si_2214009_0 කින්නියා මූලික රෝහලේ පහසුකම් වැඩිදියුණු කරන්නැයි ඉල්ලා දින 4ක සිට ක්‍රියාත්මක වූ උද්ඝෝෂණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් අද අවසන් කෙරිණි si_2214009_1 ඒ, අද හදිසියේම ජනාධිපතිතුමා කින්නියා රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේදී ය si_2214009_2 ත්‍රිකුණාමලයේ පැවැත්වෙන යොවුන්පුරය කඳවුරට සහභාගිවීම සඳහා යන අතරතුර ජනාධිපතිවරයා කින්නියා මූලික රෝහලට පැමිණ තිබේ si_2214009_3 රෝහලේ පහසුකම් වැඩිදියුණු කරන්නැයි ඉල්ලා, විරෝධතාවයේ නිරත වූ ජනතාව සමග මෙහිදී ජනාධිපතිතුමා අදහස් හුවමාරු කර ගත්තේ ය si_2214009_4 අනතුරුව රෝහල නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා එහි පහසුකම් වැඩිදියුණු කිරීමට සහතික වූ බව අප වාර්තාකරු සඳහන් කළේ ය