diff --git "a/test.csv" "b/test.csv" deleted file mode 100644--- "a/test.csv" +++ /dev/null @@ -1,501 +0,0 @@ -id,url,title,summary,text -140617_iraq_fighting,https://www.bbc.com/sinhala/world/2014/06/140617_iraq_fighting,ඉරාකය පුරා ව්‍යාප්ත වන ගැටුම්,ඉරාක ආරක්ෂක බලකා සහ ඉස්ලාමීය අන්තවාදී කැරලි කණ්ඩායම් අතර ගැටුම් මේ වන විට ඉරාකය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.,ටල් අෆාර් නගරය කැරලිකරුවන්ගෙන් නිදහස් කර ගැනීමට හමුදා උත්සහ කරමින් සිටියි බැග්ඩෑඩ් නගරයට කිලෝමීටර හැටක දුරින් පිහිටි බකුබා නගර බලධාරීන් බීබීසීයට පැවසුවේ බකුබා නගරයේ බලය නැවතත් ඉරාක ආරක්ෂක අංශ විසින් ලබා ගෙන ඇති බවයි. සුන්නි අන්බාර් පළාත ඇතුළුව කැරලිකරුවන් විසින් යටත් කර ගෙන සිටින ඉරාකයේ බටහිරට වන්නට පිහිටි ප්‍රධාන නගරයන්හි දරුණු මට්ටමේ සටන් ඇති වූ බව වාර්තාවේ. කැරලිකරුවන් අතට පත් වූ ඉරාකයේ උතුරට වන්නට පිහිටි ටල් අෆාර් නගරය කැරලිකරුවන්ගෙන් නිදහස් කර ගැනීමට ඉරාක රජයේ හමුදා මේ වන විට උත්සහ කරමින් සිටියි. මේ අතර ඉරාකය තුළ ඇමරිකාවට වැදගත් වන අංශයන්හි සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ඇමරිකානු යුධ භටයන් දෙසිය හැත්තෑපස් දෙනෙකු ඉරාකය තුළ යොදවා තිබේ. -140328_ukraine_imf,https://www.bbc.com/sinhala/world/2014/03/140328_ukraine_imf,ලෝක බලවතුන්ගෙන් රුසියාවට දැඩි බලපෑම්,මොස්කව් අනුග්‍රහයෙන් රුසියාවට ක්‍රිමියාව ඈඳා ගැනීම නීති විරෝධී බව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගින් යෝජනාවක් අනුමත කරන ලදී.,"'දේශසීමාව අසල රුසියානු හමුදා වැඩි කිරීම' යෝජනාව අනුමත වුයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යුක්රේනයට ඇමෙරිකානු ඩොලර් බිලියන 14 සිට 18 දක්වා වූ ණය මුදලක් ලබා දීමට එකඟ වීමෙන් පසුවයි. යුක්රේන දේශසීමාව අසලින් රුසියානු හමුදා ඉවත් කර ගන්න -ඔබාමා රුසියාවට හිතවත් හමුදා යුක්රේනයේ දකුණු අර්ධද්වීපය බද්ධ කර ගැනීමෙන් පසුව රුසියාව සහ බටහිර ජාතීන් අතර නොසන්සුන්තාවක් නිර්මාණය වී තිබේ. සම්බාධක තව දුරටත් යුක්රේනය ආක්‍රමණය කළහොත් රුසියාවට එරෙහිව යුරෝපා සංගමය සහ ඇමෙරිකා එක්සත් ජනපදය දැඩි සම්බාධක පනවන බවට ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා අනතුරු ඇඟවීය. මේ අතරතුර, යුක්රේනයේ පවතින තත්වය පිළිබඳව රටේ ජනතාවගේ අදහස දැන ගැනීම සඳහා රටේ සෑම කලාපයකම ජනමතවිචාරණයක් පවත්වන මෙන් බලයෙන් පහ කළ යුක්රේන ජනාධිපති වික්ටර් යනුකොවිච් ඉල්ලා සිටියේය. ඔබාමා රුසියාවට පලා ගොස් සිටින ඔහු තව දුරටත් කියා සිටියේ එමගින් රටේ ස්වාධිපත්‍යය රැකෙන අතර රට ස්ථාවර වන බවයි. ජනාධිපති ඔබාමා රුසියාවෙන් ඉල්ලා සිටියේ යුක්රේන දේශසීමාව අසලින් සිය හමුදා ඉවත් කර යුක්රේනය සමඟ සාකච්ඡා ආරම්භ කරන ලෙසයි. දේශසීමාව අසල හමුදා වැඩි කිරීම තුලින් යුක්රේනය තැති ගැන්වීමට රුසියාව දරන ප්‍රයත්නයක් හෝ වෙනත් පියවරක පෙරනිමිත්තක් පෙන්නුම් කර ඇති බවද ජනාධිපති ඔබාමා පැවසුවේය." -140711_china_tiger_skin,https://www.bbc.com/sinhala/world/2014/07/140711_china_tiger_skin,චීනය කොටි හම් වෙළඳාම් කරණ බව පිළිගනී,කොටි හම් වෙළඳාමට රට තුළ අවසර දී ඇති බව චීනය ප්‍රථම වරට පිළිගෙන ඇත.,"මෙම පිළිගැනීම සිදු කර ඇත්තේ වඳ වීමේ තර්ජනයට ලක් ව ඇති සතුන් සුරැකීමේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට සහභාගී වූ සාමාජිකයන් විසිනි. වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් සුරැකීමේ ජිනීවා සම්මන්ත්‍රණයේ දී තොරතුරු ඉදිරිපත් කළ සිර කර ගෙන සිටි කොටින්ගේ හම් වාණිජ මට්ටමෙන් වෙළඳාම් කිරීමට චීනය විසින් අවසර දී ඇති බව ප්‍රමුඛ පෙළේ වාර්තාවක් චෝදනා කරයි. චීනය තුළ කොටි අස්ථි වෙළඳාම නීතියෙන් තහනම් කොට තිබේ. නමුත් කොටි හම් වෙළඳාම පවතින බව පිළිගැනීම, වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් සුරැකීමේ ප්‍රඥප්තියට අත්සන් තැබූ රටක් ලෙස ප්‍රතිචාර දැක්වීමක් බවයි සම්මන්ත්‍රණයට සහභාගී වුවන් පැවසුවේ. කොටි හම් ලබා ගැනීමට සහ ශරීර කොටස් වෙළඳාම් කිරීමට කොටි ගොවිපළවල් පවත්වා ගෙන යාමේ ප්‍රමුඛ පෙළේ රටක් ලෙස චීනය හඳුනාගෙන තිබේ. වන ජීවී විශේෂඥයන් පවසන්නේ චීනයට අමතරව වියට්නාමය, තායිලන්තය, ලාඕසය, කාම්බෝජය, මැලේසියාව සහ ඉන්දුනීසියාව මෙලෙස වාණිජ මට්ටමෙන් හම් සහ ශරීර කොටස් වෙළඳාම් කිරීම සඳහා කොටි ගොවිපළවල් පවත්වා ගෙන යන බවයි. කොටි හම් සහ දිවි හම් සුඛෝපභෝගී නිවෙස් සැරසීමට යොදා ගැනීම සඳහා චීනයේ විශාල ඉල්ලුමක් පවතින බවත් වාර්තා වේ." -130928_unp,https://www.bbc.com/sinhala/sri_lanka/2013/09/130928_unp,එක්සත් ජාතික පක්ෂය ගොඩ ගැනීමේ වැදගත් හා ක්ෂණික තීන්දු,එක්සත් ජාතික පක්ෂය වැදගත් හා ක්ෂණික තීන්දු රැසක් ගෙන යළි ජනතාව අතරට යා යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.,"බල ගැන්වීම මෙවර පළාත් සභා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය විශාල වශයෙන් පසු බෑමට ලක්ව ඇති බව පිළිගන්නා ඔහු කියා සිටියේ ඉකුත් වසර තුනක පමණ කාලයක සිට පක්ෂය බල ගැන්වීම සඳහා තමන් පුළුල් ලෙස ක්‍රියා කළ බවයි. පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වය පක්ෂයේ පරාජය හමුවේ ඇති ගැටලුව බවට ඉස්මතුව ඇති මතය ගැන අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස කියා සිටියේ එසේ ගැට‍ළු ඇති බව පෙන්වා ���ී ඇත්තේ පක්ෂ නායකයාගේම සමීපතම හිතවතුන් විසින් බවයි. පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ සමග ඔවුන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇති බව පැසවූ ඔහු, නායකත්වය පක්ෂයේ පරාජයට හේතුවී ඇත්දැයි, රනිල් වික්‍රමසිංහ නායකයා ආරක්ෂා කරන එම කණ්ඩායමෙන් ඇසිය යුතු බව කියා සිටියේය. අදහස් හා යෝජනා පක්ෂය මුහුණ දෙන වත්මන් තත්වයෙන් ගොඩ ඒම පිණිස කුමන ක්‍රියා මාර්ගයක් අනුගමනය කරන්නේ දැයි කළ විමසුමේ දී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ පක්‍ෂය ඉදිරියට යා යුතු ආකාරය ගැන අදහස් හා යෝජනා රැසක් ඉදිරිපත් කලද ඒ හමුවේ විශාල බාධා හා අභියෝග රැසකට මුහුණ දීමට සිදුවූ බවයි. මේ නිසා ඒ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගැනීමේ වාරය පාක්ෂිකයන්ට සහ සෙසු මහජනතාව වෙත පැවරී ඇති බවයි සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ." -world-40756804,https://www.bbc.com/sinhala/world-40756804,'කාන්තාවන් පමණයි' පොලිස් ඒකක,ලිංගික හිංසන මැඩලීමේ එක් පියවරක් වශයෙන් ඉන්දියාවේ ඇතැම් නගර තුළ කාන්තා පොලිස් ඒකක ක්‍රියාත්මක වේ.,"රාජස්තාන් ප්‍රාන්තයට අයත් ජායිපූර් නගරයේ ක්‍රියාත්මක කාන්තා පොලිස් ඒකකය ඒ අතරින් එකකි. සේවය සඳහා යෙදවීමට පෙර කාන්තා නිලධාරිනියන්ට නීතිය හා සටන් කලාව පිළිබඳ මාස ගණනක පුහුණුවක් සැපයේ. කාන්තාවන් ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීම සහ හිංසනයට ලක්වීම වළකාලීම සඳහා පොලිස් නිලධාරිනියෝ පාසල්, බස් නැවතුම් සහ උද්‍යාන ආසන්නයේ මුර සේවයේ යෙදෙති. කාන්තා පොලිස් ඒකකයක් පිහිටුවීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ඇතැම් පුරුෂයන් ද දක්වන්නේ සාධනීය ආකල්පයකි. ""මේක හරිම හොඳ වැඩක් මොකද රාජකාරියේ නිරත මේ කාන්තාවන් දැක්කම මිනිස්සු බය වේවි. එක පිරිමියෙක් ගුටි කෑවොත් වැරදි කරන අනෙක් පිරිමින්ට නිකන්ම ඒක දැනේවි. ඒකයි මම හිතන්නේ මේක හොඳ අදහසක් කියලා"" යනුවෙන් ජායිපූර්හි වෙසෙන පුරුෂයෙක් පැවසීය. දුරකතනයෙන් හෝ 'වට්ස්ඇප්' ඔස්සේ කාන්තාවන්ගෙන් පමණක් සැදුම්ලත් පොලිස් ඒකක දුරකතනයෙන් හෝ වට්ස්ඇප් ඔස්සේ උදව් ඉල්ලා තමන් ඇමතිය හැකි බව කාන්තා පොලිස් ඒකකය පවසයි. ලිංගික අපරාධ පිළිබඳ පොලිස් නිලධාරීන් වෙත පැමිණිලි කිරීමට ඇතැම් කාන්තාවෝ බියක් දක්වති. සිය ඒකකය ආරම්භ කිරීමෙන් අනතුරුව අපරාධ සිදු වීමේ සහ වාර්තා වීමේ පැහැදිලි අඩුවක් දක්නට ඇති බව ජායිපූර් නගරයේ කාන්තා පොලිස් ඒකකය වැඩිදුරටත් පැවසීය." -sri-lanka-54234146,https://www.bbc.com/sinhala/sri-lanka-54234146,මහනුවර ගොඩනැගිල්ල කඩා වැටීමේදී 'පලා ගිය බව කියන' පවුලේ පුත්‍රයා බීබීසී යට කතා කරයි,තිදෙනෙකුට ජීවිත අහිමි වූ මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ මහල් පහකින් සමන්විත ගොඩනැගිල්ලක් කඩා වැටීම නාය යෑමක් නොව ඉදිකිරීම් පිළිබඳ ගැටලුවක් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ [NBRO] අදහස වී තිබේ.,"විපතට පත්වූවන් මුදාගැනීමට සහ සුන්බුන් ඉවත් කිරීමට හමුදාවේ සහය ලැබේ එහි අධ්‍යක්ෂ ජනරාල්, ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන බීබීසී සිංහල සේවයට පැවසුවේ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ල පිහිටි ප්‍රදේශය නාය යාමේ අවදානම් කලාපයකට අයත් නොවන අතර ගොඩනැගිල්ල කඩා වැටීම ක්ෂණිකව සිදු වූ ක්‍රියාවලියක් විය නොහැකි බව බවය. ""ගොඩනැගිල්ල කඩා වැටෙන්න කලින් පැලීම්, ශබ්ද ඇසීම් තියෙනවා. අපේ මතය හා අත්දැකීම් අනුව මේක අඩු ගානේ පැය කිහිපයක ක්‍රියාදාමයක්. මූලික වශයෙන් තැනට සරිලන ඉදිකිරීමක් නොවෙයි මෙතන කරලා තියෙන්නේ. නිම්නයක හෝ බෑවුමක ඉදිකිරීමක් කරනකොට අත්තිවාරම ටිකක් යටට දාන්න ඕනා. එක්කෝ මවු පාෂාණයට සම්බන්ධ කරන්න ඕන. ඒ ක්‍රමවේද අනුව ඉදිකරා කියලා දැනට තියෙන නිරීක්ෂණ අනුව තහවුරු වෙන්නේ නෑ,"" යනුවෙන් ඉංජිනේරු, ආචාර්ය ආසිරි කරුණාවර්ධන පැවසුවේය. සැප්තැම්බර් 20 වැනිදා අලුයම් කාලයේදී සිදු වූ මෙම අනතුරෙන් කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලට යාබද ගොඩනැගිල්ලක ජීවත් වූ තරුණ අඹුසැමි යුවලක් සහ ඔවුන්ගේ මාස එකහමාරක් පමණ වයසැති බිළිඳිය ජිවිතක්ෂයට පත් වූහ. සුන්බුන් අතර සිර වී සිටි කාන්තාවන් දෙදෙනෙකුගේ දිවි බේරාගැනීමට පොලීසිය, ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශවලට හැකිවිණ. ""කාටවත් කියන්න වෙලාවක් තිබුණේ නෑ...සියල්ල වුණේ විනාඩි අටක් ඇතුළත"" මහල් පහකින් සමන්විත ගොඩනැගිල්ල කඩා වැටීමට පෙර එහි හිමිකරු, ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනා අදාළ ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණ ඔවුන්ගේ ජීප් රථයෙන් එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණි. ඔවුන් පලා නොගොස් අසල්වාසීන්ට දැනුම් දුන්නේ නම් ඒ අයගේ දිවි බේරාගැනීමට හැකියාව තිබූ බව ද මාධ්‍ය ඔස්සේ වාර්තා කෙරුණි. මාස එකහමාරක් පමණ වයසැති බිළිඳිය රෝහල් ගත කරන විට ද මියගොස් තිබුණි. එම සිදුවීම සම්බන්ධයෙන් අදාළ ගොඩනැගිල්ලේ හිමිකරුගේ පුත්‍රයා වන හේෂාන් ලෙවුකේ බීබීසී සිංහල සේවයට මෙලෙස කියා සිටියේය. ""පස්වෙනි තට්ටුවේ තමයි මම නිදා ගන්නේ. අම්මි, නංගි සහ අප්පච්චි නිදා ගන්නේ උඩ ඉඳන් තුන්වෙනි තට්ටුවේ. එකපාරට මගේ ඇඳ හෙල්ලිලා මාව ඇහැරුණා. වැටවල් හෙල්ලිලා බල්ලෝ බුරන සද්ද ටිකකුත් ඇහුණා. හොරෙක් ඇවිත් වගේ සිද්ධියක් කියලා හිතලා අම්මිට කෝල් කළා. අම්මිටත් ඒ සද්දය ඇහිලා එයත් ඇහැරිලා. අම්මි බැල්කනිය පැත්තට ගිහිං බලනකොට එහා ගෙදර අංකල් කියලා තියෙනවා ඔයාලගේ ගෙදර කණුවක් හෙලවෙනවා. ඉක්මණට ගෙදරින් එළියට යන්න කියලා,"" යනුවෙන් ඔහු පැවසුවේය. ඉන් අනතුරුව තමන් ඉතා ඉක්මණින් ජීප් රථය පණ ගන්වා මව, පියා සහ නැගණිය සමග එම ස්ථානයෙන් ඉවත් වූ බව ඔහු කියා සිටියේය. ""ගේට්ටුව ඇරියම බල්ලෝ එළියට ආවා. අපි ජීප් එකට නැගලා ඉක්මණින් ගෙවල් උඩ තියෙන 'ලේක් ක්ලබ්' එක පැත්තට ගියා. මම ඒ වෙලාවේම නුවර පොලිසියට කතා කළා. එතකොට වෙලාව හරියටම පාන්දර පහයි. ඒ කියන්නේ මම ඇහැරුණු ගමන් අම්මිට කෝල් කළේ 4.52ට. කාටවත් කියන්න වෙලාවක් තිබුණේ නෑ. සියල්ල වුණේ විනාඩි අටක් ඇතුළත,"" යනුවෙන් හේෂාන් වැඩිදුරටත් සඳහන් කළේය. අදාළ නිවස ඉදිකිරීමේදී ඊට අදාළ සියලු අංශවල අනුමැතිය ලබාගෙන ඇති බව ද ඔහු කියා සිටියේය. මෙම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. ගොඩනැගිල්ල කඩා වැටීම ක්ෂණිකව සිදු වූ ක්‍රියාවලියක් විය නොහැකියි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් කියයි ""සද්දේ ඇහුණා, වැඩිය ගණන් ගත්තේ නෑ"" සුන්බුන් අතර සිරවී සිටියදී දිවි බේරා ගැණුනු කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු සිය අත්දැකීම් පිළිබඳ කළ විස්තරය ඇතැම් මාධ්‍යවල වාර්තාවූයේ මෙසේය. ""පාන්දර පහට විතර පොඩි පොඩි සද්ද ඇහුණා නිකං පෙරළෙනවා වගේ සද්ද. වැඩිය ගණන් ගත්තේ නෑ. මට ඇහැරුණා ඒ සද්ද වලට. පස්සේ එක පාරටම ඔක්කොම කඩාගෙන ආවා. අපේ රූම් එකත් භාගෙකට වඩා යට වෙලා මම ඉන්න හරියයි, නැන්දා ඉන්න හරියයි ඇඳේ කෑල්ලයි විතරයි ඉතුරු වෙලා තිබුණේ. ඊට පස්සේ අපි 119 කතා කළා,"" යනුවෙන් ඇය සඳහන් කර තිබුණි. දිවි බේරා ගැනුණු කාන්තාවන් දෙදෙනා රැදී සිටියේ අනතුරින් මිය ගිය තිදෙනා නිදා සිටි කාමරයට යාබද කාමරයේ ය. මේ අනතුර සිදුවන අවස්ථාව වන විට එම ප්‍රදේශයට වැසි ඇද හැලුණු බව ද වාර්තා විය. මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ තම ආයතනය සපයන උපදෙස් සහ නිර්දේශ බිම් මට්ටමේ නිසි ලෙස ක්‍රියාත්මක නොවන තත්ත්වයක් පෙනෙන්නට ඇති බවය. නාය යාමේ අධි අවදානම් කලාපවල පවුල් 15,000ක් නාය යාමේ අවදානමක් සහිත ප්‍රදේශ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ���ංවිධානය විසින් සිතියම් ගත කරනු ලැබ ඇත. ඒ අනුව පවුල් 15,000ක් නාය යාමේ අධි අවදානම් කලාපවල ජීවත්වන බවට හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන පවසයි. ශ්‍රී ලංකාවේ භූමියෙන් 20%ක පමණ නාය යාමේ අවදානමක් ඇති බවට හඳුනාගෙන තිබේ. ලංකාවේ ජනගහනයෙන් 30%ක් ජීවත් වෙන්නේ එම අවදානම් ප්‍රදේශය තුළ ය. ""අධි අවදානම් කලාපවල ඉන්න අයගෙන් පවුල් 6000ක් විතර ඉන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ. ඒ පවුල් සුරක්ෂිත තැන්වල නැවත පදිංචි කිරීමේ වැඩපිලිවලක් ගෙනියනවා. දැන් ගෙවල් 3000ක් විතර හදලා තියෙනවා. අපි පිළිගන්නවා ඒකෙ යම්කිසි මන්දගාමී තත්ත්වයක් තියෙනවා. එය කඩිනම් කළ යුතුයි. ඒ පිළිබඳවත් සාකච්ඡා පවත්වනවා,"" යනුවෙන් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන සඳහන් කළේය. නාය යාමේ අවදානමක් සහිත ප්‍රදේශ අධි අවදානම්, මධ්‍ය අවදානම් සහ මද අවදානම් ලෙස කලාප තුනකට බෙදා තිබේ. එම කලාපවල ඉදිකිරීම් සිදු කිරීමේදී අනුගමනය කළ යුතු උපදෙස් හා නිර්දේශ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරනු ලැබේ. ""ඒ උපදෙස් හා නිර්දේශ දුන්නට ඒ අනුව ඉදිකිරීම් කරනවද කියන පසුවිපරම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඒකෙ වගකීම තියෙනවා පළාත් පාලන ආයතන සහ නාගරික සංවර්ධන අධිකාරිය වගේ අනුමැතිය දෙන ආයතන වලට. එතැනදී අපි දැකපු දෙයක් තමයි අපි දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී බිම් මට්ටමේදී ගැටලුකාරී තත්ත්වයක් සහ අධීක්ෂණය කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමා බොහෝ ප්‍රශ්න වලට මුල,"" යනුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වරයා වැඩිදුරත් කියා සිටියේය. ප්‍රධාන වශයෙන් නාය යාමේ අවදානමක් සහිත දිස්ත්‍රික්ක දහයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් හඳුනාගනු ලැබ තිබේ. බදුල්ල, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර, කළුතර, මාතලේ, මහනුවර හම්බන්තොට, මාතර සහ රත්නපුර ඊට අයත් වේ. ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම වැනි ප්‍රදේශවල ද නාය යාම් සිදුවිය හැකි බවට හඳුනාගෙන ඇත." -sri-lanka-49744059,https://www.bbc.com/sinhala/sri-lanka-49744059,ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කෙරේ,ශ්‍රී ලංකාවේ මීළඟ විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ මැතිවරණය ලබන නොවැම්බර් 16 වෙනි දින පවත්වනු ලබන බව මැතිවරණ කොමිසම පවසයි.,"ඒ අනුව ජනපතිවරණය සඳහා ලබන ඔක්තෝබර් 07 වෙනි දින උදෑසන 9 සිට 11 දක්වා නාම යෝජනා භාරගනු ලබන බව මැති���රණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය බීබීසී සිංහල සේවයට පැවසීය. නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීම පිණිස එදින උදෑසන 9 සිට 11:30 දක්වා අවස්ථාව පවතින බවත් ඔහු කියා සිටියේය. බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 19) සිට ඔක්තෝබර් 06 වෙනි දින දක්වා නාම යෝජනා සඳහා ඇප මුදල් තැන්පත් කළ හැකි අතර, ජනපතිවරණයට ඉදිරිපත්වීමේ අභිලාශය 20 දෙනෙකු පමණ මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබෙන බව ද සභාපතිවරයා සඳහන් කළේය. මේ අතර නිවේදනයක් නිකුත් කරන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය ප්‍රසිද්ධ කිරීම සඳහා රජයේ මුද්‍රණාලයාධිපති වෙත යවා ඇති බවය. මෙතෙක් සිදු වූ දේ: 2019 නොවැම්බර් 16 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති වරයා තෝරා ගැනීමට නියමිතය. වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට නැවතත් ඉදිරිපත් වන්නේ ද යන්න මෙතෙක් ප්‍රකාශයට පත්කර නැත. මේ වන විට විවිධ පක්ෂ නියෝජනය කරමින් කිහිප දෙනෙකුම තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව නිවේදනය කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය සිය ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා ගෝඨාභය රාජපක්ෂ නම් කළේය. •ගෝඨාභය රාජපක්ෂ 2019 අගෝස්තු 11 වෙනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය සිය ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා ගෝඨාභය රාජපක්ෂ නම් කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ බව නිවේදනය කළේ එදින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය අමතමිනි. ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ පාලනයේ ආරක්ෂක ලේකම් ලෙස 2005 වසරේ සිට 2014 දක්වා කටයුතු කළේය. 'ජාතික ජන බලවේගයේ' ජනාධිපති ධූර අපේක්ෂකයා අනුර කුමාර දිසානායක •අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණ සහ ඊට සහයෝගය දෙන සිවිල් සංවිධාන එකතුවෙන් සැදුම් ලත් 'ජාතික ජන බලවේගයේ' ඔවුන්ගේ ජනාධිපති ධූර අපේක්ෂකයා වශයෙන් අගෝස්තු 18 වෙනිදා අනුර කුමාර දිසානායක නම් කරනු ලැබිණි. පක්‍ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහ අනුප්‍රාප්තික නායක සෝමවංශ අමරසිංහගෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස 2014 පෙබරවාරි සිට ඔහු කටයුතු කරයි. •ආචාර්ය අජන්තා පෙරේරා ප්‍රකට පරිසරවේදිනියක් වන ආචාර්ය අජන්තා පෙරේරා ජනපති ධූරය සඳහා වසර 20කට පසු තරග වදින පළමු කාන්තාව වේ. 1999 වසරේ පැවති ජනාධිපතිවරණය සඳහා හිටපු ජන���ධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග ඉදිරිපත් වීමෙන් අනතුරුව 2005, 2010 සහ 2015 ජනාධිපතිවරණ සඳහා කාන්තාවන් තරග කර නොමැත. ඇය ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂිකාව ලෙස මෙවර තරග වදිනු ඇත. •දුමින්ද නාගමුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනධිපති ධූර අපේක්ෂකයා ලෙස සැප්තැම්බර් 9 වෙනිදා දුමින්ද නාගමුව නම් කළේය. ඔහු වමේ පක්ෂ සන්ධානයකින් 2015 ජනාධිපතිවරණයට ද තරග වැදුනි. නාගමුව මේ වනවිට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා ලෙස කටයුතු කරයි. එජාප නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ කතානායක කරු ජයසූරිය එක්සත් ජාතික පක්ෂයේ තීරණය: ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ මෙතෙක් තම ජනාධිපති ධූර අපේක්ෂකයා නම් කර නොමැත. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ කතානායක කරු ජයසූරිය තිදෙනාම පක්ෂයේ අපේක්ෂකත්වය අපේක්ෂා කරන බව මාධ්‍ය වාර්තාවල දැක්වේ. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ 1999 සහ 2005 වසර වලදී ජනාධිපති ධූරය සඳහා තරග කර තිබේ. මෙවර ද, ඊට තරග කරන බව ඔහු පවසයි. නමුත් සජිත් ප්‍රේමදාස පවසන්නේ ඔහු කෙසේ හෝ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවය. ඔහුට මංගල සමරවීර, මලික් සමරවික්‍රම, හරීන් ප්‍රනාන්දු, සහ පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් අමාත්‍යවරු ඇතුළු පිරිසක් ඔහුට සහය පළ කරති. මේ අතර ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වන ලෙස තමන්ට ද ඉල්ලීම් ඉදිරිපත් වන බව පවසමින් කතානායක කරු ජයසූරිය අඟහරුවාදා (සැප්තැම්බර් 17) නිවේදනයක් නිකුත් කළේය. පක්ෂයෙන් ඒකමතික ඉල්ලීමක් ඉදිරිපත් වන්නේ නම් තරඟ කිරීමට සූදානම් බව කතානායකවරයා මීට ඉහතදී බීබීසී සිංහල සේවයට පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය: වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර ජනාධිපති ධූර අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනු ඇතිද යන්න පැහැදිලි නැත. නමුත් එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පසුගියදා මැතිවරණ කොමිසමට දන්වා තිබුණේ තම පක්ෂය ජනාධිපති ධූර අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවය. අනෙක් අපේක්ෂකයන්: නීතිඥයකු වන නාගානන්ද කොඩිතුවක්කු සහ ව්‍යාපාරිකයෙකු වන රොහාන් පල්ලෙවත්ත ද ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වන බව පවසති. ඔවුන් පසුගිය දා සන්ධාන ගතවූ බවට ද වාර්තා පළවිණි. මැතිවරණ මහලේකම් කාර්යාලයේ ලියාපදිංචි පක්ෂ තුනක් සහ රොහාන් පල්ලෙවත්ත නායකත්වය දරන ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සන්ධානගතව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එහි දැක්විණ. බීබීසී සිංහල සේවය කළ විමසීමකදී රොහාන් පල්ලෙවත්ත සඳහන් කළේ තමන් ""විකල්ප බලවේගයන්ගේ ජාතික සන්ධානය"" ලෙස ඉදිරියේදී සිය ඡන්ද ව්‍යාපාරය දියත් කරන බවය බවය. කියවන්න:" -sri-lanka-37301999,https://www.bbc.com/sinhala/sri-lanka-37301999,'ඉගිල්ලෙන මාළුවෝ' සිට 'දැවෙන විහඟුන්' දක්වා,සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ 'දැවෙන විහඟුන්' චිත්‍රපටය (Burning Birds) විසි එක් වන බුසාන් අන්තර්ජාතික සිනමා උළෙලේ තරඟකාරී අංශය සඳහා තේරී තිබේ.,"ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ 'අනන්ත රාත්‍රිය' සහ අරුණ ජයවර්ධනගේ 'නිකිණි වැස්ස' යන චිත්‍රපටවලින් පසු සිංහල ශ්‍රී ලාංකීය චිත්‍රපටයක් බුසාන් උළෙලේ තරඟකාරී අංශයට තෝරා ගැනුණු පළමු අවස්ථාව මෙයයි. ""බුසාන් සිනමා උළෙලට චිත්‍රපටයක් තේරුණා කියන්නේ, සිනමා කර්මාන්තයේ සිටින අයගේ අවධානයක් දිනා ගැනීමේ අවස්ථාවක් ලෙසයි මම දකින්නේ. මීට අමතරව පුද්ගලික ගත්තොත් මෙය විශාල ජයග්‍රහණයක්,"" සංජීව පුෂ්පකුමාර කියා සිටියේ බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි. සංජීව පුෂ්පකුමාරගේ කුළුඳුල් සිනමා නිර්මාණය වූ 'ඉගිල්ලෙන මාළුවෝ' චිත්‍රපටයට ජාත්‍යන්තර අවධානයට ලක් වූ නමුත් ඒ සඳහා ශ්‍රී ලංකාව තුළ පළ වූයේ වෙනස් ආකාරයේ ප්‍රතිචාරයක්. ''කිසියම් අභිලාශයක් එක්ක තමයි මම සිනමාවට ඇතුල් වුණේ. ඒ නිසා ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ ඇති වෙච්ච ක්‍රියාවලිය පිළිබඳ මට කණගාටුවක් නැහැ.'' 'ඉගිල්ලෙන මාළුවෝ' ''දේශපාලන අර්ථයෙන් කලාකරුවන්ට තිබෙන නිදහස පිළිබඳ කනගාටු වෙන්න පුළුවන්. නමුත් සිනමාකරුවෙක් වශයෙන් මම කනගාටු වෙන්නේ නැහැ. ඒක මගේ ජීවිතයේ එක සිදුවීමක් පමණයි.'' ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටය හරහා ලැබුණු අන්තර්ජාතික පිළිගැනීම සිය දෙවන සිනමා නිර්මාණය සඳහා අඩිතාලමක් වූ බවයි සංජීව පුෂ්පකුමාර පවසන්නේ. ''මගේ ඉගිල්ලෙන මාළුවා චිත්‍රපටය සිනමා උළෙල කීපයක දී පෙන්නන්න අවස්ථාව ලැබුණා. මේ අවස්ථාව තුලින් අන්තර්ජාතික වශයෙන් මගේ නිර්මාණවලට හොඳ පිළිගැනීමක් තිබුනා,"" ඔහු පැවසීය. ''ඒ හරහා මට හැකිවුනා ප්‍රංශයේ කාන් (Cannes) සිනමා උළෙලදී මේ චිත්‍රපටය සඳහා තිර රචනය ලියන්න අවස්ථාව ලැබුණා. ඉන් පසුව ආයතන කීපයක දී මේ චිත්‍රපටය සඳහා මට අනුග්‍රහය ලැබුණා.'' තමන් විදේශීය සිනමා උළෙල ඉලක්ක කොට චිත්‍රපට නිර්මාණය කරන බවට ඇතැමුන් දරන මතය නිවැරදි නොවන බවත් නවක සිනමාවේදී සංජීව පුෂ්පකුමාර පේනවා දෙයි. 'අභියෝග' ''අපි විදේශීය රටවලට චිත්‍රපට කරනවා කියලා බොහෝ අය හිතන්නේ. ඒක සම්පූර්ණයෙන්ම මුසාවක්. සිනමාකරුවෙකු විදිහට පවතින්න අවශ්‍ය නම්. කිසිම කෙනකුට තමාගේ රටේ චිත්‍රපටයක් පෙන්නන්නේ නැතිව ඒක කරන්න බැහැ.'' ''තමන්ගේ රට තුළ ලැබෙන ආශ්වාදය සිනමාකරුවෙකුට වැදගත් වෙනවා. නමුත් අපේ රටේ තිබෙන යාන්ත්‍රණය හේතුවෙන් අපිට විශාල කාලයක් බලා ගෙන ඉන්න වෙලා තිබෙනවා.'' අනිකුත් රටවල මෙන් එවැනි අභියෝග ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සියලු සිනමාකරුවන් එක්ව සංසදයක් බවත් සිනමා අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර වැඩිදුරටත් කියා සිටියේය. මහේන්ද්‍ර පෙරේරා, සමනලී ෆොන්සේකා, අනෝමා ජනාදරී, චාන්දනී සෙනවිරත්න, ලීයෝනි කොතලාවල, ශ්‍යා‍ම් ප්‍රනාන්දු, දසුන් පතිරණ, පුබුදු චතුරංග, ධර්මපි‍්‍රය ඩයස්, තිස්ස බණ්ඩාරනායක, පි‍්‍රයංකා සමරවීර, දර්ශන් ධර්මරාජ්, සංජීව දිසානායක ඇතුළු පිරිසක් දැවෙන විහඟුන් සඳහා රංගනයෙන් දායක වෙති." -131104_chogm_alternative_summit,https://www.bbc.com/sinhala/sri_lanka/2013/11/131104_chogm_alternative_summit,රාජ්‍ය නායක සමුළුවට එරෙහිව විකල්ප සමුළුවක්,පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට එරෙහිව විකල්ප සමුළුවක් මෙම මස 13 සහ 14 වැනි දිනවල කොළඹදී පවත්වන බව නව සමසමාජ පක්ෂය පවසයි.,"'රටට කීර්තියක් ලැබෙනවා මොකද රට තුල තවමත් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ජනතාවක් ඉන්න එකට' බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ඒ බව කියා සිටි පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ප්‍රදර්ශනයක් හා විරෝධතා ව්‍යාපාරයක්ද විකල්ප සමුළුවට ඇතුලත් බවත් කියා සිටියේය. මේ වන විට සමගි බලවේගය නමින් සංවිධානය වී සිටින විපක්ෂයේ පක්ෂ එකතුවත්, වෘත්තීය සමිති එකතුවත්, සිවිල් සමාජ සංවිධානත් විකල්ප සමුළුවට සහභාගි වන බවද ඔහු සඳහන් කළේය. සත්‍ය හෙළිදරව් කිරීමේ තේමාව යටතේ පවත්වන මෙම විකල්ප සමුළුවේදී නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම, අතුරුදහන්වීම්, දේශපාලන සිරකරුවන්, අධ්‍යාපනය සහ පරිසර දූෂණය වැනි ක්ෂේත්‍ර ගණනාවකම කතිකාවන් පවත්වන බවද විකල්ප සමුළුවේ කැඳවුම්කරු වන ආචාර්ය කරුණාරත්න පැවසීය. 'රටට කීර්තියක්' පක්ෂ අභ්‍යන්තරයේ කුමන මතභේද තිබුණත්, රටේ ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයද විකල්ප සමුළුවට සහභාගි වන බ��ද ඔහු කියා සිටියේය. රාජ්‍ය නායකයන් ගණනාවක් ශ්‍රී ලංකාවට පැමිණෙන මොහතක මෙවන් විකල්ප සමුළුවක් හා විරෝධතාවක් පැවැත්වීමෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව අපකීර්තියට ලක් නොවන්නේදැයි සංදේශය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ, අපකීර්තියට පත් වන්නේ රට නොව ආණ්ඩුව බවයි. ""අපකීර්තියක් ලැබෙනවා ආණ්ඩුවට. රටට කීර්තියක් ලැබෙනවා මොකද රට තුල තවමත් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන, දෙමළ ජනතාවගේ අයිතීන් සුරකින, ජාතිවාදයට විරුද්ධ ජනතාවක් ඉන්න එකට,"" යන්න ඒ ප්‍රශ්නයට ඔහුගේ ප්‍රතිචාරයයි. පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පැවෙත්වෙන සමය තුල විපක්ෂය සංවිධානය කිරීමට සැරසෙන විරෝධතාවය සම්බන්ධයෙන් සංදේශය කළ විමසීමකට පිළිතුරු දුන් රජයේ ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා එය විග්‍රහ කළේ වගකීම් විරහිත ක්‍රියාදාමයක ලෙසින්. ""ජාත්‍යන්තර සමුළුවක් එක දේශපාලන පක්ෂයකට සිමා වෙච්ච් දෙයක් නෙමෙයි. ඒක රටක් එක්ක වෙන ගනුදෙනුවක්, එතැනදී ඔවුන්ගේ හැසිරීම හා ක්‍රියාකලාපය පිළිබඳව රටේ ජනතාව නිවැරදි තීරණයක් ගනීවි,"" බවයි ඇමතිවරයා පවසන්නේ." -world-41280304,https://www.bbc.com/sinhala/world-41280304,මියන්මාරය සහ රෝහින්ග්‍යා අර්බුදය ගැන ශ්‍රී ලංකා ආණ්ඩුවේ ස්ථාවරය,බටහිර මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ පවතින ගැටුම්වලින් බේරීම පිණිස පලා ගිය රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් හාර ලක්ෂයකට ආසන්න පිරිසක් මේ වනවිට බංග්ලාදේශයේ තාවකාලික කූඩාරම්වල ලැගුම් ගෙන සිටිති.,"ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය නිකුත් කළ චන්ද්‍රිකා ඡායාරූප කාන්තාවන් සහ කුඩා දරුවන් බහුතරයක් ඇතුළු එම අනාථයන් ඉතාමත් දුෂ්කර තත්වයන් යටතේ එම කඳවුරුවල කල් ගෙවන බව බීබීසී වාර්තාකරුවෝ පවසති. මේ අතර නිවේදනයක් නිකුත් කරන ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය, මියන්මාරයේ රෝහින්ග්‍යා ජනතාව වෙසෙන ගම්මාන පුළුස්සා දැමීමේ ""සංවිධානාත්මක ව්‍යාපාරයක්"" දියත් වී ඇති බව සනාථ කෙරෙන චන්ද්‍රිකා ඡායාරූප ප්‍රකාශයට පත් කළේය. මියන්මාරයේ ආරක්ෂක හමුදාව රෝහින්ග්‍යා වැසියන් සිය රටින් පලවා හැරීමට උත්සාහ දරන බව එම චන්ද්‍රිකා ඡායාරූප මගින් සනාථ කරන බව ද ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසයි. එහෙත් සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන හමුදාව පවසන්නේ, සිය මෙහෙයුම දියත්කර තිබෙන්නේ රෝහින්ග්‍යා සන්නද්ධ කණ්ඩාය���්වලට එරෙහිව පමණක් බවය. රඛයින් ප්‍රාන්තයේ බහුතරය වන බුරුම ජාතිකයන් බෞද්ධයන් වන අතර, බංග්ලාදේශයේ සිට එහි පැමිණ පදිංචි වී සිටින රෝහින්ග්‍යා ජනතාව ඉස්ලාම් භක්තිකයෝය. රෝහින්ග්‍යා ජනතාව ""නීති විරෝධී සංක්‍රමණිකයන්"" බව පවසන මියන්මාරය, පරම්පරා ගණනාවක් සිය රටේ වාසය කළත් ඔවුන්ට පුරවැසිභාවය ලබාදීම ප්‍රතික්ෂේප කරයි. මියන්මාරයේ ආණ්ඩුව සහ රෝහින්ග්‍යා ජනතාව අතර පවතින මේ ගැටුම පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුව නිල වශයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කළ බවක් මෙතෙක් වාර්තා වී නොතිබුණි. නෆ් ගංගාව තරණය කර බංග්ලාදේශයට ළඟා වීමට රෝහින්ග්‍යා වැසියන් බොහෝ දෙනෙක් උත්සාහ කරති බීබීසී සිංහල සේවය ඒ පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේ විදේශ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක කියා සිටියේ, ""මියන්මාරය පිළිබඳව අපි දරන ස්ථාවරය තමයි, අපි විශ්වාස කරනවා සියලුම රටවල් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු කරන්න ඕනේ. ඒ වගේම ඒ රටේ ජීවත්වෙන සියලුම වාසීන් ගේ අයිතිවාසිකම් රැකගන්න ඕනේ කියන එක,"" බවය. 'හුදෙකලා කරන්න එපා' කෙසේ වුවත් මේ අවස්ථාවේ මියන්මාරය හුදෙකලා නොකර, සාකච්ඡා මාර්ගයෙන් එම ගැටලුවට විසඳුම් සොයා ගත යුතුය යන්න මිත්‍ර රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ""අපි හිතන්නේ නෑ, ජාත්‍යන්තරව ඔවුන්ව කොන් කිරීමෙන් අපිට විසඳුමක් ලැබෙයි කියල."" කාන්තාවන් සහ දරුවන්ගේ වේදනාව සිය රටේ ජන කොටසක් බරපතල ව්‍යසනයකට මුහුණ දී සිටින අවස්ථාවක මුනිවත රකින බවට මියන්මාරයේ නිල නොවන නායිකා ඕන් සාන් සුචීට එරෙහිව එල්ලවන චෝදනා පිළිබඳව බීබීසී සිංහල සේවය විමසූ අවස්ථාවේ විදේශ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක කියා සිටියේ, සිය රටේ ""නිදහස වෙනුවෙන් කටයුතු කළ වීර කාන්තාවක"" වන ඇයට තවමත් සම්පූර්ණ බලය හිමි වී නැති බවය. ""රටේ පත්විය යුතු තැනට එතුමිය තාමත් ඇවිල්ල නෑ. එතුමියට ඒ බලය තාමත් ලැබිල නෑ. ඒ නිසා එතුමියට කරන්න පුළුවන් ප්‍රමාණය සීමිතයි කියල අපි හිතනවා,"" අමාත්‍ය වසන්ත සේනානායක සඳහන් කළේය. මියන්මාරය ඉතිහාසයේ ""තීරණාත්මක මොහොතකට"" මුහුණ දී සිටින බව පවසන ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්, සිය රටේ සෑම ජන කොටසකටම ජාති, ආගම් භේදයකින් තොරව සමානව සලකන මෙන් ජාත්‍යන්තර ප්‍රජාව මියන්මාරයෙන් ඉල්ලා සිටීම ඉතා වැදගත් බව සඳහන් කළේය. මේ අතර බදාදා ප්‍රකාශයක් කළ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අ��්තෝනියෝ ගුතෙරෙස්, රෝහින්ග්‍යා ජනතාවගේ ගම්මානවලට ප්‍රහාර එල්ල කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බව කියා සිටියේය. මියන්මාරයේ රෝහින්ග්‍යා ජනතාවට එරෙහිව ""වාර්ගික ශුද්ධයක්"" දියත් වී තිබෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සයීඩ් අල් හුසේන් කුමරු පසුගිය සඳුදා මානව හිමිකම් මණ්ඩලය අමතමින් කියා සිටියේය. රෝහින්ග්‍යා ජනතාවට එරෙහිව එල්ලවන ප්‍රහාර සහ ප්‍රචණ්ඩත්වයට වහාම නැවතීමේ තිත තැබිය යුතු බව මහ ලේකම්වරයා, මහ කොමසාරිස්වරයා, ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද එක හඬින් ඉල්ලා සිටිති. ""රෝහින්ග්‍යා"" සහ ""රෝහින්ජා"" ගැන මේ කරුණු දැන සිටියාද? ශ්‍රී ලංකාව ද එම ඉල්ලීම අනුමත කරන බව අමාත්‍ය වසන්ත සේනානායක බීබීසී සිංහල සේවයට පැවසීය. ""ඒ ඉල්ලීමත් එක්ක අපි එකඟ වෙනව. හැබැයි අපි මියන්මාරය කොන් කරන්න කටයුතු කරන්නේ නෑ කියන එකත් මේ වෙලාවේ කියන්න ඕන. මොකද, සමහ අවස්ථාවල අන්තර්ජාතික ප්‍රජාව එකතුවෙලා රටක් කොන් කරන කොට ඒ රට ඉතාමත්ම දරුණු විදියට හැසිරෙනවා. ඒක අපි විශේෂයෙන්ම දැකල තියෙනව උතුරු කොරියාවෙන්."" මියන්මාරයේ රෝහින්ග්‍යා ජනතාවට අත් වී තිබෙන ඉරණම පිළිබඳව ශ්‍රී ලංකාව කණගාටු වන බව ද ඇමතිවරයා සඳහන් කළේය. රෝහින්ග්‍යා ජනතාවට ප්‍රහාර එල්ල කිරීම සඳහා ජනතාව උසි ගන්වන බවට භික්ෂූන් වහන්සේ ඇතුළු බෞද්ධ නායකත්වයටත් චෝදනා එල්ල වී තිබෙන්නේ නොවේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ මියන්මාරයේ අර්බුදය පිටුපස ""සැඟවුණු බලවේග ද තිබිය හැකි,"" බවය. රෝහින්ග්‍යා ප්‍රජාවට එල්ලවන ප්‍රහාරවලට විරෝධය පාමින් ශ්‍රී ලංකාවේ ද කොළඹ අගනුවර සහ නැගෙනහිර පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයක විරෝධතා උද්ඝෝෂණ දියත් වී තිබුණි. ශ්‍රී ලංකාවේ රෝහින්ග්‍යාවරු මේ අතර පසුගියදා කොළඹ පිහිටි මියන්මාර තානාපති කාර්යාලය වෙත ගොස් තානාපතිවරයා මුණගැසුණු ජාතික විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් ""මියන්මාරයේ බෞද්ධයන්ට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරය"" ලෙසින් ඔවුන් විග්‍රහ කළ තත්වය හෙළා දැක තිබුණි. මියන්මාරයේ ගැටුම්වලින් පළා යමින් සිටියදී පසුගියදා ශ්‍රී ලංකාවට ලඟා වූ තිහකට ආසන්න රෝහින්ග්‍යාවරුන් පිරිසක් මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය භාරයේ පසුවේ. අධිකරණ නියෝගයක් ප්‍රකාර ඔවුන් අනාථයන් ප���ළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය (UNHCR) වෙත භාර දෙනු ලැබීමෙන් අනතුරුව දැනට ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක තාවකාලිකව රඳවා සිටින බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී ෂිරාස් නූර්දීන් බීබීසී සිංහල සේවයට පැවසීය. කාත්තන්කුඩි, ඔඩ්ඩමාවඩි, අක්කරෛපත්තු සහ කින්නියා යන ප්‍රදේශවල පැවති විරෝධතාවලට විශාල පිරිසක් සහභාගී වී සිටියහ ඔවුන් භාරගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය සමග Expression of Interest නම් ගිවිසුමකට අත්සන් තැබූ බව සඳහන් කළ නීතිවේදියා, ලබන දෙසැම්බර් මාසය වනවිට ඔවුන් වෙනත් රටවලට පිටත් කිරීමට එක්සත් ජාතීන් කටයුතු කරනු ඇතැයි විශ්වාසය පළ කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා තුරු ඔවුන්ට සුරක්ෂිතව ශ්‍රී ලංකාවේ වාසය කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක බීබීසී යට කියා සිටියේය. මීට වසර දෙකකට ඉහතදී මේ ආකාරයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණි රෝහින්ග්‍යාවරුන් 138 දෙනෙකු එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වෙනත් රටවලට පිටත් කරන ලද බව නීතිවේදී ෂිරාස් නූර්දීන් වැඩිදුරටත් සඳහන් කළේය." -world-39356474,https://www.bbc.com/sinhala/world-39356474,ලන්ඩන් නුවර හදිසි ආරක්ෂක තත්වයක්,බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණය අසල වෙඩි තැබීමක් සිදුවී ඇති බව වාර්තා වේ.,බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණය අසල වෙඩි තැබීමක් සිදුවී ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් පිටත වාහන ගැටීමක විශාල හඬක් ඇසුණු බව සඳහන් කරමින් දේශපාලනඥයින් සහ මාධ්‍යවේදීන් ට්විටර් පණිවිඩ නිකුත් කර ඇත. තුවාල ලත් පුද්ගලයින් කිහිපදෙනෙකුට ප්‍රතිකාර කරන ආකාරය මෙන්ම පිහියක් අතින් ගත් අයෙකුද දුටු බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සිය කාර්යාල තුලම රැඳෙන්නයි උපදෙස් නිකුත් කොට තිබේ. පොලිසිය උපුටා දක්වමින් බීබීසී හි ලොරා කුන්ස්බර්ග් බවසුවේ යම් පුද්ගලයෙකුට වෙඩි වැදී ඇති බවය. වෙස්ට්මිනිස්ටර් පාලම මත වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව තමන්ට කැඳවීමක් ලැබී ඇති බව ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය සඳහන් කළේය. ලන්ඩන් නුවර ප්‍රවාහන සේවය සඳහන් කළේ පොලිසියේ ඉල්ලීම මත වෙස්ට්මිනිස්ටර් උමං දුම්රිය ස්ථානය වසා දැමු බවය. මේ පිළිබඳ තවත් තොරතුරු බලාපොරොත්තුවන්න. -sri-lanka-40763177,https://www.bbc.com/sinhala/sri-lanka-40763177,හම්බන්තොට වරායේ අයිතිය 'ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට',"හම්බන්තොට මාගම්පුර වරායේ මෙහෙයුම් කටයුතු රාජ්‍��� පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ පවත්වාගෙන යාම සඳහා වූ ශ්‍රී ලංකා රජය සහ චීනයේ ""චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගම"" අතර ගිවිසුමට සෙනසුරාදා (ජුලි 29) කොළඹ දී අත්සන් තැබුණි.","පෙරවරු 10.43 ට එළඹුණු සුභ මොහතින් කොළඹ වරාය අමාත්‍යංශ පරිශ්‍රයේදී ගිවිසුමට අත්සන් තැබූ අවස්ථාවට මැති ඇමතිවරුන් සහ චීනයේ චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගමේ නිලධාරීහු ද එක්ව සිටියහ. වරාය හා නාවික කටයුතු අමාත්‍යංශ ලේකම් එල්පී ජයම්පති සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ද චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගම වෙනුවෙන් එහි උප සභාපති ආචාර්ය හූ ජියාන්හුවා (Dr. Hu Jianhua) ද ගිවිසුමට අත්සන් තැබූහ. විනාඩි 40ක පමණ කෙටි වේලාවකට සීමා වූ ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය අමතා වරාය අමාත්‍ය මහින්ද සමරසිංහ, මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගමේ උප සභාපතිවරයා අදහස් දැක්වූහ. 'සංශෝධනය කළ හැකියි' උත්සවය අමතා අදහස් දැක්වූ වරාය අමාත්‍ය මහින්ද සමරසිංහ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ නියමයෙන් මෙම ගිවිසුම ඕනෑම මොහොතක සංශෝධනය කළ හැකි බවට වගන්තියක් අවසාන මොහාතේ ගිවිසුමට ඇතුළත් කළ බව කියා සිටියේය. හම්බන්තොට: 'අවශ්‍ය නම් ගිවිසුම සංශෝධනය කරන්න පුළුවන්' චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගම වෙනුවෙන් එහි උපසභාපති ආචාර්ය හූ ජියාන්හුවා අදහස් දක්වමින්: හම්බන්තොර වරාය අයිතිය තිබෙන්නේ ශ්‍රී ලංකාවාසීන්ට බව අවධාරණය කළේය. ""මිනිසුන්ට ජාතිකත්වයක් සහ පුරවැසිභාවයක් තියෙනව. ඒත් ආයෝජනවලට, ව්‍යාපාරවලට දේශසීමා නැහැ. මේ වරාය ඉදිකරලා තියෙන්නේ හම්බන්තොට. කිසිවෙකුටත් එය එතැනින් ඉවත් කළ නොහැකියි. එහි අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට,"" ඔහු පැවසීය. ""හම්බන්තොට වරායට අදාළ ව්‍යාපාර දේශසීමා තරණය කරමින්, ඉන්දීය සාගරය හරහා යුරෝපය ඇතුළු සමස්ත ලෝකය දක්වා ව්‍යාප්ත වේවි."" උත්සවයෙන් අනතුරුව බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ මුදල් අමාත්‍ය මංගල සමරවීර, ශ්‍රී ලංකාවට ඉතිහාසයේ ලැබී ඇති වැඩිම තනි ආයෝජනය මෙය බව පෙන්වා දුන්නේය. 'ඉතිහාසයේ වැඩිම ආයෝජනය' මෙමගින් ශ්‍රී ලංකාව ලබාගෙන තිබෙන විදේශ ණය ප්‍රමාණය කළමනාකරණය කර ගැනීමේ හැකියාව ලැබෙන බවත් අමාත්‍යවරයා පැවසීය. නව අනුග්‍රාහක ගිවිසුම අනුව ශ්‍රී ලංකා රජය (ශ්‍රී ලංකා වරාය අධිකාර���ය) රාජ්‍ය හවුල්කරු වශයෙන් ද අදාළ ආයෝජක සමාගම පෞද්ගලික හවුල්කරු වශයෙන් ද සම්බන්ධ වී සමාගම් දෙකක් පිහිටුවීමට නියමිතය. 1. Hambantota International Port Services Co.(Pvt) Ltd. - (HIPS) සමාගම පිහිටුවනු ලබන්නේ හම්බන්තොට වරායේ සේවාවන් හා පොදු පහසුකම් කළමනාකරණය සඳහාය. එහි ප්‍රාග්ධනය ඇමරිකානු ඩොලර් මිලියන 606 ක් වනු ඇත. මෙම සමාගමේ කොටස්වල 50.7% ක අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරියටද ඉතිරි 49.3% ක අයිතිය CMPort සමාගමටද හිමිවනු ඇත. 2. Hambantota International Port Group (Pvt) Ltd - (HIPG) සමාගම. වරායේ මෙහෙයුම් වත්කම් කළමනාකරණය, වැඩිදුර සංවර්ධන කටයුතු, එහි යටිතල පහසුකම් හා බහාලුම් මෙහෙයවීම අනෙකුත් මෙහෙයුම් වාණිජකරණය පිණිස පිහිටුවනු ලබන, ප්‍රාග්ධනය ඇමරිකානු ඩොලර් මිලියන 794 ක් වන මෙම සමාගමේ කොටස් ප්‍රාග්ධනය දැනට කොළඹ වරායේ SAGT පර්යන්තයේ හා CICT පර්යන්තයේ මෙහෙයුම්වල කොටස් හිමිකම බෙදී ගොස් ඇති ආකාරය අනුවම ශ්‍රී ලංකා වරාය අධිකාරියට 15% ක් ද, CMPort සමාගමට 85% ක් ද වශයෙන් හිමි වනු ඇත. හම්බන්තොට වරායේ මුල් ගිවිසුමේ යෝජනා වූ සියයට 80:20 කොටස් බෙදී යාමේ පදනම වෙනුවට CMPort සමාගමට සියයට 69.55 ක් හා ශ්‍රී ලංකා වරාය අධිකාරියට සියයට 30.45 වශයෙන් සමස්ත ආයෝජනයෙහි කොටස් අයිතිය මෙම නව ගිවිසුම යටතේ සංශෝධනය වන බව රජය පවසයි. ගිවිසුම බලාත්මක වන දිනයේ සිට වසර 99කට එනම් 2116 දී CMPort සමාගම, එහි අනුබද්ධ පාර්ශ්ව හා හවුල්කරුවන් විසින් HIPS හා HIPG යන සමාගම්වල දරනු ලබන සියලුම කොටස් අයිතිය, CMPort ආයතනය විසින් ඇමරිකානු ඩොලර් 01 ක මුදලකට ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත පවරා දිය යුතු බව ද ගිවිසුමේ සඳහන් වෙයි. යුදමය ක්‍රියාවන් සඳහා හම්බන්තොට වරාය භාවිත කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය විධිවිධාන ද යෝජිත ගිවිසුමේ ඇතුළත්ව ඇති බව රජය පවසයි. නව ගිවිසුම ප්‍රකාර වරායේ ආරක්ෂාව සම්බන්ධයෙන් සම්පූ‍ර්ණ වගකීම හා අධිකාරිය ශ්‍රී ලංකා රජය සතුවේ. ගිවිසුම අනුව රජය බදු දෙන ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 1151 කි." -140716_jounalist_mannar,https://www.bbc.com/sinhala/sri_lanka/2014/07/140716_jounalist_mannar,මන්නාරම මාධ්‍යවේදියෙක් ජනපතිට ලියයි,තමන්ට නිදහසේ ජනමාධ්‍ය කටයුතුවල නිරතවීමට සුදුසු පරිසරයක් සකස් කොට දෙනමෙන් මන්නාරමේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලීමක් කරයි.,"අද, බදාදා, ජනාධිපතිවරයා වෙත, එම ලිපිය යවන ලද්දේ 'ඩේලිමිරර්' සහ 'උදයන්' යන පුවත්පත්වල මන්නාරම වාර්තාකරු රොසේරියන් ලැම්බ්ට් විසින්. විශාල තර්ජනයක් මේ අන්දමට ජනාධිපතිවරයාට ලිපියක් යැවීමට හේතුව වී ඇත්තේ තමන් පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අවස්ථා කීපයකදීම කොළඹට කැඳවා අනවශ්‍ය ලෙස ප්‍රශ්න කිරීමත් තමන්ගේ ආරක්ෂාවට දැන් විශාල තර්ජනයක් එල්ල වී තිබීමත් නිසා බව ඔහු මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කළේය. පසුගිය වසරේදී අවස්ථා තුනක්ම තමන් පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය වෙත කැදවා දිගින් දිගටම ප්‍රශ්න කළ බව කියන ලැම්බට් පසුගිය 13 වෙනිදා යලිත් කැඳවා කළ ප්‍රශ්න කිරීමෙදී එහි නිලධාරීන් තර්ජනාත්මක ස්වරූපයෙන් තමන්ට කතා කළ බවද ලැම්බට් පැවසුවේය. මේ අවස්ථාවේදී මින් ඉදිරියට තමන් කලින් ලියන ලද ආකාරයේ වාර්තා මාධ්‍ය ඔස්සේ පළ නොකරන මෙන් තමාගෙන් ඉල්ලීමක් කළේ අනතුරු ඇඟවීමක් වශයෙන් බවද ඔහු කියා සිටියේය. තමන් කිසිවිටකත් ප්‍රජාතන්ත්‍ර විරෝධීව හෝ මාධ්‍ය සදාචාරයකින් තොරව කටයුතු කොට නොමැති බව පොලිස් ත්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරීන්ට පැවසූ බව කියා සිටි ලැම්බට් පළාතේ වැසියන්ගේ දුක පිළිබදව දිගින් දිගටම වාර්තා ලිවීම මේ තත්ත්වයට හේතුව විය හැකි යැයි කියා සිටියේය. නිර්නාමික දුරකථන ඇමතුම් මෙම ප්‍රශ්න කිරීමෙන් පසුව දැන් තමන්ට නිර්නාමික දුරකථන ඇමතුම් වලින් විවිධ අන්දමේ තර්ජන එල්ල වන බව කී ලැම්බට් ජීවිතය ගැන ඇති බිය නිසා තමන්ගේ ආරක්ෂාව ගැන සිතා මෙම සියලු කරුණු ජනාධිපතිවරයාට දැණුම් දුන් බවද ප්‍රකාශ කළේය. තමන්ගේ ජීවිතයට විශාල තර්ජනයක් එල්ලවී ඇති බැවින් මේ දිනවල තමන් නිවසින් පිට ස්ථානයක ජීවත් වන බවද ලැම්බට් මාධ්‍යවේදීන් අමතා පැවසුවේය. මේ පිළිබදව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණගෙන් විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ එක්තරා වෙබ් අඩවියක මරාගෙන මැරෙන පුද්ගලයන් නිර්මාණය කරණ අන්දම ගැන ලියන ලද ලිපියක් මේ තැනැත්තාගේ විද්‍යුත් තැපැල් ලිපිනය හරහා යවා ඇති බවට නිලධාරීන් තොරතුරු අනාවරණය කරගෙන ඇති බවයි. ඒ අනුව ඔහු විසින් මෙය ලියන ලද්දේ දැයි විමසීමට ලැම්බට් නැමැත්තාව ත්‍රස්තමර්දන ඒකකයට කැදවු නමුත් තවමත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යන බැවින් වාර්තාකරු පොලිස් ත්‍රස්ත මර්දන ඒකකයට පැවසූ දේ තමන්ට කියා සිටීමට හැකිවන්නේ පරීක්ෂණ අවසන් වීමෙන් පසුව බවද කියා සිටියේය" -140430_chamari_atapattu,https://www.bbc.com/sinhala/sport/2014/04/140430_chamari_atapattu,ලෝක කුසලානය දිනා ගන්න 'උත්සාහ කරනවා',ශ්‍රී ලංකාවට ලෝක කාන්තා ක්‍රිකට් කුසලානය දිනා දීම සිය අභිලාශය බව ශ්‍රී ලංකා කාන��තා ක්‍රිකට් කණ්ඩායමේ නව නායිකාව පවසන්නීය.,"'මම ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුනේ මට අවුරුදු හතරේදී' චමරි අතපත්තු ඒ බව කියා සිටියේ නව නායකත්වයට පත් කරනු ලැබීමෙන් අනතුරුව කොළඹ සිටින බීබීසී වාර්තාකරු අසාම් අමීන් සමඟ සාකච්ඡාවකට එක් වෙමින්. කාන්තා ලෝක කුසලානයක් ඉක්මනින් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද දැඩි උත්සාහයක යෙදෙන බව පවසන ඇය, සිය නායකත්වය යටතේ එම බලාපොරොත්තුව ඉටු කරදීමට හැකි වනු ඇතැයි විශ්වාසය පළ කළාය. ශ්‍රී ලංකා පුරුෂ කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වීම පිළිබඳව ප්‍රීතිය පළ කරන කාන්තා කණ්ඩායමේ නායිකාව ලෝක කුසලානයේදී දස්කම් දැක්වීමට කාන්තා කණ්ඩායමට නොහැකි වීම පිළිබඳව කනගාටු වන බවද පවසන්නීය. 'ලොකු ගමනක්' චමරි අතපත්තුට නායකත්වය පිරි නැමෙන්නේ ශ්‍රී ලංකා කාන්තා පිලේ සිටින ජ්‍යෙෂ්ඨම ක්‍රීඩිකාව වන ශෂිකලා සිරිවර්ධන නායකත්වයෙන් ඉවත් වීමට තීන්දු කිරීමෙන් අනතුරුවයි. ශෂිකලා, ලොව කාන්තා ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව වර්තමානයේ තුන් ඉරියවුවෙන් දස්කම් දක්වන ක්‍රීඩිකාවන් අතරින් පෙරමුණේම සිටින්නියයි. වසර හයක් කණ්ඩායමේ නායකත්වය දැරූ ශෂිකලා තමන්ට 'ලොකු ගමනක්' යාමට අත හිත දෙනු ඇතැයි විශ්වාස කරන බවද චමරි අතපත්තු පවසන්නීය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම සහ පන්දු රැකීම ඉහල මට්ටමක පවතින නමුත් පිතිකරු අංශය තවත් ශක්තිමත් කළ යුතු බවයි නව නායිකාව පවසන්නේ. සිය ක්‍රීඩා ජීවිතයේ ආරම්භය සිහිපත් කරන ඇය, සිවු හැවිරිදි බාල වියේදී ක්‍රීඩාව ආරම්භ කිරීමට ක්‍රිකට් පුහුණුකරුවකු වූ සිය මාමාගෙන් ලැබුණු අනුග්‍රහය සිහිපත් කරයි. ඉන් අනතුරුව ඇය ජාතික කාන්තා කණ්ඩායමට තෝරා ගනු ලබන්නේ දහ අට වැනි වියේදී. එහෙත් ඇය සහභාගි වූ පළමු ජාත්‍යන්තර තරඟය නම් ඇයට සුන්දර සිහිවටනයක් නොවේ. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයේ පළමු ජාත්‍යන්තර ශතකය වාර්තා කිරීමට ලැබීම චමරි අතපත්තුගේ ක්‍රීඩා ජීවිතයේ නොමැකෙන සිහිවටනයක්. ඉන් අනතුරුව දේශීය තරඟයකදී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමත් ඇයගේ ක්‍රීඩා ජීවිතයේ තවත් සන්ධිස්ථානයක්. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු සනත් ජයසූරිය බාල වියේ පටන්ම තමාගේ වීරයකු වූ බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නව නායිකාව පවසන්නීය. සිය දෙමාපියන්, මාමා, උගත් පාසල් සහ පුහුණුකරුවන් මෙන්ම ගුවන් හමුදාව ඇතුළ�� සේවා ස්ථානද සිය ක්‍රීඩා ජීවිතයට රුකුල් දුන් බව චමරි අතපත්තු වැඩිදුරටත් සඳහන් කළාය." -130526_media_monk_suicide,https://www.bbc.com/sinhala/sri_lanka/2013/05/130526_media_monk_suicide,ගිනි තබාගෙන මියයාම ගැන අපරාධ පරීක්ෂණයක් ඉල්ලයි,බෝවත්තේ ඉන්දරතන හිමියන් සිරුරට ගිනි අවුළුවා ගැනීම ජනමාධ්‍ය වල පූර්ව දැනුවත් කමකින් සිදුවූ බවට විපක්ෂය චෝදනා කරයි.,"""සිතුවමක් වගේ, චිත්‍රපටයක් මේක එක දිගට පටිගත කරලා තිබිච්ච බවට තොරතුරු තිබෙනවා"" කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්, ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ ජාතික භික්ෂු පෙරමුණේ සභාපති දඹර අමිල හිමියන් කියා සිටියේ ප්‍රේක්ෂක සංඛ්‍යාව ඉහල නංවා ගැනීම පමණක් ඇතැම් ජනමාධ්‍ය වල අරමුණ වී තිබූ බවයි. ""සිතුවමක් වගේ, චිත්‍රපටයක් මේක එක දිගට පටිගත කරලා තිබිච්ච බවට අපිට තොරතුරු තිබෙනවා,"" බව එහිමියෝ පැවසූහ. මරණීය දණ්ඩනය භික්ෂූන් වහන්සේ සියදිවි හානි කරගැනීමට තැත් කිරීම වාර්තා කරුණු ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා පොලිස්පති වරයාගෙන් ඉල්ලීමක් කළේය. ""සියදිවි නසා ගැනීමට අනුබල දීම, ඒ අනුබල දීමේ හේතුව මත ඒ තැනැත්තාගේ මරණය සිදු වුනොත්, ඒ අනුබල දුන් තැනැත්තා මරණීය දණ්ඩනයෙන් දඬුවම් ලැබිය හැකි වරදක් කරන්නේ,"" බවයි, මන්ත්‍රීවරයා පවසන්නේ. ඇතැම් ජන මාධ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන් සිරුරට ගිනි තබා ගැනීම වාර්තා කළ ආකාරය හෙලාදකින බව කියා සිටි ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් පවසා තිබුනේ තම සීමාව දැන කටයුතු කළ යුතු මාධ්‍යවේදීන් මෙවැනි අපරාධ සිදුවීම වලක්වන්නට පියවර ගත යුතු බව." -world-38305208,https://www.bbc.com/sinhala/world-38305208,සෝවියට් දේශය බිඳ වැටුනේ පාවාදීම් නිසා - ගොර්බචෝෆ්,1991 දී සෝවියට් දේශය බිඳ වැටුනේ පාවාදීම් හේතුවෙන් බව සෝවියට් දේශයේ අවසාන නායකයා වන මිහායිල් ගොර්බචෝෆ් පවසයි.,"1991 දෙසැම්බර් 25 වැනි දින රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ සිය ඉල්ලා අස්වීම නිවේදනය කරන මිහායිල් ගොර්බචෝෆ් සෝවියට් දේශය බිඳ වැටීමෙන් වසර විසි පහක් ගතවීම නිමිති කොට ගෙන බීබීසීය සමග විශේෂ සාකච්ඡාවකට එක් වූ 85 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා, රුසියාවේ නායකයන් කුපිත කරවන බවට බටහිර රටවලට චෝදනාවක්ද එල්ල කළේය. 1991 දෙසැම්බර් 25 වැනි දින සෝවියට් දේශය ඉතිහාස පොතට එක් වූයේ බල තණ්හාවෙන් පෙළුන කණ්ඩායමක පාවාදීම් හේතුවෙන් බව ඔහු අවධාරණය කරයි. ""මගේ පිටිපස්සේ ඉඳගෙන මාව පාවල දුන්නා,"" ඔහු පැවසීය. 1987 දී එවකට එක්සත් ජනපද ජනාධිපති රොනල්ඩ් රේගන් සමඟ න්‍යෂ්ඨික නිරවිකරණ ගිවිසුමට අත්සන් තබමින් ""සිගරට්ටුවක් පත්තු කරගන්න ඔවුන් මුළු නිවසටම ගිනි තිබ්බා. බලය අත්පත් කරගන්න. ඔවුන්ට ඒක ප්‍රජාතන්ත්‍රවාදීව කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඉතින් ඔවුන් අපරාධයකට යොමු වුනා. ඒක කුමන්ත්‍රණයක්."" ඒ අවස්ථාවේ සෝවියට් දේශය 'සිවිල් යුද්ධයක් කරා යමින් සිටි' බැවින් එය වැළැක්වීම සිය අභිප්‍රාය වූ බවත් ඔහු සඳහන් කළේ මොස්කව් නුවර සිටින බීබීසී වාර්තාකරු ස්ටීව් රොසෙන්බර්ග් සමඟ ඉතා දුර්ලභ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. ""න්‍යෂ්ඨික ආයුධ ඇතුළු ආයුධවලින් පිරුණු අපේ වගේ රටක බෙදීමක් ඇති වුනා නම් කොයිතරම් ජීවිත හානියක් වෙන්න තිබුනද? බලයේ රැඳිලා ඉන්න එහෙම දෙයක් කරන්න මට ඕන වුනේ නැහැ. ඉල්ලා අස්වීම මගේ ජයග්‍රහණයක්."" බටහිර ජනමාධ්‍ය දිගින් දිගටම රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින් දැඩිව විවේචනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් රට තුල ඔහුගේ ජනප්‍රියත්වය එන්න එන්නම ඉහල යමින් පවතින බවත් මිහායිල් ගොර්බචෝෆ් පැවසීය." -sri-lanka-37298935,https://www.bbc.com/sinhala/sri-lanka-37298935,තාජුදින්: ජනපති මැදුරෙන් ලබා ගත් දුරකථන ඇමතුම් ගැන පරීක්ෂණ,වසීම් තාජුදින් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන රහස් පොලිසිය ජනාධිපති මැදුරේ සහ හම්බන්තොට කාල්ටන් නිවසේ දුරකථන පද්ධති පිළිබඳව ද පරීක්ෂණ පවත්වන බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියි.,අදාළ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා කියා සිටියේ තාජුදින් ඝාතනය වූ දින ජනාධිපති මැදුරෙන් ලබා ගත් දුරකථන ඇමතුම් පිළිබඳ පරීක්ෂණ පවත්වන බවයි. ජනාධිපති මැදුරේ සහ හම්බන්තොට කාල්ටන් නිවසේ දුරකථන පද්ධති එකිනෙකට සම්බන්ධ කර තිබූ බවට පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇති නිසා රජයේ නීතිවේදියා මේ ගැන පරීක්ෂණ සිදුකරන බව දැනුම් දුන්නේ යැයි අගතියට පත් නීතිවේදී මිශ්බාක් සත්තාර් කියා සිටියා. මේ අතර තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබන්නේ කෙසේ දැයි යන්න ප්‍රශ්න කරමින් අගතියට පත් පාර්ශවයේ නීතිඥයා ඊට විරෝධය පළ කළේය. අනුර සේනානායක අනුර සේනානායක හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා තවදුරටත් ජාතික රෝහලේ ගෙවන වාට්ටුවේ රඳවා තැබිය යුතුද යන්න පිළිබඳ වා��්තාවක් ඉදිරිපත් කරන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරයා ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නියම කළේය. එමෙන්ම අදාළ රෝගී තත්වය සම්බන්ධයෙන් සැකකාර අනුර සේනානායක මීට පෙරත් රජයේ හෝ පුද්ගලික රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන තිබේදැයි වාර්තාවක් ඉදිරිපත් කරන මෙන්ද අධිකරණය විසින් ජාතික රෝහල වෙත දැනුම් දෙනු ලැබිණ. අනතුරුව පැමිණිල්ල ලබන 21 වනදා යළි කැඳවීමට නියම කළ අධිකරණය එතෙක් අනුර සේනානායක සහ සුමිත් පෙරේරා යන සැකකරුවන් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය. -140305_lanka_maasgrave,https://www.bbc.com/sinhala/sri_lanka/2014/03/140305_lanka_maasgrave,මන්නාරම මිනිස් ඇටසැකිලි විද්‍යාගාර පරීක්ෂණයට,අසූ හතරක් පමණ මිනිස් ඇටසැකිලි හමු වූ මන්නාරම සමූහ මිනීවලේ අස්ථි කොටස් පිළිබඳ වැඩි දුර පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා එහි කැණීම් තාවකාලිකව නතර කිරීමට බලධාරීන් තීරණය කර ඇත.,"එම කැණීම් තාවකාලිකව නතර කළ බවයි,පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී අජිත් රෝහණ බීබීසියට ප්‍රකාශ කළේ. එහෙත් සමූහ මිනීවල පිහිටි කලාපයට දිගටම පොලිස් ආරක්ෂාව සපයන බවත් හමු වී ඇති අස්ථි කොටස් සම්බන්ධයෙන් අඛණ්ඩ පරීක්ෂණයක් පැවැත්වෙන බවත් ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් බීබීසියේ වවනියාව වාර්තාකරු දිනසේන රතු ගමගේට ප්‍රකාශයක් කළ අධිකරණ වෛද්‍ය නිලධාරි ධනංජය වෛද්‍යරත්න කියා සිටියේ, දැන් පවතින කාර්යභාරය වන්නේ සමූහ මිනී වලට රැකවරණ සලසන අතරවාරයේ හමු වී ඇති අස්ථි කොටස් වලට අදාළ විමර්ශන සිදු කිරීම බවයි. පිහිටි පොළොව හමු වී “ ඇටසැකිලි අයත් පුද්ගලයන්ගේ වයස, ඔවුන් මරණයට පත් කාල වකවානු සහ මරණයට හේතුව ආදිය විද්‍යාගාර පරීක්ෂණ මගින් නිගමනය කිරීම මීළඟ පියවර”යයි අධිකරණ වෛද්‍ය නිලධාරි ධනංජය වෛද්‍යරත්න පවසයි. එසේම කැනීම් සිදු කළ සමූහ මිනීවලේ පතුලෙහි ස්වාභාවික පිහිටි පොළොවට තමන් ලඟා වී සිටින හෙයින් එම ස්ථානයේ තව දුරටත් කැණීම් නොකෙරෙන බවත් අධිකරණ වෛද්‍ය නිලධාරියා සඳහන් කරයි. පසුගිය වසරේ දෙසැම්බර් විසි වෙනිදා ඉහත කී සමූහ මිනීවලෙන් පළමුවරට මිනිස් ඇටසැකිලි හමු වූයේ ‍මහා මාර්ගයේ ජල නල එළීම සඳහා සිදු කළ කැණීමක දී" -sri-lanka-54922636,https://www.bbc.com/sinhala/sri-lanka-54922636,සිංහරාජ මාර්ග සංවර්ධනයට යුද හමුදාව යෙදවීම: ලංකාගමට තිබුණු පාරත් නැති වෙයිද?,පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාවක් (EIA) හෝ විද්‍යාත්මක සහ තාක්ෂණික මෙවලම් (Tools) භාවිත නොකර ලංකාගම-නෙළුව මාර්ගය සංවර්ධනය කිරීම නිසා පරිසර හානියට අමතරව මහජන මුදල් ද අපතේ ගොස් ඇති බවට පරිසරවේදීහු චෝදනා කරති.,"සමාජ ජාල තුළ මේ දිනවල හුවමාරු වන ලංකාගම-නෙළුව මාර්ගයට හානි සිදුව ඇතැයි දැක්වෙන ඡායාරූප පසුගියදා ඇදහැළුණු වර්ෂාවත් සමග මෑතකදී පුළුල් කර සංවර්ධනය කෙරුණු ලංකාගම-නෙළුව මාර්ගයට හානි සිදුව ඇතැයි දැක්වෙන ඡායාරූප මේ වන විට සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතී. එවැනි තත්ත්වයක් උද්ගතව ඇත්තේ පිළිගත් ක්‍රමවේද සහ ප්‍රමිතියෙන් බැහැරව සිංහරාජ ලෝක උරුම සංවේදී කලාපය මැදින් වැටී ඇති මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීමෙන් විශාල පරිසර හානියක් සිදු විය හැකි බවට පරිසරවේදීන් විසින් පෙර තියා අනතුරු අඟවනු ලැබ තිබූ පසුබිමකදීය. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස පරිසරවේදීන් සහ පරිසර සංවිධාන ගණනාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුවේ බලධාරීන්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් කර තිබිණි. මාර්ගයට සිදුව ඇතැයි පැවසෙන හානිය සහ ඒ සම්බන්ධයෙන් එල්ල වන විවේචන පිළිබඳ ප්‍රතිචාරය ලබා ගැනීමට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කළ ද එය සාර්ථක නොවීය. ලංකාගම-නෙළුව මාර්ගයේ වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහා ඔහු සිකුරාදා (නොවැම්බර් 13) එහි සංචාරයක නිරත වී තිබිණි. එහිදී ෆේස්බුක් ඔස්සේ සජීවීව අදහස් දක්වමින්, මාර්ගයට සිදුව ඇතැයි පැවසෙන හානිය සම්බන්ධයෙන් පළ වන වාර්තා අමාත්‍යවරයා විසින් හඳුන්වනු ලැබුවේ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව අප්‍රසාදයට ලක් වන ආකාරයෙන් නිර්මාණය කළ ප්‍රවෘත්තියක්‌ වශයෙනි. ""මුහුණු පොතේ දාල තිබෙන දේවල්වල සම්පූර්ණ බොරුවක් තිබෙන්නේ. මේ පාර හදල ඉවර නැහැ තාම. කාණු පද්ධතිය දාලා ඉවරත් නැහැ."" යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර කළේය. පසුගිය අගෝස්තු මස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල ෆේස්බුක් පිටුවේ පළ වූ සටහනක් පරිසරවේදීන්ගේ විරෝධය හමුවේ තාවකාලිකව නතර කෙරුණු ලංකාගම-නෙළුව මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත්වීමෙන් යළි ක්‍රියාත්මක වූයේ එමගින් කිසිදු පරිසර විනාශයක් සිදු නොවන බවට ඔහු ජනතාව ඉදිරියේ දුන් වාචික පොරොන්දුවත් සමගය. මාර්ගයේ සංවර්ධන කටයුතු සිදු කරනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදාව විසිනි. කෙසේ නමුත් පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් නොමැතිව අදාළ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියෙන් පරිසර හානි���ක් සිදු නොවන බවට සහතිකයක් ලබා දෙන්නේ කුමන පදනමකින් දැයි පරිසරවේදීහු එවක ප්‍රශ්න කළහ. පසුගිය අගෝස්තු මස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලංකාගම මාර්ගය පිළිබඳ සොයා බැලීම සඳහා එහි සංචාරය කළ අවස්ථාවේ ඔහු සමග අදහස් හුවමාරු කරගත් ඇතැමෙකු විසින් පරිසරවේදීන් විවේචනයට ලක් කරනු ලැබිණි. ජනාධිපතිවරයා ලංකාගම සංචාරය කළ අවස්ථාවේ පරිසරවේදීන් විවේචනයට ලක් කරමින් එහි සිටි පුද්ගලයෙකු අදහස් පළ කළේය ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානයේ ජයන්ත විජේසිංහ පවසා තිබුණේ පරිසරවේදීන්ගේ හඬට කන් දුන්නේ නම් මෙවැනි හානියක් සිදුවීම වළකා ගත හැකිව තිබුණු බවය. මේ අතර අදාළ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය දියත් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාවක් ලබා ගෙන ඇත්නම් ඒවා තමා වෙත යොමු කරන ලෙස යුනෙස්කෝ සංවිධානය ඔක්තෝම්බර් 09 වෙනිදා නිකුත් කළ විවෘත ලිපියක දැක්විණි. 'යුද වදින අයුරින් පරිසරයත් සමග ගැටෙන්න බැහැ' ශ්‍රී ලංකා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය, ලංකාගම-නෙළුව මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය මගින් සිංහරාජ රක්ෂිතයේ ප්‍රේරණ කලාපයට (Buffer zone) සිදුව ඇතැයි පැවසෙන හානිය සම්බන්ධයෙන් යුනෙස්කෝ මූලස්ථානය වෙත කරුණු වාර්තා කළ පරිසර සංවිධානයකි. එහි ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ නිසි අධ්‍යයනයකින් තොරව, අදාළ විෂයේ ප්‍රවීණයන්ගේ මැදිහත්වීමක් නොමැතිව ""හමුදාව සහ යුද්ධයක් කරන ආකාරයට පරිසර පද්ධතියක් සමග ගැටීමේ ප්‍රතිඵල"" මේ වන විට ඇස් ඉදිරියේම දක්නට ඇති බවය. ""වැසි වනාන්තරයක් අසල ඇති මාර්ගයක තත්ත්වය වෙනස්. සාමාන්‍ය පාරක් හදනවා වගේ නෙමෙයි, තාක්ෂණික ක්‍රම යොදාගෙන තමයි පාරක් නිර්මාණය කරන්න අවශ්‍ය. ඒ නිසා තමයි පරිසරවේදීන් වශයෙන් අපි කිව්වේ පරිසර තක්සේරු වාර්තාවක් ලබා ගන්න සහ තාක්ෂණික ඇගයීමක් කරලා මේ පසේ ස්වභාවය අඳුරගෙන පාරක් හදනවා නම් හදන්න කියලා."" ""මොකද සිංහරාජය වැනි වැසි වනාන්තරයක ප්‍රාථමික වනාන්තරයක වැඩි වශයෙන් තිබෙන්නේ අවුරුදු ලක්ෂ ගාණක් තිස්සේ කොල වැටිලා වැටිලා දිරාපත් වෙච්ච හියුමස් පස් තට්ටුවක්. ඒ මතුපිට පස් තට්ටුව හයිය නැති පස් තට්ටුවක්. ඒ නිසා එවැනි පස් තට්ටුවක් මතට තාර දැම්මම වෙන්නේ මේ පස් තට්ටුවම ගහගෙන ගිහින් වෙනත් තැනක තැන්පත් වීම. කරන්න තිබ්බ හොඳම ක්‍රියාමාර්ගය තමයි පරිසර සංරක්ෂණ ක්‍රමවේදයකට පාර නිර්මාණය කිරීම."" සෙතිල් මුහන්දිරම් ෆේස්බුක් හි තැබූ සටහනක් ඇමේසන් වනයේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 3,500 ක් පමණ වන අතර සිංහරාජයේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 3,000 - 6,000 දක්වා අගයක් ගනු ලබයි. ලංකාගම වැසියන්ට තිබුණු මාර්ගයත් නැති වෙයිද? ඉදිරි වර්ෂා කාලවලදී ලංකාගම-නෙළුව මාර්ගය සම්පූර්ණයෙන් විනාශ වීමේ අවදානමක් පවතින බවට ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් අනතුරු අඟවයි. ""පාරවල් හරහා විශාල වශයෙන් ජලය ගලා යනවා. ඒ නිසා මේ මාර්ගය සම්පූර්ණ වශයෙන්ම ගිං ගඟට ගසාගෙන යාමේ හැකියාවක් පවතිනවා. මොකද දැඩි බෑවුම් වශයෙන් තමයි යන්ත්‍ර සූත්‍ර යොදාගෙන මේ පාර හදලා තිබෙන්නේ. ඊට අමතරව අංශක 90 ට වගේ කපලා තිබෙන පැති බැමි ගැලවෙමින් පාරට වැටෙන එක වෙන්නේ. තිබුණු මාර්ගයත් ලංකාගම මිනිස්සුන්ට නැති වෙන හැඩක් තමයි දැන් තිබෙන්නේ."" ලංකාගම-නෙළුව මාර්ග සංවර්ධන කටයුතු අතරතුර ""ඒ නිසා මේ තිබෙන්නේ පරිසරයත් එක්ක යුද්ධයක් නොවන වග තේරුම් ගැනීම අවශ්‍යයි. සතුන්, පරිසර පද්ධති ගැන පුළුල් ප්‍රවේශයකින් (Holistic approach) බලන්න හමුදාවේ ඉංජිනේරු බලකායට ලොකු හැකියාවක් තිබෙනවා කියලා මම හිතන්නේ නැහැ. ඒ නොහැකියාව තමයි මේකෙන් පෙනෙන්නේ. එවැනි ප්‍රවේශයකින් බලන්න පුළුවන් කණ්ඩායම් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉන්නවා, විශ්වවිද්‍යාලවලත් ඉන්නවා. ඉන් පිටතත් ඉන්නවා."" ""සංවේදී කලාපයක යම් සංවර්ධන කටයුත්තක් කරනවා නම් ඒ සියලු දෙනාගේම අදහස් සලකා බැලිය යුත්තේ මේ නිසයි. එසේ නොකළ නිසා අපට පළමුව සිංහරාජයේ සැලකිය යුතු සත්ව සහ ශාක කොටස් අහිමි වුණා. දෙවනුව ඒ මාර්ගය හදන්න යොදා ගත්ත ජනතා මුදල් අහිමි වුණා."" ""ඒ නිසා යුද්ධ කරනවා වගේ පරිසරයත් එක්ක සංවර්ධන ක්‍රියාවලි කරන්න බැහැ කියන එක නැවත මතක් කළ යුතුයි. එසේ කරන්න උත්සාහ කළ සෑම තැනකදීම මේ වගේ ජනතා මුදල් සහ පරිසර පද්ධති විනාශ වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒක උදාහරණයක් විදිහට අරගෙන ඉදිරි වැඩ කටයුතු කරද්දීත් රජය සහ අදාළ නිලධාරීන් මේ ගැන අවධානය යොමු කිරීම වැදගත්. මොකද අපට පාරවල් හදන්න පුළුවන්, නමුත් පරිසර පද්ධති නැවත නිර්මාණය කරන්න බැහැ."" යනුවෙන් ශ්‍රී ලංකා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් වැඩිදුරටත් සඳහන් කළේය. යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබ ඇති සිංහරාජය ආසන්නයේ පිහිටි ලං��ාගම වෙත වැටී ඇති මාර්ගය පුළුල් කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගැනීමත් සමග එය උණුසුම් මාතෘකාවක් බවට පත් විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුවේ බලධාරීන් දිගින් දිගටම කියා සිටියේ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිසා පරිසරයට හානියක් සිදු නොවන බවය. එමෙන්ම ලංකාගම වැසියන් මුහුණ දී ඇති දුෂ්කරතා දෙස සංවේදීව බැලිය යුතු බවට ද එවක අදහස් ඉදිරිපත් විය. මේ ගැනත් කියවන්න:" -sri-lanka-48607450,https://www.bbc.com/sinhala/sri-lanka-48607450,"මුස්ලිම් පල්ලි තුළට හමුදාව සුනඛයින් ගෙන යාම: ""හමුදාව ග්‍රාම නිලධාරියෙක් වගේ වැඩ කරන්නේ නැහැ""","රට තුළ ""භයංකර වාතාවරණයක්"" ඇති වුණු අවස්ථාවක යුද්ධ හමුදා සාමාජිකයින්ගෙන් ග්‍රාම නිලධාරියෙකුගේ හැසිරීම අපේක්ෂා නොකරන ලෙස අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට දැනුම් දුන්නේය.","ඒ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි විමසන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට අඟහරුවාදා (ජූනි 11) පැමිණි අසාද් සාලි දැක්වූ අදහසකට ප්‍රතිචාර දක්වමිනි. එහිදී මෙම කමිටුවේ සාමාජිකයෙකු ප්‍රශ්න කරමින් අසා සිටියේ මුස්ලිම් දේවස්ථාන පරීක්ෂා කිරීමේදී සුනඛයන් ගෙන නොයන ලෙස හිටපු ආණ්ඩුකාර අසාද් සාලි විසින් කරනු ලැබ තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙනි. හිටපු ආණ්ඩුකාරවරයා මෙම ප්‍රකාශය කර තිබුණේ පසුගිය මැයි 16 වන දා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමිනි. එම ප්‍රකාශය මෙසේය. කෙසේ නමුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අදහස් දක්වමින් අඟහරුවාදා (ජූනි 11) ඔහු ප්‍රකාශ කළේ, සුනඛයින් රැගෙන නොඑන්නැයි තමන් නොකී බවය. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ඇති වූ සංවාදය මෙසේය. අසාද් සාලි: ""බල්ලෝ ගේන්න එපා කියලා මම නං කිව්වේ නැහැ. අපි කිව්වේ නැහැ බල්ලො ගේන්න එපා කියලා. පුළුවන් නම් සපත්තුව ගලවලා යන්න ඇතුළට, පල්ලියට, ආගම කියන තැන. ඒකත් බැරි නම් ප්‍රශ්නයක් නෑ. බල්ලො ගෙනයනවා නම් අපට කියන්න, අපි ඒකට වාතාවරණය හදලා දෙන්නම්. කාපට් එකක් දාලා දෙන්නම්. ඒකට උඩින් ගිහින් ඕගොල්ලො සර්ච් කරන එක කරන්න කියලා අපි කිව්වේ. ඇයි? අපිටයි බල්ලන්ටයි කිසි ම සම්බන්ධයක් නෑ. අපි බල්ලෝ ගෙවල්වල හදන්නෙත් නෑ. අපිට බල්ලො ගෑවුණා ම ආගම කියන්න බෑ."" ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා: හමුදාව හා පොලිසිය රාජකාරි කරනකොට ඔය ඇති වුණ වාතාවරණය, භයංකර වාතාවරණයක්. මුළු රට ම කම්පා වෙන වෙලාවක්. එහෙම තමයි හමුදාව සහ පොලිසිය රාජකාරි කරනකොට අනිවාර්යයෙන් ම ජනතාවට හිරිහැර වෙනවා. ඒක නවත්වන්න බැහැ. ඒ රාජකාරියේදී ජනතාව කැමති විදිහට නෙවේ ඒවා කරන්න වෙන්නේ. ඒක හන්දා ඒවා ගැන පැමිණිලි කරන එක මම හිතන්නේ නැහැ සාධාරණයි කියලා. අසාද් සාලි: පැමිණිලි කරනවා නෙවෙයි.......... ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා: පොඩ්ඩක් ඉන්න. මම ඉවර නෑ තව ම. හමුදා පොලිස් රාජකාරි කරන්න වුණොත් ඒ වගේ වාතාවරණයක් ඇති වුණා ම එතකොට හමුදාවලට පොලිසියට ඇඟිලි දික් කරන්න එපා. ඒ වාතාවරණය ඇති කරපු කට්ටිය තමයි ඒකට වග කියන්න ඕන. අසාද් සාලි: එතනදී මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ හමුදාවෙන් නිහතමානීකම. එන්න පුළුවන්. සර්ච් කරන්න පුළුවන්. පයින් ගහන්නේ නැහැ කුරාණෙට. කුරාණේ විසි කරන්නේ නැහැ. ඒකට තියෙනවා ක්‍රමවේදයක්. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා: මෙහෙමයි අසාද් සාලි මහත්තයා... ඔය කුරාන් එකට පයින් ගැහුව කියන එක එක සිද්ධියක් නේ. ඕක වුණා ද නැද්ද කියලා අපි දන්නේ නැහැ. හමුදාව පොලිසිය නෙවෙයි. හමුදාව ගියා ම පොලිසිය වගේ නෙවෙයි ජනතාව එක්ක වැඩ කරන්නේ. හමුදාවේ ක්‍රමවේදයක් තියෙනවා. හමුදාවට උගන්වන්නේ නැහැ පොලිසිය වගේ හරි ග්‍රාම නිලධාරියෙක් වගේ වැඩ කරන්න. හමුදාව ආව ම ජනතාවට කරදර වෙනවා තමයි. ඒක ඔබ තුමා තේරුම් ගන්න ඕනෙ. හමුදාව ඇවිල්ලා ඔළුව අත ගාලා කරුණාකරලා මෙහෙම කරන්න ද? කමක් නැද්ද? මට සමාවෙන්න ඒවා නැහැ හමුදාවේ. හමුදාව ආවා ම රාජකාරිය කරලා යනවා. ඒ නිසා ඕවා අල්ලගෙන චෝදනා කරන්න ගියොත් තවත් හිත් රිදීම් ඇති වෙනවා. ප්‍රශ්නය තවත් දුරදිග යනවා. ප්‍රශ්නය සමථයකට පත් කරන්න බැරි වෙනවා. අසාද්සාලි: 8 දෙනෙක් කරපු වැඩේට මුළු මහත් ජනතාවට ම මේ වගේ දෙයක් කරන එක වැරදියි කියන එකයි අපි කිව්වේ. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා: 8 දෙනෙක් කළාට 250ක් මැරුණා නේ. 500කට තුවාල වුණා නේ. රටේ ඇති වුණ තත්ත්වය භයානකයි නේ 8 දෙනෙක් කළාට. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ද විවිධ අදහස් පළ වී තිබිණි. තවදුරටත් කියවන්න: පාස්කු ඉරිදා ප්‍රහාරවලින් අනතුරුව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා රටේ ආරක්ෂක වාතාවරණය පිළිබඳව පාර්ලිමේන්තුවේදී කළ දීර්ඝ කතාව ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රබල ප්‍රසාදය පළ වී තිබුණි. (එම කතාව පහත දැක්වේ.)" -sport-39577650,https://www.bbc.com/sinhala/sport-39577650,ක්‍රිකට් තරග පාවාදීම: පරීක්ෂණයට මොකද වුනේ?,ශ්‍රී ලංකාවේ ප්‍රීමියර් ක්‍රීඩා සමාජ තරගාවලියේ කළුතර සංස්කෘතික කවය ක්‍රීඩා සමාජය සහ පානදුර ක්‍රීඩා සමාජය අත�� පසුගිය ජනවාරි මාසයේ පැවති තුන් දින අවසාන මහා තරගය පාවා දුන් බවට චෝදනා එල්ල විය.,"එක් තරගයක විනාඩි 20 ක් ඇතුළත ඕවර 13 ක් පන්දු යවා තිබේ එම චෝදනාව පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වා සති කිහිපයක් ඇතුලත වැරදිකරුවන්ට දඬුවම් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මීට මාස දෙකකට ඉහතදී බීබීසී සිංහල සේවයට පැවසීය. කෙසේ නමුත් අදාළ පරීක්ෂණයේ ප්‍රතිඵලය කවරක් දැයි මෙතෙක් අනාවරණය වී නැත. 'ප්‍රමාදයක්' ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති කේ මතිවානන්, පරීක්ෂණයේ ප්‍රමාදයක් පවතින බව පිළිගත්තේය. අදාළ චෝදනාවලට සම්බන්ධ සියළු පාර්ශවවලින් කරුණු විමසා බලා සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතුව තිබෙන බව සඳහන් කළ ඔහු, එබැවින් කිසියම් ප්‍රමාදයක් සිදු වූ නමුත් සාධාරණය ඉටුකරන බව අවධාරණය කළේය. ""අපි තීන්දුවක් ගන්න ඕන සත්‍ය කරුණු මත පදනම් වෙලා. එහෙම නැතිව හදිසි වෙලා වැරදි තීන්දුවක් ගන්න අපේ බලාපොරොත්තුවක් නැහැ."" චෝදනාවට ලක් වී තිබෙන තුන් දින තරගයේ අවසාන දිනයේදී දෙපාර්ශවයම ඕවරයකට ලකුණු 10 කට වඩා රැස් කළ අතර, දිනයක් ඇතුළත කඩුලු 24 ක් බිඳ වැටුණු බවට චෝදනා එල්ලවිය. එදින විනාඩි 20 ක් ඇතුළත ඕවර 13 ක් පන්දු යවා තිබේ. 'සාධාරණය ඉටුකරනවා' අදාළ ක්‍රීඩා සමාජ දෙකේම ප්‍රධානීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන තනතුරු හොබවන බව, තරග පාවාදීමේ චෝදනාව එල්ල කළ ශ්‍රී ලංකා වරාය අධිකාරිය පෙන්වාදෙයි. චුදිතයන් කවරකු හෝ අදාළ චෝදනාවලට වැරදිකරු බව සනාථවුවහොත් ඔවුන්ට දැඩි දඬුවම් පැමිණවීමට නොපැකිලෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති කේ මතිවානන් අවධාරණය කළේය. ""අපි අනිවාර්යයෙන්ම සාධාරණය ඉටු කරනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා."" ශ්‍රී ලංකාවේ ප්‍රීමියර් තරගාවලිය අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පළමු පෙළ තරගාවලියක් ලෙස පිළිගෙන තිබේ. අදාළ චෝදනාව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට බරපතල කළු පැල්ලමක් බව බොහෝ ක්‍රීඩා විචාරකයන්ගේ මතය වී තිබුණි." -150218_missing_people_thirukovil_protest_ampara,https://www.bbc.com/sinhala/sri_lanka/2015/02/150218_missing_people_thirukovil_protest_ampara,ඉනිය භාරතීට යුද අතුරුදහන් චෝදනා,පසුගිය යුද සමයේ අතුරුදහන් වූ සිය දරුවන් සොයා දෙන මෙන් ඉල්ලා තිරුක්කෝවිල් ප්‍රදේශයේ වැසියන් අද උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වනු ලැබීය.,"මෙම අතුරුදහන් වීම් පිටුපස සිටින්නේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ඉනිය භාරතී නොහොත් පුෂ්පකුමාර් බවයි උද්ඝෝෂකයින් චෝදනා කරන්නේ. යුද්ධය පැවති සමයේ තිරුක්කෝවිල් සහ අවට ප්‍රදේශ වල කාන්තාවන්, වැඩිහිටි පිරිමින් සහ තරුණයින් විස්සකට අධික සංඛ්‍යාවක් ඉනිය භාරතී ඇතුළු කණ්ඩායමක් විසින් පැහැර ගෙන ගොස් මරා දැමූ බව උද්ඝෝෂකයින් පවසයි. වැඩි දුරටත් අදහස් දක්වමින් උද්ඝෝෂකයින් කියා සිටියේ එලෙස මරා දැමුණු කිහිප දෙනෙකුගේ මල සිරුරු ඉනිය භාරතී ඇතුළු පිරිස විසින් පවත්වාගෙන ගිය කාර්යාල භූමිය වල දමා ඇති බවයි. මෙම උද්ඝෝෂණයට දරුවන් අහිමි වූ දෙමව්පියන් මෙන්ම සිය දෙමව්පියන් අහිමි වූ දරුවන්ද එක්රැස්ව සිටියහ. විධිමත් පරීක්ෂණයක් උද්ඝෝෂකයින් මේ සම්බන්ධයෙන් සැකසුණ සන්දේශයක් ද සහකාර පොලිස් අධිකාරිවරයාට භාර දෙනු ලැබීය. උද්ඝෝෂකයින් රජයෙන් ඉල්ලා සිටියේ මෙම අතුරුදහන් වීම් සහ චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා සත්‍ය හෙළි කොට වැරදි කරුවන්ට දඬුවම් ලබා දෙන ලෙසයි. උද්ඝෝෂණයට රැස්ව සිටි පිරිස විසින් මේ සම්බන්ධයෙන් සැකසුණ සන්දේශයක් ද හේමන්ත දික්ඕවිට අක්කරපත්තු සහකාර පොලිස් අධිකාරිවරයාට භාර දෙනු ලැබීය. උද්ඝෝෂණයට සහභාගී වී සිටි දිගාමඩුල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රකාන්ත් චන්ද්‍රනේරු ද අතුරුදහන් වීම් සම්බන්ධයෙන් වගකිව යුත්තේ ඉනිය භාරතී බවයි කියා සිටියේ. ඉදිරිපත් වී ඇති චෝදනා සම්බන්ධයෙන් කළ විමසීමකදී සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් කේ පුෂ්පකුමාර් කියා සිටියේ අදාළ ඉඩම සහ කාර්යාල ගොඩනැගිල්ල එල් ටී ටී සංවිධානය විසින් භාවිතා කළ කාලයේ තමන් එම භූමියට පැමිණ ගොස් ඇති බව පමණක් සත්‍ය බවයි. මේ සම්බන්ධයෙන් සිදු කරන ඕනෑම පරීක්ෂණයකට තමන් සුදානම් බව පැවසූ කේ පුෂ්පකුමාර් චෝදනා කළේ මහජන සහය නොමැති දේශපාලකයින් මෙවැනි උද්ඝෝෂණ පැවැත්වීමට කටයුතු කරන බවයි." -sri-lanka-36640667,https://www.bbc.com/sinhala/sri-lanka-36640667,සීනි භාවිතය අඩු කිරීමට 'බද්දක් පනවන්න',"ශ්‍රී ලංකාවේ සීනි පරිභෝජනය අවම කිරීම පිණිස සිගරට්, අරක්කුවලට පනවන ආකාරයේ බද්දක් පනවන මෙන් පෝෂණ විද්‍යාඥයෙක් ශ්‍රී ලංකා ආණ්ඩුවට යෝජනා කරයි.","""අසීමිත ලෙස සීනි ගන්න ගියහම ඒ ශරීරයට ලැබෙන සීනි ප්‍රමාණය අපි වැය කරන්නේ නැත්නම් ව්‍යායාමවලින් හෝ වැඩ කිරීමෙන්, නැත්නම් වයසට යන විට ප්‍රශ්න මතුවෙනවා"" ආහාර පෝෂණය සහ රසායන විද්‍යාව පිළිබඳ විද්‍යාඥ ආචාර්ය පුෂ්පරාජා තවරාජා එම යෝජනාව ක���ේ, සෑම බීම වර්ගයකම අඩංගු වන සීනි ප‍්‍රමාණය වර්ණ මගින් සටහන් කරන ලෙස නිකුත් කළ ගැසට් පත‍්‍රය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කළ නිවේදනය පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්. ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ බීම නිෂ්පාදන සමාගම් නියෝජිතයින් සමග පසුගියදා පැවති සාකච්ඡාවකදීයි, අමාත්‍යවරයා ඒ බව නිවේදනය කර තිබෙන්නේ. අමාත්‍යවරයාගේ තීන්දුව 'ඉතා හොඳ අදහසක්' වුවත් ශ්‍රී ලංකාවේ ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව සහතික කරනු පිණිස බීම වර්ගවල සීනි ප්‍රමාණය සටහන් කිරීම පමණක් ප්‍රමාණවත් නැති බවයි ඔහු පවසන්නේ. බීම වර්ගවල පමණක් නොව සියලුම ආහාරවල අඩංගු සීනි ප්‍රමාණය එම ආහාරවල සටහන් කළ යුතු බවට පසුගියදා මිචෙල් ඔබාමාගේ ප්‍රධානත්වයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ යෝජනාවක් ඉදිරිපත් වූ බව පෙන්වා දෙන පෝෂණ විද්‍යාඥයා පවසන්නේ එවැන්නක් ශ්‍රී ලංකාවේත් ක්‍රියාත්මක විය යුතු බවයි. ""අසීමිත ලෙස සීනි ගන්න ගියහම ඒ ශරීරයට ලැබෙන සීනි ප්‍රමාණය අපි වැය කරන්නේ නැත්නම් ව්‍යායාමවලින් හෝ වැඩ කිරීමෙන්, නැත්නම් වයසට ප්‍රශ්න මතුවෙනවා,"" ආචාර්ය පුෂ්පරාජා තවරාජා පැවසීය. තරබරුභාවය සහ දියවැඩියාව ආගන්තුකයකු වෙත තේ කෝප්පයක් පිළිගැන්වීමේදී සීනී වෙනමම ලබා දීම යෝග්‍ය බවයි අචාර්ය තවරාජා පෙන්වා දෙන්නේ ""තරබාරුකම ඇතිවෙනවා, නැත්නම් දියවැඩියාව. ලංකාවෙත් දැන් පොඩි ළමයින්ගේ පවා තරබාරුකම ප්‍රශ්නයක් බවට පත්වෙමින් තියෙනවා,"" ඔහු පැවසුවේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. බීම වර්ගවල සහ ආහාරවල අඩංගු සරල සීනි හෙවත් සුක්‍රෝස් වර්ග පාලනය කිරීම යහපත් පියවරක් බවයි, පෝෂණ සංඝටක සහ ඖෂධ නිෂ්පාදන පෞද්ගලික සමාගමක පෝෂණවේදියකු වන මුදිත් ධර්මප්‍රිය බීබීසී සංදේශයට කියා සිටියේ. කෙසේ නමුත් ඒ සඳහා වර්ණ හඳුන්වාදීමට පෙර සීනි පරිභෝජනයේ ආදීනව පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බව පෝෂණවේදියා අවධාරණය කරයි. ""සරල සීනි වැනි දේවල් දීර්ඝ කාලීනව ආහාරයට ගැනීමෙන්, එහෙම නැත්නම් සරල පිෂ්ඨය සමඟ ගැනීමෙන් දීර්ඝ කාලීනව දියවැඩියාව සහ විවිධ රෝග ඇතිවෙනවා කියන එක ගැන අධ්‍යාපනයක් ලබාදීම අත්‍යවශ්‍යයි,"" මුදිත ධර්මප්‍රිය සඳහන් කළේය. ""ඒ වගේම සමබර ආහාර වේලක්. ඒ කියන්නේ සීනි අඩු, විශේෂයෙන්ම තන්තු බහුල පලතුරු සහ එළවලුවලින් යුතු ආහාර වේලක් ලබාගැනීමේ වැදගත්කම ගැන සමාජය ද���නුවත් කළ යුතුයි."" ඒ තර්කය පිළිගන්නා ආචාර්ය තවරාජා, ඒ පිළිබඳව ලාංකීය සමාජය දැනුවත් කිරීමට ආණ්ඩුව මෙන්ම ජනමාධ්‍යද බැඳී සිටින බව පෙන්වා දෙයි. 'ජාතික සේවයක්' ශ්‍රී ලංකාවේ ඉතා ඉහල සීනි පරිභෝජනය අවම කරනු වස් සීනි ආනයනයට බද්දක් පැනවීම මගින් සීනි පරිභෝජනය සීමා කෙරෙනු ඇති අතරම රජයට අතිරේක ආදායමක්ද ලැබෙනු ඇති බවයි පෝෂණ විද්‍යාඥයා පෙන්වා දෙන්නේ. ""දියවැඩියාව අපි කියමු ජනගහනයෙන් සියයට විසි පහක් කියල. මේ වගේ බද්දක් දැම්මොත් සියයට විස්සක් දක්වා අඩු කරගන්න පුළුවන් නම් ඒක ජාතියට කෙරෙන සේවයක් නේද?,"" ආචාර්ය පුෂ්පරාජා තවරාජා පැවසීය. ''සරල පිෂ්ඨය සමඟ ගැනීමෙන් දීර්ඝ කාලීනව දියවැඩියාව සහ විවිධ රෝග ඇතිවෙනවා කියන එක ගැන අධ්‍යාපනයක් ලබාදීම අත්‍යවශ්‍යයි"" ""එහෙම නැත්නම් රජයට කියන්න පුළුවන් ලංකාවේ නිෂ්පාදනය කරන්නේ මෙච්චරයි, මේ තුලින් ජීවත්වෙමු කියල තීරණයක් ගන්න."" ආගන්තුක සත්කාරය පිළිබඳව දෙස්, විදෙස් ප්‍රසිද්ධියක් උසුලන ශ්‍රී ලාංකිකයන් ආගන්තුකයාට ගෞරවයක් වශයෙන් තේ කෝප්පයට සීනි හැඳි විශාල ප්‍රමාණයක් දැමීමේ චාරිත්‍රය පිළිබඳවත් යළි සලකා බැලීමේ අවශ්‍යතාවය පෝෂණවේදීන් දෙදෙනාම අවධාරණය කරති. ආගන්තුකයකු වෙත තේ කෝප්පයක් පිළිගැන්වීමේදී සීනී වෙනමම ලබා දීම යෝග්‍ය බවයි අචාර්ය තවරාජා පෙන්වා දෙන්නේ. අධික වශයෙන් සීනි පරිභෝජනය කිරීමේ ආදීනව පිළිබඳව පාසල් මට්ටමේ සිටම අවබෝධයක් ලබා දිය යුතු අතරම, බීම වර්ගවල පමණක් නොව අනෙක් ආහාරවල අඩංගු සීනි ප්‍රමාණය පිළිබඳවත් ජනතාව දැනුවත් කළ යුතු බවත් පෝෂණවේදී මුදිත ධර්මප්‍රිය වැඩිදුරටත් පැවසීය." -world-42579349,https://www.bbc.com/sinhala/world-42579349,බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස්,බැඳුම්කර කොමිසමේ වාර්තාව එළිදැක්වුණු විගස මුදල් මණ්ඩලය සමග සාකච්ඡා කොට එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහ බැංකු අධිපතිවරයා වෙත උපදෙස් දී තිබේ.,"අගමැතිවරයා එසේ උපදෙස් දී තිබෙන්නේ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරලීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් සිකුරාදා (ජනවාරි 05) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීය. කොමිසම විසින් නිර්දේශ කර ඇති පරිදි වෝහාරික විගණන පරීක්‍ෂණයක් පැවැත්වීමට සුදුසු දේශීය හෝ විදේශීය ආයතනයක් තෝරා ගැනීමට කටයුතු කරමින් සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි එහිදී අගමැතිවරයා වෙත දැනුම් දුන් බවත් අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. 2008 සිට 2015 දක්වා සිදු වූ දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව නිසි පරීක්‍ෂණයක් සිදු කොට, නීතිමය ක්‍රියා මාර්ග ගතයුතු බව ද කොමිසම නිර්දේශ කර තිබෙන බැවින්, මහ බැංකුවේ සියළු ලිපිගොනු සුරක්‍ෂිත කරලීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් සාකච්ඡා කොට අවශ්‍ය පියවර ගැනීම පිණිස මහ බැංකු අධිපති, භාණ්ඩාගාර ලේකම් සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශ ලේකම් ඇතුළත් කමිටුවකට පැවරුණු බවත් නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේදී පර්පචුවල් රජයට සිදු වූ රුපියල් මිලියන 11,000 කට අධික අලාභය මෙන්ම ජනාධිපති කොමිසම වෙනුවෙන් රජයට වැය වූ මුදල ද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් අයකරගත යුතුව ඇතැයි ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය බදාදා (ජනවාරි 03) අනාවරණය කළේය. ජනාධිපති කොමිසම් වාර්තා ගැන ජනපතිවරයාගේ විශේෂ ප්‍රකාශය බැඳුම්කර කොමිසමේ වාර්තාව සහ බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව මූලික කරගනිමින් විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා, හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකට එරෙහිව නීතිමය පියවර ගන්නා මෙන් කොමිසම නිර්දේශ කර තිබෙන බව ද හෙළිදරවු කළේය. මේ අතර සිකුරාදා (ජනවාරි 05) සිට බලපැවැත්වෙන පරිදි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවත් මාස හයක කාලයක් සඳහා තහනම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. භාණ්ඩාගාර නිකුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වමින් තිබෙන විමර්ශන තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින් මුදල මණ්ඩලය විසින් එම තහනම දීර්ඝ කරන ලද බව ද මහ බැංකුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර නිකුතුවට අයථා ලෙසින් සම්බන්ධ වී ඇති බව ජනාධිපති කොමිසමේ තවත් නිගමනයකි. ""මුළුමනින් ම ව්‍යවස්ථා විරෝධී පත්කිරීමක්"" ""මහේන්ද්‍රන් මහතා අසම්මත සහ සාවද්‍ය අන්දමින් තීරණ ගැනීමේ කි‍්‍රයාවලියක් මගින් බැඳුම්කර වෙන්දේසිවලට මැදිහත්වී ඇති අතර, අභ්‍යන්තර තොරතුරු පිටතට බෙදාදීම සම්බන්ධයෙන් වගකිව යුත්තෙකු බවද වාර්තාවේ සඳහන් වෙනවා. මෙම කි‍්‍රයාවන් මගින් එක්තරා පාර්ශ්වයකට වාසි ගැනීමට හැකිවී ඇතැයි ��ීරණය වී තිබෙනවා,"" ජනාධිපතිවරයා කොමිසන් සභා වාර්තාව උපුටා දක්වමින් සඳහන් කළේය. හිටපු මහ බැංකු අධිපතිවරයා පත් කිරීමේ දී අගමැති රනිල් වික්‍රමසිංහ විධිමත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනු ලැබ ඇතත්, පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කිරීමේ දී අගමැතිවරයා අර්ජුන මහේන්ද්‍රන් විසින් දෙන ලද පොරොන්දු පිළිබඳව විශ්වාසය තැබීම ""නොකළ යුතුව තිබුණක්"" බව කොමිසමේ නිගමනය වී තිබේ. එහෙත් මහ බැංකු අධිපතිවරයා පත්කිරීම සම්බන්ධ කොමිසමේ නිගමනය ප්‍රතික්ෂේප කරන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවයට පැවසීය. බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් එජාප ප්‍රතිචාරය කොමිසමේ වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය. මේ අතර බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා සඳහන් කළේ, කොමිසමේ නිර්දේශ සිය පක්ෂය පිළිගන්නා බවය. බැඳුම්කර නිකුතුවේදී අගමැති රනිල් වික්‍රමසිංහ වරදක් කර නැතැයි යන්න කොමිසමේ නිගමනය වී තිබෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. සබැඳි යොමු:" -sri-lanka-39103903,https://www.bbc.com/sinhala/sri-lanka-39103903,"කේපාපිලවු ඉඩම් ප්‍රශ්නයට ""හැකි ඉක්මනින් විසඳුම්""",කේපාපිලවු සහ පුදුකුඩිඉරිප්පු ජනතාවගේ ඉඩම් ප්‍රශ්නයට හැකි ඉක්මනින් විසඳුමක් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ බලධාරීන්ට නියෝග කළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්තිරන් පවසයි.,"උතුරේ ජනතාවගේ ඉඩම් ගැට‍ළු සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග අද පැවති සාකච්ඡාව අවස්ථාවේ ජනාධිපතිවරයා එසේ නියෝග කළ බව කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කළේය. ""කේපාපිලවු ඉඩම් දැනට ගුවන් හමුදාවේ භාරයේ තිබෙන අතර, එහි පවුල් පනස් හතරකට ඉඩම් බලපත්‍රය තිබෙනවා. පවුල් හතලිහකට අයත් බලපත්‍ර දිසාපති කාර්යාලය හරහා පරික්ෂා කර සහතික කර තිබෙනවා,"" සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසීය. ඉඩම් අහිමි වූ ජනතාවට රජය විසින් නිවසක් සමග විකල්ප ඉඩමක් ලබා දී ඇතැයි ඒ අවස්ථාවේ ගුවන් හමුදාපතිවරයා ජනාධිපතිවරයාට දැනුම්දුන් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. මන්ත්‍රීවරයා පවසන පරිදි, එම ඉඩම අනවශ්‍ය බව ඔවුන් ලිඛිතව දැනුම් දෙන්නේ නම් ඔවුන් මුල් ඉඩම්වල යළි පදිංචි කිරීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා බලධාරීන්ට නියෝග කර තිබේ. එසේ සිය මුල් ඉඩමට යන්නේද, නොඑසේනම් රජය විසින් ලබා දුන් විකල්ප ඉඩම්වල රැඳී සිටින්නේද යන්න කේපාපිලවු වැසියන් තීරණය කළ යුතු බව පවසන දෙමළ ජාතික සන්ධානයේ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්තිරන්, පුදුකුඩිඉරිප්පු ජනතාවගේ ඉඩම් නිදහස් කර හමුදාවට වෙනත් ඉඩමක් ලබාදෙන මෙන් ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට නියෝග කර තිබෙන බවත් සඳහන් කළේය. ගුවන් හමුදාව භාරයේ පවතින තමන්ගේ ඉඩම් යළි තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් කේපාපිලවු ජනතාව මාසයකටත් අධික කාලයක් මුළුල්ලේ විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටිති." -150121_rajitha_assassinations_lasantha,https://www.bbc.com/sinhala/sri_lanka/2015/01/150121_rajitha_assassinations_lasantha,ලසන්ත ඝාතන තතු දන්නවා - රාජිත,පාර්ලිමේන්තු මන්ත්‍රී රවී රාජ් ඝාතනය පිළිබඳ සියලු තොරතුරු පොලීසිය සතුව ඇති බවත් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදුකල ආකාරය මෙන්ම ඊට නියෝග දුන්නේ කවුද යන තොරතුරු සියල්ල අනාවරණය වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි.,"ලසන්ත විකමතුංග ඝාතනයට ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ සම්බන්ධ බවට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා එල්ල කරන චෝදනාව සත්‍ය බවට තොරතුරු තිබෙන බවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී පැවසුවේය කුමන්ත්‍රණය ජනපතිවරණයෙන් අනතුරුව දිගටම බලයේ රැඳී සිටීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ බව පැවසෙන කුමන්ත්‍රණය ව්‍යවර්ථ කිරීමට පොලිස්පතිවරයා ඇතුළු පොලිසිය ගත් ක්‍රියාමාර්ගය ඇමතිවරයාගේ ප්‍රසංශාවට ලක් විය. පොලිස් දෙපාර්තමේන්තුව ගැන සඳහන් කළ ඔහු ප්‍රකාශ කළේ පොලීසියේ තමන්ට වඩා දක්ෂ දේශපාලකයන් සිටින බවයි. “ඒ කට්ටියට ඕන නම් සුට් එක ගලවල එන්න කියල, අපි හොඳ නිලධාරීන්ව දෙනවා පොලිස් සේවය ඉදිරියට ගෙන යන්න. පොලීසියේ උඩ සිට පහලටම වෙනස් කරනවා,” අමාත්‍යවරයා පැවසුවේය. පොලිස්පතිවරයා ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු බව පැවසූ අමාත්‍ය රාජිත සේනාරත්න, සියලු දුෂ්කරතා මධ්‍යයේ වුවත් පොලිස්පතිවරයා ඉතාමත්ම අවංක සේවයක් ඉටු කළ බව පැවසුවේය. ‘කැලෑ ආණ්ඩුවක්’ දුෂිත නිලධාරීන්ට නව රජය රැකවරණ ලබා දෙන්නේය යන චෝදනාවට පිළිතුරු දුන් රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසුවේ ‘කැලෑ ආණ්ඩුවක්’ ආණ්ඩුවක් ලෙස රජයට ක්‍රියා කල නොහැකි බවයි. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නීති පද්ධතියට යටත්ව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ඔහු ‘කැලෑ ආණ්ඩුවක්’ ආණ්ඩුවක් ලෙස රජයට ක්‍රියා කල නොහැකි බව ප්‍රකාශ කළේය. අල්ලස් හෝ දුෂණ කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ කලින් සිටි නිලධාරියාම බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඔහුට විරුද්ධවත් පැමිණිලි තිබෙන බව පැවසුවේය. එහෙත් ඔහු ඉවත් කිරීමට නෛතික බලයක් නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ අලුත් කොමිසමක් පත් කිරීම හැරෙනවිට වෙනත් බලයක් නොමැති බවයි. වෙනස් කළ හැක්කේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පමණක් බවයි ඔහු පැවසුවේ." -140505_bbs_court_koran,https://www.bbc.com/sinhala/sri_lanka/2014/05/140505_bbs_court_koran,ඥානසාර හිමි ඇතුළු පිරිසක් ඇප පිට නිදහස්,ශුද්ධ වූ කුරානයට අපහාස කිරීම සහ ජාතික බල සේනා සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාවට බාධා කිරීමේ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇතුළු භික්ෂුන් වහන්සේ හය දෙනකු ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.,"ජාතික බල සේනාව කොළඹ නිපොන් හෝටලයේ කැඳවා තිබුන මාධ්‍ය සාකච්ඡාවට බොදු බල සේනා සංවිධානය කඩා වැදුනේය ආගමික සංහිඳියාවට බාධා වන ක්‍රියාවල යෙදීමෙන් වලකින ලෙසද කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ බොදු බල සේනාවට සහ ජාතික බල සේනාවට නියෝග කළේය. පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකාර හිමිවරුන්ට ඇප නියම කිරීමට අධිකරණය තීන්දු කළ බවයි, නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මාධ්‍යවේදීන්ට කියා සිටියේ. ""සෑම ආගමකම වැරදි කරන කණ්ඩායම් ඉන්නවා. බුද්ධාගමේ, ඉස්ලාම් ආගමේ පමණක් නෙවෙයි කතෝලික ආගමේත් කණ්ඩායම් ගණනාවක් ඉන්නවා. මේ අයට නීතියට පිටින් ගොස් වැරදි කරන්න ඉඩ දෙන්න බැහැ. එවැනි අයට එරෙහිව කටයුතු කරන්න පොලිසිය පසුබට වන්නේ නැහැ,"" යනුවෙන්ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය. 'කුරානයට අපහාස' එහෙත් බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ තමන්ට එරෙහිව එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරති. බොදු බල සේනාවට එරෙහිව පියවර ගන්නා බවට ජනපති පොරොන්දු වූ බව විජිත හිමියෝ පවසති ""අපේ ආගමට අනතුරක් සිදුවන හැම අවස්ථාවකම අපි නැගී සිටිනවා. මේ වගේ ක්‍රියාවලින් අපේ ගමන නවත්වන්න බෑ. කුරානයට අපහාස කළ බවට අපට චෝදනාවක් එල්ල වී තිබෙනවා. කුරානය විවේචනය කරන්න බැරි මුස්ලිම් අයට පමණයි. අපට ඒකෙ තහනමක් නැහැ,"" යනුවෙන්ද එහිමියෝ පැවසූහ. තමන්ට එරෙහිව ක්‍රියාත්මක කළ නීතිය ""දේශීය සම්පත් කොල්ලකන"" රිෂාඩ් බදියුද්දීන් ඇමැතිවරයාටද එරෙහිව ක්���රියාත්මක කිරීමට පොලිසිය වග බලා ගත යුතු බවද ඥානසාර හිමියෝ පැවසූහ. බොදු බල සේනා සංවිධානය එල්ල කරන චෝදනා අමාත්‍ය බදියුද්දීන් නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කරයි. බොදු බල සේනා සංවිධානයෙන් ජාතික බල සේනා සංවිධානයේ සාමාජිකයින්ට එරෙහිව එල්ලවී ඇති තර්ජන පිළිබඳව අධිකරණයට පැමිණිලි කල බවයි, ජාතික බල සේනා සංවිධානය වෙනුවෙන් පෙනීසිටි නීතිවේදී සේනක පෙරේරා කියා සිටියේ. නඩු විභාගය ලබන මස නම වැනි දිනට කල් තැබූ අධිකරණය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන් පොලිසියට නියෝග කළේය." -sri-lanka-37534151,https://www.bbc.com/sinhala/sri-lanka-37534151,පෝට් සිටි: 'නම වෙනස් වුනාට හානියේ වෙනසක් නැහැ',කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ නම වෙනස් කළත් ඉන් සිදු වන හානියේ වෙනසක් සිදු නොවන බව පෝට් සිටි ජනතා ව්‍යාපාරය පවසයි.,"වරාය නගර ව්‍යාපෘතිය නවතා දමන ලෙස බල කරමින් මීගමුව කොච්චිකඩේ පෝරතොටුව සිට උස්වැටකෙයියාව දක්වා වූ වෙරළ තීරයේ ස්ථාන නවයකදී සෙනසුරාදා උද්ඝෝෂණ පැවැත්විණ. වරාය නගරය ලෙස පසුගිය ආණ්ඩුව විසින් නම් කරන ලද ඉහත කී ව්‍යාපෘතිය වත්මන් ආණ්ඩුව විසින් මූල්‍ය නගරය ලෙස හඳුන්වනු ලැබුවත් ඉන් පරිසරයට හා ජනතාවට සිදු වන හානිය එලසම පවතින බවයි උද්ඝෝෂණයට එක් වූ පෝට් සිටි ජනතා ව්‍යාපාරයේ ෂෙරාඩ් ජයවර්ධන පියතුමා කියා සිටියේ. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හේතුවෙන් ධීවර කර්මාන්තයට හා වෙරළාශ්‍රිත පරිසරයට සිදු වන හානිය කොතෙක් පෙන්වා දුන්නත් ඒ සඳහා රජයේ අවධානය යොමු නොවන බවයි ෂෙරාඩ් ජයවර්ධන පියතුමා පෙන්වා දෙන්නේ. විදෙස් ආයෝජන සඳහා එවැනි නගරයක් අවශ්‍ය නම් මුහුද ගොඩ නොකොට ඒ සඳහා ගොඩබිමෙන් ඉඩමක් ලබා දෙන ලෙස උද්ඝෝෂකයෝ යෝජනා කරති. වරාය නගර ව්‍යාපෘතිය හේතුවෙන් මත්ස්‍ය සම්පතට සිදු වන හානිය හමුවේ සිය රැකියාව කර ගත නොහැකි තත්වයක් උද්ගත වනු ඇති බව ධීවර පවුල් පවසති. 'තාත්තලා මහ මුහුදට ගිහින් හම්බ කරන මුදල් වලින් අපේ දරුවෝ ඉගන ගන්නේ. අපේ දරුවන්ට මුනුබුරන්ට අධ්‍යාපනයට මුදල් නැතුව පාරේ හිඟන්න යන්න වෙන්නේ.' උද්ඝෝෂණයට එක් වී සිටි මවක් කියා සිටියාය. උද්ඝෝෂණය සඳහා ආගමික නායකයන්, ධීවර සහ බහුජන සංවිධානවල සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් එක් වී සිටි බවයි ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න බීබීසී සිංහල සේවයට වාර්තා කළේ." -world-45046834,https://www.bbc.com/sinhala/world-45046834,'Facebook' සහ 'Instagram' ගිණුම්වල රැඳී සිටින කාලය සීමා කිරීමේ උපාංගයක් හඳුන්වා දෙයි,පුද්ගලයෙකු සිය ෆේස්බුක් හ��� ඉන්ස්ටග්‍රෑම් ගිණුම තුළ ගත කරන කාලය සීමා කිරීම සඳහා එකී මෘදුකාංගවලට නව උපාංගයක් එක් කර තිබේ.,"ඕනෑවට වඩා සමාජ ජාල පරිහරණය කිරීම මානසික සෞඛ්‍යයට බලපාන ආකාරය ගැන අවධානය යොමු වීමත් සමග, ෆේස්බුක් ආයතනය විසින් මෙම නව උපාංගය හඳුන්වාදීමට කටයුතු කර ඇත ඕනෑවට වඩා සමාජ ජාල පරිහරණය කිරීම මානසික සෞඛ්‍යයට බලපාන ආකාරය ගැන අවධානය යොමු වීමත් සමග, ෆේස්බුක් ආයතනය විසින් මෙම නව උපාංගය හඳුන්වාදීමට කටයුතු කර ඇත. මෙම උපාංගය ඔස්සේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයන්ට සිය ගිණුම තුළ රැඳී සිටි කාලය දැනගත හැකිය. එමෙන්ම, තමන්ගේ ගිණුමේ ගත කළ යුතු කාල සීමාව ආසන්න බව සිහිගැන්වීමේ සංඥාවක් ඇතුළත් කර තැබිය හැකි අතර, ගිණුමේ දැක්වෙන 'දැනුම්දීමේ සලකුණු' (notifications) යම් කාලයකට ඉවත් කර තැබිය හැකිය. නමුත් මෙමගින් සම්පූර්ණයෙන්ම තත්වය පාලනය වීමක් නොවන බව සමහරුන්ගේ මතයයි. ""මම හිතන්නේ නැහැ මෙය විප්ලවීය වෙනසක් හෝ මේ නිසා බොහෝ පුද්ගලයන් ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් පාවිච්චි කරන එක වෙනස් කරයි කියලා,"" ඔක්ස්ෆර්ඩ් අන්තර්ජාල ආයතනයේ ග්‍රාන්ට් බ්ලෑන්ක් බීබීසී 'නිව්ස්බීට්' (Newsbeat) වෙත පැවසීය. ""මම හිතන්නේ මෙය ඔවුන්ගේ ආයතනයේ අභිරුචිය වන, හැකි තාක් මිනිසුන් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වල කාලය ගත කිරීම සහ දැනුම්දීමේ සලකුණු කරදරයක් ලෙස සලකන පුද්ගලයන්ට පිළිතුරුදීම අතර සමතුලනය කර ගැනීමට දැරූ උත්සාහයක්."" ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වල ""Your Activity"" සහ ෆේස්බුක් ගිණුම්වල ""Your Time on Facebook"" ලෙස සඳහන් තීරුව ඔස්සේ ගොස් කාලය සීමා කිරීමේ උපාංගය ක්‍රියාත්මක කර ගත හැකිය 2017 දෙසැම්බර් මාසයේ ෆේස්බුක් සමාගම පළ කළ ලිපියක පරිශීලකයෙකු සිය ගිණුම තුළ වැඩි කාලයක් ගත කිරීමෙන් ඇතිවන නිශේධනීය බලපෑම පිළිබඳ දක්වා තිබිණි. මිචිගන් විශ්වවිද්‍යාලයේ සිසුන් සහභාගි කරගෙන සිදු කළ සමීක්ෂණයකදී හෙළි වූයේ, මිනිත්තු 10ක් ෆේස්බුක් ගිණුම්වල ඉහළ පහළ ගොස් එහි ඇති දෑ නැරඹූ සිසුන් දිනය අවසාන වන විට ""ඉතා නරක මානසික තත්වයකින්"" සිටි අතර, සිය ගිණුමේ නොයෙක් දෑ පළ කරමින්, මිතුරන් සමග සාකච්ඡා කළ සිසුන් වඩාත් ක්‍රියාශීලීව කටයුතු කරමින් සිටි බවය. මේ තොරතුරුද දැනගන්න: 'මගේ කාලය නාස්ති වුණා' සිය මිතුරන් ගැන සමාජ ජාල ඔස්සේ සොයා බැලීම ""දවස පුරා සිදු කරන කාර්යක්"" බව, ජීවන ක්‍රම ගැන ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ සිය අදහස් බෙදා ගන්නා විසිහතර වියැති 'එම් ෂෙල්ඩන්' (Em Sheldon) නිව්ස්බීට් වෙත පැවසුවාය. ""මගේ රැකියාවේ කොටසක් වුණත් එය ප්‍රශ්නයක් බවට පත් වී ඇතැයි මම සිතනවා. මොකද, අපි ජංගම දුරකතනයේ සහ සමාජ ජාලවල වහලුන් බවට පත් වෙලා."" ""මට විවේක කාලයක් ලැබුණ ගමන් කරන්නේ සමාජ ජාල ගිණුමේ ඉහළ පහළ යන එක."" ""සමාජ මාධ්‍ය ජාලවල මම දවසේ පැය 24 සහ සතියේ දවස් හතම ගත කරනවා. මම හිතන්නේ මෙය කාලයක් තිස්සේ මට ඇතුළු වෙලා, දැන් පුරුද්දක් බවට පත් වෙලා කියලා,"" යැයි ඇය පැවසීය. නව උපාංගය භාවිතයෙන් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් තුළ රැඳෙන කාලය අවම කර ගත හැකි දැයි ඇයගෙන් විමසූ විට, ""මම දන්නේ නැහැ එය උදව්වක් වෙයිද කියලා. එයට හේතුව තමයි, මම දන්නවා මම සමාජ මාධ්‍ය ජාල පරිහරණය කරනවා වැඩියි,"" යනුවෙන් ඇය පිළිතුරු දුන්නාය. නමුත් කාලය පිළිබඳ සිහිගැන්වීමේ සංඥාවක් නිකුත් කිරීම ඵලදායී බව ඇය පිළිගත්තාය. ""මගේ ජංගම දුරකථනය ඉවතින් තැබීමට කාලය බව එයින් මට මතක් කරලා දෙන්න පුළුවන්."" ""යම් සංඥාවක් නිකුත් වුණොත්: 'ඔබ පැය හයක් සමාජ ජාල ගිණුම භාවිතා කරමින් සිටිනවා' කියලා, මට හිතෙයි, 'ඒක කොච්චර ලොකු කාලයක්ද. මගේ කාලය කොපමණ නාස්ති වෙලාද' කියලා,"" එම් ෂෙල්ඩන් තවදුරටත් පැවසුවාය. ""දිනකට පැය පහළොවක් ට්විටර් භාවිත කළා"" 'ද ගෝට් ඒජන්සි' (The Goat Agency) නම් ඩිජිටල් වෙළෙඳ ආයතනයේ සම ආරම්භක හැරී හියුගෝ පැවසුවේ මෙම නව උපාංගය හඳුන්වා දීම ""බොහෝ කාලයක සිට සිදු වෙමින් පවතිනවා,"" යනුවෙනි. ""සමාජ ජාල තුළ වැඩි කාලයක් ගත කරන තරුණ පිරිස අතර වැඩිවෙමින් තිබෙන මානසික ගැටලු නිසා අපි මේ වගේ දෙයකින් සීමා වෙන එක හොඳයි."" ""ඔවුන්ට වැටහෙනවානම් දවසේ පැය ගණනාවක් සමාජ ජාලවල රැඳී ඉන්නවා කියලා. ඔවුන් තව වරක් මේ ගැන සිතන්න පෙලඹෙයි,"" ඔහු තවදුරටත් පැවසීය. හැරී හියුගෝ පාසල් සිසුවෙකු ලෙස සිටියදී දිනකට පැය 15ක් හෝ 16ක් ට්විටර් ගිණුමේ ගත කර තිබේ. ""ඒ ගැන නැවත සිතා බලද්දී, මට විශ්වාස කරන්න බැහැ එය කෙතරම් සෞඛ්‍යයට හානිකරද කියලා,"" හැරී හියුගෝ පැවසුවේය. කෙසේවෙතත්, සමාජ මාධ්‍ය ජාල භාවිතය පිළිබඳ සීමා පනවාගැනීම එහි පරිශීලකයන්ගේ පෞද්ගලික වගකීමක් බව ද ඔහු පැවසුවේය. තවත් තොරතුරු:" -141121_maithripala_tna,https://www.bbc.com/sinhala/sri_lanka/2014/11/141121_maithripala_tna,මෛත්‍රීපාල ජනපති ක්‍රමය අහෝසි කරාවි - ටීඑන්ඒ,පොදු අපේක්ෂකයා ලෙස තෝරා ගෙන සිටින මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා බලයට පත්වුවහොත් විධායක ජනාධිපතිධුරය අහෝසි කරනු ඇති බවට දෙමළ ජාතික සන්ධානය විශ්වාසය පළ කරයි.,"'එයා කිවුව දවස�� 100 ඇතුලේ ඒක කරනවා කියල. එයා මේක කරන් නැතුව අරී කියල මම හිතන්නේ නෑ' පක්ෂය රැස්ව මෙතෙක් තීරණයක් ගෙන නැති නමුත් පොදු අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වන හිටපු අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ට සහයෝගය පළ කරන්නේද යන්න පිළිබඳව ඉතා ඉක්මනින් තීරණයක් ගන්නා බවද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේය. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා රූපවාහිනිය ඔස්සේ දැක්වූ අදහස් සාධනීය යැයි තමන්ට ඒත්තු ගිය බව පැවසූ සම්බන්ධන් මන්ත්‍රීවරයා දේශපාලන කාර්යභාරය පිළිබඳව පළ කළ අදහස් සම්බන්ධයෙන් පැහැදීමක් ඇති වූ බව වැඩිදුරටත් සඳහන් කළේය. මුස්ලිම් කොන්ග්‍රසය මේ අතර බීබීසී දෙමළ සේවය කළ විමසීමකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ මහලේකම් හසන් අලි, එළඹෙන ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ කුමන අපේක්ෂකයාටද යන්න සම්බන්ධයෙන් පක්ෂය තවමත් තීන්දුවක් ගෙන නැති බව සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව සහ පොදු විපක්ෂය දෙපාර්ශවයම සමඟ සාකච්ඡා පවත්වන බවද මුස්ලිම් කොන්ග්‍රසයේ මහලේකම්වරයා සඳහන් කළේය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට මෛත්‍රීපාල සිරිසේන හිටපු අමාත්‍යවරයා දුන් ප්‍රතිඥාව අගය කරන නමුත්, සුළු ජාතීන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඔහු දක්වන ස්ථාවරය කවරක්ද යන්න දැනගැනීම තමන්ට වඩා වැදගත් වන බවත් හසන් අලි කියා සිටියේය." -sri-lanka-50046159,https://www.bbc.com/sinhala/sri-lanka-50046159,ශ්‍රී ලංකාව හා තමිල්නාඩුව යාකරන යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ,සාමාන්‍යයෙන් යාපනයේ ජිවත්වන පුද්ගලයෙක්ට විදේශගතවීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණීමට කිලෝමීටර් 350ට වැඩි පැය 8ක පමණ වෙහෙසකර ගමණක නියැලීමට සිදුවේ.,"කෙසේ නමුත් එම තත්ත්වය යම් තරමකට ඉදිරියේ වෙනස් වීමට නියමිත වන්නේ ඉන්දියාවේ ගමනාන්ත කරා වූ ගුවන් ගමන් යාපනය සිටම ක්‍රියාත්මක කිරීමට ඇති සුදානම හේතුවෙනි. දැනට දේශීය ගුවන් ගමන් සඳහා යොදාගන්නා යාපනය පලාලි ගුවන් තොටුපළ මේ මස 17 වැනිදා ශ්‍රී ලංකාවේ තුන්වැනි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත වීමට නියමිතය. ""යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ"" ලෙස නම් කර ඇති මෙම පලාලි ගුවන්තොටුපළ, රුපියල් බිලියන 3ට ආසන්න මුදලක් වැය කරමින් ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස වැඩිදියුණු කොට තිබේ. එයාර් ඉන්දියා ගුවන්සමාගමට අයත් කලාපීය ගුවන��� සේවාවක් වන එලායන්ස් එයාර්හි විශේෂ ගුවන් යානයක් ලබන 17 වැනිදා ඉන්දියාවේ චෙන්නායි නගරයේ සිට යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණීමත් සමග යාපනය ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් මගීන් සඳහා විවෘතවේ. ජාත්‍යන්තර ඉයාටා (IATA) ගුවන් සමාගම් කේත අනුව යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ JAF ලෙස හැඳින්වීමට නියමිතය. යාපනය ගුවන්තොටුපළ 1960 සහ 1970 දශකවල යාපනය සහ චෙන්නායි නගර අතර විනාඩි 45කින් යා හැකි ගුවන් සේවයක් තිබී ඇති අතර එය පසුව ආරක්ෂක හේතුන් මත නවතා දමා තිබේ. ඉන්පසු යාපනයේ පලාලි ගුවන්තොටුපළ ආරක්ෂක අංශ යටතේ ක්‍රියාත්මකවූ අතර යාපනය සහ කොළඹ අතර ගුවන් ගමන් සඳහා එම ගුවන්තොටුපළ යොදා ගැනිණි. 2009 වසරේ යුද්ධය අවසන් වීමෙන් පසු නැවත ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා පලාලි ගුවන්තොටුපළ යොදාගන්නා ලෙස ඉල්ලීම් කෙරුණද එය ක්‍රියාත්මක නොවිණි. මෙම ගුවන්තොටුපළ සංවර්ධනයට ආයෝජනය කෙරෙන සම්පුරුණ මුදල රුපියල් මිලියන 2250ක් වන අතර එයින් රුපියල් මිලියන 300ක් ඉන්දියාව ආධාරයක් ලෙස සපයා තිබේ. අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වන මෙම මෙම ව්‍යාපෘතියේ පළමු අදියර දැනට අවසන් කර ඇති අතර ඒ සමඟම ආසන 80ට අඩු ගුවන් යානා පලාලි ගුවන්පොළෙහි හැසිරවීමේ අවස්ථාව උදා වේ. ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ දී සිදු කෙරෙන්නේ ප්‍රධාන ධාවන පථය කිලෝ මීටර් 1.5 දක්වා අලුතින්ම ආස්ථරණය කර තවත් විශාල ගුවන්යානා මෙහි ගොඩබෑමට හැකි ආකාරයට සකස්කිරීමය. ඉන්දියාවේ චෙන්නායි, ට්‍රිචිසහ කෝචි යන නගරවලට යාපනයේ සිට සතියකට ගුවන් ගමන් තුනක් ඇරඹීමට එලායන්ස් එයාර් සමාගම දැනට එකඟවී තිබෙන බව වාර්තා වන අතර ඉදිරි ගුවන් ගමන් ඒ සඳහා තිබෙන ජනතා ඉල්ලුම අනුව තීරණය කිරීමට එම සමාගම එකඟ වී තිබේ. ශ්‍රී ලංකාවේ යාපනය සිට දකුණු ඉන්දියාව දක්වා ගුවන් ගමන් යළි ආරම්භවීමෙන් ඉන්දු- ශ්‍රී ලංකා සම්බන්ධතාවල නව පරිච්ඡේදයක් ආරම්භයක් විය හැකි බව මේ සම්බන්ධයෙන් ලිපියක් පළකළ ඉන්දියාවේ හින්දු පුවත්පත පැවසීය. ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග යාපනයේ පලාලි ගුවන්තොටුපලේ සංචාරයක නියැලෙමින් උතුරේ ජනතාවද සමාජ මාධ්‍ය තුළ මෙම ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත වීම ගැන සතුට පළකර ඇති අයුරු දක්නට ලැබිණි. ""මම අහලා තියෙනවා අපේ සියා කියනවා ඒ දවස්වල මේ ගුවන් සේවය තියෙද්දී චිත්‍රපට බලන්න චෙන්නායි වලට උදේ ගිහිල්ලා හවස එනවා කියලා. මේක ලොකු දෙයක් ගොඩක් උතුරේ අයට තමිල්න���ඩුවේ නෑදෑයෝ ඉන්නවා, අනික ආගමික කටයුතු වලට වගේම ෂොපිං කරන්නත් අපිට එහෙ යන්න පුළුවන්. දැන් කොළඹ ඇවිල්ල යන එක අධික වියදමක් වගේම කාලය ගතවන එකක්"" බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ යාපනයේ පුද්ගලික ආයතනයක රැකියාවක නියුතු ශාන්තිනි තවෙන්ද්‍රන් කියා සිටියාය. මේ අතර මේවන විට සැලසුම් කර ගෙන යන මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කළ විට මඩකලපුව සිට චෙන්නායි දක්වාද ගුවන් සේවයක් ක්‍රියාත්මක කිරීමට එලායන්ස් එයාර් කැමැත්ත පළකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස උතුරු සහ නැගෙනහිර පළාත්වල ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් විවෘත වීමට සුදානම් වෙද්දී දකුණු පළාතේ ආරම්භකළ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට දැනට වසරකට වැඩි කාලයක් ගමනාන්තයක් වශයෙන් කිසිදු මගී ගුවන් යානාවක් නොපැමිණෙන ස්ථානයක් බවට පත්ව තිබේ. පුද්ගලික ගුවන්යානා සහ හදිසියේ අයහපත් කාළගුණික තත්ත්ව හමුවේ ගුවන් යානා ගොඩබෑමක් සිදුවුවහොත් මිස මත්තල ගුවන්තොටුපළ භාවිත වීමක් සිදුනොවේ. රුපියල් 100ක ප්‍රවේශ පත්‍ර මිලකට විදේශ සහ දේශීය සංචාරයකයන්ට දැන් මත්තල ගුවන්තොටුපළ නැරඹීමට විවෘතව තිබේ. ආණ්ඩුව පවසන්නේ කිසිදු මගී ගුවන් සමාගමක්, මගීන් නොපැමිණෙන මත්තල ගුවන්තොටුපළ භාවිතයට ගැනීමට සුදානම් නොමැති බවකි. කෙසේ නමුත් විපක්ෂය පෙන්වා දෙන්නේ දේශපාලන හේතුන් මත ආණ්ඩුව මත්තල ගුවන්තොටුපළ අතහැර දමා ඇති බවය. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ 2013 වසරේදී විවෘත කළ අතර එය ඉදිකිරීමට චීනයෙන් ඩොලර් මිලියන 240ක ණය මුදලක් ලබාගෙන තිබිණි." -150805_sp_mahinda_int2,https://www.bbc.com/sinhala/sri_lanka/2015/08/150805_sp_mahinda_int2,ලසන්ත ඝාතනයේ සැකකරුවන් ආණ්ඩුවේද? - මහින්ද,සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘවරයා වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව පරීක්ෂණ නොපවත්වන්නේ ඝාතනයේ සැකකරුවන් වත්මන් ආණ්ඩුවේ සිටින නිසා දැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රශ්න කරයි.,"""දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්මයම ලසන්ත මැරුවේ අහවලාය කියල චෝදනාවක් ඉදිරිපත් කළා. ඉතින් දැන් පරීක්ෂණ කරන්න පුළුවන් නේ? ඇයි කරන්නැත්තේ?"" හිටපු ජනපතිවරයා ඒ බව කියා සිටියේ බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්. 2005 දී ජනපති පදවියට පත්වීමෙන් අනතුරුව හිටපු ජනපතිවරයා බීබීසී ය සමඟ පැවැත්වූ පළමු සාකච්ඡාව මෙයයි. ""දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්මයම ලසන්ත මැරුවේ අහවලාය කියල චෝදනාවක් ඉදිරිපත් කළා. ඉත��න් දැන් පරීක්ෂණ කරන්න පුළුවන් නේ? ඇයි කරන්නැත්තේ? ඒකට සැක කරපු අය ඒ කට්ටිය මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඉන්න හින්දද?,"" ඔහු ප්‍රශ්න කරයි. ""මට සත්‍ය සැකයක් එනවා එහෙමද කියල."" 2010 ජනවාරි මාසයේ සිට අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන්ද ඒ හා සමානම සැකයක් මතුවන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය. ""දැන් ඇයි පරීක්ෂණ නොකරන්නේ? ඒවා යට ගහන්නේ ඇයි? එහෙම නම් අපිට සැකයක් ඇතිවෙනවා ඒ කට්ටිය ඉන්නේ මේ ආණ්ඩුව තුල කියල."" 'කැලෑ නීතිය' රාජපක්ෂ පාලනය සමයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූයේ 'කැලෑ නීතිය' බවට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයානගන චෝදනාවද ඔහු ප්‍රතික්ෂේප කරයි. ""ඒක අමු බොරුවක්. ඒක ඔවුන් විසින් ගොතන ලද මඩ ප්‍රහාරයක්."" දෝෂාභියෝගයකින් ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය පදවියෙන් ඉවත් කළේ ව්‍යවස්ථානුකූලව බවයි, හිටපු ජනපතිවරයා පවසන්නේ ජනවාරි ජනපතිවරණයේදී තමන් පරාජයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව දිගින් දිගටම 'අඳුරු යුගයකට' ගමන් කරනවා විනා රටට කිසිදු යහපතක් සිදු වී නැති බව සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ධූරාපේක්ෂකයාගේ තර්කයයි. කෙසේ නමුත් සිය පාලන යුගයේදී ඇතැම් වැරදිකරුවන් ආරක්ෂා කිරීමට ක්‍රියා කිරීම 'වරදක්' බව ඔහු යළිත් වරක් පිළිගත්තේය. ""දැන් බලන්නකෝ ප්‍රේමදාස මහත්තයාගේ දුව. දුලාංජලී ප්‍රේමදාස හොර සල්ලි අච්චු ගහල එක ගිහින් මාරු කරන කොට මිටිය පිටින් අහුවුනාම ඒ පරීක්ෂණය ක්‍රමානුකූලව, නීත්‍යානුකූලව කරන්න මම ඉඩ දුන්නේ නෑ,"" ඔහු සඳහන් කළේ ඒ වැරදිකරුවන් කවුදැයි සංදේශය විමසීමක් කළ අවස්ථාවේ. ""මේ ඔයාල අහපු නිසා මම කියන්නේ. ඉතින් ඒක මම දැන් හිතනවා වරදක් කියල."" 18 වැනි සංශෝධනය හදිසි දෝෂාභියෝගයක් ඉදිරිපත් කොට අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ධුරයෙන් පහ කිරීම වැරදි ක්‍රියාමාර්ගයක් නොවන්නේ දැයි විමසූ අවස්ථාවේ හිටපු ජනාධිඅප්තිවරයා සඳහන් කළේ තමන් ක්‍රියා කළේ රටේ පවතින ව්‍යවස්ථාවට අනුකූලව බවයි. ""දුලාංජලී ප්‍රේමදාස හොර සල්ලි අච්චු ගහල එක ගිහින් මාරු කරන කොට මිටිය පිටින් අහුවුනාම ඒ පරීක්ෂණය ක්‍රමානුකූලව, නීත්‍යානුකූලව කරන්න මම ඉඩ දුන්නේ නෑ"" ""දැන් මේ ආණ්ඩුව අනිත් අග්‍ර විනිශ්චයකාරයා පහ කරපු ආකාරයටද පහ කරන්න ඕන එහෙම නම්?"" ඔහු ප්‍රශ්න කළේ මඳක් ආවේගයකින්. කෙසේ නමුත් සමස්ත දීර්ඝ සාකච්ඡාව පුරාම ඔහු අදහස් පළ කළේ ඉතා සන්සුන��ව සහ ඇතැම්විට සිනහසෙමින් ඉතා මිත්‍රශීලී විලාසයකින්. ""මේ ක්‍රමය ඔයාල කියනව නම් හරි ක්‍රමය කියල, අනේ මන්ද ..."" සති කිහිපයක් ඇතුලත 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය කිසිදු සංවාදයකින් තොරව සම්මත කරගැනීම පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ රටේ සියලු දේ තීරණය කරනු ලබන්නේ ජනතාව විසින් බැවින් එහි කිසිදු වරදක් නැති බවයි. ""ජනතාව හොඳට දන්නවා තියා ගන්න ඕන කාලේ. නැති එක. ඒක ජනතාවට ඉඩ දෙන්න ඕන,"" ඔහු වැඩිදුරටත් පැවසීය. ""අපි ඔක්කොම දැන් බටහිරට ගැති වෙලානේ. බටහිරින් එන දේවල් සියල්ල හරි කියන පදනමේ ඉඳගෙන තමයි ඔබ කථාකරන්නෙත්,"" ඔහු සංවාදය නිමා කළේ එලෙසින් මා වෙත පුද්ගලික විවේචනයක්ද එල්ල කරමින්." -130129_champika_india,https://www.bbc.com/sinhala/sri_lanka/2013/01/130129_champika_india,ඇමති රණවක ඉවත් කළේ ඉන්දියාවේ වුවමනාවට - එජාප,ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කැබිනට් සංශෝධනයේදී විදුලි බල අමාත්‍ය චම්පික රණවකගේ අමාත්‍යාංශය වෙනස් කළේ ඉන්දියාවේ අවශ්‍යතාවය මත බව එක්සත් ජාතික පක්ෂය (එජාප) පවසයි.,"අමාත්‍ය රණවක සාම්පූර් බලාගාරය ඉදිකිරීමේ සැලසුමට විරෝධය පළ කරමින් සිටි බව එජාපය පවසයි පසුගියදා ඉන්දියාවේ සංචාරයක යෙදුනු විදේශ අමාත්‍ය ජී එල් පීරිස් සාම්පූර් විදුලි බලාගාරය ඉදිකරන බවට ඉන්දියාවට සහතිකයක් ලබා දුන් බවත්, අමාත්‍ය රණවක සාම්පූර් බලාගාරය ඉදිකිරීමේ සැලසුමට විරෝධය පළ කරමින් සිටි බවත් එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසයි. කැබිනට් සංශෝධනයේදී පාඨලී චම්පික රණවක තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍යවරයා වශයෙන් වැඩ භාර ගත්තේය. කලක් මුළුල්ලේ දිග ඇදෙමින් පැවති සාම්පූර් බලාගාරය ඉදි කිරීමට අනුමැතිය පළ කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සැසි වාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධ යොජනාවක් ඉදිරිපත් වූ විට එයට එරෙහිව ඡන්දය භාවිතා කිරීම පිණිස ඉන්දියාවට දුන් ""අල්ලසක්"" බවයි, අත්තනායක මන්ත්‍රීවරයා පවසන්නේ. එළැඹෙන පෙබරවාරියේදී ආරම්භ වන මානව හිමිකම් මණ්ඩලය සැසි වාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඇමෙරිකානු දූත මණ්ඩලය සඳුදා නිවේදනය කළේය. ""මේකට මෙච්චර කල් බාධා කළේ විදුලි බල ඇමතිතුමා චම්පික රණවක අපි ඒ නිසා ඇමතිවරයා අයින් කරලා මේ බලාගාරය ඔබට දෙනවා ඒ නිසා ජිනීවා රැස්වීමේදී ශ්‍රී ලංකාවට සහය දෙන්න කියල තමයි එතෙන්දි ඒ රාජ්‍යතාන්ත්‍රික කථා බහ ගිහිල්ල තියෙන්නේ,"" තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය. පසුගිය වසරේ පැවැත්වුණු මානව හිමිකම් මණ්ඩල සැසි වාරයේදී විදේශ අමාත්‍යවරයා, මහින්ද සමරසිංහා අමාත්‍යවරයා සහ වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු දූත පිරිස දුන් ප්‍රතිඥා කිසිවක් ඉටු නොකලා පමණක් නොව අවසානයේ අධිකරණයේ ස්වාධීනත්වය ද විනාශ කළ බව ද ඔහු කියා සිටියේය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා" -140924_india_mars_mangalayanam?MOB,https://www.bbc.com/sinhala/world/2014/09/140924_india_mars_mangalayanam?MOB,‘මංගල්යාන් ’ අඟහරු කක්ෂයේ,‘මංගල්යාන්’ අඟහරු කක්ෂය කරා සාර්ථකව ඇතුල් වූ බව ඉන්දියාවේ අභ්‍යවකාශ විද්‍යාඥයෝ පවසති.,මෙය ඉන්දියාව අඟහරු කරා යවන ලද පළමු යානයයි. එම අභ්‍යවකාශ චාරිකාව සඳහා ඉන්දියාව දරන ලද වැය ඩොලර් කෝටි හත හමාරකි. මෙය අඟහරු චාරිකාවක් සඳහා මෙතෙක් දරන ලද අඩුම වියදම හැටියටත් ඉතිහාසයට එක් වෙයි. ‘මංගල්යාන්’ රතු ග්‍රහයාගේ කක්ෂයට අවතීර්ණ වන මොහොතේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ‘බැංගලෝර්’ නගරයේ පාලක මැදිරියේ සිටි බවයි වාර්තා වන්නේ. ඉන්දීය අගමැතිවරයා මෙහෙයුම සාර්ථකව මෙහෙයවන ලද විද්‍යාඥයන්ට ශුභ පැතූ අතර ඔහු සාර්ථක අඟහරු චාරිකාව විග්‍රහ කරන ලද්දේ ඉන්දියානු ජාතියේ හැකියාව පිලිබඳ ජීවමාන නිදසුනක් හැටියටයි. ‘ඉන්දියාවේ හැකියාව ’ “අපේ ක්‍රිකට් කණ්ඩායම ලබන ජයග්‍රහණ වලදී අපි සතුටට පත් වෙනවා. අපේ විද්‍යාඥයන්ගේ සාර්ථක ජය හමුවේත් අපි සතුටු විය යුතුයි” අගමැති මෝඩි ප්‍රකාශ කරයි. මෙම අභ්‍යවකාශ වැඩ පිළිවෙල පුළුල් කරනු ලැබීම ඉන්දීය අගමැතිවරයාගේ සැලැස්මයි. 2013 නොවැම්බර් මස පස් වෙනිදා අභ්‍යවකාශගත කරන ලද ‘මංගල්යාන්’ යානයට අඟහරු ලොවට සමීප වීමට මාස දහයක පමණ කාලයක් ගත විය. ‘මංගල්යාන්’යානයට පැවරෙන කාර්යය වන්නේ අඟහරු පෘෂ්ඨයේ ඡායාරූප ගනිමින් එහි ස්වාභාවය අධීක්ෂණයයි. පසුගිය සඳුදා ඇමෙරිකානු ‘මවෙන්’ (Maven) අඟහරු යානය එහි කක්ෂයට ඇතුල් වූ අතර නාසා ආයතනය එම චාරිකාව සඳහා ඉන්දියාවට වඩා දශ ගුණයක මුදලක් වැය කර ඇත. -sri-lanka-42862329,https://www.bbc.com/sinhala/sri-lanka-42862329,දූෂිතයන්ට දඬුවම් කිරීමේ ඉතිහාසය ගැන මේ කරුණු දැන සිටියාද?,"හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ පාලනය සමයේ අල්ලස් සහ දූෂණ කොමිෂන් සභා පනත සම්මත කරනු ලැබීමෙන් අනතුරුව, එම කොමිසම මගින් නඩු පවරනු ලැබ දඬුවම් දී තිබෙන්නේ සිව් දෙනෙකුට පමණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.","බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවට අදාළ ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම පිණිස සඳුදා (ජනවාරි 29) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේ දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න ඒ බව හෙළි කළ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. මාතලේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රැළියක් අමතමින් ඒ බව සඳහන් කළ ජනාධිපතිවරයා, එයට ප්‍රධානම හේතුව වූයේ මහින්ද රාජපක්ෂ පාලනය සමයේ අල්ලස් සහ දූෂණ පරීක්ෂණවලට ඉහලින්ම දේශපාලන බලපෑම් එල්ලවීම බවත් කියා සිටියේය. ""එදා උසාවියට, අලුත්කඩේට ටෙලිෆෝන් කෝල් දීල නඩු තීන්දු වෙනස් කෙරුව වගේ, ඕන අයට ඇප දුන්න වගේ, ඕන ය හිරේ දැම්ම වගේ අල්ලස් දූෂණ කොමිසමටත් බලපෑම් කරලා ලොකු ලොකු කට්ටිය හිටපු අය ඒවා ඔක්කොම දුර්වල කෙරුව. ඒ ආයතන දුර්වල කෙරුව,"" ඔහු පැවසීය. ශ්‍රී ලංකාවේ දේශපාලකයන්ගෙන් අඩක්ම දූෂිතයන් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී සඳහන් කළේය. 2008 සිටම බැඳුම්කර නිකුතුවලදී සහ වෙනත් ආකාරයෙන් මහා පරිමාණ වශයෙන් මහජන දේපොළ ""කොල්ල කා ඇති"" බව ද ජනාධිපතිවරයා පැවසීය. ""2008 ඉඳල 2016 වෙනකම් මේ මහා මුදල් මංකොල්ලය සිද්ද වෙලා තියෙනව."" තවත් කියවන්න: ""අසරණ වතු කම්කරුවාගේ ඉඳල, පුද්ගලික අංශයේ සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල, දරුවන්ගේ මහපොළ ශිෂ්‍යත්ව අරමුදල, ඔබේ ජීවිත රක්ෂණය කරන දුප්පත් පොදු ජනතාවගේ සල්ලි, ඔබ බැංකුවට ගිහින් දාන ජාතික ඉතිරි කිරීමේ සල්ලි ... ඒ සල්ලි තමයි මේ මහා හොරකමේ මංකොල්ලයේ තියෙන්නේ."" මේ තත්වය යටතේ දූෂිතයන්ට දඬුවම් කිරීමේ සිය කැපවීම ඔහු අවධාරණය කළේය. ""ඒ සියලු දෙනාට දඬුවම් දීම කඩිනම් කිරීම සඳහාත්, ඒ විනාශ වෙච්ච මුදල් ඒ ආයතනවලින් ආපහු රජයට, ජනතාවට ලබාගැනීම සඳහාත් මම ඉතාම කඩිනම් වැඩපිළිවෙලක් හදල අවසන්. සියලු හොරුන්ට දඬුවම් දෙනවා, මොන පක්ෂේද, මොන තනතුරේද ඒක මට කිසිම ප්‍රශ්නයක් නැහැ."" පිටු අඩුද? මේ අතර මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධ ජනාධිපති කොමිසමේ වාර්තාවට අදාළව මේ වන විට කි‍්‍රයාත්මක කරමින් පවතින වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමේදී නීතිපතිවරයා සහ මහබැංකු අධිපතිවරයා ද පක්ෂ නායක කරුණු ඉදිරිපත් කරන ලද බව ජනාධිපති කාර්යාලය පවසයි. පැවති ආණ්ඩුව, යහපාලනය සහ 'පික්පොකට්' කොමිසමේ නිර්දේශවලට අනුව එහි ඉදිරි පියවර සඳහා අවශ්‍ය නව නීති සම්පාදනය සහ පවතින අණ පනත්වල සංශෝධනවලට අදාළව කෙටුම්පත් මේ වන විට සකසමින් පවතින බව ද එහිදී සඳහන් කෙරිණි. 1994 සිට මේ දක්වා සංශෝධනය වී නොමැති අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමේ නීති කෙටුම්පත් සකස් කිරීම මේ වන විට අවසන් අදියරේ පවතින අතර, එය ඉදිරි සති කිහිපය තුළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් කොමිෂන් සභාවේ නිගමනයන් හා නිර්දේශ මත ශී‍්‍ර ලංකා මහ බැංකුවේ කළයුතු වෙනස්කම්වලට අදාළව ද නව සැලැස්මක් මේ වන විට සකස් කරමින් පවතින බවත් නිලධාරීහු පක්ෂ නායකයන්ට දැනුම් දී තිබේ. මහබැංකු බැඳුම්කර වාර්තාවේ පිටු අඩුවීමක් සිදුව ඇති බවට පළවන අදහස් පිළිබඳව ද කරුණු ඉදිරිපත් වූ අවස්ථාවේ නිලධාරීන් පෙන්වා දී තිබෙන්නේ එහි පිටු අඩුවීමක් සිදුව නොමැති අතර, ඊට අදාළව අනු ලිපි ලේඛන විශාල ප‍්‍රමාණයක් පවතින අතර, අදාළ නඩු කටයුතු කි‍්‍රයාත්මක වන තුරු රහස්‍ය භාවය ආරක්ෂා කළයුතු ලිපි ලේඛන පවතින බැවින් ඒවායේ රහස්‍ය භාවය සුරැකීමට සිදුව ඇති බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය, ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා ලිබරල් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා කම්කරු කොංග්‍රසය, ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂය ඇතුළු පක්ෂ නියෝජනය කරමින් පක්ෂ නායකයින් සහ නියෝජිතයින් රැස්වීමට එක්ව සිටියහ." -121210_hr_day_cj_ranil,https://www.bbc.com/sinhala/sri_lanka/2012/12/121210_hr_day_cj_ranil,ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ අපවාදයට ලක්විය හැකියි - රනිල්,පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය අහිමිවීමේ මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ අපවාදයට ලක්වීමේ අවදානමට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බව විපක්ෂනායකවරයා පවසයි.,"රාජ්‍ය පාලනය හමුදාකරණයට ලක් කිරීමේ අටියෙන් අධිකරණය මර්ධනය කරන බවට උද්ඝෝෂකයෝ ආණ්ඩුවට චෝදනා කරති කොළඹදී පැවති 64 වන මානව හිමිකම් දින සමරුවට සහභාගි වෙමින් එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ද නායකයා වන රනිල් වික්‍රමසිංහ ඒ බව පැවසුවේ අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් වී තිබෙන දෝෂාභියෝග ක්‍රියාදාමය පිළිබඳව සඳහන් කරමින්. ""අපි ඉස්සෙල්ලම ලෝකෙන් එකතු වුන සංවිධානය තමයි පොදු රාජ්‍ය මණ්ඩලය. ඊට පස්සේ තමයි අපි එක්සත් ජාතීන්ගේ සංවිධානෙට ආවේ. දැන් අපි එක්සත් ජාතීන්ගේ සන්විධානෙත් මානව හිමිකම් ප්‍රකාශනයට අත්සන් කරලා තියෙනව,"" ඔහු පැවසීය. ජනතා පරමාධිපත්‍යය සහ මානව හිමිකම් තේමාව මුල් කරගෙන මෙම සම්මන්ත්‍රණය සංවිධානය කොට තිබුනේ නිදහසේ වේදිකාව සංවිධානය විසින්. අත් අඩංගුවට ගෙන සිටින යාපන විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් වහාම නිදහස් කිරීම සහ කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වයට එරෙහිව එකමුතු වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් නීතිඥ නිමල්කා ප්‍රනාන්දු සමුළුව හමුවේ ප්‍රකාශයට පත් කළාය. 'ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා' 'අපි ඉස්සෙල්ලම ලෝකෙන් එකතු වුන සංවිධානය තමයි පොදු රාජ්‍ය මණ්ඩලය. ඊට පස්සේ තමයි අපි එක්සත් ජාතීන්ගේ සංවිධානෙට ආවේ' අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝග විමර්ශනය පැවැත්වූ ආකාරය සමුළුව ඇමතූ සියලුම කථිකයන්ගේ විවේචනයට ලක්විය. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අභිබවා යමින් අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විභාග කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අනුමත නොකරන බව මේ අතර එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පවසයි. ඔහු ඒ බව පැවසුවේ අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග චෝදනා ඉල්ලා අස්කරගන්නා මෙන් රජයට බල කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති ලිප්ටන් වට රවුමේ පැවැත්වූ උද්ඝෝෂණයකදී. රාජ්‍ය පාලනය හමුදාකරණයට ලක් කිරීමේ අටියෙන් අධිකරණය මර්ධනය කරන බවට ජාතික ක්‍රිස්තියානි සම්මේලනයේ සත්‍යවේල් පියතුමා එහිදී ආණ්ඩුවට චෝදනාවක් එල්ල කළේය. මේ අතර නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ප්‍රකාශ කළේ දෝෂාභියෝගයට මැදිහත් වන්නැයි ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීම මගින් රටේ ස්වෛරීභාවයට හානි වන බවට ආණ්ඩුව කරන ප්‍රකාශවල කිසිදු පදනමක් නොමැති බවයි. ""එයාට පුළුවන් නම් ජාත්‍යන්තර ණය අරගෙන අපේ ලේ බොන්න ලෑස්ති කරන්න අපිටත් අයිතියක් තියෙනවා ලෝකේ පුරා ගිහිල්ල එකට විරුද්ධව කතා කරන්න,"" ඔහු පැවසීය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා" -sri-lanka-37837746,https://www.bbc.com/sinhala/sri-lanka-37837746,අගමැතිට එරෙහි පරීක්ෂණයක් අවශ්‍ය නැහැ - ශ්‍රීලනිපය,මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.,"මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ කෝප් වාර්තාව ගැන සාකච්ඡා කිරීමේ අරමුණින් ඊයේ (ඔක්.31) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී අගමැතිවරයාට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් කිසිවක් සාකච්ඡා නොවූ බව අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්���ෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසීය. දූෂිත නිලධාරීන් ආරක්ෂා කිරීමට අගමැතිවරයාට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව, කෝප් වාර්තාව පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීම සඳහා එය කඩිනමින් නීතිපතිවරයාට යැවීමෙන් පැහැදිලි වන බව දයාසිරි ජයසේකර අමාත්‍යවරයා පෙන්වා දුණි. බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ කෝප් වාර්තාව පිළිබඳ අධ්‍යයනය කර ජනාධිපතිවරයාට වාර්තාවක් සැපයීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පියවර ගත් බව ද අමාත්‍යවරයා පැවසීය." -world-43821887,https://www.bbc.com/sinhala/world-43821887,අන්තර්ජාලය සොයා ගනු ලැබුවේ ඉන්දියානුවන්ද?,වසර දහස් ගණනකට පෙර දී පුරාණ ඉන්දියානුවන් විසින් අන්තර්ජාලය සොයා ගනු ලැබුවේ යයි පැවසූ අමාත්‍යවරයෙකු උපහාසයට ලක්ව තිබේ.,"සිය මතය තහවුරු කිරීම සඳහා මහඇමතිවරයා, පුරාණ හින්දු මහාකාව්‍යයක් වන 'මහාභාරතයෙන්' උදාහරණ ගෙනහැර දක්වා ඇත. ඉන්දියාවේ ඊසාන දිග පිහිටි ත්‍රිපුර ප්‍රාන්තයේ මහඇමති බිප්ලබ් ඩෙබ් එම අදහස් පළ කර ඇත්තේ අඟහරුවාදා (අප්‍රේල් 17) පැවති මහජන උත්සවයකදීය. සිය මතය තහවුරු කිරීම සඳහා මහඇමතිවරයා, පුරාණ හින්දු මහාකාව්‍යයක් වන 'මහාභාරතයෙන්' උදාහරණ ගෙනහැර දක්වා ඇත. කෙසේ නමුත් මහඇමතිවරයාගේ එම ප්‍රකාශය හාස්‍යට ලක් කර 'ට්විටර්' ඇතුළු සමාජ ජාල තුළ විශාල වශයෙන් අදහස් පළ වෙමින් පවතී. නූතන ලෝකය අත්පත් කරගෙන ඇති විද්‍යාත්මක හෝ තාක්ෂණික ජයග්‍රහණ සොයා ගනු ලැබුවේ මීට සියවස් ගණනාවකට පෙර යයි පැවසු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරු ගණනාවක් වෙති. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද ඒ අතර වේ. මේ තොරතුරුද දැනගන්න: 2014 වසරේදී මුම්බායිහි රෝහලකදී වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය අමතමින් අගමැති මෝදි පවසා තිබුණේ ප්ලාස්ටික් සැත්කම් පුරාණ ඉන්දියාවේ පැවති බවය. එමෙන්ම පුරාණ මහාකාව්‍යයක් වන 'රාමායනය' තුළ ගුවන් යානය පිළිබඳ සඳහන් වන්නේ යයි කනිෂ්ඨ අධ්‍යාපන අමාත්‍ය සත්‍යපාල් සිං පසුගිය සැප්තැම්බර් මාසයේදී පවසා තිබිණි. තවත් තොරතුරු: විවේචකයන් පවසන්නේ මෙවැනි අදහස් ප්‍රකාශ කිරීම අනතුරුදායක තත්ත්වයක් බවය. ඉහත කී මහජන හමුවේදී අදහස් දක්වමින් ට්‍රිපුර ප්‍රාන්තයේ මහඇමති බිප්ලබ් ඩෙබ් වැඩිදුරටත් පවසා ඇත්තේ අන්තර්ජාලය පමණක් නොව චන්ද්‍රිකා තාක්ෂණ ය ද පුරාණ ඉන්දියාවේ පැවති බව 'මහාභාරතයේ' සඳහන් 'කුරුක්ෂෙත්‍ර' සටනින් තහවුරු වන බවය." -world-50680331,https://www.bbc.com/sinhala/world-50680331,ඉන්දියාව: දූෂණ නඩුවට යන අතරමඟ දී ගිනි තැබූ තරුණිය මිය යයි,තමා දූෂණය කිරීම සම්බන්ධයෙන් පවරා තිබුණ නඩුවක් සඳහා සාක්‍ෂි දීමට යමින් සිටියදී පුද්ගලයන් කීපදෙනෙකු විසින් දූෂණය කරන ලදුව අසාධ්‍ය තත්වයේ පසු වූ ඉන්දීය තරුණිය මරණයට පත්වූ බව වාර්තා වෙයි.,"පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව උත්හර් ප්‍රදේශ් ප්‍රාන්ත අධිකරණයක ගොනු කළ නඩුවේ විමසීම සඳහා යන මඟ ඇය මෙම සිද්ධියට මුහුණ දී ඇත. හෘද ස්පන්දනය නැවතීමෙන් මියගිය ඇයගේ සිරුරේ 90%ක් පිළිස්සී තිබිණි. ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් දූෂණ චෝදනා ඇති පුද්ගලයන් දෙදෙනා ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. දුම්රිය ස්ථානයට ගමන් කරමින් සිටි අතරතුර පුද්ගලයන් පිරිසක් ඇයට පහර දී අසල පිහිටි පිට්ටනියකට රැගෙන ගොස් සිරුරට ගිනි තබා ඇතැයි ඉන්දියානු මාධ්‍යය වාර්තා කර තිබේ. ඇයට අවශ්‍ය වී තිබුණේ අදාළ පුද්ගලයන් දෙදෙනාට මරණ දඬුවම ලබා දීමට බව මියගිය කාන්තාවගේ සොහොයුරිය බීබීසී වෙත පැවසීය. කෙසේනමුත්, සිය පවුලේ අය මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යන බව ද ඇය පැවසුවාය. මෙය සිදුව ඇත්තේ මෑතක දී තවත් කාන්තා දූෂණ සිද්ධියක් වාර්තා වූ උන්නාඕ දිස්ත්‍රික්කයෙනි. ඉන්දියාවේ වර්තමාන පාලක පක්ෂයට සම්බන්ධ නීති සම්පාදකයෙකු විසින් දූෂණය කළ බවට චෝදනා කළ තරුණියක රිය අනතුරකින් බරපතල තුවාල ලැබීමත් සමඟ පසුගිය ජූලි මස පොලිසිය මිනී මැරුම් සම්බන්ධ විමර්ශනයක් ආරම්භ කර ඇත. අදාළ කාන්තාවගේ ඥාති කාන්තාවන් දෙදෙනෙකු මෙම සිද්ධියෙන් මියගිය අතර ඇයගේ නීතිඥවරයා තුවාල ලැබීය. දින කීපයකට පෙර පශු වෛද්‍යවරියක සමූහ දූෂණය කර පුළුස්සා මරා දැමූ සිද්ධියේ උණුසුම පහව යෑමටත් පෙර සිදු වූ මෙම සිද්ධිය හේතුවෙන් ඉන්දියාව පුරා නොසන්සුන්තාවක් ඇති වී තිබිණි. මේ තොරතුරු ද කියවන්න: කෙසේනමුත්, පශු වෛද්‍යවරිය දූෂණය කර ඝාතනය කළ බවට සැක කෙරුණු පුද්ගලයන් සිව් දෙනා ඉන්දීය පොලිසිය වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ එය සැමරීමට රටපුරා උත්සව ද පැවැත්විණි. 27 හැවිදිරි පශු වෛද්‍යවරිය අතුරුදහන් වීමෙන් සතියකට පසුව ඇයගේ පුළුස්සන ලද මළසිරුර හමු වූ අතර, ඇය සමූහ දූෂණයට ලක් කර තිබිණි. 2012 වර්ෂයේ දිල්ලි නුවර බස් රියක් තුළ දී වෛද්‍ය සිසුවියක සමූහ දූෂණය කර මරා දැමීමේ සිද්ධියත් සමඟ කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික අඩන්තේට්ටම්වලට එරෙහිව ඉන්දියාවේ දැඩි අවධානය යොමු විය. නමුත් තවමත් කාන්තාවන්ට සිදුවන හිරිහැරවල අඩු වීමක් දක්නට නොලැබේ. ඉන්දියානු රජය 2017 වර්ෂයේ නිකුත් කළ අපරාධ සංඛ්‍යා දත්ත අනුව දූෂණ නඩු 33,658ක් පොලිසියේ වාර්තා වී තිබෙන අතර, සාමාන්‍යයක් ලෙස ගත් කළ එය දිනකට 92කි. තවත් තොරතුරු:" -140131_lanka_gl_nisha_colombo,https://www.bbc.com/sinhala/sri_lanka/2014/01/140131_lanka_gl_nisha_colombo,ඇමෙරිකාවේ ප්‍රතිපත්තිය ලංකාවට 'ඇඟිලි ගැසීමක්',ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය අනුගමනය කරන්නේ 'බලහත්කාරයෙන් ඇඟිලි ගැසීමේ සහ උපදෙස් දීමේ' ආකල්පයක් බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.,"""සංහිඳියාව ඇති කිරීමේ 'ස්වර්ණමය අවස්ථාවෙන්' ශ්‍රී ලංකාව ප්‍රයෝජන ගෙන නෑ"" තෙදින නිල සංචාරයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම්වරිය, නිශා බිස්වාල්, හමු වූ අවස්ථාවේ විදේශ අමාත්‍ය ජීඑල් පීරිස් ඒ බව සඳහන් කළ බවයි, විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජනපදය අනුගමනය කරන ක්‍රියාමාර්ගය සහ වෙනත් රටවල් සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත අතර වෙනසක් තිබෙන බවද විදේශ අමාත්‍යවරයා නිශා බිස්වාල්ට දැනුම් දී තිබේ. 'ස්වර්ණමය අවස්ථාව' එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය මාර්ගයෙන් එක්සත් ජනපදය විසින් 'දිගින් දිගටම ශ්‍රී ලංකාව හඹා යාම' මගින් ශ්‍රී ලංකාවේ ජනවර්ග තවදුරටත් බෙදා වෙන් කෙරෙනු ඇති බව පැවසූ විදේශ අමාත්‍යවරයා, විශේෂයෙන්ම ඇමෙරිකාවේ ප්‍රතිපත්තිය රටේ දැඩි මතධාරීන් තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වූ බවද සඳහන් කොට තිබේ. 'අපිට හැකි ආකාරයෙන් අපි ඇයට දැන් තිබෙන තත්වය පහදලා දුන්න' කෙසේ නමුත්, ශ්‍රී ලංකාවට එරෙහි රහසිගත න්‍යායපත්‍රයක් එක්සත් ජනපදයට නැති බව සහකාර රාජ්‍ය ලේකම්වරිය අමාත්‍යවරයාට ප්‍රකාශ කළ බවද නිවේදනයේ සඳහන්. යුද ගැටුම්වලින් අනතුරුව සංහිඳියාව ඇති කිරීමේ 'ස්වර්ණමය අවස්ථාවෙන්' ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වනු ඇතැයි ජාත්‍යන්තර ප්‍රජාව 'දැඩි කලකිරීමට' පත් වී සිටින බවයි, ඇය පවසා තිබෙන්නේ. ශ්‍රී ලංකාව සමඟ සමීප සම්බන්ධතා පවත්වා ගැනීම ඇමෙරිකාවේ අභිප්‍රාය වුවද, යුද්ධයේ තුවාල සුව කිරීම් වස් ප්‍රගතියක් දැක්වීමට ශ්‍රී ලංකාව අපොහොසත්වීම පිළිබඳව බරපතල අවධානය පළ වී ඇතැයි ජීඑල් පීරිස් අමාත්‍යවරයාගේ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් නිශා බිස්වාල් සහක���ර ලේකම්වරිය ප්‍රකාශ කොට තිබේ. සහකාර රාජ්‍ය ලේකම්වරිය දෙමළ ජාතික සන්ධානයද හමු වී සාකච්ඡා පැවැත්වූ බව එහි නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා බීබීසී දෙමළ සේවයට කියා සිටියේය. ""ඇය ආවේ පොරොන්දු දෙන්න නෙවෙයි, ඇය ආවේ තත්වය තේරුම් ගන්න. අපිට හැකි ආකාරයෙන් අපි ඇයට දැන් තිබෙන තත්වය පහදලා දුන්න. අපි ඉදිරිපත් කළ කරුණු පිළිබඳවත් ඔවුන්ගේ අවධානය යොමු වේවි කියල අපි විශ්වාස කරනවා,"" යනුවෙන්ද ඔහු සඳහන් කළේය. යුද අපරාධ සම්බන්ධ චෝදනා විභාග කිරීම පිණිස ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටිමින් එළඹෙන මාර්තුවේදී මානව හිමිකම් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව එක්සත් ජනපදය පසුගියදා සනාථ කළේය." -sri-lanka-43045935,https://www.bbc.com/sinhala/sri-lanka-43045935,"""ආණ්ඩුවට එකතු වෙන්නේ නෑ, ජාතික සමගි ආණ්ඩුව දිගටම අවශ්‍යයි""","පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ජාතික සමගි ආණ්ඩුවේ පැවැත්මට බාධාවක් නොවිය යුතුය යන්න සිය ස්ථාවරය බව දෙමළ ජාතික සන්ධානය පවසයි.","එහිදී අගමැති පදවියේ වෙනසක් විය යුතු ද, නැද්ද යන්න සම්බන්ධයෙන් පක්ෂය කිසිදු ස්ථාවරයක් නොදරන බව ද දෙමළ ජාතික සන්ධානයේ (TNA)පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ එම්ඒ සුමන්දිරන් බීබීසී සිංහල සේවයට පැවසීය. එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සහාය දෙන්නේ දැයි කළ විමසීමට පිළිතුරු දුන් ඔහු: ""ඒ වගේ ඉල්ලීමක් අපිට තාම කරලත් නෑ. අනිත් එක කාටවත් ආණ්ඩු පිහිටුවන්න අපි සහාය දෙන්නෙත් නෑ. ඒ කියන්නේ අපි කොටස්කරුවෙක් වශයෙන් රජයට එකතු වෙන්නේ නෑ,"" යනුවෙන් පැවසීය. ""ජාතික ප්‍රශ්නයට විසඳුමක් සොයන තෙක් අපි ආණ්ඩුවේ පාර්ශවකරුවන් වෙන්නේ නෑ කියන එක අපේ ස්ථාවරය."" ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් ඉවත්වුවහොත් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීම පිණිස සහාය දෙන්නේ නම් දෙමළ ජාතික සන්ධානයට කැබිනට් අමාත්‍ය තනතුරු කිහිපයක් ප්‍රදානය කිරීමට යෝජනා කර ඇති බවට ද සමාජ මාධ්‍යවල අදහස් පළවෙමින් පවතී. එහෙත් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශකයා එවැනි සියලු වාර්තා ප්‍රතික්ෂේප කරයි. ""නෑ එහෙම යෝජනාවක් කරලා නෑ. කවුරුත් අපිට ඒ වගේ කතාකරලත් නෑ."" තවත් කියවන්න: එහෙත් කිසියම් ලෙසකින් ආණ්ඩුවේ කොටස්කරුවෙකු නොවී සහාය දීම පිළිබඳව ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබඳව පක්ෂය සාකච්ඡා කරනු ඇති බවත් එම්ඒ සුමන්දිරන් මන්ත්‍ර��වරයා සඳහන් කළේය. කෙසේ වුවත්, ""කවුරුත් ආණ්ඩු පිහිටුවන්නට අපේ කණ්ඩායම් එකතු කරලා බහුතර බලය පෙන්නන්නට හෝ පසුව ආණ්ඩුවේ කොටස්කරුවෙක් වශයෙන් එකතු වෙන්නට අපි සහාය දෙන්නේ නෑ,"" යනුවෙන් යළිත් වරක් පැහැදිලි කළේය. විශේෂයෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉල්ලා අස් වී, එක්සත් ජාතික පක්ෂයේ වෙනත් නායකයෙකුට අගමැති පදවිය ලබා දිය යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දරන ස්ථාවරය පිළිබඳව ""අපිට කිසිම සම්බන්ධයක් නැති,"" බව පවසන ඔහු ""අපේ ස්ථාවරය මේ ජාතික සමගි ආණ්ඩුව දිගටම යන්න ඕනේ කියන එක,"" බවත් අවධාරණය කළේය. මේ අතර පළාත් පාලන මැතිවරණයේදී සිය පක්ෂයට ලැබුණු ඡන්ද ප්‍රමාණය අඩු වී ඊපීඩීපී පක්ෂයට සහ සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසයට ලැබුණු ඡන්ද ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව පිළිගත් සුමන්දිරන් මන්ත්‍රීවරයා, ඒ පිළිබඳ පක්ෂ නායකයන් ළඟදීම රැස් වී සාකච්ඡා කිරීමට නියමිත බවත් වැඩිදුරටත් සඳහන් කළේය. සබැඳි යොමු:" -131204_astralia_immigration_visa,https://www.bbc.com/sinhala/world/2013/12/131204_astralia_immigration_visa,ඕස්ට්‍රේලියානු සංක්‍රමණ සිහිනය බිඳ හෙළන දැඩි නීති,බෝට්ටු වලින් සිය භූමියට අනවසර සංක්‍රමණිකයන් ලඟා වීම නතර කිරීම සඳහා ඕස්ට්‍රේලියාව මෙතෙක් නො ගත් මට්ටමේ දැඩි ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කර ඇත.,"ඉදිරි මූල්‍ය වර්ෂය තුල කිසිවකුට නිත්‍ය රැකවරණ වීසා නොදෙන බවයි ඇමතිවරයා කියා සිටින්නේ. සංක්‍රමණ සහ ඕස්ට්‍රේලියානු දේශ සීමා ආරක්‍ෂාව භාර ඇමති ස්කොට් මොරිසන් ප්‍රකාශ කළේ, මිනිසුන් රටින් රටට පැටවීමේ ජාවාරම නතර කර දැමීම සඳහා සිය ආණ්ඩුව නව විධි විධාන මාලාවක් ක්‍රියාවට නංවන බවයි. ඇමතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති එම නව රෙගුලාසි යටතේ, 2013 වසරේ ජූලි 19 වෙනි දිනට පෙර ඕස්ට්‍රේලියාවට ලඟා වී සිටින සියලුම පුද්ගලයන්ට නව දැඩි රෙගුලාසි බලපාන අතර, කිසිවකුට නිත්‍ය රැකවරණ වීසා බලපත් ප්‍රදානය නො කෙරෙන බවයි නිවේදනය කෙරුණේ. “අනවසරයෙන් බෝට්ටු මගින් අපේ භූමියට පැමිණෙන කිසිවකුට අපේ භූමියේ පදිංචියට කිසිසේත් ම අවසර දෙන්නේ නැතැයි” ස්කොට් මොරිසන් ඇමතිවරයා පවසයි. ඉදිරි මූල්‍ය වර්ෂය ආරම්භ වන තෙක් නිත්‍ය රැකවරණ වීසා බලපත් නිකුත් කරනු ලැබීම වහාම බල පැවැත්වෙන පරිදි අත් හිටු වීමට, සංක්‍රමණ සහ ඕස්ට්‍රේලියානු දේශ සීමා ආරක්‍ෂාව භාර ඇමති ස්කොට් මොරිසන් සිය අමාත්‍ය බලතල පාවිච්චි කර ඇති බවයි ප්‍රකාශ වන්නේ. අව්‍යාජ සංක්‍රමණිකයන්ගේ ඉරණම ඔස්ට්‍රේලියාවේ රැකවරණ පතා දුෂ්කර මුහුදු ගමනක දෙසැම්බර් තුන් වෙනිදා ප්‍රකාශයට පත් කරනු ලැබුණ ඉහත කී විධි විධාන, දෙසැම්බර් හතර වෙනිදා පටන් බල පැවැත්වෙන අතර, ජුලි මාසයේ පළමු වෙනිදා පටන් දැනටමත් නිකුත් කරනු ලැබ ඇති 1650 ක් වූ වීසා බලපත් ප්‍රමාණය ඊට සීමා කිරීමට ඇමතිවරයා පියවර ගනු ලැබ ඇත. “ මේ වැඩ පිළිවෙළේ තේරුම මුහුදු වෙරළේදී රැකවරණ ඉල්ලා සිටින්නන්ට මෙම මූල්‍ය වර්ෂය ඇතුළත වීසා නො දෙන බවයි. ජූලි පළමු වෙනිදා අපේ මූල්‍ය වර්ෂය ආරම්භ වීමත් සමග එම රෙගුලාසි ක්‍රියාවට නැංවීම ආරම්භ කෙරුණා.” යි ඕස්ට්‍රේලියානු ඇමතිවරයා කියා සිටී. ඕස්ට්‍රේලියාවේ කලින් බලයේ සිටි ලේබර් පක්ෂ ආණ්ඩුව පසු ගිය ජූලි මාසයේ පැපුවා නිව්ගිනියාවත් සමඟ අනවසර සංක්‍රමණිකයන් වෙනත් භූමියක රඳවා තැබීමට මඟ සැලසෙන ගිවිසුමක් අත්සන් කළ අතර, ඊට පෙර බෝට්ටු මගින් පැමිණි තිස් තුන් දහසකටත් නව රෙගුලාසි බල පැවැත්වෙන බවයි ප්‍රකාශ වන්නේ. සංක්‍රමණ සහ ඕස්ට්‍රේලියානු දේශ සීමා ආරක්‍ෂාව භාර ඇමති ස්කොට් මොරිසන් සමඟ ඕස්ට්‍රේලියාවේ ඒ.බී.සී, රූපවාහිනිය පැවැත් වූ සාකච්ඡාවක දී, සැබෑ පිළිසරණ පතන්නන්ට නව රෙගුලාසි යටතේ අත් වෙන ඉරණම ගැන ප්‍රශ්න කළ විට ඇමතිවරයා කියා සිටියේ, කලින් ආණ්ඩුව විසින් ප්‍රදානය කරනු ලැබ ඇති තාවකාලික වීසා යටතේ ඔවුන් රඳවා තබන බවයි." -sri-lanka-38282523,https://www.bbc.com/sinhala/sri-lanka-38282523,අර්ධ ෆෙඩරල් ක්‍රමයක්වත් එපා - සම සමාජ පක්ෂය,ෆෙඩරල් පාලනයකට පමණක් නොව අර්ධ ෆෙඩරල් ක්‍රමයකට පවා මේ මොහොතේ එකඟ නොවන බව ලංකා සම සමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ පවසයි.,"නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ලංකා සම සමාජ පක්ෂයේ ස්ථාවරය පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් එම පක්ෂයේ දේශපාලන මණ්ඩල නියෝජිතයන් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර පසුගියදා හමුවක් පැවැත්විණි. ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී මහාචාර්ය තිස්ස විතාරණ කියා සිටියේ ව්‍යවස්ථා සම්පාදක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එහිදී වැඩි වශයෙන් කරුණු සාකච්ඡා වූ බවය. ජාතික සමගිය ගොඩ නැගීම සඳහා ඒකීය රාමුවක් තුළ සුදුසු බලය බෙදා හැරීමක් ක්‍රියාත්මක කළ යුතු බව සිය පක්ෂයේ මතය වුවත් රට තුළත් රටෙන් පිටතත් බෙදුම්වාදී ප්‍රවණතා හිස ඔසවමින් තිබෙන වාතාවරණයක් තුළ ඒකීය පාලන ක්‍රමයෙන් පිටවීමට කටයුතු කිරීම මේ මොහොතේ සුදුසු නොවන බව මහාච���ර්යවරයා පැවසීය. ""එල්ටීටීඊයේ පරාජයෙන් පස්සේ ඒ බෙදුම්වාදී මතවාද ඉවත් වෙයි කියලා අපි හිතුවා. මේ අවස්ථාවේ ඒකීය පාලන ක්‍රමයෙන් පිට වීමට කටයුතු කළොත් දකුණේ ලොකු අවිශ්වාසයක් ඇති වෙනවා."" ඔහු සඳහන් කළේය. ""ජාති, ආගම, කුල භේදවලින් ඈත් වී එක් ලාංකික ජාතියක් වශයෙන් එක් වීමට යම් කාලයක් යාවි,"" අන්තවාදී කණ්ඩායම්වල මතුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග කරුණු සාකච්ඡා කළ බව කී මහාචාර්ය තිස්ස විතාරණ ජාතික සංහිඳියාවට බාධාවක්වන එම තත්වය වහා පාලනය කළ යුතු බව තමන් එහිදී පැවැසූ බවත් සඳහන් කළේය. තමන් විසින් ඉදිරිපත් කරන ලද එම කරුණු ජනාධිපතිවරයා පිළිගත් බවත් ඔහු කියා සිටියේය. බලය බෙදා හැරීම සම්බන්ධයෙන් කටයුතු කළ හැකි වන්නේ ජාතීන් අතර පවතින අන්නෝන්‍ය විශ්වාසය යළි ගොඩ නැගීමෙන් අනතුරුව පමණක් බව මහාචාර්යවරයා පැවසීය. සොල්බරි ආණ්ඩුක්‍රමය තුළ කිසිදු ආගමකට ප්‍රමුඛස්ථානයක් හිමි වී නොතිබුනත් 1972 වසරේ ලංකා සම සමාජ පක්ෂයේ ද මූලිකත්වයෙන් සම්පාදනය කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් හිමි විය. එවැනි පියවරක් ගනු ලැබීම, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රටාව අනාගමිකවාදී ස්වභාවයෙන් ඈත් කිරීමට හේතු නොවුනේ දැයි බීබීසී සිංහල සේවය විමසා සිටි අවස්ථාවේ මහාචාර්යවරයා කියා සිටියේ දේශපාලනය සහ ආගම මිශ්‍ර කර නොගත යුතු බව සිය පක්ෂයේ මතය වුවත් බ්‍රිතාන්‍ය පාලන සමයේ රජයේ උත්සව තුළ පවා කිතුනු ආගමට ප්‍රමුඛස්ථානයක් ලැබුණු බවය. ""ජාති, ආගම්, කුල භේදවලින් ඈත් වී එක් ලාංකික ජාතියක් වශයෙන් එක් වීමට යම් කාලයක් යාවි,"" ඔහු පැවසීය. ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡාවේදී දේශපාලන කරුණු පිළිබඳවත් සාකච්ඡා කෙරුණු බව මහාචාර්ය තිස්ස විතාරණ පැවැසූ අතර එම කරුණු පිළිබඳ විමසූ අවස්ථාවේ ඔහුගේ ප්‍රතිචාරය වූයේ ""නැහැ, ඒ ගැන මම මුකුත් කියන්න යන්නේ නැහැ"" යනුවෙනි." -world-44484431,https://www.bbc.com/sinhala/world-44484431,ඉරානයේදී හිජාබ් ඇඳිය යුතු නිසා ඉන්දීය චෙස් ශූරිය තරඟ වර්ජනයක,කාන්තාවන්ගේ හිස ආවරණය කිරීමේ නීති අනුගමනය කළ යුතු බැවින් ඉරානයේ පැවැත්වෙන ආසියානු තරගාවලියකට සහභාගි නොවීමට ඉන්දීය චෙස් ශූරියක වන සෞම්‍යා ස්වාමිනාතන් තීරණය කර තිබේ.,"ඉන්දියානු චෙස් ශූරියක් වන සෞම්‍යා ස්වාමිනාතන් 29 හැවිරිදි චෙස් ශූරිය පවසන්නේ මෙම නීතිය ඇගේ පෞද්ගලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නක් බවය. ""වර්තමාන තත්වය යටතේ, මගේ අයිතී��් ආරක්ෂා කරගැනීමට ඇති එකම මඟ ඉරානයට නොයා සිටීමයි,"" යනුවෙන් ඇය ඇගේ පෞද්ගලික ෆේස්බුක් පිටුවේ තැබූ සටහනක් සමාජ මාධ්‍ය ජාල තුළ ප්‍රබල සංවාදයකට තුඩු දී තිබුණි. ආසියානු චෙස් ශූරතාවලිය ලබන මාසයේ ඉරානයේ දී පැවැත්වීමට නියමිතය. ඉන්දියාවේ චෙස් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව සෞම්‍යා ස්වාමිනාතන් (Soumya Swaminathan) පසුවන්නේ පස්වන ස්ථානයේය. ආසියානු චෙස් ශූරතාවලිය මුලින් පැවැත්වීමට නියමිතව තිබුණේ බංග්ලාදේශයේ බව ඇය දේශීය මාධ්‍යයට පවසා තිබිණි. ""නමුත් නව දිනය සහ ස්ථානය ගැන දැනගත් විගස මම එයට සහභාගි නොවීමට තීරණය කළා,"" ඇය පැවසීය. ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත සමග පැවැත්වූ සාකච්ඡාවක දී, ශූරතාවලිය පැවැත්වෙන ස්ථානය ගැන සමස්ත ඉන්දීය චෙස් සම්මේලනය (AICF) විරුද්ධ විය යුතු දැයි විමසූ විට ඇය කියා සිටියේ ""මගේ මතයට සමාන මතයක් හැමෝම දැරිය යුතුයි කියලා මම අපේක්ෂා කරන්නේ නැහැ. එකිනෙකාගේ මතය අනුව මේ ප්‍රශ්නය දෙස බලන ආකාරය වෙනස් වෙනවා"" යැයි පැවසීය. කෙසේ වුවත් සිය ෆේස්බුක් පිටුවේ ඇය සඳහන් කර තිබුණේ ""ක්‍රීඩකයන්ගේ අයිතිවාසිකම් සහ සුබසාධනය වෙනුවෙන් එතරම් තැකීමක් නොකර නිල ශූරතාවලියක් සංවිධානය කිරීම ගැන කලකිරීමට පත්ව සිටින"" බවය. ක්‍රීඩකයන් බොහෝ විට තමන් නියැලී සිටින ක්‍රීඩාව වෙනුවෙන් නොයෙකුත් කැපකිරීම් සිදු කළත්, ""ආගමික ඇඳුමක් ඇඳීම"" එයට අයත් නොවිය යුතු අතර, ""සමහර දේවල් සරලව විසඳා ගත නොහැකිය"" යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය. මේ තොරතුරුද කියවන්න: සමාජ මාධ්‍ය ජාල පරිශීලකයන් බොහෝ දෙනෙකු සෞම්‍යා ස්වාමිනාතන්ගේ තීරණය පිළිබඳ සිය ප්‍රසාදය පළ කර තිබිණි. මෙවැනි ගැටලුවක් මුල්කොටගෙන ඉන්දීය ක්‍රීඩිකාවක තරගාවලියකින් ඉවත් වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. හිස ආවරණය කිරීමේ නීති පිළිපැදීමට සිදුවන බැවින්, 2016 දී ඉරානයේ පැවැත්වූ ආසියානු වෙඩි තැබීමේ ශූරතාවලියට සහභාගි වීම ඉන්දීය වෙඩි තැබීමේ ශූරියක වූ හීනා සිදූ ද ප්‍රතික්ෂේප කළාය. 2016 දී ඉරානයේ පැවැත්වූ කාන්තා ලෝක චෙස් ශූරතාවලියට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීමෙන් ඇමරිකානු ජාතික චෙස් ක්‍රීඩිකාව වන නාසි පයිකිඩ්සේට (Nazi Paikidze) ජාත්‍යන්තර අවධානය යොමු විය. ""කාන්තාවන්ට මූලික අයිතිවාසිකම් පවා නොමැති ස්ථානයක තරගාවලියක් පැවැත්වීම නුසුදුසුයි"" යැයි ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කර තිබිණි. තවත් තොරතුරු: පසුගිය වසරේදී සෞදි අරාබිය සත්කාර���ත්වය දැරූ ජාත්‍යන්තර චෙස් තරගාවලියකට සහභාගි වීම ද්විත්ව ලෝක ශූරියක ද වර්ජනය කළාය. යුක්රේනියානු චෙස් ක්‍රීඩිකාවක් වන අනා මුෂිචුක් (Anna Muzychuk) එසේ වර්ජනයක නිරත වූයේ තමන්ට 'අබායා' ඇඳීමට නොහැකි බව පවසමිනි. සෞදි අරාබිය තුළ කාන්තාවන් නිවසින් පිටතට යන විට 'අබායා' ලෙස හඳුන්වන ශරීරය සම්පූර්ණයෙන් වැසෙන ලිහිල් ඇඳුම් කට්ටලයකින් සැරසිය යුතුය. ද්විත්ව ලෝක ශූරියක් වන අනා මුෂිචුක් (Anna Muzychuk) කෙසේවෙතත්, ලෝක චෙස් සම්මේලනය (FIDE) පවසා සිටියේ එම තරගාවලිය සම්බන්ධයෙන් අනා මුෂිචුක්ට වැරදි තොරතුරු ලබා දී ඇති අතර, තරගාවලියේ ඇඳුම් පිළිබඳ පෙර ගිවිසුමකට එළැඹීමට හැකි වූ බැවින් කාන්තාවන්ට අබායා ඇඳීමට අවශ්‍ය නොවූ බවය." -sri-lanka-38222923,https://www.bbc.com/sinhala/sri-lanka-38222923,"""වැරදි වළක්වන්න රියදුරන්ගේ මොළ සුද්ද කරන්න""",බස් රථ අධික වේගයෙන් ගමන් කිරීම හේතුවෙන් අනතුරක් සිදුවන්නේ ඉතාමත් කලාතුරකින් බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසයි.,වේගය අඩු වීම මත හදිසි අනතුරු අවම වන බවට පවතින මතය කිසිසේත් පිළිගත නොහැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම්වරයා ඒ බව සඳහන් කළේ රථ වාහන වැරදි හතක් සඳහාවන දඩ මුදල රුපියල් විසි පන්දහස දක්වා ඉහළ දැමීමට ගත් තීන්දුවට විරෝධය පළ කරමින් පුද්ගලික මගී ප්‍රවාහන බස්රථ සංගම් විසින් පවත්වන ලද වැඩවර්ජනය හා ඒ සඳහා රජයෙන් ලැබුණු ප්‍රතිචාරය පිළිබඳ බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි. පෞද්ගලික බස් රථ හිමියන්ගේ ගැටලු සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුව සමග ඊයේ (දෙසැ.05) පැවැත්වූ සාකච්ඡාව පිළිබඳ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වේගයෙන් රිය පැදවීම සහ වමෙන් ඉස්සර කිරීම යන වැරදි සඳහා පැවති රුපියල් විසි පන්දහසේ දඩ මුදල ඉවත් කර ගැනීමට රජය එකඟතාව පළකර ඇති බවය. ලංගම බස් රථවලට පහරදීමට සිය සංගම්වල සාමාජිකයන් සම්බන්ධ නොවූ බව ද සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම්වරයා පැවසීය. පෞද්ගලික බස් වර්ජනය පැවති දින ලංගම බස් රථ 130 කට වැඩි සංඛ්‍යාවකට පහරදීම් සිදුකර තිබූ අතර බස් රථයකට එලල් වූ ගල් ප්‍රහාරයකින් තුවාල ලැබූ මගියෙක් තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි. මාර්ග නීති උල්ලංඝනය කරමින් බස් රියදුරන් විසින් සිදු කරනු ලබන වැරදි නැවැත්වීමට පොලිස් දෙපාර්තමේන්තුව හරහා වැඩ��ුළු පවත්වා රියදුරන්ගේ 'මොළ සුද්ද' කිරීමට කටයුතු යෙදිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් වැඩිදුරටත් කියා සිටියේය. -world-42501520,https://www.bbc.com/sinhala/world-42501520,ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ෂියා මුස්ලිම් මධ්‍යස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්,ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර බටහිර ප්‍රදේශයේ පිහිටි ෂියා සංස්කෘතික හා ආගමික මධ්‍යස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 40 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවට වාර්තා වේ.,"ප්‍රහාරයෙන් පසු එම ප්‍රදේශය ආරක්ෂක අංශ විසින් වසා දමා ඇති අයුරු එම ප්‍රහාරයෙන් අනතුරුව තවත් පිපිරීම් දෙකක් අදාළ ප්‍රදේශයෙන් වාර්තා වූ බවට එරට අභ්‍යන්තරය කටයුතු භාර අමාත්‍යාංශය බීබීසී සමග පවසා සිටියා. මෙම ප්‍රහාරයේ වගකීම මේ වන තෙක් කිසිවෙකු හෝ භාර ගෙන නැත. පසුගිය මාස කිහිපය තුළදී ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය ඇෆ්ගනිස්ථානය පුරා පිහිටි ෂියා මුස්ලිම් ඉලක්ක වෙත ප්‍රහාර ගණනාවක් එල්ල කළහ. පසුගිය සදුදා කාබුල් නුවර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 10 දෙනෙකු මිය ගියා මෙම ප්‍රහාරයෙන් මිය ගිය අයගේ සිරුරුවල ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැකිය හැකි අතර, මළ සිරුරු කිසියම් ප්‍රමාණයක් ප්‍රහාරයට ලක් වූ ගොඩනැගිල්ලේ සිට පිටතට ගෙන යන ලැබූ බව ෂියා සංවිධානයේ මාධ්‍ය අංශය වන 'ඇෆ්ගන් ප්‍රෙස්' (Afghan Press) හි ප්‍රධානියා බීබීසී සමග පැවසීය. ""තබායන් සංස්කෘතික මධ්‍යස්ථානය ප්‍රහාරයට ඉලක්ක වී තිබෙනවා. පිපිරීම සිදු වන අවස්ථාවේ දී ඇෆ්ගනිස්ථානය තුළ සෝවියට් ආක්‍රමණයේ 38 වැනි සංවත්සරය සැමරීම සදහා එහි උත්සවයක් පැවැත්වෙමින් තිබුණා"" යැයි ඇෆ්ගනිස්ථානයේ නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක නස්රාට් රහිමි ඒ.එෆ්.පී (AFP) පුවත් සේවයට පැවසීය. එම ස්ථානයේ දී ශිෂ්‍යයින් පිරිසක් හා මාධ්‍ය කණ්ඩායමක සාමාජිකයින් අතර හමුවක් පැවැත්වෙමින් තිබූ බවට වාර්තා වුණි. පසුගිය ඔක්තෝබර් මස ෂියා මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් 39 දෙනෙකු මිය ගියහ. මේ තොරතුරුද දැනගන්න: ඇෆ්ගනිස්ථානයේ දේවස්ථාන දෙකකට මරාගෙන මැරෙන ප්‍රහාර ""ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා"" ""තාලිබාන්වරු මගේ දියණිය මැරුවා; බිරිඳ දූෂණය කළා"" 'අධිබල බෝම්බයෙන් මරාදැමුණු සංඛ්‍යාව අනූවක්'" -sri-lanka-39938228,https://www.bbc.com/sinhala/sri-lanka-39938228,"""යළිත් රාජපක්ෂ පාලනයක්?""- ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්","නව ආණ්ඩුව බලයට පත් වී දෙවසරකට වැඩි කාලයක් ගත වී ඇතත්, ජනතාවට දුන් පොරොන්දු බොහොමයක් ඉටුකිරීමට අපොහොසත්වීම හමුවේ යළිත් වරක් රාජපක්ෂවරුන් බලයට පත්වීමේ හැකියාව බැහැර නොකළ යුතු බවට ජාත්‍යන්තර සංවිධානයක් ආණ්ඩුවට අනතුරු අඟවයි.","ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය (International Crisis Group - ICG) එම අනතුරු ඇඟවීම කරන්නේ ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව දීර්ඝ වාර්තාවක් නිකුත් කරමිනි. සන්ධාන ආණ්ඩුවේ පළමු මාස නමය ඇතුලත බොහෝ ජයග්‍රහණ ලබාගැනීමට සමත් වූ නමුත් ඉන් අනතුරුව ගතව ගිය කාලය තුළ එයින් ඉදිරියට යාමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකතත්වයෙන් යුතු ආණ්ඩුව අපොහොසත් වූවා පමණක් නොව ඇතැම් අංශවල ප්‍රගතිය පවා ආපසු හරවා ඇති බවත් ICG ආයතනය සඳහන් කරයි. ""ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමයක් සහ දේශපාලාන පක්ෂ හා වාර්ගික පදනම මත සහයෝගය වර්ධනය කිරීමේ දුර්වල අපේක්ෂා පවා අනතුරුදායක තත්වයක පවතී,"" යනුවෙන් වාර්තාවේ සඳහන් වේ. මැතිවරණ වේදිකාවේදී පොරොන්දු වූ ප්‍රකාර දූෂිතයන්ට දඬුවම් කිරීමට අපොහොසත්වීම, දේශපාලන ඝාතන සම්බන්ධයෙන් කිසිවෙකුත් දඬුවම් නොලැබීම, යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පියවර ගැනීමට අපොහොසත්වීම, රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය ප්‍රතිසංවිධානය නොකිරීම, නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවට සහ ආර්ථිකය යළි ගොඩනංවන බවට දුන් ප්‍රතිඥා ඇතුළු පොරොන්දු ඉටු නොකිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව වාර්තාව දීර්ඝ විස්තරයක් කරයි. ICG ආයතනය පෙන්වාදෙන පරිදි, විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පක්ෂපාතී කණ්ඩායම් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පක්ෂපාතා කණ්ඩායම් අතර පවතින කඹ ඇදීම් හේතුවෙන් ජනාධිපතිවරයාට පක්ෂපාතී කණ්ඩායම් සංහිඳියාව සහ යහපාලනය සම්බන්ධ ප්‍රධාන ප්‍රතිසංස්කරණවලට විරෝධය දැක්වීම ප්‍රතිඥා ඉටුකිරීම ප්‍රමාදවීමට තවත් ප්‍රධාන හේතුවකි. මේ තත්වය හමුවේ, ""කාලය ඉතා ඉක්මනින් ගෙවී යමින් පවතී. රාජපක්ෂවරුන්ගේ යළි ආගමනය පිළිබඳව පක්ෂ දෙකේම (ශ්‍රීලනිප සහ එජාප) නායකයන් නොසලකා හැරිය යුතු නැත,"" යනුවෙන් ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කරයි. එය වැළැක්වීම පිණිස ගත යුතු පියවර පිළිබඳව ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය ආණ්���ුවට නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කරයි: 1. සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කරමින් නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ උත්සාහය දෙගුණ කිරීම 2. උතුරේ සහ නැගෙනහිර සිවිල් පරිපාලනය ස්ථාපිත කර ජනතා විශ්වාසය දිනාගැනීම පිණිස; අ) හමුදාව යටතේ පවතින ඉඩම් යළි ඉඩම් හිමියන්ට ලබාදීමේ ක්‍රියාදාමය වේගවත් කිරීම ආ) ප්‍රාදේශීය ව්‍යාපාරවලට හානිකර ලෙසින් හමුදාව ව්‍යාපාරවල නිරතවීම අවසන් කිරීම ඇ) දෙමළ සහ මුස්ලිම් ජනතාව වෙසෙන ප්‍රදේශවල හමුදාවේ මැදිහත්වීම මත බුද්ධ ප්‍රතිමා ඉදිකිරීම නැවැත්වීම ඈ) නීත්‍යානුකූල ප්‍රාදේශීය දේශපාලන කටයුතු පිළිබඳව රහස් තොරතුරු රැස්කිරීම නැවත්වීම 3. යුද්ධයේ ප්‍රතිවිපාකවලට පිළියම් යෙදීමේ වැඩපිළිවෙල යළි ශක්තිමත් කිරීම පිණිස; අ) අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය වහාම පිහිටුවීම ආ) සංහිඳියාව පිළිබඳ ප්‍රවිචාරන කාර්ය සාධක බලකායේ වාර්තාව පිළිගෙන එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම 4. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර, දූෂිතයන්ට සහ මානව හිමිකම් උල්ලංඝනය කළ පුද්ගලයන්ට දඬුවම් කර නීතියේ ආධිපත්‍යය යළි පිහිටුවීම 5. ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ආණ්ඩුව මුහුණදෙන අනෙක් ගැටළු සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඉහල පෙළේ කමිටුවක් පත්කිරීම එමෙන්ම ජනතා වීරෝධයකට තුඩු දිය හැකි, ආණ්ඩුවේ වැඩපිළිවෙලට හානිකරවන ආකාරයේ ප්‍රතිසංස්කරණ ඉදිරිපත් නොකරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහාය දිය හැකි ක්‍රම පිළිබඳව ආණ්ඩුව සමග සාකච්ඡා කරන මෙන් ගැටුම් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ඉල්ලීමක් ද කරයි." -151103_smbp_india_rape_uber,https://www.bbc.com/sinhala/world/2015/11/151103_smbp_india_rape_uber,තරුණිය දූෂණය කළ රියදුරුට ජීවිතාන්තය තෙක් සිර දඬුවම්,ඉන්දීය තරුණියක් දූෂණය කළ බවට වරදකරු වූ කුලී රථ රියදුරෙකුට ඉන්දීය අධිකරණයක් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කළේය.,කුලී රථය තුළ නින්දට වැටුණු තමාව පෙර සැලසුම් කරන ලද ස්ථානයකට ගෙන ගොස් පහර දීම සිදු කළ බවයි දූෂණයට ලක් වූ තරුණිය කියා සිටියේ. අධිකරණය ඒ බව ප්‍රකාශ කළේ 'ඌබර්' නමැති කුලී රථ සේවයේ රියදුරකු වශයෙන් සේවය කළ ශිව් කුමාර් යාදේව් නැමැත්තා එරෙහිව එල්ල වූ දූෂණ චෝදනාවලට ඔහු වරදකරු බව තීන්දු වීමෙන් අනතුරුවයි. දි���්ලි නුවර විශේෂිත අධිකරණයක් හමුවේ සිදු කළ කඩිනම් නඩු විභාගයකින් අනතුරුව විසි හය හැවිරිදි තරුණියක දූෂණය කිරීමේ වරදට අමතරව තර්ජනය කිරීම හා පැහැර ගෙන යෑමේ අපරාධවලටද ඔහු වරදකරු බව තීන්දු කෙරුණේ මීට සති කිහිපයකට ඉහතදීයි. කුලී රථය තුළ නින්දට වැටුණු තමාව පෙර සැලසුම් කරන ලද ස්ථානයකට ගෙන ගොස් පහර දීම සිදු කළ බවයි දූෂණයට ලක් වූ තරුණිය කියා සිටියේ. ජංගම දුරකථන හරහා කුලී රථ වෙන් කරවා ගත හැකි 'ඌබර්' සහ එවැනි අනෙකුත් කුලී රථ සේවා ආයතන කිහිපයක් තහනම් කිරීමට දිල්ලි බලධාරීන් පියවර ගත්තේ මෙම දූෂණ සිදුවීමෙන් අනතුරුවයි. අන්තර්ජාලය ඔස්සේ වෙන් කර ගන්නා එවැනි කුලී රථ පදවන රියදුරන්ගේ අනන්‍යතාවය නිසි පරික්ෂාවට ලක් කිරීමට නොහැකි බවට බලධාරීහු චෝදනා කළහ. ඌබර් කුලී රථ සේවය සඳහා ඉන්දියාව තුළ සාපේක්ෂව වැඩි ගාස්තුවක් අය කෙරෙන අතර එය තරුණ වෘත්තිකයන් අතර ජනප්‍රිය කුලී රථ සේවයක්. -130410_champika,https://www.bbc.com/sinhala/sri_lanka/2013/04/130410_champika,කොටි සංවිධානය විශාල කළේ ඉන්දියාව - අමාත්‍ය පාඨලී චම්පික රණවක,ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය පිළිබඳව කිසිදු තැකීමක් ඉන්දීය දේශපාලනඥයන් බහුතරයකගේ නොමැති බව ජාතික හෙළ උරුමය ප්‍රකාශ කරයි.,"ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පවසන්නේ ශ්‍රී ලංකාවේ බහුතර ජාතිය වූ සිංහල ජනතාවගෙන් සුළුතරයක් වන දෙමළ ජනතාවට හිරිහැර වන බවට පෙන්වා දීම සඳහා තමිල්නාඩු ප්‍රාන්තයේ සමහ දේශපාලනඥයන් උත්සාහ කරන බවයි. එහෙත් ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ දෙමළ ජනතාව සියයට තිස් තුනක් කිසිදු අතවරයකට මුහුණ නොදී කල් ගෙවන බව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා අද ප්‍රවෘර්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ දෙමළ ත්‍රස්තවාදය පතුරුවාලීමට ඉන්දියාව ක්‍රියා කළ බවට අමාත්‍යවරයා චෝදනා එල්ල කළේ මෙසේයි, ""බොහොම පැහැදිළිව අපි කියනවා මේ රටේ දෙමළ ජනතාවටත් ඒ වගේම මේ රටේ එල්ටීටීඊ ත්‍රස්තවාදී යුද්ධය විසින් බැට කාපු සිංහල - මුස්ලිම් ජනතාවගේත් ගැටලුවලට ප්‍රධාන වග උත්තරකරු ඉන්දීය ආණ්ඩුව කියල. මොකද වේලුපිල්ලේ ප්‍රභාකරන් නමැති කුඩා ත්‍රස්තවාදී කල්ලිය මහා පරිමාන ත්‍රස්තවාදී හමුදාවක් බවට පරිවර්තනය කළේ ඉන්දීය රජය නිසා "" තමිල්නාඩු ප්‍රාන්තයේ බලපෑමට යටත්වී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසි වාරයේදී ශ්‍රී ලංකාව පිලිබඳ යෝජනාවට ඉන්දියාව ජන්ද ප්‍රකාශ කළ බවට ගෙන එන තර්��ය පිළිගත නොහැකි බවත් ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පැවසුවේය." -130112_cj,https://www.bbc.com/sinhala/sri_lanka/2013/01/130112_cj,නව අගවිනිසුරු ඉදිරි දින කිහිප තුල - ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක,අගවිනිසුරු තනතුරට පුද්ගලයකු පත්කිරීම ඉදිරි දින කිහිප ඇතුලත සිදුවිය හැකි බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක සඳහන් කරයි.,දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසු එම තීරණය කථානායකවරයා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත දන්වා ඇති බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සලසා ඇති පරිදි ඉදිරි පියවර ගැනීම හැර ජනාධිපතිවරයා හට වෙනත් විකල්පයකට ඉඩක් නැතැයි ඔහු ප්‍රකාශ කළේය. ඇමරිකා එක්සත් ජනපදය සහ පොදු රාජ්‍ය මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ප්‍රවේශම් සහගත සහ දැඩි සැළකිල්ලෙන් යුතුව තීරණයක් ගන්නා ලෙස ඉල්ලීමක් කොට ඇති නිසා ඒ ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ඇත්දැයි විමසුවිට ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක කියා සිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය ගැන තමන්ට දැන ගැනීමට නැති බවයි. අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව දොශාභියෝග යෝජනාව ක්‍රියාත්මක කළ ආකාරය නීති විරෝධී නිසා ඇයට දිගටම තනතුරේ රැදී සිටීමට හැකියාව ඇති බවට නීතිවේදීන් ගණනාවක්ම පෙන්වා දී ඇති නිසා ඒ පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇත්ද යන ප්‍රශ්නයට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ ඒ ගැන පලවන ප්‍රතිචාරය ගැන යමක් මේ මොහොතේ ප්‍රකාශ කළ නොහැකි බවයි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා -sri-lanka-36316196,https://www.bbc.com/sinhala/sri-lanka-36316196,අරණායක නාය යාමේ හානිය 'තවමත් කියන්න බෑ',කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක එලඟපිටියේ බරපතල නාය යාමකින් අනතුරුව අවතැන් වූ ජනතාව ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථානයේ සහ පාසලේ රඳවා සිටින බව වාර්තාකරුවෝ පවසති.,"අධික වර්ෂාව සහ දැඩි සුළං හේතුවෙන් රටපුරාම අයහපත් කාලගුණ තත්වයක් ඇතිවිය මේ වනවිට පවතින දැඩි අඳුර සහ දැඩි වර්ෂාපතනය හේතුවෙන් එම ස්ථානයට ළඟාවීම ඉතා දුෂ්කර බව පවසන කෑගල්ල ප්‍රාදේශීය වාර්තාකරු සාලිය සමසිංහ, එබැවින් නාය යාමෙන් ඇති වූ හානිය තක්සේරු කිරීමේ හැකියාවක් නොමැති බවත් පැවසීය. එලඟපිටියේ වතුකරයේ පවුල් 258 ක් වාසය කරන බව වාර්තා වී ඇති බවත් ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න කළ විමසීමකදී සාලිය සමසිංහ සඳහන් කළේය. බේරා ගැනීමේ මෙහෙයුම් එම ස්ථානයට ළඟාවීමට උත්සාහ දරමින් සිටින හිට��ු නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක බීබීසී සංදේශයට කියා සිටියේ පවුල් 100 කට ආසන්න පිරිසක් නාය යාමට ගොදුරු වී ඇතැයි විශ්වාස කෙරෙන බවයි. නාය යාමට ලක්වුණු පල්ලෙබාග ප්‍රදේශය සන්නයේ සිට බීබීසී සංදේශයේ පවිත්‍රා පෙරේරා සමඟ අදහස් දැක්වූ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ අවස්ථාවේ පවා ගල් පෙරලෙන ශබ්ද තමන්ට ඇසෙන බවත් සඳහන් කළේය. 2014 ඔක්තෝබරයේදී මීරියබැද්ද ගම්මානයේ නාය යාමෙන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් විය අනතුරෙන් කිසිවෙකු ජීවිතක්ෂයට පත්වූයේද හෝ තුවාල ලැබුවේද යන්න මෙතෙක් අනාවරණය වී නැති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි බීබීසී සංදේශයට කියා සිටියේ. නිවාසවලට සිදු වූ හානිය පිළිබඳවත් මෙතෙක් පහැදිලි තොරතුරු ලැබී නැති බවත් ඔහු පැවසීය. බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ වී ඇති අතර, යුද හමුදා භටයන් 150 ක් පමණ, රෝහල් කාර්ය මණ්ඩල සහ පොලිසියද අනතුරට ලක්වූවන්ගේ ජීවිත බේරාගැනීමේ උත්සාහයක නිරත වී සිටිති. එමෙන්ම අනතුරට ලක්වූවන්ගේ ජීවිත බේරාගැනීම පිණිස ගුවන් හමුදාවේ ආධාර පතා තිබෙන බවත් බලධාරීහු පවසති." -sri-lanka-38881183,https://www.bbc.com/sinhala/sri-lanka-38881183,බැඳුම්කර කොමිසම ගැන ඒකාබද්ධ විපක්ෂය,මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා කොමිසමක් පත්කිරීම පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ ප්‍රමුඛයෝ පවසති.,"බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත් කළ කොමිසමෙන් සාධාරණයක් සිදුවනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව අද කොළඹ මහාධිකරණය වෙත පැමිණ සිටි බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ පැවසීය. ""වාහන අවභාවිත කිරීමේ චෝදනා එල්ල වී තිබෙන මන්ත්‍රීවරු ඇප නැතිව හිරේ දමා තිබෙනවා. රුපියල් බිලියන ගාන වංචා කල අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිස නිදැල්ලේ සිටිනවා. මොකක්ද මේකේ තිබෙන සාධාරණත්වය,"" බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති සහ හිටපු අමාත්‍ය ජීඑල් පීරිස් එහිදී කරුණු දක්වමින්, බැඳුම්කර ගණුදෙනුවෙන් උපයාගත් මුදල් වියදම් කර හමාරවීමෙන් අනතුරුව කොමිසමක් පත් කිරීම ""ඵලරහිත ක්‍රියාවක්"" බව පැවසීය. ""මේක කරන්න තිබ්බේ කළින්. ඇයි රජය අවුරුදු දෙකක් බලන් හිටියේ. මෙම කොමිසමට ප්‍රායෝගිකව කළහැකි දෙයක් නැහැ,"" මහාචාර්ය ජීඑල් පීරිස් පැවසීය. මේ අතර ඊයේ බීබීසී සංදේශය සමග අදහස් ��ැක්වූ ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා, අදාළ කොමිසම පත්කිරීම අනුමත කරන නමුත්, කොමිසමේ නිගමනය ලැබීම සඳහා කල්ගතවන බැවින් චෝදනා ලබා සිටින පර්පචුවල් ට්‍රේෂරීස් සමාගමේ බලපත්‍රය අහෝසිකිරීමට ආණ්ඩුව වහාම පියවර ගත යුතු බව අවධාරණය කළේය. (සාකච්ඡාව සහිත බීබීසී සංදේශයට සවන්දෙන්න) එමෙන්ම ""ලෝකය පුරා සිදුවන පරිදි"" අදාළ සමාගමේ සියලු ගණුදෙනු සහ මූල්‍ය ආයෝජන වහාම නැවැත්විය යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයා පැවසීය. ""මෙවැනි හානියක්, පාඩුවක් අපරාධයක් ලෙස ජනාධිපතිතුමා නම්කරල තියෙනව. මේවා ඔක්කොම ඉතාම කල් ගතවෙන ක්‍රියාමාර්ග හැටියට අපි සළකන්නේ නමුත් කොමිසමක් පත්කිරීමේ වැරැද්දක් අපි දකින්නේ නෑ,"" දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය." -sri-lanka-36893827,https://www.bbc.com/sinhala/sri-lanka-36893827,ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවේ ෆෝමියුලා රථය,එක්සත් රාජධානියේ පැවති ශිෂ්‍ය ෆෝමියුලා ලෝක ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රථම වරට සහභාගි වූ මොරටුව විශ්වවිද්‍යාලයේ 'TeamShark' කණ්ඩායම ගෞරව සම්මාන ත්‍රිත්වයක් දිනා ගෙන තිබේ.,"හොඳම නව නිර්මාණකරුවා, හොඳම රියදුරා සහ වඩාත්ම කැපවීමක් සහිත කණ්ඩායම ඒ ගෞරව සම්මාන තුනයි. එක්සත් රාජධානියේ සිල්වර්ස්ටෝන් සර්කිට්හි පැවති ලෝක ශූරතාවලිය සඳහා ජර්මනිය, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ඇතුළු ලොව රටවල් තිහක ශිෂ්‍ය කණ්ඩායම් සියයකට අධික සංඛ්‍යාවක් සහභාගී වී සිටි බවයි 'TeamShark' කණ්ඩායමේ තාක්ෂණය පිළිබඳ අධ්‍යක්ෂක රජීව් විසිදාගම බීබීසී සිංහල සේවයට කියා සිටියේ. ශූරතාව සඳහා ඉදිරිපත් කළ 'D-Mora P1' ෆෝමියුලා රථය නිර්මාණය කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණ අංශයේ සිසුන් දහ අට දෙනකු දායක වී තිබේ. ෆෝමියුලා රථයක් නිර්මාණය කිරීමේ ඉලක්කය කරා පැමිණි ගමනේදී තම කණ්ඩායමට අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදු වූ බව රජීව් විසිදාගම පවසයි. අභියෝග ""ප්‍රධානම අභියෝගය තමයි මූල්‍යාධාර. රේස් කාර් එකක් නිර්මාණය කරන්න විශාල මුදලක් වැය වෙනවා. අනෙක් කාරණය තමයි බොහෝ අය විශ්වාස කරන්නේ නැහැ සරසවි ශිෂ්‍යයන්ට රේසින් කාර් එකක් හදන්න පුළුවන් කියලා."" මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් සහ විදේශගත ආදී සිසු කණ්ඩායමක් විසින් රථයේ චැසිය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය මූල්‍යාධාර ලබා දුන් බවයි ඔහු කියා සිටියේ. ඉන් ���නතුරුව සිය ව්‍යාපෘතිය පිළිබඳ අවධානය යොමු කළ ඩිමෝ ආයතනය සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා මූල්‍යාධාර ලබා දීමට ඉදිරිපත් වූ බවත් ඔහු සඳහන් කළේය. මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණ අංශයේ කථිකාචාර්ය සසිරංග ද සිල්වා 'TeamShark' ෆෝමියුලා ශිෂ්‍ය ව්‍යාපෘතියේ උපදේශක වශයෙන් කටයුතු කළේය. අතහිත 'D-Mora P1'ෆෝමියුලා රථය නිර්මාණය කිරීමේදී 60% දේශීය අමුද්‍රව්‍ය යොදා ගත් බවත් ඔහු කියා සිටියේය. ශිෂ්‍ය ෆෝමියුලා ලෝක ශූරතාවලිය සඳහා පළමු වරට ඉදිරිපත් කළ සිය ෆෝමියුලා රථය සියලුම තත්ව පරීක්ෂණවලින් සමත් වූ බව ඔහු පැවසීය. ""ඒක හරිම විශේෂිත දෙයක්. මොකද තත්ත්ව පරීක්ෂාවලින් අසමත් වූ ඇතැම් ඉහළ කණ්ඩායම් පවා තිබුණා."" විද්‍යා සහ ඉංජිනේරු ක්ෂේත්‍රයේ පර්යේෂණ සඳහා අරමුදලක් පිහිටු විය යුතු බවත් 'TeamShark' කණ්ඩායමේ තාක්ෂණය පිළිබඳ අධ්‍යක්ෂක රජීව් විසිදාගම යෝජනා කර සිටියේ බීබීසී සිංහල සේවයේ සුනෙත් පෙරේරා සමග සක්ච්ච්ඡාවකට එක්වෙමිනි. ""පර්යේෂණවලට, නව නිර්මාණවලට අතහිත දෙන එක ඉතාම අඩුයි. ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඒ ඉලක්ක කරා යන්න නොහැකි වී තිබෙන්නේ ඒ නිසයි. අපේ විශ්වවිද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම්වල පහලින් ඉන්න ඒක හේතුවක්,"" ඔහු වැඩිදුරටත් පැවසීය." -world-45223957,https://www.bbc.com/sinhala/world-45223957,ඇපල් පරිගණක ජාලයට 'රහසින් ඇතුළු වූ' දහසය වියැති ඔස්ට්‍රේලියානු තරුණයා,ඇපල් ජාලයට රහසින් ඇතුළු වී අභ්‍යන්තර ගොනු (Files) බාගත කර ගැනීම සම්බන්ධයෙන් තමන් වරදකරු බව ඔස්ට්‍රේලියානු තරුණයෙකු පිළිගෙන ඇති බව වාර්තාවල දැක්වේ.,"ඇපල් සමාගමට දැඩි ලෙස ප්‍රිය කරන නිසා ඔවුන්ගේ පද්ධතිවලට ඇතුළු වූ බව මෙම තරුණයා පවසයි දහසය වියැති තරුණයා මෙල්බන් නගරාසන්නයේ පිහිටි සිය නිවසේ සිට වසරක පමණ කාලයක් වරින්වර පද්ධතියට පිවිස ගිගාබයිට් 90 ක ගොනුවලට ඇතුළු වී ඇතැයි 'ද ඒජ්' පුවත්පත වාර්තා කරයි. සිය පරිගණකයේ 'හැකී හැක් හැක් (hacky hack hack)' යනුවෙන් නම් කරන ලද ගොනුවක් තුළ ඔහු රහසේ බාගත කළ ලේඛන ගබඩා කර තිබුණි. කෙසේවෙතත්, පාරිභෝගිකයින්ගේ දත්ත පිටවී නොමැති බව ඇපල් සමාගම තහවුරු කර තිබේ. නමුත් අදාළ තරුණයා පාරිභෝගික ගිණුම්වලට ප්‍රවේශ වී ඇති බව 'ද ඒජ්' පුවත්පත වාර්තා කර ඇත. ""මෙම ජාල අපි දැඩි ලෙස ආරක්ෂා කරනවා වගේම, තර්ජන හඳුනාගැනීමට සහ ප්‍රතිචාර දැක්වීමට, ඒ වෙනුවෙන් කටයුතු කරන තොරතුරු ආරක්ෂණ වෘත්තිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් කැපවීමෙන් කටයුතු කරනවා"" යැයි බීබීසී වෙත ප්‍රකාශයක් කරමින් ඇපල් සමාගම පැවසීය. ""මේ සිද්ධියේදීත් අපේ කණ්ඩායමේ අනවසර ප්‍රවේශය සොයාගෙන ඒ ගැන නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත දැනුම් දුන්නා"" ""පරිශීලකයින්ගේ දත්ත ආරක්ෂාව අපගේ ප්‍රධාන වගකීම්වලින් එකක් ලෙස සලකනවා. ඒ වගේම මේ සිද්ධියේ කිසිම අවස්ථාවක ඔවුන්ගේ පෞද්ගලික දත්ත පිට වී නැති බව පාරිභෝගිකයන්ට සහතික කර සිටිනවා"" යැයි ඇපල් සමාගම තවදුරටත් පැවසීය. 