si_100440_0 මෙවර ජනපතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථානවල සහ ඒ අවට ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන  ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසනවා si_100440_1 එළඹෙන ජනාධිපතිවරණයේදී පොලිස් නිලධාරීන් රාජකාරි කටයුතුවල යෙදීම පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොළඹ පොලිස් මූලස්ථානයේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා si_100440_2 එම මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ මෑත ඉතිහාසයේ වැඩිම පොලිස් නිලධාරීන් පිරිසක් යොදා ගැනෙන්නේ එළඹෙන ජනාධිපතිවරණයේදී බවයි.