diff --git "a/validation.csv" "b/validation.csv" new file mode 100644--- /dev/null +++ "b/validation.csv" @@ -0,0 +1,501 @@ +summary,text +වකුගඩු රෝග වලට ගොදුරු වීමේ ප්‍රවනතාවය වැඩිවීමෙන් ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව අසරණ තත්ත්වයකට වැටී ඇත.,"වකුගඩු රෝගයෙන් පෙලෙන කුමාරසිංහ සිය බිරිඳ සහ දියණියන් දෙදෙනා සමඟ වැඩිපුර ම වකුගඩු සායන වාර්තා වන්නේ උතුරු මැද පලාතෙන් හා ඒ ආශ්‍රිතවයි. “ දවල් දහයේ විතර ඉඳන් දෙක වෙන කන් විතර මොනවා වෙනවද කොහේ ඉන්නවද කියලා තේරෙන්නේ නැහැ. පුදුම අමාරුවක් ඇඟට දැනෙන්නේ. නිතරම ක්ලිනික් යනවා. දවස් හතරකට සැරයක් ඩයලයිස් කරනවා, පැය හතරක්’ වසර තිහක් තිස්සේ වී ගොවියෙකුව සිටි කුමාරසිංහ හමුවූ සංදේශයේ තක්ෂිලා දිරුක්ෂිට ඔහු පැවසුවේය. සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව දැනට ශ්‍රී ලංකාවේ වකුගඩු සායන සඳහා ලියා පදිංචි රෝගීන් ගණන 180,000 කි. මෙයින් 17% ක් අනුරාධපුර, පොලොන්නරුව සහ කුරුණෑගලින් වාර්තා වේ. ගොවිතැන් වගා වැඩි වශයෙන් සිදුවන කලාප වල භාවිතා කෙරෙන කෘෂි රසායන ප්‍රමාණයද ඉතා අධික මට්ටමක පවතී. ජීවනෝපාය වකුගඩු ආබාධ වලට විශේෂයෙන්ම ගොදුරු වන්නේ ගෘහ මුලිකයන්. බොහෝ විට ගොවි පවුල්වල එකම නඩත්තුකරුවන් වන්නේ ගෘහ මූලික ගොවීන් වන අතර, එම තත්වය ඔවුන් වකුගඩු රෝගයට ගොදුරු වීමට හේතුවක් වී ඇත. එවැනි තත්වයක් යටතේ,තමන්ට තිබෙන එකම ජීවනෝපාය බිඳවැටීම හේතුවෙන් ගොවි පවුල් වල සාමාජිකයන් මුහුණ පා සිටින්නේ ජීවිතය ගැට ගසා ගැනීමේ අභියෝගයටයි. ""ගැහැනු ළමයි දෙන්නෙක් තමයි මට ඉන්නේ. ලොකුදුව ලබන අවුරුද්දේ විභාගය ලියන්න ඉන්නේ. පොඩි දුව හතේ පන්තියේ. අපට ජිවත් වෙන්න වෙන කිසිම මාර්ගයක් නැහැ"" කුමාරසිංහ පැවසුවේය. උතුරු මැද පළාතේ විශාල වශයෙන් පැතිර යන වකුගඩු රෝග ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අවධානය යොමුව ඇත. දිගින් දිගටම කෘෂි රසායනික ද්‍රව්‍යය භාවිතා කිරීම නිසා වකුගඩු රෝග පැතිර යාමේ ප්‍රවනතාවක් හට ගෙන ඇති බව රජය පිළි ගත යුතු අතර, එමගින් විපතට පත් වූවන්ට සහන ලබා දීමට ද පියවර ගත යුතු බව ගොවි සංවිධාන නායකයෙකු වන කේ පි ජයතිස්ස ප්‍රකාශ කරයි." +ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පණවන ලද නව සම්බාධක සම්බන්ධයෙන් රුසියාව එකට එක කිරීමේ ප්‍රතිචාරයක් දක්වා තිබේ.,"මොස්කව් අගනුවර පිහිටි තානාපති කාර්යාලයේ සේවය කරන පිරිස 455 දක්වා අඩුකරන මෙන් ඇමෙරිකාවට දැනුම් දුන් රුසියාව, තානාපති කාර්යාලයට අයත් ඇතැම් දේපොළ පරිහරණය කිරීම ද තහනම් කර තිබේ. ඒ අනුව ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන පිරිස, වොෂින්ටන් නුවර පිහිටි රුසියා���ු තානාපති කාර්යාලයේ සේවක පිරිස හා සමාන සංඛ්‍යාවකි. සබැඳි යොමු: එමෙන්ම එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රිකයන් විසින් රුසියාව තුළ නිවාඩු ගතකිරීම පිණිස භාවිත කරන නිවාස සහ ඔවුන්ගේ ගබඩා සංකීර්ණයක් ද පවරා ගනු ලබන බවත් රුසියාවේ විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. යුක්රේනයේ කොටසක්ව තිබූ ක්‍රිමියාව 2014 දී රුසියාව විසින් පවරාගනු ලැබීම ඇමෙරිකා එක්සත් ජනපදය රුසියාවට එරෙහිව නව සම්බාධක පැණවීමට එක හේතුවකි. ඇමෙරිකාව එම සම්බාධක නිවේදනය කළේ 2016 ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පාක්ෂික අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ගේ ප්‍රචාරක ව්‍යාපාරයට සම්බන්ධ වෙබ් අඩවිවලට රහසිගතව ඇතුළුවීමේ චෝදනාව මත ජනාධිපති බරක් ඔබාමා ගේ පරිපාලනය විසින් රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමෙන් මාස කිහිපයකට පසුවය. ඒ අවස්ථාවේ ඇමෙරිකාවේ පිහිටි රුසියානු රාජ්‍යතාන්ත්‍රික සංකීර්ණ දෙකක් පවරාගත් ඔබාමා පරිපාලනය, රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් 35 දෙනෙකු පිටුවහල් කළේය. සිකුරාදා (ජුලි 28) නිවේදනයක් නිකුත් කරන රුසියාවේ විදේශ අමාත්‍යාංශය ""අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමේ ව්‍යාජ චෝදනාව යොදාගනිමින් එකක් පසුපස එකක් ලෙසින් දැඩි රුසියානු විරෝධී පියවර,"" ගනිමින් සිටින බවට එක්සත් ජනපදයට චෝදනා කරයි. එමෙන්ම රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් පිටුවහල් කිරීම ""රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳ වියෙනා ප්‍රඥප්තිය මෙන්ම රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳ පිළිගත් ක්‍රමවේදයන් ද උල්ලංඝනය කිරීමක්,"" බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ." +ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය එම පක්ෂය විනාශය කරා මෙහෙයවමින් සිටින බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.,නව ජාතික ව්‍යාපාරයක් ආරම්භ කොට ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරන බව හිටපු ඇමති බැසිල් රාජපක්ෂ කියා සිටියි නිල වශයෙන් බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වූ ශ්‍රීලනිපය සම්මන්ත්‍රණයක් පැවැත්වීම සඳහා දස දෙනකුවත් සොයා ගැනීමට නොහැකි තත්වයකට මුහුණ දී ඇති බවයි හිටපු ඇමතිවරයා සඳහන් කළේ. මේ වන විට රටේ පක්ෂ දේශපාලනය තුළ යමි කිසි විකෘතියක් ඇති වී තිබෙන ඔහු කියා සිටියේ බදුල්ල හල්දුම්මුල්ලේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ හමුවක් අමතමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය කිරීමට කටයුතු කළ පුද්ගලයාට එම පක්ෂයේ නායකත්වය ලබා දීම 'නරියාට කුකුළන් භාර දීමක්' ලෙසයි හිටපු ඇමතිවරයා විසින් හඳුන්වනු ලැබුවේ. නව ජාතික ව්‍යාපාරයක් ආරම්භ කොට ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරන බවත් හිටපු ඇමතිවරයා කියා සිටියේය. 'එම ව්‍යාපාරය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් බිහි වෙනවා' ඊට එක් වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ ආණ්ඩුවට එරෙහි ඓතිහාසික පාගමනක් ලබන 28 වනදා මහනුවරින් ආරම්භ වන බවයි. +එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් කිරීමට සම අනුග්‍රහය දැක්වූයේ සියලු ශ්‍රී ලංකාවාසීන්ගේ මානව හිමිකම් සුරැකීමේ අරමුණින් බව මුරුසි දිවයින පවසයි.,"'මානව හිමිකම් ආරක්ෂා කිරීම, සංහිඳියාව ඇති කිරීම වැනි බොහෝ දේ කළ යුතුව තිබෙනවා' එම යෝජනාවට අනුග්‍රහය දක්වන මෙන් කිසිවෙකුත් බලපෑම් නොකළ බවද මුරුසි දිවයිනේ විදේශ අමාත්‍ය අර්වින් බූලෙල් බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමි කළ විමසීමකදී කියා සිටියේය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය සම්බන්ධයෙන් යලිත් පූර්ණ විමර්ශනයක් කොට ලබන වසරේ මාර්තු මාසයේදී මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කරන මෙන් ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, මොන්ටිනීග්‍රෝව, මැසිඩෝනියාව සහ මුරුසි දූපතේ සම අනුග්‍රහයෙන් ඉදිරිපත් කිරීමට යෝජිත මූලික කෙටුම්පතේ දැක්වෙයි. මුරුසි දූපත යෝජනාවට අනුග්‍රහය දැක්වීම පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් කණස්සල්ල පළ කළ බව ජනමාධ්‍ය වාර්තා කොට තිබිණ. 'සාධනීය පියවර' ""ඇතැම් සාධනීය පියවර අර ගෙන තිබෙන බව අපි පැහැදිලිවම පිළි ගන්නවා. නමුත් තවත් බොහෝ දේ කරන්න තිබෙන බව තමයි යතාර්ථය,"" යනුවෙන්ද විදේශ අමාත්‍ය විදේශ අමාත්‍ය අර්වින් බූලෙල් සඳහන් කළේය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 'ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි' ""රටේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, සංහිඳියාව ඇති කිරීම වගේම සුළු ජාතීන් ඇතුළු රටේ සියලුම ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වගේ අංශවල බොහෝ දේ කළ යුතුව තිබෙනවා."" යෝජනා කෙටුම්පත ඉදිරියේදී සංශෝධනය විය හැකි බවද මුරුසි දිවයිනේ විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය. පසුගිය නොවැම්බරයේ ශ්‍රී ලංකාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වර්ජනය කළ මුරුසි දූපත, 2015 දී රාජ්‍ය නායක සමුළුව පැවැත්වීමද ප්‍රතික්ෂේප කළේය. ශ්‍රී ලංකාවේ යුද්ධයේදී සිදු වූ බව පැවසෙන බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ඇම්නස්ටි ජාත්‍යන්ත���ය මේ අතර යලිත් වරක් ඉල්ලා සිටියේය. මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවී පිල්ලේ වෙත පෙරේදා ලිපියක් යොමු කරමිනුයි, ඇම්නස්ටි ජාත්‍යන්තරය එම ඉල්ලීම කරන්නේ. කෙසේ නමුත් ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් විසින් මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට යෝජිත මූලික කෙටුම්පතේ ජාත්‍යන්තර පරීෂණයක් පිළිබඳව සඳහනක් නැහැ." +"අමාත්‍ය සරත් ෆොන්සේකාට සිය අමාත්‍ය පදවියෙන් ඉවත්වී යුද හමුදාපති ධුරය හෝ ආරක්ෂක ප්‍රධානී තනතුර බාරගෙන ""රට තුළ විනය ඇතිකරන"" ලෙස ජනාධිපතිවරයා ඊයේ (අප්‍රේල් 25) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලීමක් කළ බව රජයේ ප්‍රකාශක ආමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.","සරත් ෆොන්සේකාට හමුදාමය වගකීමක් දීම ගැන ඇමති රාජිත අද (අප්‍රේල් 26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ කරුණු සඳහන් කළ අමාත්‍යවරයා, ආණ්ඩු පෙරළීම සඳහා ජනතාව අපහසුතාවට පත්කරමින් දේශපාලන වෘත්තිය සමිති විවිධ වැඩවර්ජන හා විරෝධතා පවත්වන අතර ඒවා පාලනය කිරීම සඳහා සුදුසුම පුද්ගලයා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා බව පැවසීය. සරත් ෆොන්සේකා සන්ධාන ගත වෙයි සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවට ඔහුට පවරන වගකීම් මොනවාදැයි යන්න තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බව පැවසූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඒ පිළිබඳව සරත් ෆොන්සේකා අමාත්‍යවරයාගේද කැමැත්ත පළවී ඇති බව සඳහන් කළේය. වර්ජනයක් හෝ විරෝධතාවක් ඇතිවීමේදී සරත් ෆොන්සේකා අමාත්‍යවරයා එය පාලනය කරන්නේ කෙසේදැයි විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ ""ඔහු එය ලස්සනට කරලා පෙන්නයි,"" යනුවෙනි. එය පහරදීමක් දැයි විමසූ විට ඔහු පැවසුවේ ""ඒක එවෙලාවට බලාගමු,"" යනුවෙනි. ආණ්ඩුවට ""කොන්ද පණ නැති"" බවට ඇතැම් විට ජනතාව නගන චෝදනාව සම්බන්ධයෙන් කළ විමසීමේදී අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහාම මෙම යෝජනාව සිදුකර ඇති බවය. ආණ්ඩුව වෘත්තිය සමිතිවල සාධාරණ ඉල්ලීම් සැමවිටම ලබාදී ඇති බව පැවසූ අමාත්‍යවරයා, දේශපාලන වෘත්තිය සමිති කිසිදු හේතුවක් නොමැතිව ක්‍රියාත්මක කරන වැඩවර්ජන හේතුවෙන් ජනතාව අපහසුතාවට පත්කරන බව පෙන්වාදුණි. ඛනිජ තෙල් වෘත්තිය සංගම් ක්‍රියාත්මක කළ වර්ජනය එයට එක් උදාහරණයක් බව අමාත්‍යවරයාගේ අදහස විය. මේ අතර අමාත්‍ය සරත් ෆොන්සේකා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ සිය අමාත්‍යධුරයේ කටයුතු කරමින්ම ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සමග කටයුතු කළ හැකි ආකාරයේ නව තනත��රක් බාර ගැනීමට තමන් සුදානම් බවය." +වසර ගණනාවක් මුළුල්ලේ අතුරුදහන්ව සිටින ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා සිටිනා තැනක් දන්නේ දෙවියන් වහන්සේ පමණක් බව හිටපු නීතිපති වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.,"එක්නැලිගොඩ තවමත් ජීවතුන් අතර සිටින්නේ යයි තමා එක්සත් ජාතීන්ට නොකී බව මොහාන් පීරිස් පවසයි අතුරුදහන්ව සිටින එක්නැලිගොඩ මාධ්‍යවේදියා තවමත් ජීවතුන් අතර සිටින්නේ යයි තමා එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ ප්‍රකාශ නොකළ බවද වර්තමානයේ කැබිනට් මණ්ඩලයේ නීති උපදේශකවරයා සහ සෙලාන් බැංකුවේ සභාපති වරයාද වන මොහාන් පීරිස් අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියේය. එක්නැලිගොඩ ගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් හිටපු නීතිපතිවරයා පසුගිය නොවැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ කරන ලද ප්‍රකාශයක් පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා ඔහු අද අධිකරණය ඉදිරියට කැඳවා තිබුණි. හොඳින් පරීක්ෂණ පවත්වා තහවුරු කරගෙන ඇති පරිදි ප්‍රගීත් විදේශයක රැකවරණ ලබා සිටින බව සැහෙන දුරට තහවුරු කරගෙන ඇති බවයි මොහාන් පීරිස් හිටපු නීතිපති වරයා හිංසා පිලිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව හමුවේ ප්‍රකාශ කොට තිබුනේ. රහස් ඔත්තු සේවා තොරතුරු ""මම මේක කියන්නේ ප්‍රයෝගකාරී අදහසකින් නෙවෙයි. මේක ගැන අපිට බොහෝදුරට පැහැදිලියි. අපිට මාධ්‍ය හරහා මේ ගැන තොරතුරු ලැබී තිබෙන,"" බව ඔහු එක්සත් ජාතීන්ගේ කමිටුව හමුවේ ප්‍රකාශ කරනු එක්සත් ජාතීන්ගේ වීඩියෝ පටයක පැහැදිලිව සටහන්ව තිබේ. එහෙත් අද කොළඹදී අධිකරණය හමුවේ සාක්ෂිදෙමින් මොහාන් පීරිස් පැවසුවේ ප්‍රගීත් එක්නැලිගොඩ විදේශගතව ඇති බවට රහස් ඔත්තු සේවාවන් ලබාදුන් තොරතුරු මත පදනම් වී තමා එම ප්‍රකාශය කළ බවයි. එමෙන්ම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් තමන් විසින් කරන ලද ප්‍රකාශයක් ""දේශපාලන හේතු මත වැරදි ලෙසින් වටහාගෙන"" තමන් අධිකරණය හමුවට කැඳවා ප්‍රශ්න කිරීම මගින් රටේ කීර්තියට හානියක් වන බවද මොහාන් පීරිස් පැවසීය. එක්නැලිගොඩ මාධ්‍යවේදියා අතුරුදහන් වීම පිලිබඳ නඩු විභාගය ඉන් අනතුරුව ලබන ජුලි 10 වැනි දින දක්වා කල් තබන ලදි. නඩු විභාගයෙන් අනතුරුව බීබීසී සංදේශය සමග අදහස් දැක්වූ එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා, ප්‍රගීත් ඉන්නා තැනක් මොහාන් පීරිස් විසින් හෙළි කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් අද අධිකරණයට පැමිණියද තමන්ට සිදුවූයේ බලාපොරොත්තු සුන්ව ආපසු යාමට බව කියා සිටිය��ය. එහෙත් අතුරුදහන් වූ තම ස්වාමි පුරුෂයා සොයා ගැනීමේ සටන අත් නොහරින බවද ඇය සඳහන් කළාය." +මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයට පත්කරමින් විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන ජනපති පදවියට තේරී පත් වී ජනවාරි 08 වැනි දිනට දෙවසරක් සපිරේ.,"නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, 2015 ජනවාරි 09 වැනි දින නිදහස් චතුරශ්‍රයේදී දිවුරුම් දී නව පදවියේ දිවුරුම් දුන් අවස්ථාව ඒ නිමිත්තෙන් කොළඹදී පැවැත්වෙන ""තිරසර යුගයක් - තෙවසර ඇරඹුම"" උත්සවයේ විශේෂ දේශනයක් පැවැත්වීම සඳහා ඉන්දීය ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ප‍්‍රධාන අමාත්‍ය චන්ද්‍රබාබු නයිදු ශ්‍රී ලංකාවට පැමිණ සිටියි. ආන්ද්‍රා ප‍්‍රදේශයේ දිළිඳුකම පිටුදැකීමට සහ තොරතුරු තාක්ෂණයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට චන්ද්‍රබාබු නයිදු ගෙන ඇති පියවර ඇගයීමට ලක් කරමින්, පදවි ප්‍රාප්තිය සැමරීමේ උත්සවයේ විශේෂ දේශනයක් පවත්වන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුට ආරාධනා කර තිබේ. පදවි ප්‍රාප්ති උත්සවයේ විශේෂ දේශනයක් පැවැත්වීම සඳහා ඉන්දීය ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ප‍්‍රධාන අමාත්‍ය චන්ද්‍රබාබු නයිදු ශ්‍රී ලංකාවට පැමිණ සිටියි 2015 ජනවාරි 08 වැනි දින තේරී පත් වූ මෛත්‍රීපාල සිරිසේන, ජනවාරි 09 වැනි දින නිදහස් චතුරශ්‍රයේදී දිවුරුම් දී නව ජනාධිපතිවරයා ලෙසින් වැඩ භාරගත්තේය. ඉන් අනතුරුව එවකට විපක්ෂ නායකයා වූ රනිල් වික්‍රමසිංහ ඒ අවස්ථාවේදීම ශ්‍රී ලංකාවේ නව අගමැතිවරයා ලෙසින් දිවුරුම් දුන්නේය." +මුස්ලිම් ප්‍රජාවට සහ සිද්ධස්ථාන වලට එරෙහි ප්‍රචන්ඩ ක්‍රියා වැලක්වීමට ක්‍රියාත්මක නොවන බවට ආණ්ඩුවේත් විපක්ෂයේත් මුස්ලිම් නායකයෝ පොලිසියට චෝදනා කරති.,"දැඩි ස්වරයෙන් යුතුව ඉරිදා සවස් යාමයේ මුස්ලිම් ඇමති වරුන් අට දෙනකු සමගින් ප්‍රකාශයක් නිකුත් කරන බස්නාහිර ආණ්ඩුකාර වරයා, ග්‍රෑන්ඩ්පාස් ප්‍රහාරය ‘කලින් දැනුවත්ව සැලසුම් සහගතව කරන ලද්දක් බවයි. ‘යකඩ මල්ල’ කොස්ගස් හන්දියේ මුස්ලිම් දේවස්ථානයට පහර දුන් කලහකාරීන් පොලිසියටත් පහර දුන් බව බීබීසී සංදේශය සමගින් කියා සිටි ආණ්ඩුකාර අලවි මවුලානා, ‘යකඩ මල්ලට ගුල්ලො ගහල නම්, හාල් මල්ල ගැන බලන්න දෙයක් නෑ,’යනුවෙන් සඳහන් කළේය. පොලිසිය ආගම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා මැඩලීමට පියවර නොගැනීම පිලිබඳ ආණ්ඩුවේ මුස්ලිම් නායකත්වයේ චෝදනාව එක්සත් ජාතික පක්ෂයෙන්ද කොළඹදී එල්�� විය. ‘පොලිසිය බලා සිටියදී’ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මුජිබර් රහුමාන් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ රජය ග්‍රෑන්ඩ්පාස් ප්‍රහාරය පිළිබඳව කල් තියා දැන සිටි බවයි. වැලිවේරියේ වතුර ඉල්ලා සිටි ජනතාවට හමුදාව යොදවා රජය ‘ම්ලේච්ඡ ලෙස’ ප්‍රහාරයක් එල්ල කළත්, කොස්ගස් හන්දියේදී මුස්ලිම් දේවස්ථානයට පහර දෙද්දී බලා සිටි පොලිසිය ‘අවම බලය හෝ’ යෙදවූයේ නැති බවයි එජාප පළාත් සභා මන්ත්‍රීවරයා පවසන්නේ. 'පල රහිත ඇල් මැරුණු' මුස්ලිම් ප්‍රජාව සහ දේවස්ථාන වලට මීට ඉහත ප්‍රහාර වැදුනු අවස්ථා වලදී නීතිය ක්‍රියාත්මක කිරීමට නියම කොට තිබෙන ආයතන ගත් පියවර 'පල රහිත හා ඇල් මැරුණු,' හෙයින් අන්ත වාදී බලවේග එමගින් තවත් දිරිමත් වී ඇති බවයි ඔවුන්ගේ නිවේදනයේ සඳහන් වන්නේ. මේ ප්‍රහාරය 'කණගාටුදායක හා නිවට' එකක් ලෙසින් හඳුන්වන ආණ්ඩු පක්ෂයේ දේශපාලන නායකයන්, ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. ." +ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට කැනඩාවේ අගමැතිවරයා සහභාගි නොවන නමුත් කැනඩාවේ දූත පිරිසක් සහභාගි වන බව පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරයාගේ ප්‍රකාශකයා පවසයි.,"ඕනෑම රටකින් සහභාගි වන දූත පිරිස තීරණය කිරීම 'අදාළ රටට අයත් කාර්යයක්' ඕනෑම රටකින් සහභාගි වන දූත පිරිස තීරණය කිරීම අදාළ රටට අයත් කාර්යයක් වන බවයි, සංදේශය කළ විමසීමකදී කමලේෂ් ශර්මාගේ ප්‍රකාශක රිචර්ඩ් උකු කියා සිටියේ. නොවැම්බරයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත සමුළුවට සහභාගි නොවන බව කැනඩාවේ අගමැති ස්ටීවන් හාපර් සහ විදේශ අමාත්‍ය ජෝන් බෙයාර්ඩ් නිවේදනය කොට තිබේ.කැනඩාවේ දූත පිරිසට නායකත්වය දෙනු ලබන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින්. පොදු රාජ්‍ය මණ්ඩලය යනු රටවල් පනස් තුනකින් සමන්විත කණ්ඩායමක් බව පවසන රිචර්ඩ් උකු, අදාළ රටවල් විසින් ගනු ලබන තීන්දුවලට පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලය ගරු කරන බවද බීබීසී සංදේශයට පැවසීය. 'කැනඩාව මුදල් දුන්නා' මහ ලේකම් ශර්මා රාජපක්ෂ පරිපාලනයේ රූකඩයක් බවට පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු භාර කැනඩාවේ තානාපතිවරයා විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ මහ ලේකම්වරයාගේ ප්‍රකාශකයා කියා සිටියේ විවිධ පුද්ගලයන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් තමන් ප්‍රතිචාරය පළ නොකරන බවයි. මහ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ රූකඩයක් ලෙස ��ිග්‍රහ කිරීම සාධාරණ යයි තමා නොසිතන බව පමණක් තමන්ට සඳහන් කළ හැකි බවද ඔහු කියා සිටියේය. මේ අතර කොළඹදී මාධ්‍යවේදීන් හමුවූ පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික කොමිසමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය මොහාන් කූල්, පොදු රාජ්‍ය මණ්ඩලයට දෙන ආධාර නතර කරන බවට කැනඩාව කරන ප්‍රකාශය විග්‍රහ කළේ දේශපාලන හේතු පදනම් කර ගෙන කරන ලද ප්‍රායෝගික නොවන ක්‍රියාවක් ලෙසින්. එවැන්නක් කිසිවිටෙකත් සිදු නොවන බව තමන්ට ස්ථිර බව පවසන ඔහු, ඉදිරි වසර පහ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කැනඩාව හා අනිකුත් රජයන් මේ වන විටත් තීරණය කර අවසන් බවද සඳහන් කළේය." +අඟහරුවාදා (සැප්තැම්බර් 05) අළුයම දඹුල්ල නගරයේ පෞද්ගලික වෑන් රථ ගාලේදී සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙකු ඝාතනයට ලක්වීම ලාංකීය සමාජයේ අවධානයට ලක් වී තිබේ.,"එම පුද්ගලයාගේ හිස පිට පැත්තේ පහර දීමකින් සිදු වූ තුවාල තිබුණු නමුත්, හිස් කබල පුපුරා නොතිබුණු බව මාතලේ දිස්ත්‍රික් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී බීඑල් වෛද්‍යරත්න බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය. සිරුරේ කොටස් ලබා ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා, එම පරීක්ෂණ අවසන් වන තුරු මරණයට හේතුව කවරක්දැයි නිශ්චිතව කිව නොහැකි බවත් සඳහන් කළේය. මරුමුවට පත් වූ 33 හැවිරිදි එම පුද්ගලයාගේ සිරුරේ වෙනත් තුවාල නොතිබුන අතර, ඔහුට වෙනත් ස්වභාවික රෝගයක් වැළඳී නොතිබුණ බව ද විශේෂඥ වෛද්‍ය බීඑල් වෛද්‍යරත්න පැවසීය. සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙකු ඝාතනය කෙරෙයි ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී නොසිටි නමුත් මිය ගිය තැනැත්තා එච්අයිවී (HIV) ආසාදනය පිළිබඳව සංක්‍රාන්ති ලිංගිකයන් දැනුවත් කිරීම උදෙසා ක්‍රියාකාරී මෙහෙයක් ඉටු කළ සංක්‍රාන්ති ලිංගිකයෙකු බව Young Out Here සංවිධානයේ භූමි හරේන්ද්‍රන් බීබීසී සිංහල සේවයට පැවසීය. ""ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන එච්අයිවී ඒඩ්ස් මර්දන ව්‍යාපෘතියේ Peer education system එක යටතේ ඇය සහචර නායිකාවක් (Peer Educator) හැටියටත් කටයුතු කරලා තියෙනව. ඒ කියන්නේ තමන්ගේ දැනුම මිතුරන් අතරේ බෙදා හැරීමක් තමයි ඒකෙන් සිද්ද වෙන්නේ,"" භූමි හරේන්ද්‍රන් සඳහන් කළාය. එම සංක්‍රාන්ති ලිංගිකයාගේ මරණය පිළිබඳව වාර්තා කරන බොහෝ ජනමාධ්‍යවල සිරස්තලය බවට පත් වී තිබුණේ දහවල් යාමයේ තරුණයෙකු ලෙසින් පෙනී සිටි මිය ගිය පුද්ගලයා රාත්‍රී කාලයේ කාන්තාවක් ලෙස සැරසී නගරයේ හැසිරෙන බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙන බවය. සංක්‍රාන්ති ලිංගිකයන්ගේ සෞඛ්‍යය රැකගැනීම පිණිස ඔහු/ඇය ක්‍රියාකාරී මෙහෙයක් ඉටු කළේ නම් සිය සැබෑ අනන්‍යතාව හෙළි කිරීමට පැකිලුනේ ඇයි? ඔවුන්ගේ ආර්ථික ප්‍රශ්න මත සමාජය විසින්ම ඔවුන් එතෙන්ට තල්ලු කරලා පස්සේ අහනවා, ඇයි ලිංගික වෘත්තියේ යෙදෙන්නේ කියලා. මේක හරිම පහත් තත්ත්වයක් හැටියට මම දකින්නේ - භූමි හරේන්ද්‍රන් ""ඇත්තටම ඔය ප්‍රශ්නෙදී මිනිස්සු බලන කෝණය හරිම පටුයි,"" බව පවසන සංක්‍රාන්ති ලිංගික ක්‍රියාකාරිනී භූමි හරේන්ද්‍රන්, ""අපි තේරුම් ගන්න ඕන ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙක් හැටියට මේ සමාජය තුළ ජීවත්වීම කොයිතරම් කටුකද කියන එක,"" යනුවෙන් ද සඳහන් කළාය. එවැනිම අදහසක් පළකරන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සමාජ විද්‍යා අධ්‍යන අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය මයුර සමරකෝන්, සංක්‍රාන්ති ලිංගික සමාජභාවය පිළිබඳව මෑතක් වනතුරුම තමන්ට පවා නිසි අවබෝධයක් නොතිබු බව බීබීසී සිංහල සේවයට පැවසීය. ""උදාහරණයක් විදියට මෑතදී අපේ පාඨමාලාවකට තරුණයෙක් එනවා. ඒ තරුණයා අධ්‍යාපන සහතික ඉල්ලුවට පස්සේ ඉදිරිපත් කරන්නේ කාන්තා පාසලකට ගියපු අධ්‍යාපන සහතික. එතැනදී අපි බලවත් වික්ෂිප්තභාවයට පත්වුනා,"" මහාචාර්ය මයුර සමරකෝන් පැවසීය. ""එතකොට ඒ වගේ අවස්ථාවකදී අපි හැසිරිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව අපිට අවබෝධයක් තිබුණේ නෑ. අපි පසුව ඒක නිරවුල් කරගත්ත."" සමාජය දැනුවත් වෙන්නේ කොහොමද මේ මාධ්‍යයේ තිබෙන නූගත් මාධ්‍ය සාක්ෂරතාවත් එක්ක? ඒ දැනුවත්භාවය අපෙන් ඈත්වෙමින් පවතිනවා - මහාචාර්ය මයුර සමරකෝන් ජනමාධ්‍යවල වගකීම ""කාන්තා ඇඳුමකින් සැරසී සිටි පුද්ගලයෙකු"" මරා දමා ඇති බව පවසමින් සිදුවීම පිළිබඳව ජනමාධ්‍ය වාර්තා කර තිබු ආකාරය සම්බන්ධයෙන් ද මහාචාර්යවරයා අදහස් පළ කළේය. ""අද ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ ගවේෂණාත්මක මාධ්‍යයක් නෙවෙයි, ජනප්‍රිය මාධ්‍යයක්. එතකොට යම් ආකාරයකට මේ තුළ තිබෙනවා අපගේ තිබෙන්නා වූ නොදියුණු නූගත් බවක්."" සිය ""නොදියුණු, නූගත් බව"" ප්‍රදර්ශනය කරනු හැර සංක්‍රාන්ති සමාජභාවය හා බැඳුනු බරපතල ගැටලුව සහ සංක්‍රාන්ති ලිංගිකයන් මුහුණ දෙන යථාර්ථය පිළිබඳව සමාජය දැනුවත් කිරීමට මාධ්‍ය උත්සාහ දරන හැඩක් දකින්නට නොලැබෙන බව ද මහාචාර්ය මයුර සමරකෝන් වැඩිදුරටත් සඳහන් කළේය. මියගිය පුද්ගලයාට පහරදීම සඳහා යොදා ගැනුණු බව සැලකෙන කොන්ක්‍රීට් තහඩුවක් ""සමාජය දැනුවත් වෙන්නේ කොහොමද මේ මාධ්‍යයේ තිබෙන නූගත් මාධ්‍ය සාක්ෂරතාවත් එක්ක? ඒ දැනුවත්භාවය අපෙන් ඈත්වෙමින් පවතිනවා."" මේ අතර බොහෝ සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවන් ලිංගික වෘත්තියේ නිරත වන්නේය යන්න ද රහසක් නොවන බව සංක්‍රාන්ති ලිංගික ක්‍රියාකාරිනී භූමි හරේන්ද්‍රන්පෙන්වා දෙයි. ""මොකද ඔවුන්ව කුඩා කාලෙදිම නිවෙස්වලින් එලවනවා. නැත්නම් රස්සාවල් දෙන්නේ නෑ. ඉතින් ඔවුන්ගේ ආර්ථික ප්‍රශ්න මත සමාජය විසින්ම ඔවුන් එතෙන්ට තල්ලු කරලා පස්සේ අහනවා, ඇයි ලිංගික වෘත්තියේ යෙදෙන්නේ කියලා. ඉතින් මේක හරිම පහත් තත්ත්වයක් හැටියට මම දකින්නේ."" සංක්‍රාන්ති ලිංගිකයන් බොහෝ දෙනා ඒ තත්ත්වයට පත්කරනු ලබන්නේත් සමාජය විසින්ම බව ද පෙන්වා දෙන භූමි හරේන්ද්‍රන්, සමලිංගිකයන්ට සහ සංක්‍රාන්ති ලිංගිකයන්ට එරෙහිව ශ්‍රී ලංකාව තුළ ඇති ආකල්පමය පහරදීම් මෙන්ම ඔවුන්ට එරෙහි හිංසනය ද නැවැත්වීමේ අවශ්‍යතාව අවධාරණය කරයි." +උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිත දිනයක් තමන්ට දන්වා නැතැයි මැතිවරණ කොමසාරිස් වරයා ප්‍රකාශ කරයි.,ජාත්‍යන්තර නිරීක්ෂකයන් ගෙන්වීමේ හැකියාව මැතිවරණ කොමසාරිස්වරයා බැහැර නොකරයි මෙයින් මාසයකට පමණ ඉහතදී වැලිඔය පැවැති මහවැලි ගොවීනට ඉඩම් බෙදාදීමේ උත්සවයකදී ප්‍රකාශයක් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ සැප්තැම්බරයේ උතුරේ පළාත් සභා මැතිවරණය පවත්වන බව නිවේදනය කළේය. ඉන් අනතුරුව උතුරු පළාත් සභා මැතිවරණය වෙනුවෙන් මේ වනවිටත් ආණ්ඩු පක්ෂය සහ විරුද්ධ පක්ෂ මැතිවරණ පූර්ව ප්‍රචාරක කටයුතු ආරම්භ කොට තිබේ. එහෙත් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී මාධ්‍යවේදීන් හමුවේ මහින්ද දේශප්‍රිය කොමසාරිස්වරයා කියා සිටියේ තමන්ට ඒ පිලිබඳ නිල දැනුම් දීමක් මේ තාක් සිදු කොට නැති බවයි. යුද පීඩිතයන් ජුනි මස පළමු වැනිදා ඡන්ද හිමියන්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් කරුණු දැක්වීමේදීයි මැතිවරණ කොමසාරිස් වරයා උතුරේ ඡන්ද පැවැත්වීම සඳහා ඇති සූදානම පිළිබඳව අදහස් පළ කළේ. උතුරේ මැතිවරණය සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන් ගෙන්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂය හා දමිළ ජාතික සන්ධානය මෙන්ම දේශීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්ද යෝජනා කොට තිබූ අතර මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඒ සඳහා තිබෙන හැකියාව බැහැර නොකළේය. යුද්ධය නිසා උතුරෙන් පළා යන්��ට බල කරනු ලැබ තම මුල් ගම් බිම් වලින් ඉවත පදිංචිව සිටින සමහරකු ඡන්ද හිමි නාම ලේඛනයේ ලියා පදිංචි කොට නොමැති බවද මැතිවරණ කොමසාරිස් වරයා පෙන්වා දෙයි. එම යුද පීඩිතයන් තාවකාලිකව පදිංචි වී සිටින තැන්වල ලියා පදිංචියට ඉඩ සලසන ලෙසත් මැතිවරණ කොමසාරිස් වරයා පුද්ගලික නිවාස හිමියන්ගෙන් ඉල්ලීමක් කළේය. +ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීන් සංඛ්‍යාවෙන් දෙවන තැනට වැඩිම ප්‍රතිශතයක් වාර්තා වන්නේ වවුනියාව දිස්ත්‍රික්කයෙන් බව උතුරු පලාත් සභා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය පී. සත්‍යලිංගම් පවසයි.,"දැනට වකුගඩු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝගීන් දසදහසක් පමණ සිටින බව කියා සිටි ඔහු වවුනියාව දිස්ත්‍රික්කයේ සිටින වකුගඩු රෝගීන් සංඛ්‍යාව පන්දහස ඉක්මවන බවද සඳහන් කළේය. වවුනියාවේ සිටින වකුගඩු රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බැවින් උතුරු පළාතේ රෝහල් හතරක විශේෂ වකුගඩු වෛද්‍ය සායන ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍ය පී. සත්‍යලිංගම් කියා සිටියේ. වවුනියාව ඇතුළු උතුරු පළාතේ සියලු වකුගඩු රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු කරන්නේ අනුරාධපුරය හා මැදවච්චිය රෝහල් වලට බව පැවසු පී. සත්‍යලිංගම් දෙමළ ජාතික රෝගීන් එම පළාත් වල රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගැනීමේදී භාෂා ප්‍රශ්නය උද්ගත වීම නිසා රෝගීන් මෙන්ම වෛද්‍යවරුන්ද විශාල ප්‍රශ්නයකට මුහුණ පා සිටින බව පැවසීය. අධික වියදම උතුරු පළාතේ වකුගඩු රෝගීන් කීප දෙනෙකු සමග කළ සාකච්ඡාවක දී ඔවුන් කියා සිටියේ වවුනියාවේ සිට සැතපුම් විසිපහක දුරක් මැදවච්චියටත්, සැතපුම් හතළිහක දුරක් අනුරාධපුරයටත් සිය රෝගී තත්ත්වය සමග ගමන් කිරීමට සිදු වීම නිසා ඔවුන් දැඩි පීඩාවකට පත්ව සිටින බවයි. අසාධ්‍ය වකුගඩු රෝගීන් අනිවාර්යයෙන් වාහනයකින් රෝහල කරා ගෙන යා යුතු අතර එක් ගමන් වාරයක් වෙනුවෙන් වාහන කුලිය රුපියල් දොළොස් දහසක් පමණ වෙතැයිද ඔවුන් කියා සිටියා. රජයේ රෝහල් වලින් ලබා දෙන ඖෂධ වර්ග වලින් මිල අධික ඖෂධ වර්ග නිතරම හිඟ බැවින් එම ඖෂධ මිලදී ගැනීමට රෝගියෙකුට සති දෙකකට වරක් රුපියල් තුන්දහස් පන්සීයක පමණ වියදමක් දැරීමට සිදු වන බවයි රෝගීන් ප්‍රකාශ කළේ. පොදු ගමනාගමන පහසුකම් භාවිතා කරමින් රෝහල කරා යන විට ගමන් ගාස්තුව සහ ආහාර පාන වියදම සමග සති දෙකකට වියදම රුපියල් පන්දහස ඉක්මවන බවද ඔවුන් කියා සිටියා. රෝගීන්ගෙන් රජයට ඉල්ලීම් වකුගඩු රෝගීන් සඳහා වූ විශේෂ දීමනාවක් රජයෙන් ලබා නොදීම දැඩි අසාධාරණයක් බව පෙන්වා දෙන රෝගීන් දැනට රජයෙන් තමන්ට ලැබෙන්නේ සියලු රෝගීන් සඳහා ලැබෙන රුපියල් පන්සීයක දීමනාව පමණක් බවද පැවසීය. දැනට රෝගය වැළඳී ඇති රෝගීන්ට රෝගී තත්ත්වය පාලනය කර ගැනීම පිණිස නොමිලේ ජල පෙරන ලබා දීම, සෑම රෝහලකට ම වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය පහසුකම් සැලසීම වැනි පියවර රජය විසින් ගත යුතු බවයි වකුගඩු රෝගීන් පෙන්වා දෙන්නේ." +"ඔබ තට්ටය සහිත පුද්ගලයෙක් වුවත්, දුඹුරු, අළු පැහැති හෝ කැරලි කොණ්ඩයක් හිමි වුවත් අද දින ඔබ වෙනුවෙන් වෙන් වී තිබේ.","ඇපල් සමාගම හඳුන්වා දෙන නවතම ඉමෝජි වර්ග ලෝක 'ඉමෝජි' දිනය සැමරීම අද දිනට (ජූලි 17) යෙදී තිබෙන අතර, ඉහත සඳහන් කළ වර්ග ඇතුළු විවිධ සතුන්ගේ ඉමෝජි 'ඇපල්' ජංගම දුරකථන මෘකාංගයට එක් කිරීමට එම සමාගම කටයුතු කර තිබේ. ඉමෝජි යනු මිනිසුන්ගේ මුහුණේ විවිධ ඉරියව්, ක්‍රියාකාරකම්, හැඟීම් මෙන්ම විවිධ සතුන්, භාණ්ඩ වර්ග, ආහාර ඇතුළු බොහෝ දේවල කුඩා කාටූන් ඡායාරූපයි. වචන පෙළකින් කිව යුතු යමක් මෙවැනි එක් ඡායාරූපයකින් අනෙක් පුද්ගලයාට දන්වා යැවීමට බොහෝ දෙනා කැමැත්තක් දක්වති. නවතම ඉමෝජි පිළිබඳ තීරණ ගන්නා යුනිකෝඩ් කොන්සෝටියම් (Unicode Consortium) සමාගම මෙම වර්ණවත් ඉමෝජි ගැන පසුගිය පෙබරවාරි මස නිවේදනයක් නිකුත් කළේය. කැන්ගරූ, ගිරව් සහ මොනරුන් වැනි ඉතා අලංකාර සතුන් පමණක් නොව නවතම කොණ්ඩ මෝස්‌තර පවා ඉමෝජි අතරට එකතු වී ඇත. ගෝවා, අඹ වැනි පෝෂ්‍යදායී ආහාර සේම වර්ණවත් කේක් වර් ද ආහාර අතරට එකතු වී තිබේ. මෙම වසර අවසාන වන විට නොමිලේ සිදු කෙරෙන මෘදුකාංග යාවත්කාලීන කිරීම තුළින් නවතම ඉමෝජි හැත්තෑවක් ස්වයංක්‍රීයව සිය ජංගම දුරකථනයේ දැකගත හැකිය. ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදනය කරන විවිධ සමාගම් මෙම ඉමෝජි භාවිතා කරන විට සුළු වෙනස්කම් ඇති වීමට ඉඩ ඇතත්, පොදුවේ ඒ සියල්ල එකම ආකාරයෙන් දිස්වේ. ලෝක ඉමෝජි දිනයේ නිර්මාතෘ ජෙරමි බර්ජ් පැවසුවේ දුඹුරු පැහැති මුහුණු සහිත ඉමෝජි වැඩිපුර පරිශීලකයන් අතර ජනප්‍රිය වනු ඇති බවට තමන් විශ්වාස කරන බවය. ""හැම වෙලාවේම වගේ, වැඩිපුර ඉල්ලීම් ලැබුණේ සෑම පුද්ගල වර්ගයක්ම නියෝජනය වන පරිදි ඉමෝජි නිර්මාණය කරන්න කියලා. විශේෂයෙන්ම රතු කොණ්ඩ සහ කැරලි කොණ්ඩ සහිත ඉමෝජි ප්‍රසිද්ධ වෙන්න ඉඩ තිබෙනවා"" යැයි ජෙරමි බර්ජ් පැවසූ බව සීඑන්එන් පුවත් සේවය සඳහන් කර තිබිණි. ආබාධිත ��ුද්ගලයන් නියෝජනය කරන ඉමෝජි හඳුන්වාදීමට ක්‍රියා කරන බව ඇපල් සමාගම පසුගිය මාර්තු මස පැවසුවේය. රෝද පුටු භාවිතා කරන්නන්, අබාධිත පුද්ගලයන්ට සහාය දක්වන සුනඛයන් සහ ශ්‍රවන අධාරක සහිත ඉමෝජි එම යෝජනා අතර විය. මෙවැනි ඉමෝජි 2019 වර්ෂය වන විට හඳුන්වා දීමට යුනිකෝඩ් කොන්සෝටියම් සමාගම එකඟ වී තිබේ. මේ තොරතුරුද කියවන්න:" +"එළඹෙන පළාත් පාලන මැතිවරණයට තරග වැදී සිටින අපේක්‍ෂිකාවන්ට පහරදීම, දේපොළවලට හානි කිරීම සහ අපහාස කිරීම් ගණනාවක් වාර්තා වී ඇති බව කාන්තා ක්‍රියාකාරී ජාලය පවසයි.","විශේෂයෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රදේශයේ අපේක්ෂිකාවකට ""දරුණු අන්දමින්"" පහරදීමෙන් අනතුරුව රෝහලට ඇතුළත් කෙරුණු ඇය තවමත් බරපතල තත්ත්වයෙන් රෝහලේ පසුවන බව පවසන Women Action Network - WAN සංවිධානය, නැගෙනහිර පළාතේ අරයම්පති සෙල්වනගර්හිදී අපේක්ෂිකාවකගේ නිවසට සහ එහි තිබුණු බඩුමුට්ටුවලට අලාභහානි කර තිබෙන බවත් සඳහන් කරයි. මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී අපේක්ෂිකාවකට පහරදී, ඇය නිවසේ අගුලු දමා සිර කොට ඇය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් ඉල්ලා අස් කරගන්නා ලෙස බල කර තිබෙන බව ද කාන්තා ක්‍රියාකාරී ජාලය නිකුත් කළ දීර්ඝ නිවේදනයක සඳහන් වේ. පුත්තලමේ මවුලවිවරුන් දෙදෙනෙකු ඇතැම් අපේක්‍ෂිකාවන්ට පරුෂ වචනයෙන් බැන වැදීමේ අවස්ථා දැක්වෙන වීඩියෝ පට සමාජ ජාල ඔස්සේ බෙදාහැරෙමින් පවතින බවත් උතුරු නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක වන කාන්තා සංවිධාන අටක එකතුවක් වන WAN සංවිධානය පවසයි. #ElectHer ව්‍යාපෘතිය: ""ඡන්දය ඇයට. ප්‍රචණ්ඩත්වයට තිත"" මේ තත්ත්වය පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී අදහස් දැක්වූ අතිරේක මැතිවරණ කොමසාරිස් එම්එම් මොහමඩ්, අදාළ සිදුවීම් සම්බන්ධ සවිස්තර වාර්තාවක් තමන් සතුව නැතත්, පළාත් පාලන අපේක්‍ෂිකාවන්ට ""අපහාස කිරීම්, සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම් සහ අනෙකුත් අඩන්තේට්ටම්"" සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිලි ලැබෙමින් පවතින බව සනාථ කළේය. ""එම නිසා කාන්තාවන් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට මැතිවරණ කොමිසමේ පැමිණිලි ඒකකයේ විශේෂ අංකයක් වෙන්කරලා තිබෙනවා,"" යනුවෙන් ද අතිරේක මැතිවරණ කොමසාරිස් එම්එම් මොහමඩ් කියා සිටියේය. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සම්බන්ධ පැමිණිලි, එම දුරකථන අංකය අමතා හෝ නොඑසේනම් කාන්තාවන් සම්බන්ධ පැමිණිලි ඒකකයේ ෆැක්ස් අංකයට පණිවුඩයක් යොමු කර දැනුම් දෙන මෙන් ද මැතිවරණ කොමිසම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. කාන්තා ක්‍රියාකාරී ජාලයේ ශ්‍රීන් සරූර් මේ අතර ඉහතින් සඳහන් කරනු ලැබූයේ පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂිකාවන් මුහුණදෙන ප්‍රචණ්ඩ අතවරවලින් කිහිපයක් පමණක් බව සඳහන් කරන කාන්තා ක්‍රියාකාරී ජාලය, බොහෝ අවස්ථාවල එවැනි සිදුවීම් පිළිබඳව ඔවුන් පොලිසියට හෝ මැතිවරණ කොමිසම වෙත පැමිණිලි නොකරන බව ද පවසයි. විශේෂයෙන්ම මැතිවරණ සමයකදී පුරුෂයන්ට වඩා කාන්තාව ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව පවසන එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරන්නේ මැතිවරණ සමයක කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය ඔවුන්ගේ දේශපාලන සහභාගිත්වය වැළැක්වීමේ අරමුණින් සිදු කෙරෙන්නක් බවය. පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත ප්‍රකාර මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් අතරින් 25%ක් කාන්තාවන් විය යුතුය. මැතිවරණ කොමිසම පවසන පරිදි පෙබරවාරි 10 වෙනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයන් අතරින් 33% කට ආසන්න ප්‍රමාණයක් කාන්තාවන්ය. තවත් කියවන්න:" +උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී පමණක් පළාත් සභා පිළිබඳව ප්‍රශ්න කරමින් ආණ්ඩුව උතුරේ ජනතාව යලිත් වරක් ත්‍රස්තවාදය වෙතට තල්ලු කරන බව විපක්ෂ මන්ත්‍රීවරයෙක් පවසයි.,"""විසඳුම රටේ පළාත් අටක පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කරලා තව පළාතකට පළාත් සභා ක්‍රමය අහිමි කිරීම නෙවෙයි"" කොළඹ දී මාධ්‍යවේදීන් හමුවූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස, උතුරේ පළාත් සභා මැතිවරණය කල් දමමින් දෙමළ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට ද ආණ්ඩුවට චෝදනා කළේය. කෙසේ නමුත් පළාත් සභා ක්‍රමය යනු ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන යාන්ත්‍රනය බවට කෙරෙන ප්‍රකාශ තමා පිළි නොගන්නා බව ප්‍රේමදාස මන්ත්‍රීවරයා පවසයි. 'සුදු අලියෙක්' ""මම ඇත්ත වශයෙන්ම දකිනවා පළාත් සභා සුදු අලියෙක් කියල. පළාත් සභාවලින් රටේ මුදල් සම්පත් කාබාසිනියා කිරීමක් සිදු වෙනවා,"" යනුවෙන් ද ඔහු පැවසීය. ""නමුත් ඒකට විසඳුම රටේ පළාත් අටක පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කරලා තව පළාතකට පළාත් සභා ක්‍රමය අහිමි කිරීම නෙවෙයි."" දෙමළ ජාතික සන්ධානය 'එල්ටීටීඊ යේ දේශපාලන අංශය' ලෙසින් විග්‍රහ කරමින් ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ ගෙන යන ව්‍යාපාරය ද මන්ත්‍��ීවරයාගේ දැඩි විවේචනයට ලක් විය. ""හැමදාම කොටි, කොටි කියල මිනිස්සු හංවඩු ගහන එකෙන් මොකක්ද වෙන්නේ?"" ඔහු ප්‍රශ්න කරයි. සංශෝධනයට සහාය හෙළ උරුමයේ සංශෝධන පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට ඉඩ නොදෙන බවට ඇමතිවරු පිරිසක් සපථ කළහ පළාත් සභාවලට උරුම බලතල සීමා කිරීමට ජාතික හෙළ උරුමය විසින් ඉදිරිපත් කොට ඇති සංශෝධන පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට ඉඩ නොදෙන බවයි රාජිත සේනාරත්න, තිස්ස විතාරණ හා වාසුදේව නානායක්කාර ඇතුළු ඇමතිවරුන් පිරිසක් කොළඹදී ඊයේ මාධ්‍ය වේදීන් අමතා කියා සිටියේ. කෙසේ වෙතත් පළාත් සභා බලතල කප්පාදු කැරෙන යෝජනා වලට සහාය නොදෙන බව ප්‍රකාශ කළ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක පළාත් සභා මන්ත්‍රීවරු එම ව්‍යවස්ථා සංශෝධන අනුමත කරමින් සබරගමු පළාත් සභාවේ දී ඡන්දය ප්‍රකාශ කළහ. සංශෝධනයට සහාය පළ කරන යෝජනාව දකුණු පළාත් සභාවේදී එක වැඩි ඡන්දයකින් සම්මත වී ඇත්තේ ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හා එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකුගේද විරෝධය මැදයි." +ජනතා විමුක්ක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සමඟ සමකාලීනව දේශපාලන කටයුතු වල නිරතව සිටි දයා වන්නිආරච්චි වීරකැටියේදී අවසන් ගමන් ගියේය.,"රෝහණ විජේවීර සමඟ මැයි පෙළපාලියකට සහභාගි වන දයා වන්නිආරච්චි දියණියන් තිදෙනකුගේ පියෙකු වූ 68 හැවිරිදි දයා වන්නිආරච්චි විජේවීරගේ සමීප මිතුරෙකු වූ අතර, ජනතා විමුක්ති පෙරමුණේ පළමු පරපුරේ නායකයන් අතරින් කෙනෙකි. 1979 දී පමණ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් ඔහු තෝරා ගන්නා නමුත් වසර තුනකට පමණ පසුව අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් ඔහු එම පදවියෙන් ඉල්ලා අස් විය. වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ අධ්‍යාපනය ලබමින් සිටියදී ඉතා දක්ෂ ශිෂ්‍යයෙකු වූ දයා වන්නිආරච්චි ගුරුවරුන් විසින් හඳුන්වණු ලැබ තිබෙන්නේ 'මාස්ටර්' යනුවෙන් බව රාහුල් සමන්ත හෙට්ටිආරච්චි හම්බන්තොට සිට වාර්තා කරයි. රෝහණ විජේවීර සමඟ මැයි පෙළපාලියකට සහභාගි වන දයා වන්නිආරච්චි ඒ අතරවාරයේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වී ඇති සිය සොහොයුරාට පක්ෂයේ අනෙක් නායකයන් සමහරෙකු මුණගැසුනේ 71 කැරැල්ලෙන් පසුව අට වසරක් සිරගතව සිටින අතරවාරයේ බව ඔහුගේ බාල සොහොයුරකු වන හසන්ත වන්නිආරච්චි පැවසීය. ""අයියා වැලිකඩ ඉන්නකොට තමයි සෝමවංශ අමරසිංහ හමුවෙලා තියෙන්නේ. ඒ වෙනකොට රෝහණ විජේවීරත් වැලිකඩ සිරභාරයේ සිටියේ,"" හසන්ත වන්නිආරච්චි පැවසීය. ""අයියටයි, සෝමවංශ අමරසිංහටයි රෝහණ විජේවීර කානුවක බටයකින් කතා කර ස්පාඥ භාෂාව ඉගැන්වූ බව අයියා කියල තිබුණ."" බන්ධනාගාරයෙන් නිදහස ලැබීමෙන් අනතුරුව පුර්ණ කාලීන දේශපාලන කටයුතු වල නිරතව සිටි දයා වන්නිආරච්චි රෝගී තත්වය හේතුවෙන් පසුව දේශපාලනයෙන් ඉවත්විය. මිය යනවිට ඔහු නිදහස් ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියේය." +එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) සමීක්ෂණවලට අනුව ලොව ප්‍රීතිමත්ම ළමුන් වෙසෙන රට නෙදර්ලන්තයයි.,"'ලොව ප්‍රීතිමත්ම දරුවන්' නමැති ග්‍රන්ථයේ සම කතෘ මිෂෙල් හචිසන් පෙන්වා දෙන්නේ දරුවන් සහ පවුලේ සෙසු සාමාජිකයන් අතර අදහස් හුවමාරු කර ගැනීම දරුවන්ගේ ඉදිරි අනාගතයට බලපාන වැදගත් සාධකයක් බවය. නෙදර්ලන්තයේ බොහෝ පවුල්වල්වල සාමාජිකයෝ එකට එක්ව උදෑසන ආහාරය අනුභව කරති. ""එකට හිඳ ආහාරය ගැනීමේ කොටසක් තමයි එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගැනීම. පාසල් යාමට පෙර උදෑසන ආහාරය ලබා ගන්නා දරුවන් වැඩියෙන්ම සිටින රට නෙදර්ලන්තයයි,"" ඇය පවසන්නීය. චීස් පෙතිවලට අමතරව චොක්ලට් තවරන ලද පාන් නෙදර්ලන්ත වැසියන්ගේ උදෑසන කෑම මේසය තුළ නිතර දැකිය හැකි ආහාරයකි. පාසල වෙත පාපැදියෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගැනීම සම්බන්ධයෙන් පවතින නිර්දේශ සහ සෑම උදෑසනකම චොක්ලට් තැවරූ පාන් ආහාරයට ගැනීම අතර පරස්පරතාවක් පැවතියත් නෙදර්ලන්තය ලොව තරබාරු භාවය අඩුම දරුවන් වෙසෙන රටවල් අතරින් එකකි. නෙදර්ලන්ත දරුවන් වැඩි දෙනෙක් පාසල වෙත යාමට පාපැදියක් භාවිතා කිරීම ඊට එක් හේතුවක් විය හැකිය. නෙදර්ලන්තය තුළ මෝටර් රථ සහ පාපැදි සඳහා වෙන වෙනම මාර්ග ඉදි කොට තිබෙන අතර ඒ හේතුවෙන් දෙමව්පියන්ට දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බිය වීමට අවශ්‍ය නැත. විභාග සහ පාසල් ගෙදර වැඩ වැනි අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් නෙදර්ලන්ත පාසල් දරුවන් වෙත දැඩි පීඩනයක් එල්ල නොවේ. පාසල් විභාග ""වසරකට පසු දරුවන් හොදට ලියන්න කියන්න අදින්න පටන්ගන්නවා. වසර කීපයකට පසු දරුවන්ට තමන් පිළිබඳ විශ්වාසයක් ඇති වූ පසු විභාගවලින් පීඩනයක් එල්ල වෙන්නේ නැහැ,"" හේග් අගනුවර බැඩෝනන්ට් ප්‍රථමික විදුහලේ අධ්‍යක්ෂිකා ඇනලීස් වාන් පවසන්නීය. යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවලට අනුව ලොව සෙසු රටවල් හා සැසඳීමේ දී නෙදර්ලන්ත දරුවන් උසස් අධ්‍යාපනය වෙත යොමු වීමේ සම්භාවිතාව ඉහළ අගයක් ග��ු ලබයි. පාසල් අවසන්වන වේලාව ළඟා වෙද්දී නෙදර්ලන්තයේ පියවරු පාසල් ගේට්ටු අසල රැඳී සිටිනු දැක ගත හැකිය. පියවරුන්ට පඩි රහිත අතිරේක නිවාඩු දිනයක් ලබා දීම නෙදර්ලන්තය තුළ නීති ගත කොට තිබෙන අතර දරුවන් පිළිබඳ වැඩි වශයෙන් සොයා බැලීමට පියවරුන් උනන්දු කිරීම එහි අරමුණයි. පියවරුන්ට නිවාඩු දිනයක් ""නෙදර්ලන්ත මව්වරු ජීවත් වෙන්නේ සතුටින්. පිතෘත්වය සහ එහි ඇති වැදගත්කම පිළිබඳ සමාජය තුළ සංවාදයක් ඇති විය යුතුයි. සියලු දේ මව්වරුන් වෙත පැවරිය යුතු නැහැ,"" ලොව ප්‍රීතිමත්ම දරුවන් ග්‍රන්ථයේ සම කතෘ රියා මේ කොස්ටා සඳහන් කළාය. දෙමව්පියන් ද සතුටින් දිවි ගෙවීම ප්‍රීතිමත් දරුවන් සිටීමේ රහස බව කියා සිටි ඇය දරුවන් සමග සිටීමට එවැනි දෙමව්පියන්ට කාලය තිබෙන බවත් පවසන්නීය." +ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් දිවයින පුරා අවතැන් වූ සංඛ්‍යාව හාර ලක්ෂය ඉක්මවති.,"අවතැන් වූ පිරිස් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන තුළ රඳවා සිටින අතර කොළඹ ඇතැම් ප්‍රදේශවල තවදුරටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි. ගංවතුරට කොටු වී සිටි ජනතාවගෙන් බහුතරයක් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන ගොස් ඇති අතර සොර සතුරු බිය හේතුවෙන් ඇතැමකු සිය නිවෙස් තුළම රැඳී සිටින බව වාර්තා වේ. හලාවත මයික්කුලම ඊබට්‌ සිල්වා වත්තේ වෙසෙන ආර්එම් ගුණවංශ ඇතුළු පවුලේ සිව් දෙනකුද ගංවතුර හමුවේ දින හතක් නිවසේ රැඳී සිටියේ සොර සතුරු බිය නිසා නොවේ. එසේ කර කියා ගත නොහැකිව ඔවුන් සිව් දෙනාට නිවසට කොටු වී සිටීමට සිදු වූයේ දෑස නොපෙනීම හේතුවෙනුයි. දින හතෙන් වැඩි කාලයක් කුස ගින්නෙන් පෙළෙමින් සිටි මොවුන් සොයා සංදේශය වෙනුවෙන් එහි ගියේ ප්‍රසාද් ජයමාන්න පූර්ණමාල්. 'අඳුර මිස එළියක් නුදුටුමි' නිවසේ ගෘහ මූලිකයා වන ආර් එම් ගුණවංශ විශ්‍රාමලත් සංගීත ගුරුවරයෙකි. 'ගං වතුරේදී අපිට කිසි දෙයක් කර ගන්න බැරි උනා. ඇඳන් මට්ටමටම වතුර ආවා. අපි ඇඳන් තවත් උස්සලා ඒවා උඩට වෙලා තමයි හිටියේ' ඔහු කියා සිටියේය. 'රජයෙන් කිව්වා විපතට පත් සියලු දෙනාට සහන සලසනවා කියලා .නමුත් අපිට කිසි දෙයක් උනේ නැහැ එක සෝචනීය තත්වයක් . අපි මේ තත්වය තුල දින කීපයක් නොකා නොබී හිටියා.' මාජී සිකෙරා උපතින් අන්ධ නොවුනත් මේ වන විට ඇයගේ දෑස් නොපෙනේ . ඇය කියා සිටියේ තමන් මුහුණ දී සිටින තත්වය බලධාරීන්ට දැනුම් දුන්නත් ඉන් ඵලක් නොවූ බවයි. 'අනික් ප්‍රධාන කරුණ නම් වටේ පිටේ කිසි කෙනෙකුටත් අපිට උදව් කර���්න විදිහක් නැහැ . ඔක්කොම ජලයෙන් යට වෙලා . පාරක යන්න බැහැ. වාහනයකට එන්න බැහැ.' 'මේ වගේ වේලාවකදී අබාධිත පුද්ගලයන්ට උදව් කරන්න නිසි වැඩපිළිවෙළක් තිබිය යුතුයි නේද?' මාජී සිකෙරා ප්‍රශ්න කරන්නීය. ""අඳුරක් මිස මම එළියක් නුදුටුමි කිසි විට ළඟ පාතින්. වරම් නොලද්දේ කීම දැයි නොදනිමි ලොව බලනට දෑසින් """ +ශ්‍රී ලංකාවේ අවුරුදු පහට අඩු ළමා මරණවලට ප්‍රධානම හේතුව හෘද රෝග බව සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි ළමා සහ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.,"එවැනි හෘද රෝග සහිත දරුවන්ට නිසි ප්‍රතිකාර ලබා දීම සඳහා අවශ්‍ය පහසුකම් නොමැති වීමත් මරණවලට බොහෝ සෙයින් බලපා ඇති බව ළමා සහ හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා බීබීසී සිංහල සේවයට පැවසීය. මේ අතර ශ්‍රී ලංකාව තුළ වසරකට දරු උපත් තුන්ලක්ෂ හැත්තෑ පන්දහසත් හාරලක්ෂයත් අතර සංඛ්‍යාවක් වාර්තාවන බව ළමා සහ හෘද රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ සඳහන් කළේය. අලුතින් ඉපදෙන සෑම දරුවන් දහසකින් හයත් අටත් අතර සංඛ්‍යාවකට හෘදය සම්බන්ධ ගැටලු පවතින බවත් ඔහු පෙන්වා දුනි. ශල්‍යකර්ම දහසක් පමණයි ""එතකොට ළමුන් දාහකට හයත් අටත් අතර සංඛ්‍යාවක් කියන්නේ, ළමුන් තුන්ලක්ෂ හැත්තෑ පන්දහකට, තුන්දාහත් තුන්දහස් දෙසීයත් අතර ප්‍රමාණයක්,"" යනුවෙන් සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා ඉන් තුනෙන් දෙකකට ආසන්න සංඛ්‍යාවකට ප්‍රතිකාර ලබා දීමට අවශ්‍යවන බව සඳහන් කළේය. ඒ අතරින් දරුවන් දෙදහසත් තුන්දහසත් අතර සංඛ්‍යාවකට වසරක් තුළ ප්‍රතිකාර ලබා දිය යුතු බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ ""දෙදාහකට ශල්‍යකර්ම මගින් සහ දාහකට කැතීටකරණ මාර්ගයෙන් ප්‍රතිකාර කරන්න අපි බලාපොරොත්තු වෙනවා,"" යනුවෙන් පැවසීය. ""දැනට අපට කරන්න පුළුවන් ශල්‍යකර්ම දාහයි. කැතීටකරණ මාර්ගයෙන් කරන්නේ තව හයසීයක් හත් සීයක් විතර. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයෙන් සියයට පනහක් තමයි දැනට කරන්නේ."" නව ගොඩනැගිල්ලක් මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉදිකිරීමට නියමිත හෘද රෝග ඒකකය සහිත අංග සම්පූර්ණ දැඩි සත්කාර ඒකකයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පසුගියදා නිවේදනය කළේය. ඉදිකිරීමට නියමිත හෘද රෝග ඒකකය සහිත අංග සම්පූර්ණ දැඩි සත්කාර ඒකකය මහල් දහයකින් සමන්විත බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ වැඩිදු��ටත් සඳහන් වේ." +"කන්තලේ ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ, අනූ තුන සහ අනූ හත සැතපුම් කණු අතර පිහිටි ගම්මාන සමූහය අතිශයින්ම ජනාකීර්ණ ප්‍රදේශයකි.","යාල වනෝද්‍යානයේ වෙසෙන වලහෙක් (සංරක්ෂිත ඡායාරූපයකි) එම ගම්මානවල පසුගිය මාර්තු මාසය අවසානයේ දිනක් ආරම්භ වූයේ පැටවෙකු සමඟ පැමිණි වැලහින්නක් අනූ තුන ගමේ තරුණයෙකුට පහරදී ඇති බව කියවෙන ලොමු දැහැ ගැන්වෙන ආරංචියක් ද සමඟය. වලස් ප්‍රහාරයෙන් බරපතල තුවාල ලද තරුණයා කන්තලේ මූලික රෝහලට ඇතුළත් කෙරිණ. ""පුංචි පැටියා මොනවද දන්නේ? ඌ දුවගෙන කැළෙන් එළියට ඇවිත් ගමට එන්න ඇති. අම්මත් ඒ පස්සෙන්ම ඇවිත් තියෙනවා. මේක අහඹු සිද්ධියක්."" ගම්වැසියන් පැවසුවේ කන්තලේ වනජීවී නිලධාරීන් තමන්ට එසේ කී බවය. දින කීපයකට පසුව කුණු වී ගිය වලස් මළසිරුක් වනජීවී නිළධාරීන් විසින් ගම්මානයේ පාළු ලිඳකින් ගොඩගනු ලැබීය. ""ගෑණු සතෙක් ද පිරිමි සතෙක් ද කියලා හඳුනාගන්න බැරි තරමට මළ කුණ නරක් වෙලයි තිබුනේ. අර සතාද වෙනත් එකෙක්ද කියලා කියන්න අමාරුයි."" එය ද වනජීවී නිලධාරීන්ගේ පිළිතුරකි. වලස් ප්‍රහාරයකින් තුවාල ලැබූ තරුණයෙක් මේ අතර සතියකට පමණ පසු එනම් අප්‍රේල් පස්වැනිදා හිමිදිරියේම අනූ හත මංසන්ධියේ දී තරුණයන් සිවුදෙනෙකුට වලස් ප්‍රහාරයක් එල්ල විය. කථා වෙනත් අතකට යොමුවන්නේ එයින් පසුවය. ""මගේ ලොකු පුතා උදේ පහට පමණ අවදිවෙලා මිඳුලට එනකොට ලොරිය යට බිම වලහෙක් නිදාගෙන ඉන්නවා දැකලා කෑගහුවා,"" අනූ හත මංසන්ධියේ පදිංචි පළතුරු වෙළෙන්දෙකුවන එම් නසීර් බීබීසී සිංහල සේවයට සිය අත්දැකීම් විස්තර කළේය. ""පිරිමි හැමෝම පල්ලි යන වෙලාවනෙ. පුතා කෑ ගහන සද්දෙට සෙනඟ දුවගෙන ආවා. වලහා හොඳටම භය වුනා. ඌ එක ළමයෙකුට ඉස්සරහ කකුල් දෙකෙන් ගැහුවා. මිනිස්සු ගල්වලින් ගහන්න පටන් ගත්තා. අන්තිමේදී වලහා තවත් මිනිස්සු තුන්දෙකුට පහර දීලා ගෙදරක ඉස්සරහ දොර කඩාගෙන ඇතුළට ගිහින් ගෙයි මුල්ලක හැංගුනා."" ඔහු පැවසීය. ""අපි කෑකෝ ගහනකොට ඌ එතනින් එළියට පැනලා මහපාර දිගේ දුවන්න ගත්තා. ඔය අතරේ තමයි කන්තලේ වනජීවී මහත්තුරු එතනට ආවේ. හරියට අඳුනනවා වගේ වලහා වනජීවී නිලධාරීන්ගේ වාහනයට ගොඩ වෙන්න හැදුවා. එයාලා භයවෙලා වෙඩි තිබ්බා. එහෙම නොකළානම් මොකින් මොකක් වෙයිද දන්නේ නෑ."" තවත් සති තුනකට පමණ පසුව අනූහතර දුම්රිය මාර්ගය අසලින් වැලහින්නකගේ මළ සිරුරක් හමුවිය. වලසෙකුගේ ප්‍රහාරයට ලක් වූ එළදෙනක් ""එළදෙන කෑගහනකොට මම��් මහත්තයත් එලීයට ඇවිත් ටෝච් එක ගහලා බැලුවා වලහා වැස්සිගෙ තනබුරුල්ල හපාගෙන හිටියා. පස්සේ කෝච්චිපාර පැත්තට දිව්වා. උදේ තමයි දැක්කේ වැස්සිගේ හොම්බටත් කටගහල තියෙන විත්තිය."" කිරි එළදෙනගේ හිමිකාරිය ශීලා කල්‍යාණි බීබීසී සිංහල සේවයට එසේ විස්තර කළාය. මෙම සිදුවීමෙන් පසුව ද කිහිප අවස්ථාවකම ගම්වැදීමට උත්සාහ දැරූ වලසුන් කීපදෙනෙකුම කෑකෝ ගසා එළවා දැමූ බව ගම්වැසියෝ පැවසූහ. ""තවමත් මේ කරදරේ නැවතිලා නෑ අපිත් සූදානමෙන් තමයි ඉන්නේ,"" ඔවුහු කියති. දිගින් දිගටම වලසුන් ගම්වැදීමත් විශේෂයෙන්ම වනජීවී නිලධාරීන් විසින් වලසෙකුට වෙඩිතබා මරාදමනු ලැබීමත් පිළිබඳව නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලගම සිය අවධානය යොමුකළේ හිටපු වනජීවී ඇමතිවරයාගේ ඉල්ලීමක් අනුවය. යාල වනෝද්‍යානයේ වෙසෙන වලහෙක් (සංරක්ෂිත ඡායාරූපයකි) ""මට වනජීවී ඇමතිතුමා දැනුම්දීමක් කළා මේ තත්වයට හේතු සොයා බලා වාර්තාවක් සපයන්න කියලා. ඒ නිසාම තමයි මම තමුන්නාන්සේලා කැඳෙව්වේ,"" පරිසරවේදීන් කණ්ඩායමක් සමඟ පැවති සාකච්ඡාවේදී ඔහු පැවසීය. ගෝණතොට පරිසර සංවිධානයේ සභාපති අනුර බණ්ඩාර මෙහිදී අවධාරණය කළේ යුද්ධය හමාරවීමෙන් පසුව ත්‍රීකුණාමල දිස්ත්‍රීක්කය තුළ සිදුවෙන මහා පරීමාණ වනසංහාරය වලසුන් ගම්වැදීමට ප්‍රධාන හේතුව බවය. ""දැන් වලස්සු විතරක් නොවෙයි කොටිත් ගම්වලට කඩා වදිනවා. පසුගිය අවුරුද්දේ තඹලගමුව උල්පත්වැව ගම්වැසියන්ගේ එළ ගවයින් තුන්දෙනෙක් කොටින්ට ගොදුරු වුනා. අපේ අධ්‍යයනයට අනුව වලසුන් පන්සියයක් පමණ දිස්ත්‍රික්කයේ කැළෑ තුළ ගැවසෙනවා,"" රැස්වීම අමතමින් ඔහු පැවසීය. ""අරිසිමලේ පුල්මුඩේ කින්නියාව කියන ප්‍රදේශවල අක්කර අටදහසකට වඩා මහ වනය මිනිස් ජනාවාස බවට පත්වෙලා ඉවරයි. නිලාවලි මොරවැව මාර්ග අතර තිබුන කැලෑව අද දකින්නට නෑ. ඉතින් වාසභූමි අහිමිවුන වනසත්තු ඉබාගාතේ ඇවිදිනවා. කන්තලේ ත්‍රීකුණාමල ප්‍රධාන මාර්ගයට උතුරෙන් පිහිටි සංගිලිමලේ කඳුයායේ ස්ථාන කීපයකම ගල්වලවල් පවත්වාගෙන යනවා. මේ නිසා වලසුන් ලගින ගල්ගුහා විනාශ වෙනවා. දවස පුරා සිදුකෙරෙන ගල් වෙඩි දැමීම් නිසා වනසතුන්ට තබා ඒ අවට පදිංචිකරුවන්ටවත් නිදහසක් නෑ."" වලසෙක් විසින් මරා දමන ලද ගවයෙක් සොබාදහම පරිසර කේන්ද්‍රයේ ලේකම් නීරංග වික්‍රමසිංහ ද එම සාකච්ඡාවට එක් වී සිටියේය. ""වලසුන් ආහාරයට ගන්නා පළු වීර කෝන් මොර වැනි පලතුරු මිනිස්සු කඩාගෙන ඇ���ිත් නගරයේ විකුනණවා. මී වද කියන්නේ වලසුන්ගේ ප්‍රියතම ආහාරයක්. අද මේ සියල්ලක්ම වෙළෙඳ භාන්ඩ,"" ඔහු පැවසීය. මිනිසුන්ට අනතුරුදායක අන්දමින් හැසිරෙන වනසතෙකුවත් මරා දැමීම වනජීවී අනපනත් වලට අනුව තහනම් වන අතර, ඒ සඳහා අධිකරණයෙන් අවසර ගත යුතු බැවින් වනජීවී නිලධාරීන් කළේ ""වැරදි වැඩක්"" බව ද නීරංග වික්‍රමසිංහ එහිදී දැඩිව කියා සිටියේය. ""සතා නිර්වින්දනය කර හෝ දැලක් දමා අල්ලාගන්න තිබුණා. ඇයි ඔවුන් එහෙම නොකළේ?"" ඔහු ප්‍රශ්ණ කළේය. පරිසරවේදීන් පෙන්වාදී ඇති සියලුම කරුණු සත්‍ය බවත් වලසා මරාදැමීම පිළිබඳ පරීක්ෂණ කටයුතු තවමත් අවසන් නැති බවත් ත්‍රීකුණාමල දිස්ත්‍රික් සහකාර වනජීවී අධ්‍යක්ෂ නීතිඥ ඩබ්ලිව් ලලිත් කුමාර බීබීසී සිංහල සේවය කළ විමසුමේදී සඳහන් කළේය. ""වලසුන් ගම්වැදීම තවමත් අවසන් නැති බව මට වාර්තා වෙනවා. ත්‍රිකුණාමල නාවික හමුදා වැඩබිම් අභයභූමිය තුළ පවත්වාගෙනයන ගොවිපොල ඉවත් කරනතුරු ඔය ප්‍රශ්ණය විසඳන්න බෑ."" සහකාර වනජීවී අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය. තවත් කියවන්න:" +"පිලිපීනයේ ඩිනගට් දූපතේ වෙරළට ගොඩ ගැසූ මීටර හයක දිගින් යුත් දිගු ""රෝම"" සහිත මුහුදු ජීවියා කුමන සත්ව විශේෂයකට අයත්දැයි යන්න බොහෝ දෙනෙක් ප්‍රශ්න කරති.","මීටර හයක දිගින් යුත් දිගු ""රෝම"" සහිත මළ සිරුර හඳුනා නොගත් එවැනි ජීවීන් ""ග්ලොබ්ස්ටර්"" (Globster) යන නමින් හඳුන්වනු ලබයි. දිගු රෝම සහිත මුහුදු ජීවියා නව සත්ව විශේෂයක් විය හැකි බව ඇතමෙක් විශ්වාස කරන අතර සාගර විද්‍යාව පිළිබඳ ප්‍රවීණයෝ එම අදහස සමග එකඟ නොවෙති. සත්ව සුබසාධනය සඳහාවන ඔර්කා (Orca) ආයතනයේ ප්‍රධානී ලුසී බේබේ කියා සිටියේ එය නිසැක වශයෙන්ම මළ සතෙකුගේ සිරුරක් බවය. තල්මසුන් සහ මුහුදු ගවයන් නිල් තල්මසා - මිහිපිට වෙසෙන විශාලතම සත්වයා එය බොහෝ විට තල්මස් මළ සිරුරක් විය හැකි බවත් ඇය පෙන්වා දුණි. ""මළ සිරුරේ දිග මීටර හයක්. නමුත් පෙනෙන්න තිබෙන ආකාරයට එය සම්පූර්ණ සිරුර නොවෙයි. වලිග කොටස එහි නැහැ. මෙය මීට වඩා විශාල විය හැකියි"" යනුවෙන් ලුසී බේබේ පැවසුවාය. "" ඒ නිසා මේ මළ සිරුර තල්මසෙකුට අයත් බව සිතන්න පුළුවන්"" පිලිපීනය අවට මුහුදු කලාපයේ නිල් තල්මසුන් (Blue whales), පිට කුදු තල්මසුන් (Humpback whales) ඇතුළු තල්මස් විශේෂ කීපයක් වෙසෙන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය. සුදු රෝම? මුහුදු ගවයෙක් "" ඒ වගේම එම කලාපයේ මුහුදු ගවයන් ඉන්නවා. මෙය මුහුදු ගවයෙකුගේ මළ සිරුරක් වෙන්නත් පුළුවන්"" ය��ුවෙන් කී ඔර්කා (Orca) ආයතනයේ ප්‍රධානී ලුසී බේබේ මළ සිරුර විශාල වශයෙන් විනාශ වී තිබීම හේතුවෙන් එය නිශ්චිත වශයෙන් හඳුනාගත නොහැකි බව පැවසුවාය. ඡායාරූපවල දැක්වෙන සුදු පැහැති ""රෝම"" මාංශපේශි තන්තු විය හැකි බවත් ඇය පේනවා දුණි. මරණයට පත්වන තල්මසුන් සහ ඩොල්ෆින් සතුන්ගේ මළ සිරුරු අතරින් 10% ක් පමණක් වෙරළට ගොඩ ගසන බව ඇය සඳහන් කළාය." +"ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද අලුත්ම සංඛ්‍යාලේඛනවලට අනුව එල්ටීටීඊයට එරෙහි යුද්ධයේදී සාමාන්‍ය වැසියන් 3296 ක් මියගොස් ඇති අතර, එල්ටීටීඊ සාමාජිකයන් 8400 කට සිදුවූ දේ පිළිබඳව තොරතුරු නැහැ.","යුද්ධය නිමාවී වසර තුනක් ගතවීම ශ්‍රී ලංකා ආණ්ඩුව පසුගිය මැයි මාසයේ අනුස්මරණය කළේය ඔහු මේ සංඛ්‍යාලේඛණ හෙළිදරවු කලේ මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින ලොවපුරා රටවල ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපතිවරුන්, මහා කොමසාරිස්වරුන් සහ කොන්සල්වරුන් ඇතුළු පනහකට අධික රාජ්‍යතාන්ත්‍රිකයන් සහභාගි වූ සම්මන්ත්‍රණයක් අමතමින්. යුද්ධය ආරම්භයේදී එල්ටීටී ඊයට සාමාජිකයන් 25,000 ක් පමණ සිටි බව පවසන ආරක්ෂක ලේකම්වරයා, එයින් 12,000 ක් පමණ යුද්ධය අවසානයේදී ආරක්ෂක හමුදාවලට භාරවූ බවත් තවත් 4600 ක් සටනේදී මියගිය බවත් ප්‍රකාශ කරයි. මෙම සංඛ්‍යාලේඛනවලට අනුව එල්ටීටීඊ සාමාජිකයන් 8400 කට සිදුවූයේ කුමක්දැයි ආරක්ෂක ලේකම්වරයා හෙළිකොට නැති බවයි, ඔහුගේ දේශනය උපුටා දක්වමින් ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ වූ වාර්තාව අනුව පෙනී යන්නේ. අතුරුදහන් වූවන් එල්ටීටීඊ සාමාජිකයන් බහුතරයක් ඇතුළු 7896 දෙනෙකු යුද්ධයේදී මියගිය බව ආණ්ඩුවේ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද සමීක්ෂණයකදී හෙළිදරවු වූ බවයි, ගෝඨාභය රාජපක්ෂ රාජ්‍යතාන්ත්‍රිකයන් අමතමින් කියා සිටියේ. මේ අනුව මියගිය අය අතරින් අඩුම තරමින් 3296 ක් සාමාන්‍ය වැසියන් බව ඔහු පිළිගෙන තිබේ. එමෙන්ම 2635 දෙනෙකු යුද්ධයේදී අතුරුදහන්ව ඇති බව සමීක්ෂණයේදී හෙලිවූ වගයි, ආරක්ෂක ලේකම් රාජපක්ෂ සඳහන් කරන්නේ. යුද්ධයේදී 7721 දෙනෙකු මරුමුවට පත්ව තවත් 18,479 දෙනෙකුට තුවාල සිදුවූ බවට ප්‍රකාශයට පත් නොවූ එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු සමග සමීක්ෂණයේ දත්ත ගැලපෙන බව පෙන්වාදුන් ඔහු, එක්සත් ජාතීන්ගේ සංවිධානය එම වාර්තාව ප්‍රකාශට පත් නොකිරීම පිළිබඳව කනගාටුව පළකළේය. මේ හැරුණුවිට යුද්ධයෙන් අනතුරුව යුනිසෙෆ් සංවිධානය විසින් පවත්වන ලද ස්වාධීන සමීක්ෂණයකදී හෙලිවූ දත්තද අනාවරණය කළ ගෝඨාභය රාජපක්ෂ, අතුරුදහන් වූ 2564 දෙනෙකු සොයාදෙන මෙන් එහිදී ඉල්ලීම් ලැබී ඇති බවත්, එයින් 1888 ක් වැඩිහිටියන් වන අතර 676 දෙනෙකු දරුවන් බවත් සඳහන් කළේය. අතුරුදහන් වූ දරුවන්ගෙන් සියයට හැට හතරක්ම එල්ටීටීඊය විසින් බඳවාගත් දරුවන් යයි දෙමාපියන් සඳහන් කොට තිබූ බවයි, ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ට රාජ්‍යතාන්ත්‍රිකයන් අමතමින් ඔහු කියා සිටියේ." +'මෝදෙනාහි ආදරවන්තයන්' ලෙස හඳුන්වන අත් අල්ලාගෙන සිටින යුවළේ අස්ථි පුරුෂයන්ගේ බව පර්යේෂකයන් විසින් හඳුනාගනු ලැබ තිබේ.,"රෝමානු අධිරාජ්‍ය පවතින කාලයේ භූමදාන කර ඇති මෙම යුවළ වසර 1500ක් පමණ දෑත් පටලවාගෙන සිටියි. 2011 වසරේ ඉතාලියෙන් හමුවූ අස්ථි දැඩි ලෙස දිරාපත් වී තිබීම නිසා ස්ත්‍රී පුරුෂභාවය සොයා ගැනීමට නොහැකි විය. නමුත් නව උපක්‍රමයක් ලෙස දත්වල පිට සිවියේ ප්‍රෝටීන් භාවිත කරමින් ඔවුන්ගේ ලිංගිකත්වය හෙළි කරගෙන තිබේ. ක්‍රිස්තු පූර්ව 4 - 6 වෙනි සියවසේ දිවි ගෙවූ බවට සැක කෙරෙන මෙම යුවළ අතර තිබූ සම්බන්ධතාව තවමත් අභිරහසක් ලෙස පවතී. දෙඅත් පටලවාගත් මෙම පුරුෂයන් යුවළ දැනුවත්ව භූමදානය කර ඇතැයි පර්යේෂකයෝ පවසති. මොවුන් දෙදෙනා සහෝදරයන්, ඥාතීන් හෝ යුද්ධයේ දී එකවර මියගිය හමුදා සෙබළුන් දෙදෙනෙකු ලෙස උපකල්පන ඉදිරිපත් වී ඇතැයි පර්යේෂණ මෙහෙයවන Federico Lugli ඉතාලියේ රායි පුවත් සේවයට පවසා තිබිණි. ඔවුන් භූමදානය කර තිබෙන ස්ථානයේ යුද සෙබළුන්ගේ සුසාන භූමියක් පිහිටා තිබෙන්නට ඇතැයි පර්යේෂකයෝ පවසති. පුරාණයේ ඉතාලියේ පැවති අවමංගල්‍ය චාරිත්‍ර ගැන ද මෙමගින් අදහසක් ලබා ගත හැකි බව ඉතාලියේ බොලොග්නා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් නිකුත් කළ වාර්තාවක සඳහන් වී තිබේ. මේ තොරතුරුද කියවන්න:" +දිනකට පැය දොළහක් ක්‍රියාත්මක දීපව්‍යාප්ත පිළිකා උපදේශන ක්ෂණික ඇමතුම් සේවාවක් අද (දෙසැ.27) සිට ආරම්භ විය.,"පිළිකා රෝගීන්ගේ ශාරීරික සහ මානසික තත්වය නගා සිටුවීම මෙන්ම වෛද්‍ය උපදේශන සහ ප්‍රතිකාර පිළිබඳ උපදේශන ලබා දීම අරමුණු කර ගත් ""පිළිකා සරණ"" ක්ෂණික ඇමතුම් සේවාව ආරම්භ කිරීමට කථානායක කරු ජයසූරිය ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයෝ සහ පිළිකා සරණ සංගමය මුල් වී කටයුතු කළහ. පිළිකාවක් වැළඳීම හේතුවෙන් පසුගියදා මියගිය කථානායක කරු ජයසූරියගේ දියණියක් වූ ඉන්දිරා ජයසූරියගේ ස්වාමිපුරුෂයාවන බ්‍රිතාන්‍ය ජාතික මාර්ටින් ඩිකර් සහ ඇයගේ දරුවන් දෙද���නා ද එහි සමාරම්භක උත්සවයට සහභාගී වී සිටියහ. ""පිළිකා සරණ"" උපකාරක අනතුරු සේවාව 011-2363211 යන දුරකථන අංකය ඔස්සේ ක්‍රියාත්මක වෙයි." +නැගෙනහිර විශ්ව විද්‍යාලයේ පැවැත්වුන උත්සවයක් අතරවාරයේ සිංහල සිසුන්ගේ පහර දීමකට ලක් වූ චෙංගලඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියකු රෝහල් ගත කිරීමට සිදු වූ බවක් වාර්තා වෙයි.,"පහර දීමට ගොදුරු වූ නිලධාරියා රෝහලේ ප්‍රතිකාර ලබමින්. එම පහර දීමට හේතුව හැටියට දැක්වෙන්නේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරනු ලැබීමයි. සරසවියේ සංවිධානය කොට තිබුණ උත්සවයක අවසන් දිනය වන අද (16) අද ජාතික ගීය දෙමළ භාෂාවෙන් වාදනය කරන ලද බව පහර දීමට ගොදුරු වූ පත්තුකුට්ට්යි සුමන් නම් නිලධාරියා පවසයි ප්‍රහාරයට හේතුව හැටියට නිලධාරියා දක්වන්නේ එම කාරණයයි. චෙංගලඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විද්‍යා හා තාක්ෂණික අංශයේ ප්‍රදර්ශනයක් පසුගිය බ්‍රහස්පතින්දා පටන් නැගෙනහිර විශ්ව විද්‍යාලයේ දින තුනක් තිස්සේ පැවැත්වුන බවයි වාර්තා වන්නේ. අද එම ප්‍රදර්ශනයේ තුන්වැනි දිනය වූ අතර එහිදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් වාදනය කිරීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් පිරිසක් එරෙහි වීමත් සමගම සිංහල හා දෙමළ සිසුන් අතර විවාදයක් ආරම්භ වූ බවයි පත්තුකුට්ට්යි සුමන් නම් නිලධාරියා පවසන්නේ. ඉන් අනතුරුව ජාතික ගීය සිංහල භාෂාවෙන් වාදනය කළ බවත් ඔහු පවසයි. ‘එම සිද්ධියෙන් පසුව මමත් චෙංගලඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තවත් නිලධාරීන් තිදෙනෙකුත් පහළට බැහැල එන කොට සිංහල සිසුන් පිරිසක් පිටුපසින් ඇවිත් අපට පහර දුන්නා. අනිත් තුන් දෙනා දිව්වා. මම ශිෂ්‍යයන්ට හසු වුනා’ පත්තුකුට්ට්යි සුමන් නිලධාරියා පවසයි. ප්‍රහාරය සම්බන්ධයෙන් එරාවුර් පොලිසියට පැමිණිලි කර ඇති බව කියා සිටින පත්තුකුට්ට්යි සුමන්, ප්‍රහාරයට හවුල් වූ අයගෙන් එක් අයකු තමාට හඳුනා ගත හැකි බවත් කියා සිටියි." +පමණට වඩා සමාජශීලී වීම හේතුවෙන් පොලිස් සුනඛ පුහුණු ආයතනයෙන් අසමත් වූ බලු සුරතලෙකු පිළිබඳ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.,"ගවෙල් පොලිස් සුනඛ අංශයේ පුහුණුව ලබමින් සිටියදී ජර්මන් ෂෙපර්ඩ් වර්ගයට අයත් ගවෙල් නමැති බලු සුරතලා පොලිස් සුනඛ ආයතනයෙන් අසමත් වී ඇත්තේ අපරාධකරුවන් ලුහු බඳිනවා වෙනුවට නොදන්නා පුද්ගලයන් හා හාද වීමට කැමැත්තක් දැක්වීම හේතුවෙනි. ගවෙල්, අපරාධකරුවන් ලුහුබැඳ යෑම සඳහා අවශ්‍ය සුදුසුකම් ප්‍රදර්ශනය කර නොමැති බව ඕස්ට්‍රේලියානු පොලිසිය පවසයි. වාසනාවකට කුවීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ආණ්ඩුකාර නිල නිවස එවක සති හයක් වයසැති බලු සුරතලා හදා වඩා ගැනීමට ඉදිරිපත් වී තිබේ. සිය සිව්පා මිතුරාට අලුත් රැකියා උසස්වීමක් ලබා දීමට තරම් ආණ්ඩුකාර පෝල් ඩි ජර්සි කාරුණික විය. ආණ්ඩුකාර පෝල් ඩි ජර්සි ගවෙල් සමග ගවෙල් කුඩා අවදියේ ඒ අනුව ආණ්ඩුකාර නිල නිවසට පැමිණෙන අමුත්තන් පිළිගැනීම සහ විශේෂ උත්සව අවස්ථාවලට සහභාගී වීම ගවෙල්ගේ රැකියා උසස්වීමට පැවරෙන වගකීම් අතර වේ. එවැනි අවස්ථාවල බලු සුරතලා කුවීන්ස්ලන්ඩ් රාජ්‍ය ලාංජනය සහිත නිල ඇඳුමකින් සැරසී සිටිය යුතුය. ගවෙල්ට අලුත් නිල ඇඳුමක් ගවෙල්ගේ පැමිණීම ආණ්ඩුකාරවරයා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සහ නිල නිවසේ කාර්ය මණ්ඩලයට නොසිතූ සතුටක් ළඟා කර දුන් බව ආණ්ඩුකාර කාර්යාලය පවසයි. ගවෙල් දිගු ඉතිහාසයක් සහිත පවුල් පසුබිමකින් පැවත එන්නෙකි." +ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ශ්‍රී ලංකාව තුල තහනම් කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බවට එක්සත් ජාතික පක්ෂය (එජාප) ආණ්ඩුවට චෝදනා කරයි.,"'ආණ්ඩු විරෝධී රැල්ලක් ඇති වේය කියල අභියෝගය එතුමන්ට දැනිල තියෙනවා' අහඹු ලෙස සිදුවූ ඉතා අවාසනාවන්ත සිදුවීම් කිහිපයක් පාදක කරගනිමින් නිදහසේ තොරතුරු බෙදා ගත හැකි ෆේස්බුක් ජාලය ශ්‍රී ලංකාවේ අවහිර කිරීමට ආණ්ඩුව සූදානම් වන බවයි, එජාප මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසන්නේ. ""ෆේස්බුක් ජාලය ආණ්ඩුවට තිබෙන ලොකු ප්‍රශ්නයක්, අති බහුතරයක් ආණ්ඩුව විවේචනය කරන පණිවිඩ තමයි ෆේස්බුක් එක හරහා යන්නේ. ඒ නිසා ආණ්ඩුවේ උත්සාහය මේ ෆේස්බුක් එකත් වෙන ප්‍රශ්න මවාපාලා නවත්තල දාන්න,"" යනුවෙන් ඔහු කියා සිටියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් අමතමින්. අරාබි වසන්තය අනිකුත් මාධ්‍ය මර්දනය කළ ආකාරයට ෆේස්බුක් ජාලයද මර්දනය කිරීමට ආණ්ඩුව දිගු කලක් මුළුල්ලේ උත්සාහ කරමින් සිටි බව පවසන මන්ත්‍රීවරයා, දැරියන් දෙදෙනකු සිය දිවි නසාගැනීම පාදක කරගනිමින් දැන් එම මර්දනය ආරම්භ කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බව පවසයි. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් වෙබ් අඩවිය 'අවහිර කරලා' ""ගහකට මුවා වෙලා වෙඩි තිබ්බ කියල ගහ කපල දාන්නෙ නැහැ. වෙඩි තියපු එකා අල්ල ගන්නවා මිසක් ඒ ගහ කපල දාල හරියන්නේ නැහැ. මේ බොරු ප්‍රශ්න මවාපාලා තොරතුරු දැන ගැනීමේ ජනතාවගේ අයිතිය නැති ක���න්න ආණ්ඩුව උත්සාහ කරනවා,"" බවද මන්ත්‍රීවරයා පැවසීය. ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලයන් හේතුවෙන් ඇතිවිය හැකි සමාජීය ගැට‍ළු පිළිබඳව ජනාධිපතිවරයාද අදහස් දක්වා තිබෙන අතර, ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂද පවසා තිබේ. ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා එවැනි ප්‍රකාශවලින් පෙන්නුම් කෙරෙන්නේ ෆේස්බුක් ජාලය මගින් ශ්‍රී ලංකාවේත් අරාබි වසන්තය වැනි ජනතා නැගිටීමක් සංවිධානය කිරීමේ හැකියාව පිළිබඳව ඔවුන් තුල පවතින බිය බව මන්ත්‍රීවරයාගේ අදහසයි. 'සමාජයීය ගැටළු' ""අරාබි වසන්තය වගේ කැළඹීමක් නැත්නම් ආණ්ඩු විරෝධී රැල්ලක් ඇති වේය කියල අභියෝගය එතුමන්ට දැනිල තියෙනවා ඒකයි මේක තහනම් කරන්න උත්සාහ කරන්නේ."" ආණ්ඩුව විවේචනය කරමින් ජනතාවට නිසි තොරතුරු ලබා දුන් 33000 නම් වෙබ් අඩවියක්ද බ්‍රහස්පතින්දා සිට තහනම් කර තිබෙන බවත් මන්ත්‍රීවරයා පවසයි. ""තවත් හෙට අනිද්දට එවැනි වෙබ් ජාල නවත්වන්න තිබෙනවා."" 33000 වෙබ් අඩවියට ශ්‍රී ලංකාවෙන් පිවිසීමට සංදේශය ගත් උත්සාහයද අසාර්ථක වූ අතර තම වෙබ් ලිපිනයට පිවිසීම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අවහිර කර තිබෙන බවයි, වෙබ් අඩවිය පවසන්නේ. එහෙත් නීතිමය නියෝගයකින් තොරව තමන් කිසිදු වෙබ් අඩවියක් තහනම් නොකරන බවයි, විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ ප්‍රකාශකයෙක් බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ. මේ අතර එජාපයේ සියළු චෝදනා ප්‍රතික්ෂේප කරන ආණ්ඩුව පවසන්නේ ෆේස්බුක් හේතුවෙන් ඇති වී තිබෙන සමාජයීය ගැට‍ළු වැළැක්වීමට ගත හැකි පියවර පිළිබඳව සිය අවධානය යොමු වී ඇති බවයි." +මිහිතලය විනාශ කෙරෙන දේශගුණ විපර්යාස පාලනය කරගැනීම සඳහා ලෝකයේ ධනකුවේරයන්ගේ ජීවන රටාවේ මහා වෙනසක් කඩිනමින් සිදුකළ යුතුව ඇතැයි වාර්තාවක් මගින් පෙන්වාදෙයි.,"එම අවශ්‍යතාව පෙන්වාදෙනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ වාර්තාවක් මගිනි. ලෝක ධනකුවේරයන්ගෙන් 1%ක් විසින් පරිසරයට විමෝචනය කරනු ලබන කාබන් විෂවායු ප්‍රමාණය ලෝකයේ දුප්පත්ම ජනයාගෙන් 50%ක් පරිසරයට විමෝචනය කරන කාබන් ප්‍රමාණයට වඩා දෙගුණයකින් වැඩි බව එම වාර්තාව සඳහන් කරයි. 1990 සහ 2015 අතර කාලය ඇතුළත වැඩිවෙමින් පැවති කාබන් විෂවායු විමෝචනය තක්සේරු කරන විට ඉන් 37%කට ම වගකිව යුත්තේ ලෝකයේ ධන කුවේරයන්ගෙන් 5%කි. එම ඉහත කී එක්සත් ජාතීන්ගේ වාර්තාව එම ධනවත් කණ්ඩායම හඳුන්වනු ලැබ තිබෙන්නේ ''ඊනියා දූෂිත ප්‍රභූ තන්ත්‍රය'' යන යෙදුම මගිනි. ක්‍රීඩා උපයෝගීතාව සහිත එසේම දුෂ්කර භූමියක පවා ධාවනය කළ හැකි මට්ටමින් රෝද හතරම ජව ගැන්වියහැකි පරිදි නිපදවා ඇති ''සිව්රෝද'' පාලක (SUV) රථවාහන පදවන රියැදුරන් සහ නිරන්තරයෙන් ගුවන්ගමන්වල නිරතවෙන නිත්‍ය පියාසර කරන්නන්ගේ ක්‍රියාකාරකම් පාලනය සහ ධනහිමියන් තාපය අරපිරිමැස්මෙන් රැකගැනීමට සුදුසු පරිදි ඔවුන්ගේ නිවාස සකස්කර ගැනීම (insulate) ඉහත කී එක්සත් ජාතීන්ගේ වාර්තාවේ කතුවරුන්ගේ උවමනාව වී තිබේ. එක්සත් රාජධානියට ආපසු පැමිණෙන යානාවල මගීන්ගෙන් අයකරන ගුවන් මගී ගාස්තුව අවලංගු කිරීමට ගත් තීන්දුව වෙනස් කිරීම සම්බන්ධයෙන් නැවත සලකාබලන ලෙසත් එක්සත් ජාතීන්ගේ වාර්තාව එක්සත් රාජධානියේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. මෑතදී ඉවත්කරන ලද හරිත නිවාස දීමනා වැඩසටහන ඇමතිවරුන් විසින් යළි ක්‍රියාවට නංවනු ලැබීම එක්සත් ජාතීන්ගේ වාර්තාවේ කතුවරුන්ගේ තවත් උවමනාවකි. ඉහත යෝජනා ඇතුළත් ලේඛනය ඉදිරිපත්ව තිබෙන්නේ 'හැසිරීම් වෙනස්වීම්හි පරිමාණය' යන තේමාව යටතේ එක්සත් රාජධානිය පදනම් කරගත් කේම්බ්‍රිජ් තිරසර කොමිෂන් සභාවෙනි. එම කොමිසම පරිසරය කෙරෙහි අදාළවන මිනිස් හැසිරීම් හැදෑරීමක නිරතවෙන පුද්ගලයන් තිස්එක් දෙනකුගෙන් සමන්විත මණ්ඩලයකි. එම මණ්ඩලයට පැවරී ඇති කාර්යය වන්නේ කාබන් විමෝචනය පාලනය කරගැනීම සඳහා ගත යුතු පියවර නංවාලීමට ගතහැකි වඩාත්ම ඵලදායී ක්‍රියාමාර්ගය හඳුනා ගැනීම ය. ඒ අතරම ඔවුන්ගේ අදහස් සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත්ව ඇත. එම විවේචකයන් පවසන්නේ විෂවායු විමෝචනය වේගයෙන් කප්පාදු කළහැකි වන්නේ ජනප්‍රිය නොවන විධිවිධාන මගින් නොව තාක්‍ෂණික වැඩිදියුණුකිරීම් මගින් වන බවය. ''තාක්ෂණික වැඩිදියුණු කිරීම් සහ වඩාත් ඵලදායී පියවර සඳහා අපේ පූර්ණ සහයෝගය ලැබෙනවා. නමුත් විෂවායු විමෝචනය වේගයෙන් වැඩිවෙමින් පවතින තත්ත්වය යටතේ වඩාත් බරපතල තීරණ ගැනීමේ අවශ්‍යතාවත් ඉතාම පැහැදිළියි'' වාර්තාවේ ප්‍රධාන කතෘ මහාචාර්ය පීටර් නෙවෙල් (Prof Peter Newel) බීබීසී සමඟ සාකච්ඡාවක දී සඳහන් කළේය. ''අප විසින් සිදුකරනු ලබන පරිභෝජනය අඩුකළ යුතුව තියෙනව. මෙය ආරම්භ කරනු ලැබීමට හොඳම තැන වන්නේ අධිපරිභෝජනය සහිත පරිසර දූෂක ප්‍රභූ තන්ත්‍රයෙන්. ඔවුන් පරිසරය රැකගැනීමට කරන දායකත්වයට වඩා වැඩි කාබන් විමෝචනයක් සිදු කරනවා'' මහාචාර්ය පීටර් නෙවෙල් පෙන්වා දෙයි. ''ඒ ධනකුවේරයෝ තමයි වැඩිවශයෙන් ගුවන්යානා මගින් පියාසර කරන්නේ. ඔවුන් භාවිත කරන්නේ සුඛෝපභෝගී ලොකු කාර්. ජීවත්වෙන්නේ විශාල මන්දිරවල. ඒවා උණුසුම් කරගැනීම ඔවුන්ට ප්‍රශ්නයක් නොවෙයි. ඒවා විදුලිය පරිභෝජනය අරපිරිමැසුම්දායක ආකාරයට සකස්කරලා තියෙනවද නැද්ද කියන එක ඔවුන්ට ගැටලුවක් නොවෙයි'' ''ඇත්තෙන්ම ඔවුන්ට අවශ්‍යනම් පරිසරයට හිතකාමීවෙන ආකාරයට බලශක්තිය අඩුවෙන් පිරිවැය කෙරෙන හොඳ වැඩ පිළිවෙලකට (insulation) යාමේ ආර්ථික ශක්තිය තියෙනව. එහෙමත් නැත්නම් ඔවුන්ට සූර්ය බලශක්තිය වුනත් යොදාගන්න පුළුවන්කම තියෙනව'' මහාචාර්ය නෙවෙල් පෙන්වාදෙන්නේ දේශගුණ විපර්යාසය පාලනය ගැනීමට සියලු දෙනාගේ සාමූහික ප්‍රයත්නයක් අවශ්‍යකරන බවය. එහි තේරුම දුප්පත් ජනතාවට ආදර්ශයක් වන මට්ටමින් පොහොසතුන් අඩුවෙන් බලශක්තිය භාවිත කරනු ලැබීම බවත් මහාචාර්ය පීටර් නෙවෙල් වැඩිදුරටත් සඳහන් කළේය. මහාචාර්ය නෙවෙල් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් මෙසේ පෙන්වාදෙයි. ""වැඩි වශයෙන් ගුවනේ පියාසර කරන පොහොසතුන් හිතනවා රුක්රෝපණ ව්‍යාපෘතීන් හෝ වායුවට මිශ්‍රව පවතින කාබන් විෂවායුව පාලනය කරගැනීමට වනාන්තර වැඩිකිරීම උපයෝගීකර ගන්න පුළුවන් කියල. නමුත් එවැනි ව්‍යාපෘතීන් බෙහෙවින් විවාදාත්මක මට්ටමකයි පවතින්නේ. ඒ කාලයත් සමඟ එවැනි අදහස් තහවුරුවෙලා නැහැ'' ''පොහොසත් මිනිස්සු නිතරම ගුවන් ගමන් ආදියේ නිරතවීම සහ වාහන භාවිතය හැකිතරම් අඩුකරන්න ඕන. ඔවුන්ට තියෙන්නේ විදුලිය බලයෙන් දුවන SUV වාහනයක් වුනත්, ඒවා මගින් බලශක්ති රටාවට බලපෑමක් එල්ලවෙනවා. එක දෙයක් තියෙනව. එය තමයි විෂවායු විමෝචන වැඩිවශයෙන් සිදුවන්නේ රථවාහන නිෂ්පාදනයේ දී වීම'' පරිසර සංරක්ෂණ ජාලයේ සෑම් හෝල් (Sam Hall) බීබීසී සමඟ සාකච්ඡාවක දී මෙබඳු අදහසක් පළකළේය. ''විෂවායු විමෝචන කප්පාදු කිරීමේ ක්‍රියාවලියේ යුක්තිසහගතභාවය සහ වැදගත්කම නිවැරදියි. ඒවගේම මහජනයා සහ ව්‍යාපාරික අංශ හරිත පිළිවෙතක් කරා යාමට ප්‍රතිපත්ති හේතුවෙනවා'' ''නමුත් පරිසරය දූෂණය නොකෙරෙන තාක්ෂණය සඳහා දිරිගන්වනු ලැබීම වඩාත් ඵලදායී පියවරක්. ජීවන රටාව සම්බන්ධයෙන් තහංචි දැමීම හෝ විශාල දඩගැසීම් ආදියට වඩා මහජන අභිලාෂය වඩාත් ඵලදරන හැඩක් පෙනෙනවා'' නිතර පියාසර කරන්නන්ගෙන් බද්දක් එහෙත් මහාචාර්ය පීටර් නෙවෙල් කියා සිටින්නේ පවතින දේශපාලන ව්‍යුහයෙන් ධනවත් සමාගම්වලට අනුග්‍රහ ලැබෙන බවය. එසේම ධනව���ුන්ගේ ජීවන රටාව වෙනස් කෙරෙමින් සමාජය තුළ සිදුකළ යුතුව ඇති වෙනස්කම්වලට එරෙහිව කටයුතු කිරීමට පුද්ගලයන්ට පාලනයේ උදව් ලැබෙන බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි. මේ සඳහා නිදසුන් වශයෙන් කාබන් පාලනයට අදාළ හැසිරීම් රටාවක් ඉලක්ක කරගත් යෝජනා මාලාවක් පසුගියදා එක්සත් රාජධානියේ දේශගුණ සමුළුව (UK Climate Assembly) විසින් ඉදිරිපත් කරනු ලැබ තිබුණි. මස් සහ කිරි නිෂ්පාදනයෙන් විකල්ප ක්‍රමයක් කරා යොමුවීම, පරිසර දූෂණය හේතුවෙන SUV රථවාහන තහනම් කරනු ලැබීම සහ නිතර ගුවන්ගමන්වල නිරත්වන්නන් මත බදු පැනවීම වැනි යෝජනා කීපයක් ඊට ඇතුළත් විය. මේ අතර මහා භාණ්ඩාගාරය බීබීසී ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්, නිරන්තරයෙන් ගුවන් ගමන්හි නිරතවන්නන්ගෙන් බද්දක් අයකිරීම සහ එම එක් ගුවන්මගියාගේ පෞද්ගලික තොරතුරු දත්ත ගබඩාකර තැබීම අවශ්‍යකරනු ඇතැයි සඳහන් කළේය. එවැනි දත්ත තොරතුරු එක්රැස් කරගැනීම සහ ඒවා පවත්වාගනු ලැබීම නිසා මිනිසුන්ගේ පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් ගැටලු මතු වීමට ඉඩකඩ පවතී. එසේම විදේශ ගමන් බලපත්‍ර කීපයක් භාවිත කරනු ලබන පුද්ගලයන් පිළිබඳ සොයා බැලීම දුෂ්කර කාර්යයක් වනු ඇත. එහෙත් කොමිෂන් සභා වාර්තාව මෙසේ සඳහන් කරයි. ''සමාජයේ විශේෂයෙන්ම ධනවත් සමාජයේ ජීවන ශෛලියේ වෙනසක් සහ හැසිරීම් රටාවේ දැවැන්ත වෙනසක්, විකල්ප පියවර කරා ගමන් ගැනීමකින් තොරව දේශගුණ විපර්යාසයන් පිළිබඳ පැරිස් සම්මුතියේ ඉලක්ක සපුරා ගැනීමට නොහැකිවනු ඇත. එය දේශගුණ විපර්යාස පාලනය කරගනු ලැබීම සම්බන්ධයෙන් ''සාධාරණ'' ක්‍රියාමාර්ගය කුමක්ද යන්න සම්බන්ධයෙන් දිගුකලක් පැවති විවාදයකට අදාළ අලුත් ම වාර්තාව වෙයි. මේ අතර ඉන්දියාව වැනි ඉතා දුප්පත් රටවල තර්කය වන්නේ ජනගහනය අනුව බලනවිට පුද්ගල මට්ටමින් ධනවත් රටවලට වඩා තමන්ගෙන් විමෝචනය වන කාබන් ප්‍රමාණය ඉතා පහළ මට්ටමක පවතින හෙයින් එය වැඩි ගැනීමට අවසර ලැබිය යුතු බවය. ජනාධිපති ජෝ බයිඩන් විසින් සංවිධානය කරනු ලැබ ඇති දේශගුණ සමුළුව ලබන සතියේ ආරම්භවීමට නියමිතය. ඒ අතරම එක්සත් රාජධානියේ පැවැත්වෙන COP දේශගුණ සමුළුව ලබන නොවැම්බර් මාසයේ මුළුදෙනු ඇත. ඉහත සාකච්ඡාවට ගන්නා ලද්දේ එම සමුළු ආරම්භවීමට නියමිතව තිබියදී දේශගුණ විපර්යාසයන්ට අදාළ සාකච්ඡාවන් සම්බන්ධයෙන් පවතින ව්‍යාකූල තත්ත්වයයි. කියවන්න;" +මුස්ලිම් නොවන ජනතාව ‘අල්ලා’යන වචනය භාවිතා කරනු ලැබීම තහනම් කරමින් ප්‍රකාශයට පත�� කෙරුණ අධිකරණ නියෝගයක් සම්බන්ධයෙන් මැලේසියාවේ කිතුනු ජනතාව බලවත් කනස්සල්ල පළ කරති.,"'අල්ලා' වචනයට තහංචි දැමීම නිදහස උල්ලංඝනය කිරීමක් වන බවයි, මැලේසියානු 'හෙරල්ඩ්'පුවත්පත පෙන්වා දෙන්නේ. ‘අල්ලා’ යන වචනය මුස්ලිම් නොවන අන්‍යාගමිකයන් විසින් පාවිච්චි කරනු ලැබීම මැලේසියානු ආණ්ඩුව විසින් තහනම් කරනු ලැබයි තිබුණේ. ආණ්ඩුවේ එම තීරණය තහවුරු කරමින් මැලේසියානු අභියාචනාධිකරණය තීන්දු කළේ කිතුනු සහ වෙනත් ලබ්ධිකයන් විසින් ද එම වචනය භාවිතා කිරීම රටේ මුස්ලිම් ප්‍රජාව අතර ව්‍යාකූලත්වයක් මතු වීමට හේතු වෙන බවයි. අරාබි වචනයක් වන ‘අල්ලා ‘යන්න බයිබලය ද ඇතුළු තම වෙනත් ප්‍රකාශනවල නිරන්තරයෙන්ම භාවිතා කර ඇති බවයි, මැලේසියානු කිතුනුවන් පෙන්වා දෙන්නේ. එසේම එම වදන මැදපෙරදිග පුරාම කිතුනුවන් විසින් පාවිච්චි කරන බවත්, මැලේසියානු කිතුනු නායකයෝ කියා සිටිති. අභියාචනාධිකරණය විසින් දෙන ලද තීන්දුව ආගමික සුළුතරයේ නිදහස මකා දැමීමක් වන බව පෙන්වා දෙමින් එම තීන්දුවට එරෙහිව නැවත අධිකරණ ක්‍රියා මාර්ගයක් ගන්නා බවයි, ‘හෙරල්ඩ්’(Herald) මැලේසියානු කිතුනු පුවත්පත කියා සිටින්නේ." +සංක්‍රාන්ති ලිංගිකයන්ටත් අනෙක් සියලු දෙනාට මෙන් සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව සිනමා රංගන ශිල්පී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසයි.,"විශේෂයෙන්ම ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට ශ්‍රී ලංකා සමාජය තුළ කිසිවකුත් ඉදිරිපත් නොවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අසාධාරණයට එරෙහිව නැගී සිටින සංක්‍රාන්ති ලිංගික තරුණියකගේ චරිතයක් වටා ගෙතුණු 'මායා' චිත්‍රපටය පිළිබඳ අදහස් දක්වමිනි. ''තමුන් නොකළ වරදකට, දෙමව්පියන් නොකළ වරදකට මේ දරුවන්ට වෙන අසාධාරණය. මේ අය ගැන කතා කරන්න කවුරුත් නැහැ.'' ''අපි ඩෙංගු හැදුණා කියලා මිනිහෙක් මරණවද?, උණ සන්නිපාතය හැදුණා කියලා මිනිහෙක් මරණවද? එතකොට මේ දරුවන් කළ වරද මොකක්ද?'' ඉදිරියේදී එළිදැක්වීමට නියමිත 'මායා' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එවැනි චරිතයක් නිරූපණය කිරීම අභියෝගයක් වුවත් තමා ඉතා කැමැත්තෙන් එම අභියෝගය භාර ගත් බවයි. (රංගන ශිල්පී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක බීබීසීයේ අසාම් අමීන් සමග සිදු කළ සම්පූර්ණ සාකච්ඡාව ඉහත වීඩියෝ පටයෙන් නරඹන්න.)" +ලාහෝර් නුවරදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පළමුවරට මේ වසර අගදී පාකිස්තානයේ සංචාරයක නිරත වීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.,"ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සුරක්ෂිතව රැගෙන යාමට ක්‍රීඩාංගනයට පැමිණි හමුදා හෙලිකොප්ටරය සෙනසුරාදා (අගෝස්තු 12) කොළඹ පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුව අවසානයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහය අවසානයේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල, ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් වරක් පාකිස්තානයේ සංචාරයක නිරත කරවීමට තමන් මහත් උනන්දුවෙන් සිටින බව කියා සිටියේය. පාකිස්තානයේ ආරක්ෂක වාතාවරණය යහපත් බව ඒ පිළිබඳව විමසා බැලූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂඥයන් වාර්තාකර තිබෙන බැවින් ලබන සැප්තැම්බර් මාසයේ පාකිස්තානය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරග තුනෙන් එකක් හෝ ලාහෝරයේ පැවැත්වීම සිය අභිප්‍රාය බවත් සභාපතිවරයා සඳහන් කළේය. සබැඳි යොමු: දැනට සැලසුම් කර තිබෙන පරිදි අනෙක් විස්සයි විස්ස තරග දෙක ඩුබායි නුවර පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිතය. මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් පාකිස්තානයේ සංචාරයක නිරතව සිටියදී 2009 මාර්තු 03 වෙනි දින ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණය අසලදී ශ්‍රී ලංකා කණ්ඩායම ත්‍රස්ත ප්‍රහාරකයට ලක්විය. ප්‍රහාරයට ලක් වූ බස් රථයේ වීදුරුවෙන් අවට දිස් වූ අයුරු එහිදී පාකිස්තාන පොලිස් නිලධාරීන් හය දෙනෙකු සහ සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු මරුමුවට පත් වූ අතර, තිලාන් සමරවීර, උප නායක කුමාර් සංගක්කාර, අජන්ත මෙන්ඩිස්, තරංග පරණවිතාන, චමින්ද වාස්, සුරංග ලක්මාල් සහ නායක මහේල සුලු තුවාල ලැබූහ. ඉන් අනතුරුව ආරක්ෂක හේතුන් මත සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කළ අතර, එදා මෙදා තුර පාකිස්තානයේ සංචාරය කර තිබෙන්නේ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම එම සංචාරයේ යෙදවීම පිළිබඳව කුමාර් සංගක්කාර සහ අමාත්‍ය අර්ජුන රණතුංග අතර මෑතදී වාග් සංග්‍රාමයක් ද හටගත්තේය. ඉන් අනතුරුව 2011 ලෝක කුසලානයේ අවසාන මහා තරගය සම්බන්ධයෙන් පරීක්ෂණයක් අවශ්‍ය බව අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කළ අතර, බීබීසී සිංහල සේවය සමග සජීවී ෆේස්බුක් සංවාදයකට එක් වූ කුමාර් සංගක්කාර, අමාත්‍යවරයාගේ යෝජනාව තමන් ද අනුමත කරන බව කියා සිටියේය. කුමාර් සංගක්කාර සමග විශේෂ සාකච්ඡාවක්" +අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි වි��්වාසභංග යෝජනාව තවත් දින දෙකකින් විවාදයට ගැනීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි උණුසුමක් මතුවෙමින් පවතී.,"සිය ජයග්‍රහණය අපේක්ෂාවෙන් විශ්වාසභංගයට පක්ෂ, විපක්ෂ කඳවුරු දෙකම මන්ත්‍රීවරුන්ගේ ජන්දය ලබාගැනීමට දැඩි උත්සාහයක යෙදෙමින් සිටිති. අප්‍රේල් මස 4 වෙනි දින විවාදයට ගැනෙන විශ්වාසභංග යෝජනාව, එදිනම රාත්‍රියේ ජන්ද විමසීමකට ලක්කිරීමට නියමිතය. එහිදී සභාවේ සිටින මන්ත්‍රීවරුන් අතරින් එක් ජන්දයක් හෝ වැඩිපුර ලබාගන්නා පාර්ශවයට ජයග්‍රහණය අත්වේ. එක්සත් ජාතික පක්ෂය පවසන්නේ පහසුවෙන් විශ්වාසභංග යෝජනාව පරාජය කරන බවය. ""විශ්වාසභංගය පරාජය කර නව වැඩපිළිවෙළක් ඔස්සේ රජය ඉදිරියටම ගමන් කරනවා,"" යනුවෙන් අමාත්‍ය රාජිත සේනාරත්න විශ්වාසභංග යෝජනාව ගැන බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් ද අගමැතිවරයා සමග සිටින බවත් ඔහු පැවසීය. විශ්වාසභංග යෝජනාවට ජවිපෙ සහය දෙනවා - බිමල් රත්නායක රාජිත සේනාරත්න අමාත්‍යවරයා එසේ පැවසුවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් බීබීසී සිංහල සේවය සමග කියා සිටියේ අමාත්‍ය රවුෆ් හකීම් හා රිෂාඩ් බදුර්දීන්ගේ නායකත්වයෙන් යුත් පක්ෂවල සහාය ගැන 100% ක විශ්වාසයක් තැබිය නොහැකි බවය. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මාධ්‍ය වෙත පවසා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 10 දෙනෙකු අගමැතිවරයාට සහාය දෙන බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් ද බීබීසීය සමග අදහස් දක්වමින් අගමැතිවරයාට සහාය දෙන පිරිසක් තම පක්ෂයේ සිටින බව පිළිගත් නමුත් ඔහු වැඩිදුරටත් පැවසුවේ ජනාධිපතිවරයා එලෙස පක්ෂයේ තීරණයට එරෙහිව යන අයට ඉදිරියේ අමාත්‍ය පදවි ලබා නොදෙන බවට කර ඇති ප්‍රකාශයක් හේතුවෙන් එම පිරිස දෙගිඩියාවෙන් පසුවන බවය. මේ හේතුවෙන් ඔවුන් පක්ෂයේ තීරණය සමග සිටිනු ඇති බවත් ඔහු සඳහන් කළේය. මේ අතර පසුගියදා බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක ඇමතිවරයා, විශ්වාස භංග යෝජනාවට තමන් පුද්ගලිකව තරයේ විරුද්ධ බව සඳහන් කළේය. එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු 107ක් පාර්ලිමේන්තුවේ සිටින අතර ඒ අතරින් කතානායක කරු ජයසූරියට ජන්දය ප්‍රකාශ කිරීමේ අවස්තාව අහිමිය. එයට අමතරව අ��ුරලියේ රතන හිමියන්, චතුර සේනාරත්න සහ හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙනු ඇති බව වාර්තා වේ. සිය පක්ෂය විශ්වාසභංග යෝජනාවට සහාය දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවය සමග පැවති සාකච්ඡාවකදී සඳහන් කළේය. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 96 දෙනාම එයට පක්ෂව ජන්දය ප්‍රකාශ කළහොත්, ජනතා විමුක්ති පෙරමුණේ ජන්ද 6ත් සමග ඔවුන්ට වැඩි වාසි අත්වේ. ඒ අනුව අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව සම්බන්ධ තීරණාත්මක ඡන්ද ප්‍රමාණය හිමිවන්නේ මන්ත්‍රීවරුන් 15ක් සහිත දෙමළ ජාතික සන්ධානයට බව පැහැදිලිය. විශ්වාස භංග යෝජනාව අගමැති සහ ජනාධිපති අතර විරසකයක් ඇති කිරීමේ අරමුණින් ඒකාබද්ධ විපක්ෂය ගෙන යන දේශපාලන උපාය මාර්ගයක් - දුමින්ද දිසානායක ""අපිට මන්ත්‍රීවරුන් 16ක් හිටියා. එක්කෙනෙක් දැන් අපි සමග නැහැ. ඉතිරි 15 දෙනාම හෙට රැස්වෙලා තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා,"" දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්තිරන් බීබීසී සිංහල සේවයට පැවසීය. දෙමළ ජාතික සන්ධානය විශ්වාසභංග යෝජනාවට සහාය නොදක්වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඔවුන් බොහෝ විට සිය ජන්දය භාවිත නොකර සිටීමට හෝ අගමැතිවරයාට සහාය පළකිරීමට තීරණය කරනු ඇති බව දෙමළ ජනමාධ්‍ය වාර්තා කරයි. මේ අතර යෝජනාව ඉදිරිපත් කළ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම පවසන්නේ, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහාය ද සහිතව අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ජයගන්නා බවය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද එයට සහාය දීමට ඉඩ තිබෙන බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පසුගියදා බීබීසී සිංහල සේවය සමග කියා සිටියේය. ඒ සියල්ල ඡන්ද විමසීම අවස්ථාවේ හෙළි වනු ඇති බව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් බීබීසියට පැවසීය. සබැඳි යොමු:" +පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ වසරේ අප්‍රේල් මාසය දක්වා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් උතුරු කොරියාවෙන් නීති විරෝධී ලෙස වානේ සහ යකඩ ආනයනය කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.,"එක්සත් ජාතීන් පවසන පරිදි, උතුරු කොරියාවට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝනය කරමින් එම කාලය ඇතුළත රටවල් එකොළහක් විසින් ආනයනය කර තිබෙන වානේ සහ යකඩවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් හාර කෝටි හතලිස් තුන් ලක්ෂ හතලිස් හතර දහස් නමසිය දොළහකි. ($44,344,912). ශ්‍රී ලංකාව පමණක් උතුරු කොරියාවෙන් ආනයනය කරන ලද යකඩ සහ වානේ වල වටිනාකම ඩොලර් දහ අට ලක්ෂ හැට දහස් පන්සිය දහසයකි. ($1,860,516) උතුරු කොරියාව එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝනය කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් විසින් ආරක්ෂක මණ්ඩලයට පසුගිය සැප්තැම්බර් 05 වෙනි දින භාර දුන් වාර්තාවක් සෙනසුරාදා ප්‍රකාශයට පත් කෙරිණ. එක්සත් ජාතීන්ගේ විශේෂඥ වාර්තාවේ කොටසක් ඒ අනුව ශ්‍රී ලංකාව, බාබඩෝස්, චීනය, කොස්ටා රිකා, ප්‍රංශය, එල් සැල්වදෝර්, ඉන්දියාව, ඉන්දුනීසියාව, අයර්ලන්තය සහ පාකිස්තානය එම සම්බාධක උල්ලංඝනය කරමින් යකඩ සහ වානේ ආනයනය කර තිබේ. වාර්තාව පෙන්වාදෙන පරිදි ශ්‍රී ලංකාව එසේ වානේ සහ යකඩ ආනයනය කර තිබෙන්නේ පසුගිය වසරේ ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් සහ මේ වසරේ ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාසවලය. ඒ හැරුණු විට මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල ශ්‍රී ලංකාව ඩොලර් 32,184 ක් වටිනා තඹ නීති විරෝධී ලෙසින් උතුරු කොරියාවේ සිට ආනයනය කර තිබෙන බව ද පිටු 111 කින් සමන්විත දීර්ඝ වාර්තාවේ දැක්වේ. ඒ අතර චීනය පසුගිය දෙසැම්බර් මාසයේ උතුරු කොරියාවෙන් තඹ කිලෝ 556,884 ක් ආනයනය කර තිබේ. සබැඳි යොමු: උතුරු කොරියාව වෙනුවෙන් ඇන්ගෝලාවේ නාවික හමුදා යාත්‍රා නවීකරණය කරන Green Pine Corporation නම් සමාගමේ නියෝජිතයන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ එම නාවික යාත්‍රා විකිණීමට දැරූ උත්සාහයක් අසාර්ථක වී ඇති බව ද විශේෂඥ වාර්තාවේ සඳහන් වේ. උතුරු කොරියාව ඇන්ගෝලා නාවික හමුදා යාත්‍රා නවීකරණය කිරීම එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝනය කිරීමක් බව ද වාර්තාවේ දැක්වේ. ""උතුරු කොරියාව ගැන හෙළා දැකීම ජනපති දැන සිටියේ නැහැ"" ඒ හැරුණු විට ඩොලර් මිලියන සිය ගණනක් වටිනා ගල් අඟුරු, යකඩ නිධි ඇතුළු තවත් ද්‍රව්‍ය උතුරු කොරියාවේ සිට නීති විරෝධී ලෙසින් ආනයනය කිරීම පිළිබඳව චීනය සහ මැලේසියාවට චෝදනා එල්ල වී තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පණවමින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාර එම භාණ්ඩ තොග එක්සත් ජාතීන් විසින් පරීක්ෂා කරනු ලැබුවේ ද යන්න සහ නොඑසේනම් එම භාණ්ඩ ආනයනය කරනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ විශේෂ අවසරයක් යටතේ ද යන්න පිළිබඳව අදාළ රටවලින් කරනු ලැබූ විමසීම්වලට මෙතෙක් ප්‍රතිචාර දක්වා තිබෙන්නේ චීනය පමණක් බව ද එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ පවසති. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ වාර්තාව පිළිබඳව විමසීම පිණිස රාජිත සේනාරත්න හා දයාසිරි ජයසේකර කැබිනට් ප්‍රකාශක අමාත්‍යවරුන් සහ විදේශ අමාත්‍ය තිලක් මාරපන ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිප වතාවක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය. උතුරු කොරියාව මෑතදී මිසයිලයක් අත්හදා බැලූ අවස්ථාවක් උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් හෙලා දකිමින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පසුගියදා නිවේදනයක් නිකුත් කළ නමුත්, ඒ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිවක් නොදැන සිටි බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර පසුව සඳහන් කළේය. රසායනික ආයුධ, බැලිස්ටික් මිසයිල සහ සාම්ප්‍රදායික අවි ආයුධ සම්බන්ධයෙන් උතුරු කොරියාව සහ සිරියානු ආණ්ඩුව සහයෝහයෙන් ක්‍රියාකරන බවට පළවන වාර්තා පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වමින් සිටින බවද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද විශේෂඥ වාර්තාවේ සඳහන් වේ. ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ ජනරජය, ඇන්ගෝලාව, එරිත්‍රියාව, මොසැම්බික් රාජ්‍යය, නැමීබියාව, සිරියාව උගන්ඩාව සහ ටැන්සානියාව යන රාජ්‍යයන් එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ද තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවත් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි. න්‍යෂ්ඨික අත්හදා බැලීම උතුරු කොරියාව දිගින් දිගටම න්‍යෂ්ඨික බෝබ්ම නිෂ්පාදනය කළේ සහ මිසයිල අත්හදා බැලුවේ එක්සත් ජාතීන්ගේ සම්බාධක සහ ජාත්‍යන්තර බලපෑම් උල්ලංඝනය කරමිනි. එක්සත් ජාතීන්ගේ විශේෂඥ වාර්තාවෙන් උතුරු කොරියාව පසුගියදා න්‍යෂ්ඨික බෝම්බයක් අත්හදා බැලීමත් සමඟ කලාපයේ අංශක 6.3 ක මහා භූ චලනයක් සිදු වූ බව ජපානයේ භූ කම්පන විද්‍යාඥයන් විසින් ඇස්තමේන්තු කරනු ලැබ තිබේ. පිපිරීම සමග හටගත් භූ කම්පාව චීනයට සහ රුසියාවට පවා දැනී තිබෙන අතර, උතුරු කොරියාවේ දේශසීමාව ආසන්නයේ හදිසි විකිරණ පරීක්ෂාවක් සිදු කරන බව චීනය නිවේදනය කළේය. න්‍යෂ්ඨික බෝම්බය අත්හදා බැලීම පිළිබඳව වහාම ප්‍රතිචාරය පළ කළ දකුණු කොරියාව, රොකට් ප්‍රහාර එල්ල කරමින් සජීව හමුදා අභ්‍යාසයක නිරත විය. ඒ සමගම උතුරු කොරියාව නුදුරු අනාගතයේදීම තවත් මිසයිල අත්හදා බැලීමට සැරසෙන බවට ඉඟි පළ වී තිබෙන බව පවසන දකුණු කොරියාව, උතුරු කොරියාවේ මීළඟ අත්හදා බැලීම අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් විය හැකි බව ද සඳහන් කරයි. පසුගිය මාස දෙක ඇතුළත පමණක් අන්තර් මහද්වීපික මිසයිල දෙකක් අත්හදා ��ැලූ උතුරු කොරියාව, එයින් එක් මිසයිලයක් ජපානයට ඉහලින් ශාන්තිකර සාගරයට විදීමට සමත්විය." +තායිලන්ත අගමැතිනි යින්ලුක් සිනවත් පදවියෙන් ඉවත් විය යුතු යයි එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය නියෝග කර ඇත.,"යින්ලුක් සිනවත් ව්‍යවස්ථා අධිකරණයේ සිට එම නියෝගය සිදු කෙරුණේ, අගමැතිවරිය බලය යුතු ආකාරයට පාවිච්චි කරනු ලැබ ඇති බව තීන්දු කරනු ලැබීමෙන් අනතුරුව. සිය ඥාතියකු වෙනත් පදවියකට පත් කර ගත හැකි පරිදි, බලය යුතු මට්ටමින් පාවිච්චි කරමින් 2011 වසරේ දී ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු මාරු කිරීම මගින් අගමැතිනි යින්ලුක් සිනවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනු ලැබ ඇති බවයි,ව්‍යවස්ථා අධිකරණයේ තීන්දුව වී තිබෙන්නේ. එම පරිපාලන නිලධාරියා මාරු කිරීමට හවුල් වූ කැබිනට් ඇමතිවරුන් ද පදවි වලින් ඉවත් විය යුතු යයි අධිකරණය නියෝග කර ඇත. තායිලන්තය පසුගිය මාස හය පුරාම දුෂ්කර දේශපාලන අර්බුදයකයි පවතින්නේ. යින්ලුක් සිනවත් ඉවත්වීම මගින් පුරප්පාඩු වෙන අගමැති පදවිය සම්පූර්ණ කරනු ලබන්නේ කෙසේද යන්න තවමත් අපැහැදිලි බවයි තායිලන්තයෙන් ලැබෙන වාර්තා මගින් පෙනී යන්නේ." +පිපාසය නිවා ගැනීම සඳහා පිරිසිදු ජලය ඉල්ලූ ජනතාවට උණ්ඩයෙන් පිළිතුරු දෙන මෙන් නියෝග කළේ කවුදැයි සොයා දඬුවම් පැමිණවිය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි.,"'ප්‍රජාතන්ත්‍රවාදී රටක මෙවැනි සිද්ධීන්වලින් අපිට අනාගතය ගැන බියක් ඇති කරනවා' ගම්පහ දිස්ත්‍රික්කයේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය ඒ බව කියා සිටියේ, තිදෙනකු මරා දමමින් සහ තවත් 'හතළිහකට ආසන්න පිරිසක් රෝහල්ගත් කරමින්' බ්‍රහස්පතින්දා රතුපස්වල ගම්වාසීන්ට හමුදාව එල්ල කළ ප්‍රහාරය පිළිබඳව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්. ගම්වාසීන්ට ජීව උණ්ඩවලින් පිළිතුරු දීමෙන් අනතුරුව එයට දේශපාලන අර්ථකතනයක් ලබා දීමට උත්සාහ කරන බවට මන්ත්‍රීවරයා ආණ්ඩුවට චෝදනා කළේ, පසුගිය සිකුරාදා ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා විසින් කරන ලද ප්‍රකාශයක් උපුටා දක්වමින්. කෙසේ නමුත් ප්‍රදේශවාසී ජනතාව මුහුණ දුන් ගැටලුවේදී ආගමික නායකයන් 'ඉතා සාමකාමීව සහ බුද්ධිමත්ව' ක්‍රියා කළ බව පවසන එජාපයේ හිටපු නියෝජ්‍ය නායකයා, ගලඔළුව සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියන්ගේ උපවාසය පිළිබඳව විශේෂයෙන් සඳහන් කරයි. ""ඒකාධිපති පාලන තුල මෙවැනි සිද්ධීන් සාමාන්‍ය වුවත්, ප්‍රජාතන��ත්‍රවාදී රටක මෙවැනි සිද්ධීන්වලින් අපිට අනාගතය ගැන බියක් ඇති කරනවා,"" යනුවෙන් ද කරු ජයසූරිය මන්ත්‍රීවරයා සඳහන් කළේ වයසක කාන්තාවක් ආරක්ෂක හමුදාවල ග්‍රහණයට හසුවී සිටින දර්ශණයක් පිළිබඳව සඳහන් කරමින්." +මැද පෙරදිග ඉරානය සහ යේමනය අතර මුහුදු කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර ආරක්ෂක සන්ධානයක් ස්ථාපනය කිරීමට ඇමෙරිකාවට අවශ්‍ය වී තිබේ.,"ඇමෙරිකාවේ මරීන් බලකායේ ජෙනරල් ජෝසෆ් ඩන්ෆර්ඩ් පැවසුවේ, අත්‍යවශ්‍ය වෙළෙඳ මුහුදු මාර්ග සහිත එම කලාපයේ ""නාවික ගමනා ගමන නිදහස තහවුරු කිරීමට"" තමන්ට අවශ්‍ය බවය. පසුගිය මාසයේදී ඉන්ධන නෞකා දෙකකට ප්‍රහාර එල්ල කිරීම කළේ ඉරානයේ සහය ලබන ප්‍රහාරකයින් බවට ඇමෙරිකාව චෝදනා කළේය. ජෙනරල් ජෝසෆ් ඩන්ෆර්ඩ් (මැද) ජෙනරල් ජෝසෆ් ඩන්ෆර්ඩ් සඳහන් කළේ, සිය සැලසුමට සහය දීමට ""දේශපාලනික වශයෙන් කැමැත්තක් දක්වන"" රටවල් රැසක් සමග ඇමෙරිකාව සාකච්ඡා කළ බවය. යෝජිත වැඩපිළිවෙළ යටතේ ඇමෙරිකාව භාණ්ඩ ප්‍රවාහන නෞකාවල ""අණදීම් සහ පාලනය"" සිදු කරන අතර, අදාළ නෞකා අතර ජංගම මුර සංචාර සඳහා බෝට්ටු සැපයීම අනෙක් රටවලින් අපේක්ෂා කරන බව ඔහු පැවසීය. ජෙනරල් ඩන්ෆර්ඩ් ප්‍රකාශ කළේ, ""සහය දෙන සෑම රටකට ම ඇති විශේෂ හැකියාවන් හඳුනාගැනීම සඳහා එම රටවල ආරක්ෂක අංශ සමග ඇමෙරිකාව ඍජුව කටයුතු කරන"" බවය. ""එම ක්‍රියාන්විතයට සෑම රටක් ම සහය දිය යුතුය."" හෝමූස් සමුද්‍ර සන්ධිය සහ බාබ් අල්-මන්ඩාබ් යන මුහුදු කලාප අත්‍යවශ්‍ය මුහුදු කලාප ලෙස සැලකේ. මුහුදේ සිට ගල්ෆ් කලාපයට සහ රතු මුහුදට ඇතුළු වන නෞකාවල ප්‍රවේශ මාර්ගය ඒ හරහා වැටී තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධිය සහ බාබ් අල්-මන්ඩාබ් අත්‍යවශ්‍ය මුහුදු කලාප ලෙස සැලකේ. ජෝසෆ් ඩන්ෆර්ඩ් පැවසුවේ, සහය දෙන රටවල් සංඛ්‍යාව අනුව මෙම ක්‍රියාන්විතයේ පරිමාණය තීරණය වන බවය. ""රටවල් කිහිපයක් පමණක් දායක වුණොත් අපිට කරන්න වෙන්නේ සුළු මෙහෙයුමක්. ඒ සඳහා සම්බන්ධ වන රටවල් ගණන අනුව එය පුළුල් කරනවා."" දිනපතා ඉන්ධන බැරල් මිලියන 4ක් පමණ බාබ් අල්-මන්ඩාබ් හරහා ලෝකයේ සෙසු රටවල් වෙත ප්‍රවාහනය කෙරේ. ඇමෙරිකාව නෞකාවල ආරක්ෂාව පිළිබඳව මෙතරම් වෙහෙසෙන්නේ ඇයි? ජූනි මාසයේදී හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ඉන්ධන නෞකා දෙකකට බෝම්බ ප්‍රහාර එල්ල කළ බවට ඇමෙරිකාව ඉරානයට චෝදනා කළේය. එහෙත්, එම චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කළේය. ඉන් දින කිහිපයකට පසු ගල්ෆ් කලාපයේදී ඉරානය ඇමෙරික��නු ඩ්‍රෝන යානයකට පහර දී බිම හෙළීය. ඩ්‍රෝන යානය බිම හෙළීමෙන් පසු ඉරානය වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුමැතිය ලබා දී පසුව එම තීන්දුව වෙනස් කෙරුණ ද ඇමෙරිකාව විසින් ඉරාන අවි පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. ඉරානයට එරෙහිව සම්බාධක පැනවීම නිසා එරට ඉන්ධන වෙනත් රටවලට අපනයනය කිරීමට ඉඩ නොලැබෙන්නේ නම් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමන බවට ඉරානය අනතුරු අඟවා තිබිණි. ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩපිළිවෙල ගැන නැවත සාකච්ඡා කිරීමට එකඟ නොවන්නේ නම් තෙල් අපනයනයට එරෙහිව සම්බාධක පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කළේය. මේ අතර, ජූනි මාසයේදී ඉන්ධන නෞකා දෙකකට ප්‍රහාර එල්ල කළ බවට බ්‍රිතාන්‍යය ඉරානයට චෝදනා කිරීමත් සමග ඉරානය සහ බ්‍රිතාන්‍යය අතර ද උණුසුම් තත්ත්වයක් වර්ධනය වෙමින් පවතී. මේ අතර, යුරෝපා සංගමයේ සම්බාධක උල්ලංඝණය කරමින් සිරියාව වෙත යාත්‍රා කරමින් පැවති බවට ලැබී තිබූ තොරතුරු මත පසුගිය සතියේදී ඉරානයට අයත් ඉන්ධන නෞකාවක් ග්‍රහණයට ගැනීම සඳහා බ්‍රිතාන්‍ය රාජකීය මරීන් භටයින් ජිබ්‍රාල්ටර් දූපත්හි (Gibraltar) බලධාරීන්ට සහය වී තිබිණි. ග්‍රේස් 1 ස්පාඤ්ඤයේ වැඩබලන විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේ, ග්‍රේස් 1 (Grace 1) නමැති අදාළ නෞකාව ඇමෙරිකාවේ ඉල්ලීම මත රඳවා ගත් බවය. මෙම තත්ත්වය ද ඉරානය සහ බ්‍රිතාන්‍යය අතර අර්බුදකාරී තත්ත්වය වර්ධනය වීමට බලපෑවේය. තවදුරටත් කියවන්න." +මෙවර මහ කන්නයේ අස්වනු වී අලෙවි මණ්ඩලයට අලෙවි කිරීමට අපේක්ෂා කරන ගොවීන් අන්තර් ජාලය හරහා ලියාපදිංචි විය යුතු අතර ඒ සඳහා වන අයැදුම් පත ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි.,මේ හේතුව නිසා වී ගොවීන් දැඩි අපහසුතාවයකට පත් වන බව ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය පවසයි. තම අස්වනු වී අලෙවි මණ්ඩලයට ලබා දීම සඳහා ගොවීන්ගේ ඉදිරිපත් වීම අඩු විය හැකි බව ද ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානයේ මාධ්‍ය ලේකම් ශෂී එදිරිසූරිය ප්‍රකාශ කළේය. ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානයේ මාධ්‍ය ලේකම් ශෂී එදිරිසූරිය ‘මෙවැනි වැඩසටහන් හදන්න කලින් ගොවි සංවිධාන සමග සාකච්ඡා කරලා කළ යුතුයි. ඒ වගේම නිවැරදි තොරතුරු ගොවින් ළඟ නෑ. ඒ නිසා ගොවි සංවිධාන සමග එක්ව ඉතා විධිමත්ව කරනවා නම් මේ වැඩ පිළිවෙළේ වරදක් නෑ’ ඔහු පැවසීය. මින් ඉදිරියට වී අලෙවි මණ්ඩලයට අස්වනු අලෙවි කරන ගොවීන් තම වෙබ් අඩවිය හරහා ලියා පදිංචි විය යුත�� බව අනීවාර්ය කෙරෙන නිවේදනය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ගොවි සංවිධාන වෙත යවා ඇත. ගොවීන් ලියාපදිංචි වීම මගින් අතරමැදියන් පැමිණ වී අලෙවි මණ්ඩලයට අස්වනු විකිණීම නතර වන බැවින් එහි වාසිය අත් වන්නේ ගොවීන්ට ම බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා පවසන්නේ. කෙසේ නමුත් අයදුම්පත ඉංග්‍රීසි භාෂාවෙන් තිබීම පිළිබඳව විමසු විට අලෙවි මණ්ඩලයේ සභාපති එම් බී දිසානායක කියා සිටියේ ඉදිරියේ දී එය සිංහල භාෂාවෙන් සැකසීමට කටයුතු යොදන බවයි. ‘මෙහෙම කෙරුනහම තියෙන වාසිය තමයි මේවා ගොවිජන සේවා එකෙනුත් ලැයිස්තු අරගෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙනුත් දත්ත ලබාගෙන මේ සියල්ල සංසන්දනය කරලා නිවැරදි ගොවින්ගේ එකතුවක් හදන්න පුළුවන්. එතකොට රටම දන්නවා නිවැරදි ගොවින් කවුද කියලා. අසරණ ගොවියන් නිලධාරීන්ට යටත් වෙලා. සල්ලි දුන්නොත් විතරයි අයදුම් පත්‍ර දෙන්නේ. මේ හැම කාරනාවකදිම මේක වාසියක් වෙනවා’ සභාපතිවරයා පැවසීය. +ලබන ජනවාරි මාසයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයෙන් තේරී පත්වන ඕනෑම අපේක්ෂකයකු දූෂිතයකු බව සනාථවුවහොත් ඔවුන් එම පදවිවලින් ඉවත්කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.,"ක්‍රීඩාවට දේශපාලන අතපෙවීමක් නොකරන නමුත් දූෂිතයන්ට එරෙහිව ක්‍රියාකරන බව අමාත්‍යවරයා පවසයි හිටපු ලේකම් නිශාන්ත රණතුංග සහ හිටපු සභාපතිවරුන් වන අර්ජුන රණතුංග, ජයන්ත ධර්මදාස සහ තිලංග සුමතිපාල මෙවර නිලවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධානම අපේක්ෂකයන්. හිටපු සභාපති උපාලි ධර්මදාස රණතුංග දෙසොහොයුරන්ට සහාය දක්වන බව වාර්තාවන අතර, උපාලි-නිශාන්ත පාලක මණ්ඩලයට බරපතල දූෂණ චෝදනා එල්ල කළ අර්ජුන රණතුංග අමාත්‍යවරයා මෙවර එම කණ්ඩායමේම සාමාජිකයකු වීම නිලවරණයේ කැපී පෙනෙන්නක්. උපාලි-නිශාන්ත පාලක මණ්ඩලයට බරපතල දූෂණ චෝදනා එල්ල කළ අර්ජුන රණතුංග අමාත්‍යවරයා මෙවර එම කණ්ඩායමේම සාමාජිකයකු වීම නිලවරණයේ කැපී පෙනෙන්නක් නිලවරණයේ අපේක්ෂකයන්ට එරෙහිව පැමිණිලි ගණනාවක්ම ලැබී තිබෙන බවයි ක්‍රීඩා අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබුනේ. එම පැමිණිලි ඔහු දෙසැම්බර් 10 වැනි දින සලකා බැලීමට නියමිතයි. එම විමර්ශනයේදී තාක්ෂණික හේතූන් මත ඇතැම් අපේක්ෂකයන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වීමට ඉඩ තිබෙන බව පවසන ක්‍රීඩා අමාත්‍යවරයා, කිසියම් ලෙසකින් එසේ නාමයෝජනා ප්‍රතික්ෂේප නොවන පුද්ගලයන්ට එරෙහි චෝදනා අධිකරණ ක්‍රියාමාර්ගයකින් සනාථවුවහොත් ඔවුන් එම පදවිවලින් ඉවත් කරන බව අවධාරණය කළේය. ( අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවට සවන් දෙන්න) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම් නිශාන්ත රණතුංගට සහ හිටපු සභාපතිවරුන් වන උපාලි ධර්මදාස සහ ජයන්ත ධර්මදාස දෙසොහොයුරන්ට එරෙහිව බැඳියාවන් අතර ගැටුම් සම්බන්ධ බරපතල චෝදනා එල්ල වී තිබෙන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක විසින් පත්කරන ලද පරීක්ෂණ මණ්ඩලයේ නිගමණය වී තිබේ. නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල සභාපති පදවිය දැරූ පාලක මණ්ඩලය එවක අමාත්‍ය ජීවන් කුමාරතුංග විසින් විසුරුවා හරියේ දූෂණ චෝදනා එල්ල කරමින් විශේෂයෙන්ම නිශාන්ත රණතුංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයාව සිටියදී ඔහු ප්‍රධාන විධායක තනතුර හෙබැවූ සීඑස්එන් ආයතනයට ක්‍රිකට් විකාශන අයිතිය පැවරීමේදී බැඳියාවන් අතර ගැටුමක් පැවති බව කමිටුවේ මතයයි. සීඑස්එන් ආයතනයට විකාශන අයිතිය පැවරීම පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේද දැඩි විවේචනයට ලක්විය. අයිසීසී ප්‍රතිචාරය එහෙත් ඔවුන් එම චෝදනාවට වැරදිකරුවන් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක විසින් පත්කරන ලද පරීක්ෂණ කමිටුව නිගමණය කර නැති බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ. ""ඒක තමයි නිගමනවල තිබුණ නම් මෙන්න මේ අය මේ දේට වැරදිකරුවෝ කියල අපිට ඉතිරි වැඩ ටික කරන්න තිබුණ."" ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයාව සිටියදී ඔහු ප්‍රධාන විධායක තනතුර හෙබැවූ සීඑස්එන් ආයතනයට ක්‍රිකට් විකාශන අයිතිය පැවරීමේදී බැඳියාවන් අතර ගැටුමක් බවට චෝදනා එම පරීක්ෂණ මණ්ඩලය නගා තිබෙන චෝදනා පිළිබඳව පරීක්ෂණයක් පවත්වන මෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයට උපදෙස් දී තිබෙන බව පවසන අමාත්‍ය දයාසිරි ජයසේකර, වැඩිදුර පියවර ගැනීමට ප්‍රථම නීතිපතිවරයාගේ උපදෙස් ලබාගන්නා බවත් සඳහන් කළේය. දූෂණ විරෝධී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පෙන්වා දෙන පරිදි බැඳියාවන් අතර ගැටුම යනු දූෂණයක් බව පිළිගන්නේ දැයි සංදේශය කළ විමසීමට පිළිතුරු දුන් ඇමතිවරයා කියා සිටියේ විවිධ ආකාරයෙන් එය අර්ථකතනය කළ හැකි බවයි. මේ අතර නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල සභාපති පදවිය දැරූ පාලක මණ්ඩලය එවකට ක්‍රීඩා අමාත්‍ය ජීවන් කුමාරතුංග විසින් විසුරුවා හරිනු ලැබුනේ බරපතල දූෂණ චෝදනා එල්ල කරමින්. එම චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූයේද යන්න හෝ එවැනි පරීක්ෂණයක නිගමන කවරක්ද යන්න පිළිබඳව තමන් දැනුවත් නැති බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර සංදේශයට පැවසීය. නිලවරණයේ අපේක්ෂකයන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව ප්‍රතිචාරය විමසූ අවස්ථාවේ අයිසීසී ජගත් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙක් බීබීසී සංදේශයට කියා සිටියේ මේ අවස්ථාවේ තමන් ඒ පිළිබඳව කිසිචක් ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටින බවයි." +ජාතීන් අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මුරලි සාම කුසලාන ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 21 වනදා සිට 25 වැනිදා දක්වා උතුරු පළාතේදී පැවැත්වීමට නියමිතයි.,"කුමාර් සංගක්කාර, මුත්තයියා මුරලිදරන්, කුෂිල් ගුණසේකර සහ මහේල ජයවර්ධන 2012 වසරේදී ආරම්භ වූ මුරලි සාම කුසලාන ක්‍රිකට් තරඟාවලිය යාපනය, කිලිනොච්චි, මාන්කුලම් සහ ඕඩ්ඩුසුඩාන් යන නගරවල පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි තරඟාවලිය සංවිධානය කරනු ලබන ගුණ ජය සතුට පදනම පවසන්නේ. ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ බිහි වූ ක්‍රිකට් දැවැන්තයන් තිදෙනකු වන මුත්තයියා මුරලිදරන්, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ගුණ ජය සතුට පදනමේ ක්‍රියාකාරී සාමාජිකයන් වන අතර තරඟාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා හමුදාවේද සහාය ඇතිවයි. සංහිඳියාව ගොඩ නගමින් ජාතීන් අතර මිත්‍රත්වය සහ හොඳ හිත වර්ධනය කිරීම, කණ්ඩායම් හැඟීම, ක්‍රීඩාවේ සාධාරණත්වය සහ ජීව ගුණය වර්ධනය කිරීම, පශ්චාත් යුද සමයේ වරප්‍රසාද නොලත් ග්‍රාමීය ප්‍රජාව වෙත සෙත සැලසීම මුරලි සාම කුසලානයේ ප්‍රධාන ඉලක්ක බව සංවිධායකයෝ පවසති. 'සමගිය හා මිත්‍රත්වය' ""ශ්‍රී ලංකාව පුරා ජන ප්‍රජාවන් අතර සමගිය සහ මිත්‍රත්වය ගොඩනගමින් මුරලි සාම කුසලානය පස් වෙනි වරටත් එක දිගටම උතුරේ පැවැත්වෙනවා දැකීම මට ඇත්තටම ආඩම්බරයක්,"" මුරලිදරන් කියා සිටියේය. ""කුසලානයට තරඟ වදින සියලුම ක්‍රීඩකයන්ට මම සුභ පතනවා."" තරඟාවලිය සඳහා රට පුරා වයස දහනවයෙන් පහළ පාසල් ක්‍රිකට් කණ්ඩායම් 16 ක් සහ වයස විසි තුනෙන් පහළ ක්‍රිකට් කණ්ඩායම් 08 ක් සහභාගී වනු ඇත." +ශ්‍රී ලාංකිකයන් පිරිසක් සිරියාවට ගොස් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය සමග එක් වී ඇතැයි තමන් විසින් සිදු කරන ලද ප්‍රකාශය පිටුපස ජාතිවාදය ඇවිස්සීමේ උවමනාවක් නොතිබුණු බව අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.,"මුස්ලිම් ජාත්‍යන්තර පාසල්වලට දේශන පැවැත්වීම පිණිස සංචාරක වීසා ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන ඇතැම් පුද්ගලයන් කුරුණෑගල, කල්මුනේ, බේරුවල, කල්එලිය වැන�� ප්‍රදේශවල මුස්ලිම් දරුවන්ගේ 'මනස විකෘති කරන බව' හෙළි වී ඇතැයිද අමාත්‍ය විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුව හමුවේ පසුගියදා පැවසීය ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රභූ පවුල් හතරකට අයත් 32 දෙදෙනකු සිරියාවට ගොස් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට බැඳී ඇතැයි අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරනු ලබන නායකයන්ගේ සහ දේශපාලනඥයන් කීප දෙනෙකුගේ විරෝධය පල වී තිබිණි. ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මීට වසරකට පෙර පළවූ මාධ්‍ය වාර්තාවකට අදාළ කරුණු බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මුස්ලිම් සභාව විසින් එම ප්‍රකාශය හඳුන්වනු ලැබුවේ ජාතිවාදීන්ට අනුබල ලබා දෙන ප්‍රකාශයක් ලෙසය. මහනුවරදී මල්වතු අස්ගිරි මහ නායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ, කරුණු සඟවා සිටීමෙන් ඇතිවිය හැකි භයානක තත්වය පිළිබඳ අවධානය යොමු කොට අයිඑස් කැරලිකරුවන් හා සම්බන්ධ කරුණු හෙළිදරව් කිරීමට පියවර ගත් බව පැවසීය. ඇමතිවරයා සිය ප්‍රකාශය සාධාරණීකරණය කරමින් කියා සිටියේ ත්‍රස්ත ක්‍රියා මර්දනය කිරීමේ අරමුණින් විදෙස් රටවලට අයත් ජාත්‍යන්තර මට්ටමේ මාධ්‍ය පවා අයිඑස් සංවිධානයට බැඳුනු පුද්ගලයන්ගේ තොරතුරු ප්‍රසිද්ධියට පත් කරන බවය. කෙසේවෙතත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තා කරන ඇතැම් වෙබ් අඩවි මගින් සිදු කරනු ලබන අසත්‍යය ප්‍රචාර හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම අධිකරණය පිළිබඳ පවතින ජනතා විශ්වාසයට ද හානි සිදුවන බවත් ඇමතිවරයා කියා සිටියේය. එම තත්වය ප්‍රයෝජනයට ගන්නා මාධ්‍යවේදීන් සුළු පිරිසක් පුවත් නිර්මාණය කරමින් මාධ්‍ය මාෆියාවක් ක්‍රියාත්මක කරන බවට ද අධිකරණ අමත්‍යවරයා එහිදී චෝදනා කළේය." +එක්සත් ජනපදයේ නව ජනාධිපති පදවියට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ට ලිංගික අතවර කළ බවට චෝදනා කරන කාන්තාවක් ඔහුට එරෙහිව සාපරාධී අපහාස නඩුවක් ගොනු කළාය.,"""බොරුකාරයකු සහ ස්ත්‍රී විරෝධියකු"" වන ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ට ""අවමන් කළ සහ පහත් කොට සැලකූ"" බව සමර් සර්වොස් පවසයි 2007 දී ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ට ලිංගික අතවර කළ බවට චෝදනා කරන සමර් සර්වොස් පවසන්නේ සිය හැසිරීම පිළිබඳව ඔහු සමස්ත ජාතිය නොමග යැවූ බවයි. මාධ්‍ය හමුවක් අමතමින් සිය පැමිණිල්ල පිළිබඳව අනාවරණය කළ ඇය පවසන්නේ ""බොරුකාරයකු සහ ස්ත්‍රී විරෝධියකු"" වන ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ට ""අවමන් කළ සහ පහත් කොට සැලකූ"" බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන සිකුරාදා වොෂින්ටන් නුවර පැවැත්වෙන උත්සවයකදී දිවුරුම් දී ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙසින් වැඩ භාරගැනීමට නියමිතයි. තමන්ට එරෙහි ලිංගික අතවර චෝදනා ඩොනල්ඩ් ට්‍රම්ප් තරයේ ප්‍රතික්ෂේප කරයි ජනාධිපතිවරණය අවස්ථාවේ ඔහුට එරෙහිව ලිංගික අතවර චෝදනා ගණනාවක් එල්ල වූ අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ චෝදනා සියල්ල තරයේ ප්‍රතික්ෂේප කරයි. රැකියා අවස්ථාවක් ලබාගැනීම පිණිස බෙවර්ලි හිල්ස් හෝටලයේදී හමුවූ අවස්ථාවේ අනාගත ජනාධිපතිවරයා තමන්ට ලිංගික අතවර කළ බවට 41 හැවිරිදි සමර් සර්වොස් චෝදනා කරයි. ලිංගික අතවර පිළිබඳව තමන්ට චෝදනා නැගූ සියලු කාන්තාවන්ට එරෙහිව නඩු පවරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් මීට ඉහතදී තර්ජනය කළ නමුත් ඔහු මෙතෙක් එවැනි කිසිදු නඩුවක් පවරා නැත." +"අද (අප්‍රේල් 19) උදෑසන මීතොටමුල්ල රාහුල විද්‍යාලයේ පිහිටුවා ඇති සම්බන්ධීකරණ කාර්යාලයට පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ, කුණු කන්ද නාය යෑමෙන් විපතට පත්වූවන් සමග අදහස් හුවමාරු කර ගත්තේය.","""ඕගොල්ලන්ට නාගරික සංවර්ධන අධිකාරියේ තට්ටු නිවාස වෙන්කරලා තියෙනවා. ගෙවල් හානි වුනු අයට අපි සහන හොයල දෙන්නම්. අපේ කණගාටුව ජිවිත බේරගන්න බැරිවුණු එක ගැන,"" යනුවෙන් අගමැතිවරයා ප්‍රදේශවාසීන්ට පැවසිය. මෙම ව්‍යසනය වළක්වාගැනීමට නිසි පියවරක් නොගත්තේ මන්දැයි අගමැතිවරයාගෙන් විමසූ එක් කාන්තාවක් කුණු ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාමාර්ගයක් රටට අවශ්‍ය යැයි ඉතා හැඟීම්බරව පැවසුවාය. එයට ප්‍රතිචාර දැක්වූ අගමැතිවරයා, කුණු කන්ද එම ස්ථානයෙන් ඉවත්කිරීමට කටයුතු කරමින් සිටියදී එම ඛේදවාචකය සිදු වූ බව සඳහන් කළේය. 'නිසි වැඩපිළිවෙලක්' ""පරිපාලන, නීතිමය ප්‍රශ්න තිබුණා, සමහර තැන්වල උද්ඝෝෂණ තිබුණා. අපි හිතුවේ අගෝස්තු මාසේ වෙනකොට මේක හදාගෙන යන්න. ඊට කලින් මේක ඇතුලේ පිපිරුණා,"" අගමැතිවරයා පැවසීය. ශ්‍රී ලංකාවේ කුණු ප්‍රශ්නය විසඳීම සඳහා නිසි වැඩපිළිවෙලක් සකස්කරන බව පැවසූ අගමැතිවරයා, කොළොන්නාවේ ජනතාව පමණක් ""බිල්ලට දීමට"" ඇතැමුන් උත්සාහ කරන බවට චෝදනා කළේය. ඉදිරි දින තුන ඇතුළත සියලු කටයුතු අවසන් කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තුවන බව අනතුර වූ ස්ථානයේ මෙහෙයුම්වල නිරතව සිටින හමුදා ප්‍රධානීහු අගමැතිවර��ාට දැනුම් දුන්හ. 'ස්ථීර නිවාස' ඉන් අනතුරු මාධ්‍ය වෙත අදහස් දැක්වූ අගමැතිවරයා, ඉදිරි මාස කිහිපය තුළ නිවාස අහිමිවූවන් සඳහා ස්ථිර නිවාස සපයන බවත් එතෙක් ඔවුන්ට විකල්ප වාසස්ථාන ලබා දෙන බවත් සඳහන් කළේය. ""මේ කුණු කන්ද මෙතනින් අපි ඉවත්කරනවා. අනිත් අයගේ පරිසරයට හානි නොවන විදිහට මේ ගැන ක්‍රියාමාර්ග ගැනීමට තිබෙනවා."" ඇතැම් තීරණ ගැනීමේ ප්‍රමාදය අහිමි වූ ජීවිතවල වගකීමෙන් රජයට බැහැරවිය නොහැකි බව සඳහන් කළ ඔහු, ස්ථිර කුණු ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් සඳහා අවශ්‍ය නව නීති ගෙන එන බව වැඩිදුරටත් පැවසීය." +ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් විශාල පිරිසක් එකම කළමනාකරුවෙකු විසින් පාලනය කරනු ලැබීම ක්‍රීඩාවේ උන්නතියට ප්‍රබල බාධකයක්ව පවතින බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් පළවෙමින් පවතී.,"හැමදාම එකම ක්‍රීඩකයො අවුරුදු 10ක්, 15ක් ගහපුවම මේ කණ්ඩායමේ අලුත් ක්‍රීඩකයන්ට තියෙන ඉඩ කඩ, අයිතිවාසිකම් නැතිවෙලා යනවා - අමාත්‍ය දයාසිරි ජයසේකර විශේෂයෙන්ම පසුගියදා සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කිරීමට ප්‍රබල දායකත්වයක් සැපයූ ලක්ෂාන් සඳකැන් කණ්ඩායමට ඇතුළත් නොකිරීමට ප්‍රබල උත්සාහයක් පැවති බවට ද මාධ්‍ය වාර්තා පළ වී තිබිණ. මේ පිළිබඳව අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසන්නේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දස දෙනෙකුට ආසන්න පිරිසක් එකම පුද්ගලයෙකු විසින් පාලනය කිරීම තමන් කිසිසේත්ම අනුමත නොකරන බවය. සබැඳි යොමු: ""ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් පාලනය කරන්නේ එක මැනේජර් කෙනෙක්. මැනේජර්ස්ල එක්කෙනයි ඉන්නේ ක්‍රීඩකයන් දහ දෙනෙකුට අද වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායමේ,"" ඔහු පැවසීය. ඇමතිවරයාගේ විරෝධය සිය විරෝධය තමන් දැනටමත් ඔවුන්ට දැනුම් දී තිබෙන බවත් අමාත්‍යවරයා බීබීසී සිංහල සේවයට පැවසීය. ""මම ඒකට දැඩි විරෝධතාවයක් දැක්වුවා. මම ගිය සැරෙත් කිවුව වහාම මේක වෙනස් කරන්න කියල. මොකද හේතුව මේ අය තමන්ගේ සේවකයන් පාලනය කිරීම සම්බන්ධ විශාල වැඩපිළිවෙලක් දක්වනවා."" ""ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් පාලනය කරන්නේ එක මැනේජර් කෙනෙක්. මැනේජර්ස්ල එක්කෙනයි ඉන්නේ ක්‍රීඩකයන් දහ දෙනෙකුට අද වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායමේ"" වත්මන් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේම කළමනාකරු බව ජනමාධ්‍ය වාර්තා කරන පුද්ගලයෙකුට ඇමතීම සඳහා බීබීසී සිංහල සේවය කිහිපවරක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය. වර්තමානයේ ක්‍රීඩාව ම��හුණ දී තිබෙන අර්බුදකාරී තත්වයෙන් ගොඩ ඒම පිණිස ක්‍රීඩකයන්ගේ කළමණාකරුවන් සම්බන්ධ ගැටළු සහ පරිපාලන ගැටළු විසඳීම මෙන්ම එකම ක්‍රීඩකයන් කණ්ඩායමක් දීර්ඝ කාලයක් කණ්ඩායමේ රැඳී සිටීමේ වාතාවරණය වෙනස් කළ යුතුව තිබෙන බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර බීබීසී සිංහල සේවයට පැවසීය. ""හැමදාම එකම ක්‍රීඩකයො අවුරුදු 10ක්, 15ක් ගහපුවම මේ කණ්ඩායමේ අලුත් ක්‍රීඩකයන්ට තියෙන ඉඩ කඩ, අයිතිවාසිකම් නැතිවෙලා යනවා. අවුරුදු 10, 12 තමන්ගේ ස්ථානය තියාගෙන ක්‍රිකට් ගහන කට්ටිය අද ලෝකේ අනිත් රටවල නැහැ. ඒ නිසා එතෙන්ට අපි ක්‍රීඩාව ගෙන යා යුතුයි. තරගයක් ඇති කළ යුතුයි. "" වර්තමානයේ ක්‍රීඩාව මුහුණ දී තිබෙන ගැටළු සම්බන්ධයෙන් කණ්ඩායමෙන් පිටත සිට ට්විටර් පණිවුඩ නිකුත් කරන ""සමහර ක්‍රීඩකයන්"" ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට යහපතක් නොකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය." +ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය කැපවීමට ප්‍රථම සජිත් ප්‍රේමදාස අගමැති අපේක්ෂකයා වශයෙන් නම් කළ යුතුව තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පැවසුවේය.,"‘මේ රට මේ වට්ටලා තියන වලෙන් ගොඩ ගන්න, මේ ගිලිලා තියන නැව ආයත් ජැක් එකක් ගහලා උස්සලා ගන්න පුළුවන් අපි කැමති උනත් අකමැති උනත්, හිනාව බැරි උනත් අතපත ගාලා උම්මා දෙන්න බැරි උනත් මේ රටේ මොළයක් තියෙන පුද්ගලයෙක්ට ඉන්නේ රනිල් වික්‍රමසිංහ විතරයි’ යනුවෙන් හරීන් ප්‍රනාන්දු කියා සිටියේය. එසේ පැවසූ හරීන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා ‘ඒ එක්කම අපේ ඉන්නවා හොද ගමේ බඩුවක්. සජිත් ප්‍රේමදාස මහත්තයා. එතුමාට තියනවා ගම් මට්ටමෙන් ගිහින් කටයුතු කරන්න. මේ ඡන්දයට කැපවීමක් කරනවානම් අපි සජිත් ප්‍රේමදාසව අගමැති අපේක්ෂකයා කළ යුතුමයි කියන දේ මම රනිල් වික්‍රමසිංහ නායකතුමන්ගෙන් ඉල්ලා සිටිනවා’ යනුවෙන් කොලොන්නාව එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතමින් ප්‍රකාශ කළේය. හැත්තෑ හතේ එක්දහස් නවසීය හැත්තෑ හත වසරේ පැවති මැතිවරණයේදී එවකට අගමැති අපේක්ෂකයාව සිටි ජේ ආර් ජයවර්ධන කටයුතු කළ ආකාරය ජනාධිපති අපේක්ෂකයා වශයෙන් රනිල් වික්‍රමසිංහද ආදර්ශයට ගෙන ප්‍රචාරක රැස්වීම්වල කතා කිරීමෙන් වැළකී සිටි යුතු බවත් හරීන් ප්‍රනාන්දු කියා සිටියේය. ‘එදා 1977 ජේ ආර් මහත්තයා කෑ ගගහා ගියේ නැහැ රැස්වීම් වල. ප්‍රේමදාස මහත්තයා, ගාමිණී දිසානායක මහත්තයා, මල්ලිමාරච්චිලා ඒගොල්ලෝ තමයි අරන් ගියේ. ජේ ආර් මහත්තයා වේදිකාවට නැගලා කියනවලු, මම ඉතින් මොනා කතා කරන්නද ඔක්කොම කතාකරුවොනේ. මට ජය වේවා කියලා ඉද ගන්නවලු. රනිල් ලොක්කත් ඔහොම ඇවිල්ලා කිව්වොත් ආ ඔක්කොම කතා කළානේ, මටත් ජය වේවා කියලා බඩු හරිනේ. අපි දිනනවානේ.’ යනුවෙන් ඔහු පැවසීය. අවුරුදු විස්සක් මැතිවරණ විසි නවයක් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් වූ බව කියා සිටින පිරිස් වලට පිළිතුරු සපයමින් ඔහු වැඩි දුරටත් කියා සිටියේ රටේ ලෝකයේ දියුණු වූ සෑම මිනිසෙකුම දියුණු වී ඇත්තේ වැටී පැරදී නැගී සිටීමෙන් අනතුරුව බවයි." +වසර විසිපහකට ආසන්න කාලයක් අධි ශීතකර තැබුණු මූලික අවස්ථාවේ කලලයක් මගින් දරුවෙකු බිහි වීමේ පුවතක් එක්සත් ජනපදයෙන් වාර්තා වේ.,"එමා නමැති බිළිඳිය පිළිසිඳ ගෙන ඇත්තේ ඇය ප්‍රසූත කළ මව, ටීනා උපත ලබා අවුරුදු එක හමාරකට පසුවය අයිවීඑෆ් තාක්ෂණය (නල දරු උපත්) ආරම්භ වීමෙන් පසු පිළිසිඳ ගැනීම සහ මෙලොව දැකීම අතර වැඩිම කාල පරතරයක් සහිත දරු උපත මෙය විය හැක. එමා නමැති බිළිඳිය පිළිසිඳ ගෙන ඇත්තේ ඇය ප්‍රසූත කළ මව, ටීනා උපත ලබා අවුරුදු එක හමාරකට පසුවය. බිළිඳියට අයත් මූලික අවස්ථාවේ කලලය ප්‍රදානය කරනු ලැබ ඇත්තේ ඇමරිකානු යුවලක් විසිනි. ශීතකර තබා ගත් එම කලලයෙන්, මේ වසරේ නොවැම්බර් මාසයේ දී එමා ව්රෙන් ගිබ්සන් මෙලොව දුටුවාය. ඇය නිරෝගී සුවයෙන් පසු වන්නීය. මූලික අවස්ථාවේ කලලය මව ටීනා ගිබ්සන්ගේ ගර්භාශයේ තැන්පත් කරනු ලැබ ඇත්තේ මාර්තු මාසයේදීය. ""හිම බිළිඳුන්"" ""එතකොට මට අවුරුදු විසි පහයි, මේ කලලය සහ මම හොඳම යාළුවෝ වෙන්නත් ඉඩ තිබුණා"" යනුවෙන් මේ වනවිට විසි හය වෙනි වියේ පසුවන ගිබ්සන් සීඑන්එන් නාලිකාව වෙත පැවසුවාය. ""මට ඕන කළේ දරුවෙකු පමණයි. ඒක ලෝක වාර්තාවක් ද නැද්ද කියන දේ මට වැදගත් නැහැ"" යනුවෙන් ටෙනසි නගරයේ වෙසෙන ඇය වැඩිදුරටත් සඳහන් කළාය. මූලික අවස්ථාවේ කලලය ගිබ්සන් යුවල වෙත සපයනු ලැබ ඇත්තේ විශ්වාස මත පදනම් වූ ආයතනයක් වන ජාතික කලල ප්‍රදාන මධ්‍යස්ථානය විසිනි. ඒ ආකාරයේ කලල දීර්ඝ කාලයක් අධි ශීතකරණයක තබන බැවින් එහි වෛද්‍යවරුන් විසින් එම කලල හඳුන්වනු ලබන්නේ ""හිම බිළිඳුන්"" ලෙසිනි. ""මිහිරි ප්‍රාතිහාර්යක්"" තමන්ට අවශ්‍ය නොමැති මූලික අවස්ථාවේ කලල ප්‍රදානය කිරීම සඳහා ජාතික කලල ප්‍රදාන මධ්‍යස්ථානය පවුල සම්පූර්ණ වූ තවත් දරුවන් බලාපොරොත්තු නොවන දෙමව්පියන් දිරි ගන්වයි. වෙනත් යුවලකට දෙමව්පියන් වීම සඳහා අවස්ථාවක් ලබා දීම එහි අරමුණය. ටීනා ගිබ්සන්ගේ සැමියාගේ සරුභාවය සම්බන්ධයෙන් ගැටලු පවතින බව හඳුනා ගනු ලැබ ඇත. අවුරුදු විසි හතරක් වයසැති කලලය වෙනත් කිසිදු ජීවී මිනිස් කලලයකට වැඩි කාලයක් ශීතකර තබා ඇති බව විශ්වාස කෙරේ. ""එමා ඉතාමත් මිහිරි ප්‍රාතිහාර්යක්"" යනුවෙන් පියා ගිබ්සන් පවසයි. ""මෙතරම් කාලයක් අධි ශීතකරණයක හිටියත් මට පෙන විදියට එයා හරිම සාමාන්‍ය දැරියක්"" යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. එමාගේ දෙමව්පියන්ගෙන් කිසිවකුත් ඇයගේ ජීව විද්‍යාත්මක දෙමව්පියන් නොවේ. සමාන පුවත්:" +වතු සේවක වැටුප් වැඩි කරන බවට වතු හිමියන් විසින් ලබා දෙනු ලැබූ පොරොන්දුව මෙතෙක් ඉටු වී නොමැති බව වතු කම්කරුවෝ පවසති.,වතු කම්කරුවන් වාසය කරන ලයින් කාමර දීපවාලි උත්සවයට පෙර වැටුප් වැඩි කරන බවට එක්‌ වරක් පොරොන්දු වූ හාම්පුතුන් අනතුරුව නව වසර උදාවට පෙර වැටුප් වැඩි කරන බවට ප්‍රතිඥා දුන් බව කියා සිටින වතු කම්කරුවන් තෛපොංගල් උත්සවය ගෙවී ගොස් ඇතත් තවමත් සිය වැටුප් වැඩි වී නොමැති බවයි පේපෙන්වා දෙන්නේ. පොරොන්දු වූ පරිදි වතු සේවක වැටුප් ඉහළ නැංවීම සඳහා ආණ්ඩුවට වගකීමක් ඇති බව කඳුරට සමාජ සංවර්ධන ආයතනයක විධායක අධ්‍යක්ෂවරයකු වන පී.මුත්තුලිංගම් පැවසීය. 'ආණ්ඩුව තමයි ප්‍රකාශයට පත් කළේ දෙදහස් පන්සීයක් දෙනවා. ඒ සඳහා දිනකට සියය බැගින් එකතු කරනවා කියලා. සමාගම් කියනවා නම් මේ ගෙවීම් කරන්න බැහැ කියලා මහා භාණ්ඩාගාරයෙන් හෝ ඒ ගෙවීම කරන්න ආණ්ඩුව පියවර ගන්න ඕන'ඔහු කියා සිටියි. රුපියල් දෙදාස් පන්සීයක් පොරොන්දු වූ පරිදි ආණ්ඩුව රුපියල් දෙදාස් පනසීයකින් වැටුප් වැඩි කිරීමට කටයුතු කරන බවට මේ අතර කඳුරට කම්කරු පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුනාචලම් අරවින්ද් කුමාර් බලාපොරොත්තු පළ කළේය. මීළඟ පාර්ලිමේන්තු සැසියේ දී රුපියල් දෙදාස් පනසීයේ වැටුප් වැඩි කිරීමේ යෝජනාව සභාගත කොට අනුමත කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ. සෑම වසර දෙකකට වරක් වතු සේවක වැටුප් සම්බන්ධයෙන් සම්මුතියකට පැමිණෙන්නේ වතු හාම්පුතුන් සහ වතු කම්කරුවන් අතර 1992 වසරේ ඇති කර ගනු ලැබූ සාමූහික ගිවිසුමට අනුවයි. ඒ අනුව 2015 වසරේ මාර්තු 31 වනදාට පෙර වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු හාම්පුතුන් හා එකඟතාවකට පැමිණීමට නියමිතව තිබුණි. වතු කම්කරුවන්ගේ මූලික වැටුප සම්බන්ධයෙන් හැකි ඉ���්මනින් එකඟතාවකට පැමිණිය යුතු බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ. +ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට තර්ජනයක් එල්ල කරමින් පැතිර යමින් පවතින ගින්න යම්කිසි පුද්ගලයෙකු විසින් සිතාමතා සිදු කරන ලද ගිනි තැබීමක් විය හැකිදැයි පොලිසිය සැක පළ කරයි.,"ගින්න පැතිරෙමින් ඇති ප්‍රදේශවල පුද්ගලයන් සිය නිවෙස්වලින් ඉවතට ගෙන ආරක්ෂක ස්ථාන කරා යොමු කර ඇත. පසුගිය සෙනසුරාදා ආරම්භ වූ මෙම ගින්නෙන් හෙක්ටයාර් 2500 ක් පමණ කලාපයක් මේ වනවිට විනාශ වී ඇත. ගින්නෙන් ඇතිවිය හැකි ජීවිත හානි පිළිබද ප්‍රදේශවාසීන්ට අනතුරු අඟවා ඇතත්, ගිනි නිවන භටයන් පවසන්නේ ගින්න සාර්ථකව මැඩ පවත්වා ඇති බවය. ""මෙම ගින්න ඉතා සැක සහිතයි"" නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ගිනි නිවන හමුදාව ප්‍රකාශ කර ඇත. ""යම්කිසි පුද්ගලයකු විසින් සිතා මතා මේ ගිනි තැබීම සිදු කර ඇත්නම්, ඔහු අපේ ගිනි නිවන භටයින් වගේම ප්‍රදේශවාසීන් බරපතල අනතුරකට හෙළා තිබෙනවා"" ගිනි නිවන හමුදාවේ කොමසාරිස් ෂේන් ෆිට්ස්සිමොන්ස් පවසයි. පාපන්දු පිට්ටනියකට ගින්න දිස් වූ ආකාරය. ගින්න පැතිරෙමින් ඇති ප්‍රදේශවල පුද්ගලයන් සිය නිවෙස්වලින් ඉවත් කොට ආරක්ෂක ස්ථාන කරා යොමුකර ඇති අතර, තවත් පිරිසකට ඔවුන්ගේ නිවෙස්වලින් බැහැර වීම අනාරක්ෂිත බවට අනතුරු අඟවා ඇත. පසුගිය කාලය තුළ ඕස්ට්‍රේලියාවේ ගිනිකොන ප්‍රදේශයෙන් ඉතා උණුසුම් කාලගුණ තත්වයක් වාර්තා වුණ අතර දැඩි සුළං හේතුවෙන් ලැව්ගිනි පැතිරීම වේගවත් වී ඇත. නමුත් අද දින (අප්‍රේල් 16) වන විට දැඩි සුළං තත්වය පහව ගොස් ඇති හෙයින් ගින්න මැඩපැවැත්වීමේ කටයුතු පහසු වී ඇතැයි අදාළ නිලධාරීහු පැවසූහ. ""මිනිසුන්ගේ ගෙවල් පිටුපසට වෙන තෙක් ගින්න පැතිරී තිබුණත්, කිසිම නිවාසයක් විනාශ වුණේ නැහැ. අවදානම් තත්වය පාලනය කර තිබුණත් ප්‍රදේශවාසීන්ට තව දුරටත් අවදානයෙන් සිටින ලෙස ඉල්ලා සිටිනවා. අද දින ඇතුළත අපට තව බොහෝ වැඩ කටයුතු ඉටු කිරීමට තිබෙනවා"" යැයි ෆිට්ස්සිමොන්ස් පැවසීය. ගින්න මැඩපැවැත්වීම සදහා හෙලිකොප්ටර් යානා මගින් ජලය ඉසිනු ලැබුණි. ගින්න මැඩපැවැත්වීම සදහා හෙලිකොප්ටර් යානා මගින් ජලය ඉසීමට ද කටයුතු කර තිබිණි. සිඩ්නි නුවර ගිනි නිසා මතුවී ඇති තත්ත්වය පිළිබඳ තොරතුරු සහ අත්දැකීම් ඔබ සතුනම් ඒ පිළිබඳ අපට දන්වන්න, දුරකතන : +44 (0) 20 36144039 + 44 (0)20 36140556 + 44 (0)20 36140555 + 44 (0)20 36140554 + 44(0) 20 36140551 + 44(0) 20 36140552 Facebook (ෆේස්බුක්) පිවිසෙන්න: https://www.facebook.com/BBCSinhala ඊමේල් : sinhala@bbc.co.uk මේ තොරත��රුද දැනගන්න:" +"අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය (ICC) විසින් සෙනසුරාදා අනුමත කරන ලද සංශෝධනවලට අනුව, ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී එංගලන්තය, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාවට වැඩි බලතල හිමි වී තිබේ.","නාරයන්ස්වාමි සිරිනිවාසන් වසර දෙකකට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති මේ මගින් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ පරිපාලනමය කටයුතු, තරඟ පැවැත්වීම් හා මුල්‍යමය කටයුතු පිලිබඳ අධිකාරිත්වය මෙම රටවල් තුනට හිමි කර දී ඇත. අයර්ලන්තය හා ස්කොට්ලන්තය ඇතුලු තවත් රටවල් කිහිපයකට ටෙස්ට් ක්‍රිකට් සඳහා තරඟ කිරීමේ අවස්ථාවද හිමි වනු ඇති බවයි, සිංගප්පූරුවේ පැවැත්වුණු විධායක කමිටු රැස්වීම සම්බන්ධයෙන් ජගත් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. නව සංශෝධනවලට අනුව 2017 දී පළමුවරට පැවැත්වීමට නියමිතව තිබුණු ලෝක ටෙස්ට් ශුරතාවය වෙනුවට ""ශූරතා කුසලාන"" තරඟාවලිය යලිත් ආරම්භ කිරීමට නියමිතයි. පකිස්ථානයත් ශ්‍රී ලංකාවත් ඡන්දය නොදී සිටියහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නාරයනස්වාමි සිරිනිවාසන්, මේ වසරේ ජුලි මාසයේ සිට වසර දෙකක කාලයක් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති ලෙස කටයුතු කිරීමට පත් කෙරේ. ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ මහා සභාව මෙම සංශෝධන නිළ වශයෙන් අනුමත කළ යුතු වන අතර, එංගලන්තය හා වේල්සයේ ක්‍රිකට් පාලක මණ්ඩලය (ECB), ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය (CA) සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) යන ආයතන ද ඇතුළත් පස් දෙනෙකුගෙන් සමන්විත විධායක කමිටුවක් ද පත්කර ගැනීමට නියමිතය. ඉහත කී සංශෝධන අනුමත වීම හේතුවෙන් දැනට එකඟ වී තිබෙන ජාත්‍යන්තර ක්‍රිකට් සංචාර අහෝසි වනු ඇතැයි බිය පළ වෙමින් පවතී. අදාළ සංශෝධන වෙනුවෙන් සාමාජික රටවල් අටක කැමැත්ත පළ වූ අතර පකිස්ථානය හා ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැලකී සිටියහ." +"එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය නම් කරන ලද්දේ පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ බවත්, තමාට නියෝජ්‍ය නායක පදවිය පවරා ඇතත් එම පදවිය සඳහා තමා ඡන්දයකින් පත්කර ගනු ලැබුණේ නම් සතුටු වෙන බවත් නිවාස සහ ඉදිකිරීම් භාර ඇමති සජිත් ප්‍රේමදාස පවසයි.","""නව නිලධාරී මණ්ඩලය රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයාගේ යෝජනාවක් වන අතර එය පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුවේ යෝජනාවක් නොවූ"" බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා කියා සිටී. ප‍්‍රා���ේශීය සභා, පළාත් සහා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියළු මහජන නියෝජිතයන්ගේ ඡන්ද විමසීමකින් සිය පදවිය තීන්දු වීනම් යහපත් බව නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇමතිවරයා පෙන්වා දෙයි. මේ අතර ප්‍රකාශයක් කරන සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයාත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ තීන්දුවක් ගත යුතුව ඇතැයි කියා සිටියේය. ""පක්ෂයේ ප්‍රතිරූපය වෙනස් කළ හැක්කේ නායකත්වයේ වෙනසකින් මිස ඔළු ගෙඩි හුවමාරුවකින් නොවන"" බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය ගැන මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කළේය. ""පිළිකාව හොයා ගන්නේ නැතුව හෙම්බිරිස්සාවටයි - උනටයි බේත් කරලා හරි යන්නේ නැහැ"" රාජ්‍ය අමාත්‍යවරයා පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළටට සිය විරෝධය පළ කරමින් කියා සිටියේය. ""එක්සත් ජාතික පක්ෂයේ අපි තීරණයක් ගන්න ඕන, තනි පුද්ගලයෙක් ආරක්ෂා කරනවද? නැතිනම් සුළු පිරිසක් ආරක්ෂා කරනවද? කියල. මොකද මේක තමයි අන්තිම අවස්ථාව""| රාජ්‍ය ඇමතිවරයා පවසයි. ""මේ අවස්ථාවේ බොරු කරලා, ඔළු ගෙඩි මාරු කරලා මේක කරගෙන ගියොත් වෙන්නේ විශාල විනාශයක්. පක්ෂය දැනටමත් විනාශ වෙලා තියෙන්නේ"" ඔහු එක්සත් ජාතික පක්ෂයේ නව ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ගැන සිය අප්‍රසාදය පළ කරයි. මේ අතර හිටපු අමාත්‍ය රවි කරුණානායක පක්ෂයේ උපනායක පදවියට යළි පත් කරනු ලැබීම සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක දැඩි විරෝධය පළ කරයි. ""පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කර අවශ්‍ය ""වෙනස"" සිදු කිරීමට තවදුරටත් සටන් කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් පි පෙරේරා ප්‍රකාශ කර ඇත. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පත්ව සිටින අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශයක් කරමින්, පක්ෂයේ සියලු පාර්ශ්ව එකතු කර ගනිමින් පක්ෂය පෙරට ගෙන යාමට කටයුතු කරන බව කියා සිටියි. සබැඳි පුවත්;" +ජපානයේ ආරක්ෂක ඇමතිනිය වූ ටොමිමෝ ඉනාඩා සිය ධුරයෙන් ඉල්ලා අස්වූවාය.,"ටොමිමෝ ඉනාඩා අගමැති ශින්සෝ අබේට බෙහෙවින් හිතවාදී වූ ඇය ධුරයෙන් ඉල්ලා අස්වූයේ, මතභේදයකට ලක්වූ සාමහමුදා යොමුකිරීමකට අදාළ ලේඛන වසන් කිරීම සම්බන්ධයෙන් නැගුනු චෝදනාවකට අනුවය. ඉනාඩා, ජපානයේ ප්‍රථම අගමැතිනිය වීමේ ඉඩකඩ ඇති බව ඇයගේ ගමන් මග දෙස බලනවිට පෙනීගොස් තිබිණි. ඇයගේ ඉල්ලා අස්වීම මෙසේ සිදුවුනේ සිය හිතවතුන්ට තනතුරු පිරිනැමීම පිළිබඳ චෝදනා හේතුවෙන් අගමැති අබේ වෙත වූ මහජන සහය ගිලිහෙමින් ඇති අවස්ථාවකය. සිය ජනප්‍රියත්වය ඉහළ නංවා ගැනීමට ඉවහල්වනු ඇතැයි යන අදහසින් යුතුව අගමැතිවරයා ඉදිරි සතියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත කැබිනට් සංශෝධනයේදී 58 හැවිරිදි ටෝමිමෝ ඉනාඩා පත්කෙරෙනු ඇතැයි අපේක්ෂා පළවී තිබිණි. අගමැති ශින්සෝ අබේ මෙම තත්වය මතුවුයේ දකුණු සුඩානයේ ආරක්ෂක තත්ත්වය නරක අතට හැරුණු කාලය තුළ එහි යොදවා සිටින සාම සාධක භටයින් සම්බන්ධ ජූලි මාසයේ ලොග් සටහන් ඉවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පැවසීමත් සමගය. එහෙත්, මාස දෙකකට පසුව නිලධාරීන් පැවසුවේ අදාළ දත්ත පරිගණකයකින් සොයාගත් බවය. ඒ අනුව අදාළ ලොග් සටහන් චේතනාන්විතවම සඟවා තබන්නට ඇති බවට චෝදනා එල්ලවන්නට විණි. සාමවාදීම වූ ව්‍යවස්ථාවක් පදනම් වී ඇති ජපානය තුළ සාම සාධන මෙහෙයුම් මතභේදාත්මක ස්වභාවයක් උසුලයි. සටන් විරාමය සැමවිටම පවත්වාගත යුතුය යන කරුණ ද ඇතුළුව දැඩි කොන්දේසි මත පදනම්ව ජපාන සාම සාධක භටයින් යෙදවේ. ආරක්ෂාව ප්‍රතිසැකසුම ටොමිමෝ ඉනාඩා 2016 වසරේදී ආරක්ෂක අමාත්‍ය ධුරයට පත්කෙරිණි. එහෙත් ඇය එම පදවිය දැරූ මාස කිහිපය තුළ වැරදීම් ගණනාවක් සිදුවිය. පාලක පක්ෂයට ජනතාවගේ සහය ලැබීම හමුදාවට අවශ්‍ය වී යැයි සිය කතාවකදී හැඟවීම සම්බන්ධයෙන් ඇය විශේෂයෙන්ම දෝෂ දර්ශනයට ලක්වූවාය. ඉනාඩා ධුරයෙන් ඉවත් වූ වහාම අගමැති ශින්සෝ අබේ සිකුරාදා (ජූලි 28) ජනතාවගෙන් සමාව ඉල්ලීය. විදේශ කටයුතු ඇමති ෆුමියෝ කිෂිඩා වෙත ආරක්ෂක කටයුතු පිළිබඳ විෂය ද පැවරෙන බව ඔහු සඳහන් කළේය. ජපානයේ සාමවාදී ව්‍යවස්ථාව සියලු ආකාරයේ හමුදා පෙහෙයුම් අසීරුවට පත්කරයි සිය පාලන කාලය තුළ දී හමුදාමය පැවැත්ම යථාවත් කිරීම වෙනුවෙන් සාමවාදී ව්‍යවස්ථාවට වෙනස්කම් එක් කිරීම සඳහා අවශ්‍ය කෙරෙන මතභේදාත්මක පියවර ශින්සෝ අබේ විසින් ගනු ලැබිණි. එම කරුණ සම්බන්ධයෙන් ජපානය විශාල වශයෙන් මතවාදීව බෙදී ඇති අතර දකුණු සුඩානයට හමුදා යෙදවීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය පාරදෘශ්‍ය නොවූ බවට චෝදනා එල්ලවී ඇති අතර එය මහජන සැකයට හේතුවක් වී ඇත." +බැග්ඩෑඩයට උතුරු දෙසින් ක්‍රියාත්මක වන සුන්නි කැරලිකරුවන් මැඩපැවැත්වීමට ශියා සටන්කාමීන්ගේ සහය ඇතිව සටන් මෙහෙයවන ඉරාක හමුදාවලට හැකි වී තිබේ.,"සුන්නි කැරලිකරුවන් මැඩපැවැත්වීමට ශියා සටන්කාමීන්ගේ සහය මෙහෙයුම්වලින් අනතුරුව කැරලිකරුවන් නතු කර ගෙන සි���ි නගර කිහිපයක් නැවතත් ඉරාක ආණ්ඩුව භාරයට ගැනීමට හැකි වූ බවයි පැවසෙන්නේ. නමුත් ටික්රීට් හා මොසුල් යන ප්‍රධාන නගරයන්හි පාලනය තවමත් පවතින්නේ කැරලිකරුවන් අතයි. බැග්ඩෑඩ් අගනුවර මධ්‍යම ප්‍රදේශයේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් නව දෙනෙක් මිය ගොස් තවත් විසි දෙනෙකුට පමණ තුවාල සිදු වී තිබේ. බැග්ඩෑඩ් අගනුවර ඊසාන දෙසට වන්නට ඉරාක හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් කුර්දි සටන්කරුවන් හත් දෙනෙකු මිය ගොස් තිබෙන අතර සුන්නි කැරලිකරුවන් රැඳී සිටි ස්ථානයක් යයි සිතා අත් වැරදීමකින් එම ගුවන් ප්‍රහාරය එල්ල කළ බවයි ඉරාක බලධාරීන් පවසන්නේ. පාප්වහන්සේ මේ අතර ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවති දේව මෙහෙයට සහභාගී වූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඉරාකයේ ජනතාව වෙනුවෙන් දෙවියන් අයැද සිටීමට පැමිණ සිටි බැතිමතුන්ට ආරාධනා කර සිටි බවයි පැවසෙන්නේ. ඉරාකය තුළ ඉහළ යන ප්‍රචණ්ඩත්වය හමුවේ විපතට පත් පිරිස් හා කිතුනු භක්තිකයන් ඇතුළු ගම් බිම් අතහැර ගිය සියලු දෙනා වෙනුවෙන් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විශේෂ දේව මෙහෙයක් ද පවත්වා ඇත. සුන්නි කණ්ඩායම් විසින් ඉරාක හමුදා භටයන් මරණයට පත් කරන දර්ශන සහිත ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීමට ඉරාකයේ උතුරු ප්‍රදේශය පුරා බලය අල්ලා ගෙන සිටින සුන්නි අන්තවාදී පිරිස් කටයුතු කර තිබේ. කෙසේ වෙතත් අන්තර්ජාලයට එක කළ ඡායාරූප වල සත්‍ය අසත්‍යතාව මේ වනතුරුත් තහවුරු වී නොමැති බවයි ඒ පිළිබඳ අදහස් දක්වමින් ඉරාක හමුදා ප්‍රකාශකයෙකු පැවසුවේ. ඉරාක නායකයන් අතර පවතින සියලු භේද පසෙකින් තැබීමට ඔවුන් සමත් වූවොත් පමණක්, ඉස්ලාමීය ආක්‍රමණ නැවැත්වීමට සඳහා ඇමරිකානු සහය හිමි වන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අවධාරණය කරයි." +ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ගොඩනැගීම සඳහා මනෝ චිකිත්සකවරයෙකුගේ සහාය ලබාගන්නා බව කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසයි.,"ඔහු ඒ බව කියා සිටියේ, බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 28) සවස ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමග ප්‍රථම වරට පුහුණු සැසියකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ඔහු එසේ පුහුණුවීම ආරම්භ කළේ, ලබන වසර මුල බංග්ලාදේශයේ පැවැත්වෙන එක්දින තරගාවලියට තෝරාගෙන ඇති 23 දෙනෙකුගෙන් යුත් මුලික සංචිතය සමගය. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චන්දික හතුරුසිංහ පසුගිය දෙසැම්බර් 20 වෙනි දින නව පදවියේ කටයුතු ආරම්භ කළේය. පුහුණුකරු වශයෙන් වැඩ භාරගැනීමෙන් අනතුරුව ඔහු ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ප්‍රශ්න 40 ක් ලබා දී තිබිණ. ""අපිට පොඩි අඩි තියල තමයි ඉස්සරහට යන්න වෙන්නේ"" ඕස්ට්‍රේලියානු ජාතික මනෝ චිකිත්සකවරයෙකු වන වෛද්‍ය ෆිල් ජෝන්සි ගේ සේවය ලබාගැනීමට තස්මන් බලාපොරොත්තු වන බව ඒ පිළිබඳව විමසු අවස්ථාවේ ඔහු කියා සිටියේය. ""මට මයික් හසී (හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක) තමයි මෙම මනෝ චිකිත්සකවරයා හඳුන්වලා දුන්නේ. මම සිඩ්නි කණ්ඩායම පුහුණුකරන කොට. ඊට පස්සේ බංග්ලාදේශයේදීත් ඔහුව මම යොදාගත්තා. ශ්‍රී ලංකාවටත් ඔහුගේ සේවය වසරකට අවස්ථා හතරක් විතර ලබාගන්න බලාපොරොත්තු වෙනවා."" ක්‍රීඩකයන් හඳුනාගැනීමේ පියවරක් ලෙස අදාළ මනෝ චිකිත්සකවරයා ක්‍රීඩකයන්ට ප්‍රශ්නාවලියක් ලබාදුන් බවත් ඔහු පැවසීය. 2010 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු ධුරයෙන් ඉවත්කළ පසුව නැවත ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ වසර හතකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කණ්ඩායම පුහුණුකිරීමට ලැබීම ගැන ඉතා සතුටට පත්වන බවත් චන්දික හතුරුසිංහ සඳහන් කළේය. ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස කණ්ඩායමට තරගාවලියෙන් තරගාවලියට නායකයෙකු පත්කිරීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණය ගැන විමසීමේදී නව පුහුණුකරු කියා සිටියේ ස්ථිර නායකයකු සිටීම තමන්ටත් අදාළ නායකයාටත් පහසු වනු ඇති බවය. ""අපිට ලේසි වෙයි. නමුත් අපිට පොඩි අඩි තියල තමයි ඉස්සෙල්ලම ඉස්සරහට යන්න වෙන්නේ. මට මේ අවස්ථාවේ ඒ ගැන කියන්න තරම් තොරතුරැ නැහැ."" ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නිතිය අනුව පුහුණුකරුවකුට තේරීම්වලට නිල වශයෙන් සම්බන්ධ විය නොහැකි බව පැවසූ චන්දික හතුරුසිංහ කෙසේ නමුත් තමන්ට සවන් දෙන බව තේරීම් කමිටුව පවසා ඇති බවත් සඳහන් කළේය. ""මම කියන ඒවා ඒගොල්ලෝ අහනවා කියල තියෙනවා. ඊට අමතරව තරගාවලියක් අතරතුර කණ්ඩායමේ 11 දෙනා තෝරන්න මාව දාන්න පුළුවන් ක්‍රිකට් නීතියට අනුව."" මේවන විට ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස සංචිතයේ ස්ථානය අහිමිව සිටින වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ද පුහුණු වීම් වලට එක්ව සිටියේය. ලසිත් මාලිංග ස්වේච්ඡාවෙන් පුහුණුවීම් වලට සම්බන්ධවීම අගය කරන බව ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ නව පුහුණුකරු පැවසීය. ලසිත් මාලිංග සංචිතයේ නැත්තේ මන්දැයි යන්න තේරීම් කමිටුවෙන් විමසිය යුතු බව ඒ පිළිබඳව මතු වූ ප්‍රශ්නයකට ඔහුගේ ප්‍රතිචාරය විය. කුමාර් සං���ක්කාර, මහේල ජයවර්ධන සහ මුත්තයියා මුරලිදරන්ගේ සේවය ද කණ්ඩායම පුහුණු කිරීම සඳහා අවශ්‍ය අවස්ථාවල ලබාගැනීමට බලාපොරොත්තු වන බව චන්දික හතුරුසිංහ වැඩිදුරටත් පැවසීය. තවත් යොමු:" +"හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ගේ පුත් යෝෂිත රාජපක්ෂ අද, බදාදා කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයට කැඳවා තිබේ.",යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැඳුනේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණයක් ද පැවැත්වේ ඔහු එසේ කැඳවා ඇත්තේ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තිබීයදී සොයා ගන්නා ලද සැහැල්ලු ගුවන් යානය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා බව පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ ප්‍රකාශ කළේය. පැය දෙකක පමණ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ප්‍රකාශයක් ලබා ගෙන ඇති බවත් පොලිස් ප්‍රකාශකයා සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ යෝෂිත රාජපක්ෂ ගේ සොහොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ ඔහු නිර්දෝෂී බවත් නිර්දෝෂීභාවය ඔප්පු කිරීම සඳහා සියලු උත්සාහයන් දරන බවයි. +වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය‍ කේෂ්ත්‍රයේ සෙසු නිලධාරීන්ගේ දැඩි හිඟයක් නිසා උතුරු පළාතේ රෝහල් පවත්වා ගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය‍ය අමාත්‍ය වෛද්‍ය‍ පී.සත්‍යලිංගම් පවසයි.,"මෙම හිඟය කොතෙක්දැයි කිවහොත් උතුරු පළාතේ පිහිටා තිබෙන රජයේ රෝහල් 101 අතර එකම වෛද්‍ය‍වරයකු හෝ නොමැති රෝහල් 31 ක් ඇතැයිද ඔහු කියා සිටියේය. විශේෂඥ වෛද්‍ය‍වරුන්ගේ හිඟය සලකා බලන විට උතුරු පලාතට විශේෂඥ වෛද්‍ය‍වරුන් 119 ක් අවශ්‍ය‍ නමුත් දැනට සිටින්නේ 55 දෙනෙකු පමණක් බවද උතුරු පළාත් සෞඛ්‍ය‍ අමාත්‍යවරයා සඳහන් කළේය. අක්ෂි වෛද්‍ය‍ විශේෂඥයන් මුලු උතුරු පළාතටම සිටින්නේ දෙදෙනෙකු පමණක් යැයි කී අමාත්‍යවරයා ඔවුන් දෙදෙනාම සිටින්නේ මධ්‍ය‍ම රජය මගින් පාලනය වන යාපනය ශික්ෂණ රෝහලේ යැයිද පෙන්වා දුන්නේය. විශේෂඥ වෛද්‍ය‍වරු වවුනියාව, කිළිනොච්චිය, මන්නාරම යන රෝහල් වලටද විශේෂඥ වෛද්‍ය‍වරුන් අවශ්‍ය‍ නමුත් ඔවුන් ලබා දීමටද මෙතෙක් මධ්‍ය‍ම රජය පියවර ගෙන නොමැති අතර හෘද රෝග විශේෂඥ වෛද්‍ය‍වරුන්ගේ විශාල හිඟයක් ඇතැයිද ඔහු සඳහන් කළේය. වෛද්‍ය‍වරන්ට අමතරව සෞඛ්‍ය‍ සේවයේ සෙසු නිලධාරීන්ගේ හිඟය ගැන සලකා බලන විට උතුරු පළාතේ රජයේ රෝහල් වල හෙදියන් 300 ක හිඟයක් ඇතැයි පළාත් සෞඛ්‍ය‍ අමාත්‍යවරයා කියා සිටියේය. හෙදියන් 180 ක් ලබා දෙන බවට මුලින් පොරොන්දු ��ුවත් එම සංඛ්‍යාව දැන් 80 ක් දක්වා පහත හෙලීමට මධ්‍ය‍ම රජය කටයුතු කොට ඇති බව කී සත්‍යලිංගම් වෛද්‍ය‍වරයා ලැබෙන හෙදියන් 80 පළාතේ රෝහල් වලට බෙදන අන්දමද ගැටලු සහගත බව පැවසුවේය. අසීරුතාව යුද සමයේදී මෙම පළාත්වල සෞඛ්‍ය‍ සේවකයන් සිය රාජකාරී කාලයම ගැන පමණක් සලකා කටයුතු නොකොට රෝගීන්ගේ තත්ත්වය ගැන නිරන්තර අවධානය යොමු කිරීමේ පුරුද්ද තවමත් අතහැර නොමැති බැවින් උතුරේ රෝහල් සේවා කටයුතු පවත්වාගෙන යාමට හැකි වී ඇතැයිද කියා සිටියේය. වෛද්‍ය‍වරුන් එක් අයෙකු හෝ නොමැති රෝහල් පවත්වාගෙන යන්නේද එම පුරුද්ද මත වුවත් දිගටම එය කරගෙන යා නොහැකි බව පැවසූ උතුරු පළාත් සෞඛ්‍ය‍ අමාත්‍යවරයා, මධ්‍යම රජයට මෙම අසීරුතාව ගැන කරුණු ඉදිරිපත් කොට ඇතත් වෛද්‍ය‍වරුන් මෙන්ම සෞඛ්‍ය‍ සේවකයන් ලබා දීමට මෙතෙක් පියවර ගෙන නැතැයිද වැඩිදුරටත් ප්‍රකාශ කළේය." +පොලිස් මූල්‍ය විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කරන ලද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ බන්ධනාගාර රෝහලේ සිට විශේෂ පරීක්ෂණයක් සඳහා කොළඹ ජාතික මහ රෝහලට ගෙන ගිය බව ඔහුගේ නීතිවේදියා පවසයි.,"බදාදා සවස් යාමයේ අත්අඩංගුවට ගැනුණු බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ලබන මැයි 05 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන මෙන් කඩුවෙල මහේස්ත්‍රාත්වරයා බදාදා රාත්‍රියේ නියෝග කළේය. ඉන් අනතුරුව බන්ධනාගාර රෝහලට ඇතුලත් කරන ලද බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ වන විට ජාතික මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු විසින් පරීක්ෂා කරමින් සිටින බවයි, ඔහුගේ නීතිවේදී යූ ආර් ද සිල්වා බීබීසී සංදේශයට කියා සිටියේ. 'පපුවේ සහ කොන්දේ' ඔහු ජාතික රෝහලට ඇතුලත් කරන්නේද, නැද්ද යන්න විශේෂඥ වෛද්‍යවරයාගේ වාර්තාව ප්‍රකාර නිගමනය කෙරෙනු ඇති බව සඳහන් කළ නීතිඥවරයා, ඉන් අනතුරුව සිය සේවාදායකයාට ඇප ලබා ගැනීම පිණිස යළිත් වරක් අයදුම්පත්‍රයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කළේය. ජනාධිපතිවරණයෙන් අනතුරුව සිය සේවාදායකයා විදේශගත වූයේ පපුව සහ කොන්ද ආශ්‍රිත අසනීප වෙනුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා බවයි නීතිවේදියා පවසන්නේ. එසේ ප්‍රතිකාර ලබා ගත් බවට අදාළ වෛද්‍ය සහතික බදාදා රාත්‍රියේ කඩුවෙල මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළ බවත්, ඔහුගේ අසනීප තත්වය මත ඇප ලබා දෙන මෙන් කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළ බවත් නීතිවේදී යූ ආර් ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය." +මෝස්‌තර නිරූපණ සඳහා විශාල සිරුරින් යුතු නිරූපිකාවන් එක්කිරීමෙන් ස්ථුලතාව උත්කර්ෂවත්ව ඇගයෙන්නේද යන්න පිළිබඳව ඔස්ට්‍රේලියාව තුළ මතවාදයක් ගොඩනැගෙමින් පවතී.,"විවිධ හැඩයේ සිරුරැති නිරූපිකාවන්ගේ සහභාගීත්වය විවාදයට තුඩුදී ඇත මෑතදී පැවති Sports Illustrated නාන ඇඳුම් විලාසිතා දැක්මට අධි ප්‍රමාණ (plus-size) සිරුරුවලින් යුතු නිරූපිකාවන්ද පෙනී සිටීමෙන් අනතුරුවය. මේ පිළිබඳ ලිපියක් පළකළ සිඩ්නි ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත, මෙවැනි පියවර සෞඛ්‍යය සම්බන්ධයෙන් ""අනතුරුදායක"" පණිවිඩයක් පතුරුවාහරින බවට වෛද්‍ය විශේෂඥයින් පවසද්දී මෙසේ විශාල ප්‍රමාණයේ සිරුරු ඇති නිරූපිකාවන් යොදාගැනීම ""වගකීම් විරහිත"" බව පෙන්වා දී ඇත. කෙසේවෙතත්, අනෙකුත් විශේෂඥයින්ගේ මතය වී ඇත්තේ විලාසිතා දැක්මකදී සියලු හැඩයේ සිරුරු නියෝජනය විය යුතු බවය. මේ මතවාදය ඉස්මතුවීමට තුඩුදුන්නේ තීරු ලිපි රචිකාවකවන සොරයියා ෆුඩා ලියු ලිපියකි. ""සම් හා ඇට දක්වාම කෙසඟ වූ සිරුරු ඇති (ඔවුන් එසේ කළ යුතුව තිබුණු ලෙස) නිරූපිකාවන් යොදා ගැනීම නතර කිරීමට විලාසිතා ක්ෂේත්‍රය තීරණය කරන්නේනම් ඒ වගේම සමානකමක් ඇති සෞඛ්‍යසම්පන්න නොවන ශරීර හැඩ ප්‍රවර්ධනය නොකළ යුතුයි"" යනුවෙන් ඇය සඳහන් කළාය. මේ අතර ප්‍රාදේශීය රූපවාහිනියකට අදහස් පළකරමින් Sports Illustrated කර්තෘ එම්. ජේ. ඩේ පැවසුවේ ""රූප ශෝභාව යනු 'සැමට රුචි එක ප්‍රමාණයක්' නොවන්නේය යන අතිශයින්ම ධනාත්මක ප්‍රකාශනය අප දී තිබෙනවා"" යනුවෙනි. ""රූප ශෝභාව යනු 'සැමට රුචි එක ප්‍රමාණයක්' නොවේ"" යැයි Sports Illustrated කර්තෘ එම්. ජේ. ඩේ පවසයි මේ මතවාදයට සෞඛ්‍ය විශේෂඥයින්ද එක්වී සිටිති. නිව් සවුත්වේල්ස් හි ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය බ්‍රැඩ් ෆ්‍රෑන්කම්, අතිශයින්ම කෙසඟ නිරූපිකාවන් සම්බන්ධයෙන් ඇතිවූ පසුගාමී තත්ත්වයට සමාන ස්වභාවයක් ස්ථුලතාවෙන් යුතු නිරූපිකාවන් සම්බන්ධයෙන් මතුනොවන්නේ මන්දැයි ප්‍රශ්න කරයි. ""කවුරු හෝ දුම්වැටියක් උරමින් විලාසිතා දැක්මේ යෙදෙනවානම් එයින් ඉතා අයහපත් පණිවිඩයක් ගෙනෙන බවට උද්ඝෝෂණයක් නැගේවි"" යැයි ඔහු බීබීසී සමග පැවසීය. ""අන්න ඒ වගේ, ඇඳුම් විලාසිතා දැක්ම සඳහා තරබාරු හෝ ස්ථුල සිරුරු ඇති අය යොදවන්නේ නම් එයින් ප්‍රකාශ වෙන්නේ කුමක්ද ? අප ස්ථුලතාව උත්කර්ෂවත්ව අගයන බවද ? මා හිතන්නේ එය අනතුරුදායකයි. මක්නිසාද කිව්වොත්, එය අනතුරුදායී සෞඛ්‍ය තත්ත්වයක් බව අප දන්න��ා"" විලාසිතා දැක්මේ ඇතැම් නිරූපිකාවන් ස්ථුලතාවෙන් යුතු බව පැහැදිලිව පෙනෙන්නට තිබුනා යැයි වෛද්‍ය ෆ්‍රෑන්කම් සඳහන් කළේය. කෙසේවෙතත්, බේකර් අයිඩීඅයි හෘද සහ දියවදියා ආයතනයේ සායනික ස්ථුලතා පර්යේෂණ අංශයේ ප්‍රධානී මහාචාර්ය ජෝන් ඩික්සන් මීට ඉඳුරාම වෙනස් අදහසක් දරයි. ඔහු කියා සිටින්නේ නිරූපිකාවන් විසින් සමාජයේ සෑමදෙනාම නියෝජනය විය යුතු බවය. ""අපේ සමාජයේ තරබාරු අයගෙන් සමන්විත වීම සාමාන්‍ය තත්ත්වයක් (ඔස්ට්‍රේලියානුවන්ගෙන් 20%ක් ස්ථුලතාවෙන් යුතුය) වීම තුළ විලාසිතා දැක්මක ස්ථුලතාවෙන් යුතු පුද්ගලයන් ඇතුළත් නොවිය යුතුයි කීම තරමක් නින්දාසහගත දෙයක්"" මහාචාර්ය ඩික්සන් ට අනුව ශරීර ස්කන්ධ දර්ශකය (BMI) 25ත් 30ත් අතර ඇති පුද්ගලයෝ තරබාරු පරාසයට අයත් වෙති. විලාසිතා දැක්මකදී තරබාරු හෝ ස්ථුලතාවෙන් යුතු පුද්ගලයින් ඇතුළු ඕනෑම අයෙකු ඉතා අගනා ලෙස පෙනෙනු ඇති බව ඔහු පවසයි. ""ස්ථුලතාව හා බැඳුනු කොන්කිරීම ඉතා ප්‍රබල බව අප දන්නවා. හොඳින් විඳගැනීමට, ප්‍රසන්නව පෙනී සිටීමට මෙන්ම හොඳින් හැදපැළඳීම සඳහා ස්ථුලතාවෙන් යුතු පුද්ගලයින්ට ඇති හැකියාවට අප ගරු කළ යුතුයි"" යනුවෙන් මහාචාර්ය ජෝන් ඩික්සන් කියා සිටී. ප්‍රංශයට කෙට්ටු නිරූපිකාවෝ එපාලු 'වියපත්' බාධකය බිඳලූ නිරූපිකාවක් රස වෑහෙන විලාසිතා හිරට ඇඳීම හැඩයි; ඒත් සෞඛ්‍යයට අහිතකරයි පිළිකාවට අභියෝග කළ නිරූපිකාවෝ අවධානය වැදගත් මෙල්බර්න් විලාසිතා සතියේ මූලික චරිතය මෙන්ම නිරූපිකාවක ද වන ස්ටෙෆානියා ෆෙරාරියෝ, ක්ෂේත්‍රය අන්තගාමීත්ව කෙරෙහි අවධානය නොකළ යුතු බව පවසන්නීය. ""සියලු විවිධ ප්‍රමාණ හා හැඩයෙන් යුතු නිරූපිකාවන්ගේ විවිධත්වය වෙනුවෙන් මා පෙනී සිටිනවා. නමුත් මා හිතන්නේ විලාසිතා දැක්මේ නිරූපිකාවන් අතරින් බොහොමයක් සෞඛ්‍යසම්පන්න බර පරාසයක නොවීම වගකීම් විරහිත තත්ත්වක් බවයි"" යැයි ඇය බීබීසී සමග ප්‍රකාශ කළාය. ආහාර ගැනීමේ අක්‍රමිකතාවකින් පෙලෙන්නේයැයි පැවසුණු 24 හැවිරිදි ස්ටෙෆානියා ෆෙරාරියෝ තමා අධි ප්‍රමාණ (plus-size) ලෙස හඳුන්වාදෙනු ලැබීම ප්‍රතික්ෂේප කරන්නීය. ඇය පෙන්වා දෙන්නේ, ""ඔස්ට්‍රේලියානු මැනුමට අනුව අටෙන් ඉහළනම් හඳුන්වන්නේ අධි ප්‍රමාණ ලෙසයි. සාමාන්‍යයෙන් කාන්තාවක් ප්‍රමාණ 12 හෝ 14 වන අතර මෙය තරුණියන්ව අතිශයින්ම නොමග යවන සුළුයි"" යනුවෙනි. ""මේ කාන්තාවන් සිහින් නොවන බව එයින් හැඟවෙනවා"" ස්ටෙෆානියා ෆෙරාරියෝ සිය ���රීර ස්කන්ධ දර්ශකයේ ""තරබාරු ඝණයේ"" ලා සැළකීම හේතුවෙන් කලකට තමා නිරූපණ කාර්යයෙන් ඉවත්වූ බව ෆෙරාරියෝ පවසන්නීය. ""මට ඇත්තෙන්ම අපහසුවක් වගේම සෞඛ්‍යසම්පන්න නොවන බවක් දැනෙන්නට පටන්ගත්තා. සෞඛ්‍යසම්පන්න මනසක් වගේම සිරුරක් හිමිකරගැනීමට අවශ්‍ය වූ නිසා ඒ කාලය තුළදී මා නිරූපණයෙන් ඉවත්ව සිටියා"" ඇය සඳහන් කළාය. සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක් ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම මතුකරන වෛද්‍ය ෆ්‍රෑන්කම්, ""මට නිසැකව හිතෙන්නේ නැහැ, පුද්ගලයින්ට තමන් ගැන යහපත්ව හැගීම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාන ඇඳුම් සහ කොමු පිළි (යට ඇඳුම්) විලාසිතා දැක්මට ස්ථුල නිරූපිකාවන් යොදාගත යුතුයැයි කියා. ඒ විදිහට ඒක සාර්ථක වෙන්නේ නැහැ"" යැයි පවසයි. ""ඇත්තෙන්ම සියලු ප්‍රමාණවල හා හැඩයේ සිරුරු ඇති පුද්ගලයින් අප සමීප කරගන්නට ඕන. නමුත් ඒ එක්කම වඩා ක්‍රියාශීලීවන්නට, සුවතාවෙන් යුක්තවන්නට හා හොද ආහාර රටාවලට ඔවුන්ව යොමු කරන්නට උත්සාහ දැරිය යුතුයි"" ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය යනු ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය වෘත්තිකයින් නියෝජනය කරනු ලබන ප්‍රධාන වෘත්තීය ආයතනය වේ." +යාපනය නගරය තුළ කිසිදු ආකාරයක උද්ඝෝෂණයක් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීම තහනම් කෙරෙන නියෝගයක් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරනු ලැබ ඇත.,"යාපනය උසාවියට පහර දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබුණ අවස්ථාවක් අධිකරණය එම පියවර ගෙන තිබෙන්නේ අද යාපනය නගරය තුළ ආරම්භ කරනු ලැබීමට නියමිතව තිබුණ උද්ඝෝෂණ ව්‍යාපාර තුනක් සැලකිල්ලට ගනිමින්. පුන්කුඩුතීව් ගමේ විද්‍යා සිවයෝගනාදන් දැරිය දූෂණය කොට මරා දැමූ අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් කෝපයට පත් කණ්ඩායමක් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට පසුගියදා ගල්මුල් ආදියෙන් පහර දුන් අතර ඊට හවුල් වූවන් 130 දෙනකු පමණ අත්අඩංගුවට ගනු ලැබ ඇත. අගවිනිසුරු ශ්‍රී පවන් යාපනය නගරයේ සිදුවීම් වලින් පසු එහි සංචාරයක අද විරෝධතා ව්‍යාපාර තුනක් සංවිධානය කර තිබුණේ එසේ අත්අඩංගුවට ගනු ලැබ සිටින්නන් ඇප මත මුදා හරින මෙන් බල කිරීමටයි. එම විරෝධතා ව්‍යාපාර සංවිධානය කළ පුද්ගලයන් පවසන්නේ පාසල් දැරිය මරා දැමීම නිසා කෝපයට පත් කණ්ඩායමක් විසින් උසාවියට පහර දී ඇති අතර එය හදිසි මහජන කෝපය පළ වීමක් පමණක් වන බවයි. මේ අතර පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශයක් කරමින්, අද නිකුත් කෙරුණ උසාවි නියෝගය නොතකා යම් කිසිවකු ක්‍රියා කරන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගන්නා බවයි කියා සිටියේ. යාපනය අධිකරණයට පහර දෙනු ලැබීමට එරෙහිව එහි නීතිඥ මණ්ඩලය ද පසුගිය දා වර්ජන ව්‍යාපාරයකට හවුල් වුණි." +ශ්‍රී ලංකාවේ වෙළෙඳ සහ සංචාරක ක්ෂේත‍්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳ ප‍්‍රමුඛ අවධානයක් යොමු කරන බව දිවයිනේ නිල සංචාරයක නිරතව සිටින අල්වාලීඩ් බින් තලාල් අබ්දුල් අසීස් අල් සෞද් (Alwaleed Bin Talal Abdulaziz AL Saud) කුමරු පවසයි.,"සෞදි රජ පවුලේ සාමාජිකයෙකුවන අබ්දුල් අසීස් අල් සෞද් කුමරු ඇතුළු එකොලොස් දෙනකුගෙන් සමන්විත දූත පිරිසක් විදේශ අමාත්‍ය රවි කරුණානායක ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටිති. අඟහරුවාදා (ජුලි 04) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමෙන් අනතුරුව අදහස් දැක්වූ අබ්දුල් අසීස් කුමරු, ජාත්‍යන්තර වශයෙන් ඉහළ ආයෝජන සිදුකරන සෞදි ආයෝජකයින් සහ ව්‍යාපාරිකයින් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා යොමුකිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය. සංචාරක ක්ෂේත්‍රය එම ආයෝජන අවස්ථා පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම පිණිස ව්‍යාපාරිකයින් පිරිසක් සමඟ සවුදි අරාබියට පැමිණෙන ලෙස ඔහු ජනාධිපතිවරයාට ආරාධනා කළ බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ""ශ්‍රී ලංකාවේ සෞම්‍ය දේශගුණය, හරිත පරිසරය මෙන්ම සුන්දර වෙරළ තීරය ද, ඓතිහාසික නටඹුන් ද සංචාරක ආකර්ශණය දිනාගෙන තිබෙන අතර ශ්‍රී ලංකාව සංචාරක ක්ෂේත‍්‍රය සඳහා බොහෝ ඉඩ කඩ තිබෙන රටක් බව ඔහු සඳහන් කළේය,"" යනුවෙන් ද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන්ම පසුගියදා ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැළසීම වෙනුවෙන් සෞදි අරාබිය ලබාදුන් සහාය එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඇගයීමට ලක් විය. අබ්දුල් අසීස් අල් සෞද් කුමරු ඊට පෙරාතුව අගමැති රනිල් වික්‍රමසිංහ සහ විදේශ අමාත්‍යවරයා ද හමු වී සාකච්ඡා පැවැත්විය. පොදු සමා කාලය ශ්‍රී ලාංකිකයින් හාරලක්ෂයක් පමණ මේ වන විට සෞදි අරාබියේ සේවයේ යෙදී සිටිති. මේ අතර රැකියා සඳහා සෞදි අරාබියට ගොස් ගිවිසුම් කාලය ඉක්ම වූ පසුවත් එරට නීති විරෝධීව රැඳී සිටින පුද්ගලයන් සඳහා ලබා දී ඇති පොදු සමා කාලය දීර්ඝ කර ඇති බව විදේශ රැකියා පිළිබඳ අමාත්‍යංශය සඳුදා නිවේදනය කළේය. සිය පවුලේ සාමාජිකයන් නීති විරෝධී ලෙස සෞදි අරාබියේ රැඳී සිටින්නේ නම් ශ්‍රී ලංකාවට පැමිණෙන මෙන් ඔවුන් දැනුවත් කරන ලෙස එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ සිටින ඥාතීන්ගෙන් ඉල්ලා සිටී. මාස තුනක් දක්වා ලබා දී තිබූ පොදු සමා කාලය ජුලි 23 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට සෞදි අරාබි රජය තීන්දු කර ඇති බව එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා ඇතැයි විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරළ නිකුත් කළ නිවේදනයක දැක්වේ." +"ගාසා හි පලස්තීනුවන් හා පවතින ගැටුම් හත් වෙනි දිනටත් ඇවිල යද්දී රොකට් ප්‍රහාර වෙත ""නොනවත්වා තදින් ප්‍රතිචාර දක්වන"" බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නේතන්යාහු දැඩි ප්‍රතිඥාවක් දී තිබේ.","සුන්බුන් අතර සිය මවගේ මළ සිරුර අසල සිරවී සිටියදී බිළිඳා ඉරිදා (මැයි 16) උදෑසන ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ තිදෙනෙකුවත් මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය බලධාරීහු පැවසූහ. පලස්තීන සටන්කරුවන් ටෙල් අවිව් දෙසට රොකට් ප්‍රහාර එල්ල කිරීම හමුවේ එහි වෙසෙන ජනයාට ආරක්ෂක ස්ථාන වෙත පළා යාමට සිදුව ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඉරිදා පස්වරුවේ රැස්වීමට නියමිතය. ඊශ්‍රායලය සහ පලස්තීනුවන් අතර ගැටුම් තවදුරටත් ඉදිරියට යමින් තිබියදී එම තත්ත්වය යම්තාක් දුරකට සමනය කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනපද නියෝජිතයෙකු සෙනසුරාදා (මැයි 15) ටෙල් අවිව් නගරයට ලඟා විය. ඊශ්‍රායල, පලස්තීන සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සමග සාකච්ඡාවල නිරත වන හාඩි අමර්, එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයන් පවසන පරිදි ""තිරසාර සන්සුන් බවක"" අවශ්‍යතාව අවධාරණය කරයි. සෙනසුරාදා සිදු වූයේ කුමක්ද? සෙනසුරාදා (මැයි 15) ගාසා තීරයේ සරණාගත කඳවුරක් මතට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල වීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු මරණයට පත් වූ අතර පලස්තීන රොකට් ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ එක් අයෙකු මරණයට පත් විය. මේ සතියේ ගාසා තීරය සහ ඊශ්‍රායලය අතර උත්සන්න වූ ප්‍රචණ්ඩකාරී වාතාවරණය 2014 වසරෙන් පසු හටගත් දරුණුතම ගැටුම්කාරී තත්ත්වයයි. බයිඩන්ගෙන් දුරකතන ඇමතුම් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ පලස්තීන ජනාධිපති මහ්මුද් අබ්බාස් වෙත සෙනසුරාදා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් දුරකතන ඇමතුම් ගෙන තිබිණි. උත්සන්න වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කරන මෙන් ජාත්‍යන්තර ප්‍රජාව ද දෙපාර්ශවයෙන්ම ඉල්ලීම් කර ඇත. මෑත ගැටුම් හේතුවෙන් ගාසා තීරය��� නිවාස බොහොමයක් විනාශයට පත්ව ඇත සඳුදා (මැයි 10) ගැටුම් හටගත් අවස්ථාවේ සිට මේ දක්වා ගාසා තීරයේ පුද්ගයන් 148 දෙනෙකුවත් මරණයට පත්ව ඇති අතර ඊශ්‍රායලයේ මරණයට පත් සංඛ්‍යාව 10 කි. ගාසා හි මරණයට පත් වූවන් අතර සටන්කරුවන් ගණනාවක් සිටින බව ඊශ්‍රායලය පවසද්දී පලස්තීන සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ මරණයට පත් වූවන්ගෙන් අඩක් පමණ කාන්තාවන් සහ දරුවන් බවය. දෙපාර්ශයව අතර ගැටුම් හටගත්තේ මුස්ලිම් සහ යුදෙව් දෙපාර්ශවයේම ශුද්ධ භූමියක් වන නැගෙනහිර ජෙරුසලමේ ස්ථානයක ඊශ්‍රායල පොලිසිය හා පලස්තීන උද්ඝෝෂකයින් අතර මතුවූ ප්‍රචණ්ඩ ගැටුම්වලින් අනතුරුව සති කිහිපයක් පුරා පැවති උණුසුම් තත්ත්වයකින් අනතුරුවය. එම ශුද්ධ භූමි ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස ඊශ්‍රායලය වෙත අනතුරු ඇඟවීමෙන් පසු හමාස් සටන්කරුවන් රොකට් ප්‍රහාර ආරම්භ කළ අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර දියත් කළේය. ඊශ්‍රායල් - ගාසා ගැටුම් : රොකට් ප්‍රහාර දුටු ශ්‍රී ලාංකිකයන් බීබීසීයට කතා කරයි ගැටුම් උත්සන්න වූයේ කෙසේද? සෙනසුරාදා ගාසා තීරයේ 13 දෙනෙකු මරණයට පත් වූ අතර ගාසා නගරයේ බටහිර පෙදෙසේ පිහිටි සරණාගත කඳවුරක් මතට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මරණයට පත් 10 දෙනෙකු ද ඒ අතර වන බව පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පැවසූහ. ප්‍රහාරයෙන් දිවි බේරී ඇත්තේ පස් මසක් වයසැති බිළිදෙකු පමණක් බව පැවසේ. සුන්බුන් අතර සිය මවගේ මළ සිරුර අසල සිරවී සිටියදී බිළිඳා සොයා ගනු ලැබූ බව ද වාර්තා විය. තවත් පුද්ගලයන් ගණනාවක් අතුරුදහන් වී ඇති බවත් පැවසුනි. එක්සත් ජාතීන්ගේ වාර්තා අනුව ගැටුම් හේතුවෙන් සඳුදා දින සිට මේ දක්වා ගාසා හි පලස්තීනුවන් 10,000 ක් පමණ සිය නිවාස අතහැර ගොස් තිබේ. රාත්‍රිය පුරා ගාසා වෙතින් රොකට් 200 ක් පමණ දියත් වුණු බව ඊශ්‍රායල බලධාරීහු වාර්තා කළහ. ඊශ්‍රායලයේ ඇෂ්ඩොඩ්, බීර්ෂීබා සහ ස්ඩරොට් යන දකුණු දිග නගරවල නිවාස වෙත එම ප්‍රහාර එල්ල වී ඇති බවත් ඔවුහු පැවසූහ. සඳුදා සිට සෙනසුරාදා තෙක් ගාසා වෙතින් රොකට් ප්‍රහාර 2,300 ක් පමණ එල්ල වී ඇති බව කී ඊශ්‍රායල හමුදාව ඉන් 1,000 ක් පමණ මිසයිල ආරක්ෂණ පද්ධතිය මගින් ව්‍යර්ථ කළ බවත් තවත් 380 ක් මද දුරක් පැමිණ ගාසා තීරය මතටම පතිත වී ඇති බවත් සඳහන් කළහ. මාධ්‍ය ආයතන පිහිටි ගොඩනැගිල්ලකටත් ගුවන් ප්‍රහාර තට්ටු ගණනාවකින් සමන්විත අල් ජලාලා ගොඩනැගිල්ල තුළ මාධ්‍ය ආයතන ගණනාවකට අයත් කාර්යාල පිහිටා ත���බිණි AP පුවත් සේවය සහ අල් ජසීරා ඇතුළු මාධ්‍ය ආයතන මෙන්ම තවත් කාර්යාල සහ මහල් නිවාස පිහිටි උස් ගොඩනැගිල්ලක් සෙනසුරාදා සවස එල්ල කෙරුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් විනාශයට පත් විය. ඉන් සුළු මොහොතකට පසු ඊශ්‍රායල හමුදාව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් කියවුණේ ගාසා තීරය පාලනය කරන පලස්තීන සටන්කරුවන් වන හමාස් කණ්ඩායමට අයත් හමුදාමය උපකරණ ගොඩනැගිල්ල තුළ තිබුණු බවය. ගොඩනැගිල්ලේ හිමිකරු එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි. ඊශ්‍රායල හමුදාව, ගොඩනැගිල්ලේ සිටි පුද්ගලයන්ට ඉන් ඉවත්වන්නැයි නියෝග කර පැයකට පමණ පසු ඊට ප්‍රහාර එල්ල වූ බව AP පුවත් සේවය පැවසීය. ""මෙය අතිශය කම්පනකාරී තත්ත්වයක්. අපි භයානක ජීවිත හානියක් නූලෙන් වළකා ගත්තා. AP මාධ්‍යවේදීන් සහ නිදහස් මාධ්‍යවේදීන් ගණනාවක් ගොඩනැගිල්ල තුළ සිටියා. වෙලාවට ඔවුන් ඉන් ඉවත් කර ගන්න අපිට හැකි වුණා,"" යනුවෙන් AP පුවත් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ගැරී පෘයිට් කියා සිටියේය." +විසිඑක් වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව මේ වනවිට ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්ව ඇත.,"දිනූෂා හංසනී ගෝමස්, කාන්තා කිලෝ ග්‍රෑම් 48 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. දිනූෂා හංසනී ගෝමස් එම පදක්කම් දෙක දිනාගනු ලැබ තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකා දිනූෂා හංසනී ගෝමස් සහ ක්‍රීඩක චතුරංග ලක්මාල් ජයසූරිය විසිනි. 21 වැනි පොදු රාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ 'ගෝල්ඩ්කෝස්‌ට්'‌ නගරයේය. දිනූෂා හංසනී ගෝමස්, කාන්තා කිලෝ ග්‍රෑම් 48 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර, පිරිමි කිලෝ ග්‍රෑම් 56 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට චතුරංග ලක්මාල් ජයසූරිය සමත් විය. පිරිමි කිලෝ ග්‍රෑම් 56 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට චතුරංග ලක්මාල් ජයසූරිය සමත් විය. පිරිමි කිලෝ ග්‍රෑම් 56 බර පන්තියේ තරඟයේ රන් පදක්කම මැලේසියාව දිනා ගත් අතර රිදී පදක්කම ඉන්දියාවට හිමි විය. චතුරංග ලක්මාල් ජයසූරිය කාන්තා කිලෝ ග්‍රෑම් 48 බර පන්තියේ රන් පදක්කම ඉන්දියාව විසින් දිනාගනු ලැබුණි. එහි රිදී පදක්කම හිමි වුණේ මුරුසියටයි. 21 වැනි පොදු රාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ 'ගෝල්ඩ්කෝස්‌ට්'‌ නගරයේය. එහි සමාරම්භක උළෙල බදාදා ( අප්‍රියෙල් 04) මහත් උත්සවාකාරයෙන් සිදු විය. ර��වල් හැත්තෑ එකක් මෙම විසිඑක් වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ නියෝජනය කරන අතර ඊට සහභාගී වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංඛ්‍යාව 6500 ඉක්මවයි. ක්‍රීඩා උළෙල දින එකොළහක කාලයක් පැවැත්වෙනු ඇත. තවත් ක්‍රීඩා පුවත්;" +දකුණු චීන මුහුදේ කොටසක් සම්බන්ධයෙන් තමන්ට 'අනුල්ලංඝනීය ස්වාධිපත්‍යයක්' තිබෙන බව චීනය යළිත් වරක් අවධාරණය කළේය.,"චීනය එම ප්‍රකාශය කළේ, චීනය එම කලාපයේ කොටසක් අත්පත් කරගැනීම වළක්වන බවට ට්‍රම්ප් පරිපාලනය සපථ කිරීමෙන් අනතුරුවයි. එම කලාපයේ ""අපේ අවශ්‍යතා රැකගැනීම සහතික කරන"" බව ධවල මන්දිරයේ ප්‍රකාශක ෂෝන් ස්පයිසර් සඳුදා මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය. කෙසේ නමුත් එයට ප්‍රතිචාර දක්වන චීන විදේශ අමාත්‍යාංශය පවසන්නේ ""එහි අපේ අයිතීන් රැකගැනීම පිණිස කැපවී සිටින"" බවයි. බෙයිජිං නුවර පැවති මාධ්‍ය හමුවක් ඇමතූ චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා හුවා චුන්යින්, ""නන්ෂා දූපත් සහ ඒ අවට මුහුදු තීරය සම්බන්ධයෙන් චීනයට අනුල්ලංඝනීය ස්වාධිපත්‍යයක් තිබෙනවා,"" යනුවෙන් සඳහන් කළාය. ""අපේ භෞමික අඛණ්ඩතාවය, නාවික අයිතීන් සහ දකුණු චීන මුහුදේ අපේ අවශ්‍යතාවයන් අපි දැඩිව ආරක්ෂා කරනවා වගේම එහි අයිතිය සම්බන්ධ ගැටළු එයට සෘජුව සම්බන්ධ රටවල් සමග සාකච්ඡා මාර්ගයෙන් සාමකාමීව විසඳාගත යුතු බව චීනය අවධාරණය කරනවා."" ඇමෙරිකාවේ ඔබාමා පරිපාලනය දකුණු චීන මුහුදේ අයිතිය සම්බන්ධයෙන් පවතින මතභේදය පිළිබඳව ස්ථාවරයක් ගැනීමෙන් වැලකී සිටියේය. සම්පත්වලින් පොහොසත් සහ ඉතා වැදගත් නාවික මාර්ගයක් පිහිටි දකුණු චීන මුහුද සම්බන්ධයෙන් කලාපයේ රටවල් ගණනාවක් අයිතිවාසිකම් පවසති." +ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ට උණ රෝගයක් වැළඳී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.,"ඉදිරි පැය 48 ඇතුළත විවේක ගන්නා මෙන් ඔහුට වෛද්‍ය උපදෙස් ලැබී තිබෙන බැවින් ඔහුට ඉරිදා (ජුලි 02) ගාල්ලේ පැවැත්වීමට නියමිත සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි දෙවැනි එක් දින තරගයට සහභාගි වීමට නොහැකිවන බවත් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වේ. මෙම වෛරස් රෝගය හේතුවෙන් ලක්ෂාන් සඳකැන් ට සිකුරාදා (ජුනි 30) ගාල්ලේ පැවති පළමු එක් දින සීමිත ඕවර තරගයට සහභාගි වීමට නොහැකි වූ බවත් ක්‍රිකට් ආයතනය පවසයි. සිකුරාදා තරගයේදී ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා කණ්ඩායම සිය රට තුළ දී සිම්බාබ්වේ කණ්ඩායමට පරාජය වූ අතර, තරගාවලිය ��රම්භවීමට ප්‍රථම කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාව ඇතුළු කරුණු සම්බන්ධයෙන් ක්‍රීඩකයන් සහ ක්‍රීඩා බලධාරීන් අතර මතභේදයක් හටගෙන තිබිණ. ශ්‍රී ලංකාව තුළ ලකුණු 300 කට වැඩි ඉලක්කයක් හඹා ගොස් ජයග්‍රහණය ලැබූ පළමු ජාත්‍යන්තර කණ්ඩායම ද එයයි. ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයකින් අනතුරුව අවසර නොගෙන මාධ්‍ය වෙත අදහස් පළ කළ බවට ලසිත් මාලිංගට චෝදනා එල්ලවිය. ඒ සම්බන්ධයෙන් පැවති විනය පරීක්ෂණයකින් අනතුරුව ක්‍රිකට් පාලක මණ්ඩලය ලසිත් මාලිංගට හය මසකට අත්හිටුවන ලද එක් වසරක තරග තහනමක් මෙන්ම දඩයක් ද නියම කළේය. ගාල්ලේ විරෝධතා තමන් පුද්ගලිකව ලසිත් මාලිංග විවේචනය නොකළ බව අමාත්‍යවරයා පසුව සඳහන් කළේය. මේ අතර ක්‍රීඩා ඇමතිවරයා ඇතුළු බලධාරීන් ලසිත් මාලිංග සම්බන්ධයෙන් දක්වන ආකල්පය ක්‍රීඩාලෝලීන් ගේ විරෝධයට හේතු වී තිබුණු බව සිකුරාදා ගාල්ලේ පැවති තරගය අතරවාරයේ දක්නට ලැබිණ. ගාල්ලේ ක්‍රීඩාංගණය තුළ දී අමාත්‍යවරයා දැඩි විවේචනයට ලක්කරමින් ක්‍රීඩාලෝලීහු විරෝධතා බැනර ප්‍රදර්ශනය කළ අතර, පොලිසිය යොදා එම බැනර ඉවත්කිරීමට බලධාරීන්ට සිදුවිය. මේ වන විට එක් දින පිටියේ කඩුලු 295 ක් දවා ගෙන සිටින මාලිංග කඩුලු 300 සම්පූර්ණ කිරීමෙන් අනතුරුව එක් දින පිටියෙන් සමුගැනීමට සූදානම්ව සිටින බව ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වේ. මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස් සහ සනත් ජයසූරිය එක් දින කඩුලු 300 ක් දවාගැනීමට සමත් වූ අනෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් තිදෙනාය." +"අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව පැවැත්වෙන දෝෂාභියෝග පරීක්ෂණය රටේ නීතියට අනුකූලව, නිසි ක්‍රමවේදය අනුගමනය කරමින්, විනිවිද පෙනෙන සුළු ආකාරයෙන් පවත්වන මෙන් අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.","දෝෂාභියෝගය රටේ නීතියට අනුකූලව, විනිවිද පෙනෙන සුළු ආකාරයෙන් පවත්වන මෙන් අමෙරිකාව ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලයි දෝෂාභියෝග සහ ශ්‍රී ලංකාවේ අධිකරණය මුහුණ දෙමින් සිටින තත්ත්වය පිළිබඳව තම දැඩි අවධානය පළ වී තිබෙන බවයි, කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙන්නේ. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විමර්ෂණය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු කෙරෙහි විශ්වාසයක් නැති බව තේරීම් කාරක සභාවේ විරුද්ධ පක්ෂ නියෝජිතයෝ මේ අතර පවසති. 'කාරක සභාව විශ්වාස නෑ' කාරක සභාවේ ඇතැම් සාමාජිකයන් ඒ වනවිටත් තීන්දුවකට එළැඹී සිටි බව ඔවුන්ගේ ප්‍රකාශයන්ගෙන් ගම්‍ය වූ බව විපක්ෂ මන්ත්‍රීවරු පවසති මේ තත්ත්වය යටතේ තවදුරටත් එහි කටයුතුවලට සහභාගි නොවන බවයි, එක්සත් ජාතික පක්ෂය (එජාප) නියෝජනය කළ ජෝන් අමරතුංග සහ ලක්ෂ්මන් කිරිඇල්ල, දෙමළ ජාතික සන්ධානය (දෙජාස) නියෝජනය කළ ආර් සම්බන්ධන්, සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය (ප්‍රජාස) නියෝජනය කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එක්වී සිටි විජිත හේරත් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ. කාරක සභාවේ ක්‍රියාදාමය පිළිබඳව හෝ එයට අවශ්‍ය සාක්ෂි පිලිබඳව පැහැදිලි මිනුම් දණ්ඩක් නොමැති බවයි, ඔවුන් පවසන්නේ. ආණ්ඩු පක්ෂයට කාරක සභාවේ පැහැදිලි බහුතරය තිබුනද විමර්ශන ක්‍රියාදාමය යම් තරමකට හෝ සාධාරණ මට්ටමින් පවත්වා ගැනීම තම උත්සාහය වූ බවයි, බීබීසී සංදේශය මතු කළ පැනයකට පිළිතුරු දෙමින් විජිත හේරත් මන්ත්‍රීවරයා කියා සිටියේ. අදාළ චෝදනා පිළිබඳව නිදහසට කරුණු දැක්වීමට අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට ප්‍රමාණවත් කාලයක් නොලැබුන බව ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසීය. තේරීම් කාරක සභාවේ ඇතැම් සාමාජිකයන් ඒ වනවිටත් තීන්දුවකට එළැඹී සිටි බව ඔවුන්ගේ ප්‍රකාශයන්ගෙන් ගම්‍ය වූ බවද සම්බන්ධන් මන්ත්‍රීවරයා සඳහන් කළේය. එමෙන්ම චෝදනා සනාථ කිරීම සඳහා කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් කොට නොතිබූ බව ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසීය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා" +පිය රජතුමාගේ අභාවය සම්බන්ධයෙන් ශෝකවීම පිණිස සිය රාජාභිෂේකය වසරකින් පමා කරන ලෙස ඔටුන්න හිමි කුමරු ඉල්ලීමක් කළ බව තායිලන්තයේ ආණ්ඩුව පවසයි.,"පියාගේ අභාවය පිළිබඳව ශෝකවීම පිණිස රාජාභිෂේකය වසරකින් පමා කරන ලෙස ඔටුන්න හිමි කුමරුගෙන් ඉල්ලීමක් පසුගිය බ්‍රහස්පතින්දා දැයෙන් සමුගත් භූමිපාල් අතුල්තේජ් රජතුමා වෙනුවෙන් ශෝකවීම පිණිස හැට හතර හැවිරිදි වජිරලෝන්කෝන් කුමරුට තවත් කාලය අවශ්‍ය බවයි, ආණ්ඩුවේ නිලධාරීන් පවසන්නේ. නව රජතුමා පදවිප්‍රාප්ත වන තුරු, අනූ හය හැවිරිදි හිටපු අගමැති ප්‍රේම් තින්සුලනන්ද තාවකාලිකව පදවියේ බලතල හොබවයි. ඔහු අභාවප්‍රාප්ත භූමිපාල් රජතුමාගේ සමීප උපදේශකයකු විය. රාජාභිෂේකයේ ප්‍රමාදය පිළිබඳව කිසිදු සැකයක් ඇතිකර නොගන්නැයි අගමැති, ජනරාල් ප්‍රයුත් චාන් ඔචා රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ඉල්ලීමක් කළේය. ඔටුන්න හිමි වජිරලෝන්කෝන් කුමරු, හිටපු අගමැති ප්‍රේම් තින්සුලනන්ද සහ තමන් කැඳවා මේ තත්වය පැහැදිලි කළ බවත් හමුදා පාලක ජනරාල් ප්‍රයුත් එහිදී සඳහන් කළේය. තායිලන්ත රජ පවුල ""මේ මොහොතේ හැමදෙනාම ශෝකයෙන් ඉන්න බව කුමරු කියා සිටියා. ඔහුත් ශෝකයෙන් ඉන්නේ. ඒ නිසා මේ ශෝක කාලය ගෙවෙන තුරු අපි හැමදෙනාම ඉවසීමෙන් සිටිය යුතුයි,"" ජනරාල්වරයා පැවසීය. ඔටුන්න හිමි වජිරලෝන්කෝන් කුමරු, තායිලන්තයේ නව රජතුමා බව හමුදා ආණ්ඩුව දැනටමත් සනාත කර තිබෙන බවයි, බැංකොක් නුවර සිටින බීබීසී වාර්තාකරු ජොනතන් හෙඩ් පවසන්නේ. තායිලන්තයේ හමුදාව සාම්ප්‍රදායිකව රජ පවුලට ප්‍රබල පක්ෂපාතීත්වයක් දක්වයි." +උතුරු ඉන්දීය උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගම්මානයකදී සමූහ දූෂණයට ලක් කොට ගසක එල්ලා මරා දමන ලද බවට සැක කෙරෙන ඥාති සහෝදරියන් දෙදෙනා සම්බන්ධ පොලිස් පරීක්ෂණ පැවැත්වෙන ආකාරය පිළිබඳව ඔවුන්ගේ ඥාතීහු කෝපය පළ කරති.,"සිය පැමිණිල්ල පිළිබඳව පොලිසිය තැකීමක් නොකළ බව දැරියකගේ පියා පවසයි දැරියන් දෙදෙනා නිවසින් අතුරුදහන්ව ඇති බව දැනුම් දී පැය දොළහකට අධික කාලයක් ගතවන තුරු පොලිසිය එම ස්ථානයට නොපැමිණි බවයි, ඔවුන් පවසන්නේ. බීබීසියේ දිව්‍යා ආර්යා අපරාධය සිදු වූ ගම්මානයට ගිය අතර ගම් වැසියන් ඇයට කියා ඇත්තේ පොලිසිය හෝ රජය තමන්ට විශ්වාස කල නො හැකි හෙයින් මෙම සිදුවීම ලෝකයට ගෙන යාමට ඇති එකම මාර්ගය ජන මාධ්‍ය බවයි. මළ සිරුරු ගසෙන් ඉවත් කිරීමට පැය අටකට අධික කාලයක් ගත් නිසා තමන්ට සහ තම පවුලේ සාමාජිකයන්ට තම දියණියන් දෙදෙනා ගසෙහි එල්ලා තිබෙනු බලා සිටීමට සිදු වූ අතර එම සිද්ධියේදී පොලිසිය ඉතා රළු පිළිවෙතක් අනුගමනය කරමින් තම පවුලේ මානසික තත්වය හෝ සංවේදීභාවය නොසලකා කටයුතු කල බවයි අපරාධයට ගොදුරු වූ දැරියකගේ පියා කියා සිටියේ. විශේෂ උසාවියක් අපරාධය සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථානයෙන් කල විමසීමක දී එහි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා පොලිසියට එල්ල වෙන චෝදනා ප්‍රතික්ෂේප කළේය. එහෙත් නිසි පියවර නොගැනීම සහ පැමිණිල්ල භාරගනු ලැබීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා අනුව සේවය පැහැර හැරීම යටතේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සේවයෙන් ඉවත් කිරීමට තමන් කටයුතු කල බවයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා පවසන්නේ. දැරියන් මරා දැමීම සම්බන්ධයෙන් සැකපිට ප්‍රදේශවාසී පුරුෂයන් තිදෙනකු අත් අ��ංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි. සිය රාජකාරිය පැහැර හරින ලද බවට චෝදනා ලත් පොලිස් නිලධාරියකුද ඒ අතර සිටින බවද වාර්තාවල දැක්වේ. ඉහත කී අපරාධයට වගකිව යුතු චූදිතයන්ට එරෙහිව කඩිනම් නඩු විභාගයක් පැවැත්වීමට විශේෂ උසාවියක් පිහිටුවන බව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත ආණ්ඩුව පවසයි." +"කෝවිඩ්-19 රෝගය මර්දනය කිරීම පිණිස නිපදවන ලද එන්නතක් මුලින්ම ලැබුණු පිරිස අතරට එක්වීම භාග්‍යයක් බව පවසන බ්‍රිතාන්‍යවාසී ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක්, තවදුරටත් සිය රෝගීන් බේරාගැනීම පිණිස කැපවීම සඳහා එය මහත් පිටුවහලක් බව සඳහන් කරයි.","පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් 08) බ්‍රිතාන්‍යය දියත්කළ මහා පරිමාණ එන්නත් ලබාදීමේ වැඩසටහනක කොටසක් ලෙස ලොව ප්‍රථම වරට ෆයිසර් (Pfizer) කොවිඩ් -19 එන්නත ලබා ගත් පුද්ගලයා බවට පත් වූයේ එක්සත් රාජධානියේ දිවිගෙවන 91 හැවිරිදි මිත්තණියකි. ඇයට එන්නත දෙනු ලැබුවේ ග්‍රිනිච් වේලාවෙන් එදින උදෑසන 06:31 ටය. දකුණු එංගලන්තයේ, සරේ ප්‍රදේශයේ ෆ්‍රිම්ලි පාක් (Frimley Park Hospital) රෝහලේ විශේෂඥ වෛද්‍ය ප්‍රේම් ප්‍රේමචන්ද්‍රන් ට එම එන්නත ලැබුණේ එදිනම උදෑසන 8 ටය. එම රෝහලෙන් එන්නත ලබාදුන් පළමු පුද්ගලයා ඔහුය. ඒ අනුව ඔහු කොරෝනා වෛරසයට එරෙහි එන්නත ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා ද විය හැකිය. එන්නත ලැබූ පළමු පුද්ගලයා - 91 හැවිරිදි මාග්‍රට් කීනන් යාපනයේ උපත ලබා තිබෙන වෛද්‍ය ප්‍රේම් ප්‍රේමචන්ද්‍රන්, වසර 24 ක් මුළුල්ලේ බ්‍රිතාන්‍යයේ වාසය කරයි. ""ඒක හරියට උණට දෙන එන්නතක් වගේ. මට කිසිම වෙනසක් දැනුනෙත් නෑ, මේ වනතුරු කිසිම අතුරු ආබාධයකුත් නෑ. මම අදත් වැඩට ගියා."" බීබීසී සිංහල සේවය සමග සංවාදයකට එක්වෙමින් ඔහු එසේ කියා සිටියේ එන්නත ලබාගැනීමෙන් දිනකට පසුවය. ""මේක මුල්ම එන්නත නිසා ප්‍රතිඵලය මොකක් වෙයිද දන්නේ නෑ."" අතුරු ආබාධ විශේෂයෙන්ම මුලින්ම මෙවැනි එන්නතක් ලබා ගැනීම කෙතරම් ආරක්ෂා සහිත දැයි කළ විමසීමට පිළිතුරු දුන් විශේෂඥ වෛද්‍ය ප්‍රේම් ප්‍රේමචන්ද්‍රන් කියා සිටියේ, එය බොහෝ පරීක්ෂණවලින් පසුව නිසි පරිදි නිපදවන ලද එන්නතක් බවය. එමෙන්ම මෙතෙක් කිසිදු අතුරු ආබාධයක් වාර්තා වී නොමැති බව ද ඔහු පැවසීය. මේ අතර ආහාර, ඖෂධ හෝ එන්නත්වලට බරපතල ආසාත්මිකතා තිබෙන පුද්ගලයන් ෆයිසර්/බයෝඑන්ටෙක් (Pfizer/BioNTech) එන්නත ගැනීමෙන් වැලකී සිටිය යුතු බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීහු බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 10) නිවේදනය කළහ. බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය නිෂ්පාදන පාලක ඒජන්සිය එම අනතුරු ඇඟවීම කළේ, එන්නත ලබාගත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයේ නිරත පුද්ගලයන් දෙදෙනකුට ආසාත්මිකතා මතුවීමෙන් අනතුරුවය. නව එන්නත ලබාගැනීමත් සමගම ආසාත්මිකතා මතු වූ ඔවුන් දෙදෙනා ප්‍රතිකාරවලින් අනතුරුව සුවය ලබා සිටිති. 'අපිට තියෙන එකම ආරක්ෂාව එන්නත විතරයි' ""මම දිනපතාම කෝවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කළා. නමුත් අපේ රෝහලේ එතරම්ම නරක තත්ත්වයක් තිබුණේ නෑ,"" රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රධානියාවන විශේෂඥ වෛද්‍ය ප්‍රේම් ප්‍රේමචන්ද්‍රන් පැහැදිලි කළේය. ""එකම දේ තමා හදිසියෙවත් කිසිම කොරෝනා රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැති රෝගියෙක් - අපි එයාලට කියන්නේ super spreaders කියල - රෝහලට ඇතුළත් වුනොත් වෙනත් රෝගයකට ප්‍රතිකාර ගන්න, ඒ වෙලාවට අපි ලොකු අර්බුදයකට මුහුණ දෙනවා."" ඔහු දෙදරු පියෙකි. සිය පියා සහ ස්වාමි පුරුෂයා දිනපතා කොරෝනාවෛරස රෝගීන්ට ප්‍රතිකාර ගැනීම ගැන පවුලේ සාමාජිකයන් විරෝධයක් නොදැක්වූයේ ද? ""මම මෙහෙම කියන්නම්. මට එන්නත ලැබුණ එක ගැන එයාල හොඳටම සතුටුයි. මොකද අපිට තියෙන එකම ආරක්ෂාව එන්නත විතරයි."" මැලේරියාව වැනි වෙනත් බරපතල වෛරස රෝගවලට එන්නත් සොයා ගැනීම පිණිස වසර 5-10 ත් අතර කාලයක් ගත වූ බව පෙන්වාදෙන විශේෂඥ වෛද්‍යවරයා, ඒඩ්ස් වැනි වෛරස රෝගයක් සඳහා තවමත් එන්නතක් සොයාගෙන නොමැති බවත් සිහිපත් කළේය. ""ප්‍රතිකාර කරන කොට අපි රෝගීන් කොටස් තුනකට බෙදුවා. අධි සත්කාර ඒකකයට ඇතුළත් කළ යුතු අසාධ්‍ය රෝගීන්, රෝහලට ඇතුළත් කළ යුතු රෝගීන් සහ සුලු රෝග ලක්ෂණ තිබුන රෝගීන්. ඒ තුන්වෙනි කාණ්ඩයේ රෝගීන් ට අපි උපදෙස් දුන්නා නිවසේදී විවේක ගන්න කියල."" පසුගිය මාස කිහිපය තුළ තමන් මුහුණ දුන් අත්දැකීම් තවදුරටත් විස්තර කළ වෛද්‍ය ප්‍රේම් ප්‍රේමචන්ද්‍රන්, ""පළවෙනි රැල්ල ආපු වෙලාවේ අපි බොහෝ දේවල් දැනගෙන හිටියේ නෑ. ඒත් දෙවෙනි රැල්ල එනකොට තත්ත්වය වෙනස්,"" යනුවෙන් සිහිපත් කළේය. ""දෙවෙනි රැල්ලේ දි අපි සමහර රෝගීන්ට වෛරස නාශක බෙහෙත් දුන්නා, සමහරුන්ට ස්ටෙරොයිඩ් (steroid) දුන්නා. බොහෝ වෙලාවට ඒකෙන් රෝගය සුව නොවුණත් රෝහලට ඇතුළත් කිරීම පමා කරන්න හෝ රෝහලේ ගතකරන කාලය අඩුකරන්න පුළුවන් වුණා."" පළමුවෙන් එන්නත ලබා ගත් මාග්‍රට් කීනන්ට රෝහල් කාර්යමණ්ඩලයේ ආචාරය 'තව ගොඩක් දුර යන්න තියෙනවා' තමන් ඇතුළු පිරිසකට එන්නත ලැබුණ නමුත් එමගින් සියල්ල නොවිසඳෙන බව ද වෛද්‍ය ප්‍රේමචන්ද්‍රන් අවධාරණය කරයි. ""එන්නතක් සොයාගැනීම කියන්නේ ඉතාම හොඳ තත්ත්වයක්. නමුත් අපිට තවත් ගොඩක් දුර යන්න තියෙනවා."" පළමු එන්නත ලබාගැනීමෙන් දින 21 කට පසුව ඔහු එහි දෙවෙනි මාත්‍රය ලබාගත යුතුය. එක මාත්‍රයක් මගින් රෝගය යළි වැළඳීම 70% කින් අඩු කරන අතර, දෙවෙනි මාත්‍රය ලබාගත් විට එය 90% ක් දක්වා ඉහළ යයි. බ්‍රිතාන්‍ය ආණ්ඩුව මුලින් අනුගමනය කළ ""රෝගය බෝ වී සුව වීමේ"" ක්‍රමවේදය (Herd immunity) යටතේ බ්‍රිතාන්‍යයේ ජනතාව සම්පූර්ණයෙන්ම රෝගයට ප්‍රතිශක්තිය ලබාගැනීම පිණිස අඩුම තරමින් ජනගහනයෙන් තුනෙන් දෙකකට රෝගය බෝ විය යුතු බව පවසන වෛද්‍ය ප්‍රේමචන්ද්‍රන්, එය මිලියන 44 ක ජනකායක් බැවින් එවැන්නක් පහසු ඉලක්කයක් නොවන බව ද පෙන්වා දුන්නේය. ""ඒ නිසා එන්නතක් ලබාගත්ත කියන්නේ අත් සෝදන්න, පුද්ගල දුරස්ථභාවය තබාගන්න, මාස්ක් පළඳින්න අනවශ්‍යයි කියන එක නෙමේ. අපි ඒවා දිගටම කරගෙන යන්න ඕනේ."" කොරෝනා වෛරසය: ආරක්ෂිත සහ වඩාත් අනතුරුදායක ක්‍රියා මොනවාද? තවත් ලිපි:" +‘යාල් දේවී’ දුම්රිය ධාවනය යළි ආරම්භ කරනු ලැබීම දේශපාලන ඇසින් නොව මහජනතාවට කලින් තිබුණ සමාජ පහසුකමක් සහ අයිතියක් නැවත සහතික කිරීමක් හැටියට දකින බව යාපනය සරසවියේ වාග්විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් පවසයි.,"මෙය ජාතික ප්‍රශ්නය නිරාකරණය කිරීමේ විසඳුම් මාර්ගයක් ලෙස නොව යුද්ධය මගින් විනාශ කෙරුණ දේවල් නැවත ස්ථාපනය කිරීමේ උත්සාහයක් ලෙස දැකීම වැදගත් වන බවයි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් පෙන්වා දෙන්නේ. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා එම අදහස් පළ කළේ බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී. ‘යුද කාලයේ යාපනය අර්ධද්වීපය කොටු වූ තත්වයකයි පැවතුණේ. ප්‍රධාන ගොඩ බිම් මාර්ගය වූ අලි මංකඩ පාර වැසී යාමත් සමඟ ‘කිලාලි’ කලපුව හරහා ගොඩ බිමට ගොස් ඉන් අනතුරුව වව්නියාව හරහායි අර්ධද්වීපයේ වැසියන්ට කොළඹ ඒමට සිදු වුණේ.1995 න් පසුව එම මාර්ගයත් වැසී ගොස් ගුවන් යානා සහ නැව්වල පිහිට පැතීමට මහජනයාට සිදු වුනා’ කථිකාචාර්ය සාමිනාදන් විමල් සිහිපත් කරයි. මාස දෙක හමාරක් ත්‍රිකුණාමලයේ එහෙත් එම ප්‍රවාහන මාර්ග ඊට වැය වෙන කාලය ,වියදම, ගමනේ අවිනිශ්චිතභාවය සහ ගමනට අවසර බලපත් ලබාගත යුතු වීම ආදී කරුණු නිසා අතිශයින් දුෂ්කර වූ බවයි ඔහු පවසන්නේ. ‘එක් වතාවක් මම ගුවන් මගින් යාපනයේ සිට කොළඹට පැමිණියා. ගැටුම් උත්සන්න වී ගුවන් ගමන් ඇනහිටීම නිසා නැවකින් හෝ යාපනය බලා යාමට පැමිණි මට මාස දෙක හමාරක පමණ කාලයක් ත්‍රිකුණාමලයේ කොටු වී සිටීමට සිදු වුනා. එම කාලය තුල හැම දවසකම වරායට ගොස් නැවක් පිටත් වන්නේදැයි විපරම් කරමින් සිටීමට මට සිදු වුණා’ සාමිනාදන් විමල් මෙනෙහි කරයි. ගමනාගමනය ඉතා දුෂ්කර කාල වකවානුවල බඩු නැව් සහ යුද හමුදා සෙබළුන් ප්‍රවාහනය කරන ගුවන් යානා වලින් ගමන් ගැනීමටත් මහජනතාවට සිදු වූ බවයි ඔහු කියා සිටින්නේ. පහසුව ආශ්වාදයක් එවැනි අමිහිරි අතීතය සිහිපත් කරන විට දුම්රිය ගමන් නැවත ආරම්භ කරනු ලැබීම මහජනතාවට ආශ්වාද ජනක වනු ඇති බවත් ඔහු අදහස් කරයි. ‘යාල් දේවි’ පුනරාගමනය නිමිත්තෙන් අද සඳුදා යාපනයේ පළ කෙරෙන පුවත්පත් මුල් තැනක් දී තිබුණ බව පවසන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් ඇතැම් පුවත්පත් වල විශේෂ අතිරේක පවා පළ කර තිබුණ බවයි කියා සිටියේ. ජාතීන් අතර පවතින අනවබෝධය තුරන් කිරීමට ‘යාල් දේවී’ එක්තරා රුකුලක් වන නමුත් එය ජාතික ප්‍රශ්නය විසඳීමට පූර්ණ විසඳුමක් නොවන බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයාගේ අදහසයි." +"හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාති සොහොයුරෙකු වන, රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඩුබායි නුවරදී අත්අඩංගුවට ගෙන තිබේ.","ගතවූ මාස දෙක ඇතුළත ඔහු අත්අඩංගුවට පත් වූ දෙවෙනි වතාව මෙය ය. පසුගිය පෙබරවාරි 04 වෙනි දින අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ ඔහු ශ්‍රී ලංකාවට රැගෙන ඒමට බලධාරීන් උත්සාහ කළ නමුත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් ඔහුව මුදා හැර තිබිණ. රැඳවුම් භාරයෙන් මුදා හැර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පොලිසිය ක්‍රියාත්මක කරන පරීක්ෂණ අවසන් වනතෙක් එරටින් පිටව යාම බලධාරීන් විසින් වළකනු ලැබීය. ඉන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ප්‍රකාර පොලිසිය කළ ඉල්ලීම අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තුවක් නිකුත් කළේය. එම වරෙන්තුව යොදාගනිමින් උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ශ්‍රී ලංකාව යළිත් වරක් උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ. කවුද මේ උදයංග? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මව, උදයංග වීරතුංගගේ මවගේ වැඩිමහල් සොහොයුරිය ය. වීරකැටිය, මැදමුලනේ උපත ලබා හැදී වැඩුණු ඔහු පසුව කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීය. ඉන් අනතුරුව උසස් අධ්‍යාපනය සඳහා සෝවියට් දේශයෙන් ලැබුණු ශිෂ්‍යත්වයක් මත උදයංග වීරතුංග යුක්රේනයේ කීව් අගනුවර පිහිටි ���ංජිනේරු විශ්වවිද්‍යාලයකට ඇතුළත් විණි. උසස් අධ්‍යාපනය හදාරන අතරවාරයේම ඔහු ව්‍යාපාරික කටයුතුවල ද නිරතව සිටියේය. යුක්රේනයේදී විද්‍යාපති උපාධිය ලබාගැනීමෙන් අනතුරුවත් ඔහු දිගටම කීව් අගනුවර නතර වී ව්‍යාපාරික කටයුතුවල නිරත වූ අතර, තවත් ශ්‍රී ලාංකික මිතුරෙකු සමග එක් වී එහි ශ්‍රී ලාංකික බොජුන්හලක් ද පවත්වාගෙන ගියේය. 2005 දී මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව 2006 වර්ෂයේදී ඔහු රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත්කරනු ලැබිණ. එවක් පටන් වත්මන් ආණ්ඩුව බලයට පත්වන තුරු 2015 මුල භාගය දක්වාම ඔහු එම තනතුර දැරුවේය. තානාපති පදවිය හෙබැවූ සමයේ ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රුසියානු සහ යුක්රේන සංචාර ද සංවිධාන කළ අතර, මොස්කව් නුවර සංචාරයේදී පැට්‍රිස් ලුමුම්බා මිත්‍රත්ව විශ්වවිද්‍යාලය විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂට සම්මාන ආචාර්ය උපාධියක් ද පිරිනමන ලදි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට MiG-27 ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමේදී බරපතල මූල්‍ය වංචාවක් සිදු කළ බවට ඔහුට චෝදනා එල්ල වේ ඔහුට එකම රටක අවුරුදු අටකට අධික කාලයක් තානාපති පදවිය දැරීමට හැකි වූයේ හිටපු ජනාධිපතිවරයාගේ සමීප ඥාතියෙකු වීම හේතුවෙන් බව එවක නියෝජ්‍ය විදේශ අමාත්‍ය ධුරය දැරූ අජිත් පී පෙරේරා අමාත්‍යවරයා සඳහන් කර තිබුණි. තානාපති පදවියෙන් ඉවත්කරනු ලැබීමෙන් අනතුරුව යළි ශ්‍රී ලංකාවට නොපැමිණි ඔහු, යුක්රේනය සහ එක්සත් අරාබි අමීර් රාජ්‍යයේ වාසය කරන බවට වාර්තා පළ විය. ඒ අතරවාරයේ ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විදේශීය සංචාරවල යෙදුනු ඇතැම් අවස්ථාවල එම සංචාරවලට එක් වූ බව ඡායාරූප සහිතව ඔහු විසින්ම ෆේස්බුක් ජාලයේ පළ කර තිබුණි. චෝදනා මොනවාද? ශ්‍රී ලංකා ගුවන් හමුදාවට MiG-27 ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමේදී බරපතල මූල්‍ය වංචාවක් සිදු වී ඇති බව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ. එහිදී උදයංග වීරතුංග විසින් මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 7.833 කට ආසන්න මහජන මුදල් අවභාවිත කර ඇති බවට පොලිසිය ඔහුට චෝදනා කරයි. එම චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම පිණිස පැමිණෙන මෙන් දැනුම් දෙනු ලැබුව ද, අධිකරණය මග හරිමින් සිටින බව ඔහුට එල්ලවන චෝදනාවකි. එහෙත් තමන්ට එරෙහිව ආණ්ඩුව එල්ල කරන සියලු චෝදනා තරයේ ප්‍රති���්ෂේප කරන උදයංග වීරතුංග පවසන්නේ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් වත්මන් ආණ්ඩුව තමන්ට එරෙහි 'දේශපාලන දඩයමක' යෙදී සිටින බවය. එබැවින් දැනට ශ්‍රී ලංකාවට පැමිණීමේ අභිලාෂයක් නොමැති බව ඔහු කිහිප වතාවක්ම ප්‍රසිද්ධ නිවේදන මගින් සඳහන් කර තිබේ. යුක්රේනයේ සටන් වදින රුසියානු හිතවාදී බෙදුම්වාදී කැරලිකරුවන්ට ආයුධ සැපයූ බවට ද ශ්‍රී ලංකා ආණ්ඩුව ඔහුට චෝදනා කර තිබුණි. ඒ පිළිබඳ යුක්රේනය ශ්‍රී ලංකාවට පැමිණිලි කර ඇති බව ද ආණ්ඩුව පවසයි. එහෙත් ""මා සම්බන්ධයෙන් යුක්රේනය තුළ කිසිදු අපරාධ විමර්ශනයක් සිදුවන්නේ නැති බවට යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් 2015 අප්‍රේල් මස 01 වෙනිදා නිකුත් කරන ලද අංක 668588 දරන සහතිකය මා සතුව ඇත,"" යනුවෙන් උදයංග වීරතුංග 2015 ජුනි මාසයේ නිකුත් කළ නිවේදනයක දැක්වේ. අධිකරණ ක්‍රියාමාර්ග මිග් යානා ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කර ඇති උදයංග වීරතුංගට අයත් දේපළ කිහිපයක් විකිණීම, උකස් කිරීම සහ පැවරීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා තහනම් නියෝගයක් නිකුත් කළේය. උදයංග වීරතුංගට අයත් ඉඩම් දෙකක් දොම්පෙ ප්‍රදේශයේ පවතින බව අධිකරණයට දැනුම් දුන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, ඊට අමතරව බොරැල්ල ප්‍රදේශයේ සුඛෝපභෝගී තට්ටු නිවාස ගොඩනැගිල්ලක් ඔහු සතුව පවතින බවට තොරතුරු ලැබී ඇතැයි ද සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ ඔහු සතු බැංකු ගිණුම් ගණනාවක් අත්හිටුවීමට ද අධිකරණය පසුගිය වසරේ නියෝග කළේය. කෙසේ වුවත් යුක්රේනයේ රුසියානු හිතවාදී කැරලිකරුවන්ට ආයුධ සැපයීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කිසිදු පරීක්ෂණයක් පැවැත්වෙන බවක් වාර්තා නොවේ. තවත් කියවන්න:" +වයඹ වෙරළ තීරයේ ප්‍රදේශ ගණනාවක් මුහුදු ඛාදනයට ගොදුරු වීම හේතුවෙන් සිය ජන ජීවිතය අඩාල වී ඇති බව එම ප්‍රදේශවල ධීවර සංවිධාන පෙන්වා දෙති.,"ජාතික ධීවර සහයෝගිතාවේ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෝයල් පීරිස් පවසන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ පල්ලියවත්ත දූපත්, මුතුපන්ති, කරුකපනේ සහ මාරවිල සිට උතුරු දෙසට පිහිටි ප්‍රදේශය විශාල වශයෙන් මුහුදු ඛාදනයට ගොදුරු වෙමින් පවතින බවය. ""වෙරළ සංරක්ෂණ අධිකාරිය පොඩි ගල් ගෙනත් දාලා මේක තාවකාලික පැලැස්තර දානවා. මේ වෙනකොට ගෙවල් ළඟටම මුහුද ඇවිත් තියෙන්නේ. පොල් ගස් විශාල සංඛ්‍යාවක් මුහුදට විනාශ වෙලා,"" ඔහු සඳහන් කළේ��. තමන්ට මුහුණ පෑමට සිදු වී ඇති ගැටලු පිළිබඳ බලධාරීන් වෙත පැමිණිලි කළත් ඉන් ඵලක් නොවූ බව ධීවර කාන්තාවක් පැවසීය. ""ඡන්දෙ කාලෙට ඇවිල්ලා ඡන්දෙ අරගෙන යනවා. මීටර් සීයෙන් සීයට ගල්වැටිය දාන්න ඕනි. එහෙම දැම්මේ නැත්නම් මේක දෙවියන්ටවත් නවත්තන්න බැහැ"" ඇය සඳහන් කළාය. ""වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව තියෙන්නේ ජනාධිපතිතුමාගේ යටතේ. මේ මුහුදු ඛාදනය වැළැක්වීම සඳහා ස්ථීර ගල්වැටි දාලා දෙන ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා,"" ධීවරයෙක් කියා සිටියේය. 'ඡන්දෙ කාලෙට' ධීවර සංවිධාන විසින් නගනු ලබන චෝදනා පිළිබඳ වයඹ පළාත් සභාවේ ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය සුමල් තිසේරාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ වන විටත් වෙරළ ඛාදනය අවම කිරීම සඳහා විසඳුම් ලබා දෙමින් සිටින බවය. ""ඒ වුනත් මාරවිල සිට කල්පිටිය දූපත් දක්වා මුහුදු ඛාදනය යළි ආරම්භ වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා මුහුදු වැලි ගොඩබිම දෙසට ගොඩ ගැසීමේ ක්‍රමවේදයක් පිළිබඳ සාකච්ඡා කෙරෙමින් යනවා."" පළාත් ඇමතිවරයා සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් මේ වන විට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට ඇති බවත් විපතට පත් ධීවර පවුල් වෙත සහන සැලසීම සඳහා සිය පළාත් සභාව හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් වයඹ පළාත් සභාවේ ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය සුමල් තිසේරා වැඩිදුරටත් කියා සිටියේය." +නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා රටේ ඒකීයභාවයට හෝ බුද්ධාගමට තර්ජන මතු නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.,"'මම බෞද්ධයෙක්, මම සිංහලයෙක් ඒ වගේම ශ්‍රී ලාංකිකයෙක්. බේදී ගිය රට ඒකරාශී කිරීම මගේ එකම අරමුණයි. අප ඉදිරියට යා යුතුයි.' ''අප සියලු දෙනා බෞද්ධයෝ. මම බෞද්ධයෙක්, මම සිංහලයෙක් ඒ වගේම ශ්‍රී ලාංකිකයෙක්. බේදී ගිය රට ඒකරාශී කිරීම මගේ එකම අරමුණයි. අප ඉදිරියට යා යුතුයි. පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා රට පාවා දෙන්න එපා යැයි මා කුඩා දේශපාලන කණ්ඩායම්වලින් ඉල්ලා සිටිනවා'' ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ඇති කිරීමට පමණක් මේ මොහොතේ ආණ්ඩුව යෝජනා කොට ඇති බව අගමැතිවරයා පැවසුවේ අග්‍රාමාත්‍ය කාර්යාලේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින්. ''1971 දී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් කැදෙව්වා. පළමුවෙන්ම ඇය පාර්ලිමේන්තුවේ රාජාසන කතාවේදී ඊට අනුමැතිය ලබාගත්තා. ඒ සඳහා සියලූම දෙනා සහභාගි වුණා. එකළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ��පේ අදහස් පිළිගත්තේ නැති වුවත් අපත් ඊට සහභාගී වුණා. සියලූම දෙනාට අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබුණා.'' පැදුරු පාටි මහජන නියෝජිතයන්ට පමණක් නොව නව ව්‍යවස්ථාව සැකසීමේ ක්‍රියාවලියේදී මහජන අදහස් වෙතද වැඩි ඉඩක් ලබා දෙන බවත් අගමැතිවරයා එහිදී පැවසීය. ''ව්‍යවස්ථා සම්පාදනය සඳහා වන මහජන අදහස් ලබා ගැනීමේ කමිටුව සඳහා විසුම්පාය භාරදී තිබෙනවා. පැදුරු පාටි දැමූ විසුම්පාය දැන් ව්‍යවස්ථා සම්පාදන කටයුතු සඳහා යොදා ගෙන තිබෙනවා. ඔබත් එහි ගොස් අදහස් ලබා දෙන්න. මුළු රටම එකතු කර ගෙන සියලුම පක්‍ෂවල අදහස් ලබා ගෙන අප මෙම කාර්ය සිදු කරමු. කාමරයක් ඇතුළට වී ජුන්ටාවකින් ව්‍යවස්ථාව සම්පාදනය කර ගැනීමට මම නම් අදහස් කරන්නේ නැහැ.'' නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තරුණ ප්‍රජාවගේ අදහස් ලබා ගනු වස් සමාජ මාධ්‍ය ජාල උපයෝගී කොට ගන්න බවත් අගමැතිවරයා සඳහන් කළේය. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අවමංගල්‍ය උත්සවයේදී ජනපතිවරයා පොරොන්දු වූ පරිදි රටේ සියලු පාර්ශවයන්ගේ කැමැත්ත මත පමණක් නව ව්‍යවස්ථාව සම්පාදනය කරන බවයි අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ." +FARC ගරිල්ලා සංවිධානය සහ කොලොම්බියා රජය අතර අත්සන් තැබුණු ඓතිහාසික සාම ගිවිසුම එරට ඡන්දදායකයෝ ප්‍රතික්ෂේප කරති.,ජනමත විචාරණයේ ප්‍රතිඵලය පිළිබඳ කනගාටුවට පත් කොලොම්බියානු වැසියන් කොලොම්බියාවේ ජනාධිපති හුවාන් මැනුවෙල් සන්ටෝස් සහ FARC සංවිධානයේ නායක තිමොචේන්කෝ අතර අත්සන් තැබුණු සාම ගිවිසුම අනුමත කළ යුතුද නැද්ද යන්න තීරණය කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විණ. සාම ගිවිසුම ප්‍රතික්ෂේප කරමින් 50.24% දෙනකු ඡන්දය ප්‍රකාශ කොට තිබේ. ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 40% කට අඩු සංඛ්‍යාවක් ජනමත විචාරණයේ ඡන්දය ප්‍රකාශය කොට ඇත. ජනමත විචාරණයේ ප්‍රතිඵලය පිළිගන්නා නමුත් සාම ප්‍රයත්නය අත් නොහරින බවයි ජනාධිපති හුවාන් මැනුවෙල් ජාතිය අමතමින් ප්‍රකාශ කළේ. කොලොම්බියා යුද්ධය ලෝකයේ වැඩිම කාලයක් දිග් ගැසුණ සිවිල් යුද්ධ වලින් එකකි කෙසේ වෙතත් FARC සංවිධානය හා ආණ්ඩුව අතර පවතින සටන් විරාමය තවදුරටත් එලෙසෙම පැවතෙනු ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. මීළඟ පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කියුබාවට ගොස් FARC නායකයන් හමු වන ලෙස ජනාධිපතිවරයා සිය නියෝජිතයන්ට නියෝග කොට තිබේ. ජනමත විචාරණයේ ප්‍රතිඵලය පිළිබඳ කණගාටුවට පත් වන නමුත් නැවතත් සටන් කරා නොයන බවයි FARC සං��ිධානයේ නායක තිමොචේන්කෝ පවසන්නේ. අඩ සියවසක කාලයක් පුරා කොලොම්බියාවේ රජය සහ FARC ගරිල්ලා සංවිධානය අතර පැවති ගැටුම් වලින් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් මරුමුවට පත් වී ඇති බව ඇස්තමේන්තු කෙරේ. ගැටුම් හේතුවෙන් තවත් හැට ලක්ෂයකට අධික පිරිසකට උන් හිටි තැන් අහිමි වී තිබේ. +මේ වසරේ ලොව පුරා රටවල් ගණනාවක වෙසෙන ආදර්ශමත් කාන්තාවන් සිය දෙනකු බීබීසී ය විසින් තෝරා ගනු ලැබ තිබේ.,"'සියයක් කාන්තාවෝ; ලොවින් අඩක් ඔබ අමතයි' බීබීසී යේ ජාත්‍යන්තර ප්‍රවෘත්ති විකාශනවලදී කාන්තාවන්ට දැනට වඩා වැඩි නියෝජනයක් ලබාදීමේ අරමුණින් දියත් කරන ලද 'වසරේ කාන්තාවෝ සිය දෙනා' විශේෂාංගයේ තුන්වෙනි වාර්ෂික සමරුවයි මෙවර පැවැත්වෙන්නේ. ඔස්කාර් සම්මානලාභී හිලරි ස්වැන්ක් (Hilary Swank) සහ සුඩානයේ සුපිරි මෝස්‌තර නිරූපිකාවක වන ඇලෙක් වෙක් (Alek Wek) මේ වසරේ කාන්තාවන් සිය දෙනාට ඇතුලත් වෙති. තිස් වැනි විය පවා නොසැපිරූ ඉහල පෙලේ ව්‍යාපාරික තරුණියන් සහ අසූ වැනි වියද පසු කළ දිරිය කාන්තාවනුත් 'වසරේ කාන්තාවන් සිය දෙනා' ට ඇතුලත් වේ. යුද පෙරමුණේ සේවය කරන හෙදියන්, සිය ප්‍රජාව මුහුණ දෙන ගැටළු සහ ඔවුන්ගේ අපේක්ෂා රිදී තිරයට නගන තරුණ සිනමා ශිල්පිනියන් මෙන්ම විද්‍යා, දේශපාලන, අධ්‍යාපන සහ කලා ක්ෂේත්‍රවල ප්‍රමුඛස්ථානයක් දරන කාන්තාවන්ද මේ වසරේ වැඩසටහනට ඇතුලත්. 'සියයක් කාන්තාවෝ; ලොවින් අඩක් ඔබ අමතයි' උදාහරණයක් ලෙසින් ආජන්ටිනාවේ ක්‍රියාධාරිනියක වන 84 හැවිරිදි එස්තෙලා දි කාර්ලොතෝ, 70ව දශකයේදී මිලිටරි ජුන්ටාව විසින් පැහැරගත් බිළිඳුන් යළි ඔවුන්ගේ දෙමාපියන්ට භාරදීමේ උත්සාහයක යෙදී සිටින්නියක්. එදා පැහැර ගන්නා ලද සිය මුණුපුරා ඇයට හමුවුණේ පසුගිය වසරේදී. එයින් පරම්පරා දෙකකින් බාල ජර්මානු ව්‍යාපාරික තරුණියක වන 25 හැවිරිදි අන්තෝනියා ඇල්බට්, වැඩිහිටි සුබසාධනය වෙනුවෙන් අන්තර්ජාල වෙළඳපොළක් නිර්මාණය කළ තැනැත්තියක්. බීබීසී යේ 'වසරේ කාන්තාවන් සිය දෙනා' විශේෂාංග නොවැම්බර් 18 වැනි දින සිට සති දෙකක් මුළුල්ලේ රූපවාහිනිය, ගුවන් විදුලිය සහ අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කෙරේ. ලොව භයානකම බන්ධනාගාර ලෙස සැලකෙන වෙනිසියුලාවේ සිරකරුවන් හමුවීමට යන කන්‍යා සොහොයුරියක් සහ 'අනවශ්‍ය' හෙවත් 'නකුෂා' ලෙසින් නම් කෙරෙන බටහිර ඉන්දීය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ උපත ලද දැරියන්ද මෙවර වැඩසටහනට ඇතුලත්. ඇල්බේනියාව, කොසොවෝ, සැමෝවා, ෆීජි දූපත් සහ ලන්ඩන��ේ බීබීසී මූලස්ථානය ඇතුළු ලොව පුරා ස්ථාන සියයකදී සම්පූර්ණ දිනක් පුරා පැවැත්වෙන සංවාද මාලාවකිනුයි ලබන දෙසැම්බර් දෙවැනි දින මේ වැඩසටහන නිමාවට පත්වෙන්නේ. #100Women හෑෂ්ටෑගය යොදාගනිමින් ෆේස්බුක්, ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ ඔබටත් ඒ සංවාදයට එක්විය හැකියි." +මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත 2020 වසරේ දී තමන් විශ්‍රාම නොගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.,"වත්මන් ජනපති පදවියේ දිව්රුම් දෙමින් ඔහු ඒ බව කියා සිටියේ මඩකලපුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැලිය අමතමිනි. තමන් 2020 වසරේ දී විශ්‍රාම යන බවට සමාජ ජාල තුළ විශාල වශයෙන් වාර්තා පළ වන බව සඳහන් කළ ජනාධිපතිවරයා, ""සමහර අය මගෙන් අහනවා මම විස්සයි විස්සේ විශ්‍රාම යනවද කියලා. මම විස්සයි විස්සේ විශ්‍රාම යන්නේ නැහැ, කරන්න වැඩ හුඟක් තිබෙනවා,"" යනුවෙන් සඳහන් කළේය. පසුගිය කාලය තුළ ලද අත්දැකීම් සමගින් ජනතාව වෙත නව වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා පැවසීය. ""අපට අවශ්‍ය අලුත් වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙලට දේශපාලන හොරු අවශ්‍ය නැහැ. දේශපාලන තක්කඩි අවශ්‍ය නැහැ. මිනී මරපු මිනිස්සු අවශ්‍ය නැහැ. දුෂිතයෝ අවශ්‍ය නැහැ."" ""අද සමහර අය සිහින මවනවා විස්සයි විස්සේ අලුත් ආණ්ඩු හදන්න. මම දැක්කා අපේ ආණ්ඩුවේ සමහර අයත් විස්සයි විස්සේ අලුත් ආණ්ඩු ගැන කතා කරනවා. ඒ හිටපු අයටයි ඉන්න අයටයි ඔක්කොටම මම කියනවා මේ රටේ අවංක දේශපාලනඥයෝ විදිහට ඒ සඳහා සුදුසු අය එකතු වෙන්න කියලා,"" යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. පසුගියදා අමාත්‍ය පදවියෙන් ඉල්ලා අස් වූ, පක්ෂයේ භාණ්ඩාගාරික එස්බී දිසානායක මන්ත්‍රීවරයා ද මැයි දින රැලියේ වේදිකාවේ සිටි අතර, දයාසිරි ජයසේකර සහ තිලංග සුමතිපාල ඇතුලු මන්ත්‍රීවරු පිරිසක් ද රැලියට එක්ව සිටිනු දක්නට ලැබිණ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූයේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු වශයෙනි. මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කර නව ආණ්ඩුවක් බිහි කිරීමට හැකි වුවහොත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පක්ෂවල එවක පොදු අපේක්ෂකයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ වේදිකාවේ ප්‍රධාන පොරොන්දුවක් විය. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු 2015 වසරේ මාර්තු මස බීබීසී සිංහල සේවය සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේ,""මැතිවරණයේදී අපි පැහැදිලිවම කියල තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ අසීමිත බලතල ඉවත් කරනවා කියලයි. මේ ධූරය අහෝසි කරනවා කියලත් අපි කියල නැහැ,"" යනුවෙනි. 2020 වසරේ දී විශ්‍රාම නොයන බව ප්‍රකාශ කළ ද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සඳුදා (මැයි 07) මඩකලපුවේ පැවති මැයි දින රැලියේ දී කිසිවක් ප්‍රකාශ නොකළේය. මේ අතර තමන්ට 2021 දක්වා සිය ධුරය දැරිය හැකි දැයි මෛත්‍රීපාල සිරිසේන පසුගිය ජනවාරි මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වුයේ 2020 වසරේ දී ඔහුගේ ධුර කාලය අවසන් වන බවය. මේ අතර පසුගිය මාසයේ ලන්ඩන් නුවරදී බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේ ඉදිරි ජනාධිපතිවරණයට යළි ඉදිරිපත්වන්නේදැයි කළ විමසීමට ජනාධිපතිවරයාගේ පිළිතුර වූයේ, ""මම හිතන්නේ ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් ගැන දැනට කතා කිරීම අවශ්‍ය නැහැ"" යනුවෙනි. වසර එකහමාරක් හෝ දෙකක් ඉදිරියට ඇති දෙයක් ගැන අද කතා කිරීමෙන් රට තුළ ""දේශපාලන අස්ථාවරත්වයක්"" ගොඩනැගෙන බව ඒ අවස්ථාවේ ජනාධිපතිවරයාගේ අදහස විය. තවත් කියවන්න:" +ජනාධිපති ධුරාපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වන ලෙස තමන්ට ද ඉදිරිපත්වී ඇති ඉල්ලීම් ගැන පැහැදිලි කරමින් කතානායක කරු ජයසූරිය ද අද නිවේදනයක් නිකුත් කළේය.,"මේ වන විට ජනාධිපති ධුරාපේක්ෂකත්වය සඳහා ඇති සිය අරමුණ හෙළි කර ඇති එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඒ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කිරීම සඳහා අද උදෑසන පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පැය කිහිපයක් ඉකුත් වෙද්දී කතානායක කරූ ජයසූරිය ද ඒ සම්බන්ධයෙන් තමන්ට ඇත්තේ කෙබඳු සූදානමක්දැයි යන්න නිවේදනයෙන් පැහැදිලි කළේය. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස තමන්ට ""ගෞරවනීය නායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය සහ අනෙකුත් පුජ්‍ය ප්‍රසාදීන් වහන්සේ, විවිධ සිවිල් සංවිධාන ප්‍රධානීන්,විශ්වවිද්‍යාල ආචාර්යවරු හා විවිධ ක්ෂේත්‍රවල බුද්ධිමතුන්, වෘත්තිකයන්, තරුණ සංවිධාන නියෝජිතයින් මෙන්ම දේශපාලන ක්‍රියාකාරින්ගෙන්"" ඉල්ලීම් ලැබී තිබෙන බව කරු ජයසුරිය කතානායකවරයා පවසයි. මේ අතර අද උදෑසන පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සජිත් ප්‍රේමදාස පෙන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂය තුළින් මේ සඳහා තවත් ��ෙනා ඉදිරිපත්වන්නේ නම් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ ජන්ද විමසීමක් හරහා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයක් යටතේ ජනාධිපති අපේක්ෂකයා තේරීම කළ යුතු යැයි යන්න තම ඉල්ලීම වන බවය, මංගල සමරවීර අමාත්‍යවරයාගේ නිල නිවසේදී එම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැතිවිණි. විධායක ජනාධිපති සාධකය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙන්ම කතානායක කරූ ජයසුරිය ද අද දින 'විධායක ජනාධිපති ධුරය' යන සාධකය සම්බන්ධයෙන් යම් පමණකට සිය මතය ගෙන හැර දැක්වුහ. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවසුවේ විධායක ජනාධිපතිධුරය අහෝසිකළ යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් ""නිසි විද්‍යාත්මක සමීක්ෂණයක් සිදුවී නොමැති"" බවකි. ජිවන වියදම වැනි කරුණු ජාතික දේශපාලනයේ ඊටත් වඩා වැදගත් කරුණක් බව ඔහු එහිදී සඳහන් කළේය. මීට වෙනස් වූ ස්ථාවරයක් කතානායක කරූ ජයසූරිය අද නිකුත් කළ නිවේදනයේ දැක්විණි. ඔහු අවධාරණයෙන් කියා සිටින්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස තමන්ට ලැබී ඇති කවර ඉල්ලිමක් වුවද සලකා බැලිය හැක්කේ, 1995 වසරේ සිට තමන් අඛණ්ඩව පෙනී සිටි විධායක ජනාධිපති ධූරය අහෝසි කරලීමේ පරමාර්ථය මුඛ්‍ය අරමුණ කොටගත් දේශපාලන බලවේග සමඟ එක්වීමකින් පමණක් බවය. ""එමෙන්ම 17 වන සංශෝධනය මඟින් ඉදිරිපත් කරන ලදුව 19 වන සංශෝධනය මඟින් තහවුරු කළ දියුණු ප්‍රශස්ත ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින පාර්ශවයන් සමඟ පමණි. එය දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත ආර්ථික හා සදාචාරාත්මක වශයෙන් ශක්තිමත් සුරක්ෂිත දේශයක් උදෙසා පදනම සැකසීම පිණිස යම් නිශ්චිත සීමිත කාලයක් සඳහා කරනු ලබන කැපවීමක් මිස කිසිවිටකත් ජනාධිපති තනතුර අපේක්ෂාවෙන් කරන මැදහත්විමක් නොවන බවද අවධාරණය ‍කරමි"" යනුවෙන් එහි දැක්වේ. තමන් එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන කොටගත් පාර්ශව නියෝජනය කරමින් එලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් එය පක්ෂයෙහි ව්‍යවස්ථාවට අනුකූලව සියලු පාර්ශවයන්ගේ ආශිර්වාදය ද සහිතව සිදුවිය යුතු බව තම හැඟීම බවද ඔහු සඳහන් කර ඇත. මේ අතර ඊයේ (සැප් 16) පැවති එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම ඒ සම්බන්ධයෙන් පත් කෙරුණු කමිටු වාර්තාව ලැබුණු සැණින් සිදුකරන බව එක්සත් ජාතික පක්ෂ නාය�� අගමැති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ. අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, රංජිත් මද්දුම බණ්ඩාර හා කබීර් හෂීම් ඇතුළු පිරිසක් එම කමිටුවට ඇතුළත්ව තිබේ. 'ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත' මේ අතර එක්සත් ජාතික පක්ෂයට සහය දෙන ජාතික හෙළ උරුමය ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේ තම කඳවුරේ ජනාධිපති අපේක්‍ෂකයා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රී කණ්ඩායම රැස් කර තෝරා ගෙන පොදු අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බවය. පුළුල් සන්ධානයකින් තරග කිරීමේ අපේක්ෂාවක් තිබීම හා එක්සත් ජාතික පක්ෂයට මෙතෙක් සිය යෝජනාව ඉදිරිපත් කිරීමට හැකියාව ලැබී නැති හෙයින් ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 106 දෙනා කැඳවා බහුතර කැමැත්ත මත අපේක්ෂකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු යැයි යන්න සිය පක්ෂයේ යෝජනාව බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය චම්පික රණවක කියා සිටියේය. ""දැනට පාර්ලිමේන්තුවේ 106 න් 77 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට අයිතියි. අනෙකුත් අය අනෙක් පක්ෂවලටඅයිතියි. එතකොට අපගේ යෝජනාව මේක දිගටම, අරයද, මෙයාද, ජනමත සමීක්‍ෂණ ද නැද්ද කියලාසාකච්ඡා කර ඉඳීමෙන් අපි කාලය නාස්ති කරලා වැඩක් නැහැ. අපි වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙමින් මේපාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා ඉන්න 106 අතරින් සුදුසු ජනාධිපති අපේක්ෂකයා පත් කර ගත යුතුයි. එයවඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදීයි"" ඔහු වැඩිදුරටත් කීය. මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මාධ්‍යට අදහස් දක්වමින්, අමාත්‍ය සජිත් ප්‍රේමදාසට තම පක්ෂයේ සහය ලබා දීමේ වැඩි උනන්දුවක් පවතින බව පවසා තිබේ. එක්සත් ජාතික පක්ෂය තම අපේක්ෂකයා පිළිබඳ ඉක්මණින් අවසන් තීරණයක් ගනු ඇති බව තම විශ්වාසය බව ඔහු එහිදී කියා සිටියේය. ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකයක් වන දෙමළ ජාතික සන්ධානය මෙතෙක් තම සහය දෙන අපේක්ෂකයා ගැන අදහස් පළකර නොමැති නමුත් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මාධ්‍යට කරුණු දක්වමින් පවසා තිබුණේ විධායක ජනාධිපතිධුරය අහෝසිකරන වැඩපිළිවෙළකට තම පක්ෂය සහය දීමට සුදානම් බවය. මේ අතර අද (සැප්තැම්බර් 16) මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පැවසුවේ ජනාධිපති ධුරාපේක්ෂකයා තෝරාගැනීම සම්බන්ධයෙන් සිය පක්ෂය තුළ හා ඒ සමග සන්ධානගතවන පක්ෂ හා සන්ධාන තුළ ""අර්බුදයක් ඇතැයි මවා පෑ��ට"" සංවිධානාත්මක ව්‍යාපාරයක් දියත් වී ඇති බවකි. එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයට පුළුල් සන්ධානයකින් ඉදිරිපත් වන බවත් එම සන්ධානය පිහිටුවීමේ අවසන් එකඟතාවට පැමිණ අවසන් බවත් කියා සිටින මහ ලේකම්වරයා, අදාළ එකඟතා අනුව ""අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්"" බවත් පෙන්වා දෙයි. මේ අතර, ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම සම්බන්ධයෙන් විමසීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් පත් කරන ලද කමිටුව අද (සැප්තැම්බර් 17) රාත්‍රී රැස්වීමට නියමිත බව වාර්තා විණි." +අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක පිළිබඳව පළ කරන ලද ඇතැම් පුවත් මගින් ඩේලි නිවුස් පුවත්පතේ කතුවරයා අධිකරණයට අපහාස කොට ඇතැයි පවසමින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය පළවිය.,"අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පත පළ කරන ලද ලිපි මගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව පෙත්සමේ සඳහන් වේ නීතිඥ සුනිල් කුරේ සිය පෙත්සම මගින් පවසන්නේ දෝෂාභියෝගයකට මුහුණ දී සිටින අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පත පළ කරන ලද ලිපි මගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බවයි. එබැවින් ඩේලි නිවුස් පුවත්පතේ කතුවරයා වන නීතිවේදී රාජ්පාල් අබේනායක අධිකරණයට කැඳවා විභාගයක් පවත්වන මෙන් පෙත්සම්කරු, නීතිඥ සුනිල් කුරේ, අධිකරණයෙන් ඉල්ලා සිටියි. විශේෂයෙන්ම පසුගිය දෙසැම්බර් 03 වැනිදා ""අලුත්කඩේ කුමන්ත්‍රණය සඳහා අගවිනිසුරුවරිය දිසා විනිසුරන් කැඳවයි"" මැයෙන් යුත් ලිපියක් පළකරමින් කතුවරයා අධිකරණයට අපහාස කොට ඇති බවයි, පෙත්සමේ සඳහන් වෙන්නේ. අදාළ රැස්වීම පිළිබඳව එදිනම පළ කළ තවත් වාර්තා මඟින් මෙන්ම අගවිනිසුරුවරියට එරෙහිව පැවති දෝෂාභියෝගය සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පත පළ කළ ඇතැම් ලිපිද අපහාසාත්මක බව පෙත්සම්කරුගේ තර්කයයි. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෙත්සමේ පිටපත් සියලුම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වෙත යොමු කරන මෙන් විනිසුරු නිමල් ගාමිණී අමරතුංග ප්‍රමුඛ විනිසුරු මඬුල්ල නියෝග කළේය. වැඩිදුර විභාගය ජනවාරි 31 වැනි දිනට කල් තැබිණ. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා" +දැනට රුපියල් කෝටි සියයකට ආසන්න පාඩුවක් ලබා ඇති ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කළමනාකාරිත්වයේ වෙනසක් සිදු නොකොට එය පවත්වාගෙන යා නොහැකි බව මුදල් පිලිබඳ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවස���ි.,කළමනාකරණය පෞද්ගලික අංශයට පැවරීම යනු සමාගම විකුණා දැමීමක් නොවන බවයි අමාත්‍යවරයා පැවසුවේ එබැවින් අග්‍රාමාත්‍යවරයා විසින් පත් කළ විශේෂ කමිටුවක් විසින් මේ සඳහා සැලසුම් සකස් කොට ඇති බවයි කැබිනට් තීරණ දැනුම් දෙමින් පැවත් වූ මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා පවසා සිටියේ. “මේ වගේ දුවන්න බැහැ. නවසිය අනූ අටක් කියන්නෙ බිලියනයක්. බිලියනයක් භාණ්ඩාගාරයකට ඔරොත්තු දෙන්නෙ නැහැ. ඒ නිසා සම්පුර්ණයෙන්ම වෙනසක් සිදු කළ යුතුමයි” යනුවෙනුයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. එමිරේට්ස් සමාගමේ කළමනාකාරිත්වය යටතේ පැවති කාලය තුළ ලාභ ලබා බදු ගෙවීම ද සිදු කළ බවයි පැවසෙන්නේ එමිරේට්ස් ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2009 වසරේ දී ලාභ ලැබූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා පැවසුවේ එමිරේට්ස් සමාගමේ කළමනාකාරිත්වය යටතේ පැවති කාලය තුළ ලාභ ලබා බදු ගෙවීම ද සිදු කළ බවයි. එබැවින් කළමනාකරණය පෞද්ගලික අංශයට පැවරීම යනු සමාගම විකුණා දැමීමක් නොවන බවයි අවධාරණය කළේ. පෞද්ගලික අංශයට කළමනාකරණය භාර දීමෙන් සාර්ථකත්වයට පත් වූ තවත් අංශයක් වන්නේ වැවිලි කර්මාන්තය බවයි ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. “මොනව වුනත් වතු පාලනය කරන්නෙ අද පෞද්ගලික සමාගම් වලින්. අද තිබුණ නන් අපිට මීට වැඩිය විශාල ප්‍රශ්නයක් ඇතිවෙනව” යනුවෙන් ඔහු පැවසීය. වීදි සටන් වීදි සටන් වලින් ජනතාව කරන ඉල්ලීම් ලබා දීම 12% ක රාජ්‍ය ආදායමත් සමග කළ නොහැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා රජය ඉල්ලීම් ලබා දීම සම්බන්ධයෙන් උපරිමය දක්වා කටයුතු කර ඇති හෙයින් රාජ්‍ය අදායම වැඩිකර නොගෙන තවත් ඉල්ලීම් ලබා දීම කළ නොහැකි බවයි පෙන්වා දුන්නේ. ශ්‍රී ලන්කන් සමාගම කෝටි සියයක පාඩුවක් ලබා ඇති බවයි පැවසෙන්නේ “රාජ්‍ය ආදායම වැඩිකර ගන්න බැහැ මේ වගේ කාබාසිනියා කරන රාජ්‍ය ආයතන තියෙද්දී. එතකොට මේ රාජ්‍ය ආයතන වෙනස් වෙන්න ඕන. සී ටී බී එකේ ඉන්නව දහ දාහක් නිකම් වැටුප් ගන්න. ඉතිං කොහොමද දුවන්නෙ. ඒවා ‘රි ස්ට්‍රක්චර්’ කරන්නෙ නැතුව මොකක්ද කරන්නෙ? ” යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය. වරාය නගරය මේ අතර වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට කරුණු දක්වමින් මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රජය අදාළ චීන සමාගම සමග ගිවිසුමකට එළැඹ ඇත්නම් ආණ්ඩුවක් ලෙස නිසැකවම එයට අනුකුලව බවයි. වරාය නගර ව්���යාපෘතිය අත්හිටුවනු ලැබුවෙ සංචාරක ව්‍යාපාරයෙන් පැමිණි චෝදනා සලකා බැලීම සඳහා පමණක් බවයි ඔහු පැවසුවේ. පරිසර වාර්තාවේ ප්‍රශ්නයක් තිබු නමුත් දැන් ඒ මගින් අනුමැතිය ලැබී ඇති හෙයින් ව්‍යාපෘතිය නවත්වා තැබීම සම්බන්ධයෙන් ගෙවීමට සිදුව ඇති දඩ මුදල පිළිබඳව සාකච්ඡාවෙන් විසඳාගැනීමට අපේක්‍ෂා කරන බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ. එවැනි විශාල දඩ මුදලක් ගෙවීමට සිදු වූයේ ව්‍යාපෘතිය නතර කර තිබූ නිසා නේදැයි ඇසූ විට නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ අවස්ථාවේ ගත යුතුව තිබූ නිවැරදි තීරණය එය බවයි. “පරිසර අනුමැතියක් නැතිව අපි ඒක කරගෙන ගියා නම් අපිට කියන්න බැහැනෙ කොච්චර අලාභයක් රටට වෙන්න තිබුණ ද කියල” යනුවෙන් ඔහු පැවසීය. +ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගන්නා ලද තීරණයට එරෙහිව නැගෙන විරෝධතාවල නවතම අවස්ථාව ලෙස ලෙබනනයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය අසළ පැවති විරෝධය ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ඉසිලීය.,"විරෝධතාවයේ යෙදුනු පිරිස වෙත ආරක්ෂක අංශ කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරමින් බේරුට් අගනුවර උතුරු ප්‍රදේශයේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයේ ධජ ලෙලවමින් විරෝධතාවයේ යෙදුනු පිරිස වෙත ආරක්ෂක අංශ කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළහ. ඇමෙරිකානු තීරණය හෙලාදුටු අරාබි ලීගය, මැදපෙරදිග සාමයේ මැදිහත්කරුවකු ලෙස දැන් ඇමෙරිකාව මත රඳා පැවතිය නොහැකි බව පැවසීය. ලෙබනනයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය අසළ විරෝධතාවල නිරතවුවෝ එය වෙත ගල්මුල් විසි කළ අතර ආසන්න මාර්ගයේ ගිනි තැබීම් ද කළහ. තානාපති කාර්යාල ප්‍රධාන සංකීර්ණය වෙත දිවෙන ප්‍රධාන මාර්ගය බාධක යොදා අවහිර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබිණි. ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ, ඇතැම් විරෝධතාකරුවන් පරිශ්‍රයේ ආරක්ෂක වැට කඩොලු අතරින් ඒ තුළට ඇතුළුවීමට උත්සාහ දැරූ බවය. විරෝධතාකරුවන් පරිශ්‍රයේ ආරක්ෂක වැට කඩොලු අතරින් ඒ තුළට ඇතුළුවීමට උත්සාහ දරමින් ඇමෙරිකාව ""පලස්තීනයේ සතුරෙක්"" යැයි ලෙබනන කොමියුනිස්ට් පක්ෂයේ නායක හනා ඝරිබ් විරෝධතාකරුවන්ට පැවසීය. විරෝධතාකරුවන්ගෙන් එක් පිරිසක් ඇමෙරිකානු ජනාධිපතිවරයාට සමාන රුවකට ගිනි තැබුහ. මාර්ගයේ ගිනි තැබීම් වල නිරත වන පිරිසක් ඊශ්‍රායලය ගොඩනැගීමෙන් අනතුරුව ඉන් පලාගිය පුද්ගලයින් මෙන්ම ඔවුන්ගෙන් පැවත එන්නන් ද ඇතුළු පලස්තීන සරණ��ගතයින් ලක්ෂ ගණනක් ලෙබනනයේ වෙසෙති. ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ නිවේදනය නිකුත්වූ දින සිට දින තුනක් පුරා පලස්තීන ජනතාව මෙන්ම ඔවුනට සහය දක්වක්වන්නෝ විරෝධතාවල යෙදී සිටිති. ඊශ්‍රායලය විසින් ජෙරුසලම සැමවිටම සිය අගනුවර ලෙස සලකනු ලබන අතර 1967 ඇතිවූ යුද්ධයෙන් පසු ඊශ්‍රායලය ආඳාගෙන සිටින නැගෙනහිර ජෙරුසලම සිය අනාගත රාජ්‍යයේ අගනුවර ලෙස පලස්තීන ජනතාව විසින් සලකනු ලබයි. ජනාධිපතිවරණ සමයේ දුන් පොරොන්දුවක් ඉටු කිරීම සිය තීරණයෙන් සිදුවන අතර ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීම ""යථා තත්ත්වය පිළිගැනීමට වඩා වැඩි හෝ අඩු දෙයක් නෙවෙයි."" ඊජිප්තුවේ කයිරෝ නුවර පැය කිහිපයක් පුරා පැවති සාකච්ඡාවලින් අනතුරුව අරාබි ලීගය සිය යෝජනාව ප්‍රකාශයට පත් කළ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය හා ජෝර්දානය ඇතුළු ඇමෙරිකානු හිතවාදී පාර්ශව ගණනාවක සහය ද ඊට ලැබිණි. එම යෝජනාවේ දැක්වෙන කරුණු : •ඇමෙරිකාව සිය තීරණය හරහා ඊශ්‍රායලය හා පලස්තීනය අතර ඇතිවිය හැකි ඕනෑම සාම ක්‍රියාදාමයක ""අනුග්‍රාහකයකු හා මැදිහත්කරුවකු ලෙස සිය තත්ත්වය ඉවත්කරගැනීමට"" ඇමෙරිකාව පියවර ගෙන ඇති බව. •ජනාධිපති ට්‍රම්ප් ගේ පියවර ""නොසන්සුන් තත්ත්වය තවත් උත්සන්න කෙරෙමින්, ක්‍රෝධය මතුකරමින් හා කලාපය වඩාත් ප්‍රචණ්ඩකාරීත්වයට හා වියවුලට හෙලීමේ තර්ජනයක්"" ඇති බව. •මෙම පියවර හෙලා දකින ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා සිටීම ලෝකය ට්‍රම්ප් තීරණය හෙළා දකී ජෙරුසලම මෙතරම් වැදගත් ඇයි ? ඊශ්‍රායලයට මෙන්ම පලස්තීනුවන්ටද ජෙරුසලම අතිශයින් ම වැදගත් වේ. යුදෙව්, ඉස්ලාම් හා ක්‍රිස්තියානි යන ආගම් තුනටම වැදගත්වන්නාවූ ප්‍රධාන පූජනීය ස්ථාන තුනක් එහි තිබේ. ජෝර්දානය විසින් පෙරදී අත්පත්කරගෙන තිබූ ජෙරුලසමේ නැගෙනහිර කොටස 1967 දී ඊශ්‍රායලය විසින් අත්පත් කරගනු ලැබූ අතර 1980 දී එය ආඳාගන්නා ලදී. එහෙත් ජාත්‍යන්තර වශයෙන් එම පියවර පිළිගෙන නොතිබිණි. නැගෙනහිර ජෙරුසලම තුළ පදිංචිකිරීම් කරන ලද ජනාවාස කිහිපයක වෙසෙන ඊශ්‍රායල යුදෙව්වන් ලක්ෂ දෙකක පමණ පිරිසක් සමග පලස්තීනුවන් තුන්ලක්ෂ තිස්දහසක් පමණ වෙසෙති. ජාත්‍යාන්තර නීතියට අනුව එම ජනාවාස නීතිවිරෝධී ලෙස සැලකේ. ඒවා පදිංචි කිරීම් ලෙස නොසලකන ඊශ්‍රායලය නෛතික ජනාවාස ලෙස සලකයි. ජෙරුසලම ඊශ්‍රායලයේ අගනගරය ලෙස මුලින්ම පිළිගැනීමට ඇමරිකාව සූදානම් 1993 අත්සන් තබන ලද ඊශ්‍රායල - පලස්තීන සාම ගිවිසුමට අනුව ජෙරුසලමේ අවසාන තත්ත්වය සාකච්ඡාවට ගැනීමට නියමිතව තිබෙන්නේ සාම සාකච්ඡාවල අවසන් අදියරවලදීය. 2014 වසරේදී ඊශ්‍රායලය හා පලස්තීනය අතර අවසන් සාකච්ඡා වටය බිඳ වැටිණි. ඇමෙරිකාව අලුත් යෝජනා සකස් කරමින් සිටින අතරතුර පලස්තීන නිලධාරීන් සඳහන් කළේ ජනාධිපති ට්‍රම්ප් කළ නිවේදනය නිසා අනාගත සාකච්ඡාවල අතරමැදියකු ලෙස ක්‍රියාකිරීමට ඇමෙරිකාව සුදුසුකම් නොලබන බවය. ජෙරුසලමේ වැදගත් පුජනීය ස්ථාන මේ තොරතුරුද දැනගන්න: ජෙරුසලම ඊශ්‍රායලයේ අගනගරය ලෙස පිළිගැනීමට ඇමරිකාව සූදානම් ඇමෙරිකාවේ තීරණයට පලස්තීනුවන්ගේ විරෝධය" +"ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතා දුර්වල බව පවසන ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව වැනි රටවල මෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන්ට ඇති ආරක්ෂාව ගැන ජනතාවට හැගීමක් නොමැති බව ද පෙන්වා දෙයි.","මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි මහාචාර්ය දීපිකා උඩගම ඒ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමය සහ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මෑත දී ලබා දුන් තීන්දු කිහිපයක් ඇතුළු කරුණු පිළිබඳව බීබීසී සිංහල සේවය සමග දීර්ඝ සංවාදයක යෙදෙමිනි. ""ලංකාවේ ව්‍යවස්ථාව ජනතාවගේ පරිකල්පනයෙන් කොටසක් නෙවෙයි. අපිට ශක්තිමත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ඒක ජනගත කළ යුතුයි."" ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ සහ දිකක්සාද නීතිය (MMDA) ළමා විවාහවලට අනුබල දෙන්නක් වන නමුත් ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම අදහස් දැක්වීමෙන් වැලකී සිටින බවට මුස්ලිම් ක්‍රියාකාරිනියන් එල්ල කරන චෝදනාව පිළිබඳව ද මහාචාර්ය උඩගම සිය ප්‍රතිචාරය පළ කළාය. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධ සිය ස්ථාවරය සඳහන් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පිටු පහකින් සමන්විත ලියවිල්ලක් ප්‍රකාශයට පත් කර තිබේ. ""ව්‍යවස්ථාව උත්තරීතර නම් ඒකට උඩින් ගිය කිසිම නීතියක් තියෙන්න බෑ"" - මහාචාරිනී දීපිකා උඩගම ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික අයිතීන් නව ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමේ අවශ්‍යතාව එමගින් අවධාරණය කරනු ලැබ තිබේ. බීබීසී සිංහල සේවය සමග ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ මහාචාර්ය දීපිකා උඩගම, විශේෂයෙන්ම ප්‍රධාන කරුණු දෙකක් එම ලියවිල්ල මගින් අවධාරණය කරනු ලැබ තිබෙන බව පෙන්වා දුන්නාය; යන්න �� කරුණු දෙකය. මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය ඒ අදහස් පළ කළේ මුස්ලිම් ක්‍රියාකාරිනියන් එල්ල කරන චෝදනා පිළිබඳව බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේදීය. ""ළමා විවාහ කියන්නේ නීත්‍යානුකූල ස්ත්‍රී දූෂණයක්. කරුණාකරලා මේ දරුවන්ගේ ළමා විය විනාශ කරන්න එපා"" - කාන්තා ක්‍රියාකාරී ජාලයේ ශ්‍රීන් අබ්දුල් සරූර් ශ්‍රී ලංකාවේ මුස්ලිම් සමාජය තුළ ළමා විවාහ වැඩිවීමේ ප්‍රවණතාවක් පවතින බැවින් එයට අවස්ථාව සලසන MMDA මුස්ලිම් පුද්ගල නීතිය සංශෝධනය කළයුතු බව මුස්ලිම් ක්‍රියාකාරිනියෝ අවධාරණය කරති. බලහත්කාර ළමා විවාහයකට ගොදුරු කරනු ලැබ, සැමියාගේ පහරදීම් හමුවේ දරු ගැබ පවා විනාශ කෙරුණු දැරියකගේ අනුවේදනීය පුවතක් සහිත විශේෂ ගවේෂණයක වාර්තාවක් බීබීසී සිංහල සේවය ද පසුගියදා ප්‍රකාශයට පත් කළේය. සබැඳි යොමු: මුස්ලිම් ක්‍රියාකාරිනියන්ගේ ඉල්ලීම ඉතා සාධාරණ බව පිළිගන්නා නමුත් සමස්ත රටම නියෝජනය කරන කොමිෂන් සභාවක් ලෙසින් එක් ප්‍රජාවක් පමණක් ඉලක්ක කරගෙන නිර්දේශ ඉදිරිපත් කිරීමට තමන්ට හැකියාවක් නොමැති බව මහාචාර්ය උඩගම අවධාරණය කරන්නීය. ඒ සඳහා මුස්ලිම් ප්‍රජාව තුළ අදහස් විමසීමේ ක්‍රියාදාමයක (consultation) අවශ්‍යතාව පෙන්වාදෙන සභාපතිනිය පවසන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ කොමිෂන් සභාවේ ස්ථාවරය මගින් මුස්ලිම් කාන්තාවන් මතු කරන ගැටලුව පිළිබඳව ද සිය ස්ථාවරය ප්‍රකාශයට පත්කොට තිබෙන බවය. ළමා විවාහයක්, මුස්ලිම් ක්‍රියාකාරිනියෝ සහ තව්හීඩ් ජමාආත් ""ව්‍යවස්ථාව උත්තරීතර නම් ඒකට උඩින් ගිය කිසිම නීතියක් තියෙන්න බෑ,"" සභාපතිනිය සඳහන් කළාය. ""ඒ නිසා ඒක කරුණු හරිහැටි වටහා නොගෙන එල්ල කරන චෝදනාවක්."" වැඩිදුරටත් කරුණු දැක් වූ මහාචාර්යවරිය, ""දැන් බලන්න ඉන්දියාවේ, දකුණු අප්‍රිකාවේ ජනතාවට ව්‍යවස්ථාව කියන්නේ ආගමික ග්‍රන්ථ හා සමානවම වැදගත් දෙයක්,"" යනුවෙන් ද කියා සිටියාය. කිසියම් පුරුෂයෙකු, ඔහුගේ බාල වයස්කාර බිරිඳ සමග ලිංගික කටයුතුවල යෙදීම දූෂණයක් ලෙස සලකනු ලබන බව ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සතියේ තීන්දු කළේය. එය ඉන්දියාවේ බාල වයස්කාර විවාහ සම්බන්ධයෙන් දෙනු ලැබූ ඓතිහාසික තීන්දුවක් ලෙස සැලකේ. ඊට සති කිහිපයකට පෙර තවත් ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, ඉස්ලාමීය භාවිතය අනුව ක්‍රියාත්මකවන ක්ෂණික ('තලාක්') දික්කසාදය ව්‍යවස්ථාවට පටහැනි බ��� නිගමනය කළේය. මුස්ලිම් ළමා විවාහ 'වැඩිවීමේ ප්‍රවණතාවක් ' අදාළ භාවිතය ""ඉස්ලාමීය නොවන"" බව ඉන්දියාවේ ඉහළම අධිකරණයේ නිගමනය විය. එම තීන්දු අගය කරමින් අදහස් දැක්වූ මහාචාර්ය දීපිකා උඩගම බීබීසී සිංහල සේවයට කියා සිටියේ, නව ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාවේ අධිකරණයේ ද ස්වාධීනතත්වය තවදුරටත් තහවුරු කළ යුතු බවය. කාන්තාවන්ගේ හෝ කිසියම් ප්‍රජාවක අයිතිවාසිකම් තහවුරු කෙරෙන්නේ එක් පනතකින් පමණක් නොවන බව පෙන්වා දෙන නීතිය පිළිබඳ මහාචාර්යවරිය, ඉන්දියාවේ සහ දකුණු අප්‍රිකාවේ වැනි රටවල මෙන් ශ්‍රී ලංකාවේ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ""මූලධර්ම නිසි පරිදි සකස් කරගැනීමේ"" අවශ්‍යතාව අවධාරණය කරන්නීය. ""උදාහරණයක් විදියට 1978 ව්‍යවස්ථාවේ තවමත් වගන්ති තියෙනව ඒකෙ උත්තරීතර බව කෙලෙසන,"" ඇය සඳහන් කළාය. ඇය සඳහන් කරන ආකාරයට 1978 ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට ප්‍රථම ක්‍රියාත්මක වූ තේසවලාමේ, උඩරට නීතිය සහ මුස්ලිම් පුද්ගල නීතිය ඇතුළු නීති ඒ අයුරින්ම තවදුරටත් බලපැවැත්වෙන බව සඳහන් 16.1 වගන්තිය එවැනි එක් උදාහරණයක් පමණකි. බාල වයස්කාර බිරිඳ සමග ලිංගික කටයුතුවල යෙදීම දූෂණයක් ලෙස සලකනු ලබන බව ඉන්දීය අධිකරණය තීන්දු කළේය එබැවින් ව්‍යවස්ථාවේ උත්තරීතර බව සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීම මගින් මුස්ලිම් ක්‍රියාකාරිනියන් ඇතුළු බොහෝ දෙනා මතු කරන ගැටලුවලට පිළියමක් ලැබෙනු ඇති බව ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවේ ස්ථාවරයය. ""උදාහරණයක් විදියට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ව්‍යවස්ථාව පදනම් කරගෙන ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් නීති ගැන අර්ථ කථන දීල තියෙනවා,"" මහාචාර්ය උඩගම සඳහන් කළාය. ""ඒ නිසා එකින් එක වෙන, වෙනම ගන්නවට වැඩිය මේක සමස්තයක් විදියට පිළිගනිමු."" මේ අතර ව්‍යවස්ථා කටයුතු පිළිබඳ විශේෂඥයෙකු වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පසුගියදා බීබීසී සිංහල සේවයට කියා සිටියේ කාන්තා හිමිකම් සම්බන්ධ පාර්ලිමේන්තු අනු කමිටුවේදී මුස්ලිම් ක්‍රියාකාරිනියන්ගේ ඉල්ලීම පිළිබඳව එකඟතාවක් ඇති නොවූ බවය. ඔවුන්ගේ ඉල්ලීම ඉතා සාධාරණ යයි තමන් පිළිගන්නා බව ද ආචාර්ය වික්‍රමරත්න සඳහන් කළේය." +කාශ්මීරයේ සිදු වූ බස් අනතුරකින් විශාල පිරිසක් මරණයට පත් වී ඇති බව වාර්තා වේ.,කාශ්මීරයේ සිදු වූ තවත් බස් රථ අනතුරක් විවාහ උත්සවයකට සහභාගී වීමට ගිය පුද්ගලයන් පනස් දෙනෙකු රැගත් බස් රථය ගඟකට පෙරලීමෙන් එම අනතුර සිදුව ���ති බවයි පැවසෙන්නේ. අනතුරින් මරණයට පත් වූවන් අතර විවාහයට පත්වූ යුවළ ද සිටින බවයි වාර්තා වෙන්නේ. පසුගිය දින වල කඩා වැටුණු අධික වර්ෂාවෙන් ගංවතුරට ගොදුරු වී තිබූ එම ප්‍රදේශයේ ගංගාවේ ජල මට්ටම ඉහල ගොස් තිබීමයි අනතුරට හේතු වී තිබෙන්නේ. අනතුරට පත් වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක වන බවයි වාර්තා කරුවන් පවසන්නේ. +කොළඹ මහ නගර සීමාවේ කඩා ඉවත් කරනු ලබන පන්සීයකට අධික නිවාස වල ජනතාව දැනට ලියා පදිංචි ඡන්ද හිමි නාම ලේඛන වලින් ඉවත් නො කරන මෙන් අධිකරණය නියෝග කළේය.,"මාලිගාවත්ත, ඇපල්වත්ත ප්‍රදේශයේ පිහිටි ගෙවල් 574 ක් කඩා ඉවත් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට අවසර ලබා දෙමිනු යි ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමසාරිස්වරයා වෙත එම නියෝගය කළේ. නිවාස අහිමි වෙන ජනතාවට තාවකාලික නිවාස පහසුකම් සඳහා රුපියල් දස දහසක මාසික දීමනාවක් ලබා දීමට නාගරික සංවර්ධන අධිකාරිය අධිකරණයට පොරොන්දු විය. අලුත් ගෙවල් දෑවුරුද්දකින් අලුතින් නිවාස තනා දීමට අවුරුදු දෙකක කාලයක් ගත වන බවයි, නාගරික සංවර්ධන අධිකාරිය පවසා ඇත්තේ. තම ඉල්ලීම් ඉටු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය එකඟ වූ හෙයින් නිවාසවලින් ඉවත් වීමට තීන්දු කළ බව ඇපල්වත්ත ප්‍රජා සංවර්ධන සමිතියේ සභාපති මොහමඩ් වසීඩ් බීබීසී සංදේශයේ කේ එස් උදයකුමාර් හට පැවසීය. නාගරික සංවර්ධන අධිකාරිය විසින් දෙන ලද පොරොන්දුව පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබන මාර්තු මස 28 වැනි දාට පෙර නිවාසවලින් ඉවත් ව යන මෙන් පෙත්සම් කරුවන්ට නියම කළේය. අධිකරණය බ්‍රහස්පතින්දා එම නියෝගය කළේ සිය නිවාස කඩා ඉවත් කිරීමට එරෙහිව පදිංචිකරුවන් විසින් ගොනු කරනු ලැබ තිබුණ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි." +එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය තුළ දී පරාජය කිරීම අසීරු කටයුත්තක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් ප්‍රකාශ කරයි.,"'පිතිකරුවන් දක්ෂතා අතර සිටීමත් ඉතා වැදගත්' ඔහු මේ බව කියා සිටියේ බීබීසීය සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමින්. ශ්‍රී ලංකා පිලට ඇති විශාලතම අභියෝගය වන්නේ එංගලන්තයේ කාලගුණයට හැඩ ගැසීම වන බවයි නායක ඇන්ජෙලෝ මැතිව්ස් කියා සිටින්නේ. ‘තරඟ පැවැත්වෙන්නේ ග්‍රීෂ්ම සෘතුව ආරම්භයේදී. පින්න තියෙන්න පුළුවන්. එහෙම වුනොත් වේග පන්දු යවන්නන්ට වාසි දායක වෙනවා.’ මැතිව්ස් ප්‍රකාශ කළේය. මෑතකදී එංගලන්ත පිල සමඟ කිහිප විටක් තරඟ වැදී ඇ��ි හෙයින් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව තරමක අවබෝධයක් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව පවතින බවයි බීබීසී වාර්තාකරු චාල්ස් හැවිලන්ඩ් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා කියා සිටියේ. ‘කාලගුණයට සහ එංගලන්ත කඩුලු වලට හුරු වීම වගේම පිතිකරුවන් දක්ෂතා අතර සිටීමත් ඉතා වැදගත්. ඇත්තටම මුළු කණ්ඩායම ම තමන් ගැන විශ්වාසය තියල ක්‍රීඩා කරන එකයි වැදගත් වන්නේ.’ නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසයි. හිටපු පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් ඉල්ලා අස්වීම දැන් අතීතයට සම්බන්ධ කරුණක් බව පැවසූ නායක ඇන්ජෙලෝ මැතිව්ස්, ක්‍රීඩකයන්ගේ වැටුප් සම්බන්ධ ගැටලුව ද විසඳී තිබෙන බැවින් තමන්ට ක්‍රීඩාව පිළිබඳ අවධානය යොමු කිරීමට අවස්ථාව ලැබී තිබෙන බවත් සඳහන් කළේය." +බොදු බල සේනා මුලස්ථානය ඉදිරිපිටදී එම සංවිධානයට අයත් හිමි නමක් තමනට පහරදුන් බව මැලැව්වේ කල්‍යාණ ධම්ම හිමි ප්‍රකාශ කරයි.,"තමන් යටතේ වැඩ වසන සාමණේර හිමිවරුන්ගේ කුලය පිලිබඳ ඇතිවූ මතභේදයකින් පසු, වැඩ සිටි විහාරස්ථානයෙන් පළවා හැරීමට බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මැරබලය යොදමින් මරණීය තර්ජන කළ බවයි කල්‍යාණ ධම්ම හිමි සංදේශයට ප්‍රකාශ කළේ. පදිංචියට පන්සලක් ""කුලය පදනම් කරගනිමින් සාමණේර හිමිවරු ලියා පදිංචි කිරීම පිළිබඳව නායක හාමුදුරුවන් සමග ඇතිවූ මත ගැටුමකින් පසුව, බලහත්කාරයෙන් මැදිහත්වුණු ඥාණසාර හිමියන් මාව පන්සලෙන් පන්නා දම්මා. සාමණේර හිමිවරුත් රෑගෙන මම දැන් ඉන්නේ ගෙදෙරක කාමරයක් කුලියට අරගෙන. ගෝල හිමිවරුන් එක්ක මම ආවේ පදිංචියට පන්සලක් හොයා දෙන ලෙස ඉල්ලා සිටීමටයි."" යනුවෙන්ද උන්වහන්සේ පැවසූහ. මෙම පහර දීමේදී තමනට දතක් අහිමි වූ බවයි රෝහලේ සිට සංදේශය හා කතා කළ මැලැව්වේ කල්‍යාණ ධම්ම හිමි ප්‍රකාශ කර සිටින්නේ. පහර දුන් හිමිනම පොලීසියෙන් හඳුනාගෙන ඇති බව කල්‍යාණ ධම්ම හිමි ප්‍රකාශ කලත්, බම්බලපිටියේ දී බෞද්ධ භික්ෂුවකට පහරදීමක් පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බවයි ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සංදේශයට ප්‍රකාශ කළේ. අනවශ්‍ය ප්‍රශ්න විහාරස්ථානයෙන් පිට කාමරයක ජීවත්වීම පිළිබඳව සිද්ධියට සම්බන්ධව කල්‍යාණ ධම්ම හිමියන්ට අවවාද කළ බව පිළිගත් ඥාණ සාර හිමියෝ තවත් විටෙක ප්‍රකාශ කළේ මැලැව්වේ කල්‍යාණ ධම්ම හිමි නොහඳුණන බවයි. එම පහර දීම පිළිබඳව සංදේශය හා සිදුකෙරුණු සාකච්ඡාවේදී, ගැටුමක් නැති තැනක ""මාධ්‍ය වලින් අනවශ්‍ය ප්‍රශ්න"" ඇති නොකළ යුතු බව පැවැසූ බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ දුරකථනය විසංධි කළහ." +එල්ටීටීඊ යට එරෙහි යුද්ධයේ අවසාන භාගයේදී සාමාන්‍ය ජනතාවට ෂෙල් ප්‍රහාර එල්ල වූයේ රජයේ ආරක්ෂක හමුදාවලින්ද නොඑසේනම් එල්ටීටීඊ යෙන්ද යන්න පැහැදිලි නැති බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.,"යුද්ධයෙන් අනාථ වූ දස දහස් සංඛ්‍යාත පිරිසක් උතුරේ පමණක් නොව දකුණේද සිටින බව මන්ත්‍රීවරයා පවසයි යුද්ධයෙන් විනාශ වූ උතුරු පළාතේ යළි ඉදිකිරීම් සම්බන්ධීකරණය භාරව කටයුතු කරන මන්ත්‍රීවරයා ඒ බව පැවසුවේ කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් සමඟ කිලිනොච්චියේදී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්. සිව් වසරක් ගතවීත් උතුරේ සාමාන්‍ය ජනතාවගේ අපේක්ෂා භංගත්වය හා කම්පාව තම රජය විසින් නොතකා හැර ඇතැයි යන්න ප්‍රතික්ෂේප කළ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙටු පුත් නාමල් රාජපක්ෂ අතුරුදහන් වීමක් ගැන පොලිසියේ පැමිණිල්ලක් ඇත්නම්, ඒ ගැන පොලිසිය නිසියාකාර පරීක්ෂණ සිදු කරනු ඇති බවට විශ්වාසය පළ කළේය. කුරාම් ෂයික් ඝාතනය සාමාන්‍ය ජනතාව යුද්ධයේදී මරුමුවට පත්වීම සහ උතුරේ අතුරුදහන් වීම ගැන බීබීසී යේ චාල්ස් හැවිලන්ඩ් ජනාධිපති පුත්‍රයාගෙන් විමසා සිටියේ තමනට තවමත් යුක්තිය ඉටුවී නැති බව පීඩාවට පත් ඥාතීන් ලබා දුන් තොරතුරු ආශ්‍රයෙන්. යුද්ධයෙන් අනාථ වූ දස දහස් සංඛ්‍යාත පිරිසක් උතුරේ පමණක් නොව දකුණේද සිටින බව පවසන මන්ත්‍රීවරයා, ඒ සියලු දෙනාට සහන සැලසීම ආණ්ඩුවේ බලාපොරොත්තුව බව පැවසීය. 2011 නත්තල් දින රාත්‍රියේ බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් තංගල්ලේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද චාර්ල්ස් හැවිලන්ඩ් කළ විමසීමකදී මන්ත්‍රීවරයා කියා සිටියේය. එම ප්‍රකාශය පිලිබඳ ප්‍රසාදය පළ කරන ෂයික් ජීවත්වූ ආසනය භාර බ්‍රිතාන්‍ය මන්ත්‍රී සයිමන් ඩන්චුක්, එම ඝාතනය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට හානි සිදු වූ බව රහසක් නොවන්නේ යයි මාධ්‍ය අමතා ප්‍රකාශ කොට තිබේ." +සිය දරුවන්ට නිසි අධ්‍යාපන පහසුකම් නොමැති බව පවසමින් කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසල් දෙකක දරුවන්ගේ දෙමව්පියෝ සේරුවිල නගරයේ උපවාසයක නිරත වී සිටිති.,"'පාසල් අධ්‍යාපනය මුළු රටටම එක සමානයි. අපේ දරුවන්ට අවශ්‍ය ගුරුවරු නෑ. පන්ති කාමර නැහැ. ක්‍රීඩා පිටියක් නැහැ. ගුර��� නිවාස නැහැ.' කාලාන්තරයක් තිස්සේ පවතින ගුරු පුරප්පාඩු සහ භෞතික අඩුපාඩු සපුරා දෙන ලෙසට මහවැලි ගම මහ විදුහලේ සහ දෙහිවත්ත විදුහලේ ඉගනුම ලබන සිසු සිසුවියන්ගේ දෙමව්පියෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. උපවාසයට එක්ව සිටින මහවැලි ගම මහ විදුහලේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම් නලින්ද සම්පත් පවසන්නේ ළමුන් 443 දෙනකු ඉගනුම ලබන එම පාසලේ ගුරුවරු එකොළොස් දෙනකුගේ පුරප්පාඩුවක් පවතින බවයි. 'පාසල් අධ්‍යාපනය මුළු රටටම එක සමානයි. අපේ දරුවන්ට අවශ්‍ය ගුරුවරු නෑ. පන්ති කාමර නැහැ. ක්‍රීඩා පිටියක් නැහැ. ගුරු නිවාස නැහැ. වසර තුනකට කලින් වැඩ අවසන් කරපු මහින්දෝදය විද්‍යාගාරය තවම විවෘත කරලා නැහැ. ඉතින් කිසිම පහසුකමක් නැතිව අපේ දරුවන් ජාතික මට්ටමේ විභාගවලින්, තරග වලින් ජය ගන්නේ කොහොමද?' ඔහු ප්‍රශ්න කරයි. විශේෂයෙන්ම ඉංග්‍රීසි, ගණිතය, සෞන්දර්යය වැනි විෂයයන් සඳහා ගුරුවරුන් නොමැති වීම බරපතළ ගැටළුවක් වී ඇති බවත් ඔහු සඳහන් කළේය. ගුරු හිඟය 'කිසිම පහසුකමක් නැතිව අපේ දරුවන් ජාතික මට්ටමේ විභාගවලින්, තරග වලින් ජය ගන්නේ කොහොමද?' අධ්‍යාපන බලධාරීන්ට ඇතුළු වගකිවයුත්තන්ට කන්නළව් කොට පළක් නැති තැන උපවාසයට අවතීර්ණ වූ බවයි නලින්ද සම්පත් පවසන්නේ. දෙහිවත්ත විදුහලේ ඉගනුම ලබන දරුවන්ගේ මව් පියවරු විසි දෙදෙනක් උපවාසයට එක් වී සිටිති. ළමුන් 158 දෙනකු අකුරු කරන දෙහිවත්ත පාසලට සිටින්නේ ගුරුවරු දස දෙනෙකු පමණක් බව පවසා සිටි උපවාසයට එක් වී සිටි එක් මවක් වන ප්‍රියංකා රංජනී අවුරුදු තුනක සිට තවත් ගුරුවරු පස් දෙනකුගේ අඩුවක් පවතින බවයි කියා සිටියේ. සිය ගැටළුවලට විසඳුම් ලැබෙන තුරු උපවාසය අත් නොහරින බව ඔවුහු අවධාරණය කරති. ඉහත කී චෝදනා සම්බන්ධයෙන් කන්තලේ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් විමසූ අවස්ථාවේ සිය නම් සහ තනතුරු හෙළි කිරීමට අකමැති වූ එහි නිලධාරීන් කියා සිටියේ කලාපය තුල තුන්සියයකගේ පමණ ගුරු හිඟයක් පවතින බවයි. එසේම විශාල වශයෙන් භෞතික සම්පත් හිඟයක්ද පවතින බව පෙන්වා දෙන ඉහත කී නිලධාරීන් එම ගැටළු විසඳීමට දේශපාලන බලාධිකාරිය මැදිහත් විය යුතු බවයි අවධාරණය කළේ." +"පානදුර නගරයේ පිහිටි ‘නෝලිමිට්’(Nolimit) වෙළෙඳ සැල අද,සෙනසුරාදා උදෑසන ගිනිබත් වූ බවක් වාර්තා වෙයි.","මුස්ලිම් ව්‍යාපාරිකයන් සතු ‘නෝලිමිට්’(Nolimit) වෙළෙඳ ව්‍යාපාරයේ විශාලතම වෙළෙඳ සැල වූයේ ගිනිබත් පානදුර ශාඛාවයි. ගින්නට නියත හේතුවක් තවමත් නිග���නය කොට නැති අතර ඇතැම් වාර්තාවන්ට අනුව එය පෙට්රල් බෝම්බ ප්‍රහාරයක් වන අතර තවත් වාර්තාවකින් පැවසෙන්නේ ගින්නට හේතුව විදුලිය කාන්දු වීමක් වන බවයි. අධිකරණ ඇමති රවුෆ් හකීම් එම ස්ථානයේ සංචාරයක නිරත වූ බවත් වාර්තා වෙයි. නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නායකත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවයි,පොලිස් මූලස්ථානය පවසන්නේ. ඉහත කී අනතුර මගින් කිසිවකු තුවාල ලැබ නැති බවත් ප්‍රකාශයට පත් කොට ඇත. ‘නෝලිමිට්’ වෙළෙඳ ව්‍යාපාරය පසුගිය කාලයෙහි බොදු බල සේනා සංවිධානය සහ වෙනත් දැඩි මතධාරී සංවිධානවල දෝෂ දර්ශනයට ලක් විය." +නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ දී සිය සුවිශේෂ අනන්‍යතාවයත් එමගින් තහවුරු කළ යුතු බව නැගෙනහිර පළාතේ බර්ගර් (ලංසි) ජනතාව කියා සිටිති.,එම යෝජනාව ඉදිරිපත් වුනේ නව ව්‍යවස්ථාව පිළිබඳව මහජන මත විමසන කමිටුව මඩකලපුවේ රැස් වූ අවස්ථාවේ. සිංහල දමිළ සහ මුස්ලිම් වශයෙන් ශ්‍රී ලංකාවේ සෙසු ජන කොටස් සඳහා පවතින සුවිශේෂී අනන්‍යතාවය තමන් සඳහාත් සහතික විය යුතු බවයි කමිටුව ඉදිරියේ සාක්ෂි දෙමින් ලංසි ජාතිකයන්ගේ සංස්කෘතික සංගමයේ සභාපති රෙමිනිසියන් ටෙරී ස්ටොක්වුස් (Remencian Terry Stockvus) කමිටුවට දැනුම් දුන්නේ. නායකයන් රටවැසියන් අමතා කතා කරන විට සිංහල දමිළ සහ මුස්ලිම් වශයෙන් රටේ ජනතාව ගැන සඳහන් කලත් බර්ගර් ජනතාව ගැන සඳහන් නොකරන බවත් සභාපතිවරයා පවසයි. ‘අපිත් මේ ලංකාවේ ඉපදිච්ච මිනිස්සු. ඒ නිසා අපේ ජාතිය ගැනත් සඳහන් කරන මෙන් අපි ඉල්ලා සිටියා’ ව්‍යවස්ථා කමිටුව ඉදිරියේ අදහස් දැක්වීමෙන් අනතුරුව රෙමිනිසියන් ටෙරී ස්ටොක්වුස් (Remencian Terry Stockvus) බීබීසියට ප්‍රකාශ කළේය. ගවුම තහනම් එපමනක් නොව තම ජාතියේ ජනයාට බලපාන විශේෂ ගැටළු පවතින බවත් ඔහු පවසයි. ‘ගවුම ඇඳල රැකියාවට යන්න දෙන්නේ නැහැ. ඉස්කෝලෙට සාරිය ඇඳීම අනිවාර්යයි කියල කියනවා. අපේ කාන්තාවන්ට සාරිය අඳින්න පුරුදු නැහැ. ඒ නිසා අපේ භාෂාව සංස්කෘතිය අනුව කටයුතු කරන්න අපට ඉඩ දෙන්න ඕන’ රෙමිනිසියන් ටෙරී ස්ටොක්වුස් (Remencian Terry Stockvus) කියා සිටියි. ‘අපි අපේ ගෙවල්වල කතා කරන්නේ අපේ ක්‍රියෝල් පෘතුගීසි(Creole Portuguese) පෘතුගීසි භාෂාව. අපේ පොඩි ළමයි ඉස්කෝලේ ගිහින් අපේ භාෂාවෙන් කතා කරන විට ගුරුවරු ඒ භාෂාවෙන් කතා කරන්න එපා කියනවා. මොකද? ගුරුවරුන්ට අපේ භාෂාව තේරෙන්නේ නැති නිසා. ඒ නිසා අපේ භාෂාව එන්න එන්නම මැකිලා යන තත්වයක් පවතිනවා. අපේ භාෂාවත් පාසල් වල උගන්වන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ’ උප්පැන්න සහතික තම උප්පැන්න ආදියේ නම් ඉංග්‍රීසි භාෂාවෙන් නොවීම ගැටළු ඇති කරන බවත් ඔහු පෙන්වා දෙයි. රජයේ කාර්යාල බැංකු වැනි ආයතන කරා ගිය විට උප්පැන්නය ඉංග්‍රීසි භාෂාවෙන් නොවීම නිසා සිය අනන්‍යතාව සහතික කිරීමට වෙනත් සහතික කිරීම් අවශ්‍ය වෙන බවයි රෙමිනිසියන් ටෙරී ස්ටොක්වුස් පවසන්නේ. ඒ නිසා සිය ජාතියේ සාමාජිකයන්ගේ උප්පැන්න ඉංග්‍රීසි භාෂාවෙන් ලියා තැබීම පහසුවක් වෙන බවත් ඔහු කියා සිටියි. නැගෙනහිර පළාතේ හයදහසක් පමණ ලංසි ජනතාව ජීවත් වෙති. +"මහජන සෞඛ්‍යයට හානි කර විෂ වායු මුදා හැරීම වහාම නතර නොකරන්නේ නම් ඉමදුව, දොරපේ සහ වැලිකොන්දේ පිහිටි ඩීඑස්අයි සමාගම් සමූහයට අනුබද්ධ රබර් කම්හල් වසා දැමීමට සිදු වන බව ශ්‍රී ලංකා බලධාරීහු අනතුරු අඟවති.","වසර දෙකක් ඇතුලත ප්‍රදේශවාසීන් විසි හය දෙනකු පිළිකාවලට ගොදුරු වී තිබේ නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි ඒ බව කියා සිටියේ, කම්හල්වලින් පිට වන විෂ වායු පාලනය කිරීම සඳහා පියවර ගන්නා බවට කම්හල් බලධාරීන් ප්‍රතිඥා දුන් නමුත්, කම්හල් යලි විවෘත කිරීමෙන් අනතුරුවත් විෂ වායුව මුදා හැරෙන බවට ප්‍රදේශවාසීන් කරන චෝදනාව පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේදී. එස්ආර්ආර්අයි සමාගමේ කම්හල් දෙකෙන් පිට වන විෂ වායුව පාලනය කිරීම පිණිස සති තුනක් ඇතුලත දහන එන්ජින් සවි කරන බවට කම්හල් පාලකයෝ පසුගිය අගෝස්තු මාසය මුල සතියේ පැවති රැස්වීමකදී ප්‍රතිඥා දුන්හ. කම්හල්වලින් පිටවන විෂ වායුව නිසා ප්‍රදේශයේ පාසල් දරුවන් ක්ලාන්තය, හිසරදය වැනි රෝගාබාධවලට ගොදුරු වෙමින් සිටින බවට දොරපේ සහ වැලිකොන්ද ප්‍රදේශවාසීන් එම රැස්වීමේදී පෙන්වා දුන්හ. 'පිළිකා බහුල පළාතක්' සති තුනක් ඇතුලත දහන එන්ජින් සවි කරන බවට කම්හල් පාලකයෝ ප්‍රතිඥා දුන්හ අදාළ පියවර ගැනීම පිණිස කම්හලට ලබා දුන් කාල නියමය අවසාන වී පසුගිය සතියේ කම්හල් යලි විවෘත කෙරුණු අතර, ඒ සමඟම යලිත් විෂ වායුව මුදා හැරුණු බව අසල පිහිටි දොරපේ මහා විද්‍යාලයේ දරුවන් ප්‍රකාශ කළ බව මාධ්‍යවේදී රත්නසිරි නල්ලපෙරුම බීබීසී සංදේශයට පැවසීය. එවැනි විෂ වායුවක් මුදා නොහැරුණු බවයි, කම්හලේ කළමනාකරු කේබීඅයිඑම් පීරිස් පවසන්නේ. එහෙත් ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යය සහ පරිසරය ආරක්ෂා කර ගනිමින් සිය ව්‍යාපාරය පවත්වා ගෙන යා නොහැකි නම්, අනිවාර්යයෙන්ම කම්හල වසා දැමීමට සිදුව��� බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි අවධාරණය කරයි. ගතව ගිය වසර දෙක ඇතුලත වැලිකොන්දවාසීන් විසි හය දෙනකු පිළිකාවලට ගොදුරු වී ඇති බව අතර, වැලිකොන්ද පිළිකා රෝග බහුල පලාතක් ලෙසින් සෞඛ්‍ය බලධාරීන් විසින් නම් කොට තිබෙන බව ප්‍රදේශයේ වෙසෙන මාධ්‍යවේදී රත්නසිරි නල්ලපෙරුම සංදේශයට කියා සිටියේය. ගිම්හාන නිවාඩුව හමාරයේ ලබන මාසයේ යළිත් වරක් පාසල් විවෘත වන විට කම්හල්වලින් පිටවන විශ් වායුව පාලනය කිරීමට විධිමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොවුවහොත් කම්හල් දෙක වසා දමන බව ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් කුමාර පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වුණු රැස්වීමේදී අවධාරණය කළේය." +ඌව පළාත් සභාව සිකුරාදා මධ්‍යම රාත්‍රියේ විසුරුවා හරින බව ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලය උපුටා දක්වමින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.,"උතුරු පළාත් සභාවේ හැර අනෙක් සියලු පළාත් සභාවල බලය පාලක සන්ධානයට හිමි විය ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ උපදෙස් පරිදි ආණ්ඩුකාර සී නන්ද මැතිව් විසින් ඌව පළාත් සභාව විසුරුවා හැරීමට තීරණය කරනු ලැබ ඇති බවයි, එම නිවේදනයේ සඳහන් වෙන්නේ. 2010 අප්‍රේල් මාසයේ පැවැත්වුණු මහ මැතිවරණයෙන් අනතුරුව වරින්වර පළාත් සභා මැතිවරණ පැවැත්වුණු අතර, උතුරු පළාත් සභාවේ හැර අන් සෑම පළාත් සභාවකම බලය පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවිය. තීරණාත්මක මැතිවරණයක් එහෙත් පසුගිය මාර්තු මාසයේ පැවැත්වුණු බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණවලදී පාලක සන්ධානයේ ඡන්ද ප්‍රතිශතය ඊට පෙර මැතිවරණවලට සාපේක්ෂව බරපතල ලෙසින් පහල වැටීම දේශපාලන නිරීක්ෂකයන්ගේ අවධානයට ලක් විය. එම මැතිවරණවලදී විශේෂයෙන්ම පාලක සන්ධානයට ලැබුණු සුළු ජාතික ඡන්ද පහල වැටී තිබුණු බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර පිළිගත්තේය. එහෙත් එය විපක්ෂ මන්තිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් බවයි, සංදේශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ. ලබන වසර මුලදී ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බැවින්, ඌව පළාත් සභාව විසුරුවා හැරීමෙන් අනතුරුව පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය ආණ්ඩුවේ සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු විරුද්ධ පක්ෂවල ජනප්‍රියත්වය උරගා බැලෙන තීරණාත්මක මැතිවරණයක් සේ සැලකේ." +බහුතරය අනාථයන් වූ සංක්‍රමණිකයන් දහස් ගණනක් හංගේරියානු දේශ සීමාව ඔස්සේ ඔස්ත���‍රියාවට ඇතුල් වූහ.,හංගේරියානු ආණ්ඩුව විසින් සංක්‍රමණිකයන්ට පනවා තිබුණ තහංචි ලිහිල් කරනු ලැබීමෙන් අනතුරුව බස් රථ මගින් ඔවුන් ඔස්ත්‍රියානු දේශ සීමාව කරා ගෙන ගිය බවයි වාර්තා වන්නේ. සිය දේශ සීමාව ඔස්සේ පැමිණි සංක්‍රමණිකයන් ඔස්ත්‍රියානු සහන සේවකයන් විසින් පිළිගනු ලැබුණේ ආහාර සහ උණුසුම් තේ කෝපි ආදිය පිළිගන්වමිනි. ‘වියානා’ බලධාරීන් පවසන්නේ එක්කෝ එම ජනතාවට සියරටේ දේශපාලන සරණා ගතභාවය ඉල්ලා සිටීමට හෝ එසේ නැත්නම් ඔවුන්ගේ මනාපය පරිදි ජර්මනියට ගමන් ගත හැකි බවයි. විදේශ ඇමති හමුවක් අනාථයන්ගේ තත්වය කියාපාන දර්ශනයක් මේ අතර ප්‍රකාශයක් කරන හංගේරියානු බලධාරීන් කියා සිටියේ තවත් බස් හෝ දුම්රිය පහසුකම් නොමැති බවයි. දේශ සීමාව දෙසට ගමන් ගනිමින් සිටි සංක්‍රමණිකයන්ගේ ආරක්ෂාව ගැන සිතා බස් රථ සැපයූ බව පවසන හංගේරියානු ආණ්ඩුව තමන් දැන් පවතින තත්වය අධීක්ෂණය කරමින් සිටින බවයි කියා සිටියේ. මේ අතර යුරෝපා හවුලේ විදේශ ඇමතිවරුන් ලක්ෂම්බර්ග්හි අද ආරම්භ කෙරෙන දින දෙකක සාකච්ඡාවක් සඳහා සූදානම් වෙමින් සිටින බවත් වාර්තා වෙයි. නැගෙනහිර ප්‍රතිචාරය අනාථයන්ට සහ සංක්‍රමණිකයන්ට සලකන ආකාරය මුල් කර ගත් මතභේද එම සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාව වී ඇත. යුරෝපා කොමිසමේ ද සහයෝගය ලබන ජර්මනිය කියා සිටින්නේ යුරෝපා හවුලේ සාමාජික රටවල් සංක්‍රමණික ප්‍රජාව ‘කෝටා’ ක්‍රමයක් අනුව බෙදා ගත යුතු බවයි. එහෙත් යුරෝපා හවුලේ නැගෙනහිර සාමාජික රටවල් එම යෝජනාවට විරෝධය පළ කරති. හංගේරියාව අනුගමනය කරන දැඩි පිළිවෙතට සහයෝගය පළ කරමින් ඊයේ සිකුරාදා පෝලන්තය චෙක් ජනරජය සහ ස්ලොවේකියාව කියා සිටියේ දේශ සීමා පාලනයට දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවයි +මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස්වරිය හමුවීමට අවස්ථාව ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් තමන් ඉල්ලීමක් කරන බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රකාශ කරයි.,"මේ මස අගදී ශ්‍රී ලංකාවේ තත්වය සොයා බැලීම සඳහා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවනීදන් පිල්ලෙයි ශ්‍රි ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි. උතුරු,වයඹ හා මධ්‍යම පළාත් සඳහා තම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සුදානම පිලිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වූ අවස්ථාවේ සංදේශය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි හිටපු හමුදාපතිවරයා එසේ පැවසුවේ. ආරාධනාවක් ලැබුනොත් අනිවාර්යෙන්ම එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස්වරිය මුණ ගැසෙන බව පැවසූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මෙරට සදාචාර විරෝධී ක්‍රියා ගැන, දුෂිත දේශපාලනය ගැන, මානුෂීය අයිතිවාසිකම් නැති බව, ප්‍රජාතන්ත්‍රවාදයට ගහන පහරවල් ගැන ලෝක ප්‍රජාව දැනුවත් කල යුතු යැයි පැවසුවේය. පළාත් සභා මැතිවරණය පවත්වන පළාත් සභා තුනටම තම පක්ෂය ශක්තිමත් කණඩායමක් ඉදිරි පත් කර ඇති බව පවසන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා දකුණේ ජනතාවට ඇති ප්‍රශ්න උතුරටද ඒ හා සමාන ලෙස බලපාන නිසා උතුරු පළාත් සභාවට ද තම පක්ෂය තනිවම තරග කරන බව ද පැවසිය ""දේශපාලන වාසි ගන්න දකුණේ ජාතිවාදය අවුස්සලා දේශපාලනය කරන්න අපට අවශ්‍ය නැ. ජාතික සමගිය ඇති කිරීමට අවශ්‍ය නිසා අපි උතුරේ දේශපාලනයට අවතීර්ණ වනවා,"" හිටපු හමුදාපතිවරයා පැවසුවේය." +1983 සැප්තැම්බර් 26 වෙනි දා න්‍යෂ්ඨික ප්‍රහාර සම්බන්ධයෙන් අනතුරු අඟවන සෝවියට් මධ්‍යස්ථානයේ පරිගණක පද්ධතිය මත හදිසි අනතුරු ඇඟවීමක සංඥාවන් ප්‍රදර්ශනය වන්නට විය.,"සෝවියට් සංගමය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර න්‍යෂ්ටික අවි තරඟය අවධියේ රතු චතුරශ්‍රයේ දර්ශනයක් එදින එහි කාර්ය භාර නිලධාරියාව සිටි සෝවියට් රතු හමුදාවේ නිලධාරියෙකු වූ ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් (Stanislav Petrov) එම හදිසි අනතුරු ඇඟවීම් පිරික්සද්දී පරිගණක තිරය මත දුටුවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට රුසියාව කරා වේගයෙන් ඇදී එන මිසයිල පෙළකි. වහාම ක්‍රියාත්මක වූ ස්තනිස්ලාෆ් එය ව්‍යාජ අනතුරු ඇඟවීමක් බව තේරුම් ගත් අතර ඔහු එම සිද්ධිය ඉහළ නිලධාරීන්ට වාර්තා නොකිරීමට ප්‍රවේශම් විය. ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් ඉක්මන් තීන්දුවක් ගත්තේ නම් ලෝකය පළමු න්‍යෂ්ටික යුද්ධයට මුහුණ දෙන්නේ එදිනයි. සෝවියට් දේශයේ බල පැවැත්වුන දැඩි මාධ්‍ය වාරණය හමුවේ ඔහුගේ එම ක්‍රියාව එදා ලෝකයට අනාවරණය නොවුනත්, සෝවියට් පාලනය බිඳ වැටී සීතල යුද සමයේ පුවත් අනාවරණය වීමත් සමග ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් එදා ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් ඔහු න්‍යෂ්ඨික යුද්ධයක් වලක්වන ලද බව ලෝකයට හෙළිදරව් විය. ලොව පළමු න්‍යෂ්ඨික යුද්ධය වැළැක්වීමේ ගෞරවය හිමි එම සෝවියට් රතු සෙබළා පසුගිය මැයි මාසයේ දිවියෙන් සමුගෙන ඇතත් ඔහුගේ මරණය ද මාස කීපයක් ලොවට රහසක්ව තිබිණ. ""මම එදා වැරදි තීන්දුවක් ගත්තා නම් එය තුන්වෙනි ලෝක මහා යුද්ධයේ ආරම්භය වනු නිසැකයි"" ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් දිවියෙන් සමුගන්න�� විට 77 වෙනි වියේ පසුවිය. ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් (Stanislav Petrov) 2013 වසරේ බීබීසිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් 1983 සැප්තැම්බර් 26 වෙනි දා ඔහු ලද අත්දැකීම ලෝකයට විස්තර කළේය. ""එල්ල වෙමින් පවතින මිසයිල ප්‍රහාරයක් පිළිබඳව සියලු සංකේත පරිගණක තිරය මත ප්‍රදර්ශනය වුනා. මම ඒ මොහොතේ එල්ල වෙමින් තිබුණ අනතුර ගැන මට ඉහළ අණදෙන නිලධාරීන්ට වාර්තා කළා නම් කිසි කෙනෙක් ඊට විරුද්ධව වචනයක් වත් කතා කරන්නේ නැහැ"" ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් එම බීබීසී සාකච්ඡාවේ දී කියා සිටියේය. ""මට ඒ මොහොතේ කරන්න තිබුණේ එක දෙයයි.ඒ ටෙලිපෝනය අරගෙන මට ඉහළින් සිටි අණ දෙන්නන්ට කතා කිරීම. ඒත් මට පුටුවෙන් නැගිට ගන්න බැරි වුනා. ඒ වෙලාවේ මට දැනුනේ මම රත් වෙච්ච තාච්චියක් උඩ වාඩිවෙලා ඉන්නවා වගෙයි"" ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් 2013 වසරේ බීබීසී රුසියානු සේවයට අදහස් දක්වමින් ලබා තිබුණ පුහුණුව අනුව ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් ඒ මොහොතේ කළ යුතු වුණේ වහාම සෝවියට් යුද හමුදා ප්‍රධානීන් සම්බන්ධ කර ගැනීමයි. එහෙත් ඒ වෙනුවට ඔහු ගත් පියවර වුණේ යුද හමුදා මූලස්ථානයේ ඒ මොහොතේ නිල රාජකාරියේ නිරතව සිටි නිලධාරියා අමතමින් පරිගණක පද්ධතියේ අසාමාන්‍ය ක්‍රියාකාරිත්වයක් ප්‍රදර්ශනය වෙන බව එම නිලධාරියාට දැනුම් දීමයි. ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් ගත් තීන්දුව වැරදි එකක් වීනම් විනාඩි කීපයක් ඇතුළත සෝවියට් දේශය න්‍යෂ්ටික ප්‍රහාරයකට ගොදුරු වනු ඇත. අනිත් අතින් සෝවියට් සංගමය අනුමාන න්‍යෂ්ටික ප්‍රහාරයකට ප්‍රති ප්‍රහාරයක් එල්ල කරමින් සිය මිසයිල මුදා හැරියේ නම් 1983 සැප්තැම්බර් 26 වෙනිදා ලෝකය පළමු න්‍යෂ්ටික යුද්ධයෙන් විනාශ වනු නිසැකය. එපමණක් නොව එය තුන්වෙනි ලෝක මහා සංග්‍රාමයේ ආරම්භයත් සනිටුහන් කරනු ඇත. ""අර පරිගණක සංඥා ලැබී මිනිත්තු විසි තුනකට පස්සෙ මම තේරුම් ගත්තා කිසිම දෙයක් සිදුවෙලා නැති බව. මොකක් හරි ප්‍රහාරයක් එල්ල වුනානම් ඒ වෙනකොට මම ඒ බව දැන ගන්නවා. එහෙම එයක් නොවීම කොයි තරම් සැනසීමක්ද?"" ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් එසේ පවසමින් සැහැල්ලු සුසුමක් පිට කළේය. රුසියාවේ කෲස් මිසයිල් ප්‍රහාරයක් සිදුව ඇත්තේ කුමක්ද? වලාකුළු මත පතිත හිරු එලිය අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල් හැටියට සෝවියට් චන්ද්‍රිකා මගින් වැරදි ලෙස හඳුනා ගෙන ඇති බව එම සිද්ධිය සම්බන්ධයෙන් පසුව පැවැත්වුන පරීක්ෂණයක දී හෙළිදරව් විය. සිය රැකියාවෙන් සමු ගන්නා විට ලුතිනන් කර්නල් ශ්‍රේණ���යේ සිටි ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් පසුගිය මැයි මාසයේ 19 වෙනිදා දිවියෙන් ද සමුගෙන ඇත. එයින් මාස හතරකට පමණ පසුව ඔහුගේ මරණය ලෝකය දැන ගත්තේ එක්තරා දුරකථන පනිවුඩයකට පිං සිදු වන්නටය. එම දුරකථන පණිවුඩයේ සුලමුල කුමක්ද? ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් සම්බන්ධයෙන් වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කරමින් ඔහු පිළිබඳව අප මෙතෙක් කියැවූ කතාව පළමු වරට ලෝකයට හෙළි කරන අලද්දේ ජර්මන් ජාතික සිනමාවේදී කාල් ෂුමාර්කර් Karl Schumacher) විසිනි. පසුගිය සැප්තැම්බර් හත් වෙනිදා 'කාල්' සිය මිතුරා වූ 'ස්තනිස්ලාෆ්'ට දුරකථන ඇමතුමක් ගත්තේ ඔහුට උපන් දින ශුභ පැතුම් පිරිනැමීමටයි. එහත් දුරකතනයට පිළිතුරු සපයන ලද්දේ ස්තනිස්ලාෆ් නොව ඔහුගේ පුත් දිමිත්‍රි පෙත්රෝෆ් විසිනි. ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් දිවියෙන් සමුගත් පුවත ලෝකය දැන ගත්තේ එම දුරකථන පණිවුඩයෙනි . සබැඳි පුවත්;" +පාසල්වලට ඇතුළුවන කාන්තාවන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් පනවා තිබෙන සියලුම නීති ඉවත් කරන මෙන් සියලුම පාසල්වලට නියෝග කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.,"සිරුරේ උඩ කොටසේ වැඩි ප්‍රමාණයක් අනාවරණය වන අයුරින් සාරිය ඇඳීය යුතු බවට පැනවුණු නියෝගයයි මතභේදයට ලක් වී තිබෙන්නේ පාසල් තුලට යන කාන්තාවන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් ඇතැම් පාසල් විශේෂ නීති පනවා ඇති බව අනාවරණය වීමෙන් අනතුරුව නව නියෝගය ඇතුලත් චක්‍රලේඛයක් නිකුත් කළ බවයි, අමාත්‍යවරයා බීබීසී සංදේශයට කියා සිටියේ. අදාළ නීතිය පිළිබඳව මුලින්ම බීබීසීයේ අයේෂා පෙරේරා අනාවරණය කිරීමෙන් අනතුරුව දෙමාපියන්ගෙන් පැමිණිලි ගණනාවක් ලැබුණු බවත් ඇමතිවරයා සඳහන් කළේය. ""පාසල් තුලට යන දෙමාපියන්ට විශේෂයෙන්ම කාන්තාවන්ට විධිමත් ඇඳුමකින් සැරසී පැමිණීම පමණයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව කාන්තාවන්ට ඇඳුම් ඇඳීම පිළිබඳව නිර්ණායක අවශ්‍ය නෑ,"" ඇමතිවරයා පැවසීය. මෙම දැන්වීම සමාජ මාධ්‍ය ජාල වල දැඩි සංවාදයකට බඳුන් විය කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය ඉදිරිපස අලවා තිබුණු පෝස්ටරයක දැක්වෙන පරිදි සාම්ප්‍රදායික සාරියෙන් හෝ එතරම් නවීන නොවන ඇඳුම්වලින් සැරසීම යෝග්‍ය වුවත්, කොට සාය සහ අත් නොවැසෙන ආකාරයේ ඕනෑම ඇඳුමක් පාසලය 'යෝග්‍ය නොවන' ඇඳුම් ආයිත්තම්. ""විශේෂයෙන්ම නගරබද ප්‍රදේශවල ඉන්න කාන්තාවන් රැකියාවට නිරන්තරයෙන් සාරිය අඳින්නේ නැහැ. සමහරුන්ට ඔවුන්ගේ නිල ඇඳුම් තියෙනව. ඒ අවස්ථාවේදී සමහර අවස්ථාවල පාසල්වල මුරකරුවන් ගේට්ටුවෙන් ඇතුලට යාන්න දෙන්නේ නැති බව අපිට දැනගන්න ලැබිල තියෙනව,"" අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසීය. ""සංස්කෘතියට ගැලපෙන්නේ නෑ වගේ බාධක දාල ප්‍රශ්නයක් ඇතිකරගත යුතු නෑ. ලෝකේ වෙනස් වෙනව."" බැලූ බැල්මට මෙම පෝස්ටරය මෝස්තර සඟරාවක පිටුවක් ලෙසයි පෙනෙන්නේ" +රෝහින්ග්‍යා ප්‍රජාවට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ ගවේෂණය කරමින් සිටි රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු රාජ්‍ය රහස් පිළිබඳ පනත උල්ලංඝනය කිරීමේ වරදට මියන්මාර අධිකරණයක් විසින් වසර හතකට සිරගත කරනු ලැබිණි.,"වා ලෝන් (Wa Lone) සහ ක්යව් සෝ ඌ (Kyaw Soe Oo) යන දෙදෙනා අත්අඩංගුවට පත්වූයේ පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ට සපයන ලද නිල ලේඛණ කිහිපයක් සමගිනි. තමන් නිර්දෝෂී බව දිගටම කියා සිටි ඔවුහු, මෙය පොලිසියේ සැලැස්මක් බව පවසති. තීන්දුවෙන් කම්පාවට පත් වූ, ක්යව් සෝ ඌ ගේ බිරිඳ චිට් සූ වින් මෙම සිදුවීම මමියන්මාරයේ මාධ්‍ය නිදහස පරීක්ෂාවට ලක්කළ අවස්ථාවක් බව පුළුල්ව සැලකිණි. ""මම බය නැහැ"" යැයි නඩු තීන්දුවෙන් පසු කී, වා ලෝන් ""මම වැරද්දක් කර නැහැ. නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ගැන මම විශ්වාස කරනවා"" යැයි ද සඳහන් කළේය. කුඩා දරුවන් ද සහිත පවුල් ඇති මේ මාධ්‍යවේදීන් දෙදෙනා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී අත්අඩංගුවට පත්වූ තැන සිට සිරගත කර සිටියහ. ""රොයිටර්ස් මාධ්‍යවේදීන් වන, වා ලෝන් සහ ක්යව් සෝ ඌ හට වගේම අද මියන්මාරයටත්, ඕනෑම තැනක මාධ්‍ය නිදහසටත් කනගාටුදායක දිනයක්,"" යැයි රොයිටර්ස් ප්‍රධාන සංස්කාරක ස්ටීවන් ඇඩ්ලර් (Stephen Adler) පැවසීය. අධිකරණයේදී විනිසුරුවරයා සියා සිටියේ ""රාජ්‍යයේ අභිමතාර්ථයන්ට හානි කිරීමේ අරමුණක්"" ඔවුන් දෙදෙනා සතු වූ බවකි. ""එබැවින්, රාජ්‍ය රහස් පිළිබඳ පනත යටතේ ඔවුන් වරදකරුවන් බවට පත්ව තිබෙනවා"" යැයි ද ඔහු කීය. තීන්දුවට පෙර මාධ්‍යවේදීන් වෙනුවෙන් පැවති පාගමනක් 32 හැවිරිදි වා ලෝන් මෙන්ම 28 හැවිරිදි ක්යව් සෝ ඌ ද, උතුරු රඛයින් හි පිහිටි ඉන් ඩින් (Inn Din) ගම්මානයේ පුද්ගලයින් 10 දෙනෙකු හමුදාව විසින් මරාදමනු ලැබීම සම්බන්ධයෙන් සාක්ෂි රැස් කරමින් සිටියහ. එම ගවේෂණය අතරේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් ලේඛන කිහිපයක් ඔවුන්ට දෙනු ලැබුව ද පසුව ඒවා සමග ඔවුන්ව අත්අඩංගුවට ගැනිණි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පසුව තමන් විසින් ම විමර්ශනයක් කරන ලද බලධාරීහු, එවැනි ඝාතනයක් වී ඇති බව තහවුරු කළහ. ඊට සම්බන්ධවූවන්ට එරෙහි පියවර ගන්නා බවට ද ඔවුහු පොරොන්දු වූහ. මියන්මාරයේ සිටින බ්‍රිතාන්‍ය තානාපතිවරයා මේ පිළිබඳ ප්‍රකාශයක් කරමින්, ""මෙම තීන්දුව අතිශයින් ම කනස්සල්ලට පත්කරන්නක්,"" බව පැවසී යැයි රොයිටර් පුවත් සේවය සඳහන් කළේය. එසේම, ""අද අධිකරණ තීන්දුවෙන් අතිශයින්ම කනස්සල්ලට පත්වුණා,"" යැයි මියන්මාරයේ සිටින එක්සත් ජාතීන්ගේ සම්බන්ධීකාරකවරයා ද කියා සිටියේය. මේ තොරතුරු දැනගන්න:" +"කොළඹ නගරයෙන් ඉවත් කරන යාචකයන්ට දිනකට රුපියල් 1,500ක් උපයාගත හැකි පරිදි පහත්බිම් සංවර්ධන මණ්ඩලය මගින් රැකියා අවස්ථා ලබා දෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.","ජනවාරි පළවෙනි දින සිට කොළඹ නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල මහා මාර්ග හා පොදු ස්ථානවල සිඟමන් යැදීම තහනම් කිරීමට තීරණය කළ රජය, කිසිදු පිළිසරණක් නොමැතිව හිඟමනට වැටී සිටින යාචකයින් රැකබලාගැනීමේ වැඩපිළිවෙළක් සකස්කර ඇති බව ද ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව කොළඹ නගරයේ මංමාවත් වල වාහන වලින් සිඟමන් යදින පිරිස් පොලීසිය විසින් මුලින්ම ඉවත්කිරීම ආරම්භකරනු ඇති බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යපෘති අධ්‍යක්ෂක රන්ජිත් මීගස්වත්ත බීබීසි සිංහල සේවයට පැවසීය. ""600කට ආසන්න යාචකයන් පිරිසක් කොළඹ නගරයේ දැන් සිටින බවටයි පර්යේෂණ දත්ත පෙන්නුම් කරන්නේ. ඔවුන් ක්‍රමානුකුලව පුනරුත්ථාපනය සඳහා ගෙනියනවා. මුලින්ම වාහන වලින් සිඟමන් යදින අය ඉවත් කරාවි පොලිසිය,"" යනුවෙන් යාචක තහනම ක්‍රියාත්මක වන ආකාරය ඔහු විස්තර කළේය. යාචකයන්ට කොළඹ තහනම් ""වාහන හිමියන්ගෙන් පැමිණිලි රැසක් තියෙනවා. ඇතැම් අවස්ථාවල සල්ලි දුන්නේ නැතිවුනාම වාහන හූරගෙන යනවා. රිය අනතුරු පවා මේ නිසා වෙලා තියෙනවා."" එබැවින් වාහනවලින් සිඟමන් යැදීම නැවැත්වීම කෙරෙහි ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බව ද රන්ජිත් මීගස්වත්ත සඳහන් කළේය. පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලබන යාචකයන් අධිකරණය මාර්ගයෙන් රිදීගම පුනුරුත්තාපන මධ්‍යස්ථානයට බාරදීමට නියමිතය. ""රිදීගම දැනට 480ක් ඉන්නවා. අළුත් අය ගෙනියන්න අපි රුපියල් කෝටි 8ක් වැය කරලා නව ගොඩනැගිලි හදලා තියෙනවා. සියළු පහසුකම් තියෙන තැනක් ඒක,"" ව්‍යපෘති අධ්‍යක්ෂක රන්ජිත් මීගස්වත්ත පැවසීය. යාචක තහනම ගැන බීබීසියට අදහස් දැක්වූ යාචකයන් බහුතරයක් පැවසුවේ ආණ්ඩුව ලබාදෙන දීමනා තමන්ට ප්‍රමාණවත් නොවන බවය. විශේෂයෙන්ම රුපියල් 1,000ත් - 2,000ත් අතර ආදායමක් තමන් දිනකට ලබන බව ඔවුහු පැවසූහ. ""මහත්තයෝ බොරු කියන්න බැහැ. මට රුපියල් 2,000ක් විතර දවසකට මෙතන වාහනවලින් ලැබෙනවා. දැන් ඒ ආදායම කවුද දෙන්නේ? වැඩිම වුනොත් ආණ්ඩුවෙන් රුපියල් 3,000 ක් හරි 4,000ක් මාසෙකට දේවි,"" කොළඹ නගරයේ මහා මාර්ගයක සිඟමනේ යෙදෙන සරත්, යාචක තහනම ගැන දරන්නේ එවැනි අදහසකි. කෙසේ වෙතත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ යාචකයන්ට රැකියාවක් කළ හැකි නම් දිනකට රුපියල් 1,500ක ආදායමක් ලබාගත හැකි පරිදි තම අමාත්‍යංශය යටතේ ඇති පහත්බිම් සංවර්ධන මණ්ඩලය මගින් රැකියා ලබාදෙන බවය. ඔවුන් සඳහා දැනටමත් රැකියා අවස්ථා වෙන්කර ඇති බව ද රන්ජිත් මීගස්වත්ත පැවසීය. විවිධ ආබාධ හේතුවෙන් රැකියාවක් කර ගත නොහැකි අය සඳහා ද විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. තවත් කියවන්න:" +නාසා ආයතනය විසින් අභ්‍යවකාශ ගත කෙරුණු ‘මාවෙන්’ චන්ද්‍රිකාව අඟහරු ග්‍රහයා වටා කක්‍ෂගත වී තිබේ.,පෘථිවියේ සිට කිලෝ මීටර මිලියන හත්සියයකට අධික දුර ගෙවා අඟහරුගේ කක්‍ෂය වෙත පිවිසීමට මෙම යානයට මාස දහයක් ගත විය. අඟහරු වටා ගමනේ යෙදෙන අතරතුර එහි වායුගෝලය පිළිබඳ අධ්‍යයනයක යෙදෙනු ඇත. ‘මාවෙන්’ චන්ද්‍රිකාවේ ප්‍රධාන කාර්යය වන්නේ උණුසුම් සහ තෙත ග්‍රහලෝකයක් වශයෙන් පැවතුණු අඟහරු ග්‍රහයා මීට වසර බිලියන ගණනකට පෙර වියළි සහ ශීතල ග්‍රහයකු බවට පත් වූයේ කෙසේද යන්න සොයා බැලීමයි. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ කලින් ඉතා ඝනව පැවතුණු වායුගෝලය පසුව තුනී වෙන්නට ඇති බවයි. කෙසේ වෙතත් ‘මාවෙන්’ යානය අඟහරු මතුපිටට ගොඩ බැස්සවීම සඳහා විද්‍යාඥයන් සැලසුම් කර නොමැත. තව සති හතරකින් අඟහරු අසලින් ගමන් කිරීමට නියමිත ධූමකේතුව පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහාද මෙම චන්ද්‍රිකාවේ සහාය ලබා ගැනීමට කටයුතු යොදා තිබේ. +නව පාර්ලිමේන්තුවක් තෝරා පත් කර ගැනීමේ ඉන්දියානු මහ මැතිවරණයේ ඡන්දය විමසීම අද සඳුදා ආරම්භ විය.,"ලෝකයේ දීර්ඝතම ඡන්ද විමසීම හැටියට සැලකෙන මෙම මැතිවරණය සඳහා මාසයකට අධික කාලයක් ගත වනු ඇත. මෙවර මහ මැතිවරණයේදී ඡන්දය දීමට කෝටි අසූවකට අධික ඉන්දියානු පුරවැසියෝ සුදුසුකම් ලැබ සිටිති. අද සඳුදා මැතිවරණය ආරම්භ වීමත් සමඟ පළමුවෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීමේ වරම ලද්දේ ඊශාන දිග ඉන්දියාවේ ඇසෑමයේ ඡන්දදායකයන් බවයි, ඉන්දියානු මැතිවරණ තොරතුරු මගින් පැවසෙන්නේ. මෙවර මහ මැතිවරණයේ දී ප���ලක ඉන්දීය කොංග්‍රස් පක්‍ෂය හින්දු ජාතිකවාදී දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂයෙන්(BJP) එල්ල වෙන දැඩි දේශපාලන අභියෝගයකට මුහුණ දී සිටින බවත් ඉන්දීය මැතිවරණ වාර්තා වල දැක්වෙයි. බීජේපී අභියෝගය භාරතීය ජනතා පක්‍ෂයට නායකත්වය දෙන බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ හිටපු මහ ඇමති නරේන්ද්‍ර මෝඩි ජනතා ආකර්ෂණය මෙන් ම මතභේදයට ලක්ව සිටින නායකයෙකි. මෙවර කොංග්‍රස් පක්‍ෂ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙයවනු ලබන්නේ රාහුල් ගාන්ධි විසිනි. 2014 වසරේ ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රධාන මාතෘකා බවට පත්ව තිබෙන්නේ දූෂණ අපචාර සහ රටේ ආර්ථික උද්ධමනයයි. මැතිවරණ පහසුකම් සහ ආරක්ෂක හේතූන් අනුවයි මෙම මැතිවරණයට සති පහක පමණ කාලයක් ගත වන්නේ. ඡන්ද ගණන් කරනු ලැබීම ආරම්භ කෙරෙන්නේ ලබන මැයි මාසයේ දහසය වෙනිදායි." +රාජාලියන් සමඟ සටන් කර තමා හදා වඩාගත් කැන්ගරු පැටවකුගේ ජීවිතය බේරා ගැනීමට ඕස්ට්‍රේලියාවේ පොලිස් නිලධාරියෙක් සමත් වී තිබේ.,"මව මියයාමෙන් අනාථ වූ කුවෙජෝ කැන්ගරු පැටවාට ස්කොට් මේසන් පොලිස් නිලධාරියා 'පියා' බවට පත්විය පසුගිය මාර්තු මාසයේ ට්‍රක් රථයකට හසු වී මව මියගොස් සිටි කැන්ගරු පැටවා දුටු ස්කොට් මේසන් නම් එම නිලධාරියා පැටවා නිවසට රැගෙන ගොස් හදා වඩා ගත්තේ පැටවාට 'කුවෙජෝ' නමින් නම් තබමින්. ඉන් අනතුරුව එම පැටවා යළිත් වරක් අප්‍රේල් 27 වැනි දින යාන්තමින් මරණයෙන් බේරුණි. ඒ සිය ස්වාමියා සේවය කරන පොලිස් ස්ථානයේදී රාජාලියකු විසින් ඩැහැගැනීම හේතුවෙන්. මීටර දෙකක් උසැති වැටකින් සිය කැන්ගරු පැටවා උස්සාගෙන රාජාලියා පියඹා ගිය බවයි පැටවාගේ හදාගත් 'පියා' ස්කොට් මේසන් පවසන්නේ. කැන්ගරු පැටවා රැගෙන පියඹා ගිය රාජාලියා, ටික දුරක් පියඹා ඇද වැටුණු බවත්, තමන් රාජාලියා පසුපස ලුහුබැඳ ගිය බවත් ඔහු ඕස්ට්‍රේලියානු ගුවන් විදුලි සේවයට පැවසීය. කැන්ගරු පැටවාට 'කුවෙජෝ' යන නම තැබුණේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කෙරුණු මත විමසුමකින් අනතුරුවයි ඒ අතරවාරයේ එය දුටු දෙවැනි රාජාලියකුද පැටවා පැහැර ගැනීමට පියඹා ආ නමුත් ස්කොට් මේසන් ඔවුන් බියපත් කර පලවා හරින අතරවාරයේ එතනින් පලායාමට කුවෙජෝ සමත්විය. ""මීටර සිය ගාණක් එහාට දුවල ගිහින් හිටපු කුවෙජෝ ටික වෙලාවකින් මම හොයාගත්ත. එයා හොඳටම ලේ ගලමින් හිටියේ,"" ඔහු පැවසීය. රාජාලියන්ගේ ප්‍රහාරයේ ප්‍රතිඵලයක් වශයෙන් කුවෙජෝගේ පපුවට සහ මුහුණට තුවාල සිදු වූ අතර, ඔහුගේ ල��ම්ද හැලී තිබුණි. කියු පොලිස් ඒකකයේ ට්විටර් ගිණුමේ 'ජනප්‍රියම තරුව' බවට පත්ව සිටින කුවෙජෝ ඇතැම් අවස්ථාවල සිය 'පියා' ස්කොට් මේසන් සමඟ පොලිස් ස්ථානයේද සැරිසරයි." +මැතිවරණයක් පැවැත්වෙන සමයක ජනාධිපතිවරයා ජනමාධ්‍ය ඔස්සේ මැතිවරණ ප්‍රදේශවල ජනතා ගැටළු විසඳීමට මැදිහත්වීම පිළිබඳව තමන් එකඟ නොවන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කියා සිටී.,"මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්ද සූදානම පිළිබඳව අද (බ්‍රහස්පතින්දා) පෙරවරුවේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මැතිවරණ කොමසාරිස්වරයා එසේ කියා සිටියේය. ‘ජනපති ජන හමුව’ නමින් පසුගිය හත්වනදා ජනාධිපතිවරයා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජනතා ගැටළු විසඳීමේ වැඩසටහනක් පැවැත්වීම ගැන තමන් එකග නොවන අතර ඒ පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කළ බවයි මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ. "" මම ඒක බැලුවේ නැති නිසා මට සෘජුවම කියන්න බැහැ, යම් පාර්ශවයකට අගතියක් වුනාද, ප්‍රවර්ධනයක් වුනාද කියලා. නමුත් මම දන්නල තියෙනවා; අදාළ බලධාරීන්ට එවැනි දේවල් ඡන්ද විමසන දිස්ත්‍රික්කවල පැවැත්වීමට අපේ එකඟ තාවයක් නැහැ කියලා, ඒක ඔවුන් පිළි අරගෙන තිබෙනවා"" යැයි බීබීසී සංදේශයේ අසාම් අමීන් ඇසූ ප්‍රශ්නයකට ප්‍රතිචාර පළ කළ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කියා සිටියේය. මාධ්‍ය පක්‍ෂග්‍රාහිත්වය වර්තමානයේ ජන මාධ්‍ය දේශපාලන පක්ෂපාතීත්වය අනුව බෙදී ඇති හෙයින් ඒවා රජයේ හෝ පෞද්ගලික යැයි වෙන් කොට හඳුනා ගැනීම දුෂ්කර වී ඇති බවයි ඔහු කියා සිටියේ. රාජ්‍ය මාධ්‍ය පමණක් අනිවාර්යයෙන් පාලනය කළ යුතුය යන මතයෙන් බැහැර වී සියළු දේශපාලන පක්ෂවලට සම අවස්ථා ලබා දීමට කටයතු කරන මෙන් මැතිවරණ කොමසාරිස්වරයා මාධ්‍ය නාලිකා වලින් ඉල්ලීමක් ද කළේය." +ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකාවේ විධායකය විසින් අධිකරණයේ ස්වාධීනත්වයට බාධා කරන බව පවසමින් නීතිවේදීන් සිය ගණනක් ඇතුළු දහසකට අධික පිරිසක් කොළඹ අගනුවර උද්ඝෝෂණයේ යෙදී සිටියහ.,"රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව තීන්දු දීම නිසා අගවිනිසුරුවරියට දෝෂාභියෝගයකට මුහුණදීමට සිදු වූ බව උද්ඝෝෂකයෝ පවසති ආණ්ඩුවේ නියමය මත සියයකට අධික ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විසින් පසුගිය බ්‍රහස්පතින්දා අග්‍ර විනිශ්චයකාර ශිරානි බණ්ඩාරනායකට එරෙහිව කතානායකවරයාට ඉදිරිපත් කරන ��ද දොශාභියෝගයයට එරෙහිවයි ඔවුන් වීථි බැස සිටියේ. කොළඹ ශ්‍රේෂ්ටාධිකරණ පරිශ්‍රය ඉදිරියෙන් ගමන් ආරම්භ කළ උද්ඝෝෂකයෝ ආණ්ඩුවේ පියවර දෝෂදර්ශනයට ලක් කරමින් නගර මධ්‍යය කරා ගමන් ගත් බව කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් වාර්තා කරයි. විධායකය අධිකරණයට ඇඟිලි ගසන බවට ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් අනතුරුව, මීට මාසයකට ඉහතදී අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්නට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් ගල්කිස්සේදී ප්‍රහාරයක් එල්ල වූ අතර ප්‍රහාරකයන් වහාම අත් අඩංගුවට ගන්නා බවයි, ආණ්ඩුව එවකට කියා සිටියේ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ පා ගමනට එක්වී සිටි උද්ඝෝෂකයෝ ප්‍රහාරකයන් ආරක්ෂා කරන බවට ආණ්ඩුවට චෝදනා කළහ. එහිදී ජනතාව ඇමතූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව තීන්දු දීම නිසා අගවිනිසුරුවරියට දෝෂාභියෝගයකට මුහුණදීමට සිදු වූ බව පැවසීය. ශ්‍රේෂ්ටාධිකරණයට එරෙහිව ඉදිරිපත් වී ඇති දෝෂාභියෝගය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම පිලිබඳ ප්‍රශ්නයක් බැවින් එය ""රාජපක්ෂ පවුලට එරෙහි දෝෂාභියෝගයක්"" බවට පත් කරන මෙන් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. සබැඳි තේමා" +ඉන්දියානු ආර්ථිකය සීඝ්‍ර වර්ධනයක් කරා ගෙන ඒමෙන් ලොව තුන්වන විශාලතම ආර්ථිකය බවට පත් කිරීමට ඉන්දියානු රජය පොරොන්දු වෙයි.,"වසර දෙකක කාලයක් පමණ පැවති මන්දගාමී ආර්ථික වර්ධනය හේතුවෙන් ඉන්දියානුවෝ කෝපයෙන් පසු වෙති. ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි මාස දෙකකට පෙර මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු ගෙන එන ප්‍රථම අය වැය මෙයයි. ඉන්දියානු මුදල් ඇමති අරුන් ජෙත්ලි පාර්ලිමේන්තුවට පැවසුවේ රජය බදු ප්‍රතිපත්තිය ප්‍රතිසම්පාදනය කරන බවයි. රක්ෂණය සහ ආරක්ෂක අංශ වැනි ප්‍රධාන අංශ වල විදෙස් ආයෝජන සඳහා ඉහල සීමාවන් පනවන බවත් ඔහු කියා සිටියේය. ඉන්ධන,ආහාර සහ පොහොර ආදියට ලබා දී ඇති සහන මිලෙහි වෙනසක් ඇති විය හැකි බවට මුදල් ඇමතිවරයා ඉඟියක් ද කළේය නමුත් ඔහු ඒ සම්බන්ධයෙන් වැඩි දුර කරුණු දක්වා නැත. ඩොලර් බිලියන පනහක් ඉන්දියානු ආරක්ෂක අංශය වෙනුවෙන් වෙන් කර ඇති නමුත් ආදායම් බදු වල කිසිදු වෙනසක් ඇති නොකරන බව ඉන්දියානු මුදල් ඇමතිවරයා ප්‍රකාශ කර ඇත." +"කොරියානු අර්ධද්වීපය බලා යාත්‍රා කරමින් තිබෙන ඇමරිකානු ප්‍රහාරක ගුවන් යාන��� ප්‍රවාහන නෞකාව ""මුහුදුබත් කිරීමට උතුරු කොරියාව සූදානම්"" බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.","ඇමරිකානු නාවික හමුදාවට අයත් USS කාල් වින්සන් ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව උතුරු කොරියාව 'නෝඩෝන්ග් ෂින්මුන්' පුවත්පත ඔස්සේ අනතුරු හඟවා තිබුණේ USS කාල් වින්සන් නෞකාව ""එක් ප්‍රහාරයකින්"" මුහුදුබත් කළ හැකි බවය. වින්සන් නෞකාව ප්‍රමුඛ ප්‍රහාරක කණ්ඩායමක් කොරියානු අර්ධද්වීපයට නුදුරු මුහුදු කලාපය වෙත මේ සතියේ ළඟා වනු ඇති බව අපේක්ෂා කෙරෙයි. ප්යොංයැං මිසයිල වැඩසටහන සම්බන්ධයෙන් ඇමරිකාව සතු ""මූලෝපායික ඉවසීම"" අවසානයක් කරා පැමිණ ඇති බවට සිදු කළ අනතුරු හැඟවීම් මධ්‍යයේ එම කලාපයට USS කාල් වින්සන් නෞකාව යෙදෙවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළේය. උතුරු කොරියාව විසින් මෑතක සිදු කළ අසාර්ථක මිසයිල අත්හදා බැලීම සහ නවතම ප්‍රහාරක අවි ප්‍රදර්ශනය කරමින් ප්යොංයැං නුවර පැවති හමුදා සංදර්ශනයත් සමග එම කලාපයේ දේශපාලන උණුසුම ඉහළ යමින් පවතී. යුද සරඹ වින්සන් නෞකාව ප්‍රමුඛ ප්‍රහාරක නෞකා කණ්ඩායම ජපාන නාවික හමුදාව සමග අද (අප්‍රේල් 23) පිලිපීන මුහුදේ දී ඒකාබද්ධ යුද සරඹයක නිරත විය. USS කාල් වින්සන් ඇතුළු පරිවාර යුද නෞකා සමූහය කොරියානු කලාපයේ ඉහළ යමින් පවතින දේශපාලන උණුසුම හා එහි ගමන් මග සබැඳි යොමු" +ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිළිබඳව පත්කරන ලද අණු කමිටු හතක වාර්තා ද ඇසුරු කරගනිමින් මෙහෙයුම් කමිටුව විසින් සම්පාදනය කරන ලද අතුරු වාර්තාව අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය සැප්තැම්බර් 21 වෙනි දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කළේය.,"එම අතුරු වාර්තාවේ දැක්වෙන පරිදි, අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ තවත් මැති, ඇමතිවරුන් 20 දෙනෙකුගේ සාමාජිකත්වයෙන් යුත් මෙහෙයුම් කමිටුව විසින් ශ්‍රී ලංකාවේ ඒකීය භාවය, පරමාධිපත්‍යය, බලය බෙදා හැරීම, බුදු දහමට හිමි ස්ථානය, මැතිවරණ ක්‍රමය, විධායකය සහ අධිකරණ ක්‍රමය පිළිබඳව දීර්ඝ වශයෙන් යෝජනා ඉදිරිපත් කර තිබේ. මෙහෙයුම් කමිටුවේ ඒකාබද්ධ යෝජනා මාලාව හැරුණුවිට එක් පක්ෂ විසින් වෙන වෙනම ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ ද එම යෝජනා මාලාවට ඇතුළත් වේ. බොහෝ කරුණු සම්බන්ධයෙන් මූලික එකඟතාවක් පවතින නමුත් විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව ප්‍රධාන පක්ෂ දෙක තවමත් අවසාන එකඟත්වයකට එළඹ නොමැති බව අතුරු වාර්���ාව සභාගත කරමින් අදහස් දැක්වූ අගමැතිවරයා පෙන්වා දුන්නේය. නව ව්‍යවස්ථාව, සමාජ ජාල සහ ව්‍යාජ පුවත් මේ අතර ලන්ඩන් නුවර සංචාරයක් අතරවාරයේ ෆේස්බුක් ඔස්සේ බීබීසී සිංහල සේවය සමග සජීව ලෙසින් අදහස් දැක්වූ මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙකු වන එක්සත් වාමාංශික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න අවධාරණය කළේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිණිස මේ අවස්ථාවේ පවතින ""දේශපාලන ග්‍රහචාරය යළිත් නොඑනු"" ඇති බවය. ෆේස්බුක් අඩවිය ඔස්සේ දිනේෂ් ද අල්විස් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න, නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වෙමින් පවතින බව පිළිගත්තේය. එබැවින් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම පිණිස චන්ද්‍රිකා බණ්ඩානායක කුමාරතුංග ජනාධිපතිනියගේ පාලනය සමයේ මංගල සමරවීර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් දියත් කෙරුණු ""සුදු නෙළුම"" සහ ""තවලම"" වැනි ප්‍රචාරක ව්‍යාපාරයක අවශ්‍යතාව පෙන්වාදෙන ඔහු, තරුණ පරපුරෙන් විශේෂ ඉල්ලීමක් ද කළේය. ""ෆේස්බුක් එකේ තියෙන කමෙන්ට්ස් වලින් විතරක් දැනුවත් වෙන්නේ නැතුව පුළුවන් නම් ටිකක් කාලය හොයාගෙන ඒ වාර්තාව කියවන්න. ඒක අපේ පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තියෙනවා."" ඇතැම් ""උගත් පුද්ගලයන් පවා"" ඇතැම්විට නොදනුවත්ව සහ ඇතැම්විට සිතා මතාම ව්‍යාජ අදහස් පතුරවමින් සිටින බව ද ඔහු සඳහන් කළේය. නව ව්‍යවස්ථා කෙටුම්පත වෙනුවෙන් ජනමත විචාරණයක් මාර්ගයෙන් ජනතාවගේ අනුමැතිය ලබාගෙන එය ""සුජාත ව්‍යවස්ථාවක්"" බවට පත් කළ යුතු බව ව්‍යවස්ථා විශාරදයා අවධාරණය කරයි. ""ජනතාවට හොරෙන් ව්‍යවස්ථා හදල වැඩක් නෑනේ. ඇයි ජනමත විචාරණයකට බයවෙන්නේ අපි?"" 1978 දී ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් අවස්ථාවේ පටන් එයට දැඩි විරෝධය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපති ක්‍රමය රැකගැනීමට ඉදිරිපත්වීම පිළිබඳව විමසූ අවස්ථාවේ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සඳහන් කළේ, ශ්‍රීලනිපය 2015 ජනවාරි 08 වෙනසට සම්බන්ධ වූ පක්ෂයක් නොවන බවය. පක්ෂය එවැනි ස්ථාවරයක් දරන නමුත්, ජනපතිවරණයේදී ප්‍රතිඥා දුන් ප්‍රකාර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් දි���ටම පෙනී සිටින්නේය යන්න සිය විශ්වාසය බව ද ඔහු සඳහන් කළේය. සිය පක්ෂය ද තම ස්ථාවරය වෙත ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයාට හැකියාව ලැබෙනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කරයි. ""ෆෙඩරල්"" යන වචනය පිළිබඳව දකුණේ ජනතාව බියක් දක්වන අතරම, ""ඒකීය"" යන වචනය කෙරෙහි උතුරේ ජනතාව බියක් දක්වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හමුවේ අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළ බව මෙහෙයුම් කමිටුව ඉදිරිපත් කළ අතුරු වාර්තාවේ දැක්වේ. උතුරේ ජනතාව එවැනි බියක් දක්වන්නේ නම් ""ඒකීය"" යන වචනය අතුරු වාර්තාවට ඇතුළත් කළේ මන්දැයි විමසූ අවස්ථාවේ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න කියා සිටියේ, එය සත්‍යයක් වුවත් එවැනි වචන ""අත්තනෝමතික ලෙසින්"" භාවිත නොකළ යුතුය යන්න නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව මහජන අදහස් විමසූ විට පෙනී ගිය බවය. ශ්‍රී ලංකා රාජ්‍යය බුදු දහම ආරාක්ෂා කරමින් පෝෂණය කළ යුතු බව සඳහන් 1978 ව්‍යවස්ථාවේ 09 වෙනි වගන්තිය සංශෝධනය කිරීමේ කිසිම සූදානමක් නොමැති බව අවධාරණය කරන ව්‍යවස්ථා කටයුතු පිළිබඳ විශේෂඥයා, කෙසේ වුවත් ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් බව ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා දෙකකදීම තීන්දු කර තුබෙන් බව පෙන්වා දුන්නේය. හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ගේ ප්‍රධානතත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලක් සහ විනිසුරු රාජා ප්‍රනාන්දුගේ සභාපතිත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලක් විසින් ඒ බව තීන්දු කරනු ලැබ තිබේ. ශ්‍රී ලංකාවේ මුස්ලිම් සමාජය තුළ තවමත් ක්‍රියාත්මක වන ළමා විවාහ පිළිබඳව බීබීසී සිංහල සේවය පසුගියදා විශේෂ ගවේෂණයක් පැවැත්විය. මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සිය ප්‍රජාව තුළ ළමා විවාහවලට රුකුල් දෙන බව එහිදී පෙන්වාදුන් මුස්ලිම් ක්‍රියාකාරිනියෝ, විශේෂයෙන්ම එවැනි නීති සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ පවතින 16.1 වගන්තිය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළහ. ළමා විවාහයක්, මුස්ලිම් ක්‍රියාකාරිනියෝ සහ තව්හීඩ් ජමාආත් ඔවුන්ගේ එම අදහස් තමන් ද අනුමත කරන අතර, මූලික අයිතිවාසිකම් යටතේ මුස්ලිම් විවාහ නීතිය ඇතුළු පුද්ගලික නීති සංශෝධනය කළ යුතු ද යන්න පිළිබඳව තවමත් සාකච්ඡා කෙරෙමින් පවතින බව ව්‍යවස්ථා කටයුතු සම්බන්ධ විශාරදයා කියා සිටියේය. මේ අතර කාන්තා හිමිකම් සම්බන්ධයෙන් ද මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවේ දැක්වෙන්නේ නිසි කාන්තා නියෝජනයක් ""විශේෂිත ප්‍රතිපාදන ඇතුළත් කළ යුතු"" බවට නිර්දේශයක් පමණි. කෙසේ වුවත් අතුරු වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළාත් සභාවල පවා කාන්තා නියෝජනය ඉහළ දැමීම පිණිස පියවර ගත් බව පෙන්වාදෙන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා නුදුරු අනාගතයේදීම පියවර ගැනීමට හැකි වෙනු ඇතැයි විශ්වාසය පළ කළේය." +නැගෙනහිර පළාත් සභාවේ පරිපාලනය පිහිටුවීමට ආණ්ඩු පක්ෂයට වරමක් ලැබී නැතැයි දෙමළ ජාතික සන්ධානය (ටීඑන්ඒ) පවසයි.,"පළාත් සභාවේ බලය පිහිටුවීම සඳහා ආණ්ඩුවට වරමක් ලැබී නැතැයි ආණ්ඩුකාරවරයාට දැනුම් දුන් බවද සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසයි ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, එක්සත් ජාතික පක්ෂය සහ තමන් මැතිවරණයට තරඟ වැදුනේ ආණ්ඩුවට එරෙහිව බව පවසන ටීඑන්ඒ සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා තම පක්ෂ තුනට නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රී ධූර 22 ක් හිමි වී තිබෙන බවද සඳහන් කළේය. ඒ අනුව මන්ත්‍රී ධූර 37 ක් සහිත නැගෙනහිර පළාත් සභාවේ බහුතරය විපක්ෂයට ලැබී තිබෙන අතර ආණ්ඩුවට හිමි වී තිබෙන්නේ ආණ්ඩුවේ පාර්ශවකාර ජාතික නිදහස් පෙරමුණේ ආසනයද ඇතුළුව මන්ත්‍රී ධූර 15 ක් පමණක් බවද පෙන්වා දෙයි. එබැවින් නැගෙනහිර පළාත් සභාවේ බලය අත්පත් කර ගැනීමට ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් නැති බවයි ඔහු පවසන්නේ. දෙමළ ජාතික සන්ධානයේ නායකයා මේ බව පැවසුවේ මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමෙන් අනතුරුව බීබීසී දෙමළ සේවය සමඟ අදහස් දක්වමින්. මේ තත්ත්වය යටතේ පළාත් සභාවේ බලය පිහිටුවීම සඳහා ආණ්ඩුවට වරමක් ලැබී නැති බව තමන් නැගෙනහිර ආණ්ඩුකාරවරයාට දැනුම් දුන් බවද සම්බන්ධන් මන්ත්‍රීවරයා සඳහන් කරයි. 'සහාය දෙනවා' නැගෙනහිර පළාත් සභාවේ පාලන බලය ලබා ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයට කොන්දේසි සහිත සහායක් ලබා දෙන බව එජාපය පවසයි මේ අතර සමස්ත මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳව විග්‍රහයක යෙදෙන එක්සත් ජාතික පක්ෂය පවසන්නේ පසුගිය මහ මැතිවරණයේදීට වඩා සිය පක්ෂය අදාළ පළාත්වල ඡන්ද ප්‍රමාණය වැඩිකර ගෙන ඇති අතර ආණ්ඩුවේ ඡන්ද ප්‍රමාණය අඩු වී ඇති බවයි. එය ඡන්දදායකයන් ආණ්ඩුවට රතු එළියක් පෙන්වීමක් ලෙසිනුයි පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා විග්‍රහ කරන්නේ. නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රයත්නයක යෙදුනද ආණ්ඩුවෙන් එල්ල වූ බලපෑම් නිසා ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමේ උත්සාහය අසාර්ථක වූ බවද එක්සත් ජාතික පක්ෂය පවසයි. නැගෙනහිර පළාත් සභාවේ පාලන බලය ලබා ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයට කොන්දේසි සහිත සහායක් ලබා දෙන බවද කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා සඳහන් කළේය. තම පක්ෂයේ අනන්‍යතාවය සහ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන එම සහාය ලබාදෙන බවයි, ඔහු පවසන්නේ. ""දෙවනුව රටේ භෞමික අඛණ්ඩතාවයත් ස්වෛරීත්වයත් ශක්තිමත් කරන්න ක්‍රියා කරනවයි කියන ප්‍රතිඥාව අපිට ඕනේ. ඒ විතරක් නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදය, යහ පාලනය, නීතියේ සාධාරණත්වය ස්ථාපිත කරනවයි කියන ප්‍රතිඥාව ලැබුනොත් පමණයි අපි සහයෝගය ලබා දෙන්නේ,"" ඔහු පැවසීය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා" +''ආවා ගෲප්'' සාමාජිකයන් බවට චෝදනා කරමින් පොලිස් ත්‍රස්ත මර්දන අංශය විසින් තරුණයන් එකොළොස් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ නීති විරෝධී ලෙස යැයි පවසන ඔවුන්ගේ ඥාතීන් ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කොට තිබේ.,සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් එම පිරිස කියා සිටියේ ''ආවා ගෲප් ''සාමාජිකයන් යනු මංකොල්ල කල්ලියක් ලෙස ආරක්ෂක ප්‍රධානීන් විසින් හඳුන්වා ලැබ තිබියදී තම ඥාතීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන කොළඹ පිහිටි ත්‍රස්ත මර්දන පොලිස් මූලස්ථානය වෙත රැගෙන ගොස් රඳවාගෙන ප්‍රශ්න කිරීම නීති විරෝධී බවය. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ යාපනය දිස්ත්‍රික් විමර්ශන නිලධාරි තංගවේල් කනකරාජ් බීබීසී සිංහල සේවයට කියා සිටියේ සිය ආයතනය වෙත ලැබී ඇති පැමිණිලි එකොළහක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කොට ඇති බවය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේදී හා රඳවාගැනීමේදී මානව හිමිකම් කොමිසම මගින් ඉදිරිපත් කොට ඇති නිර්නායකයන්ට අනුව පොලිස් නිලධාරීන් ක්‍රියා කොට ඇත්දැයි යන්න සොයා බලන බවත් තංගවේල් කනකරාජ් වැඩිදුරටත් කියා සිටියේය. පොලිස් ත්‍රස්ත මර්දන අංශය විසින් රඳවා ගනු ලැබ සිටින සැකකරුවන් එකොළොස් දෙනාගෙන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමේදී ඔවුන්ගේ ඥාතීන්ට දැනුම්දීමක් හෝ ලදුපත් නිකුත් කිරීමක් සිදු කොට නොමැති බව මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරියා පැවසීය. යාපනයේදී අත්අඩංගුවට ගනු ලැබූ එම පිරිස කොළඹට රැගෙන ගොස් ඇති බැවින් යාපනය කාර්යාලයේ නිලධාරීන්ට ඊට සෘජුව මැදිහත් වීමට ඇති ඉඩකඩ අවම වී ඇති බවත් කොළඹ නිලධාරීන් හා එක්ව දැඩි සම්බන්ධීකරණයක් යටතේ පරීක්ෂණ කටයුතු කරගෙන යාමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය. +ඔක්තෝබර් 03 වැනි සඳුදා වැඩ වර්ජනයකට එක්වූ දහස් ගණන් පෝලන්ත කාන්තාවෝ වීදි බැස රජය මගින් යෝජිත ගබ්සා තහනමට විරෝධය පළ කළහ.,"කළු පැහැය යෝජිත ගබ්සා තහනමට විරෝධය පෑමේ වර්ණය ලෙසට යොදාගෙන තිබේ අභිජනනය පිලිබඳ තමන් සතු අයිතිය පැහැර ගැනීම පිලිබඳ ශෝක වීම විදහා දක්වමින් කළු පැහැති ඇඳුමින් සැරසුණු ඔවුහු නගර වීදි ඔස්සේ පාගමනක යෙදුනහ. ඔක්තෝබර් තුන් වැනිදා 'කළු සඳුදා' ලෙසින් නම් කළ විරෝධතා කරුවෝ වෝර්සෝ අගනුවර මෙන්ම පෝලන්තය පුරා ගබ්සාවට එරෙහි උද්ඝෝෂණ පැවැත්වූ බවයි වාර්තා වන්නේ. ඔවුන්ට සහය පල කරමින් බර්ලින්, බ්‍රසල්ස්, ඩසල්ඩ්රෝෆ්, බෙල්ෆාස්ට්, පැරිස් සහ ලන්ඩන් යන යුරෝපයේ වෙනත් නගර වලද විරෝධතා රැළි පැවැත්වුණි. වෝර්සෝ නගරයට රැස්වූ විරෝධතාකරුවන්ගෙන් නගර චතුරශ්‍රය පිරීගොස් තිබූ අයුරු පෝලන්ත ජනතාවගෙන් වැඩි පිරිසක් කතෝලික භක්තිකයෝ වෙති. ගබ්සාව මුළුමනින්ම තහනම් කිරීමේ නීතිය පාර්ලිමේන්තුව මගින් අනුමත වුවහොත් පෝලන්තයේ ගබ්සා නීතියද යුරෝපයේ තවත් රටවල් දෙකක් වන මෝල්ටාව සහ වතිකානයේ මෙන් දැඩි නීතියක් බවට පත්වෙනු ඇත. ඒ අනුව ගබ්සාවකට භාජනය වූ කාන්තාවක් වසර පහක සිර දඬුවමකට යටත්වන අතර එය සිදු කළ වෛද්‍යවරයාද සිර දඬුවමකට යටත්කිරීමේ හැකියාව පවතී. විරෝධතාව හේතුවෙන් පෝලන්තයේ දෛනික වෙළඳ කටයුතුවලට හෝ කාර්යාල කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල නොවුනද වඩාත් පැහැදිලිව පෙනීගියේ මෙම විරෝධතාවයට පැවති ජනතා සහයෝගයයි. ඓතිහාසික වෝර්සෝ නගරයට රැස්වූ දහස් ගණන් පිරිස් උද්ඝෝෂණ පැවැත්වූ අතර ඇතැම් පිරිමින් අහාර පාන සහ සුප් වර්ග බෙදා දෙමින් ඔවුන්ට සහය පලකළ බවයි වාර්තා වන්නේ. බොහෝ පෝලන්ත ජාතිකයන් ගබ්සා නීතිය තවදුරටත් දැඩි කිරීමටයි විරෝධය දක්වන්නේ. මෑතක දී පැවති සමීක්ෂණයකින් පෙනී යන ආකාරයට නව නීතිවලට සහය පළකරන්නේ 11% ක පිරිසක් පමණි. විමසනු ලැබුවන්ගෙන් හරි අඩක් පමණ පිරිසක් පවසා තිබුණේ දැනට පවතින නීතිය නොවෙනස්ව පැවතිය යුතු බවයි. ඒ අතර තුනෙන් එකකට වඩා තරමක් වැඩි සංඛ්‍යාවක් පවසා තිබුණේ ගබ්සාව මුළුමනින්ම තහනම් කළ යුතුය යන්නයි. පහත සඳහන් තත්වයන් වලදී හැරුණු විට ගබ්සා කිරීම පෝලන්තය තුළ තහනම් කර ඇත. විවේචකයන් පවසන්නේ ගබ්සා නීතිය දැඩි කිරීම මගින් ස්වභාවිකව කළලය ගබ���සා වූ කාන්තාවක් වුවද හිතා මතා ගබ්සා තත්වයට පත්වූවේද යන සැකය මත පරීක්ෂණ වලට ලක්විය යුතු බවයි. ගර්භිනී භාවයේ මුල් වකවානුවේදී විවිධ සෞඛ්‍යමය හේතූන් මත ස්වභාවිකව ගබ්සාවීම් සිදුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. පල්ලිය, රජය සහ යහපත් ජීවිතයක් සඳහා යැයි කියාගන්නා සංවිධාන කාන්තාවගේ ජීවිතය සැලසුම් කිරීම සාධාරණ නොවන බවයි එක් විරෝධතා කරුවෙක් පැවසුවේ. එක් නාරිවේද වෛද්‍යවරයෙක් පැවසුවේ නව නීතිය හේතුවෙන් ගර්භිණී භාවය පරීක්ෂා කිරීමේ දී වෛද්‍යවරුන් කාන්තා ලින්ගේන්ද්‍රය තුළට අත දමා කරන පරීක්ෂා කිරීම් සහ ජීවිත බේරාගැනීම පිණිස කෙරෙන සැත්කම් ආදිය කිරීමේ මැලිකමක් දැක්විය හැකි බවයි. මෙලොව එලිය දැකීමට පෙර ගර්භාෂය තුළ දී දරුවකු මියයන සෑම අවස්ථාවක දීම මවට සහ වෛද්‍යවරයාට වසර තුනක සිරදඬුවමක් නියම කිරීමේ හැකියාවක් පවතින බවයි වෝර්සෝ මහා රෝහලේ සේවය කරන මහාචාර්ය රෝමොල්ඩ් දෙබ්ස්කි ප්‍රකාශකළේ. එසේම සති 32 ක ගර්භණී කාන්තාවක් අසාදිත ප්රි එක්ලම්සියා නමැති රෝගී තත්වයකට පත්වුව හොත් කුස තුල සිටින දරුවා මිය යාමට හැරීම හැර අන් විසඳුමක් නැති බවත් මහාචාර්ය රෝමොල්ඩ් වැඩිදුරටත් සඳහන් කළා. සිසේරියන් සැත්කමකදී දරුවා මිය යන අවස්ථා වල දී ත් වෛද්‍යවරයාට තුන් අවුරුදු සිර දඬුවමක් නියම වීමේ අවදානමක් පවතින බවයි පැවසෙන්නේ. ගබ්සාව මුලුමනින්ම තහනම් කිරීමට සහය පළකරන්නන් අතර කතෝලික පල්ලිය ප්‍රධාන තැනක් ගෙන තිබේ. මනුෂ්‍ය ජීවිතයකට උරුම විය යුත්තේ ස්වභාවික මරණයක් පමණක් බවයි ඔවුන් අදහස් කරන්නෙ. එසේම පෝලන්තයේ විදේශ අමාත්‍යවරයාද විරෝධතා විවේචනයට ලක්කරමින් පවසන්නේ ජීවිතය සහ මරණය අතර ප්‍රශ්නයක් වන මෙය පිළිබඳව ඉතා තදින් සිතා බලා තීරණයක් ගත යුතු බවයි." +පළාත් පාලන ඡන්දය ප්‍රමාදවීම එක් පාර්ශවයකට පමණක් නොව රටේ සියලුම ජනතාවට බලපාන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.,"ඔහු ඒ බව කියා සිටියේ පළාත් පාලන ඡන්දය පැවැත්වීම ප්‍රමාදවීම හේතුවෙන් තමන්ට යම් අගතියක් සිදුවන බවට ඇතැම් පාර්ශව විසින් සිදුකරනු ලබන ප්‍රකාශ පිළිබඳව මාධ්‍යවේදියෙකු කළ විමසීමකට පිළිතුරු ලබා දෙමිනි. නව ක්‍රමවේදයකට අනුව මැතිවරණය පැවැත්වීමට නොහැකි නම් පරණ ක්‍රමයටම එය පැවැත්වීමේ බලය තමන් සතුව පවතීදැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු පෙන්වා දුන්නේ නීති සැකසීමේ බලය පා��්ලිමේන්තුව සතු බවය. ""මගේ අදහස තමයි අපට ඕන ක්‍රමයකට ඡන්දය තියනවා, නමුත් පාර්ලිමේන්තුව තමයි නීති පනවන්න ඕන"" යනුවෙන් ඔහු කියා සිටියේ අද (මාර්තු 15) මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. කෙසේ නමුත් සීමා නිර්ණය කමිටුව මගින් සකස්කර තිබෙන පළාත් පාලන ආයතන සීමාවන් මෙතෙක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර නොමැත." +තමන් මුදල් ඇමති ධුරයෙන් ඉවත් කිරීම සඳහා බලපෑමක් එල්ල වූයේ නම් ඒ ඊර්ෂ්‍යාවෙන් පෙළෙන කීප දෙනෙකුගෙන් විය හැකි බව නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක පවසයි.,"දුවන නැවක් පෙරළන්න එක්කෙනෙක් ඇති - නව විදේශ ඇමති ඇමතිවරයා ඒ බව කියා සිටියේ ආසියාවේ හොඳම මුදල් ඇමතිවරයා ලෙස සම්මානයට පාත්‍ර වූ ඔහු එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා බලපෑමක් එල්ල වූයේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි. ""මම හිතන්නේ නැහැ එවැනි බලපෑමක් තිබුණා කියලා. නමුත් බලපෑමක් තිබුණා නම්, හැම දේශපාලන පක්ෂයකම ඊර්ෂ්‍යාවෙන් පෙළන අය ඉන්නවනේ. ඉතින් ඒ වගේ එක්කෙනෙක් දෙන්නෙක් හිටියහම හොඳටම ඇති හොඳට දුවන නැවක් අනෙක් පැත්ත හරවන්න"" යනුවෙන් අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම තමන් මුදල් ඇමතිවරයා වශයෙන් සිදු කළ කාර්ය භාරය පිළිබඳ සෑහීමකට පත් වන බව කී ඇමතිවරයා සිය ධුර කාලය තුළ 10% ව තිබූ දළ දේශීය නිෂ්පාදනය 15.5% දක්වා වර්ධනය කිරීමට හැකි වූ බව පැවසීය. ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මුදල් ඇමතිවරයා වශයෙන් තමන් දූෂණය සහ නාස්තිය අවම කොට මහා භාණ්ඩාගාරයට මුදල් ලැබීමට සැලැස්වූ බවය. ""මම හිතන්නේ එතන දක්ෂතා පෙන්වූ නිසා වෙනත් තැනකත් ඒ දක්ෂතාව පෙන්වන්න තමයි අවස්ථාව දී තිබෙන්නේ"" යනුවෙන් අමාත්‍ය රවී කරුණානායක සඳහන් කළේය. එක්සත් ජනතා නිදහස් සන්ධානය කැබිනට් වෙනස: ""මේක රටේ අවශ්‍යතාවක්"" කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ අමාත්‍යාංශ නවයක් සහ එක් රාජ්‍ය අමාත්‍යාංශයක් සඳහා නව අමාත්‍යවරු සඳුදා (මැයි 22) ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්හ. මුදල් ඇමති ධුරයේ වෙනසක් සිදු විය යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉල්ලා සිටියා නොවේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දෙමින් එහි මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ එවැනි වෙනසක් සිදු විය යුතු බවට රටේ ඉල්ලීමක් පැවති බවය." +රජයේ රහස් ඔත්තු ස��වා සාමජිකයින් තමන් පසුපස ලුහුබඳිමින් තොරතුරු සොයන බව උතුරු පළාතේ මහ ඇමති සීවී විග්නේෂ්වරන් පවසයි.,"ජර්මානු තානාපතිවරයා සිකුරාදා දහවල් යාපනයේදී තමන් මුණගැසුණු අවස්ථාවේදීත් මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටිමින් රජයේ රහස් ඔත්තු සේවා නිලධාරීන් කිහිප දෙනෙකුම තමන්ගේ ඡායාරෑප ගත් බව ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය. ඒ බව තමන් ජර්මන් තානාපතිවරයාට පැමිණිලි කළ බව සඳහන් කළ මහ ඇමතිවරයා, කිසියම් සැකසහිත පිරිසක් තමාගේද ඡායාරෑප ගත් බව එවිට තානාපතිවරයා කියා සිටි බවත් පැවසීය. ඊශ්‍රායලයේ නවීන යුද ක්‍රමෝපායන්ට අනුව පුද්ගලයෙකුගේ ශරීරයේ බාහිර අවයව සහ පිහිටීම පිළිබඳව අධ්‍යයනය කොට ඔහු ගැන තොරතුරු සටහන් කරගැනීම තුලින් බොහෝ දේ ඔවුන් ඉටු කරගන්නා බව කී ප්‍රධාන අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ රහස් ඔත්තු කරුවන් යොදවාගෙන මේ අවස්ථාවේදී සිදු කරන්නේ එවැනිම ක්‍රියාවක් විය හැකි යැයිද පැවසීය. මේ තත්වය තමන්ගේ ජීවිත ආරක්ෂාවට තර්ජනයක් වුවත් තමන් ඊට නොබියව මුහුණ දෙන බව පවසන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මේ අවස්ථාවේදී මෙවැනි දේ සිදුවන්නේ තමන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට සූදානම් වීම නිසා යැයි සැකකරණ බවද පැවසීය. එවැනි හමුවීමක් සඳහා ආණ්ඩුවේ අනුමැතිය ලබා ගත යුතු බව රටේ නීතියේ සඳහන් වන්නේ නම්, නීතියට ගරු කරන පුරවැසියකු ලෙසින් එසේ අනුමැතිය ලබා ගැනීමට තමා මැලි නොවන බව මහ ඇමතිවරයා පැවසීය. එහෙත් තමා දන්නා තරමින් ශ්‍රී ලංකාවේ එවැනි නීතියක් ශ්‍රී ලංකාවේ නොමැති බවයි, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සීවී විග්නේශ්වරන් පවසන්නේ." +පොලිස් අත්අඩංගුවේදී තමන්ට පහර දී බරතල ලෙස වද බන්ධනවලට ලක් කළ බවත් ගම්පොල ප්‍රදේශවාසීන් දෙදෙනෙක් චෝදනා කරති.,"සන්නද්ධ කණ්ඩායමක් විසින් ඔවුන් දෙදෙනා පැහැරගනු ලැබූ බව මුලින් විශ්වාස කෙරුණ නමුත්, ඔවුන් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පිළිගෙන තිබේ. පොලිසියේ නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් පියවර ගැනීමට ජාතික පොලිස් කොමිසමට හැකියාවක් නොමැතිද? ""කවුරුහරි පැමිණිලි කරනවා නම් පොලිස් කොමිසමට බලතල තියෙනව ඒවා ගැන පරීක්ෂා කරන්න,"" මානව හිමිකම් පිළිබඳ නීතිවේදී එස් ජී පුංචිහේවා බීබීසී සිංහල සේවයට පැවසීය. ""නමුත් ඒවා වසන් කරන්නත් යම් නීති ප්‍රතිපාදන ඒගොල්ල පාවිච්චි කරනවා."" කිසිවකු පැමිණිලි නොකළත්, ජනතා සුබසිද්ධිය උදෙසා මෙවැනි ��්‍රියා සම්බන්ධයෙන් විමසා බලා පියවර ගැනීමේ ක්‍රමවේදයක් තිබිය යුතු බව ජ්‍යෙෂ්ඨ නීතිවේදී එස් ජී පුංචිහේවා අවධාරණය කරයි. ශ්‍රී ලංකාවේ එවැනි තත්වයක් නොමැති බැවින් පොලිසියේ අපරාධ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා වගකීම භාරගත යුතු බව ජ්‍යෙෂ්ඨ නීතිවේදියාගේ අදහසය. අත්අඩංගුවේ පසුවන රැඳවියන්ට වද දීම පිළිබඳව ශ්‍රී ලංකාවේ පොලිසියට සහ ආරක්ෂක හමුදාවලට පසුගිය සමයේ නිරන්තරයෙන් චෝදනා එල්ලවිය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නායකත්වයෙන් නව ආණ්ඩුව බලයට පත්වූයේ එවැනි සියලු ආකාරයේ බරපතල මානව හිමිකම් උල්ලංඝනවලට නැවතීමේ තිත තබන බවට ප්‍රතිඥා දෙමිනි. එහෙත් නව ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුවත් ශ්‍රී ලංකාවේ පොලිසිය සහ ආරක්ෂක හමුදා රැඳවියන්ට දිගටම වද බන්ධන පනවන බවට වද බන්ධනවලට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුවද පසුගියදා චෝදනා කළේය. ""එක ප්‍රශ්නයක් තමයි රටේ නීතියක් නැතිකම. අනිත් ප්‍රශ්නය තමයි මානුෂික තත්වයෙන් රටේ මුළු ජනතාවම තුරන්වීම,"" නීතිවේදී එස්ජී පුංචිහේවා වැඩිදුරටත් පැවසීය. ශ්‍රී ලංකා පොලිසියේ සහ ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ මෙවැනි බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවන බව දේශීය සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන දිගින් දිගටම එල්ල කරන චෝදනාවකි. පොලිස් අත්අඩංගුවේදී රැඳවියන්ට වද බන්ධන පනවන බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ගන්නා පියවර කවරේදැයි විමසීම පිණිස ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිපවරක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය." +ව්‍යාජ පුවත් පැතිර යාම හේතුවෙන් එක්සත් රාජධානියේ වෙසෙන දකුණු ආසියානු ප්‍රජාවට අයත් ඇතැම් පුද්ගලයන් කොරෝනාවෛරස එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන බවට වෛද්‍යවරයෙක් අනතුරු අඟවා තිබේ.,"එක්සත් රාජධානි සෞඛ්‍ය අංශයේ ව්‍යාජ තොරතුරු විරෝධී මෙහෙයුමකට නායකත්වය දෙන වෛද්‍ය හර්ප්‍රීත් සූඩ් පැවසුවේ මෙය ගැන ""දැඩි අවධානයක් යොමු කළ යුතු අතර, ව්‍යාජ පුවත් විශාල ප්‍රමාණයක් නිවැරදි කිරීමට"" නිලධාරීන් කටයුතු කරන බවය. . අසත්‍ය තොරතුරු පැතිරීමට භාෂාව හා සංස්කෘතික බාධක හේතු වන බව ඔහු පැවසීය. වෙස්ට් මිඩ්ලන්ඩ්ස්හි වෛද්‍යවරයෙකු බීබීසී සේවයට කියා සිටියේ ඇයගේ ප්‍රදේශයේ සිටින ඇතැම් දකුණු ආසියානු ප්‍රජාවට අයත් පුද්ගලයන් එන්නත ලබා ගැන���ම ප්‍රතික්ෂේප කළ බවය. ශ්‍රී ලාංකිකයන්ගේ අත්දැකීම් ලන්ඩන් නුවර රෝහලක මනෝ විද්‍යා උපදේශකවරියක් ලෙස සේවය කරන ලුම්බිණි විතාණ කොරෝනාවෛරස එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් සිය අත්දැකීම් බෙදා ගත්තාය. ""මට මුලින්ම කියන්න තියෙන්නේ, කොවිඩ් 19 වෛරසය ගැන පහසුවෙන් සිතන්න එපා කියන එක. දෙවෙනි රැල්ල තුළ දී මම රැකියාව කරන රෝහලේ සිටින කොරෝනාවෛරස රෝගීන්ගේ මානසික තත්ත්වයේ වෙනස්කම් පවා දැකගන්න ලැබුණා. ඒ වගේම දීර්ඝ කාලයක් රෝගයෙන් පීඩා විඳින තත්ත්වයක් තිබෙනවා,"" ඇය පැවසුවාය. ""සෞඛ්‍ය සේවකයෙක් හැටියට මට එන්නත මුලින්ම ලැබුණා. මා එක්ක සේවය කරන සුදු ජාතිකයන් සම්පූර්ණයෙන් වාගේ එන්නත ලබා ගත්තත්, සමහර ආසියානු අය එන්නත ලබා ගන්නේ නැහැ කියනවා. ආගම වගේම වෙනත් මිත්‍යා මත විශ්වාස කිරීම මත එන්නත ගැන අවිශ්වාසයක් ගොඩනඟා ගෙන තිබෙනවා."" එන්නත ලබා ගත් පසුව ඇතැම් පුද්ගලයන්ට උණ තත්ත්වයක් හෝ කටුව ශරීරයට ඇතුළු කර ස්ථානය ඉදිමීම සාමාන්‍යය තත්ත්වයක් බව ලුම්බිණි පැවසීය. ලුම්බිණි විතාණ ""එන්නත ලබා ගත් මම ඇතුළු දන්නා කියන කිසි කෙනෙකුට තවමත් ආසාත්මිකතා ඇති වෙලා නැහැ. නමුත් එන්නත ලබා ගන්න කළින් තමන්ට යම් ආසාත්මිකතා තියෙනවනම් අනිවාර්යයෙන්ම ඒවා අදාළ වෛද්‍යවරයාට කියන්න. ඒ වගේම එන්නත තිබෙන ඇසුරුමේ දිනය සහ විස්තරය කියවා බලන්න ඉල්ලා ගන්න පුළුවන්. එය තමන්ගේ අයිතියක්."" ""එන්නත ලබා ගත්තට පස්සේ සහතිකයක් ලබා දෙනවා. ඉදිරියේ දී රටවල් අතර සංචාරය කරන්න පවා මෙය වැදගත් වෙයි,"" ඇය තවදුරටත් පැහැදිළි කළාය. ""මුළු සමාජයටම කරන සේවයක්"" එක්සත් රාජධානියේ දිවිගෙවන ශ්‍රී ලාංකික වෛද්‍යවරියක පැවසුවේ, තමන්ට ද කොරෝනාවෛරසය වැළඳුණු අතර එයින් ශරීරයට විය හැකි හානි පිළිබඳ අත්දැකීමෙන් දන්නා බවය. ඇය නම හෙළි නොකරන ලෙස ඉල්ලීමක් කළාය. ""පළමු රැල්ලෙන් මට කොරෝනාවෛරසය හැදුණා. එහි බරපතලකම අත්දැකීමෙන් මම දන්නවා. එන්නත ලබා ගන්න කියලා මම හැකි තරම් දෙනා දිරිමත් කරනවා. හැබැයි සමහරු මිත්‍යා මතවල, ව්‍යාජ තොරතුරුවල ගිලිලා ඉන්නේ."" ""මුස්ලිම් සහ හින්දු අය අතර සත්ත්ව මස් සම්බන්ධ වැරදි තොරතුරු ගිහින් තියෙනවා. ඒ වගේම මට ශ්‍රී ලාංකිකයන් කීපදෙනෙක් හමුවුණා එන්නත ලබා ගන්නේ නැහැ හැබැයි ලංකාවෙන් ධම්මික පැණිය ගෙන්න ගන්නවා කියන අය. පුළුවන් තරම් දැනුවත් කරද්දී පවා මෙහෙම දේවල් කියන එක මහ පුදුමයක්."" ""විද්‍යාව මත නිපද වූ එන්නත ලබා ගන්න. ව්��යාජ තොරතුරු පස්සේ යන්න එපා. එය ඔබේ ජීවිතයට විතරක් නෙමෙයි පවුලට, මුළු සමාජයටම සිදු කරන සේවයක්,"" ඇය තවදුරටත් පැවසුවාය. බලපෑම් කරන්නන් එන්නත පිළිබඳ මිථ්‍යාවන් දුරු කිරීමට දකුණු ආසියානු ආදර්ශවත් පුද්ගලයන්, බලපෑම් කරන්නන්, ප්‍රජා නායකයින් සහ ආගමික නායකයින් සමඟ නිලධාරීන් කටයුතු කරන බව වෛද්‍ය හර්ප්‍රීත් සූඩ් පැවසීය. බොහෝ වැරදි තොරතුරු ගොඩ නැගී ඇත්තේ එන්නතෙහි අන්තර්ගතය සම්බන්ධයෙනි. ""අපි පැහැදිලි කර ජනතාවට අවබෝධ කර දෙන්න ඕනේ, එන්නතෙහි මස් අඩංගු වී නැති බවත්, එන්නතෙහි ඌරු මස් නැති බවත්. එය සියලු ආගමික නායකයින්, ආගමික සභා සහ ප්‍රජාවන් විසින් පිළිගෙන තිබෙනවා,"" ඔහු පැවසුවේය. ""ආදර්ශවත් චරිත සහ බලපෑම් කරන්නන් සොයා ගැනීමට අපි උත්සාහ කරනවා. ඒ වගේම මේ තොරතුරු ඉක්මණින් යා යුතු සාමාන්‍ය පුරවැසියන් ගැනත් සිතා බලනවා. මේ ආකාරයෙන් ඔවුන් සියල්ලන්ටම එකිනෙකාට සහයෝගය දැක්විය හැකියි. අවසානයේ සෑම කෙනෙකුම සෑම කෙනෙකුටම ආදර්ශයක් වෙන්න පුළුවන්"" යැයි ඔහු වැඩිදුරටත් පැවසීය. ""මේ වන විට විශාල වැඩ කොටසක් සිදුවෙමින් පවතිනවා. තොරතුරු පරිවර්තනය කිරීමෙන් පසු එහි නිසි පෙනුම හා හැඟීම අදාළ ජනතාව වෙතට යැවීමට අප වග බලා ගන්නවා."" සමාජ මාධ්‍යවල සහ වට්ස්ඇප්හි සමහර වැරදි තොරතුරු ආගම ඉලක්ක කර සංසරණය වන බව බීබීසී සේවයට දැකගත හැකි විය. එන්නතෙහි සත්ත්ව නිෂ්පාදන හෝ මධ්‍යසාර අඩංගු බව ව්‍යාජ තොරතුරු දැකගත හැකිය. උදාහරණයක් ලෙස මුස්ලිම්වරුන් සහ හින්දු භක්තිකයින් ඌරු මස් වැනි මස් වර්ග අනුභව කිරීම ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ට පටහැනිය. ""අපි සියලුම රෝගීන් අමතා එන්නත් ලබා ගැනීම සඳහා ඔවුන්ට කාලය වෙන් කර දෙනවා. නමුත් පරිපාලන කාර්ය මණ්ඩලය පවසන්නේ ඔවුන් දකුණු ආසියානු රෝගීන් බොහෝ දෙනෙකු ඇමතූ විට ඔවුන් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන බවයි,"" වෙස්ට් මිඩ්ලන්ඩ්ස්හි ඩඩ්ලි නගරයේ එන්නත් ලබා දෙන වෛද්‍ය සමාරා අෆ්සාල් පැවසුවාය. ""යාළුවෝ වගේම පවුලේ අය එක්ක කතා කලත් අහන්න ලැබෙන්නේ මේ දේමයි. මගේ සමහර යාළුවෝ කතා කරලා ඉල්ලනවා එන්නත් ලබා ගන්න කියලා ඔවුන්ගේ දෙමව්පියන්ට නැත්නම් ආච්චිලා සීයලාට ඒත්තු ගන්වන්න කියලා. මොකද එන්නත ලබා ගන්න එපා කියලා ඒ පවුල්වල අනෙක් අය කියනවලු."" ව්‍යාජ තොරතුරු 'වැහි වැහැලා' රීනා පුජාරා හැම්ප්ෂයර් ප්‍රදේශයේ රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙස කටයුතු කරන අතර ඇය හින්දු භක්තිකය��කි. ඇයට ව්‍යාජ තොරතුරු විශාල ප්‍රමාණයක් ලැබුණු බව පැවසුවාය. ""සමහර වීඩියෝ දර්ශන දුටුවහම ඇත්තටම කැළඹෙනවා. විශේෂයෙන්ම වාර්තා කරන පුද්ගලයා වෛද්‍ය වෘත්තිකයෙක් වෙලා එන්නත ඔබේ ඩීඑන්ඒ වෙනස් කරන බව පවසන විට,"" ඇය පැවසුවාය. ""සාමන්‍ය මනුස්සයෙකුට මේ දේවල් ඉතා අවුල් සහගතයි. ඒ වගේම එන්නතේ අඩංගු අමුද්‍රව්‍යවල ගවයන්ගෙන් ලබා ගත් දේ තිබෙන බව කියවන විට එය අප කළඹනවා. හින්දු භක්තිකයන් ලෙස ගවයා අපට පාරිශුද්ධයි."" එන්නත් පිළිබඳ ව්‍යාජ පුවත් වැළැක්වීමට සහ ඔවුන්ගේ ප්‍රජාවට එන්නත ලබා ගැනීමට පෙළඹවීම සඳහා මුස්ලිම් පල්ලි සියයක් පමණ එක් වී තිබේ. තම සිකුරාදා ආගමික දේශනවල දී එන්නත ගැන කරුණු පහදා එය ලබා ගන්නා ලෙස මිනිසුන්ගෙන් ඉල්ලා සිටින බව ඔවුහු පැවසූහ. ""සදාචාරාත්මක දෘෂ්ටි කෝණයකින් බලා එන්නත ලබා ගැනීමට කිසිදු පැකිලීමක් නොතිබිය යුතුයි,"" මෙම ව්‍යාපාරය සංවිධානය කළ මුස්ලිම් පල්ලි සහ ඉමාම්වරුන්ගේ ජාතික උපදේශක මණ්ඩලයේ (MINAB) සභාපති ඛාරි අසීම් පැවසීය. ""අප මෙන්ම අන් අයව ද හානිවලින් ආරක්ෂා කිරීම අපගේ සදාචාරාත්මක යුතුකමයි."" මහජන සෞඛ්‍ය පිළිබඳ රාජකීය සංගමය මෑතකදී පවත්වන ලද මත විමසුමකට අනුව එක්සත් රාජධානියේ කළු, ආසියානු සහ සුළු ජනවාර්ගික (BAME) ජනතාවගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් කොරෝනාවෛරස එන්නත ලබා ගැනීමට කැමැත්ත පළ කර තිබේ. කෙසේනමුත්, සුදු ජාතිකයින්ගෙන් 79% ක් එන්නත ලබා ගැනීමට කැමැත්ත පළ කර ඇත. මේ අතර, සුළු ජාතීන්ගෙන් එන්නත ලබා ගන්න කැමැත්ත පළ කර ඇත්තේ 57% ක් පමණි. ""හිතන්න"" ""එන්නත ලබා ගන්න බල කරන්න බැහැ. නමුත් යම් කෙනෙක් මේ වගකීම පැහැර හරිනවානම්, ඒ අය සහතික වෙන්න ඕනේ වෛරසයෙන් ප්‍රවේසම් වෙලා ඉන්නවා කියන එක. නැත්නම් බොහෝ දෙනෙක් අමාරුවේ වැටෙනවා. මේ තත්ත්වයේ අවසානයක් නැතුව යනවා."" යැයි ලුම්බිණි විතාණ පැවසුවාය. ""වෛරසය හැදිලා අමාරු වුණාට පස්සේ රෝහලට ගෙනත් ICU එකට ඇතුළු කළාම ඔය මත වැඩක් නැති වෙනවා. වෛද්‍යවරුන් දෙන බෙහෙත් ලබා ගන්න වෙනවා ජීවිතය බේරා ගන්න."" ""සමහර විට එහෙම වෙලාවක ඔබ සිටින්නේ වෙනත් ලෙඩකින් අමාරු වුණ රෝගියෙක්ට දෙන්න තිබුණ ඇඳක වෙන්න පුළුවන්. ඒ වගේම දිවා රෑ නොබලා වෙහෙසෙන සෞඛ්‍ය සේවකයන් ගැනත් ටිකක් හිතන්න. ආත්මාර්ථකාමී මතවලින් බැහැර වෙලා, එන්නත ලබා ගෙන තමන්ගේ වගකීම ඉටු කරන්න,"" ලුම්බිණි තවදුරටත් විස්තර කරමින් පැවසුවාය. මේ තොරතුරුද කියවන්න:" +ජනතා විමුක්ති පෙරමුණේ න��ර්මාතෘ රෝහණ විජේවීරගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් අවශ්‍ය උදව් උපකාර සඳහා 1971 කැරැල්ලට සම්බන්ධ වූ ක්‍රියාකරුන්ගෙන් සමන්විත ‘71 සංසදය’ සූදානමින් සිටි බව එම පක්ෂයේ ආරම්භක ක්‍රියාකරුවකු වන නිමල් මහරගේ පවසයි.,ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර 1971 කැරැල්ලේ මහ නඩුවේ සාමාජිකයකු වන නිමල් මහරගේ බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ 1989 දී රෝහණ විජේවීර ඝාතනය කරනු ලැබීමෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ පළමු කැරැල්ලට හවුල් වූ සාමාජිකයන් රැසක් සිය පැරණි නායකයාගේ දරු පවුල සඳහා සහන සැලසීමට ඉදිරිපත් වූ බවයි. එහෙත් එම පාර්ශවයෙන් ප්‍රතිචාරයක් නොවීම නිසා ඊට අවස්ථාවක් නොලැබුණ බවයි නිමල් මහරගේ පවසන්නේ. ශ්‍රී ලංකාවේ බොහෝ මාධ්‍ය වාර්තා මගින් පැවසෙන්නේ මෙතෙක් නාවික හමුදාව භාරයේ ජීවත් වූ විජේවීර පවුලේ සාමාජිකයන්ට ඉන් බැහැර වෙන මෙන් දැනුම් දීමක් කරනු ලැබ ඇති බවයි. ජවිපෙ වගකීම මේ තත්වය යටතේ විජේවීර පවුලට පිහිටවීම අතින් ජනතා විමුක්ති පෙරමුණට විශාල වගකීමක් ඇති බවත් නිමල් මහරගේ පෙන්වා දෙයි. 'ඔවුන් රෝහණ විජේවීර සහෝදරයාගේ බිරිඳ සහ දරුවන් වීම නිසාම නොව එම දරු පවුල එවැනි තත්වයකට පත් වුනේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරකම් නිසා හෙයින් පක්ෂයට ඔවුන් වෙනුවෙන් පියවර ගැනීමේ පළමු වගකීම පැවරෙනවා' නිමල් මහරගේ පවසයි. එසේම ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් එවකට බලයේ සිටි ආණ්ඩුවට චෝදනා එල්ල කෙරෙන හෙයින් එම දරු පවුල ආරක්ෂා කිරීම අතින් ශ්‍රී ලංකාවේ කවර වූ හෝ ආණ්ඩුවක් පියවර ගත යුතු බවත් නිමල් මහරගේ කියා සිටියේය. +ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට ගරු කරන මෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය විනිසුරුවරුන් ඇතුළු සංවිධාන ගණනාවක් යලිත් වරක් අවධාරණය කරති.,"අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග විමර්ශනය පිළිබඳව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන පොදුරාජ්‍ය මණ්ඩලීය මහේස්ත්‍රාත් සහ විනිසුරුවරුන්ගේ සංවිධානය, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිවේදීන්ගේ සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නීති අධ්‍යාපන සංගමය පවසන්නේ අදාළ විමර්ශනයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපත්ති නොසලකා හැරීම පිළිබඳව සිය දැඩි අවධානය පලවී ඇති බවයි. දෝෂාභියෝග විමර්ශනය පිළිබඳව ජාත්‍යන්තර ජූරි සභිකයන්ගේ කොමිසම පසුගිය දෙසැම්බර් 10 වැනි දින නිකුත් කළ නිවේදනය තමන්ද අනුමත කරන බව පවසන එම සංවිධාන, තත්ත්වය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරයා දැනුවත් කිරීමටද දැනටමත් කටයුතු කරන ලද බවද සඳහන් කරයි. ""තමන්ගේම අහඹු ක්‍රියාකලාපය"" මගින් සහ විනිශ්චයකාරවරුන් පදවියෙන් ඉවත් කිරීම පිළිබඳ නිසි ව්‍යවස්ථානුකූල ක්‍රියා පටිපාටිය ""පිළිපැදීමට අපොහොසත්වීම"" මගින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නීතියේ ආධිපත්‍යය සුරැකීම පිණිස අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ මූලික සිද්ධාන්තය පවා ""බරපතල ලෙසින් යටපත් කොට තිබෙන"" බවයි, පොදුරාජ්‍ය මණ්ඩලීය මහේස්ත්‍රාත් සහ විනිසුරුවරුන්ගේ සංවිධානයේ සභාපතිවරයා පවසන්නේ. පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපත්ති අනුගමනය කරමින් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවර ගන්නා මෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය විනිසුරුවරු ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග විමර්ශනය පක්ෂග්‍රාහී බවට චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂයේ මංගල සමරවීර මන්ත්‍රීවරයා පසුගියදා පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරයාට ලිපියක් යොමු කොට තිබුණි. මේ අතර නිවේදනයක නිකුත් කරන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය (ටී අයි එස් එල්) පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව තවත් ස්වාධීන කමිටුවකට යොමු කරන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ කරන ලද ප්‍රකාශය පිළිබඳව සිය ප්‍රසාදය පළ කරයි. ඒ සඳහා පක්ෂග්‍රාහී නොවන ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම මගින් සමස්ත ක්‍රියාවලිය පිළිබඳව පලුදු වී තිබෙන මහජන විශ්වාසය යලි ගොඩ නගා ගැනීමට හේතුවනු ඇතැයි ටී අයි එස් එල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ එස් රනුග්ගේ ගේ අත්සනින් නිකුත් කොට තිබෙන නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ. සබැඳි තේමා" +සිරගත කෙරෙන දේශපාලනඥයන් පමණක් නොව මුදල් බලය ඇති පාතාල නායකයන්ට ද බන්ධනාගාර රෝහල තුළ නවාතැන් ලබාදීමට එහි වෛද්‍යවරුන් කටයුතුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.,අද (මාර්තු.01) කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා ඒබව කියා සිටියේ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ට ස්ථාන මාරු ලබා දීමට ගත් තීරණය සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාරය පළ කරමිනි. බන්ධනාගාර රෝහලේ සියලුම වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න නියෝගකර ඇති බව ඊයේ (පෙබ.29) සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය. වැලිකඩ ගැටුම මේ අතර වැලික��� බන්ධනාගාරයේ 2012 වසරේ ඇතිවූ ගැටුමෙන් මියගිය හා තුවාල ලැබූ පුද්ගලයන් වෙනුවෙන් වන්දි ලබාදීමට රජය තීරණය කොට ඇති බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියේය. වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු මියගිය අතර බන්ධනාගාර නිලධාරීන් හා සිරකරුවන් 20 දෙනෙක් තුවාල ලැබුහ. මිය ගිය පුද්ගලයන් 27 දෙනාගෙන් 16 දෙනකුට වන්දි ලබා දෙන ලෙස ඒ සම්බන්ධයෙන් පත් කරන ලද විමර්ශන කමිටුව යෝජනාකොට ඇති අතර මිය ගිය අයකුට වන්දි ලෙස රුපියල් ලක්ෂ 20ක් ලබාදීමට තීරණය විය. කළුතර වෙඩි තැබීම සෙසු රැඳවියන් 11 දෙනා බන්ධනාගාරයෙන් පැනයාමට උත්සාහ කිරීමේදී මියගොස් ඇති බැවින් ඔවුන්ට වන්දි ලබා නොදෙන ලෙස අදාල විමර්ශන කමිටුව යෝජනා කර තිබේ. වැලිකඩ ගැටුම සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ පිළිබඳ විමසීමේදී අමාත්‍යවරයා කියා සිටියේ ඉහත කී කමිටුවේ විමර්ශන වාර්තාව අධ්‍යයනය කොට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරන බවය. පසුගියදා කළුතර දී සිදුවූ වෙඩිතැබිම පිළිබඳ විමසීමේදී අමාත්‍යවරයා සඳහන් කළේ බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවන බවය. +ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරනු ලබන සංශෝධන 'තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත' ශක්තිමත් කිරීමට උපකාර වන බව ජනමාධ්‍ය කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන පවසයි.,නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පතේ අඩංගු වගන්ති කීපයක් ව්‍යවස්ථාවට පටහැණි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ අඟහරුවාදා කථානායකවරයාට දන්වනු ලැබ තිබිණි. ඉහත කී වගන්ති සංශෝධනය නොකොට අදාළ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ක සහාය ලැබිය යුතු බවයි කථානායක කරු ජයසූරිය එහිදී ප්‍රකාශ කළේ. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දී ඇති වගන්ති සංශෝධනය කොට තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්. 'අපිට පෙනී ගියා ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කරන සංශෝධන මේ පනත ශක්තිමත් කරන්නයි උපකාර වන්නේ කියලා . පනත දුර්වල කරන්න නෙවෙයි. ඒ නිසා අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ යෝජනා පිළි අරගෙන පනත දෙවන වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා' තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අදාළ පනතට අනුමැතිය ලැබිය යුතු බව තීන්දු කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගියදා පෙත්සම් දෙකක් ඉදිරිපත් වී තිබිණ. 'මේ පනත පාර්ලිමේන්තුවේ පළමු වර කියවීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් මේ රටේ පුරවැසියන් සහ ආයතන ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ඒක අපි හොඳ තත්වයක් හැටියටයි දකින්නේ' ජනමාධ්‍ය කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන වැඩිදුරටත් කියා සිටියේය. +ලොව හොඳම ආපන ශාලාව ලෙස සිව් වරක්ම නම් කෙරුණු ආපන ශාලාවේ සම හිමිකාරිත්වය එහි මුළුතැන්ගෙයි පිඟන් සේදූ පුද්ගලයාට ලබා දීමේ පුවතක් ඩෙන්මාර්කයෙන් වාර්තා වේ.,"අලී සොන්කෝ කෝපන්හේගන් හි 'නෝමා' නමැති ආපන ශාලාවේ වත්මන් හවුල්කරුවකුවන හැට දෙහැවිරිදි අලී සොන්කෝ, ආපන ශාලාව විවෘත කළ දා පටන් එහි සේවය කරයි. ගැම්බියාවේ සිට ඩෙන්මාර්කයට පැමිණි අලී සොන්කෝ සහ ආපන ශාලාවේ සේවය කළ තවත් කළමනාකරුවන් දෙදෙනෙකු එහි නව හවුල්කරුවන් ලෙස නම් කොට තිබේ. වසර දාහතරකට පසු දැනට වසා දමා තිබෙන 'නෝමා' ආපන ශාලාව ලබන දෙසැම්බරයේ සිට 'අර්බන් ෆාම්' යන නමින් යළි විවෘත කිරීමට නියමිතය. 'හදවතත්, ආත්මයත් අලී' අලී සොන්කෝ සහ ආපන ශාලාවේ සේවය කළ තවත් කළමනාකරුවන් දෙදෙනෙකු එහි නව හවුල්කරුවන් ලෙස නම් කොට තිබේ ""මේ ආපන ශාලාවේ හදවතත්, ආත්මයත් අලී"" සති අන්තයේ නෝමා ආපන ශාලාවට එක්රැස් වූ මිතුරන් කණ්ඩායමක් අමතමින් එහි සුපවේදී රෙනේ රේඩ්සේපි පැවසීය. 'නෝමා' ආපන ශාලාව ලොව හොඳම ආපන ශාලාවට හිමි ජාත්‍යන්තර සම්මානය පළමුවරට දිනාගත්තේ 2010 වසරේදීය. වීසා බලපත්‍ර සම්බන්ධයෙන් මතු වූ ගැටලුවක් හේතුවෙන් වසර තිස් හතරක් පුරා ඩෙන්මාර්කයේ වෙසෙන අලීට ලන්ඩනයේ පැවති සම්මාන උළෙලට සහභාගී වීමේ අවස්ථාව අහිමි විය. නමුත් 'නෝමා' ආපන ශාලාවේ සෙසු සාමාජිකයෝ අලී අමතක නොකිරීමට තරම් කාරුණික වූහ. ජාත්‍යන්තර සම්මාන සුපවේදී රෙනේ රේඩ්සේපි සම්මානය ලබා ගන්නා අවස්ථාවේ 'නෝමා' කාර්ය මණ්ඩලය සිය මුළුතැන්ගෙයි පිඟන් සෝදන්නාගේ රුව සහිත ටී ෂර්ට්වලින් සැරසී සිටියහ. වීසා බලපත්‍ර සම්බන්ධයෙන් මතු වී තිබූ ගැටලුව වසර දෙකකට පසු විසඳුණු අතර ඉන් අනතුරුව ලොව හොඳම ආපන ශාලාවට හිමි සම්මානය යළි දිනාගත් අවස්ථාවේ සභාව අමතන ලද්දේ ද අලී විසිනි. කෝපන්හේගන් අගනුවරට පැමිණීමට පෙර ගැම්බියාවේ ගොවියෙකු වශයෙන් ක��යුතු කළ අලී එවක ඩෙන්මාර්කයේ වෙබ් අඩවියක් වෙත පවසා තිබුණේ පිඟන් සේදීම තම ජීවිතයේ මෙතෙක් ලැබුණු හොඳම රැකියාව බවය. ""මම මෙතන කොච්චර සතුටින්ද වැඩ කරන්නේ කියලා වචනයෙන් විස්තර කරන්න බැහැ."" යනුවෙන් කී අලී ""වැඩ කරන්න හොඳම මිනිස්සු මෙතන ඉන්නේ. ඒ වගේම මම හැමදෙනා එක්කම යාළුයි. ඔවුන් මට විශාල ගෞරවයක් දක්වනවා. ඉල්ලන ඕනෑම උදව්වක් කරලා දෙන්න ඉදිරිපත් වෙනවා. මේක හොඳම රැකියාව කියලා කියන්න ඒ කරුණු හොඳටම ප්‍රමාණවත්"" යැයි පැවසීය." +පසුගිය සමයේ 'දූෂණවලට සම්බන්ධ' වූ කිසිවෙකුටත් මෙතෙක් දඬුවම් කර නොමැති බව වරාය සහ නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.,"ඒ පිළිබඳ නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළ ඇමතිවරයා ""අපිත් බලාපොරොත්තු වුනේ හොරකම් කරපු මිනිස්සු අල්ලලා දෙන්න"" යනුවෙන් කියා සිටියේ අද (අප්‍රේල් 20) වෙනිදා උදෑසන කොළඹ බ්ලූමෙන්ඩල් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා වරාය අධිකාරියට සම්බන්ධ ආයතනයක පැවති උත්සවයකින් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. පසුගිය ආණ්ඩුව සමග ""ව්‍යාපාර කළ"" පුද්ගලයන් වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන් සමග ද සමීප සබඳතා පවත්වන බවටත් ඇමතිවරයා චෝදනා කළේය. ""කනස්සල්ල"" දූෂණවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බවත් අමාත්‍ය අර්ජුන රණතුංග සඳහන් කළේය. කෙසේ නමුත් 2020 වසරේ මහ මැතිවරණයක් පැවැත්වෙන බවත් තමන් සිය වගකීම් නිසි ලෙස ඉටු කරන බවත් ඔහු පැවසීය. ""ජනාධිපතිතුමා කිව්වොත් මේකෙන් යන්න කියලා මම යනවා. එහෙම නැතුව එකඑක්කෙනා කියන විදිහට අස්වෙන්න මම පඹයෙක් නෙවෙයි. මම කරලා තියෙන දේවල් ඔය කතා කරන එක්කෙනෙක්වත් කරලා නැහැ"" යනුවෙන් අමාත්‍ය අර්ජුන රණතුංග වැඩිදුරටත් කියා සිටියේය." +මැලේසියාවේ මහා මැතිවරණයෙන් ලද අනපේක්ෂිත ජයග්‍රහණයත් සමග එරට හිටපු අගමැතිවරයෙකු වන මහතීර් මොහොමඩ් යළි බලයට පත්වන්නේ ඡන්දයකින් පත්වුණු ලොව වයස්ගතම නායකයා බවට පත්වෙමිනි.,"මහතීර් මොහොමඩ් දේශපාලනමය වශයෙන් ගතකළ විශ්‍රාමික දිවියෙන් මිදුණු 92 හැවිරිදි මහතීර්, දූෂණ චෝදනාවල වෙළුණු සිය කණිෂ්ට හිතෛශියෙකුව සිටි අගමැති නජිබ් රසාක්ට අභියෝගයක් වෙමින් විපක්ෂයට මාරු විය. මහතීර් ලද ඓතිහාසික ජයග්‍රහණයත් සමග 1957 වසරේ මැලේසියාව නිදහස ලැබීමේ සිට එරට පාලනය ගෙන ගිය බීඑන් (BN) සභාගය බලයෙන් ඉවතට විසිවිණි. සිය සන්ධානය ""නීතියේ ආධිපත්‍යය යළි ස්ථාපනය"" කරන බව මහතීර් පැවසද්දී සිය පාරාජය පිළිබඳ නජිබ් රසාක් මෙතෙක් කිසිවක් පවසා නැත. මහතීර් අයත් 'අපේක්ෂාව පිළිබඳ සන්ධානය', තරග වැදුණු ආසන 222න් ආසන 113ක බලය තහවුරු කරගැනීමට සමත් වූ අතර ඉන් ඇතැම් ආසන කිසිදාක විපක්ෂය විසින් ජයගනු ලැබ නැත. බීඑන් පක්ෂයට ආසන 79ක් හිමිවිය. බ්‍රහස්පතින්දා සිය දිවුරුම් දීම පැවැත්වෙනු ඇති බව ක්වාලාලම්පුර් අගනුවරදී සිය ජයග්‍රහණය ප්‍රකාශයට කළ මහතිර් සිය ආධාරකරුවන්ගේ ජයඝෝෂා හමුවේ සඳහන් කළේ දින දෙකක නිවාඩුවක් දෙන බවය. ""නමුත් ජයග්‍රාහකයින්ට නිවාඩුවක් නැහැ"" යැයි ඔහු කීය. වීථිවලට පිවිසි විපක්ෂ ආධාරකරුවන් ජයග්‍රහණය සැමරූ අතර ඉන් බොහොමයක් දෙනා මෙතෙක් සිය ජීවිත කාලයම එක් ආණ්ඩුවක් යටතේ විසුවෝ වූහ. මේ තොරතුරු ද දැනගන්න: ජය සමරන ආධාරකරුවන් ඒඑෆ්පී පුවත් සේවයට අදහස් පළකළ 48 හැවිරිදි සුවා සෙල්වන්, ""මේ වෙනසත් සමග අනාගතයේදී යම් හොඳ දෙයක් දකින්නට ලැබේවි යැයි හිතනවා"" යනුවෙන් කියා සිටියේය. දූෂණය හා ආර්ථිකය බීඑන් සභාගයේ ප්‍රධානත්වය දැරූ මහතීර් මොහොමඩ් 1981 සිට 2003 දී ඉවත්ව යනතෙක් වසර 22ක කාලයක් අගමැති ධුරය හෙබවීය. 'ඒෂියන් ටයිගර්ස්' යනුවෙන් (Asian tigers) හැඳින්වෙන 1990 ගණන්වලදී සිය ආර්ථිකය වේගයෙන් පුළුල් කරගත් රටවල් සමූහය අතරට මහතිර්ගේ නායකත්වය යටතේ මැලේසියාව ද එක්විණි. එහෙත්, සිය දේශපාලන විරුද්ධවාදීන් සිරකිරීම සඳහා අර්බුදකාරී ආරක්ෂක නීති උපයෝගීකරගත් ඒකාධිපති ස්වරූපයේ අයෙකු විය. මෙයින් වඩාත් කුප්‍රකට වූයේ සිය නියෝජ්‍ය අගමැතිවරයාව සිටි අන්වර් ඊබ්‍රාහිම් ධුරයෙන් පහකර ඔහු වෙත දූෂණ හා පුංමෛථුනය පිළිබඳ චෝදනා එල්ල කිරීම වන අතර 1998 දී ඔහු ආර්ථික හා දේශපාලනික ප්‍රතිසංස්කරණ සඳහා හඬ නගනවිට අවසානයේදී සිරගත කිරීමය. මහතීර් විසින් මග පෙන්වන ලද නජිබ් රසාක් 2008 දී අගමැති ධුරයට පත්වුව ද නිරන්තරයෙන් ඔහුට දූෂණ චෝදනා එල්ල විණි. රසාක් විසින් පිහිටුවන ලද '1Malaysian Development Berhad' නම්වූ රාජ්‍ය ආයෝජන අරමුදලින් ඩොලර් මිලියන 700ක් තමන් සිය සාක්කුවට දමා ගැනීම සම්බන්ධයෙන් ඔහු චෝදනාවට ලක්විය. දූෂණ චෝදනා පැවතිය ද නජීබ් රසාක් ජය ගනු ඇතැයි බලාපොරොත්තු පළවී තිබිණි. සියලු චෝදනා එක හෙලා ප්‍රතික්ෂේප කළ රසාක් මැලේසියානු බලධාරීන් විසින් චෝදනාවලින් නිදහස් කරනු ලැබුව ද රටවල් ගණනාවක් තවමත් අදාළ අරමුදල සම්බන්ධයෙන් විමර්ශනයක යෙදී සිටී. නජිබ් රසාක් ගේ නායකත්���ය යටතේ ආර්ථිකය ඉහළ නැගුන ද ඉහළ යන ජීවන වියදම මෙන්ම නව භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වාදීම මත පසුගිය මැතිවරණවලදී බීඑන් පක්ෂයේ වර්ධනයට බලපෑම් එල්ල විය. 'මැතිවරණ අපරාධ' තමන් බීඑන් (Barisan Nasional) පක්ෂයෙන් ඉවත්ව විපක්ෂ පීඑන් (Pakatan Harapan) පක්ෂයට එක්වන බව 2016 දී මහතීර් මොහොමඩ් ප්‍රකාශයට පත්කළේය. ""දූෂණයට සහය දෙන්නේ යැයි පෙනෙන්නට ඇති පක්ෂයක් සමග"" එක්ව කටයුතු කිරීමෙන් ""අපහසුවට"" පත්වූ බව ඔහු කියා සිටියේය. සිය වයස පිළිබඳ පළවන බියට ප්‍රතිචාර දක්වමින් මහතීර් කියා සිටියේ තමන් ඉවත්වීමට පෙර වසර දෙකක කාලයක් පාලනය ගෙන යන බවය. අන්වර් ඊබ්‍රහිම් හට සමාව ප්‍රදානය සඳහා කටයුතු සලසන අතර නැවත ඡන්දයෙන් පත්ව ඉහළම ධුරය දැරීම සඳහා අවශ්‍ය මග එළිපෙහෙළි කරන බවට ද ඔහු ප්‍රතිඥා දුණි. මැතිවරණයට පෙර එල්ලවූ චෝදනාවලින් කියැවුණේ ඡන්දය නිදහස් හා සාධාරණ එකක් නොවනු ඇති බවය. මැතිවරණ ප්‍රදේශ සීමා යළි සකසමින් මෑතකදී ආණ්ඩුව විසින් සම්මත කරගන්නා ලද නීතිය, චෝදනාවලින් කියැවුණේ සම්ප්‍රදායිකව බීඑන් පක්ෂයේ ආධාරකරුවන් වන මැලේ මුස්ලිම් ප්‍රජාවෙන් පිරී යාම තහවුරු කෙරෙන ආකාරයෙන් සිය වාසිය සඳහා මැතිවරණ බලප්‍රදේශ මායිම් වෙනස් කිරීම එයින් සිදුවන බවකි. මෑතකදී හඳුන්වා දෙන ලද අර්බුදයකට තුඩුදුන් ව්‍යාජ පුවත් පිළිබඳ නව නීතිය ද විචාරකයින් විසින් පෙන්වා දෙනු ලැබුවේ බලධාරීන් විරුද්ධ මත දරන්නන් වෙලාගැනීම සඳහා එය උපයෝගී කරගනු ඇති බවය. මැතිවරණයට දින ගණනකට පෙර මැතිවරණ කොමිසම වෙත චෝදනා එල්ල කළ 'Bersih 2.0' නම් මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ කණ්ඩායම පැවසුවේ මැතිවරණ කොමිසම ""මැතිවරණ අපරාධ"" වැඩි කරමින් සිටින බවය. තැපැල් ඡන්ද අක්‍රමිකතා මෙන්ම මියගිය පුද්ගලයින් ඡන්ද හිමි නාම ලේඛනයෙන් ඉවත් නොකිරීම වැනි කරුණු මේ සඳහා පෙන්වා දී ඇත. මැතිවරණය නිදහස් හා සාධාරණ එකක් වනු ඇතැයි ආණ්ඩුව අවධාරණය කළ අතර මැතිවරණ කොමිසම ""සියල්ලගේ යහපතට"" ක්‍රියාකළ බව නජිබ් රසාක් පැවසීය." +ටයිම් සඟරාව විසින් වසරේ කැපී පෙනෙන චරිතය ලෙස ප්‍රකාශයට පත් කොට ඇති ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගේ ලංකා ගමන පිළිබඳව ආණ්ඩුව සහ වතිකාන පරිපාලනය අතරේ සාකච්ඡා දිගටම කෙරී ගෙන යන බව ශ්‍රී ලංකාවේ කතෝලික සභාව කියා සිටී.,"ටයිම් සඟරාව විසින් වසරේ කැපී පෙනෙන චරිතය ලෙස ප්‍රකාශයට පත් කොට ඇති ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බී සී සංදේශය කළ විමසුමකට පිළිතරු දුන් ශ්‍රී ලංකාවේ කත���ලික සභාවේ ප්‍රකාශකයෙකු වන බෙනඩික්ට් ජෝශප් පියතුමන් කියා සිටියේ මේ වන විට ආණ්ඩුව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පාප් තුමන්ට ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි ආරාධනය කොට ඇති බවයි. ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආරාධනය පිළිගත් බවට කරුණු ප්‍රකාශ වී ඇතත් තාමත් පාප් තුමන් පැමිණෙන දින වකවානු නියම කරගෙන නැතැයි බෙනඩික්ට් ජෝශප් පියතුමා වැඩි දුරටත් පැවසූහ. ටයිම් සඟරාව විසින් වසරේ කැපී පෙනෙන චරිතය ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නම් කිරීම පිළිබඳ ව බී සි යට කරුණු දැක්වූ ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත් පතේ වාර්තාකාරිනී මාර්ටිනා ස්ටීව්ස් කියා සිටියේ පාප් තුමන් කර ගෙන යන වෙනස්කම් කතෝලික ජනතාව වැදගත් කොට සලකන බවයි. දුප්පතුන් ගේ අවශ්‍යතා පිළිබඳ ව වඩාත් සංවේදී විය යුතු බව ෆ්‍රැන්සිස් පාප් තුමන් ප්‍රකාශ කොට ඇති අතර ඒ වෙනුවෙන් කතෝලික සභාව තුල වෙනස්කම් රැසක් දියත් කොට ඇති බව විචාරකයෝ පෙන්වා දෙති වසරේ කැපී පෙනෙන චරිතය බීබීසි වැඩ සටහනකට එක්වූ එංගලන්ත සභාවේ ශාන්ත පාවුළු දේවස්ථානයේ හිටපු ප්‍රධාන දේවගතිවරයා වූ ග්ලෙඑස් ෆ්රේසේර් කියා සිටියේ ටයිම් සඟරාව විසින් වසරේ කැපී පෙනෙන චරිතය ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නම් කිරීම පිළිබඳව තමන් දැඩි ලෙස සතුටට පත් වන බවයි. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කෙළින්ම තම බැතිමතුන් දුරකථනයෙන් අමතන බවයි, දේවගැති ග්ලෙඑස් ෆ්රේසේර් ප්‍රකාශ කළේ. ‘මේ දුරකතන ඇමතුම් ගැන මම කතාවක් අහලා තියෙනවා . විවාහ නොවී දරුවෙක් ලැබෙන්න හිටපු කාන්තාවක් පාප් තුමන්ට ලියුමක් ලියලා දැන්වුවා තමන්ගේ උපදින්නට ඉන්න දරුවා ආගමට ඇතුල් කර ගැනීමට හෙවත් බව්තීස්ම කර ගැනීමට පුජකවරයෙකු හොයා ගන්න පුළුවන් ද යන ප්‍රශ්නයට තමන් මුහුණදී සිටින බව. පාප් තුමන් මේ කාන්තාවට දුරකතනයෙන් කථා කලා. දරුවා බව්තීස්ම කිරීමට පුජක වරයෙක් හොයා ගන්න බැරි වුනොත් තමන් ට පැමිණිය හැකි බව කියා සිටියා. මේක හරිම අපුරු වැඩක්' යැයි ග්ලෙඑස් ෆ්රේසේර් දේවගැතිතුමන් කියා සිටියහ." +ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් පිටමං කිරීම සඳහා වූ යෝජනාවක් ඉහළ පෙළේ නීතී සංගම් තුනක් රැස්වෙන සමුළු වාරයක න්‍යාය පත්‍රයට ඇතුලත් කොට ඇත.,"පොදු රාජ්‍ය මණ්ඩලයේ නීතීවේදීන් , නීතී අධ්‍යාපනඥයයින් සහ විනිසූරුවරුන්ගේ සංගමය දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි රැස්ව සිටින අතර එහිදී සාකච්ඡාවට ගැනෙන මෙම යෝජනාවෙන් කියැවෙන්නේ ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ මුලධර්ම වලට පටහැනිව කටයුතු කරන බැවින් සාමාජිකත්වය තහනම් කිරීම පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලයේ ඇමතිවරුන්ගේ රැස්වීමේදී සලකා බැලිය යුතු බවයි. පොදු රාජ්‍ය මණ්ඩලයේ ඇමතිවරුන්ගේ රැස්වීම අප්‍රේල් මස විසි හය වෙනිදා පැවැත්වීමට නියමිතයි. පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායකයින්ගේ සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම තුලින් පොදු රාජ්‍ය මණ්ඩලයේ කීර්ති නාමය කෙලෙසෙන බවයි නීතී සංගම් පෙන්වා දෙන්නේ. අධිකරණ නියෝගයට පිටුපාමින් ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව නීතියේ ආධිපත්‍යට ගරු නොකරන රටක් සේ ප්‍රචලිත වීමේ හේතුවෙන් මේ තත්වය උදා වී ඇතැයි ආසියානු මානව හිමිකම් සංවිධානයේ බැසිල් ප්‍රනාන්දු සංදේශයට කියා සිටියේය. "" ජාත්‍යාන්තර මට්ටමේ ඉතා බලවත් නීති සංවිධාන තුනක් ශ්‍රී ලංකාවට ප්‍රබල පණිවිඩයක් ලබා දී තිබෙනවා"" යැයි බැසිල් ප්‍රනාන්දු වැඩි දුරටත් පැවසීය." +සියගණනක් වූ වෙනිසුවෙලා රජයේ හිතවාදීන් එරට විපක්ෂයට බලය හිමි පාර්ලිමේන්තුවට කඩා වැදී මන්ත්‍රීවරුන්ට පහර දුන්හ.,"වෙනිසුවෙලා මැති සබයට ප්‍රහාරයක් වෙනිසුවෙලාහි නිදහස් දිනය සැමරීම සඳහා මන්ත්‍රණ සභාවේ පැවති සැසියක් අවසානයේදී ගැටුම හටගත් බව සිද්ධිය ඇසින් දුටුවෝ පැවසුහ. ඒඑෆ්පී පුවත් සේවය වාර්තා කරන පරිදි, මන්ත්‍රණ සභාවේ ආරක්ෂාවට යොදා ඇති යුද හමුදා පොලිසිය සිටියදීම පොලු මුගුරු සහ පයිප්ප බට අතින් ගත් පිරිස ගේට්ටු හරහා භූමියට ඇතුළු වී ඇත. මේ සිද්ධිය පිළිබඳව විමර්ශනය කරන බවට රජය ප්‍රතිඥා දී ඇති අතර ""ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට මගේ සහය දෙන්නේ නැහැ"" යැයි ජනාධිපති නිකලස් මදුරෝ පවසයි. වෙනිසියුලා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රහාරයක්;හමුදාව සීරුවෙන් තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි වෙනිසියුලා ජනාධිපති චෝදනා කරයි. මන්ත්‍රණ සභාවේ කතානායක ජුලිඕ බොර්ජෙස් පැවසුවේ ජනමාධ්‍යවේදීන්, ශිෂ්‍යයන් සහ අමුත්තන් ඇතුළු 350 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් පරිශ්‍රය තුළ සිරවී සිටි බවය. මන්ත්‍රීවරුන් පස්දෙනෙකු තුවාල ලැබූ අතර ඇතැමුන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගෙන ගිය බව ද ඔහු කීය. මාස කිහිපයක සිට නිතර ඇතිවන ප්‍රචණ්ඩ ක්‍රියාවලින් දෙදරීමකට ලක්ව පවතින වෙනිසුවෙලාව ආර්ථික අර්බුදයක ද වෙලී තිබේ. මෙම ප්‍රචණ්ඩ ක්‍රියාව හෙළාදුටු ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, ""වසර 206 ට ඉහත අද වැනි දිනකදී න��දහස දිනාගැනීම සඳහා වෙනිසුවෙලාවේ ගැහැණු හා මිනිසුන් ගෙන ගිය අරගලයෙන් පෝෂණය වූ ප්‍රජාතාන්ත්‍රික මුලිකාංගවලට එල්ල වූ ප්‍රහාරයක්"" ලෙස හැඳින්වීය. පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිටි වාර්තාකරුවන්ට ඉවත්වන ලෙස ප්‍රහාරකයින් අණ කළ අතර ඒ එක් අයෙකු ඇත ගිනි අවියක්ද වූ බව ඒඑෆ්පී පුවත් සීවය පැවසීය. පහර දුන් පිරිස පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ඇතුළුවීමට පෙර සන්නද්ධ හමුදාවල ප්‍රධානී, ව්ලදිමීර් පද්රිනෝ ලෝපෙස් හා ඇමතිවරු පිරිසක් සමග හිටි අඩියේම එහි පැමිණි උප ජනාධිපති තරෙක් එල් අයිසමි කතාවක් කරමින් ජනාධිපතිවරයාගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියේ මන්ත්‍රණ සභාව වෙත පැමිණ ඔහුට ඇති සහයෝගය පෙන්වන ලෙසය. එතුළට කඩා වැදීමට පෙර එම පිරිස පැය කිහිපයක සිටම ගොඩනැගිල්ල අවට ගැවසී ඇත. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ සන්නිවේදන අමාත්‍යාංශය පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර ඇතැයි සඳහන් කළේය. වෙනිසුවෙලාවට සිදුවුයේ කුමක්ද ? මේ සිදුවීමට පැය කිහිපයකට ඉහතදී, අධිකරණයේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කිරීම මත වෙනිසුවෙලානු නීතිපතිවරියගේ වැඩ තහනම් කෙරිණි. සිය රාජකාරිය තුළදී නීතිපතිනි ලුයිසා ඔර්ටේගා ඩයස් අත්වැරදීම් කර ඇතැයි චෝදනා නැගුනද, ඇතැමුන් පෙන්වාදෙන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රතිසංස්කරණ සැලසුම්වලට එරෙහිව කතා කිරීම හේතුවෙන් ඇය ඉලක්කයක් බවට පත්වී ඇති බවය. පසුගිය සතියේදී, සොරකම් කරන ලද පොලිස් හෙලිකොප්ටර් යානයක් කරකාස් අගනුවර පියාසර කරමින් අත්බෝම්බ හෙලීමේ හා වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මදුරෝ ඇගේ විවේචනයට ලක්විය. එය ""ත්‍රස්තවාදී ප්‍රහාරයක්"" ලෙස ජනාධිපතිවරයා විසින් හඳුන්වාදෙනු ලැබුවද, නීතිපතිනි ඔර්ටෙගා පැවසුවේ රට ""රාජ්‍ය ත්‍රස්තවාදයෙන්"" බැටකන බවය. අදාළ හෙලිකොප්ටරය වෙරළාසන්න ප්‍රදේශයක අතහැර දමා තිබියදී ආරක්ෂක හමුදා විසින් සොයාගනු ලැබුවද, වෙනිසුවෙලාවේ කතානායක ජුලියෝ බොර්ජෙස් පැවසුවේ එම සිදුවීම මවාපෑමක් වීමට ඉඩ ඇති බවය. පොලිස් නිලධාරී ඔස්කාර් පෙරේස් ප්‍රකාශයක් කරමින් කෙසේවෙතත්, හෙලිකොටරය පැදවූ සැඟවී සිටින පොලිස් නිලධාරිය ඔස්කාර් පෙරෙස් අඟහරුවාදා අන්තර්ජාලහි වීඩියෝවක් පළකරමින් පැවසුවේ තමා තවමත් කරකාස් අගනුවර සිටින බවය. වෙනිසුවෙලා ජනාධිපතිවරයාට එරෙහිව වීථි විරෝධතා සඳහා පෙළගැසෙන ලෙස ඔහු වෙනිසුවෙලා ජනතාවගෙන් ඉල්ලා සිටියේය." +දින කීපයක් තුළ ���න්දියාවෙන් කෝවිඩ් -19 රෝගීන් මිලියනයකට වඩා වාර්තා වී තිබේ. වාර්තා වන මරණ සංඛ්‍යාව ද දිනෙන් ඉහළ යමින් තිබේ.,"ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයෙකු ද කොරෝනා වෛරසය හේතුවෙන් මරණයට පත්ව ඇති අතර තවත් කීපදෙනෙකු බරපතල රෝගී තත්ත්වයේ පසුවන බව තානාපති ආරංචි මාර්ග තහවුරු කළේය. රෝගීන්ට ලබා දිය යුතු ඔක්සිජන්, දැඩි සත්කාර ඒකකයේ ඇඳන් මෙන්ම ජීවිතාරක්ෂක ඖෂධ හිඟයක් ද වාර්තා වේ. ඉන්දියාවේ දිල්ලි සහ මුම්බායි නගරවල දිවිගෙවන ශ්‍රී ලාංකිකයන් කීපදෙනෙකු බීබීසී සිංහල සේවයට ඔවුන්ගේ අත්දැකීම් පැවසූහ. ""මම ජීවත් වෙන්නේ දිල්ලි නුවර මහල් නිවාසයක. මම මේ දවස් ටිකේ දැකපු දේවල් නිසා ජීවිතේම කලකිරිලා ඉන්නේ. මේ දේවල් බොහොම වේගයෙන් සිද්ධ වුණා කියලා මට පෙනුණේ. හින්දු උත්සව ඉවර වෙනවත් එක්කම කෝවිඩ් රෝගීන් විශාල ගණනක් වාර්තා වෙන්න ගත්තා. රෝහල්වලට ඒ ආපු රෝගීන් ගණන දරා ගන්න බැරි වුණා,"" දිල්ලි නුවර රැකියාවේ නිරතව සිටින මහේෂා පැවසීය. සිය අත්දැකීම් හෙළි කළ කිසිදු ශ්‍රී ලාංකිකයෙකු තමන්ගේ සම්පූර්ණ නම හෙළි කිරීමට අකමැති වූයේ ඔවුන්ගේ රැකියා ස්ථානවලින් සහ පෞද්ගලිකව ඇතිවිය හැකි යම් 'බලපෑම්' නිසා බව` පැවසූහ. ""අසනීප වුණ මිනිස්සු පාරවල්වල නිදි. අපි දැක්කා රෝහලක් එළියේ මිනිස්සු සෑහෙන ගණනක් බිම නිදාගෙන ඉන්නවා. මේ වෙලාවේ ඇඳක් හොයාගන්නවා කියන්නේ කළුනික හොයනවා වගේ. අපිට ලංකාවට යන්න තිබුණ නම් හොඳයි, නමුත් රස්සාව දාලා යන්නත් බැහැ. අපේ ගෙදර වටේම ඉන්න අයටත් කොරෝනාවෛරසය හැදිලා. වයස 50ක අපේ අසල්වැසියෙක්ට හොඳටම අමාරු වෙලා රෝහලට අරගෙන ගියා. අද වෙනකම් එයා ආයේ ආවේ නැහැ. අපේ අත්දැකීම් එක්ක ලංකාවේ අපේ මිනිස්සුන්ගෙන් ඉල්ලන්නේ එක දෙයයි, අනේ ප්‍රවේසම් වෙන්න. නීති පිළිපදින්න. මොකද මේ දේවල් දැකලා ජීවත් වෙලා ඉන්න එකත් හරිම අමාරුයි. දැන් තත්ත්වය දකිද්දී එක දෙයයි මට මතක් වෙන්නේ, ඒ අපිට බුද්ධාගමට උගන්නපු විශාලා මහනුවරයි,"" මහේෂා තවදුරටත් පැවසුවාය. ඉන්දියාවේ රෝගීන් සහ මරණයට පත් වූවන් ගණන වාර්තා වන ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි අගයක් ගනු ලබන බව විශ්වාස කෙරේ. පසුගිය සතිය තුළ මරණයට පත් වූ 1,150 දෙනෙකු පමණ දිල්ලි නිල සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් වී නොමැති බව එරට NDTV රූපවාහිනී සේවය කළ ගවේෂණයකින් අනාවරණය වී තිබේ. රට පුරා සංඛ්‍යා ලේඛනවල අඩුවක් දක්නට ඇති බවට ඒ හා සමාන තවත් ගවේෂණ මගින් පෙනෙන්නට තිබේ. ආදාහනාගාර සේවකයන් රා���්‍රිය පුරා සිරුරු පිළිස්සීමේ කටයුතුවල යෙදෙන අතර දර සැකසීමට සහ සෙසු කටයුතු සඳහා මිය ගිය පුද්ගලයන්ගේ ඥාතීන්ගේ ද සහාය ලබා ගැනීමට සිදුව ඇති බව වාර්තා වේ. දිල්ලි නුවර රිය ගාල්, උද්‍යාන හෝ හිස් බිම් තීරු ආදාහන කටයුතු සඳහා සොයමින් පවතී. මුම්බායි නුවර රැකියාවේ යෙදෙන ඩිලාන් පැවසුවේ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන තරමට ඉන්දියාව තුළ තත්ත්වය දරුණු නොවන බවය. මේ තොරතුරු ද කියවන්න: ""ඉන්දියාව වගේ විශාල ජනගහණයක් ඉන්න රටකින් කුඩා කොටසකට තමයි වෛරසය වැළඳිලා තියෙන්නේ. ඉන්දියාවේ රජය තත්ත්වය හොඳට පාලනය කරගෙන යනවා. මාධ්‍යවලින් පෙන්නනවා වගේ තත්ත්වය දරුණු නැහැ. ලෝකයේ අනෙක් රටවල වගේම මෙහෙත් වෛරසය එක කාලයක පැතිරිලා ගිහින් තියෙන්නේ. නමුත් ටික කාලයකින් හැම දේම පාලනය වෙයි. ""වසංගතයක් නිසා මිනිස්සු මැරෙන, ලෙඩ වෙන එක ගැන නම් කණගාටුයි. හැබැයි යම් දුක අවස්ථා විතරක් මාධ්‍යවලින් පෙන්වන එක වැරදියි. සම්පූර්ණ ඉන්දියාව ගත්තොත් ඔය පෙන්නනවා වගේ දුක්ඛිත තත්ත්වයක් නැහැ. වෛරසයේ භයානක කම වගේම, ඒක පාලනය කරන විදිහත් මාධ්‍යවලින් පෙන්වනවා නම් හොඳයි,"" ඩිලාන් තවදුරටත් පැවසීය. රෝහල්වල ඔක්සිජන් නොමැති නිසා රෝගීන් බාර නොගන්නා බව සඳහන් දැන්වීමක් මේ අතර, කොරෝනා වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් සිය ආණ්ඩුව කටයුතු කළ ආකාරය පිළිබඳ විවේචනාත්මක අදහස් ඉවත් කරන ලෙස ඉන්දීය ආණ්ඩුව ට්විටර් සමාජ ජාලය වෙත නියෝග කර තිබේ. ආණ්ඩුවේ එම පියවර සම්බන්ධයෙන් ඉන්දියාව පුරා කෝපය පළ වෙමින් තිබේ. ""මම රැකියාව කරන්න විතරක් දිල්ලිවල නැවතිලා ඉන්නවා. මෙහෙ තත්ත්වය ඇත්තටම භයානකයි. අහිංසක මිනිස්සු සෑහෙන දුක් විඳිනවා අවශ්‍ය ප්‍රතිකාර නැතුව. කොරෝනාවලින් මැරුණ අය පුච්චන තැනක් මම දැක්කා. හිතට මහා කණගාටුවක් දැනෙනවා, ඒ වගේම ලංකාවට මේ වගේ තත්ත්වයක් උදා නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා,"" රන්දික බීබීසී සිංහල සේවයට පැවසීය. ""රැකියා ස්ථානවල ප්‍රශ්න එන නිසා අපිට මේ සිද්ධ වෙන, දකින දේවල් සමාජ මාධ්‍ය ජාලවල පවා දාන්න බැහැ.ටික දවසක් ඇතුළත මම දැකපු දේවල් එක්ක මානසික පීඩනයක ඉන්නේ. හිතට බයයි, නමුත් පුළුවන් තරම් පරිස්සම් වෙලා ඉන්න උත්සහ කරනවා. ජීවිතය කියන්නේ කොයි තරම් අවිනිශ්චිත දෙයක් ද කියලා දැන් තේරෙනවා,"" ඔහු තවදුරටත් පැවසීය. දිල්ලියේ සහ තවත් බොහෝ නගරවල රෝහල් ඇඳන් හිඟ වී ඇති හෙයින්, රෝගීන්ට නිවසේදී ප්‍රතිකාර ලබා ගැනීමට ක්‍රම ��ොයා ගැනීමට සිදු වී තිබේ. මේ හේතුවෙන් අත්‍යවශ්‍ය ඖෂධ, ඔක්සිජන් සිලින්ඩර සහ සාන්ද්‍රකවල මිල අහස උසට නැඟී ඇති අතර ඒවා සොයා ගැනීම සඳහා බොහෝ දෙනෙකු කළු කඩ වෙත යොමු වී තිබේ. ඇඳන් හිඟයට පිලියමක් ලෙස දුම්රිය මැදිරි කොරෝනාවෛරස රෝගීන් හුදකලා කළ හැකි වාට්ටු බවට පරිවර්තනය කිරීමට ඉන්දීය බලධාරීන් යොමු වී තිබේ. රෝහල්වලට ඇති පීඩනය ලිහිල් කිරීම සඳහා ක්‍රීඩා ශාලා, ක්‍රීඩාංගණ සහ ආරාම ද කොරෝනාවෛරස ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පරිවර්තනය කර ඇත. මෙම ස්ථානවල සමහර ඇඳන් නිමවා ඇත්තේ කාඩ්බෝඩ්වලිනි. දිල්ලියේ ආදාහනාගාරයක සේවය කරන ජයන්ත් මල්හෝත්‍රා බීබීසී සේවයට පැවසුවේ මෙවැනි භයානක තත්ත්වයක් තමා කිසි දිනක දැක නොමැති බවය. ""මට විශ්වාස කරන්න බැහැ අපි ඉන්නේ ඉන්දියාවේ අගනුවර කියන එක. මිනිසුන්ට ඔක්සිජන් ලැබෙන්නේ නැහැ ඔවුන් සත්තු වගේ මැරෙනවා."" තවත් තොරතුරු:" +ඉතාමත් දරුණු ගැටුම්වලින් අනතුරුව රටේ සංහිඳියාව ඇති කිරීම් වස් තමන් අනුගමනය කළ ක්‍රියාදාමයේ අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට 'ඕනෑම මොහොතක සූදානම්' බව දකුණු අප්‍රිකාව පවසයි.,"'අපිට දෙන්න අත්දැකීමක් තියෙනව. ඒක බෙදා හදා ගන්න ඇතැම් ශ්‍රී ලාංකිකයන් සූදානම් බව අපිට වැටහුනා' පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම පිණිස ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු අප්‍රිකාවේ ජනාධිපති ජේකබ් සූමා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ බව කියා සිටියේ, දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා ආණ්ඩුව අතර සාකච්ඡා සඳහා පහසුකම් සලසන්නෙකු ලෙසින් ක්‍රියා කිරීමට සූදානම් දැයි මාධ්‍යවේදියකු ප්‍රශ්නයක් නැගූ අවස්ථාවේ. රටේ සංහිඳියාව ඇති කිරීම් වස් තමන් කිසියම් ක්‍රමවේදයක් දියත් කළ බව පවසන ජනාධිපති ජේකබ් සූමා, ඉන් අනතුරුවත් මතු වුන අභියෝගයන්ට මුහුණ දීම පිණිස විවිධ ක්‍රමවේදයන් දියත් කළ බව සඳහන් කළේය. ""ඉතින් මේ අත් දැකීම ලෝකේ ඕනෑම තැනක වෙසෙන සහෝදර සහෝදරියන් සමඟ අපිට බෙදා හදා ගන්න පුළුවන් කියල අපි විශ්වාස කරනවා,"" යනුවෙන් ඔහු සඳහන් කළේය. 'ක්‍රමවේදයක් තියෙනවා' චෝදනා විභාග කිරීමේ ක්‍රියාදාමයක් දැනටමත් ආරම්භ වී තිබෙන බව ජනාධිපතිවරයා පවසයි දකුණු අප්‍රිකාවේ එම සංහිඳියා ක්‍රියාදාමයට සම්බන්ධ වූ පිරිස් සහ ඇතැම් ශ්‍රී ලාංකිකයන් අතර අදහස් හුවමාරුවක් සිදුවෙමින් පවතින්නේ එසේ සිය අත් දැකීම් බෙදා ගැනීමේ අභිප්‍රායෙන් බවයි, ජනාධිපතිවරයා ප���සන්නේ. ශ්‍රී ලංකාවේ එවැනි ක්‍රියාදාමයක් සඳහා මැදිහත් වීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නම් තමන් ඕනෑම මොහොතක එයට සූදානම් බව ඔහු අවධාරණය කළේය. ""අපිට දෙන්න අත්දැකීමක් තියෙනව. ඒක බෙදා හදා ගන්න ඇතැම් ශ්‍රී ලාංකිකයන් සූදානම් බව අපිට වැටහුනා ඉතින් අපිට ඒ ගැන බොහොම සතුටුයි,"" බවද ජනාධිපති සූමා පැවසීය. මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනාධිපති පදවියට පත්වීමට පෙර විපක්ෂනායක පදවිය දැරූ සමයේ පවා තමන් දකුණු අප්‍රිකානු නායකයන් සමඟ අදහස් හුවමාරු කරගත් බව කියා සිටියේය. වෙනත් රටක මානව හිමිකම් උල්ලංඝන හෝ වෙනත් කරුණු සම්බන්ධයෙන් අදහස් පළ කරන විට එය ඉතා සංවේදී තත්වයක් බව කියා සිටි ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවටද එය එසේම සංවේදී කරුණක් බව සඳහන් කළේය. ඉතාමත් පැරණි අධිකරණ පද්ධතියක් පවතින ශ්‍රී ලංකාවේ එවැනි චෝදනා සම්බන්ධයෙන් විභාග කිරීම පිණිස ක්‍රමවේදයක් පවතින බව පවසන ඔහු, එල්ල වී තිබෙන චෝදනා විභාග කිරීමේ ක්‍රියාදාමයක් දැනටමත් ආරම්භ වී තිබෙන බවත්, එම ක්‍රියාදාමය අවසාන වීම පිණිස කාලයක් ගත වනු ඇති බවත් කියා සිටියේය." +තරුණයකු සිය දිවි නසා ගැනීමේ දර්ශන සහිත පුවතක් විකාශය කිරීම තුළින් ඇතැම් පෞද්ගලික රූපවාහිනී ආයතන මාධ්‍ය ආචාරධර්ම 'අමු අමුවේ' උල්ලංඝනය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.,"අන්තර්ජාතික මාධ්‍ය රීතීන්ට අනුකූලව රූප රාමු බොඳ කර හෝ නොකොර එවැනි අති සංවේදී දර්ශන ප්‍රසිද්ධියේ විකාශය කිරීම ශිෂ්ට සමාජයක සිදු නොවිය යුතු බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය රංග කලංසූරිය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ. 'මෙය මාධ්‍ය අධ්‍යාපනයේ ප්‍රාථමික සිද්ධාන්තයකි. සියදිවි නසා ගැනීම් වාර්තාකරණය සම්බන්ධයෙන් රටේ පවතින නීතිරීති ද සැලකිල්ලට ගත යුතුය,' ජනමාධ්‍ය ආචාරධර්ම මතක් කොට දීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යභාරයක් නොවුනත් ක්ෂේත්‍රයේ වෘත්තීය භාවය පිළිබඳ අවධානය යොමු කිරීමේදී එවැනි මතක් කරදීම් සඳහා සුදුසු කාලය එළඹ ඇතැයි හැඟෙන බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසයි. 'විකාශන මාධ්‍ය සඳහා ස්වාධීන නියාමන ක්‍රමවේදයක් නොතිබීම මෙවැනි ආචාරධර්ම කඩ කිරීමට ප්‍රධාන හේතුවක් බව රජය විශ්වාස කරයි,' නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. ආචාරධර්ම කඩ කෙරෙන ඉහත ආකාරයේ සංවේදී දර්ශන විකාශනය කිරීමෙන් වැළකී සිටින ලෙස සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බවත් අදාළ කරුණ පෙන්වා දුන් විගස ඊට ප්‍රතිචාර වශයෙන් එම පුවත විකාශය කිරීම අත්හිටවූ ඇතැම් නාලිකාවලට ප්‍රශංසාව හිමි වන බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය රංග කලංසූරිය සිය නිවේදනයෙන් වැඩි දුරටත් පවසයි." +ගාල්ලේ පාවෙන අවි ගබඩාව සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ තිබුණු අවි ගබඩාව පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි.,"හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුගේ නිවසට ගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසා ඇත්තේ අද පස්වරුවේ අර්ධ ප්‍රකාශයක් ලබාගැනීම සිදුවූ බවයි. සම්පූර්ණ ප්‍රකාශයක් පසුව ලබා දෙන බවට හිටපු ආරක්ෂක ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දී ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබේ. අවන්ට් ගාඩ් පෞද්ගලික ආරක්ෂක සමාගම සතුව තිබූ අවි ගබඩා පිළිබඳව මෙහිදී ප්‍රශ්න කර ඇති බවයි වාර්තා වන්නේ. මීට අමතරව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් පිහිටු වන ලද රක්නා ලංකා සමාගමේ ක්‍රියාකාරකම් පිළිබඳව ද විමසා තිබේ. මුහුදු කොල්ලකරුවන්ගෙන් ආරක්ෂාවීම පිණිස නෞකාවලට ආයුධ සපයන අවන්ට් ගාඩ් මරීටයිම් සමාගමට අයත් නෞකාවක තිබී ගාල්ලේ දී අවි ආයුධ තොගයක් සොයා ගැනීම පසුගියදා මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. ශ්‍රී ලංකාවේ දී රක්නා ලංකා සමාගමෙන් නීත්‍යානුකූලව තාවකාලිකව ලබා ගත් අවි ආයුධ හැරුණු කොට, සිය නෞකාවල තිබෙන අනෙක් සියලු ආයුධ සහ ආම්පන්න විදේශවලින් මිලදී ගත් දේ බව අවන්ට් ගාඩ් පෞද්ගලික ආරක්ෂක සමාගමේ ප්‍රධානියා මීට පෙර සංදේශයට කියා තිබුණි." +ඉතියෝපියානු අගමැති අබී අහමද්ට 2019 නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කෙරිණි.,"43 හැවිදිරි ඉතියෝපියානු අගමැති අබී අහමද්. ""සාමය සහ ජාත්‍යන්තර සහයෝගීතාව සාක්ෂාත් කරගැනීමට"" දැරූ උත්සාහය ඔහු මෙම ත්‍යාගයට හිමිකම් කීමට ඉවහල් විය. 1998- 2000 වර්ෂවල සිට වසර 20ක් පුරා එරිත්‍රියාව සමග පැවති දේශ සීමා යුද්ධය අවසන් කර පසුගිය වසරේ දී සාම ගිවිසුමකට එළඹීමට ඉතියෝපියාවට හැකි විය. සියවෙනි නොබෙල් සාම ත්‍යාග ලාභියා වන අගමැති අබී අහමද්ට දෙසැම්බර් මස දී එම ත්‍යාගය පිරිනැමීමට නියමිතය. එය ඩොලර් ලක්ෂ නවයක් පමණ වටිනා ත්‍යාග��කි. පුද්ගලයන් 223ක් සහ සංවිධාන 78ක් ඇතුළුව 301 දෙනෙකු මෙම ගෞරවාන්විත සම්මානය සඳහා නිර්දේශ වී තිබිණි. ත්‍යාගය හිමිවන්නේ කාහටදැයි අනුමාන කරමින් ලොව පුරා විවිධ වාර්තා පළවිය. මේ අතරින් ගෝලීය දේශගුණික විපර්යාස ගැන දැනුවත් කිරීමේ සටනේ ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තුන්බර්ග් බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වුවාය. 43 හැවිදිරි අගමැති අබී අහමද් 2018 අප්‍රේල් මස බලයට පත් වීමත් සමග දැඩි නීති රීතිවලින් පාලනය වුණ රටක් වූ ඉතියෝපියාවට ලිබරල් ප්‍රතිපත්ති හඳුන්වා දීමට ක්‍රියා කළේය. ප්‍රතිවාදී ක්‍රියාකාරීන් දහස් ගණනක් නිදහස් කිරීමට ක්‍රියා කළ අතර, පිටුවහල් කර සිටි පිරිස නැවත ගෙන්වා ගැනීමට ඔහු කටයුතු කළේය. දශක දෙකක් පුරා එරිත්‍රියාව සමග පැවති යුද්ධය අවසන් කරමින් සාම ගිවිසුමකට එළඹීම ඒ අතරින් වඩා වැදගත් කාර්යය වන්නේය. නමුත් මෙම ලිබරල් පිළිවෙත නිසා ඉතියෝපියාවේ ජාතීන් අතර විරසකය වැඩි වීමක් දක්නට ලැබුණු අතර, පුද්ගලයන් මිලියන 2.5 ක් සිය නිවෙස් අත්හැර පළා ගියහ. පෝලන්ත ලේඛිකාවක වන ඔල්ගා ටොකාර්චුක් සහ ඔස්ට්‍රියානු ජාතික පීටර් හැන්දික්. සාහිත්‍ය වෙනුවෙන් පිදෙන නොබෙල් ත්‍යාගය හිමි වූයේ පෝලන්ත ලේඛිකාවක වන ඔල්ගා ටොකාර්චුක් (Olga Tokarczuk) සහ ඔස්ට්‍රියානු ජාතික පීටර් හැන්දික්ටය (Peter Handke). පසුගිය වසරේ දී මෙම ත්‍යාගය ලබා දීමට නොහැකි වූ නිසා මෙවර 2018 සහ 2019 යන වසර දෙකටම ත්‍යාග පිරිනැමීමට ක්‍රියා කර තිබේ. ලිංගික අතවර පිළිබඳ ප්‍රශ්නයක් මතු වීම හේතුවෙන් 2018 වසරේ දී සාහිත්‍ය වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය අවලංගු කළේය. පසුගිය වසරේ 'මෑන් බුකර් ජාත්‍යන්තර සම්මානයට ද හිමිකම් කියූ ඔල්ගා ටොකාර්චුක්ට 2018 වසරේ නොබෙල් ත්‍යාගය හිමි විණි. 2019 වසරේ සාහිත්‍ය වෙනුවෙන් නොබෙල් ත්‍යාගය පිරිනැමුණේ පීටර් හැන්දික්ටය. 76 හැවිදිරි පීටර් හැන්දික්ට මෙම සම්මානය හිමි වීම ගැන විවේචන බොහොමයක් ද එල්ල වෙමින් තිබේ. ඊට හේතුව, 1990 යුගොස්ලාව් යුද්ධය පවතින සමයේ ඔහු සර්බියානුවන්ට සහයෝගය දැක්වීමය. ජන සංහාර ඇතුළු යුධ අපරාධ චෝදනා ලැබ සිටි සර්බියාවේ හිටපු නායක ස්ලොබොදාන් මිලොසෙවිච් ගේ (Slobodan Milosevic) අවමඟුල් උත්සවයේ දී කතාවක් පැවැත්වීම පීටර් හැන්දික්ට එල්ලවන තවත් චෝදනාවකි. ජෝන් බී ගුඩේනෝ, එම් ස්ටැන්ලි විටින්ගැම් සහ අකිරා යෝශිනෝ. ලිතියම් අයන් විදුලි කෝෂ වැඩිදියුණු කිරීම වෙනුවෙන් විද්‍යාඥයන් තිදෙනෙක් මෙවර රසායන විද්‍ය���ව වෙනුවෙන් පිදෙන නොබෙල් ත්‍යාගයට හිමිකම් කීහ. ජෝන් බී ගුඩේනෝ, එම් ස්ටැන්ලි විටින්ගැම් සහ අකිරා යෝශිනෝ යන විද්‍යාඥයන් අතර ඩොලර් ලක්ෂ නවයක පමණ ත්‍යාගය බෙදී යෑමට නියමිතය. ජංගම ඉලෙක්ට්‍රොනික උපාංග සඳහා යොදා ගත හැකි මෙම විදුලි කෝෂ නැවත ආරෝපණය කළ හැකිය. 97 හැවිදිරි මහාචාර්ය ජෝන් බී ගුඩේනෝ මෙතෙක් නොබෙල් ත්‍යාගයක් හිමි වූ වසස්ගතම පුද්ගලයා වේ. බරින් අඩු අධිබලැති ලිතියම් අයන් බැටරි ජංගම දුරකතන, ලැප්ටොප් සිට රථවාහන දක්වා ඕනෑම උපාංගයකට යොදා ගැනීමේ හැකියාව ඇත. ජේම්ස් පීබ්ල්ස්, ඩිඩියර් කෙලොස් සහ මයිකල් මේයර්. භෞතික විද්‍යාව වෙනුවෙන් වූ නොබෙල් ත්‍යාගය ද විද්‍යාඥයන් තිදෙනෙකුට හිමි වී තිබේ. විශ්වයේ ආරම්භය පිළිබඳ ""අතිශය වැදගත්""කරුණු සොයා ගැනීම හේතුවෙන් ජේම්ස් පීබ්ල්ස්, මයිකල් මේයර් සහ ඩිඩියර් කෙලොස්ට ඩොලර් ලක්ෂ නවයක පමණ ත්‍යාගය හිමි වී තිබේ. විශ්වයේ පරිණාමය ගැන සිදු කරන කාර්යය වෙනුවෙන් ජේම්ස් පීබ්ල්ස් සහ හිරු මෙන් දිස්වෙන තරුවක් වටා පිහිටි ග්‍රහලෝකයක් සොයා ගැනීම වෙනුවෙන් මයිකල් මේයර් සහ ඩිඩියර් කෙලොස්ට මෙම ගෞරවාන්විත ත්‍යාගය පිරිනැමේ. ""මෙය විශ්වාස කරන්නත් බැහැ. මෙම සොයාගැනීම සිදු කළේ අවුරුදු 25ට කළින්. හැබැයි හැමෝම කිව්වා මෙය නොබෙල් ත්‍යාගය හිමි විය යුතු සොයාගැනීමක් කියලා. මම එතකොට, ඔව් ඉතින්,මොකක් හරි කියලා ඒ අයට උත්තර දුන්නා,"" මහාචාර්ය ඩිඩියර් කෙලොස් බීබීසී පුවත් සේවයට පැවසීය. මේ තොරතුරුද කියවන්න: විලියම් කීලින්, පීටර් රැට්ක්ලිෆ් සහ ග්‍රෙග් සෙමෙන්සා. වෙනස් වන ඔක්සිජන් මට්ටම ශරීරයේ සෛලවලට දැනෙන ආකාරය සහ ඒවා හැඩගැසීම පිළිබඳ කළ සොයාගැනීම් සඳහා විද්‍යාඥයන් තිදෙනෙකුට කායික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය පිරිනැමේ. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සහ ෆ්‍රැන්සිස් ක්‍රික් ආයතනයේ සර් පීටර් රැට්ක්ලිෆ්, හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ විලියම් කීලින් සහ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ග්‍රෙග් සෙමෙන්සා මෙම ත්‍යාගය හිමි වූ විද්‍යාඥයෝය. ඔවුන්ගේ සොයා ගැනීම් තුළින් රක්තහීනතාව සහ පිළිකා රෝගවලට නව ප්‍රතිකාර ක්‍රම නිර්මාණය කිරීමට හැකි වී තිබේ. ""මෙය මට ගෞරවයක් වගේම මේ පුවත ඇසීමෙන් මම ඉතා සතුටට පත් වුණා,"" සර් පීටර් රැට්ක්ලිෆ් පැවසුවේය. තවත් තොරතුරු:" +දේශපාලන රැකවරණ පතා එන ශ්‍රී ලාංකිකයන් පිටුවහල් කිරීම අත් හිටුවන නියෝගයක් බ්‍රිත��න්‍ය අධිකරණයක් විසින් ලබා දී තිබේ.,දේශපාලන රැකවල් පතා එන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් මේ වසර මැද දී ඉහළ අධිකරණය විසින් දෙනු ලැබු තීන්දුවකට එරෙහිව කරන ලද අභියාචනයක් සම්බන්ධයෙන් මේ නියෝගය දී ඇත්තේ බ්‍රහස්පතින්දා. ලබන වසර මුලදී පූර්ණ නඩු විභාගයක් පවත්වා ශ්‍රී ලංකාව සම්බන්ධ නිර්දේශ ලබා දෙන තුරු අභියාචනාධිකරණ තීන්දුවෙන් සහනයක් සැලසෙන බවයි නීතිවේදී අරුන් ගනනාදන් ප්‍රකාශ කළේ. එමෙන්ම දේශපාලන රැකවරණ පතන ශ්‍රී ලාංකිකයකුගේ අයැදුම් පත්‍රයක් හෝ අභියාචනයක් හෝ ජූලි මාසයේ අධිකරණ නිර්දේශ අනුව ප්‍රතික්ෂේප වී තිබේ නම් ඔවුන්ට නැවත අභියාචනයක් ඉදිරිපත් කිරීමේ ඉඩ සැලසෙන බවයි ඔහු පවසන්නේ. වධ බන්ධන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම (UNHRC) විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳව 2012 දී පළ කරන ලද නිර්දේශ ඉහළ උසාවියේ ප්‍රමාණවත් සැලකිල්ලට යොමුවී නැති වග බ්‍රිතාන්‍ය අභියාචනාධිකරණයේ අවධානයට යොමු කැරුණු බව ද ගනනාදන් නීතිවේදියා තවදුරටත් පැවසීය. දේශපාලන රැකවරණ සඳහා වන ඉල්ලීම අසාර්ථක වී ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලබන දෙමළ ජනතාව අතුරින් ඇතැමකු වධ බන්ධනයට ලක්වන බවට මානව හිමිකම් සංවිධාන ගෙන එන චෝදනා ශ්‍රී ලංකාවේ රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුණි. +මැයි පළමු වනදා උඩවලව ජාතික වන උද්‍යානයෙන් අලි පැටවෙකු සොරකම් කිරීමට තැත් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් කරන ලද විමර්ශන කටයුතු වලදී ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව අනාවරණය වූ බැවින් නඩුව ඉදිරියට ගෙන යාම සඳහා අදහසක් නොමැති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ දන්වා සිටියි.,"මේ වන විට අලි පැටවා ඇත්අතුරු සෙවණේ රඳවා සිටියි වනජීවි දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් අධිකරණයට සතුටු විය නොහැකි බව පැවසූ ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරිය කාංචනා ද සිල්වා, අලි පැටවා රැගෙන යාමට පැමිණ හැර දමා ගිය අංක තහඩු රහිත ට්‍රැක්ටරයේ චැසි අංකය මගින් එහි අයිතිකරු සොයා ගත නොහැකිදැයි ප්‍රශ්න කළාය. එහිදී පැමිණිල්ල ඉදිරිපත් කළ වනජීවි නිලධාරීන් පැවසුවේ කොළඹ ප්‍රධාන වනජීවි කාර්යාලය විමර්ශන කටයුතු කළ බැවින් ඒ සම්බන්ධයෙන් තමන් කිසිත් නොදන්නා බවයි. ගම්වැසියන්ගේ විරෝධය ඒ අනුව අලි පැටවා වන උද්‍යානයෙන් පිටතට රැගෙන යෑම සඳහා යොදා ගත් අතහැර දමා ගිය අංක තහඩු රහිත ට්‍රැක්ටරය හා අලි ඇල්ලීමට යොදා ගත් බවට ��ැක කෙරෙන කඹ ආදී උපකරණ ද රාජසන්තක කිරීමට ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරිය නියම කළාය. අලි පැටවා පැහැර ගෙන යාමට පැමිණි පිරිස වනජීවි නිලධාරීන්ගේ සහ ගම්වැසියන්ගේ විරෝධය හමුවේයි එම උත්සාහය අතහැර සුඛෝපභෝගී වාහන වල නැග පලා ගියේ. අතහැර දමා ගිය අංක තහඩු රහිත ට්‍රැක්ටරය දේශපාලනඥයකුගේ ඥාතියකු දෙනියාය ප්‍රදේශයේ පදිංචි ඉහළ පෙළ දේශපාලනඥයකුගේ ඥාතියකු මෙම අලි සොරකම මෙහෙයවා ඇති බව නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි වනජීවි දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසුවේය. අලි පැටවා සොරකම් කිරීමට පැමිණි පිරිස එම අවස්ථාව ආවරණය කිරීමට ගොස් සිටි මාධ්‍යවේදී මහින්ද පුෂ්පකුමාර තේරසිංහටද පහර දුනහ. පහර දුන් පුද්ගලයන් සම්බන්ධයෙන් සහ ඔවුන් පැමිණි වාහනවල ලියා පදිංචි අංක ඇතුළුව ඔහු විසින් ගොඩකවෙල පොලිසියට කළ පැමිණිල්ල මේ වන විට යටපත් වී ඇති බව ප්‍රහාරයට ලක් වූ මහින්ද පුෂ්පකුමාර තේරසිංහ පවසයි." +කාන්තාවන්ට පමණක් අසුන්ගත හැකි සාමාන්‍ය පන්තියේ මගී ආසන වෙන් කිරීමේ වැඩපිළිවෙළක් එයාර් ඉන්ඩියා ගුවන් සමාගම ආරම්භ කර ඇත.,"ආසන හයකින් සමන්විත පළමු අසුන් පෙළ කාන්තාවන් සඳහා පමණක් වෙන් කරනු ලැබ තිබේ ඒ අනුව ආසන හයකින් සමන්විත පළමු අසුන් පෙළ කාන්තාවන් සඳහා පමණක් වෙන් කරනු ලැබ තිබේ. එයාර් ඉන්ඩියා ගුවන් සමාගම විසින් එම ක්‍රියාමාර්ගය ගනු ලැබ ඇත්තේ ඇතැම් මගීන් විසින් කාන්තාවන් අයුතු ලෙස ස්පර්ශ කරනු ලැබ ඇති බවට වාර්තා පළ වීමත් සමගය. තනිව ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව තහවුරු කරනුවස් එම තීන්දුව ගනු ලැබූ බව එයාර් ඉන්ඩියා ගුවන් සමාගමේ සාමාන්‍යාධිකාරිවරිය 'ද හින්දු' පුවත්පතට පවසා තිබේ. ""ජාතික ප්‍රවාහන සේවයක් වශයෙන් මගී කාන්තාවන්ගේ පහසුව ඉහළ නැංවීම අපේ වගකීමක්,"" සාමාන්‍යාධිකාරී මීනක්ෂි මලික් කියා සිටියාය. කලබලකාරී ලෙස හැසිරෙන මගීන් පාලනය කිරීම සඳහා ගුවන් යානය තුළ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු යෙදවීමටත් එයාර් ඉන්ඩියා ගුවන් සමාගම කටයුතු කොට තිබේ. කාන්තාවන්ට මගී ආසන වෙන් කිරීමේ වැඩපිළිවෙළ මේ සති අන්තයේදී අභ්‍යන්තර ගුවන් ගමන්වලින් ආරම්භ කෙරෙන අතර ඉදිරි මාස කීපය ඇතුළත සෙසු ගුවන් ගමන් සඳහා ද එම පහසුකම ලබා දීමට ඉඩ ඇති බව වාර්තා වේ. එයාර් ඉන්ඩියා ගුවන් සමාගම විසින් ගනු ලැබූ තීන්දුව එම සමාගමේ හිටපු ප්‍රධානි ජිතේන්ද්‍ර භාර්ගාවා ගේ විවේචනයට ලක් වී තිබේ. ""ජාතික ප්‍රවාහන සේවයක් වශයෙන් මගී කාන්තාවන්ගේ පහසුව ඉහළ නැංවීම අපේ වගකීමක්,"" ""මම දන්න ආකාරයට, මෙවැනි දෙයක් ලෝකයේ කිසිම තැනක සිදු වෙන්නේ නැහැ. මගී කාන්තාවන්ට ගුවන් යානා තුළ ආරක්ෂාවක් නැත්තේ නැහැ. නොහික්මුණු ආකාරයට හැසිරෙන පුද්ගලයන්ට එරෙහිව නීතියට අනුව කටයුතු කිරීමට යානයේ කාර්ය මණ්ඩලයට බලය ලබා දී තිබෙනවා,"" ඔහු 'ද හින්දු' පුවත්පතට පවසා තිබේ. එයාර් ඉන්ඩියා ගුවන් සමාගම විසින් මතභේදාත්මක තීන්දුවක් ගනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කිරීමට තරම් ඇතැම් තරුණියන් තරබාරු වැඩි බව සමාගමේ ප්‍රධානීන් 2015 වසරේදී කාර්ය මණ්ඩලයේ ඇතමුන්ට පවසා තිබිණි. ඔවුන් එහිදී වැඩිදුරටත් සඳහන් කොට තිබුණේ එවැනි තරබාරු ගුවන් සේවිකාවන් නිසා ගුවන් සමාගමට ඉන්ධන සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවය." +ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ආණ්ඩුව විපක්ෂය මර්දනය කිරීමේ උපාය මාර්ගයක නිරත වී සිටින බවට කැෆේ සංවිධානය චෝදනා කරයි.,කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක කීර්ති තෙන්නකෝන් ජනාධිපතිවරණයට පෙර විපක්ෂ ක්‍රියාකාරීන් නිහඬ කිරීමේ එම සැලැස්මේ කොටසක් වශයෙන් පසුගියදා ප්‍රහාර කිහිපයක්ම එල්ල කර ඇති බවයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ව්‍යාපාරය (CaFFE) පවසන්නේ. නාවලපිටිය ඡන්ද කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබූ නිවසකට අඟහරුවාදා ගල් ගසා පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව කැෆේ සංවිධානය පවසයි. දින පහක් ඇතුළත විපක්ෂයේ අපේක්ෂකයන් සහ ආධාරකරුවන් ඉලක්ක කර එල්ල වූ තෙවැනි ප්‍රහාරය මෙය බව එම සංවිධානය කියා සිටියි. ආණ්ඩුවෙන් 'ප්‍රහාර' ‘ප්‍රබල ආධාර ඇතිව විපක්ෂ දේශපාලනඥයන් ඉලක්ක කරලා ආණ්ඩුව ප්‍රහාර ගණනාවක් දියත් කරලා තියනවා. මේ ප්‍රහාර වේගයෙන් වර්ධනය වෙන්න පුළුවන්’ යනුවෙන් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක කීර්ති තෙන්නකෝන් පැවසුවේය. ඌව මැතිවරණයෙදී ප්‍රහාරයට ලක් වූ ත්‍රීරෝද රථයක් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සඳහා නාවලපිටිය ඡන්ද කොට්ඨාශය ප්‍රසිද්ධියක් උසුලන අතර දෙදහස් දහය වසරේ පැවති මහ මැතිවරණය එම කොට්ඨාශයේ නැවත පැවැත්වීමට සිදු විය. ඉහත කී ප්‍රහාරය එල්ල වූ නිවසේ පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම එක්සත් ජාතික පක්ෂයේ නාවලපිටිය නව ආසන සංවිධායක ආනන්ද අලුත්ගමගේ විසින් සංවිධානය කර තිබූ අතර ඊට එම පක්ෂයේ ජාති��� සංවිධායක දයා ගමගේ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වීමට නියමිතව සිටි බව කැෆේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන්. මීට අමතරව ගිරිඋල්ල ප්‍රදේශයේදී ද එක්සත් ජාතික පක්ෂ අධාරකරුවන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වී ඇති බව කැෆේ සංවිධානය වැඩි දුරටත් පවසයි. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාරට අයත් කරුවලගස්වැව හොටලයකටද සඳුදා ප්‍රහාරයක් එල්ල කෙරුණු බවත් කැෆේ සංවිධානය වාර්තා කරයි. +"තමාට ""යළි රෙස්ලින් වළල්ලට පැමිණීම සඳහා ආශාවක් නැති"" බව පැවසීමත් සමග WWE ශූර 'අන්ඩර්ටේකර්' වෙත සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් සහාය පළ වී තිබේ.","මාක් කැලවේ ඔහුගේ සැබෑ නමයි පනස් පස් හැවිරිදි ඔහුගේ සැබෑ නම මාක් කැලවේ ය. මෑත කාලීන වාර්තා වැඩසටහනකට එක් වෙමින් ඔහු කියා සිටියේ ""තමාට තවත් දිනා ගැනීමට දෙයක් නොමැති"" බවය. දශක තුනක් පුරා දිවයන ඔහුගේ වෘත්තීය ජීවිතයෙන් සමු ගැනීම සඳහා සැලසුමක් ඇති බව එමගින් පෙනී යයි. නමුත් 'අන්ඩර්ටේකර්' හෝ 'WWE' සමාගම ඔහු ලීග තරගවලින් විශ්‍රාම ගන්නා බවක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත. 'ද ඩෙඩ් මෑන්' (The Dead Man) යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වන ඔහු WWE නවතම චරිතාපදානය 'The Last Ride' හි සිය අදහස් පළ කර තිබේ. 'ඒජේ ස්ටයිල්ස්' ට (AJ Styles) එරෙහිව මෑතක දී 'අන්ඩර්ටේකර්' සහභාගි වූ තරගය පිළිබඳ සිය චරිතාපදානයේ ඔහු අදහස් දක්වයි. එම තරගයේදී සිය ප්‍රතිවාදියා ""වළ දමන"" ඔහු යතුරුපැදියක නැගී නික්ම යයි. ""ඒක නියම අවස්ථාවක්. ඒ වගේ අවස්ථාවල් නිතරම ලැබෙන්නේ නැහැ. වෘත්තීය ජීවිතයට සමු දෙන හොඳම විදිහක් තිබෙනවා නම්, ඒක තමයි ඒ හොඳම විදිහ,"" යනුවෙන් ඉහත කී සිදුවීම පිළිබඳ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය. අන්ඩර්ටේකර්' සිය වෘත්තීය ජීවිතය තුළ ශූරතා ගණනාවක් දිනා ඇත ""මේ 'කව්බෝයි' ට (තමාට) ඇත්තටම නික්ම යන්න කාලයයි,"" යනුවෙන් ඔහු පවසයි. ""වළල්ල ඇතුලතට වඩා ඉන් පිටත මට වඩාත් හොඳ දේ කරන්න පුළුවන්. අවසානයේ ඒ බව පිළිගන්න පුළුවන් තැනක මම දැන් ඉන්නවා."" අවසන් වරට එක් තරගයකට සහභාගි වීම පිළිබඳ සිතා බලන නමුත් ""කාලයට පමණක් ඒ බව කිව හැකි"" බව ඔහු සඳහන් කරයි. 'අන්ඩර්ටේකර්' අවස්ථා ගණනාවක දී ජාත්‍යන්තර 'හෙවිවේට්' ශූරතා දිනා ඇත. හය වතාවක් 'ටැග් ටීම්' ශූරතාව දිනා ගැනීම සහ 'Royal Rumble' ජයග්‍රහණය ද ඊට ඇතුළත් ය. ඔහු සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ 1987 වසරේ 'World Class Championship Wrestling' තරගාවලියෙනි. ඉන් අනතුරුව 'ටෙඩ් ඩිබියාසේ' ගේ 'මිලියන් ඩොලර් ටීම්' හි අවසන් සාමාජිකයෙකු වශයෙන් ඔහු 90 දශකයේදී WWE හා සම්බන්ධ විය. බීබීසීය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ චිත්‍රපට සඳහා සම්බන්ධ වීමට අවස්ථා උදා වුවත් එසේ නොකිරීමට තීන්දු කළ බවය 'අන්ඩර්ටේකර්' WWE හි නිර්මාතෘවරයෙකු ලෙස ද හැඳින් වේ. 1992 වසරේ 'සර්වයිවර් සීරීස්' හි පළමු 'Casket Match' (මිනීපෙට්ටි තරගය), 1996 වසරේ 'බරීඩ් අලයිව්' (පණ පිටින් වැළලීමේ තරගය), 1997 වසරේ පළමු 'හෙල් ඉන් අ සෙල්' (කූඩුවක් ඇතුලේ අපායක් තරගය) සඳහා ඔහු සහභාගි විය. අතිශය ජනප්‍රියත්වයක් දිනා ගත්ත ද ඔහු 'ජෝන් සීනා' හෝ ඩ්වෙයින් ජොන්සන් වැනි සුපිරි තරු මෙන් සිනමාවට සම්බන්ධ නොවීය. ඔහු පසුගිය මස බීබීසීය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ""එසේ කිරීමට අවස්ථා උදා වුවත්"" එසේ නොකිරීමට තීන්දු කළ බවය. ""ඒක මට හරියන්නේ නැහැ."" යනුවෙන් ඔහු පැවසීය. ""රෙස්ලින් සහ WWE තමයි මගේ ආශාව. මම සම්පූර්ණයෙන් ආයෝජනය කර තිබෙන්නේත් මගේ හදවත තිබෙන්නේත් එතනයි."" ඉරිදා (ජුනි 21), 'The Last Ride' හි කොටසක් ඇතුලත් ට්විටර් පණිවුඩයක් නිකුත් කළ ඔහු ""අවසානය ළඟා වන තෙක් ආ මග කෙතරම් දැයි කියා කිසිදිනක නිවැරදිව තේරුම් ගන්න බැහැ."" ඉහත කී අදහස් පළ වීමත් සමග '#ThankYouTaker' හෑෂ් ටැගය භාවිත කරමින් ඔහුට සහාය පතා සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් පණිවුඩ හුවමාරු විය. 'ඒජේ සටයිල්ස්' පවසා තිබුනේ 'අන්ඩර්ටේකර්' ගේ අවසන් සටන තමන් සමග පැවතියේ නම් එය තමාට ""ගෞරවයක්"" වනු ඇති බවය. මීට පෙර වසරවලදී ද 'අන්ඩර්ටේකර්' රෙස්ලින් වළල්ලෙන් සමු ගන්නා බව කියවිණි. 2017 වසරේදී 'අන්ඩර්ටේකර්' රෝමන් රෙයින්ස් ට පරාජයට පත් වීමත් සමග බැහැර යාමට පෙර වළල්ල මැදදීම ඔහුට අනන්‍ය වූ අත්වැසුම් යුවල, තොප්පිය සහ කබාය උනා දැමීය." +විලියම් කුමරා ගේ බිරිඳ වන කේම්බ්‍රිජ් ආර්යාව ගේ දෙවැනි දරු ප්‍රශූතිය සිදු වූ බව මින් ස්වල්ප වෙලාවකට පෙර නිවේදනය කරනු ලැබුණි.,මාධ්‍යවේදීන් කේට් කුමරිය රැඳී සිටින රෝහල ඉදිරිපිට ට රැස්වී සිටින අයුරු කේම්බ්‍රිජ් ආර්යාව නිරෝගී දියණියක බිහි කල බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. අද (මැයි දෙවැනි දින) බ්‍රිතාන්‍ය වේලාවෙන් උදෑසන අටයි තිහ පසු වෙද්දී කේම්බ්‍රිජ් ආර්යාව සිය බිළිඳු දූ කුමරිය බිහි කළ අතර මව සහ දරුවා යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසු වෙන බවයි කෙන්සිංටන් මාලිගය මගින් නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ. නව රාජකීය දරු උපත වාර්තා වීමත් සමඟ ඒ සඳහා බ්‍රිතාන්‍ය මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාර���ක් දෙමින් පවතින අතර දරු උපත සිදු වුනේ විලියම් - කේට් යුවලගේ පළමු දරුවා වන ජෝර්ජ් කුමරුන් බිහි වූ ශාන්ත මේරි ආරෝග්‍යශාලාවේදීයි. නව කුමරිය බ්‍රිතාන්‍ය රාජ්‍යත්වට ඇති උරුමය අතින් සිව්වැනි ස්ථානය හිමි කර ගන්නීය. +ඊයේ ජනවාරි අටවෙනි දින පැවැත්වූ ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් තමා පරාජය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව ඒ වන විට බලයේ සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ බලය භාර නොදී දිගටම තනතුරේ රැඳී සිටීමට උත්සාහ කල බවක් ශ්‍රී ලංකාවේ දේශපාලන ආරංචි මගින් මෙන්ම මාධ්‍ය වාර්තා මගින් ප්‍රකාශ වෙයි.,"එක් අන්තර්ජාල වෙබ් අඩවියක් වාර්තා කර තිබුණේ හිටපු ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වල උදව් ලබා ගනිමින් බලය දිගටම පවත්වා ගැනීමේ උත්සාහයක නිරත වූ බවයි. එම අවස්ථාව වන විට විපක්ෂ නායකවරයාව සිටි රනිල් වික්‍රමසිංහ ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වලට යම් පණිවුඩයක් දුන් බවත් එම මාධ්‍ය වාර්තා මගින් පැවසෙයි. මේ අතර ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළ කරනු ලැබ ඇති වාර්තාවක් මගින් පැවසෙන්නේ 'හිටපු ජනාධිපතිවරයා මහත්මයකු හැටියට බලය භාර දෙනු ඇතැයි විශ්වාස නොකෙරුණ මොහොතක' හදිසි නීතිය ප්‍රකාශයට පත් කරමින් ඡන්ද ප්‍රතිපල අවලංගු කිරීමේ උවමනාවක් ඔහුට තිබුණ බවයි. හිටපු ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය ලිය කියවිලි සුදානම් කරන මෙන් නීතිපතිවරයාට දැනුම් දුන්නත් නීතිපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලද බවයි ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ අන්තර්ජාල වෙබ් අඩවිය පවසන්නේ. ප්‍රතිපල ප්‍රමාදවීමක් ඉහත කී ක්‍රියාවලිය නිසා ජනාධිපතිවරණ ප්‍රතිපල ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රමාදයක් ද සිදු වූ බව නම සඳහන් කිරීමට අකමැති ආරංචි මාර්ගවලින් පැවසෙයි. එවැනි වාතාවරණයක් යටතේයි ඒ මොහොතේ විපක්ෂ නායක පදවියේ සිටි රනිල් වික්‍රමසිංහට එම කාරණයට මැදිහත් වීමට සිදු වී තිබෙන්නේ. ඒ අනුව සාමකාමීව බලය භාර දී යාමේ සුරක්ෂිතව සමුගැනීමක් සලසන මෙන් හිටපු ජනාධිපතිවරයා ඉල්ලා ඇති බවයි අදාළ වාර්තාවන්හි දැක්වෙන්නේ. කෙසේ වුවද, බලයේ රැඳී සිටීම සඳහා යම් ඉල්ලීමක් වී නම් ආරක්ෂක අංශ මගින් එය ප්‍රතික්ෂේප කෙරුණ බවයි කොළඹ ආරක්ෂක අංශ පිළිබඳ විමසිලිමත් ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ. හිටපු ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වල උදව්වෙන් දිගටම බලයේ රැඳී සිටීමට කැබිනට් මණ්ඩලයේ උදව් ඉල්ලා සිටියේදැයි බීබීසිය වාසුදේව නානායක්කාර ඇමතිවරයාගෙන් විමසූ විට ඔ���ු කියා සිටියේ එවැනි ඉල්ලීමක් නොකෙරුණ බවයි. පරාජිත ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයෙන් එවැනි ඉල්ලීමක් සිදු කර නැතැයි කී ඇමති වාසුදේව නානායක්කාර, තමා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වූයෙන් ඒ ගැන දන්නා බවයි පවසන්නේ. හිටපු ජනාධිපතිවරයාගේ සමීපතම ආධාරකරුවන් දෙදෙනකු ද බීබීසියට කියා සිටියේ සිය නායකයා පරාජයෙන් අනතුරුව බලයේ රැඳී සිටීමේ උත්සාහයක නිරත නොවූ බවයි. ඉතිරි වසර දෙක ජනාධිපතිවරණය කැඳවන ලද්දේ නියමිත කාලයට වසර දෙකකට පෙර බැවින් හිටපු ජනාධිපතිවරයාට තවත් වසර දෙකක කාලයක් දිගටම බලයේ රැඳී සිටිය හැකි බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතැම් කණ්ඩායම අතර මතයක් ද තිබුණි. මේ අතර ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශනයක් නිකුත් කරමින් කිය තිබුණේ, ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළි ගනිමින් ශ්‍රී ලංකාවේ සුපුරුදු සාම්ප්‍රදායික බල හුවමාරු දේශපාලන සංස්කෘතිය අනුව සාමකාමීව පාලනය භාර දීම සම්බන්ධයෙන් තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගය කරන බවයි." +පාපන්දුවට හිසෙන් පහරදීම ක්‍රීඩකයන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වයට සහ මතක ශක්තියට බලපාන බව පර්යේෂණයකින් හෙළි වී තිබේ.,"පැය විසිහතරක් ගතවන තුරු එම බලපෑම පවතින බවත් පර්යේෂකයෝ පවසති. විසි වාරයක් පාපන්දුවට හිසෙන් පහර දීමෙන් අනතුරුව මොළයේ ක්‍රියාකාරිත්වයේ ""සුළු එහෙත් සැලකිය යුතු වෙනසක්"" සිදුවන බවත් පර්යේෂණයෙන් හෙළිවිය. පර්යේෂණ වාර්තාව හෙළි කරන පරිදි නොනවත්වා පාපන්දුවට හිසෙන් පහර දී පැය විසිහතරකට පසු ක්‍රීඩකයකුගේ මතක හැකියාව 41% සහ 67% දක්වා ප්‍රමාණයකින් අඩුවේ. විභාගයට පෙර එබැවින් විභාගවලට පෙනී සිටීම වැනි වැදගත් අවස්ථාවලට මුහුණ දීමට පෙර පාපන්දු ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටිය යුතු බව පර්යේෂණ වාර්තාවේ සම කතුවරයෙක් යෝජනා කරයි. ඒ සම්බන්ධයෙන් සිදුකළ සොයා ගැනීම් මත පදනම්ව පාපන්දු ක්‍රීඩකයන්ට ලබා දිය හැකි උපදෙස් පිළිබඳව පර්යේෂණ වාර්තාවේ සම කර්තෘ ස්නායු රෝග වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්ය විලී ස්ටුවර්ට් මෙසේ අදහස් පළ කළේය. ""මම හිතන්නේ මේ දක්වා පෙනෙනන තිබෙන විදියට එහි බලපෑම පවතින්නේ පැය විසිහතරක් දක්වා පමණයි. මගේ දරුවෙකුට බදාදා විභාගයකට පෙනී සිටින්න තිබෙනවා නම්, අඟහරුවාදා පාපන්දු පුහුණු වීම්වලට නොයන ලෙස මම ඔවුන්ට යෝජනා කරනවා. මොකද බදාදා පැවැත්වෙන විභාගයට දරුවා හොඳින් මුහුණ දෙනවා දකින්න මට අවශ්‍යයයි,"" ඔහු ප���වසීය. දීර්ඝකාලීන බලපෑම්? නොනවත්වා පාපන්දු තරගවලට සහභාගි වීමෙන් අනතුරුව මොළයේ ක්‍රියාකාරිත්වයේ සිදුවන වෙනස්කම් තාවකාලික ද යන්න සහ ඉන් දීර්ඝ කාලීන බලපෑම් එල්ලවන්නේ ද යන්න පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව පර්යේෂණ වාර්තාව ප්‍රකාශයට පත් කළ ස්ටර්ලින් විශ්ව විද්‍යාලය වැඩිදුරටත් කියා සිටියේය. පාපන්දු ක්‍රීඩාව සහ මොළයේ ආබාධ අතර පැවතිය හැකි සම්බන්ධය පිළිබඳ සිය අනුග්‍රහයෙන් මේ වසරේ මැයි මාසයේ පර්යේෂණයක් ආරම්භ කරන බව බ්‍රිතාන්‍ය පාපන්දු සම්මේලනය මේ අතර පවසයි. බ්‍රිතාන්‍ය පාපන්දු සම්මේලනය ඒ බව කියා සිටියේ මොළයේ හටගත් කම්පනයක් හේතුවෙන් 2002 වසරේදී මරුමුවට පත් හිටපු එංගලන්ත පාපන්දු ක්‍රීඩකයකු වූ ජෙෆ් ඈශ්ලි ගේ පවුලේ සාමාජිකයන් ඒ සම්බන්ධයෙන් හඬ නැගීමෙන් අනතුරුවය." +පේදුරුතුඩුවේ ඡන්ද මධ්‍යස්ථානයක් සමීපයේ ග්‍රෙනේඩ් බෝම්බයක් පුපුරා ගොස් තිබෙන බව කැෆේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.,"මැතිවරණය වෙනුවෙන් යාපනයේ ආරක්ෂාව තරකොට තිබේ නාවලඩි ප්‍රදේශයේ පිපිරීමත් සමඟ බියවූ ඡන්දදායකයන් පලා ගිය නමුත් ඉන් අනතුරුව ඡන්ද විමසීම සුපුරුදු ලෙසින් පැවැත්වුන බවද නිරීක්ෂකයෝ පවසති. පිපිරීමෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නැත. මේ අතර සලකුණු කළ ව්‍යාජ ඡන්ද පත්‍රිකා 155ක් ඡන්ද මධ්‍යස්ථානයක් කරා කැබ් රථයකින් ගෙනයමින් සිටියදී මතුගමදී සොයා ගෙන තිබේ. ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයක් රැගත් ත්‍රීවීලර් රථයක් උඩුගම දී අත්අඩංගුවට තවත් ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයක් රැගෙන ගමන් කරමින් සිටි ත්‍රීවීලර් රථයක් උඩුගම දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මාර්ග බාධක මැතිවරණය කඩාකප්පල් කිරීමේ අරමුණින් ආයුධ සන්නද්ධ ඩිෆෙන්ඩර් රථ පැමිණෙන බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය විසින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුවිල, අලිඔළුව සහ අරිප්පුව මංසන්ධිවල හදිසියේම මාර්ග බාධක ඉදිකොට තිබේ. නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනි ආරියවතී ගලප්පත්ති විසින් සිය ආධාරකරුවන් වෙනුවෙන් කන්තලේ ලේක්වීව් නාවික හමුදා හෝටලයේ සංවිධානය කොට තිබුණු රැස්වීමක් අවලංගු කිරීමට පොලිසිය ක්‍රියා කළ බව සංදේශය කන්තලේ වාර්තාකරු ආර්ජී ධර්මදාස පවසයි. සභාපතිනිය විසින් සංවිධානය කොට තිබුණු පොල්පැල බෙදාදීමේ උත්සවයක්ද අවලංගු කොට තිබේ. අවතැන්වූවෝ අවතැන්වූවන් 900 ක් බස් රථවලින් ඡන්දපොළට ප්‍රවාහනය කිරීම ඉහලින් ලැබුණු නියෝගයක් මත නවතා දමා ඇති බව නිරීක්ෂකයෝ පවසති. මෙම පිරිස පුත්තලමේ සිට මනාරම දක්වා ප්‍රවාහනය කිරීමට නියමිතව සිටියදී එය නවත්වන මෙන් හදිසියේම නියෝගයක් ලැබී තිබෙන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ (CMEV) ඩීඑම් දිසානායක බීබීසී සංදේශයට පැවසීය. යුද්ධයෙන් අවතැන් වී පුත්තලමේ තාවකාලිකව වාසය කරන ඔවුන් ඡන්දය සඳහා ලියාපදිංචි වී සිටින්නේ මන්නාරමේ බවද ඔහු පැවසීය." +නව අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමත් සමග විදේශ අමාත්‍ය මංගල සමරවීර ඉන්දියාවේ නිල සංචාරයක යෙදී සිටියි.,සෙනසුරාදා ඉන්දියාව බලා පිටත්ව ගිය විදේශ අමාත්‍ය මංගල සමරවීර අද ඉරිදා ඉන්දීය විදේශ අමාත්‍යවරිය සුශ්මා ස්වරාජ් හමු වී සාකච්ඡාක් පවත්වා තිබේ. ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුවත් සමග පැවති පළමු හමුවේදී ස්ථීර ප්‍රතිඵල සහිත සබඳතා තර කර ගැනීම සඳහා ඉන්දු ලංකා අමාත්‍යවරු ප්‍රයත්නයක යෙදී සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක සයිඩ් අක්බරුද්දීන් නිකුත් කළ 'ට්වීටර්' පණිවුඩයක සඳහන්. ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡාවක් හෙට සඳුදා පැවැත්වීමට නියමිතයි. මේ අතර ඉදිරියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ. +කොරෝනාවෛරසය හේතුවෙන් පනවා ඇති සීමා කිරීම්වලින් ගැලවීම සඳහා ඉන්දියානු යුවළක් ගුවන් යානයකට නැගී තවත් අමුත්තන් 160කට වැඩි පිරිසක් සමඟ විවාහ උත්සවයක් පැවැත්වූ බව වාර්තා වේ.,"සමාජ මාධ්‍යවල පළ කරන ලද වීඩියෝ දර්ශන මගින් පෙනෙන්නේ අදාළ යුවළ සහ ඔවුන්ගේ අමුත්තන් කුලී පදනම මත ලබා ගත් ජෙට් යානය තුළ තෙරපෙමින් සිටින බවය. සමාජ මාධ්‍යවල පළ කරන ලද වීඩියෝ දර්ශන මගින් පෙනෙන්නේ අදාළ යුවළ සහ ඔවුන්ගේ අමුත්තන් කුලී පදනම මත ලබා ගත් ජෙට් යානය තුළ තෙරපෙමින් සිටින බවය. යානය ගුවන් ගත වූ බව කියන තමිල්නාඩු ප්‍රාන්තයේ මෑතකදී දැඩි සීමාවන් පැනවූ අතර විවාහ මංගල්‍යයන් අමුත්තන් පනස් දෙනෙකුට සීමා කළේය. ඉන්දියානු ගුවන් සේවා අධිකාරිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාල නිලධාරියෙකු 'ටයිම්ස් ඔෆ් ඉන්ඩියා' පුවත් සේවය වෙත පැවසුවේ ගුවන් යානයේ සිටි 'ස්පයිස් ජෙට් (SpiceJet)' කාර්ය මණ්ඩලය එදින රාජකාරියෙන් ඉවත් කර ඇති බවය. ස්පයිස් ���ෙට් ආයතනයේ ප්‍රකාශකයෙකු 'ඉන්දියන් එක්ස්ප්‍රස්' පුවත් සේවය වෙත පැවසුවේ විවාහයෙන් පසු සංචාරයක් සඳහා යැයි පවසමින් බෝයිං 737 යානය මදුරෙයි සිට බැංගලෝරය දක්වා වෙන් කරවා ගැනීමට සංචාරක නියෝජිතයෙකු ක්‍රියා කළ බවය. ""අනුගමනය කළ යුතු කොවිඩ් මාර්ගෝපදේශ පිළිබඳ සිය සේවාදායකයාට පැහැදිලිව විස්තර කර යානයේ කිසිදු ක්‍රියාකාරකමක් කිරීමට අවසර දීම ප්‍රතික්ෂේප කළ බව"" ප්‍රකාශකයා පැවසීය. ඉන්දියාව විනාශකාරී දෙවෙනි කොරෝනාවෛරස රැල්ලෙන් පීඩා විඳින අතර, නිල සංඛ්‍යාලේඛනවලට අනුව අවම වශයෙන් 300,000 ක් පමණ මිය ගොස් තිබේ. විශේෂඥයන් ගණන් බලා ඇති පරිදි සැබෑ මරණ සංඛ්‍යාව මීට බෙහෙවින් වැඩි විය හැකිය. ඔක්සිජන් හිඟය මෙන්ම පැය 24 පුරාම සිරුරු පුළුස්සා දැමීමට සිදු වීමත් සමග, මෑත සතිවල දී එරට රෝහල් සහ ආදාහනාගාර තුළ දැඩි තදබදයක් තිබිණි. ආදාහනය කිරීම සඳහා වැයවන පිරිවැය දරාගත නොහැකි බොහෝ පවුල් තම ආදරණීයයන් 'ගංගා' ගං ඉවුරේ නීතිවිරෝධී ලෙස වළලා දමා හෝ ඔවුන්ගේ සිරුරු ගංගාවට තල්ලු කර දමා ඇත. මේ හේතුවෙන් නිල මරණ සංඛ්‍යාවට සැලකිය යුතු මරණ ගණනක් ඇතුළත් වී නොමැති යැයි බිය මතු වී තිබේ. මේ තොරතුරුද කියවන්න:" +ජනාධිපතිවරයාට පූර්ණ බලතල පැවරෙන වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක අවශ්‍යතාවයන්ට නො ගැලපෙන නිසා ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය කරන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පෙන්වා දෙයි.,"“අප දේශය සමගි සංධානය තුළින් යළි ගොඩ නැංවීමක් කරා” නමින් අනුශාසනා පත්‍රයක් එළිදැක්වීම මගිනුයි, කතෝලික සභාව එම අදහස් පළ කරන්නේ. කතෝලික රදගුරු සම්මේලනය අවසන් වරට මෙලෙස අනුශාසනා පත්‍රයක් ඉදිරිපත් කලේ 1984 වසරේයි. ශ්‍රී ලංකාවේ පොදු ප්‍රශ්න පිළිබඳව හා රට යන මග පිළිබඳ ව කතෝලික ජනතාව හා රටේ සෙසු පොදු ජනතාව දැනුවත් කිරීම සිය අනුශාසනා පත්‍රය නිකුත් කිරීමේ අරමුණ බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති මැල්කම් රන්ජිත් හිමිපාණෝ එය ජන මාධ්‍යය වෙත පිළිගන්වමින් ප්‍රකාශ කළහ. ""මේ යන ගමන් මගේ අඩුපාඩු තියෙනවා, ඒ අඩුපාඩු හරිගස්සා ගෙන රට ඉදිරියට යා යුතු බවයි, අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. කිසිම කෙනෙකුට දෝෂාරෝපණය කිරීම මෙහි අරමුණ නොවෙයි.” අග රදගුරු මැල්කම් රන්ජිත් හිමිපාණෝ ප්‍රකාශ කළහ. කරුණු හතළිස් දෙකක් කතෝලික අනුශාසනා පත්‍රයට කරුණු හතළිස් දෙකක් ඇතුළත් වෙයි. කරුණු 42 කින් යුත් මෙම අනුශාසනා පත්‍රය මගින්, විවිධත්වය තුළ ඒකත්වයේ වැදගත්කම, උතුරු නැගෙනහිර ප්‍රශ්නය,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිදු විය යුතු වෙනස්කම් , අධිකරණයේ ස්වාධීනත්වය, ස්වාධීන කොමිසන් සභා පත් කිරීම, මානව අයිතිවාසිකම් හා විවෘත ආර්ථිකය වැනි කරුණු පිළිබඳවයි, ශ්‍රී ලංකා කතෝලික රද ගුරු සම්මේලනය අදහස් දක්වන්නේ. තිස් වසරක එල්.ටී.ටී.ඊ බිහිසුණු ක්‍රියාකාරකම් අවසන් කළත් උතුරේ දමිළ ජනසමාජය මුහුණ දෙන ගැටලුවලට සෑහීමකට පත් විය හැකි දේශපාලන විසඳුමක් ලැබී නැති බවයි, කතෝලික අනුශාසනා පත්‍රයේ සඳහන් වෙන්නේ. යුද හමුදා සෙබළුන් විශාල ප්‍රමාණයක් උතුරේ රඳවා සිටීම, ඔවුන්ගේ පවුල් හා වෙනත් අය සඳහා නිවස ගොඩනැගීමට ඇති ඉඩකඩ නිසා ජනිත භීතියෙන් උතුරේ අස්ථාවර බවක් පවතින බවයි, කතෝලික අනුශාසනා පත්‍රය පෙන්වා දෙන්නේ. උගත් පාඩම් සංහිඳියා නිර්දේශ කොමිසන් සභා පිහිටිවීම තවත් ඉල්ලීමක් ""උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක නො කළොත් අපි ජාත්‍යන්තරය ඉදිරියේ බොරු කාරයන් බවට පත් වෙනවා. අපි පැහැදිලිව ම කියා සිටිනවා විදේශීය රටවලට අපේ රටේ ප්‍රශ්න වලට කරන්න එපා කියල, නමුත් එහෙම එපා කියල අපි අපේ ප්‍රශ්නය නො විසඳා සිටීම වරදක්"" අග රදගුරු මැල්කම් රන්ජිත් හිමිපාණෝ කියා සිටිති. “අපි කළ යුත්තේ කුමක්ද කියල විදේශිකයන් අපට කියන්න අවශ්‍ය නැහැ. අපි මෝඩයෝ රැලක් නොවෙයි. ඒත් අපි මේ ප්‍රශ්න නිරාකරණය කර ගත්තේ නැත්නම්, ඒකෙන් කෙරෙන්නේ විදේශ මැදිහත් වීමකට අපි ම දොරටු විවෘත කරන එකයි.” අග රදගුරු හිමියෝ අවධාරණය කරති. මහනුවර රදගුරු වියානි ප්‍රනාන්දු හිමිපාණන් අදහස් දක්වමින්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම අතින් තවත් ගැටළු තිබෙන බව පවසමින් ජන මාධ්‍ය නිදහස තහවුරු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියහ. ""අපට තියෙන දැවෙන ප්‍රශ්න හැකි ඉක්මණින් නිදහස් කොමිෂන් සභා,එනම් මැතිවරණ, පොලිස්, අල්ලස් හා දූෂණ, මානව හිම්කම් ආදී කොමිසන් සභා ස්ථාපිත කිරීම.ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න නම් මේ කොමිසම් හැකි ඉක්මනින් පිහිටු විය යුතුයි"" රදගුරු වියානි ප්‍රනාන්දු හිමිපාණෝ පවසති. ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට එල්ල වෙමි න් පවතින විදේශ බලපෑම් පිළිබඳව කතෝලික සභාවේ මතය සංදේශය විමසූ විට ඊට පිළිතුරු දෙමින් අග රදගුරු මැල්කම් රන්ජිත් හ��මිපාණන් කියා සිටියේ,ඒ ගැන විභාග කොට ප්‍රශ්නය නිරාකරණය කර ගත යුතු ව ඇති බවයි." +"සෙනසුරාදා පැවැත්වුණු පළාත් සභා මැතිවරණයේදී ජනතාව දුන් තීන්දුවට හිස නමන බව පවසන ආණ්ඩුව, ජනතා මතය අනුව ආණ්ඩුවේ ගමන් මඟ වෙනස් කිරීමට සූදානම් බව ප්‍රකාශ කරයි.","'අපේ රජය නිහතමානීව ඒ ජනතාව දෙන සංඥා පිළි ගැනීමට කැමති රජයක්' සභානායක අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා ඒ බව කියා සිටියේ, දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්. ""අපේ රජය නිහතමානීව ඒ ජනතාව දෙන සංඥා පිළි ගැනීමට කැමති රජයක්. අඩුපාඩුකම් ඇති. අපි ඉදිරියේදී ඒවා සොයා බලලා, අපේ අනාගත වැඩපිළිවෙල සකස් කර ගන්නට ඕනේ,"" යනුවෙන්ද ඔහු පැවසීය. සුළු ජාතික ඡන්ද පළාත් සභා දෙකෙන්ම පහසු ජයග්‍රහණයක් අත් කර ගත් නමුත්, පසුගිය මැතිවරණයට සාපේක්ෂව ආණ්ඩුවේ ආසන සංඛ්‍යාව මෙන්ම ඡන්ද ප්‍රමාණයද පහත වැටී තිබේ. ආණ්ඩුවේ ඡන්ද ප්‍රමාණය මෙසේ පහත වැටී තිබෙන්නේ, විශේෂයෙන්ම හම්බන්තොට ඇතුළු දකුණු පළාතේ ආණ්ඩුව දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතරවාරයේදී. ජාතිවාදී මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් පවත්වා ගෙන ගිය බවට විරුද්ධ පක්ෂවලට චෝදනා කරන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර, දකුණු පළාතේදී පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබුණු සුළු ජාතික ඡන්ද ප්‍රමාණය අඩු වීමට එය හේතුවක් වූ බව බීබීසී සංදේශයට පැවසීය. කෙසේ නමුත් පළාත් සභා මැතිවරණයෙන් ආණ්ඩු පක්ෂ සන්ධානය විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කර ඇති බවයි, මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා පවසන්නේ. රාජ්‍ය මාධ්‍ය යොදා ගනිමින් මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට එල්ල වන චෝදනා මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කළේය." +ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ විධායක සභාවේ අනුමැතියෙන් නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂයේ නව සභාපති ධූරයට පත් කර ගැණින.,"සභාපති පදවිය නව ජනාධිපතිවරයාට භාරදීමට තීරණය කළ බව ඊට පෙරාතුව නිවේදනය කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රැස්වීමට සහභාගි නොවූ නමුත් කථානායක චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එයට සහභාගි වී සිටියහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීම වැළැක්වීමට මෙම තීරණය ගත් බවයි, හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. පාක්ෂිකයන්ගේ ආරක්ෂාව ද පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ද ආරක්ෂා කර ගැනීමේ වගකීම කෙරෙහි සියලු දෙනාගේ අවධානය යොමු කරන මෙන් හිටපු ජනාධිපතිවරයා ඉල්ලා සිටියි. පසුගිය බදාදා රාත්‍රියේ හිටපු ජනාධිපතිවරයා සහ නව ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම තනතුර වන එහි සභාපති ධුරය, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන වෙත ලබා දීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එකඟතාව පළ කළේය. තමා දේශපාලනයෙන් සමුගැනීමේ අදහසකින් සිටින බව හිටපු ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ සඳහන් කළ බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි. කෙසේ නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී තමා වෙනුවෙන් ඡන්දය ප‍්‍රකාශ කළ පනස්හත් ලක්ෂයක් ඉක්ම වූ ජනතාවගේ ප‍්‍රාර්ථනා හා අභිලාෂයන් වෙනුවෙන් ඉදිරියටත් දැඩිව පෙනී සිටින බව හිටපු ජනධිපතිවරයා සිකුරාදා නිකුත් කළ නිවේදනයේ දැක්වේ. නව විපක්ෂනායක සභාපති පදවිය හැරුණු කොට පක්ෂයේ අනෙක් සියලු තනතුරුවල වෙනසක් වී නැති නමුත් පරාජයේ වගකීම භාරගෙන පක්ෂයේ ප්‍රධාන සංවිධායක පදවියෙන් ඉල්ලා අස් වන බව බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පක්ෂයේ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාට දැනුම් දී තිබේ. කෙසේ නමුත් ඒ පිළිබඳ අවසාන තීරණය ගැනීම පක්ෂයේ නව සභාපතිවරයා වෙත පැවරෙන බව පක්ෂ ලේකම්වරයා මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය. මේ අතර විධායක සභා රැස්වීමෙන් අනතුරුව පැවැත්වුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා විපක්ෂනායක ලෙසිනුත්, ජෝන් සෙනවිරත්න මන්ත්‍රීවරයා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙසිනුත් ඒකමතිකව තෝරා ගත් බව නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා සඳහන් කළේය." +ලබන ජූලි මාසයේ සිට ඖෂධහල් වෙතින් ගංජා මිලදී ගැනීමේ ඉඩකඩ සැලසීමට උරුගුවේ රාජ්‍යය පියවර ගෙන ඇත.,"නිවෙස්වල ගංජා වගා කිරීමටද නව පියවරින් ඉඩ සලසාදී ඇත මේ සමග වෛද්‍ය නිර්දේශයකින් තොරව ගංජා නිත්‍යානුකුලව අලෙවිකරන පළමු රට බවට උරුගුවේ පත්වනු ඇත. 2013 වසරේදී ගංජා වෙළෙඳාම නිත්‍යානුකුල කිරීමට පැනවුණු නීතියත් සමග මේ පියවර ඉදිරියට ගෙන යැවිණි. එහෙත්, එය ක්‍රියාත්මක වීම මන්දගාමී විය. නව නීතිය අනුව ගැනුම්කරුවන් ජාතික වශයෙන් ලියාපදිංචිවීම අවශ්‍ය වන බව උරුගුවේ ජනාධිපතිවරයාගේ සහායක හුවාන් අන්ද්‍රේස් රොබල්ලෝ පැවසීය. මේ අනුව ගංජා ග්‍රෑම් 1ක් ඩොලර් 1.30 ක් මිලකට අලෙවි කෙරෙනු ඇත. ලියාපදිංචිවන්නන් උරුගුවේ පුරවැසියන් හෝ ස්ථිර නෙවාසිකයින් වීම අනිවාර්යවන අතර මසකට ග්‍රෑම් 40ක (අවුන්ස 1.4) උපරිම ගංජා ප්‍රමාණයක් මිලදී ගත හැකිය. ලියාපදිංචියට ඇතැම් උරුගුවේ ජාතිකයෝ විරෝධය පළකරති මීට අමතරව නිවෙස්වල ගංජා වැවීමට හෝ ගංජා වගා කිරීමේ නියුතු සමූපකාර සමාජ හා සම්බන්ධාවීමේ හැකියාවද නීතිය මගින් සලසාලනු ලැබ ඇත. කෙසේවෙතත්, මිල පාලනයකට යටත් කෙරෙන ගංජා අලෙවියෙන් ලැබිය හැකි මුල්‍යමය ප්‍රතිලාභ කෙරෙහි ඖෂධහල් හිමියෝ සැක පළකරති. ගංජා වගාවට නෙදර්ලන්ත පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය 'ගංජා' ගංජා මිශ්‍ර වේදනා නාශකයෙන් මොළයට හානි - BBC සිංහල මේ අතර ජාතික වශයෙන් ලියාපදිංචිවීම හරහා සිය පුද්ගලිකත්වයට හානි පැමිණෙන බවට මැසිවිලි නගන ඇතැම් උරුගුවේ ගැනුම්කරුවන් මාසික මිලදී ගැනීමේ සීමාවකට යටත්වීමටද අකමැත්ත පළකර ඇත. මේ වනවිට ඖෂධහල් 16ක් සමග උරුගුවේ ආණ්ඩුව ගනුදෙනුවට එළැඹ සිටින අතර එය තවත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරයි. ලියාපදිංචිය ඇරඹීමට පෙර මහජන සෞඛ්‍ය වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනු ඇති බවද ජනාධිපතිවරයාගේ සහයකයා පැවසීය." +තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත වූ නමුත් එය ජනගත කරන්නේ කෙසේදැයි යන අභියෝගය රට හමුවේ පවතින බව ප්‍රවීණ ලේඛක නාලක ගුණවර්ධන පවසයි.,"'නීතිය සම්මත වූ පසු රජයට මාස හයක කාල සීමාවක් තිබෙනවා මේ සඳහා රාජ්‍ය තන්ත්‍රය සුදානම් කරන්න. ඉන් පසු ජනතාවට පුළුවන් ඕනෑම රජයේ ආයතනයක තොරතුරු ඉල්ලා සිටින්න. ඒ සඳහා හේතු දක්වන්න අවශ්‍ය නැහැ.' ඔහු ඒ බව කියා සිටියේ පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා ලද තොරතුරු දැන ගැනීමේ පනත සහ එහි වැදගත්කම පිළිබඳ රටේ සාමාන්‍ය ජනතාවගෙන් බහුතරය දැනුවත් දැයි බීබීසී සංදේශය කළ විමසීමකදී. ''ඇත්තටම එහෙම දැනුවත් භාවයක් නැහැ. අපි එය පිළිගත යුතුව තිබෙනවා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් යම් පියවර ගත යුතුව තිබෙනවා.'' අදාළ පනත සම්මත කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ හඬ නැගුවේ මධ්‍යම පාන්තික සමාජ සහ දේශපාලන ක්‍රියාධරයන් ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් බවත් ඔහු සඳහන් කළේය. කෙසේ නමුත් අසල්වැසි ඉන්දියාවේ පැවතුනේ එයට වඩා වෙනස් තත්වයක් බව විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන පෙන්වා දෙයි. ඇයි අපට වැදගත්? ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ දින දෙකක් විවාදයට ගත් තොරතුරු දැන ගැනීමේ පනත සංශෝධන සහිතව ජුනි 24 වනදා ඒකමතිකව සම්මත විය ''අනූව දශකයේ, ඉන්දියාව තුළ මේ ත���රතුරු දැන ගැනීමේ පනත අවශ්‍යයි කියන ඉල්ලීම ආවේ බිම් මට්ටමින්. ප්‍රාන්ත මට්ටමින් නීති ගත වී 2005 වසරේ ඉන්දියාව ජාතික මට්ටමින් තොරතුරු නීතිය සම්මත කර ගත්තා. මේක ඇයි අපට වැදගත්? මොනවද මෙයින් ගත හැකි ප්‍රයෝජන කියන කාරණා, නීතිය සම්මත වෙන කොටත් මිනිස්සු දැන සිටියා'' තොරතුරු දැන ගැනීමේ පනතේ ඇති වැදගත්කම ජන ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන, මාධ්‍ය ආයතන සහ ක්‍රියාධරයන්ට සුවිශේෂී වගකීමක් පැවරෙන බවයි තොරතුරු දැන ගැනීමේ පනත සම්බන්ධ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු වූ ලේඛක නාලක ගුණවර්ධන පෙන්වා දෙන්නේ. ''මේක වෙනත් නීති වගේ නොවෙයි.මෙය ජනතාව වෙනුවෙන් සම්මත වූ නීතියක්. සාමාන්‍යයෙන් පනවන ලද නීති ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුව. නමුත් තොරතුරු නීතිය භාවිත කරන්න ඕනි පුරවැසියෝ.'' තොරතුරු පනත හරහා පුරවැසියන්ට රාජ්‍ය ආයතන, පොදු අධිකාරියක තොරතුරු ඉල්ලා සිටීමට සහ ලබා ගැනීමට නෛතික අයිතියක් හිමි වේ. ''නීතිය සම්මත වූ පසු රජයට මාස හයක කාල සීමාවක් තිබෙනවා මේ සඳහා රාජ්‍ය තන්ත්‍රය සුදානම් කරන්න. ඉන් පසු ජනතාවට පුළුවන් ඕනෑම රජයේ ආයතනයක තොරතුරු ඉල්ලා සිටින්න. ඒ සඳහා හේතු දක්වන්න අවශ්‍ය නැහැ.'' අශෝක කුලුණු විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන ඇතැම් තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ හැකි අදාළ පනතේ දක්වා ඇති ව්‍යතිරේක හැරුණු කොට අනෙකුත් සියලු තොරතුරු ලබා ගැනීමට ජනතාවට අයිතිය හිමි වන බවයි ඔහු පවසන්නේ. ව්‍යතිරේකවලින් බැහැර වන තොරතුරු ලබා නොදෙන්නේ නම් තොරතුරු අයිතිය පිළිබඳ ස්වාධීන කොමිසමට පැමිණිලි කළ හැකි බවත් ප්‍රවීණ ලේඛක නාලක ගුණවර්ධන කියා සිටියේය. සංකල්පයක් වශයෙන් තොරතුරු දැන ගැනීමේ නීතිය දකුණු ආසියාවට අලුත් දෙයක් නොවන බව ඔහු පෙන්වා දෙන්නේ අශෝක අධිරාජයා සමයේ ස්ථාපනය කරන ලද අශෝක කුලුණු උදාහරණයට ගනිමිනි. ''මේ කුලුණුවල, රජතුමා කරන්නේ කුමක්ද? රාජ්‍ය පාලකයාගේ ප්‍රතිපත්ති මොනාද? ස්ථාපිත කොට තිබුණා. එක් ස්ථම්භය පිහිටුවන ස්ථානයේ එම ප්‍රදේශයේ භාෂාවෙන් පුවරුවල සටහන් යෙදුවා. සියලු දෙනාටම සාක්ෂරතාවය නැති නිසා විටින් විට පුවරුවල ඇති සටහන් හඬ නගා කියවන්න රාජ්‍ය නිලධාරීන්ට නියෝග කළා.'' තොරතුරු දැන ගැනීමේ වැදගත්කම හඳුනා ගනිමින් එවැනි පනතක් මුලින්ම නීති ගත කරන ලද්දේ ස්වීඩනය බවත් ප්‍රවීණ ලේඛක නාලක ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය. ''බටහිරින් ලැබුණු ආභාෂයක් වශයෙන් මේ වතාවේ තොරත���රු දැන ගැනීමේ පනත අපට ලැබුනත් අපේ සංස්කෘතික උරුමයක් තිබෙනවා රජය, මහජනතාව වෙත තොරතුරු සරල බසින් ලබා දෙන බවට''" +විධායක ජනාධිපති පදවිය අහෝසි කරන බවට ප්‍රතිඥා දෙමින් බලයට පත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එම පදවිය තවදුරටත් පවත්වාගෙන යාමට සදාචාරාත්මක අයිතියක් නැතැයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි.,"ස්වාධීන දේශපාලන පක්ෂයක් ලෙසින් තමන්ට අවශ්‍ය තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිතියක් තිබෙන නමුත්, එම පක්ෂයේ පවා විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමේ ප්‍රතිපත්තිය මත දේශපාලනයේ යෙදුනු කණ්ඩායම්වලටත් එවැනි ස්ථාවරයක් දැරීමේ සදාචාරාත්මක අයිතියක් නැති බවත් ඔහු පැවසීය. නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, ජාතික ගැටලුවට විසඳුම් ලෙසින් බලය විමධ්‍යගත කිරීම සඳහා විධායක ජනාධිපති ධුරය දිගටම පවත්වාගත යුතු යයි පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බවට ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යවරයා බීබීසී සංදේශයට කළ ප්‍රකාශය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිචාරය විමසූ අවස්ථාවේදීය. පක්ෂයේ අභ්‍යන්තර බල අරගලය හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එවැනි තීරණයක් ගෙන ඇති නමුත්, ජනාධිපතිවරයා ඇතුළු පක්ෂයේ බහුතරයකට එවැනි අරමුණක් තිබෙන්නේ යයි තමන් විශ්වාස නොකරන බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ලේකම්වරයා පැවසීය. ""පක්ෂය ඇතුලේ තිබෙන ගැටළු, බල අරගල නිසා ඔවුන්ට විවිධ දේ කියන්න සිද්දවෙනවා වන්නට පුළුවන්,"" ඔහු පැවසීය. කෙසේ නමුත් 2015 ජනාධිපතිවරණය අවස්ථාවේ පැවති දේශපාලන වාතාවරණය වෙනස් වී තිබෙන බැවින් පක්ෂයේ නව ස්ථාවරය පිළිබඳව එජාපය ඇතුළු පක්ෂ සමග සාකච්ඡා කිරීමට සූදානම් බවත් සරත් අමුණුගම අමාත්‍යවරයා සංදේශයට පැවසීය. මීළඟ ජනපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් විය යුතු බවටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කර තිබේ." +ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා පිළිබඳ පරීක්ෂණ පවත්වන මණ්ඩලයට සාක්ෂි ඉදිරිපත් කිරීම පිණිස කිසිදු ආකෘති පත්‍රයක් සකස් කර නැති බව එක්සත් ජාතීන් ප්‍රකාශ කරයි.,එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාගේ ප්‍රකාශක රූපට් කොල්විල් එවැනි ආකෘති පත් ළඟ තබා ගත් දෙමළ ජාතිකයෙකු කිලිනොච්චියේදී අත්අඩංගුවට ගත් බවට පොලිසිය කරන ප්‍රකාශය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාර���ස්වරයාගේ ප්‍රකාශක රූපට් කොල්විල් සංදේශයට ඒ බව කියා සිටියේය. කෙසේ නමුත් එසේ සාක්ෂි ලබා දීම පිණිස ඇතැම් සංවිධාන තමන්ගේම ආකෘති පත්‍ර සකස් කොට තිබෙන බව තමන් දන්නා බවත් එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාගේ ප්‍රකාශක රූපට් කොල්විල් වැඩි දුරටත් කියා සිටියේය. ආකෘති පත් ළඟ තබා ගත්තේ යැයි කියන කිලිනොච්චියේ පුනරීන් පළාතේ ඉරණේයිමාදුවාන් ගමෙහි පදිංචි සින්නතම්බි ක්‍රිෂ්ණරාජා නැමති පනස්හත් හැවිරිදි පුද්ගලයා පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය මගිනුයි අත්අඩංගුවට ගනු ලැබුණේ. එල්ටීටීඊ සාමාජිකයෙකු බවට ලැබුණු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු සතුව තිබී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ආකෘති පත් තොගයක් සහ ජාතික හැඳුනුම්පත් දෙකක් හමු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පසුගිය ඉරිදා සංදේශයට කියා සිටියේය. +ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව තුළ ළමා විවාහ සිදු කිරීම ක්‍රමයෙන් වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ඇති බව මුස්ලිම් මානව හිමිකම් ක්‍රියාධාරිනියෝ පවසති.,"විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ තමන් කළ සමීක්ෂණයකට අනුව මුස්ලිම් ළමා විවාහ වසරක් ඇතුළත දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව මානව හිමිකම් නීතිවේදිනී එර්මීසා ටෙගල් බීබීසී සිංහල සේවයට පැවසීය. 2014 වසරේ දී 14 % ක්ව තිබූ නැගෙනහිර පළාතේ මුස්ලිම් ළමා විවාහ 2015 වසරවන විට 22% ක් දක්වා ඉහළ ගොස් තිබූ බව ඇය සඳහන් කළේ බීබීසී සිංහල ෆේස්බුක් අඩවිය සමග සජීවී සාකච්ඡාවකට එක්වෙමිනි. ශ්‍රී ලංකාවේ ළමා විවාහ වැළැක්වීම පිණිස මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය (මුස්ලිම් පුද්ගල නීතිය) සංශෝධනය කළ යුතු බව එර්මීසා ටෙගල් ඇතුළු මුස්ලිම් ක්‍රියාධාරිනියෝ ඉල්ලා සිටිති. ඉල්ලීමක් මුස්ලිම් පුද්ගල නීතිය අනුව දැරියන් විවාහ කරදීම සඳහා වයස් සීමාවක් නොමැති වුවත්, ළමා විවාහ මගින් බරපතල සමාජ ගැටළු මතුවන බවත් නීතිවේදිනී එර්මීසා ටෙගල් පෙන්වා දෙන්නීය. එබැවින් මුස්ලිම් පුද්ගල නීතිය සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය වසර 25 කට ආසන්න කාලයක් මුලුල්ලේ මුස්ලිම් ක්‍රියාධාරිනියන් පෙන්වා දෙමින් සිටින බවත් ඇය සඳහන් කළාය. එම නීතිය සංශෝධනය කිරීමට විරුද්ධ නැතැයි මේ අතර බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළ තව්හිඩ් ජමාආත් සංවිධානයේ ප්‍රකාශකයෙක්, කෙසේ නමුත් විවාහය සඳහා වයස් සීමාවක් පැනවීම පිළිබඳව සිය සංවිධානය දැඩි සේ විරෝධය පළකරන බවත් වැඩිදුරටත් පැවසීය." +දූෂණ චෝදනා ලබා සිටි බංග්ලාදේශ හිටපු අගමැතිනි කලදා ෂියාට අවුරුදු පහක සිර දඬුවමක් නියම කරනු ලැබීමෙන් අනතුරුව පොලිසිය සහ දහස් ගණන් විපක්ෂ ආධාරකරුවන් අතර ගැටුම් හටගත්තේය.,"හිටපු අගමැතිනිය කලෙදා ෂියා ඇයට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කර සිටියි හිටපු අගමැතිනිය වරදකරු කරනු ලැබ සිටින්නේ ළමුන් වෙනුවෙන් පවත්වාගෙන යන පුණ්‍යායතනයකට ලැබුණ ඩොලර් 252,000 කට ආසන්න ජාත්‍යන්තර ආධාර අවභාවිත කිරීම සම්බන්ධයෙනි. තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්තාවේදී ඩකා නුවර පිහිටි අධිකරණය ඉදිරිපිට රැස්වූ කලදා ෂියාගේ ආධාරකරුවන් දහස් ගණනක් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලිසියට සිදු විය. හැත්තෑ දෙවැනි වියේ පසුවන විපක්ෂ නායිකාව තමන්ට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි. තීන්දුව ප්‍රකාශයට පත් කළ දින ධකා නුවර සහ ඒ අවට ආරක්ෂාව තර කරන ලදී මෙම දඬුවම හේතුවෙන් ඇයට මෙම වසරේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට හෝ සහාය දීමට නොහැකි වන අතර, එය දේශපාලන බලපෑම් මත ලබා දුන් අධිකරණ තීන්දුවක් බව විපක්ෂ නායිකාවගේ ස්ථාවරයය. වර්තමාන අගමැති ෂෙයික් හසිනාගේ ප්‍රධාන ප්‍රතිවාදිනිය වන කලදා ෂියාට එරෙහිව තවත් නඩු කිහිපයක්ම පවරනු ලැබ තිබේ. තීන්දුව ප්‍රකාශයට පත් කර මිනිත්තු කිහිපයකින් පසු ඇය බන්ධනාගාරය වෙත රැගෙන යන ලදී. ""මම නැවත එනවා. දුක් වෙන්න එපා, ශක්තිමත් වෙන්න,"" වැලපෙමින් සිටින තම ඥාතීන්ට ඇය පැවසු බව ඩේලි ස්ටාර් (Daily Star) පුවත්පත වාර්තා කරයි. ලන්ඩනයේ සිටින ෂියාගේ පුත් තාරික් රහමන් ඇතුළු ඇයගේ ආධාරකරුවන් හතර දෙනෙකුට එක් අයෙකුට වසර දහය බැගින් වූ සිර දඬුවම් නියම විය. තීන්දුව ප්‍රකාශයට පත් කළ දින ඇති වුණ නොසන්සුන්තා හේතුවෙන් ඩකා නුවර සහ ඒ අවට ආරක්ෂාව තර කරන ලද අතර පාසල් සහ කඩ සාප්පු විශාල ප්‍රමාණයක් වසා දැමුණු බව වාර්තා වේ. අධිකරණ තීන්දුව දේශපාලන බලපෑම්වලට යටත් වී ඇති බව ෂියා සහ ඇයගේ ආධාරකරුවන් පවසා සිටිති මේ තොරතුරුද දැනගන්න:" +ගෑස් කාන්දුවක් යැයි සැක කළ ගන්ධයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර විශ්වවිද්‍යාලයක ගුරුවරුන් සහ සිසුන් පන්සීයකට අධික ප්‍රමාණයක් හදිසියේ ඉවත් කර තිබේ.,"විශ්වවිද්‍යාල පුස්තකාල ගොඩනැගිල්ල තුළින් හැමූ ගන්ධය ගෑස් කාන්දුවක් ලෙස සැක කළ නමුත්, එය අල්මාරියක් තුළ දමා ගිය දූරියන් ගෙඩියක් නරක් ව��මෙන් ඇති වූවක් බව පසුව සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. දූරියන් ගෙඩිය මදයේ සුවිශේෂි වු ගන්ධය එහි ලෙල්ල නොකඩා තිබියදී පවා පැතිරී යා හැකිය. සමහරුන් එය ප්‍රසන්න සුවඳක් ලෙසින් සැලකුවද බොහෝ දෙනාට එය පිළිකුල දනවන කටුක ගන්ධයකි. එහි ගන්ධය වායු සමීකරණය හරහා ශාලාව තුළ පැතිරී ගොස් තිබුණු බව එය පරීක්ෂා කිරීම පිණිස එහි පැමිණි ගිනි නිවන භටයෝ පැවසූහ. මේ වන විට එම ගොඩනැගිල්ල නැවත විවෘත කර ඇති බව මෙල්බර්න් මෙට්‍රොපොලිටන් ගිනි නිවන හමුදාව නිවේදනය කළේය. අග්නිදිග​ ආසියාතිකයන් දූරියන් හඳුන්වන්නේ ""පළතුරු අතර රජු"" ලෙසය. 'ටර්පන්ටයින් සහ ළූණු' අධ්‍යන කාර්යන් සදහා භාවිත කරන නොයෙකුත් රසායන ද්‍රව්‍ය විශ්වවිද්‍යාල ගොඩනැගිල්ල තුළ ගබඩා කර ඇති හෙයින් මෙම ගන්ධය පැතිරෙන්නේ කුමකින්දැයි පරීක්ෂණ පැවැත්වීම පිණිස ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉවත් කිරීමට පොලිසියට සිදු විය. ගන්ධය නිකුත් වී ඇත්තේ අහිතකර ගෑස් කාන්දුවකින් නොව නරක් වෙමින් පවතින දූරියන් ගෙඩියකින් බව ""පුළුල් පරීක්ෂණවලින්"" අනතුරුව සොයා ගත් බව ගිණි නිවන හමුදාව ප්‍රකාශ කළේය. 'ද ස්මිත්සෝනියන්' (The Smithsonian) සඟරාව දූරියන් ගෙඩියෙන් පිටවන ගන්ධය විස්තර කර ඇත්තේ ""ව්‍යායාම් කරන විට පැළඳ සිටින මේස්වලින් නිකුත්වන ගඳ සමග ටර්පන්ටයින් සහ ළූණු එකතු වූවා හා සමාන"" ලෙසය. දූරියන් ගෙඩියෙන් දැඩි ගන්ධයක් නිකුත් වීමට හේතුව සතුන් ආකර්ෂණය කර ගැනීමට බව දූරියන් පිළිබද පරීක්ෂණ පවත්වන සිංගප්පූරු පරීක්ෂකයෝ කණ්ඩායමක් පවසති මොනවද මේ දූරියන්? මේ තොරතුරුද දැනගන්න:" +"තමන් සමග අත්සන් තබා තිබෙන කොන්ත්‍රාත්තුව ""දිගින් දිගටම උල්ලංඝනය කිරීම"" සම්බන්ධයෙන් ලසිත් මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ.","ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ විනය කමිටුවේ සභාපති අසේල රැකව එම කමිටුවේ සාමාජිකයෝය. විශේෂයෙන්ම එංගලන්තයේ පැවති චැම්පියන්ස් කුසලාන තරගාවලියෙන් අනතුරුව ලසිත් මාලිංග දෙවතාවක්ම අවසරයකින් තොරව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වීම හේතුවෙන් ඔහුට එරෙහි විනය පරීක්ෂණය කඩිනම් කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. චැම්පියන්ස් කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දස්කම් දැක්වීමට අපො���ොසත්වීම් පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර දැක්වූ අදහසකට ලසිත් මාලිංග පළ කළ ප්‍රතිචාරයක් මෙම පරීක්ෂණයට තුඩු දී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අත්සන් තබා තිබෙන ගිවිසුම ප්‍රකාර මාධ්‍ය වෙත අදහස් පළ කිරීමට පෙර ක්‍රීඩකයන් ඒ සඳහා ක්‍රිකට් ආයතනයෙන් අවසර ලබා ගත යුතුය. ලසිත් මාලිංග සම්බන්ධයෙන් සුදුසු විනය ක්‍රියාමාර්ග ගැනීම පිණිස කමිටුවේ පරීක්ෂණ වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව චැම්පියන්ස් කුසලාන තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලැබීමට පවා අපොහොසත් වූ නමුත් බංග්ලාදේශය, ඉන්දියාව සහ පකිස්තානය යන අනෙක් කළාපෙය රටවල් තුනම දෙවැනි වටයට සුදුසුකම් ලැබූහ. එහි ප්‍රතිඵලයක් ලෙසින් අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගියදා ප්‍රකාශයට පත් කළ එක් දින තරග ක්ෂේත්‍රයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව සිටින්නේ බංග්ලාදේශයටත් පිටුපසිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු වන චන්දික හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරුවාය. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය මුහුණ දී සිටින අර්බුදකාරී තත්වය විසඳීම පිණිස දේශීය පළමු පෙළ තරගාවලියේ පූර්ණ සංශෝධනයක් කළ යුතු බව මහේල ජයවර්ධන සහ සිදත් වෙත්තමුණි වැනි හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් පෙන්වා දී තිබේ. එහෙත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගියදා බීබීසී සිංහල සේවයට කියා සිටියේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ කිසිදු කඩාවැටීමක් නොමැති බවය." +සාක්ෂිකරුවන්ට තර්ජන එල්ල විය හැකි බැවින් කුරම් ෂෙයික් ඝාතන නඩුවේ විත්තිකරුවන් 06 දෙනා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබේ.,"වික්ටෝරියා අලෙක්සන්ද්‍රියා අදාළ නඩුව අද කඳවු අවස්ථාවේ මියගිය කුරාම් ෂයික්ගේ පෙම්වතිය වන රුසියානු ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්රියා නමැත්තිය දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. සාක්ෂිකාරිය අධිකරණය හමුවේ කියා සිටියේ 2011 වසරේ දෙසැම්බර් මස 24 වනදා රාත්‍රී මියගිය කුරම් ෂයික් සහ තමන් ලැගුම් ගෙන සිටි නවාතැනේ පැවති නත්තල් සාදයකට සහභාගි වූ බවයි. 'බිම වැටී සිටියා' එහිදී තමා නවාතැනේ පිහිනුම් තටාකය අසලින් ගමන් කරද්දී පුද්ගලයින් පිරිසක් තමන්ට පහර දුන් බව ඇය කියා සිටියාය . ‘’ඒ සමගම මම පිහිනුම් තටාකයට ඇද වැටුනා. මා තටාකයේ පඩිපෙළ මතින් පිටතට එන්න උත්සාහ කළා. ඒ අවස්ථාවේ පඩිපෙළ මත සිටි පුද්ගලයකු පහර දීම නිසා නැවතත් පිහිනුම් තටාකය තුලට ඇද වැටුනා’’ යැයි සාක්ෂිකාරිය වැඩි දුරටත් කියා සිටියාය. චුදිත සම්පත් විදානපතිරණ උසාවිය කරා. පසුව වෙනත් දෙසකින් තටාකයෙන් පිටතට පැමිණ කෑගසමින් තමා සිය පෙම්වතා වූ කුරම් ෂෙයික් සිටි දෙසට දිවගිය බව ඇය වැඩිදුරටත් කියා සිටියාය. ""ඒ අවස්ථාවේ කුරාම් ෂෙයික් සිහිසුන්ව බිම වැටී සිටිනු මා දුටුවා . මා කතා කලත් ඔහු මා සමග කතා කළේ නැහැ. ඔහුගේ මුහුණේ කැපුම් තුවාල තිබුණා. දැඩි මානසික හා කායික කම්පනයකට පත් තමා සිහිසුන්වූ වුනා,""යනුවෙන් සිදුවීම විස්තර කළ ඇය තමාට නැවතත් සිහිය පැමිණියේ මාතර රෝහලේදී බවත් එහිදී තමා ඇඳ සිටි ගවුමේ උඩ කොටස ඉරී තිබු අතර තමා පැළඳ සිටි යට ඇඳුම් ඉවත්කර තිබු බවත් පැවසුවාය. 'යට ඇඳුම් ඉවත් කරලා' රජයේ නීතිඥවරයා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාක්ෂිකාරිය තමාට පහර දුන් සැකකරු අද අධිකරණයේ සිටින පළමු විත්තිකරු වූ ලහිරු කැලුම් බව පෙන්වා සිටියාය. 2012 වසරේ තංගල්ල අධිකරණය හමුවේ පැවති හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී තමා එම සැකකරු හඳුනා නොගත්තේ සිය ජීවිතාරක්ෂාව පිළිබඳව පැවති බිය නිසා යැයි පැවසුවා . එහෙත් අද ශ්‍රී ලංකා රජය තමන්ට උපරිම ආරක්ෂාව සැලසීමට ඉදිරිපත් වී ඇති නිසා තමන් සාක්ෂි දීම සදහා අධිකරණය හමුවට පැමිණි බව කියා සිටියාය. විත්තියේ නීතිවේදීන්ගේ හරස් ප්‍රශ්න හෙට වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම හෙට දිනට කල් දැමුණු අතර හෙට දිනයේදී සාක්ෂිකාරිය විත්තියේ නීතිවේදීන්ගේ හරස් ප්‍රශ්නවලට භාජනය කිරීමට නියමිතය. නඩු විභාගය අවසනදී ඉල්ලීමක් ඉදිරිපත් කල රජයේ නීතිවේදියා සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල විය හැකි නිසා සියලු සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කරණ මෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව ප්‍රධාන විත්තිකාර තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ සමග ඇප මතමුදා හැර සිටි සෙසු සැකකරුවන් 05 දෙනාද රිමාන්ඩ් භාරයේ තැබීමට මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම නියම කළාය. එම නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරිය වන රුසියානු ජාතික වික්ටෝරියා අලෙක්සන්ද්‍රියා දැඩි ආරක්ෂක රැකවල් මැද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුණ අතර, ඇගෙන් සාක්‍ෂි විභාග කිරීම අද ආරම්භ කළ බවයි සංදේශය වෙනුවෙන් අධිකරන තොරතුරු වාර්තා කරන කේ.එස්.උදය කුමාර් පවසන්නේ. නඩුවේ ප්‍රධාන විත්තිකරු වන දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින තංගල්ල හිටපු ප්‍රාදේශීය සභා සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණ. මේ වන විට ඇප මත මුදා හරිනු ලැබ සිටින නඩුවේ සෙසු විත්ති කරුවන් පස් දෙනාත් අද අධිකරණය හමුවේ පෙනී සිටියහ. 2011 නත්තල් දිනට පෙර දින තංගල්ල නගරය අසල හෝටලයක දී කුරාම් ෂේක් ඝාතනය කළ බවට සම්පත් විදනපතිරණට සහ සෙසු විත්තිකරුවන්ට චෝදනා එල්ල වී ඇත." +වෙබ් අඩවි සහ සමාජ ජාල ඔස්සේ පළවන ව්‍යාජ පුවත් හඳුනා ගැනීම පිළිබඳ දරුවන් ඇතුළු සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා ලොව ඇතැම් රටවල් මේවන විටත් ක්‍රියාමාර්ග ගනිමින් සිටී.,"එවැනි ව්‍යාජ පුවත්වලින් ළමා පරපුර ගලවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේද? අන්තර්ජාල ආරක්ෂාව සහ ව්‍යාජ පුවත් හා බැඳුණු ගැටලුවලට විසඳුම් සෙවීමේ නව වැඩසටහනක් යුටියුබ් (YouTube) ආයතනය විසින් දියත් කරනු ලැබ තිබේ. එක්සත් රාජධානිය තුළ වයස 13 - 18 ත් අතර වයස් කාණ්ඩයේ දරුවන් ඉලක්ක කොට ඒ පිළිබඳ පුහුණු වැඩමුළු පැවැත්වීමට කටයුතු කරන බව යුටියුබ් ආයතනය පවසයි. ශ්‍රී ලංකාව ව්‍යාජ පුවතක් හඳුනා ගන්නේ කෙසේද? ශ්‍රී ලංකාව හා සම්බන්ධ ව්‍යාජ පුවත් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන අවස්ථා ද දුලභ නොවේ. ශ්‍රී ලාංකිකයන්ට වීසා බලපත්‍ර නොමැතිව ඇමරිකාවට ඇතුළු වීමට අවසර ලබා දෙමින් එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා ඇති බවට පළ වූ වාර්තාව ඊට එක් උදාහරණයකි. එම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් 'share' වූ අතර කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවතින ඇමරිකානු වීසා ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවය. එමෙන්ම 2016 වසරේ ඇමරිකානු ජනාධිපතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකු තරග කරන බව පවසමින් ෆේස්බුක් ජාලයේ වාර්තා පළ වූ අතර ඡායාරූපයක් ද සහිතව පළ වූ එවැනි එක් ලිපියක් 7000 කට අධික පිරිසක් විසින් යළි 'share' කරනු ලැබ තිබිණි. ""ඇමරිකාවේ ජනාධිපතිවරණයට ශ්‍රී ලාංකිකයෙක්"" ඇමරිකාවේ ජනාධිපතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකු තරග කරන බවට සමාජ ජලයේ පළ වූ වාර්තාව කෙසේ නමුත් එම ඡායාරූපයේ සිටි පුද්ගලයා 2008 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුළ ඇමරිකාවේ ලුයිසියානා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කළ ඉන්ද���ය සම්භවයකින් පැවත එන බොබී ජිනදාල් නමැති දේශපාලනඥයකු බව බොහෝ දෙනෙක් නොදැන සිටි බව පෙනේ. මෙවැනි ව්‍යාජ පුවත් පළ කරන පුද්ගලයන්ගේ අරමුණු එකිනෙකට වෙනස් විය හැක. සිය දේශපාලන මතය තහවුරු කිරීමට හෝ යම් කිසි කරුණක් සම්බන්ධයෙන් වෙනස් මතයක් දැරීම හේතුවෙන් සත්‍ය පුවතක්, ව්‍යාජ පුවතක් ලෙස හැඳින්වීමට ද ඇතැම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් කටයුතු කිරීමට ඉඩ ඇත. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පතුරුවා හරිනු ලබන අසත්‍ය සහ ව්‍යාජ ප්‍රවෘත්ති හඳුනා ගැනීම සම්බන්ධයෙන් පාසල් මගින් සිසුන් දැනුවත් කළ යුතු බව පෙන්වා දෙන ප්‍රමුඛ පෙළ බුද්ධි මණ්ඩලයක් වන බ්‍රිතාන්‍යයේ ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය සමාජ මාධ්‍ය ජාල සියුම්ව පිරික්සීම සම්බන්ධයෙන් ප්‍රශ්න මාලාවක් හඳුන්වා දීමට පියවර ගනිමින් සිටී. ශ්‍රී ලංකාවේ බලධාරීන් දැනුවත්ද? ලක්ෂ තිස් පහකට අධික පිරිසක් ශ්‍රී ලංකාව තුළ ෆේස්බුක් භාවිත කරන අතර ඉන් බහුතරය වයස අවුරුදු තිස් පහට අඩු අය වෙති. එමෙන්ම ෆේස්බුක් භාවිත කරන පාසල් යන වයසේ දරුවන්ගේ සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ යමින් පවතී. ව්‍යාජ පුවත් හඳුනා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ළමුන් ඇතුළු තරුණ පරපුර ඉලක්ක කොට යම් කිසි වැඩසටහනක් ක්‍රියාත්මක වේද? සමාජ ජාල විශ්ලේෂකයෙකු සහ විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ""ව්‍යාජ පුවත් පැතිර යාම හමුවේ පවතින අවදානම පිළිබඳ ශ්‍රී ලංකාවේ බලධාරීන් අවශ්‍ය තරම් දැනුවත් ද කියන එකත් ප්‍රශ්නයක්"" යනුවෙනි. ව්‍යාජ පුවත් වාර්තා කිරීමේ ප්‍රවණතාව ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවන බව කී ඔහු එම තත්වය සමාජ ජාල තුළ පමණක් නොව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළත් දැකිය හැකි බව පෙන්වා දුණි. ""සිහි තබා ගත යුතු දේ තමයි මේ ෆේක් නිවුස් ලංකාවේ අපට නම් අලුත් දෙයක් නොවෙයි. අවුරුදු හතලිහක පනහක ඉඳලා අපේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලින් ඇතැම් විට සිතා මතාම සාවද්‍ය පුවත් බෙදා හැරීම සිදු කෙරුණා."" වෙනත් මූලාශ්‍ර නමුත් සමාජ ජාලවල ආරම්භයත් සමග එවැනි ව්‍යාජ පුවත් විශාල වශයෙන් පැතිර යෑමේ සහ 'share' කිරීමේ හැකියාව ලැබී ඇති බව කී ඔහු ""ලංකාවේ අවශ්‍ය වෙන්නේ මාධ්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම. ඒ වගේම ප්‍රධාන ධාරාවේ සහ සමාජ ජාල ඔස්සේ ලැබෙන පුවත් ගෙඩි පිටින් පිළිනොගැනීමේ හැකියාව බාල මහලු සියලු දෙනා තුළ ප්‍රවර්ධනය කළ යුතුයි""| යනුවෙනි. එහිදී පාසල් පද්ධතියට මෙන්ම වගකිවයුතු මාධ්‍ය ආයතන සහ සිවිල් සමාජයට යම් කිසි මෙහෙයක් සිදු කළ හැකි බව ලේඛක නාලක ගුණවර්ධන පෙන්වා දෙයි. යම් කිසි තොරතුරක් පිළිබඳ ""කුඩා හෝ කුකුසක්"" ඇති වේ නම් එවැනි පුවතක් 'share' කිරීමට පෙර වෙනත් මූලාශ්‍ර ඔස්සේ තහවුරු කර ගැනීම සඳහා Google වැනි පිරික්සුම් යන්ත්‍රයක් භාවිත කළ හැකි බව කී ඔහු එසේ නැති නම් කරුණු දන්නා වැඩිහිටියෙකුගෙන් ඒ පිළිබඳ අසා දැන ගත හැකි බව සඳහන් කළේය. ""මේක ඉතා ව්‍යක්ත ලෙස සන්නිවේදනයවන අවස්ථාවක් මම පසුගියදා ෆේස්බුක් තුළම දැක්කා"" කී ලේඛක නාලක ගුණවර්ධන ""ෆේස්බුක් එකේ පළ වන සියල්ල විශවාස කරන්න එපා යැයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කියයි. දැන් බලන්න මිනිස්සු ඕකත් share කරනවා"" යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළේය." +තම සමාගමේ කිරි පිටි නිෂ්පාදන ශ්‍රී ලංකාවේ තහනම් කරමින් උසාවි නියෝගයක් පැනවීම අයුක්ති සහගත බව ප්‍රකාශ කරන නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගමෙන් අධිකරණ තීන්දු ප්‍රකාර කටයුතු කරන ලෙස සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමයක් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.,"නවසීලන්තයේ කිරි අපනයනයෙන් සියයට අනූවක්ම සිදු කරනු ලබන ෆොන්ටෙරා සමාගම එරට විශාලතම කිරි සමාගමයි ෆොන්ටෙරා වෙළෙඳ නියෝජිතයන් සඳුදාත් තහනම් නිෂ්පාදන අලෙවියට තබා තිබූ බව ශ්‍රී ලංකාවේ බලධාරීන්ටත් දැනුම් දෙමින්, අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පති වරයාගෙන් සහ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියෙන් ඉල්ලා සිටි බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සමන් රත්නප්‍රිය සංදේශයට කියා සිටියේ ය. ෆොන්ටෙරා සමාගමට අයත් කිරි පිටි නිෂ්පාදන වල හානිකර බැක්ටීරියාවක් තිබීම පිළිබඳ බිය පළ කරමින් චීනය, වියට්නාමය හා රුසියාව ෆොන්ටෙරා නිෂ්පාදන අලෙවියෙන් ඉවත් කොට තිබේ. වෙළඳ ප්‍රචාරණය රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවරන ලද නඩුවක් අනුව ෆොන්ටෙරා කිරි පිටි වර්ග හා කිරි නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ අලෙවිය මෙන්ම අහිතකර වෙළඳ ප්‍රචාරණය ද දෙසතියකට තහනම් කරමින් ඉකුත් සිකුරාදා අධිකරණය නියෝගයක් නිකුත් කළේය. අධිකරණ නියෝගය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි ෆොන්ටෙරා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ජොහාන් ප්රීම් (Johan Priem) කියා සිටියේ. ශ්‍රී ලංකාවට යවා ඇති තම නිෂ්පාදනවල කිසිදු හානිකර බැක්ටීරියාවක් නොමැති බවට ස්වාධීන පරීක්ෂණයක් මගින් තහවුරු කර ඇති බවද ඔහු වැඩි දුරටත් පැවසීය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය පසුගිය සතියේදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය විසින් කරන ලද පරීක්ෂණයක දී සමහර ෆොන්ටෙරා නිෂ්පාදනවල හානිකර බැක්ටීරියාවක් (DCD) තිබීම තහවුරු වූ බවයි. නවසීලන්තයේ කිරි අපනයනයෙන් සියයට අනූවක්ම සිදු කරනු ලබන ෆොන්ටෙරා සමාගම එරට විශාලතම කිරි සමාගමයි." +ගංවතුර සහ නාය යාම් හේතුවෙන් මරණයට පත් සංඛ්‍යාව 208 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.,"කළුතර දිස්ත්‍රික්කයේ නාය යාමට ලක්වූ අත්වැල්තොට ප්‍රදේශය තවත් පුද්ගලයන් 92 දෙනෙකු අතුරුදහන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ. නිල වාර්තාවලට අනුව ගංවතුර, නාය යාම් සහ දැඩි සුළං හේතුවෙන් පවුල් එක් ලක්ෂ හැත්තෑ පන්දහස් පන්සීය දාසයක් (175,516) පීඩාවට පත්ව සිටිති. ඒ අතර පුද්ගලයන් හය ලක්ෂ හැත්තෑ හත්දහස් දෙසීය හතළිස් එක් දෙනෙකු (677,241) සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ගංවතුර, නාය යාම් සහ සුළං හේතුවෙන් නිවාස 1,735 ට පූර්ණ හානි සිදු වී ඇති අතර තවත් නිවාස 9,432 ට අර්ධ හානි සිදුව තිබේ. පසුගිය 29 වෙනිදා කළුතර දිස්ත්‍රික්කයේ පැවති ගංවතුර තත්වය මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් වව්නියාව දිස්ත්‍රික්කයේත් තැනින් තැන විශේෂයෙන් සවස් කාලයේ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ. වැසි ඇති වන අවස්ථාවලදී දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර 50 දක්වා සාමාන්‍ය තද සුළං ඇති වන බවත් එන නිවේදනයේ සඳහන් වේ. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී." +ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ ප්‍රධාන ජීවනෝපාය වූ තේ කර්මාන්තය සීග්‍ර කඩාවැටීමකට ලක්ව ඇති බව තේ ව්‍යාපාරිකයෝ පවසති.,"මාස ගණනාවක් තිස්සේ තේ ක්ෂේත්‍රයට මෙම තත්ත්වය උද්ගතව ඇති බව පවසන තේ කර්මාන්තකරුවන් සහ කුඩා තේවතු හිමියන් පවසන්නේ දැන් ශ්‍රී ලංකාවේ තේ අර්බුදයේ උච්චතම තැනට පැමිණෙමින් තිබෙන බවයි. ‘‘දැනට මාස විසි දෙකක සිට මේ තත්ත්වය පවතිනවා. 2013 දෙසැම්බර් මාසයේ සිට ගෙවුණු මාසය අතර කාලය තුළ කොළඹ තේ වෙන්දේසියේ තේ කිලෝවකට ගෙවන මි��� රුපියල් එකසිය හතළිහකින් පහළ බැහැලා” පෞද්ගලික තේ කම්හල් හිමියන්ගේ සංගමයේ හිටපු සභාපති දයා සමරසේකර එසේ පවසද්දී කුඩා තේවතු හිමියෙක් වූ ගොඩකවෙල ගලහිටියේ වයි. කුලරත්න පැවසුවේ තේ අර්බුදය හමුවේ කුඩා තේවතු හිමියා විශාල ගැටලුවකට පත්ව ඇති බවයි. ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ වත්මන් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන්නේ කුඩා තේවතු හිමියායි. පහතරට කලාපයේ වැඩිපුර ව්‍යාප්තව ඇති කුඩා තේ ඉඩම් හිමියන් ශ්‍රී ලංකාවේ සමස්ත තේ නිෂ්පානයෙන් සියයට හැත්තෑ එකක් නිපදවීමට දායක වෙති. තේ නිෂ්පාදනයේ සිදු වන දුර්වලතාවන් ද තේ මිල පහළ වැටීමට හේතුවක් බව තේ කම්හල් හිමියෙක් වූ බි.වී. ජයවර්ධන පවසයි. ‘‘දලු දෙකයි තිරයයි අපිට දෙනවා නම් ගුණාත්මක තේ නිපදවන්න පුලුවන්. නමුත් තේ ඉඩම් හිමියන් කොළ තුන හතර අරිම්බු එක්ක දුන්නා. කර්මාන්ත ශාලා හිමියෝ විදියට අපිත් ඒවා මුලදි ගත්තා. දැන් කොළ දෙකයි තිරේ කඩන්න තේ වතු හිමියන් සුදානම් නෑ” කර්මාන්ත ශාලාවලින් අමු තේ දලු වර්ගීකරණයට යොමු වීම කුඩා තේවතු හිමියන්ගේ ආදායම පහළ යාමට හේතුවක් බව කුඩා තේ වතු හිමියන් පවසයි. නමුත් තේ අර්බුදයෙන් මිදෙන්නට නම් ගුණාත්මක තේ නිපදවිය යුතු බව තේ කම්හල් හිමියෙක් වූ බී.වි. ජයවර්ධන අවධාරණය කරයි. ශ්‍රී ලංකාවේ නිපදවන තේ මිල දී ගන්නා රටවල අභ්‍යන්තර අර්බුද තේ මිල පහළ යාමට හේතුව බව ද පවසන පෞද්ගලික තේ කම්හල් හිමියන්ගේ සංගමයේ හිටපු සභාපති දයා සමරසේකර, මැද පෙරදිග ඇතිවී තිබෙන යුද වාතාවරණයත්, රුසියාව සහ යුක්රේනය අතර යුද ගැටුම හමුවේ රූබලයේ පහත වැටීම නිසා තේ මිලදි ගැනීමට රුසියාවට මුදල් නැතිකම හේතුවක් බවද කීවේ ය. අර්බුදයෙන් මිදීමට නම් කඩිනමින් අලුත් වෙළද පොලක් වහා සොයා ගත යුතුව ඇතැයි ද ඔහු පෙන්වා දෙයි. ඒ සදහා හොදම රට චීනය බවත් දැනටමත් චීනය තේ යම් ප්‍රමාණයක් ලංකාවෙන් මිලදි ගන්නා බවද පවසයි. මේ තේ අර්බුදයට විසදුමක් නොදුන හොත් තේ කර්මාන්තය ආශ්‍රිත ආදායම් ලබන බොහෝ දෙනෙකුගේ ආදායම් පහළ වැටෙනු ඇති බව කම්හල් හිමියෙක් වූ බී.වි.ජයවර්ධන අනතුරු අඟවයි. ‘ඇත්තටම අපි මේ අර්බුදය හමුවේ සේවකයන්ට කාර්ය මණ්ඩලවලට විවිධ නිතී රීති පනවනවා. අතිකාල ගෙවීම් වෙනත් දීමනාවෙන් නවත්වනවා. අතුරු භාණ්ඩවලට ගෙවන මිල අඩු කරනවා. ඒ වගේ දේවල් අපට කරන්න වෙනවා.’ ඔහු පැවසීය. මේ වන විට පුද්ගලික තේ කම්හල් බොහෝමයක නිෂ්පාදනයන් අඩු කර තිබෙන බව මේ ගැන සොයා බැලීමට කළ ��ංචාරයේදි පෙනි ගියා. ඇතැම් තේ කම්හල්වල දෛනික නිෂ්පාදනයන් සියයට පනහකින් අඩු කර තිබුණි. වෙන්දේසියට යැවිමට සූදානම් කළ තේ කම්හල්තුල තැනින් තැන ගොඩ ගැසි තිබුණි. සේවකයන්ද වැඩට පැමිණ සිටියේ අඩුවෙන්. මේ තත්ත්වය සෑම තේ කම්හලකින්ම දකින්න ලැබෙන තත්ත්වයක්. තේ කිලෝවක් සඳහා රජය සහතික මිලක් දෙන බව පැවසුවත් ඒ ගැන තේ ගොවින්ගේ විශ්වාසයක් පෙනෙන්ට තිබුනේ නැත. මේ අර්බුදය විසඳෙන තුරු තේ දලු නොකඩා සිටීමට කුඩා තේවතු හිමියන් බොහෝ දෙනෙක් තීරණය කළ බව කුඩා තේවතු හිමියෙකු වු වයි.කුලරත්න පැවසුවේ ය. ‘අපිට නම් රුපියල් දහයක් එක මාසෙක ගෙව්වා. එච්චරයි. ඒක මේ අර්බුදයට විසඳුමක් නෙවෙයි. අපි කුඩා තේ වතු හිමියෝ විදියට කතා කර ගෙන ඉන්නේ මිල අඩු වුනොත් දලු කැඩිම නවත්වලා ගස් වැවෙන්න හරින්න. මිලක් ආපු දවසකට කප්පාදු කරලා දලු කඩන්න පටන් ගන්නවා.’ ඔහු පවසයි. මේ තේ අර්බුදයට කඩිනම් විසදුම් නොලැබුනොත් තේ කම්හල් බොහෝ ප්‍රමාණයක් හෙට දවසේ වැසී යනු ඇත. මේ ගැන විමසු විට තේ මණ්ඩලය පැවසුවේ ඉතා ඉක්මනින් මේ අර්බුදයට විසඳුම් ගෙනෙන බවයි." +මහා පරිමාණ අල්ලස් ගනු දෙනු පිළිබඳව පැමිණිලි කිරීමට ඉදිරිපත් වන්නැයි අල්ලස් ‍හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ ඉල්ලා සිටියි.,කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ මාධ්‍යවලට අදහස් පලකරමිනුයි ඇය මේ බව කියා සිටියේ. ව්‍යාපාරිකයකු නොබියව පැමිණිලි ඉදිරිපත් කිරීම නිසා ලංකා ඉතිහාසයේ වාර්තාවූ වැඩිම අල්ලස් මුදල ලබා ගැනීමේ දී රේගු නිලධාරීන් තුන් දෙනෙකු අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව ඇය ප්‍රකාශ කළාය. රුපියල් මිලියන 125 රුපියල් මිලියන 125 ක් අල්ලස් වශයෙන් ලබා ගනිද්දී අත් අඩංගුවට ගත් සජීව පරාක්‍රම දිසානායක සහ ජගත් ගුණතිලක යන රේගු අධිකාරිවරුන් සහ සහකාර රේගු අධිකාරී උපාලි පෙරේරා යන සැකකරුවන් ලබන 30 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කෙරිණ. අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කියා සිටියේ සිද්ධියට අදාලව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බවයි. මේ හේතුවෙන් සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කරන මෙන් අල්ලස් ‍හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඉල්ලීමක් කළේය. මෙහිදී විත්ති පාර්ශවයේ නීතිවේදීන් කියා සිටියේ අල්ලස් කොමිසමේ නිලධාරින් ගිනි අවි පෙන්වා බිය ගන්වා සැකකරුවන් වෙත බලහත්කාරයෙන් මෙම මුදල් පටවා ඇති බවයි. පරීක්ෂණ අවසන් නොමැති නිසා මෙම අවස්ථාවේ ඇප ඉල්ලීමක් නොකරන බවයි එම නීතිවේදීන් ප්‍රකාශ කළේ. අනතුරුව අධිකරණය සැකකරුවන් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය. +මියන්මාරයේ විශාලතම නගරය වන යැන්ගුන්හි කලහකාරී ලෙස හැසිරුණු බෞද්ධ සහ මුස්ලිම් කණ්ඩායම් දෙකක් විසුරුවා හැරීම සඳහා එරට පොලිසිය අහසට වෙඩි තබා තිබේ.,"දෙපාර්ශවය අතර ගැටුම මැඩ පැවැත්වීම පිණිස කැරලි මර්ධක පොලිසියද කැඳවා තිබුණි මුස්ලිම් කණ්ඩායම වෙසෙන ප්‍රදේශය වෙත පැමිණි භික්ෂූන් වහන්සේ කිහිප නමක් ඇතුළු බෞද්ධ කණ්ඩායම පවසන්නේ ඔවුන් මියන්මාරයේ සුළුතර ප්‍රජාවට අයත් රෝහින්ග්‍යා වැසියන් බවය. එම පිරිස නගරයේ නැගෙනහිර මින්ගලාර් තවුන්ග් නියුන්ට් ප්‍රදේශයේ නීති විරෝධී ලෙස සැඟවී සිටි බවත් බෞද්ධ කණ්ඩායම පවසා තිබේ. දෙපාර්ශවය අතර ගැටුම මැඩ පැවැත්වීම පිණිස කැරලි මර්ධක පොලිසියද කැඳවා තිබුණි සබැඳි යොමු: අදාළ පිරිස නීති විරෝධී ලෙස රැඳී නොසිටි බවත් ඔවුන් රෝහින්ග්‍යා වැසියන් නොවන බවත් පොලිසිය පැවසීමත් සමග එහි කලහකාරී වාතාවරණයක් හට ගෙන තිබේ. බංග්ලාදේශයෙන් සංක්‍රමණය වූ පිරිසක්වන රෝහින්ග්‍යා ප්‍රජාව සිය රටට අවශ්‍ය නොමැති පිරිසක් වශයෙන් මියන්මාරයේ බොහෝ දෙනෙක් සලකති. බංග්ලාදේශයට පලා ගිය රෝහින්ග්‍යා මුස්ලිම්වරු දීර්ඝ කාලයක් මුළුල්ලේ ඔවුන් වද බන්ධනවලට ලක්වන අතර, පූර්ව නිගමණ හේතුවෙන් පීඩා විඳිති. මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට එරෙහිව එරට හමුදාව සහ පොලිසිය ""මානුෂීයත්වයට එරෙහි අපරාධවල"" යෙදී ඇති බව එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක පසුගියදා චෝදනා කළාය. මියන්මාරයේ මානව හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියාකරන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත යැන්ග්හී ලී ඒ බව සඳහන් කළේ බංග්ලාදේශ් වෙත පැමිණ සිටින සරණාගතයින් සමග කළ සාකච්ඡාවලින් අනතුරුව බීබීසී වෙත අදහස් පළ කරමිනි. මේ අතර කාන්තාවන් හත් දෙනෙකු සහ දරුවන් 16 දෙනෙකු ඇතුළු රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් 30 දෙනෙකු සහ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු පසුගිය අප්‍රේල් 30 වෙනි දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදි. දැනට මිරිහාන ආගමන, විගමන රැඳවුම් කඳවුරේ රඳවා සිටින ඔවුන් ලබන මැයි 16 වෙනි දින යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය." +ශ්‍රී ලංකාවාසීන් අතර පැතිර යමින් පවතින බරපතල වකුගඩු රෝගය සම්බන්ධ ශ��‍රී ලංකාවේ දී ලබා ගත හැකි දත්ත විශ්ලේෂණය කිරීමේ දී කැඩ්මියම් බහුල ආහාර පරිභෝජනයෙන් වැලකී සිටීම එයට කෙටිකාලීන විසඳුමක් විය හැකි බව ඒ පිළිබඳව පර්යේෂණ පැවැත්වූ ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් පවසයි.,"ශ්‍රී ලාංකික ජනතාව දැනට පරිභෝජනය කරන ආහාර අතරින් සියයට හතලිස් පහක කැඩ්මියම් ප්‍රතිශතයක් සහල් වල දැකිය හැකි බවයි පැවසෙන්නේ කැඩ්මියම් බහුල වශයෙන් අන්තර්ගත වන්නේ සහල් වල බැවින් කැඩ්මියම් සාන්ද්‍රණය අවම වන ආකාරයට සහල් සහ එළවලු වගා කළ යුතු අතර, ඒ සඳහා විද්‍යානුකූලව කැඩ්මියම් සාන්ද්‍රණය පරීක්ෂා කළ හැකි නිසි වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ තරුණ, ආබාධිත සහ වැඩිහිටි ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආනන්ද ජයලාල් බීබීසී සංදේශයට පැවසීය. ඒ අතරතුර ශ්‍රී ලාංකික ජනතාව තාවකාලිකව හෝ බත් ආහාරයට ගැනීම අඩු කොට කොස්, දෙල් වැනි අහාර වලට හුරුවීම යෝග්‍ය බව දොස්තර ආනන්ද ජයලාල්ගේ මතයයි. වෛද්‍ය ආනන්ද ජයලාල් ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගයට හේතුව කැඩ්මියම්, ග්ලයිෆොසෙට් හෝ ආසනික් බව මෙතෙක් සනාථ වී නැති බව පවසමින් චීන-ශ්‍රී ලංකා ඒකාබද්ධ විශේෂඥ කණ්ඩායමක් පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත ප්‍රතිශතයන් ඉක්මවා නොයෑම මගින් පමණක් අදාළ රසායනික ද්‍රව්‍ය වලින් මිනිස් සිරුරට කරන බල පෑම නොසලකා හළ නොහැකි බවයි ඔහු පවසන්නේ කැඩ්මියම් සහිත සහල් ශ්‍රී ලාංකික ජනතාව දැනට පරිභෝජනය කරන ආහාර අතරින් සියයට හතලිස් පහක කැඩ්මියම් ප්‍රතිශතයක් සහල් වල දැකිය හැකි අතර අල හා බතල වැනි අහාර වලද කැඩ්මියම් ප්‍රතිශතය ඉහළ මට්ටමක තිබෙන බව මෙතෙක් ඒ පිළිබඳව පළවූ පරීක්ෂණ වාර්තා තිස් දෙකක තොරතුරු මත පදනම්ව ශ්‍රී ලංකාවේ වකුගඩු ගැටලුව පිළිබඳව පර්යේෂණ පැවැත්වීමට අදහස් කරන චීන-ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියේ නිගමනය වී තිබේ. පළමුව ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයක දරුණු වකුගඩු රෝගයක් පැතිර යාමට ප්‍රධානම හේතුව පානීය ජලයේ අඩංගු ග්ලයිෆොසෙට් විෂ රසායනය බව රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ජයසුමන පවසා තිබුණි. එහෙත් ලන්ඩන් නුවරදී සිය සොයා ගැනීම් ප්‍රකාශයට පත් කළ ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂක ආචාර්ය කමල් ගම්මම්පිල අවධාරණය කරන්නේ වකුගඩු රෝගය පැතිර යාම�� ප්‍රධානම හේතුව ආහාරවල අඩංගු කැඩ්මියම් ප්‍රතිශතය ඉහල යාම බවයි. ශ්‍රී ලංකාවේ පැවැත්වුණු වකුගඩු රෝගය පිලිබඳ සෞඛ්‍ය සායනයක් ග්ලයිෆොසෙට් ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මීට ඉහතදී පවත්වන ලද පරීක්ෂණයෙන් පෙන්වා දෙන පරිදි වකුගඩු රෝගයට ප්‍රධානම හේතුව ග්ලයිෆොසෙට් විෂ නාශකය නොවන බවයි ඔහු ප්‍රකාශ කළේ. කෙසේවුවද පර්යේෂකයන් බොහෝ දෙනෙකු විසින් කැඩ්මියම් හා වකුගඩු රෝගය අතර සම්බන්ධය පිළිබඳව කරුණු දක්වා තිබුණු අතර තම පරීක්ෂණ දත්තයන් මත පදනම් ව වෛද්‍ය ආනන්ද ජයලාල් පවසන්නේ එකී කැඩ්මියම් බහුලව හමුවන ආහාරය වන්නේ සහල් බවයි. ලංකාවේ සිදුකර ඇති පර්යේෂණ වල දී බොහෝ විට සිදුවී ඇත්තේ ජලය, සහල් හෝ වෙනත් ද්‍රව්‍ය වෙන් වශයෙන් පරීක්ෂාවට ලක් කර ඒවායේ අඩංගු රසායනික ද්‍රව්‍ය ප්‍රතිශතයන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පවතීදැයි සොයා බැලීම බව පවසන වෛද්‍ය ජයලාල් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත ප්‍රතිශතයන් ඉක්මවා නොයෑම මගින් පමණක් අදාළ රසායනික ද්‍රව්‍ය වලින් මිනිස් සිරුරට කරන බල පෑම නොසලකා හළ නොහැකි බව පවසයි. ආසනික්, ග්ලාෆොසෙට් හෝ කැඩ්මියම් ගැන පමණක් අවධානය යොමු නොකොට 'සමස්ථ චිත්‍රය' සලකා බැලිය යුතු 'බැර ලෝහ' ""ලංකාව ප්‍රධාන වශයෙන් සහල් පරිභෝජනය කරන රටක්. ඉතිං මේ 'බැර ලෝහ' වල විෂ භාවය ගණනය කරන කොට 'Total diet study' එහෙම නැතිනම් සම්පුර්ණයෙන්ම ගන්නා ආහාරවල තියන, ජලයත් ඇතුළුව, තියන ප්‍රමාණයන් ගණනය කරලා බලන්න ඕන. ලෝක සෞඛ්‍ය සංවිධානය මෑතක දී කැඩ්මියම් සතියකට ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය මයික්‍රෝ ග්‍රෑම් 7 සිට 5.8 දක්වා අඩුකලා. යුරෝපා සංගමය ඒක අඩු කලා 2.58 ට"" යනුවෙන් පැවසූ ඔහු සහල් හා අනෙකුත් අහාර වල ඇති කැඩ්මියම් ප්‍රතිශතය සම්බන්ධ තමන්ගේ පර්යේෂණ වල දත්තයන් චීන-ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියට අයත් කණ්ඩායම විසින් දැක තිබේ දැයි නොදන්නා බවයි ප්‍රකාශ කළේ. වකුගඩු ගැටලුව පිලිබඳ අධ්‍යයනය කරන විවිධ පර්යේෂකයන් ""සිරුරේ කොටස් අල්ලා බලා අලියා ගේ ස්වරුපය තීරණය කළ අන්ධයන්"" සේ ක්‍රියාකරන බව පැවසූ ඔහු ආසනික්, ග්ලාෆොසෙට් හෝ කැඩ්මියම් ගැන පමණක් අවධානය යොමු නොකොට 'සමස්ථ චිත්‍රය' සලකා බැලිය යුතු අතර වකුගඩු රෝගය පැතිරීමට හේතුව කැඩ්මියම් බවට අවසාන නිගමනයකට පැමිණීමට තවමත් නොහැකි වූවද සහල් සහ තවත් අහාර වර්ග වල කැඩ්මියම් විශාල වශයෙන් තිබීම නොසලකා හරිය නොහැකි බවයි සංදේශය යොමු කළ ප්‍��ශ්ණයකට පිළිතුරු ලෙස වෛද්‍ය ආනන්ද ජයලාල් අවධාරණය කළේ." +යුද අපරාධ සිදු කර ඇති බවට එල්ල කෙරෙන චෝදනා පිළිබඳව සොයා බැලීම සඳහා අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට වර්තමාන රජය ගෙන ඇති තීරණය තමා ද අනුමත කරන බව හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා පවසයි.,"ඔහු එම ප්‍රකාශය කළේ නඩු විභාගයක් සඳහා කොළඹ මහාධිකරණයට පැමිණ සිටි අවස්ථාවේ මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධවල නිරත නොවූ බව තම විශ්වාසය බව කියා සිටි ජනරාල් සරත් ෆොන්සේකා, එහෙත් චෝදනාවක් එල්ල වී තිබේනම් ඒ පිළිබඳව සොයා බැලීම වැදගත් වන බවයි පෙන්වා දුන්නේ. ‘වගකිව යුතු මට්ටමින් චෝදනා ඉදිරිපත් වී තිබේ නම් ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කළ යුතුයි. චෝදනා පරීක්ෂා නොකොට ඉවත දැමීම සුදුසු නැහැ. යම් අපරාධයක් සිදු වී ඇති බවට චෝදනා තිබේනම්, ඒවා සිදු වූ ස්ථාන සහ කාල වේලාවන් ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව සඳහන් වෙනවා නම් ඒ පිළිබඳව සොයා බැලීම සදහා අනිවාර්යයෙන්ම පරීක්ෂණයක් පැවැත්වීම අවශ්‍යයි’ ජනරාල් ෆොන්සේකා පවසයි. අතීත අත්දැකීම් 'ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධවල නිරත වී නැත' යන්න තම පිළිගැනීම වන බව පවසන ජනරාල් සරත් ෆොන්සේකා , එහෙත් ලක්ෂ දෙකකට අධික යුද හමුදා බල ඇණියේ සුළු පිරිසක් හෝ යම් වැරදි ක්‍රියාවක් සිදු කර තිබේනම් ඒ පිළිබඳව සොයා බැලීමේ වරදක් නොමැති බවයි පෙන්වා දෙන්නේ. යුද සමයේ සිදුවීම් සම්බන්ධයෙන් වත්මන් රජය අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන බවක් ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර බලවේග සතුටු කිරීමට යැයි විපක්ෂයේ ඇතැම් පක්ෂ ප්‍රකාශ කර ඇතත් තමන් එම අදහස පිළි නොගන්නා බවයි හිටපු යුද හමුදාපතිවරයා පවසන්නේ. ‘මම ඒ අදහස පිළිගන්නේ නැහැ. අතීතයේ දීත් යුද හමුදාවට චෝදනා එල්ල වූ අවස්ථාවල පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් දී තිබෙනවා. 1971 මනම්පේරි ඝාතනය, ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතනය සහ ඇඹිලිපිටිය සිසු ඝාතන ඊට උදාහරණ ලෙස පෙන්වන්න පුළුවන්’ ජනරාල් සරත් ෆොන්සේකා කියා සිටියේය. තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ හිටපු යුද හමුදාපතිවරයා හැටියට ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට තමා සුදානම් බවයි." +"ඌව පළාත් සභා මැතිවරණයෙන් පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 349,906 ලබා ගනිමින් ප්‍රසාද මන්ත්‍රී ධුර 02ක් ඇතුළුව මන්ත්‍රී අසන 19ක් ලබා ජයග්‍රහණය කළේය.","එක්සත් ජාතික පක්ෂය ඡන්ද 274,773ක් ලබා ගනිමින් මන්ත්‍රී ධුර 13ක් දිනා ගැනීමට සමත් වී තිබේ. ඡන්ද 36995ක් ලබා ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ දිනා ගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 02ක්. මීට පෙර පාලක සන්ධානයට හිමි වී තිබූ බදුල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 03ක් ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂයට හැකි වී තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද කොට්ඨාස 09ක සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද කොට්ඨාස 03ක මැතිවරණය පැවැත්විණි. බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ, බණ්ඩාරවෙල, ඌව පරණගම, මහියංගනය, වියලුව, පස්සර යන ඡන්ද කොට්ඨාසවල ජය එක්සත් ජනතා නිදහස් සංධානයට හිමි විය. මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල, බිබිල, වැල්ලවාය යන ඡන්ද කොට්ඨාසවල ජය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වී තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල ඡන්ද කොට්ඨාසය වැඩි ඡන්ද 6098කින් ද, හාලිඇල ඡන්ද කොට්ඨාසය වැඩි ඡන්ද 2796 කින් ද, වැලිමඩ ඡන්ද කොට්ඨාසය වැඩි ඡන්ද 735 කින් ද, ජය ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් විය. මැතිවරණ දෙපාර්තමේන්තුව නිකුත් කල අවසන් ප්‍රතිඵල අනුව 2009 ඌව පළාත් සභා මැතිවරණයේ හා සසඳන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයට අහිමි වී ඇති මන්ත්‍රී ධුර සංඛ්‍යාව 06ක්. ඒ අනුව ගිය වර මැතිවරණයට සාපේක්ෂව වැඩිපුර මන්ත්‍රී ධුර හයක් ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකි වී තිබේ. 01ව තිබූ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 02ක් දක්වා වර්ධනය වී ඇති අතර 2009 වසරේදී මන්ත්‍රී ධුර 01ක් හිමි කර ගත් කඳුරට ජනතා පෙරමුණ මෙවර මැතිවරණයට තරඟ නොකළේය. ඒ අනුව සමස්ත ප්‍රතිඵලය ප්‍රතිශතයක් වශයෙන් ගැනීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය සියයට 51.2ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් වී තිබේ. එක්සත් ජාතික පක්ෂය පෙර මැතිවරණවලට සාපේක්ෂව සියයට 40.2ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ සියයට 5.3ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගැනීමට සමත් විය. ඌව පළාත් සභාවට ප්‍රථම වතාවට තරඟ කළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දිස්ත්‍රික්ක දෙකෙන්ම ඡන්ද 6076ක් ලබා ගත් අතර එකදු ආසනයක් හෝ ලබා ගැනීමට නොහැකි වී තිබේ." +"ආහාර, ජලය සහ විදුලි බලය පවා නොමැතිව සතියකට ආසන්න කාලයක් මුළුල්ලේ මැනුස් දූපතේ රැඳවුම් මධ්‍යස්ථානය හැර යාම ප්‍රතික්‍ෂේප කරමින් සාමකාමී උද්ඝෝෂණයක නිරතව සිටින රැඳවියන් අතර ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙකු පමණ ද සිටින බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් පවසයි.","එම කඳවුරේ සිටින ශ්‍රී ලාංකිකය���් අතර බහුතරය දෙමළ වන අතර, සිංහල කිහිප දෙනෙකු ද සිටින බව ඕස්ට්‍රේලියාවේ Refugee Action Coalition සංවිධානයේ ඉයන් රින්ටූල් (Ian Rintoul) බීබීසී සිංහල සේවයට පැවසීය. ඔහු පවසන පරිදි එහි සිටින ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනාම පාහේ සරණාගතයින් ලෙසින් ඔස්ට්‍රේලියාව විසින් පිළිගනු ලැබූවන්ය. මැනුස් දූපතේ කඳවුරේ සිටින රැඳවියන් 600 අතරින් බහුතරය සරණාගතයින් ලෙසින් පිළිගෙන ඇති නමුත්, ඔවුන් කඳවුරෙන් නිදහස් කිරීම වෙනුවට වෙනත් මධ්‍යස්ථාන තුනකට පිටත් කිරීමට පැපුවා නිව්ගිනි බලධාරීහු උත්සාහ කරති. එම උත්සාහයට එරෙහිව රැඳවුම් මධ්‍යස්ථානය හැර යාම ප්‍රතික්‍ෂේප කරමින් සිටින රැඳවියන් බොහෝ පිරිසක් දැඩි රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳින බව ඉයන් රින්ටූල් මෙන්ම ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීහු ද පවසති. කඳවුර වසා දැමූ බලධාරීන් ජලය සහ විදුලි බල සැපයුම කප්පාදු කිරීම හේතුවෙන් විදුලිය, ජලය සහ ආහාර නොමැතිව දිවි ගෙවීමට ඔවුන්ට සිදු වී ඇති බවත් ඉයන් රින්ටූල් සඳහන් කළේය. සූර්ය බලශක්තියෙන් ක්‍රියා කරන චාජර් විදුලි බලය පවා නොමැති නම් ඔවුන් සමග අදහස් හුවමාරු කරගන්නේ කෙසේදැයි බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දුන් Refugee Action Coalition ක්‍රියාකාරිකයා කියා සිටියේ රැඳවියන් සතුව සූර්ය බලශක්තියෙන් ක්‍රියා කරන ජංගම දුරකථන 'චාජර්ස්' කිහිපයක් තිබෙන බවය. ""ඒ වගේම එතැන සූර්ය කෝෂත් තියෙනවා."" මැනුස් දූපතේ රැඳවුම් කඳවුරේ ""මානවීය අර්බුදයක්"" ජල සැපයුම පවා කපා හැර තිබෙන බැවින් රැඳවියන් ""සියලු බලාපොරොත්තු සුන් වූ වාතාවරණයකට"" මුහුණ දී සිටින බව සඳහන් කළ ඔහු, ජලය ලබාගැනීම පිණිස ඔවුන් සිය අවශ්‍යතා සඳහා ජලය ලබාගන්නේ වැසි ජලය එකතු කිරීමෙන් බවත් පැවසීය. ""ඔස්ට්‍රේලියාවේ ආණ්ඩුව බොහොම ම්ලේච්ඡ විදියට මේ ජනතාව කොටු කරලා තියෙනව. ඒක හරියට වටලෑමක් වගේ."" මේ ""මානවීය අර්බුදය"" හමුවේ බෝට්ටුවලින් දූපත වෙත ළඟා වී ඔවුන්ට ආහාර ලබාදීමට තමන් මෙන්ම පැපුවා නිව්ගිනිහි ඇතැම් ක්‍රියාකාරීන් ද උත්සාහ කළ නමුත්, දූපත වටා ආරක්ෂාව දැඩි කර තිබෙන බැවින් මෙතෙක් ඒ උත්සාහය සාර්ථක නොවූ බවත් ඔහු සඳහන් කළේය. 'හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි' රැඳවුම් මධ්‍යස්ථානය ව්‍යවස්ථා විරෝධී බවට අධිකරණය ලබා දුන් තීන්දුවත් සමග ඔක්තෝබර් 31 වෙනි දින එය වසා දැමුණු අතර, ප්‍රදේශයේ පුද්ගලයන්ගෙන් සිය ආරක්ෂාවට තර්ජන එල්ල වෙනු ඇතැයි බියෙන් මැනුස් දූපතේ තාවකා���ික රැඳවුම් මධ්‍යස්ථාන කරා යාම රැඳවියෝ ප්‍රතික්ෂේප කරති. මේ අතර රැඳවියන්ගේ නීතීඥයින් විසින් ගොනු කරන ලද නඩුවක් විභාග කළ පැපුවා නිව්ගිනියා ශ්‍රේෂ්ඨාධිකරණය, අත්‍යවශ්‍ය සේවා කපා දැමීම මගින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති නමුත් ඔවුන්ට වෙනත් ස්ථාන ලබා දී තිබෙන බැවින් අත්‍යවශ්‍ය සේවා යළි ලබාදීම අවශ්‍ය නොවන බවත් තීන්දු කළේය. එම තීන්දුව ""එකිනෙකට පරස්පර තත්ත්වයක්"" බව බීබීසී සිංහල සේවය සමග කියා සිටි ඉයන් රින්ටූල්, තමන් ඇතුළු කණ්ඩායම් එයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවද සඳහන් කළේය. අධිකරණයේ තීන්දුව කවරක් වුවත් බොහෝ දෙනා සරණාගතයින් ලෙසින් ද පිළිගෙන තිබියදී වසර හතරහමාරක් කඳවුරේ ගතකිරීමෙන් අනතුරුව තවත් කඳවුරකට යාමට සූදානම් නොමැති බව සරණාගතයන්ගේ ස්ථාවරය වී තිබෙන බව ද Refugee Action Coalition සංවිධානයේ ක්‍රියාකාරිකයා පැවසීය. සබැඳි යොමු: මේ අතර එහි පවතින තත්ත්වය විග්‍රහ කරන හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) මානව හිමිකම් සංවිධානය: ""සමහර සරණාගතයින් සහ දේශපාලන රැකවරණ පතන්නන්ගේ උග්‍ර සෞඛ්‍ය ගැට‍ලුවලට ප්‍රතිකාර ලැබී නැහැ.... මැනුස් කඳවුර තුළ ඉතා සුළු ආහාර සහ ජලය ප්‍රමාණයක් පමණක් තිබෙන නිසා එහි තත්ත්වය තව දුරටත් දරුණු අතට හැරෙමින් පවතිනවා,"" බව සඳහන් කරයි. සරණාගතයින් වෙනුවෙන් ආරම්භ වූ නව මධ්‍යස්ථානය ආරක්ෂාකාරී නොවීම හේතුවෙන් ""සරණාගතයින් සහ දේශපාලන රැකවරණ පතන්නන් බොහෝ දෙනෙකු ලොරෙන්ගවූ ප්‍රදේශයේ පුද්ගලයින්ගේ පහර දීම්වලට සහ කොල්ලකෑමට ලක් වුනත්, පොලීසියේ මැදිහත් වීම ඉතා අවම මට්ටමක පවතින,"" බව ද හියුමන් රයිට්ස් වොච් වැඩිදුරටත් සඳහන් කරයි. ඉරාන ජාතික සරණාගතයෙකු සහ ජනමාධ්‍යවේදියෙකු වන බෙරූස් බූචානි වාර්තා කරන පරිදි, සති අන්තයේදී එක් රැඳවියෙක් හදවත් වේදනාවක් හේතුවෙන් මධ්‍යස්ථානය තුළ දී සිහි මූර්ඡා වී තිබේ. ""ඔහු සිහි මූර්ඡා වූ විට..... අපිට විදුලිය තිබුනේ නැති නිසා හැම තැනම කලුවරයි. සියලු දෙනාම බොහොම බය වුනා. ඒක හරිම අමාරු රැයක්,"" යනුවෙන් ඔහු බීබීසී සමග පැවසීය. ඒ අවස්ථාවේ ඔවුන් මැනුස් දූපතේ සරණාගතයින්ට සෞඛ්‍ය සේවාවන් සැපයීමට ගිවිසුමකින් බැඳී සිටින ජාත්‍යන්තර සෞඛ්‍ය සේවාවන් ඇතුළු සංවිධාවලින් උපකාර පතා තිබේ. ""අපි කඳවුර දමා යෑම ප්‍රතික්‍ෂේප කරන නිසා අපිට උදව් කරන්න බැහැ කියල ඔවුන් අපිට කිවුව,"" බෙරූස් බූචානි වැඩිදුරටත් පැවසීය. රෝගියා ��ිහි මූර්ඡා වී පැය හතරහමාරකට පසු පැපුවා නිව්ගිනි ආගමන දෙපාර්තමේන්තුවේ මෝටර් රථයකින් රෝගියා රෝහලකට රැගෙන ගියත්, එම රෝහලේ අවශ්‍ය උපකරණ නොමැතිවීම හේතුවෙන් ඔහු නැවත කඳවුර වෙත ඒවා තිබේ. තවත් නොයෙකුත් ආසාදනයන්ගෙන් පීඩා විදින පිරිසක් සහ වකුගඩුවල ගල් හට ගැනීම නිසා අතිශය වේදනාවෙන් පෙලෙන පුද්ගලයකු පිළිබදව ද කදවුරෙන් වාර්තා වේ. මේ චෝදනා පිළිබඳව ප්‍රතිචාරය ලබා ගැනීම පිණිස බීබීසී ඔස්ට්‍රේලියාවේ ආගමන සහ දේශ සීමා ආරක්ෂා කිරීමේ දෙපාර්තමේන්තුව සහ International Health and Medical Services -(IHMS) අමතා තිබේ. වසා ඇති මැනුස් දූපතේ ඇති රැඳවුම් මධ්‍යස්ථානයට තවදුරටත් සෞඛ්‍ය සේවා සැපයිය නොහැකි නමුත් නැගෙනහිර ලොරෙන්ගවූ හි අලුතින් ආරම්භ කරන ලද කඳවුරට වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය හැකි බව IHMSආයතනය මීට ඉහතදී පවසා තිබේ. මැනුස් දූපතේ රැඳවුම් මධ්‍යස්ථානය වසා දැමීමට පෙර ""සියලු පුද්ගලයන්ගේ නිර්දේශිත බෙහෙත් වර්ග ඇතුළු මානසික රෝගයන්ට ලබා දෙන බෙහෙත් වර්ග ද දින 28 කට ප්‍රමාණවත් ලෙස ජාත්‍යන්තර සෞඛ්‍ය සහ වෛද්‍ය සේවාවන් වලින් ලබා දී ඇත,"" යනුවෙන් ද IHMSආයතනය සඳහන් කළේය. මතභේදයට තුඩු දී තිබෙන ඔස්ට්‍රේලියාවේ නීති විරෝධී සංක්‍රමණිකයන් රඳවා ගැනීමේ ප්‍රතිපත්තියට අනුව බෝට්ටු මගින් සිය රටට ළඟා වෙන සරණාගතයින් ඔස්ට්‍රේලියාව විසින් මැනුස් දූපතේ සහ පැසිෆික් නාවුරු දූපත්වල රඳවනු ලබයි. මැනුස් දුපතේ රැඳවුම් මධ්‍යස්ථානය ව්‍යවස්ථා විරෝධී බවට පැපුවා නිව්ගිනි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුවකට අනුව, ඔස්ට්‍රේලියාව පසුගිය අඟහරුවාදා මැනුස් රැඳවුම් කඳවුර සම්පූර්ණයෙන් වසා දැමුවේය. ඒ සමගම කඳවුරෙහි සියලු සේවකයන් සහ සේවාවන් ඉවත් කර ගත් අතර, රැඳවියන් සියළු දෙනාටම දූපතෙහි විකල්ප නවාතැන් සොයා ගන්නා ලෙසට දන්වන ලදී. එසේ වුවත්, මෙය ""හදිසි මානුෂීය තත්ත්වයක්"" බව පවසන එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (UNHCR ), අලුතින් සපයා තිබෙන සමහර පහසුකම් මිනිස් පරිහරණයට සුදුසු නැති අතර, එම මධ්‍යස්ථානයෙහි මිනිසුන් 600 ක් රැඳවීමට නොහැකි බවටත් ප්‍රකාශ කර තිබේ. ඔවුන් ආරක්‍ෂිතව තුන්වෙනි රටකට මාරු කර යවන ලෙස ද රැඳවියන් නියෝජනය කරන නීතීඥවරු පැපුවා නිව්ගිනි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති. මැනුස් කඳවුර වසා දැමීම මානව අයිතීන් උල්ලංඝනය කිරීමක් බවට ද ඔවුහු තර්ක කරති. 2012 සිට මේ දක්වා පුද්ගලයන් 6 දෙනෙකු මැනුස් කඳවුර තුළ ජීවිතක්ෂයට පත් වී ඇති අතර, ඔවුන්ගෙන් කිහිප දෙනෙකු නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් මිය ගිය බව රැඳවියෝ පවසති. සබැඳි යොමු:" +වසර හතරක් ධුර කාලය දැරීමෙන් අනතුරුව හදිසි ජනාධිපතිවරණයක් කැඳවීම සඳහා හැකියාව ඇත්තේ ජනපතිවරයකුගේ පළමු ධුර කාලයේදී පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.,"ව්‍යවස්ථාවට අනුව දෙවන වතාවට ජනපති පදවියට පත්වන පුද්ගලයා වසර හයම එම ධුරයේ රැඳී සිටිය යුතු බවයි අනුර කුමාර දිසානායක අවධාරණය කර සිටියේ. ‘ජනතාව පෙළන පාලනයට එරෙහි වෙමු’ යන තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ රැස්වීම් මාලාවේ පළමු රැළිය ඉරිදා කන්තලේදී ආරම්භ කෙරුණු අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. ‘ජේ ආර් ජයවර්ධන හැත්තෑ අටේ පෙබරවාරි හතර වෙනිදා දිවුරුම් දුන්නා. අසූ දෙකේ ජනාධිපති ඡන්දයක් තිබ්බා. දෙවැනි වර හයම ඉන්න ඕනි,අසූ අටේ තිබ්බා. චන්ද්‍රිකා මැතිනිය අනූහතරේ බලයට ආවා. අවුරුදු හතර ගෙවුනට පස්සේ අනූනවයේ ඡන්දයක් තිබ්බා. අනූනවයේ බලය අරගෙන අවුරුදු හයම දෙදහස් පහ වෙනකම් හිටියා’ යනුවෙන් පවසමින් ඔහු ඒ සඳහා ඉතිහාසයෙන් උදාහරණ ගෙන හැර දැක්වූවේය. ලේ විලක් රටේ ආර්ථිකය, නීතිය, සංවර්ධනය, ධනය සහ බලය යන සියල්ල රාජපක්ෂ පවුල වටා කේන්ද්‍ර කර ගෙන ඇති බවටද ජනතා විමුක්ති පෙරමුණේ නායකයා චෝදනා කළේය. ‘ව්‍යවස්ථාව සංශෝධනය කර ගෙන එන්න කරුණා කරලා. තුනෙන් දෙකේ බලය තියනවනේ. මොකටද ව්‍යවස්ථාව කඩන්නේ. කවුරුවත් අත උස්සන්නේ නැහැ දැන්. ඒක එයා දන්නවා දැන්. ඒක තමයි ව්‍යවස්ථාව කඩන්න හදන්නේ’ යැයි පැමිණ සිටි ගොවි ජනතාව අමතමින් ඔහු කියා සිටියේය. ‘අපි මෙතන රැස් වෙලා ඉන්න තමුන්නාන්සේලාගෙන් අහන්නේ. මේ රටේ ව්‍යවස්ථාව කඩලා යළි මේ රටේ නායකයා වෙන්න ඉඩ දෙනවද. ඉඩ දෙන්න බැහැ. ඒක අපේ රටේ ලේ විලක් බවට පවත්වන එක වළක්වන්න බැහැ. අපේ රට මහා ඛේදවාචකයකට ඇද දාන එක වළක්වන්න බැහැ’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ප්‍රකාශ කළේය. ජාතික හෙළ උරුමය ඇතුළු තවත් දේශපාලන පක්ෂ රැසක් සමග තම පක්ෂය සංවිධානගත වීමට සැලසුම් කරණුයේ යෝජිත ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වාලීමට බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක වැඩි දුරටත් කියා සිටියේය." +ශ්‍රී ලංකාවේ මුස්ලිම් පුද්ගල නීතිය සංශෝධනය කිරීම පිණිස මීට වසර නවයකට ඉහතදී පත්කරන ලද කමිටුව සිය වාර්තාව සඳුදා (ජනවාරි 22) අධ���කරණ ඇමතිවරිය වෙත භාර දුන් බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.,"අධිකරණ අමාත්‍යවරයා විසින් 2009 දී පත්කරන ලද 17 දෙනෙකුගෙන් සමන්විත කමිටුවේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් විසින් එය තලතා අතුකෝරල ඇමතිවරිය වෙත භාර දුන් බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. විශේෂයෙන්ම දැරියන් විවාහවීමේ වයස පිළිබඳව කමිටුවේ විශේෂ අවධානය යොමු වී තිබෙන බවත් අධිකරණ අමාත්‍යාංශය පවසයි. මෙහි අන්තර්ගතය නැත End of Facebook post, 1 වසර නවයකට පසුව කමිටුවේ වාර්තාව එසේ භාර දීමට පෙරාතුව, කමිටු වාර්තාවට සිදු වූයේ කුමක්දැයි විමසමින් මුස්ලිම් කාන්තාවන් ඇතුළු පිරිසක් අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපස උද්ඝෝෂණයක නිරතව සිටියහ. මුස්ලිම් ප්‍රජාව තුළින් මතුවන විවිධ මතවාද සහ අභියෝගාත්මක විවාද මධ්‍යයේ සිය නිර්දේශ සහිත වාර්තාව අවසන් කිරීම පිණිස කමිටුව දැරූ උත්සාහය අගය කරන බව උද්ඝෝෂණය සංවිධානය කළ මුස්ලිම් පුද්ගල නීතිය සංශෝධනය කිරීම සඳහා වූ ක්‍රියාකාරී කමිටුව (Muslims Personal Law Reforms Action Group -MPLRAG) සඳහන් කරයි. එසේ වුවත් තවමත් මුස්ලිම් කාන්තාව ලාංකීය සමාජය තුළ ""දෙවෙනි පෙළ පුරවැසියන් සේ"" සැලකෙන බව පවසන MPLRAG සංවිධානය, මුස්ලිම් කාන්තාවට හිමි ගෞරවය ආරක්ෂා කරදෙන මෙන් සහ ඇයට සාධාරණය ඉටු කර දෙන මෙන් මුස්ලිම් කාන්තාවන් දිගින් දිගටම කරන ඉල්ලීමට ආණ්ඩුවේ ප්‍රතිචාරය වී තිබෙන්නේ ඒ සඳහා අදාළ කමිටු වාර්තාව ලැබෙන තුරු සිටිය යුතුය යන්න බව ද සඳහන් කරයි. විවාහවීම සඳහා අවම වයස් සීමාවක් නියම කරමින් මුස්ලිම් විවාහ නීතිය සහ උඩරට නීතිය සංශෝධනය කිරීම පිණිස ගනු ලැබ තිබෙන පියවර පැහැදිලි කරන මෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව ශ්‍රී ලංකා ආණ්ඩුවට දැනුම් දී තිබුණි. ඒ පිළිබඳව පසුගිය සතියේ ජිනීවා නුවරදී කරුණු දැක්වූ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ දූත මණ්ඩලය, සලීම් මර්සූෆ් කමිටුව මේ වනවිට සිය නිගමනවලට එළඹී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත දැනුම් දී තිබේ. ""එහෙත් එම වාර්තාව භාරදෙන දිනයක් ගැන හෝ එය භාරදීමෙන් අනතුරුව සංශෝධන සිදු කෙරෙන කාල නියමයක් ගැන තවමත් කිසිදු නිල දැනුම්දීමක් කෙරී නැත,"" යනුවෙන් ද උද්ඝෝෂණය සම්බන්ධයෙන් MPLRAG සංවිධානය (වාර්තාව භාරදීමට පෙර) නිකුත්කළ නිවේදනයක සඳහන් වේ. 1956 දී සම්මත කරගන්නා ලද මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය මගින් මුස්ලිම් කාන්තාවන් සහ දැරියන් දැඩි ලෙස නොසලකා හැර���මට ලක්වන බව සහ අසමානයන් ලෙසින් සලකන බවට මුස්ලිම් කාන්තාවෝ චෝදනා කරති. එබැවින් එය සංශෝධනය කළ යුතු බව අවධාරණය කරන ඔවුහු, විශේෂයෙන්ම මුස්ලිම් දැරියන් විවාහවීමේ අවම වයස අවුරුඩු 18 ලෙසින් නියම කළ යුතු බව ද අවධාරණය කරති. එහෙත් බොහෝ ගතානුගතිකවාදී මුස්ලිම් සංවිධාන එයට විරෝධය පළ කරති. ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් තව්හීඩ් ජමාආත් සංවිධානයේ භාණ්ඩාගාරික බීඑම් අර්ශාඩ් කියා සිටියේ, මුස්ලිම් පුද්ගල නීතිය සංශෝධනය කිරීමට එකඟ වුවත්, දැරියන් විවාපත් කරදීම සඳහා අවම වයසක් නියම කිරීමට සිය සංවිධානය තරයේ විරුද්ධ බවය. මුස්ලිම් විවාහ නීතිය යටතේ බාල වියේදී විවාපත් කරන ලද දැරියකගේ අනුවේදනීය පුවතක් ද සහිත විශේෂ ගවේෂණයක වාර්තාවක් පසුගිය වසරේ බීබීසී සිංහල සේවය ප්‍රකාශයට පත් කළේය. තවත් තොරතුරු:" +අලුත්ගම නගරයේ මුස්ලිම් ව්‍යාපාරිකයකු සතු වෙළෙඳ සැලක් ගිනිබත් කරන ලද බව වෙළඳසැල් හිමියා පවසයි.,"වෙළඳසැල් හිමියාගේ සහෝදරයකු විසින් දරුවකු ලිංගික අපහරණයට ලක් කරනු ලැබ ඇති බවට චෝදනා එල්ල වෙමින් පවතින අතරවාරයේයි, ගිනි තැබීම සිදු කර තිබෙන්නේ. මෙය තමාට එරෙහි කුමන්ත්‍රණයක් බවයි, ගිනිබත් කෙරුණ වෙළෙඳ සැලේ හිමිකරු වන මොහමඩ් නයීම් ඛාන් බීබීසී සංදේශයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ. සැලසුම් කළ ප්‍රහාරයක් වෙළෙඳ සැල තුල සියලු දර්ශන ඇතුළත් වීඩියෝ පටය උසාවියට ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව ළමා අපහරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි තම සහෝදරයා ඇප මත මුදා හරින ලද බවත් මොහමඩ් නයීම් ඛාන් සංදේශයට කියා සිටියේය. ""පන්සලේ එකතු වී මට විරුද්ධව දවස් කීපයක්ම කතා කරලා තිබුණා. මට විරුද්ධව උද්ඝෝෂණයක් කරන්නට යන බව මම පොලිසියට දැනුම් දී ආරක්ෂාව ඉල්ලුවා. සිද්ධියක් වුනොත් අවශ්‍ය පියවර ගන්නා බව පොලිසිය ප්‍රකාශ කළා,"" යයි ඔහු වැඩිදුරටත් කියා සිටියි. පසුගිය අට වෙනි දින සවස පහට උද්ඝෝෂණය ආරම්භ කිරීමට යන බවට තොරතුරු ලැබුනත් එදින උදේ එය ආරම්භ කෙරුණ බවයි, මුස්ලිම් ව්‍යාපාරිකයා පවසන්නේ. ""භික්‍ෂූන් තුන් නමක් සහ තවත් දෙසිය පනහක, තුන්සීයක පමණ කණ්ඩායමක් පාර දිගේ කෑ ගසමින් ආවා. මගේ කඩේට ගිනි තබන බවටයි ඔවුන් කෑ ගැසුවේ,"" යනුවෙන්ද ව්‍යාපාරික මොහමඩ් නයීම් ඛාන් පවසයි. පොලිසියේ ප්‍රතිචාරය අලුත්ගම මුස්ලිම් වෙළෙඳ සැලට ගිනි තබනු ලැබීම සම්බන්ධයෙන් පොලිස් ප්‍රකාශක, ජ්‍යෙෂ්ට පොලිස් ���ධිකාරී අජිත් රෝහණගෙන් බීබීසී සංදේශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ, අපරාධය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කරන බවයි. වෙළෙඳ සැලේ අයිතිකරු ඔහුට එරෙහිව උද්ඝෝෂණයක් සංවිධානය කෙරෙමින් ඇති බවට තොරතුරු අලුත්ගම පොලිසියට දැනුම් දී තිබියදීත් අවශ්‍ය ආරක්ෂාව නොසැපයීම සම්බන්ධයෙන් බීබීසිය ප්‍රශ්න කළ විට ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරයා කියා සිටියේ සාමකාමී උද්ඝෝෂණ නතර කිරීමට පොලිසියට නොහැකි බවයි. තවදුරටත් අදහස් දැක් වූ ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී අජිත් රෝහණ ගිනි තැබීම සිදු කර ඇත්තේ විරෝධතා ව්‍යාපාරයෙන් පසු රාත්‍රී කාලයේ බවයි කියා සිටියේ. කෙසේ වුවත් එවැනි අපරාධ කිරීමට කිසිවකුට අයිතියක් නැතැයි කියා සිටි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරයා විමර්ශන කටයුතු සිදු කරන බවත් සඳහන් කළේය." +ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ අරමුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනාවක් මත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඉන්දියාවේ විපක්ෂය නියෝජනය කරන සෝනියා ගාන්ධි සහ ඇයගේ පුත් රාහුල් ගාන්ධිට නියෝග නිකුත් කොට තිබේ.,"මුද්‍රණය නවතා දැමූ 'නැෂනල් හැරල්ඩ්' පුවත්පත් සමාගමකට අයත් වත්කම් මිළදී ගැනීම සඳහා සෝනියා ගනිධි සහ රාහුල ගාන්ධි විසින් කොංග්‍රස් පක්ෂයේ අරමුදල් භාවිතා කොට ඇති බවටයි චෝදනා එල්ල වන්නේ මුදල් අවභාවිත චෝදනා සම්බන්ධයෙන් අධිකරණය වෙත අදාළ පෙත්සම ඉදිරිපත් කොට තිබෙන්නේ ඉන්දීය ආණ්ඩුවේ දේශපාලනඥයෙක් විසින්. මුද්‍රණය නවතා දැමූ 'නැෂනල් හැරල්ඩ්' පුවත්පත් සමාගමකට අයත් වත්කම් මිළදී ගැනීම සඳහා සෝනියා ගාන්ධි සහ රාහුල් ගාන්ධි විසින් කොංග්‍රස් පක්ෂයේ අරමුදල් භාවිතා කොට ඇති බවටයි චෝදනා එල්ල වන්නේ. එල්ල කෙරෙන චෝදනා සෝනියා ගාන්ධි සහ රාහුල් ගාන්ධි විසින් ප්‍රතික්ෂේප කොට තිබේ. ඉන්දියාවේ ගාන්ධි සහ නේරු පවුලට අයත් සාමාජිකයකු හැත්තෑව දශකයෙන් පසු අධිකරණයක් ඉදිරියේ පෙනී සිටීමට නියමිත පළමු අවස්ථාව මෙයයි. ‘ඇයි මම සිත් තැවුලට පත් වෙන්නේ? මම මගේ මිතුරන්ට කිව්වේ, මම ඉන්දිරා ගාන්ධිගේ ලේලි. මම කිසිවෙකුටත් බය නැහැ’ අධිකරණ නියෝගය හේතුවෙන් සිත් තැවුලට පත් වී ඇති බවට පළ වන වාර්තා සෝනියා ගාන්ධි ප්‍රතික්ෂේප කළාය. ‘ඇයි මම සිත් තැවුලට පත් වෙන්නේ? මම මගේ මිතුරන්ට කිව්වේ, මම ඉන්දිරා ගාන්ධිගේ ලේලි. මම කිසිවෙකුටත් බය නැහැ’ ඇය පැවසූ බවට එන්ඩීටීවී වෙබ් පුවත් පිටුවේ සඳහන්. පසුගිය වසරේ පැවති මහ මැතිවරණයෙන් කොංග්‍රස් පක්ෂය පරාජයට පත් විය. වසර දහයක් ඉන්දියාවේ පාලන බලය හෙබවූ කොංග්‍රස් පක්ෂයට පාර්ලිමේන්තු ආසන 543 කින් දිනා ගත හැකි වූයේ ආසන 44 ක් පමණි. මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් විය." +"සංචාරක කර්මාන්තය සහ වෙනත් සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමේ නාමයෙන් සිය පාරම්පරික ඉඩම් උදුරාගනිමින් සිටින බවට ආණ්ඩුවට චෝදනා කරමින් ධීවරයන්, ගොවීන් ඇතුළු දහස් සංඛ්‍යාත පිරිසක් කොළඹදී උද්ඝෝෂණයක නිරතව සිටියහ.","ගොවි බිම් ඇතුළු ඉඩම් මෙසේ පවරා ගැනීම ආහාර අනාරක්ෂිත භාවයට මුල පිරීමක් විය හැකි බවටද ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියකින් උද්ඝෝෂකයෝ අනතුරු අඟවති ""අපි ජීවත්වෙන්නේ මීගමු කලපුවෙන් අපිට තියන ලොකුම තර්ජනය තමා ඒ කලපුව හැම පැත්තෙන්ම විනාශ වේගෙන යන්නේ. තියන දූපත් ටික විකුණලා තියෙනව ඒවා අරගෙන හෝටල් ගහල තියෙනව,"" කල්පිටිය වාසී කාන්තාවක් තමන් මුහුණදී සිටින තත්ත්වය විස්තර කළාය. කල්පිටියේ ධීවරයන්ගේ දූපත් උදුරා ගැනීමට මාන බලමින් සිටින බවට උද්ඝෝෂණය එක්ව සිටි අබ්දුල් රවුෆ් ආණ්ඩුවට චෝදනා කළේය. ""ලොකු ව්‍යාපෘති කියල දූපත් 14 ක් අරගෙන ඒක හෝටල් වලට විකුනන්න ආවේ. එතකොට එහෙ ඉන්න ධීවරයන්ට අසාධාරණකම් වෙනවා,"" ඔහු පැවසීය. ජීවත්වීමේ අයිතිය 'අපි ජීවත්වෙන්නේ මීගමු කලපුවෙන් අපිට තියන ලොකුම තර්ජනය තමා ඒ කලපුව හැම පැත්තෙන්ම විනාශ වේගෙන යන්නේ' උතුරු නැගෙනහිර ඇතුළු විවිධ පලාත්වල සිට පැමිණි 2000 ක පමණ පිරිසක් මෙසේ කොළඹට පැමිණ ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කොට තිබෙන ජීවත්වීමේ අයිතිය බවයි, සමාජ හා සාමයික කේන්ද්‍රයේ අශෝක් ස්ටීවන් පියතුමා පෙන්වා දෙන්නේ. මේ අතර අදහස් දැක්වූ ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර පැවසුවේ ""ධීවරයාට, ගොවියට, වතු කම්කරුවට, උතුරේ යුද්දෙන් අවතැන් වෙච්ච ජනතාවට තමන්ගේ ඉඩම්වල, ගොවි බිම්වල, ඔවුන් ජීවත් වෙච්ච වනාන්තර මේ සියල්ල අද ක්‍රමයෙන් අහිමිවීගෙන යනවා. සංචාරක ව්‍යාපාරයට ඒ වගේම වෙනත් සංවර්ධන ව්‍යාපෘති නමින් අහිමි කරන,"" බවයි. මේ ප්‍රශ්නයේදී දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවට ලක්බිමේ මවුවරු සහ දියණියෝ සංවිධානයේ නීතිඥ නිමල්කා ප්‍රනාන්දු චෝදනා කරන්නීය. ""ගොවි ජනතාවට සහන සලසන බවට රටට පෙන්නුවට අපි දකින්නේ යුද්දයට පස්සේ පානම ඉඳල මඩකලපුව දක්වා මුහුදු තීරයත් උතුරේ මුහුදු තීරයත් මේ වෙනකොට අධි ආරක්‍ෂිත කලාප කියල එක පැත්තකින් අතට ගන්නවා අනික් පැත්තෙන් සංචාරක කර්මාන්තය දියුණු කරන්න කියල අතට අරගෙන තිබෙනවා,"" ඇය සඳහන් කළාය. මුළු ලෝකයම ආහාර හිඟයකට මුහුණදී සිටින සමයක ගොවි බිම් ඇතුළු ඉඩම් මෙසේ පවරා ගැනීම ආහාර අනාරක්ෂිත භාවයට මුල පිරීමක් විය හැකි බවටද ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත යොමු කළ ලිපියකින් උද්ඝෝෂකයෝ අනතුරු අඟවති. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා" +සිය කෙන්යා සංචාරය නැගෙනහිර අප්‍රිකාවේ ත්‍රස්තවාදයට එරෙහි ඇමෙරිකානු කැපවීම ප්‍රදර්ශනය කරන්නක් වන බව ජනාධිපති බරක් ඔබාමා පවසයි.,"ජනාධිපති ඔබාමා එම ප්‍රකාශය කළේ සිය කෙන්යා සංචාරයට පෙර බීබීසි ය සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී. කෙන්යාව ජනාධිපති බරක් ඔබාමාගේ පිය පාර්ශ්වයේ මුල් භූමිය වන අතර ඔහු එරටෙහි සිදු කරන පළමු නිල සංචාරය මෙයයි. කෙන්යාව සිය ඥාති ඇමෙරිකානු නායකයා පිළිගැනීමේ සූදානමින්. කෙන්යාවේ පවතින දූෂණ අපචාර සහ මානව හිමිකම් උල්ලංඝනය කරනු ලැබීම් පිළිබඳව මෙන්ම සමලිංගික සබඳතා රිසි ජනයාට එරෙහිව නඩු පවරනු ලැබීම් ආදියට එරෙහිව සිය සංචාරයේදී නයිරෝබි බලධාරීන්ට කෙලින්ම කියා සිටින බවයි ඇමෙරිකා එක්සත් ජනපද නායකයා බීබීසියට ප්‍රකාශ කළේ. අද (24) කෙන්යාවේ නයිරෝබි නගරයට ලඟා වෙන ඇමෙරිකානු නායකයා අනතුරුව ඉතියෝපියාවේ දී අප්‍රිකානු සංගමය අමතා කතා කිරීමට ද නියමිතයි. ‘මම කෙන්යාවේ සහ ඉතියෝපියාවේ සංචාරයක නිරත වූ පළමු ඇමෙරිකානු ජනාධිපතිවරයා පමණක් නොව අප්‍රිකානු සංගමය ඇමතීම මගින් සමස්ත මහාද්වීපය අමතා කතා කළ පළමුවැනි එක්සත් ජනපද නායකයා ද වෙනවා’ බරක් ඔබාමා බීබීසී සාකච්ඡාවේ දී සඳහන් කළේය. තුවක්කු සංස්කෘතිය තරුණ බරක් ඔබාමා කෙන්යා සංචාරයකදී සිය මිත්තනිය සමඟ තව දුරටත් අදහස් දැක්වූ ජනාධිපති ඔබාමා ඇමෙරිකානු සමාජය තුල මුල්බැසගත් තුවක්කු සංස්කෘතිය පාලනයකට යටත් කරනු ලැබීම අතින් තමා ගත් උත්සාහය පල නොදැරීම සම්බන්ධයෙන් සිය බලාපොරොත්තු සුංවීමත් පළ කළේය. ජනාධිපති ඔබාමාගේ සාකච්ඡාවෙන් පැය දෙකකට පසුව ලුසියානා ප්‍රාන්තයේ තුවක්කු කරුවෙක් සිනමා ශාලාවක දී දෙදෙනකුට වෙඩි තබා මරා දමා තමාටද වෙඩි තබා ගත් බවක් වාර්තා විය. කෙසේ වුවද,තම පාලන අවධිය ඇතුළත ඇමෙරිකානු සමාජයේ වාර්ගික සබඳතාවන්හි වර්ධනයක් සිදු වූ බව ජනාධිපති ඔබාමා පවසයි. වෙනත් ජාත්‍යන්තර ප්‍���වණතා බීබීසිය සමඟ පැවැත්වූ සිය දීර්ඝ සාකච්ඡාවේ දී එක්සත් ජනපද නායකයා තවත් ජාත්‍යන්තර ප්‍රධාන මාතෘකා කීපයක් ගැනත් සිය අවධානය යොමු කළේය. කෙන්යාවේ ඔබාමා පරපුර ලෝක බලයක් සඳහා එක්සත් රාජධානිය යුරෝපා හවුල තුළ රැඳී සිටිය යුතු යන්න ඔහුගේ අදහසයි. ඉරාන් න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, කොන්ග්‍රස් මණ්ඩලය විසින් එය අනුමත කරනු ඇතැයි සිය විශ්වාසය පළ කළේය. එසේම ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් පරාජය කිරීම සඳහා සිරියානු අර්බුදයට දේශපාලන විසඳුමක් අවශ්‍ය බවයි ඔහු පෙන්වා දුන්නේ." +"කොළඹ වරාය නගර ව්‍යාපෘතියට අදාළව මහජන අදහස් ලබා ගැනීම සඳහා අලුතින් ඉදිරිපත් කර ඇති පරිපූරක පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව නීතියට පටහැණි, පිළිගත නොහැකි අසම්පූර්ණ වාර්තාවක් බවට 'පෝර්ට් සිටි' විරෝධි ජනතා ව්‍යාපාරය චෝදනා කරයි.","පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක ඇතුළත් විය යුතු මූලික විශ්ලේෂණයක්වත් අඩංගු නොවන මෙම වාර්තාව වැරදි සහගත වූවක් බවයි තිලක් කාරියවසම් පවසන්නේ එම සංවිධානයේ සමකැඳවුම්කරු, ශ්‍රී ලංකා සොබා සාමූහිකයේ සභාපති තිලක් කාරියවසම් ඒ බව ප්‍රකාශ කළේ 'පෝර්ට් සිටි' ව්‍යාපෘතියට අදාළ ව අලුතින් ඉදිරිපත් කෙරුණු පරිසර බලපෑම් ඇගයීම් වාර්තාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්. පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක ඇතුළත් විය යුතු මූලික විශ්ලේෂණයක්වත් අඩංගු නොවන මෙම වාර්තාව වැරදි සහගත වූවක් බවයි තිලක් කාරියවසම් පවසන්නේ. 'අලුතින් ඉදිරිපත් කෙරුණු මෙම වාර්තාවේ අඩුපාඩු 110කට වැඩි ප්‍රමාණයක් දැනටමත් අපේ නිරික්ෂණයට හසු ව තිබෙනවා. ඒ සඳහා ඇතුළත් විය යුතු සංශෝධන දැනටමත් අප සකස් කරමින් සිටිනවා. එම සංශෝධන ඉදිරියේ දී ඉදිරිපත් කිරීම අපේ බලාපොරොත්තුවයි' ඔහු කියා සිටියේ ය. මහජන අදහස් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලබා දෙන පූර්ණ පාරිසරික වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කටයුතු යළි ආරම්භ කිරීම පිළිබඳ සලකා බැලීමට තීරණය කිරීමෙන් අනතුරුව එම ව්‍යාපෘතියේ කටයුතු පසුගිය මාර්තු මාසායේ දී තාවකාලික ව අත්හිටැවිණි. 'පෝර්ට් සිටි' ව්‍යාපෘතියට අදාළ ව මහජන අදහස් ලබා ගැනීම සඳහා පරිපූරක පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් නැවත කැඳවීමට කටයුතු යෙදුණේ ඉන් අනතුරුවයි. එම වාර්තාව පසුගියදා එළි දුටු අතර ඒ සම්බන්ධයෙන් මහජන අ���හස් පළ කිරීම සඳහා දෙසැම්බර් 1 වැනි දා සිට 30 වැනි දා දක්වා කාලසීමාවක් ලබා දී තිබේ. 'පෝර්ට් සිටි' ව්‍යාපෘතිය පවත්වා ගෙන යාම පිණිස මුහුද ගොඩ කිරීම හා වැලි හෑරීම යන ප්‍රධාන කාර්යයන් දෙක මූලිකව සිදු කළ යුතු වන අතර මුහුද හෑරීමේ බලය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු නමුත් මුහුද ගොඩ කිරීමේ බලය ඔවුන් සතු නොවන බවද තිලක් කාරියවසම් මෙහිදී අවධාරණය කළේ ය.එම අයිතිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වන්නක් බවයි ඔහු කියා සිටියේ. 'අහිතකර බලපෑම්' අදාළ ව්‍යාපෘතියේ දී වැලි හෑරීම හා මුහුද ගොඩ කිරීම සම්බන්ධ තාක්ෂණික උපදෙස් සැපයීම මධ්‍යම පරිසර අධිකාරිය හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ යුත්තක් වුවත් මෙහිදී තාක්ෂණික දායකත්වය හා උපදෙස් සැපයීම සිදු කෙරෙන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පමණක් වීම ද 'පෝර්ට් සිටි' ව්‍යාපෘතියේ අහිතකර පාරිසරික බලපෑම් ඉස්මතු වීම සඳහා දායක වන කරුණක් බව ද කාරියවසම් සඳහන් කළේය. 'ගියවර 'පෝර්ට් සිටි' ව්‍යාපෘතිය වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු පාරිසරික ඇගයීම් වාර්තාවේ එහි ව්‍යාපෘති යෝජක ලෙස සටහන්ව තිබුණේ ශ්‍රී ලංකා වරාය අධිකාරියයි. මෙවර එහි යෝජකයා ලෙස මහා නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශය නම් තොට තිබෙනවා. පවතින නීතිමය හා ප්‍රතිපත්තිමය තත්වයන් මත මෙවන් ව්‍යාපෘතියක් සඳහා අමාත්‍යංශයට මැදිහත්වීම පිණිස ප්‍රතිපාදන සැලසෙන්නේ නෑ. එය නීති විරෝධි තත්ත්වයත්' අදාළ ව්‍යාපෘතිය සඳහා වැලි ලබා ගන්නා හැඳල සිට මීගමුව දක්වා වන මුහුදු තීරයේ වර්ග කිලෝමීටර 100 ක ප්‍රමාණයකින් වැලි ඝන මීටර මිලියන 65000ක් ලබා ගැනීමට යෝජි නමුත් උපරිම වශයෙන් එයින් ලබා ගත හැක්කේ වැලි ඝන මීටර් එක් ලක්ෂ දසදහසක් පමණක් බවත් පෙන්වා දෙන කාරියවසම් මේ සීමාව ඉක්මවා වැලි හෑරීම අදාළ මුහුදු තීරයේ බරපතළ පාරිසරික හානි හා වෙනස්කම් ඇතිවීමට දායක විය හැකි බවට ද අනතුරු අඟවයි. 'රැකියා අහිමි' මෙම වැලි හෑරීම නිසා රජයට අහිමි වන ආදායම අදාළ වාර්තාවේ දක්වා ඇත්තේ ‍ඇමරිකානුඩොලර් බිලියන 5.5 ක් ලෙසින් වුව ද තම ගණනය කිරීම්වලට අනුව එය රුපියල් බිලියන 154 ද ඉක්මවන බව ඔහු කියා සිටියේ ය. 'සමස්ත ව්‍යපෘතියේ වටිනාකම අමෙරිකා ඩොලර් බිලියන 1.4 ක්. එම වියදම සහ ව්‍යාපෘතිය සඳහා වුවමනා කළුගල් ප්‍රමාණයට වැය කළ යුතු මුදලත් ගෙන බලනවිට ව්‍යාපෘති වියදමට සමාන මුදලක් අපේ රටට මේ නිසා අහිමි වෙන සම්පත් සඳහා ද වෙන් කළ යුතු වෙනවා. මේ වෙරළ තීරයේ වැලි හෑරීම නිසා රැකියා අහිමි වන ධීවරයන් තිස් දහසකට වඩා සිටිනවා. වාර්තාවේ පැවසෙන්නේ ධීවරයන් නව දහසකට සහන සලසන බවයි. ඒ අයට ද සහන සලසන්නේ වසරකට මිලියන දහස බැගින් වසර පහක් පමණයි. එය කිසිසේත් ප්‍රමාණවත් කාල රාමුවක් නෙවේ යි ' පෝර්ට් සිටි විරෝධි ජනතා ව්‍යාපාරයේ සමකැඳවුම්කරු තිලක් කාරියවසම් පෙන්වා දෙයි. අදාළ ගොඩකිරීම් සඳහා වැලි හෑරීම හැඳල සිට මීගමුව දක්වා සිදු කෙරුණ ද එහි අතුරු පල හලාවත දක්වා ම පැතිර යා හැකි බවත් මේ හේතුවෙන් දැනට දෙහිවල ගල්කිස්ස වැනි ප්‍රදේශවල සිදු වන මුහුදු ඛාදනය තවදුරටත් උග්‍ර විය හැකි බවටත් තාරියවසම් අනතුරු අඟවයි. 'හෙක්ටයාර 269ක්' මුහුද ගොඩ කිරීම සඳහා කළුගල් ලබා ගැනීම පිණිස ස්ථාන 11ක් හඳුනා ගෙන ඇති අතර විශාල වශයෙන් පුපුරණ ද්‍රව්‍ය භාවිතය, යාන්ත්‍රික කැණීම් ආදිය නිසා ඇතිවිය හැකි පාරිසරික බලපෑම් සම්බන්ධව මේ ඇගයුම් වාර්තාව ප්‍රමාණවත් අවධානයක් යොමු කර නැති බව ද මෙම මාධ්‍ය හමුවේ දී අවධාරණය කෙරිණි. 'පෝර්ට් සිටි' ව්‍යාපෘතිය වෙනුවෙන් යොදා ගන්නා බිම් ප්‍රමාණය පිළිබඳ පෙර ඇගයුම් වාර්තාවේ සඳහන්ව තිබුණේ හෙක්ටයාර 233ක් ලෙස වුව ද මෙවර එය හෙක්ටයාර 269ක් දක්වා වැඩි වී ඇතැයි ද මෙහි දී අදහස් දැක් වූ කථිකයෝ පෙන්වා දුන්හ. සමස්ත ඇගයුම් වාර්තාව පිටු 444කින් සමන්විත වන බවත් එහි අඩංගු බොහෝ කරුණු සාමාන්‍ය ජනතාවට වටහා ගත නොහැකි තාක්ෂණික කරුණු බවත් මෙහිදී පෙන්වා දුන් කාරියවසම් අදාළ ව්‍යාපෘතිය පිළිබඳ ජනතාවට බලපාන ප්‍රධාන කාරණා පිළිබඳ සංක්ෂිප්තයක් පුවත්පත් දැන්වීමක් ලෙසවත් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් බව ද අවධාරණය කර සිටියේ ය." +මතභේදයට ලක් වූ මහ බැංකු බැඳුම්කර ගනුදෙණුව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සහ නිර්දේශ පිළිබඳව ලබන බදාදා (ජනවාරි 03) ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.,"ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ඒ බව පවසන්නේ, පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් 30) ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබූ විමර්ශන කොමිසමේ වාර්තාව පළාත් පාලන මැතිවරණවලට පෙරාතුව ප්‍රකාශයට පත් නොවනු ඇතැයි අවධානය පළවෙමින් තිබියදීය. කොමිසම මගින් දේශපාලනඥයන් නම දෙනෙකු ඇතුළු ප්‍රධාන චුදිතයන් කිහිප දෙනෙකුම නම් කරමින් ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා මෙන් නිර්දේශ කර ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. කෙසේ වුවත් එම වාර්තා සනාථ කළ නොහැකි බව ද පුවත්පත පවසයි. බැඳුම්කර ගනුදෙනුවෙන් රජයට අත් වූ අලාභයට වගකිවයුත්තන් ගෙන් එම අලාභය අය කරගත යුතු යයි කොමිසම නිර්දේශ කර තිබෙන බව 'ශ්‍රී ලංකා මිරර්' වෙබ් අඩවිය මේ අතර පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොමිෂන් සභා වාර්තාව පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ සහ නීතිපති ජයන්ත ජයසූරිය සමග අඟහරුවාදා (ජනවාරි 02) සාකච්ඡා කිරීමට නියමිත බව ද වෙබ් අඩවිය වාර්තා කරයි. වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මෙන් ඉල්ලීම් මතුවෙමින් පැවතියත්, පළාත් පාලන මැතිවරණය අවසන් වන තුරු එය ප්‍රසිද්ධියට පත් නොකෙරෙනු ඇතැයි අවධානය පළවෙමින් තිබෙන බව ද ජනමාධ්‍ය වාර්තා කරයි. අපි යහපාලනය ඉදිරියට ගෙනයනවා - බැඳුම්කර කොමිසම වෙත පැමිණි අගමැති පසුගිය ජනවාරි 27 වෙනි දින පත් කරන ලද ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසම 2015 පෙබරවාරි 01 වන දා සිට 2016 මාර්තු 31 දක්වා කාලයට අදාළ බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කරන ලද අතර කොමිසමේ නිගමන සම්බන්ධයෙන් තීරණ ගැනීම ජනාධිපතිවරයා වෙත පැවරේ. අගමැති රනිල් වික්‍රමසිංහ කොමිසම හමුවට පැමිණ සාක්ෂි දීම එහි සුවිශේෂී අවස්ථාවක් විය. ඒ හැරුන විට හිටපු මුදල් ඇමති රවී කරුණානායක ඇතුළු කැබිනට් ඇමැතිවරුන් කීපදෙනෙක් ද, පදවියෙන් ඉවත් කෙරුණ මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් ද කොමිසම ඉදිරියේ සාක්ෂි දුන්හ. සබැඳි යොමු:" +රසායනිකව 'පැලකිරීම' මගින් ප්‍රහාරක ගුවන්යානා 'අස්වැන්නක්' ලබා ගැනීමට හැකිවේවිද ?,"යුද හමුදා තාක්ෂණයේ නව අත්හදාබැලීමක් ලෙස ප්‍රහාරක ගුවන් යානා 'වගාකිරීමේ' පරීක්ෂණයක් පිලිබඳව බීබීසීයේ ආරක්ෂක කටයුතු පිලිබඳ වාර්තාකරු ජොනතන් බීල් වාර්තා කරයි. මෙය ඇතැම්විට විද්‍යා ප්‍රබන්ධ කතාවක් ලෙස පෙනීයා හැකිය, නමුත් බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් පිරිසක් දැනටමත් කාලය, දැනුම සහ මුදල් යොදවමින් සිටින්නේ ඒ සඳහායි. බ්‍රිතාන්‍ය ප්‍රහාරක ගුවන් යාන දැනටමත් 3D මුද්‍රණ යන්ත්‍ර මගින් නිමවූ අමතර කොටස් භාවිතා කරයි. පර්යේෂකයන් උත්සාහ කරන්නේ වැඩි දියුණු කළ එම තාක්ෂණය උපයෝගී කරගනිමින් ප්‍රහාරක ගුවන් යානා නිපදවීමටයි. මෙම තාක්ෂණයේ ප්‍රතිලාභය වන්නේ ගැටුම පවතින යුද බිමට ආසන්නයේ තැනක සිට ක්ෂණිකව නිපදවන ප්‍රහාරක යානා මගි���් සතුරාට පහර දීමට හැකිවීමයි. මේ අනුව සති කිහිපයක දී ගුවන් යානයක් නිපදවා අවසන් කිරීමට හැකිවන බවයි පැවසෙන්නේ රසායනික ප්‍රතික්‍රියාව ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලී ක්‍රොනින් මෙම 3D මුද්‍රණ තාක්ෂණය තවත් ඉහල නංවා නව අත්හදා බැලීමක් කරමින් සිටී. බ්‍රිතාන්‍ය ගුවන් හමුදා ඉංජිනේරුවන්ගේ (BAE Systems) සහය ලබාගනිමින් මහාචාර්යවරයා ""chemputer"" නමින් අත්හදා බලමින් සිටින නව තාක්ෂණය අනුව විද්‍යාගාරයක් තුළ දී කුඩා ප්‍රමාණයේ ප්‍රහාරක ගුවන් යානා 'වගා කිරීමේ' හැකියාව ලැබෙනු ඇති බවයි අපේක්ෂා කරන්නේ. ඒ අනුව 3D මුද්‍රණ යන්ත්‍රය භෞතික වශයෙන් යානා කොටස් නිපදවන අතර ""chemputer"" (කෙම්පියුටරය) මොලකියුලා මට්ටමින් රසායනික ප්‍රතික්‍රියාව වේගවත් කරවනු ලබයි. මේ නව ක්‍රමය සාර්ථකවීමෙන් පසු මේ දක්වා වසර ගණනක් හෝ මාස ගණනක් වූ ගුවන් යානයක් නිපදවීමේ කාලය සති ගණනක් දක්වා අඩු විය හැකිය. මෙම ක්‍රියාවලිය දැක්වෙන 'ඇනිමේෂන් වීඩියෝව' ස්ටාර් වොර්ස් චිත්‍රපටයේ ""Attack of the Clones"" දර්ශනයට සමාන වන බවයි පැවසෙන්නේ. කෙසේවුවද රසායනික ප්‍රතික්‍රියාවකින් ඉතා කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක් වුවද නිපදවීම 'දැඩි අභියෝගයක්' බව මහාචාර්ය ක්‍රොනින් ද පිළිගනියි. එහෙත් ඔහු පවසන්නේ ඩිජිටල් ගැලපීමේ ක්‍රමවේදය මගින් ගුවන් යානාවේ ඉතා සංඛීර්ණ කොටස් එකට එකතු කිරීම අනාගතයේ දිනක මිනිස් ශ්‍රමයක අවම දායකත්වයෙන් සිදු කළ හැකි වනු ඇති බවයි. කුඩා බ්‍රිතාන්‍ය සමාගමක් වන 'රියැක්ෂන් එන්ජින් ලිමිටඩ්' ආයතනය දැනටමත් ඉතාමත් අධික වේගයක් (Hypersonic speed) ඇති රොකට්ටුවක් නිෂ්පාදනය කරමින් සිටියි. අධිවේගී ගුවන් යානා කුඩා බ්‍රිතාන්‍ය සමාගමක් වන 'රියැක්ෂන් එන්ජින් ලිමිටඩ්' ආයතනය දැනටමත් ඉතාමත් අධික වේගයක් (Hypersonic speed) ඇති රොකට්ටුවක් නිෂ්පාදනය කරමින් සිටියි. මෙම අධික වේගය (Hypersonic speed) අර්ථ දක්වා ඇත්තේ 'මැච්'ඒකක 5 ට වැඩි වේගයක් ලෙසටයි ('මැච්' එකක් යනු පයට කි.මී. 760 කි ) බ්‍රිතාන්‍ය ගුවන් හමුදා ඉංජිනේරු පද්ධතිය (BAE Systems) බලාපොරොත්තු වන්නේ රොකට්ටුවකට වඩා වේගයෙන් පියාසර කළ හැකි හමුදා ප්‍රහාරක යානයක් නිර්මාණය කිරීමටයි. ඒ සඳහා දැනටමත් පවුම් මිලියන විස්සක් ආයෝජනය කර ඇති බවත් වාර්තා වී තිබේ. ඉතා අධික වේගයෙන් අහසේ ඉතා ඉහලින් පියාසර කිරීමෙන් ගුවන් ආරක්ෂක ක්‍රමවේදයන් මගහැර යාමට මෙන්ම ගුවන් යානා නාශක මිසයිල් වලින් බේරී සිටීමේ හැකියාවද ලැබෙන බ��යි පැවසෙන්නේ. මේ ක්‍රමය පිළිබඳව ඔවුන් නිපදවා ඇති ඇනිමේෂන් වීඩියෝවක දැක්වෙන ආකාරයට සැතපුම් දහස් ගණනක් ඈත සිටින භට කණ්ඩායම් වලට සහය දීම සහ බෝම්බ හෙලීම වෙනුවට ඉතා කුඩා ප්‍රහාරක යානා මුදා හැරීම වැනි ක්‍රම යොදාගැනීම සිදුවේ. 3D මුද්‍රණ තාක්ෂණය දැන් යුද හමුදා තුල බෙහෙවින් භාවිතා වන තාක්ෂණයක් වන අතර ඇතැම් ඇමරිකානු ප්‍රහාරක යානා තුළ දැනටමත් එවැනි මුද්‍රණ යන්ත්‍ර සවි කොට තිබේ. ලෝකය පුරා හමුදාවන් දැන් මිනිසුන් රහිත ප්‍රහාරක යානා භාවිතයට මෙන්ම ස්වයං පාලක යානා මුහුද, ගොඩබිම සහ අහසේ සිට කරන ප්‍රහාර සඳහා යොදා ගනිමින් පවතී. ඇමරිකානු ගුවන් හමුදාව දැන් ප්‍රහාරක ගුවන් නියමුවන්ට වඩා බඳවා ගන්නේ නියමුවන් රහිත යානා හසුරුවන පුදගලයන්ය." +"උතුරු අයර්ලන්තයේ සාම ක්‍රියාවලිය සඳහා ප්‍රධාන දායකත්වයක් ලබා දුන් පුද්ගලයෙකුවන, දිවියෙන් සමු ගත් මාටින් මැක්ගිනස් වෙනුවෙන් ප්‍රණාමය පළ වෙමින් පවතී.","දුර්ලභ හදවත් රෝගයකින් පෙළුණු ඔහු මිය යන විට හැටහය වෙනි වියේ පසු විය. IRA හෙවත් අයර්ලන්ත රිපබ්ලික් හමුදාව නමින් හඳුන්වන එවකට පැවති ගරිල්ලා සංවිධානයේ අණදෙන නිලධාරියෙකු වූ ඔහු, පසුව එක්සත් අයර්ලන්තයක් වෙනුවෙන් පෙනී සිටින ෂින් ෆේන් පක්ෂයේ ප්‍රධාන සාම සාකච්ඡාකරු බවට පත් වූයේ ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරමිනි. 2007 වසරේ ඩිමොක්‍රටික් යූනියන් පක්ෂය සමග බලය බෙදා ගැනීමේ ඓතිහාසික ගිවිසුමේ දී ඔහු ෂින් ෆේන් පක්ෂයට නායකත්වය ලබා දුණි. බලය බෙදා ගැනීම ඩිමොක්‍රටික් යූනියන්, උතුරු අයර්ලන්තය දිගටම බ්‍රිතාන්‍ය තුළ රැඳී සිටීම වෙනුවෙන් පෙනී සිටින පක්ෂයකි. එලිසබත් රැජින, මාර්ටින් මැගිනස් සමග අතට අත දීම උතුරු අයර්ලන්ත සාම වැඩපිළිවෙලේ 'සංකේතාත්මක මොහොතක්' ලෙස සැළකේ බලය බෙදා ගැනීමෙන් පසු උතුරු අයර්ලන්ත මන්ත්‍රණ සභාවේ මහ ඇමති ධුරය ඩිමොක්‍රටික් යූනියන් පක්ෂයට හිමි වූ අතර ෂින් ෆේන් පක්ෂයේ මාටින් මැක්ගිනස් නියෝජ්‍ය මහ ඇමති ධුරයට පත් කෙරිණි. පසුගිය ජනවාරි මාසයේදී ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්විය. මාටින් මැක්ගිනස් ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලිය සඳහා ද දායක වූ අවස්ථා තිබිණි." +අධික උණුසුමෙන් රත් වූ මාර්ගවල ඇවිද යාමේදී යටිපතුල් පිළිස්සීම වළක්වාගැනීම සඳහා ස්විට්සර්ලන්තයේ සූරික් නගරයේ සුනඛයන්ට සපත්තු පළඳවන ලෙස පොලිසිය හිමිකරුවන්ගෙන් ඉල්ලා ඇති බවට වාර්තාවක සඳහන් වේ.,"සූරික් පොලිසිය ""���ණුසුම් වූ සුනඛයන්"" නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. සිය 'පාද හතරේ මිත්‍රයා' දැඩි උණුසුමෙන් රත් වූ පදිකවේදිකාවල ඇවිද යන විට ඔවුන්ගේ යටි පතුල්වලට වන හානිය අවම කර ගැනීමේ ක්‍රම ගැන සුනඛ හිමිකරුවන් දැනුවත් කිරීම මෙම ව්‍යාපෘතිය මගින් සිදුවන බව SRF මාධ්‍ය ජාලය පවසයි. යුරෝපය පුරා මේ දිනවල අධික උණුසුම් තත්වයක් පවතින අතර, ස්පාඤ්ඤයේ අද දින (අගෝස්තු 3) උෂ්ණත්වය සෙල්සියස් අංශක 47ක් ලෙස සනිටුහන් විය. මේ අතර, ස්විට්සර්ලන්තය 1864 වසරෙන් පසු වැඩිම උෂ්ණත්වයකින් යුත් සරත් සෘතුවට මුහුණ දෙමින් සිටින අතර, ජූලි මස උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක් දක්වා වැඩි විය. රටේ ඇතැම් පළාත්වල නියඟයක්ද දක්නට ලැබුණු බව SwissInfo පුවත් වෙබ්අඩවිය වාර්තා කර තිබේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක් වුවත්, පොළොව සෙල්සියස් අංශක 50 -55ක් පමණ රත් වී ඇති බව දැනෙන හෙයින් සුනඛයන් දැඩි අපහසුතාවට පත්වන්නේ යැයි සූරික් පොලිස් ප්‍රකාශක මයිකල් වෝකර් පැවසීය. ""සුනඛයන් රත් වූ තාර මත ඇවිදින විට, ඔවුන්ගේ යටිපතුල් පිච්චෙන්න පුළුවන්. එය හරියට මනුෂ්‍යයෙක් සපත්තු නැතුව තාර පාරේ ඇවිදිනවා වගේ,"" ඔහු SRF වෙත පැවසීය. සුනඛයන් ඇවිදීමට රැගෙන යෑමට පෙර තත්පර පහක කාලයක් සිය අත්ල පොළොවට තබා උෂ්ණත්වය පරීක්ෂා කර බලන ලෙස සූරික් පොලිසිය සුනඛ හිමිකරුවන්ට අවවාද කර තිබේ. සුරතල් සතුන් රත් වී තිබෙන වාහනවල දමා වසා යෑම නොකරන ලෙසත්, ඔවුන්ට අවශ්‍ය තරම් බීමට ජලය ලබා දෙන ලෙසටත් අවවාද එමෙන්ම, සිය සුරතල් සතුන් රත් වී තිබෙන වාහනවල දමා වසා යෑම නොකරන ලෙසත්, ඔවුන්ට අවශ්‍ය තරම් බීමට ජලය ලබා දෙන ලෙසටත් ඔවුහු අවවාද කරති. ""උණුසුම වැඩිද? එහෙනම් ඉර එළිය තදින් වැටුන තාර පාරවල් මගහරින්න. විශාල සුනඛයන්ට 'සපත්තු' පළඳවන්න. ප්‍රමාණයෙන් කුඩා සුනඛයන් දෝතින් රැගෙන යන්න"" යැයි ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබිණි. පොලිස් සේවයේ යෙදෙන සුනඛයන් කුඩා සපත්තු පැළද සිටින ඡායාරූප ඇතුළත් මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය ෆේස්බුක් පරිශීලකයන්ගේ මහත් ප්‍රශංසාවට ලක් වෙමින් තිබේ. යම් අපරාධ පරීක්ෂණයකට සහභාගී වීමේදී මෙන්ම සුනඛයන් පොලිස් රථ වාහනවලට නංවා ගැනීමේදී එහි අසුන් ආරක්ෂා කර ගැනීම සඳහා ද ඔවුන්ට සපත්තු පළඳවන බව සූරික් පොලිසිය පවසයි. මේ තොරතුරුද දැනගන්න:" +ඉදිරි කාලයෙහි බෝට්ටු මගින් පැමිණ දේශපාලන රැකවරණ පතන්නන්ට තමරට තුළ පදිංචි වීමට අවසර නොදෙන බව ඕස්ට්‍රේලියානු අගමැති ���ෙවින් රඩ් ප්‍රකාශ කරයි.,"'මිනිසුන් පැටවීමේ නිරත කල්ලි සහ ඔවුන්ගේ ජාලවලට ඉතාම තදබල පණිවුඩයක් දීමට අපි අදහස් කරනවා' අගමැති වරයා එම ප්‍රකාශය කරන්නේ මීළඟ මහ මැතිවරණය ඉදිරියේ තිබියදී. ඕස්ට්‍රේලියානු සමස්ථ ආගමන වැඩපිළිවෙල සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන පිළිවෙතේ කොටසක් වශයෙන් ඉහත කී ප්‍රකාශය කළ අගමැතිවරයා, ඕස්ට්‍රේලියාවේ රැකවරණ පතන්නන් පැපුවා නිව්ගිනියාහි පදිංචි කරවීමේ එක් අවුරුදු සැලැස්මක් එරට සමඟ අත්සන් කර ඇති බවයි නිවේදනය කළේ. එම ගිවිසුම අනුව අලුතින් පැමිණෙන සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් තීන්දු ගනු ලබන තෙක් ඔවුන් පදිංචි කරනු ලබන්නේ පැපුවා නිව්ගිනියාවේ. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය තවදුරටත් අදහස් දක්වන අගමැති කෙවින් රඩ් දේශපාලන රැකවරණ පතන අව්‍යාජ පුද්ගලයන් එහි රඳවා තබන අතර, අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරෙන පුද්ගලයන් ඔවුන්ගේ මව් රටට හෝ තුන්වැනි රටකට යොමු කෙරෙන බවත් කියා සිටියි. “ලෝකය පුරා ක්‍රියාත්මක වෙමින් පවතින රටින් රටට මිනිසුන් පැටවීමේ නිරත ජාවාරම් කල්ලි සහ ඔවුන්ගේ ජාලවලට අපේ ආණ්ඩු ඉතාම තදබල පණිවුඩයක් දීමට අදහස් කරනවා. ඔවුන්ට සහ එවැනි ජාවාරම්වලට උදව් කරන ඔස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක වෙන සාපරාධී බලවේගවලටත් අපි කියා සිටින්නේ, ඔවුන්ගේ අනාගත බලාපොරොත්තුවලට තවදුරටත් ඉඩක් නොතබන බවයි,"" යනුවෙන් ද ඔහු සඳහන් කළේය. ඕස්ට්‍රේලියාවේ රැකවරණ පතන බහුතරය පැමිණෙන්නේ ඉරාකය, ඇෆ්ඝනිස්තානය සහ ශ්‍රී ලංකාව වැනි රටවලින් බව වාර්තාකරුවෝ පෙන්වා දෙති. මේ අතර, අගමැති කෙවින් රඩ්ගේ නව සංක්‍රමණික පිළිවෙතට ඕස්ට්‍රේලියානු හරිත ව්‍යාපාරයේ බලවත් කෝපය පල වී තිබේ. අනාථයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවට තිබෙන වගකීම ආණ්ඩුව විසින් පැහැර හරිනු ලැබ ඇති බවයි, එයට ප්‍රතිචාරය පළ කරන ඕස්ට්‍රේලියානු හරිත ව්‍යාපාරයේ සෙනෙට් මන්ත්‍රීනී සාරා කොරල් හැන්සන් කියා සිටියේ." +ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පෙළපාලියකට සෙනසුරාදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මරුමුවට පත් සංඛ්‍යාව අසූව දක්වා ඉහළ ගොස් තිබේ.,ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව දෙසීය තිහක්. ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් ප්‍රහාරය හඳුන්වනු ලැබුවේ 'යුද අපරාධයක්' ලෙසයි. මරුමුවට පත් වූ පිරිස් සිහි කොට ඇෆ්ගනිස්තාන ජනාධිප���ි අෂ්රෆ් ඝානිගේ ප්‍රධානත්වයෙන් යාච්ඤා කටයුතු සිදු කෙරිණ. දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බවයි ඇෆ්ගනිස්තාන බලධාරීන් කියා සිටියේ. අතුරුදහන් වී සිටින සිය ඥාතීන් පිළිබඳ තොරතුරක් දැන ගැනීම පිණිස ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් රෝහල් සහ මෘත ශරීරාගාර වෙත පැමිණෙමින් සිටිති. ෂීයා මුස්ලිම් ජන කොට්ඨාශයට අයත් හසාරා ප්‍රජාව විසින් සංවිධානය කොට තිබූ විරෝධතා පෙළපාලියක් බෝම්බ ප්‍රහාරයේ ඉලක්කය විය. දැඩි මතධාරී සුන්නි කැරලිකරුවන්ගෙන් සමන්විත ඉස්ලාමීය රාජ්‍ය සටන් සංවිධානය ප්‍රහාරයේ වගකීම භාර ගෙන තිබේ. +ඓතිහාසික මහනුවර නගරයේ පවතින අධික වායු දූෂණය හමුවේ මුඛවාඩම් පැළඳීම යෝග්‍ය බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ සම්මාණිත මහාචාර්ය ඕ.ඒ ඉලේපෙරුම පවසයි.,"""මහනුවර වායු දූෂණය කොළඹ වගේ සිව් ගුණයක්"" දිනකට මහනුවර නගරය තුළට රථවාහන ලක්ෂයක් පමණ ඇතුළුවන බව කී සම්මාණිත මහාචාර්යවරයා එහි පවතින වායු දූෂණය කොළඹ නගරයට වඩා හතර ගුණයකින් හෝ පස් ගුණයකින් වැඩි බව කියා සිටියේ පර්යේෂණ වාර්තා උපුටා දක්වමිනි. මහනුවර නගරය කඳු වළල්ලකින් වටවී පිහිටා තිබීම හේතුවෙන් කොළඹ නගරයේ මෙන් දූෂිත වායු විසිරී යාමක් සිදු නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. දූෂිත වායු ආඝ්‍රාණය කිරීම හේතුවෙන්, අධික ලෙස දුම්පානය කරන පුද්ගලයන්ට වැළඳෙන කල්ගත පුප්පුශිය පෙනහලු රෝගය (COPD) වැළඳුණු පාසල් ළමුන් වැඩි වශයෙන් ප්‍රතිකාර සඳහා පැමිණෙන බව මහනුවර මහ රෝහලෙන් දැනගැනීමට ලැබුණු බව ද ඔහු සඳහන් කළේය. ශ්වසන රෝග ""ඩීසල් දුම පිළිකා කාරකයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. මහනුවර වැව වටා පාසල් කීපයක් තිබෙනවා. එම දරුවන් නිතරම ආශ්වාස කරන්නේ මේ දූෂිත වාතය. ඒ නිසා තමයි මේ තත්වය ඇති වෙලා තිබෙන්නේ"" යනුවෙන් සම්මාණිත මහාචාර්යවරයා කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි. සෞඛ්‍ය අවදානම මග හරවා ගැනීම සඳහා ප්‍රයෝජනයටගත යුත්තේ සාමාන්‍යයෙන් වෛද්‍යවරුන් විසින් භාවිතයට ගනු ලබන මුඛවාඩම්වලට වෙනස්, සක්‍රිය කාබන් ස්ථරයක් අඩංගු මුඛවාඩම් බවත් ඔහු පැවසීය. වායු දූෂණය හේතුවෙන් ඇතිවන ලෙඩ රෝග සඳහා ප්‍රතිකාර කිරීමට විශාල ලෙස මහජන මුදල් වැයවන බව පෙන්වා දුන් සම්මාණිත මහාචාර්යවරයා මහනුවර නගරයට එල්ල වී ඇති පාරිසරික බලපෑම හමුවේ එහි පැමිණෙන විදේශික සංචාරකයන්ගේ අඩුවක් සිදුවිය හැකි බව ද සඳහන් කළේය. පිළියම් මොනවාද? ශ්‍රී දළදා මාලිගය ඉදිරිපිට මහනුවර මහියංගණය ඒ 26 මාර්ගය වසා දැමීමෙන් මතුවී තිබෙන මාර්ග තදබදය ද වායු දූෂණයට එක් හේතුවක් වී ඇති බව පෙන්වා දෙන සම්මාණිත මහාචාර්යවරයා පවතින තත්වයට පිළියමක් වශයෙන් ගතයුතු ක්‍රියාමාර්ග කීපයක් යෝජනා කරයි. වායු දූෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් වසරකට ලොව පුරා පුද්ගලයන් පනස් පන් ලක්ෂයක් අකාලයේ මිය යන බව අධ්‍යනයකින් හෙළි වී ඇති බව මහාචාර්යවරයා කියා සිටී. රථවාහන, බලාගාර සහ කර්මාන්තශාලාවලින් පිටවන දුමාරය, ගල් අඟුරු සහ දැව දහනය වායු දූෂණයට ප්‍රධාන වශයෙන් බලපා ඇත." +ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ සංක්‍රමණ තහනම ක්‍රියාත්මකවීමට ආසන්නව තිබියදී එය වළකාලමින් හවායි හි ෆෙඩරල් අධිකරණ විනිසුරුවරයකු විසින් තීන්දුවක් දෙනු ලැබීය.,"සංක්‍රමණ තහනම සංචාරක ව්‍යාපාරයට මෙන්ම, විදේශ ශිෂ්‍යයින් හා සේවකයින් බඳවාගැනීමට හානි පමුණුවන බවට හවායි ප්‍රාන්තය තර්ක කරයි මෙය ජාතික ආරක්ෂාවට අදාළ කරුණක් යැයි රජය නගන තර්කය වෙනුවෙන් ඉදිරිපත් වී තිබෙන්නේ 'ගැටලු සහගත සාක්ෂි' බව විනිසුරු ඩෙරික් වොට්සන් පෙන්වාදුණි. 'පෙර නොවූ විරූ උපායශීලී අධිකරණ ක්‍රියාදාමයක්' ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මෙය හැඳින්වීය. මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් හයකට දින 90තක් මෙන්ම සරණාගතයන් සඳහා දින 120ක් බලපැවැත්වෙන පරිදි ජනාධිපති ට්‍රම්ප් සිය නියෝගය නිකුත්කොට තිබිණ. ත්‍රස්තවාදීන් සිය රටට ඇතුළුවීම වැළකීම මෙම පියවරේ අරමුණ බව ඔහු අවධාරණය කළද, විචාරකයින් පෙන්වාදෙන්නේ එය වෙනස්කොට සැළකීමක් ලෙසය. ජනවාරි මාසය අගදී නිකුත් කිරීමට සුදානම් වූ නියෝගය ද අර්බුද රැසකට මුහුණ දෙමින් විරෝධයකට ලක්වී අතර සියැටල්හි විනිසුරුවරයකු විසින් එය වළකාලනු ලැබිණි. විනිසුරුගේ අදහස සිය තීන්දුව දෙමින් විනිසුරු වොට්සන් පෙන්වාදුන්නේ, තහනම ක්‍රියාත්මක වීමට ඉඩ තැබුවහොත්, ආගමික වෙනස්කම්වලින් ආරක්ෂාකිරීම සඳහා කෙරුණු පළමු සංශෝධනයට 'පිරිමැසිය නොහැකි හානියක්' සිදුවන බවය. සංචාරක ව්‍යාපාරයට මෙන්ම, විදේශ ශිෂ්‍යයින් හා සේවකයින් බඳවාගැනීමට මෙම තහනම හානි පමුණුවනු ඇති බවට හවායි ප්‍රාන්තයේ තර්කය වී ඇත. අදාළ විධායක නියෝගයේ ස්වභාවය සැළකීමේදී එය 'කිසියම් ආගමකට අවාසියක් කිරීමේ අරමුණකින් නිකුත් කර ඇති බවක්' පෙනෙන්නට ඇති බව පිටු 43කින් සමන්විත තීන්දුවෙන් පෙන්වා දී තිබේ ට්‍රම්ප්ගේ අදහස බදාදා (මාර්තු 15) සවස ටෙනසි ප්‍රාන්තයේ නෑශ්විල් හි රැළියක් අමතමින් ට්‍රම්ප් පැවසුවේ හවායි තීන්දුව 'වැරැද්දක්' සේම 'පෙර නොවූ විරූ උපායශීලී අධිකරණ ක්‍රියාදාමයක්' බවය. හවායි තීන්දුව 'වැරැද්දක්' බව ජනපති ට්‍රම්ප් පවසයි රටේ ජාතික අවශ්‍යතාවක් යැයි හැඟෙන අවස්ථාවක සංක්‍රමණිකයින්ගේ පැමිණීම අත්හිටුවීමේ බලය ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට පවරා ඇති අතර, මුල් නියෝගය හෝ එහි සංශෝධනය ආගමක් පදනම් කරගනිමින් වෙනස්කොට සැළකීමක් නොවන බවට ට්‍රම්ප් පාලනය තර්ක කරයි. මෙම සංශෝධිත නියෝගය, රටවල් හයකින් පැමිණෙන්නන් දැඩි පරීක්ෂාවකට ලක්කිරීම සඳහා ජනාධිපති ඔබාමා ගන්නා ලද පියවරේ දිගුවක් බවට නීති දෙපාර්තමේන්තුවේ නීතිඥයින්ගේ තර්කය වී ඇත. තහනම බලපාන්නේ කා හට ද? ජනවාරි 27 වෙනිදා නියෝගයෙන් දක්වා තිබු - ඉරානය, ලිබියාව, සිරියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවල සංක්‍රමණිකයින්ට මෙම සංශෝධිත නියෝගයෙන් ද දින 90ක තහනමක් පැනවේ. වීසා පරික්ෂාව හා තොරතුරු හුවමාරුව ඉහළ නැංවීම හේතුවෙන් ඉරාකය එම ලැයිස්තුවෙන් ඉවත්කර ඇති බව ධවල මන්දිර නිලධාරීන් පැවසුහ. සියලුම සිරියානු සරණාගතයින් ට තිබූ කාලසීමාවක් නොමැති තහනම ද සංශෝධිත නියෝගයෙන් ඉවත් කර ඇති අතර අදාළ රටවල 'ග්‍රීන් කාඩ්' (අමෙරිකාවේ නෛතික ස්ථිර නේවාසිකයින්) හිමියන්ට ද මෙය බලනොපානු ඇති බව දක්වා ඇත." +ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණය කිරීමට සංචාරක බංගලාදේශ කණ්ඩායම සමත් විය.,අද (මාර්තු 19) කොළඹ පී සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් බංග්ලාදේශ ක්‍රීඩකයෝ කඩුලු හතරක ජයක් වාර්තා කළහ. 2000 වසරේ ටෙස්ට් වරම් ලබා ගත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව පරාජයට පත් කළ පළමු අවස්ථාව මෙයයි. මෙම තරගය බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සියවැනි ටෙස්ට් තරගය වීමත් විශේෂත්වයකි. 'නරකම දිනය' ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ක්‍රීඩා වාර්තාකරු රෙක්ස් ක්ලේමන්ටයින් විසින් ශ්‍රී ලංකාවේ පරාජය හඳුන්වනු ලැබුවේ 'ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නරකම දිනය' ලෙසය. පළමු ඉනිම තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 338 රැස් කළ අතර එම ඉනිම සඳහා බංග්ලාදේශ කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 467 කි. දෙවන ඉනිම සඳහා පිටියට බට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 319 කට දැවී ගිය අතර බංගලාදේශ ක්‍රීඩකයෝ කඩුලු හයකට ලකුණු 197 ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූහ. +"නුවරඑළිය, වලපනේ - නෙළුගහ ප්‍රදේශය තුළ කලක සිට මී මැසි පාලනය කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යන මී පැණි නිෂ්පාදනයේ යෙදුණු තරුණයින් පිරිසක් මෑතකදී අපේක්ෂා නොකළ ගැටලුවකට මුහුණ දුන්හ.","රෝගී වූ මී මැස්සන් සිය ජනපද හැර යන්නට පටන්ගත් මී මැස්සන් එම ජනපද තිබූ පෙට්ටිවලින් කීටයන් හා පිලවුන් ඉන් පිටතට ඇදගැනීමට පටන්ගෙන තිබිණි. මේ අනපේක්ෂිත තත්ත්වය පිළිබඳව මී මැසි පාලනයේ යෙදෙන ලහිරු මධුශාන් විසින් කරන ලද දැනුවත් කිරීමට අනුව ප්‍රදේශය භාර කෘෂිකර්ම උපදේශකවරයාගෙන් දැනගන්නට ලැබුනේ වෛරසයක් පැතිරීම හේතුවෙන් මේ තත්ත්වය හටගන්නා බවත් ඒ පිළිබඳ තාක්ෂණික උපදෙස් සැපයීම සඳහා අදාළ නිලධාරීන්ගේ අවධානයට යොමු කරන බවත් ය. කෘෂිකර්ම උපදේශක ජයන්ත කත්‍රිආරච්චි ඇතුළු නිලධාරීන් මී මැසි ජනපද පරීක්ෂාවට ලක්කරමින්. ""ඒ වෙනකොට මී මැස්සො පෙට්ටි වලින් පිළව් ඔක්කොම එලියට ගෙනත් දානවා. අනික මේ අය පරාග ගේන්න යන්නෙත් නැහැ. පැණි හදන්නෙත් නැහැ. සමහර ජනපද රැජින අතහැරලා යන්නත් පටන් ගත්තා,"" යැයි කී ලහිරු මේ සඳහා ප්‍රතිකර්මයක් අත්හදා බලන්නට යොමු විණි. ලහිරු මධුශාන් ""මම අහලා තිබුණා ප්‍රතිජිවක ඖෂධත් දෙනවා කියලා. ඒ ඖෂධ ගැන දන්නෙ නැති නිසා මම කළේ කඩේ තියෙන කසාය පැකට් එකක් ගෙනත් පත අට එකට හින්දලා සීනි කොටස් තුනකට කසාය කොටස් එකක් කවලම් කරලා දිපු එක."" ""ඒකෙන් පස්සේ මේ ලෙඩේ සියයට හැත්තෑ පහක් විතර හොඳයි කියලා පෙනෙනවා."" යැයි ද ලහිරු සඳහන් කළේය. කෙසේවෙතත්, මී මැස්සන් සම්බන්ධයෙන් හටගත් ගැටලු සහගත තත්ත්වය මෙන්ම ලහිරු ගේ 'කසාය සත්කාරය' පිළිබඳ ලද තොරතුරු අනුව ඒ පිළිබඳ සොයා බැලීමේ අරමුණින් නිලධාරීන් පිරිසක් සෙනසුරාදා (සැප්තැම්බර් 29) නෙළුගහා ප්‍රදේශයට ගියහ. ""මේ කසාය එකට සීනි දැම්මට හරි තිත්තයි කටේ තියන්න බැහැ. ඒ වුනාට තියන පමාවට බොනවා,"" යැයි එම නිලධාරීන් හමුවේ ලහිරු පැහැදිලි කළේය. ""කසාය බොන"" මී මැස්සන් ""විද්‍යාත්මක පරීක්ෂණයක්"" මේ නිරීක්ෂණයට පැමිණි බිඳුණු වැව මී මැසි පර්යේෂණ ඒකකයේ කෘෂිකර්ම උපදේශක ජයන්ත කත්‍රිආරච්චි පෙන්වා දුන්නේ 'සැක්බෲඩ්' (Sacbrood virus - SBV ) නම් වූ වෛරසයක් හේතුවෙන් මෙවැනි තත්ත්වයක් මී මැසි ජනපද ආශ්‍රිතව හටගන්නා බවකි. ප්‍රතිජිවක ඖෂධ දීමෙන් එය මගහරවා ගත හැකි බව ද ඔහු කියා සිටියේය. ""මේ මී මැසි ජනපද පරික්ෂා කරන කොට නම් පෙන්නෙ මේ අය දීල තියෙන කසාය එකෙන් හොඳ ගුණයක් තියෙනවා කියලා."" යැයි කියා සිටි ඔහු පර්යේෂණ අවස්ථාවලදී මෙවැනි 'කසාය සත්කාර' අත්හදා බැලුන ද මෙතෙක් ප්‍රතිඵල අත්කරගැනීමට නොහැකි වූ බව සඳහන් කළේය. මේ අතර, වලපනේ, රාගල හා නිල්දණඩාහින්න යන කෘෂිකර්ම උපදේශක කොට්ඨාසවලින් මේ වෛරස තත්ත්වය වාර්තා වී ඇතැයි ද මෙම නිරීක්ෂණයට එක් වූ විෂය භාර නිලධාරී බුද්ධික අතපත්තු පැවසීය. ""අපි මේ ගැන පරීක්ෂණ කරනවා. ඒ වගේම මේ අය දීල තියෙන කසාය නිසා මී මැස්සන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩිවෙලා තියෙනවා කියලා පෙනෙනවා. අපි මී මැස්සන්ට කසාය දෙන එක ගැන මේ දවස්වල විද්‍යාත්මකව පරික්ෂා කරනවා."" යැයි ඔහු සඳහන් කළේය. ඒ අනුව පෙනී යන්නේ පැවති ගැටලු සහගත තත්ත්වයට පිලියමක් ලෙස නෙළුගහා ප්‍රදේශයේ මී මැසි පාලනයේ යෙදෙන්නන් භාවිත කළ 'කසාය සත්කාරයේ' බලපෑම සම්බන්ධයෙන් තවදුරටත් විද්‍යාත්මකව කරුණු තහවුරු කරගැනීමට අවශ්‍ය බවකි." +2014 විස්සයි විස්ස ලෝක ශූරතා ක්‍රිකට් තරඟාවලියේ දාහතර වැනි තරඟය ජයග්‍රහණයෙන් නිම කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.,"අද චිතගොං නගරයේ පැවැත්වුන එම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සටන් වැදුණේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සමඟයි. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම තෝරා ගනිමින් නියමිත ඕවර් විස්සේදී කඩුලු හතක් දැවී ළකුණු 165 ක් ලබා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා පිලේ වැඩිම ළකුණු ලාභියා වූ කුසල් පෙරේරා හයේ පහර තුනක් සහ හතරේ පහර හයක් ද සමඟ මුළු ළකුණු 61 ක් එක්රැස් කරමින්, ශක්තිමත් පදනමකින් තරඟය පෙරට ගෙන යාමට සමත් විය. ඇන්ජලෝ මැතිව්ස් ලබාගත් ළකුණු සංඛ්‍යාව 43යි. අනතුරුව පිටියට බට දකුණු අප්‍රිකානු කණ්ඩායම ආරම්භයේදී යම් බලාපොරොත්තු සහගත මට්ටමක සිටියත්, ශ්‍රී ලංකා පන්දු යැවීම සහ පන්දු රැකීම හමුවේ අසීරු අඩියකට පත් වූ බවකුයි පෙනී ගියේ. නියමිත ඕවර් විස්ස අවසානයේ ඔවුන් ලබා සිටියේ ළකුණු 160 ක් පමණි . මේ අනුව තරඟාවලියේ දාහතර වැනි තරඟය ළකුණු පහකින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. අදට නියමිත දෙවන තරඟය පැවැත්වෙන්නේ එංගලන්තය සහ නවසීලන්තය අතරයි." +මොනරාගල දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචණ්ඩත්වයක් දක්නට නැති බව ඌව පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂක ශෂින්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශ කරයි.,"ඩිෆෙන්ඩර් කියල කියන්නේ ආයුධයක් නෙවෙයි -ශෂින්ද්‍ර රාජපක්ෂ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. ‘නැහැ, මං පිළිගන්නේ නැහැ ඒක. එහෙම ප්‍රචණ්ඩත්වය තියෙනවනම් පොලිසියට පැමිණිලි ලැබෙන්න ඕනෙ. මැතිවරණ කොමසාරිස්වරයාගේ කණ්ඩායමක් විසින් අනවසරයෙන් දාපු කාර්යාල ඉවත් කිරීමකුත් සිදු වෙනවා. ඒවත් වැටෙන්නේ අපි කැඩුව ගානට. මේවත් මැතිවරණ ක්‍රියා හැටියට හුවා දක්වන්න පුළුවන්.’ ඌව පළාතේ මහ ඇමති අපේක්‍ෂක ශෂින්ද්‍ර රාජපක්ෂ පැවසීය. පාතාල කණ්ඩායම් ඌව පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය තුළ පාතාල කණ්ඩායම් ක්‍රියාත්මක වන බවට පවතින චෝදනාද ප්‍රතික්ෂේප කරන ශෂින්ද්‍ර රාජපක්ෂ කියා සිටියේ මොනරාගල පාතාල සාමාජිකයන් නොමැති නමුත් හම්බන්තොට, කොළඹ ඇතුළු වෙනත් ප්‍රදේශවලින් තමනට උදව් කිරීම සඳහා පිරිස් පැමිණ ඇති බවයි. ඌව පළාතේ අංක තහඩු නොමැති ඩිෆෙන්ඩර් රථ සැරිසරන බව 'කැෆේ' මැතිවරණ නිරීක්ෂකයන් ඊයේත් පෙන්වා දී තිබුණු අතර එම චෝදනාවත් මහ ඇමති අපේක්‍ෂක ප්‍රතික්ෂේප කළේය. ඩිෆෙන්ඩර් ‘ඩිෆෙන්ඩර් කියල කියන්නේ ආයුධයක් නෙවෙයි. රෝද හතර කැරකෙන වාහනයක්. මං දන්නේ නැහැ මේ ඩිෆෙන්ඩර්වලට මෙච්චර බය ඇයි කියල. නොම්මර නැති වාහන කිසිවක් මේ පළාතේ ගමන් කරන්නේ නැහැ. හැබැයි මේ පළාත හරහා ඒ වාහන පාවිච්චි කරන අය වෙන ගමන් ගියොත් මට ඒකට වගකියන්න බැහැ.’ ශෂින්ද්‍ර රාජපක්ෂ පැවසීය. කිසිවෙකුට මඩ ගැසීමට නොහැකි බැවින් හරින් ප්‍රනාන්දු සමග විවාදයකට යාමටද තමා අකමැති බව ඔහු කියා සිටියේය." +දින කීපයක් පුරා ගංවතුරෙන් යට වී තිබූ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල ජලය බැස යමින් පවතියි.,"කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර බැස ගිය ප්‍රදේශවල ජනතාව සිය නිවාස සහ ව්‍යාපාර ස්ථානවලට නැවත පැමිණ ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතුවල නිරත වී සිටිති. ගංවතුරට යට වීමෙන් සිය වෙළඳසැලේ තිබූ සියලුම ද්‍රව්‍ය විනාශ වී ඇති බවයි කොළඹ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසැල් හිමිකරුවකු වන ෆයිස් කියා සිටියේ. කැළණි ගඟේ ජල මට්ටම පහත යමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන අතර, දිවයින පුරා ප්‍රදේශ ගණනාවක පැවති ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව අනූ දෙක දක්වා ඉහළ ගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ. තවත් එකසිය නව දෙනකු තවමත් අතුරුදහන් වී සිටින බවත් එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි. අවතැන් වූ එක් ලක්ෂ අසූ පන්දහසකට අධික පිරිසක් තවමත් තාවකාලික රැඳවුම් මධ්‍��ස්ථාන තුළ රැඳී සිටින බව බලධාරීහු පවසති." +එයාර් ඉන්දියා ගුවන් සමාගමේ දෙසීයක් පමණ නියමුවන්ගේ වැඩ වැරුම දෙවන දිනයටත් අවතීර්ණය වී ඇත.,"මෙම ගුවන් නියමු වැඩ වර්ජනය නිසා ජාත්‍යන්තර ගුවන් ගමන් රාශියක්ම අවලංගු කෙරුන බවයි වාර්තා වන්නේ. ගුවන් නියමුවන් රාශියක් අසනීප නිවාඩු ගැනීමෙන් අනතුරුව, ඔවුන් නියෝජනය කරන වෘත්තීය සමිතිය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ එයාර් ඉන්දියා ගුවන් සමාගම, නියමුවන් දහ දෙනෙක් රැකියා වලින් නෙරපා හැරීමට ද ඊයේ පියවර ගෙන තිබුණි. මෙම ගුවන් නියමු වැඩ වැරුම පෙරට යමින් තිබෙන්නේ, පුහුණුව සහ උසස් වීම් වලට අදාළ ඉල්ලීම් මුල් කර ගෙනයි. මෙම වැඩ වැරුම නීතියට පටහැණි එකකැයි ඉන්දීය ගුවන් සේවා භාර ඇමති අජිත් සිං ප්‍රකාශ කල අතර දැනටමත් දැඩි මූල්‍ය දුෂ්කරතාවන්ට මැදි වී ඇති එයාර් ඉන්දියා සමාගම තවත් දුෂ්කර තත්වයකට ඇද නොදමන මෙන් ඇමති වරයා ගුවන් නියමුවන්ගෙන් ඉල්ලා සිටියේය" +රට පුරා පවතින පොහොර හිඟයක් හේතුවෙන් ගොවීන් දැඩි දුෂ්කර තත්වයකට මුහුණ දී සිටින බව වාර්තාකරුවෝ පවසති.,"පොලොනරුවේ ගොවීන් අද බ්‍රහස්පතින්දා උද්ඝෝෂණයක් කරමින් කියා සිටියේ තමන්ට කලට කන්නයට වගා කිරීමට පොහොර නොලැබෙන බවයි. සහනාධාර ක්‍රමය යටතේ ලැබෙන පොහොර ප්‍රමාණය දිගින් දිගටම අඩු කිරීම අසාධාරණ බවත් පස සරු කර ගැනීමට දීමනාවක් ලබා දීම වඩාත් යෝග්‍ය බවත් පොලොනරුවේ ප්‍රගතිශීලී ගොවි ජන එකතුවේ ආර්.ජී.රත්නතිලක සංදේශයට පැවසුවේය. මේ කන්නයේ වගා කටයුතු පිළිබඳව විමසීමක් කළ විට රත්නතිලක ගොවි මහතා පැවසුවේ පෙර දුන් පොහොර සහනාධාරය සියයට පනහකින් කපා දැමීම මෙවර ගොවීන් මුහුණ පාන විශාල ගැටලුවක් බවයි. කලින් අක්කරයකට යුරියා කිලෝ 130 ක් ලබා දුන්නත් දැන් ලබා දෙන්නේ කිලෝ 70 වක් පමණක් බවයි ඔහු පැවසුවේ. පොහොර ලබා දීම අයින් කළ යුතු බව තමන් ද පිළිගන්නා බව පැවසූ රත්නතිලක ගොවි මහතා ඒ වෙනුවට කාබනික කෘෂි රසායනික සහ කාබනික පොහොර ලබා දීමට රජය පියවර ගත යුතු බවත් ප්‍රකාශ කළේය. පසට හානි පොහොර හිඟයක් පවතින බව සත්‍ය බවත් , පසට වන හානිකර තත්වයෙන් වළක්වා ගැනීමට විශේෂඥ උපදෙස් මත සහනාධාර ක්‍රමය යටතේ ලැබෙන පොහොර ප්‍රමාණය අඩු කිරීමට කටයුතු කල බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළේය. කාබනික පොහොර භාවිත කිරීමට ගොවීන් උනන්දු කිරීමට උත්සාහ කලත් ගොවීන් ඒ ගැන ප්‍රමාණවත් ලෙසින් උනන්දු නොවන බවයි ඇමත�� වරයා කියා සිටින්නේ." +පකිස්තානයේ ප්‍රාන්ත ආණ්ඩුවක් ප්‍රථම වතාවට හින්දු සංස්කෘතික උත්සවයක් වෙනුවෙන් රාජ්‍ය නිවාඩු දිනයක් නම් කිරීමට ක්‍රියා කර තිබේ.,එළඹෙන සතියේ සැමරෙන හින්දු හෝලි උත්සවය සින්ද් ප්‍රාන්ත මන්ත්‍රණ සභාව විසින් රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කරනු ලැබීය. ක්‍රිස්තියානි සහ හින්දු ආගමික සංස්කෘතික උත්සව හඳුනා ගැනීම සඳහා ප්‍රාන්ත ආණ්ඩු අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීමට නොබැඳෙන නව ඤප්තියක් පකිස්තානයේ පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසයි මෙම ප්‍රාන්ත ආණ්ඩුව හෝලි උත්සවය වෙනුවෙන් නිවාඩු දිනය නම් කර තිබෙන්නේ. පකිස්තානයේ වැඩි වශයෙන් ජීවත් වන මුස්ලිම් ජනතාව අතරේ සිටින සුළු ජාතිකයන්ට සමාන අයිතීන් ලබා දීම සම්බන්ධයෙන් රජය ක්‍රියා කරන බවට ලබා දෙන සාධනීය පණිවුඩයක් ලෙස මෙය හඳුන්වා දිය හැකි බවයි නව ඤප්තියට සහය සපයන පාර්ශව පවසන්නේ. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව සම්මත කළ නව ඤප්තිය අනවශ්‍ය බව පවසන පාර්ශව තර්ක කරන්නේ මේ වන විටත් ලොව අනෙක් රටවල් වලට වඩා වැඩි දින ගණනක් රජයේ නිවාඩු ලෙස නම් කර ඇති පකිස්තානයට තවත් රජයේ නිවාඩු අවශ්‍ය නැති බවයි. පකිස්තාන ජනගහනයෙන් හින්දු ප්‍රජාව සීයට දෙකක් සිටින අතර එම ප්‍රමාණයෙන් බොහෝ පවුල් ජීවත් වන්නේ සින්ද් ප්‍රාන්තයෙයි. +2004 දී දේශපාලන රැළියකට ග්‍රෙනේඩ් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ 19 දෙනෙකුට මරණ දණ්ඩනය සහ තවත් 38 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරමින් බංග්ලාදේශ අධිකරණයක් තීන්දුවක් ප්‍රකාශ කර තිබේ.,ග්‍රෙනේඩ් බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයෝ 24 දෙනෙකු මිය ගියහ එම ග්‍රෙනේඩ් බෝම්බ ප්‍රහාරයෙන් 24 දෙනෙක් මරුමුවට පත්වූහ. බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනා ඒ අවස්ථාවේ එම රැළියට නායකත්වය ලබා දී ඇත. මරණ දණ්ඩනය නියම වූවන් අතර හිටපු අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ද සිටී. ඔවුහු දෙදෙනාම බංගලාදේශ ජාතික පක්ෂයේ (BNP) සාමාජිකයෝ වෙති. මෙම පක්ෂයේ නායක තාරික් රෙහෙමාන්ට ද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණ. 2009 වර්ෂයේ සිට බංගලාදේශ අගමැතිනිය ලෙස බලයේ සිටින ෂීක් හසීනා 2004 අගෝස්තු 21 වෙනි දින ෂීක් හසීනා දේශපාලන වේදිකාව මත සිට සිය කතාව අවසන් කිරීමට මොහොතකට පෙර සිදු වූ මෙම පිපිරීම්වලින් සියයකට අධික පිරිසකට තුවාල සිදු විය. මරණ දඬුවම් නියම වූවන් අතුරෙන් සුවිශේෂීම පුද්ගලයා වන්නේ රාජ්‍ය කටයුතු භාර හිටපු ඇමති ලුට්ෆෝසාමන් බාබාය. මෙය දේශපාලන පලිගැනීමක් සහ නායකයන් ඉවත් කිරීමට ගන්නා උත්සහයක් බවට BNP පක්ෂය චෝදනා කරයි. තාරික් රෙහෙමාන්ගේ මව මෙන්ම BNP පක්ෂයේ තවත් නායිකාවක වන කලෙදා ෂියා සහ වර්තමාන අගමැතිනී ෂීක් හසීනා දීර්ඝ කාලීන විරුද්ධවාදියෝය. දූෂණ චෝදනා මත කලෙදා ෂියා පසුගිය පෙරවාරි මස වසර පහකට සිරගත කරනු ලැබිණ. දූෂණ චෝදනා මත කලෙදා ෂියා පසුගිය පෙරවාරි මස වසර පහකට සිරගත කරන ලදී මේ තොරතුරුද කියවන්න: +අගමැති රනිල් වික්‍රමසිංහ එම ධුරයේ කටයුතු කරනතාක් මතභේදයට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කළ නොහැකි බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.,"පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා චෝදනා කළේ අගමැතිවරයා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රධාන සැකකරු ලෙස සැලකිය හැකි බවය. හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වෙත දිගින් දිගටම චෝදනා එල්ල වෙද්දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඔහු රැකීමේ උත්සාහයක නිරත වූ බව කියා සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර අගමැතිවරයා එම ධුරයෙන් ඉවත් කළ යුතු බව පැවසීය. මහ බැංකු ගනුදෙනුව සම්බන්ධයෙන් තමා සතු සාක්ෂි ඉදිරිපත් කළත් අගමැතිවරයාට එරෙහිව පරීක්ෂණයක් නොපැවැත්වූ බවත් නානායක්කාර මන්ත්‍රීවරයා සඳහන් කළේය. ""කොප් කමිටුව අන්තිමට අර්ජුන් මහේන්ද්‍රන් ළඟ නැවතුනා. අද ජනතා විමුක්ති පෙරමුණේ සමහරුන්ට අගමැතිතුමාගේ නම කියා ගන්න බැහැ."" ඔහු වැඩිදුරටත් පැවසීය. අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් අගමැතිවරයාට එල්ල කරන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු භාර නියෝජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා කියා සිටියේ කොප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාව විසින් නිකුත් කරන ලද වාර්තාවේ අගමැතිවරයාගේ නමක් සඳහන් නොවන බවය. ""කවුරුහරි වරදකරුවෙක් වෙන්න නම් අධිකරණයට යා යුතුයි. මම දන්නේ නැහැ එතුමා අගමැතිතුමාගේ නම කියන්නේ මොන පරීක්ෂණයක් කරලද කියලා. එතුමා කොප් කමිටුවට ගිහින් පරීක්ෂණ සිදු කළාද?, කොප් කමිටුව කියන්නේ නැතිනම් එතුමා කොහොමද එහෙම කියන්නේ,"" නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රශ්න කළේය." +නිව් යෝක් සිට බටහිර මුම්බායි නගරය කරා පැමිණි 'එයාර් ඉන්දියා' ගුවන් යානයක මකුණන් සිටීමට හේතු��� කාලගුණ වෙනස් වීම යැයි එම සමාගම ප්‍රකාශ කර තිබේ. මෙය ඉන්දියාවේ ජාතික ගුවන් සමාගමය.,"එයාර් ඉන්දියා ඉන්දියාවේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සමාගමයි ව්‍යාපාරික පංතියේ ගමන් කළ මගීන් කීපදෙනෙකු ගුවන් යානයේ අසුන්වල සිටි මකුණන් සපා කා ඇති බව දැක්වෙන ඡායාරූප කීපයක් පසුගිය සතිය තුළ අන්තර්ජාලය ඔස්සේ පුළුල් ලෙස සංසරණය විය. මේ සම්බන්ධයෙන් එයාර් ඉන්දියා සමාගම මගීන්ගෙන් සමාව ඉල්ලා ඇති අතර, පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර තිබේ. එමෙන්ම, ගුවන් යානයට ""විශාල ලෙස මකුණු නාශක දුම් ගැසීමට"" ප්‍රතිඥා දී තිබේ. විශාල ණය ප්‍රමාණයක් තිබියදීත් ක්‍රියාත්මක වන එයාර් ඉන්දියා ඉන්දියාවේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සමාගමය. නව ගුවන් සමාගම් වෙළෙඳපොළට ඇතුළු වීම නිසා ඇති වූ තරගකාරීත්වයත්, දුර්වල සේවා සහ නිතර ගුවන් ගමන් අවලංගු කිරීමෙන් ඇතිවී තිබෙන නරක නාමයත් සමග එයාර් ඉන්දියා සමාගමට වෙළෙඳපොළෙහි සිය ස්ථානය අහිමි වී තිබේ. මීට වසර කීපයකට පෙර මුම්බායි සිට ලන්ඩන් බලා ගමන් කළ එයාර් ඉන්දියා ගුවන් යානයක මීයෙකු සිටීම නිසා ගුවන් ගමන අතර මැද ආපසු හැරවීමට සිදු විය. එයාර් ඉන්දියා: 'හැමෝම වෛර කරන ගුවන් සමාගම' බීබීසී දිල්ලි ප්‍රවෘත්ති සේවයේ අයේෂා පෙරේරා ගේ විග්‍රහය. එයාර් ඉන්දියා ගැන නිතර ඇසීමට ලැබෙන්නේ අමිහිරි පුවත්ය. විටෙක ගුවන් යානය තුළ මීයන් රැඳී සිටි බවට පුවත් පළ වෙන අතර, තවත් විටෙක අවහිර වූ වැසිකිළි ගැනත්, අකාර්යක්ෂම ගුවන් සේවා කාර්යමණ්ඩලය ගැනත් පුවත් පළ වී තිබේ. මෙවැනි නිෂේධාත්මක පුවත් සිරස් තල හේතුවෙන් මෙම ගුවන් සමාගම ""ජාතියට ලැජ්ජාවක්"" ලෙස පුවත්පත්වල සඳහන් වී තිබිණි. කෙසේවෙතත්, සත්‍යය මීට වඩා තරමක් වෙනස්ය. ඇත්තෙන්ම, මේ අත්වැරදීම් බොහොමයක් එයාර් ඉන්දියා සමාගමට සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකිව තිබුණි. මෙය ලොව ඉහළම නූතන අහස් යාත්‍රා හිමි සමාගම් අතුරෙන් එකක් ලෙසත්, ගුවන් ගමන් කර්මාන්තය තුළ සිටින හොඳම නියමුවන් කීපදෙනෙකු ඔවුන් යටතේ සිටින බවත්, ඔවුන්ගේ ගුවන් කාර්යමණ්ඩලය කිසි දිනෙක මගීන්ට බරපතළ තුවාල සිදුවන ආකාරයෙන් හැසිරී නැති බවත්, ඔවුහු සිය සමාගම ගැන වර්ණනා කරමින් පවසති. ඉන්දියානුවන්ට මෙම ගුවන් සේවය ගැන තිබෙන මහත් ආවේගාත්මක හැඟීම එක්තරා ආකාරයක අමිහිරි සෙනෙහසකි. මෙවැනි සිදුවීම් ගුවන් සේවා ක්‍රියාදාමය තුළ සාමාන්‍ය සිද්ධීන් ලෙස ඔවුන් සලකන අතර, ඔබ අපේක්ෂා කරන ආකා��යෙන් සමාගම අපකීර්තියට පත් වන්නේ නැත. නමුත් දේශීය ගුවන් ගමන් සඳහා නිර්මාංශ ආහාර සැපයීමට ගත් තීරණයට බොහෝ දෙනාගේ අප්‍රසාදය පළ විය. මේ තොරතුරුද කියවන්න: ජූලි මස 17 වන දින නිව් යෝක් සිට මුම්බායි දක්වා පියාසර කළ ගුවන් යානයේ සිටි මගීන් මකුණන් විසින් සපා කෑම ගැන එයාර් ඉන්දියා සමාගම සමාව ඉල්ලා සිටියේ ඉන් සතියකට පසුය. සමහරු සිය දෑත් මකුණන් සපා කා ඇති ආකාරය දැක්වෙන ඡායාරූප පළ කර තිබූ අතර, තවත් අය ආසනවල ඡායාරූප දක්වමින් ඒවායේ මකුණන් ජීවත් වන බවට පවසා තිබුණි. ඉන්දියාවේ පැරණිතම ගුවන් සමාගම වන එයාර් ඉන්දියා 2007 වසරේ සිට පාඩු ලබමින් ක්‍රියාත්මක වේ. මෙම සමාගම පෞද්ගලීකරණය කිරීමට 2017 ජූනි මාසයේදී ඉන්දියාවේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිණි. එහෙත් මධ්‍යම ආණ්ඩුවෙන් කොටස් විකිණීම පාලනය කිරීම හේතුවෙන්, එය ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට සමත් වූයේ නැත. ඕනෑම ගැනුම්කරුවකුට මෙම ගුවන් සමාගම මිලදී ගත හැකි වන්නේ ඩොලර් බිලියන 5ක ණය සමග වන අතර, එය සමාගමේ මුළු ණය මුදලින් හරි අඩක් පමණි. තවත් තොරතුරු:" +ෆලුජා නගරයේ බලය යළි ලබා ගැනීමේ මෙහෙයුම්වල නිරත ඉරාක හමුදා වෙත ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවෝ ප්‍රතිප්‍රහාර එල්ල කරති.,නගරයේ දකුණු පෙදෙසේ සිටින ඉස්ලාම් රාජ්‍ය කැරලිකරුවන් සමග පැය හතරක් පුරා සටන් පැවති බවයි ඉරාක හමුදා කියා සිටියේ. නුඅයිමියා ප්‍රදේශයේ උමං මාර්ග භාවිතා කරමින් සැඟවී සිට පහර දෙමින් සහ මෝටර් රථ බෝම්බ යොදා ගනිමින් ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායම් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ නමුත් ඔවුන්ගේ ඉලක්ක සපුරා ගැනීමට ඉඩ ලබා නොදුන් බව ඉරාක හමුදාව පවසයි. එම සටන්වලදී කැරලිකරුවන් හැත්තෑ පස් දෙනකු මරා දැමූ බවයි ඉරාක අණදෙන නිලධාරියෙක් කියා සිටියේ. මේ අතර බැග්ඩෑඩ් නගරයට කිලෝමීටර හට පහක් පමණ බටහිරින් පිහිටි ෆලුජා නගරයේ කොටු වී සිටින බව පැවසෙන පනස් දහසකට අධික සාමාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආධාර සංවිධානවල දැඩි අවධානය යොමු වී තිබේ. ඉස්ලාම් රාජ්‍ය සංවිධානය අත පවතින ෆලුජා නගරයෙන් පළා ආ කාන්තාවක් සිය අත්දැකීම විස්තර කරමින් කියා සිටියේ එහි වෙසෙන සාමාන්‍ය වැසියන් දැඩි පීඩාවකට පත් වී ඇති බවයි. 'ඒක මහා විනාශයක්. අපි මේ විදියට මාස හතක් විතර හිටිය. අපේ ළමයින්ට කිසිම බෙහෙතක් නැහැ. ආරක්ෂක හමුදා ඇවිත් අපිව බේර ගන්න තුරු අපි ඔවුන්ට කොටු වෙලා සිටියේ. අපිට වතුර තිබුණේ නැහැ.' ඇය පැවසීය. +"මහර බන්ධනාගාර ඛේදවාචකය, ශ්‍රී ලංකාවේ දක්නට ඇති වින්දිතයාටම වරද පැටවීමේ (Victim blaming) සංස්කෘතියේ තවත් දිගුවක් බව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරියක් වන අචලා සෙනවිරත්න පවසයි.","සිය ඥාතීන් දැක බලා ගැනීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරය ඉදිරිපිට රැස්ව සිටි රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයන් පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබිණි ""ඉතිහාසයේ සිට මේ දක්වාම මේ රටේ වෙලා තිබෙන දේ තමයි වින්දිතයාම සමාජය ඉදිරියේ තවදුරටත් වරදකරු වීම. අපරාධයකට ලක් වෙලා ඒ ගැන පැමිණිලි කරන්න පොලිස් ස්ථානයකට ගිය අවස්ථාවේ සිට අධිකරණය දක්වාම පීඩාවට පත්වෙන එකම පුද්ගලයා තමයි වින්දිතයා."" ඇය ඒ බව කියා සිටියේ මහර බන්ධනාගාරය තුළ හටගත් කලහකාරී වාතාවරණය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් සහ පොලිසිය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග අනුමත කරමින් රැඳවියන් සහ ඔවුන්ගේ ඥාතීන් දෝෂදර්ශනයට ලක් කර පළ වන අදහස් පිළිබඳ ප්‍රතිචාර දක්වමිනි. නොවැම්බර් 29 වෙනිදා මහර බන්ධනාගාරයේ රැඳවියන් වෙඩි තබා මරා දැමීම සාධාරණීකරණය කරමින් මේ දිනවල සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් අදහස් පළ වේ. ආණ්ඩුවට පක්ෂ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ද සම්පූර්ණ වශයෙන් සිරකරුවන් මත වරද පැටවෙන අයුරින් ඉහත කී සිදුවීම වාර්තා කරන බවට ද චෝදනා එල්ල වේ. සිරකරුවන් එකිනෙකාට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් බදාදා (දෙසැම්බර් 02) මාධ්‍ය වෙත මුදා හැර තිබිණි. ඉහත කී තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් නීතිඥ අචලා සෙනවිරත්න වැඩිදුරටත් කියා සිටියේ, නීතියෙන් පරිබාහිරව අපරාධකරුවන් මරා දැමීම හෝ ඔවුන්ට වෙඩි තැබීම සාධාරණීකරණය කිරීම, ""ම්ලේච්ඡ සමාජයක ලක්ෂණයක්"" බවය. ""එසේ කරන අතරේම මහා අපරාධවල යෙදුන, දූෂණ වංචා සිදු කරන, මහා පරිමාණයෙන් කුඩු ජාවාරම් කරන ඇතැම් ප්‍රබලයෝ වෙනුවෙන් මේ සමාජය පෙනී ඉන්නවා. ඒ අපරාධකරුවන් මහා අහිංසක චරිත විදිහට හඳුන්වමින් ඔවුන් නිදහස් කර ගන්න විශාල වශයෙන් හඬ නගනවා. ඇයි දේශපාලන බලයක් හෝ ධන බලයක් තිබෙන පුද්ගලයන් අහිංසකයන්ගේ ගොඩට දාලා, සුළු අපරාධ හෝ වැරදි පෙළඹවීමක් නිසා අපරාධකරුවන් බවට පත්වෙන මිනිස්සු මරල දැම්මොත් හොඳයි කියන මානසිකත්වයට සමාජය එන්නේ,"" යනුවෙන් ඇය ප්‍රශ්න කරයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ පවසන පරිදි කලහකාරී තත්ත්වය හටගත් අවස්ථාවේ මහර බන්ධනාගාරයේ ස��ටි රැඳවියන් සංඛ්‍යාව 2,782 කි. ඉන් 582 දෙනෙකු දඬුවම් ලද සිරකරුවන්ය (අච්චු කළ). සෙසු 2,197 දෙනා විවිධ චෝදනා මත රිමාන්ඩ් භාරයේ පසු වූ සැකකරුවන්ය. අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ අදාළ ගැටුම මතුව ඇත්තේ රිමාන්ඩ් භාරයේ පසු වූ සැකකරුවන් අතර බවය. යම් කිසි චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද පමණින් ඔහු හෝ ඇය අපරාධකරුවෙකු යයි කිව නොහැකි බව නීතිඥ අචලා සෙනවිරත්න මේ අතර පෙන්වා දෙයි. අධිකරණ නඩු විභාගයකින් පසු අදාළ චෝදනාවලට වරදකරු වේ නම් දඬුවමක් වශයෙන් එම පුද්ගලයා බන්ධනාගාර ගත කෙරෙන බව කී ඇය, ""මනුෂ්‍යයෙක් අපරාධකරුවෙකු වූ පලියට ඔහුට මනුෂ්‍යයෙකු නොවන විදිහට සලකන්න බැහැ. ඒ නිසා බන්ධනාගාරයක ඉන්න ඕනෑම පුද්ගලයෙකු දිහා බැලිය යුත්තේ මනුෂ්‍යයෙකු විදිහට. ඒක බන්ධනාගාරයේ ලියලම තිබෙනවා සිරකරුවොත් මනුෂ්‍යයෝය කියලා."" යනුවෙන් සඳහන් කරයි. මාධ්‍යවේදිනී රේඛා නිලුක්ෂි හේරත් ෆේස්බුක් හි තැබූ සටහනක් නාමල් අමරසිංහගේ කාටූනයක් මහර බන්ධනාගාරය අසලට රැස්ව සිටි රැඳවියන්ගේ ඥාතීන් අතර වැඩි වශයෙන්ම සිටියේ කාන්තාවන්ය. ඔවුන් හඬා වැළපෙමින් පොලිස් නිලධාරීන් ඉදිරියේ දණින් වැටෙන ආකාරය දැක්වෙන ඡායරූප සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු විය. බන්ධනාගාරය ආසන්නයේ පදිංචිකරුවෙකු වන මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රී බීබීසී සිංහල සේවයට කියා සිටියේ රැඳවුම් භාරයේ සිටින සිය දරුවන් සහ ඥාතීන් ""පණ පිටින් දැයි"" දැන ගැනීමේ අපේක්ෂාවෙන් ඔවුන් එහි රැස්ව සිටි බවය. ""මිනිස්සු ඇඬුවා, කෑ ගැහුවා. අඩු තරමේ අපේ ළමයි තුවාල වෙලාද, තාම ඇතුලේ ඉන්නවද, ඉස්පිරිතාලෙද, නැතිනම් මැරිලද කියන්න කියලා ඒ අම්මලා අඬ අඬා ඉල්ලුවා. නැතුව රැඳවියන් නිදහස් කරන්න කියල නෙමෙයි ඔවුන් ඉල්ලුවේ."" මේ අතර නීතියේ සාධාරණත්වය අගයන සමාජයක් තුළ පුද්ගලයන්ට වෙනස් ලෙස සැලකීමට ඉඩක් නොමැති බව නීතිඥ අචලා සෙනවිරත්න පවසයි. ""අම්මලා එතන හඬා වැළපෙන්නේ මව් සෙනෙහස නිසා. තමන්ගේ දරුවා හදා ගන්න බැරුව නොමග ගියාම වෙඩි කාලා මැරෙන එක හොඳයි කියලා සමාජ ජාල තුළ අදහස් පළ වෙනවා. අනෙක් අතින් අපේ රටේ පවතින නීති පද්ධතිය තුළ අපට නිශ්චිතවම කියන්න බැහැ වරදකාරයාම ද බන්ධනාගාර ගත වෙන්නේ කියලා. මේ මිය ගිය පිරිසෙන් බහුතරයක්ම නඩු අහලා ඉවර නැති රැඳවුම් නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පුද්ගලයන්. ඒ කියන්නේ නඩු විභාගයකින් වරදකරුවෙකු හෝ අපරාධකරුවෙකු බව තීන්දු නොවුණු සැකකරුවන්."" ""නමුත් අර මම කලින් කියපු ආකාරයේ ප්‍රබලයින් ඇස් පනාපිට නිදහස් වෙලා යනකොට ඒක හොඳයි කියමින් ඔවුන් වන්දනාමාන කරන අර කියන මිනිස්සුම තමා වැනි තවත් පීඩිතයෙක්ව පීඩාවට පත් කරන අතරේ තමන්ව පීඩාවට පත් කරන පාලක පන්තිය හෝ ප්‍රබලයින් ආරක්ෂා කරන්නත් කටයුතු කරනවා."" ""ඒක නොදියුණු ගෝත්‍රික ආකල්ප සහ වහල් මානසිකත්වය සහිත සමාජයක ලක්ෂණයක් විදිහටයි මම දකින්නේ."" අවන්ත ආටිගලගේ කාටූනයක් දේශපාලනඥයන්, බලධාරීන් සහ මාධ්‍ය ආයතන කී පමණින් යමක් පිළිනොගෙන ඒ පිළිබඳ බුද්ධියෙන් විමසා බලන අතරේ සිය අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් වීම ද පුරවැසියෙකුගේ වගකීම බව නීතිඥ අචලා සෙනවිරත්න වැඩිදුරටත් සඳහන් කළාය. මහර බන්ධනාගාරයේ රැඳවියන් 11 ක් ඝාතනය වීම සහ තවත් රැඳවියන් 115 දෙනෙකු තුවාල ලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කර තිබේ. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සහ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට එක් වූ සෙසු මානව හිමිකම් ක්‍රියාධරයන් අතර නීතීඥ අචලා සෙනවිරත්න ද වේ. මේ ගැනත් කියවන්න:" +ශ්‍රී ලංකාවේ හය වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන කොළඹ නිදහස් චතුරශ්‍ර භූමියේදී දිවුරුම් දෙයි.,"නව ජනාධිපතිවරයා දිවුරුම් දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ ශ්‍රීපවන් ඉදිරියේදී යි. දිවුරුම් දීමෙන් අනතුරුව ජනතාව ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ තමා යළිත් වතාවක් ජනාධිපති ධුරයට තරඟ නොකරන බවයි. නව අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් එම උත්සවයේදී ම දිවුරුම් දුන්නේය. රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ අගමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේ තුන් වැනි වතාවටයි. දිවුරුම් දීමේ අවස්ථාව නැරඹීම සඳහා දහස් සංඛ්‍යාත ජනකායක් කොළඹ නිදහස් චතුරශ්‍ර භූමියට රැස් වුහ. සන්සුන් වාතාවරණයක් සමස්තයක් වශයෙන් ගත් කළ කොළඹ නගරයේ අනෙකුත් ප්‍රදේශවල සාමකාමී සහ සන්සුන් වාතාවරණයක් පැවති බවයි අප වාර්තාකරු සරෝජ් පතිරණ පැවසුවේ. තමන් නිදහස් චතුරශ්‍රය බලා පැමිණෙන විට ජනතාව පමණක් නොව කිසිම වීථියක පොලිස් නිලධාරියෙක් පවා දක්නට නොලැබුණු බව ඔහු පැවසුවේය. ඔහු සඳහන් කළේ, පෙර දින රාත්‍රියේ රූපවාහිනී තිරවලට දෑස් යොමා ගෙන උනන්දුවෙන් මැතිවරණ ප්‍රතිඵල නරඹමින් සිටි ජනතාව සවස් යාමයේ නින්දට යාම මේ අසාමාන්‍ය නිශ්චලත්වයට ප්‍රධාන හේතුව විය හැකි බවයි. විශේෂ තත්වයක් පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව බියක්ද පැවති නමුත් එවැන්නක් සිදු නොවීම මේ මැතිවරණයේ විශේෂ තත්වයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර පැවසු බවයි අප වාර්තාකරු පැවසුවේ. ජනශූන්‍ය, වාහනවලින් තොර මාර්ග ඔස්සේ ගල්කිස්සේ සිට කොළඹ නිදහස් චතුරශ්‍රය කරා ගමන් කිරීම අන් බොහෝ දිනවලට වඩා පහසු වූයේ වෙනත් දිනවල පවතින මාර්ග තදබදය නිසා දිගු වේලාවක් ගත වන ඒ ගමන විනාඩි තිහක් වැනි කාලයකින් නිමා වූ නිසා බව අප වාර්තාකරු සඳහන් කළේය. එහෙත් නිදහස් චතුරශ්‍රයට ළඟා වන විට එහි පැවතියේ ඊට හාත්පසින්ම වෙනස් වාතාවරණයක් බවයි ඔහු පැවසුවේ. බස් රථ, මෝටර් රථ, යතුරු පැදිවල නැගි සිය ගණනක් පිරිස් කොළ සහ නිල් පැහැති කොඩි වනමින් ඒ අසල වීදි සංචාරය කළේ නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් සවුදිය පුරමින් බවයි ඔහු කියා සිටියේ. ඉන් අනතුරුව මහ සෙනග පීරා ගෙන නිදහස් චතුරශ්‍රයේ වේදිකාවට ඇතුළු වීමට හැකි වූයේ ඉතාමත් අපහසුවෙන් බවයි අප වාර්තාකරු සරෝජ් පතිරණ තවදුරටත් පැවසුවේ." +ශ්‍රී ලංකාව සහ මියන්මාරය දේශපාලන පරිවර්තන සම්බන්ධ සුභවාදී නව අදියරකට එළඹී සිටින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කි මූන් පවසයි.,"ධුරයෙන් ඉවත්ව යන එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කි මූන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද කාලීන තුවාල සුව කිරීමේ උත්සාහය තීව්‍ර වී තිබෙන බවත් මහලේකම් බැන් කි මූන් කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතා සිය අවසාන දේශනය පවත්වමින්. රටක සැබෑ සංහිඳියාව රඳා පවතින්නේ බහුතරය සහ සුළුතරය ඇතුළු රටේ සියලුම ජන කොටස් අලුත් රටක් ගොඩ නැගීමේ ක්‍රියාදාමයට එක් කර ගැනීම මත බවත් ඔහු පැවසීය. සිරියාවේ පස් අවුරුදු සිවිල් යුද්ධයේදී මියගිය සාමාන්‍ය වැසියන් අති බහුතරයක් සම්බන්ධයෙන් සිරියානු ආණ්ඩුව වගකීම භාර ගත යුතු බවත් මහලේකම් බැන් කි මූන් එහිදී වැඩිදුරටත් කියා සිටියේය. පදවියෙන් ඉවත්ව යන මහලේකම්වරයා මේ මාසය මුලදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය මහලේකම්වරයා මේ මාසය මුලදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර, ඔහු ශ්‍රී ලංකාවේ සංචාරය කළ දෙවැනි වතාව එයයි. සිය ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් දියත්ව තිබෙන සංහිඳියා ක්‍රියාදාමයට මහලේකම්වරයා ප්‍රශංසා කළේ අඳුරෙන් එලියට එන ශ්‍රී ලංකාව දැක ගැනීමට තමා එහි පැමිණි බව පවසමින්. කෙසේ නමුත් උතුරේ ජනතාවගෙන් අත්පත් කරගත් ඉඩම් යළි පවරාදීම වේගවත් කරන මෙන් ඔහු ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය. මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වෙමින් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බදාදා මහා මණ්ඩලය ඇමතීමට නියමිතයි." +ශ්‍රී ලංකාව කඩොලාන වනාන්තර සම්පූර්ණ වශයෙන් ආරක්ෂා කරන පළමු රට බවට වීමට නියමිතයි.,"පසුගිය ශතවර්ෂය තුළ දී පමණක් ලෝකය පුරා ඇති කොඩොලාන වනාන්තරවලින් අඩකට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබේ. ලෝකය පුරා දැඩි තර්ජනයට ලක් වී ඇති වාසස්ථාන අතුරින් එකක් ලෙස කඩොලාන වනාන්තර සැලකේ. ශ්‍රී ලංකා ආණ්ඩුවේ සහාය ඇතිව සිදු කිරීමට නියමිත කඩොලාන ආරක්ෂණ වැඩසටහනට නැවත වගාව, අවශ්‍ය පුහුණුව ලබා දීම සහ කුඩා පරිමාණයේ ණය ලබා දීමත් ඇතුළත්. කඩොලාන වනාන්තර විශාල වශයෙන් ඇති අනෙකුත් රටවල් ශ්‍රී ලංකාව අනුගමනය කරමින් මෙවැනි ව්‍යාපෘති දියත් කරනු ඇති බවට පරිසරවේදීහු බලාපොරොත්තු පළ කරති. ‘කඩොලාන ජෛව පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා අත්වැල් බැඳ ගැනීම ආණ්ඩුවේ ආයතන, පෞද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, පර්යේෂකයන්ගේ සහ සාමාන්‍ය ජනතවගේ වගකීමක් ’ වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රිපාල පවසා තිබේ. ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් වන ‘සීකොලොජි’ ආයතනය සහ ශ්‍රී ලංකාව පදනම් කර ගත ‘සුදීස’ සංවිධානයේ සහාය ඇතිව සංරක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක වීමට නියමිතයි." +ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරු ධුරයෙන් ඉවත් කිරීමේ දී අනුගමනය කරන ලද ක්‍රියා මාර්ගය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනි මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක් බව බ්‍රිතාන්‍යයේ මුල් පෙලේ නීති විශාරදයකු විසින් සම්පිණ්ඩනය කරන ලද වාර්තාවකින් නිගමනය කොට තිබේ.,කමලේෂ් ශර්මා සහ රිචර්ඩ් උකූ පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම්වරයාට පෙබරවාරි මස අග දී ලබා දුන් වාර්තාවකයි එම නිගමනය දැක්වෙන්නේ. ප්‍රසිද්ධියට පත් නො කෙරුණු වාර්තාව මානව හිමිකම් ක්‍රියාධාරීන් හා ජනමාධ්‍ය වේදීන් ගේ නිරන්තර ඉල්ලීම් හමුවේ පවා ප්‍රසිද්ධියට පත් නො කෙරුණු එම වාර්තාවේ පිටපතක් කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය විසින් අද හෙළිදරව් කොට තිබේ. බී.බී.ස���.ය ඒ ගැන කළ විමසීමක දී පොදු රාජ්‍ය මණ්ඩල ප්‍රකාශකයා කියා සිටියේ හිටපු අග විනිසුරු වරිය පහ කිරීමේ ක්‍රියාදාමය පිළිබඳ මහ ලේකම් කමලේෂ් ෂර්මා දැඩි ස්ථාවරයක සිටින බවයි. නිර්දේශ මෙයට අමතරව අධිකරණයේ ඉහල පදවි දරන්නන් සේවයෙන් පහ කිරීමේ පොදු රාජ්‍ය මණ්ඩලය පිළිගත් යහපත් චර්යා වන් හා නිර්දේශ ශ්‍රී ලංකා රජය වෙත භාර දී තිබෙන බව ද මෙම කරුණු පිළිබඳ සලකා බලන බවට ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර තිබෙන බවද මහා ලේකම් වරයා ගේ ප්‍රකාශක රිචර්ඩ් උකූ කියා සිටියි. හිටපු අග විනිසුරු වරිය දෝෂාභියෝගයකින් ධුරයෙන් පහ කර මොහාන් පීරිස් අගවිනිසුරු ධුරයට පත් කරන ලද්දේ මේ වසර මුලදී. ව්‍යවස්ථා විරෝධී ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ආචාර්ය බණ්ඩාරනායක ධුරයෙන් පහ කිරීමට පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ටාධිකරණය ද තීන්දු කොට තිබුණි. ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද දෝෂාභියෝග චෝදනා සියල්ලට අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක නිවැරදිකාරිය බව එංගලන්තය සහ වේල්සයේ නීතිවේදීන්ගේ සංගමය විසින් පවත්වන ලද පරීක්ෂණයක නිගමනය වී තිබුණි. ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරු ධුරයෙන් පහ කිරීම පිලිබඳ රාජ නීතිඥ ජෙෆ්රි ජොවෙල් විසින් පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් වරයා වෙත භාර දුන් වාර්තාවේ වැඩි දුර විස්තර අද සංදේශයේ. +"සම්පූර්ණ ප්‍රමාණයේ ස්මාර්ට් ජංගම දුරකතනයකට ""සහයක දුරකතනයක්"" ලෙස android තාක්ෂණය ඇතුළත් කළ ඉතා කුඩා ස්මාර්ට් ජංගම දුරකතනයක් එක්සත් ජනපදයේදී එළි දක්වා තිබේ. මෙය 'පාම්' (Palm) නැමැති සන්නාම නාමය ඔස්සේ වෙළෙඳපොළට නිකුත් කර ඇත.","ප්‍රසිද්ධ පැසි පන්දු ක්‍රීඩකයෙක් වන ස්ටීවන් කරී, පාම් දුරකතනයේ සන්නාම තානාපති කෙනෙකු ලෙස කටයුතු කරයි ප්‍රමාණයෙන් බැංකු කාඩ්පතක් පමණ වන මෙය කැමරා දෙකකින් යුක්තය. නමුත් 'හෙඩ්ෆෝන්' සම්බන්ධ කළ හැකි අහුව (Jack) සහ වයරයක් සම්බන්ධ නොකර ආරෝපණය කළ හැකි පහසුකම් මෙහි ඇතුළත් කර නොමැත. මෙවැනි කුඩා දුරකතනයක් නිර්මාණය කිරීමේ අරමුණ යම් පුද්ගලයෙකු භාවිත කරන ප්‍රධාන ජංගම දුරකතනයෙන් විරාමයක් දීම යැයි එම සමාගම පවසයි. කෙසේවෙතත්, ස්මාර්ට් ජංගම දුරකතනයක ඇතුළත් සියලු උපාංග පාම් දුරකතනයේ ද දක්නට ලැබේ. මෙම දුරකතනය තාක්ෂණය පිළිබඳ විචාරකයන්ගේ මෙන් ම සමාජ මාධ්‍ය ජාල පරිශීලකයන්ගේ මහත් පැසසුමට ලක් වී තිබේ. ඩොලර් 349ක් වන මෙම උපකරණය නො��ැම්බර් මස සිට ඇමරිකානු වෙළෙඳපොළට නිකුත් කරනු ඇත. මේ ගැනත් දැනගන්න: ""මෙය ඔබගේ දැනට තිබෙන ජංගම දුරකතනය සමග සම්පූර්ණයෙන් ම සම්බන්ධ කළ හැකි නිෂ්පාදනයක්. ඒක නිසා ඔබගේ ස්මාර්ට් දුරකතනයට දමන්න බැරි සියලු දේ මෙයට සම්බන්ධ කළ හැකියි,"" එහි වෙළෙඳ ප්‍රවර්ධන වැකියක සඳහන් වී තිබිණි. මෙම කුඩා දුරකතනයට සහාය පළකරමින් ඇමරිකාවේ ප්‍රසිද්ධ පැසි පන්දු ක්‍රීඩකයෙකු වන ස්ටීවන් කරී පැවසුවේ ""පාම් නැවත නිකුත් වන තුරු මට ඉවසිල්ලක් නැහැ,"" යනුවෙනි. මෝස්‌තර නිර්මාණ ශිල්පිනියක් වන කේට් ස්පේඩ් මෙම දුරකතනයට සරිලන ප්‍රමාණයේ කවරයක් නිර්මාණය කිරීමට ද කටයුතු කර තිබේ. මෙම දුරකතන නිර්මාණය ""ඇත්තෙන් ම අනාගතය වෙනුවෙන් ගත් හොඳ පියවරක්,"" යැයි විශ්ලේෂකයෙකු වන බෙන් වුඩ් පැවසීය. ""කුඩා සහයක ජංගම දුරකතන මින් පෙරත් වෙළෙඳපොළට හඳුන්වා දීමට උත්සහ කර තිබෙනවා, හැබැයි ඒ කිසිවක් පාරිභෝගිකයන්ගේ සිත් ඇද ගත්තේ නැහැ,"" ඔහු බීබීසී වෙත පැවසුවේය. පාම් දුරකතනය ප්‍රධාන දුරකතනය සමග සම්බන්ධ කිරීමට බ්ලූටූත් තාක්ෂණය අවශ්‍ය නොමැති නිසා මෙය මෙතෙක් නිකුත් කළ නිෂ්පාදනවලින් වෙනස් වන බව ඔහු පැවසීය. ""පාම් දුරකතනය ඔබේ අත්ලට මනාව ගැළපෙන නිෂ්පාදනයක්,"" යැයි බෙන් වුඩ් පැවසුවේය. 'පාම් පයිලට්' ඩිජිටල් සහායක උපකරණය 1990 වසරවල දී සහ 2000 වසර මුලදී ඉතා ජනප්‍රිය වී තිබිණි පාම් දුරකතනය ගැන සිය අදහස් ඉදිරිපත් කරමින් ඩීටර් බොන් Verge නම් වෙබ් අඩවියේ සටහන් කර තිබුණේ, ""මෙය අමුතු කුඩා උපකරණයක්,"" යනුවෙනි. ""දැන් මේ හඳුන්වා දී තිබෙන්නේ ජංගම දුරකතනයෙන් ඔබ බේරා ගැනීම සඳහා දුරකතනයක්. එතකොට කව්ද ඔබ පාම් දුරකතනයෙන් බේරා ගන්නේ? මම හිතන්නේ, තවත් ඉතා කුඩා දුරකතනයකින් වෙන්න ඇති,"" ඔහු තවදුරටත් සඳහන් කර තිබිණි. තවත් තොරතුරු:" +රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කරන ලද වැඩවර්ජනය හේතුවෙන් රට පුරා රෝහල් ගණනාවක බාහිර රෝගී අංශ සහ සායනික කටයුතු කෙරෙහි බලපෑම් එල්ල වී තිබූ බව වාර්තාකරුවෝ පවසති.,"වෛද්‍ය වැඩවර්ජනයක් දියත් කෙරෙන බව මාධ්‍ය ඔස්සේ දැන ගැනීමට ලැබුනත් සායන පැවැත්වෙතැයි විශ්වාසයෙන් දුර පළාත්වල සිට මහනුවර ශික්ෂණ රෝහල වෙත රෝගීන් පැමිණ සිටි බව ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න සංදේශයට වාර්තා කළේය. 'අපි උදේ ඉදන් ඇවිත් බඩගින්නේ ඉන්නේ' 'උදේ පාන්දර තුනට ආවේ. කකුල අමාරුයි, බෙහෙතුත් නෑ. අපි තමයි තැලෙන්නේ' වැඩවර්ජනය හේතුවෙන් රෝගීන් අපහසුතාවට පත් වීම අවම කිරීමට හැකි තාක් උත්සාහ කළ බවයි මහනුවර ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය නිශ්ශංක විජේවර්ධන පැවසීය. හලාවත රෝහලේ වකුගඩු සායනයට දුර බැහැර සිට පැමිණි රෝගීන්ද වර්ජනය හේතුවෙන් අපහසුතාවට ලක් වී සිටි බවයි ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න කියා සිටියේ. මේ අතර රත්නපුර මහ රෝහල ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ මූලික, දිසා, පර්යන්ත, ග්‍රාමීය සහ වතු රෝහල් තිස් හයක සහ මධ්‍යම බෙහෙත් ශාලා දෙකක රෝගීන් පරීක්ෂා කිරීම් හෝ සාමාන්‍ය ප්‍රතිකාර සේවා සහ සායන ප්‍රතිකාර සිදු නොවූ බවයි අජිත්ලාල් ශාන්තඋදය සංදේශයට වාර්තා කළේ. අහයපත් කාලගුණය හේතුවෙන් ආපදා තත්වයක් පවතින රත්නපුර දිස්ත්‍රික්කයට වෛද්‍ය වර්ජනය තදින් බල නොපෑව ද රෝහල් සේවාවලට යම් බලපෑමක් සිදු වූ බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවසීය." +"අයහපත් කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා දිස්ත්‍රික්ක දාහතරක ගංවතුර පවතින අතර, ළදරුවකු ඇතුළු අට දෙනකුවත් මරුමුවට පත්ව තවත් තිදෙනකු අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.","පවුල් 6000 කට අයත් 12,000 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසන්නේ. අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑම ඇති වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයට බවත් ඔහු සඳහන් කළේය. දිවයින පුරා ගමනාගමන කටයුතුද අඩාල වී පවතී. පාර්ලිමේන්තුව විශේෂයෙන්ම කැළණි ගඟේ පහල ජල ධාරා ප්‍රදේශවල වෙසෙන ජනතාව ඉවත්කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර, රට පුරාම නිවාස 150 කට පමණ හානි සිදු වී තිබේ. පාර්ලිමේන්තුවත් ගංවතුරින් යට වීමේ අවදානමක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුවැඩ ගංවතුරෙන් යටවීමේ තර්ජනයක් පවතින බැවින් වැලි කොට්ට දමා දියවන්නා ඔයේ ජල මට්ට්ම පාලනය කිරීමේ උත්සාහයක නිරතව සිටින බවයි ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි පවසන්නේ. රට පුරාම සහන සැලසීමේ කටයුතු සඳහා දැනටමත් ආරක්ෂක හමුදා යොදවා ඇති බවත් ඔහු පැවසීය. දැරණියගල ප්‍රදේශයේ නාය යාමකින් දෙදෙනකු පස් කන්දකට යට වී මිය ගිය අතර තවත් අයකු අතුරුදහන්ව සිටියි. නාය යාම ඇහැලියගොඩ ප්‍රදේශයේද නිවසකට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් එක් අයකු මියගියේය. එම පස් කන්දටම යටවී සිටි කාන්තාවන් දෙදෙනකු තුවාල සහිතව බේරාගැනීමට ගම්වාසීන්ට හැකි වී තිබේ. රටපුරා දිස්ත්‍රික්��� දාහතරක ගංවතුර රත්නපුර දිස්ත්‍රික්කයේ එක් අයකු මියගොස් තිදෙනකු අතුරුදන් වී ඇති අතර, දිස්ත්‍රික්කයේ 4960 දෙනෙක් අවතැන් වී සිටිති. මේ අතර සිය ප්‍රදේශවල භූමියේ සිදුවන වෙනස්වීම් දෙස අවධානයෙන් සිටින මෙන් ඉල්ලා සිටින ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක එම් බණ්ඩාර, දිවයින පුරා දිස්ත්‍රික්ක නමයක නාය යාමේ අවදානමක් තිබෙන බවත් සඳහන් කළේය. සඳුදා සවස දෙකේ සිට ඉදිරි පැය 24 ක කාලය තුල අවධානයෙන් පසුවන මෙන් ඔහු එම දිස්ත්‍රික්කවල ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. ධාරානිපාත වර්ෂාව සහ දැඩි සුළඟ හේතුවෙන් රට පුරාම ධීවර ප්‍රජාවට ජීවිකාව අහිමි වී ඇති බව ධීවර වෘත්තීය සමිති පවසති. ගැඹුරු මුහුදේදී අනතුරට මුහුණ දුන් ධීවරයන් දෙදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් බේරා ගෙන රෝහල්ගත කර තිබේ. මේ අතර මාරවිල මුහුදු තීරය උග්‍ර සමුද්‍ර ඛාදනයකට මුහුණ දී සිටින බව පවසන ප්‍රදේශවාසීහු සිය මුහුදු තීරය බේරා දෙන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරති." +"රුව ආකර්ෂණීයව තබා ගැනීමට මෙන් ම ශරීරයේ මඩ නොතැවරෙන, කය අඩුවෙන් වෙහෙසෙන රැකියාවක නිරත වෙන්නට වර්තමානයේ තරුණ තරුණියන් බොහෝ දෙනා වැඩි කැමැත්තක් දක්වන බව නොයෙක් විට ඇසෙන ප්‍රකාශයකි.","සකුන්තලා එහෙත්, අද වන විට වැඩිහිටියන් ද ගොවිතැනින් ඈත්ව යමින් සිටින පසුබිමක, ඉන්දියාවට ද ගොස් නාට්‍ය හා රංග කලාව පිළිබඳ අධ්‍යයනයක යෙදී නිළියක ලෙස ඇරඹු ගමන කෙටි කලකින් ගොවිතැන වෙතට හරවා තනිව කුඹුරක් අස්වැද්දීමට තීරණය කළ තරුණියක් පිළිබදව මට අසන්නට ලැබිණි. එබැවින් මම ඇය සොයා මිරීගමට යාමට තීරණය කළෙමි. ඇය මිනිසුන්ගෙන් එල්ලවූ පීඩාවට ලක්ව අසරණ වූ සුනඛයන් හා ගවයන් වෙනුවෙන් ද කැපවී ඇති බව දැනගත්තේ මා එහි ගිය අවස්ථාවේදීය. ඕනෑ ම දවසක හමුවිය හැකි බව කලින් පවසා තිබුණු නිසා පූර්ව දැනුම් දීමකින් තොරව මීරිගමට ගිය මම, කියා තිබූ ඉස්සව කරා ළඟා වී ඇයට දුරකතන ඇමතුමක් දුන්නෙමි. ''ගෙදරට ඇවිත් වැඩක් නෑ. මම ඉන්නේ කුඹුරේ. පාර අයිනේ මගේ රතුපාට ස්කූටිය නවත්තලා තියෙනවා,'' යනුවෙන් සකුන්තලා මාලදෙනිය පිළිතුරු දුන්නාය. මග හසර අසන්නට කිසිවෙකුත් නැති පාළු වෙල් යාය දිගේ මම ඇය සිටින බව පැවසූ ඉසව්ව සොයා ගියෙමි. දුටුවන්ගේ නෙත් වසඟ කරන සොඳුරු පරිසරයක මිහිර විඳිමින්, මඩ පිරි නියර දිගේ යන විට කුඹුරු කොටන තරුණියක දක්නට ලැබිණි. ''මම තමයි සකුන්තලා,'' ඇය උදැල්ල පසෙක තබා මඩ ගෑවුණු දෙඅත් ��ක්කඩින් සෝදමින් ප්‍රකාශ කළාය. දැඩි හිරු රශ්මිය අතරේ රූරා වැටෙන දහදිය පිස දමමින් ඇය මා ඉදිරියට පැමිණෙන විට මම පළමු ප්‍රශ්නය ඇසුවෙමි. ""මේ වගේ දෙයක් කරන්න තීරණය කළේ ඇයි ?"" ''මේකප් ගානවට වඩා මට ලොකු සතුටක් දැනෙනවා උදේ ම කුඹුරේ මඩ ටිකක් ගෑවෙනකොට. මේක මගේ රට. මට ඕනා උපන් බිමට ණයකාරයෙක් නොවී මැරෙන්න. මේ සොබාදහමට කවදාහරි මාව පස් වෙන දාට අපි මහපොළවට බරක් වෙන්න හොඳ නෑ,'' යනුවෙන් සකුන්තලා මාලදෙනිය බීබීසී සිංහල සේවයට පැවසුවාය. මීරිගම, කහඳව ප්‍රාථමික විද්‍යාලයෙන් සහ ඩඩ්ලි සේනානායක ආදර්ශ මහා විද්‍යාලයෙන් අධ්‍යපනය ලැබූ ඇය කලා විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට තිබේ. අනතුරුව ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලට ඇතුළත්ව නාට්‍ය හා රංග කලාව හදාරා ඇති ඇය පසුව කොළඹ සිංහල සංස්කෘති ආයතනය එනම් ''සුදර්ශි'' හා සම්බන්ධව තිබේ. එහිදී තමන් ඇතුළු 28 දෙනෙකුට ඉන්දියාවට ගොස් වැඩිදුරටත් නාට්‍ය හා රංග කලාව ගැන අධ්‍යයනයක යෙදීමේ අවස්ථාව උදා වූ බව සකුන්තලා ප්‍රකාශ කළාය. පසුගිය කාලයේ ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය කිහිපයකට සම්බන්ධ වුව ද ඊට වඩා ක්‍රියාකාරීව රටට යමක් කිරීම සඳහා මේ තීරණය ගත් අතර, තමන්ටම කියා කුඹුරක් නැති හෙයින් වසර දෙකක් පුරා ඊට අවස්ථාව සෙවූ බවත් ඇය සිහිපත් කළාය. ''මට ආසාව තිබුණට කුඹුරක් නැති නිසා අපේ ගමේ වලව්වේ, සුනිල් තෙන්නකෝන් හාමු මහත්තයා හමුවෙලා එතුමාට අයිති මේ කුඹුර වැඩ කරන්න ඉල්ල ගත්තා. එතුමා කිසිදු මුදලක් ගන්නේ නැතුව අවුරුදු දෙකකට මට මේ කුඹුර කර ගන්න දුන්නට මම හැම දා ම පිං දෙනවා. වැඩේ පටන් ගන්නකොට අතේ සතයක්වත් තිබුණේ නෑ.'' ආශාවක් පැවතිය ද, සකුන්තලාට කුඹුරු වැඩ පිළිබද අවබෝධයක් නොවිණි. එබැවින් ඇය කුලී පදනම මත කෙනෙකුගේ සහය ලබාගෙන කුඹුර අස්වැද්දීමට සිතා සිටිය ද මවගෙන් ඊට ලැබුණේ ""කුලී කාරයන්ට ගෙවන්න මුදල් අපිට නෑ"" යන පිළිතුරය. පියා රැකියාවක් නොකරන අතර මව සමෘධි නිලධාරිනියකි. සකුන්තලාට ද රැකියාවක් නොමැති නිසා වෙනත් ස්ථිර ආදායම් මාර්ගයක් ද නොමැත. ''කුලියට මිනිස්සු දාන්න සල්ලි නැහැ කිව්වා වගේ ම අම්මා මට වැඩේ කර ගන්න පාර පෙන්නුවා. ඒ අපේ ගමේ ගොවි නියාමක මහත්තයට මාව හඳුන්වල දීලා. මම ඔහුගෙන් තමයි නියරවල් රහින හැටි, වේලි බඳින හැටි, කුඹුරු කොටන හැටි ඉගෙන ගත්තේ. මගේ හිත හයියයි. මේ අක්කර දෙකයි කාල දැන් මට තනියම වපුරන්න පුළුවන්,'' යනුවෙන් සකුන්තලා ප්‍රකාශ කළේ දැඩි ආත්ම විශ්වාසයකිනි. පවුලේ එක ම දරුවා වූ සකුන්තලා, ජීවිතයේ පළමු වරට කුඹුරක් අස්වද්දනු ලබන්නේ මෙවර මහ කන්නය සඳහාය. කුඹුරු වැඩ සඳහා සහය ලබා ගැනීමට මිතුරන්ට ආරාධනා කළ ද ඇගේ සහයට කිසිවෙකු පැමිණ නැත. ''මම උදව්වට ආවේ නෑ කියල කාත් එක්කවත් තරහ නෑ. ඒ අයටත් වැඩ ඇති නේ. නියරවල් ඇස්සේ, කුඹුර කෙටුවේ හැම දේ ම කළේ තනියෙන්. කලාතුරකින් මේ කොහිල වළේ කොහිල ටිකක් කඩන්න එන කිරි අම්ම කෙනෙක් විතරයි තනියට ඉතුරු වෙන්නේ. සැරින් සැරේ තාත්තා ඇවිත් බලල යනවා,'' යනුවෙන් සකුන්තලා පැවසුවේ අව්වට වියළි ගිය මඩ පිසදමමිනි. සුනඛ සහ ගව අනාථාගාරය ''දැන් ගෙදර බල්ලෝ 33ක් ඉන්නවා"" යොවුන් වියේ සිටින සකුන්තලා ඉදිරියේදී විහාරස්ථානයක් ගොඩ නැගීමට සහ අනුරාධපුරයේ පොලිතින් නිසා විනාශ වූ වැවක් පිරිසිදු කිරීමේ අදහසක් ගැන ද සිහිපත් කළාය. එමෙන් ම ඇය මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා අසරණ වූ සුනඛයන් සහ ගවයන් රැකබලා ගන්නා බව ද පැවසුවාය. ''ඒ සත්තු කොහෙ ද ඉන්නේ?'' මම විමසුවෙමි. ''එන්න පුළුවන් නම් යමු අපේ ගෙදර. හැබැයි මෙතන ඉඳලා ටිකක් දුරයි,'' යනුවෙන් පිළිතුරු ලැබුණ විට ඒ ගැනත් නිවසට ගොස් දැක ගැනීමට මට සිත් විය. ඇය කුඹුරේ වැඩ නවතා මා සමග නිවසට යන්නට පිටත් වන මොහොතේ අපූරු දෙයක් දක්නට ලැබිණි. ඒ, ඇය දණගසා කුඹුරට වැඳ ආචාර කරන ආකාරයයි. ''මම මේ වැඩේ කරන්නේ හරි ම භක්තියෙන්'' කියා සිනාසුණු ඇය උදැල්ල කරට ගත්තාය. කුඹුරට යාමට ඇති ප්‍රවේශ මාර්ගය ද මේ දිනවල එක ම මඩ ගොහොරුවකි. එබැවින් අප මඩ පිටින් ම මාර්ගයට පිවිසි අතර''ස්කූටි'' යතුරු පැදියෙන් ඇය යන මග පසුපස මම ද සකුන්තලාගේ නිවස කරා ගියෙමි. ඇය නිවසට ඇතුළු වන විට සුනඛයන් හඬ නගමින් සතුට පළ කරනු දුටුවෙමි. නිවසට ඇතුළු වන දොරටුව ළඟ කුඩා සුනඛ පැටවුන් සිවු දෙනෙකි. '' මේ අයව මම ගෙනාවේ මඩ වළක වැටිලා ඉන්නකොට''යනුවෙන් පවසා ඇය සාලයේ දොර විවර කළා ය. දැන් සුනඛයින් බුරන හඬ පමණක් මට ඇසේ. පාදයක් අහිමි සුනඛයෙකු පැන විත් සකුන්තලා වටා කැරකෙන්නට විය. ''දැන් ගෙදර බල්ලෝ 33ක් ඉන්නවා. මම දුවට කිව්ව තව නම් ගේන්න එපා කියල,'' යනුවෙන් සකුන්තලාගේ පියා පැවසුවේය. ''මේ හැම සතාගේ ම දුක හිතෙන කතාවක් තියෙනවා. බලන්න, මෙයාගේ කකුලක් කඩල. මේ බල්ලට ඇසිඩ් ගහලා. සේරම පිච්චිලා. මම යනකොට මීරිගම වැටිලා හිටියේ. කිලෝමීටර් එක හමාරක් මම මෙයාව කරේ තියාගෙන ආවා. මේ ඉන්නේ''අහිංසා''. එයාගේ ඇස් දෙක ම පෙන්නේ නෑ,'' යනුවෙන් ඇය විස්තර කළේ මිනිසුන් විසින් සතුන්ට කරනු ලබන අමානුෂික පීඩා සාක්ෂි සහිතව පෙන්වමිනි. නිවස තුළ මෙන් ම නිවස වටා ඇති කූඩුවල ද සුනඛයෝ සිටිති. ඒ අතරින් සකුන්තලා අසරණ වූ ගවයන් සිටින තැනට මා කැඳවා ගෙන ගියාය. ඒ ගවයන් අතර සිටි ඇවිදීමට අපහසු වසු පැටවෙකු මම දුටුවෙමි. ''මේ වහු පැටියාගේ කකුලක දණහිසෙන් පහළ කොටස නෑ. මම කොහොමහරි එයාට කෘත්‍රිම කකුලක් දාන්නයි ඉන්නේ. මේ සත්තුන්ට කන්න දෙන එක ලේසි නෑ. බල්ලන්ට දවසකට හාල් කිලෝ පහක් විතර ඕන. සමහර වෙලාවට මගේ බත් එකත් දීල මම බලන් ඉන්නවා. කන්න දෙන්න විදියක් නැති ම වුණොත් ලාල් කොඩිසිංහ මහත්තයා, අජන්ත හිදුරංගල සර්, ජගත් රවී අයියා වගේ ම මල්කි, චම්පි සහ ඉෂාරා අක්කලාට කියල හාල් ටිකක් ඉල්ල ගන්නවා,'' යනුවෙන් කී සකුන්තලා වැඩිදුරත් පැවසුවේ තමන් රාජ්‍ය නොවන සංවිධානවලින් උදව් නොගන්නා අතර මෙය සත්භාවයෙන් කරන ක්‍රියාවක් බවය. මස් කඩයකට රැගෙන යෑම සඳහා ලොරියකට පැටවීමට යාමේදී මාර්ගයට ඇද වැටී පාදයක් බිඳුණු ගවයෙකු ද ඇය රැක බලා ගනී. ''නාට්‍යවලට ගිහිල්ලා සම්මානයක් ගත්තා වගේ තමයි උදේ ම කුඹුරට යද්දී. ඒ වගේ ම මට මොන ප්‍රශ්න තිබුණත් මේ සතුන්ට පිහිටක් වෙන්න ලැබීමත් සතුටක්. මම ස්ථාවරයකට ඇවිත් තමයි ආදරයක් ගැන හිතන්නේ,'' සකුන්තලා පැවසුවාය. ඇගෙන් සමුගෙන පැමිණ දින කිහිපයක් ගත වුව ද ඇය නිතර කළ ප්‍රකාශයක් මගේ සිහියට නැගේ. ඒ, ""අපි ඉපදුණු රටට බරක් නොවී මිය යා යුතු"" බව ය. තවදුරටත් කියවන්න." +මේ වනවිට ඉහල අධිකරණවල ගොඩ ගැසී තිබෙන නඩු විභාග කිරීම කඩිනම් කිරීමේ අරමුණින් දැනට සිටින මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩිකිරීමේ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.,"මේ වසරේ මාර්තු මාසය වනවිට නඩු 28,000 කට ආසන්න ප්‍රමාණයක් විභාග කිරීම පිණිස ඉහල අධිකරණවල සේවය කරන්නේ මහාධිකරණ විනිසුරුවරුන් 75 දෙනෙකු පමණක් බැවින් විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව 85 දක්වා වැඩිකිරීමට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා සිටියේය. ඒ සඳහා අවස්ථාව සලසමින් අදාළ පනත සංශෝධනය කරන මෙන් නීති කෙටුම්පත් සම්පාදකයන්ට උපදෙස් දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් තීරණ දැනුම්දෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. සබැඳි යොමු: මේ වන විට සිවිල් අධිකරණවල නඩු 5749 ක්, ඉහල වාණිජ අධිකරණවල නඩු 5580 ක් සහ අනෙක් ඉහල අධිකරණවල නඩු 16574 ක් විභාග කෙරෙමින් පවතින බ��� අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයේ සඳහන්ය. පෞද්ගලික සේවයේ නිරතව සිටි ආර් කන්නන් රාමනාදන් නීතිඥවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පසුගියදා යාපනයේ මහාධිකරණ විනිසුරු පදවියට පත්කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්වරයා සහ විනිසුරුවරුන්ගේ සංගමය දැඩි විරෝධයක් පළ කළේය. එම විරෝධය හේතුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය ද කල් දැමීමට නීතිඥ සංගමයට සිදු විය. එහෙත් එම පත්කිරීම මගින් ශ්‍රී ලංකා විනිසුරුවරුන් පත්කිරීමේ ක්‍රියාපිළිවෙත උල්ලංඝනය වී නොමැති බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිවේදීන්ගේ සංගමයේ සම කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ නීතිවේදී ලාල් විජේනායක, කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන් පත්කිරීමේ දැනට පවතින ක්‍රියාදාමය දැනට වඩා විධිමත් විය යුතු බවත් අවධාරණය කළේය." +යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත්වීම ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ඇතුළු අපනයන කර්මාන්තයට ප්‍රබල බලපෑමක් ඇතිකිරීමට ඉඩ තිබෙන බව පෙන්වාදෙන ව්‍යාපාරික ප්‍රජාව එය යහපත් හෝ අයහපත් බලපෑමක් ද යන්න නිගමණය කිරීමට තවමත් කාලය එළඹ නැති බවත් සඳහන් කරයි.,"බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ දෙවසරක ක්‍රියාදාමය නිල වශයෙන් ආරම්භ කරමින් ලිස්බන් සම්මුතියේ 50 වෙනි වගන්තිය සම්බන්ධ ලේඛනයට අගමැතිනි තෙරේසා මේ අඟහරුවාදා රාත්‍රියේ අත්සන් තැබුවාය. ඉන් අනතුරුව එම ලිපිය බ්‍රසල්ස් නුවර සිටින බ්‍රිතාන්‍ය තානාපතිවරයා විසින් යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයා වෙත බදාදා භාරදෙනු ලැබිණ. අප්‍රේල් මස මැද භාගයේ යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යළිත් වරක් ජීඑස්පී ප්ලස් (GSP+) සහනය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තුවන බව බීබීසී සිංහල සේවය වෙත දහස් දක්වමින් සඳහන් කළ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (Joint Apparel Association Forum ) හිටපු මහ ලේකම් සහ වර්තමානයේ කමිටු සභාපතිවරයකුවන රොහාන් මාසකෝරාළ, ඉන් අනතුරුව ඉදිරි වසර දෙක ඇතුලත ශ්‍රී ලංකාවට එම සහනය ලබාදීමට බ්‍රිතාන්‍යය ද බැඳී සිටින බව පෙන්වාදෙයි. රොහාන් මාසකෝරාළ ""තවමත් ශ්‍රී ලංකාව යුරෝපයට යවන ඩොලර් බිලියන දෙකක අපනයනවලින් 41% ක් යන්නේ මහා බ්‍රිතාන්‍යයට,"" ඔහු පැවසීය. ""ඒ නිසා මහා බ්‍රිතාන්‍යය අපේ ප්‍රධානම ඇඟළුම් වෙළඳපොළක්."" ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය අහිමිවීමෙන් අනතුරුව ගතවගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවට වසරකට ඩොලර් මිලියන 300- 500 ත් අතර පාඩුවක් සිදු වූ බව ඔහු පෙන්වාදෙයි. එම සහනය අහිමිවීමෙන් අනතුරුව යුරෝපා වෙළඳපොල තුළ ශ්‍රී ලංකා අපනයනවල වර්ධන වේගය අඩු වූ නමුත්, වෙළඳපොල කඩා නොවැටුන බව ද ඔහු සඳහන් කළේය. ""දැන් ජීඑස්පී ප්ලස් ලැබෙනවත් සමගම ඇඟළුම් සහ අනෙකුත් භාණ්ඩ අපනයනය කිරීමේ හැකියාව වැඩිවෙනවා."" ලිස්බන් සම්මුතියේ 50 වෙනි වගන්තිය සම්බන්ධ ලේඛනයට අගමැතිනි තෙරේසා මේ අඟහරුවාදා රාත්‍රියේ අත්සන් තැබුවාය. එහෙත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සැරසෙන්නේ ශ්‍රී ලංකා අපනයනවලට යුරෝපය මෙසේ විශේෂ තීරු බදු සහන යළිත් ලබාදීමට සැරසෙන අවස්ථාවේදීය. එබැවින් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ සාකච්ඡා පවත්වන දෙවසරක කාලය තුළ බ්‍රිතාන්‍ය සමග විශේෂ වෙළඳ ගිවිසුම් ඇතිකරගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව උත්සුක විය යුතු බව රොහාන් මාසකෝරාළ පෙන්වාදෙයි. ""මොකද ඉන්දියාව දැනටමත් පටන් අරගෙන තියෙනව. අපිත් ඒ දේ කරනවා කියල නියෝජ්‍ය විදේශ ඇමතිතුමා ප්‍රකාශකළා,"" ඔහු පැවසීය. ""අපිට තව වාසියක් තියෙන්නේ දැන් අපිත් එක්ක තරග කරන බංගලිදේසේ වගේ රටවලටත් ඒ තත්වයම එනවා."" එහිදී කිසියම් ආකාරයකින් වසර දෙකකට පසුව ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය ලබාදීමට බ්‍රිතාන්‍යය ප්‍රතික්ෂේප කළහොත්, ශ්‍රී ලංකා අපනයන සඳහා අයකෙරෙන රේගු බදු 9% කින් ඉහල යනු ඇති බව ද රොහාන් මාසකෝරාළ පෙන්වා දුන්නේය. යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් සමග බ්‍රිතාන්‍යය ඊටත් වඩා දෙපාර්ශවයටම වාසිදායක වෙළඳ ගිවිසුම් ඇතිකරගැනීමේ හැකියාවක් පවතින බව ද ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ කමිටු සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය." +ජනාධිපතිවරණය ඉලක්ක කර මෙතෙක් පැවති දේශපාලන රැස්වීම්වල ඉදිරි ආසන දෙස අවධානය යොමු කළවිට 'බැලූ බැල්මට' පෙනුණේ ඒවායෙහි පුරුෂයන් පමණක් සිටින ආකාරය ය.,"අගෝස්තු 11 වෙනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය සිය ජනාධිපති ධුර අපේක්ෂකත්වය නිවේදනය කිරීමට පැවති රැළියේ මෙන්ම එක්සත් ජාතික පක්ෂය අගෝස්තු 12 වෙනිදා බදුල්ලේ දී පැවැත්වූ රැළියේ ද ඉදිරි පෙළ අසුන්වල සහ වේදිකාව මත කාන්තාවන් සිටියේ කිහිපදෙනෙකු පමණි. අගෝස්තු 18 වෙනිදා කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවැත්වූ 'ජාතික ජන බලවේගය' රැස්වීම් වේදිකාවේ ද කාන්තාවන් බොහොමයක් දක්නට නොලැබුණත්, සමාජ ක්‍රියාකාරිනියක වන සරෝජා පෝල්රාජ්ට රැස්වීම ඇමතීමට අවස්ථාව ලබා දී තිබිණි. වර්තමාන පාර්ලිමේන්තු කාන්තා නියෝජනය 5%ක් වීම තුළ ප්‍රධාන පක්ෂ තුළින් මින් ඔබ්බට දෙයක් බලාපොරොත්තු විය නොහැකියයි යමෙකුට තර්ක කළ හැකිය. ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 52%ක් කාන්තාවන් වන විට වේදිකාවේ මුල් පෙළ අසුන් මෙන්ම රැස්වීම ඇමතීමට අවස්ථාව දිය යුතු යුත්තේ දේශපාලනයට සෘජුව සම්බන්ධ කාන්තාවන්ට පමණක් දැයි තවත් කෙනෙකුට සිතෙන්නට පුළුවන. දේශපාලන වේදිකාවල නර්තනය, ගායනය, රංගනයේ යෙදෙන කාන්තාවන් තත්ත්වය එසේවුව ද මෙම රැස්වීම්වල ගායන, නර්තන ඇතුළු විනෝදය සපයන අංගයන්ට කාන්තාවන් යොදා ගෙන තිබෙනු බහුලව දක්නට ලැබේ. ""නිළියක් වගේ කෙනෙක් ඉදිරියට ගෙනාවම වේදිකාව ලස්සන වෙනවා"" ""දේශපාලන වේදිකාවේ කාන්තාවන් කියලා බොහෝ වෙලාවට දකින්න ලැබෙන්න දේශපාලඥයන්ගේ බිරින්දෑවරු. එහෙම නැත්නම් නිළියෝ. ඒ දෙගොල්ලොටම රැස්වීම්වලට ආරාධනා කරන්නේ කව්රු හරි කාන්තාවක් ඉන්නවා කියලා පෙන්වන්න විතරයි"" යැයි නීතිඥ මිහිරි ගුණවර්ධන බීබීසී සිංහල සේවය වෙත පැවසුවාය. ""නිළියක් වගේ කෙනෙක් ඉදිරියට ගෙනාවම වේදිකාව ලස්සන වෙනවා, මිනිස්සුන්ගේ ආකර්ෂණය වැඩි වෙනවා වගේ අදහසුත් මේ දේශපාලන පක්ෂ ඇතුළේ තිබෙනවා. අදාළ විෂය ගැන දැනුමෙන් සන්නද්ධ, සාමාන්‍ය කාන්තාවකට දේශපාලන රැස්වීමක් අමතන්න ඉඩ ලබා දෙන්නෙත් බොහොම කලාතුරකින්."" ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය සිය ජනාධිපති ධුර අපේක්ෂකත්වය නිවේදනය කිරීමට පැවති රැළිය ""දැඩි දේශපාලන පවුල් පසුබිමක් නැත්නම් වේදිකාවට තියා ඒ ඉස්සරහ තිබෙන පුටු පේළියේ ආසනයක්වත් කාන්තාවට දෙන්නේ නැති තත්ත්වයක් තිබෙන්නේ. දැනට බලයේ ඉන්න කාන්තාවෝත් තමන්ට පෞද්ගලිකව බලපාන දෙයකට මහා හයියෙන් කතා කළත්, දේශය පාලනයට අවශ්‍ය වැදගත් කාරණා ගැන කතා කරන්නේ නැහැ."" ""හැබැයි ශ්‍රී ලංකාවේ උගතුන්ගෙන් වැඩි කොටසක් පවා ඉන්නේ කාන්තාවන්. එක්කෝ සමාජයෙන් ඒ අය ඉවතට තල්ලු කරනවා, නැත්නම් දේශපාලන පක්ෂවල පවතින පුරුෂාධිපත්‍යයත් එක්ක කාන්තාවන් ඉදිරියට එන එකට බයයි,"" ඇය තවදුරටත් පැවසුවාය. ප්‍රසිද්ධිය සමග එන අපහාස දේශපාලන වේදිකාවල නැගීමෙන් හෝ රැස්වීම් ඇමතීමෙන් පසු ලබන යම් කිසි ප්‍රසිද්ධියත් සමග කාන්තාවන් වෙත විවිධ අපහාසත්මක දේ එල්ල වීම ඔවුන් ක්‍රියාකාරී දේශපාලනයේ රඳවා ගැනීමට ඇති තවත් බාධකයක් බව රාජ්‍ය සේවක මෙන්ම වෘත්තීය සමිති නායිකාවක ලෙස ක්‍රියා කරන ���මාරා දයානි හෙට්ටිමුල්ලගේ බීබීසී සිංහල සේවයට පැවසුවාය. එක්සත් ජාතික පක්ෂය අගෝස්තු 12 වෙනිදා බදුල්ලේ දී පැවැත්වූ රැළිය ""දේශපාලනමය, වෘත්තීය සමිති සහ සමාජීය වශයෙන් කාන්තාවන්ට තවමත් තියෙන්නේ ඉතා අඩු සැලකිල්ලක්. කාන්තාවන්ට යමක් කරන්න පුළුවන් කියලා පෙන්වන්නවත් කිසිම අවස්ථාවක් දේශපාලන පක්ෂවලින් මේ වන තෙක් ලබා දීලා නැහැ."" ""සියයට 30ක් 40ක් කාන්තා නියෝජනය ලබා දෙනවා කිව්වට ඒ සියල්ල ඉලක්කම්වලට විතරක් සීමා වෙලා. වෘත්තීය සමිතියක් තුළ වත් ප්‍රධාන නිලතල කිසිවක් කාන්තාවන්ට ලබා දෙන්නේ නැහැ."" ""කාන්තාවක් ඉදිරියට ඇවිත් ප්‍රසිද්ධියේ කතා කළාම ඒ කෙනාගේ වැරදි විතරයි සොයන්නේ. බොහොම දරුණු විදිහට එයාගේ චරිත ඝාතනය කරනවා. ගැහැණු ගැන මේ මිනිස්සුන්ගේ තිබෙන ආකල්ප වෙනස් වෙන්න ඕනේ. එහෙම නැතුව කවදාවත් මේ රට ඉදිරියට යන්නේ නැහැ."" 'ජාතික ජන බලවේගය' ""රෑ වෙලා පිරිමි දෙතුන් දෙනෙක් එක්ක පාරේ ගියොත් පහුවදා ගමට යන්න බැරි රටක් මේක. එහෙම රටක කාන්තාවන් ඉදිරියට එන එක අමාරුයි තමයි, හැබැයි අපි වැඩසටහන් නොනවත්වා ක්‍රියාත්මක කරනවා,"" ඇය පැවසුවාය. මේ තොරතුරුද කියවන්න: ලොව බලවත් වූ කාන්තාවන් ලොව පළමු අගමැතිනිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක තේරී පත්වූයේ මීට අවුරුදු 59ට පෙර එනම්, 1960දී ය. එතැන් සිට අවුරුදු 34 ක් ගෙවී ගිය තැන ඇයගේ දියණිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1994 දී අගමැතිනිය ලෙස පත්වීමෙන් නොනැවතී රටේ ප්‍රථම විධායක ජනාධිපතිනිය ලෙස තේරී පත් වුවාය. එතැන්සිට ඇය 2015 නොවැම්බර් මස දක්වා රට පාලනය කළාය. සිරිමාවෝ බණ්ඩාරනායක සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක සමාජ ක්‍රියාකාරිනියක හා මැතිවරණ නිරීක්ෂිකාවක වන කේපී සෝමලතා ප‍්‍රකාශ කළේ, ""දේශපාලනය කියන්නේ, කාන්තාවට අයිති දෙයක් නෙවෙයි කියලා තමයි සමාජයේ ආකල්පය හැදිලා තියෙන්නේ. කාලයක් අපේ අම්මලාව මරණාධාර සමිතියකටවත් ගෙදරින් යැව්වේ නෑ, මොකද ගෑණුන්ට තීන්දු තීරණ ගන්න බෑ කියලා තමයි අදහස තිබුණේ."" මෙම තත්ත්වය යටතේ බහුතරයක් කාන්තාවන් සිය දේශපාලනික අදහස් සහ මතවාද තමන් තුළම නිහඬ කර ගැනීම සාමාන්‍ය සමාජයේ කාන්තාවන් අතර දක්නට ලැබෙන්නකි. දේශපාලන රැස්වීම්වලට පමණක් නොව ඇය සමාජීය සහ දේශපාලනිකව සවිබල ගැන්විය හැකි කිසිදු අවස්ථාවකට සහභාගි වීමට කාන්තාවට ඇති අවස්ථාව පවා අහිමි වීම සෑම සමාජ ස්ථරයකම අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන්නකි. යුරෝපීය රටවල් බොහොමයක පාර���ලමේන්තුවේ කාන්තා නියෝජනය 30% වඩා වැඩි බව සංඛ්‍යාලේඛන අනුව පෙනී යයි. තවමත් බොහෝ රටවල නායකත්වයට පුරුෂයන් පත්වී සිටිය ද 2018 වර්ෂය වන විට රටවල් 21ක කාන්තා නායකත්වයක් දැකිය හැකි විය. නමුත්, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5%ක් වන විට පළාත් සභා මට්ටමේදී එය 4%ක් ද ප‍්‍ර‍්‍රාදේශීය මට්ටමේදී එය 1.8% ක් වැනි සුළු ප්‍රමාණයකට සීමා වී තිබේ. අසල්වැසි දකුණු ආසියානු රටවල් සමග සංසන්දනය කරන විට ද ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කාන්තා නියෝජනය සාපේක්ෂව අවම බව පෙනේ. නේපාලයේ ජාතික මට්ටමේ දේශපාලනයේ කාන්තා නියෝජනය 32% ක් වන අතර බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ එය පිළිවෙලින් 19% ක් සහ 10% කි. ""දැන් ඉන්න අයගේ නම්වත් දන්නේ නැහැ"" ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දැනට සිටින කාන්තාවන්ගේ නම් පමණක් නොව රූපයෙන් හෝ නොදන්නා බව බීබීසී සිංහල සේවය කළ විමසීමක දී දැනගත හැකි විය. බොහෝ දෙනෙක් අදාළ කාන්තා දේශපාලනඥයින් නියෝජනය කරන්නේ පාර්ලිමේන්තුව ද නැත්නම් ප්‍රාදේශීය බල ප්‍රදේශයක්දැයි දැන නොසිටියහ. ""කාන්තාවන් බොහෝ විට නිවසට කොටු කර තැබීම මේකට තව හේතුවක් විදියට දකින්න පුළුවන්. ගැහැණු ඉන්නේ ළමයි සහ මහත්තයා බලාගෙන නිවසට වෙලා ඉන්න කියන ආකල්පය තවමත් ග්‍රාම්‍ය වගේම නගරබද සමාජයේත් දකින්න ලැබෙනවා,"" යැයි විශ්‍රාමික ගුරුවරයෙකු වන නිහාල් හේරත් බීබීසී සිංහල සේවයට පැවසීය. ""ලංකාවේ ඉන්න උගතුන්ගෙන් වැඩි දෙනෙක් කාන්තාවන්. නමුත් දේශපාලන පක්ෂවලින් ඔවුන්ට අවස්ථා ලබා දෙන්න උනන්දු වෙන්නේ නැහැ. මේකට තව හේතුවක් ගොඩක් පුරුෂයන් කාන්තාවන්ගේ උගත්කමට බයයි. ඒ වගේම කාන්තාවක් තවත් කාන්තාවක් ඉදිරියට ගෙන ඒමට ක්‍රියා නොකිරීමත් අපේ රටේ බහුලව දකින්න පුළුවන්."" මේ අතර, වර්තමානයේ පාර්ලිමේන්තුව පමණක් නොව ප්‍රාදේශීය මට්ටමේ කාන්තා දේශපාලනඥයින් පවා කැපී පෙනෙන ආකාරයෙන් ක්‍රියා නොකිරීම කාන්තා නියෝජනය වර්ධනය කර ගැනීමට බාධාවක් වී ඇති බව ඔහු පැවසුවේය. ""කොහොම වුණත්, ලෝකයේ දියුණුම රටවල්වල කාන්තා නියෝජනය 30% පහු කර තිබෙද්දී අපි තවමත් කාන්තා නියෝජනය වෙනුවෙන් සටන් කරනවා. රටේ 52%ක් හරියාකාරව නියෝජනය වෙන්නේ නැත්නම් ඒ රට දියුණු වෙයි ද? ආකල්ප වෙනස් කර ගන්නම වෙනවා. නැත්නම් අපිට මේ මඩගොහොරුවෙන් කවදාවත් එළියට ඒමක් නැහැ,"" ඔහු තවදුරටත් පැවසීය. තවත් තොරතුරු:" +ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස පාර්ලිම��න්තු තේරීම් කාරක සභාවක් පත් කොට තිබියදී හදිසියේම එය සංශෝධනය කිරීමට දැරෙන උත්සාහයට විරෝධය පළ කළ බව ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙක් පවසයි.,"එම විරෝධය සඳහන් කරමින් තිස්ස විතාරණ සහ ඩිව් ගුණසේකර ඇමතිවරුන් සමඟ එක්ව සකස් කළ සංදේශයක් කැබිනට් මණ්ඩලයට භාර දුන් බවයි, ජාතික භාෂා සහ ඒකාබද්ධතා පිලිබඳ අමාත්‍ය වාසුදේව නානායක්කාර බීබීසී සංදේශයට කියා සිටියේ. එමෙන්ම පළාත් දෙකක් ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් පළාත් සභා පණත සංශෝධනය කිරීම ප්‍රමාණවත් අතර, ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අවශ්‍ය නම් තේරීම් කාරක සභාවට යොමු කළ යුතු බව තම ලිපියේ සඳහන් කළ බවත් ඔහු පැවසීය. විශේෂ පණතක් පළාත් සභාවලට බලය බෙදා හැරුණු 13 වැනි සංශෝධනය යලිත් වරක් සංශෝධනය කිරීමේ උත්සාහයට තමන් විරෝධය පළ කළ අතරවාරයේ, සන්ධානයේ පාර්ශ්වකාර පක්ෂ කිහිපයක් එම උත්සාහයට සහාය දක්වමින් කැබිනට් රැස්වීමේදී අදහස් පළ කළ බවද ඇමතිවරයා සඳහන් කළේය. පළාත් සභාවලට ඒකාබද්ධ වීමට ඇති ඉඩ කඩ සැලසෙන බලතල විශේෂ පණතක් මගින් ඉවත් කිරීමට තීරණය කළ බව රජය නිවේදනය කළේය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කෙරෙන වෙනස්කම් පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකදී සාකච්ජා කිරීමටත් ඉන් අනතුරුව තීරණයක් ගැනීමටත් අමාත්‍ය මණ්ඩලය එකඟ වූ බවයි, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බ්‍රහස්පතින්දා පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් බහුතරයක් කැබිනට් රැස්වීමේදී නිහඬව සිටි බැවින් බ්‍රහස්පතින්දා පැවති කැබිනට් රැස්වීමේදී අදාළ සංශෝධනය සම්බන්ධයෙන් සම්මුතියක් ඇති නොවූ බව ද, අමාත්‍ය වාසුදේව නානායක්කාර සංදේශයට කියා සිටියේය. ""අපේ විරෝධය අපි ඉවත් කර ගන්නේ නෑ,"" ඔහු පැවසීය. දහතුන් වෙනි ආණ්ඩු ක්‍රම සංශෝධනයට කෙරෙන වෙනස්කම් පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවකදී සාකච්ජා කිරීමකින් තොරව කෙරෙන වෙනස්කම් වලට තමන්ද එරෙහි වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ද පවසයි. තම ස්ථාවරය දැනටමත් ජනාධිපති වරයාට දැන්වීමට කටයුතු කොට ඇති බව, මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවූෆ් හකීම් පසුගියදා බීබීසී සංදේශයට කියා සිටියේය." +එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂකයා වෙනුවෙන් මැතිවරණ නීතියට පටහැණි ජංගම ඩිජිටල් ප්‍රචාරක චිත්‍රපට ප්‍රදර්ශන වැඩ පිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.,"ඩිජිටල් තිර සවි කර ඇති වාහන මහජනයා බහුලව රැස් වෙන ස්ථාන වල නතර කොට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයාට වාසි සැලසෙන ප්‍රචාරක චිත්‍රපට ප්‍රදර්ශන කෙරෙමින් පවතින බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ උපුල් ජය සූරිය බීබීසිය සමඟ සාකච්ඡාවක දී කියා සිටියේ. ‘කොළඹ නගරයේ පමණක් ස්ථාවර ඩිජිටල් තිර පහළොවක් පමණ ක්‍රියාත්මක වෙනවා. මේ ඩිජිටල් තිර එකක් වෙනුවෙන් රුපියල් මිලියන ගණනින් වියදම් වෙනවා. ඒ අතරයි, ජංගම ඩිජිටල් ප්‍රචාරක චිත්‍රපට ප්‍රදර්ශන වැඩ පිළිවෙළකුත් ප්‍රසිද්ධ ස්ථානවල ක්‍රියාත්මක කෙරෙන්නේ. එය පොලිසිය නො දන්නවා නොවෙයි’ නීතිඥ උපුල් ජයසූරිය පවසයි. එක්සත් ජනතා සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂකයා ගේ ප්‍රචාරක වැඩ පිළිවෙලේ කොටසක් හැටියට කොටි සංවිධානය සමඟ යුද හමුදාව සිදු කළ යුද්ධයේ දර්ශන ඉහත කී ඩිජිටල් තිර මගින් ප්‍රදර්ශනය කෙරෙන බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ. පොලිසියේ යුතුකම පොලිස් ආඥා පනතේ 74 වගන්තියේ පස් වෙනි උප වගන්තිය අනුව එවැනි කවරාකාර වූ හෝ ඩිජිටල් ප්‍රකාශන තිර ඉවත් කිරීමට පොලිසියට යුතුකමක් ඇති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙයි. ‘කිසිදු අපේක්ෂකයකුගේ ප්‍රවර්ධනය සඳහා දැන්වීම් ,කටවුට් සහ ඩිජිටල් ස්ක්‍රීන් ආදිය යොදා ගනු ලැබීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක්. එවැනි ක්‍රියාවන්ට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණය ඉදිරියේ කරුණු ගොණු කොට ඒ බව පෙන්වා දී තිබෙනවා’ ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ස්ථිරව අටවන ලද ඩිජිටල් තිර වෙනුවට දැන් ජංගම ඩිජිටල් ප්‍රචාරක රථ යොදා ගැනීම් ගැන වාර්තා වෙමින් පවතින බව පැෆරල් මැතිවරණ නිරීක්ෂණ ආයතනය ද පවසයි. එම ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවක දී කියා සිටියේ දස දහසකට අධික ජනකායක් රැස් වෙන බෙල්ලන්විල උද්‍යාන පරිසරයෙහි ඒ වන විටත් ඩිජිටල් ජංගම ප්‍රචාරක දර්ශනයක් පැවැත්වෙන බව තමාට වාර්තා වී ඇති බවයි. මැතිවරණ නිරීක්ෂකයන් ‘බෙල්ලන්විල උද්‍යානයේ විවේකය ගත කිරීමට පැමිණෙන ජනතාව ඉලක්ක කර ගනිමින් යුද ජයග්‍රහණය සහ ඒ ආශ්‍රිත දේවල් හුවා දැක්වෙන ප්‍රචාරක චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙන බව මට වාර්තා වී තිබෙනවා. එම ස්ථානයේ පමණක් නොව තවත් බොහෝ ස්ථාන ද ඒ සඳහා යොදා ගනිමින් පවතිනවා’ පැෆරල් මැතිවරණ නිරීක්ෂණ ආයතනයේ වි��ායක අධ්‍යක්ෂවරයා කියා සිටියි. යුද ජයග්‍රහණය ප්‍රදර්ශනය කරනු ලැබීම බැලූ බැල්මට වරදක් නොවන නමුත් මෙය පාවිච්චි කරනු ලබන්නේ එක් ජනාධිපති ධුර අපේක්ෂකයකු ගේ දේශපාලන වාසිය සඳහා වීම සමාජය තුලින් මතු වෙන ප්‍රශ්නය වන බවයි ඔහු පෙන්වා දෙන්නේ. මහජනතාව විවේකය ගත කිරීමට පැමිණෙන ස්ථානවල එවැනි ප්‍රචාරක කටයුතු සිදු කිරීම කොතරම් සුදුසුද? එසේම එවැනි ක්‍රියාවන්හි නීත්‍යනුකූලභාවය ආදී ගැටළු මතු වෙන බවත් පැෆරල් ආයතනය පවසයි. එවැනි නීතියට පටහැණි ප්‍රචාරක කටයුතු මහජනතාවගේ නිදහස් ඡන්ද අයිතියට බාධාවක් වන බව සැලකිල්ලට ගත යුතු බවත් පැෆරල් මැතිවරණ නිරීක්ෂණ ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දෙයි." +දූෂණයට ලක් වූ 13 හැවිරිදි දියණියගේ දරු ගැබ ගබ්සා කිරීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටිමින් ඇයගේ දෙමාපියන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.,"මුම්බායි නගරයේ වෙසෙන එම දැරියගේ දරු ගැබට මේ වන විට සති තිහක් පිරී තිබේ. ඉන්දීය නීතිය අනුව සති 20 කට වැඩි දරු ගැබක් ගබ්සා කිරීමට අවසර ලැබෙන්නේ එමගින් මවගේ ජීවිතයට අනතුරක් තිබෙන්නේ නම් පමණය. දැරිය ගැබ් ගෙන තිබෙන බව හෙළි වී තිබෙන්නේ සිය දියණිය 'ස්ථුලභාවයට' ප්‍රතිකාර ලබාගැනීම පිණිස දෙමාපියන් වෛද්‍යවරයෙකු හමු වූ අවස්ථාවේය. සිය පියාගේ මිතුරෙකු තමන් දූෂණය කළ බව එහිදී දැරිය දෙමාපියන්ට හෙළි කර තිබේ. සැකකරු දැන් අත්අඩංගුවේ පසුවේ. දූෂණයට ලක් වූ 13 හැවිරිදි දැරියගේ දෙමාපියන් අධිකරණය වෙත එම ඉල්ලීම කර තිබෙන්නේ, සිය මාමා කෙනෙකු විසින් දූෂණය කරන ලද උතුරු ඉන්දීය චන්දිගාර් නගරයේ වෙසෙන දස හැවිරිදි දැරියක බිලිඳියක ප්‍රසූත කිරීමෙන් දින කිහිපයකට පසුවය. ඉන්දියාව තුළ සෑම විනාඩි 155 කට වරක්ම 16 වෙනි වියට අඩු දැරියක් දූෂණයට ලක් වේ වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් මත එම දැරියගේ දරු ගැබ ගබ්සා කිරීමට දෙමාපියන් කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කිරීම ලොව පුරා ජනමාධ්‍යවල ප්‍රධාන සිරස්තලයක් බවට පත්විය. සිය සුළු පියා විසින් දූෂණය කරන ලද බව සැලකෙන හර්යානා නගරයේ වෙසෙන තවත් දස හැවිරිදි දැරියකගේ දරු ගැබ ගබ්සා කිරීමට පසුගිය මැයි මාසයේ අධිකරණයේ අනුමැතිය හිමිවිය. ගබ්සාව සහ ශ්‍රී ලංකාව සෞඛ්‍ය හේතූන් මත මුම්බායි නගරයේ වෙසෙන 13 හැවිරිදි දැරියගේ දරු ගැබ ගබ්සා කරන මෙන් තමන් නිර්දේශ කළ බව, ඇය පරීක්ෂා කළ මුම්බායි නගරයේ නාරි වේද විශේෂ��� වෛද්‍යවරයෙකු වන වෛද්‍ය නිකිල් ඩටාර් බීබීසී යට පැවසීය. ශ්‍රී ලංකාව තුළ ගබ්සාව නීතියෙන් තහනම් කර තිබෙන නමුත් නීති විරෝධී ලෙසින් ශ්‍රී ලංකාව තුළ දිනෙකට ගබ්සා 650 ක් පමණ සිදුවන බව පර්යේෂණවලින් හෙළි වී තිබේ. මේ අතර විශේෂිත අවස්ථාවන් හිදී ගබ්සාව සඳහා අවසර දීමේ යෝජනාවකට ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය පසුගියදා අනුමැතිය පළ කළේය. එම යෝජනාවට වෛද්‍ය විශේෂඥයන් ද සහාය පළකරන නමුත් ශ්‍රී ලංකා කතෝලික සභාව එම යෝජනාව දැඩිව හෙළා දැක තිබේ. නව යෝජනාව අනුව ලිංගික අතවරයකට ලක්ව ගැබ් ගත්තේ නම් හෝ ඉපදීමට නියමිත දරුවා මාරාන්තික උපත් ආබාධයකින් යුක්ත නම් මවගේ කැමැත්ත මත කළලය ගබ්සා කිරීමට නීතියේ අනුමැතිය හිමිවේ. ඒ සඳහා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකුගේ අනුමැතිය ලැබිය යුතු අතර, සැත්කම සිදු කළ යුත්තේ රජයේ රෝහලකදී පමණි. කෙසේ වෙතත් ""ශුද්ධවත් ජීවිතය කෙලසීමට පිළිසිඳ ගත් මොහොතේදී පවා අයිතියක් නොමැති බව,"" ඒ පිළිබඳව ප්‍රතිචාරය පළකරමින් කතෝලික රදගුරු සම්මේලනය නිකුත් කළ නිවේදනයක සඳහන් විය. ෆේස්බුක් ඔස්සේ බීබීසී සිංහල සේවය සමග ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කරන බොහෝ දෙනා විශේෂිත අවස්ථාවන් හිදී ගබ්සාව සඳහා අවසර දීමේ යෝජනාව පිළිබඳව ප්‍රසාදය පළ කර තිබුණි. එහෙත් එයට විරුද්ධව අදහස් දක්වන්නන් නව නීතිය සම්මත වුවහොත් එය අනිසි ලෙස ක්‍රියාවට නැගීමේ හැකියාව පිළිබඳව අනතුරු අඟවා තිබුණු අතර, ප්‍රාණඝාතයට කිසිදු ලෙසකින් අවසර නොදීමේ අවශ්‍යතාවය අවධාරණය කර තිබුණි." +පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් පාසල් අධ්‍යාපනය අහිමි වී සිටින කුලියාපිටියේ දරුවාට එච්අයිවී ආසාදනය වී නොමැති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ පවසයි.,"දරුවාගේ පියා කලකට පෙර මිය ගොස් ඇති අතර සිය සැමියා එච්අයිවී ආසාදිතයකු බවට රාවයක් පැතිර ගොස් ඇති බවයි දරුවාගේ මව මීට ඉහතදී සංදේශයට කියා සිටියේ 'එච්අයිවී තිබුණා වුනත් කිසිම දරුවකුට පාසල් අධ්‍යාපනය ලබන්න තිබෙන අයිතිය නැති කරන්න බැහැ. දැන් ලංකාවේ එක දරුවෙක් නොවෙයි. එච්අයිවී ආසාදිත වූ දරුවන් රාශියක් ඉන්නවා. ඔවුන් පාසල් යනවා. ඔවුන් මිය යන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා' විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ සඳහන් කළේය. පසුගිය බ්‍රහස්පතින්දා දරුවා පාසලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සෙසු දරුවන්ගේ දෙමව්පියන් ඊට වි��ෝධය පළ කරමින් සිය දරුවන් පාසල වෙත රැගෙන ඒමෙන් වැළකී සිටියේ ඔහුට එච්අයිවී ආසාදනය වී ඇතැයි පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙනුයි. ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව දැනුවත් කොට කරුණු පහදා දීමට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් ක්‍රියා කොට ඇතත් ඇතැම් පිරිස් එම දුර්මතයේ තවමත් එළඹ සිටින බවයි විශේෂඥ වෛද්‍යවරයා බීබීසී සංදේශයට කියා සිටියේ. දුර්මත ''ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් මැදිහත් වෙලා ඒ දෙමව්පියන් හමු වෙලා, සාකච්ඡා කරලා, මේ කරුණු පහදලා දෙන්න උත්සාහ කළා. නමුත් කොතරම් පහදලා දුන්නත් සමහර පුද්ගලයන් එය පිළිගැනීමට සුදානම් නැහැ.'' නාගරික ජනතාවට සාපේක්ෂව ග්‍රාමීය ජනතාව එච්අයිවී වෛරසය සම්බන්ධයෙන් දැනුවත් නොමැති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් සංදේශය කළ විමසීමේදී විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ සඳහන් කළේ එච්අයිවී වසංගතය පැතිර යෑම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව හැකි උපරිමයෙන් කටයුතු කරමින් සිටින බවයි. ''සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සමහර වෙලාවට අවශ්‍ය තරමට කෙරෙන්නේ නැතුව ඇති. ඒ සඳහා ගත යුතු ක්‍රියා මාර්ග තව උත්සන්න කළ යුතු බවට කිසිම වාදයක් නැහැ.'' ශ්‍රී ලංකාව තුළ පවතින එච්අයිවී වසංගතයේ මට්ටම විද්‍යාත්මකව තක්සේරු කොට ඒ මත පිහිටා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් රට තුල එච්අයිවී ආසාදිතයන්ගේ සංඛ්‍යාව අවම මට්ටමක තබා ගැනීමට හැකි වී ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි." +යාපනය පුන්ගුඩුතිව් හි විද්‍යා සිවයෝගනාදන් පාසල් දැරිය දූෂණය කොට මරා දැමීම හෙලා දැක අද මඩකලපුව දිස්ත්‍රිකයේ ‘හර්තාල්’ ’ව්‍යාපාරයක් පැවැත්විණ.,"මෙම ‘හර්තාල් ’ව්‍යාපාරය හේතුවෙන් දිස්ත්‍රිකයේ දෛනික කටයුතු අඩපණව පැවතී බවයි අප වාර්තාකාරිය ශාන්ති සෙල්ලදොරේ ප්‍රකාශ කළේ. ‘නාම් ද්‍රවිඩ තමිලර්කලින් පෝර් වාල්’ යන නමින් නිකුත් කළ අත් පත්‍රිකාවක් මගින් මෙම විරෝධතාව කැඳවා තිබිණ. “ඝාතකයන්ට ඉහළම දඬුවම ලබා දිය යුතුයි; ඝාතකයන් වෙනුවෙන් නීතිඥවරුන් පෙනී නොසිටිය යුතුයි.” යන ඉල්ලීම් ද එම අත් පත්‍රිකාවේ අවධාරණය කර තිබේ. මඩකලපුව දිස්ත්‍රිකයේ, මඩකලපුව නගරය, වාලච්චේනයි, චෙන්කලඩි ,කලවන්චිකුඩි ඇතුළු බොහෝ ප්‍රදේශවල ශිෂ්‍යයන් නොපැමිණීම හේතුවෙන් පාසල් නොපැවැත්විණ. කඩ සාප්පු, පෞද්ගලික ආයතන, මුල්‍ය ආයතන වසා දමා තිබුණ අතර රජයේ කාර්යාල සහ බැංකු කටයුතු ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූයේ න��ත. දුර ප්‍රවාහන සේවාවන් සීමා වී තිබුණ අතර අභ්‍යන්තර ප්‍රවාහන සේවාවන් අඩාළ වී තිබිණ. විද්‍යා සිවයෝගනාදන් පාසල් දැරියගේ ඝාතනයට යුක්තිය ඉල්ලා චෙන්කලඩි, වන්දාරමුල්ල සහ කල්ලඩි ඇතුළු බොහෝ ප්‍රදේශවල උද්ඝෝෂණ හා පෙළපාලි පවත්වා තිබුණ බවයි අප වාර්තාකාරිය පැවසුවේ. දිස්ත්‍රිකයේ පොලිස් ආරක්ෂාව තර කර තිබූ බවත් ඇය සඳහන් කළාය. ." +සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍ර‍හණයේ තිබූ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලය සහිත ඉන්ධන නැව කොන්දේසි විරහිතව මුදා හැර ඇතැයි වාර්තා වේ.,"කොල්ලකරුවෙකු උපුටා දක්වන රොයිටර් පුවත් සේවය පැවසුවේ, කප්පම් ගැනීමකින් තොරව නැව මුදා හැර ඇති බවය. කොල්ලකරුවන් වෙත සැපයුම් රැගෙන බෝට්ටුවක් යාත්‍රා කළ අවස්ථාවේදී, කොල්ලකරුවන් හා නාවික බලකාය අතර වෙඩි හුවමාරුවක් සිදු විය. මේ පිළිබඳව අදහස් පළ කළ සෝමාලියාවේ පුන්ට්ලන්ඩ් කලාපීය සමුද්‍රීය බලකායේ අධ්‍යක්ෂ ජනරාල් අබ්ඩිරහමන් මොහමුඩ් හසන් ""වෙඩි හුවමාරුවෙන් පසුව සාකච්ඡා පැවැත්වුණා. අපි අපේ හමුදාව ආපසු ගෙන්වාගත් අතර කොල්ලකරුවන් පිටව ගියා"" යැයි පැවසීය. කෙසේවෙතත්, වසර ගණනක් සෝමාලියාවේ කොල්ලකරුවන්ගෙන් ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ සාකච්ඡාවල යෙදුණු හිටපු බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙකු වන ජෝන් ස්ටීඩ් AFP ප්‍ර‍වෘත්ති සේවය වෙත පැවසුවේ, කොල්ලකරුවන්ට ප්‍ර‍තික්ෂේප කළ නොහැකි ආකාරයේ දෙයක් ඔවුන් වෙත ඉදිරිපත් කෙරෙන්නට ඇති බවය. බීබීසී වෙත වාර්තා වූ ආකාරයට ඊයේ (මාර්තු 16) ඇති වූ වෙඩි හුවමාරුවේදී සිවු දෙනෙකුට තුවාල සිදු වී තිබිණ. ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකුගෙන් යුත් නැව කොල්ලකරුවන්ගේ ග්‍ර‍හණයට හසුවන විට ජිබුටි හි සිට සෝමාලියාවේ මොගඩිෂු දක්වා යාත්‍රා කරමින් පැවතියේය. වෙඩි හුවමාරුවක් මෙය 2012 වසරෙන් පසු සෝමාලියානු මුහුදු තීරයේදී වාර්තා වූ පළමු නෞකා පැහැරගැනීම වේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ඉන්ධන ප්‍ර‍වාහණය කරමින් තිබූ අදාළ නැව කවර ධජයක් යටතේ යාත්‍රා කරමින් පැවතියේද යන්න පිළිබඳ පරස්පර වාර්තා පළ විය. මුලින්ම වාර්තා වූයේ එය ශ්‍රී ලංකාවේ ධජය යටතේ යාත්‍රා කළ බවකි. කප්පම් ගැනීමේ අභිලාෂය ඇතිව සෝමාලියානු මුහුදු තීරය තුළ සාමාන්‍යයෙන් මුහුදු කොල්ලකෑම් ක්‍රියාත්මක වුවද මෑත කාලීනව එහි අඩුවීමක් දක්නට ලැබිණ. ජාත්‍යන්තර හමුදා මුර සංචාර මෙන්ම ප්‍රදේශයේ ධීවර ප්‍ර‍ජාවට ලැබුණු සහාය ඊට හේතු විය. කප්පම් කොල්ලකෑම් උත්සන්නව පැවති 2011 වසර සමයේදී පැහැරගැනීම් 237ක් වාර්තා වූ අතර වාර්ෂික මුහුදු කොල්ලකෑම්වල මූල්‍යමය වටිනාකම ඩොලර් බිලියන 8 (පවුම් බිලියන 7) දක්වා ඉහළ නැංවිණ. රැකියා ජනනය කිරීමට, මුහුදු තීරයේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම නීති විරෝධී මසුන් මැරීම මර්දනයට ජාත්‍යන්තර සහාය නොලැබෙන්නේ නම් මුහුදු කොල්ලකෑම් යළි ඉස්මතු විය හැකි බවට 2015 දී සෝමාලියානු බලධාරීන් අනතුරු ඇඟවීය. නීති විරෝධී ධීවර යාතා විසින් සිය ජීවනෝපාය බිඳ දැමනු ලැබීම හේතුවෙන් ඇතැම් සෝමාලි ධීවරයෝ මුහුදු කොල්ලකෑම්වලට නැඹුරු වී ඇති අතර වසර ගණනක ගැටුම්වලින් අනතුරුව ප්‍රදේශයේ වෙරළාරක්ෂක සේවයක් නොවන පසුබිම තුළ එය වඩා හොඳින් වර්ධනය වී ඇත. නෞකාව පැහැරගනු ලැබූ කණ්ඩායමේ නායකයා බව පැවසෙන අබ්ඩිෂාකුර් මොහොමෙද් ඉසේ බීබීසී වෙත අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රදේශයේ වැඩිහිටියන් ගේ පෙළඹවීම මත ඉන්ධන නෞකාව නිදහස් කිරීමට තමන් කටයුතු කළ බවය. ""අපි නැවෙන් කිසිම කප්පම් මුදලක් ලබා ගත්තේ නැහැ. මට ස්ථීර වශයෙන් කියන්න පුළුවන් අඩුම තරමේ ඔවුන් වෙතින් ඩොලර් සීයක්වත් ලැබුණේ නැහැ. නැවේ හිමිකරුවන් සමග අපි සාකච්ඡා කළේවත් ඔවුන්ගෙන් කප්පම් මුදල් ඉල්ලුවෙවත් නැහැ"" ""අපි ප්‍රදේශයේ වැඩිහිටියන් සමග කතා කළා, අපේ දුක්ගැනවිලි ඔවුන්ට කිව්වා. අපට කප්පම් ඕනි නැහැ, නමුත් මේ ප්‍රදේශයේ සිදු වන නීති විරෝධී මසුන් මැරීම සහ විෂ ද්‍රව්‍ය මුහුදට මුදා හරින නැව් ගැන ලෝකෙට කියන්න අවශ්‍ය බව අපි ඔවුන්ට කිව්වා"" යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය." +මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීම සඳහා රජය ගෙන ඇති තීන්දුවට විරෝධය පළ කොට මුස්ලිම් වැසියන් පිරිසක් ඊයේ (නොවැම්බර් 11) අම්පාර සමන්තුරේදී උද්ඝෝෂණයේ යෙදුනහ.,"GSP+ සහනය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත ඉදිරිපත් කොට ඇති කොන්දේසි පිළිගෙන අදාළ පනත සංශෝධනය කිරීමට පාලකයන් උත්සාහ කරන බව උද්ඝෝෂණය සංවිධානය කළ ශ්‍රී ලංකා තව්හිජ් ජමාත් සංවිධානය පවසයි. ඒ හරහා යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වන බවට තව්හිජ් ජමාත් සංවිධානය චෝදනා කරයි. ""ශ්‍රී ලංකා මුස්ලිම් ජනතාවගේ සිවිල් නීතියේ කොටසක් වන මුස්ලිම් විශේෂ නීතියේ ප්‍රධානතම අංගයක් වන මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතියේ යම් සංශෝධන සිදු කළ යුතුයි කියලා යුරෝපා සංගමය කොන්දේසි පනවලා තිබෙනවා,"" තව්හිජ් ජමාත් සංවිධ���නයේ අබ්දුල් රශාක් පැවසීය. ""මුස්ලිම් ජනතාව විවාහ විය යුත්තේ කෙසේද කියලා ශුද්ධ වූ කුරානය අනුව අනුගමනය කිරීම ඉස්ලාම් ධර්මයේ අනිවාර්ය යුතුකමක්, අපට ඕනේ ශ්‍රී ලංකාවේ තිබෙන සිවිල් අයිතිවාසිකම් ඉස්ලාමීය ධර්මානුකූලව ඉෂ්ට කර ගන්නයි "" ඔහු වැඩිදුරටත් කියා සිටියේය. මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීම සලකා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට පසුගියදාකැබිනට් අනුමැතිය හිමි විය. මුස්ලිම් නීතිය යටතේ විවාහ විය යුතු අවම වයස් සීමාව සහ එම නීතිය යටතේ ආවරණයවන ඇතැම් කරුණු සම්බන්ධ විධිවිධාන ශ්‍රී ලංකාව ද පාර්ශ්වකරුවකුවන ඇතැම් ජාත්‍යන්තර ප්‍රඥප්තිවල නිශ්චිතව දක්වා ඇති නියාම ධර්මවලට අනුකූල නොවන බැවින් එම විධිවිධාන සංශෝධනය විය යැතු යැයි හඳුනාගෙන ඇති බව එහිදී ප්‍රකාශ විණ." +පොලීසිය විසින් පසුගියදා අත් අඩංගුවට ගන්නා ලද යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් සිවු දෙනකු වැලිකන්ද හමුදා කඳවුරේ රඳවා ගැනීමත් සමගම යාපනය පුරා බියජනකවාතාවරණයක් මතුවෙමින් තිබෙන බව යාපන විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය අනතුරු අඟවයි.,"විශ්ව විද්‍යාලයට ආරක්ෂක අංශ කඩා වැදීමට එරෙහිව ශිෂ්‍යයන් උද්ඝෝෂණයේ යෙදීමෙන් අනතුරුවයි, ඔවුන් අත් අඩංගුවට ගැනුනේ මේ තත්ත්වය යටතේ බොහෝ සිසුන්විශ්ව විද්‍යාලය හැර යාමට සහ ඇතැම් විට රට අත්හැර යාමට පවා පෙලැඹී සිටින බවයි, ආචාර්ය සංගමයේ සභාපති පරමේශ්වරන් තමෝදරන් පවසන්නේ. ශිෂ්‍ය නායකයන් ඇතුළු යාපන විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් 10 දෙනකු පොලීසිය විසින් පසුගියදා අත් අඩංගුවට ගන්නා ලද අතර ඒ අතරින් ශිෂ්‍යයන් හය දෙනකු සඳුදා නිදහස් කොට තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත් අඩංගුවට ගන්නා ලද ශිෂ්‍යයන් පිරිස කොළඹට ගෙන ගොස් ඉන්පසුව ඔවුන් වවුනියාවේ රඳවා සිටි බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා පසුගිය සතියේ සංදේශයට පැවසීය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත ඉතිරි ශිෂ්‍යයන් සිවු දෙනා වැලිකන්ද හමුදා කඳවුරේ රඳවා සිටින බව බලධාරීන් විසින් දෙමාපියන්ට දැනුම් දෙනු ලැබ තිබේ. පවතින වාතාවරණ පිළිබඳව ශිෂ්‍යයන් පමණක් නොව ඔවුන්ගේ දෙමාපියන් පවා තැති ගැනී සිටින බව බීබීසී සංදේශයට පැවසූ ආචාර්ය සංගම් සභාපතිවරයා, සියලුම ශිෂ්‍යයන් වහාම නිදහස් කරන මෙන් තම සංගමය ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු බලධාරීන්ගෙන් මේ වනවිටත් කිහිප වතාවක්ම ඉල්ලා තිබෙන බව ද සඳ���න් කළේය. බලධාරීන් සිය ඉල්ලීමට කන් නොදෙනු පමණක් නොව ආරක්ෂක නිලධාරීන් තවමත් නම් ලැයිස්තු රැගෙන ශිෂ්‍යයන්ගේ නිවෙස්වලට පැමිණ ඔවුන් පිළිබඳව සෝදිසි කරමින් සිටීම නිසා යාපනයම තැති ගෙන සිටින බවයි, ආචාර්ය සංගමයේ සභාපති පරමේශ්වරන් තමෝදරන් මාධ්‍යවේදී දිනසේන රතුගමගේට කියා සිටියේ. ශ්‍රී ලංකාවේ තවමත් ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ ඕනෑම පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන මාස 18 ක් දක්වා කාලයක්, චෝදනා ගොනු නොකොට, රඳවාගත හැකිය. යාපනය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර සියල්ල පොලීසිය සහ යුද හමුදාව විසින් පරීක්ෂා කිරීමට විරෝධය පළකිරීම පිණිස පෙළපාලියක ගමන් කරමින් සිටි සරසවි ශිෂ්‍යයන්ට පොලීසිය විසින් පහර දීමෙන් දින තුනකට පසුවයි, මෙම ශිෂ්‍යයන් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා" +ප්‍රංශ ජනාධිපතිවරණය එරටට පමණක් නොව යුරෝපයේ සහ බටහිර දේශපාලනයේ අනාගතයට බලපාන වැදගත් සාධකයකි.,"එම්මානුවෙල් මැක්‍රෝන් සහ මරීන් ල-පෙන් ජනාධිපතිවරණ අවසන් වටය සඳහා තරග කිරීමට නියමිතය ඊයේ (අප්‍රේල් 23) ජනාධිපතිවරණ පළමු වටයේ ඡන්ද විමසුම පැවති අතර ඒ සඳහා තරග කළ අපේක්ෂකයන් එකොළොස් දෙනෙකු අතරින් දෙදෙනෙක් ජනාධිපතිවරණ අවසන් වටය සඳහා තේරී පත් වූහ. ඒ අනුව මධ්‍යස්ථ මතධාරී එම්මානුවෙල් මැක්‍රෝන් සහ අන්ත දක්ෂිණාංශික නායිකා මරීන් ල-පෙන් ජනාධිපතිවරණ අවසන් වටය සඳහා තරග කිරීමට නියමිතය. එම්මානුවෙල් මැක්‍රෝන් දේශපාලනයට කෝඩුකාරයෙකු ලෙස සැළකෙන තිස්නව හැවිරිදි එම්මානුවෙල් මැක්‍රෝන් හිටපු බැංකුකරුවෙකි. ඔහු ජනාධිපතිවරණය සඳහා තරග කරන්නේ පිළිගත් දේශපාලන පක්ෂයක සහාය ද නොමැතිවය. පළමු වටයේ ඡන්ද විමසුමේ ප්‍රතිඵලවලට අනුව ඉහළින් සිටින එම්මානුවෙල් මැක්‍රෝන් මැයි 07 වෙනිදා පැවතීමට නියමිත ජනාධිපතිවරණයෙන් ජය ගතහොත් එරට එම ධුරයට පත්වන ලාබාලතම පුද්ගලයා ඔහු වනු ඇත. වසර හැටකට පසු ප්‍රංශයේ ප්‍රධාන වාමාංශික හෝ දක්ෂිණාංශික පක්ෂ නියෝජනය කරන අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයේ දෙවෙන වටය සඳහා තේරී පත් නොවූ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි. පළමු වටයේ ප්‍රකාශිත ඡන්දවලින් 23.8% දිනා ගැනීමට එම්මානුවෙල් මැක්‍රෝන් සමත් වූ අතර 21.5% ක ප්‍රතිශතයක් දිනා ගැනීමට මරීන් ල-පෙන් සමත් විය. මාධ්‍ය දක්ෂිණාංශික ෆ්‍රන්ෂුවා ෆියෝන් සහ අන්ත වාමාංශික ලුවෙක් මේලාෂෝ යන අපේක්ෂකයන්ට දිනා ගත හැකි වූය�� 20% ට අඩු ප්‍රතිශතයකි. මරීන් ල-පෙන් එම්මානුවෙල් මැක්‍රෝන්, ප්‍රංශයේ වත්මන් ජනාධිපති ෆ්‍රන්සූවා ඔලෝන්ද් ගේ ආර්ථික කටයුතු පිළිබඳ ඇමතිවරයා වශයෙන් කටයුතු කළ නමුත් එම ධුරයෙන් ඉවත්ව යුරෝපා සංගමයේ න්‍යාය පත්‍රයට හිතවාදී ලිබරල් මතවාදයට නැඹුරු 'එන් මාර්ෂ්' නමින් තමන්ගේම පක්ෂයක් පිහිටුවා ගත්තේය. සිය පියාගෙන් පසු 2011 වසරේ ජනවාරි මාසයේ දී ජාතික පෙරමුණේ (Front National) නායකත්වය භාර ගත් මරීන් ල-පෙන් ප්‍රාදේශීය මැතිවරණයේ දී විශාල වශයෙන් ජයග්‍රහණය කිරීමට සමත් වුවාය. සංක්‍රමණිකයන්ගේ පැමිණීමට තිත තබා නිදහස් වෙළෙඳාමට වැට බඳින බව පවසන ඇයගේ පක්ෂයේ මතය වී ඇත්තේ යුරෝපය සමග ප්‍රංශය සතු සබඳතා වෙනසකට ලක් කළ යුතු බවය." +"මේ වසරේ සරණාගතයන් 300,000 ක් ජර්මනියට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බව එරට සරණාගතයන් සඳහා වූ කාර්යාලයේ ප්‍රධානියා පවසයි.","අතිවිශාල සරණාගතයන් පිරිසක් පසුගිය වසරේ ජර්මනියට පැමිණි අතර ඒ අතරින් දස දහස් ගණනක් සරණාගතභාවය සඳහා ඉල්ලුම්කරනු ලැබ තිබේ. ෆ්‍රෑන්ක් ජුවෙජන් වේස් පුවත්පතකට පැවසුවේ තවතවත් සරණාගතයන් පැමිණියහොත් එය ගැටලුවක් වනු ඇති බවයි. එහෙත් අනුමාන කළ සංඛ්‍යාව පමණක් පැමිණෙනු ඇති බවට විශ්වාශයක් ඇති බවයි ඔහු පැවසුවේ. පසුගිය වසරේ පමණක් ලක්‍ෂ දහයකට වැඩි පිරිසක් මැදපෙරදිගින්, ඇෆ්ගනිස්ථානයෙන් සහ අප්‍රිකාවෙන් ජමනියට පැමිණ තිබේ. විරෝධතාකරුවන් 15 දෙනෙකු පමණ සෙනසුරාදා බ්‍රන්ඩේන්බර්ගර් ගේට් කුළුණ මතට නැගී විරෝධය දැක්වූයේ සරණාගතයන් පැමිණීම වලක්වා අනාගතය සුරක්ෂිත කරන ලෙස ඉල්ලමින් ජර්මනියේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ 390,000 ක පිරිසක් මේ වසරේ මුල් හයමසක කාලය තුළ පමණක් සරණාගතභාවය සඳහා අයදුම් කර ඇති බවයි. එහෙත් මේ අතරින් කොපමණ සංඛ්‍යාවක් 2015 වසරේ පැමිණියවුන්දැයි පැහැදිලි නැති බවයි ඔහු ප්‍රකාශ කළේ. මේ පිරිසගෙන් හැකි තරම් පිරිසක් රැකියාවෙළඳපලට යොමු කිරීමට කටයුතුකරන බවද ජුවෙජන් වේස් පැවසීය. සරණාගතයන් ජර්මානු සමාජයට අනුකලනය වීමට කලක් ගතවෙනු ඇති බවත් විශාල මුදලක් වැයවෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. මේ අතර මේ මාසයේ සිදුකළ සමීක්ෂණයකින් හෙළිවන්නේ ජර්මානු ජාතිකයන්ගෙන් භාගයකට වැඩි පිරිසක් ඇන්ජෙලා මර්කල් ගේ සරණාගත ප්‍රතිපත්තියට විරෝධය පළ කරන බවයි. ඒ අතරම සරණාගත විරෝධී කණ්ඩායම් වලට ලැබෙන සහයෝගයද වැඩිවෙමින් පවතින බවයි වාර්තාවන්නේ. අන්ත දක්ෂිණාංශික විරෝධතාකරුවන් 15 දෙනෙකු පමණ සෙනසුරාදා බ්‍රන්ඩේන්බර්ගර් ගේට් කුළුණ මතට නැගී 'ඉස්ලාම්කරණය'ට විරෝධය දැක්වූයේ සරණාගතයන් පැමිණීම වලක්වා අනාගතය සුරක්ෂිත කරන ලෙස ඉල්ලමින්" +යුද්ධය අතරතුර මානව හිමිකම් කඩ වී ඇත්නම් දේශීය අධිකරණ ක්‍රමවේදයක් හරහා යුක්තිය ඉටු කරන බව ‘මහින්ද චින්තන ලොව දිනන මඟ’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වේ.,"මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පසුගිය ජුලි මාසයේදීද දේශීය පරීක්ෂණයක් පවත්වන මෙන් ජනාධිපතිවරයා නියෝග කළේය. ජුලි පැවැත්වීමට නියෝග කළ එම දේශීය පරීක්ෂණයේත් ‘මහින්ද චින්තන ලොව දිනන මඟ’ නව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් දේශීය පරීක්ෂණයේත් වෙනස පැහැදිලි නැති බව ප්‍රංශ පුවත් සේවය පවසයි. නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දෙමින් සහ මාධ්‍ය නිදහස තහවුරු කරමින් යුද අපරාධ පරීක්ෂණයක් සඳහා වන ජාත්‍යන්තර පීඩනය පරාජය කරන බවටත් ජනාධිපතිවරයා ජනතාව හමුවේ ප්‍රතිඥා දෙයි. මේ අතර සමාජයේ සියලු පාර්ශවවල සහයෝගය ඇතිව නව ව්‍යවස්ථා සංශෝධනයකටද යන බව ‘මහින්ද චින්තන ලොව දිනන මඟ’ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. මහා සංඝරත්නය, ආගමික නායකයින්, බුද්ධිමතුන් සහ සිවිල් සංවිධාන ඇතුළු සියලු පාර්ශවවල දායකත්වය ඇතිව නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකට යන බව ජනාධිපතිවරයා කියා සිටියේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමින්. මැතිවරණ පොරොන්දු මාස කිහිපයක් ඇතුළත අමතක කර දමන ලියවිල්ලකට පමණක් සීමා වී තිබූ බව පවසන ජනාධිපතිවරයා ‘මහින්ද චින්තනය’ එසේ අමතක කර දමන ලියවිල්ලක් නොවන බව ක්‍රියාවෙන් ඔප්පු කර ඇති බවයි කියා සිටියේ. ‘හාමුදුරුවනේ එක කැසිනෝ බලපත්‍රයක් නොදුන් අතක්, එක බාර් ලයිසන් එකක් නොදුන්න දෑතක් තමයි මට තියෙන්නේ කියලා මම ආඩම්බරයෙන් කියනවා’ යනුවෙන් පැවසූ ජනාධිපතිවරයා, සදාචාරය සුරකින බවට තමා දුන් ප්‍රතිඥාව වර්තමානය වන විට ක්‍රියාවට නඟා ඇති බවත් සඳහන් කළේය." +පාසල් යාමේ අයිතිය දැරියන්ට ලබා දීමට සටන් කරන බුර්කාවකින් සැරසුණු විර වරියක් රැගත් වීර කතා පෙළක් පකිස්තාන පුංචි තිරය ට ලබන මාසයේ පැමිණීමට නියමිතයි.,"පොතෙන් සහ පෑනෙන් ආයුධ වලට අභියෝග කරන දකුණු ආසියාවේ ප්‍රථම නින්ජා චරිතය ලෙස ඇය හැඳින්වේ උර්දු භාෂාවෙන් හඬ කැවෙන මෙම කාටුන් චිත්‍රපට���යේ වීර චරිතය විග්‍රහ වන්නේ, පොතෙන් සහ පෑනෙන් ආයුධ වලට අභියෝග එල්ල කරන දකුණු ආසියාවේ ප්‍රථම නින්ජා චරිතය ලෙසයි. සෞම්‍ය ගති ගුණ ඇති ගුරුවරියක් ලෙස පෙනී සිටින මෙම වීරවරිය තමා වැඩකරන පාසල වසා දැමීමට කටයුතු කරන දේශීය මැර කල්ලියක්, ආත්මාරක්ෂක සටන් ශිල්පය භාවිතා කරමින් රහසිගත ලෙස මෙල්ල කිරීමට ගන්නා උත්සාහය මෙම කතා පෙලේ තේමාවයි. තලිබාන් හමුදා විසින් රටේ උතුරු සහ බස්නාහිර ප්‍රදේශවල ගැහැණු ළමුන්ට පාසැල් යාම තහනම් කර ඇති කාලයක දොරට වඩින මෙම කාටුනය, පකිස්තානය තුල දැඩි කතා බහට ලක් වෙමින් තිබේ. පකිස්තානයේ සුපිරි ගායක ආරොන් හරුන් රෂිඩ් ගේ අදහසක් මත පදනම්ව මෙම වීර කතා පෙළ නිෂ්පාදනය කෙරේ." +ව්‍යාපාරික බදු මුදල් වශයෙන් අයර්ලන්තය ඇපල් සමාගමෙන් යුරෝ බිලියන 13 ක් දක්වා වූ මුදලක් අයකරගත යුතු බව යුරෝපා කොමිසම තීන්දු කළේය.,"තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ඇපල් සමාගම මෙන්ම අයර්ලන්තයද පවසයි ඇමෙරිකා එක්සත් ජනපදය මූලස්ථාන කරගත් ඇපල් සමාගමට අයර්ලන්තය විසින් ලබා දී ඇති බදු සහන නීති විරෝධී බවයි තෙවසරක් මුලුල්ලේ පවත්වන ලද පරීක්ෂණයකින් අනතුරුව යුරෝපා කොමිසම තීන්දු කළේ. අනෙක් බොහෝ ව්‍යාපාරවලට වඩා අඩුවෙන් බදු ගෙවීමට අයර්ලන්තය ඇපල් සමාගමට අවසර දීම හේතුවෙන් ඇපල් සමාගම අයර්ලන්තයේදී ගෙවා තිබෙන්නේ සියයට එකක බදු ප්‍රතිශතයක් බවත් තීන්දුවේ සඳහන්. යුරෝපා කොමිසමේ තීන්දුව සමඟ එකඟ නොවන බව ඇපල් සමාගම මෙන්ම අයර්ලන්තයද නිවේදනය කර තිබේ. එයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි ඔවුන් පවසන්නේ. 'රැකියා අනතුරේ' ""තෝරාගත් සමාගම්වලට පමණක් බදු සහන ලබාදීමට යුරෝපා සංගමයේ සාමාජික රටවලට හැකියාවක් නැත. යුරෝපා සංගමයේ නීති විධිවිධාන ප්‍රකාර එය නීතිවිරෝධීයි,"" යුරෝපා කොමසාරිස් මාග්‍රෙත වෙස්තයර් සඳහන් කළාය. අයර්ලන්තයේ සම්මත ව්‍යාපාරික බදු ප්‍රතිශතය 12.5% කි. එහෙත් යුරෝපා සංගමය තුල සිදුකරන ලද ව්‍යාපාරික කටයුතුවල ලාභය වෙනුවෙන් 2003 වසර තුල ගෙවා තිබෙන්නේ 1% ක් වන අතර, 2014 දී ගෙවා තිබෙන්නේ 0.005% ප්‍රතිශතයක් බවයි යුරෝපා කොමිසමේ පරීක්ෂණයෙන් හෙළිදරවු වී තිබෙන්නේ. අයර්ලන්තය සහ ඇපල් සමාගම අතර ඇතිකරගන්නා ලද ගිවිසුම යථාර්ථයට එරෙහිව යන්නක් බවත් කොමසාරිස්වරිය පවසයි. එහෙත් කොමිසමේ තීන්දුව රැකියා අනතුරේ හෙලන්නක් බවයි ඇපල් සමාගම පවසන්නේ. යුරෝපය තුල සිය සමාගමේ 'ඉතිහාසය අලුතින් ල���වීමේ' උත්සාහයක් දියත්කිරීමක් ලෙසිනුයි ඇපල් සමාගමේ යුරෝපා කොමිසමේ තීන්දුව හඳුන්වා දෙන්නේ. සිය සමාගම ක්‍රියාත්මක වන ඕනෑම රටක නීතිය පිළිපදින බවත්, අදාළ සියලු බදු මුදල් ගෙවන බවත් තීන්දුව පිළිබඳව ප්‍රතිචාරය පළකරමින් සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන්. යුරෝපා කොමිසමේ තීන්දුව පිළිබඳව ප්‍රතිචාරය පළකරන අයර්ලන්තයද ඒ හා සමාන මතයක් පළ කර තිබේ." +ඉන්දීය සුපිරි ක්‍රිකට් තරුව වන සචින් තෙන්ඩුල්කාර් ‘භාරත් රත්න’ සම්මානයෙන් පුදනු ලැබුණි.,"ඉන්දීය පිල ජයග්‍රහණය කරමින්, නගරයේ පැවැත්වුන ඉන්දියා - බටහිර ඉන්දීය දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයත් සමඟ සචින් තෙන්ඩුල්කාර්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය නිම වීමට පැය කීපයක් තිබියදීයි, එම සම්මානය නිවේදනය කෙරුණේ. ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ ඉහළම විශිෂ්ටයන් අතලොස්සට එක් වෙන සචින් තෙන්ඩුල්කාර්, 'භාරත් රත්න’ සම්මානයෙන් පුදන ලද පළමු ක්‍රීඩකයා හැටියට ද ඉතිහාසයට එක් වෙයි. දැනට හතළිස් වැනි වියේ පසු වෙන සචින් තෙන්ඩුල්කාර් ක්‍රිකට් ජීවිතයෙන් සමු ගන්නේ, ජාත්‍යන්තර තරඟවල දී ශතක සියයක් සම්පූර්ණ කළ එකම ක්‍රීඩකයා හැටියට වාර්තා පොතට එක් වෙමින්." +ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරුවක් වන ශේන් වෝන්ට අයත් 'ලිහිල් කොළ පැහැති' ක්‍රිකට් හිස්වැසුම ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ තුනකට වෙන්දේසි කර එම මුදල ලැව් ගින්නෙන් පීඩා විඳින්නන්ට පරිත්‍යාග කිරීමට ක්‍රියා කරමින් සිටී.,"ශේන් වෝන් පනස් හැවිරිදි ශේන් වෝන් මෙම හිස්වැසුම ඔහු සහභාගී වූ ටෙස්ට් තරග 145 පුරාම පැළඳ සිටි අතර, ඔහු කඩුලු 708ක් ලබා ඕස්ට්‍රේලියා වාර්තා අතරට එක් වී ඇත. සැප්තැම්බර් මස ආරම්භ වී ඕස්ට්‍රේලියාවේ විවිධ ප්‍රදේශවල පැතිරී යන ලැව් ගිනිවලින් මේ වන විට පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් ඇති අතර, සතුන් මිලියන 500කට ආසන්න ප්‍රමාණයක් මියගොස් හෝ ගින්නට හසු වීමෙන් පීඩා විඳිති. ""සියලුදෙනා එකතු වෙලා මේ අයට උදව් කිරීම සහ ආධාර ලබා දීම දිනපතා කරගෙන යමු,"" ශේන් වෝන් පැවසීය. ""මේ හේතුවෙන් මම ටෙස්ට් තරගවලට පැළඳි මා ආදරය කළ ලිහිල්, කොළ පැහැති තොප්පිය වෙන්දේසි කරනවා,"" ""මගේ කොළ පැහැති තොප්පියෙන් සැලකිය යුතු මුදලක් ලබා ගෙන, විපතට පත් අයට එම මුදලින් උදව් කරන්න ලැබේවි යැයි මම බලාපොරොත්තු වෙනවා,"" ඔහු පැවසුවේය. වෙන්දේසියෙන් ලැබෙන සියලු මුදල් ඕස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානයේ ආපදා සහන සහ ප්‍රතිසාධන අ��මුදලට පරිත්‍යාග කිරීමට නියමිතය. අද දින (ජනවාරි 6) උදෑසන ඕස්ට්‍රේලියානු ඩොලර් 301,500ක වැඩිම ලංසුව ලැබී තිබිණි. වෙන්දේසිය සිකුරාදා දක්වා විවෘතව පවතී. ඔස්ට්‍රේලියානු දේශගුණය තුළ ලැව් ගිනි සාමාන්‍ය තත්ත්වයක් වුව ද, 2019 සහ 2020 ආරම්භයේ දී ගිනි පැතිරීම වැඩි වී ඇති අතර, උෂ්ණත්වය දැඩි ලෙස ඉහළ ගොස් ඇත. බොහෝ ප්‍රදේශවල නියං තත්ත්වයක් ඇති වී තිබේ. ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ට පසුව වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයා ලෙස ශේන් වෝන් වාර්තා අතරට එක් වී සිටී. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර තරග ආරම්භ කරන විට මෙම 'ලිහිල්, කොළ පැහැති' හිස් වැසුම ප්‍රදානය කරන අතර එය සිය ක්‍රිකට් වෘත්තිය පුරාවට පැළඳ සිටීමට ක්‍රීඩකයෝ ක්‍රියා කරති. 99.4ක් වන වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රතිශතයක් හිමි අතිශය ජනප්‍රිය පිතිකරුවෙකු වන ඩොන් බ්‍රැඩ්මන් 2001දී මියගිය අතර, ඔහුගේ 'ලිහිල්, කොළ පැහැති, හිස් වැසුම 2003 වර්ෂයේ පැවති වෙන්දේසියක දී ඔස්ට්‍රේලියානු ඩොලර් 425,000කට අලෙවි විය. ටෙනිස් ක්‍රීඩකයන්ගෙනුත් සහය කාන්තා 'ග්‍රෑන්ඩ් ස්ලෑම්' ශූරතාව පස් වරක් ජයග්‍රහණය කළ ටෙනිස් ක්‍රීඩිකා මරියා ෂරාපවා ඕස්ට්‍රේලියානු ඩොලර් 25,000ක් පරිත්‍යාග කර ඇති අතර, ඒ හා සමාන මුදලක් ලබා දීමට ලොව දෙවෙනි හොඳම ටෙනිස් ක්‍රීඩකයා වන නොවක් යොකොවිච් ද බලාපොරොත්තු වේ. බ්‍රිස්බන් ජාත්‍යන්තර ටෙනිස් තරගාවලියෙන් ලැබෙන සියලු මුදල් ද සහන අරමුදලට පරිත්‍යාග කරන බව ඔස්ට්‍රේලියාවේ අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා ඈෂ්ලි බාටි පවසා තිබේ. මේ තොරතුරුද කියවන්න:" +"වසංගතය ආරම්භ වූ සමයේ පටන්, ජනාධිපති පූටින් කොරෝනාවෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා රුසියානු බලධාරීන් අසාමාන්‍ය මට්ටමින් ක්‍රියා කර තිබේ.","ක්‍රෙම්ලින් මාදිලියේ නිරෝධායනය සංවිධානය කෙරුණේ කෙසේද? තම ජනාධිපතිවරයා කොරෝනා ආසාදනයෙන් රැක ගැනීමට කෙතරම් මුදල් සම්භාරයක් වැය කර තිබේද? පසුගිය වසර පුරාවට ම, ජනාධිපති පූටින්ට සමීපව කටයුතු කරන පුද්ගලයන් සිය ගණනක් නිරෝධායනයට ලක් කිරීමට රුසියානු බලධාරීහු ක්‍රියා කළහ. ජනාධිපතිවරයා ගැවසෙන තැනකට සමීප නොවන ඇතැමුන්ට ද ස්වයං නිරෝධායනය වීමට සිදු විය. ඊට හේතුව, පූටින් සමඟ මුහුණට මුහුණ හමුවන පිරිස ඉහත කී පුද්ගලයන් හා සබඳතා පවත්වන බැවිනි. 2020 වසරේ මාර්තු 25වැනිදා ජනාධිපති පූටින් ජාතිය ඇමතුවේය. අප්‍රේල් පළමු වැනිදායින් ඇරඹ��න සතිය ""වැඩ නොකරන සතියක්"" ලෙස ප්‍රකාශයට පත් කළේය. ඒ වනවිට රුසියාව පුරා කොරෝනාවෛරසය වේගයෙන් පැතිර යමින් පැවතුණි. තවත් දින කීපයක් ගතවීමෙන් අනතුරුව රුසියාව ලොක්ඩවුන් කෙරිණ. අත්‍යවශ්‍ය නොවන කඩ සාප්පු වසා දැමුණි. ජන ඒකරාශී වීම් තහනම් කෙරුණි. ජනගහනයෙන් වැඩි පිරිසක් තම නිවෙස්වල සිට රාජකාරි කිරීමට පටන් ගත්හ. මේ අතරතුර, ජනාධිපති පූටින් ට සේවය කරන ගුවන් යානා සේවක පිරිසෙන් 60 දෙනෙකු සහ තවත් රජයේ ඉහළම නිලධාරීන් පිරිසක් 2020 මාර්තු 26දා නිරෝධායනයට ලක් කෙරුණේ ප්‍රථම වතාවටය. ඔවුන් රඳවා තැබුවේ මොස්කව් අගනුවරට නුදුරින් පිහිටි හෝටලයක ය. එවක් පටන්, සිය ගණනක් ගුවන් යානා නියමුවන්, වෛද්‍ය සේවකයන්, රියදුරන් සහ වෙනත් සහකාර සේවකයන් රුසියාවේ හොටල් තුළ කාලය ගත කළේ නිරෝධායනය වීමටය. මේ සියල්ල සිදුවූයේ ජනාධිපති පූටින් ට කොවිඩ් 19 වැළඳීම වළක්වා ගැනීම සඳහාය. පූටින් ට දුන් එන්නත රුසියාවේ සංවර්ධිත කොවිඩ් එන්නතක් ජනාධිපති පූටින් ට ලබා දුන් බව මෑතකදී වාර්තා විය. නමුත් එය කුමන එන්නත ද යන්න සඳහන් කර නොතිබුණි. ඒ කෙසේ නමුත්, ""නිරෝධායන"" හෝටල් සමඟ පවතින ගිවිසුම් ඊළඟ වසරට ද දීර්ඝ වී ඇති බවක් නම් පෙනෙන්නට තිබේ. රුසියානු ජනාධිපතිවරයාගේ රාජකාරි කටයුතු නිසි පරිදි සුමටව පවත්වාගෙන යාම සඳහා පවතින අවශ්‍යතා සැපයීමේ වගකීම පැවරී ඇති අධ්‍යක්ෂ මණ්ඩලයට ඇමරිකානු ඩොලර් මිලියන 84ක් රජයේ අයවැයෙන් ලැබී ඇති බව බීබීසී රුසියානු අංශය ගණන් බලා තිබේ. ක්‍රෙම්ලිනයේ නිරෝධායන සඳහා පමණක් අවම වශයෙන් හෝටල් 12ක් වත් භාවිත කෙරෙන බව බීබීසී රුසියානු අංශය සොයාගෙන තිබේ. පූටින් ගේ විනෝදාංශය මෙම හෝටල් මොස්කව් නුවර සහ යාබද ක්‍රිමියා පළාතේ පිහිටි ඒවාය. එමෙන්ම දකුණු පළාතේ පිහිටි සෝචි නගරයට නුදුරින් ද හෝටල් වෙන්කර තිබේ. සෝචි යනු 2014 දී හිම ඔලිම්පික් තරඟාවලිය පැවති නගරයයි. එම නගරය හිම ක්‍රීඩා සඳහා ප්‍රසිද්ධය. හිම ක්‍රීඩාව ජනාධිපති පූටින් ගේ ප්‍රියතම විනෝදාංශයකි. නිරෝධායන ලැයිස්තුවේ පෞද්ගලික හෝටල් නොමැත. අමුත්තන් සහ කාර්යමණ්ඩල සේවකයන් රැඳී සිටින මෙම සියලු හෝටල් ජනාධිපති අධ්‍යක්ෂ මණ්ඩලයට අයත් වේ. 2022 වසරේ මාර්තු මාසය දක්වාම ඇතැමුන් කාමර වෙන්කර ගෙන ඇත. මෙම හෝටල්වල ප්‍රධාන වශයෙන් රැඳී සිටින්නේ ගුවන්යානා කාර්ය මණ්ඩලයට අයත් පිරිසයි. එම ගුවන් යානා කාර්යමණ්ඩලය ජනාධිපති ව්දිලැමීර් පූටින් ට පමණක් නොව, අගමැති මිඛායිල් මිශුස්ටින් ට සහ තවත් කැබිනට් ඇමතිවරු අට දෙනෙකුට සේවය සපයති. ජනාධිපති පූටින් පසුගිය වසරෙන් වැඩි කාලයක් රාජකාරි කටයුතු සිදු කර ඇත්තේ සෝචි හි පිහිටි තම නිවසේ සිට බව බීබීසී රුසියානු අංශයට දැනගන්නට ලැබුණි. ක්‍රෙම්ලිනයේ නිරෝධායන කටයුතුවලට සමීප ආරංචි මාර්ග පැවසුවේ ගුවන්යානා නියමුවන් සහ ගුවන් කාර්ය මණ්ඩලයට අයත් සැලකිය යුතු පිරිසක් සෝචි පළාතට නුදුරු හෝටල්වල නිරෝධායනය වෙමින් රැඳී සිටින බවය. ඔවුන් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, විදේශ ඇමතිවරයාට සහ තවත් බොහෝ පිරිසකට ගමනාගමනය සපයන බවය. එහි නිරෝධායනය වන පිරිස අතර ගුවන්යානා නියමුවන්ට අමතරව හෙලිකොප්ටර් යානා නියමුවෝ ද සිටිති. පූටින් ගේ දේශප්‍රේමය දෙවන ලෝක සංග්‍රාමයේ ජය සමරන 75වැනි සංවත්සරය රුසියාවේ අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන ප්‍රධානතම උත්සවයක් වීමට නියමිතව තිබුණි. යුද්ධයේ අවසාන අදියරේ මතකයන් සිහිපත් කිරීම සහ නාසි හමුදාව පරාජය කිරීමෙහි ලා රුසියාවේ දායකත්වය සැමරීම පූටින් ගේ ආණ්ඩුවේ දේශප්‍රේමය විදහා පාන ප්‍රධාන අංගයකි. මෙම උත්කර්ෂවත් සැමරුම පසුගිය මැයි 9වැනිදා, රතු චතුරශ්‍රයේ දී මහ ඉහළින් පැවැත්වීමට නියමිතව තිබුණි. එය රුසියාවේ විජයග්‍රාහී දිනයයි. නමුත් එය පැවැත්වුණේ 2020 ජුනි 24වැනිදාය. එම සැමරීම සරලව සිදු කෙරුණු නමුදු හමුදා පෙළපාලියක් ද ඊට ඇතුළත්ව තිබුණි. එහිදී ජනාධිපතිවරයා යුද විරුවන්ට සහ ජනප්‍රිය පුද්ගලයන්ට අතට අත දුන්නේය. ජනාධිපතිවරයා ඔවුනට පදක්කම් පිරිනැමුවේය. මෙහිදී ජනාධිපතිවරයා මුහුණට මුහුණ හමුවූ 200කට අධික අමුත්තන් පිරිසක්, උත්සව දිනයට දෙසතියකට පෙර සිට නිරෝධායනයට ලක් වී ඇති බව බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කළේය. එම අමුත්තන් අතර වයස අවුරුදු 80ට වැඩි සහ 90ට වැඩි විශ්‍රාමික යුද විරුවන් ද සිටි බව ඔවුන් වාර්තාකර තිබුණි. ""විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් ඉතා උසස් තත්ත්වයන් යටතේ"" නිරෝධායනය වෙමින් සිටින බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොෆ්, ජුනි මාසයේ පැවති මෙම උත්සවයට පෙර සනාථ කළේය. නමුත් ඔහු අවධාරණය කළේ එය ඔවුන්ගේ ආරක්ෂාව සඳහා සිදු කෙරෙන්නක් බවය. රුසියානු රාජ්‍ය පුවත් සේවාවන් වන TASS සහ RIA-Novosti ද මීට සමාන වාර්තා පළකර තිබුණි. ඒවාහි විස්තර කර තිබුණේ මාධ්‍යවේදීන් විසි දෙනෙකු නිරෝධායනය කිරීම සඳහා ""මොස්කව් නුවර පිහිටි හෝටල්"" සුදානම් කර තිබුණු අයුරුයි. ���ත්පැන් හෝ දුම් පානය තහනම් ඔවුන්ට වෙන්කර තිබුණේ තනි පුද්ගල කාමරය. ඔවුන් ඉන් පිටතට පැමිණෙන්නේ කාමරය පිරිසිදු කරන අවස්ථාවේදී පමණි. මුහුණට මුහුණ හමුවී එකිනෙකා සමඟ කතාබස් කිරීමට ඔවුනට අවසර නොමැත. ඔවුන් තොරතුරු හුවමාරු කර ගෙන ඇත්තේ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික මාර්ගවලින් පමණි. ඔවුනට මත්පැන් හෝ දුම් පානය තහනම් ය. පිටතින් පැමිණෙන පාර්සලයක් වේනම් එය භාරගනු ලබන්නේ හෝටල් කාර්ය මණ්ඩලය විසිනි. ඒවා අදාල අමුත්තාට භාර දෙනු ලබන්නේ පරීක්ෂාවට සහ විෂබීජ හරණයට ලක් කිරීමෙන් අනතුරුවය. හුදෙකලා කර ඇති මෙම මාධ්‍යවේදීන්ට තුන් වේලක් ආහාර සපයා ඇත. එම ආහාර පාන කාමරයේ දොර අබියස තබනු ලැබේ. පාවිච්චියෙන් පසු ඉවත ලන හැඳි ගෑරුප්පු කට්ටලයක් ද ඒ සමඟ ලැබේ. මොවුන් හමුවීමට යම් කෙනෙකු පැමිණියේ නම් එම පුද්ගලයා පූර්ණ ආරක්‍ෂිත ඇඳුම් පැළඳුම් සහිතව සිටියේය. ජනාධිපතිවරයාගේ සංචාරයන් සිදුවන විට කලාපීය බලධාරීන් ද කල්තියා නිරෝධායනය වී සිටිය යුතු බවට පුවත් වාර්තා වී තිබුණි. උදාහරණයක් ලෙස, Nizhny Novgorod කලාපයේ Sarov නගරයට ජනාධිපතිවරයා පැමිණීමට පෙර පළාත් පාලන අධිකාරීන් විසින් ඩොලර් 13,000ක් වෙන්කර තිබුණේ ""රුසියාවේ ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුර කොරෝනාවෛරස් ආසාදනයන් ව්‍යාප්ත වීම වලක්වා ගැනීමේ අරමුණ"" ඇතිවය. එම අවස්ථාවේ දී කලාපීය පරිපාලකයන් විසි දෙනෙකු පමණ හුදෙකලාකොට තැබුණු බව බීබීසී රුසියානු සේවයට දැනගන්නට ලැබුණි. ජනාධිපති පූටින් ආරක්ෂා කර ගැනීම සඳහා මෙතරම් අසාමාන්‍ය සහ අති විශාල මට්ටමේ ආරක්‍ෂිත ක්‍රියාදාමයන් දියත් කිරීම පිළිබඳව සහ එවැනි ක්‍රියාදාමයන් වෙනත් රටක සිදුවී ඇත්දැයි යන්න පිළිබඳව ක්‍රෙම්ලින් ප්‍රකාශකගෙන් බීබීසීය විමසූ නමුත් ඊට පිළිතුරු දීමෙන් ඔහු වැළකී සිටියේය." +මැතිවරණ කොමිසමක් පිහිටුවීම සම්බන්ධයෙන් තමා තුළ විරෝධයක් නැතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.,"අද උදෑසන මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීයි මැතිවරණ කොමසාරිස්වරයා එම අදහස් පළ කළේ. මැතිවරණ කොමිසමක් පිහිටුවිය හැකි නම් එමගින් තම රාජකාරිය පහසු වන බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ. වඩාත් සාධාරණ මැතිවරණයක් සඳහා ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් පිහිටුවන ලෙස විපක්ෂය දිගින් දිගටම කරන ඉල්ලීම පිළිබඳව බීබීසී සංදේශය කළ විමසීමකට පිළිතුරු දෙමිනුයි ඔහු එම අදහස් පළ කළේ. "" සාමාජ���කයකයන් එක් අයකුට වඩා වැඩි කොමිසමක් නම් වඩාත් හොඳයි. මැතිවරණ කොමිසමක් ඇත්නම් සමහර කරුණු වලට තනිවම මුහුණ දෙන්න වෙන්නේ නැහැ.”මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේය. අපේක්‍ෂක වියදම් සීමාවක් පසුගිය දා පැවැත්වුන ඡන්ද විමසීමේ දී මැතිවරණ කොමසාරිස්වරයා හැටියට තමන්ට ඇති බලතල අනුව නිතිය තදින් ක්‍රියාත්මක කළ බව පවසන මහින්ද දේශප්‍රිය, තමා හැමවිටම උත්සාහ කළේ ඡන්ද දායකයන්ට හා අපේක්ෂකයන්ට පහසු ආකාරයට කටයුතු කිරීමට බවත් පෙන්වා දුන්නේය. "" නීතිය ක්‍රියාත්මක කළේ අපේක්ෂකයන් සමඟ ඇති ද්වේශයකින් නොවෙයි. පොලිසිය හරහා අපි කටයුතු කළේ එක සිද්ධියකදී පමණයි. ඒ මාතර සිද්ධිය. අනිත් සිදු වීම් ගැන අපි පොලිසියට බලපෑම් කරන්න ගියේ නැහැ"" මැතිවරණ කොමසාරිස් පැවසීය . ඉහත කී මාධ්‍ය හමුවේ දී හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පසුගිය පළාත් සභා මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳවත් අවධානය යොමු විය. මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ යම් පුද්ගලයෙකු නිසි ආකාරයට ඡන්ද දායකයකු හැටියට ලියා පදිංචි වී ඇත්නම් හා ඒ සම්බන්ධයෙන් විරෝධය පළ නො වූයේ නම් ඔහුට ඡන්දය පාවිච්චි කළ හැකි බවයි." +මඩකලපුව ශික්ෂණ රෝහලේ සුළු සේවක පුරප්පාඩු පිරවීම සඳහා දෙමළ භාෂාව කතා නොකරන වෙනත් දිස්ත්‍රික්කවලට අයත් පුද්ගලයන් අනුයුක්ත කොට ඇති බවට දෙමළ ජාතික සන්ධානය චෝදනා කරයි.,'සියයට අනූ නවයක් දෙමළ භාෂාව කථා කරන දිස්ත්‍රික්කයක ශික්ෂණ රෝහලකට දෙමළ භාෂාව කථා කරන සේවකයන් පත් කිරීම පරිපාලනමය යුතුකමක්' දෙමළ භාෂාව කතා කිරීමට නොහැකි පුද්ගලයන් යොදා පුරප්පාඩු පිරවීමෙන් අති බහුතරයක් වන දෙමළ භාෂාව කතා කරන රෝගීන් අපහසුතාවට පත් වන බවයි දෙමළ ජාතික සන්ධානයේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ආර් තුරෙයිරත්නම් පෙන්වා දෙන්නේ. රෝගීන්ට සිදු විය හැකි අපහසුතාව සහ ප්‍රදේශයේ ජනතාව එම පුරප්පාඩු පිරවීම සඳහා යොදා ගැනීම යන කාරණා පිළිබඳ අවධානය යොමු කොට ඉහත කී ස්ථාන මාරු වීම් අවලංගු කරන ලෙස ඉල්ලා තමා ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇති බවත් ඔහු සඳහන් කළේය. 'වසර තුනක් පුරා පැවති පුරප්පාඩු පිරවීම සඳහා මේ වන විටත් තිහකට අධික පිරිසක් ස්ථාන මාරු වීම් ලබා ගෙන පැමිණ සිටිනවා. 76% දෙමළ සහ 23% මුස්ලිම් වශයෙන් 99% දෙමළ භාෂාව කථා කරන දිස්ත්‍රික්කයක ශික්ෂණ රෝහලකට දෙමළ භාෂාව කථා කරන සේවකයන් පත් කිරීම පරිපාලනමය යුතුකමක්.' 'ජාතිවාදී අදහසකින් නොවෙයි මම මේ ���දහස් පළ කරන්නේ. යහපාලන ආණ්‌ඩුවට මෙහිදී යම් වැරදීමක් සිදු වී ඇත්දැයි යන සැකය මට මතු වෙනවා.' ඔහු පැවසීය. ඉහත කී ස්ථාන මාරු වීම් ලබා දී ඇත්තේ වෙනත් දිස්ත්‍රික්ක තුළ පුරප්පාඩු ඇති කොට එම ප්‍රදේශවල ජනතාවට අලුතින් රැකියා ලබා දීම සඳහා දැයි තමා සැක කරන බවත් නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ආර් තුරෙයිරත්නම් වැඩිදුරටත් කියා සිටියේය. එම චෝදනා සම්බන්ධයෙන් විමසීමට සෞඛ්‍යය කටයුතු පිළිබඳ අමාත්‍ය රාජිත සෙනවිරත්න සම්බන්ධ කර ගැනීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක වූයේ නැහැ. +‘එක් පවුලක් විසින් මුළු මහත් රාජ්‍ය පාලනය සහ භාණ්ඩාගාරය අතට ගෙන ආණ්ඩුව යන දූෂිත ගමන’ නවතාලීමට ආණ්ඩුව තුළ සිට තමා විශාල සටනක් කළ බව පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන පවසයි.,"ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුවේ පැවති සිය ජනාධිපතිවරණ සටනේ ආරම්භක රැළිය අමතමින්. යුද්ධය දිනා රටට සාමය ඇතිවීමෙන් පසු රට නිසි මඟ යනු ඇති බවට විශ්වාසයක් තිබුනත් එය වෙනතකට ගමන් කිරීමට පටන් ගත් බව විපක්ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේය. ‘හොඳ පැත්තකට ආණ්ඩුව ගන්න ආණ්ඩුව ඇතුළෙ මං ගොඩක් සටන් කළා... පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ මං කතා කළා. මම ලියුම් ලිව්වා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට පියපු ලියුමේ පිටපත් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ අතට එතුමා ඉස්සරහ දිම මම දුන්න... මට කිව්වා දූෂණය ගැන කතා කරනවා නම් ආණ්ඩුව ඇතුළෙ ඉන්න ඕන නැහැ, ඒකට විපක්ෂය ඉන්නවා කියල.’ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන පැවසීය. තමා එල්ටීටීඊ හිතවාදියෙකු නොවන බව, ත්‍රස්තවාදීන් විසින් පස් වතාවක්ම තමන්ව ඝාතනය කිරීමට තැත් කිරීම තුළින් පැහැදිලි වන බවද පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේය. තමා රජයෙන් ඉල්ලා අස්වීමත් සමඟ රජය දෙදරා ඇතැයි ද, ඉදිරියේදී තවත් පිරිසක් රජයෙන් ඉවත් වී යනු ඇතැයි ද විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවේ දී සිය ප්‍රථම ප්‍රචාරක රැළිය අමතමින් පැවසීය. විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, එජාපයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග ඇතුළු පිරිසක් මෙම ජන රැළියට සහභාගී වී සිටියෝය." +කොවිඩ් 19 ඇතිකරවන කොරෝනාවෛරසයේ තවත් අලුත් ප්‍රභේදයක් රාජධානියෙන් හමුවී තිබේ.,"මෙම ප්‍රභේදය ඉදිරියේ දී ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිකරවිය හැකි විකෘතියක් බවට විද්‍යාඥයෝ ස��ක පළ කරති. B.1.525 ලෙස නම්කර තිබෙන මෙම නව ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් හමුවූ ප්‍රභේදයට සමානකම් දක්වන බව සොයාගෙන ඇත. පසුගිය දෙසැම්බරයේ පටන් වෛද්‍ය පරීක්ෂණ සඳහා ලැබී තිබෙන නියැදිවලින් සනාථ වී ඇත්තේ පුද්ගලයින් 38 දෙනෙකුට මෙම නව ප්‍රභේදය ආසාදනය වී ඇති බවය. කොරෝනාවෛරසයේ මෙම අලුත් ම ප්‍රභේදය ඩෙන්මාර්කය, නයිජීරියාව සහ එක්සත් ජනපදය ඇතුළු රටවල් කීපයකින්ම සොයාගෙන ඇත. මෙම ප්‍රභේදය කෙතරම් දුරට අවදානම් සහගත දැයි සොයා බැලීම සඳහා එක්සත් රාජධානියේ විශේෂඥයෝ ඒ පිළිබඳව අධ්‍යයනය කරමින් සිටිති. මෙය එක්සත් රාජධානිය තුළ ""දැඩි සැලකිල්ලට භාජනය විය යුතු"" ප්‍රභේද ලැයිස්තුවට ඇතුළත් කළ යුතු ද යන්න තවමත් තීරණය කර නොමැති අතර මේ වනවිට එය ඇතුළත් කොට ඇත්තේ ""විමර්ශනය කෙරෙමින් පවතින ප්‍රභේද"" ලැයිස්තුවටය. කොරෝනාවෛරසයේ නව ප්‍රභේදයන් පිළිබඳව බ්‍රිතාන්‍ය රජයට උපදෙස් ලබාදෙන විද්‍යාඥයන් අතර මහාචාර්ය රවි ගුප්තා ද සිටී. ඔහු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෙකි. ඔහු පවසන පරිදි B.1.525 ප්‍රභේදය ද අනෙකුත් ප්‍රභේද මෙන් ""සැලකිය යුතු විකෘතියක්"" බව පෙන්නුම් කරයි. ""මේ වගේ ප්‍රභේදවලින් ඇති විය හැකි බලපෑම අපට කල්තියා හිතා ගන්නට හැකියාවක් තිබීම එක අතකට සැනසීමක්."" මහාචාර්ය රවි ගුප්තා පැවසීය. මෙම ප්‍රභේදය පිළිබඳව දත්ත අධ්‍යයනය කරමින් සිටින බව එංගලතයේ ජාතික සෞඛ්‍ය ආයතනයේ මහාචාර්ය ඉවෝන් ඩොයිල් පැවසුවාය. ""මෙයින් වැඩි රෝගී තත්ත්වයක් හෝ රෝග ව්‍යාප්තිය වැඩි කිරීමක් සිදුවන බවට තවමත් පැහැදිලි සාධක ලැබී නැහැ."" ""ඇස ගසාගෙන සිටීම"" B.1.525 ලෙසින් නම්කර ඇති මෙම ප්‍රභේදයේ පවතින්නේ E484K නමැති විකෘතිය යි. බ්‍රසීලයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් සොයා ගන්නා ලද නව ප්‍රභේද තුළ ද මෙම විකෘතිතාව පැවතුණි. එම නිසා මෙම ප්‍රභේදයට එරෙහිව සටන් කිරීම සඳහා ඇතැමුන්ගේ සිරුර තුළ දැනටමත් ප්‍රතිදේහ පැවතිය හැකිය. මීට සමාන විකෘතිතාවක් සහිතව සොයා ගැනුණු 'කෙන්ට්' ප්‍රභේදය සතුව ශීඝ්‍රයෙන් බෝවීමේ හැකියාවක් පවතින බව විශේෂඥයෝ පැවසූහ. මෙම තත්ත්වය විද්‍යාඥයන්ගේ කනස්සල්ලට භාජනය වී ඇත්තේ දැනට සංවර්ධනය කර ඇති එන්නත්වලින් පරාජය කළ නොහැකි නව ප්‍රභේද ඇතිවීමට ඉඩකඩ ඇති බැවිනි. එමෙන්ම, නව ප්‍රභේද ඇතිවීම මගින් රෝග ව්‍යාප්තිය ද ශීඝ්‍ර විය හැකි වීමය. දැනට භාවිත කරනු ලබන එන්නත් නිර්මාණය කර ඇත්තේ වසංගතය ආරම්භයේ පැවති කොරෝනාව��රසය ආශ්‍රිතව ය. එම එන්නත් දැනට සොයාගෙන ඇති නව ප්‍රභේදවලට ද එරෙහිව ක්‍රියා කරනු ඇති බව විද්‍යාඥයෝ විශ්වාස කරති. සමහර විට මුල් වෛරසයට තරම් ම ඵලදායී නොවිය හැකිය. නව ප්‍රභේද පිළිබඳව පර්යේෂණ පවත්වමින් සිටින මහාචාර්ය රවී ගුප්තා ඇතුළු කණ්ඩායම පවසන්නේ E484K වැනි විකෘතිතා ඇතිවීමෙන් දැනට පවතින එන්නත්වලට තර්ජනයක් පවතින බවය. කෙසේ නමුත් නව ප්‍රභේදවලට එරෙහිව ද ඵලදායී වන නව එන්නත් සංවර්ධනය කිරීමට දැනටමත් විද්‍යාඥයෝ කටයුතු කරමින් සිටිති. වසංගත රෝග පිළිබඳ විශේෂඥයෙකු වන, යුනිවර්සිටි කොලේජ් ලන්ඩන් හි මහාචාර්ය ඇන්ඩෘ හේවාර්ඩ් කියා සිටියේ ""වාසනාවකට, මේ ප්‍රභේදය තවමත් පවතින්නේ ඉතා අඩු මට්ටමක වන අතර එයින් වැඩි ව්‍යාප්තියක් සිදුවන බවට තවමත් පෙනෙන්නට නැති"" බවය. ""කොහොම වුනත් අපි මේ ප්‍රභේද ගැන හොඳට ඇස ගසාගෙන සිටිය යුතුයි. මොකද, අපි දන්නේ නැහැ ඔවුන් මොනවා කරාවිද කියල."" ඔහු පැවසීය." +"මැතිවරණ සමයේ පෝස්ටර්,කටවුට්, බැනර් ආදිය ප්‍රදර්ශනය කිරීමේදී බල පැවැත්වෙන නෛතික විධිවිධාන ඇතත් ඒවා බෙහෙවින් නොසලකා හරින තත්වයක් ප්‍රායෝගික මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ දක්නට ලැබෙයි.","පෝස්ටර් ඉවත් කිරීමට මහජන බදු මුදල් බිලියන ගණනක් වැයවේ ශ්‍රී ලංකාවේ නීතිය අනුව මැතිවරණ සමයේ දී ඡන්ද අපේක්ෂකයන්ගේ ප්‍රචාරක පෝස්ටර්, කටවුට්, බැනර් ආදිය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් දැඩි තහංචි බල පැවැත්වෙයි. එම මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සවි කෙරෙන පෝස්ටර් බැනර් ආදිය ඉවත් කිරීමට එක් පොලිස් මූලස්ථානයකට අඩු තරමින් කම්කරුවන් දෙදෙනෙකුවත් අනුයුක්ත කර ගැනීමට සිදුවෙන අතර, ඒ සදහා රජයේ මුදල්, මිනිස් ශ්‍රමය සහ කාලය විශාල වශයෙන් වැය වෙයි. ඒ සඳහා වැය කරනු ලබන්නේ ජනතාවගේ බදු මුදල්ය. දශක කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ඡන්ද මධ්‍යස්ථානයක් ඉදිරිපිට පෙළ ගැසී සිටින ඡන්දදායකයන් පිරිසක් පෝස්ටර් ඇලවීමෙන් පරිසරයට බරපතළ හානි සිදුවෙයි. එසේම එම අනවසර පෝස්ටර් ඉවත් කිරීමට වැය වන මහජන බදු මුදල්වලට අමතරව පෞද්ගලික දේපළ මත පෝස්ටර් ඇලවීමෙන් මහජනතාව විශාල අපහසුතාවයට පත් වෙති. මැතිවරණ නීති ඇතුළත් පනත් කීපයක පෝස්ටර්, බැනර් ආදිය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් බල පැවැත්වෙන නෛතික විධිවිධාන ඇතුළත් වෙයි. •1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත සහ එයට සංශෝධන ඇතුළත් කරමින් සම්මත කර ගනු ලැබූ 2004 අංක 58 දරන පාර්ලිමේන්තු මැ��ිවරණ සංශෝධන පනත •1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතෙහි 74 වැනි වගන්තියට අනුව නාම යෝජනා භාර දුන් දින සිට මැතිවරණය අවසන් වන දින දක්වා ඡන්ද අපේක්ෂකයන්ට පෝස්ටරයක්, බැනර්, කටවුට්, චිත්‍රයක්, ඡායාරූපයක්, ලකුණක්, කොඩියක්, අත් පත්‍රිකාවක් හෝ දැන්වීමක් පොදු මාර්ගයක ප්‍රචාරය කළ නොහැකිය. දශක ගණනකට එපිට ඡන්ද මධ්‍යස්ථානයකට පොලිස් රැකවරණ එසේම එවැනි කිසිවක් පොදු හෝ පෞද්ගලික ගොඩනැගිල්ලක ප්‍රදර්ශනය කිරීම සිදු කළ නොහැකි බවත් මැතිවරණ නීතියේ දැක්වෙයි. එහෙත් මැතිවරණ නීතිය අනුව යම් අපේක්ෂකයෙකුට ඔහුගේ පෞද්ගලික වාහනයේ ප්‍රචාරක පත්‍රිකාවක් ප්‍රදර්ශනය කිරීමේ අයිතිය ඇත. මැතිවරණ ප්‍රචාරණ රැස්වීමක් පැවැත්වෙන පොදු හෝ පෞද්ගලික ගොඩනැගිල්ලක එම රැස්වීම් දිනයේ පමණක් පෝස්ටර් හෝ බැනර් ප්‍රදර්ශනය කිරීමට අවසර දී ඇත. ""අපේ රටේ පවතින මැතිවරණ නීතියට අනුව ඡන්ද අපේක්ෂකයෙකුට තමන්ගේ ලාංඡනය සහ අංක යොදා පෝස්ටරයක් සෑදීමට කිසිම අයිතියක් නැහැ. හැබැයි ඡන්ද රැස්වීමක් පැවැත්වීම ගැන පෝස්ටරයක් සෑදීමට අයිතියක් තියෙනවා. ඒ අනුව සමහර අපේක්ෂකයන් ඒ තුලින් අපේක්ෂකයා හුවා දැක්වීමට උත්සහා කරනවා. එය නිවැරදි නැහැ. නමුත් පැහැදිලිවම නීතියට අනුව නම්, අපේක්ෂකයෙකුට තමන් හුවා දක්වමින් පෝස්ටරයක් නිර්මාණය කිරීමේ හැකියාවක් නැහැ"" ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් බීබීසී සිංහල සේවය කළ විමසීමක දී සඳහන් කළේය. අපේක්ෂකයකු විසින් ඡන්දය සඳහා ආයාචනය කිරීම, තමන්ට හිමි නොවන ඡන්ද පත්‍රිකාවක්‌ ළඟ තබා ගැනීම, කිසියම් පක්ෂයකට හෝ පුද්ගලයකුට ඡන්දය නොදෙන ලෙස ඉල්ලීම, නාම යෝජනා කාල සීමාවේ දේශපාලන පෙරහැරවල් පැවැත්වීම, පොදු වාහනවල අපේක්‍ෂකයාගේ ඡායාරූපය හෝ මනාප අංකය ප්‍රදර්ශනය කිරීම වැනි ක්‍රියාමාර්ගයන් ද ඉහත කී පනත් මගින් තහනම් කරනු ලැබ ඇත. මැතිවරණ නීති ඇතුළත් පනත් කිහිපයක පෝස්ටර්, බැනර් ආදිය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් නීති රාශියක් ප්‍රකාශයට පත් කර ඇත මැතිවරණ නීති උල්ලංඝනය කරන අපේක්ෂකයන්ට සහ ඔවුන්ගේ ආධාරකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ පූර්ණ බලතල පොලිසියට පැවරෙයි. පෝස්ටරයක් ඇලවීමට සූදානම් වන අවස්ථාවක එය ලඟ තබා ගෙන සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට මැතිවරණ නීතිය අනුව පොලිසියට බලය ඇත. එවැනි අවස්ථාවන්හිදී අදාළ ඡන්ද අපේක්ෂකයාගෙන් ��්‍රකාශයක් සටහන් කර ගනිමින් එම ප්‍රශ්නය ඉදිරි නෛතික කටයුතු සදහා අධිකරණයට යොමු කරනු ලැබෙයි. නිදහසින් පසු මුල් යුගයේ මැතිවරණවලදී පෝස්ටර් කටවුට් නොව රැස්වීම් මගින් මහජනයා ඇමතීම ප්‍රධාන ප්‍රචාරක මාධ්‍යය විය පෞද්ගලික ගොඩනැගිල්ලක, නිවසක තාප්පයේ හෝ දොරෙහි මැතිවරණ ප්‍රචාරණ පෝස්ටරයක් අළවා ඇත්නම් පැමිණිලි කළ යුත්තේ කාටද? යන්න පිළිබඳවත් මැතිවරණ නීතිය විස්තර කරයි. පෞද්ගලික ගොඩනැගිල්ලක, නිවසක තාප්පයක හෝ දොරක ප්‍රචාරක පෝස්ටරයක් අලවා ඇත්නම් එය දුටු සැණින් ඉවත් කිරීමේ පූර්ණ අයිතිය සහ බලය මැතිවරණ නීතිය මගින් ඒවායේ හිමිකරු සතු කෙරෙයි. එහෙත් ඒවා ඉවත් කරනු ලැබීමට පෙර, එහි දැක්වෙන අපේක්ෂකයා විසින් මැතිවරණ නීති උල්ලංඝනය කරනු ලැබීම සම්බන්ධයෙන් අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට දැනුම් දිය යුතුව් ඇත. එසේත් නැත්නම් ඒ පිළිබඳව එම ප්‍රදේශයේ පොලිසියට පැමිණිලි කළ හැකිය. මේ පිළිබදව දැනුවත් කිරීම්, දැනුම් දිය යුතු ස්ථාන, දුරකථන අංක සහ විද්‍යුත් ලිපින මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ 'Tell Commission - Election Commission of Sri Lanka' (කොමිසමට කියන්න ලෙස අරුත් ගැන්වේ) ෆේස්බුක් පිටුවේ ද සඳහන් වෙයි. පෝස්ටරයක් ඉරා දැමීමට පෙර ගත් එහි ඡායාරූපයක් පැමිණිලිකරුව සාක්ෂි ලෙස ඉදිරිපත් කළ හැකිය. මැතිවරණ නීති ආරක්ෂා වන්නේ පුරවැසියන් කටයුතු කර ආකාරය අනුව බවත් මැතිවරණ කොමිසම පවසයි. මැතිවරණ නීතිය අනුව ආගම දේශපාලන වාසියට යොදා ගැනීම තහනම්ය එබැවින් මැතිවරණ නීතිය කඩ කෙරෙන අවස්ථාවක දී නිහඬව නොසිට අදාළ නීති රැකීමේ බලතල ඇති දෙපාර්තමෙන්තුවට හෝ ආයතනයට ඒ පිළිබඳව වහාම දැනුම් දෙන ලෙසත් කොමිසම ඉල්ලීමක් කර ඇත. ඉහත කී නීති නිසියාකාරව ක්‍රියාත්මක වීමෙන් නිකරුනේ විනාශ වී යන රටේ ජාතික ධනය රැකෙන අතරම, අනිත් අතින් පාරිසරික ප්‍රශ්න, පෝස්ටර්, කටවුට් වැනි දෑ මුල්කර ගනිමින් ඇතිවෙන දේශපාලන ගැටුම් සහ නිදහස් ශීලාචාර මැතිවරණයක් පැවැත්වීමට එරෙහිව මතුවෙන බලපෑම් අවම කර ගැනීමටත් හැකිය යන්න මැතිවරණ කොමිසමේ අදහසයි. සබැඳි පුවත් :" +ආරක්ෂක ලේකම්වරයා විසින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව අලළා කරන ලද ප්‍රකාශ පිළිබඳ මුස්ලිම් ජනතාවගේ දැඩි කලකිරීම පළ කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් මණ්ඩලය ප්‍රකාශ කරයි.,"මුස්ලිම් දේශපාලන හා ආගමික නායකයන් සමග සාකච්ඡා නොකොට මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම පිළිගත නොහැකි යැයි බස්නාහිර පළාතේ ආණ්ඩුකාර අලෙවි මවුලානා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් කිසි කලෙකත් අන්තවාදී කොටස් සමග එක් නොවූ බවත් යුද්ධය පැවතී වකවානුවේ දී බහුතර සිංහල ජනතාව ඔවුන් සහයෝගයෙන් කටයුතු කළ බවත් ඔහු පෙන්වා දුන්නේය. මේ තත්වය පිළිබඳව ජනාධිපතිවරයා සමග තමා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි බස්නාහිර පළාතේ ආණ්ඩුකාර අලෙවි මවුලානා තවදුරටත් කියා සිටියේ. ආරක්ෂක සම්මන්ත්‍රණය අමතා කල දේශනයේ දී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සඳහන් කල ආකාරයේ මුස්ලිම් අන්තවාදී කොටස් හෝ සන්නද්ධ කණ්ඩායම් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක නොවන බව පවසන ශ්‍රී ලංකා මුස්ලිම් මණ්ඩලය අවධාරණය කර සිටින්නේ ගැටුම් පැවති තිස් වසරක කාලයක් තුල කිසිදු පැකිළීමකින් තොර ව රජයට සහාය දුන් මුස්ලිම් ප්‍රජාව සන්නද්ධ නැගිටීමකට කිසි විටෙක සම්බන්ධ නොවූ බවයි. ප්‍රකෝපකාරී ප්‍රකාශ ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද ප්‍රකාශ, සුළු ජන ප්‍රජාවට එරෙහි වෛරය කුළුගැන්වෙන ආකාරයේ ප්‍රකෝපකාරී ප්‍රකාශ නිකුත් කරන අන්තවාදී සංවිධාන විසින් කරන ප්‍රකාශයන්ට ලබා දුන් සහතිකයක් ලෙස මෙන්ම ඔවුන්ගේ ක්‍රියාදාමයට ලබා දුන් රාජ්‍ය අනුග්‍රහයක් ලෙස සලකා ඇති බවද ශ්‍රී ලංකා මුස්ලිම් මණ්ඩලය සිය නිවේදනයෙන් පෙන්වා දෙයි. මුස්ලිම් ප්‍රජාව ශ්‍රී ලංකාවේ සාමය සහ සෞභාග්‍ය වෙනුවෙන් පුර්ණ කැපවීමෙන් කටයුතු කරන බවට සහතික විය හැකි බව පවසන මුස්ලිම් ප්‍රජා නායකයෝ, මුස්ලිම් ජනතාව අතර සන්නද්ධ කල්ලි සිටිතැයි එල්ල කර ඇති චෝදනා පිළිබඳව සිදු කෙරෙන සියලු පරීක්ෂණ වලට සහාය දීමට සුදානම් බවද ප්‍රකාශ කර සිටිති. මාතෘභූමියේ උන්නතිය සලකා කලින් සිදු කළ ප්‍රකාශය නිවැරදි කිරීමේ උත්සාහයක් වෙත ආරක්ෂක ලේකම් වරයා යොමු වන්නේ නම් ඒ පිළිබඳ තම ප්‍රසාදය පල වන්නේ යැයි ද ශ්‍රී ලංකා මුස්ලිම් මණ්ඩලය ප්‍රකාශ කරයි." +මහින්ද රාජපක්ෂ රජයේ සිදු වූ මහා පරිමාණ දූෂණ හා වංචා පිළිබඳව එල්ල වූ චෝදනා විභාග කර අවසන් වූ පසු ශ්‍රී ලංකාවේ දේශපාලනයේ තත්වය වෙනස් වන බව රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.,"අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව පැවසුවේ හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂක ලෙස පත් කරන ලෙස ඉල්ලා බදාදා පැවති නුගේගොඩ රැළිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්. හිටපු ජනාධිපතිවරයාට හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට මැතිවරණ සමයේ එල්ල කළ චෝදනාවන්ට එරෙහිව පරීක්ෂණ මේ වන විට සිදු වෙමින් පවතින බව පැවසූ අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරි පරීක්ෂණවලට බාධාවක් නිසා එම පරීක්ෂණවලින් සොයා ගත් කරුණු දැනට හෙළි නොකර බවයි පැවසුවේ. ""විදේශ ගිණුම් 3ක තොරතුරු ලැබී තිබෙනවා, විශාල මුදල් ප්‍රමාණයක්, අපි ඒ ගැන කරුණු හෙළිදරව් කරන්නේ නැහැ, එතකොට ඒවා හංගන්න ක්‍රියා කරයි, තව ඉදිරියට එන කොට අපිට බලා ගත හැකියි මේ රටේ දේශපාලනයේ මොනවාද වෙන්නේ කියලා"" ඔහු පැවසීය. 'බස් 212ක මිනිස්සු' හිටපු ජනාධිපතිවරයාට සහය පළ කරමින් නුගේගොඩ දී පැවැත්වූ රැළිය පිළිබඳව රජයට කිසිදු ප්‍රශ්නයක් නැති බව පැවසූ අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂට අවශ්‍ය අගමැති අපේක්ෂක කම නම් ඔහු ඒ සඳහා කළ යුත්තේ ජන රැළි පැවැත්වීම නොව නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග සාකච්ඡා කිරීම බවයි අවධාරණය කළේ. ""ඕකට නුගේගොඩ රැළියක් තියෙන්න ඕනෙද? ඔච්චර වියදම් කරලා බස් 212ක මිනිස්සු ගෙන්න ඕනද? ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා අගමැති අපේක්ෂකත්වය ඉල්ලන්න පුළුවන්නේ"" ඔහු පැවසීය. හිටපු ජනාධිපතිවරයා අගමැති අපේක්ෂකත්වය අවශ්‍ය බවට කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව පැවසූ අමාත්‍ය රාජිත සේනාරත්න තමන් පරාජය වුයේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයකින් බවට හිටපු ජනාධිපතිවරයා නුගේගොඩ රැළියට එවා තිබු පණිවිඩය ගැන ද අදහස් පළ කළේය. ""හැමදාම පැරදුන කට්ටිය කිව්වේ ඔය කුමන්ත්‍රණ කතානේ"" අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනපතිවරණයෙන් පසුවත් බලයේ රැඳී සිටීමට කුමන්ත්‍රණය කළ බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රශ්න කිරීමට ඉඩ ඇති බවද අමාත්‍යවරයා මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේ අද රජයේ දිනමිණ පුවත්පත වාර්තා කලේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැති සමයේ සහ ඉකුත් ජනවාරි මස 9 වැනිදා අලුයම ත්‍රිවිධ හමුදා කණ්ඩායම් විවිධ ප‍්‍රදේශවල ස්ථාන ගත කිරීමෙන් මහජන ආරක්ෂක පනතට පටහැනිව කටයුතු කර ඇති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එරෙහිව ගොනු කර ඇති පෙත්සම සම්බන්ධව හිටපු ජනාධිපතිවරයාට නොතිසි නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීරණය කල බවයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක වූ දුමින්ද නාගමුව විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ." +එල්ටීටීඊ යට එරෙහි යුද්ධයේ අවසාන භාගයේදී සිදුවූ බව පැවසෙන යුද අපරාධ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් දැනට බ්‍රිතානයේ සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකා දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර විසංවාදයක් මතුවී තිබේ.,"යුද්ධයේ අවසාන භාගයේදී යුද අපරාධ සිදු කළ බවට ආරක්ෂක හමුදාවලට මෙන්ම එල්ටීටීඊ යටද චෝදනා එල්ල වී තිබේ ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුව විසඳීම පිළිබඳව බ්‍රිතාන්‍යවාසී ශ්‍රී ලාංකික තරුණ පරපුර සමඟ සාකච්ඡා කිරීමේ අරමුණින් පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස), එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ දෙමළ ජාතික සන්ධානය (දෙජාස) නියෝජනය කරමින් දූත පිරිසක් මේ දිනවල බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතව සිටිති. ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිලිබඳ පරීක්ෂණයකට තම පක්ෂයේ සහාය හිමි නොවන බවයි, එජාප මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සංදේශයට කියා සිටියේ. කෙසේ නමුත්, පසුගිය වසරේ දෙසැම්බරයේදී මේ දූත පිරිසම බ්‍රිතාන්‍යයේ කරන ලද සංචාරයකින අනතුරුව නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශනයේ මූලිකම අංගයක් වූයේ යුද අපරාධ පිලිබඳ පරීක්ෂණයක අවශ්‍යතාවය බව පෙන්වා දෙන දෙජාස නියෝජිත රගු බාලචන්ද්‍රන්, එවැනි පරීක්ෂණයකට දෙමළ ජාතික සන්ධානයේ පූර්ණ සහාය හිමිවන බව ප්‍රකාශ කරයි. මෙම ප්‍රශ්නයේදී එජාපය සහ තම පක්ෂය අතර මතවාදීමය වෙනසක් තිබුනත් එය තම දූත පිරිස අතර මතුවී තිබෙන මතභේදයක් නොවන බවයි, ඔහු බීබීසී සංදේශයට කියා සිටියේ. පාලක සන්ධානයේ වසන්ත දිසානායක මන්ත්‍රීවරයාද ඇතුලත් මෙම දූත පිරිස බ්‍රිතාන්‍යවාසී බොහෝ ශ්‍රී ලාංකික කණ්ඩායම් සමඟ සාකච්ඡා පැවැත්වූ නමුත්, ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් නියෝජනය කරන ප්‍රධානම සංවිධානයක් වන බ්‍රිතාන්‍ය දෙමළ සංසදය සමඟ තවමත් සාකච්ඡා නොකළ බව රගු බාලචන්ද්‍රන් පිළිගත්තේය. කෙසේ වුවත්, ඉන්ටර්නැෂනල් ඇලර්ට් සහ රාජකීය පොදු රාජ්‍ය මණ්ඩලීය සංගමයේ සංවිධානය කළ තම සංචාරය විදේශගත දෙමළ ප්‍රජාව සමඟ සංවාදයක් පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට උපකාර කිරීමේ අරමුණින් කෙරෙන්නක් බවට පලවන මතය ඔහු ප්‍රතික්ෂේප කළේය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා" +ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම පිළිබඳව එකඟතාවයකට පැමිණීමට හැකි වූ බව මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පවසයි.,"'ඉදිරි දින කිහිපයේදී ගොඩක් වෙනස්කම් සිදුවේවි. අපි කියන්නේ පොදු ප්‍රතිපත්තියක්, පොදු අපේක්ෂකයෙක්, පොදු ලකුණක් හා පොදු පාටක්' ජනපතිවරණයට පොදු ලකුණක් යටතේ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට කෝට්ටේ නාග විහාරයේදී පැවැත්වුණු විශේෂ සාකච්ඡාවේදී තීරණය කෙරුණු බව මාදුළුවාවේ සෝභිත හිමියෝ සාකච්ඡාවෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූහ. ""ඉදිරි දින කිහිපයේදී ගොඩක් වෙනස්කම් සිදුවේවි. ලබන සඳුදා සියළු පක්ෂ සමඟ අපි මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනවා,"" යනුවෙන් සෝභිත හිමියෝ පැවසූහ. දේශපාලන පක්ෂවල විවිධ න්‍යාය පත්‍ර තිබුනත් ඒවා පසෙකලා සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ ප්‍රතිපත්ති ජයග්‍රහණය කිරීමට ඔවුන් එකඟ වී ඇති බවද එහිමියෝ සඳහන් කළහ. ""ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරාම කවුද අපේක්ෂකයා කියලා අපි කියන්නම්. අපි කියන්නේ පොදු ප්‍රතිපත්තියක්, පොදු අපේක්ෂකයෙක්, පොදු ලකුණක් හා පොදු පාටක් එච්චරයි."" එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමඟ පසුගිය දින කිහිපය තුළ සාකච්ඡා පැවැත්වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය, සිකුරාදා උදෑසන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහ ජාතික හෙළ උරුමය සමඟද සාකච්ඡාවක් පවත්වා තිබේ. කරු ජයසූරිය? එම සාකච්ඡා පිළිබඳව බීබීසී සංදේශයට අදහස් දැක්වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි, එම සාකච්ඡාවල ප්‍රගතිය අනුව සියළු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එකමුතුව ලබන සඳුදා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය වූ බවයි. පොදු අපේක්ෂකයා ලෙස කරු ජයසුරිය මන්ත්‍රීවරයා ඉදිරිපත් කරන මෙන් විපක්ෂයේ පක්ෂ කිහිපයක්ම සිකුරාදා රැස්වීමේදී ඉල්ලා තිබේ ""සම්පූර්ණ එකඟතාවයක් තවම නැහැ. නමුත් සති දෙකකට පෙර තත්වයට වඩා දැන් තත්වය වෙනස් වෙලා තියෙනවා,"" යනුවෙන් ඔහු කියා සිටියේය. ""සති දෙකකට පෙර එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ස්ථිර ලෙස අදහස් ප්‍රකාශයට පත් වී තිබුණා. නමුත් පසුගිය දින දෙකේදී පැවති සාකච්ඡාවලදී එහි යම් නම්‍යශීලීත්වයක් ඇති බව අපිට දක්නට ලැබුනා,"" යනුවෙන්ද ඔහු පැවසුවේය. පොදු අපේක්ෂකයකුට සහය පළකරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ. පොදු අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල���ේ සභාපති කරු ජයසුරිය මන්ත්‍රීවරයා ඉදිරිපත් කරන මෙන් විපක්ෂයේ පක්ෂ කිහිපයක්ම සිකුරාදා පැවති සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ සාකච්ඡාවේදී යෝජනා කර ඇති බවද සංදේශයට වාර්තා වේ. කරු ජයසූරීය මන්ත්‍රීවරයාට විපක්ෂයේ සියළු පක්ෂවල සහාය ලබාගත හැකි බවයි, ඔවුන්ගේ මතය වී තිබෙන්නේ." +විධායක ජනාධිපති ධුරය තවදුරටත් පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුවක් ගෙන නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසන්නීය.,"""නැහැ, සමහරු ඒ ගැන කතා කරනවා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් මමත්, එහෙම තීන්දුවක් අරන් නැහැ."" ඇය ඒ බව කියා සිටියේ අද (ජන.10) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි. ""නැහැ, සමහරු ඒ ගැන කතා කරනවා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් මමත්, එහෙම තීන්දුවක් අරන් නැහැ."" හිටපු ජනාධිපතිනිය සඳහන් කළාය. සිය ධුර කාලය ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරණයේදීත් ඉන් අනතුරුවත් ප්‍රතිඥා දුන් බව ඇය වැඩිදුරටත් කියා සිටියාය. විධායක ජනාධිපති ධුරය එලෙසම පවත්වාගෙන යාමටත් 2020 වසරේ ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාම ඉදිරිපත් වියයුතු බවටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව අමාත්‍ය සරත් අමුණුගම පසුගියදා කියා සිටියේය. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දුව කඩ කරමින් ඔහු නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපති ධුරය පවත්වාගෙන යායුතු බවට ගනුලැබූ තීරණය පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය අප්‍රසාදය පළ කළේය. කෙසේ වෙතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කිසිත් ප්‍රකාශ කර නොමැත." +යහපාලන ආණ්ඩුවට 2015 ජනවාරි 08 ජනපතිවරණයේදී ලැබුණු ජනවරම සෙනසුරාදා (පෙබරවාරි 10) පැවති පළාත් පාලන මැතිවරණයේදී තවත් ශක්තිමත් වී තිබෙන බව ආණ්ඩුව පවසයි.,"එබැවින් අගමැතිවරයා වෙනස් කිරීමේ හෝ ආණ්ඩුව ඉල්ලා අස්වීමේ කිසිදු අවශ්‍යතාවක් මතු වී නොමැති බව ද සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා බීබීසී සිංහල සේවයට පැවසීය. තමන්ට දැනගන්නට ලැබී තිබෙන ප්‍රතිඵල අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් පොදු ජන පෙරමුණට ලැබී තිබෙන්නේ ප්‍රකා���ිත ඡන්ද සංඛ්‍යාවෙන් 45% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් බව පවසන අමාත්‍යවරයා, එය ජනවාරි 08 මැතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයා ලබා ගත් ප්‍රතිශතයට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් බව ද සඳහන් කළේය. එම ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකාවේ බහුතර ඡන්දදායකයන් සිය ඡන්දය භාවිත කර තිබෙන්නේ පොහොට්ටුව ලකුණෙන් තරග කළ පොදු ජන පෙරමුණට එරෙහිව බව රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ විග්‍රහය වී තිබේ. තවත් කියවන්න: ප්‍රතිඵලය පිළිබඳව තමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ දෙදෙනා සමගම සාකච්ඡා කළ බව සඳහන් කළ කැබිනට් ප්‍රකාශකවරයා, ආණ්ඩුවේ ""අඩු පාඩු නිවැරදි කරගෙන"" ඉදිරියට යාමට ඔවුන් දෙදෙනාම කැමැත්ත පළ කළ බවත් වැඩිදුරටත් පැවසීය. මෙතෙක් ප්‍රකාශයට පත්ව තිබෙන ප්‍රතිඵල අනුව, මෙවර ක්‍රියාත්මක වූ මිශ්‍ර මැතිවරණ ක්‍රමය යටතේ ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ දෙකම පරාජය කරමින් ප්‍රබල ජයග්‍රහණයක් ලබාගැනීමට පොදු ජන පෙරමුණ සමත් වී තිබේ. විශේෂයෙන්ම පළාත් පාලන ආයතන 340න් 200කට වැඩි සංඛ්‍යාවක් පොදු ජන පෙරමුණ විසින් ජයග්‍රහණය කරනු ලැබ ඇති බව නිල නොවන වාර්තාවල දැක්වේ. කරු පක්ෂ නායකත්වයට? මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් වී කතානායක කරු ජයසූරිය තාවකාලිකව පක්ෂ නායකයා ලෙසින් පත් කළ යුතු යයි එක්සත් ජාතික පක්ෂයේ ලේකම් කබීර් හෂීම් යෝජනා කර තිබෙන බව 'ශ්‍රී ලංකා මිරර්' වෙබ් අඩවිය වාර්තා කරයි. එම පුවත සත්‍යයක් දැයි බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ කතානායක කරු ජයසූරිය කියා සිටියේ වෙබ් අඩවියේ එවැනි වාර්තාවක් පළ වී තිබෙන දුටු නමුත් තමන් එවැන්නක් පිළිබඳව කිසිවක් නොදන්නා බවය. කතානායකවරයා වශයෙන් ස්වාධීනව කටයුතු කිරීමේ වගකීමක් තමන්ට පැවරී තිබෙන බැවින් පක්ෂයේ කටයුතු පිළිබඳ කිසිදු සාකච්ඡාවකට තමන් සම්බන්ධ නොවූ බව ද කතානායක කරු ජයසූරිය වැඩිදුරටත් සඳහන් කළේය. මැතිවරණ ප්‍රතිඵලය හමුවේ මතු වී ඇති තත්වය පිළිබඳව තීරණ ගැනීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් අතර හමුවක් ඉරිදා (පෙබරවාරි 11) පැවැත්විණ. ආණ්ඩුව තුළ තවදුරටත් රැඳී සිටිනවාද, නැද්ද යන්න පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබිණ. සබැඳි යොමු:" +දෙමළ ජාතික උද්ඝෝෂකයන් පිරිසක් කොළඹ නගරය කරා ගමන් කිරීම ශ්‍රී ලංකා හමුදාව විසින් නවතා දමා ඇති අතර බ්‍රිතාන්‍ය රුපවාහිනී මාධ්‍ය කණ්ඩායමකට ද දිවයින තුල ගමනාගමනය කිරීමේ දී විරෝධතාවලට මුහුණ දීමට සිදු විය.,"ආණ්ඩු හිතවාදී පිරිස් අනුරාධපුර නගරයේදී විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් දුම්රියට බාධා කළහ ඔවුන් පැමිණි බස් රථ ප්‍රථමයෙන් පොලීසිය විසින් නැවැත්වන ලද අතර පසුව හමුදාව තමන් බලහත්කාරයෙන් හරවා යැවූ බව පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පැවැත්වීමට නියමිතව තිබියදී දෙමළ උද්ඝෝෂකයන් පිරිස කොළඹ නගරයට රැගෙන ඒම සංවිධානය කළ එමානුවෙල් සෙබමාලෙයි පියතුමා ප්‍රකාශ කළේය. ""අපිට ආපසු යන ලෙස බල කළා, ඒත් අපට හේතුවක් කිව්වේ නැහැ. අපිට කොළඹ නගරයට ඇතුල්වෙන්න අවසර දුන්නේ නැහැ,"" යනුවෙන් දුරකතනයෙන් ඒඑෆ්පී ප්‍රංශ පුවත් සේවය ඇමතු එමානුවෙල් පියතුමා කියා සිටියේය. කැලම් මැක්රේට තවත් බාධා සාමය කඩකිරීම් ඇතිවිය හැකි බැවින් අදාල බලධාරීන් විසින් විරෝධතා කරුවනට කොළඹට ඇතුල් වීමට ඉඩ දී නැති බවයි, ජන මාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වාර්තාකරුවන්ට කියා සිටියේ. ඊසාන දිග ප්‍රදේශයේ අවසන් යුද ගැටුම් ඇතිවූ ප්‍රදේශවල සංචාරය කිරීමේදී තවත් දුෂ්කරතාවන්ට මුහුණ දීමට මේ අතර පසුගිය සඳුදා රට තුලට ඇතුල්වීමේදී ගුවන් තොටුපල ඉදිරිපිට දී දැඩි විරෝධතාවකට මුහුණ දුන් බ්‍රිතාන්‍යයේ චැනල්4 නාලිකාවේ මාධ්‍යවේදීන්ට සිදු විය. විදේශ අමාත්‍ය අවධානය චැනල්4 මාධ්‍යවේදීන්ට වූ සිද්ධිය පිළිබඳව තමන් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය ජී එල් පීරිස් විමසූ බව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය වරයා පවසයි. සිදුවීම දැන ගන්නට ලැබීමෙන් තමන් කම්පනයට පත්වූ බවයි විලියම් හේග් අමාත්‍යවරයා අද කොළඹ දී මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කළේ. සිය ගණනක් ආණ්ඩු හිතවාදී පිරිස් අනුරාධපුර නගරයේදී විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින්, යුද්ධයෙන් පරාජය කළ කොටි කැරළිකරුවන්ට සහාය නොදෙන මෙන් ඉල්ලා සිටිමින් කැලම් මැක්රේ, ජොනතන් මිලර් ඇතුළු චැනල්4 කණ්ඩායම ගමන් ගත් දුම්රියට බාධා කළහ. සම්මානලාභී රූපවාහිනී වාර්තා වැඩසටහනක් වූ ""නෝ ෆයර් සෝන්"" සහ ""ශ්‍රී ලංකා කිලින්ග් ෆීල්ඩ්"" අධ්‍යක්ෂක කැලම් මැක්රේ පැවසුවේ ආපසු කොළඹට යන ලෙස පොලීසිය ඔවුනට පැවසූ බවයි." +සාක් කලාපීය රටවල දේශ සීමා හරහා සිදු වන ත්‍රස්තවාදයට වැට බඳින්නේ කෙසේ දැයි යන්න පිළිබඳ කලාපීය නායකයන් අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.,අගමැතිවරයා ඒ බව කියා සිටියේ සිය ඉන්දීය සංචාරය අතරතුර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් බදාදා නව දිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේ දී පැවැත්විණ. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඔබ්බට ගිය සුවිශේෂී මිත්‍රත්වයක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති බව ඉන්දීය අගමැතිවරයා එහි දී කියා සිටි බවයි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ. දෙරටේ විවිධ ක්ෂේත්‍රයන් අතර සම්බන්ධතා පුළුල් කිරීමට එම මිත්‍රත්වය හේතු සාධක වන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එහිදී කියා සිටි බව එම නිවේදනයේ සඳහන්. 'කලාපීය සාමය' ත්‍රස්තවාදය දුරු කොට සාමය ස්ථාපිත කිරීමේ ව්‍යායාමයට සාක් සංවිධානයේ සියළුම රටවල් දායක කර ගැනීමේ අවශ්‍යතාව ද දෙරටේ නායකයන් විසින් අවධාරණය කොට තිබේ. කලාපයේ තිරසර සංවර්ධනය සහ සාමය වෙනුවෙන් දෙපාර්ශවය අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් හා උපාය මාර්ග සම්බන්ධවද අගමැතිවරු කරුණු දැක්වූ බවයි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ. වර්තමානයේ සාක් සංවිධානය මුහුණ දී ඇති අභියෝගාත්මක අර්බුදයෙන් ගොඩ ඒම පිළිබඳත් ශ්‍රී ලංකා අගමැතිවරයාගේ සහ ඉන්දීය අගමැතිවරයාගේ අවධානය යොමු වූ බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. මේ අතර ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් අතර බදාදා පෙරවරුවේ නව දිල්ලි නුවරදී හමුවක් පැවැත්විණ. ධීවර ගැටළු දෙරටේ මිත්‍රත්වය තවදුරටත් තහවුරු කෙරෙන අනාගතයක් වෙනුවෙන් ඉන්දීය රජය නිරන්තරයෙන් කැප වන බව ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් එහිදී අවධාරණය කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ. ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලුවට තිරසාර විසඳුමක් ලබා දීමේ අවශ්‍යතාව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරිය විසින් එහිදී පෙන්වා දුන් බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්. ධීවර ගැටළුවට තිරසාර විසඳුමක් ලබා දීම සඳහා දෙරටේ විදේශ ඇමතිවරුන්ගේ සහ ධීවර කටයුතු පිළිබඳ ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉහළ පෙළ සාකච්ඡාවක් ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට එහිදී තීරණය කෙරුණු බවත් නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. කොංග්‍රස් නායකයන් මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය කොන්ග්‍රස් පක්‍ෂ නායිකා ශ්‍රීමතී සෝනියා ගාන්ධි අතර පැවති සාකච්ඡාවක් පැවැත්විණ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකේ එකමුතුවෙන් සැදුම්ලත් ජාතික ආණ්ඩුවට දෙමළ ජාතික සංධානය සහ වෙනත් සංවිධානවල එකඟත්වය ඇතිව කටයුතු කළ හැකි පරිසරයක් උදා වී ඇති බව එම අවස්ථාවට එක් වී සිටි ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං පැවැසූ බවයි අගමැති කාර්යාලය නිවේදනය කළේ. එම තත්වය මෑත අතීතයේ ශ්‍රී ලංකාව ලැබූ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයක් ලෙස හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං විසින් හඳුන්වනු ලැබූ බවත් නිවේදනයේ දැක්වේ. +කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති සිව් වැනි එක් දින සීමිත ඕවර තරගයේදී යළිත් වරක් ඉන්දියාවට පරාජය වීමත් සමග 2019 ලෝක කුසලානයට නිතරගයෙන් සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි විය.,"ශ්‍රී ලංකාවට ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීම පිණිස ඉන්දියාවට එරෙහි එක් දින ශූරතාවලියේ තරග දෙකක් ජයගැනීම අවශ්‍යව තිබිණ. එහෙත් සිවු වැනි තරගයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවට පරාජය වූයේ ලකණු 168 කිනි. එය ශ්‍රී ලංකාව සිය රට තුළ දී එක් දින තරගයක් පරාජය වූ වැඩිම ලකුණු සංඛ්‍යාවය. තරගාවලියේ තරග හතරක්ම පරාජයවීම හේතුවෙන්, කිසියම් ලෙසකින් බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම සිය මීළඟ එක් දින තරගාවලියේදී එක් තරගයක් හෝ පරාජය වුවහොත් සහ මීළඟ එක් දින තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් පමණක් ලෝක කුසලානය සඳහා නිතරගයෙන් සුදුසුකම් ලැබීම සඳහා ශ්‍රී ලංකාවට තවත් අවස්ථාවක් පවතී. එහෙත් එය ද රඳා පවතින්නේ අයිසීසී එක් දින ශ්‍රේණිගත කිරීම්වල ලකුණු සංඛ්‍යාව මතය. සත්කාරක එංගලන්තය සහ අයිසීසී එක් දින ශ්‍රේණිගත කිරීම්වල මුල් කණ්ඩායම් හත ජගත් කුසලානය සඳහා නිතරගයෙන් සුදුසුකම් ලබති. කිසියම් ලෙසකින් නිතරගයෙන් සුදුසුකම් නොලැබුවහොත්, ජගත් කුසලානයට තරග වැදීම පිණිස ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ තරගවලට මුහුණ දීමට සිදු වේ. එහිදී සුදුසුකම් ලැබීමේ ශූරතාවලියේ ඉහලින්ම සිටින කණ්ඩායම් දෙක ජගත් කුසලානය සඳහා සුදුසුකම් ලබති. මීළඟ ලෝක කුසලානය 2019 මැයි 30 වෙනි දින සිට ජුලි 15 වෙනි දින දක්වා එංගලන්තයේදී පැවැත්වීමට නියමිතය." +අණ නොතකා පලා යන නිරායුධ පුද්ගලයෙකුට වෙඩි තැබීම සඳහා පොලිසියට කිසිම බලයක් නොමැති බව ශ්‍රී ලංකාවේ නීති විශාරදයෙක් පවසයි.,"අණ නොතකා පලා යන්නේ නම් අවම බලයක් යොදා අත්අඩංගුවට ගන්නා ආකාරය හෝ යටත් කර ගන්නා ආකාරය 1979 අපරාධ නඩු ව��ධිවිධාන සංග්‍රහයේ 23 වගන්තියේ 2 සහ 3 යන උප වගන්තිවල පැහැදිලි ලෙස දක්වා ඇති බව නීතිවේදී ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පෙන්වා දෙයි. ඉන් ඔබ්බට ගොස් පොලිසිය සිය බලය යොදන්නේ නම් එය බලය අතික්‍රමණය කිරීමක් ලෙස හැඳින්විය හැකි බව ඔහු පැවසීය. 'මිනී මරලා නැහැ' ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයකු වන ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මේ බව කියා සිටියේ, අණ නොතකා යතුරුපැදියක් ධාවනය කිරීම යාපනයේ සරසවි සිසුන් දෙදෙනාගේ මරණයට හේතු වී ඇති බවට පළ වන වාර්තා පිළිබඳ බීබීසීය වෙත අදහස් දක්වමිනි. ""කෙනෙක් අණ නොතකා පලා යනව නම් ඒ අය සාමාන්‍ය‍ය ජනතාව, එවැනි අය ළඟ අවි ආයුධ නැහැ. පොලිසිය ළඟ අවි ආයුධ තියෙනවා. මෝටර් රථ, දුරකථන තිබෙනවා. ඉතින් කෙනෙක් අණ නොතකා පලා යනව නම් ඒ අය ලුහුබැඳ යන්න පුළුවන්."" ""යම් කිසි අයකු අණ නොතකා රිය ධාවනය කරන්නේ නම් එය මෝටර් රථ ආඥා පනත උල්ලංඝනය කිරීමක්. මාර්ග නීති කඩ කිරීමක්. ඒ අය මිනී මරලා නැහැ."" එවැනි පුද්ගලයකු ලුහුබැඳ ගොස් මෙල්ල කර ගැනීමට පොලිසිය කටයුතු කළ යුතු බවත් එසේ නොහැකි නම් පමණක් අවම බලය යෙදිය යුතු බවත් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසයි. පස්යාල සහ රොෂේන් චාමිකර එහිදී යම් කිසි අයකු වෙඩි තබන්නේ නම් සිය ආත්මාරක්ෂාවේ අයිතිය භාවිතා කොට පොලිසියට එවැනි පුද්ගලයකු යටත් කළ හැකි නමුත් ඔහුගේ මරණය සිදු කිරීමට කිසිදු බලයක් නොමැති බව ඔහු සඳහන් කළේය. මෙවැනි තත්වයන් උතුරෙන් පමණක් නොව පස්යාල සිද්ධිය සහ රොෂේන් චාමිකර සිද්ධිය ඇතුළු සිදුවීම් ගණනාවක් හරහා දකුණේ ද දැක ගත හැකි බවත් නීතීඥවරයා සඳහන් කළේය. මෙවැනි තත්වයන් මග හරවා ගැනීම සඳහා පොලිස් කොමිසම ක්‍රියාශීලී මැදිහත් වීමක් සිදු කළ යුතු බවත් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා වැඩිදුරටත් සඳහන් පැවසීය. සම්පූර්ණ සාකච්ඡාවේ හඬ පටයට ඉහතින් සවන් දිය හැකිය." +"මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ආණ්ඩුවට එරෙහිව සම්මත වූ විශ්වාසභංග යෝජනාවලට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් බදාදා (දෙසැම්බර් 5) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වූ යෝජනාව, ඉදිරිපත් නොකර සිටීමට තමන් තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.","එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සංකීර්ණයට පවා නොපැමිණියහ ජනාධිපතිවරයා සමග ඇතිවූ එකඟතාවක් අනුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවර���න් 7 දෙනෙක්ගේ නමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ මෙම යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමක් ද සිදු කිරීමට සැලසුම් කර තිබිණි. ඒ අනුව බදාදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ද මෙම යෝජනාව ඇතුළත් වී තිබිණි. එනමුත්, එය ඉදිරිපත් නොකර සිටීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක පාර්ලිමේන්තු සැසිය ආරම්භයේ දී දැනුම් දුන්නේය. මේ තොරතුරු ද කියවන්න: එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් නොමැතිව රැස් වූ පාර්ලිමේන්තුවේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ කල්තැබීමේ විවාදය පැවැත්වුණි. මෙම පාර්ලිමේන්තු සැසිය ද වර්ජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සංකීර්ණයට පවා පැමිණ සිටියේ නැත. ""රනිල් වෙනුවට විකල්ප නම් ඉදිරිපත් කරන්නේ නැහැ"" ""ජනපති එකඟ වෙලා සිටියා අද වෙනකොට පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් පත්‍රය ඉවත් කරගන්න. එතුමා විසින් ඇති කරපු මේ අවුලෙන් එළියට යන්න, එතුමාගේ ඉල්ලීම පරිදි කෙටුම්පත් කරපු මේ යෝජනාව අද අපි ඉදිරිපත් කරන්නේ නැහැ. ඒක අර්ථ විරහිත වැඩක්,"" යැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අජිත් පී පෙරේරා බීබීසි සිංහල සේවයට පැවසීය. ""ජනාධිපතිවරයා පොරොන්දු ඉටුකරන්නේ නැති විට, අපේ පාර්ශ්වයෙන් විතරක් පොරොන්දු ඉටුකරලා වැඩක් නැහැ."" ""අපි කණගාටු වෙනවා එතුමාගේ ඊයේ කතාව ගැන. මංගල සමරවීර ඇමතිතුමා කියල තිබුණා දෝෂාභියෝගයකට යන්න ඕනේ කියලා. නමුත් පක්ෂයක් හැටියට අපි එහෙම තීරණයක් අරන් නැහැ."" මන්ත්‍රී අජිත් පී පෙරේරා තවදුරටත් පැවසීය. ජනාධිපති සිරිසේන යෝජනා කරන පරිදි, 'රනිල් වික්‍රමසිංහ' වෙනුවට විකල්පයක් යෝජනා කිරීමට එක්සත් ජාතික පක්ෂය සුදානම් නොමැති බව ද අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා පැවසුවේය. ""මේ තරම් හිතුවක්කාර ලෙස හැසිරෙන ජනාධිපතිවරයෙක්ට විකල්ප නමක් දුන්නත්, ඔහුවත් නැවතත් ධූරයෙන් ඉවත් කරලා තව කෙනෙක් ඉල්ලයි,"" ඔහු තවදුරටත් පැවසීය. ""මෙහෙම පුද්ගලයෙක් තවදුරටත් තියා ගන්නවද?"" ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ ද දැඩි විවේචන එල්ල කළේය. ජනාධිපතිවරයා සමග තවදුරටත් මෙම ගැට‍ළුව සාකච්ඡා කිරීම 'අර්ථ විරහිත' බව ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදය අතරතුර පැවසුවේය. ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදී ව්‍යවස්ථාව කඩ කර ඇති අතර, මෙවන් පුද්ගලයෙක�� තවදුරටත් රටේ නායකයා ලෙස තබා ගන්නවා දැයි තීරණයක් ගැනීමට කාලය එළඹ ඇතැයි ඔහු තවදුරටත් පැවසුවේය. අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබූ යෝජනාව ජනාධිපතිවරයා විසින් සැකසූවක් වන අතර, පළමු විශ්වාසභංගයේ දී, 'තමන්ට එරෙහිව තිබූ යෝජනා ඉවත් කර ගැනීම' මෙහි අරමුණ වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පැවසීය. ""ජනාධිපතිතුමාට ඕනේ එයාව බේරගෙන, මහින්දට එරෙහිව විතරක් යෝජනාව ගේන්න, එයාව දෝෂාභියෝගයකින් බේර ගන්න,"" විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසීය. නොවැම්බර් 14 වෙනිදා සමම්තවූ විශ්වාසභංගයේ දී මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කිරීමට අදාළ නියෝග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි සඳහන් කර ඇති යෝජනා ඉවත් කරගන්නා ලෙස ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගෙන් ඉල්ලා සිටියේය. මෙම යෝජනා තමන්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට ද භාවිතා කළ හැකි බව විදෙස් මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා පැවසීය. තවත් තොරතුරු:" +ගින්නෙන් දැවුනු X-PRESS PEARL නෞකාව සම්පූර්ණයෙන් මුහුදේ ගිලී යාමට පෙර හැකිතාක් දුරකට ඇදගෙන යෑමට ගන්නා ලද ප්‍රයත්නය බදාදා (ජුනි 02) අතහැර දැමීමට සිදුවූයේ නැවේ පසුපස මුහුදු පතුලේ ගැටීම හේතුවෙනි.,"නාවික හමුදාව සමග එක්ව නැව ඇදෙන යාම සඳහා එය ගලවාගැනීමට පැමිණි සමාගම ද කටයුතු කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා බීබීසී සිංහල සේවයට පැවසීය. මතුවූ තත්ත්වය හමුවේ නැවේ ඇති තෙල් කාන්දුවීමේ අවදානමක් පවතී. එසේ වුවහොත් දික්ඕවිට සිට මිගමුව, කැපුම්ගොඩ දක්වා තෙල් විසිරීමක් සිදුවිය හැකි බවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා බීබීසී සිංහල සේවය සමග පැවසුවේ ඇතිවිය හැකි තෙල් කාන්දුවට පෙර සුදානමක් ලෙස තෙල් දියකර හැරීමේ රසායනික ද්‍රව්‍ය රැගත් ඉන්දීය වෙරලාරක්ෂක දෙපාර්තමේන්තුවේ නෞකාවක් මේ වන විට කොළඹ මුහුදු සිමාවට සේන්දු වී ඇති බවය. නෞකාව ගිනිගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට පමණක් නොව කලාපයටම එම තත්ත්වය බලපාන බවය. ""මේ නෞකාව ගිලීමත් සමග දැන් ඉතාමත් ම ප්‍රබල පරිසර ගැටලුවලට ලංකාවට මුහුණ දෙන්න වෙනවා මොකද ඒකට හේතුව අන්තරාදායි අපද්‍රව්‍ය හෝ අන්තරාදායි ද්‍රව්‍ය මෙතන තියෙනවා,"" යනුවෙන් පරිසරවේදී අචාර්ය අජන්තා පෙරේරා බීබීසී සිංහල සමග පැවසීය. ""ලොකු වන්දියක් කියල හිතන්න එපා"" ""ඒවගේම අපි දන්නවා නයිට්‍රික් අම්ලය තියෙන කන්ටේනර් රාශියක් තියෙනවා. ඒ වගේම ප්ලාස්ටික් පෙලට්ස් රාශියක් මුහුදේ යටට යනවා. මේක ඉතාමත්ම ගැටලු සහගත තත්ත්වයක් මොකද ඒකට හේතුව අපිට අපේ රටේ මුහුදේ විශාල වශයෙන් පරිසරයට හානිකරන්න පුළුවන් ද්‍රව්‍ය රාශියක් ම තියෙනවා. මේ ද්‍රව්‍ය කාලයත් එක්ක මේ කන්ටෙනර්ස් දිරන නිසා ඒවා ජලයට එකතු වෙනවා මේ එකතුවෙනවා කියන්නේ අපේ පරිසර පද්ධතිය විනාශ වෙනවා. අපේ පරිසර පද්ධතිය විනාශ වෙනවා කියන්නේ අපේ ධීවර කර්මාන්ත විනාශ වෙනවා විතරක් නෙමෙයි මේ අපේ ඒ ප්‍රදේශයේ මුහුද විතරක් නෙමෙයි මේ තුළින් අපේ මේ කලාපයටම හානියක් වෙනවා."" ඇය තවදුරත් පැවසුවේ ප්ලාස්ටික් කැට (plastic pellets) මෙන්ම රසායනික ද්‍රව්‍ය කලපු ප්‍රදේශයට ගලායාමෙන් කුඩා මත්ස්‍යයින් මෙන්ම ඉස්සන් හා ඉතා සංවේදී පරිසර පද්ධතියම අනතුරට ලක්වන බවය. ""ඒ වගේම භයානකම දේ තමයි මේ අන්තරාකාරී ද්‍රව්‍ය කුමක්ද කියන එක තවම පැහැදිලි කරලා නෑ. ඒ නිසා දැන් රජය වගකීමක් ගන්න ඕන ජනතාවට කියන්න කුමන ද්‍රව්‍ය ද මේ කන්ටිනේර්ස් වල තියෙන්නේ? කවුද මේ රෙස්කිව් එකට අපේ රටට සහභාගී වෙන්නේ ? ඒ වගේම මේ නැව අයිති සමාගම කුමක්ද කරන්න යන්නේ කියලා."" යනුවෙන් ඇය පැවසීය. ""මෙකත් ලොකු වන්දියක් කියලා හිතන්න යන්න එපා මොකද ඒකට හේතුව මේක අපේ පරිසරයටත් රටටත් කරන විශාලම හානියක්. මොකද මේකේ කවදා හෝ විපාක දකින්න වෙනවා අපේ දරුවන්ගේත් දරුවන්ට. මම දකිනවා මේක අපේ ලංකාවට කරපු, අපේ මුහුදට කරපු, අපේ ධීවර කර්මාන්තයට කරපු ලොකුම ප්‍රබලම වැරැද්ද කියන එක. ඒ නිසා බලධාරීන් දැන් හිතන්න වෙනවා තමන්ගේ තනතුරු ගැනත්."" සාගර සහ මුහුදු පද්ධතිවලින් ජෛවගෝලයට ඇති බලපෑම සුළු කොට තැකිය නොහැකි බව පරිසරවේදීහු පෙන්වා දෙති. සමුද්‍ර දූෂණය හේතුවෙන් සමස්ත පරිසර පද්ධතියම පමණක් නොව සියලු ජීවීන් ද විශාල විනාශයකට මුහුණ දෙන්නට අවශ්‍ය පසුබිම සකසයි. වනාන්තර මඟින් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගැනීමට දක්වන දායකත්වයට සමාන දායකත්වයක් සාගරවලින්ද ලැබේ. මුහුදු පද්ධතිය දූෂණය වීම තුළ ජීවය පැවතීමට අවශ්‍ය කරන ඔක්සිජන් මට්ටම අඩුවී කාබන් ඩයොක්සයිඩ් මට්ටම ඉහළ යන බව විද්‍යාඥයින්ගේ මතය වී තිබේ. පරිසරවේදීන් පෙන්වාදෙන පරිදි වර්තමානයේ ලෝකය පුරා සමුද්‍ර ජීවීන්ට ඇති අති විශාලතම තර්ජනයක් වන්නේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් නොඑසේ නම් මයික්‍රො ප්ලාස්ටික්(microplastic) ය. ජලයේ ශ්වස���ය කරන සෑම සත්ත්වයකුගේම ශ්වසන පද්ධති අවහිර කිරීමට ක්ෂුද්‍ර ප්ලාස්ටික් හේතුවේ. නැවේ ප්‍රවාහනය කළ බොහෝ උපද්‍රවකාරී ද්‍රව්‍ය අතර ප්ලාස්ටික් බෑග් සෑදීම සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය වන නර්ඩල්ස් නමින් හැඳින්වෙන ප්ලාස්ටික් පෙති මෙට්‍රික් ටොන් 78 ක් තිබී ඇත. අනතුරේදී සාගරයට මුසු වූ එම ප්ලාස්ටික් පෙති කොළඹට දකුණින් පිහිටි වෙරළ තීරවලට දැනටමත් ගොඩගැසීය. ""මෙම ප්ලාස්ටි පෙති කැලණිය හා මීගමුව වැනි කලපු හා ගංගා පද්ධතිවලට සහ වරාය නගරයට ද පිවිසෙන්නට ඉඩ තිබෙනවා. ඒවා ප්‍රවාහනය කරනු ලබන්නේ සුළඟින් සහ ධාරා වලින් - මුහුදු වෙරළ මතුපිට රැඳී සිටින අතර ඒවා ජෛව හායනයට ලක් නොවන බැවින් සාගර පරිසරයේ සදහටම පවතිනවා"" යනුවෙන් ඔහු පැවසීය. එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාව වෙතින් ප්ලාස්ටික් පෙති බිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් මුහුදට එක්වී ඇති බැවින් ඒවායෙහි මාර්ගය පුරෝකථනය කළ විට ඒවා ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ සිට ඉදිරි දිනවලදී බටහිර වෙරළ තීරය හරහා උතුරු දෙසට ගමන් කරනු ඇති බව ඔහු වැඩිදුරටත් කීය. පරිසරවේදීන් පවසන්නේ දූෂණ කාරක කාබනික සහ රසායනික ද්‍රව්‍ය සමුද්‍රයට එක් රැස් වීම නිසා යම් මුහුදු ප්‍රදේශවල ජීව පද්ධතියේ අසමතුලිතතා ඇති වන අතර ඇල්ගී වර්ග ආදිය ඉතා වේගයෙන් වර්ධනය වෙමින් මුහුදු පත්ලේ සහ ගල්පරවල සිටින ජීවීන් මිය යෑමට ඉඩ තිබෙන බවය. මේ අතර පානදුර සිට කොළ‍ඹ හරහා කොච්චිකඩේ දක්වා වෙරළාසන්න මුහුදේ සියලු ධිවර යාත්‍රාවලට ධිවර කටයුතුවලින් ඉවත් වන ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත. මේ අතර පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මාධ්‍ය හමුවේ පැවසුවේ නෞකාව සම්බන්ධයෙන් මතුවූ තත්ත්වයට වගකිවයුත්තන්ට දඩුවම් ලබා දිය යුතු බවයි. කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මාධ්‍ය හමුවේ පැවසුවේ නැව් අනතුරින් සිදුවන හානිය ඉතාමත් බරපතල බැවින් වහාම නැව මෙම ස්ථානයෙන් ඉවතට ගෙන යාමට කටයුතු කරන්න යැයි ඉල්ලා සිටි බවය. එසේ ඉවතට ගෙන යා නොහැකිනම් නැවේ තෙල් ඉවත් කිරිමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි බවය. කෙසේවෙතත්, මතුවී ඇති තත්ත්වය හමුවේ ධීවර ජනතාවට එල්ල වී ඇති බලපෑම වෙනුවෙන් ඉදිරිපත් වී මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සූදානම් බව උන්වහන්සේ පැවසීය." +ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදනවලට එරෙහිව යුරෝපා සංගමය පනවා තිබෙන තහනම ඉවත් කිරීමට තවත් මාස කිහිපයක් ගත වනු ඇති බව යුරෝපා සංගමය පව���යි.,"'සාකච්ඡා මිත්‍රශීලීව පැවැත්වුනා.' යුරෝපා සංගමයේ බලධාරීන් ඒ බව දැනුම් දී තිබෙන්නේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර සංචාරයක නිරතව සිටින විදේශ අමාත්‍ය මංගල සමරවීර හමු වූ අවස්ථාවේ දී. සමරවීර ඇමතිවරයා පරිසර, සමුද්‍ර සහ ධීවර කටයුතු පිළිබඳ යුරෝපා සංගමයේ කොමසාරිස් කාර්මෙනු වෙලා සමඟ ද සාකච්ජා පැවැත්වූ බව ඔහුගේ ප්‍රකාශක එන්රිකෝ බ්‍රිවියෝ බීබීසී සංදේශයට පැවසීය. මත්ස්‍ය අපනයන තහනම ඉවත් කර ගැනීමේ අටියෙන් ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග යුරෝපා සංගමයේ පැසසුමට ලක් වූ බව ද ඔහු පැවසීය. දූත පිරිසක් ""ශ්‍රී ලංකාව නීති විරෝධී ලෙස මසුන් මරනවා නම් ඒක පාලනය කරන්න යුරෝපා සංගමයට හැකියාවක් නැහැ,"" යනුවෙන් යුරෝපා ඇමතිවරයාගේ ප්‍රකාශකයා කියා සිටියේය. 'ඉදිරි මාස කිහිපය තුළ සාධනීය තීන්දුවක් ගැනීමට ඉඩ තිබෙනවා' ""නමුත් නව රජය දී තිබෙන පොරොන්දු කොමසාරිස්වරයා සැලකිල්ලට ගෙන තිබෙනවා."" හොඳ හිත වර්ධනය කිරීමේ අරමුණෙන් යුරෝපා සංගමය තහනම අත්හිටුවනු ඇතැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූයේ නම් ඒ වෙනුවට බ්‍රසල්ස් නුවරින් ලැබී තිබෙන්නේ බලාපොරොත්තු සුන් වූ ආකාරයේ පිළිතුරක් බවයි පෙනී යන්නේ. නීති විරෝධී මසුන් ඇල්ලීම නවතා දැමීමට ශ්‍රී ලංකාව ක්‍රියාකරන තුරු තහනම ඉවත් නොකෙරුණු ඇති බවද එන්රිකෝ බ්‍රිවියෝ සංදේශයට පැවසීය. තත්වය නිරීක්ෂණය කිරීම් වස් දූත පිරිසක් ශ්‍රී ලංකාවට පිටත් කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේය." +තමන් ඇතුළු පිරිසකට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර ලබා දී ආණ්ඩුවට එකතුකර ගැනීමට සැරසෙන බවට පළ වන වාර්තා සිවිල් සමාජය දියකර හැරීමේ උත්සාහයක් බව පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරුවන් වන ගාමිණී වියන්ගොඩ සහ සමන් රත්නප්‍රිය පවසති.,"'මේකේ අදහස සිවිල් සමාජ ක්‍රියාධරයන් මේ සේරම කරන්නේ යම් දේ බලාපොරොත්තුවෙන් කියල පණිවුඩයක් දීම' ඔවුන් දෙදෙනා සහ ප්‍රවීණ සිනමාකරු ධර්මසිරි බණ්ඩාරනායකට මන්ත්‍රී ධුර පිරිනැමීමට ආණ්ඩුව සූදානම් වන බවට ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වාර්තා පළවන අතර, ඒ පිළිබඳව කොළඹ පෝස්ටර්ද අලවා තිබුණි. එහෙත් එය සිවිල් සමාජයෙන් ආණ්ඩුවට එල්ලවෙමින් තිබෙන බලපෑම වැළැක්වීමේ අටියෙන් 'සැලසුම් සහගතව' දියත් වූ ක්‍රියාදාමයක් බව දේශපාලන විශ්ලේෂක ගාමිණී වියන්ගොඩ සංදේශයට පැවසීය. ""මේකේ අදහස සිවිල් සමාජ ක්‍රියාධරයන් මේ සේරම කරන්නේ යම් දේ බලාපොරොත්තුව��න් කියල පණිවුඩයක් දීම,"" ඔහු පැවසීය. 'ජනතාව සමඟ අත්සන් තැබූ ගිවිසුම උල්ලංඝනය කිරීමේ කිසිදු අදහසක් නෑ' ආණ්ඩුවේ ඇතැම් කණ්ඩායම් මෙන්ම ඇතැම් ජනමාධ්‍ය පවා මේ ක්‍රියාදාමය පිටුපස සිටිය හැකි බවත් ඔහු සඳහන් කළේය. තමන්ට එවැනි කිසිදු යෝජනාවක් ලැබී නැති බව අවධාරණය කරන ගාමිණී වියන්ගොඩ, ආරාධනාවක් ලැබුණත් ආණ්ඩුවේ කිසිදු පදවියක් භාරනොගන්නා බව අවධාරණය කළේය. මාධ්‍ය වාර්තාවල සිය නම සඳහන් වන නමුත් කිසිවෙකුත් තමන්ගෙන් කරුණු විමසීමක් නොකළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඒ පිළිබඳව සංදේශය කළ විමසීමකදී අදහස් දැක්වූ සමන් රත්නප්‍රිය, තමන් 'ජනතාව සමඟ ගිවිසුමක්' අත්සන් තබා තිබෙන බැවින් එම ගිවිසුම උල්ලංඝනය කිරීමේ කිසිදු අදහසක් නැති බව අවධාරණය කළේය. තමන්ටත් මෙතෙක් එවැනි කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නැති බව පවසන සමන් රත්නප්‍රිය, එවැනි තනතුරක් භාරගැනීමේ කිසිදු අභිලාශයක් නැති බවත් අවධාරණය කළේය. 'කිසිම ආරාධනයක් ලැබිල නෑ' මන්ත්‍රී පදවියක් භාරගැනීම පිළිබඳව මෙතෙක් කිසිවකුත් තමන්ට ආරාධනාවක් කර නැති බව සඳහන් කළ ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක, මෙවැනි ප්‍රචාරයක් මතුවීමට තුඩු දුන් පසුබිමද සංදේශයට විස්තර කළේය. පසුගිය සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වූ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ සංස්කෘතියේ පරිහානිය සහ 'පාදඩකරණය' පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පහදා දුන් අවස්ථාවේ, කලාකරුවන් සමඟ රැස්වීමක් සංවිධානය කරන මෙන් ජනාධිපතිවරයා තමන්ගෙන් ඉල්ලා සිටි බව ඔහු සඳහන් කළේය. එසේ නොමැතිව මෙතෙක් තමන්ට කිසිදු පදවියක් භාරගන්නා මෙන් ආරාධනාවක් ලැබී නැති බවත් හොංකොං සිට අදහස් දක්වමින් ඔහු කියා සිටියේය. ""මගෙන් මේ රටට සේවයක් විය හැකි නම්, ඒක මගේ ක්ෂේත්‍රය නම් ඒ ගැන කලපනා කරලා බලනවා,"" යනුවෙන්ද ඔහු පැවසීය." +කොළඹ දී රාජ්‍ය නායක සමුළුව විවෘත කිරීමෙන් පැය කිහිපයකට පසුව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් උතුරේ යාපනය ප්‍රදේශයේ සංචාරය කළේය.,"යුද්ධයේ දී මියගිය ඥාතීන් ගේ පවුල් වල කාන්තාවන් අගමැති කැමරන් ගිය වාහන පෙළ ඉදිරියට කඩා පනින්නට උත්සාහ කළ බවයි වාර්තා වන්නේ. එක් දහස් නවසිය හතළිස් අටේ දී නිදහස ලැබීමෙන් පසු යාපනයේ සංචාරය කළ පළමු විදේශ නායකයා ඔහුයි. අතුරුදහන් වී ඇති තම ඥාතීන්ගේ ඡායාරූප අතේ දරා සිටි ඔවුන් සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා හඬ නගා තිබේ. ���මුළුව ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සමුළුව පැවැත්වීමට සුදුසු රටක් ද යන විවාදයක් මතුව තිබියදී යි. දෙමළ කොටි කැරලි කරුවන්ට එරෙහිව සිදු කල යුද හමුදා මෙහෙයුමේ දී යුද අපරාධ සිදුව ඇති බවට එල්ලවන චෝදනා විමර්ශනය කිරීම පිණිස ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කිරීම ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කිරීමට විරෝධය පෑම සඳහා කැනඩාව, ඉන්දියාව , සහ මොරිෂස් යන රටවල නායකයන් විසින් සමුළුව වර්ජනය කොට තිබේ." +පොලිස් නිලධාරීන්ගෙන් සිදු වන ලිංගික හිරිහැර ඇතුළු ශ්‍රී ලංකාවේ පොලිස් සේවයේ නිරත කාන්තාවන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීම පිණිස පියවර ගනිමින් සිටින බව ජාතික පොලිස් කොමිසම පවසයි.,"වර්තමානයේ සියයට එකොළහක් පවතින පොලිස් දෙපාර්තමේන්තුව තුල පොලිස් කාන්තාවන්ගේ ප්‍රතිශතය වැඩි කිරීමට යෝජනවක් පොලිස් කාන්තාවන් මුහුණ දෙන ලිංගික අතවර වැළැක්වීමේ කෙටී කාලීන පියවරක් වශයෙන්, පළාත් නවයටම දැනටමත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනියන් පත් කර ඇති බවත් කොමිසමේ සභාපති මහාචාර්ය සිරිපාල හෙට්ටිගේ බීබීසී සංදේශයට පැවසීය. ""ඒක හැම ආයතනයකම තියන ගැටලුවක්. ඕක පොලිසියට පමණක් සීමා වුන එකක් නෙවෙයි. විශ්ව විද්‍යාලවල ඔය ප්‍රශ්නය තියෙනවා,"" ඔහු පැවසීය. (සාකච්ඡාවට සවන්දෙන්න) එබැවින් පොලිස් කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර වැළැක්වීමේ දිගුකාලීන පියවරක් වශයෙන් එයට එරෙහි ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරමින් සිටින බවත් මහාචාර්යවරයා පවසයි. ජ්‍යෙෂ්ඨත්වය සහ දස්කම් ප්‍රකාර උසස්වීම් නොලැබීම ඇතුළු පොලිස් කාන්තාවන් මතුකරන වෘත්තීයමය ගැටළු සම්බන්ධයෙන් කෙටි කාලීන සහ දිගු කාලීන වශයෙන් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් මහාචාර්ය හෙට්ටිගේ සඳහන් කළේය. 'කෙටි කාලීන සහ දිගු කාලීන' 'පොලිස් කාන්තාවන්ට උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක්' වර්තමානයේ සියයට එකොළහක්ව පවතින පොලිස් දෙපාර්තමේන්තුව තුල කාන්තාවන්ගේ ප්‍රතිශතය වැඩි කිරීමට යෝජනා කිරීම ඔහු පෙන්වාදෙන තවත් පියවරක්. ""විශේෂයෙන් පොලිසිය තුළ අඩු මට්ටමින් පවතින කාන්තා ප්‍රතිශතය සෑම මට්ටමකම තනතුරුවලට අදාළ වෙන විදිහට වැඩි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා,"" ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ කොමිසමට වසරක් පිරීම නිමිත්තෙන් බීබීසී සංදේශයට අදහස් දක්වමින්. පොලිසියට එරෙහිව ලැබී ඇති මහජන පැමිණිලි ඇතුළු පොලිස් නිලධාරීන් විසින් කරන ලද අපචාර පිළිබඳ අධ්‍ය���න කරමින් ඒ සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට ජාතික පොලිස් කොමිසම කටයුතු කරමින් සිටින බවත් මහාචාර්ය සිරිපාල හෙට්ටිගේ වැඩිදුරටත් පැවසීය. (සංදේශයට සවන්දෙන්න) පොලිසියේ කාර්යක්ෂමතාව සහ වගකීම සම්බන්ධයෙන් සෑම පොලිස් ස්ථානයකම පිළිබඳ 'සමාජ විගණනයක්' (social audit) කිරීම පොලිස් කොමිසම යෝජනා කරන තවත් ක්‍රියාමාර්ගයක්. 'සමාජ විගණනයක්' ""මීට අමතරව පොලිස් ස්ථානවල තිබෙන අඩුපාඩු හඳුනා ගෙනීම සඳහා විශේෂ පරීක්ෂණයක් අපි පවත්වනවා."" යළිත් වරක් රට තුල පැතිර යමින් තිබෙන අපරාධ රැල්ල මැඩලීම පිණිස නිසි පියවර නොගන්නා බවට පොලිසියට එල්ල වන චෝදනා පිළිබඳව විමසූ අවස්ථාවේ මහාචාර්ය සිරිපාල හෙට්ටිගේ කියා සිටියේ, අපරාධ වැළැක්වීම පිණිස පොලිසියේ කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය වැඩිකිරීමට දැනටමත් ඇතැම් පියවර ගෙන තිබෙන බවයි. ""මීට අමතරව පොලිස් ස්ථානවල තිබෙන අඩුපාඩු හඳුනා ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් අපි පවත්වනවා. 'මහජනතාවට වග කියන පොලිසිය' කියන මාතෘකාව වචනයට විතරක් සීමා නොකර ඒ සඳහා සමාජ විගණනයක් කරන්න අපි පියවර අරගෙන තිබෙනවා."" දශක ගණනාවක් තුල ගොඩ ගැසුණු ගැටළු මාස කිහිපයක් තුල විසඳිය නොහැකි බව පෙන්වා දුන් සභාපතිවරයා, ශ්‍රී ලංකාවේ පොලිස් සේවයේ ප්‍රබල පරිවර්තනයක් ඇති කිරීම සිය බලාපොරොත්තුව බව වැඩිදුරටත් පැවසීය." +ශ්‍රී ලංකා කණ්ඩායම යලිත් වරක් පාකිස්තානයේ තීරණය කළ යුතුද නැද්ද යන්න පිළිබඳව හොඳින් කරුණු විමසා බලා තීරණයක් ගත යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.,"සරෝජ් පතිරණ බීබීසී සිංහල සේවය 'අපි පාකිස්තානයටත් උදවු කළ යුතුයි නමුත් මොන වාහනයක් ගෙනාවත් අපිට ඒ ගැන හොඳින් හිතා බලා තීරණයකට එළඹෙන්න වේවි' එහි සභාපති උපාලි ධර්මදාස බීබීසී සංදේශයට ඒ බව කියා සිටියේ සිය රටේ සංචාරය කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් පොලඹවා ගැනීමේ අටියෙන් ඔවුන්ගේ ආරක්ෂාව පිණිස විශේෂ වෙඩි නොවදින රථ මිලදී ගන්නා බව පාකිස්තාන බලධාරීන් කළ නිවේදනය පිළිබඳව ඔහුගේ මතය විමසූ අවස්ථාවේ. ""මම හිතන්නේ අපි ඒ ගැන දීර්ඝ සාකච්ඡාවක් කළ යුතුයි මොකද ඔය කියන තත්ත්වයට මූලික වුනේ ශ්‍රී ලංකා කණ්ඩායම නිසා. ඉතින් කොච්චර මනස හදන චිකිත්සකයෝ ආවත් ඔවුන්ට වුන දේ හොඳටම මතකයේ ඇති,"" යන්නයි ඒ ප්‍රශ්නයට සභාපතිවරයා ගේ ප්‍රතිචාරය වූයේ. කණ්ඩායමට මනෝ චිකිත්සකයෙක් ""අපි පාකිස්තානයටත් උදවු කළ යුතුයි නමුත් මොන වාහනයක් ගෙන��වත් අපිට ඒ ගැන හොඳින් හිතා බලා තීරණයකට එළඹෙන්න වේවි,"" ඔහු පැවසීය. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම තීරණාත්මක තරඟවලදී පරාජය වීම හමුවේ කණ්ඩායමට මනෝ චිකිත්සකයෙක් පත් කළ යුතුද යන්න සම්බන්ධයෙන් පසුගිය සෙනසුරාදා විධායක මණ්ඩල කමිටුවේදී තීන්දුවකට එළැඹීමට නොහැකි වූ බවද උපාලි ධර්මදාස බීබීසී සංදේශයට කියා සිටියේය. පිට පිටම සිවු වතාවක් ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන මහා තරඟවලදී පරාජය වීම ක්‍රීඩකයන්ගේ මානසික ශක්තිය පිලිබඳ දර්ශකයක් විය හැකි බැවින් කණ්ඩායමට මනෝ චිකිත්සකයකු බඳවා ගැනීම පිළිබඳව සලකා බැලිය යුතු බව තේරීම් කමිටු සභාපති අසන්ත ද සිල්වා ඇතුළු කිහිපදෙනෙකුගේම මතය වී තිබුණි. රහසිගත හඬ පටය ඒ පිළිබඳව යලිත් වරක් ලබන සතියේ රැස්වී සාකච්ඡා කොට තීන්දුවක් ගැනීමට නියමිත බවයි, සභාපතිවරයා පවසන්නේ. එමෙන්ම එස්එල්පීඑල් ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීගයේ තරඟ වුවමනාවෙන්ම පැරදීම සඳහා අල්ලස් ලබාගැනීමේ උත්සාහයක් ලෙසින් සැලකෙන සිදුවීම පිලිබඳ රහසිගත හඬ පටය පිලිබඳ පරීක්ෂණ වාර්තාවක් අයිසීසී ජගත් පාලක මණ්ඩලයට භාර නොදුන් බවද ඔහු පිළිගත්තේය. ඒ පිලිබඳ පරීක්ෂණ වාර්තාව අයිසීසී යට භාරදුන් බව සභාපතිවරයා පසුගිය සතියේ සංදේශයට පැවසූ නමුත්, ජගත් පාලක මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක කොලින් ගිබ්සන් සංදේශයට පැවසුවේ ඒ සම්බන්ධ පරීක්ෂණ තවමත් පැවැත්වෙන බවයි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා" +ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා විසින් නිල වශයෙන් දැනුම් දී තිබෙන බව මැතිවරණ කාර්යාලය ප්‍රකාශ කරයි.,මේ සම්බන්ධයෙන් ෆැක්ස් පණිවිඩයක් ජනාධිපති කාර්යාලයෙන් මැතිවරණ දෙපාර්තමේන්තුවට මින් මොහොතකට පෙර ලැබුණු බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් බීබීසී සංදේශයට පැවසීය නියමිත කාලයට වසර දෙකකට පෙර ලබන ජනවාරි මාසයේ දී ජනාධිපතිවරණයක් කැඳවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ඊයේ රාත්‍රියේ පළ වූ අතර ඒ අනුව අද(20) දහවල් 1.30ට පමණ ජනාධිපතිවරයා අදාළ නියෝගයට අත්සන් කළ බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ. ජනවාරි 03 වැනි දින හෝ 07 වැනි දින මී ළඟ ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිත නමුත් දෙසැම්බර් මස දීර්ඝ නිවාඩු කාලය හේතුවෙන් ජනවාරි 03 වැනි දින මැතිවරණය පැවැත්වීම ඉතා දුෂ්කර බව මැතිවරණ කොමසාරිස්වරයාගේ අදහස වී තිබෙන බවත් එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි. +වසා දමනු ලැබූ මැණික් ෆාම් කඳවුරින් ඉවත් කොට කැලයක් මැද පදිංචි කළ යුද අනාථයන් හට ඔවුන් වෙනුවෙන් ගෙනගිය සහනාධාර ලබා ගැනීමට රජයේ යුද හමුදාව අවසර නොදුන් බව දෙමළ දේශපාලන පක්ෂයක් කියා සිටියි.,"තම පක්ෂයේ ලේකම් වරයාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 30 වැනිදා සීනියාමොට්ටෙයි කැලයට රැගෙන ගිය සහනාධාර ලබා ගැනීමට පැමිණි ජනතාව යුද හමුදාව විසින් ආපසු හරවා යවා ඇතැයි දමිළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් බීබීසී සංදේශයට පැවසුවේය. මැණික් ෆාර්ම් කඳවුරෙන් ඉවත් කරනු ලැබූ මුලතිවු දිස්ත්‍රික්කයේ කේප්පාපුලවූ ගමේ අනාථ භාවයට පත් පවුල් එකසිය දහයක් පදිංචි කර ඇත්තේ සීනියාමොට්ටෙයි කැලය මැදයි. තමන් මෙම පවුල්වල සිටින පුද්ගලයන් තුන් සිය හතලිස් හයකට සහනාධාර රැගෙන ගිය බවයි ඔහු කියා සිටියේ. ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ""සහනාධාර බෙදා නොදෙන බව ප්‍රකාශ කර ඇති යුද හමුදාව, ආපසු සීනියාමොට්ටෙයි කඳවුරට යන ලෙස සහනාධාර ගැනීමේ බලාපොරොත්තුවෙන් පාර දෙපසට රැස්ව සිටි ජනතාවට දැනුම් දී තිබෙනවා"" ""අපි සහනාධාර ගෙනයන බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සහ යුද අනාථයන්ට දැනුම් දී තිබුණා"" යැයි ද ඔහු සඳහන් කළේය. ""සහනාධාර බෙදා නොදෙන බව ප්‍රකාශ කර ඇති යුද හමුදාව, ආපසු සීනියාමොට්ටෙයි කඳවුරට යන ලෙස සහනාධාර ගැනීමේ බලාපොරොත්තුවෙන් පාර දෙපසට රැස්ව සිටි ජනතාවට දැනුම් දී තිබෙනවා"" යැයිද දමිළ ජාතික ජනතා පෙරමුණේ නායකයා පැවසුවේය. 'ඉඳුරාම අසත්‍ය' ප්‍රකාශයක් තමන් සහනාධාර රැගෙන යන බවට යුද හමුදාව දැනුවත් නොකළ බව කියා සිටි ගජේන්ද්‍ර කුමාර් සිවිල් පරිපාලන කටයුතු සම්බන්ධයෙන් යුද හමුදාවට දැනුම් දීමේ අවශ්‍යතාවක් නැති බවද අවධාරණය කළේය. කේප්පාපුලවූ ගමේ පවුල් යලි පදිංචි කර ඇත්තේ සීනියාමොට්ටෙයි කැලය මැදයි සීනියාමොට්ටෙයි හි සිටින යුද අනාථයන් ට සහනාධාර ලබා දීමේ කිසිදු අවහිරයක් පනවා නැතැයි ශ්‍රී ලංකා රජයේ හමුදා බලධාරීහු ප්‍රකාශ කරති. බී සී සංදේශය කළ විමසීමකට පිළිතුරු දෙමින් දමිළ ජාතික ජනතා පෙරමුණ නගන චෝදනා ප්‍රතික්ෂේප කළ හමුදා ප්‍රකාශකයා කියා සිටියේ එය 'ඉඳුරාම අසත්‍ය' ප්‍රකාශයක් බවයි. ආධාර බෙදා හැරීමට සැප්තැම්බර් 30 වැනිදා පැමිණි පිරිසක් ""ඒ කටයුත්ත සාර්ථක ලෙසින් හමාර කොට ආපසු ගිය,"" බවයි බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය වැඩිදුරටත් කියා සිටියේ. මැණි��් ෆාම් කඳවුරෙන් ඉවතට ගෙන ගිය කේප්පාපුලවූ අනාථයන් සඳහා මුලතිවු හි වට්රාපලෙයි මහා විද්‍යාලයේ සහ වට්රාපලෙයි කනිෂ්ට පාසලේ පිහිටුවා ඇති තාවකාලික කඳවුරු වෙන් කර ඇති අතර ඉදිරි මාස කිහිපය තුළ ඔවුන් මෙම කඳවුරුවල රඳවා තැබීමට නියමිත බවයි රජය පවසන්නේ. සබැඳි තේමා" +ඔස්ට්‍රේලියාවේ දරුවන් තිදෙනෙකු හදිසියේ රෝගී වීමට හේතුව දෑස් වටා තවරන රූපලාවණ්‍ය ආලේපනයක් (අඳුන්) විෂ වීම යැයි බලධාරීහු පවසති. කළු පැහැති මෙම ආලේපන වර්ගයේ ඊයම් මිශ්‍ර වී ඇති බව සොයාගෙන තිබේ.,"ඊයම්වලට අමතරව, මෙම නිෂ්පාදනවල ආසනික්, කැඩ්මියම්, ක්‍රෝමියම් සහ රස දිය වැනි අනතුරුදායක ලෝහමය රසායනික ද්‍රව්‍ය අඩංගුව තිබූ බව බලධාරිහු පවසති. හෂ්මි (Hashmi) වෙළෙඳනාමය යටතේ පකිස්තානයේ නිෂ්පාදිත මෙම අඳුන් වර්ගය ගැන අනතුරු ඇඟවීමට 'නිව් සවුත් වේල්ස්' ප්‍රාන්ත ආණ්ඩුව ක්‍රියා කර තිබේ. මෙම අඳුන් වර්ගයේ 84%ක් ඊයම් සහ තවත් අනතුරුදායක ලෝහ කුඩු වර්ග අන්තර්ගත වී ඇති බව සොයාගෙන ඇත. මෙම නිෂ්පාදන ඔස්ට්‍රේලියාවට නීත්‍යානුකූලව ආනයනය කර තිබෙන අතර, පාරිභෝගිකයන් දැඩි ලෙස නොමඟ යවන ඇසුරුමක බහා තිබෙනු දක්නට ලැබේ. එකිනෙකාට ඥාති වන මෙම රෝගී දරුවන්ගේ රුධිරයේ ඊයම් අඩංගු වීම පිළිබඳ වෛද්‍යවරුන්ගේ දැඩි අවධානය යොමු වී තිබේ. ""පරීක්ෂණවලින් පෙන්වන්නේ හෂ්මි වෙළෙඳනාමය යටතේ ඇති දෑස් ආලේපන භාවිතා කිරීම මෙම රෝගී තත්ත්වයට හේතුව විය හැකි බවයි"" ලෙස ප්‍රාන්ත ඇමතිවරයෙකු වන මැට් කීන් පැවසීය. හෂ්මි වෙළෙඳනාමය යටතේ ඇති අඳුන් වර්ග ගැන මින් පෙර වෙනත් රටවල් බොහොමයක් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ඇමරිකා එක්සත් ජනපදය තුළ මෙම නිෂ්පාදන විකිණීම තහනම් කර තිබේ. 'අශෝභන' ඇසුරුම සිඩ්නි නුවර පිහිටා ඇති ඉන්දියානු සහ පකිස්තාන නිෂ්පාදන විකුණන රූපලාවණ්‍ය වෙළෙඳසැල්වලින් මෙම හෂ්මි අඳුන් සහ දෑස්වල දීප්තිය වැඩි කිරීමේ ආලේපන මිලදී ගත හැකිය. ""සමහර ඇසුරුම්වල විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා මේ නිෂ්පාදනවල ඊයම් අඩංගු වී නැහැ කියලා, එය ඇත්තටම ලැජ්ජාවක්"" යැයි මැට් කීන් පැවසුවේය. මෙම නිෂ්පාදන භාවිත කිරීමෙන් වැළකී සිටින ලෙස ඔස්ට්‍රේලියානුවන් දැනුවත් කර තිබේ. ඔස්ට්‍රේලියානු දේශ සීමා බලඇණිය විසින් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනු ඇත. හෂ්මි (Hashmi) වෙළෙඳනාමය යටතේ පකිස්තානයේ නිෂ්පාදිත අඳුන් වර්ග ඊයම්වලට අමතරව, මෙම නිෂ්පාදනවල ආසනික්, කැඩ්මියම්, ක්‍රෝමියම් සහ ��ස දිය වැනි අනතුරුදායක ලෝහමය රසායනික ද්‍රව්‍ය අඩංගුව තිබූ බව බලධාරිහු පවසති. ඉතා කුඩා ඊයම් ප්‍රමාණයක් ශරීරගත වීමෙන් පවා දීර්ඝකාලීන රෝග තත්ත්වයන් ඇති විය හැකි අතර, මොළයට සහ වකුගඩුවලට හානි සිදුවීමේ ප්‍රවණතාවක් ඇත. ලෝකයේ බොහෝ රටවල අතීතයේදී සාම්ප්‍රදායක අඳුන් වර්ග ඇතුළු රූපලාවණ්‍ය ආලේපන සඳහා ඊයම් භාවිතා කර තිබුණි. සිය නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමේදී එහි සෞඛ්‍ය ආරක්‍ෂිතභාවය ගැන නොසලකන ආයතන, නිව් සවුත් වේල්ස්හි නීතියට අනුව ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1.1ක් දක්වා දඩයකට යටත් කළ හැකිය. මේ තොරතුරුද කියවන්න:" +අළු බඳුන ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟයේ දෙවැනි දිනය නිම වුනේ එංගලන්ත කණ්ඩායම අසීරු අඩියකට පත් කරමින්.,"අළු බදුන තරඟාවලිය උණුසුම් මුහුණුවරක් ගනිමින් පවතී. බ්‍රිස්බේන් හි පැවැත්වෙන මෙම තරඟයේ පළමු දිනයේදී පන්දුවෙන් දස්කම් දැක් වූ එංගලන්ත කණ්ඩායම පිත්තෙන් පහර දීම අතින් විශාල පසු බෑමකට ලක් වුනේ, ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ හෙළමින්. පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 295 කට සීමා කිරීමට එංගලන්ත ක්‍රීඩකයන් සමත් වුනත් පන්දුවට පහර දීමේ දී ආරම්භයේ පටන් ම අසාර්ථක තත්වයකයි පසු වුනේ. එංගලන්ත ඉනිම ආරම්භ කරමින් පිටියට අවතීර්ණ වූ නායක ඇලිස්ටෙයාර් කුක්, ළකුණු දහතුනකට දැවී ගිය අතර, එම ඉනිමේ දී එංගලන්ත ක්‍රීඩකයකු ලබා ගත වැඩිම ළකුණු සංඛ්‍යාව හතළිහකට සීමා වුනි. එම්.ඒ.කාර්බෙරි එම වැඩිම ලකුණු හතළිහ වාර්තා කළ අතර, ඊ ලඟට වැඩිම ළකුණු සංඛ්‍යාව වූ ළකුණු තිස් දෙකක් වාර්තා කළේ පළමු ඉනිමේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු හයක් දවා ලූ ස්ටුවර්ට් බ්‍රෝඩ් විසිනුයි. මැද පෙළ පිති කරුවන් බලවත් අසීරු තත්වයකට පත් කළ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ එංගලන්ත කණ්ඩායම ලකුණු 136 ක් ලැබ සිටිය දී පිටියෙන් ඉවත් කිරීමට සමත් වූහ. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මයිකල් ජොන්සන් ලකුණු හැට දෙකකට කඩුලු හතරක් දවා ලීමට සමත් විය. සිය දෙවැනි ඉනිම සඳහා පිටියට බට ඕස්ට්‍රේලියානු කණ්ඩායම දෙවැනි දිනයේ තරඟය නිම කරන විට කිසිදු පිති කරුවකු නො දැවී ළකුණු හැට පහක් ලබා තිබුණි." +අයිසීසී යේ හිටපු විධායක නිලධාරියා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයෙකු ලෙසින් පත් කිරීමේ දී කිසිදු දූෂණයක් හෝ බැඳියාවන් අතර ගැටීමක් හෝ සිදුවී නැතැයි අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.,"සරෝජ් පතිරණ බීබීසී සිංහල සේවය 'අපේ සාමාජික රටවල් සමඟ කෙරෙන සියලුම මූල්‍ය හුවමාරු සම්බන්ධයෙන් තීරණ ගන්නේ අපේ මූල්‍ය සහ වාණිජ කටයුතු කමිටුව' අයිසීසී යේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචර්ඩ්සන් ඒ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඩොලර් ලක්ෂ පහක ආධාර මුදලක් ප්‍රදානය කිරීමෙන් සති කිහිපයකට අනතුරුව එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී හරූන් ලොර්ගාට් ඩොලර් ලක්ෂයක වේතනයකට ශ්‍රී ලංකා ක්‍රිකට් හි උපදේශකයෙකු වශයෙන් සේවය කිරීමට එකඟ වීම පිළිබඳව කරුණු විමසූ අවස්ථාවේ දී. ""සියලුම ආධාර මුදල්, ණය මුදල් ඇතුළු අපේ සාමාජික රටවල් සමඟ කෙරෙන සියලුම මූල්‍ය හුවමාරු සම්බන්ධයෙන් තීරණ ගන්නේ අපේ මූල්‍ය සහ වාණිජ කටයුතු කමිටුව. මේ මොහොතේ ඒ කමිටුවේ සභාපති පදවිය දරන්නේ අයිසීසී යේ සභාපති ඇලන් අයිසැක්. අවසාන තීරණය සම්බන්ධයෙන් ප්‍රධාන විධායක නිලධාරියා ට තියෙන්නේ සීමිත බලයක්. ඒ නිසා ඒ වගේ නිගමණයකට ඒම විකාරයක්,"" බවයි, ඩේවිඩ් රිචර්ඩ්සන් පවසන්නේ. 'බැඳියාවන් අතර ගැටීමක්' 'බරපතල දූෂණයක්' ""මෙතෙන්දි හැමදෙනාටම සැකයක් එනවා, අපිට ආරංචියි ලොර්ගාර්ට් මහත්තයට ඩොලර් ලක්ෂයක මුදලක් ගෙවනව කියල. ඉතින් ඩොලර් ලක්ෂ පහක් අපිට හම්බවෙන කොට ඩොලර් ලක්ෂයක මුදලක් එතුමාට ලබාදෙනවා වැනි දෙයක් තමයි මෙතන සිද්දවෙනව කියල අපිට පෙන්නේ"" හිටපු ක්‍රිකට් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග ලබන සැප්තැම්බරයේදී ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ප්‍රවේශ පත්‍ර ආදායමෙන් අයකර ගන්නා තෙක් අත්තිකාරමක් වශයෙන් ඩොලර් ලක්ෂ දහයක මුදලක් ද, ලෝක කුසලානය සංවිධානය කිරීමේ දී අවශ්‍ය ආම්පන්න මිලදී ගැනීම වෙනුවෙන් ඩොලර් ලක්ෂ පහක ආධාරයක් ද, 2015 ලෝක කුසලාන තරඟාවලියට සූදානම් වීම සඳහා ඩොලර් ලක්ෂ දහයක ණය මුදලක් ද වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ට ඩොලර් ලක්ෂ විසි පහක මුදලක් ලබා දී ඇති බවයි, අයිසීසී යේ මාධ්‍ය සහ සන්නිවේදන අංශ ප්‍රධානී කොලින් ගිබ්සන් බීබීසී සංදේශය කළ විමසීමක දී සඳහන් කළේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග පවසන්නේ එම සිදුවීම් දෙක අතර සහ සම්බන්ධයක් තිබෙන බවට සැක කිරීමට හේතු සාධක තිබෙන බවයි. ""මෙතෙන්දි හැමදෙනාටම සැකයක් එනවා, අපිට ආරංචියි ලොර්ගාර්ට් මහත්තයට ඩොලර් ලක්ෂයක මුදලක් ගෙවනව කියල. ඉතින් ඩොලර් ලක්ෂ පහක�� අපිට හම්බවෙන කොට ඩොලර් ලක්ෂයක මුදලක් එතුමාට ලබාදෙනවා වැනි දෙයක් තමයි මෙතන සිද්දවෙනව කියල අපිට පෙන්නේ,"" බවයි, අර්ජුන රණතුංග බීබීසී සංදේශය සමඟ කියා සිටියේ. මෙය බැඳියාවන් අතර ගැටීමකටත් (conflict of interest) වඩා බරපතල තත්ත්වයක් බව රණතුංග මන්ත්‍රීවරයා ගේ මතයයි. ""ලොර්ගාට් මහත්තය එතන ඉන්නකොට එවැනි දෙයක් වුනා නම්, එතුමා රස්සාවෙන් අයින් වුනාට පස්සේ එතුමා අපි උපදේශකයෙක් හැටියට ගන්නවා නම් එකට මම හිතන්නේ conflict of interest වලට වඩා යටින් ගෙවීමක් එතුමාට සිද්ද කරනවා වගේ ක්‍රියාදාමයක් අද සිද්දවෙනවා කියලයි මට හිතෙන්නේ,"" ඔහු වැඩිදුටත් පැවසීය. ලොර්ගාට් වාර්තාව එහෙත් අයිසීසී යේ ප්‍රධාන විධායක නිලධාරියා එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි. ""මම එකට එකඟ වෙන්නේ නෑ. කොයි විදියට බැලුවත් හරූන් ලොර්ගාට් මහත්තයා ට කොන්ත්‍රාත්තුවක් දීමේ වැඩ පිළිවෙල ආවේ ඒ තීන්දුව (මූල්‍ය ආධාර ලබාදීමේ ) අරගෙන බොහෝ කාලයකට පසුවයි. ලොර්ගාර්ට් මහත්තයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපකාර කිරීම ගැන ඒ අවස්ථාවේ කිසිම සඳහනක් තිබුනේ නෑ. ඒ නිසා ඒක ගැන තවදුරටත් කතා කිරීම සම්පූර්ණයෙන් ම වැරදියි කියලයි මම හිතන්නේ,"" යන්න ඒ චෝදනාව සම්බන්ධයෙන් ඩේවිඩ් රිචර්ඩ්සන් පළ කරන ප්‍රතිචාරයයි. ඩේලි මිරර් පුවත්පත සමඟ පැවති සාකච්ඡාවක දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස පවසා තිබුනේ හරූන් ලොර්ගාට් විසින් සකස් කිරීමට යෝජිත වාර්තාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී නැති බවයි. එසේනම් ලොර්ගාට් ගෙන් වාර්තාවක් කැඳවීමේ අවශ්‍යතාවය කවරේ දැයි අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි. මේ පිළිබඳව කරුණු විමසීම සඳහා සභාපතිවරයා ඇමතූ අවස්ථාවේ තමන් දුරකතනයෙන් සම්මුඛ සාකච්ඡා ලබා නොදෙන බවයි, ඔහු කියා සිටියේ. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා" +විනිසුරු ශිරාණි තිලකවර්ධන සමග අසුන් ගැනීමට නියමිත සිටි අනෙක් විනිසුරුවරුන් දෙදෙනා නොපැමිණීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු නඩු විභාග සියල්ල කල් දැමීමට සිදුවිය.,"චන්ද්‍රා ඒකනායක සහ එස් අයි ඉමාම් විනිශ්චයකාරවරුන් දෙදෙනා නඩු විභාග සඳහා පැමිණ නොසිටියේ මන්ද යන්න අධිකරණයේ ප්‍රකාශයට පත්වූයේ නැහැ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව පැවැත්වුණු දෝෂාභියෝගය විමර්ශනය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ තිලකවර්ධන විනිසුරුවරිය හමුවේ සාක්ෂි දුන්නාය. විශේෂයෙන්ම ��ෝල්ඩන් කී සමාගම වසා දැමීමේ සිදුවීම සම්බන්ධ නඩු විභාගයෙන් තමන් ඉවත් කොට අගවිනිසුරුවරිය එහි මුලසුන දැරීම තිලකවර්ධන විනිසුරුවරියගේ දෝෂ දර්ශනයට ලක්වූ බව තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ වාර්තාවේ දැක්වේ. කෙසේ නමුත් චන්ද්‍රා ඒකනායක සහ එස් අයි ඉමාම් විනිශ්චයකාරවරුන් දෙදෙනා නඩු විභාග සඳහා පැමිණ නොසිටියේ මන්ද යන්න අධිකරණයේ ප්‍රකාශයට පත්වූයේ නැහැ. රාජ්‍ය මාධ්‍ය ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටියේ ශිරාණි තිලකවර්ධන විනිසුරුවරිය පමණක් බැවින් නඩු විභාග 30 කට අධික ප්‍රමාණයක් කල් දැමීමට ඇයට සිදුවිය. මේ අතර ප්‍රකාශයක් කරන ප්‍රජාතත්‍රවාදය සඳහා වූ නීතිවේදීන්ගේ සංවිධානය, රාජ්‍ය මාධ්‍ය උපයෝගී කරගෙන අධිකරණය වෙත කෙරෙන පහරදීම් වහාම නැවැත්විය යුතු බව අවධාරණය කරයි. ""අපි නැවත වරක් රජයේ මාධ්‍යයට කියා සිටිනවා මාධ්‍ය සදාචාරය ආරක්ෂා කරන ලෙස,"" නීතිවේදී ක්‍රිශාන්ත වැලිඅමුණ සඳහන් කළේය. මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ නීතිඥ සංවිධාන ගණනාවක් මේ අතර ප්‍රකාශ කළේ නීතිඥ සංගමයේ උප සභාපතිනි අනෝමා ගුණතිලකට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත් කිරීමට නීතිවේදීන් බහුතරයක් සූදානම් වීම හමුවේ ඇය පදවියෙන් ඉල්ලා අස්වූ බවයි. දෝෂාභියෝග ක්‍රියාවලියේදී ආණ්ඩුවට පක්ෂග්‍රාහීව ක්‍රියාකරමින් නීතිඥ සංගමයේ සාමූහික වගකීම ඇය උල්ලංඝනය කිරීම එම විශ්වාස භංගයට හේතුව බව නීතිඥ සුනිල් වටගල පැවසීය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා" +"ආහාරයේ අඩංගු කැඩ්මියම් ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය පැතිරයාමට ප්‍රධාන හේතුවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර පර්යේෂකයන් පවා සනාථ කර තිබෙන බව පවසන පර්යේෂකයෙක්, එය කල්පිතයක්ය යන්න කිසිසේත්ම පිළිගත නොහැකි බව අවධාරණය කරයි.","වකුගඩු රෝගීන් දහස් ගණනක් වාර්ෂිකව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන බව සෞඛ්‍ය දත්ත පෙන්වා දෙයි සෞඛ්‍ය අමාත්‍යංශයේ තරුණ, ආබාධිත සහ වැඩිහිටි ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආනන්ද ජයලාල් ඒ බව කියා සිටියේ ආසනික්, ග්ලයිෆොසෙට් හෝ කැඩ්මියම් ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගයට හේතුව බව මෙතෙක් සනාථ වී නැතැයි චීන - ශ්‍රී ලංකා ඒකාබද්ධ පර්යේෂණ කණ්ඩායමක් පසුගියදා කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාරය දක්වමින්. වකුගඩු රෝගයත්, ආසනික් සහ ග්ලයිෆොසෙට් අතර සම්බන්ධයක් නැති බව සත්‍යයක් මුත් කැඩ්මියම් පිළිබඳව එවැන්නක් පැවසිය නොහැකි බවයි වෛද්‍ය ජයලාල් අවධාරණය කරන��නේ. පෝලියෝ උදාහරණය ""ඒ නිසා කැඩ්මියම් කියන එක සම්පූර්ණයෙන්ම බැහැර කරන එක නම් අපේ රටේ ජනතාවට කරන ලොකු අසාධාරණයක් හැටියට මම දකිනවා,"" ඔහු පැවසීය. වකුගඩු රෝගයට හේතු කාරක වන සාධක පිළිබඳව වෛද්‍ය ආනන්ද ජයලාල් විසින් සකස් කරන ලද කෙටි පර්යේෂණ වාර්තාවක් පසුගියදා ජාත්‍යන්තර පර්යේෂණ සඟරාවක ප්‍රකාශයට පත්කෙරිණ. වකුගඩු රෝගයට හේතුව පිළිබඳව තවත් වසර පහක්වත් පර්යේෂණ පැවැත්වීම අවශ්‍ය බවට චීන-ශ්‍රී ලංකා ඒකාබද්ධ පර්යේෂණ කණ්ඩායම නගන තර්කය පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය ජයලාල් පවසන්නේ, තවත් පර්යේෂණ පවත්වන අතරවාරයේම මේ මොහොතේ ආණ්ඩුවේ මහජන සෞඛ්‍ය මැදිහත්වීමක් අත්‍යවශ්‍ය බවයි. ""උදාහරණයකට පෝලියෝ රෝගය මුලිනුපටා දමන්න අපි කළේ පෝලියෝ එන්නත ලබා දෙන එක. එහෙම මහජන සෞඛ්‍ය මැදිහත්වීමක් අඳුනාගන්න තරම් ප්‍රමාණවත් තොරතුරු දැනට තියෙනවා,"" ඔහු කියා සිටියේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. 'බටහිර කුමන්ත්‍රණයක්?' කැඩ්මියම් සාන්ද්‍රණය වැඩි සහ සාන්ද්‍රණය අඩු කුඹුරු හඳුනාගෙන ශ්‍රී ලංකාවේ වී ගොවිතැන පවා වෙනස් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරියා, ඒ අතරේම මේ මොහොතේ කළ යුතු ක්ෂණික ප්‍රතිකර්ම ක්‍රියාවට නැගීමේ අවශ්‍යතාවයද අවධාරණය කරයි. ""හුඟාක් නරක තත්වයේ තියෙන සහල් අපි පරිභෝජනයට යොදා නොගත යුතුයි කියල මම හිතනවා."" මේ යෝජනාව ශ්‍රී ලංකාවාසීන් බත් අනුභව කිරීම වැළැක්වීමේ 'බටහිර කුමන්ත්‍රණයක්' බවට චෝදනාවක් එල්ල විය හැකි නොවේදැයි බීබීසී සංදේශය කළ විමසීමට පිළිතුරු දුන් වෛද්‍ය ජයලාල් කියා සිටියේ, සිය ප්‍රකාශය පදනම් වී තිබෙන්නේ පර්යේෂණ දත්ත මත පමණක් බවයි. ""ඒ වගේම මේ පෝෂණය කියන විෂයයේ කියන එක දෙයක් තමයි එක ප්‍රධාන ආහාරයක් මත් රඳා පවතින්න එපා කියන එක. මම කියන්නේ නෑ තිරිඟු පිටි ගෙන්නලා කන්න ඕන. නමුත් අපි ලංකාවේම හැදෙන කොස්, දෙල් කාල බලමු,"" වෛද්‍ය ජයලාල් වැඩිදුරටත් පැවසීය." +ශ්‍රී ලංකාවේ සංහිඳියාව ඇති කරනු වස් සිය ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙල රටේ ජනතාව අනුමත කරන බැවින් කුමන්ත්‍රණ මගින් සිය රජය පෙරලීමට අන්තවාදීන්ට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.,"""ඒ අන්තවාදීන් කියනවා මේ රටේ නැවත එල්ටීටීඊය ඔලුව උස්සන්න අපේ ආණ්ඩුව ඉඩදෙනවයි කියල. මේ රටේ නැවත යුද්ධයක් ඇතිවෙන්න කිසිසේත් අපි ඉඩදෙන්නේ නෑ කියල සහතික වෙනවා"" ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ නත්තල් කැරොල් වැඩසටහනකට සහභාගි වීම පිණිස යාපනයේ සංචාරයක් යෙදුනු අවස්ථාවේ යුද අනාථයන් හමුවීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින්. ""ඒ අන්තවාදීන් කියනවා මේ රටේ නැවත එල්ටීටීඊය ඔලුව උස්සන්න අපේ ආණ්ඩුව ඉඩ දෙනවයි කියල. මේ රටේ නැවත යුද්ධයක් ඇතිවෙන්න කිසිසේත් අපි ඉඩදෙන්නේ නෑ කියල සහතික වෙනවා."" ජනාධිපතිවරයා පැවසීය. 2009 මැයි මාසයේදී යුද්ධය අවසන් වූ නමුත් ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට පැවති රජය අපොහොසත් වූ බව පවසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන: ""මේ රටේ ජාතික ආරක්ෂාව බිඳ වැටිලයි කියන අය යුද්ධය ඇතිවීමට හේතු සෙවිය යුතුයි. මේ රටේ අන්තවාදීන්ට මම ආරාධනා කරනවා උතුරේ ජනතාව හමුවෙන්නයි කියල."" ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයා දීමට තමන් සූදානම් බවයි ජනාධිපතිවරයා පවසන්නේ. වසර විසිපහක් මුළුල්ලේ අනාථ කඳවුරුවල වෙසෙන දෙමළ ජනතාව මුණගැසීම පිණිස කෝනපුලම් සහ මල්ලාකම් කඳවුරුවලද සංචාරය කළ ජනාධිපතිවරයා, එහි පැමිණ එම ජනතාවගේ දුක සැප විමසා බලන මෙන් සිය 'විරුද්ධවාදීන්' ගෙන් ඉල්ලා සිටියේය. ""ඒගොල්ල සියලු දෙනාම එක හඬින් අත් උස්සලා ඒක කතාවක් කිවුව. අපි අවුරුදු 25 කට කලින් හිටපු තැනට අපිව ගෙනිහින් දාන්න කියල. ඒක නිසා මම කොළඹ ඉඳන් කෑගහන අන්තවාදීන්ට කියනවා, බොරුවට කෑගහන්නේ නැතුව ප්‍රශ්නේ තේරුම් ගන්න කියල."" ජාතික ආරක්ෂාව බිඳ වැටී ඇති බව පවසමින් 'ඉක්මනින් ආණ්ඩු හදන්න බලාපොරොත්තු වන අන්තවාදීන්ට' කුමන්ත්‍රණ මගින් ආණ්ඩු පිහිටුවීමට ජනතාව ඉඩ නොතබන බවත් ඔහු පැවසීය. ""පාර්ලිමේන්තු කුමන්ත්‍රණවලින් අලුතෙන් ආණ්ඩු හදන්න මමත් අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයත් ඉඩ තියෙන්නේ නැහැ."" ශ්‍රී ලංකාවාසීන්ගේ නිදහස සහ සංහිඳියාව වෙනුවෙන් එකමුතු වන මෙන් නත්තලේදී සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය." +ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය අසළ පැවති උද්ඝෝෂණයක් අතරතුර කිසියම් අභිනයක් පෑම සම්බන්ධයෙන් මතභේදයට ලක්වූ මහා කොමසාරිස් කාර්යාලයට අනුයුක්ත ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සාකච්ඡාවක් සඳහා කොළඹට කැඳවා තිබේ.,"හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මේ බව කියාසිටියේ අද (පෙබ 21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය. පෙබරවාරි 4 වෙනිදා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමස���රිස් කාර්යාලයේදී නිදහස් දින සමරුව පැවැත්වෙද්දී එම පරිශ්‍රය අසළට රැස්වූ දෙමළ පුද්ගලයින් ද ඇතුළත් පරිසක් උද්ඝෝෂණයක යෙදුණහ. එහිදී අදාළ බ්‍රිගේඩියර්වරයා එම උද්ඝෝෂකයින් වෙත පෑ අභිනයක් පිළිබඳ ඡායාරූප මෙන්ම වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍ය ජාල හරහා හුවමාරු වූ අතර ඒ පිළිබඳ අවධානය යොමු කරමින් පෙබරවාරි 6 වෙනිදා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ එම නීලධාරියාගේ සේවය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවන ලද බවය. ඔහු ""ආක්‍රමණශීලී"" ආකාරයකින් හැසිරුනේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති බව ද එම නිවේදනයේ දැක්විණි. මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් බොරිස් ජොන්සන් වෙත ලිපියක් යැවූ එරට ලේබර් පක්ෂ මන්ත්‍රීවරියන් දෙදෙනෙක්, බ්‍රිගේඩියර් ප්‍රනාන්දුගේ ""රාජ්‍ය තාන්ත්‍රික බලපත් ඉවත් කරමින් ඔහු නෙරපා හරින්න"" යැයි ඉල්ලා සිටියහ. එසේම එම ලිපියෙන් ඔවුන් තවදුරටත් පෙන්වාදුන්නේ ""ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පිරිසක් උද්ඝෝෂණයක යෙදෙන අතරේදී අදාළ නිලධාරියා 'යමෙකුගේ ගෙල සිඳින බව කියා පෑමේ සංඥාවක්' කිරීම එහි සිටි දෙමළ පුද්ගලයන් බිය ගැන්වීමක්"" ලෙසය. එසේ ලිපියක් යොමු කරනු ලැබුවේ දෙමළ සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායමේ උප සභාපතිනියක වන පාර්ලිමේන්තු මන්ත්‍රීනී ජොආන් රයන් (Joan Ryan ) සහ එහි ජ්‍යෙෂ්ඨ උපසභාපතිනිය වන ෂෝආන් මැක්ඩොනග් (Siobhain McDonagh) විසිනි. අත්හිටුවා යළි සේවයේ පිහිටුවීම කෙසේවෙතත්, අදාළ නිලධාරියාගේ සේවය අත්හිටුවන ලද බව දන්වා විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කළ ද ඊට පසු දා (පෙබරවාරි 7) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නියෝගය පරිදි ඔහුව යළි සේවයේ පිහිටුවනු ලැබිණි. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු එවර බීබීසී සිංහල සේවය සමග පැවසුවේ, ""ඔහු නැවත සේවයට පැමිණෙනවා. නමුත් පරීක්ෂණයක් පැවැත්වේවි"" යනුවෙනි. එහෙත්, ඊට පසු හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක උපුටා දක්වමින් පළවූ මාධ්‍ය වාර්තාවල සඳහන් වුයේ මූලික තොරතුරු විමසීම්වලදී ලද තොරතුරු අනුව අදාළ නිලධාරියා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් මතුවී නැති බවය. කෙසේවෙතත්, අදාළ සිදුවීමට පසු බ්‍රිගේඩියර්වරයාගේ ක්‍රියාවට එරෙහිව මෙන්ම ඔහුට සහය පළකරමින් ද ලන්ඩන් නුවර විවිධ ස්ථානවල උද්ඝෝෂණ පැවති අතර සමාජ මාධ්‍ය හරහා ��� සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් පැතිරී ගියේය." +ටෙස්ට් තරගයකින් සහ එක් දින තරගයකින් බංග්ලාදේශයට පරාජය වූ පමණින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය කඩා වැටී ඇතැයි තමන් විශ්වාස නොකරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.,"වසර ගණනාවක් අතුරු කමිටු යටතේ පාලනය වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ වත්මන් පරිපාලනය දැන් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාකරමින් සිටින බව ද අමාත්‍යවරයා බීබීසී සිංහල සේවයට පැවසීය. බංග්ලාදේශයට පරාජය වීම ක්‍රීඩාවේ සමස්ත බිඳවැටීමක් නොව අදාළ තරග සම්බන්ධ ගැටලුවක් පමණක් බව අමාත්‍යවරයා අවධාරණය කරයි. ""සමස්ත ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටිලයි කියන චෝදනාව පිළිගන්න මම සූදානම් නෑ. හැබැයි, පරාජයන් නැවත ජයග්‍රහණයන් බවට පත්කරගන්නේ කෙසේද කියන එක අපි සියලු දෙනාට තියෙන වගකීම,"" ඔහු පැවසීය. ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කොට, රටේ පළමු පෙළ ක්‍රිකට් පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතු බවට සිදත් වෙත්තමුණි පසුගියදා කළ ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ ඇමතිවරයා ඔහුට එරෙහිව දැඩි වාග් ප්‍රහාරයක්ද එල්ල කළේය. ""ඒක මේ ඡන්දේ ඉල්ලල දිනන්න බැරි අයගේ යෝජනාවක් පමණයි,"" ඇමතිවරයා පැවසීය. (බීබීසී සංදේශයට සවන්දෙන්න) කළමනාකරුවන් තිදෙනෙක්? ""ක්‍රිකට් දියුණුවීමට වඩා ඡන්දවලින් දිනන්න බැරි අයට දිනාගන්න ක්‍රියාදාමයක් තමයි සිදත් වෙත්තමුණි මහත්තය ඉදිරිපත් කරලා තියෙන්නේ,"" යනුවෙන් සඳහන් කළ අමාත්‍යවරයා අතුරු පාලක මණ්ඩලයේ පදවි හෙබැවූ වසර දෙකක් තුළ ඔහු ක්‍රිකට් ක්ෂේත්‍රයට කළ මෙහෙය කවරක්දැයි ප්‍රශ්න කරයි. කෙසේ නමුත් පළමු පෙළ ක්‍රිකට් ව්‍යුහය සංශෝධනය කළ යුතු බවට මහේල ජයවර්ධන වැනි හිටපු නායකයන් පවා පෙන්වා දී තිබෙන බව සඳහන් කළ විට අමාත්‍යවරයා කියා සිටියේ, වත්මන් පරිපාලනය දැන් ඒ සඳහා වැඩපිළිවෙලක් සකස්කරමින් සිටින බවය. ශ්‍රී ලංකා කණ්ඩායමට කළමනාකරුවන් තිදෙනකු අවශ්‍ය වන්නේ මන්දැයි විමසූ අවස්ථාවේ අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ, මේ වනවිට කණ්ඩායමේ ස්ථිර කළමනාකරු වශයෙන් ක්‍රියාකරන්නේ අසංක ගුරුසිංහ පමණක් බවය." +සාමකාමී උද්ඝෝෂණවල යෙදීමේ ශ්‍රී ලංකාවාසී ජනතාවගේ අයිතියට ගරු කරන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.,"කතෝලික දේවස්ථානයක රැකවරණ පැතූ ජනතාවට පවා හමුදාව පහර දුන් බවට පළ වන ���ාර්තා පිළිබඳව ඇමෙරිකාව විශේෂ අවධානය පළ කරයි පාසල් ශිෂ්‍යයන් ඇතුළු තිදෙනකු මරා දමමින් සහ තවත් විශාල පිරිසකට තුවාල සිදු කරමින් පසුගිය අගෝස්තු පළමු වැනි දින වැලිවේරියේ රතුපස්වල ජනතා උද්ඝෝෂණයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව නිවේදනයක් නිකුත් කරන එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, විශේෂයෙන්ම කතෝලික දේවස්ථානයක රැකවරණ පැතූ ජනතාවට පවා හමුදාව පහර දුන් බවට පළ වන වාර්තා පිළිබඳව බරපතල අවධානය පළ කොට තිබේ. ප්‍රචණ්ඩත්වයට කිසිදු සමාවට කරුණක් තිබිය නොහැකි අතර, විශේෂයෙන්ම පුද බිමක් තුල එය සිදුවීම කිසිසේත්ම පිළිගත නොහැකි බවත්, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක යෙන් සාකි විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන්. 'නොමඟ යවන ප්‍රකාශ' වැලිවේරියේදී මුදා හැරුණු ප්‍රචණ්ඩත්වය පිළිබඳව පරීක්ෂණ පවත්වා, එම පරීක්ෂණ වාර්තා ප්‍රකාශයට පත් කොට, විශ්වසනීය ක්‍රියාමාර්ගයක් මගින් වැරදිකරුවන්ට දඬුවම් පමුණුවන මෙන්ද ඇමෙරිකා එක්සත් ජනපදය ඉල්ලා සිටියි. මේ අතර වැලිවේරියේ ප්‍රහාරය සම්බන්ධයෙන් 'නොමග යවන තොරතුරු' ප්‍රකාශයට පත් කිරීමෙන් වැලකී, වහාම ස්වාධීන පරීක්ෂණයක් පවත්වන මෙන් හියුමන් රයිට්ස් වොච් සංවිධානය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. ""සිදුවූයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් හමුදාවේ ප්‍රකාශ අනුමත කිරීමෙන් වැලකී, ස්වාධීන පරීක්ෂණයක් පවත්වා ශ්‍රී ලංකා ආණ්ඩුව වැරදිකරුවන්ට දඬුවම් කළ යුතු,"" බවයි, දකුණු ආසියානු කටයුතු භාර සංවිධානයේ අධ්‍යක්ෂිකා මීනක්‍ෂි ගංගුලි සඳහන් කරන්නේ. තත්වය සන්සුන් කිරීම සඳහා පොලිසියට ප්‍රමාණවත් කාලයක් ලබා නොදී හමුදාව කැඳවූයේ මන්ද යන්න පැහැදිලි නැති බව පවසන හියුමන් රයිට්ස් වොච් සංවිධානය, කතෝලික දේවස්ථානය තුලට කඩා වැදුණු හමුදාව කන්‍යා සොහොයුරියන්ට තුවක්කුව එල්ල කොට තර්ජනය කොට තිබෙන බව ද සඳහන් කරයි. ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව හමුදාව සහ ජාතික මානව හිමිකම කොමිසම නිවේදනය කොට තිබෙන නමුත් ස්වාධීන, විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්වීමට එම ආයතන දෙකටම හැකියාවක් නොමැති බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය අවධාරණය කරයි." +පුද්ගලයන් තිදෙනෙකුගේ ඩීඑන්ඒ අණු යොදා ගනිමින් නව ක්‍රමවේදයක් ඔස්සේ යුක්‍රේනයේ සිදු කරන ලද නල දරු උපතක් සාර්ථක වී ඇත.,කීව් නුවර වෛද්‍යවරුන් විසින් ලොව පළමු වතාවට අත්හදා බලන ලද එම ක්‍රමවේදයෙන් දරුවන් නොමැතිව සිටි ය���වළකට දාව දරුවෙකු බිහි වී තිබේ. කෙසේ නමුත් තිදෙනෙකුගේ ඩීඑන්ඒ යොදා ගනිමින් දරුවෙකු බිහි කරන ලද පළමු අවස්ථාව මෙය නොවේ. ජනවාරි 05 වැනිදා උපත ලද බිළිඳිය පුද්ගලයන් තිදෙනෙකුගේ ඩීඑන්ඒ යොදා ගනිමින් බිහි කරන ලද ලොව දෙවැනි දරුවා බව විශ්වාස කෙරේ. තරමක් වෙනස් ක්‍රමවේදයක් ඔස්සේ පුද්ගලයන් තිදෙනෙකුගේ ඩීඑන්ඒ යොදා ගනිමින් පසුගිය වසරේ මෙක්සිකෝවේ දී දරුවෙකු බිහි විය. කීව් නගරයේ වෛද්‍ය කණ්ඩායම විසින් සිදු කොට ඇත්තේ මවගේ ඩිම්බ සෛලයක් පියාගේ ශුක්‍ර සෛලයක් සමග සංසේචනය කොට එමගින් නිර්මාණයවන ඩීඑන්ඒ අණු වෙනත් කාන්තාවකගේ ඩිම්බ සෛලයකට ඇතුළු කිරීමයි. ඒ අනුව දරුවාට මව සහ පියාගේ අනන්‍යතාවයෙන් යුත් ඩීඑන්ඒ උරුමවන අතර ඉතාමත් කුඩා ප්‍රමාණයක ඩීඑන්ඒ කොටසක් ඩිම්බ සෛලය පරිත්‍යාග කරන ලද කාන්තාවගෙන් දරුවාට උරුම වේ. ප්‍රවේනිගත ජාන ආබාධ දරුවන් වෙත උරුම වීමේ අවදානමක සිටින කාන්තාවන් වෙනුවෙන් වෛද්‍යවරු මෙම නව ක්‍රමවේදය නිර්මාණය කළහ. +2019 සිය ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක තරග වදින බව 'ජාතික ජනතා ව්‍යාපාරය' විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුණි.,"ජනරාල් මහේෂ් සේනානායක 'ජාතික ජනතා ව්‍යාපාරය' රට පුරා විසිරුණු විවිධ ක්‍ෂේත්‍රයන් ආවරණය කරනු ලබන සිවිල් සංවිධාන විස්සක(20) සම පාර්ශ්වකාරීත්වයෙන් නිර්මාණය කරන ලද සංවිධානයකි. ජෙනරල් මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිවේදනය කරන ලද්දේ , ඉරිදා(සැප්තැම්බර් 29)කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති සමුළුවකදීය. 'දේශෝදය ව්‍යාපාරය' සහ 'ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය' යන සංවිධාන දෙක සමාරම්භක සාමාජිකයන් වූ 'ජාතික ජනතා ව්‍යාපාරය' හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ සහ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය පර්යේෂණ අධ්‍යක්ෂ අජිත් කොලොන්නේ වැනි ක්‍රියාධරයන් නියෝජනය කරන සංවිධානයක් ලෙස පසුගිය කාලසීමාව තුළ දේශපාලන කරළියට පැමිණෙමින් තිබුණි. හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ සහ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය පර්යේෂණ අධ්‍යක්ෂ අජිත් කොලොන්නේ යන දෙදෙනාගෙන් එක් අයකු සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බව මුලදී ප්‍රකාශ කළත්, පසුගිය අගෝස්තු මාසයේ යුද හමුදාපති ධුරයෙන් සමුගත් ජනරාල් මහේෂ් සේනානායක ඒ සඳහා ඉදිරිපත් කිරීමට ඔවුන් දෙදෙනාගේත් සහයෝගය ඇතිව 'ජාත���ක ජනතා ව්‍යාපාරය' පසුව තීරණය කරන ලද බවත් ප්‍රකාශ විය. ඒ අනුව අද ඉරිදා (29)(සිදු කරන ලද්දේ එම තීරණය මහජනතාව ඉදිරියේ ප්‍රකාශයට පත් කරනු ලැබීමය. ""මේක සාමූහික තීරණයක්"" නීතියේ ආධිපත්‍යය සහතික කිරීම, නාස්තිය සහ දූෂණය පිටුදැකීම සහ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම යන කරුණුවලට මූලිකත්වය ලබා දෙමින් රට දීර්ඝකාලීන වැඩපිළිවෙලකට යොමු කිරීම ජාතික ජනතා ව්‍යපාරයේ බලාපොරොත්තුව බව එහි සංවිධායකයෝ ප්‍රකාශ කළහ. රට තුළ ඇති සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය සම්පුර්ණයෙන් වෙනස් කිරීමේ අරමුණින් ""ජාතියේ ජනාධිපති අපේක්ෂකයා"" ලෙස ජනරාල් මහේෂ් සේනානායක ඉදිරිපත්කරන බව ජාතික ජනතා ව්‍යාපාරයේ නායකයෝ සමුළුව අමතමින් කියා සිටියහ. ""මෙතැන දේශපාලකයන් නැහැ. මෙතැන ඉන්නේ ස්වේච්ඡාවෙන් මේ රට වෙනස් කරන්න එක්වුන පිරිසක්. මේක මගේ තීරණයක් නෙවෙයි. සාමුහික තීරණයක්."" ජනරාල් මහේෂ් සේනානායක සමුළුව අමතමින් කියා සිටියේය. ""මේ රට වැටී තිබෙන සහ වැටෙන්නට යන අගාධයෙන් බේරගන්න ගොඩනගපු සංවිධාන සමූහයක්, කුඩා විකල්ප කණ්ඩායම් එක තැනකට ගේන්න මම ඉදිරිපත් වෙනවා - ඔබලාගේ ස්වාධීන අපේක්ෂයා ලෙස"" ජනරාල් මහේෂ් සේනානායක වැඩිදුරටත් සඳහන් කළේය. ""මෙය මේ රට රැකගන්න තියෙන අවසන් අවස්ථාව. මාත් සමග මෙතැන කිසිම හොරෙක් නැහැ- වංචනිකයෙක් නැහැ - යල් පැනපු ව්‍යවස්ථා වෙනස් කරන්න ඕන. ඒ සඳහා දැනටමත් පිඹුරුපත් සකසා තිබෙනවා. එක රටක් තුළ එක නීතියක් ගේන්න මේ කණ්ඩායම කටයුතු කරනවා."" ජනරාල් මහේෂ් සේනානායක පවසයි. පාස්කු ප්‍රහාරයෙන් පසු 2017 ජුනි 27 සිට 2019 අගෝස්තු 18 දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ විසි දෙවැනි (22) හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ජනරාල් මහේෂ් සේනානායක, ජනතාව අතර වඩාත් ජනප්‍රියත්වයට පත්වුණේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව රටේ ජාතික ආරක්ෂාව නැවත ස්ථාපිත කිරීමට මූලිකත්වය ගත් අයකු හැටියටය. මහින්ද රාජපක්ෂ රජය 2010 වසරේ දී ඔහු යුද හමුදාවෙන් ඉවත් කරන ලද අතර, 2015 බලයට පත් රජය විසින් ඔහු යළි යුද හමුදාවට කැඳවනු ලැබුණි. එක්සත් ජාතික පක්ෂය විසින් සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා පොදු පෙරමුණ විසින් ගෝඨාභය රාජපක්ෂ ඔවුන්ගේ ජනාධිපති ධූර අපේක්ෂකයන් ලෙස නම් කරනු ලැබ ඇති අතර, අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තරග වදින බව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ඊට අමතරව රොහාන් පල්ලෙවත්ත සහ නාගානන්ද කොඩිතුවක්කු ජනාධිපතිවරණයට තරග වදින බව දැනටමත් ප්‍රකාශ කර ඇති සෙසු පුද්ගලයන් අතර වෙති. කියවන්න;" +හබරණ ප්‍රදේශයේ වන අලි 7 දෙනෙකු මිය යාමේ සිද්ධිය මැද එම ප්‍රදේශයේදී ම තවත් වන අලියෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.,"පෙරදී මිය ගිය අලි 7 දෙනා අතර වූ අලි මවකගේ සිරුරේ දැවටෙන අවුරුදු 05 ක් පමණ වයසැති පිරිමි වන අලි පැටවා. එසේ වෙඩි පහරට ලක්වූ අලියාගේ සිරුර අද උදෑසන (සැප්තැම්බර් 30) හමුවී තිබුණේ හබරණ ආසිරිගම ප්‍රදේශයේදී ය. හබරණ, ආසිරිගම ප්‍රදේශයේදී වෙඩි වැදී මැරී සිටියදී සඳුදා (සැප්තැම්බර් 30) හමුවූ අලියා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත ප්‍රදේශ හේන් වගාව සඳහා නීතිවිරෝධීව එළිපෙහෙළි කෙරෙන තත්ත්වයක් තුළ වන අලි ගම් වදින බව ඇතැම් ප්‍රදේශවාසීන්ගේ චෝදනාව වේ. හේන් වගාව සදහා රක්ෂිත ගිනි තබා ඇති අයුරු අලි 7 දෙනාගේ මළ සිරුරුවල සාම්පල ගැනීම යළිත් හබරණ, හිරිවඩුන්න වැව් රක්ෂිත ප්‍රදේශයේ හා තුම්බිකුලම රක්ෂිතයට ආසන්නව මිය ගොස් සිටි වන අලි 7 දෙනා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීම සදහා සඳුදා (සැප්: 30) යළිත් මළ සිරුරුවල සාම්පල ලබා ගැනිණි. සාම්පල ලබා ගැනීමෙන් අනතුරුව, අනුරාධපුර ප්‍රදේශය භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ විසින් වන අලි මිය ගොස් සිටි ස්ථානය ආශ්‍රිතව පුළුල් විමර්ශනයක් ආරම්භ කරනු ලැබීය. මෙම සිද්ධිය සම්බන්ධ මූලික පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඉරිදා සවස (සැප්: 29) පැවැත්විණි. එහිදී අනුරාධපුර ප්‍රදේශය භාර පශු වෛද්‍යවරයා පැවසුවේ රසායනාගාර පරීක්ෂාවකින් අනතුරුව වන අලින් මිය ගිය ආකාරය පිළිබදව පූර්ව නිගමනයකට පැමිණිය හැකි බවකි. මිය ගිය වන අලි සොයා ගත් හැටි පසුගිය සිකුරාදා (සැප්තැම්බර් 27) උදෑසන හබරණ හිරිවඩුන්න වැව් රක්ෂිතයේ වන අලියෙකු මියගොස් ඇතැයි ගම්වාසීන් විසින් සීගිරිය වනජීවි කාර්යාලයට දැනුම් දෙනු ලැබිණි. එහිදී මිය ගිය වන අලියා පරීක්ෂා කිරීමට පැමිණි වනජීවි නිලධාරීන්ට ගම්වාසීන් විසින් ම සොයා ගන්නා ලද තවත් මිය ගිය වන අලියෙකු අදාළ ස්ථානයට මීටර් 500 ක් පමණ දුරින් සොයා ගැනීමට හැකි විය. බාහිරින් කිසිදු හානියක් දක්නට නොලැබුණු මළ සිරුරු පරීක්ෂා කළ වනජීවී නිලධාරීහු තවත් සිරුරු ඇද්දැයි පරීක්ෂා කළහ. වන අලින් ගමන් කළ පා සටහන් ඔස්සේ ගිය වනජීවි නිලධාරීන් පිරිසට හිරිවඩුන්න වැව් ඉස්මත්තේ සිට කිලෝමීටර් 2ක පමණ දුරකින් තවත් ඇතින්නකගේ මළ සිරුරක් සොයා ගැනීමට හැකි විය. ඒ මොහොතේ එම ඇතින්නගේ තන පුඩුව��න් කිරි වෑහෙමින් තිබූ බව ද සිගිරිය වන ජීවි නිලධාරීහු පැවසූහ. තුම්බිකුලම රක්ෂිතයට ආසන්න ප්‍රදේශය පරීක්ෂාවට ලක් කිරීම සදහා මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නිලධාරීන්ගේ සහය ලබා ගත් සීගිරි අඩවි සහකාර චන්ද්‍ර බණ්ඩාරනායක ඇතුළු පිරිසට, තුම්බිකුලම රක්ෂිතයට ගමන් ගන්නා මාර්ගයක් හරස් කොට වැටී තිබූ තවත් ඇතින්නකගේ මළ සිරුරුක් සොයා ගැනීමට හැකි වී තිබේ. එම ඇතින්න හිරිවඩුන්න වැව් රක්ෂිතයේ සිට කිලෝමීටර් 3 ක පමණ දුරින් තුම්බිකුලම රක්ෂිතය ආසන්නයේ මිය ගොස් සිටි බව සීගිරි අඩවි සහකාර චන්ද්‍ර බණ්ඩාරනායක පැවසීය. මිය යාමට හේතුව කුමක් ද? මෙසේ අලි රෑනක් මිය යාමට හේතුව සොයා බැලීම සදහා ගිරිතලේ පශු වෛද්‍ය එකකයේ පශු වෛද්‍ය දිනූෂා ද සිල්වා ඇතුළු කණ්ඩායමක් විසින් වන අලින් දෙදෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු 27 වන දින පවත්වනු ලැබිණි. සිදුව ඇති දේ පිළිබදව නිශ්චිතව යමක් පැවසීමට නොහැකි බවත් යම් විෂක් ශරීරගත වීමෙන් වන අලින් මිය යන්නට ඇතැයි සැක කෙරෙන බවත් පශු වෛද්‍යවරිය පැවසුවාය. යළිත් සෙනසුරාදා (සැප්තැම්බර් 28) උදෑසන තවත් ඇතින්නකගේ මළ සිරුරක් හිරිවඩුන්න වැව් බැම්මට ආසන්නයේ කුඹුරක තිබී සොයාගැනිණි. අවුරුදු 05 ක් පමණ වයසැති පිරිමි වන අලි පැටවකු මිය ගොස් සිටි අලි මවගේ සිරුරේ දැවටෙමින් සිටි සංවේදජනක හැසිරීම රැස්ව සිටි ප්‍රදේශවාසීන් කම්පාවට පත් කරන තරම් විණි. සිද්ධිය සැලවීමත් සමග එම ස්ථානයට පැමිණි සිගිරි අඩවි සහකාර චන්ද්‍ර බණ්ඩාරනායක ඇතුළු පිරිස මිය ගිය තවත් වන අලින් සිටීදැයි සොයා බැලීම සදහා තුම්බිකුලම රක්ෂිතය පුරා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ. ඒ සදහා ඉනාමළුව යුද්ධ හමුදා කදවුරේ 53 වන සේනාංකයේ භටයින් 50 දෙනෙකු හා සීගිරිය, මින්නේරිය, ඇලහැර, ගනේවැල්පොල, රිටිගල කාර්යාලවල වනජීවි නිලධාරීන් හා කැකිරාව අඩවි වන කාර්යාලයේ නිලධාරින් එක්ව කණ්ඩායම් 06ක් තුම්බිකුලම රක්ෂිතයේ මිය ගිය වන අලි සොයා මෙහෙයුම්වල යෙදුණහ. දැඩි වර්ෂාව මධ්‍යයේ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී මිය ගිය තවත් වන අලින් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට හැකිවූ බව චන්ද්‍ර බණ්ඩාරනායක පැවසීය. එම වන අලින් දෙදෙනා දින කිහිපයකට පෙර මිය ගොස් සිටි බව වනජීවි නිලධාරීන් නිරීක්ෂණය කර තිබිණි. මෙම වන අලින්ගේ සිරුරු පිළිබද මරණ පරීක්ෂණ සඳහා පශු වෛද්‍ය කණ්ඩායම් දෙකක් පැමිණි අතර අනුරාධපුර පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ච��්දන ජයසිංහ හා ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය දිනූෂා ද සිල්වා විසින් පශ්චාත් මරණ පරීක්ෂණ සෙනසුරාදා දිනයේ (සැප්: 28) සිදු කරනු ලැබිණි. එහිදී පැටවා අසල වැටී සිටි ඇතින්නගේ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා එම පැටවා අදාළ ස්ථානයෙන් ඉවත් කරන ලදුව නිර්වින්දනය කර බැද දැමීමට වනජීවි නිලධාරීහු කටයුතු කළහ. වන අලින් මිය යාමට හේතුව සොයා ඉරිදා (සැප්: 29) දිනයේ ද අලිමංකඩ කරා දිවෙන මාර්ගය වන කලාවැව සිට තුම්බිකුලම රක්ෂිතය හරහා වූ මාර්ගයේ, හිරිවඩුන්න ප්‍රදේශයේ ඇති වන අලින් හානි කළ සියලු ම වගා බිම් හා රක්ෂිත ප්‍රදේශ පරීක්ෂා කිරීමට කටයුතු කළ බව සිගිරි අඩවි සහකාර චන්ද්‍ර බණ්ඩාරනායක පැවසීය. වන අලින්ගේ මියයාමට පසුබිමේ තවත් සිදුවීම් කලාගම ගම්මානයේ ගම්වාසීන් පිරිසක් වන උද්‍යානය තුළට පිවිස උද්‍යානය තුළ සිටි වන අලින්, අලි වෙඩි දමා පළවා හැරීම හා වනජීවි නිලධාරීන් සමග බහින්බස් වීම කලාගම හරහා වන උද්‍යානයට යමින් සි‍ටි සංචාරකයින් පිරිසකගේ මග වලකමින් කිසියම් පිරිසක් උද්ඝෝෂණය කිරීම. ඊට හේතු වූයේ, ස‍ෆාරි ජීප් රථ විදුලි වැට විනාශ කරමින් උද්‍යානය තුළට ඇතුළු වූ පසු වන අලි ගම් වදින බවට වූ චෝදනාවය. දඹුල්ල - කැකිරාව මාර්ගයේ මඩාටුගම හා කිතුල්හිටියාව අතර ප්‍රදේශයේ වී අස්වනු ආහාරයට ගැනීමට ගම් වැදුණු වන අලින් හබරණ ප්‍රදේශයේ තුම්බිකුලම රක්ෂිතය ප්‍රදේශයට පන්නා දැමීම. එහිදී පසුගිය දිනවල මිය ගියා යැයි සැක කෙරුණු""දීඝ දන්තු 1"" ඇතා ද එම ප්‍රදේශයේ තවත් වන අලි රංවුවක් සමග සැරි සැරීම මිය ගිය වන අලියෙකුගේ සිරුර හබරණ හිරිවඩුන්න වැව් රක්ෂිතයේදී හමුවීම. වන අලිගහනය ශ්‍රී ලංකාවේ වන අලි සංගණනයක් අවසන් වරට සිදු කෙරුණේ, 2011 වසරේදීය. වනජීවී දෙපාර්තමේන්තුව පැවසුවේ, එම වන අලි සංගණනයට අනුව වන අලි 5879 දෙනෙකු පිළිබඳ දත්ත රැස් කර ගත් බවය. ඉන්පසු මෙතෙක් වන අලි සම්බන්ධයෙන් සංගණනයක් සිදු කර නොමැත. තවදුරටත් කියවන්න." +පළාත් සභා ස්ථාපනය කොට ඇති 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වෙනස්කම් කීපයක් සිදු කිරීමට රජය අදහස් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කරයි.,"පළාත් සභා කිහිපයක් හා එක්ව එක් පළාත් සභාවක් ලෙස මෙතෙක් කටයුතු කිරීමට තිබූ අයිතිය අහෝසි කිරීමටද, පළාත් සභා විෂයයක් වෙනස් කිරීම්දී පලාත් සභා සියල්ලෙහි අනුමතිය අවශ්‍ය බව පැවසෙන වගන්තිය පළාත් සභාවල බහුතරයේ එකඟත්වය ලෙස වෙනස් කිරීමටද රජය අ���හස් කරණ බවයි, අමාත්‍යවරයා බ්‍රහස්පතින්දා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙමින් කියා සිටියේ. මේ පිළිබඳව රජයේ පාර්ශ්වයේ පක්ෂවල සහ පළාත් සභාවලද අදහස් විමසා ඉදිරි සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අවසන් තීරණයක් ගැණීමට නියමිත බවයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඉහත කී වෙනස්කම් සිදු නොකළොත්, පළාත් සභා සියල්ල එක්ව රට තුළ වෙනම රාජ්‍යයක් ගොඩ නැගිය හැකි තත්වයක් ඇති බවයි, අමාත්‍යවරයා පවසන්නේ. රජය මෙම ප්‍රශ්නය ඇතුළු ජාතික ප්‍රශ්නයට විසදුම් සෙවීම පිණිස පත් කොට ඇති තේරීම් කාරක සභාව විපක්ෂයේ සහභාගිත්වය නොමැති නිසා වසරකට අධික කාලයක් අක්‍රීයව පවතින බවත්, දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂය ඊට සහභාගී වී නම් එහිදී මේ ගැන සාකච්ජාකොට තීරණයක් ගැනීමට අවස්ථාව තිබුනේ යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය. ""ඔවුන් යම් අවස්ථාවක කිව්වා, 13 වැනි සංශෝධනය අපිට වැඩක් නැහැ අපි ඒක පිළිගන්නෙත් නැහැ කියන කතන්දර කියවුනා. තේරීම් කාර ක සභාවෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් සියලු දෙනාම එක්කාසු වෙලා, නැත්නම් රජයේ වගකීමක් තියෙනවා, 13 වැනි සංශෝධනය සමග නොයෙකුත් මත ගැටුම් මතවාද තියෙනවා, ඒ මතවාදත් එක්ක රජය සුදුසුයි කියන ආකාරයට හිතෙන ආකාරයට යම්කිසි සංශෝධනයක් කිරීමේ අයිතිය සහ යුතු කම තියෙනවා රජයට,"" අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය. සෙසු පළාත් සභාවල ඡන්ද සාර්ථකව පවත්වා නව සංශෝධන දෙමළ ජනතාව වැඩිපුර වෙසෙන උතුරු පළාත් සභා මැතිවරණයට පෙර කඩිමුඩියේ ගෙන ඒමෙන් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව නැවත අපකීර්තියට පත්නොවන්නේදැයි කළ විමසුමකට පිළිතුරුදුන් ඇමතිවරයා පැවසුවේ ,ජාත්‍යන්තරයේ වැරදි මත හදන අයට කුමක් කීවත් ඔවුන් ඔවුන්ගේ මතයේ සිට ඉදිරියටම ක්‍රියාත්මක වන බවයි." +ජනාධිපති බලතල සීමා කෙරෙන ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව යෝජනාවක් ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු රජයේ ඇමතිවරුන් පිරිසක් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කොට තිබේ.,"ජනතා බල පෑමක් කිරීම අරමුණ බවයි රතන හිමියන් පවසන්නේ මේ පිළිබඳ ව සංදේශය වෙනුවෙන් රතන හිමියන්ගෙන් කළ විමසීමක දී උන්වහන්සේ සඳහන් කළේ මෙම ව්‍යවස්ථා සංශෝධනය වසරකට වැඩි කාලයක් විවිධ මට්ටමින් විවිධ උගතුන්, නීතිඥයන් සහ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, මෙන් ම ආණ්ඩුවේ ස���ටින වමේ දේශපාලන පක්ෂ වල නියෝජිතයන් සමගත් සාකච්ඡා කොට ඒ සියලු දෙනාගේ ම අදහස් උදහස් උකහා ගනිමින් සිදු කළ ව්‍යවස්ථා සංශෝධනයක් බවයි. එම සංශෝධනය සමාජගත කිරීම මේ මස 14 වැනිදා සවස 3 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදු කෙරෙන බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ. 'සංශෝධනය නැතිව ජනාධිපතිවරණ එපා' “එහි දී අප ආණ්ඩුවට පැහැදිලිව කියනව ව්‍යවස්ථා සංශෝධනයක් නොකොට ජනාධිපතිවරණයට කැඳවන්න එපා කියල. එහෙම සංශෝධනයක් නැතිව ජනාධිපතිවරණයකට යනවා නම් අපි ආණ්ඩුව සම්බන්ධයෙන් දේශපාලන තීන්දුවක් ගන්නව. ඒ කියන්නෙ මේ ආණ්ඩුව සමග තවදුරටත් දේශපාලනය කිරීමට අපට නොහැකි වන බව අපට කියන්න සිදුවෙනව” යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කළහ. එයින් ඉල්ලා සිටින්නේ ජනාධිපති බලතල සීමා කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වේ 17 වෙනි සංශෝධනය නැවත ස්ථාපිත කිරීම දැයි බී සී ය විසින් නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් උන්වහන්සේ කියා සිටියේ මෙය ජාතික හෙළ උරුමය නමැති පක්ෂය ගත් තීරණයක් නොවන අතර “පිවිතුරු හෙටක්” ජාතික සභාව විසින් ගත් තීරණයක් බවයි. ආණ්ඩු පක්ෂයේ සිටින මැති ඇමතිවරුන් කිහිප දෙනෙක් ඇතුළු විවිධ දේශපාලන කණ්ඩායම් දමෙයට සහයෝගය පළ කරමින් එකතු වනු ඇතැයි ද උන්වහන්සේ විශ්වාශය පළකළහ. 'මම ඉල්ලා අස්වීමට සුදානම්' අතුරලියේ රතන හිමියන් ඇතුළු රජයේ ඇමතිවරුන් කිහිප දෙනෙකු ද ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව සැබෑවක් දැයි විමසූ විට උන් වහන්සේ කියා සිටියේ තමන්වහන්සේ ගේ ඉල්ලා අස්වීම පිළිබඳ ව ස්ථිරව ම පැවසිය හැකි වුව ද අනෙකුත් ඇමතිවරුන්ගේ අයගේ ඉල්ලා අස්වීම පිළිබඳ ව සහතිකයක් දීමට තමන්ට නොහැකි බවයි. කෙසේවුව ද එසේ තමන්වහන්සේ සමග එක් වන බව ඔවුන් ප්‍රකාශ කළ බවයි රතන හිමියන් වැඩිදුරටත් පවසා සිටියේ. ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන්ගේ ඉල්ලීම් පිළිගන්නා අපේක්ෂකයෙකුට සහය පළකරන බව ප්‍රකාශකලේ දැයි විමසූ විට උන්වහන්සේ පවසා සිටියේ අපේක්ෂකයා කවරෙක් ද සහ ඒ පිළිබඳව ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිළිබඳව දේශපාලන තීන්දුවකට පැමිණ නැති බවයි. 'අපේ අරමුණ රජය පෙරලීම නොවෙයි' තමන්වහන්සේ ඇතුළු මෙම සංශෝධනය ට පක්ෂව කටයුතු කරන අයගේ මුලික අපේක්ෂාව වන්නේ වර්තමාන ජනාධිපතිවරයා ලවා ජනාධිපතිවරණයට පෙර මෙම සංශෝධනය කරවා ගැනීම බවයි. මහින්ද චින්තනයෙන් ඉදිරිපත් කළ පොරොන්දු ඉටුකරන ලෙස ජනතා බල පෑමක් කිරීම අරමුණ බව පැවසූ උන්වහන්සේ පවසා සිටියේ මුලික අවශ්‍යතාවය වන්නේ මේ රජය පෙරලීම නොව පවත්නා රජය සකස් කර ගැනීම හෝ රජය මේ ඉල්ලීමට සවන් නො දෙන්නේ නම් පමණක් විකල්පයක් කරා යාම තමන්වහන්සේ ඇතුළු පිරිසගේ අභිලාශය බවයි." +ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ පසුගිය සමයේ තිබූ බෙදීම් නැති කොට එක් නායකයකු යටතේ කණ්ඩායම ශක්තිමත් කිරීමට හැකි වූ බව ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර පවසයි.,"අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කිරීම නිමිත්තෙන් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් පවත්වන ලද විශේෂ උත්සවයට එක් වෙමිනි. ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් සඳහා අතීතයේ මෙන් කිසිදු දේශපාලන බලපෑමක් සිදු නොවන බවද ක්‍රීඩා ඇමතිවරයා සඳහන් කළේය. එහිදී අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ 2019 වසරේ ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉලක්කය විය යුතු බවයි. ""ජය මෙන්ම පරාජයෙන්ද, අප අවසාන වශයෙන් ඉගෙන ගත යුත්තේ ජයග්‍රහණ ලබා ගන්නා ආකාරය පිළිබඳවයි. අපේ අවසන් ඉලක්කය ජයග්‍රහණයයි"" ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ට අමතරව දක්ෂතා දැක්වූ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක්ද උත්සවයට පැමිණ සිටියහ. ""ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙන්ම අනාගත ජාතික ක්‍රිකට් කණ්ඩායමත් අද මෙහි පැමිණ සිටිනවා. අනාගත ජාතික ක්‍රිකට් කණ්ඩායම බිහි වන්නේ මේ තරුණයන්ගෙනුයි. එම අනාගත ක්‍රිකට් ක්‍රීඩකයන්ට කරන දිරිගැන්වීමක් ලෙස ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙන්ම අනාගත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට සිටින ක්‍රීඩකයින් අද මෙහි කැඳවනු ලැබුවා"" අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය." +ඉරාකයේ ඇතිවී ඇති හදිසි තත්වය හමුවේ ඉරාක වැසියන් පමණක් නොව ඉරාකය තුළ විවිධ රැකියාවන්හි නියුතු සිය දහස් ගණනක් විදේශික ශ්‍රමිකයන් විවිධ අන්දමේ අවදානම් තත්වයන්ට මුහුණ දී ඇති බවයි පැවසෙන්නේ.,"මහා මාර්ග සුදුසු තත්වයක නැති බවයි ඉරාක රජය පවසා ඇත්තේ ඒ අතර ඉන්දියානු ජාතික රෝහල් සාත්තු සේවිකාවන් පිරිසක් රෝහල් වාට්ටුවකට කොටු වී සිටින අතර ඔවුන් මුදවා ගැනීම පිණිස ඉන්දීය රජය හා ඉරාක බලධාරීන් අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබේ. රතු කුරුසයෙන් සහය ඉන්දියානු රජය කළ විශේෂ ඉල්ලීමකට අනුව ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ නියෝජිත පිරිසක් ඉරාකයේ ටික්රිට් හි රෝහලක මෙසේ කොටුවී සිටින ඉන්දියානු සාත්තු සේවිකාවන් 46 දෙනා මුණගැසී සුවදුක් විමසා ඇත. ඉන්දීය රජයට අවශ්‍ය වන්නේ රෝහල තුල සිරවී සිටින සාත්තු සේවිකාවන් ආරක්ෂා සහිතව ඉවත්කර ගැනීමයි. එහෙත් තවමත් මහා මාර්ග ඒ සඳහා සුදුසු තත්වයක නැති බවයි ඉරාක රජය පවසා ඇත්තේ. මෙසේ සිරවී සිටින ඉන්දියානු සෞඛ්‍ය සේවිකාවන් අතුරින් අයෙක් වූ මරීනා ඉරිදා බී සී හින්දි සේවයට ප්‍රකාශ කොට ඇත්තේ ඔවුන්ගේ මුලික අවශ්‍යතාවන් වත් නිසි ලෙස සපයා නැති බවයි. “අපිට දීල තියෙන්නෙ කෑම පිඟානක් විතරයි, අඩු තරමින් බොන්න තේ ටිකක් හරි කිරි ටිකක් වත් නැහැ. අපි මේ වැටිලා ඉන්නෙ ඒ නිසයි. අපි සේරම ඉන්නෙ එක වාට්ටුවක් ඇතුලෙ. ආයුධ ගත්තු අය එහා මෙහා යන නිසා අපිට මේ රෝහල් ගොඩනැගිල්ලෙන් එලියට යන්න බැහැ” යනුවෙන් ඇය පැවසුවාය. 'ඉරාකය හැර එන්න'- ඉන්දීය රජය ඉන්දියානු තානාපති කාර්යාලයෙන් නිලධාරීන් පිරිසක් කතා කළ බවත් රතුකුරුස සංවිධානයේ පිරිසක් පැමිණ ඔවුන්ව නිදහස් කර ගැනීමට කටයුතු කරන බව පැවසුවත් මේ දක්වා කිසිවක් සිදුවී නැති බවත් ඇය පැවසුවාය. ඉරිදා ඉන්දීය රජය ඉරාකයේ පදිංචි වී සිටින ඉන්දියානුවන් ගෙන් ඉල්ලා සිටියේ හැකිනම් ඉරාකය හැර යාම ගැන සලකා බලන ලෙසටයි. එසේම ඉරාකයට යෑමෙන් වලකින ලෙසටත් සංචාරකයන්හට දැනුම් දී තිබේ. ඉරාක විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඉරාකයේ සිටින ඉන්දියානුවන් වෙනුවෙන් කල හැකි සියළු දේ කරන බවයි. බැග්ඩෑඩ් හි ඇති ඉන්දීය තානාපති කාර්යාලය දැනටමත් විසි හතර පැයේ තොරතුරු සේවාවක් ආරම්භ කර ඇත්තේ ඉරාකයේ සිටින අය පිලිබඳ තොරතුරු හුවමාරු කර ගැනීම පහසු කිරීමටයි." +පාකිස්තාන් දේශ සීමාව ආසන්නයේ පිහිටි ඉන්දීය ගුවන් හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ල කළ තුවක්කුකරුවන් සිව් දෙනකු මරා දමන ලද බව ඉන්දීය බලධාරීහු පවසති.,ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි සන්නද්ධ කණ්ඩායම ඉන්දීය හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටි බවත් බලධාරීහු සඳහන් කරති එම නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ එහිදී හට ගත් වෙඩි හුවමාරුවෙන් හමුදා සෙබළුන් තිදෙනෙකු ද මරුමුවට පත් වී ඇති බවයි. පතන්කොට් ප්‍රදේශයේ පිහිටි ඉන්දීය ගුවන් හමුදා කඳවුර හා ඒ අවට පැය කීපයක් වෙඩි හුවමාරු වූ බවයි හමුදා බලධාරීන් කියා සිටියේ. අද සෙනසුරාදා උදෑසන ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි සන්නද්ධ කණ්ඩායම ඉන්දීය හමුදා නිල ඇඳුමට ස��ාන ඇඳුමකින් සැරසී සිටි බවත් බලධාරීහු සඳහන් කරති. ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා සහ හෙලිකොප්ටර් යානා රඳවා තබා ඇති පතන්කොට් කඳවුර පාකිස්තාන් දේශ සීමාවේ සිට කිලෝමීටර් පනහක් දුරින් පිහිටා තිබේ. ඉහත කී ප්‍රහාරය එල්ල වූයේ සාම සාකච්ඡා යළි පණ ගැන්වීමේ අරමුණින් ඉන්දීය අගමැතිවරයා සහ පාකිස්තාන් අගමැති නවාස් ෂරීෆ් ලාහෝර් නගරයේ දී හමු වීමෙන් දින කීපයකට පසුවයි. +දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති පළමු එක් දින ජාත්‍යන්තර තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට කඩුලු 9 කින් පරාජය වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීහු කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාංගණය තුළ කෝපයෙන් විරෝධතා දැක්වූහ.,"අවශ්‍ය වුවහොත් තත්වය පාලනය කිරීම පිණිස කැරලි මර්ධක පොලිසිය ද කැඳවා තිබුණි ඒ අනුව උද්ඝෝෂකයන් විසිරී යන තුරු විනාඩි තිහකට ආසන්න කාලයක් ක්‍රීඩාංගණය තුළ රැඳී සිටීමට උපුල් තරංග ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. අවශ්‍ය වුවහොත් තත්වය පාලනය කිරීම පිණිස කැරලි මර්ධක පොලිසිය කැඳවීමට ද බලධාරීහු පියවර ගත්හ. සබැඳි යොමු: මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භයේදී දක්ෂ පිතිහරඹයක යෙදුන නමුත් ඉන් අනතුරුව ලකුණු 216 කට සියලු දෙනාම දැවී ගියේය. එයට ප්‍රතිචාර වශයෙන් එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 220 ක් රැස් කිරීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත්වූහ. පසුගිය මාස කිහිපය ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සුපුරුදු දක්ෂතා දැක්වීමට අපොහොසත් වූ අතර, ඒ පිළිබඳව ක්‍රීඩා බලධාරීන්ට සහ කණ්ඩායමට ද සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රබල විවේචන එල්ල විය. ඉන්දියාවට එරෙහි පළමු එක් දින තරගයේ අවස්තාවක් කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන් මෙවැනි උද්ඝෝෂණයක නිරත වූ වෙනත් අවස්තාවක් මෑතදී වාර්තා වී නැත. මීට ඉහතදී පැවති ටෙස්ට් තරගාවලියේ තරග සියල්ල කිසිදු තරගකාරී බවක් හෝ නොපෙන්වා පරාජය වීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වන ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්, ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන්ට දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට හා පින්නවල අලි බැලීම සඳහා කාලය ලබාදීම පිණිස ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරගය දින තුනක් ඇතුළත අවසන් කළ බවට හාස්‍ය ජනක අදහස් පළකර තිබුණි. තරග පහකින් සමන්විත එක් දින සීමිත ඕවර තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී එක විස්���යි විස්ස තරගයකට ද සහභාගි වීමට නියමිතය." +හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ගමන් ගත් රිය පෙලකට ගල් ප්‍රහාරයක් එල්ල වෙයි.,සවස හාලි ඇල පොලිස් මුරපොළ අසලදී ඊයේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව කැෆේ සංවිධානය ප්‍රකාශ කළේය. මෙම ප්‍රහාරයෙන් හරීන් ප්‍රනාන්දු ගේ රිය පෙලෙහි ගමන් ගත් වාහන 3 කට පමණ හානි සිදුවී තිබෙන බවත් කැෆේ සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි ගල් ගැසීම් සහ තර්ජනය කිරීම් හාලිඇළ මැතිවරණ බල ප්‍රදේශයේ දී එජාප ආධාරකරුවන් 6 දෙනෙකුට ස්ථාන කිහිපයකදීම ගල් ගැසීම් සහ තර්ජනය කිරීම් පිළිබඳව වාර්තා වීමත් සමඟ ඔවුන් හමුවීමට ගොස් පැමිණෙමින් සිටියදී හරීන් ප්‍රනාන්දු රැගත් රථ පෙළ මෙම ප්‍රහාරයට ලක්වී තිබේ. මෙම අවස්ථාවෙදී ප්‍රාදේශීය මාධ්‍යවේදියකුද පහරකෑමට ලක්ව ඇති අතර ඊට විරෝධය පෑම සඳහා අද බදුල්ල නගරයේ දී ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විසින් විරෝධතාවක් පවත්වන ලදී. පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට මැදිහත් වන ලෙස මොණරාගල දිසාපතිවරයා සහ කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි අතර අපේක්ෂකයන්ට ආරක්ෂාව සලසන මෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සවස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. +රුසියාවේ මුදල් ඒකකය වන රූබල් හි අගය වාර්තාගත අන්දමින් අවප්‍රමාණ වීම නිසා ශ්‍රී ලංකාවේ තේ අපනයනයට ඉතා අහිතකර තත්වයක් උදා වී ඇති බව තේ අපනයනකරුවෝ පවසති.,ශ්‍රී ලංකාවේ තේ අපනයනය පහළ වැටෙමින් තිබෙන අවධියක ප්‍රධාන ගැනුම්කරුවකු වන රුසියාවේ මුදල අවප්‍රමාණ වීම නිසා තේ අපනයනකරුවන් තවත් අර්බුදකාරී තත්වයකට පත් වී ඇති බවයි ඔවුන් පවසන්නේ. 2013 දී රුසියාවට තේ මෙට්‍රික් ටොන් හතළිස් දෙදහසක් යවා ඇති නමුත් 2014 දී එය මෙට්‍රික් ටොන් තිස් අටදහස දක්වා පහත වැටී ඇති බවයි ශ්‍රී ලංකාවේ තේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති රොහාන් ප්‍රනාන්දු බීබීසීයට කියා සිටියේ. ශ්‍රී ලංකාවේ තේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති රොහාන් ප්‍රනාන්දු කඩා වැටීමක් ‘දැන් එතනම තියෙනවා කඩා වැටීමක්. ඒකට රුසියාව මෙන්ම ඉරානය සහ සිරියාව තුළ ඇති වී තිබෙන තත්වයත් බලපෑවා. තේ අපනයනයෙන් සියයට තිහක් පමණ යැවෙන්නේ මේ රටවල් තුනට.’ සභාපති රොහාන් ප්‍රනාන්දු පැවසීය. රුසියාවෙන් ගිලිහී යන වෙළඳපළ හිඩැස වසා ගැනීමට වෙනත් රටවල් කෙරෙහි යොමු වීම සඳහා රජයේ මැදිහත් වීම අවශ්‍ය බවද ඔහු අවධාරණය කළේ���. තේ අපනයනය ප්‍රවර්ධනය කිරීම සඳහා පිහිටුවා ගත් අරමුදල වසර තුනක් තිස්සේ තේ මණ්ඩලය විසින් ප්‍රයෝජනයට ගෙන නැති බවත් නව වෙළඳපළක් සොයා ගැනීම සඳහා එය නොපමාව යොදා ගත යුතු බවත් ශ්‍රී ලංකාවේ තේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති රොහාන් ප්‍රනාන්දු පවසයි. රුසියාවේ මුදල් ඒකකය අවප්‍රමාණ වීමට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ යුක්‍රේන අර්බුදය හමුවේ රුසියාවේ ක්‍රියා කලාපය දෝෂ දර්ශනයට ලක් කරමින් ලෝක බලවතුන් රුසියාවට තහංචි පැනවීමයි. මේ අතරතුර ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළ යාම නිසාද රුසියානු ආර්ථිකයට විශාල පාඩුවක් වී තිබේ. තේ ව්‍යාපාරික ආචාර්ය මොහොමඩ් රූමි ඇණවුම් අඩු කරලා මෙම තත්වය ශ්‍රී ලංකාවේ තේ අපනයනයට දැනටමත් අහිතකර ප්‍රතිඵල උදා කර ඇති බවයි රුසියාවට තේ අපනයනය කරන ව්‍යාපාරිකයෙකු වන ආචාර්ය මොහොමඩ් රූමි කියා සිටියේ. ‘පසුගිය මාස දෙක තිස්සේ අලෙවිය අඩු වෙන්න පටන් ගත්තා. දැනටමත් අපේ ඇණවුම් අඩු කරලා තියෙන්නේ. මේක අපේ තේ අපනයනයට බරපතල ලෙස බලපාල තියෙනවා. රූබල් මුදලේ අගය පහළ යාම කවදා නවතීද කියා අපේ ගැනුම්කරුවන්ටවත් හිතා ගන්න බැහැ.’ ආචාර්ය මොහොමඩ් රූමි පැවසීය. මෙම අර්බුද කාරී තත්වය හමුවේ දේශීය අපනයනකරුවන් බේරා ගැනීම සඳහා රජය මැදිහත් වී යම්කිසි වැඩපිළිවෙලක් කඩිනම්ව දියත් කළ යුතු බවයි ඔහු තව දුරටත් කියා සිටියේ. +ශ්‍රී ලංකාව මේ දිනවල විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී ඇති පසුබිමක එම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රජය විවිධ උපක්‍රම අත්හදා බලමින් සිටින බව නොරහසකි.,"ආනයන තහනම් කිරීම හරහා රටෙන් බැහැරට විදේශ විනිමය ගලායාම නැවැත්වීම හා විවිධ මාර්ගවලින් ණය ලබාගැනීම ද ඊට අයත් වේ. එහෙත් පවතින ගෝලීය අර්බුදය හමුවේ විදේශ ණය වෙළෙඳපොළෙන් ණය ලබාගැනීම අවාසි සගත බැවින් විවිධ රටවල් සමග විදේශ මුදල් හුවමාරු සදහා එළැඹීමට පියවර ගෙන තිබේ. කෙසේවෙතත්, ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමග මෙවැනි මුල්‍ය ගනුදෙනුවකට යාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ මත පළවිණි. විදේශ මුදල් හුවමාරුවක් යනු කුමක්ද? මුදල් හුවමාරුවක් (currency swap), යම් සුළු වෙනස්කම් තිබුණද එෆ්එක්ස් (FX swap) නැතහොත් විදේශ මුදල් හුවමාරුවක් ලෙසද හැඳින්වේ, එය විදේශීය පාර්ශව දෙකක් අතර විදේශ මුදල් හුවමාරු කිරීමේ ගිවිසුමකි. ගිවිසුමට අනුව දෙපාර්ශවය එකඟ වන මුදල් ඒකකයකින් ණය මුදලක් සඳහා වන මූලික මුදල නැතහොත් ප්‍රාග්ධනය ලබා ගැනේ. ඒ අනුව එකඟවන ඉ��ිරි දිනකදී අදාළ ණය මුදල සහ පොලිය ගෙවීම සඳහා වෙනත් මුදල් ඒකකයකින් තැන්පත් කෙරේ. ඒ අනුව එක් පාර්ශ්වයක් දෙවන පාර්ශවයකින් එකඟ වූ මුදල් ඒකකයකින් ණයට ගන්නා අතර එය එම අවස්ථාවේම එම ණය දුන් පාර්ශවයට තවත් මුදල් ඒකකයකින් ණයක් ලෙස ලබා දෙයි. විදේශ මුදල් හුවමාරුවකදී පාර්ශව දෙකක් එකිනෙකා සමඟ සමාන මුදල් ප්‍රමාණයක් හුවමාරු කර ගන්නා නමුත් විවිධ මුදල් ඒකක වලින් කරන ගනුදෙනුවකි. පාර්ශවයන් මූලික වශයෙන් එකිනෙකාට ණය ලබා දෙන අතර නියමිත දිනට හා විනිමය අනුපාතයට එම මුදල් ආපසු එම මූලික මුදල් ඒකක වලින්ම ගෙවනු ලබයි. විදේශ මුදල් හුවමාරුවක අරමුණු විදේශ මුදල් හුවමාරුවලට සම්බන්ධ පාර්ශව සාමාන්‍යයෙන් රජයන් හෝ මූල්‍ය ආයතන වන අතර ඒවා තනිවම හෝ මූල්‍යමය නොවන සංස්ථාවක් වෙනුවෙන් වෙළෙඳාම් කරයි. ජාත්‍යන්තර බේරුම්කරණ බැංකුවට අනුව, මුදල් හුවමාරුව සහ විදේශ මුදලින් (FX) ඉදිරි දිනකදී කෙරෙන කටයුතුවලදී ගෝලීය මුදල් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු වලින් වැඩි ප්‍රමාණයක් සඳහා දායක වේ. ලෝක බැංකුව ප්‍රථම වරට මුදල් හුවමාරුව හඳුන්වා දුන්නේ 1981 දී ජර්මානු ඩොයිෂ් මාක් මුදල් සහ ස්විස් ෆ්‍රෑන්ක් ලබා ගැනීමේ උත්සාහයක් වශයෙනි. අවුරුදු 10 ක් තරම් කල් පිරෙන ණය සහිත ණය මත මෙම ආකාරයේ හුවමාරුවක් කළ හැකිය. 2008 වර්ෂයේ ඇතිවූ ගෝලීය මූල්‍ය අර්බුදය අතරතුර, ඇමරිකාවේ ෆෙඩරල් සංචිතය ද්‍රවශීලතා ගැටලුවලට මුහුණ දෙමින් සංවර්ධනය වෙමින් පවතින රටවල් කිහිපයකට ණය ලබා ගැනීමේ අරමුණු සඳහා විදේශ මුදල් හුවමාරුවට ඉඩ දුන්නේය. මුදල් හුවමාරුවේ ප්‍රධාන වර්ග මුදල් හුවමාරුවේ ප්‍රධාන වර්ග දෙකක් තිබේ. එනම් ස්ථාවර-ස්ථාවර මුදල් හුවමාරුව සහ පාවෙන ස්ථාවර හුවමාරුව. ස්ථාවර-ස්ථාවර මුදල් හුවමාරුව යනු ස්ථාවර පොලී ගෙවීම් එක් මුදලකින් ස්ථාවර පොලී ගෙවීම් සඳහා හුවමාරු කිරීමයි. පාවෙන ස්ථාවර හුවමාරුවේදී, එක් මුදලක ස්ථාවර පොලී ගෙවීම් තවත් මුදලක පාවෙන පොලී ගෙවීම් සඳහා හුවමාරු වේ. දෙවෙනි වර්ගයේ හුවමාරුවේදී, පාදක වූ ණය මුදලේ මූලික මුදල හුවමාරු නොවේ. බංග්ලාදේශයෙන් ලබාගත් විදේශ මුදල් හුවමාරුව මොකක්ද? අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ අමාත්‍ය නිවාඩ් කබ්රාල් සමඟ බංග්ලාදේශයේ යෙදුනු නිල සංචාරය අතරතුරදී දෙරට අතර විදේශ මුදල් හුවමාරුව පිළිබඳව සාකච්ඡා ආරම්භ කළ අතර පසුගිය මාසයේදී බංග්ලාදේශ මාධ්‍ය වාර්තාකර තිබුණේ එරට මහ බැංකුව එම විදේශ මුදල් හුවමාරුවට ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදුන් බවය. ""විදේශ විනිමය සංචිතයක් පවත්වා ගැනීමට අරගල කරන රටක් වන ශ්‍රී ලංකාව සමඟ ඩොලර් මිලියන 200 ක මුදල් හුවමාරු යෝජනාවක් බංග්ලාදේශ මහ බැංකුව ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කර තිබේ,"" යනුවෙන් ඩකා ට්‍රිබියුන් පුවත්පත පැවසීය. මේ දිනවල කතාබහට ලක්ව ඇති බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකා රජය ලබාගැනීමට බලාපොරොත්තු වන ඇමරිකානු ඩොලර් මිලියන 200ක විදේශ මුදල් හුවමාරුවේදී බංග්ලාදේශය ඇමරිකානු ඩොලර් මිලියන් 200ක් ශ්‍රී ලංකා රජයට ලබාදෙයි. ඒ වෙනුවට ශ්‍රී ලංකා රජය එකඟ වූ විදේශ මුදල් හුවමාරු අගයකට (මෙම අවස්ථාවේදී ඇමරිකානු ඩොලරයට රුපියල් 199.90ක්) එම ඩොලර් මිලියන 200 ට සමාන රුපියල් ප්‍රමාණයක් එම මුදල ලබාගන්නා අවස්ථාවේදීම ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ හෝ වෙනත් එකඟ වන පෞද්ගලික බැංකුවක බංග්ලාදේශයේ නමින් තැන්පත් කරයි. යළි ගෙවීමට එකඟවන කාලයට (මෙහිදී මාස තුනකින් හෝ මාස හයකින්) බොහෝ විට භාණ්ඩාගාර බිල්පතක් හෝ භාණ්ඩාගාර බැදුම්කරයක පොලිය ගෙවීමට එකඟ වේ. ප්‍රාග්ධනය ගෙවීමේදී ලන්ඩන් අන්තර් බැංකු පිරිනමන අනුපාතයකට (LIBOR +) එකතු කරන ප්‍රමාණයකට අදාළ පොලියක් (මෙහිදී LIBOR +2% හෝ 2.5%) සමග එම මුදල ඩොලර් වලින් ගෙවීමට එකඟ වෙයි. මෙහිදී ශ්‍රී ලංකාවට එකවර ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් ලැබෙන අතර ඒ වෙනුවෙන් බංග්ලාදේශයේ නමින් රුපියල් ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ හෝ පෞද්ගලික බැංකුවක තැන්පත් කෙරෙනු ඇත. එම ඩොලර් මිලියන 200 ඉදිරියේදී එකඟ වන දිනකදී නැවත රුපියල් වලට අදාළ පොලිය හා ඩොලර් මිලියන 200 ට අදාළ ලන්ඩන් අන්තර් බැංකු පිරිනමන අනුපාතයකට (LIBOR +) එකතු කරන ප්‍රමණයකට අදාළ පොලියත් සමග ගෙවීම කළ යුතු වේ. මෙහිදී බංග්ලාදේශයට වාසි සහගත බවට ඇතැම් විදේශ විනිමය විශේෂඥයන්ගේ මතය වේ. ශ්‍රී ලංකාව පවතින මුල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුමක් නොමැතිවීම හේතුවෙන් ඉන්දියාවෙන් ලබාගත් ඩොලර් මිලියන 400ක විදේශ මුදල් හුවමාරුව පසුගිය පෙබරවාරි මාසයේදී පියවීමට සිදුවිය. ඒ සමගම රජයට විදේශ මුදල් අර්බුදයෙන් මිදීමට වෙනත් රටක සහය පැතීමට සිදුවීමෙන් චීනය හා බංග්ලාදේශය සමග විදේශ මුදල් හුවමාරුවට යොමු වූ බව විශේෂඥයෝ පෙන්වා දෙති. පසුගිය මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව වසර තුනකට යුවාන් බිලියන 10 ක (ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් පමණ) විදේශ මුදල් හුවමාරු ගිවිස��මක් චීනය සමඟ අත්සන් කළ බවට මහ බැංකුව පැවසීය." +ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය අත පවතින ෆලුජා නගරයෙන් වැඩි කොටසක බලය යළි අත්පත් කර ගැනීමට ඉරාක ආණ්ඩුවේ හමුදා සමත් වී ඇති බව එරට බලධාරීහු පවසති.,"අයිඑස් කැරලිකරුවන් ෆලුජා නගරයෙන් පලා යන බව ඉරාක බලධාරීහු පවසති තවමත් නගරයේ ඇතැම් ප්‍රදේශ අයිඑස් පාලනයේ පවතින බැවින් තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වනු ඇති බවයි ඇමරිකානු ආරක්ෂක ලේකම් ඈෂ් කාටර් ප්‍රකාශ කළේ. ඉරාක විශේෂ හමුදා ඒකකයේ අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් හයිදර් අල් ඔබේදී ඒඑෆ්පී පුවත් සේවයට පවසා ඇත්තේ ෆාලුජා නගරයේ භූමි ප්‍රමාණයෙන් සියයට අසූවක් ආණ්ඩුවේ හමුදා පාලනයේ පවතින බවයි. බැග්ඩෑඩ් අගනුවර සිට සැතපුම් තිහක් දුරින් පිහිටි ෆලුජා නගරය අයිඑස් කැරලිකරුවන් අතට පත් වූයේ 2014 වසරේ ජනවාරි මාසයේදී. මේ අතර ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය අත පවතින මොසුල් නගරයේ දකුණු ප්‍රදේශයේ බලය තහවුරු කර ගනිමින් සිය හමුදා ඉදිරියට ගමන් කරන බවත් ඉරාක හමුදා පවසයි. මොසුල් නගරයෙන් සැතපු හතළිස් තුනක් පමණ දුරින්, ටයිග්‍රිස් නදි තීරයේ පිහිටා ඇති අල් කයාරා නගරය ඉහත කී හමුදා භට කණ්ඩායම්වල ඉලක්කය වී තිබේ. අල් කයාරා නගරයේ මූලෝපාය වශයෙන් වැදගත් ගුවන් පර්යන්තයක් පිහිටා ඇත." +ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවෙන් එල්ල වන බලපෑම්වලට නතු නොවී වහාම පළාත් සභා අහෝසි කරන්නැයි භික්ෂූන් වහන්සේගේ නායකත්වයෙන් යුත් සංවිධානයක් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.,"පළාත් සභාවලට පක්ෂ ඇමතිවරුන් 'ඊළඟ මැතිවරණයේදී පරාජය කරනවා' මහරගම නගරයේදී ජන හමුවක් ඇමතූ පළාත් සභා අහෝසි කිරීමේ ජාතික එකමුතුවේ නායකයෝ පළාත් සභාවලට පක්ෂව අදහස් දක්වන ආණ්ඩුවේ සහ විරුද්ධ පක්ෂයේ දේශපාලන නායකයන්ට ද අනතුරු ඇඟවීමක් කළහ. විශේෂයෙන්ම පොලිස් බලතල පළාත් සභාවලට විමධ්‍යගත කළ හොත්, ජාතික පොලිස් සේවාව අකර්මන්‍යව ගොස් විනාශ වනු ඇති බවයි, සිංහල රාවය සංවිධානයේ ආචාර්ය මැදගම අඹේතිස්ස හිමියන් කියා සිටියේ. ඇමතිවරුන්ට අනතුරු ඇඟවීමක් පළාත් සභා ක්‍රමයට පක්ෂව අදහස් දක්වන අමාත්‍යවරුන් සහ විරුද්ධ පක්ෂවල මන්ත්‍රීවරුන් වහාම සිය මතය වෙනස් කර ගත යුතු බව පවසන බොදු බල සේනා සංවිධානයේ නායක කිරම විමලජෝති හිමියෝ, එසේ නොකළහොත් ඉදිරි මැතිවරණයේදී ඔවුන් පරාජය කිරීමට කටයුතු කරන බවට අනතුරු ඇඟවූහ. කෙසේ නමුත් පළාත් සභා අහෝසි කළ හොත් අමාත්‍ය පදවි��ෙන් ඉල්ලා අස්වන බව ඊයේ කියා සිටි ජාතික භාෂා පිලිබඳ අමාත්‍ය වාසුදේව නානායක්කාර තමන් එසේ අභියෝග කරන්නේ ආණ්ඩුව පළාත් සභා අහෝසි නොකරන බව හොඳින්ම විශ්වාස නිසා බව ද සඳහන් කළේය. මේ අතර කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත ගිය බොදු බල සේනා සංවිධානයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට බලපෑම් නොකරන්නැයි ඉල්ලා සිටින පෙත්සමක් මහ කොමසාරිස් කාර්යාලයට භාර දුන්හ." +උතුරේ සාමාන්‍ය ජනතාවගේ දෛනික කටයුතු වලට බලපාන යුද හමුදා මැදිහත්වීම් අඩු කරන ලෙස ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජෝන් රැන්කින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.,"මහ කොමසාරිස්වරයා එම ඉල්ලීම කළේ උතුරු පළාතේ සිදු කරන ලද දින තුනක සංචාරයකින් අනතුරුව බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමින්. හමුදා මැදිහත්වීම අඩු කිරීම මගින් බිය ගැන්වීම් වලින් තොර ව සාමාන්‍ය ජනතාවට නිදහසේ කටයුතු කිරීමට ඉඩ දෙන ලෙසයි, මහ කොමසාරිස් ජෝන් රැන්කින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ. බීබීසී සිංහල සේවය සමග පැවැත්වූ සාකච්ඡාවේ දී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ, කලින් යුද කලාපයක්ව පැවති උතුරු පළාතේ බොහෝ ධනාත්මක වෙනස්කම් සිදු වී තිබුනත් ජය ගත යුතු තවත් අභියෝග පවතින බවයි. ධනාත්මක වෙනස් කම් උතුරු පළාතේ සිදු කළ සිය සංචාරයේ දී ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කිරීමට තමාට අවස්ථාවක් ලැබුණ බවත් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා පවසයි. “මම හමුදාවෙ කිහිප දෙනෙක් සමග සාකච්ඡා කළා. ඔවුන් දැනට කටයුතු කර ගෙන යන ආකාරය සහ ඔවුන් ප්‍රදේශයේ ජනතාව සමග බද්ද වෙන්නෙ කොහොමද කියන කාරණය ගැන. විශේෂයෙන්ම, සාමාන්‍ය ජනතාවගේ ක්‍රියාකාරකම් වලට බලපාන හමුදා මැදිහත්වීම් අඩු කරන්නෙ කොහොමද කියන කාරණය පිළිබඳව මම කතා කළා” මහ කොමසාරිස් ජෝන් රැන්කින් සඳහන් කළේය. රාජ්‍ය නොවන සංවිධාන වලට නිදහසේ කටයුතු කිරීමට අවස්ථාවක් දිය යුතු බවට ඔහු කරන ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් ගේ අවධානය යොමු වී ඇද්දැයි සංදේශය ප්‍රශ්න කළ විට ජෝන් රැන්කින් කියා සිටියේ ‘තමා එසේ සිතන’ බවයි. යුද අපරාධ පරීක්ෂණ ඇතැම් මානව හිමිකම් ක්‍රියාධරයන්ට උතුරු පළාතේ කටයුතු කිරීම අතින් පහසු තත්වයක් ගොඩ නැගෙමින් පවතින බවත් මහ කොමසාරිස්වරයා අදහස් කරයි. ශ්‍රී ලංකා රජය යුද්ධයෙන් අතුරුදහන්වූවන් ගැන සොයා බැලීමේ කොමිසමේ කටයුතු මෑතක දී තවත් පුළුල් කරනු ලැබීම එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයක් අනවශ්‍ය බව පෙන්වීම සඳහා ගන්නා ලද පියවරක් විය නොහැකි දැයි බීබීසිය ප්‍රශ්න කළ විට ජෝන් රැන්කින් මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ, යුද අපරාධ චෝදනා පිළිබඳව පලදායී ස්වාධීන පරීක්ෂණයක් පවත්වන මෙන් බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාවෙන් නිතරම ඉල්ලා සිටි බවයි. “අපි දන්නව අතුරුදහන් වීම පිලිබඳ සොයා බැලීමේ කොමිසමේ කටයුතු පුළුල් කර ඇති බව. ඒ පරීක්ෂණ වාර්තාව නිකුත් කෙරෙන තුරු අපි බලා සිටිනවා. ඒ වගේම, පසුගිය මාර්තු මාසයේ ජිනීවා වලදී සම්මත කෙරුණ ජාත්‍යන්තර පරීක්ෂණයක් පිලිබඳ යෝජනාව අනුව කෙරෙන පරීක්ෂණයත් ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන පරීක්ෂණයට සමගාමීව සිදු කෙරෙනවා” මහ කොමසාරිස්වරයා පවසයි. බටහිර සමඟ සබඳතා ශ්‍රී ලංකා රජය බ්‍රිතාන්‍යය සහ අනෙකුත් බටහිර රටවල් නොතකා යමින් දේශපාලන සහයෝගීතාවය සහ ආයෝජන අතින් චීනයේ උපකාර මත යැපීමේ උත්සාහයක යෙදෙන බවක් ඉදිරි දිනවල සිදු කෙරෙන චීන ජනාධිපතිවරයා ගේ කොළඹ සංචාරය මගින් පෙනී යන්නේ දැයි බීබීසිය ප්‍රශ්න කළ විට මහකොමසාරිස් ජෝන් රැන්කින් කියා සිටියේ, එක්සත් රාජධානිය ඇතුළු යුරෝපය සහ ඇමරිකාවත් සමග ශ්‍රී ලංකාවේ සම්බන්ධතා ශක්තිමත් මට්ටමක පවතින බවයි. උතුරේ හමුදා මුරපොලක් “එක්සත් රාජධානිය කියන්නෙ ප්‍රමාණය අතින් බැලුවම ශ්‍රී ලංකාවේ දෙවන ප්‍රධානතම වෙළඳ ගනුදෙනුකරු. යුරෝපය තුළ ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළඳ පොළ බ්‍රිතාන්‍යය. අපි දෙරට අතර අධ්‍යාපනික සහ සංස්කෘතික සබඳතාවනුත් ඉතාම ශක්තිමත්. ඒ වගේම, මම දන්නව, ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් බ්‍රිතාන්‍යය සහ යුරෝපය සමග සබඳතා නැති කර ගැනීමට කැමති නැති බව” මහ කොමසාරිස්වරයා සඳහන් කළේය." +වෙළෙඳ ගනුදෙනු විධිමත් මට්ටමින් වාර්තාගත කිරීම ආරම්භවීමෙන් පසු චීනය පළමු වතාවට ජර්මනිය අභිබවා යමින් එක්සත් රාජාධානියේ විශාලතම තනි ආනයන වෙළෙඳපොළ බවට පත්ව ඇත.,"එක්සත් රාජධානියේ ජාතික සංඛ්‍යාන කාර්යාලය (ONS)) පවසන ආකාරයට 2018 වර්ෂය ආරම්භයේ පටන් චීනයෙන් සිදුවූ භාණ්ඩ ආනයනය 2021 වර්ෂයේ පළමු කාර්තුව තුළ පමණක් 66%කින් ඉහළ යමින් ස්ටර්ලිං පවුම් බිලියන £16.9ක ($24bn) වෙළෙඳාමක් බවට පත්ව තිබුණි. එම කාල සීමාව ඇතුළත ජර්මනියෙන් සිදුකෙරෙන භාණ්ඩ ආනයනය හතරෙන් එකකින් හැකිළෙමින් එහි වෙළෙඳ වටිනාකම ස්ටර්ලින් පවුම් බිලියන £12.5ක ගනුදෙනුවක් බවට පත්විය. එවැනි වෙනසක් සිදුවීම කෙරෙහි 'බ්‍රේක්සිට්' ක්‍රියාදාමය මගින් යුර���පා හවුල සමඟ පැවැති සබඳතා ව්‍යාකූලවීම හේතුවිය. ඊට අමතරව තවත් කරුණක් වී තිබෙන්නේ කොවිඩ්-19 වසංගතය සමඟ චීන භාණ්ඩ සඳහා පවතින ඉල්ලුම ඉහළ යාමය. ජාතික සංඛ්‍යාන කාර්යාලය (ONS) විසින් නිකුත්කරනු ලැබ තිබෙන වාර්තාවේ අරමුණ වී තිබෙන්නේ යුරෝපා හවුලෙන් ඉවත්වීමෙන් (බ්‍රෙක්සිට්) අනතුරුව සහ කොවිඩ්-19 වසංගතය එක්සත් රාජධානියේ භාණ්ඩ වෙළෙඳාම කෙරෙහි බලපා ඇති ආකාරය තක්සේරු කිරීමය. එක්සත් රාජධානිය සහ යුරෝපා හවුල අතර අලුත් සබඳතා ආරම්භයේ දී දෙපාර්ශ්වය අතර වෙළෙඳාම ව්‍යාකූල වූ බව දැක්වෙන සාක්‍ෂි ජාතික සංඛ්‍යාන කාර්යාලය (ONS) විසින් සොයාගනු ලැබ ඇත. බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත්වීමට අදාළ තොරතුරුවල අවිනිශ්චිතභාවය මැද 2019 අප්‍රියෙල් මාසයේ පටන් එක්සත් රාජධානියට ආනයනය කෙරෙමින් තිබූ භාණ්ඩ ප්‍රමාණය පහත වැටුන බව ජාතික සංඛ්‍යාන කාර්යාලය(ONS) පවසයි. රථවාහන නිෂ්පාදනය සහ ගෝලීය අපනයනය යන අංශ දෙකම අර්බුදයකට ලක්වීමත් සමඟ වසංගතයේ බලපෑම ජර්මනියේ මෝටර්රථ නිෂ්පාදන ආර්ථිකයට පහරක් එල්ල කළේය. කොරෝනා වසංගතයත් සමඟ රට අගුළු දැමෙද්දී මෝටර්රථ ප්‍රදර්ශනාගාර වසා දැමීමට සිදුවූ හෙයින් එක්සත් රාජධානියේ අලුතින් රථවාහන සඳහා පැවැති ඉල්ලුම පහත වැටුණි. යුරෝපා හවුලේ සංක්‍රාන්ති අවධියෙන් පසු එක්සත් රාජධානියේ ඉහළම මට්ටමේ වෙළෙඳ සමාගම් පහ අයර්ලන්තයට සිදුකරමින් පැවැති භාණ්ඩ අපනයන ධාරිතාවේ පහත වැටීමක් පෙන්නුම් කළ බව ජාතික සංඛ්‍යාන කාර්යාලය පවසයි. 1997 වසරේ දී ආනයන-අපනයන වාර්තා නවීන මුහුණුවරින් වාර්තාගත කරනු ලැබීම ආරම්භ කිරීමේ පටන් 2000 වසරේ අවසන් මාස හයක කාලය සහ 2001 වසරේ ආරම්භය හැරුනවිට එක්සත් රාජධානියේ ප්‍රමුඛ භාණ්ඩ ආනයන කේන්ද්‍රය ජර්මනිය වී තිබුණි. එකී 2000 වසරේ අවසන් මාස හයක කාලය සහ 2001 වසරේ ආරම්භක වකවානුවේ එක්සත් රාජධානියට භාණ්ඩ අපනයනය කරනු ලැබීම අතින් මුල්තැන සීමිත කාලයකට පමණක් ඇමෙරිකා එක්සත් ජනපදයට හිමිව තිබුණි. මුඛ ආවරණ(masks) සහ වෙනත් පෞද්ගලික ආරක්ෂක උපකරණ සඳහා භාවිත කෙරෙන චීන රෙදිපිළි ආනයනය කරනු ලැබීම ඉහළ ගොස් ඇති අතර විදුලි උපකරණ සඳහාත් විශාල ඉල්ලුමක් ඇති බව සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කෙරෙයි. කොවිඩ්-19 වසංගතය මැඩලමින් මතු වූ පළමු විශාල රට බවට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳාමේ වර්ධනයක් සහිත එකම ප්‍රධාන ආර්ථිකය සහිත රට චීනයයි. ශ්‍රී ලංකාව චීනයේ ප්‍රධාන ආනයන වෙළෙඳපොළක් වීම ''2020 වසරේ ශ��‍රීලංකාව භාණ්ඩ ආනයනය කරන ලද ප්‍රධාන රටවල් වුනේ ආසියානු කලාපයේ රටවල්ය. 2020 වසරේ දී එ.ජ.ඩොලර් බිලියන 3.5කට වැඩි ආනයන වියදමක් සහ සමස්ත ආනයන සඳහා 22%ක පමණ දායකත්වයක් දක්වමින් චීනය අඛණ්ඩව දෙවැනි වතාවටත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආනයන ප්‍රභවය ලෙස පැවතුණි''(ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව) ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආනයන වෙළෙඳපොළෙහි චීනයට පහළින් සිටින රටවල් බවට පත්ව සිටියේ ඉන්දියාව, එක්සත් අරාබි එමීරය, සිංගප්පූරුව සහ මැලේසියාව යන රටවල්ය. ශ්‍රී ලංකාව චීනයෙන් ආනයනය කරන ලද ප්‍රධාන භාණ්ඩ වූයේ රෙදිපිළි සහ රෙදිපිළි උපාංග,යන්ත්‍රසූත්‍ර උපකරණ,ගොඩනැගිලි ද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය ආදියයි. ඊට අමතරව ශ්‍රී ලංකාව විශාල වියදමක් දරමින් චීනයෙන් ආනයනය කරනු ලබන තවත් භාණ්ඩ විශේෂයක් වන්නේ ජංගම දුරකථන ද ඇතුළත් විදුලි සංදේශ මෙවලම්ය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආනයන ප්‍රභවයන් දැක්වෙන ශ්‍රී ලංකා මහා බැංකුවේ වගුවක් පහත දැක්වෙයි. ඉහත වගුවේ දැක්වෙන පරිදි චීනය ශ්‍රී ලංකාවේ ආනයන වෙළෙඳපොළේ 22%ක ආයාත නියෝජනය කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරන පරිදි ඉන්දියාව ඇතුළු ආසියානු කලාපයේ සෙසු රටවල් අභිබවා යමින් චීනය ශ්‍රී ලංකාවේ ආනයන වෙළෙඳපොළෙහි තහවුරුවීමක් පෙන්නුම් කරයි. ''එක්සත් රාජධානිය පමණක් නොවෙයි අපේ කලාපයේ ඉන්දියාවත් අභිබවා යමින් ශ්‍රී ලංකාවේ ආනයන වෙළෙඳපොළ තුළ චීනය ප්‍රමුඛස්ථානයට පැමිණ සිටිනවා'' 'වෙරිටේ' රිසර්ච් ආයතනයේ (Verite' Reserch) පර්යේෂණ අධ්‍යක්ෂිකා සුභාෂිනී අබේසිංහ බීබීසී සිංහල සේවය කළ විමසීමක දී සඳහන් කළාය. ඉදිරි වසරවල ශ්‍රී ලංකාවේ ආනයන වෙළෙඳපොළෙහි චීන සහභාගිත්වය තවත් වර්ධනය වීමේ ප්‍රවනතාවක් දක්නට ලැබේදැයි විමසීමක් කළවිට ඊට පිළිතුරු දෙමින් ආර්ථික විද්‍යාඥ සුහාෂිනී අබේසිංහ කියාසිටියේ ''එවැන්නක් සිදුවීම රඳා පවතින්නේ කරුණු දෙකක් පදනම් කරගනිමින්'' බවය. 'වෙරිටේ' රිසර්ච් ආයතනයේ(Verite' Reserch)පර්යේෂණ අධ්‍යක්ෂිකා සුභාෂිනී අබේසිංහ ''පළමුවැන්න පවතින යටිතල පහසුකම් වර්ධන ව්‍යාපෘතීන් අනුව.පසුගිය කාලයේ අපි දැක්කා - ශ්‍රී ලංකාවේ විශාල පරිමාණයේ යටිතල පහසුකම් වර්ධන ව්‍යාපෘතීන්ට චීනය සහභාගී වුණා. 2009-10 වකවානුව ගත්තාම ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් වර්ධන න්‍යායපත්‍රයේ එවැනි මහා ව්‍යාපෘතීන් රාශියක් තිබුණා .ඒ අනුව පළමු කාරණය තමයි,කොතරම් නව ව්‍යාපෘතීන් තියෙනවාද? කියන කාරණය.දෙවැන්න,රාජ්‍ය මූල්‍ය අර්බුදය. ණය මගින් හෝ එවැනි ව්‍යාපෘතීන්ට යාමට හැකියාවක් තිබේද? යන්න ප්‍රශ්නයක්!'' ශ්‍රී ලංකාව විදේශ ණය ලබා ගනිමින් මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘතීන් ආරම්භ කළත් ඒවා සිදුවුනේ බැඳි ණය (Tied Loan)අනුව බවත් ආර්ථික විද්‍යාඥ සුභාෂිනී අබේසිංහ පවසයි. ''එම බැඳී ණය අනුව ඇතිවූ එකඟතා අනුව ශ්‍රී ලංකාවට සිදුවුණා - චීනය නිර්දේශ කරන ආයතනවලින් භාණ්ඩ සහ සේවා මිලට ගැනීමට. උදාහරණයක් විධියට ඉදිකිරීම්වල දී චීනය නිර්දේශ කරන සමාගම් සමඟ ඉදිකිරීම් කොන්ත්‍රාත් ඇතිකර ගැනීමට සිදුවුණා'' අලුත් ව්‍යාපෘතීන් කරා යාමේදී පවතින රාජ්‍ය මූල්‍ය අර්බුදය බලපානවා. ඒ අනුව විශාල ව්‍යාපෘතීන් සංවර්ධන න්‍යාය පත්‍රයේ නොවීමත්, රාජ්‍ය මූල්‍ය අර්බුදයත් චීන හෝ වෙනත් ආර්ථික සහභාගීවීම්ව්ලට බලපාන බව පවසන සුභාෂිනී අබේසිංහ ඉදිරි වසරවල විශාල ආනයන වර්ධනයක් බලාපොරොත්තු විය නොහැකි බවත් සඳහන් කළාය. තවත් තොරතුරු;" +ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ කෙරුණ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මොදි සහ තමිල්නාඩු ප්‍රාන්ත මහා ඇමතිනිය ජයලලිතා සම්බන්ධ ලිපියක් ඉන්දියාවේ මාධ්‍ය වල දැඩි අවධානයට ලක් විය.,"එම ලිපිය වහාම ගලවා ඉවත් කර ඉන්දියාවෙන් සමාව ඉල්ලා සිටීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් පියවර ගෙන ඇත. මතභේදයට ලක් වූ ලිපියේ සිරස්තලය වී තිබුනේ 'නරේන්ද්‍ර මෝදිට යැවූ ජයලලිතාගේ පෙම් පත්වල වැදගත්කම කුමක්ද?’ යන අදහස් දෙන ඉංග්‍රීසි වැකියකි. එම ලිපිය ගලවා දැමීමට පියවර ගැනීමේ පසුබිම ගැන සංදේශය කළ විමසීමකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය කියා සිටියේ, රාජකාරියේ නිරතව සිටි වෙබ් අඩවි ක්‍රියා කරවන්නෙකු විසින් කිසිසේත්ම අනුමත කළ නොහැකි මට්ටමේ පෞද්ගලික අදහස් ඇතුළත් එම ලිපිය ඡායා රූපයක් ද සහිත ව පළ කොට තිබුණ බවයි. තව දුරටත් අදහස් දැක්වූ බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය කියා සිටියේ ඒ බව දැනගත් වහාම අදාළ ලිපිය වෙබ් අඩවියෙන් ඉවත් කොට ඉන්දියාවේ අගමැතිවරයාගෙන් සහ තමිල්නාඩු ප්‍රාන්ත මහා ඇමතිනියගෙන් සමාව ඉල්ලා ලිපියක් පළ කිරීමට කටයුතු කළ බවයි. වැඩි දුර පරීක්ෂණ මතභේදයට ලක් වූ ලිපිය පළ කරන ලද පුද්ගලයන් කුමන හේතුවක් මත එය කළා දැයි තවමත් හෙළි වී නැති නමුත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු පවත්වන බවත් නැවත මෙවැනි දෙයක් සිදු වීම වැළැක්වීමට පියවර ගන්නා බවත් ��්‍රිගේඩියර්වරයා සංදේශයට පැවසීය. මේ සම්බන්ධයෙන් ඉන්දීය රජයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වුවාද යන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ඔහු කියා සිටියේ දැනට එවැනි පැමිණිල්ලක් ඉදිරිපත් වී නැති බව තමන් විශ්වාස කරන අතර සමාව ගැනීමේ ප්‍රකාශය පළ කිරීම මගින් මෙය අත් වැරදීමක් බව ඉන්දියාවට පැහැදිලි වනු ඇති බවයි. මෙම සිදුවීම දෙරට අතර දෙපාර්ශවීය සම්බන්දතා වලට කිසිදු බලපෑමක් ඇති නොකරන බවත් ඔහු කියා සිටියේය." +වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටින සත්ව විශේෂයකට අයත් දිවියකු යාල ජාතික වන උද්‍යානයේදී වාහනයක හැපී මිය ගොස් තිබේ.,"මෙසේ මියගොස් ඇත්තේ වසර තුනක් පමණ වයසැති ගැහැණු සතෙකු බවත් දිවියාගේ සුෂුම්නාවට දැඩි හානි සිදුවීම මරණයට හේතු වී ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ පශු වෛද්‍ය විජිත පෙරේරා පැවසුවේය. වනෝද්‍යානය තුළට පැමිණෙන සෆාරි ජීප් රථ සහ පෞද්ගලික සංචාරක රථ අධික වේගයෙන් ගමන් කිරීම සතුන් මේ ආකාරයට රථවාහනවල ගැටී මිය යාමට ප්‍රධානතම හේතුව වී ඇති බව වනජීවි නිලධාරීහු පෙන්වා දෙති. ශ්‍රී ලංකාවට ආවේණික වූ මෙම දිවි විශේෂය යාල, විල්පත්තු වැනි වනෝද්‍යාන තුළ පමණක් දුලභව දක්නට ලැබෙන අතර යාල වනෝද්‍යානය තුළ වෙසෙන්නේ 60ට අඩු දිවියන් සංඛ්‍යාවකි. උද්‍යානය තුළ ගමන් ගන්නා රථවාහන සඳහා පැයට කිලෝමීටර් 25 ක වේග සීමාවක් පනවා තිබුණද බොහෝ රියදුරන් ඊට අවනත නොවන බවයි යාල ජාතික උද්‍යානයේ නිලධාරියෙක් කියා සිටියේ. මෙම තත්වය පාලනය කිරීම සඳහා පවතින ප්‍රධානතම බාධාව ලෙස වනජීවී දෙපාර්තමේන්තුව තුළ අවශ්‍ය ප්‍රමාණයට මඟ පෙන්වන නිලධාරීන් නොමැති වීම හැඳින්විය හැකි බවත් එම නිලධාරියා සඳහන් කළේය. මේ වන විට යල ජාතික වන උද්‍යානයේ සිටින්නේ එවැනි මඟ පෙන්වන්නන් 32ක් බවත් ඒ සඳහා 60 ක පමණ මඟ පෙන්වන්නන් අවශ්‍ය බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවේය. වනෝද්‍යානය තුළට පිවිසෙන සංචාරකයන්ගෙන් බොහෝ දෙනකු දිවියන් දැක බලා ගැනීම පිණිස පැමිණෙන බව මේ අතර සෆාරි රථ හිමි ආයතන සහ සංචාරක මඟ පෙන්වන්නෝ කියා සිටිති." +"පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේ සිය ප්‍රචාරක කටයුතු සඳහා මුදල් නොගෙවා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය (ITN) යොදාගැනීම මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ""දූෂණය"" සම්බන්ධ වැරදි එකක් හෝ කිහිපයක් කර ඇති බව බරපතල දූෂණ, වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම නිගමනය කර තිබේ.","ඒ අනුව දූෂණය, දූෂණයට කුමන්ත්‍රණය කිරීම සහ දූෂණයට අනුබල දීම යන චෝදනා යටතේ හිටපු ජනාධිපතිවරයාට ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව සංශෝධිත අල්ලස් පනතේ 70 වෙනි වගන්තිය යටතේ අධිචෝදනා ඉදිරිපත් කර අධිකරණයේ නඩු පැවරිය යුතු යයි ජනාධිපති කොමිසම නිර්දේශ කරයි. අයිටීඑන් මාධ්‍ය ජාලයේ හිටපු සභාපති/ප්‍රධාන විධායක නිලධාරී අනුර සිරිවර්ධන, එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) ජයසිංහ ආරච්චිගේ උපාලි රංජිත් සහ එහි සහකාර කළමනාකරු (අලෙවි) දිලීප් වික්‍රමසිංහ එසේ නඩු පැවරීම සඳහා කොමිසම විසින් නිර්දේශ කරනු ලැබ තිබෙන සෙසු තිදෙනාය. ඔවුන් තිදෙනා තවදුරටත් රාජ්‍ය ආයතනයක සේවය කිරීමට නුසුදුසු බව ද කොමිසම නිගමනය කර තිබේ. කොමිෂන් සභාවේ නිගමන පිළිබඳව ප්‍රතිචාරය දැනගැනීම පිණිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය. බැඳුම්කර ගණුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තාව සහ බරපතළ වංචා, දූෂණ විමර්ශන කොමිසමේ වාර්තා අඟහරුවාදා (ජනවාරි 23) පාර්ලිමේන්තුවේ දී සභා ගත කෙරිණි. ""දූෂණයට අනුබල දීම"" සහ ""දූෂණයට කුමන්ත්‍රණය කිරීම"" විවිධ අවස්ථා යටතේ සිදු කර ඇති බව පෙනී යන්නේ යයි පවසන බරපතල දූෂණ, වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම, එවැනි වැරදි සිදු කළ පුද්ගලයන් ""රට වෙනුවෙන් සහ රටේ ජනතාව වෙනුවෙන් සේවයක් සිදු කෙරෙතැයි අපේක්ෂා කළ නොහැකි,"" බව ද සඳහන් කරයි. විශේෂයෙන්ම ""දූෂණයට"" වැරදිකරුවන් කෙරුණු දේශපාලනඥයකු සත් වසරකින් පසුව හෝ මහජන නියෝජිතයෙකු වශයෙන් තේරී පත්වීම නුසුදුසු බව කොමිෂන් සභාවේ අදහසය. එබැවින් ඉහත කී ආකාරයේ චෝදනාවකට අධිකරණය ඉදිරියේ වරදකරුවන් බවට තීරණය කෙරුණු පුද්ගලයන් යළිත් කිසිදු අවස්ථාවක මහජන නියෝජිතයන් වශයෙන් පත්වීම හෝ එසේ පත්වීම සඳහා අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත්වීමට නුසුදුස්සන් බවට පත්කරමින් නීති සම්පාදනය කරන ලෙස ද ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබේ. ජනාධිපති කොමිසම් වාර්තා ගැන ජනපතිවරයාගේ විශේෂ ප්‍රකාශය හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද, හිටපු ජනාධිපතිවරයා ස්වාධීන රූපවාහිනී සේවයට මුදල් නොගෙවීම සම්බන්ධ පරීක්ෂණයේ චුදිතයෙකු ලෙස නම් කර තිබුණ ද ඔහුට එරෙහිව නඩු පවරන මෙන් කොමිසම නිර්දේශ කර නැත. බලයේ සිටින දේශපාලකයන් මැතිවරණ ප්‍රචාරය සඳහා රාජ්‍ය මාධ්‍ය යොදාගැනීමේ නැඹුරුව පිළිබඳව අවධානය පළ කරන ජනාධිපති කොමිසම, මැතිවරණයක��� පැවැත්වෙන අවස්ථාවක රාජ්‍ය මාධ්‍ය අධීක්ෂණය සහ නියාමනය කිරීම පිණිස විශේෂ අධිකාරියක් පිහිටුවීමේ අවශ්‍යතාව ද පෙන්වා දී තිබේ. මහින්ද රාජපක්ෂ පාලනය සමයේ රාජ්‍ය ආයතන 17ක සිදු වූ බව පැවසෙන මහා පරිමාණ වංචා, දූෂණ සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා 2015 මාර්තු 03 වෙනි දින පත්කරන ලද බරපතල දූෂණ, වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම සිය පරීක්ෂණවල ප්‍රතිඵල සහ නිර්දේශ ඇතුළත් පිටු 1135කින් සමන්විත අවසාන වාර්තාව පසුගිය ජනවාරි 02 වෙනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දුන්නේය. තවත් රාජ්‍ය ආයතන 16ක් සම්බන්ධ විමර්ශනවල ප්‍රතිඵල සම්බන්ධ දීර්ඝ විස්තරයක් ද එම වාර්තාවට ඇතුළත් වේ. ඉන්පසුව එහි පිටපතක් පාර්ලිමේන්තුව වෙත භාර දෙන මෙන් පක්ෂ නායකවරුන්ගේ ඉල්ලීම ප්‍රකාර කථානායක කරු ජයසූරිය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණ. ඒ අනුව ජනාධිපති ලේකම්වරයා විසින් භාර දෙනු ලැබූ වාර්තාව අඟහරුවාදා (ජනවාරි 23) කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදි. සබැඳි යොමු:" +ඊයේ රාත්‍රියේ මොනරාගල බඩල්කුඹුර ප්‍රදේශයේ දී ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් පිරිසකට නීති විරෝධී ගිනි අවි රැගත් ආරක්ෂක අංශ භාවිතා කරන ඩිෆෙන්ඩර් රථවලින් පැමිණි පිරිසක් පහරදී තිබේ.,"'සැරසිලි කඩා බිඳ දමා අහසට වෙඩි තබලා වේදිකාවට ගිනි තැබුවා' ඊට අමතරව මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාල කිහිපයකටද වෙඩි තැබීම් හා ගිණි තැබීම් සිදුවී ඇති බවයි මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන කැෆේ සංවිධානය පවසන්නේ. ආණ්ඩුව සිය මැරයන් යොදා ගනිමින් මොනරාගල දිස්ත්‍රික්කයේ භීෂණයක් මවමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඊයේ (සඳුදා) රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරයන් පිළිබඳව මාධ්‍යට කරුණු පැහැදිලි කරමිනුයි මෙම අදහස් පළ කළේ. 'භීෂණයක්' 'සැරසිලි කඩා බිඳ දමා' ""අද දින අප පක්ෂ නායක අනුර දිසානායක සහභාගී වන රැස්වීමක් බඩල්කුඹුරේදී පැවැත්වීමට සූදානම් කර තිබුණා. රැස්වීම සඳහා වේදිකාව ඉදි කරමින් සිටි අපේ පක්ෂයේ පිරිසකට එජනිසයට අයත් මැර පිරිසක් විසින් පහර දීලා වෙඩි තබලා සැරසිලි කඩා බිඳ දමා අහසට වෙඩි තබලා වේදිකාවට ගිනි තැබුවා. එදින රාති‍්‍රය පුරා එම ප‍්‍රදේශයේ සැරිසරමින් විශාල භීෂණයක් ඇති කළා"" ටිල්වින් සිල්වා පැවසීය. මෙම පහරදීමට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාල කිහිපයකටද වෙඩි තැබීම් හා ගිණි තැබීම් සිදුවී ඇති බව පැවසූ ටිල්වින් සිල්වා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා නීති විරෝධී ගිනි අවි රැගෙන ආරක්ෂක අංශ භාවිතා කරන ඩිෆෙන්ඩර් රථවලින් පැමිණි මෙම පිරිස පොලිසියද පළවා හැර තිබෙන බවයි පැවසුවේ. ""අපේ අපේක්ෂකයෙක් වන විජේසිරි සහෝදරයාගේ නිවසට පැමිණි මැර පිරිස් විනාඩි 45ක් පමණ රැඳී සිටිමින්, බිත්තිවලට වෙඩිතබා බියවැද්දීම් කොට තිබෙනවා. එම ස්ථානයට පැමිණි පොලිසිය පලවා හැර තිබෙනවා, පොලිසියටත් ඔවුන්ව පාලනය කළ නොහැකි තත්වයක් ඇතිවී තිබෙනවා"" ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේය. චෝදනා ඊයේ රාත්‍රියේ සිදුවූ පහරදීම් වලට සම්බන්ධ බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බඩල්කුඹුර ප්‍රාදේශීය සභාවේ උප සභාපති කපිල සමරක්කොඩිටයි. එම චෝදනාව ප්‍රතික්ෂේප කරන ඔහු පවසන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් තම කාර්යාලයට පහර දුන් බවයි. ""ඔවුන්ගේ 150ක් පමණ පිරිසක් ඇවිල්ලා කාර්යාලයට ගැහුවා, පොලිසියට කතා කරලා කිව්වා පොලිසිය එනකොට ඔවුන් ඉවත්වුණා, අපි ඔවුන්ගේ වේදිකාව ගිනි තියන්න ගියේ නැහැ, මොකද අපි ප්‍රාදේශීය සභාවෙන් එහෙම නම් අපි අවසර දෙන්නෙත් නැහැ ඒගොල්ලන්ට රැස්වීම තියන්න"" බඩල්කුඹුර ප්‍රාදේශීය සභාවේ උප සභාපති කපිල සමරක්කොඩි පවසයි." +පළාත් පාලන ආයතන 340ක් සඳහා පසුගිය පෙබරවාරි 10 වැනි දින පැවති මැතිවරණයෙන් පාලක සන්ධානයට බරපතල පරාජයක් අත්කර දෙමින් ආයතන බහුතරයක් ජයග්‍රහණය කිරීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් පොදු ජන පෙරමුණ සමත්විය.,"එහෙත් මැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී සතියකට අධික කාලයක් ගත වී ඇතත්, තවමත් එම ආයතන පිහිටුවා නැත. ඇයි මේ ප්‍රමාදය? බීබීසී සිංහල සේවය මතු කළ ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ එක් දේශපාලන පක්ෂවලින් පත්කළ යුතු කාන්තාවන් සංඛ්‍යාව තීරණය කිරීම ඇතුළු කරුණු හේතුවෙන් අදාළ ආයතනවල පාලනය පිහිටුවීම මඳක් ප්‍රමාද වූ බවය. ඉදිරි සති කිහිපය ඇතුළත එම කටයුතු නිමා කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය. ""ඒ ඒ පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාවෙන් 50%ක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් යම් පක්ෂයක් හෝ කණ්ඩායමක් ජයග්‍රහණය කරලා තියෙනව නම්, නගරාධිපති හෝ නියෝජ්‍ය නගරාධිපති පත්කරන්න කියල අපේ තේරීම් භාර නිලධාරීන් ඒ පක්ෂයට හෝ කණ්ඩායමට දන්වනවා,"" සභාපතිවරයා පැවසීය. ""ඒ වගේම සභාපති සහ උප සභාපති පත්කිරීම ඒගොල්ලන්ට ඉබේම හම්බවෙනවා. "" එමෙන්ම සභාපතිවරයා පෙන්වාදෙන ආකාරයට, සමානුපාතික නියෝජනය යටතේ අදාළ සභාවල ඒ පක්ෂයට ලැබෙන සභිකයන් සංඛ්‍යාව, කොට්ඨාස ක්‍රමය මගින් පත් වූ පිරිසට වඩා වැඩි නම් එහිදී සිය නාමයෝජනා පත්‍රවලින් ඒ සඳහා අපේක්ෂකයන් නම් කිරීමට අදාළ පක්ෂයට හෝ කණ්ඩායමට අවස්ථාව හිමිවේ. ""පෙබරවාරි 23 වෙනිදා හෝ ඊට පෙර ඒ සංඛ්‍යා සටහන් තේරීම් භාර නිලධාරීන් මාර්ගයෙන් පක්ෂ ලේකම්වරුන්ට දන්වා යවන්න අපි බලාපොරොත්තු වෙනවා,"" මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය බීබීසී සිංහල සේවයට පැවසීය. තවත් කියවන්න: කාන්තා නියෝජනය කාන්තාවන් සඳහා සෑම සභාවකම 25%ක නියෝජනයක් අනිවාර්ය කිරීම මෙවර පළාත් පාලන මැතිවරණයේ විශේෂම ලක්ෂණයකි. ""අපි ඒ ගණනය කිරීම් කරලා, දැන් අද මේක නිමකරලා තියෙනව. ඉන්පස්සෙ පක්ෂවලින් ඒක නම්කරල එවුවහම ගැසට් නිවේදනය නිකුත් කරනවා,"" යනුවෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විස්තර කළේය. කිසියම් ලෙසකින් කිසියම් පක්ෂයකට හිමි වී තිබෙන සභික සංඛ්‍යාව හේතුවෙන් සමානුපාතික ක්‍රමය යටතේ කාන්තාවන් පත්කිරීමට අවස්ථාව නොලැබෙන්නේ නම්, එවිට ආයතනයේ සභිකයන් අතරින් 25%ක් කාන්තාවන් නම් කිරීම අනෙක් පක්ෂවලට පැවරෙන බව ඔහු පෙන්වා දුන්නේය. කෙසේ වුවත් කාන්තා නියෝජනය ස්ථාපිත කළ නොහැකි අවස්ථා ද තිබේ. ""කරෙයිනගර් සභාවේ එක කාන්තාවක්වත් පත්වෙන්නේ නැහැ මට මතක හැටියට. කාර්තිව් කියන සභාවේ කාන්තාවන් දෙදෙනෙක් පත්වෙන්න ඕනේ ඒත් පත්කරන්න පුළුවන් එක්කෙනයි මොකද අනික් පක්ෂවලට ඒක අනිවාර්ය කරන්න බැහැ පනතේ තියන විධිවිධාන අනුව."" එය පනත උල්ලංඝනය කිරීමක් නොවේද? ""එහෙම කියන්න බෑනේ? එහෙම සභා තියෙන්න පුළුවන්,"" කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැහැදිලි කළේය. ""සභා ජාති තුනක් තියෙනව. කිසිම අවුලක් නැතිව නියමිත ගාන පත්වෙන ඒවා, සමහර සභාවල අනික් පක්ෂවලට ඒ පත්කිරීම කරන්න සිද්ද වෙනවා, සමහර ඒව තියෙනව මොන ක්‍රමයෙන්වත් කාන්තා නියෝජනය 25% සාක්ෂාත් කරන්න බැරි ඒවා. ඒ සභා එහෙම දුවන්න වෙනවා."" එමෙන්ම කිසියම් අවස්ථාවක බහුතර ආසන දිනාගත් පක්ෂයට වඩා විරුද්ධ පක්ෂයට හිමි සභික සංඛ්‍යාව වැඩි නම්? ""ඔය තත්වය මීට ඉස්සර තිබුණා, 1970ට පෙර. එකතුවෙලා පළවෙනි රැස්වීමේදී තමයි සභාපති සහ උප සභාපති තෝරාගන්නේ,"" යනුවෙන් පෙන්වාදුන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, ""ඇයි ගමේ අය එකතුවෙලා සභාපති, උප සභාපති තෝරාගන්න එකේ වැරැද්ද මොකක්ද,"" යනුවෙන් පෙරළා ප්‍රශ්නයක් මතු කළේය. එසේ නම් පොදු ජන පෙරමුණ ආයතන 239ක් ජයග්‍රහණය කළ බව පවසන්නේ ඇයි? එම ප්‍රශ්නයට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ ප්‍රතිචාරය වූයේ ""අපි එහෙම සඳහන් කරල නෑ,"" යන්නය. ""මම දේශපාලන විශ්ලේෂකයෙක්වත්, විචාරකයෙක්වත් නොවන නිසා මට ඔය ප්‍රශ්නෙට ඔව් කියන්නත් බෑ, බැහැ කියන්නත් බෑ, ඒ ප්‍රශ්නේ ගන්නේ නැතුව ඉන්න එක තමයි කරන්න තියෙන්නේ."" මේ අතර මහරගම ඇතුළු ඇතැම් පළාත් පාලන ආයතනවලට අදාළ ප්‍රදේශයේ වාසය නොකරන, තේරී පත්වීමට නුසුදුසු පුද්ගලයන් පවා තේරී පත්වී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා පිළිබඳව විමසූ අවස්ථාවේ සභාපතිවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවයන් අධිකරණයේ පිහිට පැතිය යුතු බවය. ""මම විශ්වාස කරනවා ඡන්දෙ තියල මාසයක් යන්න කලින් මේ ආයතන ටික පිහිටුවන්න පුළුවන් වේවි කියල."" සබැඳි වාර්තා: පොදු ජන පෙරමුණ ඉදිරියෙන්" +ශ්‍රී ලංකා සාම ක්‍රියාදාමයේ පහසුකම් සපයන්නා ලෙසින් නොර්වේ රාජ්‍යය කිසිදිනෙක එල්ටීටීඊයට හෝ විශේෂයෙන්ම එහි හමුදා මෙහෙයුම්වලට මුදල් ලබා දී නැති බව හිටපු නෝර්වේජියානු සාම නියෝජිත එරික් සොල්හයිම් පවසයි.,"""එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට තමන්ගේ පණිවුඩ කිහිපයක්ම යොමු කරන මෙන් ජනාධිපති රාජපක්ෂ මගෙන් ඉල්ලා සිටියේය"" ඔහු ඒ බව ප්‍රකාශ කරන්නේ තමන් ඇතුළු නෝර්වේ බලධාරීන් කොටි සංවිධානයට මුදල් ලබා දුන් බවට පසුගිය සෙනසුරාදා කුරුණෑගල පැවති රැස්වීමකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ චෝදනාව පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්. කෙසේ නමුත් සාම ක්‍රියාදාමය දියත් වූ සමයේදී එල්ටීටීඊය සාම ක්‍රියාදාමයට වඩාත් ක්‍රියාකාරීව මැදිහත් කරගැනීමේ අරමුණින්, ගුවන් විදුලි විකාශන යන්ත්‍රයක් ඇතුළුඇතැම් 'ආර්ථික සහන' එල්ටීටීඊ සාම ලේකම් කාර්යාලයට ලබාදුන් බවත් හිටපු සාම නියෝජිතයා පවසයි. එසේ ආර්ථික සහන ලබාදීම එවකට පැවති ශ්‍රී ලංකා ආණ්ඩුවේ පූර්ණ අනුදැනුම ඇතිව සිදුකරන ලද්දක් බව එරික් සොල්හයිම්, වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ එවැනි එක් ආණ්ඩුවක අගමැති පදවිය දැරූ බවත් සිහිපත් කරයි. 'පූර්ණ සහාය පළ කළා' ""ශ්‍රී ලංකාව සම්බන්ධ අපේ සෑම සාම ප්‍රයත්නයකදීම මෙන්, ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ විනිවිදභාවයෙන් ��ුතුව කටයුතු කළෙමු,"" යනුවෙන්ද එරික් සොල්හයිම් නිකුත් කළ නිවේදනයේ දැක්වේ. යුරෝපා ආරක්ෂාව සහ සහයෝගිතාවය පිළිබඳ සංවිධානයේ සංවර්ධනය පිළිබඳ කමිටුවේ ප්‍රධානියා වශයෙන් ඔහු වර්තමානයේ සේවය කරමින් සිටී. ජනාධිපති රාජපක්ෂ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා බවට පත්වීමට ප්‍රථම සහ පසුව තමන් බොහෝ වතාවක් ඔහු මුණ ගැසුණු බව සඳහන් කරන හිටපු සාම නියෝජිතයා, සාම ක්‍රියාදාමයේ ප්‍රධාන අංග පිළිබඳව ඒ සෑම අවස්ථාවකදීම ඔහුට දැනුම් දුන් බවත් පවසයි. ""ආණ්ඩුවේ ඇමතිවරයකු වශයෙන් සහ පසුව අගමැතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ අපේ සාම අරමුණට පූර්ණ සහාය දැක්වූවා පමණක් නොව එය දිගටම පවත්වාගෙන යන මෙන් නොර්වේ දිරිමත් කරමින් එහි වර්ධනයන් පිළිබඳව තමන් දැනුවත් කරන මෙන් ද ඉල්ලා සිටියේය,"" යනුවෙන්ද ඔහුගේ නිවේදනයේ සඳහන් වේ. එම සහාය පිළිබඳව නෝර්වේ රාජ්‍යය ජනාධිපතිවරයාට කෘතවේදී වන බවත් එහි සඳහන්. 2005 දී ජනාධිපතිවරණය ජයගැනීමෙන් අනතුරුව දිගටම සාම ක්‍රියාදාමය පවත්වා ගෙන යන මෙන් ජනාධිපති රාජපක්ෂ නෝර්වේ රාජ්‍යයෙන් ඉල්ලා සිටි බව පවසන නිවේදනය, ශ්‍රී ලංකාවේ සංචාරය කරන මෙන් තමන්ට පුද්ගලිකවම ආරාධනා කෙරුණු බවත් සඳහන් කරයි. ""ඉන් අනතුරුව එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට තමන්ගේ පණිවුඩ කිහිපයක්ම යොමු කරන මෙන් ජනාධිපති රාජපක්ෂ මගෙන් ඉල්ලා සිටියේය. එම සියලු පණිවුඩයක්ම වහාම ඔහුට යොමු කරන ලද අතර, කෙටි කාලසීමාවකට ඝාතන ද නැවතිණි,"" යනුවෙන්ද සොල්හයිම් සඳහන් කරයි. තමන් විසින් කරන ලද ඒ මෙහෙය වෙනුවෙන් ජනාධිපතිවරයා තමාටත්, නෝර්වේ රාජ්‍යයටත් ස්තුති කරන ලද බවත් නිවේදනයේ දැක්වේ." +"පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් 15) සෞදි අරාබි ඛනිජ තෙල් මධ්‍යස්ථාන දෙකට එල්ල කෙරුණු ප්‍රහාරයේ වගකීම 'හූති' (Houthis) කැරලිකරුවන් විසින් භාරගනු ලැබ ඇතත්, එම ප්‍රහාරය එල්ල කරන ලද්දේ ඉරානය බව ඇමෙරිකා එක්සත් ජනපදය අවධාරණයෙන් කියා සිටී.","සෞදි තෙල් මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකාව ඉරානයට චෝදනා කරයි එහෙත් එම චෝදනා බැහැර කරන ඉරානය එම ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි පවසයි. නියමුවන් නොමැති යානා (ඩ්‍රෝන) යොදා ගනිමින් සෙනසුරාදා ප්‍රහාර එල්ල කෙරුණේ සෞදි අරාබියේ 'අරම්කො'(Aramco) රාජ්‍ය ඛනිජ තෙල් ව්‍යාපාරයට අයත් පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් ඉලක්ක කර ගනිමිනි. 'අරම්කො'(Aramco) රාජ්‍ය ඛනිජ තෙල් ව්‍යාපාරයට අයත් විශ��ලතම පිරිපහදු මධ්‍යස්ථානයට සහ කුරායිස් (Khurais) නම් ඛනිජ තෙල් නිධියට එල්ල කෙරුණ ප්‍රහාරයේ දී ඇති වූ ගිනිගැනීම් හේතුවෙන් සෞදි අරාබි ඛනිජතෙල් නිෂ්පාදනයට විශාල අලාභ හානි සිදු වූ අතර, ගින්න පාලනය කරනු ලැබීමෙන් පසු නිෂ්පාදන යළි ආරම්භ කළ බව අලුත්ම වාර්තා මගින් පැවසේ. ඇමෙරිකා එක්සත් ජනපදය සෞදි ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානයට චෝදනා කරන්නේ එම ප්‍රහාරයට අදාළ චන්ද්‍රිකා ඡායාරූප සහ බුද්ධි තොරතුරු උපයෝගී කර ගනිමිනි. ඛනිජ තෙල් මධ්‍යස්ථානයක් ගිනි ගනිමින් තිබුණ ආකාරය නම සඳහන් නොකළ ඇමෙරිකානු නිලධාරියෙක් එක්සත් ජනපද සහ ජාත්‍යන්තර මාධ්‍යයට අදහස් දක්වමින්,ප්‍රහාර එල්ල කෙරුණු දිශාව සහ එහි පරිමාව සලකන විට 'හූති' කැරලිකරුවන් ඊට සම්බන්ධ වී ඇද්ද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුවෙන බව කියා සිටියේය. ප්‍රහාරයේ පළමු තොරතුරු; ප්‍රහාරය එල්ල කෙරුණේ සෞදි ඛනිජ තෙල් මධ්‍යස්ථානවලින් නිරිත දිග පිහිටි 'හූති' කැරලිකරුවන් ක්‍රියාත්මක වෙන යේමනය දෙසින් නොව, බටහිර සහ වයඹ අතර දිශාවකින් බව එම ඇමෙරිකානු නිලධාරියා පවසයි. එම නිලධාරියාට අනුව ප්‍රහාරය උතුරු ගල්ෆ් කලාපය,ඉරානය හෝ ඉරාකයෙන් එල්ල කොට ඇතැයි නිගමනය කළ හැකිවේ. කෙසේවුවද,එම ප්‍රහාර නිසා ලෝක මට්ටමින් ඛනිජ තෙල් සැපයුම 5%න් අඩු වූ අතර මිලෙහි වේගවත් වැඩිවීමක් ද දක්නට ලැබිණි. 1991 ගල්ෆ් යුද සමයේ එක් දිනකදී වාර්තා වූ ඉහළම ඛනිජ තෙල් මිල වාර්තා කරමින් 20% දක්වා ඉහළ ගියත් පසුව එය යළි පහළ වැටිණි. සති අන්තයේ සෞදි ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ (Mike Pompeo), වොෂිංටන් ප්‍රයෝග පිළිබඳව චෝදනා කිරීමට ටෙහෙරාන් පාලනය පොළඹවාලමින් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමෙන් තොරව ඉරානයට චෝදනා කළේය. මේ අතර ඉරිදා 'ට්විටර්' පණිවුඩයක් නිකුත් කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට කෙළින්ම ඇඟිල්ල දිගු නොකළත්, අදාළ ප්‍රහාරකයා 'ඇතිවිය හැකි යුදමය තත්ත්වයක්' ගැන දැන සිටින්නට ඇතැයි සඳහන් කර තිබිණි. එහෙත් සිය භූමිය ප්‍රහාරය සඳහා යොදා ගෙන නැතැයි 'ටෙහෙරාන්' බලධාරීහු පවසති. ප්‍රහාරයට වගකිව යුත්තේ කවුරුන්ද? යන්න පැහැදිලි නැති බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩොමිනික් රාබ් (Dominic Raab) පවසයි. ""කිසිදු ප්‍රකෝපකාරී ක්‍රියාවකින් තොරව සෞදි තෙල් මධ්‍යස්ථානවලට එල්ල කොට ඇති ප්‍රහාරය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්"" බවද බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා කියා සිටී. සෞදි නැවකට එල්ල කෙරුණ ප්‍රහාරයක් සම්බන්ධයෙන් ද ඉරානයට චෝදනා එල්ල විය ඉරාන ප්‍රතිචාරය ඇමෙරිකානු චෝදනා සම්බන්ධයෙන් ඉරානය තවමත් ප්‍රතිචාරය පළ කර නැත. එහෙත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ (Mike Pompeo) පළ කළ අදහස් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ ඉරානයේ විදේශ ඇමති ජාවඩ් ෂරීෆ් ( Javad Zarif) ""උපරිම පීඩනයක් ඇති කිරීමට අපොහොසත් වූ විට මයික් පොම්පියෝ උපරිම රැවටීමක් දෙසට යොමුව ඇතැයි"" සඳහන් කරයි. ඉරාන විදේශ ඇමතිවරයා ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රකාශන විග්‍රහ කරන්නේ ""ඉරානයේ න්‍යෂ්ටික අවි ව්‍යාපෘතිය සීමා කරනු ලැබීමට අදාළ ජාත්‍යන්තර සම්මුතියෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉවත් වීමෙන් අනතුරුව, වොෂිංටන් පාලනය ඉරානයට එරෙහිව පනවන ලද සම්බාධක ක්‍රියාමාර්ගයට ගැට ගැසුන උපරිම පීඩනයක් ඇති කිරීමේ වැඩ පිළිවෙලක්"" හැටියටය. යේමනය ප්‍රශ්නයට මැදිවෙන ආකාරය ඉරානයේ සහය ලබන 'හූති' කැරලිකරුවෝ, යේමනයේ ආණ්ඩුව සහ සෞදි අරාබියේ නායකත්වයෙන් සැදුම්ලත් යුද සන්ධානයට එරෙහිව සටනක් ගෙන යමින් සිටිති. 'හූති' කැරලිකරුවන් විසින් යේමන ජනාධිපති අබ්ද්රාබ්බුහ් මන්සූර් හාඩි (Abdrabbuh Mansour Hadi) සනා (Sanaa) අගනුවරින් නෙරපා හරිනු ලැබීමත් සමඟ 2015 වසරේ පටන් මෙම යුද්ධය පවතී. බලයෙන් පහ වූ ජනාධිපති මන්සූර් හාඩි වෙනුවෙන් සහයෝගය දෙන සෞදි අරාබිය කැරලිකරුවන්ට එරෙහි කලාපීය රටවල සන්ධානයට ද නායකත්වය සපයයි. ඛනිජ තෙල් ම මධ්‍යස්ථාන ගිනිගත් ආකාරය දැක්වෙන 'නාසා' ආයතනයේ පින්තූරයක් එම යුද සන්ධානය දිනපතාම මෙන් කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කරන අතර, හූති කැරලිකරුවෝ සෞදි අරාබිය තුළට මිසයිල් මගින් පහර දෙති. ""සෞදි අරාබිය ඔවුන්ගේ ආක්‍රමණශීලී ක්‍රියාමාර්ග නතර කරන තෙක් එරට ආයතන ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර ව්‍යාප්ත කරන"" බව 'හූති' හමුදා ප්‍රකාශකයා අල්- මසිරා (al-Masirah) මාධ්‍ය ආයතනයට කියා සිටියේය. පසුගිය අගෝස්තු මාසයේ නියමුවන් නොමැති යානා උපයෝගී කරගනිමින් ස්වභාවික ගෑස් මධ්‍යස්ථානයකට එල්ල කෙරුණු ප්‍රහාරයක් සහ මැයි මාසයේ තවත් ඛනිජ තෙල් මධ්‍යස්ථානයකට එල්ල කෙරුණු ප්‍රහාරයක් සම්බන්ධයෙන් ද 'හූති' කැරලිකරුවන්ට චෝදනා එල්ල විය. ඉරානය සහ සෞදි අරාබිය අතර ඇති එදිරිවාදීකම් මුල්කර ගනිමින් නිතරම මෙන් පැතිර යන වෙනත් ගැටුම්කාරී සිදුවීම් ද එම කලාපයේ දක්නට ලැබේ. ගල්ෆ් කලාපයේ ඛනිජ තෙල් නැව් දෙකකට ���සුගිය ජූලි මාසයේ ප්‍රහාර එල්ල විය. කියවන්න;" +ලෝක යුද්ධ ඇතුළු ලොව පුරාම ඇතිවුණු කෘරත්වයන්ට විරුද්ධව මතු වුනු විසි වෙනි සියවසේ කවිත්වය තවමත් ශ්‍රී ලංකාවට ආගන්තුක බව සම්මානලාභී ශ්‍රී ලාංකීය කවියෙක් ප්‍රකාශ කරයි.,"ආසියානු මානව හිමිකම් කොමිසමේ බැසිල් ප්‍රනාන්දු ඒ බව පවසන්නේ අතුරුදහන් වූවන් වෙනුවෙන් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය දියත් කළ 'නිහඬ කළ සෙවණැලි' කාව්‍ය රචනා තරඟයෙන් ජයග්‍රහණය කිරීම පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්. බැසිල් ප්‍රනාන්දු ඉංග්‍රීසියෙන් රචනා කළ Looking for Raju නම් කවි පන්තිය ඇතුළු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුනු කාව්‍ය රචනා 15 ක් තරඟයෙන් ජයගෙන තිබෙන බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය නිවේදනය කළේය. බලාපොරොත්තුව? ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය පෙන්වා දෙන පරිදි අසූව දශකයේ සිට 80,000 කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවේදී අතුරුදහන්ව සිටින අතර, එවැනි අතුරුදහන්වීම් අති බහුතරයක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පරීක්ෂණයක් පවත්වා නැත. පසුගිය වර්ෂයේ දෙසැම්බරයේදී ශ්‍රී ලංකාව අතුරුදහන්වීම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අත්සන් තැබූ නමුත් තවමත් එය පාර්ලිමේන්තුව මගින් අනුමත කර නීතිගත කර නැත. හිත ඇතුලේ කඳුළු සලන්නේ මේ පවුල්වල අය විතරක් නෙවෙයි. අපි කවුරුත් හිතේ කඳුලෙන් ජීවත්වෙන මිනිස්සු - බැසිල් ප්‍රනාන්දු ""සියලුම ජාතීන්ට අයත් ශ්‍රී ලංකාවේ සියලුම පවුලක් පාහේ අතුරුදහන් වූ සිය සමීපයෙක් තවමත් සොයමින් සිටියි,"" බවයි කාව්‍ය රචනා තරඟයේ ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත්කරමින් ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව පිළිබඳ පර්යේෂිකා යොලන්ඩා ෆොස්ටර් පවසන්නේ. ""ඔවුන් යළි කිසි දිනෙක හමුවනු ඇතැයි යන බලාපොරොත්තුව බොහෝ දෙනා අත්හැර දමා තිබේ."" 'හිතේ කඳුලෙන්' එය අනුමත කරන බැසිල් ප්‍රනාන්දු සංදේශයට කියා සිටියේ, සිය පවුලේ සාමාජිකයකුම නොවූවත් අතුරුදහන් වූ සිය සමීපයකු පිළිබඳ ශ්‍රී ලංකාවේ සෑම දෙනෙකුටම අත්දැකීමක් තිබෙන බවයි. ""හිත ඇතුලේ කඳුළු සලන්නේ මේ පවුල්වල අය විතරක් නෙවෙයි. අපි කවුරුත් හිතේ කඳුලෙන් ජීවත්වෙන මිනිස්සු,"" ඔහු පැවසීය. සියලුම ජාතීන්ට අයත් ශ්‍රී ලංකාවේ සියලුම පවුලක් පාහේ අතුරුදහන් වූ සිය සමීපයෙක් තවමත් සොයමින් සිටියි - ඇම්නෙස්ටි ජාත්‍යන්තරය එහෙත් ඒ වේදනාව ගැඹුරෙන් විග්‍රහ කෙරෙන කළා කෘති ප්‍රමාණවත් තරම් තවමත් ප්‍රකාශයට පත් වී න��ති බව බැසිල් ප්‍රනාන්දු ගේ විග්‍රහයයි. ""එක පැත්තකින් ගැඹුරෙන් සැඟවුණු කෘරත්වයක් පවතිනවා. අනිත් පැත්තට ඒකට විරුද්ධත්වය යටින් තිබුණත් ඒක ප්‍රකාශයට පත්කරගන්න බැරි ජනතාවක් ඉන්නවා. මේ විරුද්ධත්වය ඉස්මත්තට ආ යුතුයි."" ජයග්‍රාහකයෝ සිය කාව්‍ය රචනාවට ප්‍රස්තුත වූයේත් ඉන්දිරා ගාන්ධි පාලනය සමයේ ඉන්දියාවේ ආන්දෝලනයට ලක් වූ සැබෑ සිදුවීමක් බවත් ඔහු පැවසීය. එස් ධනුෂ්ක මධුශංක කීර්තිරත්න, පුන්‍යා සමරකෝන්, ජයනි අබේසේකර, නොරාන් යසිස්ලාල් සහ ලලිත් මානගේ සිංහල කාව්‍ය රචනා අංශයෙන් ජයග්‍රහණය ලැබූ කවියන් සහ කිවිඳිනියන්. මාලතී ද අල්විස්, රාධියා රමීස්, ශාෂ් ට්‍රේවට් සහ හසිත වික්‍රමසිංහගේ නිර්මාණද ඉංග්‍රීසි භාෂා අංශයෙන් තෝරාගෙන තිබේ. (බැසිල් ප්‍රනාන්දු සමඟ සාකච්ඡාවට සවන්දෙන්න) රහීමා ෆෛසාල්, දයා දේවි, කේෂනී එඩ්මන්ඩ්, ජෝසප් ඩැනියෙල් සහ දේවන් සිවපාලන් දෙමළ භාෂා අංශයේ ජයග්‍රාහකයෝ වෙති. ඒ සියලු නිර්මාණ අනෙක් භාෂා දෙකටත් පරිවර්තනය කර ලබන ඔක්තෝබර් මාසයේ ප්‍රකාශයට පත්කිරීමට බලාපොරොත්තු වන බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ ප්‍රකාශකයෙක් බීබීසී සංදේශයට පැවසීය. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, ආචාර්ය ලියනගේ අමරකීර්ති සහ ප්‍රවීන ලේඛක ගාමිණී වියන්ගොඩ කාව්‍ය රචනා තරඟයේ සිංහල අංශයේ විනිශ්චයකරුවන් ලෙස ක්‍රියා කළහ." +පොරවකින් සහ පිහියකින් දකුණු ජර්මනියේ දුම්රියක සිටි මගීන්ට ප්‍රහාරයක් එල්ල කළ ඇෆ්ඝනිස්තාන ජාතික සරණාගතයෙකුගේ කාමරයේ අතින් අඳිනලද ඉස්ලාම් රාජ්‍ය ධජයක් තිබුණු බව ජර්මානු බලධාරීහු පවසති.,ප්‍රහාරකයා පලා යාමට උත්සාහ කිරීමේ දී පොලීසිය විසින් වෙඩි තබා මරා දමනු ලැබීය සඳුදා සවස වුර්ස්බර්ග් හි දී වයස 17ක් වන ප්‍රහාරකයා සිදුකළ ප්‍රහාරයෙන් හොංකො ජාතික මගීන් හතර දෙනෙකුට තුවාල සිදුවුණු අතර ඉන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ. පසුව පලා යාමට තැත් කිරීමේ දී පොලීසිය විසින් ප්‍රහාරකයා මරා දමනු ලැබිණි. වාර්තාවන ආකාරයට ප්‍රහාරකයා 'අල්ලාහු අක්බර්' (දෙවියන් ශ්‍රේෂ්ඨයි) යනුවෙන් කෑ ගසා ඇත. දුම්රිය මැදිරිය තුල ලේ වැගිරී ඇති අයුරු ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට අයත් යයි සැලකෙන පුද්ගලයෙකු විසින් ප්‍රංශයේ නීස් හි දී සිදුකළ බිහිසුණු ට්‍රක් රථ ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුවයි ජර්මනියේ දී මෙම ප්‍රහාරය සිදුවී ඇත්තේ. බැවෙරියා පළාතේ ස්වදේශ කටයුතු පිලිබඳ ඇමති ජෝෂිම් හර්මන් රූපවාහිනියට පැවසුවේ නුදුරු නගරයක් වන ඔච්සේන්ෆර්ට් හි ඇති ප්‍රහාරකයාගේ නවා තැනේ තිබී ඉස්ලාම් රාජ්‍ය ධජයක් හමුවී ඇති බවයි. ප්‍රහාරක ඇෆ්ඝන් ජාතික තරුණයා ඉස්ලාම් රාජ්‍ය සංවිධාන සාමාජිකයෙක්ද නැතිනම් තමන් විසින්ම මෑත කාලයේ දී අන්තවාදයට නැඹුරු වූවෙක්ද යන්න පිළිබඳව තවමත් පැහැදිලිව ප්‍රකාශයක් කළ නොහැකි බවයි ඔහු පැවසුවේ. පසුගිය වසරේ ජර්මනිය මිළියනයකට අධික සරණාගතයන් පිරිසකට රටතුළ ලියාපදිංචිය ලබා දුන් අතර ඔවුන් අතරින් එක්ලක්ෂ පනස්දහසකට වැඩි පිරිසක් ඇෆ්ඝන් ජාතිකයන්ය. +සිය තනතුරට සමාන තනතුරු හොබවන පුරුෂයන්ට තමන්ට ලැබුණ වැටුපට වඩා 50% කට වැඩි මුදලක් ගෙවන බව පවසමින් බීබීසී යේ චීන කටයුතු පිළිබඳ සංස්කාරිකා කැරී ග්‍රේසි සිය ඉල්ලා අස්වීම නිවේදනය කළාය.,"ජ්‍යෙෂ්ඨ බීබීසී මාධ්‍යවේදිනිය කැරී ග්‍රේසි (Carrie Gracie) තිස් වසරක් බීබීසී මාධ්‍ය ආයතනයේ සේවය කළ ඇය සංස්කාරක පදවියෙන් ඉල්ලා අස් වුවත්, බීබීසී රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ ඇය පෙර සිටි තනතුරට නැවත පැමිණෙන බවත් ආයතනයට දන්වා තිබේ. එම තනතුර සදහා පුරුෂයන්ට ලැබෙන වැටුපට සමාන වැටුපක් අපේක්ෂා කරන බව පවසන කැරී ග්‍රේසි (Carrie Gracie) බීබීසී ආයතනය ""රහසිගත සහ නීති විරෝධි වැටුප් ගෙවීමේ සංස්කෘතියක්"" අනුගමනය කරන බවටත් චෝදනා කරන්නීය. පසුගිය වසරේ ජුලි මස එල්ල වූ දැඩි බලපෑම් හමුවේ වාර්ෂික වැටුප පවුම් 150,000 කට වඩා ලබා ගන්නා සේවකයන්ගේ විස්තර හෙළි කිරීමට බීබීසී ආයතනයට සිදු විය. එහිදී වාර්ෂික වැටුප පවුම් 150,000 කට (රුපියල් කෝටි හතරකට ආසන්න ප්‍රමාණයක්) වඩා ලබා ගන්නා සේවකයන්ගෙන් තුනෙන් දෙකකට අධික පිරිසක් පුරුෂයන් බව හෙළි වීමත් සමග ග්‍රේසි පවසා සිටියේ බීබීසී ආයතනය ""විශ්වාසය පිළිබඳ අර්බුදයක"" පැටලී ඇති බවය. ඇමෙරිකාවේ සිටින බීබීසී සංස්කාරක ජොන් සෝපෙල් (Jon Sopel) ගේ වාර්ෂික වැටුප පවුම් 200,000-£249,999 ක් වන අතර මැද පෙරදිග කර්තෘ ජෙරෙමි බෝවන් (Jeremy Bowen) පවුම් £150,000-£199,999 ක වාර්ෂික වැටුපක් ලබන බවට හෙළි වී ඇත. නමුත් ග්‍රේසි ගේ වැටුප් විස්තර එම ලැයිස්තුවට ඇතුළත් වී නොමැතිවීමෙන් ගම්‍ය වන්නේ ඇය පවුම් 150,000 කට වඩා අඩු වැටුපක් ලබන බවය. 2017 බීබීසී වාර්ෂික වාර්තාවට අනුව පිරිමි සහ කාන්තා සේවකයන් අතර ඇති වැටුප් වෙනස ""බීබීසී අයිති බලපත්‍ර ගාස්තු ගෙවන ඔබ සැම දෙනාට"" බව ග්‍රේසි ඇයගේ බ්ලොග් අඩවියේ පළ වූ ලිපියක සඳහන් කර තිබුණි. ""මෙම ආයතනය සමාන අයිතිවාසිකම් පිළිබඳ නීතිය කඩ කරන බව සහ අපක්ෂපාතී සහ විනිවිදභාවයකින් යුතු වැටුප් ගෙවීමේ ක්‍රමවේදයක් ඉල්ලා එල්ල කරන බලපෑම් වළක්වාලන බව දැන ගැනීමේ අයිතියක් ඔබට තියෙනවා කියා මම විශ්වාස කරනවා,"" ලෙස ඇය වැඩි දුරටත් පවසන්නීය. බ්‍රිතාන්‍යයේ බල පැවැත්වෙන 2010 සමානත්මතාව පිළිබඳ පනතෙහි සඳහන් වන පරිදි සමාන රැකියාවල නිරත වන කාන්තාවන්ට සහ පිරිමින්ට එක සමාන වැටුපක් හිමි විය යුතුය. ග්‍රේස් ගත් මෙම දැඩි ක්‍රියාමාර්ගයට නන් දෙසින් ප්‍රතිචාර සහ රැකියාවල නිරත වන බොහෝ කාන්තාවන්ගේ සහයෝගය ලැබෙමින් ඇති බවට වාර්තා වෙනවා කාන්තාවන් සහ පුරුෂයන් අතර වැටුප් පරතරය හෙළිවීමෙන් අනතුරුව ග්‍රේසිගේ වැටුප පවුම් 45,000 කින් වැඩි කිරීමට බීබීසී ආයතනය සූදානම් වුවත් ඇය එය ප්‍රතික්ෂේප කර ඇත්තේ එම වැඩි කිරීමෙන් පසුවත් ඇයට සහ සමාන තනතුරු දරන පිරිමි පාර්ශවයන්ට ලැබෙන වාර්ෂික වැටුප් අතර ""විශාල හිඩැසක්"" ඇති බව පවසමිනි. කෙසේ වුවත් ""කාන්තාවන්ට වෙනස් ආකාරයකට සැලකීමේ ක්‍රමවේදයක් නැති,"" බව බීබීසී ආයතනය ඇයගේ චෝදනාවට ප්‍රතිචාරය පළකරමින් පවසයි. කාන්තාවන්ට සම අයිතීන් ඉල්ලා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක් වන ග්‍රේස් ගත් මෙම දැඩි ක්‍රියාමාර්ගයට නන් දෙසින් බොහෝ කාන්තාවන්ගේ සහයෝගය පළවෙමින් පවතී. මේ තොරතුරුද දැනගන්න:" +මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී යුද්ධයෙන් මියගිය පුද්ගලයන්ට පුෂ්පෝපහාර දැක්වීමට කළ උත්සාහයක් වැළැක්වූ බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.,"එවැනි පුෂ්පෝපහාරයක් කළ යුත්තේ, එල්ටීටීඊ නායකයා මියගිය ස්ථානයේදී නොවන බව ආණ්ඩුවේ මතයයි නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය සිය සංචාරයෙන් අනතුරුව ප්‍රකාශයට පත් කළ නිර්දේශයන් පිළිබඳව ප්‍රතිචාරය පළ කරන ශ්‍රී ලංකා ආණ්ඩුව, විශේෂයෙන්ම එවැනි පුෂ්පෝපහාරයක් කරන්නේ නම් එය සිදු කළ යුත්තේ, එල්ටීටීඊ නායකයා මියගිය ස්ථානයේදී නොව, තිස් අවුරුදු යුද ගැටුමෙන් මියගිය සියලු පුද්ගලයන් වෙනුවෙන් පොදු ස්ථානයකදී බව ඇයට පෙන්වා දුන් බවද පවසයි. එවැනි පුෂ්පෝපහාරයක් සිදු කරන බව මහ කොමසාරිස්වරියගේ නිල චාරිකා කාල සටහනට අඩංගු නොවූ බවද එහි සඳහන්. 'අගතිගාමී සංවිධානයක්' යුද ගැටුම්වලදී මියගිය පුද්ගලයන්ට උපහාර දැක්වීම සිය සංචාරවල සාමාන්‍ය සිරිතක් බවයි, ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ මහ කොමසාරිවරිය මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ. අලුතින් පිහිටුවන ලද නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ නොව වෙනත් අමාත්‍යවරයකු යටතට පත් කළේ නම් වඩා යහපත් බවට නවී පිල්ලේ කළ සඳහන පිළිබඳව ප්‍රතිචාරය පළ කරන නිවේදනය පවසන්නේ, ස්වෛරී රාජ්‍යයක කැබිනට් අමාත්‍ය තනතුරු පැවරීම සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරිය යෝජනා ඉදිරිපත් කිරීම කිසිසේත්ම සුදුසු නැති බවයි. එමෙන්ම යුද ගැටුම්වලින් අනතුරුව ශ්‍රී ලංකාව අත්පත් කරගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳව මහ කොමසාරිස්වරිය ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවූ අවස්ථාවේ සිය ප්‍රසාදය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි. සිකුරාදා පැවති හමුවෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය ඒකකය, එක්සත් ජාතීන් අගතිගාමී සංවිධානයක් ලෙසින් රටේ ජනතාව අතර මතයක් තිබෙන බව ජනාධිපතිවරයා මහ කොමසාරිස්වරියට දැනුම් දුන් බව ද සඳහන් කරයි." +කෝවිඩ්-19 ට එරෙහිව වඩාත් හොඳින් ක්‍රියාත්මක විය හැකි එන්නතක් වැඩිදියුණු කිරීම සඳහා ලොව වටා පර්යේෂණ කණ්ඩායම් වෙහෙසෙමින් සිටිති.,"බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් විසින් එය හඳුන්වනු ලැබුවේ ""අප ජීවිත කාලයේ හදිසිම සාමූහික ප්‍රයත්නය"" ලෙසය. ජයග්‍රාහී රසායනික වට්ටෝරුව සොයා ගැනීමේ විද්‍යාත්මක අධි තාක්ෂණය හැරුණු කොට ලොව බිලියන හතක ජනගහනයක් වෙත එවැනි එන්නතක් බෙදා හැරීම සඳහා ඇති සැලසුම කුමක්ද? එක්සත් රාජධානිය තුළ ඒ සම්බන්ධයෙන් සැලසුම් සකස් කරන ප්‍රධාන මධ්‍යස්ථානය හාවෙල් සයන්ස් කැම්පස් ආයතනයයි. එය පිහිටා ඇත්තේ ඔක්ස්ෆර්ඩ්ෂයර් හි පිහිටි රාජකීය ගුවන් හමුදාවට අයත්ව තිබූ කඳවුරකය. එය එක්සත් රාජධානියේ එන්නත් නිෂ්පාදන සහ නොවෝත්පාදන මධ්‍යස්ථානය බවට පත් වනු ඇත. ""සැලසුම් ගත කාලය අඩකට ආසන්න ප්‍රමාණයකින් අඩු කර තිබෙනවා. කෙසේ වෙතත් එය 2022 අග වන විට සූදානම් වේවි යයි බලාපොරොත්තු වෙනවා. 2021 වන විට අන්තර්ජාලයට එක් කර ගත හැකි වෙතයි අපි අපේක්ෂා කරනවා,"" යනුවෙන් එන්නත් නිෂ්පාදන සහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී මැතිව් ඩුචර්ස් පැවසීය. 'කේක් පුළුස්සනවා හා සමානයි' ඔක්ස්ෆර්ඩ් විද්‍යාලය විසින් වැඩිදියුණු කරනු ලබන එන්නත සිය මධ්‍යස්ථානයේදී නිෂ්පාදනය විය හැකි බව ඔහුගේ විශ්වාසයයි. ඔක්ස්ෆර්ඩ් හි ජෙනර් ආයතනය සමග ඔහු ඒ සම්බන්ධයෙන් නිරතුරුව අදහස් හුවමාරු කර ගනියි. එය දැවැන්ත වගකීමක් බව මැතිව් ඩුචර්ස් පවසයි. ""රටක් වශයෙන් පමණක් නොවෙයි ජාත්‍යන්තර වශයෙනුත් මේ ආකාරයේ එන්නත් ඉතාමත් ඉක්මනින් සහ කාර්යක්ෂමව නිෂ්පාදනය කිරීමට හැකි වීම සම්බන්ධයෙන් එය අතිශය වැදගත්."" යනුවෙන් ඔහු සඳහන් කළේය. ""මේක හරියට නිවසේදීම කේක් ගෙඩියක් පුළුස්ස ගන්නවා හා සමාන වැඩක්. පරිපූර්ණ කේක් ගෙඩියකක් පුළුස්ස ගන්න පැය ගණනක් වැය විය හැකියි. ඊට පසු බැහැර ගිහින් ඒ වගේ කේක් මිලියන හැත්තෑවක් පිලිස්සිය යුතුයි. ඒ සියල්ල අංගසම්පූර්ණ විය යුතුයි. ඒ නිසා මේක තරමක අභියෝගයක්."" ගෝලීය මට්ටමින් සිදු කරන අත්හදා බැලීම්වල ප්‍රතිඵල දැන ගැනීමටත් පෙරම, එන්නත් නිෂ්පාදනය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් තාවකාලික විද්‍යාගාර පහසුකම් සොයා ගැනීමට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට සිදු විය. අවසානයේදී වර්ග කිහිපයක කෝවිඩ්-19 එන්නත් මාත්‍රා බිලියන ගණනක් මනුෂ්‍ය වර්ගයාට අවශ්‍ය වනු ඇත. ඒ සියල්ල මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම සහ පරිහරණය කිරීම ගෝලීය මට්ටමින් සිදු කළ යුතුය. එන්නත බෙදා හරින ආකාරය පිළිබඳ දැන් පටන් සිතා බලන ලෙස දුගී රටවල ප්‍රතිශක්තීකරණය සම්බන්ධයෙන් කටයුතු කරන ගැවී (Gavi) ආයතනය රටවලින් ඉල්ලා සිටී. නමුත් ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමින් සහය ලබා ගැනීම පහසු නොවිය හැක. මක්නිසාද යත් කොරෝනා වෛරසය සඳහා නිශ්චිත එන්නතක් සොයා ගනු ලැබුවහොත් ප්‍රමාණවත් මට්ටමින් සැපයුම් ලබා ගැනීම සඳහා ලොව ධනවත් රටවල් මේ වන විටත් ඖෂධ නිෂ්පාදන සමාගම් සමග ගිවිසුම්වලට එළඹෙමින් සිටින බැවිනි. ""එන්නත් ජාතිකවාදය"" ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වැඩිදියුණු කළ එන්නත දකුණු අප්‍රිකාවේ රෝගීන්ට ලබා දෙයි ඊනියා ""එන්නත් ජාතිකවාදය"" තමා මුහුණ දෙන විශාලතම අභියෝගවලින් එකක් බව ගැවී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සෙත් බර්ක්ලි පවසයි. ""මම හිතනවා ලොව සියලුම රටවල් මෙය ගෝලීය මට්ටමින් සිතා බැලිය යුතු බව. විශේෂයෙන් කළ යුතු නිවැරදි දේ එයයි. ඒ වගේම එය ආත්මාර්ථකමීත්වය පිළිබඳ කාරණයක්,"" යනුවෙන් ඔහු සඳහන් කළේය. ""අවට රටවල විශාල වශයෙන් වෛරසය පැතිර යනවා නම් සාමාන්‍ය ලෙස ව්‍යාපාර, ප්‍රවාහනය සහ මිනිසුන් එහෙ මෙහෙ යාම කරගෙන යාමට නොහැකියි. 'සියලු දෙනාම ආරක්‍ෂිත නොවන්නේ නම්, අප කිසිවෙකුත් ආරක්‍ෂිත නැහැ' කියන මානසිකත්වයෙන් ඒ දෙස බැලීම වැදගත්."" සංවර්ධිත රටවලට ද නිසි එන්නත් ලබා ගැනීමේ අවස්ථාව හිමි කර දීමට කටයුතු කරන අතරේ ලොව පුරා එන්නත් ගබඩා කිරීමට අවශ්‍ය කුඩා කුප���පි ප්‍රමාණවත් මට්ටමින් පවතීදැයි යන්න ඇතුළු ඒවා බෙදාහැරීම සම්බන්ධයෙන් ද සෙත් බර්ක්ලි සිතා බැලිය යුතුය. ""අපි ඒ පිළිබඳ කනස්සල්ලෙන් හිටියේ,"" ඔහු පවසයි. "" අපි ඉදිරියට අඩියක් තබා මාත්‍රා බිලියන දොළහකට ප්‍රමාණවත් කුඩා කුප්පි මිලට ගත්තා. 2021 අග වන විට එපමණ මාත්‍රා සංඛ්‍යාවක් සූදානම් කළ හැකි වෙතැයි අපි අපේක්ෂා කරනවා."" වීදුරු කුප්පි ගැටළුවක් බවට පත්වුවහොත් ශීතකරණ සම්බන්ධයෙන් ද ගැටළු මතු විය හැක. මක්නිසාද යත් බොහෝ එන්නත් අඩු උෂ්ණත්වයක් යටතේ ගබඩා කර තබා ගත යුතුය. සිසිල්ව තබා ගැනීම වීදුරු කුප්පි මෙන්ම ශීතකරණ ද විශාල වශයෙන් අවශ්‍ය වනු ඇත නිෂ්පාදන නිශ්චිත ශීතලක් යටතේ ගබඩා කර තබා ගැනීම සහ බෙදාහැරීම පිළිබඳ විශේෂඥයෙකු වන බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටෝබී පීටර්ස් ගැවී වැනි ආයතනවලට සිය සහාය ලබා දෙයි. සංවර්ධනය වෙමින් පවතින රටවල දැනට පවතින ශීතකරණ උපරිම මට්ටමකින් ප්‍රයෝජනයට ගන්නේ කෙසේදැයි යන්න පිළිබඳ ඔහුගේ අවධානය යොමුව ඇත. ""එය එන්නත් ගබඩා කරන ශීතකරණ පිළිබඳ කාරණයක් පමණක් නොවෙයි. අනෙක් පියවරත් ඊට අදාලයි. ගුවන් යානා වෙත ඒවා ගෙන යන පැලට්, ප්‍රාදේශීය ඖෂධසල් වෙත ඒවා රැගෙන යන රථ, ඉන් පසු ඒවා ජනතාව වෙත ගෙන යන යතුරුපැදි සහ පුද්ගලයන් ඊට ඇතුළත්. මේ සියල්ල හරිහැටි සිදුවිය යුතුයි."" මේ යෝධ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ශීත ගබඩා තාවකාලිකව ලබා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මහාචාර්ය පීටර්ස් ජාත්‍යන්තර මට්ටමේ ආහාර සහ බීම සමාගම් සමග සාකච්ඡා කර තිබේ. එන්නත වඩාත් පහසුවෙන් බෙදා හැරීම සඳහා සිය ප්‍රජාවන් අතරින් ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ කාටදැයි යන්න රටවල් විසින් හඳුනා ලැබ ගත යුතුව ඇත. නිෂ්පාදන නිශ්චිත ශීතලක් යටතේ ගබඩා කර තබා ගැනීම සහ බෙදාහැරීම පිළිබඳ විශේෂඥයෙකු වන බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටෝබී පීටර්ස් ගැවී වැනි ආයතනවලට සිය සහාය ලබා දෙයි. සංවර්ධනය වෙමින් පවතින රටවල දැනට පවතින ශීතකරණ උපරිම මට්ටමකින් ප්‍රයෝජනයට ගන්නේ කෙසේදැයි යන්න පිළිබඳ ඔහුගේ අවධානය යොමුව ඇත. ""එය එන්නත් ගබඩා කරන ශීතකරණ පිළිබඳ කාරණයක් පමණක් නොවෙයි. අනෙක් පියවරත් ඊට අදාලයි. ගුවන් යානා වෙත ඒවා ගෙන යන පැලට්, ප්‍රාදේශීය ඖෂධසල් වෙත ඒවා රැගෙන යන රථ, ඉන් පසු ඒවා ජනතාව වෙත ගෙන යන යතුරුපැදි සහ පුද්ගලයන් ඊට ඇතුළත්. මේ සියල්ල හරිහැටි සිදුවිය යුතුයි."" මේ යෝධ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ශීත ගබඩා තාවකාලිකව ලබා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මහාචාර්ය පීටර්ස් ජාත්‍යන්තර මට්ටමේ ආහාර සහ බීම සමාගම් සමග සාකච්ඡා කර තිබේ. එන්නත වඩාත් පහසුවෙන් බෙදා හැරීම සඳහා සිය ප්‍රජාවන් අතරින් ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ කාටදැයි යන්න රටවල් විසින් හඳුනා ලැබ ගත යුතුව ඇත. ඉදිරියෙන්ම සිටින්නේ කවුරුන්ද? ලොව රටවල් ඒ සම්බන්ධයෙන් සෘජු ප්‍රශ්න අසනු ඇති බව එක්සත් රාජධානියේ පර්යේෂණ සම්බන්ධ සුබ සාධන ආයතනයක් වන 'වෙල්කම් ට්‍රස්ට්' හි එන්නත් පිළිබඳ ප්‍රධානී ආචාර්ය චාලි වෙලර් පවසයි. ""මේ එන්නත අවශ්‍ය කාටද? වැඩිම අනතුරක් සහිත කණ්ඩායම් මොනවාද? ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ කාටද?, මොකද ඕනෑම මුල්ම එන්නතක් අවසන් වීමට ඉඩ ඇති බව අපට පැහැදිලියි. ඒ නිසා අප තෝරා ගැනීම් සිදු කළ යුතු වෙනවා."" එමෙන්ම එන්නත් ලබා දීම ද අභියෝගයක් වනු ඇත. උදාහරණයක් වශයෙන් එක්සත් රාජධානිය සිය ජනයා එම ක්‍රියාවලියට යොදා ගැනීම සඳහා තම ඡන්ද මධ්‍යස්ථාන ජාලය භාවිත කිරීමට ඇති හැකියාව දෙස අවධානය යොමු කර තිබේ. නමුත් සංවර්ධනය වෙමින් පවතින ඇතැම් රටවලට එය අභියෝගයක් විය හැක. ඉලක්කගත කණ්ඩායම් ප්‍රතිශක්තීකරණය කිරීම සඳහා නිසි පුහුණුවක් සහිත සෞඛ්‍ය සේවකයන් ඇතුළුව ශක්තිමත් සෞඛ්‍ය සේවාවක් තිබීමේ වැදගත්කම ආචාර්ය වෙලර් පෙන්වා දෙයි. යම් ආකාරයක එන්නතක් සොයා ගැනීමට හැකි වනු ඇතැයි යන්න සියලුම විද්‍යාඥයන්ගේ බලාපොරොත්තුවයි. නමුත් බිලියන ගණනකට අවශ්‍ය තරම් එන්නත් ලබා දීම සඳහා කළ යුතු වැඩකොටස පිළිබඳ සිතන විට නොනිදා රැය පහන් වන බව ඉන් බොහෝ දෙනෙක් පවසති. ගෝලීය සබඳතා පිළිබඳ වාර්තාකාරිනිය නඕමි ග්‍රිම්ලි විසින් සකසන ලද වාර්තාවක් ඇසුරෙනි. මේ ගැනත් කියවන්න:" +"කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවන ""මහා පරිමාණයේ සහල් වංචාවක්"" සම්බන්ධයෙන් පොලිස් අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ශ්‍රී ලංකාවේ සිරකරුවන්ගේ අයිතීන් සුරකින සංවිධානය පවසයි.","දෙසැම්බර් 26 වෙනි දින මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ සංවිධානයේ ලේකම් වෙල්ලගේ සුදේශ් නන්දිමාල් සිල්වා විසිනි. මෙම සහල් වංචාව දීර්ඝ කාලයක සිට සිදු කෙරෙන අතර, බන්ධනාගාර නිලධාරීන් කීපදෙනෙකු මෙයට සෘජුවම සම්බන්ධ වී ඇති බව සංවිධානයේ සභාපති නීතීඥ සේනක පෙරේරා බීබීසී සිංහල සේවය සමග පැවසීය. රැඳවියන්ගේ පරිභෝජනය පිණිස බන්ධනාගාරයේ ඇති සහල් තොග විශාල ප්‍රමාණවලින් වැ���ිකඩ බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගොස් තැරැව්කරුවන්ට විකුණන අතර, අත්‍යවශය ද්‍රව්‍ය රැගෙන එන බව දන්වමින් පරිශ්‍රය ඇතුළට පැමිණෙන හිස් ලොරිවල පටවා සහල් පිටතට රැගෙන යන බව ද නීතීඥවරයා කියා සිටියේය. වැලිකඩ ප්‍රධාන වශයෙන් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලබන සැකකරුවන් රඳවා තබන බන්ධනාගාරයක් වන අතර, ඔවුන්ට දිනපතා අමුත්තන් හමුවීමට කාලයක් වෙන් වී ඇත. ඒ අනුව, රැඳවියන්ට නිතර සිය ඥාතීන් හෝ මිතුරන්ගෙන් ආහාර පාන ආදිය ලැබේ. එබැවින් බන්ධනාගාරයෙන් ආහාර ලබා දිය යුත්තේ සාපේක්ෂව අඩු පිරිසකට බව ද අපරාධ විමර්ශන අංශයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ දැක්වේ. ""කොළඹ බන්ධනාගාර ගබඩා අංශය සහ වියළි සහ අමු සලාක අංශයෙන් ලැබෙන ඇණවුම් අනුව පෞද්ගලික ආයතනයකින් මෙම සහල් බන්ධනාගාරයට ලබා ගන්නවා,"" යැයි එම පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වේ. මේ තොරතුරුද කියවන්න: කෙසේවෙතත්, විශාල රැඳවියන් පිරිසකට දිනපතා ආහාර ලබා දෙන බව වාර්තා පොත්වල ව්‍යාජ සටහන් යොදා, අවශ්‍ය පිරිසට පමණක් ආහාර පිස ඉතිරිවන සහල් සඟවා තබන බව පැමිණිල්ලේ සඳහන් වන්නේය. පසුව, පෞද්ගලික ආයතනයක් සමග එකතු වී මෙම වංචාවේ යෙදී ඇති අතර, තොග වාර්තාවලට වැරදි දත්ත ඇතුළු කිරීමට මෙයට සම්බන්ධ නිලධාරීන් කටයුතු කර ඇති බවත් නීතිඥ සේනක පෙරේරා පැවසීය. පැමිණිල්ලේ සඳහන් වන පරිදි, 2018 නොවැම්බර් මස 21 වෙනි දින සහල් කිලෝග්‍රෑම් 2,500ක් බන්ධනාගාරය වෙත සපයා ඇතැයි තොග වාර්තාවල සඳහන් වී තිබේ. නමුත්, එම දිනය තුළ සහල් පටවාගත් කිසිදු ලොරියක් බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී නැත. බන්ධනාගාරයට ඇතුළු වන භාණ්ඩ රැගත් ලොරි පිළිබඳ සටහන් එහි ගේට්ටුවේ සිටින බන්ධනාගාර පොලිසියට අනුයුක්ත ස්වාධීන නිලධාරීන් වාර්තා කරගන්නා නමුත්, පෙර කී දිනය තුළ කිසිදු ලොරියක් ඇතුළු වී ඇති බවට සටහනක් නොමැත. තවත් තොරතුරු: දෙසැම්බර් 18 වෙනි දින සහල් ගබඩා වටලා පරීක්ෂණ පැවැත්වීමට බන්ධනාගාර පොලිසිය සැලසුම් කර තිබිණි. මේ අතර, දෙසැම්බර් 17 වෙනි දින වාර්තා පොත් වෙනස් කරමින්, පෙර සඳහන් පෞද්ගලික ආයතනය නාඩු සහල් කිලෝ 5,000ක් සහ රතු කැකුළු කිලෝ 100ක් බන්ධනාගාර පරිශ්‍රය තුළට රැගෙන ආ බව සඳහන් කර ඇතැයි ශ්‍රී ලංකාවේ සිරකරුවන්ගේ අයිතීන් සුරකින සංවිධානය ඉදිරිපත් කළ පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වේ. මේ පිළිබඳව බන්ධනාගාර ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියගෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමක දී පැවසුවේ, ��ෙම පැමිණිල්ල ගැන බන්ධනාගාර මූලස්ථානය මෙතෙක් දැනුවත් වී නොමැති බවය. ""මේ පැමිණිල්ලේ පිටපතක් හෝ අපට ලැබිලා නැහැ. මේ වගේ දෙයක් ගැන පැමිණිල්ලක් කරන්න බන්ධනාගාර මූලස්ථානය, බන්ධනාගාර පොලිසිය වගේම අදාළ දෙපාර්තමේන්තු රාශියක් තියෙනවා. ඒවාට පැමිණිලි නොකර මේ අය වෙනත් මාර්ගයක් ගෙන තිබෙනවා,"" යැයි තුෂාර උපුල්දෙණිය වැඩිදුරටත් පැවසීය." +ජාත්‍යන්තර ක්‍රීඩා බලධාරීන් පුරුෂයන්ට පමණක් විශේෂ සැලකිලි නොදක්වා කාන්තාවන්ටත් සමානව සලකන්නේ නම් වඩා යෝග්‍ය බව දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව පවසන්නීය.,"මිග්නන් ඩු ප්රීස් (Mignon Du Preez ) ඒ අදහස පළ කළේ අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ක්‍රීඩිකාවන්ට සහ පුරුෂයන්ට සපයන පහසුකම් පිළිබඳව එංගලන්ත කාන්තා කණ්ඩායමේ නායිකාව චාලට් එඩ්වර්ඩ්ස් පළකොට තිබූ අදහස් පිළිබඳව බීබීසී සංදේශය ඇගේ මතය විමසූ අවස්ථාවේදී. ගුවන් යානයේ අඩු මිල ආසන විශේෂයෙන්ම ක්‍රීඩකයෙකුගේ දිනෙක වියදම් සඳහා බ්‍රිතාන්‍ය පවුම් 61 ක් වෙන්කරන අයිසීසී ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය, ක්‍රීඩිකාවන් සඳහා ලබා දෙන්නේ පවුම් 37 ක මුදලක් පමණ බව බීබීසී ක්‍රීඩා වෙබ් අඩවිය පෙන්වා දෙයි. දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව මිග්නන් ඩු ප්රීස් එමෙන්ම ක්‍රීඩකයන්ට ව්‍යාපාරික පන්තියේ ආසනවල ශ්‍රී ලංකාවට ලඟා වෙද්දී ක්‍රීඩිකාවන්ට සාමාන්‍ය පන්තියේ ආසන වෙනකොට තිබූ බව බීබීසීයේ ඇලිසන් මිචල් වාර්තා කරයි. මේ තත්ත්වය ඉතා ඉක්මනින්ම වෙනස් කිරීමට අයිසීසීය ක්‍රියාකරනු ඇතැයි යන්න තම බලාපොරොත්තුව බව එංගලන්ත කණ්ඩායමේ නායිකාව චාලට් එඩ්වර්ඩ්ස් බීබීසී ක්‍රීඩා වෙබ් අඩවියට පවසා තිබිණ.එමෙන්ම තරඟ ජයග්‍රාහකයන්ට පිදෙන ත්‍යාග මුදල් අතරද විශාල වෙනසක් තිබේ. සල්ලි ගේන්නේ පුරුෂයන් මේ තත්ත්වය වෙනස් වනු දැකීම තම අභිප්‍රාය බවයි, දකුණු අප්‍රිකානු පිලේ නායිකාව මිග්නන් ඩු ප්රීස් කියා සිටියේ.""අපි ඔක්කොම කැමතියි අපිටත් ක්‍රීඩකයන්ට හා සමානව සලකනවා දකින්න නමුත් අවාසනාවකට යථාර්ථය ඒක නෙවෙයි. කෙනෙක් කියල තිබුන වැඩිය සල්ලි ගේන්නේ පුරුෂයන් කියල. නමුත් අපිටත් අවස්තාවක් ලැබෙනවා නම් අපිටත් පුළුවන් පෙන්නලා දෙන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවාද කියලා,"" ඇය සඳහන් කළාය. ""කෙනෙක් කියල තිබුන වැඩිය සල්ලි ගේන්නේ පුරුෂයන් කියල. නමුත් අපිටත් අවස්තාවක් ලැබෙනවා නම් අපිටත් පුළුවන් පෙන්නලා දෙන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවාද කියලා"" ඇය එම අදහස් පළ කළේ සමාරම්භක තරඟය ජයග්‍රහණය කොට ලාංකීය ක්‍රීඩා ලෝලීන්ගේ අපේක්ෂා සපුරමින් කාන්තා ජගත් ක්‍රිකට් කුසලානය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම තැබූ බලාපොරොත්තු සුන් කරමින් දකුණු අප්‍රිකාව එම තරඟයෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි. කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර, එහිදී ශ්‍රී ලංකා කාන්තා පිල සියලු දෙනා දැවී රැස්කර ගැනීමට සමත්වූයේ ලකුණු 79 ක් පමණයි. ""ඇත්තටම අපේ ක්‍රීඩාව ගැන දැනගන්න ජනතාවට අවස්ථාවක් ලැබෙනවා නම් ඔවුන් මීට වඩා අපේ තරඟ බලන්න ඒවි නමුත් එහෙම දැනගන්න ඔවුන්ට අවස්තාවක් නෑ,"" මිග්නන් ඩු ප්රීස් තවදුරටත් කියා සිටියාය.මේ පිළිබඳව සංදේශය අයිසීසී ජාත්‍යන්තර පාලක මණ්ඩලයෙන් කළ විමසීමට මේ තාක් පිළිතුරක් ලැබී නැහැ. සරෝජ් පතිරණ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට සබැඳි තේමා" +මුස්ලිම් පල්ලි සහ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරගනිමින් රට පුරා විවිධ ප්‍රදේශවල එල්ලවෙන ප්‍රහාර පසුගිය දිනවල උත්සන්න වී තිබෙන බව මුස්ලිම් ජනතාව පවසති.,"ඇල්පිටියේ ගිනි තබා විනාශ කෙරුණු සාප්පුව පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ වනවිට රට පුරා විවිධ ප්‍රදේශවල මෙවැනි ප්‍රහාර සහ උසිගැන්වීම් 15ක් වත් සිදු වී තිබෙන බව ඔවුහු පෙන්වා දෙති. මෙය ආණ්ඩුවට එරෙහිව මුස්ලිම් ජනතාව උසිගැන්වීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් බව මේ අතර ආණ්ඩුව පවසයි. සංවිධාන ගණනාවක මෙහෙයවීමෙන් මෙම කුමන්ත්‍රණය දියත්වෙමින් තිබෙන බවත් ජාතික භාෂා සහ සහජීවනය පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් බීබීසී සිංහල සේවයට පැවසීය. ""ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව ඉලක්ක කර ජාතිවාදය, අන්තවාදය, ආගම්වාදය අවුස්සා රටේ බෙදීම් ඇතිකිරීමේ උත්සාහයක් පවතින,"" බවත් අමාත්‍ය මනෝ ගනේෂන් පැවසීය. මෙවැනි ප්‍රහාර සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමේ සහ ප්‍රහාර වැළැක්වීම සඳහා පියවර ගැනීම ආණ්ඩුවේ වගකීම බව පිළිගන්නා අමාත්‍යවරයා, මෙම ප්‍රහාර මාලාව විග්‍රහ කරන්නේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව අනාගත මැතිවරණයකදී වත්මන් ආණ්ඩුවට සහාය දැක්වීම වැළැක්වීමේ ප්‍රයත්නයක් වශයෙනි. කුරුණෑගල මාවලපිටියේ ජුම්මා මුස්ලිම් පල්ලියට එල්ල වූ පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාරය ""දැන් මුස්ලිම් ජනතාව අත�� අපේ ආණ්ඩුවට අප්‍රසාදයක් ඇතිකරන්න උත්සාහ කරනවා,"" ඔහු පැවසීය. ""මුස්ලිම් ජනතාවගේ ඡන්දය තමන්ට ලබාගන්න බැරි වුනත් කමක් නෑ, ඡන්ද පොලට යන්නේ නැතුව හිටිය නම් අපිට දිනන්න පුළුවන් කියල ඒ අය ගණන් හදල තියෙනවා."" මානව හිමිකම් නීතිවේදී ෂිරාස් නූර්දීන් රැස් කර තිබෙන තොරතුරු අනුව පසුගිය සති කිහිපය තුළ මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාර මෙසේය: ""දැන් මුස්ලිම් ජනතාව අතර අපේ ආණ්ඩුවට අප්‍රසාදයක් ඇතිකරන්න උත්සාහ කරනවා"" මේ කිසිදු ප්‍රහාරයක් සම්බන්ධයෙන් මේ දක්වා කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත. තත්වය පිළිබඳව අවධානය යොමු කරන ඇමෙරිකා එක්සත් ජනපදය, එම ප්‍රහාර සම්බන්ධයෙන් වහාම පියවර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවන බව පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ඒ බව පවසන කොළඹ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප්, ඕනෑම ආගමික ස්ථානයකට එල්ලවන ප්‍රහාර හෙලා දැකිය යුතු බවත් සඳහන් කර තිබුණි. ප්‍රහාර සම්බන්ධ පොලිස් පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව විමසීම පිණිස පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිපවරක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය. ඇල්පිටියේ ගිනි තබා විනාශ කෙරුණු සාප්පුව" +"සන්නද්ධ පිරිසක් විසින් උඩවලව ජාතික වනෝද්‍යානයෙන් පැහැර යාමට තැත් කිරීමේදී ගම්මුන්ගේ දැඩි විරෝධය හමුවේ අත්හැර දමා ගිය අලි පැටවා වනෝද්‍යානයේ පල්ලෙබැද්ද, අගලකපුආර ප්‍රදේශයේදී සොයා ගත් බව වන ජීවි දෙපාර්තමේන්තුව පවසයි.","ඡායා රූ ගබඩාවෙන් - මේ වසර මුලදී අනවසරයෙන් රඳවා ගන සිටිය දී මුදා ගත් තවත් අලි පැටවෙක්. වයස අවුරුදු තුනත් හතරත් අතර වයසේ පසු වන අලි පැටවා අඩි තුන හමාරක් පමණ උසින් යුතු ගැහැණු සතෙක් බව පැවසේ. මව් ඇතින්න මරා දැමීමෙන් පසු අලි පැටවා පැහැර ගැනීමට සැලසුම් කරන්නට ඇති බවයි, නම සඳහන් නො කරන මෙන් ඉල්ලා සිටි වන ජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් කියා සිටියේ. අලි හොරකම ගැන හොඳ දැනුමක් ‘’ඇත්තටම අපි විශ්වාස කරන්නේ මේ පැටියාගේ අම්මා මරන්න ඇති කියලයි. අලි පැටියා කැලෙන් එළියට ගන්න නම් එහෙම කරන්නම වෙනවා. තුන් වෙනිදා උදේ ඉඳලා අපි මේ පැටියාගේ අම්මට උනේ මොකක්ද කියලයි හොයන්නේ,” යනුවෙන් ඔහු සඳහන් කළේය. “අම්මට වෙඩි තිබ්බා නම් ඒක කරන්න ඇත්තේ වනෝද්‍යානය ඇතුළෙදීම වෙන්න ඕනෑ. මේ අලි පැටව් හොරකමට අලි ගැන හොඳ දැනුමක් තියෙන අයග��� සම්බන්ධයක් තියෙන්නම ඕනි. එහෙම නැතුව මෙච්චර දේවල් කරන්න බෑ. ඔය අපි දැක්කේ ඒකෙ අන්තිම කොටස වෙන්නැති.’’ තරමක මත් වූ ස්වභාවයකින් පසු වූ අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවනේ රඳවා සිටියි. අලි පැටවාගේ බාහිර තුවාල කිසිවක් පෙනෙන්න නැති බව ද නම හෙළි නො කළ වන ජීවී නිලධාරියා පැවසුවේය. රැලෙන් වෙන් කරලා ‘’මාසයකට හමාරකට පෙර මව් ඇතින්න මරන්න ඇති. ඊට පස්සේ අලි පැටියා රැලෙන් වෙන් කරලා ගෙනියන්න සුදානම් කරන්න ඇති,” යනුවෙන්ද ඔහු තවදුරටත් කියා සිටියේය. “මේ සතා උඩවලව ඇත් අතුරු සෙවනට ගෙනත් බාන කොට අනික් අලීන්ගේ හඬට අලි පැටියා ප්‍රතිචාර දක්වපු විදියෙන් කාටත් හිතුනා මේ පැටියා පුනරුත්ථාපනය කළ අලි පැටියෙක් නෙවෙයි කියලා.’’ පැටවා පැහැර ගැනීමට තැත් කළ අපරාධකරුවන් විසින් ගෙනෙන ලද අංකයක් රහිත ට්‍රැක්ටර් රථයත්, ඒ තුල තිබී හමු වූ කඹ, යකඩ කේබල්, ලී දඬු, හා වෙනත් ආධාරක ඇතුළු නඩු භාණ්ඩ 10ක් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් තුන් වන දා ඉදිරිපත් කෙරුණු බවත් වනජීවි දෙපාර්තමේන්තු නිලධාරියා වැඩි දුරටත් පැවසුවේය." +ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වුණු දෙවැනි එක් දින ඕවර තරඟයෙන් ශ්‍රී ලංකාව එංගලන්තය පරාජය කොට දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළේය.,"ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු 157 ක ජයග්‍රහණය එංගලන්ත පිලකට එංගලන්තයේදී අත්වූ දරුණුම එක් දින පරාජයයි නියමිත පන්දු ඕවර පනහ අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු අටක් දැවී ලකුණු 256 ක් රැස් කළ අතර, එයට ප්‍රතිචාර වශයෙන් එංගලන්ත කණ්ඩායම රැස් කිරීමට සමත් වූයේ ලකුණු 99 ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 157 ක ජයග්‍රහණය එංගලන්ත පිලකට එංගලන්තයේදී අත්වූ දරුණුම සීමිත ඕවර තරඟ පරාජයයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ශාන් ලකුණු 88 ක් රැස් කළ අතර, නුවන් කුලසේකර ලකුණු 15 කට කඩුලු තුනක් දවා ගැනීම සහ සචිත්‍ර සේනානායක ලකුණු 13 කට කඩුලු තුනක් දවා ගැනීම කැපී පෙනුනි. ඒ සමඟම තරඟ පහකින් සමන්විත තරඟාවලියේ තරඟ එක බැගින් කණ්ඩායම් දෙකම ජයග්‍රහණය කොට තිබේ. ආබාධයක් හේතුවෙන් එංගලන්ත කණ්ඩායමේ නායක ඇලිස්ටර් කුක් තරඟයෙන් ඉවත්වීම හේතුවෙන් කණ්ඩායමට නායකත්වය දුන්නේ ඉයන් මෝගන් විසින්. ඉරිදා තරඟයේදී ලකුණු 40 ක් ලබා ගනිමින් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළේ ඔහුයි. ශ්‍රී ලංකා කණ්ඩායම මැන්චෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රෆාර්ඩ් ක��‍රීඩාංගනයේදී ලබන බදාදා තුන් වැනි එක් දින ඕවර තරඟයට සහභාගි වීමට නියමිතයි." +ඇමෙරිකා එක්සත් ජනපදය රුසියාවට එරෙහිව තවත් සම්බාධක පනවන බව ජනාධිපති බරක් ඔබාමා කියා සිටියි.,"ජනාධිපති පූතින් සහ ඊගර් සෙචින් මෙම සම්බාධක පැනවීම් සිදු කෙරෙන්නේ, මොස්කව් පාලනය විසින් පසුගිය මාසයේ ක්‍රිමියාව රුසියාවට ඈඳා ගනු ලැබීමට එරෙහිවයි. සිය ආසියානු සංචාරයේ අන්තිම අදියර සළකුණු කරමින් පිලිපීනයට ලඟා වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ, යුක්රේන් අර්බුදය සාමකාමීව නිරාකරණය කර ගැනීමේ අරමුණින් ගිවිස ගත් ජාත්‍යන්තර එකඟතාවයක් අනුව කටයුතු කිරීමට රුසියාව කටයුතු නොකළ හෙයින් එවැනි පියවරක් ගන්නා බවයි. ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා හවුල, ජනාධිපති පූතින් ගේ අභ්‍යන්තර පාලන මණ්ඩලයේ බොහෝ දෙනකු ද ඇතුළුව රුසියානු පාලනයේ නිලධාරීන්ගේ වත්කම් ගනුදෙනු වලින් අක්‍රිය කිරීම සහ වීසා තහංචි දැමීම ඇතුළත් සම්බාධක පැනවීමක් කලිනුත් සිදු කරනු ලැබයි තිබුණේ. නව සම්බාධක බලපැවැත්වෙන පුද්ගලයන් හත් දෙනකුගේ නම් සහ රුසියානු සමාගම් දාහතක ලැයිස්තුවක් එක්සත් ජනපදය විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත. ප්‍රහාරයට ලක් වූ නගරාධිපතිවරයා. එම පුද්ගලයන් සහ සමාගම් ජනාධිපති පූතින් සමඟ සම්බන්ධයි. එම ලැයිස්තුවට ඇතුළත් ‘රොස්නෙෆ්ට්’(Rosneft) ඛනිජ තෙල් ව්‍යාපාරය පවසන්නේ සම්බාධක මගින් තමන්ට හෝ හවුල්කරුවන්ට බලපෑමක් නොමැති බවයි.එම සමාගමේ ප්‍රධානී ඊගර් සේචින් පූතින් ගේ ප්‍රබල ආධාරකරුවෙකි. ‘කාර්කිව්’ නගරාධිපතිට ප්‍රහාරයක් මේ අතර,නැගෙනහිර යුක්රේනයේ ‘කාර්කිව්’ නගරයේ පුරපතිවරයාට වෙඩි තබනු ලැබීමෙන් ඔහු බරපතළ තුවාල ලැබ සිටින රෝහල්ගත කරනු ලැබ සිටින බව වාර්තා වෙයි. නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබනු ලැබීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හාණි සිදු වූ නගරාධිපතිවරයා පැය දෙකක ශල්‍ය කර්මයකට භාජනය කල බව ඔහුගේ කාර්යාලය නිවේදනය කොට ඇත. ‘කාර්කිව්’ නගරාධිපති හෙනාදිය් කෙර්නෙස්(Hennadiy Kernes) යුක්රේනයේ බලයෙන් නෙරපා හරින ලද ජනාධිපති වික්තර් යනුකොවිච් ගේ ආධාරකරුවකු වුනත් සිය පැරණි ස්ථාවරය වෙනස් කරමින් මෑතදී ඔහු පෙනී සිටියේ එක්සත් යුක්රේනයක් වෙනුවෙනි. රුසියානු යුක්රේන් ගෑස් නල මාර්ගයක් මේ අතර රුසියාවට පක්ෂ සන්නද්ධ කණ්ඩායම් විසින් නැගෙනහිර යුක්රේනයේ ‘කොස්ත්යාන්තිනිව්කා’ නගරයේ ආණ්ඩුවේ ප්‍රධාන ගොඩනැගිලි කීපයක් අල්ලා ගත් බවක් ද වාර්තා වෙයි. ස්ලොවැකියාවෙන් ගෑස් රුසියාව මත රඳා පැවැත්ම අඩු කර ගැනීම සඳහා යුක්රේනය ස්ලොවැකියාව සමඟ ගෑස් සැපයුම් ගිවිසුමක් අත්සන් කරන ලද බවක් ද ප්‍රකාශයට පත් කොට ඇත. එම ගිවිසුම අනුව දැනට පාවිච්චියට නොගන්නා ස්ලොවැකියානු ගෑස් නල මාර්ගයක් යළි විවෘත කෙරෙන අතර,මධ්‍යම යුරෝපයේ ගෑස් අතිරික්තය නැගෙනහිර යුක්රේනයට සැපයීම එහි සැලැස්මයි. රුසියාවේ ‘ගාස්ප්‍රොම්’බල ශක්ති සමාගමට ගෙවිය යුතු හිඟ මුදල් මුල් කර ගනිමින් එම සමාගමේ සැපයුම් අත්හිටවනු ලැබුනොත් උද්ගත විය දුෂ්කර අභියෝගයකට යුක්රේනය මුහුණ දී සිටියි." +ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය ජනවාරි අටවෙනිදා බලයට පත් වූයේ ස්ව-කැමැත්තෙන්ම තම විධායක දේශපාලන බලයෙන් කොටසක් අත් හරින බව කියමින්.,"මෛත්‍රීපාල සිරිසේන දේශපාලන අභියෝග හමුවේ එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපති තනතුරෙන් නික්ම ගොස් මැදමුලන තම නිවසේ සිට තමා දේශපාලනය අත් නොහරින බව ප්‍රකාශ කළ අවස්ථාවේ පටන් හමන්නට පටන් ගත් දේශපාලන මාරුතය ක්‍රමයෙන් සැඩ සුළඟක් බවට පත්වුනේ හිටපු ජනාධිපතිවරයාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලැබෙන බව ප්‍රකාශයට පත් වීමත් සමගින්. ජනාධිපතිවරයාගේ දේශපාලන නායකත්වය පරීක්ෂාවට ලක් කරන මේ සැඩ සුලග හමා යන්නේ අභියෝග රැසක් මතු කරමින්. වඩාත් ප්‍රබල අභියෝග පහක් පිළිබඳව කෙරෙන විමසුමකි මේ. සිවිල් සමාජ මිතුරන් විරසක වේද? පුරවැසි බලයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ පෙර ගමන් කරුවන් අතරේ මුල් තැනක් ගත්තේ සිවිල් සංවිධාන ක්‍රියාකරකයින්ය. මේ අතර මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් නාම යෝජනා ලබා ගැනීමට ඉඩදීම පිළිබඳව චෝදනාවක් ද සමග ජනාධිපතිවරයා හමුවීමට ගිය සිවිල් සමාජ ක්‍රියාකාරකයින් තම හමුව පිළිබඳව දක්වන්නේ එකිනෙකට පරස්පර වූ අදහස්ය. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති අචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට අනුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට නාම යෝජනා ලබාදීම සම්බන්ධයෙන් කලබල වීමට කරුණක් නැත. ඔහුට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තම විධායක බලතල භාවිතා කරමින් පක්ෂයේ බහුතර මතය යටපත් කර දැමීමේ හැකියාවක් නැත. එහෙත් 'පුරවැසි බලය' සංවිධානය කිරීමට මුල් වූ ගාමිණී වියන්ගොඩට අනුව මෙය පාවා දීමකි. මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සංධානයෙන් නාම යෝජනා ලබා ගැනීම වලක්වා ලීම සඳහා මෛත්‍රීපාල සිරිසේන සක්‍රීයව මැදිහත් නොවීම සඳහා දක්වන හේතූන් පිළිගැනීමට නොහැකි බවයි ගාමිණී වියන්ගොඩ පෙන්වා දෙන්නේ. සිවිල් සමාජ ක්‍රියාකාරීන් ගේ ප්‍රතිචාර පිළිබඳව ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයකුගෙන් විමසූ විට ඔහු කියා සිටියේ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව දැනුවත්ව සිටින අතර එම කණ්ඩායම් සමඟ සංවාදයක නිරත වීමේ ඉඩකඩ තවමත් පවතින බවයි. එක්සත් ජාතික පක්ෂය සමඟ ගනුදෙනුවට කුමක් සිදු වේද? රන්ජන් රාමනායක 'මැතිවරණ දේශපාලන දෘෂ්ටියෙන්' ගැටළුව දෙස බලන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට අනුව මහින්ද රාජපක්ෂට නාම යෝජනා ලබා දීම මගින් සිරිසේන ජනාධිපතිවරයා තමන්ට පහසුවෙන් පරාජය කළ හැකි ප්‍රතිවාදියෙක් ලබාදී ඇත. එබැවින් තමාට ජනාධිපතිවරයා සමග ප්‍රතිවිරෝධයක් නැති බවයි රංජන් රාමනායක කියා සිටින්නේ. වාර්ගික ගැටළුව විසඳා ගැනීමට ගොඩ නැගු සංවාදයට කුමක් වේද? නිමල්කා ප්‍රනාන්දු නීතිවේදී නිමල්කා ප්‍රනාන්දු කියා සිටින්නේ ජාතික ගැටළුව විසඳා ගැනීම සඳහා සිරිසේන ජනාධිපතිවරයා පුළුල් සංවාදයක් ගොඩනැගු නමුත් එම සංවාදයට එරෙහි මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසකට යළිත් බලගතු වීමට ඉඩ දීමෙන් ජනාධිපතිවරයා'කියන දේ සහ කරන දේ' අතර දැඩි පරස්පරයක් සහිත කෙනකු බවට පත් වී ඇති බවයි. එම තත්වය හමුවේ ජාතික ගැටළුවට තිරසාර විසඳුමක් සොයා ගැනීමට ගන්නා ක්‍රියා මාර්ග වලදී සුළු ජාතීන්ගේ විශ්වාශය දිනා ගැනීම අසීරු විය හැකි බවයි නිමල්කා ප්‍රනාන්දු පෙන්වා දෙන්නේ. වඩාත් ජාතිකවාදී නැඹුරුවක් සහිත කොටස් සමඟ සංවාදයක් ගොඩ නගා ගැනීම තුළින් ජාතික ගැටළුවට තිරසර විසඳුමක් හොයා ගැනීමට ඉඩ ලැබෙන බවක් දකින පිරිසක් ද සිටිති. දූෂණ විමර්ශන ඇනහිටීමක් සිදුවේද? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ ප්‍රධාන තේමාවක් වුයේ දූෂණයට එරෙහිව පියවර ගැනීමයි. දූෂණ විරෝධී සමාජ ක්‍රියාකාරිකයෙකු වන නීතීවේදී ජේ.සී.වැලිඅමුණ කියා සිටින්නේ, මහින්ද රාජපක්ෂ පරිපාලනයේ කොටස් කරුවන් බොහෝ දෙනෙකුට එල්ල වී ඇති දුෂණ චෝදනා විමර්ශනය කිරීමට ඇතැම් නිලධාරීන් මැලි කමක් දැක්වීමට ඉඩ ඇති බවයි. අනෙක් අතට මේ වන විට දේශීය සහ ජාත්‍යන්තර මට��ටමින් දූෂණ විමර්ශනය කිරීමේ ක්‍රියාවලියක් දැනටමත් දියත් වී ඇති හෙයින් සම්පුර්ණයෙන්ම ඇතැයි ජේ.සී වැලිඅමුණ පෙන්වා දෙයි. ශ්‍රීලංකා නිදහස් පක්ෂය තුළ මතුවෙන ගැටළු වලට මුහණ දීමට සිදුවේද? මෛත්‍රී - මහින්ද සංවාදය සිරිසේන ජනාධිපතවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල සභාපතිවරයා වුනත් පක්ෂයේ සියළු ස්තර වල සහයෝගය ලබා ගනිමින් මහ මැතිවරණ ක්‍රියාවලිය මෙහෙයවීමට ඔහු සමත් වේද යන්න ප්‍රශ්නයකි. අනෙක් අතට ඔහු මැතිවරණ ක්‍රියාවලියෙන් ඈත්ව සිටියහොත් නායකත්ව අභියෝගය තවත් තීරණාත්මක වීමට ද ඉඩ තිබේ. සමස්තයක් ලෙස ගත් කළ සිරිසේන ජනාධිපතිවරයාට විධායක බලතල හිමිව ඇති හෙයින් ඔහුගේ ධුර කාලය ව්‍යවස්ථාමය මට්ටමින් සුරක්ෂිත වූවකි. එහෙත් අනෙක් අතට දේශපාලන බලා අධිකාරය පවත්වා ගෙන යාම සඳහා ගමන් කළ යුතු මාර්ගය ඒ තරම් ම සුමට නොවීමට ඉඩ ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ කැමැත්තට එරෙහිව ප්‍රතිවාදියාට ඉඩ දීමට සිදු වූ දුර්වලයෙක්ද? එසේ නැතිනම් දේශපාලනයේ දී මතුවෙන අභියෝගවලට උපායිකව මුහුණ දීමේ හැකියාවක් සහිත පුද්ගලයෙක්ද? යන්න ඉදිරි කාලය ඇතුළත බරපතල මට්ටමින් සංවාදයකට ලක් වීමට ඉඩ ඇත." +මතභේදයට තුඩු දී තිබෙන සිය තාඩ් මිසයිල ආරක්ෂක පද්ධතිය දැන් දකුණු කොරියාවේ ක්‍රියාත්මකවන බව ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක හමුදාව පවසයි.,"උතුරු කොරියාවේ මිසයිල ප්‍රහාරයක් නැවැත්වීමට එම ආරක්ෂක පද්ධතියට හැකියාව තිබෙන නමුත් එය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට තවත් මාස කිහිපයක් ගතවනු ඇත. ඇමෙරිකානු යුද නෞකා සමූහයක් සහ සබ්මැරීනයක් කලාපයේ රඳවා තිබීම සහ ප්‍රහාර එල්ල කරන බවට දිගින් දිගටම උතුරු කොරියාව කරන තර්ජන හමුවේ කලාපයේ උණුසුම ඉහලයමින් පවතී. එක්සත් ජනපදයේ අලුත්ම යුද අභ්‍යාස පිළිබඳව කෝපාවිෂ්ඨ ප්‍රතිචාරයක් පළ කළ උතුරු කොරියාව, න්‍යෂ්ඨික යුද්ධයක අත වනන බවට ඇමෙරිකාවට චෝදනා කළේය. දෙපාර්ශවය අතර යළිත් වරක් උණුසුම උත්සන්නවෙමින් පවතින්නේ, සුදුසු ආකාරයට උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් හමුවීමට අවස්ථාව ලැබෙන්නේ නම් එය ""ගෞරවයක්"" ලෙසින් සලකන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශකිරීමෙන් දිනකක්ට පසුවය. මිසයිල ආරක්ෂණ පද්ධතිය හේතුවෙන් ෂෙඔන්ජු පළාත උතුරු කොරියාවේ ඉලක්කයක් විය හැකි බැවින් එමගින් සිය ජීවිතවලට තර්ජනයක් එල්ලවන බව ප්‍රදේශවාසීහු විශ්වාස කරති තාඩ් ආරක්ෂණ පද්ධතිය මේ වසර අගභාගය දක්වා ක්‍රියාත්මක නොකෙරෙනු ඇතැයි මුලදී අපේක්ෂා කෙරුණ නමුත්, දින කිහිපයක් ඇතුලත එය ක්‍රියාත්මක කරන බව ඇමෙරිකානු බලධාරීහු පසුගිය සතියේ නිවේදනය කළහ. දකුණු කොරියාවේ මධ්‍යම ෂෙඔන්ජු (Seongju) පළාතේ තාඩ් (Thaad - Terminal High-Altitude Area Defense system) පද්ධතිය සවිකරනු ලැබුවේ ප්‍රදේශවාසීන්ගේ ප්‍රබල විරෝධය මධ්‍යයේය. එය පිහිටුවීම නිසා ෂෙඔන්ජු පළාත උතුරු කොරියාවේ ඉලක්කයක් විය හැකි බැවින් එමගින් සිය ජීවිතවලට තර්ජනයක් එල්ලවන බව ඔවුහු විශ්වාස කරති. චීනයද එයට සිය විරෝධය පළ කර තිබේ. තාඩ් පද්ධතියේ රේඩාර් පරාසය සිය හමුදා මෙහෙයුම්වලට බාධාවක් විය හැකි බව චීන බලධාරීහු සැක පහල කරති. මෑත සති කිහිපය ඇතුළත අසාර්ථක මිසයිල අත්හදා බැලීම් දෙකක් සිදු කළ උතුරු කොරියාව, ඕනෑම මොහොතක සිය හය වෙනි න්‍යෂ්ඨික අත්හදාබැලීම සඳහා සූදානම් බවටත් තර්ජනය කරයි. 'තාඩ්' (Thaad - Terminal High-Altitude Area Defense system) යනු කුමක්ද ? 'තාඩ්' මිසයිල පද්ධතිය 1. සතුරු මිසයිලය විදීම 2. 'තාඩ්' රේඩාර් පද්ධතිය විසින් නිරීක්ෂණයකොට, අණ සහ පාලන ස්ථානයට යොමු කිරීම 3. ප්‍රති මිසයිලයක් විදීම සඳහා 'තාඩ්' අණ සහ පාලන ස්ථානයෙන් උපදෙස් දීම 4. ප්‍රති මිසයිලය සතුරු මිසයිලය දෙසට විදීම 5. සතුරු මිසයිලය විනාශ කිරීම මිසයිල විදින ට්‍රක් රථයකට ප්‍රති මිසයිල 8ක් දරා සිටිය හැක. 'තාඩ්' මතභේදයකට ලක්වී ඇත්තේ ඇයි? 'තාඩ්' මිසයිල විදිනයක්" +ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කොට ඒ වෙනුවට වෙනත් ස්ථානයක ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඉදි කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.,"'ගාල්ල කලාපයේ ඉන්න ළමයි අනූ දහසකට තියන පොදු ක්‍රීඩාංගණය ලැබිය යුතුව තිබෙනවා.' ප්‍රදේශයේ පාසල් දරුවන්, තරුණයන් ඇතුළු පොදු ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය යොදා ගත නොහැකි තත්වයක් යටතේ ගාලු ජනතාවට අසාධාරණයක් වී ඇති බව අමාත්‍යවරයා කියා සිටියේ ගාල්ලේ පැවති උත්සවයකට සහභාගී වෙමිනුයි. පොදු ජනතාවගේ පරිහරණය සඳහා ක්‍රීඩාංගණය තවදුරටත් යොදා ගත නොහැකි වීම ''බරපතළ අපරාධයක්'' ලෙසයි අමාත්‍යවරයා විසින් හඳුන්වනු ලැබුවේ. 'ගාල්ල කලාපයේ ඉන්න ළමයි අනූ දහසකට තියන පොදු ක්‍රීඩාංගණය ලැබිය යුතුව තිබෙනවා. ඉතින් අපිට ඒ වැරැද්ද නිවැරදි කරන්න තිබෙනවා.' කෙසේවෙතත් ගාල්ල දිස්ත්‍රික්කයට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් අවශ්‍ය බවත් අධිවේගී මාර්ගයෙන් පිටත පිහිටි ගාල්ලට ��ුදුරු මත්තේගොඩ ප්‍රදේශයේ අක්කර සියයක බිම් ප්‍රමාණයක ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට බලාපොරොත්තු වන බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන වැඩිදුරටත් කියා සිටියේය. අමාත්‍ය වජිර අබේවර්ධන විසින් කරන ලද ඉහත කී ප්‍රකාශය පිළිබඳ සමාජ මාධ්‍ය තුළ පක්ෂ විපක්ෂ අදහස් පළ වෙමින් තිබේ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය නැවතත් පොදු ජනතාව අතට පත් කිරීමෙන් ප්‍රදේශයේ ජනතාවට සහනයක් සැලසෙන බව ඇතැමෙක් පවසති. නමුත් එහි පවතින ඓතිහාසික පසුබිම හා සංචාරක කර්මාන්තය දෙස අවධානය යොමු කිරීමේදී ක්‍රීඩාංගණය ඉවත් නොකර එලෙසම පවත්වාගෙන යෑම වඩාත් සුදුසු බවයි සමහරකුගේ අදහස වී ඇත්තේ." +2017 වසර තුළ රට පුරා පාසල්වල 'ඩිජිටල් පන්ති කාමර' සියයක් ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.,"මේ සියල්ල සම්පූර්ණ කරන තෙක් අපිට ඉන්න බැහැ. අනෙකුත් දියුණු ක්‍රමවේදත් අප විසින් උකහා ගතයුතුව තිබෙනවා - අධ්‍යාපන ඇමති එහි පළමු නියාමක ව්‍යාපෘතිය කෝට්ටේ ජනාධිපති විද්‍යාලයෙන් ආරම්භ කළ බව අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේය. මේ අතර පාසල්වලට අවශ්‍ය මූලික පහසුකම් ලබා දෙනවා වෙනුවට 'ඩිජිටල් පන්ති කාමර' වැනි ව්‍යාපෘති දියත් කිරීම කෙතරම් ප්‍රායෝගික දැයි ලංකා ගුරු සංගමය ප්‍රශ්න කරයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා වෙන්කරනු ලබන මුදල් ප්‍රතිපාදන නිසි ලෙස භාවිතයට ගන්නේ දැයි යන්න ගැටලුවක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (පෙබ.10) පැවසීය. අක්කරෙයිපත්තුවේ සමන්තුරේ පාසල් උත්සවයකට සහභාගී වීමට ගිය තමන්ට අවශ්‍ය මූලික පහසුකම්වත් එහි නොමැති බව දරුවන්ගෙන් දැනගැනීමට ලැබුණු බවත් ඔහු කියා සිටියේය. පාසල්වලට අත්‍යවශ්‍ය වන්නේ පන්ති කාමර, පාසල ප්‍රියජනක ස්ථානයක් බවට පත් කිරීම. ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීම තමයි ප්‍රමුඛතාව - ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ""දරුවන්ගෙන් අහපුවම මොනවද දරුවනේ තියන අඩුපාඩු කියල, වැසිකිළි නෑ, කැසිකිළි නෑ, බොන්න වතුර නෑ, ඩෙස්ක් පුටු නෑ කිව්වා"" යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා කියා සිටියේ පාසල්වලට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීමට මූලිකත්වය ලබා දෙන අතරම තාක්ෂණය උකහා ගැනීමට ද කටයුතු කළ යුතු බවය. ශ්‍රී ලංකාවේ තිබෙන පාසල් දසදහස් එකසිය හැටඑකෙන් සියයට අනූ පහකට විදුලිය ලබා දී ඇති බව කියා සිටි අමාත්‍යවරයා පසුගිය වසර වනවිට පාසල්වලින් සියයට හැටකට පමණක් එම පහසුකම පැවති බව සඳහන් කළේය. ""මේ සියල්ල සම්පූර්ණ කරන තෙක් අපිට ඉන්න බැහැ. අනෙකුත් දියුණු ක්‍රමවේදත් අප විසින් උකහා ගතයුතුව තිබෙනවා"" යනුවෙන් ඇමතිවරයා පැවසීය. දරුවන්ගෙන් අහපුවම මොනවද දරුවනේ තියන අඩුපාඩු කියල, වැසිකිළි නෑ, කැසිකිළි නෑ, බොන්න වතුර නෑ, ඩෙස්ක් පුටු නෑ කිව්වා - ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ අතර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ ඩිජිටල් පන්ති කාමර ව්‍යාපෘතිය හුදෙක් රජයේ ප්‍රචාරණ ව්‍යාපාරයක් පමණක් බවය. ""අපේ රටේ පාසල් ළමුන් ලක්ෂ හතළිස් දෙකක් ඉන්නවා. කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ පන්ති කාමරයක් ඩිජිටල් පන්ති කාමරයක් බවට පත් කරලා, අධ්‍යාපනය ඩිජිටල්කරණය කළා කියලා අගමැතිවරයා සහ අධ්‍යාපන ඇමතිතුමා කියනවා. එතන ඉන්නේ ළමයි විස්සයි"" යනුවෙන් ඔහු පැවසීය. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට ටැබ් පරිගණක ලබා දීම ද හුදු ප්‍රකාශයක් පමණක් බව ඔහු සඳහන් කළේය. ""මේවා ප්‍රකාශ, අවශ්‍ය වන්නේ භාවිතය. පාසල්වලට අත්‍යවශ්‍ය වන්නේ පන්ති කාමර, පාසල ප්‍රියජනක ස්ථානයක් බවට පත් කිරීම. ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීම තමයි ප්‍රමුඛතාව. ඊළඟ අවශ්‍යතාව තමයි ප්‍රමාණවත් ගුරුවරුන් පුහුණු කිරීම, පුහුණු ගුරුවරුන් යාවත්කාලීන කිරීම. ඒ සඳහා ක්‍රියාමාර්ග නොගෙන මෙවැනි ප්‍රකාශ කිරීම හුදු දේශපාලනික ප්‍රචාර සඳහා කරන දේවල් පමණයි"" ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් වැඩිදුරටත් කියා සිටියේය." +"දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත වූවත්, නොවූවත් එක්සත් ජාතික පක්ෂය එහි වාසිය ලබා ගන්නා බව ප්‍රංශ පුවත් සේවයේ කොළඹ ප්‍රධානී අමල් ජයසිංහ පවසයි.","ප්‍රංශ පුවත් සේවයේ කොළඹ ප්‍රධානී අමල් ජයසිංහ ඔහු ඒ බව කියා සිටියේ ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ පැහැදිලි බහුතරයක් නොමැති අවස්ථාවක ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සම්බන්ධයෙන් විශ්ලේෂණයක යෙදෙමින්. ‘මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයට මේක කර ගන්න බැරි වුනොත් ඔවුන් නිදහසට කරුණක් විදිහට කියන්න ඉදිරිපත් වෙන්නේ තමන් ඉෂ්ට කර ගන්න ගිය කාර්යයට විපක්ෂයෙන් සහාය නොලැබුණු බව. ඒ නිසා ක්ෂණිකව මැතිවරණයක් පවත්වලා ජනතාවගෙන් අලුත් වරමක් ඉල්ලීම තම��ි ඔවුන්ගේ ඉලක්කය වෙලා තියෙන්නේ’ අමල් ජයසිංහ පැවසීය. ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඇත්තටම කියා සිටියා ජනාධිපතිවරණයෙන් පසුව මහින්ද රාජපක්ෂ නැවතත් ජනාධිපති වුනා නම් ඔවුනුත් මේ සංශෝධන, ප්‍රතිසංස්කරණ කරන්න යොමු වෙනවා කියලා’ ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බව සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ සියලුම පක්ෂවල මතය වූ බවයි ඔහු කියා සිටියේ. ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ස්ථාවරය තවමත් හරිහැටි පැහැදිලි වී නැති බවද බව ප්‍රංශ පුවත් සේවයේ අමල් ජයසිංහ වැඩිදුරටත් පැවසුවේය." +එල්ටීටීඊ යේ හිටපු නායක කේපී හෙවත් කුමාරන් පද්මනාදන් ට පූර්ණ ආරක්ෂාව සපයන මෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කථානායක නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමු වූ අවස්ථාවේ විශේෂ ඉල්ලීමක් කළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.,"""කේපී විසින්ම පෝෂණය කරපු සිය ගණන් තරුණයන් අදත් සිරගෙවල්වල ගෙවනවා අවුරුදු ගාණක් තිස්සේ"" මහින්ද රාජපක්ෂ පරිපාලනය සහ කේපී අතර රහසිගත ගණුදෙනුවක් පැවතියේ දැයි පවතින සැකය එම ඉල්ලීම මගින් තවත් සනාථ කෙරෙන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරයි. මේ තත්වය යටතේ ජනතාවට සත්‍යය හෙළි කරන මෙන් ඉල්ලා කේපී ට එරෙහිව සඳුදා අධිකරණයේ නඩුවක් පවරන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික රාමලිංගම් චන්ද්‍රසේකරන් බීබීසී සංදේශයට පැවසීය. ""මේ රටේ ජනතාවට සැකයක් තිබෙනවා, කොටි සංවිධානය විසින් පවත්වා ගෙන ගිය නැවු, මුදල්, රත්තරන් ඇතුළු දේ මේ රාජපක්ෂ පවුලේ ය විසින් බෙදාගත්තද? ඒ නිසා ද කුමරන් පද්මනාදන් ට ආරක්ෂාව දෙන්නේ කියන සැකය මතු වෙලා තියෙනවා,"" යනුවෙන් ඔහු කියා සිටියේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක් වෙමින්. ප්‍රතිචාරයක් නෑ තමන් මතු කරන මේ චෝදනා සම්බන්ධයෙන් ""ඕනෑ තරම් සාක්ෂි"" තිබෙන බවයි, ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ. ""කේපී විසින්ම පෝෂණය කරපු සිය ගණන් තරුණයන් අදත් සිරගෙවල්වල ගෙවනවා අවුරුදු ගාණක් තිස්සේ. ඔවුන්ට කිසිම ක්‍රියාමාර්ගයක් නෑ,"" යනුවෙන්ද රාමලිංගම් චන්ද්‍රසේකරන් සඳහන් කළේය. තමන්ට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් පැවරීමට සූදානම් වන නඩුව පිළිබඳව බීබීසී දෙමළ සේවය විමසීමක් කළ අවස්ථාවේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම කුමාරන් පද්මනාදන් ප්‍රතික්ෂේප කළේය. රාජපක්ෂ පරිපාලනයට එරෙහිව එල්ල වන චෝදනා ඇතුළු බොහෝ කරුණු සම්බන්ධයෙන් විමසීම පිණිස සාකච්ඡාවක් ලබා දෙන මෙන් සංදේශය පසුගිය සිකුරාදා ඉල්ලීමක් කළ අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ, මේ අවස්ථාවේ තමන් එවැනි සාකච්ඡාවකට සූදානම් නොමැති බවයි." +ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වාර්ෂික කොන්ත්‍රාත්තු ප්‍රශ්නයට තවමත් විසඳුමක් ලැබී නැති බව කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කරයි.,"'තවම අපි එකඟතාවයකට ඇවිත් නෑ. බෝඩ් එකෙන් අපි රිප්ලයි එකක් එනකම් ඉන්නේ' ආසියානු කුසලානය ජයග්‍රහණය කොට රතු පලස් මැද්දෙන් යලි ශ්‍රී ලංකාවට ලඟා වීමෙන් අනතුරුව කොළඹදී මාධ්‍යවේදීන් ඇමතූ ඇන්ජලෝ මැතිව්ස් ඉතා ඉක්මනින්ම ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බවද කියා සිටියේය. ""ඒක ගැන තවම අපි එකඟතාවයකට ඇවිත් නෑ. බෝඩ් එකෙන් අපි රිප්ලයි එකක් එනකම් ඉන්නේ,"" යනුවෙන්ද ඔහු පැවසීය. ජයග්‍රාහී කණ්ඩායම කටුනායක සිට කොළඹ බලා ගමන් කළ අවස්ථාවේ ක්‍රීඩා ලෝලීහු විශාල පිරිසක් මඟ දෙපස රැස්ව ප්‍රීති ඝෝෂා නගමින් සිටියහ. එවැනි පිළි ගැනීමක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් නායක මැතිව්ස් ක්‍රීඩාලෝලීන්ට සහ ක්‍රිකට් බලධාරීන්ට සිය ස්තුතිය පුද කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වීම පිණිස තවත් දින කිහිපයකින් යලි බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිතයි." +ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසය හේතුවෙන් මරණයට පත්ව ඇති බව තානාපති ආරංචි මාර්ග තහවුරු කළේය.,"දිල්ලි නුවර රිය ගාල්, උද්‍යාන හෝ හිස් බිම් තීරු ආදාහන කටයුතු සඳහා සොයමින් පවතී එහි වෙසෙන තවත් ශ්‍රී ලාංකිකයන් කීප දෙනෙකු මේ වන විට බරපතල රෝගී තත්ත්වයේ පසුවන බව බීබීසී සිංහල සේවය වෙත දැන ගැනීමට ලැබිණි. දිල්ලි නගරයේ රෝහල් තුළ දැඩි සත්කාර ඇඳන් නොමැති බැවින් ඉන්දීය වැසියන්ට මෙන්ම ශ්‍රී ලාංකිකයන්ට ද ප්‍රතිකාර ලබා ගැනීම අභියෝගයක්ව ඇති බවත් තානාපති ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබේ. මේ අතර මරණයට පත් වූවන් ආදාහනය කිරීමට ප්‍රමාණවත් ඉඩ නොමැති බැවින් ඒ සඳහා දිල්ලි නගරයේ තාවකාලික ස්ථාන ඉදිවෙමින් පවතී. ඉන්දියාව මුහුණ දී සිටින ව්‍යසනකාරී කෝවිඩ් දෙවෙනි රැල්ල ආරම්භ හමුවේ මරණ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් පවතී. සඳුදා (අප්‍රේල් 26) දිල්ලි අගනුවරින් පමණක් මරණ 380 ක් වාර්තා වි��. රෝගීන්ට ලබා දෙන ඔක්සිජන්, දැඩි සත්කාර ඇඳන් සහ අත්‍යවශ්‍ය ඖෂධ සැපයුම්වල හිඟයක් පවතී. පසුගිය දින කීපය තුළ පමණක් ඉන්දියාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් මිලියනයකට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. ඉන්දියාවේ කෝවිඩ් අර්බුදය: මරණ ඉහළ යාමත් සමහ ආදාහනාගාර දරාගත නොහැකි මට්ටමකට ලඟා වේ අඟහරුවාදා (අප්‍රේල් 27) රෝගීන් 323,144 ක් වාර්තා වූ අතර සඳුදා එහි ඉහළම අගය, එනම් රෝගීන් 352,991 ක් වාර්තා විය. ඒ අනුව පෙර දිනට සාපේක්ෂව අඟහරුවාදා වාර්තා වූ රෝගීන්ගේ යම් අඩුවක් දක්නට ලැබේ. කෙසේ වුවත් රෝගීන් සහ මරණයට පත් වූවන් මීට වඩා බෙහෙවින් වැඩි අගයක් ගනු ලබන බව විශ්වාස කෙරේ. පසුගිය සතිය තුළ මරණයට පත් වූ 1,150 දෙනෙකු පමණ දිල්ලි නිල සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් වී නොමැති බව එරට NDTV රූපවාහිනී සේවය කළ ගවේෂණයකින් අනාවරණය වී තිබේ. රට පුරා සංඛ්‍යා ලේඛනවල අඩුවක් දක්නට ඇති බවට ඒ හා සමාන තවත් ගවේෂණ මගින් පෙනෙන්නට තිබේ. ඇතැම් ආදාහනාගාර තුළ දිවා රෑ මළ සිරුරු පිළිස්සෙනු දැකිය හැක ආදාහනාගාර සේවකයන් රාත්‍රිය පුරා සිරුරු පිළිස්සීමේ කටයුතුවල යෙදෙන අතර දර සැකසීමට සහ සෙසු කටයුතු සඳහා මිය ගිය පුද්ගලයන්ගේ ඥාතීන්ගේ ද සහාය ලබා ගැනීමට සිදුව ඇති බව වාර්තා වේ. දිල්ලි නුවර රිය ගාල්, උද්‍යාන හෝ හිස් බිම් තීරු ආදාහන කටයුතු සඳහා සොයමින් පවතී. සිය සමීපතමයන් ආදාහනය කිරීමට අනුමැතිය ලබා ගැනීම සඳහා බොහෝ විට පවුලේ ඥාතීන්ට පැය ගණනාවක් බලා සිටීමට සිදුව ඇත. මේ ගැනත් කියවන්න:" +"ආරක්ෂක හමුදා පිළිබඳව තොරතුරු සෙවූ බ්‍රිතාන්‍ය ආචාරයවරයකුගෙන් ප්‍රශ්න කොට මුදා හරින ලද බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සංදේශයට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආචාර්ය රාජේශ් වෙනුගෝපාල් වෙත යොමු කොට තිබෙන ඊමේල් පණිවුඩයක් ඇසුරින් යාවත්කාලීන කරන ලද වාර්තාවයි, මේ.","මඩකලපුවට ගියේ 'මිතුරන් හමුවී සුවදුක් විමසීමට' තමන් ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ හමුදාව පිළිබඳව තොරතුරු සෙවූ බවට පොලිසිය කරන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව LSE ලන්ඩන් ආර්ථික ශාස්ත්‍රාලයේ සහාය මහාචාර්ය රාජේශ් වෙනුගෝපාල් බීබීසී සංදේශයට පැවසීය. පොලිසිය තමන්ගෙන් ප්‍රශ්න කළ බව සනාථ කරන ආචාර්ය රාජේශ් වෙනුගෝපාල්, තමා කිසිදු වරදක් කොට නොමැති බව එහිදී වටහාගත් පොලිසිය කිසිදු සීමාවක් පැනවීමෙන් තොරව තමා නිදහස් කළ බවත් පවසයි. ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ලන්ඩන් ආර්ථික ශාස්ත්‍රාලය��� සහාය මහාචාර්යවරයා පසුගිය අගෝස්තු මාසයේ අගභාගයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූයේ යුද්ධයෙන් පසු සංවර්ධනය පිළිබඳ කොළඹ පැවැත්වුණු ජාත්‍යන්තර සමුලුවකට සහභාගි වීම පිණිසයි. එහිදී ඔහු ශ්‍රී ලංකාවේ ආගමන විගමන නීතිය උල්ලංඝනය කරමින් ආරක්ෂක හමුදා පිළිබඳව තොරතුරු රැස් කිරීමට උත්සාහ කොට තිබෙන බව නීතිඥ අජිත් රෝහණ පසුගිය අගෝස්තු 31 වැනි දින සංදේශය කළ විමසීමකදී පැවසීය. 'මිතුරන් හමුවීමට' ඒ පිළිබඳව ආගමන විගමන පාලකවරයා විසින් ඔහු රඳවා ගෙන ප්‍රශ්න කරන ලද බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේය. එහෙත් ආචාර්ය වෙනුගෝපාල් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. පසුගිය වසර දොළහ ඇතුලත ශ්‍රී ලංකාවේ නිරන්තරයෙන් සංචාරය කොට පර්යේෂණ පැවැත්වූ බව පවසන ඔහු, එසේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන සෑම අවස්ථාවකදීම ඊට කලින් තමන්ට හමු වූ මිතුරන්ගේ සුවදුක් විමසීම සිය පුරුද්දක් බවට පත් වී ඇති බවත් සඳහන් කරයි. මෙවරද එසේ මිතුරන් හමුවීම පිණිස මඩකලපුවේ සංචාරයක යෙදුනු අවස්ථාවේ පොලිසිය තමන්ගෙන් ප්‍රශ්න කළ නමුත් තමා කිසිදු වරදක් කොට නැති බව එහිදී පොලිසිය වටහාගත් බවයි, ඔහු පවසන්නේ. එහිදී තමා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමඟ කථා කළ බවත්, තමන් ශ්‍රී ලංකාවට පැමිණි වැඩසටහනට සහභාගි වීමට කිසිදු බාධාවක් නැති බව ඔවුන් එහිදී දැනුම් දුන් බවත් ආචාර්ය රාජේශ් වෙනුගෝපාල් වැඩිදුරටත් සඳහන් කරයි. බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල ආචාර්යවරයා අත්අඩංගුවට ගත බවට පළ වූ වාර්තා නීතිඥ අජිත් රෝහණ ප්‍රතික්ෂේප කළ අතර, තමන් කිසිදු අවස්ථාවක අත්අඩංගුවට නොගත් බවයි ආචාර්ය රාජේශ් වෙනුගෝපාල්ද සංදේශයට කියා සිටියේ." +දිවියෙක් මරා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් පිරිසක් නිදහස් කිරීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස උත්සාහ කළ බවට අසත්‍ය ප්‍රචාර ගෙන යන ජනමාධ්‍යවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වනජීවී කටයුතු භාර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසයි.,"සංරක්ෂිත ඡායාරූපයක් යාල වනෝද්‍යානය තුළ සිදු වූ බව කියන ඉහත කී සිද්ධිය හා අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි වනජීවී කටයුතු භාර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා අවධාරණය කරන්නේ. එවැනි මාධ්‍ය වාර්තා හරහා සජිත් ප්‍රේමදාස ඇමතිවරයාට මඩ ගැසීමේ උත්සාහයක් පවතින බවයි ඔහු සඳහන් කළේ. දිවියා මරා දැමූ පුද්ගලයන් සහ වනජීවී නිලධාරීන�� අතර වෙඩි හුවමාරුවක් සිදු වී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ යාල වනෝද්‍යානය දෙසින් වෙඩි හඬක් ඇසෙන බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා තමාට දුරකථනය හරහා දන්වා සිටි බවයි. වනජීවී නිලධාරීන් භාරයට පත් වන දඩයම් කරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කොට රිමාන්ඩ් භාරයේ තබා දඩයම් නියම කිරීමේ සම්ප්‍රදායක් පැවති බවත් ඇමතිවරයා කියා සිටියේය. වනජීවී ජෙනරාල් 'ඒ නිසා ඒ පුද්ගලයන් දිගටම ඒ ව්‍යාපාර කර ගෙන යනවා. චක්‍රලේඛයක් යවා තිබෙනවා වනජීවී නිලධාරීන් වෙත වන අපරාධ පිළිබඳ තම පාලන ප්‍රදේශයේ පොලිසියට පැමිණිලි කළ යුතු බවට. අනතුරුව වනජීවී සහ පොලිසිය එකතු වී වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.' අදාළ සිදු වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදා ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් සොයා වැඩිදුර පරීක්ෂණ සිදු කරන ලෙස එදිනම තමා පොලිසියට දැනුම් දුන් බවත් ඇමතිවරයා සඳහන් කළේය. ඉහත කී සිද්ධිය මුල් කර ගනිමින් වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය ඉල්ලා අස් වීමේ ලිපිය භාර දී ඇති බවට පළ වන වාර්තා ද අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කරයි. වන අලි සම්බන්ධයෙන් සිදු කෙරෙන සිය පර්යේෂණ හේතුවෙන් ඉල්ලා අස්වන බව දන්වා වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් නමුත් තමා එය භාර නොගත් බවයි ඇමතිවරයා සඳහන් කළේ. නීති විරෝධී ලෙස ළඟ තබා ගත් බවට චෝදනා එල්ල වන, මේ වන විට වනජීවී භාරයේ සිටින අලි පැටවුන් පෙරහැර කිරීම සඳහා ලබා දෙන්නේ නම් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුමිත් පිලපිටිය මීට ඉහතදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළ බවත් අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා වැඩිදුරටත් කියා සිටියේය." +ඇමරිකානු නාවික හමුදාවට අයත් USS කාල් වින්සන් ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව කොරියානු අර්ධද්වීපයට ඔබ්බෙන් පිහිටි මුහුදු කලාපයට ඇතුළු වී තිබේ.,"USS කාල් වින්සන් ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව කාල් වින්සන් නෞකාව එම කලාපයට ඇතුළු වූයේ උතුරු කොරියාව විසින් 'අසාර්ථක' මිසයිල අත්හදා බැලීමක් සිදු කරනු ලැබීමෙන් පැය කිහිපයක් ඉකුත්වීමෙන් අනතුරුවය. උතුරු කොරියාව සහ වොෂිංටන් පාලනය අතර ඉහළ යමින් පවතින නොඉවසිලිමත්භාවය මධ්‍යයේ එම කලාපය වෙත යාත්‍රා කරන මෙන් ඇමරිකාව කාල් වින්සන් නෞකාවට නියෝග ��බා දුණි. කොරියානු අර්ධද්වීපය බලා යාත්‍රා කරමින් තිබෙන ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව ""මුහුදුබත් කිරීමට සූදානම්"" බව උතුරු කොරියාවේ රාජ්‍ය මාධ්‍ය පසුගිය 23 වෙනිදා වාර්තා කළේය. USS කාල් වින්සන් ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඇතුළු පරිවාර යුද නෞකා මේ අතර කලාපය තුළ උත්සන්න වෙමින් පවතින උණුසුම් තත්වය මධ්‍යයේ චීනය තමන් විසින්ම නිපදවන ලද පළමු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව මුහුදට දියත් කළේය. ප්යොංයැං පාලනය වෙත රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් එල්ල කෙරෙන පීඩනය තවදුරටත් ඉහළ නංවන ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ඊයේ (අප්‍රේල් 28) සෙසු රටවලින් ඉල්ලා සිටියේය." +හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පසුගිය සිකුරාදා ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට එල්ල වූ වෙඩි ප්‍රහාරය පක්ෂයේ අභ්‍යන්තර ගැටුමක් බව ජාතික ආරක්ෂාව පිලිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් වරයා සැක හැර දැනගත්තේ අංජනමක් ඇරලා දැයි එම පක්ෂය ප්‍රශ්න කරයි.,"එය තම පක්ෂයේ අභ්‍යන්තර ගැටුමක් බව ඝාතනයෙන් පැය දෙකක් ගතව යාමටත් පෙර හුළුගල්ල නිවේදනය කළේ කෙසේදැයි ජවිපෙ විමසයි අද (ජුනි 18 සඳුදා) කටුවන දී පැවති විරෝධතා උද්ඝෝෂණයක් අවසානයේ ජනතාව ඇමතූ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, එම වෙඩි තැබීම තම පක්ෂයේ දෙපිරිසක් අතර ගැටුමක ප්‍රතිඵලයක් බව ඝාතනයෙන් පැය දෙකක් ගතව යාමටත් පෙර ලක්ෂ්මන් හුළුගල්ල රජයේ රුපවාහිනිය ඔස්සේ නිවේදනය කළේ කෙසේදැයි ප්‍රශ්න කළේය. ""හුළුගල්ල සාස්තර අහලද වරදිකරුවෝ හොයා ගත්තේ? හුළුගල්ලලට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණලට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ඝාතනයේ ඇත්ත හවුල් කරුවන් වසන් කරන්න,"" මන්ත්‍රීවරයා පැවසීය. ඝාතනයේ සැකකරුවා ගේ නමද සඳහන් කළ මන්ත්‍රී වරයා, ඝාතකයන් මේ වතාවේ ""කෙසෙල් ගසට කොටා තිබෙන"" බැවින් ඝාතකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තුරු ලොව පුරාම උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කරන බවද පැවසීය. අධිකරණ නියෝගය ""ජූලම්පිටියේ අමරේ ඇතුළු මැර කල්ලිය තමයි, මේකට වගකියන්න ඕනේ,"" අනුර කුමාර දිසානායක මන්ත්‍රී වරයා ජනතාව අමතමින් ප්‍රකාශ කළේය. මියගිය කාන්තාවගේ සහ තරුණයාගේ ඝාතකයා කවුදැයි මන්ත්‍රීවරයා පැමිණ සිටි ආධාරකරුවන් ගෙන් විමසන අවස්ථාවේ ඔහු 'ජූලම්පිටියේ අමරේ' බව පවසමින් ඔවුහු කෑගැසූහ. ඝාතනය හෙලා දකිමින් නිවේදනයක් නිකුත් කරන මෑතදී ජ���තා විමුක්ති පෙරමුණෙන් බෙදීගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයද එම කාන්තාවගේ සහ තරුණයාගේ ඝාතනය පිළිබඳව ආණ්ඩුව වගකීම භාරගත යුතු බව අවධාරණය කොට තිබේ. මේ අතර තංගල්ල පොලිස් අධිකාරිවරයා විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය, අද පැවැත්වෙන අවමංගල්‍ය උත්සවයේදී නීති විරෝධී කටයුතු වලින් වැලකී සිටින මෙන් මියගිය දෙදෙනාගේ පවුලේ සාමාජිකයන්ට පසුගිය 16 වැනි සෙනසුරාදා නියෝගයක් නිකුත් කොට තිබේ. අවමංගල්‍යය කටයුතු සිදුවන අද දින පෙළපාලි, රැස්වීම් අත්පති‍්‍රකා බෙදා හැරීම් සහ පොලිසියට පහරදීම ආදී සාමය කඩවීමේ කි‍්‍රයාවන් සිදුවිය හැකි බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය දැනුම් දී ඇති බව සඳහන් කරන අධිකරණය, මහජන සාමය කඩවන ආකාරයේ කි‍්‍රයාවන්වල හෝ මියගිය තැනැත්තන්ගේ දේහවලට අගෞරව වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙසද නියෝග කොට තිබේ." +කොටදෙණියාව නිවසකින් පැහැර ගත්තා යයි සැක කැරෙන පස් හැවිරිදි සේයා දැරිය සාහසික ලෙස මරා දැමීම ශ්‍රී ලංකාවේ ඇතැම් ජනමාධ්‍ය වාර්තා කළ ආකාරය පුවත්පත් පැමිණිලි කොමිසමේ මෙන්ම බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේද දැඩි විවේචනයට ලක් වී තිබේ.,"ඇතැම් මාධ්‍ය එය පොල් ගෙඩි අකුරින් වාර්තා කළේ ඛේදවාචකයට මුහුණ දුන් පවුලේ හා ගමේ අයගේ හැගීම් ගැන පොඩියක්වත් සංවේදී නොවෙමින් පුවත්පත් පැමිණිලි කොමිසමේ ප්‍රධාන විධායක සුකුමාර් රොක්වුඩ් කියන්නේ අපරාධයක් ගැන අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ සොයා ගැනීම් සහ මහේස්ත්‍රාත් විභාගය වාර්තා කිරීමට ඕනෑම මාධ්‍යයකට නිදහස ඇති බවයි. ""මේ දක්වා මිය ගිය දැරියගේ සිරුරේ ඡායාරූප පළ කොට නැහැ. එහෙත් දෙමවුපියන්ට හා පවුලේ හිතවතුන්ට මේ අධික මාධ්‍ය ආවරණය සිත් වේදනා දිය හැකියි,"" සුකුමාර් රොක්වුඩ් පැවසීය. ""ලිංගික අපරාධයේ දරුණු විස්තර වාර්තා කළොත් නම් වැරදියි. එය නොකළ යුතුයි. එසේ කළොත් එය ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ වෘත්තීය ප්‍රතිපත්ති මාලාවට පටහැනියි. ඇත්තටම මෙතරම් බිහිසුනු විස්තර පාඨකයන් අපේක්ෂා කරනවාද? මා කියන්නේ එහෙම නැති බවයි!."" ඍජුවම සමාජයට අදාළ හා වැදගත් එහෙත් සංවරයකින් යුතුව වාර්තා කළ යුතු සිදුවීම් අරභයා අපේ මාධ්‍යවල ක‍්‍රියා කලාපය කෙසේ දියුණු විය යුතුද? මෙය නීතියක් නොව ස්වේච්ඡාවෙන් අනුගමනය කිරීමට ඇති ආචාර ධර්ම මාලාවක්. එම ප්‍රතිපත්ති මාලාවේ 7.3 වගන්තිය මෙසේයි: ""ශෝකය හෝ කම්පනය හා සම්බන්ධ සිද්ධි පිළිබඳ කරුණු විමසීමේදීත් ඒ සඳහා ඒවාට සමීපවීමේදීත් නිසි සංවේදීතාවෙන් හා ස්ථානෝචිත ප‍්‍රඥාවෙන් ද කටයුතු කිරීමට පුවත්පත් කලාවේදිහු විශේෂයෙන් සැලැකිලිමත් විය යුත්තෝය."" දැරිය ඝාතනය කිරීම සම්බන්ධ බොහෝ මාධ්‍යවල වාර්තාකරණය පිළිකුල් සහගත බව මගේ අදහසයි. 'සද්භාවයෙන්' එහෙත් හිරු නාලිකාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී උපේන්ද්‍ර හේරත් පවසන්නේ, මෙහිදී තරමක් දුරකට එම ප්‍රතිපත්ති මාලාව නොතකා හරිමින් දැරිය ඝාතනය කිරීමේ සිදුවීම වාර්තා කළේ සද් චේතනාවෙන් බවයි. ""අපි මාධ්‍ය සදාචාරය එක්ක තදින්ම බැඳිලා ඉන්නවා. හැබැයි මේ කාරණේදි අපි ඒකෙන් පොඩ්ඩක් එලියට ගියා මොකද අපිට අවශ්‍ය වෙලා තිබුණා ඒ විදියට ඒක වාර්තා කරලා, මේ වගේ පාපකාරී ක්‍රියාවන්ට එරෙහිව සමාජය තුල ප්‍රබල මතයක් ඇති කරන්න,"" උපේන්ද්‍ර හේරත් පැවසීය. ""අපි ඒක කළේ සමාජය තුල අනේ අපොයි කියන දේ ඇති කරන චේතනාවෙන්."" තමන්ට අදහස් දැක්විය හැක්කේ හිරු නාලිකාවේ වාර්තාකරණය පිළිබඳව පමණක් බවත් ඔහු අවධාරණය කළේය. එහෙත් මෙවන් වාර්තාකරණය හරහා සිදු වන්නේ ඒ දැරිය යළි යළිත් මරා දැමීමක් බව මගේ අදහසයි. තරගකාරිත්වයේ මුවාවෙන් ඇතැම් මාධ්‍ය කරන්නේ අපේ සමාජයම අසංවේදී හා නිර්වින්දිත තත්ත්වයට තල්ලුකිරීමක් නොවේද? සිංහල පුවත්පතට සංත්‍රාසමය මුල් පුවත වෙද්දී එම ආයතනයේම ඉංග්‍රීසි පත්‍රය වෙනත් පුවතකට මුල් තැන දුන්නේ ඇයි? බහුතරයක් සිංහල පත්තර හා ප්‍රධාන ප්‍රවාහයේ ආයතනවල සමහර සිංහල වෙබ් අඩවි මෙය පොල් ගෙඩි අකුරින් වාර්තා කළේ මේ ඛේදවාචකයට මුහුණ දුන් පවුලේ හා ගමේ අයගේ හැඟීම් ගැන යාන්තමින් හෝ සංවේදී නොවෙමින්. වෙබ් පාඨක ගණන වැඩි කර ගන්නට තියුණු තරගයක යෙදී සිටින ඇතැම් වෙබ් අඩවි හෙඩිමට යොදා තිබුණේ සිරුර හමු වන විට එය නිරුවත්ව තිබීමයි. මේ මිනීමැරුම 2015 සැප්තැම්බර් 14 වනදා ලංකාදීපයට සංත්‍රාසමය මුල් පුවත වෙද්දී එම ආයතනයේම ඉංග්‍රීසි පත්‍රය Daily Mirror මුල් තැන දුන්නේ අගමැතිවරයාගේ තීරණාත්මක ඉන්දීය සංචාරය ගැන කතා කරන්නයි. යුද්ධයේ බලපෑම එබැවින් මෙලෙස වාර්තාකරණයේ යෙදෙන්නේ හිමිකරුවන්ගේ උපදෙස් මත යයි සිතිය නොහැකියි. එසේ නම් වරද කතුවරුන් හා වාර්තාකරුවන් අතද? පත්තර හා වෙබ් අඩවි කරන්නේ මහජනයා ඉල්ලන දේ හැකි තාක් දීම යයි තර්ක කළ හැකි බව සැබෑ මුත් වගකීම් සහිත මාධ්‍යකරණය වැල යන අතට මැස්ස ගැසීමට සීමා විය නොහැකියි. යාපනයේ ලිංගික අපරාධයට ලක��වූ පාසල් දැරියගේ මරණය මෙරට මාධ්‍ය සමහරක් වාර්තා කළ ආකාරය කම්පනයක් ඇති කිරීමට හේතු විය තමන් රිසි ලෙස ප්‍රධාන පුවත තේරීමට හා වාර්තා කිරීමට කතුවරුන්ට නිදහස තිබෙන බව සැබෑවක්. එහෙත් මිනීමැරුම් හා මාරක රිය අනතුරු ඔස්සේ මෙතරම් ලේ සොයා යන්නේ තිස් වසරක සිවිල් යුද්ධ කාලය තුළ ලද ඇබ්බැහිකම නිසාවත්ද? උතුරේ පුණ්ඩතිවුහි ලිංගික අපරාධයට ලක්වූ පාසල් දැරියගේ මරණය මෙරට මාධ්‍ය සමහරක් වාර්තා කළ ආකාරය එම සිදුවීම තරම්ම කම්පනයක් ඇති කිරීමට හේතු විය. අප එය විවේචනය කළත් යළිත් එම වරදම මෙතැනදීත් සිදු වෙමින් පවතී. ඍජුවම සමාජයට අදාළ හා වැදගත් එහෙත් සංවරයකින් යුතුව වාර්තා කළ යුතු සිදුවීම් අරභයා අපේ මාධ්‍යවල ක‍්‍රියා කලාපය කෙසේ දියුණු විය යුතුද? දැනට අප අසන දකින භාවප‍්‍රකෝපකාරී හා සංත‍්‍රාසය දනවන පුවත් හා රූප වඩාත් සංවේදී තලයකට ගෙන යා හැකිද? එසේ කිරීමේදී මාධ්‍ය නිදහසට හානි නොකර, මාධ්‍ය කර්මාන්තයේ ප‍්‍රායෝගික සාධක ද සැලකිල්ලට ගෙන ආචාරධර්මීය රාමුවක් සකසා ගන්නේ කෙසේද? විද්‍යුත් මාධ්‍යවේදියෙක් වරක් මට කීවේ: ""මේ තමයි අපේ මාධ්‍යයේ හැටි. විනාඩියෙන් දෙකෙන් ඕනෑම ස්ටෝරි එකක් අපි හසු කර ගත යුතුයි. පත්තර විශේෂාංග ලිපි නැතිනම් විශ්ව විද්‍යාල නිබන්ධ අපේ මාධ්‍යවල කරන්න බැහැ,"" කියාය. හැම අසංවේදී වාර්තාකරණයක්ම තනිකර මාධ්‍යවල වරදක්ද? නැතිනම් අසංවේදී ජන සමාජයේ පිළිබිඹුවක්ද? මේවා පුළුල්ව විවාදයට ලක් විය යුතුයි. ළමා දූෂකයන්ට මරණ දඬුවම පැනවිය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඉල්ලා සිටියි මාධ්‍ය කළ යුත්තේ කුහක හා ගතානුගතික සමාජයේ ආකල්ප එලෙසින්ම (කැඩපතක් මෙන්) හසු කර ගැනීම පමණක්ද? නැතිනම් සංවේදී හා දැනුවත් මාධ්‍යවලට සමාජයේ පෙරගමන්කරුවන් වීමට හැකිද? එසේ විය හැකි නම් එය ඉතා අගෙයි. (මෙහි දැක්වෙන්නේ ලේඛකයාගේ පෞද්ගලික අදහස් බව සලකන්න)" +විරුද්ධ පක්ෂය මෙම ජනාධිපතිවරණයේ දී පළ කරන අදහස් පරස්පර ඒවා යයි විදේශ ඇමති ජී.එල්.පීරිස් පෙන්වා දෙයි.,"ඇමතිවරයා එම අදහස් පළ කළේ කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැත්වුන මාධ්‍ය හමුවකදී. ‘විපක්ෂයේ අදහස්වල කිසිදු ප්‍රත්‍යක්‍ෂභාවයක් නැහැ. පැහැදිලි කමක් නැහැ. ඔවුන්ගේ මත දවසින් දවසට වෙනස් වෙනවා’ විදේශ ඇමතිවරයා පවසයි. විපක්ෂ වැඩ පිළිවෙලේ ප්‍රධාන අභිලාෂය වී තිබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු ලැබීම යයි සඳහන් කළ වි��ේශ ඇමති ජී.එල්.පීරිස්, දැන් විපක්‍ෂය මාධ්‍යවලට කරන ප්‍රකාශන වල හැටියට ඔවුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරන බවක් පෙන්නුම් කෙරෙන හෙයින් ඔවුන්ගේ මූලික පදනමේ පවා වෙනසක් සිදු වී ඇති බවයි පවසන්නේ. ‘විපක්ෂයේ දැන් ප්‍රතිපත්තිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නොවෙයි. ජනාධිපතිතුමා අමාත්‍යාංශ තබා ගැනීම ප්‍රතික්‍ෂේප කළ යුතු දෙයක් වන බව ඔවුන් පුන පුනා කියපු දෙයක්. ඒත් දැන් කියනවා, සිරිසේන යටතේ සමහර අමාත්‍යාංශ තියා ගන්න බවක්. විධායක ජනාධිපති ධූරය අහෝසි නොකරනවා පමණක් නොවෙයි, අමාත්‍ය ධූරත් එතුමා යටතේ තියා ගන්නවා’ වැඩිදුරටත් අදහස් දැක්වූ ජී.එල්.පීරිස් ඇමතිවරයා සඳහන් කළේය. ව්‍යවස්ථාවට පටහැණියි විපක්ෂය සිදු කරන බව කියන වෙනස්කම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සිදු කළ නොහැකි බවත් ඇමතිවරයා පවසයි. ශ්‍රී ලංකාවේ ඉරණම තීන්දු කරනු ලැබීම විදේශ රටවලට භාර දීම සිදු කළ නොහැකි යයි සඳහන් කළ ජී.එල්.පීරිස් ඇමතිවරයා, ජිනීවා නගරයේ දී මතු වෙන ප්‍රශ්න ඔවුන් ඉල්ලා සිටින දේවල් දීම මගින් ඉක්මනින් විසඳා ගත හැකි නමුත් දේශපාලන නායකයන් සහ රණවිරුවන් අනතුරට හෙළන එම පියවර නො ගන්නා බවයි කියා සිටියේ. එසේම ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරියේ ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ඉදිරිපත් වූ අවස්ථාවන්හි තම ආණ්ඩුව අනුගමනය කරන විදේශ ප්‍රතිපත්තිය නිසා ආසියානු සහ අප්‍රිකානු රටවල් ශ්‍රී ලංකාවට සහයෝගය දුන් බවත් ඔහු සඳහන් කළේය. ඉහත කී මාධ්‍ය හමුවට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් ඛනිජ තෙල් ඇමති අනුර ප්‍රියදර්ශන යාපා කියා සිටියේ, වෙළෙඳපොළ තත්වයන් සලකා බලමින් ඛනිජ තෙල් මිල අඩු කිරීමට අවධානය යොමු කරන බවයි. ආණ්ඩුව පසුගිය දා තෙල් මිළ අඩු කළ අතර ඡන්දය අනුව නොව වෙළෙඳපොළේ මිළ තීන්දු කෙරෙන මට්ටම අනුව එහි වාසිය පාරිභෝගිකයාට ලබා දෙන බවයි ඇමතිවරයා පවසන්නේ." +වර්ණභේද වාදී පාලනය හමාර කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක කැරුණු සංහිඳියා පිළිවෙතේ ආකෘතිය සංහිඳියා පිළිවෙතට ආදේශ කළ හැකි දැයි විමසා බැලීමට මුල් පෙළේ දූත මණ්ඩලයක් දකුණු අප්‍රිකාව බලා ගොස් තිබේ.,"ජේකබ් සූමා සහ මහින්ද රාජපක්ෂ සභානායක නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයාගේ නායකත්වයෙන් සැදුම් ලත් පාලක පක්ෂ කණ්ඩායම සිකුරාදා දක්වා දකුණු අප්‍රිකාවේ රැඳී සිටීමට නියමිත බවයි ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය නිවේදනය කොට තිබුනේ. නියෝජ්‍ය දකුණු අප්‍රිකානු විදේශ කටයුතු ඇමැති ඊබ්‍රහිම් බීබීසී යට කියා සිටියේ, සංචාරය ශ්‍රී ලංකාවේ ඉල්ලීම අනුව කැරෙන්නක් බවයි. නෙල්සන් මැන්ඩෙලා ගේ නායකත්වයෙන් බිහිවුණු නව දකුණු අප්‍රිකාව “දේශපාලන ගැටළු වලට විසඳුම් සොයා ගෙන සංහිඳියාව ගොඩ නගා ගත් ආකාරය,” අධ්‍යයනය කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂත් දෙමළ ජාතික සන්ධානයත් කැමැත්ත දැක්වූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. සහයෝගිතාව අවශ්‍යයි ඊබ්‍රහිම් දෙපාර්ශවය ම ජනාධිපති ජේකබ් සූමා හමුවේ තම අභිලාෂය පළ කොට ඇත්තේ පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව නොවැම්බරයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙද්දී යි. ශ්‍රී ලංකා රජයේ දූත මණ්ඩලය හමු වීමෙන් අනතුරුව දකුණු අප්‍රිකානු නායකයන් දෙමළ ජාතික සන්ධාන නියෝජිත පිරිසක් ද මුණ ගැසීමට නියමිත බවයි ඇමැති ඊබ්‍රහිම් ඇමැති වරයා පවසන්නේ. “ඔවුන් එන්නේ දකුණු අප්‍රිකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත් කළේ කොහොමද කියන අපේ අත්දැකීම බෙදා හදා ගන්න”. කෙසේ වෙතත්, සංහිඳියාව ඇති කර ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේත් දෙමළ නායකත්වයේත් සහයෝගිතාව අත්‍යවශ්‍ය බව ඇමැති ඊබ්‍රහිම් ප්‍රකාශ කළේ. සංහිදියාව තහවුරු කර ගත් අයුරු ශ්‍රී ලංකාවේ නායකයන්ට පහදා දෙන්නට දකුණු අප්‍රිකාව සූදානම් වූ වත්, ‘රටේ දේශපාලන ප්‍රශ්න නො විසඳා හුදෙක් සංහිඳියාව පමණක් ප්‍රශ්න විසඳිය නො හැකි,’ බවයි" +අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුවට සැබෑ දේශපාලන වුවමනාවක් පවතින්නේ දැයි සැකයක් මතු වන බව මානව හිමිකම් ක්‍රියාධරයෝ පවසති.,"අතුරුදහන් වී සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ විශේෂයෙන්ම පුද්ගලයන් අතුරුදහන් කරවීම සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමේ අධිකරණ ක්‍රියාදාමයකින් තොරව, අතුරුදහන්වූවන් සම්බන්ධ විශේෂ කාර්යාලයක් (OMP) පමණක් පිහිටුවීමේ වැදගත්කම කවරක් දැයි ඔවුහු ප්‍රශ්න කරති. අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ගණනාවක් එම ප්‍රශ්නය මතු කළේ 'සංහිඳියා යාන්ත‍්‍රණ උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය' ඉදිරියේ සිය අදහස් දක්වමින්. අතුරුදහන්වූවන් වෙනුවෙන් සහ කාන්තා හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන දහයක නියෝජිතයන් සහ රණවිරු සේවා අධිකාරිය කාර්ය සාධක බලකාය හමුවේ අඟහරුවාදා අදහස් දැක්වූහ. අතුරුදහන්වූවන් සම්බන්ධ විශේෂ කාර්යාලයක් පිහිටුවීමේ ���නත් කෙටුම්පත අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය මැයි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, අඟහරුවාදා කාර්ය සාධක බලකායේ අවධානය පළ වී තිබුණේ එම විශේෂ කාර්යාලය පිළිබඳවයි. 'පරස්පර තත්වයක්' යුද්ධයේ අවසන් භාගයේදී අතුරුදහන් වූ සිය පුතු වෙනුවෙන් හඬා වැටෙන මවක් අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව වෙනුවෙන් එහිදී අදහස් පල කළ බ්‍රිටෝ ප්‍රනාන්දු බීබීසී සංදේශයට කියා සිටියේ, අධිකරණ ක්‍රියාදාමය සම්බන්ධ කිසිවක් එම පනත් කෙටුම්පතට ඇතුලත් නැති බවයි. ""වන්දි ගෙවීම හෝ නැවත සිදුවීම වැළැක්වීම සඳහා සිදු කරන කාර්යභාරයන් එහි නිශ්චිත වෙන්නේ නෑ."" විශේෂයෙන්ම අතුරුදහන්වූවන් වෙනුවෙන් ගත යුතු පියවර නිර්දේශ කිරීම පිණිස කාර්ය සාධක බලකාය මහජන මතය විමසමින් සිටින අතරවාරයේ, අතුරුදහන්වූවන් සම්බන්ධ විශේෂ කාර්යාලයක් පිහිටුවීම පරස්පර තත්වයක් බවයි, බ්‍රිටෝ ප්‍රනාන්දු පෙන්වා දෙන්නේ. එමෙන්ම සංහිඳියාව, සංක්‍රාන්ති යුක්තිය සහ අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් ගනු ලබමින් තිබෙන සමස්ත පියවර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට නිසි ක්‍රියාමාර්ග නොගැනීම බරපතල ගැටලුවක් බවයි ඔහු පවසන්නේ. 'බරපතළ ගැටළුවක්' සිය සැමියා අතුරුදහන් වූ අනුරාධපුරයේ දෙදරු මවක් මයුරි ඉනෝකා ජයසේන ""වෙන විදියකට කිවුවොත් ආණ්ඩුව බරපතල ලෙස ඒ වෙනුවෙන් රට තුල පෙනී ඉන්නවද කියන ප්‍රශ්නය අපිට මතු වෙලා තියෙනවා."" ලබන මාර්තු මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට පෙරාතුව ජාත්‍යන්තරය සමඟ එකඟ වූ කාරණා කිහිපයක් හෝ ඉටු කිරීමට ආණ්ඩුවට පැහැදිලි ජාත්‍යන්තර පීඩනයක් එල්ල වෙමින් තිබෙන බව පවසන බ්‍රිටෝ ප්‍රනාන්දු, එවැනි තත්වයක් යටතේ හෝ ඇතැම් සාධනීය පියවර ගැනීම සතුටට කරුණක් බවත් සඳහන් කළේය. කෙසේ නමුත් වින්දිතයන්ට දැනෙන යමක් කිරීමට' අපොහොසත්වීම සහ කාර්ය සාධක බලකාය ඇතුළු යාන්ත්‍රණවලට සම්පත් හිඟවීම ඇතුළු කරුණු සිය කනස්සල්ලට හේතුවක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ." +"ප්‍රංශයේ ජල ජීවී මධ්‍යස්ථානයක රඳවා සිටින අතරවාරයේ මිනිස් කටහඬ අනුකරණය කිරීමට හුරු වූ භයානක ඔර්කා තල්මසා ළඟදීම ""මාව නිදහස් කරන"" මෙන් ඉල්ලා සිටිනු ඇති බව සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීහු පවසති.","'විකී' නම් ඔර්කා තල්මසෙකු (killer whale) සිය පුහුණුකාරිය අනුකරණය කරමින් සිය වා සිදුරෙන් 'හලෝ' කියන ආකාරය (වීඩියෝව නරඹන්න) විද්‍යාඥයන් විසින් පටිගත කරනු ලැබ තිබේ. එහෙත් තල්මසුන් කෙතරම් බුද්ධිමත් ද යන්න පිළිබඳව මෙතෙක් දැන සිටි කරුණු පමණක් එමගින් තවදුරටත් තහවුරු වී ඇති බව පවසන විවේචකයන්ගේ අදහස වී තිබෙන්නේ තල්මසුන් ආරක්ෂා කිරීම පිණිස මේ සොයාගැනීම මගින් කිසිදු මෙහෙයක් සිදු නොවන බවය. 'Born Free' නම් පුණ්‍යායතනයේ සභාපති විල් ට්‍රේවර්ස් (Will Travers) අදහස් දක්වමින්: ""තල්මසුන්ට හෝ ඩොල්ෆින් මත්ස්‍යයන්ට ස්වභාවිකව හිමි ස්ථානය සාගරය,"" බව සඳහන් කළේය. ""විවිධ සත්ව විශේෂයන්ට අයත් හුඟාක් සතුන්ට මිනිස් කටහඬ අනුකරණය කරන්න පුළුවන්. ඒ නිසා මේක පුවත් සිරස්තලයක් වුනේ ඇයි කියල මට හිතාගන්න බෑ,"" ඔහු පැවසීය. ""ඇත්තමට ඒ සත්තු 'මාව නිදහස් කරන්න' කියල කියන්න ඉඩ තියෙනව."" තවත් කියවන්න: ඔර්කා තල්මසුන්ට වෙනත් හඬ අනුකරණය කරමින් අලුත් ශබ්ද ඉගෙනීමට හැකිද යන්න ස්කොට්ලන්තයේ ශාන්ත ඇන්ඩෘස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්ගේ උත්සාහය වී තිබුණි. එහි සම පර්යේෂකයෙකු වන ආචාර්ය ජෝශප් කෝල් (Dr Josep Call) පවසන්නේ මිනිස් කටහඬ අනුකරණය කිරීමට සමත් සත්වයන් අතරට තල්මසුන් ද එක්වන බව සිය පර්යේෂණයෙන් සනාථ කෙරුණු බවය. 16 හැවිරිදි 'විකී', මිනිස් කට හඬ අනුකරණය කළ ලෝකයේ පළමු තල්මසා බව විශ්වාස කෙරේ. අනාගතයේ කිසියම් දිනෙක 'විකී' සමග ""සංවාදයක නිරතවීමට"" හැකියාව ලැබෙනු ඇතැයි සිය පර්යේෂණයෙන් හෙළි වූ බවත් ආචාර්ය ජෝශප් කෝල් පැවසීය. එහෙත් මෙවැනි පර්යේෂණ මගින් ජලජ ජීවීන්ගේ සැබෑ හැසිරීම පිළිබඳව හැදෑරිය නොහැකි බව 'සී වොච් පදනමේ' (Sea Watch Foundation) විද්‍යාඥ ආචාර්ය පීටර් එවන්ස් (Dr Peter Evans) පවසයි. ""ඇත්තටම හොඳම දේ තමයි ඔවුන් සාගරයේ නිදහසේ ඉන්න අතරවාරයේ හැසිරෙන්නේ කොහොමද කියල අපිට අධ්‍යයනය කරන්න පුළුවන් නම්,"" ආචාර්ය පීටර් එවන්ස් පැවසීය. මේ අතර මෙම අධ්‍යයනය හේතුවෙන් මිනිසා විසින් රඳවා ගනු ලැබ සිටින තල්මසුන් ගැන ද යළිත් වරක් අවධානය පළවෙමින් පවතී." +ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කතෝලික සභාවේ ප්‍රධානියා ලෙසින් සිය මුල්ම නත්තල් දේව මෙහෙය පැවැත්වූහ.,"වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවට රැස්වූ දහස් සංඛ්‍යාත වන්දනා කරුවන් අමතා උන්වහන්සේ කියා සිටියේ අඳුර සහ ආලෝකය අතරින් ද ප්‍රේමය සහ වෛරය අතරින් ද තෝරා ගැනීමේ වරම සෑම කිතු බැතිමතකු ම සතු බවයි. බැසිලිකාවෙන් බැහැරට උන්වහන්සේ වැඩියේ මල් කළඹ රැගත් දරුවන් දස දෙනකු පෙරටු කොට ගෙන. ඒ ඉතාලි, පිලිපීන, ලෙබනන, කොන්ගෝ සහ පාප් වහන්සේ උපන් ආජන්ටිනාවෙන් ළමුන් ද��දෙනා බැගින්. යේසුස් වහන්සේගේ උත්පත්ති ස්ථානය සේ ගැනෙන බෙත්ලෙහෙමේ දෙව් මැදුරටත් මහත් පිරිසක් රැස්ව සිටි අතර වාර්තාකරුවන් පවසන්නේ ඒ වසර ගණනාවකින් නගරයට එක් වූ විශාලතම ජනකාය බවයි." +කුඩා දරුවන් ඉතා ඉක්මනින් වැඩෙන බැවින් දෙමාපියන්ට නිරන්තරයෙන් ඔවුන් සඳහා අලුතෙන් පාවහන් මිලදී ගැනීමට සිදු වේ.,"ලොව බොහෝ රටවල දිළිඳු පවුල් දෙමාපියන්ට එසේ නිරතුරුව පාවහන් මිලදී ගැනීමට තරම් වත්කමක් නොමැති බව රහසක් නොවේ. විශේෂයෙන්ම කෙන්යාවේ කිබෙරා වැනි පළාත්වල දරුවන් පාවහන් තොරව ඇවිදීම ඉතා භයානක විය හැකිය. දිළිඳු පවුල්වල දෙමාපියන් මුහුණදෙන මේ ගැටලුවට විසඳුමක් සොයාගත් බව පුණ්‍යායතනයක් පවසයි. ""මට ෆුට්බෝල් ගහනකොටත් ඒව දාන්න පුළුවන්"" දරුවන් වැඩෙන විට ""වැඩෙන"" පාවහන් ඔවුන්ගේ ඒ විසඳුමය. දරුවන් වැඩෙන විට එම පාවහන්වල ප්‍රමාණය පස් වතාවක් වෙනස් කළ හැකිය. විවිධ වයස් කාණ්ඩවලට සරිලන ආකාරයට ඒවා ප්‍රමාණ තුනකින් නිෂ්පාදනය කෙරේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ සැලසුම් කළ එම පාවහන් නිෂ්පාදනය කරනු ලබන්නේ චීනයේ සහ ඉතියෝපියාවේය. පාවහන් යුගලක් නිපදවීම සඳහා ඇමෙරිකානු ඩොලර් 15ක් වැයවන නමුත් පුණ්‍යායතනය විසින් එය දරුවන්ට බෙදා දෙනු ලබන්නේ නොමිලේය. එමෙන්ම අනෙක් බොහෝ පාවහන්වලට වැඩි කලක් මේ පාවහන් භාවිත කළ හැකි බව එය නිපදවන The Shoe That Grows සමාගම පවසයි. ""ඒවා හරිම හොඳයි. මට ෆුට්බෝල් ගහනකොටත් ඒවා දාන්න පුළුවන්,"" පාවහන් යුගලක් පැළඳි දරුවෙක් සතුටෙන් පැවසීය. ""බෝලෙට ගැහුවත් සපත්තුව විසි වෙන්නේ නෑ.""" +ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ ක්ෂේත්‍රයේ කීර්තිමත් සේවාවක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අංගොඩ IDH ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත ඇතුළත් කර තිබේ.,"හෘදයාබාධ සහ දියවැඩියා රෝගයෙන් පෙලෙන ඔහුගේ ජීවිතාරක්ෂාව පිළිබඳ ""බරපතල ප්‍රශ්නයක් තිබෙන"" බැවින් ඔහු අයිඩීඑච් රෝහල වෙත මාරු කර යවන මෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සිකුරාදා (නොවැ. 27) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේ, අත්අඩංගුවේ සිටියදී කෝවිඩ්-19 ආසාදනය වී ඇති ශානි අබේසේකර මහර බන්ධනාගාරයේ සිට පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේ නිරෝධායන කඳවුරකට ගෙන ගොස් තිබුණු බවය. ""මම බොහොම මානුෂීය ඉල්ලීමක් කරන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මැතිතුමාගේ සෞඛ්‍��මය තත්ත්වයත්, ආරක්ෂාමය තත්ත්වයත් අවබෝධ කරගෙන, එතුමාව ඔය කිලෝමීටර් දෙසීයකට වැඩි ප්‍රමාණයකට දුර ඈත ප්‍රදේශයක නිරෝධායන කඳවුරක නොව, IDH රෝහලට යවන්න කියල,"" ඔහු පැවසීය. මේ අතර ගල්ලෑල්ල නිරෝධායන කඳවුරේ දී බ්‍රහස්පතින්දා (නොවැම්බර් 26) හටගත් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු රෝහල්ගත කර ඇතැයි The Leader වෙබ් අඩවිය වාර්තාකර තිබුණි. කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව විශ්වාස කෙරෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට සෞඛ්‍ය පහසුකම් සැලසීම සහ ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම ආණ්ඩුවේ වගකීම බව හිටපු මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් පවසා තිබුණි. මේ අතර මහර රිමාන්ඩ් බන්ධනාගාරගත කොට සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට කෝවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇතිනම් ඔහු වහාම රෝහල් ගතකර ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති පියවර දැනුම් දෙන ලෙස මානව හිමිකම් කොමිසමේ රමණී මුත්තෙට්ටුවේගම කොමසාරිස්වරිය, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය වෙත නොවැම්බර් 25 දා ලියා ඇති ලිපියකින් නිර්දේශ කර තිබුණි. ""මෙය අබේසේකර මහතාගේ ජීවිතයට තර්ජනයක් එල්ල කරනු ඇති බවට බරපතල අවධානයක් යොමුවී තිබේ. අප මේ ලිපිය ලියන්නේ මේ පැමිණිල්ල කෙරේ ක්ෂණික අවධානය යොමු කොට ඔබේ බාරයේ ඉන්නා ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමට දැඩි පියවර ගන්නා ලෙස උදක්ම ඉල්ලා සිටීමටයි,"" යනුවෙන් ද ලිපියේ දැක්විණ. ඉන් අනතුරුව නොවැම්බර් 26 වෙනි දින ද රමණී මුත්තෙට්ටුවේගම කොමසාරිස්වරිය යළිත් වරක් බන්ධනාගාර බලධාරීන්ට ඒ පිළිබඳ සිහි කැඳවීමක් කර තිබිණ. ""ශ්‍රී ලංකා පොලිසියේ විශිෂ්ඨතම රහස් පරීක්ෂකයා ලෙස බොහෝ දෙනකුගේ ගෞරවාදරයට පාත්‍රවී සිටි"" ඔහුගේ ජීවිතය ආරක්ෂා කරදෙන මෙන් ඉල්ලා සිටිමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් අන්තර්ජාල පෙත්සමක් ද ආරම්භ කරනු ලැබ තිබේ. ජනපතිගෙන් චෝදනාවක් විපක්ෂනායකවරයා සහ මානව හිමිකම් කොමිසම ද පෙන්වාදෙන ආකාරයට ඔහුගේ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් සහ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා පියවර කවරේ දැයි විමසීම පිණිස සම-කැබිනට් ප්‍රකාශකවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල සහ උදය ගම්මන්පිල අමාත්‍යවරුන් ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය. ජනපති පදවියට පත්වීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය වසරේ නොවැම්බර් 24 වෙනි දින භික්ෂූන් වහන්සේ පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ශානි අබේසේකර සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කළේය. ""ශානි අබේස්කර එයාට හිතාගෙන ඒකට හරියන්න විමර්ශනය කරනවා ඒවා ගැන රාජ්‍ය නොවන සංවිධාන ප්‍රශ්න අහන්නේ නැහැ. යුද්ධය කරපු අයවයි නිලධාරීන්වයි නාවික හමුදාපතිවරයා හිරේ දාන්නයි, බුද්ධි අංශය හිරේ දාන්නයි. මාව හිරේ දාන්නයි. එච්චර විතරක් නෙවෙයි ඒගොල්ලෝ කොහොමද මගේ නම කියන්නේ කියලා බල කරපු නිලධාරීන්. රාජ්‍ය නොවන සංවිධාන ඒවා ප්‍රශ්න කරන්නේ නැහැ. සාධාරණය කියන්නේ ඒක නෙවෙයිනේ, නීතියේ ආධිපත්‍ය කියන්නේ ඒක නෙවෙයිනේ,"" ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේය. දේශපාලන බලපෑම් මත රාජපක්ෂවරු සහ ඔවුන්ගේ සමීපතයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවට ශානි අබේසේකරට එසේ චෝදනා එල්ල වන නමුත් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඔහු අවස්ථා ගණනාවකදීම පැවසුවේ තමන් සිදු කරන්නේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම පමණක් බවය. ශානි අබේසේකර යනු කවුද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ශ්‍රී ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් සම්බන්ධ විමර්ශන භාරව කටයුතු කළ නිලධාරියෙකි. එම සිදුවීම් වලට අමතරව, නීතිපතිගේ 'දෙබිඩි ප්‍රතිපත්තිය' අපරාධ නඩුවක සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට චෝදනා කොට රිමාන්ඩ් භාරයේ රඳවාගෙන සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබු පෙත්සම බ්‍රහස්පතින්දා ගම්පහ මහාධිකරණයේදී විභාගයට ගැනුණු අතර, ඊට අදාළ තීන්දුව දෙසැම්බර් මස 07 දින ප්‍රකාශයට පත්කරන බව මහාධිකරණ විනිසුරුවරයා විසින් දැනුම් දී තිබිණ. එහිදී ඔහුට ඇප ලබාදීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විරෝධය පළ කර තිබිණ. කෙසේ වුවත් නීතිපතිවරයා ශානි අබේසේකර සම්බන්ධයෙන් එවැනි දැඩි ස්ථාවරයක් අනුගමනය කිරීම ගැන ඇතැම් මාධ්‍ය වාර්තාවල විශේෂයෙන් සඳහන් කර තිබුණි. ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් සැකකරුවන් පිළිබඳ එවැනි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතරවාරයේ ශ්‍රී ලංකාවේ බරපතලම අපරාධ ගණනාවක් පිළිබඳ විමර්ශනය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට ඇප ලබාදීමට විරුද්ධ වෙමින් ""දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන"" බවට එල්ලවන චෝදනා ගැන ප්‍රතිචාරය කවරක් දැයි, බීබීසී සිංහල සේවය නීතිපතිවරයාගේ ප්‍රකාශිකා නීතිවේදිනී නිශාරා ජයරත්නගෙන් ලිඛිතව සහ දුරකථනය ඔස්සේ කළ විමසීම්වලට මෙතෙක් පිළිතුරක් ලැබී නැත. මේ අතර ශානි අබේසේකරට ඇප ලබාදීමට විරුද්ධ වෙමින් දැරූ ස්ථාවරය ගැන යළි සලකා බලන මෙන්, ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ගේ දියණිය අහිම්සා, නීතිපතිවරයාගෙන් විවෘත ඉල්ලීමක් කර තිබිණ. රිමාන්ඩ් භාරයේ දී ඔහුට සලකන ආකාරය පිළිබඳව ද අහිම්සා ඇතුළු පිරිස බරපතල අවධානය පළ කර තිබිණ. කියවන්න:" +ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත්කිරීමේ 'කුමන්ත්‍රණයක්' දියත්ව පවතින බවට ක්‍රීඩා විශ්ලේෂකයෝ චෝදනා කරති.,"ආබාධිත තත්වය හේතුවෙන් දකුණු අප්‍රිකාවේ සිට යළි සියරට බලා පැමිණි ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ එළැඹෙන ඕස්ට්‍රේලියා සංචාරයටද සහභාගි නොවන අතර, ඉන් අනතුරුව ඔහු නායකත්වයෙන් ඉවත්කිරීමේ උත්සාහයක් පවතින බව ඩේලි මිරර් පත්‍රයේ ක්‍රීඩා මාධ්‍යවේදී චම්පික ප්‍රනාන්දු බීබීසී සංදේශයට පැවසීය. ඇන්ජලෝ මැතිව්ස් 2019 වසර දක්වා කණ්ඩායමේ නායකත්වය දරන බව ක්‍රිකට් බලධාරීන් මීට ඉහතදී ප්‍රකාශකළත් ඔහු නායකත්වයෙන් ඉවත්කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙන බව අයිලන්ඩ් පුවත්පතේ මාධ්‍යවේදී රෙක්ස් ක්ලෙමන්ටයින්ද වාර්තාකර තිබුණි. ඉන් අනතුරුව ටෙස්ට් සහ එක් දින තරග වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකයන් දෙදෙනකු පත්කිරීම පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියද වාර්තා කරයි. නවක ක්‍රීඩකයන් පිරිසක් මෙහෙයවා දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගාවලිය පරාජයවීම හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් එසේ නායකත්වයෙන් ඉවත්කරන්නේ නම් එය සාධාරණ නොවන බව දකුණු අප්‍රිකාවේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචාරය වාර්තාකරණ චම්පික ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසීය. (සාකච්ඡාවට සවන්දෙන්න) විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සංචාරයේදී සිය කණ්ඩායම තරගාවලියේ ජයග්‍රහණය කරා මෙහෙයවමින් දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට මැතිව්ස් සමත් වූ බවත් ඔහු පෙන්වා දෙයි. කණ්ඩායමේ නායකත්වය වෙනස්කිරීමේ සැලසුමක් තිබෙන්නේ දැයි විමසීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල, ලේකම් මොහාන් ද සිල්වා සහ විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය. (බීබීසී සංදේශයට සවන්දෙන්න)" +අන���වාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ලබන 09 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළාය.,"ඇප ඉල්ලීමේ තීන්දුව ද එදිනට ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ අද කරුණු දක්වමින් කියා සිටියේ අදාළ සැකකරුවන් දෙදෙනාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 296, 298, 327, 328, 329 සහ 410 යන වගන්ති යටතේ චෝදනා ඉදිරිපත් කරන බවය. එම චෝදනා ඉදිරිපත් කිරීමේ නීතිමය පසුබිම පැහැදිළි කරන්නැ'යි මහේස්ත්‍රාත්වරිය නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ලේ නීතිඥවරයාට දැනුම් දුන්නාය. 296 වගන්තිය මනුෂ්‍ය ඝාතනයන්ට අදාළ චෝදනා බැවින් එම චෝදනා ඉදිරිපත් කරන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 294 වගන්තිය පදනම් කරගනිමින් බවට ඔහු එහිදී නීතිමය තර්ක ඉදිරිපත් කළේය. මෙහිදී හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න පෙන්වා දුන්නේ තම සේවාදායකයන්ට 296 වගන්තිය යටතේ චෝදනා එල්ලකිරීමට ඔවුන් වරදක් කර නොමැති බවය. එමෙන්ම, ලද බුද්ධි වාර්තා පදනම් කරගෙන තම සේවා දායකයන් තමන්ගේ වගකීම් ඉටුකර ඇති බව ඔහු කරුණු සහිතව විස්තර කරණු ලැබුවේය. පූජිත් සහ හේමසිරි වගකීම පැහැර හැර ඇති බවට චෝදනා පළමුව කරුණු දක්වමින් පැමිණිල්ලේ නීතිඥවරයා වන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අවධාරණය කළේ පහත සඳහන්, පැහැදිළි බුද්ධි තොරුතුරු පොලිස්පතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයාට ලැබී තිබුණ ද එම විනාශය වළක්වා ගැනීමට ක්‍රියා නොකළ බවය. 01. ප්‍රහාරය එල්ලවන දිනය හා වේලාව දැන සිටීම 02. මරාගෙන මැරෙන ප්‍රහාර බව දැන සිටීම 03. අදාළ අපරාධයට සම්බන්ධ පුද්ගලයන් නිවැරදිව හඳුනා ගෙන තිබීම 04. ඉලක්කය කතෝලික දේවස්ථාන සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය බව දැන සිටීම 05. මෙම අනතුර ගැන ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් දැනුවත් නොකිරීම 06. අප්‍රේල් 18, 19 හා 20 දිනවල ලද බුද්ධි වාර්තා ගැන පොලිස්පතිවරයා නිසි අවධානය යොමු නොකිරීම නීතිවේදීන් අධිකරණයට පැමිණෙමින් පූජිත් සහ හේමසිරි නිවැරදිකරුවන් බවට ඇති තර්ක හේමසිරි ප්‍රනාන්දු හා පූජිත් ජයසුන්දර යන තම සේවාදායකයන් නිවැරදිකරුවන් බව පැහැදිළි කරමින් ඔවුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. ඔහු කරුණු දැක්වීම ආරම්භ කළේ, ''බුද්ධි අංශ තියෙන්නේ කා අතේද? එයයි මෙහිදී සැළකිය යුතු ප්‍රශ්නය'' යනුවෙන් සඳහන් කරමිනි. 2015 ජනවාරි 18 වැනිදා නිකුත් කෙරුණු 1897/15 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අනුව බුද්ධි අංශ පවතිනේ ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා යටතේ බව ඔහු සදහන් කළේය . එමෙන්ම 2019 පෙබරවාරි 19 දින සිට පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවන තුරු ආරක්ෂක මණ්ඩලය කැඳවා නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය. ''අප්‍රේල් 04 මුල් තොරතුර ලැබුණේ ඉන්දියාවෙන්. අපි දෙන්නේ තොරතුරක් විතරයි. ඒක විමර්ශනය කර අපටත් කියන්න'' යනුවෙන් තමයි එම වාර්තාවේ තියෙන්නේ යැයි පැවසූ අනුජ ප්‍රේමරත්න නීතිඥවරයා, එම බුද්ධි තොරතුර සහිත ලිපියක පිටපතක් අධිකරණයට ඉදිරිපත් කළේය. ''අයිස් ඔන්ලි'' ඔහු පහත සඳහන් තර්ක ඉදිරිපත් කරනු ලැබීය. 01. හේමසිරි ප්‍රනාන්දුට රාජ්‍ය බුද්ධි අංශයෙන් කිසිඳු ලිපියක් ලැබී නොමැති අතර ඔහු මේ ගැන දනුවත් වූ එකම ලිපිය ලැබුණේ ජාතික බුද්ධි අංශ ප්‍රධානියාගෙන් ලද ලිපියකින් බව. 02. ''අයිස් ඔන්ලි'' ලෙස සඳහන් වුවද එම වාර්තාවේ බැරෑරුම්කම සළකා පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සිවුදෙනෙකුට ලිපි යවා ඇති බව. 03. අප්‍රේල් 09 කැඳවූ බුද්ධි තොරතුරු රැස්වීමේදී මෙම අවදානම ගැන රාජ්‍ය බුද්ධි ප්‍රධානියා කිසිදු අදහසක් නොදැක්වීම. 04. ඉන්දියාවෙන් ලද තොරතුරු මේ වනතෙක් නිරීක්ෂණය වී නොමැති බව අප්‍රේල් 09 දින ද පොලිස්පතිවරයා වෙත දන්වා තිබීම. 05. අප්‍රේල් 09 සිට 18 දක්වා මේ අනතුර ගැන කිසිදු දැනුවත්කමක් නොකිරීම. ඔහු අවධාරණය කළේ ප්‍රහාරයට පෙර දිනයේ සහ ප්‍රහාරය සිදු වූ දින පෙරවරුවේ 'WhatsApp' සහ දුරකථන ඇමතුම් ඔස්සේ පොලිස්පතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළ බව පැවසුව ද එම තොරතුරු නිශ්චිත ඒවා නොවන බවය. තවත් කරුණු ඉදිරිපත් කරමින් විත්තියේ නීතිඥවරයා ඉල්ලා සිටියේ සුදුසු ඇපයක් මත තම සේවාදායකයන් මුදාහරින ලෙසය. එම ඇප ඉල්ලීමේ තීන්දුව ලබන 09 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය එදින දක්වා සැකකරුවන් තවදුරත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය. කියවන්න:" +සිය වෛද්‍ය උපාධියට බ්‍රිතාන්‍යයේ ලැබෙන පිළිගැනීම සම්බන්ධයෙන් මාලඹේ සයිටම් ආයතනය පසුගිය සිකුරාදා නිකුත් කළ නිවේදනයට බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව (GMC) සිය ප්‍රතිචාරය පළ කොට තිබේ.,"ස���ිටම් දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය විද්‍යා ආයතනයේ (සයිටම්) උපාධිය පිළිනොගැනීමට බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව තීරණය කර ඇතැයි පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වාර්තා කළේය. එම වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් නිවේදනයක් නිකුත් කළ සයිටම් ආයතනය පවසා තිබුණේ වර්තමානයේ සිය ආයතනය සම්බන්ධයෙන් පවතින ගැටළු විසඳා ගැනීමෙන් අනතුරුව ආයතනයේ වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් යළි සලකා බලන බවට බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව තමන්ට දැනුම් දී ඇති බවය. සිය ආයතනයේ උපාධිධාරීන් බ්‍රිතාන්‍යයේ වෛද්‍ය වෘත්තීය සඳහා අයදුම් කිරීම වලක්වන මෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව වෙත දැනුම්දීමක් කර තිබෙන බව ද එම නිවේදනයේ සඳහන් විය. බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ ඊමේල් පණිවුඩය එබැවින් මතු වී තිබෙන තත්වය සම්බන්ධයෙන් දෙපාර්ශවයටම වාසි සහගත විසඳුමක් ලබාගැනීම පිණිස බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව සමග සාකච්ඡා කරමින් සිටින බවත් සයිටම් ආයතනයේ නිවේදනයේ සඳහන් වේ. ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවෙන් කරුණු විමසූ අවස්ථාවේ එහි ප්‍රකාශිකාවක වන නතාලියා කන්නස් (Natalia Kannas) සඳහන් කළේ, සයිටම් වෛද්‍ය උපාධිය බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සභාව පිළිනොගන්නා බවය. සයිටම් වෛද්‍ය උපාධිය ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව විසින් පිළිනොගැනීම, බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ එම ස්ථාවරයට හේතුව බව ද ඇය සඳහන් කළාය. ඒ පිළිබඳව වැඩිදුර විස්තර අවශ්‍ය නම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් කරුණු විමසිය යුතු බව ද ප්‍රකාශිකාවගේ කෙටි ඊමේල් පණිවුඩයේ දැක්වේ. මේ අතර සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ ගැටලුවට විසඳුම් යෝජනා කිරීම පිණිස නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුව පසුගියදා සිය වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දුන්නේය. සයිටම් ආයතනයේ වර්තමාන කොටස් හිමිකාරිත්වය සහ කළමනාකරණ ව්‍යූහය අහෝසි කළ යුතු අතර, ඒ වෙනුවට ලාභ නොලබන නව ඒකකයක් නිර්මාණය කළ යුතු බව සහ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නගන තුරු සයිටම් වෛද්‍ය විද්‍යාලයට සිසුන් බඳවා ගැනීම තාවකාලිකව නතර කළ යුතු බවත් එම කමිටුව නිර්දේශ කර ඇතැයි ජනමාධ්‍ය වාර්තා කරයි. සයිටම් ආයතනය පසුගිය සිකුරාදා නිකුත් කළ නිවේදනය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපත් කරන ලද කෙටුම්පත පාදක කර ගනිමින් වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව වෙනුවෙන් ���වම ප්‍රමිතීන් ගැසට් කළ යුතු බව ද කමිටුව නිර්දේශ කර තිබේ. රාජපක්ෂ පාලනය සමයේ ආරම්භ කෙරුණු සයිටම් වෛද්‍ය විද්‍යාලයට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය වර්තමානයේ විරෝධය පළ කරන නමුත්, එය සම්පූර්ණයෙන්ම අහෝසි කළ නොහැකි බව ආණ්ඩුවේ ස්ථාවරය වී තිබේ. පැවති ආණ්ඩු සමයේ ආරම්භ කෙරුණු සිය ආයතනය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වර්තමානයේ වෙනස් අදහසක් දැරීම පිළිබඳව මීට ඉහතදී බීබීසී සිංහල සේවය කළ විමසීමකදී එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කියා සිටියේ 'දේශපාලනඥයෝ අවස්ථාවාදීන්' බවය. ජනාධිපති සිරිසේන සයිටම් පිළිබඳව ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද සයිටම් වෛද්‍ය විද්‍යාලයට දැඩි විරෝධය පළ කරන අතර, එයට විරෝධය පෑමේ රථ පෙළපාලියක් පසුගිය සිකුරාදා කොළඹ දී සංවිධානය කර තිබුණි. නිදහස් අධ්‍යාපනය රථ පෙළපාලියෙන් අනතුරුව ලිප්ටන් වට රවුමේ සංවිධානය කර තිබුණු උද්ඝෝෂණ රැලියට විශාල පිරිසක් එක්ව සිටියහ. ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය සභාව විසින් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලද ශ්‍රී ලංකාවේ වෛද්‍ය උපාධි ලැයිස්තුවට ද සයිටම් වෛද්‍ය උපාධිය ඇතුළත් නොවේ. මේ අතර පසුගියදා ෆේස්බුක් ඔස්සේ බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනයක් විය යුතුය යන්න සිය පක්ෂයේ ස්ථාවරය බවය. සයිටම් තරාතිරම නොබලා ශ්‍රී ලංකාවේ සියලුම දරුවන්ට නොමිලේ උසස් අධ්‍යාපනය ලබාගැනීමේ අවස්ථාව හිමි විය යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. සයිටම් ආයතනය යටතේ පිහිටි මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල පසුගියදා රජයට පවරා ගනු ලැබිණ. එහිදී සිදු වී තිබෙන්නේ එම ආයතනය වර්තමානයේ ලබන පාඩුව රජය වෙත පවරා ගැනීම බවට ද සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා චෝදනා කළේය." +උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් ගේ වැඩිමහල් සොහොයුරු කිම් ජොන් නාම් පසුගිය සඳුදා මැලේසියාවේ ගුවන් තොටුපොළේදී ඝාතනය කෙරිණ. ඔහුගේ මරණයේ අබිරහස පිළිබඳව ක්වාලාලම්පූර් අගනුවර සිටින බීබීසී වාර්තාකාරිය කරිෂ්මා වස්වානි කරන විමසුමකි මේ.,"ක්වාලාලම්පූර් අගනුවර ගුවන්තොටුපොළේදී කිම් ජොන් නාම් අබිරහස් අන්දමින් මරණයට පත්වීමේ අබිරහස තවමත් විසඳි නැත. ඔහු සතුව කිම් චෝල් නම සඳහන් ගුවන් ගමන් බලපත්‍රයක�� තිබුණු බව මුලදී සඳහන් කළ මැලේසියානු බලධාරීහු ඔහු කිම් ජොන් නාම් බව සනාථකිරීම ප්‍රතික්ෂේප කළේය. එහෙත් උතුරු කොරියානු පාලනයේ නියෝග මත ඔහු ඝාතනය කරනු ලැබ ඇති බව දකුණු කොරියාව මුල සිටම අවධාරණය කළේය. සිය රටේදී මියගොස් තිබෙන්නේ උතුරු කොරියානු නායකයාගේ සොහොයුරා බව අවසානයේදී මැලේසියාව සනාථ කළේ පසුගිය බදාදාය. ගුවන් ගමන් බලපත් දෙකක් ඔහු සතුව තිබී ඇතැයි පෙනී යන බව මැලේසියාවේ නියෝජ්‍ය අගමැතිවරයා සඳහන් කළේය. ඔහුගේ මරණය සම්බන්ධයෙන් මැලේසියාව ඉතා ප්‍රවේශම් සහගත ආකල්පයක් දක්වන බව මුලසිටම පෙනෙන්නට තිබිණ. සැකකරුවන් අත්අඩංගුවට ගත් බව මැලේසියානු බලධාරීන් සනාථ කළේ ඒ පිළිබඳව බොහෝ මාධ්‍ය වාර්තා පළවීමෙන් පැය ගණනාවකට පසුවය. ඒ පිළිබඳව පොලිසියේත් විවිධ කාර්යාංශවල වාර්තා එකිනෙකට පරස්පරවීම තත්වය තවත් ව්‍යාකූල කළේය. දැනට සනාථ වී තිබෙන කරුණු අනුව කිම් ජොන් නාම් ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතරින් දෙදෙනකු කාන්තාවන්ය. එක් කාන්තාවක් ඉන්දුනීසියානු ජාතිකයකුවන අතර, අනෙක් නාන්තාව සතුව වියට්නාම ගුවන් ගමන් බලපත්‍රයක් තිබුණු බව පොලිසිය පවසයි. අත්අඩංගුවේ පසුවන තුන්වෙනි සැකකරු වියට්නාම ගුවන් ගමන් බලපත්‍රයක් හිමි කාන්තාවගේ පෙම්වතාවන මැලේසියානු ජාතිකයකු බවත් පොලිසිය පවසයි. එහෙත් මේ සැකකරුවන් පිරිස කිම් ජොන් නාම් ගේ මරණයට සම්බන්ධ කෙසේ දැයි යන්න පිළිබඳව තවමත් පැහැදිලි චිත්‍රයක් නැත. ඔහු මරුමුවට පත්වූයේ කෙසේද හෝ එයට හේතුව කවරක්ද යන්න පිළිබඳවත් පවතින්නේ අවිනිශ්චිත තත්වයකි. සැකකාර කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධය අවස්ථාවේ සීසීටීවී කැමරාවල සටහන් වී තිබූ දර්ශන අනුව බව පමණක් පොලිසිය මා සමග පැවසීය." +"ඔබට රැකියාවක් අවශ්‍යනම්, ගුවන් නියමුවෙකු ලෙස පුහුණු වී චීනය බලා යෑමට හැකිය.","චීනය, අග්නිදිග ආසියාව සහ ඉන්දියාව තුළ වාණිජ ගුවන් යානා නියමුවන්ට දැඩි ඉල්ලුමක් තිබේ ඉදිරි විසි වසර තුළ ආසියා පැසිෆික් ගුවන් නියමුවන්, කාර්මික ශිල්පීන් සහ ගුවන් කාර්ය මණ්ඩලය සඳහා විශාල පිරිසක් අවශ්‍ය වන බව බෝයිං (Boeing) ගුවන් යානා නිෂ්පාදන ආයතනය ප්‍රකාශ කරයි. ආසියානු කලාපයේ ආර්ථික වර්ධනයත් සමග ධනය වැඩි වන අතර, ඉදිරියේදී ගුවන් ගමන් ප්‍රමාණය ශීඝ්‍රයෙන් වැඩි වෙනු ඇත. මේ සඳහා 2037 වසර වන විට 240,000 ක් ගුවන් නියමුවන් සහ 317,000 ක කාර්ය මණ්ඩලයක් ක��ාපයේ ගුවන් සේවා ආයතන සඳහා අවශ්‍ය වේ. මෙම පුද්ගලයන්ගෙන් අඩක් පමණ අවශ්‍ය වනු ඇත්තේ චීනයටය. ගුවන් ගමන් කර්මාන්තය තුළ පවතින ගුවන් නියමුවන්ගේ හිඟය සහ පුහුණුකිරීම් ක්‍රියාවලියේ පවතින දුෂ්කරතා හේතුවෙන් ඇති වී තිබෙන පීඩනය මෙම පුරෝකථනය නිසා තවත් වැඩි වනු ඇත. වයසින් වැඩි ගුවන් නියමුවන් බොහෝ දෙනෙකු මීළඟ වසර දහය තුළ විශ්‍රාම ගැනීමට නියමිතය. වාණිජ ගුවන් ගමන් සේවා, සංචාරකයින් රැගෙන යන හෙලිකොප්ටර් සහ පෞද්ගලික ජෙට් යානාවලට ඇති ඉල්ලුම දිනෙන් දින වැඩිවෙමින් පවතී. බෝයිං සමාගමේ ඇස්තමේන්තුවට අනුව චීනයට ගුවන් නියමුවන් 128,500ක් ද, අග්නිදිග ආසියාවට 48,500ක් සහ දකුණු ආසියාවට 42,750ක් අවශ්‍ය වේ. මධ්‍යම පාන්තික චීන වැසියන් වැඩිපුර ගුවන් ගමන්වල යෙදේ මෙම ඇස්තමේන්තු සැකසීම සඳහා බෝයිං සමාගමේ නව ගුවන් යානා නිෂ්පාදනය සහ සැපයීම සැලකිල්ලට ගෙන තිබේ. නව ගුවන් යානා ඉල්ලුම් කරන ලෝකයේ ගුවන් සමාගම් අතර ආසියා පැසිෆික් කලාපයේ ගුවන් සමාගම් ප්‍රමුඛ ස්ථානයක සිටී. ඉදිරි වසර කීපය තුළ නිෂ්පාදනය කරන මගී ප්‍රවාහන ගුවන් යානාවලින් 40% ක් ආසියා පැසිෆික් කලාපයට සපයනු ඇතැයි එක්සත් ජනපදයේ අභ්‍යවකාශ සහ ආරක්ෂක දැවැන්තයෙකු වන බෝයිං සමාගම ප්‍රක්ෂේපනය කරයි. 'ආසන පටි තදකරගන්න' ගුවන් නියමුවෙකු තැනීමේ කඩිනම් ක්‍රියාවලියක් බෝයිං සමාගම තුළ ඇතත්, ගුවන් ක්ෂේත්‍රය තුළ වැඩිවන ඉල්ලුමට එය ප්‍රමාණවත් නොවේ. ""කලාපය තුළ ගුවන් නියමුවන්ට ඇති දැඩි ඉල්ලුම දිගටම පවතිනවා. මෙය තවත් වසර කීපයක් පවතී යැයි අපි බලාපොරොත්තු වෙනවා,"" බෝයිං ගෝලීය සේවයේ, පුහුණු සහ වෘත්තීය සේවාවන්හි උප සභාපති කීත් කූපර් පැවසීය. ගුවන් නියමුවන්ගේ හිඟය ගුවන් ගමන් ක්ෂේත්‍රය අවදානමේ හෙළන බව විශ්ලේෂකයෝ පවසති. නියමුවන් නොමැති ගුවන් යානා ප්‍රදර්ශන භාණ්ඩ ලෙස පමණක් දිස්වේ. කෙසේවෙතත්, ගුවන් නියමුවන්ගේ වැඩි වැටුප් ඉල්ලීම් නිසා ගුවන් සමාගම්වල ලාභය අවම වනු ඇත. ලෝක වාණිජ යුද්ධයෙන් ද ගුවන් යානා ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල වේ. චීනය සහ එක්සත් ජනපදය අතර වැඩෙමින් පවතින වාණිජ ගැටුම හේතුවෙන් ගුවන් යානා නිෂ්පාදන වියදම් ඉහළ යා හැකි බව බෝයිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි Dennis Muilenburg අනතුරු අඟවා සිටී. මේ තොරතුරුද කියවන්න:" +ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර තම ක්‍රිකට් දිවියේ පුර්වාදර්ශය බව නැගී එන ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩිකාවක වන ස්ම්‍රිති මන්දනා පවසන්නීය.,"කුමාර් සංගක්කාර හා ස්ම්‍රිති මන්දනා මෙවර එංගලන්ත ප්‍රාන්ත විස්සයි විස්ස තරගාවලිය අතරතුර කුමාර් සංගක්කාර හමුවීමට ලැබීම තම ක්‍රිකට් දිවියේ භාගයක් බව ඇය පැවසුවේ බීබීසී ස්ටම්ප්ඩ් (BBC Stumped) ක්‍රිකට් වැඩසටහන සමග සාකච්ඡාවකට එක්වෙමිනි. මෙවර එංගලන්ත කාන්තා විස්සයි විස්ස තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වීමට 22 හැවිරිදි ස්ම්‍රිති මන්දනා මේ වන විට සමත්වී තිබෙන අතර මෙම තරගාවලියේ එක් ඉනිමක වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩිකාව වීමට ද ඇයට හැකි විය. ""මම මගේ පළමු තරගය (එංගලන්තය ප්‍රාන්ත තරගාවලියේ) ක්‍රීඩාකරද්දී ඔහු විස්තර විචාරයේ යෙදී තිබෙනවා, මම ඒක දැනගෙන හිටියේ නැහැ, නමුත් ඔහුගේ ට්විටර් පණිවිඩයක් මම දැක්කමයි දැන ගත්තේ ඔහු ඇවිල්ලා ඉන්නවා කියලා"" ""මම එතකොටම මගේ කළමනාකරුට කිව්වා මට කොහොමහරි ඔහුව මුණගැහෙන්න ඕනේ කියලා, මම ඒවගේ ඉල්ලීමක් වෙන කාගැනවත් කරලා නැහැ, මම ඔහුව මගේ පුර්වාදර්ශය කරගෙන තියෙනවා දැන් සැහෙන කාලයක් ඉඳන්"" ඇය කියා සිටියාය. කුමාර් සංගක්කාර සමග පෙනීසිටි ජායාරුපයක් ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම්වල පළකර තිබුණේ එය ""රසිකාවියකගේ විශේෂ අවස්ථාවක්"" ලෙස හඳුන්වමින්. ස්ම්‍රිති මන්දනා තමන් ලකුණු අතර නොමැති අවස්ථාවල කුමාර් සංගක්කාර ක්‍රීඩා කරන වීඩියෝ දර්ශන බලා තමන් ආත්ම විශ්වාසය ගොඩනගා ගන්නා බව ඇය ප්‍රකාශ කළාය. ""මම ඔහුගේ දැඩි රසිකාවියක්, ඔහු කතාකරන්න රුචියක් ඇතිවන කෙනෙක්, අපි විනාඩි 15ක් විතර කතා කළා, මම පන්දුවට පහරදෙන ආකාරය ගැන ඔහුගෙන් ඇහුවා, ඔහු කිව්වා ඔයා හොඳට බැට් කරනවා, ඒගැන වැඩිය හිතන්න එපා කියලා, මේ විදිහටම ක්‍රීඩා කරන්න කිව්වා"" කුමාර් සංගක්කාර සමග කතාකළ ඒ විනාඩි 15 තමන්ට දැඩි ආත්ම විශ්වාසයක් හා සතුටක් එක් කළ බව ස්ම්‍රිති බීබීසී ස්ටම්ප්ඩ් (BBC Stumped) ක්‍රිකට් වැඩසටහනට කියා සිටියාය. 2017 වසරේ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය දක්වා ගෙනයාමට ස්ම්‍රිති මන්දනා විශාල දායකත්වයක් දුන් අතර ඉතා කෙටිකලකින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ උපනායක තනතුර ද ඇයට හිමිවිණි. ස්ම්‍රිති මන්දනා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිතිකාරිනියන් වර්ගීකරණය යටතේ ඇය දැන් 4 වෙනි තැනට ද පැමිණ තිබේ. 1996 වසරේ ජූලි 18 වෙනිදා ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ උපත ලැබූ ස්ම්‍රිති මන්දනා ගේ පියා මෙන්ම සහෝදරයා ද ප්‍රාදේශීය මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලී තිබේ. වයස අවුරුදු 9 වන විට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත අවුරුදු 15 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමටත්, අවුරුදු 11 දී එම ප්‍රාන්ත 19න් පහළ කණ්ඩායමටත්, 2014 වසරේදී ඉන්දීය ජාතික කාන්තා කණ්ඩායමටත් ඇය ඇතුළත් විණි. මේ වසර අවසානයේ බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වෙන විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයේ දක්ෂතා අතර ඉදිරියෙන්ම සිටින ක්‍රීඩිකාවන් අතර ඇය ද සිටිනු ඇති බව ක්‍රිකට් විචාරකයෝ පෙන්වා දෙති." +ගතව ගිය තිස් වසර ඇතුළත ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 4000 කට වැඩි නඩු ප්‍රමාණයකට සම්බන්ධ වී තිබෙන බව ඇමෙරිකා එක්සත් ජනපද මාධ්‍ය වාර්තාවල දැක්වේ.,"ජනපති පදවියට තේරී පත්වූ ධන කුවේර ව්‍යාපාරිකයාට එරෙහිව දැන් අලුත්ම නඩුවක් පවරා තිබේ. තමන් ඔහුගේ ට්විටර් ජාලයෙන් ඉවත්කිරීමට එරෙහිව එම නඩුව පවරා තිබෙන්නේ ට්විටර් භාවිත කරන්නන් හත් දෙනෙකු විසිනි. සිය සගයන්ට ප්‍රසංශා කිරීම සඳහා මෙන්ම විරුද්ධවාදීන්ට දැඩි විවේචනයට ලක් කිරීම පිණිසත් ට්විටර් ජාලය භාවිත කරන ජනාධිපති ට්‍රම්ප්, දැඩි ට්විටර් ලෝලියෙකි. භාෂණයේ නිදහස මේ තත්වය යටතේ ඔහුගේ ට්විටර් සම්බන්ධතාව තමන්ට අවහිර කිරීමට එරෙහිව අලුත්ම නඩුව පවරා තිබෙන්නේ භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් වන, කොළොම්බියා විශ්වවිද්‍යාලයේ නයිට් ෆස්ට් ඇමෙන්ඩ්මන්ට් ආයතනය (Knight First Amendment Institute) විසිනි. ජනපතිවරයාගේ ට්විටර් පණිවුඩ හාස්‍යයට ලක්කරමින් හෝ විවේචනය කරමින් එයට ප්‍රතිචාරය දැක්වීමෙන් අනතුරුව ජනපතිවරයා හෝ ඔහුගේ ආධාරකරුවන් ඔහු සමග ට්විටර් සම්බන්ධතාව අවහිර (block) කර තිබෙන බව පැමිණිලිකරුවෝ පවසති. ට්‍රම්ප්ගේ ට්විටර් පිළිබඳ කෞතුකාගාරය එහි ප්‍රතිඵලයක් ලෙසින් ඔවුන්ට ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවුඩ දැකගැනීමට හෝ එම පණිවුඩවලට ප්‍රතිචාර දැක්විය නොහැකිය. එය ප්‍රසිද්ධ අදහස් හුවමාරුවකදී ""විරුද්ධ මත මර්දනය කිරීමේ"" උත්සාහයක් බව පවසන පැමිණිලිකරුවෝ, එමගින් ජනාධිපතිවරයා සිය භාෂණයේ නිදහස උල්ලංඝනය කර ඇති බවත් සඳහන් කරති. ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශක ෂෝන් ස්පයිසර් (Sean Spicer) සහ සමාජ මාධ්‍ය ජාල සම්බන්ධ ජනාධිපති අධ්‍යක්ෂ ඩැනියෙල් ස්කවිනෝ (Daniel Scavino) ද එම පෙත්සමේ විත්තිකරුවන් ලෙස නම් කර තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩ ""එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ නිල නිවේදන,"" ලෙසින් සැලකෙන බව ෂෝන් ස්පයිසර් පසුගිය මාසයේ සඳහන් ���ළේය. ට්‍රම්ප්ගේ @realDonaldTrump ට්විටර් ලිපිනය පරිශීලනය කරන්නන් මිලියන 33.7 ක් සිටින අතර ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ නිල ට්විටර් ලිපිනය වන @POTUS පරිශීලනය කරන්නේ මිලියන 19.3 ක් පමණි. ජනාධිපතිවරයාට එරෙහිව අතීතයේදී පැවරුණු නඩු අතර:" +අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දරන අදහස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තහවුරු කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.,"මේ සම්බන්ධයෙන් ජනපතිවරයා සහ අගමැතිවරයා අතර සාකච්ඡාවක් මේ වනවිට කොළඹ පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ පැවැත්වෙමින් තිබේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් නව අගමැතිවරයෙක් පත්කර ගන්නා මෙන් ජනාධිපතිවරයා එම පක්ෂයට දැනුම් දී තිබෙන බව ද ඉහත කී අමාත්‍යවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය පරිදි සිය පක්ෂයේ සංශෝධන සිදුකිරීමට සූදානම් නැති අතර, එවැන්නක් සිදු විය යුත්තේ සිය පක්ෂය තුළින් බව මේ අතර අගමැතිවරයාගේ ස්ථාවරය වී තිබේ. අගමැති පදවියට කරු? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ද සම්බන්ධ කරගෙන තනි ආණ්ඩුවක් පිහිටුවන බවට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අදහසට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ එවැනි ශ්‍රීලනිප සාමාජිකයන්ට තමන් අමාත්‍ය පදවි ලබා නොදෙන බවය. අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත්ව සජිත් ප්‍රේමදාසට හෝ කරු ජයසූරියට නායකත්වය ලබාදිය යුතු බවට පක්ෂය තුළින්ම ඉල්ලීම් මතුවෙමින් පවතී එමෙන්ම එජාපය දෙමළ ජාතික සන්ධානය සමග එක්ව නව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම්, එවිට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අදහස ඉවත්කර ගැනීමට දෙමළ ජාතික සන්ධානයට සිදුවනු ඇති බව ද ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබේ. තවත් කියවන්න: අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත්ව සජිත් ප්‍රේමදාසට හෝ කරු ජයසූරියට නායකත්වය ලබාදිය යුතු බවට පක්ෂය තුළින්ම ඉල්ලීම් මතුවෙමින් පවතී. පක්ෂයේ නායකත්වය භාරගන්නා මෙන් හෝ අගමැති පදවිය භාරගන්නා මෙන් යෝජනාවක් ඉදිරිපත් වූයේ දැයි බීබීසී සිංහල සේවය මීට පැය කිහිපයකට ඉහත දී කළ විමසීමකට පිළිතුරු දුන් කතානායක කරු ජයසූරිය කියා සිටියේ, තමන්ට එවැනි කිසිදු යෝජනාවක් මෙතෙක් ඉදිරිපත්ව නැති බවය. කතානායකවරයා ලෙසින් තමන් පක්ෂ දේශපාලනයෙන් ඈත්ව සිටින බැවින් ඒ පිළිබඳව එක්සත��� ජාතික පක්ෂයෙන් විමසන මෙන් ද කතානායකවරයා ඉල්ලීමක් කළේය. මේ අතර ඉරිදා (පෙබරවාරි 11) බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ, තමන් අගමැති පදවිය භාර නොගන්නා අතර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් අනතුරුව ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටී ඇති හෙයින් හදිසි මහ මැතිවරණයක් කැඳවන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවය." +පාකිස්තානයේ උතුරු ගුවන් කලාපය වසා දැමීමට එරට ගුවන් ගමන් බලධාරීහු පියවර ගනිති.,පාකිස්තානයේ අභ්‍යන්තර ගුවන් ගමන් ගණනාවක්ම අවලංගු කොට තිබේ ඉන්දීය පාලිත කාශ්මීරයේ හමුදා කඳවුරකට ප්‍රහාර එල්ල වීමත් සමග පාකිස්තානය සහ ඉන්දියාව අතර උණුසුම තවදුරටත් උත්සන්න වෙමින් පවතියි. පාකිස්තානයේ අභ්‍යන්තර ගුවන් ගමන් ගණනාවක්ම අවලංගු කොට තිබේ. පාකිස්තාන පාලිත කාශ්මීරයේ දේශ සීමාව ආසන්නයේ පිහිටි හමුදා කඳවුරට ඉරිදා එල්ල කරන ලද ප්‍රහාරයෙන් ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් දහඅට දෙනකු මරුමුවට පත් විය. ඊට පිළිතුරු වශයෙන් ප්‍රතිප්‍රහාරයක් දියත් කිරීමට ඉන්දියාව සුදානම් වෙමින් සිටින බවට පාකිස්තානයේ මාධ්‍ය වාර්තා පළ වී තිබේ. 'ප්‍රහාරයේ වගකීම' ගතව ගිය සති දහයක කාලය ඇතුළත ඉන්දීය පාලිත කාශ්මීරයේ පැවති බෙදුම්වාදී උද්ඝෝෂණවලදී අනූවකට ආසන්න පිරිසක් මරුමුවට පත් වී තිබේ සිය හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරයට පාකිස්තානයේ ක්‍රියාත්මක තහනම් සංවිධානයක් වන ජයිෂ්- එ-මොහම්මද් නමැති කැරලි කණ්ඩායමට අයත් පුද්ගලයන් සම්බන්ධ බව ඉන්දියාව මීට ඉහතදී පැවසීය. ඒ සම්බන්ධයෙන් අසල්වැසි පාකිස්තානයට චෝදනා කරමින් ඉන්දීය ස්වදේශ කටයුතු භාර අමාත්‍යවරයා කියා සිටියේ පාකිස්තානය ත්‍රස්තවාදයට අනුබල දෙන බවයි. ඉන්දියාව එල්ල කරන චෝදනා පාකිස්තාන රජය ප්‍රතික්ෂේප කළේය. ඉන්දීය පාලිත කාශ්මීරයේ සති ගණනාවක් පුරා පවතින ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ කෙරෙහි ඇති අවධානය වෙනතකට යොමු කිරීමේ උත්සාහයක ඉන්දියාව යෙදී සිටින බවට පාකිස්තානය චෝදනා කරයි. ගතව ගිය සති දහයක කාලය ඇතුළත ඉන්දීය පාලිත කාශ්මීරයේ පැවති බෙදුම්වාදී උද්ඝෝෂණවලදී අනූවකට ආසන්න පිරිසක් මරුමුවට පත් වී තිබේ. ජනතාව අතර ප්‍රචලිත තරුණ කැරලි නායකයකු ආරක්ෂක අංශ විසින් පසු ගිය ජුලි මාසයේදී මරා දමනු ලැබීමත් සමග ඊට එරෙහිව ඉන්දීය කාශ්මීරයේ උද්ඝෝෂණ ආරම්භ විය. +"සිය සැමියා ""අඳුරු හමේ වර්ණය"" ගැන නිතර පවසමින��� හිරිහැර සිදු කිරීම හේතුවෙන් 21 හැවිදිරි තරුණියක සිය දිවි නසාගෙන ඇති බව ඉන්දියානු පොලිසිය පවසයි.","තරුණියගේ පියාගේ පැමිණිල්ලක් මත සැමියාට එරෙහිව නඩු පැවරීමට රාජස්ථාන් පොලිසිය ක්‍රියා කර තිබේ. කෙසේවෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් තවමත් කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය බීබීසී සේවයට පැවසීය. බිරිඳගේ මරණය ගැන සැමියාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය. සුදු පැහැති සම අඳුරු සමට වඩා උසස් යැයි බොහෝ ඉන්දියානුවෝ විශ්වාස කරති. ""අඳුරු සම ගැන පවසමින් සැමියා නිතර ඇයට අවමන් කළ"" නිසා ඇය සිය දිවි හානි කරගත් බව තරුණියගේ පියා පොලිසියට පවසා ඇත. ""අඳුරු පැහැති සම"" නිසා ඉන්දියානු කාන්තාවන් සිය දිවි නසාගත් ප්‍රථම අවස්ථාව මෙය නොවේ. අඳුරු සම ගැන පවසමින් සැමියා අවමන් කිරීම දරාගත නොහැකිව 2014 වර්ෂයේ දී 29 හැවිදිරි කාන්තාවක ද සිය දිවි හානි කරගත් බව පොලිසිය පැවසීය. පාසලේ ළමුන් ""කළුයි, අවලස්සනයි"" කීම නිසා 2018 වර්ෂයේ දී දාහතර හැවිදිරි ඉන්දියානු තරුණියක සිය දිවි නසා ගත් බව වාර්තා විණි. ""කළු හම එපා"" යැයි කියන ශ්‍රී ලාංකිකයන් අඳුරු පැහැති සමක් පිහිටීම හේතුවෙන් තමන්ට හිතවතුන්ගෙන් මෙන්ම සමාජයෙන් එල්ල වන පීඩනය දරා ගත නොහැකිව 'සම සුදු කරගැනීමේ' නොයෙකුත් උපක්‍රම අනුගමනය කිරීමට බොහෝ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ද පෙළඹී සිටිති. ""අපි ළඟට එන සේවාදායකයෝ තමන් කැමතිම නිළිය හෝ නළුවාගේ පෙනුම ලබා දෙන්න කියලා ඉල්ලනවා. එහෙම නැත්නම් කොහොමහරි හම සුදු කරලා දෙන්න කියනවා. මේ ක්‍රමවල අහිතකර බලපෑම් ගැන අපි විස්තර කිවුවත්, ඒ අය ගණන් ගන්නේ නැහැ."" සමාජ ජාල ඇතුළු, සෑම මාධ්‍යයකින් ම උදේ ඉදන් රෑ වෙනකම් ප්‍රචාරය කරන්නේ නොයෙකුත් රූපලාවන්‍ය ක්‍රම ගැන. මේ දේවල් නිසා හම සුදු කරගන්න සහ වෙනස් වෙන්න ඕනෙ කියන එක මිනිස්සුන්ගේ ඔළුවට කා වැදිලා"" යැයි රූපලාවන්‍ය ශිල්පිනියක වන අභිෂේකා විමලවීර බීබීසී සිංහල සේවයේ මින් පෙර පළ වූ ලිපියකට කරුණු දක්වමින් පැවසීය. ශ්‍රී ලාංකිකයින් බහුතරයට උපතින් හිමි වන්නේ දුඹුරු හෝ ලා දුඹුරු පැහැති සමකි. මෙලනින් වර්ණකය අධික සමක් පිහිටීම සහ සම නිරන්තරයෙන් අව් රශ්මියට නිරාවරණය වීම තද පැහැති සමක් ලැබීමට හේතුවක් ලෙස දැක්විය හැකිය. ශ්‍රී ලංකාවේ ඇතැම් පුද්ගලයින්, ඉනුත් බොහෝවිට කාන්තාවෝ 'සම සුදු කර ගැනීමේ' නොයෙකුත් ආලේපන ගැල්වීමේ සහ ශරීරයේ යම් අංග වෙනස් කර ගැනීමේ අනුමැතියකින් තොර ක්‍රම අත්හදා බැලීමට පුරුදු වී සිටිති. සමට අහිතකර නොයෙකුත් රසායන ද්‍රව්‍ය මිශ්‍ර කළ ආලේපන බොහොමයක් වෙළෙඳපොළෙහි බහුලව දක්නට ලැබේ. මේ අතර දේශීය නිෂ්පාදන මෙන්ම බහුජාතික සමාගම්වල රූපලාවන්‍ය නිපැයුම් ද ඉතා ලාභදායි මිලකට සතුකර ගැනීමේ හැකියාව ඇත. ""සම සුදු කර ගැනීම දැන් 'පිස්සුවක්' බවට පත් වෙලා. මෙයට ඉතා ඉක්මණින් පිළියමක් සෙවිය යුතුයි"" යැයි චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට බීබීසී සිංහල සේවයේ මින් පෙර පළවූ ලිපියකට අදහස් දක්වමින් පැවසීය. මේ තොරතුරුද කියවන්න: සම පැහැපත් කරවන ආලේපන සහ එන්නත්වලින් මෙලනින් නිෂ්පාදනය අවම කරන අතර, එය ශරීරයේ ස්වභාවික ක්‍රියාවලියට බාධා පමුණුවයි. එමෙන්ම රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන මඟින් සමෙහි ඉහළම ස්ථරය ඉවත් කිරීම මඟින් අහිතකර සූර්ය කිරණ සහ පරිසරයේ ඇති නොයෙකුත් අපද්‍රව්‍යවලට සම නිරාවරණය කෙරෙනු ඇත. සමේ වර්ණක බිඳෙන ලේසර් ප්‍රතිකාර සහ එන්නත් කිරීම් ද බොහෝවිට හානිදායි ප්‍රතිඵල ගෙන දේ. අනුමැතියකින් තොර, සම පැහැගැන්වීමේ නිපැයුම් බොහොමයක් වෙළෙඳපොළේ දැකිය හැකි බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට, ""පුද්ගලයෙකු යම් රෝගී තත්වයකින් පීඩා විඳිනවා නම් එයට සරිලන ප්‍රතිකාරයක් විදියට වෛද්‍ය විද්‍යාත්මකව පිළිගත් ක්‍රම ඔස්සේ සම සුදු කිරීමට පුළුවන්. ඒ හැර කළු පුද්ගලයෙකු සුදු කරනවා කියා දෙයක් නැහැ"" යැයි අවධාරණය කළේය. මෙවැනි ආලේපන සහ එන්නත් දියරවල බොහෝ රසායන ද්‍රව්‍ය ප්‍රමාණයක් අඩංගු වී ඇති අතර, ඇතැම් ඒවා නොයෙකුත් ස්ටෙරොයිඩ් වර්ග සහ ලෝහමය ද්‍රව්‍යයක් වන රසදිය අධි මාත්‍රාවක් අඩංගු කර ඇතැයි ද ඔහු කියා සිටියේය. ""රසදිය සමට අවශෝෂණය වීමෙන් ඇත්තෙන්ම සම සුදු වෙනවා. නමුත්, දීර්ඝ කාලීන භාවිතය තුළින් වකුගඩු රෝග, ස්නායු රෝග, මානසික ආතතිය, අතපය වෙව්ලීම, නොයෙකුත් ආසාදන තත්වයන් සහ ගර්භණී මවක් නම් දරුවාගේ වර්ධනයට පවා බලපෑම් එල්ල වෙන්න පුළුවන්"" වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අකරවිට, ""මේ දේවල් වලින් සම තුනී වෙනවා. ඊට පසු සමට යටින් තිබෙන ලේ නහර එළියට පේන්න ගන්නවා. මේ දේවල් භාවිතා කරලා සමේ රෝග ඇතිවුණ අය සතියකට දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් මා හමුවට ප්‍රතිකාර ලබා ගන්න එනවා. ඒ අයගේ මුහුණේ ඇති කුරුලෑ දුටු සැණින් අපි දන්නවා යම් ආලේපනයක් විස වෙලා කියලා. මොකද, ඒවා සාමාන්‍ය ඒවාට ව��ා වෙනස්,"" යැයි පෙන්වා දුන්නේය. සිය ජීවිතයට වන හානිය ගැන නොතකා සමෙහි පැහැය සහ ශරීරාංගවල හැඩය වෙනස් කර ගැනීමට ඇතැම් කාන්තාවන් පෙළෙඹෙන හේතු රාශියක් ඇති බව අප කළ විමසුමකදී දැනගන්නට ලැබිණි. පුද්ගලයන්ගේ සමේ පැහැය වෙනස් වන්නේ ඇයි? ""මෙලනින් වර්ණකය සෑම පුද්ගලයෙකුගේ ම සමේ අඩු වැඩි වශයෙන් පිහිටා තිබෙනවා. වැඩිපුර සම අඳුරු පැහැ වීම අතිශය සාමාන්‍ය තත්ත්වයක්. එය රෝගයක් හෝ පුද්ගලයෙකු සමාජයෙන් වෙන් කර තැබීමට කාරණයක් නොවේ,"" යනුවෙන් කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය පී ආර් ද සිල්වා බීබීසී සිංහල සේවය සමග පැවසීය. ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල දිවි ගෙවන පුද්ගලයන් නිතර හිරු එළියට නිරාවරණය වන බැවින්, අහිතකර හිරු කිරණවලින් සම ආරක්ෂා වීමට ස්වභාවයෙන් ම ඔවුන්ට මෙලනින් වර්ණකය වැඩි වශයෙන් ඇති සමක් පිහිටා තිබෙන බව වෛද්‍යවරිය පැවසුවාය. ""හිරු එළිය ඉතා අඩුවෙන් ලැබෙන රටවල ජීවත් වන පුද්ගලයන්ට සමේ මෙලනින් වර්ණකය පිහිටන්නේ අල්ප වශයෙන්."" ""ඔවුන්ගේ සම හිරු එළියට ඕනෑවට වඩා නිරාවරණය වුණොත් පිළිකා ඇතුළු නොයෙක් සමේ රෝග හැදීමේ අවදානම වැඩියි. ඒ වගේ ම ඉතා ඉක්මනින් රැලි වැටෙනවා."" සාමාන්‍යයෙන් දුඹුරු පැහැති සමක් සහිත පුද්ගලයන්ගේ සෛලවල න්‍යෂ්ටිය ආවරණය වී ඇති අතර, එවැනි සමක් ඇති පුද්ගලයන්ට හිරු එළියෙහි ඇති අහිතකර කිරණවලින් සිදු වන හානිය අඩුය. දුඹුරු සමක් සහිත පුද්ගලයන්ගේ සම රැලි වැටී මහලු පෙනුමක් ගෙන දීමට සහ සමෙහි පිළිකා ඇති වීමට ඇති අවදානම අඩු බව ද වෛද්‍යවරිය පැවසීය. ""ඒ වගේ ම ජානවලින් පැවත එන සමේ පාට වෙනස් කරන්න බැහැ. තමන්ට උපතින් ලැබී තිබෙන සමේ පැහැය ගැන සතුටු වෙනවා වෙනුවට, එය වෙනස් කරන්න උත්සහ කිරීමෙන් වෙන්නේ නිකරුණේ රෝගියෙකු බවට පත් වීම,"" යැයි වෛද්‍යවරිය තවදුරටත් කියා සිටියාය. තවත් තොරතුරු:" +තායිලන්තයේ භාරකාර අගමැතිනි යින්ලුක් සිනවත් වෙනුවෙන් සහයෝගය පළ කරන දහස් සංඛ්‍යාත ජනකායක් බැංකොක් අගනුවර සීමාවේ එක් රැස්ව සිටින බව වාර්තා වෙයි.,"ජනතාව එසේ රැස් වී සිටින්නේ දින දෙකක රැළියක් සඳහා වන බවයි, බැංකොක් නගරයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ. එම දෙ දින මහජන රැලිය කැඳවනු ලැබුණේ අගමැතිනි යින්ලුක් සිනවත් නායකත්වය දෙන ආණ්ඩුව බිඳ හෙලීමේ අරමුණින් ඊට එරෙහිව නෛතික අභියෝග මාලාවක් එල්ල වෙමින් තිබිය දී. අගමැතිවරියගේ ආධාර කරුවන්ගේ අරමුණ ආණ්ඩුවට ඇති මහජන සහයෝගය ප්‍රදර්ශනය කිරීමයි. බලතල කප්පාදුව තක්සින් සිනවත් පසුගිය පෙබරවාරි මාසයේ පැවැත්වුන මහ මැතිවරණය අවලංගු කරමින් තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය මාර්තු මාසයේ තීදුවක් දුන් අතර අගමැතිවරියගේ බලතල එමගින් සීමා කරනු ලැබුණි. තායිලන්තයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන්ගේ ඉලක්කය අගමැතිනි යින්ලුක් සිනවත් නායකත්වය දෙන ආණ්ඩුව පෙරලා දැමීමයි. අගමැතිවරියට එරෙහි බලවේගය පෙරට ආවේ ඇය හිටපු අගමැති තක්සින් සිනවත්ගේ රූකඩයක් යයි චෝදනා කරමින්. රටින් පළා ගොස් වෙසෙන ධන කුවේරයකු වන තක්සින් සිනවත්, අගමැතිනි යින්ග්ලුක් සිනවත්ගේ සහෝදරයෙකි." +"පෞද්ගලික සේවයේ නිරතව සිටි ආර් කන්නන් රාමනාදන් නීතිඥවරයා, යාපනයේ මහාධිකරණ විනිසුරු පදවියට පත්කිරීම මගින් ශ්‍රී ලංකා විනිසුරුවරුන් පත්කිරීමේ ක්‍රියාපිළිවෙත උල්ලංඝනය වී නොමැති බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිවේදීන්ගේ සංගමය පවසයි.","කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන් පත්කිරීමේ දැනට පවතින ක්‍රියාදාමය දැනට වඩා විධිමත් විය යුතු බවත් සංගමයේ සම කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ නීතිවේදී ලාල් විජේනායක බීබීසී සිංහල සේවයට පැවසීය. ""නමුත් මෙතෙක් අනුගමනය කරපු කාර්ය පටිපාටිය අනුව මේක ගැන දොස්කියන්නට බෑ,"" ඔහු පැවසීය. නීතිඥ විජේනායක ඒ අදහස් පළ කළේ, විනිසුරු කන්නන් රාමනාදන්ගේ පත්වීමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්වරයා සහ විනිසුරුවරුන්ගේ සංගමය මතුකරන විරෝධය පිළිබඳව ප්‍රතිචාරය පළකරමිනි. විනිසුරුවරුවරයකු පත්කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට ප්‍රථම නීතිඥ සංගමයේ සභාපතිවරයා විධායක කමිටුවේ මතය විමසිය යුතු බව නීතිඥ සංගමයේ ලේකම් නීතිවේදී අමල් රන්දෙනිය සඳුදා මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය. එහෙත් මෙතෙක් එවැනි සම්ප්‍රදායයක් නොපැවති බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිවේදීන්ගේ සංගමය අවධාරණය කරයි. 'එහෙම සම්ප්‍රදායක් නෑ' ""හුඟක් අවස්ථාවල විනිශ්චයකරුවන් පත්කිරීමේදී අහනවා නීතිඥ සංගමයෙන්. අහන්නේ සභාපතිගෙන් නේ? ඒක නීතිඥ සංගමයේ විධායක සභාවට දාල වාදයක් තියල, ඡන්දයක් තියල එහෙම කරන්නේ නෑනේ,"" නීතිඥ ලාල් විජේනායක පැවසීය. ""ඒක කවදාවත් වෙන්නේ නෑ. ඒක නොවිය යුතුයි මම කියන්නේ."" කන්නන් රාමනාදන් නීතිඥවරයා, යාපනයේ මහාධිකරණ විනිසුරු පදවියට පත්කරන මෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජෙෆ්රි අලගරත්නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත නිර්දේශ කර ඇ��ි බව තමන් කළ සොයාබැලීමේදී සනාථ වූ බව ද නීතිඥ විජේනායක පැවසීය. වැඩිදුර කරුණු විමසීම පිණිස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිපවතාවක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය. දේශපාලන පක්ෂයක් විසින් එම නිර්දේශය කර ඇතැයි එල්ලවන චෝදනාව ද දැඩිව ප්‍රතික්ෂේප කරන බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිවේදීන්ගේ සංගමය අවධාරණය කරයි. විනිසුරුවරුන්ගේ සංගමය වර්ජනය කිරීම හේතුවෙන් අඟහරුවාදා පැවැත්වීමට නියමිතව තිබුණු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය ද දින නියමයකින් තොරව කල් දමා තිබේ." +මුලතිව් පොලිස් බල ප්‍රදේශය තුළ යුද සමරු වැඩසටහන් පැවැත්වීමට එරෙහිව අධිකරණ විසින් තහනම් නියෝගයක් පනවා තිබේ.,"උතුරේ යුද සැමරුමක් මුලතිවු පොලීසිය ප්‍රකාශ කළේ පොලීසිය අධිකරණයෙන් කරණ ලද ඉල්ලීමක් සැලකිල්ලට ගැනීමෙන් පසුව අධිකරණය විසින් මෙම තීන්දුව දුන් බවයි. මැයි මස 16 වෙනිදා සිට දින 14 ක කාලයක් මුලතිවු පොලිස් බල ප්‍රදේශය තුළ මහජන සාමයට බාධා එල්ල වන අන්දමේ කිසිදු ආකාරයක එල්.ටී.ටී.සැමරැම් උත්සව පැවැත්වීම මුලතිවු දිසා විනිසුරු එම්.එච්.ඩී.එන්.සම්සුදීන් විසින් තහනම් කොට තිබේ. මේ අනුව, මැයි මස 18 වෙනිදා මුලතිවු මුල්ලිවයික්කාල් පළාතේදී දෙමළ ජනතාව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ පෙළපාලිය සහ එල්.ටී.ටී.ඊ.සමරු උත්සවය පැවැත්වීමට ඉඩක් නැතැයිද මුලතිවු පොලීසිය කියා සිටියේය. නමුත් උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් පසුගිය 12 වෙනිදා මුලතිවු මුල්ලිවයික්කාල් පළාතේදී යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් ඇතුලු සියලු දෙනා සැමරීමට උත්සවයක් සංවිධාන කොට තිබිණ. යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමට දෙමළ ජනතාවට සැමරුම් සතියක් 12 වෙනිදා සිට ප්‍රකාශයට පත් කොට ඇති බවද ඔහු මෙහිදී පැවසුවේය. ඊට අමතරව මැයි මස 18 වෙනිදා මුලු ලෝකයේම දෙමළ ජනතාව යුද්ධයේදී මියගිය පිරිස සමරණ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය. මුලතිවු දිස්ත්‍රික්කයේ එල්.ටී.ටී.ඊ.සැමරුම් අධිකරණ නියෝගය මත තහනම් කොට ඇතත් උතුරු නැගෙනහිර පළාත්වල සෙසු උත්සව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයකට එළඹී නොමැත." +ලන්ඩන් නගරයේ අධි සුඛෝපභෝගී මහල් නිවාස හතරක් මිලදී ගැනීමේදී සිදු කළ දූෂණ සම්බන්ධයෙන් පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට එරට අධිකරණය විසින් වසර 10ක සිර ද���ුවමක් නියම කර තිබේ.,"දේශපාලන පෙළඹවීම් මත මෙම තීන්දුව ලබා දී ඇති බවට නවාස් ෂරීෆ් චෝදනා කරයි වගවීම පිළිබඳ ජාතික කාර්යාංශයේ (NAB) අධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ දීර්ඝ ප්‍රමාදයකින් පසුවය. ඔහුගේ දියණිය වන මාරියම් නවාස් ෂරීෆ්ට වසර හතක සිර දඬුවමක් සහ ඔහුගේ බෑනා වන සෆ්දාර් අවාන්ට වසරක සිර දඬුවමක් නියම කෙරිණ. තීන්දුව පිළිබඳ ප්‍රතිචාරය පළකරමින් නවාස් ෂරීෆ් කියා සිටියේ දේශපාලන පෙළඹවීම් මත මෙම තීන්දුව ලබා දී ඇති බවය. මේ තොරතුරුද දැනගන්න: ඔහු සහ ඔහුගේ දියණිය ලන්ඩන් නුවර වාසය කරන අතර, නවාස් ෂරීෆ්ගේ බිරිඳ කුල්සූම් නවාස් පිළිකාවකට ප්‍රතිකාර ලබාගනිමින් සිටියි. ආදායම ඉක්ම වූ වත්කම් හිමි වීම හේතුවෙන් සහ NAB සමග වසරක් සහයෝගයෙන් කටයුතු නොකිරීම යන චෝදනාවලට නවාස් ෂරීෆ්ට එක වර ගෙවී යන පරිදි වසර 10ක සිර දඬුවමක් නියම කිරීමට විනිසුරු මොහොමඩ් බාෂිර් නියෝග කළේය. ඔහුගේ දියණිය වන මාරියම් නවාස් ෂරීෆ්ට වසර හතක සිර දඬුවමක් නියම වුණි අපරාධයකට අනුබල දීම සහ NAB සමග සහයෝගයෙන් කටයුතු නොකිරීම යන චෝදනාවලට දියණිය මාරියම් නවාස් ෂරීෆ්ට එකවර ගෙවී යන පරිදි වසර හතක සිර දඬුවමක් ලබා දී තිබේ. සෆ්රාඩ් අවාන්ට වසරක සිර දඬුවමක් නියම කර ඇත්තේ NAB සමග සහයෝගයෙන් කටයුතු නොකිරීම හේතුවෙනි. නවාස් ෂරීෆ් සහ මාරියම් නවාස් ෂරීෆ්ට පවුම් මිලියන අටක් සහ පවුම් මිලියන දෙකක් දඩ වශයෙන් ගෙවීමට ද නියම කෙරිණ. එක්සත් රාජධානියේ ලන්ඩන් අගනුවර පිහිටි දේපළ ගණනාවක් සම්බන්ධයෙන් පැවති මෙම නඩුව හඳුන්වා ඇත්තේ 'Avenfield Reference' යනුවෙනි. ලන්ඩන් අගනුවර නිවාස මිලදී ගැනීම පිණිස අගමැති නවාස් ෂරීෆ්ගේ දරුවන් විදේශීය සමාගම් යොදාගෙන ඇතැයි 2015 දී පැනමා ලිපිගොනුවලින් අනාවරණය වී තිබුණි. අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයන් අනිසි ලෙස උපයාගත් මුදල් අදාළ සමාගම්වල තැන්පත් කළා විය හැකි බවට ඉන් අනතුරුව චෝදනා එල්ල විය. තවත් තොරතුරු:" +"දෙමළ ඩයස්පෝරාවේ ඡන්ද ලබා ගැනීම උදෙසා බටහිර රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන බව පවසන ජනාධිපති මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට සැරසෙන යෝජනාවට කිසිසේත් එකඟ විය නොහැකි බව සඳහන් කරයි.","'මේ සමස්ත යෝජනාව සමඟ අපට එකඟ විය නොහැකියි. කිසිසේත්ම යෝජනාවක් ගෙන ආ යුතු නැහැ' ජනාධිපතිවරයා එම අදහස් පළ කලේ අරලියගහ මන්දිරයේදී ශ්‍රී ලංකා විදේශ වාර්තාකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සමඟ සාකච්ඡාවකට එක් වෙමින්. ""මේ සමස්ත යෝජනාව සමඟ අපට එකඟ විය නොහැකියි. කිසිසේත්ම යෝජනාවක් ගෙන ආ යුතු නැහැ,"" යනුවෙන්ද ඔහු කියා සිටියේය. ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව පවසන ජනාධිපති රාජපක්ෂ ඒ සඳහා දේශීය පරීක්ෂණයක් පැවැත්වෙන බවද කියා සිටියේය. ලිබියාව හා සිරියාව ""අතුරුදහන්වීම පිළිබඳ සොයා බලන කොමිසම ඔවුන්ගේ කටයුතු සිදුකරමින් යනවා. අපි මේවා සම්බන්ධයෙන් දේශීයව කටයුතු කරනවා."" ඇෆ්ඝනිස්තානය, ලිබියාව හා සිරියාවේ සිදුවන දේ දෙස බලන විට ශ්‍රී ලංකාවේ සිදුව තිබෙන්නේ කුමක් දැයි ජනපතිවරයා මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කළේය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පෙරලීම මෙවැනි යෝජනාවල අරමුණ දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ: ""ඒක ඔබ ඒගොල්ලන්ගෙන් අහන්න ඕනේ, ජනතාව මාත් සමඟ ඉන්නකන් මට ප්‍රශ්නයක් නැහැ,"" යනුවෙන්. ජිනීවා යෝජනාවකදී ඉන්දියාවේ සහාය ශ්‍රී ලංකාවට ලැබීම පිළිබඳව මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිවරයා ඉන්දියාවේ තීරණය අප්‍රේල් මස පැවැත්වෙන මැතිවරණය හා බැඳී තිබෙන්නක් බව තමන් වටහා ගෙන සිටින බවයි. ""අපි ඔවුන්ව තේරුම් ගෙන සිටිනවා. ඔවුන්ගේ මැතිවරණය පැවැත්වෙනවා, ඒ නිසා ඔවුන්ට ඔවුන්ගේ අනාගතය ගැන සිතන්න වෙනවා,"" යනුවෙන්ද ඔහු පැවසීය. උතුරේ ප්‍රශ්ණ ශ්‍රී ලංකාව හා ඇමෙරිකා එක්සත් ජනපදය අතර සම්බන්ධතාවයන්හි කිසිදු පලුදු වීමක් සිදු වී නොමැති බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේය. 'ඉන්දියාවේ තීරණය මැතිවරණය සමඟ බැඳී තිබෙන්නක්' උතුරේ ජනතාවට ලබා දිය හැකි උපරිම සහන පසුගිය වසර කිහිපය තුල ලබා දී තිබෙන බව පවසන ජනාධිපති මහින්ද රාජපක්ෂ, යටිතල පහසුකම් දියුණු කිරීමට කටයුතු කර තිබෙන බවද කියා සිටියේය. මාධ්‍යවේදීන් ඝාතනවලට කිරීමට සම්බන්ධ කිසිවෙකුත් අත් අඩංගුවට ගෙන නොමැති වීම පිළිබඳව මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඔහු, සාක්ෂි නොමැතිවීම හේතුවෙන් සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට නොහැකි වී තිබෙන බව සඳහන් කළේය. උතුරු පළාත් සභාවේ කටයුතු පිළිබඳව කළ විමසීමකදී ජනාධිපතිවරයා කියා සිටියේ, උතුරේ මහ ඇමතිවරයා ඉල්ලා සිටින පරිදි පළාතේ ප්‍රධාන ලේකම්වරයා ඉවත් කිරීමට නොහැකි බවයි. ලබන මස පස් වැනිදා තමන් ජිනීවා මානව හිමිකම් කොමිසම අමතමින් ශ්‍රී ලංකාවේ ස්ථාවරය ප්‍රකාශ කරන බව සාකච්ඡාවට එක්ව සිටි විදේශ අමාත්‍ය ජීඑල් පීරිස් කියා සිටියේය. ඊට පෙර මාර්තු හතර වැනි දින තමන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ හමුවීමට නියමිත බවද ඔහු පැවසීය." +පකිස්තාන් බලධාරීන් විසින් ඉස්ලාමාබාද් නගරයේ සිටින ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වාරයා විදේශ අමාත්‍යංශයට කැඳවනු ලැබුණි.,"දෙරටේ හමුදා දේශ සීමාව දෙපස මුහුණට මුහුණ ලා සිටිති. පකිස්තානය පවසන ආකාරයට, කාශ්මීරයේ රඳවා සිටින ඉන්දීය හමුදාව ඔවුන්ට එරෙහිව සිදු වූ කිසිදු පූර්ව කුපිතකාරී ක්‍රියාවකින් තොර ව සිදු කළ වෙඩි තැබීමකින් සාමාන්‍ය වැසියකු මරා දැමීමට විරෝධය පළ කිරීමටයි, එවැනි පියවරක් ගනු ලැබුනේ මේ අතර දිල්ලි නගරයේ නිලධාරීන් පවසන්නේ,එම වෙඩි තැබීම සිදු වූ දිනයට පෙර දා රාත්‍රියේ එල්ල කෙරුණ වෙඩි තැබීම් සහ දරුණු මෝටාර් ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය හමුදාවත් ප්‍රතිචාරය පළ කර ඇති බවයි. කාශ්මීරයේ ගැටුම්කාරී තත්වය පසුගිය සතියේ දරුණු අතට හැරුනේ, තම හමුදා භටයන් පස් දෙනකු මරා දැමු බවට ඉන්දියාව පාකිස්තාන් හමුදාවට චෝදනා කිරීමෙන් පසුවයි." +උතුරේ පළාත් සභා මැතිවරණයක් මුව විටේ තිබියදී ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ජාතීන් අතර සමගියට බාධා කරමින් සිටින බව මන්නාරම රදගුරු හිමියෝ පවසති.,"ඇමතිවරයාගේ ක්‍රියා කලාපය 'පළාතේ ජාතීන් අතර සම්බන්ධතා පලුදු කරන්නක්' රායප්පු ජෝසෆ් මන්නාරම රදගුරුතුමා ඒ චෝදනාව එල්ල කොට තිබෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විශේෂ නියෝජිතයන් පිරිසක් එහිමියන් මුණ ගැසීම පිණිස වවුනියාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී. වවුනියාව, මන්නාරම සහ මුලතිවු දිස්ත්‍රික්කවල සියලු සංවර්ධන කටයුතු මෙන්ම රකී රක්ෂා ලබා දීම ඇතුළු සියලුම දේ එකී අමාත්‍යවරයා ගේ අවශ්‍යතාවයන් මත පමණක් සිදුවීම දැඩි අසාධාරණයක් බව පෙන්වා දෙමින් එහිමියන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කිරීමෙන් අනතුරුවයි, ජනාධිපතිවරයා විසින් සිය විශේෂ නියෝජිත පිරිස පිටත් කොට තිබෙන්නේ. අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසා දීම ඉතා දුෂ්කර වී ඇති බව නියෝජිත පිරිස හමුවේ පෙන්වා දුන් බව එහිමියෝ බීබීසී සංදේශයට පැවසූහ. ඔහුගේ හැසිරීම වවුනියාව, මුලතිවු සහ මන්නාරම ප්‍රදේශවල දෙමළ සහ මුස්ලිම් ජනතාව අතරත්, සිංහල සහ මුස්ලිම් ජනතාව ��තරත් දැඩි විරසක භාවයක් මතු වීමට හේතු වී තිබෙන බව පවසන එහිමියෝ, තත්වය පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති." +පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය වූ සිය ප්‍රතිවාදියාට කැමති ආරක්ෂක භටයන් තෝරාගෙන හෙලිකොප්ටරයෙන් ගමට යාමට අවසර දුන් බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කරන ප්‍රකාශය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේප කරයි.,"'ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ විපක්ෂනායකවරයාට කතා කරලා මම උදේ හයට පිටත් වුනේ. එතකොට මම රටේ ජනාධිපතිවරයා' මැතිවරණයෙන් පරාජයට පත් වී අරලියගහ මන්දිරයෙන් ඉවත්ව යන අවස්ථාවේත් ශ්‍රී ලංකාවේ ජනාධිපති පදවිය හෙබැවූයේ තමන් බවයි ඔහු අවධාරණය කරන්නේ. ජනපතිවරණයෙන් ජය ලැබූ පොදු විපක්ෂයේ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ඒ අවස්ථාවේ සොයා ගත නොහැකි වූ බැවින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව සිය ආරක්ෂාව ඇතුළු කරුණු තීරණය කළ බවත් හිටපු ජනාධිපතිවරයා බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය. ""ඔයා දන්නේ නෑනේ? මම හෙලිකොප්ටරෙන් යනකොට ප්‍රතිඵල ඇවිල්ලත් නෑනේ? ,"" හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ මතු කළ ප්‍රශ්නවලට ප්‍රතිචාරය පළ කරමින්. 'කුමන්ත්‍රණය' ""එතකොට මැතිවරණ කොමසාරිස්වරයා නිල ප්‍රතිඵල ප්‍රසිද්ධ කරලා නෑ. සිරිසේන එතකොටත් විපක්ෂයේ අපේක්ෂකයා. එයාව සොයා ගන්න බැරිවුනා මට. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ විපක්ෂනායකවරයාට කතා කරලා මම උදේ හයට පිටත් වුනේ."" එබැවින් සිය ආරක්ෂක භටයන්ද සමඟ එදා කොළඹින් පිටත්ව යන විටත් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා තමන් බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. මැතිවරණ දින රාත්‍රියේ සිය පවුලේ සාමාජිකයන්ද සමඟ කුරුණෑගල මිතුරෙකුගේ නිවසේ රාත්‍රිය ගත කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට ඉහතදී බීබීසී සංදේශයට පැවසීය. ජනපතිවරණයෙන් පරාජය වී දිගටම බලයේ රැඳී සිටීමට උත්සාහ කළ බවට නැගෙන චෝදනාවත් හිටපු ජනාධිපතිවරයා තරයේ ප්‍රතික්ෂේප කරයි. ""ඔයා දන්නේ නෑනේ? මම හෙලිකොප්ටරෙන් යනකොට ප්‍රතිඵල ඇවිල්ලත් නෑනේ?,"" ""මංගල සමරවීර මහත්තයනේ ඕක කිවුවේ? ඉතින් ඔක්කොම හමුදාපතිවරු, පොලිස්පති ඒ ඔක්කොම සාක්කි දුන්නනේ? ඉතින් ප්‍රතිඵලය කියන්න කියන්නකෝ මොකක්ද වුනේ කියල."" අගමැති රනිල් වික්‍රමසිංහ ගේ චීන සංචාරයට ප්‍රථම පාර්ලිමේන්තුව���දී ඔහු හමු වූ අවස්ථාවේ සිය ආරක්ෂාව පිළිබඳව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා අගමැතිවරයා සමඟ සාකච්ඡා කළ බවත් ඔහු පැවසීය. සිය ජීවිතයට එල්ල වූ තර්ජන හේතුවෙන් තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියක් පවා නොතිබුණු අසූව දශකයේ අග භාගයේදී එවකට ජනාධිඅප්ති ජේආර් ජයවර්ධනගේ උපදෙස් ප්‍රකාර රන්ජන් විජේරත්න අමාත්‍යවරයා විසින් මුලින්ම තමන්ට හමුදා ආරක්ෂාව ලබා දුන් බව පවසන හිටපු ජනපතිවරයා, එවක් පටන් මේ දක්වා පැවති සෑම ආණ්ඩුවක්ම එය වෙනස් නොකළ බවත් සඳහන් කළේය. උතුරේ ඡන්ද හමුදා භටයන් ඉවත් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළත්, ඒ වෙනුවට පොලිස් නිලධාරීන් අනුයුක්ත කරන බැවින් දිගටම හමුදා ආරක්ෂාව ඉල්ලා සිටින්නේ පොලිසිය අවිශ්වාස නිසා දැයි සංදේශය කළ විමසීමට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ, සිය ආරක්ෂාව පිණිස යොදවා තිබෙන්නේ ප්‍රභූ ආරක්ෂාව පිළිබඳ විශේෂ පුහුණුවක් ලැබූ හමුදා භටයන් බවයි. ""යාපනය අර්ධද්වීපය තුල, උතුරේ 89% ක් ඡන්ද වැටිලා තියෙනවා කියල කියන කොට මම දන්නවා මම ඊලඟට පරාදයි කියල,"" යනුවෙන්ද කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීවරයා සඳහන් කළේය. එහි අදහස තමන්ට සුළු ජාතීන්ගේ සහාය නොලැබෙන බව දැන සිටියේ දැයි විමසූ අවස්ථාවේ ඔහු පැවසුවේ එතරම් ඡන්ද ප්‍රතිශතයක් භාවිතා කෙරෙනු ඇතැයි තමන් කිසිසේත්ම විශ්වාස නොකළ බවයි. කෙසේ නමුත් ඒ පිළිබඳව වැඩිදුර කරුණු දැක්වීමෙන් ප්‍රතිඵලයක් නොමැති බවයි, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ." +"ජනවාරි 31 වෙනි සිකුරාදා බ්‍රිතාන්‍ය වේලාවෙන් රාත්‍රී 11.00ට එක්සත් රාජධානිය නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත් වන අතර, ඉන් අනතුරුව මාස එකොළහක සංක්‍රාන්ති කාලයකට ඇතුළු වේ.","සංක්‍රාන්ති කාලය අතරතුර එක්සත් රාජධානිය යුරෝපා සංගමයේ නීතී තවදුරටත් පිළිපදිනු ඇති අතර, යුරෝපා සංගම් අරමුදල සඳහා මුදල් ගෙවීමට ද නියමිතය. බොහෝ දේ නොවෙනස්ව පවතින නමුත් වෙනස්කම් කීපයක් ද සිදු වීමට නියමිතය. වෙනස් වන්නේ මොනවාද? 1. යුරෝපා පාර්ලිමේන්තුවේ සිටින එක්සත් රාජධානියේ මන්ත්‍රීවරුන්ට සිය ආසන අහිමි වේ එක්සත් රාජධානියේ මන්ත්‍රීවරු 73 දෙනෙකුට යුරෝපා පාර්ලිමේන්තුවේ ආසන අහිමි වෙනු ඇත. යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් කර ගැනීම සඳහා දැඩි බලපෑමක් කළ නයිජෙල් ෆරාජ් ද ඒ අතර වේ. එයට හේතුව නම්, බ්‍රෙක්සිට් ක්‍රියාත්මක වන අවස්ථාවේ එක්සත් රාජධානිය යුරෝපයේ සියලු දේශ��ාලනික ආයතන සහ නියෝජිත ආයතනවලින් ඉවත් වීමය. නයිජෙල් ෆරාජ් ඇතුළු මන්ත්‍රීවරු 73කට යුරෝපා පාර්ලිමේන්තුවේ ආසන අහිමි වෙනු ඇත කෙසේනමුත්, සංක්‍රාන්ති කාලය තුළ නීති පිළිපැදීමට අමතරව නීතිමය ගැටලුවල අවසාන තීන්දුව ලබා දීමට යුරෝපා අධිකරණයට හැකිය. 2. මින් පසු යුරෝපා සමුළු නොමැත අනාගත යුරෝපා සමුළුවක දී අනෙකුත් නායකයන් සමග එක්වීමට අවශ්‍ය නම් එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජෝන්සන්ට විශේෂ ආරාධනයක් තිබිය යුතුය. මසුන් ඇල්ලීම සඳහා පවතින මුහුදු සීමා වැනි කරුණු සාකච්ඡා කිරීමට යුරෝපා සංගමයේ නිතර පවතින රැස්වීම්වලට බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් මින් පසු සහභාගී නොවෙති. 3. වෙළෙඳාම පිළිබඳ බොහෝ දේ දැනගැනීමට ලැබෙනු ඇත එක්සත් රාජධානියට ලෝකයේ වෙනත් රටවල් සමග වෙළෙඳ ගනුදෙනු පිළිබඳ සාකච්ඡා කිරීමට හැකි වෙනු ඇති අතර, භාණ්ඩ සහ සේවා මිලදී ගැනීමට සහ විකිණීමට අදාළ නව නීති සැකසිය හැකිය. යුරෝපා සංගමයේ සාමාජිකත්වය දරණ කාලය තුළ ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල් සමග නිල වශයෙන් වෙළෙඳ ගනුදෙනු පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නොහැකි විය. නව වෙළෙඳ ප්‍රතිපත්ති සැකසීමට ඇති නිදහසත් සමග එක්සත් රාජධානියේ ආර්ථිකය නගා සිටුවිය හැකි බව බ්‍රෙක්සිට් අධාරකරුවෝ පවසති. කෙසේනමුත්, එක්සත් රාජධානිය යුරෝපා සංගමය සමග බොහෝ දේ සාකච්ඡා කිරීමට නියමිතය. සංක්‍රාන්ති කාලය අවසන් වූ පසු යුරෝපයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අතිරේක මුදලක් අය කිරීම වැළැක්වීම හේතුකොටගෙන එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය අතර වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡාවලට ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත. එවැනි වෙළෙඳ ගිවිසුමකට එළඹුනහොත් සංක්‍රාන්ති කාලය අවසන් වන තුරු එය බලාත්මක නොවේ. 4. බ්‍රිතාන්‍යය ගුවන් ගමන් බලපත්‍රයේ වර්ණය වෙනස් කෙරෙයි තද රතු පැහැති කවරයක් සහිත යුරෝපා ගමන් බලපත්‍රය නැවතත් වසර තිහකට වැඩි කාලයකට පෙර තිබූ නිල් පැහැති ගමන් බලපත්‍රයට වෙනස් කිරීමට නියමිතය. මාස කීපයක් ඇතුළත නව වර්ණය සහිත ගමන් බලපත්‍ර සැකසීම සිදු වේ 1921 වර්ෂයේ සිට භාවිත කළ රත්‍රන් සහ නීල පැහැයෙන් යුතු මෙම ගමන් බලපත්‍රය ""සුවිශේෂී"" දෙයක් යැයි අදාළ වෙනස පිළිබඳ 2017 වර්ෂයේ දී නිවේදනය කළ විට, එකල සිටි ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය බ්‍රැන්ඩන් ලුවිස් පැවසීය. මාස කීපයක් ඇතුළත නව වර්ණය සහිත ගමන් බලපත්‍ර සැකසීම සිදු වනු ඇති අතර, වසර මැද වන විට නිකුත් කරන සියලු නව ගමන් බලපත්‍ර නිල් පැහැයෙන් යුතු වේ. දැනට භාවිත කරන තද රතු පැහැති ගමන් බලපත්‍රය තවදුරටත් වලංගුය. 5. බ්‍රෙක්සිට් කාසි ""ජනවාරි 31"" සහ ""සියලු ජාතීන් සමගසාමය, සෞභාග්‍ය සහ මිත්‍රත්වය"" යැයි සඳහන් පැන්ස 50 කාසි මිලියන තුනක් සිකුරාදා දින (ජනවාරි 31) නිකුත් කිරීමට නියමිතය. මෙම කාසි ගැන විවිධ අදහස් පළ වී තිබුණු අතර, එය ප්‍රතික්ෂේප කළ යුතු යැයි බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ රැඳී සිටීමට සහය පළ කළ කණ්ඩායම් පවසති. විශේෂ පැන්ස 50 කාසි මිලියන තුනක් සිකුරාදා දින (ජනවාරි 31) නිකුත් කිරීමට නියමිතය. මින් පෙර බ්‍රෙක්සිට් ක්‍රියාත්මක වීමට තිබූ 2019 ඔක්තෝබර් මස 31 වෙනිදා බ්‍රිතාන්‍යය රජයෙන් මෙවැනිම කාසියක් හඳුන්වා දීමට නියමිතව තිබිණි. නමුත්, නියමිත කාලය දීර්ඝ වීම නිසා එම කාසි සියල්ල උණු කර ප්‍රතිචක්‍රකරණය කිරීමට කටයුතු කෙරිණි. 6. එක්සත් රාජධානියේ බ්‍රෙක්සිට් දෙපාර්තමේන්තුව වසා දැමේ එක්සත් රාජධානිය සහ යුරෝපය අතර සාකච්ඡා මෙහෙයවීම සඳහා යෙද වූ කණ්ඩායම බ්‍රෙක්සිට් ක්‍රියාත්මක වීමත් සමග විසුරුවා හැරේ. මෙම දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලද්දේ 2016 දී එකල අගමැතිනිය තෙරේසා මේ විසිනි. 7. ජර්මනිය ඔවුන්ගේ පුරවැසියන් එක්සත් රාජධානියට පිටුවහල් කරනු නොලැබේ යම් අපරාධයකට සැක කරන පුද්ගලයෙකු ජර්මනියට පලා ගියහොත් ඔහු හෝ ඇය නැවත එක්සත් රාජධානියට ගෙන ඒමට මින් පසු නොහැකිය. යුරෝපා සංගමයේ සාමාජික රටකට හැර වෙනත් රටකට සිය පුරවැසියන් පිටුවහල් කිරීමට ජර්මානු ව්‍යවස්ථාවෙන් ඉඩ ලබා දී නොමැත. ""එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසු මෙම ව්‍යතිරේකයට ඔවුන් අදාළ වන්නේ නැහැ,"" ජර්මානු ෆෙඩරල් අධිකරණ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු බීබීසී සේවයට පැවසීය. නමුත් මෙම තහනම වෙනත් රටවලට බලපාන්නේදැයි යන්න අපැහැදිලිය. යුරෝපා කොමිසම ද මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කර නොමැත. යුරෝපා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව සංක්‍රාන්ති කාලය තුළ ද ක්‍රියාත්මක වන බව බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු කාර්යාලය පවසයි. නොවෙනස්ව පවතින්නේ මොනවාද? බ්‍රෙක්සිට් ක්‍රියාත්මක වීමත් සමග සංක්‍රාන්ති කාලය ආරම්භ වන නිසා, 2020 දෙසැම්බර් 31 දක්වා හෝ බොහෝ දේවල් නොවෙනස්ව පවතී. 1. සංචාරය ගුවන් ගමන්, බෝට්ටු සහ දුම්රිය සේවා පෙර පරිදිම ක්‍රියාත්මක වේ. ගමන් බලපත්‍ර පරීක්ෂාවේ දී යුරෝපා සංගමයට අයත් රටවල පුද්ගලයන්ට වෙන් වූ පෝලිමට එකතු වීමට සංක්‍රාන��ති කාලය තුළ බ්‍රිතාන්‍යයන්ට තවදුරටත් අවස්ථාව සැලසේ. 2. රියදුරු ගමන් බලපත්‍රය සහ සුරතල් සතුන්ගේ ගමන් බලපත්‍ර අදාළ බලපත්‍ර කල් ඉකුත් වී නොමැති තාක් කල් ඒවා පිළිගනු ලැබේ. 3. යුරෝපා සෞඛ්‍ය රක්ෂණ කාඩ්පත යුරෝපා සංගමයේ රටවල් මෙන්ම ස්විට්සර්ලන්තය, නොර්වේ, අයිස්ලන්තය සහ ලෙක්ටන්ස්ටයින් යන රටවල දී බ්‍රිතාන්‍යය පුරවැසියෙකු යම් අසනීපයකට හෝ අනතුරකට මුහුණ දුන් අවස්ථාවක රජයේ සෞඛ්‍ය සේවා වෙත යොමු වීමට මෙම යුරෝපා සෞඛ්‍ය රක්ෂණ කාඩ්පත් හිමියන්ට හැකිය. යුරෝපා සෞඛ්‍ය රක්ෂණ කාඩ්පත අදාළ කාඩ්පත සංක්‍රාන්ති කාලය තුළ තවදුරටත් වලංගු වේ. 4. යුරෝපා සංගමයට අයත් රටවල දිවි ගෙවීම සහ රැකියාවේ නිරත වීම අදාළ රටවල් අතර නිදහසේ ගමන් කිරීමේ හැකියාව සංක්‍රාන්ති කාලය තුළ දිගටම පැවතීම නිසා යුරෝපා සංගමයට අයත් රටවල දිවිගෙවන සහ රැකියාවේ නිරත බ්‍රිතාන්‍යය පුරවැසියන්ට තවමත් රැඳී සිටිය හැකිය. එක්සත් රාජධානියේ සිටින යුරෝපා සංගමයට අයත් රටවල පුද්ගලයන්ට ද එය එලෙසින්ම අදාළ වේ. 5. විශ්‍රාම වැටුප යුරෝපා සංගමයට අයත් රටවල දිවිගෙවන බ්‍රිතාන්‍ය පුරවැසියන්ට රජයේ විශ්‍රාම වැටුප නොකඩවා ලැබේ. 6. යුරෝපා අරමුදලට සහය වීම සංක්‍රාන්ති කාලය තුළ එක්සත් රාජධානිය යුරෝපා සංගම් අරමුදලට නොකඩවා මුදල් ගෙවනු ඇත. 7. වෙළෙඳ ගනුදෙනු එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය අතර වෙළෙඳ ගනුදෙනු අමතර අය කිරීම් හෝ පරීක්ෂාවලින් තොරව සිදු කෙරෙනු ඇත. මේ තොරතුරු ද කියවන්න:" +ජනාධිපතිවරණයට තරඟ වදින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයක් පැවැත්වීමට පියවර ගන්නා බවට ශ්‍රී කතෝලික සභාවේ රදගුරු මණ්ඩලයේ රැස්වීමකදී ප්‍රතිඥා දෙති.,"ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය යෙදෙන්නේ මැතිවරණය පවත්වා දින කිහිපයකින් නිසා මේ සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පොදු විපක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන යන දෙදෙනාගෙන්ම අදහස් විමසා සිටි බවයි කතෝලික සභාවේ ප්‍රකාශක සිරිල් ගාමිණි පියනම සංදේශයට පැවසුවේ. සාමකාමී වාතාවරණයක් එමෙන්ම ජනාධිපතිවරණයෙන් පසු, ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී වාතාවරණයකින් යුත් කාල පරිච්ඡේදයක් පවත්වා ගෙන යාමටත් අපේක්ෂකයන් දෙදෙනා රද ගුරු මණ්ඩලය සමඟ පැවතී සාකච්ජාවේදී එකඟ වූ බව පියනම ප්‍රකාශ කළහ. ප්‍රතිරූපය මැතිවරණයකින් පසු ප්‍රචණ්ඩත්වයක් ඇති වේය යන අත්දැකීමක් ශ්‍රී ලංකා සමාජය තුළ තිබෙන බව පැවසූ කතෝලික සභාවේ ප්‍රකාශක සිරිල් ගාමිණි පියනම, පාප් වහන්සේගේ සංචාරය ශ්‍රී ලංකාව පිළිබඳව යහපත් ප්‍රතිරූපයක් ලොවට ඉදිරිපත් කිරීමට උදා වන හොඳ අවස්ථාවක් බව පැවසුහ. ශ්‍රී ලාංකිකයන් සාමකාමීව සිටීමේ උවමනාව, පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය සිදු වුවත් නොවුවත් එය රටේ අවශ්‍යතාවක් බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයට සැලසුම් කළ පරිදි සියලු කටයුතු සූදානම් වන බවත් ඊට රාජ්‍ය ආයතන වලින් පූර්ණ සහය ලැබෙන බවත් සිරිල් ගාමිණි පියනම තවදුරටත් ප්‍රකාශ කළහ." +පසුගිය ජනාධිපතිවරණය සමයේ කුඹුක්ගැටේ නගරයේදී 'අලුත් පරපුරේ' කලාකරුවන් පිරිසකට පහර දුන් බවට චෝදනා ලබන පුද්ගලයකුට ආසන සංවිධායක ධුරයක් ලබා දීම සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්බී දිසානායක යුක්ති සහගත කරයි.,"'ගහලා තියනවා නම්, අපි ඉදිරියේදී ඔහුට කියනවා සමාව ගන්න කියලා' සංවිධායක කටයුතු සඳහා ඇති හැකියාව සහ ජන පදනම දෙස අවධානය යොමු කොට ඔහුට ආසන සංවිධායක ධුරය ලබා දුන් බව අමාත්‍යවරයා කියා සිටියේ මහනුවර පැවති හමුවක් අමතමින්. 'අපි දන්නෙත් නැහැ, අපි සංවිධායකයෝ තෝරන කොට, මෙයා රාළහාමි කෙනෙකුට ගහලා තියනවද? මෙයා කිරි අත්තට ගහලා තියනවද? ගමේ නැටුම් ගුරුන්නාන්සේට ගහලා තියනවද?, එහෙම බලලා නැහැ' අමාත්‍යවරයා කියා සිටියේය. 'ගහලා තියනවා නම්, අපි ඉදිරියේදී ඔහුට කියනවා සමාව ගන්න කියලා' අමාත්‍යවරයා සඳහන් කළේය. ගාල්ලේ පැවැත්වීමට නියමිත මැයි දින රැළිය සාර්ථක කර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවලක් ක්‍රියාත්මක කොට ඇති බව පවසන අමාත්‍යවරයා මැයි දිනයෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ සන්ධානය අභ්‍යන්තරයේ පවතින අර්බුදය තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණෙනු ඇති බවයි කියා සිටියේ. මැයි දින රැළිය සඳහා රාජ්‍ය සම්පත් යොදා ගන්නා බවට විපක්ෂය නගන චෝදනා බැහැර කරන අමාත්‍යවරයා ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මහජනතාවගෙන් මුදල් පරිත්‍යාග ලැබුණු බවයි සඳහන් කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එසේ කළත් පැවති පාලනයේ ප්‍රධාන අමාත්‍යවරයෙක් ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය සඳහා ''පසුගිය රජයේ සම්පත් බෙදමින්'' සිටින බවත් ඔහු කියා සිටියේය. මේ අතර තම සංවිධානයේ කලාකරුවන් පිරිසකට පහර දුන් පුද්ගලයාට ආසන සංවිධායක ධුරයක් ලබා දීම පිළිබඳ 'අලුත් පරපුර' සිය අප්‍රසාදය පළ කරයි." +උතුරු පළාතේ අද (ඔක්. 25) ක්‍රියාත්මක වූ හර්තාලය හේතුවෙන් එදිනෙදා සාමාන්‍ය ජන ජීවිතය අඩාල විය.,"දෙමළ ජාතික සන්ධානය විසින් එම හර්තාලය දියත් කරනු ලැබුවේ යාපනය විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු මිය යාමට පොලිස් වෙඩි තැබීමක් හේතුවී යැයි කියන සිද්ධියට විරෝධය පළකරමිනි. වවුනියාව, මන්නාරම, යාපනය, කිළිනොච්චිය හා මුලතිව් යන ප්‍රදේශවල වෙළෙඳසල් වසා දැමුණු අතර බොහෝ තැන්වල කළු කොඩි ඔසවා තිබිණ. ගමනාගමනය අඩාල වූ අතර පිට පළාත්වල සිට උතුරු ප්‍රදේශයට ක්‍රියාත්මක කෙරෙුණු බස්රථ හා දුම්රිය පමණක් ධාවනය විය. පෙරවරුවේදී වවුනියාව හා සෙට්ටිකුලම යන ප්‍රදේශවලදී ලංගම බස්රථ දෙකකට කිසියම් පිරිසක් ගල් පහර එල්ලකිරීම හා කිළිනොච්චියට ආසන්නයේදී මාර්ග අවහිර කිරීම හේතුවෙන් දහවල් කාලය වනවිට බොහෝ මාර්ගවල ගමනාගමනය අඩාල විය. හර්තාලය පිළිබඳ නොදැන විවිධ කටයුතු සඳහා උතුරු පළාතට පැමිණි බොහෝ දෙනෙක් ආපසු යා නොහැකිව අතරමංව සිටියහ. එම පිරිස් කියා සිටියේ, විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනාගේ මිය යාමට අදාළ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ක්‍රියාත්මකවන අතරේදී මෙවැන්නක් සංවිධානයකර ජනතාව පීඩාවට පත්කිරීම දැඩි අසාධාරණ බවය. දේශපාලන බලය පෙන්වීමට හා දේශපාලන වාසි වෙනුවෙන් පොදු ජනතාව පීඩාවට පත්කිරීම ඔවුහු දැඩි දෝෂ දර්ශනයට ලක් කළහ. උතුරු පළාතේ රජයේ කාර්යාල ක්‍රියාත්මක වුව ද ගමනාගමන අපහසුතා හේතුවෙන් කාර්ය මණ්ඩලවල පැමිණීම පහළ ගොස් තිබිණ. දෙමළ හා මුස්ලිම් පාසල් සියල්ල වසා දැමෙද්දි සිංහල පාසල් විවෘතව පැවතිය ද ප්‍රවාහන පහසුකම් නොවීම හේතුවෙන් සිසුන්ට යළි නිවෙස් වෙත යා හැකිවන පරිදි එම පාසල්වල අධ්‍යාපන කටයුතු කළින් අවසන් කෙරිණ." +ලෝකයේ සාර්ථකම වමත් ටෙස්ට් පන්දු යවන්නා බවට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ රංගන හේරත් සෙනසුරාදා (පෙබරවාරි 10) සමත්විය.,"රංගන හේරත්: ලොව සාර්ථකම වමත් ටෙස්ට් පන්දු යවන්නා ඒ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමග පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී ඔහු දවා ගත් කඩුලු හතරත් සමග ඔහු මෙතෙක් දවාගෙන තිබෙන සම්පූර්ණ ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 415 දක්වා ඉහළ යාමත් සමගය. මින් පෙර මෙම වාර්තාව සතු වූයේ ටෙස්ට් කඩුලු 414ක් දවාගත් පාකිස්තාන කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම්ටය. රංගන හේරත් මෙම වාර්තාව සතුකර ගැනීමත් සමග ලෝකයේ සාර්ථකතම වමත් හා දකුණත් ටෙස්ට් පන්දු යවන්නන් දෙදෙනාම ශ්‍රී ලාංකික ක්��රීඩකයන් වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාවෙන් බිහිකළ සාර්ථකම දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් ටෙස්ට් කඩුලු 800ක් දවාගෙන, ලෝකයේ සාර්ථකම ටෙස්ට් පන්දු යවන්නා සහ සාර්ථකම දකුණත් පන්දු යවන්නා ලෙසින් වාර්තා දෙකක්ම හිමිකරගෙන සිටියි. තරගයේදී කඩුලු පහක් දිනාගත් යොවුන් ක්‍රීඩක අකිල ධනංජය (දකුණේ) තරගාවලියේ වීරයා: නවක පිතිකරු රොෂේන් සිල්වා මේ අතර රංගන හේරත් සහ සිය පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කරන දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ දක්ෂතා හේතුවෙන් බංග්ලාදේශය පරදවා ලකුණු 215 විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකාව තරග 1-0 ක් ලෙස ටෙස්ට් තරගාවලිය ජයගත් අතර තරගාවලියේ වීරයා සම්මානය හිමිවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක පිතිකරු රොෂේන් සිල්වාටය. අසීරු තණතීරුවක ඉනිම් දෙකේදීම අර්ධ ශතක ලබා ශ්‍රී ලංකාවට ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාවක් ලබාදීමට රොෂේන් සිල්වා සමත්විය. තවත් කියවන්න:" +සිය සේවා භාවිත කරන්නන් කෝටි පනහකට අධික පිරිසක ගිණුම් වලින් දත්ත සොරකම් කර ඇති බව යාහූ අන්තර්ජාල සමාගම පවසයි.,"රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වූ හැකරුන් කණ්ඩායමක් මෙම සොරකමට සම්බන්ධ බව පවසන යාහූ සමාගම, එය පරිගණක ඉතිහාසයේ විශාලම දත්ත සොරකම ලෙස හැඳින්විය හැකි බවත් සඳහන් කරයි. යාහූ අන්තර්ජාල සේවා භාවිත කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු, රහස්‍ය පිවිසීමේ දත්ත, විද්‍යුත් පණිවුඩ ලිපින සහ සිය අනන්‍යතාව තහවුරු කිරීම සඳහා සපයන පෞද්ගලික තොරතුරුත් සොරා ගත් දත්ත සමූහයට අඩංගු වන බවයි වාර්තා වෙන්නේ. විශාලතම දත්ත සොරකම මෙම අති විශාල දත්ත සොරකම 2014 වසරේ සිදු වී ඇතත් යාහූ සමාගම ඒ බව නිල වශයෙන් ප්‍රකාශ කළේ අදයි. සිය දත්ත ගබඩා වලට හැකරුන් ඇතුළු වී ඇති බව ප්‍රකාශ කිරීමට මෙතරම් ප්‍රමාද වීමේ හේතු පැහැදිලි කරන යාහූ සමාගමේ දත්ත පිවිසුම් ආරක්ෂක වැඩසටහන් නිර්මාණකරුවකු වන බ්‍රයන් හොනාන් පවසන්නේ, බොහෝ විට සමාගම පවා ඒ පිළිබඳව දැනුවත් වන්නේ බොහෝ ප්‍රමාද වී බවයි. ""ගොඩක් සමාගම් ඒ ගැන දන්නේ නැහැ රජය දැනුම් දෙන කල්, නැත්නම් රහස්‍ය තොරතුරු විශාල වශයෙන් පිට වෙනකල්,"" බ්‍රයන් හොනාන් පැවසීය. ""ඇතැම් විට මේ හැකරුන් ඒ දත්ත විකුණනවා. අනික සමාගම ඒ ගැන පරීක්ෂණයක් පවත්වනවා නම් ඒ වගේ අවස්ථාවකත් සමාගම ඒ ගැන හෙළිකරන්නේ නැහැ."" හැකරුන් කණ්ඩායමට රාජ්‍ය අනුග්‍රහය ලැබී ඇති බව යාහූ සමාග�� පවසන නමුත් ඒ කුමන රටකින්දැයි තවමත් හෙළිදරව් වී නැත." +ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට සහභාගි වන්නේ නම් නැගෙනහිරටත් අනිවාර්යයෙන් ම පැමිණිය යුතු යැයි පළාතේ මහ ඇමැතිවරයා පවසයි.,"නැගෙනහිර මහ ඇමැති නජීබ් අබ්දුල් මජීඩ් බීබීසී ය සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා විශාල දායකත්වයක් දරා ඇති ඉන්දීය රජය එහි ප්‍රගතිය දැක බලා ගැනීම අත්‍යවශ්‍ය බවයි. . විපක්ෂයේත් අනුමැතිය උතුරේද සංචාරයක නිරත වන ලෙස මහ ඇමැති සී වී විග්නේස්වරන් ඉන්දීය අගමැති වරයා ට ඇරියුම් කොට තිබිණි. කෙසේ වෙතත්, නැගෙනහිර මහ ඇමැති අබ්දුල් මජීඩ් පවසන්නේ අගමැති සිං ගේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළු සහභාගිත්වය තහවුරු වී නැති හෙයින් නිල ඇරියුමක් කර නැති බවයි. ඉන්දීය අගමැතිවරයා නැගෙනහිරට පැමිණීම අනුමත කළත්, විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ සිංගාරවේලු දණ්ඩායුදපානී බීබීසීයට කියා සිටියේ උතුරේ මහ ඇමැති වරයා සේම මහ ඇමැති අබ්දුල් මජීඩ් ද කල් වේලා ඇතිව ආරාධනාවක් යැවිය යුතුව තිබුණු බවයි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්පූර්හි ඩොලර් කෝටි පනහකට අධික වියදමකින් ඉදි කැරෙන මෙගා වොට් 500ක ධාරිතාවක් අපේක්ෂිත තාප බලාගාරය රාජ්‍ය සමාගමක් වන ඉන්දීය ජාතික තාප බල සමාගම (NTPC) විසින් නැගෙනහිර කරනු ලබන ප්‍රමුඛතම ආයෝජනයක්. යළි පදිංචිය බලාගාරය ඉදිකිරීම පිණිස අක්කර 10,000 ක් පවරා ගැනීම හේතුවෙන් ප්‍රදේශවාසී දෙමළ පවුල් 1500 කට ගම බිම් අහිමි වන බව දූෂණ විරෝධී සංවිධානය පවසා තිබුණි. ශ්‍රී ලංකාවේ රජය එල්ටීටීඊ ය යුද්ධයෙන් පරාජය කිරීමෙන් අනතුරුව ඉන්දීය රජය විසින් උතුරු නැගෙනහිර නිවාස පනස් දහසක් ඉදි කිරීම අරඹා තිබේ සාම්පූර් බලාගාරය ‘රජයට ශක්තියක්’ වන බව පවසන නැගෙනහිර විපක්ෂ නායකයා එමගින් පාරම්පරික ගේ දොර අහිමි වන ජනතාව නැවත පදිංචි කරවීම කෙරෙහි ද ඉන්දීය අගමැති මන් මෝහන් සිං ගේ අවධානය යොමු විය යුතු බවයි කියා සිටින්නේ." +ශ්‍රී ලංකාවේ මුස්ලිම් පල්ලිවලට එල්ලවන ප්‍රහාර සම්බන්ධයෙන් වහාම පියවර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවන බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.,"කුරුණෑගල මාවලපිටියේ ජුම්මා මුස්ලිම් පල්ලියට එල්ල වූ පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාරය ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ඒ බව පවසන කොළඹ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප්, ඕනෑම ආගමික ස්ථානයකට එල්ලවන ප්‍රහාර හෙලා දැකිය යුතු බවත් සඳහන් කරයි. තානාපතිවරයා ඒ බව සඳහන් කරන්නේ ඉරිදා (මැයි 21) අලුයම කුරුණෑගල මාවලපිටියේ ජුම්මා මුස්ලිම් පල්ලියට එල්ල වූ පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාරය පිළිබඳ ට්විටර් පණිවුඩයකට සිය ප්‍රතිචාරය දක්වමිනි. පල්ලියේ දහම් අධ්‍යාපන කටයුතු සිදු කරන ශාලාවට එල්ල වී ඇති ප්‍රහාරය පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටියි. මේ සතිය ඇතුලත ශ්‍රී ලංකාවේ මුස්ලිම් පල්ලි තුනකට මේ ආකාරයෙන් ප්‍රහාර එල්ල වූ බව පෙන්වා දෙන ඇමෙරිකානු තානාපතිවරයා, මේ ප්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයන් ඉක්මනින් අත්අඩංගුවට ගෙන දඬුවම් පැමිණවීමට ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු ඇතැයි යන්න සිය බලාපොරොත්තුව බවත් සඳහන් කරයි. ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් ගේ ට්විටර් පණිවුඩය මුස්ලිම් පල්ලි සහ වෙළෙඳ ව්‍යාපාර ඉලක්ක කර ගනිමින් පසුගිය දිනවල එල්ල කෙරුණ වර්ගවාදී ප්‍රහාර සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි පියවර ගන්නේ නැත්නම් දැඩි ක්‍රියා මාර්ගයකට යන බවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන සමස්ත මුස්ලිම් නියෝජිතයෝ පසුගිය සතියේ අනතුරු ඇඟවීමක් කළහ. එකී වර්ගවාදී ප්‍රහාර නතර කරවීමට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යැවීමට තැපැල් සහ මුස්ලිම් කටයුතු භාර අබ්දුල් හලීම් ඇමතිවරයාගේ කාර්යාලයේ පැවැත්වුන සාකච්ඡාවක දී පාර්ලිමේන්තුවේ සිටින සියලු මුස්ලිම් මැති ඇමතිවරුන් තීන්දු කළ බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මන් බීබීසී සිංහල සේවයට පැවසීය. ආණ්ඩුව ඉහත කී ප්‍රහාර නතර කිරීමට අවශ්‍ය පියවර නොගන්නේ නම් මුස්ලිම් මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුව තුළ වෙනම කණ්ඩායමක් ලෙස පෙනී සිටීමට එම සාකච්ඡාවේ දී ඒකමතිකව තීන්දු කළ බවත් ඔහු සඳහන් කළේය. කුරුණෑගල මාවලපිටියේ ජුම්මා මුස්ලිම් පල්ලියට එල්ල වූ පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාරය පසුගියදා ගාල්ලේ ඉස්ලාම් සාන්තුවරයෙකුගේ සොහොන් කොත ද කිසියම් පිරිසක් විසින් කඩා බිඳ දමා තිබුණ අතර, ඇල්පිටිය, පානදුර, අකුරැස්ස ඇතුළු ප්‍රදේශවල මුස්ලිම් පල්ලි සහ ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ද පසුගිය සති කිහිපය තුළ ප්‍රහාර එල්ල වී තිබුණි. එහෙත් එම කිසිදු ප්‍රහාරයක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන ඇති බවක් වාර්තා වී නැත." +නව වසරක සිරදඬුවමක් සහ තුන් වසරක පොදු සමා කාලයකින් අනතුරුව ඕස්ට���‍රේලියානු ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකවන ෂපෙල් කෝබි (Schapelle Corby) ඉන්දුනීසියාවෙන් පිටුවහල් කෙරිණ.,"හිටපු රූප ලාවන්‍ය උපදේශකවරියකවන ඇය ගංජා කිලෝග්‍රෑම් 4.2 ක් ළඟ තබාගෙන සිටියදී බාලි දූපතේ ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගනු ලැබුවේ 2004 දීය. ඉන්දුනීසියාවේ අධිකරණය 2005 දී ඇයට සිර දඬුවම් නියම කළේය. එහෙත් ෂපෙල් කෝබි ට දුන් දඬුවම දරුණු වැඩි බව බොහෝ ඕස්ට්‍රේලියානුවන්ගේ මතය වූ අතර, එය දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලටද බලපෑවේය. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක බවට එල්ල වූ චෝදනාව ඇය මේ වනතුරුම ප්‍රතික්ෂේප කරයි. වාර්තා චිත්‍රපටය ඇය පිටුවහල් කිරීමට ආධාර කිරීම පිණිස සිය ගණනක පොලිස් භට කණ්ඩායමක් යොදවා තිබිණ. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ ඉතා දැඩි නීති පවතින අතර, ඒ අනුව ගංජා සහ හෙරොයින් හෝ කොකේන් වැනි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බලපවත්වන්නේ එකම නීතියකි. මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීමේ වරදට 2015 දී ඕස්ට්‍රේලියානුවන් දෙදෙනෙකුට මරණ දඬුවම පනවනු ලැබිණ. ෂපෙල් කෝබි සිය සිරදඬුවම විඳින අතරවාරයේ මානසික ආබාධයකට මුහුණදුන් ආකාරය ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය සානුකම්පිත්ව වාර්තා කළ නමුත් ඉන්දුනීසියානුවෝ ඇය සැලකුවේ අපරාධකාරියක වශයෙනි. ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු අභියාචනයකින් අනතුරුව ඇයගේ දඬුවම වසර පහකින් අඩු කෙරුණු අතර, යහපත් කල්ක්‍රියාව හේතුවෙන් ද දඬුවම වරින් වර ලිහිල් කෙරිණ. 2014 දී බන්ධනාගාරයෙන් නිදහස් කෙරුණු නමුත් පොදු සමාව සම්බන්ධ විධිවිධානවලට අනුකූලව වසර තුනක් ගතවන තුරු රටින් පිටවීමට ඇයට අවසර නොලැබිණ. 2007 දී ජනීන් හොස්කින් විසින් සම්පාදනය කරන ලද ""ගංජා රැජින"" (Ganja Queen) වාර්තා චිත්‍රපටයට පාදක වූයේ ඇගේ චරිතයයි." +ඉන්දියාවේ පාසල් වල සංස්කෘත සතියක් නම් කිරීමට කරන ලද නියෝගය ඇතැම් ආගමික දේශපාලකයන් කෝප ගැන්වීමට හේතු වී තිබේ.,"කෝපයට පත් දේශපාලකයෙකු කියා සිටියේ එක් භාෂාවකට මුල් තැන ලබා දීමෙන් ජාතික ඒකාග්‍රතාවට හානි විය හැකි බවයි. සංස්කෘත ඉතා පැරණි ඉන්දියානු භාෂාවක් වන අතර බොහෝ පාසල්වල එය අතිරේක විෂයයක් ලෙස උගන්වනු ලැබේ. කාව්‍ය හා රචනා තරඟ වැනි ක්‍රියාකාරකම් පාසල්වල සංවිධානය කිරීමෙන් ළමුන් තුළ සංස්කෘත භාෂාවට ඇති කැමැත්ත නැවත ඇති කිරීමට පියවර ගන්නා ලෙසයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. නව තරඟ සහ අන්තර්ජාල වැඩසටහන් හඳුන්වා දීම තුලින් ��ිසුන්ගේ සංස්කෘත දැනුම වර්ධනය කිරීමට පියවර ගන්නා ලෙස ද්විතීය අධ්‍යාපන මධ්‍යම කමිටුවට නියෝගය මගින් උපදෙස් දී තිබේ. සංස්කෘත ඉන්දියාවේ බොහෝ භාෂා වල මූලාරම්භය ලෙස පිළිගැනේ. නමුත් තවත් බොහෝ භාෂා අනෙකුත් පැරණි භාෂා වලින් බිඳී ඇති බව කෝපයට පත් දේශපාලකයෝ පවසති. දක්ෂිණාංශික හින්දු මතවාදය තමිල්නාඩුවේ දෙමළ ජාතික පක්ෂයේ නායකයෙක් කියා සිටියේ බහුතරයක් භාවිතා නොකරන භාෂාවක් හඳුන්වා දීමෙන් නව රජය දක්ෂිණාංශික හින්දු මතවාදයක් ඇති කිරීමට උත්සාහ දරන බවයි. නව රජය ප්‍රථමයෙන් හින්දි භාෂාව ඉන්දියාවේ රාජ්‍ය භාෂාව බවට පත් කිරීමට උත්සාහ කිරීම මතවාදයකට තුඩු දෙනු ලැබිණ. මේ වන විට 'සංස්කෘත සතිය' සම්බන්ධ නියෝගය හේතුවෙන් අපුර්වනාදන් වැනි අධ්‍යාපන විශේෂඥයන්, සංස්කෘත පාසල් තුළ ව්‍යාප්ත කිරීමේ පදනම ගැන ප්‍රශ්න කරයි. “ඉන්දියාවේ බොහොමයක් පාසල්වල ඉගැන්වීම් සිදු කරන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. සංස්කෘත හෝ අනෙක් විදෙස් භාෂා උගන්වන්නේ අතිරේක විෂයයන් විදිහට. මේ නියෝගය සම්බන්ධයෙන් පාසල් දක්වන්නේ විවිධ ප්‍රතිචාර, සමහරක් පාසල් කියන්නේ නැතිවේගන යන භාෂාවක් පන ගැන්වීමට ගන්න මේ උත්සාහය හොඳයි කියලා” ඔහු ප්‍රකාශ කළේය." +අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව ඉදිරිපත් කොට තිබෙන දෝෂාභියෝග චෝදනා සම්බන්ධ විභාග කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින් සාධාරණ පරීක්ෂණයක් අපේක්ෂා කළ නොහැකි බව පවසන පෙත්සම් කරුවෙක් එයට එරෙහිව රිට් තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට තිබේ.,"අදාළ චෝදනා සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා අගවිනිසුරුවරියට ප්‍රමාණවත් කාලයක් නොලැබෙනු ඇති බව ද පෙත්සමේ සඳහන් ගණකාධිකාරී වරයකු වන චන්ද්‍රා ජයරත්න විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමේ සඳහන් වන්නේ අගවිනිසුරු වරියට එරෙහි චෝදනා විභාග කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අධිකරණ බලයක් නොමැති බැවින් නීතියෙන් පිළිගත් මූලධර්ම වලට අනුව විනිශ්චයක් නොලැබී යාමට ඉඩකඩ පවතින බවයි. අදාළ චෝදනා සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා අගවිනිසුරුවරියට ප්‍රමාණවත් කාලයක් නොලැබෙනු ඇති බවද පෙත්සමේ සඳහන්. විශ්‍රාමික විනිශ්චයකරුවන් හෝ නීති ක්ෂේත්‍රයේ විශාරදයන්ගෙන් සමන්විත කමිටුවක් මෙවැනි චෝදනා විභාග කිරීම සඳහා වඩා යෝග්‍ය බවයි, පෙත්සමේ සඳහන් වන්නේ. පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ ප්‍රකාශයක් කළ අභියාචනාධිකරණයේ සභාපති ශ්‍රී ස්කන්ධරාජා විනිසුරුවරයා, පෙත්සම සම්බන්ධයෙන් වැදගත් නීතිමය ගැටළු කිහිපයක් නිරාකරණය කළ යුතුව තිබෙන බැවින් ත්‍රී-පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ අඟහරුවාදා යලිත් පෙත්සම කැඳවන බවයි. චෝදනා 14 ක් පදනම් කරගෙන අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විසින් පසුගියදා දෝෂාභියෝග චෝදනා පත්‍රයක් කතානායකවරයාට ඉදිරිපත් කළ අතර, ඉන් අනතුරුව එම චෝදනා විභාග කිරීම සඳහා කතානායක චමල් රාජපක්ෂ විසින් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් හත් දෙනකු සහ විපක්ෂ මන්ත්‍රීවරුන් සිවු දෙනකු ගෙන් සමන්විත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලදි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති අමාත්‍යවරයා ඇතුළු සාමාජිකයන් සියලු දෙනා පෙත්සමේ වග උත්තර කරුවන් ලෙසින් නම් කොට තිබේ. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා සබැඳි බීබීසී අඩවි මෙය සිංහල භාෂාවෙන් පලවන වෙබ් අඩවියක් නොවිය හැකිය" +මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තුන් වන වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය කවර තීන්දුවක් ලබා දුන්නත් එය ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා හෝ වෙනත් කිසිදු පාර්ශවයක් බැඳී නොමැති බව ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ නීතිවේදීන්ගේ සංගමය පවසයි.,නීතිවේදි ලාල් විජේනායක එම සංගමයේ කැඳවුම්කරු නීතිවේදි ලාල් විජේනායක මේ බව කියා සිටියේ තමන්ට තුන් වන වතාවටත් ජනාධිපතිවරණයට තරඟ කළ හැකි දැයි ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කර ඇති මත විමසුම පිළිබඳව සංදේශයට අදහස් දක්වමින්. නීතිවේදි ලාලා විජේනායක පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129(1) වගන්තියට අනුව ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා ගත හැක්කේ උපදේශයක් පමණක් බවයි. 'උපදේශයක් පමණයි' ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වගන්තියට අනුව යම් කරුණක් පිළිබඳව ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසීමක් ලබා ගන්න පුළුවන්. එවැනි අවස්ථාවක දී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන්නේ උපදේශයක් පමණයි. එවැනි උපදේශයක් කිසිසේත් ම අධිකරණ නියෝගයක් වෙන්නේ නැහැ. එය කඩ කළා කියා උසාවියට අපහාසයක් වන්නේත් නැහැ. ඒ නිසා මෙවැනි උපදේශයක් පිළිපැදීමට මැතිවරණ කොමසාරිස්වරයා හෝ වෙනත් කිසිදු පාර්ශවයක් බැඳී නැහැ.’ නීතිවේදී ලාල් විජේනායක ප්‍රකාශ කළේය. එහෙත් මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය දෙන්නේ උපදෙසක් වුවත් ඒ අනුව කටයුතු කිරීමට ජනාධිපතිවරයාට හැකියාවක් පවතින බවයි. ‘ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණය ලබා දෙන්නේ ජනාධිපතිවරයාටයි. ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ඒ අනුව කටයුතු කරන්න පුළුවන්. එසේ කටයුතු කරන අවස්ථාවක ඊට එකඟ නොවන පාර්ශවයක් වේ නම් ඔවුන්ට අභියාචනාධිකරණය හමුවට ගොස් රිට් ආඥාවක් ඉල්ලා අදාළ ක්‍රියාව නැවැත්වීමට කටයුතු කළ හැකියි.’ ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා කියා සිටියේය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කර ඇති මත විමසුම ප්‍රසිද්ධියේ විභාගයට ගතහොත් පමණක් තම සංගමය මැදිහත් වී කරුණු දැක්වීමට තීරණය කර ඇති බවයි ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ නීතිවේදීන්ගේ එකමුතුවේ කැඳවුම්කරු ලාල් විජේනායක පවසන්නේ. +කටාර් රාජ්‍යය සහ සෞදි අරාබිය ඇතුළු අරාබි රටවල් කිහිපයක් අතර මතුව ඇති අර්බුදය තවමත් සමථයකට පත් වී නොමැත.,"කටාර් ගුවන් සේවයට සිය ගුවන් කලාපය වසා දැමීමට සෞදි අරාබිය ඇතුළු සෙසු රටවල් කටයුතු කළහ සෞදි අරාබිය, බහරේනය, ලිබියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, යේමනය, ඊජිප්තුව යන රටවල් විසින් කටාර් රාජ්‍යය හුදෙකලා කරනු ලැබීම තුර්කි ජනාධිපතිවරයාගේ දැඩි විවේචනයට ලක් විය. ඉහත කී අරාබි රටවල් විසින් ගත් එම තීන්දුව තුර්කි ජනාධිපති රෙජෙප් තයියප් එර්දොවාන් විසින් හඳුන්වනු ලැබුවේ ""අමානුෂික සහ ඉස්ලාමීය හර පද්ධතීන්වලට පටහැණි"" ක්‍රියාමාර්ගයක් ලෙසය. කටාර් රාජ්‍යය සමග පැවති සියලු සබඳතා අත්හිටුවීමට ගත් තීන්දුව ""මරණ දණ්ඩනය"" ලබා දීමක් හා සමාන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ත්‍රස්තවාදී කණ්ඩායම් සහ ඉරානයට සහාය ලබා දෙන බවට සෙසු ගල්ෆ් රටවල් කරන චෝදනා කටාරය ප්‍රතික්ෂේප කරයි. පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ එල්ල වී ඇති බලපෑමෙන් ගොඩ ඒම සඳහා කටාර් රාජ්‍යයට සහාය ලබා දෙන බවට ජනාධිපති එර්දොවාන් ප්‍රතිඥා දී තිබේ. අර්බුදය විසඳා ගැනීම සඳහා කටයුතු කිරීම සෞදි අරාබියේ වගකීමක් බවත් ඔහු සඳහන් කළේය. අත්‍යවශ්‍ය අහාර ඩෝහා අගනුවර වෙළඳසැල් වෙත ආහාර තොග ප්‍රවාහනය කිරීමට තුර්කිය කටයුතු කළේය කිරි නිෂ්පාදන, කුකුළු මස් සහ පලතුරු යුෂ ඩෝහා අගනුවර වෙත ගුවන් මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමට තුර්කිය පස��ගියදා කටයුතු කළේය. අර්බුදය සම්බන්ධයෙන් මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරන බව මොරොක්කෝව මීට පෙර පවසා තිබිණි. කෙසේ නමුත් ආහාර හිඟයක් ඇති වීම වළක්වා ගැනීම පිණිස කටාරය වෙත ගුවනින් ආහාර තොග යැවීමට කටයුතු කෙරෙනු ඇති බව සඳුදා (ජුනි 02) මොරොක්කෝ රාජ්‍යය නිවේදනය කළේය. ශ්‍රී ලාංකිකයන් කටාර් වෙත ආනයනය කෙරෙන අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන්නේ ගොඩබිම් සහ මුහුදු මාර්ග ඔස්සේය මේ අතර කටාර් රාජ්‍යය හා සෙසු කලාපීය රටවල් අතර මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කටාරයේ සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන් නියෝජනය කරන සංවිධාන 22 ක සහභාගිත්වයෙන් හමුවක් සංවිධානය කර ඇති බව එරට සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා පවසයි. තානාපති ඒ.එස්.පී ලියනගේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ බදාදා (ජුනි 14) ඩෝහා අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී එරට වේලාවෙන් සවස 05.00 ට එම හමුව පැවැත්වෙන බවය. කෙසේ නමුත් කටාරය සහ සෙසු කලාපීය රටවල් අතර මතුව ඇති රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ රැකියාවල සුරක්ෂිතභාවයට බලපෑමක් එල්ල වී නොමැති බව තානාපතිවරයා අවධාරණය කළේය. ශ්‍රී ලාංකිකයන් එක්ලක්ෂ විසි දහසකට අධික සංඛ්‍යාවක් කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටිති. කටාර් රාජ්‍ය වෙත සහාය පළ කරමින් තුර්කියේ පැවති උද්ඝෝෂණයක් ඔබ කටාර් රාජ්‍යයේ හෝ මැදපෙරදිග කලාපයේ සිටින්නෙක්ද ? කටාරයේ අර්බුදය සමග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ඔබේ අත්දැකීම් හා අදහස් දන්වන්න. දුරකතන : +44 (0) 20 36144039 + 44 (0)20 36140556 + 44 (0)20 36140555 + 44 (0)20 36140554 + 44(0) 20 36140551 + 44(0) 20 36140552 Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න ඊමේල් : sinhala@bbc.co.uk" +ශ්‍රී ලංකාවේ වත්මන් සාමාජයීය අවශ්‍යතාවයන හඳුනාගෙන ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාරිනී ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.,"ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කඩා වැටීම රටේ සෙසු ක්ෂේත්‍රවලටත් බලපා ඇති බවත් ආචාර්ය අමරසූරිය පෙන්වා දෙන්නීය. ""අපේ අධ්‍යාපන පුහුණුවීම් පද්ධතිය සම්පුර්ණයෙන්ම කඩා වැටිලා තියෙන්නේ. ඒවා තුළ වැඩ කරන්න පුළුවන් පුද්ගලයන් බිහි වෙන්නේ නැහැ,"" ඇය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පරිපාලනයේ කඩා වැටීම බවට එල්ල වන විවේචන පිළිබඳව බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. ""මේ සමාජය වෙනස් කරන්න පුළුවන්. මේ සමාජ���ේ වගකීමක් ගන්න පුළුවන් පුද්ගලයන් බිහි වෙන්න නම් අධ්‍යාපන පද්ධතිය නිසියාකාරව තිබිය යුතුයි."" (සාකච්ඡාවට සවන්දෙන්න) කෙසේ නමුත් අධ්‍යාපනයේ කඩා වැටීම සහ සෙසු ක්ෂේත්‍රවල කඩා වැටීම අතර තිබෙන සම්බන්ධය ශ්‍රී ලංකාවාසීන් වටහා නොගැනීම බරපතලම ගැටලුවක් බව ඇයගේ විග්‍රහයයි. 'බලපෑම' අධ්‍යාපන පරිපාලනයේ කඩාවැටීම හේතුවෙන් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනාගතය සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්වයක් ඇති වී තිබෙන බවත් ඇය පෙන්වා දෙයි. ""පරිපාලනය කඩාවැටීම නිසා ගුරුවරුන්ට වේතනය ගෙවීම, ගුරුවරුන් බඳවා ගැනීම, ඔවුන්ගේ උසස් වීම්, පුහුණු ආධි කටයුතු ප්‍රමාද වෙලා තිබෙන බව පසුගිය සතියේ මා හමු වූ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් කිව්වා."" ආචාර්ය හරිනි අමරසූරිය විග්‍රහ කරන පරිදි ගුරු පුහුණු ආයතනය ඒ කඩාවැටීම පැහැදිලිව දක්නට ලැබෙන එක් ආයතනයක්. ""උසස් මට්ටමේ ගුරු පුහුණුවීම් කරන පද්ධතියක් ශ්‍රී ලංකාව තුළ තිබුණා. නමුත් පසුගිය අවුරුදු කීපයක් තුළ එම උසස් මට්ටමේ බරපතළ දුර්වලතා ඇති වෙලා තිබෙනවා,"" කථිකාචාරිනිය සඳහන් කළාය. ""මේක ඉතා ප්‍රශ්නකාරී තත්වයක්. ගුරුවරුන්ට හරි පුහුණුවක් නැත්නම් රට තුළ ගුණාත්මක අධ්‍යාපන පද්ධතියක් පවත්වා ගෙන යන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් ඇති වෙනවා. මෙම ප්‍රශ්නය විසඳන්න යම්කිසි ක්‍රියාමාර්ගයක් අර ගෙන තිබෙන බවක් අපිට පෙනෙන්න නැහැ."" 'ඉක්මන් විසඳුම්' පාසල් ශිෂ්‍යන්ට ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට අවසර ලබා නොදුන් ගුරුවරුන් සම්බන්ධයෙන්ද පසුගියදා ප්‍රදේශ කීපයකින් වාර්තා විය. ""මේ ගැන අපි පුදුම වෙන්න ඕන නැහැ. ගුරු වෘත්තීය කඩා වැටෙන කොට ඔවුන්ට ඒ වෘත්තීය පිළිබඳ හැඟීමක් නැති වෙනවා. දැන් ගුරු වෘත්තීය වෙන වැඩකට යන්න බැරි වෙලාවට යොමු වෙන වෘත්තියක් බවට පත් වෙලා තිබෙනවා."" එබැවින් ශ්‍රී ලංකා රජය වහාම මේ අර්බුදයට මැදිහත් වී ජාතික ප්‍රතිපතියක් සකස් කිරීමේ අවශ්‍යතාවය කථිකාචාරිනිය අවධාරණය කරන්නීය. ""ප්‍රධාන වශයෙන් අධ්‍යාපනය පිළිබඳ දැනුමක් තිබෙන පුද්ගලයන් එම ක්ෂේත්‍රයට නායකත්වය දෙන්න ඕන. දැන් තිබෙන තත්වය අනුව අධ්‍යාපනය ගැන දැනුමක් නැති පුද්ගලයන් ඒ ගැන තීරණ ගන්නේ. අද දවසට හා අනාගතයට ඕන වෙන විදියට අධ්‍යාපනය ගැන තීරණය ගන්න උගතුන් පුද්ගලයන් එම ක්ෂේත්‍රය තුළ සිටී යුතුයි,"" ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් සඳහන් කළාය." +සිය යුද ශක්තිය ප්‍රදර්ශනය කිරීම පිණිස ඇමෙරිකානු බෝම්බ ප්‍රහාරක යානා උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළබඩ තීරය සමීපයට පියාසර කළ බව පෙන්ටගනය පවසයි.,"""ඕනෑම තර්ජනයක් පරාජය කිරීම සඳහා"" ජනාධිපති ට්‍රම්ප් සතුව ""විවිධ හමුදා ක්‍රියාමාර්ග"" තිබෙන බව ප්‍රදර්ශනය කිරීම උතුරු කොරියාව සමීපයට ප්‍රහාරක යානා පිටත් කිරීමේ අරමුණ බව ද පෙන්ටගනයේ ප්‍රකාශිකා ඩනා වයිට් (Dana White) සඳහන් කළාය. ඇමෙරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර වාග් සංග්‍රාමය මෑත සති කිහිපය තුළ උත්සන්න විය. අඟහරුවාදා (සැප්තැම්බර් 19) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් සිය පළමු කතාව සිදු කළ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තමන්ගේ හෝ සිය සගයන් ගේ ආරක්ෂාව සඳහා බලපෑම් කරන්නේ නම් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් උතුරු කොරියාව විනාශ කර දමනු ඇතැයි ජනාධිපති අනතුරු ඇඟවීමක් කළේය. ""21 වෙනි සියවසේ දී ඕනෑම අමෙරිකානු ප්‍රහාරක යානයක් උතුරු කොරියානු වෙරළේ සටන් මුක්ත කළාපයේ උතුරු ප්‍රදේශයේ පියාසර කළ සමීපම අවස්ථාව මෙය,"" බව සඳහන් කළ ප්‍රකාශිකාව, උතුරු කොරියාවේ ""සාහසික හැසිරීම"" තමන් කෙතරම් බැරෑරුම් ලෙස සලකන්නේ දැයි එමගින් අවධාරණය කෙරෙන බව ද සඳහන් කළේය. ඇමෙරිකා එක්සත් ජනපදය එම නිවේදනය කළේ උතුරු කොරියාවේ විදේශ ඇමතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතා සිය දේශනය පැවැත්වීමට නියමිතව තිබියදීය. ඊට පැය කිහිපයකට පෙරාතුව උතුරු කොරියාවේ න්‍යෂ්ඨික පරීක්ෂණ මධ්‍යස්ථානය අසල මැග්නිටියුඩ් 3.4 ක කම්පනයක් හට ගැනීමත් සමග උතුරු කොරියාව යළිත් වරක් න්‍යෂ්ඨික බෝම්බයක් අත්හදා බලන්නට ඇතැයි බිය පළ වින. එහෙත් එය ස්වභාවික භූ කම්පනයක් බව විශේෂඥයන් සහ න්‍යෂ්ඨික අත්හදා බැලීම් පිළිබඳ ජාත්‍යන්තර නිරීක්ෂකයන් පැවසූහ." +ත්‍රස්තවාදයට අනුබල දෙන බවට චෝදනා කරමින් අසල්වැසි රටවල් හතරක් ඇතුළු රටවල් කිහිපයක් විසින් කටාර් රාජ්‍යයට එරෙහිව සම්බාධක පනවනු ලැබුවේ මීට සති දෙකකට පමණ ඉහතදීය.,"""පළතුරු, එළවළු ගත්තම හුඟක් ගණන් වැඩිවෙලා. ඇපල් කිලෝ එක රියාල් 5 ට තිබ්බේ. දැන් ඒකම රියාල් 15 වෙලා තියෙනව. දොඩම් ගත්තත් එහෙමයි. තක්කාලිත් එහෙමයි."" එම සම්බාධකවලින් සිය පුරවැසියන්ට හෝ එහි සේවය කරන විදේශිකයන්ට කිසිදු බලපෑමක් වීමට ඉඩ නොතබන බවට කටාරයේ ආණ්ඩුව අවධාරණය කරයි. බොහෝ අංශවලින් එහි බලපෑම දැනටමත් දැනෙමින් පවතින බව එහි වෙසෙන එක් ශ්‍රී ලාංකික සේවකයෙක් බීබීසී සිංහල සේවයට පැවසූ අතර සම්බාධකවල සැබෑ බ���පෑම දැනෙන්නට තවත් බොහෝ කලක් ගතවනු ඇති බව තවත් ශ්‍රී ලාංකිකයෙකුගේ අදහසය. කටාරය සමග වෙළෙඳ සම්බන්ධතා අත්හැරීම මගින් සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල ආදායම බිඳ වැටී ඇති බව ද බොහෝ ශ්‍රී ලාංකිකයෝ පවසති. විශේෂයෙන්ම ඉහත කී රටවල් දෙක සහ ඊජිප්තුව, බහරේනය සහ යේමනය විසින් පනවනු ලැබ තිබෙන සම්බාධක හේතුවෙන් රටේ සුළු පරිමාණ කර්මාන්තවලට අවදානමක් මතු වී තිබෙන බව ඩෝහා අගනුවර පයිප්ප නිෂ්පාදන කම්හලක සේවය කරන තංගවේල් නිරෝෂන් බීබීසී සිංහල සේවයට පැවසීය. රටවැසියන් පමණක් නොව එහි වෙසෙන විදේශිකයන් තුළ ද කටාරය පිළිබඳව ""දෙවැනි මවු රට"" වැනි ඇල්මක් මතු වී තිබෙන බව එහි වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පවසති ""කර්මාන්තවලට අමුද්‍රව්‍ය එන එක තමා හුඟක් දුරට නතරවෙලා තියෙන්නේ,"" යනුවෙන් ද ඔහු සඳහන් කළේය. ""ඒ නිසා අපේ සමාගමේ වුණත් අමුද්‍රව්‍ය තියෙන්නේ තව සතියකට දෙකකට විතරයි. එතනින් එහාට නිෂ්පාදන කරන්න බඩු නෑ."" තමන් සේවය කරන ආයතනය වැනි බොහෝ කර්මාන්තවලට මෙතෙක් අමුද්‍රව්‍ය සපයනු ලැබුවේ ඩුබායි සහ සවුදි අරාබිය විසින් බව ද ඔහු පැවසීය. 'දැනට කියන්න බෑ' මේ තත්වය යටතේ තමන්ට හිමි නිවාඩුව සහ පඩි රහිත නිවාඩුවක් ද සහිතව දීර්ඝ නිවාඩුවක් රැගෙන සිය රට ගොස් පැමිණෙන මෙන් බොහෝ සමාගම් සේවකයන්ට දැනුම් දී තිබෙන බවත් බීබීසී සිංහල සේවයට වාර්තා වේ. සන්නිවේදන සහ ප්‍රචාරක අංශයේ සේවය කරන විජය ශ්‍රී බණ්ඩාර බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින්, අරාබි රටවල් එම සම්බාධක පනවනු ලැබුවේ සාමාන්‍යයෙන් ව්‍යාපාරික කටයුතු බිඳ වැටෙන රාමදාන් උපවාස සමයේ බැවින් එහි සැබෑ බලපෑම වටහා ගැනීමට තවත් මාස කිහිපයක් ගතවනු ඇති බව පැවසීය. අසල්වැසි අරාබි රටවල සම්බාධක කටාරයට වෙස් වළාගත් ආශීර්වාදයක් ද? කුඩා පරිමාණ කර්මාන්ත බිඳ වැටීමේ අවදානමක් පවතින නමුත් දීර්ඝ කාලීන වශයෙන් ගත් කළ කටාරයේ මහා පරිමාණ ව්‍යාපාර සහ විශේෂයෙන්ම දේශීය නිෂ්පාදන හා ආයෝජනවලට මේ අර්බුදය වාසියක් විය හැකි බවත් විජය ශ්‍රී බණ්ඩාර සඳහන් කළේය. මේ අතර ඩෝහා අගනුවර භාණ්ඩ ප්‍රවාහන සමාගමක සේවය කරන ඔෂඳ සෞම්‍ය වීරරත්න පවසන්නේ සම්බාධක හේතුවෙන් කටාරයට මෙතෙක් කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවය. ""රැකියා අතිනුත් කිසිම බලපෑමක් නැහැ. කෑම බීම අතිනුත් කිසිම බලපෑමක් නැහැ. ඉස්සර වගේම කෑම බීම තියෙනව. ඉස්සරට වඩා හොඳ ප්‍රමිතියේ කෑම බීම එනව තුර්කිය වගේ ��ටවලින්."" 'දෙවැනි මවු රට' බඩු මිලේ ද විශාල වෙනසක් දකින්නට නැතැයි ඔෂඳ සෞම්‍ය වීරරත්න කියා සිටි නමුත් තංගවේල් නිරෝෂන් පවසන්නේ අගනුවර තුළ එවැනි වෙනසක් නැතත් නගරය ආසන්නයේ පිහිටි වෙළෙඳසැල්වල පැහැදිලිවම විශාල වෙනසක් දක්නට ලැබෙන බවය. ""අපේ සමාගමේ වුණත් අමුද්‍රව්‍ය තියෙන්නේ තව සතියකට දෙකකට විතරයි. එතනින් එහාට නිෂ්පාදන කරන්න බඩු නෑ"" ""පළතුරු, එළවළු ගත්තම හුඟක් ගණන් වැඩිවෙලා. ඇපල් කිලෝ එක රියාල් 5 ට තිබ්බේ. දැන් ඒකම රියාල් 15 වෙලා තියෙනව. දොඩම් ගත්තත් එහෙමයි. තක්කාලිත් එහෙමයි."" නිෂ්පාදන කර්මාන්ත හැරුණු විට, කර්මාන්ත සඳහා සේවකයන් සපයන සමාගම් ද මේ අර්බුදය හේතුවෙන් වසා දැමීමට සිදුවීමේ තර්ජනයක් මතු වී තිබෙන බවත් තංගවේල් නිරෝෂන් පැවසීය. කටාරය සහ අසල්වැසි රාජ්‍ය අතර හටගෙන තිබෙන අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙන් රටවැසියන් පමණක් නොව එහි වෙසෙන විදේශිකයන් තුළ ද කටාරය පිළිබඳව ""දෙවැනි මවු රට"" වැනි ඇල්මක් මතු වී තිබෙන බව ඔෂඳ සෞම්‍ය වීරරත්න ගේ අදහසය. 'වෙස් වළාගත් ආශීර්වාදයක්' එය අනුමත කරන විජය ශ්‍රී බණ්ඩාර ""පුළුල් අනාගත දැක්මක් සහිත"" කටාරයේ තරුණ එමීර්වරයා රටවැසියන්ගේ ගෞරවාදරයට පාත්‍රව සිටින ඉතාමත් ජනප්‍රිය නායකයෙක් බව බීබීසී සිංහල සේවයට පැවසීය. එබැවින් ඇතැම්විට මේ අර්බුදය කටාරයට ""වෙස් වළාගත් ආශීර්වාදයක් ද"" විය හැකි බව පවසන ඔහු දිගු කාලීන වශයෙන් ගත් කළ කටාරය වඩාත් ශක්තිමත්ව අර්බුදයෙන් ගොඩ එනු ඇතැයි විශ්වාසය පළ කළේය. ""පුළුල් අනාගත දැක්මක් සහිත"" කටාරයේ තරුණ එමීර්වරයාට සහාය පළ කරන පාපන්දුලෝලීන් මීට ඉහතදී කිහිප වතාවක්ම බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ ඩෝහා අගනුවර සිටින ශ්‍රී ලංකා තානාපති ඒඑස්පී ලියනගේ ද සඳහන් කළේ සම්බාධකවලින් අනතුරුව කටාරයේ ජනජීවිතයට කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවය. ශ්‍රී ලාංකික සේවක සේවිකාවන් 140,000 ක් පමණ කටාරයේ සේවයේ යෙදී සිටින බව තක්සේරු කෙරේ. සම්බාධක ඉවත්කිරීම පිණිස අසල්වැසි රටවල් සිකුරාදා (ජුනි 23) ඉදිරිපත් කරන ලද කොන්දේසි 13 සෙනසුරාදා කටාරය ප්‍රතික්ෂේප කිරීමත් සමගම කලාපය තුළ දේශපාලන උණුසුම ද ඉහල යමින් පවතී. අල් ජසීරා ඩෝහා අගනුවර මූලස්ථාන කරගත් අල් ජසීරා රූපවාහිනිය වසා දැමීම එයින් එක් කොන්දේසියකි. එය ප්‍රතික්ෂේප කරන අල් ජසීරා මාධ්‍ය ආයතනයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ අංශයේ කළමනාකාර ඉහ්තිශාම් හිබතුල්ලා බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් එම කොන්දේසිය විග්‍රහ කළේ ""ප්‍රජාතන්ත්‍රවාදයේ හඬ සහ භාෂණයේ නිදහස යටපත් කිරීමේ උත්සාහයක්"" වශයෙනි. අල් ජසීරා මාධ්‍ය ආයතනය වසා දැමීම අරාබි රටවල එක් කොන්දේසියකි අරාබි රටවල් ඉදිරිපත් කරන අනෙක් කොන්දේසි අතර: එම සියලු කොන්දේසි ප්‍රතික්ෂේප කරන කටාරය පවසන්නේ ඒවා අසාධාරණ සහ ක්‍රියාවට නැගිය නොහැකි කොන්දේසි බවය." +ලොව දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනාවෛරස් රෝගීන් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.,"""ඉන්දියාවේ මිලියනයකට පරීක්ෂණ කෙරෙන්නේ තිස් දහසක්. එය වෛරස් ආසාදිතයන් වැඩි වශයෙන්ම සිටින රටවල් දහය අතරින් පහළ සිට දෙවෙනි තැන."" ඇමරිකා එක්සත් ජනපදයෙන් ජුලි 17 වෙනිදා වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව අභිබවා පැය 24 ක් තුළ ඉන්දියාවෙන් අලුතින් රෝගීන් 78,761 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි ඉරිදා (අගෝස්තු 30) වාර්තා විය. මේ වන විට ලොව කොරෝනාවෛරස් රෝගීන් වැඩි වශයෙන්ම වාර්තා වන රටවල් අතර ඉන්දියාව තෙවෙනි ස්ථානයේ පසු වෙයි. පසුගිය මාර්තු මස වසංගතයේ බලපෑමට ලක් වීමත් සමග ඉන්දියාවේ දස ලක්ෂ ගණනකට රැකියා අහිමි විය. නමුත් ආර්ථිකය නංවා ගැනීමේ උත්සාහයක් වශයෙන් ඉන්දීය ආණ්ඩුව තවදුරටත් සංචරණ සීමා ඉවත් කරමින් සිටී. එරට වෛරස් රෝගීන්ගේ වාර්තා ගත වැඩිවීමක් පෙන්නුම් කරන්නේ එවැනි පසුබිමකදීය. බොහෝ ග්‍රාමීය ප්‍රදේශයන්හි කෝවිඩ්-19 රෝගීන්ගේ හදිසි වර්ධනයක් පෙන්නුම් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් විශාල වශයෙන් බිය පළ වේ. මේ වන විට ලොව පුරා කොරෝනාවෛරස් රෝගීන් සංඛ්‍යාව මිලියන 25 ඉක්මවා ගොස් ඇති අතර ඒ හේතුවෙන් මරණයට පත් සංඛ්‍යාව 846,000 කට අධිකය. වසංගතය හමුවේ වැඩිම බලපෑමකට ලක්ව ඇති රට ඇමරිකා එක්සත් ජනපදයයි. මේ වන විට එරට රෝගීන් සංඛ්‍යාව මිලියන 6 ට ළඟා වී ඇති අතර එය ලොව මුළු රෝගීන් සංඛ්‍යාවෙන් 1/4 කට ආසන්න අගයකි. කොරෝනාවෛරසය හේතුවෙන් ඉන්දියාවේ මරණයට පත් සංඛ්‍යාව හැට දහස ඉක්මවා ඇත ආසාදිතයන් ඉහළ යාමට හේතුව? ජුලි 17 වෙනිදා එක්සත් ජනපදයෙන් දිනක් තුළ ආසාදිතයන් 77,299 ක් හමු වූ අතර ඉන්දියාව ඉරිදා එම සංඛ්‍යාව අභිබවා ගියේය. ""දිනක් තුළ ලොව පුරා වාර්තා වුණු වැඩිම රෝගීන් සංඛ්‍යාව මෙයයි. ග්‍රාමීය ප්‍රදේශ තුළ වසංගතය පැතිර යාම ඊට හේතු වී තිබෙනවා,"" යනුවෙන් හෘද රෝග පිළිබඳ වෛද්‍යවරයෙකු වන මනෝජ් කුමාර් රොයිටර් පුවත් සේවයට පැවසීය. කෝවිඩ්-19 වසංගතයේ මුල් අවදියේදී ඉන්දියාව දැඩි ලොක්ඩ��ුන් සීමා ක්‍රියාත්මක කරමින් තරමක් හොඳින් ඊට මුහුණ දෙන බවක් දක්නට ලැබිණි. නමුත් ඉන් අනතුරුව කුඩා නගර සහ ග්‍රාමීය ප්‍රදේශ තුළ පැතිර යාමට පෙරාතුව වෛරසය මුම්බායි, සහ දිල්ලි වැනි මහා නගර වෙත ළඟා විය. රෝගීන් සංඛ්‍යාව ඉහළ ගිය ද ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටී. සංස්කෘතික,ප්‍රාසංගික සහ ක්‍රීඩා උත්සව වෙනුවෙන් සිය දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකට රැස් වීමට සැප්තැම්බර් සිට අවසර හිමි වේ. එම රැස්වීම්වලට සහභාගි වෙන පුද්ගලයන් මුඛ ආවරණ පැළඳිය යුතු අතර සමාජ දුරස්ථභාවය පවත්වා ගත යුතුය. විශාල නගර තුළ උමං දුම්රිය සේවා ද යළි ආරම්භ කිරීමට නියමිතය. පසුගිය මාර්තු මස වසංගතයේ බලපෑමට ලක් වීමත් සමග ඉන්දියාවේ දස ලක්ෂ ගණනකට රැකියා අහිමි විය ඉන්දියාවේ 'Medanta' රෝහලේ රුධිර වාහිණී විද්‍යාව පිළිබඳ අංශයේ සභාපති වෛද්‍ය රජීව් පරේක් රොයිටර් පුවත් සේවයට පැවසුවේ, ""රෝගීන් සංඛ්‍යාව පහළ යාමට පටන් ගත් විට, දැන් හරි, අපි යුද්ධය දින්නා කියලා මිනිස්සු හිතුවා...මාස්ක් දාන්නේ නැතුව, සමාජ දුරස්ථභාවය පවත්වා ගන්නේ නැතුව හැමෝම හිටියා."" යනුවෙනි. ""එය සිදු නොවීමට අප වගබලා ගත යුතුව තිබූ දෙයක්."" රෝගීන් නිසි ලෙස වාර්තා නොවීම සහ පර්යේෂණ පහසුකම් අඩුකම තවදුරටත් ගැටලුවක්ව පවතින බව වෛද්‍යවරු පවසති. දිනකට කරනු ලබන පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට දිල්ලි බලධාරීන් මෑතකදී ක්‍රියා කර තිබේ ඉන්දියාවේ 63,000 ක් වන මරණ සංඛ්‍යාව දළ වශයෙන් මෙක්සිකෝවේ මරණ සංඛ්‍යාව හා සමාන වේ. නමුත් ඉන්දියාවේ මිලියන 3.5 ක් වන ආසාදිතයන් හා සැසඳීමේ දී මෙක්සිකෝවේ එම සංඛ්‍යාව 591,000 තරම් අගයකට සීමා වෙයි. ඉන්දියාව විසින් සිය මරණ සංඛ්‍යාවට දත්ත එක්රැස් කරනු ලබන්නේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුණු පුද්ගලයන්ගෙන් පමණි. වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිත රෝගීන්ගේ දත්ත ඒ සඳහා යොදා නොගනියි. ""ඉන්දියාවේ මිලියනයකට පරීක්ෂණ කෙරෙන්නේ තිස් දහසක්. එය වෛරස් ආසාදිතයන් වැඩි වශයෙන්ම සිටින රටවල් දහය අතරින් පහළ සිට දෙවෙනි තැන,"" යනුවෙන් වෛරස් අධ්‍යයන විද්‍යාව පිළිබඳ විශේෂඥ ෂහිඩ් ජමීල් AFP පුවත් සේවයට පැවසීය. ආණ්ඩුව පවසන්නේ කුමක්ද? ඉහත කී වාර්තාගත වැඩිවීම පිළිබඳ කිසිදු සඳහනකින් තොරව අගමැති නරේන්ද්‍ර මෝදි ගුවන් විදුලිය ඔස්සේ කෙරෙන සිය මාසික දේශනය පැවැත්වීය. කොරෝනාවෛරසය පරාජය කිරීම සඳහා තවදුරටත් එක්සත්ව සිටින ලෙස හා නීති ���ිළිපදින ලෙස ඔහු ඉන්දීය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේය. ""සෑම පුරවැසියෙකුම සෞඛ්‍ය සම්පන්න වීම වැදගත්. අපි එක් වෙලා සම්පූර්ණයෙන්ම කොරෝනාවෛරසය පරාජය කරනවා,"" යනුවෙන් අගමැති මෝදි පැවසීය. ""කොරෝනා පරාජය කළ හැක්කේ ඔබ ආරක්ෂිතව සිටීමෙන් පමණයි, මීටර් දෙකක සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සහ මුඛ ආවරණ පැළඳීම ඉෂ්ඨ කළ යුතුයි."" හිටපු ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි ජනාධිපති සමාව ලබා දෙන ලෙස මරණ දණ්ඩනය ලබා සිටි පුද්ගලයන් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් 30 ක් ප්‍රනාබ් මුඛර්ජි විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබිණි මේ අතර කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී දින 21 කට පසු ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ප්‍රනාබ් මුඛර්ජි අභාවප්‍රාප්ත වී තිබේ. 84 වෙනි වියේ පසු වූ හිටපු ජනාධිපතිවරයා මොළයේ කැටියක් ඉවත් කිරීම සඳහා රෝහල් ගත කර තිබිණි. ඔහුට කෝවිඩ්-19 ආසාදනය වී ඇති බව එහිදී සොයා ගනු ලැබිණි. 2012 සහ 2017 ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට පෙර සිය 51 ක් වසරක දේශපාලන ජීවිතය තුළ ඔහු වැදගත් ධුර ගණනාවක් හොබවා තිබේ. මුදල්, විදේශ කටයුතු සහ ආරක්ෂක යන අමාත්‍ය ධුර ද ඒ අතර වේ. ප්‍රනාබ් මුඛර්ජිගේ පුතා අභිජිත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සිය පියාගේ මරණය තහවුරු කර තිබිණ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ මණ්ඩලයන්හි ද ඔහු සේවය කර තිබිණි. ඉන්දියාවේ කොරෝනාවෛරස් වසංගතය ගැන තවත් පුවත්:" +"යුක්රේන් අර්බුදය මුල්කර ගනිමින් සුවිශේෂී රුසියානු වැසියන් සහ ආයතන තෝරා ගනිමින්, ඔවුන් ඉලක්ක කොට පනවන ලද සම්බාධක පල රහිත වීමට ඉඩකඩ ඇතැයි ජනාධිපති බරක් ඔබාමා පවසයි.","දකුණු කොරියාවේ සිදු කරන සංචාරයක් අතරවාරයේ අදහස් දක්වමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, රුසියාව නැගෙනහිර යුක්රේනයේ යුදමය මෙහෙයුම් ආරම්භ කළොත් එක්සත් ජනපදය සහ ඇයගේ යුරෝපීය සගයන් රුසියානු ආර්ථිකයේ මර්මස්ථාන වලට බලපාන මට්ටමින් තවත් සම්බාධක පැනවිය යුතු බවයි. කෙසේ වෙතත් අර්බුදයට තුඩු දුන් හේතුවේ වෙනසක් වන හෙයින් රුසියාව යුක්රේනයෙන් ඉවත් වීම වැදගත් පියවරක් වන බවත් ජනාධිපති බරක් ඔබාමා කියා සිටියි. රුසියාවෙන් චෝදනා යුක්රේන් බලධාරීන් විසින් රටේ නැගෙනහිර කලාපයේ ගෙන යන ආරක්ෂක මෙහෙයුම රුසියාවේ විදේශ ඇමති සෙර්ගෙයි ලව්රෝෆ් විසින් යළිත් හෙලා දකින ලද බවක් ද වාර්තා වෙයි. ‘කීව්’ පාලකයන් තමන්ගේම ජනතාවට එරෙහිව යුද වැද සිටින බවයි’ රුසියානු විදේශ ඇමතිවරයා පවසන්නේ. මෙයින් සතියකට පෙර ගිවිස ගත් පරිදි, යුක්රේන් අර්බුදයේ ගැටුම්කාරී උණුසුම අවම කිරීමට රුසියාව පියවර ගෙන ඇති බවත් සෙර්ගේයි ලව්රෝෆ් කියා සිටියි. ඇමෙරිකාවේ අප්‍රසාදය මේ අතර යුක්රේන් අගමැති ,අර්සෙනි යත්සෙනික් (Arseny Yatsenik) කියා සිටියේ, යුක්රේනය දේශපාලනමය සහ යුදමය වශයෙන් යටත් කර ගනිමින් තුන් වැනි ලෝක යුද්ධයක් ආරම්භ කිරීමට මොස්කව් පාලනයට උවමනා වී ඇති බවයි. සතියකට පෙර ගිවිස ගත් පරිදි යුක්රේන් යුද උණුසුම අවම කරනු ලැබීමට උදව් වෙන එකදු පියවරක් වත් ගැනීමට රුසියාව අසමත් වී ඇති බවට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී රුසියාවට චෝදනා කරයි." +උතුරු කොරියාව තවත් න්‍යෂ්ටික මිසයිලයක් අත්හදා බලනු ඇතැයි යන සැකය පැතිර යද්දී ඇමෙරිකානු මිසයිල සන්නද්ධ සබ්මැරීනයක් දකුණු කොරියාවට ළඟා විය.,"යුඑස්එස් මිචිගන් සබ්මැරීනය කාල් වින්සන් ප්‍රමුඛ නෞකා සමුහය සමග එක්වීමට නියමිතය කලාපය වෙත යාත්‍රා කරමින් පවතින යූඑස්එස් කාල් වින්සන් (USS CARL VINSON) නෞකාව ප්‍රමුඛ යුද නැව් සමුහය සමග එම සබ්මරීනයද එක්වීමට නියමිතය. උතුරු කොරියානු යුද හමුදාවේ 85 වෙනි සංවත්සරය අද (අප්‍රේල් 25) සැමරෙන අතර මීට පෙර මෙවැනි අවස්ථාවලදී එරට මිසයිල අත්හදාබැලීම්වල යෙදී තිබීම නිසා යළි එවැන්නක් සිදුවිය හැකි බවට සක පලවී තිබිණි. උතුරු කොරියාව හා ඇමෙරිකාව අතර පළවූ උණුසුම් ප්‍රතිචාර හමුවේ කොරියානු අර්ධද්වීපය තුළ යළි නොසන්සුන් තත්වයක් හටගෙන තිබේ. උතුරු කොරියාව සිය හමුදාවේ 85 වෙනි සංවත්සරය සමරයි යුඑස්එස් මිචිගන් (USS MICHIGAN) දකුණු කොරියානු චෝසුන් ඉබෝ පුවත් පත වාර්තා කරන පරිදි එහි ළඟාවූ න්‍යෂ්ටික ශක්තියෙන් බලගැන්වෙන යූඑස්එස් මිචිගන් (USS MICHIGAN) සබ්මැරීනය ටොමහෝක් මිසයිල 154කින් සන්නද්ධය. විශේෂ කාර්ය භට කණ්ඩායම් 60ක් මෙන්ම කුඩා සබ්මැරීන ද එහි වේ. එය, කාල් වින්සන් නෞකාව ප්‍රමුඛ නාවික බලඇණිය සමග යුද අභ්‍යාසවල යෙදීමටද අපේක්ෂිතය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බාධක නොතකමින් උතුරු කොරියාව දිගින් දිගටම ක්‍රියාත්මක කළ මිසයිල අත්හදාබැලීම් හමුවේ ඇමෙරිකාව චීනයට දන්වා සිටියේ ඔවුන් සිය අසල්වැසියා හසුරුවා නොගන්නේනම්, ඊට තමන් තනිව මැදිහත්වන බවය. කාල් වින්සන්ට තර්ජනයක් ඒ අනුව, මීට දින කිහිපයකට පෙර ඇමෙරිකානු නාවික හමුදාවට අයත්, ප්‍රහාරක ගුවන් යානා ගෙනයන යූඑස්එස් කාල් වින්සන් නෞකාව ප්‍රමුඛ නාවික බ��ඇණියක් කොරියානු අර්ධද්වීපය වෙත යැවිණි. යුඑස්එස් කාල් වින්සන් කොරියානු අර්ධද්වීපයට ඒමට පෙර ඔස්ට්‍රේලියාව සමග ද අභ්‍යාසයක යෙදිණි ඊට ප්‍රතිචාර දැක්වූ උතුරු කොරියාව කියා සිටියේ තමන් ""කාල් වින්සන් මුහුදුබත් කිරීමට සුදානම්"" බවය. මේ අතර, පසුගිය බදාදා ඇමෙරිකාවේ සමස්ත සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයම අසාමාන්‍ය ලෙස ධවල මන්දිරය වෙත කැඳවා උතුරු කොරියාව සමග ඇති අර්බුදය පැහැදිලි කෙරුණු බව වාර්තා විය. තත්වය එසේ තිබියදී, මීට පෙර ප්‍රකාශ වී තිබු පරිදි කාල් වින්සන් ප්‍රමුඛ නෞකා බලඇණිය කොරියානු අරධ්ද්වීපය වෙත නොයාම මත යම් කුකුසක් මතුවී තිබුනද, ඊට දී තිබු අණ පරිදි දැන් එම නෞකා සමුහය කොරියානු කලාපය වෙත යාත්‍රා කරමින් පවතින බව ඇමෙරිකානු නාවික බලධාරීහු පවසති. මේ අතර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දුරකථන ඇමතුමක් දුන් චීන ජනාධිපති සී ජින් පින් ""ඉවසීමෙන් ක්‍රියාකරන්න, තත්වය තවත් උණුසුම් කරන ක්‍රියාවල නොදෙන්න"" යැයි ඉල්ලා සිටියේය." +"""මනුස්සයෝ විදිහට අපි ජීවත් වෙන ඉතා කෙටි කාලය තුළ දී ශ්‍රී ලංකාවේ සෑම නිවසක ම අපේ රටේ නිෂ්පාදනය කළ බතක් ඉදෙන්න සැලැස්වීම තමයි මගේ අරමුණ.""","නාලක ප්‍රසාද් සේනාධීර දැඩි අධිෂ්ඨානයක් ගැබ් වී ඇති එම වදන් පෙළ පැවසූ ඔහු නාලක ප්‍රසාද් සේනාධීරය. දැදිගම ගම්මානයේ දිවි ගෙවන ඔහු 28 හැවිරිදිය. ශ්‍රී ලංකාව පුරා ඇති පුරන් වූ කුඹුරු අස්වැද්දීමේ ව්‍යාපෘතියක් අරඹා ඇති නාලක සමඟ මේ වන විට බොහෝ තරුණ තරුණියන් පිරිසක් ද එක් වී සිටිති. මේ වන විට ඔහු සිය ගම්මානයේ තිබෙන අක්කර සියයක පමණ පුරන් කුඹුරු අස්වැද්දීමට අවශ්‍ය ක්‍රියාකාරකම්වල නියැලෙමින් සිටී. ඒ අතර, රත්නපුර මෙන්ම කොළඹ අවට ප්‍රදේශ කීපයක තරුණ තරුණියන් ද මෙම කාර්යය සඳහා උනන්දු කර ඔවුන්ට විවිධාකාරයෙන් උපකාර කිරීමට නාලක ක්‍රියා කරයි. ""දැදිගම මහ වෙල් යාය කන්න දෙකක් පුරන් වුණා. එකට ප්‍රධාන හේතුව තමයි දැදිගම කිලෝමීටර තුනක ඇළ මාර්ගය අක්‍රිය වීම. නමුත් මිනිස් පැය 365කින් ඒ ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කර වතුර එන මට්ටමට ගෙන ඒමට අපිට හැකි වුණා."" ""ඊට පසු අපිට වැඩිහිටි ගොවියන්ගේ උපදෙස් ලැබුණා නැවත මේ කුඹුරු පුරන් නොවන විදිහට වැඩකටයුතු කරන්න. මේ ක්‍රියාව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ශ්‍රී ලංකාව පුරා ඉන්න තරුණ තරුණියන් මෙයට සම්බන්ධ වෙන්න පටන් ගත්තා,"" පුරන් වූ කුඹුරු අස්වැද්දීමේ අදහ��� ඇති වූයේ කෙසේදැයි බීබීසී සිංහල සේවය කළ විමසුමක දී ඔහු එසේ පිළිතුරු දුන්නේය. නාලක ඇතුළු තරුණ පිරිස පිළිසකර කළ ඇළ මාර්ගයක්. කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ තමන් 2008 වර්ෂයේ ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසල නියෝජනය කළ ලාබාලතම පුද්ගලයා බව නාලක පැවසීය. ""2020 යල කන්නයේ දී අපි රටක් විදිහට එකතු වෙලා වැඩ කළොත් අපිට පුළුවන් වෙනවා අවුරුදු සියයකට පමණ ධාන්‍යය වර්ග අපේ රටේ ඉතිරි කරගන්න."" ""එහෙම ඉතිරි කරගැනීමේ පළවෙනි අඩිය විදිහට ලබන අවුරුද්දේ ජනවාරි පළමුවෙනිදා සිට දෙව්න්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා සියලු පුරන් කුඹුරු පිරිසිදු කර, ප්‍රතිසංස්කරණය කර වැඩිහිටි ගොවියන්ට භාර දීම මගේ එක අරමුණක්,"" යැයි නාලක බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසීය. ""මේ වෙනකොට, කෑගල්ල, දිවෙල ප්‍රදේශයේ තරුණයෙක් වන චමීර පුරන් කුඹුරු අක්කර 75ක වැඩ පටන් අරගෙන තියෙනවා. ඒ වගේම මාලදෙනියේ සකුන්තලා නංගී අක්කර 2.5ක වැඩ කරගෙන යනවා. රත්නපුර, පන්නිපිටිය ප්‍රදේශවලත් මේ වගේම තරුණ කට්ටිය කුඹුරු අක්කර 500-1000ත් අතර ප්‍රමාණයක වැඩ කරගෙන යනවා,"" ඔහු තවදුරටත් පැවසීය. මේ තොරතුරුද කියවන්න: මුදල් ඉපයීමේ පරමාර්ථයක් නොමැති මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යමය ආධාර ලබාදීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් ක්‍රියා කරන බව නාලක පැවසීය.. ""අන්තර්ජාලය ඔස්සේ මේ ව්‍යාපෘතිය ලංකාව පුරා ප්‍රචාරය වීමත් සමඟ තරුණ ප්‍රජාව මෙයට යොමු වෙමින් සිටිනවා. ඒ වගේම ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයන් අපිට මුදල් මෙන්ම යන්ත්‍රසූත්‍රවලින් ද ආධාර ලබා දෙනවා."" ""ඒ සියලු දේ මේ තරුණ තරුණියන් අතර අපි බෙදා හරිනවා,"" ඔහු පැවසීය. කාන්තිලතා මාපා දැදිගම ගම්මානයේ පළපුරුදු ගෙවිලියක වන කාන්තිලතා මාපා පැවසුවේ නාලක ඇතුළු තරුණ පිරිස ගම්මානයේ ඇළ මාර්ගය පිළිසකර කිරීමෙන් පසු තමන්ට නැවත කුඹුරු අස්වැද්දීමට හැකි වූ බවය. ""පහුගිය කාලයේ අපිට කුඹුරු හාන්න වතුර තිබුණේ නැහැ. හැබැයි නාලක පුතායි මේ පොඩි දරුවෝ ටික එකතු වෙලා දීපු සහයෝගය නිසා අපිට දැන් කරදරයක් නැතුව කුඹුරු වැඩ කරගෙන යන්න පුළුවන්,"" ඇය පැවසුවාය. බොහෝ දෙනෙකු මෙවැනි ක්‍රියාවකට සම්බන්ධ වන්නේ වයස අවුරුදු හතළිහ පසු වූ විට යැයි මෙම ව්‍යාපෘතියට සම්බන්ධ තවත් තරුණයෙකු වන චන්දිම යාමල් විජේබණ්ඩාර පැවසුවේය. ""අපි වගේ තවත් තරුණ තරුණියන් නාලක මල්ලි ඇතුළු අපි සමග සම්��න්ධ වෙනවා නම් ගොඩක් වටිනවා,"" ඔහු පැවසීය. ව්‍යාපෘතිය හා සම්බන්ධ, අත්දැකීම් බහුල ගෙවිලියක වන එම්. ඊ. එම් සෝමාවතී බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ, පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ නාලක ඇතුළු තරුණ පිරිස මැදිහත් වී ලබා දෙන බවය. ""නාලක පුතා මේ පුරන් කුඹුරු අස්වද්දන්න අපිට සහය දෙනවා. ඒ ගැන මට හරිම සතුටුයි. මම කිව්වා කුඹුරු සුද්ද කරළා දෙන්න කියලා ඉල්ලුවාම බැකෝ එකක් ගෙනත් මට ඒ දේ කර දුන්නා. මම හරි ආදරෙයි මේ පුතාලට,"" ඇය සතුටු කඳුළු වගුරවමින් පැවසුවාය. ""කෙතට වතුර ටිකක් ගන්න අපේ වැඩිහිටියන්ට උදව් කරන්න පුළුවන් එය අපේ රටේ සමස්ත එකමුතු බවේ සලකුණක් වෙයි යම් දිනක දී"" යම් පුද්ගලයෙකු දැඩි උනන්දුවකින් සමාජ සේවයේ නියැලෙන්නේ නම් ඔහු හෝ ඇයගේ යටි අරමුණ දේශපාලනයට පිවිසීම යැයි ශ්‍රී ලාංකීය සමාජය තුළ මුල් බැසගත් මතයක් ඇත. මේ ගැන නාලකගෙන් විමසීය. ""දේශපාලනය කියන්නේ අපි මේ දවස්වල කතා කළ යුතු දෙයක් නෙමෙයි. දේශය පාලනය ගැන නෙමෙයි, දේශය කළමනාකරණය ගැනයි අපි කතා කළ යුත්තේ. මම මේ සිදු කරන කිසි දෙයක් දේශපාලන අරමුණක් ඇතුව කරන දේවල් නෙමෙයි"" යැයි ඔහු පිළිතුරු දුන්නේය. පසුගිය වසරේ දී නාලක පේදුරුතුඩුවේ සිට දෙව්න්දරතුඩුව දක්වා පා පැදියකින් ගමන් කර කැළිකසල බැහැර කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක නියැලිණි. ""ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ ජවය යොදලා දවසට එක පැයක් හරි මේ කුඹුරු, ඇළ දොළ ගංගා වෙනුවෙන් වෙහෙසිලා, කෙතට වතුර ටිකක් ගන්න අපේ වැඩිහිටියන්ට උදව් කරන්න පුළුවන්. එය අපේ රටේ සමස්ත එකමුතු බවේ සලකුණක් වෙයි යම් දිනක දී,"" කතාබහ අවසානයේ නාලක පැවසුවේය. 2018 වර්ෂයේ හම්බන්තොට දී පැවති ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා වන ජාතික ගොවි සභාවේ දී හෙළි කළ දත්ත අනුව, මේ වන විට දිවයින පුරා පුරන්ව ගිය කුඹුරු අක්කර 1,40,000ක් පමණ ප්‍රමාණයක් තිබේ. එයින් කුඹුරු අක්කර 1,14,000ක් නැවත අස්වැද්දිය හැකි තත්ත්වයේ ඇති බව ගොවි සභාවේ දී ප්‍රකාශ කෙරිණි. ශ්‍රම හිඟය හෝ වෙනත් කරුණු හේතුවෙන් මෙම කුඹුරු අයිතිකරුවන් විසින් වගා කරනු ලැබීම පැහැර හැර ඇත. නමුත් පුරන් කුඹුරුවලින් අක්කර 26,000ක් නැවත අස්වැද්දීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වීමෙන් හැකි වී තිබෙන බව එම අමාත්‍යාංශය එහිදී පැවසීය. පුරන්ව ගිය කුඹුරු සියල්ල අස්වැද්දීම සඳහා එම කුඹුරු අයිතිකරුවන් පෙළඹවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය දැඩි තීන්දුවක් ගෙන තිබෙන බව ද එහි දී ප්‍රකාශ විණි. ඒ අනුව, එම කුඹුරු හිමියන් ඒවා අස්වැද්දීමට පියවර නොගන්නේ නම් එම කුඹුරු යුද හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය සහ කුඹුරු අස්වැද්දීමට උනන්දුවක් දක්වන තරුණයින්හට ලබා දී ඒවා නැවත අස්වැද්දීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගන්නා බව ද සඳහන් කෙරිණි. තවත් තොරතුරු:" +"වසර 1990 ට පසු කාලය තුළ, ගර්භණීභාවයේ සිටියදී හෝ දරු ප්‍රසූතියේදී හෝ මිය යන කාන්තාවන්ගේ සංඛ්‍යාව සියයට පනහකින් පමණ අඩුවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.","1990 වසරේදී එසේ මිය ගිය කාන්තාවන්ගේ ගණන ලක්ෂ පහක් පමණ වූ අතර 2013 වන විට එය දෙලක්ෂ අනූ දහස දක්වා අඩු වූ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. හොඳ ප්‍රගතියක් මේ තත්වය හොඳ ප්‍රගතියක් වුවත් සෑහීමකට පත්විය නොහැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ. තවමත් පැයකට ගර්භණී කාන්තාවන් තිස් තුන් දෙනකු මිය යන බව පවසන සංවිධානය එම කාන්තාවන් සුව කළ හැකි සහ ප්‍රතිකාර කළ හැකි සෞඛ්‍ය තත්වයන් යටතේ පසුවූවන් බවයි ප්‍රකාශ කරන්නේ. දියවැඩියාව, එච් අයි වී ඒඩ්ස්, මැලේරියාව යන රෝග හෝ දරු ප්‍රශූතියේ දී සිදුවන වෙනත් සෞඛ්‍ය ආබාධ හේතුවෙන් එම කාන්තාවන්ගේ ගර්භණී අවස්ථාව අමාරු තත්වයකට පත් කොට ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. දුප්පත් රටවල් දුප්පත් සහ පොහොසත් රටවල මාතෘ මරණ සංඛ්‍යාව අතර තවමත් විශාල පරතරයක් ඇති බව පවසන සංවිධානය දුප්පත් රටවල් සෞඛ්‍ය ආරක්ෂණය සඳහා තවදුරටත් ආයෝජනය කළ යුතු බවයි පෙන්වා දෙන්නේ. එහෙත් ඇමෙරිකා එක්සත් ජනපදය වැනි සමහර පොහොසත් රටවල ද මාතෘ මරණ සංඛ්‍යාව ඉහල යමින් තිබෙන බවත් තරබාරුකම සහ ප්‍රමාදවී විවාහ පත්වීම යන කරුණු ඊට බලපා ඇති බවත් සෞඛ්‍ය විශේෂඥයෝ පවසති." +"එල්ටීටීඊ ය නිරායුධ කරන බවට දුන් පොරොන්දුව ඉටු කිරීමට අපොහොසත්වීම මගින්, ඉන්දු-ලංකා ගිවිසුම කඩ කළේ ශ්‍රී ලංකාව නොව ඉන්දියාව බව ජාතික හෙළ උරුමය පවසයි.","දෙමළ ජාතික සන්ධානය ඉන්දියාවේ සංචාරය කිරීම ඇමතිවරයාගේ දැඩි විවේචනයට ලක් විය ජාතික හෙළ උරුමය ඉන්දියාව වෙත එම චෝදනාව එල්ල කළේ පළාත් සභා ක්‍රමයට සංශෝධන ගෙන එමින් ශ්‍රී ලංකාව ඉන්දු-ලංකා ගිවිසුම උල්ලංඝනය කිරීමට උත්සාහ දරන බවට දෙමළ ජාතික සන්ධානය ඉන්දියාවේදී කරන ලද බව පැවසෙන ප්‍රකාශයකට පිළිතුරු දෙමින්. කොළඹදී මාධ්‍යවේද��න් ඇමතූ එම පක්ෂයේ සභාපති අමාත්‍ය චම්පික රණවක වැඩිදුරටත් කියා සිටියේ, දේශපාලනික වශයෙන් ඉන්දු-ලංකා ගිවිසුම දැන් අහෝසි වී ඇති බවයි. රාජිත සේනාරත්නට 'අභියෝගයක්' ""නිරායුධ කරනවා කියන්නේ ඔය ආයුධ කළෙත් ඔය ඉන්දියාවම තමයි. ඒ නිසා කඩ කරන්න ඉන්දු-ලංකා ගිවිසුමක් නෑ. කඩ කරලා ඉවරයි, අපි නෙවෙයි ඉන්දියාව කඩ කළේ,"" ඔහු පැවසීය. ශ්‍රී ලංකා ආණ්ඩුව පළාත් සභා ක්‍රමයට ඉදිරිපත් කිරීමට සැරසෙන සංශෝධන සම්බන්ධයෙන් ඉන්දීය ආණ්ඩුව දැනුවත් කිරීම පිණිස දෙමළ ජාතික සන්ධානය ඉන්දියාවේ සංචාරය කිරීමද ඇමතිවරයාගේ දැඩි විවේචනයට ලක් විය. ශ්‍රී ලංකාවේ ප්‍රශ්න ශ්‍රී ලංකාවේදී විසඳා ගත යුතු බවයි, ඇමතිවරයා අවධාරණය කළේ. පළාත් සභා ක්‍රමය පිළිබඳව තමන් සමඟ ප්‍රසිද්ධ විවාදයකට එන මෙන් ජාතික හෙළ උරුමයේ උදය ගම්මන්පිල ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නට අභියෝග කළේය. පළාත් සභා ක්‍රමයේ සියලු වරප්‍රසාද භුක්ති විඳිමින් පළාත් සභාවලට එරෙහිව හඬ නගන බවට සේනාරත්න අමාත්‍යවරයා පසුගියදා හෙළ උරුමය ඇතුළු පක්ෂවලට චෝදනා කළේය. ප්‍රසිද්ධ විවාදයකදී එම චෝදනාවට පිළිතුරු දීමට සූදානම් බවයි, බස්නාහිර පළාත් සභාවේ අමාත්‍යවරයකු වන උදය ගම්මන්පිල පවසන්නේ." +පසුගිය ජනවාරි 08 වැනි දින ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පරාජය කළේ ඔහුට 'යළිත් වරක් පණ දෙන්නට නොවන' බව ජනපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේනට සහාය දුන් සිවිල් සංවිධාන පවසති.,"""ඒ ලබපු ජනතා ජයග්‍රහණය පාවා දෙන්න එපා කියල මුළු රටේම අපි විරෝධතා පවත්වන්න අපි සැලසුම් කරලා තියෙනවා"" වීදියේ විරෝධය ඇතුළු සිවිල් සංවිධාන ගණනාවක් එක්ව කොළඹ කොටුවේ දුම්රිය ස්ථානය ඉදිරිපසදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කර තිබුණේ ඒ බව අවධාරණය කරමින්. සිකුරාදා කොළඹින් ආරම්භ වූ කළු විරෝධය නම් එම උද්ඝෝෂණය රටපුරාම දියත් කිරීමට තමන් සූදානම් බවයි, උද්ඝෝෂණයේ සංවිධායකයකු වන විකල්ප වෙබ් අඩවියේ කර්තෘ සම්පත් සමරකෝන් බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ. ""ඒ ලබපු ජනතා ජයග්‍රහණය පාවා දෙන්න එපා කියල මුළු රටේම අපි, අපිට හැකි පමණින් වීදි විරෝධය විරෝධතා පවත්වන්න අපි සැලසුම් කරලා තියෙනවා,"" ඔහු පැවසීය. ""විශේෂයෙන් එහිදී අපි අවධාරණය කරන්න උත්සාහ කළේ මේ රටට ආපහු මහින්දලාගේ රාජපක්ෂ සංස්කෘතියක් අවශ්‍ය නැත. අට වෙනිදා මේ රටේ මිනිස්සු ලබාගත්ත නිදහස නැවත, නැවතත් තහවුරු කරපල්ල��� කියන පණිවුඩය දෙන්න."" කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ පුරවැසියකු වන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාටත් රටේ අන් සියලු පුරවැසියන් සතු මැතිවරණයකට තරඟ වැදීමේ අයිතිය තිබෙන්නේ නේදැයි සංදේශය කළ විමසීමේදී සම්පත් සමරකෝන් කියා සිටියේ ඕනෑම ශිෂ්ඨ සම්පන්න පුරවැසියකුට ඒ අයිතිය තිබෙන නමුත් මහින්ද රාජපක්ෂ එවැනි ශිෂ්ඨ සම්පන්න පුරවැසියකු යයි තමන් විශ්වාස නොකරන බවයි." +දිල්ලි අගනුවර බහාලුම් ගබඩාවකින් කාන්දු වූ විෂ වායුවක් හේතුවෙන් පාසල් දැරියන් දෙසිය දෙනෙකුවත් රෝහල් ගත කර ඇති බව ඉන්දීය පොලිසිය පවසයි.,උගුරේ සහ ඇස්වල අපහසුතාවක් දැනෙන බවට ශිෂ්‍යාවන් පැමිණිලි කර ඇති අතර කෘමිනාශක නිෂ්පාදනය සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍යයක් ඊට හේතු වී ඇති බව විශ්වාස කෙරේ. අදාළ රසායනික ද්‍රව්‍ය භාරව කටයුතු කළ පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය කියා සිටී. පාසල පිහිටි ටුග්ලකාබාද් ප්‍රදේශයේ පුද්ගලයන් ඉන් ඉවත් කර ඇති අතර දැරියන්ගේ සෞඛ්‍ය තත්වය දරුණු නොවන බව විශ්වාස කෙරේ. රසායනික ද්‍රව්‍ය හඳුනා ගැනීමට සහ එය කාන්දු වූයේ කෙසේ දැයි යන්න පිළිබඳ පොලිසිය සහ ජාතික ආපදා කළමනාකරණ බලකාය පරීක්ෂණ පවත්වමින් සිටිති. බෝපාල් ව්‍යසනය විෂ වායු කාන්දු වීම හේතුවෙන් සිදු වන අනතුරු ඉන්දියාවෙන් නිතර වාර්තා වේ. නිසි ආරක්ෂක පිළිවෙත් අනුගමනය නොකිරීම හේතුවෙන් එවැනි අනතුරු බොහොමයක් සිදු වන බව බලධාරීහු පවසති. 2014 වසරේදී චටිස්ගාර් ප්‍රාන්තයේ පිහිටි වානේ කම්හලකින් විෂ වායු කාන්දුවීමක් සිදු වූ අතර ඉන් පුද්ගලයන් හය දෙනෙකු මරණයට පත් විය. 1984 වසරේ බෝපාල්හි විෂ වායු කාන්දුවීමකින් පුද්ගලයන් විසි පන්දහසක්වත් මරණයට පත් වූ අතර එය ලොව මෙතෙක් සිදු වූ බරපතළම කාර්මික ව්‍යසනය ලෙස සැළකේ. +විසි හතර හැවිරිදි ග්වේන් ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්සිවිල්වෙනියා ප්‍රාන්තයේ වෙසෙන සංක්‍රාන්ති ලිංගික කාන්තාවකි.,"පුරුෂයෙකු ලෙස උපත ලද ගුවෙන් ස්ත්‍රී හෝමෝන ලබා ගැනීම ආරම්භ කළේ වයස විසි දෙකේදී පුරුෂයෙකු ලෙස උපත ලද ග්වේන් ස්ත්‍රී හෝමෝන ලබා ගැනීම ආරම්භ කළේ වයස විසි දෙකේදී. උපතින් ඇය පුරුෂයෙකු බව බැලූ බැල්මට බොහෝ දෙනෙකුට කිව නොහැක්කකි. රෙඩිට් සමාජ ජාලය හරහා සජීවී ලෙස සම්බන්ධ වූ ඇය තම පෞද්ගලික දිවිය හා සම්බන්ධ ඕනෑම පැනයක් ඇසීමට සෙසු රෙඩිට් සාමාජිකයන්ට අවස්ථාව ලබා දුන්නාය. එහිදී ඇය වෙත ප්‍ර��්න දෙදහසක් යොමු වී ඇති අතර ඇය වෙත සහාය පළ කොට ඉන් විශාල පිරිසක් අදහස් පළ කළහ. එසේ අසන ලද ප්‍රශ්න අතුරින් කරුණු පහක් පිළිබඳ වැඩි දෙනෙක් ඇයගෙන් අදහස් විමසූහ. 01. කාන්තාවක් වීමට අවශ්‍ය බව ඔබට පළමු වරට හැඟී ගියේ කවදාද? ""නින්දට ගිය විට පිරිමි ළමයෙක් වෙනුවට මම ගෑනු ළමයෙක් වෙලා ඉන්න සිහින දැක්කා,"" ""වයස පහ, හයේදී මට මතකයි යම් අමුත්තක් දැනුණා. නින්දට ගිය විට පිරිමි ළමයෙක් වෙනුවට මම ගෑනු ළමයෙක් වෙලා ඉන්න සිහින දැක්කා. එවැනි සිහින දැකලා ඇහැරුණාම මට විශාල සතුටක් දැනුණා. මට ඒක අමුත්තක්. මොකද පිටත පෙනුමින් මම පිරිමි ළමයෙක්. හැමෝම මට සළකන්නේ පිරිමි ළමයෙකු විදිහටයි. නමුත් ඒ වගේ හීන දැක්කම මට සතුටක් දැනෙන්නේ ඇයි?,"" ඒ ඇයගේ පිළිතුරයි. 02. ඔබේ සිරුරේ ඇති වූ වෙනස්කම් මොනවාද? ඇය උපතින් පුරුෂයෙකු බව බොහෝ දෙනෙකුට බැලූ බැල්මට කිව නොහැක්කකි. ""මගේ මුහුණ මෘදු වුනා. කොන්ඩේ වැවෙන්න පටන් ගත්තා. ඊට ඉස්සෙල්ලා මගේ මුහුණ පුරා රෝම තිබුණා. ඒක එතරම් හොඳ පෙනුමක් නෙමෙයි. මට දැන් ලොකු සතුටක් දැනෙන්නේ. මේ සඳහා කරන ලද ප්‍රතිකාරයෙන් මගේ ඉනේ ප්‍රමාණය අඩු වුනා. මගේ කළවා ප්‍රදේශය සහ ඉඟ පිටුපස හැඩය වෙනස් වුනා. මම තන පට මිළදී ගතයුතු බව ඒ වෙන කොට මට හැඟුනා,"" ඇය කියා සිටියාය. 03. සමාජය ඔබට වෙනස් ආකාරයකට සළකන්නේද? ""මගේ මුහුණ මෘදු වුනා. කොන්ඩේ වැවෙන්න පටන් ගත්තා. ඊට ඉස්සෙල්ලා මගේ මුහුණ පුරා රෝම තිබුණා,"" ""මම පිරිමියෙක් විදිහට හිටපු කාලේ සාමාන්‍යයෙන් මිනිස්සු මට පාඩුවේ ඉන්න දුන්න. දැන් මම පාරේ යන විට මිනිස්සු නිතර අමුතු විදිහට කතා කරනවා. මට ඔවුන්ගේ මූණට යමක් කියන්න අවශ්‍ය වුනත් මට පුළුවන් කමක් නැහැ. මොකද මට පෙම්වතියක් ඉන්නවා. මම ගෙදර යා යුතුයි. මට කවුරු හරි පහර දේවී හෝ මාව මරා දාවි කියන කාරණය ගැන මා හිතනවා"" ඇය පවසන්නීය. 04. ඔබේ ලිංගික ජීවිතයේ සිදු වූ වෙනස්කම් මොනවාද? ගුවෙන් සහ ඇයගේ පෙම්වතිය ""මම ලිංගික ජීවිතය ඉතාමත් සතුටින් අත්විඳිනවා. මොකද ඒ තුළ මට මම වෙන්න අවස්ථාව ලැබෙනවා,"" ඇය කියා සිටියාය. 04. ඔබ ජනනේන්ද්‍රිය ශල්‍යකර්මයකට යොමුවෙනවාද? ""දරුවන් ලැබුණට පස්සේ ශල්‍යකර්මයක් කර ගන්න මම බලාපොරොත්තු වෙනවා,"" ""මගේ පෙම්වතියට සහ මට දරුවෙක් අවශ්‍ය නම්, කිසිවක් වෙනස් නොකර මේ විදිහටම ඉන්න අවශ්‍යයි. දරුවන් ලැබුණට පස්සේ ශල්‍යකර්මයක් කර ගන්න මම බලාපොරොත්තු වෙනවා,"" ඇය සඳහන් කළාය. සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවට අයත් බ��ුතරයක් දෙනා පෞද්ගලික ජීවිතය හා සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් අදහස් පළ නොකරන බව ද ග්වේන් වැඩිදුරටත් කියා සිටියාය." +සමාජ මාධ්‍ය ජාල නියාමනය කිරීමට හෝ පාලනය කිරීමට රජයේ කිසිදු සූදානමක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසයි.,"ෆේස්බුක් භාවිතය සම්බන්ධයෙන් ඉදිරියේදී නව ප්‍රතිපත්තිමය රාමුවක් සකස් කිරීම පිළිබඳ ඉහළ මට්ටමින් සාකච්ඡා සිදුවන බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ ඊයේ (පෙබ.14) කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් කියා සිටියේය. අවශ්‍යනම් හානිකර තත්වයන්වලදී ෆේස්බුක් මාධ්‍ය වාරණය කළ හැකි බව පැවසූ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඒ සඳහාවන තාක්ෂණය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සතු බවත් සඳහන් කළේය. එම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය ගයන්ත කරුණාතිලක කියා සිටියේ සමාජ මාධ්‍ය ජාල නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් ඇතැයි තමන් නොසිතන බවය. සමාජ මාධ්‍ය නිසි ලෙස පරිහරණය කිරීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම ආණ්ඩුවේ අරමුණ බවත් ඇමතිවරයා පැවසීය. එසේ නම් ජනමාධ්‍ය ලේකම්වරයා එවන් ප්‍රකාශයක් සිදුකළේ ඇයි දැයි විමසූ විට, ඒ පිළිබඳව ලේකම්වරයාගෙන් විමසිය යුතු බව ඇමතිවරයාගේ ප්‍රතිචාරය විය." +සුළුතර ප්‍රජාවන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා දැන ගන්නට ලැබුනොත් ඒ පිළිබඳව තමන්ට සෘජුවම දැනුම් දෙන ලෙස ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ මුස්ලිම් තානාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.,"ජනාධිපති මහින්ද රාජපක්ෂ එම ඉල්ලීම කළේ ඉස්ලාමීය රටවල දූත මණ්ඩල ප්‍රධානීන් සහ රජයේ මුස්ලිම් අමාත්‍යවරුන් සමග බදාදා දීර්ඝ වශයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී බව බීබීසී සංදේශයට කියා සිටියේ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම්, අධිකරණ අමාත්‍ය වරයා. කිසියම් සිද්ධියක් තානාපතිවරුනට වාර්තා වී ජනාධිපතිවරයාට දැනුම් දුන් විටදී, 'එතුමා ඒ සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා බවට,' රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් හමුවේ කියා සිටියේ යැයි හකීම් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 'වාර්ගික හෝ ආගමික අසමගියට හේතු වන කටයුත්තක නිරත වන ඕනෑම අයකුට විරුද්ධව' පියවර ගන්නා බවට ජනාධිපති රාජපක්ෂ බදාදා හමුවේදී සහතික වීනැයි රජය නිවේදනය කොට තිබේ. ප්‍රචණ්ඩත්වය මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්‍රචණ්ඩත්වය 'මහත් භීතියක්' ජනිත කොට තිබෙන බව පැවසූ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායකයා කියා සිටියේ,එම කාරණය මෙන්ම නීතිය හා සාමය රැකීම සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ රජය සතු වගකීමත් සාකච්ඡාවට භාජනය වූ බවයි. මුස්ලිම්වරුනට එරෙහි ප්‍රචණ්ඩත්වය මැඩලීමට රජය ගන්නා පියවර පිළිබඳව තානාපතිවරුන් සැහීමකට පත් වී දැයි සංදේශය විසින් විමසන ලද අවස්ථාවේදී අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ 'මෙවැනි රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලදී, තරහ කරගන්නේ නැතිව, සමතුලිත භාවය රැකගැනීම,' අරමුණ වන බවයි. ඉස්ලාමීය සහයෝගීතාව ජනාධිපතිවරයා විසින් මුස්ලිම් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට සීමාවූ විශේෂ සාකච්ඡාවක් කැඳවන ලද්දේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන් හා ඔවුන්ගේ වාණිජ ව්‍යාපාරවලට එරෙහි ප්‍රහාර සම්බන්ධයෙන් ඉස්ලාමීය සහයෝගීතාවය සඳහා වන සංවිධානය (OIC) රජයේ අවධානය කැඳවමින් ලිපියක් යොමු කොට තිබියදී. රාජ්‍යයන් පණස් හතකින් සැදුම්ලත් OIC සංවිධානය විශාලත්වයෙන් දෙවැනි වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට පමණි. එවැනි පසුබිමක මෙවැනි සාකච්ඡාවක් සිදුවීම වැදගත් කොට තමන් සලකන බවයි, මුස්ලිම් කොන්ග්‍රස් නායකයා වැඩිදුරටත් කියා සිටියේ." +ඉන්දීය නව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සහ පාකිස්තාන් අගමැති නවාස් ෂරීෆ් අතර සාකච්ඡා ආරම්භ වෙයි.,"නව ධූරයේ වැඩ භාර ගෙන සිය කාර්යාලයේ පූර්ණ වශයෙන් ගත කළ අද පළමු දිනයේ පැවති මේ සාකච්ඡා න්‍යෂ්ටිකව සන්නද්ධව සිටින බලවතුන් අතර පවතින නිරන්තර ගැටුම්කාරී තත්වය සමනය කර ගැනීමේ සංඥාවක් ලෙසටයි විශ්ලේෂකයන් දකින්නේ. එකසිය හැට හය දෙනකුට මරු කැඳවමින්, මීට වසර හයකට පෙර මුම්බායි නගරයේ එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ දෙරට අතර සබඳතා බිඳ වැටුණි. කෙසේවෙතත් නායකයන් දෙදෙනා අතර පැවතී සාකච්ඡා පිළිබඳව තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත. ඉන්දීය නව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි, සිය තනතුරේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගීවූ සෙසු අසල්වැසි රටවල නායකයන් සමගද සාකච්ඡා පවත්වා ඇත." +දිවියෙන් සමු ගත් තායිලන්ත රජුට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණෙමින් සිටින ශෝකයට පත් ජනයා අතර වෙනත් ආකාරයේ අමුත්තන් පිරිසක් ද දැක ගත හැකි විය.,තායිලන්ත රජුගේ දේහය තැන්පත් කරනු ලැබ තිබෙන බැංකොක් නුවර පිහිටි රාජකීය මාලිගය අබියසට පැමිණි හස්ති රාජයන් නව දෙනෙක් රජතුමා වෙත අවසන් ගෞරව දැක්වූහ. විශේෂයෙන් තෝරා ගන්නා ලද හස්ති රාජයන් අතර සුදු ඇතුන් හත් දෙනෙක් සහ සුදු වර්ණාලේපිත සාමාන්‍ය ඇතුන් දෙදෙනෙක් ද වූහ. දිවියෙන් සමුගත් භූමිපාල් අතුල්තේජ් රජු වෙත හස්ති රාජයෝ දණ නමා ආචාර කළහ. වත්මන් ලෝකයේ වැඩිම කලක් සිහසුන දැරූ පාලකයා වූ භූමිපාල් අතුලතේජ් රජතුමා වසර 70 ක කාලයක් තායිලන්තයේ ජනතාව අතර ගරු බුහුමන් ලබමින් පාලනය ගෙන ගියේය. මිය යන විට ඔහු අසූ අට වැනි වියේ පසු විය. තායිලන්ත ජනතාව විසින් සුදු ඇතුන් පූජනීයත්වයේ ලා සලකනු ලබන අතර බලය පිළිබිඹු කරන රාජකීය සංකේතයක් ලෙසත් සුදු ඇතුන් යොදා ගන්නා බව තායිලන්ත වන අලි සංරක්ෂණ මධ්‍යස්ථානය කියා සිටියේය. +''නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම'' වළක්වන මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි.,"පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නීති විරෝධී ලෙස ස්ථාපිත කළ ඒකකයක් බවයි ඔහු කියා සිටියේ. අග්‍රාමාත්‍යවරයා විසින් නිර්දේශ කොට එවනු ලබන පැමිණිලි පමණක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් විභාග කරන බව පවසන හිටපු ආරක්ෂක ලේකම්වරයා එම ඒකකය හරහා සාධාරණ විමර්ශනයක් අපේක්ෂා කළ නොහැකි බවට චෝදනා කර තිබේ. තම මූලික අයිතිවාසිකම් කඩ වන අයුරින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පළි ගැනීමේ චේතනාවෙන් කටයුතු කොට ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරයි. මහඇමතිවරු මේ අතර මධ්‍යම පළාත් මහඇමති සරත් ඒකනායක එම ධුරයෙන් ඉවත් කිරීම වළකමින් අභියාචනාධිකරණය සඳුදා තහනම් නියෝගයක් නිකුත් කළේය. ‘එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ඇමතිවරයා ඉවත් කර වෙනත් අයකු පත් කිරීමට පළාත් ආණ්ඩුකාරවරයා කටයුතු කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. එය පළාත් සභා පනතට පටහැණි ක්‍රියාවක්. ඒ නිසා අපි අධිකරණයට පැමිණියා’ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සන්ධානයේ ප්‍රධාන ලේකම් සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේය. තීන්දුව ලබා දෙමින් අභියාචනාධිකරණය ප්‍රකාශ කළේ පළාත් සභා පනතට අනුව පළාත් මහඇමතිවරයා පත් කිරීම සහ ඉවත් කිරීම සඳහා බලපාන නීතිමය තත්වයන් පිළිබඳ පුළුල් අධ්‍යනයක් සිදු කිරීමට අධිකරණයට අවශ්‍යව ඇති බවයි. තමා ප්‍රධාන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා බස්නාහිර පළාත් මහඇමති ප්‍රසන්න රණතුංග ඉදිරිපත් කළ පෙත්සමක් මේ අතර, අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. තීන්දුව ලබා දුන් අභියාචනාධිකරණය ප්‍රකාශ කොට ඇත්තේ එම ඉල්ලීම තහවුරු කිරීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බැවින් පෙත්සම විභාග කිරීමට නීතිමය පදනමක් නොමැති බවයි." +නේපාලයේ සැකසුණු නව ව්‍යවස්ථාවට එරෙහිව නේපාලයේ දකුණු දිග ප්‍රදේශයේ විරෝධතා දිගටම පැවැත්වෙද්දී නේපාලය සහ අසල්වැසි ඉන්දියාව අතර උණුසුම් තත්වයක් හට ගෙන තිබේ.,"විරෝධතා වලට එක්ව සිටින්නේ දකුණු දිග මිටියාවත් ප්‍රදේශවල වෙසෙන වාර්ගික ජන කොටස් අතර ඔවුන් පවසන්නේ නව ව්‍යවස්ථාව මගින් තමන් නොවැදගත් කොට සලකා ඇති බවයි. මේ හේතුවෙන් දෙරට දේශ සීමා හරහා ප්‍රවාහනය ඇන හිටීමෙන් අහාර, බෙහෙත් ද්‍රව්‍ය මෙන්ම සෙසු සේවා සපුම් වලට බාධා පැමිණ තිබේ. ඉන්දියාවේ නොසතුට ඉන්දීය විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ නේපාලයත් ඉන්දියාවත් අතර දේශ සීමාවේ ප්‍රවාහනයට බාධා ඇතිවී තිබෙන්නේ නේපාලයේ ජනතාවගෙන් කොටසක් අසහනයෙන් පසු වන නිසා බවයි. ඔවුන් විරෝධතා සහ උද්ඝෝසන පවත්වන්නේ ඒ නිසා බවයි එම නිවේදනයෙන් කියවෙන්නේ. මෙම අර්බුදය දේශපාලන ස්වරූපයක් ගන්නා නිසා නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අසතුටට පත් කණ්ඩායම් ඉදිරිපත් කරන ඉල්ලීම් වලට කන්දිය යුතු බව නිවේදනය නිකුත් කරන ඉන්දීය විදේශ අමාත්‍යාංශය ප්‍රකාශකයා කියා සිටී. ව්‍යවස්ථාව සහ වාර්ගික කණ්ඩායම් ඉන්දියාව මේ සඳහන් කරන කණ්ඩායම් නම් විරෝධතා වලට එක්ව සිටින දකුණු දිග මිටියාවත් ප්‍රදේශවල වෙසෙන මධෙසි සහ තාරු යන ජන කණ්ඩායම් දෙකයි. ඔවුන් පවසන්නේ නව ව්‍යවස්ථාව මගින් තමන් නොවැදගත් කොට සලකා ඇති බවයි. ඔවුන්ගේ ඉල්ලීම් වලින් ප්‍රධාන ඒවාට නව ව්‍යවස්ථාව මගින් ආමන්ත්‍රණය කොට ඇති අතර සෙසු ඉල්ලීම් වලට විසඳුම් ලබා දීමට නායකයන් විසින් ලිඛිත ප්‍රතිඥාවක් ලබා දී ඇත. නව ව්‍යවස්ථාව මගින් නේපාලය ෆෙඩරල් ප්‍රාන්ත හතකට බෙදා තිබේ. ව්‍යවස්ථාවට ඉන්දියාවේ බලපෑම ඉන්දියාව ඉකුත් වසර දහය තුළ මෙම ව්‍යවස්ථා සම්පාදනය ක්‍රියාවලිය පිටු පස සිටියත් නව ව්‍යවස්ථාව පුළුල් ආකාරයට සකස් වී නැති බවටයි ඉන්දියාව විශ්වාස කරන්නේ. එම නිසා දකුණු මිටියාවත්වල ඇති විය හැකි ප්‍රචණ්ඩත්වය ඉන්දීය දේශ සීමාව තුලද බලපෑමක් ඇති විය හැකි බවයි ඉන්දියාව පවසන්නේ. තමන්ට ඉන්දියාව සමඟ සමීප සම්බන්ධතාවක් ඇති බව දකුණු මිටියාවත්වල වෙසෙන ජනතාව විශ්වාස කරති. මේ නිසා ඔවුන් ඉන්දියාවේ සහය බලාපොරොත්තුවනව��� සේම ඉන්දියාවද එම ජනතාවගේ ඉල්ලීම් වලට නේපාල රජයෙන් විසඳුම් ලැබිය යුතු බව කියා සිටියි. 'දේශපාලන කොන්කිරීම' නව ව්‍යවස්ථාව මගින් යෝජිත මායිම් වෙන් කිරීම් මගින් තමන් දේශපාලන වශයෙන් කොන් කිරීමකට ලක් වෙනු ඇති බව දකුණු දිග මිටියාවත් ප්‍රදේශවල වෙසෙන තරෙයි ජනතාව විශේෂයෙන් මධේෂි සහ තාරු ජනතාව කියා සිටිති. මධේෂි සහ තාරු ජන කණ්ඩායම් නේපාල ජනගහනයෙන් සියයට හතළිහක් පමණ වන අතර ඔවුන් හා ඉන්දියාව අතර සමඟ සමීප වාර්ගික බැඳීම් පවතී." +ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ සෙල්ලක්කාරයන් සඳහා වූ සෙල්ලක්කාරයන්ගේ අය වැයක් බව විරුද්ධ පක්ෂ සන්ධානයක් පවසයි.,"'දැන් අය වැයෙන් පස්සේ මිලියන 160 ක තීරු බදු ඉවත් කරලා ලැම්බෝගීනිය ගේන්න පුළුවන් මිලියන 60 කට' ලබන වසර සඳහා ඉදිරිපත් කොට තිබෙන අය වැයෙන් ජනතාවට කිසිදු සහනයක් ලබාදී නැති බවත් විපක්ෂයේ විරෝධයට අයත් දේශපාලන පක්ෂ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ. ""ලැම්බෝගීනි රේස් කාර් කියන්නේ මම හිතන්නේ ලෝකේ වැඩිම මිලකට තියෙන රේස් කාර් එක. අය වැයට ඉස්සෙල්ල රුපියල් මිලියන 240 ක් ගෙවන්න වුනා. දැන් අය වැයෙන් පස්සේ මිලියන 160 ක තීරු බදු ඉවත් කරලා ලැම්බෝගීනිය ගේන්න පුළුවන් මිලියන 60 කට,"" බව මාධ්‍ය හමුව ඇමතූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. රේස් කාර්වලට බදු සහන ""ඔන්න ඔච්චරයි දීල තියෙන සහනය,"" ඔහු පැවසීය. නොවැම්බර් 09 වෙනිදා වැලිකඩ බන්ධානාගාරයේ හටගත් ගැටුමේදී සිරකරුවන් ඝාතනය කිරීමේ සිදුවීමට ද කළු ඇඳුමෙන් සැරසී සිටි විපක්ෂ සන්ධානයේ නායකයෝ සිය දැඩි විරෝධය පළ කළහ. මේ අතර අදහස් දැක්වූ නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, පළාත් සභාවල මූල්‍ය බලතල යලි මධ්‍යම ආණ්ඩුවට පැවරෙන දිවි නැගුම පණත සම්මත කරගැනීමට නොහැකිවීම නිසා දැන් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට උත්සාහ දරන බවට ආණ්ඩුවට චෝදනා කළේය. දුප්පත් ජනතාවගේ පීඩාව අමතක කොට, ""මරණ සහතිකයෙන් පවා බදු අයකරන"" අය වැයක් ලෙසිනුයි එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය එය හඳුන්වා දුන්නේ. සබැඳි තේමා" +හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ අද (22) පස්වරුවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුණි.,ඇය අත්අඩංගුවට පත් වී ඇත්තේ උපන් දින දෙකක් යටතේ විදේශ ගමන් බලපත් දෙකක් තම සන්තකය��� තබා ගැනීමේ චෝදනා මත යි. ඉන් එක් විදෙස් ගමන් බලපත්‍රයක් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ගමන් බලපත්‍රයක් බවයි වාර්තා වන්නේ. ශෂී වීරවංශ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී යි. 'බිරිඳ අසනීප තත්වයේ' පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශෂී වීරවංශ බන්ධනාගාර රෝහල වෙත මාරු කර යැවීමට කටයුතු කරනු ඇති බවයි. තම බිරිඳ අසනීප තත්වයේ පසු වූ බැවින් රෝහල් ගත කර සිටි බවයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසා ඇත්තේ. සිය බිරිඳ තවමත් අත්අඩංගුවට නොගන්නේ මන්දැ’යි විමල් වීරවංශ පසුගිය දා නුගේගොඩ පැවති රැළියේ දී ප්‍රසිද්ධියේ ප්‍රශ්න කර තිබුණි. +ගැබිණි කාන්තාවන් වෙනුවෙන් පැවැත්වෙන පුහුණු පන්තිවලට මම සහභාගී වුනෙමි. මව්කිරි දෙන කාලයට අඳින තනපට කිහිපයක් මිලදී ගත්තෙමි. මා දැන් දරුවාට කිරි දෙන මවක් වීමට සුදානම් ය.,"අතිශයෝක්තියට රැවටෙන්න එපා නමුත්, දරුවා ඉපිද දින දෙකකට පසුවත් මව්කිරි වෑහෙන්න ගත්තේ බිංදු කිහිපයක් පමණි. මම සම්බාහනය කර උත්සාහ කලෙමි. මේදය අධික ආහාර අධික ලෙස ගිල දැමුවෙමි. එළකිරි ගැලුම් ගණන් පානය කලෙමි. තුන්වැනි දිනයේ දී පවුල් සෞඛ්‍ය සේවිකාව පැමිණියාය. වහාම රෝහල් ගත වන ලෙස ඇය මට නියෝග කළාය. මගේ පුංචි පැටියා හාමත් වී සිටියාය. ""දරා ගන්න අමාරුයි"" මව්කිරි දීම: අපේක්‍ෂාවට එරෙහිව යතාර්ථය රෝහලට ගිය පසු මව්කිරි දොවන කුඩා පොම්පයක් යොදා ගනිමින් කිරි ලබා ගැනීමට උත්සාහ කළ ද කිරි වෙනුවට රුධිරය වෑහෙන්නට පටන් ගත්තේය. ""මට මොනවා වෙලාද? මගේ පියයුරු මව් පදවිය ප්‍රතික්‍ෂේප කරනවද?"" මට සිතුණි. මාගේ කුඩා බිළිඳා කිරි පොදක් බීමට තන පුඩුව තදින් උරන්නට වීම නිසා එය තුවාල විය. මවකට කිරි එරීම සවභාවිකව ම සිදු නොවන බව මම කල්තියා දැන සිටියානම් කෙතරම් අගනේ ද? එය පිරික්සුම් හා වැරදීම් න්‍යාය ( trial and error) මත පවත්නා ක්‍රියාවලියකි. පුහුණුවීම තුළින් තත්වය යහපත් අතට හරවා ගත හැකිය. ඒ සඳහා අත්හදා බැලිය හැකි උපායන් එමටය. නමුත් එය එතරම් පහසු නොවේ. විටෙක ඉතා වේදනාකාරීය. තනි වීම අලුත උපන් දරුවා දවසේ වැඩි වෙලාවක් කරන්නේ නිදා ගැනීමය. ඔබට තනිකමක් දැනීම අරුමයක් නොවේ. යතාර්ථයට මුහුණ දුන් දරුවා මව්කිරි බීම ක්‍රමයෙන් ආරම්භ කළේය. දැන් උවමනාවටත් වඩා මව්කිරි වෑහෙන්නට විය. මට සුව පහසු නින්දක් ලබන්නට කාලයක් නොමැත. තනිව නිදහසේ දිය නෑමට අවස්ථාවක් නැත. කැඩපත ඉදිරියට ගිය මොහොතක් මතක නැත. නිවසෙන් පිටවී ගමනක් යාමට හිතෙන්නෙම නැති තරම්ය. "" මාව දැක්කොත් අසල්වැසියෝ මොනවා හිතයිද? මගේ මිතුරියන්ට මොනවා හිතෙයිද?"" මම ගැවසෙන්නට කැමතිම තැන්, දැන් පය ගසන්නට අකමැති ම තැන් බවට පත් වී තිබේ. ප්‍රසිද්ධ ස්ථානවල දී දරුවාට මව්කිරි ලබා දීමේදී මට අපහසුතාවයක් දැනේ. රෑ මැදියමේ මම නින්දෙන් අවදි වෙමි. දරුවා සමඟ තනි වෙමි. පිටස්තර ලෝකයෙන් ම තනි වී ඇති බවක් දැනේ. පශ්චාත් ප්‍රසව විශාදය මා වෙලා ගැනීමට ආසන්න ය. තමන්ව රැක බලා ගැනීම දරුවා රැක බලා ගැනීම තරම්ම - ඇතැම් විට ඊටත් වඩා - වැදගත් බව මම මීට පෙර දැන සිටියානම් කෙතරම් හොඳදැයි මට සිතේ. කාංසාවෙන් පෙළෙන, විෂාදයට ලක් වී බිඳ වැටුණු මවකට වඩා නිසි විවේකය ලද නිරෝගී මව යහපත් ය. වරදක් කළැයි දැනෙන හැඟීම පහව නොයයි රෝහලේ දී ළදරු කිරිපිටි ලබා දුන් පසු දරුවා පැය කිහිපයක් නින්දට වැටුණි. මට නින්දක් අවැසිව සිටි සෑම මොහොතකම මව් කිරි ලබා දීමට උත්සහ කරමින් සිටිනවා වෙනුවට ළදරු පිටිකිරි දරුවාට ලබා දිය හැකිව තිබුනා නොවේදැයි මට පසක් විය. වරදක් කළ බවට දැනෙන හැඟීම මා වෙලා ගන්නට එතරම් කාලයක් ගත නොවීය. එය නොතකා සිටිය නොහැකි තරම් බලවත් වූ හැඟීමක් විය. ළදරු කිරිපිටි දීමෙන් පසු දරුවාගේ දිවේ සුදු පැහැති අවශේෂයක් ඉතිරිව තිබිණ. එය පිළිකුලක් දනවන දුර්ගන්ධයකින් යුක්ත විය. අස්වාභාවික දර්ශනයක් සේ දැනුණි. රසවත්, පෝෂ්‍යදායී මව්කිරි වෙනුවට 'බාල ආහාරයක්' මා දරුවාට ලබා දෙනවා නොවේදැයි යන හැඟීම මට ඇති විය. මා වරදක් කළැයි දැනෙන හැඟීම වරින් වර මතුවෙයි: ""මට තව තවත් උත්සාහ කරන්න තිබුනා. මට වැඩිපුර පැයක් නිදා නොගෙන ඉන්න තිබුනා."" මෙම හැඟීම කිසිදා පහව නොයන එකක් බව කල් තියා දැනගෙන සිටියානම් කෙතරම් හොඳදැයි මට සිතේ. නමුත් එය ද සාධාරණ නොවේ. තමන්ට ගැලපෙන දේ තෝරා ගැනීමට හැම දෙනාම පෙළඹේ. කෙසේ හෝ තමන් වරදක් කළැයි දැනෙන හැඟීම ඉස්මතු වීම වළක්වාලිය නොහැකිය. එය වගකීම් සහගත මවකගේ අවලාදයක් විනා අයහපත් මවකගේ අවලාදයක් නොවේ. සහාය පතන්න මව්කිරි දොවා තබා ගෙන පසුව දරුවාට දිය හැකි බව ඔබ දැන සිටියා ද? ඒ සඳහා සුදුසු උපකරණ සහ නිසි ක්‍රමවේදයක් පවතී බිලියන ගණනක් වටිනා වෙළඳපොළක් සහ කර්මාන්තයක් මව්කිරි දීම ආශ්‍රිතව පවතී. නොගැනිය හැකි තරම් කුඩා ගැටලුවක දී පවා ඔබට සහනයක් ලබා දීම සඳහා ඉතා පිළිවෙළට ඇසුරූ විසඳුමක්, ඔබේ මුදල් ලබා ගැනීමට සුදානමින් පවතී. සුපිරි වෙළඳසල් තුළ මේ සඳහා ම වෙන් වූ රාක්කයක් පිරී තිබේ. තන පුඩුවට ආලේප කරන ක්‍රීම් වර්ගවල සිට පියයුරු උණුසුම්ව තබා ගැනීම සඳහා නිෂ්පාදිත ආවරණ දක්වා වූ භාණ්ඩ සහ අත් බෙහෙත් එහි නොඅඩුව පවතී. නමුත් මට සහනයක් ගෙන දුන් වැදගත් ම 'අත් බෙහෙත' වූයේ මව්කිරි දීම සම්බන්ධයෙන් පැවැත්වුණු වැඩමුළුවලට සහභාගී වීම ය. එහි දී හමු වූ, මව්කිරි දීම සම්බන්ධයෙන් වැඩි අත්දැකීම් සහිත උදවියගෙන් සහ විශේෂඥ දැනුම ඇති අයගෙන් ලබා ගත් උපදෙස් ය. නිසි පරිදි දරුවාට මව්කිරි දීමට නොහැකිව අරගලයක යෙදෙන එකම මව මා නොවන බව කලින් දැන සිටියේනම් කෙතරම් අගනේ ද? සහන සහ උපදේශන සේවා එමටය. ඔබ අසීරුතාවයකට පත් වූ විට කළ යුතු හොඳම දේ සහනයක් ඉල්ලා සිටීමය. තම දරුවාට මව්කිරි ලබා දීම හෝ නොදීම තමන් ගේ තේරීමයි. එය තීරණය කිරීමට සෑම මවකට ම අයිතියක් ඇති බව මම සිතමි. කෙසේ නමුත් මව්කිරි ලබා දීමට අසමත් වීම හෝ මව්කිරි ලබා නොදීමට තීරණය කිරීම මගින් ඔබ අයහපත් මවක් නොවනු ඇත. කියවන්න" +ඉරාකයේ මොසුල් නුවර ඉස්ලාම් අන්තවාදීන් විසින් අත්පත් කර ගනු ලැබීමෙන් පසු මිලියන භාගයක් පමණ ජනතාව නගරයෙන් පලාගොස් ඇතැයි පැවසේ.,අගමැති මලිකි ගේ සුළු ජාතිකයන් නොසලකා හැරීමේ ප්‍රතිපත්ති ගැටුම් වලට හේතු වී ඇතැයි පැවසේ නගරය මුළුමනින්ම සියතට ගත ඉරාකයේ සහ ලෙවන්ට් කලාපයේ ඉස්ලාමීය සටන් කරුවෝ තවත් ඉදිරියට ඇදෙමින් සිටින බවයි වාර්තා වන්නේ. ඇමරිකාව පවසන්නේ එය මුළු කලාපයේම ආරක්ෂාවට තර්ජනයක් බවයි. අල් ක්වයිදා සංවිධානයෙන් ම බිහිවූ කණ්ඩායමක් ලෙස සැලකෙන ISIS නොහොත් ඉරාකයේ ඉස්ලාමීය සටන් කරුවෝ දැනටමත් නැගෙනහිර සිරියාවේ මෙන්ම බටහිර සහ මධ්‍යම ඉරාකයේ සැලකියයුතු භූමි භාගයක් පාලනය කරති. දැන් ඔවුන් ඉරාකයේ කිර්කුක් සහ සලහෙදින් ප්‍රාන්ත වල නගර ඔස්සේ ඉදිරියට ඇදී ඇති බවයි පැවසෙන්නේ. තත්වය යහපත් අතට පත්කර ගැනීම සඳහා සුනි සුළු ජාතිකයන් සමග එක්ව කටයුතු කරන්නැයි ෂියා ජාතික ඉරාක අගමැති නුරි අල් මලිකි ගෙන් ඇමරිකාව ඉල්ලා තිබේ. අගමැති මලිකි ගේ සුළු ජාතිකයන් නොසලකා හැරීමේ ප්‍රතිපත්ති මෙම ජාතීන් දෙක අතර ගැටුම් වලට හේතු වී ඇතැයි පැවසේ. +පැපුවා නිව්ගිනි හි මනුස් දූපතේ ඇති සරණාගත රැඳවුම් කඳවුර වසා දැමීමට ඔස්ට්‍රේලියාව එකඟවී තිබේ.,"පැපුවා නිව්ගිනි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශකළේ මනුස් දූපතේ ඇති රැඳවුම් කඳවුර වසා දැමීමට ඔස්ට්‍රේලියාව එකඟ වූ බව��ි. පැපුවා නිව්ගිනි අග්‍රාමාත්‍ය පීටර් ඕනීල් පැවසුවේ බදාදා තමන් ඕස්ට්‍රේලියානු ආගමන කටයුතු පිලිබඳ අමාත්‍යවරයා වන පීටර් ඩටන් හමුවී සාකච්ඡා කළ බවයි. පැපුවා නිව්ගිනි රාජ්‍යය සහ ඕස්ට්‍රේලියාව යන දෙපාර්ශවයම මනුස් කඳවුර වසා දැමීමට එකඟ වූ බවයි ඔහු නිකුත්කළ නිවේදනයක සඳහන් වන්නේ. අධිකරණ තීන්දුවක් පැපුවා නිව්ගිනි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය අප්‍රේල් මාසයේ දී තීන්දු කළේ සරණාගතයන් සහ අනාථයන් මෙම කඳවුරේ රඳවා තැබීම ව්‍යවස්ථා විරෝධී බවයි. එසේවුවද පිරිමින් 854 දෙනෙකු රඳවා තබා සිටින මනුස් කඳවුර ඉක්මනින් වසා දැමීමක් සිදු නොවන අතර ඒ සඳහා පෙර මෙහෙයුම් කිහිපයක් සිදු කිරීමට ඇති බවයි අග්‍රාමාත්‍ය ඕනීල් ප්‍රකාශ කළේ. ඒ සමගම විකල්ප විසඳුම් මාලාවක් පිලිබඳ සලකා බැලෙනු ඇති බවද අදාළ ප්‍රකාශනයේ සඳහන් වන අතර එම මෙහෙයුම හදිසියකින් තොරව පරෙස්සම් සහගත ක්‍රමවේදයකට සිදුවිය යුතු බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ. පැපුවා නිව්ගිනි ජනතාවගේ මෙන්ම කඳවුරේ රැඳවියන්ගේ ද කැමැත්ත මේ සඳහා වැදගත්වන බවද එහි සඳහන්ව ඇත. රට තුළ නවාතැන් නැහැ ඔස්ට්‍රේලියාවට මහුදු යාත්‍රා මගින් පැමිණෙන සරණාගතයන්ට රට තුළ නවාතැන් ලබා නොදී මනුස් දූපතේ සහ පැසිපික් නාවුරු යන උපත්වල ඇති කඳවුරු තුළයි රඳවා තබන්නේ. අවම වශයෙන් සරණාගත භාවය සඳහා වූ අයදුම් පත් සත්‍ය හා සාධාරණ බවට තීරණය කෙරුණු අවස්ථාවක දී වත් ඔස්ට්‍රේලියාව තුළ ස්ථිර පදිංචිය හිමි නොවේ. ඕස්ට්‍රේලියානු ආගමන කටයුතු පිලිබඳ අමාත්‍ය ඩටන් විසින් නිකුත්කළ ප්‍රකාශයක සඳහන් ව ඇත්තේ මනුස් කඳවුර වසා දැමීම කලකට පෙර පටන් තීරණය වී තිබුණු බවයි. "" අපි අපේ ස්ථාවරය අද නැවත දැනුම්දෙන්න කැමතියි. මනුස් කඳවුරේ කිසිවෙකුටත් ඕස්ට්‍රේලියාවේ පදිංචිය හිමිවන්නේ නැහැ"" යනුවෙනුයි එහි සඳහන් වන්නේ. අප්‍රියෙල් මාසයේ දී පැපුවා නිව්ගිනි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් පස් දෙනෙකු විසින් තීරණය කර තිබුණේ මනුස් කඳවුර එරට ව්‍යවස්ථාවේ 42 වැනි වගන්තියේ සඳහන් 'පෞද්ගලික නිදහස' ආරක්ෂා කිරීමට පටහැනි බවයි." +හොලිවුඩ් පුරවරයේ දැවැන්ත චරිතයක් වන චිත්‍රපට නිෂ්පාදක හාවි වයින්ස්ටයින්ට එරෙහිව දිනෙන් දිනම අලුතෙන් ස්ත්‍රී දූෂණ සහ ලිංගික හිංසන චෝදනා එල්ලවෙමින් පවතී.,"ඇන්ජලීනා ජොලී (Angelina Jolie) සහ ග්විනත් පල්ට්‍රෝ (Gwyneth Paltrow) ඇතුළු හොලිවුඩ් පුරවරයේ ජනප්‍රියම නිළියන් ඇතුළු නිළියන් ගණ���ාවක් පසුගිය සතිය ඇතුළත ලිංගික හිංසන චෝදනා එල්ල කිරීමෙන් අනතුරුව ඔහු විසින්ම නිර්මාණය කරන ලද 'ද වයින්ස්ටයින් සමාගම' (The Weinstein Company) විසින් හාවි වයින්ස්ටයින් (Harvey Weinstein) සිය සමාගමෙන් ඉවත් කරනු ලැබ තිබේ. ජනප්‍රිය ඇමෙරිකානු නිළියක වන රෝස් මැක්ගොවන් (Rose McGowan) ඔහුට එරෙහිව සිකුරාදා (ඔක්තෝබර් 13) එල්ල කළ දූෂණ චෝදනාව මේ ආන්දෝලනයේ අලුත්ම සිදුවීමය. ට්විටර් පණිවුඩ ගණනාවක් මගින් සිය චෝදනාව එල්ල කළ හොලිවුඩ් නිළිය, තමන් ඒ පිළිබඳව චෝදනාව මුලින්ම එල්ල කළ අවස්ථාවේ එය නොසලකා හැරි බවට ඇමසෝන් ස්ටුඩියෝ (Amazon Studio) හි ප්‍රධානී රෝයි ප්‍රයිස් (Roy Price) වෙත ද චෝදනාවක් එල්ල කොට තිබේ. චිත්‍රපට නිෂ්පාදිකාවකට ලිංගික හිරිහැර කළ බවට චෝදනා එල්ල වීම හේතුවෙන් මේ වනවිට රෝයි ප්‍රයිස් ද අනිවාර්ය නිවාඩු යවා තිබේ. හාවි වයින්ස්ටයින් තමන්ට එරෙහිව එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, රෝයි ප්‍රයිස් මෙතකේ ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කොට නැත. මේ අතර හාවි වයින්ස්ටයින් එරෙහි චෝදනා පිළිබඳව බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පොලිසිය විශේෂ විමර්ශන කිහිපයක්ම දියත් කොට තිබේ. ඒ අතර: ඇමසෝන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා අමතමින් ට්විටර් පණිවුඩ කිහිපයක් නිකුත් කළ රෝස් මැක්ගොවන් නිළිය, සිය චෝදනා නොතකා හාවි වේන්ස්ටයින් සමග දිගටම ගනුදෙනු කිරීම පිළිබඳව සමාගම දැඩි විවේචනයට ලක් කර තිබේ. ""වයින්ස්ටයින් මාව දූෂණය කළා කියල ඔබේ ස්ටුඩියෝ එකේ ලොක්කට මම කීව,"" ඇය සඳහන් කරයි. ""දිගින් දිගටම කිවුව. ඒක ඔප්පු වෙලා නෑ කියල ඔහු කිවුව. මම කිවුව මම තමයි සාක්කිය කියල."" මේ අතර පරුෂ වචන පවා යොදාගනිමින් ට්විටර් ජාලය ඔස්සේ ඇය එල්ල කළ චෝදනා හමුවේ ඇයගේ ට්විටර් ගිණුම තාවකාලිකව අවහිර කරනු ලැබීමෙන් අනතුරුව #WomenBoycottTwitter හෑෂ්ටෑගය යොදාගනිමින් ඇතැම් කාන්තාවෝ ට්විටර් වර්ජනයක ද නිරතව සිටිති. වයින්ස්ටයින්ට එරෙහි චෝදනා පිළිබඳව ද නිව්යෝකර් (The New Yorker) සඟරාව පළ කළ ගවේෂණාත්මක වාර්තාවක් ප්‍රකාර කාන්තාවන් තිදෙන් මීට ඉහතදී ඔහුට දූෂණ චෝදනා එල්ල කොට තිබේ. ඉතාලි ජාතික ආසියා අර්ජෙන්තො (Asia Argento), එවකට නිළියක වීමට උත්සාහ දැරූ ලුසියා එවන්ස් (Lucia Evans) සහ සිය අනන්‍යතාව හෙළි නොකළ කාන්තාවක් ඒ තිදෙනාය. 1990 සහ 2015 අතර කාලයේදී හාවි වයින්ස්ටයින් තමන්ට ලිංගික හිරිහැර හෝ අතවර කළ බවට තවත් කාන්තාවන් දස දෙනෙකු ලිපියේ කතුවරිය සමග පැවසූ බවත් සඟරාව වාර්තා කොට තිබේ. පසුගි�� ඔක්තෝබර් 05 වෙනි දින වයින්ස්ටයින්ට එරෙහි ලිංගික අතවර චෝදනා මුලින්ම වාර්තා කරනු ලැබුවේ ද නිව්යෝක් ටයිම්ස් (The New York Times) පුවත්පත විසිනි. සිය ප්‍රකාශකයෙකු මාර්ගයෙන් එම චෝදනාවලට ප්‍රතිචාර දැක්වූ වයින්ස්ට් අවධාරණය කරන්නේ ඕනෑම කාන්තාවක සමග තමන් ලිංගික සම්බන්ධතා පැවැත්වූයේ ඔවුන්ගේ කැමැත්තෙන් බවය. මග තොටේදීත්, වැඩ පොලේදීත් නිරන්තරයෙන් ලිංගික හිංසනයට ගොදුරුවන ලාංකීය කාන්තාව හොලිවුඩ් පුරවරයේ නළු නිළියන් ඇතුළු බොහෝ ප්‍රසිද්ධ චරිත ඔහුගේ ක්‍රියාකළාපය හෙළා දැක තිබෙන අට්‍ර්හර, සහ මේ අතර ප්‍රකාශය කරන ඔස්කාර් සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂ ඔලිවරේ ස්ටෝන් (Oliver Stone) ප්‍රක්කාශය කරමින් චෝදනා සනාථ වීමට ප්‍රථම ඔහු පිළිබඳව පූර්ව නිගමනවලට නොඑළඹෙන මෙන් ඉල්ලීමක් කර තිබේ. ශ්‍රී ලංකාවේ ආයතනවල, පොදු ප්‍රවාහන සේවාවල සහ මහමග දී කාන්තාවන්ට එල්ලවන ලිංගික හිරිහැර පිළිබඳව ද මේ අතර නිරන්තරයෙන් වාර්තා පළ වේ. පොදු ප්‍රවාහන සේවාවලදී සිදුවන බරපතල ලිංගික හිරිහැර පිළිබඳව කාන්තාවන් පිරිසක් පළ කළ අදහස් ඇසුරෙන් බීබීසී සිංහල සේවය පසුගියදා විශේෂ ගවේෂණ වාර්තාවක් පළ කළේය. ශ්‍රී ලංකාවේ පොලිස් කාන්තාවන් පොලිස් නිලධාරීන්ගේ ලිංගික හිංසනවලට ගොදුරුවන බව එවකට ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා වූ මහාචාර්ය සිරිපාල හෙට්ටිගේ පසුගියදා බීබීසී සිංහල සේවයට පැවසීය. ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදිනියන් අතරින් තුනෙන් එකක් පමණම සිය ආයතන තුළ දීම ලිංගික හිංසනයන්ට ගොදුරු වන බව පසුගියදා IFJ ජාත්‍යන්තර ජනමාධ්‍ය සංසදය පැවැත්වූ සමීක්ෂණයකින් හෙළිදරවු කෙරිණ." +ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ලිපියක් යැවූ බවට චෝදනා නගමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගෙන් ප්‍රශ්න කල බව සෙන්ට්‍රල් ඉන්වෙස්ට්න්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් (CIFL) ආයතනයේ මුදල් තැන්පත් කොට ඒවා ආපසු ලබා ගැනීමට නොහැකිව සිටින තැන්පත් කරුවෝ කියා සිටිති.,"තැන්පතු අහිමි CIFL ගිනුම් හිමියෝ. මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක් වන CIFL බංකොලොත් වීම නිසා එහි රුපියල් කෝටි තුන්සිය පනහකට ආසන්න මුදල් ආයෝජනය කල හය දහසකට අධික ගිණුම් හිමියෝ ඔවුන්ගේ මුදල් ආපසු ලබාගැනීමට නො හැකිව සිටිති. මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ඉක්මනින් නො ලැබුණ හොත් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවක් පවසමින් ජනාධිප���ි ලේකම්වරයාට හා මහබැංකු අධිපතිවරයාට තම සංගමයේ නමින් ව්‍යාජ ලිපියක් යවා ඇති අතර එය ආණ්ඩුවේම ඇතැම් බලධාරීන්ගේ ක්‍රියාවක් වන බවයි (CIFL) ආයතනයේ තැන්පත් කරුවන්ගේ සංගමය පවසන්නේ. ව්‍යාජ ලිපියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ලිපිය සහ ජිනීවා ගමනක් සම්බන්ධයෙන් තම සංගමයේ ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළ බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වී.එස්. අබේරත්න ප්‍රකාශ කරයි. සංගමයේ ලේකම් පී.කේ.මහින්දපාල ""ව්‍යාජ ලිපි ශීර්ෂ පාවිච්චි කරමින් සංගමයේ ලේකම්ගේ අත්සන හැටියට ව්‍යාජ අත්සනක් ද යොදා ජනාධිපති ලේකම්වරයාට සහ මහබැංකු අධිපතිවරයට ලියුම් යවා තිබෙනවා. අපි විපක්ෂයේ සහයෝගයද ලබා ගනිමින් ජිනීවා යන බවට බොරු චිත්‍රයක් මවල තියෙනවා"" සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වී එස්. අබේරත්න වැඩි දුරටත් කියා සිටියි. ආණ්ඩුවේ බලධාරීන් තැන්පත්කරුවන්ගේ ගැටලු වලට විසඳුමක් ලබා නො දෙන පරිසරයක තම සංගමය මෙම ප්‍රශ්නය ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කිරීමට උත්සාහ කරමින් සිටින බවත්, එවැනි අවස්ථාවක මෙම ලිපිය තම සංගමය හා ජනාධිපතිවරයා අමනාප කිරීමේ කුමන්ත්‍රණයක් වන බවත් වී.එස්. අබේරත්න පවසයි. උපවාසයට දින තිස්පහක් ඉහත කී ලිපිය හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීමට ලක් වූ CIFL තැන්පත් කරුවන්ගේ සංගමයේ ලේකම් පී.කේ. මහින්දපාල පවසන්නේ,තමන් නො යැවූ ලිපියකට මහා බැංකුවෙන් තර්ජනාත්මක ස්වභාවයක් සහිත පිළිතුරක් ලැබුණ බවයි. “ඒ ලියුම ලැබුන දිනට පසු දිනයේ සී.අයි.ඩිය අපට එන්න කිව්වා. මම ලිපිය ප්‍රතික්ෂේප කළා ම ඉන් ඔබ්බට ඒ ගැන ඇහුවේ නැහැ"" පී.කේ. මහින්දපාල බීබීසියට අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසුවේ, ලිපියේ නිවැරදිතාවය දැන ගැනීම පිණිස අදාළ ප්‍රශ්න කිරීම සිදු වූ බවයි. මේ අතර තමන් CIFL ආයතනයේ ආයෝජනය කල මුදල නැවත ලබාගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් තැන්පත් කරුවන් ආරම්භ කළ උපවාසයට අදට දින තිස් පහක් ගත වී ඇත." +"ශ්‍රී ලංකාවේ ඇතැම් ධීවරයන් දැල්වලින් මසුන් මැරීමේ දී ඉතාම කුඩා කෙලවලු පැටවුන් පවා අල්ලා ගන්නා බව වාර්තා වී ඇතැයි පවසන ධීවර අමාත්‍ය මහින්ද අමරවීර, එය දිගින් දිගටම සිදුවුවහොත් කෙලවල්ලන් වඳ වී යාමට ඉඩ තිබෙන බවට අනතුරු අඟවයි.","එබැවින් කෙලවලු (ටූනා) පැටවුන් අල්ලා ගැනීමෙන් වළකින මෙන් ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ සහ දැල්වලට අසුවන කෙලවලු පැටවුන් පිළිබඳව තොරතුරු රැස්කිරීමේ ක්‍රියාදාමයක් දියත් කරන මෙන් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා බීබීසී සිංහල සේවයට පැවසීය. ""ඒ වගේම දෙවැනි අදියර විදියට අපි මේ පිළිබඳව ලැබෙන තොරතුරු අනුව අවශ්‍ය වුනොත් එම මසුන් මැරීම තහනම් කිරීමට ක්‍රියා කරනවා,"" යනුවෙන් අමාත්‍යවරයා පැවසීය. කිසියම් ලෙසකින් එවැනි තහනමක් පණවනු ලැබුවහොත්, එය ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දුන් ධීවර අමාත්‍යවරයා කියා සිටියේ ධීවරයන් විසින් අදාළ දැල් වරායවලින් රැගෙන යාම වැළැක්වීම ඉතා පහසු කටයුත්තක් බවය. කෙලවලු මත්ස්‍යයන් මැරීමෙන් වළකින මෙන් තමන් කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකාවේ ධීවරයන්ගෙන් ඉල්ලා නොසිටින බව පවසන අමාත්‍ය මහින්ද අමරවීර අවධාරණය කරන්නේ තමන් අවධානය යොමු කරන්නේ ""ග්‍රෑම් 100, 200 පවා ඉතා කුඩා ප්‍රමාණයේ කෙලවල්ලන් ඇල්ලීම"" පිළිබඳව පමණක් බවය. ""කෙලවල්ල කිලෝ 120, 130 ට ලොකු වෙනවා. ග්‍රෑම් 100, 200 මේ පොඩි අය ගත්තම වඳ වීමේ තර්ජනයකට මුහුණ දෙනවා. ඒක පාලනය කිරීම සඳහා තමයි අපි කටයුතු කරන්නේ."" රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරන ආකාරයට ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 2.7% කට දායක වන අතර, ප්‍රධාන වශයෙන්ම බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය සහ ජර්මනිය යන රටවලට ශ්‍රී ලංකාව කෙලවල්ලන් අපනයනය කරයි. සබැඳි පුවත්;" +ජාත්‍යන්තර වෙසක් උළෙලට සමගාමිව කුලදරුවන් දහසක් සසුන්ගත කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බව බුද්ධ ශාසන හා අධිකරණ කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.,"එහි එක් පියවරක් වශයෙන් දම්මුල්ල ශ්‍රී සුධම්ම විහාරස්ථානයේ දී කුලදරුවන් 75 දෙනෙකු සහ ඓතිහාසික රුවන්වැලි මහාසෑය අභියස දී කුලදරුවන් 215 දෙනෙකු සසුන්ගත කළ බව ඇමතිවරයා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේය. කුලදරුවන් දහසක් සසුන්ගත කිරීමේ වැඩසටහන ඉදිරි දින කිහිපය තුළ ප්‍රදේශ ගණනාවක දී ක්‍රියාත්මක වනු ඇති බව කී ඇමතිවරයා විසින් එම වැඩසටහන හඳුන්වනු ලැබුවේ ""බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කරන මහඟු යුතුකමක්"" ලෙසය. ශ්‍රී ලංකාව තුළ ""අහස උසට වෙහෙරවිහාර, චෛත්‍ය නිර්මාණය වී තිබුණ ද"" ශාසනය ඉදිරියට ගෙන යාම සඳහා කුලදරුවන් අත්‍යවශ්‍යවන බව පෙන්වා දුන් ඇමතිවරයා ඒ අනුව මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය ත��රණය කළ බව සඳහන් කළේය. මේ අතර මැයි 12 සිට 14 වෙනිදා දක්වා කොළඹ සහ මහනුවර දී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුමට සියලු කටයුතු සුදානම් බව කී අමාත්‍යවරයා ඒ සඳහා රටවල් 82ක නියෝජිතයන් සහභාගී වීමට නියමිත බව පැවසීය. රටවල් දහයක් නියෝජනය කරමින් ජාත්‍යන්තර වෙසක් දින සමාරම්භක උළෙල සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගි වීමට නියමිතය. මැයි 14 වෙනිදා පවත්වනු ලබන සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් නේපාලයේ ජනාධිපතිනිය බින්ද්‍යා දේවි බන්ධාරි සහභාගී වීමට නියමිතව ඇත. වෙසක් දින සැමරුමට සමගාමීව පැවැත්වෙන දියවන්නා වෙසක් කලාපය මැයි 10 වෙනිදා සිට 14 වෙනිදා දක්වා දියත උද්‍යානය, පාර්ලිමේන්තු සංකීර්ණය අවට, ජපන් මිත‍්‍රත්ව පාර සහ දියවන්නා ඔය ආශි‍්‍රතව පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහිදී ආසියානු රටවල් 10 ක බෞද්ධ සම්ප‍්‍රදායන් පිළිබිඹු කරමින් කෙරෙන ප්‍රදර්ශනයක් පැවැත්වීමට ද නියමිතය. ඉන්දියාව, පාකිස්තානය, චීනය, තායිලන්තය, ජපානය, සිංගප්පූරුව, මියන්මාරය එම රටවල් අතර වේ." +"එක්සත් රාජධානියේ ඇතැම් පළාත්වලින් හමු වූ, කොරෝනාවෛරසයේ නව ප්‍රභේදවල ජාන විපර්යාසය පිළිබඳව එංගලන්තයේ මහජන සෞඛ්‍ය බලධාරීන් කනස්සල්ල පළ කරන අතර ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටිති.","ඉන් එක් ජාන විපර්යාසයක් E484K නමින් හඳුන්වන අතර දකුණු අප්‍රිකාවෙන් හමුවූ කොරෝනාවෛරස් නව ප්‍රභේදයේ ද එම ජාන විපර්යාසය දක්නට තිබේ. කොරෝනාවෛරසයේ නව ප්‍රභේද ඇතිවීම හේතුවෙන් එන්නත්වල සඵලතාව අඩුවීමට ඉඩ ඇති නමුත් දැනට භාවිත කරනු ලබන එන්නත් තවමත් එම ප්‍රභේදවලට එරෙහිව ක්‍රියා කරනු ඇති බව විශේෂඥයෝ පවසති. දකුණු අප්‍රිකාවෙන් හමුවූ නව ප්‍රභේදය ආසාදනය වූවන් සොයා එංගලන්තයේ ප්‍රදේශ කීපයක ම හදිසි වෛද්‍ය පරීක්ෂණ පැවැත්වේ. එම ජාන විපර්යාසයම (E484K) සහිත තවත් ප්‍රභේද දක්නට ලැබුණු ප්‍රදේශවලට ද මෙම පරීක්ෂණ දියත් කිරීමට කටයුතු යොදමින් සිටිති. E484K ජාන විපර්යාසය සිදු වූ තවත් කොරෝනාවෛරස් ප්‍රභේදයක් මහා බ්‍රිතාන්‍යයේ කෙන්ට් පළාතෙන් හමුවී ඇති අතර එය 'කෙන්ට්' ප්‍රභේදය ලෙස නම් කර තිබේ. තවමත් සොයා නොගත් තවත් නව ප්‍රභේද පැවතිය හැකි බව විශේෂඥ මතයයි. කෙසේ වෙතත් වෛරසයේ නව ප්‍රභේද ඇතිවීම හෝ මුල් වෛරසය වෙනස් වීම යනු විද්‍යාඥයන් බලාපොරොත්තු නොවූ දෙයක් නොවේ. සෑම වෛරස් වර්ගයක් ම තම වර්ගයා බෝකිරීමේ දී සිය ව්‍යාප්තිය සඳහා සඵලභාවය ඇතිකර ගැනීමට වෙනස්කම්වලට භාජනය වේ. මෙය ""අනපේක්ෂිත දෙයක් නොවන නමුත් කනස්සල්ල ඇතිකරවන වර්ධනයක්"" බව ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ, වෛරස් පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජුලියන් ටෑන් පැවසුවේය. මෙවැනි තත්ත්වයක් හමුවේ ආසාදනයවීම් අවම කර ගැනීම තුළින්, ජාන විපර්යාස තවදුරටත් ඇතිවීම සඳහා වෛරසයට ලැබෙන අවස්ථා අවම වන බව ඔහු පවසයි. ඒ සඳහා ලොක්ඩවුන් නීති අනුගමනය කිරීම ඉතා වැදගත් බව ද ඔහු ප්‍රකාශ කළේය. ""එහෙම නොකළොත් වෛරසය ව්‍යාප්ත වෙනවා පමණක් නොවෙයි, එය පරිනාමයට පත්වීමත් සිදු වෙනවා."" වෛරසය ව්‍යාප්ත වන තරමට ජාන විපර්යාස ඇති වී තව තවත් ප්‍රභේද මතුවන බව ඔහු අවධාරණය කරයි. වසංගතය ආරම්භ වන විට පැවතුනු කොරෝනාවෛරසයට සිදුවෙමින් පවතින ජාන විපර්යාස, දැනට නිපදවා ඇති එන්නත් සඳහා කෙසේ බලපානු ඇත්ද යනවග සොයා බැලීම සඳහා විද්‍යාඥයෝ පරීක්ෂණ සිදුකරමින් සිටිති. ඇතැම් පර්යේෂණවලින් පෙනී ගොස් ඇත්තේ කොරෝනාවෛරසයේ ඇති වූ E484K ජාන විපර්යාසය මගින් මිනිස් දේහයේ පවතින ප්‍රතිදේහ මගහැර යාමට එම වෛරසයට පහසු විය හැකි බවයි. නමුත් Moderna එන්නත පිළිබඳව සිදු කෙරුණු මූලික පරීක්ෂණවලින් සනාථ වූයේ ඉහත කී ජාන විපර්යාසයට ලක් වූ වෛරස් ප්‍රභේදයට එරෙහිව පවා එම එන්නත ක්‍රියා කරන බවකි. මේ අතර Novavax සහ Janssen යන නාමයන් යටතේ සංවර්ධනය කෙරුණු තවත් එන්නත් දෙකක් අනුමත විය හැකි බවට අපේක්ෂා කෙරේ. මෙම එන්නත් දෙක ද කොරෝනාවෛරසයේ නව ප්‍රභේදවලට එරෙහිව ආරක්ෂාවක් සපයන බව පෙනෙන්නට තිබේ. යම් හෙයකින් දැනට නිපදවා ඇති එන්නත් නව ප්‍රභේදවලට එරෙහිව ක්‍රියා නොකරන්නේ නම් පවතින එන්නත් ඊට සරිලන පරිදි ප්‍රතිනිර්මාණය කළ හැකි බව විශේෂඥයෝ පවසති. ඊට ගතවන්නේ සති හෝ මාස කීපයක් පමණි. එය මඳ සැනසිල්ලක් වන්නේ වෛරසය සම්පුර්ණයෙන් ම වෙනස් නොවී දැනට පවතින ආකාරයෙන් ම ජාන වෙනස්වීම් ඇතිවන තාක් පමණි. එන්නතක් ලබා ගැනීමෙන් අනතුරුව වුව ද වෛරසය ආසාදනය වීම් වලක්වා ගැනීමට නම් දෑත් සේදීම, සමාජයීය දුරස්ථභාවය රැක ගැනීම, මුඛ හා නාස් ආවරණ පැළඳීම වැනි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතුය." +නිදහස ලැබූ දා පටන් සිදුකළ දරුණුතම සාපරාධී ක්‍රියාවන්ගෙන් එකක් මගින් මුස්ලිම් ජනයා සමූහ ඝාතනයට ලක් කිරීමේ චෝදනාවට පුද්ගලයන් 24 දෙනෙකු වැරදිකරුවන් කරමින් ඉන්දියාවේ ගුජරාට් ප්‍රන්තයේ අධිකරණයක් තීන්දුවක් දී තිබේ.,අහමදාබාද් නගරයේ ගුල්බාර්ග් නිවාස සංකීර්ණය අත් හැර දමා තිබෙන අයුරු මේ අතරින් එකොලොස් දෙනෙකු මිනීමැරුම් වලට වරදකරුවන් වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර චෝදනා ලැබ සිටි තිස් හය දෙනෙකු නිදොස් කොට නිදහස් කර යවා තිබේ. 2002 වසරේ දී අහමබදාබාද් නගරයේ නිවාස සංකීර්ණයක පදිංචි වී සිටි මුස්ලිම් වැසියන් 69 දෙනෙකු කපා කොටා ඝාතනය කොට පසුව ඔවුන්ගේ සිරුරු පුළුස්සා දමා තිබුණි. එම කාලයේ දී ගුජරාට් ප්‍රාන්තය පාලනය කළේ වර්තමාන අගමැති නරේන්ද්‍ර මෝඩි විසින්. මෙම සමූහ ඝාතනය නොසලකා හැර සිටි බවට ඔහුට එල්ලවන චෝදනා ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ. අගමැති මෝඩි විවේචනය කරන්නවුන් පවසන්නේ ඔහු ඉන්දියාවේ සියලු ජනතාව නියෝජනය කිරීමට නුසුදුස්සෙකු බවයි. 2002 වසරේ ඇතිවූ කලබල නිදහසින් පසු ඇතිවූ දරුණුතම ඒවා බවයි පැවසෙන්නේ ඉන්දියාව නිදහස ලැබීමෙන් පසු ඇතිවූ දරුණුතම කලහකාරී සිදුවීම් වාර්තාවූ මෙම හින්දු මුස්ලිම් ගැටුම් වල දී මුස්ලිම් වැසියන් 1000 ක්පමණ මියගිය අතර හින්දු වන්දනාකරුවන් 60 දෙනෙකු සමග දුම්රියක් ගිණි තබා විනාශ කෙරිණි. දුම්රිය ගිනි තබමින් මෙම කලහය ඇතිකිරීම පිළිබඳව මුස්ලිම් පිරිස් චෝදනා ලැබූ අතර පලිගැනීමක් වශයෙන් මුස්ලිම් ජනයා පදිංචි නගර සහ ගම් පිටින් විනාශ කරමින් කලකෝලාහල පැතිර ගියේය. +"ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වී සිටින ශුද්ධෝත්තම පාප් වහන්සේ, පූජකයන් අතින් ලිංගික අපයෝජනයට ලක් වූ පිරිස් හමු වූහ.","'දෙවියන් වහන්සේට ඔබේ වේදනාව ඇසෙන බව සහ උන් වහන්සේ ඔබ විශ්වාස කරන බව දැනගන්න' ළමා වියේදී පූජකයන් අතින් අපයෝජනයට ලක් වූ පස් දෙනකු - කාන්තාවන් තිදෙනකු සහ පුරුෂයන් දෙදෙනකු - මුණ ගැසුන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, ලිංගික අපයෝජකයන්ට එරෙහිව වතිකානය නිසි පියවර ගැනීමට සූදානම් බව අවධාරණය කළහ. පෙනිසිල්වේනියාවේ දේවස්තානයකදී පාප් තුමා ඔවුන් මුණ ගැසුන බවයි එහිමියන්ගේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ. ළමා වියේදී පූජකයන් අතින් අපයෝජනයට ලක් වූ පස් දෙනකු - කාන්තාවන් තිදෙනකු සහ පුරුෂයන් දෙදෙනකු - ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මුණ ගැසුනහ ඔවුන් මුණ ගැසුණු පාප් වහන්සේ පාප් වහන්සේ ""දෙවියන් වහන්සේට ඔබේ වේදනාව ඇසෙන බව සහ උන් වහන්සේ ඔබ විශ්වාස කරන බව දැනගන්න,"" යනුවෙන් ඔවුන් අමතා ප්‍රකාශ කළ බව ෆෙදෙරිකෝ ලොම්බාඩි පියතුමා විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන්. අනතුරුව රදගුරුවරුන් අමතා දේශනයක් පැවැත්වූ එහිමියෝ දරුවන් විශ්වාසය තැබ�� පූජකවරුන් ඇතුළු පිරිස් එම විශ්වාසය බිඳ දැමීම පිළිබඳව තමන් වහන්සේ ලජ්ජා වන බව සඳහන් කළහ. පාප් වහන්සේගේ ඇමරිකානු නිල සංචාරයේ අවසන් දිනය වන අද ෆිලඩෙල්ෆියා නගරයේ පැවැත්වීමට නියමිත දේව මෙහෙයට දස ලක්ෂ ගණනක් බැතිමතුන් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පාප්වහන්සේ පිලඩෙල්ෆියා නගරයේ පිහිටි බන්ධනාගාරයකදී ඝාතන සඳහා වරදකරුවන් වූ පුද්ගලයින්, දූෂකයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ඇතුළු සිරකරුවන් හමු වීමටත් නියමිතව තිබිණ." +"රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, අද උදෑසන සිට සිය සිරමැදිරිය තුළ ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ.","දේශපාලන පළිගැනීමක් ලෙසින් මාස දෙකකට අධික කාලයක් තමන්ට ඇප ලබා නොදී රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට විරෝධය පළකිරීම සඳහා සිය පක්ෂයේ නායකයා මේ ආහාර වර්ජනය ආරම්භ කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න බීබීසී සිංහල සේවයට පැවසීය. නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් අද දහවල් වැලිකඩ බන්ධනාගාරයට ගොස් වීරවංශ මන්ත්‍රීවරයාගේ සුව දුක් විමසූහ. ආණ්ඩුවේ ප්‍රතිචාරය ආහාර වර්ජනය සිය පක්ෂ නායකයාගේ පුද්ගලික තීරණයක් බව පැවසූ නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීවරයා, ඔහු අද දින පාර්ලිමේන්තු සැසියට සහභාගි නොවූ බවත් සඳහන් කළේය. මේ පිළිබඳව අද කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දුන් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා, සැකකරුවන්ට ඇප ලබාදීම සඳහා රජයට මැදිහත් විය නොහැකි බව සඳහන් කළේය. ඇප ලබාදීම හෝ නොදීම අධිකරණයේ තීරණයක් බව පෙන්වාදුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, විමල් විරවංශ මන්ත්‍රීවරයා දක්ෂ නීතිවේදීන් ඉදිරිපත් කර ඇප ලබාගැනීමට උත්සාහ කළ යුතු බවත් පැවසීය. විමල් වීරවංශ මන්ත්‍රීවරයා දේශපාලන සිරකරුවකු නොව මහජන මුදල් අවභාවිත කිරීම සම්බන්ධ අපරාධයක සැකකරුවෙක් බව ඔහු වැඩිදුරටත් පැවසීය." +ඉන්දීය සහ ශ්‍රී ලාංකික සිරගෙවල රඳවා සිටි සියයකට අධික ධීවරයන් නිදහස ලබා තම රටවලට ළඟා වී ඇතැයි ශ්‍රී ලංකාවේ නාවික බලධාරීහු පවසති.,නාවික හමුදා ප්‍රකාශක කෝසල වර්ණකුලසුරිය ජනමාධ්‍ය අමතා කියා සිටියේ ශ්‍රී ලාංකික ධීවරයන් පනස් දෙදෙනකු කන්කසන්තුරයට ළඟා වූ බවයි. ශ්‍රී ලංකාවෙන් නිදහස් කැරුණු ඉන්දීය ධීවරයන් පනස් එක් දෙනකු තමිල්නාඩුවට ගොඩ බැස ඇතැ’යි ද ඔහු ප්‍රකාශ කළේ ය. සාගර සීමා උල්ලංඝනය කළ බවට චෝදනා නගා පෝක් සමුද්‍ර සන්ධිය දෙපස බන්ධනාගාරවල සිර ගත කොට සිටින ධීවරයන් සංඛ්‍යාව හාරසියයකට ආසන්නයි. ඉන් 236ක් ඉන්දීයයන්. 152ක් ශ්‍රී ලාංකිකයන්. මේ ඉන්දු ලංකා ධීවර දෙපිරිස ඉදිරි කාලයේ දී අදියරින් අදියරට මුදා හැරෙනු ඇති බවයි දෙ රටේ බලධාරීන් පවසන්නේ. දෙ රටේ ධීවර ගැටළු පිළිබඳව දිල්ලියේ පැවති ඉහළ පෙලේ සාකච්ඡා හමාරයේ ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න බීබීසී යට පැවසුවේ කිසිවකුටත් චෝදනා නැගෙනු නැති බවයි. +මූල්‍ය වංචාවක් සිදු කොට ඇති බවට සැක කෙරෙන පුද්ගලයෙක් හෝ ආයතනයක් පිළිබඳ සොයා බැලීම සඳහා කෝප් කමිටු නිර්දේශ ලබා දෙන තෙක් බලා සිටිය යුතු නැති බව එම කමිටුව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.,"''අල්ලස් කොමිසම නඩු පැවරිය යුතුව තිබුණා'' මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව හා සම්බන්ධ වරදකරුවන්ට දඬුවම් කිරීම සඳහා ආණ්ඩුවට සැබෑ උවමනාවක් තිබුණේ නම් ඒ සඳහා ප්‍රමාණවත් ආයතන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පෙන්වා දෙයි. වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම වැනි ආයතන හරහා ද පරීක්ෂණ සිදු කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ බීබීසී සිංහල සේවයට අදහස් දක්වමිනි. ""ආණ්ඩු බලය තිබෙන්නේ ඔවුන් අතේ. පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යංශය, වැනි ආයතන හරහා හීතිය ක්‍රියාත්මක කිරීමේ බලය තිබෙන්නේ විධායකයට. ඒ නිසා පරීක්ෂණ පවත්වන්න කොප් කමිටු වාර්තාව එන තෙක් සිටිය යුතු නැහැ,"" බැඳුම්කර ගනුදෙනුවේදී වංචාවක් සිදුවී ඇති බවට 2015 වසරේ මාර්තු මාසයේදී යහපාලන ආණ්ඩුවේ අමාත්‍යවරයකු වන මහින්ද අමරවීර අල්ලස් කොමිසමට පැමිණිලි කළ බවත් ඔහු පැවසීය. ''ෆවුසි ඇමතිවරයා අමාත්‍යංශ මරු කරනකොට මෝටර් රථයක් ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් කරලා නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළා. ඊට පෙර මේ රුපියල් බිලියන ගාණක පැටව් ගහන වංචාව පිළිබඳ අල්ලස් කොමිසම නඩු පැවරිය යුතුව තිබුණා,"" කෝප් කමිටුව විසින් පසුගියදා ඉදිරිපත් කරන ලද වාර්තාවට පාද සටහන් එක් කිරීමේ නව සම්ප්‍රදායක් හඳුන්වා දුන් එක්සත�� ජාතික පක්ෂ කමිටු සාමාජිකයන් ඒ හරහා විගණකාධිපතිවරයා අභියෝගයට ලක්කොට ඇති බවත් මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය. ""මේ පාද සටහන් හරහා එජාප කණ්ඩායම පෙන්වන්න උත්සාහ කරන්නේ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ වංචාවක් සිදු වූයේ නැති බව සහ අර්ජුන් මහේන්ද්‍රන් මීට සෘජු ලෙස වගකිව යුතු නැහැ කියන කාරණය,"" පාද සටහන් තුළින් එවැනි උත්සහයක් දරනු ලැබුවත් මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වගකිව යුතු බවට වූ නිර්දේශයට එක්සත් ජාතික පක්ෂ කමිටු සාමාජිකයන් එකඟ වීම තුළින් පරස්පරතාවක් දැකිය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් කියා සිටියේය." +උණු වෙමින් පවතින තාර ටයරවල දැවටීම නිසා ඕස්ට්‍රේලියාවේ මාර්ගයක රියදුරන්ට වාහන අතහැර දමා ඉවතට යෑමට සිදුව තිබේ.,"තාර ඇලීමෙන් වාහන කීපයක ටයර මාරු කිරීමට සිදු වූ අතර, සමහර වාහන ඇතුළත කොටස්වලටද හානි සිදුව තිබේ ක්වීන්ස්ලන්ඩ්හි (Queensland) සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථ හිමියන් 50 දෙනෙකුට පමණ වන්දි ලබා ගත හැකි බව වාර්තාවක සඳහන් වේ. ""මම කවදාවත් මේ වගේ දෙයක් දැකලා නැහැ. ඊයේ මෙම සිද්ධිය ගැන වාර්තාව ලැබෙනකොට මම විශ්මයට පත් වුණා"" යැයි නගරාධිපති ජෝ පැරොනෙල්ලා (Joe Paronella ) ABC පුවත් වෙත පැවසීය. පසුගිය කාලය තුළ සිදුවූ කාලගුණික වෙනස් වීම් මත මාර්ගයට හානි සිදුව ඇති බව විශ්වාස කෙරේ. ඉතා උණුසුම් දින කීපයකින් පසු වැසි සහිත සිසිල් කාලගුණයක් පැවතියද, ප්‍රදේශවාසියෙකු වන ඩෙබෝරා ස්ටේසි පැවසුවේ ""විශාල ලෙස උණු වෙමින් තිබූ තාර"" වාහන ටයර මත දැවටුන බවය. ""සතියක් විතර කාලගුණය ඉතා සිසිල්ව තිබුණා... නමුත් ඉර එළිය වැටුණා විතරයි පාර ඇලෙන්න ගත්තා,"" ඇය Courier මේල් පුවත් වෙත පැවසීය. තාර ඇලීමෙන් වාහන කීපයක ටයර මාරු කිරීමට සිදු වූ අතර, සමහර වාහන ඇතුළත කොටස්වලටද හානි සිදුව තිබේ. ඇතර්ටන් ටේබල්ලෑන්ඩ්ස්හි (Atherton Tablelands) පිහිටා තිබෙන එම මාර්ගය මේ වනවිට තාවකාලිකව වසා දමා ඇත. හානි සිදුවූ වාහන සඳහා වන්දි ලබා දෙන බව ක්වීන්ස්ලන්ඩ් ප්‍රවාහන සහ ප්‍රධාන මාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මේ තොරතුරුද දැනගන්න:" +යුද සමයේ අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ කොමිසම සම්බන්ධයෙන් විශාල බලාපොරොත්තු තැබිය නොහැකි බව මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණෝ කියා සිටිති.,"යුද්ධය අවසන් ව��මෙන් පසු වර්තමාන රජය විසින් උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් ගෙනෙන ලද සියලුම යෝජනා සහ ව්‍යාපෘති ජනතාවට ප්‍රයෝජනයක් නොලැබෙන මුදල් කාබාසිනියා කෙරෙන වැඩසටහන් ලෙස පෙනීගියා සේ මෙම කොමිසමත් ජනතා අපේක්ෂා ඉටු කරනු ඇතැයි යන්න පිළිගත නොහැකි බවයි රදගුරු රයාප්පු ජෝශප් පියතුමා ප්‍රකාශ කරන්නේ. ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂ කොමිසම, මන්නාරම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස් වූ අවස්ථාවේදී කොමිසම හමුවේ සාක්කි දීමට පැමිණි රදගුරුතුමා ඉන් අනතුරුව මාධ්‍යවේදීන් අමතා මේ බව ප්‍රකාශ කළේය. මේ වන විට මන්නාරමේ වැසියන් එකසිය හැත්තෑඅට දෙනෙකු කොමිසම හමුවේ සාක්කි දී ඇති අතර තවත් හතළිස් පස් දෙනෙකු කොමිසමේ අවසන් දිනය වන සඳුදා සාක්කි දීමට නියමිතයි. කොමිසම විසින් ලිපි නොයවන ලද මන්නාරමේ අලුතින් ලියාපදිංචි වූ තවත් එකසිය පනහක් පමණ දෙනා කොමිසම යළි රැස් වූ දිනක සාක්කි දීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිවු.ගුණදාස පැවසුවේ. ජනාධිපතිවරයාට ලිපියක් කොමිසම හමුවේ ඉදිරිපත් කළ කරුණු මොනවාදැයි මාධ්‍යවේදීන් මන්නාරම රදගුරුතුමාගෙන් තවදුරටත් විමසූ විට උන්වහන්සේ කියා සිටියේ යුද සමයේදී සිදු වූ අපරාධ, පැහැර ගෙන යෑම්, අතුරුදහන් කර වීම් ඇතුළු සිද්ධීන් දාහතරක් සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාට යවන ලද ලිපියට මෙතෙක් කිසිදු පිළිතුරක් නොලැබුණු හෙයින් එම ලිපියේ පිටපතක් කොමිසමට බාරදුන් බවයි. තම ඥාතීන් අතුරුදහන් වීම පිළිබඳ වසර ගණනාවක් කණස්සල්ලෙන් සිටින වැසියන්ට තම දුක කීමට යළි අවස්ථාවක් පමණක් උදාවන ස්ථානයක් ලෙසයි කොමිසම සම්බන්ධයෙන් අර්ථ දැක්වීමක් කරමින් රදගුරුතුමා පැවසුවේ. ජනාධිපති කොමිසම ඉදිරියේ මන්නාරම රදගුරුතුමා සාක්කි දෙන ලද්දේ යුද්ධය පැවති සම්පුර්ණ කාලයේ උතුරු නැගෙනහිර පුද්ගලයින් එක් ලක්ෂ හැත්තෑ දහසක් පමණ අතුරුදහන් වූ බවට ජනාධිපතිවරයාට ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කොට තිබුණු පසුබිමක් මතයි. මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් පියතුමාට එම ප්‍රකාශය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී රහස් පොලිසිය හමුවේ කට උත්තර දීමට සිදු විය." +කුරාම් ෂයික් ඝාතන නඩුවේ පැමිණිල්ලට එරෙහිව සාක්කි දුන් රජයේ සාක්කිකරුවකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ පියවර ගැනීමට අදහස් කරන බව නීතිපතිවරයා පවසයි.,"තමන්ට පහර දුන්නේ සමපත් විදානපතිරණ බව පැවසුවේ වැරදීමකින�� බව සාක්ෂිකරු කියයි කුරාම් ෂයික් ඝාතන නඩුව සඳුදා කොළඹ මහාධිකරණයේ දී කැඳවනු ලැබූ අවස්ථාවේයි, නීතිපතිවරයා ඒ බව කියා සිටියේ. කුරාම් ෂයික් ඝාතනය සිදු වූ දින තංගල්ල නිවාඩු නිකේතනයේ පැවති රාත්‍රී නත්තල් සාදයට තමන්ද සහභාගී වූ පැමිණිල්ලේ සාක්කිකරුවකු ලෙස නම් කර තිබූ බ්‍රයන් අකලංක අධිකරණය ඉදිරියේ කියා සිටියේය. සාදයේ තමන් නටමින් සිටි අවස්ථාවේ කිසියම් පිරිසක් තමන්ට පහර දුන් අතර සුදු ජාතිකයකු එය වැළැක්වීමට උත්සාහ කළ බවද සාක්කිකරු කියා සිටියේය. 'රිමාන්ඩ් කරන්න' කෙසේ නමුත් තමන්ට පහර දුන් පිරිස හඳුනාගත නොහැකි වූ බවයි, රජයේ නීතිවේදියා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්කිකරු කියා සිටියේ. තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු පිරිසක් තමන්ට පහර දුන් බවට කුරාම් ෂයික්ගේ මරණ පරීක්ෂණයේදී සාක්කිකරු සඳහන් කොට තිබෙන බව එවිට රජයේ නීතිවේදියා පෙන්වා දුන්නේය. එයට පිළිතුරු දෙමින් සාක්කිකරු කියා සිටියේ මරණ පරීක්ෂණයේදී තමන් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ එවැනි ප්‍රකාශයක් කර තිබේ නම් එය වරදක් බවයි. රජයේ නීතිවේදියා දිගින් දිගටම ප්‍රශ්න කළ නමුත් තමන්ට පහර දුන් පුද්ගලයින් නොහඳුනන බව සාක්කිකරු අවධාරණය කළේය. සිද්ධිය වූ පසුව බාහිර පුද්ගලයින් කි තොරතුරු පදනම් කරගෙන තමන් එවැනි ප්‍රකාශයක් පොලිසියට සහ මරණ පරීක්ෂණයේ දී කියා සිටි බවද ඔහු පැවසීය. සාක්ෂිකරු පැමිණිල්ලට අගතිදායක සාක්කි ලබා දී ඇති නිසා ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ පියවර ගැනීමට අදහස් කරන බැවින් ඔහු රිමාන්ඩ් භාරයට පත් කිරීමක් හෝ ඇප මත මුදා හැරීමක් කරන මෙන් පැමිණිල්ලේ නීතිවේදියා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම සටහන් කරගත් අධිකරණය සාක්ෂිකරු මුදාහැරීමට තීන්දු කළේය. 2011 නත්තල් දිනට පෙර දින තංගල්ල නගරය අසල හෝටලයක දී කුරාම් ෂයික් ඝාතනය කළ බවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් පිරිසක් චෝදනා ලබා සිටිති." +විශාල වශයෙන් හට ගත් ඇල්ගී විශේෂයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ වෙරළක් දීප්තිමත් නිල් පැහැයකට පරිවර්තනය වී තිබේ.,"දීප්තියක් මුදා හරින 'Sea sparkle' ලෙස හඳුන්වනු ලබන ජෛවසන්දීප්ති (Bioluminescent) ඇල්ගී විශේෂය හේතුවෙන් ටස්මේනියා සංරක්ෂිත වෙරළ කලාපයේ වැසියෝ ප්‍රීතියට පත් වී සිටිති. ආරක්ෂා වීමේ ක්‍රමවේදයක් ලෙස කුඩා ඇල්ගී ජ��වී විශේෂය ආලෝකය නිකුත් කරන අවස්ථාවේ මෙම ස්වාභාවික සංසිද්ධිය දැකගත හැකි බව විශේෂඥයකු පැවසීය. සාමාන්‍යයෙන් එම සංසිද්ධිය දැකගත හැක්කේ නිශ්චිත ජලය මතය. ඇල්ගී විශේෂය විෂ සහිත නොවුන ද ඉන් ඇතැම් පුද්ගලයන්ගේ සමේ අපහසුතා හටගත හැක. 'Noctiluca scintillans' යන නිල නාමයෙන් හඳුන්වනු ලබන ඇල්ගී විශේෂය ආරක්ෂාකාරී ක්‍රමවේදයක් වශයෙන් දීප්තියක් නිකුත් කරන බව උද්භිද විද්‍යාව පිළිබඳ මහාචාර්ය ගුස්තෆ් හැලෙග්‍රේෆ් පැවසීය. ආරක්ෂාවට සාමාන්‍යයෙන් මෙම සංසිද්ධිය දැකගත හැක්කේ නිශ්චිත ජලය මතය. ""සොරසතුරන්ගෙන් ආරක්ෂා වීම සඳහා ඇති අනතුරු ඇඟවීමේ නලාවක් වශයෙන් මෙය ක්‍රියා කරනවා"" යනුවෙන් බීබීසී වෙත අදහස් දක්වමින් කියා සිටි ඔහු ""තමන්ව ආහාරයට ගන්න යෙමෙක් උත්සාහ කරනවා නම්, ඒ දෙසට දීප්තිය විහිදුවා ඔවුන් පළවා හැරීම මෙහිදී සිදු වෙනවා"" යනුවෙන් සඳහන් කළේය. ටස්මෙනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගුස්තෆ් වැඩිදුරටත් කියා සිටියේ ඇල්ගී විශේෂය හේතුවෙන් එම කලාපයේ ආහාර දාමයට බලපෑම් එල්ල විය හැකි බවය." +ශ්‍රී ලංකාව නිරන්තරයෙන් ම චීන ආයෝජන සඳහා විවෘත බවත් සියරට චීන ආයෝජන වලට ආරක්‍ෂිත භූමියක් වන බවත් විදේශ ඇමති මංගල සමරවීර පවසයි.,"චීනයේ දෙදින සංචාරයක නිරත වෙමින් සිටින ශ්‍රී ලංකා විදේශ ඇමතිවරයා ‘බේජින්’ අගනුවර දී එම ප්‍රකාශය කළේ චීන අගමැතිවරයා සහ විදේශ ඇමතිවරයා හමුව පවත්වන ලද ද්විපාර්ශ්වීය සාකච්ඡා වලින් අනතුරුව. එම සාකච්ඡා පිළිබඳව මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා විදේශ ඇමතිවරයා, වරාය නගරය පිලිබඳ කාරණය තමා විසින් චීන බලධාරීන් සමඟ කෙලින් ම සාකච්ඡාවට නොගත් අතර, ශ්‍රී ලංකා ආණ්ඩුව සැලකිල්ලට ගනු ලබන්නේ චීන ව්‍යාපෘතීන් පිළිබඳව පමණක් නොවන බවයි සඳහන් කළේ. ‘ශ්‍රී ලංකාව චීනයත් සමඟ සාකච්ඡා කරන තෙක් කිසිදු චීන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නේ නැහැ. චීන ආයෝජන සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගනු ලැබීමට පෙර ශ්‍රී ලංකාව චීනයත් සමඟ සාකච්ඡා කර අදහස් හුවමාරු කර ගන්නවා’ විදේශ ඇමති මංගල සමරවීර පවසයි. සම ආයෝජන අවස්ථා ‘සියලු ආයෝජකයන්ට පොදු අවස්ථා සහතික කිරීම ශ්‍රී ලංකාවේ උත්සාහයයි. නීතියේ ආධිපත්‍යය ප්‍රජාතන්ත්‍රවාදය යහ පාලනය සහ විවෘත පාරදෘශ්‍යභාවය මත පදනම් වූ ආයෝජන දිරි ගැන්වීම ශ්‍රී ලංකාවේ සැලැස්මයි’ මංගල සමරවීර කියා සිටියේය. තවදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිට���යේ, අනාගතයේ දී සියලු යෝජනා සහමුලින්ම යෝග්‍යතාව අනුව සැලකිල්ලට ගනු ලබන බවයි. ඉහත කී මාධ්‍ය හමුවේ දී චීන විදේශ ඇමති වැන්ග් යි කියා සිටියේ ශ්‍රී ලංකාවේ යහපත් හවුල් කරුවකු මට්ටමින් දිගටම කටයුතු කිරීමට චීනය මනාප බවයි. ‘ ශ්‍රී ලංකාවේ විශ්වසනීය ආයෝජන සහකරුවකු මට්ටමින් දිගටම කටයුතු කිරීම චීනයේ කැමැත්තයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ සමාජ සහ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් දිගටම උපරිම ආධාරය සැපයීමේ පිළිවෙත දිගටම පෙරට ගෙන යාම චීනයේ අභිලාෂයයි’ විදේශ ඇමති වැන්ග් යි ප්‍රකාශ කළේය. මංගල සමරවීර විදේශ ඇමතිවරයාගේ සංචාරය සිදු කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන මාර්තු මාසයේ අවසන් භාගයේ චීනයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබියදී." +පසුගියදා සිරියානු ආණ්ඩුවේ හමුදා විසින් සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලදැයි පැවසෙන රසායනික අවි ප්‍රහාරයට විරෝධය පළ කිරීමක් වශයෙන් මෙම සති අන්තයේදී සිරියාවට මිසයිල ප්‍රහාරයක් එල්ල කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියි.,"සිරියාවට එරෙහිව හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට ඇමරිකාව සූදානම්... එම හමුදා සැලසුම ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙස රුසියාව ඇමරිකාවට අනතුරු අඟවා ඇතත්, ට්විටර් පණිවුඩයක් මගින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන ඇමෙරිකානු ජනාධිපතිවරයා ""මිසයිල ප්‍රහාරයකට සූදානම් වෙන"" ලෙස දැනුම් දීමක් ද කර ඇත. සිරියාවේ නැගෙනහිර 'ගුටා'හි කැරලිකරුවන්ගේ ග්‍රහණයේ ඇති අවසන් නගරය වන 'ඩුමා' වෙත එල්ල කෙරුණ රසායනික යැයි සැක කෙරෙන ප්‍රහාරයකින් අඩු තරමින් පුද්ගලයන් හැත්තෑවක් පමණ මරා දැමුණ අතර, ඊට එරෙහිව ප්‍රහාරයක් එල්ල කිරීමට ඇමරිකාව ඇතුළු බටහිර රටවල් සැරසෙමින් සිටින බවට ඉඟි පළ වී ඇත. රසායනික අවි ප්‍රහාරයේ බලපෑමෙන් පුද්ගලයන් පන්සීයක් පමණ රෝගී තත්වයේ පසුවෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් හුස්ම ගැනීමේ අපහසුව, සමේ රෝග සහ ස්නායු පද්ධතියට ඇති වූ බලපෑම් හේතුවෙන් පීඩා විඳින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ""ඔබ දැනට සැලසුම් කරමින් සිටින දෙය ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙස මම නැවත වාරයක් ඉල්ලා සිටිනවා"" එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රුසියානු නියෝජිත වැසිලි නෙබෙන්ෂියා (Vasily Nebenzia) ඉල්ලීමක් කරමින් කියා සිටියි. සිරියාව තුළ ""නීති විරෝධි හමුදා ක්‍රියාකාරකම්"" සිදු වුවහොත් ඒ සම්��න්ධයෙන් ""ඇමරිකාව වග කිව යුතු බව"" රුසියානු නියෝජිතයා වැඩිදුරටත් පවසයි. නමුත් 'ඩුමා' රසායනික ප්‍රහාරයට එරෙහිව එකමුතු ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා බටහිර රටවල සියලුම නායකයන් අතර එකඟතාවක් පවතී. සිරියානු ආණ්ඩුවේ හමුදා සතු රසායන අවි ඉලක්ක කර ගෙන ප්‍රහාර එල්ල කෙරෙනු ඇතැයි ප්‍රංශයේ ජනාධිපති එමානුඑල් මැක්‍රෝන් ප්‍රකාශ කරයි. සිරියානු ආණ්ඩුවේ හමුදා ප්‍රහාරවලට එරෙහිව ""ප්‍රබල"" පිළිතුරක් ලබා දෙන වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන අතර, ජනාධිපතිවරයා සහ ඇමරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් මේ සතිය සඳහා කලින් සැලසුම් කර තිබුණ සියලු සංචාර අවලංගු කර ඇත. ඩුමා රසායනික ප්‍රහාරයට එරෙහිව එක්ව කටයුතු කිරීමට බටහිර රටවල සියලුම නායකයින් එකඟ වී ඇත. ඩුමා නගරයට එල්ල වූ රසායනික යැයි සැක කෙරෙන ප්‍රහාරයෙන් එම ප්‍රදේශයේ විශාල පිරිසක් මිය ගිය බව සිරියානු හමුදා විරෝධීන්, වෛද්‍ය, නිරීක්ෂණ හා ක්‍රියාකාරී කණ්ඩායම් පවසති. රුසියාවේ යුද ආධාර ලබන ජනාධිපති බශාර් අල්-අසාද් ඇතුළු සිරියානු රජය ඉහත කී රසායනික අවි ප්‍රහාරයේ වගකීම බාර ගැනීම ප්‍රතික්ෂේප කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්ථාවරය සිරියාවේ රසායනික අවි ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අපොහොසත්ව ඇත. රුසියාව සහ ඇමරිකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් වන අතර, එම රටවල් දෙකටම නිශේධ බලය හිමිවෙයි. එම නිශේධ බලය පාවිච්චි කරමින්, ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට රටවල් දෙකෙන් ඉදිරිපත් කළ යෝජනා බැහැර කිරීමට ඔවුනොවුන් ක්‍රියාකර ඇත. ඩුමා නගරයට එල්ල කළ ප්‍රහාරයේදී තහනම් අවි භාවිතා කර ඇද්ද? යන්න විමර්ශනය කිරීම සඳහා 'රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයට (OPCW)' අයත් කණ්ඩායමක් සිරියාවට ""ඉතා ඉක්මනින්"" යැවීමට නියමිත බවක් ද වාර්තා වෙයි. එහෙත් OPCW කණ්ඩායම සිරියානු ප්‍රහාරයට වග කිව යුතු පුද්ගලයන් හෝ රටවල් පිළිබද පරීක්ෂණ පවත්වන්නේ නැති බවට ද වාර්තා ලැබී ඇත. ඇමරිකානු නියෝජිතවරිය නිකී හේලි සහ රුසියානු නියෝජිත වැසිලි නෙබෙන්ෂියා ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී රුසියානු සහ ඇමරිකානු නියෝජිතයන් අතර ඉතා උණුසුම් වචන හුවමාරු වූ බවක් ද වාර්තා වෙයි. ""ඇමරිකාව මේ ව්‍යාජ සම්මුතිය ගෙන ආවේ ඔවුන්ගේ හමුදා ක්‍රියාකාරකම් සාධාරනීකරණය කිරීමට"" යයි ර��සියාවේ නියෝජිත නෙබෙන්ෂියා චෝදනා කරයි. ""අපට ඉතා බරපතළ දුක් මුසු සිද්ධි ගණනාවකට ඉදිරියේදී මුහුණ දීමට සිදු වන වෙනවා,"" ඔහු තවදුරටත් පැවසුවේය. ඊට පිළිතුරු දුන් ඇමරිකානු නියෝජිතවරිය වන නිකී හේලි පැවසුවේ, ඡන්දය භාවිතා කිරීම ""විහිළුවක්"" බවට පත් වී ඇති බවය. ""රුසියාව ආරක්ෂක මණ්ඩලයේ විශ්වාසනීයත්වය කුණු කූඩයට දමලා. අපි සිරියාවට හොඳ දෙයක් යෝජනා කළ සෑම විටම රුසියාව එයට එරෙහිව නිශේධ බලය පාවිච්චි කරනවා,"" ඇය පැවසුවාය. මේ තොරතුරුද දැනගන්න: සිරියානු හමුදා ගුවන් තොටුපොළට පහර දුන්නේ ඊශ්‍රායලයද? සැකකටයුතු රසායනික ප්‍රහාරයකින් සිරියාවේ 70ක් මරුට සිරියාවට හමුදා ප්‍රහාරයක් එල්ල වේද? සිරියාවට එරෙහිව හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට ඇමරිකාව සූදානම් බව ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. සිරියාව ගැන පූර්ණ අවධානය යොමු කිරීම උදෙසා තම ලතින් ඇමරිකානු සංචාරය අවලංගු කිරීමට ද ජනාධිපති ට්‍රම්ප් කටයුතු කර ඇත. සිරියාව ගැන පූර්ණ අවධානය යොමු කිරීම උදෙසා තම ලතින් ඇමරිකානු සංචාරය අවලංගු කිරීමට ද ජනාධිපති ට්‍රම්ප් කටයුතු කර ඇත. බීබීසී වොෂිංටන් වාර්තාකාරිනී බාබරා ප්ලේට් සඳහන් කර සිටින්නේ, ඇමරිකාව බරපතළ හමුදා මෙහෙයුම් සැලසුම් කරමින් සිටින බව ට්‍රම්ගේ මෙම තීරණයෙන් හැඟී යන බවයි. ට්‍රම්ප්ගේ ට්වීටර් පණිවිඩයේ මෙසේ සඳහන් විය: ""සිරියාවට එල්ල කරන සියලු මිසයිල විනාශ කර බිම දමන බවට රුසියාව පොරොන්දු වී තිබෙනවා. රුසියාවට මේ ප්‍රහාරවලට දැන් සූදානම් වෙන්න පුළුවන්. අලුත්, ලස්සන, ""ස්මාර්ට්"" මිසයිල මඟ එනවා! ගෑස් ප්‍රහාරවලින් ඔවුන්ගේම මිනිසුන් මරා දමා සතුටු වන සතෙකුට සහාය නොදී සිටීමට රුසියාවට හැකියාව තිබුණා."" සිරියාවේ හඳුනාගත් ඉලක්කවලට ප්‍රති ප්‍රහාර එල්ල කිරීම පිළිබද ප්‍රංශය සහ එක්සත් රාජධානිය සමග සාකච්ඡා පැවැත්වීමට ඇමරිකාව කටයුතු කර ඇත. මෙය බටහිර රටවල් සියල්ල එකතු වී සැලසුම් කළ යුතු ප්‍රහාරයක් බවට යෝජනා ඉදිරිපත් වී ඇත. කෙසේ වෙතත්, සිරියාවේ රසායනික අවි ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් සාක්ෂි ඉදිරිපත් කරන ලෙසට එක්සත් රාජධානි අගමැතිනිය තෙරේසා මේ ජනාධිපති ට්‍රම්ප්ගෙන් ඉල්ලා ඇත. මේ අතර, ඉදිරි දින කීපය ඇතුළත සිදු විය හැකි මිසයිල ප්‍රහාර නිසා ගුවන් ගමන් පිළිබද ""නිසි අවධානය"" යොමු කර සිටින ලෙස යුරෝපා ගුවන් ගමන් පාලක මැදිරියට අනතුරු අඟවා ඇත. ඇමරිකානු ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවටත්, ඔවුන්ගේ මිසයිල බිම හෙළා දමන බවටත් ජ්‍යෙෂ්ඨ රුසියානු නියෝජිතයන් කීප දෙනෙකු අනතුරු අඟවා ඇත. තවත් තොරතුරු: රුසියාව සිරියාවට මනාප ඇයි? සිරියානු ගැටුම් ""අති දරුණු"" අතට හැරෙයි සිරියානු යුද්ධය: අලුත්ම තත්ත්වය කුමක්ද?" +ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින මානව හිමිකම් ක්‍රියාධරයන් වන රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහසෙන් පියතුමා නිදහස් කරන ලෙස ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය ඇතළු සිවිල් සංවිධාන රැසක් රජයෙන් ඉල්ලා සිටියහ.,"ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය ඇතළු සිවිල් සංවිධාන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව දේශීයව හා ජාත්‍යන්තරව දැඩි අවධානයක් යොමුවී ඇති මොහොතක රට තුල සිටින මානව හිමිකම් ක්‍රියාධරයින්ට එරෙහිව මර්ධනය තීව්‍ර කිරීම මෙම සිදුවීම මගින් තවදුරටත් සනාථ වන බවයි සිවිල් සංවිධාන නියෝජිතයන් අද කොළඹදී කියා සිටියේ. දෙමළ ජනතාව හා ඔවුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් ක්‍රියාකාරීන් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා අත්අඩංගුවට ගැනීම තමන් හෙළා දකින බව ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය ප්‍රකාශ කළේය. දෙමළ ජනතාවගේ මානව අයිතිවාසිකම් රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහසෙන් පියතුමා ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය වෙනුවෙන් අදහස් දැක්වූ එහි කැදවුම්කරු ශක්තිවෙල් පියතුමා, අත්අඩංගුවට පත්ව සිටින රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහසෙන් පියතුමන් කිසිදු නීති විරෝධී කටයුත්තකට සම්බන්ධ නොවූ බව පැවසීය. "" දෙමළ ජනතාවගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අය ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා අත්අඩංගුවට ගැනීම අපි හෙළා දකිනවා, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින අයට තර්ජනය කරනවා. බිය ගැන්වීම් කරනවා. විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල වැඩකරන අයට,"" යැයි ශක්තිවෙල් පියතුමා පැවසුහ. අත්අඩංගුවට පත්ව සිටින මෙම ක්‍රියාධරයින් සිදු කර ඇත්තේ ධර්මයේ ඉගැන්විම අනුව පීඩිතයන් වෙනුවෙන් පෙනිසිටීම බවත් ඔවුන් අනුගමනය කලේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සම්ප්‍රදාය බවත් සරත් ඉද්දමල්ගොඩ පියතුමන් කියා සිටියහ. "" 88/89 මානව හිමිකම් කඩෙන අවදියේදී විපක්ෂයේ සිටි මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ගියා පීඩිතයින් හම්බවෙන්න, පින්තුර අරන් ජිනිවා පවා ගියා, ප්‍රවීන් සහ රුකී අනුගමනය කලේ ඒ සම්ප්‍රද���ය.මේක වරදක් කියල ආණ්ඩුව හිතනවා නම් මේක කිසිම ශිෂ්ට සම්පන්න බවක් නැති ධර්මයක් අදහන්නේ නැති ආණ්ඩුවක් කියලයි අපිට පෙනෙන්නේ,""යැයි සරත් ඉද්දමල්ගොඩ පියතුමා වැඩිදුරටත් පැවසුහ. මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු සුනිල් ජයසේකර කියා සිටියේ මෙම ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගත්තේ ආගම් අතර හා ජාතින් අතර අසමගිය ඇතිකළ නිසා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළා යැයි පවසන ප්‍රකාශය ප්‍රතික්ෂේප කල අතර ඔහු පැවසුවේ අද රටේ යම් හෝ ආගමික සහජීවනයක් ඇත්තේ මෙවන් ක්‍රියාකාරීන් නිසා බවයි. රඳවා ගැනීමේ නීතිය අතුරුදහන්වුවන් ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ වර්තමානයේ ක්‍රියාත්මක වන සැකකරුවන් උසාවියට ඉදිපත් නොකර රඳවා ගැනීමේ නීතියද දැඩි ලෙස විවේචනය කළේය. "" රඳවා ගැනීමේ නීතිය ඉදිරියේ නඩුකාරවරු අසරණයි , අපි අසරණයි,මොකද ඒක ආරක්ෂක ලේකම් අත්සන් කලාට පස්සේ අපි කාටවත් කරන්න දෙයක් නැහැ, වැරැද්දක් හොයා නොගෙන අවුරුද්දකින් පස්සේ නිදහස් කලත් අපිට කරන්න දෙයක් නැහැ,"" යැයි බ්‍රිටෝ ප්‍රනාන්දු පැවසීය. මේ අතර අත්අඩංගුවේ පසුවන රුකී ප්‍රනාන්දු ඇතුළු මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනා හමුවීමට නිතිවේදීන්ට ඉඩ ලබා නොදීම පිළිබඳව පැමිණිල්ලක් අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කල බව මානව හිමිකම් නීතිවේදියකු වන නාමල් රාජපක්ෂ පැවසීය." +සිරියානු අයිඑස් කැරලිකරුවන් හතළිස් දෙනකු ගුවන් ප්‍රහාරවලින් මරුමුවට පත් වී ඇති බව බ්‍රිතාන්‍ය මූලස්ථානය කොට ගත් නිරීක්ෂණ කණ්ඩායමක් වාර්තා කරයි.,"ප්‍රහාරයට ලක් වූ රථ දාසය ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන් අත පවතින රකා නගරයේ සිට පැමිණ ඇති බවත් නිරීක්ෂණ ආයතනය සඳහන් කළේය සිරියාවේ නැගෙනහිරට වන්නට පිහිටි හමා පළාත හරහා රාත්‍රියේ ගමන් ගත් රථ පෙළක් ඉලක්ක කොට එම ගුවන් ප්‍රහාරය එල්ල වී ඇති බවයි සිරියානු මානව හිමිකම් නිරීක්ෂණ ආයතනය පවසන්නේ. ප්‍රහාරය එල්ල කළ ගුවන් යානා රුසියාවට හෝ සිරියාවට අයත් විය හැකි බව කියා සිටි නිරීක්ෂණ ආයතනයේ ප්‍රධානියා එය ඇමරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා විසින් එල්ල කළ ප්‍රහාරයක් නොවන බවයි සඳහන් කළේ. රාමි අබ්දෙල් රහ්මාන් ප්‍රංශ පුවත් සේවයට කියා සිටියේ කැරලිකරුවන්ට අයත් පිලිස්සුණු ශරීර කොටස් ප්‍රහාරය එල්ල වූ ස්ථානය අවට දැකිය හැකි බවයි. ප්‍රහාරයට ලක් වූ රථ දහසය ඉ���්ලාමීය රාජ්‍ය සටන්කරුවන් අත පවතින රකා නගරයේ සිට පැමිණ ඇති බවත් නිරීක්ෂණ ආයතනය සඳහන් කළේය. ගුවන් ප්‍රහාරවල ඉලක්කය අයිඑස් කැරලිකරුවන්ට එරෙහිව සිරියාව තුළ ගුවන් ප්‍රහාර දියත් කරන ඇමරිකාව පවසන්නේ රුසියානු මෙහෙයුම්වලට තම හමුදාවල සහාය නොලැබෙන බවයි රුසියාව පසුගිය මාසයේදී සිරියාව තුළ සිය ගුවන් මෙහෙයුම් ආරම්භ කරමින් කියා සිටියේ අයිඑස් කැරලිකරුවන් ඉලක්ක කොට ගුවන් ප්‍රහාර එල්ල කරන බවයි. සිරියානු ජනපති බෂර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව සටන්කරන කැරලිකරුවන් රුසියානු ගුවන් ප්‍රහාරවල ඉලක්කය වී ඇති බව මේ අතර ඇමරිකාව ඇතුළු බටහිර රටවල් චෝදනා කළහ. අයිඑස් කැරලිකරුවන්ට එරෙහිව සිරියාව තුළ ගුවන් ප්‍රහාර දියත් කරන ඇමරිකාව පවසන්නේ රුසියානු මෙහෙයුම්වලට තම හමුදාවල සහාය නොලැබෙන බවයි. සිරියානු යුද්ධය ආණ්ඩු විරෝධී කැරලිකරුවන් හමුවේ රට අස්ථාවර භාවයට පත් වීමත් සමග සිරියාවේ ඇතැම් ප්‍රදේශ ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවෝ අත්පත් කර ගත්හ සිව් වසරකට පෙර සිරියාවේ ඇරඹි ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය විය. ආණ්ඩු විරෝධී කැරලිකරුවන් හමුවේ රට අස්ථාවර භාවයට පත් වීමත් සමග සිරියාවේ ඇතැම් ප්‍රදේශ ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවෝ අත්පත් කර ගත්හ. ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින කැරලිකරුවන්ට අමතරව සිරියානු ජනපති අසාද්ගේ පාලනයට එරෙහිව සටන් කරන කැරලිකරුවන් සහ කුර්දි සටන්කරුවන්ගේ ක්‍රියාකාරිත්වයද සිරියාව තුළ වර්ධනය වී තිබේ. ජීවිත වන්දි සිරියානු සිවිල් යුද්ධයට මැදි වී මරුමුවට පත් පිරිස දෙලක්ෂ පනස්දහසකට අධිකයි සිරියානු සිවිල් යුද්ධයට මැදි වී මරුමුවට පත් පිරිස දෙලක්ෂ පනස්දහසකට අධිකයි. ගැටුම්වලට මැදි වී දස ලක්ෂයක් තුවාල ලබා ඇති අතර එක් කෝටි දස ලක්ෂයකට උන්හිටි තැන් අහිමි වී තිබේ. ජීවිත ආරක්ෂාව පතා යුරෝපය ඇතුළු වෙනත් රට වලට පළා ගොස් සිටින පිරිස හතළිස් ලක්ෂයකට ආසන්න වේ. ජාත්‍යන්තර මැදිහත්වීම ඇමරිකාව ඇතුළු බටහිර ඒකාබද්ධ හමුදා සහ රුසියාව සිරියාව තුළ ගුවන් ප්‍රහාර දියත් කරති ඉරානය, රුසියාව සහ ලෙබනනයේ හිස්බුල්ලා ව්‍යාපාරය සිරියානු ජනපති අසාද්ට සහාය පළ කරති. ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය සමග තුර්කිය, සෞදි අරාබිය සහ කටාර් රාජ්‍ය සුන්නි බහුතරයක් වන අසාද් පාලනයට එරෙහි විරුද්ධ කණ්ඩායම්වලට සහාය ලබා දෙති. මේ අතර ඇමරිකාව ඇතුළු බටහිර ඒකාබද්ධ හමුදා සහ රුසියාව සිරියාව තුළ ගුවන් ප්‍රහාර දියත් කරති." +ත්‍රස්තවාදය පිටුදැකීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් පසුගියදා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය.,"ත්‍රස්තවාදය පිටුදැකීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ඒ යටතේ අත්අඩංගුවට ගනු ලැබූ රැඳවියන් වධ බන්ධනයන්ට ලක් කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඔහුගේ දැඩි අවධානයට ලක් විණි. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන්ගේ අවධානයට ලක් වූ ප්‍රධාන කරුණු මොනවාද? ශ්‍රී ලංකා බලධාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අති බහුල වශයෙන් යොදා ගනු ලබන්නේ දෙමළ ජනතාවට එරෙහිව වන බැවින්, රාජ්‍යයේ සංවිධානාත්මක වධ බන්ධන යාන්ත්‍රණයේ ගොදුරු බවට පත්වන්නේත් ඔවුන්ම බව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා පවසයි. ඔහු ඒ බව සඳහන් කළේ ආණ්ඩුවේ ආරාධනය මත ශ්‍රී ලංකාවේ පස් දින නිල සංචාරයකින් අනතුරුව කොළඹ දී ප්‍රකාශයක් කරමිනි. විශේෂයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2016 අග භාගයේදී අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන්ගෙන් 80% ක්ම තමන් වධ බන්ධනවලට ලක් කළ බවට පැමිණිලි කිරීම පිළිබඳව සිය බරපතළ අවධානය පළ වී තිබෙන බව ද විශේෂ නියෝජිතයා සඳහන් කරයි. 'සම්පූර්ණ ප්‍රජාවක්ම' 1979 දී මුලින්ම හඳුන්වා දී 1982 දී ස්ථිර පනතක් බවට පත්කරන ලද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරුවන්ගේ පාපොච්ඡාරණ සාක්ෂි වශයෙන් යොදා ගැනීමට පොලිසියට බලය ලබාදීම රැඳවියන්ට සංවිධානාත්මකව වධ බන්ධන පැනවීමේ තත්වයකට තුඩු දී තිබෙන බව එක්සත් ජාතීන්ගේ නියෝජිතයා පවසයි. එහි ප්‍රතිඵලයක් ලෙසින් ""සම්පූර්ණ ප්‍රජාවක්ම"" අහඹු අත්අඩංගුවට ගැනීම්, රඳවා ගැනීම් සහ හිරිහැර කිරීම්වලට ලක් කෙරෙන බවත් ඔහුගේ නිවේදනයේ දැක්වේ. පසුගිය වසරේ ජුලි මාසයේ පොලිසිය විසින් වධ බන්ධන තුරන් කිරීමේ කමිටුවක් පිහිටුවීම ඔහුගේ ප්‍රසංශාවට ලක්වේ. ""කෙසේ නමුත්, ජාතික ආරක්ෂාව යන පදනම යටතේ අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන්ට වධ දීම අද දක්වාම ආවේනිකව සහ නිරන්තරයෙන් සිදුවන්නක් බවට නිගමනය කිරීම සඳහා සාක්ෂි පවතී,""යනුවෙන් ද බෙන් එමර්සන් පවසයි. අදාළ පනත යටතේ රඳවා ගන්නා ලද කිහිප දෙනෙකුගේ අදහස් විමසීමට තමන්ට අවස්ථාව ලැබුණු බව පවසන විශේෂ නියෝජිතයා, ඔවුන්ගේ නියපොතු ගලවමින්, ඉඳි කටුවලින�� ඇඟිලිවලට අනිමින් වැනි ""කෘර"" වධ හිංසා පැනවූ බවට ඔවුන් එල්ල කරන චෝදනා සත්‍ය බව ස්වාධීන මාර්ගවලින් හෝ වෛද්‍ය වාර්තාවලින් සනාථ වූ බවත් සඳහන් කරයි. 'පරීක්ෂණ නෑ' මෙතරම් බරපතළ චෝදනා සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ නොපැවැත්වීම ඔහුගේ දැඩි අවධානයට ලක් වේ. එක්සත් ජාතීන්ගේ නියෝජිතයා එල්ල කරන චෝදනා පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රතිචාරය විමසීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය. ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ කියා සිටියේ අදාළ චෝදනාව සිය විෂය පථය යටතට අයත්වන කරුණක් නොවන බවය. කිසියම් ලෙසකින් මහජනතාවගෙන් පැමිණිල්ලක් ලැබෙන්නේ නම් එය පරීක්ෂා කළ හැකි බව ද ඔහු සඳහන් කළේය. පොලිසියට එල්ලවන චෝදනා පිළිබඳව විමසීම පිණිස නීතිය සාමය භාර අමාත්‍ය සාගල රත්නායක ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය ද සාර්ථක නොවීය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය වර්ධනය කරන බවට ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ලබා දී තිබෙන ප්‍රතිඥා ඉටුකිරීමට අපොහොසත් වී ඇති බව පෙන්වාදෙන ඔහු, විශේෂයෙන්ම යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් සංක්‍රාන්ති යුක්තිය ඉටුකිරීමෙහිලා කිසිදු ප්‍රගතියක් පවතින හැඩක් දක්නට නොමැති බව ද සඳහන් කරයි. සිය සංචාරය අතරතුර අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ඇමතිවරුන්, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් සමග වැදගත් අදහස් හුවමාරුවකට අවස්ථාව සැලසුණු බව පවසන බෙන් එමර්සන්, සිය සංචාරය අතරවාරයේ ලබා දුන් සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුවට සිය ස්තුතිය පුද කරයි. 'යහපත් අභිලාෂ' කෙසේ නමුත් බලයට පත් වී වසර දෙකකට වැඩි කාලයක් ගත වී තිබියදීත් ශ්‍රී ලංකාවේ තිරසාර සාමයක් උදාකිරීම සඳහා වූ පියවර ගැනීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වී තිබෙන බව ඔහුගේ අදහසය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට ජිනීවා මානව හිමිකම් කමිටුවට ප්‍රතිඥා දී, සංශෝධිත පනතක් කෙටුම්පත් කර තිබෙන නමුත් ඒ පිළිබඳව නිසි සංවාදයක් සිදු නොවන බව විශේෂ නියෝජිතයා පෙන්වා දෙයි. ශ්‍රී ලංකා ආණ්ඩුව සිය ""යහපත් අභිලාෂ"" පිළිබඳව බොහෝ ප්‍රකාශ කර තිබෙන නමුත්, රටේ සියලු ජනවර්ගවල විශ්වාසය දිනාගනිමින් ශ්‍රී ලංකාවේ ගැටුමට තිරසාර විසඳුමක් ලබාදීමේ ක්‍රමවත් ක්‍රියාදාමයක් මෙතෙක් ක්‍රියාවට නැගී නොමැති බව පෙන්වාදෙන ඔහු, ඇතැම් කුඩා පි���වර ගනිමින් තිබෙන හැඩක් දක්නට ලැබෙන බවත් සඳහන් කරයි. ආරක්ෂක අංශවල ඇතැම් කොටස්වලට සහ ආණ්ඩුව තුළ සිටින ඔවුන්ගේ සගයන්ට එම කුඩා පියවර හෝ ආපසු හැරවීමට අවස්ථාව සලසා නොදෙන්නැයි මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් ශ්‍රී ලංකා රජය හා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. වධ බන්ධනයන්ට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව වධ බන්ධනයන්ට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව 2017 ජනවාරි 27 වෙනිදා නිකුත් කළ ශ්‍රී ලංකාවට අදාළ 5 වෙනි වාර වාර්තාවේ නිරීක්ෂණ අනුව අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම්වලට අදාළව අයහපත් තත්ත්වය පිළිබඳ දක්වා තිබිණි. පොලිස් රඳවා ගැනීම්වලදී නිතර වධ බන්ධනයන්ට ලක් කිරීම පිළිබඳ චෝදනා එම කමිටුවේ අවධානයට ලක් වී ඇත. ඒ අනුව එම කමිටු වාර්තාවේ දැක්වුණේ අධිකරණ වරෙන්තුවකින් තොරව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට ඇති පුළුල් බලය විමර්ශන කෙරෙන අතරේ දී බලහත්කාරය යොදා තොරතුරු ලබා ගැනීමේ පියවරක් ලෙස පුද්ගලයින් රඳවා තබා ගැනීමේ ක්‍රියාවලියකට තුඩු දී තිබීම කමිටුවේ අවධානයට ලක්ව ඇති බවය. කිසියම් රැඳවියෙකුගේ නිදහස සීමා කෙරුණු මුල් පැය කිහිපය තුළ හෝ නීතියෙන් දක්වා ඇති පරිදි නිශ්චිත කාල සීමාව තුළ මහේස්ත්‍රාත්වරයෙකු හමුවට පැමිණවීමට පෙර, එනම් වධ බන්ධනයකට ලක්වීමට විශේෂයෙන්ම ඉඩ ඇති කාලය තුළ දී එම රැඳවියා ලියාපදිංචි කිරීමට පොලිස් විමර්ශකයින් අපොහොසත් වී ඇතැයි නැගෙන චෝදනා සම්බන්ධයෙන් ද කමිටුවේ අවධානයට ලක්ව ඇත. ශ්‍රී ලංකා රජයේ අවධානයට මෙම ක්‍රියාපිළිවෙත වළක්වාලීම සඳහා රඳවා තබා ගැනීමේ නෛතික භාවය හෝ පොලිස් විමර්ශන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ප්‍රමාණවත් අධීක්ෂණයක් නීතිපති හෝ අධිකරණමය පාර්ශවයෙන් නොයෙදීම ද තම අවධානයට ලක් වූ බව එම කමිටුව සිය වාර්තාවෙන් පෙන්වා දී තිබේ. මේ අනුව වධ බන්ධනයන්ට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව සිය වාර්තාවෙන් මතු දැක්වෙන කරුණු ක්‍රියාත්මක කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රාජ්‍යයේ අවධානයට ලක් කොට තිබිණ." +ජාත්‍යන්තර පොලිසිය හරහා තමන්ට එරෙහිව වරෙන්තුවක් නිකුත් කිරීමට දී ඇති අධිකරණ නියෝගය නීති විරෝධී බව ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කතෘ සඳරුවන් සේනාධීර පවසයි.,"විශේෂයෙන්ම නියෝගය නිකුත් කරන ලද ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාරට එරෙහිව සිය වෙබ් අඩවිය චෝදනා එල්ල ���ර තිබෙන අවස්ථාවක ඇය එවැනි තීන්දුවක් දීම නීතියට මෙන්ම සදාචාරයටද එරෙහි බව කතුවරයා බීබීසී සංදේශයට පැවසීය. ""ඊළඟ ප්‍රශ්නේ තමයි ජාත්‍යන්තර වරෙන්තුවක් ඉල්ලන්න නෛතික අයිතිය තියෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නැතුව මේ නඩුවට අද ඉදිරිපත් වෙච්ච හේමන්ත වර්ණකුලසූරියගේ ඉල්ලීම තමයි මේ විනිසුරුවරිය ඉෂ්ඨ කරන්නේ,"" ඔහු පැවසීය. තමා සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් කර සතියක් ඉක්ම යද්දී දෙන ලද මේ තීන්දුව මගින් අධිකරණයට එල්ල වෙමින් තිබෙන බලපෑම ඕනෑම අයකුට වැටහෙන බව ඔහු කියා සිටියේය. කෙසේ වුවද අදාළ තීන්දුව සිය වෙබ් අඩවියට හෝ තමන්ට පෞද්ගලිකව එල්ල කළ ප්‍රහාරයක් පමණක් නොව සමාජ මාධ්‍ය ජාලවලට තර්ජනයක් එල්ල කිරීමද එය පසුබිමෙහි සිටින පුද්ගලයන්ගේ අපේක්ෂාව බව සඳරුවන් සේනාධීර පවසයි. වැඩිදුරටත් ඔහු සඳහන් කරන්නේ අධිකරණයට අපහාස කළ බවට එල්ල වන චෝදනා තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවය." +ස්පාඤ්ඤයේ හුවන් කාර්ලෝස් (Juan Carlos) හිටපු රජතුමා රටහැර ගොස් ඇති අතර ඔහු එම ගමන ගොස් තිබෙන්නේ තමා යන ස්ථානයක් පිළිබඳව දැනුවත් නොකරමිනි. හිටපු රජතුමා එවැනි පියවරක් ගෙන තිබෙන්නේ දූෂණ චෝදනාවන්ට අදාළ පරීක්ෂණයකට ඔහුගේ නම ගෑවීමත් සමඟය.,"ජුවාන් කාර්ලෝස් හිටපු රජතුමාට එරෙහිව ස්පාඤ්ඤයේ මෙන්ම ස්විට්සර්ලන්තයේත් පරීක්ෂණ පැවැත්වෙයි අසූ දෙහැවිරිදි කාර්ලෝස් රජතුමා රටින් බැහැරවීම දන්වා තිබෙන්නේ තම පුත්‍රයා වන වත්මන් ස්පාඤ්ඤ කිරුළ දරන ෆිලිපේ (Felipe) රජු අමතා ලියන ලද ලිපියක් මගිනි. හුවන් කාර්ලෝස් මෙයින් වසර හයකට පෙර ස්පාඤ්ඤයේ ඔටුන්න සිය පුත්‍රයාට පැවරීය. තමා රටින් පිටව යන නමුත් නීති නිලධාරීන්ට ප්‍රශ්න කිරීමට අවශ්‍ය වුවහොත් එය සිදුකළ හැකි බවද ඔහු සඳහන් කර ඇත. සෞදි අරාබිය සමඟ ඇතිකර ගන්නා ලද අධිවේගී දුම්රිය කොන්ත්‍රාත්තුවකට හුවන් කාර්ලෝස් සම්බන්ධ වී ඇති බවට චෝදනා ඉදිරිපත් වීමෙන් අනතුරුව, ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ජුනි මාසයේ ඒ සම්බන්ධයෙන් විභාගයක් ආරම්භ කළේය. හිටපු රජතුමා විසින් සිය පුත්‍රයා වෙත යොමුකරන ලද ලිපිය සඳුදා (අගෝස්තු 03) ප්‍රකාශයට පත් කෙරුණු අතර ඒ වනවිට ඔහු රටින් පිටවී ඇති බවට වැඩි ඉඩකඩක් ඇතැයි ' El País' ස්පාඤ්ඤ පුවත්පත වාර්තා කළේය. එහෙත් ඔහුගේ ගමනාන්තය කුමක්ද යන්න පැහැදිලි නැත.එහෙත් බොහෝ ස්පාඤ්ඤ වාර්තා අනුව කියවෙන්නේ ඔහු ඩොමිනිකානු ජනරජයට ගොස් ඇති බවකි. ''1975 වසරේ දී ජනරාල් ෆ්‍රැන්කෝ ගේ (General Franco) මරණින් අනතුරුව ස්පාඤ්ඤය ඒකාධිපති පාලනයකින් ප්‍රජාතන්ත්‍රවාදය කරා ගෙන ඒම සඳහා රට සාර්ථකව මෙහෙයවන ලද නායකයෙකු ලෙස ඉතිහාසය තුළ සටහන් වූ හුවන් කාර්ලෝස් වැනි රජෙකුගේ මෙම පිටව යාම නින්දාසහගත වූවක්'' යැයි බීබීසී යුරෝපා වාර්තාකරු නික් බීක් (Nick Beake) පවසයි. වසර හතළිහක් ස්පාඤ්ඤ කිරුළ දැරූ හුවන් කාර්ලෝස් රජතුමා සිය කැමැත්තෙන් ම කිරුළ අත්හරින ලද්දේ 2014 වසරේදීය. රජතුමා එම පියවර ගන්නා ලද්දේ ඔහුගේ දියණියගේ සැමියා දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකට පැටලීම සහ රට ආර්ථික අර්බුදයක පසුවන අතරවාරයේ රජු අලිඇතුන් දඩයමේ කිරීමේ සංචාරයක නිරතවීම මුල්කර ගනිමින් විවේචන එල්ලවීමෙන් අනතුරුවය. ස්පාඤ්ඤයේ කිරුළ දරන ෆිලිපේ (Felipe) රජතුමා තම පියාගෙන් දුරස්ථව කටයුතු කරන පිළිවෙතක් අනුගමනය කරයි ලිපියේ අන්තර්ගතය කුමක්ද? රටින් පිටවීමේ තීන්දුව ගැනීමට බල පෑ හේතු පිළිබඳව සිය ලිපිය මගින් කරුණු දක්වන හිටපු රජතුමා, ''තමාගේ අතීත පෞද්ගලික ජීවිතයේ නිශ්චිත ක්‍රියාකාරකම් කෙරෙහි එල්ලවෙන අනපේක්ෂිත ප්‍රතිචාර '' පිළිබඳව සඳහන් කර ඇත. ඒ අනුව සිය පුත්‍රයාට අවුලකින් තොරව සහ සංසුන්ව රාජ්‍යත්වයට පැවරෙන වගකීම් ඉටුකිරීම සඳහා පසුබිම සකස්කිරීම හුවන් කාර්ලෝස්ගේ අභිප්‍රාය වී ඇත. ''නියෝග මගින් මග පෙන්වනු ලබන ආකාරයට කටයුතු කිරීම ස්පාඤ්ඤ ජනතාවට, අපේ රටේ ආයතනවලට සහ රජතුමා ලෙස ඔබට කළ හැකි ඉහළම සේවාව වේ. මේ මොහොතේ රටින් පිටව යාමේ මගේ තීරණය මම ඔබට දැනුම් දෙන්නෙමි'' යි හුවන් කාර්ලෝස් සිය පුත්‍රයාට ලියා ඇත. ''මම මේ තීන්දුව ගන්නේ අතිශය සංවේදී හැඟීම් සහිත නමුත් ඉතාම සංසුන් මනසකින්'' හිටපු රජතුමාගේ ලිපියේ දැක්වේ.. ''හයවැනි ෆිලිපේ (King Felipe VI) රජතුමා සිය පියා විසින් ගනුලැබ ඇති තීන්දුවට මුළු හදවතින්ම සිය ගෞරවය සහ කෘතඥතාව පළකරන ලදැයි'' 'Zarzuela' රජ මාලිගය විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයක සඳහන් වේ. ''හයවැනි ෆිලිපේ (King Felipe VI) රජතුමා සිය පියාගෙන් තමාට උරුම වූ වත්කම් සියල්ල පසුගිය මාර්තු මාසයේ සිය කැමැත්තෙන්ම අත්හැර දමන ලදී.ඒ අතරම හුවන් කාර්ලෝස් හිටපු රජතුමාට වාර්ෂිකව සපයන ලද යුරෝ 228,000ක ප්‍රදානය අත්හිටවන බවද රජ මාලිගය විසින් නිවේදනය කරනු ලැබිණි. දූෂණ චෝදනා මොනවාද? 2014 ජූනි මාසයේ හුවන් කාර්ලෝස් රජතුමා රජකම අත්හැර දමනු ලැබී��ෙන් පසු සෞදි අරාබි ව්‍යාපෘතියට අදාළ ඔහුගේ සම්බන්ධකම් තහවුරු කිරීම සිය අරමුණ බව ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇත. කිරුළ අත්හැර දමනු ලැබීමත් සමඟ රජතුමාට අධිකරණ මුක්තිය අහිමි වේ. සෞදි අරාබියේ මක්කම සහ මෙදීනා (Mecca-Medina) අතර දුම්රිය මාර්ගයකට අදාළ ගිවිසුමක් මගින් ස්පාඤ්ඤ සමාගම්වලට යුරෝ බිලියන 6.7ක් හිමි විය. එම මූල්‍ය ගනුදෙනුවට ස්විස් බැංකු පවා හවුල් වී ඇත. හුවන් කාර්ලෝස් රජතුමා ස්විස් බැංකුවල රහස්‍ය ගිණුම් කිහිපයක් පවත්වා ගෙන යන බවට ස්පාඤ්ඤ දූෂණ අපචාර මැඩලීමේ නිලධාරීහු සැක කරති. ඒ සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ද පරීක්ෂණයක් පෙරට යමින් ඇත. ''නීතිය ඉදිරියේ සියලුදෙනා එක සමාන'' බව පවසන ස්පාඤ්ඤ ආණ්ඩුව කියා සිටින්නේ පරීක්ෂණවලට ''කිසිදු මැදිහත්වීමක්'' සිදු නොකරන බවය. හුවන් කාර්ලෝස් ගේ වගතුග 1938 වසරේ ඉතාලියේ රෝම නගරයේ දී උපත ලබා ඇත. 1975 නොවැම්බර් මාසයේ 22 දින ස්පාඤ්ඤයේ සිහසුනට අනුප්‍රාප්ත විය. එය සිදුවූයේ ස්පාඤ්ඤය තුළ ෆැසිස්ට් පාලනයක් ගෙනගිය ඒකාධිපති ජනරාල් ෆ්‍රැන්කෝ ගේ අභාවයෙන් දින දෙකකට පසුවය. ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් තුළ රට ප්‍රජාතන්ත්‍රවාදය කරා මෙහෙයවීම සම්බන්ධයෙන් හුවන් කාර්ලෝස් පුළුල් මට්ටමින් අගය කිරීම්වලට ලක්ව ඇත. එහෙත් ඔහුගේ වසර තිස් නවයක රාජ්‍යත්වය නිමවූයේ බොහෝ විවේචන එල්ලවෙමින් පැවති පරිසරයක් තුළය. හුවන් කාර්ලෝස් රජතුමා 2014 ජූනි 18 වෙනිදා සිය පුතු ෆිලිපේ සිහසුනට අනුප්‍රාප්ත කරමින් සිය කිරුළ ඔහු හිසෙහි පැළඳවීය. කියවන්න;" +සිය අනාගත සැමියන් පීඩාකාරී ලෙස හැසිරෙන්නේ නම් ඔවුන්ට පහර දීම සඳහා මනාලියන් වෙත ලීයෙන් නිම කළ පිති (බැට්) ලබා දීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.,"""බේබද්දන්ට එරෙහිව භාවිතයට ගැනීම සඳහා"" වැනි වැකි සටහන් පිති ප්‍රාන්ත ආණ්ඩුව විසින් සංවිධානය කරන ලද සමූහ විවාහ මංගල්‍යයක දී යුගදිවියට පත් මනාලියන් හත්සිය දෙනෙකු වෙත එම පිති බෙදා දී ඇත. ස්වාමිපුරුෂයන් පීඩාකාරී ලෙස හැසිරෙන්නේ නම් අවියක් වශයෙන් එම පිති යොදා ගන්නා ලෙස මනාලියන්ට දන්වා තිබේ. ""බේබද්දන්ට එරෙහිව භාවිතයට ගැනීම සඳහා"", ""පොලිසිය මැදිහත් වන්නේ නැහැ"" වැනි වැකි සටහන් සෙන්ටිමීටර 40 ක් පමණ දිගින් යුත් එම පිති සාමාන්‍යයෙන් යොදා ගනු ලබන්නේ රෙදි ඇපිල්ලීම සිදු කිරීමේදීය. මනාලියන් අතර එම පිති බෙදා දුන් මාධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මහඇමති ගෝපාල් භාර්ගවා කියා සිටියේ ගම්බද ප්‍රදේශවල වැඩි වශයෙන් දක්නට ඇති ගෘහස්ථ හිංසනය ඉස්මතු කිරීමේ අරමුණින් එවැනි ක්‍රියාමාර්ගයක් ගත් බවය. ගෘහස්ථ හිංසනය තමන්ගේම විවාහ මංගල්‍ය උත්සවයක් පැවැත්වීම සඳහා මූල්‍ය ශක්තියක් නොමැති අඩු ආදායම්ලාභීන්ට සහනයක් වශයෙන් ඉන්දියාව තුළ සමූහ විවාහ මංගල්‍ය සංවිධානය කෙරේ. පිති භාවිතයට ගැනීමට පෙර ස්වාමිපුරුෂයන් සමග සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමට උත්සාහ ගන්නා ලෙසත් ඊට ඇහුම්කන් නොදෙන්නේ නම් ""ඉතිරිය පිත්තට භාර කරන ලෙසත්"" මහඇමතිවර්යා මනාලියන්ට පැවසීය. ""තමන්ගේ සැමියන් බීමත් වන සෑම අවස්ථාවකම ඔවුන් හිංසාකාරී ලෙස හැසිරෙන බව කාන්තාවන් කියනවා. ඔවුන් මේ කාන්තාවන් ඉතිරි කළ මුදල් අරන් ගිහින් මත්පැන් සඳහා නාස්ති කරනවා"" යනුවෙන් මහඇමති ගෝපාල් භාර්ගවා ප්‍රංශ පුවත් සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේය. ""කාන්තාවන් ප්‍රචණ්ඩත්වය දෙසට තල්ලු කිරීමේ අදහසක් මෙහි නැහැ. නමුත් මෙය තිබෙන්නේ ප්‍රචණ්ඩත්වයෙන් ගැලවී සිටීම සඳහායි"" පිති දසදහකසක් ""පොලිසිය මැදිහත් වන්නේ නැහැ"" අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන මහ ඇමති භාර්ගවා වැඩිදුරටත් කියා සිටියේ තමන් එවැනි පිති දසදහසක් ඇණවුම් කර ඇති බවය. මහඇමතිවරයා නියෝජනය කරන ගර්හාකොටා නගරයේ සති අන්තයේ පැවති උත්සවයක දී විවාහ වූ මනාලියන් හත්සිය දෙනෙකු අතර පිති බෙදා දුණි. තමන්ගේම විවාහ මංගල්‍ය උත්සවයක් පැවැත්වීම සඳහා මූල්‍ය ශක්තියක් නොමැති අඩු ආදායම්ලාභීන්ට සහනයක් වශයෙන් ඉන්දියාව තුළ සමූහ විවාහ මංගල්‍ය පැවැත්වේ." +බුදු රජාණන් වහන්සේ මේ සමයේ වැඩ සිටියා නම් භික්ෂුන් වහන්සේට රියදුරු බලපත්‍ර ලබා දිය යුතු බවට ශික්ෂා පදයක් පනවනු ඇතැයි ආචාර්ය පරගොඩ විමලවංශ හිමියෝ පවසති.,"""බුදු දහම ඉගෙන ගෙන නෑ හුඟක් දෙනෙක්. ඒගොල්ල කල්පනා කරනව භික්ෂුන් වහන්සේ කෙනෙක් වාහන පැදවීම වැරදියි කියල"" භික්ෂුන්ට රිය පැදවීම අකැප බවට විනය පිටකයේ කිසිදු සඳහනක් නොවන බව පවසන එහිමියෝ, වර්තමානයේ ශ්‍රී ලංකාවේ භික්ෂු සමාජය බරපතල ගමනාගමන ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටින බව බීබීසී සංදේශයට පැවසූහ. වස්‌කඩුව කුඩා වස්‌කඩුව ශ්‍රී ශාඛ්‍යමුණි විහාරස්‌ථානයේ විහාරාධිපති ආචාර්ය විමලවංශ හිමි අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සමෙන් කියා සිටින්නේ පාසල් ගුරුවරයකු හා විහාරස්‌ථාන කීපයක්‌ පාලනය කරන තමාට එම ස්‌ථානවලට යැමේ ගමන් පහසුව සඳහා රියදුරු බලපත්‍රයක්‌ ඉල්ලා අයදුම්පත්‍රයක්‌ ඉදිරිපත් කළ නමුත් මෝටර් රථ වාහන කොමසාරිස්‌ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කළ බවයි. නීතිපතිවරයාගෙන් විරෝධතා පැවිදි අයකුට රියෑදුරු බලපත්‍රයක්‌ නිකුත් කිරීමට නීතියෙන් කිසිදු තහනමක්‌ පනවා නැති බවත් මේ වන විට එක්‌ භික්‌ෂුවකට බලපත්‍රයක්‌ නිකුත් කර ඇති බවත් වයස 21 ට වැඩි වාහනයක්‌ පැදවීමට පළපුරුද්දක්‌ ලබා ඇති හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුත් ඕනෑම පුද්ගලයකුට රියදුරු බලපත්‍රයක්‌ නිකුත් කිරීමට මෝටර් රථ වාහන පනතේ රෙගුලාසිවලින් මෝටර් රථ වාහන කොමසාරිස්‌වරයා බැඳී සිටින බැවින් තමාට අයදුම්පත්‍රයක්‌ දීම ප්‍රතික්‍ෂේප කිරීමට ඔහු ගත් තීරණය අහෝසි කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා ඇත. ථෙරවාදී බුදු දහම පවතින වෙනත් රටවල භික්ෂුන් වහන්සේට රියදුරු බලපත්‍ර නිකුත් කෙරෙන බව ආචාර්ය විමලවංශ හිමියෝ පෙන්වා දෙති. ""බුදු දහම ඉගෙන ගෙන නෑ හුඟක් දෙනෙක්. ඒ නොදන්න කමට ඒගොල්ල කල්පනා කරනව භික්ෂුන් වහන්සේ කෙනෙක් වාහන පැදවීම වැරදියි කියල,"" එහිමියෝ පැවසූහ. මෙම පෙත්සමේ කිසිදු නීතිමය පදනමක් නොමැති බැවින් එය ප්‍රතික්ෂේප කරන්නැයි නීතිපතිවරයා ඉදිරිපත් කොට තිබූ විරෝධතාවය ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය, පෙත්සම ඔක්තෝබර් 22 වැනි දින විභාගයට ගැනීමට තීන්දු කළේය." +ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ගැන සාකච්ඡා කෙරෙන මූලික සමාන්තර රැස්වීමක් සිකුරාදා ජිනිවා නුවර එක්සත් ජාතීන්ගේ ප්‍රධාන ගොඩනැගිල්ලේ දී පැවැත්විණ.,"නොනිල මට්ටමේ සාකච්ඡාවක් වන මෙහි දී යෝජනාවට පක්ෂ සහ විපක්ෂ රටවල් අදහස් දැක්වූ බව පැවසූ මානව හිමිකම් ක්‍රියාධරයකු වන, සුනන්ද දේශප්‍රිය කියා සිටියේ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන යෝජනාවට පාකිස්ථානය තදින්ම විරුද්ධව කරුණු දැක්වූ බවයි. ශක්තිමත් කිරීම අප්‍රිකානු රටවල් - දකුණු අප්‍රිකාව හෝ මේ යෝජනාව ගැන කිසිවක් ප්‍රකාශ නොකළ බව සඳහන් කළ ඔහු පැවසුවේ සුපුරුදු පරිදි යුරෝපීය රටවල් යෝජනාවට පක්ෂව කථා කරමින් එය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා සංශෝධන ගෙන ආ බවයි. විශේෂයෙන්ම මානව හිමිකම් ක්ෂේත්‍රයේ දී අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ගැටළු ඇතුළත් කළ යුතු බවත් වගවීම් පිළිබඳ යෝජනා සහ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු කරණය ශක්තිමත් කළ යුතු බවත් යුරෝපීය රටවල් විසින් ඉල්ලා සිටියේ යැයි, මානව හිමිකම් ක්‍රියාධරයකු වන සුනන්ද දේශප්���රිය ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවට සෑම විටම පක්ෂ රුසියාව, චීනය, පාකිස්තානය, කියුබාව, වෙනිසියුලාව යන රටවලින් ඉදිරිපත් වූ යෝජනාවලට ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාර පළ වූයේ යුරෝපීය රටවල් වලින් බවයි ඔහු කියා සිටියේ. නිහඬ ප්‍රතිපත්තියක් ඉන්දියාව මෙම සාකච්ජාවේදී නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවත් බංග්ලාදේශය යම් සංශෝධන ගෙන එමින් යෝජනාවට එකඟ නොවන බව කියා සිටි බවත් ඔහු පැවසුවේය. අනිත් හැම රටකටමට වඩා පාකිස්තානය ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් ඉතා ශක්තිමත්ව පෙනී සිටි බව සඳහන් කළ මානව හිමිකම් ක්‍රියාධරයකු වන සුනන්ද දේශප්‍රිය, ශ්‍රී ලංකාවේ සුළු තර ආගමික නිදහස සම්බන්ධ යෝජනාව සම්පූර්ණයෙන්ම අහෝසි කරන ලෙස පාකිස්තානය ඉල්ලා සිටි බව පැවසුවේය. එවැනි ප්‍රශ්නයක් ශ්‍රී ලංකාවේ සුළුතර ආගමිකයන්ට නොමැති බව පාකිස්තානය කියා සිටි බවයි ඔහු සඳහන් කළේ. ශ්‍රී ලංකා රජය යෝජනාව පිළිනොගන්නා බවත් ඊට විරුද්ධ බවත් එම යෝජනාව ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට ඇඟිලි ගැසීමක් බව, මුලින්ම රැස්වීම ඇමතූ ජිනීවා හි එකසත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ පැවසූ බව ඔහු පැවසුවේය" +අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායකට එරෙහිව ඇති දෝෂාභියෝග යෝජනාව පිළිබඳව යලි සළකා බලන ලෙස කථානායකවරයාගෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට ඒකමතික තීන්දුවක් ගත් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කරයි.,"වසර විසි හතකට පසුව නීතිඥයන් සිය ගණනකට වැඩි පිරියක් සහභාගිවූ අද පැවැති විශේෂ මහා සභා රැස්වීමේදී දැඩි වාද විවාද මධ්‍යයේ එම තීන්දුවට එළඹී බවයි ශ්‍රී ලංකා නීතඥ සංගමයේ සභාපති විජේදාස රාජපක්ෂ පැවසුවේ. යලි සළකා බැලීමකින් තොරව දෝෂාභියෝගය රජය විසින් ඉදිරියට ගෙන යන්නේ නම් වත්මන් අගවිනිසුරුවරියට ඊට සාධාරණ පරීක්ෂණයක් ලබා ගැනීමට හැකිවන පරිදි යෝජනා අටකින් සමන්විත යාන්ත්‍රණයක් සම්මත කරගත් බවද සභාපති විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළේය. තේරීම් කාරක සභාව හමුවේ පරීක්ෂණය පැවැත්වෙන ක්‍රමවේදය පිළිබඳව කථානායකවරයා හමුවී සාකච්ජා කිරීමටද ශ්‍රී ලංකා නීතඥ සංගමය තීරණය කළ බවයි ඔහු සඳහන් කළේ. විමර්ශන කටයුතු සිදුකෙරෙන අවස්ථාවේදී එය අධීක්ෂණය කිරීම පිණිස හිටපු අග්‍රවිනිශ්චයකාරවරුන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමික විනිශ්චයකාරවරුන් වැනි එම ක්ෂේත්‍රයේ විද්වතුන් සහභාගී කරවා ගැනීමේ අවස්ථාවක් ලබා දෙන ලෙසට ඉල්ලා සිටීමට බලාපොරොත්තුවන බවත් සභාපති විජේදාස රාජපක්ෂ පැවසුවේය. විශේෂයෙන්ම නීතිඥ සංගමය අවධාරණය කිරීමට තීරණය කළේ , දෝශාභියෝග කමිටුව අනුගමන කරන ක්‍රියා පිළිවෙත මගින් අගවිනිසුරුවරියට අසාධාරණයක් නොවන ආකාරයකට පාරදෘශ්‍යභාවයකින් සහ වගකීමෙන් යුතුව එම ක්‍රියාදාමය සිදුවන බව තහවුරු කර ගැනීම බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළේය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා" +කුමමොතෝ ප්‍රදේශයේ පසුගියදා හටගත් භූමිකම්පාවෙන් තවමත් අවතැන්ව සිටින ජනතාවට ආහාර ආධාර ලබාදෙමින් එහි වෙසෙන ඉරාන ජාතිකයන් සහ ශ්‍රී ලාංකිකයන් කරන සමාජ මෙහෙය පිළිබඳව ජපාන වැසියෝ සිය හද පිරි ස්තුතිය පුද කරති.,"හිටපු ශ්‍රී ලංකා ජනාධිපති ජේආර් ජයවර්ධනගේ ඡායාරූපයක්ද සහිත බැනරයක්ද සමගින් ශ්‍රී ලංකා-ඉරාන-ජපාන මිත්‍රත්ව සංගමයේ ආධාර රැගත් බස් රථය ඇතැම් ශ්‍රී ලාංකිකයන් ජපානයේ තෝකියෝ අගනුවර සිට කිලෝමීටර 1200 ක් පමණ දුර ගෙවා ආහාර ආධාරද රැගෙන කුමොතෝ ප්‍රදේශයට පැමිණෙන බව ඇතැම් අවතැන් වූවන් ට්විටර් ජාලය ඔස්සේ නිවේදනය කර තිබුණේ සිය කෘතවේදීත්වය පළ කරමින්. ""අද අපිට දවල් කෑමට ශ්‍රී ලාංකික කරි සුප් (curry soup) එකක්,"" එක් අවතැන් වූවෙක් ට්විටර් ජාලය ඔස්සේ ඡායාරූපද සමඟ පළ කර තිබුණේ අනෙක් අයටද එහි පැමිණ එය රස විඳින මෙන් ආරාධනා කරමින්. ජපානවාසීන්ගේ ගෞරාවාදරයට පාත්‍ර වී සිටින හිටපු ශ්‍රී ලංකා ජනාධිපති ජේආර් ජයවර්ධනගේ ඡායාරූපයක්ද සහිත බැනරයක්ද සමගින් ශ්‍රී ලංකා-ඉරාන-ජපාන මිත්‍රත්ව සංගමය බස් රථ මගින් ආහාර රැගෙන එන ආකාරයද එම පණිවුඩවල දැක්විණ. කඕරු සුරුමි නම් ජපාන කාන්තාව ට්විටර් පණිවුඩයකින් බීබීසී සංදේශය අමතමින්, ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ මේ මහඟු ක්‍රියාව පිළිබඳව සමස්ත ශ්‍රී ලංකාවාසීන් වෙත කෘතඥතාවය පළ කිරීමට තමන්ට අවශ්‍ය බව සඳහන් කළාය පසුගිය අප්‍රේල් 13 වැනිදා කුමමොතෝ ප්‍රදේශයේ හටගත් භූමිකම්පාවෙන් අනතුරුව 10,000 කට ආසන්න ප්‍රදේශවාසීන් පිරිසක් තවමත් පාසල්, නගර සභා ගොඩනැගිල්ල ඇතුළු ස්ථානවල පිහිටි තාවකාලික ලැගුම්හල්වල වෙසෙන බව එහි වෙසෙන ආපන ශාලා හිමිකරුවකු වන චම්පික වෛද්‍යරත්න බීබීසී සංදේශයට පැවසීය. භූමිකම්පාවෙන් තමන්ට හානියක් නොවූ බැවින් කුමමොතෝ හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතලොස්සද තමන්ට හැකි අවස්ථාවල 'කරි සුප්' පිස අවතැන්වූවන්ට බෙදා දෙන බවත් ඔහු කියා සි���ියේය. ජපානයේ අවතැන් ජනතාවට සාමාන්‍යයෙන් ලබා දෙන්නේ 'ඔනිගිරි' නම් බත් ගුලි හෝ ක්ෂණික නූඩ්ල්ස් වර්ග පමණක් බැවින් ශ්‍රී ලාංකිකයන් බෙදා දෙන ආහාරය ජපානවාසීන් ඉතා ආසාවෙන් භුක්ති විඳින බවත් චම්පික වෛද්‍යරත්න සඳහන් කළේය. පළමු කම්පනයෙන් අනතුරුව මේ වනවිට කුමමොතෝ ප්‍රදේශයේ පසු කම්පන 1100 ක් පමණ හටගෙන තිබෙන බව සඳහන් කළ ඔහු, ජපාන ඉතිහාසයේ මෙතරම් පසු කම්පන හටගනු ලැබුවේ පළමු වතාවට බව වැඩිදුරටත් පැවසීය. තෝකියෝ නගරයේ සිට ශ්‍රී ලාංකිකයන් රැගෙන එන ආහාර ආධාරවලට ජපාන අවතැන්වූවන්ගේ ප්‍රණාමය කුමමොතෝ වාසීන් ට්විටර් ජාලය ඔස්සේ පළ කරන කෘතවේදී පණිවුඩ දුටු ජපානයේ වෙනත් ප්‍රදේශයක වෙසෙන කඕරු සුරුමි නම් කාන්තාවක් ට්විටර් පණිවුඩයකින් බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ අමතමින් කියා සිටියේ, ජපානවාසී ශ්‍රී ලාංකිකයන්ගේ මේ මහඟු ක්‍රියාව පිළිබඳව සමස්ත ශ්‍රී ලංකාවාසීන් වෙත කෘතඥතාවය පළ කිරීමට තමන්ට අවශ්‍ය බවයි. තෝකියෝ අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත කෘතඥතාවය පළ කිරීමට තමන්ට අවශ්‍ය බවත් ඇය සඳහන් කළාය." +අයි.සී.සී.චැම්පියන්ස් ශූරතා 2013 තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරඟය දැන් ලන්ඩන් නගරයේ ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙයි.,"අද තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කන්ඩායම සතු වූ නමුත් නායක ඇන්ජලෝ මැතිව්ගේ තීරණය වූයේ පළමුව පන්දු යැවීම තෝරා ගැනීමයි. මේ මොහොතේ ඕවල් ක්‍රීඩාංගනය ක්‍රීඩා ලෝලීන්ගෙන් පිරී ඇති අතර කාලගුණය වැහිබර තත්වයකි. ශ්‍රී ලංකාව මෙම තරඟාවලියෙහි දෙවන වටය වන අර්ධ අවසාන වටයට පිවිසීමට නම් අද තරඟය ජය ගැනීම අනිවාර්ය කොන්දේසියකි. හයසිය වැනි තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරඟය වූ නවසීලන්තයට එරෙහි තරඟයෙන් පසු ගිය ඉරිදා කාඩිෆ් නගරයේදී පරාජය වීම නිසා දැනට සිටින්නේ කුශලතා ලකුණු ලයිස්තුවේ කිසිදු ලකුණක් නොමැති තත්වයකයි. අද තරඟයේ තවත් විශේෂත්වයක් වන්නේ, මෙය එංගලන්ත කණ්ඩායම සහභාගී වෙන හයසිය වැනි තරඟය වීමයි. මේ අතර ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් නෙරපා හරින මෙන් ඉල්ලා සිටින උද්ඝෝෂණ ව්‍යාපාරයක් ඕවල් ක්‍රීඩාංගනය ඉදිරිපිට දක්නට ලැබෙයි.," +හිටපු හමුදාපති සරත් ෆොන්සේකා අද කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් විවිධ බාධක හමුවේ තම පක්ෂය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව පිළිබඳව තමන් සතුටු වන බව පැවසුවේය.,"'අවි ගත් මැරයෝ අපිට පහර දුන්නා' සරත් ෆොන්සේකා ‘මැතිවරණයේ ලැබුණු ප්‍රතිඵල ගැන ඉතා සතුටට පත් වෙනවා, අපි අභියෝග කළේ අත්දැකීම් බහුල දේශපාලන පක්ෂ වලට, අපි හිතනවා මේ කෙටි කාලය තුළ ජනතාව අපි ගැන ප්‍රබල විශ්වාසයක් තියල තියෙනවා කියලා’ සරත් ෆොන්සේකා කියා සිටියේය. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බස්නාහිරින් අසන 9 කුත් දකුණෙන් අසන 3 කුත් මෙවර දිනා ගෙන ඇත. මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කිරීමේ දී තම පක්ෂයට විවිධ බාධා සිදු වුනු බව පවසන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා නවක පක්ෂයක් නිසා තම පක්ෂයෙන්ද විවිධ වැරදීම් සිදු වුණු බවත් ඉදිරියේ දී ඒවා නිවැරදි කර ගෙන ශක්තිමත්ව ඉදිරියට යන බවයි පවසන්නේ. ‘සමහර ප්‍රදේශවලට අපට යන්න අවසර දුන්නේ නැහැ, හම්බන්තොට අපේ රැස්වීම් අටක් තිබ්බ, ඒ එකක් වත් කරන්න දුන්නේ නැහැ, අවි ගත් මැරයෝ අපිට පහර දුන්නා, එවැනි ඉතා දුෂ්කර මාර්ගයක් ඇවිල්ල තමයි අපි මේ මැතිවරණය පැවැත් වුයේ’ සරත් ෆොන්සේකා පැවසීය. ඇතැම් අවස්ථාවල පොලිසියද අනවශ්‍ය ලෙස තම පක්ෂයට එරෙහිව කටයුතු කළ බවයි හිටපු හමුදාපතිවරයා පැවසුවේ." +එක්සත් ජාතීන්ගේ වාර්ෂික වාර්තාවකට අනුව මේ වසරේ ලෝකයේ ප්‍රීතිමත්ම මිනිසුන් සිටින රටවල් අතරින් ශ්‍රී ලංකාව ඒකක හතරක් ඉහළට පැමිණ තිබේ.,"ස්කැන්ඩිනේවියානු රටවල් නිරන්තරයෙන් ප්‍රීතිමත්ම රටවල් පහ අතර රැඳීමට සමත් වී ඇත පසුගිය වසරේ දර්ශකයේ 120 වෙනි ස්ථානය හිමිව තිබුණු ශ්‍රී ලංකාවට මේ වසරේ හිමි වී තිබෙන්නේ 116 වෙනි ස්ථානයය. එක්සත් ජාතීන්ගේ වාර්තාව ප්‍රකාර ලොව ප්‍රීතිමත්ම ජනතාව වෙසෙන රට ෆින්ලන්තයය. ප්‍රීතිමත් බව මනිනු ලබන්නේ ""රටවැසියන්ගේ සාපේක්ෂ සමෘද්ධිමත් බව"" සලකා බැලීමෙනි. රටවැසියන්ට සතුට දැනෙන ආකාරය සහ එම සතුටට හේතු වන කරුණු මෙම වාර්තාව සැකසීමේදී සැලකිල්ලට ගෙන ඇත. යුදමය වාතාවරණයක් ඇති රටවල් සහ සමහර අප්‍රිකානු රටවල් නිතරම ලැයිස්තුවේ අවසාන රටවල් පහ අතර රැඳෙන විට ස්කැන්ඩිනේවියානු රටවල් නිරන්තරයෙන් ප්‍රීතිමත්ම රටවල් පහ අතරට එක්වීමට සමත් වී ඇත. එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව, අප්‍රිකානු මහාද්වීපයේ පිහිටි බුරුන්ඩි අඩුවෙන්ම සතුටෙන් සිටින ජනතාව වාසය කරන රට ලෙස සැලකේ. බුරුන්ඩි ජනාධිපතිවරයා 2015 දී තෙවන වරට ජනාධිපතිවරණයට තරග කිරීමට උත්සාහ කළ අවස්ථාවේ විරුද්ධ පක්ෂයෙන් ඇති වූ විරෝධතා සහ උද්ඝෝෂණ හේතුවෙන් රට අස්ථාවර වීම ජනතාව අසතුටට පත් වීමට හේතුව ලෙස සඳහන් වෙයි. ලෝකයේ ප්‍රීතිමත්ම මිනි���ුන් සිටින රට - ෆින්ලන්තය ප්‍රීතිමත්ම මිනිසුන් ජීවත් වන රටවල් තීරණය කිරීමේදී එකී රටවල වෙසෙන සංක්‍රමිකයන්ගේ දත්ත සහ අදහස් සැලකිල්ලට ගැනීමට මෙම වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කර ඇත. වඩාත් සතුටින් සිටින සංක්‍රමිකයන් වෙසෙන්නේ ද ෆින්ලන්තයේ වීම විශේෂත්වයකි. ෆින්ලන්තය ප්‍රසිද්ධ කුමකට ද? ""මම හිතන්නේ ෆින්ලන්ත සමාජයේ විශ්වවිද්‍යාල, ඉතා හොඳ ගමනාගමන පහසුකම් ඇතුළු අන් සෑම දෙයක්ම ගොඩනගා තිබෙන්නේ ජනතාවගේ දියුණුව වෙනුවෙන්"" යැයි ෆින්ලන්තයේ වෙසෙන ඇමරිකානු ජාතික ගුරුවරියක් වන බ්‍රියානා ඔවන්ස් (Brianna Owens) පැවසුවාය. 'සතුටෙන් සහ අසතුටෙන් සිටින රටවල්' මෙම ලැයිස්තුවට රටවල් 156 ක් ඇතුළත් වී තිබෙන අතර, ඉන් 117 ක් තීරණය කර ඇත්තේ එම රටවල සංක්‍රමිකයන්ගේ අදහස් ද සලකා බැලීමෙනි. නෝර්වේ, ඩෙන්මාර්ක්, අයිස්ලන්තය සහ ස්විට්සර්ලන්තය ලොව ප්‍රීතිමත්ම මිනිසුන් සිටින රටවල් පහ තුළ තිබෙන අතර, එක්සත් ඇමරිකා ජනපදය දහ අට වන ස්ථානයටත්, එක්සත් රාජධානිය දහනව වන ස්ථානයටත් පත්ව ඇත. ටෝගෝ රාජ්‍යය පසුගිය වසරට වඩා ස්ථාන දාහතක් ඉහළට යන විට, වෙනිසියුලාව ස්ථාන විස්සක් පහතට වැටී දර්ශකයේ 102 වන තැනට පත්ව ඇත. 'ප්‍රීතිමත් රටවල් සහ ප්‍රීතිමත් සංක්‍රමිකයන්' ප්‍රීතිමත් සංක්‍රමිකයන් ජීවත් වන්නේ ද මෙම ලැයිස්තුවේ පළමු ස්ථාන දහය ලබා ගත් රටවල වන අතර, ඔවුන් සංක්‍රමිකයන්ගේ සුබසාධනය සදහා බොහෝ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇත. මිලියන 5.5 ක් සිටින ෆින්ලන්තයේ 2016 වර්ෂය වන විට විදේශකයින් ලක්ෂ තුනකට ආසන්න පිරිසක් වෙසෙන බව වාර්තාවල සඳහන් වෙයි. පිනි මුවන් මෙන්ම උත්තරාලෝකය දිස් වන රටවල් අතරින් ෆින්ලන්තයට ප්‍රමුඛ ස්ථානයක් හිමි වෙයි. සෑම රටකම ජීවත් වන දහසකට අධික පිරිසක් යොදා ගෙන කළ නිරීක්ෂණයකින් පසු මෙම වාර්තාව සකස් කර ඇත. එහිදී සෑම පුද්ගලයකුටම ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කර ඇත. ""ඉණිමඟක් ගැන සිතන්න. එහි පඩි පෙළේ 0 සිට 10 දක්වා අංක යොදා තිබෙනවා. එහි ඉහළ කොටසේ ඇති අංකවලින් ඔබේ ජීවිතය ඉතා සතුටුදායි ලෙස ගෙවෙන බව අඟවනවා. පහළ අංකවලින් දැක්වෙන්නේ ඔබ අසතුටින් සිටින බවයි. මේ මොහොතේ ඔබට දැනෙන්නේ පඩි පෙළේ කුමන ස්ථානයක ඉන්නවා කියා ද?"" නිරීක්ෂකයින් විසින් යොමු කළ ප්‍රධානතම ප්‍රශ්නය විය. ෆින්ලන්ත වැසියන්ගේ පිළිතුරු අනුව ඔවුන් 7.6 ක සාමාන්‍යය අගයක් ලබා ගෙන ඇති අතර බුරුන්ඩි වැසියන්ගේ සාමාන්‍ය ලකුණු ප්‍රමාණය 2.9 කි. එ��් රටකට වඩා තවත් රටක වෙසෙන පුද්ගලයන් සතුටින් සිටින හේතුව මෙම වාර්තාවේ පැහැදිලි කර ඇත. ජීවත් වීමට ලැබෙන සහය, ආයු අපේක්ෂාව, ආර්ථික වර්ධනය, නිදහස, නිර්ලෝභී බව මෙන්ම රටක පවතින දුෂණ වංචා ද මෙම වාර්තාව සැකසීමේදී සැලකිල්ලට ගෙන ඇත. මේ තොරතුරුද දැනගන්න:" +හම්බන්තොට දිස්ත්‍රික්කයේ නව කර්මාන්ත ඉදිකිරීම පිළිබඳව සතුටුවන නමුත් එය සිදු විය යුත්තේ කිසිවකුටත් හානියක් නොවන ආකාරයට බව හිටපු කතානායක චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.,"හම්බන්තොට ඉදිකෙරෙන කර්මාන්ත පුරය සහ සෙනසුරාදා හටගත් ගැටුම පිළිබඳව උණුසුම් වාද විවාද මධ්‍යයේ පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, සිකුරාදා රාත්‍රියේ අගමැති රනිල් වික්‍රමසිංහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංඝයා වහන්සේ මුණ ගැසී කරුණු පැහැදිලි කිරීම පිළිබඳව ස්තුතිවන්තවන බවත් සඳහන් කළේය. ""ඒ පැහැදිලි කරීම නිසා උද්ගත වෙන්න තිබුන භයානක තත්වයක් නිවුණා නමුත් සැකය දුරු වුනේ නෑ,"" චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසීය. කෙසේ නමුත් සෙනසුරාදා පැවති උද්ඝෝෂණයේදී සංඝයා වහන්සේට පහරදීම ගැටළුවක් බවත් ඔහු සඳහන් කළේය. ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සවය කඩාකප්පල් කිරීම පිණිස 'සැලසුම් සහගත' ක්‍රියාවලියක් දියත්ව තිබුන බව එයට පිළිතුරු දෙමින් කබීර් හෂීම් අමාත්‍යවරයා සඳහන් කළේය. එහිදී අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ, අදාළ ව්‍යාපෘතිය හම්බන්තොටට අනවශ්‍ය නම් පොළොන්නරුවට ලබා දෙන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලීමක් කළ අතර, ව්‍යාපෘතිය සිය දිස්ත්‍රික්කවලට ලබා දෙන මෙන් වෙනත් ඇමතිවරුන්ද ඉල්ලීම් කරන බවත් පැවසීය. වරාය සහ ගුවන්තොටුපොළ ඇතුළු ව්‍යාපෘති වෙනුවෙන් දැනට පවරාගෙන තිබෙන ඉඩම්වල නව කර්මාන්ත ඉදි කර, අනෙක් කර්මාන්ත වෙනත් දිස්ත්‍රික්කවලට ලබාදීම පිළිබඳව තමන්ගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවයි එයට ප්‍රතිචාර වශයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ. හම්බන්තොට කර්මාන්ත පුරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියට එතරම් විරුද්ධ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු දූත පිරිස චීනයට ගොස් චයිනා මර්චන්ට් සමාගම සමග සාකච්ඡා කළේ කුමක් දැයි හෙළිකරන මෙන් අගමැතිවරයා අභියෝගයක්ද කළේය." +උතුරු හා දකුණු කොරියානු නායකයින් ලබන මාසයේදී පැවැත්වීමට නියමිත දෙරටේ සමුළුවකදී මුණගැසීමට නියමිත බව උතුරු කොරියාවේ දුර්ලභ චාරිකාවක යෙදුනු ද��ුණු කොරියානු නියෝජිතයෝ පැවසුහ.,"උ. කොරියානු නායකයා විසින් දකුණු කොරියානු නියෝජිත පිරිස රාත්‍රී භෝජනයට පිළිගනු ලැබිණි ඔවුන් සඳහන් කළේ, න්‍යෂ්ටික අවි අත්හැරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග ද සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් සඳහන් කළ බවය. උතුරු කොරියාවේ න්‍යෂ්ටික බලාපොරොත්තු නවතාලීමට මීට පෙර ද වැඩපිළිවෙල ක්‍රියාත්මක වූ නමුත් එරට සිය පොරොන්දු ඉටුකිරීමට අසමත් විය. මෙය දශකයකට වඩා වැඩි කාලයකට පසු දෙරටේ නායකයින් අතර පැවැත්වෙන පළමු හමුව වනු ඇත. දැඩි ආරක්ෂාවක් සහිත දෙරටේ දේශසීමාවේ පිහිටි පන්මුන්ජොම් සටන් විරාම ගම්මානයේදී නායකයින් දෙදෙනා මුණගැසීමට නියමිතය. උතුරු කොරියානු අගනුවර වන ප්යෝන්ග්යන්ග් සිට එන ගමනේදී දකුණු කොරියානු නිලධාරීන් පැවසුවේ, සිය ආණ්ඩුවේ ආරක්ෂාව තහවුරු කළ හැකි නම් උතුරු කොරියානු න්‍යෂ්ටික අවි අත්හැරීම ගැන සාකච්ඡා කිරීමට දැන් තමා බලාපොරොත්තු වන්නේයැයි කිම් ජොන්ග් අන් පැවසු බවය. රාජ්‍යතාන්ත්‍රිකබව ක්‍රියාත්මක වන අතරේදී මිසයිල අත්හදාබැලීම් නොකෙරෙනු ඇති බව ද ඔහු පවසා ඇත. ඇමෙරිකා එක්සත් ජනපදය පවසා තිබුනේ න්‍යෂ්ටික හරණය පිළිබඳ සාකච්ඡා කිරීමට සුදානම් පමණක් උතුරු කොරියාව සමග සංවාදය ඉදිරියට යනු ඇති බවය. උතුරු - දකුණු රාජ්‍ය අතර වර්ධනය වෙමින් පවතින සබඳතා ගැන තමන් ""අවධානයෙන් යුතු සුබවාදීබවක්"" පළකරන නමුත් සිය න්‍යෂ්ටික අවි අත්හැරීම සඳහා සූදානම් නොවන තෙක් ප්යෝන්ග්යන්ග් පාලනය සමග නිල සාකච්ඡාවකට එළඹීම බැහැර කර තිබිණි. ඔලිම්පික් තරගාවලිය පුරාම ඇමෙරිකාවේ අදහස වූයේ සංහිඳියාවක් පිළිබඳ උතුරු කොරියාවෙන් පළවූ ඉඟි එවැනි කැපකිරීමක් පෙන්වීමට තරම් බරපතල ඒවා නොවූ බවය. විශේෂයෙන්ම පසුගිය වසරේදී උතුරු කොරියාව ක්‍රියාත්මක කළ න්‍යෂ්ටික හා මිසයිල අත්හදා බැලීම් ඊට බලපෑවේය. සඳුදා උතුරු කොරියානු නායකයා සමග දකුණු කොරියානු නිලධාරීන් පිරිස රාත්‍රී භෝජනයකට එක්වූහ. බුද්ධි අංශ ප්‍රධානී සූහ් හූන් මෙන්ම ජාතික ආරක්ෂක උපදේශක චුන්ග් ඉයුඉ-යොන්ග් ද ඒ අතර වුහ. මේ, කිම් ජොන්ග් අන් බලයට පැමිණි පසු ඔහුව මුණගැසුණු පළමු දකුණු කොරියානු නිලධාරීන් පිරිස වේ. මෙම චාරිකාව පසුගිය මාසයේ නිමාව දුටු ශීත ඍතු ඔලිම්පික් උළෙල ආශ්‍රිතව ගොඩනැගුනු සංහිඳියාව පිළිබඳ පියවර මාලාවේ එක් අවස්ථාවකි. ඔලිම්පික් තරගාවලිය පුරාම ��මෙරිකාවේ අදහස වූයේ සංහිඳියාවක් පිළිබඳ උතුරු කොරියාවෙන් පළවූ ඉඟි එවැනි න්‍යෂ්ටික අවි අත්හැරීමට ඇති කැපවීම පෙන්වීමට තරම් ප්‍රබල නොවූ බවය. උතුරු කොරියාවේ පැවති සාකච්ඡා පිළිබඳව වොෂිංටන් පාලනය දැනුවත් කිරීම සඳහා අදාළ නියෝජිත පිරිස මේ සතිය අගදී එහි යනු ඇත. පුදුමසහගත පෙනීසිටීම 2011 වසරේ නායකත්වයට පැමිණි තැන සිට කිම් ජොන්ග් අන් මුණගැසුණු විදෙස් නිලධාරීන් ගණන ඉතා සුළුය. දකුණු කොරියානු ජනාධිපතිව සිටි කිම් ඩේ ජුන්ග් යටතේ එරට නියෝජිත පිරිසක් 2007 වසරේදී අවසන් වරට ඔහුව මුණ ගැසී තිබිණි. එවැනි තත්ත්වයක් මත දකුණෙන් පැමිණි නියෝජිත පිරිසක් සිනහ මුසුව, අතට'ත දෙමින් ඔහු සමග රාත්‍රී භෝජනයකයකට එක්වීම සුවිශේෂය. දෙරටම එකම ධජයක් යටතේ පිය නැගූ ශීත ඔලිම්පික් තරගාවලියත් සමග නොසන්සුන් බව අඩුවී යාමේ තත්ත්වයෙන් ඵල නෙලාගැනීමට ඔවුන් අපේක්ෂා කරන බව පෙනෙන්නට තිබේ. අනාගතයේ පැවැත්විය හැකි නිල සාකච්ඡාවලින් ඇමෙරිකාව හා උතුරු කොරියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිට ඇති තත්ත්වය බිදී යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේම නිරන්තරයෙන් ඉහළ ගිය තමන්ට එරෙහි සම්බාධක නොතකමින් ඉවතලීමට විරෝධය පෑ න්‍යෂ්ටික අවි අත්හැරීම සඳහා උතුරු කොරියාව පෙළඹවීමට ද හැකිවනු ඇති බවට බලාපොරොත්තු පලවී ඇත. උතුරු කොරියානු KCNA ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ දකුණු කොරියානු නියෝජිත පිරිස ""උණුසුම්ව පිළිගත්"" කිම් මහතා ඔවුන් සමග ""විවෘත හදවතකින් යුතු සාකච්ඡාවක"" යෙදුනු බවය. තවදුරටත් සාකච්ඡා සඳහා ආරාධනය කරමින් දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් එවූ ලිපියක් ද ඔහු අතට පත් කෙරිණි. ""අදහස් හුමාරු කරගත් ඔහු සතුටුදායක එකඟතාවක් පළකරමින්"" අදාළ ලිපිය සම්බන්ධයෙන් ක්‍රියාකරන ලෙස නියෝග කළ බව ද KCNA පුවත් ඒජන්සිය පැවසීය. රාත්‍රී භෝජනයට පෙර දෙරටේ නියෝජිතයින් සාකච්ඡාවක යෙදෙමින් මේ තොරතුරුද දැනගන්න : පැය හතරක් පුරා පැවති රාත්‍රී භෝජනයට උතුරු කොරියානු නායකයාකයාගේ බිරිඳවන රි සොල්-ජු මෙන්ම ඔලිම්පික් උළෙලට එරටින් ගිය නියෝජිත පිරිසට අයත් වූ කිම් ජොන්ග් අන් ගේ සොයුරිය ද සහභාගී වී ඇත. කෙසේවුවද නිලධාරීන් පෙන්වාදී තිබෙන්නේ මෙම සාකච්ඡා තවමත් මුල් අදියරේ පවතින බවය" +ඌව පළාත් සභා මැතිවරණය අවසන් වී මාස හයක් ගත වීමටත් පෙර නියමිත ධුර කාලය අවසන් වීමට පළමු පැවැත්වීමට නියමිත තවත් ජනාධිපතිවරණයක් මේ වන විට ප්‍රකාශයට පත්වී අව��න්.,"මෙවර ජනාධිපතිවරණය ජනාධිපතිවරයාට විශාල අභියෝගයක් විය හැකි බවයි පැවසෙන්නේ මෙවැනි මැතිවරණ පැවැත්වීම හේතුවෙන් දේශපාලන ප්‍රශ්ණ ගැන සාකච්ඡා කිරීමට ජනතාවට ඇති අවස්ථාවන් මඟ හරවා ඇති බව සමාජය සහ සංස්කෘතිය පිළිබඳව අධ්‍යයනයක යෙදී සිටින ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සංදේශයට පැවසීය. ""සමාජයට මේක ඉතාමත්ම ඍණාත්මකව, එහෙම නැතිනම් නරක විදියට බලපානව. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මෙහෙම මැතිවරණ පැවැත්විය යුතු නැහැ,"" යනුවෙන්ද ඔහු සඳහන් කළේය. ""මැතිවරණයක් කියන්නෙ ජනතාවට කිසියම් කාරණයක දී තෝරා ගැනීමක් කරන්නට වෙන අවස්ථාවක්. තමන්ගේ සමාජයේ ජීවිතයට අදාළ ඉතා වැදගත් දෙයක් තෝරාගන්නට තමයි මැතිවරණයක් තියන්නෙ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නම් මාධ්‍ය නිදහස පවතිනව නම් මාධ්‍යය තුළ සමාජ මුළු පැවැත්වෙනව, සමාජ සම්භාෂණ පැවත්වෙනව, සම්මන්ත්‍රණ සාකච්ඡා පැවත්වෙනව. එවැනි සාකච්ඡා දහස් ගණනක් පැවැත්වෙන්න ඕන සමාජය තුළ පුරවැසියන්ට මේ තීරණය ගන්න හැකියාවක් ලැබෙන්න,"" යනුවෙන් පවසන ආචාර්ය විජේසිරිවර්ධන ගේ අදහස එම අවස්ථාව ජනතාවට ලබා දී නැති බවයි. කුමන මාර්ගයද? ජනාධිපතිවරණයක් යනු අතීත වාර්තාවන් සලකා බලා ඒවා ඇගයීම පමණක් නොවන බව පවසන ඔහු වඩා වැදගත් වන්නේ අනාගතය සඳහා තෝරා ගන්නේ කුමන මාර්ගය ද යන්න බවයි. අනාගතයට විහිදෙන මාර්ග විශාල ප්‍රමාණයක් අතරින් සුදුස්සා තෝරා ගැනීම සඳහා ජනතාව අතර සංවාදයක් පවත්වා ගැනීමට අවකාශ ලබාදිය යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේවුවද ඔහුගේ අදහස සමස්ථ ශ්‍රී ලාංකීය සමාජයේ අදහස ලෙස ලඝුකොට දැක්විය නොහැකියි. බස්නාහිර පළාත් සභාවේ සංස්කෘතික, කලා සහ සෞන්දර්යාත්මක කටයුතු පිළිබඳ උපදේශක සුනිල් ආර් ගමගේ පවසන්නේ තමන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යනු රජෙකු ලෙස දකින බවයි. 2009 යුද ජයග්‍රහණයෙන් පසු අතිශය ප්‍රසිද්ධියට පත් 'ආයුබෝවේවා මහරජාණනේ' ගීතය රචනා කළ ඔහු පවසන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලද ජයග්‍රහණය සැබෑ ජනතා පැතුමක් බවයි. ""මේ ගීතය තුළින් දකින දේ අදටත් මගේ හිත තුළ තියනව. මම නිවැරදි දෙයක් කළේ. ඒ යුද්ධය උදෙසා ජනාධිපතිවරයා විසින් කරන ලද මෙහෙවර අගය කිරීමක් කළා කියන හැඟීම තමයි අදටත් මම විශ්වාස කරන්නෙ. ඒ ගැන කිසිදු බියක් සැකක් සංකාවක් මා තුළ නැහැ,"" යනුවෙන් ඔහු පැවසුවේය. 'ජනපති රජෙක්' ඉතිහාසයේ විවිධ අවස්ථාවල ජනතා යහපත වෙනුවෙන් යුද්ධ කළේ රජවරුන් විසින් බව පවසන සුනිල් ආර් ගමගේ, එම රජවරුන් විසින් කළ කාර්යය දැන් අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන් විසින් කරන බව සඳහන් කරයි. දේශපාලනඥයෙක් ලෙස නොව, කලාකරුවෙක් හා සාමාන්‍ය පුරවැසියෙක් ලෙස යුද්ධය දුටු තමන් එම යුද්ධය නිමා කළ නායකයා රජෙකු ලෙස දකින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. එහෙත් ඇතැම් දේශපාලන විචාරකයන්ගේ අදහස එයට වඩා තරමක් වෙනස්. ධූර කාලය නිමාවීමට වසර දෙකකට කලින් ජනාධිපතිවරණය පැවැත්වීමට මහින්ද රාජපක්ෂ පෙළෙඹ වූ කාරණය, අනාගතයේ විශාල දේශපාලන අර්බුදයක පෙරනිමිති දැකීම බවයි දේශපාලන විද්‍යාව පිලිබඳ කථිකාචාර්යවරයකු වන ටෙරන්ස් පුරසිංහ ගේ අදහස. ""විශේෂයෙන්ම යුද්ධය ජයග්‍රහණය කිරීම හේතුකොටගෙන සිංහල සමාජය තුළින් ආණ්ඩුවට ලැබුණු ප්‍රතිචාරය, ජනප්‍රියත්වය ක්‍රමානුකුලව දැන් පිරිහෙමින් පවතිනව. ඒකට හේතුවක් තමයි මේ ආණ්ඩුව අති විශාල ආකාරයෙන් සංවර්ධන මායාවක් පෙන්නීම සහ ඒ සඳහා විදේශීය බැංකු වලින් විශාල ලෙස ණය ගැනීම,"" යනු කථිකාචාර්ය පුරසිංහ ගේ අදහසයි. එසේම පොදු අපේක්ෂකයෙක් වටා සියලුම විරුද්ධ දේශපාලන පක්ෂ ඒකරාශී වෙමින් පවතින බව පෙන්වා දෙන කථිකාචාර්ය ටෙරන්ස් සුළු ජාතීන් ආණ්ඩුවේ වෛරක්කාරයින් බවට පත්වී තිබීමත් මෙවර ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට විශාල අභියෝගයක් වීමට හේතුවක් වන බව වැඩිදුරටත් පැවසීය." +"2018 ජනවාරි 01 වනදා සිට ඇස්බැස්ටෝස් නිෂ්පාදනය, භාවිතය සහ ආනයනය සීමා කිරීමට ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ තිබේ.","ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන සුදු ඇස්බැස්ටෝස් වලින් 80% ක් පමණ සෙවිලි තහඩු නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ. 2024 ජනවාරි 01 වනදා වන විට රට තුළ ඇස්බැස්ටෝස් නිෂ්පාදනය සම්පුර්ණයෙන් තහනම් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සිදු කරන ලද යෝජනාවටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හාමි විය. වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ බහුලව භාවිතා කෙරෙන සුදු ඇස්බැස්ටෝස් (Chrysotile) ඇතුළු සියලුම වර්ගයේ ඇස්බැස්ටෝස් නිෂ්පාදන පිළිකා කාරකයක් ලෙස ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් හඳුනා ගනු ලැබ ඇත. ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන සුදු ඇස්බැස්ටෝස් වලින් 80% ක් පමණ සෙවිලි තහඩු නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ. ඒ අනුව ඇස්බැස්ටෝස් මගින් සෞඛ්‍යයට සිදු වන අහිතකර බලපෑම් අවම කර ගනිමින් ජනතාවගේ සෞඛ්‍යය තත්වය ඉහළ නැංවීමේ අරමුණින් ලාභදායි ආදේශක වෙත යොමු වෙමින් ඉහත කී යෝජනා ක්‍රියාත්මක කිරීමට නියමිත බව බලධාරීහු පවසති. සෙවිලි තහඩු, පොළොවේ අතුරන ටයිල් වර්ග, සිමෙන්ති පයිප්ප, මෝටර් රථ සඳහා යොදා ගන්නා බ්‍රේක් පෑඩ්, කඩදාසි, ලණු ආදී නිෂ්පාදන රාශියක් සඳහා ඇස්බැස්ටෝස් ඛනිජය භාවිතා කෙරේ. ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් පිළිකා කාරකයක් ලෙස හඳුනා ගනු ලැබූ නිල් ඇස්බැස්ටෝස් (Crocidolite) ශ්‍රී ලංකාවට ආනයනය කිරීම 1987 වසරේ සිට තහනම් කරනු ලැබිණ." +චීටා ගහනය ශීඝ්‍රයෙන් අඩුවීමේ ප්‍රතිඵලයක් වශයෙන් එම සත්ව විශේෂය මිහිමතින් තුරන්ව යෑමේ බරපතළ අවදානමක් පවතින බව අධ්‍යනයකින් හෙළි වී තිබේ.,"ලොව වේගවත්ම ක්ෂීරපායී සත්වයාවන චීටාවන් ලොව පුරාම ඉතිරිව සිටින්නේ 7100 ක් පමණක් බව පවසන අධ්‍යයන වාර්තාව, චීටාවන් ආහාර සොයා මිනිස් වාසභූමි කරා පැමිණීම හේතුවෙන් චීටා - මිනිස් ගැටුම උග්‍ර වී ඇති බව පෙන්වා දෙයි. එබැවින් දැනට 'අවදානම් සහගත තත්වයක් ලෙසින්' පවතින වර්ගීකරණය 'වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින' යනුවෙන් වෙනස් කරන මෙන්ද පර්යේෂකයෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. ""දහසය වසරක් ඇතුලත සිම්බාබ්වේ හි චීටා ගහනය 1200 සිට 170 දක්වා අඩු වී තිබෙනවා. ආසියාවේ චීටාවන් සම්පූර්ණයෙන්ම පාහේ වඳ වී ගිහින්,"" පරිසර කටයුතු පිළිබඳ බීබීසී වාර්තාකරු මැට් මැක්ග්‍රාත් පවසයි. ""ආසියානු චීටාවන් තවත් ඉතිරිව සිටින්නේ 50 ක් පමණයි. ඒ ඉරානයේ."" ආසියානු චීටාවන් මේ අධ්‍යයනයට අනුව ලොව ඉතිරිව සිටින චීටාවන් අතරින් අඩකට වැඩි පිරිසක් දැන් වාසය කරන්නේ දකුණු අප්‍රිකානු කලාපයේ රටවල් හයක විසිරී සිටින එක් චීටා ගහනයක් ලෙසින්ය. වාර්තාවේ ප්‍රධාන කතුවරිය, ලන්ඩනයේ සත්ව විද්‍යා සංගමයේ ආචාර්ය සේරා ඩුරන්ට් අදහස් දක්වමින්, ""මේ සතාගේ රහසිගත හැසිරීම් ස්වභාවය නිසා, චීටාවන් ගැන නිසි තොරතුරු සොයාගැනීම ඉතාම දුෂ්කරයි,"" යනුවෙන් පවසන්නීය. ""ඔවුන් මුහුණ දීල ඉන්න සැබෑ තර්ජනය අවධානයට පාත්‍ර නොවීමට ඒක ප්‍රධානම හේතුවක්."" ඔවුන් එක් ප්‍රදේශයකට කොටු වී නොසිටීම චීටාවන් මුහුණ දෙන මේ තර්ජනයට තවත් ප්‍රධාන හේතුවකි. ආරක්‍ෂිත වනෝද්‍යානවලින් ඔබ්බට යමින් මිනිස් වාස භූමි ඇතුළු ප්‍රදේශවල සැරිසැරීම චීටාවන්ගේ සිරිතකි. ඔවුන්ගේ වාසභූමිවලින් 77 % ක් පමණම තිබෙ���්නේ ආරක්‍ෂිත වනෝද්‍යානවලට ඔබ්බෙනි. චීටා - මිනිස් ගැටුම එහෙත් මිනිස් වර්ගයාගේ වාසය සහ ආහාර අවශ්‍යතා වෙනුවෙන් නිරන්තරයෙන් කැලෑ එලි කිරීම හේතුවෙන් ඔවුන්ගේ වාසභූමි ක්‍රමයෙන් කුඩාවෙමින් පවතී. මෙලෙසින් චීටාවන් මුහුණදෙන තර්ජන කාලාන්තරයක් මුළුල්ලේ කිසිවකුගේත් අවධානයට පාත්‍ර නොවූ බවයි පර්යේෂකයන් පවසන්නේ. ""චීටාවන්ට වාසය සඳහා ඉතා විශාල භූමි ප්‍රදේශයක් අවශ්‍ය වීම වගේම ඔවුන් මුහුණ දෙන ඉතා සංකීර්ණ තර්ජන නිසා මීට කලින් සිතා සිටියාට වඩා චීටාවන් අති බරපතළ තර්ජනයකට මුහුණ දී සිටින බව අපේ පර්යේෂණවලින් හෙළි වෙලා තියෙනවා,"" ආචාර්ය සේරා ඩුරන්ට් පවසන්නීය. එමෙන්ම ගල්ෆ් කලාපීය රටවල දී චීටා පැටවකු ඩොලර් දස දහසක් දක්වා වූ මුදලකට අලෙවි කළ හැකිවීම චීටාවන් වඳවීමට තවත් ප්‍රධාන හේතුවක් බව බීබීසී වාර්තාකරු මැට් මැක්ග්‍රාත් පෙන්වාදෙයි. ""දකුණු අප්‍රිකානු රටවල දැනට ඉතිරිව සිටින සතුන් මේ තර්ජනයට මුහුණ පා සිටින්නේ දඩයම් සොයාගෙන ආරක්‍ෂිත ප්‍රදේශවලින් ඔබ්බට යාම හේතුවෙන්. ඒ නිසා ඔවුන් දිගින් දිගටම ගොවියන් සමග ගැටුමකට මුහුණ දෙනවා. ගොවියන් චීටාවන් දකින්නේ තමන්ගේ සතුරන් විදියට. ඒ වගේම ගල්ෆ් රටවල් ඉල්ලුම සැපිරීම සඳහා සිදු කෙරෙන නීතිවිරෝධී චීටා පැටවුන් ජාවාරම ඔවුන් මුහුණ දෙන තවත් තර්ජනයක්,"" ඔහු පවසයි. ජාවාරම් ගතව ගිය දස වසර තුල පමණක් මේ ආකාරයෙන් චීටා පැටවුන් 1200 ක් නීති විරෝධී ලෙසින් අප්‍රිකාවෙන් රැගෙන ගොස් ඇති අතර, එයින් 85 % කම ඒ ගමනේදී මියගොස් ඇති බව Cheetah Conservation Fund සංවිධානය පවසයි. . මේ නීතිවිරෝධී ජාවාරමට වට බැඳීම පිණිස නව පියවර ගන්නා බවට දකුණු අප්‍රිකාවේ පැවති ජාත්‍යන්තර සමුලුවකදී එයට සහභාගි වූ රටවල් එකඟත්වයකට පැමිණියහ. එහෙත් චීටාවන් පෘථිවි තලයෙන් සම්පූර්ණයෙන්ම වඳවී යාම වලක්වා ගැනීමට නම් ඉතා ඉක්මනින් තවත් බොහෝ පියවර ගත යුතුබව තිබෙන බව පරිසරවේදීහු අවධාරණය කරති." +ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර බෝම්බ පිපිරීමකින් ජනමාධ්‍යවේදීන් කණ්ඩායමක් ඇතුළු 25 දෙනෙකුට ආසන්න පිරිසක් මියගොස් තිබේ.,"මෙම ප්‍රහාරයෙන් සිය ප්‍රධාන ඡායාරූප ශිල්පී 'ෂාහ් මරී' (Shah Marai) මියගොස් ඇති බව AFP පුවත් සේවය පවසයි. සඳුදා උදෑසන (අප්‍රේල් 30) කාබුල් නුවර 'ශෂ්දරක්' දිස්ත්‍රික්කයේ සිදුවූ පළමුවෙනි බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත්තේ මෝටර් බයිසිකලයක පැමිණි පුද්ගලයෙකු විසිනි. එම ප්‍රහාරයත් සමග ජනමාධ්‍යවේදීන් සහ තවත් පිරිසක් සිද්ධිය වූ ස්ථානයට පැමිණ ඇති අතර, මිනිත්තු පහළොවකට පමණ පසු තවත් පිපිරුමක් සිදු වී ඇත. තමන් එම ප්‍රහාරය එල්ල කළ බව IS ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය පවසයි. දෙවෙනි ප්‍රහාරය එල්ල කර ඇත්තේ ජනමාධ්‍යවේදීන් ඉලක්ක කර ගෙන බව AFP පුවත් ආයතනය නිකුත් කළ ට්විටර් පණිවිඩයක සඳහන් වී තිබුණි. ""තමන් මාධ්‍යවේදියෙකු ලෙස හැඳින්වූ මරාගෙන මැරෙන බෝම්බකරු ඒ සමගම බෝම්බය පුපුරා හැරියා"" යැයි පොලිස් ප්‍රකාශකවරයා උපුටා දක්වමින් AFP පුවත් සේවය වාර්තා කර තිබිණ. ශෂ්දරක් දිස්ත්‍රික්කයේ ගොඩනැගිලි අතර ඇෆ්ගනිස්තාන ආරක්ෂක අමාත්‍යාංශය, බුද්ධි අංශය සහ නේටෝ ආයතනය සතු ගොඩනැගිල්ලක් ද තිබේ. මෙම ද්විත්ව ප්‍රහාරයෙන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා සිටිති. මේ තොරතුරුද දැනගන්න:" +"මෙයින් අවුරුදු දෙකකට පෙර පැවැත්වුන අයිසීසී ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය පැවැත්වුන මුම්බායි,Wankhede ක්‍රිකට් ක්‍රීඩාංගනයේ එදා පැවතුන තරඟ උණුසුමයි , දැන් මේ මොහොතේ වේල්සයේ කාඩිෆ් අගනුවර සොෆියා ක්‍රීඩාංගනයේ පවතින්නේ.","2011 අප්‍රියෙල් දෙවැනිදා ,එදා මුම්බායි නගරයේදී මුහුණට මුහුණ ලා සටන් වැදුන ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් අද යළිත් ක්‍රීඩා පිටියට අවතීර්ණව සිටින්නේ තවත් අවසාන මහා තරඟයකට සුදුසුකම් ලැබීමට. අයිසීසී චැම්පියන්ස් 2013 තරඟාවලියේ අවසන් මහා තරඟය පැවැත්වෙන බර්මින්හැම්හි එජ්බස්ටන් (Edgbastan ) ක්‍රීඩාංගන කරා ඊළඟ පියවර තැබීමයි, අද තරඟ වදින කණ්ඩායම් දෙකේම ඉලක්කය වී තිබෙන්නේ. දෙපිලේ ශක්තිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පමණක් නොව සමස්ථ ලෝකයේම ක්‍රිකට් ලෝලීන් දෙරට අතර අද පැවැත්වෙන තරඟය දෙස බලාසිටින්නේ දැඩි අවධානයකිනි.ලොව පුරා මැදහත් ක්‍රිකට් ක්‍රීඩා විචාරකයන් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම දැනට ලබා සිටින මහා ජයග්‍රහණ පිලිබඳව ඉහළ ඇගයීමකින් කතා කළත් ,ඔවුහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිය ද කිසිදු ලෙසකින් අඩුවෙන් තක්සේරු නොකරමිනි අද ඔවුන්ගේ ක්‍රීඩා විචාර සටහන් සරසා තිබෙන්නේ. කෙසේ වුවද මෙම තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරඟය සඳහා බර්මින්හැම් බලා යන්නේ අවසන් මහා තරඟය සඳහා දැනටමටත් සුදුසුකම් ලබා සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට මුහුණ දීමටයි.ඊයේ බදාදා ලන්ඩන් නගරයේ ඕවල් පිටියේ පැවැත්වුන අර්ධ අවසාන පූර්ව තරඟයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පහසුවෙන් පරාජය කරමිනුයි, එංගලන්තය අවසන් මහා තරඟයේ තම ස්ථානය සහතික කර ගන්නා ලද්දේ. අද කාඩිෆ් සටන දෙස යළි බලන විට මෙය ජය පැරදුම තවමත් අවිනිශ්චිත තරඟයක් බව කිව යුතුය. කණ්ඩායම් දෙකම පන්දුවෙන් සහ පිත්තෙන් සරඹ කොට ක්‍රිකට් ලෝකයේ ජය කෙහෙළි නැංවූ ක්‍රීඩකයන්ගෙන් සන්නද්ධ වෙති. මෑත ඉතිහාසය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් තරඟ එකසිය තිස් නවයකට සහභාගී වී ඇති අතර,ඉන්දියාව ඉන් තරඟ හැත්තෑ පහක් ද ශ්‍රී ලංකාව තරඟ පණස් දෙකක් ද ජය ගෙන ඇත.එම ජය පරාජයන් අතරින් දෙරටේම අමතක නොවන තරඟය 2011 ලෝක කුසලාන තරඟයයි. අයිසීසී චැම්පියන්ස් ඉතිහාසයේ මින් පෙරත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මෙවැනි තීරණාත්මක තැනකදී හමු වී ඇති අතර,එය 2002 අයිසීසී චැම්පියන්ස් අවසාන මහා තරඟයයි.වැස්ස දින දෙකක්ම බාධා කළ හෙයින් එදා දෙරටට සිදු වුනේ සම ශූරයන් හැටියට ජයග්‍රහණය බෙදා ගැනීමටයි. 2013 මෙම තරඟාවලියේ දී ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන් පුහුණු තරඟාවල පටන්ම ප්‍රදර්ශනය කරන්නේ අපරාජිතව පෙරට යාමකි.නවක ක්‍රීඩකයන් බහුතරයකින් සැදුම් ලත් ඉන්දීය පිල එංගලන්තයට පැමිණ සිටින්නේ නොබෝදා නිම වූ අයි පී එල් තරඟාවලියේදී ලද පන්නරය සහ ජවය ද රැගෙනයි. මේ තරඟාවලියේදී 'ඒ' කණ්ඩායමට ඇතුලත් ශ්‍රී ලංකාව පළමු වටයේ තරඟ තුනකට සහභාගී වූ අතර නවසීලන්තයට පරාජය වූ ඔවුහු එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව පරාජය කරමිනුයි අවසාන පූර්ව තරඟය කරා ගමන් ගත්තේ. දැන් තීරණාත්මක තරඟය පෙරට යමින් පවතින අතර, ජයග්‍රාහකයා මේ මස විසි දෙවනදා බර්මින්හැම්හි එජ්බස්ටන් ක්‍රීඩාංගනය කරා ද පරාජිත කණ්ඩායම සියරට කරා ද ගමන් ගනු ඇත." +නැගෙනහිර පළාත තුළ නාවික හමුදාවට අයත් රහසිගත රැඳවුම් කඳවුරු තවමත් පවත්වා ගෙන යන බවට මාධ්‍ය වාර්තා පළ වූ අතර එවැනි රහසිගත කඳවුරු නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසුවේය.,"‘උතුරේ, නැගෙනහිර විශාල මතයක් තියනවා රහස් කඳවුරු ගණනාවක් තියනවා කියලා. අපි කිව්වා එහෙම නාවික හමුදාවේ හෝ කිසිවකුගේ කඳවුරු නැහැ. ඕන තැනක තියනවා කිව්වොත්, ඇවිල්ලා බලන්න කියලා’ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය. අතුරුදහන් වූවන් පිළිබඳ විස්තර ඇතුළත් ලැයිස්තුව තුළ නම් සඳහන් නොවන පුද්ගලයන් මිය ගොස් ඇතැයි හෝ නැතහොත් රට හැර ගොස් ඇතැයි අනුමාන කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේය. ""ගෝටා බේ"" මේ අතර 2008 දී කොළඹ දී නාවික හමුදාව මගින් පැහැරගත් බව පැවසෙන දෙමළ ජාත���ක තරුණයින් පස් දෙනකු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටා ඇති බව සඳහන් ""ගෝටා බේ"" නැමති කඳවුරේ සිටින්නේ දැයි සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට නියම කළේය. අතුරුදන්වූවන්ගේ මාපියන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය එම නියෝගය කළේ. අදාළ නීතිවේදීහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැහැරගත් පුද්ගලයින් රඳවාගෙන සිටින ""ගෝටා බේ"" නමැති කඳවුරක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තිබෙන බවට පසුගියදා පාර්ලිමේන්තුවේ අනාවරණය කෙරුණු බව සඳහන් කළහ. මෙම තරුණයින් පස්දෙනා එම කඳවුරේ සිටිය හැකි බවට අතුරුදන්වූවන්ගේ මාපියන් විශ්වාස කරන බැවින් ඒ පිළිබඳව සොයා බැලීමක් අවශ්‍ය බවයි අතුරුදන් වූ තරුණයකුගේ මවක් කියා සිටියේ. සිය නම හෙළි නොකරන මෙන් ඇය ඉල්ලා සිටියාය. අදාළ තරුණයින්ගේ අතුරුදන් වීම පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන මෙන් අභියාචනාධිකරණය කළ නියෝගයකට අනුවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රා වරයා මෙම පරීක්ෂණය පවත්වන්නේ. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙසින් නම් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ. තමන්ට එරෙහි චෝදනා වගඋත්තරකරුවෝ ප්‍රතික්ෂේප කරති." +"පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට පෙර සිටම සහරාන් ඇතුළු කණ්ඩායම ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව හඳුනාගත් සියලු ජාතීන්ට අයත් සිවිල් පුරවැසියන් ආරක්ෂක අංශ වලට සහය වූ බව නොරහසකි. මාවනැල්ලේ, මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලිම් ද ඒ අතර සිටි තරුණයෙකි.","වනතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට සහ බුද්ධ ප්‍රතිමා කැඩීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තස්ලිම් ආරක්ෂක අංශ වෙත සිය ජීවිත අවදානම නොතකා සහය ලබා දෙන ලදී. වනතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට සහ බුද්ධ ප්‍රතිමා කැඩීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තස්ලිම් සිය ජීවිත අවදානම නොතකා ආරක්ෂක අංශ වෙතසහය දෙන ලදී. ඉන් කුපිත වූ සහරාන්, සිය සැලසුම් අවුල් කරන තස්ලිම් වෙඩි තබා ඝාතනය කිරීමට සිය සගයන් යෙදවීය. 2019 මාර්තු 09 වැනි දින තස්ලිම්ගේ හිසට වෙඩි තබා තිබුණේ ඔහු නිවසේ නිදා සිටියදීය. වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් පසු මහනුවර රෝහලට ඇතුළත් කෙරුණු තස්ලිම් දින 20ක් සිහිසුන්ව සිටියේය. 2019 මාර්තු 27 වැනි දි�� පානදුර, පරත්ත පාරේ පිහිටි නිවසක පැවති සාකච්ඡාවකදී සහරාන් විසින් තස්ලීම්ගේ නම සඳහන් කරනු ලැබ තිබිණි. එදින පැවති රැස්වීමේ තොරතුරු කවුරුන් හෝ හෙළිදරවු කළොත් ඔවුන්ට වවුනතිවු හිදී මියගිය පොලිස් නිලධාරීන් දෙදෙනාට සහ මාවනැල්ලේ තස්ලිම්ට අත් වූ ඉරණම අත්වන බවට අනතුරු අඟවමින් සහරාන් අදාළ සාකච්ඡාව අවසන් කර තිබිණි. වෙඩි වැදීමෙන් අනතුරුව තස්ලිම් රැකියාවක් කළ නොහැකි තත්ත්වයට පත් වී තිබේ. එමෙන්ම ආරක්ෂක හේතුන් මත ඔහුගේ සංචරණය ද සීමා කර ඇත. පැය 24 පුරා පොලිස් ආරක්ෂාව මැද ජීවත් වන තමන්ට දැන් අවසර ඇත්තේ සිකුරාදා පල්ලියට සහ රෝහලට යෑමට පමණක් බව තස්ලීම් කියා සිටියේය. ''ආරක්ෂාව දීලා තියෙනවා. මම නිවාස අඩස්සියේ ඉන්නවා වගේ දැනෙන්නේ. වතුර නැති වෙලාවක ගෙදරට මීටර් 50ක් විතර දුරින් තියෙන ඔයට ගිහින් නා ගන්නවත් අවසරයක් නෑ. ඒ දවස්වලට නාන්නේත් නැතුව ඉන්නේ. එහෙම දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ.'' යනුවෙන් තස්ලිම් සිය අත්දැකීම් විස්තර කළේය. ''සියලු ජාතීන්ට අයත් හිතහොඳ ජනතාවගේ පිහිට පමණයි මට මේ දක්වා ලැබුණේ'' මේ වන විට අදායම් මාර්ගයක් නොමැති වීම නිසා ඔහුට පරිත්‍යාගශිලීන්ගේ උපකාර ලැබේ. වසර දෙකකට ආසන්න කාලයක් තමන්, බිරිඳ සහ දරුවන් පෝෂණය කිරීම ගැන තස්ලිම් සිය හිතවතුන්ට කෘතවේදීත්වය පළ කළේය. පැය 24 පුරා පොලිස් ආරක්ෂාව මැද ජීවත් වන තමන්ට දැන් අවසර ඇත්තේ සිකුරාදා පල්ලියට සහ රෝහලට යෑමට පමණක් බව තස්ලීම් කියා සිටියේය. ''හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ප්‍රදේශයේ සිංහල, මුස්ලිම් දන්න හඳුනන අයගෙන් මම ඉල්ලා ගන්නවා. සියලු ජාතීන්ට අයත් හිතහොඳ ජනතාවගේ පිහිට පමණයි මට මේ දක්වා ලැබුණේ. කොරෝනා නිසා ඒ අයටත් අමාරුයි. ඒත් අපිව තනි නොකිරීම ගැන සතුටුයි. මම රජයෙන් ඉල්ලන්නේ මට ස්ථිර මාසික අදායමක් ලැබෙන ක්‍රමයක් හදලා දෙන්න කියලා.'' යනුවෙන් තස්ලිම් සුසුමක් පිට කළේය. තස්ලිම් වෙඩි ප්‍රහාරයට ලක්වූ නිවසේ ජීවත් වීමට බිරිඳ සහ දරුවන් බියක් දක්වයි. එබැවින් ඔහු වෙනුවෙන් නව ඉඩමක් මිලදීගෙන එහි නව නිවසක් ඉදිකර දීමට පරිත්‍යාගශීලීන් දැනටමත් ක්‍රියා කර අවසන්ය. කෙසේ වෙතත් එම නිවසේ වැඩ තවමත් අවසන් නැත. තස්ලිම් දැන් සිය පවුලේ සාමාජිකයන් සමග නව නිවසේ ජීවත් වේ. ආරක්ෂක අංශවලට සහය දුන් අයුරු මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලිම් සමාජ ක්‍රියාකාරිකයෙකි. එමෙන්ම ඔහු එවක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු වූ මේ වන විට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කරන කබීර් හෂීම් සමග ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූයේ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ද වෙමිනි. ''දෙමළ සහ සිංහල භාෂා දෙකම කතා කරන මුස්ලිම් කෙනෙක්ව ආරක්ෂක අංශ වලට අවශ්‍යවෙලා තිබුණ. මුස්ලිම් ලේකම්වරු හය දෙනෙක් හිටියට කබීර් ඇමතිතුමා මාව තමයි ඒකට තෝරගත්තේ. ඒ ගැන අදටත් මම සතුටු වෙනවා.'' යනුවෙන් තස්ලිම් පැවසුවේය. ''ආරක්ෂක අංශවලට සහය දෙන අතරතුර දුරකතන සංවාද වලින් හෙළි වුණා පුත්තලම, වනාතවිල්ලුවේ තරුණයෙක් මේ සිද්ධියට සම්බන්ධයි කියලා. ආරක්ෂක අංශ මගෙන් ඇහුවා වනතවිල්ලුවේ යන්න එනවද කියලා. ඒ ගිය වෙලාවේ තමයි පුපුරණ ද්‍රව්‍ය ගොඩක් හොයාගත්තේ. ඒක සහරාන්ලට ලොකු අවාසියක් වුණා.'' ''ඊට පස්සේ සහරාන් කිව්වලු එළියෙන් එන විරෝධයට කලින් අපේ ඇතුළෙන් එන විරෝධය ඉවර කරලා ඉන්න ඕනා කියලා. ඒ අනුව තමයි ඉස්සෙල්ලා තස්ලිම්ව මරන්න කියලා තිබුණේ.'' යනුවෙන් ඔහු කියා සිටියේය. 2019 ජනවාරි මාසයේ වනාතවිල්ලුවේදී රහස් පොලීසිය පුපුරණ ද්‍රව්‍ය සොයා ගන්නා ලදී. එහිදී තස්ලිම් රහස් පොලිසිය සමග භාෂා පරිවර්තයෙකු ලෙස කටයුතු කර ඇති බව පාස්කු ඉරු දින ප්‍රහාරය සන්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වේ. මේ වන විට තස්ලිම් මාවනැල්ල රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා අතර ඔහුට එක්සත් රාජධානියට ගොස් වැඩිදුර ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රජය මුල්‍යාධාර සහ ආරක්ෂාව සැපයිය යුතු බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලු ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇත. එම නිර්දේශය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස තස්ලිම් ඉල්ලා සිටී. මේ අතර පාස්කු කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනු කමිටුව ද එම නිර්දේශය ක්‍රියාත්මක කිරීමට අනුමත කර ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත. තස්ලිම්ගේ ආරක්ෂාව මෙන්ම සෞඛ්‍ය පහසුකම් හා අනෙකුත් අවශ්‍යතා සපුරාලීමට රජය ක්‍රියා කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර බීබීසී සිංහල සේවය සමග කළ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. ''අපි ඉදිරියේදී එතුමාට සහනයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතුමා කරපු කැපවීම අපි අමතක කරන්නේ නෑ'' ''රටක් හැටියට ගත්තොත් අපි කෙළෙහිගුණ දන්නා ජාතියක් ලෙස මමත් පිළිගන්නවා එතුමාට ඒ අවශ්‍ය කරන ආරක්ෂාව වගේම අනෙකුත් පහසුකම් ලබා දිය යුතුයි කියලා, ඔහු සම්පුර්ණයෙන්ම සුවය ලබන තෙක්. අපි ඉදිරියේදී එතුමාට සහනයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතුමා කරපු කැපවීම අපි අමතක කරන්නේ නෑ.'' යනුවෙන් අමාත්‍යවරයා කියා සිටියේය. ''මට ගෙදරින් එළියට බහින්න ඕනා'' ''මට පොදු කටයුතු වලට කලින්ට වැඩිය ආරාධනා ලැබෙනවා. ඒත් මාවනැල්ල පොලිස් වසම තුළවත් මළ ගෙයකට, මගුල් ගෙයකට යන්න අවසර නෑ. දේශපාලන නොවන පොදු කටයුතුවලට යන්න මට අවසර ඕනා. මම නිවාස අඩස්සියේ ඉන්නවා වගේ හැඟීමක් මට දැනේනේ. මට ගෙදරින් එළියට බහින්න ඕනා.'' යනුවෙන් තස්ලිම් සඳහන් කළේය. ඒ පිළිබඳව ද බීබීසී සිංහල සේවය මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ අවධානය යොමු කළේය. ''පොලීසිය දාලා තියෙන්නේ එතුමාගේ ආරක්ෂාවට. ඒකෙන් අදහස් කරන්නේ නෑ ඔහුව කාමරකට දාලා වහලා තියෙන එක. ඒක වැරදියි. ඒ ගැන හොයලා බලන්නම්.'' යනුවෙන් අමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දැක්වීය. තස්ලිම් දුක්වන කාරණය සහරාන් ඇතුළු කණ්ඩායම පිළිබඳව, පාස්කු ඉරු දින ප්‍රහාරය එල්ල වීමට පෙර සිටම ආරක්ෂක අංශ දැන සිටියේය. එහෙත් ඔවුන් අත්අඩංගුවට ගෙන 2019 අප්‍රියල් 21 සිදුවූ ප්‍රහාරය වළක්වා ගැනීමට ආරක්ෂක අංශ අසමත් විය. ඒ සම්බන්ධයෙන් තස්ලිම් ට ඇත්තේ දැඩි කනස්සලකි. ''ප්‍රහාරයෙන් පස්සේ පැය 24ක් යන්න කලින් කී දෙනෙක්ව අත්අඩංගුවට ගත්ත ද ? ඇයි ඒක කලින් කරන්න බැරි වුණේ?'' යනුවෙන් තස්ලීම් ප්‍රශ්න කරයි. එසේ ක්‍රියාත්මක වූයේ නම් තමන් කළ කැපකිරීමට වැඩි වටිනාකමක් ලැබෙන බව අත් වාරුවට බරදී නැගිටින්නට උත්සහ කරමින් තස්ලිම් පැවසුවේය." +ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් තමන් නෙරපා හරිනු ලැබීම ඉවත් කර ගනු ලැබුනත් කිසිදු කොන්දේසියකට යටත් නොවන බව හිටපු සංස්කෘතික ඇමති ටී.බී.ඒකනායක පවසයි.,"බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී.ඒකනායක කියා සිටියේ, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැති අපේක්ෂකයා හැටියට පෙරට ගෙන එනු ලැබීම සඳහා ඉදිරි කාලයෙහි සංවිධානය කෙරෙන රැස්වීම් වලට සහභාගී නොවන මෙන් කොන්දේසියක් පනවනු ලැබුනොත් තමා ඇතුළු ඉවත් කෙරුණ මධ්‍යම කාරක සභිකයන් ඊට යටත් නොවන බවයි. ‘අපි කොන්දේසිවලට යටත් වන්නේ නැහැ. අපි ඒ විධියට දේශපාලනය කරන අය නොවෙයි. අපි ජනතාවත් සමඟ දේශපාලනය කරන්නේ කොන්දේසි වලට යටත්ව නොවෙයි’ හිටපු ඇමතිවරයා පවසයි. නීතිමය පියවර තමන් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කරනු ලැබීමට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්නේදැයි බීබීස��ය විමසූ විට ඔහු සඳහන් කළේ, තහනම ඉවත් කර ගැනීමට පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපතිවරයා කටයුතු කරන බවක් මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහනුවර දී දැනුම් දුන් බවයි. එවැනි පසුබිමක් යටතේ නීතිමය ක්‍රියා මාර්ගයකට යාමේ තත්වයක් නොමැති බව ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී.ඒකනායක, තමන්ට එරෙහි තහනම ඉවත් කර ගනු ලැබුණේ නැත්නම් පමණක් නෛතික පියවර ගන්නා බවයි කියා සිටියේ. කෙසේ වුවද තමන් පක්ෂ විනය උල්ලංඝනය නොකළ බව කියා සිටි මන්ත්‍රීවරයා තම කණ්ඩායමේ ප්‍රයත්නය වුනේ පක්ෂ සමඟිය බවත් පවසයි. රත්නපුර රැස්වීම ‘අපේ අන්තිම රැස්වීම පැවැත්වුනේ රත්නපුරයේ. එම වේදිකාවට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් විසිහත් දෙනකුට ආසන්න සංඛ්‍යාවක් නැංගා. අපි හතර දෙනා පමණක් නොවෙයි’ ටී.බී.ඒකනායක මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. ඉවත් කෙරුණ සභිකයන් වෙනුවට අලුත් සාමාජිකයන් හතර දෙනකු මධ්‍යම කාරක සභාවට පත් කර තිබෙනවාදැයි බීබීසිය ප්‍රශ්න කළ විට මන්ත්‍රීවරයා කියා සිටියේ එවැනි පත් කිරීම් නීත්‍යානුකූල නොවන බවයි. එය ආරංචියක් පමණක් යයි සඳහන් කළ මන්ත්‍රීවරයා ‘මාල ගිරවුන් හතර දෙනකු ඉවත් කර බකමූණන් හතර දෙනකු පත් කරනු ලැබීමක්’ ගැන තමන් අදහස් පළ කළ බවත් කියා සිටියේය. ‘" +මාධ්‍ය ක්ෂේත්‍රය තුළ පුළුල් පරිවර්තනයක් සිදු කරනු වස් අවශ්‍ය නිර්දේශ සියයක් මැයි මස 03 වනදාට යෙදී ඇති ලෝක මාධ්‍ය නිදහස් දිනයේ දී ශ්‍රී ලංකා රජයට භාර දෙන බව මාධ්‍ය ප්‍රතිසංස්කරණය සඳහා ලේකම් කාර්යාලය පවසයි.,"මාධ්‍ය ප්‍රතිසංස්කරණය සඳහා ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයකු වන විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන පසුගියදා දැඩි කතා බහට ලක් වූ විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන අධිකාරියක් පිහිටුවීම, තොරතුරු දැන ගැනීමේ පනත ගෙන ඒම, පුවත්පත් මණ්ඩලය අහෝසි කිරීම ඇතුළු කාරණා රැසක් සම්බන්ධයෙන් ඉතා වැදගත් යෝජනා ඉහත කී නිර්දේශ අතර වන බවයි මාධ්‍ය ප්‍රතිසංස්කරණය සඳහා ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයකු වන විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන කියා සිටියේ. අදාළ නිර්දේශ සකසා ඇත්තේ වසරක වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ මාධ්‍ය අධ්‍යාපනය හා පුහුණුව, මාධ්‍ය නීති හා නියාමන, මාධ්‍ය බහුවිධත්වය, මාධ්‍ය හිමිකාරීත්වය, තොරතුරු තාක්ෂණය සහ මධ්‍ය භාවිතය යන ප්‍රධාන ක්ෂේත්‍ර පහක් ඔස්සේ කරන ලද විද්වත් සාකච්ඡා රැසක් පදනම් කර ගනිමිනුයි. ඉහත කී නිර්දේශ සැකසීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය, කැලණිය විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, නැගෙනහිර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, පර්යේෂණ හා සංවර්ධනය පිළිබඳ උපාය මාර්ගික සන්ධානය, අන්තර් ජාතික මාධ්‍ය සහයෝගීතාව සහ මාධ්‍ය ප්‍රතිසංස්කරණය සඳහා ලේකම් කාර්යාලය සිය දායකත්වය ලබා දුන් බවයි විද්‍යා ලේඛක සහ තීරු ලිපි රචක නාලක ගුණවර්ධන කියා සිටියේ. 'අගමැතිගේ එකඟත්වය' ආචාර්ය රංග කලංසූරිය ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරනු වස් ඉහත කී ආයතන එක් වී මාධ්‍ය ප්‍රතිසංස්කරණය සඳහා ලේකම් කාර්යාලය පිහිටුවා ගෙන තිබේ. නිර්දේශ සැකසීම සඳහා දායකත්වය ලබා දුන් ආචාර්ය රංග කලංසූරිය පැවසුවේ අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජයේ දායකත්වය ලබා දීමට අගමැති රනිල් වික්‍රමසිංහ එකඟත්වය පළ කර ඇති බවයි. 'අගමැතිතුමා සමග අප මේ යෝජනා ගැන සාකච්ඡා කළා. එහිදී අගමැතිවරයා එකඟ වී තිබෙනවා මේ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය ලබා දීමට' ඔහු කියා සිටියේය. නිර්දේශිත යෝජනා ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන ගැට‍ළු නිරාකරණය කර ගනිමින් මාධ්‍ය නිදහස වඩාත් සුරක්ෂිත කොට වඩාත් ගුණාත්මක හා සදාචාරාත්මක මාධ්‍ය භාවිතයක් තුළින් ජනතාවට සමීප මාධ්‍ය ක්‍රියාකාරීත්වයක් ඇති කිරීමේ හැකියාවක් ලැබෙන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආචාරය රංග කලංසූරිය වැඩිදුරටත් පැවසීය." +සාහිත්‍ය දියුණුව සඳහා සහජීවනය අත්‍යවශ්‍යවන අතර සහජීවනය නොමැති තැන සාහිත්‍යයේත් කවියේත් දියුණුවක් නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.,"අගමැතිවරයා ඒ බව සඳහන් කළේ පසුගියදා කොළඹදී පැවති 'සහජීවනය උදෙසා කවියෝ' ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි. බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී ජාතික සංවාද පිළිබඳ අමාත්‍යාංශය සංවිධානය කළ මේ වැඩසටහන සඳහා දිවයිනේ ප්‍රදේශ රැසකින් කවි කිවිඳියන් රැසක් එක් වී සිටියහ. හදවත්වලට දැනෙන භාෂාවෙන් අමතමින් ජාතීන් අතර ඇති අනවබෝධය දුරුකිරීමේ හැකියාවක් කවියට තිබෙන බව පුත්තලමේ සිට පැමිණ සිටි ඩීකේ ජිනේන්ද්‍රසිංහ කවිය බීබීසී සංදේශයට පැවසීය. ගල්ගමුවේ සිට පැමිණ සිටි ප්‍රේමා මුණසිංහ කිවිඳිය අදහස් දක්වමින්, සහජීවනය උදෙසා කවියන් කුමන ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නේද යන්න රටට ද��්ශනය විය යුතු බව සඳහන් කළාය. සියලු ජාතීන් එකමුතුව ජිවත් විය යුතු බව පවසන ආනමඩුවේ සිරිල් මෙත්සිරි කවියා, අතීතයේ ජාතීන් අතර තිබූ එකමුතුව බිඳවැටීම පිළිබඳව අතිශයින්ම කණගාටුවන බවත් පැවසීය. කවියට ප්‍රිය කරන තරුණ පරපුරක් බිහිනොවිම පිළිබඳව කණගාටුවන බව තවත් කිවිඳියක් සඳහන් කළාය." +යාපනයේදී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු මිය යාමේ සිද්ධිය මුල්කරගනිමින් යාපනය දිසාපති කාර්යාලය ඉදිරිපිට අද (ඔක්. 24) රැස්වූ විශ්ව විද්‍යාල සිසුහු සිය විරෝධය පළ කළහ.,"අද දිනයේ දේශනවලින් ඉවත්වූ යාපනය විශ්ව විද්‍යාලීය සිසුන් ශෝක දිනයක් ද ප්‍රකාශයට පත්කොට ඇත. විශ්ව විද්‍යාල සිසුන්ගේ ඉල්ලීම මත යාපනය නගරයේ වෙළෙඳසල් ගණනාවක්ම වසා දමා ඇති අතර නගරයේ තැනින් තැන කලු කොඩි ඔසවා විරෝධය පළකොට ඇත. වෙඩි වැදීමෙන් මියගිය යාපනයේ කන්දරෝඩේයිහි පදිංචි සුදන්දිරරාජා සුලක්ෂන් සිසුවාගේ අවසන් කටයුතු අද (ඔක්.24) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබිණ. කෙසේ වෙතත් අදාළ සිසුන් දෙදෙනා මියයාමේ සිද්ධියට විරෝධය දැක්වීම පිණිස දෙමළ දේශපාලන පක්ෂ පහක් හෙට දිනයේදී (ඔක්. 25) උතුරු පළාත තුළ හර්තාල් ව්‍යාපාරයක් සංවිධානය කොට ඇත. මේ අතර අද උදෑසන යාපනය මහනුවර A9 මාර්ගය අවහිරකරමින් පැය කිහිපයක් විරෝධතාව පළකිරීමේ යෙදුණු සිසුහු යාපනය දිසාපතිවරයාට පෙත්සමක් බාරදීමෙන් අනතුරුව විසිරගියහ. සිසු ඝාතනයට වගකිවයුත්තන්ට එරෙහිව මාසයක් ඇතුළත නඩු පැවරිය යුතු අතර, මෙම ඝාතනය හදිසි අනතුරක් ලෙස පෙන්වීමට උත්සාහ දැරූ පොලිස් නිලධාරීන්ට පොලිස් කොමිසම හරහා ක්‍රියාමාර්ගයක් ගැනීම, පරීක්ෂණ ක්‍රියාත්මකවන ආකාරය නිරීක්ෂණය කිරීමට ජාත්‍යන්තර හා දේශීය මානව හිමිකම් ක්‍රියාකාරීන්ට අවස්ථා සැලසීම මෙන්ම සිසුන් දෙදෙනා වෙනුවෙන් වන්දි ගෙවීම ඇතුළු කොන්දේසි ගණනාවක් එම පෙත්සමේ ඇතුළත් බව යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නායකයෙක් විරෝධතාව අතරතුර මාධ්‍යට පැවසීය. යාපනයේදී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු මිය යාමේ සිද්ධිය මුල්කරගනිමින් රජරට විශ්ව විද්‍යාල සිසුහුද විරෝධතාවක නිරත වූහ එම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් හිමිවනතුරු විශ්ව විද්‍යාලයේ කිසිදු කටයුත්තකට සිසුන් සම්බන්ධ නොවන බව ද ඔහු අවධාරණය කළේය. මේ අතර යාපනයේ සිසුන් මිය යාමේ සිද්ධියට විරෝධය පළකරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා කිහිපයක් අද දිනයේ (ඔක්. 24) විශ්ව විද්‍යාල කිහිපයක පැවැත්විණි." +වන ජීවී දෙපාර්තමේන්තුව භාරයට ගෙන සිටින සිය අලි පැටවා මුදා හරින මෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිලින ගමගේ ඉදිරිපත් කල ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්‍ෂේප කළේය.,තිලින ගමගේ මහේස්ත්‍රාත්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා අධිකරණයට කියා සිටියේ සිය සේවා දායකයා චන්ද්‍රරත්න යටවර නමැති පුද්ගලයකුගෙන් මෙම අලි පටවා මිල දී ගෙන ඇති බවයි. සිය සේවාදායකයා මිලදී ගෙන තිබෙන්නේ ලියාපදිංචි අලි පැටවකු බව කියා සිටි නීතිවේදියා ඊට අදාළ ලේඛන ද අධිකරණයට ඉදිරිපත් කළේය. 'චන්ද්‍රරත්න යටවර?' ඉල්ලීමට විරුද්ධ වෙමින් රජයේ නීතිවේදියා කියා සිටියේ චන්ද්‍රරත්න යටවර නමැති පුද්ගලයකු නොමැති බවට පොලිසිය සිදු කල පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි. සංරක්‍ෂිත ඡායාරූපයක් ඉල්ලීම ඉදිරිපත් කරන මහේස්ත්‍රාත්වරයා චන්ද්‍රරත්න යටවර නමැති පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කළහොත් වහා අලි පැටවා මුදාහැරීමට පියවර ගන්නා බවයි රජයේ නීතිවේදියා කියා සිටියේ. කෙසේ වෙතත් එවැනි පුද්ගලයකු නොමැති නිසා ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට තිලින ගමගේ මහේස්ත්‍රාත්වරයා අපොහොසත් වී ඇති බව ද රජයේ නීතිවේදියා පැවසීය. රහස් පොලිසිය එම අවස්ථාවේ තිලින ගමගේ මහේස්ත්‍රාත්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා කියා සිටියේ නීතියට අනුව අලි පැටවා යළි ලබා ගැනීම් සඳහා එම අලි පැටවාගේ මුල් අයිතිකරු ඉදිරිපත් කිරීම අනවශ්‍ය බවයි. නිසි ලියාපදිංචියක් නොමැතිව අලි ඇතුන් රඳවා ගැනීම සම්බන්ධයෙන් ඉකුත් දා රහස් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කළේය. එම පරීක්ෂණය යටතේ නිසි ලියාපදිංචි ලේඛන ඉදිරිපත් නොකිරීමේ හේතුව මත තිලින ගමගේ මහේස්ත්‍රාත්වරයාගේ අලි පැටවා ඇතුළු අලි ඇතුන් විසිපස් දෙනෙකු වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. +ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂගේ නිවසට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස් පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව නීතිවේදීහු පවසති.,"නීතිඥ විජේදාස රාජපක්ෂගේ නිවසට වෙඩි තැබීම සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව නීතිවේදීහු පවසති සිදුවීම හෙලා දකිමින් කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට රැස්වී ශ්‍රී ලංකා නීතිඥ සං���ම් කාර්යාලය වෙත ගමන් කළ නීතිවේදීහු එහිදී විරෝධතාවයක්ද පැවැත්වූහ. ""විරුද්ධ මතධාරීන් ආරක්ෂා කිරීමට මේ රටේ ජනාධිපතිවරයා හැටියට ඔබතුමාට යුතුකමක් සහ වගකීමක් තියෙන,"" බවයි එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කළ ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා කියා සිටියේ. කෙතරම් ""බය කළත්,"" සිය අරගලය නොනවත්වන බවද ඔහු පැවසීය. 'බියගුළු ක්‍රියාවක්' එහිදී ප්‍රකාශයක් කළ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා නීතිඥ රාජපක්ෂගේ නිවසට වෙඩි තැබීම හඳුන්වා දුන්නේ බියගුළු ක්‍රියාවක් ලෙසින්. නීතිඥවරුන්ට එරෙහිව එල්ල වන ඕනෑම ප්‍රහාරයකදී නීතිඥවරුන් පක්ෂ භේදයකින් තොරව එකමුතුව ක්‍රියා කරන බවද ඔහු පැවසීය. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයේදී ඇයට එරෙහිව සාධාරණ විමර්ශනයක් නොපැවැත්වෙන්නේ නම් නව අගවිනිසුරුවරයාට සහයෝගය පළනොකිරීමේ යෝජනාවකට පසුගියදා නීතිඥ සංගමයේ අනුමැතිය පළවිය. ඉන් අනතුරුව දෝෂාභියෝගය දැඩි විවේචනයට ලක් කළ නීතිවේදී ගුණරත්න වන්නිනායකට ප්‍රහාරයක් එල්ල කිරීමට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් දැරූ උත්සාහයක් ව්‍යවර්ථ විය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා" +ශ්‍රී ලංකාවේ දරුවන්ට එරෙහිව දිනකට අපරාධ විසි දෙකක් වාර්තා වන බව ළමා කටයුතු පිළිබඳ ඇමතිනි රෝසි සේනානායක පවසන්නීය.,"පසුගිය වසර හතර ඇතුළත පමණක් ලංකාවේ ළමුන්ට එරෙහිව සුළු හා බල අපරාධ තිස් දෙදාහකට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බවද රෝසි සේනානායක අමාත්‍යවරිය තවදුරටත් කියා සිටියාය. ‘මම අගමැතිතුමාට යෝජනාවක් ගේන්න සුදානම් කරලා තියෙනවා ළමයින්ටම වෙනම පොලිස් ඒකකයක්. දිනකට විසි දෙකක් දරුවන්ට එරෙහිව සිදු වන අපරාධ වාර්තා වෙනවා. මේක ඉතාමත්ම කනගාටු දායක තත්වයක්. අපි වගේ පුංචි රටක දරුවෝ විසි දෙදෙනෙක් දවසකට හිංසනයට, අපයෝජනයට, අපචාරයට ලක් වෙනවා කියන්නේ අපි සතුටු විය හැකි තැනක නොවෙයි ඉන්නේ.’ ඇය පවසන්නීය. ළමා සංගණනයක් ළමා ශ්‍රමිකයන් පිළිබඳව ද ශ්‍රී ලංකාවේ සැබෑ තත්වය සොයා බැලිය යුතු බවයි ඇමතිවරිය බීබීසීයට කියා සිටියේ. ශ්‍රී ලංකාවේ ළමුන් පිළිබඳව සියලු තොරතුරු හෙළිදරව් කර ගැනීම සඳහා ජාතික ළමා සංගණනයක් පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති බවත් ඉන් ලබා ගන්නා දත්තයන් අධ්‍යයනය කිරීමෙන් ළමුන්ට ආරක්ෂාව සැපයීම කාර්යක්ෂම කළ හැකි බවත් ඇය තවදුරටත් කියා සිටියාය. දරුවෝ දාහතර දාහක් ‘අද මේ දරුවන් මුහු�� පාන පසුබිම අප සොයා බැලිය යුතුයි. මේක මගේ වගකීම. මේක රජයේ වගකීම. මේ තාක් කල් ඒක නොකළා නම් හිටපු ඇමතිවරු ඒකට වග කියන්න ඕන. අද පරිවාස ආයතන වල දරුවෝ දාහතර දාහක් ඉන්නවා. ඉතිහාසයේ අපි ශක්තිමත් රටක්. ජපානයත් එක්ක සංසන්දනය කරලා බලනකොට ඒක පුද්ගල ආදායමේ එක ඩොලරයක වෙනසක් අපට තිබුනේ. අද අපි කොතනද ඉන්නේ. දෙවන ලෝක යුද්දෙන් පස්සේ වන්දි දෙනකොට අපි වන්දි ප්‍රතික්‍ෂේප කරපු රටක්. ඒ තරම් අභිමානවත් රටක් අද කොතනද ඉන්නේ?’ රෝසි සේනානායක අමාත්‍යවරිය පවසන්නීය." +දශක ගණනාවක් මුළුල්ලේ යුද ගැටුම්වලට මැදි වී සිටින ඇෆ්ගනිස්තානය තාලිබාන් සහ අල් කයිඩා වැනි අන්තවාදී සංවිධානවල ප්‍රබල බලපෑමට යටත්ව තිබෙන රටකි.,"තාලිබාන් සංවිධානය කලක් රටේ විශාල ප්‍රදේශයක් පාලනය කළ අතර, එකල එම ප්‍රදේශවල කාන්තා අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම අහිමි කරනු ලැබ තිබුණි. තාලිබාන් පාලනය යටතේ දැරියන්ට පාසල් යාම පවා තහනම් වූ අතර, තරුණියක් සංගීත ප්‍රසංගයක් පැවැත්වීම යනු එකල කිසිසේත්ම අදහාගත හැක්කක් නොවීය. තාලිබාන් පාලනය පෙරලා දමනු ලැබ ඇතත්, එම සංවිධානය තවමත් රට පුරා ඇතැම් ප්‍රදේශවල ආණ්ඩුවට එරෙහිව සටන් වදිමින් සිටියි. එවැනි වාතාවරණයක් යටතේ ගතානුගතිකවාදීන්ගෙන් එල්ල වූ බරපතල විරෝධය සහ ප්‍රහාරයක් එල්ල කරන බවට නැගුනු තර්ජන ද නොතකා පොප් ගායිකා අර්යානා සයීඩ් ගේ (Aryana Sayeed) ප්‍රසංගයක් වෙනුවෙන් සිය ගණනක් තරුණ තරුණියන් කාබුල් අගනුවර ප්‍රසංග ශාලාවකට රැස්ව සිටීම විශ්ෂ සිදුවීමකි. අගනුවර ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයේ පැවති ප්‍රසංගය සඳහා දැඩි ආරක්ෂක විධිවිධාන යොදවා තිබුණු බව එහි සිටින බීබීසී ඇෆ්ඝන් භාෂා සේවයේ කලීල් නූරි වාර්තා කරයි. අර්යානා : ඇෆ්ඝන් පොප් තරුව පසුගිය මාස කිහිපය ඇතුළත පවා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවකට මුහුණ දුන් කාබුල් නගරයට එය සැබවින්ම දුලබ සුන්දර මොහොතක් විය. ඇෆ්ඝනිස්තානයේ නිදහස් දිනය (අගෝස්තු 19) සැමරීම් වස් සංගීත ප්‍රසංගය අගනුවර ඝාසි (Ghazi) ක්‍රීඩාංගනයේ පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබුණු නමුත් එහි ආරක්ෂාව සහතික කළ නොහැකි බව බලධාරීහු පැවසූහ. ඒ වන විට ඉතා ඉහල මුදලක් ගෙවමින් ප්‍රවේශපත්‍ර 3000 ක් ද අලෙවි වී තිබුණි. කෙසේ නමුත් අර්යානා සයීඩ් සිය උත්සාහය අත්නොහැරියාය. විවෘත ක්‍රීඩාංගණය වෙනුවට ඇය වෙනත් කුඩා ශාලාවක් තෝරා ගත්තාය. සංගීත ලෝලීහු ප්‍රීති ප්‍රමෝදයට පත්වූහ. ""මෙතරම් තර්ජන තිබිලත්, මෙතරම් තරුණියෝ පිරිසක් ඒවි කියල මම නම් හිතුවේ නෑ. වාසනාවකට, එතන පිරිමින්ට වඩා කාන්තාවෝ හිටියා,"" සංගීත සංදර්ශනයට සහභාගි වූවෙක් පැවසීය. ""ඇයි ආවේ කියල මම ඒ තරුණියන්ගෙන් ඇහුව. ප්‍රසංගයට විරුද්ධව එල්ල වුනු තර්ජන නිසාම ආව කියලයි එයාල කීවේ."" සබැඳි යොමු: 'ඇෆ්ගනිස්තානයේ කිම් කාඩේෂියන්' ලෙසින් සංගීතලෝලීන් හඳුන්වන අර්යානා, සිය දිගු කොණ්ඩය සහ ඇඟටම ඇලෙන ඇඳුම් පැළඳුම්වලින් සැරසීම පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලන්නීය. එය ගතානුගතිකවාදී ඇෆ්ගනිස්තාන සමාජය තුළ බොහෝ විට අවඥාවෙන්බැහැර කෙරෙන්නෙකි. දාරි සහ පෂ්ටෝ යන ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන භාෂා දෙකෙන්ම ගී ගයන අර්යානා සිය ගීත සඳහා බොහෝ විට සාම්ප්‍රදායික සහ ජන සංගීතයේ සුසංයෝගයක් යොදා ගන්නීය. සංගීතය සහ උත්සව යනු මූලික මිනිස් අවශ්‍යතාවක් බව අවධාරණය කරන පොප් ගායිකාව, යුද ගැටුම්වලින් හෙම්බත්ව විනෝදය අත්‍යවශ්‍යව සිටින සිය රටවැසියන්ට සතුටක් ලබාදීම සිය එකම අරමුණ බව බීබීසී යට කියා සිටියාය. එහෙත් ඇයගේ ඇඳුම් පැළඳුම් සහ සංගීත සංදර්ශන ඇෆ්ගනිස්තානයේ සංස්කෘතියට අපහාසයක් බව පවසමින් තවමත් ඇයට නිරන්තයෙන් මරණ තර්ජන එල්ල වේ. සිය ප්‍රසංගයෙන් උපයන මුදල දකුණු ඇෆ්ඝනිස්තානයේ සර්-ඒ-පුල් (Sar-e-Pul) පළාතේ මිර්සා ඔලොන්ග් (Mirza Olong) ගම්මානයට ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් එල්ල කළ ප්‍රහාරයකදී ඝාතනයට ලක්වූවන් වෙනුවෙන්ගේ පවුල්වලට ප්‍රදානය කරන බවත් 'ඇෆ්ඝනිස්තානයේ කිම් කාඩේෂියන්' අර්යානා සයීඩ් වැඩිදුරටත් කියා සිටියාය." +මේ වසරේ පැවැත්වෙන ඉන්දියානු මහ මැතිවරණයේදී රාහුල් ගාන්ධි තම පක්ෂයේ ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙයවනු ඇතැයි පාලක කොංග්‍රස් පක්‍ෂය නිවේදනය කරයි.,"කොන්ග්‍රස් නායකත්වයේ මව් පුතු දෙපල ලබන මහ මැතිවරණයේ දී රාහුල් ගාන්ධි පක්ෂයේ අගමැති අපේක්‍ෂකයා හැටියට ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූ නමුත් කොංග්‍රස් පක්‍ෂය එවැනි ප්‍රකාශයක් කිරීමෙන් වැළකී ඇත. මැතිවරණයට පෙර අගමැති අපේක්ෂකයා නම් කරනු ලැබීමේ දේශපාලන සම්ප්‍රදායක් පක්‍ෂයට නොමැති බව සිය නායිකා සෝනියා ගාන්ධි ප්‍රකාශ කළ බවයි, කොංග්‍රස් පක්ෂ ප්‍රකාශක ජනාර්දන් ද්විවේදී ප්‍රකාශ කළේ. මහජන මත විමසුම් ආර්ථික පසුබෑම සහ රට තුළ පවතින හානිකර දූෂණ අපචාර රැල්ල නිසා කොංග්‍රස් පක්‍ෂයේ ජනප්‍රියභාවය පහත වැටී ඇති බවයි මහජන මත විමසුම් මගින් පෙන්නුම් කෙරෙන්නේ. ඉන්දියාවේ ප්‍රධාන විරුද්ධ පක්‍ෂය වන භාරතීය ජනතා පක්‍ෂය ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති,නරේන්ද්‍ර මෝඩි සිය අගමැති ධූර අපේක්ෂකයා වන බව දැනටමත් ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් අනතුරුව දැනට හතළිස්‌ එක්වැනි වියේ පසු වෙන රාහුල් ගාන්ධි සිය අගමැති ධූර අපේක්ෂකයා වශයෙන් ප්‍රකාශයට පත් කරන මෙන් කොංග්‍රස් පක්‍ෂ අභ්‍යන්තරයෙහි ද බලපෑමක් කෙරෙමිනුයි පවතින්නේ. කොංග්‍රස් පක්‍ෂය එවැනි ප්‍රකාශයට පත් කිරීමකින් වැළකී සිටින්නේ පක්‍ෂයේ ප්‍රධානතම දේශපාලන සම්පත ආරක්‍ෂා කර ගැනීමේ පියවරක් හැටියට යයි වාර්තාකරුවෝ පෙන්වා දෙති." +උතුරු කොරියානු රජයට අයත් ප්‍රසිද්ධියේ මරණීය දණ්ඩනය ක්‍රියාවට නංවනු ලබන ස්ථාන 318 ක් හඳුනාගැනීමට හැකි වූ බව දකුණු කොරියානු රාජ්‍ය නොවන සංවිධානයක් පවසයි .,"උතුරු කොරියාවෙන් පලා ගිය පුද්ගලයන් 610 දෙනෙකු සමග වසර හතරක කාලයක් තිස්සේ සිදුකළ සාකච්ඡාවලින් පසු 'ට්‍රාන්සිෂනල් ජස්ටිස් වර්කින් ගෲප්' (Transitional Justice Working Group)' නම් සංවිධානය සැකසූ වාර්තාවක එම තොරතුරු ඇතුළත්ව තිබේ. ගවයෙකු සොරකම් කිරීම වැනි වරදකට මෙන් ම දකුණු කොරියානු රූපවාහිනී නාලිකාවක් නැරඹීම ද 'වරදක්' ලෙස හුවා දක්වමින් දශක ගණනාවක් තිස්සේ මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති බව එම වාර්තාවේ දැක්වෙයි. ගංගා, පිට්ටනි, වෙළෙඳපොළ, ක්‍රීඩාංගණ සහ පාසල් ආසන්නනයේ පවා එවැනි මරණ දඬුවම් ක්‍රියාත්මක කර ඇති බව 'ට්‍රාන්සිෂනල් ජස්ටිස් වර්කින් ගෲප්' මානව හිමිකම් සංවිධානය පවසයි. ""මරණයට පත්වූවන්ගේ දෛවය සිතියම්කරණය"" ලෙස නම් කර ඇති අඟහරුවාදා (ජුනි 11) එළි දැක්වූ එම වාර්තාවේ සඳහන් කර ඇති පරිදි, මරණ දඬුවම ක්‍රියාත්මක කරන ආකාරය නැරඹීමට දහසකට අධික පිරිසක් අදාළ ස්ථානයන්ට එක්රැස් වෙති. සමහර අවස්ථාවලදී මරණ දඬුවමට ලක්වන තැනැත්තාගේ දරුවන් ඇතුළු ඥාතීන්ට පවා එය සිදුකරන ආකාරය බලා සිටීමට බල කර ඇතැයි ද වාර්තාවේ සඳහන්ය. අදාළ වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මරා දැමුණු පුද්ගලයන්ගේ සිරුරු හෝ ඔවුන් වළ දැමූ ස්ථාන ගැන ඥාතීන් දැනුවත් කිරීමක් සිදුවන්නේ කලාතුරකින් බවය. ප්‍රසිද්ධියේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන ආකාරය නරඹා ඇති කුඩා ම දරුවාගේ වයස අවුරුදු හතක් බව ලැබී ඇති සාක්ෂි අනුව පෙනී යයි. සමහර සිර ගෙවල් මෙන් ම දේශපාලන වැරදිවලට සම්බන්ධ පුද්ගලයන් රඳවා ඇති ස්ථානවල ද ප්‍රසිද්ධියේ මරණ දඬුවම ක්‍රියාත්මක කෙරේ. මෙම කඳවුරු තු��� සිටින පුද්ගලයන්ට ගස් කැපීම සහ පතල් හෑරීම වැනි බරපතළ කාර්යයන්හි ද නියැලීමට සිදුවේ. 2000 වසරේදී මෙවන් කඳවුරක සිටි පුද්ගලයන් පිරිසක් පැවසුවේ චීනයට පලා යාමට තැත් කළ කාන්තාවන් තිදෙනෙකු ඝාතනය කරන ආකාරය නැරඹීමට රැඳවියන් අසූ දෙනෙකුට බල කර සිටි බවය. ""මේ දේ ඔබටත් වෙන්න පුළුවන්"" යැයි මහජන ආරක්ෂක අමාත්‍යංශ නිලධාරියෙකු එම අවස්ථාවේදී කියා සිටි බව ඔවුහු පැවසූහ. ""ත්‍රාසය ඇති කිරීම සහ සිවිල් වැසියන් රජයට එරෙහිව කටයුතු කිරීම වැළැක්වීම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණ වී තිබෙන,"" බවත් වාර්තාවේ දැක්වේ. උතුරු කොරියාව න්‍යෂ්ටික අවි අත්හදා බලන බවට ද චෝදනා තිබේ. වෙඩි තැබීම් සහ එල්ලා මැරීම් බොහෝ විට වෙඩි තැබීම් මගින් මරණ දණ්ඩනය සිදු කරන බව සාකච්ඡාවලට සහභාගී වූ පිරිස පවසති. සාමාන්‍යයෙන් සිදුවන්නේ වෙඩික්කරුවන් තුන් දෙනෙකු එක් අයෙකු වාර තුන බැගින් 'වරදකරුවාට' වෙඩි තැබීමය. මරණ දඬුවම ක්‍රියාත්මක කරන පුද්ගලයන් සමහර අවස්ථාවලදී බීමතින් සිටි බව සාකච්ඡාවලට සහභාගී වූවෝ පැවසූහ. ""යමෙක් මරණ එක මානසික වශයෙන් හරි අමාරු දෙයක් වීම මේකට හේතුවයි,"" එක් පුද්ගලයෙක් පැවසීය. උතුරු කොරියාව එල්ලා මැරීම් 2005 වසරේ සිට අවම කර හෝ නතර කර තිබුණත්, ප්‍රසිද්ධියේ එල්ලා මැරීම් තවමත් වාර්තා වන බව අදාළ රාජ්‍ය නොවන සංවිධානය පවසයි. ""ප්‍රසිද්ධියේ මරණීය දණ්ඩනය දීම කාලයත් සමග අඩු වෙමින් යන බවක් පෙනෙන්න තිබෙනවා. නමුත් උතුරු කොරියාව මෙය රහසේ ක්‍රියාත්මක කරනවා වෙන්න පුළුවන්"" වාර්තාවේ එක් ලේඛකයෙකු වන ඊතන් ෂින් පැවසීය. අතීතයේ උතුරු කොරියානු උසස් නිලධාරීන් පවා මරණ දණ්ඩනයට යටත් කර තිබේ. 2013දී රාජද්‍රෝහී ක්‍රියාවල නිරත වී යැයි චෝදනා කරමින් උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ මාමාට ද මරණීය දණ්ඩනය පමුණුවන ලදී. කෙසේ වෙතත්, උතුරු කොරියාවේ මරණ දඬුවම් පිළිබඳ නිකුත් වී ඇති වාර්තාවල සත්‍යතාව තහවුරු කර ගැනීම අතිශය අපහසු ක්‍රියාදාමයකි. උතුරු කොරියානු ප්‍රසිද්ධ ගායිකාවක වන හයොන්-සොන්ග්-වොල් (Hyon Song-wol) ප්‍රසිද්ධියේ මරා දැමුණු බවට 2013දී පුවත් පළ විය. එම සිද්ධිය දකුණු කොරියානු පුවත්පතක් වාර්තා කර තිබුණේ ""වාදක මඬුල්ල බලා සිටියදී ම ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි තබා ඇය ඝාතනය කළා,"" යනුවෙනි. නමුත්, 2018 ශීත සෘතුවේ පැවැත්වුණ ඔලිම්පික් තරග සඳහා ''සෝල්' නගරයට ගිය උතුරු කොරියානු නියෝජිත මණ්ඩලයට ඇයත��� එක් වී සිටිනු දැක ගත හැකි විය." +බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සිය ඉල්ලා අස්වීම භාර දුන් බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.,"එහෙත් තමන් තවමත් ඔහුගේ ඉල්ලා අස්වීම භාර නොගත් බවත් ඩකා අගනුවර දී මාධ්‍ය හමුවක් ඇමතූ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසාන් සඳහන් කළේය. ඔහුගේ දුරකථනයට ඇමතූ නමුත් චන්දික හතුරුසිංහ එයට පිළිතුරු නොදෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. ඔහු දැනට පුරප්පාඩු වී පවතින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු පදවිය භාරගැනීමට නියමිත බවට ජනමාධ්‍ය වාර්තා කර තිබිණ. විශේෂයෙන්ම බංග්ලාදේශයේදී ඔහුගේ සහාය පුහුකරුවෙකු ලෙසින් ක්‍රියා කළ තිලාන් සමරවීර පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු ලෙසින් පත්කරනු ලැබීමත් සමග හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු පදවිය භාරගැනීමේ හැකියාව ඉහළ යන බවත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් දක්වන ක්‍රීඩාලෝලීන් පෙන්වා දී තිබුණි. සබැඳි යොමු: හතුරුසිංහ ඉතා දක්ෂ පුහුණුකරුවෙකු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ද පසුගියදා බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය. බීබීසී සිංහල සේවය ද බංග්ලාදේශයේ ඔහුගේ නිල දුරකථනයට කිහිප වරක්ම ඇමතූ නමුත් ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි විය. ක්‍රිකට් බංග්ලාදේශ කණ්ඩායම මෑත දී දකුණු අප්‍රිකාවේ කළ සංචාරයේ දී දස්කම් දැක්වීමට අපොහොසත්වීම පිළිබඳව ප්‍රබල විවේචන එල්ල වෙමින් පැවති බව බීබීසී බෙංගාලි භාෂා සේවයේ මාධ්‍යවේදීහු පවසති. චන්දික හතුරුසිංහගේ උපදෙස් යටතේ බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායම ඉතා ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ අතර, ඒ පිළිබඳව මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කණ්ඩායම තුළ තමන් සිදු කළ 'සංස්කෘතිමය වෙනස' එම ජයග්‍රහණවලට බොහෝ සෙයින් හේතු වූ බවය. ""මම බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අහපු පළමු ප්‍රශ්නය තමයි, ඔබට අවශ්‍ය ලෝකේ ඉන්න හොඳම තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන ක්‍රීඩකයා නිර්මාණය කිරීමද?, නැතිනම් කණ්ඩායමක් වශයෙන් ඉදිරියට යන එකද? කියන කාරණය,"" චන්දික හතුරුසිංහ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ බීබීසී සිංහල සේවයට පැවසීය. මීට ඉහත අවස්ථාවක ද පදවියෙන් ඉල්ලා අස්වීමට ඔහු උත්සාහ කළ නමුත් බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීහු එය භාරගැනීම ප්‍රතික්ෂ��ප කළහ. කලක් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් සේවය කළ උපුල් චන්දික හතුරුසිංහ පසුව ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය අතර එහිදී ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ද ක්‍රිකට් පුහුණුකරු ලෙසින් කටයුතු කර තිබේ. තවත් යොමු:" +වැලිවේරිය රතුපස්වල ගම්වාසීන්ට හමුදාව එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය අකිල දිනේෂ් පාසල් ශිෂ්‍යයාගේ අවමගුලට දහස් සංඛ්‍යාත ජනකායක් රොක් වී සිටියහ.,"දාහත් හැවිරිදි අකිල දිනේෂ් රතුපස්වලදී හමුදා වෙඩි පහරින් මියගිය පළමු පුද්ගලයායි අවමගුල් උත්සවයට පන් දහසත් හය දහසත් අතර පිරිසක් එක්වී සිටි බවයි, ප්‍රදේශවාසියෙක් බීබීසී සංදේශයට කියා සිටියේ. දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ පැවැත්වුන අවමගුල වෙනුවෙන් හමුදාව රඳවා නොසිටියත්, රතුපස්වල ගම්මානයෙන් අවට පන් දහසක් පමණ හමුදා භට පිරිසක් රඳවා ඇතැයි දැනගන්නට ලැබුන බව ද සිය නම හෙළි නොකරන්නැයි ඉල්ලා සිටි එම ගම්වාසියා කියා සිටියේය. එහෙත් කිසිම හමුදා භට පිරිසක් ඒ අවට රඳවා නොසිටි බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය අවධාරණය කරයි. හේලීස් සමූහ ව්‍යාපාරයේ අත්වැසුම් කම්හලකින් පිටවන අපද්‍රව්‍ය නිසා පානීය ජලය විස වී ඇති බව පවසමින් උද්ඝෝෂණයේ යෙදුනු ගම්වාසීන්ට හමුදාව එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව තිදෙනකු දක්වා ඉහල ගොස් ඇති බව බලධාරීහු පවසති. එහිදී හත් දෙනකු මියගොස් ඇති බවට එක්සත් ජාතික පක්ෂය කරන ප්‍රකාශය හමුදා ප්‍රකාශකයා ප්‍රතික්ෂේප කරයි." +අද සිකුරාදා ඉතාලියට ‘කඳුළු දිනයක්’ යයි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කරයි.,"උතුරු අප්‍රිකානු අනවසර සංක්‍රමණිකයන් රැගෙන දකුණු ඉතාලිය බලා යාත්‍රා කළ ධීවර බෝට්ටුවක්. උන්වහන්සේ එම ප්‍රකාශය කරන්නේ,ඉතාලියේ ‘ලම්පෙදුසා’(Lampedusa) දූපත අසල මුහුදේ සිදු වූ බෝට්ටු අනතුරින් මරණයට පත් ජනතාව වෙනුවෙන් සංවේගය පළකරමින්. මධ්‍යම ඉතාලියේ, අසිසි (Assisi) නගරයේ සංචාරයක නිරත වෙමින් සිටියදී අදහස් දැක් වූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ, කුසගින්නේ මියැදෙන දරුවන් ද ඇතුළුව උදව් ලැබිය යුතු ජනතාව ලෝකය විසින් නොතකා හරිනු ලැබ ඇති බවයි සඳහන් කළේ. සංක්‍රමණිකයන් පුරවා ගත් බෝට්ටුව මුහුදුබත් වීමෙන් ජීවිත රැසක් විනාශ වී ඇති අතර, මේ වනවිට මළසිරුරු සීයක් පමණ සොයා ගෙන ඇති බව ඉතාලි නිලධාරීහු පවසති. ඉතාලියට ලඟා වෙමින් සිටි සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු මින් පෙරත් අනතුරු වලට ලක් ව ඇති නමුත් මෙය ඒ අතර බිහිසුණුම අනතුර හැටියටයි විග්‍රහ කෙරෙන්නේ. කිමිදුම් කරුවන් මීටර් පණහක් පමණ ගැඹුරු මුහුදු පත්ලේ මළ සිරුරු සොයමින් සිටින අතර, කිසිවකු පණ පිටින් සොයා ගත හැකි වනු ඇතැයි බලාපොරොත්තු තැබිය නොහැකි බවයි, ඉතාලි නිලධාරීන් පවසන්නේ. අනතුරට හේතුව අප්‍රිකානු සංක්‍රමණිකයන් කණ්ඩායමක් රැගෙන ඉතාලිය බලා යාත්‍රා කරමින් තිබුණ බෝට්ටුවේ එන්ජිම ක්‍රියා විරහිත වී තිබුණේ ‘ලම්පෙදුසා’(Lampedusa) දූපතට සැතපුමක් පමණ තිබියදී. අනතුරින් දිවි බේරුන සංක්‍රමනිකයෙක් පවසන ආකාරයට, තමන් බේරා ගන්නා මෙන් ගොඩ බිමට දැනුම් දීම් වස් එක් සංක්‍රමනිකයකු විසින් කම්බිලියකට ගිනි තබනු ලැබීමේදී බෝට්ටුවේ තිබුන ඉන්ධන ගිනි ගැනීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ. බෝට්ටුවට ගිනි ඇවිලීමේදී කලබල වූ සංක්‍රමණිකයන් එහි එක් පැත්තකට පැන ගැනීමත් සමඟයි,බෝට්ටුව පෙරැලී ඔවුන් මුහුදට වැටී තිබෙන්නේ." +වන අලි ඇතුන් දුම්රියට බිලි වීම වැළැක්වීම සඳහා දුම්රිය රියදුරන් සමග පළපුරුදු වනජීවී නිලධාරීන් ද යැවීමට පියවර ගන්නා බව වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ඩබ්ලිව්.එස්.කේ පතිරත්න පවසයි.,ඊට අමතරව රාත්‍රී කාලයේ ප්‍රයෝජනයට ගත හැකි අධෝරක්ත කැමරා දුම්රියවල සවි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරන බවත් වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය. ඔහු ඒ බව කියා සිටියේ මන්නාරම මඩු පාර සහ සෙට්ටිකුලම දුම්රිය ස්ථාන දෙක අතරදී දුම්රියක ගැටී වන අලින් සිව් දෙනෙකු මරුමුවට පත් වීම සම්බන්ධයෙන් බීබීසී සංදේශයට අදහස් දක්වමිනි. තලෙයිමන්නාරම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියේ ගැටීමෙනුයි එම ජීවිත විනාශය සිදු වී ඇත්තේ. මරණයට පත් අලි හතර දෙනාගෙන් තුන් දෙනකුම අලි පැටවුන් බව ප්‍රාදේශීය වාර්තාකරු දිනසේන රතුගමගේ පවසයි. පසුගියදා මැදවච්චිය පුනෑව සහ කවුඩුල්ල යන ප්‍රදේශවලදීත් ඇතින්නක හා අලියකු දුම්රියේ ගැටී මිය ගිය අතර තවත් වන අලි දෙදෙනකුට තුවාල සිදු විය. ඒ සම්බන්ධයෙන් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ පොළොන්නරුව වැලිකන්ද වැනි පළාත්වල ධාවනය වන දුම්රියවල පමණක් දුම්රිය රියදුරන් සමග පළපුරුදු වනජීවී නිලධාරීන් ගමන් කරන බවයි. දැනට ශ්‍රී ලංකාවේ භාවිතා කෙරෙන කිසිඳු දුම්රිය එන්ජිමක අධ���රක්ත කැමරා සවි කොට නොමැති බවත් එවැනි මිල අධික විශේෂිත කැමරා සවි කිරීමට ප්‍රතිපාදන සොයා ගැනීම ගැටළුවක් වී ඇති බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය. දුම්රියේ ගැටී මරුමුවට පත් වෙමින් ශ්‍රී ලංකාවේ වන අලි සම්පත විනාශ වීම පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුව කනගාටු වන බවත් එම විනාශය වැළැක්වීම සඳහා ඉක්මන් පියවර ගන්නා බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ වැඩිදුරටත් කියා සිටියි. +ආණ්ඩුව පොරොන්දු වූ ඉන්ධන සහනාධාරය මාස තුනකින් ධීවරයන්ට ලබා දී නැති බව පවසන ධීවර නායකයෝ තෙල් සහනාධාරය ලබා දෙන තුරු උද්ඝෝෂණයේ යෙදෙන බව සපථ කරති.,"කූපන් පත් වලට ඉන්ධන ලබා ගැනීමේ හැකියාවක් නැති බව ධීවරයෝ පවසති සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය මාතර මිරිස්සේ දී දියත් කොට තිබුණු උද්ඝෝෂණයක දී එම චෝදනාව එල්ල කළ ධීවර නායකයෝ ධීවරයන්ට දුන් ප්‍රතිඥා ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවට ද ආණ්ඩුවට චෝදනා කරති. තෙල් මිල පහත හෙලන තුරු හෝ සහනාධාරය අඛණ්ඩව ලබා දෙන තුරු බ්‍රහස්පතින්දා ගාල්ලෙන් ආරම්භ වූ උද්ඝෝෂණ ව්‍යාපාරය රට පුරාම දියත් කරන බවයි, සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ කියා සිටියේ. සහන මිලට ඉන්ධන ලබා ගැනීම පිණිස ධීවරයන්ට කූපන් පත් නිකුත් කොට තිබෙන නමුත් එම කාඩ්පත් වලට ඉන්ධන ලබා ගැනීමේ හැකියාවක් නැති බවයි, උද්ඝෝෂණයට එක්ව සිටි ධීවරයන් ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්නට කියා සිටියේ. ඉන්ධන මිල අඩු කරන මෙන් ඉල්ලා 2012 පෙබරවාරියේ දී හලාවත දී ධීවරයන් කළ උද්ඝෝෂණයකට පොලීසිය වෙඩි තැබීමෙන් ඇන්ටනි ප්‍රනාන්දු ධීවරයා මරු මුවට පත් වූ අතර, තවත් තිදෙනකුට බරපතල තුවාල සිදු විය. ධීවරයන්ට ඉන්ධන සහනාධාර ලබා දෙන බවට ආණ්ඩුව පොරොන්දු වූයේ ඉන් අනතුරුවයි." +"යාපනය, මානිප්පායි, ඉනුවිල් ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පහරින් සෙනසුරාදා (ජූලි 20) රාත්‍රියේ දී ජීවිතක්ෂයට පත් තැනැත්තා 'ආවා' කල්ලි සාමාජිකයකු යයි සැක කෙරන බව ආරක්ෂක අංශ පවසයි.","විදේශ රටවල ජිවත්වන තරුණ කණ්ඩායම්වල මුල්‍ය අනුග්‍රහය යටතේ ආවා කල්ලිය යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බව ආරක්ෂක අංශ පැවසූහ 'ඉනුවිල්' ප්‍රදේශයේ මාර්ග බාධකයක අණ නොතකා පොලිස් නිලධාරීන්ට පහර දී පළා ගිය පිරිසකට පොලිසිය වෙඩි තබා ඇති බවත් , කච්චායි ප්‍රදේශයේ පදිංචි සෙල්වරත්තිරම් කවිගජන් නමැති 22 හැවිරිදි තරුණයකු එමගින් ජීවිතක්ෂයට පත් වී ඇති බවත් ආරක්ෂක ��ංශ ආරංචි මාර්ගවලින් පැවසෙයි. යතුරු පැදිවලින් පැමිණි මෙම පිරිස පොලිස් නිලධාරීන්ට පහර දීමෙන් පසු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම වෙඩිතැබීම සිදුකළ අතර, තුවාලකරු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මරණයට පත්ව ඇති බව මානිප්පායි පොලිසිය පවසයි. මියගිය තරුණයාගේ සිරුර යාපනය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබුණ අතර, එම සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ ඉරිදා (21) පැවැත්වීමට නියමිතවැ තිබුණි. පළාගිය සැකකරුවන් පැමිණි යතුරුපැදියක්, සැකකරුවන් සතුව තිබූ කඩු තුනක් සහ තවත් කැපුම් ආයුධ කීපයක් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි. 2016 පොලිස් වෙඩි තැබීම 2016 ඔක්තෝබර් 20 වෙනිදා චුන්නාකම් ප්‍රදේශයේදී යාපනය විශ්ව විද්‍යාලයේ දෙවැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුන් දෙදෙනෙකු පොලිස් වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්විණි. එලෙස ජිවිතක්ෂයට පත් වුණේ යාපනය පදිංචි විජයකුමාර් සුලක්ෂන් සහ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි නඩරාජා ගජන් නමැති සිසුන් දෙදෙනෙකි. එම මරණ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට චෝදනා එල්ල විය. යාපනය විශ්ව විද්‍යාලය එම සිසුන් දෙදෙනාගේ මරණයෙන් පසු යාපනය විශ්ව විද්‍යාල සිසුන් විශාල විරෝධතාවක නියැලුණු අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරන ලෙසට ඉල්ලා සිටියහ. මේ තොරතුරුද කියවන්න: ""මැර කල්ලි"" යාපනය චුන්නාකම් ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින්, පසුගිය සම‍යේ ආවා කල්ලියේ මැර ප්‍රහාර ක්‍රියාත්මක වුණ අතර, ඔවුහු දේපළ හානි විශාල ප්‍රමාණයක් ද සිදුකොට ඇති බව ආරක්ෂක අංශ පැවසූහ. විනෝදන් නොහොත් 'ආවා විනෝදන්' නමැත්තා යාපනය චුන්නාකම් ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2014 වර්ෂයේ සිට නීති විරෝධී ක්‍රියාවල නිරත වන වාර්තා වී තිබේ. එමෙන්ම, වර්තමානයේ දී විදේශ රටවල ජිවත්වන තරුණ කණ්ඩායම්වල මුල්‍ය අනුග්‍රහය යටතේ ආවා කල්ලිය යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බව ආරක්ෂක අංශ කියා සිටිති. ආවා කල්ලිය ආරම්භයේ දී එක කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වූ නමුත්, කල්ලියේ සාමාජිකයින් අතර හටගත් ආරවුල් හේතුවෙන් දැනට කණ්ඩායම් කීපයකට බෙදී ඇත. කණ්ඩායමෙන් වෙන්ව ගිය සාමාජිකයින් සහ ආවා කල්ලියේ ක්‍රියාකාරකම් අනුගමනය කරමින් මේ වන විට යාපනය ප්‍රදේශයේ විවිධ කල්ලි කීපයක් බිහිව ඇති බවට කරුණු අනාවරණය කර ගෙන ඇති බව ආරක්ෂක අංශ කියා සිටිති. සෙල්වරත්තිරම් කවිගජන් ආවා, ධනුරොක්, අජිත්, වික්ටර් යනුවෙන් හඳුන්වන කල්ලි කීපයකට අයත් යැයි පැවසෙන සාමාජිකයින් දැනට යාපනය ප්‍රදේශය තුළ පහරදීම් ආදියෙහි නිරත වෙන බව ආරක්ෂක පවසති. මාර්ග බාධකයේ දී පළාගිය ආවා කල්ලි සාමාජිකයන් සොයා පොලිසිය සහ යුද හමුදා සාමාජිකයින් ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මානිප්පායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. තවත් තොරතුරු:" +රාජ්‍ය නිලධාරීන් විසින් ඔවුන්ගේ නිල කාර්යයන්ට පටහැණි ව සිදු කරනු ලබන දේශපාලන ක්‍රියාවන් වාර්තා කිරීම සඳහා විශේෂ විද්‍යුත් ලිපිනයක් සහ දුරකථන අංකයක් ප්‍රකාශයට පත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි.,"එම විද්‍යුත් ලිපිනය නම් කරනු ලැබ තිබෙන්නේ ‘කළු පොත’ යන තේරුම දෙන ඉංග්‍රීසි වචනයක් යොදා ගනිමිනි. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ සම මාධ්‍ය ප්‍රකාශකයන් වන මංගල සමරවීර සහ රාජිත සේනාරත්න මන්ත්‍රීවරු ඔවුන් අද (11) කැඳ වූ පළමු මාධ්‍ය හමුවේ දීයි ඉහත කී ප්‍රකාශය සිදු කෙරුණේ. යුද ජයග්‍රහණය සිය තනි අයිතියට පවර ගනු ලැබීමට ජනාධිපතිවරයා උත්සාහ කළත් කොටි සංවිධානයේ පාලනය පැවති යාපනය නගරය මුදා ගනු ලැබුණේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ බව සිහිපත් කරන බවයි, මංගල සමරවීර මන්ත්‍රීවරයා එම මාධ්‍ය හමුවේ දී කියා සිටියේ. බලයේ සිටි හැම පාලකයකු මෙන්ම යුද හමුදා ප්‍රධානීන් සහ සොල්දාදුවන් විසින් ඉටු කරන ලද කාර්යභාරය ජනාධිපතිවරයා විසින් නොතකා හරින බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ. තුනෙන් දෙකේ බලය තව දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා වත්මන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ජනාධිපතිවරයා විසින් පාවිච්චි කරන ලද්දේ සිය පෞද්ගලික උවමනා මුදුන් පත් කර ගැනීමට සඳහා බවයි පෙන්වා දුන්නේ. ‘තුනෙන් දෙකේ බලයෙන් මොකක්ද කළේ? පළමුවෙන්ම කළේ ඒ බලය පාවිච්චි කරලා ජීවිතාන්තය තෙක් තමන්ට තරඟ කරන්න පුළුවන් විධියට ව්‍යවස්ථාව වෙනස් කර ගැනීම. දෙවනුව, ප්‍රතිවාදී දේශපාලකයන්ගේ ව්‍යාපාර පවරා ගැනීමට ඒ බලය පාවිච්චි කළා. තුන් වෙනුව අගවිනිසුරුවරිය පදවියෙන් නෙරපා හැරීමට’ මංගල සමරවීර මන්ත්‍රීවරයා කියා සිටියේය. ආණ්ඩුව දේශපාලකයන් නොව රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ සිය දේශපාලන ප්‍රචාරක යන්ත්‍රයට සම්බන්ධ කර ගනිමින් සිටින බවට මංගල සමරවීර මන්ත්‍රීවරයා අනතුරු ඇඟවීමක් ද කළේය. රාජ්‍ය නිලධාරීන් එම මාධ්‍ය හමුවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනා රත්න කියා සිටියේ ඉතිහාසයේ කිසිදාක නොවූ විරු මට්ටමින් රාජ්‍ය සේවකයන් දේශපාලන ප්‍රචාරක කටයුතු වලට යොදා ගනිමින් ඇති බවයි. එම තත්වය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී ඇති අතර ඔහුගේ තීන්දුව කුමක්ද යන්න පිළිබඳව බලා සිටින බවයි රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පවසන්නේ. දේශපාලන යාන්ත්‍රනය බිඳ වැටීමත් සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානයට රාජ්‍ය නිලධාරීන් ගේ පිහිට පැතීමට සිදුව ඇති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ." +බ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් හිදී ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයා ඛලිඩ් මසුඩ් නැමැත්තෙකු බව හඳුනාගෙන ඇත.,"පොලිස් වෙඩි පහරට ලක්වූ ඛලිඩ් මසුඩ් ප්‍රතිකාර ලබමින් ඔහුද සිද්ධියේදී මියගිය අතර මෑත පොලිස් පරීක්ෂණ කිසිවකට ඔහු අදාළ නොවුනද, පෙර සිදුවීම් ගණනාවකට ම වැරදිකරු වූවෙකි. 52 හැවිරිදි වූ මසුඩ් බටහිර මිඩ්ලන්ඩ් ප්‍රදේශයේ විසූ බව සැළකේ. 'ඉස්ලාමිය රාජ්‍ය' සංවිධානය වගකීම භාරගත් එම ප්‍රහාරයේදී ප්‍රහාරකයාට අමතරව පොලිස් නිලධාරියෙක්, පාසල් ගුරුවරියක් සහ ඇමෙරිකානු සංචාරකයෙක් ද මිය ගියහ. (වමේ සිට) පොලිස් නිලධාරී කීත් පාමර්, ඇමෙරිකානු සංචාරකයකු වූ කර්ට් කොච්රාන්, ගුරුවරියක වූ අයිෂා ෆ්රේඩ් ප්‍රහාරයෙන් අනතුරුව ලන්ඩන් මෙන්ම බර්මිංහැම් ප්‍රදේශවලින් අට දෙනෙකු අඩංගුවට ගැනිණි. වෙස්ට්මින්ස්ටර් පාලම මතදී පදිකයන් අනතුරට ලක්කරමින් මෝටර් රියක් පදවාගෙන ගිය මසුඩ් එය පාර්ලිමේන්තුවේ වටේ ගැටුණු පසුව පාර්ලිමේන්තු භුමිය තුළට දිවගියේ පිහියක් සහිතවය. එහිදී පාමර් නම්වූ පොලිස් නිලධාරියාට පිහි පහර එල්ල කළ මසුඩ් පොලිස් වෙඩි පහරින් මිය ගියේය. මෙවැනි ප්‍රහාරයක් දියත් කිරීම සඳහා ඔහු සතු අරමුණක් තිබුනේද යන්න පිළිබඳව කල් වේලා ඇතිව ඔත්තු ලැබී නොතිබූ බව පොලිසිය පවසයි. එහෙත් පීඩාකාරී අවි සතුව තබා ගැනීම සහ මහජන සාමය කඩ කිරීම යනාදී චෝදනාවන්ට වරදකරු වීම සම්බන්ධයෙන් පොලිසිය ඔහු පිළිබඳව දැන සිටියේය. ඔහු පළමුවරට වරදකරුවකු වූයේ, 1983 නොවැම්බර් මසදී සාපරාධී හානියක් හේතුවෙන්වන අතර අවසන් වරට වරදකරුවකු වුයේ 2003 දෙසැම්බර් මාසයේදී පිහියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙනි. කිසිදු ත්‍රස්තවාදී වරදක් සම්බන්ධයෙන් ඔහු මීට පෙර වරදකරු වී නොතිබිණි. බීබීසී වෙත වාර්තාවූ අන්දමට මසුඩ් ප්‍රහාරයට යොදාග���් වාහනය කුලියට ගැනීමේදී පවසා ඇත්තේ තමා ගුරුවරයකු බවය." +උතුරු කොරියාව න්‍යෂ්ඨික ප්‍රහාරයක් එල්ල කරන බවට ලැබෙන පළමු ඉඟි කිරීමේදීම උතුරු කොරියාවේ අගනගරය සහමුලින් විනාශ කර දැමීමට සැලසුම් කර ඇති බවට දකුණු කොරියාව අතිශයෝක්තියෙන් යුතුව හෙළි කිරීමත් සමග කොරියානු අර්ධද්වීපය වෙත පවතින අවධානය ඉහළ ගොස් තිබේ.,"දකුණු කොරියාව සහ උතුරු කොරියාව අතර ආතතිය වර්ධනය වෙමින් පවතින බවයි පැවසෙන්නේ දකුණු කොරියානු රජයත් සමග කිට්ටු සබඳතා ඇති යොන්හැප් පුවත් ආයතනය පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත එම සැළසුමේ විස්තර ලබා දී ඇති බවයි. එම සැලසුමට අනුව උතුරු කොරියානු පියොන් යැන් නගරයේ සෑම දිස්ත්‍රික්කයක්ම බැලස්ටික් මිසයිල සහ අධි බල පිපිරුම් මගින් විනාශ කර දැමීමට නියමිතව තිබේ. උතුරුකොරියාවේ විශාලතම න්‍යෂ්ඨික අත්හදා බැලීමෙන් දින දෙකකට පසු හෙලිකෙරුණු මෙම සැලසුම හේතුවෙන් දකුණු කොරියාවද න්‍යෂ්ඨික අවි නිෂ්පාදනයේ ඉතා ඉහල මට්ටමේ වර්ධනයක් ලබා ඇති දැයි යන බිය වර්ධනය වෙමින් පවතී. පසුගිය සිකුරාදා උතුරු කොරියාව විසින් සිදුකරන ලද න්‍යෂ්ඨික පිපිරවීම ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානයට දැඩි අවධානයට ලක්වී තිබේ. උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පැනවීම පිළිබඳව ඇමරිකාව සලකා බලමින් සිටින බව පැවසුණු අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, ජපානය සහ දකුණු කොරියාවද ඒ පිළිබඳව අවධානය යොමුකොට ඇති බවයි වාර්තා වූයේ. ඉරිදා එම සම්බාධක පැනවීම් පිලිබඳ ප්‍රතිචාර දැක්වූ පියොන් යැන් පාලනය පවසා තිබුණේ එය සිනහ උපදවන කිසිදු තේරුමක් නැති අනතුරු ඇඟවීමක් බවයි. දකුණු කොරියානු හමුදා නිලධාරියෙක් යොන්හැප් පුවත් සේවයට පැවසුවේ පියොන් යැන් අග නගරයේ සිටින උතුරු කොරියානු නායකයා ඉලක්ක කරමින් ප්‍රහාර සිදුවෙනු ඇති බවයි. ""ඔවුන්ගේ අග නගරය අළු කර දමා සිතියමෙන් ඉවත්කර දැමීමට කටයුතු කරනවා"" යනුවෙනුයි එම හමුදා නිලධාරියා වැඩිදුරටත් පැවසූ බව වාර්තා වන්නේ. බීබීසීයේ කොරියාවේ වාර්තාකරු ස්ටීව් ඉවාන්ස් පවසන්නේ උතුරුකොරියාව විසින් සෝල් පාලනය කුපිත කිරීමට නිරතුරු කටයුතු කරන ආකාරයටම දකුණු කොරියාවද පියොන් යැන් පාලනයේ රුධිරය උණුසුම් කරවන ප්‍රකාශයක් සිදුකර ඇති බවයි. උතුරු කොරියාව හුදකලා කිරීම තුළින් කිම් ජොන් උන් ගේ න්‍යෂ්ඨික අවි පිලිබඳ අරමුණු පරාජය කිරීමට දකුණු කොරියාව ගන්නා උත්සාහය පිළිබඳව ���රට තුළින්ම විවේචන එල්ල වෙමින් පවතින බවයි බීබීසී වාර්තාකරු පවසන්නේ. සිකුරාදා උතුරු කොරියානු න්‍යෂ්ඨික අත්හදා බැලීමෙන් පසු දකුණු කොරියාවේ සැලසුම පාර්ලිමේන්තුවට එළිදැක්වී තිබෙන බවයි විශ්වාස කරන්නේ. මේ අතර උතුරු කොරියාව සඳහා වූ ඇමරිකාවේ විශේෂ නියෝජිතයා පවසන්නේ පියොන් යැන් පාලනයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට වොෂින්ටනය සලකා බලමින් සිටින බවයි. ""උතුරු කොරියාව නොකඩවා මෙම කළාපයට සහ අපේ හිතවාදීන්ට වගේම අපිටත් තර්ජනයක් වෙමින් පවතිනවා. එනිසා එම තර්ජනය හමුවේ ආරක්ෂා වීම සඳහා හැකි සැම පියවරක්ම අපි ගන්නවා"" යනුවෙනුයි විශේෂ නියෝජිත කිම් සුන් පැවසුවේ. ඒ සමගම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සම්බාධක වලට අමතරව ඇමරිකාව සහ ජපානය දකුණු කොරියාව ද සමග එක්ව බහු පාර්ශ්වික සොයා බැලීම්, දිවි පාර්ශ්වික විසඳුම් මෙන්ම ත්‍රි පාර්ශ්වික සහයෝගීතාව යොදා ගැනීම පිළිබඳව සොයා බලනු ඇති බවයි ඔහු පැවසුවේ. 2006 වසරේ සිදුකරන ලද න්‍යෂ්ඨික අත්හදාබැලීම් වලින් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් උතුරු කොරියාවට කිසිම ආකාරයක න්‍යෂ්ඨික අත්හදා බැලීම් කිරීමට සහ මිසයිල තාක්ෂණය තහනම් කොට ඇති අතර සම්බාධක පහක් පනවා ඇත. නවතම න්‍යෂ්ඨික අත්හදා බැලීමේ දී උතුරු කොරියාව යොදාගත් පුපුරණ ද්‍රව්‍ය වල ප්‍රමාණය කිලෝ ටොන් දහයක් වන අතර උතුරු කොරියාවෙන් සිදුකළ විශාලතම අත්හදා බැලීම බවයි දකුණු කොරියාව පවසන්නේ. එහෙත් වෙනත් විශේෂඥයන් පවසන්නේ එම ප්‍රමාණය කිලෝ ටොන් 20 ක් වියහැකි බවයි. 1945 දී හිරෝෂිමාවට දැමූ බෝම්බයේ අඩංගුව තිබුණේ කිලෝ ටොන් 15 ක පුපුරණ ද්‍රව්‍ය පමණක් බවයි සඳහන් වන්නේ." +මැතිවරණයෙන් පරාජය වුනත් තමන් සහ තමන් සමඟ සිටින කිසිවකු දේශපාලනයෙන් පරාජය කළ නොහැකි බව සතුරාට අවධාරණය කළ යුතුව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියි.,"රැලියට පැමිණි ජනතාව හිටපු ජනාධිපතිවරයා එම අවධාරණය කිරීම සිදු කළේ, ඔහු යළි දේශපාලනයට ගෙන ඒමට සංවිධානය කෙරෙන මහජන රැස්වීම් මාලාවේ රත්නපුර රැළියට එවන ලද ප්‍රකාශයක් මගින්. එම රැස්වීම් මාලාවේ තුන්වැන්න අද (26) රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේ පැවැත්වුන අතර එම ලිඛිත පණිවුඩය කියවන ලද්දේ මාධ්‍යවේදී මොහාන් සමරනායක විසිනි. පක්ෂ හතරක් හිටපු ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණයේ දී අගමැති ධුර අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරනු ලැබීම මෙම රැස්වීම් මාලාවේ උත්සාහය වන අතර ��ක්සත් ජනතා නිදහස් සන්ධානයට ඇතුළත් මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ ,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය යන දේශපාලන පක්ෂ සහ සංවිධාන විසිනුයි ඒවා සංවිධානය කරනු ලබන්නේ. අද රැලිය අමතා කතා කළ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා කියා සිටියේ, මහින්ද රාජපක්ෂ නායකත්වය යළි රටට ලබා දීම ස්ථිර බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කතා කරමින් අද රට අරාජික සහ අස්ථාවර තත්වයකට පත්ව ඇති බව කියා සිටියේය. මහ බැංකු ගනුදෙනු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන රැලිය අමතමින් විදේශිකයන්ට ශ්‍රී ලංකා මහ බැංකුව භාර දෙමින් මෙතෙක් තනි ඉලක්කමේ සංඛ්‍යාවක් වී තිබුණ පොලී අනුපාතය ඉහල නැංවීමට වත්මන් පාලනය කටයුතු කළ බවයි සඳහන් කළේ. ‘දවස් සීය ගතවෙනකොට තමන්ගේ නෑදෑයන්ට වරප්‍රසාද දෙන්නට අද වෙනකොට පොලී අනුපාතය ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් බවට පත් කොට තිබෙනවා. මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව තුලින් මේ රටට කෝටි ගණන් පාඩු කර තිබෙනවා’ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. රත්නපුර රැලිය අමතා මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සහ පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල ඇතුළු තවත් කීප දෙනෙක් අදහස් පළ කළහ. තහනම නොතකා වැස්ස සමඟ කාලගුණය අයහපත් වූ නමුත් විශාල ජනකයක් රත්නපුර රැලියට සහභාගී වූ බව බීබීසී ප්‍රාදේශීය වාර්තාකරු අජිත් ලාල් ශාන්ත උදය පවසයි. හිටපු ජනාධිපතිවරයාට සහයෝගය පිණිස පැවැත්වෙන මෙම රැස්වීම් වලට සහභාගී වීමෙන් වළකින මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය සාමාජිකත්වයට දැනුම් දී ඇතත් එම පක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් සැලකිය යුතු සංඛ්‍යාවක් එම තහනම නොතකා රත්නපුර රැලියට සහභාගී වූ බවත් අජිත් ලාල් ශාන්ත උදය වාර්තා කරයි." +ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩ වූ බව පවසමින් ශ්‍රී ලංකාව යලිත් යුද්ධයකට තල්ලු කිරීමට උත්සාහ දරන බවට අමාත්‍ය විමල් විරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ බ්‍රිතාන්‍ය අගමැතිවරයාට චෝදනා කරයි.,"""මේ රටේ මානව හිමිකම් උල්ලංඝනය වුනා කියල ඔවුන් උත්සාහ කරන්නේ යුද්ධවලට මේ රට තල්ලුකරන්න"" ලබන මාර්තු මාසය වන විට යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පරීක්ෂණයක් නොපවත්වන්නේ නම් ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවය මතු ��ිරීමට සිදු වනු ඇති බවට බ්‍රිතාන්‍ය අගමැතිවරයා කළ ප්‍රකාශයට විරෝධය පළ කිරීම පිණිස ජාතික නිදහස් පෙරමුණ විසින් කැඳවනු ලැබ තිබුණ පුවත්පත් සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායකයි එම අදහස් පළ කළේ. ""මේ රටේ මානව හිමිකම් උල්ලංඝනය වුනා කියල ඔවුන් හැම විටම උත්සාහ කරන්නේ තව තවත් මානව හිමිකම් කඩන්න පුළුවන්, කඩ වෙනවා කියන ක්‍රියාමාර්ගවලට, යුද්ධවලට මේ රට තල්ලු කරන්න,"" යනුවෙන් ඔහු කියා සිටියේය. බ්‍රිතාන්‍ය අගමැතිවරයා උතුරේ සංචාරය කරමින් උතුරු පළාත පිළිබඳව වැරදි ප්‍රචාරයක් ලොවට දීමට උත්සාහ කළ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 'වර්ගවාදී ප්‍රකාශයක්' 'බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඉටු කළේ අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාවක්' උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දීමට තමන් මැදිහත් වන බවට බ්‍රිතාන්‍ය අගමැතිවරයා ප්‍රකාශයක් කර තිබෙන බව පවසන ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහමඩ් මුසම්මිල් එය හඳුන්වා දුන්නේ වර්ගවාදී ප්‍රකාශයක් ලෙසින්. ""ඒක වර්ගවාදී ප්‍රකාශයක්. මුස්ලිම් සිංහල ජාතීන් දෙගොල්ලම නැවත පදිංචි කළ යුතුයි. විග්නේශ්වරන් මහතා මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට කොමිසමක් පත්කිරීමට යනවා. අපි දන්නවා මේක කල් ගැනීමට කරන වැඩක්, මොකද නැවත පදිංචි කිරීමට කොමිසම් අවශ්‍ය නෑ,"" බවයි ඔහු පවසන්නේ. උතුරේ මහ ඇමතිවරයා කොමිසමක් පත් කිරීම කල් ගැනීමේ උපායයක් හැටියට දකින ජාතික නිදහස් පෙරමුණ බොහෝ කරුණු වෙනුවෙන් රජය දිගින් දිගටම පත් කරන කොමිසම් දකින්නේත් එලෙසින්දැයි සන්දේශය මතු කළ ප්‍රශනයකට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ ඇතැම් ""සංකීර්ණ කරුණු"" සම්බන්ධයෙන් කොමිසම් පත් කිරීමේ අවශ්‍යතාවයක පවතින බවයි. ""මෙතැනදී අවශ්‍ය සියලු තොරතුරු තියෙනවා, ඉඩම තියෙනව ඒ නිසා කොමිසම් අවශ්‍ය නෑ, කොමිසම් දාන්න ඕනෙ ඒව තියෙනවා නැති ඒවා තියෙනවා,"" යන්න ඒ ප්‍රශ්නයට මොහමඩ් මුසම්මිල් ගේ ප්‍රතිචාරයයි. පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවට දරා ගත නොහැකි මුදලක් වැය වූ බවට විපක්ෂය එල්ල කරන චෝදනාවට ප්‍රතිචාරය පළ කළ වීරකුමාර දිසානායක නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඒ වියදමේ ප්‍රතිලාභ ශ්‍රී ලංකාවාසීන්ට ලැබෙනු ඇති බවයි. රාජ්‍ය නායක සමුළුව පැවැත්වීමෙන් සැබවින්ම සිදු වූයේ යටපත්ව ගොස් තිබුණ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය සම්බන්ධයෙන් යලිත් ජාත්‍යන්��ර අවධානයට ලක් වීම නොවේ දැයි යන්න සංදේශය මතු කළ තවත් ප්‍රශ්නයක්. ""යට ගියේ නෑ මේ ප්‍රශ්නේ, මේක ජිනීවාවල මේ මාර්තු මාසේ එන්ඩ තිබුණ ප්‍රශ්නයක්,"" බවයි ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ." +ලබන හය වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අතර හමුවක් සිදු වන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ ‘ගෙදර යැවීමට’ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසයි.,"මෙම හමුව කොන්දේසි විරහිතව සිදු වන්නක් බවත් එය කිසිවෙකුට නතර කළ නොහැකි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා බීබීසීයට කියා සිටියේය. ‘මේකට බාධා කරන්න එක්සත් ජාතික පක්ෂය සහ ඔවුන්ට කඩේ යන මාධ්‍යවේදීන් ඉන්නවා. නමුත් ඒ කිසිවෙකුට මේක නවත්වන්න බැහැ. මේක පක්‍ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක්. 19 වැනි සංශෝධනය ගේනකොට යුඑන්පියට කඩේ යන එවුන් හිතාගෙන හිටියේ අපේ පක්ෂය කැඩෙයි කියල. මේක කොන්දේසි විරහිත සාකච්ඡාවක්. එක කොන්දේසියයි තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ ගෙදර යැවීම.’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා පැවසීය. ඉදිරි මැතිවරණයේදී ශ්‍රීලනිපයේ අගමැති ධූර අපේක්ෂකත්වය මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට ලබා දීමේ අරමුණ පදනම් කර ගෙන මෙම හමුව පැවැත් වෙන්නේදැ’යි බීබීසීය කළ විමසුමට පිළිතුරු දෙමින් නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේ මේ මොහොතේ සියළුම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ‘ගෙදර යැවීම’ බවයි. දින 100 සහ පැය 100 පවතින ක්‍රමය යටතේ ම ඉදිරි මැතිවරණය පැවැත්වීමට පැවැත් වීමට බොහෝ ඉඩකඩ ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසද්දී ඊට ප්‍රතිචාර දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරන්නේ යෝජිත නව මැතිවරණ ක්‍රමය සම්මත වීමෙන් අනතුරුව වහාම එය ක්‍රියාවට නැංවිය යුතු බවයි. විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා බීබීසීයට කියා සිටියේ ‘එක්සත් ජාතික පක්ෂයට දින සියයකින් කළ නොහැකි වූ දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැය සියයකින් කර පෙන්වූ’ බවයි. ‘මේ මැතිවරණ ක්‍රමයෙන් මොනවද ගේන අස්වනු? හැම පක්ෂයම ගේන අස්වනු තමයි කුඩු කාරයෝ, බුකි කාරයෝ. මේ හැම පක්ෂයකම නාම යෝජනා මණ්ඩලය අහන්නේ මොනවද? අධ්‍යාපන සුදුසුකම්ද? ජනතාවට කළ සේවයද? නැහැ. අහන්නේ, සල්ලි තියෙනවද දිස්ත්‍රික්කය පුරා දුවන්න. සල්ලි කාරයා තමයි එන්නේ. එක්සත් ජාතික පක්ෂයේ අතේ පත්තු ඕන නැහැ. කරුණා කරලා මැතිවරණ ක්‍රමය වෙනස් කරලා අපි ඡන්දෙකට යමු.’ ඔහු පැවසීය." +අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසම තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) මන්ත්‍රීවරුන් උද්ඝෝෂණය කිරීම මගින් 'පුහුල් හොරා කරෙන් දැනී' තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) පවසයි.,"""තිස්ස අත්තනායක මහත්තයට විරුද්ධව තියෙන චෝදනා විභාග කරන්න එපා කියලනේ මේ කෑගහන්නේ? ඒකෙන්ම පැහැදිලියි මේ පුහුල් හොරා කරෙන් දැනිල තියෙන්නේ කියන එක"" ""එක පැත්තකින් කියනව හොරු අල්ලන්නේ නෑ, හොරු අල්ලන්නේ නෑ කියල. ඉතින් හොරු අල්ලන්න කට උත්තරයක් දෙන්න එන්න කිවුවම ඒක එපා කියනවා,"" ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් බීබීසී සංදේශයට පැවසීය. ""තිස්ස අත්තනායක මහත්තයට විරුද්ධව තියෙන චෝදනා විභාග කරන්න එපා කියලනේ මේ කෑගහන්නේ? ඒකෙන්ම පැහැදිලියි මේ පුහුල් හොරා කරෙන් දැනිල තියෙන්නේ කියන එක."" 'කුමන්ත්‍රණයක්' මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට කැඳවීමට විරෝධය පාමින්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය කල් දැමීම ""කුමන්ත්‍රණයක්"" බවද ඔහු සඳහන් කළේය. ජනපතිවරණය පැවැත්වෙන අවස්ථාවේ අත්තනායක මන්ත්‍රීවරයාට අමාත්‍ය පදවියක් පැවරීම 'අල්ලස් දීමක්' බව අධිකරණ අමාත්‍යවරයා මෙන්ම ජවිපෙද පවසයි ජීඑල් පීරිස් මන්ත්‍රීවරයාගේ නිවසේදී පසුගියදා රැස්වුණු හිටපු ජනාධිපතිවරයාට පක්ෂපාතී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්, කිසිදු පනතක් සම්මත කර ගැනීමට අවස්තාව නොදීමට තීරණය කර තිබෙන බවයි, විජිත හේරත් මන්ත්‍රීවරයා පවසන්නේ. වත්මන් ආණ්ඩුව 'කිසිවක් කර කියා ගත නොහැකි' අකාර්යක්ෂම ආණ්ඩුවක් බව හුවා දැක්වීම ඔවුන්ගේ උත්සාහය බව ජනතා විමුක්ති පෙරමුණේ විග්‍රහයයි. විශේෂයෙන්ම ජනාධිපතිවරයකුට ඕනෑම වතාවක් තරඟ කිරීමේ අවස්ථාව සලසා දුන් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය, 19 වැනි සංශෝධනය මගින් අවලංගුවීම පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ මනාපයක් නොමැති බවයි, විජිත හේරත් මන්ත්‍රීවරයා බීබීසී යේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ. අල්ලස් කොමිසම ඒ අතරවාරයේ මැතිවරණ ක්‍රමයේ සංශෝධනය සමඟ එකට ඉදිරිපත් කළ යුතු බව පවසමින් ජනාධිපති මෛත්‍රීප��ල සිරිසේනට සහාය දෙන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ද 19 වැනි සංශෝධන විවාදය තවදුරටත් කල් දමා ගැනීමේ උත්සාහයක නිරතව සිටින බවත් ඔහු පවසයි. ""මේක අවශ්‍යතා දෙකක්. කොහොම වුණත් අවංකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වුවමනාවක් නැහැ 19 වැනි සංශෝධනය සම්මත කරගන්න."" අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය විදේශීය සංචාරයක නිරතව සිටින අවස්ථාවක, කොමිසමේ සභාපතිවරයා කටයුතු කළ ආකාරය පිළිබඳව 'බරපතල සැකයක්' මතුවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. ""සභාපතිවරයා සහ ඒ කොමිසම පහුගිය ජනාධිපතිවරයා පත්කරපු කොමිසමක්."" මේ සියල්ලේ අවසාන අරමුණ විධායක ජනාධිපතිවරයාගේ බලතල අඩු කෙරෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම වැළැක්වීමට බව ඔහු අවධාරණය කරයි. විජිත හේරත් මන්ත්‍රීවරයා සමඟ සාකච්ඡාවේ සම්පූණ හඬ පටයට සවන් දෙන්න : http://www.bbc.co.uk/sinhala/multimedia/2012/04/000001_tuesday_prog (අප්‍රේල් 28 වැනි අඟහරුවාදා දක්වා පමණයි)" +දශක ගණනාවක යුද ගැටුම්වලින් අනතුරුව ශ්‍රී ලංකාවේ ජනවර්ග අතර සංහිඳියාව සහතික කරනු වස් පොලිස් සහ අධිකරණ පද්ධති ප්‍රතිසංස්කරණය කිරීමේ පැහැදිලි අවශ්‍යතාවක් මතු වී තිබෙන බව සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය පවසයි.,"කාර්ය සාධක බලකායේ වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වෙත භාර දුන් අවස්ථාව යුද ගැටුම්වල වින්දිතයන්ට අධිකරණ පද්ධතිය මාර්ගයෙන් සහනයක් අපේක්ෂා කිරීමේදී සිදු වන ප්‍රමාදයන් සහ මග ඇහිරීම් පිළිබඳව බොහෝ දෙනෙකු තමන්ට කරුණු දැක් වූ බවත් කාර්ය සාධක බලකාය පවසයි. අධිකරණ පද්ධතිය, නීතිපති දෙපාර්තමේන්තුව, විමර්ශකයන්, අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඇතුළු සෑම මට්ටමකදීම සිදුවන ප්‍රමාදයන්, ධාරිතාව සහ නිපුණතාවේ මදකම වැනි යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බාධා පමුණුවන කරුණු කෙරෙහි එහිදී ප්‍රධාන අවධානය යොමු කළ යුතු බවත් කාර්ය සාධක බලකාය නිර්දේශ කරයි. එම නිර්දේශ ඇතුලත් වෙන්නේ, ශ්‍රී ලංකාව පුරා විවිධ ජනකොටස් සහ වෘත්තීය ක්ෂේත්‍රයන් නියෝජනය කළ 7000 කට අධික පිරිසකගේ අදහස් ඇසුරින් සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය විසින් සකස් කරන ලද වාර්තාවේය. සත්‍යය දැනගැනීමේ, යුක්තිය සහ වගවීම පිළිබඳ හිමිකම, වන්දි ලබාගැනීමේ සහ යළි එවන් සිදුවීම් නොවන බවට සහතිකයක් ලබාගැනීමේ අයිතිය නීතිමය රාමුවට ඇතුලත් කළ යුතු බව කාර්ය සාධක බලකාය නිර්දේශ කරයි ""සත්‍යය දැන��ැනීමේ, යුක්තිය සහ වගවීම පිළිබඳ හිමිකම, වන්දි ලබාගැනීමේ සහ යළි එවන් සිදුවීම් නොවන බවට සහතිකයක් ලබාගැනීමේ අයිතිය,"" ශ්‍රී ලංකාවේ නීතිමය රාමුවට ඇතුලත් කළ යුතු බවත් එහි දැක්වේ. කාර්ය සාධක බලකායේ වාර්තාව පසුගිය සඳුදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වෙත භාර දෙනු ලැබුණි. එය ආණ්ඩුවේ කිසිදු බලපෑමකින් තොරව, සිවිල් සමාජ ක්‍රියාධරයන් විසින් මහජන අදහස් විමසා සකස් කරන ලද වාර්තාවක් බව හිටපු ජනාධිපතිනිය එහිදී අවධාරණය කර තිබුණි. කෙසේ නමුත් යුද අපරාධ චෝදනා ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව විභාග කෙරෙන අධිකරණ යාන්ත්‍රණයට එක් විදේශීය විනිශ්චයකරුවකුවත් ඇතුලත් විය යුතු බවට කාර්ය සාධක බලකාය කරන නිර්දේශය ආණ්ඩුව දැනටමත් ප්‍රතික්ෂේප කර තිබේ. මේ අතර දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කිරීම සම්බන්ධ නඩු විභාගයේදී ජූරි සභාව විසින් විත්තිකරුවන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කිරීම රාජිත සේනාරත්න සහ මනෝ ගනේෂන් අමාත්‍ය්වරුන්ගේද විවේචනයට ලක් වී තිබුණි." +සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දත්ත අනුව ශ්‍රී ලංකාවේ කොරෝනාවෛරස් රෝගීන් සංඛ්‍යාව දස දහස ඉක්මවා තිබේ.,"මේ අතර කොළඹ නාගරික සීමාව තුළ කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවති. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ විශාල ජනහගනයක් සහිත කොළඹ නාගරික ප්‍රදේශයේ පවතින ජීවන රටාව එවැනි අවදානමකට හේතු වී ඇති බවය. එබැවින් දැඩි සෞඛ්‍ය පියවර අනුගමනය කරන ලෙස ඔහු කොළඹ නගර සභා සීමාවේ වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටී. සිකුරාදා (ඔක්තෝම්බර් 30) වන විට ශ්‍රී ලංකාවේ තහවුරු වී ඇති කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව 9,791 කි. ඉන් 6,313 දෙනෙකුම මිනුවන්ගොඩ - පෑලියගොඩ පොකුරට අයත් බව වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසීය. ""හැකිතාක් නිවෙස්වල රැඳෙන්න"" රට තුළකෝවිඩ් රෝගීන් සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කළ ද වෛරසය තවමත් පාලන මට්ටමක පවතින බව කී විශේෂඥ වෛද්‍යවරයා දැනට වාර්තා වී ඇති රෝගීන් අතර අන්තර් සම්බන්ධයක් දැකිය හැකි බව සඳහන් කළේය. ""පුළුවන් තරම් නිවෙස්වල රැඳී සිටින්න උත්සාහ කරන්න. පිටතට යෑම අවම කරන්න, අත්‍යවශ්‍යම දෙයකට පිටතට යන අවස්ථාවක මීට��යක දුර තබා ගන්න, මුව ආවරණ (මාස්ක්) පළඳින්න, සනීපාරක්ෂක ජෙල් හෝ සබන් යොදා දෑත් සෝදා පිරිසිදුව තබා ගන්න,"" ""මේ පියවර අනුගමනය කරනවා නම් අපට පහසුවෙන් රෝගය පාලනය කළ හැකියි,"" යනුවෙන් විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේය. රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන කෝවිඩ් රෝගීන් වාර්තා වී ඇති බැවින් නිවෙස්වල රැඳී සිටීම තුළ ඔවුන් හරහා වෛරසය පැතිර යාම පාලනය කර ගත හැකි බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. මේ වන විට, රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව තහවුරු වූ රෝගීන් රෝහල්වලින් පිටත රඳවා තැබීමට පියවර ගෙන ඇති බව විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේය. ""මීට පෙර, පොසිටිව් කියල හඳුනා ගත් සියලු දෙනා රෝහල්වලට ඇතුළත් කරන එක අපි කළේ. නමුත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අයට රෝහල් ඇඳක් අවශ්‍ය නැහැ. රෝහල් නොවන නේවාසික මධ්‍යස්ථානවල එවැනි රෝගීන් රඳවා තබන්න අලුතින් පියවර ගෙන තිබෙනවා."" PCR පරීක්ෂණ සහ රෝගීන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දත්ත අනුව පසුගිය දින 07 ක (ඔක් 23 සිට ඔක් 29) කාලය තුළ සිදු කරනු ලැබ ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 66,951 කි. වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාවක් සිදු කර ඇත්තේ ඔක්තෝම්බර් 28 වෙනිදා වන අතර එම සංඛ්‍යාව 11,552 කි. එකී කාලය තුළ වැඩි වශයෙන්ම රෝගීන් වාර්තා වී ඇත්තේ ඔක්තෝම්බර් 23 වෙනිදා වන අතර එම සංඛ්‍යාව 866 කි. කොරෝනා වෛරසය හේතුවෙන් මරණයට පත්ව ඇති සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් තිබේ. මේ ගැනත් කියවන්න:" +දෙමළ පාර්ශවයෙන් වාර්ගික ශුද්ධයක් සිදුවී ඇති බව දෙමළ ජාතික සන්ධානය පිළිගනී.,"පැය විසි හතරක් ඇතුළත උතුරෙන් මුස්ලිම් ජනතාව පලවා හරිනු ලැබීම වාර්ගික ශුද්ධ කිරීමක් හැර එයට වෙනත් අර්ථකතනයක් දිය නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කරයි. 'තිත්ත ඇත්ත' 'තිත්ත ඇත්ත' වශයෙන් හඳුන්වමින් ඔහු මේ බව කියා සිටියේ ෆෙඩරල් පක්ෂයේ නිර්මාතෘ එස්.ජේ.වී.චෙල්වනායගම්ගේ තිස් හයවන ගුණානුස්මරණ උත්සවයේදී. 'වාර්ගික ශුද්ධයකට අප අපරාධකරුවන් බව පිළිගන්නා තුරු අපට එරෙහිව වර්ග සංහාරයක් සිදුවන බව ජාත්‍යන්තරය පිළි නොගන්නා බව,'යි සුමන්දිරන් මන්ත්‍රීවරයා තව දුරටත් කියා සිටියේ. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජාත්‍යන්තරය මැදිහත් විය යුතු යයි අප ඉල්ලා සිටියදී මුස්ලිම් ජනතාව පිළිබඳව කතා නොකිරීමේ යුක්ති සහගත භාවයක් තිබේදැ'යි ඔහු විමසා සිටියේය. 'ඕස්ට්‍රේලියාව අපි ගැන කතා කර���්න ඕන. ඇමරිකාව අපි ගැන කතා කරන්න ඕන. ඉන්දියාවේ තියෙන සියළුම ප්‍රාන්ත අපි ගැන කතා කරන්න ඕන. හැබැයි, අපි මුස්ලිම්වරු ගැන කතා කරන්න හොඳ නැහැ. මොකක්ද මේකෙ යුක්තිය?,' සුමන්දිරන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය." +ඉන්දීය සමාගමක් විසින් ත්‍රිකුණාමලයේ ඉදි කිරීමට යෝජිත සාම්පූර් ගල් අඟුරු විදුලි බලාගාරය ජනතාව මත පැටවෙන තවත් බරක් බව දූෂණ විරෝධී සන්ධානය පවසයි.,"එන්ටීපීසීසී සමාගම සමඟ ගිවිසුම අත්සන් තැබූ අවස්ථාවේ විදුලි බල අමාත්‍යවරයා පවා යථාර්ථය නොදැන සිටි බව සන්ධානය පවසයි දූෂිත නිලධාරීන් විසින් අත්සන් තබන ලද සාම්පූර් බලාගාර ගිවිසුමේ කිසිදු විනිවිද පෙනෙන සුළු භාවයක් නැති හෙයින් අදාළ ගිවිසුම මගින් ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් කෝටි 763 ක පාඩුවක් සිදුවන බවයි, සන්ධානයේ සම කැඳවුම්කරුවකු වන ජෝසෆ් ස්ටාලින් පවසන්නේ. ඉන්දීය එන්ටීපීසීසී සමාගම සමඟ අදාළ ගිවිසුම අත්සන් තැබූ අවස්ථාවේ එවක සිටි විදුලි බල අමාත්‍යවරයා පවා යථාර්ථය නොදැන සිටි බවද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් සන්ධානයේ සම කැඳවුම්කරු කියා සිටියේය. පාඩු ලැබීම පමණක් නොව බලාගාරය ඉදිකිරීම පිණිස අක්කර 10,000 ක් පවරා ගැනීම හේතුවෙන් ප්‍රදේශවාසී දෙමළ පවුල් 1500 ක් අවතැන් වී සිටින බව ද ඔහු පවසයි. එබැවින් එම ගිවිසුම වහාම අවලංගු කළ යුතු බව දූෂණ විරෝධී සන්ධානයේ ඉල්ලීමයි. සාම්පූර් පාඩු ලබන ව්‍යාපෘතියක් වුවද ඉන්දීය රජය සැනසීම පිණිස එය ක්‍රියාත්මක කරන බවයි, සන්ධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මේ අතර පවසන්නේ. මේ අතර නොරොච්චෝලේ විදුලි බලාගාරය ඉදිකිරීම සඳහා අඩුම ටෙන්ඩරය ඉදිරිපත් කළ ඉන්දීය සමාගමට කොන්ත්‍රාත්තුව ලබා නොදී එය චීන සමාගමකට ලබා දුන් බවට ද ඔහු චෝදනා කරයි." +පටේල් කුලයට අයත් ලක්ෂ තුනකට ආසන්න විරෝධතාකරුවන් පිරිසක් ගුජරාටයේ අහමෙදාබාද් නගරයට එක් රැස් වුණේ රැකියා සහ අධ්‍යාපන අවස්ථා සඳහා තම ප්‍රජාව වෙනුවෙන් කෝටා ක්‍රමයක් හඳුන්වා දෙන ලෙස ඉල්ලමින්.,"ඉන්දීය ජාතික ධතය අතැතිව සිටින හාර්දික් පටෙල් ඉන්දියාවේ කුල ප්‍රජා අතරින් පටේල් ප්‍රජාව ධනවත් ජන කොටසක් ලෙස සැලකේ. රැකියා සහ අධ්‍යාපන අවස්ථා ලබා දීමේදී කුලයෙන් පහත් යැයි සැලකෙන ප්‍රජාවන් සඳහා කෝටා ක්‍රමයක් ක්‍රියාත්මක වුවත් පටේල් ප්‍රජාව එම කෝටා ලැයිස්තුවට ඇතුළත් නොවේ. තමාටත් එවැනි කෝටා ක්‍රමයක් හඳුන්වා දෙන ලෙස ඉල්ලා පැවති දැවැන්��� උද්ඝෝෂණයේ නියමුවකු වූ විසි දෙහැවිරිදි හාර්දික් පටෙල් එරට පුවත් පත්වල ප්‍රධාන සිරස්තල අතරට එක් විය. මීට මාස දෙකකට පෙර ගුජරාටයෙන් පිටත කිසිවකුත් ඔහුගේ නම අසා නොතිබූ අතර මේ වන විට හාර්දික් පටෙල් ඉන්දියාව පුරා පුවත් මවන්නෙකු බවට පත් වී තිබේ. ඉන්දීය නිදහස් සටනේ නියමු මහත්මා ගාන්ධි අහමෙදාබාද් සිට දාන්දි දක්වා සිදු කළ සුප්‍රසිද්ධ පාගමන සිහිපත් කරනු වස් හාර්දික් පටෙල් ප්‍රමුඛ පටේල් උද්ඝෝෂකයන් දාන්දි සිට අහමෙදාබාද් දක්වා පාගමනක් දියත් කිරීමට නියමිතයි. හාර්දික් පටෙල්, ඉන්දියාව තුළ අවධානයට ලක් වූ පළමු විරෝධතාකරුවා නොවේ. නොබෙල් සාම ත්‍යාග ලාභී ලේඛක වීඑස් නෛපෝල්ට අනුව ඉන්දියාව යනු ‘දස ලක්ෂ සංඛ්‍යාත විප්ලව කරුවන්ගේ දේශයක්’. ඉන්දීය ඉතිහාසය තුළ දැඩි අවධානයට ලක් වූ උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර පහත දැක්වේ. සියලු උද්ඝෝෂණයන්ගේ 'පියා' ජාතියේ පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධි ඉන්දියාවේ බිහි වූ සුප්‍රසිද්ධ උද්ඝෝෂකයා ලෙස සැලකේ. ජනතාව වෙනුවෙන් උපවාස කළ මහත්මා ගාන්ධිගේ පරමාදර්ශය වූයේ අහිංසාවාදයයි. සත්‍යග්‍රහ දියත් කරමින් බ්‍රිතාන්‍ය නිෂ්පාදන සහ සේවා වර්ජනය කිරීමට ගාන්ධි ජනතාව පෙළ ගැස්වීය. බ්‍රිතාන්‍ය ආණ්ඩුවට විරෝධය පළ කොට අහමෙදාබාද් සිට දාන්දි දක්වා දියත් කළ සුප්‍රසිද්ධ පාගමනට නායකත්වය ලබා දුන් ගාන්ධිට සිර බත් කෑමට සිදු විය. විරුධවාදීන්ට එරෙහිව ඔහු උද්ඝෝෂණ කළ ආකාරය සහ ඔහුගේ දර්ශනය පසු කලෙක නෙල්සන් මැන්ඩලා විසින් නැවතත් ක්‍රියාවට නැංවීය. ගස් සිප ගන්නෝ කැලෑ එළිපෙහෙළි කරමින් ගස් කපා දැමීමට එරෙහිව හැත්තෑව දශකයේදී ඉන්දියාව පුරා උද්ඝෝෂණ දියත් විය. ගස් කපා බිම හෙළීම වළක්වනු වස් විරෝධතාකරුවන් එක්ව ගස් වැළඳ ගත් අතර ඒ හේතුවෙන් කැලෑ කොන්ත්‍රාත් කරුවන්ට ගස් බිම හෙළීමට නොහැකි විය. උතුරු ඉන්දියාවේ කැලෑ ආශ්‍රිතව ජීවත් වූ ගම් වැසියන් හා එක් වූ ක්‍රියාධරයින් අතරට කාන්තාවන්ද එක් වී සිටි අතර 1980 වසරේදී ඉන්දියාවේ එවකට අගමැතිනියව සිටි ඉන්දිරා ගාන්ධි හිමාලය කලාපය තුළ ගස් කපා දැමීම වසර 15 කට තහනම් කිරීමට කටයුතු කළේ සිය උද්ඝෝෂණයේ අරමුණට ජය එක් කරමින්. ගස් වැළඳ ගනිමින් ගස් කපා බිම හෙළීමට දැක්වූ එම විරෝධය පසුව ලොව වෙනත් රටවල් තුළද සිදු විය. පසුගිය වසරේදී නේපාලයේ පාසල් දරුවන් 2001 දෙනෙකු ගස් වැළඳ ගනිමින් එසේ ගස් වැළඳ ගත්තේ ලෝක වාර්තාවක් පිහිටුවමින්. ��ාන්තා යට ඇඳුම් සහ හාදු කාන්තාවන් සමාජ ශාලා වෙත යෑම සම්බන්ධයෙන් විරෝධය දක්වන සහ වැලන්ටයින්ස් දිනය සමරන ආදරවන්තයින් ආදරවන්තියන්ට ප්‍රහාර එල්ල කළ හින්දු දැඩි මතධාරී කණ්ඩායම්වලට එරෙහිව 2009 වසරේදී කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නගන කණ්ඩායම් පෙළ ගැසුනහ. වැලන්ටයින්ස් දිනය සැමරූ ආදරවන්තයින් වෙත කුපිතකාරී තෑග්ගක් ලබා දීමට කටයුතු කළ දක්ෂිණාංශික දැඩි මතධාරී ‘ශ්‍රී රාම් සේනා’ කණ්ඩායමේ නායක ප්‍රමෝද් මුතාලික් අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් කාන්තා කණ්ඩායම 'රෝස පැහැ කාන්තා යට ඇඳුම් ව්‍යාපාරය' ආරම්භ කළේය. ශ්‍රී රාම් සේනා කණ්ඩායමේ නායක ප්‍රමෝද් මුතාලික් වෙත යැවීම සඳහා ක්‍රියාධරයෝ රෝස පැහැ කාන්තා යට ඇඳුම් එකතු කිරීම ආරම්භ කළහ. ශ්‍රී රාම් සේනා කණ්ඩායම මැන්ග්ලොරයේ පිහිටි සමාජ ශාලාවක් වටලා එහි සිටි කාන්තා ක්‍රියාධරිනියන්ට අතින් පයින් සංග්‍රහ කොට ඇති බවට පසුව ඉන්දියාව තුළ පුවත් පළ විය. ඒ සමග 'රෝස පැහැ කාන්තා යට ඇඳුම් ව්‍යාපාරය' වෙත දහස් ගණනකගේ සහාය හිමි වූ අතර රෝස පැහැ කාන්තා යට ඇඳුම් 2000ක් ශ්‍රී රාම් සේනා කාර්යාලය වෙත යැවීමට විරෝධතා කරුවෝ කටයුතු කළහ. සිප ගනිමින් ඡායාරූප ගත් තරුණ තරුණියන් සිටි ආපන ශාලාවකට හින්දු දැඩි මතධාරී කණ්ඩායමකගේ ප්‍රහාරයට ලක් වූයේ පසුගිය වසරේදීයි. එම ප්‍රහාරයට එරෙහිව පළ කොට ‘ප්‍රසිද්ධියේ සිප ගැනීමේ ව්‍යාපාරය’ නමින් විරෝධතාවක් සංවිධානය කිරීමට කල්කටාවේ සහ දිල්ලියේ විශ්වවිද්‍යාල සිසු සිසුවියෝ කටයුතු කළහ. නයි වෛරය නයි නටවන්නෙකු කෝපයට පත් කර ගැනීම නයෙකු කෝපයට පත් කර ගත්තා හා සමාන බව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත ආණ්ඩුවේ බලධාරීන්ට වැටහුණේ මර බය දැනීමත් සමගයි. නාගයින් ‘සංරක්ෂණය’ කිරීමට බිම් කොටසක් ලබා දෙන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සමකට ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වූ බලධාරීන් සේවය කරන කාර්යාලය තුළට නාගයින් ගෙන ගොස් දැමීමට නයි නටවන්නෙකු වන හකුල් කටයුතු කළේය. ඇතැම් බලධාරීන් හිස් ලූ අත දිව යනු දැක ගත හැකි වූ අතර බියට පත් ඇතැමෙක් පුටු මේස මත නගිමින් දිවි ආරක්ෂා කර ගැනීමට උත්සාහ ගනු දැක ගත හැකි විය. කාර්යාලය තුළට ගෙන ගොස් දැමූ නාගයින් අතර සිටි ඇතැම් නාගයින් විෂඝෝර දළ සහිත වූවෝ වෙති. මළ පහ උද්ඝෝෂණයක් මතභේදයට තුඩු දුන් ඉඩම් අත්පත් කර ගැනීමේ ආණ්ඩුවේ කෙටුම්පතකට විරෝධය දැක්වීම සඳහා ජාර්කාන්ද් ප්‍රාන්තයේ ගෝත්‍රික ප්‍රජාව��ට අයත් උද්ඝෝෂකයෝ ප්‍රසිද්ධියේ මළ පහ කළහ. සිය යට ඇඳුම් උනා දැමූ උද්ඝෝෂකයෝ මහාමාර්ගය දෙපස සිට මළ පහ සිදු කොට ඇත්තේ කෙටුම්පතේ පිටපත් මතටයි. ඇනකොන්ඩා සහ කිඹුලා ගමනාගමනයට නුසුදුසු මාර්ග පිළිසකර කිරීමට බලධාරීන් අපොහොසත් වීමත් සමග ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා බැංගලෝරයේ කලාකරුවෙක් කිලෝ 20ක් බරැති ජීව ප්‍රමාණයේ කිඹුලකු ඇඹීමට කටයුතු කළේය. පිළිම නෙළන්නෙකු වන බාදල් නජුන්දාස්වාමි විසින් පසුගිය ජුනි මාසයේ අඹන ලද කිඹුල් රුවට බිය වූ ඇතමෙක් උදව් ඉල්ලා දිව යනු දැක ගත හැකි විය. දිනකට පසු මාර්ගය පිළිසකර කිරීමට බලධාරීහු කටයුතු කළහ. බාදල්ගේ ක්‍රියාව ආදර්ශයට ගනිමින් මාර්ගයේ ඇති වතුර වළක් මත ඇනකොන්ඩා රුවට සමාන උරඟ රුවක් තැබීමට රාජ්‍ය නොවන ආයතනයක් වන නාමා බෙන්ගලරු පදනම කටයුතු කළේ පසුගිය මාසයේදීයි." +අවුරුදු දහ අටෙන් පහළ යෞවන යෞවනියන්ට සිය අන්තර්ජාල අතීත සටහන් මකා දැමීම සඳහා ඉඩ තිබිය යුතු බව බ්‍රිතාන්‍ය ක්‍රියාකාරකයින් පිරිසක් කියා සිටියි.,"දැනටමත් අවුරුදු පහක තමන්ගේ අන්තර්ජාල අතීත සටහන් මකා දැමීම පිළිබඳව නීති රීති සම්මත කර ගැනීමට කතාබහක් යුරෝපය තුල ඇති වී තිබේ. ‘අයි රයිට්ස්’ ක්‍රියාකාරකයින් කියා සිටින්නේ යෞවන යෞවනියන්ට තමන් මීට පෙර අන්තර්ජාලයේ පල කරන ලද ඡායාරූප, දෙබස්, වැනි ප්‍රකාශන සංස්කරණය කිරීමට හෝ සම්පුර්ණයෙන්ම මකා දැමීමට ඉඩ දිය යුතු බවයි. බ්‍රිතාන්‍යයේ අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා මේ පිළිබඳව සිය සහයෝගය පල කොට ඇත. අත්හදා බැලීමට ඉඩක් තමන්ට ලැජ්ජාව හෝ අපහසුවක් ගෙන දෙන පෞද්ගලික තොරතුරු වැඩි අපහසුවකින් තොරව අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට ඉඩ දිය යුතු බවයි ‘අයි රයිට්ස්’ සංවිධානයේ නිර්මාතෘ බීබන් කිඩ්රෝම් බීබීසියට කියා සිටියේ. එසේ නොකළහොත් දරුවෙකු අවුරුදු 14දී හෝ 15දී කළ කී යමක් හේතුවෙන් අසාධාරණ විනිශ්චයකට ලක් වීමට ඉඩ තිබෙන බවයි. අත්හදා බැලීමට තිබෙන ඉඩකඩ ළමයකුගේ මානසික වර්ධනය සහ පෞරුෂය සංවර්ධනයේ වැදගත් අංගයක් වුවත් අන්තර්ජාලය අතීතය අමතක නොකරන අතරම වැරදි හදා ගැනීමට ඉඩක් නොදෙන බවයි බීබන් කිඩ්රෝම් පෙන්වා දෙන්නේ. ඩිජිටල් අතීතය ඉවත් කිරීම පිළිබඳ කෘතියක් පල කොට ඇති ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වික්ටර් මේයර් ස්කොන්බර්ග් කියා සිටින්නේ ඩිජිටල් යුගයක මතක තබා ගැනීම පෙරට පැමිණ අමතක කිරීම යටපත් වී ඇති බවයි. අතීතයේදී එක්රැස් කර ගත් තොරතුරු ඉවත දමන සම්ප්‍රදායක් තිබුණු නමුත් වර්තමානයේ පවතින්නේ එක්රැස් කර ගන්නා තොරතුරු ගබඩා කර සදහටම පවතින සාමූහික මතකයක් ගොඩ නගන සම්ප්‍රදායකි. ට්විටර්, ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාල වලින් යම් තොරතුරු ඉවත් කර ගැනීමේ හැකියාව තිබුනත් ඒවා අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර ඔස්සේ නැවත මතු වීමට ඉඩ තිබේ. ස්පාඥ්ඥය ඉදිරියෙන් මෙම තත්වය යටතේ හුදෙක් යමකු ලැජ්ජාවට පත් කරන තොරතුරු පමණක් නොව අපරාධ වලට වැරදි කරුවන් වීම සහ නඩු විභාග වල තොරතුරුත් ඇතුළත් විය හැකිය. පාසල් වියේ දී ලිංගික ප්‍රචන්ඩතා වලට සහ තාඩන පීඩන වලට ලක් වන දරුවන්ගේ අමිහිරි මතකයන් අන්තර්ජාලයේ සදහටම පවතින මතකයක් වීම ගැටළුකාරී තත්වයක් බව ක්‍රියාකාරීන් පෙන්වා දෙයි. අන්තර්ජාල අතීතය අමතක කිරීම අතින් ස්පාඥ්ඥය වැදගත් ඉදිරි පියවර ගණනාවක් ගෙන ඇත. ස්පාඥ්ඥයේ නීතිඥයෙකු වන මාරියෝ කොස්ටෙජා ගොන්සාලිස් පැවරූ නඩුවක් මගින් ගූගල් සමාගමට තොරතුරු සුරැකිව තබා ගැනීමේ අයිතියට අභියෝග කළේය. මෙම නඩුව ස්පාඥ්ඥ නීතිවේදියාගේ වාසියට තීන්දු විය. 1998 දී ස්පාඥ්ඥ පුවත්පතක් වූ ‘ලා වැන්ගාඩියා’ කොස්ටෙජා ගොන්සාලිස් මුදල් අමාරුකම් හේතුවෙන් තම නිවාසය විකිණූ බවට වාර්තාවක් පල කරනු ලැබීය. එම වාර්තාව ඔහු සිය ණය ගෙවා අවසන් කොට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමෙන් පසුවත් අන්තර්ජාලයේ සෙවුම් ප්‍රතිඵල ඔස්සේ මතු වීම තමන්ගේ කීර්තිනාමයට සහ ප්‍රතිරූපයට අහිතකර ලෙස බලපාන බවටයි ඔහු අධිකරණය හමුවේ පැමිණිලි කළේ. එම තර්කය පිළිගත් අධිකරණය මෙම සිදුවීමට අදාළ විස්තර ගූගල් සෙවුම් යන්ත්‍ර වලින් ඉවත් කල යුතු බවට නියෝග කල අතර යුරෝපීය රටවල ජීවත් වන පුරවැසියන් හට තොරතුරු ඉවත් කර ගැනීමේ ඉල්ලීමක් ගූගල් වෙත ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් තිබිය යුතු බවට නියෝග කළේය. මෙම තීන්දුවෙන් පසු තමන්ගේ පෞද්ගලික තොරතුරු අන්තර්ජාලයෙන් ඉවත් කර ගැනීමේ ඉලීම් 150000ක් ඉදිරිපත් වූ අතර එයින් අඩකටත් වඩා ගූගල් සමාගමට මේ වන විට ඉවත් කිරීමට සිදු වී තිබේ. ඩිලීට් බොත්තමට අභියෝග පෞද්ගලිකත්වය රැකීමේ අයිතිය යටතේ තොරතුරු සැඟවීමට ලැබෙන ඉඩකඩ පිළිබඳ ප්‍රශ්න මතුවී තිබේ. මහජනයාට තොරතුරු දැන ගැනීමට තිබෙන නිදහස සහ ප්‍රකාශන අයිතියට තිබෙන නිදහස අතර තිබෙන ගැටුම්කාරී තත්වය හේතුවෙන් ඩිලීට් බොත්තම එබීමේ නිදහස භාවිතයට නැංවීමේ ගැටළු මතු වී ඇත. ස්පාඥ්ඥ ‘ලා වැන්ගාඩියා’ පුවත්පත තොරතු��ු නිසි ලෙස වාර්තා කර තිබුණ හෙයින් එම වාර්තාව අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට නියෝග කිරීම තුලින් එම මාධ්‍ය ආයතනයේ ප්‍රකාශන අයිතියට ඇඟිලි ගැසීමක් සිදු වී ඇති බවට ඇතැම් කණ්ඩායම් තර්ක කරති. තොරතුරු ප්‍රකාශන නිදහස පිළිබඳව කටයුතු කරන ‘ආර්ටිකල් 19’ සංවිධානයේ ජේෂ්ඨ නීතිවේදි ගර්බ්රියාලේ ගුලිමන් කියා සිටින්නේ අන්තර්ජාලයෙන් පෞද්ගලික තොරතුරු සදහටම ඉවත් කිරීමට ඩිලීට් බොත්තමක් හඳුන්වා දීම ප්‍රකාශන නිදහස අවසන් කරන තුරුම්පුව නොවිය යුතු බවයි." +ලොව පුරා බොහෝ රටවල තවමත් ක්‍රියාත්මක වන ළමා විවාහ හේතුවෙන් ඉදිරි දශකයක පමණ කාලය ඇතුළත ලෝකයට ඩොලර් කෝටි ලක්ෂ ගණනක (ඩොලර් ට්‍රිලියන ගණනක) මූල්‍ය හානියක් සිදු වනු ඇති බව අලුත්ම පර්යේෂණ වාර්තාවකින් හෙළිදරවු වේ.,"දරුවන් විවාහ කරදීමේ සම්ප්‍රදායයට නැවතීමේ තිත තැබීම මගින් දැරියන් සහ ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය, කාන්තාවන්ගේ ආදායම සහ පවුලේ සුභසාධනය කෙරෙහි ද ප්‍රබල සාධනීය බලපෑමක් ඇති කෙරෙන බවත් ලෝක බැංකුව (World Bank) සහ කාන්තාවන් සම්බන්ධ පර්යේෂණ මධ්‍යස්ථානය (Centre for Research on Women- ICRW) විසින් පවත්වන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. ළමා විවාහ හේතුවෙන් ගෝලීය වශයෙන් එල්ලවන මූල්‍ය බලපෑම සහ ළමා විවාහ නැවතීම මගින් ලැබෙන වාසි සම්බන්ධ පළමු පූර්ණ තකසේරුව මෙය බව Girls Not Brides සංවිධානය සඳහන් කරයි. සබැඳි යොමු: ලෝක බැංකු වාර්තාව සඳහන් කරන අන්දමට ලෝකයේ ළමා විවාහ වැඩියෙන්ම සිදුවන රටවල් 20 අතර ආසියානු කලාපීය රටවල් තුනක් ද තිබේ. බංග්ලාදේශය,ඉන්දියාව සහ නේපාලය එම රටවල් තුනය. ළමා විවාහයක්, මුස්ලිම් ක්‍රියාකාරිනියෝ සහ තව්හීඩ් ජමාආත් ශ්‍රී ලංකාවේ ළමා විවාහ එතරම් ප්‍රචලිතව නැතත්, මුස්ලිම් ජනතාවට පමණක් බලපැවැත්වෙන් මුස්ලිම් විවාහ සහ දිකක්සාද පනත හේතුවෙන් ඇතැම් මුස්ලිම් දැරියන් මුහුණ දෙන ශෝචනීය ඉරණම පිළිබඳව පවත්වන ලද විශේෂ ගවේෂණයක වාර්තාවක් බීබීසී සිංහල සේවය පසුගියදා ප්‍රකාශයට පත් කළේය. මුස්ලිම් ජනතාව සඳහාත් විවාහවීමේ වයස අවුරුදු 18 දක්වා ඉහළ නැංවිය යුතු බව මුස්ලිම් ක්‍රියාකාරිනියන් පවසන නමුත් තව්හීඩ් ජමාත් වැනි ඇතැම් සංවිධාන එයට දැඩි විරෝධය පළකරති. ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පමණක් මුස්ලිම් ජනතාව අතර ළමා විවාහ වසරක් ඇතුළත 14% සිට 22% දක්වා ඉහල ගොස් ඇති බව ද එමගින් හෙළිදරවු කෙරිණ. ලෝක බැංකුවේ පර්යේෂණය හෙළි කරන පරිදි ජනගහන වර්ධනය, දරු උපත් ස��ලතාව, පවුලේ ආදායම සහ ළමා සෞඛ්‍යය සම්බන්ධයෙන් සලකා බැලීමේදී 2030 වනවිට තුන්වෙනි ලෝකයේ රටවලට එමගින් සිදුවන මූලය හානිය ඩොලර් ට්‍රිලියන සංඛ්‍යාවක් විය හැකිය. සබැඳි යොමු: මානව හිමිකම් ක්ෂේත්‍රයෙන් සලකා බලන විට ළමා විවාහවලට නැවතීමේ තිත තැබීම අත්‍යවශ්‍ය වන අතරම, එමගින් සිය රටවලට ආර්ථික වාසියක් ද අත්වන බවට ලොව පුරා ආණ්ඩුවලට මෙමගින් සාක්ෂි ද ලැබී තිබෙන බව ළමා විවාහ අවසන් කිරීම වෙනුවෙන් පෙනී සිටින Girls Not Brides සංවිධානය පෙන්වා දෙයි. බාල වියේ දී (වයස අවුරුදු 18 ට අඩු) දරුවන් බිහිකරන ලොව පුරා සෑම දැරියන් සිව්දෙනෙකුගෙන් තිදෙනෙකුම එසේ බාල වියේ දී මව් පදවියට පත්වන්නේ ළමා විවාහයක ප්‍රතිඵලයක් ලෙසින් බව (84.4% ක්) පර්යේෂණ වාර්තාවෙන් හෙළි වේ. ළමා මවක බවට පත්වීම මගින් එම දැරියට ද්විතීයික අධ්‍යාපනය ලැබීමේ අවස්තාව අහිමිවන අතර, එමගින් ඇයට ඉහල ආදයමක් ලබන රැකියාවක නිරතවීමේ අවස්ථාව 9% කින් අවප්‍රමාණ වන බව ද වාර්තාවේ සඳහන් වේ. මේ සියල්ල සලකා බලන විට සමස්තයක් වශයෙන් ළමා විවාහ මගින් සමස්ත රටක ඉදිරි ගමනට බාධා කරන බව ලෝක බැංකුව සහ කාන්තාවන් සම්බන්ධ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් පවත්වන ලද සමීක්ෂණයේ නිගමණය වී තිබේ. ලෝක බැංකු සමීක්ෂණය පෙන්වා දෙන පරිදි, කිසියම් ලෙසකින් මේ වසර තුළ ළමා විවාහ නැවතිය හැකි නම් එමගින් ලෝක ආර්ථිකයට ඩොලර් බිලියන 566 ක වාසියක් සිදු විය හැකිය. බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනම ඇතුළු සංවිධාන කිහිපයක් මෙම පර්ය්ෂණය සඳහා මූල්‍ය දායකත්වය සපයා තිබේ. දැරියක ද්විතීයික අධ්‍යාපනය හදාරන සෑම අතිරේක වසරක් පාසාම ඇය ළමා විවාහයකට ගොදුරු කරනු ලැබීමේ අවදානම අඩු කෙරෙන බව ද වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි." +"""මම රජයේ සේවිකාවක්. ඉතාම දුක්ගැහැට විඳගෙන තමයි මම දුම්රියේ ගමන් කළේ,"" බීබීසි සිංහල සේවය සමග එසේ පැවසුවේ කාන්තාවන් වෙනුවෙන්ම වෙන්වූ දුම්රිය මැදිරියේ ගමන් කළ කාන්තාවකි.","මීරිගම සිට කොළඹ කොටුව දක්වා ගමන් කළ අංක 525 දුම්රියේ කාන්තාවන් වෙනුවෙන් දුම්රිය මැදිරියක් වෙන් කර තිබුණි. ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් එහි මංගල ගමන සිකුරාදා (මාර්තු 08) සිදුවිය. මෙම අවස්ථාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියා සිටියේ පොදු ප්‍රවාහන සේවය තුළ සිදුවන කාන්තා හිංසනය අවම කිරීමට නවීන තාක්ෂණය යොදා ගත යුතු බවය. ""දුම්රියේ කාන්තාවන් සඳහා පමණක් මැදිරි වෙන් කිරීම��න් හෝ ඔවුන්ට පමණක් වෙන්වූ බස් යෙදවීමෙන් පමණක් කාන්තා හිංසන අවම කළ නොහැකියි,"" ඇය කියා සිටියේය. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැඩි දුරටත් කියා සිටියේ පොදු ප්‍රවාහන සේවයේදී කාන්තාවන්ට සිදුවන හිංසනයන් වැළැක්වීමට අනෙකුත් රටවල් වල මෙන් සීසීටීවී භාවිතය ශ්‍රී ලංකාවේ ද ව්‍යාප්ත කළ යුතු බවය. ""ලංකාවේ කාන්තාවක් අතවරයට පත්වූ පසු පැමිණිල්ලක් කළ විට ඇය නැවත නැවතත් අපහසුතාවයට ලක් වෙනවා."" ""ඒක වෙන්නේ මෙහෙමයි, මුලින්ම ඇය පොලිසියට පැමිණිලි කරන්න ඕනෑ. ඊට පසු ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කල යුතුයි. තවත් ස්ථාන කීපයකට ගොස් අවසානයේදී උසාවියටත් යා යුතුයි. උසාවියේදී නඩුව විභාග කරන සෑම අවස්ථාවකදී ම ඇය අතවරයට ලක් වෙනවා,"" මන්ත්‍රීවරිය කීවාය. එබැවින් මූල් අවස්ථාවේදී ම ඇයගේ ප්‍රකාශය වීඩියෝ ගත කර එය නඩු විභාගය සදහා ප්‍රයෝජනයට ගෙන ඇගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම කළ හැකි බව ඇය පෙන්වා දෙයි. ""නීතිය ක්‍රියාත්මක කරන හා නීති සම්පාදකයන් මේ පිළිබඳව සිතා බැලිය යුතුයි."" දුම්රිය මැදිරිය විවෘත කරමින් කියවන්න: කාන්තාවන්ට නිතර පොදු ප්‍රවාහන සේවයේදී සිදුවන හිංසනයන් සැලකිල්ලට ගනිමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බව ප්‍රවාහන අමාත්‍යාංශය පැවසීය. මේ ඉල්ලීම කර තිබුණේ කොළඹ නාගරික මන්ත්‍රිනියක් වන ගයාත්‍රි වික්‍රමසිංහය. ඇය ද මෙම දුම්රිය මැදිරියේ ගමන් කළාය. ඉන්දියාවේ කළ සංචාරයක් අතරතුර ලැබූ අත්දැකීම් මුල් කරගනිමින් ඇය මෙම ඉල්ලීම කර තිබිණි. ""මේ ඉන්නේ අම්මා"" ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග ද මෙම දුම්රිය මැදිරි විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ අතර පසුව අමාත්‍යවරයා දුම්රියෙන් බැස ගියේය. ඉදිරියේදී කාන්තාවන්ට වෙන්වූ බස් රථ සේවයක්ද ආරම්භ කරන බව අමාත්‍යවරයා එහිදී කියා සිටියේය. ""කාන්තාවන්ට සිදුවන හිරිහැර පිළිබඳව මාධ්‍යයෙන් අසන්න ලැබුණා. නමුත් බොහෝ කාන්තාවන් ඒවා එළියට ඇවිල්ලා කියන්නේ නැහැ ලැජ්ජාවට. පිරිමි හැටියට ලොකු වගකීමක් අපිට තියෙනවා කාන්තාවන් ආරක්ෂා කර ගන්න. අපි හිතන්න ඕනෑ මේ ඉන්නේ මගේම අම්මා කියන එක විතරයි,"" රණතුංග ඇමතිවරයා කීය. ""නිදහස භුක්තිවින්ඳා"" දුම්රියේ ගමන් කිරීමේදී තමන් ලොකු නිදහසක් භුක්තිවිඳි බව මෙම මැදිරියේ ගමන් කළ කාන්තාවන් කිහිපදෙනෙක් පැවසූහ. සිනා මුසු මුහුණින් කතා කළ සමහරෙකු කියා සිටියේ මේ තත්වය දිගටම තිබිය යුතු බවය. වසර තිහකට ආසන්න කාලයක සිට දුම්රියේ ගමන්කරන කාර්යාල සේවිකාවක් වන කේ සී ආර් පෙරේරා ප්‍රකාශ කළේ, තමාට අමිහිරි අත්දැකීම් රැසක් ඇති බවය. ""මම රජයේ සේවිකාවක්. ඉතාම දුක්ගැහැට විඳගෙන තමයි මම දුම්රියේ ගමන් කළේ. ගැහැණු ළමයෙකුට පමණක් නොවෙයි වැඩිහිටි කාන්තාවකට වුවත් දුම්රියේ සිදුවන හිරිහැර තාඩන පීඩන වැඩියි. සමහර අවස්ථාවලදී පාසල් ළමුන් හිංසනයට ලක්වෙනවා දැකලා තියනවා. මම ඒ වගේ අවස්ථාවල ඒ ළමුන් ඒ ස්ථාන වලින් ඉවත් කරගෙන පවා තිබෙනවා . ඒ නිසා මේ උත්සාහය පිළිබඳව සතුටු වෙනවා."" කාන්තා දිනය ජාත්‍යන්තර කාන්තා දිනයට පමණක් සිමා නොවී වසරේ සෑම දිනකම කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටිය යුතු බව දුම්රියේ ගමන්ගත් බොහෝ කාන්තාවෝ පෙන්වාදුන්හ. මෙම මැදිරියේ ගමන් කළ දහඅට හැවිරිදි රුවන්තිකා සන්දීපනී ප්‍රකාශ කළේ ඇතැම් ආයතන කාන්තා දිනයට පමණක් කාන්තාවන් ගැන කතාකර පසුව කාන්තාවන් අමතක කරන බවය. ""කාන්තා දිනය අද විතරක් නෙමෙයි හැම දිනක් ම බව හිතල කටයුතු කරලා කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනා දෙන්න කියල ඉල්ලනවා,"" ඇය කීය. නම සඳහන් කිරීමට අකමැතිවූ කාන්තාවක් කියා සිටියේ තමන් වසර විසි පහකට ආසන්න කාලයක් දුම්රියේ ගමන්කරන බවත් එම කාලය තුළ අවස්ථා ගණනාවකදී දුම්රියේ දී අතවරයන්ට ලක්ව ඇති බවය. ""මේවා කියලත් බැහැ නොකියත් බැහැ. එක දවසක් මම කෝච්චියේ යද්දී මනුස්සයෙක් මගේ ඇඟට හේත්තු වුනා . මම කිව්වා ටිකක් අයින් වෙන්න කියලා . ඒ මනුස්සය මට කිව්වා ඊළඟ ස්ටේෂන් එකෙන් බැහැල වාහනයක් හයර් කරන් එන්න කියලා. මේක ඒ මනුස්සයා කිව්වා විතරයි හැමෝම බක, බක ගාලා හිනා වුනා. මට ලොකු ලැජ්ජාවක් ඇති වුනා. මට අන්තිමට සිද්ධ වුනේ ඊළඟ ස්ටේෂන් එකෙන් බහින්න තමයි,"" ඇය කීය. කාන්තාවන් සඳහා වෙන්වූ දුම්රිය මැදිරිය පුරුෂ ප්‍රතිචාර රාගම සිට කොළඹ කොටුව බලා ගමන් කිරීමට සුදානම් ව සිටි දුම්රිය මගියෙකු වන කුසල් දිසානායක ප්‍රකාශ කළේ මිට පෙරද මේ ආකාරයෙන් කාන්තාවන් සඳහා වෙන්වූ දුම්රිය මැදිරි තිබු බවය. නමුත් ටික දිනකින් එය අක්‍රිය වූ බව හෙතෙම පැවසිය . ""අප‍ රටේ ගොඩක් වෙන්නේ බෙර ගහලා පටන් ගන්නවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ ටික කාලයයි. මේ අද ආරම්භ කරපු වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි.""" +"ශ්‍රී ලංකාවේ වසර විසි හයක සිවිල් යුද්ධය සම්බන්ධයෙන් ආරම්භ කොට ඇති පරීක්ෂණය දේශපාලන වශයෙන් පොළඹවන ලද, ප්‍රමාණය ඉක්මවා යන එකක් බව පවසමින් ජනාධිපති ��හින්ද රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දෝෂ දර්ශනයට ලක් කරයි.","මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 69 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව අමතමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ බදාදා 69 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව අමතමින්. සිවිල් යුද්ධයෙන් බැට කෑ ශ්‍රී ලංකාව මේ වන විට මානව හිමිකම් මණ්ඩලයේ හොඳින් සිතා නොබැලු අරමුණුවලින් යුත් න්‍යාය පත්‍රවල අවාසනාවන්ත ගොදුරක් බවට පත්ව ඇතැයි ජනාධිපතිවරයා තව දුරටත් කියා සිටියේය. 2009 වසරේ දී යුද්ධය නිම වීමත් සමගම ශ්‍රී ලංකාව අත්කර ගෙන තිබෙන සැලකියයුතු ප්‍රගතිය එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් අමතක කර දමා ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය. “මගේ රට ඉලක්ක කොට ගෙන කටයුතු කරන ආකාරය දෙස බලන විට එහි සාධාරණීකරණය කළ නොහැකි මට්ටමේ දැඩි මැදිහත් වීම් සහ අපක්ෂපාති බවක් දක්නට තිබෙනවා,” යනුවෙන් කියා සිටි ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට වඩා ලෝකයේ මානව හිමිකම් කවුන්සිලයේ දැඩි අවධානය යොමු විය යුතු රටවල් සහ ප්‍රශ්න තිබෙන බව ප්‍රකාශ කළේය. විරෝධතාවයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය කථාව පවත්වන අවස්ථාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීම පැවැත්වූ ගොඩනැගිල්ල අබියස ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රකාශයට පත් කොට ඇති ඊලාම් රාජ්‍යයේ ආධාර කරුවන් විසින් විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කොට තිබිණ. විරෝධතා ව්‍යාපාරය මෙහෙයවූ එම සංවිධානයේ වී. රුද්‍රකුමාරන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට සහ හමුදාවට එරෙහිව ක්‍රියාත්මක වූ විරෝධතාවයට ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ආධාර කරුවන්ගේ සහය ලැබුණු බවයි. එක්සත්ජාතීන්ගේ පරීක්ෂණ කණ්ඩායම් වලට ශ්‍රී ලංකාවට පැමිණ ම සඳහා වීසා නිකුත් නොකිරීම, සහ සාක්ෂි දීමට ඉදිරිපත් වුවන් බිය ගැන්වීම සම්බන්ධයෙන් විරෝධතා කරුවෝ සිය දැඩි විරෝධය පළ කළහ." +ශ්‍රී ලංකාවේ නගර සහ ගම් ද ඇතුළත් මහජන සෞඛ්‍ය පරීක්ෂණ කොට්ඨාස 143ක දුම්වැටි සහ දුම්කොළ නිෂ්පාදන අලෙවිය මුළුමණින් ම නැවතී ඇති බව වාර්තාවේ.,"වෙළෙඳසල් හිමියන් දැනුවත් කිරීම හරහා මේ තත්ත්වය ළඟා කරගැනීමට හැකි වුව ද, විවධ හේතු මත එය පසුගිය වසරට සාපේක්ෂව යම් පසුබෑමක් පෙන්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. පසුගිය වසර තුළ දුම්වැටි හා දුම්කොළ නිෂ්පාදන ��ලෙවිය නොකෙරුණු කොට්ඨාස ප්‍රමාණය දැක්වුණේ 217 ක් ලෙසිනි. කෙසේවෙතත්, දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අලෙවිය හේතුවෙන් රටක් ලෙස ශ්‍රී ලංකාව පත්වී ඇති තත්ත්වය කොට්ඨාස බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මාර්ගයෙන් වෙළෙඳ ප්‍රජාවට අවබෝධකර දීමෙන් මෙම තත්ත්වය උදාකරගත් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ දුම්පානය පිළිබඳ තත්ත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය 2015 වසරේ නිකුත් කළ දත්ත අනුව ශ්‍රී ලංකාවේ ජනයාගෙන් 15% ක් දුම්පානය කරති. ඊට පිරිමි 29.4% ක් ද කාන්තාවන් 0.1% ක් ද ඇතුළත් වනබව පෙන්නුම් කරයි. සමීක්ෂණය කළ වසරේදී දුම්පානයෙහි යෙදුණු පුද්ගලයන්ගෙන් හරි අඩක් සමීක්ෂණයට ආසන්න මාස 12 ක කාලය තුළදී දුම්පානය අත්හැරීමට උත්සාහ කර ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබිණි. 2015 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවට අනුව තමන් දුම්පානය නොකරන නමුත්, ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් තම සේවා ස්ථානයේදී දුම්පානයට නිරාවරනය වන අතර, තම නිවෙස්වලදී එසේ නිරාවරනය වන පුද්ගල ප්‍රමාණය ද වැඩිහිටියන් 4 දෙනෙකුගෙන් එක් අයෙකි. දුම්පානයට නිරාවරණය වීම මේ අතර, දුම් පානය නොකරන පිරිමින් සහ කාන්තාවන් පිරිසක් ඇසුරින් ඇමෙරිකානු පිළිකා සංගමය (American Cancer Society) කරන ලද අධ්‍යයන වාර්තාවකින් කියවෙන්නේ, තමන් දුම් පානය නොකරන නමුත්, ළමා වයසේදී දුම් පානය කළ දෙමාපිය ඇසුරේ වැඩුණු පුද්ගලයන් භයානක පෙනහලු රෝග හේතුවෙන් මියයාමේ ඉහළ අවදානමක් ඇති බව ය. වැඩිදුර තොරතුරු සඳහා කියවන්න: ළමා අවධියේ දුම් ආඝ්‍රාණය වීම හේතුවෙන්, ""මියයන සෑම පුද්ගලයන් ලක්ෂයකට දුම් පානය නොකරන්නන්ගේ මරණ හතක් වැනි ප්‍රමාණයක් එක්වන බවක්"" පෙනෙන්නේයැයි එහිදී පර්යේෂකයෝ පෙන්වා දෙති. ""චර්යාත්මක වෙනස"" ""ජාතික මත්ද්‍රව්‍ය නිවාරන අධිකාරිය මගින් ලෙස පුහුණු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මාර්ගයෙන්, චර්යාත්මක වෙනසක් ඇතිකරමින් තමයි අපට (දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන) විකිණීම යම් තරමකින් නවතාගැනීමට හැකිවෙලා තියෙන්නේ,"" යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ බීබීසී සිංහල සේවයට පැවසීය. පසුබෑම පසුගිය වසරට සාපේක්ෂව සිදුවී ඇති පසුබෑම පිළිබඳව පැහැදිලි කළ සභාපතිවරයා,""අපි දුම්වැටි අලෙවි නොකරන බවට තහවුරු කරගත් ප්‍රදේශ, දුම්වැටි අලෙවි කරන නගර බවට පත් කිරී���ට ඔවුන් (දුම්වැටි නිෂ්පාදකයින්) සටනක් දෙනවා. ඒ සටනේ ඇතැම් ස්ථානවල අපි පරාජය වෙනවා,"" යනුවෙන් පෙන්වාදුන්නේය. ""අපි දැනට මේ සංඛ්‍යාව වසර කීපයක් හෝ පවත්වාගෙන යාමට කටයුතු කරනවා,"" කෙසේවුවද, 2016 සහ 2017 කාලය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) සකස් කරන ලද වාර්තාවලින් පෙන්නුම් කෙරුනේ දුම්පානය සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ ඇති නැඹුරුවේ අඩුවකි. සබැඳි පුවත්:" +‘වීදියේ විරෝධය’ නම් සංවිධානයට සම්බන්ධව කටයුතු කරන තමන්ට මෙන්ම තවත් මානව හිමිකම් ක්‍රියාධරයන් දෙදෙනෙකු වන ප්‍රසංග ප්‍රනාන්දු සහ පිලිප් දිසානායක යන දෙදෙනාටත් තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබී තිබෙන බව සිවිල් සමාජ ක්‍රියාධරයෙකු වන බ්‍රිටෝ ප්‍රනාන්දු පවසයි.,"බ්‍රිටෝ ප්‍රනාන්දු මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතා අයිතීන් සුරැකීම වෙනුවෙන් ඔහු ගෙනයන විරෝධතාවන් නුස්රුස්සන්නන් විසින් ඔහුගේ නිවසේ ගේට්ටුවේ මරා දැමූ සුනඛයෙකු ගේ හිසක් එල්ලා ගොස් තිබුණේ පසුගිය 05 වැනිදායි. මරණීය තර්ජන “මට අද හැන්දෑවේ 1.37 ට 0775875216 යන දුරකථනයෙන් කතා කළා. මට මරණීය තර්ජන එල්ල කළා. ඊට පස්සෙ ප්‍රසංග නමැති අයට කතා කරලා තිබුණ. 13.39 ට මේ නම්බර් එකෙන්ම.” යනුවෙන් සිදුවීම පිළිබඳව සංදේශයට තොරතුරු හෙළිකරමින් කතා කළ බ්‍රිටෝ ප්‍රනාන්දු පැවසුවේ පිලිප් නමැති ක්‍රියා ධරයාට ද කතා කිරීමට ඔවුන් උත්සාහ කර තිබුණද පිලිප් නිවසේ නොසිටි බැවින් එය අසාර්ථක වූ බව ප්‍රසංගට දුන් දුරකථන ඇමතුමින් හෙළිවන බවයි. ඉන්පසු සංදේශය බ්‍රිටෝ ප්‍රනාන්දු ගෙන් විමසා සිටියේ එම දුරකථන ඇමතුම් දුන් පුද්ගලයන් පැවසුවේ කුමක්ද යන්නයි. එයට පිළිතුරු දුන් බ්‍රිටෝ ප්‍රනාන්දු “උඹල උඩපනිනවා වැඩියි. උඹල ඉන්න තැන් ගෙවල් දොරවල් සේරම අපි දන්නව. තව දවස් දෙකකින් උඹලට සිද්ධවෙන දේ බලාගනිල්ල වගේ පණිවුඩයක් තමයි මට දුන්නෙ. නමුත් ප්‍රසංගට දුන් පණිවුඩේ පැහැදිලිව කියල තියනව ඔවුන්ගෙ දරුවන් ඉන්නෙ පිටිපන, පිලිප් ගේ දරුවන් ඉන්නෙ වෙස්ලි කොලේජ් එකේ, ඒවා සේරම දන්නව, ඉන්න තැන් දන්නව, තව දවස් දෙකයි දෙන්නෙ, ඉස්සෙල්ලම ප්‍රසංගට තමයි හිරිහැර කරන්නෙ,අනිත් උන්ට පාඩමක් උගන්වන්ඩ, කියල” යනුවෙන් දුරකථන ඇමතුමෙහි අන්තර්ගතය පිළිබඳව දීර්ඝව විස්තර කළේය. පවුල්වල අයට සහ දරුවන්ටත් තර්ජන ප්‍රසංගව පැහැර ගැනීමෙන් පසු ඔහු ගෙන් තොරතුරු ලබාගන්නා ආකාරය දන්නා බව පවසා ඇති ඇමතුම් කරුවා, මීට වඩා ලොකු මිනිස්සු, කතා නො කරපු අය ගෙන ගොස් කරවා ඇති හෙයින් අනෙක් අයට පාඩමක් උගන්වන්න ප්‍රසංග ගෙන් පටන්ගන්නා බවද පවසා තිබේ. ක්‍රියා ධරයන් තිදෙනාට පමණක් නොව ඔවුන් ගේ පවුල් වලට සහ දරුවන්ට ද හිරිහැර කරන බවට තර්ජනය කළ අතර මෙසේ තර්ජනාත්මක ඇමතුම් ලැබීමට හේතු වුයේ වීදියේ විරෝධය හරහා ජනතාව ඇමතීම බවයි බ්‍රිටෝ ප්‍රනාන්දු සඳහන් කළේ. ඔහු පවසන ආකාරයට ප්‍රසංග ප්‍රනාන්දු ට ලැබුණු දුරකථන ඇමතුම ඔහු විසින් පටිගත කොට තිබුණු අතර සංදේශය වෙනුවෙන් එය වාදනය කර දැක්වීමට ද කටයුතු කළා. මේ එම ඇමතුමේ අන්තර්ගතයෙන් කොටසක්; ප්‍රසංග - හලෝ ! ඇමතුම් කරු - හලෝ ! කවුද කතා කරන්නෙ? ප්‍රසංග - ඔයා කවුද ? ඇමතුම් කරු - මම කවුද කියල දැනගන්න පුළුවන් හෙට අනිද්දට. ප්‍රසංග - ඔයා කවුද කියන්ඩකො කතා කරන්නෙ. ඇමතුම් කරු - කවුද කියල ඇවිල්ල පෙන්වන්නම්. කෝ අර පිලිප් කියන එකා මොකද පෝන් එක උස්සන්නෙ නැත්තෙ? ප්‍රසංග - කවුද? ඇමතුම් කරු - ඇයි අර ඉන්නෙ පිලිප් කියල එකෙක් ප්‍රසංග - ඔයාට කාටද කතා කරන්න ඕන කියන්ඩකො ඇමතුම් කරු - උඹල ඔක්කොටම කතා කරනවා ළඟදීම. ගෙවල් වලට කතා කරලා මල් වැඩම එහෙම ලෑස්තිකරලා තියා ගැනිල්ල. හරිද ? උඹල අපිට අරින්න නේ එන්නෙ. උඹ හිතුවද අර අනුරාධපුරේ පොලීසියේදී වගේ අනිත් ඒවත් උඹට ඕන විදියට හැදෙයි කියල. උඹට ළමයි ගෑනු ඉන්නවානේ. උඹට තමයි දෙන්නෙ ලොකු එවුන්ගෙ ඇස් ඇරෙන්න මේ සම්බන්ධව පොලීසියට පැමිණිලි කරන බවයි බ්‍රිටෝ ප්‍රනාන්දු සංදේශයට කියා සිටියේ." +ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කිසිදු රාජ්‍ය උත්සවයකට පාසල් ළමුන් සහභාගී කර නොගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කරයි.,"ඉදිරියේ පැවැත්වීමට නියමිත ජාතික නිදහස් උළෙල සඳහා පාසල් දරුවන් යොදා නොගන්නා මෙන් තමා බලධාරීන්ට නියෝග කළ බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසුවේය. ‘මම සහභාගී වන කිසිම උත්සවයක පාසල් දරුවෝ ගෙනහල්ලා පාරේ තියන්න එපා. අව්වේ තියන්න එපා. මට පාසල් දරුවන්ගේ පෙළපාලි අවශ්‍ය නැහැ. පුංචි දරුවෝ ඇවිල්ලා විඳින දුක මම දන්නවා’ යනුවෙන් ජනාධිපතිවරයා කියා සිටියේ උපුල් ශාන්ත සන්නස්ගල සමග ජාතික රූපවාහිනියේ පැවති සාකච්ඡාවකට එක් වෙමින්. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රයෝජනය වෙනුවෙන් “ඇමරිකානු ඩොලර් දාසයක් වටිනා සුඛෝපභෝගී ගුවන් යානයක් ” සඳහා කර ඇති ඇණවුම අවලංගු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය. ඒ වෙනුවට ශ්‍රී ලංකා ගුවන් සමාගම සහ මිහින් ලංකා ගුවන් සමාගම සතු ගුවන් යානාවලට අවශ්‍ය අමතර කොටස් ලබා ගැනීමට තීරණය කර ඇති බවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එම සාකච්ඡාවේදී කියා සිටියේ. තමා ඇමතීමේදී අතිගරු, ශ්‍රීමත්, උතුමාණන් වැනි විශේෂණ යොදා නොගන්නා ලෙසත් නව ජනපති මෛත්‍රීපාල සිරිසේන එහිදී ඉල්ලීමක් කළේය." +"දිනෙන් දින ඉහල යමින් තිබෙන ජීවන වියදම ඇතුළු රටේ දැවෙන ප්‍රශ්ණ පිලිබඳ ජනතා අවධානය වෙනතක යොමු කිරීමේ අරමුණින් ""රංගනයක"" යෙදී සිටින බවට එක්සත් ජාතික පක්ෂය (එජාප) ආණ්ඩුවේ පාර්ශ්වකාර පක්ෂ දෙකකට චෝදනා කරයි.","ඉන්දු-ලංකා ගිවිසුමෙන් අනතුරුව පිහිටුවන ලද පළාත් සභාවලට එරෙහිව ආණ්ඩුව රංගනයක යෙදී සිටින බව එජාප පවසයි එජාප මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා ජාතික හෙළ උරුමයට සහ ජාතික නිදහස් පෙරමුණට එම චෝදනාව එල්ල කළේ, දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව එම පක්ෂ දෙක විසින් දියත් කරනු ලැබ තිබෙන ව්‍යාපාරය පිළිබඳව අදහස් දක්වමින්. ""අර අම්බලන්ගොඩ රූකඩවලටත් වඩා හොඳින් ජාතික හෙළ උරුමයයි, ජාතික නිදහස් පෙරමුණයි ආණ්ඩුවේ පදයට නැටවෙන රූකඩ විදියට දැන් පත්වෙලා ඉන්නවා,"" යනුවෙන්ද මන්ත්‍රීවරයා සඳහන් කළේය. 'දෙබිඩි ප්‍රතිපත්තියක්' විශේෂයෙන්ම දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභාවලට විමධ්‍යගත කොට තිබෙන පොලිස් සහ ඉඩම් බලතල ඉවත් කළ යුතු බව යෝජනා කරමින් ජාතික හෙළ උරුමය පණත් කෙටුම්පතක් ඉදිරිපත් කොට තිබේ. දිවයිනේ අනිකුත් පළාත් සභා සතු බලතල සහිත ආණ්ඩු පක්ෂයේ පළාත් සභාවක් උතුරට පත්වීම පිලිබඳ බිය පළ කරන ජාතික නිදහස් පෙරමුණ පෙත්සම් ව්‍යාපාරයක් ආරම්භ කළේය. එහිදී ජනතාව ඇමතූ පක්ෂයේ නායක අමාත්‍ය විමල් වීරවංශ, උතුරෙන් හමුදාව ඉවත් කරගන්නා මෙන් මින් අනතුරුව බලපෑම් එල්ල වනු ඇත්තේ උතුරේ පළාත් සභාව හරහා වනු ඇති බවට අනතුරු අඟවා සිටියේය. එහෙත් 13 වැනි සංශෝධනයෙන් අනතුරුව පිහිටුවන ලද පළාත් සභාවල තනතුරු දරමින්ම පළාත් සභා අහෝසි කරන්නැයි යෝජනා ගෙන ඒම ""හරක් මස් කන ගමන් ගව ඝාතනය නතර කරන්න කීම,"" වැනි දෙබිඩි ප්‍රතිපත්තියක් ලෙසයි එජාපය විග්‍රහ කරන්නේ." +යුක්‍රේනයට සන්නද්ධ හමුදා යැවීමේ බලාපොරොත්තුවක් රුසියාවට නැතැයි රුසියාවේ විදේශ අමාත්‍ය සෙර්ගේයි ලව්රොෆ් කියා සිටියි.,"රුසියාවේ රුපවාහිනිය ඔස්සේ අදහස් දක්වමින් විදේශ ඇමතිවරයා පැවසුවේ දේශපාලනික, රාජ්‍ය තාන��ත්‍රික හා නීතිමය ආදී යොදා ගත හැකි සියලුම උපක්‍රම උපයෝගී කර ගනිමින් යුක්‍රේනවාසී රුසියානු ජනතා අයිතිය සුරැකීමට මොස්කව් පාලනය සුදානම් බවයි. ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා සහ රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුතින් අතර පැවති දීර්ඝ දුරකථන සංවාදයකින් පසුවයි, විදේශ ඇමති ලව්රොෆ් එම ප්‍රකාශය කළේ. ජනාධිපතිවරුන් දෙදෙනා අතර දුරකථන සංවාදයේදී ඔවුන් යුක්‍රේන් ප්‍රශ්ණය විසඳීම පිණිස ගත හැකි රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් පිළිබඳව සාකච්ඡා කල බවයි වාර්තා වන්නේ. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ රුසියාවේ විදේශ ඇමති ලව්රොෆ් අතර සාකච්ඡාවක් හෙට ඉරිදා පැරිස් නගරයේදී ආරම්භ වීමට නියමිතයි. යුක්‍රේන් දේශ සීමාවේ රුසියාවේ යුද බලය තර කරනු ලැබීම නතර කරන මෙන් සහ ක්‍රිමියාවේ රඳවා සිටින රුසියානු හමුදා එම භූමියෙන් ඉවත් කර ගන්නා මෙන් ඉල්ලා සිටින ඇමෙරිකාවේ ද සහයෝගය ලැබෙන සැලැස්මක් පිළිබඳව සාකච්ඡා කිරීමටයි එම හමුව සිදු වන්නේ." +"දිගන ප්‍රදේශයෙන් ආරම්භ වී මහනුවර දිස්ත්‍රික්කයේ වෙනත් ප්‍රදේශවලටත් ජාතිවාදී ගැටුම් පැතිරෙමින් තිබුණු අවස්ථාවක සිංහල ගම්වලට මැදිව සිටි දෙහිගම, මුරුතලාව, කුරුගම හා දෙහිඅංග යන ප්‍රදේශවල වෙසෙන මුස්ලිම් ජනතාව තැති ගැනී සිටියහ.","ඒ කොයි මොහාතක හෝ සිය නිවාසවලටත් ආගමික මධ්‍යස්ථානයටත් ප්‍රහාරයක් එල්ලවනු ඇති දැයි බියෙනි. තමන් වැඩ සිටින නෙල්ලිගල, බෞද්ධ මධ්‍යස්ථානය අවට මතුවෙමින් පැවති තත්වය වටහාගත් එම බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ අඟහරුවාදා (මාර්තු 06) රාත්‍රියේ සිය සහෝදර භික්ෂුන් වහන්සේ ඇතුළු ප්‍රදේශයේ තරුණයන් පිරිසක් සමග ආරකෂක වැඩපිළිවෙලක් දියත් කළහ. ඒ නෙල්ලිගල අවට සිටින මුස්ලිම් ජනතාව ආරක්ෂා කිරීම සඳහාය. ""අපිට තොරතුරු ලැබුණා, සංවිධානාත්මක පිරිස් පිට ඉඳන් ඇවිල්ලා මේ ප්‍රදේශයට පහර දෙන්න ඉන්නවා කියලා. අඟහරුවාදා රාත්‍රී 9 ඉඳලා බදාදා එළිවෙනකම් අපි ඒ ස්ථානවලට ගිහිල්ලා ප්‍රදේශ ආරක්ෂා කළා,"" වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ බීබීසී සිංහල සේවයට පැහැදිලි කළහ. ""අවස්ථා හතරකදී ප්‍රහාර එල්ලකරන්න සුදනම් වෙද්දී ඒවා සාර්ථකව වළක්වන්න අපිට හැකිවුනා. එක් අවස්ථාවකදී ඉක්මනට පොලිසිය ගෙන්නා ගත්තා. ඊට අමතරව ඔවුන් ස්ථානගත වෙලා ඉන්න තැනට ගිහිල්ලා මේකේ තියෙන බරපතල කම, අශිලාචාර කම ඔවුන්ට පහදලා දීලා ඔවුන් ඒකෙන් මුදවා ගැනීමට අපිට හැකිවුනා."" මුස්ලිම් ජනතාව ආරක්ෂා කළ භික්ෂු මෙහෙයුම තවත් කියවන්න: මුස්ලිම් ආගමික මධ්‍යස්ථාන ඉදිරිපිට සිට ඒවා ආරක්ෂා කිරීමට කටයුතු කළ බව පැවසූ උන්වහන්සේ කලහකාරීන්ගේ අරමුණ වූයේ මුස්ලිම් ජනතාවගේ දේපලට හානි කිරීම බව ද පෙන්වා දුන්නේය. ""පල්ලි 14ක් හෝ 15ක් මේ ගම්වල තියෙනවා ඒ එකකට කිසිදු හානියක් නොවී අරකෂා කරන්න අපිට හැකිවුනා,"" වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ පැවසූහ. ""මහජාතියේ වගකීම සුළු ජාතිය ආරක්ෂා කිරීම කියන එකයි මගේ මතය. ඒ දේ කරන්න අපිට පුළුවන් වුනා."" ""සිකුරාදා දිනයේ මුස්ලිම් පල්ලිවලට ආරක්ෂාව දෙන්න රට පුරා ස්වාමින් වහන්සේලා ඉදිරිපත් වී ඇති ආකාරය දකින විට ගොඩක් සතුටුයි"" පෙට්‍රල් බෝම්බ යොදාගෙන ප්‍රදේශයේ අසාර්ථක ප්‍රහාර දෙකක් ද එල්ල වී තිබුණු අතර, පෙට්‍රල් බෝම්බ කිහිපයක්ද සොයාගෙන විනාශ කිරීමට කටයුතු කළ බවත් උන්වහන්සේ පැවසූහ. ""අපිට පළවෙනි දවස් දෙකේ අන්තවාදීන් දැඩි ලෙස දෝෂාරෝපණය කළා. නමුත් ""සිකුරාදා දිනයේ මුස්ලිම් පල්ලිවලට ආරක්ෂාව දෙන්න රට පුරා ස්වාමින් වහන්සේලා ඉදිරිපත් වී ඇති ආකාරය දකින විට ගොඩක් සතුටුයි."" ආරක‍ෂක අංශවල ද උපකාරයෙන් මෙවන් ආගම්වාදී, ජාතිවාදී ගැටළු තාවකාලිකව මර්ධනය කිරීමට හැකි වුවත් බෞද්ධ හා මුස්ලිම් යන දේපාර්ශ්වයම මෙම ගැටළුවට සාමකාමී විසඳුමක් ඇතිකරගත යුතු බව උන්වහන්සේ අවධාරණය කරති. ""මම මේකට සිංහල බෞද්ධ ජනතාවටම චෝදනා කරන්නේ නැහැ. මම වගකීමකින් කියනවා මුස්ලිම් අන්තවාදීන් පිරිසකුත් ක්‍රියාත්මක වෙනවා. සිංහලත් හැමෝම නෙවෙයි අන්තවාදීන් ඉන්නවා. ඔවුන් මේ තත්වයට වගකියන්න ඕනේ. මේ පාර්ශව දෙකේම අන්තවාදීන් මර්ධනය කිරීමේ වැඩපිලිවෙලක් කරන්න ඕනේ."" ජාතිවාදී ප්‍රකාශ වැළැක්වීම පිණිස කටයුතු කිරීමේ අවශ්‍යතාව ද වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ පෙන්වා දෙති. පසුගිය සඳුදා (මාර්තු 05) සිට මහනුවර මුස්ලිම් පල්ලි 17 කට පහරදී තිබෙන අතර, ව්‍යාපාරික ස්ථාන 91 සහ නිවාස 62 සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එසේ ප්‍රචණ්ඩ ක්‍රියා හට ගැනුණේ පෙබරවාරි මාසයේ අග භාගයේ තෙල්දෙණිය නගරයේදී පහර කෑමට ලක් වූ සිංහල ජාතික දෙදරු පියෙකු මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යාමත් සමගය. ඔහුට පහරදීම සම්බන්ධයෙන් සැකපිට මුස්ලිම් ජාතික තරුණයන් සිව් දෙනෙක් අත්අඩංගුවේ පසුවෙති. මුස්ලිම් විරෝධී ගැටුම් ගැන තවත් වාර්තා:" +මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2018 වසරේ ලියාපදිංචි ඡන්ද හිමි නාමලේඛනයට අනුවය.,"එබැවින් 2018 ජුනි 01 වැනිදා වන විට වයස අවුරුදු 18 සම්පුර්ණ කළ තරුණ තරුණියන් බොහෝ දෙනෙක් මෙවර ජනධිපතිවරණයේ දී සිය පළමු ඡන්දය භාවිත කරති. සිය ඡන්දයට වටිනාකමක් ලබා ගැනීම සඳහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් සම්බන්ධයෙන් විවිධ නිර්ණායක ඔස්සේ සලකා බලන බව මෙවර පළමු වරට සිය ඡන්දය භාවිත කරන බව තරුණ, තරුණියන් පිරිසක් බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියහ. එහිදී ජාතික ආරක්ෂාව, ආර්ථිකය ශක්තිමත් කිරීම, රට තුළ එක නීතියක් ක්‍රියාත්මක කිරීම සහ දේශීය සම්පත් ආරක්ෂා කිරීම වැනි නිර්ණායක කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන බව ඔවුහු පවසති. ''අපේ අනාගතය සුරක්ෂිත කරගන්න පුළුවන්, අපෙන් පසුව එන අයට මේක අපේ රට කියල අභිමානයෙන් කියන්න පුළුවන්, කොන්දක් තියෙන නායකයෙක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ වගේ කෙනෙකුට තමයි මගේ මංගල ඡන්ද දෙන්නේ,'' යනුවෙන් ගාල්ලේ පදිංචි අමාති මදුෂිකා බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළාය. තරුණ තරුණියන්ගේ අදහස් මරදානේ සුබුද්ධි වීරකෝන් කියා සිටියේ ""රට සංවර්ධනය කළ හැකි, දැඩි නීතිරීති තියෙන නායකයෙකුට"" සිය මනාපය හිමිවන බවය. මේ පිළිබඳව අදහස් දැක්වීමට කඩුවෙල සජිත් තේජාන් ද එක්විය. ඔහුගේ අදහස වී තිබෙන්නේ පසුගාමී ආකල්පවලින් තොර, සොරකම් නොකරන අයෙකු වෙනුවෙන් තම පළමු ඡන්දය භාවිත කරන බවය. ''මම කැමති ධනපතියාගේ ඉඳලා නිර්ධන පන්තිකයා වෙනකම් හිතල තීරණ ගන්න කෙනෙකුට. විශේෂයෙන් රටේ තරුණ තරුණියන්ගේ ප්‍රශ්න විසඳන්න පුළුවන්, අධ්‍යාපන ප්‍රශ්න විසඳන්න පුළුවන් කෙනෙකුට තමයි මගේ මනාපය,'' යනුවෙන් අම්බලන්ගොඩ පදිංචි ෂර්මි මැන්ඩිස් පැවසුවාය. ශ්‍රී ලංකාව පුරා විවිධ ප්‍රදේශවල වාසය කරන තරුණ තරුණියන් පිරිසක් එලෙස බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූහ. 2018 වසරේ ලියාපදිංචි ඡන්ද හිමි නාමලේඛනයේ දත්ත 2018 වසරේ ලියාපදිංචි ඡන්ද හිමි නාමලේඛනයේ දත්ත ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතියට අනුකූලව සිය නම, ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කිරීම සඳහා වයස අවුරුදු 18 සම්පූර්ණ වීම පමණක් ප්‍රමාණවත් නොවේ. මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ඒ සඳහා පහත සඳහන් මූලික සුදුසුකම් මෙන්ම ව්‍යවස්ථාපිත සුදුසුකම් ද සපුරා තිබිය යුතු බවය. මීට අමතරව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම, මහජන ආයතන (දූෂණ වැළැක්වීමේ) ආඥාපනත යටතේ වරදකරු වී සිටීම, මැතිවරණවලදී දූෂණ ක්‍රියා, නීති විරෝධී ක්‍රියා ආදියට වරදකරු වී තිබීම ආදී වශයෙන් තවත් නුසුදුසුකම් ඇති බව ද ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියෙහි දැක්වේ. ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සංඛ්‍යාලේඛන අනුව මිලියන 16 කට ආසන්න ඡන්දදායකයන් පිරිසක් මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිති. තවත් කියවන්න:" +ශ්‍රී ලංකාවේ විශාලතම කොරල් පරය වන කල්පිටිය කොරල් පරය සංරක්ෂණය කිරීම සදහා මුලික පියවර ආරම්භ වෙයි.,"මේ කොරල් පරය කිලෝමීටර් තුන්සිය හයක් පුරා පැතිර පවතින අතර කොරල් විශේෂ එකසිය විසි දෙකක් හා මත්ස්‍ය විශේෂ හාරසියයකට ආසන්න ප්‍රමාණයක් මේ තිරයේ දී දැක බලා ගත හැක. 1992 වර්ෂයේදී කොරල් පිහිටි මුහුදු ප්‍රදේශය අභය භූමියක් බවට ප්‍රකාශයට පත් කර තිබේ. මේ මුහුදු තීරය භාවිතා කරන්නන්ගේ ක්‍රියා හේතුවෙන් පසුගිය කාලය තුළ කොරල් විශාල වශයෙන් විනාශ වූ අතර මේ වන විටත් යම් මට්ටමකින් එම තත්වය පවතී. ප්‍රධාන වශයෙන් කොරල් විනාශ වූයේ ධිවරයන් දැල් එලීම, ඩයිනමයිට් ගැසීම වැනි ක්‍රියා හේතුවෙනි. ඊට අමතරව කොරල් නැරඹීමට පැමිණෙන සංචාරකයන් රැගත් බෝට්ටු මෙහි නැංගුරම් දැමිම හේතුවෙන් ද කොරල් වලට හානි සිදු වී ඇත. කොරල් පරය ආරක්ෂාව සඳහා ක්‍රියා නොකරන බවට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල වූ අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වර්ල්ඩ් විෂන් ආයතනය, ආගමික නායකයන් හා කල්පිටිය සංචාරක බෝට්ටු හිමියන්ගේ සංගමය එක්ව මෙහි මුලික සංරක්ෂණ කටයුතු ආරම්භ කෙරිණ. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ කලාප භාර සහකාර අධ්‍යක්ෂ එ.එච්. සුමනසේන කියා සිටියේ කල්පිටිය කොරල් පරය ලංකාවේ විශාලතම කොරල් පරය බවයි. මේ කොරල් පරය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබඳව පාසල් මට්ටමේ සිට ආරක්ෂක අංශ දක්වා දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර ඇති බව කල්පිටිය ප්‍රාදේශීය ලේකම් රංගන ප්‍රනාන්දු පැවසිය. මුලික අදියරේ සංරක්ෂණය යටතේ සංචාරකයන් රැගෙන පැමිණෙන බෝට්ටු නැංගුරම් ලෑමට අවශ්‍ය පහසුකම් සකස් කෙරිණි." +'ද රෙවනන්ට්' ('The Revenant) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවූ සුපිරි හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ සිය ප්‍රථම ඔස්කාර් සම්මානය දිනා ගනියි.,හොලිවුඩ් සිනමා නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ හොදම නළුවාට හිමි සම්මානය පි���ිගනිමින් සිය දේශනය පැවැත්වූ ලියනාඩෝ ඩිකැප්‍රියෝ සිදු වෙමින් පවතින දේශගුණ විපර්යාසයන්ගේ ඇති භයානකත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කළේය. හොදම නිළියට හිමි ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබුවේ ප්‍රාණ ඇපයට පත් තුරුණු මවක සහ පුතකු පිළිබඳ කතා පුවතක් රැගත් 'රූම්' (Room) චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ හොලිවුඩ් නිළි බ්‍රී ලාසන්. කතෝලික පූජකවරුන් විසින් සිදු කරන ලද ලිංගික අපයෝජන පිළිබඳ ගවේෂණාත්මක මාධ්‍යකරණයේ යෙදෙන ජනමාධ්‍යවේදීන් පිළිබඳ වෘතාන්ත චිත්‍රපටයක් වූ 'ස්පොට් ලයිට්' (Spotlight) හොදම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය දින ගෙන ඇත. හොලිවුඩ් නිළි බ්‍රී ලාසන් හොඳම විදේශීය චිත්‍රපටය සඳහා වූ ඔස්කාර් සම්මානය දිනා ගනු ලැබුවේ නාසි හමුදා විසින් පවත්වා ගෙන ගිය 'අවුශ්විට්ස්' වධ කඳවුරේ බලහත්කාරයෙන් සේවයේ යොදවනු ලැබූ යුදෙව් ජාතිකයකුගේ අත්දැකීමක් පාදක කර ගත් 'සන් ඔෆ් සෝල්' (Son of Saul) හංගේරියානු චිත්‍රපටයයි. ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වූ නම් අතර කළු ජාතික සිනමාකරුවන්ගේ නම් ඇතුළත් නොවීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් සිනමා උළෙල පැවැත්වුණු හොලිවුඩ් පුරවරයේ උද්ඝෝෂණ පැවැත්විණි. කළු ජාතික රංගන ශිල්පීන්ගේ නම් ඇතුළත් නොවීම සම්බන්ධයෙන් විරෝධය පළ කළ ඇතැම් හොලිවුඩ් සිනමා තරු ඔස්කාර් සම්මාන උළෙලට සහභාගී වීම වර්ජනය කළහ. +මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය උතුරේ සංචාරය කළ අවස්ථාවේ ඇය හමුවූ පුද්ගලයන්ට ශ්‍රී ලංකා යුද හමුදාවෙන් තර්ජන එල්ල වී ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසයි.,"උතුරේදී නවී පිල්ලේ හමුවූ දෙමළ වැසියන්ට තර්ජන එල්ල වී ඇතැයි දෙජාස පවසයි දෙමළ ජාතික සන්ධානය කොළඹදී නවී පිල්ලේ හමුවූ අවස්ථාවේ මේ පිළිබඳව ඇයට දැනුම් දුන් බව සන්ධානයේ උතුරු පළාත් සභා මහ ඇමති අපේක්ෂක සීවී විග්නේශ්වරන් බීබීසී සංදේශයට කියා සිටියේය. ""ඒක නම් හරි වැරදි වැඩක්. මිනිස්සු තමන්ගේ ප්‍රශ්න කියන්න යන කොට හමුදාවෙන් හරි කාගෙන් හරි ඒගොල්ලන්ට හිරිහැරයක් කරනවා නම් ඒක වැරැද්දක්,"" යනුවෙන්ද ඔහු කියා සිටියේය. මේ සතිය මුලදී මහ කොමසාරිස්වරිය උතුරේ සංචාරය කළ අවස්ථාවේ, අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඇතුළු සාමාන්‍ය වැසියන් පිරිසක් ඇය හමුවී සිය දුක් ගැනවිලි ඉදිරිපත් කළහ. 'බොරු චෝදනා' කොටි සංවිධානයේ අපරාධ පිළිබඳව ද සොයා බලන මෙන් උද්ඝෝෂකයෝ නවී පිල්ලේ ගෙන් ඉල්ලා සිටියහ සිය සන්ධානයේ න���යෝජිතයන් සමඟ අද පැවති සාකච්ඡාවේදී උතුරේ පවතින වාතාවරණය පිළිබඳව නවී පිල්ලේ දැනුවත් කළ බව ද විග්නේශ්වරන් පැවසීය. කෙසේ නමුත් මහ කොමසාරිස්වරිය හමුවූ පුද්ගලයන්ට තර්ජනය කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එය විග්‍රහ කළේ, ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමේ උත්සාහයක් ලෙසින්. ""ටීඑන්ඒ එක ඔය වගේ දේවල් කියන එක ගැන මම පුදුම වෙන්නේ නෑ. ඔය වගේ බොරු චෝදනා ඉදිරිපත් කරලා රට අපකීර්තියට පත් කරන එකනේ එයාල හැමදාම කළේ,"" යන්න එම චෝදනාවට ඇමතිවරයාගේ ප්‍රතිචාරයයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ 2009 දී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කි මූන් සමඟ එළඹුණු එකඟතාවය කඩ කොට තිබෙන බව සිය පක්ෂයේ සය-පුද්ගල නියෝජිත පිරිස ඇයට පෙන්වා දුන් බවද සීවී විග්නේශ්වරන් සංදේශයට කියා සිටියේය. මේ අතර ආණ්ඩුවේ ආරක්ෂක අංශවල පමණක් නොව කොටි සංවිධානයේ අපරාධ පිළිබඳව ද සොයා බලන මෙන් නවී පිල්ලේ ගෙන් ඉල්ලා සිටිමින් 'යුද්ධයෙන් මියගිය රණවිරුවන්ගේ සංවිධානය' කොළඹ දී උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබුණි." +පසුගිය බදාදා ශ්‍රී ලංකාවේදී අත් අඩංගුවට ගන්නා ලද විදේශීය මාධ්‍යවේදිනියන් දෙදෙනා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය බව ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සංසදය පවසයි.,"මාධ්‍යවේදිනියන්ගෙන් 'පැය නමයකට අධික කාලයක් ප්‍රශ්ණ කරලා' කොළඹ පැවති නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වැඩමුළුවකදී රඳවා ගනු ලැබූ ජැකී පාක් සහ ජීන් වර්තින්ග්ටන් මාධ්‍යවේදිනියන්ගෙන් පැය නමයකට අධික කාලයක් ප්‍රශ්ණ කොට තිබෙන නමුත් ඔවුන්ට එරෙහිව කිසිදු චෝදනාවක් ඉදිරිපත් වී නැති බවයි, ජාත්‍යන්තර සංසදයේ ලේකම් බෙත් කොස්තා බීබීසී සංදේශය කළ විමසීමක දී කියා සිටියේ. එමෙන්ම ඔවුන් රටින් පිටුවල් කිරීමක් සිදු වී නැති බවත් කියා සිටි බෙත් කොස්තා ඒ කෙසේ වුවත් මාධ්‍යවේදීන් පිරිසක් සමඟ කතා කරමින් සිටියදී ඔවුන් අත් අඩංගුවට ගැනීම තමන් දැඩිව හෙලා දකින බවද සඳහන් කළාය. 'බෙදා වෙන් කිරීමට' සිදුවීම සම්බන්ධයෙන් වාර්තාවක් පළ කරන කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය, එම වැඩමුළුවට ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සහභාගි වෙමින් සිටින බවට බලධාරීන්ට රහසිගතව දැනුම් දී තිබෙන්නේ මාධ්‍යවේදීන් විසින්ම බව සඳහන් කොට තිබුණි. එහෙත් එය සත්‍යයෙන් තොර බවයි ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සංසදයේ ලේකම්වරිය පවසන්නේ. කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ චෝදනාව, ශ්‍රී ලංකාවේ මාධ්���ය සංවිධාන බෙදා වෙන් කිරීමේ අරමුණින් කරන ලද්දක්ය යන්න තම විශ්වාසය බවයි බෙත් කොස්තා සංදේශයට කියා සිටියේ." +ඉන්දීය දේශපාලනයේ ක්‍රියාකාරී කාන්තාවක් ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් කරනු ලැබුණ ප්‍රකාශන මහා පරිමාණයෙන් හෙලා දැකීමට ලක් වෙමින් ඇත.,"මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත ආණ්ඩුවේ කාන්තා සංවිධානයක සාමාජිකාවක වන ආශා මිර්ජේ (Asha Mirge,) කියා තිබුණේ, ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් කාන්තාවන් ද වගකිව යුතු බවයි. දූෂකයන්ට එරෙහි කාන්තා හඬ කාන්තා ඇඳුම් විලාසිතාවන් ඔවුන්ගේ ශාරීරික ඉරියව් සහ දේහ භාෂා ආදිය ස්ත්‍රී දූෂණ අපචාරවලට හේතු වෙන බවයි, ආශා මිර්ග් පවසන්නේ. දේහ භාෂාවේ ආකර්ශනය එසේම කාන්තාවන් රාත්‍රී කාලයේ නිවසින් බැහැර වන්නේ කුමක් නිසාදැයි ආශා මිර්ග් ප්‍රශ්න කර තිබුණි. එම අදහස් වලට ඉන්දීය මාධ්‍ය මගින් විශාල ප්‍රසිද්ධියක් දුන් අතර, කාන්තා සංවිධාන ක්‍රියාධාරිනියන් සහ වෙනත් දේශපාලනඥයන් විසින් එම මතය දෝෂ දර්ශනයට ලක් කොට ඇත. තමන් විසින් මුලින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයදින ආශා මිර්ග්, සිය සමස්ත අදහස වැරදි ලෙස තෝරා ගනිමින් ප්‍රචාරය කෙරෙමින් ඇති බවයි කියා සිටින්නේ.රයේ" +කොරෝනා වසංගතයට ගොදුරුවන ජන සංඛ්‍යාව පාලනය කරගැනීමට රටක් ලෙස ඉන්දියාව දුෂ්කර අරගලයක නිරතවෙමින් සිටින අතරවාරයේ එරටින් ලැබෙන අතිශය ඛේදජනක දර්ශන දැකීමත් සමඟ සමස්ත ලෝකය කම්පාවෙන් පසුවෙයි.,"මෙය ඉන්දියාවට පමණක් බලපාන වසංගතයක් නොවේ. එය ලොව සියලු දෙනාගේ අර්බුදයකි. ''වෛරසයට දේශසීමා නැහැ. ජාතියක් ජන්මයක්, වයසක්, ලිංග භේදයක් හෝ ආගමික වෙනසක් බලපාන්නේ නැහැ'' ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් පවසයි. ''නමුත් අවසනාවන්ත කරුණවන්නේ ඉන්දියාවේ දැන් සිදුවෙමින් පවතින දේවල් වෙනත් සෙසු රටවලත් සිදුවෙමින් පැවතීම'' ලෝකය කොතරම් එකට සහසම්බන්ධද යන්න කොවිඩ්-19 වෛරසය ලොවපුරා පැතිරයාමත් සමඟ පසක් වී ඇත. එක් රටක වෛරසය බෝවීම දරුණු තත්ත්වයක පවතින්නේනම් එය අනිත් රටවලට ද පැතිරයන තත්ත්වයක් පවතී. සංචරණ තහංචි, බහුවිධ නිරෝධායන පරීක්ෂණ බල පැවැත්වෙන නමුත් එය මගහැර වෛරසය පැතිරයාමට තවමත් ඉඩකඩ ඇත. ඇතැම්විට සංචාරකයකු පැමිණෙන්නේ වෛරසය පැතිර පවතින භූමියක සිටනම් ඔහු ළඟා වන්නේ වෛරසයත් රැගෙන විය හැකිය. පසුගියදා නව දිල්ලියේ සිට හොංකොං බලා පියාසර කළ ගුවන් යානයක මගීන්ගෙන් පනස්දෙනකු පමණ කොවි��්-19 ආසාදිතයන් ලෙස හඳුනාගනු ලැබුණි. නමුත් ඉන්දියාවේ වෛරසය බෝවීම මහා පරිමාණයෙන් සිදුවීම සම්බන්ධයෙන් වෙනත් මැසිවිල්ලක් ද ඇත. එනම් වෛරසයේ ප්‍රභේද රාශියක් ඉන්දියාවේ සොයාගනු ලැබීමය. ඉන්දියාවෙන් B.1.617. යනුවෙන් නම්කරන ලද නව ප්‍රභේදයක් හමුවිය. එම නව වෛරස් ප්‍රභේදය මත ප්‍රධාන විකෘති දෙකක් පෙන්නුම් කෙරෙන හෙයින් එය ඇතැමුන් විසින් නම් කරනු ලැබ තිබෙන්නේ ""ද්විත්ව විකෘති වෛරසයක් "" ලෙසය. එම වෛරස් ප්‍රභේදය වැඩිවශයෙන් සම්ප්‍රේෂණය විය හැකි බවට සහ ප්‍රතිජීවක මගින් එය අවහිර කරනු ලැබීම දුෂ්කර වියහැකි බවට විද්‍යාගාර සාක්‍ෂි ඇති නමුත් කොපමණ මට්ටමකින් ප්‍රතිශක්තිය අහිමි වී ඇද්දැයි විද්‍යාඥයෝ තක්සේරු කරමින් සිටිති. යම්කිසි රටක කොරෝනා ආසාදිත ජනසංඛ්‍යාව අධික මට්ටමක පවතින්නේනම් එහි තේරුම අලුත් ප්‍රභේදයන් මතුවීමට වැඩි ඉඩකඩක් පවතින බවය. ඊට හේතුව සෑම ආසාදනයවීමක් ම වෛරසයට පරිණාමය වීමට අවස්ථාවක් සලසන හෙයිනි. එම තත්ත්වය යටතේ පැන නගින ප්‍රධාන මැසිවිල්ලක් වන්නේ වෛරසයේ විකෘතිවීමක් එන්නත්කරණය ඵලරහිත වියහැකි තත්ත්වයක් උද්ගත කරනු ලැබීමය. ""නව වෛරස් ප්‍රභේදයන් අතිවීම සීමාකර ගැනීමට ඇති මාවත වන්නේ වෛරසය අප සිරුරේ තැන්පත්වීම වළක්වා ගැනීමයි. එම නිසා ප්‍රභේදයන් පාලනයට ඇති හොඳම උපක්‍රමය මේ මොහොතේ වසංගතය ලෝක මට්ටමින් පැතිර පවතින මට්ටම පාලනය කරනු ලැබීමයි''එක්සත් රාජධානියේ, කොවිඩ්-19 ක්‍ෂුද්‍ර ජීවවිද්‍යා ආයතනයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය ෂැරෝන් පීකොක් (Prof Sharon Peacock) පවසයි. එය සිදුකරගත හැකිවන්නේ රටවල් සහ ප්‍රදේශ අගුළු දැමීම (ලොක්ඩවුන්) සහ සමාජ දුරස්ථභාවය රැකගැනීම මගිනි. එන්නත්කරනු ලැබීම් ද තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරයි. එය ඉන්දියාවේ සිදුවන්නේ මන්දගාමීවය. මෙතෙක් එන්නතෙහි පළමු මාත්‍රාව ලබා දී ඇත්තේ ඉන්දියානු ජනගහනයෙන් 10% ත් අඩු පිරිසකටය. මාත්‍රා දෙකම එන්නත්කරනු ලැබ ඇති සංඛ්‍යාව සමස්ත ජනගහනයෙන් 2%ටත් අඩුය. එවැනි තත්ත්වයක් පවතින්නේ ලෝකයේ විශාලතම එන්නත් නිෂ්පාදන ආයතනය වන 'සීරම් විද්‍යායතනය'(Serum Institute) ඉන්දියානු භූමියේ ම පිහිටා තිබියදීය. අනිත් අතින් ඉන්දියාවේ ආසාදිත ජන සංඛ්‍යාව වේගයෙන් ඉහළයාම ලෝකයේ සෙසු රටවලට බලපෑමේ අනිත් හේතුව වන්නේත් එහි පවතින එකී තත්ත්වය ය. ඉන්දියාව තුළ වෛරසය වේගයෙන් පැතිර යන්නට පටන් ගැනීමත් සමඟ එරට බලධාරීහු ඔක්ස්ෆර්ඩ්-සෙනිකා එන්නත වෙනත් රටව��ට අපනයනය කිරීම පසුගිය මාර්තු මාසයේ පටන් නතර කිරීමට පියවර ගත්හ. ලෝකයේ අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලට සපයනු ලබන එක්සත් ජාතීන්ගේ සහයෝගය සහිත කොවැක්ස්(Covax) ව්‍යාපෘතියත් එකී තහනමට ඇතුළත් කරනු ලැබුණි. එම එන්නත යළි සැපයීම ආරම්භ කරන්නේ කවදාදැයි දැන ගැනීම සඳහා බලාසිටින බව ජගත් එන්නත් සන්ධානය (Gavi) පසුගිය සඳුදා කියා සිටියේය. එන්නත් අපනයනය නතර කිරීම බොහෝ රටවල ජනයා එන්නත්කරනු ලැබීම කෙරෙහි නියත බලපෑමක් ඇතිකරයි. එහි තේරුම වන්නේ නිෂ්පාදනය වැඩිකරනු ලැබීමට උත්සාහ දරන අතරවාරයේ ඉන්දියාව එම නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණය දේශීය භාවිතයට උපයෝගී කරගන්නා බවය. දැනට ඉන්දියාවේ පවතින නරක තත්ත්වය යටතේ එවැනි ප්‍රමුඛ ස්ථානයක් ලැබෙන බව විද්‍යාඥයෝ පවසති. ''ජනතාව එන්නත් කිරීම හැකිතරම් ඉක්මනින් දෙගුණ කිරීම අපේ සැබෑ උවමනාව වී තිබෙනවා.එහෙමත් නැත්නම් වෛරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිරීම පාලනය කිරීමට හැකි සියල්ල කිරීමට උත්සාහ කරනවා'' වෛද්‍ය ස්වාමිනාදන් පවසයි. වෛරසය රටින් රටට විනාශකාරී ලෙස පැතිරයමින් පවතින ආකාරය අනුව එය මැඩලීම පහසු නොවන අසීරු අභියෝගයක් වන බව ලෝක මට්ටමින් පෙන්නුම් කෙරෙයි. මේ අතර ඉන්දියාවේ පවතින අනාරක්‍ෂිත තත්ත්වය මගින් අපට සිහිගන්වන්නේ ''සියලු දෙනා ආරක්‍ෂා වෙනතෙක් කිසිවකුට ගැලවීමක් නොමැති'' බවය. කියවන්න;" +යාපනයේ වඩුක්කෝඩ්ඩෙ‍යි ඇතුලු පලාත් කීපයකම දෙමළ වැසියන් විශාල පිරිසක් අද යුදහමුදාව සහ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නිදහස් කොට ඇතත.,"මේ තත්ත්වය සාමාන්‍යය වැසියන්ගේ එදිනෙදා ජන ජීවිතයට සහ ආරක්ෂාවට විශාල තර්ජනයක් බව පළාතේ දේශපාලනඥයෝ ප්‍රකාශ කරති. එම පළාතට අද, සෙනසුරාදා ගිය උතුරු පලාත් සභාවේ කෘෂිකර්ම ඇමති එස්.අයින්කරනේෂන් පැවසුවේ තමන් මේ තත්ත්වය ගැන බෙහෙවින් කම්පාවී ඒ ගැන ඉහළ පෙළේ බලධාරීන් කීපදෙනෙකුටම දැනුම් දුන් බවයි. විරෝධතා කිසිදු හේතුවක් නොමැතිව සාමාන්‍ය‍ය වැසියන් මේ අන්දමට පීඩාවට ලක් කිරීම දෙමළ ජාතික සන්ධානය කිසිසේත් අනුමත නොකරන බව පවසන ඇමතිවරයා මේ සම්බන්ධයෙන් විරෝධතාවයන් දැක්වීමට ක්‍රියා කරන වගද පැවසුවේය. මේ පිළිබඳව යුද හමුදා මාධ්‍ය‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරියගෙන් විමසූවිට ඔහු කියා සිටියේ 2009 මැ‍යි මාසයෙන් පසුව යාපනයෙන් කිසිදු සිදුවීමක් වාර්තා නොවුන ද පසුගිය දහතුන් ව���නිදා එක් නිවසක් පරීක්ෂා කොට එල්.ටී.ටී.ඊ.සැකකරුවෙකු වන ගෝබි නැමැත්තකු අත් අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔහු පොලීසියට වෙඩි තබා පලා ගිය හෙයින් ඔහු සෙවීම පිණිස හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව මේ දිනවල පළාත් කීපයක සෝදිසි මෙහෙයුම් දියත් කොට ඇති බවයි. ගෝබි නැමැත්තා සෙවීම අද යාපනයේ වඩුක්කෝඩ්ඩෙයි පළාතේද මෙහෙයුමක් දියත් කලේ ගෝබි නැමැත්තා සෙවීමට බව යුද හමුදා ප්‍රකාශකයා කියා සිටියේය. ඒ අවස්ථාවේදී පුද්ගලයන් කීප දෙනෙකු ම අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔවුන් අතර ගෝබි නොසිටි බැවින් පැයකට පමණ පසුව සියලු වැසියන් නිදහස් කළ බවයි ඔහු පැවසුවේ. උතුරේ කාන්තාවන් මීට කලින් තම ප්‍රශ්න ඇමති එස්.අයින්කරනේෂන් වෙත දන්වා සිටි අවස්තාවක් නමුත් උතුරේ අනෙක් පළාත්වල වැසියන් ප්‍රකාශ කරන්නේ යුද හමුදව සහ පොලීසිය තමන්ගේ නිවෙස් දිවා රාත්‍රී දෙකෙහිම පරීක්ෂා කරමින් මහමග යන වැසියන්ද පරීක්ෂා කිරීම නිසා තමන් දැඩි ලෙස බියට පත්ව සිටින බවයි. එලෙස අත් අඩංගුවට පත් වී පසුව නිදහස ලැබූ ගම වැසියෙක් බීබීසි යට කියා සිටියේ මෙසේ පරීක්ෂා කිරීමට පැමිණියේ කිනම් හේතුවක් නිසා දැයි නොදන්නා බැවින් තමන් බියට පත්වී සිටින බවයි. “උදෙත් ආවා, රෑ වෙලත් ආවා. එත් ඇයි ආවේ කියල දැනුම් දුන්නෙ නැති නිසා තමයි මිනිස්සු බය වෙලා ඉන්නෙ” යනුවෙන් ඔහු පැවසුවේය. ජාතික ආරක්ෂාව සිවිල් පරිපාලනයක් ක්‍රියාත්මක වන පළාත්වල පොලිසිය විසින් සිදු කළ යුතු මෙහෙයුම් සඳහා යුද හමුදාව එක වී සිටින්නේ මන්දැයි විමසූ විට බ්‍රිගේඩියර්වරයා කියා සිටියේ ජාතික ආරක්ෂාව පිළිබඳ කටයුතු වලදී පොලිසියට තනිව මැදිහත් වී කටයුතු කිරීම අපහසු බවත් එසේ කිරීමට ගිය හොත් වසර තිහකට පෙර විඳි දුක නැවත විඳීමට යාපනයේ පමණක් නොව රටේ සමස්ථ ජනතාවට සිදුවන බවයි." +කොරෝනාවෛරසය ශ්‍රී ලංකාව තුළ ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා හමුවී ඇති අතර ඔහු මේ වන විට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.,"කටුනායක ගුවන්තොටුපොළ 52 හැවිරිදි එම පුද්ගලයා ඉතාලි ජාතික සංචාරකයින්ට මග පෙන්වන්නෙකු ලෙස සේවය කර ඇති අතර ඔහුගේ අනන්‍යතාව හෝ පදිංචි ප්‍රදේශය හෙළි කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. කෙසේ වෙතත්, ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයෙකු බව පමණක් අමාත්‍යංශය සදහන් කළේය. මේ වන විට ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ ඔහු සංචාරය කළ ස්ථාන සහ ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධය���න් තොරතුරු ලබා ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය. ""ජාතික ගැටලුවක්"" කොරෝනාවෛරසය මේ වන විට ""ජාතික ගැටලුවක්"" බවට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ බදාදා (මාර්තු 11) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. ""ජාතික ගැටලුවක් මේක. සියලු දෙනා ජාතිය ගැන හිතල වැඩ කරන්න ඕන. මේ තත්ත්වය අවස්ථා හතරක් අනුව සලකා බලනවා. විෂබීජය රටට ඇතුළු වීම, එය පැතිරීම වැළැක්වීම, ප්‍රතිකාර කිරීම සහ විශාල වශයෙන් රෝගය පැතිරුණොත් ඊට මුහුණ දීම යන අවස්ථා හතරෙන් දැන් දෙවන අවස්ථාවේ අපි ඉන්නේ. වෛරසය පැතිරීම වැළැක්වීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග අපි ගන්නවා."" යම් හෙයකින් කොරෝනාවෛරසය පැතිර යාම ඉතාලියේ මෙන් වේගවත්ව සිදුවුවහොත් ""ඉතා අමාරු තත්ත්වයක් නිර්මාණය වනු ඇති,"" බව වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය. ""නිරෝධායන කටයුතුවලට සහය දෙන්න"" මේ අතර, කොරෝනාවෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා නිරෝධායන ක්‍රියාවලිය අත්‍යවශ්‍ය අංගයක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය. ""රෝගය පැතිර යන රටවල සිට පැමිණෙන සියලු දෙනා නිරෝධායනයට සම්බන්ධ විය යුතුමයි. නිරෝධායන ක්‍රියාවලියේ ප්‍රශ්න තියෙනවා නම් ඒවාට සාධාරණ විසදුම් ලබා දෙන්න පුළුවන්. හැබැයි සමහර අය නිරෝධායනය වීම ප්‍රතික්ෂේප කරල තියෙනවා. නිරෝධායනය කරන්නේ ඔවුන්ගේ ම යහපතටයි."" ""එක්සත් රාජධානියේ සෞඛ්‍ය ඇමතිවරියටත් වෛරසය ආසාදනය වෙලා තියෙනවා. අපි දැක්කා සෞඛ්‍ය සේවය අතින් ඉතා දියුණු රටවල මේ වෛරසය පැතිර යාමෙන් පස්සේ සිදුවුණ දේවල්. දියුණු රටවල එහෙම නම් අපේ රටේ පැතිරුණොත් මොන කතා ද?,"" සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය. නිරෝධායනය ""රටේ යහපතට පමණක් නෙවෙයි"" කොරෝනාවෛරසය සම්බන්ධයෙන් නිරෝධායන ක්‍රියාවලියට සහභාගි වීමෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් ද ආරක්ෂා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. ""නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධවීම යහපත් වෙන්නේ රටේ ජනතාවට විතරක් නෙවෙයි. නිරෝධායනය නොවී ශරීරය තුළ වෛරසය තබාගෙන යමෙක් සිය නිවස වෙත ගියොත් පවුලේ සාමාජිකයින්ට එය ශරීරගත වීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ආරක්ෂා කර ගන්න නම් ඔවුන් අනිවාර්යයෙන් ම නිරෝධායනයට සම්බන්ධ විය යුතුයි."" නිරෝධායන ක්‍රියා���ලිය මේ වන විට චීනය, ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවල සිට පැමිණෙන මගීන් නිරෝධායනය සදහා යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී තිබේ. ඒ අනුව එම මගීන් විෂබීජහරණයකට ලක් කර නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන ගොස් දින 14ක කාලයක් නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනේ. එහිදී දිනකට දෙවරක් බැගින් ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂා කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ, නිරෝධායන ක්‍රියාවලිය යුද්ධ හමුදාව සහ යුද්ධ හමුදා වෛද්‍යවරුන් යටතේ සිදු කෙරෙන බවය. ""සංචාර පාලනය කරන්න"" එක් රෝගියෙකු හමුවුව ද, සාමාන්‍ය ජන ජීවිතය අඩාළ කිරීමට රජය කටයුතු නොකරන බව කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසීය.. වෛරසය ව්‍යාප්ත වීමේ තත්ත්වයක් පැවතියහොත් මහජන ඒකරාශී වීම් නතර කිරීමට සිදු වනු ඇතැයි ද පැවසිණි. මේ අතර, වෛද්‍ය අනිල් ජාසිංහ ඉල්ලා සිටියේ, විදෙස් සංචාර සහ වන්දනා සංචාර ආදියෙහි නිරත නොවී සිටීම වඩා වැදගත් බවය. මේ තොරතුරු ද දැනගන්න:" +සිය සොයාගැනීම් වෙනුවෙන් ලැබෙන ජාත්‍යන්තර සම්මානවලට වඩා සිය අධ්‍යාපනය වෙනුවෙන් විය හියදම් දැරූ ශ්‍රී ලංකාවේ දිළිඳු ජනතාවගේ මුවග හසරැල්ලක් රැඳවීමට සහ ඔවුන් වෙනුවෙන් සේවය කිරීමට ලැබීම මහත් සතුටක් බව මේ වසරේ තුන්වෙනි ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයා ලෙසින් සම්මාන ලැබූ ශ්‍රී ලාංකික විද්‍යාඥයා පවසයි.,"මහාචාර්ය හල්වතුර තමන්ට හිමි වූ සම්මානයක් සමග (සංරක්ෂිත ඡායාරූපයක්) ""ඇත්තටම සන්තෝසයි මොකද මම හරිම පොඩි තැනකින් ආපු මනුස්සයෙක්. මම ඔය කියන ජනප්‍රිය පාසල්වලින් ඉගෙනගත්ත කෙනෙක් නෙවෙයි,"" මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර පැවසීය. තරුණ මහාචාර්යවරයා ඒ බව කියා සිටියේ, ඉතාලිය මූලස්ථාන කරගත් ලෝක විද්‍යා ඇකඩමිය විසින් (TWAS - The World Academy of Science) පිරිනමන ලද සම්මානය පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිටින ඉංජිනේරු විද්‍යාව සම්බන්ධ ලාබාලම මහාචාර්යවරයා ඔහුය. මහාචාර්ය හල්වතුරට මේ වසරේ හිමි වූ පේටන්ට් බලපත්‍රයක් ""කළුතර පොඩි ඉස්කෝලෙක ඉගෙනගෙන, මොරටුව විශ්ව විද්‍යාලයට ගිහිල්ලා මේ වගේ තැනකට ආපු එක ගොඩක් සතුටුයි."" අදාළ සම්මානය සඳහා මහාචාර්ය රංගික උමේෂ් හල්වතුරගේ නම The World Academy of Science වෙත නිර්දේශ කර තිබෙන්නේ ජාතික විද්‍යා පදනම (National Academy of Science) විසිනි. ඇකඩමිය එම සම්මානය ප්‍රදානය කරනු ලබන්නේ ජීව විද්‍යාව, රසායන විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, භෞතික විද්‍යාව ඇතුළු සියලුම අංශවල තරුණ විද්‍යාඥයන් විසින් ගතව ගිය වසර තුළ පවත්වන ලද පර්යේෂණ, ඔවුන්ගේ පර්යේෂණ පත්‍රිකා, වෙනත් ක්ෂේත්‍රවල එම පර්යේෂණ යොදාගෙන තිබෙන්නේ කෙසේද සහ සිය ක්ෂේත්‍රය තුළ ලබාගත් අනෙක් ජයග්‍රහණ සියල්ල සලකා බැලීමෙන් අනතුරුවය. සබැඳි යොමු: ""ඔය සම්මානවලට වඩා මම ඇත්තටම සතුටු වෙන්නේ මට උගන්නපු, මාව මේ තත්වෙට පත්කරපු ඒ දුප්පත් මිනිස්සු වෙනුවෙන් මට යමක් කරන්න ලැබිච්ච එක. ඒ මිනිස්සු ඒ ගෙවපු දේට මට ණය ගෙවන්න ලැබිච්ච එක."" කෙසේ වුවත් විද්‍යා ක්ෂේත්‍රය වෙනුවෙන් සිය කැපවීම අගය කිරීමට ලක්වීම පිළිබඳව අවංකව සතුටුවන බවත් තරුණ මහාචාර්යවරයා බීබීසී සිංහල සේවයට පැවසීය. වයස අවුරුදු 40 ට අඩු විද්‍යාඥයන් සඳහා ලෝක විද්‍යා ඇකඩමිය සාමාන්‍යයෙන් මෙම සම්මානය පිරිනමනු ලබන්නේ තුන් වෙනි ලෝකයේ රටවල විද්‍යාඥයන් සඳහා බව ද මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර සඳහන් කළේය. පරිසර හිතකාමී සොයාගැනීම් තිරසර ද්‍රව්‍ය සොයාගැනීම සම්බන්ධයෙන් පේටන්ට් බලපත්‍ර හතක හිමිකරුවා වන මහාචාර්ය හල්වතුර මේ වසර තුළ දී පමණක් පේටන්ට් බලපත්‍ර දෙකක් ලබාගැනීමට සමත් වී තිබේ. ඒ බිත්ති ඉදිකිරීම පිණිස පස්වලින් කරන නිර්මාණ සහ ගොඩනැගිලි තුළට අධික රස්නය පැතිරීම වැළැක්වීම පිණිස උණ බටවලින් නිෂ්පාදනය කරන ලද පරිවාරක ක්‍රමයක් වෙනුවෙනි. කසුන් නන්දපාල සහ ෆාතිමා රිස්නා එහි සම නිර්මාණකරුවන් බව ද මහාචාර්යවරයා පවසයි. ""මට පේටන්ට් පහක් තියෙනව පස්වලින් කරන නිර්මාණ සම්බන්ධව. ඒකෙන් ප්‍රධානම එකක් තමයි mud concrete block කියන එක නැත්නම් පස් භාවිතා කරලා අපි හදපු කොන්ක්‍රීට් එකක්. ඒක බිත්ති බැඳීම සඳහා භාවිතා කරන කොන්ක්‍රීට් ගලක්,"" ඔහු පැවසීය. ඊට අමතරව වහලේ සිට නිවසට රස්නය පැතිරීම වැළැක්වීමේ ක්‍රම කිහිපයක්ම මහාචාර්ය රංගික උමේෂ් හල්වතුරගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායම විසින් සොයා ගනු ලැබ තිබේ. ප්‍රධාන වශයෙන්ම තිරසර ද්‍රව්‍ය කෙරෙහි අවධානය යොමු කරන තරුණ මහාචාර්යවරයාගේ ප්‍රධානම අවධානය යොමු වී තිබෙන්නේ ලාභදායී නිෂ්පාදනයක් ලබාදීමට වඩා පරිසර හිතකාමී නව නිර්මාණ නිපැයුම කෙරෙහිය. ""ලංකාවේ මිනිස්සු මම හිතන්නේ ආකල්ප අතින් අපි සෑහෙන්න පොහොසත්. ඉතින් පරිසර හිතකාමී නිර්මාණ තුලින් අපිට සමාජයට යමක් එකතු කරන්න පුළුවන් නම් ඒක තුළින් රටේ සංවර්ධනයට දායකවෙන්න වගේම මිනිස්සුන්ගේ ආකල්ප වැඩි දියුණු කරගන්න පුළුවන් වේවි."" මේ වසරේ ""දක්ෂතම ශ්‍රී ලාංකිකයා"" (Most Outstanding Sri Lankan) ලෙසින් සම්මානයට පාත්‍ර වූ තරුණ විද්‍යාඥයා, පසුගිය වසරේ 'CVCD' (Committee of Vice Chancellors and Directors) සම්මානයෙන් ද පිදුම් ලබා තිබේ." +හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.,හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා රජයට අයත් හෙලිකොප්ටර් යානා අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා ඇතුළු කරුණු කීපයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්වරයා කොමිසම හමුවට කැඳවා තිබේ. මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදු වූ බව පැවසෙන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීම සඳහා නීතියට අනුගතව කටයුතු කරමින් සිටින බවයි ආණ්ඩුව පවසන්නේ. ඒ සඳහා යම් කිසි කාලයක් ගත වනු ඇති බවත් වත්මන් ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ කියා සිටිති. පැවති පාලන සමයේ දූෂණ සහ වංචා සිදු වී ඇති බව පවසමින් තමා ඇතුළු සිය පවුලේ සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කරනු ලැබීම හුදෙක් දේශපාලන පිළිගැනීමක් ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හඳුන්වයි. +එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී ශ්‍රී ලංකාව පිළිබඳ ව සම්මත කර ගැනීමට සැරසෙන යෝජනාව සම්බන්ධයෙන් කරුණු දැක්වීමට වොෂින්ටන් බලා ගිය ඉහළ පෙලේ ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් පෙරලා පැමිණීමත් සමග එක්සත් ජනපද උත්තර මන්ත්‍රී මණ්ඩලයට ලංකාවට අදාල යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.,"ඇමරිකා වේ සෙනෙට් සභාවට ඉදිරිපත් කොට ඇති සර්ව පාක්ෂික යෝජනාවෙන් එක්සත් ජනපදයෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාවේ යුද්ධයේ දීත්, ඉන් පසුවත් දෙපාර්ශවය ම විසින් කළ බවට වාර්තා වී ඇති යුද අපරාධ, මානව වර්ගයා ට එරෙහි අපරාධ සහ වෙනත් මානව හිමිකම් උල්ලංඝන විනිශ්චය සඳහා වගකීම පිලිබඳ ස්වාධීන, ජාත්‍යන්තර යාන්ත්‍රණයක් පිහිටුවන ලෙසයි. රටේ සියලු ම පෙදෙස් වලට අවහිරයෙන් තොර ව පිවිසීමේ ඉඩකඩ ජන මාධ්‍ය වලට, ජාත්‍යන්තර ආධාර ආයතන වලට සහ මානව හිමිකම් සංවිධාන වලට සලසා දෙන ලෙසත් එම යෝජනාව ශ්‍රී ලංකා රජයට බල කොට සිටී. දේශපාලන සහ යුද සිරකරුවන් රඳවා සිටින්නට ඉඩ තිබෙන ස්ථාන වලටත් ඇතුළු වීමේ ඉඩකඩ සලසා දෙන ලෙස එහි යෝජිතයි. මාධ්‍ය නිදහස ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මාධ්‍ය නිදහස වෙනුවෙන් පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ රජයෙන් කරන ඉල්ලීමක් ද යෝජනාවේ එයි. වාර්තාකරණයේ සීමා සහ උතුරු නැගෙනහිර තොරතුරු ගලා යාමට පවත්නා බාධා ඉවත් කරන ලෙසත් ශ්‍රී ලංකාවේ රජයෙන් ඉල්ලා සිටින යෝජනාව මාධ්‍යවේදීන්ටත්, ආයතන වලටත් පහර දීමට වග කිව යුත්තන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලයි. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ඇතුළු ඉහළ පෙලේ නියෝජිතයන්ගේ වොෂින්ටන් සංචාරය නිම වීමත් සමග එක්සත් ජනපද සෙනෙට් සභාවට ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව ගෙන විත් ඇත්තේ ජාත්‍යන්තර සබඳතා විෂයයෙහි ජ්‍යෙෂ්ඨ තම මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විසින් බවයි නිව් ඔර්ලියන්ස්හි තුලේන් සරසවියේ සංවර්ධන ආර්ථික විද්‍යා මහාචාර්ය සෑම් සමරසිංහ සංදේශයට කියා සිටියේ. සෙනෙට් සභික පිරිස තම යෝජනාව නම් කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ කල් පවත්නා සාමයක් සඳහා අවශ්‍ය අභ්‍යන්තර ගොඩනැගීම, නැවත පදිංචිය සහ සංහිඳියාවට සහාය පළ කරන්නක් ලෙසින්. එවන් යෝජනාවක් සම්බන්ධයෙන් කිසිවකු ප්‍රශ්න කරනු නැති බවයි මහාචාර්ය සමරසිංහ පවසන්නේ. ජිනීවා යෝජනාවට බලපෑමක් දේශපාලන සිරකරුවන් නිදහස් කරවා ගැනීම සඳහා උද්ඝෝෂණයක් ඩිමොක්‍රටික් පක්ෂයේ සිව් දෙනකු සහ රිපබ්ලිකන් පක්ෂයේ දෙදෙනකු විසින් සභා ගත කරනු ලැබූ යෝජනාව ජාත්‍යන්තර සබඳතා කමිටුවට යොමු කොට තිබේ. එක්සත් ජනපදයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ ම සහාය මීට දැක්වෙන බවට ඉඟියක් එයින් පළ වෙතැ’යි සඳහන් කළ මහාචාර්ය සෑම් සමරසිංහ යෝජනාව සම්මත වෙතොත් ශ්‍රී ලංකාව කෙරෙහි ජනාධිපති ඔබාමා ගේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එමගින් බලපෑමක් වනු ඇතැයි විශ්වාස කළ හැකි වග පැවසූවේය. මාර්තුවේ දී මානව හිමිකම් මණ්ඩලය හමුවේ ශ්‍රී ලංකාවට අදාලව යෝජනාවක් ගෙන ඒමට ඇමරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක් සැරසෙද්දී රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සමගින් ඉකුත් මස අග ඇමරිකා එක්සත් ජනපදය බලා ගිය ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග වොෂින්ටනයේ දී පවසා තිබුනේ ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණයක් විසින් මවනු ඇත්තේ ‘අවුල් ජාලයක්’ බවයි." +'නිලමේ' නැමැත්තෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර ප්‍රසිද්ධ වේදිකාවක කළ දුරකථන සංවාදය පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හමුවේ කරුණු පැහැදිලි කළේය.,"සමාජ කතිකාවක් බවට පත්ව ���ති එම දුරකථන සංවාදය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අගමැතිවරයා, ලිපි ගොනුවක් භාරදීම සඳහා 'අදාළ නිලමේ' උසාවියට කැඳවනු ලැබ තිබූ බවත් එහිදී ඔහු අත්අඩංගුවට ගනු ඇත්දැයි යන්න දුරකථනය හරහා පොලිස්පතිවරයාගෙන් විමසා ඇති බවත් සඳහන් කළේය. පොලිස්පතිවරයාට දුරකථන ඇමතුම ලබා ගත්තේ කවුරුන්දැයි යන්න විමසූ අවස්ථාවේ අගමැතිවරයා කියා සිටියේ ""මම හිතන්නේ ඇමතිතුමා අහලා තිබුණේ"" යනුවෙනි. පොලිස්පතිවරයාට දුරකථන ඇමතුම දුන් පුද්ගලයා නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක හෝ අගමැතිවරයා විය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මින්පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණි. 'පරණ සම්බන්ධකම්' දුෂිතයන්ට දඬුවම් ලබා දෙන බවට 2015 ජනවාරි 08 වනදා ජනවරමේ පැහැදිලිව සටහන් වූ බව අද (දෙසැ.03) පාර්ලිමේන්තුව හමුවේ කියා සිටි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එවැනි වරදකරුවන්ට දඬුවම් ලබා දීමට බලය තිබෙන පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා දුරකථන ඇමතුමකට අනුව ප්‍රතිචාර දැක්වීම බරපතළ තත්වයක් ලෙස හැඳින්වීය. ඊට පිළිතුරු දෙමින් අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ""මමත් ඔය නිලමේව දන්නවා. අපි එක්ක ඉඳලා, ගිහිං රජතුමාට හේත්තු වුනා. ඒත් පරණ සම්බන්ධකම් තියන නිසා ඇවිල්ලා අහනවා මාව ගිනියනවද නැද්ද කියාලා,"" යනුවෙනි. තමන් අත්අඩංගුවට ගන්නේදැයි දැන ගැනීම සඳහා ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද එසේ පොලිසියට දුරකථන ඇමතුම් ලබා ගන්නා බවත් අගමැතිවරයා සඳහන් කළේය. 'අදාළ නිලමේට' එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව කී අගමැතිවරයා අවශ්‍ය නම් ඔහු අත්අඩංගුවට ගන්නා බවත් පැවසීය." +යුද්ධයේදී මිය ගිය දෙමළ ජනතාව සිහි කිරීමේ උත්සව වලට සහභාගිවූ පිරිසක් මන්නාරමේදී අත්අඩංගුවට ගෙන තිබේ.,"පොලීසිය පැවසුවේ එම පිරිස් ප්‍රභාකරන්ගේ ජායාරුප රැගෙන ගමන් ගත් නිසා ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. පහළොස්දෙනකුගෙන් යුත් මේ පිරිස අත් අඩංගුවට ගන්නා ලද්දේ මන්නාරම පොලීසිය විසින්. ඔවුන් බැලීමට පොලීසිය වෙත ගිය දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝ නෝහරාදලිංගම් පැවසුවේ අත්අඩංගුවේ සිටින පිරිස අතර දෙමළ ජනතා පෙරමුණේ සාමාජිකයන් පිරිසක්ද මන්නාරමේ ප්‍රාදේශීය මාධ්‍යවේදියකුද සිටින බවයි. ඒ අතර කාන්තාවන් හත්දෙනකුද සිටින බව ඔහු පැවසුවේය. මන්නාරම පොලීසියේ ජේෂ්ට පොලිස් නිලධාරියෙක් පැවසුවේ ප්‍රභාකරන්ගේ ජායාරුප රැගෙන මළවුන් සිහිකිරීමේ උත්සවයකට සහභාගී වීමට යමින් සිටි නිසා ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. එහෙත් එය සංවිධානය කළ පිරිස් පොලීසිය කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කළහ. දෙමල ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවේ සේනාධිරාජා වවුනියාව නගර සභා ශාලාවේ පැවති මිය ගිය පිරිස් සිහිපත් කිරීමේ උත්සවයේදී රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියේ දෙමළ ජනතාවගේ කඳුළු කිසි දිනක කිසිදු රජයකට මැකිය නොහැකි බවයි. උත්සවයට එක්වූ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් කියා සිටියේ කොළඹ පැවැත්වූ විජයග්‍රාහී උත්සවයට යම්කිසි තර්කානුකුලභාවයක් ඇත්ද ඊට වඩා වැඩි තාර්කික බවක් වවුනියාවේ මළවුන් සිහිපත් කිරීමේ උත්සවයට ඇති බවයි. එය දේශපාලන වාසි තකා සිදු කෙරෙන්නක් නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය. වවුනියාව නගර සභා ශාලාවේ පැවති උත්සවයට සභාගි නොවන ලෙසට ආරක්ෂක අංශ විසින් ඊයේ සවස සිට දැනුම් දී ඇත. එම උත්සවය වාර්තා කිරීමට පැමිණි වාර්තාකරුවන්ගේ දුර කථනවලට කිසියම් පිරිසක් විසින් නගර සභා ශාලාවේ බෝම්බයක් තිබෙන බවට වරින් වර ඇමතුම් දී තිබේ." +ජංගම දුරකතනවලට ආසියානුවන් සීග්‍රයෙන් ඇබ්බැහිවෙමින් පවතින බව නවතම සමීක්ෂණවලින් හෙළි වී තිබේ.,දකුණු කොරියාවේ සිසුන්ගෙන් සියයට හැත්තෑ දෙකක් ‘ස්මාර්ට්’ ජංගම දුරකථන භාවිතා කරන බවයි සමීක්ෂණ වාර්තා සඳහන් කරන්නේ. වයස අවුරුදු 11 ත් 12 ත් අතර දකුණු කොරියානු සිසුන් දිනකට පැය පහකට වැඩි කාලයක් ජංගම දුරකථන සමඟ කාලය ගත කරන බව සොයා ගෙන තිබේ. ඉන් සියයට විසි පහක් පමණ දෙනා ජංගම දුරකතනයට ඇබ්බැහි වී ඇති බවයි ඔවුන් පවසන්නේ. දකුණු කොරියාවේ ඇතැම් සිසුන් ජංගම දුරකතනයට ඇබ්බැහි වීම නිසා මානසික වෛද්‍යවරුන් වෙත යොමු කර ඇත. ආසියාව පුරා ‘ස්මාර්ට් ෆෝන්’ පාවිච්චි කරන්නන්ගේ සංඛ්‍යාව බිලියන දෙකහමාරකි. ආසියානුවන් මීට කෙතරම් ඇබ්බැහි වී ඇත්ද යන්න මෑතකදී පළවූ වාර්තා කිහිපයකින් මොනවට පැහැදිලි වෙයි. ජංගම දුරකථනය ඔස්සේ ෆේස්බුක් බලමින් යද්දී කුඩා පාලමකින් පහලට වැටුණු තායිවාන් සංචාරකයෙකු ගැනත් ජංගම දුරකථනයේ තිරය දෙස බලමින් පාරේ ගමන් කරද්දී කානුවකට වැටුණු චීන තරුණියක් ගැනත් මෑතකදී පුවත් පළ විය. මිලියන හයක් වැනි කුඩා ජන ගහනයක් සිටින සිංගප්පුරුවේ ද මෙය බරපතල ප්‍රශ්නයක් වී තිබේ. ජංගම දුරකථනය හරහා සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසෙන්නන් ඉතා පහසුවෙන් මීට ගොදුරු වන බවයි සමීක්ෂණ වාර්තා සඳහන් කරන්නේ. +පවතින මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ කැබිනට් පත්‍රිකාවේ තමන් විසින් ඉල්ලීම් කරන ලද වෙනස්කම් 100%ක් ඇතුළත්වී 'නොමැති' බව මුස්ලිම් කාන්තා සංවිධාන පවසති.,"කාන්තා ක්‍රියාකාරී ජාලය වෙනුවෙන් අදහස් දැක්වූ ශ්‍රීන් අබ්දුල් ශරූර් පැවසුවේ අධිකරණ අමාත්‍යාංශය එම කැබිනට් පත්‍රිකාව සකස් කිරීමේ දී මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය සමග කටයුතු කර ඇති නිසා එය සිදුවන්නට ඇතැයි තමන් සැක කරන බවය. පවතින මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව බදාදා (අගෝස්තු 21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. එහි සඳහන් වන්නේ ""මෙම පනතෙහි ඇතැම් විධි විධාන සංශෝධනය විය යුතු බවට මුස්ලිම් ප්‍රජාවගේ හා මානව අයිතිවාසිකම් සුරැකීමේ ක්‍රියාකාරීන්ගේ අදහස් සළකා බලා මෙම තීරණය ගෙන ඇත"" යනුවෙනි. ඒ අනුව, මුස්ලිම් ජනයාගේ විවාහ විය යුතු වයස, ඔවුන්ගේ විවාහ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය සහ විවාහය සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමට අදාළ විධිවිධාන ආදී කරුණු සංශෝධනය කරමින්, එකී පනත සංශෝධනය කිරීම සඳහා වන ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. ශ්‍රීන් අබ්දුල් ශරූර් සිවිල් සංවිධාන ප්‍රතිචාරය කාන්තා ක්‍රියාකාරී ජාලයේ ශ්‍රීන් අබ්දුල් ශරූර් බීබීසී සිංහල සේවයට පැවසුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාවේ අඩු ලුහුඩුකම් තිබේ නම් ඒවා නිවැරදි කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට තමන් පසුබට නොවන බවය. ""මම හිතන්නේ අධිකරණ ඇමතිවරිය මේ ගැන අපිට උදව් කරන්න ඕනේ. එයා මේක කළේ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයත් එක්ක එකතු වෙලා. ඒ නිසා අපිට පොඩි සැකයක් තියෙනවා අපි අහපු ඔක්කොම දේවල් එතන තියෙනව ද කියලා. ඒක අපි දන්නේ නැහැ. කැබිනට් පේපර් එක බලලා තමයි අපි ඉදිරියේ ගත යුතු දේ තීරණය කරන්නේ."" විශේෂයෙන්ම විවාහක මුස්ලිම් කාන්තාවන්ගේ ගැටලු ගැන ඇසීමට ඇති ක්වාසි උසාවි සඳහා කාන්තා කාති තනතුරු ඇති නොකරන්නේ නම් එය මුස්ලිම් කාන්තාවන්ට බලපාන බව ද ශ්‍රීන් අබ්දුල් ශරූර් පැවසීය. ""ආපහු පිරිම�� කාතිලා විතරක් නම් ඉන්නේ ඒ ප්‍රතිසංස්කරණය (Reform) කරලා වැඩක් නෑ. එහෙම වුණොත් අපි ඒක ලබාගන්න වැඩ කරනවා."" ""අපි මේ ක්‍රියාවලියට අවුරුදු 30කට විතර වැඩකරලා තියෙනවා. අද ඊයේ ආපු එකක් නොවෙයි. පාර්ලිමේන්තුවට තේරිලා ගිය මුස්ලිම් මන්ත්‍රීලා, සමස්ත ලංකා ජමඉයියතුල් උලමා ඔක්කොම අපිට කිව්වේ මේක ශරීයා නීතිය කියලා. මේකට කවුරුත් අත දාන්න බෑ කියලා. සමහරු අපිට තර්ජනය කළා. නමුත් මෙම නීති වෙනස් කරන තැනට ඇවිල්ලා තියෙනවා. ඒක හොඳ දෙයක්."" මීට දින කිහිපයකට පෙර නිවේදනයක් නිකුත් කළ 'සිවිල් සංවිධාන එකමුතුව' පෙන්වා දුන්නේ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට රජය කඩිනමින් පියවර ගත යුතු බවය. ""මෙම පනත සංශෝධනය නොවීම නිසා මුස්ලිම් ප්‍රජාව විශේෂයෙන්ම කාන්තාවන් සහ දරුවන් දැඩි අපහසුවකට පත්ව ඇත"" යනුවෙන් එම සංවිධාන එකමුතුව නිකුත් කළ නිවේදනයක සඳහන් විය. මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ලබා දීම සඳහා පසුගිය රජයන් විසින් විවිධ අවස්ථාවල කමිටු 5ක් පමණ පත් කරනු ලැබුව ද ඒවා ප්‍රථිපල රහිත විය. 2009 දී විනිසුරු සලීම් මර්ෂූෆ්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව වසර 9ක් පුරා අදහස් සහ යෝජනා එක් රැස් කිරීමෙන් අනතුරුව එම කමිටුවේ නිර්දේශ 2018දී ඉදිරිපත් කළේය. පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් ද පවතින නීති සංශෝධනය සඳහා නිර්දේශ 14කට එකඟතාව ලබා දී තිබේ. 2019 ජුලි මස ලබාදුන් එම එකඟතාව යටපත් කිරීමට සමහර පාර්ශ්ව කටයුතු කරන බවට ද සිවිල් සංවිධාන චෝදනා කරති. ""සියලු වැසියන්ගේ සමානාත්මතාව සුරැකීම රජයේ යුතුකමක්"" යනුවෙන් සිවිල් සංවිධාන 30ක් සහ පුද්ගලයින් 197 දෙනෙකු විසින් ඒකාබද්ධ ව නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් විණි. වෙනස් විය යුතු නීති වශයෙන් මුස්ලිම් කාන්තා සහ සිවිල් සංවිධාන විසින් පෙන්වා දෙනු ලබන කරුණු අතර; · කාන්තා කාති තනතුරු ඇති කිරීම · විවාහ වනවිට කාන්තාවට අත්සන් කිරීම · විවාහ සහ දික්කසාදවීමට සමාන අයිතිවාසිකම් · බාලවයස් විවාහ සිදුකිරීම වැළැක්වීම යනාදිය ද වේ. ""මුලදී මුස්ලිම් කාන්තාවෝ විතරයි මේකට වැඩ කළේ. නමුත් මෑතක සිට මුස්ලිම් කාන්තාවෝ විතරක් නොවේ ඔක්කොමලා මේ ගැන කතා කරන්න පටන් ගත්තා. ඒ ගොල්ලෝ කිව්වා ලංකාවේ තියෙන මේ නීතිය හරි අසාධාරණයි කියලා. ඒක අපිට විශාල බලයක් සහ ශක්තියක් වුණා. මුස්ලිම් පිරිමින්ට මේ ප්‍රශ්නය ගැන කිව්වට ඒගොල්ලෝ ඒක පිළිගන්��ේ නැහැ. ඒගොල්ලෝ අපිට චෝදනා කරන්නේ අපි බටහිර 'ෆෙමිනිස්ට්' කියලා. නමුත් මෑතක සිට අධ්‍යාපනය ලැබූ උලමාවරුත් මේ වෙනස අවශ්‍යයි කියල පිලිගන්නවා,"" ශ්‍රීන් අබ්දුල් ශරූර් පැවසුවාය. ""මුස්ලිම් ගැහැණුන්ගේ විවාහ වයස අවුරුදු 18ක් ලෙස ඉහළ දැමීමෙන් ඔවුන්ට උසස් අධ්‍යාපනය ලැබීමට ද අවස්ථාවක් ලැබෙනවා"" ලැබී ඇති තොරතුරුවලට අනුව තමන්ගේ ඉල්ලීම්වලින් 90%ට පමණ යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවත් ඉතිරි 10% පිළිබඳ තමන්ට ගැටලු ඇති බවත් ශරූර් සඳහන් කළාය. ""ඒ යෝජනාවල පෙනෙන ආකාරයට විවාහ වයස අවුරුදු 18 කියලා තියෙනවා. ඒක තමයි අපේ ඉල්ලීම. නමුත් එකට දාලා තියෙනවා නොවැළැක්විය හැකි අවස්ථාවල නිදහස්කිරීම් දෙන්න පුළුවන් කියලා. ඒ විදියට අවුරුදු 16 - 18 අතර සඳහන් කරලා තියෙනවා. ඒ අවස්ථාවල කාතිලගේ අවසර අරන් විවාහ වෙන්න පුළුවන් කියලා. එතකොට අවුරුදු 18ට අඩු දරුවෙක් දූෂණය කළොත් වැරදිකරුට බේරෙන්න පුළුවන් ඇයව විවාහ කරගෙන. ඒක පිරිමි අයට වාසි සහගත දෙයක්."" ""නමුත් අවුරුදු 18 අඩු ළමයෙක් කොහොම ද කැමැත්ත දෙන්නේ. අපි කියන්නේ ඒක දූෂණයක්."" ඒ සම්බන්ධයෙන්, බීබීසී සිංහල සේවය මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ඒ එච් එම් හලීම් ගෙන් විමසීය. ""ඒ වගේ අවස්ථාවක කාතිවරයාගේ අවසරය ඇතිව දෙපාර්ශවයේම කැමැත්ත ඇතිව විවාහ වෙන්න අවස්ථාව තියෙනවා. දෙපාර්ශවයේම කැමැත්ත නැත්නම් අධිකරණයට යන්න පුළුවන්"" ඇමතිවරයා කීය. විශේෂයෙන් මුස්ලිම් කාන්තාවගේ විවාහ වයස අවුරුදු 18ක් ලෙස ඉහළ දැමීමෙන් ඇයට උසස් අධ්‍යාපනය ලැබීමට ද අවස්ථාවක් හිමිවන බව කාන්තා ක්‍රියාකාරී ජාලය පෙන්වා දෙයි. ""පිරිමි අයට වගේම කාන්තාවටත් උසස් පෙළ දක්වා ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන්න ඕනේ. අඩු වයසෙන් විවාහ කර දුන්විට මුස්ලිම් කාන්තාවන්ට අධ්‍යාපන අයිතිය නැති වෙනවා. අනිත් කරුණ අඩු වයසේදී ඔවුන්ට අම්මා කෙනෙක් වෙන්න චිත්ත ශක්තිය නෑ. ඒ ගොල්ලෝ දරුවොනේ"" මුස්ලිම් විවාහ වයස පිළිබඳව මුස්ලිම් කාන්තා පර්යේෂණ සහ ක්‍රියාකාරී සංසදයේ අන්බේරියා හනීෆා මීට පෙර බීබීසී සමග මෙසේ පැවසුවාය. ""ලංකාවේ නීති හතරක් තිබෙනවා. තේසවලාමේ, උඩරට නීතිය, මුස්ලිම් අයට බලපාන නීතිය, පොදු නීතිය. පොදු නීතියට යටත් වන අයට දණ්ඩ නීති සංග්‍රහය අදාළයි. අපරාධ දණ්ඩ නීති සංග්‍රහයේ විවාහයට අයත් කොටස මුස්ලිම් අයට අදාළ වෙන්නේ නැහැ."" ""පොඩි ළමයි කසාද බන්දලා දිය යුතු බව මම කියන්නේ නැහැ. නමුත් මේ නීතියේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒක හරිම සංකීර්ණ තත්වයක්."" ඇය වැඩිදුරටත් පැවසුවා. කියවන්න:" +උතුරු නැගෙනහිර දෙපළාත් ඒකාබද්ධ කිරීමට නැගෙනහිර පළාතේ ජනතාවගෙන් අති බහුතරයක් විරුද්ධය යන්න සිය මතය බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශාරදයකු වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසයි.,"කිසියම් පලාතක සීමා මායිම් ඇතුළු ඕනෑම වෙනස්කමක් කළ යුත්තේ අදාළ පළාතේ ජනතාවගේ කැමැත්ත මත පදනම් වී බවද බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න පැවසීය. උතුරු නැගෙනහිර දෙපළාත් ඒකාබද්ධ කිරීමට 'නැගෙනහිර පළාතේ ජනතාවගෙන් අති බහුතරයක් විරුද්ධයි' එමෙන්ම ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් මතු වන ඉල්ලීම පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය වික්‍රමරත්න සඳහන් කළේය. ""ෆෙඩරල් කියන්නේ තවත් ආණ්ඩුක්‍රම විශේෂයක් පමණයි නේ? 1926 බණ්ඩාරනායක මහතා තමයි ලංකාවට පලවෙනි වරට ෆෙඩරල් ක්‍රමයක් යෝජනා කෙරුවේ,"" ඔහු පෙන්වා දුන්නේ බීබීසී සංදේශයේ අරවින්ද තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. ""ෆෙඩරල් ක්‍රමයක් පිළිගන්නවද නැද්ද කියන එක වෙනම කතාවක්. නමුත් මේ එක තනි රටක් තුල ඕනෑම ආණ්ඩුක්‍රම විශේෂයක් යෝජනා කිරීමට තියන අයිතිය අපි පිළිගත යුතුයි."" ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව සිය පුද්ගලික ස්ථාවරය වන නමුත් ඒ සම්බන්ධයෙන් විවිධ මතවාද පවතින බැවින් ස්ථිර වශයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් සිදු වන බව පමණක් තමන්ට සහතික කළ හැකි බවත් ඔහු සඳහන් කළේය. 'ෆෙඩරල් ක්‍රමයක් පිළිගන්නවද නැද්ද කියන එක වෙනම කතාවක්. නමුත් මේ එක තනි රටක් තුල ඕනෑම ආණ්ඩුක්‍රම විශේෂයක් යෝජනා කිරීමට තියන අයිතිය අපි පිළිගත යුතුයි' ආචාර්ය වික්‍රමරත්න සංදේශය මැදිරියට පැමිණියේ, ශ්‍රී ලාංකික ඩයස්පෝරාවේ අදහස් විමසීම පිණිස ඩයස්පෝරා සංවිධානයක් විසින් කරන ලද ආරාධනයක් මත ලන්ඩනයේ සංචාරයක නිරතව සිටින අතරවාරයේදී. කලක් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන් කළ පිරිසක් පවා වර්තමානයේ ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා සම්පාදනයට සහභාගි වීම යහපත් ප්‍රවනතාවයක් ලෙසින් දකින බවත් ඔහු පැවසීය." +බංකොලොත් වීම හේතුවෙන් වෙන්දේසි කළ මධ්‍යම ස්පාඤ්ඤයේ පිහිටි අත්හැර දමනු ලැබූ ගුවන් තොටුපලක් සඳහා ලැබී ඇති වැඩිම ලංසුව යුරෝ දසදහසක් පමණයි.,එය ඒ සඳහා වැය කළ මුදල මෙන් ලක්ෂ ගුණයකි��් අඩු අගයක්. ස්පාඤ්ඤ ආර්ථිකය සීග්‍රයෙන් වර්ධනය වෙමින් පැවති සමයේ ඉදි කරනු ලැබ ඇති ඉහත කී ගුවන් තොටුපලට ලංසු තැබීමට ඉදිරිපත් වී ඇත්තේ එක් සමාගමක් පමණි. ඒ ආයෝජකයන්ගෙන් සැදුම්ලත් ජාත්‍යන්තර මට්ටමේ චීන සමාගමක්. ව්‍යාපාරික අවශ්‍යතා මත යුරෝපය බලා පැමිණෙන චීන සමාගම් සඳහා ඇතුළ්වීමේ මධ්‍යස්ථානයක් ලෙස ගුවන් තොටුපල යොදා ගැනීමට බලාපොරොත්තු වන බව ලංසු ඉදිරිපත් කළ සනීන් ජාත්‍යන්තර සමාගම පැවසුවේය. මැඩ්රිඩ්හි පිහිටි ගුවන් තොටුපලට විකල්පයක් වශයෙන් දකුණු මැඩ්රිඩයේ ඉදි කරනු ලැබූ මෙම ගුවන් තොටුපල සඳහා වැය කොට ඇති මුදල යුරෝ කෝටි සියයක්. වසරකට ගුවන් මගීන් ලක්ෂ විසිපහකට සේවය සැපයීමට දකුණු මැඩ්රිඩ් ගුවන් තොටුපලේ ඉඩ පහසුකම් ඇත. දෙදහස් අට වසරේ විවෘත කරනු ලැබූ ගුවන් තොටුපල බංකොලොත්භාවයට පත් වීම හේතුවෙන් දෙදහස් දොළහ වසරේදී වසා දමනු ලැබීය. දකුණු මැඩ්රිඩ් ගුවන් තොටුපල සඳහා බලධාරීන් විසින් ඉදිරිපත් කොට තිබුණු අවම ලංසු මුදල යුරෝ මිලියන විසි අටක්. නමුත් ඉදිරිපත් කෙරුණු ලංසු මුදලට ගුවන් තොටුපල විකිණෙනු ඇත්දැයි යන්න මේ දක්වා පැහැදිලි නොමැති අතර වෙන්දේසි පටිපාටියට බාහිරින් වෙනත් ගැනුම්කරුවකුට ඒ සඳහා ඉදිරිපත් වීමට තවමත් ඉඩකඩ පවතියි. දෙදහස් එකොළහ වසරේ විවෘත කරන ලද ස්පාඤ්ඤයේ නැගෙනහිර පිහිටි තවත් ගුවන් තොටුපලක් මේ හා සමාන ඉරණමකට මුහුණ දී ඇත්තේ ඊට එකඳු ගුවන් යානයක්වත් ගොඩ බස්වා නොමැති කම හේතුවෙන්. +ජගත් මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳව එක්සත් ජනපදය වැදගත් ස්ථානයක් දෙන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සෞදි අරාබි බලධාරීන්ට දැඩිව දැනුම්දුන් බව ධවල මන්දිරය පවසයි.,"එම දැනුම්දීම සිදුකරනු ලැබ තිබෙන්නේ ජනාධිපති ජෝ බයිඩන් දෙරට අතර සබඳතා නව අදියරක් කරා ගෙන යාමේ අභිප්‍රායයෙන් එක්සත් ජනපදයේ මැදපෙරදිග පැරණි සගයා වන සෞදි අරාබියේ සල්මන් රජතුමා සමඟ පවත්වන ලද දුරකථන සාකච්ඡාවකදීය. ජනාධිපති බයිඩන් එම දුරකථන සංවාදයේ නිරත වූයේ සෞදි අරාබියානු මාධ්‍යවේදී ජමාල් කෂෝඝි ඝාතනයට අදාළව ඉදිරිපත්වීමට නියමිතව ඇති එක්සත් ජනපද වාර්තාවක් කියවනු ලැබීමෙන් පසුව බවත් වාර්තා වෙයි. ඉතා ඉක්මණින් නිකුත් කරනු ලැබීමට නියමිතව ඇති එම වාර්තාව අනුව, කෂෝඝි මාධ්‍යවේදියා මරාදමනු ලැබීම සම්බන්ධයෙන් සෞදි අරාබි රජු පුත් ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මන් කුමරුන්ගේ නමත් ගෑව�� ඇතැයි සැලකෙයි. ජනාධිපති බයිඩන්ගේ පූර්වප්‍රාප්තිකයාව සිටි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි අරාබිය සමඟ පවත්වා ගෙනයන ලද්දේ කිට්ටු සම්බන්ධතාවකි. කඝෝෂි ඝාතනයට අදාළ වාර්තාව රහස්‍ය නොවන මට්ටමින් නිකුත්කරනු ලැබීමේ නෛතික අවශ්‍යතාව ප්‍රතික්‍ෂේප කරමින් ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය විසින් ඒ වෙනුවට අනුගමනය කරන ලද්දේ සෞදි අරාබිය සමඟ සහයෝගීතාව වර්ධනය කරගනු ලැබීමේ පිළිවෙතකි. එහෙත් සෞදි අරාබියේ යම් නිශ්චිත ස්ථාවරයන් සම්බන්ධයෙන් වඩාත් දැඩි පිළිවෙතක් අනුගමනය කිරීම බයිඩන් පාලනයේ අරමුණ වී ඇත. 2018 වසරේ දී තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ සෞදි කොන්සියුලර් කාර්යාලය තුළ දී මරාදමන ලද මාධ්‍යවේදී ජමාල් කඝෝෂි ගේ සිරුර කපාකොටා විනාශකොට සඟවනු ලැබිණි. එම ඝාතනයට තමා හවුල්බවට නැගෙන විවේචන සෞදි ඔටුන්න හිමි සල්මන් කුමරු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. කඝෝෂි නැවත සෞදි අරාබියට ගෙන ඒමේ ''කුරිරු මෙහෙයුමක්'' සඳහා යවන ලද ඒජන්තයන් කණ්ඩායමක් විසින් ඔහු ඝාතනය කරන ලද බවට සෞදි බලධාරීහු චෝදනා කරති. එම චෝදනා සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියට පමුණුවන ලද චූදිතයන් පස්දෙනකුට ආරම්භක තීන්දුවේ දී මරණීය දණ්ඩනය නියමකරන ලද නමුත් පසුව එය වසර විස්ස බැගින් බල පැවැත්වෙන සිර දඬුවම් බවට පත්කෙරිණ. මොහමඩ් බින් සල්මාන් කුමරු (වමේ) බයිඩන් සැබැවින්ම කියාසිටියේ කුමක්ද? ධවල මන්දිර ප්‍රකාශනයෙහි කිසිදු තැනක ජමාල් කඝෝෂි ගැන සඳහන් නොවෙයි. එහෙත් එහි මෙසේ දැක්වෙයි. ''සෞදි අරාබි බලධාරීන් විසින් සෞදි-ඇමෙරිකානු ක්‍රියාකාරිකයන් කීපදෙනෙක් නිදහස් කරනු ලැබීම සාධනීය පියවරක් ලෙස ජනාධිපතිවරයා සලකයි. එසේම, ලුයේන් අල්-හත්ලූල් (Loujain al-Hathloul) අත්අඩංගුවෙන් මුදාහරිනු ලැබීමත්. විශ්ව මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය අතින් ඇමෙරිකා එක්සත් ජනපදයට හිමි තත්ත්වයේ වැදගත්භාවය ජනාධිපතිවරයා විසින් අවධාරණය කරනු ලබන්නේය'' සෞදි අරාබි ජාතික ලුයේන් අල්-හත්ලූල් (Loujain al-Hathloul) සෞදි අරාබි කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් සටන්කරන ක්‍රියාකාරිනියකි. අවුරුදු තුනකට ආසන්න කාලයක් රඳවාගෙන සිටි එම කාන්තාව මුදාහරින ලද්දේ මේ මාසයේය. එහෙත් ඇයට සංචාරක තහංචියක් බල පැවැත්වෙයි. එපමණක් නොව, මාධ්‍යයට අදහස් පළකරනු ලැබීමද තහනම් කරනු ලැබ ඇත. මුදාහරින ලද ක්‍රියාකාරිනියගේ පවුල ඇය වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටියි. ජනාධිපති බයිඩන් සහ සල්මන් රජතුම�� එක්සත් ජනපදය සහ සෞදි අරාබිය අතර පවත්වා ගනිමින් ඇති දිගුකාලීන සම්බන්ධය ගැන අදහස් හුවමාරු කරගත් අතර, ඉරානයට අවනත කණ්ඩායම්වලින් සෞදි අරාබියට එල්ලවෙමින් ඇති තර්ජන පිළිබඳවත් අවධානය යොමුකර ඇත. ''ශක්තිමත් සහ හැකිතාක් විනිවිදභාවයෙන් යුතුව ද්විපාර්ශ්වීය සබඳතා පවත්වා ගැනීමට ක්‍රියාත්මක වෙන බව ජනාධිපතිවරයා සල්මන් රජතුමාට ප්‍රකාශ කළා'' ධවල මන්දිර ප්‍රකාශනයේ දැක්වෙයි. ''නායකයන් දෙදෙනාම දෙරට අතර ඓතිහාසික සම්බන්ධතාව තහවුරු කරමින් අදහස් පළකළා. එසේම දෙරටේ අභිලාෂයන් සහ අන්‍යෝන්‍ය වශයෙන් බලපැවැත්වෙන කාරණාවන්හි දී එකමුතුව වැඩ කිරීමටත් එකඟ වුණා.'' එම ප්‍රකාශනය වැඩිදුරටත් සඳහන් කරයි. 2018 වසරේ දී තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ සෞදි කොන්සියුලර් කාර්යාලය තුළ දී මරාදමන ලද මාධ්‍යවේදී ජමාල් කඝෝෂි ගේ සිරුර කපාකොටා විනාශකොට සඟවනු ලැබුණි. කවුද මේ ජමාල් කෂෝගි? ජමාල් කෂෝගි යනු සෞදි පුවත් ආයතන කිහිපයක් වෙනුවෙන් ප්‍රබල පුවත් ආවරණය කළ ප්‍රකට මාධ්‍යවේදියෙකි. ඔහු සෞදි රජයේ උපදේශකයෙකු ලෙස ද සේවය කර ඇති අතර, පසුකාලීනව රජයේ උදහසට ලක් විය. පසුව ඔහු ඇමෙරිකාවට ගොස් 'වොෂිංටන් පෝස්ට්' (Washington Post) පුවත්පතේ මාසික තීරු ලිපියක් පළ කළේ ය. ජනාධිපති ට්‍රම්ප්, කඝෝෂි ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සෞදි ඔටුන්න හිමි සල්මන් කුමරුන් සමඟ කියවන්න;" +ඔසප් වීම ආරම්භයත් සමග දරාගත නොහැකි වේදනාවක් දැනෙන්නේ නම් එවැනි කාන්තාවන්ට මසකට දිනක් හෝ දෙකක් නිවාඩු ලබා ගැනීමට චීනයේ පළාත් ගණනාවක් තුළ නීතියෙන් අවස්ථාව හිමි වේ.,"වෘත්තියෙන් උත්සව සංවිධායකවරියකවන චුරාන් ෂෙන් වෘත්තියෙන් උත්සව සංවිධායකවරියකවන චුරාන් ෂෙන් මසකට වරක් නිවාඩු ලබා ගන්නේ ඔසප් වීම ආරම්භයත් සමග ඇතිවන දරාගත නොහැකි වේදනාව හේතුවෙනි. එම තත්වයට මුහුණ දෙන සෑම කාන්තාවකටම එසේ නිවාඩු ලබා ගැනීමට අනිවාර්යයෙන් අවස්ථාව හිමි විය යුතු බව ඇය අවධාරණය කරන්නීය. ""මට ඔසප් වේදනාව දරුණු ලෙස දැනෙනවා. කුරුසයකට තබා බඳින ලද උදර පෙදෙසේ ඊතල ඇනුණු කාන්තාවකගේ රූපයක් සෑම මසකම මම, මගේ සමාජ ජාල ගිණුම් තුළ පළ කරනවා. ගොඩක් අය ඒ පින්තූරෙට 'ලයික්' කරනවා. මොකද ඔසප් කාලය තුළ බොහෝ කාන්තාවන්ට විඳීමට සිදුවන වේදනාව පිළිබඳ එම ඡායාරූපය ඉතාමත් පැහැදිලි චිත්‍රයක් ලබා දෙනවා."" ඇය පවසන්නීය. ""ඔසප් වීම ආරම්භ වීමට පෙර දින රාත්‍රියේ මගේ උදර ප්‍රදේශයේ මස් පිඬු පෙරළෙ���වා. අවදි වූ විට ඔසප් වීමත් සමග දැනෙන වේදනාව දරා ගත නොහැකියි. බඩ කපා ගන්න හිතෙන තරම් වේදනාවක්. වමනේ යන්න වගෙත් දැනෙනවා."" චුරාන් ෂෙන් වැඩිදුරටත් කියා සිටින්නීය. 'දරාගත නොහැකි වේදනාවක්' ඔසප් වීම ආරම්භයත් සමග අත්විඳීමට සිදුවන වේදනාව දැක්වීම සඳහා චුරාන් ෂෙන් සිය සමාජ ජාල ගිණුම් තුළ පළ කරනු ලබන ඡායාරූපය පීඩාව සමනය කර ගැනීම සඳහා වේදනා නාශක ඖෂධ ලබා ගැනීමට තමන් හුරු වූ බවත් ඇය සඳහන් කළාය. ""විශ්ව විද්‍යාලයෙන් පිටවුණාට පස්සේ මම රැකියාවක් කරන්න පටන් ගත්තා. සෑම මාසෙකෙම වගේ මම වේදනා නාශක පෙති ගත්තා. නමුත් ඒ පෙතිවලට දැඩි තෙහෙට්ටුවක් නිදිමත ගතියක් දැනෙනවා. වේදනාව අඩු කර ගන්න මම උණුවතුර බෝතලයක් ළඟ තබා ගත්තා."" යැයි පවසන චුරාන් ෂෙන්, ඔසප් වීම ආරම්භ වීමත් සමග එම දින කීපය තුළ සිය වෘත්තීමය කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම තරමක් දුෂ්කරවන බව පවසන්නීය. එවැනි අවස්ථා වලදී ගැහැනියක් වීම පිළිබඳ 'තමා තමාටම ශාප කරගන්නා' බවත් චුරාන් ෂෙන් කියා සිටියාය. ""වාසනාවකට මම රැකියාව කරන සමාගම කාර්ය මණ්ඩල සේවිකාවන්ට පඩි සහිත දිනක නිවාඩුවක් ලබා දෙන්න කටයුතු කළා. ඒ සඳහා වෛද්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැහැ. ඒ වගේම පඩි කැපෙයි කියලා දුක් වෙන්න අවශ්‍යත් නැහැ. රැකියා කටයුත්තකට කාර්යාලයෙන් පිට යාමට නැතිනම් හෝ වැදගත් කටයුත්තක් නිම කිරීමට නොමැති අවස්ථාවකදී මම සාමාන්‍යයෙන් දවසක් හෝ දවසින් භාගයක් නිවාඩු ගන්නවා. ඒ දවස්වලට මම ගෙදරට වෙලා ඉන්නවා. වේදනා නාශක බෙහෙත් බීලා නිදා ගන්නවා,"" ඇය පවසනීය. චුරාන් ෂෙන් පවසන පරිදි ඔසප් දිනවලදී කාන්තාවන්ට නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් ඇතැම් පුරුෂයෝ වැඩි කැමැත්තක් නොදක්වති. 'සාධනීය වෙනසක්' ඔසප් වීම බොහෝ කාන්තාවන්ට දැඩි වේදනාවක් ගෙන දෙන අතරම කොඳු ප්‍රදේශය සහ කලවා ප්‍රදේශය දක්වා අසාමාන්‍ය ලෙස මස් පිඬු පෙරලීම ද ඒ සමග බොහෝ විට සිදු වන්නක් ""ඔසප් දිනවල කාන්තාවන්ට නිවාඩු ලබා දීමෙන් ව්‍යාපාරයට පාඩු සිදුවන බව ඇතැම් පුද්ගලයන් සිතනවා. ඒ නිසා කාන්තාවන්ට රැකියා ලබා දීමට සමාගම් දක්වන උනන්දුව අඩු වේවිද කියලා සංවාදයක් මතු වී තිබෙනවා. කොහොම නමුත් ඔසප් වීමත් සමග සෑම සේවිකාවක්ම පාහේ මසකට දිනක් නිවාඩු ගැනීමෙන්, කාන්තාවන් වැඩි වශයෙන් සේවය කරන අපේ සමාගමට සැලකිය යුතු මූල්‍යමය පාඩුවක් සිදු වී නැති බව මට කියන්න පුළුවන්."" ඇය සඳහන් කරන්නීය. ඔසප් වීම බො��ෝ කාන්තාවන්ට දැඩි වේදනාවක් ගෙන දෙන අතරම කොඳු ප්‍රදේශය සහ කලවා ප්‍රදේශය දක්වා අසාමාන්‍ය ලෙස මස් පිඬු පෙරලීම ද ඒ සමග බොහෝ විට සිදු වන්නක්. ඒ හේතුවෙන් ඔක්කාරය, හිසරදය සහ උදරාබාධ වැනි තත්වයන් වලට ද ඇතැම් කාන්තාවෝ මුහුණ දෙති. ඔසප් සමයේ වේදනාවක් ඇති නොවන සේවිකාවන් නිවාඩු ලබා ගැනීමෙන් වැළකී සිටින බව කී චුරාන් ෂෙන් ""ඔසප් වීමත් සමග දැනෙන වේදනාවෙන් කාන්තාවන් ගලවා ගැනීමට ස්වභාවධර්මයට පුළුවන් කමක් නැහැ. නමුත් කාන්තාවන් වෙනුවෙන් අපේ සමාජයට කළ හැකි යමක් නැද්ද? පිරිමින්ට ඕක වුනා නම් එවැනි දිනවලට ඔවුන්ට නිවාඩු ලබා දීම සඳහා ව්‍යවස්ථාවෙන්ම නීති සකස් කරලා හුඟක් කල් කියලා බොහෝ වෙලාවට මට හිතෙනවා."" යනුවෙන් සඳහන් කළාය. නව ප්‍රතිපත්තිය හඳුන්වා දීමත් සමග සිය රැකියා ස්ථානය තුළ සාධනීය වෙනසක් සහ සුහදශීලිත්වය වර්ධනය වී ඇති බවත් චුරාන් ෂෙන් වැඩිදුරටත් කියා සිටියාය. බීබීසී ලෝක සේවය වසරක් පාසා දියත් කරන 'ලොවින් අඩකට අදට වඩා හඬක්: සියයක් කාන්තාවෝ - ලොවින් අඩක් ඔබ අමතයි' වැඩසටහන වෙනුවෙන් සැකසුනු වාර්තාවකි." +ලෝක නායකයන් සමඟ දින හතරකට වැඩි කාලයක් ජිනීවා නුවර පැවති සාකච්ඡාවලින් අනතුරුව ඉරානය සිය න්‍යෂ්ඨික වැඩසටහන සම්බන්ධ මූලික එකඟතාවයකට පැමිණියේය.,"'දශකයකට ආසන්න කාලයකට පසු පළමු වතාවට ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහන අත් හිටවනු ලැබුවා' දශකයකට ආසන්න කාලයක් ඇතුලත පළමු වතාවට ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහන අත් හිටවනු ලැබූ බවයි, ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා කියා සිටියේ. ""අපි අලුතින් සම්බාධක පැනවීමෙන් වැළකී, සම්බාධක හේතුවෙන් ඉරානයට අහිමි වූ ආදායමින් කොටසක් ලබාගැනීමට ඉරාන රජයට අවසර දෙනවා. එසේ වුවත්, පුළුල් සම්බාධක රාමුව එසේම පවතින අතර, ඒවා ක්‍රියාත්මක කිරීම තදින්ම සිදු කැරෙනු ඇති. මේ හය මාසයක කාලය තුල ඉරානය තම වගකීම ඉෂ්ට නොකළොත්, අපි පීඩාව දැඩි කරනවා,"" යනුවෙන්ද ජනාධිපති ඔබාමා සඳහන් කළේය. එම සම්මුතියට අනුව, න්‍යෂ්ඨික ආයුධ තැනීම සඳහා යොදා ගත හැකි ජව ගන්වන ලද යුරේනියම් සංචිත අඩු කිරීමට ඉරානය එකඟ වූ අතර එයට ප්‍රතිචාර වශයෙන් ඉරානයට එරෙහි ඇතැම් සම්බාධක ලිහිල් කිරීමට ලෝක නායකයෝ එකඟ වූහ. 'ඓතිහාසික අත්වැරැද්දක්' තිරසාර එකඟතාවයක් ඇති කර ගැනීම පිණිස කාලය ලබා දීමේ අරමුණින් මෙම තාවකාලික සම්මුතිය මාස හයක කාලයකට බල පැවැත්වේ. ඊශ්‍රායලයේ අගමැති නෙතනියාහු සම්මුතිය හඳුන්වන්න�� ඓතිහාසික අත්වැරැද්දක් ලෙසින් යුරේනියම් ජව ගැන්වීමේ සිය රටේ අයිතිය එහිදී පිළි ගන්නා ලද බව ඉරානයේ විදේශ අමාත්‍ය මොහමඩ් ජවාඩ් සරීෆ් කියා සිටියේය. කෙසේ නමුත් එවැනි එකඟත්වයක් ඇති නොවූ බවයි, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශ කරන්නේ. රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් සම්මුතිය පිළිබඳව ප්‍රසාදය පළ කළ ඉරාන ජනාධිපති හසන් රවුහානි, කෙසේ නමුත් න්‍යෂ්ඨික ජව ගැන්වීමේ වැඩ සටහන් දිගටම ක්‍රියාත්මක වන බව සඳහන් කළේය. ""කවර අර්ථ නිරූපණ ලබා දුන්නත්, ඉරානය සතු ජව ගැන්වීමේ අයිතිය ගිවිසුමේ වගන්ති වලින් පිළිගෙන තිබෙනවා,"" බවයි ජනාධිපති රවුහානි සඳහන් කළේ. 'ඉරානය සතු ජව ගැන්වීමේ අයිතිය ගිවිසුමේ වගන්ති වලින් පිළිගෙන තිබෙනවා' ඉරානයට න්‍යෂ්ඨික ආයුධ අවශ්‍ය නැති බව ඔහු යලිත් අවධාරණය කළේය. මෙම අන්තර්වාර සම්මුතිය ඉදිරි සාකච්ඡාවල ප්‍රගතියක් ඇති කර ගැනීමට මඟ පාදන බවයි, ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතොල්ලා කමේනි කියා සිටියේ. එහෙත් ඊශ්‍රායලයේ අගමැති බෙන්යමින් නෙතනියාහු එම සම්මුතිය හඳුන්වා දුන්නේ ඓතිහාසික අත්වැරැද්දක් ලෙසින්. ලෝකයේ භයානකම රාජ්‍යය, ලොව භයානකම ආයුධය ලබා ගැනීමේ ක්‍රියාදාමය තවත් පියවරක් ඉදිරියට තබා ඇති බව ඔහු කියා සිටියේය. ""ඊශ්‍රායලයේ විනාශය වෙනුවෙන් හඬ නගන රාජ්‍යයකට ඒ අරමුණ ඉටු කර ගැනීම සඳහා ක්‍රමවේදයක් සලසා ගැනීමට අපට ඉඩ දිය නොහැකියි. අපි ඉඩ දෙන්නෙත් නැහැ. ඊශ්‍රායලයට බොහෝ මිතුරන් සිටියත්, ඔවුන්ට අත් වැරැද්දක් සිදුවූ විට පැහැදිලි ලෙසත් විවෘතවත් ඒ ගැන කතා කිරීමට මම බැඳී ඉන්නවා. එකම යුදෙව් රාජ්යය ආරක්ෂා කර ගැනීම මගේ බරපතල වගකීමයි,"" යනුවෙන්ද අගමැති නෙතනියාහු සඳහන් කළේය." +හයිටි රාජ්‍ය තුල සේවයේ යෙදී සිටින සාමසාධක හමුදාවන්ට අයත් ශ්‍රී ලංකික හමුදා නිලධාආරියකුට එරෙහිව ස්ත්‍රී දුෂණ චෝදනාවක් යටතේ පරීක්ෂණ ආරම්භවී ඇත.,හයිටි පොලිසිය පවසන අන්දමට 18 හැවිරිදි තරුණියකුයි මෙසේ දුෂණයට ලක්ව ඇත්තේ. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවන් විසින් කළ බවට වාර්තා වන ලිංගික අතවර කිරීම් අතර මෙය අලුත්ම සිදුවීමයි. දැඩි ක්‍රියාමාර්ග හයිටි රාජ්‍යයේ එක්සත් ජාතීන් ගේ සංවිධානයේ ප්‍රකාශිකා සොෂි බුතදොලකොව් සංදේශයට පැවසුවේ එවැනි චෝදනාවක් පිලිබඳ පැමිණිල්ලක් ලැබී ඇති අතර දැනටමත් පරීක්ෂණයක් අරඹා ඇති බවයි. ලිංගික අතවර පිළිබඳව සිය සංවිධානය ඉතා දැඩි ලෙස ක්‍රියා��රන්නේ යයිද එම ප්‍රකාශිකාව අවධාරණය කළාය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කෙරෙණ පරීක්ෂණයට අමතරව ශ්‍රී ලංකා හමුදාව විසින් ද වෙනම පරීක්ෂණයක් ක් අරඹා ඇති බව යුද හමුදා ප්‍රකාශක රුවන් වනිගසූරිය පැවසුවේය. මෙවන් සිදුවීමක් පිලිබඳ නිල දැනුම් දීමක් තමාවෙත එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙතෙක් සිදුකරනැති අතර හයිටියේ සිටින හමුදා බලධාරීන් විසින් අවශ්‍ය පරීක්ෂණ කටයුතු කරන බවද හමුදා ප්‍රකාශකයා අවධාරණය කර සිටියේය. +"ප්‍රංශයේ නව ජනාධිපති පදවියට තේරී පත් වී සිටින 39 හැවිරිදි එම්මානුවෙල් මැක්‍රෝන්, එරට ලාබාලතම ජනාධිපතිවරයාය. ඔහු විසින් බිඳ දමනු ලැබුවේ 40 හැවිරිදි වියේදී බලයට පත්වෙමින් නැපෝලියන් බොනපාට් විසින් 1848 දී පිහිටුවනු ලැබූ වසර 170 ක් පැරණි වාර්තාවකි.","සැන් මැරීනෝ හි රාජ්‍ය නායිකාවවන 29 හැවිරිදි වැනෙසා දි ඇම්බ්‍රෝසියෝ ලොව ලාබාලතම රාජ්‍ය නායිකාවය ලොව පුරා වෙනත් රටවල් පාලනය කරන තරුණ නායක, නායිකාවන් පිළිබඳ විමසුමකි මේ. වැනෙසා දි ඇම්බ්‍රෝසියෝ, සැන් මැරීනෝ ලෝකයේ ලාබාලතම රාජ්‍ය නායකයා ලොව කුඩාම රාජ්‍යයක්වන සැන් මැරීනෝ හි රාජ්‍ය නායිකාවවන වැනෙසා දි ඇම්බ්‍රෝසියෝ ය. ඇය 29 හැවිරිදිය. 34 හැවිරිදි කිම් ජෝන් අන් මේ දිනවල ලොව පුරා අවධානයට පාත්‍ර වී සිටී ඉතාලියෙන් වට වූ ඉතා කුඩා රාජ්‍යයක්වන සැන් මැරීනෝ හි ජනගහනය 33,000 කි. කිම් ජොන් අන්, උතුරු කොරියාව උතුරු කොරියාවේ නායක කිම් ජොන් අන්, වැනෙසා දි ඇම්බ්‍රෝසියෝ හැරුණු විට ලොව ලාබාලතම රාජ්‍ය නායකයාය. ඔහු 34 හැවිරිදිය. 2012 සිට බලය හොබවන ඔහුගේ පාලනය යටතේ උතුරු කොරියාව න්‍යෂ්ඨික ආයුධ සහ දිගු දුර විදින මිසයිල නිපදවීමට උත්සාහ දරමින් සිටියි. භූතානයේ ජිග්මේ රජතුමා 37 හැවිරිදිය උතුරු කොරියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් අතර උත්සන්න වෙමින් පවතින උණුසුම හේතුවෙන් කිම් ජොන් අන් කෙරෙහි මේ දිනවල ප්‍රබල අවධානය පළවෙමින් තිබේ. යූරි රතාස්, එස්තෝනියාව 2016 දී පැවැත්වුණු මහ මැතිවරණයේදී සෝවියට් දේශයෙන් බෙදී වෙන්වුණු රාජ්‍යයක්වන එස්තෝනියෝවේ බලයට පත්වූයේ සන්ධාන ආණ්ඩුවකි. එහි අගමැතිවරයා ලෙසින් තෝරාගන්නා ලද 38 හැවිරිදි යූරි රතාස්, බෝල්ටික් කලාපීය රාජ්‍යයක්වන එස්තෝනියාවේ රුසියානු භාෂාව කතාකරන සුළු ජාතික වැසියන් අතර ජනප්‍රිය නායකයෙකි. වොලොදිමීර් ග්රොයිස්මාන්, යුක්රේනය තවත් 38 හැවිරිදි දේශපාලන නායක���කුවන වොලොදිමීර් ග්රොයිස්මාන් 2016 දී යුක්රේනයේ අගමැති පදවියට පත්කරන ලදි. එස්තෝනියාවේ නායක යූරි රතාස් 38 හැවිරිදිය යුරෝපයේ දෙවැනි විශාලතම රාජ්‍යයවන යුක්රේනයේ බලගතු රාජ්‍ය නායක පදවිය හොබවන්නේ ජනාධිපති පෙත්‍රෝ පොරොෂෙන්කෝය. කෙසේ වුවත් වොලොදිමීර් ග්රොයිස්මාන් යුක්රේන ඉතිහාසයේ දෙවැනි ලාබාලතම අගමැතිවරයාය. ජාත්‍යන්තරවාදියකුවන ඔහු යුක්රේනය නේටෝවට සහ යුරෝපා සංගමයට බන්දින්ම අනුමත කරන නමුත් සමලිංගික විවාහවලට විරෝධය පළකරයි. ජිග්මේ ඛේසාර් වැන්ග්චුක් රජතුමා, භූතානය ජනතා ඡන්දයෙන් තේරී පත් නොවූ රාජ්‍ය නායකයන්ද ඇතුළත් කරන්නේ නම්, භූතානයේ රාජ්‍ය නායක 37 හැවිරිදි ජිග්මේ ඛේසාර් වැන්ග්චුක් රජතුමාද ලොව ලාබාලම රාජ්‍ය නායකයෙකි. 40 හැවිරිදි වියේදී බලයට පත්වෙමින් නැපෝලියන් බොනපාට් විසින් 1848 දී පිහිටුවා තිබුණු වසර 170 ක් පැරණි වාර්තාවක් එම්මානුවෙල් මැක්‍රෝන් විසින් බිඳ දමනු ලැබිණ 2006 සිට රටේ බලය හොබවන ඉතා ජනප්‍රිය පාලකයකුවන ජිග්මේ රජතුමා හිමාලය පරිසරය ආරක්ෂා කරමින් භූතානය දියුණු කිරීමට උත්සාහ කරන පාලකයකු ලෙසින් ප්‍රකටය. රාජාණ්ඩු පාලනයේ සිට ව්‍යවස්ථාදායක රාජාණ්ඩු පාලනයක් දක්වා රටේ පාලන ක්‍රමය සංශෝධනය කිරීමේ ක්‍රියාදාමයට ජිග්මේ රජතුමා සහාය පළකරයි. තමීම් බින් හමාඩ් අල් තානි ෂෙයික්වරයා, කටාරය කටාරයේ පාලනය හොබවන තමීම් බින් හමාඩ් අල් තානි ෂෙයික්වරයා, සිය පියා අභාවයෙන් අනතුරුව 2013 දී රටේ පාලනය භාරගත්තේය. 2022 පාපන්දු ජගත් කුසලානය කටාරයට ලබාගැනීම පිණිස 36 හැවිරිදි ප්‍රබල දායකත්වයක් දැරූ අතර ඔහු රටේ ජාතික ඔලිම්පික් කම්ටුවේ සභාපතිවරයාද වේ. රොබට් මුගාබේ ලොව වයෝවෘද්ධම රාජ්‍ය නායකයාය කලක් ගල්ෆ් කලාපීය රටවල් අතර දිළිඳුම රටක්ව තිබූ කටාරය, මේ වනවිට ධවත්ම රාජ්‍යයක් බවට පත් වී තිබෙන නමුත් සංක්‍රමණික සේවකයන්ට සලකන ආකාරය පිළිබඳව කටාරයට නිරන්තරයෙන් චෝදනා එල්ල වේ. වයෝවෘද්ධම නායකයා අනෙක් අතට සිම්බාබ්වේ රාජ්‍යයේ නායකත්වය හොබවන 93 හැවිරිදි රොබට් මුගාබේ ලෝකයේ වයෝවෘද්ධම රාජ්‍ය නායකයාය. 1980 සිට ජනාධිපති පදවිය දරන ඔහු පවසන්නේ රටේ ජනතාව තමන් පලවා හරින තුරු පදවියෙන් ඉවත්ව නොයන බවය. 70ව දශකයේදී සුළුතර සුදු ජාතික පාලනයට එරෙහිව සටන් වැදුණු ජනතා නායකයකු වශයෙන් රොබට් මුගාබේ ජනතා ගෞරවයට පාත්‍ර විය. එහෙත් විරුද්ධ මතධාරීන්ට එරෙහිව දැඩි මර්ධනයක් දියත් කරන බවටත��� මැතිවරණ කොල්ලකන බවටත් ඔහුට බරපතල චෝදනා එල්ලවෙමින් තිබේ. සබැඳි යොමු:" +එල්.ටී.ටී.ඊ සංවිධානය යළි මතු වන්නේනම් එහි සම්පුර්ණ වගකීම ශ්‍රී ලංකා රජය විසින් භාර ගත යුතුව ඇතැයි හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා පවසයි.,"ඔහු එම අදහස් පළ කළේ බීබීසී කොළඹ වාර්තාකරු අසාම් අමීන් විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. ‘එල්.ටී.ටී.ඊ සංවිධානයේ සෙවණැලි ආරක්ෂා කරමින්, ඔවුන් සමඟ එක් ව සොර ජාවාරම් කරන අතරම, එම සංවිධානය විසින් සොරකම් කරන ලද රත්‍රන් ආණ්ඩුව ලැජ්ජාවකින් තොරව බෙදා හදා ගන්නා බවයි’ හිටපු හමුදාපතිවරයා කියා සිටින්නේ. “කරුණා, පිල්ලෙයාන් සහ කේ.පී වැනි කොටි නායකයන් සුරතල් කරමින්, ඔවුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහල තනතුරු ලබා දෙමින්, ආරක්ෂාව සලසමින් ක්‍රියා කරන ආණ්ඩුවකට එල්.ටී.ටී.ඊ සංවිධානයේ සෙවණැලි යළි මතු වෙමින් පවතින බවක් ජනතාවට කියා සිටීමේ සදාචාරාත්මක අයිතියක් නැහැ” ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු හමුදාපතිවරයා සඳහන් කරයි. පුනරුත්ථාපනය කළේ නැහැ කොටි සංවිධානය යළි මතු වෙමින් පවතින බවයි,ආණ්ඩුව පවසන්නේ. වෘත්තීය කුසලතා සහිත පුද්ගලයන් යටතේ එල්.ටී.ටී.ඊ සැකකරුවන් පුනරුත්ථාපනය කිරීමට ආණ්ඩුව කටයුතු නො කළ බව කියා සිටි සරත් ෆොන්සේකා, එම කාර්යය සඳහා පිටරටවලින් ලද මුදල් වංචා කෙරුණ බවයි පවසන්නේ. කැරලිකරුවන් යළි සංවිධානගත වන බවට ආණ්ඩුව කරන ප්‍රකාශන බිය ඇති කිරීමේ මවා පෑමක් වන බවට දෙමළ ජාතික සන්ධානය කරන ප්‍රකාශන ගැන ඔහුගේ මතය විමසූ විට හිටපු යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ, එවැනි සැකයක් ඇති කර ගැනීම සඳහා ජනතාවට සාධාරණ හේතු පවතින බවයි. ඇතැම් බලධාරීන් එක්තරා ‘සේනාවක්’ යොදා ගනිමින් ජාතිවාදය සහ ආගම් වාදය ඇවිස්සීමට යත්න දරන අතර, එවැනි හැසිරීම් මගින් ද පෙනී යන්නේ ආණ්ඩුව ඉහත කී අකාරයේ බිය ජනක මානසිකත්වයක් ඇති කිරීමට කටයුතු කරන බව වන බව යයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා වැඩි දුරටත් කියා සිටියේය." +සාම්ප්‍රදායික බෙර රබන් නිෂ්පාදන කර්මාන්තයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි .,"‘පරිහානියට’ පත් වන කූරගල බේර කර්මාන්තය ගැන විමසුමක් විශ්ව කර්ම දේව පුත්‍රයා විසින් මවන ලදැයි ජන සාහිත්‍යයේ සඳහන් බෙරය නම් වාද්‍ය භාණ්ඩය පිළිබඳ ඉතිහාසය විජයාගමනයෙන් ඔබ්බට දිව යන බව ඇතැමුන්ගේ අදහසයි. විජය කුමරු ශ්‍රී ලංකාවට පැමිණ කුවේණිය හමු වූ පළමු රාත්‍රියේ ඇය සමග සිටි ගෝත්‍රිකයන් බෙර වයමින් මහා නද නගමින් සතුටු වූ බව මහා වංශයේ සඳහන් වේ. විජයාගමනයට පෙර ලක් දිව විසූ ගෝත්‍රික ජන කණ්ඩායම් බෙර වාදනය සංස්කෘතික අංගයක් ලෙස පවත්වා ගෙන ගොස් තිබෙන ඉහත කී ඉතිහාස වාර්තා මගින් අනුමාන කළ හැක . එතරම් දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන බේර කර්මාන්තය සහ ඒ හා සම්බන්ධ සම්ප්‍රදායන් පරිහානියට ලක් වෙමින් පවතින බව පෙනෙන්නට ඇති බවයි බීබීසී සංදේශය වෙනුවෙන් කූරගල ගම්මානය බලා ගිය ප්‍රසාද් පුර්ණිමාල් ජයමාන්න කියා සිටියේ. මධ්‍යම පළාතේ කූරගල ගම්මානය ලෝක ප්‍රසිද්ධියට පත් වන්නේ බෙර, රබන් නිෂ්පාදනය හේතුවෙනි . පැරණි රජ දවස සිට අද දක්වාම කූරගල ගම්වාසීන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ බෙර නිෂ්පාදනයයි. කූරගල ශිල්ප සංවර්ධන සමිතියේ සභාපති කුරගල ප්‍රේමරත්න ප්‍රකාශ කළේ වසර දහස් ගණනක ඉතිහාසයකට උරුමකම් කියන බෙරය. රබාන වැනි වාද්‍ය භාණ්ඩ ලංකාවේ පොදු සමාජයෙන් ඉවත්ව කෞතුකාගාර තුළ පමණක් දැක ගත හැකි දිනය වැඩි ඈතක නොවන බවයි. 'නිසි පිළිගැනීමක්' අමුද්‍රව්‍ය සොයා ගැනීමේ ගැටලුව හා වෙළඳපොළක් නොමැති වීම කර්මාන්තයේ බිඳ වැටීමට ප්‍රධාන හේතුව බව කූරගල ප්‍රේමරත්නගේ මතයයි . සිංහල හින්දු අලුත් අවුරුද්දට නැතිවම බැරි වාද්‍ය භාණ්ඩයක් වන රබන් නිෂ්පාදනය මේ වන විට සම්පූර්ණයෙන්ම නැවතී ඇති බවයි අනුලාවතී මාතාව කියා සිටියේ. 'මම මේ රබාන විතරයි මේ පාර හැදුවේ.රබන් හැදිල්ල කරන්න බැහැ.ලී කඳන් නැහැ,හම් නැහැ.ඉතින් කොහොමද රබානක් හදල විකුණන්නේ?' අනුලාවතී මාතාව පැවසිය . 'තව කරුණක් තියනවා.අපේ කර්මාන්තයට පිළිගැනීමක් අවශ්‍යයි.එහෙම වුනොත් මේ සේරම ගැට‍ළු ඉවරයි.' ඇය වැඩිදුරටත් කියා සිටින්නීය. කූරගල ශිල්ප සංවර්ධන සමිතියේ ලේකම් උපුල් සිල්වාගේ ද අදහස කර්මාන්තකරුවන්ට නිසි පිළිගැනීමක් ලබා දීම තුලින් කර්මාන්තය නගා සිටුවිය හැකි බවයි . 'අපේ කර්මාන්තයටත් උපාධියක් ලබා දිය යුතුයි . ඒ වගේම රජයේ සේවකයන්ට ලබා දෙන පිළිගැනීම අපිටත් දිය යුතුයි.පාසලකට ළමයෙක් ඇතුළත් කිරීමේදී, රජයේ සේවකයන්ට ලබා දෙන ණය සහන, යතුරුපැදි වැනි දීමනා අපේ කර්මාන්තකරුවන්ටත් ලබා දිය යුතුයි.'කූරගල ශිල්ප සංවර්ධන සමිතියේ ලේකම් උපුල් සිල්වාගේ මෙන්ම කුරගල බහුතරයක් ගම්වාසීන්ගේ මතය එයයි." +ශ්‍රී ලංකාවේ අත් අඩංගුවේ පසු වන සියලුම ඉන්දීය ධීවරයන් වහාම නිදහස් කිරීමට කටයුතු කරන මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ බලධාරීන���ට උපදෙස් දී තිබේ.,"අත් අඩංගුවේ පසු වන ඉන්දීය ධීවරයන් සියලු දෙනා නිදහස් කරන මෙන් ජනපති නියෝග කරයි ඉන්දියාවේ නව අගමැති ලෙස නරේන්ද්‍ර මෝඩි දිවුරුම් දෙන අවස්ථාවේ දෙරට අතර හොඳ හිත වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙවැනි තීරණයක් ගත් බවයි, ට්විටර් පණිවුඩයක් මගින් ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරන්නේ. ජනාධිපතිවරයාගේ නියෝගයෙන් අනතුරුව අත් අඩංගුවේ පසු වන ඉන්දීය ධීවරයන් පස් දෙනකු ඉක්මනින්ම නිදහස් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක සයියද් අක්බරුද්දීන් ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශ කරන්නේ. පාකිස්තානයේ අත් අඩංගුවේ පසු වන ඉන්දීය ධීවරයන් එක සිය පනස් දෙදෙනකුද නිදහස් කිරීමට පාකිස්තාන රජය තීරණය කොට තිබෙන බව ජනමාධ්‍ය වාර්තා කරයි. එම ධීවරයන් පිරිස පිළිගැනීමට ඉන්දීය බලධාරීන් පිරිසක් පන්ජාබයේ ඉන්දීය පාකිස්තාන දේශ සීමාවට ගොස් සිටින බවද එම වාර්තාවල දැක්වේ. ශ්‍රී ලංකා සහ පාකිස්තාන නායකයන් ගත් පියවර අගය කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන හෙට නව පදවියේ දිවුරුම් දීමට නියමිත නව ඉන්දීය නායකයා, යලි සියරට බලා එන ඉන්දීය ධීවරයන් තමන් සාදරයෙන් පිළි ගන්නා බවද සඳහන් කොට තිබේ." +කොරෝනා වෛරස් උවදුරෙන් ආරක්ෂාවනු වස් පූර්ව ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන්නැයි සිය මව අහිමි වූ දියණියක් ලෝවාසීන්ගෙන් ඉල්ලා සිටියි.,"ඇනබෙල් සහ ඇයගේ මව රෝහල් ගත කෙරුනේ එකම දිනකදීය ඇනබෙල් ෂර්මා සහ හැත්තෑ හය හැවිරිදි ඇයගේ මව මරියා රිකෝ එංගලන්තයේ ලෙස්ටර්ෂයර් වාසීහුය. කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් ඔවුන් දෙදෙනාම රෝහල් ගත කරනු ලැබණු අතර ඔවුන්ට එකිනෙක යාබද ඇඳන් දෙකක් ලැබී තිබිණි. අසල වැතිර සිටි සිය මව අවසන් හුස්ම හෙළමින් සිටිය ද ඇනබෙල්ට කළ හැකි කිසිවක් නොවීය. ඔක්සිජන් ලබා දීම සඳහා තිබූ මුව ආවරණය මරියාගේ මුවින් ඉවත් කරනු ලැබුවේ අවසන් වරට සිය දියණියන් දෙදෙනා හා වචනයක් කතා කිරීමටය. ඒ හේතුවෙන් සිය මරණය තවත් ඉක්මන් වනු ඇති බව ඇය දැන සිටියාය. එය ""හද කකියවන"" මොහොතක් වූ බව ඇනබෙල් පවසයි. අනෙක් අතට මරණ මංචකයේදී සිය මව අසල සිටීමට හැකිවීම පිළිබඳ යම් සතුටක් දැනෙන බව ද ඇය සඳහන් කළාය. කොරෝනා වෛරස් උවදුර පිළිබඳ ජනතා අවධානය ඉහළ නැංවීමේ අරමුණින් සිය මව හා එක්ව ගත් අවසන් ඡායාරූපය ඇනබෙල් විසින් මාධ්‍ය වෙත මුදා හරිනු ලැබ ඇත්තේ ඉන් අනතුරුවය. 'අස්වැසිල්ලක්' මරියා ර���කෝ සිය දියණිය, බෑණා සහ මුණුබුරන් තිදෙනා සමග එකම නිවසක වාසය කළාය ඔක්සිජන් දීමට තිබූ මුව ආවරණය ඉවත් කර අඩ හෝරාවකට පසු සිය මව අවසන් හුස්ම හෙලූ බව ඇනබෙල් පවසයි. ""ඔක්සිජන් මාස්ක් එක ඉවත් කරන්න කියලා මගේ අම්මා ඔවුන්ට කිව්වා. 'එය ඉවත් කළොත් එපමණ තමයි, වැඩි වෙලාවක් ඉතිරි වෙන්නේ නැහැ,' ඔවුන් ඇයට කීවා,"" ""ඇයගේ ප්‍රතිචාරය වුණේ, 'ඔව්, මම ඒක දන්නවා, ඒත් මට දැන් ඇති' "" හතලිස් නව හැවිරිදි ඇනබෙල් කියා සිටියාය. ""ඇයත් සමග කතා කරන්න ඉඩ ලැබුණේ මිනිත්තු පහක් පමණයි. ඊට පස්සේ ඇයට සිහිය නැති වුණා."" ""මැරෙන්න බය නැහැ, ඒකට සූදානම් බව ඇය අපිට කිව්වා. දරුවෝ ඉන්න නිසා මා තදින් සටන් කරන්න ඕනි කියලත් අම්මා මට කිව්වා."" කොරෝනා වෛරසය පවුල පුරා පැතිර ගිය අතර එය සියලුම සාමාජිකයන්ට ආසාදනය විය පෞද්ගලික ආරක්ෂණ උපකරණ (PPE) ඇඟලා සිටි ඇනබෙල්ගේ සොහොයුරිය සුසෑනාට ද ඒ මොහොතේ මව අසල සිටීමට අවසර ලැබිණි. ""අන්තිම හුස්ම පොද පිටව යන තෙක්ම අපි අම්මගේ අත අල්ලන් සිටියා"" යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසීය. ""ඇයත් සමග සිටීමට හැකි වුණා කියන දේ මට අස්වැසිල්ලක්. ඒ වගේම අම්මටත් ඒක අස්වැසිල්ලක් වුණු බව මම දන්නවා,"" මරියා සිය දියණිය ඇනබෙල්, ඇයගේ සැමියා සහ පුතුන් තිදෙනා වන නොආ (10), අයිසැක් (12) සහ ජේකොබ් (22) වාසය කළේ එකම නිවසකය. සිය පුතුන්ගෙන් කෙනෙකු පාසලේදී කොරෝනා වෛරසයට නිරාවරණය වන්නට ඇතැයි ඇනබෙල් විශ්වාස කරයි. එය ""බිය උපදවන"" වේගයකින් සිය පවුල ව්‍යසනයක් කරා ගෙන ගිය බව ඇය පවසයි. ""සියලුම ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන්න, අනෙක් අය ගැන සිතන්න කියලා මම මිනිස්සුන්ගෙන් ඉල්ලනවා,"" යනුවෙන් ඇය සඳහන් කළාය. 'ඉතාමත් දැඩි අධිෂ්ඨාන ශක්තියක් සහිත සිතා ගැනීමට අපහසු තරම් හොඳ ගතිගුණ සහිත ආච්චි අම්මා කෙනෙක්' ඇනබෙල් සහ ඇයගේ මව ලෙස්ටර්ෂයර් හි රෝහලකට ඇතුළත් කරනු ලැබුනේ පසුගිය ඔක්තෝබරයේ එකම දිනකදීය. මව මිය ගියේ නොවැම්බර් 01 වෙනිදාය. ඒ එන විටත් රෝහල්ගතව සිටි ඇනබෙල්ට සිය මවගේ අවමංගල්‍ය උත්සවය අන්තර්ජාලය ඔස්සේ සජීවීව දැක ගැනීමට කටයුතු යොදා තිබිණි. ""වෙන්න යන දේ ගැන ඇයට හොඳ අවබෝධයක් තිබුණා. සුවය නොලබන බව ඇය දැන සිටියා. ප්‍රතිකාරවලින් ඇය හෙම්බත් වෙලයි සිටියේ,"" යනුවෙන් ඇනබෙල් කියා සිටියාය. රෝහලෙන් පිටව ගොස් ඇතත් කොරෝනා වෛරසය හේතුවෙන් පෙනහළුවලට සිදුව ඇති හානිය නිසා ඇනබෙල්ට තවදුරටත් නිවසේදී ඔක්සිජන් ලබා ගැනීමට සිදුව ඇත. ඇනබෙල් විසින් සිය මව හඳ���න්වනු ලබන්නේ 'ඉතාමත් දැඩි අධිෂ්ඨාන ශක්තියක් සහිත සිතා ගැනීමට අපහසු තරම් හොඳ ගතිගුණ සහිත ආච්චි අම්මා කෙනෙකු"" වශයෙනි. මේ ගැනත් කියවන්න:" +ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් ආරක්ෂා කරන බවට ප්‍රසිද්ධියේ ප්‍රතිඥා දෙන ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් මානව හිමිකම් සංවිධානය සියලු ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි.,"ලබන වසරේ ජනවාරි අට වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජාත්‍යන්තර මානව හිමිකම් නීති සුරකිමින්, විනිවිදභාවය සහ විශ්වසනීයත්වය සුරක්ෂිත වන පරිදි කටයුතු කරන බවට ප්‍රතිඥා දෙන ලෙසත් එම සංවිධානය අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියි. ‘ශ්‍රී ලංකාවේ ජනපතිවරණ අපේක්ෂකයන්ට මානව හිමිකම් න්‍යාය පත්‍රයක්’ මැයෙන් එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ එම කරුණු ඇතුළත් වේ. මානව හිමිකම් සහ සිවිල් සංවිධානවලට තම කටයුතු ස්වාධීනව කර ගෙන යෑම සඳහා අවශ්‍ය වාතාවරණය සැලසීමේ වැදගත්කමත් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පෙන්වා දෙයි. සෑම තරාතිරමකම බල පැවැත්වෙන වරදක් කර දඬුවමින් ගැලවී සිටීමට ඉඩ සැලසෙන මුක්තිය අවසාන කිරීම ඉතා වැදගත් බවයි එම සංවිධානය පවසන්නේ. මහජන විශ්වාසය අධිකරණ පද්ධතිය සහ නීති රීති කෙරෙහි මහජන විශ්වාසය නැවත ඇති කිරීමටත් ශ්‍රී ලංකාව හමුවේ ඇති මානව හිමිකම් ගැටලුවලට නිසි පිළියම් යෙදීමටත් එමගින් හැකි වනු ඇති බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය වැඩි දුරටත් කියා සිටියේය. ප්‍රචණ්ඩත්වය, වාර්ගික සහ ආගම පදනම් කර ගනිමින් සිදු කරනු ලබන හිරිහැර දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාව තුළ දක්නට ඇති බවත් සංවිධාන නිවේදනයේ සඳහන්. මානව හිමිකම් සුරැකීමට තබන පියවරක් වශයෙන් ජනාධිපති අපේක්ෂකයින් විසින් ජනතාව ඉදිරියේ ප්‍රතිඥා දිය යුතු කරුණු ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධාන මානව හිමිකම් න්‍යාය පත්‍රයේ දක්වා තිබේ. දහඅට වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම, පදනම් විරහිතව අත්අඩංගුවට ගැනීම් කළ හැකි ත්‍රස්ත විරෝධී පනත ඉවත් කිරීම, මාධ්‍යවේදීන් හා වෘත්තිකයින් ඇතුළු සිවිල් වැසියන්ට නිදහසේ අදහස් හුවමාරු කිරීමට හැකි වාතාවරණයක් ගොඩ නැගීම, සුළු ජාතීන් සහ සුළු ආගමිකයන් ආරක්ෂා කර ඔවුන්ට සිදු වන වෙනස්කම් අවසානයක් කරා ගෙන ඒම යන කරුණු ඒ අතර ප්‍රධාන වේ." +ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා නිලධාරීන්ට තමිල්නාඩුවේ පුහුණුව ලබා නොදෙන බව ඉන්දීය ආරක්ෂක ඇමති ඒ කේ ඇන්තනි ප්‍රකාශ කරයි.,"අමා���්‍ය ඇන්තනිගේ ප්‍රකාශය ඉන්දීය ආණ්ඩුව මීට පෙරාතුව ගනු ලැබූ තීන්දුවක් යලි අවධාරණය කිරීමක් අමාත්‍යවරයා එම ප්‍රකාශය කළේ තමිල්නාඩුවේ තන්ජාවුර් ප්‍රදේශයේදී ඉන්දීය ගුවන් හමුදා කඳවුරේ අලුත්වැඩියා කරන ලද ගුවන් පථයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වෙමින්. මෙම තීන්දුව සම්බන්ධ වැඩි විස්තර ඇමතිවරයා හෙළිකළේ නැහැ. ශ්‍රී ලංකා හමුදාවලට පුහුණුව ලබා දීමට එරෙහිව තමිල්නාඩුවාසීන් උද්ඝෝෂණ පැවැත්වීම හමුවේ එම පුහුණුව නතර කෙරිණ. කෙසේ නමුත් ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් ඉන්දියාවේ අනෙක් ප්‍රාන්තවල තවදුරටත් පුහුණුව ලබන අතර, ආරක්ෂක අමාත්‍ය ඇන්තනිගේ ප්‍රකාශය ඉන්දීය ආණ්ඩුව මීට පෙරාතුව ගනු ලැබූ තීන්දුවක් යලි අවධාරණය කිරීමක්. ඉන්දියාවේ මීළඟ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 2014 දී." +නැගෙනහිර මියුනිච් නගරයේ දුම්රිය ස්ථානයක දී සිදුවූ පිහියා ඇනුමකින් එක් පුද්ගලයෙක් මියගොස් තවත් තුන් දෙනෙකුට තුවාල සිදුවී තිබේ.,ඉස්ලාම්වාදී කණ්ඩායම් සහ මෙම සිදුවීම අතර සම්බන්ධයක් ඇතිදැයි පොලීසිය පරීක්ෂණ අරඹා තිබේ. ඉස්ලාම්වාදී කණ්ඩායම් සහ මෙම සිදුවීම අතර සම්බන්ධයක් ඇතිදැයි පොලීසිය පරීක්ෂණ අරඹා තිබේ. අඟහරුවාදා උදෑසන 5.00 ට මද වෙලාවකට පෙර නැගෙනහිර මියුනිච් හි ග්රැෆින් දුම්රිය ස්ථානයේ දී සිදුවූ මෙම සිදුවීමෙන් තුවාල ලද අනෙක් තිදෙනාගෙන් එක් අයෙකු ගේ තත්වය බරපතල බවයි වාර්තාවන්නේ. පොලීසිය විසින් ප්‍රහාරකයා මෙල්ල කරගත් අතර දැන් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය දුටු ඇතැම් අය පවසන්නේ ප්‍රහාරකයා 'අල්ලාහු අක්බර්' (දෙවියන් ශ්‍රේෂ්ඨයි) යනුවෙන් මහහඬින් කෑ ගැසූ බවයි. නමුත් මෙම ප්‍රහාරයයේ අරමුණ පැහැදිලි නැති බවයි පැවසෙන්නේ. ග්රැෆින් නගරාධිපති ඇන්ජෙලිකා ඔබර්මයර් මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ මෙම ප්‍රහාරය එල්ල කළ සැකකරු ජර්මන් ජාතිකයෙකු බවයි. +"සිරියාවේ රසායනික අවි ඇතැයි සැලකෙන ස්ථාන ඉලක්ක කරමින් එරට ආණ්ඩුවේ ඉලක්ක ගණනාවකට ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය හා ප්‍රංශය ගුවනින් බෝම්බ හෙලූහ.","""සිරියානු පාලනය තහනම් කරන ලද රසායනික භාවිතය නවතන තෙක් මෙම ප්‍රතිචාරය පවත්වාගෙන යාමට සූදානම් "" බව ජනාධිපති ට්‍රම්ප් කීය. මෙම ගුවන් ප්‍රහාර එල්ල කෙරුනේ සිරියාවේ ඩුමා නගරය වෙත එල්ලවූ රසායනික යැයි සැකකෙරෙන ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙනි. දමස්කස් අගනුවර මෙන්ම හොම්ස් නගරය ආසන්න ස්ථාන දෙකක පිපිරීම් සිදුවූ බව පෙන්ටගනය පැවසීය. සිය හවුල්කරුවා වෙත එල්ල කරන ලද ප්‍රහාරය ""පලවිපාකවලින් තොර නොවනු ඇති බව"" ඇමෙරිකාවේ සිටින රුසියානු තානාපතිවරයා සඳහන් කළේය. ඇමෙරිකාවේ වේලාවෙන් රාත්‍රී 9 ට ධවල මන්දිරයේ සිට ජාතිය ඇමතූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ""ප්‍රංශ හා බ්‍රිතාන්‍ය හමුදා සමග එකාබද්ධවූ මෙහෙයුමක් දැන් ක්‍රියාත්මකවනවා "" යැයි කියා සිටියේය. වසර හතක් ගෙවී ඇති සිරියානු යුද්ධය තුළ ජනාධිපති බශාර් අල් අසාද් ගේ ආණ්ඩුවට එරෙහිව බටහිර බලවතුන් විසින් දියත් කරන ලද මෙම ප්‍රහාර මාලාව වඩාත් සුවිශේෂී යැයි සැලකේ. මේ තොරතුරු දැනගන්න: ""එක් වරක පහරක්"" ජනාධිපති ට්‍රම්ප් ගේ නිවේදනයෙන් අනතුරුව ප්‍රහාර එල්ල කෙරුණු ඉලක්ක තුනක් පිළිබද ජෙනරාල් ජෝසෆ් ඩන්ෆර්ඩ් පැහැදිලි කළේය : මිසයිල දුසිමකට වැඩි ප්‍රමාණයක් බිම හෙලා ඇති බව වාර්තා කළ සිරියානු රජයේ රූපවාහිනිය, දමස්කස් නගරයේ පර්යේෂණායතනයට පමණක් හානි වී ඇති බව කීය. හොම්ස් නගරයේදී සිවිල් වැසියන් තිදෙනෙකු පමණක් තුවාල ලබා ඇති බවද කියා සිටියේය. මෙම මෙහෙයුමේදී ඇමෙරිකානු පාර්ශ්වයට අලාභ සිදුවී ඇති බවක් වාර්තාවී නැතැයි එරට ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් වාර්තාකරුවන්ට සඳහන් කළේය. ""සිරියානු පාලනය තහනම් කරන ලද රසායනික භාවිතය නවතන තෙක් මෙම ප්‍රතිචාරය පවත්වාගෙන යාමට සූදානම් "" බව ජනාධිපති ට්‍රම්ප් මීට කළ කතාවේදී පැවසුවත් මැටිස් කියා සිටියේ ""දැනට, මේක එක වරක පහරදීමක්"" යනුවෙනි. ජෙනරාල් ඩන්ෆර්ඩ් ද ප්‍රහාර මාලාව නවතන ලද බව තහවුරු කළේය. බ්‍රිතාන්‍යයෙන් හොම්ස් වෙත ප්‍රහාර රුසියානුවන් හට තුවාල සිදුවීමේ අවදානම ""අවම"" කෙරෙන ඉලක්ක විශේෂයෙන්ම හඳුනාගනු ලැබූ බව ජෙනරාල් ඩන්ෆර්ඩ් සඳහන් කළේය. නමුත් පෙන්ටගනය කියා සිටියේ රුසියාව විසින් - සිරියානු ආණ්ඩුවේ සහයට එහි සිටින සිය හමුදා වෙත ඉලක්ක සම්බන්ධයෙන් පූර්ව දැනුම් දීමක් කරනු ලැබ නැති බවය. ඇමෙරිකාවේ සිටින රුසියානු තානාපති අනතෝලි අන්තොනොෆ්, මෙවැනි ක්‍රියා පලවිපාකවලින් තොර නොවන බවට අනතුරු අඟවා ඇති බව කීය. ප්‍රහාරවලට එක්සත් රාජධානියේ සම්බන්ධය තහවුරු කළ අගමැතිනි තෙරේසා මේ, ""බලහත්කාරය යෙදවීම සම්බන්ධයෙන් වෙනත් ප්‍රායෝගික විකල්පයක් නැහැ"" යැයි කියා සිටියාය. බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ නමුත් මෙම ප්‍රහාරය ""ආණ්ඩු පෙරලියක්"" සඳහා නොවන බව ද ඇය කීවාය. ටොනේඩෝ ජෙට් යානා හතරකින් එක්සත් රාජධානිය සිය ප්‍රහාර එල්ල කළේ පෙන්ටගනය විසින් සඳහන් කරන ලද ඉලක්කයක් වෙතය. එක්සත් රාජධානි ආරක්ෂක අමාත්‍යංශයට අනුව හොම්ස් නගරය ආසන්නයේ වූ හමුදා පරිශ්‍රයක් වූ එය රසායනික අවි සඳහා අවශ්‍ය ද්‍රව්‍ය රැස් කර ඇති ස්ථානයක් ලෙස විශ්වාස කෙරේ. ප්‍රහාරවලට ප්‍රංශ දායකත්වය ජනාධිපති එමැනුවෙල් මැක්‍රෝන් විසින් තහවුරු කරනු ලැබිණි. ""මිනිසුන්, ගැහැනුන් හා ළමයින් ගණනාවක් රසායනික අවිවලින් ඝාතනය කරලා "" යැයි පවසමින් පසුගිය සතියේ ඩුමා නගරයේ හටගත් තත්ත්වය ගැන කතා කළ ජනාධිපති මැක්‍රෝන් ""රතු ඉර පැනලා"" යනුවෙන් ද කියා සිටියේය. ඩුමා ප්‍රහාරය සිරියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලබද්දී එරටට හිතවාදී රුසියාව අනතුරු අඟවමින් කියා සිටියේ බටහිර රටවල හමුදා ප්‍රහාර යුද්ධයක් අරඹනු ඇති බවකි. සිරියාවේ අදාළ ප්‍රහාරය එල්ල වුවායැයි සැලකෙන ස්ථානය වෙත රසයානික අවි තහනම් කිරීම පිළිබඳ සංවිධානය (OPCW) විසින් තොරතුරු රැස්කිරීමේ පිරිසක් පිටත් කර හරිනු ලැබ ඇති අතර එම පරීක්ෂකයින් සෙනසුරාදා සිය විමර්ශන ඇරඹීමට නියමිතය. දෙගුණයක් වූ මිසයිල ප්‍රහාර රොයිටර් පුවත් සේවයට කරුණු දැක්වූ ඇමෙරිකානු නිලධාරියෙක් කියා සිටියේ සිරියාවේ ප්‍රහාර සඳහා ටොමහෝක් මිසයිල භාවිත කෙරුණු බවකි. ආරක්ෂක ලේකම් මැටිස් පැවසුවේ, පුද්ගලයින් 80 ට වැඩි දෙනෙකුට මරු කැඳවමින් ඛාන් ශෙයිඛුන් නගරයට රසායනික ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව 2017 අප්‍රේල් මාසයේදී එල්ල කෙරුණු මිසයිල ප්‍රහාරයට වඩා මෙම ප්‍රහාරය ""දෙගුණයක්"" වූ බවය. ටොමහෝක් කෘස් මිසයිලයක් බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කොටගත් සිරියානු මානව හිමිකම් පිළිබඳ සිරියානු නිරීක්ෂනායතනය පැවසූ පරිදි පෙන්ටගනය පෙන්වා දුන් ඉලක්ක ප්‍රමාණයට වැඩ වැඩි ඉලක්ක ගණනකට ප්‍රහාර එල්ල වී තිබේ. ""විද්‍යාත්මක පර්යේෂණ මධ්‍යස්ථාන, හමුදා කඳවුරු කීපයක් සහ දමස්කස් අගනුවර හා ඒ අවට පිහිටි ජනරජ හමුදා සහ හතරවෙනි සනාංකයේ කඳවුරුවලටද ප්‍රහාර එල්ල වුණා"" යනුවෙන් එම ආයතනය පැවසීය." +ශ්‍රී ලාංකීය සම්භාවයක් සහිත කාන්තාවක් ඇතුළු කාන්තාවන් හතර දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද අපචාර චෝදනා මුල්කර ගනිමින් 'නිව්යෝර්ක්' ප්‍රාන්තයේ නීතිපතිවරයාට පදවියෙන් ඉල්ලා අස් වීමට සිදු විය.,"ඇමරිකාවේ ප්‍රසිද්ධ නීතීඥවරයෙකු වන 'එරික් ශ්නයිඩර්මෑන්' හැට තුන් හැවිදිරි එරික් ෂ්නයිඩර්මෑන්(Eric Schneiderman) විවිධ අවස්ථාවල තමන්ට පහ�� දුන් බවට අදාළ කාන්තාවන් හතරදෙනා විසින් කරනු ලබන චෝදනා 'ද නිව් යෝකර්' සඟරාව මගින් වාර්තා කරනු ලැබ ඇත. ඔවුන්ගෙන් දෙදෙනෙකු තමන් නීතිපතිවරයාගේ පැරණි පෙම්වතියන් ලෙසත් හඳුන්වා දී තිබුණි. ඔවුන් අතර සිටින එක් කාන්තාවක් වන ටාන්යා සෙල්වරත්නම්, නීතිපති එරික් ෂ්නයිඩර්මෑන් විසින් තමාට සිදු කරන ලද හිරිහැර පිළිබඳව මාධ්‍ය හමුවේ දීර්ඝ වශයෙන් විස්තර කර ඇත. ටාන්යා සෙල්වරත්නම් ලේඛිකාවක් සහ නිළියක්‌ වන්නීය. නීතිපති එරික් ෂ්නයිඩර්මෑන්, ලිංගික හිංසනයට විරුද්ධ #MeToo හැෂ්ටැගය යටතේ ලෝකය පුරා දියත් වුණ ජනතා ව්‍යාපාරවල ආධාරකරුවකු ලෙස මෙන්ම, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එදිරිවාදියෙකු ලෙසත් ප්‍රසිද්ධියක් දරයි. තමාට එල්ල කෙරෙන චෝදනාවලට එරෙහිව ""දැඩිව සටන් වදින"" බවත් ඉල්ලා අස් වූ නීතිපතිවරයා පවසයි. ""පෞද්ගලික සම්බන්ධතාවල දී මගේ භූමිකාව ඉටු කළා වගේම, ලිංගිකව එක් වුණේ ඔවුන්ගේ කැමැත්ත ඇතුව. මම කාටවත් පහර දී නැහැ. මම කිසි දිනක ඔවුන්ගේ අකමැත්තෙන් ලිංගිකව එක් වෙලා නැහැ. එය මම ඉක්මවා නොයන සීමාවක්"" එරික් ෂ්නයිඩර්මෑන් විසින් කරන ලද ප්‍රකාශයේ දැක්වෙයි. ""මේ චෝදනා මගේ වෘත්තීය ජීවිතයට සහ රැකියා ස්ථානයේ ක්‍රියාකාරකම්වලට බලපාන්නේ නැති වුවත්, මෙවැනි අර්බුදකාරී තත්වයක් මත රැකියාවේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යෑම අපහසුයි"" සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරන නිව්යෝර්ක් නීතිපතිවරයා සඳහන් කළේය. 2010 වර්ෂයේදී නිව්යෝර්ක් ප්‍රාන්තයේ නීතිපති පදවියට පත් එරික් ෂ්නයිඩර්මෑන් නැවත වතාවක් එම තනතුරට පත් වීම සඳහා මෙම වසරේ පැවැත්වෙන ඡන්දයට ඉදිරිපත් වීමට නියමිතව තිබිණි. නීතිපතිවරයා සම්බන්ධයෙන් පළ වෙමින් පැවති වාර්තා සැලකිල්ලට ගත් නිව්යෝර්ක් ආණ්ඩුකාර ඇන්ඩෘ කුඕමෝ(Andrew Cuomo) පදවියෙන් ඉවත් වෙන ලෙස ඔහුගෙන් ඉල්ලා ඇත. ""නිව්යෝර්ක්හි ප්‍රධාන නීති නිලධාරියාත් ඇතුළුව කිසිම පුද්ගලයෙක් නීතියට ඉහළින් නැහැ. එරික්ට තවදුරටත් නීතිපති ලෙස කටයුතු කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ"" නිව්යෝර්ක් ආණ්ඩුකාර ඇන්ඩෘ කුඕමෝ පවසයි. මේ තොරතුරුද දැනගන්න: එරික්ට එරෙහිව කාන්තාවන් හතර දෙනා සිදු කළ ප්‍රකාශ 'ද නිව් යෝකර්' සඟරාවේ මෙසේ පළ වී තිබුණි: ටාන්යා සෙල්වරත්නම්: ටාන්යා සෙල්වරත්නම් එරික් සමග සම්බන්ධතාවක් පවත්වා ඇති 'ටාන්යා' ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවකි. දෙදෙනා අතර සම්බන්ධය න��ර කර දැමුවහොත්, ඇය පසුපස පැමිණෙන බවටත්, දුරකථන සංවාදවලට රහසේ සවන් දෙන බවට මෙන්ම ඇය මරා දමන බවටත් එරික් තර්ජනය කළ බව ටාන්යා පවසයි. එරික් එක් අවස්ථාවක දී ""දුඹුරු වහලිය""(brown slave) ලෙස තමන් ඇමතූ බව ටාන්යා පවසන්නීය. ""සමහර වෙලාවට එයාට 'හාම්පුතා ' කියල අමතන්න කියනවා. මම එහෙම කියනතෙක් ඔහු මගේ කම්මුලට ගහනවා "" ඇය තවදුරටත් සඳහන් කළාය. එරික් ෂ්නයිඩර්මෑන් එකී සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි මිෂෙල් මැනින් බැරිෂ්: මිෂෙල් මැනින් බැරිශ් එරික් සමග සම්බන්ධය ආරම්භ කර සති හතරකට පසුව, ඔහු සමග යහන්ගත වීමට සූදානම් වූ අවස්ථාවේ මුහුණ දුන් අත්දැකීම මිෂෙල් මෙසේ විස්තර කළාය. ""එරික් එක පාරටම මගේ කම්මුලට ගහගෙන ගියා. අත දිග ඇරලා බොහොම තදින් මුහුණ හරහා පහර එල්ල කළා"" අනතුරුව ඔහු ඇය බිම පෙරළා හුස්ම හිරකර ඇත. ""ඔහු එය කළේ ලිංගික හැසිරීමේ අංගයක් ලෙස නොවෙයි..... මම පහර දීම්වලට කැමැත්ත දුන්නේ නැහැ"" යැයි මිෂෙල් පවසන්නීය. මිෂෙල් මැනින් බැරිෂ් සිය 'ට්විටර්' ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ, ""මම ජීවිතයේ විඳපු අමාරුම මාසයෙන් පසුව මගේ හඬ අවදි කරන්න තීරණය කළා"" යයි සඳහන් කළාය. ""මගේ දියණිය ඇතුළු සියලුම කාන්තාවන් වෙනුවෙන් මට නිහඬව සිටීමට නොහැකි වුණා"" ඇය තවදුරටත් සඳහන් කර තිබුණි. තවත් තොරතුරු: එරික්ගේ තෙවන පෙම්වතිය : තමාගේ එකඟතාවකින් තොරව එරික් දිගින් දිගටම තමා ශාරීරික වධහිංසාවන්ට ලක් කළ බව ඔහුගේ තෙවැනි පෙම්වතිය පවසන්නීය. සිව්වැනි පෙම්වතිය: එරික්ගේ හැසිරීමට එකඟ නොවන අවස්ථාවල දී ඔහු බලය යොදා ගනිමින් තමාට කම්මුල් පහර එල්ල කළ බව ප්‍රසිද්ධ නීතීඥවරියක වන හතරවෙනි පෙම්වතිය සඳහන් කළාය. මේ අතර එරික්ගේ දික්කසාද වූ බිරිඳ පසුගිය සඳුදා ප්‍රකාශයක් කරමින් ""ස්වාමිපුරුෂයකු , පියකු සහ යහළුවකු ලෙස මම අවුරුදු තිස් පහකට ආසන්න කාලයක් එරික් හඳුනනවා... ඔය කියන චෝදනා ඇත්තයි කියල මට පිළිගන්න බැහැ"" යනුවෙන් කියා ඇත." +හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට නොකැඳවන බවට සහතික කරන තුරු පාර්ලිමේන්තු සභා ගැබෙන් නික්ම නොයන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් පවසති.,"""හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවන්න එපා"" පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භය මධ්‍යයට පැමිණ විරෝධතාවයක් නියැලුණේ හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට කැඳවීමට විරෝධය ප��මින්. පාර්ලිමේන්තුවේ සඳුදා දිනයට නියමිත කටයුතු මේ වනවිට අවසන්ව තිබෙන නමුත් හිටපු ජනාධිපතිවරයා කොමිසමට නොකැඳවන බවට ලිඛිත පොරොන්දුවක් අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා තමන්ට ලබා දෙනතුරු සිය විරෝධය නොනවත්වන බවයි, විරෝධතාවයේ යෙදෙන මන්ත්‍රීවරුන් පවසන්නේ. 'ඇඟිලි ගහන්නේ නෑ' එසේ පොරොන්දුවක් නොලැබුණහොත් පාර්ලිමේන්තුවේම රාත්‍රිය ගත කිරීමට පවා තම කණ්ඩායම සූදානම් බවයි, විරෝධතාවයේ යෙදී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර බීබීසී යට කියා සිටියේ. ""තාමත් අල්ලස් කොමිසමේ සභාපතිවරයා ඇතුළු ප්‍රධාන තනතුරු කිහිපයක්ම දරන්නේ හිටපු ජනාධිපතිවරයා පත්කළ අයයි. අපි අල්ලස් කොමිසමට ඇඟිලි ගහන්නේ නැහැ."" ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ අගමැති රනිල් වික්‍රමසිංහ, අල්ලස් කොමිසමේ ක්‍රියාවන් සදහා රජයේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව අවධාරණය කළේය. හිටපු ජනාධිපතිවරයා කැඳවන්නේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පමණක් බවද අගමැතිවරයා පැවසීය. අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය අගමැති බිරිඳගේ හිතවතියක් බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා එල්ල කළ චෝදනාව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කළේය. ""තාමත් අල්ලස් කොමිසමේ සභාපතිවරයා ඇතුළු ප්‍රධාන තනතුරු කිහිපයක්ම දරන්නේ හිටපු ජනාධිපතිවරයා පත්කළ අයයි. අපි අල්ලස් කොමිසමට ඇඟිලි ගහන්නේ නැහැ,"" ඔහු පැවසීය." +"මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය විහාර භූමියේ ආදාහනය නොකරන මෙන් අධිකරණය නියෝගයක් ලබා දී තිබුණ ද, සංඝ සභාවේ තීරණය අනුව එහිමියන්ගේ දේහය විහාර භූමියේ ආදාහනය කළ බව ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.","අධිකරණ තීන්දු තීරණ ප්‍රකාර භික්ෂූන් වහන්සේගේ දේහයන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බව ද බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ඥානසාර හිමියෝ සඳහන් කළහ. දෙමළ ජාතික සන්ධානයට සම්බන්ධ කිහිප දෙනකුගේ මෙහෙයවීම මත ""නැති ප්‍රශ්නයක් නිර්මාණය කර, ආදාහන පූජෝත්සවය කඩාකප්පල් කිරීමට,"" කිසියම් පිරිසක් උත්සහ දරමින් සිටි බවට ද එහිමියෝ චෝදනා කළහ. අපවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය විහාර භූමිය හා නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල ඉදිරිපස මාර්ගයෙන් එපිට නයාරු වෙරළ සීමා මායිමේ පිහිටි පැරණි යුද හමුදා කඳවුරක් තිබූ ස්ථානයේ සිදුකරන ලෙස මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස් ලෙනින්කුමාර් සඳුදා (සැප්තැම්බර් 23) නියෝග කළේය. 'බුද්ධාගමට ප්‍රමුඛස්ථානය' මහේස්ත්‍රාත්වරයා අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවේ, විහාරාධිපති හිමියන්ගේ දේහය ආදාහනය කිරීම සම්බන්ධයෙන් අධිකරණය වෙත ගොනු කොට පැවති නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි. ආදාහන පූජෝත්සවයෙන් අනතුරුව අදාළ ස්ථානයේ කිසිදු ඉදිකිරීමක් සිදුනොකරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා විහාරයේ දායක පාර්ශවයට උපදෙස් දුන්නේය. ඒ අවස්ථාවේ එම නඩු තීන්දුව අගය කරමින් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ විහාරස්ථානය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී රෝහණ තල්පාවිල, එය ""ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවක්"" බව කියා සිටියේය. නීතිවේදී රෝහණ තල්පාවිල වැඩිදුරටත් කියා සිටියේ ""අපේ පාර්ශවය ඇරෙන්න අනෙත් පාර්ශවයන් ඉදිරිපත් කළේ අවසාන තීන්දුවට සම්පූර්ණයෙන්ම වෙනස් ස්ථාවරයක්. නමුත් ගරු මහේස්ත්‍රාත්තුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි ව්‍යවස්ථාවේ සඳහන් පරිදි බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතුය යන සංකල්පය මත පිහිටල තමයි මේ නඩු තීන්දුව දුන්නේ,"" යනුවෙනි. ""මොකද පැමිණිලිකාර පාර්ශවය සහ ප්‍රාදේශීය සභාව කරුණු දැක්වුවේ මේ තීන්දුවට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ කරුණු."" 'දෙමළ ජනතාවට අවමානයක්' තීන්දුව නොතකා ආදාහන උත්සවය විහාර භූමියේම පැවැත්වීමට සංඝ සභාව තීරණය කර තිබෙන්නේ ඉන් අනතුරුවය. එසේ අධිකරණ නියෝගය ද නොතකා හරිමින් හින්දු කෝවිලක් පවතින භූමිය තුළ දේහයක් ආදාහනය කිරීම තුළින් කෝවිලේ පවිත්‍රත්වය අශුද්ධ වු බව පවසන දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී ටී රවිහරන්, සිංහල භික්ෂූන් වහන්සේ සහ සිංහල ජනතාව සිදුකළ එම ක්‍රියාව තරයේ ප්‍රතික්ෂේප කරන බව ද කියා සිටියේය. මස් මාළු කෑමෙන් පසුව පවා හින්දු ජනතාව හින්දු කෝවිලකට නොපිවිසෙන අතර එවැනි ශුද්ධ වු ස්ථානයක මළ සිරුරක් ආදාහනය කිරීම දෙමළ ජනතාවගේ සංස්කෘතිය අනුව මහා අවමානයක් වන බව පවසන හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා, කෝවිලක් පවතින ස්ථානයක මෙවැන්නක් සිදුකළ පළමු අවස්ථාව මෙය යයි තමන් විශ්වාස කරන බව වැඩිදුරටත් කියා සිටියේය. ඉරිදා මුලතිව් පොලිසිය විසින් අධිකරණයට මේ සම්බන්ධයෙන් පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේ, අධිකරණයේ දැනුම්දීමකින් තොරව විහාරාධිපති නාහිමියන්ගේ අවසන් කටයුතු සිදුනොකරන ලෙසට අතිරේක මහෙස්ත්‍රාත් එන් සුදාහරන් අතුරු නියෝගයක් නිකුත් කළේය. අධිකරණ නියෝගය දැනුම්දීම සඳහා සඳුදා අධිකරණයේ පෙනීසිටින ලෙසට ද විහාරයේ දායක සභාවේ පාර්ශවකරුවන් හා වැඩවසන ස්වාමීන් වහන්සේට නියෝග කෙරිණ. එහිදී පැමිණිලි පාර්ශවය වෙනුවෙන් අදහස් දැක්වූ නීතිඥ ඇන්ටන් පුලිදනායගම්, විහාරයේ සිට කිලෝමීටර දෙකක් හෝ තුනක් දුරින් ආදාහනය සිදුකිරීමට අවස්ථාව සලසන ලෙස ඉල්ලීමක් කළේය. විහාරස්ථානයේ දායක සභා පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත්වූ නීතිඥ රෝහණ තල්පාවිල ඇතුලු නීතිඥයින් ඉල්ලා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවැනි වගන්තියේ සඳහන් පරිදි බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතු බවට පිහිටලා යුක්තියේ සාධාරණ ධර්මතාවන්ට අනුකූලව විහාරස්ථාන භූමියේ දේහයේ අවසන් කටයුතු සිදුකිරීමට ඉඩලබාදෙන ලෙසටය. මහේස්ත්‍රාත්වරයා සඳුදා සිය නියෝගය නිකුත් කළේ අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය. ආදාහන උත්සවයට බාධා නොකරන ලෙස කෝවිල් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් හා හින්දු පූජකයින් වෙතද උපදෙස් ලබාදෙනු ලැබීය. සඳුදා නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් හිමියන් ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේ, සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපතිවරයා ඇතුළු විශාල පිරිසක් අධිකරණ භූමිය වෙත පැමිණ සිටියහ. නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේ අධිකරණ භූමියට විශේෂ පොලිස් ආරක්ෂාවක් දී තිබිණ. පිළිකා රෝගී තත්වයක් හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී විහාරාධිපති නාහිමි ඉකුත් සිකුරාදා (සැප්තැම්බර් 20) රාත්‍රියේ අපවත්වූ අතර එහිමියන්ගේ ඉල්ලීම පරිදි දේහය ඉරිදා (22) අලුයම විහාරස්ථානය වෙත රැගෙන එනු ලැබිණ. අධිකරණ නියෝගය නොතකා දේහය අදාහනය කිරීමට විරෝධය පාමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ දෙමළ නීතිඥවරු සඳුදා සවස අධිකරණයේ නඩු කටයුතුවලට පෙනී සිටීමෙන් වැලකී සිටියහ. තවත් කියවන්න:" +ආයුධ සන්නද්ධව යුද වැදි එල්ටීටීඊ නායකයන් නිදහසේ සිටියදී සුළු චෝදනා ලබා සිටින විශාල පිරිසක් සිරභාරයේ සිටීම අසාධාරණ බව යලි පදිංචි කිරීම පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් (කරුණා) පිළිගත්තේය.,"හිටපු එල්ටීටීඊ නායකයන් වන පිල්ලෙයාන් සහ කරුණා දැන් දේශපාලන ප්‍රවාහයට එක්වී සිටිති කෙසේ වුවද ශ්‍රී ලංකා ආණ්ඩුව දේශපාලන වාසි ලබා ගැනීම සඳහා එල්ටීටී ඊ රැඳවියන් යොදා ගන්නා බවට එල්ලවන චෝදනාව ඔහු ප්‍රතික්ෂේප කළේය. බීබීසී දෙමළ සේවයේ ජෙයප්‍රගාශ් නල්ලුසාමි සමඟ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළකළේ දැනට රැඳවුම් භාරයේ සිටින සියලු එල්ටීටීඊ සැකකරුවන්ට පොදු සමාවක් දෙන මෙන් සිවිල් අධීක්ෂණ කමිටුවේ මනෝ ගනේෂන් පසුගියදා කළ ඉල්ලීම පිළිබඳව ප්‍රතිචාරය පළකරමින්. හිටපු ජ්‍යෙෂ්ට එල්ටීටීඊ නායකයෙකු වන අමාත්‍ය කරුණා, එල්ටීටීඊ කාන්තා අංශයේ නායිකා තමිලිනී, හිටපු එල්ටීටීඊ ප්‍රකාශක ජෝර්ජ් මාස්ටර් ඇතුළු ප්‍රධාන පෙලේ නායක නායිකාවන්ට යලිත් දේශපාලන ප්‍රවාහයට එක්වීමට අවස්ථාව ලබාදීම තමන් අනුමත කරන බව බීබීසී සංදේශයට පැවසූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, එම නිදහස තවමත් රැඳවුම් භාරයේ සිටින දහස් ගණන් එල්ටීටීඊ සාමාජිකයන්ට ලබා නොදෙන්නේ මන්දැයි ප්‍රශ්න කළේය. ""තමිලිනීට, කරුණා අම්මාන්ට, පිල්ලෙයාන්ට, සෝමවංශ අමරසිංහට, විමල් වීරවංශට දුන්න අර සමාව මේ යට දෙන්න. එහෙම බැරිනම් ඉතිරි වෙච්ච අය අරගෙන ගිහිල්ල පුනරුත්තාපනය කරලා සමාජ ගත කරන්න,"" මනෝ ගනේෂන් පැවසීය. එයට ප්‍රතිචාරය පළ කරන කරුණා අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ, රජයේ කටයුතුවල පාරදෘශ්‍යභාවය ජාත්‍යන්තර බලවතුන්ට පෙන්වාදීම සඳහා එල්ටීටීඊ නායකයන් නිදහස් කිරීම අවශ්‍ය කටයුත්තක් බවයි. ඉදිරියේදී විශේෂ අධිකරණ තුනක් පත්කොට මෙම ප්‍රශ්නයට විසඳුමක් දෙන බවද ඔහු සඳහන් කළේය." +"බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවීමට, සැප්තැම්බර් 9 වෙනිදා ගන්නා ලද පියවර නීතියට පටහැනි බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය (සැප්තැම්බර් 24) තීන්දු කිරීමත් සමග ඉදිරි දිනවලදී යළි පාර්ලිමේන්තුව වෙත පැමිණීමට මන්ත්‍රීවරුන්ට හැකියාව ලැබේ.","(බීබීසී හි, මැතිවරණ හා දේශපාලන ජ්‍යෙෂ්ඨ විශ්ලේෂක පීටර් බාන්ස් විසිනි) ඔක්තෝබර් 31 වෙනිදා එකඟතාවකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීම (no-deal Brexit) නවතන නීතියක් සම්මත කරගෙන තිබේ. අදාළ දිනය වන විට බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය අතර එකඟතාවක් නොවන්නේ නම් සහ එසේ එකඟතාවකින් තොරව ඉවත්ව යාමට පක්ෂව මන්ත්‍රීවරුන්ගේ ඡන්දය නොලැබෙන්නේ නම්, වෙන්ව යාම තවදුරටත් පමා කිරීම සඳහා යුරෝපා සංගමයෙන් විමසීමට බ්‍රිතාන්‍ය අගමැතිවරයා නෛතිකව බැදී සිටී. ඒ අනුව මතුවී ඇති තත්ත්වය හමුවේ කිහිප ආකාරයක සිදුවීම් අපේක්ෂා කළ හැක. අලුත් එකඟතාවකට යාම අගමැති බොරි��් ජොන්සන් පවසනුයේ අලුත් එකඟතාවක් සඳහා යුරෝපා සංගමය සමග සාකච්ඡා කිරීමට තමන් උත්සාහ දරන බවකි. එය එසේ වේනම් හා ඔක්තෝබර් 31 වෙනිදාට පෙර ඊට මන්ත්‍රීවරුන්ගේ සහය ලැබෙන්නේ නම් තවත් කාල දිගුවක් අවශ්‍ය නොවේ. අගමැතිවරයාගේ ප්‍රධාන 'බ්‍රෙක්සිට්' සාකච්ඡාකරු ඩේවිඩ් ෆ්‍රොස්ට් මෙන්ම 'බ්‍රෙක්සිට්' ලේකම් ස්ටීවන් බාර්ක්ලේ යුරෝපා සංගමයේ නිලධාරීන් සමග සාකච්ඡාවල යෙදී සිටිති. අගමැතිවරයාද, සාමාජික රටවල නායකයින් හා යුරෝපා සංගමයේ ප්‍රධානීන් වන ෂෝන්-ක්ලෝඩ් ජන්කර් හා ඩොනල්ඩ් ටුස්ක් සමග සංවාදයේ යෙදී සිටී. හිටපු අගමැතිනි තෙරේසා මේ සහ ඇගේ ආණ්ඩුව විසින් සාකච්ඡා කරන ලද පවතින එකඟතාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ කිහිප වරක් ම පරාජය කෙරිණි. එසේම, අගමැති ජොන්සන් කියා තිබුණේ එය මළ බවකි. ආණ්ඩුවට අවශ්‍යවී තිබෙන්නේ හදිසි ආරක්ෂක පියවර / පසු නැවතුම ඉවත් කෙරුණු එකඟතාවකි. එම පියවරෙන් ඉලක්ක කෙරුණේ උතුරු අයර්ලන්තය හා අයර්ලන්ත ජනරජය අතර දේශසීමාරක්ෂක ස්ථාන හා පරීක්ෂා කිරීම්වලට ඇති කවර හෝ ඉඩකඩ වලකාලීමය. උතුරු අයර්ලන්තය වෙනුවෙන් පමණක් එවැනි පියවරක් සඳහා යා හැකි විකල්පයක් පිළිබඳ ඇතැම් සාකච්ඡා පැවතිණි. වෙනත් ආකාරයකින් කිවහොත්, එමගින් ඇඟවෙන්නේ උතුරු අයර්ලන්තය එක්සත් රාජධානියේ අන් ප්‍රදේශවලට වඩා වැඩි සමීප සබඳතාවක් යුරෝපා සංගමය හා පවතිනු ඇති බවකි. මෙයින් නිසැකවම ගම්‍යවන්නේ අයිරිෂ් මුහුදේ දේශ සීමාවක් ගොඩනැගෙන බව යැයි විචාරකයෝ පවසති. මෙය, බ්‍රිතාන්‍ය අගමැතිවරයෙකුට පිළිගත හැකි දෙයක් නොවන බව තෙරේසා මේ අගමැති ධුරයේ සිටින සමයේ පැවසුවාය. 'එකඟතාවකින් තොර බ්‍රෙක්සිට්' වැළකීමේ නීතිය මගහැරීමට තැත් කිරීම අලුත් එකඟතාවක් නොවුවහොත් හා කාල දිගුවක් අපේක්ෂා කිරීම අගමැතිවරයා විසින් බැහැර කරනු ලැබුවහොත් නීතිමය ගැටුමකට ඉඩ පැදිය හැකිය. නීතිය පිළිපදින බව කැබිනට් අමාත්‍යවරුන් පවසා ඇති නමුත් තමන් කාල දිගුවක් ඉල්ලා නොසිටින බව අගමැතිවරයා පවසයි. කෙසේවෙතත්, නීතියේ සිදුරක් සොයමින් සිටින බවට හෝ කාල දිගුවක් ඉල්ලා නොසිටීම සඳහා අගමැති ජොන්සන් වෙනත් ක්‍රමයක් භාවිත කරන බවට ද රාවයක් පැතිර යමින් තිබිණි. උදාහරණයක් ලෙස, තවත් දිගුවක් ඔහු ඉල්ලා සිටින අතරම එය නොසලකා හරින ලෙස යුරෝපා සංගමයට දන්වා සිටීමට ඉඩ ඇති බව කියැවේ. ඔක් 31 වෙනිදා 'එකඟතාවකින් තොර බ්‍රෙක්සිට්' ��ැකසී ඇති ආස්ථානය වන්නේ ග්‍රිනිච් වේලාවෙන් ඔක්තෝබර් 31 වෙනිදා 23 වෙනි පැයේදී එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් වෙන්ව යන බවය. අගමැතිවරයා කාල දිගුවක් ඉල්ලා සිටිය ද ඊට යුරෝපා සංගමයේ අනෙකුත් රටවල එකඟතාව ලැබේද යන්න පිළිබඳ සහතිකයක් නොමැත. එකඟතාවකින් තොරව ඉවත්ව යාම යන්නේ අදහස් කෙරෙන්නේ, එකම රේගු පටිපාටියක් ඇති රටවල් සමුහයෙන් (customs union) හා පොදු වෙළෙඳපොළින් (single market) බ්‍රිතාන්‍යය වහාම ඉවත්වීමය. වෙළෙඳ කටයුතු පහසු කිරීම සඳහා පියවර සැලසුම් කර ඇති බව කියැවේ. මෙය ආර්ථිකයට හානිකර වනු ඇති බව බොහෝ දේශපාලනඥයින් හා ව්‍යාපාර පැවසුවද, තවත් අය කියා සිටින්නේ අතිශයෝක්තියකින් යුතුව අවදානම් ගැන දක්වා ඇති බවකි. නිසි කලට පෙර ඡන්දයක් නිසි කලට පෙර පැවැත්වීමට ඉඩ ඇති ඡන්දයක් පිළිබද පුළුල්ව අපේක්ෂා කෙරුණද එය බොහෝදුරට වීමට ඉඩ ඇත්තේ දැනටමත් ඔක්තෝබර් 31 වෙනිදාට සැලසුම් කර ඇති 'බ්‍රෙක්සිට්' පියවරෙන් අනතුරුවය. ඡන්ද ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීම සඳහා අවම තරමින් වැඩ කරන දින 25 ක කාලයක්වත් ගතවීම ඊට හේතුවය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අතරේ වුවද, ඔක්තෝබර් 14 වෙනිදා රාජාසන කතාවක් (රැජිණගේ කතාව) පැවැත්වීමට ඉඩ තිබේ. ඉන් අනතුරුව, නිසි කලට පෙර මැතිවරණයක් පැවැත්වීම සඳහා සහය දෙන ලෙස ආණ්ඩුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් යළිත් වරක් ඉල්ලා සිටිනු ඇත. ඒ සඳහා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ තුනෙන් දෙකක බහුතරය අවශ්‍ය වන අතර එවැනි එකඟතාවකට මේ දක්වා මන්ත්‍රීවරුන්ගේ සූදානමක් දක්නට නැත. ආණ්ඩුවට ඇති විකල්ප මාර්ගයක් වන්නේ නිසි කලට පෙර මහා මැතිවරණයක් පැවැත්වීමේ දිනය පැහැදිලි කෙරෙන කෙටි අලුත් නීති ප්‍රතිපාදනයකට යාමය. ඒ සඳහා මන්ත්‍රීවරුන්ගේ තුනෙන් දෙකේ බහුතරය නොව සරළ බහුතරය සෑහේ. මීට අමතරව තවත් බොහෝ අපූරු ක්‍රියාමාර්ගයක් ද ඇත. එනම්, තම ආණ්ඩුව සම්බන්ධයෙන් විශ්වාස භංග යෝජනාවක් අගමැතිවරයාටම ඉදිරිපත් කිරීමට ඇති හැකියාවය. ඕනෑම අවස්ථාවකදී ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට විපක්ෂයට හැකිය. එවැනි යෝජනාවක් සභාගත කරන බව ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින් මීට පෙර පවසා තිබිණි. එසේම, අගමැති බොරිස් ජොන්සන් ද තමන්ගේ ම ආණ්ඩුව සම්බන්ධයෙන් විශ්වාස භංග යෝජනාවක් කැඳවීමට ඉඩ ඇති බවට මතයක් විය. මන්ත්‍රීවරුන්ගේ බහුතර ඡන්ද ප්‍රමාණය ඊට පක්ෂව ලැබුණහොත් පවතින ආණ්ඩුවට හෝ අලුත් අගමැතිවරයෙකු සහිත විකල්ප ආණ්ඩුවකට විශ්වා��ය පළකිරීමේ ඡන්දයක් ජයගත හැකිදැයි විමසා බැලීම සඳහා දින 14ක කාලයක් එළැඹේ. ඊට කිසිවෙකු හෝ අසමත් වුවහොත් එළැඹෙන්නේ මහා මැතිවරණයකි. බ්‍රෙක්සිට් අවලංගු කිරීම 50 වෙනි වගන්තිය (Article 50) අවලංගු කරමින් සම්පූර්ණයෙන්ම 'බ්‍රෙක්සිට්' අවලංගු කිරීමේ නෛතික ප්‍රතිපාදනයක් ද වේ. නමුත් පැහැදිලිවම, එය පවතින ආණ්ඩුව එළැඹෙන පියවරක් නොවේ. එය සිදුවේයැයි අනුමාන කළ හැක්කේ ආණ්ඩු වෙනසකින් පමණි. තමන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය දිනාගතහොත් 50 වෙනි වගන්තිය ඉවත් කරමින් 'බ්‍රෙක්සිට්' ක්‍රියාදාමය අවලංගු කරන බව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් (Liberal Democrats) දැනටමත් පවසා තිබේ." +ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පෝට් එලිසබෙත් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 286 කට දවාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.,වේග පන්දු යවන සුරංග ලක්මාල් සිය ටෙස්ට් ක්‍රීඩා ජීවිතයේ පළමු වරට එක් ඉනිමකදී පළමු කඩුලු පහ දවාගැනීමට සමත්විය වේග පන්දු යවන සුරංග ලක්මාල් සිය ටෙස්ට් ක්‍රීඩා ජීවිතයේ පළමු වරට එක් ඉනිමකදී පළමු කඩුලු පහ දවාගැනීමට සමත්වීම මේ තරගයේ විශේෂත්වයයි. ලකුණු 104 ක සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් සිටි ස්ටීවන් කුක් සහ ඩීන් එල්ගාර් ආරම්භක පිතිකරු යුවල පිට පිටම දවාගැනීමට සුරංග ලක්මාල් සමත්විය. තේරීම් කමිටුව 'කණස්සල්ලෙන්' රංගන හේරත් සහ නුවන් ප්‍රදීප් කඩුලු දෙක බැගින් දවාගැනීමට සමත්විය. මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදෙමින් සිටියි. 2011 දෙසැම්බරයේදී ටෙස්ට් තරගයක් ජයගැනීමෙන් අනතුරුව පළමු වතාවට දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුවයි. දකුණු අප්‍රිකානු සංචාරය සඳහා කණ්ඩායම තේරීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව බලපෑම් කළ බවට ක්‍රිකට් තේරීම් කමිටුව චෝදනා කරන බව ජනමාධ්‍ය වාර්තා කර තිබේ. ඒ පිළිබඳව විමසීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය. +පාකිස්තානය තුළ මහා පරිමාණයෙන් ළමා ලිංගික අපයෝජන සිදු කෙරෙන බවට කරුණු හෙළිදරව් වුනේ 2015 වසරේදී ය.,"ළමා අපයෝජනය දැක්වෙන ඡායාරූප නිෂ්පාදනය හෝ බෙදාහැරීම අපරාධයක් බව සඳහන් නීතියක් මේ වසරේ පාකිස්තානයේ සම්මත කෙරිණ එය පකිස්තාන සමාජය තුළ දැඩි කම්පනයක් ඇති කිරීමට හේතු විය. සිය ගණනක් දරුවන් ලිංගික අපයෝජනයට ලක් කරන ආකාරය ජංගම දුරකථන ඔස්සේ පටිගත කොට තිබේ. පාකිස්තානය තුළ එවැනි අපයෝජන වැඩි වශයෙන් වාර්තාවන ප්‍රදේශයකි හුසේන් ඛාන් වාලා නගරය. එහි වෙසෙන දහනව හැවිරිදි තරුණයෙකු බීබීසී වෙත සිය අත්දැකීම විස්තර කළේය. අපි ඔහු සලීම් නමින් හඳුන්වමු. හුසේන් ඛාන් වාලා නගරයේදී අපයෝජනයට ලක් වූ තරුණයෙක් ""උදේ පාන්දර මම තනියම ඉස්කෝලේ වෙත යමින් සිටියේ. මිනිස්සු පිරිසක් මාව පැහැරගත්තා. ඉන් පස්සේ ගමේ කාමරේකට මාව ගෙන ගියා. ඒ සියලු දෙනා මාව ලිංගික අපයෝජනයට ලක් කළා. මාව අපයෝජනයට ලක් කරන ආකාරය ජංගම දුරකථනයෙන් පටිගත කළා. පස්සේ ඒ වීඩියෝ දර්ශන ප්‍රසිද්ධ කරනවා කියලා මගෙන් ප්‍රයෝජන ගන්න පටන් ගත්තා. ඒ ගැන කාටවත් කියන්න මම බය වුනා.මට ඒ ගැන කතා කරන්න තරම් ධෛර්යක් තිබුණේ නැහැ."" යැයි ඔහු සිය අත්දැකීම විස්තර කළේය. වසර ගණනාවක් අපයෝජකයින්ගෙන් එල්ලවූ තර්ජන දරගත නොහැකි වූ තැන සලීම් ගම අතහැර නගරයට සංක්‍රමණය විය. 'දිගටම තර්ජන' ""අවසානයේ මම ගම හැර දාලා නගරෙට ගියා. ජාත්‍යන්තර සමාගමක මට රැකියාවක් හමු වුනා. නමුත් මේ අපයෝජකයෝ මට තර්ජනය කරන ඒක නැවැත්තුවේ නැහැ. මාව අපයෝජනයට ලක් කරන ආකාරය දැක්වෙන වීඩියෝ එක අන්තර්ජාලයේ හෝ ගෑමේ ප්‍රසිද්ධ කරන එක නවත්වන්න මම මගේ පඩියෙන් වැඩි කොටසක් ඔවුන්ට දුන්නා. ඔවුන්ගෙන් කීප දෙනෙක් සමග කතාබහක් දුරදිග ගියාට පස්සේ ඔවුන් වීඩියෝ එක ගමේ සමහරක් අයට පෙන්නලා තිබ්බා.මගේ ලොකු අයියා තමයි පළමුවෙන්ම වීඩියෝ එක දැකලා තිබ්බේ."" සලීම්ට සිය වැඩිමහල් සහෝදරයාගෙන් ලැබුණේ සිතුවාට වඩා වෙනස් ආකාරයේ ප්‍රතිචාරයකි. පාකිස්තානය තුළ මහා පරිමාණයෙන් සිදු වන ළමා ලිංගික අපයෝජනවලට එරෙහි උද්ඝෝෂණයක් ""අයියා මට දුරකතනයෙන් කතා කළා. මට කම්පනයක් ඇති වුනා. මම සියලු දේ ඔහුට පැහැදිලි කළා. මේ ගැන පියවරක් ගන්න අපි තීරණය කළා. අපි සැලසුමකට අනුව වැඩ කරන්න පටන් ගත්තා. කරුණු ගොනු කරන්න පටන් ගත්තා. මම ෆේස් බුක් එකෙන් මේ කල්ලියේ සාමාජිකයන්ගේ පින්තූර එකතු කළා. වීඩියෝ එකතු කරන්න පටන් ගත්තා., දරුවන් අපයෝජනයට ලක් කරන ආකාරය දැක්වෙන වීඩියෝ අනූ අටක් මායි අයියයි එකතු කළා."" යැයි ඔහු පැවසීය. සලීම් වෙනුවෙන් හඬ නැගීමට ඉදිරිපත්වූයේ ගමේ එක් අයෙකු පමණි. 'තර්ජනවලට එරෙහිව' ""මගේ අසල්වැසියා මොබීන් හැර ගමේ කිසිවෙක් මට උදව් කළේ නැහැ. ඔහු සමාජ සේවකයෙක්. ඔහු මේ දිහා ගැඹුරින් බැලුවා. ඔහු මට උදව් කළා. මායි මො���ීනුයි එක් වෙලා අපයෝජනයට ලක් වූ අනෙක් අයට කතා කළා. ඔවුන්ට ඉදිරියට එන ලෙස එත්තු ගැන්නුවා. අපි ගමේ වැඩිහිටියෝ සහ පිළිගැනීමක් තියන පුද්ගලයෝ හමු වුනා. අපි පාර්ලිමේන්තුව ඉදිරියේ උද්ඝෝෂණ කළා."" යැයි පැවසූ සලීම්, ""අපේ දරුවන්ට අත තියන්න එපා."" ""නිශ්ශබ්දතාවය යනු වරදට හවුල් වීමක්"" ""විපතට පත් වූවන් ලජ්ජා විය යුතු නැහැ"" යනාදිය එහිදී ප්‍රමුඛ සටන්පාඨ වූ බව කීය. 'අනාගතය ගැන බියක්' ""ක්‍රමයෙන් මේ පිළිබඳ මධ්‍යයේ අවධානය යොමු වුනා. අවසානයේ චෝදනා ලත් කීප දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. ළමුන් අපයෝජනය කරන ආකාරය දැක්වෙන වීඩියෝ දෙසිය පනහක් පමණ පොලිසිය විසින් සොයා ගනු ලැබුවා. ඒවායේ සිටි බොහෝ දෙනෙක් පාසල් දරුවන්. ඔවුන්ගේ පාසල් නිල ඇඳුම් පවා වීඩියෝවල දකින්න පුළුවන්. මේ මදාවියෝ අපට තවමත් තර්ජනය කරනවා. මගේ අසල්වැසියා මොබීන්ගේ නිවසට රාත්‍රියේ වෙඩි තියලා වැඩි දවසක් නැහැ. මිනිස්සු අතරේ ඕපාදුප කතා කෙරෙනවා. ඔවුන් කියනවා මේ දාමරිකයන්ට විරුද්ධව අපට මුකුත් කරන්න බැරි වෙයි කියලා."" යනුවෙන් සිය ප්‍රයත්නය පිළිබඳව කතා කළ සලීම් සිය අමිහිරි අත්දැකීම තමාව ලුහුබැඳ එන අයුරු පැහැදිලි කළේ, ""මම රැකියාවකට අයදුම් කරන සෑම අවස්ථාවකම ඔවුන් මගේ ලියකියවිලි දෙස බලා කණගාටුව පළ කරනවා. මම හුසේන් ඛාන් වාලා ගම්වැසියෙක් බව ඔවුන් දන්නවා, ඇතැම් වෙලවාට මම මගේ අනාගතය ගැන කල්පනා කරනවා. මම විවාහ වුනාම මගේ බිරින්දට මේ දේවල් කියන්නේ කොහොමද?"" යන කනස්සල්ල මුසු ස්වරයකිනි. ළමා අපයෝජනය දැක්වෙන ඡායාරූප නිෂ්පාදනය හෝ බෙදාහැරීම අපරාධයක් යැයි සඳහන් නීතියක් මෙම වසරේදී (2016) පාකිස්තානයේ සම්මත කරනු ලැබිණ. සලීම් අපයෝජනයට ලක් කිරීමට වරදකරුවන් වූ පුද්ගලයන් දෙදෙනකුට පසුගිය අප්‍රේල් මාසයේදී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි විය. තවත් පුද්ගලයන් පහළොස් දෙනකුට එරෙහිව නඩු පවරා තිබේ." +මිරිහාන සංක්‍රමණික රැඳවුම් කඳවුරේ රඳවා සිටින රෝහින්ග්‍යා මුස්ලිම් තරුණියක් දූෂණය කළ බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයෙකු රිමාන්ඩ් බන්ධනාගාරගත කරන මෙන් අධිකරණය නියෝග කර තිබේ.,"අප්‍රේල් 30 වැනි දින ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වූ රෝහින්ග්‍යා මුස්ලිම් කණ්ඩායම කඳවුරේ සිටින 21 හැවිරිදි දැරියක් අසනීප වී කළුබෝවිල රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ සැකකාර කොස්තාපල්වරයා රෝහලට පැමිණ ඇය රැගෙනගොස් තිබෙන බව පැමිණිලිකාරියගේ නීතිවේදියා වන ��ිරාස් නූර්දීන් බීබීසී සිංහල සේවයට පැවසීය. නීතිවේදියා පවසන පරිදි ඉන් අනතුරුව සැකකරු එම තරුණිය බොරලැස්ගමුවේ හෝටලයකට රැගෙන ගොස් දූෂණය කර තිබේ. සැකකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී සුනන්ද දේශප්‍රිය විරෝධය පළකිරීමෙන් අනතුරුව ලබන බ්‍රහස්පතින්දා (ජුනි 29) හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන තුරු ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කරන මෙන් නුගේගොඩ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව ද නීතිවේදී ෂිරාස් නූර්දීන් පැවසීය. 'කඳවුරේ ආරක්ෂකයෙක්' සැකකරු මිරිහාන රැඳවුම් කඳවුරේ සේවය කරන පොලිස් නිලධාරියෙකි. එවැනි පැමිණිල්ලක් ලැබී තිබෙන බව සනාථ කළ පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවත් සඳහන් කළේය. නොදැනුවත්ව ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වූ රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් 30 දෙනෙකු පසුගිය අප්‍රේල් 30 වෙනි දින කන්කසන්තුරේ ආසන්න මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබිණ. කාන්තාවන් හත් දෙනෙකු සහ දරුවන් 16 දෙනෙකු ද ඒ අතර සිටින අතර, ඔවුන් දැන් මිරිහාන සංක්‍රමණික කඳවුරේ රඳවා සිටිති. කඳවුරේ ආරක්ෂාව භාරව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු විසින් තමන් දූෂණය කළ බවට පැමිණිලි කර තිබෙන්නේ ඒ අතර සිටින එක් තරුණියකි. වසර පහක් ඉන්දියාවේ දිල්ලි අගනුවර අනාථයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ (UNHCR) ආයතනයේ රැකවරණ ලබා සිට පසුව තමිල්නාඩුවට පැමිණ තිබෙන මේ කණ්ඩායම ඕස්ට්‍රේලියාව බලා යාමට උත්සාහ කළ අවස්ථාවේ ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වී තිබේ." +ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ නායක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ ජනමාධ්‍ය වෙත කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට දෝෂාරෝපණය කළ බව ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු බීබීසී සංදේශය කළ විමසීමකදී පිළිගත්තේය.,"කණ්ඩායමේ නායකයා පත්කිරීම පිළිබඳව ඉන්ද්‍රජිත් කුරේ මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවයි, සභාපතිවරයා පවසන්නේ. ''මම ඔහුට කිව්වා, ඔහු විසින් මාධ්‍ය වෙත සිදු කළ එක ප්‍රකාශයක් වැරදියි, ඒ වගේ ප්‍රකාශ කරලා ආයත් අහු වෙන්න එපා කියලා,"" හේමසිරි ප්‍රනාන්දු සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී. (සාකච්ඡාවට සවන්දෙන්න) ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට ප්‍රථම සඳුදා කොළඹ පැවති උත්සවය අතරවාරයේදීයි, සභාපතිවරයා කණ්ඩායමේ නායකයාට ප්‍රසිද්ධියේ දොස් පවරා තිබෙන්නේ. ''නමුත් මම ඒ ප්‍රකාශය කළේ තනිවම නොවෙයි. ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා, ක්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරාල්වත් ගෙනල්ලා ඔවුන් ඉදිරියේ එම ප්‍රකාශය සිදු කළේ."" කණ්ඩායම් නායකත්වය බ්‍රසීලයේ රියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ඔලිම්පික් සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන් තිදෙනෙක් ඇතුළත් වෙති. දෙවරක් ඔලිම්පික් උළෙල නියෝජනය කළ අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ ඉන් එක් අයෙකි. තෙවන වරටත් ඔලිම්පික් තරඟයක් නියෝජනය කරන ප්‍රථම ශ්‍රී ලාංකික මැරතන් ක්‍රීඩකයා ඔහුයි. සභාපතිවරයා සඳහන් කරණ පරිදි ඔලිම්පික් සුදුසුකම් නොලද ක්‍රීඩකයකුට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලබා දීමට සූදානම් වූ අවස්ථාවේ ක්‍රීඩා අමාත්‍යවරයා මැදිහත් වී තමාට කණ්ඩායමේ නායකත්වය ලබා දුන් බව ඉන්ද්‍රජිත් කුරේ ජනමාධ්‍ය වෙත පවසා තිබේ. ''නමුත් ඇමතිතුමා දන්නෙත් නැහැ කාවද පත් කරන්නේ කියලවත්. මේ නම් තුන යෝජනා වූ අවස්ථාවේ මම තමයි කිව්වේ නෑ මේක අනුරාධට දෙන්න ඕනි කියලා.'' ක්‍රීඩකයකුට අත්තනෝමතික ලෙස මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කළ නොහැකි බවත් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු සඳහන් කළේය. 'නරඹන්නෝ' දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා දෙස බැලීමේදී කලාපයෙන් ඔබ්බට ගිය ඔලිම්පික් වැනි ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලක් පිළිබඳ බලාපොරොත්තු තැබීම ප්‍රයෝගික නොවන බවත් ඔහු අවධාරණය කරයි. ''මම කියන්නේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් පනහක් ගන්න බැරි නම් එතනින් එහා ක්‍රීඩා තරඟ ගැන කතා කළ යුතු නැහැ.'' 1991 වසරේ ශ්‍රී ලංකාවේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් හතළිස් හතරක් දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මෙවර ලබාගත හැකි වූයේ රන් පදක්කම් විසි හතරක් පමණක් බවයි ඔහු පවසන්නේ. ''ඉතින් ක්‍රීඩාවේ කඩා ගෙන වැටීමක් තියෙන්නේ. අපි බොරුවට සතුටු වෙන්න හදනවා අරකට, මේකට, ඔලිම්පික්වලට යනවා කියලා.'' (සාකච්ඡාවේ හඬ පටයට සවන්දෙන්න) ''තරඟය නරඹන්න රියෝ ගියාට අපේ විරුද්ධත්වයක් නැහැ. ඒකනේ මෙච්චර කල් සිද්ධ වුනේ. සුසන්තිකා ගෙනාපු පදක්කම ඇරෙන්න අනිත් අය ගිහින් කරපු දෙයක් නැහැනේ.'' අන්තර්ජාතික වශයෙන් අදාළ කටයුතු සංවිධානය කොට රටේ ජාතික ක්‍රීඩා සංගම්වලට අන්තර්ජාතික සහයෝගය ලබා දීම ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ වගකීම වුවත් ක්‍රී���කයන් පුහුණු කිරීම එහි වගකීමක් නොවන බවත් සභාපතිවරයා පැවසීය. ""වැරැද්ද කාගේද කියලා සොයා ගන්න අවශ්‍යයි. මම නම් දන්නේ නැහැ. මේ අය අපිට ඇඟිල්ල දික් කරන්නේ හරියට අපි පුහුණුකරුවෝ වගේ. අපි පුහුණුකරුවෝ නොවෙයි,"" ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියේය. වැඩිදුර තොරතුරු විමසීම පිණිස අනුරාධ කුරේ ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය." +චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අභිලාෂයෙන් සඳුදා (මැයි 12) පාකිස්තානය සමග කරට කර තරගයක යෙදුණ ශ්‍රී ලංකා කණ්ඩායමට අවසානයේ දුර්වල පන්දු රැකීම හේතුවෙන් තරගාවලියෙන් ඉවතට විසිවීමට සිදුවිය.,"පසුගිය වසර කිහිපය දෙක තුළ ප්‍රධාන පෙළේ සියලු එක්දින තරගාවලි පරාජය වී සිටි ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී සටන්කාමීව තරග කරනු දක්නට ලැබුණි. එහෙත් ආසියානු කලාපයේ බංග්ලාදේශය, ඉන්දියාව සහ පාකිස්තානය දෙවැනි වටයට සුදුසුකම් ලබද්දී ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට විසිවීමට ප්‍රධාන කරුණු කිහිපයක් හේතු විය: 1. දුර්වල පන්දු රැකීම ශ්‍රී ලංකාව සහභාගි වූ තරග තුනේදීම තීරණාත්මක උඩ පන්දු කිහිපයක්ම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියේය. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ෆාෆ් ඩුප්ලේසි ලකුණු අටක් ලබා සිටියදී ලසිත් මාලිංග අතින් උඩ පන්දුව ගිලිහී යාමෙන් අනතුරුව ඩුප්ලේසි ලකුණු 75ක් ලබාගෙන දකුණු අප්‍රිකාව ලකුණු 300 සීමාව දක්වා ගෙන ගිය අතර, ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ශර්මා ලකුණු 45 ක් ලබා සිටියදී අසේල ගුණරත්න තරමක් අසීරු උඩ පන්දුව අත් හැරි අතර රෝහිත් ලකුණු 78ක් ලබා ඉන්දියාව ලකුණු 321 ක් ලැබීමේ අඩිතාලම දැමීය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් නිතර ආබාධයට ලක්වන්නේ ඇයි? පාකිස්තානයට එරෙහි තරගයේ තීරණාත්මක අවස්ථාවල ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා සහ සීකුගේ ප්‍රසන්න පහසු උඩ පන්දු අත් හැරියේය. චැම්පියන්ස් කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් විශේෂ පන්දු රැකීම් පුහුණුවීම් සැසි කිහිපයක්ම පැවැත්වුවත් තරුණ ශ්‍රී ලංකා තරුණ කණ්ඩායම අවශ්‍ය මොහොතේ ඒවා ක්‍රියාවට නැංවීමට අපොහොසත්වීම පරාජයට ප්‍රධාන හේතුවක් බව ක්‍රීඩා විශේල්ෂකයන්ගේ මතයය. 2. ආබාධ 2015 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිව් දෙනෙකු ආබාධ හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වුණු අතර මෙම තරගාවලියේ ද නායක ඇන්ජලෝ මැතිව්ස්, චාමර කපුගෙදර සහ කුසල් ජනිත් පෙරේරා ආබාධවලට ලක් වූහ. පන්දු වාර 50ක් යැවීම සඳහා පැය 4කට වඩා කාලය ගත කිරීම හේතුවෙන් උපුල් තරංගට තරග දෙකක් තහනම් කෙරිණි මෙම ආබාධ තත්වයන් ශ්‍රී ලංකාවේ පරාජයට ප්‍රධාන ලෙසම හේතු වූ බව විශ්වාස කෙරෙන අතර, එය ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ගැන ප්‍රශ්න මතුකරන්නකි. අනපේක්ෂිත ලෙසින් මතු වූ මෙම ආබාධ හේතුවෙන් පාකිස්තානයට එරෙහි තරගය සඳහා ධනංජය ද සිල්වා ශ්‍රී ලංකාවේ සිට කැඳවා පැය 48ක් තුළ තරගයට සහභාගි කිරීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ආබාධ හේතුවෙන් නායක ඇන්ජෙලෝ මැතිව්ස් පන්දු නොයැවීම ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතියට බරපතල ලෙස බලපෑ අතර තිසර පෙරේරා ඇතුළු වේග පන්දු යවන්නන් සිව් දෙනෙකු යෙදවීමට සිදුවූයේ මේ හේතුවෙනි. 3. තරග තහනම පන්දු වාර 50ක් යැවීම සඳහා පැය 4කට වඩා කාලය ගත කිරීම හේතුවෙන් උපුල් තරංගට හිමි වූ තරග තහනම කණ්ඩායමේ ඉදිරි තරග දෙක සඳහා දැඩි බලපෑමක් එල්ල කළේය. කණ්ඩායමේ කළමනාකාරිත්වය හා පුහුණුකරුවන් ඒ පිළිබඳව පිටියේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දැනුවත් කළේ ද යන්න පිළිබඳව ගැටළු මතුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගයේ තම අවසන් පන්දුවාර කිහිපය පවා ඉක්මනින් යැවීමට කටයුතු නොකිරීම නිසායි. දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය සමග පැවති තරගවලදී ශ්‍රී ලංකා ඉනිම කඩා වැටීමද කණ්ඩායමේ පරාජයට ප්‍රබල අන්දමින් බලපෑවේය." +සේවා ස්ථානය තුළ නොසැලකිලිමත් සහ කඩාකප්පල්කාරී ලෙස හැසිරීම කෙරෙහි පෙර දින රාත්‍රියේ නිසි නින්දක් නොලැබීම හේතු විය හැකි බව පර්යේෂකයෝ පවසති.,"නිසි නින්දක් නොමැතිකම සේවකයන් විඩාවට පත්කරනවා පමණක් නොව, ඔවුන්ගේ ස්වයං සංයමය පිරිහෙන අතර ""අනවශ්‍ය"" ක්‍රියාකාරකම් කෙරෙහි යොමු වීමට ද හේතු විය හැකි බව ඉහත කී පරේෂණය සිදුකළ විද්‍යාඥයෝ පෙන්වා දෙති. රොටර්ඩෑම් කළමනාකරණ විද්‍යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද එකී අධ්‍යයන වාර්තාවට අනුව නින්ද හා සම්බන්ධ එවැනි හැසිරීම් සහ ක්‍රියාකාරකම් පුද්ගල කාර්යක්ෂමතාව කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි. නිසි නින්දක් නොලැබීම සේවා ස්ථානය තුළ ""විනාශකාරී ක්‍රියාදාමයකට"" හේතු විය හැකි බවත් අධ්‍යයන වාර්තාව පෙන්වා දෙයි. උරණ වීම අඩු නින්දක් ලැබීම ආත්ම සංයමය සහ ආවේග පාලනය කර ගැනීමේ හැකියාව හීන කිරීමට ද හේතුවන බව අධ්‍යයන වාර්තාව පෙන්වා දෙයි අඩු නින්ද ලබන වෘත්තිකයන් සිය සේවා ස්ථානයේ සෙසු සාමාජිකයන් සමඟ උරණව හැසිරීමට ඉඩකඩ ඇතිබවත් පර්යේෂණ වාර්තාව පවසයි. සාමාන්‍යයෙන් එවැනි හැසිරීම් රටාවක් දැකිය නොහැකි පුද්ගලයන් තුළ පවා දිනක රාත්‍රි නින්දක් නොලැබීම දැඩි බලපෑමක් සිදු කරන බව අධ්‍යයන වාර්තාවේ සඳහන්වේ. අඩු නින්දක් ලැබීම ආත්ම සංයමය සහ ආවේග පාලනය කර ගැනීමේ හැකියාව හීන කිරීමට ද හේතුවන බව අධ්‍යයන වාර්තාව පෙන්වා දෙයි. සිය අසාර්ථකභාවය සම්බන්ධයෙන් පවතින පුද්ගල හැඟීම්වලින් මිදීම අපහසු කිරීමටත් නිසි නින්දක් නොලැබීම බලපෑමක් ඇති කළ හැකි බව අධ්‍යයන වාර්තාව පවසයි." +කටාර් රාජ්‍යය සහ අසල්වැසි රටවල් අතර මතු වී තිබෙන දේශපාලන අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතුය යන්න සිය ස්ථාවරය බව ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පවසයි.,"ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා කටාරයේ එමීර්වරයා සමග විදේශ අමාත්‍ය රවි කරුණානායක ඒ බව සඳහන් කළේ සති අන්තයේදී කටාර් රාජ්‍යයේ නිල සංචාරයක යෙදුනු අවස්ථාවේ කටාරයේ එමීර් තමීම් බින් හමාඩ් අල්-තානි ෂෙයික්වරයා (Sheikh Tamim Bin Hamad Al-Thani), අගමැති සහ ස්වදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා බින් නසර් බින් ඛලීෆා අල් තානි ෂෙයික්වරයා (Sheikh Abdullah bin Nasser bin Khalifa Al Thani) සහ විදේශ අමාත්‍යවරයා හමු වී සාකච්ඡා කළ අවස්ථාවේදීය. ද්විපාර්ශ්වික සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා විදේශ ඇමතිවරයා සහ කටාරයේ නායකයන් අතර පැවති සාකච්ඡාවලදී අවධානය පළ වූ බව ද කොළඹ පිහිටි කටාර් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. ත්‍රස්තවාදයට අනුබල දෙන බවට චෝදනා කරමින් සවුදි අරාබිය, බහරේනය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් පසුගියදා කටාරයට එරෙහිව තාවකාලික සම්බාධක නිවේදනය කළේය. ඉන් අනතුරුව ඩෝහා අගනුවර මූලස්ථාන කරගත් අල් ජසීරා මාධ්‍ය ජාලය වසා දැමීම ඇතුළු කොන්දේසි ගණනාවක් ඉටුකිරීම පිණිස එම රටවල් විසින් කාල සීමාවක් ලබා දුන් නමුතු කටාර් රාජ්‍යය එම කොන්දේසි ඉටුකිරීම ප්‍රතික්ෂේප කළේය. තමන්ට ඉදිරිපත් කර ඇත්තේ ""ක්‍රියාවට නැංවිය නොහැකි"" කොන්දේසි මාලාවක් බව කටාර් රාජ්‍යය පවසයි. ඉහත කී රටවල් හතරට අමතරව මාලදිවයින සහ යේමනය ද කටාරය සමග සියලු සම්බන්ධතා අත්හිටවනු ලැබ තිබේ. මේ අතර තම රට ආර්ථික වශයෙන් හුදෙකලා කරනු ලැබීමට එරෙහිව අසල්වැසි රටවලට එරෙහිව වන්දි ඉල්ලා සිටින බව කටාර් බලධාරීහු කියා සිටිති. 120,000 කට ආසන්න ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද කටාරයේ සේවයේ නිරතව සිටිති. පනවා තිබෙන සම්බාධකවල බලපෑම බොහෝ අංශවලින් දැනටමත් දැනෙමින් පවතින බව එහි වෙසෙන එක් ශ්‍රී ලාංකික සේවකයෙක් බීබීසී සිංහල සේවයට පැවසූ අතර සම්බාධකවල සැබෑ බලපෑම දැනෙන්නට තවත් බොහෝ කලක් ගතවනු ඇති බව තවත් ශ්‍රී ලාංකිකයෙකුගේ අදහසය." +"2015 වසරේ ඇති කර ගත් පැරිස් සම්මුතියෙන් ""ඉහළට සහ ඔබ්බට"" ගොස් ඉන්දියාව කටයුතු කරන බවට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රතිඥා දෙයි.","ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් සමග ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වූ ඉන්දීය අගමැතිවරයා විසින් පැරිස් සම්මුතිය හඳුන්වනු ලැබුවේ ""මහපොළොව ආරක්ෂා කිරීම සඳහා අප සතු වගකීමේ"" කොටසක් ලෙසය. දේශගුණ විපර්යාසවලට බලපාන හරිතාගාර වායු විශාල වශයෙන් විමෝචනය කෙරෙන ලොව රටවල් අතර ඉන්දියාව තෙවන ස්ථානයේ පසු වේ. පැරිස් සම්මුතියෙන් ඉවත් වීමට ඇමරිකානු ජනාධිපතිවරයා ගත් තීන්දුව ලෝක නායකයන් ගණනාවකගේ විවේචනයට ලක්ව තිබේ. අදාළ ගිවිසුම හේතුවෙන් ඇමරිකාව දුගීභාවයට පත් වනු ඇති බව කියා සිටි ජනාධිපති ට්‍රම්ප් ඒ හේතුවෙන් ඇමරිකානුවන්ට රැකියා අහිමි වනු ඇති බව සඳහන් කළේය. ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 ට අඩු මට්ටමක පවත්වා ගැනීමට ඇමෙරිකාව ඇතුළු රටවල් 187 ක් පැරිස් සම්මුතිය ඔස්සේ එකඟ වී සිටියහ. ""විශිෂ්ට ලොවක් යළි ගොඩනගමු"" අපි විශිෂ්ට ලොවක් යළි ගොඩනගමු - මැක්‍රෝන් ඇමරිකානු ජනාධිපතිවරයා පැරිස් සම්මුතියෙන් ඉවත්ව යාමට ගත් තීරණයට තමන් ගරු කරන බව කී ප්‍රංශයේ නව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් "" නමුත් මම හිතනවා එය ඒකාන්තයෙන්ම අත්වැරැද්දක් කියා, එක්සත් ජනපදයටත් ලෝකයටත් යන දෙකටම"" යනුවෙන් පැවසීය. පසුගිය 01 වෙනිදා අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ දේශගුණ විපර්යාස මැඩලීම සඳහා වන සටන අත නොහරින බවට ප්‍රංශය සහතික වන බවය. පැරිස් සම්මුතිය ඉදිරියට ගෙන යාම සඳහා ලොව සෙසු රටවල් සමග එක්ව කටයුතු කරන බවත් ජනාධිපති මැක්‍රෝන් එහිදී සඳහන් කළේය. ඒ සඳහා කටයුතු කිරීමට උනන්දුවක් දක්වන ඇමරිකානුවන්ට ප්‍රංශයට පැමිණ ඒ සඳහා දායක වන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය. ""අප කොතැනක හිටියත්, අප කවුරු වුනත් අපට එක හා සමාන වගකීමක් පැවරෙනවා . අපි විශිෂ්ට ලොවක් යළි ගොඩනගමු"" ජනාධිපති මැක්‍රෝන් වැඩිදුරටත් කියා සිටියේය." +මරණ දඬුවම නියම වූ පසු ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දීමට එරෙහිව පාර්ලිමේන්තුව තුළ බලවත් විරෝධයක් මතුවිණි.,"දිවුරුම් දීම සඳහා ඔහු පාර්ලිමේන්තු සභා ගැබට පැමිණෙන අවස්ථාවේදී කළු පටි පැළඳි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු සිය විරෝධය පළ කළහ. ප්‍රේමලාල් ජයසේකරට දිවුරුම් දීමට නීතිමය හැකියාවක් නොමැති බව ඔවුන් ප්‍රකාශ කළ අවස්ථාවේදී අධිකරණ නියෝගය උපුටා දක්වමින් කතානායකවරයා කරුණු පැහැදිළි කරන ලදි. අවසානයේදී තමන් පැළඳ සිටි කළු පටි සභා ගැබ මැදට විසි කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඉන් පිටව ගියහ. බන්ධනාගාරයේ සිට ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුව වෙත අඟහරුවාදා (සැප් 08) පැමිණියේ ඒ සඳහා අභියාචනාධිකරණය දී තිබූ තීරණය අනුවය. පාර්ලිමේන්තු සැසි වාර සඳහා සහභාගි වීමට අවසර ඉල්ලමින් ප්‍රේමලාල් ජයසේකර අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබිණි. කෙසේවෙතත් මරණ දඬුවමට යටත් කර ඇති පුද්ගලයෙකු පාර්ලිමේන්තුව වෙත පැමිණීම හා මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දීම මේ වනවිට සමාජය තුළ විශාල කතා බහකට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇත. ""ප්‍රේමලාල් ජයසේකර යන අය මරණ දණ්ඩනයකට යටත්ව ඇති බැවින් ඔහු පාර්ලිමේන්තුවේ අසුන්ගැනීමට හෝ ජන්දය ලබාදීමට සුදුස්සෙකු නොවන බව,"" නීතිපතිවරයාගේ මතය වී ඇතැයි ඔහුගේ ප්‍රකාශිකාව අගෝස්තු 31 වෙනිදා සඳහන් කළාය. එම තීරණය, 2020/8/19 වන දින පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දන්වා යවන ලද බව ද ඇය සඳහන් කළාය. කියවන්න:" +"ලෙබනනයේ බේරූට් අගනුවර ඉරාන තානාපති කාර්යාලයේ හට ගත් පිපිරීම් දෙකකින් විස්සකට අධික පිරිසක් මරුමුවට පත් වූ අතර, තවත් එක සිය පණහකට ආසන්න පිරිසකට තුවාල සිදු විය.","වාහන ගිනි බත් වන අන්දම, දැවී අළු වී තිබුණු මළ සිරුරු සහ අහසට නැගෙන ඝන දුමාරය වීඩියෝ පටවල සටහන්ව තිබිණ සංස්කෘතික කටයුතු සම්බන්ධ තානාපති කාර්යාලයේ නිලධාරියාද මිය ගිය පිරිස අතර සිටින බව ඉරාන තානාපතිවරයා ප්‍රකාශ කළේය. ""මේ වගේ ක්‍රියා ඉරාන ඉස්ලාමීය ජනරජයේ සාධාරණ ප්‍රතිපත්ති සහ කලාපයේත් මුළු ලෝකයේමත් ඊශ්‍රායල සැලසුම්වලට එරෙහිව සටන්කාමී කණ්ඩායම් ලබා ගත් ජයග්‍රහණවලට විරුද්ධව කරන දේවල් කියන එක මේකෙන් සනාථ වෙනවා,"" යනුවෙන්ද ඔහු කියා සිටියේය. කෙසේ වෙතත් නිලධාරියකු මිය ගිය බවට තානාපතිවරයා කළ ප්‍රකාශය වෙනත් නිලධාරීහු පසුව ප්‍රතික්ෂේප කළහ. තානාපති කාර්යාලයට බරපතල විනාශයක් සිදු වී ඇති බවත්, වාහන ගිනි බත් වන අන්දමත්, දැවී අළු වී තිබුණු මළ සිරුරු සහ අහසට නැගෙන ඝන දුමාරය වීඩියෝ පටවල සටහන්ව තිබිණ. අල් කයිඩා සංවිධානයට සම්බන්ධ ලෙබනන් සුන්නි මුස්ලිම් කණ්ඩායමක් වන අබ්දුල්ලා අසාම් බලකාය මරා ගෙන මැරෙන ප්‍රහාරවල වගකීම භාර ගෙන තිබේ. ඉරානය සිරියානු ආණ්ඩුවේ ප්‍රබල ආධාරකරුවෙක්. සිරියාව සහ ලෙබනනය අතර දේශසීමාවේ ගැටුම් උත්සන්න වෙමින් තිබෙන අතරවාරයේයි, තානාපති කාර්යාලයට එම ප්‍රහාරය එල්ල වුනේ." +ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු වී ඇතැයි එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය පවත්වන පරීක්ෂණයේදී අනාවරණය වුවහොත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත යොමු කිරීමේ හැකියාවක් පවතින බව ජගත් නීතිවේදීන්ගේ සංගමය පවසයි.,"'වරෙන්තු නිකුත් කළ යුතුද, නැද්ද කියල ජාත්‍යන්තර අපරාධ අධිකරණය තීන්දු කරාවි' ඉබාරි (IBAHRI) හෙවත් ජගත් නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් ආයතනයේ සම සභාපතිනි හෙළනා කෙනඩි ආදිපාදවරිය ඒ බව කියා සිටියේ, ශ්‍රී ලංකාවේ නීතිවේදීන්ට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්. ""චෝදනා සනාථ කෙරුනොත් ඒක ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ජ්‍යෙෂ්ඨ පැමිණිලිකරු වෙත යොමු කරන්න පුළුවන්. ඊට පස්සේ වරෙන්තු නිකුත් කළ යුතුද, නැද්ද කියල ජාත්‍යන්තර අපරාධ අධිකරණය තීන්දු කරාවි, ලඟදි ඔවුන් සුඩානයේදී කළා වගේ,"" යනුවෙන් ඇය සඳහන් කළාය. ""ඒත් මම හිතනවා, චෝදනා ගැන ශ්‍රී ලංකා ආණ්ඩුව ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්නේ නැතිව මේක ඒ විදියට ජාත්‍යන්තර අධිකරණයට යොමු කෙරුණොත් ඒක ඉතාමත්ම කණගාටුදායක තත්වයක්."" 'ලංකාවට ඇතුළු වෙන්න බෑ' මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ ප්‍රකාර ශ්‍රී ලංකාව සම්බන්ධ පරීක්ෂණය ක්‍රියාත්මක කිරීම පිණිස මහ කොමසාරිස්වරිය පත් කරන පරීක්ෂණ මණ්ඩලයට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ආණ්ඩුව අවසර නොදෙන බව ජනමාධ්‍ය වාර්තා කොට තිබුණි. එසේ වුවහොත් පරීක්ෂණය ක්‍රියාත්මක කළ හැකි දැයි සංදේශය මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් කෙනඩි ආදිපාදවරිය කියා සිටියේ, එසේ වුවහොත් පැහැදිලිවම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපකීර්තියට පත් රටක් බවට පත් වනු ඇති බවයි. ""පරීක්ෂණය කරන්න දෙන්නේ නැත්නම්, ඒකාධිපති රටක සියලු ස්වභාවයන් පෙන්නුම් කරනවා නම්, නීතියේ ආධිපත්‍යයට ගරු නොකරනවා නම්, එතකොට ඒ රටට ජාත්‍යන්තර තලයේ තිබෙන ගෞරවය නැති වෙලා අපකීර්තිමත් රටක් බවට පත් වෙනවා,"" යනුවෙන්ද ඇය සඳහා කළාය. ""නමුත් ශ්‍රී ලංකාව ඒ පාරේ නොයනවා දකින්න මම කැමතියි."" අයර්ලන්ත සැකකරුවන් ජිනීවා යෝජනාව සම්මත වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ නීතිවේදීන්ට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් වඩාත් විමසිල්ලෙන් සිටින මෙන්ද ඉබාරි ආයතනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් කරයි. ශිරානි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය 'නීති විරෝධී බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ මතයයි' විශේෂයෙන්ම යෝජනාව සම්මත වීමෙන් අනතුරුව නීතිවේදීන් ඇතුළු මානව හිමිකම් ක්‍රියාධරයන්ට එල්ල වන තර්ජන උත්සන්න වී ඇති බව පවසන හෙළනා කෙනඩි ආදිපාදවරිය, විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් එල්ටීටීඊය යලි ගොඩ නැගීමට යත්න දරන ක්‍රියාධරයන් ලෙසින් චෝදනා ලබන පුද්ගලයන් සමඟ සම්බන්ධ කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් උත්සාහ දරන බව පල වන වාර්තා විග්‍රහ කරන්නේ 'ඉතා බරපතල වර්ධනයක්' ලෙසින්. ""මොකද මේක කෙලින්ම නීතිවේදීන්ගේ කාර්යභාරය ගැන එක්සත් ජාතීන්ගේ මූලික ප්‍රතිපත්තීන් පැහැදිලිවම උල්ලංඝනය කිරීමක්. රටක නීතියේ ආධිපත්‍යය රැකෙන්න නම් අධිකරණය ඉදිරියේ තමන්ගේ සේවාදායකයා ආරක්ෂා කරන්න නීතිවේදීන් බැඳිලා ඉන්නවා."" බ්‍රිතාන්‍යයේ ජ්‍යෙෂ්ඨ රාජ නීතිඥවරියක වශයෙන් අයර්ලන්ත ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා ලැබූවන්, මුස්ලිම් අන්තවාදීන් ලෙස චෝදනා ලැබූවන් ඇතුළු ත්‍රස්තවාදී චෝදනා ලැබූ බොහෝ දෙනකු වෙනුවෙන් තමන් පුද්ගලිකව පෙනී සිටි බව සංදේශයට කියා සිටි හෙළනා කෙනඩි ආදිපාදවරිය, තමන් ඔවුන්ගේ සංවිධානවලට සම්බන්ධ බව හෝ ඔවුන්ගේ දේශපාලන මතය දරන බවක් එයින් අදහස් නොකෙරෙන බව අවධාරණය කරන්නීය. මෙම චෝදනා පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රතිචාරය විමසීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය." +මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා හිටපු ලිබියානු නායක ගඩාෆිගෙන් මුදල් ආධාර ලබා ගත් බවට චෝදනා ලබා සිටින ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසි එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.,සාකෝසි ජනාධිපතිධුරය දරණ කාලය තුළ ලිබියානු නායක ගඩාෆි සමග ප්‍රංශය වෙනුවෙන් විශාල ව්‍යාපාර ගිවිසුම් වලට එළැබී ඇත. 2007 ජනාධිපතිවරණය වෙනුවෙන් මුදල් වියදම් කිරීමේ දී සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් සාකෝසි මේ වන විට පොලිස් අත්අඩංගුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇත. පොලිසිය මින් පෙර ද හිටපු ජනාධිපති නිකොලස් සාකෝසිගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කොට තිබේ. ඔහුගේ ආධාරකරුවෙකු වන ඇලෙක්සැන්ඩර් ජූරි පසුගියදා ලන්ඩන් නුවර දී අත්අඩංගුවට පත් විය. සාකෝසිගේ ආධාරකරුවෙකු වන ඇලෙක්සැන්ඩර් ජූරි පසුගියදා ලන්ඩන් නුවර දී අත්අඩංගුවට පත් විය 2012 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී නැවත බලයට පත් වීමට සාකෝසි දැරූ උත්සාහය අසාර්ථක විය. නිකොලස් සාකොසිගේ මැතිවරණ ප්‍රචාරක වියදම් සඳහා ගඩාෆිගෙන් මුදල් ලබාගත් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් 2013 වර්ෂයේදී පොලිස් පරීක්ෂණ ආරම්භ විය. ඔහුට එරෙහි සියලු චෝදනා සාකෝසි ප්‍රතික්ෂේප කරයි. මේ තොරතුරුද කියවන්න: ප්‍රංශ සහ ලෙබනන ව්‍යාපාරිකයෙකු වන සියැඩ් ටකීඩීන් (Ziad Takieddine) සහ ගඩාෆි පාලනය යටතේ සිටි නිලධාරීන් සැපයූ තොරතුරු අනුව මෙම මූල්‍ය ගනුදෙනු පිළිබඳ හෙළිදරව් වී තිබේ. ප්‍රංශ සහ ලෙබනන ව්‍යාපාරිකයෙකු වන සියැඩ් ටකීඩීන් (Ziad Takieddine) ගඩාෆි විසින් සාකෝසිගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සදහා ඇමරිකානු ඩොලර් මිලියන 6.2 කට ආසන්න මුදල් ප්‍රමාණයක් ලබා දුන් බව ටකීඩීන් පවසා ඇත. +පළාත් පාලන ආයතන 340 කට පත්විය යුතු අවම සභිකයන් 8328 ක් තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම ලබන සෙනසුරාදා පැවැත්වීම පිණිස සියල්ල සූදානම් වෙමින් පවතියි.,"මෙවර ඡන්දය දැමීම සඳහා ශ්‍රී ලාංකිකයන් 15,760,867 සුදුසුකම් ලබා ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව ඡන්දය අත්හිටුවා ඇති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද දායකයන්ට හැර අනිකුත් සියළු දෙනාට සිය ඡන්දය ප්‍රකාශ කළ හැකිය. ඡන්දය අත්හිටුවා ඇති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ධුර 28 ටද ඇතුළුව මෙවර මැතිවරණයට ඉදිරිපත්ව ඇති මුළු අපේක්ෂකයන් ගණන 56,066කි. ඔවුන් අතරින් 8356 දෙනෙකු පළාත් පලාන ආයතනවලට තේරී පත්වීමට නියමිතය. නව ඡන්ද ක්‍රමය නව පළාත් පාලන නීතිය අනුව මෙවර එක් පළාත් පාලන ආයතනය සඳහා තරග කරන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් නාම යෝජනා භාර දීමේ දී එකමුතු අපේක්ෂක ලැයිස්තු දෙකක් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර තිබේ. ඉන් එක් අපේක්ෂක ලැයිස්තුවක් පළාත් පාලන බල ප්‍රදේශයේ කේවල ඡන්ද කොට්ඨාශ සඳහා තරග වදින අපේක්ෂකයන් වන අතර දෙවැන්න සමානුපාතික ලැයිස්තුවය. එහෙත් ඡන්දදායකයා පෙබරවාරි දහවෙනිදා සිය ඡන්දය ප්‍රකාශ කළ යුතුව තිබෙන්නේ, එම අපේක්ෂකයන් සඳහා නොව තමා කැමති දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායම වෙනුවෙනි. ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයකට යන ඡන්දදායකයන්ට ඔහු හෝ ඇය අයත් පළාත් පාලන ආයතනයට තරග වදින දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නම් සහ ඡන්ද ලකුණු ඇතුළත් ඡන්ද පත්‍රිකාවක් ලැබෙන අතර ඔව��න් කළ යුත්තේ එහි දැක්වෙන තමා කැමති පක්ෂයේ හෝ කණ්ඩායමේ ලකුණ ඉදිරියේ කතිරය ගැසීමෙන් ඡන්දය දීමය. පසුගිය මැතිවරණ වල මෙන් මනාප සලකුණු කිරීමක් මෙහිදී සිදු නොවේ. එක් කතිරයක් පමණක් ඡන්ද පත්‍රිකාවේ සටහන් කළ යුතුය. ""අනිවාර්යෙන්ම ජන්දය දාන්න"" ""ලංකාවේ මැතිවරණවලදී තීරණාත්මක පිරිස ඔබ බව මතක තබා ගන්න. ඔබ ඔබේ ඡන්දය භාවිත නොකළහොත් ඔබ අකමැතිම පුද්ගලයා ඔබේ කොට්ඨාසයේ මහජන නියෝජිතයා වෙන්න පුළුවන්. ඔබ අකමැතිම පක්ෂය හෝ කණ්ඩායම ඔබේ පළාත් පාලන ආයතනයේ බලය ලබා ගැනීමට ඉඩ තිබෙනවා,"" පැෆරල් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි ඡන්දය දැමීමේ වැදගත්කම ගැන අදහස් දැක්වුයේ එලෙසය. ""එබැවින් ඔබ කෙතරම් කලකිරීමෙන් සිටිය ද සාපේක්ෂව සුදුසු පුද්ගලයන් සිටින පක්ෂය තෝරා ඔබේ වටිනා ඡන්දය භාවිත කිරීමට වගබලා ගන්න."" විවිධ හේතූන් මත දේශපාලනය සහ දේශපාලනඥයන් පිළිබඳ කලකිරීමෙන් හෝ දේශපාලන ක්‍රමය පිළිබඳ කලකිරීමට පත්ව ඡන්දය භාවිත නොකරන්නට යම් අයෙකු සිතන්නේ නම් එය මේ මොහොතේ නොකළයුතු දෙයක් බව ඔහු තවදුරටත් පැවසුවේය. ""ඔබේ ඡන්දයෙන්, ඔබේ ගම ගැන, ඔබ ගැන මැනෙන බැවින් සාම්ප්‍රදායික තෝරා ගැනීමෙන් වැළකී දක්ෂ නිර්මාණශීලී දූෂිත නොවන අපේක්ෂකයන් තෝරා ගන්න,"" ලෙස ඔහු ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටියි. මේ අතර ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාරද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සියළු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේ අනිවාර්යෙන්ම සිය ඡන්දය භාවිතා කරන ලෙසයි. ""මතක තියාගන්න, ශ්‍රී ලංකාව තුළ ඔබ කොයි ප්‍රදේශයේ ජීවත් වුවත් පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන ඡන්දයෙදී ඡන්දය පාවිච්චි නොකරන හොද පුරවැසියන් විසින් නරක නිලධාරීන්ව තෝරා ගන්නවා. නවතින්න, හිතන්න, ඡන්දය දාන්න,"" යනුවෙන් සංගක්කාරගේ ට්විටර් පණිවිඩයේ සඳහන් විය. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අදාළ මධ්‍යස්ථානයට යන විට තම අනන්‍යතාවය තහවුරු කළ හැකි ලේඛනයක් රැගෙන යායුතු බව පැෆරල් සංවිධානය පවසයි. මැතිවරණ කොමිසම පිළිගන්නා අනන්‍යතා ලේඛන: පුද්ගලයින් ලියාපදංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන පූජ්‍ය/ පූජ��� හැඳුනුම්පත හෝ මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කළ විශේෂ හැඳුනුම්පත. ඡන්දපොළට යාමේදී ඔබට ලැබී ඇති නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව රැගෙන යාම පහසුවක් වන බව පවසන පැෆරල් සංවිධානය, එය නොමැති වුවද ඔබගේ නම 2017 ඡන්ද නාමලේඛනයෙහි තිබේනම් ඡන්දය භාවිත කළ හැකි බව පෙන්වාදෙයි. තවත් තොරතුරු:" +ශ්‍රී ලංකාවේ දහස් ගණනක් දෙමළ ජාතිකයන් මරා දමා තවත් දස දහස් සංඛ්‍යාත පිරිසකට උන් හිටි තැන් අහිමි කෙරුණු 1983 කළු ජූලිය වැළැක්වීම සඳහා එදා පැවති ආණ්ඩුව ප්‍රමාණවත් පියවර නොගත් බව එක්සත් ජාතික පක්ෂය (එජාප) පවසයි.,"එල්ටීටීඊ සංවිධානය විසින් උතුරේදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සොල්දාදුවන් දහ තුන් දෙනෙකු මරාදැමීමේ සිදුවීමෙන් ඇවිලී ගිය කළු ජූලියේ මුල් පැය විසිහතර ඇතුලත එය වැළැක්වීම සඳහා එදා පැවති ආණ්ඩුව ප්‍රමාණවත් පියවර නොගත්තැයි තමා විශ්වාස කරන බවයි, එජාප මහ ලේකම් තිස්ස අත්තනායක බීබීසී සංදේශයට කියා සිටියේ. එජාපෙ ආණ්ඩුවේ ප්‍රධාන පෙලේ ඇමතිවරුන් පවා ප්‍රහාරකයන් මෙහෙය වූ බව ඉන් අනතුරුව පත් කරන ලද කොමිසමක තීන්දුව විය 1983 දී රටේ පාලනය හෙබැවූයේ ජනාධිපති ජේආර් ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි. කළු ජූලිය ""ඉතා කණගාටුදායක සහ අවාසනාවන්ත"" සිද්ධියක් ලෙසින් හැඳින්වූ මහ ලේකම්වරයා, එයින් අනතුරුව ශ්‍රී ලංකාවේ හටගත් ""ජාතිවාදී ස්වරූපයත්, ජාත්‍යන්තර අපකීර්තියත්"" මකා ගැනීමට ශ්‍රී ලංකාවට තවමත් හැකිවී නැතැයි ද සංදේශයට පැවසීය. ජවිපෙ තහනම් කිරීම එවක පැවති එජාපෙ ආණ්ඩුවේ ප්‍රධාන පෙලේ ඇමතිවරුන් පවා මෙම ප්‍රහාරය පිටුපස සිටිමින් ප්‍රහාරකයන් මෙහෙය වූ බව ඉන් අනතුරුව පත් කරන ලද කොමිසමක තීන්දුව විය. එහෙත් එසේ චෝදනා එල්ල වූ ඇමතිවරුන්ට එරෙහිව පියවර ගැනීමට එවක පැවති ආණ්ඩුවේ උනන්දුවක් නොවූ බව අත්තනායක මන්ත්‍රීවරයා පිළිගත්තේය. එම උදාසීනත්වය සහ කළු ජූලියේදී ශ්‍රී ලාංකික දෙමළ ජනතාව මුහුණ පෑ ඉරණම විශේෂයෙන්ම එල්ටීටීඊ සංවිධානය වඩාත් ප්‍රචණ්ඩ හා ශක්තිමත් කිරීමට හේතු සාධක වූ බවයි, එදා එජාපයට අනුබද්ධ සමවාදී ශිෂ්‍ය සංගමයේ නායකයෙකු වූ එජාප වත්මන් මහ ලේකම්වරයා පවසන්නේ. එමෙන්ම කළු ජූලිය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ නව සම සමාජ පක්ෂය තහනම් කිරීම දකුණේ දෙවැනි තරුණ කැරැල්ලට පාදක වූ බවට එල්ලවන චෝදනා එක්සත් ජාතික පක්ෂය බැහැර නොකරයි. ""පක්ෂය තහනම් කිරීම හේතුවෙන් ඔවුන් අවි ආයුධ අතට ගත්තාය කියන චෝදනාව ඇත්තටම එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවට සමහර කණ්ඩායම් එල්ල කළා,"" බව තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට පැවසීය." +ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනකු පොලිසියට කැඳවනු ලැබුවේ ඔවුන්ට එරෙහි පරීක්ෂණයක් සම්බන්ධයෙන් නොවන බව බලධාරීහු පවසති.,"ශ්‍රී ලංකා කණ්ඩායමේ රංගන හේරත් සහ කුසල් ජනිත් පෙරේරා ගෙන් මූල්‍ය අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිකුරාදා කටඋත්තර සටහන් කරගෙන තිබුණි. පොලිසියට පැමිණ කටඋත්තරයක් ලබා දෙන මෙන් නායක ඇන්ජලෝ මැතිව්ස් ටද දැනුම් දී තිබේ. කෙසේ නමුත් කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයකුට එරෙහිව පොලිස් පරීක්ෂණයක් නොපැවැත්වෙන බවයි, මූල්‍ය අපරාධ විමර්ශන කාර්යාංශයේ ප්‍රකාශකයෙක් බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළේ. බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතරවාරයේ, තරඟ පාවාදීමට දැරුණු උත්සාහයක් පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පොලිසියට පැමිණිලි කර තිබිණ. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් සංචිතයේ සාමාජිකයන් කිහිපදෙනකු පිළිබඳව අමාත්‍යවරයාගේ පැමිණිල්ලේ සඳහන් වන බවයි, මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ක්‍රීඩකයන් තිදෙනාගෙන් කටඋත්තර සටහන් කරගනු ලබන්නේ එම පැමිණිල්ල පිළිබඳව බව පවසන පොලිස් ප්‍රකාශකයා, ඔවුන්ට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ වී නැති බව අවධාරණය කළේය." +ශ්‍රී ලංකාවේ අමාත්‍යංශ අතරින් දුෂිතම අමාත්‍යංශය ආරක්ෂක හා නාගරික අමාත්‍යංශය බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි.,එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මංගල සමරවීර මේ බව කියා සිටියේ අද බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවක් අමතමින්. වරාය සහ මහාමාර්ග අමාත්‍යංශය සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ඊළඟට දූෂිත ආයතන දෙක බවයි මන්ත්‍රීවරයා පැවසුවේ. පොදු සාධකය මේ සියලූම අමාත්‍යංශවල පොදු සාධකය වී ඇත්තේ රාජපක්‍ෂ සාධකය බවත් මංගල සමරවීර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් දුෂණ වංචා පිළිබඳ කැබිනට් වාර්තා එක්සත් ජාතික පක්ෂය වෙත ලබා දෙන බව පැවසූ මංගල සමරවීර මන්ත්‍රී මන්ත්‍රීවරයා ඔවුන් එසේ එම වාර්තා ලබා දෙන්නේ ආණ්ඩුවේ දූෂණ හෙළි දරව් කිරීම සඳහා බවත් සඳහන් කළේය. පසුගිය වසර හත තුල පමණක් ශ්‍රී ලංකා ආණ්ඩුවේ වංචා හා දුෂණ නිසා රටට අහිමි වූ මුදල ඩොලර් බිලියන 3.5 ක් බව පවසන මංගල සමරවීර ���න්ත්‍රී වරයා එය ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් සිය තිස් වසරක පාලනය තුල වංචා කළ මුදලට වඩා වැඩි බවයි ප්‍රකාශ කළේ. +උතුරෙන් පළවා හරිනු ලැබ පළාත් සභාවෙන් පිටත ජීවත් වන සිංහල ජනතාවටත් පළාත් සභා මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ ඉඩ සලසා දෙන ලෙස ආණ්ඩුවේ පාර්ශවකාර පක්ෂයක් ඉල්ලා සිටියි.,මැතිවරණයට පෙර අවතැන් වූ සිංහල ජනතාවත් නැවත උතුරේ පදිංචි කරවිය යුතු බව ජාතික හෙළ උරුමය පවසයි යුද්ධයෙන් අවතැන් වූ ජනතාවට ඔවුන් වර්තමානයේ වාසය කරන ප්‍රදේශවල සිට උතුරු පළාත් සභා මැතිවරණයේදී ජන්දය ලබා දීමට හැකිවන අලුත් පණතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබී ඇති බව අධිකරණ අමාත්‍ය රවූෆ් හකීම් ප්‍රකාශකොට තිබුණි. එහෙත් ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පවසන්නේ සිංහල ජනතාවට උතුරින් පිටත ඡන්දය ප්‍රකාශ කිරීමේ ඉඩ සලසා නොදෙන්නේ නම් මැතිවරණයට පෙර ඔවුන් නැවත උතුරේ පදිංචි කරවිය යුතු බවයි. එසේ නොකරන්නේ නම් උතුරු පළාත් සභා මැතිවරණය කල් දැමිය යුතු බවද උතුරේ පළාත් සභා මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු වල යෙදී සිටියදී බීබීසී සංදේශය සමඟ අදහස් පළ කළ ඔහු පැවසීය. උතුරු පළාත් සභා මැතිවරණය සැප්තැම්බරයේ පවත්වන බව ජනාධිපතිවරයා නිවේදනය කොට තිබේ. යුද්ධයෙන් පළා ගිය දෙමළ ජනතාවගේ මුල් ගම් බිම් වල රජය දකුණෙන් ගෙනා සිංහල ජනතාව පදිංචි කරවන බවට චෝදනා කරන උතුරේ දෙමළ පක්ෂ හා සංවිධාන තවමත් යලි පදිංචි කරවා නැති ඡන්ද දායකයන් හා විදේශගත දෙමළ ප්‍රජාව සඳහා ඡන්දය පාවිච්චි කිරීමේ පහසුකම් සලසන ලෙස මැතිවරණ කොමසාරිස් වරයා හමුවී ඉල්ලීමක් කොට තිබුණි. +"ඔලිම්පික් සහ හිම ඔලිම්පික් ක්‍රීඩා තරඟ සදහා පුහුණු වන ක්‍රීඩකයින් විසි හතර දෙනෙකුගේ ශාරීරික යෝග්‍යතාවය භාරව කටයුතු කිරීම, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා ඖෂධ පිළිබඳ ප්‍රධාන භෞතික චිකිත්සක කුසල් කුමාර ගුණවර්ධනට පැවරී තිබෙන ප්‍රධානම කාර්යයයි.","සිය දැනුම මවු බිමට ලබා දීමේ බලාපොරොත්තුවෙන් කුසල් මේ වසරේ මැද භාගයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමට නියමිතයි තරඟ අතරතුර සිදුවන අබාධ වලින් ක්‍රීඩකයින් මුදවා ක්‍රීඩකයින්ගේ කාර්යය සාධනය ඉහල මට්ටමකට ගෙන ඒම, ඔහුගේ ප්‍රධානම වගකීමයි. මෙල්බර්න් නුවර ඇති තම චිකිත්සකාගාරය හරහා තවත් භෞතික චිකිත්සකයන් හය දෙනෙකුගේද සහය ඇත���ව ඔලිම්පික් ක්‍රීඩකයින්ට අමතරව තවත් ක්‍රීඩකයින් හාරසිය දෙනෙකුගේ ශාරීරික යෝග්‍යතාව භාරව කටයුතු කරන බවත් ඔහු බීබීසී සංදේශයට කියා සිටියේය. එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින්ද ඇතුළුව වැඩි වශයෙන් පකිස්ථානය, ඉන්දියාව හා ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයින් ද ඊට අමතරව ඔහුගේ සේවය පතන්නන් අතර සිටී. ස්වභාවික විධික්‍රම ක්‍රීඩකයන්ගේ මාංශ පෙශීන්,අස්ථි, සන්ධි හා කශේරුවේ ක්‍රියාකාරීත්වයේ ස්වභාවය සලකා ස්වාභාවික විධික්‍රම මගින් ඔවුන්ගේ දක්ෂතා ඔප මට්ටම් කර ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙනවා බව පවසන ඔහු, කිසිවිටකත් ක්‍රීඩකයන්ට ඖෂධ ලබා දීමක් සිදුනොකරන බවද පැවසීය. ශ්‍රී ලාංකික ක්‍රීකට් ක්‍රීඩකයින් ඇතුළු ක්‍රීඩකයන් බොහෝ දෙනෙකුට පුහුණුව ලබා දී ඇති ඔහු තරඟ ජයග්‍රහණ වලදී භෞතික චිකිත්සකවරයෙකු වශයෙන් පමණක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයෙකු වශයෙනුත් විශාල සතුටක් ලබන බවත් පවසයි. වසර පහළවක් ක්ෂේත්‍රයේ නියැලීමෙන් එක්රැස් කරගත් දැනුම තම මවු බිමට ලබා දීමේ බලාපොරොත්තුවෙන් ඔහු මේ වසරේ මැද භාගයේ දී ශ්‍රී ලංකාවට ඒමට අදහස් කරගෙන සිටින බවද බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ පැවසීය. ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ට ස්වභාවික විධික්‍රම ඔස්සේ ක්‍රීඩා කෞශල්‍ය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකියාව ලබා දීම ඔහුගේ අපේක්ෂාවයි. 'ප්‍රායෝගික දැනුම මදි' මීට වසර දෙකකට ඉහතදී පුහුණුකරුවන් උදෙසා ශ්‍රී ලංකාවේ පැවැත්වූ දේශනයකදී ලාංකික පුහුණු කරුවන් විෂය දැනුම අතින් ඉතා ඉහළ මට්ටමක සිටින බව පැහැදිලි වූ බව පවසන මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා ඖෂධ පිළිබඳ ප්‍රධානියා නමුත් ඒ විෂය දැණුම ප්‍රායෝගිකව ක්‍රීඩකයෙකුගේ කාර්යය සාධනය උසස් මට්ටමකට ලඟා කර ගැනීමට යොදාගන්නා ආකාරය තවත් වැඩි දියුණු කර ගත යුතු බවට තමාට හැගුනු බව පවසයි. ශ්‍රී ලංකා ක්‍රීඩා හා ඖෂධ සම්මේලනයේ ලැබුණු ආරාධනයකට අනුව ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට හා ක්‍රීඩා පුහුණුව ඔස්සේ තරග ජය ගැනීමට සහාය ලබාදෙන භෞතික චිකිත්සකයින්ට තම අත්දැකීම් තුළින් ඊට අවශ්‍ය ප්‍රායෝගික දැනුම ලබා දීමට ඔහු අදහස් කරයි." +ප්‍රංශයේ නීස් නගරයේ දී අද (ඔක්. 29) එල්ල වූ පිහි ඇනීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවට එරට පොලිසිය පවසයි.,"නීස් හි නගරාධිපති ක්‍රිස්ටියන් එස්ට්‍රෝසි පැවසුවේ ලැබී ඇති තොරතුරු සියල්ල අනුව පෙන්නුම් කරනුයේ ""නෝට්‍ර ඩාම් බැසි��ිකා දේවස්ථානය මැද දී එල්ල වූ මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක්"" ලෙසින් බවය. ප්‍රංශයේ නයිස් පොලීසිය පැවසුවේ ප්‍රහාරයේදී එක් කාන්තාවකගේ ගෙල කපා දමා ඇති බවය. නගරාධිපති එස්ට්‍රෝසි මෙය ""ඉස්ලාම් ෆැසිස්ට්වාදය"" (islamofascism) ලෙස දක්වා ඇත. ප්‍රහාරයෙන් ටික වේලාවකට පසුව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය. ප්‍රංශයේ ජාතික ත්‍රස්ත විරෝධී නීතිඥයෝ මේ පිළිබදව පරීක්ෂණයක් ආරම්භ කළහ. නගරාධිපති මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ සැකකරු ""අල්ලාහු අක්බාර්"" (දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ටයි) යනුවෙන්, අදාළ ස්ථානයේදී ඔහු සම්බන්ධයෙන් ක්‍රියා කරන විට නොකඩවා හඬ නගා ඇති බවය. නගරාධිපති එස්ට්‍රෝසි පැවසූ පරිදි ඝාතනයට ලක්වූවන්ගෙන් එක් අයෙකු බැසිලිකාවේ භාරකරු වේ. ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ බැතිමතුන් දේවස්ථානය තුළ සිටි පසුව දැනගන්නට ලැබිණි. නගරය විසින් ස්ථාපනය කරනු ලබා ඇති විශේෂ ආරක්ෂණ පද්ධතියක් සමඟ ඇති අනතුරු ඇඟවීම හැඬවීමට එක් සාක්ෂිකරුවෙකු සමත් වී ඇති බව පසුව අනාවරණය විය. බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට බලාත්මක වන කොවිඩ් -19 අගුළු දැමීමේ ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍ය ෂොන් කැස්ටෙක්ස් විස්තර සපයමින් සිටියදී, සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කළේය. ""කිසිදු සැකයකින් තොරව මෙය අපේ රටට බලපාන ඉතා බරපතල නව අභියෝගයක්,"" බව පැවසු අග්‍රාමාත්‍යවරයා, එක්සත්කම සහ සහජීවනය ද මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය. ප්‍රංශයේ මුස්ලිම් ඇදහිල්ල පිළිබඳ කවුන්සිලය නීස් නගරයේ සිදුවූ පිහියෙන් ඇනුම හෙළා දුටු අතර වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල් සමඟ මේ අවස්ථාවේදී සහයෝගිතාව බෙදාගන්නා බව සදහන් කළේය. මෑත වසර කිහිපය තුළ එල්ල වූ දරුණුතම ප්‍රහාරයකට මෙම නීස් නගරය මීට පෙර ඉලක්ක විණි. 31 හැවිරිදි ටියුනීසියානු ජාතිකයෙක් 2016 ජූලි 14 වන දින බැස්ටිල් දිනය සමරමින් සිටි සමූහයක් වෙත ලොරි රථයක් පදවාගෙන ගොස් 86 දෙනෙකු ඝාතනය කළේය. එයට දින කිහිපයකට පසු රූන්හි දේවස්ථානයක උදෑසන දිව්‍ය පුජාව පවත්වමින් සිටි පූජකවරයෙකු වූ ජාක් හැමෙල් පියතුමා ගේ උගුර කපා දැමීය. බ්‍රහස්පතින්දා ප්‍රහාරයෙන් දෝංකාර දෙනුයේ මේ මස මුලදී එල්ල වූ තවත් ප්‍රහාරයකි. පැරිසියේ වයඹ දෙසින් පිහිටි පාසලක් අසලදී ගුරුවරයෙකු වූ සැමුවෙල් පැටිගේ හිස ගසා දමා දිබියදී හමුවුයේ ඔහු මුහම්මද් නබිතුමා පිළිබඳ මතභේදාත්මක කාටූන් ඔහුගේ ඇතැම් සිසුන්ට පෙන්වීමෙන් දින කිහිපයකට පසුවය. මෙම ඝාතනය ප්‍රංශයේ උණුසුම් තත්ත්වය ඉහළ නැංවූ අතර රැඩිකල් ඉස්ලාමය මැඩපැවැත්වීමට එරට රජය ගන්නා උත්සාහය තුර්කිය හා අනෙකුත් රටවල කෝපයට හේතු වී තිබේ. ප්‍රහාරයෙන් පසු බැසිලිකාව අවට ප්‍රදේශය මුද්‍රා තබන ලදි තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩොවාන් ප්‍රංශ භාණ්ඩ වර්ජනය කරන ලෙස ඉල්ලා තිබේ. තුර්කි ජනාධිපති එර්ඩොවාන් පිළිබඳ කාටූනයක් චාලි හෙබ්ඩෝ නමැති උපහාසාත්මක සඟරාවේ පළවීමෙන් පසු තත්ත්වය වඩාත් නරක අතට හැරුණි. මේ තොරතුරු ද දැනගන්න:" +ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට යන කැසිනෝ නීතියේ සංශෝධනයක් නොව එය සහමුලින්ම හකුළා ගත යුතු ව ඇතැයි ජාතික හෙළ උරුමය සහ කැසිනෝ විරෝධී ජාතික එකමුතුව කියා සිටියි.,"ආණ්ඩුව විසින් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති කැසිනෝ වැඩපිළිවෙලට විරෝධය පළ කිරීම සඳහා අද, බදාදා කොළඹ නව නගර ශාලාව ඉදිරිපිට රැස් වී සිටි හෙළ උරුමයේ සහ කැසිනෝ විරෝධී ජාතික එකමුතුවේ සාමාජිකයෝ කියා සිටියේ, පනත් කෙටුම් පතේ සංශෝධනයකින් සෑහීමකට පත්විය නොහැකි අතර, ආණ්ඩුව සමස්ත පනත් කෙටුම්පත හකුළා ගත යුතු බවයි. ඒ සඳහා ආණ්ඩුවට බල කිරීම සඳහා නව නගර ශාලාව ඉදිරිපිට රැස්ව සිටි උද්ඝෝෂකයෝ කැසිනෝ සූදුව සහ ගණිකා වෘත්තිය නීතිගත නො කළ යුතු යයි පැවසෙන සටන් පාට හඬ නගමින් සිටියහ. කැසිනෝ සූදුව නීතිගත කෙරුණොත් අනාගතයේ දී ගණිකා වෘත්තියත් නීතිගත කරනු ලැබීමේ අවදානමක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. පරාභව සූත්‍රය කැසිනෝ විරෝධී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු,රන්පත්විල විමලරතන හිමියන් බීබීසී සංදේශයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, පනත් කෙටුම්පතේ සංශෝධනයක් නොව මුළු පනත ඉවත් කර ගැනීමේ බලය ජනාධිපතිවරයා සතු වෙන බවයි. කැසිනෝ වැනි සූදු, බෞද්ධ පරාභව සූත්‍රය මගින් අනුමත නොකෙරෙන බව පෙන්වා දුන් විමලරතන හිමියෝ, සංශෝධන වලින් පලක් නැති බවත් කිසිවකුට පරාභව සූත්‍රය සංශෝධනය කළ නො හැකි බවත් සඳහන් කළහ. “දුරාචාරය දුරාචාරයම” යයි කියා සිටි උන්වහන්සේ, කැසිනෝ පනත හකුළා ගනු ලබන තෙක් ඊට එරෙහි සටන පෙරට ගෙන යන බවත් සඳහන් කළහ. පරාභව සූත්‍රයෙන් බුදුන් වහන්සේ දේශනා කළ පරිදි සූදු අන්තුවකු වීම මනුෂ්‍යයකුගේ පිරිහීමට හේතු වෙයි." +මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට ලබා දීමේ අදියරයේ යම් අයිතියක් උතුරු පළාත් සභාවට ලබා දෙන ලෙස උතුරු පළාතේ ප්‍��ධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් ජපානයේ ජයිකා ආයතනයේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.,ප්‍රධාන අමාත්‍යවරයා එම ඉල්ලීම කළේ මොරගහකන්ද ජලාශයෙන් උතුරු පළාතට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ උතුරේ දේශපාලන අධිකාරිය දැනුවත් කරනු වස් ජයිකා ආයතනයේ නිලධාරීන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් යාපනයේ වාරිමාර්ග ශ්‍රවණාගාරයේ පැවති විශේෂ සාකච්ඡාවකදී. උතුරු පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ පළාත් සභාවේ නියෝජිතයෝද සාකච්ඡාවට සහභාගි වී සිටියහ. උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්කේ ශිවාජිලිංගම් බීබීසී සංදේශයට කියා සිටියේ උතුරට ජලය ලබා දීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මධ්‍යම රජය උතුරු පළාත් සභාව සමඟ ගිවිසුමකට අත්සන් කළ යුතු බවටත් ප්‍රධාන අමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටි බවයි. මහවැලි ජලය උතුරට ලබා දීම සම්බන්ධයෙන් තමන් ඉතා සතුටට පත් වන බවත් ඒ පිළිබඳව තමන්ගේ හෝ උතුරු පළාත් සභාවේ කිසිදු විරෝධයක් නොමැති බවත් ප්‍රධාන අමාත්‍යවරයා පවසා තිබේ. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන ගැටලුවලට තමන්ට මැදිහත් විය නොහැකි බැවින් ඒ සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කොට යම් තීරණයකට එළඹෙන ලෙසත් එයට ප්‍රතිචාර දක්වමින් ජයිකා නියෝජිතයෝ ප්‍රධාන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ. +බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ඇමෙරිකානු වීසා බලපත් අවලංගු කරනු ලැබ ඇත.,"ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියෙක් ඥානසාර හිමියන් අමතමින් පසුගිය සිකුරාදා එම තීන්දුව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. ඒ සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවයට දුරකතනය ඔස්සේ ප්‍රකාශයක් කළ බොදු බල සේනා ප්‍රකාශක දිලන්ත විතානගේ කියා සිටියේ, එක්සත් ජනපදයට ඇතුල් වීම සඳහා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිකුත් කරනු ලැබ තිබුණ වීසා අවලංගු කිරීමේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු තීන්දුව තානාපති කාර්යාලය මගින් දැනුම් දුන් බවයි. පුද්ගල මට්ටමින් වීසා ප්‍රශ්න සම්බන්ධයෙන් අදහස් පළ නොකරන බවයි, මේ ගැන විමසීමක් කළ විට කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ. අවුරුදු පහකට වීසා මේ අතර තානාපති ආරංචි මාර්ගයක් බීබීසී සංදේශයට කියා සිටියේ, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර පහක කාලයක් සඳහා වලංගු වීසා බලපත්‍රයක් ඇමෙරිකාව විසින් නිකුත් කරනු ලැබ තිබුණ බවයි. එවැනි වීසා බලපත් සහිත පු��්ගලයකුට එම අදාළ කාල සීමාව ඇතුළත අලුතින් වීසා ලබා ගැනීමෙන් තොරව එම රටට සංචාරය කිරීමට අවසර ලැබෙයි. පසුගියදා තුන් දෙනකුට මාරු කැඳවමින් තවත් හැත්තෑ පස් දෙනකුට පමණ තුවාල සිදු කරමින් අලුත්ගම සහ බේරුවල පලාත්වල පැතිර ගිය ගැටුම් වලට තම සම්බන්ධයක් නොමැති බව බොදු බල සේනා සංවිධානය පවසයි." +කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් පිළිබඳ ලොව පුරා විවිධ සමාජ තුළ ස්ථාපිත ආදර්ශ පවතී.,"විශේෂයෙන් රැකියා ස්ථානය තුළදී සහ පොදු ප්‍රවාහන සේවාවල ගමන් ගන්නා කාන්තාවන් සහ තරුණියන් ඇඟලිය යුතු ඇඳුම් සම්බන්ධයෙන් නොනිල මට්ටමේ සීමා පැනවීම් සමාජය තුළ දැකිය හැක. මහමග දී වචනයෙන්, අභිනයෙන් සහ ශාරීරිකව ලිංගික හිංසනවලට ගොදුරු වන කාන්තාවන්ම ඇතැම් විට වරදකරුවන් බවට පත් කරනු ලබන්නේ ඔවුන්ගේ ඇඳුම් පැළඳුම්වල ස්වභාවය දෙසට ඇඟිල්ල දිගු කරමිනි. ලොව ඕනෑම තැනැත්තෙකුට තමන් අඳින පළඳින ආකාරය ගැන තීරණය කිරීමේ නිදහස තිබිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පසුගියදා අවධාරණය කර තිබිණි. මේ අතර කොට කලිසමක් ඇඟලීම නිසා පුරුෂයෙකු විසින් තරුණියකට පහර දෙනු ලැබූ සිදුවීමක් උද්ඝෝෂණයක් දක්වා වර්ධනය වීමේ පුවතක් තුර්කියෙන් වාර්තා විය. අසේනා මෙලිසා හිංසනයට ලක් වී ඇත්තේ ඉස්තාම්බුල් නුවර බස් රථයක ගමන් කරමින් සිටියදීය. ඇය කොට කලිසමක් ඇඟලා සිටීම පිළිබඳ කිපුණු පුරුෂයෙකු ඒ සම්බන්ධයෙන් ඇය හා තර්ක කර තිබේ. ""ඔහු මගේ කම්මුලට ගැහුවා. ඇඳුම ගැන තර්කය අවසන් වෙලා මම ඔහුට පිටුපා සිටියේ මට කිසිම සුදානමක් තිබුණේ නැහැ"" යනුවෙන් ඇය සිය අත්දැකීම විස්තර කළාය. ""මට පිළිකුලක් දැනුණා. මම බස් එකේ බිම වාඩි වෙලා කෑ ගසමින් ඇඬුවා"" ""කාන්තාවන් බිය විය යුතු නැහැ"" ප්‍රහාරය CCTV කැමරාවේ සටහන්ව ඇති අතර එම දර්ශන සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වීමත් සමග ඒ පිළිබඳ සමාජය තුළ සංවාදයක් ආරම්භ විය. පසුව එය උද්ඝෝෂණයක් දක්වා වර්ධනය විය. පහර දුන් බව පැවසෙන පුද්ගලයා දින කිහිපයකට පසු රැඳවුම් භාරයට ගනු ලැබූ අතර මාස දෙකකට පසු ඔහු ඇප මත මුදා හරිනු ලැබීය. ""ඔහුව නිදහස් කලාට පසු මගේ මුළු ලෝකෙම අනෙක් පැත්ත පෙරලුනා. ඊළඟට මොකක් වෙයිද මම මගෙන්ම ඇහුව"" ""මට ඔහු මුණ ගැසේවිද මම මොකද කරන්නේ මට බයක් වගේම අසරණකමක් දැනුණා"" යනුවෙන් අසේනා මෙලිසා පැවසුවද ඇය දැඩි ස්ථාවරයක පසුවන්නීය. තවදුරටත් බස් රථ තුළ ගමන් ගන්නා ඇය දැඩි ස්වරයෙන් කියා ��ිටියේ ""මට පීඩනයක් දැනෙනවා. නමුත් මාව සීමාවලට ලක් කරන්න බැහැ. මම මට ඕනි විදිහට අඳිනවා. අපි බය විය යුතු නැහැ. අපි බය වුණාම ඔවුන්ගේ බලය වැඩි වෙනවා"" යනුවෙනි. සබැඳි යොමු: ඔබත් මෙවැනි අත්දැකීමකට මුහුණ දුන් තැනැත්තියක්ද? ඔබේ අත්දැකීම අපට කියා ඔබ වැනිම වූ සොයුරින් සමග බෙදා ගන්න. දුරකතන : +44 (0) 20 36144039 + 44 (0)20 36140556 + 44 (0)20 36140555 + 44 (0)20 36140554 + 44(0) 20 36140551 + 44(0) 20 36140552 Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න ඊමේල් : sinhala@bbc.co.uk" +අම්පාර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව වාසය කරන මැතිවරණ කොට්ඨාශ වෙනම පරිපාලන කලාපයක් ලෙසින් ස්ථාපිත කළ යුතු බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය විසින් කරන ලද බව පැවසෙන ඉල්ලීම රජය අනුමත නොකරන බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න කියා සිටියි.,"අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ විවාදය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි. මුස්ලිම් කොන්ග්‍රසය නැගෙනහිරට වෙනම පරිපාලන කලාපයක් ඉල්ලා සිටීම බරපතල ප්‍රශ්ණයක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය. මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ සඳුදා ඩේලි මිරර් පුවත්පතේ පළවූ වාර්තාවක් උපුටා දක්වමින්. සිංහල ජනතාව සහ මුස්ලිම් ජනතාව වෙන් කර තැබීමට උත්සාහයක නියැලී සිටින බවටද විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මුස්ලිම් කොන්ග්‍රසයට චෝදනා කළේය. බොදු බල සේනාව වැනි සංවිධාන වැරදි කළ සෑම අවස්ථාවකම එක්සත් ජාතික පක්ෂය ඒවා පෙන්වා දුන් බව පැවසූ විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ඔවුන්ගේ පුද්ගලික වරප්‍රසාද වෙනුවෙන් පෙනි සිටියදී එක්සත් ජාතික පක්ෂය සැබෑ ලෙසම මුස්ලිම් ජනතාව වෙනුවෙන් පෙනී සිටි බව සඳහන් කළේය. එක් අයට අවශ්‍ය පරිදි කලාප ලබා දීමට රජය සුදානම් නොවන බව විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය දිමු ජයරත්න කියා සිටියේය. සියයට අනූ නමයක ජනතාවට අවශ්‍ය වන්නේ ඒකීය ලංකාවක් තුළ ශ්‍රී ලාංකිකයන් හැටියට ජීවත්වීමට බවද අගමැතිවරයා පැවසීය." +ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඉල්ලීම මත ඔහු මුණ ගැසී සාකච්ඡා කළ බව ඉන්දීය බලධාරීහු පවසති.,"හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර හමුවක් (සංරක්ෂිත ඡායාරූපයකි) ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගිවීම පිණිස ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරතව සිටින ඉන්දීය අගමැතිවරයා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී පිළිගනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛයා අමාත්‍යවරුන් විසිනි. ඉන් අනතුරුව ඉන්දීය අගමැතිවරයා කොළඹ ගංගාරාමයේ විහාරස්ථානයේ වෙසක් කලාපය විවෘත කළ අතර එහිදී භික්ෂූන් වහන්සේ ඉන්දීය අගමැතිවරයාට සෙත් පතා ආශීර්වාද කළ බව ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය. ඉන්දීය අගමැතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණ ගැසී තිබෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග ජනපති මැදුරේදී රාත්‍රි භෝජන සංග්‍රහයකටද එක්වීමෙන් අනතුරුවය. ඉන්දීය අගමැතිවරයා ගුවන් තොටුපොලේදී පිළිගනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛයා අමාත්‍යවරුන් විසිනි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග හමුවක් ඉන්දීය අගමැතිවරයාගේ සංචාරයේ න්‍යාය පත්‍රයට ඇතුළත්ව නොතිබිණි. සාකච්ඡා වූ කරුණු පිළිබඳව මාධ්‍යවේදිනියක් කළ විමසීමකට පිළිතුරු දුන් මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු, දෙදෙනා අතර ඉතා සුහද සාකච්ඡාවක් පැවති බව සඳහන් කළේය. ""ගතව ගිය වසරවල සහ වර්තමානයේත් ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහ ලබාදෙමින් තිබෙන සහයෝගය පිළිබඳව සතුටුවන බව හිටපු ජනාධිපතිතුමා සඳහන් කළා,"" ඔහු පැවසීය. ප්‍රවෘත්ති සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ගෝපාල් බාග්ලේ විසිනි." +කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය කළ පර්යේෂණයකට අනුව දවසේ සෙසු කාලයට වඩා උදෑසන වෛරසයකට ලක්වීම භයානක බව සොයාගෙන ඇත.,PNAS සඟරාවේ පළවී ඇති වාර්තාවේ සඳහන් ආකාරයට උදෑසන වෛරස් ආසාදනයක් සිදුවන්නේ නම් එය අනෙක් කාලවලට වඩා දස ගුණකින් දරුණු ලෙස සිදුවන බවයි පර්යේෂණයෙන් සනාථ වී ඇත්තේ. සතුන් යොදාගෙන කරන ලද පර්යේෂණ වලට අනුව සොයාගෙන ඇත්තේ දිගු ගුවන් ගමනකින් හෝ රාත්‍රී නිදිවර්ජිත රැකියාවක් හේතුවෙන් 'body clock' නැතහොත් මිනිස් මනසේ පවතින කාලය හඳුනා ගැනීමේ හැකියාවට බාධා පැමිණි විට වෛරසයන්ට ගොදුරුවීමේ අවදානම වැඩි බවයි. උදෑසන කාලයේ දී ප්‍රවේසම් වීමෙන් අසාදන වලක්වා ගත හැකිය පර්යේෂකයන් පවසන්නේ මේ නව සොයාගැනීම් වසංගත රෝග පැතිරයාම මර්ධනය කිරීමේ දී ප්‍���යෝජනවත් වන බවයි. බැක්ටීරියා හෝ පරපෝෂිතයන් මෙන් නොව වෛරස් වැඩීම සිදුවන්නේ සෛල තුළ ඇති ජීව තාක්ෂණය මුළුමනින්ම අකර්මණ්‍ය කරමිනි. එහෙත් එම සෛල වෙනස්වීමකට භාජනය වන්නේ 'body clock' නැතහොත් මිනිස් මනසේ පවතින පැය 24 රේ කාලය හඳුනා ගැනීමේ හැකියාවට අනුවයි. මෙම අධ්‍යයනයේ දී මීයන් සෙම්ප්‍රතිශ්‍යා වෛරසය වැනි බහුලව පවතින වෛරස වලට ලක්කෙරුණු අතර උදෑසන වෛරසයට ලක් කළ මීයන් ගේ අසාදනය දස ගුණයක් ඉහළ තත්වයක පැවතුණි. පර්යේෂණය මගින් සනාථ වී ඇත්තේ 'body clock' නැතහොත් මිනිස් මනසේ පවතින පැය 24 රේ කාලය හඳුනා ගැනීමේ හැකියාවට බාධා සිදුවීමෙන් සෛල තුල වෛරස වැඩීමට උපකාර වන බවයි. දින කිහිපයක් රාත්‍රී සේවයේ යෙදී තවත් දින කිහිපයක් දිවා කාලයේ සේවය කරන්නන්ගේ 'body clock' නැතහොත් මිනිස් මනසේ පවතින කාලය හඳුනා ගැනීමේ හැකියාවට බාධා සිදුවන බවයි. දොස්තර රැචෙල් එඩ්ගාර් පැවසුවේ. +"චීනයේ දුම්රිය ප්‍රවාහනය භාර, හිටපු ඇමතිවරයකුට එරෙහිව අල්ලස් ගැනීම සහ බලය අයුතු ආකාරයට පාවිච්චි කිරීමේ චෝදනා යටතේ නඩු පවරා තිබේ.","ලියු ෂිජුන් (Liu Zhijun) නම් හිටපු ඇමතිවරයා, කලක් චීන පාලනය තුළ බලවත් පුද්ගලයෙක්. චීන නීති නිලධාරීන් කියා සිටින්නේ, අධි වේගී දුම්රිය ජාලය තවදුරටත් ව්‍යාප්ත කිරීම භාරව ක්‍රියා කළ ලියු ෂිජුන් (Liu Zhijun) හිටපු ඇමතිවරයා මහජනතාවට ,මහජන දේපලවලට සහ ආණ්ඩුවේ අභිලාෂයන්ට විශාල හාණියක් සිදුකර ඇති බවයි. සිදුව ඇති අලාභය අති විශාල පාඩුවකැයි පවසන චීන අධිකරණ නිලධාරීන්, සිද්ධියට අදාළ තත්වයන් අතිශයින්ම බරපතල බවයි, කියා සිටින්නේ. රට තුළ දූෂණ මැඩලන බවට චීනයේ නව නායක, ෂි ජින්පින් Xi Jinping විසින් දෙන ලද ප්‍රතිඥාව ක්‍රියාවට නැංවෙන්නේ කෙසේද යන්න, ලියු ෂිජුන් (Liu Zhijun) ඇමතිවරයාට එරෙහි විභාගයේ තීන්දුව මගින් පෙන්නුම් කෙරෙන බවයි, වාර්තාකරුවන් පවසන්නේ. හිටපු ඇමතිවරයාට එරෙහි චෝදනා වලට ඔහු වැරදිකරු යයි තීන්දු කෙරුනොත්, ඔහු දීර්ඝ කාලීන සිර දඬුවමකට හෝ මරණීය දණ්ඩනයට හෝ යටත් කළ හැකි වෙයි." +ඊශ්‍රායලයේ දකුණු දිග නගර වෙත පලස්තීන සටන්කරුවන් නොනවත්වා රොකට් ප්‍රහාර එල්ල කිරීමත් සමග ඊශ්‍රායලය සඳුදා (මැයි 17) ගාසා තීරය වෙත ගුවන් ප්‍රහාර ගණනාවක් එල්ල කර තිබේ.,"ප්‍රහාරවලින් විනාශයට පත් ගොඩනැගිලි සුන්බුන් අතර සිටින පලස්තීනුවෝ ගාසා හි, අලුයමට පෙර ක්‍රියාත්මක වූ ප්‍රහාරයන්, දැනට සතියකට පෙර ගැටුම් ආරම්භ වූ දින පටන් දක්නට ලැබුණු දරුණුතම සටන��� අතරට එක්වේ. හමාස් සටන් කණ්ඩායමට අයත් ගොඩනැගිලි සහ අණ දෙන පුද්ගලයන්ගේ වාසස්ථාන ගණනාවක් වෙත ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය පැවසුව ද ප්‍රධාන මාර්ග සහ විදුලි සැපයුම් මාර්ගවලට ද හානි සිදුව ඇත. ප්‍රහාරයෙන් හානියට පත් පුද්ගලයන් පිළිබඳ මෙතෙක් වාර්තා ලැබී නොමැත. ඊශ්‍රායල් - ගාසා ගැටුම් : රොකට් ප්‍රහාර දුටු ශ්‍රී ලාංකිකයන් බීබීසීයට කතා කරයි ගාසා තීරයේ වෙසෙන ජනයා ඔවුන්ට දැනෙන බිය පිළිබඳ විස්තර කළහ. ""මම මැරෙන්න සූදානමින් සිටියේ. මට මැරෙන්න හිත හදා ගන්න වුණා."" පලස්තීන මානුෂීය ආධාර සේවිකාවක සහ දෙදෙරු මවක වන නජ්ලා ෂවා බීබීසියට පැවසීය. ""අපි දන්න කියන මිනිස්සු, අපිත් එක්ක වැඩ කරන මිනිස්සු... සාමාන්‍ය මිනිස්සු, වෘත්තිකයන්, තරුණ මහලු අය මිය ගිහින්,"" සඳුදා අලුයම උදා වීමට මදකට පෙර, යුද ප්‍රහාරක යානා පනහකට වැඩි ප්‍රමාණයක් යොදා ගනිමින් ගාසා තීරය වෙත මිනිත්තු 20 ක ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායල හමුදා කියා සිටියේය. ""ත්‍රස්ත ඉලක්ක"" 35 ක් වෙත එම ප්‍රහාර දියත්ව ඇති අතර හමාස් කණ්ඩායමට අයත් කිලෝමීටර 15 කට වැඩි දිග උමං මාර්ග ජාලයක් විනාශ කළ බව ද ඔවුහු පවසති. හමාස් හි අණ දෙන ""ඉහළ නිලවලට"" අයත් වූ 9 දෙනෙකුගේ නිවාස වෙත ද ප්‍රහාර එල්ල කළ බව හමුදා සඳහන් කළේය. ගාසා තීරයට ආසන්න දේශ සීමාවේ සිට ඊශ්‍රායල හමුදා සෙබළුන් කාලතුවක්කු ප්‍රහාර ද එල්ල කර තිබේ. දෙපාර්ශයව අතර ගැටුම් හටගත්තේ මුස්ලිම් සහ යුදෙව් දෙපාර්ශවයේම ශුද්ධ භූමියක් වන නැගෙනහිර ජෙරුසලමේ ස්ථානයක ඊශ්‍රායල පොලිසිය හා පලස්තීන උද්ඝෝෂකයින් අතර මතුවූ ප්‍රචණ්ඩ ගැටුම්වලින් අනතුරුව සති කිහිපයක් පුරා පැවති උණුසුම් තත්ත්වයකින් අනතුරුවය. එම ශුද්ධ භූමි ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස ඊශ්‍රායලය වෙත අනතුරු ඇඟවීමෙන් පසු හමාස් සටන්කරුවන් රොකට් ප්‍රහාර ආරම්භ කළ අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර දියත් කළේය. පසුගිය සතිය තුළ සිය රට වෙත 3,000 ඉක්මවා රොකට් ප්‍රහාර එල්ල කර ඇතැයි ඊශ්‍රායලය පවසයි. සඳුදා පස්වරුවේ දකුණු දිග ඊශ්‍රායලයේ නගර කිහිපයක රොකට් ප්‍රහාර එල්ල වීමේ අවදානම අඟවන නලා හඬ ඇසී තිබේ. රාත්‍රිය පුරා එල්ල වූ ප්‍රහාර හේතුවෙන් පුළුල් වශයෙන් විදුලිය ඇණහිටීම් සිදුව ඇති බවත් නිවාස සිය ගණනකට සහ අනෙකුත් ගොඩනැගිලිවලට හානි සිදුව ඇති බවත් ගාසා හි පලස්තීන බලධාරීහු පවසති. පසුගිය සතිය තුළ සිය රට වෙත 3,000 ඉක්මවා රොකට් ප්‍රහාර එල්ල කර ඇතැයි ඊශ්‍රායලය පවසයි එක් පදිංචිකරුවෙකු වන සේරා මාමුද් බීබීසිය වෙත කියා සිටියේ, ""අපි තවමත් පණ පිටින්, ඒත් අපි හොඳින් නෙමෙයි. ගාසා හි වඩාත් ලස්සනම මාර්ගය යුද ප්‍රහාරක ගුවන් යානයක් විසින් විනාශ කරනු ලැබුවා,"" යනුවෙනි. සමස්තයක් වශයෙන් කලාපයේ මරණ සංඛ්‍යාව 198 හි රැඳී ඇති අතර දරුවන් 58 දෙනෙකු සහ කාන්තාවන් 34 දෙනෙකු ඊට ඇතුළත් බව හමාස් යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය. ඔවුන් පවසන පරිදි තුවාල ලබා ඇති සංඛ්‍යාව 1,230 දෙනෙකි. ඊශ්‍රායලය කියා සිටියේ සටන්කරුවන් 130 කට වැඩි පිරිසක් මරණයට පත් වූවන් අතර සිටින බවය. එහෙත් එම සංඛ්‍යා ලේඛන හමාස් පිළිනොගනියි. මේ අතර සටන් විරාමයකට පැමිණෙන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් පැමිණෙන ඉල්ලීම් වැඩි වෙමින් පවතී. ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆාටා අල් සිසී සඳුදා කියා සිටියේ සිය රට සටන් විරාමයක් වෙත ළඟා වීම සඳහා දැඩි වෙහෙසක් ගත් බවය. එය යථාර්ථයක් වීමට තවමත් ඉඩ ඇති බවට ඔහු බලාපොරොත්තු පළ කළේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් ඉරිදා (මැයි 16) හදිසි රැස්වීමක් කැඳවනු ලැබ තිබිණි. තවදුරටත් සටන් පැවතීම නිසා ""පාලනය කර ගත නොහැකි ආරක්ෂක සහ මානුෂීය අර්බුදයක් ඇතිවීමට ඉඩ ඇති"" බවට එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් අනතුරු අඟවා තිබේ. ""පූර්ණ භීතියක් සහිත"" ප්‍රචණ්ඩත්වය අවසන් කරන ලෙස ඔහු ආයාචනා කළේය. මේ ගැනත් කියවන්න:" +ඕස්ට්‍රේලියාවේ සරණාගත භාවය පතා බෝට්ටුවක් මගින් එහි මුහුදු තීරයට පිවිසි ශ්‍රී ලාංකිකයන් හතළිස් එක් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉරිදා මඩකලපුව වරාය ආසන්නයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාර දුන් බව ඕස්ට්‍රේලියානු රජය පවසයි.,සරණාගතයන් රැගත් බෝට්ටුවක් සෝදිසි කරන ඕස්ට්‍රේලියානු නාවික හමුදා ශ්‍රී ලංකාවට භාර දුන් සරණාගතයන් හතළිස් එක් දෙනාගෙන් තිස්හත් දෙනෙක් සිංහල ජාතිකයන් වන අතර සෙසු හතර දෙනා ද්‍රවිඩ ජාතිකයන් බවයි මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ඕස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කරන්නේ. මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ මීට ඉහතදීත් පුද්ගලයන් දෙසීයක් පමණ මේ ආකාරයෙන් ශ්‍රී ලංකාව වෙත භාර දීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර ඇති බවයි. වද හිංසනයට මෙසේ භාර දුන් පුද්ගලයන් අතර ශ්‍රී ලංකාව තුළ වද හිංසනයට ලක් වූ දෙමළ ජාතිකයන්ද සිටින බව මානව හිමිකම් සංවිධාන ස���හන් කරයි. බෝට්ටු දෙකකින් ඕස්ට්‍රේලියානු මුහුදු තීරයට ලඟා වී සිටින දෙසීයකට අධික ශ්‍රී ලාංකික සරණාගතයන් සම්බන්ධයෙන් පසුගිය සතියේ ජාත්‍යන්තර අවධානය යොමු වූ අතර ඇතැම් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කලේ මෙලෙස පැමිණි සරණාගතයන් රැගෙන යාමට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාවක් ඔස්ට්‍රේලියාව දෙසට ගමන් ආරම්භ කර ඇති බවයි. එම වාර්තා ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රතික්ෂේප කල අතර ඔවුන් පැවසුවේ මුහුදු තීරයේ දී සිදු වන සරණාගත හුවමාරුවක් පිළිබඳ තමන් කිසිදු තොරතුරක් නොදන්නා බවයි. පුද්ගලයන් එක සිය පනස් දෙනකු රැගත් ශ්‍රී ලංකාවට අයත් අනෙක් බෝට්ටුව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය කිසිවක් ප්‍රකාශ කර නොමැත. +ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක යෙදීම ඇතැම් ඇමෙරිකානුවෝ අපූරු ආකාරයකට සමරති.,"ෆ්ලොරීඩාවේ සිට නිව්යෝක් හරහා පෙනිසිල්වේනියාව දක්වා ඇමෙරිකානුවෝ සිය බලු සුරතලුන් පාප් වහන්සේගේ සාම්ප්‍රදායික ඇඳුමට සමාන ඇඳුමකින් සැරසූහ. ඒ සිය ආගමික නායකයාට කරන ගරු කිරීමක් වශයෙන්. එම ඇඳුමින් සැරසූ සිය බලු සුරතලුන්ගේ ඡායාරූප ඔවුන් ඡායාරූප බෙදා ගන්නා ඉන්ස්ටග්‍රෑම් ජාලයේ පළකොට තිබේ. ""හැමෝම බලු පැටවුන්ට ආදරෙයි. ඒ වගේම හැමෝම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ආදරෙයි,"" බ්රූක්ලින් ප්‍රදේශයේ වෙසෙන ජෝන් ස්කෝර් පැවසීය. ""ඇමෙරිකාවේ අපි, අපි ආදරේ කරන දේවල් එකතු කරන්න කැමතියි. අනික පාප් වහන්සේ වුනත් ඒක හාස්‍යයෙන් භාරගනීවී කියල මම හිතනවා. මේ ආකාරයෙන් බලු සුරතලුන් සැමරීම ""අපේ නගරයේ සිදුවෙන විශාල උත්සවයක් සැමරීමක්,"" බවයි සිය බලු සුරතලා පාප් වහන්සේ ගේ ඇඳුමෙන් සැරසූ මෙලිසා ජෝයි පවසන්නේ. එක්සත් ජනපදය පුරා පැතිර යන මේ රැල්ල පිළිබඳව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දැනුවත්ද? ""පාප් වහන්සේ ඒ ගැන දන්නවද කියල මම දන්නේ නෑ,"" ඒ වතිකානයේ ප්‍රකාශයකුගේ ප්‍රතිචාරයයි. ""කොහොම වුනත් මම හිතන්නේ උන් වහන්සේට ඊට වඩා බොහෝ වැදගත් දේ ගැන හිතන්න තියනවා.""" +දකුණු කොරියාවේ සංචාරයක නියුතු ෆ්‍රැන්සිස් පාප් තුමන් විසින් සිදු කෙරුණු විශේෂ දේව මෙහෙයකට මිලියනයක බැතිමතුන් පිරිසක් සහභාගී වුහ.,එක්දහස් නමසිය අසූ නමයෙන් පසු පාප් වහන්සේ නමක් කොරියාවේ සංචාරය කරන ප්‍රථම වතාව මෙයයි දශක දෙකකට පෙර ආගම ඇදහීමේ වරදට මරා දැමුණු කොරියානුවන් එකසිය විසි හතර දෙනා සැමරීම සඳහායි මෙම විශේෂ දේව මෙහෙය පවත්වනු ලැබුවේ. වරද කරුවන් බවට නම් කළ එම කතෝලික බැතිමතුන් පිරිස ප්‍රසිද්ධියේ මරා දැමීම සඳහා පෙරහරින් රැගෙන ආ සෝල් නුවර ප්‍රධාන මාවතේ ඇති ග්වන්ගවමුන් ප්ලාසා හි දී ය එම දේව මෙහෙය පැවැත්වුයේ. එක්දහස් නමසිය අසූ නමයෙන් පසු පාප් වහන්සේ නමක් කොරියාවේ සංචාරය කරන ප්‍රථම වතාව මෙය වන අතර උතුරු කොරියාවත් සමග එක්වීම පතා යාඥා කරන ලෙස උන් වහන්සේ දකුණු කොරියානු තරුණයන් සහභාගී වූ රැළියක දී ඉල්ලා සිටියහ. +එක්සත් රාජධානියේ නිර්දේශ කර ඇති ප්‍රමාණයට වඩා වැඩියෙන් මත්පැන් පානය කරන පුද්ගලයන්ගේ ආයු කාලය වසර ගණනකින් අහිමි විය හැකි බව මුල්පෙළේ විද්‍යාත්මක පර්යේෂණ වාර්තාවක දැක්වෙයි.,"මත්පැන් පානය කරන පුද්ගලයන් හය ලක්ෂයක් යොදා ගනිමින් එම පරීක්ෂණය සිදු කර ඇති අතර, සතියකට දහ පහළොස් වතාවක් මත්පැන් භාවිතා කරන පුද්ගලයෙකුගේ ආයු කාලය වසර දෙකකින් හෝ තුනකින් අඩු වන බව එම පරීක්ෂණයේ දී හෙළිදරව් වී ඇත. මත්පැන් පානය සම්බන්ධයෙන් 2016 දී එක්සත් රාජධානිය නිකුත් කළ නිර්දේශවලට අනුව සතියකට මත්පැන් ඒකක දාහතරකට වැඩියෙන් පරිභෝජනය කිරීම සෞඛ්‍යට ඉතා අහිතකරය. එම මත්පැන් ප්‍රමාණයට බීර පයින්ට් හයක් සහ වයින් වීදුරු හතක් ඇතුළත්ය. 'ලාන්සෙට්' (Lancet ) විද්‍යා සඟරාවේ මෙහෙයුමෙන් සිදු කරන ලද පරීක්ෂණ වාර්තාවේ කතුවරුන් තම සොයා ගැනීම් මගින් නව නිර්දේශ අනුමත කෙරෙන බව පවසන අතරම, සුළු වශයෙන් මත්පැන් පානය කරන පුද්ගලයන්ට ජීවිත අවදානමක් නොමැති බවත් පෙන්වා දෙති. විද්‍යාඥයන් අදාළ පරීක්ෂණය සිදුකරන ලද්දේ රටවල් දහ නවයක විසිර සිටින පුද්ගලයන් නියැදියක සෞඛ්‍ය සහ මත්පැන් පානය කිරීමේ පුරුදු සැලකිල්ලට ගනිමිනි. පුද්ගලයෙක් වයස අවුරුදු හතළිහේ සිට ඔහුගේ ආයු කාලය අවසන් වන තුරු එකම රටාවකට මත්පැන් පානය කරන්නේ නම්, ඔහුගේ අපේක්ෂිත ආයු කාලයෙන් කොපමණ වසර ප්‍රමාණයක් අඩු වන්නේදැයි පරීක්ෂණයේ දී සැලකිල්ලට ගෙන ඇත. සතියකට පහේ සිට දහය දක්වා වාර ගණනක් මත්පැන් පානය කරන්නේනම් එම පුද්ගලයාගේ ආයු කාලය මාස හයකින් අඩුවන බව පරීක්ෂණයේ දී හෙළි වී ඇත. මත්පැන් පානය කිරීම තුළින් හෘද රෝග වැළදීමේ අවදානම වැඩි වන අතර, නිර්දේශි කර ඇති ප්‍රමාණයට වඩා පානය කරන සෑම ඒකක 12.5 කින්ම, මාරක නොවන හෘද රෝග සුවවීම සහ මත්පැන් පානය අතර සම්බන්ධයක් ඇතැමුන් දකින නමුත් ,මත්පැන් බීම නිසා වෙනත් මාරාන්තික රෝග වැළඳීමේ ඇති අවදානම නිසා ඉහත මතය අර්ථ ශූන්���ය බව විද්‍යාඥයන්ගේ නිගමනයයි. මේ තොරතුරුද කියවන්න: මින් පෙර සිදු කළ අධ්‍යනයක සඳහන් වූයේ 'රතු වයින්' පානය කිරීමෙන් හෘද රෝග වැළඳීමේ අවදානම අවම කරන බවය. නමුත් මෙම අධ්‍යන ප්‍රතිඵල අනවශ්‍ය ලෙස වර්ණනා කර ඇති බව සමහර විද්‍යාඥයන්ගේ මතයයි. 'රතු වයින්' පානය කිරීමෙන් හෘද රෝග වැළඳීමේ අවදානම අවම කරන බව මින් පෙර සිදු කළ අධ්‍යනයක සඳහන් විය. ඩෙන්මාර්ක්හි සිදු කළ පරීක්ෂණයක ප්‍රතිපලය ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ සතියකට තුන් හෝ හතර වතාවක් මත්පැන් පානය කිරීමෙන් දෙවන අදියරේ දියවැඩියාවට ගොඳුරු වීම අවම කරන බවය. ""කෙසේ වෙතත්, මත්පැන් පානය කිරීමෙන් ශරීර සෞඛ්‍යයට ඇති වන වාසියක් නොමැති බව මෙම පරීක්ෂණය අවසානයේ දී ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම මත්පැන් පානය කරන පුද්ගලයන්ට අසාධ්‍ය නොවන හෘද රෝග වැළදීමේ අවදානම අඩු බවට මතයක් තිබෙනවා. නමුත් මත්පැන් පානය නිසා ඇති වන මාරාන්තික හෘද රෝග සහ අංශභාගය වැනි රෝග තත්වයන් නිසා ඉහත මතයෙහි කිසිදු වැදගත් කමක් නැත,"" ෂෙෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ හෘද රෝග ඖෂධ පිළිබඳ මහාචාර්ය ටිම් චිකෝ පවසයි. ඔහු ඉහත සඳහන් කළ පරීක්ෂණවලට සම්බන්ධ වී නැත. තවත් තොරතුරු: ඉතාලිය, පෘතුගාලය සහ ස්පාඤ්ඤයේ පුද්ගලයකුට සතියකට පානය කළ හැකි උපරිම මත්පැන් ප්‍රමාණය එක්සත් රාජධානියේ නිර්දේශිත ප්‍රමාණයට වඩා 50% කින් වැඩිය. එමෙන්ම ඇමරිකාවේ පුරුෂයන් සදහා නිර්දේශිත මත්පැන් ප්‍රමාණය එමෙන් දෙගුණයකට ආසන්නය. ""මෙම පරීක්ෂණයෙන් දෙන ප්‍රධානතම පණිවිඩය වන්නේ, ඔබ දැනටමත් මත්පැන් පානය කරන්නේ නම්, මින් පසු අඩුවෙන් පානය කිරීමෙන් ඔබේ ආයු කාලය වැඩි විය හැකි අතර, මාරාන්තික හෘද රෝගවලින් පීඩා විඳීමේ අවදානම අඩු කරන"" බව යයි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඇන්ජෙලා වුඩ් සඳහන් කළාය. ඇය මෙම පරීක්ෂණ කණ්ඩායමේ නියමුවරිය ලෙස කටයුතු කර ඇත." +හංගේරියානු බලධාරීන් විසින් සරණාගතයන්ට සිය අපේක්ෂිත ගමනාන්ත කරා යෑම නතර කරමින් පනවා තිබූ තහංචි අනපේක්ෂිත ලෙස ඉවත් කිරීමත් සමඟ දහස් සංඛ්‍යාත සරණාගතයෝ ඔස්ට්‍රියාව සහ ජර්මනිය බලා ගමන් ගනිමින් සිටිති.,"සිරියානු අර්බුදයෙන් පළා එන සරණාගතයන් සඳහා රැකවරණ දෙන බව ජර්මනිය ප්‍රකාශ කළ අතර තම රටේ දේශපාලන රැකවරණ ඉල්ලා සිටීමට හෝ ජර්මනිය බලා ගමන් කිරීමට මෙම සරණාගතයන්ට ඉඩ දී ඇති බවයි ඔස්ට්‍රියානු බලධාරීන් පවසන්නේ. සුහද පිළිගැනීමක් සිය ගණනක් සරණාගතයෝ මියුනික් නගරය වෙත පැමිණි අතර ඔවුන් පිළිගැනීමත්, රස කැවිලි සහ පානීය ජලය බෙදා දීමටත් ජර්මානුවන් විශාල පිරිසක් එක්ව සිටි බව වාර්තා වේ. සරණාගත අර්බුදය දිගටම පවතිනු ඇතැයි යුරෝපා සංගමයේ විදේශ කටයුතු භාර කොමසාරිස් ෆෙඩෙරිකා මොහෙරිනි ලක්සම්බර්ග් හී පැවති සාකච්ඡාවක දී අනතුරු අඟවා සිටියාය. සරණාගතයන් වෙනුවෙන් ඔස්ට්‍රියානු දේශ සීමාව අසල රතු කුරුස සංවිධානයේ තාවකාලික කාර්යාලයක් පවත්වා ගෙන යනු ලබන අතර බොහෝ දෙනා වියානා අගනුවර බලා දුම්රියෙන් ගමන් කරමින් සිටිති. යුරෝපය අවදි විය යුතුයි බලධාරීන් විසින් අමතර දුම්රිය සහ බස් රථ යෙදීමෙන් පසු සරණාගතයන් 5500 කට ආසන්න පිරිසක් ඔස්ට්‍රියාවේ වියනා අගනුවර බටහිර දුම්රිය පොළ වෙත ප්‍රවාහනය කළ බව ඔස්ට්‍රියානු පොලිස් නිලධාරියෙක් බීබීසී යේ බෙන් බ්‍රවුන් ට ප්‍රකාශ කළේය. ""යුරෝපය සරණාගත අර්බුදය සම්බන්ධයෙන් අවදියෙන් කටයුතු කළ යුතු"" යැයි ඔස්ට්‍රියානු ස්වදේශ කටයුතු ඇමති ජොහානා මික්ලෙයිට්නර් කියා සිටියාය. “දැන් යුරෝපා මහද්වීපයට අභියෝගයක් එල්ල වී ඇත. මේ දැවැන්ත අභියෝගය ජය ගැනීම සඳහා යුරෝපා මහද්වීපය එකම පිළිතුරක් ලබා දිය යුතුයි,"" ඇය කියා සිටින්නේ. සරණ සොයා පැමිණි බොහෝ දෙනා සිරියානුවන් බවයි පැවසෙන්නේ." +"""සාමාන්‍ය දවසකට භෝජනාගාරයේ මේස මදි කෑම කන්න එන අයට. අදායම රුපියල් ලක්ෂය ඉක්මවන දවසුත් තියෙනවා. දැන් අපි දවසෙම නිකන් ඉඳල හවසට ගෙදර යනවා,""","පාස්කු ඉරිදා කොළඹ, මීගමුව හා මඩකලපුවෙන් නොනැවතී සිය පරිශ්‍රයට ඉතා ආසන්නයේ ද සිදුවූ බෝම්බ පිපිරීම සත්ත්වෝද්‍යානයට තදින් දැනී ඇති සෙයකි ""මේ දවස්වල අපේ භෝජනාගාරයේ දිනක අදායම රුපියල් දාහකටත් අඩුයි."" ඒ මැසිවිල්ල දෙහිවල සත්ත්වෝද්‍යාන භෝජනාගාරයේ අයකැමි සචිනි සුලොචනාගෙනි. පාස්කු ඉරිදා කොළඹ, මීගමුව හා මඩකලපුවෙන් නොනැවතී සිය පරිශ්‍රයට ඉතා ආසන්නයේ ද සිදුවූ බෝම්බ පිපිරීම සත්ත්වෝද්‍යානයට තදින් දැනී ඇති සෙයකි. ප්‍රහාර මාලාවෙන් අනතුරුව දිවයිනේ වෙළෙඳ ව්‍යාපාර හා ආදායම් උපයන වෙනත් ස්ථාන බහුතරයට අත්වී ඇති ඉරණමට වඩා වැඩි වෙනසක්, සාමාන්‍යයෙන් දෛනිකව දරුවන් ද ඇතුළුව විශාල පිරිසක් එක් රැස්වන සත්ත්වෝද්‍යානයෙන් දක්නට නොවේ. සුලෝචනා පැවසු දේ සත්‍යයක් බව භෝජනාගාරය තුළට පිවිසි අපට පසක් විය. එහි කිසිදු පිටස්තරයෙක් අපි නොදුටුවෙමු. දෙහිවල පිහිටි ජාතික සත්ත්වෝද්‍යානය දේශීය සහ විදේශීය සංචාරකයි��්ගේ ආකර්ශනය දිනාගත් ස්ථානයක්. ගේට්ටුව අසල වෙනදා දකින වාහන තදබදය නැත. ප්‍රවේශපත් නිකුත් කරන ස්ථානය හිස්ය පාස්කු ඉරුදින (අප්‍රේල් 21) එල්ලවූ බෝම්බ ප්‍රහාරවල බලපෑම ඊට කෙසේ දැනී ඇත්දැයි මුලින් ම එහි ඇතුළුවනවිට අපට දැනෙන්නට විණි. ගේට්ටුව අසල වෙනදා දකින වාහන තදබදය නැත. ප්‍රවේශපත් නිකුත් කරන ස්ථානය හිස්ය. වෙනදා සතුන්ට වැඩි මිනිසුන් පිරිසක් ගැවසුණු උද්‍යානය හිස් වීම නිසා මේ දිනවල වැඩි නිස්කලංක බවක් සතුන්ට ද දැනී ඇති සෙයකි. වෙනදාට කාර්ය බහුල මෙන්ම කලබලකාරී බවක් පෙන්වන ප්‍රධාන ගේට්ටුවට නුදුරින් පිහිටි කොටු කළ ස්ථානයක සිටි ඔටුවෙක් සන්සුන් බව විඳිමින් බිම වැතිරී සිටී. ""එක බෝම්බයක් පිපිරුනේ සත්ත්ව උද්‍යානයට මදක් දුරින්. අපි ඒ වෙලාවේ උද්‍යානය වැහුවා. ආරක්ෂක තත්ත්වය වැඩි කරලා පසුවදා ම අපි සත්ත්ව උද්‍යානය විවෘත කළා. නමුත් ඒ පණිවුඩය මිනිස්සු අතරට තාමත් හරියට ගිහිල්ල නැහැ වගෙයි. ඒක වෙන්නැති මිනිස්සු තවමත් එන්නේ නැත්තේ,"" පැවසුවේ සත්ත්වෝද්‍යානයේ නිලධාරිනියකි. ""මේ දවස්වල අපේ භෝජනාගාරයේ දිනක අදායම රුපියල් දාහකටත් අඩුයි."" ""අද සිකුරාදා දවසක් (මැයි 03). වෙනදට මේ සත්තු වත්තේ දේශීය සහ විදේශීය සංචාරකයෝ පිරිලා. වහන වේලාව පහු වුණත් සමහර අය යවන්න අපහසුයි. මෙහෙම දෙයක් මට මතක ඇති කාලෙක සිදුවෙලා නෑ,"" ඇය වැඩිදුරටත් පැවසුවාය. බෝම්බ පිපිරීමෙන් පසු ආසන්න දින කිහිපයක පැමිණි නරඹන්නන්ගේ දෛනික සංඛ්‍යාව 10 අඩු බව එහි නිලධාරීහු පැවසූහ. අක්කර 23 ක වපසරියකින් යුතු දෙහිවල සත්ත්වෝද්‍යානයේ සේවකන් පිරිස 225ක් පමණ වෙති. ""මිනිස්සුන්ගේ බය නැති කරන්න කටයුතු කළ යුතුයි"" ඔවුන්ගේ අදහස ය. දෙහිවල සත්ත්වෝද්‍යාන භෝජනාගාරයේ අයකැමි සචිනි සුලොචනා මේ තොරතුරු ද කියවන්න: අදායම ""සතියේ සාමාන්‍ය දවසකට නරඹන්නෝ 2,000ක් 3,000ක් විතර එනවා. සමහර දිනවල 5,000ක් විතර එනවා. විශේෂයෙන් අගෝස්තු මාසයේ සමහර දිනවල 25,000ක් විතර එනවා,"" සත්ත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී පැවසුවාය. සත්ත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී එසේ වූ නරඹන්නන් නිසා ලැබෙන ආදායම අපට මෙසේ පැහැදිලි කළේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ස්ථානයේ නිලධාරියෙකි. ""අපේ දෛනික අදායම සමහර දවස්වල රුපියල් ලක්ෂ 5ත් 6ත් අතර තිබුණා. නමුත් මෙම සිදුවීමෙන් පස්සේ රුපියල් 5000ක් එකතු නොවුණ දවසුත් තිබුණා"" යැයි ඔහු පැවසීය. දෙහිවල සත්ත්ව ��ද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්ත්වෝද්‍යානය සහ හම්බන්තොට, රිදියගම සෆාරි උද්‍යානය පාලනය වන්නේ ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගිනි. ආරක්ෂාව සිකුරාදා දෙහිවල සත්ත්වෝද්‍යානය තුළ මෙසේ ඇවිද ගිය අප දේශීය නරඹන්නන් ලෙස අප දුටුවේ පවුල් දෙකක සාමාජිකයින් පමණි. ""අපේ ගෙදර ඔක්කොම අය ආවා. කට්ටිය නම් අඩුයි. ඒත් ආරක්ෂාව හොඳයි."" පිළියන්දල සිට පැමිණ සිටි එන් ජී විජේරත්න එසේ පැවසීය. මේ වනවිට එහි ඇති ආරක්ෂක වැඩපිළිවෙල අපට පැහැදිලි කළේ ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ ය. ""මේ සඳහා පියවර කිහිපයක් අරගෙන තියෙනවා. එසේම සිවිල් ආරක්ෂක බලකාය මගින් ප්‍රධාන ගේට්ටුව අසල ආරක්ෂාව තර කළා. අපි සෑම දිනකම ගේට්ටු විවෘත කිරීමට පෙර උද්‍යාන ඇතුළ හොඳට පරීක්ෂා කරනවා,"" යනුවෙන් ඇය පැවසීය. එසේම සේවකයින් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙන බව කී අධ්‍යක්ෂ ජනරාල්වරිය, ""අපි හිතනවා ඉදිරි දිනවල නරඹන්නන්ගේ පැමිණීම වැඩිවෙයි කියලා,"" යැයි පැවසුවේ දැඩි අපේක්ෂා සහගතවය. තවත් තොරතුරු:"