'සුප්‍රසිද්ධ හැකර්' තොරතුරු අනාවරණය වීමත් සමඟ ස්මාර්ට්ෆෝන් වෙළෙඳපොළේ දැවැන්තයා මෙම සිද්ධිය පිළිබඳ ඇමරිකානු රහස් පොලිසියට (FBI) දන්වන ලද අතර, ඔවුන් එය ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) වෙත යොමු කර ඇතැයි අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රකාශයක සඳහන් වී තිබේ. ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය තරුණයා ජීවත් වූ නිවස වැටලූ අතර, ලැප්ටොප් පරිගණක දෙකක්, ජංගම දුරකථනයක් සහ පරිගණක දෘඪ තැටියක් එහි තිබී සොයා ගන්නා ලදී. ඇපල් පද්ධතියට පිවිසි උපකරණවල අනුක්‍රමික අංක මෙම පරිගණකවල අංකවලට සමාන විය. සිය ක්‍රියාකාරකම් පිළිබඳ වර්ණනා කරමින් 'වට්ස් ඇප්' පණිවුඩ යැවීමට මෙම තරුණයා කටයුතු කර ඇතැයි 'ද ඒජ්' පුවත්පත වාර්තා කර තිබිණි. ඔහු ඇපල් සමාගමට දැඩි ලෙස ප්‍රිය කරන නිසා ඔවුන්ගේ පද්ධතිවලට ඇතුළු වී ඇති අතර, කිසියම් දිනක එහි සේවය කිරීමට සිහින මවා ඇතැයි පුවත්පත් ලිපියේ වැඩි දුරටත් සඳහන් විය. ඔහුගේ නීතිඥවරයා පැවසූවේ අනවසරයෙන් පරිගණක පද්ධති තුළට පිවිසෙන්නන් අතර (හැකරුන්) මෙම තරුණයා ඉතා ප්‍රසිද්ධියට පත්ව ඇති බවය. නීතිමය හේතු නිසා තරුණයාගේ නම ප්‍රසිද්ධියට පත් කර නැත. සැප්තැම්බර් 20 වෙනි දින ඔහුට අදාළ දඬුවම අධිකරණයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මේ තොරතුරුද කියවන්න:" -world-42959895,https://www.bbc.com/sinhala/world-42959895,"""මව්කිරි විකුණමු - දරුවා බේරාගනිමු""",ගිලන්ව සිටින තම දියණියගේ රෝහල් බිල ගෙවීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට මව්කිරි විකුණන මවක් පිළිබඳව චීනයෙන් වාර්තා වෙයි.,"හදිසි අවශ්‍යතාවයකට මුදල් සොයා ගැනීම සඳහා විනාඩියකට යුවාන් දහයක් අය කරමින් තම මව් කිරි ලබා දිය හැකි බව මෙම දැන්වීමේ සඳහන් වේ. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින දියණිය සුව කරගැනීම සදහා යුවාන් 100,000 කට ආසන්න මුදලක් සොයාගත යුතු බව එම දැරියගේ දෙමව්පියන් ප්‍රකාශ කරනු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලයේ හුවමාරු වෙමින් පවතී. චීනයේ ප්‍රධාන නගරයක ළමා උද්‍යානයකදී පටිගත කර ඇති මෙම වීඩියෝව ලක්ෂ විසි හතරකට ආසන්න පිරිසක් නරඹා ඇති අතර 5,000 කට අධික පිරිසක් එම සිද්ධිය පිළිබදව තම අදහස් ප්‍රකාශ කර ඇත. තවත් තොරතුරු: ""මේ දුක දන්නේ අම්ම කෙනෙක් විතරයි"" ජනාධිපති දියණියක් මව්කිරි දෙනු දැක ලෝකය කැළඹෙයි නිවුන් දරුවන්ගෙන් එක් දරුවෙක් දැඩි සත්කාර ඒකකයේ පසුවන බැවින් ඇයගේ රෝහල් බිල ගෙවීමට අවශ්‍ය මුදල් කඩිනමින් සොයා ගැනීමට තම මව්කිරි විකිණීමට තීරණය කළ බව මව පවසන්නීය. ""රෝහල් ගාස්තු වශයෙන් යුවාන් ලක්ෂයක් දැනට ගෙවිය යුතුව ඇති අතර, දැරිය සුව වූ පසු තවත් යුවාන් ලක්ෂයක් විතර ගෙවීමට සූදානම් විය යුතු බව"" වෛද්‍යවරුන් දැනුම් දුන් බව රෝගී දැරියගේ පියා පවසයි. නොයෙක් අක්‍රමිකතා හේතුවෙන් පසුගිය වසරවල චීනයේ සෞඛ්‍ය සේවා පද්ධතිය දෝෂාරෝපණවලට ලක් වී ඇත. මෙම කාන්තාව හඳුනාගෙන ඇති අතර මෙය සත්‍යය කතාවක් බව ෂෙන්ෂන් අන්තර්ජාල මාධ්‍යය (The Shenzhen online press)ප්‍රකාශ කරයි. ""කිරි විකුණමු, දැරිය බේරාගනිමු"" යන තේමා පාඨයත් සමග සමාජ මාධ්‍ය ජාලයේ හුවමාරු වෙමින් පවතින ඉහත කී වීඩියෝ පටය බොහෝ දෙනෙකුගේ අනුකම්පාවට හේතු වී ඇත. යම් කෙනෙකු මෙම දෙමව්පියන් පසු කරගෙන යන්නේ නම් ඔවුන්ට මුදලක් ලබා දෙන ලෙසට කෙරෙන ආයාචනයක් ද සමාජ මාධ්‍ය ජාල තුළ දැක්වෙයි. ""සමාජයේ ඉතා පහළ මට්ටමේ ජීවත් වන මිනිසුන් දරුණු ලෙස රෝගී වූ විට, ඔවුන්ට මූලික අයිතිවාසිකම් පවා නැහැ"" තුන් දහසකට අධික පිරිසක් කැමැත්ත පළ කර ඇති අදහසක සදහන් විය. නමුත් දෙමව්පියන්ගේ එකී ක්‍රියාව සමහර සමාජ මාධ්‍ය ජාල පරිශීලකයන්ගේ විවේචනයට ලක්ව ඇති අතර, එක් පුද්ගලයෙක් එය විග්‍රහ කළේ ""උදව් ඉල්ලන අශ්ලීල ක්‍රමයක්"" ලෙසය. ""සියලු දෙනාටම තේරුම් ගන්න පුළුවන් -ඔබට පිළිසරණක් නැහැ ඒ නිසා ආධාර බලාපොරොත්තු වෙනවා- කියල. නමුත් ඔබ කොහොමද ඔබේ ගෞරවය රැක ගන්නේ මව් කිරි විකුණන්න පටන් ගත්තාට පස්සෙ?""එය තවත් අයෙකුගේ අදහසකි. එම විවේචනාත්මක අදහස් ප්‍රතික්ෂේප කරමින් ලියන ලද සටහනක මෙසේ සඳහන් විය. ""මේ පිළිසරණක් නොමැති බොහෝ දෙමව්පියන්ගේ ආදරය...සමාජ මාධ්‍ය ජාල තුළ පිළිකුල් සහගත දේවල් පළ කරන අය සිතන්න ඕන මේ වගේ දෙයක් ඔබේ දරුවට සිදු වුණොත්, ඔබේ ගෞරවය රැකගැනීමට සැලකිලිමත් වෙනවාද, නැත්නම් දරුවාගේ ජීවිතය රැකගන්නවාද කියල ?"" මේ තොරතුරුත් කියවන්න : මුදල් වෙනුවට ගඩොලින් වැටුප් දරුවන් ඇති අයට වැඩි ආයුෂ වයස මාසයයි; කටේ දත් හතයි දරුවාගේ 'ඔටිසම්' තත්ත්වය සුව කරන්න දෙමව්පිය සහය ""අම්මා සැනසීමට ගැහැණු වෙසින්""" -151204_tr_india_vehicle_ban,https://www.bbc.com/sinhala/world/2015/12/151204_tr_india_vehicle_ban,ඉන්දියාව: 'පරණ බස් ලොරි පාරට තහනම්',වසර 15කට වඩා පැරණි බස් රථ සහ ට්‍රක් රථ ධාවනය තහනම් කිරීමට පියවර ගන්නා බව ඉන්දීය ආණ්ඩුව ප්‍රකාශ කරයි.,"වාර්තාගත මට්ටමකින් සිදුවන පරිසර දූෂණය පාලනය කර ගැනීම සඳහා මෙම පියවර ගන්නා බවයි ඉන්දීය රජය පවසන්නේ. දිල්ලි නුවර ඩීසල් වාහනවලින් පිට වන දුමාරය, ඉදිකිරීම් කටයුතු සිදු කිරීමේදී ඇති වන දුහුවිලි සහ නගරාශ්‍රිතව පවතින ගොවි බිම් මත ඉපනැල්ල පිළිස්සීම නිසා පිට වන දුමාරය නිසා දිල්ලි නුවර වාතාශ්‍රය අපවිත්‍ර වීම උපද්‍රව සහිත මට්ටමකට පැමිණ තිබේ. වායු ගෝලය අපවිත්‍ර වීම නිසා වසරකට ඉන්දියාවෙන් වාර්තා වන අඩු වයස් දරු උපත් ප්‍රමාණය හය ලක්ෂයකට අධිකයි. ලෝකයේ ඉහලම වායු දූෂණයකට ලක් වූ නගර 20 සහිත ලැයිස්තුවක් ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය වසරේ දී නිකුත් කළ අතර එහි නගර 13ක්ම අයත් වන්නේ ඉන්දියාවටයි. වසර 15කට වඩා පැරණි බස් රථ සහ ට්‍රක් රථ ධාවනය සඳහා පනවන තහනම ලබන අප්‍රේල් මාසයේ සිට බල පැවැත්වෙන අතර වැඩි විස්තර සහිත නිවේදනය තව සති දෙකකින් නිකුත් කිරීමට නියමිතයි." -140315_pakistan_selfimmolation,https://www.bbc.com/sinhala/world/2014/03/140315_pakistan_selfimmolation,පාකිස්තාන් තරුණියකගේ ජීවිත ශෝකාන්තය,දූෂණ ප්‍රයත්නයකට ගොදුරු වූ පාකිස්තාන් යොවුන් දැරියක් ගොනු කළ පැමිණිල්ලක් පොලිසිය විසින් බැහැර ලනු ලැබීමෙන් අනතුරුව එම දැරිය ගිනි තබා ගනු ලැබීමෙන් දවසකට පසු ජීවිතක්‍ෂයට පත් වූවාය.,"නිලධාරීන් පවසන්නේ අමීනා බිබී නම් යොවුන් දැරිය ‘මුශාෆර්ගාත්’ දිස්ත්‍රික්කයේ පොලිසියක් ඉදිරිපිට දී ගිනි තබා ගත් බවයි. පසුගිය ජනවාරි මාසයේ දිනක තමා පාසලට යමින් සිටියදී පුද්ගලයන් කණ්ඩායමක් තමාට ලිංගික අතවර කරනු ලැබීම සම්බන්ධයෙන් ගොනුකළ පැමිණිල්ල පිළිබඳව මනා විභාගයක් නොපැවැත්වූ බවටයි අමීනා බිබී පොලිසියට චෝදනා කරන්නේ. ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් නඩු පවරනු ලැබීම පකිස්තානයේ ඉතා විරල සිද්ධියක් යයි වාර්තාකරුවෝ පවසති. ගර්හාවත් කතුන්ටම බීබීසී ලෝක සේවයේ දකුණු ආසියානු අංශයේ කර්තෘ අන්බරසන් එදිරාජන් පවසන්නේ, ලිංගික අතවර සම්බන්ධයෙන් පැමිණිලි කරන කතුන් පාකිස්තාන් සමාජය තුළ නිතරම ගර්හාවට ලක් කෙරෙන අතරම ලිංගික අතවර වලට ගොදුරු වූවන්ද ඒ ගැන පැමිණිලි කිරීම සඳහා පෙරට ඒම ඉතා විරල බවයි. අමීනා බිබී දූෂණ ප්‍රයත්නය බලවත�� මහජන කෝපයකට හේතු වූ අතර විශේෂයෙන්ම එය ජනමාධ්‍ය මගින් බෙහෙවින් සාකච්ඡාවට ලක් කෙරුණ බවත් අන්බරසන් එදිරාජන් පවසයි. අමීනා බිබීගේ පැමිණිල්ලෙන් කියවෙන්නේ, පුද්ගලයන් කීප දෙනකු ඇයට ලිංගික අතවර කළ බවයි. කල්ලියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගනු ලැබුනත් පසුව ඔහු ද ඇප මත මුදා හැර ඇති අතර,සෙසු සැකකරුවන් කිසිවකු හඳුනා ගෙන නැති බවයි පාකිස්තාන් නිලධාරීන් පවසන්නේ. මේ අතර පොලිසිය ප්‍රධාන චූදිතයාට එරෙහි චෝදනා පසුගිය බ්‍රහස්පතින්දා බැහැර ලමින් කියා සිටියේ, ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි. අමීනා බිබී එය දැන ගත් වහාම පාකිස්තාන් පන්ජාබ් ප්‍රාන්තයේ ‘මුශාෆර්ගාත්’ දිස්ත්‍රික්කයේ පොලිසිය ඉදිරිපිටට ගොස් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළාය. අනතුරුව ඇය සිය ඇඳුම් මත පැට්රල් වක්කර ගනිමින් ගිණි තබා ගත් බවයි වාර්තා කෙරුණේ. මානසික ආතතියෙන් අමීනා බිබීගේ සොහොයුරු ගුලාම් ෂබීර් රොයිටර් පුවත් සේවයට කියා සිටියේ, ලිංගික අතවරයට ගොදුරු වීමෙන් අනතුරුව තම සොහොයුරිය මානසික ආතතියකින් පෙළුන බවත්, චූදිතයන් මුදා හරිනු ලැබීමේ පුවතත් සමඟ ඇය යුක්තියක් සඳහා අධිකරණය කෙරෙහි තබා තිබුණ සියලු බලාපොරොත්තු සුං වූ තත්වයකට පත් වූ බවයි. පසුගිය ජනවාරි මාසයේ තම සහෝදරිය පැහැර ගත් කල්ලිය ඇය දූෂණය කිරීමට තැත් දරා ඇති බවයි, ගුලාම් ෂබීර් වැඩිදුරටත් කියා සිටියේ. එම අපරාධය පාකිස්තාන් ස්වාධීන මානව හිමිකම් කොමිසම විසින් ද හෙලා දකිනු ලැබ ඇත. මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, ලිංගික අතවරයකට ගොදුරු වෙන තවත් ජීවිතයක් ගිනි තබා ගනු ලැබීම වලක්වාලීම සහතික කර ගැනීම සඳහා ආණ්ඩුව පියවර ගනු ඇතැයි බලාපොරොත්තු තබන බවයි. මේ අතර පකිස්තානයේ අග විනිසුරු තස්සාඩුක් හුසේන් ජිලානි මෙම සිද්ධිය සැලකිල්ලට ගනිමින් අපරාධය සිදු වූ පළාත භාර පොලිස් ප්‍රධානියා කැඳවා ඇති බව වාර්තා කෙරුණි. අපරාධය සම්බන්ධයෙන් විභාගයක් පවත්වන මෙන් පන්ජාබයේ මහ ඇමති ශාභාෂ් ෂරීෆ් විසින්ද නියෝගයක් කරනු ලැබ ඇත." -world-41692059,https://www.bbc.com/sinhala/world-41692059,මියන්මාරයේ රෝහින්ග්‍යා අර්බුදය ගැන මේ කරුණු දැන සිටියාද?,ලක්ෂ සංඛ්‍යාත රෝහින්ග්‍යා වැසියන් මුහුණ පා සිටින අවාසනාවන්ත ඉරණම ලොව වේගයෙන්ම වර්ධනය වන සරණාගත අර්බුදය ලෙස සැලකේ.,"මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ සිය නිවාස වලට සිදුව ඇති විනාශය සහ වධ හිංසා හමුවේ මේ වසරේ අගෝස්තු මාසයේ සිට අසල්වැසි බංග්ලාදේශය වෙත පළා ගොස් ඇති රෝහින්ග්‍යා වැසියන් සංඛ්‍යාව පන්ලක්ෂයකට අධිකය. රඛයින් ප්‍රාන්තය තුළ දියත් කර ඇති හමුදා මෙහෙයුම ""වාර්ගික ශුද්ධයකට කදිම උදාහරණයක්"" බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසීය. එහෙත් රෝහින්ග්‍යා කැරලිකරුවන් පමණක් සිය මෙහෙයුමේ ඉලක්කය වී ඇති බව පවසන මියන්මාර හමුදාව සාමාන්‍ය වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට නැගෙන චෝදනා බැහැර කරයි. කවුද මේ රෝහින්ග්‍යාවරු? රෝහින්ග්‍යා ප්‍රජාව, මියන්මාරයේ වෙසෙන සුළු ජන කණ්ඩායම් ගණනාවක් අතරින් එකකි. මේ වසර මුල දී එරට විසූ රෝහින්ග්‍යා ජනගහනය දස ලක්ෂයක් පමණ විය. මියන්මාරයේ මුස්ලිම් භක්තිකයන්ගෙන් බහුතරය නියෝජනය කරන රෝහින්ග්‍යාවරුන් වැඩි වශයෙන්ම ජීවත් වන්නේ රඛයින් ප්‍රාන්තය තුළය. තමන්ගේම භාෂාවකට සහ සංස්කෘතියකට උරුමකම් කියන ඔවුන් පවසන්නේ තමන් අරාබි වෙළෙන්දන්ගෙන් පැවත එන බවය. තමන් පරම්පරා ගණනක සිට රඛයින් ප්‍රාන්තයේ වෙසෙන බවත් රෝහින්ග්‍යාවරු පවසති. නමුත් බහුතර බෞද්ධයන් වෙසෙන මියන්මාරයේ ආණ්ඩුව රෝහින්ග්‍යාවරුන් එරට පුරවැසියන් ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි. රෝහින්ග්‍යාවරුන් එරට වෙසෙන ජන ප්‍රජාවක් වශයෙන් හෝ පිළිනොගන්නා මියන්මාර ආණ්ඩුව 2014 පැවති සංගණනයෙන්ද ඔවුන් ඉවත් කර තිබිණි. ඔවුන් බංග්ලාදේශයේ සිට නීති විරෝධී ලෙස පැමිණි සංක්‍රමණිකයන් බව මියන්මාරයේ මතය වී තිබේ. හැත්තෑව දශකයේ සිට රෝහින්ග්‍යාවරුන් කලාපයේ වෙනත් රටවලට ද සංක්‍රමණය වී ඇත. ප්‍රජාවන් අතර ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා හෝ හමුදාව විසින් සිදු කරන ලද බව පැවසෙන වධහිංසා හමුවේ මෑතක හටගත් අර්බුදකාරී වාතාවරණයට පෙර පසුගිය වසර කිහිපය තුළදී ද රෝහින්ග්‍යා වැසියන් දහස් ගණනක් මියන්මාරයෙන් පළා ගොස් තිබේ. රෝහින්ග්‍යා මුස්ලිම්වරු පළා යන්නේ ඇයි? රෝහින්ග්‍යාවරුන් බංග්ලාදේශය කරා යළි ගලා යාම ආරම්භ වූයේ පසුගිය අගෝස්තු 25 වෙනිදා රෝහින්ග්‍යා කැරලිකරුවන් විසින් මියන්මාර පොලිස් මුරපොල වෙත ප්‍රහාර එල්ල කරනු ලැබීමත් සමගය. බංග්ලාදේශයේ 'කොක්ස් බසාර්'නමැති ප්‍රදේශයට වෙත ළඟා වන රෝහින්ග්‍යා ජනතාව පවසන්නේ බෞද්ධ කලහකාරීන්ගේ සහාය ද ඇතිව මියන්මාර හමුදා සිය ගම්මාන ගිනිබත් කරමින් සාමාන්‍ය වැසියන්ට ප්‍රහාර එල්ල කරන බවය. එහිදී සාමාන්‍ය වැසියන් මරණයට පත් වූ අවස්ථා ද ඇති බව ඔවුහු කියා සිටිති. මේ අතර ඇම්නෙස��ටි ඉන්ටනැෂනල් මානව හිමිකම් සංවිධානය පවසන්නේ මියන්මාර ආණ්ඩුව විසින් රෝහින්ග්‍යාවරුන් සිය ගණනක් මරා දමනු ලැබ ඇති බවය. එමෙන්ම හමුදා විසින් කාන්තාවන් සහ දැරියන් දූෂණයටත් අපයෝජනයටත් ලක් කරනු ලැබ ඇති බවත් එම සංවිධානය වැඩිදුරටත් කියා සිටී. කැරලිකරුවන්ට එරෙහිව දීයත් කරන ලද ""නිදහස් කර ගැනීමේ මෙහෙයුම්"" සැප්තැම්බර් 05 වෙනිදා අවසන් කළ බව මියන්මාර ආණ්ඩුව පවසයි. නමුත් ඉන් අනතුරුවත් මෙහෙයුම් ක්‍රියාත්මක වී ඇති බව දැක්වෙන සාක්ෂි බීබීසී වාර්තාකරුවන්ට දැක ගත හැකි විය. හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් සංවිධානය විසින් ගනු ලැබූ චන්ද්‍රිකා ඡායාරූප හරහා සිදු කළ විශ්ලේෂණ මගින් පෙනී යන්නේ අවම වශයෙන් ගම්මාන 288 සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් විනාශ වී ඇති බවය. ආසන්නයේ පිහිටි රඛයින් ගම්මානවලට කිසිදු හිංසාවක් වී නැති නමුත් රෝහින්ග්‍යා ගම්මාන පිහිටි ප්‍රදේශ ගණනාවක් විනාශ වී ඇති බව එම ඡායාරූප අනුව දැකගත හැකිය. විනාශයේ තරම වැඩිම හානියක් දැක ගත හැක්කේ මවුන්ග්ඩෝ ප්‍රදේශයේ බව හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් සංවිධානය පවසයි. එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ආයතනය (UNHCR) පවසන පරිදි අගෝස්තු 25 වෙනිදාට පෙර ද රෝහින්ග්‍යා සරණාගතයන් 307,500 ක් කඳවුරුවල, තාවකාලික වාසස්ථාන සහ ඉඳුම් හිටුම් ලබා දෙන ප්‍රජාවන් අතර දිවි ගෙවා තිබේ. පළා යන රෝහින්ග්‍යා ජනයා අතරින් වැඩි දෙනෙකු බංග්ලාදේශය වෙත ළඟා වෙති. පානීය ජලය, ආහාර, ඖෂධ සහ හිසට වහලක් නොමැති තත්ත්වයක් යටතේ එසේ ඇඳිවත පමණක් ඉතිරිව පැමිණෙන පුරුෂයෝ, කාන්තාවෝ සහ දරුවෝ හැකි ඕනෑම ස්ථානයක කඳවුරු ලා ගනිති. අගෝස්තු මාසයේ සිට පැමිණි 537,000 වන රෝහින්ග්‍යාවරුන්ගෙන් 58% දරුවන් වන අතර වැඩිහිටියන්ගෙන් 60% ක් කාන්තාවන්ය. විශාලතම රැඳවුම් ස්ථානය කුටපොලො කඳවුර වන අතර එහි ඉඩකඩ සීමා වී ඇති බැවින් ඒ අවට තැනින් තැන සහ භුලුකාලි ප්‍රදේශයේ ද සරණාගතයෝ රැඳී සිටිති. 13,901 දෙනෙකු රැඳී සිටි කුටපොලො කඳවුර අගෝස්තු මාසයේ සිට 20,000 වර්ධනය වී ඇත. කඳවුරෙන් පිටත තාවකාලික වාසස්ථාන හෝ තැනින් තැන පිහිටි නවාතැන්වල රැඳී සිටි පිරිස 99,495 සිට 311,225 දක්වා ඉහළ ගොස් තිබේ. එම කලාපයේ පිහිටි සෙසු කඳවුරු ද ව්‍යාප්ත වී තිබේ. ජාත්‍යන්තර ප්‍රතිචාරය ශ්‍රී ලංකාව මේ අතර තාවකාලිකව ශ්‍රී ලංකාවේ රැඳී සිටින රෝහින්ග්‍යා ජනයා වෙනත් රටකට පිටත් කරන ලෙස ඉල්ලා පසුගියදා කොළඹ උද්ඝෝෂණ පැවැත්විණ��. එක්සත් ජාතීන්ගේ භාරයේ පසුවන රෝහින්ග්‍යා සරණාගතයන් 31 දෙනෙකු රඳවා සිටි ගල්කිස්සේ නිවාසයක් ඉදිරිපිට දී පසුගිය සැප්තැම්බර් 26 වෙනිදා උණුසුම් වාතාවරණයක් හට ගත් අතර එහිදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු බවට චෝදනා ලත් බෞද්ධ භික්ෂූන් ඇතුළු පිරිසක් පසුව අත්අඩංගුවට ගනු ලැබිණි. ශ්‍රී ලංකාව, 1950 සහ 1967 වසරවල අත්සන් තබන ලද එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ප්‍රඥප්තියේ සාමාජික රටක් නොවන බැවින් ඔවුන්ට ශ්‍රී ලංකාව තුළ සරණාගතභාවය ලබා දිය නොහැක. ඒ අනුව දැනට එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය භාරයේ පසුවන රෝහින්ග්‍යා කණ්ඩායම ඉදිරියේ දී වෙනත් රටකට පිටත් කර හැරීමට නියමිතය." -130521_sivasakthi_cid,https://www.bbc.com/sinhala/sri_lanka/2013/05/130521_sivasakthi_cid,මළවුන් සැමරූ මන්ත්‍රීවරයා රහස් පොලීසියට,යුද්ධයේදී මියගිය දෙමළ ජනතාව අනුස්මරණය කිරීමේ උත්සවයක් සංවිධානය කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පොලීසිය දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළ බව වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවසක්ති ආනන්දන් පවසයි.,"යුද්ධයේදී මියගිය පුද්ගලයන් සිහිකිරීමේ උළෙලක් මැයි 18 වෙනිදා වවුනියාවේ සංවිධානය කොට තිබුණි යුද්ධයේදී මියගිය පුද්ගලයන් සිහිකිරීමේ උළෙලක් ඔහු විසින් මැයි 18 වෙනිදා වව්නියාව පුරහලේ සංවිධානය කොට තිබුණි. කොළඹ රහස් පොලිස් මූලස්ථානයට තමන් කැඳවූ පොලීසිය, එම උත්සවය සංවිධානය කිරීමේ හේතු විමසූ බවත්, යුද්ධයේදී සිය ඥාතීන් මරුමුවට පත්වූ ජනතාවට ඔවුන් සිහි කිරීම සඳහා එය සංවිධානය කළ බව තමන් පොලීසියට දැනුම් දුන් බවත් මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට පැවසීය. වවුනියාව බන්ධානාගාරයේ ගැටුමක් හටගත් අවස්ථාවේ රැඳවියන් ඔහුට දුරකථන ඇමතුම් ලබාදීම පිළිබඳවත් පැය හතරකට ආසන්න කාලයක් පැවති එම ප්‍රශ්න කිරීමේදී පොලීසියේ විමසීමට ලක්වූ බවද දෙමළ ජාතික සන්ධානයේ සිවසක්ති ආනන්දන් මන්ත්‍රීවරයා කියා සිටියේය. බන්ධනාගාරයේ රැඳවියන් තමන්ට දුරකථනයෙන් අමතා ඔවුන්ගේ උපවාසය පිළිබඳව සාධාරණයක් ඉටු කර දෙන මෙන් ඉල්ලා සිටි අතර, එවිට සෙල්වන් අඩයිකලනාදන් මන්ත්‍රීවරයා සමඟ තමා එහි ගොස් ගැටුම විසඳීමට මැදිහත්වූ බව එයට පිළිතුරු වශයෙන් පොලීසියට දැනුම් දුන් බවයි, මන්ත්‍රීවරයා පවසන්නේ. මළවුන් සැමරීම නිසා මන්ත්‍රීවරයා මෙසේ රහස් පොලීසියට කැඳවීම උගත් පාඩම් ජනාධිපති කොමිසන් වාර්තාවෙන් නිර්දේශ කොට ඇති මළවුන් සිහිපත් කිරීමේ අයිතිය රජය විසින් උල්ලංඝනය කිරීමක් ලෙසිනුයි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් විග්‍රහ කරන්නේ." -sri-lanka-38263249,https://www.bbc.com/sinhala/sri-lanka-38263249,ලංකා ඊ නිවුස් වරෙන්තුව ක්‍රියාත්මක කරන්න බෑ - ඉන්ටර්පෝල්,ලංකා ඊ නිව්ස් කතෘ සඳරුවන් සේනාධීරට එරෙහිව ගම්පහ මහේස්ත්‍රාත්වරිය පසුගියදා නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කළ නොහැකි බව ඉන්ටර්පෝල් ජාත්‍යන්තර පොලිසීය දැනුම් දී තිබේ.,"වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර ජාත්‍යන්තර පොලිසියේ එම තීරණය රහස් පොලිසිය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. මේ අතර අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට එරෙහිව පෙත්සම් 14 ක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. ලංකා ඊ නිව්ස් අඩවියේ පළකෙරුණ පුවත් උපුටා දක්වමින්, පෙත්සම් සියල්ලම ගොනු කර තිබෙන්නේ නීතිවේදී මධුර විතානගේ විසිනි. විනිශ්චයකරුවන්ගේ පුද්ගලිකත්වයට හානි සිදුවන ආකාරයේ පුවත් රාශියක් වෙබ් අඩවියේ පළකර තිබුණු බව පවසන පෙත්සම්කරු, සිය පෙත්සම්වල වගඋත්තරකරු ලෙස වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර නම්කර තිබේ. ජාත්‍යන්තර පොලිසියේ තීරණය සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි පියවර පිළිබඳව සලකා බලමින් සිටින බව නීතිඥ මධුර විතානගේ සමඟ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණ සිටි නීතිවේදී හේමන්ත වර්ණකුලසූරිය මාධ්‍යවේදීන් කළ විමසීමකදී පැවසීය. ""මේක අපටත් හිතාගන්න බැහැ. අධිකරණයට අපහාස කිරීම තමයි අපරාධ අතර තිබෙන විශාලතම අපරාධය. මේ විදියට බැලුවොත් මෙරට ඕනෑම අපරාධයක් සිදුකොට විදේශයකට ගිහින් සැගවී ඉන්න පුළුවන්,"" ඔහු පැවසීය. ලංකා ඊ නිවුස් කතුවරයා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කරන ලෙස සිය පෙත්සම්වලින් ඉල්ලා සිටින නීතිඥ විතානගේ, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විභාගයක් පවත්වන මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරයි." -world-44068313,https://www.bbc.com/sinhala/world-44068313,කිම් ජොන් අන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව සිංගප්පූරුවේ,ලබන මස (ජුනි) 12 වෙනිදා සිංගප්පුරුවේදී තමන් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් හමුවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.,"ජනාධිපති ට්‍රම්ප්, උතුරු කොරියාවෙන් නිදහස ලැබූ ඇමෙරිකානුවන් පිළිගනිමින් සාකච්ඡා සඳහා උතුරු කොරියානු නායකයාගෙන් ලද පෙර නොවූ විරූ ආරාධනය පසුගිය අප්‍රේල් මස ඔහු විසින් පිළිගනු ලැබුවේ ලොවම පුදුමයට පත් කරමිනි. මීට ඉහතදී දෙදෙනා ම එකිනෙකා වෙත අපහාස මෙන්ම තර්ජන ද එල්ල කළහ. උතුරු සහ දකුණු කොරියාව අතර සාකච්ඡාවලින් පසුව මේ වර්ධනීය තත්ත්වය හටගත්තේය. නායක දෙපළ අතර හමුව පිළිබඳ ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශයට පත් කළේ උතුරු කොරියාව විසින් නිදහස් කරනු ලැබීමෙන් අනතුරුව සියරට පැමිණි ඇමෙරිකානුවන් තිදෙනා පිළිගැනීමෙන් පැය කිහිපයක් ඉකුත්ව යද්දීය. නායක හමුව සුදානම් කිරීමට අදාළ කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප්යොංයෑං වෙත ගොස් සිටි අතරවාරයේදී එම සිරකරුවන් තිදෙනා නිදහස් කෙරිණි. ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික කාර්යයන් සඳහා සිංගප්පුරුව මීට පෙර ද යොදාගෙන තිබේ. වසර 60 ට පසුව 2015 දී චීන - තායිවාන නායක සාකච්ඡා පැවැත්වුණේ ද සිංගප්පුරුවේදී ය. ඇමෙරිකාව හා සිංගප්පුරුව අතර පවතින්නේ ඉතා සමීප සබඳතාවකි. සිංගප්පුරුව සහ උතුරු කොරියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පැවතිය ද ජාත්‍යන්තර සම්බාධක දැඩිවීමත් සමග පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී උතුරු කොරියාව සමග ඇති සියලු ආකාරයේ වෙළෙඳ සබඳතා අත්හිටුවීමට සිංගප්පුරුව පියවර ගත්තේය." -141201_east_concillors_fight,https://www.bbc.com/sinhala/sri_lanka/2014/12/141201_east_concillors_fight,නැගෙනහිර පළාත් සභාවේ ගුටිබැට,නැගෙනහිර පළාත් සභාවේ 2015 අයවැය ලේඛනය විවාදයට ගනිමින් පවතිද්දී එහි උද්ගත වූ ගැටුම්කාරී තත්වයක් හේතුවෙන් සභාව කල් තැබීමට සිදු විය.,"අද (01) පළාත් සභාවේ අයවැය ඉදිරිපත් කරනු ලැබීම ආරම්භ වූ අවස්ථාවේ පටන්ම මන්ත්‍රීවරුන් අතර ගැටුම්කාරී තත්වයක් දක්නට ලැබුණ බවයි, ‘ලක්බිම’ වාර්තාකරු ආර්.ජී.ධර්මදාස බීබීසියට සඳහන් කළේ. ‘එක අවස්ථාවක දී පළාත් සභා සභාපතිනියට රැස්වීම විනාඩි දහයකට කල් තැබීමටත් සිදු වුනා. ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීනව සිටින මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් තුන් දෙනා සභාවෙන් ඉවත් වීමත් සමඟයි, එම කල් තැබීම සිදු කෙරුණේ. විපක්ෂය එම කල් තැබීමට විරුද්ධ වුනා’ ආර්.ජී ධර්මදාස වාර්තා කරයි. ‘එවැනි වාද විවාද මැදයි පළාත් සභාව ඝෝෂාකාරී තත්වයක් කරා පරිවර්තනය වුණේ’ ඔහු වැඩිදුරටත් පවසයි. අද රැස්වීම ව්‍යාකූල තත්වයක පවතිද්දී එක් මන්ත්‍රීවරයකු විසින් සෙන්කෝලය පැහැර ගැනීමත් සමගයි ගුටිබැට හුවමාරුව සිදු වී තිබෙන්නේ. බල තුලනය ඉහත කී ආකාරයේ ඝෝෂාකාරී වාතාවරණයක් සභාව තුළ පවතිද්දී ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වූ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පිළිබඳව එක්සත් ජ��තික පක්ෂයේ මන්ත්‍රීවරයකු කතා සඳහන් කර ඇති අතර තවත් පිරිසක් ඊට විරෝධය පළ කළ බවයි ආර්.ජී.ධර්මදාස වාර්තා කරන්නේ. එහෙත් සිංහල සහ දෙමළ භාෂා වලින් එකවර බොහෝ මන්ත්‍රීවරුන් කෑකෝ ගැසීම නිසා මාධ්‍යවේදීන්ට ඔවුන් පවසන දේවල් තේරුම් ගැනීමේ දුෂ්කර තත්වයක් උදාවී ඇත. මේ වන විට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන මට්ටමක සිටින මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් තුන් දෙනා විපක්ෂයට එකතු වුනොත් නැගෙනහිර පළාත් සභාව තුළ ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට මන්ත්‍රීවරුන් දහඅට දෙනා බැගින් හිමි වනු ඇත." -131218_india_corruption_law,https://www.bbc.com/sinhala/world/2013/12/131218_india_corruption_law,දූෂණ මැඩලීමේ නීතියට ඉන්දීය පාර්ලිමේන්තු අනුමැතිය,දූෂණ මැඩලීමේ පනත් කෙටුම්පතක් ඉන්දියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ලෝක් සභාව තුළ සම්මත විය.,"මෙය දීර්ඝ කාලයක් පාර්ලිමේන්තු අනුමැතිය බලාපොරොත්තු වෙමින් තිබුණ පණත් කෙටුම්පතකි. නව පනත් කෙටුම්පතේ විධිවිධාන අනුව ස්වාධීන ඕම්බුඩ්ස්වරයකු පත් කිරීමට බලය පැවරෙන අතර, එම පදවියෙහි කාර්යය වන්නේ, දේශපාලන සහ සිවිල් සේවකයන්ට එරෙහි චෝදනා විභාග කිරීම සහ නඩු පැවරීම. ලෝක් සභාවේ අනුමැතිය ලද නව පනත් කෙටුම්පත නීතිගත වීමට නම් එය ජනාධිපතිවරයාගේ අත්සනින් සහතික කිරීම අවශ්‍ය කෙරෙයි. ජනාධිපති අත්සන ඉන්දීය පාර්ලිමෙන්තුවේ පහල මණ්ඩලය;ලෝක් සභා මෙම පනත් කෙටුම්පතට ඉන්දීය පාර්ලිමේන්තුවේ බලවත් ම දේශපාලන පක්ෂ දෙක වන කොංග්‍රස් පක්ෂයේ සහ භාරතීය ජනතා පක්ෂයේ සහයෝගය පළ වුණි. මේ මාසය මුල දී පැවැත්වුන දිල්ලි ප්‍රාන්ත මැතිවරණයේ දී දූෂණවලට එරෙහි අලුත් දේශපාලන පක්ෂයක් ඉන්දීය දේශපාලන ලෝකයෙහි විශ්මයක් ජනිත කරමින් විශාල ජයග්‍රහණයක් ලද අතර, ඉන් අනතුරුව ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක දූෂණ වලට එරෙහි නීතියට එකමුතුව සහයෝගය දුන් බවයි වාර්තාකරුවන් පවසන්නේ. අන්නා හෂාරේ අන්න හෂාරේ දූෂණ වලට එරෙහි උපවාස ව්‍යාපාරය ගෙන යමින්. ඉන්දියාව තුළ දූෂණවලට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන යමින් සිටින මුල් පෙළේ ක්‍රියාධරයකු වන අන්නා හෂාරේ (Anna Hazare) ඉහත කී පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු අනුමැතිය ලැබීමෙන් පසු ඔහු යෙදී සිටි උපවාසය අත්හැර දමන ලද බවත් වාර්තා වෙයි. අන්නා හෂාරේ මෙයින් අවුරුදු දෙකකට පෙර ගෙන ගිය තවත් උපවාසයකින් අනතුරුවයි,ඉන්දියානු බලධාරීන් දූෂණ වලට එරෙහි පනත් කෙටුම්පත සම්පාදනය කළේ." -sri-lanka-46945892,https://www.bbc.com/sinhala/sri-lanka-46945892,මතභේදයට ලක්��ූ බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහිව ලන්ඩන් අධිකරණයක පැවරූ නඩුවේ තත්ත්වය,බ්‍රිතාන්‍යය සමාජයේ නීතිය සහ සාමය කඩවීමට අදාළ පනත යටතේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව පවරා ඇති නඩුව සඳුදා (ජනවාරි 21) ලන්ඩන් නුවර වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ දී නැවත කැඳවීය.,"""බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු තානාපති මුක්තිය හිමි නිලධාරියකු බැවින් ඔහුට එරෙහිව නඩු පැවරීමක් සිදු කළ නොහැකියි"" එක් පැමිණිලිකරුවෙකු විසින් ගොනුකරන ලද නඩුවට සාක්ෂිකරුවන් ලෙස දෙදෙනෙක් ඉදිරිපත් වී සිටිති. ඔවුන් එක්සත් රාජධානියේ දිවි ගෙවන පුද්ගලයන්ය. මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමට ප්‍රතිචාර දැක්වූ විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ ලන්ඩන් හි වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති බව පැවසෙන නඩුව මගින් අදාළ බ්‍රිගේඩියර්වරයාට කිසිදු බලපෑමක් ඇති නොවන බවකි. 2018 වසරේ පෙබරවාරි 4 වෙනිදා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ නිදහස් දින සමරුව පැවැත්වෙද්දී එම පරිශ්‍රය අසළට රැස්වූ දෙමළ පුද්ගලයින් ද ඇතුළු පිරිසක් උද්ඝෝෂණයක යෙදුණහ. එහිදී අදාළ බ්‍රිගේඩියර්වරයා එම උද්ඝෝෂකයින් වෙත පෑ 'ගෙල සිඳින' ආකාරයේ යැයි පැවසෙන අභිනයක් පිළිබඳ ඡායාරූප මෙන්ම වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍ය ජාල හරහා හුවමාරු වූ අතර ඒ පිළිබඳ අවධානය යොමු කරමින් පෙබරවාරි 6 වෙනිදා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ එම නිලධාරියාගේ සේවය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවන ලද බවය. නමුත්, ඊට පසු දා (පෙබරවාරි 7) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නියෝගය පරිදි ඔහුව යළි සේවයේ පිහිටුවනු ලැබීය. කෙසේවුව ද 2018 පෙබරවාරි මස අවසානයේ දී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු නැවත ශ්‍රී ලංකාවට ගෙන්වීමට කටයුතු යෙදිණි. එම කැඳවීමෙන් පසු එවක පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ යුද හමුදාපති මහේෂ් සේනානයක පැවසුවේ, අදාළ නිලධාරියාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහු නැවත කැඳවා ගත් බවය. බ්‍රිගේඩියර්වරයාට එරෙහිව නඩු පැවරිය හැකි ද? ""මේ පැමිණිලිකරු සහ සාක්ෂිකරුවන් සිද්ධිය වුණ දවසේ උද්ඝෝෂණයට සහභාගී වෙලා තියෙනවා. ඒ වෙලාවේ ඔවුන් දැකලා තියෙනවා මේ නිලධාරියා ගෙල සිඳින ආකාරයේ සංඥාවක් කරනවා"" යැයි පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටින 'Public Interest Law Centre' නම් නීති ආධා��� ලබාදෙන ආයතනයේ නීතිඥ හෙලන් මොවට් (Helen Mowatt) බීබීසී සිංහල සේවයට පැවසුවාය. ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය ""ඔහු එම අවස්ථාවේ සිදු කළ තර්ජනාත්මක අභිනය සහ එහි සිටි පුද්ගලයන්ට එරෙහිව අඩන්තේට්ටම සිදු කිරීමට සැරසෙන ලෙස බිය ගැන්වීම යන කරුණු මත බ්‍රිතාන්‍යයේ සමාජයේ නීතිය සහ සාමය සුරැකීමට අදාළ පනත (Public Order Act 1986 ) යටතේ ඔහුට නඩු පවරා තිබෙනවා"" යැයි නීතීඥවරිය පැවසුවාය. ""මෙය ඉතා වැදගත් නඩුවක්. අපි හිතනවා මේ නඩුවෙන් ශ්‍රී ලංකාවේ සිදු වුණ යුද අපරාධ ගැන නැවත අවධානය යොමු කරන්න පුළුවන් වෙයි කියලා,"" නීතිඥ හෙලන් මොවට් පැවසුවාය. මේ අතර ""බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු තානාපති මුක්තිය හිමි නිලධාරියකු බැවින් ඔහුට එරෙහිව නඩු පැවරීමක් සිදු කළ නොහැකියි යන්න ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ මතය"" බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකා සරෝජා සිරිසේන බීබීසි සිංහල සේවයට පැවසීය. මේ සම්බන්ධයෙන් අදාළ තානාපති අංශ දැනුවත් කර ඇති බව ද ඇය මෙහි දී කියා සිටියාය. පවරා ඇති නඩුවට ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් නීතිවේදියෙකු කරුණු දක්වනු ඇත්දැයි විමසූ විට ඇය පැවසුවේ ඒ පිළිබඳ තවමත් තීරණයක් ගෙන නොමැති බවය. මේ අතර, බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව ලන්ඩන් නුවර අධිකරණයක නඩු පැවරූ බවට ඔහුට හෝ ශ්‍රී ලංකා යුද හමුදාවට කිසිදු නිල දැනුම්දීමක් සිදු කළ නොමැති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු බීබීසි සිංහල සේවයට පැවසුවේ විදේශ අමාත්‍යංශය හෝ තානාපති අංශ විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට හෝ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එවන් දැනුම්දීමක් කරනු ලැබ නැති බවකි. මේ තොරතුරුද දැනගන්න: මන්ත්‍රීවරියන් යැවූ ලිපිය අදාළ සිදුවීමෙන් දින කීපයකට පසු බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂ මන්ත්‍රීවරියන් දෙදෙනෙක් එවක විදේශ ලේකම්ව සිටි බොරිස් ජොන්සන් වෙත ලිපියක් යැවුහ. බ්‍රිගේඩියර් ප්‍රනාන්දුගේ ""රාජ්‍ය තාන්ත්‍රික බලපත් ඉවත් කරමින් ඔහු නෙරපා හරින්න"" යැයි එමගින් ඔවුහු ඉල්ලා සිටියහ. එසේම එම ලිපියෙන් ඔවුන් තවදුරටත් පෙන්වාදුන්නේ ""ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පිරිසක් උද්ඝෝෂණයක යෙදෙන අතරේදී අදාළ නිලධාරියා 'යමෙකුගේ ගෙල සිඳින බව කියා පෑමේ සංඥාවක්' කිරීම එහි සිටි දෙමළ පුද්ගලයන් බිය ගැන්වීමක්"" ලෙසිනි. මෙම ලිප��ය යොමු කරනු ලැබුවේ දෙමළ සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායමේ උප සභාපතිනියක වන පාර්ලිමේන්තු මන්ත්‍රීනී ජොආන් රයන් (Joan Ryan ) සහ එහි ජ්‍යෙෂ්ඨ උපසභාපතිනිය වන ෂෝආන් මැක්ඩොනග් (Siobhain McDonagh) විසිනි. කෙසේවෙතත්, අදාළ සිදුවීමට පසු බ්‍රිගේඩියර්වරයාගේ ක්‍රියාවට එරෙහිව මෙන්ම ඔහුට සහය පළකරමින් ද ලන්ඩන් නුවර විවිධ ස්ථානවල උද්ඝෝෂණ පැවති අතර සමාජ මාධ්‍ය හරහා ඒ සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් පැතිරී ගියේය. තවත් තොරතුරු:" -world-38887506,https://www.bbc.com/sinhala/world-38887506,"""පැටවෙක් අල්ලන්න චිම්පන්සි දහදෙනෙක් මරා දානවා""","නීති විරෝධී වානර සත්ව ජාවාරම පිළිබඳ තොරතුරු, සත්‍ය තත්වයට වඩා අඩු වාර්තාවීමක් පෙන්වන බව නවතම දත්ත පෙන්වා දෙයි.","සංඛ්‍යාලේඛනවලට අනුව 2005 වසරේ සිට රටවල් විසි තුනකින් ඔරන්ඔටන් 1,800 දෙනෙකු, චිම්පන්සි සහ ගෝරිල්ලා සතුන් බලධාරීන් භාරයට ගෙන තිබේ සංඛ්‍යාලේඛනවලට අනුව 2005 වසරේ සිට රටවල් විසි තුනකින් ඔරන්ඔටන් 1,800 දෙනෙකු, චිම්පන්සි සහ ගෝරිල්ලා සතුන් බලධාරීන් භාරයට ගෙන තිබේ. එවැනි ජාවාරම්වලින් සියයට අනූවක්ම රටවල් අභ්‍යන්තරයේ සිදු වී ඇති අතර ඒ හා සම්බන්ධ තොරතුරු ප්‍රධාන දත්ත වාර්තාවලට එක් වී නොමැත. ප්‍රධාන දත්ත වාර්තාවලට එක් වී ඇත්තේ ජාත්‍යන්තර වශයෙන් සිදු කරන ලද වැටලීම් පිළිබඳ කරුණු පමණකි. වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා සිටින සතුන් වෙළඳාම හා සම්බන්ධ ප්‍රඥප්තියට අත්සන් තබා ඇති රටවල සහභාගීත්වයෙන් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර පැවතෙන සමුළුවේදී වානර සත්ව ජාවාරමට අදාළ නවතම දත්ත එළිදක්වා තිබේ. වානර සත්ව විශේෂ නීති විරෝධී ලෙස වෙළෙඳාම් කිරීම හා සම්බන්ධ සම්පූර්ණ දත්ත ප්‍රකාශයට පත් වන්නේ ඉතා විරල වශයෙනි. වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා සිටින සතුන් වෙළෙඳාම හා සම්බන්ධ ප්‍රඥප්තිය සතුව ඇත්තේ ජාත්‍යන්තර වශයෙන් සිදු කරන ලද වැටලීම් පිළිබඳ කරුණු පමණකි. එම දත්ත මගින් වානර සත්ව ජාවාරම පිළිබඳ නොමග යවන සුළු අදහසක් ලබා දෙන බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ දීර්ඝ කාලීන විශ්වාසය වී තිබේ. වානර සත්ව ජාවාරම පිළිබඳ ජොහැන්නස්බර්ග් නුවරදී එළිදැක්වුණු නවතම දත්ත මගින් එම ජාවාරම සම්බන්ධයෙන් වඩාත් සවිස්තරාත්මක චිත්‍රයක් ලබා දෙයි. චිම්පන්සි ජාවාරම ""සාමාන්‍යයෙන් එක් කුඩා චිපන්සියෙකු පණපිටින් අල්ල ගන්න වැඩිහිටි චිම්පන්සි පහත් දහයත් අතර සංඛ්‍යාවක් මරා දාන්න ඕනි"" ""ඒක ඇත්තෙන්ම විශාල සංඛ්‍යාවක්. අපි හිතුවට වඩා වැඩි සංඛ්‍යාවක්."" ග්‍රේට් ඒප් සර්වයිවල් පාට්නර්ශිප් (Great Ape Survival Partnership) සංවිධානයේ ඩග් ක්‍රෙස් කියා සිටියේය. ""සාමාන්‍ය වශයෙන් සතියකට,ජාවාරම් කෙරෙමින් සිටි වානර සතුන් අල්ලා ගැනීමේ සිදුවීම් දෙකක් ලොව පුරා වාර්තා වී තිබෙනවා. එය ඉතා අඩු අගයක් වශයෙන් පෙනෙන්න තිබුණත් සාමාන්‍යයෙන් එක් කුඩා චිපන්සියෙකු පණපිටින් අල්ල ගන්න වැඩිහිටි චිම්පන්සි පහත් දහයත් අතර සංඛ්‍යාවක් මරා දාන්න ඕනි"" යනුවෙන් ඔහු පැවසීය. වානර විශේෂ අතුරින් ඔරන්ඔටන් වැඩි වශයෙන් සත්ව ජාවාරමට ගොදුරුවන අතර බලධාරීන් ගේ භාරයට ගනු ලබන එවැනි වානර විශේෂවලින් සියයට හැටහතක් ඔරන්ඔටන් සතුන්ය. බලධාරීන් භාරයට ගනු ලබන වානර විශේෂයට අයත් සතුන්ගෙන් සියයට විසිපහක් චින්පන්සීන්වන අතර ඉතාමත් අඩු වයසේ පසුවන චිම්පන්සීන් ගමන් මලු තුළ බහා ගුවන් යානා ඔස්සේ ජාවාරම් කෙරෙන බව ඩග් ක්‍රෙස් වැඩිදුරටත් පැවසීය. එලෙස ජාවාරම් කෙරෙන ඔරන්ඔටන් සතුන් බලධාරීන් භාරයට ගනු ලැබෙන රටවල් ලැයිස්තුවේ ඉන්දුනීසියාව සහ මැලේසියාව ඉහළින්ම සිටින අතර සියේරා ලියොන්, ගිනි රාජ්‍ය සහ කැමරූන් ඇතුළු බටහිර අප්‍රිකානු රටවල් ජාවාරමට සම්බන්ධ මධ්‍යස්ථාන ලෙස මතුවෙමින් පවතී. ආසියාව තුළ චිම්පන්සියෙකු ඇමරිකානු ඩොලර් විසි පන්දහසත් තිස් දහසත් අතර මිලකට විකිණෙන අතර ගෝරිල්ලෙකු ඇමරිකානු ඩොලර් හතළිස් පන්දහසක් දක්වා මුදලකට අලෙවි වේ." -150228_nimal_siripala_slfp,https://www.bbc.com/sinhala/sri_lanka/2015/02/150228_nimal_siripala_slfp,‘දිගටම විපක්ෂයේ ඉන්නේ නැහැ’ -නිමල් සිරිපාල,අගමැති පදවියට පත් විය යුත්තේ කවුරුන්ද යන්න නොව වඩාත් වැදගත් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීම යයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පවසයි.,විපක්ෂ නායකයා එම ප්‍රකාශය කළේ කොළඹ පැවැත්වුන මාධ්‍ය හමුවක දී. තමා අගමැති පදවියට පත් කරන මෙන් තමා හෝ වෙනත් කිසිවකු විසින් මෙතෙක් ඉල්ලීමක් කරනු ලැබ නොමැති බවයි ඔහු පවසන්නේ. තමා වෙහෙස නොබලා කටයුතු කරන්නේ පදවියක් සඳහා නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් බවත් විපක්ෂ නායකයා කියා සිටියි. එසේම දිගටම විපක්ෂයේ නොසිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් බලයට ගෙන ඒම තම ඉලක්කය වන බවයි ඔහු පෙන්වා දුන්නේ. සාවද්‍ය මාධ්‍ය වාර්තා අලුතින් සිදු කිරීමට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී ජනාධිපති ක්‍රමයේ බලතල අඩු කිරීමක් හෝ ඡන්ද ක්‍රමයේ වෙනස් කිරීමක් වුවමනා නැතැයි තමා ප්‍රකාශ කරන බවට ඇතැම් මාධ්‍ය මගින් පළ කොට ඇති වාර්තා සාවද්‍ය ප්‍රකාශන හැටියටයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා විසින් හඳුන්වා දෙන ලද්දේ. විධායක ජනාධිපති බලතල අඩු කරනු ලැබීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ තීන්දුවක් යයි සඳහන් කළ විපක්ෂ නායකයා ජනාධිපති පදවියේ බලතල අඩු කිරීමත් මැතිවරණ ක්‍රමය සංශෝධනය කරනු ලැබීමත් එකවර සිදු විය යුතුව ඇති බවත් සඳහන් කළේය -130602_unp_constitution_jhu,https://www.bbc.com/sinhala/world/2013/06/130602_unp_constitution_jhu,ආණ්ඩුවෙන් අයින් වෙන්න - එජාපය හෙළ උරුමයට කියයි,බලය විමධ්‍යගත කිරීම සහ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් රැකීම සම්බන්ධයෙන් ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට දුන් පොරොන්දු ඉටු කිරීමට විරුද්ධ නම් ඉල්ලා අස් විය යුතු බවට එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයකට අභියෝග කරයි.,"බලය බෙදීම පිලිබඳ විවෘත සංවාදයකට තමන් සූදානම් බව එජාපය පවසයි එජාප සභාපති ජෝසෆ් මයිකල් පෙරේරා ඒ බව කියා සිටියේ, පළාත් සභා වලට බලතල පැවරීම නීතිගත කොට ඇති දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයේ එන පරිදි පොලිස් හා ඉඩම් බලතල මෙන්ම පළාත් දෙකකට හෝ වැඩි ගණනකට ඒකාබද්ධ වීමට සලසා ඇති ඉඩ කඩ අහෝසි කරන මෙන් යෝජනා කරමින් ජාතික හෙළ උරුමය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත පණත පිළිබඳව මාධ්‍යවේදීන් විමසීමක් කළ අවස්ථාවේ. ""ඕක රජයේ එකක් හැටියටයි ඉදිරිපත් කරන්න තිබුනේ හෙළ උරුමය බොහොම සුළු පක්ෂයක්. අපි හෙළ උරුමයට කතා කරනවා අපි එක්ක කතා කරන්න කියල ඕක ඉදිරිපත් කරන්න ඉස්සෙල්ල,"" ඔහු පැවසීය. තොරතුරු දැන ගැනීමේ අයිතිය ජෝසෆ් මයිකල් පෙරේරා මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේ ""රැඩිකල් වෙනසක්"" මැයෙන් එජාපය විසින් පසුගිය සතියේ එලි දක්වන ලද නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධ යෝජනාවලිය පිළිබඳව කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින්. ආණ්ඩුවේ පාර්ශවකාර හෙළ උරුමයේ සහ ජාතික නිදහස් පෙරමුණේ විරෝධයට ලක් වී තිබෙන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ එජාපයේ ස්ථාවරය විමසූ අවස්ථාවේ සභාපතිවරයා කියා සිටියේ, බලය බෙදීම පිලිබඳ විවෘත සංවාදයකට පක්ෂය සූදානම් බවයි. විශේෂයෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සමඟ අත්සන් තබන ලද ගිවිසුම, එමෙන්ම 2009 දී ශ්‍රී ලංකාව විසින් එජා මහා මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනා, තිස්ස විතාරණ කමිටු වාර්තාව සහ උගත් පාඩම් කොමිසම් වාර්තාව ���ත පදනම් වී සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් සම්බන්ධ ස්ථාවරයකට එළඹීම පිණිස පක්ෂයේ යෝජනා මාලාව මගින් සංවාදයකට දොරටු විවෘත කොට තිබෙන බව ඔහු සඳහන් කළේය. යලිත් වරක් ජනතාවට පරමාධිපත්‍යය පවරා දීම සිය යෝජනාවලියේ මූලික අභිප්‍රාය බැවින්, මන්ත්‍රීවරුන් පක්ෂ මාරු කිරීමේදී ගතයුතු පියවරද එයට ඇතුලත් බවත් එජාපය පවසයි. ""රැඩිකල් වෙනසක්"" යෝජනාවලියේ මූලික කාරණා පිළිබඳව අදහස් දැක්වූ සභාපතිවරයා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට, යලිත් වරක් පාර්ලිමේන්තුවට විධායක බලතල පවරමින්, තොරතුරු දැන ගැනීමේ අයිතිය නීතිගත කරමින්, නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ සිය ව්‍යායාමය සම්බන්ධයෙන් විවෘත සංවාදයකට එක්වන්නැයි එජාපය සියලු ශ්‍රී ලංකාවාසීන්ගෙන් ඉල්ලීමක් කරයි." -36819724,https://www.bbc.com/sinhala/36819724,යාපනය සිසු ගැටුම 'ජාතිවාදය සඳහා යොදා නොගත යුතුයි',යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යන් දෙපිරිසක් අතර සිදු වූ ගැටුම ජාතිවාදී කණ්ඩායම්වල දේශපාලන න්‍යාය පත්‍රයට ඇතුළත් කර ගැනීමට ඉඩ නොදිය යුතු බව යාපනය විශ්ව විද්‍යාලයේ වාග් විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් පවසයි.,"ඉහත කී ගැටුම සිංහල සහ දෙමළ ජාතිවාදී පාර්ශව විසින් සිය දේශපාලන න්‍යාය පත්‍රය සඳහා යොදා ගැනීමට උත්සාහ දැරීම විශ්ව විද්‍යාල තුළ මෙවැනි තත්වයන් වර්ධනය වීමට හේතු වනු ඇති බවත් ඔහු බීබීසී සංදේශය සමග සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය. වාර්ගික පදනම පිළිබඳ අවධානය යොමු කරනවාට වඩා වැදගත් වන්නේ රටේ නීතිය සහ විශ්ව විද්‍යාල නීතිය උල්ලංඝනය කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් සොයා පරීක්ෂණ පැවැත්වීම බවයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් පෙන්වා දෙන්නේ. (සංදේශයට සවන්දෙන්න) ""කිසිවකුට අසාධාරණයක් සිදු නොවන පරීක්ෂණයක් කියන්නේ පීඩාවට පත් වුනේ කවුද? ඔහුගේ ජාතිය කුමක්ද?, නැතිනම් ප්‍රහාර එල්ල කළේ කවුද? ඔහුගේ ජාතිය කුමක්ද? කියනේ කාරණය නොවෙයි,"" ඔහු පැවසීය. 'වැරදි ආදර්ශයක්' මත ගැටුමක් නිරාකරණය කර ගැනීමේදී යාපනය විශ්ව විද්‍යාල සිසුන් කටයුතු කොට ඇති ආකාරය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් ප්‍රශ්න කරයි. ""මේ සංස්කෘතිය, සංකෘතික අංග කාටද අයිති කියන ප්‍රශ්නය නෙවෙයි මෙතනදී තියෙන්නේ. මේ ගැටුම නිරාකරණය කර ගැනීමේදී විශ්වවිද්‍යාල සිසුන්ටවත් තම පරිසරය තුළ ප්‍රචණ්ඩත්වයෙන් තොරව මෙවැනි ගැටුමක් විසඳා ගත නොහැකි නම්, ඒ ආදර්ශය ඉතාමත් වැරදි ආදර්ශයක්."" ""මෙතන තිබෙන බරපතලම කාරණය ප්‍රචණ්ඩත්වය යොදා ගැනීම."" යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් හා නවක සිසුන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් දෙපාර්ශ්වයේම සිසුන් 17 දෙනෙකු තුවාල ලැබීමත් සමග යාපනය විද්‍යා අංශය දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. මේ අතර නිවේදනයක් නිකුත් කරන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, සිසු ගැටුම පදනම් කරගෙන ජාතිවාදය ඇවිස්සීමට ඇතැමුන් දරන උත්සාහය තරයේ හෙළා දකින බව ප්‍රකාශ කරයි. ගැටුමේ ජාතිවාදී ප‍්‍රවේශයක් දක්නට ලැබුනත් එයට පිළිතුර ජාතිවාදය නොවන බවත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අවධාරණය කරයි." -sri-lanka-39028176,https://www.bbc.com/sinhala/sri-lanka-39028176,"""ට්‍රම්ප් මොනවා හරි බීල ද?""","ස්වීඩනය ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වී යැයි පවසන්නට තරම්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ""මොනවා හරි බීලා ද?"" යනුවෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ස්වීඩනයේ හිටපු අගමැති කාර්ල් බිල්ඩ්ට් ප්‍රශ්න කළේය.","ස්වීඩනයේ හිටපු අගමැති කාර්ල් බිල්ඩ්ට් ගේ ට්විටර් පණිවුඩය පසුගිය සෙනසුරාදා (පෙබ. 17) රැළියක් ඇමතූ ඩොනල්ඩ් ට්‍රුම්ප්, ""බලන්න ඊයේ රාත්‍රියේ ස්වීඩනයේ සිදුවුනේ කුමක්ද කියා"" යැයි පැවසුවේ යුරෝපයේ ත්‍රස්ත ප්‍රහාර එල්ලවූ ප්‍රදේශ පිළිබඳ ලැයිස්තුවකට ස්වීඩනය ද ඇතුළත් කරමිනි. නමුත් සිකුරාදා ස්වීඩනයෙන් එවැනි කිසිදු සිදුවීමක් වාර්තා වී නොතිබූ බැවින් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙස ස්වීඩනය ඇමෙරිකානු රජයට දන්වා තිබිණි. ඒ සම්බන්ධයෙන් වෙනම ප්‍රකාශයක් කළ ධවල මන්දිර ප්‍රකාශිකා සාරා හකබී සෝන්ඩර්ස්, ඉහළ යමින් පවතින අපරාධ සහ මෑතදී වූ සිදුවීම් පිළිබඳව ඔහු පොදුවේ කළ ප්‍රකාශයක් විනා යම් සුවිශේෂී සිදුවීමක් අරභයා කළ සඳහනක් නොවන බව කීවාය. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් අවඥාවට ලක්කළ බොහෝ පිරිස අතරට ස්වීඩනයේ හිටපු අගමැතිවරයා ද එක්වුණේ, ඔහු ""යමක් පානය කරලා"" වෙන්නට ඇති යැයි ට්විටර් පණිවිඩයක් ඔස්සේ අඟවමිනි. ජනාධිපති ට්‍රම්ප් ෆ්ලොරිඩා රැලියේදී ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් අනතුරුව ඉතා විශාල පිරිසක් කරුණු විමසමින් ට්විටර් පණිවුඩ එවූ බව ස්වීඩනයේ ජාතික ට්විටර් ලිපිනයවන @Sweden භාරව කටයුතු කරන නිලධාරිනිය පවසයි. ""මම හැම පුවත්පතක්ම බැලුවා. හැම ගුවන් විදුලි නාලිකාවකටම සවන් දුන්නා. ඒක ඇත්තක් නෙවෙයි කිය�� මම තීරණය කළා,"" ඇය බීබීසී යට කියා සිටියාය. ෆ්ලොරීඩාවේ මෙල්බර්න් නගරයේ සෙනසුරාදා පැවති පැවති දැවැන්ත රැළියේදී තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පළවන ප්‍රතිචාර පිළිබඳව ඉරිදා ට්විටර් පණිවුඩයක් නිකුත් කළ ජනාධිපති ට්‍රම්ප්, සංක්‍රමණිකයන් සහ ස්වීඩනය පිළිබඳව ෆොක්ස් නිවුස් නාලිකාවේ පළ වූ වාර්තාවක් ඇසුරින් තමන් එම ප්‍රකාශය කළ බව සඳහන් කර තිබිණි. ෆොක්ස් නිවුස් නාලිකාවේ අදාළ වාර්තාවට ඇතුලත් වූයේ 2013 දී ස්වීඩනය දේශපාලන රැකවරණ පතන්නන් විශාල පිරිසකට රැකවරණ දීමෙන් අනතුරුව රටේ ස්ත්‍රී දූෂණ සහ 'තුවක්කු සංස්කෘතිය' ඉහළයාම පිළිබඳ විමසුමකි. ජනාධිපති ට්‍රම්ප් ගේ අධාරකරුවන් දහස් ගණනක් ෆ්ලොරිඩා රැලියට එක් වී සිටියහ ෆොක්ස් නිවුස්, ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රියතම රූපවාහිනී නාලිකාවලින් එකකි. ලක්ෂ අනූපහකට ආසන්න ජනගහනයක් සහිත ස්වීඩනය, මෑත වසර කිහිපය තුළ ලක්ෂ දෙකකට ආසන්න අනාථයන්ට සහ සංක්‍රමණිකයන්ට රැකවරණය සැලසීය. 2015 න් පසුව දේශපාලන රැකවරණ පතන්නන්ගේ ආගමනයේ විශාල වර්ධනයක් සිදුවුවත්, ස්වීඩනය සංක්‍රමණිකයන්ට දොරටු විවෘත කළ 2013 සිට මේ දක්වා එරට කිසිදු ත්‍රස්තවාදී ප්‍රහාරයක් වාර්තා වී නැත." -sri-lanka-39818396,https://www.bbc.com/sinhala/sri-lanka-39818396,"උතුරු කොරියානු නායකයා ""ඝාතනය කිරීමේ CIA කුමන්ත්‍රණයක්""",උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් ඝාතනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ දකුණු කොරියාවේ රහස් ඔත්තු සේවා කුමන්ත්‍රණය කරමින් සිටින බවට උතුරු කොරියාවේ රාජ්‍ය ජනමාධ්‍ය චෝදනා කරයි.,"සිය නායකයාට රසායනික ප්‍රහාරයක් එල්ලකිරීම පිණිස CIA ඇමෙරිකානු රහස් ඔත්තු සේවයේ සහ දකුණු කොරියානු රාජ්‍ය රහස් ඔත්තු සේවයේ අනුග්‍රහය ලබන ""ත්‍රස්තවාදී කණ්ඩායමක්"" දැනටමත් රට තුළට ඇතුල් වී සිටින බවත් උතුරු කොරියාවේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. එම ""ත්‍රස්තවාදීන්"" සොයා ""අනුකම්පා විරහිත ලෙස"" ඔවුන් ""විනාශ කරන"" බවත් අමාත්‍යාංශය අවධාරණය කරයි. උතුරු කොරියාව එම නිවේදනය නිකුත් කරන්නේ කලාපයේ උණුසුම ඉතා ඉහල යමින් පවතින අවස්තාවකය. ""ක්ෂුද්‍ර විෂ රසායන සහ විකිරණ ද්‍රව්‍ය ඇතුළත්"" රසායනික ආයුධ සිය නායකයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සඳහා යොදාගැනීමේ උත්සාහයක් පවතින බවද ආරක්ෂක අමාත්‍යංශ නිවේදනයේ සඳහන් වේ. USS කාල් වින්සන් යුද නෞකාව කලාපයට පිටත්කර යැවූ ඇමෙරිකාව, මතභේදයට ලක් වූ මිසයිල ආරක්ෂණ පද්ධතියක් දකුණු කොරියාවේ ස්ථානගත කර තිබේ හමුදා ආචාර පෙළපාලියකදී හෝ පොදු උත්සවයකදී හෝ සිය නායකයාට රසායනික ප්‍රහාරයක් එල්ල කිරීම කුමන්ත්‍රණකරුවන්ගේ උත්සාහය බවට චෝදනා කරන උතුරු කොරියානු බලධාරීන්, මාස හයත්, දොළහත් අතර කාලයක් තුළ එහි ප්‍රතිඵලය නොදැනෙනු ඇති බවත් පවසති. රුසියාවේ සේවය කරමින් සිටි ""කිම්"" යන වාසගමෙන් පමණක් හඳුන්වන උතුරු කොරියානුවෙකුට දකුණු කොරියානු රහස් ඔත්තු සේවා විසින් ""අල්ලස් දී"" මෙම කුමන්ත්‍රණය සඳහා යොදවාගෙන තිබෙන බව පවසන නිවේදනයේ, ඔහුට කරන ලද බව පැවසෙන ගෙවීම් පිළිබඳවත් වැඩිදුරටත් සඳහන් වේ. ""ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ සහ ඔවුන්ගේ රූකඩ කණ්ඩායම් සහ රහස් ඔත්තු කටයුතු අතුගා දැමීම පිණිස මේ මොහොතේ සිට කොරියානු ක්‍රමයේ ත්‍රස්ත-විරෝධී ප්‍රහාර ආරම්භ කරන්නෙමු,"" යනුවෙන්ද රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. පසුගිය සති කිහිපය තුළ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් සහ උතුරු කොරියානු පාලනය අතර වාග සංග්‍රාමය උත්සන්න වූ අතර, සිය හය වෙනි න්‍යෂ්ඨික අත්හදා බැලීම දියත් කරන බවට උතුරු කොරියාව තර්ජනය කළේය. පසුගිය සෙනසුරාදා උතුරු කොරියාව යළිත් වරක් බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලීමේ උත්සාහයක නිරත වූ නමුත් එය අසාර්ථක විය. මේ අතර සිය යුද නෞකාවක් කලාපයට පිටත්කර යැවූ ඇමෙරිකාව, මතභේදයට ලක් වූ මිසයිල ආරක්ෂණ පද්ධතියක් දකුණු කොරියාවේ ස්ථානගත කර තිබේ." -140610_china_public_behaviour,https://www.bbc.com/sinhala/world/2014/06/140610_china_public_behaviour,නිවැරදිව හැසිරෙන්න චීන වැසියන්ට පාඩම්,චීන වැසියන්ට ප්‍රසිද්ධ ස්ථාන වල නිවැරදිව හැසිරෙන ආකාරය වර්ධනය කිරීමට ක්‍රියාත්මක කරන ලද වැඩසටහනක් බිජිං අගනුවර පාලන අධිකාරිය විසින් නැවත පණගන්වා දියත් කර තිබේ.,"වැඩසටහනේ අරමුණු අතරට පෝලිම් පිට පැනීම අවම කිරීම යන කරුණ ද ඇතුළත් වැඩසටහනේ අරමුණු අතරට දුම් පානය, පෝලිම් පිට පැනීම හා මත්පැන් පානය කර රිය පැදවීම යන කරුණු අවම කිරීම යන කරුණු ද ඇතුළත්. මේ වසර අග චීන අගනුවර දී පැවැත්වීමට නියමිත ආසියානු පැසිෆික් සමුළුවට පෙර මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. දෙදහස් අට වසරේ චීනයේ පැවති ඔලිම්පික් උළෙල ඇතුළු අනෙකුත් ප්‍රසිද්ධ උත්සවවලට සමගාමීව පැවති මෙවැනි වැඩසටහන් අනුව මෙවරත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සුදානම් කර තිබේ. නාගරික පරිපාලන ප්‍රකාශනයකට අනුව ක්‍රියාත���මක කිරීමට නියමිත වැඩසටහනේ අරමුණු අතරට විනීත, ක්‍රමවත් හා කාරුණික ප්‍රවාහන සේවයක් නගරය තුල ස්ථාපිත කිරීමට දිරි ගැන්වීමත් ඇතුළත්. ප්‍රධාන පෙළේ ලෝක නායකයන් විසි ගණනකට වඩා වැඩි දෙනෙක් මේ වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ආසියානු පැසිෆික් සමුළුවට (APEC) සහභාගී වීමට නියමිතයි." -world-37563190,https://www.bbc.com/sinhala/world-37563190,යෝධ ප්‍රචාරක පුවරුවකට අසැබි ලිංගික දර්ශන,ඉන්දුනීසියාවේ මහා මාර්ගයක් අසල ඉදි කර ඇති යෝධ ප්‍රචාරක පුවරුවක අසභ්‍ය ලිංගික චිත්‍රපටයක් ප්‍රදර්ශනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනියි.,Motorists were left in shock when footage of a couple in a sexual encounter was displayed on a billboard ජකර්තා නුවර ඇති මෙම ප්‍රචාරක පුවරුව පරිගණක මාර්ගයෙන් පාලනය වෙන අතර ඊට අදාළ රහස් අංක සොයා ගනිමින් අනවසරයෙන් මෙම අසභ්‍ය දර්ශන එක් කර තිබේ. තොරතුරු තාක්ෂණ විශ්ලේෂකයෙකු වන විසි හතර හැවිරිදි තරුණයා වරද පිළිගෙන ඇති අතර ඊට සය වසරක් දක්වා සිර දඬුවම් හිමි විය හැක. සමාජ මාධ්‍ය ජාලාවන්ට විනාඩි පහක් පමණ මෙම අසභ්‍ය වීඩියෝව ප්‍රදර්ශනය වී ඇති අතර එය නවතා දැමීමට විදුලිය විසන්ධි කිරීමට සිදු වී ඇත. කෙසේ නමුත් එම කෙටි කාලය තුළ බොහෝ දෙනෙකු මෙම දර්ශනය තම ජංගම දුරකථනය ඔස්සේ පටිගත කර සමාජ මාධ්‍ය ජාලාවන්ට එක් කර තිබේ. මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාවේ අසභ්‍ය වීඩියෝ සහ වෙබ් අඩවි නීතියෙන් තහනම් ය. -130910_bbs,https://www.bbc.com/sinhala/sri_lanka/2013/09/130910_bbs,ප්‍රචණ්ඩ සංවිධානවලට රාජ්‍ය අනුග්‍රහය -චෝදනාවක්,"බොදු බල සේනා, රාවණා බලය සහ සිංහල රාවය වැනි සංවිධාන රට තුළ ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය අනුග්‍රහය සහිත ව බව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි.","පහර කෑමට ලක්වූ පූජ්‍ය වටරැක්කේ විජිත හිමි මාධ්‍ය හමුවකට එක් වෙමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි තව දුරටත් කියා සිටියේ බොදු බල සේනා වැනි සංවිධාන ප්‍රචණ්ඩත්වය ඉතා විවෘතව පාවිච්චි කරමින් සිටියත් ඔවුනට නීතියේ බලපෑමකට මුහුණ දීමට සිදු නොවන බවයි. ගෝඨාභය ‘ගෝඨාභය රාජපක්ෂ මේගොල්ලන්ට සෘජුව හෝ වක්‍රව ආශීර්වාද කරනවා. ඒක නිසා තමයි මේ සංවිධාන පවතින්නේ.’ ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි පැවසීය. ධර්මයේ හඬ සංවිධානය මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ පූජ්‍ය වටරැක්කේ විජිත හිමියන්ට බොදු බල සේනාවේ පිරිසක් එල්ල කළැයි පැවසෙන ප්‍රහාරයට විරෝධය පළ කිරීමටයි. 'දකින විටත් බියක්' ‘වර්තමානයේ ඇතිවී ඇති තත්වය නිසා භික්ෂූන් වහන්සේ නමක් දකින විට තමන්ට බියක් දැනෙන බව’ මාධ්‍ය හමුව ඇමතූ ප්‍රවීණ කළා ශිල්පී ධර්මසිරි බණ්ඩාරනායක පැවසීය. ‘මේ පින්වත කියන කටින්, මේ සුවපත් වේවා කියන මුවින් ... මේ විදියට තෝ, යකෝ, ගහපියව්, මරපියව්, තොපිට ඉන්න දෙන්නෙ නැහැ... කොහොමද මේ වගේ වචන කියන්නේ?’ ධර්මසිරි බණ්ඩාරනායක ප්‍රශ්න කළේය. වටරැක්කේ විජිත හිමියන්ට තම සංවිධානයේ පිරිසක් පහර දුන් බවට නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි කියා සිටියේ තම සංවිධානයට රාජ්‍ය අනුග්‍රහය නො ලැබෙන බවයි." -world-38622339,https://www.bbc.com/sinhala/world-38622339,"""ඇමරිකාවට සහාය ලබා දුන්නොත් සම්බාධක ඉවත් කරනවා""",ඇමරිකානු ජනාධිපතිවරණයට බලපෑම් සිදු කළ බවට එල්ල වූ චෝදනා මත රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක තමන් විසින් ඉවත් කරනු ලැබීමට ඉඩ ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.,ත්‍රස්තවාදයට එරෙහිව ගෙන යන සටනට සහ සෙසු වැදගත් ඉලක්ක වෙත ළඟා වීම සඳහා මොස්කව් පාලනය ඇමරිකාවට සහාය ලබා දෙන්නේ නම් රුසියාවට එරෙහිව පනවන ලද සම්බාධක ඉවත් කිරීමේ හැකියාවක් පවතින බව ඇමරිකාවේ ජනාධිපති ධුරය සඳහා තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් 'ද වෝල් ස්ට්‍රීට් ජර්නල්' පුවත්පතට පවසා තිබේ. රුසියානු ජනාධිපති වැල්ද්මීර් පුතින් සමග හමුවක් සංවිධානය කෙරෙනු ඇති බවටත් ඩොනල්ඩ් ට්‍රම්ප් බලාපොරොත්තු පළ කරයි. පසුගියදා පැවති ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඡන්දදායකයන්ට බලපෑම් කිරීම සඳහා සයිබර් ප්‍රහාර සිදු කළ බවට ඇමරිකානු බුද්ධි අංශ මොස්කව් පාලනයට චෝදනා කළ අතර ඒ සමග රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට ඇමරිකාව කටයුතු කළේය. මේ අතර ට්‍රම්ප්ගේ වෘත්තිමය ජීවිතයේ සහ පෞද්ගලික ජීවිතයේ රහසිගත තොරතුරු රුසියාව සතුව ඇති බවට පසුගියදා තහවුරු නොකරන ලද වාර්තා පළ විය. ට්‍රම්ප් සහ රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කරති. -131031_india_modi-statue,https://www.bbc.com/sinhala/world/2013/10/131031_india_modi-statue,ලෝකයේ උසම පිළිමය ඉන්දියාවේ,ඉන්දියාවේ මී ළඟ මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයේ අගමැති ධූර අපේක්ෂකයා හැටියට තරඟ වැදීමට නියමිත නරේන්ද්‍ර මෝඩි ලෝකයේ උසම පිළිමය නිර්මාණය කිරීමේ කාර්යයට අත ගසා ඇත.,"නරේන්ද්‍ර මෝඩි දේශපාලන අනුහස ආරෝපණය කර ගැනීමේ වෑයමක. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනයට එරෙහි ඉන්දීය නිදහස් අරගලයේ විරුවකු ලෙස සැලකෙන සර්දාර් වල්ලබායි (Ballabhbhai) පටෙල්ගේ පිළිරුවකුයි,නරේන්ද්‍ර මෝඩි විසින් ඉදි කරනු ලැබීමට යන්නේ. වානේ වලින් නිමවනු ලබන යෝධ පිළිරුව ඉදි කෙරෙන්නේ, නරේන්ද්‍ර මෝඩි මහ ඇමති පදවිය දරන ගුජටාට් ප්‍රාන්තයේ ගංගාවක් මැද පිහිටි දූපතක. යකඩ මිනිසා “යකඩ මිනිසා” යයි විරුදාවලි ලැබ සිටි සර්දාර් වල්ලබායි පටෙල් ඔහුගේ සමස්ථ දේශපාලන දිවියම කැප කළේ ඉන්දීය කොන්ග්‍රස් පක්ෂය වෙනුවෙනුයි. භාරතීය ජනතා පක්ෂයේ නරේන්ද්‍ර මෝඩි එම යෝධ පිළිරුව ඉදිකිරීම මගින් සර්දාර් වල්ලබායි පටෙල්ගේ අනුහස තමාට ආරෝපණය කර ගැනීමේ උත්සාහයක නිරත වෙන බවයි වාර්තාකරුවන් පවසන්නේ. ඇමෙරිකානු ඩොලර් තුන් කෝටි හතළිස් ලක්ෂයක් වැය කොට ඉදි කිරීමට යන පිළිරුව මුදල් වැනසීමේ ව්‍යාපෘතියක් වන බවයි,එය දෝෂ දර්ශනයට ලක් කරන්නන් පෙන්වා දෙන්නේ." -world-44243431,https://www.bbc.com/sinhala/world-44243431,පරිගණක සහ රූපවාහිනී: ඕනෑවට වඩා තිර දෙස බලා සිටීමෙන් 'මරණය ඉක්මන් වේවි',ඕනෑවට වඩා පරිගණක හෝ රූපවාහිනී තිර දෙස බලා සිටීමෙන් පිළිකා රෝග සහ හෘද රෝග ඇතිවීමට ඉඩ ඇති බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.,"බ්‍රිතාන්‍යයේ වෙසෙන 390,089 දෙනෙකු යොදා ගෙන ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලය මගින් පවත්වන ලද එම අධ්‍යයනයේදී එම පිරිස විවේක කාලයේ දී කෙතරම් වේලාවක් රූපවාහිනී හෝ පරිගණක තිර දෙස බලා සිටින්නේ ද යන්න නිරීක්ෂණය කරන ලදි. රූපවාහිනී හෝ පරිගණක තිර දෙස බලා සිටීමෙන් රෝගී තත්වයට පත් වීම, අඩු ශරීර ශක්තියක් ඇති පුද්ගලයන් රෝගී බවට පත්වීමේ අවදානම මෙන් දෙගුණයක් පමණ යයි එහිදී හෙළි වූ බව පර්යේෂකයෝ පවසති. විවේක කාලය තුළ එක ස්ථානයක සිට ඩිජිටල් තිරයක් දෙස බලා සිටීමෙන් ශරීරයට අවශ්‍ය ව්‍යායාම ලැබෙන්නේ නැත. මේ හේතුවෙන් හෘද රෝග වැළඳීමේ දැඩි අවදානමක් ඇති අතර, එය පුද්ගලයෙකුගේ මරණය ඉක්මන් කිරීමට ද හේතු විය හැකිය. ""අපේ අධ්‍යයනය අනුව ශාරීරික අභ්‍යාසවල ඉතා අඩුවෙන් නියැලෙන පුද්ගලයන් සහ අඩු ශරීර ශක්තියක් ඇති පුද්ගලයන් රූපවාහිනී හෝ පරිගණක තිර දෙස බලා සිටීමෙන් රෝගී තත්වයට පත් වීමේ දැඩි අවදානමක් තිබෙනවා. නමුත් මෙම අවදානම හැමෝටම එක වගේ බලපාන්නේ නැහැ,"" යනුවෙන් අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයෙකු වන මහාචාර්ය ජේසන් ගිල් පැවසීය. මේ තොරුතුරුද දැනගන්න: 'සෞඛ්‍ය ගැන සිතන්න' වැඩි කාලයක් තිර දෙස බලා සිටීම ""මරණය ඉක්මන් වීමට"" හේතුවක් වන අතර හදවත් රෝග සහ පිළිකා ඇති වීමේ දැඩි අවදානමක් ඇති කරයි. ශාරීරික අභ්‍යාස, ශක්තිය, දුම්පානය, ආහාර රටාව, සමාජීය සහ ආර්ථික තත්වය ඇතුළු වෙනත් සමාන කරුණුවලින් ස්වාධීනව මෙම අධ්‍යයනය පවත්වා තිබේ. සිය අධ්‍යයනය පිළිබඳ තොරතුරු පර්යේෂකයන් විසින් 'බීඑම්සී මෙඩිසින්' (BMC Medicine) සඟරාවේ පළ කර තිබේ. තවත් තොරතුරු:" -sri-lanka-38795764,https://www.bbc.com/sinhala/sri-lanka-38795764,ලේකම්වරිය සමාව ගතයුත්තේ ජනතාවගෙන් - රන්ජන්,පස් කැපීමේ සිද්ධියක් මුල්කර ගනිමින් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට දුරකතනයෙන් බැනවැදීම පිළිබඳ සමාව ගැනීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට පෙබරවාරි 03 වෙනිදා දක්වා කාලය ලබා දෙන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.,"ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සමග සිය සංගමයේ නිලධාරීන් හා අදාළ ප්‍රාදේශීය ලේකම්වරිය අතර හමුවක් අද (ජන.30) කොළඹදී පැවැත්වුණු බවත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති රන්ජිත් ආරියරත්න කියා සිටියේය. ඒ සම්බන්ධයෙන් සමාව අයැදීමට සූදානම් දැයි බීබීසී සිංහල සේවය නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේක්ම්වරිය ඇතුළු බහුතරයක් කාර්ය මණ්ඩලයේ නිලධාරීන් අකරගම ජනතාවගෙන් සමාව ගත යුතු බවය. "" මේ පස් කැපීම, වැලි ගොඩ දැමීම, බලපත්‍රවලින් පිට ගොස් ගස් කැපීම, බොරළු කැපීම, ගල් කැඩීම නවත්ත ගන්න බැරි වුනාට මේ අය අකරගම ජනතාවගෙන් සමව ගතයුතුයි."" ඔහු පැවසීය. නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට දුරකතනයෙන් බැනවැදීමට විරෝධය පළකරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවකයෝ වැඩ වර්ජනයක යෙදුනහ අදාළ ප්‍රාදේශීය ලේකම්වරිය හා පැවති දුරකථන සංවාදය අතරතුර ඔහුගේ වචන භාවිතය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ, ""මම හොම්බට අනිනවා කිවේ නැහැ, මම කිව්වේ ඔබතුමියට කවුරුහරි ඔතනට ඇවිල්ල හොම්බට ඇන්නොත් ඔබතුමිය ඒකට ලිඛිතව පැමිණිල්ලක් ඉල්ලනවද කියලා,"" යනුවෙනි. ""හෙණ ගහනවා කියන්නේ මිනිස්සු සාමාන්‍යයෙන් කියන දෙයක්. මම අදත් කියනවා මේ පරිසරය විනාශ කළ අයට හෙණ ගහන්න ඕනේ."" ප්‍රදේශයේ පස්, බොරළු සහ වැලි කැපීමේ ජාවාරමක නිරතවන 'මාෆියාවක්' ක්‍රියාත්මකවන බව පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා, එම කණ්ඩායම් අතර ගැටුම්වල ප්‍රතිඵලයක්‌ ලෙසින් මේ වනවිට 48 දෙනකු මරුමුවට පත් වී ඇතැයි රහස් පොලිස් නිලධාරීන් තමන් සමග කියා සිටි බවත් වැඩිදුරටත් පැවසීය." -world-56887048,https://www.bbc.com/sinhala/world-56887048,කෝවිඩ්-19: ඉන්දීය ආණ්ඩුව ගැන විවේචනාත්මක අදහස් ඉවත් කරන ලෙස ට්විටර් වෙත නියෝග කරයි,කොරෝනා වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් සිය ආණ්ඩුව කටයුතු කළ ආකාරය පිළිබඳ විවේචනාත්මක අදහස් ඉවත් කරන ලෙස ඉන්දීය ආණ්ඩුව ට්විටර් සමාජ ජාලය වෙත නියෝග කර තිබේ.,"ඉන්දියානුවෝ උදව් ඉල්ලා වැඳ වැටෙති ආණ්ඩුවේ එම පියවර සම්බන්ධයෙන් ඉන්දියාව පුරා කෝපය පළ වේ. එවැනි ඇතැම් ප්‍රකාශන ඉන්දියාව තුළ අවහිර කරන ලද බව ට්විටර් හි ප්‍රකාශකයෙක් තහවුරු කළේය. මේ වන විට ඉන්දියාවේ කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් තිබේ. එරට රෝහල් බොහොමයක් ඔක්සිජන් හිඟයකට මුහුණ දී ඇත. ""ඔක්සිජන් සැපයුම සහතික කිරීමට වඩා ට්විටර් පණිවුඩ ගලවා දැමීම පහසුයි,"" යනුවෙන් එම සමාජ ජාල පරිශීලකයෙක් ආණ්ඩුවට චෝදනා කර තිබිණි. ඉන්දියාව කොරෝනා වෛරස් 'සුනාමියකට' මුහුණ දී සිටී සඳුදා (අප්‍රේල් 26) ඉන්දියාවෙන් අලුතින් රෝගීන් 352,991 හඳුනා ගෙන ඇති අතර මරණ 2,812 ක් වාර්තා විය. එය මේ දක්වා දිනකදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි. දිල්ලිය සහ තවත් බොහෝ නගරයන්හි රෝහල්වල ඇඳන් සම්පූර්ණයෙන් පිරී පවතී. රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර ගැනීමේ මාර්ග සොයා ගැනීමට සිදුවී ඇත. අත්‍යවශ්‍ය ඖෂධ, ඔක්සිජන් සිලින්ඩර සහ උපකරණවල මිල අහස උසට ඉහළ ගොස් ඇති කළු කඩ වෙත බොහෝ දෙනෙක් යොමු වී තිබේ. එමෙන්ම නිසි සහතික කිරීමකින් තොර මතභේදයට තුඩු දී ඇති ඖෂධ වලට ඇති ඉල්ලුම ද ඉහළ යමින් පවතී. අන්ෂු ප්‍රියා දිල්ලි වාසියෙකි. සෞඛ්‍ය තත්ත්වය පිරිහෙමින් පවතින සිය මාමණ්ඩියට දිල්ලිය හෝ ඒ තදාසන්න රෝහලක ඇඳක් සොයා ගැනීමට ඇය අපොහොසත් විය. ඔක්සිජන් සිලින්ඩරයක් සොයා ගැනීමට ඇය ඉරිදා වැඩි කාලයක් ගත කළ ද එය නිරර්ථක කාර්යයක් විය. සඳුදා (අප්‍රේල් 26) ඉන්දියාවෙන් අලුතින් රෝගීන් 352,991 හඳුනා ගෙන ඇති අතර මරණ 2,812 ක් වාර්තා විය අවසානයේ ඇය කළු කඩ වෙත තල්ලු විය. ඔක්සිජන් සිලින්ඩරයක් සපයා ගැනීමට ඇයට රුපියල් 50,000 ගෙවීමට සිදු විය. එය ශ්‍රී ලංකාවේ මුදලින් 130,000 ආසන්න මුදලකි. සාමාන්‍යයෙන් ඒ සඳහා වැය වන්නේ රුපියල් 6,000 ක මුදලක් පමණි (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 15,000 පමණ). සිය නැන්දණිය ද හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙලෙන බැවින් කළු කඩ වෙතින් තවත් ඔක්සිජන් සිලින්ඩරයක් සොයා ගැනීමට හෝ ඒ සඳහා පිරිවැයක් දැරීමට තමන්ට නොහැකි බව අන්ෂු දැන සිටියාය. මෙම තත්ත්වය සිය නිව��ස තුළම ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු සූදානම් කර ගැනීමට සිදුව ඇති දිල්ලියේ පමණක් නොව නොයිඩා, ලක්නව්, අලහාබාද්, ඉන්ඩෝර් වැනි බොහෝ නගරවල දක්නට ලැබේ. එහෙත් ඉන්දියාවේ බහුතරයකට මෙවැනි මුදලක් දැරීමේ හැකියාවක් නොමැත. කළු කඩ වෙතින් හෝ අත්‍යවශ්‍ය ඖෂධ සහ ඔක්සිජන් මිලට ගැනීමට හැකියාවක් නොමැතිකමින් රෝහල් ඉදිරිපිට මිනිසුන් මරණයට පත්ව ඇති බවට වාර්තා පළ වී තිබේ. මේ ගැනත් කියවන්න:" -131115_doping,https://www.bbc.com/sinhala/world/2013/11/131115_doping,තහනම් උත්තේජකවලට දැඩි නීති,තරඟකාරී ක්‍රීඩා වලට ඉදිරිපත් වෙන්නන් තහනම් උත්තේජක ගනු ලැබීම මැඩලීමේ අරමුණින් සම්පාදනය කෙරුණ නව නීති මාලාවකට අනුමැතිය ලැබී තිබේ.,"එවැනි තහනම් උත්තේජක පාවිච්චි කර ඇතැයි ඔප්පු වූ ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට ස්වයංක්‍රීය මට්ටමින් අවුරුදු හතරක ක්‍රීඩා තහංචියක් බල පැවැත්වීමත් නව රෙගුලාසි වලට ඇතුළත් වෙයි. තහනම් උත්තේජක පාවිච්චියට එරෙහි ජගත් මණ්ඩලය දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයේ පැවැත් වූ සාකච්ඡා වලින් අනතුරුවයි, නව රෙගුලාසි මාලාවට අනුමැතිය ලැබුණේ. ඔලිම්පික් සම්මත වී ඇති නව රෙගුලාසි මාලාව අනුව රුධිරය උත්තේජනය කෙරෙන ස්ටෙරොයිඩ්ස් (steroids) පාවිච්චි කරමින් බරපතළ වරදක් කරන ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට ඔලිම්පික් තරගාවලියක් අහිමි විය හැකියි. තහනම් උත්තේජක භාවිතය නතර කිරීමෙහි ලා එම වැඩ පිළිවෙළ ශක්තිමත් එකක් වනු ඇතැයි බලාපොරොත්තු පළ වෙමින් ඇති බවයි බීබීසී වාර්තාකරුවෙක් පවසන්නේ. 2015 ජනවාරි මාසයේ පටන් බල පැවැත්වෙන මෙම නව ක්‍රීඩා නීතියට සියලු ම රටවල අනුමැතිය ලැබෙනු ඇතැයි ද බලාපොරොත්තු පළ වෙයි." -sport-42281821,https://www.bbc.com/sinhala/sport-42281821,චන්දික හතුරුසිංහ : නව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු නම් කෙරේ,ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.,"ඒ අනුව ලබන දෙසැම්බර් 20 වෙනි දින ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයේ රාජකාරි ආරම්භ කරනු ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි. ඒ අනුව ලබන ජනවාරි මාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ සංචාරය, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ යටතේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු සංචාරයය. බංගලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩා��මේ සාර්ථකම පුහුණුකරු ලෙස සැළකෙන ඔහු පසුගිය නොවම්බර් මාසයේ එම තනතුරින් ඉල්ලා අස් විය. ක්‍රිකට් ශ්‍රී ලංකාව විසින් වැඩිම මුදලක් ගෙවා ලබා ගන්නා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ වනු ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්වේ. ""අපි එතුමාට කිව්වේ 2019 වෙනකම් වගකීම් භාරගෙන වැඩ කරන්න කියලයි. වැටුප ගැන එතුමා කිව්වා-ඔහු එතරම් මුදලක් ගැන හිතන්නේ නැහැයි කියලා,"" පසුගියදා මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසීය. ""රට වෙනුවෙන් වැඩ කොටසක් කරන්න තියෙනවා කියලයි එතුමා කිව්වේ. එතුමා දැනට ඩොලර් 40,000 ක් වගේ වැටුපක් ගන්නවා. ඒ වැටුප පැත්තකින් තියලා අභියෝග මැද අපේ ක්‍රීඩකයන් බාර ගැනීම ගැන අපි එතුමාට අපේ ගෞරවය පුද කළ යුතුයි."" චන්දික හතුරුසිංහ සමග බංගලාදේශයේ පිතිකරු පුහුණුකරු ලෙස කටයුතු කළ තිලාන් සමරවීර දැනටමත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු තනතුරේ කටයුතු කරමින් සිටියි. හතුරුසිංහ ගැන දයාසිරිගෙන් චන්දික හතුරුසිංහ මීට ඉහතදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙන අතර 2010 දී එවකට කණ්ඩායමේ නායකය වූ කුමාර් සංගක්කාරගේ විරෝධය ද නොතකා ඔහු එම තනතුරින් ඉවත්කිරීමට එවකට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබුණි. හතුරුසිංහ සහ බංග්ලාදේශ කණ්ඩායම ගැන තවත් වාර්තා:" -121221_cj_court_speaker,https://www.bbc.com/sinhala/sri_lanka/2012/12/121221_cj_court_speaker,දෝෂාභියෝගයේ ඉදිරි කටයුතු අත්හිටුවන්න - අධිකරණය,අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයේ ඉදිරි කටයුතු අත්හිටුවන්නැයි අධිකරණය කතානායකවරයාට උපදෙස් නිකුත් කළේය.,"අධිකරණයේ නොතීසි පිලිපැදීමට පාර්ලිමේන්තුව බැඳී නැති බව කතානායක චමල් රාජපක්ෂ මීට කලින් තීන්දු කළේය අභියාචනාධිකරණය එම උපදෙස් නිකුත් කළේ තමාට එරෙහි දෝෂාභියෝග පරීක්ෂණ වාර්තාව අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඉදිරිපත් කොට තිබූ පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කරමින්. තේරීම් කාරක සභා විභාගයේදී තමන්ට අසාධාරණයක් වී ඇති බවට අග්‍ර විනිශ්චයකාරවරිය අධිකරණය හමුවේ සඳහන් කොට ඇති බව පැවසූ විනිශ්චය මණ්ඩලය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙවැනි පැමිණිල්ලක් විභාග කිරීමට තමන්ට බලයක් තිබෙන බවද පැවසූහ. ඒ අනුව මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන ජනවාරි 03 වැනි දින අධිකරණය ඉදිරියේ පෙනී සිටින මෙන් අභියාචනාධිකරණය කතානායකවරයාට සහ පාර්ලිමේ��්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයන්ට නොතීසි ද නිකුත් කළේය. කතානායක චමල් රාජපක්ෂ මීට කලින් තීන්දු කොට තිබුනේ පාර්ලිමේන්තුව උත්තරීතර බැවින් අධිකරණයේ නොතීසි පිලිපැදීමට පාර්ලිමේන්තුව බැඳී නැති බවයි. කෙසේ නමුත් එම ප්‍රකාශය පිළිගත නොහැකි බව පැවසූ අධිකරණය සාධාරණ නඩු විභාගයක් පැවැත්වීම පිණිස එවැනි නොතීසියක් නිකුත් කිරීමට ව්‍යවස්ථාව මගින් තමන්ට බලය ලබා දී තිබෙන බවද පැවසීය. පෙත්සම් විභාගය ජනවාරි 03 වැනිදාට කල් දැමූ අභියාචනාධිකරණය, පෙත්සම් විභාගය අවසන් වනතුරු දෝෂාභියෝගය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා මෙන් කතානායකවරයාට දැනුම් දුන්නේය. පසුගිය දෙසැම්බර් 08 වැනි දින කතානායකවරයාට භාරදුන් දෝෂාභියෝග විමර්ශන වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුව ලබන ජනවාරි මාසයේදී විවාද කිරීමට නියමිතව තිබිණ. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා" -141116_common_candidate_agreement,https://www.bbc.com/sinhala/sri_lanka/2014/11/141116_common_candidate_agreement,පොදු අපේක්ෂක සම්මුතිය අත්සන් තැබීම කල් දැමේ,එළැඹෙන ජනාධිපතිවරණයේ දී විපක්ෂයෙන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සම්බන්ධ සම්මුතියට අත්සන් තැබීම කල් දමා ඇති බව වාර්තා වේ.,"රැළියෙන් අනතුරුව මාදුළුවාවේ සෝභිත හිමියන් රහසිගතව ජනපති මහින්ද හමුවුන බවට වාර්තා මෙම සම්මුතියට අත්සන් තැබීම මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සඳුදා කොළඹ ගලධාරි හෝටලයේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එම උත්සවය කල් තබා ඇතැයි දැනගන්නට ලැබුන බව ජාතික හෙළ උරුමයේ සභාපති අතුරලියේ රතන හිමියෝ බීබීසී සංදේශයට පැවසූහ. පසුගිය බදාදා කොළඹ පැවැත්වුණු විපක්ෂයේ ඒකාබද්ධ රැළියෙන් අනතුරුව මාදුළුවාවේ සෝභිත හිමියන් හදිසියේම ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වූ බවට ජනමාධ්‍ය වාර්තා කොට තිබුණි. එම මාධ්‍ය වාර්තා පිළිබඳව විමසීම පිණිස පසුගිය සිකුරාදා එහිමියන් ඇමතූ අවස්ථාවේ තමන් රෝහල්ගතව සිටින බැවින් පසුව අමතන මෙන් සෝභිත හිමියෝ සංදේශයෙන් ඉල්ලා සිටියහ. පොදු අපේක්ෂකයාට සහාය දැක්වීම පිළිබඳව ජාතික හෙළ උරුමය තවමත් අවසාන තීරණයක් ගෙන නොතිබීම, සඳුදා පැවැත්වීමට නියමිතව තිබුණු සම්මුතිය අත්සන් තැබීමේ අවස්ථාව කල් දැමීමට හේතුව දැයි සංදේශය විමසූ අවස්ථාවේ අතුරලියේ රතන හිමියන් කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර තමන් වහන්සේ නොදන්නා බවයි. ඒ සම්බන්ධයෙන් මාදුළුවාවේ සෝභිත හිමියන් ගෙන් කරුණු විමසීමට සංදේශය දැරූ උත්���ාහය සාර්ථක නොවීය." -140320_india_rape,https://www.bbc.com/sinhala/world/2014/03/140320_india_rape,ඉන්දීය මාධ්‍යවේදිනියට අතවර කළ සිව් දෙනක් වැරදිකරුවන් වෙති,ඉන්දියාවේ මුම්බායි නගරයේ අධිකරණයක් මගින් මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් හතර දෙනෙක් වැරදිකරුවන් කොට ඇත.,ඉන්දීය මාධ්‍යවේදිනියට අතවර කළ වැරදිකරුවන් විසි හතර හැවිරිදි මාධ්‍යවේදිනිය අත්හැර දමන ලද පේෂ කර්මාන්තශාලාවක ඡායාරූප ගනිමින් සිටියදී ඇය අතවරයට ලක්වූ බවයි උසාවියේදී හෙළිදරව් වී ඇත්තේ. මාධ්‍යවේදිනිය සමග සිටි ඇගේ පිරිමි සගයා බැඳ දමා පහර දී තිබුණි. වැරදිකරුවන් කරනු ලැබූ පුද්ගලයින් හතර දෙනාට හෙට (සිකුරාදා)දඬුවම් කිරීමට නියමිත අතර චෝදනා ලබා තිබෙන තවත් බාලවස්කාරයෙකුට එරෙහි නඩු විභාගය බාල අපරාධ අධිකරණයක විභාග වෙමින් පවතී. පසුගිය වසරේදී නවදිල්ලියේ බස් රථයක් ගමන් කළ වෛද්‍ය ශිෂ්‍යාවක් සමුහ ලිංගික අතවර කිරීමකට ලක්වූ අවස්ථාවේ දී එම සිදුවීම හෙළා දකිමින් ජනතා ප්‍රතිචාර පලවූ අකාරයටම මෙම සිදුවීම සම්බන්ධයෙනුත් ජනතා ප්‍රතිචාර පළ විය. -150810_pp_jaffna_widow,https://www.bbc.com/sinhala/sri_lanka/2015/08/150810_pp_jaffna_widow,උතුරේ තනිවූ දමිළ කතුන්ගේ නොනිමි යුද්ධය,ශ්‍රී ලංකාවේ වසර තිහක් පැවති යුද්ධයෙන් විපතට පත්වූ කාන්තාවන්ට තවමත් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකි පරිසරයක් උතුරේ ගොඩ නැගී නැති බව යුද්ධයෙන් වැන්දඹු වූ සහ සැමියා අතුරුදහන්ව තනිවූ කාන්තාවෝ පවසති.,"ඔවුන් කායිකව සහ මානසිකව තවමත් දුක් වේදනා විඳින බවයි බීබීසි දෙමළ අංශය විසින් සිදු කළ විමර්ශනයකදී විපතට පත් කාන්තාවන් කියා සිටියේ. අවතැන් වීම්, නිවාස විනාශ වීම, සැමියා සහ පවුලේ සාමාජිකයින් මිය යාම හෝ අතුරුදහන් වීම වැනි හේතූ නිසා තමන් අසරණව සිටින බවයි ඔවුන් වැඩි දුරටත් කියා සිටියේ. යුද්දය අවසන් වී වසර අවුරුදු හයක් ගතව තිබිය දීත් හරි ආකාරව සහන සේවා නොලැබීම සහ තමන්ට විශ්වාසය තැබිය හැකි දේශපාලන වාතාවරණයක් නොමැති වීම හේතුවෙන් අනාගතය සම්බන්ධයෙන් පවතින්නේ අවිනිශ්චිත තත්වයක් බවයි එම කාන්තාවන් පවසන්නේ. විශේෂයෙන්ම වැන්දඹු කාන්තාවන් විසින් නඩත්තු කිරීමට සිදුව ඇති පවුල් විශාල වශයෙන් අභියෝග වලට මුහුණ දී සිටියි. උතුරේ වව්නියාව ,කිලිනොච්චිය, මුලතිව්, යාපනය සහ මන්නාරම වැනි ප්‍රදේශ වල කාන්තාවන් තමන් මුහුණ දී සිටින ප්‍රශ්න සම්බන්ධයෙන් බීබීසි වාර්තා කරු මානික්ක වාසම් සමගින් කතා බහක නිරත වූහ. 'ප��රොන්දු විතරයි' පොක්කනෙයි මන් ප්‍රදේශයට එල්ල කෙරුණු ෂෙල් වෙඩි ප්‍රහාරයකින් සිය සැමියා ජීවිතක්ෂයට පත් වූ බවයි ජයසීලන් ශාන්තිනි පැවසුවේ. ඇය මේ වන විට දරුවන් දෙදෙනා සමගින් ජීවිත අරගලයට තනිවම මුහුණ දෙමින් සිටියි. ජයසීලන් ශාන්තිනි පැවසුවේ පසුගිය ජනවාරි මැතිවරණය වෙනුවෙන් බොහෝ දේශපාලනඥයන් නිවසට පැමිණ සිය ඡන්දය ඉල්ලා සිටි අතර දින සීයේ වැඩ පිළිවෙල යටතේ වැන්දඹු කාන්තාවන්ට සහන සලසන්න මුල් තැන දෙන බවත් පැවසූ නමුත් මේ දක්වා කිසිදු සහනයක් තමන්ට හිමිව නැති බවයි. මේ වන විට කුලී වැඩ කරමින් ඉතා අපහසුවෙන් සිය දරුවන් සමගින් ජීවත් වන බව පැවසු ඇය වැඩි දුරටත් කියා සිටියේ මෙවර මැතිවරණයෙන් පසු පත්වන රජයෙන් පවා සහනයක් ලැබෙතැයි තමන්ට කිසිදු විශ්වාසයක් නැති බවයි. ඇය පවසන්නේ මැතිවරණයට ලබා දෙන පොරොන්දු හුදෙක් පොරොන්දු ලෙසම ඉතිරි වන බවයි. යුද්දය නිසා ඉතා දරුණු ලෙස විනාශයට පත් වූ නෙදුන්කේනි ප්‍රදේශයේ ඉතාමත් පැරණි ගම්මානයක් වන පෙරියමඩු හි ප්‍රධාන ජීවන උපාය කෘෂිකර්මයයි. එම ගම්මානයේ ජීවත් වන වයස වේලුපිල්ලේ පොන්නුකුට්ටි වයස අවුරුදු 62ක වැන්දඹුවක්. සිය සැමියා ඇතුළු පවුලේ ඥාතීන් සියල්ල මියගොස් සිය දරුවන් දෙදෙනා සමග ඇය ජීවත් වෙන්නේ තනිවයි. “මගේ ගෑනු දරුවෝ දෙන්නත් එක්ක මම තනියම ඉන්නේ. මට හරියට ඇවිදින්නවත් බැහැ, කඩේට යන්න ඕනෙත් මගේ කැඩිච්ච කකුල් දෙකෙන්,මගේ සැමියා ෂෙල් වෙඩි වැදිලා මරුනා. පුතත් අතුරුදහන් වෙලා. දැනට මට සමෘද්ධියෙන් රුපියල් දාහක් ලැබෙනවා, ඊට අමතරව පින් පොතට දෙසිය පනහක් ලැබෙනවා. ඒකෙන් තමයි දරු දෙන්න එක්ක ජීවත් වෙන්නේ. මේ ඡන්දෙන් එන රජයක් මට ලැබෙන සහන මුදල් කීයකින් හරි වැඩි කරලා දෙයි කියලයි බලාපොරොත්තු වෙන්නේ.” යනුවෙන් පොන්නුකුට්ටි කියා සිටියේ කඳුළුපිරි දෙනෙතිනි. ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයෙන් පසු ඇතිව තිබෙන දේශපාලන පසුබිමෙන් කාන්තාවන්ට තවමත් විසඳුමක් ලැබී නැති බවයි බීබීසිය කළ විමසීමේදී උතුරේ වැන්දඹු කාන්තාවන් කියා සිටියේ. ලිංගික අතවර , ස්වාමි පුරුෂයෙක් නැතිව ජීවත් වීමට සිදු වීම, ජීවන උපායක් නොමැති වීම සහ සමාජ ප්‍රශ්න වලින් මිරිකී සිටින මෙම කාන්තාවන් බලාපොරොත්තු වන්නේ එළඹෙන මැතිවරණයෙන් පසුව පත් වන රජයෙන් යම් සහනයක් පමණි." -world-53135972,https://www.bbc.com/sinhala/world-53135972,කොරෝනා වෛරසය: දකුණු කොරියාව දෙවන රැල්ලක් සනාථ කරයි,සාපේක්ෂව අඩු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුවද කොරෝනාවෛරසයේ දෙවන රැල්ල රට පුරා පැතිරී යමින් තිබෙන බව දකුණු කොරියානු සෞඛ්‍ය නිලධාරීහු විශ්වාස කරති.,"දකුණු කොරියාව කොවිඩ් -19 සාර්ථකව පාලනය කළ රටක් ලෙස මුලින් හැඳින්වූව ද වර්තමාන තත්ත්වය අනුව මෙම වසංගතය මාස ගණනාවක් තිස්සේ පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. කොවිඩ්-19 වසංගතයේ පළමු රැල්ල අප්‍රේල් මාසය දක්වා පැවති බව දකුණු කොරියාවේ රෝග මර්ධන මධ්‍යස්ථානයේ (KCDC) ප්‍රධානී ජුං එවුන් කියෝන්ග් පැවසීය. එහෙත් සෝල් අගනුවර රාත්‍රී සමාජශාලා ඇතුළු විවිධ ස්ථානවල රෝගය පැතිරී යාම මැයි මාසයේ සිට නැවත ඉහළ ගොස් තිබේ. එම කාලය තුළ දිනකට වාර්තා වූ ආසාදිතයින් ප්‍රමාණය දහසකට ආසන්න පිරිසක සිට කිසිදු රෝගියෙකු වාර්තා නොවීම දක්වා පහළ වැටුණි. කෙසේ වුවත් කාර්යාලවලින් සහ විශාල ගබඩාවලින් පසුගිය පැය 24 තුළ නව ආසාදිතයන් 17 ක් වාර්තා වී ඇති බව නිලධාරීහු සඳුදා (ජුනි 22) පැවසූහ. ඒ අනුව වෛරසයේ දෙවෙනි රැල්ල හටගෙන ඇතැයි නිගමනය කිරීමට සිදුවන බව ද වෛද්‍ය කියෝන්ග් පැවසීය. KCDC ආයතනය මෙතෙක් සඳහන් කළේ පළමු රැල්ල තවමත් අවසාන නොවූ බවය. වෛරසය පැතිර යන සමාජ පොකුරු කිහිපයක් හමුවීමෙන් අනතුරුව, කෞතුකාගාර සහ පුස්තකාල වැනි පොදු ස්ථානවල රැස්වීම් තහනම් කරන බව සෝල් අගනුවරට දකුණින් පිහිටි ඩෙජියොන් නගරයේ බලධාරීහු සඳුදා නිවේදනය කළහ. යළිත් වරක් බොහෝ සීමා පැනවීමට සිදුවිය හැකි බවට අගනුවර නගරාධිපතිවරයා ද අනතුරු ඇඟවීය. රට තුළ සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් නීති පනවනු වෙනුවට හැකි තරම් පුද්ගලයින් පරීක්ෂා කොට කොරෝනාවෛරස් රෝගීන් ඇසුරු කළ පුද්ගල් සොයා යන අතරම ස්වේච්ඡාවෙන් සමාජ දුරස්ථභාවය තබාගැනීමේ වැඩපිළිවෙලක් දකුණු කොරියාව අනුගමනය කළේය. ජනවාරි 20 වනි දින රට තුළ පළමු කොවිඩ්-19 රෝගියා වාර්තාවීමෙන් අනතුරුව 280 දෙනෙකු රෝගය හේතුවෙන් මියගොස් තිබෙන අතර, රෝගීන් 12,000 කට වැඩි පිරිසක් වාර්තා වී තිබේ. නිවසේ සිට රෝග පරීක්ෂාව මේ අතර සිය නිවසේ හෝ රැකියා ස්ථානයේ සිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇද්දැයි පරීක්ෂා කිරීමේ නව වැඩ පිළිවෙලක් එක්සත් රාජධානියෙහි අත්හදා බලනු ලැබෙමින් පවතී. එම වැඩ පිළිවෙල අනුව සිදු කෙරෙන්නේ පුද්ගලයකු රැඳී සිටින ස්ථානයේදී කෙල ස්වල්පයක් භාජනයකට එකතු කරනු ලැබීමෙන් පසුව එය විද්‍යාඥයන් විසින් පරීක්ෂා කරනු ලැබීමයි. එක්සත් රාජධානියේ මහජන සායනවල 14,000 කට අධික වෛද්‍යවරුන් සහ හෙද සේවයේ ප්‍රමුඛ ක්‍රි���ාධරයන් මෙම වැඩ පිළිවෙලට හවුල් වෙති. සවුත්ඇම්ප්ටන් සරසවියේ නායකත්වයෙන් එම පරීක්ෂණ වැඩ පිළිවෙල සති හතරක කාලයක් ක්‍රියාත්මක කරනු ලැබීමට නියමිතය. ශ්‍රාවය ලබා ගැනීම සඳහා පුළුන් වලින් තැනූ උපකරණයක් නාසයට හෝ උගුරට යැවීමේ පරීක්ෂණයට වඩා මෙය පහසු බැවින්, මෙම කෙල පරීක්ෂණ වැඩ පිළිවෙල මහජනයාට පහසුවක් වනු ඇතැයි විද්‍යාඥයෝ බලාපොරොත්තු පළ කරති." -141215_lanka_champika_doomboom,https://www.bbc.com/sinhala/sri_lanka/2014/12/141215_lanka_champika_doomboom,‘ආර්ථික ආලාපාළුව’ චම්පිකගේ ඇසින්,කොටි සංවිධානය පරාජය කරමින් ලද යුද ජයග්‍රහණය මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා විසින් ඔහුගේ තනි කාර්යභාරයක් හැටියට හඳුන්වා දෙනු ලැබීම රට නොමග යැවීමක් වන බව ජාතික හෙළ උරුමය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.,"මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කළේ, ඔහුගේ ‘ආලාපාළු ආර්ථිකය’ කෘතිය ප්‍රකාශයට පත් කිරීමේ විද්වත් හමුවේදී. 2005 ජනාධිපතිවරණයේ දී ‘මහින්ද චින්තන’ ප්‍රකාශනය මගින් යුද්ධය අවසන් කිරීම සහ ආර්ථිකය ශක්තිමත් කිරීම කෙරේ අවධානය යොමු කර තිබුණත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කොටි සංවිධානය පරාජය කිරීමේ උවමනාවක් තිබිණැයි පැවසීම වැරදි අදහසක් දීමක් වන බවයි , පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කියා සිටින්නේ. එමිල් කාන්තන් සමඟ සාකච්ඡා ඒ වෙනුවට 2005 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පෙරට යමින් තිබිය දී එදා ජනාධිපති ධූර අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ සිය ජයග්‍රහණය සහතික කර ගැනීම සඳහා එමිල් කාන්තන් සමඟ සාකච්ඡා කර ඇති බව හෙළිදරව් වී ඇති බවයි හෙළ උරුමය ලේකම්වරයා පවසන්නේ. එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ සාම සාකච්ඡා වලට මහින්ද රාජපක්ෂ පාලනයත් සහභාගී වූ බව සිහිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, කොටි සංවිධානය ‘මාවිල්ආරු’ සොරොව්ව වසා දැමූ අවස්ථාවේ ජාතික හෙළ උරුමය භික්ෂූන් පිරිසක් එහි විරෝධතා ව්‍යාපාරයක් දියත් කළ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එය නතර කිරීමට බල කළ බවයි කියා සිටියේ. එවැනි තත්වයක් යටතේ රට යුද්ධයෙන් බේරා ගැනීමේ තනි අයිතිය ජනාධිපතිවරයාට පවරා ගත නොහැකි බව පාඨලී චම්පික රණවක පවසයි. තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ‘යුරෝපයේ කොටි පෙන්වමින් ගෙදර මුවන් මැරීමට ඉඩ නොදෙන’ ලෙසයි. දුර්වල ආර්ථික පිළිවෙතක් මහින්ද රාජපක්ෂ පාලනය යටතේ රට තුළ දූෂණය පැතිර ඇති බව කියා සිටි මන්ත්‍රීවරයා අද රට අනුගමනය ��රන ආර්ථික පිළිවෙත දුර්වල වූවක් වන බවත් පෙන්වා දෙයි. අධිවේගී මාර්ග හැදීමට ආණ්ඩුව වැඩි පොලියට ගනු ලබන ණය ගෙවන්නට සියලු දෙනාටම සිදු වන අතර ත්‍රීරෝද රථවලට , යතුරුපැදි වලට පෙට්‍රල් හෝ ඩීසල් පිරවීමේ දී අධිවේගී මාවත් තහනම් එම රියදුරන්ටත් ආණ්ඩුවේ ණය වෙනුවෙන් රුපියල් හැටත් අනූවත් අතර මුදලක් ගෙවීමට සිදු වෙන බවයි ඔහු පෙන්වා දුන්නේ. අද ශ්‍රී ලංකා ආර්ථිකය මෙහෙයවන ‘මෙගා ඩීල්’ කරුවන් ගැනත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක දීර්ඝ වශයෙන් අදහස් පළ කළේය. ඇතැම් ඇමතිවරුන්ගේ සහ නිලධාරීන්ගේ අවශ්‍යතා පරිදි සිදු කොට ඇති රටට අහිතකර ගණුදෙනු, කැසිනෝ ව්‍යාපාරය , අසාර්ථක හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපල ඇතුළු ව්‍යාපෘති ගැනත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලි චම්පික රණවකගේ ‘ආර්ථික ආලාපාළු’ කෘතියේ අවධානය යොමුව ඇත." -141118_common_candidate,https://www.bbc.com/sinhala/sri_lanka/2014/11/141118_common_candidate,පොදු අපේක්ෂක සම්මුතිය බ්‍රහස්පතින්දා?,එළැඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සම්බන්ධ සම්මුතියට අත්සන් තැබීම බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දක්වා කල් තැබීමට සිදු වනු ඇති බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ප්‍රකාශ කරයි.,"සම්මුතියට සඳුදා අත්සන් තැබීමට නියමිතව තිබුණත් අවසාන මොහොතේ එය කල් දමන බව නිවේදනය කෙරිණ. සිය සංවිධානයේ නායක මාදුළුවාවේ සෝභිත හිමියන් තවමත් රෝහල්ගතව සිටීම සහ විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මේ වනවිට විදේශීය සංචාරයක නිරතව සිටීම මේ ප්‍රමාදයට ප්‍රධාන හේතූන් බව ව්‍යාපාරයේ සාමාජිකයෙක් බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළේය. පොදු අපේක්ෂකයා සම්බන්ධ සම්මුතියට සඳුදා අත්සන් තැබීමට නියමිතව තිබුණත් අවසාන මොහොතේ එය කල් දමන බව නිවේදනය කෙරිණ. පසුගිය සතියේ කොළඹදී පැවති විපක්ෂයේ ඒකාබද්ධ ජනරැළියෙන් අනතුරුව මාදුළුවාවේ සෝභිත හිමියන් හදිසියේම පෞද්ගලික නිවසකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මුණ ගැසී සාකච්ඡා කළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාකොට තිබිණ. ඒ පිළිබඳව විමසීම පිණිස මාදුළුවාවේ සෝභිත හිමියන් ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය. විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරීය සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කි��ීමට සලකා බැලෙන නම් අතර තිබෙන බවයි ජනමාධ්‍ය වාර්තා කරන්නේ. තවත් නම් කිහිපයක්ද ඒ අතර සාකච්ඡාවට බඳුන් වී තිබේ." -world-39762309,https://www.bbc.com/sinhala/world-39762309,උතුරු කොරියානු අර්බුදය විසඳීමට නෝර්වේ?,ඩොලර් කෝටි සියයක මිසයිල ආරක්ෂණ පද්ධතියක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ඇමරිකාව එකඟ වී ඇති බව දකුණු කොරියාව පවසයි.,"කෙසේ නමුත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට ඉහතදී කියා සිටියේ ඒ සඳහා වැයවන මුදල දකුණු කොරියාව විසින් දැරිය යුතු බවය. දෙරටේ ජාතික ආරක්ෂක උපදේශකයන් අතර පැවති දුරකථන සංවාදයකින් අනතුරුව එම එකඟතාවට පැමිණ තිබේ. 'තාඩ්' මිසයිල පද්ධතිය උතුරු කොරියාවෙන් එල්ල විය හැකි මිසයිල ප්‍රහාර ව්‍යර්ථ කිරීමේ අරමුණින් දකුණු කොරියාව තුළ මිසයිල ආරක්ෂණ පද්ධතියක් ස්ථාපනය කෙරෙමින් පවතී. ගිවිසුමට අනුව ආරක්ෂණ පද්ධතියේ දෘඩාංග සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ඇමරිකාව එකඟ වී ඇති අතර ඒ සඳහා භූමිය ලබා දෙනු ලබන්නේ දකුණු කොරියාව විසිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විවේචනයට උතුරු කොරියානු අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මේ අතර ප්යොංයැං න්‍යෂ්ටික වැඩපිළිවෙළ සහ බැලිස්ටික් මිසයිල වැඩසටහන මුල් කර ගනිමින් ඇමරිකාව සහ උතුරු කොරියාව අතර ඉහළ යමින් පවතින උණුසුම සමනය කර ගැනීම සඳහා මැදිහත් වන ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටියහ. දෙරට අතර පවතින උණුසුම්කාරී තත්වය සීමාව ඉක්මවා ගොස් ඇති බව පවසන උන්වහන්සේ 'රාජ්‍යතාන්ත්‍රික නායකත්වය සහතික කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය අපොහොසත් වීම' පිළිබඳ විවේචන එල්ල කළහ. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ""වඩාත් දියාරු වී"" ඇති බවය. කොරියානු අර්ධද්වීපයේ පවතින නොඉවසිලිමත්භාවය සමනය කිරීම සඳහා නෝර්වේ රජයට මැදිහත්විය හැකි බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ යෝජනා කළහ. කාල් වින්සන් උතුරු කොරියාව ඊයේ (අප්‍රේල් 29) තවත් බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලූ අතර එය අසාර්ථක වී ඇති බව දකුණු කොරියාව සහ ඇමරිකාව පැවසූහ. ඇමරිකානු හමුදාවට අයත් USS කාල් වින්සන් ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව කොරියානු අර්ධද්වීපයට ඔබ්බෙන් පිහිටි මුහුදු කලාපයට ඇතුළු වී ඇති බව ඉන් පැය කිහිපයකට පසු වාර්තා විය." -sri-lanka-40714790,https://www.bbc.com/sinhala/sri-lanka-40714790,"""සුදු වෑන් ��ැහැර ගැනීම: ඇමති කණගාටුව පළ කළා""",සුදු වෑන් රථයකින් ශිෂ්‍ය නායකයෙකු පැහැර ගැනීමට උත්සාහ කිරීම පිළිබඳව නීතිය හා සාමය භාර අමාත්‍යවරයා කණගාටුව පළ කිරීමෙන් අනතුරුව අඟහරුවාදා (ජුලි 25) දියත් කළ සංකේත වැඩ වර්ජනය නිමාවට පත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.,"ශිෂ්‍ය ව්‍යාපාර සහ වෘත්තීය සමිති මර්දනය සහ දිගින් දිගටම ශිෂ්‍යයන් අත්අඩංගුවේ රඳවා ගැනීමට ද එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන් දියත් කළ එම දීප ව්‍යාප්ත සංකේත වර්ජනය හේතුවෙන් රට පුරා රජයේ රෝහල්වල රෝගීන්ට ප්‍රතිකාර කිරීම අඩාල වී තිබුණි. වර්ජනය අතරවාරයේ සංගමයේ නිලධාරීන් අමාත්‍ය සාගල රත්නායක හමු වූ අවස්ථාවේ ශිෂ්‍ය නායකයා පැහැර ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් උපරිම පියවර ගන්නා බවට සහ ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරන බවට ප්‍රතිඥා දුන් බව සංගමය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. සබැඳි යොමු: විද්වත් වෘත්තිකයන්ගේ මූලස්ථානයේ පැවති 'සයිටම්' විරෝධී වැඩ සටහනකට සම්බන්ධ වී පිටව යමින් සිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැර ගැනීම සඳහා සිවිල් ඇඳුමින් පැමිණි කණ්ඩායමක් උත්සාහ කළ බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක බීබීසී සිංහල සේවයට පැවසීය. රයන් ජයලත් වෛද්‍ය ශිෂ්‍යයා බේරා ගන්නා ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත ඇතුළු කණ්ඩායමක මැදිහත් වීමෙන් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. ඉන් අනතුරුව නිවේදනයක් නිකුත් කළ අමාත්‍ය සාගල රත්නායක, එම ශිෂ්‍යයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලීසිය විසින් අනුගමනය කරන ලද ක්‍රමවේදයන් පිළිබදව පරීක්ෂණයක් සිදුකර වහාම තමා වෙත වාර්තාවක් ලබා දෙන ලෙස නියෝග කර ඇති බව සඳහන් කර තිබුණි. 'සුදු වෑන් පැහැර ගැනීමේ උත්සාහය' පිළිබඳව මෙන්ම දැනට අත්අඩංගුවේ පසුවන ශිෂ්‍යයන් සම්බන්ධයෙන් කඩිනමින් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවට සහ සාමකාමී උද්ඝෝෂණ සහ විරෝධතාවලට හිරිහැර ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය පියර ගන්නා බවට අමාත්‍ය සාගල රත්නායක අඟහරුවාදා (ජුලි 25) සාකච්ඡාවේදී ප්‍රතිඥා දුන් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය නිවේදනයේ සඳහන් කරයි. එම ප්‍රතිඥා පිළිබඳව තමන් ""දැඩි අවධානයෙන් පසුවන"" බව සඳහන් කරන වෛද්‍ය සංගමය, ""සයිටම් අර්බුදය විසඳා රෝගීන්ට සුරක්ෂිත වෛද්‍යවරයෙකුගෙන් ��්‍රතිකාර ගැනීමේ අයිතිය සුරැකීම"" පිණිස ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව අවධාරණය කරයි. පසුගියදා බීබීසී සිංහල සේවය සමග විශේෂ සජීවී සාකච්ඡාවකට සහභාගි වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, සයිටම් අර්බුදය සහ පෞද්ගලික අධ්‍යාපනය පිළිබඳව සිය පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කළේය." -140108_us_state_department_lanka,https://www.bbc.com/sinhala/sri_lanka/2014/01/140108_us_state_department_lanka,ශ්‍රී ලංකාව ‘ප්‍රගතියක් අත් කොට ගෙන නෑ’,ජාතික සංහිඳියාව සහ වගකීම් සහගත බව පිළිබඳ ව සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කිරීමට අපොහොසත් වීම නිසා නැවත වතාවක් ශ්‍රී ලංකාව සම්බන්ධව යෝජනාවලියක් ගෙන ඒමට අනුග්‍රහය දක්වන බව එක්සත් ජනපදය ප්‍රකාශ කරයි.,"ශ්‍රී ලංකාවේ සිදු වන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳව ද එක්සත් ජනපදය තවදුරටත් සැලකිල්ලෙන් සිටින බවයි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා බීබීසී සංදේශයට කියා සිටියේ. ඉඩම් අත් පත් කර ගැනීම්, ආගමික මෙහෙයවීමෙන් කැරෙන ප්‍රහාර සහ මාධ්‍යවේදීන්ට පහර දීම් පිළිබඳ ව ශ්‍රී ලංකාව ‘ප්‍රමාණවත් ප්‍රගතියක් අත් කොට ගෙන නැති’ බව ඇය කියා සිටී. ‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ න්‍යාය පත්‍රය තුළ ශ්‍රී ලංකාව තවදුරටත් තැබිය යුතු බවට තක්සේරු කිරීමට මෙම යථාර්ථයන් විසින් එක්සත් ජනපදය පොළඹවා ඇති’ බවයි රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකාව සඳහන් කරන්නේ. ඉඩම් අත් පත් කර ගැනීමට එරෙහි පුල්මුඩේ උද්ඝෝෂණයක් ඇය මේ බව ප්‍රකාශ කළේ යුද අපරාධ පිළිබඳ චෝදනා ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයකින් විභාග කිරීමේ යෝජනාවක් එක්සත් ජාතීන් හමුවට ගෙන ඒමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කොට ඇතැයි දෙමළ ජාතික සන්ධානය කළ ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේදී. යුද අපරාධ පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමේ යෝජනාවක් එක්සත් ජාතීන් හමුවට මාර්තුවේ දී ගෙන ඒමේ සැලසුමක් ඇතැ’යි ශ්‍රී ලංකාවේ පස් දින සංචාරයක යෙදෙන යුද අපරාධ සම්බන්ධ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති ස්ටීවන් ජේ රැප් දෙමළ ජාතික සන්ධානයට දැනුම් දුන් බවයි එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා බීබීසී යට කියා සිටියේ. එල්ටීටීඊ ය සමඟ පැවති යුද්ධයේදී සිදු වූ බවට චෝදනා නැගෙන යුද අපරාධ සම්බන්ධයෙන් ස්වාධීන සහ විශ්වාසනීය වූ පරීක්ෂණයක් පවත්වන මෙන් එක්සත් ජනපදය දිගින් දිගටම ඉල්ලා තිබෙන බවද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්ත���ේන්තු ප්‍රකාශිකාව සිහිපත් කළාය. තානාපති ස්ටීවන් ජේ රැප් බදාදා උතුරේ දී, මහ ඇමැති සී වී විග්නේස්වරන්, ආණ්ඩුකාර ජී ඒ චන්ද්‍රසිරි, රායප්පු ජෝසප් රදගුරු තුමා ඇතුළු බහුජන නියෝජිතයන් මුණ ගැසී ඇති අතර උදයන් මාධ්‍ය ආයතනයට ද ගොස් තිබේ." -sri-lanka-41266198,https://www.bbc.com/sinhala/sri-lanka-41266198,ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමේ 'ප්‍රගතියක් නෑ',යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ බව පැවසෙන අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමෙහිලා එක්සත් ජාතීන්ට ලබා දුන් පොරොන්දු ඉටු කරන මෙන් ශ්‍රී ලංකාවට බල කරන මෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලීමක් කරයි.,"2015 ඔක්තෝබර් මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සම්මත කරන ලද යෝජනාවේ ඇතුළත් බොහෝ දේ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව මෙතෙක් අපොහොසත් වී ඇති බව පවසන හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) සංවිධානය, එබැවින් එය ක්‍රියාත්මක කරන මෙන් ශ්‍රී ලංකාවට බලපෑම් කරන මෙන් මානව හිමිකම් මණ්ඩලයේ සාමාජික රටවලින් ඉල්ලා සිටියි. අතුරුදහන්වූවන් සම්බන්ධ කාර්යාලය පිහිටුවීමේ ගැසට් නිවේදනය විශේෂයෙන්ම සංක්‍රාන්ති යුක්තිය සම්බන්ධ ක්ෂේත්‍ර හතරට අදාල ප්‍රතිඥා කවර කාල සීමාවක් ඇතුළත ඉටු කරන්නේ දැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා ආණ්ඩුව කාලසටහනක් සහිත සැලසුමක් ප්‍රකාශයට පත් කළ යුතු බව ද නිව්යෝක් නුවර මූලස්ථාන කරගත් මානව හිමිකම් සංවිධානය අවධාරණය කරයි. පසුගිය සඳුදා මානව හිමිකම් මණ්ඩලයේ 36 වෙනි සැසිවාරය ආරම්භ කරමින් අදහස් දැක්වූ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සයීඩ් අල් රාඩ් හුසේන් කුමරු, අතුරුදහන්වූවන් සම්බන්ධ කාර්යාලය (OMP) ඉක්මනින් ක්‍රියාවට නගන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. එම කාර්යාලය පිහිටුවීම සම්බන්ධ පනත පසුගිය වසරේ අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුවේ සම්මත වූ නමුත් ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද සංශෝධනය සම්මත කෙරුනේ මේ වසරේ ජුනි මාසයේදීය. එයින් මාසයකට පමණ පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එයට අත්සන් තැබූ අතර, අතුරුදහන්වූවන් සම්බන්ධ කාර්යාලය පිහිටුවීමේ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කෙරුණේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරය ආරම්භ වූ පසුගිය සඳුදාය. (සැප්තැම්බර් 11) එම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කිරීම සඳහා ජනාධිපතිවරයාට මාස 18 ක කාලයක් ගත වූ බව හියුමන් රයිට්ස් වොච් ස��විධානය පෙන්වාදෙයි. අතුරුදහන්වූවන් සම්බන්ධ කාර්යාලය පිහිටුවීම මෙන්ම ශ්‍රී ලංකා හමුදාව උතුරේ ජනතාවගෙන් අත්පත් කරගත් ඉඩම් ආපසු භාරදී, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන සිටින පුද්ගලයන් සම්බන්ධ නඩු විභාග කඩිනම් කරමින් උතුරේ ජනතාව සමග විශ්වාසය තහවුරු කිරීමේ අවශ්‍යතාව ද මහ කොමසාරිස්වරයා සිය දේශනයේදී පෙන්වා දුන්නේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර, ඒ වෙනුවට වෙනත් පනතක් සම්මත කිරීමේ අවශ්‍යතාව මහ කොමසාරිස්වරයා මෙන්ම මෑතදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ යුරෝපා කොමිසමේ දූත පිරිසක් ද අවධාරණය කර තිබේ. පසුගිය මාර්තු මාසයේ පැවති සැසිවාරයේදී යෝජනාව ක්‍රියාත්මක කිරීමේ කාල නියමය තවත් වසර දෙකකින් දීර්ඝ කෙරිණ යුද සමයේ සිදු වූ බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝන පිළිබඳව සංක්‍රාන්ති යුක්තිය ඉටුකිරීම සම්බන්ධ ක්‍රියාදාමය ""මානව හිමිකම් මණ්ඩලය සැනසීම සඳහා කරන, වගකීම් ඉටු කළ බව පෙන්වීමේ ක්‍රියාදාමයක්,"" නොවිය යුතු බව සඳහන් කරන මහ කොමසාරිස් සයීඩ් අල් රාඩ් හුසේන්, ඒ වෙනුවට එය ශ්‍රී ලංකාවේ සියලුම ජාතීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ ක්‍රියාදාමයක් විය යුතු බව අවධාරණය කරයි. යුද අපරාධ චෝදනා පිළිබඳව විභාග කිරීම පිණිස ඉතා ඉක්මනින්ම විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන බව 2015 මාර්තු මාසයේ බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිවේදනය කළේය. කෙසේ නමුත් එවැනි පරීක්ෂණ කමිටුවක් තවමත් පත් කර නැත. සංහිඳියා යාන්ත්‍රණ සඳහා වූ කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසා ඉදිරිපත් කළ වාර්තාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කළේය යුද සමයේ බරපතල මානව හිමිකම් උල්ලංඝන චෝදනා සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කිරීමෙහිලා ""විශ්වසනීය ක්‍රියාදාමයක්"" ඇතිකිරීමට ශ්‍රී ලංකාව අපොහොසත්වීම හමුවේ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාව දැඩිව මතුවන බව ද මහ කොමසාරිස් සයීඩ් අල් හුසේන් පවසයි. යුද්ධයෙන් පීඩා විඳි ශ්‍රී ලංකාවාසීන්ට සාධාරණය ඉටු කිරීම පිණිස මානව හිමිකම් මණ්ඩල යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හියුමන් රයිට්ස් වොච් සංවිධානය අවධාරණය කරයි. ඒ වෙනුවට එය ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පිණිස ආණ්ඩුව විසින් පත්කරන ලද සංහිඳියා යාන්ත්‍රණ සඳහා වූ කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසා ඉදිරිපත් කළ වාර්තාව ආණ්ඩ��ව ප්‍රතික්ෂේප කළ බව ද එම සංවිධානය සිහිපත් කරයි." -140906_lanka_aids_std,https://www.bbc.com/sinhala/sri_lanka/2014/09/140906_lanka_aids_std,පාසල් ළමුන් අතරත් ඒඩ්ස් පැතිරීමේ අවදානමක්,ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝගීන්ගේ යම් වැඩි වීමක් පසුගිය වසර කිහිපයේ දක්නට ලැබෙන බව ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.,"පාසල් ළමුන් අතරත් ඒඩ්ස් පැතිරීමේ අවදානමක් මතු ව ඇති බවයි ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ සංදේශය සමග සාකච්ඡාවකට එක් වෙමින් පෙන්වා දෙන්නේ. අනාරක්ෂිත ලිංගික හැසිරීම් වල වැඩි වීමත් ඒඩ්ස් වැළඳී තිබේ දැයි කරන පරීක්ෂණ සංඛ්‍යාව වැඩි වීමත් සමඟ ශ්‍රී ලංකාවේ පසුගිය වසරවල ඒඩ්ස් ආසාදිත රෝගීන්ගේ ප්‍රමාණයේ යම් වැඩි වීමක් පෙන්නුම් කිරීමට හේතු වී ඇති බවයි ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ පවසන්නේ. 2013 වසරේ ඒඩ්ස් රෝගීන් 196 දෙනෙක් ද 2012 වසරේ දී රෝගීන් 180 දෙනෙක් ද ඒඩ්ස් මර්දන වැඩසටහනට වාර්තා වී තිබෙන අතර මෙම වසරේ මුල් මාස හය ඇතුළත පමණක් හදුනාගත් රෝගීන් සංඛ්‍යාව 110 ක් වන බවත් වෛද්‍යවරයා පවසයි. ""අනාරක්ෂිත ලිංගික හැසිරීම තමයි හුඟක් බලපාන්නේ. මොකද ? ආසාදිතයන්ගෙන් 95% ම ඒ හේතුවෙන් රෝගයට ගොදුරු වූවන්. ඒ නිසා අපේ රටේ ඒඩ්ස් රෝගය වැඩි වීමට හේතුව අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා වැඩි වීමයි "" අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ පෙන්වා දෙයි. බාලවයස්කරුවන් අතරත් වයස අවුරුදු 15 - 25 අතර කාණ්ඩයේ රෝගීන්ගේ වැඩි වීමක් ද දක්නට ලැබෙන බව පැවසූ අධ්‍යක්ෂවරයා එයින් පෙන්නුම් කෙරෙන්නේ පාසල් ළමුන් අතරත් ඒඩ්ස් වෛරසය පැතිරීමේ අවදානමක් තිබීම බවයි කියා සිටින්නේ. “අපි එවැනි රෝගීන් සොයා ගන්න කොට ඔවුන්ගේ වයස අවුරුදු 20-21 වුනාට රෝගය ඔවුන්ට වැළඳෙන්නේ අවුරුදු 4 කට 5කට කලින්.ඒ වයස තමයි පුද්ගලයෙක් ලිංගික ව සක්‍රීය වන වයස් කාණ්ඩය, ලංකාවේ පෙර පටන් ම විවාහයට පෙර ලිංගික සම්බන්ධතා තිබුණා. මම හිතන්නේ එම ප්‍රවණතාව දැන් තවත් වැඩි වෙලා ඇති"" වෛද්‍ය සිසිර ලියනගේ පවසයි. ශ්‍රී ලංකාවේ පසුගිය වසරේ පමණක් ඒඩ්ස් ආසාදනය වී තිබේ දැයි සොයා බැලීමට පුද්ගලයන් ලක්ෂ අටක් පමණ පරීක්ෂණ සිදු කර ගෙන ඇති බව පැවසූ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ යම් කෙනෙකු අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වා තිබෙනවා නම් ඔවුන් ඒඩ්ස් පරික්ෂාව සිදු කර ගැනීම වැදගත් බව පෙන්වා දෙයි. නොමිලේ පරීක්ෂණ "" අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා තමන් පවත්වනු ලැබුවා නම් තමන් දන්නවනේ තමන්ට මේක බෝවෙන්න හැකියි කියලා, පෞද්ගලික රෝහල්වලිනුත් රුධිරය පරික්ෂා කර ගන්න පුළුවන්. ආණ්ඩුවේ ඒකක වලට ආවොත් නොමිලේ පරීක්‍ෂා කර ගන්න පුළුවන්, රහස්‍ය භාවයත් රකිනවා"" වෛද්‍යවරයා ජනතාවට දැනුම් දෙයි. ""බිරිඳ සමග පවත්වන ලිංගික සම්බන්ධකම තමයි අපි එක් අයකුට සීමා වූ සම්බන්ධය හැටියට පවත්වන්නේ, එහෙම නැතිව ලිංගික සම්බන්ධතා එක අයකුට විතරක් සීමා වෙන්නේ නැත්නම් ඒ වගේම ‘කොන්ඩම්’ භාවිතා කරන්නේ නැත්නම් එක අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයක්"" ඔහු වැඩි දුරටත් පවසයි. hiv වෛරසය ආසාදිත කාන්තාවක් 2013 වසරේ කරණ ලද සමීක්ෂණයක් අනුව ශ්‍රී ලංකාවේ ස්ථානගතව ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් 15,000 - 20,000 අතර ප්‍රමාණයක් සිටින බව පවසන ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂවරයා, තවත් බොහෝ දෙනා ‘ෆේස් බුක්’ වැනි නව තාක්ෂණ යොදා ගෙන ඇති කර ගනු ලබන සම්බන්ධතා ඔස්සේ ලිංගික වෘත්තියේ යෙදෙන බවයි පවසන්නේ. සමලිංගික සබඳතා ප්‍රවේශමෙන් දැනට වාර්තා වී ඇති ඒඩ්ස් රෝගීන්ගෙන් වැඩි දෙනා පුරුෂයන් බවත් සම ලිංගික ලිංගික සම්බන්ධතා පවත්වන පුරුෂයන්ට ද ඒඩ්ස් වෛරසය ආසාදනය වීමේ අවදානම වැඩි බවත් ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙයි. 2010 වර්ෂයේ ජාතික ඇස්තමේන්තුවට අනුව සම ලිංගික සම්බන්ධතා පවත්වන පුරුෂයන් 24,000 - 37,000 අතර සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ සිටින බවයි වාර්තා වී තිබෙන්නේ. “ලිංගික වෘත්තියේ යෙදීමට අවශ්‍ය නම් ඒ හැම විටම ‘කොන්ඩම්’ එකක් අනිවාර්යයෙන් භාවිතා කරන්න "" ඒ බව ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ පණිවුඩයයි." -141027_lanka_lssp_elections,https://www.bbc.com/sinhala/sri_lanka/2014/10/141027_lanka_lssp_elections,සම සමාජය දෙකඩ වේද?,ජනාධිපතිවරණයකට නොගොස් ඉන් පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන මෙන් ඉල්ලා සිටි ලංකා සම සමාජ පක්ෂයේ නායකත්වය ඊයේ ඉරිදා හදිසියේම එම පිළිවෙතෙන් බැහැර වීම පක්ෂය දෙකඩ වීමේ තත්වයක් කරා වර්ධනය වෙමින් පවතී.,"මහාචාර්ය තිස්ස විතාරණ සහ නීතිඥ ලාල් විජේනායක. ඉරිදා පැවැත්වුන සම සමාජ මධ්‍ය කාරක සභා රැස්වීමේ දී මීළඟ ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූර අපේක්ෂකයාට සහයෝගය දිය යුතු බවට නායකත්වය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත කර ගත අතර ඉන් අනතුරුවයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් අතර මත ගැටුමක් ආරම්භ වී තිබෙන්නේ. පක්ෂ අභ්‍යන්තරයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් රැසක විරෝධය නොතකා නායකත්වය විසින් එම යෝජනාව සම්මත කර ගනු ලැබුණ බවයි, ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලන මණඩල සභික නීතිඥ ලාල් විජේනායක බීබීසියට ප්‍රකාශ කළේ. ජ්‍යෙෂ්ඨයන්ගේ විරෝධය නොතකා ‘ඉරිදා න්‍යාය පත්‍රයට එවැනි සැලැස්මක් ඇතුළත් වුණේ නැහැ. ඒත් පක්ෂ නායක මහාචාර්ය තිස්ස විතාරණ ගේ අවශ්‍යතාව අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහයෝගය දීමේ යෝජනාවක් ඉදිරිපත් කරලා අපේ විරෝධතාවය නොතකා කඩිමුඩියේම එය සම්මත කර ගත්තා’ නීතිඥ ලාල් විජේනායක පවසයි. තිස්ස විතාරණ සහ ජනාධිපතිවරයා එම ක්‍රියාමාර්ගය සම සමාජ පක්ෂය විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය සම්බන්ධයෙන් දරන ස්ථාවරයට මෙන් ම පක්ෂයේ ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිපත්තියට ද පටහැණි බව පෙන්වා දුන් නීතිඥ ලාල් විජේනායක, එවැනි පියවරක් ගනු ලැබුණේ ‘පිටස්තර බලපෑමකට යට වීමෙන්ය’ යන්න තම විශ්වාසය බවත් අවධාරණය කරයි. පක්ෂ සම්මේලනයක් කැඳවනු ලැබීමෙන් තොරව ගනු ලැබුණ ඉහත කී පියවර සම සමාජ සම්ප්‍රදාය උල්ලංඝනය කිරීමක් බව කියා සිටි නීතිඥ ලාල් විජේනායක පක්ෂ නායකත්වය කවර තීන්දුවක් ගනු ලැබ ඇතත් ඉදිරි ජනාධිපතිවරණයක දී විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය අහෝසි කිරීමට ප්‍රතිඥා දෙන පොදු අපේක්ෂකයකුට තම කණ්ඩායමේ සහයෝගය ලැබෙන බවයි සඳහන් කළේ. සම සමාජ ව්‍යාපාරයේ අති බහුතර සාමාජිකත්වය තම මතයේ සිටින බවත් නීතිඥ ලාල් විජේනායක කියා සිටී. නායකත්වයේ අපේක්ෂා උද්ගත වී ඇති තත්වය සම්බන්ධයෙන් බීබීසිය සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණගෙන් විමසීමක් කළ විට ඔහු කියා සිටියේ පක්ෂ මධ්‍යම කාරක සභාවේ බහුතර ඡන්දයෙන් එකී යෝජනාව සම්මත කර ගත් බවයි. තව දුරටත් අදහස් පැහැදිලි කළ ඇමතිවරයා,මෙම තත්වය හමුවේ පක්ෂය දෙකඩ නොවනු ඇතැයි බලාපොරොත්තු තබන බවත් විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමය පිළිබඳව පක්ෂයේ ස්ථාවරය ජනාධිපතිවරයාට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාට ලිඛිතව ඉදිරිපත් කර ඇති අතර ඉදිරි කාලයෙහි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අවස්ථාවක් තමන්ට ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු තබන බවත් කියා සිටියේය." -sri-lanka-42775184,https://www.bbc.com/sinhala/sri-lanka-42775184,"""විෂ සහිත භාණ්ඩ"" විනාශ කළේ ""නීති ගරුක වෙළෙඳුන් ආරක්ෂා කිරීමට""",2017 දී නීති විරෝධී ලෙස රට තුළට ආනයනය කළ රුපියල් ලක්ෂ 310ක් වටිනා භාණ්ඩ ශ්‍රී ලංකා රේගුව විසින් ප්‍රසිද්ධියේ විනාශ කරන ලදි.,"ශ්‍රී ලංකා රේගුවේ බුද්ධිමය දේපල අයිතීන් සම්බන්ධ නීති බලාත්මක කිරීමේ අංශය මගින් 2017 වසරේ අත්අඩංගුවට ග��න තිබුණු මෙම භාණ්ඩ තොගය, සඳුදා (ජනවාරි 22) ඔරුගොඩවත්ත බහලුම් අංගනයේදී විනාශ කෙරුනි. ප්‍රසිද්ධ සන්නාම නමින් ගෙන් වූ ව්‍යාජ භාණ්ඩ රැසක් මෙලෙස විනාශ කෙරුණු අතර පාසල් උපකරණ, සෙල්ලම් බඩු, ජංගම දුරකථන අමතර කොටස් සහ වාහන අමතර කොටස් ද ඒ අතර විය. මෙම බොහෝ උපකරණ නිෂ්පාදනය කර තිබුණේ ලොව ප්‍රසිද්ධ සමාගම් වල සන්නාම නමිනි. එම උපකරණ බහුතරයක් විනාශ කෙරුනේ, ගල් රෝලක් යොදාගෙන තලා දැමීමෙනි. ""රේගු පනත හා බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කරමින් ගෙනාපු උපකරණ තමයි අපි අද විනාශ කළේ,"" යනුවෙන් රේගුවේ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න භාණ්ඩ විනාශ කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. එහි ප්‍රධාන අරමුණ නීති ගරුකව රට තුළට මුල් නිෂ්පාදන ආනයනය කරන වෙළෙන්දන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඔහු පැවසීය. මෙවැනි භාණ්ඩ නිරපරාදේ විනාශ නොකර නැවත භාවිතයට ගත හැකි නේදැයි නැගෙන ප්‍රශ්නයට ද රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න එහිදී පිළිතුරු ලබා දුන්නේය. ""නිරන්තරයෙන්ම වෙළෙඳපොළවල ගොඩගහල තියෙනවා මේ බාල භාණ්ඩ, මුල් නිෂ්පාදනයට සමාන භාණ්ඩ. මේවා පිළිකා කාරක භාණ්ඩ. මේ පාසල් වලට භාවිත කරන පැන්සල් පෙට්ටි කවකටු පෙට්ටි ඉතා බාල වර්ගයේ අධික විෂ සහිත ප්ලාස්ටික් යොදාගෙන හදපු ඒවා."" ""මේ බාල ජංගම දුරකථන අමතර කොටස් පුපුරලා වෙන හානි අපි දැකල තියෙනවා. මේක සෞඛ්‍යයටත් විශාල වශයෙන් බලපාන දෙයක්,"" ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. එබැවින් බුද්ධිමය දේපල අයිතීන් උල්ලංඝනය කරමින් භාණ්ඩ ආනයනය කිරීමක් සිදුවන්නේ නම් ඒ ගැන පැමිණිලි තමන්ට ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා රේගුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. තවත් කියවන්න:" -151111_sp_rajitha_avant_garde,https://www.bbc.com/sinhala/sri_lanka/2015/11/151111_sp_rajitha_avant_garde,ඇවන්ට්ගාඩ් සමාගම තහනම් කිරීමට 'ජනපති නියෝග',"ඇවන්ට්ගාඩ් සමාගම තහනම් කර, එම සමාගමට පවරා දී තිබුණ සියලු ව්‍යාපාරික කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවට පවරා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කළ බව අමාත්‍ය රාජිත සේනාරත්න බීබීසී සංදේශයට පැවසීය.","'ජනාධිපතිතුමා තීන්දු කළා සමාගම තහනම් කරලා ඒ සියලුම කටයුතු නාවික හමුදාවට පවරා දෙන්න' (ඡායාරූපය: සනත් පතිරණ) ඇවන්ට්ගාඩ් සමාගම නීතිවිරෝධී මංකොල්ලයක යෙදී ඇති බව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන විශේෂ රැස්වීමේදී අනාවරණය වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ""නාවික හමුදාපතිතුමා භාරගත්ත ඒක එතුමාට කරන්න පුළුවන් වේවි කියල,"" අමාත්‍යවරයා පැවසීය. 'සියලු කරුණු හෙළිදරවු වුනා. මේක මහා නීති විරෝධී, මහ මංකොල්ලයක් බව හෙළිදරවු වුනා' එමෙන්ම ඇවන්ට්ගාඩ් ආරක්ෂක සමාගම මෙතෙක් පවත්වාගෙන ගිය ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් නීත්පතිවරයා සමග එක්ව වහාම පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා මෙන් ජනාධිපතිවරයා පොලිස්පති එන්කේ ඉලංගකෝන් ට නියෝග කළ බවත් අමාත්‍ය සේනාරත්න සඳහන් කළේය. ආරක්ෂක ලේකම්වරයා ප්‍රමුඛ ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන්, සමාගම පිළිබඳවද පරීක්ෂා කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යාංශය විසින් පත්කරන ලද කමිටුවේ සභාපතිවරයා, නාවික හමුදාපතිවරයා, රක්නා ලංකා සමාගමේ සභාපතිවරයා, විධායක අධ්‍යක්ෂ සහ සාමාන්‍යාධිකාරීවරයා, පොලිස්පතිවරයා, රහස් පොලිස් නිලධාරීන්, මූල්‍ය වංචා විමර්ශන අංශයේ නිලධාරීන්, නීතිපතිවරයාගේ නියෝජිතයා මෙන්ම චම්පික රණවක, අර්ජුන රණතුංග, සහ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරුන් සමඟ තමන්ද එම රැස්වීමට සහභාගි වූ බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම විශේෂ රැස්වීමට සහභාගී වී සිටියත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කිසිදු අදහස් පළ කිරීමක් නොකළ බවයි කැබිනට් ප්‍රකාශකවරයා කියා සිටියේ. ""සියලු කරුණු හෙළිදරවු වුනා. මේක මහා නීති විරෝධී, මහ මංකොල්ලයක් බව හෙළිදරවු වුනා,"" අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය." -150722_pp_oldest_koran,https://www.bbc.com/sinhala/world/2015/07/150722_pp_oldest_koran,ලොව පැරණිම කුරානය එංගලන්තයෙන්,ලෝකයේ පැරණිම කුරානය එංගලන්තයේ බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ පුස්තකාලයෙන් සොයා ගනියි.,රේඩියෝ කාබන් විකිරණ යොදා ගනිමින් කළ කාලය නිර්නනය කිරීමේ පරික්ෂාවකට පසු මෙම කුරාන ලේඛනය වසර එක්දහස් තුන්සිය හැත්තෑවකට වඩා පැරණි බව සොයා ගෙන තිබේ. බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ පුස්තකාලය තුළ පැරණි ලේඛන අතර මෙම ශූද්ධ වූ කුරානය සියවසකටත් වැඩි කාලයක් සැඟව ගොස් තිබිණ. එතරම් කාලයකට පසු එම ලේඛනය සොයා ගැනීමට හැකි වීම ඉතා විශ්මිත අත්දැකීමක් වන අතර මෙම පුවත ලොව පුරා ඉස්ලාම් ලබ්ධිකයින් සතුටට පත් කරනු ඇති බවයි බ්‍රිතාන්‍ය පුස්තකාල ලේඛන පිලිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය මුහම්මද් ඉසා වේලි පවසන්නේ. රේඩියෝ කාබන් විකිරණ පරීක්ෂණ පුස්තකාලයේ මැද පෙරදිග අනෙකුත් පැරණි ලේඛන අතර තිබී සොයා ගැනුණු මෙම කුරානයේ පිටපත දැනට වාර්තා වී ඇති පැරණි කුරාන පිටපත් වලින් පැරණිම පිටපත ලෙස සැලකිය හැකි බවයි වාර්තා වෙන්නේ. ���ංගලන්තයේ බර්මින්හැම් විශ්ව විද්‍යාලය එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ රේඩියෝ කාබන් විකිරණ අංශයෙන් සිදු කරනු ලැබූ පරීක්ෂණ වලින් හෙළි වී තිබෙන්නේ ලේඛනයේ පිටු බැටළුවන් හෝ එළුවන්ගේ සම යොදා ගෙන නිමවා තිබෙන බවයි. මෙම ලේඛනය දැනට ආරක්ෂිතව පවතින පැරණිම කුරාන් පිටපත් වලින් එකක් බව සනාථ වී තිබේ. සිදු කරනු ලැබූ රේඩියෝ කාබන් විකිරණ පරීක්ෂණ වලින් ලේඛනයේ කාලය නිර්ණය කිරීමට 95% ක් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වූ බව පවසන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විශේෂඥයන් කණ්ඩායම පවසන්නේ ක්‍රි.ව 568 ත් ක්‍රි.ව 645 ත් අතර මෙය ලියැවී ඇති බවයි. ඉස්ලාම් ප්‍රවාදය ඉස්ලාම් ප්‍රවාදයන්ට අනුව මොහොමඩ් නබිනායක තුමා විසින් හෙළිදරව් කරන ලද ඉස්ලාම් ආගමික ධර්ම ග්‍රන්ථය ඔහුගේ මරණය සිදුවූ ක්‍රි.ව 610 ත් ක්‍රි.ව 632 ත් අතර කාලය තුල ලියවී තිබෙන බවටයි විශ්වාස කෙරෙන්නේ. බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මුහම්මද් ඉසා වේලි පවසන්නේ ඉස්ලාම් ප්‍රවාදය සහ මෙම ලේඛනය කෙතරම් පැරණිද යන්න සසඳන විට මෙම කුරාන පිටපත ලියන ලද පුද්ගලයා මොහොමඩ් නබිනායක තුමා ජීවත්ව සිටි කාලයේ ඔහු දේශනා කළ ධර්මයේ අභාෂය ලබමින් මෙය ලේඛන ගත කළ බව විශ්වාස කළ හැකි බවයි. නව ඉරාකයේ මොසුල් ප්‍රදේශයේ උපත ලද බවට විශ්වාස කෙරෙන ඇල්ෆෝන්ස් මින්ගානා නම් පුජකවරයා විසින් 1920 දී සොයා ගනු ලැබූ වසර 3000කට වඩා පැරණි මැද පෙරදිග ලේඛන එකතුවක් බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ මින්ගානා එකතුව නමින් නම් කර ගබඩා කර තිබූ අතර මෙම පැරණිම කුරාන පිටපත ඉන් එක් ලේඛනයකි. ලෝකයේ පැරණිම චොක්ලට් නිෂ්පාදනයේ කොටස්කරුවෙකු වූ එඩ්වඩ් කැඩ්බරි විසින් සැපයූ මුල්‍ය ප්‍රතිපාදන සහ දෙනු ලැබූ උපදෙස් පරිදි මැදපෙරදිග සංචාරයන්ට එක්වූ ඇල්ෆෝන්ස් මින්ගානා නම් පුජකවරයා විසින් මැදපෙරදිග ඉතිරිව තිබූ පැරණිම ලේඛන එකතු කළ බවයි පැවසෙන්නේ. -141123_puttalam_unp_attack,https://www.bbc.com/sinhala/sri_lanka/2014/11/141123_puttalam_unp_attack,එජාප ආධාරකරුවන්ට වෙඩි ප්‍රහාර,පුත්තලම දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් දෙදෙනකුගේ නිවෙස් වලට ඉරිදා උදෑසන වෙඩි ප්‍රහාර එල්ල වේ.,මාදම්පේ පිහිටි තම නිවසට ඉරිදා අලුයම අවස්ථා දෙකක දී වෙඩි ප්‍රහාර එල්ල වූ බව එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරියෙක් වන මිල්ටන් සුබසිංහ පැවසුවේය. පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා බව ප්‍රකාශයට පත් වීමත් සමග මිල්ටන් ස��බසිංහ ඇතුළු පිරිසක් ඊට සතුට ප්‍රකාශ කරමින් රතිඤ්ඤා දල්වමින් ප්‍රීතිය පළ කර තිබේ. වෙඩි ප්‍රහාර වලින් කිසිවෙක් තුවාල ලබා නොමැති බවයි ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න සංදේශයට කියා සිටියේ. වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් සොයා මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබේ. -world-40963345,https://www.bbc.com/sinhala/world-40963345,දූෂණය කෙරුණු දස හැවිරිදි දැරිය දරුවෙකු බිහි කරයි,දූෂණයට ලක්වීමෙන් අනතුරුව දරු ගැබ ගබ්සා කිරීමට අධිකරණයේ අනුමැතිය නොලැබුණු දස හැවිරිදි ඉන්දීය දැරියක සිය දරුවා බිහි කළාය.,"2015 වසර ඇතුළත ඉන්දියාවේ ළමුන් 10,000කට අධික පිරිසක් දූෂණයට ලක්වී තිබේ තමන් දරුවෙකු බිහි කළ මවක බව දැරියට තවමත් වැටහීමක් නැත. ගැබ් ගෙන සිටි කාලය ඇතුළත දෙමාපියන් ඇතුලු වැඩිහිටියන් දැරියට පවසා තිබෙන්නේ කුස තුළ විශාල ගල් කැබැල්ලක් සිරවීම හේතුවෙන් අයගේ උදරය පිම්බී තිබෙන බවය. චන්දිගාර් නුවර රෝහලකදී සිදු කරන ලද සිසේරියන් සැත්කමකින් අනතුරුව එම දැරිය කිලෝග්‍රෑම් 2.5 ක් (රාත්තල් 5.5 ක්) බරැති බිලිඳියක බිහි කර තිබේ. සබැඳි යොමු: මවත්, බිලිඳාත් දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් බලධාරීහු බීබීසී යට පැවසූහ. පසුගිය මාස හත ඇතුළත සිය මාමා කෙනෙකු විසින් කිහිප වතාවක්ම තමන් දූෂණය කළ බව දැරිය පවසන්නීය. චුදිත ඥාතියා දැන් අත්අඩංගුවේ පසු වේ. ඇය ගැබ් ගෙන තිබෙන බව පසුගිය ජුලි මාසයේ අනාවරණය වූයේ උදරයේ වේදනාවක් පිළිබඳව ඇය වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීය. ඉන් අනතුරුව දරු ගැබ ගබ්සා කිරීමට අවසර දෙන මෙන් දෙමාපියන කළ ඉල්ලීම චන්දිගාර් නුවර අධිකරණයක් ප්‍රතික්ෂේප කළේ ඒ වනවිට දරු ගැබ මෝරා තිබුණු බැවින් එය ගබ්සා කිරීම ""ඉතා අනතුරුදායක"" විය හැකි බවට වෛද්‍ය විශේෂඥයන් අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීමෙන් අනතුරුවය. දෙමාපියෝ 'එපා' කියති එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කෙරුණු නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ද පහළ අධිකරණයේ තීන්දුව අනුමත කළේය. බිලිඳිය සති 35 ක් ඇතුළත උපත ලබා තිබෙන බැවින්, ඉදිරි සති කිහිපය ඇය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රඳවා තැබීමට නියමිත බව බීබීසී යේ ගීතා පාන්ඩේ දිල්ලි අගනුවර සිට වාර්තා කරයි. තමන්ට බිලිඳා අනවශ්‍ය බවට මුල සිටම කියා සිටි දැරියගේ දෙමාපියන් බිලිඳිය ගැන කිසිදු තැකීමක් නොකළ බව ද බීබීසී වාර්තාකාරිය පවසයි. එබැවින් ඇය හදා වඩා ගැනීම පිණිස භාර දෙන තුරු ළමාසුභසාධක කම��ටුවක් විසින් ඇය රැක බලාගැනීමට නියමිතය. ඉන්දියාවේ ළමා අපයෝජන:" -151023_hrw_police,https://www.bbc.com/sinhala/world/2015/10/151023_hrw_police,පොලිස් වද බන්ධන දිගටම: හියුමන් රයිට්ස් වොච්,"ශ්‍රී ලංකා පොලීසිය අත් අඩංගුවේ සිටින අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් නිතර වධ බන්ධනවලට ලක් කරන බවත් ඔවුන් පීඩාවට පත් කරන බවත් ""හියුමන් රයිට්ස් වොච්"" (Human Rights Watch), මානව හිමිකම් සංවිධානය අද,සිකුරාදා වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියි.","පිටු 59 කින් යුත් ශ්‍රී ලංකාව සම්බන්ධ එම වාර්තාව නම් කොට තිබෙන්නේ “We Live in Constant Fear’: Lack of Accountability for Police Abuse in Sri Lanka” – “අපි නිරන්තර බියෙන් ජීවත් වන්නෙමු : පොලිස් අපචාර වලට වගවීමක් නැත” යනුවෙන්. ශ්‍රී ලංකා සමාජය පුරා විහිද ඇති මෙම විනාශකාරී පොලිස් අපචාර වැළැක්වීම පිණිස බලධාරීන් විසින් ස්වාධීන අධීක්ෂණ අධිකාරියක් පිහිටුවිය යුතු බව එම සංවිධානය ප්‍රකාශ කරයි. අපරාධ සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව පොලීසිය විසින් යොදා ගනු ලබන විවිධ වධ බන්ධන ක්‍රමවේදයන් එම වාර්තාවේ සඳහන් කොට තිබේ. බරපතළ ලෙස පහරදීම්, විදුලි සැර ඇල්ලීම, වේදනාව ගෙන දෙන සිරුරේ කොටස්වලින් එල්ලා තැබීම සහ ලිංගික ප්‍රදේශයේ සහ ඇස්වල ඇඹරූ මිරිස් ඇතිල්ලීම මේ අතර වෙයි. එම වධ බන්ධනවලට ලක් වන පුද්ගලයන්ගේ ඥාතීන් වසර ගණන් සාධාරණය ඉටු වන තෙක් බලා සිටියත් යුක්තිය ඉටු නොවන බවයි ""හියුමන් රයිට්ස් වොච්"" (Human Rights Watch) සංවිධානය පෙන්වා දෙන්නේ. පාපොච්චරණ ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය වධ බන්ධන පැමිණවීම සාමාන්‍ය දෙයක් ලෙස සලකන බවයි සංවිධානයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂ බ්‍රැඩ් ඇඩම්ස් (Brad Adams) ප්‍රකාශ කළේ. මීට කලින් අවස්ථාවල දී යුද්ධය පැවතී සමයේ සුළුතර දෙමළ ජාතිකයන්ට අත්විඳීමට සිදුවූ වධ බන්ධන පිළිබඳව අවධානය යොමු කළ බව සඳහන් කරන ""හියුමන් රයිට්ස් වොච්"" (Human Rights Watch) සංවිධානය මෙම වාර්තාව මගින් බහුතර සිංහල ජනතාව පොලිසියෙන් සිදු වන වධ හිංසා පැමිණවීම් වලට හසුවී ඇති ආකාරය පෙන්නුම් කරන බව කියා සිටී. වරින් වර පැමිණි රජයන් විසින් සංශෝධන ඇති කරන බවට ප්‍රතිඥා දුන්නත් අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් ට එරෙහිව කෙරෙන හිංසනකාරී ක්‍රියා පිළිවෙත දිගටම සිදු කෙරෙමින් තිබෙන බවයි වාර්තාවේ සඳහන් වන්නේ. සැකකරුවන්ට ඔවුන් අත්අඩංගුවට ගත් හේතු නොදන්වා සිටින බවත් පොලීසිය එසේ අත් අඩංගුවට ගැනීම සාධාරණීයකරණය කිරීම සඳහා සමහරවිට බොරු චෝදනා ඉදිරිපත් කරන බවත් හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) ��ංවිධානය පවසයි. ඉන් අනතුරව විෂමාචාර ප්‍රශ්න කිරීමේ ක්‍රියාවලට පෙළඹෙන බවත් එය පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ පවත්නා නීතියට අනුව සැකකරුවන් පැය 24 ඇතුළත මහේස්ත්‍රාත්වරයකු ඉදිරියට පැමිණවිය යුතු නමුත් බොහෝවිට එසේ නොකෙරෙන බවයි සංවිධානය පවසන්නේ. පවුලේ සාමාජිකයන්ටද සාමාන්‍යයෙන් අත්අඩංගුවට ගත් බව බොහෝවිට දැනුම් නොදෙන බවත් පවුලේ සාමාජිකයන්ට ඔවුන් හමුවීමට ඉඩ ලබා නොදෙන බවත් මානව හිමිකම් සංවිධානය පවසයි. එසේම සැකකරුවන්ට නීතිඥයන් හමුවීමට ඇති අවස්ථාව ද නොමැති බව සඳහන් කරණ ""හියුමන් රයිට්ස් වොච්""(Human Rights Watch) සංවිධානය, සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන ආකාරයේ වෛද්‍යවරුන් මගින් පරීක්ෂා කිරීම වැනි ක්‍රියාවලියක් සිදු වන්නේ පිළිවෙලක් නොමැතිව හෝ ආවාට ගියාට සිදුවන ආකාරයට බව ප්‍රකාශ කරයි. එනමුත් ශ්‍රී ලංකා පොලිසිය එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි. වදබන්ධනවලින් වැලකීම සහ මානව හිමිකම් සුරැකීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ට ක්‍රමවත් පුහුණුවක් ලබාදෙන බවයි පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ." -38782179,https://www.bbc.com/sinhala/38782179,බැඳුම්කර වාර්තාව: 'මුදල් ඇමති වැරදියි',පසුගිය වසර අට ඇතුළත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැඳුම්කර සම්බන්ධයෙන් ඉල්ලා සිටි වාර්තාවක් තමන්ට ලබා නොදී COPE පොදු ව්‍යාපාර කාරක සභාවට ලබා දී ඇති බවට මුදල් අමාත්‍ය රවි කරුණානායක කරන චෝදනාව 'වැරදි ප්‍රකාශයක්' බව විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසයි.,"""මේ විගණකාධිපති හිතුමතේ, තමන්ගේ කාර්යභාරය ඉක්මවා ගිහිල්ලා කටයුතු කරලා තියෙනව කියන එක පේන්න තියන සාධකයක්. මේක අහන දේට උත්තර දෙන්නේ නැතිව වෙනින් තැනකට ගිහිල්ල උත්තර දෙනවා,"" යනුවෙන් අමාත්‍ය රවි කරුණානායක පසුගිය බදාදා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය. එහෙත් එය 'වැරදි ප්‍රකාශයක්' බව විගණකාධිපති ගාමිණී විජේසිංහ බීබීසී සංදේශයට පැවසීය. (සාකච්ඡාවට සවන්දෙන්න) ""ජනවාරි 17 වෙනිදා මම එතුමාට ඒ වාර්තාව ලබාදීල තියෙනව. ඒ වාර්තාව ලබාදුන් බව එතුමා ඊයේ (බ්‍රහස්පතින්දා) මට ලිඛිතව දැනුම්දීලත් තියෙනව,"" විගණකාධිපතිවරයා සඳහන් කළේය. ""ඊට අමතරව මේක කෝප් එකේ සාකච්ඡාවෙමින් පවතින කාරණයක්නේ. ඒ නිසා මම ඒ වෙලාවෙම කෝප් එකේ සභාපතිට පිටපතක් යැවුවා, ඊළඟට මහ බැංකුවේ අධිපතිටත් පිටපතක් යැවුවා."" විනිවි�� පෙනෙන සුළු ස්වභාවය රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වයේ විනිවිද පෙනෙන සුළු ස්වභාවය ප්‍රවර්ධනය කිරීම පිණිස ක්‍රියාකරන සිය ආයතනයට සිය වාර්තාවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බැවින් තමන් ඒ මොහොතේම එම වාර්තාව සිය නිල වෙබ් අඩවියේද ප්‍රකාශයට පත්කළ බව විගණකාධිපතිවරයා සඳහන් කළේය. (සංදේශයට සවන්දෙන්න) දෙස්, විදෙස් ගෞරවයට ලක්වී නව මහ බැංකු අධිපතිවරයා සහ විගණකාධිපතිවරයා වැනි නිලධාරීන් පත්කළේ තමා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා කොළඹ පැවති උත්සවයක් අමතමින් පැවසීය. එසේ තිබියදී දිගින් දිගටම මුදල් අමාත්‍යවරයාගේ විවේචනයට ලක්වීම මගින් පැහැදිලිවන්නේ විගණකාධිපතිවරයාගේ කාර්යභාරය පිළිබඳව ආණ්ඩුවේ පැහැදිලි බෙදීමක් පවතින බව නොවේදැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, තමන් නිසි පරිදි සිය රාජකාරිය ඉටුකරන අතර විවිධ පුද්ගලයන් ඒ පිළිබඳව විවිධ අර්ථකතන ලබාදීමට ඉඩ තිබෙන බවයි. ""මේ ආණ්ඩුවේත් ප්‍රධාන සටන් පාඨය යහපාලනය. මගේ සටන් පාඨයත් යහපාලනය තමයි. ඒ දෙකේ ගැටුමක් ඇතිවෙන්න කිසිම හේතුවක් නැහැ."" 'පරිවර්තන දෝෂයක්?' මේ අතර මහත් ආන්දෝලනයට ලක් වූ බැඳුම්කර ගනුදෙනුව ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල නොවන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා කර තිබෙන ප්‍රකාශය පිළිබඳව විමසූ විට විගණකාධිපතිවරයා කියා සිටියේ, අමාත්‍යවරයා පවසන 'ජාත්‍යන්තර ප්‍රමිතිය' කවරක්දැයි තමන් නොදන්නා බවයි. ""ලෝක බැංකුව එහෙම දෙයක් කියල නැහැ. මම දුන්නේ professional statement එකක්,"" ඔහු පැවසීය. ""ලෝක බැංකුව කියල තියෙනව - We are not aware of international best practises to accurately calculate the potential loss in the case of the bond auction - කියල. ඒක ඉතින් කොහොම පරිවර්තනය කරාද දන්නේ නෑ,"" විගණකාධිපති ගාමිණී විජේසිංහ වැඩිදුරටත් පැවසීය." -sri-lanka-38317296,https://www.bbc.com/sinhala/sri-lanka-38317296,නව විගණන පනත රටට ආශීර්වාදයක් -විගණකාධිපති,අලුතින් ක්‍රියාවට නැංවීමට නියමිත නව විගණන පනත ශ්‍රී ලංකාවට සහ රටේ රාජ්‍ය සේවයට ආශීර්වාදයක් වනු ඇතැයි විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසයි.,"""ශ්‍රී ලංකාව වෙනස්වීමට අකමැති සමාජයක්. ඒත් වෙනසක් සිදුකරලා ටික දිනකින් තේරුම් ගන්නවා ඒ වෙනස හොඳයි කියල"" විගණකාධිපතිවරයා එම ප්‍රකාශය කළේ බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමිනි. නව විගණන පනත සම්මත කර ගැනීම අතින් අනවශ්‍ය කාල ප්‍රමාදයක් සිදු වූ බව පෙන්වා දුන් විගණකාධිපති ගාමිණී විජේසිංහ, පසුගියදා ජනාධිපතිවරයාත් මෙම පනත ගැන පාර්ලිමේන්තුවේ දී කරුණු දැක්වූ බව සඳහන් කරමින් එය ප්‍රමාදයකින් තොරව නීතිගත කෙරෙනු ඇතැයි තමා විශ්වාසකරන බවත් බීබීසියට කියාසිටියේය. විගණන පනත මෙතරම් ප්‍රමාදවීමට හේතුව ඊට එරෙහිව එල්ල කෙරෙන ඇතැම් බලපෑම් බව තමාට දැනගන්නට ලැබී ඇති බවත් විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසයි. වෙනසක උවමනාව ""ශ්‍රී ලංකාව වෙනස්වීමට අකමැති සමාජයක්. ඒත් වෙනසක් සිදුකරලා ටික දිනකින් තේරුම් ගන්නවා ඒ වෙනස හොඳයි කියල. විගණන පනතත් ඒ වගෙයි. අවුරුද්දක දී එහි අගය තේරේවි,"" විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය. නව පනත නීතිගත කරනු ලැබීම තවත් ප්‍රමාදයකින් තොරව ලබන අවුරුද්ද මුලදී සිදු කෙරෙනු ඇති බවට විගණකාධිපති ගාමිණී විජේසිංහ බලාපොරොත්තු පළකරයි. ආණ්ඩුවටත් වඩා රාජ්‍ය සේවයේ ඉහළ මට්ටම් වලිනුයි විගණන පනතට බිය පළවෙලා තියෙන්නේ - විගණකාධිපති ""ආණ්ඩුවටත් වඩා රාජ්‍ය සේවයේ ඉහළ මට්ටම් වලිනුයි විගණන පනතට බිය පළවෙලා තියෙන්නේ,"" ඔහු පැවසීය. ""විගණකාධිපති කියන්නේ රටේ ඉහළම මට්ටමේ සුපරීක්ෂාකාරී ආයතනය. කලින් එම කාර්යය පැවරුණ ආණ්ඩුවේ ගණකාධිකාරී අංශයත් නව පනත අනුව විගණකාධිපතිට යටත් කෙරෙනව. නව පනතට විරෝධය එල්ල වෙන්නේ ඒ නිසාය කියල දැනගන්න තියෙනව,"" විගණකාධිපති ගාමිණී විජේසිංහ සඳහන් කළේය. අලුත් සංස්කෘතියක් තවදුරටත් අදහස් දක්වන විගණකාධිපතිවරයා 'නව විගණන පනත යටතේ සමස්ත රාජ්‍ය සේවය විගණකාධිපති අධීක්ෂණයට ලක්වීම මගින් අලුත් සංස්කෘතියක් ගොඩනැගෙනු ඇතැයි' තමා විශ්වාස කරන බවත් කියාසිටියේය. ශ්‍රී ලංකාවේ දැනට පවතින විගණන ක්‍රමවේදය පිළිබඳව යොමු වූ විගණකාධිපති ගාමිණී විජේසිංහ, දැනට පවතින ක්‍රමවේදය පසුගාමී වැඩපිළිවෙලක් වනබව සිය දැක්ම යයි සඳහන් කළේය. ""අපේ අණපනත් අලුත්වෙලා නැහැ. දැන් පවතින ඇතැම් නීති ඉංග්‍රීසි පාලන කාලයේ සකස් කළ ඒවා. ඒවා යල්පැන ගිහින්. යාවත්කාලීන වෙලා නැහැ. ඒවා වර්තමාන ලෝකයේ පරිගණක තාක්ෂනයට ගැලපෙන ආකාරයට සකස් වෙලා නැහැ,"" විගණකාධිපති ගාමිණී විජේසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නේය." -130711_court,https://www.bbc.com/sinhala/sri_lanka/2013/07/130711_court,කිතුනු දේව මධ්‍යස්ථානයට පහර දීම සමථයකට පත් කර ගන්න - කොළඹ මහාධිකරණ විනිසුරු,මාලබේ කල්වාරි කිතුනු දේව මධ්‍යස්ථානයට පහර දීමේ සිද්ධියට අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ කොළඹ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න කියා සිටියේ ආගමික ගැට‍ළු දුර දිග ර��ගෙන යාම නුසුදුසු බැවින් එය සමථයකට පත් කර ගන්නා ලෙසයි.,2008 වසරේ මාලබේ කල්වාරි කිතුනු දේව මධ්‍යස්ථානයට පහර දීමේ සිද්ධියට බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් සහභාගි වූ බවට සාක්ෂි කරුවකු විසින් කොළඹ මහාධිකරණය හමුවේ පැවසුවේය. එම දේවස්ථානයට පහරදීමේ සිද්ධියට අදාලව ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ නඩුවක් අද විභාගයට ගත් අවස්ථාවේදී එම දේවස්ථානයේ උපස්ථායකු ලෙස කටයුතු කළ රොෂාන් හෙන්රිකස් නමැති සාක්ෂිකරුවා විසිනුයි එම පිරිස හඳුනා ගනු ලැබුවේ. සාක්ෂිකරු පැවසුවේ 2008 වසරේ ජුනි මස 6 වැනිදා උදෑසන ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් තම දේවස්ථානයට බලහත්කාරයෙන් ඇතුළු වී දේව මෙහෙයයන් නතර කරන ලෙස තර්ජනය කළ බවයි. ඥානසාර හිමියන් පරුෂ වචනයෙන් බැන වැදුන බව කී සාක්ෂි කරු තමා පල්ලි 22 ක් කඩා දමා ඇති බව උන්වහන්සේ පැවසුවේ යැයි ද කියා සිටියේය. අනතුරුව ඥානසාර හිමියන්ගේ මෙහෙයවීම යටතේ රැස්ව සිටි 700 කට අධික පිරිසක් දේවස්ථානය ට පහර දී අලාභ හානි සිදු කළ බවයි සාක්ෂිකරු පැවසුවේ. මෙහිදී විනිසුරුවරයා යෝජනා කර සිටියේ මෙවැනි ආගමික ගැටළු දුර දිග රැගෙන යාම නුසුදුසු බවින් ඒවා සමථයකට පත් කර ගැනීම සුදුසු බවයි. ඒ අනුව නඩු විභාගය අගෝස්තු මස 1 වැනිදාට කල් දැමූ අධිකරණය එදිනට නඩුව සමථයකට පත් කර ගැනීමට ඇති ඉඩ කඩ පිළිබඳව සාකච්ජා කොට අධිකරණයට දැනුම් දෙන මෙන් රජයේ සහ විත්ති පාර්ශ්වයේ නීතිඥයන්ට නියෝග කළේය. -sport-40596099,https://www.bbc.com/sinhala/sport-40596099,ක්‍රිකට් අර්බුදය: සංගා - අර්ජුන වාග් සංග්‍රාමයක,පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ සහ බංග්ලාදේශය වැනි කණ්ඩායම්වලට පරාජය වීමත් සමග ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී සිටින අර්බුදය පිළිබඳව ප්‍රබල ලෙස අවධානය යොමුවෙමින් පවතී.,"ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිම්බාබ්වේ කණ්ඩායමට තරගාවලියක් පරාජය වීමෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස් වූ අතර, ඉන් අනතුරුව ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් සහ එක් දින හා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයට උපුල් තරංග පත්කෙරිණි. කණ්ඩායමේ දක්ෂතා පිරිහීමත් සමග ක්‍රීඩකයන්ගේ කළමනාකරුවන් දක්වා ද ක්‍රිකට් පිළිබඳ සංවාදය පුළුල් විය. විශේෂයෙන්ම ක්‍රීඩකයන් දස දෙනෙකුගේ පම��� කළමනාකරු ලෙසින් ක්‍රියාකරන චාලි ඔස්ටින් සහ ඔහුගේ ව්‍යාපාරික සහකරුවන් යැයි ඇතැම් මාධ්‍ය විසින් හඳුන්වා දෙන ලද මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර කණ්ඩායම තේරීමට ""ඇඟිලි ගසන"" බවට චෝදනා එල්ලවෙමින් තිබේ. සබැඳි යොමු: පසුගිය අඟහරුවාදා බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක් වූ මහේල ජයවර්ධන එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. මේ අතර කළමනාකරුවන්, අතීත ක්‍රියාකාරකම්, ප්‍රහාරයට ලක් වූ පාකිස්තාන සංචාරය සහ 2011 ලෝක කුසලානය ඇතුළු කරුණු සම්බන්ධයෙන් ලොව පුරා කීර්ති නාමයක් උසුලන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් දෙදෙනෙකු අතර වාග් සංග්‍රාමයක් ඇවිලී තිබේ. ලාහෝර් ප්‍රහාරය 1996 දී ශ්‍රී ලංකාවට ලෝක කුසලානය දිනා දුන් කණ්ඩායමේ නායක, අමාත්‍ය අර්ජුන රණතුංග සහ 2011 දී ලෝක කුසලාන අවසාන මහා තරගය දක්වා කණ්ඩායම මෙහෙය වූ කුමාර් සංගක්කාර ඒ දෙදෙනාය. ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සුරක්ෂිතව රැගෙන යාමට ක්‍රීඩාංගනයට පැමිණි හමුදා හෙලිකොප්ටරය විශේෂයෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු පවතින බවට කණ්ඩායමේ සාමාජිකයන් මතු කළ විරෝධය නොතකා 2009 දී කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක යෙදවීම හේතුවෙන් ලහෝර් නුවරදී ත්‍රස්‌ත ප්‍රහාරයකට මුහුණ දුන් බවට කුමාර් සංගක්කාර, බදාදා (ජුලි 12) ප්‍රබල චෝදනාවක් එල්ල කළේය. කුමාර් සංගක්කාර ඒ බව සඳහන් කර තිබෙන්නේ ලන්ඩන් නුවර සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ කොළඹ සිටින මාධ්‍යවේදීන් පිරිසක් අමතමිනි. ""මං හිතන්නේ අපිව මැරෙන්නම කියල වගේ අපිව යැවුවේ. තාම මගේ ඇඟේ වෙඩි වැදුණු යකඩ කුඩු තියෙනවා. අපි බලන්න ඕන හරි වගකීමෙන් කළා ද කියල,"" යනුවෙන් ඔහු සඳහන් කළ බව මාධ්‍ය වාර්තාවල දැක්වේ. ""ඒ ගැන පරීක්ෂණයක් කරන්න කාලේ හරි. අපි ඒවා ගැනත් බලන්න ඕනේ,"" යනුවෙන් ද ඔහු පැවසීය. කුමාර් සංගක්කාර ගේ එම ප්‍රකාශය පිළිබඳව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබේ. පකිස්තානය 'සහතික වුනා' ලහෝර් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය යුතුය යන්න තමන්ගේ ද ස්ථාවරය බව අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. බ්‍රහස්පතින්දා මාධ්‍යවේදීන් පිරිසක් සමග එසේ ප්‍රතිචාරය පළ කළ අමාත්‍යවරයා, එම සංචාරය අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා ලෙස කටයුතු කළේ එවක ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා බව ද සඳහන් කළේය. ""ඒ අවස්ථාවේ ��්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා ලෙස සිටියේ ලියනගම. ඊට මාස කිහිපයකට පෙර මම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති. අපි ආසියානු තරගාලිය පකිස්ථානයේ පැවැත්වුවේ. එය ඉතාමත් හොඳට තිබුණා. ඊට පස්සේ අයිපීඑල් තරගාවලියට යන්න ඕන කියලා චාලි ඔස්ටින්ගේ කණ්ඩායම ඇවිත් මට කිව්වා. එතැනදී මම කිව්වේ රට පාවලා දීලා එයට මට අත්සන් කරන්න බැහැ කියලා. ඊට පස්සේ ගාමිණී ලොකුගේ හිටපු ක්‍රීඩා ඇමැතිවරයා මාව ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අයින් කළා. ඊට පස්සේ තමයි පකිස්ථාන සංචාරය තිබ්බේ. එහිදී තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අනතුරට පත් වුණේ. මං හිතන්නේ ඒ ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි,"" යනුවෙන් අමාත්‍ය අර්ජුන රණතුංග මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය. ප්‍රහාරයට ලක් වූ බස් රථයේ වීදුරුවෙන් අවට දිස් වූ අයුරු පාකිස්තාන බලධාරීන්ගේ ඉල්ලීම ප්‍රකාර එම සංචාරය සංවිධානය කළ බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළ එවක ක්‍රීඩා අමාත්‍යවරයා වූ ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට නිසි ආරක්ෂාව සපයන බවට පාකිස්තානය සහතික වූ බව ද කියා සිටියේය. අදාළ සංචාරයට ප්‍රථම ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානය සඳහා පාකිස්තානයේ සංචාරය කළ බව අමාත්‍ය අර්ජුන රණතුංග පෙන්වා දී තිබේ. ""ඒ ගොල්ලෝ දැක්කා මම ඉන්න කාලේ කොච්චර ආරක්ෂාවක් තිබුණද කියලා. මම වෙනම පුද්ගලයෙක්ව යැව්වා ඒ ආරක්ෂාව බලන්න. ඊළඟට මම තවත් දෙයක් කියනවා. ඉන්දියාවේ අයිපීඑල් තරගාවලිය යනකොට ඕනතරම් බෝම්බ යනවා. එතැනදී අපේ එක ක්‍රීඩකයෙක්වත් කියලා තියෙනවද බෝම්බ යනවා, අයිපීඑල් ඕනේ නැහැ කියලා,"" යනුවෙන් ද අමාත්‍යවරයා ප්‍රශ්න කරයි. 2011 ලෝක කුසලානය 1996 ලෝක කුසලානය අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක වාතාවරණය පිළිබඳව ගැටලු මතු වූ විට පාකිස්තානය ශ්‍රී ලංකාවේ සංචාරය කළ බව අමතක කළ නොහැකි බව ද ඔහුගේ අදහසය. ක්‍රීඩකයන්ගේ කළමනාකරුවන් පිළිබඳව අදහස් දැක් වූ අමාත්‍ය රණතුංග, ""අද රටේ ක්‍රිකට් වැටිලා. ඒ ගැන ඔය ක්‍රීඩකයෝ කථා කරන්නේ නැහැ. නමුත් රට ඉඳන් තමන්ගේ මැනේජර් බේර ගන්න කථා කරනවා. මම නම් කියන්නේ ඒජන්තවරුන් සම්බන්ධයෙන් නීති පැනවිය යුතුයි. එක් ඒජන්තවරයකුට ක්‍රීඩකයෝ දෙන්නෙක් නැත්නම් තුන්දෙනෙක් කියලා නීතියක් ගෙන ආ යුතුයි,"" යනුවෙන් ද සඳහන් කළේය. 2011 ලෝක ක්‍රිකට් කුසලානයේදී ඉන්දියාවට කඩුලු හයක ජයග්‍රහණයක් අත්විය මේ අතර බදාදා ස්කයිප් සාකච්ඡ���වකට එක්වූ කුමාර් සංගක්කාර ද ක්‍රීඩක කළමනාකරුවන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් තිබිය යුතු බව පෙන්වා දී තිබේ. කෘෂිකර්මාන්තය සම්බන්ධ ව්‍යාපාරයකට අදාළව තමන් චාලි ඔස්ටින්ගේ හවුල්කරුවෙකු වනු හැරුනුකොට ඔහු සමග වෙනත් ව්‍යාපාරික සම්බන්ධතාවක් නැතැයි කුමාර් සංගක්කාර එම සාකච්ඡාවේදී අවධාරණය කළ බව ඊට එක්වූ සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ක්‍රීඩා සංස්කාරක චම්පික ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට පැවසීය. කෙසේවෙතත්, පාකිස්තාන සංචාරය පිළිබඳව පරීක්ෂා කළ යුතු අතරම 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී සිදු වූයේ කුමක්ද යන්න සොයා බැලීම සඳහා විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස අර්ජුන රණතුංග අමාත්‍යවරයා ඉල්ලා සිටී. ""මම කියන්නේ 2011 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට මොකද වුණේ කියලා පරීක්ෂණයක් කරන්න. ක්‍රීඩා ඇමැතිවරු කරන්න ඕන ඕවා,"" ඔහු වැඩිදුරටත් පැවසීය. ඉන්දියාවට එරෙහිව පැවති අවසාන මහා තරගයේ දී සංගක්කාරගේ නායකත්වයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සිව් දෙනෙකුම වෙනස් කිරීම පිළිබඳව ක්‍රීඩා විචාරකයෝ ඒ අවස්ථාවේ විමතිය පළ කළහ." -sport-40987579,https://www.bbc.com/sinhala/sport-40987579,ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි දුටු ලස්සන ශ්‍රී ලංකාව,ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන සෑම අවස්ථාවකම සංචාරය කෙටි වීම සහ කාර්ය බහුල වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ස්වභාව සෞදර්යය නැරඹීමට නොහැකි වුවත් මෙවර සංචාරයේදී ඒ අවස්තාව හිමි වූ බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි පවසයි.,"'හැමදාම උදේ මේ වගේ තැනක අවදි වෙන්න පුළුවන් නම්!!' විශේෂයෙන්ම අවසාන ටෙස්ට් තරගය දින තුනකින් නිමාවීම හේතුවෙන් තමන්ට ශ්‍රී ලංකාවේ සිරි නැරඹීම පිණිස තවත් කාලය ලැබුණු බවත් ඔහු පැවසීය. ඉන්දීය කණ්ඩායමේ නායකයා ඒ බව සඳහන් කළේ දෙරට අතර පැවැත්වෙන එක් දින තරගාවලිය පිළිබඳව දඹුල්ලේ දී මාධ්‍යව්දීන් අමතමිනි. සබැඳි යොමු: මේ වතාවේත් තමන්ට සීගිරිය නැගීමට හෝ නිසි පරිදි දඹුල්ල නැරඹීමට නොහැකි වූ නමුත් ඉදිරි සංචාරයකදී යළිත් ඒ ප්‍රදේශ නැරඹීමට බලාපොරොත්තු වන බවත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා පවසයි. 'ස්වභාව ධර්මයාට මෙතරම් සමීපව ඉන්න ලැබීම කොයිතරම් භාග්‍යයක්ද. ඔබ සැමට ලස්සන දවසක්' ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිරි නරඹමින් විරාත් කෝලි ට්විටර් ජාලය ඔස්සේ 'සෙල්ෆි' ඇතුළු ඡායාරූප ද පළ කොට තිබේ. 35000 කට අධික පිරිසක් ඒ සෑම ඡායාරූපයකටම 'like' කර තිබෙන අතර, දහස් ගණනක පිරිසක් එම ඡායාරූප සිය මිතුරන් අතර 'retweet' කර තිබේ. කිසිදු තරගකාරී බවක් හෝ නොපෙන්වා ශ්‍රී ලංකාව ටෙස්ට් තරග සියල්ල පරාජය වීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වන ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්, ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන්ට දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට හා පින්නවල අලි බැලීම සඳහා කාලය ලබාදීම පිණිස ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරගය දින තුනක් ඇතුළත අවසන් කළ බවට හාස්‍ය ජනක අදහස් පළකර තිබුණි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක් දින සීමිත ඕවර තරගාවලිය ඉරිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතය. 'එක් දින තරග වෙනුවෙන් දැන් දඹුල්ලේ. තවත් ලස්සන තැනක්' 2019 වසරේ එංගලන්තයේ පැවැත්වෙන ජගත් ක්‍රිකට් කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම එයින් තරග දෙකක්වත් ජයග්‍රහණය කළ යුතුය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී එක විස්සයි විස්ස තරගයකට ද සහභාගි වීමට නියමිතය." -121209_vasudeva_mohan_mangala,https://www.bbc.com/sinhala/sri_lanka/2012/12/121209_vasudeva_mohan_mangala,මොහාන් පීරිස් අගවිනිසුරු පදවියට 'සුදුසු නෑ',ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය පදවියෙන් ඉවත් කළ හොත් ඒ වෙනුවට හිටපු නීතිපති මොහාන් පීරිස් එම පදවියට පත් කිරීම සුදුසු නැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.,"මොහාන් පීරිස් නීතිපති පදවියේ කටයුතු කළ සමයේ ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ලැබී ඇති බව අමාත්‍යවරයා පවසයි දෝෂාභියෝග විමර්ශනයේදී අගවිනිසුරුවරිය වැරදිකරු බව තීන්දු වී ඇති බව තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ කණ්ඩායම සෙනසුරාදා නිවේදනය කළේය. කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් අනුමත වුවහොත් අගවිනිසුරුවරිය පදවියෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලය පැවරේ. මොහාන් පීරිස් නීතිපති පදවියේ කටයුතු කළ සමයේ ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් තමන්ට ලැබී ඇති බවයි, ජාතික භාෂා සහ ජාතික ඒකාග්‍රතාවය පිලිබඳ අමාත්‍යවරයා පවසන්නේ. 'පොදු රාජ්‍ය මණ්ඩලයට බලයක් නෑ' ""ඒ තොරතුරු මම ජනාධිපතිතුමාට දැනුම් දීල තියෙන්නේ. ඒ නිසා ඔහු සුදුසු පුද්ගලයෙක් නෙවෙයි කියල මගේ මතයක් තියෙනව,"" අමාත්‍යවරයා බීබීසී සංදේශයට පැවසීය. කෙසේ නමුත් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග විමර්ශනය සාධාරණව පැවැත්වුණු බව අමාත්‍ය වාසුද��ව නානායක්කාරගේ මතයයි. අගවිනිසුරුවරියට සාක්ෂි ලැයිස්තුවක් හෝ ලේඛණ ලැයිස්තුවක් හෝ ලබා දී නොතිබුන බවට ඇයගේ නීතිවේදී සාලිය පීරිස් කරන ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටියේ, දිනෙකට පසුව චෝදනා ප්‍රමාණයකට පිළිතුරු දී තවදුරටත් කාලය ඉල්ලා සිටීමට අගවිනිසුරුවරියට හැකියාව තිබූ බවයි. ආණ්ඩුවේ 'පළිගැනීමේ ක්‍රියාදාමය' පිළිබඳව විමර්ෂණයක් කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ අමාත්‍ය මණ්ඩල ක්‍රියාකාරී කමිටුව කැඳවන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මංගල සමරවීර මන්ත්‍රීවරයා කරන ඉල්ලීම පිළිබඳව ප්‍රතිචාරය පළ කරන අමාත්‍යවරයා පවසන්නේ මේ සම්බන්ධයෙන් මැදිහත් වීමට පොදු රාජ්‍ය මණ්ඩලයට බලයක් නැති බවයි. මේ අතර ශිරාණි බණ්ඩාරනායක පදවියෙන් පහකොට පත්කෙරෙන නව අගවිනිසුරුවරයාට සහාය නොදීමේ යෝජනාවක් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ඉදිරිපත් වී තිබේ. නීතිඥ සංගමය එම යෝජනාව පිළිබඳව ලබන 14 වැනිදා ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා" -sri-lanka-55910914,https://www.bbc.com/sinhala/sri-lanka-55910914,"මහ කොමසාරිස්වරියට ශ්‍රී ලංකාවේ පළමු ප්‍රතිචාරය: ""කවුන්සිලයේ ඉතිහාසය අපි දන්නවා""","එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ""මහපොළොවේ තත්ත්වය නොදැන පදනම් විරහිත චෝදනා"" එල්ල කරන බවත්, ""විදේශීය නඩුකාරවරු ගෙනැවිත් පරීක්ෂණ පැවැත්වීමට"" කිසි ලෙසකින් ඉඩ නොතබන බවත් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.","""ඇයට යෝජනා කරන්න පුළුවන්..."" -විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහකොමසාරිස්වරිය ගේ අලුත් ම වාර්තාවට ශ්‍රී ලංකා ආණ්ඩුව දැක්වූ ප්‍රථම ප්‍රතිචාරය මෙය වේ. අමාත්‍යවරයා එම ප්‍රකාශය සිදු කළේ බීබීසී සිංහල සේවය සමඟ Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවකදී ය. ""ලෝකයේ වෙනත් රටවල් ගණනාවක් ඇතුළට තවත් රටවල් කීපයක් ආක්‍රමණය කරද්දී ඒ පිළිබඳව වචනයක් කතා නොකරපු මානව හිමිකම් කවුන්සිලයේ ඉතිහාසය අපි දන්නවා."" විදේශ අමාත්‍යවරයා මෙහිදී පැවසීය. ශ්‍රී ලංකාවේ හමුදාව ජයග්‍රහණය කර ඇත්තේ නීතිවිරෝධී, ත්‍රස්ත සංවිධානයකට එරෙහිව කරන ලද යුද්ධයකින් බව ඔහු අවධාරණය කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ ""ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙක් ඝාතනය කළා. ඉන්දියාවේ අගමැතිවරයෙක් ඝාතනය කළා. යුද්ධයට සම්බන්ධ නැති කොළඹ පළාතේ පවා මහා පුපුරවා හැරීම් කළා. ඒ කිසිවක් නොසළකා හැර තිබෙනවා. සම අනුග්‍රාහකත්වය ලබාදීමට එකඟ වූ යෝජනාවලිය මහපොළොවේ සත්‍යය යටපත් කරමින් ගෙන ආ එකක් නිසා තමයි එය නීතිවිරෝධී යෝජනාවක් කියල මම කියන්නේ. එය නිවැරදි කළ යුතුයි."" මෙවැනි දරුණු සිදුවීම් ""ඇතැම් බටහිර රටවල් විසින් අමතක කර දැමීමට උත්සාහ කරන"" බවට ඔහු චෝදනා කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ගෙන ආ 30/1 යෝජනාවලියට සම අනුග්‍රාහකත්වය දැක්වීමට යහපාලන රජය ක්‍රියා කළ ආකාරය නීතිවිරෝධී බව වත්මන් විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. හදිසියේ බ්‍රිතාන්‍යයෙන් ලැබුණු රහසිගත දුරකථන ඇමතුම කුමක්ද? කොමසාරිස්වරියගේ 'අලුත් රතු එලිය' ගැන විදේශ අමාත්‍යවරයා පළමුවරට කතා කරයි! ""එය ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. ලංකාවේ පාර්ලිමේන්තුවට දැනුම්දීල නැහැ. ලංකාවේ එවකට සිටි රාජ්‍ය නායකත්වය ඊට එකඟතාවයක් තිබුණේ නැහැ."" අමාත්‍යවරයා තර්ක කළේය. ""අපේ රට ස්වෛරී රාජ්‍යයක්. අපි කටයුතු කරන්නේ අපේ ව්‍යවස්ථාවට අනුව. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණිව විදේශීය නඩුකාරවරු ගෙනැවිත් මෙවැනි දෙයක් කරන්න කිසි ලෙසකින් ඉඩක් නැහැ."" එබැවින් මේ වෙනුවෙන් කළ හැක්කේ දේශීය යාන්ත්‍රණය ඔස්සේ සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීම පමණක් බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන බීබීසීයට පැවසීය. ඊට අතිරේකව, අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බැලෙන ආයතන පිහිටුවා ඇති බවත්, එක්සත් ජාතීන් සමඟ සම්මුතීන් වලට එකඟව පාලන තන්ත්‍රයක් පවත්වාගෙන යාමටත් තම ආණ්ඩුව එකඟ වී ඇතැයි ද ඔහු පැවසීය. ඊට ප්‍රතිචාර වශයෙන්, මානව හිමිකම් මණ්ඩලයේ කොමසාරිස්වරිය නිකුත් කර ඇති අලුත් ම වාර්තාව පිළිබඳව විමසූ විට විදේශ අමාත්‍යවරයා ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි. ""කොමසාරිස්වරියට මම හිතන්නේ නැහැ, කවුන්සිලයේ යෝජනාවක් විවාද කිරීමේ කටයුතු මිස කෙලින් ම තහනමක් කිසිම රටකට පනවන්න පුළුවන් කියල. ඇයට යෝජනා කරන්න පුළුවන්."" කෙසේ නමුත් මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ සඳහන් වන්නේ, ඉහළම රාජ්‍ය නිලධාරීන් අතීත අපරාධ පිළිබඳ කිසිදු පිළිගැනීමක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ රජය විසින් සත්‍යය සෙවීමේ උත්සාහයන් අත්හිටුවා ඇති බව ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරමින් සාමාජික රටවලට යෝජනා කරන්නේ, බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් හෝ අපයෝජනයන් සම්බන්ධයෙන් වගකිව යුතු යැයි හෝ වගකිව යුතු යැයි විශ්වාස කළ හැකි රාජ්‍ය නිලධාරීන්ට සහ වෙනත් පුද්ගලයන්ට එරෙහිව වත්කම් තහනම් කිරීම සහ සංචාරක තහනම් කිරීම වැනි ඉලක්කගත සම්බාධක සහ වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල් වලට ප්‍රායෝගික ප්‍රතිලාභ ලබා දෙන ආධාරක මුල පිරීම් ද යෙදිය හැකි බවයි. පසුගිය වසර තුළ මතුවී ඇති ප්‍රවණතා පිළිබඳව මහ කොමසාරිස්වරිය දැඩි අවධානයෙන් සිටින අතර... ස්වාධීන කොමිසමේ ස්වාධීනත්වය? ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ අවසන් අදියරේ දී සිදුවී ඇතැයි පැවසෙන යුද අපරාධ හෝ මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරනු ලැබ ඇති නව ස්වාධීන කොමිසමේ පවතින ස්වාධීනත්වය පිළිබඳව ද මහකොමසාරිස්වරිය ප්‍රශ්න කර තිබේ. මේ පිළිබඳව බීබීසීය විමසු අවස්ථාවේදී විදේශ අමාත්‍යවරයා කියා සිටියේ, එම කොමිසමේ සභාපතිත්වයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකු පත්කර ඇති අතර ""තොරතුරු ලබා ගැනීමේ සහ විනිශ්චය කිරීමේ අත්දැකීමක් ඇති"" විශ්‍රාමික රාජ්‍ය සේවකයන් දෙදෙනෙකු ද එහි සාමාජිකත්වයට පත් කර ඇති බවය. ""අපේ විශිෂ්ඨ නඩුකාරවරුන්ට ස්වාධීනව කටයුතු කරන්න බැහැ කියල කියනවනම් ඒක කිසිම සාධාරණ කතාවක් නොවෙයි. එතුමිය සඳහන් කළ ඒ කරුණ අපි ඉතාමත් ගෞරවයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබුවා."" රහසිගත දුරකථන සංවාදයක්? මේ අතරතුර මීට දින කීපයකට පෙර මහා බ්‍රිතාන්‍යයෙන් විදේශ අමාත්‍යවරයා වෙත ලැබුණු දුරකථන ඇමතුමක් පිළිබඳව බීබීසීය මෙහිදී ප්‍රශ්න කළේය. මෙම දුරකථන ඇමතුම ලැබී ඇත්තේ එක්සත් රාජධානියේ පොදු රාජ්‍ය මණ්ඩලීය අමාත්‍ය අහමඩ් සාමිවරයාගෙනි. එය රහසිගත දුරකථන සංවාදයක් නොවූ බව අමාත්‍යවරයා පැවසීය. එහිදී කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව සහ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මානව හිමිකම් සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කරන කරුණු පිළිබඳවත් සාකච්ඡා කෙරුණු බව ඔහු පිළිගත්තේය. ""ලෝඩ් අහමඩ් කීපවතාවක් මට කතා කරලා තියෙනවා. කොවිඩ් තත්ත්වය ගැනත් කතා කළා. කොවිඩ් රෝගයෙන් මියගිය මුස්ලිම් පුද්ගලයන් ආදාහනය කිරීම පිළිබඳවත් අපි අපේ ස්ථාවරය පැහැදිලි කළා. ජිනීවා සැසිවාරයේ දී ශ්‍රී ලංකාව ඉදිරිපත් කරන කරුණු සහ විකල්ප යෝජනා ගැනත් ඔවුන්ගේ අවධානයට යොමු වෙලා තියෙනවා. ඒ ගැනත් කතා කළා. එහි කිසිම රහස්‍යභාවයක් නැහැ."" අමාත්‍යවරයා පැවසීය. ලොව පුරා පවතින කොවිඩ් වසංගතය හමුවේ, මෙවර ජිනීවා නුවර පැවැත්වීමට නියමිත මානව හිමිකම් සැසිවාරය අන්තර්ජාලයේ ආධාරයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හෙළිදරව් කළේය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ 30/1 යෝජනාව මගින් පොරොන්දු වූ ""නැවත ඇති නොවන බවට සහතික වීම"" සාක්ෂාත් කර ගැනීම වෙනුවට, බරපතල මානව හිමිකම් උල්ලංඝනයන්ට තුඩු දුන් ප්‍රතිපත්ති හා භාවිතයන් පුනරාවර්තනය වීමට ශ්‍රී ලංකාවේ වර්තමාන ගමන් මඟ සකස් කර ඇති බව මහකොමසාරිස්වරියගේ නව වාර්තාවේ සඳහා වේ. එහි පවසන්නේ පිරිහෙන මානව හිමිකම් තත්ත්වය පිළිබඳ පැහැදිලි පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා සහ අනාගත උල්ලංඝනයන් සැලකිය යුතු ලෙස ඉහළ යන අවදානමත් පසුගිය වසර තුළ මතුවී ඇති ප්‍රවණතා පිළිබඳව මහ කොමසාරිස්වරිය දැඩි අවධානයෙන් සිටින අතර ඒවා වැළැක්වීමට දැඩි ක්‍රියාමාර්ග ඉල්ලා සිටින බවයි. මහපොළොවේ තත්ත්වය මේ පිළිබඳව විමසු විට විදේශ අමාත්‍යවරයා කියා සිටියේ මහකොමසාරිස්වරියගේ වාර්තාව පදනම් විරහිත එකක් බවය. ""ඇය මහපොළොවේ තත්වය හරිහැටි නොදැන චෝදනා රාශියක් එල්ල කරන්නට පටන්ගෙන තියෙනවා. අපි ඒවට පිළිතුරු සපයල තියෙනවා."" ""ඒ වගේම මම හිතන්නේ, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේත් මෑතකදී පනතක් ගෙනවිත් තියෙනවා; තමන්ගේ සොල්දාදුවන් විදේශ රටවල ගිහින් යුද කටයුතුවල යෙදිලා වැරදිකරුවන් බවට පත්වුණොත් ඒ සියලුදෙනා නිදහස් කෙරෙන පනතකුත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ගෙනැවිත් තියෙනවා. ඉතින් මේ අය කතා කරන්නේ කුමක් පදනම් කරගෙනද කියන එක, අපහ්බ්‍රන්ස කියල අපේ භාෂාවෙන් කියන්න පුළුවන්."" ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව විමසූ විට අමාත්‍යවරයා කියා සිටියේ නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන බවය. ""ජනාධිපති තුමා පැහැදිලිව කියා තිබෙනවා අපි මධ්‍යස්ථව, නොබැඳි පිළිවෙතක ඉන්නවා කියල. දේශපාලන දර්ශනය සහ යාන්ත්‍රණයන් රටකින් රටකට වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒ සියලු දෙනා සමඟ අපි මිත්‍රත්වයෙන් කටයුතු කරනවා."" දිනේෂ් ගුණවර්ධන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය." -sri-lanka-39015847,https://www.bbc.com/sinhala/sri-lanka-39015847,ව්‍යාජ පුවතක් හඳුනා ගන්නේ කෙසේද?,පුවත් සහ විවිධ මාතෘකා යටතේ සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා තම මිතුරු මිතුරියන් සමග බෙදා ගැනීමට (share) බොහෝ දෙනෙක් කැමැත්ත දක්වති.,"සමාජ මාධ්‍ය තුළ විවිධ දෑ පළ කිරීම සඳහා බලපාන හේතු එකිනෙකට වෙනස්ය. කාලීන පුවතක්, සිත් ඇදගන්නා මාතෘකාවක්, තමන් කැමති රංගන ශිල්පියෙකු පිළිබඳ පුවතක් හෝ සිනහවට තුඩු දෙන වීඩියෝ දර්ශන බොහෝ දෙනෙකු විසින් සිය සමාජ ජාල තුළ නිතර පළ කරනු (share) ලබයි. එසේ නමුත් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ අප දකින හෝ කියවන සියලු පුවත් සත්‍ය සහ නිවැරදි නොවේ. ව්‍යාජ පුවතක් පළ කිරීමෙන් පසු සෙසු පුද්ගලයන් එමගින් නොමග යා හැක. ශ්‍රී ලංකා පුරවැසියන්ට වීසා බලපත්‍ර නොමැතිව ඇමරිකාවට ඇතුළු වීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයක් ලබා දී ඇති බවට පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වාර්තාව ඊට කදිම උදාහරණයකි. එවැනි වාර්තා ව්‍යාජ පුවත් (Fake news) ලෙස හඳුන්වනු ලබන අතර ඒවා සමාජය තුළ ගැටලු ඇති කරවීමට හේතු විය හැක. ව්‍යාජ පුවතක් යනු? ව්‍යාජ පුවත් වර්ග දෙකකි ""ව්‍යාජ පුවතක්"" ව්‍යාජ පුවතක් නොවන අවස්ථා සත්‍ය පුවතක් වුවත් එය පිළිගැනීමට සූදානම් නොමැති පුද්ගලයෙකු හෝ යම් කිසි කණ්ඩායමක් විසින් සත්‍ය පුවතක් ව්‍යාජ පුවතක් ලෙස හුවා දැක්විය හැක. යම් කිසි කරුණක් සම්බන්ධයෙන් වෙනස් මතයක් දැරීම හේතුවෙන් සත්‍ය පුවතක්, ව්‍යාජ පුවතක් ලෙස හැඳින්වීමට ඇතැම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් කටයුතු කිරීමට ඉඩ ඇත. ව්‍යාජ පුවත් පළ කිරීම දිනෙන් දින ගැටලුවක් බවට පත් වෙමින් තිබේ. ව්‍යාජ පුවත්වල බලපෑම පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණය සමයේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් පළ වූ දැඩි සමාජ අවධානයක් ලද එක් පුවතක් ඊට එක් උදාහරණයකි. සිය රිපබ්ලිකන් ඡන්දදායකයන් යනු ""යමක් නිවැරදිව වටහාගත නොහැකි පිරිසක්"" ලෙස එවකට ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි බොහෝ දෙනෙක් වාර්තා කොට තිබිණි. නමුත් ඔහු කිසි දිනක එවැන්නක් පවසා නොමැත. ජනාධිපතිවරණයේ ට්‍රම්ප් ගේ ප්‍රතිවාදියා වූ හිලරි ක්ලින්ටන් සම්බන්ධයෙන් ද එවැනි ව්‍යාජ පුවත් පළ කොට තිබිණි. ව්‍යාජ පුවත් හේතුවෙන් මැතිවරණ සහ දේශපාලනය කෙරෙහි පවතින ජනමතයට බලපෑමක් එල්ල විය හැක. ව්‍යාජ පුවතක් හඳුනා ගන්නේ කෙසේද? ව්‍යාජ පුවතක් පළ කිරීමෙන් ගැලවී සිටීම සඳහා වැදගත්වන කරුණු කීපයකි. ඉහත කී කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි නම් එවැනි පුවතක් පළ කිරීමෙන් වැළකී ඒ පිළිබඳ තවදුරටත් සොයා බැලිය හැක." -sri-lanka-38146652,https://www.bbc.com/sinhala/sri-lanka-38146652,මුස්ලිම් කාන්තාවගේ වේදනාවට සරණවන මුස්ලිම් ක්‍රියාධාරිනිය,ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ නීතිය දශක ගණනාවක් මුළුල්ලේ සංශෝධනයට ලක් නොවීම හේතුවෙන් මුස්ලිම් කාන්තාව දැඩි පීඩනයකට ලක් වී සිටින බව මුස්ලිම් ක්‍රියාධාරිනියෝ පවසති.,"""බාල වයසේ දැරියක් විවාහ කරගන්නවා නම් කසාද සහතිකේ අත්සන් කරන්නේ පුරුෂයා විතරයි. කාන්තාවගේ අත්සන නෑ. ඒ නිසා කාන්තාවට කිසිම අයිතියක් නෑ"" ළමා විවාහ සම්බන්ධ ගැටලු, දික්කසාදයට අදාල ප්‍රශ්න සහ මානසික ගැටලුවලට සරණ පතා පැමිණි තුන් දහසකට ආසන්න මුස්ලිම් කාන්තාවන්ට ගතව ගිය තෙවසරක කාලය ඇතුළත උපකාර කළ බව එක් ක්‍රියාධාරිනියක බීබීසී සංදේශයට කියා සිටියාය. විශේෂයෙන්ම මුස්ලිම් විවාහය සම්බන්ධ ගැටලු විසඳීම පිණිස හාදි අධිකරණයට පැවරෙන බලය දශක පහකට ආසන්න කාලයක් කිසිදු සංශෝධනයකට ලක් නොවීම මුස්ලිම් කාන්තාවන් මෙසේ දැඩි අසරණ තත්වයකට පත්වීමට හේතුව බවත් ඇය පවසන්නීය. ""කාන්තාවන්ට ගොඩක් කරදරයි ඒ නිසා."" ගතානුගතික මුස්ලිම් සමාජයෙන් සිය ජීවිතයට එල්ල වන තර්ජන හේතුවෙන් සිය නම හෙළි නොකරන්නැයි ඒ ක්‍රියාධාරිනිය බීබීසී සංදේශයෙන් ඉල්ලා සිටියාය. මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට එරෙහිව උද්ඝෝෂණයේ යෙදෙන මුස්ලිම් කාන්තාවන් පිරිසක් ""උදාහරණයක් විදියට බාල වයසේ දැරියක් විවාහ කරගන්නවා නම් කසාද සහතිකේ අත්සන් කරන්නේ පුරුෂයා විතරයි. කාන්තාවගේ අත්සන නෑ. ඒ නිසා කාන්තාවට කිසිම අයිතියක් නෑ."" එහි ප්‍රතිඵලයක් ලෙසින් කාන්තාවක දික්කසාද කිරීමට පුරුෂයකුට අවශ්‍ය නම් ඒ සඳහා ඔහු කිසිදු හේතු දැක්වීමක් කළ යුතු නැති බවයි, ක්‍රියාධාරිනිය පෙන්වා දෙන්නේ. ""ඒ වගේ ගොඩාක් ප්‍රශ්න තියනවා."" උදාහරණයක් ලෙසින් දික්කසාද වූ පවුලක බිරිඳ දරුවන් සමඟ මන්නාරමේ වාසය කරන අතර පුරුෂයා වෙසෙන්නේ කොළඹ නම් නඩත්තු ඉල්ලා නඩුව පැවරිය යුත්තේ කොළඹ වීම ඇය පෙන්වා දෙන ආකාරයට කාන්තාවන් මුහුණ දෙන බරපතල ගැටලුවකි. අනෙක් අතට කාන්තාවකට ලිංගික අතවර කිරීම් වැනි ඉතා සංවේදී කරුණක් සම්බන්ධයෙන් පවා විභාග කරනු ලබන්නේ පුරුෂයන්ගෙන් පමණක් සමන්විත හාදි අධිකරණය විසිනි. ""අම්මා කෙනෙක් විදිහට මුස්ලිම් ළමා විවාහවලට විරුද්ධයි"" එබැවින් මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කරන මෙන් ඉල්ලා වසර විස්සකට ආසන්න කාලයක් මුළුල්ලේ ක්‍රියාකිරීම හේතුවෙන් තමන්ට බොහෝ තර්ජනවලට මුහුණ දීමට සිදු වූ බවත් ඇය පවසන්නීය. ""මම ගෙදරම තමයි ඉන්නේ. එලියට බහින්න බෑ. ත්‍රීවීලර් එකක යන්න බෑ. සමහර තව්ෆීක් ජමාත් කට්ටිය මගේ පවුලේ හැමෝටම කරදර කරනවා. පවුලේ අය හැමෝම මට බනිනවා."" එහෙත් දිනපතාම පාහේ හඬමින් සිය කාර්යාලයට පැමිණෙන කාන්තාවන් වෙනුවෙන් ඇතැම් විට සිය සේවය සපයන්නේ ඔවුන්ගේ වේදනාව තමන්ටත් දැනෙන නිසා බවයි ක්‍රියාධාරිනිය පවසන්නේ. ""බයයි තමයි. දූලා ඉන්නවා. පුතාලා ඉන්නවා. එයාල ඉස්කෝලේ යනවනේ."" බොහෝ අවස්ථාවල තමන්ට හිරිහැර කරන බවට මුස්ලිම් තරුණයන් තැනින් තැන තර්ජනය කර ඇති බවත් ඇය පවසන්නීය. ""ඒ වුනාට රට පුරාම කාන්තාවන් පන්දහසක් විතර මා වෙනුවෙන් ඉන්නවා. එයාල වෙනුවෙන් මම මේක අත්හරින්නේ නෑ,"" ක්‍රියාධාරිනිය අධිෂ්ඨාන සහගතව සඳහන් කළාය. (බීබීසී ලෝක සේවය වසරක් පාසා දියත් කරන 'ලොවින් අඩකට අදට වඩා හඬක්: සියයක් කාන්තාවෝ - ලොවින් අඩක් ඔබ අමතයි' වැඩසටහන වෙනුවෙන්)" -world-39936687,https://www.bbc.com/sinhala/world-39936687,ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා',ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය පිළිබඳ ඉතා රහස්‍ය තොරතුරු රුසියානු විදේශ ඇමතිවරයාට හෙළි කර ඇතැයි ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි.,"ජනාධිපති ට්‍රම්ප් රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලව්රොෆ් (වම් පසින්) සහ තානාපති සර්ගෙයි කිස්ලයක් සමග විහිළුවක් බෙදා ගනිමින් ඇමරිකාව සමග රහස් තොරතුරු බෙදා ගන්නා වෙනත් පාර්ශවයක් විසින් ලබා දෙන ලද එම තොරතුරු වෙනත් කිසිදු පාර්ශවයක් සමග හුවමාරු කරගැනීමට එක්සත් ජනපදයට අවසර දී නොතිබුණු බව ද වොෂිංටන් පොස්ට් පුවත්පත පවසයි. ගුවන් යානා තුළ ලැප්ටොප් පරිගණක භාවිත කිරීම හා සම්බන්ධ රහස් තොරතුරු එසේ රුසියාවට ලබා දී ඇති බව පුවත්පත එල්ල කරන චෝදනාවය. ඇමරිකානු ජනාධිපතිවරයා සහ රුසියානු විදේශ අමාත්‍ය සෙර්ගේයි ලව්රොෆ් පසුගිය සතියේ ඇමරිකානු ජනාධිපති කාර්යාලයේදී හමු වූහ. එහිදී රුසියාවට රහස් තොරතුරු ලබා දුන් බවට පළවන වාර්තා බැහැර කරන ජාතික ආරක්ෂක උපදේශක එච්ආර් මැක් මාස්ටර් විසින් එය හඳුන්වනු ලැබුවේ ""අසත්‍ය පුවතක්"" ලෙසය. ජනාධිපතිවරණ සමයේ ට්‍රම්ප් ප්‍රචාරණ ව්‍යාපාරය රුසියාව හා සබඳතා පවත්වා ඇති බවට චෝදනා එල්ල වන අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙමින් පවතී. එම චෝදනා ප්‍රතික්ෂේප කරන ජනාධිපති ට්‍රම්ප් විසින් එම වාර්තා හඳුන්වනු ලැබුවේ ""ව්‍යාජ පුවත්"" ලෙසය. සිය ප්‍රතිවාදියා වූ ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් රටේ ආරක්ෂාව හා සම්බන්ධ සංවේදී කරුණු පිළ���බඳව කටයුතු කළ ආකාරය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළදී ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දැඩි විවේචනයට ලක් විය. පැවති ඔබාමා පාලනය යටතේ 2009 - 2013 කාලය තුළ ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්ලින්ටන් රාජ්‍ය කටයුතු සඳහා සිය පෞද්ගලික ඊමේල් ගිණුම භාවිත කොට ඇති බවට චෝදනා එල්ල වේ." -world-57136940,https://www.bbc.com/sinhala/world-57136940,ජෙරුසලමේ ප්‍රචණ්ඩ ක්‍රියා: ඊශ්‍රායල - පලස්තීන ගැටුම ගැන පැහැදිලි කිරීමක්,ජෙරුසලමේ හටගත් ගැටුම්වලින් පලස්තීනුවන් සියගණනක් හා ඊශ්‍රායල පොලිස් නිලධාරීන් විස්සකට වැඩි ප්‍රමාණයක් ද තුවාල ලබා තිබිණි.,"අලුතින් ප්‍රචණ්ඩ ක්‍රියා මතුවූයේ මාස කිහිපයක් පුරා පැවති උණුසුම් තත්ත්වයකින් අනතුරුව වුවත් ඊශ්‍රායල - පලස්තීන ගැටුම දශක ගණනාවක සිට ඇදී එන්නකි. ගැටුම ඇරඹුණේ කෙසේද? බෙත්ලෙහෙම - 20 වෙනි සියවස මුලදී සියක් වසක ගැටලුවක් පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව මැදපෙරදිග පලස්තීනය යනුවෙන් හැඳින්වුණු ප්‍රදේශයේ පාලනය බ්‍රිතාන්‍යය යටතට පත් විණි. එසේ වූයේ එම කොටසේ පාලනය ගෙන ගිය ඔටොමාන් අධිරාජ්‍යය පරාජයට පත් කිරීමෙන් අනතුරුවය. එම භූමියේ සුළුතරය යුදෙව් ජාතිකයන් වූ අතර බහුතරය අරාබි විණි. දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වය මතුවන්නට වූයේ, පලස්තීනය තුළ යුදෙව් ජනතාව වෙනුවෙන් ""ජාතික නිවහනක්"" ගොඩනැගීමේ කාර්යය ජාත්‍යන්තර ප්‍රජාව විසින් බ්‍රිතාන්‍යයට පැවරීමත් සමග ය. එම භූමිය සිය පාරම්පරික නිවහන බව යුදෙව්වන් පැවසුවත් ඊට පලස්තීන අරාබි වැසියෝ ද හිමිකම් කියමින් අදාළ පියවරට එරෙහි වූහ. හැග්නාහ් (යුදෙව් රහසිගත) සටන්කරුවෙක් - 1948 ඊශ්‍රායල නිදහස් යුද්ධයට ආසන්නයේ 1920 සහ 40 ගණන්වල සිට එම භූමිය වෙත පැමිණෙන යුදෙව් ජනයාගේ සංඛ්‍යාව ඉහළ යමින් පැවතිණි. එසේ ආ බොහෝ දෙනා යුරෝපයේ එල්ල වූ වධහිංසාවලින් ගැලවීම සඳහා මෙන්ම දෙවෙනි ලෝක යුද්ධයේ සංහාරයෙන් පසු නිජබිමක් අපේක්ෂාවෙන් පැමිණියෝ වූහ. යුදෙව් හා අරාබි ජාතීන් අතර ප්‍රචණ්ඩත්වය මෙන්ම බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි ප්‍රචණ්ඩත්වය ද ඉහළ නගින්නට විණි. ඒ අනුව පලස්තීනය යුදෙව් හා අරාබි රාජ්‍ය ලෙස වෙන් කරමින් ද ජෙරුසලම ජාත්‍යන්තර නගරයක් බවට පත් කරමින් ද එක්සත් ජාතීන් 1947 දී යෝජනාවක් සම්මත කර ගත්හ. යුදෙව් නායකයින් විසින් පිළිගන්නා ලද එම සැලසුම අරාබි පාර්ශවය විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර කිසිදා ක්‍රියාවට නොනැගිණි. හැග්නාහ් ලෙස හැඳින්වුණු යුදෙව් ස්වයං-ආරක්ෂක හමුදාවේ සටන්කරුවන් වෙත ප්‍රහාර එල්ල කරන අරාබි මිත්‍ර හමුදාවේ සෙබළුන් - 1948 මාර්තු ඊශ්‍රායලයේ නිර්මාණය සහ 'මහා විපත' ගැටලුව විසඳිය නොහැකි වූ තැන 1948 දී බ්‍රිතාන්‍ය පාලකයින් ඉන් ඉවත්ව ගිය අතර ඊශ්‍රායල රාජ්‍යය බිහිවීම යුදෙව් නායකයින් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. බොහෝ පලස්තීනුවන් ඊට විරෝධය දැක්වූ අතර යුද්ධයක් ඇරඹිණි. අසල්වැසි අරාබි රටවල හමුදා ආක්‍රමණය කළහ. ලක්ෂ ගණනක පලස්තීනුවන්ට පලායාමට හෝ සිය නිවෙස් අතහැර යාමට බලකෙරුණු එම සිදුවීම ඔවුන් විසින් හඳුන්වනු ලැබුවේ 'අල් නක්බා' නොඑසේ නම් 'මහා විපත' යනුවෙනි. ඊළඟ වසරේදී සටන්විරාමයක් සමග ගැටුම් අවසන් වනවිට භූමි ප්‍රදේශයේ වැඩි ප්‍රමාණයක් ඊශ්‍රාලයේ පාලනය යටතේ පැවතිනි. ජෝර්දානය විසින් අල්ලාගන්නා ලද භූමිය බටහිර ඉවුර නමින් හැඳින්වුණු අතර ගාසා ප්‍රදේශය ඊජිප්තුව විසින් අත්පත් කරගෙන තිබිණි. ජෙරුසලම බෙදී ගොස් තිබුණේ එහි බටහිර කොටස ඊශ්‍රායල හමුදාව සහ නැගෙනහිර කොටස ජෝර්දාන හමුදාව අතට පත්කෙරිමිනි සෑම පාර්ශවයක් ම එකිනෙකාට චෝදනා කරන අතරේ සාම ගිවිසුමක් නොතිබූ හෙයින් ඉන් පසු එළඹුණු දශක ගණන තුළ යුද්ධ හා ගැටුම් හට ගත්තේය. මේ ගැනත් දැනගන්න: වර්තමාන සිතියම එසේ 1967 දී ඇති වූ තවත් යුද්ධයකදී නැගෙනහිර ජෙරුසලම හා බටහිර ඉවුරත්, සිරියානු ගෝලාන් කඳුකරයේ වැඩි ප්‍රමාණය මෙන්ම ගාසා සහ ඊජිතුවේ සිනායි අර්ධද්වීපය ද ඊශ්‍රායලය විසින් අත්පත් කරගන්නා ලදී. බොහෝ පලස්තීන සරණාගතයින් සහ ඔවුන්ගෙන් පැවතෙන්නෝ ගාසා හා බටහිර ඉවුර මෙන්ම අසල්වැසි ජෝර්දානය, සිරියාව හා ලෙබනනයේ වෙසෙති. එම සරණාගතයින්ට හෝ ඔවුන්ගෙන් පැවතෙන්නන් හට යළි සිය නිවෙස් වෙත පැමීණීමට ඊශ්‍රායලය ඉඩ නොදේ. ඊශ්‍රායලය පවසන්නේ එසේ කළහොත් සිය රට පිරී ඉතිරී යනු ඇති අතර යුදෙව් රාජ්‍යයක් ලෙස එහි පැවැත්මට තර්ජනයක් වන බවකි. 1967 සය දින යුද්ධයේදී අත්පත් කරගත් නැගෙනහිර ජෙරුසලම කරා ඊශ්‍රායල හමුදා අණදෙන නිලධාරීන් පැමිණෙන අයුරු ඊශ්‍රායලය තවදුරටත් බටහිර ඉවුර අත්පත් කරගෙන සිටී. ගාසා තීරයෙන් ඊශ්‍රායලය ඉවත් වුව ද එක්සත් ජාතීන් විසින් එය තවදුරටත් සලකනු ලබන්නේ අත්පත් කරගන්නා ලද භූමියේ කොටසක් ලෙසිනි. සමස්ත ජෙරුසලම සිය අගනුවර බව ඊශ්‍රායලය පවසන අතර සිය අනාගත පලස්තීන රාජ්‍යයේ අගනුවර නැගෙනහිර ජෙරුසලම වන බව පලස්තීනුවෝ පවසති. එසේ මුළු නගරයටම ඊශ්‍රායලය හිමිකම් පෑම පිළ��ගත් අතලොස්සක් වූ රටවල් අතරට ඇමෙරිකා එක්සත් ජනපදය අයත් වේ. ගෙවී ගිය 50 වසර තුළදී අදාළ ප්‍රදේශවල ඊශ්‍රායලය විසින් ජනපද ගොඩ නගනු ලැබ ඇති අතර මේ වනවිට එහි 600,000 ට වැඩි යුදෙව් ජනතාවක් වාසය කරති. මෙය ජාත්‍යන්තර නීතියට අනුව නීති විරෝධී වන අතර සාමයට බාධාවක් බව පලස්තීනුවන් පවසතත්, ඊශ්‍රායලය එය ප්‍රතික්ෂේප කරයි. දැන් සිදුවන්නේ කුමක් ද? නැගෙනහිර ජෙරුසලම, ගාසා හා බටහිර ඉවුරේ වෙසෙන පලස්තීනුවන් හා ඊශ්‍රායලය අතර නිතර උණුසුම් තත්ත්ව හටගනී. ඊශ්‍රායලය සමග බොහෝ විට යුද වැදුණු හමාස් නමින් හඳුන්වන පලස්තීන සන්නද්ධ කණ්ඩායම ගාසා පාලනය කරයි. ඔවුන් වෙත අවි ලැබීම නැවැත්වීම සඳහා ඊශ්‍රායලය මෙන්ම ඊජිප්තුව ද ගාසා තීරය සමග ඇති සිය දේශසීමා දැඩි පාලනයකට යටත් කර තිබේ. ඊශ්‍රායලයේ ක්‍රියා සහ සීමා හමුවේ තමන් පීඩා විඳින බව ගාසා මෙන්ම බටහිර ඉවුරේ වෙසෙන පලස්තීනුවෝ පවසති. එහෙත් ඊශ්‍රායලය පවසන්නේ පලස්තීනුවන්ගේ ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂාවීම සඳහා පමණක් තමන් ක්‍රියාත්මක වන බවය. 2021 අප්‍රේල් මස මැද ශුද්ධ වූ මුස්ලිම් මාසය ආරම්භයේ සිට තත්ත්වය උත්සන්න වූයේ පොලිසිය හා පලස්තීනුවන් අතර රාත්‍රී කාලයේ හටගන්නා ගැටුම් සමගිනි. නැගෙනහිර ජෙරුසලමේ ඇතැම් පලස්තීන පවුල් තර්ජනාත්මකව ඉවත් කිරීමද ප්‍රකෝපය ඉහළ යාමට හේතු විය. ගාසා තීරය හා ඊශ්‍රායලය අතර දේශසීමාව ආසන්නයේ ඊශ්‍රායල හමුදා සමග ඇතිවූ ගැටුම් ප්‍රධාන ගැටලු මොනවාද? ඊශ්‍රායලය හා පලස්තීනුවන් අතර එකඟතාවක් ඇති නොවන ගැටලු ගණනාවකි. පලස්තීන සරණාගතයින්ට කුමක් සිදුවේද, බටහිර ඉවුරේ යුදෙව් ජනාවාස එසේ පවතින්නේද නැති නම් ඉවත් කරන්නේද, ජෙරුසලම දෙපාර්ශවය විසින් ම බෙදාහදාගනු ලබන්නේද, සහ වඩාත් දුෂ්කර කරුණ වන ඊශ්‍රායලය පසෙකින් පලස්තීන රාජ්‍යය ගොඩනැගිය යුතුද යන ගැටලු ඒ අතර වේ. වසර 25 ක් පුරා අතරින් පතර සාම සාකච්ඡා පැවතිය ද අර්බුදය තවමත් විසදී නැත. අනාගතයට ඉතිරිව ඇත්තේ කුමක් ද? කෙටියෙන් පවසතොත්, මෙම තත්ත්වය ඉතා ඉක්මණින් විසඳෙන බවක් පෙනෙන්නට නැත. වඩාත් මෑත කාලීන සාම සැලසුම සකසනු ලැබුවේ එක්සත් ජනපදය විසිනි. ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපති ධුරය දරන සමයේ දී ය. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් එය හඳුන්වනු ලැබුවේ ""සියවසේ එකඟතාව"" (the deal of the century) ලෙසය. එය ඒක පාර්ශ්වික යැයි පවසමින් පලස්තීනුවන්ගේ ප්‍රතික්ෂේප කිරීමට ලක්වූ එම සැලසුම ක්‍���ියාවට නොනැගිණි. අනාගතයේ මොනයම් හෝ සාම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වීමට නම්, දෙපාර්ශවයම සංකීර්ණ ගැටලු විසඳාලීමට එකඟ විය යුතුය. එය ඉටුවන තාක්, අර්බුදය තවත් ඉදිරියට යනු ඇත." -130122_indo_lanka_trade_sampoor,https://www.bbc.com/sinhala/sri_lanka/2013/01/130122_indo_lanka_trade_sampoor,ඉන්දු-ලංකා වෙළෙඳාම දෙගුණ කිරීමට එකඟවෙති,ඉදිරි වසර තුන ඇතුලත ද්විපාර්ශ්වික වෙළෙඳාම ඩොලර් බිලියන දහයක් දක්වා දෙගුණ කිරීමට ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ බලධාරීහු එකඟත්වය පළ කළහ.,"ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීම පිළිබඳව ඒකාබද්ධ නිවේදනයේ කිසිදු සඳහනක් නැහැ ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ශීඩ් සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ජී එල් පීරිස්ගේ සම සභාපතිත්වයෙන් නවදිල්ලි අගනුවරදී පැවැත්වුණු ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ අට වැනි සැසිවාරයේදීයි, මෙම එකඟත්වයට එළැඹී තිබෙන්නේ. දෙපාර්ශවය අතර ද්විත්ව බදු වැළැක්වීමේ ගිවිසුමකට සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදයට හා මත්ද්‍රව්‍ය ජාවාරමට වැට බැඳීමේ ගිවිසුම් දෙකකට ද අමාත්‍යවරු දෙදෙනා මෙහිදී අත්සන් තැබූහ. යුද්ධයෙන් අවතැන් වූ උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් ඉන්දියාව විසින් මේ වනවිට නිවාස 1000ක් තනා දී ඇති බවත්, තවත් නිවාස 49,000 ක් තනා දීමේ ව්‍යාපෘතියක් පසුගිය වසරේ ඔක්තෝබරයේදී ආරම්භ කළ බවත් සමුළුවෙන් අනතුරුව නිකුත් කරන ලද නිවේදනයක සඳහන්. නව විදුලි බලාගාර කෙසේ නමුත්, යුද්ධයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව ඇතිකිරීමෙහිලා ප්‍රගතියක් නොමැතිවීම පිළිබඳව ඉන්දියාවට තවදුරටත් මුනිවත රැකිය නොහැකි බවයි, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් බීබීසී දෙමළ සේවයට කියා සිටියේ. ""ඒ නිසා ශ්‍රී ලංකාව සම්බන්ධ ඉන්දීය ප්‍රතිපත්තියේ ප්‍රබල වෙනසක් විය යුතුයි කියල අපි තරයේ විශ්වාස කරනවා. ලංකාවේ ආණ්ඩුව සතුටු කරන විදියේ ප්‍රතිපත්තියක් ඉන්දියාව අනුගමනය කරමින් ඉන්න බවක් තමයි අපිට දැන් පේන්න තියෙන්නේ,"" ඔහු පැවසීය. ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීම පිළිබඳව ඒකාබද්ධ නිවේදනයේ කිසිදු සඳහනක් නැහැ. දැනට ඇනහිට තිබෙන සාම්පූර් විදුලි බලාගාරය ඉදිකිරීමේ කටයුතු 2016 වසර වනවිට ආරම්භ කළ යුතු බවටද දෙපාර්ශවය එකඟ වූ බවත් නිවේදනයේ සඳහන්. එමෙන්ම මෙගවොට් 15 ක ධාරිතාවයෙන් යුත් කාබනික විදුලි බලාගාර තුනක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම සඳහා සහයෝගයෙන් ක්‍රියා කිරීමටත් දෙපාර්ශවය එකඟ ���ී තිබේ. ජාත්‍යන්තර මුහුදු සීමාවේ මසුන් අල්ලන ධීවරයන්ට එල්ල වන ප්‍රහාර අවම කිරීමට කැප වන බවට ද දෙපාර්ශවය එකඟත්වය පළ කළහ. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා" -140205_piac_report_lanka_warcrimes,https://www.bbc.com/sinhala/sri_lanka/2014/02/140205_piac_report_lanka_warcrimes,යුද අපරාධ වැසීමට 'සමූහ මිනී වල වනසලා',දහස් ගණන් සිරුරු වල දමා තිබූ බවට සැක කැරෙන උතුරේ සමුහ මිනී වල කිහිපයක් යුද අපරාධ සාක්ෂි වසන් කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා විසින් විනාශ කොට ඇතැයි නැගුනු චෝදනා ශ්‍රී ලංකාවේ රජය විසින් ප්‍රතික්ෂේප කැරුණි.,"යුද්ධයේ අවසාන දින වලදී (JDS) ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අදියරේ දී ජාත්‍යන්තර නීති කඩවීම් පිලිබඳ විමසමින් නිකුත් කරන ලද නවතම වාර්තාවක යි රජයේ සන්නද්ධ හමුදා වලට දොස් පවරා ඇත්තේ. ICEP හෙවත් ජාත්‍යන්තර අපරාධ පිලිබඳ සාක්ෂි විමසන ව්‍යාපෘතිය එලි දැක්වූ පිටු දෙසිය තිස් පහක ලියවිල්ලක දැක්වෙන පරිදි රජයේ හමුදාවේ මෙන්ම එල්ටීටීඊ යේත් සාමාජිකයන් ජාත්‍යන්තර මානවීය නීති සහ මානව හිමිකම් නීති උල්ලංඝනය කළ බවට සාක්ෂි ලැබී තිබේ. යුද අපරාධ වාර්තා ගත උල්ලංඝන බොහොමයක් යුද අපරාධ ගනයේ ලා සැලකීමට කරුණු ඇති බවයි එහි සඳහන් වන්නේ. වාර්තාවේ කතුවරයකු වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රකාශක ගෝඩන් වයිස් බීබීසී යට කියා සිටියේ යුද්ධයේ අවසාන වකවානුවේ දී සාමාන්‍ය ජනතාව කොටු වී සිටි ප්‍රදේශයේ සිරුරු වල දමා තිබුණු බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ යුද්ධය සම්බන්ධයෙන් 2011 දී නිකුත් කළ විශේෂඥ වාර්තාවේ ප්‍රමිතිය ම නව වාර්තාව සඳහා යොදා ගත් බවයි ගෝඩන් වයිස් පවසන්නේ. වන්නි යුද බිමේ අවසාන සමයේ (JDS) සාක්ෂි වාචක, ඡායාරූප හා වීඩියෝ, චන්ද්‍රිකා දර්ශන, විශ්වසනීය ලේඛන මෙන් ම එක්සත් ජාතීන්ගේ සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු මුලාශ්‍ර ගණනාවක් වාර්තාව සැකසීමේ දී විශ්ලේෂණය කැරුණු බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ. විශ්වසනීය නොවන ‘සමාගමක්’ කෙසේ වෙතත් වාර්තාව සම්පාදනය කළ ආයතනයේ විශ්වසනීයත්වය ශ්‍රී ලංකා රජයේ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරියගේ ප්‍රශ්න කිරීමට ලක් වුනි. ICEP යනු මීට පෙර හඳුනා ගෙන නැති ‘සමාගමක්’ බව පැවසූ බ්‍රිගේඩියර් වනිගසුරිය වැරැදී තොරතුරු පදනම් කොට ගෙන නගන චෝදනා පිළිබඳ පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව බීබීසී යට කියා සිටියේය. යුද වැදි දෙපාර්ශවයම කළ බවට චෝදනා කැරෙන අපරාධ අතුරින් වැඩි ප්‍රමාණයක් සිදු ��ොට ඇත්තේ ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක සේනා බවයි වාර්තාව පවසන්නේ. චෝදනා නඩු විභාගයකින් ඔප්පු කැරුනොත් ආණ්ඩුවේ බලධාරීන්ට, රජයේ හමුදාවේ අණදෙන නිලධාරීන්ට මෙන්ම ජීවතුන් අතර සිටින එල්ටීටීඊ සංවිධානයේ ජ්‍යෙෂ්ටයන්ටත් දඬුවම් හිමි වනු ඇති බවත් එහි සඳහන්. එල්ටීටීඊයට එරෙහි චෝදනා ළමා සොල්දාදුවන් බඳවා ගැනීම, ප්‍රාණ ඇපයට ගැනීම සහ සාමාන්‍ය වැසියන් ඝාතනය කිරීම එල්ටීටී ඊ යට එරෙහි චෝදනා අතර වන බව ගෝඩන් වයිස් පවසයි. නව වාර්තාවේ ඇත්තේ රජය මීට ඉහත දී එල්ටීටී ය සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇති චෝදනා ම බවයි හමුදා ප්‍රකාශකයා කියා සිටියේ. එමෙන්ම ඔහු ප්‍රකාශ කළේ ඒ පිලිබඳ ඡායාරූප හා වීඩියෝ දර්ශන ඇතුලත් සාක්ෂි ද රජය විසින් ප්‍රසිද්ධියට පත් කොට තිබෙන බව යි. මාර්තු මස අග දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණයක් වෙත ශ්‍රී ලංකා රජය සහ සන්නද්ධ සේනා කැඳවා ගෙන යාම වාර්තාවේ අරමුණ බවට බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය නගන චෝදනා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රකාශක ගෝඩන් වයිස් ප්‍රතික්ෂේප කළේ ය. එසේ වෙතත්, එය ද ICEP හෙවත් ජාත්‍යන්තර අපරාධ පිලිබඳ සාක්ෂි විමසන ව්‍යාපෘතිය විසින් සැලකිල්ලට ගන්නා ලද කරුණක් බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ." -sri-lanka-43075744,https://www.bbc.com/sinhala/sri-lanka-43075744,ඇමෙරිකානු සහ ඉන්දීය තානාපතිවරු ජනපති මෛත්‍රී හමුවුනේ ඇයි?,පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුවීමෙන් අනතුරුව රටේ හටගෙන තිබෙන දේශපාලන අර්බුදය හමුවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපතිවරයා සහ ඉන්දියාවේ මහා කොමසාරිස්වරයා පසුගිය අඟහරුවාදා (පෙබරවාරි 13) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවූහ.,"ජනපති සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර හමුවක් (සංරක්ෂිත ඡායාරූපයකි) විශේෂයෙන්ම රටේ පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව ඔවුන් දෙදෙනා වෙන වෙනම ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තිබේ. 2015 ජනවාරි 08 වෙනි දින මැතිවරණයෙන් අනතුරුව රටේ දියත් කළ දේශපාලන ප්‍රතිසංස්කරණ සහ ජයග්‍රහණ රැකගැනීම පිණිස ක්‍රියාකරන මෙන් ඔවුන් දෙදෙනාම එහිදී ජනපතිවරයාගෙන් ඉල්ලා සිටි බව විශ්වාස කටයුතු මාර්ගවලින් බීබීසී සිංහල සේවයට අනාවරණය වේ. මැතිවරණ ප්‍රතිඵලයෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉල්ලා අස් වී පක්ෂයේ වෙනත් නායකයෙකුට අගමැති පදවිය ලබා දිය යුතු බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබේ. එහෙත් මේ සතිය ඇතුළත කිහිප වතාවක්ම ජනපතිවරයා හමු වූ අගමැතිවරයා ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර තිබේ. තවත් කියවන්න: ජනපති හමු වූ තානාපතිවරුන් දෙදෙනා අගමැති පදවිය පිළිබඳව සිය මතය පළ කළේ දැයි යන්න පැහැදිලි නැත. මේ අතර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රීලනිප මන්ත්‍රීවරු උත්සාහ කරමින් සිටිති. අගමැති පදවියෙන් ඉවත්විය යුතු නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද අගමැති රනිල් වික්‍රමසිංහ අමතා සඳහන් කළ බව අමාත්‍ය රාජිත සේනාරත්න කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළ නමුත් නාරාහේන්පිට අභයාරාමයේදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා ""පට්ට පල් බොරුවක්"" ලෙසින් පවසමින් එය ප්‍රතික්ෂේප කළේය. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිකුරාදා උදෑසන මාධ්‍ය ප්‍රධානීන් මුණගැසීමට නියමිතව සිටි නමුත් අවසාන මොහොතේ එම හමුව අවලංගු කරනු ලැබ තිබේ." -world-49498991,https://www.bbc.com/sinhala/world-49498991,තායිලන්ත රජතුමාගේ වල්ලභ ස්ත්‍රියගේ දුර්ලභ ඡායාරූප පෙළක් එළිදැක්වේ,තායිලන්ත රජතුමාගේ වල්ලභ ස්ත්‍රියගේ දුර්ලභ ඡායාරූප පෙළක් පළ කිරීමත් සමඟ අති විශාල පිරිසක් මාලිගාවේ වෙබ් අඩවියට පිවිසීම හේතුවෙන් වෙබ් අඩවිය බිඳ වැටී ඇතැයි වාර්තා වේ.,"තායිලන්ත රජුගේ නව අගමෙහෙසිය ලෙස සීන්නීනාත් වොන්වෂිරාපක්දි පසුගිය ජූලි මස දී පත් කරන ලදී 34 හැවිදිරි සීන්නීනාත් වොන්වෂිරාපක්දි (Sineenat Wongvajirapakdi) ප්‍රහාරක ගුවන් නියමු ඇඳුමකින් සහ ආයුධ සන්නද්ධ හමුදා ඇඳුමකින් සැරසී සිටින ඡායාරූප වෙබ් අඩවියේ පළ කර තිබිණ. 67 හැවිදිරි තායිලන්තයේ මහා වජිරලොංකොර්න් රජු සුතිදා රැජින සමග විවාහ වී දෙමසකට පසු පසුගිය ජූලි මස සීන්නීනාත් වොන්වෂිරාපක්දිට සිය නිල සහකාරිය තනතුර පිරිනැමීය. සුතිදා රැජින තායිලන්ත රජුගේ සිව්වන බිරිඳය. සිය වසරකට ආසන්න කාලයකින් පසු පළමු වරට රාජකීය නිල සහකාරිය තනතුරට පත් කළ සීන්නීනාත් වොන්වෂිරාපක්දි හමුදාවේ මේජර් ජෙනරාල්වරියකි. සීන්නීනාත් වොන්වෂිරාපක්දි තායිලන්තයේ සිහසුන අරා සිටි පූමිපොන් අදුන්යදේජ් රජුගේ අවමගුල් උත්සවයේ දී අදාළ ඡායාරූප පළ කර තිබූ වෙබ් අඩවියට අති විශාල පිරිසක් පිවිසීම නිසා එය බිඳ වැටුණු බව රොයිටර් පුවත් සේවය පවසයි. ඡායාරූප සමග ඇයගේ චරිතාපදානය ද වෙබ් අඩවියේ පළ කර තිබිණි. පුහුණු ගුවන් නියමුවරියක්, හෙදියක් සහ ආරක්ෂක නිලධාරිනියක වන සීන්නීනාත් වොන්වෂිරාපක්දිගේ ""චරිතාපදානය ලියා තබන ලෙසට"" තායිලන්ත රජු නියම කළ බව මාලිගාව නිකුත් කළ නිවේදනයක දැක්වේ. මේ තොරතුරුද කියවන්න: 'පූඩ්ල්' වර්ගයේ බලු පැටවෙකු රැගත් මහා වජිරලොංකොර්න් රජු සහ සීන්නීනාත් වොන්වෂිරාපක්දි හිටපු ගුවන් සේවිකාවක සහ රජුගේ ආරක්ෂක අංශයේ උප ප්‍රධානියෙකු ලෙස කටයුතු කළ 41 හැවිදිරි සුතිදා රැජින මහා වජිරලොංකොර්න් රජුගේ දීර්ඝ කාලීන සහකාරිය වන අතර, වසර ගණනාවක සිට ඔවුන් දෙදෙනා ප්‍රසිද්ධියේ දැක ගත හැකි විය. දිගු කලක් තායිලන්තයේ සිහසුන අරා සිටි පූමිපොන් අදුන්යදේජ් රජුගේ අභාවයෙන් අනතුරුව ඔහුගේ පුතු වන මහා වජිරලොංකොර්න් හට 2016 වසරේදී සිහසුන උරුම විය. සීන්නීනාත් වොන්වෂිරාපක්දි (මැද), රජු (වමේ) සීන්නීනාත් වොන්වෂිරාපක්දි තායිලන්ත රජු තම දේවිය වන 'සුතිදා' රැජිනගේ හිස මත ශුද්ධ ජලය ඉසීමෙන් අනතුරුව රාජකීය නව යුවළ විවාහ ලේකම් පුස්තකයෙහි අත්සන් තැබූහ රජු සහ සුතිදා රැජින සිය විවාහ උත්සවයේ දී තවත් තොරතුරු:" -140731_jafna_protest_media,https://www.bbc.com/sinhala/sri_lanka/2014/07/140731_jafna_protest_media,දෙමළ මාධ්‍ය නිදහස ඉල්ලා උද්ඝෝෂණ,උතුරේ සහ දකුණේ ජනමාධ්‍ය සංගම් කීපයක් සහ ස්වේච්ඡා සංවිධාන කීපයක් එකතුව යාපනයේ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන ගියහ.,"කොළඹ පැවති ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීමේ වැඩමුළුවකට යාපනයේ සිට යමින් සිටි දෙමළ මාධ්‍යවේදීන් පිරිසකට වවුනියාව ඕමන්තෙයි මුරපොලේ දී යුද හමුදාවෙන් සහ පොලිසියෙන් එල්ල කෙරුණ බාධා කිරීම් සහ කොළඹ දී සංවිධානාත්මක පිරිසක් ඔවුන්ට හිරිහැර කිරීමට සූදානම් වීමට එරෙහිව මෙම උද්ඝෝෂණය දියත් කළ බවයි, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම් කරු සුනිල් ජයසේකර ප්‍රකාශ කළේ . දෙමළ මාධ්‍යවේදීන් මර්දනය කිරීමේ උත්සාහයක් රජයට ඇති බව කී ඔහු යුද්ධයෙන් පසුව එවැනි තත්ත්වයක් කිසිවෙකුත් අපේක්ෂා නො කළ බවත් කියා සිටියේය. මෙම උද්ඝෝෂණයේ අරමුණ රටේ ගොඩනැගී ඇති ඉහත කී තත්ත්වය සම්බන්ධයෙන් රජයට විරෝධය පළ කිරීම බවයි සුනිල් ජයසේකර තවදුරටත් කියා සිටියේ. දකුණේ සහයෝගය දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ ටී. විනෝත් පවසන්නේ එදා සිටම මේ රටේ සෑම රජයක් ම දෙමළ මාධ්‍යවේදීන් මර්දනය කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් සිය සංගමයේ විරෝධය සියලු දෙමළ ජනතාව සමග එකතු වී පළ කරණ බවයි. දෙමළ මාධ්‍යවේදීන්ටද මේ රටේ සමාන අයිතිවාසිකමක් ඇති හෙයින් ඔවුන්ට එම අවස්ථාව ලබා දීම පිණිස තම සංවිධානය කටයුතු කරණ බවයි, දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංගමයේ ලක්ෂ්මන් ගුණසේකර කියා සිටියේ. දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා සහ සුරේෂ් ප්‍රෙමචන්ද්‍රන් ඇතුළු තවත් දෙමළ දේශපාලනඥයින් කීප දෙනෙකු ද මේ උද්ඝෝෂණයට එක් වූහ." -sri-lanka-36419511,https://www.bbc.com/sinhala/sri-lanka-36419511,සටනට බැස්සේ ආපසු හැරෙන්න නොවෙයි -වෛද්‍යවරු,ආණ්ඩුවෙන් ධනාත්මක ප්‍රතිචාරයක් නොලදහොත් ශ්‍රී ලංකාව පුරා ඇති සියලු රෝහල් සම්බන්ධ කර ගනිමින් අඛණ්ඩ වැඩවර්ජනයක් සඳහා ලබන සතියේ තීන්දු තීරණ ගන්නා බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.,රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නලින්ද හේරත් කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශය ගැටලුව විසඳනවා වෙනුවට සිය වැඩවර්ජනය අසාර්ථක බව පෙන්වීමේ උත්සාහයක නිරත වන බවයි. මේ පිළිබඳව තීරණය ගැනීම සඳහා මධ්‍යම කාරක සභාව හදිසි රැස්වීමක් කැඳවා ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත්. 'අපි මේ සටනට බැස්සේ සිදුවන ඕනෑම අභියෝගයකට කරදරයකට මුහුණ දෙන්න සුදානම් වෙලා. ආපසු හැරීමක් නැහැ. ඉදිරියේදී වෙනත් සේවාවල වෘත්තීය සමිතිත් එකතුවෙන්න පුළුවන් ඇමතිවරයා ඉවත් කරන්න කියල.' ඔහු මේ බව කියා සිටියේ බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සංවාදයකට එක්වෙමිනි. *හඬ පටයට මෙතැනින් සවන් දෙන්න. මීළඟ පියවර වන්නේ ඇමතිවරයා ඉවත් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් වාදය අවසන් විය යුතු බවත් එසේ නොවන්නේ නම් මීළඟ පියවර වන්නේ ඇමතිවරයා ඉවත් කිරීම බවට ලේකම්වරයා අනතුරු අඟවයි. 'සිදු වියයුතු මුලිකම කාරණය වෛද්‍යවරුන්ගේ පත්වීම් සහ මාරු වීම් වලට කෙරෙන දේශපාලන බලපෑම නතර විය යුතුයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් වාදය අවසන් විය යුතුයි. ඉන්න සෞඛ්‍ය අමාත්‍යවරයා නිවැරදි කරලා හදා ගන්නත් පුළුවන්. නිවැරදි කිරීම අපහසුනම් ඔහු ඉවත් කිරීම තමයි ඊළඟ පියවර.' ඔහු අනතුරු ඇඟවීය. වෛද්‍යවරුන්ගේ පශ්චාත් සීමාවාසික පත් කිරීම් ලැයිස්තු සකස් කිරීමේ දී සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න කිසිදු බලපෑමක් සිදු නොකළ බව සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල සඳුදා පැවසා තිබුණි. ඒ සම්බන්ධයෙන් විමසීමේදී වෛද්‍ය නලින්ද හේරත් කියා සිටියේ අමාත්‍යවරයාගේ අවශ්‍යතාව මත සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එවැනි ප්‍රකාශයක් සිදු කළ බවයි. -150107_india_hindu_maharaj,https://www.bbc.com/sinhala/world/2015/01/150107_india_hindu_maharaj,ආගම වෙනුවෙන් වැඩිපුර දරුවන්,තම ආගම රැක ගැනීම වෙනුවෙන් ‘අවම වශයෙන් දරුවන් හතර දෙනෙකුවත් බිහි කරන මෙන් ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ දේශපාලනඥයෙක් හින්දු කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කර ඇත.,සක්ෂි මහාරාජ් නම් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් කරන ලද එම ඉල්ලීමට අන්තර්ජාල සමාජ මාධ්‍ය තුළ විශාල ප්‍රතිචාරයක් ලැබී තිබෙන අතර වැඩි දෙනා විසින් ඔහු පුරුසෝත්තමවාදියකු සහ වෙනත් ආගමික මතවාද නොඉවසන්නෙකු ලෙස දැඩි දෝෂ දර්ශනයට ලක් කරන බවයි වාර්තා වන්නේ. බීබීසී වාර්තාකාරිනී ජිල් මැක්ගිවරින් (Gill MacGivering) ඒ පිළිබඳව තොරතුරු ගෙනෙමින් කියා සිටියේ ඇතැමුන් ‘මහාරාජ්ගේ ගේ අදහස් අනුමත කරන නමුත් වැඩිදෙනා ඔහු උපහාසයට ලක් කරන බවයි’. ‘මහාරාජ්ගේ අදහස් අනුමත නොකරන පුද්ගලයන් අහන්නෙ මේ විදියට විශාල පවුල් ඇති කරන්න කියල දේශපාලනඥයෝ උපදෙස් දෙනව නම් ඉන්දියාවේ ජනගහණ ප්‍රතිපත්ති වලට මොකද වෙන්නෙ කියලයි. මහත්මා ගාන්ධි ඝාතනය කරපු පුද්ගලයා ජාතික වීරයෙක් විදියට හඳුන්වල මේ පුද්ගලයා මෑතදී චෝදනාවට ලක් වුණා’. සක්ෂි මහාරාජ් මන්ත්‍රීවරයා විසින් කරන ලද ඉහත කී ප්‍රකාශය දක්ෂිණාංශික හින්දු දේශපාලනඥයන් සහ හිතවාදී කණ්ඩායම් විසින් සිදු කරනු ලැබ එවැනි ප්‍රකාශ මාලාවක නවතම ප්‍රකාශය වන අතර එය වර්තමාන ඉන්දීය රජය මුස්ලිම් සහ රටේ අනෙකුත් සුළු ජාතිකයන් යට කර දැමීමට ගෙන යන වැඩ පිළිවෙලක් කොටසක් හැටියටයි චෝදනාවට ලක් වන්නේ. -world-50993928,https://www.bbc.com/sinhala/world-50993928,ඔස්ට්‍රේලියාව: ගින්නෙන් විනාශ වූ සතුන් ප්‍රමාණය දැන ගන්නේ කෙසේ ද?,ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනිවලින් මේ වන විට සතුන් මිලියන 480ක් මියගොස් ඇතැයි වාර්තා පළ වෙමින් තිබේ.,"මෙම ගණන හෙළි කර ඇත්තේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ජෛව විවිධත්වය පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය ක්‍රිස් ඩික්මන්ය. මිලියන 480ක් සතුන්ට ලැව් ගිනිවල බලපෑම එල්ල වී ඇති බව මහාචාර්යවරයා නිකුත් කළ වාර්තාවේ සඳහන් වී තිබුණ නමුත්, එවැනි ප්‍රමාණයක් මිය ගිය බව වාර්තාවේ පැහැදිලි ලෙස විස්තර කර නොමැත. කෙසේවෙතත්, වාර්තාවේ මාතෘකාව වන්නේ ගින්නෙන් සතුන් 480ක් මියගොස් ඇති බවය. ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වන ප්‍රදේශ එළි පෙහෙළි කිරීම හේතුවෙන් සතුන්ට ඇතිවන බලපෑම පිළිබඳ 2007 වර්ෂයේ දී මහාචාර්ය ක්‍රිස් ඩික්මන් 'World Wide Fund for Nature' (WWF) සංවිධානයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන දත්ත පදනම් කරගෙ�� මෙම සතුන් ප්‍රමාණය ඇස්තමේන්තු කර ඇත. හෙක්ටයාරයක් ඇතුළත ක්ෂීරපායි සතුන් 17.5ක්, කුරුල්ලන් 20.7ක් සහ උරගයන් 129.5ක සාමාන්‍යයක් දැකිය හැකි බව එම වාර්තාවේ ඇස්තමේන්තු කර තිබිණි (වර්ග මීටර 10,000ක ප්‍රදේශයක් වන මෙය ජාත්‍යන්තර රග්බි පිටියක ප්‍රමාණයට සමානය). එම සතුන් ප්‍රමාණය ගින්න පැතිරී ඇති භූමි ප්‍රදේශයෙන් වැඩි කිරීමෙන් 'මිලියන 480ක්' යන ගණන තක්සේරු කර තිබේ. ""දින දහයකට පෙර නිව් සවුත් වේල්ස්හි හෙක්ටයාර මිලියන තුනක භූමි ප්‍රදේශයක ගින්න පැතිරී තිබුණ අතර මිලියන 480ක් පමණ ක්ශීරපායී සතුන්, කුරුල්ලන් සහ උරගයන්ට ගින්නෙන් බලපෑම් එල්ල වී ඇති බව අපි තක්සේරු කළා,"" මහාචාර්ය ක්‍රිස් ඩික්මන් පැවසීය. ""විශේෂයෙන්ම කැන්ගරූ හෝ 'එමු' කුරුල්ලන් හෝ වෙනත් කුරුල්ලන්ට ගින්න පැතිරෙනකොට ඉවතට යන්න පුළුවන් වෙන්න ඇති"" යැයි මහාචාර්යවරයා බීබීසී 'බ්‍රෙක්ෆස්ට්' වැඩසටහනට පැවසීය. ""කැලෑව මත යැපෙන කුඩා සතුන් වර්ග සහ හිමින් ගමන් කරන සතුන් මේ ගින්නට හසු වන්නට ඇති බව මම සිතනවා."" කෙසේනමුත්, ගින්නෙන් දිවි ගලවාගත් බොහෝ සතුන් ආහාර සහ වාසස්ථාන නොමැතිව පසුව මිය යනු ඇති බව මහාචාර්යවරයා තවදුරටත් පැවසුවේය. ගින්නෙන් බලපෑම් එල්ල වූ සතුන් ගණන අතිශයෝක්තියෙන් දක්වා ඇති බව යෝක් විශ්වවිද්‍යාලයේ පරිසරවේදිනියක වන කොලින් බීල් බීබීසී 'රියැලිටි චෙක්' වෙත පැවසීය. ""අප්‍රිකාවේ මම වැඩ කළ ප්‍රදේශවල මම හොඳටම දන්නවා සෘජුව ගින්නට හසු වීමෙන් මිය යන්නේ ඉතා කුඩා කුරුල්ලන් ප්‍රමාණයක් විතරයි. ඔවුන්ට ගින්නෙන් ඉවතට පියඹා යෑමේ හැකියාව තිබෙනවා. ඔස්ට්‍රේලියාවේත් අනිවාර්යයෙන්ම මේ විදිහට සිදු වෙලා ඇති,"" ඔහු පැවසීය. කෙසේවෙතත්, මෙම දත්තවල යම් අඩුපාඩු දක්නට ඇත. ප්‍රථමයෙන්, මෙහි තක්සේරු කර ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට සිදු වූ හානිය පමණය. නමුත්, ගින්න වික්ටෝරියා ප්‍රාන්තයට ද පැතිරී ගොස් තිබේ. එමෙන්ම, මේ වන විට පෙර සඳහන් කළ හෙක්ටයාර මිලියන තුනට වඩා වැඩි ප්‍රදේශයක ගින්න පැතිරී ගොස් තිබේ. ඒ හේතුවෙන්, පෙර ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා වැඩි සතුන් ප්‍රමාණයක් ගින්නේ බලපෑමෙන් පීඩා විඳිනු ඇත. කෙසේ නමුත්, මතක තබා ගත යුතු වැදගත්ම කරුණ නම්, මෙම අංක තක්සේරු කිරීමක් පමණක් යන වගය. මෙය මධ්‍යස්ථ අංකයක් පමණක් බව වාර්තාවේ ලේඛකයා ද පවසන්නේය. ගින්නෙන් හානි වූ සතුන්ගෙන් වැඩි ප්‍රමාණයක් උරගයන් ලෙස දක්වා තිබුණ ද ප්‍රමාණය නිශ්චිතව දැක්විය නොහැකිය. ""බොහෝ සතුන් වර්ගවල නිශ්චිත ගණනයක් නැහැ. අනෙක් සතුන්ගේ ගණනත් සමඟ යම් තක්සේරු කිරීමක් තමයි සිදු කරන්න වෙන්නේ,"" එක්සත් රාජධානියේ රෙඩින් විශ්වවිද්‍යාලයේ පරිසරය පිළිබඳ මහාචාර්ය ටොම් ඔලිවර් බීබීසී 'රියැලිටි චෙක්' වෙත පැවසීය. ""එක් එක් උරග වර්ග ගැන වෙනම ගණනයක් කොහෙත්ම සිදු කර නැහැ. මේ ගැන 1985 දී එක පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. එහිදී තක්සේරු කර ඇත්තේ එක් වර්ගයක උරගයන් දස දෙනෙකු හෙක්ටයාරයක් තුළ ජීවත් වන බවයි,"" මහාචාර්යවරයා පැවසුවේය. ""උරගයන් ගින්නෙන් දිවි ගලවාගන්නේ කෙසේදැයි කියලා තක්සේරු කරන්න අපහසු වුවත්, මේ හා සමාන ප්‍රදේශවල බොහෝ උරගයන් ජීවත් වන්නේ පස්වල,"" යැයි කොලින් බීල් පැවසීය. ඔස්ට්‍රේලියා ලැව් ගින්න: ආරක්ෂාව පතා දහස් ගණනක් පළා යති ""පස් ඉතා හොඳ ගිනි ආරක්ෂණයක්. ඒ නිසා, විශාල ගින්නක දී වුව ද උරගයන්ට නොමැරී සිටින්නට හැකි වෙන්න පුළුවන්."" ""ගින්නට හසු වූ සතුන් බොහොමයක් ඇත්තටම මියයාමේ ඉඩකඩ බොහෝ අඩුයි. නමුත් ඔවුන් දිගු කල් ජීවත් වේ දැයි යන්න ප්‍රශ්නයක්."" මේ වන විට තත්වය සෙනසුරාදා (ජනවාරි 4) ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට වැඩි වූ අතර, දේපළ සහ භූමිය විනාශ කරමින් ස්ථාන 200ක පමණ තවදුරටත් ගින්න පැතිර යමින් පවතී. 2019 සැප්තැම්බර් මස ආරම්භ වූ මෙම ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් ඇත. තවත් විශාල ප්‍රමාණයක් අතුරුදහන් වී ඇති අතර, නිවාස 1500ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබේ. මේ වන විට හෙක්ටයාර ලක්ෂ නවයක් විනාශ වී ඇතැයි බලධාරීන් පැවසූ බව ABC පුවත් සේවය වාර්තා කළේය. මේ තොරතුරුද කියවන්න:" -sri-lanka-36697806,https://www.bbc.com/sinhala/sri-lanka-36697806,ඩකා ප්‍රහාරය: 'ශ්‍රී ලාංකිකයන් සැඟවී දිවි බේරා ගෙන',ඩකා අගනුවර ආපන ශාලාවට ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ ප්‍රහාරකයන්ගෙන් සැඟවී දිවි බේරා ගත්තේ යයි එහි සිටි ශ්‍රී ලාංකික යුවල තමන්ට පැවසූ බව බංග්ලාදේශයේ වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය සේසත් තාඹුගල පවසයි.,"'මේ සිද්ධිය පිළිබඳ ඒ දෙදෙනාට ගොඩක් දේවල් මෑතක නැහැ. විස්තර කතා කළ හැකි මානසික තත්වයක නොවෙයි ඔවුන් ඉන්නේ' ඔවුන් දෙදෙනාට කිසිදු ශාරීරික හානියක් සිදු වී නැතත් දැඩි මානසික කම්පනය හේතුවෙන් තවමත් අගනුවර හමුදා රෝහලක ප්‍රතිකාර ලබන බවත් වැඩබලන මහ කොමසාරිස්වරිය බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළාය. ""ඒ දෙන්නට ගොඩක් දේවල් මතක නැහැ. විස්තර කතා කළ හැකි මානසික තත්වයක නොවෙයි ඔවුන් ඉන්නේ. වෛද්‍යවරුත් උපදෙස් දී තිබෙන්නේ විවේක ගන්න කියලා,"" ඇය පැවසීය. ප්‍රහාරයට මැදි වූ ශ්‍රී ලාංකික යුවල දීර්ඝ කාලයක සිට බංගලාදේශයේ වාසය කරන බවත් වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය සේසත් තාඹුගල සඳහන් කළාය. ලාංකිකයන්ගේ ආරක්ෂාව ඉහළ යමින් තිබෙන ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ බංගලාදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වැඩපිළිවලක් ක්‍රියාත්මක කොට ඇති බවත් ඇය කියා සිටියාය. ඒ යටතේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි කිරීම ආරම්භ කොට ඇති බවයි, බංග්ලාදේශයේ වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කළේ. බංග්ලාදේශයේ ඩකා අගනුවර රාජ්‍යතාන්ත්‍රිකයන් වෙසෙන ප්‍රදේශයේ ආපන ශාලාවකට තුවක්කුකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයට හසු වී මරුමුවට පත් විසි දෙනාම විදේශිකයන් බව එරට බලධාරීහු පවසති. ඉස්ලාමීය රාජ්‍ය සටන් සංවිධානය ප්‍රහාරයේ වගකීම භාර ගෙන ඇති අතර තුවක්කුකරුවන් සහ පොලිසිය අතර හට ගත් වෙඩි තැබීමේදී පොලිස් භටයන් දෙදෙනකු ද මරුමුවට පත් විය. ආරක්ෂක අංශ විසින් එහි සිටි ප්‍රහාරකයන් හය දෙනකු මරා දැමූ බවත් බලධාරීහු සඳහන් කරති." -sri-lanka-37267335,https://www.bbc.com/sinhala/sri-lanka-37267335,යුක්තිය ඉටු නොවූ සාලියවැව පොලිස් ප්‍රහාරය,පුත්තලම සාලියවැව පොලිසියේ නිලධාරීන් යයි පැවසෙන පිරිසක් විසින් පහර දුන් බව කියා සිටින ගැබිණි මවට සාධාරණය ඉටු කරන මෙන් කාන්තා සංවිධාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.,"සවිස්ත්‍රී, කාන්තා ශක්තිය ඇතුළු සංවිධාන කීපයක කාන්තා ක්‍රියාධාරිනියෝ පහර කෑමට ලක් වූ බව පැවසෙන ගැබිණි මවගේ නිවසට ගොස් තොරතුරු විමසූහ. සවිස්ත්‍රී කාන්තා සංවිධානයේ ක්‍රියාධාරිනියක වන පද්මා පුෂ්පකාන්ති එහිදී කියා සිටියේ අදාළ පහර දීම සම්බන්ධයෙන් පැමිණිලි කොට මාස දෙකක පමණ කාලයක් ගත වී ඇතත් මෙතෙක් කිසිඳු පරීක්ෂණයක් සිදු කොට නොමැති බවයි. 'ගැබිණි කාන්තාවකට අමානුෂික ආකාරයට පහර දීම පොලිස් දෙපාර්තමේන්තුවට වසර එකසිය පනහක් සපිරෙන අද දිනයේ අපි දැඩි ලෙස හෙලා දකිනවා.' පද්මා පුෂ්පකාන්ති පවසන්නීය. පහර දීමට ගොදුරු වූ ගැබිණි මවට සාධාරණය ඉටු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ජාත්‍යන්තරය තුළත් දැනුවත් කිරීම් සිදු කරන බවයි කාන්තා ශක්ති සංවිධානයේ ක්‍රියාධාරිනී රෝහිණී ව��රසිංහ කියා සිටියේ. දේශපාලන සහ නිල බලයක්‌ නොමැති සාමාන්‍ය ජනතාව ඉහත කී ආකාරයේ හිරිහැර ආදියට දිනපතාම මෙන් මුහුණ දෙන බවත් ඇය කියා සිටියි. සාලිය වැව පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරනු ලබන පරීක්ෂණවල ප්‍රගතිය දැන ගැනීම සඳහා පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධ කර ගැනීමට බීබීසිය ගත් උත්සාහය අසාර්ථක විය." -130507_commonwealth,https://www.bbc.com/sinhala/world/2013/05/130507_commonwealth,පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිණ සහභාගි නොවේ,මේ වසර අගදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිණ සහභාගි නොවන බව බකිංහැම් මාලිගය නිවේදනය කළේය.,"පොදු රාජ්‍ය මණ්ඩලයේ නායිකාව වන එලිසබෙත් රැජිණ 1973 න් පසුව එම සමුළුවට සහභාගි නොවන පළමු වතාව මෙයයි. 87 හැවිරිදි රැජිණගේ දීර්ඝ විදේශ චාරිකා ප්‍රමාණය අඩු කිරීම පිලිබඳ අවධානය පලවී තිබෙන බව පවසන බකිංහැම් මාලිගය, බ්‍රිතාන්‍ය කිරුල හිමි චාර්ල්ස් කුමරු ඇය නියෝජනය කරමින් රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන බව ද නිවේදනය කොට තිබේ. ශ්‍රී ලංකාවේ දිගින් දිගටම මානව හිමිකම් උල්ලංඝනයන් සිදුවන බව පවසන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට එරෙහිව උද්ඝෝෂණයක යෙදී සිටී. සමුළුව වර්ජනය කරන බව කැනඩාවේ අගමැතිවරයා දැනටමත් නිවේදනය කොට තිබේ. කෙසේ නමුත්, රැජිණගේ තීන්දුව සහ එම උද්ඝෝෂණය අතර කිසිදු සම්බන්ධයක් නැති බවයි, බකිංහැම් මාලිගය පවසන්නේ. එලිසබෙත් රැජිණ නියෝජනය කරමින් සමුළුවට සහභාගි වන චාල්ස් කුමරු තමන් හරසරින් පිළිගන්නා බව, ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි" -140618_beruwala_muslim,https://www.bbc.com/sinhala/sri_lanka/2014/06/140618_beruwala_muslim,බේරුවල අවතැන් වුවෝ උද්ඝෝෂණයක,දැඩි මතධාරී බෞද්ධයන් සහ සුළු ජාතික මුස්ලිම් ජාතිකයන් අතර ඇතිවුණු ගැටුම් වලින් පසු ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක බලපැවැත්වුණු ඇඳිරි නීතිය බලධාරීන් විසින් ඉවත්කොට ඇත.,ආරක්ෂාව තහවුරු කරන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් සහතිකයක් ලැබෙන තුරු ඉවත්ව නොයන බව ඔවුන් පවසති ආපසු නිවෙස් වලට යන ලෙස මෙසේ ලැගුම් ගෙන ඇති ජනතාවගෙන් රජය ඉල්ලා ඇති අතර ආරක්ෂාව තහවුරු කරන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් සහතිකයක් ලැබෙන තුරු තමන් ඉවත්ව නොයන බව ඔවුන් පැවසුහ. ඉරිදා ඇතිවූ ගැටුම් වලින් පසු පුද්ගලයන් හතර දෙනෙකු මියගොස් අසු දෙනෙකුට පමණ තුවාල සිදුවූ අතර ආරක්ෂාව පතා නිවෙස් අතහැර ගිය දහස් ගණනක් මිනිසුන් අතර වැඩි වශයෙන් මුස්ලිම් පිරිස් තවමත් තාවකාලික රැඳවුම් කඳවුරු වල හා පල්ලි වල ලැගුම් ගෙන ඇති බවයි පැවසෙන්නේ. සිංහල ජනතාව නොවෙයි ගින්නෙන් නිවෙස් විනාශ වූ එම බේරුවල මුස්ලිම් ජනතාව වැඩි දුරටත් පවසන්නේ මෙම ගැටුම් ඇති කරන්නේ බොදු බල සංවිධානය මිස සාමාන්‍ය සිංහල ජනතාව නොවන බවයි. අද උදැසන බ්බිසි වාර්තාකරු අසාම් අමීන් බේරුවෙල අල් හුම්සේරා විද්‍යාලයට යනවිට එහි සිටි අවතැන්වුවන් රජයට එරෙහිව විරෝධතාවයක් පවත්වමින් සිටියහ. තමන්ට එල්ලවූ ප්‍රහාරයට බොදු බල සේනා සංවිධානය සම්බන්ධ බවට චෝදනා කල මෙම අවතැන්වුවන් තත්වය යහපත්වී ඇති නිසා මෙම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස රජය කල ඉල්ලීමද ප්‍රතික්ෂේප කළහ. තම ආරක්ෂාව පිළිබඳව විශ්වාසයක් ඇතිවූ පසු මෙම ස්ථානයෙන් පිටවිය හැකි බවයි බේරුවල ලෆීර් ජමිල් පවසා සිටියේ. 'පොලීසිය බලා සිටිද්දී ගෙට ගිනි තිබ්බා' බිබිසියට අදහස් දැක්වූ බේරුවෙල අල් හුම්සේරා විද්‍යාලයේ විදුහල්පති මොහමඩ් රිස්කි පැවසුවේ මෙම පිරිසට තම නිවෙස් කරා ඉවත්ව යන ලෙස දැනුම් දී ඇත්තේ රජයේ ඉහළ නිලධාරින්විසින් බවයි අවතැන්ව මෙම පාසලේ ලැගුම් ගෙන සිටින මුස්ලිම් ජාතික කාන්තාවන් ඉතාමත් ආවේගශීලීව ප්‍රශ්න කළේ තමන්ට මෙවන් තත්වයක් ඇති කලේ ඇයිද යන්න අසමින්. තමන්ගේ නිවස ඇතුළු සියලු දේ විනාශ වී ඇති බව පැවසූ බේරුවල සිත්ති ෆර්සනා පැවසුවේ පොලිසිය බලා සිටිය දී කළහ කරුවන් තම නිවසට ගිනි තැබූ බවයි. තමන්ට සිදුවුණු අසාධාරණයට යුක්තිය ඉටු කළ යුතු බවයි ඔවුන් කඳුළු පිරි දෙනෙතින් ඉල්ලාසිටියේ. 'රජයෙන් කිසිම සහනයක් නැහැ' මෙම අවතැන් කඳවුරු වල සිටින ජනතාවට රජයෙන් කිසිදු සහනයක් නොලැබුණු බවයි එම ජනතාව බිබිසිය ට පැවසුවේ. මෙම අවතැන්කදවුරේ සිටින ජනතාවගේ විනාශ වූ ගෙවල් දොරවල් නැරඹීමටද බිබිසිය බේරුවල ප්‍රරදේශයේ සංචාරය කල අතර එම විනාශවූ නිවස අසල සිල්ලර කඩයක් පවත්වාගෙන යන පි සිරිසේනගෙන් අපට පැවසුවේ මෙම නිවසවලට මෙවන් තත්වයක් ඇතිවීම පිළිබඳව බලවත්සේ කම්පාවන බවයි. බේරුවෙල අල් හුම්සේරා විද්‍යාලයට අද උදැසන සිට රජයේ අමාත්‍යවරුන් හා නිලධාරින් පැමිණ සිටියේ තත්වය විමර්ශනය කිරීමටයි. මාධ්‍යවේදීන් විසින් එක් රැස් කරගන්නා තොර���ුරු ශ්‍රී ලංකාවේ කිසිදු මධ්යක පල නොකරන බවට අද උදැසන බේරුවලට පැමිණි මාධ්‍යවේදීන්ට අවතැන්වුවන්ගෙන් චෝදනාවක්ද එල්ලවිණි. යුරෝපා සංගමය අනතුරු අඟවයි බලධාරීන් පවසන්නේ ප්‍රහාරයන්ට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් පනහකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇති බවයි. දඩිමතධාරී බෞද්ධ සංවිධානයක් වන බොදුබලසේනා සංවිධානය විසින් මුස්ලිම් විරෝධී රැළියක් පැවැත්වීමෙන් අනතුරුව හටගත් මෙම ගැටුම් වලදී නිවෙස් දහයකට වැඩි ප්‍රමාණයක් සහ වෙළඳසැල් කිහිපයක් ද ගිනි තැබිණි. මේ අතර රටේ නීතිය හා සාමය රැකීමට පියවර ගන්නා ලෙස යුරෝපා සංගමය විසින්ද ශ්‍රී ලංකා රජයට අනතුරු ඇඟවීමක් කර තිබේ. -sport-36570539,https://www.bbc.com/sinhala/sport-36570539,තරඟ පාවා දීම: අයිසීසීයේ 'පරීක්ෂණයක් නැහැ',තරඟ පාවා දීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් පොලඹවා ගැනීමේ උත්සාහයක් පිළිබඳව ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ පරීක්ෂණයක් නොපැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.,'කට උත්තරයක් ලබා දීම ක්‍රීඩකයන්ගේ සුභසිද්ධිය සහ නිර්දෝෂීභාවය වෙනුවෙන් කළ දෙයක්.' අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ තරඟ පාවාදීමේ උත්සාහයක් පිළිබඳව ජගත් පාලක මණ්ඩලය විසින් පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබෙන අතරවාරයේ ශ්‍රී ලංකා පොලිසියටද පැමිණිලි කිරීම මගින් ක්‍රිකට් ක්‍රීඩකයන් මානසික පීඩනයකට ලක් කෙරුණ බවට ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් බීබීසී සංදේශය වෙත කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි. කෙසේ වෙතත් පොලිස් මූල්‍ය විමර්ශන කොට්ඨාශය ඒ සම්බන්ධයෙන් ජගත් පාලක මණ්ඩලයේ බලධාරීන් හා සාකච්ඡා කළ යුතුව තිබෙන බවයි අමාත්‍යවරයා පවසන්නේ. එම සාකච්ඡාවලින් අනතුරුව පරීක්ෂණ අවසාන වනු ඇති බවත් අමාත්‍යවරයා සංදේශයට කියා සිටියේය. රංගන හේරත් සහ කුසල් ජනිත් පෙරේරා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කොට පොලිස් පරීක්ෂණයක් ආරම්භ කළ බවයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අවධාරණය කළේ. 'මේ ක්‍රීඩකයන් අදාළ කාරණය පිළිබඳ අපට දන්වපු නිසා අපි පොලිස් පරීක්ෂණ ආරම්භ කළා. කට උත්තරයක් ලබා දීම ඔවුන්ගේ සුභසිද්ධිය සහ නිර්දෝෂීභාවය වෙනුවෙන් කළ දෙයක්.' එහෙත් අදාළ පරීක්ෂණය ක්‍රීඩකයන්ට මානසික පීඩාවක් ගෙන දෙන්නක් බැවින් එය නිමා වෙන්නේ කෙදිනක දැයි තමන් අවධානයෙන් සිටින බවයි රංගන හේරත් සංදේශයට කියා සිටියේ. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය එංගලන්ත සංචාරය තුළ දැක්වූ පසුබෑමට දුර්වල සංවිධානයත් එක හේතුවක් බව ඇතැම් විචාරකයන්ගේ මතයයි. එහෙත් කණ්ඩායමේ එංගලන්ත සංචාරය සංවිධානය කරන ලද්දේ පැවති අතුරු පාලක කමිටුව විසින් බැවින් සංවිධානයේ දුර්වලතා පිළිබඳව වගකිව යුත්තේ එම කමිටුව බවයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසන්නේ. -sri-lanka-49646990,https://www.bbc.com/sinhala/sri-lanka-49646990,"ජනාධිපතිවරණය: අපේක්ෂකත්වය ගැන අවසන් තීරණයකට රනිල්, කරු, සජිත් අද හමුවේ",එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අර්බුදයට පිළියමක් සෙවීම සඳහා අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවසන් නිගමනයකට එළඹෙනු ඇතැයි විවිධ පාර්ශව වෙතින් අදහස් පළවෙමින් තිබේ.,"අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසුරිය හා අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර එම විශේෂ සාකච්ඡාව අද සවස 6 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකු බීබීසි සිංහල සේවයට පැවසීය. එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර හමුවක් ඉරිදා පැවැත්වීමට නියමිත වුවත් එය ඒ අයුරින් සිදු වූයේ නැත. අද මෙම සාකච්ඡාව පැවැත්වෙනුයේ, ජනාධිපතිවරණය කැඳවීමේ ව්‍යවස්ථාපිත බලය අද (10) දින සිට මැතිවරණ කොමිසමට හිමිවන අතර අද සිට ඕනෑම මොහොතක ජනාධිපතිවරණය කැඳවිමට කොමිසමට හැකියාව ලැබෙන පසුබිමකය. ""අද මෙම සාකච්ඡාවේදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරයි කියලා අපි හිතනවා. පක්ෂයේ බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම එයයි."" බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට සහය දක්වන අමාත්‍ය හරින් ප්‍රනාන්දු කියා සිටියේය. එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයන් හමුවූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඔහු අවධාරණය කළේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ජනාධිපතිධුර අපේක්ෂකත්වය හිමි නොවන කිසිදු වෙනත් යෝජනාවකට තම පාර්ශවය ""එකඟ නොවන බව"" බවය. මේ අතර සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට විරෝධය දක්වන පාර්ශවය පෙන්වාදෙන්නේ ඔහුට පක්ෂයේ බිම් මට්ටමේ යම් සහයක් වුවද ඔහුට ජනාධිපතිධුරය ජයගැනීමට අවශ්‍ය සියලු පාර්ශවයන්ගේ සහය ලබාගැනීමට නොහැකි බවය. මෙම තත්ත්වය තුළ පසුගිය දින කිහිපයේ එක්සත් ජාතික පක්ෂයට සහය දෙන පක්ෂ සමග සාකච්ඡා වට කිහිපයක් අමාත්‍ය සජිත් ප්‍���ේමදාස පවත්වා තිබෙන බව බීබීසි සිංහල සේවයට වාර්තාවේ. එවන් එක් සාකච්ඡාවක් අමාත්‍ය සජිත් ප්‍රේමදාස හා දෙමළ ජාතික සන්ධානයේ නායකයන් ඊයේ (09) දින යාපනයේදී පැවැත්විණි. එම සාකච්ඡාව සාර්ථක එකක් වූ බව සජිත් ප්‍රේමදාස පාර්ශවය පවසයි. මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස විරෝධී කණ්ඩායමේ අදහස වී තිබෙන්නේ ජනාධිපතිවරණයට අගමැති රනිල් වික්‍රමසිංහ හෝ කථානායක කරු ජයසුරිය එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් විය යුතු බවය. විධායක ජනාධිපතිධුරය අහෝසිකිරීමේ අපේක්ෂක ලෙස කරු ජයසුරිය කතානායකවරයා ජනාධිපතිධුරයට ඉදිරිපත් කළහොත් ඊට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අනිකුත් සුලු පක්ෂවල සහය ලබාගත හැකි බව එම පාර්ශවය ලබාදී තිබෙන තවත් යෝජනාවකි. මේ සියල්ල, අද අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසුරිය සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර පැවැත්වෙන සාකච්ඡාවේදී කතාබහට ලක් කරනු ඇති බව ද වාර්තා වේ." -141120_climate_change_support_fund,https://www.bbc.com/sinhala/world/2014/11/141120_climate_change_support_fund,දේශගුණ වෙනස්වීම් වෙනුවෙන් ගෝලීය අරමුදලක්,"දේශගුණ වෙනස් වීම් හේතුවෙන් ඇති වන විපත් වැළැක්වීමට සහ කාබන් වායුව නිකුත් නොකරන හරිත තාක්ෂණය වැඩි දියුණු කිරීම මගින් ගෝලීය උණුසුම පාලනයට, ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට අයදුම් කළ හැකි අරමුදලක් පිහිටුවා ගැනේ.","බර්ලින් නුවරට රැස්වූ ලොව සංවර්ධිත රටවල් විසින් පිහිටුවා ගෙන ඇති අරමුදල ඩොලර් බිලියන නමයකට අධිකයි. ලෝක ව්‍යාප්ත අරමුදලක් අරමුදල ක්‍රියාත්මක වන අකාරය පිළිබඳව අදහස් දක්වන, බීබීසී පාරිසරික වාර්තාකරු නවීන් කද්ඛා පැවසුවේ මෙය දේශගුණ වෙනස් වීම් වෙනුවෙන් වෙන් කළ ලෝක ව්‍යාප්ත අරමුදලක් බවයි. “දේශගුණ වෙනස්වීම් වෙනුවෙන් මේ අරමුදල භාවිතා කළ හැකි ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ලොව පුරා රටවල් වලට ගෝලීය උණුසුම වැඩි වීමට බලපාන කාබන් ඇතුළු වායු නිපදවීමෙන් තොරව භාවිතා කළ හැකි හරිත තාක්ෂණය වැඩි දියුණු කිරීමට අරමුදල් සැපයීම. මෙමගින් හැකි වෙනවා ගෝලීය උණුසුම වැඩි වීම යම් තරමකට පමා කරන්න” ගෝලීය උණුසුම මගින් ඇති කරන ස්වාභාවික ආපදා වලින් මිදීමට පියවර ගැනීම, දෙවන පියවර ලෙස විස්තර කළ ඔහු ගංවතුර සහ නාය යාම් පාලනය, මුහුදු ජල මට්ටම ඉහල නැගීම පාලනයට ගල් වැටි ඉදි කිරීම යනාදිය උදාහරණ ලෙස දක්වා සිටියේය. සංවර්ධිත රටවල වගකීම සාමාන්‍යයෙන් අරමුදල් සපයන්නේ සංවර්ධිත රටවල් වුවත් ඔවුන් මුදල් සපයන්නේ පොහොසත් බව නිසා නොවන බව මෙහි විශේෂත්වය බවයි ඔහු පැවසූවේ. ගෝලීය උණුසුම ඉහල යාමට බලපාන ක්‍රියාකාරකම් වැඩි වශයෙන් සිදු වන්නේ මේ රටවල නිසා ඒ වෙනුවෙන් ඔවුන්ට අරමුදල් සැපයීමට සිදුවන බවයි ඔහු පවසන්නේ. අරමුදලෙන් මුදල් ලබා ගත හැකි රටවල් වෙන්නේ, දේශගුණ වෙනස් වීම් වලින් දැඩි ලෙස පීඩා විඳින සහ තර්ජන වලට ලක් වී සිටින රටවල්. උදාහරණයක් විදිහට දූපත් ලෙස පවතින රටවල් මුහුදට යට වීමේ තර්ජනයට ලක්ව ඇත. එසේම කඳු වලින් ගොඩ නැගුණු රටවල් දිගින් දිගටම නාය යාම් වලට ලක් වෙයි. 'ශ්‍රී ලංකාවටත් අයැදුම් කළ හැකියි' ශ්‍රී ලංකාවේ බදුල්ල ප්‍රදේශයේ සිදු වූ නාය යාම් සංවර්ධනය වන රටවලට දේශගුණ වෙනස් වීම් පාලනය හෝ වැළැක්වීම වෙනුවෙන් දියත් වන ව්‍යාපෘති වලට මුදල් ලබා ගැනීමට අයැදුම් කළ හැකියි. “ඒ වෙනුවෙන් ක්‍රම වේදයක් සැකසීම, මුදල් දෙන්නේ මොන රටවලටද? අයදුම් පත් සලකා බලන ආකාරය වැනි දේවල් තවමත් නිසි ලෙස තීරණය වී නැහැ. නමුත් දේශගුණ වෙනස් වීම් වෙනුවෙන් පිහිටවපු මෙවැනි අරමුදල් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වී නැති බවයි පෙනී යන්නේ. අරමුදල් ලද ව්‍යාපෘතීන් ඉතා ස්වල්පයක් පමණයි වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් වැදගත් ප්‍රශ්නය තමයි නව අරමුදල කෙසේ ක්‍රියාත්මක වෙයිද කියන එක?,” බීබීසී පාරිසරික වාර්තාකරු නවීන් කද්ඛා පැවසුවේය. දරුණු නියඟයකට මුහුණ පෑ එසේම ගංවතුර සහ නාය යාම් වලට මුහුණ දුන් ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන් අයැදුම් කිරීමට කිසිදු බාධාවක් නැති නමුත් ප්‍රශ්නය අයදුම් පත් සලකා බැලීමට සහ මුදල් ලබා දීමට කොපමණ කල් ගත වේද යන්න බවයි ඔහු සඳහන් කළේ. “අනිත් කරුණ තමයි මුදල් ලබා ගැනීමට විශාල තරඟයක් ඇතිවෙයි. මොකද මින් පෙර අරමුදල් වෙන් වුනේ දුප්පත් රට වලට නමුත් නව අරමුදල වෙනුවෙන් ඉන්දියාව වැනි සීග්‍ර වර්ධනයක් සහිත රටවලත් අයදුම් කරන්න පුළුවන්. ඒ නිසා තරඟය වැඩියි,” බීබීසී පාරිසරික වාර්තාකරු නවීන් කද්ඛා තවදුරටත් පැවසුවේය." -141118_thisara_victor_ivan,https://www.bbc.com/sinhala/sri_lanka/2014/11/141118_thisara_victor_ivan,ජනාධිපති පරාජය වීමේ ඉඩකඩ වැඩියි -වික්ටර් අයිවන්,විරුද්ධ පක්ෂය ‘දක්ෂ ලෙස ක්‍රීඩා කිරීමට අසමත් වුනත්’ ඉදිරි ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජයට පත් වීමට වැඩි ඉඩකඩක් ඇති බව දේශපාලන විශ්ලේෂක වික්ටර් අයිවන් පවසයි.,"හාමුදුරුවෝ බිත්තරය කැඩුවා -දේශපාලන විශ්ලේෂක වික්ටර් අයිවන් ඔහු තවදුරටත් කියා සිටියේ වත්මන් ��නාධිපතිවරයාට එරෙහිව රට පුරා ක්ෂුද්‍ර සංවිධාන දහස් ගණනක් ගොඩ නැගී ඇති බවයි. - හඬ පටය අමුණා ඇත. ‘ජනාධිපතිවරයා ඉතා ළඟ ළඟ තරඟයකින් දිනුවත් මීළඟ මහ මැතිවරණයෙන් වැඩි ඉඩක් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක් බිහි වෙන්න. ඒ ජයග්‍රහණය ජනාධිපතිවරයාගේ අත් ශක්තිමත් කරනවාට වඩා දුර්වල කරන්නයි හේතු වෙන්නේ. මම හිතනවා ජනාධිපතිටත්, ආණ්ඩුවටත්, රටටත් හොඳයි මේ ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා පරදින එක.’ ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් පැවසීය. ‘හාමුදුරුවෝ බිත්තරේ කැඩුවා’ බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක් වෙමින් වික්ටර් අයිවන් තවදුරටත් කියා සිටියේ ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි ඉතා නිර්භීත ප්‍රවේශයකට එළැඹ ඇති බවයි. ‘ඇත්තටම ඒ හාමුදුරුවෝ බිත්තරය කැඩුවා. දැන් ඒ කඩපු බිත්තරය කුණු වෙන්න ඉස්සෙල්ල ඔම්ලට් එකක් තනා ගැනීම විරුද්ධ පක්‍ෂ ව්‍යාපාරවල අන් අයට බාරයි.’ ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ නිදහස් මාධ්‍යයක් නොමැති බවත් 'සියලු අවුල් ඇති කරන වැදගත් බලවේගයක් බවට පත් වී ඇත්තේ' එම මාධ්‍යයම බවත් දේශපාලන විශ්ලේෂක සහ ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් තවදුරටත් කියා සිටියේය. සම්පුර්ණ සාකච්ඡාවේ හඬ පටය මෙම පිටුවට අමුණා ඇත." -36362774,https://www.bbc.com/sinhala/36362774,සති කිහිපයක් ඇතුලත 'නාය යෑම් 400ක්',පසුගිය සති දෙක ඇතුලත ශ්‍රී ලංකාව පුරා ප්‍රදේශ ගණනාවක නාය යෑම් සහ නාය යා හැකි ස්ථාන 500 ක් පමණ වාර්තා වී තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.,"පසුගිය සති දෙක ඇතුලත ශ්‍රී ලංකාව පුරා ප්‍රදේශ ගණනාවක නාය යෑම් 400 ක් නාය යෑම් සිදු වුවත් ඒ පිළිබඳව තොරතුරු නොලැබෙන ස්ථානද තිබෙන බැවින් නාය යාම් පිළිබඳව නිශ්චිත තොරතුරු හෙළි කිරීම ඉතා අසීරු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් හා අධ්‍යන සේවා අංශයේ අධ්‍යක්ෂක ආර්එම්එස් බණ්ඩාර පවසන්නේ. ''පවතින මේ වර්ෂා කාලයත් සමඟම කෑගල්ල, රත්නපුරය, කළුතර, නුවරඑළිය, කුරුණෑගල, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්ක හතේ නාය යාමේ අවදානමක් පවතිනවා,"" ඔහු පැවසීය. අධි අවදානම් සහගත කලාප ලෙසින් හඳුනාගත් ප්‍රදේශවලින් 500 කට අධික පිරිසක් ගතව ගිය සති කිහිපය තුල ඉවත්කරගෙන තිබෙන බව බලධාරීහු පවසති පසුගිය දින කිහිපය පුරා පැවති අධික වර්ෂාවෙන් අනතුරුව ඉදිරියට නිරිත දිග මෝසම් වැස්ස ලඟා වන බැවින් එම දිස්ත්‍රික්කවල අවදානම් තත්වය පහව යනු නැති බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂවරයා පවසයි. අධි අවදානම් සහගත කලාප ලෙසින් හඳුනාගත් ප්‍රදේශවලින් 500 කට අධික පිරිසක් ගතව ගිය සති කිහිපය තුල ඉවත්කරගෙන තිබෙන බවත් ඔහු පැවසීය. ""බදුල්ල දිස්ත්‍රිකය ලංකාවේ නැගෙනහිර බෑවුමේ තියෙන්නේ. ඒ නිසා මේ කාලයේ වඩා වර්ශාපතනයක් ලැබෙන්නේ බටහිර බෑවුමෙන්. නමුත් නාය යෑම් ඇතිවන එක් දිස්ත්‍රික්කයක් ලෙස බදුල්ල දිස්ත්‍රික්කය හඳුනාගෙන තිබෙනවා."" කොස්ලන්ද මීරියබැද්දේ නාය යෑම එමෙන්ම වර්ශාපතනයත් සමග අවදානම් කලාප වරින් වර වෙනස්වන බවත් ඔහු පැවසීය. ""ඊසාන දිග මෝසමෙන් වර්ෂාව ලැබෙනකොට බදුල්ල, නුවරඑලිය දිස්ත්‍රික්කවලට වැඩිපුර වර්ෂාපතනය ලැබෙන්නේ. ඒ කාලයේදී බදුල්ල දිස්ත්‍රික්කයේදී නාය යෑම් අවදානමක් තිබෙනවා."" ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් හා අධ්‍යන සේවා අංශයේ අධ්‍යක්ෂක ආර්එම්එස් බණ්ඩාර වැඩිදුරටත් පැවසීය. 2014 ඔක්තෝම්බර් 29 වැනිදා බදුල්ල දිස්ත්‍රික්කයේ කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ නාය යෑම හේතුවෙන් 39 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර ලයින් කාමර පේලි 06 ක ජීවත්වූ පවුල් 75 කට පමණ නිවාස අහිමිවිය." -140622_sridharan_threatening,https://www.bbc.com/sinhala/sri_lanka/2014/06/140622_sridharan_threatening,'ශ්‍රීධරන්ට මරණ තර්ජන',යම්කිසි පිරිසක් විසින් තමන්ට දුරකතන ඇමතුම් ඔස්සේ මරණීය තර්ජන එල්ල කරන බවට දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් විසි දෙවැනි දා කිළිනොච්චිය පොලිසියට පැමිණිලි කර ඇත.,"'මරණ තර්ජන එල්ල වුයේ රජයට සම්බන්ධ පිරිසකගෙන් බවට සැකයක්' පසුගිය දින වල මේ රටේ මුස්ලිම් වැසියන්ට සිදු වූ අසාධාරණකම් පෙන්වා දෙමින් රජයට එරෙහිව උද්ඝෝෂණය කිරීම නිසා තමන්ට මෙවැනි මරණීය තර්ජන එල්ල වූ බව මන්ත්‍රීවරයා පවසයි. මුස්ලිම් වැසියන් වෙනුවෙන් පෙනී සිටින බව කියමින් තර්ජනය කළ පිරිස මරණීය තර්ජන එල්ල කළේ යැයි ද ඔහු පැවසීය. 'මරා දානවා' මෙවැනි ක්‍රියා නතර නොකළොත් සතියක් ඇතුළත පැහැර ගෙන ගොස් මරා දමන බවට තමන්ට තර්ජනය කළ පිරිස කියා සිට ඇති අතර මේ පිලිබඳ කිළිනොච්චිය පොලිසියට පැමිණිලි කළ අවස්ථාවේ ලැබුණු දුරකතන වල අංක ද පොලිසියට ලබා දුන් බව මන්ත්‍රීවරයා දිනසේන රතුගමගේ කළ විමසීමකදී සඳහන් කළේය. පොලිසියට පැමිණිලි කර විනාඩි කීපයකින් යළිත් තමන්ට පෙර පරිදි මරණීය තර්ජන එල්ල වීමත්, රජයට සම්බන්ධ කීපදෙනෙකුම ලැබුණු දුරකතන පණිවු��� ගැන උවමනාවට වඩා තමන්ගෙන් විමසීම නිසාත්, මේ මරණීය තර්ජන තමන්ට එල්ල වුයේ රජයට සම්බන්ධ පිරිසකගෙන් බවට සැකයක් හටගෙන ඇති වගද මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කිළිනොච්චිය පොලිසියේ ඉහළ නිලධාරියෙකු ප්‍රකාශ කලේ මන්ත්‍රීවරයාගේ පැමිණිල්ලෙහි සඳහන් තොරතුරු අධිකරණයට ඉදිරිපත් කොට දුරකතන අංක හිමි පිරිස සොයා ඔවුන්ට දඬුවම් ලබා දෙන බවයි." -150109_lanka_china_my3,https://www.bbc.com/sinhala/sri_lanka/2015/01/150109_lanka_china_my3,නව ජනපතිට විදෙස් සුබ පැතුම්,"ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූ මෛත්‍රීපාල සිරිසේනට චීනය, ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය සුබ පතති.","හොන්ග් ලී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ශ්‍රී ලංකාවේ නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට දුරකතනයෙන් කතා කොට ශුභ පැතූ බවයි ඉන්දියානු මාධ්‍ය මගින් වාර්තා කෙරුණේ. සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී අනාගතයක් වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් වෙත ශුභාශිංසන පිරිනමන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ‘ට්වීටර්’ පණිවිඩයක් මගින් කියා සිටියි. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක හොන්ග් ලී (Hong Lei) ශ්‍රී ලංකාවේ දේශපාලන පරිවර්තනය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබුණ නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සිය රටේ ශුභ පැතුම් පිරිනමන බවයි. ශුභ අනාගතයක් ‘අපි ශ්‍රී ලංකා රජයට සහ නව පාලනය තුළ එරට ජීවත් වෙන ජනතාවට ශුභ පතනවා’ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක හොන්ග් ලී පැවසීය. නව ජනාධිපතිවරයාගේ පාලනය යටතේ ශ්‍රී ලංකාව සංවර්ධන මාවතේ ප්‍රගතියක් ලබනු ඇතැයි තම රට ප්‍රාර්ථනා කරන බවත් ඔහු සඳහන් කළේය. ‘චීනය සහ ශ්‍රී ලංකාව අතර ඉතා දැඩි පෞරාණික මිත්‍රත්වයක් පවතිනවා. ශ්‍රී ලංකාවේ මින් පෙර බලයේ සිටි හැම ආණ්ඩුවක්ම චීනය සමඟ ශක්තිමත් ගතික සහයෝගී සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගියා’ විදේශ අමාත්‍යංශ ප්‍රකාශක හොන්ග් ලී වැඩිදුරටත් කියා සිටියේය. එම ද්විපාර්ශ්වීය සම්බන්ධතාවය සමාන පදනමක් මත ගොඩ නැගුන එසේම විශ්වාසය සහ අන්‍යෝන්‍ය යහපත උදෙසා වූවක් බවත් ඔහු සිහිපත් කළේය. ඇමරිකානු රාජ්‍ය ලේකම් නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ මෛත්‍රිපාල සිරිසේන සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ අපේක්ෂාවෙන් සිටින බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසයි. සාර්ථක අයුරින් මැතිවරණය නිමා වීම පිළිබඳ ශ්‍රී ලාංකිකයන් ��ෙත ගෞරවය හිමි විය යුතු බවයි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ. ජනතා කැමැත්ත පිළිගනිමින් සාමකාමීව සහ ක්‍රමවත්ව බලය භාර දීමේ ශ්‍රී ලාංකික ප්‍රෞඪ චාරිත්‍රයට ගරු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත තම ගෞරවය ප්‍රකාශ කරන බවත් ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී නිකුත් කළ නිවේදනයේ සඳහන්." -140413_karu_executive_president,https://www.bbc.com/sinhala/sri_lanka/2014/04/140413_karu_executive_president,විධායක ජනපති ක්‍රමය අහෝසි කළ යුතුයි - කරු,ඒකාධිපති පාලනයකට මඟ පාදන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි.,"'ඩඩ්ලි සේනානායක හදිසි නීතිය යොදා ගත්තේ ජනතාව ආරක්ෂා කිරීමට' එමෙන්ම එළඹෙන ජනාධිපතිවරණයකදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කෙරෙහි සමස්ත විපක්ෂයේ අවධානය පළ විය යුතු බවත් පක්ෂයේ වැඩ බලන නායක කරු ජයසූරිය මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේය. හිටපු අගමැති ඩඩ්ලි සේනානායක වැන්නෙක් විධායක ජනාධිපතිධුරය හෙබවූයේ නම් වර්තමානයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනැගීමට ඉඩ තිබුණු බවද ඔහු ප්‍රකාශ කළේය. ඩඩ්ලි සේනානායක අගමැති ධූරය හෙබැවූ සමයේ පුද්ගලික අංශයේ සේවකයින් තම පඩි වැඩි කරන ලෙස ඉල්ලීමක් කළ විට හාම්පුතුන් එම යෝජනාවට විරෝධය පළ කළ නමුත් අගමැතිවරයා හදිසි නීතිය ප්‍රයෝජනයට ගනිමින් සේවකයන්ගේ යෝජනා අනුමත කිරීමට සහයෝගය ලබාදුන් අවස්ථාව කරු ජයසූරිය මන්ත්‍රීවරයා සිහිපත් කළේ හිටපු අගමැතිවරයා පිළිබඳ සමරු උත්සවයකදී තමන් පැවැත්වූ දේශණය උපුටා දක්වමින්. 'පොදු අපේක්ෂකයෙක්' ජේආර් ජයවර්ධන විධායක ජනාධිපති ධූරයක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කළ අවස්ථාවේ එවකට එක්සත් ජාතික පක්ෂ නායකයා වූ ඩඩ්ලි සේනානායක එයට විරෝධය පළකරමින් යම් දිනෙක විධායක ජනාධිපති බලතල හරහා ඒකාධිපති පාලකයකු බිහිවීමට ඇති ඉඩකඩ පිළිබඳව අනතුරු ඇඟවූ ආකාරය ඔහු සිහිපත් කළේය. 1978 දී තම පක්ෂයට විධායක ජනපති ක්‍රමය නිර්මාණය කිරීමට එවකට රටේ පැවති තත්වය බලපෑ නමුත් පසුව එම ධූරය සතුව තිබෙන සාධනීය ලක්ෂණවලට වඩා නිශේධනීය ලක්ෂණ වැඩි බව එක්සත් ජාතික පක්ෂය වටහා ගත්තේ යැයිද ඔහු සඳහන් කළේය. එබැවින් මීට වසර පහකට ඉහතදී පවත්වන ලද පක්ෂ සම්මේලනයකදී විධායක ජනපති ධුරය අහෝසි කරන බවට එකසත් ජාතික පක්ෂය තීරණය කළ බවත් කරු ජයසූරිය මන්ත්‍රීවරයා පවසයි. දහ අටවන ව්‍යවස්ථා සංශෝධනය මාර්ගයෙන් විධායක ජනාධිපති ධුරයට තවත් බලතල එක්කරමින් ඒකාධිපති බලතල ලැබුණු බැවින් වහාම විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුතු බවයි, කරු ජයසූරිය වැඩබලන එක්සත් ජාතික පක්ෂ නායකයා අවධාරණය කර සිටින්නේ. එබැවින් එළඹෙන ජනාධිපතිවරණයේදී එය අහෝසි කිරීමේ අරමුණින් විපක්ෂය පොදු අපේක්ෂකයකු තෝරා ගත යුතු බවද ඔහු සංදේශය කළ විමසීමකට ප්‍රතිචාරය පළ කරමින් සඳහන් කළේය." -130205_ibahri_foreign_ministry,https://www.bbc.com/sinhala/sri_lanka/2013/02/130205_ibahri_foreign_ministry,ආණ්ඩුවේ ප්‍රකාශය වැරදියි - ජාත්‍යන්තර නීතිවේදීන්,තම දූත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා අයදුම් කළ අවස්ථාවේ වීසා ලබා ගැනීමේ ක්‍රමවේදය උල්ලංඝණය කළ බවට ශ්‍රී ලංකා ආණ්ඩුව කරන චෝදනාව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමය ප්‍රතික්ෂේප කරයි.,"ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මේ දක්වාම තමන්ට කිසිවක් දැනුම් දී නැති බවත් එම සංගමය පවසයි එමෙන්ම තම දූත පිරිසට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව ගත් පියවර දැඩිව හෙලා දකින බව ද ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයට අනුබද්ධ මානව හිමිකම් ආයතනය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ නීතිවේදීන් මුහුණ දෙන ගැටළු සහ නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳව සොයා බැලීමේ අරමුණින් ඉන්දියාවේ හිටපු අගවිනිසුරු ජේ එස් වර්මා ගේ නායකත්වයෙන් යුත් සිවු පුද්ගල දූත පිරිසක් පෙබරවාරි පළමු වැනි දින සිට දින දහයක් ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමට නියමිතව තිබිණ. විශේෂයෙන්ම අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග ක්‍රියාදාමය විමර්ශනයට ලක් කිරීම එම සංචාරයේ ප්‍රධානම අරමුණක් වූ බවයි, වාර්තාවල දැක්වෙන්නේ. ෆීජි දේශයේ උදාහරණය ""නීතිඥ වෘත්තියට අදාළ කරුණු සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් කෙරෙනු දැකීමට ශ්‍රී ලංකා බලධාරීන් බියක් දක්වන බවට මේ මගින් ජාත්‍යන්තර ප්‍රජාවට පණිවුඩයක් සැපයෙනවා "" ආචාර්ය මාක් එලිස්, ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ විධායක අධ්‍යක්ෂ දූත පිරිසට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය, තම සංචාරයේ සැබෑ අරමුණ පැහැදිලි කිරීමට දූත පිරිස අපොහොසත් වී ඇති බවට චෝදනා කළේය. විශේෂයෙන්ම ලොව පුරාම නීතිවේදීන් නියෝජනය කරන ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමය වැනි සංවිධානයක් රටක නීතිය ගරු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද අමාත්‍යංශ නිවේදනයේ සඳහන්. එහෙත් ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමය එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි. ""නීතිඥ වෘත්තියට අදාළ කරුණු සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් කෙරෙනු දැකීමට ශ්‍රී ලංකා බලධාරීන් බියක් දක්වන බවට මේ මගින් ජාත්‍යන්තර ප්‍රජාවට පණිවුඩයක් සැපයෙන"" බවයි ඒ පිළිබඳව ප්‍රකාශයක් කරන ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය මාක් එලිස් පවසන්නේ. එක් නියෝජිතයෙකුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමෙන් සහ අනෙක් තිදෙනා සඳහා වීසා ලබාදීම අත්හිටුවීමෙන් අනතුරුව, ඒ පිළිබඳව ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුර කටයුතු කරනු ඇතැයි තමන්ට දැනුම් දෙනු ලැබුවද මේ දක්වාම තමන්ට කිසිවක් දැනුම් දී නැති බවත් එම සංගමය පවසයි. මේ අතර නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ නීතිවේදීන්ගේ එකමුතුව, එදා මෙදා තුර ජාත්‍යන්තර නීතිවේදීන්ට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කළ එකම රට ෆීජි දේශය බවත්, ඉන් කාලෙකට පසුව ෆීජි රාජ්‍යය පොදු රාජ්‍ය මණ්ඩලයෙන් පිටුවහල් කෙරුණු බවත් පෙන්වා දෙයි. විශේෂයෙන්ම දෝෂාභියෝග ක්‍රියාදාමය පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුවට සඟවන්නට කිසිවක් නැත්නම් දූත මණ්ඩලයේ සංචාරයට අවහිර කරන්නේ කුමන හේතුවක් නිසා දැයි නීතිවේදීන්ගේ එකමුතුව ප්‍රශ්න කරයි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා" -150108_maithri_international_reax,https://www.bbc.com/sinhala/sri_lanka/2015/01/150108_maithri_international_reax,නව පාලනයට ඇමෙරිකානු සහයෝගය - රාජ්‍ය ලේකම්,නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ මෛත්‍රිපාල සිරිසේන සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ අපේක්ෂාවෙන් සිටින බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසයි.,සාර්ථක අයුරින් මැතිවරණය නිමා වීම පිළිබඳ ශ්‍රී ලාංකිකයන් වෙත ගෞරවය හිමි විය යුතු බවයි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ. ජනතා කැමැත්ත පිළිගනිමින් සාමකාමීව සහ ක්‍රමවත්ව බලය භාර දීමේ ශ්‍රී ලාංකික ප්‍රෞඪ චාරිත්‍රයට ගරු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත තම ගෞරවය ප්‍රකාශ කරන බවත් ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී නිකුත් කළ නිවේදනයේ සඳහන්. මෝදි මෛත්‍රීට සුභ පතයි මේ අතර ජනපති ධුරයේ දිව්රුම් දීමට නියමිත විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට දුරකතනයෙන් කතා කොට සුභ පැතූ බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි. සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් වෙත ශුභාශිංසන පිරිනමන බව ඉන්දීය අග්‍රාමාත්‍ය අගමැති නරේන්ද්‍ර මෝදි තම ‘ට්වීටර්’ පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් කර තිබේ. -120919_cricket,https://www.bbc.com/sinhala/sri_lanka/2012/09/120919_cricket,දැඩි ආරක්ෂක මුරකාවල් මැද ලෝක කුසලානය පෙරටම,අයිසීසී විස්සයි විස්ස ලෝක කුසලානය අඟහරුවාදා රාත්‍රියේ උත්සවශ්‍රීයෙන් ආරම්භ වීමත් සමඟම කොළඹ අගනුවර දැඩි ආරක්ෂක මුරකාවල් යොදා තිබෙන අයුරු සමාරම්භක තරඟයෙන් අනතුරුව බදාදා උදෑසන කොළඹට ලඟා වූ මට දැක ගැනීමට හැකිවිය.,"සරෝජ් පතිරණ අප වාර්තාකරු කොළඹ සිට හම්බන්තොට සහ මහනුවර ක්‍රීඩාංගන අවටත් එවැනිම රැකවල් යොදා ඇති බවයි, වාර්තා වන්නේ. සමාරම්භක තරඟයේදී විස්සයි විස්ස තරඟවල නව වාර්තාවක් බිහි කරමින් අජන්ත මෙන්ඩිස් පෑ දස්කම් සහ කුමාර් සංගක්කාර ඇතුළු ශ්‍රී ලංකා පිති කරුවන්ගේ පිති හරඹය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් මහත් ප්‍රමෝදයෙන් කථා බහ කරන අයුරු ගුවන් තොටුපොලේ සිටම අසන්නට ලැබුණි. එම ජයග්‍රහණයත් සමඟම, සිම්බාබ්වේ කණ්ඩායම බොහෝ දුරට දෙවැනි වටයට සුදුසුකම් නොලබනු ඇති බැවින්, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලබන හැඩයක් පෙනී යයි. බදාදා රාත්‍රියේ පැවැත්වෙන තරඟය සදහා ඛෙත්තාරාම පිටිය නවීන තාක්ෂනය යොදා විදුලි ආලෝකයෙන් වර්ණවත් කොට ඇති බැවින් දහවල සහ රාත්‍රිය අතර වෙනසක් ක්‍රීඩාංගනයේ නම් දකින්නට නැත. කෙසේ නමුත්, ශ්‍රී ලංකාව සහභාගි වන තරඟවල සියලුම ප්‍රවේශ පත්‍ර විකිණී තිබුනත්, ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී බදාදා පැවැත්වුණු අයර්ලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තරඟය මෙන්ම ඇෆ්ගනිස්තානය සහ ඉන්දියාව අතර තරඟයත් නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන් පැමිණ සිටියේ අතලොස්සක් පමණි. මේ අතර තමන් විසින් කරන ලද පැමිණිල්ලකින් අනතුරුව ශ්‍රී ලංකා පොලීසියේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශය කොළඹ පිටකොටුවේ වෙළඳසල් කිහිපයක් වැටලූ බවත්, බොරලැස්ගමුවේ පිහිටි ව්‍යාජ නිල ඇඳුම් නිපදවන කම්හලක් වසා දමන ලද බවත් අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. මෙම වැටලීම්වලදී අයිසීසී යේ ව්‍යාපාරික හවුල්කරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ජගත් කුසලානයේ ව්‍යාජ නිල ඇඳුම් නිපදවීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් සැකපිට කිහිපදෙනෙකුම අත් අඩංගුවට ගෙන ඇති බව ජගත් පාලක මණ්ඩලය නිකුත්කළ නිවේදනයක සඳහන් වෙයි. සබැඳි තේමා" -sri-lanka-36451979,https://www.bbc.com/sinhala/sri-lanka-36451979,මෛත්‍රී යටතේ වැඩ කරන්න 'ගෝඨාභය සුදානම්',ජනාධිපති මෛ��්‍රිපාල සිරිසේනගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කටයුතු කිරීමට හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ සූදානම් බව කම්කරු අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න පවසයි.,මෛත්‍රී යටතේ වැඩ කරන්න 'ගෝඨාභය සුදානම්' මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ වත්මන් ජනාධිපතිවරයාට අසාධාරණයක් වූ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා පිළිගන්නා බවත් අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න සඳහන් කළේය. ඔහු ඒ බව කියා සිටියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවන පෙළ නායකත්වය සඳහා පත් කිරීමට යන බවට පළ වන වාර්තා පිළිබඳ සංදේශය කළ විමසීමකදී. තමා මේ කාරණය පිලිබඳව හිටපු ආරක්ෂක ලේකම්වරයා සමඟ පැය දෙකක පමණ කාලයක් සාකච්ඡා කළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න පවසයි. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමයේ ගන්නා ලද ඇතැම් ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන වටපිටාවක ඔහු ගේ නම පක්ෂයේ ඉහළ තනතුරක් සඳහා යෝජනා කිරීම කොතරම් දේශපාලන වශයෙන් කොතරම් උචිතදැයි සංදේශය අමාත්‍යවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ චෝදනා එල්ල වූ පමණින් කිසිවකු අත්හැර දැමිය නොහැකි බවයි. මහින්දගේ මනාපය 'ඔහුට විරුද්ධ වෙන්න මහින්ද රාජපක්ෂ මහත්මයට හේතුවක් නැහැ. මොකද ඒ ඔහුගේම සහෝදරයෙක්.' 'චෝදනා තිබුණා කියලා මිනිස්සු කපා හරින්න බැහැ. එසේ නම් පවතින රජයේ ඉන්න චෝදනා තිබෙන මිනිස්සු ගැනත් පරීක්ෂණ පවත්වන්න ඕන. ගෝඨාභයට විරුද්ධව කිසිම දූෂණ චෝදනාවක් කිසිම තැනක ඔප්පු වෙලා නැහැ' අමාත්‍යවරයා පැවසීය. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ජාතික ආණ්ඩුවේ ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කරන අතරම අනාගතය සඳහා ශ්‍රීලනිපයට නව නායකත්වයක් තෝරා ගත යුතු බවත් අමාත්‍යවරයා කියා සිටියේය. 'ඔහුට විරුද්ධ වෙන්න මහින්ද රාජපක්ෂ මහත්මයට හේතුවක් නැහැ. මොකද ඒ ඔහුගේම සහෝදරයෙක්. ඒ වගේම ජනතාව ඔහුව බාර නොගන්න හේතුවක් නැහැ මොකද ඔහු මහින්ද රාජපක්ෂ මහත්මයාගේ සහෝදරයෙක්' අමාත්‍යවරයා සඳහන් කළේය. ඉහත කී කරුණු දෙස අවධානය යොමු කොට පක්ෂය ගොඩ නැගීමේ අරමුණින් ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරක් සහ වගකීම් ලබා දිය යුතු බව තමා යෝජනා කරන බවයි කම්කරු අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න වැඩිදුරටත් කියා සිටියේ. -sri-lanka-37472716,https://www.bbc.com/sinhala/sri-lanka-37472716,නව නිපැයුම් දිරි ගන්වන 'නව සැලැස්මක්',උසස් මට්ටමේ නව නිපැයුම් වාණිජ මට්ටමට රැගෙන ඒම සහ ව්‍යවසායකයන්ට හඳුන්වා දීම සඳහා වැඩසටහනක් සකස් කර ඇති බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.,"අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ 2016 වසර සඳහා වූ ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය අතරතුර බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි. නව නිපයුම් ප්‍රදර්ශනය කිරීමට මෙන්ම නිපැයුම් කරුවන් හා ව්‍යවසායකයන් මුණ ගැස්වීම සඳහා ස්ථිර ප්‍රදර්ශනාගාරයක් බොරැල්ලේ පිහිටුවන බවද ඇමතිවරයා සඳහන් කළේය. රටේ සම්පත්වලින් උපරිම ඵල නෙළා ගැනීම සඳහා නව නිපැයුම් කෙරේ යොමු විය යුතු බව කියා සිටි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඒ සඳහා අවශ්‍ය සියලුම පහසුකම් රජයෙන් ලබා දෙන බවයි පවසන්නේ. සහසක් නිමැවුම් ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය හා තරගය පසුගිය සති අන්තයේදී කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදි පැවැත්විණ. 'නව නිපැයුම් 305 ක්' විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසම විසින් ප්‍රදර්ශනය හා තරගය සංවිධානය කොට තිබිණි. නව නිපැයුම් 305 ක් ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබූ අතර පාසල්, විශ්වවිද්‍යාල හා විවෘත අංශය ලෙස කාණ්ඩ 3 ක් යටතේ ප්‍රදර්ශනය පැවැත්විණ. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ විදුලි කාර්මික නිලධාරියකු වශයෙන් සේවය කරන සමන් සේනාධීර ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කොට තිබුණේ නාය යාම් පිළිබඳ පූර්ව අනතුරු හැඟවීම් නිකුත් කළ හැකි උපකරණයකි. තමන් විසින් ඉහත කී උපකරණය නිර්මාණය කරනු ලැබුවේ ලාභ ලැබීමේ අරමුණකින් නොවන බව කියා සිටි සමන් සේනාධීර තවමත් ප්‍රාථමික අදියරේ පවතිනඋපකරණය තවත් වැඩිදියුණු කිරීමට සහයෝගයක් ලැබෙනු ඇති බවයි සඳහන් කළේ. සුදු සැරයටියක් කුරුණෑගල එම් චන්ද්‍රසේන මින් පෙරත් විවිධ නව නිර්මාණ සිදු කර ඇති නිපයුම් කරුවෙක්. ඔහු විසින් ප්‍රදර්ශනයට ඉදිරිපත් කරනු ලැබ තිබුණේ අන්ධ පුද්ගලයන් විසින් භාවිත කරනු ලබන බෙල් ක්‍රමය හා සම්බන්ධ මෘදුකාංගයක් සහිත උපකරණයකි. ඒ හරහා අන්ධ පුද්ගලයකුට පොතක් පවා ලිවිය හැකි බවයි ඔහු සඳහන් කළේ. පාසල් අංශයෙන් මාවතගම මාධ්‍ය මහා විද්‍යාලයේ තාරුක දිල්ෂාන් සිසුවා ප්‍රදර්ශනයට ඉදිරිපත් කොට තිබුණේ අන්ධ පුද්ගලයන්ට හා කඳු නගින්නන්ට භාවිතා කළ හැකි සුදු සැරයටියකි." -sri-lanka-37402541,https://www.bbc.com/sinhala/sri-lanka-37402541,ජනප්‍රිය පාසල්: 'වෛද්‍යවරුන්ගේ ඉල්ලීම නිදහස් අධ්‍යාපනයට තර්ජනයක්',ජනප්‍රිය පාසල්වලට වෛද්‍යවරුන්ගේ දරුවන් පමණක් ඇතුළත් කිරීමට ඉඩ ලබා දීම තුළින් නිදහස් අධ්‍යාපනයට බරපතළ තර්ජනයක් එල්ල වන බව ලංකා ගුරු සංගමය පවසයි.,"'මේ හේතුවෙන් ශිෂ්‍යත්ව විභාගය සමත් වී ගම් පළාත්වල සිට ජනප්‍රිය පාසල්වලට එන දුප්පත් ළමුන්ගේ කෝටා එක අයින් වෙනවා. ඒ නිසා අපි සම්පූර්ණයෙන්ම අපි මේකට විරුද්ධ වෙනවා."" ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් ඒ බව කියා සිටියේ සිය දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කර ගැනීම සඳහා කෝටාවක් ලබා දෙන ලෙස රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් කරනු ලබන ඉල්ලීම පිළිබඳ සිය විරෝධය පළ කරමිනි. පළමු ශ්‍රේණියේ පන්තියක සිටින ළමුන් සංඛ්‍යාව 35 කට සීමා විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නිර්දේශය උල්ලංඝනය කරමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් එම සීමාව හතළිහ දක්වා දීර්ඝ කොට චක්‍රලේඛයක් නිකුත් කොට ඇති බවත් වෛද්‍යවරුන්ගේ දරුවන්ද එම සීමාවට ඇතුළත් කිරීමෙන් සාමාන්‍ය පවුල්වල දරුවන්ට පාසලකට ඇතුළත් වීමේ අවස්ථාව සම්පූර්ණයෙන් අහිමි වන බවත් වෘත්තීය සමිති නායකයා පෙන්වා දෙයි. කෙසේ වෙතත් මේ වන විට විශ්වවිද්‍යාල ආචාර්යවරු, අධිකරණ විනිසුරන් ඇතුළු වරප්‍රසාද ලත් ක්ෂේත්‍ර කීපයක වෘත්තීකයන් ඒ ආකාරයට ජනප්‍රිය පාසල්වලට සිය දරුවන් ඇතුළත් කර ගන්නා බවත් ඔහු පැවසීය. 'දුප්පත් ළමුන්ගේ කෝටා එක' ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය සේවයේ නිරත ලක්ෂ එකොළහකට ආසන්න සෙසු පිරිසට නොමැති විශේෂ වරප්‍රසාදයක් සීමා සහිත පිරිසකට ලබා දීම නිවැරදි නොවන බවයි ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් කියා සිටියේ. ""ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ දැනට සිදු වන දේ තවත් වැඩි කිරීමක් තමයි මේ ඉල්ලීමෙන් සිදු වන්නේ."" ""මේ හේතුවෙන් ශිෂ්‍යත්ව විභාගය සමත් වී ගම් පළාත්වල සිට ජනප්‍රිය පාසල්වලට එන දුප්පත් ළමුන්ගේ කෝටා එක අයින් වෙනවා. ඒ නිසා අපි සම්පූර්ණයෙන්ම මේකට විරුද්ධ වෙනවා."" ශ්‍රී ලංකාව තුළ තිබෙන ජාතික පාසල් තුන්සිය පනහෙන් ඉතා ජනප්‍රිය පාසල් අතර ගැනෙන පාසල් තිස් හයක් සඳහා විශාල තරඟකාරීත්වයක් පවතින බවත් ඔහු සඳහන් කළේය. ""පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලංකාව තුළ විධිමත් ප්‍රතිපත්තියක් නැති වීම මේ තරගකාරීත්වයට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා."" පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම ���ඳහා විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දින සියයේ වැඩසටහන තුළ අඩංගු වී තිබූ නමුත් එය ක්‍රියාත්මක නොවූ බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් පවසයි. ""ඒකෙ ප්‍රතිඵලයක් හැටියට පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා පාසලට ළමුන් ඇතුළත් කර ගන්න බැරිව සිය දිවි හානි කර ගැනීමට උත්සාහ දරනවා. දෙමාපියන් උද්ඝෝෂණවල නිරත වෙනවා. වෛද්‍යවරු අධ්‍යාපන අමාත්‍යාංශයට ගිහින් නිදි මරාගෙන එතන ඉන්නවා. ජාතික ප්‍රතිපත්තියක් නැතිකම මේ ගැට‍ළුවට හේතු වෙලා තිබෙනවා."" පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා නිසි ප්‍රතිපත්තියක් නොමැතිකම ආණ්ඩුවේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ වරදක් වුවත් එය දඩමීමා කර ගනිමින් තම දරුවන් පමණක් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කර ගැනීමට වෛද්‍යවරුන් දරන උත්සාහයත් නිවැරදි නොවන බවයි ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් වැඩිදුරටත් කියා සිටියේ." -sri-lanka-46383937,https://www.bbc.com/sinhala/sri-lanka-46383937,ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: අගමැති කාර්යාලයේ වියදම් කපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මතවේ,අගමැති කාර්යාලයේ වියදම් කපා හැරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ යෝජනාව බ්‍රහස්පතින්දා (නොවැ. 29) පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 123කින් සම්මත විය.,"එක්සත් ජනතා නිදහස් සන්ධානය අද දින ද පාර්ලිමේන්තුව වර්ජනය කළ අතර එම පාර්ශ්වයෙන් පාර්ලිමේන්තු සභා ගැබට පැමිණ සිටියේ එක්සත් ජාතික පක්ෂයේ සිට එම පාර්ශ්වයට මෑතකදී එක්වූ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පමණි යෝජනාවට පක්ෂව ඉලෙක්ට්‍රොනික ඡන්ද මාර්ගයෙන් මන්ත්‍රීවරු 123 ක් ඡන්දය ප්‍රකාශ කළ අතර යෝජනාවට විරුද්ධව කිසිදු ඡන්දයක් ප්‍රකාශ නොවීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන පාර්ශ්වය බ්‍රහස්පතින්දා දින (29) පාර්ලිමේන්තුව වර්ජනය කළ අතර එම පාර්ශ්වයෙන් පාර්ලිමේන්තු සභා ගැබට පැමිණ සිටියේ එක්සත් ජාතික පක්ෂයේ සිට එම පාර්ශ්වයට මෑතකදී එක්වූ විජේදාස රාජපක්ෂ පමණි. පාර්ලිමේන්තු බහුතරය මෙහෙයවිය හැකි කණ්ඩායමට ආණ්ඩුවක් පිහිටුවීම අවස්ථාව ලබා දිය යුතු බව විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේය. ඒ සඳහා තමන් මන්ත්‍රීවරයකු ලෙස ඕනෑම කැප කිරීමක් කිරීමට සූදානම් බව පැවසූ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා, ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර ඇතිවී තිබෙන මෙම මත ගැටුම් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ඉක්මනින් කතානායකවරයා හා ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව පැවසීය. දැනට ""ස්වාධීනව කටයුතු කරන"" අතුරලියේ රතන හිමියන්ද සභාවාරයට එක්ව සිටි අතර උන්වහන්සේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ වර්තමාන අර්බුදය විසඳා ගැනීමට ඉක්මන් මැතිවරණයක් පැවැත්වීමට දෙපාර්ශවය එකඟ විය යුතු බවය. යෝජනාවට පක්ෂව ඉලෙක්ට්‍රොනික ඡන්ද මාර්ගයෙන් මන්ත්‍රීවරු 123ක් ඡන්දය ප්‍රකාශ කළ අතර යෝජනාවට විරුද්ධව කිසිදු ඡන්දයක් ප්‍රකාශ නොවීය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කල අතුරලියේ රතන හිමියෝ කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ බහුතරයක් එක්සත් ජාතික පක්ෂයට ඇත්නම් එම පාර්ශ්වයට ආණ්ඩුව ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව ද ප්‍රකාශ කළහ. මේ තොරතුරුද කියවන්න: කෙසේ නමුත් අගමැති කාර්යාංශයේ වියදම් කපාහැරීම සම්බන්ධයෙන්වූ යෝජනාවට අතුරලියේ රතන හිමියන් සහ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ. ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය යෝජනාවට සහය පළකරමින් ඡන්දය භාවිතා කළ අතර, පසුගියදා එක්සත් ජාතික පක්ෂයට නැවත එක්වූ වසන්ත සේනානායක මන්ත්‍රීවරයාද යෝජනාවට සහය පළකර ජන්දය ප්‍රකාශ කර තිබිණි. මෙම යෝජනාව සම්මත වූ වහාම ""එක්සත් ජාතික පක්ෂය ද වහාම අරලිය ගහ මැදුරෙන්"" ඉවත් විය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යෝජනාව පිළිබඳව පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් පැවසුවේය. මහින්ද රාජපක්ෂට මෙන්ම රනිල් වික්‍රමසිංහට ද අගමැති වැය ශීර්ෂයෙන් වියදම් දැරීම තහනම් බව ඔහු පැවසීය. මෙම යෝජනාව නීති විරෝධී යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ සුසන්ත පුංචිනිලමේ මන්ත්‍රීවරයා පැවසීය . එමගින් කිසිදු බලපෑමක් ""තම ආණ්ඩුවට හෝ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට"" සිදු නොවන බව ඔහු තවදුරටත් පැවසුවේය. යෝජනාව සම්මතවීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව 30 වෙනි සිකුරාදා දින උදෑසන 10.30 දක්වා කල් තබනු ලැබීය. තවත් තොරතුරු:" -world-42511113,https://www.bbc.com/sinhala/world-42511113,පැරණි iPhone ක්‍රියාකාරීත්වය අඩාලවීම ගැන ‘ඇපල්’ සමාව ගනී,ඇතැම් පැරණි iPhone මාදිලිවල ක්‍රියාකාරීත්වය චේතනාන්විතව අඩු කර ඇතැයි නැගුනු විවේචන පිළිගත් ඇපල් සමාගම ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලීය.,"එසේ ක්‍රියාකාරිත්වය අඩු දුරකථනවල බැටරි මාරු කරන බව පවසන එම සමාගම 2018 දී මෘදුකාංගය නිකුත් කරන අතර ඒ අනුව සිය දුරකතනවල බැටරි තත්ත්වය සුපරීක්ෂණය කිරීමට පාරිභෝගිකයින්ට හැකියාව ලැබෙන බව ද කියා සිටී. ඇපල් සමාගම විසින් පැරණි iPhone දුරකතනවල ක්‍රියාකාරීත්වය අඩාල කරමින් ඉහළ තත්ත්වයේ දුරකථනවලට යොමු වීම සඳහා පාරිභෝගිකයින් පොළඹවන බවට දිගු කලක සිට ඇතැම් පාරිභෝගිකයෝ සැක පළ කළහ. පැරණි බැටරි සහිත ඇතැම් දුරකථනවල ක්‍රියාකාරීත්වය අඩාල කරන ලද බව පිළිගත් ඇපල් සමාගම එය එම දුරකතනවල ""ජීව කාලය දිගු කිරීමට"" ගත පියවරක් ලෙස පෙන්වා දුන්නේය. 'පාරිභෝගිකයන්ගේ විශ්වාසය යළි දිනාගැනීම සඳහා' ඉදිරි පියවර ගනිමින් සිටින බව ඇපල් සමාගම පවසා සිටී. iPhone 6 හෝ ඊට පසු දුරකතනයක් ඇති ඕනෑම අයෙකු සඳහා වගකීමකින් තොර බැටරි මාරු කිරීමක මිල ඩොලර් 79 සිට ඩොලර් 29 දක්වා අඩු කරන බව ඇපල් සමාගම කියා සිටියේ සිය වෙබ් අඩවියේ නිවේදනයක් නිකුත් කරමිනි. සිය පාරිභෝගිකයින්ගේ ලැදියාව අගයනු වස් පාරිභෝගිකයින්ගේ මතුකරන කරුණු ""විමසා බැලීමට"" මෙන්ම ඇපල් සමාගමේ අරමුණු කෙරෙහි සැක උපදවාගෙන සිටිය හැකි අයගේ විශ්වාසය යළි දිනාගැනීම සඳහා ඉදිරි පියවර ගනිමින් සිටින බව ද සමාගම පැවසීය. ඇතැම් දුරකතනවල පැරණි බැටරි කළමනාකරණය සඳහා iOS මෙහෙයුම් පද්ධතියට වෙනස්කම් කළ බව එම සමාගම කියා සිටී ""අපගේ පාරිභෝගිකයින්ගේ විශ්වාසය අපට ඇති වටිනාම දෙයයි.එය ලබාගැනීම හා පවත්වාගැනීම සඳහා පියවර ගැනීම අප අතහරින්නේ නැහැ. අපි ඇල්මක් දක්වන දේ කරන්නට අපට හැකියාව ලැබී තිබෙන්නේ ඔබේ විශ්වාසය හා සහයෝගය නිසයි. එය අමතක කරන්නේ නැහැ වගේම එය සුළු කොට තකන්නේ නැහැ."" යැයි ද එම සමාගම පැවසීය. මතුව තිබු තත්ත්වය සම්බන්ධයෙන් ඇමෙරිකාව තුළ ඇපල් සමාගමට එරෙහිව නඩු අටක් පැවති අතර ඊශ්‍රායලය හා ප්‍රංශය තුල ද තවත් නඩු කටයුතුවලට මුහුණ දී තිබිණි. කෙසේවෙතත්, කාලය ඉකුත්ව යාම හේතුවෙන් චේතනාන්විතව ඇතැම් iPhone දුරකතනවල ක්‍රියාකාරීත්වය අඩාල කළ බව මේ මස මුලදී ඇපල් සමාගම පිළිගත්තේය. කාලය ඉකුත්ව යාමේදී බැටරි ක්‍රියාකාරීත්වය අඩුවන බැවින් ඇතැම් දුරකතනවල පැරණි බැටරි කළමනාකරණය සඳහා iOS මෙහෙයුම් පද්ධතියට වෙනස්කම් කළ බව එම සමාගම කීය. මේ අතර, ආරක්ෂක හේතුන් මත සිය ව්‍යාපාරික හා පුද්ගලික ගමන් සඳහා පුද්ගලික ජෙට් යානා පමණක් භාවිත කරන ලෙස ඇපල් සමාගමේ ප්‍රධාන විධායක ටීම් කුක් වෙත සමාගම නියෝග කර ඇති බව බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 28) වාර්තා විණි. මුරපදයකින් තොරව පරිගණකයට හා එහි පාලන පද්ධතියට ඇතුළුවීමේ ඉඩකඩ තිබීම හේතුවෙන් මැක් (Mac) මෙහෙයුම් පද්ධතියේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවූ ගැටලු සහගත තත්ත්වය විසඳීම සඳහා වැඩිදියුණු කරන ලද වැඩසටහනක් නිකුත් කිරීමට පසුගිය නොවැම්බර් මාසයේදී ඇපල් සමාගමට බල කෙරිණ. මේ තොරතුරුද දැනගන්න: 'අයි ෆෝන්' නිමැවුම් ඉන්දියාවෙන් ඇපල් සමාගමෙන් රියදුරන් රහිත මෝටර් රථ? නව සැම්සුන් ස්මාර්ට් දුරකථන වෙළඳපොළෙන් ඉවතට http://www.bbc.com/sinhala/world/2016/01/160127_smbp_i_phone_sales" -world-49203652,https://www.bbc.com/sinhala/world-49203652,බොලිවුඩ් චිත්‍රපටයක දුරකථන අංකයක් නිසා අපහසුතාවට පත් තරුණයෙක්,බොලිවුඩ් සිනමා පටයක් හරහා අහම්බෙන් ප්‍රසිද්ධ වූ ජංගම දුරකතන අංකයක හිමිකරුවෙකුට නිරන්තරයෙන් දුරකතන ඇමතුම් ගලා ඒම නිසා දැඩි අපහසුතාවට පත්ව ඇති පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.,"දුරකතන ඇමතුම් ලබා දෙන්නන්ට අවශ්‍ය වී ඇත්තේ සනී ලියොන් ඇමතීමටය අර්ජුන් පටියාලා නමැති එම සිනමා පටයේ එක් රූප රාමුවක සනී ලියොන් නමැති නිළිය සිය චරිතයට අනුකූලව සිය දුරකතන අංකය ලෙස පවසන අංකයේ සැබෑ හිමිකරුවෙකු සිටින අතර ඔහු 26 හැවිරිදි පුනීත් අගර්වාල් නමැත්තෙකි. පුනීත් අගර්වාල් බීබීසී පුවත් සේවයට පැවසුවේ, සිනමා පටය තිරගත වීම ආරම්භ වූ ජූලි 26 වන දා සිට දිනකට දුරකතන ඇමතුම් 100කට අධික සංඛ්‍යාවක් තමන්ට ලැබෙන බවය. ""මට හරියට නිදාගන්නවත් විදිහක් නෑ. පාන්දර 4 වෙනකම් ෆෝන් එක රිං වෙනවා,"" ඔහු පැවසීය. ඔහු ලැබෙන දුරකතන ඇමතුම් නිසා ඔහු කෙතරම් අපහසුතාවට පත්ව සිටිනවා ද කිවහොත් අදාළ සිනමා පටයෙන් දුරකතන අංකය ඉවත් කරවීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද ඔහු පියවර ගනිමින් සිටී. සනී ලියොන් බොලිවුඩ් සිනමාවට පිවිසීමට පෙර ඇමෙරිකානු අසභ්‍ය චිත්‍රපටවල පෙනී සිටින නිළියක ලෙස කටයුතු කළාය. ඇය රාගික චිත්‍රපට සහ වැඩිහිටියන්ට පමණක් වෙන්වූ උපහාසාත්මක චිත්‍රපටවලට රංගනයෙන් දායක වූ අතර මේ වන විට ඇයගේ ප්‍රතිරූපය රාගික සංකේතයක් බවට පත්ව තිබේ. එහෙයින්, සිනමා පටයේ කියැවෙන දුරකතන අංකය ඇයගේ සැබෑ දුරකතන අංකය බව සිතා ඉන්දියාවේ පමණක් නොව ලෝකය පුරා ජනතාවගේ දුරකතන ඇමතුම් එම අංකයට ගලා ඒම පුදුමයට කරුණක් නොවනු ඇත. පුනීත් අගර්වාල් ඉන් වෙහෙසට පත්ව සිටී. ""චිත්‍රපටය හදපු අයට තිබුණා ඒ නම්බර් එකට කෝල් කරලා එහෙම නම්බර් එකක් තියෙනවා ද කියලා හොයලා බලන්න,"" ඔහු බීබීසී හින්දි සේවයේ භූමිකා රායිට පැවසී���. අර්ජුන් පටියාලා චිත්‍රපටයේ අධ්‍යක්ෂ රෝහිත් ජග්රාග් චවුහාන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීම ප්‍රතික්ෂේප කළේය. පුනීත් අගර්වාල්ට දිනකට ලැබෙන දුරකතන ඇමතුම් සංඛ්‍යාව 100කට අධිකය චිත්‍රපටය තිරගත වූ මුල් සතියේදී පුනීත් අගර්වාල්ට නිදහසේ වැඩ කිරීමට, නිදා ගැනීමට හෝ ආහාර ගැනීමට පවා හැකියාවක් ලැබී නැත. වසර ගණනාවක් භාවිත කළ සිය දුරකතන අංකය ඉවත දමා වෙනත් අංකයක් භාවිත කිරීම විකල්පයක් නොවන බව ඔහු පැවසීය. ""මගේ ව්‍යාපාරික කටයුතුවලට මේ දුරකතන අංකය අවශ්‍යයි. ඒ වගේ ම ගොඩක් පැරණි මිතුරන් ළඟ තියෙන්නේ මේ අංකය."" ඔහුට ඒ සම්බන්ධයෙන් පළමු දුරකතන ඇමතුම ලැබී ඇත්තේ, චිත්‍රපටය එළිදැක්වූ දිනයේදී මය. එහිදී ඇමතුම දුන් පුද්ගලයා සනී ලියොන්ට කතා කිරීමට අවශ්‍ය බව පවසා ඇති අතර එය වැරදි දුරකතන අංකයක් බව අගර්වාල් පැවසුව ද ඔහු එය පිළිගෙන නැත. පසුව කෝපයට පත්ව ඇති අගර්වාල් දුරකතන ඇමතුම විසන්ධි කර තිබිණි. ""මුලින් ම මට කෝල්ස් එනකොට මම හිතුවෙ කවුරුහරි මට විහිළු කරනවා කියලා. මම හිතුවෙ ඒක මගේ යාළුවෙකුගේ වැඩක් කියලා."" එහෙත්, දුරකතන ඇමතුම් ගලා ඒම නැවතුණේ නැත. සෑම ඇමතුමකින් ම ඇසුණේ එක ම ප්‍රශ්නයකි. ""මට සනී ලියොන්ට කතා කරන්න පුළුවන් ද?"" එම දුරකතන ඇමතුම් දුන් පුද්ගලයින් චිත්‍රපටයේ විස්තර පැවසීමත් සමග සිදුවී ඇති දෙය වටහා ගැනීමට පසුව ඔහුට හැකි විය. ""ඒ නිසා මම චිත්‍රපටය බැලුවා. ඇත්තට ම මගේ දුරකතන අංකය ඒකේ තිබුණා. මේක කෝල් කරපු අයගෙ වරදක් නෙවේ. ඒගොල්ලෝ (චිත්‍රපටයේ නිෂ්පාදකයින්) ඇත්තට ම පාවිච්චි කරලා තිබුණේ මගේ අංකය!"" පුනීත් අගර්වාල් පැවසීය. අර්ජුන් පටියාලා යනු උපහාසාත්මක ප්‍රේම චිත්‍රපටයකි ඔහු පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට උත්සහ කළ ද ඇමතුම් ලබා දුන් පුද්ගලයින් සාපරාධී වරදක් කර නොමැති හෙයින එය ව්‍යර්ථ වූ බව ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පතන ලෙස ඔහුට පොලිසියෙන් උපදෙස් ලැබිණි. ඒ අනුව, අදාළ චිත්‍රපටයෙන් සිය දුරකතන අංකය ඉවත් කරන ලෙස ඉල්ලා අගර්වාල් විසින් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන ලදී. නිෂ්පාදකයින්ට එරෙහිව දඬුවම් ලබා දීමට ඔහුට අවශ්‍යතාවක් නොමැත. එහෙත්, ඔහු පවසන්නේ, ඉන්ටර්නෙට් වැනි මාධ්‍යවල මෙම චිත්‍රපටය සංසරණය වීමේදී සිය දුරකතන අංකය එහි නොතිබිය යුතු බවය. එමෙන් ම, මෙවැනි සිද්ධියක් වෙනත් කිසිවෙකුට සිදු වීමට ඉඩ නොතැබීම ද ඔහුගේ අරමුණකි. ""උදේ 8.30 වගේ වෙනකම් ෆෝන් එකට කෝල් එන්නෙ නෑ සාමාන්‍යයෙන්. 8.30න් පස්සේ තමයි කෝල්ස් එන්න පටන් ගන්නේ."" ඉන්පසු, සෑම මිනිත්තු දෙක තුනකට වරක් ම ඔහුගේ දුරකතනය නාද වන අතර, ඔහුට කිසිදු කාර්යයක් කිරීමට මානසික ඒකාග්‍රතාවක් ඇති කර ගැනීමට ඔහුට නිදහසක් නොලැබේ. චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන දිල්ජිත් දෝසාන්ජ් පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්තවල අතිශය ජනප්‍රිය වී සිටින අයෙකු වන අතර පුනීත් අගර්වාල්ගේ දුරකතනයට වැඩි ම ඇමතුම් සංඛ්‍යාවක් ලැබෙන්නේ ද එම ප්‍රාන්තවලිනි. කෙසේ වෙතත්, ඉතාලිය, ඩුබායි, පාකිස්තානය සහ ඔස්ට්‍රේලියාවෙන් ද අගර්වාල්ට දුරකතන ඇමතුම් ලැබී තිබේ. මේ දක්වා ලැබුණු ඇමතුම් අනුව, ඇමතුම්කරුවන් දෙදෙනෙකු හැර අන් සියල්ලෝ ම පිරිමි පුද්ගලයෝ වෙති. මෙම දුරකතන ඇමතුම් හරහා තමන් වාචික අපයෝජනයන්ට ලක් වන බව ද අගර්වාල් පවසයි. ""කෝල් එක පටන් ගන්නේ ගොඩක් කාරුණික විදිහට. ඒත් මම සනී ලියොන්ව දන්නෙ නෑ කිව්ව ම ඔවුන් මට බනිනවා. තර්ජනය කරනවා."" ඔහු පැවසුවේ, මෙම සිද්ධිය නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවය. මිතුරන් සහ අසල්වාසීන් තමන්ට ""දිල්ලියේ සනී ලියොන්"" යනුවෙන් අමතන බවත් තමන් දුටු විට සනී ලියොන් පෙනී සිටින ගීත ගායනා කරන බවත් ඔහු සඳහන් කළේය. ""ඒක දැන් විහිළුවක් බවට පත් වෙලා තියෙන්නෙ. ඒත් ඒ වගේ දෙයක් ආයෙත් වෙන්න දෙන්න බෑ. මම ඒ විහිළුවලට හිනා වෙලා ඉන්න උත්සහ කරනවා. ඒත් ඒක දැන් ඕනවට වැඩියි."" තමන්ට ලැබෙන දුරකතන ඇමතුම් ඉදිරියේදී අඩු වනු ඇතැයි ඔහු බලාපොරොත්තු වෙයි. ඒ අතර, ඔහුට ලැබෙන ඇමතුම් කෙටි කර ගැනීමට අපූරු විසඳුමක් සොයාගෙන තිබේ. ""මම දැන් කෝල් කරන අයට කියන්නේ, එයා නාන්න ගියා, දැන් කතා කරන්න බැහැ කියලා."" තවදුරටත් කියවන්න." -150820_pp_female_viagra,https://www.bbc.com/sinhala/world/2015/08/150820_pp_female_viagra,කාන්තාවන්ටත් ව්‍යාඝ්‍රා,පිරිමින්ගේ ලිංගික උත්තේජනය වැඩි කිරීමට භාවිතා කරන වයග්‍රා නම් ඖෂධය වැනි කාන්තාවන්ගේ ලිංගික අවශ්‍යතා තීව්‍ර කෙරෙන ඖෂධයකට ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පාලක මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.,"‘ෆ්ලිබන්සේරින්’ නමින් හඳුන්වා ඇති මෙම ඖෂධය මින් පෙර දෙවතාවක් ඇමරිකානු ආහාර සහ ඖෂධ පාලක මණ්ඩලය ඉදිරියේ ප්‍රතික්ෂේප කෙරිණ. අඩු ප්‍රතිපල ලබා දීම සහ විවිධ අතුරු ප්‍රතිපල ඇති කිරීමට පවතින ඉඩකඩ හේතුවෙන් ‘ෆ්ලිබන්සේරින්’ නැතහොත් ‘කාන්තා වයග්‍රා’ ලෙසින් කතා බහ කෙරෙන මෙම ඖෂධය දැඩි විවේචනයට ලක් වෙමින් තිබේ. නමුත් ඇත���ම් කණ්ඩායම් පවසන්නේ කාන්තා ලිංගිකත්වයට අවධානය යොමු කෙරෙන මෙම ඖෂධය කාන්තාවන්ට සහනයක් වනු ඇති බවයි. පුරුෂයන්ගේ ලිංගික උත්තේජනය වැඩි කිරීමට භාවිතා කරන වයග්‍රා මගින් සිදු කරනු ලබන්නේ පුරුෂ ලිංගයට ගලා යන රුධිරයේ වේගය සහ ගලා යාම තීව්‍ර කිරීමයි. අතුරු ප්‍රතිපල නමුත් ‘ෆ්ලිබන්සේරින්’ මගින් කාන්තා මොලයේ හෝමෝන වලට බලපෑමක් සිදු කරන අතර ප්‍රතිපල ලබා ගැනීමට නම් ඖෂධය මාසයක කාලයක් පාවිච්චි කිරීමට සිදු වෙයි. ‘කාන්තා වයග්‍රා’ වශයෙන් හඳුන්වනු ලබන මෙම ඖෂධය ස්ටෙරොයිඩ් අඩංගු තවත් ඖෂධ සමග භාවිතයෙන්, මත්පැන් සමග භාවිතයෙන් සහ අක්මාවේ රෝග සහිත පුද්ගලයන් විසින් භාවිතා කිරීම මගින් හානිකර අතුරු ප්‍රතිපල ලබා දිය හැකියි. දීර්ඝ කාලීනව ලිංගික උත්තේජනයක් ඇති නොවීම නිසා මානසික ආතතියට පත් කාන්තාවන්ට ප්‍රතිකාර ලබා දීමට මෙම ඖෂධය භාවිතා කළ හැකි බවයි ‘ෆ්ලිබන්සේරින්’ හඳුන්වා දෙන ඖෂධ වෙළඳ සමාගම පවසන්නේ." -150921_sp_nepal_constitution,https://www.bbc.com/sinhala/sri_lanka/2015/09/150921_sp_nepal_constitution,නේපාල ෆෙඩරල් ව්‍යවස්ථාව 'ලංකාවට ආදර්ශයක්',නේපාලයේ නව අනාගමික ෆෙඩරල් ව්‍යවස්ථාව ශ්‍රී ලංකාවටද ආදර්ශයක් බව ව්‍යවස්ථා කටයුතු පිළිබඳ විශේෂඥයෝ පවසති.,"රාජාණ්ඩු පාලනය පැවති සමයේ හින්දු රාජධානියක්ව පැවති නේපාලය, අනාගමික රාජ්‍යයක් බවට පත්වීම නව ව්‍යවස්ථාවේ ප්‍රධානම අංගයක් රාජාණ්ඩුව පෙරලා දමා ජනරජයක් බවට පත්වීමෙන් අනතුරුව දශකයකයට ආසන්න කාලයක් මුළුල්ලේ පැවති කඹ ඇදීම්වලින් අනතුරුව නේපාලය ඉරිදා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගත්තේය. කලක් මුළුල්ලේ සිවිල් යුද්ධයකට මුහුණ දුන් නේපාලයේ ගැටුම් නිමාවී දශකයකට පසුවයි එරට පළමු වරට ව්‍යවස්ථාවක් සම්මත කෙරුණේ. රාජාණ්ඩු පාලනය පැවති සමයේ හින්දු රාජධානියක්ව පැවති නේපාලය, අනාගමික රාජ්‍යයක් බවට පත්වීම නව ව්‍යවස්ථාවේ ප්‍රධානම අංගයක්. ""රාජ්‍ය ආගමක් තිබුණු රටක් පසුව අනාගමික රාජ්‍යයක් වෙන ඒකෙන් තේරෙන්නේ ජනතාව කොපමණ මේ කාරණා පිළිබඳව විවෘත මනසකින් හොයා බලනවද, ඒ වගේම දේශපාලන නායකයෝ මේ පිළිබඳව දෙන නායකත්වයේ වැදගතකම තමයි අපිට තේරුම් ගන්න පුළුවන්,"" ආචාර්ය ජයම්පති වික්‍රමරත්න බීබීසී සංදේශයට පැවසීය. නව ව්‍යවස්ථාව පිළිබඳව කත්මන්ඩු වාසීන් රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීතිය පල කළ අතර, රටේ ඉදිරි ගමනට දැන් අවස්තාව සැලසී ඇති බව ඇතැම් නේපාල වැසියෝ පැවසූහ. කෙසේ නමුත් මේ ක්‍රියාද��මයේ කිසියම් නිශේධනීය අංගයක් තිබෙන බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ගේ අදහසයි. ව්‍යවස්ථා සම්පාදන කටයුත්ත සඳහා දශකයක් තරම් දීර්ඝ කාලයක් ගතවීමයි ඒ. 'අපිත් බලන්න ඕනේ ඒ විදියට අනාගත ඉදිරි දැක්මක් එක්ක ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න' ""නමුත් අවසානයේ ඔවුන්ට පුළුවන් වුනා සෑහෙන හොඳ නවීන ව්‍යවස්ථාවක් හදන්න. මම හැමදාම කියන දෙයක් තමයි අලුත් ව්‍යවස්ථාවක් පමණක් නොවේ අවශ්‍ය, නවීන ව්‍යවස්ථාවක් කියන එක,"" ආචාර්ය වික්‍රමරත්න සඳහන් කළේ බීබීසී යේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. ""අපිත් බලන්න ඕනේ ඒ විදියට අනාගත ඉදිරි දැක්මක් එක්ක ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න. අපිටත් හොඳට ඉගෙන ගන්න තියෙනවා."" නේපාලයට වසර දහයක් ගතවුවත්, ඉදිරි වසරක කාලයක් ඇතුලත නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇත යන්න සිය ප්‍රාර්ථනය පමණක් නොව විශ්වාසය බවත් ව්‍යවස්ථා කටයුතු විශේෂඥයා වැඩිදුරටත් සඳහන් කළේය. 2008 දී මාවෝවාදීන් මහ මැතිවරණයෙන් ජය ලබා බලයට පත්වුණේ නේපාලයේ වසර 240 ක් මුළුල්ලේ පැවති රාජාණ්ඩුව පෙරලා දමමින්. ෆෙඩරල් ක්‍රමයක් ස්ථාපිත කිරීම නව ව්‍යවස්ථාවේ තවත් ප්‍රධානම අංගයක්. ""අපිට පේනවා නේපාලයට ඒක ෆෙඩරල්ද, නැද්ද කියන එක ලොකු ප්‍රශනයක් වුනේ නෑ. මම හිතන්නේ ඉන්දියාවේ බලපෑමත් තියෙන්න ඇති. සමහර රටවල සමහරු හිතනවා මේ ෆෙඩරල් කියන්නේ රට බෙදන දෙයක් කියල. නේපාලයේ ආණ්ඩුව, ජනතාව එහෙම හිතල නැති බව පේනවා ඉතින් ඒක හොඳ වර්ධනයක්."" 'සමහර රටවල සමහරු හිතනවා මේ ෆෙඩරල් කියන්නේ රට බෙදන දෙයක් කියල. නේපාලයේ ආණ්ඩුව, ජනතාව එහෙම හිතල නැති බව පේනවා ඉතින් ඒක හොඳ වර්ධනයක්' කෙසේ නමුත් සියලුම නේපාලවාසීන් නව ව්‍යවස්ථාවට සහාය දක්වන්නේ නැහැ. දකුණු නේපාලයේ පස්රා දිස්ත්‍රික්කයේදී ව්‍යවස්ථාවට එරෙහිව ඉරිදා උද්ඝෝෂණයක යෙදී සිටි මදේෂි සුළු ජාතික කණ්ඩායම්වලට පොලිසිය වෙඩි තැබීමෙන් එක් පුද්ගලයකු මරුමුවට පත්විය. මදේශි සහ තාරු සුලු ජාතික කණ්ඩායම් පසුගිය සති කිහිපය ඇතුලත දියත් කළ උද්ඝෝෂණවලින් 40 දෙනකුවත් මරුමුවට පත් වී තිබේ. ෆෙඩරල් ක්‍රමය යටතේ පළාත් සීමා වෙනස්වීම සහ මැතිවරණ නීතියට කෙරුණු සංශෝධන හමුවේ තමන් තවදුරටත් කොන්කෙරෙනු ඇති බවට සුළු ජාතීහු බියප්තව සිටිති." -37206231,https://www.bbc.com/sinhala/37206231,ගුරු හිඟය: 'පරිපාලනයේ දෝෂ',බඳවා ගැනීමේ විධිමත් ක්‍රමවේදයක් නොමැතිකමත් ගුරු මාරු ප්‍රතිපත්තිය නිවැරදිව ක්‍රියාත්මක නොවීමත් හේතුවෙන් අධ්‍යාපන පරිපාලනයේ ගැට‍ළු රැසක් මතු වී ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.,"ශ්‍රී ලංකාව තුළ විසි දහසක පමණ ගුරු හිඟයක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සිකුරාදා පවසා තිබිණි. 'අපි දන්නවා ලංකාවේ ගුරු සිසු අනුපාතය විස්සට එකක අනුපාතයට ඇවිත් තිබෙන්නේ. එසේ නම් මේ ගුරුවරු ඌනතාවක් ඇති වෙලා තිබෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය අප ඉදිරියේ පැන නගිනවා' ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් කියා සිටියේ අධ්‍යාපන ඇමතිවරයා විසින් සිදු කරන ලද ඉහත කී ප්‍රකාශය පිළිබඳ ප්‍රතිචාර දක්වමිනි. ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ හරහා ගුරුවරුන් බඳවා නොගෙන දේශපාලන අවශ්‍යතා මත පළාත් සභා සහ රේඛීය අමාත්‍යංශය විසින් ගුරුවරුන් බඳවා ගනු ලබන බවයි ඔහු පෙන්වා දෙන්නේ. ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා ගුරුවරුන් බඳවා ගැනීමද වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා යටතේ නිසියාකාරව සිදු නොවන බවත් ජෝසෆ් ස්ටාලින් පවසයි. මේ වන විට මහරගම ඇතුළු දිවයින පුරා පිහිටි ගුරු විද්‍යාල ගණනාවක් වසා දමා ඇති බවත් ඔහු කියා සිටියේය. 'ආරම්භයේදී ලංකාවේ ගුරු විද්‍යාල විසි හතරක් තිබ්බා, දැන් දහයයි ක්‍රියාත්මක වෙන්නේ' ඇතැම් ප්‍රදේශ තුළ ගුරු හිඟයක් සහ තවත් ප්‍රදේශ තුළ ගුරු අතිරික්තයක් පවතින බව අධීක්ෂණය කොට ඇති බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි. ගුරු අතිරික්තය සහ ඌනතාව තුලනය වීම සඳහා ඇති ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. 'සමහර පාසල්වල ගුරුවරු ගොනු වෙලා ඉන්නවා. එවැනි ගුරුවරු සම්බන්ධයෙන් විධිමත් මාරු ප්‍රවේශයක් සිදු කරන්නේ නැහැ. නමුත් තමන්ට අවශ්‍ය ආකාරයට අත්තනෝමතික ලෙස දේශපාලන මරු වීම් සිදු කරනවා.' 'මේ මරු කිරීමේ ප්‍රතිපත්තිය නිසි ලෙස ක්‍රියාත්මක නොවෙන තුරු, මේ අතිරික්ත ඌනතාව පවතිනවා.ළමයින්ට ගුරුවරයෙක් නැති වෙනවා.' ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් වැඩිදුරටත් කියා සිටියේය." -131128_ukraine_eu,https://www.bbc.com/sinhala/multimedia/2013/11/131128_ukraine_eu,යුක්රේනය රුසියාවට සමීප වීමෙන් ‘අවදානමේ’,"රුසියාව සමග සබඳතා වඩාත් තර කර ගැනීමේ අරමුණු කොට ගෙන , යුරෝපා සංගමය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළඹීම ප්‍රතික්ෂේප කිරීමෙන් යුක්රේනය සිය ආර්ථික ඉදිරි මග අවදානමේ හෙළා ගනු ඇතැයි බ්‍රසල්ස් නායකත්වය අනතුරු අඟවා සිටී.","ස්ටෙෆාන් ෆූලෙ යුරෝපා සංගමයේ ව්‍යාප්ති කළමනාකාර ස්ටෙෆාන් ෆූලෙ (Stefan Fuele) මේ අනතුරු ඇඟවීම කළේ ඉහළ පෙළේ සමුළුවක් සඳහා නායකයන් ලිතුවේනියාවට පැමිණෙමින් සිටියදී. “දේශපාලන ඒකාබද්ධතාව සහ ආර්ථික අනුකලනය කරා ගමන යලිත් ආරම්භ කිරීමට යුක්රේනය සූදානම් වූ වහාම, සංගමයට බඳවා ගැනීමේ ගිවිසුම අත්සන් කිරීම සඳහා පියවර යුරෝපා සංගමය අප්‍රමාදව කරනු ඇති,” බවයි ඔහු පැවසුවේ. ස්වීඩන විදේශ අමාත්‍ය කාල් බිල්ඩ්ට් (Carl Bildt) බීබීසී යට කියා සිටියේ යුරෝපා සංගමය හා එක්වීමෙන් ලද හැකි වාසි යුක්රේනය ට මග හැරී යනු ඇති බවයි. කාල් බිල්ඩ්ට් දශක දෙකක ට ඉහත දී සමාන මට්ටමක සිටි පෝලන්තයේ ඒක පුද්ගල දළ ජාතික ආදායම යුරෝපා සංගමය හා එක්වීමෙන් පසු යුක්රේනය මෙන් තුන් ගුණයක් වූ බවයි ස්වීඩන විදේශ අමාත්‍ය වරයා පවසන්නේ. “පෝලන්තයේ ජනතාව සාමාන්‍ය වශයෙන් යුක්රේනයේ ජනතාවට වඩා අවුරුදු නවයක් වැඩි කල් ජීවත් වෙතැ” යි තමන් විශ්වාස කරන බවද ඔහු පවසයි. මේ අතර යුක්රේන ජනාධිපති වික්ටර් යනුකොවිච් සමුළුව සඳහා ලිතුවේනියාවට ළඟා වෙද්දී, ඔහුට බලපෑම් කිරීම සඳහා යුරෝපා වාදීහු යුක්රේනයේ කියෙව් අගනුවර උද්ඝෝෂණයක් පැවැත්වූහ. යුරෝපා සංගමයට ඇතුළුවීමට යුක්රේනයට තිබෙන ඉඩකඩ සමච්චලයට ලක් කරමින් සියයක් පමණ දෙනා බොරු අවමංගල්‍යයක් ද රඟ දැක්වූහ. දේදුනු ධජයේ එතූ මිනී පෙට්ටියක් කියෙව් නුවර යුරෝපා සංගම් කාර්යාලය වෙත ගෙන ගිය ඔවුහු ඒ අබියස මල් වඩම් ද තැබුහ යුක්රේනය යුරෝපා සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීමෙන් බලාපොරොත්තු නොවූ අයුරින් වැළකී සිටියේ මොස්කව් පාලනයේ බලපෑම නිසා." -world-54747866,https://www.bbc.com/sinhala/world-54747866,කොරෝනා වෛරසයට එරෙහිව සටන් කළ හැකි අණුවක් සොයා ගැනීම වෙනුවෙන් සම්මාන දිනූ 14 හැවිරිදි සිසුවිය,"වයස අවුරුදු 14 ක් වුවත්, ඇය දැනටමත් කොවිඩ් -19 සඳහා ප්‍රතිකාරයක් සොයා ගැනීමේ තරගයට එක් වෙලා.","එක්සත් ජනපදයේ ඉහළම තරුණ විද්‍යාඥයා වූ අනිකා චෙබ්‍රොලු ටෙක්සාස් ප්‍රාන්තයේ ෆ්‍රිස්කෝහි පාසල් සිසුවියක වන අනිකා චෙබ්‍රොලු නව කොරෝනාවෛරසයට සම්බන්ධ කළ හැකි සහ එය මිනිසුන්ට ආසාදනය වීමේ හැකියාව වළක්වන අණුවක් සොයාගෙන. මෙම විද්‍යාත්මක සොයාගැනීම හේතුවෙන් අනිකා චෙබ්‍රොලුට 2020 තරුණ විද්‍යාඥයින්ගේ අභියෝගතා තරගයෙන් ""එක්සත් ජනපදයේ ඉහළම තරුණ විද්‍යාඥයා"" යන පදවි නාමය හිමිවුණා. ඒ වෙනුවෙන් ඇයට ඇමරිකානු ඩොලර් 25,000ක ත්‍යාගයක් පිරිනැමුණේ 3M නම් බහුජාතික සමාගමේ අනුග්‍රහයෙ���්. එය කීර්තිමත් වාර්ෂික ජාතික උත්සවයක් වන අතර අනාගතයේ විද්‍යාඥයන් වීමට බලාපොරොත්තු වන අවුරුදු 10 ත් 14 ත් අතර වයස්වල පසුවන සිසුන්ට විශ්ව විද්‍යාල කීපයකින් නිර්දේශ කෙරෙනවා. තරගකරුවන්ට පැවරෙන්නේ එදිනෙදා ගැටලුවකට විසඳුම් පැහැදිලි කරන කෙටි වීඩියෝවක් ඉදිරිපත් කිරීමයි. නමුත් අනිකාගේ සොයාගැනීම හරියටම කුමක්ද? ඇය එය සිදු කළේ කෙසේද? ප්‍රධාන ප්‍රෝටීන් කොවිඩ් -19ට හේතු වන SARS-CoV-2 වෛරසය වටා පෙනෙන්නට තිබෙන්නේ ඔටුන්නක් වැනි හැඩයක්. කොරෝනාවෛරස් යන නම සැදීමට පසුබිම් වුයේ ද එයයි. (කොරෝනා යනු ඔටුන්න සඳහා ලතින් වචනයයි). මෙම ඔටුන්නෙහි ඇති උල් හැඩැති ප්‍රෝටීන (ප්‍රෝටීන් එස්) අපගේ සෛලවල ප්‍රතිග්‍රාහකවලට එකතු වී ඒවා ආසාදනය කරයි. මේ හේතුව නිසා, කොවිඩ් -19 ට එරෙහිව එන්නත් නිපදවීමට උත්සාහ කරන බොහෝ විද්‍යාගාර, වෛරසය අපගේ සෛල තුළට විනිවිද යාම වැළැක්වීමේ ක්‍රමයක් ලෙස අදාළ ප්‍රෝටීන බිඳ දැමීමේ ක්‍රියාවලිය තෝරාගෙන. අනිකා චෙබ්‍රෝලුගේ පර්යේෂණය ද වෛරසයේ මෙම ප්‍රධාන ප්‍රෝටීනය මත පදනම් වනවා. ""වෛරසයේ ඇති ප්‍රෝටීන් එස් සමඟ බැඳෙන්නත් සහ එහි හැඩය සහ ක්‍රියාකාරිත්වය වෙනස් කරන්නත් හැකියාවක් ඇති අණුවක් මම සොයා ගත්තා"" යැයි බීබීසී වෙත ඊමේල් පණිවුඩයක් එවමින් අනිකා චෙබ්‍රෝලු පැහැදිලි කළා. බොහෝ රසායනාගාර වෛරසයේ බලපෑම උදාසීන කිරීමේ ඉලක්කයක් ලෙස එහි ඇති ප්‍රෝටීන තෝරාගෙන තිබේ ""වෛරසය මිනිස් සෛලවලට සම්බන්ධ වීම වැළැක්වීමට සහ එම නිසා පුද්ගලයෙකුගේ ශරීරයේ ඇති වන ආසාදන අවම කිරීමට හෝ එයට ප්‍රතිකාර කිරීමට"" ඇති හැකියාව සඳහා මෙය වැදගත් වන බව ඇය තවදුරටත් කියා සිටියා. අනිකා චෙබ්‍රෝලු මෙම අණුව සොයාගත්තේ 'ඉන් -සිලිකෝ' ක්‍රමය අනුගමනය කරමින්. එනම්, විවිධ මෘදුකාංග මෙවලම් භාවිත කර සිදු කරන පරිගණක සමාකරණයක් හරහායි. ඇය මෙය සිදු කළේ කුඩා අණු මිලියන ගණනක අවශෝෂණය, ව්‍යාප්තිය, පරිවෘත්තිය හා බැහැර කිරීම (ADME) වැනි ගුණාංග පරීක්ෂා කිරීමෙන්. මෙම අධ්‍යයනයෙන් පසුව, SARS-CoV-2 වෛරසයේ එස් ප්‍රෝටීනවලට හොඳම ඖෂධීය සහ ජීව විද්‍යාත්මක ක්‍රියාකාරකම් සහිත අණුව අනිකා චෙබ්‍රෝලු තෝරා ගත්තා. රෝගයට ඵලදායී ලෙස ප්‍රතිකාර කළ හැකි ඖෂධයක් බවට මෙය පසුව පරිවර්තනය කළ හැකියි. පෙර විමර්ශනය අනිකා චෙබ්‍රෝලු ෆ්‍රිස්කෝහි නෙල්සන් පාසලේ සිය පර්යේෂණ ආරම්භ කළේ කොරෝනාවෛරස වසංගතය පුවත් සිරස්තලවලට පැමිණීමට පෙරයි. අනිකාගේ සොයාගැ��ීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 25,000ක ත්‍යාගයක් ද හිමිවිණි ""මීට වසර කීපයකට කලින්, මම පාසල් ව්‍යාපෘතියක් වෙනුවෙන් 1918 ස්පාඤ්ඤ උණ වසංගතය ගැන සොයා බැලුවා. වෛරස් හා ඖෂධ සොයා ගැනීම ගැන මට දැඩි කැමැත්තක් ඇති වුණා,"" ඇය පැවසීය. මෙම පර්යේෂණයේ යෙදෙන අතරතුර ඇයට ඉන් සිලිකෝ ක්‍රමවේදය ගැන දැනගන්න ලැබුණා. ""රෝගයට එරෙහිව සටන් කරන ඖෂධ වැනි අණු හඳුනාගෙන සංවර්ධනය කරන්න අපට පරිගණක ක්‍රම භාවිත කරන්න පුළුවන් කියලා දැනගත් පසු මම පුදුමයට පත් වුණා,"" යි ඇය පැවසුවා. ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ hemagglutinin ප්‍රෝටීන සමඟ සම්බන්ධ විය හැකි ප්‍රධාන සංයෝගයක් හඳුනා ගැනීමට ඇය පසුගිය වසරේදී මෙම ක්‍රමයම භාවිතා කළ බව ද පැවසුවා. ""වසංගත, වෛරස් සහ ඖෂධ පිළිබඳව මෙතරම් කාලයක් පර්යේෂණ කිරීමෙන් පසුවත්, අප සැබවින්ම වසංගතයකට ගොදුරු වී ඇතැයි සිතීම පිස්සුවක්!"" ඇය සඳහන් කළා. වසංගතයේ බරපතලකම සහ වසරකට අඩු කාලයකදී එය ලෝකයට ඇති කළ ප්‍රබල බලපෑම සැලකිල්ලට ගත් අනිකා, අයගේ උපදේශක, 3M සමාගමේ විද්‍යාඥවරියක වන මහ්ෆුසා අලිගේ ද සහාය ඇතිව සිය ආරම්භක ව්‍යාපෘතියේ දිශාව වෙනස් කර SARS-CoV-2 වෛරස් ප්‍රෝටීන් එස් ගැන පරීක්ෂණ ඇරඹුවා. අනිකා පර්යේෂණ සිදු කළේ 'ඉන් -සිලිකෝ' ක්‍රමය අනුගමනය කරමිනි 2019 දෙසැම්බර් මස චීනයේ වූහාන් නගරයේ පළමු මරණය වාර්තා වීමෙන් පසු, 2020 ඔක්තෝබර් 28 වන විට කොවිඩ් -19 වෛරසය ලොව පුරා බිලිගත් ජීවිත ගණන මිලියන 1.1 කට අධිකයි. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ එක්සත් ජනපදයෙන්. එය 226,000 කට ඉක්මවනවා. වැඩිදුර අධ්‍යයන විද්‍යාඥයන් පවසන්නේ අනිකා චෙබ්‍රොලුගේ ජයග්‍රහණය තමන් සාදරයෙන් පිළිගන්නා නමුත් කොවිඩ් -19 සඳහා ප්‍රතිකාරයක් සොයා ගැනීමට මෙම අණුව උපකාරී වේද යන්න දැන ගැනීමට තව දුරටත් අධ්‍යයන අවශ්‍ය බවයි. ""මම හිතන්නේ අනිකා චෙබ්‍රොලු මෙම විශ්ලේෂණය සිදු කිරීම පුදුම සහගතයි. ඇයගේ අධ්‍යාපන මට්ටම අනුව මේ සිදු කළ දේ නිසැකවම ආකර්ෂණීය උසස් දෙයක්. නිසැකවම ඇයට විශිෂ්ඨ විද්‍යාඥයෙකු වීමේ හැකියාව තිබෙනවා"" යැයි කොලොම්බියානු විශ්ව විද්‍යාලයට අනුබද්ධිත නිව්යෝක්හි පිහිටි මේල්මෑන් මහජන සෞඛ්‍ය පිළිබඳ විද්‍යාලයේ වෛරස් පිළිබඳ විද්‍යාඥවරියක වන ඇන්ජෙලා රස්මුසන් පැවසුවා. ""කොහොමවුණත්, මෙම ක්‍රමෝපායන් චිකිත්සක විභවයන් සහිත සංයෝග හඳුනා ගැනීමට හොඳ වුණත්, ඔවුන් හඳුනාගත් අණුව ඇත්ත වශයෙන්ම වෛරසය ඇතුල්වීම හෝ ප්‍රතිගුණනය වීම කෙරෙහි බලපෑමක් ඇති කරයි ද යන අදහසට සහය දක්වන්න පර්යේෂණාත්මක දත්ත නැති බව සැලකිල්ලට ගැනීම වැදගත්. ඒ වගේම එය සැබෑ තත්ත්වයන් යටතේ ප්‍රෝටීන් එස් හා සම්බන්ධ වෙනවා ද කියන දෙයත් බැලිය යුතුයි,"" විශේෂඥවරිය බීබීසී සමග පැවසුවා. ""ප්‍රතිවෛරස් ප්‍රතිකාරයක් ලෙස අණුවේ විභවය වඩා හොඳින් හඳුනාගැනීමට රසායනාගාර අධ්‍යයන අවශ්‍ය වෙනවා."" හඳුනාගත් අණුවට වෛරසයේ එස් ප්‍රෝටීන සමඟ ඵලදායී ලෙස බන්ධනය විය හැකිදැයි දැන ගැනීමට තවත් රසායනාගාර පරීක්ෂණ අවශ්‍ය බව, බීබීසී සේවය කළ විමසීම්වලදී අනෙකුත් විශේෂඥයින් ද කියා සිටියා. හුදකලා පටක, අවයව හෝ සෛල පරීක්ෂා කිරීම (vitro validations) මගින් සහ පසුව ජීවීන් මත පරීක්ෂණ (vivo) සිදු කිරීම මගින් සනාථ වුවහොත්, මෙම අණුවට ශරීරයේ වෛරසය ආසාදනය වීමේ පළමු පියවර වළක්වා ගන්නට හැකියි. අනාගත සැලැස්ම ඇමරිකාවේ ඉහළම තරුණ විද්‍යාඥයා සම්මානයෙන් ඇය දිනාගත් මුදල් ආයෝජනය කිරීමට ස්ථිර සැලැස්මක් ඇති බව අනිකා පවසනවා. අනිකා පර්යේෂණවල නොයෙදෙන විට සම්භාව්‍ය ඉන්දියානු නර්තන කලාවක් වන භරත නාට්‍යම් රස විඳින්නීය ""ඩොලර් 25,000 මගේ පර්යේෂණ දිගටම කරගෙන යාමට වගේම වෘත්තීන් හා අවස්ථාවන් හඹා යෑමට සහය වීම වෙනුවෙන්, උපකාර අවශ්‍ය ළමුන්ට ද්‍රව්‍ය හා උපකරණ සපයන මගේ ලාභ නොලබන සංවිධානය වන ඇකඩමිඒඩ් (AcademyAid) සඳහා ද ඒ මුදල් යෙදීමට මම සැලසුම් කරනවා."" ""ඉතිරි මුදල් විද්‍යාලයට ගෙවීම සඳහා ඉතිරි කිරීමට ද මම සැලසුම් කරනවා."" විද්‍යාව ගැන උනන්දුවක් දක්වන අනෙක් යෞවනයන්ට ඇය පවසන්නේ කුමක්දැයි ඇසූ විට, ඔවුන් නිතරම ගවේෂණාත්මක ලෙස සිටිය යුතු යැයි ඇය නිර්දේශ කළා. ""ප්‍රශ්න ඇසීමටත්, ඔබ ගැන විශ්වාසය තැබීමටත් නිතර මතක තබා ගන්න. ඔබේ හොඳම හැකියාවන් සමඟ ඔබ දකින ඕනෑම අවස්ථාවකින් ප්‍රයෝජන ගැනීමට වග බලා ගන්න. ඔබ නවතින්නේ කොතැනින්දැයි කියා කිව නොහැකි වීම එයට හේතුවයි."" මේ තොරතුරුද කියවන්න:" -sri-lanka-50808726,https://www.bbc.com/sinhala/sri-lanka-50808726,"පාඨලී ගේ රියදුරුගේ පවුල ""පැහැරගෙන"" ගිය බවට චෝදනාවක්",2016 වසරේදී එවක අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ නම ඈදෙමින් රාජගිරියේ සිදුවූ රිය අනතුර පිළිබඳ සිද්ධිය මේ වනවිට යළිත් අලුත් වටයකින් කරළියට පැමිණ තිබේ.,"සන්දීප් සම්පත් සහ චම්පික රණවක එහි අලුත්ම තත්ත්වය ලෙස වාර්තා වූයේ හිටපු අමාත්‍යවරයාගේ රියදුරුගේ පවුලේ සාමාජිකයින් පැහැරගෙන යනු ලැබූ බව කියන සිද්ධියකි. ���ේ සම්බන්ධයෙන් පොලිසියට චෝදනා එල්ල වෙද්දී පොලිසිය කියා සිටියේ අදාළ පිරිස සිය කැමැත්තෙන් පැමිණි බවය. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (දෙසැම්බර් 16) කොළඹ අපරාධ කොට්ඨාසය පැවසුවේ රියදුරු දිළුම් තුසිත කුමාර යන අයගේ පවුලේ සාමාජිකයින් කොළඹට රැගෙන පැමිණියේ බලහත්කාරයෙන් නොවන බවය. හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මෝසමක් මත කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා ඉදිරියේ මෙම පැමිණිල්ල කැඳවනු ලැබුණි. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයකු රිය අනතුරකට භාජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පසුගියදා නැවත පරීක්ෂණයක් ආරම්භ කළ අතර ඒ අනුව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට සහ ඔහුගේ රියදුරු දිළුම් තුසිත කුමාර යන අයට විදේශ ගමන් තහනමක් අධිකරණය මගින් පනවා තිබේ. අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ගුණරත්න වන්නිනායක සඳහන් කළේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ දිනයේ හිටපු අමාත්‍යවරයාගේ රියදුරු තුසිත කුමාර නමැත්තාගේ ගාල්ල ඉමදූව ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් ඔහුගේ බිරිඳත් අවුරුදු එකහමාරක දියණිය සහ ඔහුගේ මව ද පැහැරගෙන බත්තරමුල්ල ප්‍රදේශයට රැගෙන විත් ඇති බවකි. මේ නිසා තමා සේවාදායකයා තුළ දැඩි භීතියක් හටගෙන තිබෙන බව සදහන් කළ නීතිඥ ගුණරත්න වන්නිනායක මේ පිළිබඳව සටහන් කරගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙයට කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් පිළිතුරු දුන් එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා සඳහන් කළේ තුසිත කුමාර නැමැත්තාගේ බිරිඳ සහ මව පැමිණියේ ස්ව කැමැත්තෙන් මිස එය පැහැරගැනීමක් නොවන බවය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍යව සිටින රියදුරු තුසිත කුමාර නැමැත්තාගේ ගාල්ල ඉමදුව පිහිටි නිවසට නිලධාරීන් කණ්ඩායමක් ගිය අවස්ථාවේ අදාළ පුද්ගලයා නිවසේ නොසිටි බව සඳහන් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඔහුගේ බිරිඳ සිය දුරකථනයෙන් තුසිත කුමාර නමැත්තාට කතා කළ බව අධිකරණය හමුවේ සඳහන් කළේය. සන්දීප්ගේ මිතුරන් 2016 ඔහු වෙනුවෙන් පැවැත්වූ මාධ්‍ය හමුවක් එම අවස්ථාවේ තුසිත කුමාර නැමැත්තා බත්තරමුල්ල ප්‍රදේශයේ සිටින බවට ප්‍රකාශයක් කර ඇති බවත් ඔහු සිටින ස්ථානය පෙන්වා දීම සඳහා බිරිඳ සහ මවත් සිය කැමැත්තෙන්ම තම නිලධාරීන් සමග පැමිණි බව සඳහන් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මෙහිදී කිසිදු ආකාරයක පැහැර ගැනීමක් සිදු නොවූ බව අවධාරණය කළේය. එම කාන්තාවන් මේ වන විට ගාල්ලේ පිහිටි ඔවුන්ගේ නිවසේ සිටින බව සඳහන් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඔවුන් කොළඹට රැගෙන ආ බව තමන් පිළිගන්නා බවත් රැගෙන ආවේ ඔවුන් සිය කැමැත්තෙන් විමර්ශනවලට සහාය දැක්වීමට ඉදිරිපත් වීම නිසා බවත් කියා සිටියේය. පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක කරුණු දැක්වීම ආරම්භ කළ අවස්ථාවේදී පොලිසියෙන්ද කරුණු විමසීමක් කළ මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ සදහන් කර සිටියේ මෙම සිද්ධියේ සැකකරුවන් ලෙස පාඨලී චම්පික රණවක හෝ ඔහුගේ රියදුරු නම් කර නොමැති බවය. එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා 2016 වසරේ සිදුවූ මෙම රිය අනතුර සම්බන්ධයෙන් තම සේවාදායකයාගේ රියදුරා වරද පිළිගෙන එම නඩුව අවසන් කර තිබෙන බව සඳහන් කළේය. එම නඩුවට අදාළව දණ්ඩ නීති සංග්‍රහය යටතේ පැවරී ඇති බලතල අනුව ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන ලෙස පොලීසියට උපදෙස් දුන් මහේස්ත්‍රාත්වරිය එහි ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් පෙබරවාරි මස 14 වනදා අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසද පොලීසියට නියෝග කළාය. 2016 වසරේ සන්දීප් සම්පත් නැමැති තරුණයකු රාජගිරිය ප්‍රදේශයේ දී බරපතල රිය අනතුරකට ලක්කොට ඒ පිළිබඳව 'තොරතුරු වසන් කිරීම' සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙම විමර්ශනය ආරම්භ කරනු ලැබ තිබේ.සිද්ධිය වූ අවස්ථාවේදී අදාළ වාහනය පැදවූයේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක බවට චෝදනා එල්ලවූ අතර ඔහු එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය. එම රිය අනතුරින් යතුරු පැදිය පැදවූ සන්දීප් සම්පත් දැඩි ලෙස රෝගාතුරවූ අතර ඔහු අදටත් මේ හේතුවෙන් දැඩි අසරණ තත්ත්වයට පත්ව තිබේ. මේ පිළිබඳව නැවත පරීක්ෂණයක් කර තම පුත්‍රයාට සාධාරණය ඉටුකරන ලෙස සන්දීප්ගේ දෙමාපියන් මාධ්‍යට අදහස් දක්වමින් ඉල්ලා තිබේ. ""වාහනය පිටුපස තමයි මේ අධිවේගී සීසි 1000ට වැඩි යතුරු පැදිය වදින්නේ. කිසිම ආකාරයක යතුරු පැදිකරුවෙක් යටකර පළාගිය සිදුවීමක් නෙවෙයි මේක."" පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් නැවත ක්‍රියාත්මකවන පරීක්ෂණ ගැන මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේය. දුරකථන වාර්තා සහ සීසීටීවී දර්ශන ඔස්සේ මේ සම්බන්ධයෙන් තමාගේ සම්බන්ධයක් නැති බ��� අධිකරණය හමුවේ කරුණු තහවුරුවූ බව පවසන පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා එසේ තිබියදී දේශපාලන පළිගැනීම් සඳහා නැවත මෙම සිදුවීම උපයෝගී කරගෙන ඇති බව කියා සිටී. කෙසේනමුත් පසුගිය ආණ්ඩුව සමයේ තම දේශපාලන බලය උපයෝගී කරගෙන මෙම සිදුවීම යටපත් කළ බවට පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාට වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් චෝදනා කරති." -world-48818469,https://www.bbc.com/sinhala/world-48818469,"ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු සහ දකුණු කොරියානු නායකයන් අතර හමුවේ සේයා රූ",ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-අන් අද දින (ජුනි 30) උතුරු සහ දකුණු කොරියානු දේශසීමා අතර පිහිටි යුද මුක්ත කලාපයේදී හමු විණි.,"ජනාධිපති ධුරය දරමින් සිටින අතරතුර උතුරු කොරියාවට පය තැබූ ප්‍රථම ඇමෙරිකානු ජනාධිපතිවරයා වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය. මෙම හදිසි හමුව ගැන අදහස් පළ කරමින් උතුරු කොරියානු නායකයා පැවසුවේ එය ඔවුන් දෙදෙනා අතර පවතින ""විශිෂ්ට"" මිත්‍රත්වයේ සංකේතයක් බවය. ඒ අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ ""අද ලෝකයට ඉතා සුවිශේෂී දවසක්"" යනුවෙනි. ජනාධිපති ට්‍රම්ප්, සෙනසුරාදා (ජුනි 29) ට්විටර් පණිවුඩයක් ඔස්සේ උතුරු කොරියානු ජනාධිපතිවරයාට කළ ආරාධනයකින් අනතුරුව ඔවුන් දෙදෙනා අතර මෙම හමුව සුදානම් කළ බව කියවේ. උතුරු කොරියානු නායකයා ආරාධනාව පිළිනොගත්තේ නම් ""මාධ්‍ය මාව බොහොම නරක විදියට දකින්න තිබුණා"" යැයි ඇමරිකානු ජනාධිපතිවරයා පැවසීය. දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ-ඉන් ද සුළු මොහොතකට ඇමෙරිකානු සහ උතුරු කොරියානු නායක දෙපළ සමග එක් වී තිබේ. මෙම හමුව නිසා කොරියානු අර්ධද්වීපයේ දිවිගෙවන පුද්ගලයන් මිලියන 80කට න්‍යෂ්ටිකහරණය සහ සාමය පිළිබඳ බලාපොරොත්තු ඇති වූ බව මුන් ජේ-ඉන් පැවසීය. නායකයන් දෙදෙනා අතර හමුව කෙටි වෙලාවකට සැලසුම් කර තිබුණත්, පැයකට ආසන්න කාලයක් සාකච්ඡා පැවැත්විණි. තමන් උතුරු කොරියානු නායකයාට ධවල මන්දිරයට ආරාධනා කළ බව ඇමරිකානු ජනාධිපතිවරයා මාධ්‍ය හමුවක දී පැවසුවේය. නමුත් නිල වශයෙන් එයට සූදානමක් නොමැත. නායක හමුව දකුණු කොරියානු රූපවාහිනී නාලිකාවල විකාශය කෙරිණි. ධවල මන්දිර උපදේශකයන් වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා ට්‍රම්ප් සහ බෑනා ජෙයාඩ් කුෂ්නර් ද මෙම සංචාරයට සහභාගී වී සිටියහ. ඉවන්කා ට්‍රම්ප් මෙය හැඳින්වූයේ ""විශ්මයජනක"" හමුවීමක් ලෙසය. නායක හමුවට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මුන් ජේ-ඉන් යු�� මුක්ත කලාපයේ පිහිටි නැරඹුම් කුටියකට පිවිසියහ. මීට පෙර එම ස්ථානයට ගිය ඇමෙරිකානු ජනාධිපතිවරු දැඩි ආරක්ෂක ක්‍රමවේද භාවිත කළ ද ජනාධිපති ට්‍රම්ප් තමාට හුරුපුරුදු ඇඳුමින් සැරසී එම හමුවට ගොස් ඇත්තේ යම් පණිවිඩයක් දීමට දැයි මත පළ වී තිබේ. උතුරු කොරියානු නායකයා හමුවීමෙන් පසු ඇමරිකානු ජනාධිපතිවරයා රැගත් හෙළිකොප්ටර් යානය දකුණු කොරියාවේ සෝල් නගරයේ පිහිටි හමුදා කඳවුරක් වෙත පියාසර කළේය. එහි රැස්ව සිටි හමුදා සාමාජිකයන් අමතමින් ඔහු පැවසුවේ නායක හමුව ""ඓතිහාසික මොහොතක් වගේම ඉතා හොඳ මොහොතක්"" වූ බවය. මේ තොරතුරු ද කියවන්න:" -151218_ug_unicef_warbabies,https://www.bbc.com/sinhala/world/2015/12/151218_ug_unicef_warbabies,‘වෙඩි හඬට පොඩි අකුරු ඇද වෙයි’,2015 අවුරුද්දේ ලෝකයේ උපත ලද ළමුන්ගෙන් එක් කෝටි හැට ලක්ෂයක් මෙලොව එලිය දුටුවේ බිහිසුණු වෙඩි හඬ මැද යුද කලාප වලදී බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) පවසයි.,"යුනිසෙෆ් සංවිධානය මගින් පසුගිය බදාදා (16) නිකුත් කෙරුණ අලුත්ම වාර්තාවකට අනුව 2015 අවුරුද්දේ උපන් ළමුන් අට දෙනකුගෙන් එක් බිලිඳකු යුද ගැටුම් සහිත කලාපයකදීයි මෙලොව එලිය දැක තිබෙන්නේ. වෙඩි පුපුරන, බිම් බෝම්බ වලින් පිරුන යුද කලාපයන්හි ෂෙල් සහ මිසයිල් හඬ අතර ගෙවීගිය වසරේ ලොව එලිය දුටු බිළිඳුන්ගේ සංඛ්‍යාව එක් කෝටි හැට ලක්ෂයක් වෙතැයි ළමා අරමුදල ඇස්තමේන්තු කරයි. යුද කලාපයන්හි උපත ලද ළමුන්ගේ සංඛ්‍යාව 2014 වසර සමඟ සසඳා බලන විට එක් ලක්ෂ විසි පන් දහසකින් වැඩි වී ඇති බව යුනිසෙෆ් ආයතනයේ තක්සේරුවයි. ජීවිතයක ආරම්භය ඒ අනුව 2015 අවුරුද්දේ ලොව පුරා උපන් දරුවන් අට දෙනකුගෙන් එක දරුවකු උපත ලබා ඇත්තේ යුද කලාපයකයි. මිනිස් ජීවිතයක මීට වඩා නරක තවත් ආරම්භයක් තිබිය හැකිදැයි යුනිසෙෆ් විධායක අධ්‍යක්ෂ ඇන්තනි ලේක් විමසයි. ඉහත කී යුනිසෙෆ් වාර්තාව අනුව දකුණු සුඩානය, මධ්‍යම අප්‍රිකා ජනරජය සහ සිරියාව වැනි යුද ගැටුම් වල ගිලුණ රටවල නිමාවක් නොමැති යුද ගැටුම් මධ්‍යයේ එම රටවල ජන ජීවිත දැඩි අන්තරායකාරී තත්වයකට හෙළනු ලැබයි පවතින්නේ. 2014 අවුරුද්ද ගත් විට එම වසරේ යුද කලාපවල උපන් බිළිඳුන්ගේ සංඛ්‍යාව එක් කෝටි හතළිස් ලක්ෂයකි. උපන් විගස මරණය යුද කලාපවල උපදින දරුවන් අයහපත් ශරීර සෞඛ්‍යයෙන් යුක්ත අතර ඔවුන්ගේ මානසික හැඩ ගැසීමත් ඉතා සංවේදී වන අතර වෙනත් කලාපයන්හි උපදින දරුවන්ට සාපේක්ෂව බලන විට සංජානනය ස්වාභාවික නොවන එම දරුවන් වයස අවුරුදු පහ සම්පූර්ණ වීමටත් පෙරම මිය යාමේ අවාසනාවන්ත තත්වයක් පවතින බවයි යුනිසෙෆ් ආයතනය පෙන්වා දෙන්නේ. යුද කලාපවල සිදු කෙරෙන ස්ත්‍රී දූෂණ නිසා සිදු වෙන ගැබ් ගැනීම් නිසා උපදින දරුවන්ගේ ඉරණම මෙම කතාවේ තවත් අඳුරු පරිච්ඡේදයක් වෙයි. එක්සත් ජනපදයේ ඉයෝවා ප්‍රාන්තයේ Drake සරසවියේ දේශපාලන විද්‍යා අංශයේ මහාචාර්ය Debra DeLaet පවසන්නේ යුද කලාපවල දී ස්ත්‍රී දූෂණ වලට ගොදුරුවීමෙන් ගැබ් ගත් කාන්තාවන් දරු ප්‍රසූතියේදීම එම බිලිඳුන් මරා දමනු ලැබීමට උත්සාහ ගත් අවස්ථා ඇති බවයි. ‘එවැනි බිලිඳුන් අත්හැර දමනු ලැබීම, ඒ වගේම එවැනි දරුවන් දූෂණයට ගොදුරු වූ කාන්තාවගේ පවුලේ සාමාජිකයන් විසින් පිළි ගනු නොලැබීමේ ප්‍රශ්නයකුත් තියෙනවා’ මහාචාර්යවරිය පවසන්නීය. තවත් දශ ලක්ෂයක් මෙය විසඳුමක් නොමැති සමාජමය අර්බුදයක් වන අතර යුද ගැටුම් උග්‍රවෙන වේගයෙන් එම අර්බුදය බරපතල අතට හැරෙමින් පවතින බවයි යුනිසෙෆ් වාර්තාව පෙන්වා දෙන්නේ. යුනිසෙෆ් තක්සේරු කිරීම් අනුව 2016 ලබන අවුරුද්දේ යුද කලාපයන්හි උපදින දරුවන්ගේ සංඛ්‍යාව තවත් දශ ලක්ෂයකින් වැඩි වනු ඇත. ඒ අනුව 2016 අවුරුද්දේ යුද ගැටුම් මැද මෙලොව දකින දරුවන්ගේ සංඛ්‍යාව එක් කෝටි හැත්තෑ ලක්ෂයක් වනු ඇත. එවැනි පරිසරයක් යටතේ දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් ප්‍රමුඛතාව දීමට ජාත්‍යන්තර ප්‍රජාව ආකර්ෂණය කර ගැනීමයි යුනිසෙෆ් සංවිධානයේ අරමුණ වී තිබෙන්නේ." -sri-lanka-42122880,https://www.bbc.com/sinhala/sri-lanka-42122880,#ElectHer: ශ්‍රී ලංකාවේ කාන්තා නියෝජනය ප්‍රවර්ධනය කළ යුත්තේ ඇයි?,ශ්‍රී ලංකාවේ කාන්තා හිංසනයට එරෙහිව සහ මහජන නියෝජන ආයතනවල කාන්තා නියෝජනය ඉහළ නැංවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් විශේෂ ප්‍රචාරක වැඩසටහනක් දියත් කරනු ලැබ තිබේ.,"#ElectHer සහ #EndViolence හෙවත් ""ඡන්දය ඇයට. ප්‍රචණ්ඩත්වයට තිත"" යන හෑෂ්ටෑග යොදාගනිමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් දින 16 ක් මුළුල්ලේ රට පුරා දිස්ත්‍රික්ක ගණනාවක ධාවනය කරවන ප්‍රචාරක කැරවෑනයේ අරමුණ හිංසනයෙන් තොර මැතිවරණයකින් දැනට වඩා වැඩි කාන්තාවන් පිරිසක් මහජන නියෝජිත ආයතනවලට පත් කර ගැනීමය. කාන්තාවන්ට දේශපාලනයේ යෙදීමට තිබෙන හිමිකම පිළිගැනීම, කාන්තාවන් වීම හේතුවෙන් අපේක්ෂකයන් අවමානයට ලක් නොකිරීම, ස්වකැමැත්තට පටහැනි අයුරින් සිය ඡන්දය භාවිත කරන මෙන් කිසිවෙකුටත් බලපෑම් නොකිරීම, කාන්තාවන්ගේ දේශපාලන හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගවීම ක්‍රියා���්මක කිරීමට බලකිරීම සහ සමාන පාර්ශවකරුවන් ලෙසින් කාන්තාවන්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වය ප්‍රවර්ධනය කිරීම සිය ප්‍රයත්නයේ අරමුණ බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පවසයි. ""මේ ප්‍රචාරක රථයත් එක්ක Forum Against GBV සමග අපි එනවා 25 හම්බන්තොට, 27 බදුල්ල, 29 මඩකලපුව, 31 මුලතිව්, 2 යාපනය, 3 කිලිනොච්චි, 5 පුත්තලම, 6 කටුනායක, 8 කොළඹ කොටුව,"" යනුවෙන් ආයතනයේ සේවය කරන අජිත් පැරකුම් ජයසිංහ ට්විටර් පණිවුඩයක සටහන් කොට තිබේ. සබැඳි යොමු: ශ්‍රී ලංකා ආණ්ඩුවේ සහ පොලිසියේ ද අනුග්‍රහය සහිතව එක්සත් ජාතීන්ගේ ප්‍රධානත්වයෙන් දියත් කෙරෙන මෙම ප්‍රචාරක ව්‍යාපාරයට දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රසාදය පළවෙමින් පවතී. ට්විටර් පණිවුඩයක් මගින් ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කරන කොළඹ සිටින බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් James Dauris, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52% ක් කාන්තාවන් වන නමුත් වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් කාන්තාවන් සිටින්නේ 5.3% ක් පමණක් බව පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 2% ක් පමණක් බව පෙන්වා දෙන ඔහු පවසන්නේ, දැනට වඩා කාන්තාවන් පිරිසක් අනිවාර්යයෙන්ම දේශපාලනයට සම්බන්ධ විය යුතු බවය. ඒ පිළිබඳව පසුගියදා බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, පසුගියදා සම්මත වූ පළාත් පාලන සංශෝධිත පනත් කෙටුම්පත මගින් පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය ඉහළ දැමීමට හැකිවීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව සඳහන් කළේය. කාන්තාවන් දේශපාලනයට සම්බන්ධ කරගැනීමේ ව්‍යාපෘතියක් දියත් කිරීම වෙනුවෙන් ""හෑෂ්ටෑග් පරපුර"" තරුණ සංවිධානයේ සෙනෙල් වන්නිආරච්චි පසුගියදා බ්‍රිතාන්‍ය රැජින අතින් සම්මාන ලැබුවේය." -130510_jaffna_universitiy,https://www.bbc.com/sinhala/sri_lanka/2013/05/130510_jaffna_universitiy,යාපන විශ්ව විද්‍යාලයේ 'භීතිය පැතිරිලා',හමුදාව ඇතුළු ආරක්ෂක අංශ යාපනය විශ්ව විද්‍යාලයේ කටයුතු මර්ධනය කරමින් සිටින බැවින් එහි සියලු ශිෂ්‍ය ක්‍රියාකාරකම් ඇණහිට තිබෙන බව ශිෂ්‍ය නායකයෝ පවසති.,"පොදු කටයුත්තකට සම්බන්ධ වුවහොත් පසුගියදා අත් අඩංගුවට පත්වූ ශිෂ්‍යයන්ට අත්වූ ඉරණම සිහිපත් කරමින් අනතුරු ඇඟවීම් ලැබෙන බව ශිෂ්‍යයෝ පවසති යාපන විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නියෝජිතයන් පිරිසක් එම චෝදනාව එල්ල කළේ වවුනියාව මණ්ඩපයේ ශිෂ්‍ය සංවිධාන නියෝජිතයන් හමුවීම පිණිස වවුනියාවට පැමිණි අවස්ථාවේදී. යාපන විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ සියලු ක්‍රියාකාරකම් පිළිබඳව ආරක්ෂක හමුදාවල රහස් ඔත්තු සේවා සාමාජිකයන් නිරන්තරයෙන් විපරමින් සිටින බැවින් කිසිදු විෂය බාහිර ක්‍රියාකාරකමක යෙදීමට මතු නොව උපන් දින සාදයක් පැවැත්වීමට පවා ශිෂ්‍යයන් දැන් බියපත්ව සිටින බවයි, ඔවුන් පවසන්නේ. කිසියම් ලෙසකින් ශිෂ්‍යයන් සමාජයීය හෝ පොදු කටයුත්තකට සම්බන්ධ වුවහොත් පසුගියදා අත් අඩංගුවට පත්වූ ශිෂ්‍යයන් සිවු දෙනාට අත්වූ ඉරණම සිහිපත් කරමින් විවිධ පාර්ශව හරහා තමන්ට අනතුරු ඇඟවීම් ලැබෙන බව ද නම හෙළිකිරීමට පවා බිය පළ කළ ශිෂ්‍ය නියෝජිතයෝ පිරිස කියා සිටියහ. කෙසේ නමුත් යාපන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ සියලු යහපත් ක්‍රියාකාරකම්වලට හමුදාවෙන් බාධාවක් නැති බව බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර රුවන් වනිගසූරිය, යාපනයේ පවතින්නේ සිවිල් පරිපාලනයක් බැවින් පොලීසියේ කටයුතුවලට හමුදා සම්බන්ධ නොවන බව ද සඳහන් කළේය." -world-39378860,https://www.bbc.com/sinhala/world-39378860,රාජ්‍ය නායකයෙකුගේ කර මත යා හැක්කේ කාටද?,උතුරු කොරියාව පසුගිය සතියේ අලුතින් රොකට් එන්ජින් අත්හදා බැලීමක් කළ අතර සුපුරුදු පරිදි ඒ සඳහා රජයේ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ලබා දුණි.,"සිය නායකයාගේ කර මතට ගොඩ වූ වැඩිහිටි නිලධාරියා හැඟීම් බව වූ ආකාරයක් පෙනෙන්නට තිබේ ඒ සමග එළිදුටු එරට නායක කිම් ජොන්ග් අන් ගේ ඡායාරූපයක් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වී තිබේ. රොකට් එන්ජින් අත්හදා බැලීම සාර්ථකව සිදු කළ බව පැවසෙන අතර උතුරු කොරියානු නායකයා විසින් එය හඳුන්වනු ලැබුවේ සිය රටේ රොකට් තාක්ෂණ ක්ෂේත්‍රයේ 'නව උපතක්' ලෙසය. නායක කිම් ජොන්ග් අන් දුරින් සිට මිසයිලය දෙස දෑස් යොමා සිටින ආකාරය දැක්වෙන ඡායාරූප එරට රජයේ මාධ්‍ය විසින් නිකුත් කරනු ලැබීය. සිනහවකින් මුව සරසාගත් කිම් ජොන්ග් අන්, ප්‍රීතියට පත් හමුදා නිලධාරීන්ට අතට අත දෙන ආකාරය මෙන්ම වැඩිහිටි පුද්ගලයෙකු සිය කර මත ගෙන යන ආකාරය දැක්වෙන ඡායාරූපයක් ද ඒ අතර විය. කිම් ජොන්ග් අන් වැන්නෙකු මතට ගොඩ වන්නා කවරෙක්නම් විය හැකිද? ඊට හේතුව කුමක් විය හැකිද? මේ කවුද? කිම් ජොන්ග් අන් විසින් අදාළ නිලධාරියා වැළඳගනු ලබන ආකාරයත් එක් ඡායාරූපයක දැක්වේ ඡායාරූපයේ දැක්වෙන අභිරහස් පුද්ගලයා උතුරු කොරියාවේ දේශපාලන වේදිකාවට නුහුරු චරිතයක් බව නිරීක්ෂකයෝ පවසති. ඔහු රොකට් එන්ජින් අත්හදා බැලීමේ ව්‍යාපෘතිය ��ම්බන්ධයෙන් ප්‍රධාන කාර්යයක් ඉටු කළ පුද්ගලයෙකු මෙන්ම ඔහු මීට ඉහතදීත් නායක කිම් ජොන්ග් අන් සමග කටයුතු කර ඇති බව විශ්වාස කෙරේ. දේශපාලන නිරීක්ෂක මයිකල් මැඩන් කියා සිටියේ එම පුද්ගලයා ඇඳ සිටින නිල ඇඳුමේ ලාංජනවලට අනුව ඔහු කොරියානු මහජන හමුදාවේ මූලෝපාය අංශයේ මැද පෙළ නිලධාරියෙකු බව පෙන්නුම් කරන බවය. ප්‍රහාර සඳහා යොදා ගනු ලබන මිසයිල බලකාවලට නායකත්වය දෙනු ලබන්නේ ඉහත කී මූලෝපාය අංශයෙනි. ප්‍රචාරණ තැතක් කෙසේ නමුත් අදාළ ඡායාරූපය, එරට ජනතාව අතර නායක කිම් ජොන්ග් අන් ගේ ප්‍රතිරූපය ඔපමට්ටම් කිරීමට ගනු ලැබූ උත්සාහයක් විය හැකි බව ඇතැම් නිරීක්ෂකයන්ගේ මතය වී තිබේ. ඔහු විනෝදකාමී ජනතාවගේ පුද්ගලයෙකු බව එත්තු ගැන්වීම සඳහා පෙර සැලසුමකට අනුව එම ඡායාරූපය ගනු ලැබ ඇති බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ඇමරිකානු - කොරියානු ආයතනයේ මයිකල් මැඩන් පවසයි. එමෙන්ම නායක කිම් ජොන්ග් අන් මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බවත් ඡායාරූපයෙන් පිළිබිඹු වේ. උතුරු කොරියානු නායකයා කොර ගසමින් සැරයැටියක් අතැතිව ගමන් කරන ආකාරය දැක්වෙන දර්ශන 2014 වසරේ දී පළ වූ අතර නැවතත් ඔහු කොර ගසමින් ඇවිදින ආකාරය 2016 වසරේ දී දැක ගත හැකි විය." -sri-lanka-41724542,https://www.bbc.com/sinhala/sri-lanka-41724542,"""කාන්තාවටත් ඕනෑම දෙයක් කරන්න පුළුවන් බව සනාථ කළා"" - එවරස්ට් දිනූ ජයන්ති",පසුගිය වසරේ (2016) මැයි මස 21 දින ශ්‍රී ලාංකිකයෙකු ඉතිහාසයේ පළමු වතාවට ලෝකයේ උසම කඳු මුදුනට ළඟා විය.,"ජයන්ති එවරස්ට් කඳු මුදුනේ ඒ වාර්තාව තැබුවේ ජයන්ති කුරුඋතුම්පාල විසිනි. සිය රට නියෝජනය කරමින් මුලින්ම කාන්තාවක් එවරස්ට් තරණය කළ සිවු වැනි අවස්ථාව ද එය විය. පුරුෂයෙකුට පෙර කාන්තාවක් එම ජයග්‍රහණය ලබාගත් අනෙක් රටවල් තුන ක්‍රෝඒෂියාව, දකුණු අප්‍රිකාව සහ පෝලන්තයය. ""කාන්තාවක් වශයෙන් මම හුඟාක් ආඩම්බරයි, මේ වගේ දෙයක් කරන්න පුළුවන් වුන නිසා,"" ජයන්ති කුරුඋතුම්පාල සඳහන් කළේ 'සියයක් කාන්තාවෝ' (BBC 100 WOMEN) විශේෂාංගය වෙනුවෙන් බීබීසී සිංහල සේවය සමග විශේෂ සංවාදයකට එක්වෙමිනි. ""අපේ සමාජයේ හුඟක් ලිංගිකත්වය මත ස්ථාපිත ආදර්ශ (gender stereotypes) තියෙනවා,"" ඇය සඳහන් කළාය. ""මේකෙන් පේන්නේ, අපිට ඉඩක් දුන්නොත්, කාන්තාවකටත් ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියන එක."" ""අපේ සමාජයේ හුඟක් gender stereotypes තියෙනවා"" බීබීසී සියයක් කාන්තාවෝ විශේෂාංගය සඳහා තෝරා ගන්නා ලද පළමු ශ්‍රී ලාංකික කාන්තාව ද ඇය ය. ප්‍රධාන වශයෙන් කාන්තාවන් මුහුණ දෙන ගැටලු හතරක් මේ වසරේ 'සියයක් කාන්තාවෝ' වැඩසටහනේ අවධානයට ලක් වූ අතර, ක්‍රීඩාවේ දී කාන්තාව මුහුණ දෙන පුරුෂාධිපත්‍යය ඒ අතරින් එක ගැටලුවකි. ක්‍රීඩා ක්ෂේත්‍රයේ පුරුෂාධිපත්‍යය සමස්තයක් වශයෙන් ලොව පුරා බොහෝ රටවල දක්නට ලැබෙන ගැටලුවක් බව පවසන ජයන්ති කුරුඋතුම්පාල, කිසියම් ලෙසකින් තමන්ට කඳු මුදුනට ළඟාවීමට නොහැකි වූයේ නම් කාන්තාවක වීම හේතුවෙන් ඒ උත්සාහය අසාර්ථක වූයේ යයි බොහෝ දෙනා හුවා දැක්වීමට ඉඩ තිබුණු බව ද පෙන්වා දෙන්නීය. ඇය සමග එවරස්ට් කඳු තරණයට සහභාගි වූ මිතුරා, යොහාන් පීරිස්ට කඳු මුදුනට ළඟාවීමට නොහැකි විය. එය කිසිසේත්ම ""පරාජයක් නොවන"" බව කන්ද තරණය කිරීමට සමත් වූ ශ්‍රී ලාංකික කාන්තාව අවධාරණය කරන්නීය. ""ඒක පරාජයක් නෙවෙයි. යොහාන් ගත්තේ නිවැරදි තීරණය. යොහාන් තවත් උඩට ගියා නම් එයාගේ ජීවිතය නැතිවෙනවා."" 2011 දී මුලින්ම මුණ ගැසුණු ඔවුන් දෙදෙනා, 2012 දී නේපාලයේ 'අයිලන්ඩ් පීක්' නම් කන්ද තරණය කළ අවස්ථාවේ පහළ වූ හැඟීමක් සැබෑ කරගැනීම පිණිස ඔවුන් දෙදෙනාට සිවු වසරක් පුහුණු වීමට සිදු විය. වසර ගණනාවක් මුළුල්ලේ කාන්තා අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධ ක්‍රියාකාරිනියක ලෙසින් සේවය කරන ජයන්ති කුරුඋතුම්පාල පවසන්නේ, කාන්තාවට සමානව සැලකීම සහ සමාන අයිතිවාසිකම් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවත් බොහෝ දුර යා යුතුව තිබෙන බවය. ""සමාජයෙන් සෑහෙන ඉඩක් දෙන්නේ නැහැ. සමානාත්මතාව නැහැ. සමාජයෙන් ඉඩක් දෙන්න අවශ්‍යයි අපිටත් ඉදිරියට එන්න. ඒ සමානාත්මතාව නැතුව අපේ ඉදිරි දැරියන්ට ඉදිරියට එන්න අමාරුයි."" එබැවින් සිය ජයග්‍රහණය ආදර්ශයක් කරගනිමින් සමාජයේ ආකල්ප බැහැර කොට අධිෂ්ඨානශීලීව ඉදිරියට යන මෙන් ඇය අනාගත පරපුරේ ක්‍රීඩිකාවන්ගෙන් ඉල්ලීමක් කරන්නීය. ""තමන් කාන්තාවක් වීම දුර්වලකමක් කියල හිතන්න එපා,"" යන්න තරුණ පරපුරට ඇයගේ උපදේශය වේ. ""සමාජය කොච්චර කිවුවත් කාන්තාවක් වීම නිසා කරන්න බෑ කියල, ඒවා පිළිගන්න එපා. මොකද කාන්තාවන් හැටියට අපි සෑහෙන ශක්තිමත්. ඒ නිසා මගේ උපදේශය තමයි don't let anyone tell you that you cannot do something because you are a girl,"" ඇය පවසන්නීය. ""ඔබට සිහිනයක් තියෙනව නම් ඒ සිහිනය කරා යන්න. පුළුවන් තරම් සටන් කරලා ඒ සිහිනය කරා යන්න. අධිෂ්ඨානය සහ කැපවීම තියෙනව නම් කරන්න බැරි දෙයක් නෑ."" යළිත් වරක් එවරස්ට් කඳු මුදුනට ළඟාවීම ඉතා දුෂ්කර කරුණක් වුවත්, විවේක ලැබෙන අවස්ථාවල තවදුරටත් කඳු තරණයේ නිරත වෙන බවත් එදා මෙදා තුර එවරස්ට් කඳු මුදුනට ළඟා වූ එකම ශ්‍රී ලාංකිකයා වැඩිදුරටත් සඳහන් කළාය. සබැඳි යොමු: (Image & video copyright: Sherpa Ang Karma, Sherpa Pasang, Jayanthi Kuru-Uthumplala, Johann Peiris & Mahesh Abeysekara)" -140409_sambandan_afrika_visit,https://www.bbc.com/sinhala/sri_lanka/2014/04/140409_sambandan_afrika_visit,දෙමළ ජනයාගේ ප්‍රශ්ණ දකුණු අප්‍රිකාවට කියයි,ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට මුහුණ පෑමට සිදුව ඇති ප්‍රශ්ණ හා ගැටළු සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම පිණිස දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්දන් ඇතුලු පිරිසක් අද(09 දා) අළුයම දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියහ.,දෙමළ වැසියන්ට උදාවි ඇති සාමයක් නොමැති බව මන්ත්‍රීවරයා පවසයි එසේ පිටත්ව යෑමට පෙර ආර්.සම්බන්දන් මන්ත්‍රිවරයා බී.බී.සී.සන්දේශයට කියාසිටියේ උතුරු නැගෙනහිර දෙමළ වැසියන් කිසිදු නිදහසක් හෝ අයිතිවාසිකමක් නොමැතිව මේ වන විට කල් ගෙවන බවයි. රජය සියලු දෙනාටම සාමය උදාකොට ඇති බව පැවසුවද දෙමළ වැසියන්ට උදාවි ඇති සාමයක් නොමැති බව මන්ත්‍රීවරයා පැවසුවේය. 'ආරාධනය කළ නිසා යනවා' දකුණු අප්‍රිකාවේ ජනාධිපති ශ්‍රී ලංකාවේ පැවති චොගම් සමලුවට සහභාගි වු අවස්ථාවේදී දෙමළ ජනයාට ඇති ප්‍රශ්ණ හා ගැටලු ගැන සාකච්ඡා කිරීමට එහි පැමිණෙන ලෙස කරන ලද ආරාධනයකට අනුව දෙමළ ජාතික සන්ධානයේ පිරිස දකුණු අප්‍රිකාව බලා යන බවද ඔහු කියාසිටියේය. දකුණු අප්‍රිකානු නියෝජිතයින් හමුවේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ කවර ප්‍රශ්ණදැයි විමසූවිට මන්ත්‍රීවරයා පැවසුවේ රජය දෙමළ ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින අතරතුර යුද අනාථයන් යලි පදිංචි කිරීමට අපොහොසත්ව සිටින තත්ත්වය ගැන මුලින්ම කරුණු ඉදිරිපත් කරන බවයි. 'ජගත් මණ්ඩලයට බලකරන්නැයි ඉල්ලනවා' මීට අමතරව යුද්ධය අවසන් වී ඇතත් රජය යුද හමුදාව හා පොලීසිය යොදවා උතුරේ සෝදිසි මෙහෙයුම් දියත් කොට දෙමළ වැසියන් අත් අඩංගුවට ගැනීම නීතිවිරෝධි බව දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ඇතුලු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්ට දැනුම් දී ඊට විසදුමක් ඉල්ලා සිටින බවද සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසීය. ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වු යුද අපරාධ සම්බන්ධයෙන් වු පරීක්ෂණ අපක්ෂපාතීව සිදුකරන මෙන් ජගත් මණ්ඩලයට බලකරන මෙන් තම නියෝජිත පිරිස දකුනු අප්‍රිකානු රජයෙන් ඉල්ලා සිටින්නේ යැයිද ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය. -140213_rsf_jds_lanka_media,https://www.bbc.com/sinhala/sri_lanka/2014/02/140213_rsf_jds_lanka_media,මාධ්‍ය නිදහස ���ඩුම රටවල් දහය අතරට ශ්‍රී ලංකාව,"‘දේශ සීමා රහිත මාධ්‍යවේදියෝ’ සංවිධානය ඉදිරිපත් කර ඇති මාධ්‍ය නිදහස පිලිබඳ දර්ශකයේ, ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ එකසිය හැට පස් වැනි ස්ථානය යි.","ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ එකසිය හැට පස් වැනි ස්ථානය යි යුද හමුදාව විසින් රටේ ප්‍රවෘත්ති හසුරුවන තත්වයක් පැවතීම නිසා ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට මහත් පීඩාවක් එල්ල වී ඇතැයි දේශ සීමා නොමැති මාධ්‍යවේදියෝ හෙවත් RFS සංවිධානය පවසයි. RFS ඉදිරිපත් කර ඇති මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයට අනුව ලෝකයේ මාධ්‍ය නිදහස අඩුම රටවල් දහය අතරට ශ්‍රී ලංකාව වැටී තිබේ. 'ස්වයං වාරණයක්' RSF හා එක්ව එම දර්ශකය සම්පාදනය කළ JDS සංවිධානයේ කැඳවුම්කරු රෝහිත භාෂණ අබේවර්ධන කියා සිටියේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය තුළ ස්වයං වාරණයක් දැඩි ලෙස ක්‍රියාත්මක වන බවයි. ‘වාර්තාකරණයේ දී මාධ්‍යකරුවාට තීරණයක් ගන්න සිද්ධ වෙනවා මෙය වාර්තා කිරීමෙන් ලංකාව තුළ තිබෙන බෙදුම් රේඛාවේ තමන් වැටෙන්නේ දේශද්‍රෝහියෙකුගේ ගණයට ද නැත්නම් දේශප්‍රේමියෙකුගේ ගණයට ද කියල. මේ මූලික බෙදුම් රේඛාව ඇතුළත තමයි ලංකාවේ ජන මාධ්‍ය සහ සමස්ත සිතියම පාලනය කරන්නේ.’ රෝහිත භාෂණ අබේවර්ධන පැවසීය. 'මූලාශ්‍ර පිළිබඳව ප්‍රශ්නයක්' මාධ්‍ය නිදහස පිලිබඳ ලෝක දර්ශකය ගැන සංදේශය කළ විමසීමක දී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ මෙම සමීක්ෂණයට අදාළ මූලාශ්‍ර පිළිබඳව ප්‍රශ්නයක් ඇති වන බවයි. ‘නෑ, මම පිළිගන්නේ නැහැ ඒක. හේතුව මාධ්‍ය ඇමතිවරයාට එරෙහිව ප්‍රධාන ශීර්ෂ පාඨයකින් ප්‍රහාරයක් එල්ල කරල තිබුණ. එවැනි මාධ්‍ය නිදහසක් තියෙන රටක මොකක්ද මේ කතාව. ඒ නිසා ඒ මූලාශ්‍රය සම්බන්ධව ප්‍රශ්නයක් ඇති වෙනවා.’ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තවදුරටත් කියා සිටියේ ය." -world-46737442,https://www.bbc.com/sinhala/world-46737442,2018 වසරේ ගුවන් අනතුරුවල විශාල වැඩි වීමක්,2017 වසර සමග සංසන්දනය කිරීමේ දී 2018 වසර තුළ ගුවන් අනතුරුවල විශාල වැඩිවීමක් දක්නට ලැබෙන නමුත් ගුවන් අනතුරු ඉතිහාසය දෙසැ බැලීමේදී ආරක්ෂාව අතින් 2018 වසර නව වන ස්ථානයේ පසුවන බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.,"පසුගිය වසර තුළ ගුවන් අනතුරුවලින් පුද්ගලයන් 556 දෙනෙකු මියගොස් ඇති අතර 2017 වසරේ එවැනි අනතුරු හේතුවෙන් මියගොස් ඇත්තේ 44 දෙනෙකු පමණක් යැයි ගුවන් ගමන් ආරක්ෂණ ජාලය (ASN) නමැති ආයතනය වාර්තා කරයි. පුද්ගලයන් 189 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් පසුගිය වසරේ ඔක්තෝබර් මස 'ලයන් එයාර්' සමාගමට අයත් ගුවන් යානයක් ඉන්දුනීසියාවේ දී අනතුරට පත් වූ අතර එය වසරේ දරුණුතම ගුවන් අනතුර ලෙස සැලකේ. මගී ජෙට් යානා අනතුරු වාර්තා වී නොමැති 2017 වසර, වාණිජ ගුවන් ගමන් ඉතිහාසයේ ආරක්ෂාකාරීම වසර වේ. 'විශාල දියුණුවක්' 2018 වසරේ සිදු වූ ගුවන් අනතුරුවලින් අති දරුණු අනතුරු පහළොවක් වාර්තා වී ඇති බව නෙදර්ලන්තයේ පිහිටා ඇති ගුවන් ගමන් ආරක්ෂණ ජාලය (ASN) පවසයි. කෙසේවෙතත් පොදුවේ ගත් කළ ආරක්ෂාව අතින් පසුගිය වසර 20 තුළ වර්ධනයක් දක්නට ලැබේ. මේ තොරතුරුද කියවන්න: ""ගුවන් ගමන් අනතුරු වසර දහයකට පෙර තත්ත්වයේම තිබුණා නම් පසුගිය වසර තුළ දරුණු ගුවන් ගමන් අනතුරු තිස්හයක් වෙන්න තිබුණා"" යැයි ඒ.එස්.එන් ප්‍රධාන විධායක නිලධාරි හරෝ රැන්ටර් පැවසීය. ""2000 වසරේ අනතුරු සිදු වූ ප්‍රමාණය ගැන බලද්දී පසුගිය වසරේ මාරක අනතුරු හැටහතරක් වෙන්න තිබුණා. මෙයින් පෙනී යනවා පසුගිය වසර විස්ස තුළ ආරක්ෂාව අතින් කෙතරම් වර්ධනයක් වෙලා ද කියලා."" නමුත් පසුගිය වසර පහ තුළ සිදු වූ අනතුරු විසි පහකින් දරුණු අනතුරු දහයක් පමණ සිදුව ඇත්තේ එය වළක්වා ගැනීමට අපොහොසත් වීම හේතුවෙනි. ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඇති බව ඒ.එස්.එන් ආයතනය පවසයි. ගුවන් ගමන් පථයෙන් ඉවත් වීම, යාන්ත්‍රික දෝෂ, අත්වැරදීම් හෝ පරිසරයේ වෙනස්කම් හේතුවෙන් මාරක ගුවන් අනතුරු සිදුවිය හැකි බව ඒ.එස්.එන් පැවසුවේය. තවත් තොරතුරු:" -world-39378858,https://www.bbc.com/sinhala/world-39378858,ලන්ඩන් ප්‍රහාරය: පොලිස් නිලධාරියාගේ 'අවසන්' ඡායාරූපය,බ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වූ පොලිස් නිලධාරී කීත් පාමර් 'අවසන් වරට' පෙනී සිටි ඡායාරූපය ප්‍රකාශයට පත් වී තිබේ.,"පොලිස් නිලධාරියාගේ 'අවසන්' ඡායාරූපය ඛලිඩ් මසුඩ් නමැති ප්‍රහාරකයා පාර්ලිමේන්තුව ඉදිරිපිට දී පොලිස් නිලධාරියාට පිහි පහර එල්ල කිරීමට මිනිත්තු 45 කට පෙර ස්ටේසි මාටින් නමැති ඇමරිකානු සංචාරක කාන්තාවක් විසින් එම ඡායාරූපය ගනු ලැබ තිබේ. මේ අතර ලන්ඩන් ප්‍ර‍හාරයෙන් මිය ගිය සංඛ්‍යාව 5 දක්වා ඉහළ නගිද්දී පොලිසිය වේල්ස් හි කාමාතන්ෂයර් ප්‍රාන්තයේ ගොවිපලක් සෝදිසියට ලක් කළේය. බ්‍ර‍හස්පතින්දා (මාර්තු 23) සවස ලන්ඩන් නාගරික පොලිසිය තහවුරු කළ පරිදි, ප්‍ර‍හාරය හමුවේ මියගිය 5 වැන්නා වූයේ 75 හැවිරිදි පුද්ගලයෙකි. මේ අතර, කාමාතන්ෂයර් හි ස්ථානයක් මෙන් ම බර්මිංහැම් හි ස්ථාන දෙකක් සහ ලන්ඩනයේ ස්ථානයක් පොලිසියේ සෝදිසිකිරීම්ව���ට ලක්විය. ප්‍රහාරකයා ඇතුළු පහක් මරුට (වමේ සිට) පොලිස් නිලධාරී කීත් පාමර්, ඇමෙරිකානු සංචාරකයකු වූ කර්ට් කොච්රාන්, ගුරුවරියක වූ අයිෂා ෆ්රේඩ් ප්‍රහාරයෙන් මරණයට පත් විය ඒ අනුව, ලන්ඩන් හා බර්මිංහැම් සෝදිසි කිරීම්වලදී අට දෙනෙකු අත්අඩංගුවට ගැණුනු අතර ඉන් තිදෙනෙකු ම කාන්තාවෝ වූහ. ලන්ඩන් ප්‍ර‍හාරයේ වගකීම අයිඑස් සංවිධානය විසින් භාරගනු ලැබීය. මේ අතර, ප්‍ර‍හාරයේදී මිය ගිය පොලිස් නිලධාරී කීත් පාමර් වෙනුවෙන් ඔහුගේ පවුලට රුකුලක් වනු පිණිස කෙරෙන මුල්‍ය පරිත්‍යාගවල වටිනාකම පවුම් 300,000 දක්වා ඉහළ නැග තිබේ. එම ප්‍ර‍මාණය රැස් වූයේ පරිත්‍යාග කිරීම අරඹී පැය 12ක් ඉක්ම යද්දීය. 30,000 ක නිලදරුවන් පිරිසකගෙන් සාමාජිකත්වයෙන් යුතු නාගරික පොලිස් සම්මේලනය අනුස්මරණීය වෙබ් පිටුවක් දියත් කරනු ලැබුවේ, සහය වීමට අවස්ථාවක් දෙන්නැයි සාමාජිකත්වයෙන් කෙරුණු ආයාචනය හේතුවෙනි. මේ අතර, ලන්ඩනයේ ට්‍රැෆල්ගාර් චතුරශ්‍ර‍යට එක්වූ විශාල පිරිසක් ප්‍රහාරයේදී මියගිය පුද්ගලයින් සන්සුන්ව හා ගෞරවාන්විතව සැමරූහ. අනුස්මරණ ලන්ඩනයේ ට්‍රැෆල්ගාර් චතුරශ්‍ර‍යට එක්වූ විශාල පිරිසක් ප්‍රහාරයේදී මියගිය පුද්ගලයින් සන්සුන්ව හා ගෞරවාන්විතව සැමරූහ ලන්ඩන් වාසීන් සහ නගරයට පැමිණියවුන් මෙන් ම පොලිසිය ද එම සැමරුමට එක්ව සිටියහ. විපතට පත්වූවන් සිහිකොට එහිදී ඉටි පහන් දැල්විණ. මේ අතර සාමාන්‍ය වැසියන් තිදෙනා සහ පොලිස් නිලධාරියා ඝාතනයට ලක් කළ ඛලිඩ් මසුඩ් නමැති දැඩි මතධාරි මුස්ලිම් ප්‍රහාරකයාගේ මුල් නම අද්‍රියාන් රසල් අජාඕ බව පොලිසිය හෙළි කළේය." -140507_sampur_lands,https://www.bbc.com/sinhala/sri_lanka/2014/05/140507_sampur_lands,සාම්පුර් අවතැන් වූවන්ට වන්දි,සාම්පුර් අධි ආරක්ෂක කලාපය හේතුවෙන් අවතැන් වූ ජනතාවට විකල්ප ඉඩම් හෝ වන්දි ලබා දීමට සුදානම් බව රජය දැනුම් දී තිබේ.,ජනතාවගේ මුල් පදිංචි ඉඩම් මේ ආකාරයෙන් අත්පත් කර ගැනීම නීතියට පටහැනි බවයි පැවසෙන්නේ එසේ අවතැන් වූ ජනතාව තමන්ව මුල් ගම්බිම්වල පදිංචි කරන මෙන් ඉල්ලා ගොනුකළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ රජයේ නීතිවේදියා මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී සිටියේය. අවතැන් වූ ජනතාවට අවශ්‍ය නම් තමන්ගේ මුල් පදිංචි ඉඩම් වෙනුවට විකල්ප ඉඩම් ලබා ගත හැකි අතර ඊට අකමැති පිරිස් වලට වන්දි ලබා ගත හැකි බවයි රජයේ නීතිවේදියා දැනුම් දී සිටියේ. 'නීති විරෝධීයි' මෙම වන්දි ගෙවීම සදහා රජය මගින් රුපියල් මිලියන 300 ක මුදලක��� වෙන්කර ඇති බවද රජයේ නීතිවේදියා විසින් අනාවරණය කෙරිණි. එහෙත් මානව හිමිකම් ක්‍රියාකාරී නීතිවේදියකු වන ගුණරත්න වන්නිනායක පවසන්නේ ජනතාවගේ මුල් පදිංචි ඉඩම් මේ ආකාරයෙන් අත්පත් කර ගැනීම නීතියට පටහැනි බවයි. ‘’රටේ ක්‍රියාත්මක ඉඩම් පවරා ගැනීමේ නීතියට අනුව ඉඩමක් පවරා ගැනීමට විශේෂ අවශ්‍යතාවයක් තිබිය යුතුයි. එමෙන්ම ඉඩමක් පවරා ගැනීමට පෙර නිසි කරුණු විමසීමක් සිදුකළ යුතුයි. එසේ නො කොට ඍජුවම මේ ආකාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම අනුමත කරන්න බැ ‘’ යනුවෙන් නීතිවේදී වන්නිනායක කියා සිටියේය. 'සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන්න' කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය රජයේ නිතිවෙදියාට නියම කළේ විකල්ප ඉඩම් හෝ වන්දි ලබා ගැනීමට කැමැති අවතැන් වුවන් පිලිබඳ සංඛ්‍යාලේඛන ඇතුලත් වාර්තාවක් මීළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. අනතුරුව පෙත්සම් විභාගය ජුනි මස 09 වනදා ට කල් තැබූ අධිකරණය එදින ට මේ පිළිබඳ ව පෙත්සම්කාර පාර්ශවයේ අදහස් විමසන බවයි කියා සිටියේ. සාම්පුර් අධි ආරක්ෂක කලාපය හේතුවෙන් වසර 08 කට ආසන්න කාලයක් අවතැන් වී සිටින තමන්ව යලි පදිංචි කිරීමේ නියෝගයක් නිකුත කරනමෙන් ඉල්ලමිනුයි අදාළ ජනතාවගෙන් කොටසක් මෙම නඩුව පවරා තිබෙන්නේ. -world-39565670,https://www.bbc.com/sinhala/world-39565670,"රෝගීන්ට ""HIV එන්නත් කළ"" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය","සිය පියා වූ බැරී, ඒඩ්ස් රෝගය හේතුවෙන් මියයන විට ටෝනි ෆරුගියා 14 හැවිරිදි දරුවෙකි.","ඩේවිඩ්, වින්සන්ට් සහ බැරී සොහොයුරන් තිදෙනාම ලේ විෂවීමෙන් මියගියහ ඉන් අනතුරුව ගතවගිය 20 වසරක කාලය ඇතුළත ඔහුගේ පියාගේ සොහොයුරන් දෙදෙනකුද එලෙසින්ම මියගියහ. මෙය, NHS බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයේ ඉතිහාසයේ මෙතෙක් හටගත් දරුණුම ආන්දෝලනය වියහැකිය. හැත්තෑව සහ අසූව දශකයේ දී හිමොෆීලියාව හෙවත් රක්තකාම්‍යයෙන් (Haemophilia) පෙළුණු රෝගීන්ට බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය ලබා දුන් ප්‍රතිකාර හේතුවෙන් දහස් ගණනකට සෙංගමාලය සහ එච්අයිවී ආසාදනය වී තිබේ. ටෝනි ෆරුගියාගේ පියා සහ සමීප ඥාතීහුද ඒ අතර වූහ. සෞඛ්‍ය සේවකයන් ඔවුන් සියලු දෙනාට අපවිත්‍ර රුධිරය එන්නත් කිරීම එයට හේතුවයි. සෙංගමාලය සහ එච්අයිවී වැළඳුණු බැරී, 1986 සැප්තැම්බරයේදී මියගියේය අපවිත්‍ර රුධිරය එන්නත කෙරුණු රෝගීන් 4,670 කට පසුව සෙංගමාලය වැළඳුණු අතර, 1,200 දෙනකුට එච්අයිවී (HIV) ආසාදිත වී තිබුණි. මේ වනවිට එම රෝගවලට ප්‍රතිකාර කළ හැකි නමුත්, නවීන ඖෂධ සොයාගන්නා තුර�� ජීවත්වීමට ඒ බොහෝ දෙනා වාසනාවන්තයෝ නොවූහ. බ්‍රිතාන්‍ය බලධාරීන් ඒ පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රසිද්ධ පරීක්ෂණයක් නොපැවැත්වූ බවට එම රෝගීන්ගේ ඥාතීහු චෝදනා කරති. එම ආන්දෝලනයෙන් තිස් වසරකට පසුවත්, සිදුවූයේ කුමක්ද යන්න සොයාගැනීමට තමන් තවමත් අරගලයක නිරතව සිටින බව රෝගාබාධිතව දිවි ගලවාගත් පුද්ගලයන් සහ මියගිය අයගේ ඥාතීහු බීබීසී යේ Victoria Derbyshire වැඩසටහනට පැවසූහ. 'අයිස්ක්‍රීම් එපා' ටෝනි ෆරුගියා ගේ පියා, බැරී, ළමා වියේ සිටම Haemophilia හෙවත් රක්තකාමතාවෙන් පෙළුණි. රුධිරය කැටි නොගැසීම ජානමය රෝගයක්වන රක්තකාම්‍යයේ ස්වභාවයයි. සිය පියා තමන් හැරයාමෙන් අනතුරුව ඔහුගේ වෛද්‍ය වාර්තා ලබාගැනීමට ඔහුට විසි පස් වසරක් බලා සිටීමට සිදුවිය. බැරී පෙළෙමින් සිටියේ පාලනය කළහැකිව තිබූ පහල මට්ටමේ රක්තකාම තත්වයකින් බව එම වෛද්‍ය වාර්තාවල දැක්වේ. එබැවින් රුධිරය කැටිගැසීමට උපකාරීවන Factor VIII ඖෂධය ඔහුට ලබාදීම අත්‍යවශ්‍ය නොවූ නමුත් එය ඔහුට ලබාදෙන මෙන් වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ. එහි ප්‍රතිඵලය වූයේ 70 ව දශකයේ අගභාගයේදී සෙංගමාලයෙන් පෙළුණු බැරී, 80 ව දශකයේ මුල භාගයේදී එච්අයිවී රෝගියකු බවට පත්වීමයි. රෝගය වැළඳී ඇති බව බැරීට දැනුම්දීමට වසර දෙකකට පෙරාතුවම වෛද්‍යවරුන් එය දැන සිටි බවත් වෛද්‍ය වාර්තාවල දැක්වේ. හැත්තෑව සහ අසූව දශකයේ දී හිමොෆීලියාව හෙවත් රක්තකාම්‍යයෙන් (Haemophilia) පෙළුණු රෝගීන්ට බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය ලබා දුන් ප්‍රතිකාර හේතුවෙන් දහස් ගණනකට සෙංගමාලය සහ එච්අයිවී ආසාදනය වී තිබේ 1986 ග්‍රීෂ්ම සෘතුවේ ලෙඩ ඇඳේ සිටි සිය පියා හමුවීමට අවසන්වරට ගිය අවස්ථාව සිහිපත් කරන ටෝනි: ""තාත්ත මගෙන් මම කකා හිටපු අයිස්ක්‍රීම් එක ඉල්ලුව. මම දුන්න. ඒ එක්කම එතන හිටපු නර්ස් කෙනෙක් පැනල, 'හා හා එයාට දෙන්න එපා' කියල අයිස්ක්‍රීම් එක උදුරාගත්ත."" ""තාත්තගේ කටේ ටිකක් ලේ ගලන පුංචි තුවාල තිබුණ. එයාල තාත්තට ඒඩ්ස් රෝගය හදල තිබුණ නිසා මට තාත්ත එක්ක අයිස්ක්‍රීම් එකක්වත් බෙදාගන්න බැරිවුනා."" 1986 සැප්තැම්බරයේදී බැරී අවසන් සුසුම් හෙලුවේය. ඒ සමගම පවුලේ කුඩා දරුවන් කිහිප දෙනා වෙන වෙනම ළමා නිවාසවල රඳවනු ලැබූහ. එසේ 1986 දී වෙන්වුණු සොහොයුරන් යළි එකිනෙකා හමුවූයේ 2010 දීය. ""ඒක තමයි එයාල (NHS) අපිට කරපු දේ. එයාල මගේ තාත්තට වෛරස් දීල විනාශ කරලා, ඊට පස්සේ එයාගේ පවුල දුක් විඳිනවා බලාගෙන හිටිය."" මේ ආන්දෝලනය පිළිබඳව මීට ඉහතදී සු��ු පරිමාණ විමර්ශන දෙකක් පැවැත්වුණු නමුත්, ඒ පිළිබඳව පූර්ණ මහජන පරීක්ෂණයක් පවත්වන මෙන් The Haemophilia Society සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. එහෙත් මේ වනතුරුම ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කරයි." -sri-lanka-38187737,https://www.bbc.com/sinhala/sri-lanka-38187737,ශ්‍රී ලංකන් ගුවන් සේවය ආයුධ ප්‍රවාහනය කළා - මහින්දානන්ද,ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා යුද සමයේදී ආයුධ ප්‍රවාහනය සඳහා පවා යොදාගත් බව මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කළේය.,"'අපේ ශ්‍රී ලංකන් ගුවන් සේවාව තමයි පාකිස්තානයට ගිහිල්ල ආයුධ ගෙනාවේ. දැන් මේවා පාඩුයි කියනවා' ශ්‍රී ලංකන් ගුවන් සේවය පුද්ගලික සමාගමකට පැවරීමට රජය ගෙන ඇති තීරණය වහා නවතා දමන ලෙසත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මහින්දානන්ද අළුත්ගමගේ රජයෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වර්තමාන තත්වය පිළිබඳව අයවැය විවාදයේදී අදහස් දැක් වූ හිටපු අමාත්‍යවරයා, ""පාඩුවත් රජය අරගෙන කොහේවත් නැති සිංගප්පූරු, මාලදිවයින් කේටරින් සමාගකට මේක දෙන්න හදනවා,"" යනුවෙන්ද සඳහන් කළේය. ""අපිට ඉතාමත් තීරණාත්මක වෙලාවේ අපේ ශ්‍රී ලංකන් ගුවන් සේවාව තමයි පාකිස්තානයට ගිහිල්ල ආයුධ ගෙනාවේ. අපේ හමුදා සෙබළුන්ට. දැන් මේවා පාඩුයි කියනවා."" 2017 වසර වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට පසුගිය රජය සැලසුම් කර තිබූ බවත් ඔහු පැවසීය. පසුගිය රජය යටතේ ශ්‍රී ලංකන් සේවයට පාඩු සිදු වූ බව පිළිගත් අළුත්ගමගේ මන්ත්‍රීවරයා එහි '2% ක් හෝ 3%ක්' දූෂණ වංචා සිදුවී තිබෙන්නට ඇතැයි ද සඳහන් කළේය. ""අපි කියනවා යම් යම් අඩුපාඩු තිබුණා. 2% - 3% වංචාවක් තියෙන්න ඇති. හැබැයි අවුරුදු 1 1/2 ගියා, ශ්‍රී ලංකන් සමාගමේ එක්කෙනෙක් ගෙනල්ලා හිරේ දැම්මද?,"" මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය. ආණ්ඩුව වෙනුවෙන් විවාදයේදී අදහස් දැක්වූ එරාන් වික්‍රමරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා, ජනතාවගේ බදු මුදලින් පාඩු ලබන හෝටල් සහ ගුවන් සමාගම් පවත්වාගෙන යාමට ආණ්ඩුවට හැකියාවක් නොමැති බව සඳහන් කළේය. ශ්‍රී ලංකන් සමාගමේ ආයෝජනය කිරීම සඳහා ඉදිරිපත් වූ සමාගම් අටෙන් සමාගම් තුනක් මේ වසර අවසන් වීමට ප්‍රථම ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බව ද සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකන් සේවය විකුණා දැමීමේ සැලසුමක් නොමැති බව අවධාරණය කළේය. ලාභ ලබමින් තිබුණු මිහින් එයාර් ගුවන් සේවය නවතා දැමූ බවට අලුත්ගමගේ මන්ත්‍රීවරයා නැගූ චෝදනාව ද ප්‍රතික්ෂේප කළ නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, ශ්‍රී ලංකන් සමාගමට අනුබද්ධ කරන විට මිහින් එයාර් සමාගම රුපියල් බිලියන 12ක පාඩුවක් ලබා තිබුණු බවත් සඳහන් කළේය. 'පාඩුවත් රජය අරගෙන කොහේවත් නැති සිංගප්පූරු, මාලදිවයින් කේටරින් සමාගකට මේක දෙන්න හදනවා'" -160405_senehe_iceland_pm_resigns,https://www.bbc.com/sinhala/world/2016/04/160405_senehe_iceland_pm_resigns,'පැනමා ලිපිගොණු': අයිස්ලන්ත අගමැති ඉල්ලා අස්වෙයි,‘පැනමා ලිපි ගොණු’ සම්බන්ධයෙන් පැන නැගුනු දැඩි ජනතා විරෝධය හමුවේ අයිස්ලන්ත අගමැති සිගමනොර් ගුන්ලුග්සන් (Sigmundur Gunnlaugson) ඉල්ලා අස්වී ඇත.,පැනමා ලිපිගොණු හේතුවෙන් තනතුරු අහිමි වූ පළමු වැන්නා වන්නේ අයිස්ලන්ත අගමැතිවරයායි ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කරමින් ‘පැනමා පේපර්ස්’ නමින් එළිදැක්වුණු පැනමා රාජ්‍යයේ මොසැක් ෆොන්සේකා සමාගමේ වසර හතළිහක ගණුදෙනු පිලිබඳ දත්ත ඇතුළත් ලිපිගොණු වල අයිස්ලන්ත අගමැතිවරයාගේ නමත ද ඇතුලත් වී තිබීම හේතුවෙන් ඔහුට එරෙහිව දැඩි විරෝධයක් එල්ලවී තිබුණි. දහස් ගණන් ජනතාව අගමැතිවරයාට එරෙහිව වීදි උද්ඝෝෂණ පැවැත්වූ ආකාරය ඩොලර් මිලියන ගණනක වත්කම් සඟවා තබා ගැනීම පිළිබඳවයි අගමැතිවරයාට එරෙහිව චෝදනා එල්ල වූයේ. එහෙත් ස්වීඩන් රුපවාහිනියේ සාකච්චාවක දී ඔහුට එරෙහිව ඇති චෝදනා ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබුණි. විදේශ සමාගම් සමග සම්බන්ධතා තිබුණු නමුත් තමන්ගේ පවුලේ වත්කම් හා බදු සම්බන්ධයෙන් සියළු තොරතුරු හෙළිකර ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ. කෙසේවුවද දහස් ගණනක් ජනතාව වී දී බැස අගමැතිවරයාට එරෙහිව විරෝධතා පවත්වන ආකාරයයි අද උදෑසන සිට දකින්නට ලැබුණේ -140410_detained_womens,https://www.bbc.com/sinhala/sri_lanka/2014/04/140410_detained_womens,උතුරේ කාන්තා රැඳවියන්ට වෛද්‍ය පහසුකම් නැහැ,ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන සිටින උතුරේ කාන්තාවන් හත්දෙනෙකු පමණ නිසි වෛද්‍ය පහසුකම් නොමැතිව රැදවුම් මධ්‍යස්ථාන වල කල් ගෙවන බව ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රියාකාරී ජාලය නැමති සංවිධානය පෙන්වා දෙයි.,වෙනත් පිරිසක් විසින් සිදු කරන ලද වැරදි වෙනුවෙන් තමන් දුක් විදින බවයි ඔවුන් පවසන්නේ යාපනයේ පදිංචි සෙල්වනායගම් රාසමලර් නැමති කාන්තාව නීතිඥවරියට පවසා ඇත්තේ තමන් යුද සමයේදී කාලතුවක්කු ප්‍රහාරයකට ලක්වී උණ්ඩ කැබැල්ලක් සිරුරේ අක්මාව අසල ඇති බැවින් එය ඉවත් කිරීමට ශල්‍ය කර්මයකට යාමට සුදනමින් සිටියදී පොලිස් අත් අඩංගුවට පත් වු බැවින් තමන්ට රෝහ��් ගතවීමට අවස්ථාවක් උදා නොවුණු බවයි. 'දරු ගැබත් විනාශ වුණා' මෙම කාන්තාවන් හමුවීමට ගිය නීතිඥවරියක වන එම්.මංගලේෂ්වරීට ත්‍රිකුණාමළයේදී අත් අඩංගුවට පත්වූ කාන්තාවක් ප්‍රකාශ කොට ඇත්තේ තුන් මස් ගැබිනි කතක් ව සිටියදී තමන්ව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන එක දිගටම බුස්ස දක්වා දුම් රියෙන් රැගෙන ඒම හේතුවෙන් තමාගේ දරු ගැබ විනාශ වූ බවයි. මේ තත්වය නිසා තම සිරුරේ වේදනාව වරින් වර වැඩිවන නමුත් ඊට නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබෙන බවද ඇය නීතිඥවරියට පවසා තිබේ. පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය මගින් රඳවාගෙන සිටින කාන්තාවන් සියලුම දෙනා පවසා ඇත්තේ තමන් කිසිදු වරදක් කොට නැති අතර වෙනත් පිරිසක් විසින් සිදු කරන ලද වැරදි වෙනුවෙන් තමන් දුක් විදින බවයි. එම වැරදි කරන ලද පිරිස කවුරුන්දැයි අත් අඩංගුවේ පසුවන පිරිස නොදැන සිටියදී පොලීසිය මේ කාන්තාවන් රඳවාගෙන සිටීම දැඩි අසාධාරණ ක්‍රියාවක් බවද ඔවුන් නීතිඥවරියට පවසා තිබේ. 'නිර්දෝෂී නම් ඔප්පු කරන්න' පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණගෙන් මේ පිලිබදව විමසන ලද අවස්ථාවේදී ඔහු කියා සිටියේ දැනට අත් අඩංගුවට ගෙන සිටින කාන්තවන් හත්දෙනාම රදවා සිටින්නේ රජය පිළිගත් සහ නීත්‍යනුකුල ස්ථාන වල බැවින් ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ඇතුලු සියලුම පහසුකම් ලබාදීමට නිලධාරීන් ක්‍රියාකොට ඇති බවයි. කවර හේතුවක් මතවත් කිසිදු කාන්තාවක් ගබ්සා වී නොමැති බව කියා සිටි පොලිස් ප්‍රකාශක වරයා පවුලේ ඕනෑම අයෙකුට හෝ ඒ සදහා සුදුසුකම් ඇති අයෙකුට එම කාන්තාවන් බැලීමට කිසිදු අවහිරයක් නොමැති බවද පැවසීය. මේ කාන්තාවන් වරදක් කොට නොමැතිනම් ඔවුන්ව අධිකරණය හමුවට ඉදිරිපත් කරණු ලබන අවස්ථාවේදී තමන්ගේ නිර්දෝෂි භාවයට හේතු ඉදිරිපත් කොට නිදහස ලැබිය හැකි බවද හෙතෙම කියා සිටියේය. -world-56689514,https://www.bbc.com/sinhala/world-56689514,කොරෝනා වෛරසය: කොවිඩ් එන්නත සහ ලේ කැටි ගැසීම් අතර සම්බන්ධයක් තිබේද? දුර්ලභ ලේ කැටි ගැසීම් ගැන දැනගත යුතු තොරතුරු,කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා මහජනයාට දෙනු ලබන ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනිකා (Oxford-AstraZeneca)එන්නත සහ දුර්ලභ ඝනයේ රුධිර කැටිගැසීමක් තිබේද? යන්න සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකෙරෙමින් පවතී.,"එම එන්නත සහ CVSTs යනුවෙන් හඳුන්වන දුර්ලභ ලේ කැටිගැසීම අතර සම්බන්ධයක් ඇද්ද යන්න තහවුරු වී නැතත් එවැනි සම්බන්ධයක් පවතින බව ''තහවුරුවෙමින් පවතින බව'' විශේෂ��යෝ පවසති. එම තත්ත්වය සැලකිල්ලට ගන්නා මහජනයාට එන්නත ලබාදීම සම්බන්ධයෙන් උපදෙස් දෙන එක්සත් රාජධානියේ විශේෂඥයන්ගේ කණ්ඩායම වන එන්නත් හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුව (JCVI) වයස අවුරුදු තිහට අඩු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුක්ත පුද්ගලයන්ට ඒ වෙනුවට වෙනත් එන්නතක් ලබා දෙන ලෙස දැන් නිර්දේශ කරයි. CVST ලේ කැටිගැසීමක් යනු කුමක්ද? CVST යන යෙදුම භාවිත කරනු ලබන්නේ මොළයේ රුධිරය කැටිගැසීමේ ත්‍රොම්බෝසිස් (thrombosis) තත්ත්වය හැඳින්වීම සඳහාය. එය මොළයේ විශාල නහරයක ඇති ලේ කැටි ගැසීමකි. රුධිරය මොළයේ සිට යළිත් හෘදයවස්තුව කරා ගමන්ගැනීම මිනිස් ශරීරයේ සාමාන්‍ය ක්‍රියාවලියයි. ඒ අතර වාරයේ ලේ කැටියක් (CVST) මගින් මොළයෙහි රුධිර සංසරණය අවහිර කරන තත්ත්වයක් කෙනෙකු තුළ මතුවිය හැකිය. ඒ සමඟ සිදුවන්නේ සිරුරේ ඔක්සිජන් අඩුවීමය. එහි ප්‍රතිවිපාකයක් වශයෙන් මධ්‍යම ස්නායු පද්ධතිය විධිමත් මට්ටමින් ක්‍රියාත්මක නොවන අතර අවසානයේදී සිරුරට බලවත් හානියක් සිදුවීමට ද ඉඩකඩ ඇත. මොළයේ පමණක් නොව, දුර්ලභ ලේ කැටිගැසීම් මිනිස් සිරුරක වෙනත් ස්ථානයන්හි ද සොයාගෙන ඇත. නිදසුනක් වශයෙන් උදරය ප්‍රදේශයේ විශාල නහරවල එවැන්නක් ඇතිවීමේ ඉඩක් පවතී. ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් කීපදෙනකුගේ සිරුරුවල හදවතේ සිට වෙනත් අවයව කරා රුධිරය ගෙනයන නාලිකාවලද ලේ කැටි සොයාගනු ලැබ තිබේ. ලේ කැටිගැසීමට හේතු මිනිස් සිරුරේ රුධිරය කැටිගැසීමට නියත හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් කිසිවකුට තවමත් සහතිකව කිව නොහැක. එහෙත් එවැනි තත්ත්වයකට බලපාන පොදු හේතූන් කීපයක් හඳුනාගෙන ඇත. මොළයේ ලේ කැටි ගැසෙන (CVST) තත්ත්වයට පත්ව ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් සිදුකරනු ලැබ ඇති පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ එම සියලු රෝගීන්ගේ සිරුරුවල රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවකි. රුධිර පට්ටිකා සිරුරෙහි රුධිර වහනය වීමකදී එය යථා තත්ත්වයට ගෙනඒමට උපකාරීවෙන රුධිර සෛල වෙති. එම රෝගීන්ගේ රුධිරයෙහි අන්තර්ගත ආසාදනයන්ට එරෙහිව ක්‍රියාකිරීමට නිතරම මහෝපකාරී වන ප්‍රතිශක්තිජනක විශේෂ ප්‍රතිදේහයක් (antibody) හමුවී ඇත. ඒවා මගින් කුඩා රුධිර පට්ටිකා සක්‍රීය කෙරෙයි. එම ප්‍රතිදේහ නිසා වැරදීමකින් රුධිර පට්ටිකා එකට කැටිව එය ලේ කැටියක් බවට පත්වීමට හේතුවිය හැකිය. එසේම එය සිරුරෙහි සෙසු ස්ථානයන්හි කැටිති රටාව තුළත් ක්‍රියාත්මක වීමට ඉඩකඩ පවතී. කැටිගැසීම් සහ රුධිර පට්ට���කාවල අඩුව අතර පවතින සංයුක්තභාවය දැනට වෛද්‍යවරුන් විසින් විපරම් කරනු ලබන විශේෂ කරුණක්ව ඇත. එහෙත් මෙම ක්‍රියාවලිය හඳුනාගනු ලැබීම අතින් තේරුම්ගත යුතුව ඇති තවත් බොහෝ කරුණු පවතී. CTA ස්කෑන් මගින් ලබාගත් මොළයේ පින්තූරයක් මෙම ගැටලුව තමාට ඇත්දැයි හඳුනාගන්නේ කෙසේද? යම්කිසි තැනැත්තකු විසින් එන්නත ලබාගැනීමෙන් පසු දවස් හතරක් හෝ ඊට වැඩි දින ගණනක් පහත දැක්වෙන රෝග ලක්ෂණවලින් පෙළෙන්නේනම්, වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. කැටිගැසීමක් ඇතිවිය හැක්කේ එන්නත ලබාගැනීමෙන් දවස් කීයකට පසුවද? පැමිණිලි වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ එන්නත ලබාගැනීමෙන් දවස් හතරත් සති කීපයක් අතර කාලය තුළය. එන්නත ලබාගත් පුද්ගලයකු තුළ ඉහත කී ලක්‍ෂණ මසක් ඇතුළත ප්‍රදර්ශනය වන්නේනම් රෝග විනිශ්චයක් ලෙස එම දුර්ලභ තත්ත්වය සැලකිල්ලට ගතයුතුව ඇතැයි එක්සත් රාජධානියේ වෛද්‍ය විශේෂඥයෝ සෙසු වෛද්‍යවරුන්ට උපදෙස් දෙති. ලේ කැටියක් ඇතිවීම කොතරම් දුර්ලභද? අප්‍රියෙල් මස නව වෙනිදා (09) වනවිට දහනව දෙනකු මරණයට පත්ව ඇති අතර එවැනි රෝගීන් 79 දෙනකු හඳුනාගනු ලැබ ඇතැයි එක්සත් රාජධානියේ සෞඛ්‍ය පාලන අධිකාරිය (MHRA) නිවේදනය කළේය. එක්සත් රාජධානිය තුළ ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනිකා (Oxford-AstraZeneca) එන්නත මිලියන විස්සකට අධික ජනකායකට මේ වනවිට ලබා දී ඇත. එම ජනතාව අතරින් දැනට වාර්තා වී ඇත්තේ ඉහත සඳහන් සිද්ධීන් සංඛ්‍යාව පමණි. එම තොරතුරු අඛණ්ඩව විශ්ලේෂණය කෙරෙමින් පවතින අතර කාලයත් සමඟ තවත් බොහෝ තොරතුරු ලැබෙන ආකාරයක් දක්නට ලැබෙයි. එන්නත ලබාගැනීමෙන් අනතුරුව ඉහත කී ආකාරයේ ලේ කැටිගැසීමක් සිදුවීමේ අනතුරුදායකභාවය පවතින්නේ දෙලක්ෂ පනස් දහසකට (250,000) එකක් යයි දැනට පවතින තොරතුරු අනුව තක්සේරු කරනු ලැබ ඇත. එවැනි ලේ කැටි ගැසීමක් තරමක් දුර්ලභ දෙයක් වන නමුත් තරුණ ප්‍රජාව අතර එම අනතුර වැඩිවෙමින් ඇති හැඩක් දක්නට ලැබෙයි. වයස අවුරුදු තිහට අඩු නිරෝගී පුද්ගලයන්ට කොවිඩ්-19 ආසාදනය වීමකින් ඔවුන් බරපතල ලෙස රෝගීවීමේ අවදානම අඩු බව පවසන එක්සත් රාජධානියේ විශේෂඥයන්ගේ කණ්ඩායම වන එන්නත් හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුව (JCVI) පවතින ප්‍රතිලාභය සහ අනතුර යන දෙකම සැලකිල්ලට ගනිමින් ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනිකා (Oxford-AstraZeneca) එන්නත වෙනුවට හැකියාවක් තිබේනම් වෙනත් විකල්ප එන්නතක් භාවිත කරන ලෙස නිර්දේශ කරයි. කෙසේවුවද, එන්නත ලබාදීම මගින් අතිබහුතර ප්‍රජාවට ලැබෙන ප්‍රතිලාභය එහි අන්තරායකාරී තත්ත්වයට වඩා බොහෝ ඉහළ මට්ටමක පවතින බවත් විද්‍යාඥයෝ පැහැදිලි කරති. ලේ කැටි ගැසීමකට ප්‍රතිකාර තිබේද? එවැනි ආපදාවක දී රෝගය ඉක්මණින් හඳුනාගනු ලැබීම රෝගියා සුවපත්කර ගැනීම අතින් ඉතා වැදගත්ය. එවැනි තත්ත්වයකට පත් රෝගියකු සඳහා ඖෂධ වර්ග කීපයක්ම භාවිත කෙරෙයි. ප්‍රතිශක්තිජනක ලෙස සිරුර තුළ ක්‍රියාත්මක වන ප්‍රතිශක්තිකාරක ප්‍රෝටීන සේලයින් ක්‍රමයට ශරීරගත කරනු ලැබීම අදාළ ප්‍රතිකාරයකි. රුධිරය තුනීකරනු ලබන නවීන ඖෂධ සමඟ ඇතැම් රෝගීන් නිවසේ සිට ප්‍රතිකාර ලබාගැනීමට යවනු ලබන අතර ඔවුන් නිරන්තරයෙන් වෛද්‍ය අධීක්ෂණයට ලක්කෙරෙයි. එවැනි රුධිරය කැටි ගැසීම්වලට මුහුණදෙන රෝගීන්ගෙන් 75%ක් පමණ සුවය ලබන බව දැනට ලැබී ඇති සාක්ෂි මගින් පෙන්නුම් කෙරෙන බව රුධිරය පිළිබඳ විශේෂඥයකු වන මහාචාර්ය ඒඩ්රියන් නිව්ලන්ඩ් (Prof Adrian Newland) පවසයි. එක්සත් රාජධානිය ගත්විට රුධිරය පිළිබඳ වෛද්‍ය විශේෂඥයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් විසින් සෙසු වෛද්‍යවරුන්ට නිතර උපදෙස් සැපයීමක් සිදුකරනු ලබන අතර නිරන්තරයෙන් ඔවුන් යාවත්කාලීන කරනු ලැබෙයි. අනෙකුත් කොවිඩ් එන්නත් සහ ලේ කැටි ගැසීම් අතර සම්බන්ධයක් තිබේද? ෆයිසර් (Pfizer) එන්නත ලබාදුන් කීපදෙනකු සහ ජැන්සන් (Janssen) එන්නත සම්බන්ධයෙන් සිදු කෙරුණු සායනික පරීක්ෂණයේ දී එක් තැනැත්තකු රුධිර කැටිගැසීමේ තත්ත්වයට පත්වූ බවට වාර්තා ලැබී තිබිණැයි එක්සත් රාජධානියේ විශේෂඥයන්ගේ කණ්ඩායම වන එන්නත් හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුවේ (JCVI) නියෝජ්‍ය සභාපති මහාචාර්ය ඇන්තනි හර්න්ඩෙන් (Prof Anthony Harnden) පැවසීය. ''එවැනි තත්ත්වයන් අතිශයින් දුර්ලභයි. එම රුධිර කැටිගැසීම්වලට හේතුව කොවිඩ් එන්නතද නැත්නම් වෙනත් කාරණයක් ද යන්න තීරණය කිරීම දුෂ්කරයි'' මහාචාර්යවරයා පෙන්වා දුන්නේය. ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනිකා (Oxford-AstraZeneca) එන්නත රුධිරය කැටි ගැසීමට හේතුවන්නේ යයි තහවුරු වුවහොත්, ඊට සමාන ක්‍රමයක් අනුගමනය කරමින් දෙනු ලබන 'ජැන්සන්' (Janssen) වැනි වෙනත් එන්නතක් භාවිත කිරීම කෙරෙහි විද්‍යාඥයන්ගේ අවධානය යොමුවිය යුතුව ඇති බවත් මහාචාර්ය ඇන්තනි හර්න්ඩෙන් (Prof Anthony Harnden) සඳහන් කරයි. තවත් තොරතුරු;" -world-37094244,https://www.bbc.com/sinhala/world-37094244,කාශ්මීරයේ උද්ඝෝෂණ අතරතුර තවත් සිව් දෙනෙක් මරුට,ඉන්දීය කාශ්මීරයේ බෙදුම්වාදයට සහාය දක්වා පැවති උද්ඝෝෂණ අතරතුර සාමාන්‍ය වැසියන් සිව් දෙනකු ම��ුමුවට පත් වී තවත් නව දෙනකු තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.,"ඇඳිරි නීතිය පනවා අන්තර්ජාල සහ ජංගම දුරකථන සේවා අත්හිටුවා ඇතත් උද්ඝෝෂණ මැඩපැවැත්වීමට අසමත් වී ඇති බව වාර්තාකරුවෝ පවසති. සති කීපයක් පුරා පැවති උද්ඝෝෂණ අතරතුර මරුමුවට පුද්ගලයන් සංඛ්‍යාව හැටකට අධිකයි. ස්ථාන දෙකකදී සිදු කළ වෙඩි තැබීම්වලින් ඉහත කී පුද්ගලයන් සිව් දෙනා මරුමුවට පත් වූ බවයි පොලිසිය පවසන්නේ. ඉන් එක් අවස්ථාවකදී, ගල් මුල් ප්‍රහාර එල්ල කරමින් සිටි තරුණයන් කණ්ඩායමක් දෙසට ආරක්ෂක අංශ වෙඩි තබා ඇති බවත් පොලිසිය කියා සිටියේය. එම වෙඩි තැබීම සිදු කොට ඇත්තේ කැරලිකරුවන් බවට සැක කෙරෙන පිරිසක් විසින් පොලිස් නිලධාරියකු ඝාතනය කරනු ලැබීමෙන් දිනකට පසුවයි. ඇඳිරි නීතිය පනවා අන්තර්ජාල සහ ජංගම දුරකථන සේවා අත්හිටුවා ඇතත් උද්ඝෝෂණ මැඩපැවැත්වීමට අසමත් වී ඇති බව වාර්තාකරුවෝ පවසති. ජනතාව අතර ප්‍රචලිත තරුණ කැරලි නායකයකු ආරක්ෂක අංශ විසින් පසු ගිය ජුලි මාසයේදී මරා දමනු ලැබීමත් සමග ඉන්දීය කාශ්මීරයේ උද්ඝෝෂණ ආරම්භ විය." -140413_ukraine,https://www.bbc.com/sinhala/world/2014/04/140413_ukraine,'යුක්රේන හමුදාව මෙහෙයුමකට සුදානම්',යුක්රේනයේ නැගෙනහිර කලාපය තුළ පූර්ණ පරිමාණයේ ත්‍රස්ත විරෝධී සන්නද්ධ හමුදා මෙහෙයුමක් දියත් කරන බව යුක්රේනයේ වැඩබලන ජනාධිපතිවරයා නිවේදනය කරයි.,යුක්රේන හමුදා සොල්දාදුවෙක් ක්‍රිමියාව රුසියාවට ඈඳා ගැනීම වැනි සිදු වීමක් යළි ඇති වීමට ඉඩ නොතබන බවද යුක්‍රේනයේ වැඩබලන ජනාධිපති ඇලෙක්සන්දර් තුර්චිනොෆ් තවදුරටත් කියා සිටියේය. ඔහු මේ බව කියා සිටියේ එම ප්‍රදේශයේ නගර කිහිපයක පිහිටි රජයේ ගොඩනැගිලි රුසියානු හිතවාදී කැරලිකරුවන් විසින් අත් පත් කර ගනු ලැබීමෙන් අනතුරුවයි. ස්ලවියාන්ස්ක් නගරයේ පොලිස් ස්ථානයක් රුසියානු හිතවාදී කැරලිකරුවන්ගේ පාලනයට ගැනීමෙන් අනතුරුව සිදු කළ ආරක්ෂක මෙහෙයුමක දී යුක්රේන ආරක්ෂක නිලධාරියෙකු මරණයට පත් වූ බවද යුක්රේන අභ්‍යන්තර කටයුතු පිලිබඳ ඇමතිවරයා මීට පෙර නිවේදනය කර තිබුණි. ස්ලවියාන්ස්ක් නගරයේ පොලිස් ස්ථානයක් රුසියානු හිතවාදී කැරලිකරුවන්ගේ පාලනයට මෙම මෙහෙයුමේ දී දෙපාර්ශවයේම කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා විය. ස්ලවියාන්ස්ක් නගරයේ පොලිස් ස්ථානය අත් පත් කර ගැනීම මොස්කව් පරිපාලනය විසින් මෙහෙයවන ලද්දක් බවට සැකයක් නැති බවයි ස්වීඩනයේ විදේශ ඇමති කාල් බිල්ට් බීබීසීයට කියා සිටියේ. මේ අතරතුර යුක්රේනය හමුදා බලය පාවිච්චි කළ හොත් සාම ප්‍රයත්නයට බාධා ඇතිවිය හැකි බව පවසමින් රුසියාව අනතුරු ඇඟවීමක් කළේය. ස්ලවියාන්ස්ක් නගරයේ පොලිස් ස්ථානය තවමත් රුසියානු හිතවාදී සටන් කරුවන්ගේ පාලනයේ පවතින බවයි එහි සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ. -140410_tamil_asylum_seeker,https://www.bbc.com/sinhala/sri_lanka/2014/04/140410_tamil_asylum_seeker,දෙමළ තරුණයෙකු ඔස්ට්‍රේලියාවේදී ගිනි තබාගෙන,ඔස්ට්‍රේලියාවේ දී දේශපාලන රැකවරණ ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව ශ්‍රී ලාංකික දෙමළ ජාතික තරුණයෙකු සිය සිරුරට ගිනි තබා ගෙන තිබේ.,2003 දී ඉරාන ජාතිකයෙකු ප්‍රංශයේදී සිරුරට ගිනි තබා ගත්තේ ඉරානයෙන් ප්‍රංශයට පලා ආ පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පාමින්. වයස අවුරුදු විසි ගණනක් විය හැකි බවට විශ්වාස කෙරෙන මෙම තරුණයා බදාදා රාත්‍රියේ සිඩ්නි නුවර තම රැකියා ස්ථානයෙන් පිටත දී සිරුරට පෙට්‍රෝල් වත් කර ගෙන ගිනි තබා ගැනීමෙන් පසු රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. ඔහුගේ දේහ චර්මයෙන් සියයට අනූ අටක් පමණ පිලිස්සී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. දේශපාලන රැකවරණ පතා ඉදිරිපත් කර තිබූ අභියාචනය ප්‍රතික්ෂේප වූ බවත් නැවත ශ්‍රී ලංකාවට යා යුතු බවත් දන්වා ඔස්ට්‍රේලියානු බලධාරීන් මෙම තරුණයාට ලිපියකින් දැනුම් දී තිබේ. මඩකලපුව ප්‍රදේශයේ ජීවත් වූ මෙම තරුණයා වසර එකහමාරකට පෙර ඔස්ට්‍රේලියාවට පලා ගොස් දේශපාලන රැකවරණ ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ. -130405_north_korea,https://www.bbc.com/sinhala/world/2013/04/130405_north_korea,තානාපති නිලධාරීන් ඉවත් කරගන්න - උතුරු කොරියාව,පියෝන්ග් යෑන් අගනුවර පිහිටි තානාපති කාර්යාලවල නිරත කාර්ය මණ්ඩල ඉවත්කර ගනු ලැබීම පිළිබඳව සලකා බලන මෙන් උතුරු කොරියානු පාලනය බ්‍රිතාන්‍යය සහ රුසියාව ඇතුළු රටවල් කීපයකට දැනුම් දී තිබේ.,"පියෝන්ග් යෑන් බලධාරීන් මිසයිල දෙකක් එම ප්‍රහාර සඳහා යොදා ගනු ලබන උපකරණ මත ස්ථානගත කරන ලද බව දකුණු කොරියාව ප්‍රකාශ කරයි ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළකරන බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශය කියා සිටියේ, තම ඊළඟ පියවර පිළිබඳව සළකා බලමින් සිටින බවයි. පියෝන්ග් යෑන් බලධාරීන් විසින් මධ්‍යම දුර ප්‍රමාණයේ ප්‍රහාර එල්ල කළ හැකි මිසයිල දෙකක් එම ප්‍රහාර සඳහා යොදා ගනු ලබන උපකරණ මත ස්ථානගත කරන ලද බවක් දකුණු කොරියාව විසින් ප්‍රකාශ කරනු ලැබීමත්, උතුරු කොරියාව ඉහත කී ආකාරයේ දැනුම් දීමක් කරනු ලැබුනේත් එකම මොහොතකයි. ෆිදෙල් කස්ත්‍රෝ එම මිසයිල දෙක උතුරු කොරියාවේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි මිසයිල ප්‍රහාරක මධ්‍යස්ථානයක් කරා දුම්රියකින් ප්‍රවාහනය කෙරුන බව ජ්‍යෙෂ්ට යුද හමුදා නිලධාරියකු උපුටා දක්වමින් ""යොන්හැප් "" (Yonhap) පුවත් සේවය වාර්තා කොට තිබේ. න්‍යෂ්ටික යුද්ධයක ප්‍රතිවිපාකය සමස්ථ මිහිතලයෙන් සියයට හැත්තෑ පහක්ම විනාශ කර දමනු ලැබීම වන බවට ෆිදෙල් කැස්ත්‍රෝ උතුරු කොරියාවට අනතුරු අඟවයි එහෙත් ආරක්ෂක අමාත්‍යාංශය තවමත් එම පුවත තහවුරු කොට නැහැ. මේ අතර උතුරු කොරියාවේ පැරණිතම මිතුරු රාජ්‍යය වන කියුබාවේ හිටපු ජනාධිපති ෆිදෙල් කස්ත්‍රෝ ප්‍රකාශයක් කරමින් සංයමයෙන් කටයුතු කරන මෙන් පියෝන්ග් යෑන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවයි, අලුත්ම වාර්තා මගින් පැවසෙන්නේ. උතුරු කොරියාව එරට තාක්ෂණික සහ විද්‍යාත්මක නව ජයග්‍රහණයන් පසුගියදා ප්‍රදර්ශනය කරන ලද බව කියා සිටින ෆිදෙල් කස්ත්‍රෝ, දැන් ඔවුන් ආපසු ගමන් කළ යුතුව ඇති බව ද පවසයි. තවදුරටත් කරුණු දැක්වූ හිටපු කියුබානු නායකයා, න්‍යෂ්ටික යුද්ධයක ප්‍රතිවිපාකය සමස්ථ මිහිතලයෙන් සියයට හැත්තෑ පහක්ම විනාශ කර දමනු ලැබීම වන බවට අනතුරු අඟවමින්, එවැනි ක්‍රියාවකින් වලකින මෙන් උතුරු කොරියාවෙන් සහ එරට ප්‍රතිවාදීන්ගෙන් ඉල්ලා සිටියේය. ඇමෙරිකා එක්සත් ජනපදය සම්බන්ධයෙන් ද දැඩි ස්වරයෙන් කරුණු දැක් වූ ෆිදෙල් කස්ත්‍රෝ, න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුවහොත් ජනාධිපති බරක් ඔබාමාගේ පාලනය එක්සත් ජනපද ඉතිහාසයේ වඩාත්ම දුර්දාන්ත ආණ්ඩුව හැටියට ඉතිහාසයට එක්වනු ඇතැයි කියා සිටියේය." -151112_sobhitha_funeral,https://www.bbc.com/sinhala/sri_lanka/2015/11/151112_sobhitha_funeral,විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා - ජනාධිපති,විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමාට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට කැප වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ දේහය ඉදිරියේ ප්‍රතිඥා දෙයි.,"අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රාර්ථනා කළ යහපාලනයක් ඇති රාජ්‍ය පාලනයක් රට තුල ගොඩ නැගීමට කැප බව බවත් ජනාධිපතිවරයා ආදාහන පූජෝත්සවයේ දී ප්‍රකාශ කළේය. අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ට ‘වෙනත් ගමනක් සහ වෙනත් චරිතයක්’තිබුනැයි සඳහන් කළ ජනාධිපතිවරයා එම ගමනේ පරමාර්ථය වූයේ සාධාරණ යුක්ති සහගත සමාජයක් බිහි කිරීම බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ ��දාහන පූජෝත්සවය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අද බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවැත්විණ. කෝට්ටේ පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය ඉත්තෑපාන ශ්‍රී ධම්මාලංකාර නාහිමියෝ ආගමික වතාවත් සිදු කළහ. මෛත්‍රීනිකායික මහා සංඝරත්නය , සර්ව ආගමික පූජකවරුන්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය යන මහත්ම මහත්මීන් සහ මැති ඇමතිවරුන්ද, විදේශ තානාපතිවරුන් ඇතුලූ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ දිවයිනේ නන් දෙසින් පැමිණි අතිවිශාල ජනතාවක් ආදාහන පූජෝත්සවයට එක්ව සිටියහ." -sri-lanka-50053115,https://www.bbc.com/sinhala/sri-lanka-50053115,ICC අලුත් නීති: එංගලන්තයට ලෝක කුසලානය හිමි වූ 'සුපර් ඕවර්' නීතිය වෙනස් කෙරේ,2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයට හිමි වූ ආකාරය යළිත් සිදුවීමට ඉඩ නොතැබීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.,"ඒ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යටතේ පැවැත්වෙන තරගාවලිවලදී අතිරේක පන්දු වාරයේ (super over) එල්ල කරන හතරේ සහ හයේ පහර සංඛ්‍යාව මත පදනම්ව තරගයේ ජය තීරණය කරන නීතිය අහෝසි කිරීමත් සමගය. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ අතිරේක පන්දු වාරයේදී කණ්ඩායම් දෙක ම ලකුණු 15 බැගින් රැස් කළ ද, හතරේ සහ හයේ පහර වැඩි සංඛ්‍යාවක් එල්ල කර තිබූ හෙයින් එංගලන්තයට ජය හිමි විය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව නීති අනුව අර්ධ අවසන් සහ අවසන් තරගවලදී එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායමට වඩා ලකුණු රැස් කර ජය හිමි කර ගන්නා තුරු අතිරේක පන්දු වාර ක්‍රියාත්මක කෙරේ. ඊට අමතරව මූලික තරගවලදී ද අතිරේක පන්දු වාරයක් ක්‍රියාත්මක වේ. මූලික තරගවලදී අතිරේක පන්දු වාරයේ දෙපිලේ ම ලකුණු සම වුවහොත් පමණක් එම තරගය ජය පරාජයෙන් තොරව නිම වූ තරගයක් ලෙස සැළකෙනු ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ, අතිරේක පන්දු වාරය මගින් ""ක්‍රීඩාවට උද්දීපනය වන සුළු අවසානයක් ලැබෙන අතර එය සියලු එක්දින හා විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිවලට අදාළ වන"" බවය. කාන්තා ක්‍රිකට් ත්‍යාග මුදල් ඉහළ දැමේ ඩුබායිහිදී පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ගෙන ඇති අනෙකුත් තීන්දු අතරට ක්‍රිකට් කවුන්සිලය යටතේ පැවැත්වෙන කාන්තා ක්‍රිකට් තරග සදහා පිරිනැමෙන ත්‍යාග මුදල් අමෙරිකානු ඩොලර් මිලියන 2.6කින් ඉහළ දැම��මය. ඒ අනුව, ලබන වසරේ ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන පන්දු වාර 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් මිලියනයක් සහ අනුශූරියන්ට ඇමෙරිකානු ඩොලර් 500,000ක් පිරිනැමෙනු ඇත. එය 2018 වසරේ පිරිනැමුණු ත්‍යාග මුදල මෙන් පස් ගුණයක වැඩිවීමකි. 2021 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ත්‍යාග මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 3.5 දක්වා ඉහළ දමනු ඇත. සිම්බාබ්වේ කණ්ඩායමට යළිත් සාමාජිකත්වය මේ අතර, මාස තුනක් පුරා තහනමකට ලක්ව සිටි සිම්බාබ්වේ වෙත යළිත් සාමාජිකත්වය පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. පසුගිය ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ද නොහැකි වූ සිම්බාබ්වේ හි සාමාජිකත්වය ජූලි මාසයේදී තහනම කරනු ලැබුවේ, දේශපාලනික අතපෙවීම් හේතුවෙනි. ඒ අනුව, ලබන ජනවාරි මාසයේ පැවැත්වෙන 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සදහා ඔවුන්ට අවස්ථාව හිමි වනු ඇත. තවදුරටත් කියවන්න." -160104_ug_hitler_meinkampf,https://www.bbc.com/sinhala/world/2016/01/160104_ug_hitler_meinkampf,හිට්ලර් ගේ මයින් කාෆ් (Mein Kampf) යළි වෙළෙඳ පොළේ,ජර්මන් නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් ගේ මයින් කාෆ් (Mein Kampf) අවුරුදු හැත්තෑවක පමණ කාලයකට පසු ළඟදී ම වෙළෙඳ පොලෙන් මිල දී ගැනීමට අවස්ථාව උදා වනු ඇත.,"මයින් කාෆ් (Mein Kampf) හිට්ලර් ගේ දැක්ම ඇතුළත් නාසි දේශපාලන අත්පොතයි. ඇතැමුන් එය හඳුන්වා ඇත්තේ නාසි 'බයිබලය' යනුවෙනි. මයින් කාෆ් ‘My Strugle’යනුවෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරනු ලැබ ඇති අතර සිංහලෙන් එය අර්ථ ගැන්විය හැක්කේ ‘මගේ සටන’ යනුවෙනි. එම කෘතිය මගින් හිට්ලර් චිත්‍රණය කරන්නේ පළමු ලෝක මහා සංග්‍රාමයෙන් බලවත් පීඩාවට පත් පරාජිත ජර්මනිය නැවත ගොඩ ගැනීමට අනුගමනය කළ යුතු යයි ඔහු හඟින මාවතයි. නාසි බයිබලය එහෙත් හිට්ලර් ජර්මනිය ජය ගැනීමෙන් අනතුරුව ඔහුගේ නාසි පාලනය යටතේ ජර්මනිය පමණක් නොව සමස්ත මානව වර්ගයා ම ලෝක ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ මහා ඛේදවාචකය කරා කැඳවමිනුයි එම විනාශකාරී දෘෂ්ටිය අස්ථානගත ව තිබුණේ. හිට්ලර් 1925 දී මයින් කාෆ් (Mein Kampf) ලියන ලද්දේ ජර්මනියේ දේශපාලන බලය පැහැර ගැනීම සඳහා ඔහු සිදු කළ 1923 අසාර්ථක ‘මියුනිච්’ කුමන්ත්‍රණයෙන් අනතුරුව බන්ධනාගාර ගත කර සිටිය දීයි. ඉන් වසර අටකට පසුව නාසි පක්ෂයෙන් තරඟ වැදුන හිට්ලර් මහජන ඡන්දයෙන් ජර්මනියේ දේශපාලන බලය අත්පත් කර ගත්තේය. දෙවන ලෝක මහා සංග්‍රාමය එම ගමන�� ඊ ළඟ දිගුව දෙවන ලෝක මහා සංග්‍රාමය වූ අතර හිට්ලර් පරාජය කරමින් ජය ගත් මිත්‍ර පාක්ෂික හමුදා විසින් මයින් කාෆ් (Mein Kampf) අයිතිය බැවේරියාවේ ප්‍රාදේශීය පාලනයට පවරනු ලැබ තිබුණි. ඒ අනුව කෘතියේ කර්තෘ අයිතිය හිමිකර ගත් බැවේරියානු ජර්මන් ප්‍රාදේශීය පාලනය විසින් සෙසු නාසි සංකේත මෙන් ම මයින් කාෆ් (Mein Kampf) කෘතියත් තහනමකට ලක් කරනු ලැබයි තිබුණේ. බැවේරියාව සතු ‘මයින් කාෆ්’ කර්තෘ අයිතිය මේ වන විට කල් ඉකුත් වී ඇති අතර ‘මියුනිච්’ නගරයේ සමකාලීන ඉතිහාසය පිළිබඳ අධ්‍යයන ආයතනය විසින් එම කෘතිය නැවත පළ කිරීමට පියවර ගෙන ඇත. නාසි පාලනයේ ජන සංහාරය;ඕස්විට්ෂ් වධකාගාරයේ දර්ශනයක් වෙනත් භාෂා වලිනුත් ජර්මනිය තුළ පමණක් නොව වෙනත් භාෂාවන්ට ද පරිවර්තනය කරනු ලැබ පළ කෙරෙන මයින් කාෆ් (Mein Kampf) කෘතියේ පිටපත් වෙනත් රටවල වෙළෙඳපොළින් ද ඉදිරි කාලයෙහි මිළ දී ගත හැකි වනු ඇත. ඉතිහාසඥයන් සිතන්නේ, එම කෘතිය පරිශීලනය මගින් නාසි පාලන යුගයේ සිදු වූ දේ පිළිබඳව පාඨකයන්ට යථා අවබෝධයක් ලබා ගත හැකි බවයි. මේ සම්බන්ධයෙන් බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට සහභාගී වූ කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස සහ දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි පෙන්වා දුන්නේ ‘ප්‍රකාශනයක් බලය යොදා තහනමකට ලක් කිරීම මගින් ඒ කෙරෙහි ඇති වෙන මහජන ආකර්ෂනය වැඩි වෙන’ බවයි. වධකාගාරයක් කරා ගෙන යන තවත් පිරිසක්. ‘ඒ වෙනුවට කළ යුත්තේ එවැනි කෘතීන් වඩාත් විචාරශීලී බුද්ධිමය කියවීමකට භාජනය කරනු ලැබීම’ යයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි පවසයි. යුදෙව් සහයෝගය ‘මයින් කාෆ්’ යළි පළ කරනු ලැබීම බොහෝ යුදෙව් ජාතික කණ්ඩායම් විසින් ද අගය කරනු ලැබ ඇත. ඔවුන් කියා සිටින්නේ, නව මුද්‍රණය මගින් දෙවන ලෝක මහා සංග්‍රාමය අවධියේ සිදු කෙරුණ යුදෙව් ජන සංහාරය පිළිබඳ ව තොරතුරු දැන ගැනීමට අවස්ථාව උදා වෙන බවයි. මයින් කාෆ් (Mein Kampf) මුල් කෘතිය ඒ අයුරින්ම යළි පළ කෙරෙන්නේ යුරෝපය කරා දශ ලක්ෂ සංඛ්‍යාත සංක්‍රමණික ජන රැල්ලක් පිවිසෙමින් සිටින අවස්ථාවක වන අතර ජර්මනිය එම ජනතාව භාර ගනු ලබන එක රටක් වෙයි. හිට්ලර් ගේ නාසි පාලනය යටතේ බ්‍රිතාන්‍ය යුද සිරකරුවන් ඇඩොල්ෆ් හිට්ලර් ‘ජර්මන් ආර්ය වර්ගයාගේ ශ්‍රේෂ්ටත්වය’ හුවා දක්වන අතර ජර්මනියේ නව නාසිවාදීහු එම සංක්‍රමණිකයන් භාර ගැනීම අනුමත නොකරති. ජර්මන් නිලධාරීන් පවසන්නේ, මයින් කාෆ් (Mein Kampf) යළි දොරට ඒමත් සමඟ නව නාසිවාදී හැඟීම් කැළඹීමට පත් වීමට ඇති ඉඩකඩ වැළක්වීමේ පියවරක් වශයෙන් එම කෘතිය සම්බන්ධයෙන් යම් සීමාවන් ද පැනවෙන බවයි. 'මයින් කාෆ්' යළි කියැවීම, හිට්ලර් පුනරාගමනයක් නොවන බුද්ධිමය කියැවීමක් බවට පත් කළ යුතුය යන්න ප්‍රජාත්නත්‍රවාදීන්ගේ පිළිගැනීමයි." -120730_tna_election,https://www.bbc.com/sinhala/sri_lanka/2012/07/120730_tna_election,පළාත් සභා ප්‍රතික්ෂේප කරන්න - දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලති,"දෙමළ ජනතාවගේ ස්වයං පාලන අයිතිය පිළි නොගන්නා ඒකීය ලංකාවක් මත පදනම් වූ වත්මන් පළාත් සභා ක්‍රමය ප්‍රතික්ෂේප කරන මෙන් දෙමළ විද්වතුන්, නීතිවේදීන්, අධ්‍යාපනවේදීන් සහ පූජ්‍ය පක්ෂයේ නායකයන් ඇතුළු සිවිල් සමාජ නායකයන් පිරිසක් දෙමළ ජාතික සන්ධානයෙන් (ටීඑන්ඒ) ඉල්ලා සිටිති.","තම ලිපියේ අඩංගු යෝජනා පක්ෂයේ මැතිවරණ න්‍යාය පත්‍රයට ඇතුලත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ප්‍රජා නායකයෝ පවසති ඉන්දීය මැදිහත්වීමෙන් සම්මත කරගන්නා ලද 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලුවට දේශපාලන විසඳුමක් ලබාදීමේ ආරම්භක පියවරක් ලෙසින් හෝ සැලකිය නොහැකි බව පවසන ප්‍රජා නායකයන් පිරිස, උතුරු නැගෙනහිර යනු දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික නිජබිම බව පිළිගැනීම ඕනෑම දේශපාලන විසඳුමකට පදනම විය යුතු බව අවධාරණය කරති. එලැඹෙන නැගෙනහිර පළාතේ මැතිවරණයට ටීඑන්ඒ පක්ෂය තරඟ කිරීම සම්බන්ධයෙන් තම මතය පළ කරමිනුයි, ප්‍රජා නායකයන් පක්ෂයට එම ලිපිය යොමු කොට තිබෙන්නේ. උගත් පාඩම් කොමිසම විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වීමෙන් මාස ගණනාවකට පසුවත් උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් අත් පත් කරගැනීම, දේශපාලන සිරකරුවන් රඳවා තැබීම, අතුරුදන් වූවන් සොයා දීමේ ක්‍රමවේදයක් නොමැති වීම, උතුරේ සාමාන්‍ය ජන ජීවිතයට කෙරෙන හමුදාවේ බලපෑම් ඇතුළු දෙමළ ජනතාව පෙලන කිසිදු ගැටලුවකට පිළියම් යෙදීම වෙනුවට සිදුවී තිබෙන්නේ ඒවා එන්න එන්නම උත්සන්න වීම බවයි, ලිපියේ සඳහන් වෙන්නේ. ආණ්ඩුවේ සහාය ලබන වෙනත් දෙමළ පක්ෂයක් නැගෙනහිර පළාත් සභාවේ බලය අත් පත් කරගැනීම වැළැක්වීමේ කෙටිකාලීන අරමුණකින් ටීඑන්ඒ පක්ෂය මෙම පළාත් සභා මැතිවරණයට තරඟ කිරීම තමන් අනුමත නොකරන නමුත්, පක්ෂය දැනටමත් එම තීන්දුවට එලම්බී ඇති හෙයින් තම ලිපියේ අඩංගු යෝජනා පක්ෂයේ මැතිවරණ න්‍යාය පත්‍රයට ඇතුලත් කර���ු ඇතැයි බලාපොරොත්තු වන බවද ප්‍රජා නායකයෝ පවසති. විශේෂයෙන්ම ජනාධිපතිවරයා විසින් පත්කරන ලද උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමත්, ඉන් අනතුරුව ප්‍රකාශයට පත්කෙරුන එය ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම ජාත්‍යන්තර ප්‍රජාව රැවටීමේ සහ කල් මැරීමේ උපක්‍රමයක් බව ලිපියට අත්සන් තබා තිබෙන ප්‍රජා නායකයන්ගේ මතයයි. මන්නාරම රදගුරු රායප්පු ජෝසප්, හින්දු ආගමික මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස් කේ සිත්‍රම්පලම් ඇතුළු විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්, ජ්‍යෙෂ්ට නීතිවේදීන්, යාපනය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය ආර් කුමාරවඩිවේල් ඇතුළු වෛද්‍ය විශේෂඥයන්, විදුහල්පතිවරුන් සහ පාසල් ගුරුවරුන් සහ ධීවර හා සමූපකාර නායකයන් ඇතුළු විශාල පිරිසක් මෙම ලිපියට අත්සන් තබා තිබේ." -130909_ltte,https://www.bbc.com/sinhala/sri_lanka/2013/09/130909_ltte,එල්ටීටීඊ යේ තවත් පිරිසක් නිදහස්,යුද හමුදාව යටතේ පුනරුත්ථාපනය වූ තවත් එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන් එකසිය හත් දෙනකු නිදහස ලද බව රජය ප්‍රකාශ කරයි.,"ඔවුන් නිදහස් කිරීම නිමිත්තෙන් වව්නියාව සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවති උත්සවය පැවැත්වුණේ මානව සම්පත් සංවර්ධනය කිරීමේ කටයුතු භාර ඇමති ඩිව් ගුණසේකර ගේ ප්‍රධානත්වයෙනි. තවමත් සිරගත් කොට සිටින එල්ටීටීඊ සැකකරුවන් පිළිබඳව සංදේශය කළ විමසීමකදී ඇමති ඩිව් ගුණසේකර කියා සිටියේ අධිකරණ ක්‍රියාවලියෙන් අනතුරුව සාක්ෂි නොමැති නම් ඔවුන් ද නිදහස් කරනු ඇති බවයි. ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ වෙත භාර වූ එල්ටීටීඊ යේ හිටපු සාමාජික සාමාජිකාවන් 11,562 ක් සමාජ ගත කර ඇති අතර තවත් දෙසිය තිස් අට දෙනෙක් පුනරුත්ථාපනය වෙමින් සිටින බවත් පුනරුත්ථාපන කොමසාරිස්, මේජර් ජෙනරාල් ජගත් විජේතිලක ප්‍රකාශ කළේය. එල්ටීටීඊ යේ හිටපු සාමාජික සාමාජිකාවන් ඉදිරිපත් කළ විවිධ සංස්කෘතික අංග වලින් මෙම උත්සවය හැඩ ගැන්වී තිබුණු බවයි ජිනසේන රතුගමගේ වාර්තා කළේ." -world-45450078,https://www.bbc.com/sinhala/world-45450078,සැම්සුන්: නම්‍යශීලී ජංගම දුරකතන වෙළෙඳපොළට හඳුන්වාදීමට කාලයයි,"නම්‍යශීලී ජංගම දුරකතන වෙළෙඳපොළට ""හඳුන්වාදීමට කාලය"" එළැඹ ඇති බව සැම්සුන් සමාගමේ ජංගම දුරකතන අංශයේ ප්‍රධානියා පවසයි. නැමිය හැකි ජංගම දුරකතන එළිදැක්වීමට සැම්සුන් සමාගම සූදානම් බව පසුගිය දිනවල කටකතා පැතිරී ගියේය.","නම්‍යශීලී ජංගම දුරකතනවලට වෙළෙඳපොළේ ඇති ඉල්ලුම සැම්සුන් සමාගමේ නිරීක්ෂණ අනුව පෙනී යන බව ඩීජේ කෝ (DJ Koh) CNBC නාලිකාවේ ���ාකච්ඡාවකට එක් වෙමින් පැවසුවේය. දුරකතන නිෂ්පාදකයන් කීපදෙනෙකුම නම්‍යශීලී තිරයක් සහිත, මැදින් නැම්මක් නොපෙනෙන සේ දෙකට නැමිය හැකි ජංගම දුරකතන නිර්මාණය කරමින් සිටින බවට කටකතා පැතිරී තිබේ. කෙසේවෙතත්, තවමත් ""පෙන්වීමට කිසිවක් නැහැ"" යැයි සැම්සුන් සමාගම බීබීසී වෙත පැවසීය. නම්‍යශීලී දුරකතන නිර්මාණය කරන ක්‍රියාවලිය ඉතා ""සංකීර්ණ"" නමුත් සැම්සුන් සමාගම එය ""අවසාන කිරීමට ආසන්න"" බව ඩීජේ කෝ CNBC පැවසුවේය. කැනේඩියානු විශ්වවිද්‍යාලයක නිර්මාණය කළ නම්‍යශීලී ටැබ්ලට් උපකරණය කෙසේනමුත්, සමාගම මෙම නව දුරකතන වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර, පාරිභෝගිකයන්ට නම්‍යශීලී දුරකතන භාවිත කිරීමට පැහැදිලි අරමුණක් තිබිය යුතු බව ඔහු පැවසීය. ""නැමිය හැකි දුරකතනයක් දිග හැරිය විට එයින් ලැබෙන වාසිය ටැබ්ලට් එකකට වඩා වෙනස් වන්නේ කොහොමද?,"" ඔහු පැවසුවේය. ""දිග හැරිය විට ලැබෙන අත්දැකීම ටැබ්ලට් එකකින් ලැබෙන අත්දැකීමට සමාන නම් ඇයි මිනිස්සු මෙය මිලදී ගන්නේ?"" ""සෑම උපාංගයක්ම, ඒවායේ සෑම කොටසක්ම සහ සෑම නිර්මාණයක්ම අපේ පාරිභෝගිකයන්ට තේරුමක් තිබෙන දෙයක් විය යුතුයි."" චීන දුරකතන නිෂ්පාදන සමාගමක් වන 'හුවාවී (Huawei)' සැම්සුන් සමාගමේ ප්‍රධාන තරගකරුවෙකු බවට පත් වී තිබේ. ඇපල් සමාගම පසුකරමින්, හුවාවී ලෝකයේ දෙවෙනි විශාලතම දුරකතන නිෂ්පාදන සමාගම බවට පත්වී ඇත. මේ තොරතුරුද කියවන්න:" -world-44765231,https://www.bbc.com/sinhala/world-44765231,තායිලන්තයේ ලෙනක සිරවූ දරුවන්: ගලවා ගැනීමේ මෙහෙයුම කැමරා ඇසින්,තායිලන්තයේ ලෙනක සිරවී සිටි පිරිමි ළමුන් සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු ගලවා ගැනීමේ මෙහෙයුම ඉරිදා (ජූලි 08) යළි ආරම්භවීමෙන් පසු දරුවන් සිවු දෙනෙකු ගලවා ගැනිණි.,"බේරාගත් ළමුන් උතුරු තායිලන්තයේ රෝහලක් වෙත ගෙන යද්දී ඉතිරි නව දෙනා ලෙනෙන් ඉවත් කර ගැනීම සඳහා මෙහෙයුම සඳුදා (ජූලි 09) ආරම්භ කෙරිණ. මෙහි දැක්වෙන්නේ තායිලන්තයේ පමණක් නොව ලොවම අවධානය යොමු කරගත් ගලවා ගැනීමේ මෙහෙයුමේ ඡායාරූප කීපයකි. ලෙන තුළින් පිටට ගෙන ආ විගස දරුවන් වෛද්‍යාධාර කණ්ඩායමක නිරීක්ෂණයට ලක්කෙරිණි දරුවන් පිටට ගෙන එන තෙක් සුදානමින් තැබුණු ගිලන් රථ ගුරුවරුන් සුබ පණිවිඩය ගෙන එද්දී සතුට පළකිරීමේ හා සෙත්පැතීමේ යෙදුණු දරුවන්ගේ මිතුරු මිතුරියන් ලෙන තුළ ඇතැම් තැන්වල දිගු දුරක් ජලයෙන් යටවී ඇති බැවින් මඩ සහිත ජලයේ කිමිදීමට දරුවන්ට මගපෙන්විය යුතුව තිබේ පිරිමි ළමුන්ගෙන් ඇත��මෙකුට පිහිනීමේ හැකියාව නැතත් ගෙවී ගිය දින කීපය තුළ ඔවුන්ට මූලික කිමිදුම් පුහුණුවක් දී ඇත ලෙන තුළ ගල් පව්වක දරුවන් රැදී සිටින අතර වැසි සමග ලෙන තුළ ජලය පිරී යන හෙයින් ඊට ප්‍රතිරෝධීව ගලවා ගැනීමේ කණ්ඩායම් සිය කාර්යය වේගවත් කරමින් සිටිති ගලවාගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වෙද්දී හමුදා වෛද්‍ය කණ්ඩායම් සීරුවෙන් දරුවන් ගිලන්රථවලින් ගෙන යද්දී ඒ දෙස බලා සිටින පුද්ගලයින් පිරිමි දරුවන් 12 දෙනා සහ පාපන්දු පුහුණුකරු ජුනි 23 වෙනිදා සිට, ජලයෙන් පිරුණු ලෙන තුළ කොටු වී සිටියහ ලෙන තුළින් පිටතට ගෙන ආ දරුවන් ප්‍රාදේශීය රෝහලකට ඇතුළත් කෙරිණි ඉරිදා තාවකාලිකව මෙහෙයුම නතර කළවිට වායු ටැංකි රැස්කර ගැනිණි මෙහෙයුමට අවශ්‍ය කවර හෝ සහයක් දීම සඳහා ස්වේච්ඡා කණ්ඩායම් රැදී සිටියහ" -world-41265022,https://www.bbc.com/sinhala/world-41265022,දස හැවිරිදි දැරිය දූෂණය: 'බිළිඳියගේ පියා මාමා නොවේ',දස හැවිරිදි දැරියක දූෂණය කිරීමේ චෝදනා ලබා සිටින දැරියගේ මාමා ගෙන් ලබාගත් ඩීඑන්ඒ (DNA) සාම්පල සහ දැරිය බිහි කළ බිළිඳියගේ ඩීඑන්ඒ සාම්පල එකිනෙකට නොගැලපීම හේතුවෙන් ඒ සම්බන්ධ පරීක්ෂණය යළි ආරම්භ කළ බව ඉන්දීය පොලිසිය පවසයි.,"ඇයගේ දරු ගැබ ගබ්සා කිරීමට අවසර දීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් අනතුරුව, දූෂණයට ලක් වූ දැරිය පසුගිය මාසයේ බිළිඳියක ප්‍රසූත කළාය. තමන් ගැබ් ගෙන සිටි බව ඒ වනතුරුම ඇය නොදැන සිටියාය. උදරයේ ගලක් සිරවීම හේතුවෙන් උදරය මහත් වී ඇති බව දෙමාපියන් ඇයට පවසා තිබුණි. ගතවගිය මාස හත ඇතුළත සිය මාමා තමන් කිහිප වතාවක්ම දූෂණය කළ බව දැරිය පවසයි. සැකකරු තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප නොකළ බව දැරියගේ පියා මීට ඉහතදී බීබීසී යට පැවසීය. මේ අතර පොලිසිය පවසන්නේ සැකකරු තමන්ට එරෙහි චෝදනා පිළිගත් බවය. 'කටඋත්තරයක් නෑ' දැරියගේ සාක්ෂිය මත පදනම්ව අත්අඩංගුවට ගන්නා ලද මාමාට එරෙහිව මේ වනවිට ළමුන්ට එරෙහි අපරාධ විභාග කෙරෙන විශේෂ අධිකරණයක නඩු පවරනු ලැබ තිබෙන නමුත් තමන්ට එරෙහි චෝදනා පිළිබඳව සැකකරු මෙතෙක් කිසිදු කට උත්තරයක් ලබා දී නැත. මේ වනවිට ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටී. බිළිඳියගේ ඩීඑන්ඒ සාම්පල සහ සැකකරුගේ ඩීඑන්ඒ නොසැසඳීම හේතුවෙන් තවත් පුද්ගලයන් එම දැරිය දූෂණය කළේ දැයි සැක පහළ වී තිබෙන බව දිල්ලි අගනුවර සිටින බීබීසී වාර්තාකාරිය ගීතා පාන්ඩේ පවසයි. ඉන්දියාව තුළ සෑම විනාඩි 155 කට වරක්ම 16 වෙනි වියට අඩු දැරියක් දූෂණයට ලක් වේ ""කිසිම කෙනෙක් මේ වන තුරු වෙනත් හැකියාවක් ගැන කල්පනා කළේ නැහැ,"" පරීක්ෂණයට සම්බන්ධ නිලධාරියෙක් බීබීසී යට පැවසීය. ""අධිකරණයට ලබා දුන් සාක්ෂියෙදි වගේම, ඇයගේ මුල්ම කට උත්තරයේදීත් දැරිය පැහැදිලිවම මාමා නම් කරලා, සිදුවීම ගැන විස්තර කරලා තියෙනව."" දැරිය දූෂණය කිරීම පිළිබඳව වෙනත් කිසිවෙකු සැක නොකරන බව දැරියගේ මව ද විමර්ශකයන්ට පවසා ඇතැයි සැලකෙන බැවින් පරීක්ෂණය සම්පූර්ණයෙන්ම අමුතුම දෙසකට හැරී ඇති බව ද නිලධාරියා සඳහන් කළේය. හටගෙන තිබෙන අවිනිශ්චිත තත්වය හේතුවෙන් පොලිස් නිලධාරීන් සහ මානසික උපදේශකයන් පසුගිය අඟහරුවාදා යළිත් වරක් දැරියගේ නිවසට ගොස් දැරිය මුණ ගැසී තිබේ. මේ අතර ඩීඑන්ඒ පරීක්ෂණයේ දී කිසියම් වරදක් වූයේ දැයි විමසා බැලීම පිණිස යළිත් වරක් ඩීඑන්ඒ පරීක්ෂණයක් කරන මෙන් ඉල්ලා සිටින බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් බීබීසී පන්ජාබි භාෂා සේවයට පැවසීය. 2015 වසර ඇතුළත ඉන්දියාවේ ළමුන් 10,000කට අධික පිරිසක් දූෂණයට ලක්වී තිබේ ඉන්දියාවේ ළමා අපයෝජන:" -sri-lanka-38547696,https://www.bbc.com/sinhala/sri-lanka-38547696,"""මේ ආණ්ඩුව බලයට ආවේ ලසන්ත, ප්‍රගීත්, රවිරාජ් නම් විකුණලා""",අතුරුදහන් සහ ඝාතනය කෙරුණු මාධ්‍යවේදීන්ගේ නම් විකුණා වත්මන් ආණ්ඩුව බලයට පැමිණි බව සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය පවසයි.,"මහාචාර්යවරයා ඒ බව කියා සිටියේ සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කොට අට වසරක් ගත වීම නිමිත්තෙන් ඔහුගේ දේහය තැන්පත් කොට ඇති බොරැල්ල සුසාන භූමියේ පැවති ගුණසමරු උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි. මාධ්‍යවේදීන් අතුරුදහන් කරවීම් සහ ඝාතනය කිරීම් සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාග සඳහා යම්කිසි අදෘශ්‍යමාන බලවේගයක බලපෑමක් ඇතැයි යන්න බැහැර කර නොහැකි කාරණාවක් බවත් මහාචාර්ය සරත් විජේසූරිය සඳහන් කළේය. අතුරුදහන් වූ සිය සැමියා අනුස්මරණය කිරීමට ඇති අයිතියත් තමන්ට අහිමි වී ඇති බව එම අවස්ථාවට එක් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ පැවසුවාය. පසුගිය පාලන සමයේ ඝාතනය කෙරුණු මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් යුක්තිය ඉටුවන බවක් පෙනෙන්නට නැති බව කී ඇය ""ලසන්තව සිහි කරන්න, ඉටි පන්දමක් පත්තු කරන්න, මලක් තියන්න තැනක් තියෙනවා. ප්‍රගීත් වෙනුවෙන් ඒ මල, ඉටි පන්දම තියන්නේ කොහෙද කියල මම දන්නේ නැහැ,"" යැයි සඳහන් කළාය. මංගල සමරවීර, මනෝ ගනේෂන්, රවි කරුණානායක සහ එරාන් වික්‍රමරත්න අමාත්‍යවරුන්, මාධ්‍යවේදීන් සහ ක්‍රියාධරයන් ඇතුළු පිරිසක් අනුස්මරණ උත්සවයට එක් වී සිටියහ." -151202_smbp_fgm_female_genital_mutilation,https://www.bbc.com/sinhala/world/2015/12/151202_smbp_fgm_female_genital_mutilation,යෝනි සුන්නත: අහිමි කාන්තා අයිතිය,"ඇය යස්මින් අහමඩ්. බ්‍රිතාන්‍යවාසී, සෝමාලි ජාතික තරුණ නීති ශිෂ්‍යාවක්.","යස්මින් අහමඩ් සිය මිත්තණිය සහ මව සමග තමන් යෝනි සුන්නත් කිරීමකට ලක් නොවූ නමුත් සිය මවත්, මිත්තණියත් ඇතුළු කාන්තාවන් පරම්පරා ගණනාවක් එම වේදනාවට මුහුණ දුන් බවයි යස්මින් අහමඩ් පවසන්නේ. ඇය යෝනි සුන්නත් කිරීමට එරෙහිව හඬ නගන ක්‍රියාධාරිනියක්. සිය මව සහ මිත්තණියට මුහුණ දීමට සිදු වූ වේදනාබර අත්දැකීම ඔස්සේ, යස්මින් මේ ලොවට හඬ ගා කියන්නේ සෝමාලියාවේත්, තවත් අප්‍රිකානු රටවල් ගණනාවකත් කාන්තාවන් විසි එක් වන සියවසේ පවා මුහුණ දෙන ශෝචනීය ඉරණම පිළිබඳ කතාවයි. ""එතකොට මට වයස අවුරුදු හතයි. මාව යෝනි ඡේදනයට ලක් කරපු දවසට කලින් දවසෙත් මම සෙල්ලම් කරමින් හිටියේ. මම කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ,"" යස්මින්ගේ මව අයීෂා මුහම්මද් සිය දිවියේ මුහුණ දුන් ඒ වේදනාබර දිනය මතකයට නැගුවේ එලෙසින්. 'වේදනාබර මතකය' ""මම කවදාවත් දැකල නැති ගැහැණු තුන් දෙනෙක් එකපාරටම මාව අල්ල ගත්තා. ඒ අය අතේ රේසර් බ්ලේඩ් තියෙනවා මම දැක්ක. මම තිගැස්සුණා. ඊට පස්සේ ඒ අය මට කරන්න යන දේ කිව්වා. එක් ගැහැනියක් මගේ වම් අත අල්ල ගත්තා. තව කෙනෙක් අනිත් අත. අමු අමුවේ මගේ ශරීරයේ කොටසක් කැපෙනව මට දැනුණා; මට ඇහුනා,"" යස්මින්ගේ මව පවසන්නීය. මවත් දියණියත් ඒ සංවාදයේ යෙදුනේ යස්මින් ගේ මිත්තණිය හබීබා ඔස්මාන් ඉදිරිපිටදී. සිය මිනිබිරිය මෙන්ම ඇයත් අද වන විට යෝනි සුන්නත් කිරීමේ චාරිත්‍රයට එරෙහි වුවත්, එදා ඊට එකඟ වනු හැර තමන්ට විකල්පයක් නොතිබූ බවයි මිත්තණිය පවසන්නේ. ""තමන්ගේ දරුවා යෝනි සුන්නත් කිරීමට ලක් කළේ නැතිනම්, මිනිස්සු දොස් කිව්වේ මව්වරුන්ට. 'දැක්කද, අර කෙල්ලගේ කපල නෑ; ඒකි නරක කෙල්ලෙක්' කිය, කිය අනිත් කෙල්ලෝ කොල්ලෝ ඒ දරුවට වද දෙනවා. ඉතින් දරුවෝ අපේ ළඟට අඬා ගෙන එනවා. එතකොට අපිට ඒ දරුවාව සුන්නත් කරන්න සිද්ධ වෙනවා."" 'වයස හතයි' යෝනි සුන්නත් කිරීමට වැරදිකරු බවට තීරණය කෙරුණහොත් බ්‍රිතාන්‍යයේදී එයට වසර 14 ක් දක්වා වූ සිරදඬුවමක් නියම කළ හැකියි. එවැනි නීතියක් පවතින නමුත් බ්‍රිතාන්‍යය තුළ පවා මේ අමානුෂික චාරිත්‍රය තවමත් ක්‍රියාත්මක වේ. ""ඒක අපේ සංස්කෘතියට බද්ධ වෙලා තිබුණ දෙයක්. ගෑණු දරුවෙකුගේ සුන්නත් නොකළොත් 'අන්න අරයගේ සුන්නත් කරලා නෑ' කියා කියා අනිත් අය එයාට අපහාස කරනවා. සුන්නත් කරපු කෙල්ලෝ අනිත් කෙල්ලන්ට සමච්චල් කරනවා."" එහි අදහස එදා තමා ජීවත් වූ සමාජයේ දැරියන් සහ කාන්තාවන් ඇතුළු සියලු දෙනා මොළ සේදීමකට ලක් කෙරී තිබුණාද යන්න දැයි යස්මින් විමසූ විට මිත්තණියගේ පිළිතුර වූයේ 'ඔව් මොළ සෝදලා තිබුණා' යන්නයි. ""ඔයාගේ අම්මව සුන්නත් කරන කොට එයාට වයස අවුරුදු හතයි. අනිත් අයට තරම් එයාට අමාරු වුනේ නෑ. මම එයාට කටු පාවිච්චි කළේ නෑ. අම්මගේ අක්කට ඊට වඩා ගොඩක් අමාරු වුනා."" 'අමානුෂික චාරිත්‍රය' සුන්නත් කිරීමෙන් අනතුරුව තමාට දින ගණනාවක් කැසිකිලි යාමට පවා නොහැකි වූ බව පවසන යස්මින් ගේ මව අයිෂා මුහම්මද්, වේදනාව හේතුවෙන් තමන් මුත්‍රා කිරීමෙන් වැලකී සිටි බව සඳහන් කළාය. යම්කිසි දිනෙක තමාට දාව උපන් දියණියක සුන්නත් කිරීමට ලක් කළ යුතු යයි තමා විසින් ඉල්ලා සිටියහොත් ඒ සඳහා දක්වන ප්‍රතිචාරය කුමක්දැයි යස්මින් සිය මවගෙන් විමසා සිටියාය. ඊට එරෙහි වී එය වළකාලන බව තරයේ කියා සිටින යස්මින්ගේ මව සිය උත්සාහය අසාර්ථක වුවහොත් ඒ පිළිබඳ බලධාරීන්ට පැමිණිලි කිරීමට පවා නොපැකිලෙන බවයි පවසන්නේ. සිය උත්සාහය දඬුවම් ලබා දීම නොව මෙම අමානුෂික චාරිත්‍රයට නැවතීමේ තිත තැබීම බවත් අයිෂා මුහම්මද් අවධාරණය කරන්නීය. ('බීබීසී ලෝක සේවයේ සියයක් කාන්තාවෝ: ලොවින් අඩක් ඔබ අමතයි' විශේෂාංගයේ තුන්වෙනි සංවත්සර සැමරුම නිමිත්තෙන් ලියැවුණු යෝනි සුන්නත් කිරීමට ලක් කෙරුණු කාන්තාවන් දෙදෙනකුගේ සහ ඊට එරෙහිව සටන් වදින යස්මින්ගේ කතාවයි ඒ.)" -130825_mandana_army_jvp,https://www.bbc.com/sinhala/sri_lanka/2013/08/130825_mandana_army_jvp,මාධ්‍යවේදිනියගේ නිවසේ මංකොල්ලයට 'හමුදාව සම්බන්ධ නෑ',සෙනසුරාදා උදෑසන මාධ්‍යවේදිනී මන්දනා ස්මයිල් අබේවික්‍රමගේ නිවසේ සිදු වූ මංකොල්ලයට ආරක්ෂක හමුදාව සම්බන්ධ බවට එල්ල වන චෝදනා බලධාරීහු ප්‍රතික්ෂේප කරති.,"ලිපි ගොනු අදිමින් ඒවා පරීක්ෂා කරමින් පිරිස පැය කිහිපයක් ගත කළ බව මන්දනා ස්මයිල් පවසන්නීය සන්ඩේ ලීඩර් පුවත් පතේ සම කර්තෘවරියගේ නිවසට අගෝස්තු 24 වැනිදා අලුයම දෙකට පමණ ගිනි අවි සහ පිහි අතැති පස් දෙනෙකුගෙන් යුත් මැර කණ්ඩායමක් ඇතුළු වී තිබේ. එයට හමුදා සෙබළුන් දෙදෙනකු ද සම්බන්ධ බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවය��, හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය කොළඹ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ. ""හමුදාවෙන් පැන ගිය සෙබලෙකු වශයෙන් නම්කර තිබෙන එක සෙබලෙකුත් නිවාඩු නොපැමිණ හමුදාවෙන් පැනගොස් යලි රපෝර්තු කර ඉන් අනතුරුව හමුදා සේවයෙන් ඉවත් කරන ලද සෙබලෙකුත් මේ සොර කණ්ඩායමේ පස් දෙනා අතර ඉඳල තියෙනවා,"" බවයි, බ්‍රිගේඩියර්වරයා පවසන්නේ. 'මංකොල්ලය ගැන අධ්‍යයනයක්' සාමාන්‍ය සෙබල කේපී චාමර කුමාර සහ අසංක උබේසිරි චුදිතයන් හමුදා සේවයෙන් පහ කරනු ලැබූවන් බව පවසන හමුදා ප්‍රකාශකවරයා අත්අඩංගුවේ සිටින කේ රෝහිත ලක්ෂමන් චාමර කුමාරගේ සොහොයුරෙක් බව ද පැවසීය. පොලිස් ප්‍රහාරයෙන් මියගොස් තිබෙන්නේ ද ඔවුන් දෙදෙනාගේ සොහොයුරෙක්. 'ඔබ අහල තියෙනවද කොහේවත් පැය දෙකහමාරක් තිස්සේ මංකොල්ල කන්න ලිපි ගොනු හොයන හොරෙක්' අල්මාරි කඩා රන් බඩු හා මුදල් එකතු කරන අතරේ ලිපි ගොනු අදිමින් ඒවා පරීක්ෂා කරමින් පැය කිහිපයක් ගත කිරීම සැක සංකා මතු කරන්නක් බව මන්දනා ස්මයිල් බීබීසී සංදේශයට කියා සිටියාය. ඊට දින දෙක තුනකට පමණ පෙර බළල් මළකුණක් නිවසේ දොර පඩිය මත තබා තිබූ බවත් මැරයන් කඩා වැදීමට පෙර දින තම සැමියාගේ වාහනයේ ටයරයක් කපා දමා තිබූ බවත් මාධ්‍යවේදිනී මන්දනා බීබීසියට කියා සිටියාය. මංකොල්ල කෑමේ මුවාවෙන් ඇතිවූ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැක සහිත බව පවසන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය සංවිධාන මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද, එම සැකය දුරු කිරීමේ වගකීම පවතින්නේ ආණ්ඩුව අත බව අවධාරණය කරති. අනෙක් හැම සිදුවීමකදීම චුදිතයන් අත් අඩංගුවට ගැනීමට අපොහොසත් වූ ආණ්ඩුව මෙම සිදුවීමේ එක් චුදිතයකු මරා දමා අනෙක් සියල්ලන් අත්අඩංගුවට ගෙන තිබෙන බව පෙන්වා දෙන ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, පූර්ණ පරීක්ෂණයක අවශතාවය අවධාරණය කරයි. විශේෂයෙන්ම මංකොල්ලයක් සඳහා පැමිණි සොර මුලක් පැය දෙක හමාරකට ආසන්න කාලයක් ලිපි ගොනු අවුස්සමින් එම නිවසේ කළේ කුමක් දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි. ""ඔබ අහල තියෙනවද කොහේවත් පැය දෙකහමාරක් තිස්සේ මංකොල්ල කන්න ලිපි ගොනු හොයන හොරෙක්?,"" යනුවෙන් ප්‍රශ්න කරන මන්ත්‍රීවරයා පසුගියදා ගම්පහ දී සිදු වූ එක් කෝටි අසූ ලක්ෂයක සමස්ත මංකොල්ලය විනාඩි දහයක් ඇතුලත නිමා වී තිබූ බව පෙන්වා දුන්නේය." -world-41127970,https://www.bbc.com/sinhala/world-41127970,රෝහින්ග්‍යා අර්බුදය ගැන නැගෙනහිර පළාතේ විරෝධතා,මියන්මාරයේ ර��යින් ප්‍රාන්තයේ සතියකට පෙර හට ගත් ගැටුම් හමුවේ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් හතළිස් දහසකට ආසන්න සංඛ්‍යාවක් අසල්වැසි බංග්ලාදේශයට පළා ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර තිබේ.,"නෆ් ගංගාව තරණය කර බංග්ලාදේශයට ළඟා වීමට රෝහින්ග්‍යා වැසියන් බොහෝ දෙනෙක් උත්සාහ කරති සුළුතර රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් සහ එරට ආණ්ඩුවේ හමුදා අතර හටගත් ගැටුම්වලින් හාරසියයකට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. රඛයින් ප්‍රාන්තයේ යළිත් වරක් ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් හට ගැනුණේ පසුගිය අගෝස්තු 25 වෙනිදා රෝහින්ග්‍යා මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම් විසින් පොලිස් ස්ථාන තිහකට ප්‍රහාර එල්ල කිරීමත් සමගය. ඒ සමග හට ගත් ගැටුම් හේතුවෙන් සියලුම ප්‍රජාවන්ට අයත් සාමාන්‍ය වැසියන් රඛයින් ප්‍රාන්තයෙන් පළා ගොස් තිබේ. බංග්ලාදේශයට ගොස් සිටින මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනයේ විවියන් ටෑන් කියා සිටියේ එලෙස පළා යන සරණාගතයන්ගේ සංඛ්‍යාව ඉතා වේගයෙන් ඉහළ යමින් පවතින බවයි. නෆ් ගංගාව තරණය කර බංග්ලාදේශයට ළඟා වීමට රෝහින්ග්‍යා වැසියන් බොහෝ දෙනෙක් උත්සාහ කරති. ජලයෙන් ගොඩ ගැසූ තවත් මෘත ශරීර 16 පසුගිය සිකුරාදා හමු වී තිබේ. ඒ අනුව බෝට්ටු පෙරලීමෙන් මිය ගිය බවට විශ්වාස කෙරෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව හතළිහ දක්වා ඉහළ ගොස් ඇත. කාත්තන්කුඩි, ඔඩ්ඩමාවඩි, අක්කරෛපත්තු සහ කින්නියා යන ප්‍රදේශවල පැවති විරෝධතාවලට විශාල පිරිසක් සහභාගී වී සිටියහ මේ අතර මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරන බව පවසමින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව අද (සැප්තැම්බර් 01) විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් වී රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවත් විරෝධතාකරුවෝ කියා සිටියහ. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ද මියන්මාර රජයට පීඩනයක් එල්ල කළ යුතු බව ඔවුහු පවසති. කාත්තන්කුඩි, ඔඩ්ඩමාවඩි, අක්කරෛපත්තු සහ කින්නියා යන ප්‍රදේශවල පැවති විරෝධතාවලට විශාල පිරිසක් සහභාගී වී සිටියහ. ශ්‍රී ලංකාවට පැමිණි රෝහින්ග්‍යා වැසියන් මේ අතර ශ්‍රී ලංකාවට පැමිණි මියන්මාර සරණාගතයන් වහා ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වෙත භාර කරන මෙන් අධිකරණය පසුගියදා ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවට නියෝග කළේය. අප්‍රේල් 30 වෙනිදා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වූ මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයන් 32 කන්කසන්තුරය මුහුදු කලාපයේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මියන්මාරයේ පවතින ""ආගමික ගැටුම්"" හමුවේ ඉන්දියාවට පළා ආ එම සංක්‍රමණිකයන් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කොට ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා එවක පැවසීය. සබැඳි යොමු:" -world-43836337,https://www.bbc.com/sinhala/world-43836337,හින්දු පූජකවරයෙක් දලිත් වංශිකයෙක් කර මතින් කෝවිලට ගෙන ගියේ ඇයි?,දකුණු ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ කෝවිලක පූජකවරයෙක් 'දලිත්' පීඩිත කුලයට අයත් පුද්ගලයෙකු සිය කර මතින් ගෙන කෝවිල තුළට රැගෙන ගිය පුවතක් ප්‍රබල අවධානයට ලක් වී තිබේ.,"ඉන්දියානු කුල ක්‍රමයට අනුව දලිත් කුලයට අයත් පුද්ගලයන්ට කෝවිල ඇතුළට පිවිසීම තහනම් ඉන්දියානු කුල ක්‍රමයට අනුව දලිත් කුලයට අයත් පුද්ගලයන්ට කෝවිල තුළට පිවිසීම තහනම් අතර, උසස් යයි සම්මත කුලවලට අයත් පුද්ගලයන සලකන්නේ දලිත් වංශිකයන් ""අපවිත්‍ර"" පිරිසක් ලෙසිනි. ""දෙවියන්ගේ ඇස් ඉදිරියේ සෑම පුද්ගලයෙක්ම සමානයි කියලා මට පෙන්නන්න ඕනෙ වුණා,"" සීඑස් රංගරාජන් නැමැති පූජකවරයා බීබීසී තෙලිඟු භාෂා අංශයේ මාධ්‍යවේදී බාලා සතිෂ්ට පවසා සිටියේය. දලිත් වංශිකයන් ඉන්දියාවේ හින්දු කුල ක්‍රමය තුළ වඩාත් පීඩාවට ලක් වන ජන කොට්ඨාසයක් ලෙස සැලකේ. ඉන්දියාවේ වෙසෙන කෝටි විස්සක් පමණ වන දලිත් වැසියන් ආරක්ෂා කිරීම පිණිස බොහෝ නීති රෙගුලාසි තිබුණත්, එම ප්‍රජාවට අයත් පුද්ගලයන්ට දිනපතා නොයෙකුත් අඩන්තේට්ටම්, වෙනස් කොට සැලකීම්වලට මුහුණ පෑමට සිදුව තිබේ. සාම්ප්‍රදායිකව උසස් යැයි සම්මත කුලයට අයත් පිරිස් පැමිණෙන ආගමික ස්ථාන හෝ පාසල්වලට පිවිසීම දලිත් කුලයට අයත් පුද්ගලයන්ට තහනම් වන අතර, ""උසස්"" කුලයට අයත් පුද්ගලයන් පරිහරණය කළ කෝප්පයක් හෝ පරිහරණය කිරීම පවා ඔවුන්ට තහනම්ය. අධ්‍යාපන සහ රැකියා අවස්ථා පවා අහිමි දලිත් වංශිකයෝ නිරන්තරයෙන් ශ්‍රම සූරාකෑමට, පරිභව කිරීම්වලට සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලට මුහුණදෙමින් සිටිති. දලිත් තරුණ ප්‍රජාව අතර ඉහළ යන අපේක්ෂා ඔවුන්ගේ ජීවන තත්ත්වය නැංවීමට හේතුවුව ද එය දරා ගත නොහැකි උසස් යයි සම්මත කුලවලට අයත් පුද්ගලයන් ඔවුන් තව තවත් පීඩාවට පත් කරමින් සිටින බව ක්‍රියාකාරීහු පවසති. ආදිත්‍ය, වසර ගණනාවක් හින්දු ආගම සහ සාහිත්‍ය හදාරා ඇති අතර තමන් ඉතා ආගමානුකූලව ජීවත් වන පුද්ගලයෙකු ලෙස හඳුන්වා සිටියේය. රංගරාජන් හයිද්‍රාබාද් නගරයේ පිහිටි 'චිල්කුර් බලාජි' නම් ප්‍රසිද්ධ කෝවිලේ ප්‍රධාන පූජකවරයා ලෙස කටයුතු කරයි. දලිත් ප්‍රජාවට අයත් ආදිත්‍ය ඔහුගේ සම්පූර්ණ නම හෙළි කිරීමට අකමැති වූ අතර, පූජකවරයාගේ කර මතින් කෝවිලට ඇතුළු වූ පසු දෙදෙනාම එකට ආගමික වතාවත්වල යෙදෙනු දක්නට ලැබිණි. ""දලිත් ප්‍රජාවට එරෙහිව සමාජයෙන් බොහෝ වෙනස්කම් සිදු වෙනවා නමුත් ආගමෙන් එහෙම දෙයක් කියල නැහැ,"" ආදිත්‍ය පැවසීය. වසර ගණනාවක් හින්දු ආගම සහ සාහිත්‍ය හදාරා ඇති ඔහු තමන් හඳුන්වා දෙන්නේ ඉතා ආගමානුකූලව ජීවත් වන පුද්ගලයෙකු ලෙසිනි. ශතවර්ෂ ගණනාවක සිට පැවත එන පුරාවෘතයක් මෙම ක්‍රියාව සිදු කිරීමට පාදක වූ බව රංගරාජන් පැවසීය. එම පුරාවෘතයට අනුව එක්තරා හින්දු පූජකයෙකු දලිත් කුලයට අයත් පුද්ගලයෙක් සිය කර මත තබාගෙන කෝවිල ඇතුළට රැගෙන ගොස් ඇත. ත්‍රීඋප්පන් අල්වාර් නැමැති පීඩිත කුලයට අයත් දැඩි හින්දු භක්තිකයෙකු දිනක් හින්දූන්ගේ අති පූජනීය ස්ථානයක් ලෙස සැලකෙන 'ශ්‍රීරංගම්' කෝවිල ඉදිරිපිට හිඳ භක්ති ගීත ගායනය කරමින් සිට ඇත. ඔහුට කෝවිලට ඇතුළු වීම තහනම් විය. නමුත් මෙම ක්‍රියාව අනුමත නොකළ එක්තරා මුණිවරයෙකු ඔහුට වහාම එම ස්ථානයෙන් පිට වන මෙන් තර්ජනය කර ගලකින් දමා ගැසුවේය. එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ අල්වාර් වහා ඉවතට දිව ගියේය. මෙම සිද්ධියෙන් පසුව කෝවිලට ඇතුළු වූ මුණිවරයාට දේව මූර්තියෙන් රුධිරය ගලනු දක්නට ලැබිණි. තමන් සිදු කළේ අසත්පුරුෂ ක්‍රියාවක් යැයි ඔහුට වහා වැටහුණි. නැවත පිටතට ගිය මුණිවරයා අල්වාර් සිය කර මත තබාගෙන කෝවිලට ඇතුළු වී ඇති බව එකී පුරාවෘතයේ සඳහන් වේ. වර්තමානයේ දී අල්වාර් සාන්තුවරයෙකු ලෙස සලකා පුද පූජා පවත්වනු ලැබේ. රංගරාජන්ගේ ක්‍රියාවෙන් මෙම ඉතිහාස කතාව නැවත ආවර්ජනය වීමක් සිදු විය. පූජකවරයාගේ කර මතින් කෝවිලට ඇතුළු වූ පසු දෙදෙනාම එකට ආගමික වතාවත්වල යෙදෙනු දක්නට ලැබිණි. මේ තොරතුරුද දැනගන්න: ""මම සිතනවා අනිත් පූජකවරුත් මේ ආකාරයටම ක්‍රියා කරයි කියලා. ඒ හැමෝම දලිත් කුලයට අයත් පුද්ගලයෙක් කර මතින් රැගෙන යෑම සිදු කරන්න අවශ්‍ය නැහැ. හැබැයි දලිත් මිනිස්සුන්ට කෝවිලට ඇතුළු වී ආගමික වතාවත්වල යෙදෙන්න අවසර දෙන්න ඕනෙ,"" රංගරාජන් පැවසුවේය. ""මේ වගේ ලොකු වෙනසක් එක රැයකින් සිදු වෙන්නේ නැහැ. නමුත් මෙවැනි ක්‍රියාකාරකම්වලින් ලොකු බලපෑමක් එල්ල වෙනවා"" යැයි දලිත් ප්‍රජාව වෙනුවෙන් සටන් වදින සමාජ ක්‍රියාකාරිනියක් වන වස්මා තිලක් බීබීසී තෙලිඟු භාෂා අංශයට පැවසීය. ""කර මතින් යෑමට වඩා අපිට ඕනේ කරුණාව සහ නිර්ලෝභී බව. අපිට සමාජයේ කොටසක් වෙන්නයි අවශ්‍ය."" නමුත් මෙම ක්‍රියාව සියලු දෙනා තුළ බලාපොරොත්තු ඇති කිරීමට සමත් වූයේ නැත. ""මේ ක්‍රියාවෙන් පසු දලිත් කුලයට අයත් පිරිස් කෝවිලට පැමිණීම වැඩි වෙයිද කියන දේ ගැන මට සැකයක් තිබෙනවා. හින්දු ඇදහීම තුළ කුල ක්‍රමය කියන්නේ අත්‍යවශ්‍ය කාරණයක්,"" යැයි මහාචාර්යවරියක සහ දලිත් ක්‍රියාකාරිනියක වන සුජාතා සුරේපල්ලි පැවසුවාය. ඇයගේ මෙම ප්‍රකාශය හේතුවෙන් දලිත් සහ උසස් කුල අතර නැවතත් නොසන්සුන්තා මතුවෙමින් පවතී. තවත් තොරතුරු:" -world-39154687,https://www.bbc.com/sinhala/world-39154687,වුලී මැමත් මිහිමතින් තුරන් වූයේ ඇයි?,අලි ඇතුන්ගේ මුතුන් මිත්තන් ලෙස සැලකෙන වුලී මැමත් මිහිමතින් තුරන් වීමට බලපෑ හේතු කාරණා පිළිබඳ විවිධ මත පවතියි.,"මිහිමත විසූ අවසන් මැමත් පරපුරේ ඩීඑන්ඒ අණුවල දැඩි දෝෂ හට ගැනීම හේතුවෙන් ඔවුන් මරණයට පත්ව ඇතැයි සිතිය හැකි බව විද්‍යාඥයෝ පවසති මිහිමත ජීවත් වූ වුලී මැමත් පරපුරේ අවසන් පුරුකට අයත් සතුන් බරපතල ජානමය රෝගාබාධවලින් පීඩා විඳ ඇති බව ඒ සම්බන්ධයෙන් සිදු කළ නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ. එම ජාන විකෘතිය හේතුවෙන් මැමත් සතුන්ගේ ගඳ සුවඳ දැනීමේ සංවේදනය අහිමිව ඇති අතර ඔවුන් එකිනෙකාගෙන් වෙන්ව හුදකලාව විසීමට හුරු වී ඇති බවත් විද්‍යාඥයෝ පවසති. අධ්‍යයනයෙන් හෙළිව තිබෙන පරිදි මැමත් සද්දන්තයන්ගේ සම මතුපිට වූ අමුතු ආකාරයේ දිලිසෙන ලෝම ඇති වීමට ද බලපා ඇත්තේ එම ජාන විකෘතියයි. වසර හාරදහසකට පෙර හිම යුගයේ (Ice Age) අවසන් අවදියේ මිහිමත විසූ වුලී මැමත් වසර හාරදහසකට ඉහතදී මිහිමතින් තුරන් විය විද්‍යාඥයන් ඉහත කී නිගමනවලට එළඹ ඇත්තේ මැමත් සතුන්ගේ ඩීඑන්ඒ ජාන කොටස් පිළිබඳව කරනු ලැබූ විශ්ලේෂණයකින් අනතුරුවය. මිහිමත විසූ අවසන් මැමත් පරපුරේ ඩීඑන්ඒ ජානවල ප්‍රබල විකෘති හටගැනීමෙන් අනතුරුව ඔවුන් මරණයට පත්ව ඇතැයි සිතිය හැකි බවත් විද්‍යාඥයෝ පෙන්වා දෙති. දැනට මිහිමත වෙසෙන සත්ව විශේෂ සංරක්ෂණය කර ගැනීම සඳහා ගනු ලබන උත්සාහයට ඉහත කී සොයා ගැනීම් ඉවහල් විය හැක. කඳුකර ගෝරිල්ලන් වාස භූමි අහිමි වීම, දඩයම් කිරීම, රෝග සහ යුද ගැටුම් වඳ වීමේ අ��දානමට මුහුණ දී සිටින කඳුකර ගොරිල්ලන් ගහනයට තර්ජනයක් වී ඇත දැනට වනගතව වෙසෙන ආසියානු චීටා සතුන් ප්‍රමාණය සියයක් තරම් අඩු සංඛ්‍යාවක්වන අතර කඳුකර ගොරිල්ලා ගහනය තුන්සියයක් පමණවන බව ඇස්තමේන්තු කොට තිබේ. එම අගය මීට වසර හාරදහසකට පමණ ඉහත, උත්තරධ‍්‍රැවය ආශ්‍රිත 'Wrangel'දූපතේ විසූ අවසන් මැමත් ගහනයට සමාන බව විද්‍යාඥයෝ පවසති. අධ්‍යයන කණ්ඩායමේ ප්‍රධානී කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රෙබෙකා රොජර්ස් කියා සිටියේ මැමත් සතුන් මිහිමතින් වඳ වී යෑමට පෙර ඔවුන්ගේ ජාන විකෘති වී ඇති බවය. වසර හාරදහසකට පෙර විසූ මැමත් සතුන්ගේ ජාන විකෘති විශ්ලේෂණය කිරීම සඳහා විද්‍යාඥයෝ මෙයින් වසර හතළිස් පන්දහසකට පෙර විසූ මැමත් සතුන්ගේ ජාන සංසන්දනය කළහ. වුලී මැමත් කලක් උතුරු ඇමරිකාවේ සහ සයිබීරියාවේ සුලබව විසූ සත්ව විශේෂයකි. පාරිසරික සාධක සහ වසර දස දහසකට පෙර විසූ මිනිසුන්ගේ දඩයම් හේතුවෙන් වුලී මැමත් සත්වයා මිහිමතින් තුරන් වූ බව විද්‍යාඥයන්ගේ මතයයි. වසර හාරදහසකට පෙර විසූ අවසන් මැමත් පරපුර කුඩා දූපත්වලට සීමා විය." -120821_election_commissioner,https://www.bbc.com/sinhala/sri_lanka/2012/08/120821_election_commissioner,ජනාධිපතිට මැතිවරණ රැස්වීම් අමතන්න තහනමක් නෑ - මැතිවරණ කොමසාරිස්,බලයේ සිටින ජනාධිපතිවරයා රජයේ දේපල මැතිවරණ ව්‍යාපාරයක් තුලදී භාවිතයට ගැනීම වරදක්දැයි තීරණය කිරීම තමන්ගේ රාජකාරියක් නොවේ යයි මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කරයි.,"මැතිවරණය පැවැත්වෙන සමයේදී ""අවිධිමත් බඳවා ගැනීම්"" සිදු නොවනු ඇතැයි විශ්වාස කරන බව මැතිවරණ කොමසාරිස්වරයා පවසයි එමෙන්ම මැතිවරණයකට තරඟ වදින පක්ෂයක නායකයා වශයෙන් මැතිවරණ රැස්වීම් ඇමතීමට ජනාධිපතිවරයා ට කිසිදු තහනමක් නැති බවයි, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය බීබීසී සංදේශයට කියා සිටියේ. සැප්තැම්බර් අට වැනිදා ඡන්දය පැවැත්වීමට දින නියම කොට ගෙන ඇති නැගෙනහිර, උතුරු මැද හා සබරගමුව පළාත් වල ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා ආණ්ඩු පක්ෂයේ මැතිවරණ රැළි අමතන බව ප්‍රකාශයට පත්කොට තිබේ. අවිධිමත් බඳවා ගැනීම් රජයේ දේපොළ භාවිත කිරීම ""බලයේ සිටින ජනාධිපතිවරයා විසින් රජයේ දේපොළ භාවිත කරනවද නැද්ද කියන එක, ඒකෙ වරදක් තියෙනවද නැද්ද කියන එක ඒක වරදක් හැටියට පෙනෙන අයගේ වැඩක් මිසක් ඒක මගේ කරුණක් නෙවෙයි"" මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ""බලයේ සිටින ජනාධිපතිවරයා විසින් රජයේ දේපොළ භාවිත කරනවද නැද්ද කියන එක, ඒකෙ වරදක් තියෙනවද නැද්ද කියන එක ඒක වරදක් හැටියට පෙනෙන අයගේ වැඩක් මිසක් ඒක මගේ කරුණක් නෙවෙයි,"" මහින්ද දේශප්‍රිය පැවසීය. මැතිවරණය පැවැත්වීමට නියමිත පළාත් සභාවල රාජ්‍ය ආයතන වලට පත්වීම් ලබාදීම පිළිබඳව සඳහන් කළ මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ, මැතිවරණය පැවැත්වෙන සමයේදී උපාධිධාරීන් බඳවා ගැනීම ඇතුළු ""අවිධිමත් බඳවා ගැනීම්"" සිදු නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි. කෙසේ වුවත්, ජනමාධ්‍යවලට සහ රාජ්‍ය ආයතනවලට නිකුත් කොට ඇති ආචාර ධර්ම පද්ධතීන් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි පරීක්ෂා කිරීම පිණිස ක්‍රියාකළ හැක්කේ පැමිණිලි ලැබුනහොත් පමණක් බව ඔහු පිළිගත්තේය. ""රජයේ නිලධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් නම් අපට විශේෂ යාන්ත්‍රණයක් අවශ්‍ය නැහැ ඒක වහාම පැමිණිලි එනවා යම් වැරදි බඳවා ගැනීමක් සිදුකලොත්,"" ඔහු පැවසීය. සබැඳි තේමා" -130810_granspass,https://www.bbc.com/sinhala/sri_lanka/2013/08/130810_granspass,ග්‍රෑන්ඩ්පාස් හි ගැටුමකින් පසු ඇඳිරි නීතිය - පස් දෙනෙක් රෝහලේ,ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දිය ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට එල්ලවූ ප්‍රහාරක් සමග දෙපිරිසක් අතර ගැටුමක් හට ගෙන තිබේ.,ගැටුම්වලින් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු රෝහල් ගත කොට ඇති බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසුවේය. මේ වනවිට ප්‍රදේශයේ පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. ස්වර්ණ චෛත්‍යය පාරේ එම මුස්ලිම් දේවස්ථානයේ දෛනික නැමැදුම් පැවැත්වෙමින් තිබෙන අතර වාරයේ ප්‍රහාරයක් එල්ලවූ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. එයින් පසු හටගත් උණුසුම්කාරී තත්වය රාත්‍රී කාලය දක්වාම පැතිර ගොස් තිබේ. මීට මසකට කලින් රාවනා බලය සහ ප්‍රදේශවාසී බෞද්ධ හිමිනමක් ඇතුළු පිරිසක් පැමිණ මුස්ලිම් දේවස්ථානය පවත්වා ගෙන නොයන ලෙසට දන්වා තිබුනු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ඉන් අනතුරුව එම පිරිසත් මුස්ලිම්වරුනුත් අතර ඇතිකරගත් එකඟත්වය මත මසක් ඇතුලත දී මුස්ලිම් දේවස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමට තීරණය කර තිබූ නමුත් මීට දින කිහිපයකට පෙර ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් මුස්ලිම් දේවස්ථානය පවත්වාගෙන යන ලෙසට උපදෙස් දී තිබූ බව ප්‍රදේශවාසීහු පවසති. -world-56214927,https://www.bbc.com/sinhala/world-56214927,ට්‍රම්ප් සිරගත වේවි ද? බදු ලේඛන විමර්ශනය කරන්නේ ඇයි?,හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මුල්‍ය කටයුතු සහ ඔහුගේ පවුලේ ව්‍යාපාර පිළිබඳව ආරම්භ වන අපරාධ පරීක්ෂණය වැඩි කතාබහට ලක් විය.,"තමන්ගේ බදු වාර්තා සහ අනෙකුත් මූල්‍ය වාර්තා නිව්යෝර්ක් නුවර නීති බලධාරීන්ට භාරදෙන ලෙසට එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය සඳුදා (පෙබරවාරි 22) නියෝග කළේය. තමන්ගේ වාර්තා නීති බලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වීම වලක්වාගැනීම සඳහා මාස කීපයක් තිස්සේ උත්සාහයක නියැලුණු ට්‍රම්ප් මෙම නියෝගයෙන් පසුබෑමකට ලක්වී තිබේ. මෙම වාර්තා අපරාධ පරීක්ෂණයකට කේන්ද්‍ර වනු ඇති බව සැලකේ. එක්සත් ජනපදයේ ෆෙඩරල් සහ නිව්යෝර්ක් නුවර හිටපු රාජ්‍ය නීති බලධරයා වන ඩැනියෙල් ආර් අලොන්සෝ, බීබීසීයට කියා සිටියේ ඉහත කී වාර්තා ""ප්‍රහේලිකාවේ ඉතා වැදගත් කොටසක්"" විය හැකි බවය. අපරාධ පරීක්ෂණයක් යනු කුමක්ද? හිටපු ජනපති ට්‍රම්ප්ගේ වාර්තා වල ඇති විශේෂත්වය හෝ වැදගත්කම කුමක්ද? යන්න ඔබ විමසිය හැකිය. එය අපි මෙසේ පැහැදිලි කරමු. පරීක්ෂණය කුමක්ද? මූලික දෙයින් පටන් ගනිමු. මෙය නිව්යෝර්ක් ප්‍රාන්තයේ නීති බලධාරීන් විසින් ආරම්භ කරන ලද අපරාධ පරීක්ෂණයකි. මෙහි ප්‍රධාන නීති බලධරයා මැන්හැටන් හි ඩිමොක්‍රටික් පාක්ෂික දිස්ත්‍රික් නීතිවේදියා වන සයිරස් වෑන්ස් ය. මේ වනවිට ඔහු සහ ඔහුගේ නීතිවේදී කණ්ඩායම හුදෙක් සොයමින් සිටින්නේ යම්කිසි අපරාධමය වරදක් සිදු වී ඇත්දැයි යන්න පිළිබඳවය. තමන් කිසිදු වරදක් සිදුකර නොමැති බව දිගින් දිගටම කියා සිටින රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කරන්නේ මෙම පරීක්ෂණය දේශපාලන හේතු මත සිදුවන්නක් බවය. මෙහි ප්‍රධාන නීති බලධරයා සයිරස් වෑන්ස් ය මෙම පරීක්ෂණයේ කොටසක් වශයෙන් සයිරස් වෑන්ස් පරීක්ෂා කරමින් සිටින්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ ඔහුගේ පවුලේ ව්‍යාපාරය වන ට්‍රම්ප් සංවිධානයට අයත් මූල්‍ය සහ බදු කටයුතු පිළිබඳව ය. මෙය, ට්‍රම්ප්ට එරෙහිව දැනට පවතින අපරාධ පරීක්ෂණ දෙකින් එක් පරීක්ෂණයකි. අනෙක් පරීක්ෂණය නම්, පසුගිය නොවැම්බරයේ පැවති ජනාධිපතිවරණයේ දී ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද ප්‍රතිඵලය වෙනස් කිරීමට උත්සාහ කළ බවට පවතින චෝදනාව පිළිබඳව ය. මේ දක්වා පැමිණියේ කෙසේද? පරීක්ෂණය ආරම්භ වූයේ 2018 දීය. එවකට ට්‍රම්ප් ජනාධිපති ධුරය දරමින් සිටියේය. මුලදී පරීක්ෂා කෙරුණේ, 2016 ජනාධිපතිවරණ සමයේ දී කාන්තාවන් දෙදෙනෙකුට 'රහස් රැකගැනීම වෙනුවෙන්' කර ඇතැයි පැවසෙන මුදල් ගෙවීමකට ට්‍රම්ප් සංවිධානයේ ඇති සම්බන්ධතාවය පිළිබඳව ය. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ තමන් අතර සම්බන්ධතාවයක් පැවතුනු බව මෙම කාන්තාවන් දෙදෙනා පවසා තිබුණි. මෙම ගෙවීම් සම්බන්ධයෙන් ට්‍රම්ප් ගේ පෞද්ගලික නීතිඥයාව සිටි මයිකල් කෝවෙන්, නීතිය ඉදිරියේ වරදකරු වූ අතර ඔහු 2018 දී සිරගත කෙරුණි. මේ අතරතුර, ගෙවීම්වලින් නිදහස් වීම සඳහා ට්‍රම්ප් සංවිධානය විසින් නිව්යෝර්ක් නුවර නීති හෝ වෙනත් රාජ්‍ය නීති කඩකරනු ලැබ ඇත්දැයි නීති බලධරයෝ සොයා බලමින් සිටිති. ට්‍රම්ප් ගේ ලේඛන පිරික්සීමට නීතිපති කාර්යාලයට අවසරය ලබා දෙමින් පසුගිය ජූලි මාසයේ දී ශ්‍ර්ෂ්ඨාධිකරණය නියෝගයක් ලබා දුන්නේය එපමණක් ද? නැත! සයිරස් වෑන්ස් නීති බලධරයා තම පරීක්ෂණ තවත් පුළුල් කරමින්, සිදුවිය හැකියැයි අනුමාන කෙරෙන තවත් අපරාධ කීපයක් ලැයිස්තුවට එකතු කර ඇත. ""අනෙකුත් අපරාධ අතර ට්‍රම්ප්, ඔහුගේ සමාගම හෝ එහි සේවකයන් රක්ෂණ, බදු සහ බැංකු වංචා"" සිදු කර ඇත්දැයි සයිරස් වෑන්ස් සොයා බලමින් සිටි බව, නම සඳහන් නොකළ නිලධාරියෙකු පැවසු බව නිව්යෝක් ටයිම්ස් පුවත් පත වාර්තා කර තිබුණි. බදු සහ මූල්‍ය ලේඛන කරලියට එන්නේ මෙතැනදී ය. යම් අපරාධයක් සිදුකර ඇත්තේ නම් එය සනාථ කිරීම සඳහා මෙම ලේඛන අවශ්‍ය වනු ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පෞද්ගලික සහ සමාගම් බදු ගෙවීම් පිළිබඳ වසර අටක සටහන් ලබා ගැනීමට මාස කීපයක් තිස්සේ වෑන්ස් උත්සාහ කරමින් සිටී. ට්‍රම්ප් ගේ ලේඛන පිරික්සීමට නීතිපති කාර්යාලයට අවසරය ලබා දෙමින් පසුගිය ජූලි මාසයේ දී ශ්‍ර්ෂ්ඨාධිකරණය නියෝගයක් ලබා දුන්නේය. නමුත් ට්‍රම්ප්ගේ නීතිඥයෝ මෙම නියෝගයට අභියෝග කළහ. ඔවුන් යෝජනා කළේ මෙම නියෝගය සද්භාවයකින් තොරව නිකුත් කර ඇති බවය. පසුගිය සඳුදා උසාවිය එම තර්කය ප්‍රතික්ෂේප කළේය. එහි තේරුම, ට්‍රම්ප් ගේ මූල්‍ය වාර්තා සහ ලේඛනවලට එබී බලන්නට වෑන්ස් ට හැකියාව ලැබීමයි. එම නියෝගය ගැන අදහස් දක්වමින් අලොන්සෝ කියා සිටියේ එහි ""සුවිශේෂිතාව ඉතා ඉහළයි"" යනුවෙනි. ""මම ඉන් අදහස් කරන්නේ එය ඉතා සැලකිය යුතු ප්‍රමාණයක්. ලේඛන විශාල ප්‍රමාණයක්. මේ ලේඛන මිලියන ගණනක් විය හැකියි."" ඉතා සංක්ෂිප්ත නිවේදනයකින් වෑන්ස් කියා සිටියේ ""වැඩ දිගටම"" කෙරෙන බවය. ඊට විරෝධය පාමින් ට්‍රම්ප් මෙය හඳුන්වන්නේ ""දේශපාලන දඩයමක්"" ලෙසිනි. බදු ලේඛනවලින් නීති බලධාරීන් දැනගන්නේ මොනවාද? මෙම වාර්තා පරීක්ෂාවට ලක් කිරීමෙන්, ට්‍රම්ප්ගේ මූල්‍ය කටයුතු පිළිබඳව සම්පුර්ණ චිත්‍රයක් නීති බලධාරීන්ට ලැබෙනු ඇත. උදාහරණයක් හැටියට, නීති බලධාරීන්ට ඇතැම් පරී��්ෂණ න්‍යායන් ගවේෂණය කළ හැකි වනු ඇත. සාක්ෂිකරුවන් සමඟ සාකච්ඡා කළ හැකිය. අනතුරුව රාජ්‍ය නීති උල්ලංඝනය කර ඇත්දැයි තහවුරු කළ හැකිය. ""පවතින චෝදනා අනුව මේ හැම දෙයක්ම ඉතා වැදගත් වෙනවා."" අලොන්සෝ පැවසීය. බොහෝ ධනවත් ඇමරිකානුවෝ තම බදු ගෙවීම් අඩු කර ගැනීම සඳහා නීතියේ කඩතොළු භාවිත කරති. නමුත් ට්‍රම්ප් සහ ඔහුගේ සමාගම භාවිත කර ඇති ගිණුම් විධික්‍රමවල ඇති නීතිමයභාවය නිශ්චය කර ගැනීම සඳහා ලේඛන තීරණාත්මක විය හැකිය. මෙම ලේඛන විමර්ශනය කිරීම සඳහා පරීක්ෂකයන්ට කලක් ගතවනු ඇත. ඒ අනුව බලන කල, මේ සඳහා ගතවන කාලය වෑන්ස් ගේ ධූර කාලය ඉක්මවා යා හැකිය. තේරී පත්වූ දිස්ත්‍රික් නීති බලධරයා වශයෙන් කටයුතු කරන ඔහුගේ ධුර කාලය මෙම වසර අග දී අවසන් වීමට නියමිතය. ඉතින්, බොහෝ දේ අපැහැදිලිව ඉතිරි වන බව ඔබ පැවසිය හැකිය. මෙය ට්‍රම්ප්ට කෙතරම් බරපතල විය හැකිද? ""මෙය සුළුකොට ගැනිය යුතු දෙයක් නොවෙයි. පැහැදිලිවම මෙය තරමක් විශාල විමර්ශනයක්."" අලෝන්සෝ පැවසීය. නීති බලධාරීන් විසින් ට්‍රම්ප්ට එරෙහිව, ඔහුගේ සමාගමට හෝ ව්‍යාපාර හවුල්කරුවන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරනු ලැබේ දැයි මේ වනවිට පැහැදිලි නැත. දීර්ඝ කාලීන සිර දඬුවම් මෙම විමර්ශනයෙන් කිසිවක් සිදු නොවීමට ද ඉඩ තිබේ. කෙසේ නමුත්, කසියම් ආකාරයක වරදක් සිදු කර ඇති බව සොයා ගතහොත් අපරාධ නඩුවක් ගොනුවීමේ හැකියාව පවතී. නිව්යෝක් නුවර ඇතැම් බදු වංචා සාහසික අපරාධ වශයෙන් සැලකෙන අතර දීර්ඝ කාලීන සිර දඬුවම් ලැබිය හැකි වරදකි. එවැනි තත්ත්වයක දී, චෝදනා ගොනු කළහොත් අපරාධ නඩු විභාගයක් සඳහා පෙනී සිටින ලෙස ට්‍රම්ප්ට සිතාසි නිකුත් කෙරෙනු ඇත. අවසාන තීරණය කුමක් වුවත්, නැවතත් දේශපාලන ආගමනයක් සඳහා ට්‍රම්ප්ට පවතින ඉඩ ප්‍රස්ථාවට දැඩි ලෙස පීඩා පමුණුවනු ඇත. මේ මොහොත වන විට ට්‍රම්ප් ගේ බදු ලේඛනවලින් සිදුවන්නේ හුදෙක් වෑන්ස් ගේ කණ්ඩායමට සිය විමර්ශනය පුළුල් කිරීම සඳහා අවස්ථාවක් ලැබීම හැරෙන්නට වෙනත් දෙයක් නොවේ." -140224_manus_dinesh_perera,https://www.bbc.com/sinhala/sri_lanka/2014/02/140224_manus_dinesh_perera,කඳවුරු පාලක ලාංකිකයා ඉවත් කිරීමට ඉල්ලීම්,ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ පතා එන පිරිස් රඳවා තබන කඳවුරක ලාංකික ඉහළ නිලධාරියකු ඉවත් කරන ලෙස මානව හිමිකම් සංවිධාන ඉල්ලා තිබේ.,එමිලි හවී ඉකුත් සතියේ ආරක්ෂක නිලධාරීන් හා ගැටී එක් අයකු මියගොස් හැත්තෑ හත් දෙනකු තුවාල ලැබූ පැපුවා නිව් ගිනියාවේ මනුස් කඳවුරේ වැඩ බලන ප්‍රධා���ී දිනේෂ් පෙරේරා ඉවත් කරන ලෙසත් කඳවුර වසා දමන ලෙසත් ඕස්ට්‍රේලියාවේ මානව හිමිකම් නීති මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. ඔවුන් කියා සිටින්නේ මනුස් කඳවුරේ රඳවා සිටින 1300කට ආසන්න පිරිස අතරින් තිස් දෙනකු පමණ ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් බවයි. ශ්‍රී ලංකා පාලනයෙන් පළා විත් රැකවරණ පතා සිටින පිරිස් එරට හමුදාවේ හිටපු නිලධාරීන් ගේ ආරක්ෂාව යටතේ රඳවා තැබීම මහත් සංවේගයට හේතුවක් බවයි මානව හිමිකම් නීති මධ්‍යස්ථානයේ පර්යේෂණ අධ්‍යක්ෂිකා එමිලි හවී ප්‍රකාශ කළේ. ආරක්ෂාව සහ වගකීම අතීතයේ ක්‍රියාකාරකම් පදනම් කර ගෙන පුද්ගලයකුගේ වෘත්තිය ප්‍රශ්න කිරීම වෙනස් කොට සැලකීමක් නොවේ දැයි බීබීසී සංදේශය කළ විමසීමට පිළිතුරු දෙමින් අධ්‍යක්ෂිකා එමිලි හවී කියා සිටියේ රැකියාවක් සඳහා යෝග්‍යතාව පරීක්ෂා කිරීමේ දී දිනේෂ් පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු අණ දෙන නිලධාරියෙක් වග සැලකිල්ලට ගත යුතු බවයි. අනතුරට වැටීමේ අවදානමකින් යුත් අයගේ ආරක්ෂාව සහ වගකීම් දරන නිලයකට යුද හමුදා පසුබිමක් තිබෙන අයකු පත් කිරීම ‘ඉතාමත් අයෝග්‍ය’ බවත් එමිලි හවී කියා සිටියාය. මනුස් කඳවුරේ ගැටුම දා දේශපාලන රැකවල් පතා එන අය රැක බලා ගැනීමට හා ඔවුන්ගේ ආරක්ෂාව සැලසීමට ඔස්ට්‍රේලියා රජයටත් වගකීමක් තිබෙන බව මානව හිමිකම් නීති මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. G4S ප්‍රතිචාරය මනුස් දුපතේ ආරක්ෂක කටයුතු භාර ව දිනේෂ් පෙරේරා යොදවා සිටි G4S සමාගම ඕස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ආයතනයට ප්‍රකාශයක් මගින් දන්වා ඇත්තේ ඔහු වසර ගණනාවක් සේවයේ යෙදී සිටි අයකු බවයි. ඔහු එම රැකියාව සඳහා සුදුසුකම් සපුරා ලූ අයකු බව සඳහන් කරන G4S සමාගම පවසා ඇත්තේ සේවකයකුගේ වාර්ගිකත්වය හෝ ජාතිය සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කිරීමට සුදානම් නැති බවයි. -world-39078199,https://www.bbc.com/sinhala/world-39078199,ශ්‍රී ලාංකිකයන්ට රැකවරණ නොදීම ඛේදවාචකයක් - ස්නෝඩන්,සිය ජීවිතය රැකදීම පිණිස විශාල කැපකිරීමක් සිදු කළ ශ්‍රී ලාංකිකයන් පිරිසට හොංකොං හි දේශපාලන රැකවරණ නොදීම 'විස්තර කළ නොහැකි ඛේදවාචකයක්' බව ඇමෙරිකානු රාජ්‍ය රහස් හෙළි කිරීමෙන් පසුව පිටුවහල්ව වෙසෙන එඩ්වඩ් ස්නෝඩන් පවසයි.,"හොංකොං හි දේශපාලන රැකවරණ පතා සිටින අජිත් පුෂ්පකුමාර සහ සුපුන් තිළිණ වර්තමානයේ රුසියාවේ දේශපාලන රැකවරණ ලබා සිටින ස්නෝඩන් ඒ බව පවසන්නේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි. ඔහු රුසියාවට පළායාමට ප්‍රථම තාවකාලිකව හ��ංකොං හි රැඳී සිටි අවස්ථාවේ දේශපාලන රැකවරණ පතා සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් 2013 ජුනි මාසයේ ඔහුට රහසිගතව නවාතැන් පහසුකම් සපයා තිබුණි. අජිත්, සුපුන්, ඔහුගේ සහකාරිය නදීකා සහ දේශපාලන රැකවරණ පතා සිටින පිලිපීන ජාතික වැනෙසා රොඩෙල් ස්නෝඩන් ගේ කතා පුවත පිළිබඳව ඔලිවර් ස්ටෝන් විසින් නිර්මාණය කරන ලද එළිදැක්වීමට නියමිතව තිබියදී, කැල්ලපත සුපුන් තිළිණ සහ ඩීකේ අජිත් පුෂ්පකුමාර ගේ නම් ඔවුන්ගේ නීතිවේදී රොබට් ටිබ්බෝ විසින් හෙළිකරනු ලැබුවේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීය. ශ්‍රී ලංකා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් පිරිසක් පසුගිය දෙසැම්බරයේ හොංකොං දේශයට පැමිණ එම ශ්‍රී ලාංකිකයන් පිළිබඳව රහසිගතව කරුණු විමසා තිබෙන බව ඔවුන්ගේ නීතිවේදියා පවසයි. ඔවුන් ඡායාරූප සහ ලිපිගොනුද සහිතව හොංකොං හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමු වී සිය සේවාදායකයන් පිළිබඳව කරුණු විමසා තිබෙන බවත් නීතිවේදී රොබට් ටිබ්බෝ පැවසීය. එහෙත් ""සම්පූර්ණ බොරුවක්"" බව පවසමින් ශ්‍රී ලංකා පොලිසිය එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි. ""දේශපාලන රැකවරණ පැතීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපි හොංකොං වල හෝ වෙනත් කිසිම රටක කිසිම විමර්ශනයක් පවත්වල නැහැ,"" පොලිස් ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි බීබීසී සිංහල සේවයට පැවසීය. චීනයේ හෝ වෙනත් කිසිම රටක නීතිය පසිඳලීමේ ආයතනවලට හොංකොං හි විමර්ශන පැවැත්වීමට නීත්‍යානුකූල බලයක් නැත. ඇමෙරිකානු NSA ජාතික ආරක්ෂක ඒජන්සියට අයත් රහසිගත ලිපිලේඛණ දහස් ගණනක් විකීලීක්ස් වෙබ් අඩවියට ලබාදීමෙන් අනතුරුව එඩ්වඩ් ස්නෝඩන් රටින් පළා ගියේය. ඇමෙරිකානු රාජ්‍ය රහස් හෙළි කළ එඩ්වඩ් ස්නෝඩන් රුසියාවේ රැකවරණ පතා සිටියි" -world-45285337,https://www.bbc.com/sinhala/world-45285337,'ගෑස් පිරවූ යෝග බෝලයකින් සිය බිරිඳ සහ දියණිය ඝාතනය කළ' හොංකොං වෛද්‍යවරයෙක්,යෝග ව්‍යායාම සඳහා යොදා ගන්නා බෝලයකට කාබන් මොනොක්සයිඩ් විෂ වායුව පුරවා සිය බිරිඳ සහ 16 වියැති දියණිය ඝාතනය කළ නිර්වින්දන වෛද්‍යවරයෙකුගේ නඩුවක් හොංකොං අධිකරණයක විභාග වෙමින් පවතී.,"යෝග බෝලය සිය බිරිඳ සහ දියණිය ගමන් ගන්නා මෝටර් රථය පිටුපස දැමීමට Khaw Kim-sun නැමැති වෛද්‍යවරයා ක්‍රියා කර තිබූ බව පැමිණිලි පාර්ශ්වය පවසයි එම බෝලය සිය බිරිඳ සහ දියණිය ගමන් ගන්නා මෝටර් රථය පිටුපස දැමීමට Khaw Kim-sun නැමැති වෛද්‍යවරයා ක්‍රියා කර තිබූ බව පැමිණිලි පාර්ශ්වය පැවසීය. බෝලයෙන් පිටවූ විෂ වායු ආඝ්‍රාණය වීම හේතුවෙන් කාන්තාවන් දෙදෙනා මරණයට පත්ව තිබේ. 2015 වසරේදී ඔවුන් දෙදෙනා වසා තිබුණ කාරයක් තුළ මියගොස් සිටියහ. මෙම සිද්ධිය පිළිබඳ මූලික පරීක්ෂණවල දී පොලිසියට නිවැරදි නිගමනයකට එළැඹීමට අපහසු වී තිබුණි. මෙම ඝාතන සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බව වෛද්‍ය Khaw Kim-sun පවසන්නේය. මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන පරිදි ඔහුගේ බිරිඳ සහ වැඩිමහල් දියණිය මියගොස් ඇත්තේ කාබන් මොනොක්සයිඩ් වායුව විෂ වීමෙනි. ඔවුන් සතු කහ පැහැති 'මිනි කූපර්' වර්ගයේ මෝටර් රථය පිටුපස තිබී යෝග ව්‍යායාම සඳහා භාවිත කරන සුළං බැස ගිය බෝලයක් සොයා ගන්නා ලදී. මෙම වෛද්‍යවරයාට තිබෙන අනියම් සම්බන්ධයක් හේතුවෙන් මෙන්ම බිරිඳ දික්කසාද වීමට අකමැත්ත පළ කිරීමේ තත්ත්වය තුළ සිතා මතා ඇය ඝාතනය කර ඇති බව පැමිණිලි පාර්ශ්වය පැවසූවා යැයි 'සවුත් චයිනා මෝනින්ග් පෝස්ට් (South China Morning Post) පුවත්පත වාර්තා කර තිබේ. නමුත් ඔහුගේ දියණිය ඝාතනය කිරීම අසාමාන්‍ය දෙයක් බව ද ඔවුහු පවසති. මෙම සිද්ධිය වූ දින වෛද්‍යවරයා ඔහුගේ බාල දියණියට නිවසේ නතර වන ලෙස දන්වා ඇතැයි හෙළි වී ඇත. හොංකොං චීන විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන Khaw Kim-sun යෝග බෝල දෙකකට කාබන් මොනොක්සයිඩ් වායුව පුරවන ආකාරය දුටු බව ඇසින් දුටු සාක්ෂිකරුවෝ පැවසූහ. හාවන් මැරීමට මෙම වායුව යොදා ගන්නා බව ඔහු සිය මිතුරන්ට පවසා තිබේ. නමුත්, වාර්තාවේ දැක්වෙන පරිදි ඔහු පොලිසියට පවසා ඇත්තේ සිය නිවසේ මීයන් මැරීමට මෙම වායුව යොදා ගත් බවය. මෙම ඝාතන නඩුව තවදුරත් අධිකරණයේ විභාග කෙරෙනු ඇත. මේ තොරතුරුද දැනගන්න:" -130118_cj_pillai_mohan,https://www.bbc.com/sinhala/sri_lanka/2013/01/130118_cj_pillai_mohan,මොහාන් පීරිස්ගේ අපක්ෂපාතීත්වය ගැන එක්සත් ජාතීන්ගේ අවධානය,'දෝෂ සහගත' දෝෂාභියෝග ක්‍රියාදාමයක් මගින් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක පදවියෙන් පහ කොට ඒ වෙනුවට පත් කරන ලද නව අගවිනිසුරු මොහාන් පීරිස් ගේ අපක්ෂපාතීභාවය සහ ස්වාධීනත්වය පිළිබඳව තම බරපතල අවධානය පළ වී තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.,"නීතිවේදීන් සමහරෙකු ඝාතනය කිරීමේ ප්‍රයත්නයන් පිළිබඳව ද මහ කොමසාස්රිස්වරිය අවධානය පළ කොට තිබේ විශේෂයෙන්ම හිටපු නීතිපතිවරයා සහ කැබිනට් මණ්ඩල නීති උපදේශකවරයා ලෙසින් මොහාන් පීරිස් කිහිප වතාවක්ම ජිනීවා නුවර මානව හිමිකම් මණ්ඩලය ඉදිරියේ ඔහු ශ්‍රී ලංකා ආණ්ඩුව ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව මානව හිමිකම��� පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවී පිල්ලේ පෙන්වා දෙන්නීය. මේ තත්ත්වය යටතේ විශේෂයෙන්ම බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන්ට චෝදනා එල්ල වන අවස්තාවක ඔහු ස්වාධීනව කටයුතු කරන්නේ කෙසේදැයි ඇය ප්‍රශ්න කරන්නීය. දෝෂාභියෝගය 'දෝෂ සහගතයි' අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග ක්‍රියාදාමය මගින් එල්ටීටී ඊයට එරෙහි යුද්ධයේදී සිදුවූ බව පැවසෙන යුධ අපරාධ වලට වැරදිකරුවන් සොයා දඬුවම් කිරීමේ ක්‍රියාදාමය මෙන්ම රටේ ජාතීන් අතර සංහිඳියාව ඇතිකිරීමේ උත්සාහය පසුබෑමකට ලක්වන බවද නවී පිල්ලේ ගේ ප්‍රකාශක රූපට් කොල්විල් විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන්. විධායකයේ බලය අනිසි ලෙසින් යොදා ගැනීමේ ඉතිහාසයක් ශ්‍රී ලංකාවට තිබෙන බව පෙන්වා දෙන මහ කොමසාරිස්වරිය, විශේෂයෙන්ම සමස්ත දෝෂාභියෝග ක්‍රියාදාමය ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කොට තිබියදීත් ආචාර්ය බණ්ඩාරනායක ධුරයෙන් පහ කිරීම මගින් ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට ""විනාශකාරී"" බලපෑමක් එල්ල කරන බවද පවසන්නීය. ඒ අතරම දෝෂාභියෝගයේදී අගවිනිසුරු බණ්ඩාරනායකට සහාය දැක්වූ නීතිවේදීන්ට මරණ තර්ජන එල්ලවීම මෙන්ම ඔවුන්ගෙන් සමහරෙකු ඝාතනය කිරීමේ ප්‍රයත්නයන් පිළිබඳවද තමන්ට වාර්තා ලැබී තිබෙන බව පවසන නවී පිල්ලේ, ලබන පෙබරාවාරි මාසයේ ඇරඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සැසි වාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධ විශේෂ වාර්තාවක් නිකුත් කරන බව ද සඳහන් කරන්නීය. රොමේෂ් ද සිල්වා, ජයම්පති වික්‍රමරත්න, ක්‍රිශාන්ත වැලිඅමුණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් නීතිවේදීන්ට එල්ල වී තිබෙන මරණ තර්ජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ සාකච්චා කරන මෙන් ඉල්ලා සිටිමින් ඕස්ට්‍රේලියාවේ නීතිවේදී මණ්ඩලය ද ඕස්ට්‍රේලියාවේ විදේශ ඇමති බොබ් කාර් වෙත ලිපියක් යොමුකොට තිබේ. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා" -39417876,https://www.bbc.com/sinhala/39417876,මාස තුනක් ඇතුලත ඩෙංගු මරණ 40 ක්,දිවයින පුරා ඩෙංගු රෝගය මේ වනවිට පැතිර යමින් පැවතීම හේතුවෙන් මේ මස 29 වෙනි දින සිට යළිත් වරක් දීප ව්‍යාප්ත මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.,"මේ වසරේ ගතව ගිය මාස තුන ඇතුළත ඩෙංගු රෝගීන් 24562 ක් වාර්තා වී ඇති අතර, ඉන් 40 දෙනෙකු මරණයට පත්වී තිබේ. කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හ���්බන්තොට, මඩකළපුව, ත්‍රිකුණාමලය, යාපනය, කල්මුණේ, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්ක 'ඩෙංගු අවදානම් දිස්ත්‍රික්ක' ලෙස නම් කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. කීට විද්‍යා සමීක්ෂණ දත්තවලට අනුව ආයතන, පාසල්, ඉදිකිරීම් පරිශ්‍ර හා ආගමික ස්ථාන තවදුරටත් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන බහුලව පවතින අවදානම් පරිශ්‍ර ලෙස හදුනාගෙන ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ මෙහෙයවීමෙන් දියත් කෙරෙන මදුරු මර්දන සතිය පුරාවටම එම අවදානම් පරිශ්‍ර පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව ද නිවේදනයේ සඳහන්වේ. H1N1 වෛරසය දින දෙකකට වඩා උණ පවතී නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත හෝ ළගම ඇති රෝහලකට ගොස් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ අතර ඉන්ෆ්ලුවෙන්සා H1N1 වෛරසය ආසාදිත රෝගීන් ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකින් වාර්තා වී තිබෙන බව පවසන සෞඛ්‍ය අමාත්‍යාංශය සෑම වසරකම දෙසැම්බර් - පෙබරවාරි කාලය තුළ සහ මැයි සිට ජුලි දක්වා කාලය තුළ පාරිසරික හා කාලගුණික වෙනස්වීම් මත මෙම වෛරසය පැතිර යන බව වැඩිදුරටත් සඳහන් කරයි." -130527_dambulla_land,https://www.bbc.com/sinhala/sri_lanka/2013/05/130527_dambulla_land,දඹුල්ලවාසීන් පිරිසකට ඉඩම්වලින් ඉවත්වන මෙන් නියෝග,සිය නිවාස අහිමි වීමේ තර්ජනයට ලක්වී සිටින බව ඓතිහාසික රන්ගිරි දඹුලු ගල පාවුල ගම්වාසීන් පිරිසක් පවසති.,"පාදෙණිය, ඓතිහාසික දඹුලු ගල පාමුල පිහිටි දඹුලු පූජා නගරයට අයත් ගම්මානයක් පාදෙනියේ පවුල් තිස් පහක් කැඳවූ මාතලේ දිසාපතිනිය පැය විසි හතරක් ඇතුලත නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් යොදවා නිවාස කඩා දමන බව දැනුම් දුන් බව ප්‍රදේශවාසීහු බීබීසී සංදේශයට පැවසූහ. වෙනත් ඉඩම් සහ වන්දි ලබාදීම පිලිබඳ සාකච්ඡාවක් පිණිස ලිපියකින් තමන් කැඳවූ දිසාපතිනිය, වසර තිස් පහක් මුළුල්ලේ තමන් පදිංචිව සිටින්නේ ආණ්ඩුවේ ඉඩම්වල බැවින් කිසිදු වන්දියක් නොගෙවන බව දැනුම් දුන්නේ යයි ප්‍රදේශවාසී කාන්තාවක වන සරෝජිනී කියා සිටියාය. ""අපිට යන්න එන්න තැනක් නෑ. අපි ඉපදුනේ, ඉස්කෝලේ ගියේ, හැදුනේ ඔක්කොම මේ පාදෙණියේ,"" ඇය පවසන්නීය. තමන් ජීවත්වන්නේ දඹුල්ල පූජා නගරයට අයත් ඉඩම්වල බව පිළිගන්නා සරෝජිනී, වෙනත් ඉඩම් ලබා දෙන්නේ නම් පූජා නගරයෙන් ඉවත්වීමට තමන් සූදානම් බවද සංදේශයට කියා සිටියාය. විශේෂයෙන්ම යුද්ධය සමයේ ""එල්ටීටීඊ සාමාජිකයන්"" ලෙසින් චෝදනාවට ලක්වීමේ බිය නිසා වෙනත් පලාතක පදිංචියට යාම අවදානම් සහගත කරුණක් වූ බවත්, ඒ සමයේ අසල්වාසී සිංහල ජනතාව තමන්ට ඉතා හොඳින් සැලකූ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය. ගම්වාසීන් ඉදිරිපත් කරන ඉහත කී චෝදනා පිළිබඳව විමසීම පිණිස මාතලේ දිසාපතිනි හෙලන් මීගස්මුල්ල ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය." -world-38555711,https://www.bbc.com/sinhala/world-38555711,CIA වාර්තාවට රුසියාවෙන් පිළිතුරු,ඇමරිකානු ජනාධිපතිවරණයට බලපෑම් කිරීම සඳහා හැකරුන් යොදා ගත් බවට එල්ල කරන චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කරයි.,"රුසියානු ආණ්ඩුවේ ප්‍රකාශකයෙකුවන දිමිත්‍රි පෙස්කොෆ් කියා සිටියේ මොස්කව් පාලනය එම චෝදනාව ඕනෑවටත් වඩා අසා ඇති බවය. ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ඩොනල්ඩ් ට්‍රම්ප්ට වාසි සහගතවන අයුරින් හැසිරවීම සඳහා වෙබ් අඩවිවලට රහසින් ඇතුළු වූ රුසියානු හැකරුන් උත්සාහ කොට ඇති බව සඳහන් කරමින් ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවය (CIA) පසුගියදා වාර්තාවක් නිකුත් කළේය. රුසියාවට චෝදනා කරමින් බුද්ධි අංශ විසින් නිකුත් කරන ලද එම වාර්තාව 'පදනම් විරහිත' වාර්තාවක් බවයි, දිමිත්‍රි පෙස්කොෆ් පවසන්නේ. ඩිමොක්‍රටික් පක්ෂ ඊමේල් ගිණුම් තුලට රහසින් ඇතුළුවන ලෙස රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූතින් නියෝග කර ඇති බවට බුද්ධි අංශ වාර්තාවෙන් චෝදනා කරයි ඇමරිකානු ජනාධිපති ධුරය සඳහා තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සිකුරාදා බුද්ධි අංශ වාර්තාව ලබා දීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් රුසියාවේ නිල ප්‍රතිචාරය පළ වූ පළමු අවස්ථාව මෙයයි. ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වූ හිලරි ක්ලින්ටන්ට අවාසි සහගත තත්වයක් නිර්මාණය කිරීම සහ ජනාධිපතිවරණයට බලපෑම් කිරීමේ අරමුණින් ඩිමොක්‍රටික් පක්ෂ ඊමේල් ගිණුම් තුලට රහසින් ඇතුළුවන ලෙස රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූතින් නියෝග කර ඇති බවට බුද්ධි අංශ වාර්තාවෙන් චෝදනා කොට තිබේ." -140301_kidney_lanka_rajarata,https://www.bbc.com/sinhala/sri_lanka/2014/03/140301_kidney_lanka_rajarata,රජරට වකුගඩු රෝගයට හේතුව කෘෂි රසායනික- වෛද්‍ය පාදෙණිය.,රජරට වකුගඩු රෝගය යැයි සමහරුන් විසින් හැඳින්වුන මේ රෝග තත්වය පිළිබඳ ව විමර්ශනයක් කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටින්නේ කෘෂි රසායනික භාවිතය සහ මෙම රෝග තත්වය අතර සම්බන්ධතාවක් තිබෙන බවයි.,"දියවැඩියාව සහ අධික රුධිර පීඩනය හේතුවෙන් හැදෙන වකුගඩු රෝගයට වඩා වෙනස්ව හැදෙන වකුගඩු රෝගය මුලින්ම රජරට ප්‍රදේශයේ බහුලව ප���තිරෙන්නට වූ හෙයින් එය රජරට වකුගඩු රෝගය යැයි මුලදී හැඳින්වු බව ඒ පිළිබඳව හොයා බැලු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය බී බී සී තමිල් ඕසෙයි වැඩසටහනේ ජය ප්‍රකාෂ් නල්ලූසාමිට කියා සිටියේ ය, පළමු වතාවට 1993 දී මෙම වකුගඩු රෝගියෙක් හොයා ගත් අතර මුල් දශකය තුල ප්‍රදේශයේ ජනතාවගෙන් සීයට දෙකකට පමණක් වැළදුන මේ රෝගය ඊළඟ දශකය තුළ සීයට පහළොවකට වැළඳී තිබුණ බව වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පැවසීය. ශ්‍රී ලංකාව ලෝකයේ වැඩියෙන්ම කෘෂි රසායනික භාවිතා කරන රට බවට පත් වී ඇති බවත් හෙක්ටයාරයකට ඒකක 284 තරම් ඉහළ අගයක් පමණ භාවිතා වෙන බවත් බව වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පෙන්වා දුන්නේය. යාබද රටවල් හෙක්ටයාරයකට ඒකක දහයත් දොළහත් අතර ප්‍රමාණයක් භාවිතා කරන අතර වාරේ කෘෂි රසායනික භාවිතා කිරීම අතින් දෙවෙනි තැන ගෙන සිටින බංග්ලාදේශය හෙක්ටයාරයකට ඒකක 164 ක් පමණ භාවිතා කරන බවයි වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ප්‍රකාශ කළේ. පර්යේෂණ නිබන්ධයක් කෘෂි රසායනික භාවිතය සහ රෝගය ඇතිවීම අතර සම්බන්ධය විද්‍යාත්මක ව තහවුරු කොට එම සොයා ගැනීම් පර්යේෂණ නිබන්ධයක් සේ පළ කොට ඇති බවත් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පැවසීය. 1960 දශකයේ දී ශ්‍රී ලංකාව කෘෂි රසායනික භාවිතා කිරීම ආරම්භ කළ අතර එතැන් සිට වසර දහයක් පහළොවක් ගෙවී ගිය තැන රෝගය ඉස්මතු වෙන්නට පටන් ගත් බවත් මෙහි දී කෘෂි රසායනික භාවිතාව පිළිබඳ ව ගත යුතු ක්‍රියා මාර්ග ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රජය වෙත නිර්දේශ කොට තිබුනත් ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් අමාත්‍යංශ නිසි ක්‍රියා මාර්ග නොගත් හෙයින් කළ තම සංගමය මෙම කටයුත්තට මැදිහත් වූ බව රජයේ වෛද්‍ය නිලධාරියන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කියා සිටියේ ය. මෙම වකුගඩු රෝගය නිරීක්ෂණ රෝගයක් ලෙස නම් කිරීම,කෘෂි රසයාන ආරක්ෂාකාරීව භාවිතා කිරීමට කටයුතු කිරීම සහ කෘෂි රසයාන භාවිතාව අඩු කිරීම ඇතුළු යෝජනා දොළහක් තමන් රජය වෙත භාර දුන් බව වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය වැඩි දුරටත් ප්‍රකාශ කළේය." -121118_ranil_budget_unconstitutional,https://www.bbc.com/sinhala/sri_lanka/2012/11/121118_ranil_budget_unconstitutional,ව්‍යවස්ථා විරෝධී අය වැය සම්මත කරගැනීම කප්පම් ගැනීමක් - රනිල්,රටේ ව්‍යවස්ථාවට අනනුකූල පණතක් ලෙසින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කොට තිබෙන විසර්ජන පණත් කෙටුම්පත අදාළ සංශෝධනවලින් තොරව සම්මත කර ගැනීම කප්පම් ගැනීමක් හා සමාන බව එක්සත් ජාතික පක්���ය පවසයි.,"'ඉතින් මොකද්ද මේ ආණ්ඩුවෙයි, ප්‍රභාකරන් ගෙයි වෙනස? එයා ඒ පාර බදු කියල ගත්ත අපි කිවුව කප්පම් කියල. දැන් මුදල් වියදම් කරන්නේ නීත්‍යානුකූල භාවයක් නැතුව' මේ තත්ත්වය යටතේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සහ එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් අතර වෙනසක් දකින්නට නැති බවයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසන්නේ. කොළඹ නගරාධිපති නිළ නිවසේදී මාධ්‍යවේදීන් අමතමින් එජාප නායකයා එම ප්‍රකාශය කළේ සංශෝධනවලින් තොරව අය වැය සම්මත කරගැනීම ව්‍යවස්ථා විරෝධී බවට ශිරාණි තිලකවර්ධන විනිසුරුවරිය ප්‍රමුඛ විනිශ්චය මඬුල්ලක් විසින් ලබා දී තිබෙන තීන්දුවක් පිළිබඳව අදහස් දක්වමින්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව එක් අමාත්‍යාංශයක වැය ශීර්ෂයෙන් තවත් අමාත්‍යාංශයකට මුදල් මාරු කිරීම ව්‍යවස්ථාවට අනනුකූල බවයි ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණයේ සඳහන් වූයේ. විසර්ජන පණත් කෙටුම්පත පමණක් නොව දිවි නැගුම පණත පවා සංශෝධනය කරන බවට ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපනයෙන් පසුව බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ප්‍රතිඥා දුන් බව පෙන්වා දෙන විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කෙසේ නමුත් විසර්ජන පණත සංශෝධනය කරන බවට ආණ්ඩුව මෙතෙක් ප්‍රසිද්ධියේ සඳහන් කොට නැති බව පෙන්වා දෙයි. ""ඉතින් එහෙම කිවුවේ නැත්නම් මේක ඡන්දෙට ගන්න බෑ, ඒ පාර්ලිමේන්තුවේ අනුමැතිය නැතුව. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට අනුව, සම්මත කරන්න බෑ මොකද ව්‍යවස්ථාවට විරුද්ධයි, ජනතා පරමාධිපත්‍යයට විරුද්ධයි,"" ඔහු පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුණු ඉටුකිරීම පිණිස අධ්‍යාපනයට වෙන් කොට ඇති මුදල් වෙනත් අංශවලට යොමු කිරීම මෙහි යටි අරමුණ වී ඇතැයි චෝදනා කරන විපක්ෂනායක වරයා, මෙසේ ව්‍යවස්ථා විරෝධීව මුදල් රැස්කිරීම හඳුන්වා දෙන්නේ කප්පම් ගැනීමක් ලෙසින්. ""ඉතින් මොකද්ද මේ ආණ්ඩුවෙයි, ප්‍රභාකරන් ගෙයි වෙනස? එයා ඒ පාර බදු කියල ගත්ත අපි කිවුව කප්පම් කියල. දැන් මුදල් වියදම් කරන්නේ නීත්‍යානුකූල භාවයක් නැතුව,"" ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ඔහුගේ ප්‍රකාශය අවසානයේ බීබීසී සංදේශයේ එල්මෝ ප්‍රනාන්දු ප්‍රශ්නයක් නැගීමට උත්සාහ කළ අවස්ථාවේ එයට අවසර නොදුන් විපක්ෂනායක වරයා, නගරාධිපති නිළ නිවසෙන් ඉවත්ව යන මෙන් මාධ්‍යවේදීන්ට නියෝග කළේය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා" -141109_unp_ranil_mahinda,https://www.bbc.com/sinhala/sri_lanka/2014/11/141109_unp_ranil_mahinda,තෙවන ධුර කාලය: 'අපි උසාවි යන්නේ නැහැ',ජනාධිපති මහින්ද රාජපක්ෂ තෙවන වරටත් ජනාධිපති ධුරයට තරඟ කිරීම සම්බන්ධයෙන් විරෝධය පෑම පිණිස අධිකරණය වෙත යාම සඳහා නෛතික පදනමක් නොමැති බව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ පවසයි.,"""පොදු කියන්නේ එක පුද්ගලයෙක් නෙමෙයි. දෙන්නෙක් නෙමෙයි. යම් කිසි ජනකොටස් කණ්ඩායමක් ඉන්න ඕනි"" තෙවන වරට ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු විමසා සිටීම නිවැරදි නොවන බවද ඉරිදා කොළඹ පැවති එක්සත් ජාතික පක්ෂයේ නීතිඥ සංගමයේ රැස්වීමක් අමතමින් විපක්ෂනායකවරයා කියා සිටියේය. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එක සිය විසි නව වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසා සිටි නමුත් එම වගන්තියෙන් ඉඩ ලැබෙන්නේ පොදු වැදගත් කමකින් යුත් යම් ප්‍රශ්නයක් හෝ සිද්ධියක් සම්බන්ධයෙන් උපදේශයක් ලබා දීමට පමණක් බව විපක්ෂනායකවරයා අවධාරණය කරයි. ""ජනාධිපතිතුමා ඉදිරිපත් කරලා තියන ප්‍රශ්නේ පොදු වැදගත්කමක් නැහැ. ඒ ප්‍රශ්නේ බලපාන්නේ ලංකාවේ එක පුද්ගලයකුට පමණයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට,"" යනුවෙන්ද ඔහු කියා සිටියේය. 'නීතිඥවරයා හමුවෙන්න' ""පොදු කියන්නේ එක පුද්ගලයෙක් නෙමෙයි. දෙන්නෙක් නෙමෙයි. යම් කිසි ජනකොටස් කණ්ඩායමක් ඉන්න ඕනි. දැන් මෙතන අහන්නේ පොදු ප්‍රශ්නයක් නෙවෙයි. මේකට ඉදිරිපත් වෙන්න පුළුවන්ද කියන දේයි."" ජනාධිපතිවරණයක් සඳහා හෝ මහ මැතිවරණයක් සඳහා ඉදිරිපත් වීමට තිබෙන හැකියාව ව්‍යවස්ථාවෙන් පෙන්වා දී තිබෙන බව පවසන විපක්ෂනායකවරයා යම් කිසිවකුට ඒ සම්බන්ධයෙන් ගැට‍ළුවක් තිබේනම් කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට නොයා තම නීතිඥවරයා හමු වී ඒ බව විමසීම බවද පැවසීය. යම් කිසි අපේක්ෂකයකුට මැතිවරණයක් සඳහා තරඟ කිරීමට නොහැකි නම් ඔවුන් නාමයෝජනා භාර දීමෙන් පසු ඊට විරෝධය පෑම සඳහා ව්‍යවස්ථාවෙන් අවස්ථාව ලබා දී ඇති බවත් විපක්ෂනායකවරයා සිහිපත් කළේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට මීළඟ ජනාධිපතිවරණයට තරඟ කිරීමට ඇති හැකියාව පිළිබඳ උසාවියේ සහාය පැතීම මගින් ඒ සම්බන්ධයෙන් ස්වාධීන තීරණයක් ගැනීමට මැතිවරණ කොමසාරිස්වරයාට ලබා දී ඇති අවස්ථාව අහිමි කර ඇති බවත් රනිල් වික්‍රමසිංහ විපක්ෂනායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය." -150320_lanka_mahinda_election,https://www.bbc.com/sinhala/sri_lanka/2015/03/150320_lanka_mahinda_election,ම���ින්ද; අපැහැදිලි දේශපාලන ආගමනය,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරි මහමැතිවරණයේ දී අගමැති අපේක්ෂකයා වශයෙන් තරඟ කරන්නේ නම් ඔහු ඉදිරිපත් වෙන දේශපාලන පක්ෂය කුමක්ද යන්න සම්බන්ධයෙන් මාධ්‍ය මගින් විවිධ අදහස් පළ වෙමින් පවතී.,"ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නොව වෙනත් පක්ෂයකින් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමේ සුදානමක් පවතින බවක්‌ ඇතැම් මාධ්‍ය වාර්තා මගින් කියවුනත් හිටපු ජනාධිපතිවරයා දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ තමන් කිසි දිනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර නොයන බවයි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමාට අයත් ලංකා කම්කරු පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමේ සූදානමක් ඇති බව ප්‍රකට ව්‍යපරිකයකු වන ඒ.එස්.පී. ලියනගේ පවසයි. තුන්වැනි බලවේගයකින් මේ අතර හිටපු ජනාධිපතිවරයා නැවත දේශපාලනයට ගෙන ඒමට පුරෝගාමීව කටයුතු කරන පිවිතුරු හෙළ උරුමය නායක පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල පවසන්නේ නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගා එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙකඩ කිරීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට කිසිදු වුවමනාවක් නැති බවයි. මහින්ද රාජපක්ෂ යළි දේශපාලනයට ගෙන ඒමේ පුරෝගාමීන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ මන්ත්‍රීවරයකු වන උදිත ලොකුබණ්ඩාර බීබීසී සදේශයට ප්‍රකාශයක් කරමින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ශක්තියක් වීම පිණිස ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් වීමට බොහෝ ඉඩකඩ ඇති බවයි සඳහන් කළේ . හිටපු ජනාධිපතිවරයා නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බවට මාධ්‍ය මගින් වාර්තා පළ වීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කණ්ඩායමක් එසේ නොකරන මෙන් ඔහු හමු වී සාකච්ඡා කළ බවක් ද වාර්තා වෙයි. ඒ ගැන අදහස් දක්වමින් උදිත ලොකුබණ්ඩාර මන්ත්‍රීවරයා පැවසුවේ ජයග්‍රහණයට අවශ්‍ය සියළු පාර්ශව එක් කර ගැනීමේ උත්සාහයක පක්ෂය නිරත වෙමින් ඇති බවයි. එන්නේ නැහැ විශාල දේශපාලනය අවබෝධයක් සහිත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කිසි දිනක තුන්වැනි පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි තමා නොසිතන බවයි අමාත්‍ය රාජිත සේනාරත්න පෙන්වා දෙන්නේ. ‘එතුමා වරක් අපට කිව්වා - මේ පක්ෂය නිසා අපි ඔක්කොම රැකෙන බව. මම හෙට මේ පක්ෂයෙන් ගියොත් මට ඡන්ද නැහැයි කියල එතුමා කිව්වා. එතුමා ඒක හොදින් දන්නවා’ රාජිත සේනාරත්න ඇමතිවරයා පවසයි. ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා මන්ත්‍රී පදවියක් සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොකරනු ඇතැයි තමා විශ්වාස කරන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ තුසිත හල්ලොලුව පවතින තත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් සඳහන් කරන්නේ, හිටපු ජනාධිපතිවරයාට පක්ෂයේ දොරටු විවෘත වෙතැයි සිතිය නොහැකි බවයි. මහින්ද ඉල්ලන රැළියක් හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන ආගමනය එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවන බවයි මේ අතර සමාජ සේවා ඇමති පී.හැරිසන් පවසන්නේ. අභියෝගයක් නොවෙයි ‘රාජපක්ෂලාගේ හොඳ හොඳ සෙල්ලම් ඉදිරියට එලි වේවි. ඩුබායි ගිණුම් ගැන තොරතුරු හෙළි වෙලා තියෙනවා. අනික සියළු බලය තිබිලා ලක්ෂ හතර හමාරකින් පැරදිච්ච පුද්ගලයා දැන් අපට අභියෝගයක් වෙන්නේ කොහොමද? පී.හැරිසන් ඇමතිවරයා පවසයි. මහින්ද රාජපක්ෂ නැවත දේශපාලනයට පැමිණීම ස්ථිර නමුත් එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ද එසේ නැතිනම් වෙනත් පක්ෂයකින් ද යන්න තීරණය වන්නේ ඉදිරි දේශපාලන වාතාවරණය අනුව බවයි හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් බීබීසී සංදේශයට කියා සිටියේ." -130901_armyback,https://www.bbc.com/sinhala/sri_lanka/2013/09/130901_armyback,නවී පිල්ලේ ගිය පසු 'උතුරට යළි භට පිරිස්',මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරිය උතුරේ සංචාරය කරද්දී දර්ශනයෙන් ඉවත් කරනු ලැබූ යුද හමුදා භට පිරිස් නැවත වීදියට පැමිණ සිටිතැයි පළාත් වාසීහු පවසති.,"මුර කපොලු, බංකර් හා පරීක්ෂණ මුරපොල මෙසේ යලිත් ස්ථාපිත කොට තිබෙන බවයි උතුරේ වැසියන් බීබීසී සංදේශයට කියා සිටියේ. ආරක්ෂාව 'තර කළා' කෙසේ වෙතත්, නවී පිල්ලේ ගේ උතුරේ සංචාරය අවදියේ භට පිරිස් ඉවත් කරන ලදැයි පළ වන තොරතුරු ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකා යුද හමුදාව පවසන්නේ ඇය පැමිණි අවස්ථාවේ ආරක්ෂක විධි විධාන වල කිසිදු අඩුවක් නොකරන ලද බවයි. රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත වරියක් රටට පැමිණ සිටින අවස්ථාවේ පිළිවෙත ‘ආරක්ෂාව වඩා තර කිරීමක් මිස තිබෙන ආරක්ෂාව අඩු කිරීමක් නොවන,’ බවයි සංදේශය කළ විමසීමකදී හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය පැවසුවේ. නවී පිල්ලේ උතුරේ සංචාරය කළ දෙදින තුලදී ප්‍රදේශයේ හමුදා භට පිරිස් වෙනදා තරමට නොසිටි බවයි ප්‍රදේශ වාසීන් මෙන්ම ජනමාධ්‍ය වේදීන්ද දැක තිබුනේ. නම සඳහන් කිරීමට අකැමැත්ත දැක්වූ එක දෙමළ වැසියකු කී පරිදි තම ගම්මානය අවට රඳවා සිට ඉවත් කරන ලද සෙබල පිරිස් ද ආපසු පැමිණ සිටී. සිය සත්දින සංචාරය නිමාවේ කොළඹදී ජනමාධ්‍ය ඇමතූ මහ කොමසාරිස්වරිය කියා සිටියේ උතුරේ රඳවා සිටින භට පිරිස ජන ජීවිතයට අවශ්‍ය පමණට වඩා ඇතුළුවී සිටින බවයි. ‘ඒ සා දැවැන්ත හමුදාවක සැලකිය යුතු ප්‍රමාණයක් හමුදා කටයුතු වලින් ඉවත් කිරීම එක් රැයින් සිදු කළ නොහැකි බවට’ ආරක්ෂක ලේකම්වරයා ගෙන එන අදහස තමනට වැටහෙන බව කී නවී පිල්ලේ යුද පීඩිත උතුරු නැගෙනහිර හමුදා කරණයෙන් ඉවත් කිරීමට ගන්නා වෑයම වේගවත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියාය." -120827_tna_china_military,https://www.bbc.com/sinhala/sri_lanka/2012/08/120827_tna_china_military,උතුරේ හමුදා නිවාස සඳහා චීන ආධාර දීමට ටීඑන්ඒ විරෝධය,ශ්‍රී ලංකා රජයේ සන්නද්ධ සේනා සඳහා උතුරේ චීන ආධාරයෙන් නිවාස ඉදි කිරීම පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව සිදු වන්නක් බව දමිල ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.,"""අනවශ්‍ය මොහොතක"" උතුරු පළාතේ හමුදා ශක්තිය තර කිරීම ඉන්දියාවට ද තර්ජනයක් බවට ද මන්ත්‍රීවරයා අනතුරු අඟවයි රුපියල් කෝටි 1320 කට වැඩි ආධාරයක් හමුදා නිවාස සඳහා චීන රජයෙන් ලබා දෙන්නේ එරට ආරක්ෂක අමාත්‍ය ලියන් ගුවන්ලී පස් දින සංචාරයක් සඳහා බදාදා ලංකාවට ඒමට නියමිතව තිබියදීයි. කලක් තිස්සේ උතුරු කරයේ පිහිටා ඇති මන්නාරම, පලාලි, අලිමංකඩ, පුනරින්, තල්ලඩි, කරෛනගර් සහ මුලතිවු ඇතුළු යුද කඳවුරු වල යුද සෙබළුන් වෙනුවෙන් වාසස්ථාන හා යටිතල පහසුකම් සැලසීම තම අරමුණ බවයි රජය ප්‍රකාශ කොට තිබුනේ. යුද්ධයෙන් උන්හිටි තැන් අහිමි ජනතාව ගම බිම් වල පදිංචි නොකර රජය උතුරේ හමුදාකරණය තහවුරු කිරීමට පියවර ගනිමින් සිටින්නේයැයි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ආණ්ඩුවට චෝදනා කරයි. ශ්‍රී ලංකා ආණ්ඩුවේ මෙම හමුදාකරණය පිළිබඳව අවදියෙන් සිටින ලෙස දෙමළ ජාතික සන්ධානය මීට ඉහතදී ඉන්දීය රජය දැනුවත් කරන ලද බව පවසන මන්ත්‍රීවරයා, චීන රජය විසින් අදාළ ඉදි කිරීම් සඳහා ඩොලර් මිලියන 100 ක් ලබා දීමට තීරණය කළ අවස්ථාවේදීම තම පක්ෂය එයට විරෝධය පළ කළ බව ද සඳහන් කරයි. ""අනවශ්‍ය මොහොතක"" උතුරු පළාතේ හමුදා ශක්තිය තර කිරීම දෙමළ ජනතාවට මෙන්ම ඉන්දියාවට ද තර්ජනයක් බවට ද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා අනතුරු අඟවයි. මේ පිළිබඳව තම පක්ෂය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටින අතරම, තත්ත්වය සම්බන්ධය��න් ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කරන බවද ඔහු පවසයි. සබැඳි තේමා" -140821_thailand_general_named_pm,https://www.bbc.com/sinhala/world/2014/08/140821_thailand_general_named_pm,ජෙනරාල් ප්‍රයුත් තායිලන්ත අගමැති ධුරයට,තායිලන්තයේ මිලිටරි ජුන්ඩාවක් මගින් බලයට පැමිණි ජෙනරාල් ප්‍රයුත් චෑන් ඕචා තායිලන්ත අගමැති ලෙස දිව්රුම් දී තිබේ.,"ජෙනරාල් ප්‍රයුත් චෑන් ඕචා යුද හමුදාව විසින් පත් කරන ලද තායිලන්ත පාර්ලිමේන්තුවෙන් මැතිවරණයට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් ව ඇත්තේ ජෙනරාල් ප්‍රයුත් චෑන් ඕචා පමණි. වසර කිහිපයක් මුළුල්ලේ පවත්නා දේශපාලන අස්ථාවරභාවය යලි ඇතිවීම වැළක්වීමට පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කරන බවට ඔහු ප්‍රතිඥා දුන්නේය. බීබීසී බැංකොක් වාර්තාකරු කියා සිටියේ විවේචකයන් පවසන්නේ ජෙනරාල් ප්‍රයුත් චෑන් ඕචාගේ ප්‍රයත්නය වී ඇත්තේ හිටපු අගමැති වරයාගේ දේශපාලන පක්ෂය පිටු දැකීම බවයි. තවදුරටත් අදහස් දක්වන විවේචකයින් පවසන්නේ තායිලන්ත පාලනයේ සම්පුර්ණ බලතල තමන් සතු මොහොතක ජෙනරාල්වරයාට අන් බලවේග සම්බන්ධයෙන් සලකා බැලීම අනවශ්‍ය බවයි. තායිලන්ත නව අගමැති ජෙනරාල් ප්‍රයුත් චෑන් ඕචාගේ මීළඟ කාර්ය භාරය වන්නේ කැබිනට් අමාත්‍යවරුන් තිස් පස් දෙනෙකු පත් කිරීමයි. අමාත්‍යවරුන් තිස් පස් දෙනෙකුගෙන් සමන්විත මෙම කැබිනට් මණ්ඩලය, රාජ්‍ය සහ දේශපාලනික ප්‍රතිසංවිධාන ක්‍රියාවලියක් ඔස්සේ සාමාජිකයින් දෙසිය පනස් දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු මණ්ඩලය අධීක්ෂණය සඳහා කටයුතු කරයි." -140619_bodu_bala_sena_wataraka_thero_attack,https://www.bbc.com/sinhala/sri_lanka/2014/06/140619_bodu_bala_sena_wataraka_thero_attack,වටරැක විජිත හිමියන්ට ප්‍රහාරයක්,කැපුම් තුවාල සහිතව පානදුර හිරණ පාලම අසලට ගෙනැවිත් දමා තිබූ ජාතික බල සේනා සංවිධානයේ නායක වටරැක විජිත හිමියෝ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.,"ජාතික බල සේනා නායක වටරැක විජිත හිමියන් බොදු බල සේනා සංවිධානයේ කටයුතු දැඩි ලෙස විවේචනය කළ වටරැක විජිත හිමියන්, ඒ හේතුවෙන් තමන්ට මරණ තර්ජන ද එල්ල වූ බව මින් පෙර පොලිසියට පැමිණිලි කර තිබුණි. වටරැක විජිත හිමියන් පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙන බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ උන්වහන්සේගේ තත්වය බරපතළ නොවන බවයි. හිරණ බොල්ගොඩ ගඟ අසල අත් පා බැඳ මුනින් අතට දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයා ගත් විජිත හිමියන�� සිටි ස්ථානයට මදක් නුදුරින් ඒ හිමියන්ගේ අඳනයක් සොයා ගත් බව පානදුර ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් සන්දේශයට පැවසීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී අජිත් රෝහණ වැඩිදුරටත් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. හැඳුනුම්පත ස්වර්ණවාහිනී මාධ්‍යජාලයේ පින්සිරි පෙරේරා බීබීසී සංදේශයට තොරතුරු ගෙනෙමින්, වටරැක විජිත හිමියන් දමා ගොස් තිබුණ ස්ථානය අසල තිබී හමු වූ හැඳුනුම්පතකින් උන්වහන්සේගේ අනන්‍යතාවය පොලිසිය විසින් සහතික කර ගත් බවයි සඳහන් කළේ. වටරැක විජිත හිමියන්ගේ සෞඛ්‍යය තත්වය ගැන කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ දොස්තර අනිල් ජාසිංහගෙන් බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ වෛද්‍යවරයා කියා සිටියේ උන්වහන්සේ යහපත් තත්වයක සිටින බවයි. නීතිඥ නාමල් රාජපක්ෂ උන්වහන්සේ බැලීම සඳහා බ්‍රහස්පතින්දා සවස් කාලයේ රෝහලට ගිය අතර, ඉන්පසු ඔහු සංදේශයට කියා සිටියේ,පහර දීමකට ගොදුරු වූ විජිත හිමියන් සිහිසුන් තත්වයක පසු වී ඇති බවයි. ""විජිත හිමියන්ගේ සිරුරේ කැපුම් තුවාල තියෙනවා.මම රෝහලට යන විට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් උන්වහන්සේගෙන් කට උත්තර ගනිමින් සිටියා. කෙසේ නමුත් විජිත හිමියන් පසු වුණේ කතා කළ හැකි මට්ටමක නොවෙයි."" නීතිඥ නාමල් රාජපක්ෂ පවසයි. එහෙත් තමා පසුව උන්වහන්සේගෙන් විමසීමක් කළ අවස්ථාවේ භික්‍ෂූන් කණ්ඩායමක් තමන්ට පහර දුන් බව වටරැක විජිත හිමියන් තමා සමඟ ප්‍රකාශ කළ බවයි,නීතිඥ නාමල් රාජපක්ෂ සඳහන් කළේ." -world-44498079,https://www.bbc.com/sinhala/world-44498079,"රුසියානු තරුණියන්ට උපදෙසක්: ""පාපන්දු ලෝක කුසලානය අතර විදේශික පුරුෂයන් සමග ලිංගික පහස එපා""",මේ දිනවල රුසියාවේ පැවැත්වෙන ජගත් පාපන්දු කුසලාන තරගාවලිය සඳහා පැමිණෙන විදේශික පුරුෂයන් සමඟ ලිංගිකව හැසිරීමෙන් වලකින මෙන් එරට මන්ත්‍රීවරියක් රුසියානු කාන්තාවන්ගෙන් කළ ඉල්ලීමක් දැඩි විවේචනයට ලක්වෙමින් පවතී.,"මේ අවවාදය ලබා දී ඇත්තේ රුසියානු කාන්තාවන්ටයි. රුසියානු කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන තමාරා ප්ලෙත්නියෝවා (Tamara Pletnyova) මොස්කව් ගුවන් විදුලියට පැවසුවේ ඇය ""ජාතිකවාදියෙක් නොවන"" නමුත් රුසියානු කාන්තාවන් විදේශික පුරුෂයන් සමග ලිංගිකව එක්වීමෙන් ""ඔවුන්ට ලැබෙන දරුවන් දුක් විඳිනු ඇතැයි"" තමන් විශ්වාස කරන බවය. ඇය ඒ අදහස් පළ කළේ 1980 දී රුසියාවේ පැවැත්වූ ඔලිම්පික් උළෙලින් පසු රට තුළ මිශ්‍ර ජාතික දරුවන්ගේ උපත් වැඩි වූ බවට පවතින මතය පිළිබඳ විමසූ අවස්ථාවේදීය. මෙම දරුවන් ඔවුන්ගේ විදේශික පියවරුන් විසින් ""අත්හැර දමා"" ඇතැයි තමාරා ප්ලෙත්නියෝවා කියා සිටියාය. ""දරුවෙකුගේ මව සහ පියා එකම ජාතියක වුණා නම් තත්වය මේ තරම් නරක වෙන්නේ නැහැ. නමුත් පියා වෙනස් ජාතියක නම්, කතාව එතනින් ඉවර වෙනවා,"" ඇය සඳහන් කළාය. ""දරුවන් අතහැර දමා ගිය පසු ඔවුන් සිය මව සමඟ මෙහි ජීවත් වෙනවා. අපි බිහිකරන්න ඕනෙ අපේ දරුවන්."" මේ තොරතුරුද කියවන්න: ජාතිවාදය ඉවතලමු ද? අන්තර්ජාලය ඔස්සේ බොහෝ දෙනෙකු තමාරා ප්ලෙත්නියෝවාගේ ප්‍රකාශය විවේචනය කර තිබිණ. මෙවර ෆිෆා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ එක් ව්‍යාපෘතියක් වන ජාතිවාදය තුරන් කිරීම සහ තමාරා ප්ලෙත්නියෝවාගේ අදහස් අතර ඇති පරස්පර විරෝධී බව ඇතැමුන් හුවා දක්වා තිබිණ. ""ඇය රුසියානු පාර්ලිමේන්තුවෙන් නෙරපා දැමිය යුතුයි,"" යනුවෙන් එක් විවේචනයක සඳහන් විය. ""මේ මන්ත්‍රීවරිය ප්‍රජනනය සිදු කළ හැකි වයස් මට්ටමේ පසුවන රුසියානු කාන්තාවන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරන්න සැරසෙනවාද?"" යනුවෙන් අයෙකු ට්විටර් පණිවුඩයකින් විමසා තිබුණි. මෙහි තිබෙන හාස්‍ය උත්පාදක කරුණ වන්නේ තමාරා ප්ලෙත්නියෝවා මින් පෙර ""ජාතිකත්ව පිළිබඳ කමිටුවේ සභාපතිනිය වී සිටීමයි"" යනුවෙන් තවත් ට්විටර් පණිවිඩයක සඳහන් විය. තවත් තොරතුරු: නමුත් සියලු අදහස් නිශේධනාත්මක වූයේ නැත. ""අපි දරාගත යුතු වන්නේ අපේම රුසියානු දරුවන්"" යැයි පවසමින් එක් පුද්ගලයෙකු මන්ත්‍රීවරියගේ ප්‍රකාශයට එකඟත්වය පළ කර තිබුණි. තවත් අයෙක් අසා ඇත්තේ ""ඇයගේ ප්‍රකාශයේ ඇති වැරැද්ද කුමක්ද?"" යනුවෙනි. ඒ අතර, තවත් සමහරු මන්ත්‍රීවරියගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කිරීමට ඉදිරිපත් වී සිටිති. ""Pletnyova ඇතුළු ඕනෑම කෙනෙකුට සිය අදහස් නිදහසේ ප්‍රකාශ කළ හැකි බව මම විශ්වාස කරනවා"" යැයි එක් පුද්ගලයෙකු පවසා තිබිණි." -sri-lanka-46377463,https://www.bbc.com/sinhala/sri-lanka-46377463,කාන්තා අයිතීන්: ශ්‍රී ලංකාවේ සහ ඉන්දීය කාන්තාවන්ගේ රාත්‍රී නිදන ඇඳුම,"""නයිටිය, තියෙන්නේ රෑට ඇඳගෙන නිදා ගන්න මිසක්, දවස පුරා ඇඳගෙන ඉන්න නෙමෙයි.""","""කාන්තාවකගේ ඇඳුම ගැන තීරණය කරන්න පිට කාටවත් බැහැ. තමන් කැමැති ඇඳුමක් අඳින්න නිදහස තියෙන්න ඕනෙ. ඒ ඇඳුම නිදා ගන්න විතරක් අඳින ඇඳුමක් ද නැත්නම් පිටතට අඳින ඇඳුමක් ද කියන එක වැදගත් වෙන්නේ නැහැ."" රූපලාවණ්‍ය ශිල්පිනියක වන නයෝමි රණසිංහ සහ බැංකුවක සේවය කරන නදිනි වීරවර්ධන බීබීසී සිංහල සේවයට එසේ සිය අදහස් දැක්වූහ. තමන් කැමති ඇඳුමක් ඇඟලා සිටීම වරදක් ද? කාන්තාවන් රාත්‍රී නින්දට යෑමේ දී අඳින ඇඳුම දිවා කාලයේ දී ඇඟලාගෙන සිටීම තහනම් කිරීමට දකුණු ඉන්දියාවේ පිහිටි ගම්මානයක වැඩිහිටි සංගමයක් තීරණය කර තිබේ. සාමාන්‍ය ව්‍යවහාරයේ 'නයිටිය' ලෙස හඳුන්වන මෙම ඇඳුම ශරීරයේ හැඩයට වඩා බොහෝ විශාල වන අතර, ඉතා සිනිඳු, පහසු රෙදි වර්ගයකින් නිර්මාණය කෙරේ. විවිධ රටවල දේශගුණික තත්වය අනුව මෙම ඇඳුමට භාවිත කරන රෙදි වර්ගය වෙනස් වුවත්, එහි මෝස්තරය බොහෝ විට එක සමානය. ලොව පුරා වෙසෙන මිලියන ගණනක් කාන්තාවෝ ශරීරයට පහසු යැයි සැලකෙන මෙම ඇඳුම ඇඟලීමට ඉතා ප්‍රිය කරති. රැකියාවකට හෝ වෙනත් කටයුත්තකට නිවසින් බැහැරට නොයන්නේ නම් දිනය පුරා මෙම ඇඳුමෙන් සැරසී සිටීමට ඇතැම් කාන්තාවෝ දැඩි කැමැත්තක් දක්වති. ශ්‍රී ලංකාවේ මෙන්ම බොහෝ ඉන්දීය කාන්තාවන් ද මෙම පහසු රාත්‍රී ඇඳුම දිනය මුළුල්ලේ ඇඟලා ගෙන සිටිනු බොහෝ විට දැකිය හැකිය. උදෑසන 7 සිට රාත්‍රී 7 දක්වා කාලය ඇතුළත ප්‍රදේශයේ දිවි ගෙවන තරුණ සහ වැඩිමහල් කාන්තාවන් කිසිවෙකුටත් රාත්‍රී නින්දට යන විට අඳින ගවුමෙන් සැරසී සිටීම තහනම් කිරීමට ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි පිහිටි 'ටොකලාපල්ලි' ගම්මානයේ වැඩිහිටි සංගමයක් තීරණය කර ඇත. එම නියෝගය කඩ කරන අයෙකුට ඉන්දියානු රුපියල් 2000ක දඩ මුදලකට යටත් වීමට ද සිදු වේ. පුදුමයට කරුණ නම් මෙම සංගමයේ ප්‍රධානියා ද කාන්තාවක් වීමය. නියෝගය කඩ කරන කාන්තාවන් ගැන නිලධාරීන්ට දන්වන පුද්ගලයන්ට ඉන්දීය රුපියල් 1000ක ත්‍යාග මුදලක් ලබා දීමට ද එම සංගමය පොරොන්දු වී තිබේ. ගම්වැසියන් සියලු දෙනා දැඩි ලෙස මෙම නියෝගය අනුගමනය කරනු දැකිය හැකි අතර, මේ දක්වා කිසිවෙකුත් එය කඩ කර නොමැත. තුනී රෙදි වර්ගවලින් නිම කරන මෙම ඇඳුමෙන් කාන්තා ශරීරය පිටතට නිරාවරණය වීම වැළැක්වීම සඳහා මෙම නියෝගය නිකුත් කළ බව ගම්වාසී වැඩිහිටියෙකු වන බල්ලෙ විෂ්ණු මූර්ති බීබීසී තෙලිඟු සේවයට පැවසීය. ""ගෙදරට නයිටිය ඇඳගෙන සිටියාට ප්‍රශ්නයක් නැහැ. නමුත් එය ඇඳගෙන ගෙදරින් එළියට ගියාම ලැබෙන අනවශ්‍ය ආකර්ෂණය නිසා කරදර ඇති වෙනවා"" යැයි ඔහු තවදුරටත් පැවසුවේය. සමහරු මෙම නියෝගයට සිය අකමැත්ත පළ කළ ද විශාල දඩ මුදල නිසා එය පිළිපැදීමට කටයුතු කරන බව පැවසූහ. මෙම ගම්මානයේ වැඩි පිරිසක් ධීවර ��ර්මාන්තයේ නියැලෙන අතර එවන් විශාල දඩ මුදලක් ගෙවීමට බොහෝ දෙනෙකුට අපහසුය. දහවල් කාලයේදී නයිටිය ඇඳීමට එරෙහිව නියෝග නිකුත් කළ සහ උද්ඝෝෂණ පැවැත් වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. 2014 දී මුම්බායි නුවර කාන්තාවන් කණ්ඩායමක් උද්ඝෝෂණයක නිරත වෙමින් පැවසුවේ දිවා කාලයේ දී නයිටිය ඇඳීම ""අශෝභන ක්‍රියාවක්"" බවය. එම ක්‍රියාව සිදුකරන කාන්තාවන්ට ඉන්දීය රුපියල් 500ක දඩයක් නියම කිරීමට ද ඔවුහු යෝජනා කළහ. මේ තොරතුරුද කියවන්න: නමුත්, සාමාන්‍ය ඇඳුමක් ගැන මේ තරම් උනන්දුවක් දක්වන්නේ ඇයි? ලොව පුරා කාන්තාවන් ප්‍රිය කරන මෙම පහසු ඇඳුමට විරුද්ධ වන්නේ ඇයි? ""මේ කාන්තා රාත්‍රී ඇඳුම හරියට අල ගෝනියක් වගේ. තවත් විටෙක නරක් වුණ මාෂ්මෙලෝ එකක් වගෙයි පෙනෙන්නේ"" යැයි 'වොයිස් ඔෆ් ෆැෂන්' මෝස්‌තර වෙබ්අඩවියේ කතෘ ෂෙෆාලී වාසුදේව් 2014 දී 'මින්ට්' පුවත්පතට ලියූ ලිපියක සඳහන් විය. මෙම කාන්තා රාත්‍රී ඇඳුම් නිෂ්පාදනය ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද රුපියල් මිලියන ගණනක ව්‍යාපාරයකි. මසා නිම කළ ඇඳුමක් ලෙස බොහෝ රෙදිපිළි සාප්පුවල මෙය විකිණීමට ඇත. මේ අතරින් වඩාත් ජනප්‍රිය මෝස්තරය වන්නේ ලා පැහැති තනි වර්ණයකින් යුත් කපු රෙද්දෙන් නිම කළ කාන්තා රාත්‍රී ඇඳුමය. බොහෝ විට එහි ඉහළ කොටස මල් වැල් මෝස්තරයකින් හැඩ කර ඇති ආකාරයක් දැකිය හැකිය. ශ්‍රී ලංකාවේ වැඩිහිටි කාන්තාවන් අතර බතික් වර්ණ ගැන්වූ කපු රෙද්දෙන් මැසූ රාත්‍රී නිදන ගවුම වඩාත් ජනප්‍රිය වේ. මේ ඇඳුම් විවිධ මිල ගණන් යටතේ අලෙවි වන අතර, අධික මිලැති සිල්ක් රෙදි වර්ගවලින් නිම වූ කාන්තා රාත්‍රී නිදන ඇඳුම් කට්ටල ද වෙළෙඳපොළෙහි බහුලව දැකිය හැකිය. එමෙන්ම, වෙනත් බොහෝ රටවලට ද මෙම ඇඳුම් කට්ටල ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලැබේ. මීට වසර කීපයකට පෙර ගත් කතුවරයෙකු ද වන මහාචාර්ය සරත් විජේසූරිය රැස්වීම් වේදිකාවක කළ කතාවක් ගැන විශාල වශයෙන් සමාජය තුළ කතාබහක් නිර්මාණය විය. කාන්තා රාත්‍රී නිදන ඇඳුම නිවස තුළ දිනය පුරා ඇඳගෙන සිටීම ඔහු දැඩි ලෙස විවේචන කළේය. ""අපේ වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයෙක් නිතර කියනවා, බලන්න අපේ කාන්තාවෝ ගෙදර ඉන්න හැටි, හරියට 'හුචක්කු' වගේ ඉන්නේ. හවුස් කෝට් එකක් ඇඳගෙන, ඔළුව පීරන්නේ නැතිව, මුහුණ සෝදලා නැහැ.... ඔවුන් දැක්කාම ස්වාමිපුරුෂයාට පිළිකුල් භාවනාව කරන්න පුළුවන්,"" යැයි මහාචාර්යවරයා ප්‍රකාශ කළේය. ප්‍රසිද්ධ වේදිකාවක සිදු කළ මෙම කතාව බොහෝ දෙනෙකු��ේ විවේචනයට බඳුන් විය. ""මේ ඇඳුම ඇඟට ඉතා පහසුයි. ඇයි කාන්තාවන්ට විතරක් සීමා දාන්නේ. අපි වෙනස් කරන්න ඕනෙ ඇඳුම නෙමෙයි, අපේ ආකල්ප. කාන්තාවක් කියන්නේ ගෙදර දොර වැඩපළ සහ තවත් බොහෝ දේ එක විට කරන කෙනෙක්. එහෙම කෙනෙකු පහසු ඇඳුමක් ඇඳගෙන සිටියා කියලා ඇති වරද මොකක් ද?"" ""ඒ වගේම කාන්තාවක් සෑම විටම බෝනික්කෙකු විදියට පෙනී සිටින්න අවශ්‍ය නැහැ. ඇයටත් තමන්ට පහසු කැමති විදියට ජීවත් වෙන්න නිදහසක් තියෙන්න ඕනෙ. සමහර පුරුෂයින් උදේ, දවල් රෑ එකම ඇඳුමෙන් ඉන්නවා. එහෙමනම් එයටත් විරුද්ධ විය යුතුයි,"" යැයි නදිනි වීරවර්ධන බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය. සාරි ඇතුළු ශරීරයට තද වූ ඇඳුම්වලින් මිදී නිවසේ වැඩ කටයුතු පහසුවෙන් සිදු කිරීම සඳහා බොහෝ කාන්තාවන් මෙවැනි ඇඳුමකට ප්‍රිය කරන බව මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වන රිම්සිම් දාදු පැවසීය. ""මෙය ඉතා ආකර්ෂණීය ඇඳුමක් නෙමෙයි. හැබැයි මෙහි තිබෙන පහසුව සහ ප්‍රායෝගික බව නිසා එය කාන්තාවන්ගේ නිල ඇඳුමක් බවට පත් වෙලා. ඔවුන්ට අවශ්‍ය හැමදේම ඒ ඇඳුමේ තිබෙනවා"" යැයි මෝස්තර නිර්මාණ ශිල්පී ඩේවිඩ් ඒබ්‍රහම් පැවසුවේය. මෙම රාත්‍රී නිදන ඇඳුමේ ආරම්භය බ්‍රිතාන්‍ය යටත් විජිත සමය දක්වා දිව යයි. එකළ බ්‍රිතාන්‍ය කාන්තාවන් රාත්‍රී නින්දට යන විට වර්තමාන නිදන ඇඳුමට සමාන ගවුමක් ඇඳ ඇති බව විශ්වාස කෙරේ. පසුව එය සමාජයේ උසස් යැයි පිළිගත් කාන්තාවන් අතර ද ප්‍රචලිත විය. තවත් තොරතුරු:" -world-40742966,https://www.bbc.com/sinhala/world-40742966,"""වයස ඉලක්කමක් විතරයි""",රූ සපුව මෙන්ම ඇඳුම් ආයිත්තම් ප්‍රදර්ශනය කෙරෙන තරග හා අවස්ථා ලොව පුරා එමටය.,"ඒ සැමෙකකදීම ඉදිරිපත්කරන්නා හෝ ඉදිරිපත්කරන්නියගේ සිරුරේ ස්වභාවය කෙරෙහි අවධානයක් යොමුවේ. චීනයේ මෙවරත් පැවැත්වුණු සුවිශේෂී එවන් තරගයක් දෙස බොහෝ දෙනාගේ අවධානය යොමු විණි. 'ද ග්‍රෑන්ඩ් බිකිනි ඉවෙන්ට්' (The Grand Bikini Event) නමින් චීනයේ තියාන්ජින් පළාතේ පැවැත්වුණු එම තරගය වයස අවුරුදු 55 ඉක්මවූවන් සඳහාම වෙන්වුවකි. ""වයස ඉලක්කමක් විතරයි"" තමන්ගේ සිරුර පිළිබඳ විශ්වාසය ඇතිකිරීම මෙන්ම වියපත්වීම කෙරෙහි සුබවාදී ආකල්පයක් ඇතිකිරීම ප්‍රවර්ධනය කිරීම සංවිධායකයින්ගේ අරමුණය. 78 හැවිරිදි මා ජින්ග්, මෙවර ඊට ඉදිරිපත්වූ වයස්ගතම තරගකාරිය වන අතර ඇය පිළිකා කිහිපයකින්ම සුවය ලද්දියකි. ඉතා ප්‍රීතියෙන් යුතුව මීට ඉදිරිපත්වූ 400 ට අධික තරගකරුවන් සිනහමුසු මුහුණින් විවිධ ඉරියව් නිරුපණයේ යෙ��ුනු අතර ඔවුනට ත්‍යාග පිරිනැමිණි. මේ තරගකරුවන් පවසනුයේ 'වයස යනු ඉලක්කමක් පමණක්' බවය." -sri-lanka-41349019,https://www.bbc.com/sinhala/sri-lanka-41349019,"ට්‍රම්ප්ගේ දේශනය ""සුනඛයෙකුගේ බිරීමක්""","නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව අමතමින් අඟහරුවාදා (සැප්තැම්බර් 19) පළමු වරට අදහස් දැක්වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියාව දැඩි විවේචනයට ලක් කළේය.","ඇමෙරිකානු ජනාධිපතිවරයා උතුරු කොරියාවේ නායකයා හැඳින්වූයේ ""රොකට් මෑන්"" යනුවෙනි උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ ඔහු, පියෝන්ග්යැන්ග් පාලනය ඔවුන්ගේ හෝ ඔවුන්ගේ සගයන් ගේ ආරක්ෂාව සඳහා බලපෑම් කරන්නේ නම් ඇමෙරිකාව උතුරු කොරියාව විනාශ කර දමනු ඇතැයි අනතුරු ඇඟවීමක් කළේය. දින දෙකකට පසුව ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින් උතුරු කොරියාවේ විදේශ අමාත්‍ය රි යොන්ග් හෝ (Ri Yong-ho) පවසන්නේ ජනාධිපතිවරයාගේ එම දේශනය ""සුනඛයෙකුගේ බිරීමක්"" හා සමාන බවය. නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපස දී මාධ්‍යවේදීන් අමතා අදහස් දැක්වූ විදේශ අමාත්‍යවරයා, ""බල්ලෝ බිරුවත් තවලම යනවා කියල කියමනක් තියෙනවනේ,"" යනුවෙන් සඳහන් කළේය. ""සුනඛයෙක් බුරන සද්දෙන් අපිව බය කරන්න පුළුවන් කියල හිතනවා නම් පැහැදිලිවම එයා දකින්නේ හීනයක්."" ඩොනල්ඩ් ට්‍රම්ප් සිය කතාවේ දී උතුරු කොරියාව,ඉරානය සහ වෙනිසුවෙලානු පාලන ක්‍රමයන්ට දැඩි ප්‍රහාර එල්ල කළේය උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සමච්චලයට ලක් කරමින් අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා, ""රොකට් මෑන් සිය දිවි හානිකර ගැනීමේ ගමනක නිරත වෙමින්"" සිටින්නේ යයි ද සඳහන් කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ""රොකට් මෑන්"" ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ විදේශ අමාත්‍ය රි යොන්ග් හෝ කියා සිටියේ, ""ඔහුගේ ආධාරකරුවන් ගැන මට කනගාටුවක් දැනෙනවා,"" යනුවෙනි. උතුරු කොරියාවේ විදේශ අමාත්‍යවරයා සිකුරාදා (සැප්තැම්බර් 22) මහා මණ්ඩලය අමතා අදහස් දැක්වීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ සම්බාධක නොතකා උතුරු කොරියාව දිගටම සිය න්‍යෂ්ඨික වැඩසටහන දියත් කළ අතර, උතුරු කොරියාවේ අලුත්ම න්‍යෂ්ඨික අත්හදා බැලීමට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පසුගියදා සිය සම්බාධක තවත් දැඩි කළේය. ලෝකයේ ""චෞර රාජ්‍යයන් කුඩා කණ්ඩායම"" අතරට ඉරානය ද ඇතුළත් බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දේශනයේ දී සඳහන් කළ අතර, ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කරන ඉරානයේ විදේශ ඇමති ජාවඩ් සරීෆ් (Javad Zarif) පවසන්නේ ""ට්‍රම්ප්ගේ නූගත්, වෛරී සහගත ප්‍රකාශය"" අයත් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට නොව ""මධ්‍යතන යුගයට"" බවය. සිය න්‍යෂ්ඨික වැඩසටහන් හේතුවෙන් උතුරු කොරියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සම්බාධක පැනවිණ ජනාධිපති බරක් ඔබාමා පාලනය විසින් ඉරානය සමග අත්සන් තැබූ න්‍යෂ්ඨික ආයුධ සම්බන්ධ ගිවිසුම ද ජනාධිපති ට්‍රම්ප් ගේ විවේචනයට ලක් විය. වෙනිසුවෙලා පිළිබඳව සඳහන් කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආණ්ඩුව ""සමාජවාදී ආඥාදායකත්වයක්"" ලෙසින් හඳුන්වා දෙමින් එය ඇමෙරිකාවේ සතුරු රාජ්‍යයක් හැටියට නම් කළේය. අනුමත කළ නොහැකි වෙනිසුවෙලා පාලනය ඉදිරියේ එක්සත් ජනපදයට බලා සිටිය නොහැකි බවත් ඔහු කියා සිටියේය. ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය වෙනිසුවෙලා විදේශ අමාත්‍ය ජෝර්ජ් අරියේසා (Jorge Arreaza) විග්‍රහ කළේ සිය රටට එරෙහිව එල්ල කළ ""තර්ජනයක්"" ලෙසිනි." -130525_rathu_land,https://www.bbc.com/sinhala/world/2013/05/130525_rathu_land,උතුරේ ඉඩම් පවරාගැනීම ගැන එක්සත් ජාතීන්ට චෝදනා කරති,"උතුරේ වැසියන්ගේ ඉඩම් ආරක්ෂක හමුදා මගින් බළහත්කාරයෙන් පවරා ගැනෙන බවටත්, ආරක්ෂක අංශවල නිලධාරීන් විසින් බාල වයසේ දැරියන් දුෂණය කිරීමේ අවස්ථා ඉහල යමින් තිබෙන බවටත් උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවසති.","කිලිනොච්චියේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නියෝජිත වරිය හමුවූ උතුරේ මන්ත්‍රී වරුන් පිරිසක් විසිනුයි, එම චෝදනාව එල්ල කරනු ලැබුවේ. මේ අතර පේදුරුතුඩුවේ වැසියන් පිරිසක්, හෝටලයක් ඉදි කිරීම සඳහා අක්කර අටක ඉඩමක් මැනීමට ගිය මිනින්දෝරු පිරිසක් වෙත විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක නිරත වූ බවද වාර්තා වේ. සමාගමක් සඳහා බලහත්කාරයෙන් පවරා ගනු ලැබූ බව පැවැසෙන මෙම ඉඩම මැනීමේ කටයුතු උද්ඝෝෂණය හමුවේ අතහැර දැමූ මිනින්දෝරු නිලධාරීන් පිටව ගිය බවද ප්‍රදේශවාසීහු පවසති. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නියෝජිත වරිය වන ඇග්නස් අසෙකින් උනියේ මුණ ගැසුණු දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් ප්‍රකාශ කළේ යුද්ධයෙන් පසු ජනතාව යලි පදිංචි කරවීමේ කටයුතු සාර්ථකව සිදු කිරීමට රජය අපොහොසත්වූ බව තමන් ඇයට දැනුම් දුන් බවයි. යුද්ධයේදී අතුරුදන් වූවන් පිළිබඳව රජය තවමත් මුනිවත රකින බව තමන් නියෝජිතවරිය හා පැවැසූ බවද ඇය හමුවූ මාවේ සේනාධිරාජා, නෝහා රාධලිංගම් සහ එස් ශ්‍රීධරන් මන්ත්‍රීවරු පවස���ි. උතුරේ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට වඩා වැදගත් වන්නේ ප්‍රදේශයේ ජනතාවගේ මුලික ප්‍රශ්න විසඳීම බවද මෙම මන්ත්‍රී වරුන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නියෝජිත වරිය හා ප්‍රකාශ කර සිටියාය." -160115_sp_ampara_kidney_disease,https://www.bbc.com/sinhala/sri_lanka/2016/01/160115_sp_ampara_kidney_disease,වකුගඩු රෝගයෙන් පීඩා විඳින නිකවතලන්ද,"අම්පාර, පොළොන්නරැව මායිමේ පොළොන්නරැව දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන නිකවතලන්ද ජල යෝජනා ක්‍රමය අතරමග නතර කිරීම හේතුවෙන් පානීය ජල හිඟයකට සහ බරපතල සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දී සිටින බව ගම්වාසීහු පවසති.","ප්‍රතිකාර ලබාගැනීමට පෝලිමේ සිටින වකුගඩු රෝගීන් පිරිසක් (සංරක්ෂිත ඡායාරූපයක්) ජල යෝජනා ක්‍රමය ආරම්භ කිරීම පිණිස එක් කෝටි හතලිස් ලක්ෂයක මුදලක් ලැබී තිබෙන නමුත් එම මුදල් නිසි ලෙස යොදාගත් බවක් දක්නට නොලැබෙන බවට මහවැලි සී කලාපයේ අධිකරණ සංඝනායක නිකවතලන්ද ශ්‍රී පුර්වාරාමාධිපති මොරවක නාරද හිමියෝ චෝදනා කරති. පවුල් 500 ක් පමණ වෙසෙන නිකවතලන්දේ වකුගඩු රෝගීන් 65 දෙනෙකු පමණ සිටින අතර, ඔවුන්ගෙන් 15 දෙනකු මේ වනවිට මියගොස් ඇති බවද නාරද හිමියෝ පැවසූහ. ගැමිදිරිය නිකවතලන්ද පාසැලේද වකුගඩු රෝගී ළමුන් 11 දෙනෙකු හඳුනාගෙන ඇතැයි පැවසූ විදුහල්පති චන්දූසිරි රණසිංහ පාසලටද ජලය නොමැතිවීම බරපතල ගැටලුවක් බව පෙන්වා දුන්නේය. ජල යෝජනා ක්‍රමය අත්හිටුවීම හේතුවෙන් ගම්මානයේ ස්ථාන හතරකින් නල ජලය ලබා ගැනීමට ගම්වැසියන්ට සිදු වී තිබෙන බව පවසන නිකවතලන්ද කොට්ඨාශ ගොවි සංගමයේ ලේකම්වරයා, පානීය ජලය ලබාගැනීම පිණිස ඇතැමුන්ට සැතපුම් 4ක් තරම් දුරක් ගෙවා යාමට සිදු වී ඇති බවත් පැවසීය. මේ පිළිබඳව බීබීසී සංදේශය කළ විමසීමේදී දිඹුලාගල ප්‍රාදේශීය මහ ලේකම් එස් ජෙගදීසම් සඳහන් කළේ, අදාළ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ ප්‍රාදේශීය බලධාරීන් නොව ගැමිදිරිය මගින් බවයි. කෙසේ නමුත් මොරවක නාරද හිමියන් පැමිණිලි කිරීමෙන් අනතුරුව මෙම ජල යෝජනා ක්‍රමය වහාම යළි ආරම්භ කරන මෙන් නිලධාරීන්ට උපදෙස් දුන් බවත් ප්‍රාදේශීය ලේකම්වරිය පැවසීය." -150102_lanka_mahinda_devil,https://www.bbc.com/sinhala/sri_lanka/2015/01/150102_lanka_mahinda_devil,‘දන්නා යක්ෂයාට ඡන්දය දෙන්න'-ජනාධිපති,‘නොදන්නා දෙවියන්ට නොව දන්නා යක්ෂයාට ඡන්දය දෙන්නැයි’ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක මහින්ද රාජපක්ෂ උතුරේ ජනයාගෙන් ඉල්ලීමක් කළේය.,"කලින් යුද කලාපයක් වූ උතුරු පළාතේ මැතිවරණ සංචාරයක නිරත වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ තමා විසින් ම ඔහු හඳුන්වා ගත්තේ ‘දන්නා යක්ෂයා’හැටියටයි. ඔහු එම ප්‍රකාශය කළේ යාපනයේ සංවිධානය කර තිබුණ මැතිවරණ රැළියක් අමතමිනි. ‘නොදන්නා දෙවියන්ට නොව දන්නා යක්ෂයාට ඡන්දය දෙන්නැයි’ ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ සිංහල භාෂාවෙනි. තමා ‘දන්නා යක්ෂයා’ බවයි ඔහු පවසන්නේ. මෙය තමා බලයට පත්වීමෙන් අනතුරුව සිදු කරන එකොළොස් වැනි යාපන සංචාරය බවත් ඔහු සිහිපත් කළේය. ‘අපි ඔබට විදුලි බලය දුන්නා. අළුත් පාසල් දුන්නා. ඔබට ජල පහසුකම් සම්පාදනය කිරීමටත් අපට අවශ්‍යයි’ ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේය. සිය ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන උතුරු පළාත සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් නොමැති බව පෙන්නුම් කර ඇතැයි ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, සිය ප්‍රතිවාදියා නිරන්තරයෙන් යාපනයට නොපැමිණි අයකු වන බවයි සඳහන් කළේ. ජනාධිපති ධූර අපේක්ෂක මහින්ද රාජපක්ෂ ගේ මැතිවරණ චාරිකාව අද (02) යොමු වුනේ යාපනය ,වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්ක වලටයි. මේ අතර, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හා වවුනියාවේදී වේදිකාවට එක්වූ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් හතර දෙනකු ඇතුළු වවුනියාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 9 දෙනෙක් ජනාධිපතිවරයාට සහය දැක්වීමට එක් වුහ. මෙසේ රජයට සහය දැක්වීමට එක්වුණේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙක් , එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් , ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සහ සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක්." -130920_pakistan_girls,https://www.bbc.com/sinhala/world/2013/09/130920_pakistan_girls,දුවේ නුඹ මට ආශීර්වාදයක්,"ගැහැණු දරුවන්ට සැලකිය යුතු ආකාරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් දේශනා පවත්වන මෙන්, පාකිස්තානය පුරා මුස්ලිම් පල්ලිවල ඉමාම් වරුන් වෙත ඉල්ලීමක් ඉදිරිපත්ව ඇත.","පකිස්තාන් ගැහැණු දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සහතික කිරීම වෙනුවෙන් නිෂ්පාදනය කෙරුණ කාටුන් චිත්‍රපටයක රූප රාමුවක්. එම ඉල්ලීම කරනු ලැබ තිබෙන්නේ පාකිස්තානයේ ඉමාම්වරුන්ගේ මණ්ඩලය මගින්. ඒ සඳහා විශේෂ දිනයක් ද ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අතර, එහි තේමාව “මගේ දුව ශාපයක් නොව ආශීර්වාදයක්” යන්න. පුතකු නොලද නිසා කෝපයට පත් තැනැත්තකු විසින් මාස දහ අටක් වූ සිය දියණිය දියෙහි ගිල්වා මරා දමනු ලැබීම පසුගියදා පාකිස්තාන් සමාජයේ විශාල කම්පාවක් ඇති වීමට හේතු වූ අතර ඒ සමඟ එවැනි තවත් ���ිද්ධීන් රැසක්ම හෙළිදරව් වුණි. පාකිස්තානයේ ප්‍රකට නවකතා කතුවරියක් වන බින්හා ෂා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ,ආගම පාකිස්තාන් සමාජය තුළ විශාල බලපෑමක් සිදු කරන හෙයින් ආගමික නායකයන්ට මේ ප්‍රශ්නයේදී පුළුල් මග පෙන්වීමක් කළ හැකි බවයි. ගැහැණු දරුවන් මරා දැමීම වැනි අපරාධ සිදු කරන්නන්ට එරෙහිව පාකිස්තානයේ දැඩි දඬුවම් පැමිණවීමක් සිදු වන්නේ නැති බවයි,ඉස්ලාමාබාද් නගරයේ සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ." -world-36168235,https://www.bbc.com/sinhala/world-36168235,නවුරු දූපතේ සරණාගතයෙක් ගිනි තබාගෙන මියයයි.,නාවුරු දූපතේ පිහිටි ඕස්ට්‍රේලියානු සරණාගත කඳවුරේ සිටි 23 හැවිරිදි ඉරාන ජාතික සරණාගතයෙකු සිරුරට ගිනි තබාගෙන මියගොස් තිබේ.,"ඔස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයන් යවනු ලබන්නේ නාවුරු දුපතේ පිහිටි සරණාගත කඳවුරටය. ඔහු සිකුරාදා බ්‍රිස්බෙන් හි රෝහලක දී මියගිය බව ඕස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුව පැවසීය. නාවුරු රජය පවසන ආකාරයට මියගිය පුද්ගලයාගේ මෙම ගිනිතබා ගැනීමේ ක්‍රියාව දේශපාලනමය විරෝධතාවයකි. ඔස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයන් පිලිබඳ ඉදිරි තීරණ ගැනීම සිදුවන්නේ ඉතා කුඩා රටක් වන නාවුරු ඇතුළු ඕස්ට්‍රේලියානු භූමියෙන් පිට පිහිටි ස්ථාන වල ඔවුන් රඳවා තබාගෙනයි. පසුගිය අඟහරුවාදා නාවුරු රැඳවුම් කඳවුරේ දී සිරුරට ගිනි තබා ගත් ඔමිඩ් නම් පුද්ගලයා ගුවන් මගින් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් රෝහලට රැගෙන ආවේ දරුණු පිළිස්සුම් තුවාල සහිතවයි. මියගිය පුද්ගලයාගේ බිරිඳට සහ මිතුරන්ට 'ප්‍රමාණවත් ආරක්ෂාවක්' සපයමින් තිබූ බවයි ඕස්ට්‍රේලියාවේ ආගමන කටයුතු සහ දේශසීමා ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ. වාර්තාවන ආකාරයට එක්සත් ජාතීන්ගේ සංවිධානය කඳවුරට පැමිණි මොහොතක මෙම ගිනිතබා ගැනීම සිදුවූ ආකාරය දැක්වෙන වීඩියෝවක් ඕස්ට්‍රේලියානු ප්‍රවෘත්ති වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය කර තිබුණි. මෙම සිදුවීම වාර්තා වන්නේ ඔස්ට්‍රේලියාව් මගින් පැපුවා නිව්ගිනියාවේ මෙනුස් දුපතේ පවත්වාගෙන යන කඳවුර වසා දැමෙන බවට අනතුරු ඇඟවීම නිකුත්වී තිබෙන අතරතුරදීය. පැපුවා නිව්ගිනියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විසින් එම කඳවුර ව්‍යවස්ථා විරෝධී බවට තීන්දුවක් දුන්නේද පසුගිය අඟහරුවාදාය. ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් ඔහුට පෙර සිටි අගමැත්වරයා වූ ටෝනි අබට් ගේ දැඩි ප්‍රතිපත්තියම සරණාගතයන් වෙනුවෙන් අන්ගමනය ���රමින් සිටී අවිනිශ්චිත ජීවිත අධිකරණ තීන්දුවත් සමග මෙනුස් දුපතේ රඳවා සිටින පිරිමින් 850 දෙනෙකුගෙන් යුතු සරණාගතයන් කණ්ඩායමේ අනාගතය අවිනිශ්චිතව පවතිනතර ඕස්ට්‍රේලියා රජය පපුව නිව්ගිනියා රජය සමග සාකච්ඡා පැවැත්වීමේ සුදානමක් පවතී. අධිකරණ තීන්දුවෙන් පසු පැපුවානිව්ගිනියාවේ අගමැති පීටර් ඕනීල් ඔස්ට්‍රේලියාවට පවසා තිබුනේ කඳවුරු වසා දැමිය යුතු බවයි. එහෙත් ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් නොකඩවා පැවසුවේ පැපුවානිව්ගිනි හි සිටින අකිසිදු සරණාගතයෙකු ඔස්ට්‍රේලියාව තුලට නොගන්නා බවයි. අගමැති ටර්න්බුල් මෙම සරණාගතයන් නවසීලන්තයට යැවීමට තීරණය කර තිබෙන අතර මීට පෙර ඔස්ට්‍රේලියාව බාරගැනීමට අකමැති වූ ඇතැම් සරණාගතයන් බාරගැනීමට ඉදිරිපත් වුයේ නවසීලන්තයයි. එම තීරණය මිනිස් ජාවාරම් කරුවන්ට අවස්තාව ලබා දීමක් බවයි ඔස්ට්‍රේල්යාව පවසන්නේ. ""අපි මේ කරණය ඉතාමත් පැහැදිලිව හඳුනාගත යුතුයි අපිට බැහැ ඉතා දුක්ඛිත තත්වයෙන් පසුවන බොහෝ අයගේ තත්වය අපේ තීරණ වලට බලපෑම් කරන්න ඉඩ දෙන්න. අපේ රටේ ආරක්ෂාව තමයි මුල් තැනට එන්න ඕන"" යනුවෙනුයි අගමැතිවරයා පැවසුවේ." -130604_casino_yapa_jvp,https://www.bbc.com/sinhala/sri_lanka/2013/06/130604_casino_yapa_jvp,කැසිනෝ ව්‍යාපාරය සංවර්ධන ව්‍යාපෘතියක් නොවේ - ආණ්ඩුව,කැසිනෝ සූදු ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ක්‍රමෝපායික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙසින් හඳුනාගෙන නැතැයි ආණ්ඩුව පවසයි.,"'මෙම ව්‍යාපෘතිය අවම වශයෙන් හෝටල් කාමර 400 කින් ද, රිටේල් ෂොපින්, එන්ටර්ටේන්මන්ට් ෆැසිලිටීස්වලින් සමන්විත වේ' ඕස්ට්‍රේලියාවේ කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් ගේ ව්‍යාපෘතියකට අසාමාන්‍ය අන්දමින් බදු සහන ලබාදෙමින් ඔහුට ශ්‍රී ලංකාවේ ""පුංචි ආණ්ඩුවක්"" බවට පත්වීමට අවසර දී ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ එල්ල කරන චෝදනාවද ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන පාර්ලිමේන්තුව අමතමින් එම ප්‍රකාශය කළේ, ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත පවරා තිබෙන පරමාර්ථ අතුරින් ආර්ථික සංවර්ධනය සඳහා සෘජු විදේශීය ආයෝජනය මගින් නව රැකියා අවස්ථා උදාකිරීම ප්‍රමුඛම කාර්යයක් බව පවසන අමාත්‍යවරයා, එම පරමාර්ථ ඉටුකිරීම සඳහා වූ රජයේ ආර්ථික ප්‍රතිපත්තිය අනුව සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය ප්‍රමුඛ වී තිබෙන බවද ප��වසීය. වසර 13ක් බද්දෙන් නිදහස් මුදල් අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගියදා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වෙත යවන ලද ලිපියක, ජේම්ස් පැකර්ගේ ඕස්ට්‍රේලියානු ක්‍රවුන් සමාගම විසින් කොළඹ ආරම්භ කිරීමට සැරසෙන මහා පරිමාණ ව්‍යාපාරය වෙනුවෙන් ලබා දීමට සූදානම් වන බදු සහන පිලිබඳ විස්තරයක් ඇතුලත් වන බවයි, අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසන්නේ. ලාභයෙන් සියයට හතලිහක බද්දක් අය කළ යුතු ව්‍යාපාරයකට ""අසීමිත බදු නිදහසක්"" ලබා දී ඇති බව ජවිපෙ පවසයි කැසිනෝ සමාගම ආරම්භයේ සිට අඩුම තරමින් වසර දහ තුනක් ආදායම් බද්දෙන් නිදහස් කොට ඇති බව පවසන මන්ත්‍රීවරයා, එම කාලය අවසානයේ සමාගමේ ලාභවලින් අය කළ යුත්තේ සියයට හයක් හෝ හෝටල් කර්මාන්තයේ බදු ගණනයෙන් සියයට පණහක් යන දෙකෙන් අඩු අගය බව ද පවසයි. කෙසේ නමුත් මෙම නිර්දේශිත බදු සහණ කිසිසේත්ම විශේෂ සහණයක් නොවන බවයි, අමාත්‍ය අබේවර්ධන පවසන්නේ. 2016 වසර සඳහා මිලියන 2.5 ක සංචාරකයන්ගේ පැමිණීමක් සහ සෘජු විදේශීය ආයෝජන ඇමෙරිකානු ඩොලර් බිලියන දෙක සඳහා අපේක්ෂා කරන බව පවසන අමාත්‍යවරයා ඒ සඳහා ආයෝජකයන්ට බදු සහන ලබාදීම ඇතුළු ක්‍රියාමාර්ග ආණ්ඩුව විසින් අනුගමනය කොට ඇති බව පවසයි. ""මෙය කැසිනෝ ව්‍යාපෘතියක්ද නොවේ. මෙම ව්‍යාපෘතිය අවම වශයෙන් හෝටල් කාමර 400 කින් ද, රිටේල් ෂොපින්, එන්ටර්ටේන්මන්ට් ෆැසිලිටීස්වලින් සමන්විත වේ,"" යනුවෙන්ද අමාත්‍යවරයා සිය පිළිතුරු ප්‍රකාශයේ සඳහන් කළේය. 'දනින් වැටිලා' මෙම ව්‍යාපෘතිය මගින් ඩොලර් මිලියන 350 ක සෘජු ආයෝජනයක් මෙන්ම රැකියා 2600 ක් උත්පාදනය වනු ඇතැයි බලාපොරොත්තු වන බවද අමාත්‍ය යාපා පවසයි. කෙසේ නමුත් ලාභයෙන් සියයට හතලිහක බද්දක් අය කළ යුතු ව්‍යාපාරයකට ""අසීමිත බදු නිදහසක්"" ලබා දීමෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව ""සූදු රජා අභියස දනින් වැටී සිටින"" ආකාරය පැහැදිලි කෙරෙන බවයි, අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසන්නේ. එය ක්‍රවුන් සමාගමේ සභාපතිව ජේම්ස් පැකර්ගේ කළු සල්ලි සුදු කිරීම පිණිස ලබා දී ඇති නිදහසක් බව ඔහුගේ මතයයි. ඕස්ට්‍රේලියාවේ විශාලතම නිවාඩු නිකේතන හා විනෝදාස්වාද ව්‍යාපාර අතුරින් එකක් වන ක්‍රවුන් සමාගම මෙල්බර්න්, පර්ත්, මැකාවු සහ ලන්ඩන් නගර වල ව්‍යාපාර පවත්වාගෙන යයි. ඔවුන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගයක් වන්නේ කැසිනෝ මුල් කොට ගත් සූදුවයි." -sri-lanka-38897278,https://www.bbc.com/sinhala/sri-lanka-38897278,පියයුරු පිළිකා ගැන ශ්‍රී ලංකාවේ පු��ුෂයන් දැනුවත්ද?,කාන්තාවන් මෙන්ම පුරුෂයන් ද පියයුරු පිළිකාවලට ගොදුරු විය හැකි නමුත් ශ්‍රී ලංකාවේ බහුතරයක් පුරුෂයින් ඒ සම්බන්ධයෙන් දැනුවත් නොමැති බව පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා පවසයි.,"ඔහු ඒ බව කියා සිටියේ වසරකට බ්‍රිතාන්‍යයේ පුරුෂයන් සිය ගණනක් පියයුරු පිළිකාවලට ගොදුරුවන බවට පළ වූ සමීක්ෂණ වාර්තාව පිළිබඳ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි. පියයුරු පිළිකාවක් වැළඳුණු පුරුෂයකුගේ රෝග ලක්ෂණ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා විස්තර කළේය. රෝග ලක්ෂණ පියයුරු පිළිකාවලට ගොදුරුවන කාන්තාවන් හාරදහසත් පන්දහසත් අතර සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව වාර්තාවන බව කී විශේෂඥ වෛද්‍යවරයා පුරුෂයන් පනස් දෙනෙකු පමණ වාර්ෂිකව පියයුරු පිළිකාවලට ගොදුරුවන බව පෙන්වා දෙයි. පියයුරු පිළිකාවලට ගොදුරුවන පුරුෂයන් ඇතැම් විට මිය යන බවත් ඔහු පැවසීය. ""ඒකට හේතුව තමයි පුරුෂයන්ට පියයුරු නැති නිසා ඉතා ඉක්මනින් පෙනහළු, පපු බිත්තිය දෙසට පිළිකාව විහිදෙන්න පුළුවන්"" පුරුෂයන්ට පියයුරු පිළිකා ඇතිවීමට හේතු කීපයක් බලපෑ හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුණි. පිළිකාවට හේතු විය හැකි කරුණු ""කාන්තාවකගේ වගේ පියයුරු ලොකු වූ තරුණයින් ඉන්නවා. එවැනි පුද්ගලයන්ගේ ශරීරයේ ඇති හෝමෝන ප්‍රමාණය පිළිබඳ පරික්ෂා කර කිසියම් ප්‍රතිකාරයක් කළ යුතුයි."" පුරුෂයන්ගේ පියයුරු විශාල වීමට හේතු කීපයක් බලපෑ හැකි බවත් වෛද්‍යවරයා සඳහන් කළේය. පුරුෂයින්ගේ පියයුරු විශාල වන්නේ ඇයි? ""පුරුෂයකුගේ පියයුරු පුරුෂයකුගේ තිබිය යුතු ප්‍රමාණයට වඩා විශාල නම් පොඩ්ඩක් ඒ පිළිබඳ සොයා බැලිය යුතුයි."" පුරුෂ පියයුරු පිළිකා ශ්‍රී ලංකාවේ බහුලව දැකිය නොහැකි නිසා මිනිස්සු ඒ පිළිබඳ දන්නා ප්‍රමාණයත් අඩුයි"" පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා වැඩිදුරටත් කියා සිටියේය." -sri-lanka-39684435,https://www.bbc.com/sinhala/sri-lanka-39684435,'කුණු' මත යැපෙන රටක්,මීතොටමුල්ල කුණු කන්ද නාය යාමත් සමග සිදු වූ ඛේදවාචකය හමුවේ කසළ ප්‍රතිචක්‍රීකරණය සහ කළමනාකරණය පිළිබඳ රට තුළ සංවාදයක මතු වෙමින් පවතී.,"කසළ රැගත් දුම්රිය කිලෝමීටර 1000 දුර ගෙවා ඕස්ට්‍රියාවට ළඟා වේ කසළ ප්‍රතිචක්‍රීකරණය සහ කසළ අංගන වෙත බැහැර කෙරෙන අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව ඇතැම් ක්‍රියාධරයෝ පවසති. මීතොටමුල්ල කුණු කන්ද නාය යාම��න් අනතුරුව වත්මන් ආණ්ඩුවේ සහ පැවති පාලනයේ ප්‍රධානීහු ඒ පිළිබඳ විවිධ අදහස් පළ කරති. ඒ පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය 19 වෙනිදා කියා සිටියේ එකිනෙකාට චෝදනා කර ගැනීමෙන් වැළකී රජයක් ලෙස එහි වගකීම භාර ගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවය. මීතොටමුල්ල ඛේදවාචකයෙන් අනතුරුව පසුගිය 15 වෙනිදා මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ කසළ අර්බුදයට ස්ථීර විසඳුමක් ලබා දීමට නොහැකි වූයේ මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභා අතර පවතින කඹ ඇදිල්ල හේතුවෙන් බවය. කසළ ප්‍රතිචක්‍රීකරණය සහ කළමනාකරණය කසල කළමනාකරණය කළ යුත්තේ කෙසේද? කසළ ප්‍රතිචක්‍රීකරණය හා කසල අංගන වෙත බැහැර කෙරෙන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම, සමාන්තරව සිදු විය යුතු බව කසළ කළමනාකරණය පිළිබඳ විශේෂඥ සුජාතා ගමගේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසීය. ඇය පවසන පරිදි කසළ ප්‍රතිචක්‍රීකරණය කොටස් දෙකකට බෙදිය හැක. රෝමයේ කසළ ඕස්ට්‍රියාවට මේ අතර වෙනත් රටක බැහැර කරනු ලබන කැලිකසළ සිය රට වෙත ගෙන ගොස් බල ශක්තිය බවට පරිවර්තනය කරන රටක් පිළිබඳ යුරෝපයෙන් වාර්තා වේ. රටේ නිවාසවලට අවශ්‍ය බල ශක්තිය උත්පාදනය කිරීම සඳහා ඕස්ට්‍රියාව යොදා ගනු ලබන්නේ රෝමයේ බැහැර කරනු ලබන කැලිකසළය. රෝමයේ සිට කැලිකසළ ප්‍රවාහනය කෙරෙන්නේ දුම්රිය මාර්ග ඔස්සේය. සිය කසළ අර්බුදයට නිසි විසඳුම් ලබා දීමට රෝමය අපොහොසත් වී ඇති අතර ඕස්ට්‍රියාවේ වියානා නුවර ආසන්නයේ පිහිටි කසළ බල ශක්තිය බවට පත් කෙරෙන බලාගාරයක් සතුව අතිරේක ධාරිතාවක් පවතී. ඒ අනුව ඇති කර ගත් ගිවිසුමකට අනුව මේ වසරේ රෝමයේ නිවාසවලින් බැහැර කරනු ලබන අපද්‍රව්‍ය ටොන් 70,000 ක් ඉවත් කිරීම සඳහා ඉතාලිය, EVN නමැති ඕස්ට්‍රියානු සමාගමට මුදල් ගෙවනු ලබයි. ඇල්ප්ස් කඳු වැටි ඔස්සේ දුම්රියෙන් රෝමයේ කසළ අර්බුදය ඇල්ප්ස් කඳු වැටිය ඔස්සේ උතුරු දිග ඉතාලිය හරහා දුම්රිය මාර්ගයෙන් ප්‍රවාහනය කෙරෙන අපද්‍රව්‍යවල අවසන් නැවතුම EVN ආයතනයට අයත් ඕස්ට්‍රියාවේ තාප කසළ බලාගාරයකි. සතියකට තුන් වරක්වත් දුම්රිය ඔස්සේ කසළ ප්‍රවාහනය කෙරෙන අතර එක් දුම්රියක් තුළ ආසන්න වශයෙන් අපද්‍රව්‍ය ටොන් 700 ක්වත් අඩංගු වේ. එලෙස ප්‍රවාහනය කෙරෙන කැලිකසළ පුළුස්සනු ලබන අතර එමගින් වාෂ්ප උත්පාදනය කරනු ලබයි. එම වාෂ්ප අසල්වැසි බලාගාර වෙත යවනු ලබන අතර ඒවා විදුලි බලය බවට පරිවර්තනය කෙරෙයි. ඉන් ඕස්ට්‍රියාවේ ලෝවර් පළාතේ නිවාස එක්ලක්ෂ හැත්තෑ දහසකට විදුලිය ලබා දෙයි. රෝමයේ සිට ඕස්ට්‍රියාව දක්වා කිලෝමීටර 1000 ක දුරක් කසළ ප්‍රවාහනය කිරීමට සිදු වුවද එය, කසළ අංගන වෙත ගොඩ කෙරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කර ගැනීම සඳහා යුරෝපා සංගමය විසින් ගනු ලබන උත්සාහයේ එක් කොටසකි. කසල අර්බුදය සහ දේශපාලනය කසළ, විදුලිය බවට EVN තාප කසළ බලාගාරයේ ප්‍රධානී ගර්නොට් ඇල්ෆොන්ස් පවසන පරිදි ඔවුන් අනුගමනය කරනු ලබන ක්‍රමවේදය පරිසර හිතකාමී වන අතර එහි ප්‍රධාන සාධකය කසළ දුම්රියයි. ""අනෙක් විකල්පය වන්නේ මේ කසළ අංගන වෙත ගොඩ කිරීම. එසේ කසළ ගොඩ කිරීමෙන් මීතේන් වායුව විශාල වශයෙන් මුදා හැරෙනවා"" යනුවෙන් ඔහු පැවසීය. කසල අර්බුදය හමුවේ රෝම වැසියෝ දැඩි නොසතුටට පත්ව සිටිති. කසළ බැහැර කෙරෙන අංගන තුළ තවදුරටත් ප්‍රමාණවත් ඉඩකඩ නොමැති අතර කසල අර්බුදයට හේතුව එය පමණක්ම නොවේ. එය දේශපාලනය හා බැඳුනු ගැටලුවකි." -world-43160086,https://www.bbc.com/sinhala/world-43160086,ශ්‍රී ලංකාවේ බෞද්ධ ජාතිකවාදය උත්සන්න වෙලා - ඇම්නස්ටි ජාත්‍යන්තරය,"සමස්තයක් ලෙස ගතව ගිය වසරේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වයේ යහපත් ප්‍රවණතා දක්නට ලැබුණ ද, සුළුතර මුස්ලිම් සහ ක්‍රිස්තියානි ප්‍රජාවට එරෙහි ප්‍රහාර යළිත් වරක් මතුවීම සහ අතීත වැරදිවලට දඬුවම් නොදීම බරපතල අවධානයට ලක්ව තිබෙන බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් පවසයි.","කෙසේ වුවත්, භාෂණයේ නිදහස වැනි ඇතැම් ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් දකුණු ආසියාවේ වෙනත් බොහෝ රටවල තත්වය යහපත් නොවූවද, ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳව ඇම්නස්ටි ජාත්‍යන්තරය නිකුත් කළ වාර්ෂික වාර්තාවේ ප්‍රබල අවධානයක් පළ වී නොමැති වීමත් විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ බලහත්කාර අතුරුදහන් කරවීම් සම්බන්ධයෙන් තවමත් යුක්තිය ඉටු නොවීම, ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දු වූ ප්‍රකාර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි නොකිරීම, යුද සමයේ සිදු වූ බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව සත්‍යය සෙවීම සහ යුක්තිය ඉටුකිරීම පමාවීම සහ සුළු ජනකොටස්වලට එරෙහිව සිදු කෙරෙන නොසලකා හැරීම් සම්බන්ධයෙන් වාර්තාව විශේෂයෙන් සඳහන් කරයි. 2015 දී ශ්‍රී ලංකාවේ සම අනුග්‍රාහකත්වයෙන් සම්මත කරගන්නා ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 30/1 යෝජනාව ප්‍රකාර සත්‍යය සෙවීම සහ යුද සමයේ සිදුවීම් යළිත් සිදු නොවීම පිණිස වසර අවසානය වනවිට ��්‍රියාත්මක කළ යුතුව තිබුණු කරුණු මෙතෙක් ඉටු කර නොමැති බව පෙන්වා දෙන වාර්තාව, විශේෂයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය සහ බුදු දහමට හිමි ස්ථානය සම්බන්ධ මතභේද හමුවේ නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය ද අතරමග ඇණහිට තිබෙන බවත් පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය වධ බන්ධන ශ්‍රී ලංකා බලධාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අති බහුල වශයෙන් යොදා ගනු ලබන්නේ දෙමළ ජනතාවට එරෙහිව බවට පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ත්‍රස්තවාදය පිටුදැකීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් කළ නිරීක්ෂණය පිළිබඳව සඳහන් කරන ඇම්නස්ටි ජාත්‍යන්තරය, එම පනත වෙනුවට වෙනත් පනතක් හඳුන්වා දෙන බවට දුන් ප්‍රතිඥාව මෙතකේ ඉටු වී නොමැති බවත් පෙන්වා දෙයි. මේ තත්වය යටතේ රැඳවියන්ට තවදුරටත් වධ බන්ධන පණවන බවට වාර්තා ලැබෙමින් තිබෙන බවත් වාර්ෂික වාර්තාවේ දැක්වේ. විශේෂයෙන්ම පසුගිය වසරේ මාර්තු මාසයේ ජිනීවා නුවරදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව විමර්ශනයට ලක් වූ අවස්ථාවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා ජාතික මානව හිමිකම් කොමිසම සඳහන් කළේ, රැඳවියන්ට එරෙහිව වධ බන්ධන පැනවීමේ සිදුවීම් විශාල ප්‍රමාණයක් තමන්ට වාර්තා වී තිබෙන බවය. විශේෂයෙන්ම වධ බන්ධන පැනවීමේ චෝදනා බහුල වශයෙන් එල්ලවන්නේ පොලිසියට එරෙහිව බව ද ජාතික මානව හිමිකම් කොමිසම පිළිගෙන තිබේ. මේ අතර පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාව වධ බන්ධනවලට එරෙහි ප්‍රඥප්තියට අත්සන් තැබුවේය. අතුරුදහන් කරවීම් 2016 දී බලහත්කාර අතුරුදහන් කරවීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් තැබූ ශ්‍රී ලංකාව, මේ වනතුරුම එය නීතිගත කිරීමට අපොහොසත්වීම ඇම්නස්ටි ජාත්‍යන්තරයේ වාර්ෂික වාර්තාවේ දැක්වෙන තවත් ප්‍රධාන කරුණකි. පසුගිය වසරේ ජුලි මාසයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඒ සම්බන්ධ පනත විවාදයට ගැනීමට නියමිතව තිබුණ ද, එය ""රණවිරු දඩයමක්"" බවට ඇතැම් භික්ෂූන් වහන්සේගෙන් සහ ඒකාබද්ධ විපක්ෂය ඇතුළු කණ්ඩායම්වලින් එල්ල වූ විරෝධය හමුවේ දින නියමයකින් තොරව එය කල් දමනු ලැබ තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය වසරේ ජුලි මාසයේ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය(OMP) පිහිටුවීමේ සංශෝධන පනතට අත්සන් තැබූ නමුත්, මෙතෙක් එම කාර්යාලය ද පිහිටුවා නොමැත. 2006 ජනවාරි මාසයේ ආරක්ෂක අංශ විසින් ත්‍රිකුණාමලයේ ශිෂ්‍යයන් පස් දෙනා ඝාතනය කිරීම, 2006 දී මුතූර් ප්‍රදේශයේදී ආධාර සේවකයන් 17 දෙනෙකු ඝාතනය කිරීම, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම මෙන්ම ප්‍රගීත් එක්නැලිගොඩ, ලලිත් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් අතුරුදහන් කිරීම වැනි යුද සමයේ අපරාධවලට වගකිවයුත්තන්ට මෙතෙක් දඬුවම් කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් අපොහොසත් වී ඇති බව ද ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් වාර්තාව සිහිපත් කරයි. පසුගිය ජුනි මාසයේදී එවක අධිකරණ අමාත්‍යවරයා වූ විජේදාස රාජපක්ෂ විසින් මානව හිමිකම් නීතිවේදී ලක්ෂාන් ඩයස්ගේ නීතිඥ පදවිය අහෝසි කිරීමට කටයුතු කරන බවට කළ තර්ජනය ද වාර්තාවේ සිහිපත් කර තිබේ. නොසලකා හැරීම් නීතිය රැකීමේ බලධාරීන් දෙමළ ජනතාව දිගින් දිගටම හිරිහැරයට ලක් කරමින් සිටින බව පවසන ඇම්නස්ටි ජාත්‍යන්තරය වැඩිදුරටත් පවසන්නේ මුස්ලිම් සහ ක්‍රිස්තියානි ප්‍රජාවන්ට එරෙහිව දිගින් දිගටම එල්ලවන තර්ජන සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව පියවර ගැනීමට පොලිසිය අපොහොසත්ව ඇති බවය. ඒ අතරම මුස්ලිම් පුද්ගල නීතිය ඇතුළු ඇතැම් නීතිවල පවතින නොසලකා හැරීමේ වගන්ති සංශෝධනය කිරීමට කටයුතු කරන මෙන් එක්සත් ජාතීන්ගේ කමිටුවක් පසුගිය මාර්තු මාසයේ ශ්‍රී ලංකා ආණ්ඩුවට දැනුම් දුන් බවත් වාර්තාව සිහිපත් කරයි. මුස්ලිම් විවාහ නීතියට අනුව ළමා විවාහවලට මග පැදීම, විවාහක පුරුෂයා විසින් සිදුකරනු ලබන ස්ත්‍රී දූෂණ දූෂණයක් ලෙසින් පිළිනොගැනීම සහ මුස්ලිම් අධිකරණවල විනිසුරුවරුන් ලෙසින් ක්‍රියාකිරීමට කාන්තාවන්ට අවසර නොලැබීම පිළිබඳව එක්සත් ජාතීන් විශේෂ අවධානය යොමු කර තිබුණි. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ තවමත් කාන්තාවන්ට සහ දැරියන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා, ළමා විවාහ සහ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් දඬුවම් ලබා නොදීමේ වාතාවරණයක පවතින බව ද ඇම්නස්ටි ජාත්‍යන්තරය බ්‍රහස්පතින්දා (පෙබරවාරි 23) නිකුත් කළ වාර්ෂික වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ. තවත් කියවන්න:" -world-46265606,https://www.bbc.com/sinhala/world-46265606,නිදහසේ කුණු කූඩය: පිස්නය,නිවසේ කටයුතු සහ පිරිසිදු කිරීම කාන්තාවන්ගේ වගකීමක් ලෙස සාම්ප්‍රදායික මතයක් ගොඩ නැගී තිබේ.,"ස්ත්‍රී-පුරුෂභාවය මත තීරණය කර ඇති මෙම සාම්ප්‍රදායික කාර්යභාරවලට සමාජයේ විවිධ කණ්ඩායම්වලින් අභියෝග එල්ල වූවත්, නිවසේ කටයුතු ඉටු කිරීම පූර්ණ හෝ අර්ධ කාලීන රැකියාවක් වන අතර, දැනටත් සිය නිවස පිරිසිදුව, පිළිවෙළ��� තබා ගැනීමට සමාජයෙන් බලපෑම් එල්ල වේ. කාන්තාවන් පුරුෂයන්ට වඩා නිවසේ වැඩ කටයුතු ඇතුළු වැටුප් රහිත වැඩ 60%ක් පමණ වැඩිපුර සිදු කරන බව 2016 දී බ්‍රිතාන්‍යයේ සිදු කළ ගවේෂණයක දී හෙළි විය. පහත ලැයිස්තුවෙන් යමක් තෝරා එය පීඩාකාරී බවේ සංකේතයක් වන්නේ කෙසේ දැයි දැනගන්න රූපලාවණ්‍ය උපකරණ ""රූපලාවණ්‍ය නොමැතිව නිවසින් එලියට ගියත් පුරුෂයන් ගැන කිසිවක් කියන්නේ නෑ."" ඇඟට අපහසු මෝස්‌තර ""කාන්තාවෝ ඒවා පළඳින්නේ ඇයි කියල මට හිතාගන්න බෑ. ඒවා වේදනාකාරීයි, ප්‍රායෝගික නෑ වගේම ඔබේ ශරීරයට හානිකර වෙන්න පුළුවන්."" මුළුතැන් ගෙයි උපකරණ ""කාන්තාව අයිති වෙන්නේ කුස්සියට කියන දේ සාමාන්‍යකරණය වීම මට එපා වෙලා තියෙන්නේ."" - එමා නිවසේ මෙහෙවර ""සමානාත්මතාව පටන් ගන්නේ පවුලෙන්. ඒ නිසා කොල්ලනේ ඔය පස්ස උස්සලා පිරිසිදු කරන්න පටන් ගන්න."" තනපට ""ලස්සන වෙන්න කියල කාටවත් මට බලකරන්න බෑ. තනපට නැතත් මම ලස්සනයි, ඒ වගේම බුද්ධිමත්."" - ලීසා ජනප්‍රිය තරු ""හැම නිරූපිකාවකටම තියෙන්නේ එක වගේ ඇඟක්. එයාලට තියෙන්නේ දුක්ඛිත පෙනුමක් - හරිම නීරසයි!."" - වෙන්ඩි මංගල උත්සවය ""මංගල මුද්ද කාන්තා විරෝධීයි කියල මම විශ්වාස කරනවා. මුද්ද පැළඳ ගත්ත කාන්තාව තවත් කෙනෙකුට අයිතියි කියන අදහසක් ඒකෙන් කියවෙනවා."" - මැටිල්ඩා සමාජ මාධ්‍ය ජාල ""ජංගම දුරකථන තරුණ අයගේ මානසික සෞඛ්‍යයට බොහොම නරකයි. විශේෂයෙන්ම දැරියන්ට. ඔවුන්ට නිතරම අස්වාභාවික සහ භයානක පරමාදර්ශවලට මුහුණ දෙන්න වෙනවා."" - රොෂාන් දැරියන්ට වෙන් වූ සෙල්ලම් බඩු ""දැරියන්ට සහ දරුවන්ට වෙන්වුණ සෙල්ලම් බඩුවලින් කරන්නේ සමහර දේවලට විතරක් කැමති වෙන්න කියල දරුවන්ට කියන එක."" - ඇනා තවත් යමක් පීඩාකාරී බවේ සංකේත යනු කවරක්ද? ""නිදහසේ කුණු බක්කිය"" ව්‍යාපාරයේ පසුබිම දැනගෙන ඔබේ තෝරාගැනීමක් ද යෝජනා කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ලෝකය පුරා වැටුප් ලැබෙන සහ නොලැබෙන රැකියා සඳහා ගතවෙන කාලය මැන බැලීමේ දී, සංවර්ධිත රටක කාන්තාවක් පුරුෂයෙකුට වඩා දිනකට සාමාන්‍යයෙන් මිනිත්තු 30ක කාලයක් වැඩ කරන අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල එය මිනිත්තු 50ක් දක්වා දීර්ඝ වේ. මෙයින් හැඟවෙන්නේ, දිනකට පැය අටක නින්දක් ලබාගතහොත්, පුරුෂයන් සමග සංසන්දනය කිරීමේදී කාන්තාවන්ට වසරකට කෙටි දින 19ක් ඇති බවය." -140711_diabetes_surgery,https://www.bbc.com/sinhala/world/2014/07/140711_diabetes_surgery,දියවැඩියාව වැළැක්වීමට නව ශල්‍ය කර්මයක්,බ්‍රිතාන්‍යයේ සෞඛ්‍යය සහ නිරෝගී බව සුරැකීමේ ජාතික ආයතනය විසින් දෙවන ගණයේ දියවැඩියාව වැළැක්වීමට නව ශල්‍ය කර්මයක් හඳුන්වා දී තිබේ.,"දෙවන ගණයේ (Type Two) දියවැඩියාව අන්ධ භාවය, ශරීරයේ කොටස් ඉවත් කිරීමට සිදුවීම, මෙන්ම හෘද ආබාධ ඇති කිරීමට හේතු වේ. ශරීරයේ අධික බර දියවැඩියාව ඇති කිරීමට එක හේතුවක් ලෙස හඳුනා ගෙන ඇත. නවතම පරීක්ෂණයකට අනුව ස්ථුල බව පාලනය කිරීමෙන් දියවැඩියාව වැළඳීම වළක්වා ගැනීමට හැකියාවක් පවතින බව ‘නයිස්’ නමැති බ්‍රිතාන්‍යයේ සෞඛ්‍යය සහ නිරෝගී බව සුරැකීමේ ජාතික ආයතනය විසින් සොයා ගෙන තිබේ. ‘ගැස්ට්‍රයිටික්ස් බයි පාස්’ නමැති ශල්‍ය කර්මය මගින් අධි බර පාලනය කිරීම සිදු කෙරෙන අතර එමගින් දියවැඩියාව වැළඳීම වැළැක්වීම නයිස් ආයතනයේ නව සොයා ගැනීමයි. පසුගිය වසර දහය තුළ දියවැඩියා රෝගීන් ලෙස වාර්තා වූ පුද්ගලයන් සියලු දෙනා මෙම ශල්‍ය කර්මයට සුදුසු බවයි ඔවුන් පවසන්නේ. ‘නයිස්’ ආයතනයේ සභාපති ආචාර්ය මාක්ස් බේකර් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ආහාර පාලනය මගින් සහ ව්‍යායාම මගින් අධික බරින් පීඩා විඳින රෝගීන්ගේ ශරීර බර අඩු කර ගැනීමට උපකාර කිරීමට ඔවුන් දිගටම උත්සාහ කරන බවයි. දියවැඩියාව පාලනය නමුත් දියවැඩියාව හේතුවෙන් ජීවිත තර්ජන වලට මුහුණ දී සිටින රෝගීන් මෙම ශල්‍ය කර්මයට යොමු කිරීමෙන් ඔවුන් සිටින අනතුරුදායක මට්ටමෙන් ගළවා ගත හැකි බව ඔහුගේ අදහසයි. රාත්තල් 238ක් පමණ අධි බරැති පිරිමින් සහ රාත්තල් 210ක් පමණ අධි බරැති කාන්තාවන්ට මෙය හඳුන්වා දීම ආයතනයේ බලාපොරොත්තුවයි. පළමු අවදියේම මේ ශල්‍ය කර්මයට ලක් කිරීම මගින් දෙවන ගණයේ දියවැඩියාව ඉතා පහසුවෙන් පාලනය කර ගැනීමට හැකියාව ඇති බවත් ඔහු පවසයි. බ්‍රිතාන්‍ය දියවැඩියා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිණිය වන බාබරා යන්ග් සාමිවරිය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ දියවැඩියා රෝගීන් අට ලක්ෂයකට මේ ශල්‍ය කර්මය හඳුන්වා දීම සුදුසු බව තමන් නොසිතන බවයි. මෙම රෝගීන්ට ඉතුරු වී ඇත්තේ විකල්ප දෙක තුනක් පමණක් බව පැවසු ‘ලීඩ්ස් නෆීල්ඩ්’ රෝහලේ ස්ථුල භාවය පිළිබඳ ශල්‍ය වෛද්‍ය ජේම්ස් හොල්ස්ටඩ් කියා සිටියේ වසර ගණනාවක සිට ශරීරයේ බර අඩු කර ගැනීමට, ආහාර පාලනය කරමින් ව්‍යායාම කරමින් මෙම රෝගීන් ගන්නා උත්සාහයට එකතු කළ හැකි තවත් එක ප්‍රතිකාරයක් ලෙස මෙම ශල්‍ය කර්මය හැඳින්විය හැකි බවයි." -130108_cj_opposition_leaders,https://www.bbc.com/sinhala/sri_lanka/2013/01/130108_cj_opposition_leaders,දෝෂාභියෝග යෝජන��ව විවාදයට ගන්න එපා - විරුද්ධ පක්ෂ,"විරුද්ධ පක්ෂවල විරෝධය නොතකා අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය පිලිබඳ පාර්ලිමේන්තුවේ විවාද කිරීමට ආණ්ඩුව කටයුතු කල හොත්, එය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව විරුද්ධ පක්ෂ නායකයෝ පවසති.","දෝෂාභියෝගය විභාග කිරීමට පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට බලයක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය කතානායක චමල් රාජපක්ෂ වෙත ඒකාබද්ධ ලිපියක් යොමු කරන විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂවල නායකයෝ, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය හිමිවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බව හිටපු කතානායක අනුර බණ්ඩාරනායක පමණක් නොව වත්මන් කතානායකවරයා විසින්ද මීට කලින් තීන්දු කොට තිබෙන බව පෙන්වා දෙයි. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයක් විභාග කිරීමට පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට බලයක් නොමැති බවට පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ අනුර බණ්ඩාරනායක කතානායකවරයාගේ එම තීන්දුව ද උපුටා දක්වමින්. එම තීන්දුව පදනම් කරගෙන ඊයේ අභියාචනාධිකරණය තීන්දු කළේ අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග වාර්තාව බල රහිත බවයි. යෝජනාවට එරෙහිව ඡන්දය මේ තත්ත්වය යටතේ අගවිනිසුරුවරියට එරෙහි චෝදනා විභාග කිරීමට ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත් නොකරන්නේ නම්, ඇය පදවියෙන් පහ කිරීම සම්බන්ධ කිසිදු යෝජනාවක් පාර්ලිමේන්තුව විසින් විවාද නොකළ යුතු බවයි, විරුද්ධ පක්ෂ නායකයන් පෙන්වා දෙන්නේ. එකී තීන්දු නොතකා යෝජනාව විවාදයට ගන්නේ නම් එය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව පවසන ඔවුහු, මේ පිලිබඳවා සාකච්ඡා කිරීම සඳහා වහාම පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කැඳවන මෙන් කතානායකවරයා ගෙන් ඉල්ලා සිටිති. එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ජෝන් අමරතුංග, දෙමළ ජාතික සන්ධානයේ මාවයි සේනාධිරාජා සහ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හා ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් මන්ත්‍රීවරු එම ලිපියට අත්සන් තබා තිබෙන අනෙක් පක්ෂ නායකයන්. මේ අතර යෝජනාව විවාදයට ගන්නේ නම්, විවාදයට සහභාගි වී යෝජනාවට එරෙහිව ඡන්දය භාවිත කිරීමට එජාප පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කොට තිබේ. 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී සිය පක්ෂයෙන් තේරී පත්වූ සියලුම මන්ත්‍රීවරුන් මෙම තීන්දුවට අනුකූලව ක්‍රියා කළ යුතු බව පක්ෂේ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා ව���සින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ. ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලි, ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මනූෂ නානායක්කාර ඇතුළු එජාප මන්ත්‍රීවරු පිරිසක් දැනට ආණ්ඩු පක්ෂය සමග එක්වී ක්‍රියාකරමින් සිටිති. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා" -150925_child_rights_prathibha,https://www.bbc.com/sinhala/sri_lanka/2015/09/150925_child_rights_prathibha,පොලීසිය පාසල් සිසුවාගේ 'අයීතීන් කඩලා',සේයා සදෙව්මි දැරිය දූෂණය කොට මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල් සිසුවා අත් අඩංගුවට ගැනීමෙන් ඔහුට විශාල අසාධාරණයක් සිදුවී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා ප්‍රකාශ කරයි.,"දරුවකු සැකකරුවකු වුවත් පෞද්ගලිකත්වය ආරක්ෂා කළ යුතුයි මෙම පාසල් සිසුවා අත් අඩංගුවට ගැනීම සඳහා සාධාරණ සැකයක් තිබුණේ ද යන්න මූලික ගැටලුව බවයි ඔහු පවසන්නේ. නීතිය සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇති බවත් එය විවාදයෙන් තොර බවත් පවසන ඔහු, එසේ නමුත් කිසිවකු අත් අඩංගුවට ගන්නා ආකාරය නීතියේ පැහැදිලිව සඳහන් වන බවත් පෙන්වා දෙන්නේය. ""ළමයා අපයෝජකයෙකු වෙන්න පුළුවන් සමහර වෙලාවට සැකකරුවකු වෙන්න පුළුවන්, නමුත් කිසිම ආකාරයකින් අනන්‍යතාව හෙළි කරන්න බැහැ"" ලැබුණු කිසියම් තොරතුරක් අනුව කලබලවී කඩිමුඩියේ පාසල් සිසුවා අත් අඩංගුවට ගෙන ඇති බවයි ඔහු පවසන්නේ. මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති තවත් සැකකරුවෙකු එම අපරාධය සිදු කළ බවට පිළිගෙන තිබෙන බව පවසන ඔහු වැරදි ආකාරයට පාසල් සිසුවා අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලීසිය නිවැරදි කිරීමක් කළ යුතු බව ප්‍රකාශ කළේය. පෞද්ගලිකත්වය 1993 ළමා අයිතීන් පිළිබඳ සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති බව පෙන්වා දෙන ආචාර්ය ප්‍රතිභා මහානාම එමගින් ළමුන්ගේ ගරුත්වය , ආරක්ෂාව, පෞද්ගලිකත්වය සහ අධ්‍යාපනයට ඇති අයිතිය තහවුරු කොට ඇති බව පෙන්වා දෙන්නේය. පස් හැවිරිදි සේයා සදෙව්මි දැරිය දූෂණය කර මරා දැමීම ශ්‍රී ලංකාව පුරා මහත් ආන්දෝලනයකට ලක්විය ""මේ සියල්ල කඩවෙලා මේ දරුවාට. විශාල ඛේදවාචකයක් බවට පත්වෙමින් තිබෙනව. භාරකාරයන් යටතේ හැදෙන්නේ. ඔවුන්ටත් ගැටලුවක්,"" යනුවෙනුයි සිසුවා මුහුණ දෙන තත්වය ඔහු විස්තර කළේ. ළමුන්ගේ අනන්‍යතාව සුරැකීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැදී සිටින නමුත් සියලු විස්තර මාධ්‍යවලට ලබා දීම අනුමත කළ නොහැකි බව පැවසූ ඔහු දරුවකු සැකකරුවකු වුවත් පෞද්ගලිකත්වය ආරක්ෂා කළ යුතු බව පෙන්වා දෙයි. අනන්‍යතාව ""ළමයා අපයෝජකයෙකු වෙන්න පුළුවන් සමහර වෙලාවට සැකකරුවකු වෙන්න පුළුවන්, නමුත් කිසිම ආකාරයකින් අනන්‍යතාව හෙළි කරන්න බැහැ. ජයාරූප පල කරන බැහැ. පෞගලිකත්වය ආරක්ෂා කරන්න ඕනැ. එය රජයේත් වගකීමක්,"" ඔහු ප්‍රකාශ කළේය. සේයා සදෙව්මි දැරියගේ නිරුවත් ජායාරූප ෆේස් බුක් අඩවියේ පවා හුවමාරුවෙමින් තිබෙන බව කියා සිටි ඔහු එය වහා නතර කළ යුතු බවයි පැවසුවේ. රටේ මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන ඇමතිවරයකු , ඇමතිනියක , මාධ්‍ය ආයතන, සහ රාජ්‍ය නොවන සංවිධාන රාශියක් ඇති නමුත් මෙවැනි සිද්ධීන් අඩු කර ගැනීමට හැකිවී නැති බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා තවදුරටත් ප්‍රකාශ කළේ." -world-38930759,https://www.bbc.com/sinhala/world-38930759,ට්‍රම්ප් දෙවැනි වතාවටත් පරදියි,මුස්ලිම් භක්තිකයන් වැඩි වශයෙන් වෙසෙන රටවල් හතක පුරවැසියන් සම්බන්ධයෙන් පැනවූ ජනාධිපති විධායක නියෝගය අත්හිටුවමින් දී තිබුණ අධිකරණ නියෝගය ඇමරිකාවේ ෆෙඩරල් අභියාචනාධිකරණයක් විසින් තහවුරු කරනු ලැබුණි.,"ඉරාකය, සිරියාව, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවල පුරවැසියන්ට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ජනාධිපති ට්‍රම්ප් විසින් ලබා දෙනු ලැබූ විධායක නියෝගය එරට අධිකරණයක් විසින් පසුගියදා තාවකාලිකව අත්හිටුවනු ලැබූ අතර සිය විධායක නියෝගය යළි ස්ථාපිත කරන ලෙස ට්‍රම්ප් පාලනය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය. සිය විධායක තීන්දුව යළි ස්ථාපිත කිරීම ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණය දුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් ප්‍රතිචාරය පළකරන ලද්දේ කෝපයෙනි. ඇමරිකාවේ ආරක්ෂාව අනතුරක පවතින බව පැවසූ ජනාධිපතිවරයා වාර්තාකරුවන් ඉදිරියේ අදහස් දක්වමින් කියා සිටියේ එය ඉතාමත් බරපතළ තත්වයක් බවය. අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති විධායක නියෝගය අත්හිටුවමින් දුන් පළමු අධිකරණ තීන්දුව අභියාචනාධිකරණ විනිසුරුවරුන් තිදෙනා විසින්ද තහවුරු කරන ලද්දේ ඒකමතිකවයි. වොෂිංටන් ප්‍රාන්තයේ නීතිපති බොබ් ෆ්ර්ගුසන් ජනාධිපති විධායක නියෝගයට එරෙහිව පළමුව නෛතික ක්‍රියාමාර්ග ගත් වොෂිංටන් ප්‍රාන්තයේ නීතිපති බොබ් ෆර්ගියුසන් අභියාචනාධිකරණ තීන්දුව ප්‍රශංසාවට ලක් කළේය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කි��ා සිටියේ 'ජනාධිපතිවරයා ඇතුළු සෑම පුද්ගලයකුටම ඇමරිකාව තුළ නීතිය එකලෙස ක්‍රියාත්මක වීම' ඉන් පිළිබිඹුවන බවය." -world-42612408,https://www.bbc.com/sinhala/world-42612408,ලෝකයේ රටවල් දෙකක මහා දේශගුණික වෙනස,"මෙතෙක් වාර්තා වී ඇති අවම උෂ්ණත්වය සහ දැඩි හිමපතනය මැද නැගෙනහිර ඇමරිකානුවන් පීඩා විඳිමින් සිටියදී, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වැසියන් අවුරුදු අසූවකට පසු වැඩිම උෂ්ණත්වයක් සටහන් වූ කාලපරිච්ඡේදයක දරාගත නොහැකි දැඩි උණුසුම් කාල ගුණයකින් බැට කමින් සිටිති.",ඇමෙරිකානුවෙක් ශීතල නිසා සිරුර වසාගෙන සිටින අතර ඔස්ට්‍රේලියාවේ වැසියෙක් ගිනියමට විසඳුමක් ලෙස ජල කරාමයක පිහිට පතමින් ඇමරිකාවට වැටුණු 'හිම බෝම්බය' ඇමරිකානු කාලගුණ වාර්තාවලට අනුව ජනවාරි 6 වන දින නිව්යෝක් නගරයේ උෂ්ණත්වය -13C (8F) දක්වා පහත වැටී තිබුණි. ඇමෙරිකාවේ මිනිසුන් පමණක් නොව අධික සීතලෙන් පීඩා විඳින වෙනත් ජීවීන්ද දැක ගත හැකි විය. අධික සීතල ජලය දරා ගත නොහැකිව සිටි මුහුදු කැස්බෑවෙක් පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ජෝන් එෆ් කෙනඩි ගුවන් තොටුපළ ඇතුළු අනෙකුත් ගුවන් තොටුපළවල දහස් ගණන් ගුවන් ගමන් ප්‍රමාද වී ඇත. ඇතැම් ඇමෙරිකානු ප්‍රදේශවල අඩියකට වඩා වැඩි හිම තට්ටු දැකිය හැකිය. නැගෙනහිර කැනඩාවේ උෂ්ණත්වය -50C (-58F) දක්වා පහත වැටී ඇති බවට කාලගුණ වාර්තාවල සඳහන් වේ. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තත්වය : පසුගිය ඉරිදා කැමරා කාචයේ සටහන් වූ සිඩ්නි නුවර බොන්ඩි වෙරළ තීරය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර 40C කට අධික උෂ්ණත්වය හේතුවෙන් වීදි වැසියන්ට පානීය ජලය ලබා දීමට පුණ්‍යායතන රැසක් ඉදිරිපත් වී ඇත. අළු බඳුන තරගාවලිය පැවැත්වෙන සිඩ්නි නුවර ක්‍රිකට් පිටියේ උෂ්ණත්වය 57.5C (135.5F) ක් ලෙස සටහන්විය. ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති අළු බඳුන අවසන් තරගය නැරඹීමට පැමිණි ක්‍රීඩාලෝලීන් දැඩි උණුසුම මැද උෂ්ණත්වය දරා ගත නොහැකි වූ සතුන්: දැඩි ලෙස රත් වුණ මෝටර් රථයක සිට පොලීසිය විසින් බේරා ගත් බලු පැටියෙක් මේ තොරතුරුද දැනගන්න: එක්සත් රාජධානියේ ඇතැම් ප්‍රදේශවල දැඩි හිමපතනයක් උෂ්ණත්වය සෘණ අංශක 50 දීත් පාසල් යන දරුවෝ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජල තහංචියක් -140401_fonsekas_vote,https://www.bbc.com/sinhala/sri_lanka/2014/04/140401_fonsekas_vote,ෆොන්සේකාගේ ඡන්දය නීත්‍යානුකුල ද ?,පසුගිය සෙනසුරාදා පැවති පළාත් සභා මැතිවරණයේදී හිටපු හමුදපති සරත් ෆොන්සේකා ජන්දය ප්‍රකාශ කිරීම මේ වනවිට ආන්දෝලනයක් බවට පත්වී ඇත.,"""ජනතා��ගේ නියෝජිතයකු වන්න ජනතාවගේ ජනවරමක් ලබගන්න් කිසිම බාධාවක් නැහැ"" සරත් ෆොන්සේකා සිරදඬුවමට ලක්වීම සහ අනතුරුව ජනාධිපති සමාව ලැබීම ත් සමග බොහෝ අය මත පළ කළේ ඔහුට ඡන්දය ලබාදීමේ හෝ ඡන්දය ඉල්ලීමේ ප්‍රජා අයිතිය අහෝසි වී ඇති බවටයි. මේ අතර නීත්‍යනුකූලව ජන්දය ප්‍රකාශ කර ප්‍රජා අයිතිය හිමිකරගත් තමන්ට ඡන්දය ඉල්ලා සිටීමේ සම්පූර්ණ අයිතියත් තිබෙන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්‌ෂයේ නායක, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පවසයි. 'මා ලැබූ ජයග්‍රහණයක්' ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා පසුගිය පළාත් සභා මැතිවරණයේ ඔහුට අදාල පිළියන්දල මඩපාත ජන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කළ අතර එලෙස ජන්දය ප්‍රකාශ කිරීමට හැකිවීම තමන් ලද ජයග්‍රහණයක් බව ඔහු පැවසුවේය. ""මේ රටේ පාලකයා මට හිරදඩුවම් දීලා මගේ ප්‍රජා අයතිය නැතිකරලා උත්සාහ කළා මගේ අත පය බැදලා දන්න. ඒ වෙනුවෙන් අපි දිගින් දිගටම සටන් කළා. අන්තිමේ දී මේ මැතිවරණයේදී මම ප්‍රජා අයතිය හිමිකරගත්තා නිත්‍යානුකුලව ජන්දය ප්‍රකාශ කරලා. ජන්දය තියෙන පුරවැසියෙකුට ජනතාවගේ නියෝජිතයකු වන්න ජනතාවගේ ජනවරමක් ලබගන්න කිසිම බාධාවක් නැහැ"" යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය. කෙනෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇත්නම් නම් ඔහුට ඡන්දය ඉල්ලීමටද අයතිය ඇතිබව පවසන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා හෙට මහ මැතිවරණයක්‌ පැවැත්වූවත් ඒ සඳහා තමන්ට ජන්දය ඉල්ලීමේ හැකියාව ඇති බව පැවසුවේය. 'පළාත් පාලන මැතිවරණ ගැන සඳහනක් නැහැ' හිටපු හමුදාපතිවරයා නිදහස් කල අවස්ථාවේදී ඔහුගේ නීතිඥ නලින් ලද්දුහෙට්ටි BBCයට පැවසුවේ ජනාධිපති සමාව ලබාදුන්නේ ඔහුගේ ප්‍රජා අයිතිය අහිමිකිරීමෙන් පසු බවයි. නමුත් මෙලෙස සරත් ෆොන්සේකා ජන්දය ප්‍රකශ කිරීමත් සමග ඔහුට ප්‍රජා අයතිය ඇත්දැයි මාධ්‍යවේදීහු ඊයේ පැවති රජයේ මාධ්‍ය සාකච්චාවේ දී රජයෙන් ප්‍රශ්ණ කළහ. මේ පිළිබඳව සාකච්චාවට පැමිණ සිටි අමාත්‍යවරුන් නිශ්චිත පිළිතුරක් ලබා නොදුන් අතර අමත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ අධිකරණයේ තීන්දුව අදාළ අංශ වලට නිසි ආකාරයෙන් සන්න්විදෙනය වියයුතු බවත් එලෙස නිසි ආකාරයෙන් සන්නිවේදනය වුවාද නොවුවාද යන්න තමන් නොදන්නා බවත්ය. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ පිළිබඳව මැතිවරණ දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් පැවසුවේ අපරාධයක් සම්බන්ධයෙන් මාස 6 ක සිර දඬුවම් ලැබූ අය පිළිබඳව මැතිවරණ පනතේ ඇති සදහනේ පළාත් සභා හා පළාත් පාලන ආයතන පිලිබදව සදහනක් නොමැති බවයි. විවාදාත්මකයි ""ජනාධිපතිවරණයේදී ඔහුට ජන්දය පාවිච්චිකරන්න බැහැ. දඩුවමකට යටත් වෙලා තියෙනව නම් ඔහුට ජනාධිපතිවරණයකදී , පාර්ලිමේන්තු මැතිවරණයකදී හෝ ජනමත විචාරණයකදී ජන්දය ප්‍රකාශ කරන්න බැහැ කියල තමයි පනතේ තියනවා කියල දෙපාර්තමේන්තුව කිව්වේ. ඒ පනතේ පළාත් පාලන ආයතන හෝ පළාත් සභා පිළිබඳව කිසිදු සදහනක් නැහැ. මේක විවාදාත්මකය"" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය. සරත් ෆොන්සේකා ඉදිරි ජන්දයකදී තරග කිරීමට ඉදිරිපත්වීම තමන්ට අභියෝගයක් නොවන බව පැවසූ අමාත්‍යවරු දෙදෙන ඔහුට ජන්දය ප්‍රකශ කිරීමට හැකිවීම ගැන සුභපතන බවද පැවසුහ. මේ අතර මැතිවරණ දෙපාර්තමේන්තුව පවසන්නේ සරත් ෆොන්සේකාට ප්‍රජා අයිතිය තිබේද, නැතිනම් එය අහෝසිද යන්න තීරණය කල යුත්තේ තමන් නොවන බවයි. නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් පැවසුවේ සරත් ෆොන්සේකාට ජන්ද අයතිය තිබේද නැද්ද යන්න තීරණය කල යුත්තේ අධිකරණ අමාත්යංශය හෝ නීතිපති දෙපාර්තමේන්තුව බවයි. විරෝධයට කල් දී තිබුණා "" ජන්ද හිමි නම ලේඛනයට ග්‍රාම සේවක හරහා නමක් සහතික කරලා අවම, අපි ඒක මාසයක් ප්‍රදර්ශනය කරනවා. කාටත් පුළුවන් විරෝධතාවයක් තියෙනවනම් දක්වන්න අහවල් එක්කෙනා නුසුදුසුය් කියලා, එතකොට ජන්දය දෙන ස්ථානයේ ඉන්න පක්ෂ නියෝජිතයන්ටත් විරෝධතාවයක් දක්වන්න පුළුවන්, එහෙම විරෝධයක් ආවේ නැත්නම් එයාට ජන්දය ප්‍රකාශ කරන්න ලැබෙනවා"" යනුවෙන් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයා පැවසීය. ඉදිරි මැතිවරණයකදී සරත් ෆොන්සේකා තරග කිරීමට නාමයෝජනා බාරදුනහොත් එය පිළිගන්නවාදැයි විමසු විට නියෝජය් මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවේ ඒ පිළිබඳව තමන්ට මේ මොහොතේ කිසිවක් ප්‍රකශ කළ නොහැකි බවයි. කොන්දේසි විරහිත සමාවක්ද? නීතිඥයකු වන නාමල් රාජපක්ෂ පවසන්නේ හිටපු හමුධාපති සරත් ෆොන්සේකා ජන්දය ප්‍රකශ කිරීම මගින් ඔප්පුවන්නේ ජනාධිපතිවරයා සරත් ෆොන්සේකා නිදහස් කිරීමේදී ඔහුට කොන්දේසි විරහිත සමාවක් දී ඇති බවයි. සරත් ෆොන්සේකාට ඉදිරි මැතිවරණයට තරග කල හැකි බව නාමල් රාජපක්ෂ පැවසුවත් නීතිඥ ගෝමින් දයාසිරි පවසන්නේ සරත් ෆොන්සේකාගේ ප්‍රජා අයිතිය වසර හතකට අහිමි කර ඇති බැවින් මැතිවරණ වලදී අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට නොහැකි වුවත් පුරවැසියකු ලෙස ඔහුට ඡන්දය භාවිත කිරීමේ හිමිකම ලැබෙන බවයි." -150307_mahinda_kandy_gammanpila_vasu,https://www.bbc.com/sinhala/sri_lanka/2015/03/150307_mahinda_kandy_gammanpila_vasu,ශ්‍රීලනිප පහළින් නායකයන්ට අභියෝගයක්,මහින්ද රාජපක්ෂ ඉදිරි මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙසින් නම් කළ යුතු බව ඉල්ලා සිටිමින් මහනුවර සංවිධානය කෙරුණ රැස්වීමට සහභාගී වීමෙන් වළකින මෙන් නිදහස් පක්ෂ නායකත්වය සිය සාමාජිකත්වයට උපදෙස් දී තිබුනත් පක්ෂයේ පහළ මට්ටමේ දේශපාලකයන් විශාල පිරිසක් ඊට සහභාගී වූහ.,"එත් පක්ෂයේ ඉහල මට්ටමේ නායකයන් මහනුවර රැස්වීමට සහභාගී වූයේ නැති බවයි අප වාර්තාකරු ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න වාර්තා කරන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අධිකරණය ඉදිරියට පමුණුවා සිරගත කිරීමේ සැලැස්මක් තිබෙන බවයි මහනුවර පැවැත්වුන මහජන රැළිය අමතමින් පිවිතුරු හෙළ උරුමය නායක බස්නාහිර පළාත්සභා මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසුවේ. එහෙත් හිටපු ජනාධිපතිවරයකුට ඔහුගේ ධූර කාලය අළලා අධිකරණය ඉදිරියේ නඩු පැවරීමට හැකියාවක් නැති බවයි උදය ගම්මන්පිල පළාත් සභා මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ. මව්බිම වෙනුවෙන් මේ අතර මහනුවර රැලියට පණිවුඩයක් එවන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ‘මව්බිම වෙනුවෙන් කටයුතු කිරීම නිසා ලැබෙන දඬුවම අභිමානයක් වන' බවක් කියා සිටියේය. ජයග්‍රහණය සඳහා ඇති එකම මාවත මහජනතාව විසින් මේ වන විට තෝරා ගෙන ඇති බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් එවන ලද එම පණිවුඩය මධ්‍යම පළාතේ හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් කියවන ලද අතර එමගින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ‘ජනතාව ඉල්ලා සිටින දේ ලබා දීමට තමා පොරොන්දු වෙන’ බවයි. වෙනත් දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරනු ලබන රැස්වීම් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පක්ෂයේ අනුමැතියකින් තොරව සහභාගි නොවිය යුතු බව පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා පසුගියදා දැනුම් දී තිබුණි. මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන,ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර යන හිටපු අමාත්‍යවරුන්ද, උදය ගම්මන්පිල හිටපු පළාත් සභා අමාත්‍යවරයාද රැස්වීම අමතා කතා කළහ." -160112_tr_sambandhan_constitution,https://www.bbc.com/sinhala/sri_lanka/2016/01/160112_tr_sambandhan_constitution,නව ව්‍යවස්ථාවට මහින්දගේ සහය අවශ්‍යයි - විපක්‍ෂ නායක,නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳ���ා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ද සහය අත්‍යවශ්‍ය බව විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් ප්‍රකාශ කරයි.,"නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා රජය පසුගිය සෙනසුරාදා ඉදිරිපත් කල යෝජනාව ගැන අද පාර්ලිමේන්තුවේ දී පැවති විවාදයට එක් වෙමිනුයි දෙමළ ජාතික සන්ධානයේ නායකයා එම අදහස් පළ කලේ. ""මහින්ද රාජපක්ෂ කියන්නේ ජාතික නායකයෙක්, ඒ නිසා මේ ජාතික කර්තව්‍යයට එතුමාගේ සහයත් අත්‍යවශ්‍යයි, මම හිතනවා රට ගැන සිතා එතුමා මෙයට සහය දෙයි කියා"" ඔහු පැවසීය. 'නව අනාගතයක්' ජාතික ප්‍රශ්නය සඳහා ව්‍යවස්ථාමය විසඳුමක් ගෙන ඒමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද අවස්ථා කිහිපයක උත්සාහ කල බව පවසන විපක්‍ෂ නායක ආර්. සම්භන්ධන් ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන සියළු ශ්‍රී ලාංකිකයන්ට පිළිගත හැකි ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා සහය දීමෙන් හිටපු ජනාධිපතිවරයාට නව දේශපාලන අනාගතයක් ගොඩනගා ගත හැකි බවද සඳහන් කළේය. වෙනත් රටක් පිලිබඳ ඉල්ලීමක් දෙමළ ජනතාව තුලින් මතු නොවන බව ප්‍රකාශ කළ විපක්‍ෂ නායක ආර්. සම්භන්ධන් ජාතික ප්‍රශ්නයට එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක් තුලින් විසඳුමක් බලාපොරොත්තු වන බවයි ප්‍රකාශ කළේ." -140626_srinivasan_cricket_council_chairman,https://www.bbc.com/sinhala/sport/2014/06/140626_srinivasan_cricket_council_chairman,චෝදනා පරයා ශ්‍රීනිවාසන් ICC සභාපති ධුරයට,'මම කිසිම වැරැද්දක් කරලා නැති නිසා මේ තනතුර භාර ගන්නේ නැතුව ඉන්න ඕනේ කියල වරද කාරී හැඟීමක් මට නැහැ' ICC නව සභාපති නාරායනස්වාමි ශ්‍රීනිවාසන් පවසයි.,නාරායනස්වාමි ශ්‍රීනිවාසන් ඉන්දියානු ව්‍යාපාරිකයකු වන නාරායනස්වාමි ශ්‍රීනිවාසන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපති ලෙස පත් වීමෙන් අනතුරුව කියා සිටියේ ලෝකය පුරා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට මෙන්ම ලෝකයේ විවිධ පැති වල ක්‍රීඩාව දියුණු කිරීමට කටයුතු කිරීමටත් තමන් බලාපොරොත්තු වන බවයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ මාධ්‍යයට තම අදහස් පළ කිරීමේ පුර්ණ අයිතියක් ඇතත් ඔප්පු නොවූ චෝදනා මත පදනම්ව තමන් සම්බන්ධයෙන් ප්‍රචාරය කරන ප්‍රතිරූපය තමාගේ විශ්වාසයට විරුද්ධ බවයි. ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් තාවකාලිකව අත්හිටුවන ලද ශ්‍රීනිවාසන් තවමත් දූෂණ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ වලට මුහුණ දෙමින් සිටියි. ඕස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමකදී ශ්‍රීනිවාසන් මෙල��ස ICC සභාපති ධූරයට පත් කොට තිබේ. පසුගිය මාර්තු මාසයේ දී ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට විරුද්ධව ඇති ක්‍රිකට් දූෂණ චෝදනා විභාග කොට අවසන් වන තෙක් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ තනතුරෙන් ඉවත් වන ලෙස ශ්‍රීනිවාසන්ට නියෝග කරන ලදි. 2013 ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී සිදු කළ බවට නැගෙන මෙම දූෂණ චෝදනා ඔහු ප්‍රතික්ෂේප කරයි. -140704_usaid_election_projects,https://www.bbc.com/sinhala/sri_lanka/2014/07/140704_usaid_election_projects,ඡන්දායකයන් දැනුවත් කිරීමේ වැඩසටහන නවතයි,ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් එල්ලවූ විරෝධතා හේතුවෙන් ඇමෙරිකානු ආධාරවලින් ක්‍රියාත්මක වෙමින් තිබුන ඡන්දදායකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් නතර කිරීමට ඇමරිකානු ආධාර ඒජන්සිය හෙවත් යූඑස්ඒඩ් ආයතනය තීරණය කොට තිබේ.,"""ඡන්දදායකයන් දැනුවත් කිරීම මගින් මැතිවරණ ක්‍රියාදාමයට සහයෝගය දැක්වීම"" යන තේමා යටතේ එම වැඩසටහන් සංවිධානය කිරීමට උනන්දුවක් දක්වන සිවිල් සංවිධාන වෙතින් යූඑස්ඒඩ් ආයතනය ව්‍යාපෘති යෝජනා කැඳවා තිබුණි. ව්‍යාපෘති යෝජනා කැඳවමින් යූඑස්ඒඩ් ආයතනය පුවත්පත් දැන්වීම් පළ කිරීමෙන් අනතුරුවයි, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ විරෝධය එල්ල වී තිබෙන්නේ. ඉන් අනතුරුව සිවිල් සංවිධාන වෙත විද්‍යුත් පණිවිඩයක් යොමු කරන යූඑස්ඒඩ් ආයතනය, අදාළ වැඩසටහන අහෝසි කරන බැවින් ඒ සඳහා තවදුරටත් යෝජනා භාර නොගැනෙන බව දැනුම් දී තිබේ. ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් දැනුවත් කිරීමේ වැඩසටහන්වලට ඇමෙරිකාව මුල්‍යාධාර සැපයීම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමක් බව බ්‍රහස්පතින්දා රැස්වුණු කැබිනට් මණ්ඩලයේ අදහස වී තිබිණ. 'ඇඟිලි ගැසීමක්' ඒ පිළිබඳව කොළඹ සිටින ඇමෙරිකානු තානාපතිවරිය කැඳවා කරුණු විමසන බව විදේශ අමාත්‍ය ජීඑල් පීරිස් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවයි, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළේ. මේ අතර දි අයිලන්ඩ් පුවත්පත සමඟ අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, යෝජිත වැඩසටහන ආණ්ඩුව වෙනස් කිරීමේ කූට වෑයමක් ලෙස හඳුන්වා දී තිබිණ. යූඑස්ඒඩ් ආයතනය මෙවන් වැඩසටහන් දිගුකලක් තිස්සේ ශ්‍රී ලංකාවේ මෙන්ම අනිකුත් රටවලද සිවිල් සමාජ සංවිධාන සමග පවත්වාගෙන යන බවයි, මේ පිළිබඳව කළ විමසීමකදී ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් සංදේශයට කියා සිටියේ. අදාළ ව්‍යාපෘතිය අහෝසි කිරීම පිළිබඳව හෝ ආණ්ඩුවෙන් එල්ල වී තිබෙන විරෝධය පිළිබඳව අදහස් දැක්වීම ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කළේය. ඡන්දදායකයන් දැනුවත් කිරීමේ මෙවැනි වැඩසටහන් 2010 වසරේ සිට ක්‍රියාත්මක වන බව, නම සඳහන් නොකරන්නැයි ඉල්ලා සිටි සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මේ අතර සංදේශයට කියා සිටියේය. ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් බොහොමයක් ක්‍රියාත්මක වන්නේ විදේශීය අරමුදල් උපයෝගී කරගෙන බව පැවසූ ඔහු එමගින් ආණ්ඩුව පවසන පරිදි කිසිම දේශපාලන කටයුත්තක් සිදු නොවන බව අවධාරණය කළේය. ඡන්දදායකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් වලින් සිදුවන්නේ ඡන්දදායකයන්ට ඡන්දය ලබාදීමේ වැදගත්කම පහදා දීම, ඡන්දය සලකුණු කරන ආකාරය ගැන දැනුවත් කිරීම, ජන්දය ලබාදීමට අවශ්‍ය හඳුනුම්පත් පිළිබඳව දැනුවත් කිරීම, කාන්තාවන් දේශපාලනයට යොමු කිරීමට දිරිගැන්වීම් වැනි ක්‍රියා පමණක් බවත් ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය සහ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරීක්ෂණය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඇමෙරිකානු රජය අතර පවතින විරසකය ආණ්ඩුව මෙම වැඩසටහනට විරෝධය දැක්වීමට හේතුව බව ද එම සිවිල් සංවිධාන නියෝජිතයා පැවසීය. වැඩිදුර කරුණු විමසීම පිණිස නියෝජ්‍ය විදේශ අමාත්‍ය නියෝමාල් පෙරේරා ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය." -130129_black_january,https://www.bbc.com/sinhala/sri_lanka/2013/01/130129_black_january,සැබෑ මාධ්‍යකරුවා හඳුනා ගන්න - ජනතාවගෙන් ඉල්ලීමක්,ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට නම් සැබෑ මාධ්‍යකරුවා හඳුනා ගැනීමේ වගකීමක් ජනතාවට ද තිබෙන බව මාධ්‍ය ක්‍රියාධරයෝ පවසති.,"""එක පැත්තකින් මේ මර්ධනයට එරෙහිව පෙළ ගැහෙනව වගේම, මේ රටේ ඇතැම් මාධ්‍ය විසින් වපුරන මිථ්‍යාව හඳුන ගන්න, බොරුවෙන් ඇත්ත වෙන් කරලා තේරුම් ගන්න"" නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර ඒ බව පැවසුවේ කොළඹ දී පැවති කළු ජනවාරි උද්ඝෝෂණයෙන් අනතුරුව මහජන පුස්තකාලයේ පැවැත්වුණු සම්මන්ත්‍රණයක් අමතමින්. ""එක පැත්තකින් මේ මර්ධනයට එරෙහිව පෙළ ගැහෙනව වගේම, මේ රටේ ඇතැම් මාධ්‍ය විසින් වපුරන මිථ්‍යාව හඳුන ගන්න, බොරුවෙන් ඇත්ත වෙන් කරලා තේරුම් ගන්න,"" යනුවෙන් ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. මේ අතර මර්ධනයට එරෙහි මාධ්‍යවේදියෝ සංවිධානයේ කැඳවුම්කරු චන්දන සිරිමල්වත්ත කියා සිටියේ රජයෙන් හෝ විරුද්ධ පක්ෂයෙන් මාධ්‍ය නිදහස ඉල්ලා සිටීම විහිලුවක් බවයි. 'මිථ්‍යාව' මාධ්‍යවේදීන�� ට අල්ලස් ලබා දී ඔවුන් අවනත කර ගැනීමට උත්සාහ දරන බවට මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ධර්මසිරි ලංකාපේලි මේ අතර ආණ්ඩුවට චෝදනා කළේය. ""ලැප් ටොප්, වාහන ණය මේවා ජනමාධ්‍ය සමාජයට ලැබෙන සහන හෝ ප්‍රතිලාභ නෙවෙයි. ජනමාධ්‍යවේදීන් ගෙන් තෝරාගත් අන්තේවාසිකයන් පිරිසකට තමයි ඔය කියන පහසුකම් ලැබෙනව නම් ලැබෙන්නේ,"" ඔහු පැවසීය. ඝාතනයට ලක්වූ, පැහැර ගැනුණු සහ අතුරුදහන් කෙරුණු මාධ්‍යවේදීන් සිහිපත් කිරීමේ අටියෙන් මාධ්‍ය ක්‍රියාධරයන්, දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති ක්‍රියාධරයෝ කළු ජනවාරිය උද්ඝෝෂණයට එක් වී සිටියහ. ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමතුංග, ධර්මරත්නම් සිවරාම්, මයිල්වාගනම් නිමලරාජන් සහ අතුරුදහන්ව සිටින ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුළු මාධ්‍යවේදීන් ගේ ඡායාරූප රැගත් පුවරු අත ඇතිව උද්ඝෝෂණ පෙළපාලියේ ගමන් කළ ඔවුහු, දිගින් දිගටම මාධ්‍ය නිදහසට එල්ල කෙරෙන බලපෑම් නතර කරන මෙන් සහ මාධ්‍යවේදීන් ඝාතනය සහ අතුරුදහන් කිරීම සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙසත් බලධාරීන් ගෙන් ඉල්ලා සිටියහ. ගතව ගිය දශකය ඇතුලත මාධ්‍ය ක්‍රියාධරයන් 17 දෙනකුවත් මරා දමා ඇති බව මානව හිමිකම් සංවිධාන පවසති. තවත් බොහෝ පිරිසක් තර්ජන හමුවේ රට අත්හැර පලා ගොස් සිටිති. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා" -sri-lanka-39430659,https://www.bbc.com/sinhala/sri-lanka-39430659,'වසරේ දිරිය කාන්තාව': සන්ධ්‍යාට ඇමෙරිකාවෙන් සම්මානයක්,එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා විසින් වාර්ෂිකව ප්‍රදානය කරනු ලබන 'වසරේ දිරිය කාන්තාව' සම්මානය මේ වසරේ ශ්‍රී ලාංකික කාන්තාවකට ද හිමි වී තිබේ.,"අතුරුදහන් වූ සිය සැමියා වෙනුවෙන් යුක්තිය ඉටුකර ගැනීම සහ ශ්‍රී ලංකාවේ විවිධ ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන්ට අයත් පවුල්වල අතුරුදහන්වූවන් වෙනුවෙන් කළ මෙහෙය උදෙසා සන්ධ්‍යා එක්නැළිගොඩ එම සම්මානයෙන් පිදුම් ලබන බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත්කළ නිවේදනයක සඳහන්වේ. සිය ස්වාමිපුරුෂයා වූ ප්‍රගීත් එක්නැළිගොඩ 2010 දී අතුරුදහන්වීමෙන් අනතුරුව එයට වගකිවයුත්තන් සොයාගැනීම පිණිස අරගලයක නිරතව සිටින ඇය, ඒ අතරවාරයේම අතුරුදහන්වූවන්ගේ පවුල්වලට සහයෝගය දැක්වීම පිණිස රටපුරාම සංචාරය කරයි. ""සත්‍යය සොයා යාම අපාරාධයක් නොවන අතර, අපරාධකරුවන් ආරක්ෂා කිරීම අපරාධයක්,"" බව සම්මානය ලැබීම පිළිබඳව අදහස් දක්වමින් සන්ධ්‍යා එක්නැලිගොඩ පවසන්නීය. ඒ පිළිබඳව අදහස් දක්වන ���ොළඹ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප්, ""අතුරුදහන්වූවන් පිළිබඳ තොරතුරු සොයන ශ්‍රී ලංකාව පුරා සිටින කාන්තාවන්ගේ උත්සාහය සහ කැපවීම සන්ධ්‍යා නියෝජනය කරන,"" බව සඳහන් කළාය. ළමා විවාහවලට විරුද්ධවීම, ලිංගිකත්වය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය, නීති විරෝධී මිනිස් ප්‍රවාහනය සහ අන්තර් ආගමික සම්බන්ධතා වැඩිදියුණු කිරීම යන ක්ෂේත්‍රවල කැපී පෙනෙන මෙහෙයක් කළ තවත් ක්‍රියාකාරිනියන් 12 දෙනකු ද ඇය සමග මේ වසරේ සම්මාන ලබති. 2010 වසරේදී පුත්තලමේ ජන්සිලා මජීඩ් මෙම සම්මානයෙන් පිදුම් ලැබූ අතර, සන්ධ්‍යා එක්නැළිගොඩ ඇතුළු මේ වසරේ සම්මානලාභීන් 13 දෙනා මෙලනියා ට්‍රම්ප් ජනාධිපති ආර්යාව සහ උප රාජ්‍ය ලේකම් තෝමස් ඒ ෂනොන් අතින් වොෂින්ටන් නුවරදී සිය සම්මාන ලබාගැනීමට නියමිතය." -sri-lanka-39684438,https://www.bbc.com/sinhala/sri-lanka-39684438,"ජීඑස්පී: ""යුරෝපයට ඕන විදිහට වැඩ කරන්න බැහැ""",යුරෝපා සංගමයට ලබා දුන් පොරොන්දු ඉටු කොට නොමැති බැවින් ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය ලබා නොදෙන මෙන් යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.,"අදාළ යෝජනාව ලබන බදාදා සහ බ්‍රහස්පතින්දා යුරෝපා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත අතර, එය සම්මත වුවහොත් ශ්‍රී ලංකාවට මේ වසරේ ජීඑස්පී ප්ලස් සහනය අහිමිවීමේ අවදානමක් මතු වී තිබේ. ලබන මැයි 15 වෙනිදාට පෙර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම යුරෝපා සංගමයේ ප්‍රධානම ඉල්ලීම් අතර වේ. මේ මාසය මුලදී අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කළ යුරෝපා සංගමයේ මන්ත්‍රීවරුන් පිරිසක්: යන පොරොන්දු ඉටුකිරීමට ආණ්ඩුව වහාම පියවර ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දී තිබුණු නමුත් අගමැතිවරයා මෙතෙක් ඒ පිළිබඳව නිල ප්‍රතිචාරයක් පළ කොට නොමැත. මන්ත්‍රීවරු පිරිස යුරෝපා පාර්ලිමේන්තුවට සිය යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ ