන තැනැත්තියක් බව අපි දනිමු.
247
ස්වාධීන රූපවාහිනී සේවයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු වූ සුදර්මන් රදලියගොඩ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.ඒ, පෙබරවාරි 24 වන දා දක්වා ය.පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාස කිරීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.
ස්වාධීන රූපවාහිනී සේවයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු වූ සුදර්මන් රදලියගොඩ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
248
කොළඹ 07, නෙළුම් පොකුණ මාවත අද සිට යළි ත් ආනන්ද කුමාරස්වාමි මාවත ලෙස නම් කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ.ඒ අනුව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද එම මාර්ගය යළි ත් ආනන්ද කුමාරස්වාමි මාවත ලෙස යළි විවෘත කෙරෙනු ඇත.ආනන්ද කුමාරස්වාමි මාවත ලෙස නම් කර තිබූ කොළඹ 07, හෝර්ටන් වටරවුම හා පුස්තකාල වටරවුම අතර කොටස 2011 දෙසැම්බර් 15 වන දා ‘නෙළුම් පොකුණ මාවත’ ලෙස නම් කෙරිණ.1877 අගෝස්තු 22 උපත ලද ආනන්ද කුමාරස්වාමි මහතා ඉන්දීය කලාව පිළිබඳ පුරෝගාමී ශ්‍රී ලාංකික ඉතිහාසඥයෙකු මෙන් ම කලාව පිළිබඳ දර්ශනවාදියෙකු ද විය.
කොළඹ 07, නෙළුම් පොකුණ මාවත අද සිට යළි ත් ආනන්ද කුමාරස්වාමි මාවත ලෙස නම් කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ.
249
මෙරට ප්‍රවීණ කලාකරුවන් රැසක් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කළහ.ඊයේ පැවති අදාළ රැස්වීම මහාචාර්ය සරත් ‍විජේසූරිය, පරාක්‍රම නිරිඇල්ල, ධර්මසිරි බණ්ඩාරනායක, ප්‍රසන්න විතානගේ ඇතුළු ප්‍රවීණ කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මෙරට ප්‍රවීණ කලාකරුවන් රැසක් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කළහ.
250
අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ බිල් ක්ලින්ටන් මහත් ආන්දෝලයකට ලක්වූ ලෝක නායකයෙකි.ඒ, මොනිකා ලෙවින්ස්කි නමැති සේවිකාවක සමග පැවති සබඳතාව සමස්ත ලෝකයට ම අනාවරණය වීම හේතුවෙනි.එම මතභේදාත්මක සිද්ධිය හරහා ඔහුගේ දෙබිඩි ජීවිතය ලෝකය හමුවේ නිරුවත් විය.එය ඔහුගේ දේශපාලන ගමන් මගට පමණක් නොව ඔහු නියෝජනය කළ ඩිමොක්‍රටික් පක්ෂයට ද බලපෑමක් විය.එවන් අතීතයක් ඇති බිල් ක්ලින්ටන්ගේ චරිතය ඇසුරින් ඔස්ට්‍රේලියානු සොහොයුරන් දෙදෙනෙකු වන පෝල් හොජ් සහ මයිකල් හොජ් (Paul and Michael Hodge) සංගීතමය නාට්‍යයක් නිෂ්පාදනය කර තිබේ.එය නම් කර ඇත්තේ, Bill Clinton the Musical යනුවෙනි.නිෂ්පාදකයින් පවසන්නේ, බිල් ක්ලින්ටන්ගේ පාලන සමයේ ධවල මන්දිරය ක්‍රියාත්මක වූ ආකාරය හාස්‍යෝත්පාදක ආකාරයෙන් ඉදිරිපත් කිරීම මෙහි අරමුණ බව ය.මෙම නාට්‍යය මගින් බිල් ක්ලින්ටන් සතුව පැවති ‘දෙබිඩි චරිතය’ නිරූපණය කිරීම සඳහා නළුවන් දෙදෙනෙකු යොදාගෙන තිබේ.
අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ බිල් ක්ලින්ටන් මහත් ආන්දෝලයකට ලක්වූ ලෝක නායකයෙකි.
251
සිරියානු අර්බුදය පිළිබඳව ජෝර්දානයේ “Seven Stars” නමැති රූපවාහිනී සේවයක විකාශය වූ සජීවී විවාදයකදී ඒ සඳහා සහභාගි වී සිටි ආරාධිතයින් දෙදෙනා අතර ගුටි කෙළියක් ඇති වී තිබේ.මෙම ගුටිබැට හුවමාරුව සිදුවූයේ, ෂේකර් අල් ජොහාරි සහ මොහොමඩ් අල් ජයෝසි අතර ය.සිරියානු ජනාධිපතිවරයාට එරෙහිව කැරලිකරුවන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව පැවති මෙම විවාදය පසුව සිරියානු යුද්ධය මෙන් උත්සන්න විය.එහිදී නැගී සිටි ඔවුහු මැදිරියේ තබා තිබූ මේසය ඔසවා එකිනෙකාට පහර දුන්හ.(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න)
සිරියානු අර්බුදය පිළිබඳව ජෝර්දානයේ “Seven Stars” නමැති රූපවාහිනී සේවයක විකාශය වූ සජීවී විවාදයකදී ඒ සඳහා සහභාගි වී සිටි ආරාධිතයින් දෙදෙනා අතර ගුටි කෙළියක් ඇති වී තිබේ.
252
එන මහ මැතිවරණයේදී තමන් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා සමඟ අගමැති ධුරය සඳහා තරඟ කර ඔහු පරාජයට පත් කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.ඔහු පවසන්නේ 2005 වසරේදී තමන් ජනාධිපතිවරණයෙන් පැරදුනේ මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රභාකරන්ට මුදල් දුන් නිසා බවත් මෙවර එසේ මුදල් දෙන්නට ප‍්‍රභාකරන් නැති බවත්ය.
එන මහ මැතිවරණයේදී තමන් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා සමඟ අගමැති ධුරය සඳහා තරඟ කර ඔහු පරාජයට පත් කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
253
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට හා ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාව ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් මගින් අදහස් පල කර ඇත.මෙහි දැක්වෙන්නේ එම සම්පුර්ණ නිවේදනයයි.අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව..පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ගෙන් හරි අඩක් අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවකට අත්සන් කොට තිබේ. වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායේ මුලූ ඉතිහාසය පුරාම මෙතරම් විශාල මන්ත‍්‍රීවරු ප‍්‍රතිශතයක් විශ්වාස භංග යෝජනාවකට අත්සන් තැබූ මුල් අවස්ථාව මෙය විය හැක. මෙවන් තත්වයක් උද්ගත වීම ගැන මම මවිත නොවන්නේ මේ ආණ්ඩුවේ සදාචාර විරෝධී හැසිරීම මමද සෘජුවම අත්දැක තිබෙන නිසාය. මීට සතියකට පමණ පෙර මහා මාර්ග අමාත්‍යංශය විසින් ණයට ගත් රුපියල් බිලියන 28 ක මුදලක් මහාමාර්ග තැනීමට නොව හෙලිකොප්ටර් ගමන් යෑමට හා දන්සැල් පැවැත්වීම වැනි වෙනත් කටයුතු සඳහා මා විසින් අවභාවිතයට ලක් කර තිබෙන බව අගමැතිවරයා මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කර සිටියේය.නමුත් මහාමාර්ග අමාත්‍යංශයේ ලියවිලි වලින් ජාතික ඉතිරිකිරිමේ බැංකුවෙන් ලබා ගත් මෙම කෙටි කාලීන ණය මුදල වියදම් වූ ආකාරය පැහැදිලි වෙයි. ඉන් රුපියල් බිලියන 6.5 ක් වැය කොට තිබුණේ පිටත වටරවුම් මාරගය හා ”එක්සත් රාජධානියේ යකඩ පාලම් ව්‍යාපෘතිය” ඇතුලූ විදේශීය මූල්‍ය ප‍්‍රතිපාදන මත ඉදි කෙරෙන ව්‍යාපෘති 22 ක දේශීය පංගුව ගෙවීමටය. තවත් රුපියල් බිලියන 14 ක් මාර්ග පළල් කිරීම හා වැඩිදියුණු කිරීමටත්, රුපියල් බිලියන 4 ක් පාලම් නඩත්තුව හා අලූත්වැඩියාවටත්, අවසන් බිලියන් 3.7 මගනැගුම ග‍්‍රාමීය මාර්ග ව්‍යාපෘතිය සඳහාත් යොදවා ඇත. මේ බිලියන 28 ක මුදල මහා මාර්ග වලට නොව වෙනත් කටයුතු වලට අවභාවිත කර තිබෙනවා යැයි අගමැතිවැයා කී කතාව සම්පූර්ණ මුසාවකි.මාගේ පාලන සමයේ රජයේ මුදල් අවභාවිතය ගැන සාවද්‍ය ප‍්‍රචාර ගෙන යන අතර වත්මන් අණ්ඩුව භණාඩාගාර බැදුම්කර මගඩියක් හරහා රටට බිලියන 50ක පාඩුවක් දැනටම සිදුකොට ඇත. මේ අතරතුර මෑතකදී පිහිටුවන ලද කැබිනට් අනු කමිටුවකට සෘජුවම වගකියන ”ගෙස්ටාපෝ” තාලයේ පොලිස් ඒකකය හරහා මේ ආණ්ඩුව තම දේශපාලන විරුද්ධවාදීන් බන්ධනාගාර ගත කරමින් සිටී. වත්මන් අණ්ඩුව යටතේ සිදු කෙරෙන බොරු ප‍්‍රචාර, මහා පරිමාණ දුෂනය හා පෙර නොවූ විරූ ආකාරයේ දේශපාලන විරුද්ධවාදීන් දඩයම මේ ෙඓතිහාසික විශ්වාස භංග යෝජනාවට හේතුවී ඇත.මහින්ද රාජපක්‍ෂහිටපු ජනාධිපති
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට හා ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාව ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් මගින් අදහස් පල කර ඇත.
254
පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් 112ක අත්සනින් යුතුය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාවට අත්සන් තැබූ මන්ත‍්‍රීවරුන් බොහෝ දෙනෙක් ඒ සම්බන්ධයෙන් කනගාටුවෙන් සිටින්නේ යයි ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.ඔහු පෙන්වා දෙන්නේ ඉදිරියේදී ඊට අත්සන් තැබූ මැති ඇමැතිවරුන් 35 දෙනකු සිය අත්සන් ඉල්ලා අස්කර ගැනීම සිදුවනු ඇති බවයි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් 112ක අත්සනින් යුතුය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාවට අත්සන් තැබූ මන්ත‍්‍රීවරුන් බොහෝ දෙනෙක් ඒ සම්බන්ධයෙන් කනගාටුවෙන් සිටින්නේ යයි ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
255
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඉදිකිරිම්, ඉංජිනේරැ සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ධුරය දරන විට දිනපොත් හා දින දර්ශන මුද්‍රණයේදී මුදල් අවභාවිතා වූ බවට හැගෙන චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින් එම පක්ෂය නිවේදනයක් නිකුත්කර තිබේ.පක්ෂයේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතාගේ අත්සනින් නිකුත්කර ඇති එම නිවේදනයේ මෙසේද සදහන් වේ.‘‘අප පක්‍ෂයේ නායක විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරය දැරූ ඉදිකිරිම්,ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයෙන් 2015 වසර සඳහා දිනපොත් හා දින දර්ශන මුද්‍රණයේදී මුදල් අවභාවිතයක් සිදුව අති බවට චෝදනා ඉදිරිපත්ව තිබේ.එම චෝදනා විවිධ මාධ්‍ය ඔසසේ ප‍්‍රචාරය වූ අතර එමගින් ජනතාව තුළ ඇතිවිය හැකි වැරදි අවබෝධය දුරලනු වස් පහත සඳහන් පැහැදිලි කිරීම ඉදිරිපත් කරන්නෙමු.පළමුව, ඉදිකිරිම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය මගින් 2015 වසර සඳහා දිනපොත් හා දින දර්ශන මුද්‍රණය වෙනුවෙන් රුපියල් මිලියන 140ක මුදලක් වැය කර ඇති බවට කරන චෝදනාව තරයේ ප‍්‍රතික්ෂේප කරන අතර ඒ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 14කි. එම මුදල වැයකර දිනපොත් හා දින දර්ශන මුද්‍රණය කර ඇත්තේ අමාත්‍යාංශය හා ඒ යටතේ පැවති ජාතින නිවාස සංවර්ධන අධිකාරිය, ශ‍්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන 10ක් වෙනුවෙනි.අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ආයතන සියල්ල වෙනුවෙන් එක් දිනපොතක් හා එක් දිනදර්ශනයක් මුද්‍රණය කරනු ලැබූවේද පිරිවැය අඩුකර ගැනීමේ අරමුණෙනි. මෙම කටයුත්තේදී නිසි පරිදි ටෙන්ඩර් කැඳවා ලැබුණු අයදුම්පත‍්‍ර අතුරින් අවම මිල ගණන් ඉදිරිපත් කළ නුගේගොඩ ඉමාෂි ආයතනය වෙත මුද්‍රණ ටෙන්ඩරය ලබා දී ඇත. මුද්‍රණයෙන් අනතුරුව එම දින දර්ශන හා දිනපොත් සියල්ල ඉහත කී ආයතන 10ට ඇණවුම් කළ පරිදි බෙදා දී ඒ බවට මුද්‍රණකරු අදාළ ආයතන බලධාරීන්ගෙන් අත්සන්ද ලබාගෙන තිබේ.මෙසේ නිසි ක‍්‍රමවේද අනුගමනයකර තිබියදී ඉදිරිපත් කරනු ලබන චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන්නෙමු. මෙම කරුණද මින් පෙර ඉදිරිපත් කරනු ලැබූ මඩ, අවලාද ගොන්නට එක් වන්නක් මිස අන් කිසිවක් නොවේ. මෙවැනි අසත්‍ය කරුණුවලට නොරැවටෙන ලෙස සියලූ ප‍්‍රගතිශිලී ජනකොටස් වෙතින් ඉල්ලා සිටින්නෙමු.මොහොමඞ් මුසම්මිල්හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී,ප‍්‍රචාරක ලේකම්ජාතික නිදහස් පෙරමුණ
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඉදිකිරිම්, ඉංජිනේරැ සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ධුරය දරන විට දිනපොත් හා දින දර්ශන මුද්‍රණයේදී මුදල් අවභාවිතා වූ බවට හැගෙන චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින් එම පක්ෂය නිවේදනයක් නිකුත්කර තිබේ.
256
20 වන සංශෝධනය සඳහා සන්ධානයේ ඇතැම් කණ්ඩායම් සහයෝගය නොදෙන බැවින් වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් කැඳවිය යුතු බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.ගල්ගමුවේ පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ ඕනෑම අවස්ථාවක මැතිවරණයකට මුහුණ දිමට තම පක්ෂය සුදානම් බවයි.ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පිරිස් තමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් ඇති බවද කී අගමැතිවරයා අවශ්‍ය නම් ඕනෑම මොහොතක ඡන්දයකට යාමට සූදානම් බව ද එහි දී කියා සිටියේය.
20 වන සංශෝධනය සඳහා සන්ධානයේ ඇතැම් කණ්ඩායම් සහයෝගය නොදෙන බැවින් වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් කැඳවිය යුතු බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
257
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට හා යහපාලන රජයට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ජයග‍්‍රහණය කරන බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර කුමාර වෙල්ගම මහතා පවසයි.ඔහු පවසන්නේ ඉන් අනතුරුව නව සන්ධාන ආණ්ඩුවක් පිහිටුවන බවයි.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට හා යහපාලන රජයට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ජයග‍්‍රහණය කරන බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර කුමාර වෙල්ගම මහතා පවසයි.
258
එජාපය සමග පවුල් කෑම තමනට නම් අරහන යයි ශ‍්‍රීලනිප උප සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.කළුතරදී පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙසේද කියා සිටියේය.‘මහින්ද මහත්තයාගේ ගුණසුවද මං දන්නවා. යුද්ධෙ කරපු හැටිත් රට සංවර්ධනය කරපු හැටිත් මං දන්නවා. මට දැන් අවුරුදු 33ක් වෙනවා ශ‍්‍රීලනිපයට එකතු වෙලා. අපි මැතිවරණ වලට බය නෑ.මැතිනිය සාමාජිකත්වය මට දෙද්දී කීවේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න. යූ. එන්. පී. ය සමග හවුල් ආණ්ඩු වලට යන්න එපා කියලා. මම ඒ අවවාදය අදත් පිළි පදිනවා. ඒකයි මම ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට කිවුවේ කෙලින්ම මම ඔය හවුලට මම විරුද්ධයි. මගේ විරුද්ධත්වය ලිය ගන්න කියලා දොට්ට බැස්සේ’ යයිද ඔහු එහිදී කියා සිටියේය.
එජාපය සමග පවුල් කෑම තමනට නම් අරහන යයි ශ‍්‍රීලනිප උප සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
259
එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පාර්ලිමේන්තු විසුරුවා හැරීමට පෙර නීත්‍යනුකූල ලෙස මුස්ලිම් පරිපාලන දිස්ත‍්‍රික්ක ලබා දෙන ලෙස ශ‍්‍රි ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ඉල්ලා සිටී.ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් එම පක්‍ෂ සභාපති බෂීර් සේගුදාවුද් මහතා පෙන්වා දෙන්නේ පසුගිය ජනාදිපතිවරණයේදී මුස්ලාම් කොංග‍්‍රසය පොදු අපේක්‍ෂකයාට සහාය දැක්වූයේ මෙම අපේක්‍ෂාව පෙරදැරිව බවත්ය.
එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පාර්ලිමේන්තු විසුරුවා හැරීමට පෙර නීත්‍යනුකූල ලෙස මුස්ලිම් පරිපාලන දිස්ත‍්‍රික්ක ලබා දෙන ලෙස ශ‍්‍රි ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ඉල්ලා සිටී.
260
එන මහ මැතිවරණය සඳහා සන්ධානයෙන් තරඟ කිරීමට ජාතික හෙළ උරුමය දිස්ත‍්‍රික්ක 18කට අපේක්ෂකයන් 30 දෙනෙකුට අවස්ථාව ඉල්ලා තිබේ.ගම්පහ සහ කොළඹ දිස්ත‍්‍රික්කවලට අපේක්ෂකයන් 3 දෙනා බැගින් අනුරාධපුර, මහනුවර, රත්නපුර, කළුතර, කෑගල්ල, ගාල්ල දිස්ත‍්‍රික්ක වලට දෙදෙනා බැගින් හා අනෙක් දිස්ත‍්‍රික්ක 11ට එක් අපේක්ෂකයෙකු බැගින්ද ඉදිරිපත් කීරීම ඔවුන් අවස්ථාව ඉල්ලා ඇත.ලංකා සම සමාජ පක්ෂයද අපේක්ෂකයන් 16 දෙනෙකු ඉදිරිපත් කිරීමට අවස්ථාව ඉල්ලා ඇත්තේ කෑගල්ල ගාල්ල දිස්ත‍්‍රික්ක වෙනුවෙන් අපේක්ෂකයන් දෙදෙනා බැගින්ද කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, මහනුවර, කුරුණෑගල, බදුල්ල, මොනරාගල සහ මුලතිව් දිස්ත‍්‍රික්ක වලින් එක් අපේක්ෂකයෙකු බැගින් වන ලෙසයි.
එන මහ මැතිවරණය සඳහා සන්ධානයෙන් තරඟ කිරීමට ජාතික හෙළ උරුමය දිස්ත‍්‍රික්ක 18කට අපේක්ෂකයන් 30 දෙනෙකුට අවස්ථාව ඉල්ලා තිබේ.ගම්පහ සහ කොළඹ දිස්ත‍්‍රික්කවලට අපේක්ෂකයන් 3 දෙනා බැගින් අනුරාධපුර, මහනුවර, රත්නපුර, කළුතර, කෑගල්ල, ගාල්ල දිස්ත‍්‍රික්ක වලට දෙදෙනා බැගින් හා අනෙක් දිස්ත‍්‍රික්ක 11ට එක් අපේක්ෂකයෙකු බැගින්ද ඉදිරිපත් කීරීම ඔවුන් අවස්ථාව ඉල්ලා ඇත.
261
විශ්වාස භංග යෝජනාවක් එල්ල වී ඇති අගැමති රනිල් වික‍්‍රමසිංහ මහතා නම්බු පිටින් ධුරයෙන් ඉල්ලා අස්වීම වඩාත් සුදුසු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසයි.ඔහු පවසන්නේ අගමැතිවරයා එසේ නිහතමානී වන්නේ නැතිනම් පාර්ලිමේන්තු බහුතරයෙන් විශ්වාසභංගය සම්මත කර දැමීමට තම පිරිස සූදානම් බවත් එසේ පන්නා දමන තෙක් ආඩම්බර පුරාජේරු කතා කියමින් සිටිය හැකි බවයි.
විශ්වාස භංග යෝජනාවක් එල්ල වී ඇති අගැමති රනිල් වික‍්‍රමසිංහ මහතා නම්බු පිටින් ධුරයෙන් ඉල්ලා අස්වීම වඩාත් සුදුසු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසයි.
262
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට සහාය පල කිරීම සඳහා මේ වන විට මන්ත‍්‍රීවරුන් 120කට වැඩි පිරිසක් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.ඔහු කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ අත්සන් 112ක් පමණක් ලබා ගත්තේ මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ලක් කර මහ ජනතාව ඒ සඳහා දැනුවත් කල යුතු නිසා බවයි.එම යෝජනාවට හොර අත්සන් ගසා ඇතැයි මුදල් ඇමතිවරයා විසින් එල්ල කරන චෝදනාවට මන්ත‍්‍රිවරයා කියා සිටියේ එසේ නම් ආණ්ඩුවට ඇත්තේ නොබියව විශ්වාසභංගයට දින නියම කර ඒ සඳහා ඡුන්ද විමසීමක් පැවැත්වීම බවයි.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට සහාය පල කිරීම සඳහා මේ වන විට මන්ත‍්‍රීවරුන් 120කට වැඩි පිරිසක් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
263
පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 112ක් අත්සන් තබා ඇතැයි කියුවද ඊට සත්‍යවශයෙන්ම අත්සන් තබා ඇත්තේ 81 දෙනෙකු බව මුදල් ඇමති රවි කරුණානානයක මහතා පවසයි.අරලියලහ මන්දරියේ පැවති උත්සවයක් අමතමින් ඔහු කියා සිටියේ එම මන්ත්‍රීන් 81 දෙනාගෙන්ද 15 දෙනෙකු ඊට අත්සන් තබා නැතැයි පවසා ඇති බවක් දැනගන්නට ඇති බවයි.යහපාලන ආණ්ඩුවෙන් ජනතාවට සහන ලබාදෙන විට විශ්වාසභංග ගෙන එන බවටද ඒ මහතා එහිදී චෝදනා කළේය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 112ක් අත්සන් තබා ඇතැයි කියුවද ඊට සත්‍යවශයෙන්ම අත්සන් තබා ඇත්තේ 81 දෙනෙකු බව මුදල් ඇමති රවි කරුණානානයක මහතා පවසයි.
264
පාර්ලිමේන්තුව විසුරුවා හැරි වහාම අපේක්‍ෂකයන් තේරීමේ නාමයෝජනා මණ්‌ඩල පත්කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය දක්‌වන ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර ඇත.ආණ්‌ඩුවට සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විශාල පිරිසක්‌ හා එක්‌සත් ජාතික පක්‍ෂයේ කිහිපදෙනකු මහ මැතිවරණයේදී රාජපක්‍ෂ මහතාට සහාය දීමට සූදානමින් සිටින නිසා ඔවුන්ගේ ඉල්ලීම මත මෙම පියවර ගෙන ඇති බව ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්‌ පැවසීය.හිටපු ජනාධිපතිවරයාට සහාය දක්‌වන ඒකාබද්ධ විපක්‍ෂය මැතිවරණයට තරග කරන පක්‍ෂය හා එහි සලකුණ ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව ප්‍රකාශයට පත්කරන බව ද හෙතෙම කීය.මේ යටතේ මහ මැතිවරණයට තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සියයට 90 කට වැඩි පිරිසක්‌ සූදානමින් සිටින බවත් මැතිවරණයට තරග කිරීම සඳහා අපේක්‍ෂකත්වය ඉල්ලීමට කිසිසේත් නොසිතූ තරම් වැඩි ප්‍රමාණයක්‌ සූදානමින් සිටින බවත් එම මන්ත්‍රීවරයා කියා සිටියේය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරි වහාම අපේක්‍ෂකයන් තේරීමේ නාමයෝජනා මණ්‌ඩල පත්කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය දක්‌වන ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර ඇත.
