{"Header": "නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් මඩකලපුවේ දී සංකේතාත්මකව ධජයන්ට ආශීර්වාද පැතීමේ උත්සවයක", "Time": "07th October 2018 21:30:45 Hours", "Content": "69 වන යුද්ධ හමුදා සංවත්සරයට සහ (ඔක්තෝම්බර් 10) දිනට යෙදි තිබෙන යුද්ධ හමුදා දිනයට සමගාමීව නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය 23 වන සේනාංකය සමඟ එක්ව ධජයන්ට ආශීර්වාද පැතීමේ උත්සවයක් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ගේ සහභාගීත්වයෙන් බ්‍රහස්පතින්දා (06) දින මඩකලපුව, මංගලාරාමයේ දී පවත්වනු ලැබීය. මෙම ආගමික වැඩසටහන 23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චූලා අබේනායක සහ 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සෙනෙරත් නිවුන්හැල්ල ගේ සංකල්පයකට අනුව සංවිධානය කරනු ලැබීය. තවද මෙම ආගමික උත්සවය සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය, නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙස සහ 23 වන සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගි වූහ. මඩකලපුව, මංගලාරාමයේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් ප්‍රධානත්වයෙන් යුතු මහා සංඝයා වහන්සේලා විසින් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය, නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙස, 23 වන සේනාංකය, 231 වන බලසේනාව, 232 වන බලසේනාව, 233 වන බලසේනාව සහ මඩකලපුව ප්‍රදේශයේ ස්ථාපිත සියළුම මූලස්ථාන ධජයන්ට සෙත්පතා ‘පිරිත් සජ්ඣායනාවක්’ පවත්වනු ලැබීය. මෙම ආගමික වතාවත් සිදු කරමින් සියලුම රණවිරුවන්ට ගෞරවය පුදකල අතර තුවාල ලැබු යුද්ධ හමුදා සාමාජිකයින් මෙන්ම නැගෙනහිර ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ආශීර්වාද එක් කළහ. මෙම ආගමික උත්සවය සඳහා නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක, බලසේනාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගි වූහ."}