265
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඉදිරි දින පහ තුල ඇතුලත් කිරීමට හැකිවනු අතැයි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පවසයි.අනතුරුව ඉක්මනින් එය විවාදයට ගන්නා දිනයක් නම් කල හැකි වනු ඇතැයිද ඒ මහතා කියයි.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඉදිරි දින පහ තුල ඇතුලත් කිරීමට හැකිවනු අතැයි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
266
ආණ්ඩුව මේ වන විට ඉන්නේ දැවැන්ත මූල්‍ය අර්බුදයක සිර වී බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජී.එල් පීරිස් මහතා පවසයි.කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ සඳහන් කලේය.‘ගිය මාස 9 තුළ අප රටේ විදේශ සංචිත දිගින් දිගටම පිරිහිලා. පසුගිය මාස 05 ක කාලයේ දැවැන්ත මූල්‍ය අර්බුද රැසකට රට මුහුණ දී තිබෙනවා. වියදම අධික ලෙස වැඩිවෙලා පියවීම පවා දුෂ්කර තත්ත්වයක් වෙලා. ආදායමත් අඩුවෙලා.රුපියලේ අගය පවත්වාගෙන යාමට දැඩි පීඩනයක් එල්ල වෙලා. දේශීය විදේශීය ගෙවීමට ඇති සම්පත් අඩුවෙලා. ඩොලර් මිලියන දහයක වසර 10ක බැදුම්කරයට නිකත් කිරීමට රජය තීරණය කළත් සියයට 6.125 ක් වැනි ඉහළ පොලියකට ලබාගත හැකි වූයේ ඇ.ඩො.මිලියන 650ක් පමණයි’ යයිද මන්ත‍්‍රිවරයා කියා සිටියේය.
ආණ්ඩුව මේ වන විට ඉන්නේ දැවැන්ත මූල්‍ය අර්බුදයක සිර වී බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජී.එල් පීරිස් මහතා පවසයි.
267
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවීමට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. ඊයේ දිනයේ ජනාධිපති මෛත‍්‍රිපාල මහතා, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා, පූජ්‍ය මාදුළුවාවේ සෝපිත හිමියන් ඇතුළු සිවිල් සංවිධානය නියෝජිතන් හමුවේදී මේ පිළිබඳ සාකච්චා වී ඇත.එහිදී අගමැතිවරයා පෙන්වා දී ඇත්තේ විශ්වාස භංගයක්ද ඉදිරිපත් වී ඇති නිසා තව දුරටත් පාර්ලිමේන්තුව ගෙන යා නොහැකි තත්වයක් මතුව ඇති බවත් පෙර එකඟතාවන්ට අනුව පාර්ලිමේන්තුව විසුරුවන ලෙසත්ය.20 වන සංශෝදනය සම්මත කර ගැනීමෙන් පසුව විසුරුවීම සුදුසු බව ජනපති මෛත‍්‍රීපාල පෙන්වා දී තිබුණද අවසානයේ එකඟ වී ඇත්තේ ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටයි.ඊට පෙර සෝපිත හිමියන් ඇතුළු සිවිල් සංවිධාන විසින් උද්ඝෝෂන පවත්වමින් 20 වන සංශෝධනය සම්මත කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවන ලෙස ඉල්ලන් බවටද එකඟ වී ඇති අතර අනතරුව ජනාධිපතිවරයාද ආණ්ඩුවද විසින් සිවිල් සංවිධානවල ඉල්ලීම යයි පවසමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරනු ඇත.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවීමට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
268
යහපාලකයන් තරු පහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගේනවා කියමින් කරන්නේ ජරා වැඩ යයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.‘අලූත් පාර්ලිමේන්තුවකට ව්‍යවස්ථාදායක සභාව පත්කිරීමේ බලය දිය යුතුයි. ව්‍යවස්ථාදායක සභාවට පත් කරන අය ගැන තවමත් අපෙන් අහලා නැහැ. එහෙම එකගතාවයක් නැතිව නියෝජිතයන් අනුමත කර ගැනීමට පාර්ලිමේන්තුවට කැදවීම මුදල් නාස්තියක්.ලොකුම විහිළුව තමයි මේකට පත් කළා කියලා පත් කරපු අයවත් දන්නේ නැති එක. ඒ ගොල්ල තෝරලා අපට අනුමත කරන්නලූ. ප‍්‍රජානත්ත‍්‍රවාදයට තරු පහ දෙනවා කියලා කරන්නේ බලූ නොවටිනා වැඩයි.20 වැනි සංශෝධනය ගේන්නේ තමාට එරෙහිව විශ්වාසභංගය හකුළා ගත්තොත් පමණයි කියලා අගමැති තුමා කිවුවා. මෙහෙම කියන්නේ විස්සට බයෙන්ද විශ්වාසභංයට බයෙන්ද නැතිනම් මේ දෙකටම බයෙන්ද’ යයි මන්ත‍්‍රීවරයා ප‍්‍රශ්ණ කලේය.
යහපාලකයන් තරු පහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගේනවා කියමින් කරන්නේ ජරා වැඩ යයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
269
එජාපයෙන් ඉදිරි මැතිවරණ සඳහා තරඟ වදින අපේක්‍ෂක අපේක්‍ෂිකාවන් සඳහා නාම යෝජනා පත‍්‍රය සමඟ යහ පාලන මූලධර්ම අකුරටම ක‍්‍රියාත්මක කිරීමට කැපවන බවට වන ප‍්‍රතිඥාවකටද අත්සන් තැබීමට කටයුතු සූදානම් කර ඇත.පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව වැඩසටහන ක‍්‍රියාත්මකය.එජාපය පෙන්වා දෙන්නේ යහ පාලන මූලධර්ම අකුරටම ක‍්‍රියාත්මක කිරීම සදහා දිවි හිමියෙන් ඇපකැප වන බවට ප‍්‍රතිඥා දී අත්සන් තබන අපේක්ෂක අපේක්ෂිකාවන්ට මහජන මුදල් දේපල සහ සම්පත් අවභාවිතය කිරීමට ද මැර ක‍්‍රියා ඇතුළු නීති විරෝධී ක‍්‍රියාවල නිරත වීමට කිසිසේත්ම අවකාශ නොලැබෙන බවයි.
එජාපයෙන් ඉදිරි මැතිවරණ සඳහා තරඟ වදින අපේක්‍ෂක අපේක්‍ෂිකාවන් සඳහා නාම යෝජනා පත‍්‍රය සමඟ යහ පාලන මූලධර්ම අකුරටම ක‍්‍රියාත්මක කිරීමට කැපවන බවට වන ප‍්‍රතිඥාවකටද අත්සන් තැබීමට කටයුතු සූදානම් කර ඇත.
270
පොලිසිය තාම මගෙන් කට උත්තරයක්‌ අර ගෙන නැහැ. ආවොත් නිසි උත්තරය දෙන්න මම ලෑස්‌තිවෙලා ඉන්නවා යෑයි දකුණු පළාත් සභා ඇමැති ඩී. වී. උපුල් මහතා ප්‍රකාශ කළේය.මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ පොලිස්‌ නිලධාරීන්ට ගල්වලින් පහරදී මරා දමන බවට රැස්‌වීමකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශයක්‌ කළ බවට උපුල් මහතාට විරුද්ධව නඟන චෝදනා පිළිබඳව අප ඇසූ ප්‍රශ්නයකට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.පොලිසියේ මහත්වරු මගෙන් තාම ඒ ගැන කටඋත්තරයක්‌ අරගෙන නැහැ. එතකොට මම උත්තර දෙන්නම්. අපි බද්දට ගත්ත වීරවිල නිවසේදී 40-50 ට විතර දේශපාලන සාකච්ඡා තිබ්බා. මගේ අනුදැනුම මත කිසිම මාධ්‍යවේදියකුට මෙම රැස්‌වීමට ඇරයුම් කළේ නැහැ. මාධ්‍යවේදීන් කිසිවෙකු හිටියේ නැහැ. මං කරපු කතාව මුහුණුපොතේ එතන හිටිය කෙනෙක්‌ දාලා තියනවා.මටත් කියන්න දේවල් තියනවා. ලබන සඳුදා වෙන කොට මමත් නඩුවක්‌ දානවා. ඕනෑනම් මම කතා කරපු වීඩියෝ පටිය පොලිසියටත් බලන්න දෙනවා යෑයි ඩී. වී. උපුල් මහතා කියා සිටියේය.
පොලිසිය තාම මගෙන් කට උත්තරයක්‌ අර ගෙන නැහැ.
271
ISIS ත‍්‍රස්තවාදී සංවිධානයේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් විනාශ කිරීමට ඇමරිකානු ප‍්‍රහාරක යානා සමත්ව ඇතැයි වාර්තා වේ.ඇමරිකානු ගුවන් සංග‍්‍රාම විධානයේ ප‍්‍රධානි ජෙනරාල් හර්බට් හෝක් කාලයිල් පවසා ඇත්තේ එම මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටි ස්ථානය සොයාගත්තේ ISIS සටන්කාමියකු විසින් සමාජ මාධ්‍ය තුළ පළ කළ ඡයාරූපයක් ඇසුරෙන් බවයි.වොෂින්ටනයේ පැවති ගුවන් හමුදා සංගමයේ හමුවක් අමතමින් ඔහු පවසා ඇත්තේ ඡයාරූපය පළවීමෙන් පැය 22කට පසු අදාළ මධ්‍යස්ථානය විනාශ කරන්නට හැකිවීම විශිෂ්ට ක‍්‍රියාවක් බවයි.මේ සඳහා ෆ්ලොරිඩාවේ හර්ල්බර්ට් කඳවුරේ සිට කටයුතු කරන 361වන බුද්ධි, ඔත්තුසේවා හා පිරික්සුම් කණ්ඩායම මැදිහත්වී ඇති අතර ඔවුන් සමාජ මාධ්‍ය තුළ ISIS හි විධාන හා පාලන හැකියාවන් පිළිබඳව සිදුකළ විවෘත සාකච්ඡුාවක් මගින් අදාළ මධ්‍යස්ථානය පිහිටා ඇති ස්ථානය සොයාගත් බව පැවසේ.ඇමරිකාව ප‍්‍රමුඛ රටවල සන්ධානය විසින් සිදුකළ ගුවන් මෙහෙයුම් 4200ක් මගින් එල්ල කළ බෝම්බ 14000කින් සතුරු සටන්කාමීන් 13000ක් පමණ ඝාතනය කිරීමට සමත්වූ බවද කාලයිල් පවසා තිබේ.ත‍්‍රස්තවාදීන්ට අයත් රථ 1000ක්, පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන කම්හල් 50ක් මෙන්ම සතු ප‍්‍රධාන මුදල් ඉපැයීමේ මාර්ගයන් වන ඛනිජ තෙල් රැස්කිරීමේ හා පිරිපහදු මධ්‍යස්ථානයන්ද ඇමරිකානු ප‍්‍රහාරවලින් විනාශ කළ බව ඔහු පවසා ඇත.
ISIS ත‍්‍රස්තවාදී සංවිධානයේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් විනාශ කිරීමට ඇමරිකානු ප‍්‍රහාරක යානා සමත්ව ඇතැයි වාර්තා වේ.
272
පසුගිය ජූනි 05 වන දින වන විට එළැඹෙන මහ මැතිවරණය හා පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ‍්‍රිලනිපයෙන් තරඟ වැදීමට බලාපොරොත්තු වූ තරම් අපේක්‍ෂක අයදුම්පත් ප‍්‍රමාණයක් ලැබී නැතැයි වාර්තා වෙයි.මේ හේතුවෙන් අපේක්‍ෂක අයදුම්පත් භාර ගැනීමේ කාලය තවත් දීර්ඝ කර ඇත.කෙසේ වෙතත් මේ දක්වා ශ‍්‍රීලනිපයේ නාම යෝජනා මණ්ඩලයක් ද පිහිටුවා නැත.
පසුගිය ජූනි 05 වන දින වන විට එළැඹෙන මහ මැතිවරණය හා පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ‍්‍රිලනිපයෙන් තරඟ වැදීමට බලාපොරොත්තු වූ තරම් අපේක්‍ෂක අයදුම්පත් ප‍්‍රමාණයක් ලැබී නැතැයි වාර්තා වෙයි.
273
සහකාර පොලිස් අධිකාරීවරයෙකු සමන්විත එකොළොස් දෙනෙකුගෙන් යුතු පොලිස් කණ්ඩයමක් බරපතල වංචා දුෂණ රාජ්‍ය සම්පත් වරප‍්‍රසාද බලය සහ අධිකරණය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා වූ ජනාධිපති කොමිෂන් සභාව සදහා පත්කර තිබෙන බව එම කොමිෂන් සභාවේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පවසයි.මෙම කණ්ඩායමට තවත් පොලිස් නිලධාරීන් අට දෙනෙකු එක් කිරීමට නියමිත අතර ඒ අනුව විසි දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් ලෙස අනුයුක්ත කෙරෙනු ඇත.
සහකාර පොලිස් අධිකාරීවරයෙකු සමන්විත එකොළොස් දෙනෙකුගෙන් යුතු පොලිස් කණ්ඩයමක් බරපතල වංචා දුෂණ රාජ්‍ය සම්පත් වරප‍්‍රසාද බලය සහ අධිකරණය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා වූ ජනාධිපති කොමිෂන් සභාව සදහා පත්කර තිබෙන බව එම කොමිෂන් සභාවේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පවසයි.
274
සූරියවැව මත්තල ගුවන්තොටුපල හදන්න මොනරුන් සිය ගණනක් මරා දැම්මේ යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.මැදරිගිරියේ පසුගියදා පැවති උත්සව සභාවක් අමතමින් ඔහු කියා සිටියේ රටට, ජනතාවට සමහර මහා පරිමාණ ව්‍යාපෘතිවලින් විශාල හානියක් සිදුවූ බවයි.කෙසේ වෙතත් එසේ හානි කල අය කවුදැයි තමන් නොකියන්නේ ඔවුන්ගේ හිත් රිදෙන නිසා යයිද ජනාධිපතිවරයා එහිදී ප‍්‍රකාශ කලේය.විල්පත්තුවට කර ඇති මහා විනාශය ගිය රජයේ අනුවන තීරණයක් යයිද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
සූරියවැව මත්තල ගුවන්තොටුපල හදන්න මොනරුන් සිය ගණනක් මරා දැම්මේ යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.
275
ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ඒකකය විසින් මුද්‍රණ්‍ය කරනු ලැබ ඇති ‘මේ ගැනත් සිතන්න.. පක්‍ෂය රැකගන්න’ පොත් පිංච සම්බන්දයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම පක්ෂයේ සියලූ දෙනා දන්නා බව ඇමති එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි.ඔහු පෙන්වා දෙන්නේ සුසිල් ප්‍රේමජයන්ත ශ්‍රීලනිප ජාතික සංවිධායකවරයා වටේ නොගොස් ඍජුවම තමන්ට චෝදනා එල්ල කළේ නම් එය වඩා ශීලාචාර බවයි.පොත් පිංච මුද්‍රණයට පෙර මන්ත්‍රීවරුන් බොහෝ දෙනා එහි බොහෝ කොටස් කියවා තිබූ බවද පවසන ඇමති දිසානායක ඒ සම්බන්ධවෙන් අදහස් පළ කිරීමට පෙර පක්‍ෂ මහ ලේකම්වරයා සහ ජාතික සංවිධායකවරයා තමන් සමඟ අදහස් හුවමාරු කරගත්තේ නම් එය වඩා හොඳ බවද සඳහන් කරයි.
ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ඒකකය විසින් මුද්‍රණ්‍ය කරනු ලැබ ඇති ‘මේ ගැනත් සිතන්න.. පක්‍ෂය රැකගන්න’ පොත් පිංච සම්බන්දයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම පක්ෂයේ සියලූ දෙනා දන්නා බව ඇමති එස්.බී.
276
ලංකාවේ සුළුතර ප‍්‍රජාවන් මුහුණදෙන අසාධාරණයන්ට විසඳුම් ලබාදී සාමය ගොඩනැගීමට අවශ්‍ය වගවීම් හා ඒකාබද්ධතා ක‍්‍රියාවලියට ආධාර කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය එක්සත් ජාතීන්ගේ සාමය ගොඩනැගීමේ අරමුදලින් අදාළ ආධාර මුදල ලබාගැනීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකරමින් පවතින බව පැවසේ.ලංකාවේ වගවීම් හා ඒකාබද්ධතා ක‍්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඩොලර් මිලියන 3ක මුදලක් ලබාදීමට නියමිතය.මේ යටතේ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ වගකිව යුතු පාර්ශ්වයන් නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා විශ්වාසනීය යාන්ත‍්‍රණයක් ගොඩනැගීමට අවශ්‍ය තාක්‍ෂණික සහය සහ අතුරුදන් වූවන්ගේ පවුල් ආදී ගැටුම් වලින් පීඩාවට පත් ප‍්‍රජාවන් සඳහා ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූලව සහන සැපයීම ආදී කටයුතු සඳහා ශ‍්‍රී ලංකා රජය හා එක්ව ක‍්‍රියාකිරීමට නියමිතය.නැවත පදිංචි කිරීමේ ක‍්‍රියාකාරී සැලැස්ම හා ප‍්‍රතිපත්ති රාමුව පිළිබඳ ආධාර දෙන රටවල හමුව අමතමින් එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා සම්බන්ධීකාරක සුබිනේ නැන්ඩි මේ බව අනාවරණය කර තිබේ.සියලූම අවතැන්වූ ජනතාව සඳහා ස්ථිරසාර හා දීර්ඝකාලීන විසඳුම් ලබාදීම වෙනුවෙන් විශේෂඥ සහය පිරිනැමීමට ශ‍්‍රී ලංකා රජය හා එක්ව කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණක් බවද ඇය පවසා ඇත.
ලංකාවේ සුළුතර ප‍්‍රජාවන් මුහුණදෙන අසාධාරණයන්ට විසඳුම් ලබාදී සාමය ගොඩනැගීමට අවශ්‍ය වගවීම් හා ඒකාබද්ධතා ක‍්‍රියාවලියට ආධාර කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.
278
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව එල්ල වී ඇති විශ්වාස භංග යෝජනාව විවාදයට නොගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාදිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එකඟ වූ බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.එජාප මාධ්‍ය ප‍්‍රකාශක ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ මේ සම්බන්දයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සාකච්ඡා කළ බවත් සියල්ල සිදු වන්නේ ඔවුන් දෙදෙනාගේ එකඟතාවය මත බවත්ය.එජාපය මූලාක වී පත් කර ගත් ජනාධිපතිවරයකු සිටින බැවින් තම පක්ෂයේ ගමන පිළිබඳ විශ්වාසයක් පවතින බවද පවසසන මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඉතා කෙටි කලකින් විපක්ෂයේ සියලු සංදර්ශන නිමා කරමින් පාර්ලිමේන්තුව ස්ථර වශයෙන්ම විසුරුවා හරින බවද සඳහන් කරයි.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව එල්ල වී ඇති විශ්වාස භංග යෝජනාව විවාදයට නොගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාදිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එකඟ වූ බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.
279
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය පාවිච්චි නොකරන්නට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇතැයි එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.අදාල විශ්වාස භංගය සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුවහොත් එම ඡන්ද විමසීම වර්ජනය කිරීම සඳහාද ඔවුන් තීරණය කර ඇති බව එම ආරංචි මාර්ග කියයි.අගමැතිවරයා හෝ ආණ්ඩුවට එරෙහි විශ්වාංශ භංගයකදී එය ජයග‍්‍රහණය කරවීම සඳහා ඡන්ද 113ක් අවශ්‍ය වන අතර වර්ජනය කරන ඒවාද සැලකෙන්නේ විරුද්ද ඒවා ලෙසයි.ජවිපෙ මේ දිනවල දේශපාලන වේදිකාවේ අගමැතිවරයාට බැණවදිමින් හුගේ පාලනය අසාර්ථක බවත්, ඔහුට අගමැති ධුරය දරන්නට අයිතියක් නැති බවත් කියමින් සිටිති.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය පාවිච්චි නොකරන්නට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇතැයි එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
280
මොස්කව් හා බැග්ඩෑඞ් අතර මිලිටරි සහයෝගිතාවය ඉහළ නංවමින් ත‍්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වැදීම සඳහා ඉරාක හමුදාවට අවශ්‍ය ලබා දීමට රුසියාව සූදානම් වන බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසා ඇතැයි වාර්තා වේ.මොස්කව් සංචාරයක නිරත වෙමින් සිටින ඉරාක අගමැති හෙයිදර් අල් අබාඩි හා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර සාකච්ඡවට පෙර මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ලැව්රොව් පවසා ඇත්තේ ISIS හා වෙනත් ත‍්‍රස්තවාදී සංවිධාන විසින් අත්පත් කරගෙන ඇති ප‍්‍රදේශ වලින් ඔවුන් පලවා හැරීම සඳහා අවශ්‍ය මිලිටරි බලය ඉරාක හමුදාව සතුව පැවතීමට වග බලා ගන්නා බවයි.ඇතැම් රටවල් මෙන් නොව ඉරාකයට අවි ලබාදීමේදී ඉරාකය, සිරියාව හා ඊජිප්තුව ත‍්‍රස්තවාදයට එරෙහි අරගලයේ පෙරමුණේ සිටීම යන පදනමින් පූර්ව කොන්දේසි රහිතව එය ඉටුකිරීමට රුසියාව විසින් කටයුතු කරනු ඇති බව රුසියානු විදේශ අමාත්‍යවරයා පවසා තිබේ.මේ අතර ඉරාක අගමැතිවරයා හමුවීමෙන් පසු අදහස් දැක්වූ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත්තේ මැදපෙරදිග කලාපයේ රුසියාවේ ප‍්‍රධානතම සහකරුවා වන ඉරාකය සමග සිවිල්, මිලිටරි හා තාක්‍ෂණික සහයෝගිතාවය ඉහළ නැංවීම සමග ඩොලර් බිලියන ගණනක් වටිනා ව්‍යාපෘති ආරම්භ කරමින් ඇති බවයි.පසුගිය දින කිහිපය තුළ ISIS සටන්කාමීන් විසින් සිරියානු හා ඉරාක රජයන් සතුව පැවති උපායමාර්ගිකව වැදගත් නගර හා ප‍්‍රදේශ ගණනාවක් අත්පත් කරගැනීමට සමත්වී ඇත.
මොස්කව් හා බැග්ඩෑඞ් අතර මිලිටරි සහයෝගිතාවය ඉහළ නංවමින් ත‍්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වැදීම සඳහා ඉරාක හමුදාවට අවශ්‍ය ලබා දීමට රුසියාව සූදානම් වන බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසා ඇතැයි වාර්තා වේ.
281
වත්මන් ආණ්ඩුවට හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බලයෙන්පහ කිරීම සඳහා විපක්‍ෂ මන්ත‍්‍රීන් 112 දෙනෙකුගේ අත්සනින් යුතු විශ්වාසභංග යොජනාවක් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට බාර දී තිබේ.ආණ්ඩුව බලයෙන් පහ කිරීම සඳහා විශ්වාස භංගයක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී 113ක් අනිවාර්යෙන්ම පක්‍ෂ විය යුතු අතර ආරංචි මාර්ග පවසන්නේ එම ප‍්‍රමාණය ඉත පහසුවෙන් සපුරාගත හැකි වනු ඇති බවයි.සාමාන්‍යයෙන් විශ්වාස භංගයක් පිලිගැනීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 20 දෙනෙකුගේ අත්සන් ප‍්‍රමාණවත්ය.මෙම විශ්වාස භංගයට දැනට බන්ධනාගාරගතකර සිටින සන්ධාන මන්ත‍්‍රිවරුන්ගේ අත්සන් අතුලත් නැත.මෙම විශ්වස භංගය භාරදෙන අවස්ථාවට විපක්‍ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා ඇතුළු විපක්‍ෂ මන්ත‍්‍රිවරුන් ගණනාවක් සහභාගී වී සිටියහ.විශ්වාස භංගය එල්ල වී ඇත්තේ මෙම චෝසනා පදනම් කරගෙනයි.පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීන්ගේ කැමැත්ත නොවිමසා අගමැති ධුරයේ කටයුතු කිරීමමහා පරිමාණ හා සුළු පරිමාණ ව්‍යාපෘති රැසක් අත්හිටුවීම හේතුවෙන් රැකියා කරමින් සිටි ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ රැකියා අහිමි කිරීමශ්‍රී ලංකා පොලිසිය දේශපාලනීකරණය කිරීමජීවන වියදම් අර්බුධයක් උද්ගත කිරීමශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන පුද්ගලයෙක් මහ බැංකු අධිපති කිරීමභාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව මගින් මහ බැංකුවේ සිදුවූ දැවැන්ත මූල්‍ය වංචාවට වග කිව යුතු වීමජාත්‍යන්තර සබඳතා පළුදු වීමපුද්ගලික අංශය අධෛර්යමත් වන අයුරින් රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම
වත්මන් ආණ්ඩුවට හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බලයෙන්පහ කිරීම සඳහා විපක්‍ෂ මන්ත‍්‍රීන් 112 දෙනෙකුගේ අත්සනින් යුතු විශ්වාසභංග යොජනාවක් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට බාර දී තිබේ.
282
පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සඳහා යොදා ගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ගිනි අවියක් බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය, එම ගිනි අවිය යුද හමුදාවෙන් පිටතට පැමිණියේ කෙසේදැයි සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට නියෝග කළේය.ඝාතනය සඳහා යොදාගත් ත්‍රිරෝද රථය අත් අඩංගුවට ගෙන මේ වන විට පොලිසිය භාරයේ පවතින බවද රහස් පොලිසිය දැනුම් දුන්නේය.ඒ පිළිබඳව කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍යව ඇති බැවින් ත්‍රිරෝද රථය තමන් භාරයේ තබාගැනීමට අවසර දෙන මෙන් රහස් පොලිසිය කළ ඉල්ලීමට අධිකරණය අවසර දුන්නේය.රවිරාජ් ඝාතනය සිදු වූ අවස්ථාවේ තමන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟ යාපනයට ගොස් සිටි බව, දැනට අත්අඩංගුවේ පසුවන සැකකාර නාවික හමුදා සෙබළුන් ප්‍රකාශ කරයි.එය තහවුරු කෙරෙන වාර්තා රත්මලාන ගුවන් ගමන් පාලක මැදිරියේ පවතින බවද ඔවුහු පවසති.එහෙත් එම ප්‍රකාශය තහවුරු කළ හැකි ගුවන් ගමන් පිළිබඳ වාර්තා තමන් සතුව නොමැති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව අධිකරණයට දැනුම් දුන්නේය.අනතුරුව සැකකාර නාවික හමුදා සෙබළුන් පස් දෙනා ලබන 19 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන් පොලිසියට නියෝග කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සඳහා යොදා ගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ගිනි අවියක් බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
283
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බරපතල ලෙස විවේචනය කරමින් ‘මේ ගැනත් සිතන්න.. පක්ෂය රැක ගන්න’ නම් පොත් පිංච ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ඒකකය නමින් මුද්‍රණය කරවා ඇත්තේ ඇමති එස්.බී. දිසානායක බව ශ‍්‍රිලනිප මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතා සඳහන් කරයි.පක්ෂ මූලස්ථානයට මෙම පොත බෙදා හරින ලෙස ලබාදී ඇත්තේ එස්.බී. දිසානායක ඇමතිවරයා විසින් යයිද කී මහ ලේකම්වරයා එය බෙදා හැරීම නතර කරන ලෙස තමන් දැනුම්දුන් බවද කියා සිටී.මේ අතර පක්‍ෂයේ ප‍්‍රධාන තනතුරු වෙනස් වන්නේ යයි පලවන වාර්තා සම්බන්ධයෙන් අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ පක්ෂයේ සමගිය වෙනුවෙන් කටයුතු කරන තමන් ඇතුළු ප්‍රධාන නිලධාරීන් ඉවත් කිරීමේ අවශ්‍යතාවක් නැති බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බරපතල ලෙස විවේචනය කරමින් ‘මේ ගැනත් සිතන්න.. පක්ෂය රැක ගන්න’ නම් පොත් පිංච ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ඒකකය නමින් මුද්‍රණය කරවා ඇත්තේ ඇමති එස්.බී.
284
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රිලනිප සභාපති ධූරයෙන් ඉවත්කිරීමට අහුමුළුවල සාකච්ජා කිරීමෙන් පලක් නැති බව වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා මහතා බිබිල නගරයේ දී පැවති ජනහමුවකදී කියා සිටියේය.‘මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රිලනිප සභාපති ධූරයෙන් ඉවත්කරනවා නම් ඒකට පක්ෂයේ මධ්‍යම කාරක සභාවට සහ සමස්ත ලංකා සභාවට හෝ විධායක සභාවට යෝජනාවක් ගෙන ආ යුතුයි. ඒත් පක්ෂ ව්‍යවස්ථාවට අනුව පොතේ හැටියට එවැනි යෝජනවක් ගෙනල්ලා සභාපතිවරයා ඉවත් කරන්න බැහැ. එහෙමනම් පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි.ශ‍්‍රිලනිප ව්‍යස්ථාවට අනුව ශ‍්‍රීලනිප හෝ සන්ධාන පාක්ෂිකයෙක් විධායක ජනාධිපති වුවහොත් ඔහු තමයි පක්ෂ සභාපති. ඒ නිසා ජනාධිපතිවරයා පක්ෂ සභාපති තනතුරෙන් කුමන ආකාරයකින්වත් ඉවත් කරන්න බැහැ’ යයිද ඒ මහතා පෙන්වා දුන්නේය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රිලනිප සභාපති ධූරයෙන් ඉවත්කිරීමට අහුමුළුවල සාකච්ජා කිරීමෙන් පලක් නැති බව වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා මහතා බිබිල නගරයේ දී පැවති ජනහමුවකදී කියා සිටියේය.
285
තමන් මීලඟ දිනයේ කටඋත්තර දෙන්න එන්නේ දත්බෙහෙත් බුරුසුව සබන් ආදියද රැගෙන යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.‘කිසිදු ජනවරමක් නැතිව ආණ්ඩුවක් වික‍්‍රමසිංහ මහතා කරගෙන යනවා. ජනාධිපතිත් නොදන්න අගමැතිගේ පැමිණිලි පමණක් භාරගන්න දඩයම් කොට්ඨාශයක් හදලා. සන්ධානයෙ නායකයන් හා මහින්ද මහතාට හිතවත් පුද්ගලයන් දඩයම් කිරීමයි ඒකෙන් කරන්නේ. ඒකට කටඋත්තර ගන්න කියලා එන්න කියනවා. හිරේ දානවා.මං නැවතත් කැඳෙවුවොත් කට උත්තර දෙන්න යන්නෙ දත් බෙහෙත්, බුරුසුව, සබන් කෑල්ල, පනාව, ඇදුම් දෙකක් තුනක් බෑග් එකක දමාගෙන’ යයිද ඔහු කියා සිටියේ කොළඹදී ඹධ්‍යවේදීන් අමතමිනි.
තමන් මීලඟ දිනයේ කටඋත්තර දෙන්න එන්නේ දත්බෙහෙත් බුරුසුව සබන් ආදියද රැගෙන යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
286
මහින්ද පිල්ලිය නැවතත් අළුගසා දමමින් නැඟිටිමින් සිටින බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි.ජවිපෙ ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ යහපාලන දින සියයෙන් පසු රට අස්ථාවර වී ඇති බවයි.‘යහපාලන දින 100 න් රට අස්ථාවරයි. පාර්ලිමේන්තු අරාජිකයි. අගමැතිට විශ්වාසභංගයක් ගේන්න සූදානම් වෙනවා. මහින්ද පිල්ලිය අළුගසා නැගිටිමින් සිටිනවා.හොරු දුෂිතයන්ට දඩුවම් දෙන්න මැදිහත් වෙනවද කියලා ජනාධිපතිවරයාගෙන් අපි ඇහුවා. මටත් ඕනෑ දඩුවම් දෙන්න අඩුම තරමෙ නාමයෝජනාවත් නොදී ඉන්න කියලා මෛත‍්‍රී මහත්තයා කීවා. ඒත් දැන් සිදුවන්නේ ඒක නොවෙයි. එයා දැන් හොරුන් දුෂිතයන් ඉන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා.රනිල් එක්ක මෛත‍්‍රී එක්ක ජවිපෙ දීග ගිහින් යයි සමහරු මතයක් ගෙන යන්න හදනවා. ඒක අතිශයින් වැරදි කතාවක්’ යයිද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
මහින්ද පිල්ලිය නැවතත් අළුගසා දමමින් නැඟිටිමින් සිටින බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි.
287
උතුරු පළාතේ ඇති බුදුපිළිම ගලවා දමමින් තිබුණද ඒවා නවතන්නට ආණ්ඩුවේ කටයුතු නොකරන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහිමියෝ අදහස් පල කලේ මෙසේය.‘ඇතැම් අන්තවාදී සංවිධානවලට ඕනෑ මේ රටේ බෞද්ධයන් විනාශ කර දමන්න. රටේ කොතනකවත් අපේ බෞද්ධයන් වෙනුවෙන් හඩක් නගනවද? නැහැ. අන් ජාතීන්ට යම් ප‍්‍රශ්නයක් මතු වුණොත් ඒ ගැන මහ ලොකුවට කතා කරනවා. කවුරුත් රටේ මේවාට හඩ නගන්නේ නැහැ. අපි ඉදිරි මැතිවරණයේදී පක්ෂයක් හැටියට දේශපාලනයට එන්නේ මේවාට එරෙහිව හඩ නගන්නයි.අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලනවා බෞද්ධයන් රැකගන්න ජාතියක් රැකගන්න කියලා. අද වෙනකොට උතුරේ බුදුපිළිම ඉවත් කරනවා. ආණ්ඩුව ඒවාට නිහඩයි. අපේ අහිංසක සිංහලයන්ට තමයි ඔවුන් පහර දෙන්නේ. හැබැයි අපි රට ජාතිය ආගම වෙනුවෙන් මේ රටේ කරන සටන ඔය යහපාලන ආණ්ඩුවට ක‍්‍රිස්තියානි අන්තවාදීන්ට මුස්ලිම්වරුන්ට නවත්තන්න බැහැ. රට ජාතිය වෙන්නුවෙන් මැරෙන්න හරි අපි සටන් කරනවා’
උතුරු පළාතේ ඇති බුදුපිළිම ගලවා දමමින් තිබුණද ඒවා නවතන්නට ආණ්ඩුවේ කටයුතු නොකරන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.
288
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු ඇමති මණ්ඩලය වගඋත්තරකරුවන් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් කෝටි 50ක වන්දියක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.ඔහු පෙත්සමෙන් කියා සිටින්නේ සතොස ආයතනයෙන් රුපියල් ලක්ෂ 52ක බඩු ලබාගෙන එම මුදල් ගෙවීම පැහැර හැරියේ යයි නීති විරෝධී ලෙස අත්අඩංගුවට තම කීර්ති නාමයට හානි කල බවයි.පොලිස්පතිවරයා මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සජිත් රත්නායක හා නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාරද මෙම පෙත්සමෙන් වගඋත්තරකරුවන් කර ඇති අතර තමන් අත්අඩංගුවට ගැනීම නිසා සිය ව්‍යාපාර කටයුතු අවුල් වූ බවත් ව්‍යාපාර ලෝකයේ අවමානයට ලක්වීමට සිදුවූ බවත් එහි දැක්වෙයි.සතොස ආයතනයේ අදාල බිල්පත ගෙලවා තිබියදී තමන් අත්අඩංගුවට ගත් බවත් ඔහු එම පෙත්සමේ සඳහන් කර ඇත.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු ඇමති මණ්ඩලය වගඋත්තරකරුවන් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් කෝටි 50ක වන්දියක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
289
බි‍්‍රතාන්‍ය ජාතික ශිෂ්‍ය සංවිධානයේ විධායක කමිටුව විසින් ඊශ‍්‍රායල භාණ්ඩ වර්ජනය කිරීම සඳහා ඉල්ලමින් සම්මත කළ යෝජනාව ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් හෙළාදැක ඇතැයි වාර්තා වේ.පලස්තීනයෙන් ඈඳාගනු ලැබූ ප‍්‍රදේශ තුළ ඊශ‍්‍රායලයේ ක‍්‍රියාකාරකම් පිළිබඳව පීඩනයක් එල්ල කිරීම සඳහා ක‍්‍රියාකරන BDS ව්‍යාපාරය වෙත සහයෝගය පළ කරමින් බි‍්‍රතාන්‍ය ජාතික ශිෂ්‍ය සංවිධානය තුළ ගෙන ආ යෝජනාවට පක්‍ෂව ඡන්ද 19ක් හිමිවිය.එයට එරෙහිව ඡන්ද 14ක් ලැබුණු අතර එක් නියෝජිතයකු ඡන්ද විමසීම සඳහා සහභාගී නොවීය.ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ ජාතික ශිෂ්‍ය සංවිධානය මෙම පියවර ගෙන ඇත්තේ ISIS සංවිධානයට එරෙහි සම්බාධක පැණවීමට අසමත්වී වසරක් වත් යන්නට පෙර බවයි.ඊශ‍්‍රායලයට එරෙහිව සම්බාධක පැණවීමටත් ISIS සංවිධානයට එරෙහිව සම්බාධක නොපැණවීමත් විසින් BDS ව්‍යාපාරය පිළිබඳ සියල්ල පැහැදිලි වන බව ඔහුගේ අදහසයි.ඊශ‍්‍රායලය හෙළා දැකීමත් හෙළා නොදැකීමත් විසින් ඔවුන් තමන්වම හෙළා දැක ඇතැයි නෙතන්යාහු පවසා තිබේ.කැනේඩියානු විදේශ අමාත්‍ය රොබට් නිකොල්සන් හමුවෙමින් අගමැතිවරයා පවසා ඇත්තේ ඊශ‍්‍රායලය යනු අධ්‍යයන නිදහස, මාධ්‍ය නිදහස, මානව හිමිකම් සහිත ආදර්ශයට ගත යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් බවයි. 2014දී ඊශ‍්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ප‍්‍රහාරයෙන් පලස්තීන ජාතිකයින් 2000ක් පමණ මරණයට පත්විය.
බි‍්‍රතාන්‍ය ජාතික ශිෂ්‍ය සංවිධානයේ විධායක කමිටුව විසින් ඊශ‍්‍රායල භාණ්ඩ වර්ජනය කිරීම සඳහා ඉල්ලමින් සම්මත කළ යෝජනාව ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් හෙළාදැක ඇතැයි වාර්තා වේ.
290
සැප්තැම්බර් 11 සිදුවීමට සම්බන්ධ බවට චෝදනා ලැබූ ගුවන් කොල්ලකරුවන් 15 දෙනා පිළිබඳ තොරතුරු අනාවරණය වීම පණුවන් පිරි බඳුනක් විවර වීමක් විය හැකි බව ආචාර්ය කෙවින් බැරට් පවසා ඇතැයි වාර්තා වේ.2001 සැප්තැම්බර් 11 දින ඇමරිකාවට එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණය සඳහා පත්කරනු ලැබූ විද්‍යාර්ථීන්ගේ මණ්ඩලයේ ආරම්භක සාමාජිකයකුද වූ බැරට් පවසා ඇත්තේ සිදුවීම පිළිබඳ වාර්තාවෙන් ඉවත් කරනු ලැබූ පිටු 28 තුළ මේ පිළිබඳ තොරතුරු අන්තර්ගත වන බවයි.මෙම පිටු 28ක කොටස කියවීම මගින් සැප්තැම්බර් 11 සිදුවීම පිළිබඳ කෙනෙකුගේ දෘෂ්ටි දැක්ම සම්පූර්ණයෙන් වෙනස් වන බව එය දැක ඇති හිටපු සෙනෙට් සභික බොබ් ග‍්‍රැහැම්ද පැවසූ බව ඔහු දක්වා තිබේ.2002දී කොංග‍්‍රස් මණ්ඩල කමිටුවක් විසින් සිදුකළ පරීක්‍ෂණ වාර්තාවේ වාරණය කළ පිටු 28 ප‍්‍රසිද්ධියට පත්කරන ලෙස පසුගියදා රිපබ්ලිකන් පාක්‍ෂික සෙනෙට් සභික ?න්ඞ් පෝල්ද පවසන ලදී.ආචාර්ය කෙවින් බැරට් පවසන්නේ මෙම කොටස තුළ ඇති තොරතුරු මගින් ගුවන්යානා කොල්ලකරුවන් සවුදි රජය විසින් අනුග‍්‍රහය දැක්වූවන් බව හෙළිවන බවයි.ඔවුන්ගේ පසුබිම පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණයක් මගින් එම පුද්ගලයන් FBI ආයතනය සඳහා ඔත්තුකරුවන් ලෙස සේවය කළ පුද්ගලයින් බවත් ඔවුන් ඇමරිකාවේ පෙන්සකෝලා නාවික ගුවන් කඳවුර තුළ පුහුණුව ලැබූවන් බවත් හෙළිවනු ඇති බව බැරට් පවසා තිබේ.
සැප්තැම්බර් 11 සිදුවීමට සම්බන්ධ බවට චෝදනා ලැබූ ගුවන් කොල්ලකරුවන් 15 දෙනා පිළිබඳ තොරතුරු අනාවරණය වීම පණුවන් පිරි බඳුනක් විවර වීමක් විය හැකි බව ආචාර්ය කෙවින් බැරට් පවසා ඇතැයි වාර්තා වේ.
291
සමාජ ජාල හා වෙබ් අඩවි හරහා සිදු කරන මඩ ප‍්‍රචාර නතර කරන ලෙසත් ඒවා සිදුකරන හොරුන් අල්ලන ලෙසත් ඉල්ලමින් එක්සත් ජාතික පක්‍ෂය මිරිහාන පොලීසියට පැමණිලි කර තිබේ.පදනමකින් තොරව විවිද පුද්ගලයන්ට එරෙහි අසත්‍ය ප‍්‍රචාර සිදු කරන බවත් විශේෂයෙන්ම තම රජයේ මැති ඇමතිවරුන්ගේ පෞද්ගලික ජීවිත සම්බන්ධ කර ගනිමින් සංවිධානාත්මක සිදුවන මඩ ප‍්‍රචාර සම්බන්ධවත් මෙහිදී අවධාරණයකර ඇත.ඒ අකාරයෙන් මඩ ප‍්‍රචාර ගෙන යන වෙඞ් අඩවි සහ ෆේස්බුක් ගිණුම් කිහිපයක් දැනටමත් හදුනාගෙන ඇති බව පැමිණිල්ලේ සදහන්ය.අන්තර්ජාලය ඔස්සේ රජය විවේචනය කිරීම කිසිදු ගැටලූවක් නොවන බවද එම පක්ෂය සදහන් කරයි.
සමාජ ජාල හා වෙබ් අඩවි හරහා සිදු කරන මඩ ප‍්‍රචාර නතර කරන ලෙසත් ඒවා සිදුකරන හොරුන් අල්ලන ලෙසත් ඉල්ලමින් එක්සත් ජාතික පක්‍ෂය මිරිහාන පොලීසියට පැමණිලි කර තිබේ.
292
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙඩි තබන බව තමන් දුටු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇසින් දුටු බව තමන් හා පැවසු බව පශු නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.ගුවන් විදුලි නාලිකාවක් හා නියෝජ්‍ය ඇමතිවරයා අදහස් පල කලේ මෙසේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙඩි තබන බව තමන් දුටු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇසින් දුටු බව තමන් හා පැවසු බව පශු නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
293
බලශක්තිය සුරැකීම සඳහා ජනතාව අතර ප‍්‍රවාහන මාධ්‍යයක් ලෙස පා පැදිය ජනප‍්‍රිය කරවීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතා පවසයි.කොළඹදී මාධ්‍ය හමුවක් අමකමින් ඔහු පවසා සිටියේ එම වැඩපිලිවෙලේ පළමු අදියර ලෙස සංවිධානය කරන ප‍්‍රදර්ශනාත්මක පාපැදි ධාවන තරගයක් ශ‍්‍රී ජයවර්ධනපුර කිඹුලාවල මංසන්ධියේ සිට කොළඹ 7 නිදහස් චතුරස‍්‍ර දක්වා අනිද්දා පෙරවරුවේ පැවැත්වෙන බවයි.ඇමති රණවක මහතා තව දුරටත් පෙන්වා දෙන්නේ පාපැදි භාවිතය ශරීර සෞඛ්‍යයට මෙන්ම ආර්ථිකයට හා පරිසරයට ද හිතකර බවයි. ජනතාව පාපැදි භාවිතයට යොමු කිරීම සඳහා නවීන පන්නයට සැකසූ පාපැදි හදුන්වාදීම මෙන්ම පා පැදි ධාවන මංතීරු ඉදිකිරීම ට ද කටයුතු කරන බවත් ඇමතිවරයා ප‍්‍රකාශ කරයි.
බලශක්තිය සුරැකීම සඳහා ජනතාව අතර ප‍්‍රවාහන මාධ්‍යයක් ලෙස පා පැදිය ජනප‍්‍රිය කරවීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතා පවසයි.
294
රාජිත සේනාරත්නට හා චම්පික රණවකට ශ‍්‍රිලනිපයේ බලය ගන්නට ඉඩ දිය නොහැකි යයි විපක්‍ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පවසා ඇත.ඔහු මෙසේ පවසා ඇත්තේ විපක්‍ෂ නායක නිල නිවසේ ඊයේ දිනයේ පැවති විශේෂ හමුවකදීය.ශ‍්‍රිලනිපයට සම්බන්ධ නීතීඥයින් පිරිසක් හා පැවති මේ හමුවේ අරමුණ වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන යන මහත්වරුන් සමඟි කරවා ශ‍්‍රීලනිපය ජයග‍්‍රහණය කරා මෙහෙයවීමයි.ශ‍්‍රීලනිප ජාතික සංවිධායක සුසිල් පේ‍්‍රමජයන්ත මහතාද ඊට සහභාගී වී ඇති අතර තමන් උත්සාහය කරන්නේ මේ දෙදෙනා සමඟි කරවීමට වුවත් එය සාර්ථක නොවන තත්ත්වයක් මතුවෙමින් තිබෙන බව සඳහන් කර ඇත.තවදුරටත් අදහස් පල කරමින් පේ‍්‍රමජයන්ත් මහතා පවසා ඇත්තේ තමනට ඇතැම්විට පක්‍ෂයේ දරණ තනතුරු අහිමී වීමේ ඉඩක්ද ඇති බවයි.සාකච්චාවට සම්බන්ධ වෙමින් විපක්‍ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කර ඇත්තේ ‘කොහොම වුණත් අපි පක්ෂය දාලා යන්නේ නෑ. චම්පිකට, රාජිතට ශ්‍රී.ල.නි.ප.යේ බලය ගන්න ඉඩදෙන්නේ නෑ’ යනුවෙනි.
රාජිත සේනාරත්නට හා චම්පික රණවකට ශ‍්‍රිලනිපයේ බලය ගන්නට ඉඩ දිය නොහැකි යයි විපක්‍ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පවසා ඇත.
295
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල තනතුරු කිහිපයක වෙනසක් අද හෙටම සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙනුවට ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා වෙනුවට එස්.බී. දිසානායක මහතාත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා වෙනුවට ‍ෙදාස්තර රාජිත සේනාරත්න මහතාත් ඉදිරි දින කිහිපය තුළ පත් කිරීමට නියමිත බව මේ දේශපාලන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව ක්‍රියා නොකිරීම හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතී වන ආකාරයෙන් කටයුතු කිරීම නිසා මෙම වෙනස් කිරීම් සිදු කිරීමට යන බව වාර්තා වේ.ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම කාරක සභාවට අලුත් සාමාජිකයන් කිහිපදෙනකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරියේදී පත් කිරීමටද නියමිතය. ශ්‍රීල.නි.ප.යේ ව්‍යවස්ථාවට අනුව පක්ෂ නායකයාට මධ්‍යම කාරක සභාවට සාමාජිකයන් 25 දෙනකු බඳවා ගැනීමට බලය තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල තනතුරු කිහිපයක වෙනසක් අද හෙටම සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
296
තුර්කි බුද්ධි අංශ විසින් සිරියානු කැරලිකරුවන්ට යැවීම සඳහා සූදානම් කළ අවි තොගයක් අනාවරණය වීම පිළිබඳව වාර්තා කළ කම්හරියේ පුවත්පත් කතෘවරයාට තුර්කි ජනාධිපති රෙසෙප් ටායිප් එර්ඩෝගන් විසින් ප‍්‍රසිද්ධියේ තර්ජනය කර ඇතැයි වාර්තා වේ.තුර්කියේ ජාතික බුද්ධි තොරතුරු සංවිධානයට එරෙහිව සිදුකළ මෙම නීතිවිරෝධී මෙහෙයුම එක් අයුරකින් ඔත්තු බැලීමේ අපරාධයක් බවත් කම්හරියේ පුවත්පතද එයට සම්බන්ධ බවත් එර්ඩෝගන් චෝදනා කර තිබේ.තුර්කි ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම වාර්තාව ලියූ පුවත්පතේ ප‍්‍රධාන සංස්කාරක කෑන් ඩන්ඩර්ට නිසි දඬුවම් ලබාදෙන බවයි.තමන් මෙම සිදුවීම ලෙහෙසියෙන් අතනොහරින බවද එර්ඩෝගන් පවසා ඇත. කම්හරියේ පුවත් වෙබ් අඩවිය තුළ පළ කළ වීඩියෝවකින් තුර්කි පොලිස් නිලධාරීන් විසින් අවි පැටවූ ට‍්‍රක් රථ කිහිපයක් පරීක්‍ෂා කරනු දැක්වෙන අතර එම ට‍්‍රක් රථ තුර්කි බුද්ධි අංශයට අයත් බව දක්නට හැකිය.පුවත්පත විසින් මෙම වීඩියෝව 2014 ජනවාරි 19 දින රූපගත කරන ලද්දක් ලෙස දක්වා ඇති අතර මෙම ට‍්‍රක් රථ තුළ සිරියානු කැරලිකරුවන්ට යැවීම සඳහා සකස් කළ අවි හා උණ්ඩ ඇති බව දක්වා තිබේ.තුර්කි ජනාධිපතිවරයා පවසන්නේ මෙම අවි සිරියාවේ සේවය කරන තුර්කි ජාතිකයින්ට යැවීම සඳහා සූදානම් කළ ඒවා බවයි.මෙවැනි වාර්තා මගින් සිදුකරන්නේ තුර්කියේ කීර්ති නාමයට කැළලක් එක්කිරීම බව ඔහුගේ අදහසයි.
තුර්කි බුද්ධි අංශ විසින් සිරියානු කැරලිකරුවන්ට යැවීම සඳහා සූදානම් කළ අවි තොගයක් අනාවරණය වීම පිළිබඳව වාර්තා කළ කම්හරියේ පුවත්පත් කතෘවරයාට තුර්කි ජනාධිපති රෙසෙප් ටායිප් එර්ඩෝගන් විසින් ප‍්‍රසිද්ධියේ තර්ජනය කර ඇතැයි වාර්තා වේ.
297
ශ‍්‍රී ලංකාවේ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්‍ෂා කරමින් සාමය හා සංහිඳියාව ගොඩනැඟීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකි මුන් ප්‍රසාදය පළ කරයි.මහ ලේකම්වරයා මෙසේ ප‍්‍රසාදය පල කර ඇත්තේ ඊයේ පස්වරුයේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන වෙත දුරකතන ඇමතුමක් දෙමිනි.ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් සියලු ජනයා අතර සංහිඳියාව ගොඩනැගීමට කර ඇති කැපවීම ගැනද ඔහු විසින් ප‍්‍රසංශා කර ඇත.
ශ‍්‍රී ලංකාවේ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්‍ෂා කරමින් සාමය හා සංහිඳියාව ගොඩනැඟීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකි මුන් ප්‍රසාදය පළ කරයි.
298
තමන් බෝධි පුජාවලට එද්දීත් මෙතරම් සෙනඟ එන්නේ නම් දේශපාලන වේදිකාවට නැග්ගොත් කොතරම් සෙනඟ ඒවිදැයි හිටපු ජනාධිපති මහින්ද ආරඵක්‍ෂ මහතා අසා සිටියේය.ඔහු මෙසේ අසා සිටියේ ගාල්ල හිනිදුම පනංගල ප්‍රදේශයේ පැවැති බෝධි පූජාවක් අවසානයේ මාධ්‍ය අමතමිනි.
තමන් බෝධි පුජාවලට එද්දීත් මෙතරම් සෙනඟ එන්නේ නම් දේශපාලන වේදිකාවට නැග්ගොත් කොතරම් සෙනඟ ඒවිදැයි හිටපු ජනාධිපති මහින්ද ආරඵක්‍ෂ මහතා අසා සිටියේය.
299
මහින්ද රාජපක්‍ෂ සහ සෝමවංශ අමරසිංහ යනු ශ‍්‍රී ලංකා ඉතිහාසය වෙනස් කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් දේශපාලන නායකයින් දෙපළක් බවට විවාදයක් නැත. මෑත කාලීනව ශ‍්‍රී ලංකා ඉතිහාසය තුළ දීර්ඝ කාලීනව සමාජ දේහය මත ඇති කරන ලද බලපෑමට සාපේක්‍ෂව, එම දෙපළ දෙවැනි වන්නේ රෝහණ විජේවීරයන්ට පමණි. අද එම දෙපළම වේදිකාවන් දෙකක සිට නැවත වටයකින් ඉතිහාසයේ විනිශ්චයට මුහුණ දෙමින් ඇත. එදා 2009 දී මහින්ද රාජපක්‍ෂ නමැති සේනාධිනායකයා ගෝඨාභය රාජපක්‍ෂලා සහ සරත් ෆොන්සේකලා වැනි සුවිශේෂී හමුදා නායකයින්ගේ දායකත්වයෙන් නන්දිකඩාල් කළපුව අසල දී අවසන් කරන්නේ රෝහණ විජේවීරයන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සමග එක්ව 1987 දී පිටකොටුවෙන් ආරම්භ කළ බෙදුම්වාදී විරෝධී යුද්ධය බව අප මීට පෙර පෙන්වාදී ඇත. විජේවීරයන්ගේ උපාය මාර්ගික පදනම මත නිවැරදිව සිටගනිමින් යුද්ධය අවසන් කිරීම සදහා අවශ්‍ය ජනවරම 2005 දී නිර්මාණය කිරීම සදහා තීරණාත්මක උපාය මාර්ගික දායකත්වය සැපවූයේ සෝමවංශ අමරසිංහයන් විසිනි. ඒ අනුව එදා මහින්ද රාජපක්‍ෂට සහ සෝමවංශ අමරසිංහයන්ට එක්ව වැඩ කිරීමට බලකරන්නේ විජේවීරයන් විසින් බව පිළිගැනීමට සිදුවේ.80 දශකයේ දී වාමාංශික පක්‍ෂ විසින් බෙදුම්වාදී යුද්ධය විමුක්ති අරගලයක් ලෙස නිර්වචනය කරද්දී රෝහණ විජේවීරයන් විසින් කොටි සංවිධානය හඳුන්වනු ලැබුයේ අධිරාජ්‍යවාදී කුලී හමුදාවක් ලෙසය. ඔහු එදා එවැනි බරපතල චෝදනාවක් එල්ල කරන්නේ බෙදුම්වාදී යුද්ධයේ උපාය මාර්ගිකප‍්‍රවේශය පිළිබදව ගැඹුරු අවබෝධයක් ඔහුට තිබුණ නිසාය. ඔහු 1985 දී තම පක්‍ෂයට එම අවබෝධය ලබාදීම සදහා ‘දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?’ යනුවෙන් ශාස්ත‍්‍රීය නිබන්ධනයක් ඉදිරිපත් කළේය. අද වනතුරු සෝමවංශ අමරසිංහයන් හෝ ජනතා විමුක්ති පෙරමුණ විජේවීරයන්ගේ විග‍්‍රහයන් ප‍්‍රතික්‍ෂ්පකොට නැත.රෝහණ විජේවීරයන් තමාගේ ඒ උපාය මාර්ගික දැක්ම මත පිහිටා තෝරන ලද දේශපාලන ක‍්‍රියාමාර්ග තුළ තමා ඇතුළු තම පක්‍ෂයේ සාමාජිකයින් දස දහස් ගණනකගේ ජීවිත පරිත්‍යාග කළේය. ‘අධිරාජ්‍ය විරෝධී අරගලය තුළින් සමාජවාදයට’ යනුවෙන් ඔහු විසින් ඉදිරිපත් කළ මහා උපාය මාර්ගය තුළ ඒ සියලූ පරිත්‍යාග සාධාරණීකරණය කෙරිණි. එහිදී අධිරාජ්‍යවාදීන්ගේ තීරණාත්මක සටන් බිම හෙවත් දේශපාලන අධිරාජ්‍යවාදයේ මහා සටන් බිම බෙදුම්වාදය බව අවිවාදයෙන් පිළිගැනුණි. ඒ අනුව එදා 2005-2006 කාලයේදී මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව අධිරාජ්‍ය විරෝධී අරගලයේ සටන් සගයා බවට පත්කර ගැනීමට සෝමවංශයන් ගත් උත්සාහය ජ.වි.පෙ මහා උපාය මාර්ගයට අනුකූලවේ. නමුත් ඒ සටන අතරමගදී අද සෝමවංශයන් කියන ආයුබෝවන් කීමට නොදන්නා සහ පන්සිල් රකින එහෙත් ප‍්‍රසිද්ධියේ පන්සිල් ගැනීමට බිය පිරිස් විසින් පීලි පන්න වන ලද බව සෝමවංශයන් පිළිගනියි. 2006 දී පක්‍ෂය භාග තීන්දුවක් ගත්තා යයි සරල වචනයෙන් ඔහු කීමට උත්සාහ කරන්නේ එදා සිදු කළ උපාය මාර්ගික වරද පිළිබදවය.නමුත් එම වරද නිවැරැුදි කිරීම සදහා ඔහු ප‍්‍රබල මැදිහත්වීමක් කරන්නේ නැත. ෙඓතිහාසිකව යම් දේශපාලන පක්‍ෂයක් උපාය මාර්ගිකව පීලි පනින්නේ නම් ඒ පක්‍ෂය ඒ වෙනස මත දෙකඩ වීම න්‍යායාත්මකව තර්කානුකූලව පිළිගත හැකි තත්වයකි. උපාය මාර්ගික වරදක් බහුතරය කැමතිවූ පමණින් කිසිසේත්ම නිවැරැදි වන්නේ නැත. උපක‍්‍රමික වරදකදී බහුතර කැමැත්ත මත තේරීම් සිදු කිරීම යම් පමණකට පිළිගත හැකි තත්වයකි. එහෙත් ඒ උපාය මාර්ගික වරද එනම් මහින්ද රාජපක්‍ෂයන් සමග කැදවාගත් අධිරාජ්‍යවිරෝධී සටන අතරමගදී අත්හැරීම නිවැරැදි කිරීම සදහා සෝමවංශ අමරසිංහයන් බරපතල මැදිහත්වීමක් සිදු කළේ නැත. එදා ඔහුට පක්‍ෂය තුළ තිබූ කේවල් කිරීමේ බලය මත තද ස්ථාවරයක සිට තීන්දු තීරණ නැවත සලකා බැලිය යුතු බවට දැඩි බලපෑමක් සිදු කළ හැකිව තිබුණි. එදා නිසි අවස්ථාවේදී එම බලපෑම කළා නම් ඔහුට අද තමා ආදරය කළ පක්ෂයෙන් එළියට බැසීමට සිදුවන්නේ නැත. එදා එම නිවැරැදි කිරීම සදහා අවශ්‍ය වූයේ වරද නිවැරැදි නොවන්නේ නම් පක්‍ෂයෙන් ඉවත්ව යන බවට ‘තර්ජනය’ කිරිම පමණි.උපාය මාර්ගික තීන්දුවක ප‍්‍රතිඵලදායකත්වය සෑම විටම කාලයට සාපේක්‍ෂවේ. එදා වසර 9කට පෙර කළ යුතුව තිබූ දේ අද කිරීමෙන් අපේක්‍ෂිත ප‍්‍රතිථල ලබාගත නොහැකි බව වෙනකාටත් වඩා හොදින් සෝමවංශ අමරසිංහයන් දන්නා බවට සැකයක් නැත. එම වරදට පක්‍ෂය විශාල වන්දියක් ගෙවා ඇති බව ඔහු වක‍්‍රව පිළිගනියි. නමුත් ඔහු ස්වයං විවේචනාත්මකව තම වරද විග‍්‍රහකොට පිළිගැනීමට නිහතමානී නැත. පක්‍ෂය ආයුබෝවන් කීමට දන්නේ නැතැයි ඔහු දාර්ශනිකව පැහැදිළි කිරීමට උත්සාහ කරන්නේ විජේවීරයන් පක්‍ෂය තුළ ගොඩනැගූ ජාතිකවාදී දේශපේ‍්‍රමී සංස්කෘතියෙන් බැහැරවීම බව පිළිගත හැක. ඔහු සෘජුව නොකියන්නේ ඒ සංස්කෘතික බැහැරවීම පක්‍ෂය තුළට රිංගූ ඔත්තුකරුවන් විසින් අති දක්‍ෂ ලෙස භාවිතා කොට පක්‍ෂය උපාය මාර්ගිකව පීලි පැන්නවූ බවය. පක්‍ෂය තුළ යම් පිරිස් මුදල්වලට වැඩ කළ බවටද ඔහු චෝදනා කරයි. එහෙත් සත්‍යය අමුවට පිලිගැනීමට ඔහුට ආත්ම ශක්තියක් නැත. එය ඔහුගේ දුර්වලකමට වඩා ඔහු පක්‍ෂය තුළ පවත්වාගෙන ගිය සදාචාරාත්මක දිවිපැවැත්ම තුළින් පැන නගින තත්වයක් ලෙස නිර්වචනය කිරීම වඩා සාධාරණ වේ.එදා 2006 දී රෝහණ විජේවීරයන්ගේ උපාය මාර්ගික තේරීම සහ පොදු මහජන මතයට පිටුපාමින් බෙදුම්වාදී විරෝධී යුද මෙහෙයුමට ජ.වි.පෙ විසින් තම පස්ස හරවන විට සෝමවංශයන් ඊනියා බහුතර මතයට යට විය. නමුත් ඊට එරෙහිව අරගලකොට පක්‍ෂයෙන් එළියට බැසීමට විමල් වීරවංශ වැන්නවුන් කටයුතු කළේය. ඇත්ත වශයෙන්ම සිදු වූයේ එදා පක්‍ෂය බරපතල උපාය මාර්ගික වරදක් සිදු කරන තත්වයට තල්ලූ කළ පිරිස් විසින්ම ඒ මත පැන නැගුණු අභ්‍යන්තර ගැටුම් යොදා ගනිමින් තෝරාගත් පුද්ගලයන් පිරිසක් පක්‍ෂයෙන් නෙරපා හැරීමය. එසේ කළේ පක්‍ෂය තුළ ජාතිකවාදී බලවේග ශක්තිමත් වී නැවත පක්‍ෂය පීල්ල මතට ගනු ඇතැයි යන ඔවුන් දකින ‘අනතුර’ අවම කරගැනීම සදහායි. එම වැරදි නිවැරැදි කරනවා වෙනුවට සෝමවංශයන් ඒ කුමන්ත‍්‍රණවලටම ගොදුරුවීම බරපතලම ඛේදවාචකයක් ලෙස හදුනාගත හැක.එදා අනුර දිසානායක විසින් මුවහත් තබා අතට දෙන කඩුවෙන් විමල් වීරවංශයන්ගේ බෙල්ල කපන්නේ සෝමවංශයන් විසින්මය. ඒ සැලසුමේ කූඨප‍්‍රාප්තිය අනුර දිසානායක පක්‍ෂයේ නායකයා බවට පත්වීමය. එතැන් පටන් නව නායකයා විසින් ජ.වි.පෙ එක්සත් ජාතික පක්‍ෂයේ වලිගයක් හෙවත් උපාංගයක් බවට පත්කොට රනිල් වික‍්‍රමසිංහ මහතා බලයට ගෙන ඒමේ න්‍යාය පත‍්‍රයක් ක‍්‍රියාත්මක කළ බව සෝමවංශ අමරසිංහයන්ට රහසක් විය නොහැක. කෙසේ නමුත් ඔහු දැන් ප‍්‍රායෝගිකව ක‍්‍රියාවෙන් ඊට ප‍්‍රතිචාර දක්වා ඇත. ඔහු එම ප‍්‍රතිචාරය ඒ ආකාරයෙන් නොදක්වා වසර 9ක් තිස්සේ අභ්‍යන්තරිකව ප‍්‍රතිචාර දැක්වූ ආකාරයට අසරණව සිටියා නම් අනුර දිසානායකගේ ගමන කෙළවර වන්නේ ඉල්මහ සමරුවට ප‍්‍රධාන අමුත්තා ලෙස රනිල් වික‍්‍රමසිංහට ආරාධනා කිරීමෙන් විය හැක. ඊට පෙර සමහරවිට හසලක විරුවාගේ පමණක් නොව කොබ්බෑකඩුව සෙනවියාගේද ස්මාරක ඉවත් කිරීමේ උත්සවවලට ද ඔවුන් සහභාගීවනු ඇත.දැන් අනුර දිසානායක විසින් පක්‍ෂය රැගෙන යන ‘අධිරාජ්‍ය ගැති’ ගමනට අභියෝග කරමින් සෝමවංශ අමරසිංහයන් ස්වේච්ඡවෙන් එළියට බැස ඇත. එසේම සෝමවංශ අමරසිංහයන්ගේ අපේක්‍ෂාවන් වලින් භාගයක් පමණක් ඉටු කළ මහින්ද රාජපක්‍ෂයන්ද අධිරාජ්‍යවාදී බලවේගවල මෙහෙයුමක් තුළ මහජනයා විසින් සිහසුනෙන් බස්සවා ඇත. දෙදෙනාම දැන් තම අතීත වගකීම් ඉටු කළ ප‍්‍රමාණය සහ ගුණය මත ඉතිහාසයේ විනිශ්චය අභිමුවට පැමිණ ඇත. ඊට සාපේක්‍ෂව රට ඉදිරියේ පවතින අභියෝගද පශ්චාත් 2002 අවධියට සමාන ආකාරයට පෙළ ගැසී ඇත. ඒ අනුව ඒ දෙපළම අද ඉතිහාසයේ පරීක්‍ෂාවට මුහුණ දෙන්නේ පූර්ව 2005 අවධියේ පය තබාගෙන බව පැහැදිලිව තේරුම් ගත හැක. අනාගත අභියෝග ඉදිරියේ මහින්ද රාජපක්‍ෂයන් තම අතීතය දෙස ස්වයං විවේචනාත්මකව බැලීමට තරම් නිහතමානී වී ඇතත් සෝමවංශ අමරසිංහයන් තවමත් ඒ ගුණය වර්ධනය කර ගැනීමට සමත් වී නැත. වැරදි නිවරැුදි කර ගනිමින් තමාටත් රටටත් සාධාරණය ඉටුකිරීමට ඔවුන් දෙපළට ඉතිහාසය නැවත අවස්ථාවක් ලබා දෙන්නේ ඒ ගූණය දිනෙන් දින වර්ධනය කරගතහොත් පමණි.ඔවුන් දෙපළ වෙත ඉතිහාසය විසින් ඉදිරිපත් කරන ඇගයීම් සහ චෝදනාවල සමානකම් මෙන්ම වෙනස්කම්ද ඇත. නමුත් වසර 30ක යුද්ධය අවසන් කිරීමේ සේනාධිනායකයා වීමේ ගෞරවය නිසා මහින්ද රාජපක්‍ෂයන් ඇගයීම් ලයිස්තුවේ ඉහළින්ම සිටී. සෝමවංශ අමරසිංහයන් රෝහණ විජේවීර සමයේදී 1988 සිටම නිශ්චිත තීන්දු ගත යුතු තීරණාත්මක අවස්ථාවල නිහඬව සිටීම හෝ තීන්දු නොගෙන සිටීම හෝ උපාය මාර්ගයට පිටුපා ඊනියා බහුතරයේ පැත්ත ගැනීම නිසා ඉතිහාසයේ සාක්‍ෂිකාරයකු මෙන්ම වැරදිකාරයෙකු බවටද පත් වී සිටියි. සමාව ඉල්ලා සිටීම සදහා ඔහු සතුව නිදහසට කාරණා දෙකක් ඇත. පළමුවැන්න එදා 2005 ෙඓතිහාසික ජනවරම නිර්මාණය කිරීම සදහා ඔහු ඉටු කළ තීරණාත්මක භූමිකාවයි. දෙවැන්න අනුර දිසානායක විසින් පක්‍ෂය තීරණාත්මකව අවසන් කරීම සදහා එය රැගෙන යන ගමනට අභියෝගකොට එළියට බැසීමය. පහළ මට්ටමේ සාමාජිකයන් අතර තම සදාචාර බලය රැකගැනීම සදහා ඉතා අසරණ ලෙස සහ පැටළිලි සහගත ලෙස විවිධ විග‍්‍රහ ඉදිරිපත් කළ ඔහු අනුර දිසානායක පක්‍ෂය රැගෙන යන ගමනට අභියෝග කරන බව පැහැදිලි සත්‍යයකි. සෝමවංශයන්ට අවලාද නැගීමෙන් ඒ න්‍යාය යටපත් කළ නොහැක.මහින්ද රාජපක්‍ෂයන් ලෝකයේ බලවත්ම කුලී හමුදාවක් පරාජය කිරීම පිළිබදව ඉතිහාසයේ අධිකරණය අභිමුව බලවත් ගෞරවය ලක් වූවත් ඉන් පසුව එම ජයග‍්‍රහණවලට පයින් ගැසීම පිළිබදව උදහසට ලක්වී ඇත. ප‍්‍රබල සටන් බිමක් අධිරාජ්‍යවාදීන්ට අහිමි කිරීමෙන් පසුව අධිරාජ්‍යවිරෝධී අරගලයේ ඉතිරි කොටස වන බෙදුම්වාදය දේශපාලන වශයෙන් පරාජය කිරීම සහ ආර්ථික සහ සංස්කෘතික තලයේ අධිරාජ්‍යවාදී න්‍යායපත‍්‍ර වලට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කිරීමට ක‍්‍රියා නොකිරීමේ වරදට මහින්ද රාජපක්‍ෂයන් වරදකරු වී ඇත. එහෙත් මහින්ද රාජපක්‍ෂයන් අතින් එම වරද සිදු වීමට ප‍්‍රධාන වශයෙන් බලපෑවේ සෝමවංශයන් විසින් භාග තීරණයක් ගැනීම හෙවත් සටන අතරමැද නවතා පැනයාම නිසා බවටද ඉතිහාසයේ අධිකරණය ඉදිරියේ සාක්‍ෂි ඕනෑ තරම් ඉදිරිපත් වී ඇත. කෙසේ වෙතත් ඉතිහාසයේ අධිකරණය මේ දෙපළ පිළිබදව අවසන් තීන්දුව දීම සදහා මහජන ජූරිය කැදවන බවට කිසිදු සැකයක් නැත. එම දිනය වැඩි ඈතක නොවේ. බෙහෝවිට එය අගෝස්තු – සැප්තැම්බර් කාලයේදී උදාවිය හැක.මහජන ජූරිය පැත්තෙන් ගත් විට ඔවුන් අද මුහුණ දෙමින් සිටින්නේ ඉහත සදහන් කළ ආකාරයට එම දෙපළ එක්ව රට වෙනුවෙන් තීරණාත්මක තීන්දු ගන්නා ලද යුගයේ පැවති තත්වයන්ටමය. එනම් 2002 දී රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පාවා දීමේ සටන් විරාම ගිවිසුම අත්සන් කළ යුගයේදී පැවති තත්වයන්ටය.එම නිසා එම දෙපළටම මහජන ජූරියේ අනුකම්පාව ලබාගත හැක්කේ 2005 සිට නැවත පටන් ගන්නා බවට ස්ථීරසාර ප‍්‍රතිඥාවක් ලබාදීම තුළින් පමණි. දැන් ඉතිහාසය මුහුණ දී තිබෙන්නේ තම ගමන අවසන්වීමේ අභියෝගයටය. රනිල් වික‍්‍රමසිංහ මහතාට 2002 සිට නැවත පටන් ගැනීමට අවස්ථාව ලැබුණහොත් ඒ ඉතිහාසයේ අවසානය බවට සැකයක් නැත. එයට හේතුව ඔහු මෙවර 2002 ගමන නැවත ආරම්භ කළ පසුව ඔහු කැමති වූවත් අකමැති වූවත් ඒ ගමන ආපසු හැරවීමට අධිරාජ්‍යවාදීන් ඉඩ නොදීමයි. දැන් අප දකින්නේ ඉතිහාසයේ අධිකරණය එක් ඇසකින් මහජන ජූරිය දෙසත් අනෙක් ඇසින් මහින්ද රාජපක්‍ෂ සහ සෝමවංශ අමරසිංහ දෙපළ දෙස බලා සිටින තත්වයකි. කවුරු කාට සාධාරණය ඉටුකරනු ඇත්ද?වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාරමහ ලේකම්,දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය
මහින්ද රාජපක්‍ෂ සහ සෝමවංශ අමරසිංහ යනු ශ‍්‍රී ලංකා ඉතිහාසය වෙනස් කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් දේශපාලන නායකයින් දෙපළක් බවට විවාදයක් නැත.
300
පාසල්, රෝහල්, රජයේ ආයතන සහ පොදු ප‍්‍රවාහන සේවාවන්හිදී ඉස්ලාමික මුහුණු ආවරණ පැළඳීම තහනම් කරන නීතියක් ගෙන ඒමට නෙදර්ලන්ත කැබිනට් මණ්ඩලයේ එකගතාවය පළවී ඇතැයි වාර්තා වේ.නෙදර්ලන්ත අගමැති මාක් රූට් පවසා ඇත්තේ මෙමගින් වීදිවල බුර්කාව හෝ නිකාබය පැළඳීමට බාධාවක් නොවන බවයි.නීතියෙන් පියවර ගනු ලැබුවේ මුහුණු දැකීම අවශ්‍ය වන හෝ ආරක්‍ෂක හේතූන් මත එය සිදුකළ යුතු නිශ්චිත ස්ථානවලදී මුහුණු ආවරණ පැළඳීම වැළැක්වීමට බව ඔහු අවධාරණය කර තිබේ.තමන් කැමති ඇඳුම් ඇඳීමට පුද්ගලයින් සතු අයිතිය හා අන්‍යොන්‍ය සහ හඳුනාගත හැකි සන්නිවේදනයේ ඇති වැදගත්කම අතර සමතුලිතතාවයක් සොයාගැනීමට රජය උත්සහ දැරූ බවත් මෙය කිසිලෙසකින්වත් ආගමික පසුබිමකින් ගත් තීරණයක් නොවන බවත් අගමැතිවරයා පවසා තිබේ.මෙම යෝජනාව නීති විශාරදයින් වෙත යොමු කර ඇති අතර එය නීතියක් බවට පත්වීමට නම් නෙදර්ලන්තයේ පහළ හා ඉහළ මන්තී‍්‍ර මණ්ඩල ද්විත්වය විසින්ම සම්මත කළ යුතුව පවතී.මේ සමග නෙදර්ලන්තය තුළ නිකාබ් හා බුර්කා පැළඳීම තහනම් කරමින් පණවා තිබූ නීතියක් අහෝසි වනු ඇතැයි පැවසේ.එය මින් පෙර පැවති රජයේදී ඉස්ලාමික විරෝධී දේශපාලනඥයකු වන ගියර්ට් විල්ඩර්ස් විසින් යෝජනා කරන ලද්දකි.නෙදර්ලන්තයේ කාන්තාවන් 100-500 අතර ප‍්‍රමාණයක් ඉස්ලාමික මුහුණු ආවරණ පළඳින බව වාර්තා වේ.
පාසල්, රෝහල්, රජයේ ආයතන සහ පොදු ප‍්‍රවාහන සේවාවන්හිදී ඉස්ලාමික මුහුණු ආවරණ පැළඳීම තහනම් කරන නීතියක් ගෙන ඒමට නෙදර්ලන්ත කැබිනට් මණ්ඩලයේ එකගතාවය පළවී ඇතැයි වාර්තා වේ.
301
තම බිරිඳගෙන් අද දින මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ප‍්‍රශ්නකර සිටියේ තමන් ඇමතිවරයකු වීමට පෙර මිලදී ගත් ඉඩමක් පිළිබඳව බවත් කුමක් හෝ වරදක් පටලවා තමන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා උත්සාහ කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.අද දින විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය කොල්ලූපිටියේ කාල්විල් පෙදෙසේ පිහිටි මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබිණි. උදෑසන 9.30ට ප‍්‍රශ්න කිරීම් ඇරඹුණු අතර එය අවසන් වූයේ සවස 3.30ට පමණය. ප‍්‍රශ්න කිරීම් අවසන් කිරීමෙන් පසු මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් ශෂී වීරවංශ මහත්මිය සමග පිටව යන මොහොතේ එහි රැස්ව සිටි මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.‘මම ඇමතිවරයකු ලෙස මුදල් උපයලා දේපළ එක් රැස් කරලා තියෙනවාද, ඉඩම් මිලදී ගෙන තියෙනවාද කියලා බලන්න මගේ බිරිඳට අද මේ මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස දන්වා තිබුණා. අදාළ ඉඩම් මම ඇමතිවරයකු වීමට පෙර අරගත්තු ඒවා. මම ඇමතිවරයකු වීමට පෙර ගත්තු එකක් පදනම් කරගෙන අහනවා, ‘ඇමතිවරයකු වෙලා අයථා ධනය උපයලාද මේවා මිලදී ගත්තේ?’ කියලා. මේක තමයි ඇත්ත කතාව.අද ඕනේ මොකක් හරි පටලවලා කොහොමද අපි කොටු කරන්නේ කියලා බලන්න. ඒක තමයි වික‍්‍රමසිංහ මහත්තයාගේ ආශාව. ඒ ආශාව සන්තර්පණයකර දෙන්න බොහෝ දෙනා උත්සාහ කරනවා. අපි ඒවාට නොබියව මුහුණ දෙනවා. මේ පැමිණිල්ල ගොනුකර ඇත්තේ, ‘දුෂණ මර්දන කමිටුව’ කියලා අගමැතිතුමා පත් කරලා තිබෙන කමිටුවකින්. ඒ කමිටුවේ අනුර දිසානායක මහත්තයාගේ නියෝජිතයකුත් ඉන්නවා’
තම බිරිඳගෙන් අද දින මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ප‍්‍රශ්නකර සිටියේ තමන් ඇමතිවරයකු වීමට පෙර මිලදී ගත් ඉඩමක් පිළිබඳව බවත් කුමක් හෝ වරදක් පටලවා තමන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා උත්සාහ කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.
302
මේ වන විට OPPO විසින් ජංගම දුරකථන මාදිලි ගණනාවක්ම නිකුත් කර තිබෙනවා. එම OPPO ජංගම දුරකථන බෙහෙවින් ජනප්‍රිය වීමට හේතුව උසස් නිමාවත් “සාපේක්ෂව” අඩු මිලත් ය. මීට අමතරව වැඩි බැටරි ආයු කාලය, විශාල තිරය සහ ඉක්මනින් ආරෝපණය කළ හැකි වීම වගේ අමතර වාසිත් OPPO ජංගම දුරකථන හරහා ලබාගන්න පුළුවනි. ඒ වගේම මෑතක් වන තෙක්ම ලොව සිහින්ම ජංගම දුරකථනය බවට පත්වූයේත් OPPO ජංගම දුරකථනයක් වන OPPO R5 දුරකථනයයි.OPPO ගැන නොදන්නවා වුනත් ඔයාලා හැමෝම දන්නවා ඇති OnePlus ගැන. ඒකත් දන්නේ නැත්නම් OnePlus One ෆෝන් එකගැන අපි පළකරපු ලිපිය කියවන්න. ඉතින් OnePlus කියන්නේ OPPO සමාගමේ අනුසමාගමක්. ඒ වගේම OPPO ජංගම දුරකතනත් බොහෝමයක් OnePlus One වගේ හොඳ තත්වයේ ඒවා. හැබැයි OPPO සමාගම වැඩකරන්නේ OnePlus වගේ නෙවෙයි. චීන සහ ආසියානු කලාපයේ ජංගම දුරකථන වෙළඳපල තුල තිබෙන iPhone සමඟ තරඟයටයි OPPO සිය කටයුතු මෙහෙයවන්නේ.OPPO R7 කියන්නේ OPPO සමාගමේ අලුත්ම ජංගම දුරකථනය යි. iPhone 6 ජංගම දුරකථනය සමඟ තරඟයට නිකුත් කළ මේ Android දුරකථනයේත් තරමක් විශාල OPPO R7 Plus නමින් සංස්කරණයක්ද වනවා. මීට අමතරව තවත් සාමාන්‍ය මිලෙන් අඩු ජංගම දුරකථන කිහිපයකුත් OPPO නිෂ්පාදන අතර වනවා. කෙසේ නමුත් OPPO නියෝජිතයින් පවසන පරිදි ඔවුන් ලංකාව තුල වැඩි වශයෙන් ප්‍රචලිත කිරීමට බලාපොරොත්තු වන්නේ OPPO N3, OPPO Joy Plus සහ OPPO Neo 5 කියන ජංගම දුරකථනයි.ඉතින් OPPO ජංගම දුරකථන ගැන තවත් තොරතුරු සහ Review අපි නුදුරේදීම පළකරන්නට බලාපොරොත්තු වනවා. ඒ වගේම ලංකාවට තවමත් අලුත් OPPO සමාගමේ සේවය කරන්න ඔයාල කැමතිනම් මෙතැනින් ඒ තොරතුරු ලබාගන්න පුළුවන්. ඔබේ CV මේ විද්‍යුත් ලිපිනයට එවන්න. careers@oppo.com.lk
මේ වන විට OPPO විසින් ජංගම දුරකථන මාදිලි ගණනාවක්ම නිකුත් කර තිබෙනවා.
304
ආකර්ෂණීය Honor G ප්ලේ, 4X සහ 6 ප්ලස් ස්මාර්ට්ෆෝන් තුන් වර්ගය හඳුන්වාදෙමින් Huawei ශ‍්‍රී ලාංකීය ස්මාර්ට්ෆෝන් වෙළෙදපොළ තවත් පුළුල් කරයි.ශ‍්‍රී ලාංකීය ස්මාර්ට්ෆෝන් වෙළෙදපොළේ දෙවෙනි ස්ථානය හිමි කර ගත් Huawei මෙරට අංක එකේ සන්නම් නාමය සහ ස්මාර්ට්ෆෝන් අලෙවිකරු සහ Huawei හී එකම ජාතික බෙදාහැරීම් නියෝජිත සිංගර් ශ‍්‍රී ලංකා සමාගම සමඟ එක්ව වෝටර්ස් එජ් හෝටලයේ දී උත්කර්ෂවත් අන්දමින් Huawei Honer නවතම ස්මාර්ට්ෆෝන් වර්ග තුනක් මෙරට වෙළෙදපොළට හඳුන්වාදෙන ලදි.මෙම උළෙලේ දී ඉහළ පෙළේ ස්මාර්ට්ෆෝනයක් හා සම මට්ටමේ පවත්නා මධ්‍ය පරාසයේ ස්මාර්ට්ෆෝන් වර්ග තුනක් වන Huawei Honer G ප්ලේ, Huawei 4X සහ Honer 6 ප්ලස් මෙරට වෙළෙදපොළට හදුන්වාදෙන ලදි. පසුගිය වසරේ මැයි මාසයේ දී ශ‍්‍රී ලංකා වෙළෙදපොළට Honer 3C සහ Honer හොලි ස්මාර්ට්ෆෝන් සාර්ථකව හඳුන්වාදීම සමඟ මෙම මධ්‍ය පරාසයේ Honer ස්මාර්ට්ෆෝන් හඳුන්වාදීම සිදු කරන ලදි.Huawei ශ‍්‍රී ලංකා ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඩැනියෙල් සූන් මහතා,Huawei ස්මාර්ට්ෆෝන් ශ‍්‍රී ලංකා ප‍්‍රධානී හෙන්රි ලියු මහතා සහ සිංගර් ශ‍්‍රී ලංකා සමාගමේ සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී අසෝක පීරිස් මහතා සහ සිංගර් ශ‍්‍රී ලංකා සමාගමේ අලෙවිකරණ සහ වාණිජ අධ්‍යක්ෂක මහේෂ් විජේවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් යුතුව මෙම නිෂ්පාදන නිල වශයෙන් දියත් කරන ලදි.Huawei ස්මාර්ට්ෆෝන් ශ‍්‍රී ලංකා ප‍්‍රධානී හෙන්රි ලියු මහතා මෙසේ පවසන ලදි. ‘‘නව්‍යතා හඳුන්වාදෙන්නෙකු ලෙස අපගේ ගනුදෙනුකරුවන්ගේ සිහින හඳුනාගැනීම සහ ඔවුන් ආශා කරන නව්‍ය තාක්ෂණ හඳුන්වාදීම අපගේ අරමුණ වේ. Honer සන්නම් නාමය “For The Brave” නමින් මෙම වසර හඳුන්වයි. Huawei Honer G ප්ලේ, Huawei 4X සහ Honer 6 ප්ලස් නමින් නවතම බලසම්පන්න නිෂ්පාදන තුනක් හඳුන්වාදෙමින් Honer සන්නම් නාමය ව්‍යාප්ත කිරීම හරහා අපි ඔබට අවශ්‍ය ප‍්‍රතිරූපය ගොඩනඟා ගැනීමට සහාය වන්නෙමු.’’සියළුම Honer ස්මාර්ට්ෆෝන් මූලික ගුණාංගයන් තුනකින් සමන්විතයි. එනම් ස්මාර්ට් ඉමේජ් තාක්ෂණය, දිගු බැටරි ජීවකාලය සහ මනා ආකර්ෂණීය නිමාව වේ. Honer ස්මාර්ට්ෆෝන් ස්මාර්ට් ඉමේජ් තාක්ෂණයෙන් සමන්විත වන අතර මෙය ජංගම දුරකථනයේ කැමරාවේ ක‍්‍රියාකාරිත්වය වැඩිදියුණු කරන අතර ඉතාමත් අලංකාර ඡායාරූප ලබා ගැනීමේ හැකියාව පිරිනමයි. මෙම ජංගම දුරකථනයන්හී ස්මාර්ට් පවර් තාක්ෂණය පවතින බැවින් බැටරි ජීව කාලය 30% කින් වර්ධනය කරයි.සිංගර් ශ‍්‍රී ලංකා සමාගමේ සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී අසෝක පීරිස් මහතා මෙම උළෙලේ දී අදහස් දක්වමින් මෙසේ පවසන ලදි. ‘‘ශ‍්‍රී ලාංකිකයන්ගේ විශ්වාසනීය වෙළෙදනාමය වන සිංගර් ඉහළ ගුණත්යෙන් සහ මනා නිර්මාණයකින් යුත් බලසම්පන්න ක‍්‍රියාකාරිත්වයක් සහ ගුණාංගයන්ගෙන් හෙබි භාවිතකරුවන්ට සැබෑම සරල අත්දැකීමක් පිරිනමන මෙම Huawei ස්මාර්ට්ෆෝන් පෙළ ඉතාමත් සතුටින් යුතුව වෙළෙදපොළට හඳුන්වාදෙයි”.මෙම Honer නිෂ්පාදන තුන බලශක්ති පිරිමැසුම, ඉහළ ක‍්‍රියාකාරිත්වයෙන් යුත් Huawei Kirin ප්‍රොසෙසර් සහ මනා නිමාව යනාදියෙන් සමන්විත යි. Huawei Honer 6 ප්ල්ස් 4G ස්මාර්ට්ෆෝනය අගල් 5.50 1080×1920 ඩිස්ප්ලේ, Kirin 925 octa-core ප්‍රොසෙසරයෙන් බලගැන්වූ 3.0 EMUI සහ 3GB Ram සමඟ ලොව ප‍්‍රථම සමාන ද්විත්ව කැමරාවක් අඩංගු වේ. Huawei Honer 4X යනු 4G ස්මාර්ට්ෆෝනයක් වන අතර 1.2GHz ප්‍රොසෙසරයෙන් බලගැන්වූ 5.50 720×1280 ඩිස්ප්ලේ සමඟ 2GB Ram සහ මෙගාපික්සල් 13 පසුපස කැමරාවකින් සමන්විත වේ. පහළ මැද පෙළ ස්මාර්ට්ෆෝනයක් වන Huawei Honer G ප්ලේ “A Piece of Art” තේමාව යටතේ නිර්මාණය කර ඇති 3G ස්මාර්ට්ෆෝනයකි. මෙහි Android 4.4 KitKat සහ ්‍Huawei Emotion UI 3.0 සමඟ octa-core 1.2 GHZ Kirin 620 ප්‍රොසෙසරය 2GB RAM” HD 1280×720 පික්සල් කැමරාව සහ අගල් 5 ටච් ස්කී‍්‍රන් යනාදිය ඇතුළත්ව ඇත.Huawei Honer G ප්ලේ, Huawei 4X සහ Honer 6 ප්ලස් පිළිවෙලින් රුපියල් 27,999, රුපියල් 33,999 සහ රුපියල් 69,999 මිල කර ඇත. මෙරට විශාලතම අලෙවි ජාලය හිමි අංක එකේ ස්මාර්ට්ෆෝන් අලෙවිකරු සිංගර් ශ‍්‍රී ලංකා සමාගම එහි සිංගර් මෙගා, සිංගර් ප්ලස් සහ සිසිල් වර්ල්ඞ් ඇතුළු 400 කට අධික ප‍්‍රදර්ශනාගාර සහ 1500 පමණ වූ දීපව්‍යාප්ත ඩිජිටල් මීඩියා අලෙවිසැල් සඳහා සේවය සපයන සිංගර් ඩිජිටල් මීඩියා චැනලයන් හරහා මෙම නිෂ්පාදන අලෙවි කරයි. මීට අමතරව මිලදී ගැනීමට පෙර මෙම නිෂ්පාදන ඇණවුම් කිරීම, තොරතුරු සහ අත්දැකීම් ලබා ගැනීම මෙන්ම මෙම නව්‍ය නිෂ්පාදන අත්විදීම සඳහා ඕනෑම දීපව්‍යාප්ත Huawei වෙළෙදසැලකදී ඔබට හැකියාව ඇත.
ආකර්ෂණීය Honor G ප්ලේ, 4X සහ 6 ප්ලස් ස්මාර්ට්ෆෝන් තුන් වර්ගය හඳුන්වාදෙමින් Huawei ශ‍්‍රී ලාංකීය ස්මාර්ට්ෆෝන් වෙළෙදපොළ තවත් පුළුල් කරයි.
305
සමහරු හිතන්නේ වැඩි වැඩියෙන් ලිංගිකව එක්වීම (Sex) සතුට ඇති කරන දෙයක් කියලයි. ඒත් අලුත්ම සමීක්ෂණ වාර්තා වලින් හෙලිව ඇත්තේ තරමක් වෙනස් කාරණාවක්.මේ සමීක්ෂණය සඳහා යුවල කණ්ඩායම් දෙකක් සහභාගී කරගෙන ඇති අතර ඉන් එක් කණ්ඩායකමක යුවල අතර ලිංගික එක්වීම් වාරගණන දෙගුණයක් කරන ලෙස උපදෙස් දී තිබෙනවා. මේ අතර අනෙක් කණ්ඩායමට සාමාන්‍ය පරිදි ලිංගික එක්වීමට උපදෙස් දී තිබෙනවා. මාස 3කට පසුව කණ්ඩායම් දෙක අතරින් වැඩි වාරගණනක් ලිංගිකව එක්වූ යුවලයන් ගේ මානසික සතුට සාපේක්ෂව අඩුවී ඇති බවයි සමීක්ෂකයින් සොයාගෙන ඇත්තේ.මේ සමීක්ෂණය මෙහෙයවූ සමීක්ෂණ කණ්ඩායම් ප්‍රධානී George Loewenstein සිය වාර්තා පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ, තමන් සමීක්ෂණ ප්‍රතිඵල පිළිබඳ පුදුමයට පත් වූ බවත්, තමන් අපේක්ෂා කලේ නිතර ලිංගික එක්වන අයගේ මානසික සතුට ඉහළ මට්ටමක තිබෙනු ඇති බවත්ය.කෙසේ නමුත් ලිංගික සම්බන්ධතාවය සහ මානසික සතුට අතර සම්බන්ධතාවය පිළිබඳ මීට ප්‍රථම සමීක්ෂණ රාශියක් සිදුවී ඇති අතර ඇමරිකානුවන් 16000ක් යොදාගෙන සිදුකෙරනු සමීක්ෂණයකදී වැඩි වශයෙන් ලිංගිකව එක්වන අය වැඩි සතුටකින් ජීවත් වන බව වාර්තාවී තිබෙනවා.ඒ අනුව අලුත්ම සමීක්ෂණයේදී වැඩි වශයෙන් ලිංගිකව එක්වීමට උපදෙස් ලබාදී තිබුනු නිසාවෙන් ලිංගික කාර්යය සඳහා අවශ්‍යතාවයක් නොමැතිව වුවද ලිංගිකව එක්වීමට සමීක්ෂණයට සහභාගී වූවන්ට සිදූවීම නිසා තෘප්තිය නොමැති වීමෙන් මානසික සතුට අඩු වූවාදැයි සැකයක් පවතින බවයි George Loewenstein වැඩිදුරටත් පවසා සිටියේ.කෙසේ නමුත් මීට පෙර සමීක්ෂණ හා නවතම සමීක්ෂණ වාර්තා අනුව නිගමනයට ආ හැකි කාරණය නම්, අවශ්‍යතාවයක් ඇතිව, තෘප්තිමත්ව ලිංගිකව එක්වන වාරගණන සෘජුවම මානසික සතුට සඳහා බලපාන බවයි. ඒ වගේම තෘප්තිමත්ව ලිංගිකව එක් වීම මානසික සෞඛ්‍යයට පමණක් නොව කායික සුවතාවයටත් හේතු වන කාරණයක් බවයි Loewenstein පවසා සිටියේ.
සමහරු හිතන්නේ වැඩි වැඩියෙන් ලිංගිකව එක්වීම (Sex) සතුට ඇති කරන දෙයක් කියලයි.
306
ලොව කිසිදු සමාගමකට වඩා වේගයෙන් තමන් හට ගොඩනැඟිලි ඉදිකළ හැකි බව චීන සමාගමක් වන Broad Sustainable Building Co. සමාගම පවසනවා. තට්ටු 57 කින් යුත් දැවැන්ත ගොඩනැගිල්ලක් දින 19ක් වැනි ඉතාමත් කෙටි කාලයකදී නිමවා අවසන් කිරීමත් සමඟයි මේ සමාගම ලොව වේගවත්ම ගොඩනැගිලි නිර්මාණකරුවා වන්නේ.Modular හෙවත් කොටස් එකලස් කිරීමෙනුයි මේ ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ. ඒ අනුව එක් දිනකදී තට්ටු 3ක පමණ වැඩ අවසන් කිරීමට මෙහි ඉදිකිරීම් ඉංජිනේරුවරුන්ට හැකියාව ලැබිලා. කෙසේ නමුත් මෙලෙස කොටස් එකලස් කිරීමට ප්‍රථම අවශ්‍ය කරන කොටස් 2736 නිර්මාණය කිරීමට සහ සැලසුම් කිරීම සඳහා මාස 4කට ආසන්න කාලයක් වැයවී තිබෙනවා.Broad Sustainable Building Co. සමාගමේ මීළඟ වෑයම තට්ටු 220ක ගොඩනැගිල්ලක් දින 90කින් නිමකිරීමයි. මේ තරම් වේගයෙන් ගොඩනැගිලි නිර්මාණය කලත් එම ගොඩනැගිලි වල ආරක්ෂව හා සුව පහසුව පිළිබඳ තමන් දැඩි අවධානයක් යොමුකරන බවයි එම සමාගම පවසන්නේ.
ලොව කිසිදු සමාගමකට වඩා වේගයෙන් තමන් හට ගොඩනැඟිලි ඉදිකළ හැකි බව චීන සමාගමක් වන Broad Sustainable Building Co. සමාගම පවසනවා.
307
බලශක්තිය සොයාගැනීම ඒ තරම් අපහසු කාර්යයක් නෙවෙයි. සුළං බලයෙන්, ජලයෙන්, සූර්ය බලයෙන් හෝ ඉන්ධන වගේ ක්‍රම වලින් බලශක්තිය ලබාගන්නට පුළුවන්. වැදගත් දේ වන්නේ බලශක්තිය එක් තැනක සිට තවත් තැනකට රැගෙන ගොස් ගබඩා කර අවශ්‍ය අවස්ථා වලදී ප්‍රයෝජනයට ගතහැකි ආකාරයට සකසා ගැනීමයි. මේ නිසයි මේ වනතෙක් ඉන්ධන වගේ කාබනික සංයෝග භාවිතයට බොහෝ දෙනා පෙළඹුනේ. ඒවා පහසුවෙන් එහා මෙහා ගෙනයා හැකියි, කුටීර වල ගබඩා කළ හැකියි. ඒත් ඉන්ධන කියන්නේ ප්‍රතිජනනය වන (renewable) බලශක්ති ප්‍රභවයක් නෙවෙයි. ඉතින් කොහොමද ප්‍රති ජනනය වන බලශක්ති ප්‍රභව වලින් ලබාගන්නා බලශක්තිය පහසුවෙන් ප්‍රවාහනය කරන්නේ. පහසුවෙන් ගබඩා කර තබන්නේ. ඒ සඳහා තමයි බැටරි භාවිත වන්නේ.පසුගිය දවසක මේ බැටරි භාවිතයෙන් බලශක්තිය උපදවා ගැනීමේ දැවැන්ත ව්‍යාපෘතියක් වෙනුවෙන් දැවැන්ත පුද්ගලයෙක්ගේ මූලිකත්වයෙන් මුල් පියවර තැබුවා. Elon Musk නමින් හැඳින්වෙන මොහු තාක්ෂණික ලෝකයේ මෙන්ම ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයෙක්, විදුලි බලයෙන් ධාවනය වන Tesla මෝටර් රථ සමාගමේ නිර්මාතෘ ඔහුයි.ඔහුගේ ව්‍යාපෘතිය එදිනෙදා වැඩකටයුතු සඳහා විදුලි බලය ලබාගැනීමට ගෘහස්ත බැටරියක් නිෂ්පාදනය කිරීමයි. Tesla Powerwall නමින් හැඳින්වෙන මේ බැටරිය සූර්ය බලයෙන් ආරෝපනය කර අවශ්‍ය වේලාවට විදුලි බලය ලබාගත හැකි ලෙසයි නිපදවා ඇත්තේ. ඒ වගේම කිලෝවොට් පැය 7 සිට 10 දක්වා ප්‍රමාණ වලින් මිලදී ගත හැකි Tesla Powerwall හි මිල වන්නේ $3500ක් පමණයි. වැඩි විදුලි බලයක් අවශ්‍ය ස්ථාන සඳහා Powerpack නමින් කිලෝවොට් පැය 100ක ධාරිතාවයකින් යුත් අධි බලැති බැටරියක්ද ටෙස්ලා සමාගම විසින් නිපදවා තිබෙනවා.සූර්ය බලය බැටරි තුල ගබඩා කරගනිමින් විදුලිය ලබාගැනීම මීට පෙර ප්‍රචලිත ක්‍රමයක් වුවත්, එය විශාල වියදමක් සහිත, නිතර නිතර අලුත්වැඩියා කිරීමට අවශ්‍ය වන අපහසු කාර්යයක් වුනා. නමුත් Tesla Powerwall බැටරිය සඳහා වසර 10ක කාලයකට අලුත්වැඩියා සිදුකිරීමක් අවශ්‍ය නොවේ.අද වන විට ලිතියම් අයන් බැටරි අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. ඔබේ ජංගම දුරකථනයේ, ලැප්ටොප් පරිගණකයේ හෝ ඔබේ කාරයේ ( ඔබ සතුව ටෙස්ලා කාරයක් ඇත්නම් :) ) ඇත්තේ ලිතියම් අයන් බැටරි යි. ලිතියම් අයන් බැටරි මේ තරම් සීග්‍රෙයන් ජනප්‍රිය වීමට හේතු වුනේ වැඩි කාලයක්, වැඩි විදුලි ධාරිතාවක් ගබඩා කල හැකි වීමත්, නාස්තිය අවම වීමත්, බරින් අඩු වීමත් නිසායි. Tesla සමාගමේ මේ නව Powerwall බැටරියේ අඩංගු වන්නේත් ලිතියම් අයන් බැටරි සමූහයක්. මේ නිසා බැටරිය අධික ලෙස රත්වීම වැළකෙනවා.මේ අපූරු නිර්මාණය එළිදැක්වීමත් සමඟ බොහෝ දෙනාගේ අවධානය Tesla සමාගම වෙතත් එහි මහ මොළකරු වන Elon Musk වෙතත් යොමුවුනා. මුල් දින කිහීපය තුලදී Tesla Powerwall 30000කට අධික සංඛ්‍යාවක් විකිණිමටත් Tesla සමාගම සමත් වුනා. Tesla සමාගම අනාගත බලශක්ති පරිභෝජනය පිළිබඳ දකින මේ සිහිනය සැබෑ වුවහොත්, සම්පත් හිඟවීම නිසා වැඩිවන ඉන්ධන මිලට හොඳ විසඳුමක් ලෙස Tesla Powerwall යොදාගන්නට හැකියි.පහතින් දැක්වෙන්නේ Elon Musk විසින් Tesla බැටරි එළිදැක්වීමේ උත්සවයේදී සිදුකළ කතාවයි. ලෝකය වෙනස්කරන කෙනෙක්ගේ කතාවක් අහන්න කැමති නම් අනිවාර්යයෙන් මේ වීඩියෝව නරඹන්න.
බලශක්තිය සොයාගැනීම ඒ තරම් අපහසු කාර්යයක් නෙවෙයි.
308
World Economic Forum (ලෝක ආර්ථික සමුළුව) විසින් 2015 වර්ෂය සඳහා නිකුත් කරන ලද නවතම සමීක්ෂණ වාර්තා වලට අනුව ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ක්ෂේත්‍රයේ ඉහළ තැනකට පැමිණ ඇති බව පෙන්නුම් කෙරේ.ඒ අනුව NRI ශ්‍රේණිගත කිරීම් අතර ලොව 76 වන ස්ථානයේ සිට 65 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ලංකාවට හැකිවී ඇත. මේ ශ්‍රේණිගත කිරීම් අනුව සංවර්ධනය වෙමින් පවතින ආසියානු රටවල් අතරින් ප්‍රථම ස්ථානය හිමිකරගනිමින් මැලේසියාව 32 ස්ථානයේ සිටින නමුත් සෙසු සංවර්ධනය වෙමින් පවතින ආසියානු රටවල් වන ලංකාව චීනය ඉන්දියාව වැනි රටවල් පහළ ස්ථානයි හිමිකරගෙන තිබෙන්නේ.කෙසේ නමුත් කලාපයේ අනෙකුත් රටවල් සමඟ සසඳන විට ශ්‍රි ලංකාව ඉදිරියෙන් සිටින බවයි නවතම වාර්ථා වලින් පෙනී යන්නේ. උදාහරණයක් හැටියට ඉන්දියාව, පකිස්ථානය, චීනය වැනි රටවල් වල අන්තර් පරිභෝජනය, සමාජ ජාල භාවිතය, ජංගම දුරකථන පරිභෝජනය වැනි විවිධ නිර්ණායක ගණනාවකින්ම ශ්‍රී ලංකාවට වඩා පිටුපසින් සිටිනු දැකිය හැකියි.ශ්‍රී ලංකාවේ සමස්ථ අන්තර්ජාල පරිභෝජනය පසුගිය වසරේ දී 18% සිට 21.9% දක්වා වර්ධනය වී ඇත. ලොව අඩුම මාසික අන්තර්ජාල සේවා ගාස්තු සපයන්නන් අතරින් 3 වන ස්ථානය ලංකාවට හිමිව ඇති අතර එම අගය මසකට ඩොලර් 12කට ආසන්න අගයයක්. අන්තර්ජාල සේවා සඳහා සාමාන්‍යෙයන් මසකට ඩොලර් 32ක් පමණ අය කරන ඇමරිකාවට හිමිව ඇත්තේ 71 වන ස්ථානයයි. ඉන්දියාවට පවා හිමිව ඇත්තේ 13 ස්ථානයයි. එමෙන්ම ලොව අඩුම පෙර ගෙවුම් ජංගම දුරකථන ගාස්තු ඇති රටවල් අතරත් 3 වන ස්ථානය ලංකාවට හිමිව ඇත.ඒ වගේම ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 95.5%ක පමණ ප්‍රමාණයක් ජංගම දුරකථන සබඳතා ලියාපදිංචි කර ඇති අතර ගෘහස්ථ පරිගණක භාවිතය ජනගහණයෙන් 16.4% වනවා.තවත් විශේෂ කරුණක් ලෙස තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රය සඳහා රජයේ දායකත්වය මනිනු ලබන නිර්ණායක අතරිනුත් ලංකාව ඉදිරියෙන් සිටීම දැක්විය හැකියි. ඒ අනුව තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රය සඳහා රජයක් වශයෙන් වැඩි දායකත්වයක් සපයන රටවල් අතර 16 වන ස්ථානය හිමි කරගැනීමට ලංකාව සමත්ව අතර එම ක්ෂේත්‍රයේ රාජ්‍ය ව්‍යාපෘති වල සාර්ථකත්වය අතින් ලොව 13 වන ස්ථානය ලංකාවට හිමිව ඇත. මේ සීග්‍ර දියුණුව උදෙසා ලංකාවේ ICTA ආයතනයේ මෙහෙය අගය කළ යුතුයි.
World Economic Forum (ලෝක ආර්ථික සමුළුව) විසින් 2015 වර්ෂය සඳහා නිකුත් කරන ලද නවතම සමීක්ෂණ වාර්තා වලට අනුව ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ක්ෂේත්‍රයේ ඉහළ තැනකට පැමිණ ඇති බව පෙන්නුම් කෙරේ.
309
සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් ගොඩනැගිල්ල ශ්‍රිලංකාවේ බුද්ධිමත් ගොඩනැගිල්ල ලෙස තෝරා ගැනෙයි. මෙම ගොඩනැගිල්ලේ ඇති පහසුකම් සහ ඒවා ක්‍රියාත්මක කිරීමට වැය වන බලශක්තිය සහ පරිපාලන පහසුව ආදී කරුණු කිහිපයක් පදනම් කර ගනිමින් මෙම නම් කිරීම සිදුකර තිබේ.මෙම ගොඩනැගිල්ලේ වායු සමීකරණ පද්ධතිය සඳහා world’s first magnetic bearing chiller technology නම් වන අති නවීන තක්ෂණය භාවිත කර ඇති බව සඳහන් වෙයි.එමෙන්ම බලශක්තිය උපරිම ආකාරයෙන් පිරිමසින මෙම හෝටල් ගොඩනැගිල්ල මගින් අපේක්ෂිත පරිභෝජන ගෑස් ප්‍රමාණය වසරකට ටොන් 4000 කින් අඩුකර ඇත.එමෙන්ම මෙම හෝටලයේ සෑම ඉසව්වක්ම නිරුපනය වන පරිදි කැමරා පද්ධතියක් සවි කර ඇති අතර දත්ත මාපක 200 ට වඩා වැඩි ප්‍රමාණයක් ස්ථාපිත කර ඇත.මේ නිසා බලශක්තිය ඉතිරි කර ගත හැකි වු බව සිනමන් ග්‍රෑන්ඩ් කළමණාකාරීත්වය පවසයි.එමෙන්ම මුළු හෝටලයේම ජල පද්ධතිය, වායු සමීකරණ පද්ධතිය,ඔක්සිජන් මට්ටම, කසල බැහැර කරන පද්ධතිය ආදී සියලු අංශ එකවර නිරීක්ෂනය කිරීමේ පහසුකම් වලින්ද මෙම ගොඩනැගිල්ල සමන්විත වෙනවා. කිසියම් ස්ථානයක කිසියම් අඩුපාඩුවක් වේ නම් එය කඩිනමින් සැකසීමට ද කාර්ය මණ්ඩලලය උත්සුක වෙනවා.මෙම හෝටල ගොඩනැගිල්ල එම බලශක්ති පිරිමසාලන තත්වයට පත් කිරීම සඳහා රුපියල් මිලියන 170 ක පමණ ආයෝජනයක් සිදුකර ඇති අතර මේවන විට එම වියදම් කළ මුදල බලශක්ති අරපිරිමැස්මෙන් ඉතිරිකර ගත හැකිව ඇති බව වාර්තා වෙයි.Lanka Energy Conservation Pvt Limite‍d, හි සහය සහ උපදේශකත්වය ලබමින් මෙම ඉදිකිරීම් සිදුකර ඇති අතර, මේ හේතුවෙන් වසර ගණනාවකදී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය සම්මාන රැසකට පාත්‍ර වී තිබේ.
සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් ගොඩනැගිල්ල ශ්‍රිලංකාවේ බුද්ධිමත් ගොඩනැගිල්ල ලෙස තෝරා ගැනෙයි.
310
දැනට 100 %ක් ඉන්ධන වලින් ක්‍රියාත්මක වන ප්‍රවාහන ක්ෂේත්‍රය, 2020 වනවිට විදුලියෙන් ක්‍රියාත්මක කිරීමේ සහ එම විදුලිය හරිත විදුලියෙන් නිපදවා ගැනීමේ අරමුණ පෙරදැරි කරගනිමින්, විදුලි මෝටර් රථ සඳහා වන ප්‍රථම විදුලි ආරෝපණ මධ්‍යස්ථානය , කොළඹ, ටිකල් මාවතේ පිහිටි අංක 10 දරන ස්ථානයේදී, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අතින් අද විවෘත විය.මෙහිදී අමාත්‍ය රණවක මහතා විසින් සමරු පළකය නිරාවරණය කළ ආකාරය ඡායාරූපයෙන් දැක්වේ. ප්‍රථිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ සිල්වා මහතාද ඡායාරූපයේ දැක්වේ.
දැනට 100 %ක් ඉන්ධන වලින් ක්‍රියාත්මක වන ප්‍රවාහන ක්ෂේත්‍රය, 2020 වනවිට විදුලියෙන් ක්‍රියාත්මක කිරීමේ සහ එම විදුලිය හරිත විදුලියෙන් නිපදවා ගැනීමේ අරමුණ පෙරදැරි කරගනිමින්, විදුලි මෝටර් රථ සඳහා වන ප්‍රථම විදුලි ආරෝපණ මධ්‍යස්ථානය , කොළඹ, ටිකල් මාවතේ පිහිටි අංක 10 දරන ස්ථානයේදී, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අතින් අද විවෘත විය.
311
මුහුණේ විකෘතිතාවයක් ලෙස නාසයක් නොමැතිව ඉපදුණු ළදරුවෙක් ඇලබාමා වලින් වාර්තා වනවා. Eli Thompson නම් වෙන මේ දරුවා පසුගිය මාර්තු 4 වනදා උපත ලබා ඇත. ජන්මයෙන්ම සිදුවන විකෘතිතාවක් වන Arhinia හෙවත් බාහිර නාසයක් නොමැති බව අතිශය දුර්ලභ විකෘතිතාවයක් වන අතර එය පුද්ගලයින් මිලියන 197කට එකක් තරම් දුර්ලභ අවස්ථාවක් බවයි වෛද්‍යවරුන් පවසන්නේ. මීට පෙර මෙවැනි දරු උපතක් වාර්තා වී ඇත්තේ 1931 වසරේ දීයි.කෙසේ වෙතත් එලීගේ මේ අසාමන්‍ය පිහිටීම ඔහුගේ සෞබ්‍ය තත්වයට එතරම් බලපෑමක් නැති බවත්, ඔහු නීරෝගී සුවයෙන් පසුවන බවත් පැවසෙනවා. ඒ වගේම මේ වන විට ශ්වසන අපහසුතා යථාතත්වයට පත්කිරීම සඳහා පියවර ගෙන ඇති බවත් වාර්තා වනවා. මෙලෙස අසාමාන්‍ය පිහිටීමක් සහිතව උපන් ඔහු මේ වන විට ෆේස්බුක් හරහා අති විශාල ප්‍රසිද්ධියක් හිමිකරගෙන තිබෙනවා. ඒ වගේම ඇය වෙනුවෙන් ඇරඹුනු අන්තර්ජාල අරමුදලටත් මේ වන විට ඩොලර් 15000කට ආසන්න මුදලක් එක්කාසු වී තිබෙනවා. මේ මුදල් එලීගේ ඉදිරි ශල්‍යකර්ම සඳහා යොදාගන්නා බවයි ඔහුගේ මව්පියන් පවසන්නේ.
මුහුණේ විකෘතිතාවයක් ලෙස නාසයක් නොමැතිව ඉපදුණු ළදරුවෙක් ඇලබාමා වලින් වාර්තා වනවා.
312
විදුලි වාහන හිමියන්ට තම මෝටර් රථ ආරෝපණය කිරීම සඳහා අවශ්‍ය මධ්‍යස්‌ථාන මෙම සිංහල අලුත් අවුරුද්දට පෙර ඇති කරන බව විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (31 වැනිදා) පැවසීය.රටේ ප්‍රවාහන ක්‌ෂේත්‍රය ඉන්ධන මත පමණක්‌ යෑපීම අඩු කිරීමට එමගින් කටයුතු කරන බවත් පොසිල ඉන්ධන සියයට සියයක්‌ විදේශයෙන් ගෙන්වීම නිසා රටේ බලශක්‌තිය අනාරක්‌ෂිත වී ඇති බවත් ඇමැතිවරයා කීය.“බලශක්‌තියෙන් සපිරි රටක්‌” දස අවුරුදු සැලැස්‌ම ඉදිරිපත් කිරීමේ වැඩසටහනට සහභාගි වෙමින් බත්තරමුල්ල වෝටර්ස්‌ එඡ් හිදී ඇමැතිවරයා එම අදහස්‌ පළ කළේය.
විදුලි වාහන හිමියන්ට තම මෝටර් රථ ආරෝපණය කිරීම සඳහා අවශ්‍ය මධ්‍යස්‌ථාන මෙම සිංහල අලුත් අවුරුද්දට පෙර ඇති කරන බව විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (31 වැනිදා) පැවසීය.
313
හැමෝම දන්නවා ඇති නේ හෙට (අප්‍රේල් 02) සිට ෆුල්ෆේස් හෙල්මට් එහෙමත් නැත්නම් සම්පූර්ණ මුහුණ ආවරණය වන හෙල්මට් භාවිතය තහනම් වෙනවා. ඒකට ආසන්නම හේතුව වෙන්නේ ෆුල්ෆේස් හෙල්මට් වලින් මුහුණ ආවරණය කරගත් අය අපරාධ සිදුකලත් ඒ අයගේ අනන්‍යතාවය තහවුරු කරගන්න CCTV වල හෝ මුහුණ පැහැදිලි නොවීම.කොහොම වුණත් මේ ෆුල්ෆේස් හෙල්මට් තහනමට බොහෝදෙනාගේ විරුද්ධත්වය එල්ල වුණා. කොටින්ම කියනවානම් මහජන කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතා පවා තවමත් මේ නීතියට විරුද්ධයි කියලයි කියන්නේ. ඒ නිසා කිහිප වතාවක්ම මේ නීතිය පොලීසිය විසින් ගෙන ආවත් නැවත හකුළාගන්න වුනා. කෙසේ වුනත් හෙට සිට මේ නීතිය බලපැවැත්වෙනවා.ගොඩක් අය ෆුල්ෆේස් හෙල්මට් දාන්නේ ලස්සනට. හැමෝටම නෙවෙයි ඒත් බහුතරයකට ඒකනේ ඇත්ත. හැබැයි අපි නොදැනුවත්වම ෆුල්ෆේස් හරහා අපේ මුහුණු, ඇස්, නාසය, මුඛය වගේ වැදගත් ශරීර ඉන්ද්‍රියන්ට ලොකු ආරක්ෂාවක් සපයනවා. මේ තියෙන්නේ අනතුරකට ලක්වුණු කෙනෙක්ගේ හෙල්මට් එක. හිතන්න මේ වගේ අනතුරකදී ෆුල්ෆේස් හෙල්මට් එකක් නොතිබුනානම්.හැබැයි මේ මුහුණ ආරක්ෂාකරනවාට අමතරව ෆුල්ෆේස් හෙල්මට් හරහා විශාල කාර්යයක් කෙරෙනවා. ඔයාලා කොළඹ අවට බයිසිකල් වලින් යනවා නම් දන්නවා ඇති කොයිතරම් දූවිල්ලක්ද තියෙන්නේ කියලා. වාහන වලින් එන දුම, දූවිල්ලටත් වඩා දරුණුයි. මේ දුම සහ දූවිල්ල අපේ ශ්වසන පද්ධතියේ ආබාධ ඇතිකරනවා විතරක් නෙවෙයි ඇස් වලටත් දරුණු හානි ඇති කරන දෙයක්. ඉතින් ෆුල්ෆේස් හෙල්මට් එකක් දාලා ඉන්න කෙනෙක් මේ දූවිල්ලට සෘජුවම නිරාවරණය වෙන්නේ නැහැ. ඔයත් කලින් සාමාන්‍ය හෙල්මට් එකක් පාවිච්චි කරලා දැන් ෆුල්ෆේස් එකක් පාවිච්චි කරනවානම් වෙනස හොඳට දැනිලා ඇති. ඔයාලා දන්නවාද සමහර ශ්වසනා ආධාධ තියෙන අය වෛද්‍ය උපදෙස් මත ෆුල්ෆේස් හෙල්මට් පාවිච්චි කරන බව.මේ දූවිල්ලෙන් දුමෙන් ආරක්ෂාවෙන්න, මුහුණු ආවරණය කරන Oxypura වගේ මාස්ක් එකක් පාවිච්චි කරන්න පුළුවන් කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. එ්ත් ඉතින් එතකොටත් මුහුණ ආවරණය වෙනවනේ. එහෙම වුණාම අනිත් දවසේ බැංකු මංකොල්ලකාරයෝ Oxypura දාගෙන මංකොල්ලකන්න ආවොත් එ්කත් තහනම් කරනවාද? තව කෙනෙක් කියන්න පුළුවන් ඔය දූවිලි දුම කොයිතරම් අහිතකර වුනත් අද කීයෙන් කීදෙනාද අද ෆුල්ෆේස් හෙල්මට් පාවිච්චි කරන්නේ කියලා. ඔව් ඒක ඇත්ත. හැබැයි ඒකට ප්‍රධාන හේතුව ෆුල්ෆේස් හෙල්මට් මිලෙන් අධික වීම. සාමාන්‍ය හෙල්මට් එකක කැඩුනු ප්ලාස්ටික් වයිසර එක දාගන්න වත්කමක් නැති මිනිස්සුන්ට මොන ෆුල්ෆේස් ද. ඉතින් මේ වගේ තත්ව බලනකොට රජයක් විදියට කල යුත්තේ ෆුල්ෆේස් තහනම් කරන එක නෙවෙයි ෆුල්ෆේස් හෙල්මට් අඩු මිලට දීලා ඒක අනිවාර්ය කරලා මහජනයාගේ ආරක්ෂාව සෞඛ්‍යතත්වය ඉහළ නංවන එක නෙවෙයි ද? වාහනයක යන කෙනෙක්ට සැපට යන්න පුළුවන් වෙලා බයිසිකල් වල යන දුප්පත් මිනිස්සුට විතරක් දූවිලි නාගෙන යන්න කියලා නීති ගේන එක වැරදියි නේද?රටේ මේතරම් ජාතික ප්‍රශ්ණ තියෙද්දි ෆුල්ෆේස් ගැන කතා කරපු එක වැරදි කියලා හිතතවා නම් මේ වගේ පුංචි සරල දෙයක් හරියට විසඳගන්න බැරි අපේ රටේ නීතිය කොහොම ජාතික ප්‍රශ්ණ විසඳයිද කියලාත් හිතලා බලන්න.
හැමෝම දන්නවා ඇති නේ හෙට (අප්‍රේල් 02) සිට ෆුල්ෆේස් හෙල්මට් එහෙමත් නැත්නම් සම්පූර්ණ මුහුණ ආවරණය වන හෙල්මට් භාවිතය තහනම් වෙනවා.
314
ඔබ Whatsapp පාවිච්චි කරන කෙනෙක් නම් දන්නවා ඇති Whatsapp ඉන්න කාටහරි call කරන්න තව app එකකට යන්න වෙන එක කොයිතරම් කරදරයක්ද කියලා. ඉතින් ඔන්න දැන් ඒ ගැන වද වෙන්න ඕන නැහැ. Whatapp වලින් දැන් Call ගන්නත් පුළුවන්.හැබැයි මේ update එක තාම හැමෝටම නැහැ. ඒ වුනත් ඔයාලට දැන්ම අලුත් ඇප් එක use කරලා call ගන්න ඕන නම් whatsapp.com/android කියන url එකට ගිහින් apk එක download කරගෙන install කරගන්න පුළුවන්. එච්චර සෙල්ලම් දාන්න බැරිනම් ටිකක් ඉවසන්න. ළඟදීම හැමෝටම මේ පහසුකම ලබාදෙන බවයි whatsapp සමාගම පවසන්නේ.ඔයා iPhone භාවිතකරන කෙනෙක් නම් ටික කළක් ඉවසන් ඉන්න වේවි කියලයි කියන්නේ. හැබැයි Windows හෝ් Blackberry වලට මේ කෝල් ගන්න පහසුකම දැන්ම එන පාටක් නැහැ.
ඔබ Whatsapp පාවිච්චි කරන කෙනෙක් නම් දන්නවා ඇති Whatsapp ඉන්න කාටහරි call කරන්න තව app එකකට යන්න වෙන එක කොයිතරම් කරදරයක්ද කියලා.
315
පරිගණක කියන්නේ දවසින් දවස දියුණු වෙන ක්ෂේත්‍රයක්. මුල් කාලයේ පරිගණකයක් සම්පූර්ණ කාමරයක් පිරෙන තරම් උපකරණයක් වුනත් අද සුපිරි පරිගණක පවා ඉතාමත් කුඩා ප්‍රමාණයෙන් නිර්මාණය කරන්නට නූතන තාක්ෂණය සමත් වෙලා. නීල් ආම්ස්ට්‍රෝන් හඳට ගිය ඇපලෝ යානයේ තිබූ සුපිරි පරිගණකයට වඩා දස දහස් ගුණයක් ප්‍රබල පරිගණකයක් තමයි ඔබේ කුඩා ජංගම දුරකථනය.මේ විදියට දවසින් දවස ප්‍රබල කුඩා ප්‍රමාණයේ පරිගණක නිර්මාණය කරන්නට මූලිකම හේතුව තමයි පරිගණකයේ ප්‍රධාන ප්‍රොෙසසෙරයේ ට්‍රාන්සිසටර් අතර පරතරය කුඩා කළ හැකි වීම. ප්‍රොසෙසර ගැන කතා කරන විට අපට නිතැතින්ම මතක් වෙන්නේ Intel සමාගම. ඉතින් මේ කියන්න යන්නේ Intel විසින් හඳුන්වාදුන් අපූරු කුඩා පරිගණකයක් ගැනයි.ඔබේ අත්ල මත තැබිය හැකි ඩොන්ගලයක තරමේ පරිගණකයක් නිපදවන්නට Intel සමාගම සමත් වෙලා. Intel Compute Stick නමින් හැඳින්වෙන මේ පරිගණකයේ 32GB මතක ධාරිතාවයක්, 2GB රැම් මතකයක් සමඟ USB, WiFi, Bluetooth 4.0 වැනි සියළුම පහසුකම් වලින් සමන්විතයි. HDMI කේබලයක් හරහා ඔබේ රූපවාහිනියට හෝ පරිගණක මොනිටරයකට සම්බන්ධ කර සම්පූර්ණ පරිගණකයක් ලෙස භාවිත කල හැකි වන අයුරින් මෙය නිපදවා ඇත. ලිනක්ස් මෙන්ම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිතව වුවත් මිලදී ගත හැකි මේ උපකරණය නුදුරේදීම ලංකාවේ වෙළඳපල තුලදී අපට දැකගන්නට හැකිවනු ඇති බවයි Intel Sri Lanka හි කළමණාකරු ඉන්දික ද සොයිසා පවසන්නේ.
පරිගණක කියන්නේ දවසින් දවස දියුණු වෙන ක්ෂේත්‍රයක්.
316
ලබන සඳුදා (30) සිට නොමිලයේ වයිෆයි ( Free WiFi ) ලබාදීමේ පහසුකම සපයන බව මීට සුළු මොහොතකට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශකර සිටියා. දින සියයේ වැඩපිළිවෙලින් ප්‍රකාශයට පත්කළ නොමිලයේ වයිෆයි ලබාදීමේ වැඩපිලිවෙලේ ප්‍රථම අදියර ලෙස ලබන සඳුදා සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුල වයිෆයි පහසුකම් ස්ථාපිත කෙරෙනු ඇත.මීට පෙර වාර්ථා වූ පරිදි නම් මේ වැඩපිළිවෙල යටතේ එක් ජංගම උපකරණයකට මාසයක කාලයක් සඳහා 100 MB ප්‍රමාණයක් ලබා දෙනු ඇත.මේ වැඩපිළිවෙල පිළිබඳ ඔබේ අදහසත් පහත කමෙන්ට් තීරුවේ පළකරන්න.
ලබන සඳුදා (30) සිට නොමිලයේ වයිෆයි ( Free WiFi ) ලබාදීමේ පහසුකම සපයන බව මීට සුළු මොහොතකට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශකර සිටියා.
317
අභ්‍යාවකාශය කියන්නේ හරි අපූරු තැනක්. මීට ටික කාලයකට කළින් Karen Nyberg අභ්‍යාවකාශගාමිනිය අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ (ISS) සිට ඇගේ හිස සේදීම කරණ ආකාරය ගැන අපූරු වීඩියෝවක් යූ ටියුබ් වෙත එක්කලා. ඒ වීඩියෝව අන්තර්ජාලය පුරා ජනප්‍රිය වූ අතර ඇයගේ සහායක අභ්‍යාවකාශගාමියාත් ඔහුගේ හිස සෝදන ආකාරය යූ ටියුබ් වෙත එක්කරලා. හැබැයි ඒ හිස නම් තරමක් වෙනස්. මොකද ඔහුගේ හිසේ කෙස් නැහැ.Luca Parmitano නමින් හැඳින්වෙන ඔහු සිය හිස සෝදන්නේ උණු වතුරෙන්. කෙස් නැති හිසට වතුර ඇලී පවතින ආකාරයක් ඔයාලට දැකගන්නට පුළුවන්. අභ්‍යාවකාශයේ ගුරුත්වය නොමැති නිසා මේ ආකර්ශණයට බලපාන්නේ ප්‍රෘෂ්ඨික ආතතිය කියන බලයයි. ඒ නිසා ඔහුගේ කෙස් රහිත හිසට ජලය ඇලී පවතිනවා.පහතින් දැක්වෙන්නේ Nyberg විසින් ඇගේ හිසකෙස් සෝදන ආකාරය දැක්වෙන වීඩියෝවයි.
අභ්‍යාවකාශය කියන්නේ හරි අපූරු තැනක්.
318
DJI Phantom කියන්නේ drone යානා සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් සාමාන්‍ය ජනතාව අතරට ගෙන යාමට සමත් වූ නිර්මාණයක්. ඒත් මේ විදියට හැම කෙනෙක්ම වගේ drone යානා අහසේ පියාසැරවීමට පටන් ගැනීමත් එක්ක DJI සමාගමට සහ භාවිත කරන්නන්ට නොයෙකුත් නීතිමය ගැටළු වලට මුහුණ දීමට සිදු වුනු අවස්ථාත් සුලබයි. හැබැයි පසුගිය දවසක ඇමරිකාවේ ධවල මන්දිරය අසලට කඩා වැටුණු DJI Phantom යානය නිසා නම් DJI ආයතනයට ලොකු ප්‍රශ්ණවලට මුහුණු දෙන්න සිදුවුනා. ඒ අනුව මින් පසු වොෂින්ටනයේ ධවල මන්ධිරයේ සිට සැතපුම් 15.5 ක දුරක් යන තෙක් drone යානා පියාසැරවීම තහනම්. ඒ වගේම ඒ ප්‍රදේශයට පියාසැරීමට නොහැකි වන පරිදි DJI Phantom 2 යානයේ මෙහෙයුම් මෘදුකාංගය සඳහා අනිවාර්ය යාවත්කාලීනයක් (update) නිකුත් කිරීමටත් DJI සමාගම කටයුතු කලා. ඒ කියන්නේ කෙනෙක්ට අවශ්‍ය වුනත් ඔන්න දැන් ධවල මන්දිරය පැත්තට drone යානා යවන්න බැහැ.ඉතින් අපි මෙහේ ඉඳන් ඔච්චර දුරක් drone එකක් යවනවද කියලා ඔයාලට හිතෙන්න ඇති නේද? ඒක ඇත්ත, ඒත් මේ ආරංචිය කිව්වේ දවසින් දවස අහසේ පියාසර කරන drone යානා ගණන දහස් ගණනින් වැඩි වෙද්දී ඒවාට නීති රීති පද්ධතියක් නිකුත් වෙන කාලය වැඩි ඈතක නෙවෙයි කියන්නයි. ඒ වගේම drone යානා යවන්නත් බලපත්‍රයක් ගන්න වෙන දිනය වැඩි ඈතක නෙවෙයි.
DJI Phantom කියන්නේ drone යානා සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් සාමාන්‍ය ජනතාව අතරට ගෙන යාමට සමත් වූ නිර්මාණයක්.
319
58 දෙනෙකු රැගත් ට්‍රාන්ස් ඒෂියා යානය තායිවාන අගනගරයේ තායිපේ ගංඟාවට කඩාවැටී තිබෙනවා. දැනට වාර්තාවන අයුරින් මෙම අනතුරින් 9 දෙනෙකු මියගොස් ඇති අතර මේ වන විටත් තායිවාන සහන හමුදා විසින් අනතුරට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භකර තිබෙනවා. කාර්යමණ්ඩලය 5 දෙනෙකු ඇතුලු 58 දෙනෙකු මේ යානයේ ගමන්ගෙන ඇති අතර ඒ අතරින් 31 දෙනෙක් චීන ජාතිකයින්.ඒ වගේම ඇසින් දුටුවන් පවසන පරිදි යානය කඩා වැටෙන අවස්ථාවේම පුද්ගලයින් දෙදෙනකුගේ සිරුරු පොළවට පතිත වී ඇති අතර ගුවන් යානය ගැටීමෙන් කුලී රථයකටද හානි සිදුවී ඇත.පහතින් දැක්වෙන්නේ ඒ අවස්ථාවේ ගමන්ගත් මෝටර් රථයක ඉදිරිපස කැමරිවේ සටහන් වූ අනතුරේ වීඩියෝ පටයකි.තායිපේ හි සොංස්හාන් ගුවන් තොටුපලෙන් ගුවන් ගමන් අරඹා මද වේලාවකින් සිදුවූ මේ අනතුර සිදුවීමට හේතුව වන්නට ඇත්තේ එසැවුම් බලය ප්‍රමාණවත් නොවීම දැයි තායිලන්ත බලධාරීන් සැකපළකරයි. මීට මාස 7කට පමණ පෙරත් මේ ලෙස ට්‍රාන්ස් ඒෂියා ගුවන් යානයක් අනතුරට පත්වූ අතර, තායිපේ සිට පෙන්ගූ දක්වා ගමන් ගත් Flight GE222 යානයයි එලෙස අනතුරට පත්වූයේ. එම අනතුරින් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
58 දෙනෙකු රැගත් ට්‍රාන්ස් ඒෂියා යානය තායිවාන අගනගරයේ තායිපේ ගංඟාවට කඩාවැටී තිබෙනවා.
320
තාක්ෂණය ගැන අවධානයෙන් ඉන්න කෙනෙක් නම් ඔයාලා මේ වෙනකොටත් OnePlus One ගැන අහලා ඇති. OnePlus One ජංගම දුරකථනයට මේ වෙනකොට tech community එක අැතුලේ නම් ලොකු අවධානයක් යොමුවෙලා. ඒත් සාමාන්‍ය අයනම් ගොඩක් දෙනෙක් OnePlus One ගැන දන්නේ නැහැ.මේ ජංගම දුරකථනයට මේ තරම් ඉල්ලුමක් තියෙන්න හේතුව වෙන්නේ එහි මිල. HTC One M8, Samsung Galaxy S5 හෝ iPhone 5S වගේ ජංගම දුරකථන වල මිල $700ක පමණ වුනත් ඒ හා සමාන performances ඇති මේ OnePlus One හි මිල $300ක් පමණයි වෙන්නේ. Performances අතින් හා software අතින් බොහෝ සෙයින් Nexus 5 එකකට සමාන මෙහි ප්‍රොෙසසරය 2.5 GHz Quad Core Snapdragon 801 ප්‍රොසෙසරයක්. Ram මතකය 3GB වන අතර තිරය අඟල් 5.5ක තිරයක්.Overviewසාමාන්‍ය ජංගම දුරකථනයක් සමඟ සසඳන විට OnePlus One කියන්නේ තරමක් විශාල ජංගම දුරකථනයක්. කෙසේ නමුත් මේ දුරකථනයේ නිෂ්පාදන තත්වය නම් විශිෂ්ඨයි. Samsung Galaxy S5 වගේ දුරකථන එක්ක බලන විට පෙනුම විශිෂ්ඨයි. පසුපස ආවරණය නිර්මාණය වී ඇත්තේ ද අතට පහසු, උසස් පෙනුමක් ගෙනදෙන ද්‍රවයයකින්. Sandstone Black හා Silk White ලෙස version දෙකක් නිකුත්කර ඇති අතර ඒවා පිළිවෙලින් 64GB හා 16GB වනවා. වෙනත් කිසිදු දුරකථනයක දැකිය නොහැකි අන්දමේ අපූරූ පසුපස ආවරණයක් මෙහි දකින්නට පුළුවන්. ඔබටත් OnePlus One ජංගම දුරකථනයක් මිලදී ගන්නට පුළුවන් නම් ඔබත් එහි පසුපස ඔබේ මුහුණේ ස්පර්ශ කරලා බලන්න. ඒක ඇත්තටම අපූරූ අත්දැකීමක්.හැබැයි ඔබ 16GB version එක එහෙමත් නැත්නම් Silk White ෆෝන් එකනම් තරමක් ලිස්සන සුළුයි. ඒ නිසා බාහිර කවරයක් හෝ බාහිර ස්ටිකරයක් අලවා භාවිත කරනවානම් වඩා සුදුසුයි.තරමක් විශාල ජංගම දුරකථනයක් වුනත් මෙහි button placement එකේනම් වරදක් නැහැ. ඒ නිසා Power On/Off කරන්න Volume අඩු වැඩි කරන්න වැඩි වෙහෙසක් දරන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ විදියට බලනකොටනම් මිලට උපරිම සාධාරණයක් කරන්න OnePlus One සමත් වෙලා.What is OnePlus?අපි දැන් බලමු OnePlus කියන්නේ ඇත්තටම මොකක්ද කියලා. OnePlus කියන්නේ ජංගම දුරකථන නිෂ්පාදන සමාගමේ නම. එහි පළමු නිෂ්පාදනය නිසයි OnePlus One ජංගම දුරකථනයට ඒ නම වැටුනේ. ඒත් කොහොමද මේ වගේ සුපිරි ෆෝන් එකක් මේ තරම් අඩු මුදලකට දෙන්නේ. සාමාන්‍යයෙන් Smasung Galaxy S5 වගේ ජංගම දුරකථනයක විකුණුම් මිල $700කට ආසන්නයි කියලා ඔයලා දන්නවා අැති නේ. ඒත් Samsung Galaxy S5 ජංගම දුරකථනයක් නිෂ්පාදනයට $250ක පමණයි වැයවන්නේ. ඉතින් ඒ ඉතුරු $450 මොකටද? ඒ සියල්ලම වගේ වැයවෙන්නේ Research Marketing වලටයි. හැබැයි OnePlus සමාගම නම් Marketing වලට වියදමක් දරන්නේ නැහැ. ඒ අය ඒ වෙනුවට අන්තර්ජාලය හරහා පැවැත්වෙන තරඟ, Social Media හා Forums වගේ දේවල් තමයි යොදාගන්නේ. ඔන්න ඕකයි OnePlus ගේ රහස. හැබැයි සමාගමක් විදියට මේ උපාය කොයිතරම් දුරට සාර්ථක වේවිද කියන්න අපිනම් දන්නේ නැහැ. මොකද ඒ වගේ marketing ක්‍රමයකින් capture කරන්න පුළුවන් පිරිස දැනට බොහෝම සුලු පිරිසක්.Hardwareඇත්තටම මේ දුරකථනයේ Hardware superb. මිල අඩු නිසා ඔබට හිතෙන්න පුළුවන් බාල තත්වයේ ජංගම දුරකථයක් කියලා. ඒත් ඒක එහෙම නැහැ. Hardware අතින් හා Specs අතින් $700ක ජංගම දුරකථනයකට දෙවැනි නැහැ.3200mA වගේ වැඩි ධාරිතාවයකින් යුත් මේ OnePlus One දුරකථනයේ බැටරිය ගලවා ඉවත් කරන්නට නම් බැහැ. ඒ වුනත් පසුපස ආවරණය පහසුවෙන් ගැලවිය හැකි නිසා විවිධ මෝස්තර ගණනාවක් අතරින් කැමති ආවරණයක් තෝරාගන්නට ඔබට හැකියාව තිබෙනවා. අධි ධාරිතා බැටරියකින් බල ගැන්වෙන නිසා පහසුවෙන් දවස් 2ක කාලයක් සඳහා බැටරිය ප්‍රමාණවත්. සාමාන්‍යෙයන් ජංගම දුරකථනයක් හැමදාම රෑට charge කරන්නනේ අපි පුරුදුවෙලා ඉන්නේ. ඒත් මේ ෆෝන් එකනම් දවසක් ඇර දවසක් වුනත් charge කරලා පාවිච්චි කරන්න බැරි නැහැ.සාමාන්‍යෙයන් ජංගම දුරකථනයක අඩංගු වන්නේ එක Mic එකක් පමණයි. හැබැයි මෙහි Mics 3ක් ඇතුලත්. ඒ නිසා වඩා හොඳින් බාහිර ශබ්ධ වලින් කටහඬ වෙන්කරලා පැහැදිලි හඬක් ලබාදෙන්නට මේ දුරකථනයට හැකියාව තියෙනවා. මුල් කාලයේදී මේ ජංගම දුරකථනයට ලැබෙන ඇමතුම් වල හඬ ඉතාමත් අඩු වුනත් පසුව Software update එකකින් ඒ අඩුපාඩුව හදන්නට OnePlus සමත් වුනා.SoftwareOnePlus One හි විශේෂතම අංගය වන්නේ Software features. Android KitKat මත නිර්මාණය වුණු Cyanogenmod මෙහෙයුම් පද්ධතියයි මෙහි ඇතුලත් වන්නේ. මේ ජංගම දුරකථනය වෙනුවෙන්ම නිකුත් වූ සංස්කරණයක් වන Cyanogenmod 11S අඩංගු OnePlus One, Nexus එකකට සමාන දුරකථනයක් කියලා හඳුන්වන්න පුළුවන්.Nexus වගේ pure android අත්දැකීමක් ලබන්නට පුළුවන් වගේම තමන්ට අවශ්‍ය විදියට customize කරන්නත් අවස්ථාවක් තිබෙනවා. Boot Animation, Theme වගේම Buttons පවා වෙනස් කරන්නට Cyanogenmod පාවිච්චි කරන ඔබට හැකියාව ලැබෙනවා. ෆෝන් එකේ Off Screen capacitive buttons වෙනුවට On screen buttons වලට මාරුවෙන්නටත්, අවශ්‍යතාවය අනුව අලුතෙන් buttons එකතු කරගන්නටත් හැකියාව තියෙනවා. මෙහි Lock screen එකත් තරමක් වෙනස්. Lock screen එක හරහා ක්ෂණිකව කැමරාවට යොමුවීමටත් හැකියාව කිබෙනවා.ඒ වගේම ලඟදීම Android Lollipop සඳහා සහාය ලබාදෙන්නටත් සූදානමක් තියෙනවා කියලා දැනගන්න ලැබුනා. ඒ විතරක් නෙවෙයි OnePlus සමාගමෙන්ම නිර්මාණය කල Android මත පදනම් වුනු Oxygen OS නම් අලුත් මෙහෙයුම් පද්ධතියක් OnePlus වෙත ලබාදෙන්නටත් OnePlus සූදානම් වෙනවා. ඒ අතින් බලනකොට මෘදුකාංග සඳහා ඔබ කැමති ආකාරයේ තීරණයක් ලබාගන්නට OnePlus හරහා ඔබට හැකියාව ලැබෙනවා.Cameraකැමරාව ගැන කතා කරනවනම් OnePlus One කැමරාව 13MP කැමරාවක්. ඒ වගේම මෙහි 5MP ඉදිරිපස කැමරාවකුත් ඇතුලත්. ඒ නිසා ඉතින් Selfie වලට සුපිරි කැමරා එකක්. Camera app එක සම්පූර්ණයෙන්ම වගේ redesign කිරීමට Cyanogenmod සමත් වෙලා. ඒ අනුව පහසුවෙන් විවිධ Modes වලට මාරු වෙන්නටත්, ක්ෂණිකව ඡායාරූප ගැනීමත් හැකියාව තියෙනවා. මේ කැමරාවෙන් ලබාගන්න ඡායාරූප තත්වයෙන් උසස්. නියම වර්ණ සංයෝඡනයත්, නියම වර්ණ ප්‍රතිනිර්මාණයත් නිසා එදිනෙදා කැමරාවක් ලෙස භාවිතයට සුදුසුයි. 4K ප්‍රමාණයේ වීඩියෝකරණයට හැකියාව තිබුණත් Optical Image Stabilizer එකක් නොමැති නිසා වීඩියෝ ඒ තරම් හොඳ තත්වයේ නැහැ. එසේ වුනත් Slow Motion වීඩියෝ ලබාගන්නටත් මේ කැමරාව සමත්. Dual LED Flash එකක් සහිත නිසා රාත්‍රී කාලයේදී වුවත් ඡායාරූප ගන්නට පුළුවන්. ඒත් අඳුරේ ලබාගන්නා ඡායාරූප වල තත්වය නම් ඒ තරම් හොඳ තත්වයේ නැහැ. HDR ඡායාරූප නම් වෙනත් කැමරා සමඟ සසඳන විට ඉතාමත් හොඳ තත්වයේ තිබෙනවා. අපි මීට පෙර review කල Galaxy Note 3 ෆෝන් එකේ කැමරාවට වඩා මෙහි කැමරාව හොඳයි.PerformanceRam මතකය 3GB වන නිසා පහසුවෙන් Apps ගණනාවක් handle කරන්න හැකියාව තියෙනවා. Web browsing වලදීත් කිසිදු අපහසුවක් හෝ හිරවීමක් සිදුවන්නේ නැහැ. Resolution වැඩි තිරය නිසා කුඩා අකුරු පවා පැහැදිලිව දැකගන්නට පුළුවන්. ඒ වගේම Gaming performance වුනත් හොඳ මට්ටමක තිබෙනවා. තිරය විශාල නිසා චිත්‍රපට, විඩියෝ පට නරඹන්නත්, Stereo Sounds ද ඇති නිසා හොඳ වින්දනාත්මක අත්දැකීමක් ලබාගන්න පුළුවන්. ඒත් Speakers දෙකම එකම පැත්තේ තිබෙන නිසා චිත්‍රපට, වීඩියෝ පට නරඹන විට නියම stereo අත්දැකීමක් විඳින්නට බැහැ.How to Buyහැබැයි ඉතින් OnePlus කියන්නේ සල්ලි දීලා වුනත් ලේසියෙන් මිලදී ගන්න පුළුවන් ෆෝන් එකක් නෙවෙයි. ඒ කියන්නේ මේ දුරකථනය මිලදී ගන්නට ඔයාලට කාගෙන්හරි දැනට මිලදී ගත්ත කෙනෙකුගෙන් invite එකක් අවශ්‍ය වෙනවා. හැබැයි ලංකාවේ අපිට නම් දැන් රුපියල් 50000 ක වගේ මිලකට MyStore.lk වෙබ් අඩවිය හරහා මිලදී ගන්න පුළුවන්.ඒත් තාම ලෝකේ අනිත් රටවල් වලත් ලේසියෙන් මිලදීගන්න බැරි මේ ජංගම දුරකථනය කොහොමද ලංකාවට අාවේ. OnePlus කියන්නේ චීන සමාගමක්. ඒ නිසා ඒ අය වැඩියෙන්ම අවධානය යොමුකරන්නේ ආසියානු කලාපයේ ‍වෙළඳපල ගැනයි. ඉතින් ඉන්දියාව තුල මේ ජංගම දුරකථනය ප්‍රචලිත කරන්න OnePlus දුරකථනය පෙබරවාරි 10 වෙනිදා සිට සාමාන්‍ය පරිදි වෙළඳපලට නිකුත් කලා. අන්න ඒ විදියට තමයි OnePlus One ලංකාවට අාවේ.තව සමහර අය තරමක් බයෙන් ඉන්නවා ලංකාවේ ඇතුලේ මේ ෆෝන් එක වැඩකරනවාද කියලත්. ඒත් 4G LTE ඇතුළුව සියළුම වර්ගයේ සම්බන්ධතා සඳහා OnePlus One ලංකාව ඇතුලදී සහාය දක්වනවා කියලා අපට දැකගන්නට ලැබුනා.MyStore.lk හරහා මිලදී ගන්න ඔයාලට සම්පත් බැංකු ක්‍රෙඩිඩ් කාඩ් එකකින් රු. 49,770 රු. 51,885 මුදලකටත් මිලදී ගන්න පුළුවන් වගේම පහසු ගෙවීම සඳහා ක්‍රෙඩිට් කාඩ් එකක් මඟින් වාරික ලෙස ගෙවීමේ පහසුකම් වුවත් ලබාගන්නට පුළුවන්. ඒ වගේම කොළඹ අවට ප්‍රදේශ වලට නොමිලයේම ගෙදරටම ගෙන්වා ගන්නටත් හැකියාව තිබෙනවා.Conclusionමේ විදියට බලනකොට හැම අතින්ම ගත්තම දැනට ලංකාවේදී මිලදී ගන්න පුළුවන් හොඳම ස්මාර්ට් ෆෝන් එක කියලා හඳුන්වන්න පුළුවන්. Apple, Samsung වගේ දැවැන්න නම් වල දැවැන්ත marketing වලට ගෙවන මුදලත් අපිම ගෙවනවද? නැත්නම් නම වැඩිය ප්‍රසිද්ධ නැති වුනත් හොඳ තත්වයේ උසස් ජංගම දුරකථනයක් මිලදී ගන්නවද කියලා ඔයාලම හිතලා බලන්න.දැනටමත් ඔයාලා OnePlus One භාවිත කරන කෙනෙක් නම් අපිට ඔයාලගේ අත්දැකීම්, දෝෂාරෝපණත් කියන්න අමතක කරන්න එපා. ඒක OnePlus One දුරකථනයක් ගන්න ඉන්න කෙනෙකුට ලොකු උපකාරයක් වේවි.
තාක්ෂණය ගැන අවධානයෙන් ඉන්න කෙනෙක් නම් ඔයාලා මේ වෙනකොටත් OnePlus One ගැන අහලා ඇති.
321
ශ‍්‍රී ලංකාවේ ස්මාර්ට්ෆෝන් අලෙවි සමාගම්වලින් දෙවෙනි ස්ථානයට Huawei නම් කරයි. Huawei 2014 අවසන් කාර්තුවේ දී ශ‍්‍රී ලංකා වෙළෙදපොළින් 18% ක් අත් කර ගනී.2015 මාර්තු 11 වෙනි දා – ශ‍්‍රී ලංකාවේ, කොළඹ දී: ප‍්‍රධාන පෙළේ ජාත්‍යන්තර තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසදුම්සැපයුම් ආයතනයක් වන Huawei, 2014 අවසන් කාර්තුවේ ශ‍්‍රී ලංකාවේ ස්මාර්ට්ෆෝන් අලෙවිසමාගම් අතරින් දෙවෙනි ස්ථානය අත් කර ගත් බවට ජාත්‍යන්තර දත්ත සංස්ථාව (IDC) නිවේදනය කරන ලදි.වාර්තාවට අනුව සමස්ථ ස්මාර්ට්ෆෝන් වෙළෙදපොළෙන් 18% ආසන්න ප‍්‍රමාණයක් Huawei සමාගම අත් කර ගෙන ඇත. Huawei නිෂ්පාදන දිවයින පුරා බෙදාහැරීම සිදු කරන්නේ මෙරට විශ්වාසය දිනූ සිංගර් සමාගම බැවින් Huawei නාමය සඳහා ප‍්‍රධාන නඟර සහ උඩරට වෙළෙදපොළවල්වලින් හොඳ ඉල්ලූමක් පවතින බවට මෙම වාර්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.Huawei සමාගමේ පාරිභෝගික ව්‍යාපාර සමූහ ශ‍්‍රී ලංකා ප‍්‍රධානී හෙන්රි ලියු මහතා මෙසේ පැවසුවේ ය. ‘‘ස්මාර්ට්ෆෝන් කාණ්ඩයේ නායකත්වය කරා ගමන් කරන සමාගමක් ලෙස අපි IDC විසින් අපට ලබාදුන් ස්ථානය පිළිබඳව ඉතාමත් සතුටු වන්නෙමු. පසුගිය වසරේ අපගේ සන්නම් නාම තේමාව වූ ‘Make It Possible’ යන්න ස්ථාපිත කරමින් උසස් තත්ත්වය, ඉහළ අත්දැකීම් සහ විශිෂ්ට සේවාව සමඟ පිළිගත් සන්නම් නාමයක් ශ‍්‍රී ලංකාව තුළ ගොඩනැගීමෙහිලා වූ අපගේ ප‍්‍රධාන උපායමාර්ගය කෙරේ අඛණ්ඩව අවධානය යොමු කිරීම මෙම ජයග‍්‍රාහනය තුළින් මනාව පැහැදිලි වේ.’’Huawei සමාගමේ අලෙවිකරණ අංශ ප‍්‍රධානී ස්ටැන්ලි මැස්කරේනස් මහතා මෙසේ පැවසුවේය. ‘‘ශ‍්‍රි ලංකාවේ ඉහළ අලෙවියක් පවතින ස්මාර්ට්ෆෝන් මාදිලි අතර Honor 3C, Huawei ඇසෙන්ඞ් P7 සහ Huawei මේට් 7 ඇතුළත් වේ. සන්නම් නාමය සහ එය භාවිත කරන්නන් අතර හැඟීම්බර සම්බන්ධතාවයක් ගොඩනඟමින් සහ සිංගර් හරහා අපි පිරිනමන ඉහළ සහයෝගය සහ දීපව්‍යාප්ත බෙදාහැරීම පරිපූර්ණ සන්නම් නාමයක් ලෙස Huawei නාමය ශ‍්‍රී ලාංකීය පාරිභෝගිකයන් අතර ප‍්‍රචලිත කිරීමට සමත් වේ.’’
ශ‍්‍රී ලංකාවේ ස්මාර්ට්ෆෝන් අලෙවි සමාගම්වලින් දෙවෙනි ස්ථානයට Huawei නම් කරයි.
322
නොකියා සමාගමේ අතිශය ජනප්‍රිය ජංගම දුරකථන මාදිලියක් වුණු Nokia 1100 දුරකථනය ඔන්න දැන් ආයෙත් කතාබහට ලක්වෙන්න පටන් අරන්. ඒ Nokia 1100 නමින් නම් කළ quad core ජංගම දුරකථනයක් අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය වන Lollipop සහිතව වාර්තා වීමත් සමඟයි.මේ විප්ලවීය ජංගම දුරකථනය ගැන නැවත කථාබහට ලක්වුනේ Nokia Power User වෙබ් අඩවියේ benchmark සඳහන් කිරීමකින්. Geekbench හරහා සිදුකරන ලද මිණුම්කරණයට අදාලව Nokia 1100 ජංගම දුරකථනය MediaTek (MT6582) Quad Core ප්‍රොසෙසරයකින් බල ගැන්වෙන මෙහි Ram මතකය 512MB වනවා. කෙසේ නමුත් මේ ජංගම දුරකථනය පිළිබඳව මීට වඩා වැඩි තොරතුරක් එහි සඳහන් වන්නේ නැහැ.Nokia 1100 ජංගම දුරකථනයේ නිෂ්පාදන දත්ත අනුව ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් තබා කිසිදු ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් එහි ක්‍රියාත්මක වීම විශ්වාස කිරිමට නොහැකියි. බොහෝ විට නොකියා සමාගම විසින් අලුතින් නිෂ්පාදනය කරන ලද ස්මාර්ට් ෆෝන් එකකට පැරණි නම භාවිතා කර ඇති අවස්ථාවක් විය හැකි බවයි බොහෝ දෙනාගේ මතය. ඒ වගේම නොකියා සමාගම මයික්‍රොසොෆ්ට් විසින් මිලදී ගැනීමත් සමඟ එකඟවූ එකඟතා අනුව ස්මාර්ට් ජංගම දුරකථන සඳහා 2016 අවසන් කාර්තුව දක්වා සිය නොකියා නාමය භාවිත කල නොහැකියි. ඒ නිසාවෙන් මේ නව Nokia 1100 ජංගම දුරකථනය 2017 වසරට පෙර වෙළඳපලට නිකුත්වේවි යැයි බලාපොරොත්තු තබාගත නොහැකියි.2003 වසරේදී නිකුත් වුන Nokia 1100 ජංගම දුරකථනය සමාගමේ වැඩිම අලෙවියක් සහිත ජංගම දුරකථනය වුනේ වාර්ථාගත මිලියන 250ක ජංගම දුරකථන අලෙවියක් වාර්ථාකරමිනි. ඒ වගේම ලොව ජනප්‍රියතම ජංගම දුරකථනය බවට පත්වීමටත් Nokia 1100 දුරකථනයට හැකියාව ලැබුනා.
නොකියා සමාගමේ අතිශය ජනප්‍රිය ජංගම දුරකථන මාදිලියක් වුණු Nokia 1100 දුරකථනය ඔන්න දැන් ආයෙත් කතාබහට ලක්වෙන්න පටන් අරන්.
323
බොහෝමයක් චිත්‍රපට නිර්මාණයේදී එහි නිර්මාණකරුවන් ඉතාමත් සියුම් දේවල් වලට පවා අවධානය යොමුකරනවා. උදාහරණයක් විදියට චිත්‍රපටයක ආරම්භය හා අවසාන අතර සබැඳියාවක් තිබෙන චිත්‍රපට රාශියක් දැකගන්නට පුළුවන්. ඒත් බොහෝ වෙලාවට චිත්‍රපටයේ ඇති සිත්ඇදගන්නා සුළුබව නිසා හෝ රසාස්වාදයේ අඩුවක් නිසා අපි චිත්‍රපටයේ රූපරාමු අතර අතරමං වනවා. ඒ හේතුවෙන් අපට චිත්‍රපටයේ සමහර සියුම් දේ මඟහැරී යනවා.නමුත් Jacob T. Swinney නම් පුද්ගලයා චිත්‍රපට 55ක මුල් රූපරාමු කිහිපය හා අවසන් මොහොතේ රූපරාමු කිහිපය එක්කාසු කර හරි අපූරු වීඩියෝපටයක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ අපූර්වත්වය මේ වීඩියෝ පටය නරඹලාම බලන්න. ( මේ චිත්‍රපට 55 අතරින් වැඩිහරියක් චිත්‍රපට ඔබ නරඹලා තිබෙනවානම් ඔබට වඩා හොඳ අදහසක් ගන්න පුළුවන් වේවි.)
බොහෝමයක් චිත්‍රපට නිර්මාණයේදී එහි නිර්මාණකරුවන් ඉතාමත් සියුම් දේවල් වලට පවා අවධානය යොමුකරනවා.
324
පුද්ගලයින් 150 දෙනෙකු රැගත් ගුවන් යානයක් ප්‍රංශයේදී කඩා වැටී තිබෙනවා. Germanwings ගුවන් සමාගමට අයත් A320 ගුවන් යානයකුයි මෙලෙස අනතුරට පත්ව ඇත්තේ. ස්පාඥ්ඥයේ බාර්සිලෝනා නගරයේ සිට ඩුසෙල්ඩෝෆ් දක්වා ගමන් ගත් යානය ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටියට කඩාවැටී තිබෙනවා. මේ අනතුරින් යානයේ ගමන්ගත් මඟින් හා කාර්යමණ්ඩලය සියළු දෙනාම මියගොස් ඇති බවයි වාර්ථා වන්නේ. මිය ගිය අතර පාසල් දරුවන් 16 දෙනෙක්, ජර්මන් ජාතිකයින් 67ක් සහ කාර්යමණ්ඩලය 6 දෙනෙකු සිටි බවයි වාර්ථාවන්නේ.පුද්ගලයින් 150 දෙනෙකු රැගත් ගුවන් යානයක් ප්‍රංශයේදී කඩා වැටී තිබෙනවා. Germanwings ගුවන් සමාගමට අයත් A320 ගුවන් යානයකුයි මෙලෙස අනතුරට පත්ව ඇත්තේ. ස්පාඥ්ඥයේ බාර්සිලෝනා නගරයේ සිට ඩුසෙල්ඩෝෆ් දක්වා ගමන් ගත් යානය ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටියට කඩාවැටී තිබෙනවා. මේ අනතුරින් යානයේ ගමන්ගත් මඟින් හා කාර්යමණ්ඩලය සියළු දෙනාම මියගොස් ඇති බවයි වාර්ථා වන්නේ. මිය ගිය අතර පාසල් දරුවන් 16 දෙනෙක්, ජර්මන් ජාතිකයින් 67ක් සහ කාර්යමණ්ඩලය 6 දෙනෙකු සිටි බවයි වාර්ථාවන්නේ.අනතුරෙන් මියගිය අය අතර ප්‍රසිද්ධ ස්පාඥ්ඤ ජාතික ඔපෙරා ගායිකාවක්, ඕස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනෙක්, ජපන් ජාතිකයින් දෙදෙනෙක් හා ඇමරිකන් ජාතකයෙක්ද සිටි බවයි දැනට වාර්ථා වන තොරතුරු වලින් හෙළිවන්නේ. මේ අනතුර නිසාවෙන් දැනට ගුවන් යානා නියමුවන් ඇතුළු කාර්යමණ්ඩලයේ බොහෝ පිරිසක් Germanwings ගුවන් සේවයේ සේවය කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.දෝෂ සහිත යානයක් මේ ආකාරයට භාවිතයට ගැනීම සම්බන්ධයෙන් වගකිව යුතු නිළධාරීන් මේ වන විට ප්‍රශ්ණ කිරීම් සඳහා යොමුකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකරන බව බළධාරීන් පවසා සිටිනවා. අඩු පිරිවැය ගුවන් ගමන් සඳහා වැඩි වශයෙන් භාවිත වන A320 ගුවන් යානා සියල්ලක්ම මේ අනතුරන් පසුව පූර්ණ පරික්ෂාවට ලක්කෙරෙනු ඇත. අපේ රටේ භාවිත වන ගුවන් යානා බහුතරයක්ම A320 යානා වන අතර දැනට භාවිතයේ පවතින සමහර A320 යානා වසර 20ක් පමණ පැරණි ඒවායි.කෙසේ නමුත් Airbus A320 යානය ආරක්ෂාව අතින් විශිෂ්ඨ යානයක්. මීට පෙර A320 යානා වලින් සිදුවූ අනතුරු වලින් 90%කට අධික ප්‍රමාණයක් මිනිස් අත්වැරදීම් මත සිදූවූ ඒවා මිස යානයේ දෝෂ නිසා සිදුවූ ඒවා නොවේ. අනෙක යානය පහළ බැසීම ආරම්භ වීමෙන් පසුව අනතුරක් පිළිබඳව තොරතුරු පාලන මැදිරිය වෙත වාර්ථා කිරීමට ගුවන් නියමුවා අපොහොසත් වීම නිසා මේ අනතුර සඳහාත් ගුවන් නියමුවාගේ දෝෂයක් නිසා සිදුවූවක් විය හැකිබවත් ඇතැම් ගුවන් යානා ආරක්ෂක විශේෂඥයින් මත පළකර සිටිනවා.අනතුරෙන් විනාශ වූ යානයේ සුන් බුන් සෙවීම මේ වන විට සිදුවන අතර යානය කුඩා කොටස් වලට විනාශ වී ඇති බවයි යානයේ සුන්බුන් ඉවත් කිරීමේ සේවකයින් පවසන්නේ. යානය අනතුරට පත්වූ ස්ථානය ජනාවාස වලින් බොහෝම ඈත කඳුකර ප්‍රදේශයක් නිසාවෙන් සුන් බුන් ඉවත් කිරීම හා මිය ගිය අයගේ සිරුරු සෙවීම අතිශය දුෂ්කර කාර්යයක් වී ඇත. එම ස්ථානයට ලඟා විය හැක්කේ හෙලිකොප්ටර් යානා වලින් පමණක් බවයි සහන සේවා නිළධාරීන් පවසන්නේ. කෙසේ නමුත් මේ වන විට යානයේ තිබූ කළ පෙට්ටි (BlackBox) දෙකෙන් එකක් සොයාගෙන ඇති අතර එය කඩිනමින් පරීක්ෂාකර දත්ත ලබාගැනීම සඳහා යොමුකර ඇත. සාමාන්‍යයෙන් ගුවන් යානයක සියළුම තොරතුරු සටහන් වන්නේ මේ කළු පෙට්ටියේය. ඒ නිසා කළු පෙට්ටියේ තොරතුරු අනාවරණය වීමෙන් පසුව අනතුරට හේතුව ගැන හෝඩුවාවක් සොයාගන්නට හැකි වේවි.
පුද්ගලයින් 150 දෙනෙකු රැගත් ගුවන් යානයක් ප්‍රංශයේදී කඩා වැටී තිබෙනවා.
325
පුද්ගලයින් 150 රැගෙන ස්පාඥ්ඥයේ බාර්සිලෝනා නගරයේ සිට ඩුසෙල්ඩෝෆ් දක්වා ගමන් ගත් 4U9525 යානය අනතුරට පත්වීමට හේතුව මේ වන විට හෙළිව තිබෙනවා. සොයාගත් කළු පෙට්ටියේ තිබූ තොරතුරු අනුව යානයේ සහාය නියමුවා විසින් හිතාමතා සිදුකළ අනතුරක් බවයි මේ වන විට ප්‍රංශ බළධාරීන් විශ්වාස කරන්නේ.යානය අනතුරට පත්වීමෙන් පසුව යානයේ තිබූ කළු පෙට්ටි දෙකෙන් එකක් සොයාගත් අතර එහි පටිගත වී ඇති ශබ්ද විශ්ලේෂණයෙනුයි මේ නිගමනයට එළඹ ඇත්තේ.යානයේ ප්‍රධාන නියමුවා නියමු කුටියෙන් පිටතට ගිය අවස්ථාවේදී යානය ක්ෂණිකව අඩි 38,000 මට්ටමේ සිට පහළට ගමන් කිරීම අරඹා තිබෙනවා. ඒ අවස්ථාවේදී සහාය ගුවන් නියමුවා නියමු කුටිය අගුළුලා ඇති අතර ප්‍රධාන නියමුවා කෑගසමින් නියමු කුටියේ දොරට තට්ටු කළද සහාය නියමුවා දොර විවෘත කර නැහැ. මේ සිදුවීම වන විට සහාය නියමුවා පියවි සිහියෙන් සිටි බවට තොරතුරු කළු පෙට්ටියේ පටිගත වූ සහාය නියමුවා හුස්ම ගන්නා ශබ්ද වලින් නිගමනය කර තිබෙනවා. ඒ අනුව මේ අනතුර පැහැදිලිවම හිතාමතා සිදුකළ අනතුරක් විය හැකි බවයි බළධාරීන් පවසන්නේ.28 හැවිරිදි Andreas Lubitz නමින් හැඳින්වෙන සහාය නියමුවා 2013 වසරේදී ගුවන් නියමුවකු ලෙස Germanwings ගුවන් සේවයට එකතු වූ අයෙක්. 2008 වසරේ ගුවන් යානා පුහුණුවෙන් පසු ගුවන් සේවකයෙකු ලෙස සිය පළමු රැකියාව කළ ඔහු ඉතා කෙටි කලෙකින් සහාය නියමුවා බවට පත්විය. ගුවන් සහාය නියමුවාගේ අරමුණ ගුවන් යානය විනාශ කිරීම බව පැහැදිලිවම සනාථ වන කරුණු ඇතත්, ඔහු කිසිදු ත්‍රස්තවාදී කණ්ඩායමක සාමාජිකයෙකු නොවන බව ද හෙළිව තිබෙනවා.ඇමරිකානු ගුවන් ගමන් නීති රීති අනුව නම් ගුවන් ගමනක් අතරතුර සෑම විටම ගුවන් නියමුවන් දෙදෙනාම නියමු කුටිය තුල සිටිය යුතු මුත් යුරෝපීය ගුවන් ගමන් නීති තුල එවැනි නීතියක් නොමැත. ඒ නිසාවෙන් බොහෝ යුරෝපීය ගුවන් ගමන් වලදී ප්‍රධාන ගුවන් නියමුවා නියමු කුටියෙන් පිටතයෑම සුලබ වන අතර මේ ගුවන් යානයේ ගුවන් නියමුවා එලෙස පිටතට ගිය අවස්ථාවේදී නියමු කුටිය අගුළු ලෑමට සහාය නියමුවා ක්‍රියාකර ඇත.මේ සිදුවීම ගුවන් ගමන් ඉතිහාසයේ මහා ඛේදවාචකයක් ලෙස සටහන් වනු ඇති අතර මීට පෙර අතුරුදන් වූ MH370 යානයේ ගුවන් නියමුවා ද මෙලෙස සියදිවි හානිකරගැනීම සඳහා සිය ගුවන් යානය ඉන්දියන් සාගර පතුලට රැගෙන යන්නට ඇතැයි ද මතයක් පවතී.
පුද්ගලයින් 150 රැගෙන ස්පාඥ්ඥයේ බාර්සිලෝනා නගරයේ සිට ඩුසෙල්ඩෝෆ් දක්වා ගමන් ගත් 4U9525 යානය අනතුරට පත්වීමට හේතුව මේ වන විට හෙළිව තිබෙනවා.
326
Facebook සමාගමේ අලුත්ම අංග හා සේවාවන් හඳුන්වා දෙන වාර්ෂික F8 සමුළුව ඊයේ දිනයේදී සැන් ෆ්‍රැන්සිස්කෝ හීදී පැවැත්වුනා. ෆේස්බුක් ප්‍රධාන විධායක නිළිධාරී මාර්ක් සකර්බර්ග් සහ ඔහුගේ සහායකයින් මෙහිදී අපූරු නිර්මාණ කිහිපයක්ම හඳුන්වා දුන්නා. ඒ අතරින් අංශක 360ම ආවරණය වන ගෝලාකාර වීඩියෝ, මැසෙන්ජර් සේවාවට Third Party add-on එක්කරගත හැකි වීම හා ෆේස්බුක් වීඩියෝ පහසුවෙන් වෙබ් අඩවි වල embed කිරීමේ පහසුකම් කැපී පෙනුනා. පහතින් දැක්වෙන්නේ F8 හි විශේෂ අවස්ථා දැක්වෙන මිනිත්තු 2ක වීඩියෝ පටයකි.
Facebook සමාගමේ අලුත්ම අංග හා සේවාවන් හඳුන්වා දෙන වාර්ෂික F8 සමුළුව ඊයේ දිනයේදී සැන් ෆ්‍රැන්සිස්කෝ හීදී පැවැත්වුනා.
327
LG සමාගමේ අලුත්ම ජංගම දුරකථනය ගැන අලුත්ම හෝඩුවාවක් ලැබී තිබෙනවා. ලබන අප්‍රේල් 28 වනදා පැවැත්වෙන විශේෂ උළෙලකදී සිය සමාගමේ අලුත්ම ජංගම දුරකථනය වන LG G4 එළිදැක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ වන විට නිව්යෝර්ක්, ලන්ඩන්, පැරිස්, සිංගප්පූර් වගේ රටවල පැවැත්වෙන උත්සවයට ආරාධනාපත් පවා නිකුත් කරලා. ඉහතින් දැක්වෙන්නේ ඒ ආරාධනා පත්‍රයයි.පසුගිය වසරේ මැයි මාසයේදී මේ වගේම ආරාධනාපතකින් ආරාධන කල උත්සවයේදී තමයි LG G3 ජංගම දුරකථනය එළිදැක්වුනේ. කෙසේ වෙතත් මේ ආරාධනා පත්‍රයේ දැක්වෙන ආකාරයට නම් නව G4 ජංගම දුරකථනයේ බාහිර පෙනුම බොහෝවිට ලෙදර් පෙනුමක් ගැනීවි යැයි සිතන්නට පුළුවන්. කෙසේ වෙතත් මීට පෙර අන්තර්ජාලයට අහම්බෙන් මුදාහැර තිබූ ඡායාරූප වලනම් LG G4 දුරකථනයේ පෙනුම G3 හි පෙනුමට ආසන්න පෙනුමක් ලෙසයි දකින්න ලැබුනේ.මේ තියෙන්නේ දැනට වාර්තාවෙලා තියෙන විදියට මේ ජංගම දුරකථනයේ Specs.මේ කොහොම වුනත් අපිත් සූදානම් LG G3 වල වගේම LG G4 වල review එකක් හැකි ඉක්මනින්ම ඔයාලට අරගෙන එන්න. එ් වෙනකම් අපි මීට කළින් review කළ OnePlus One, iPhone 6, LG G3 වගේ ජංගම දුරකථන වල review සියල්ලම මෙතනින් බලන්න පුළුවන්.
LG සමාගමේ අලුත්ම ජංගම දුරකථනය ගැන අලුත්ම හෝඩුවාවක් ලැබී තිබෙනවා.
328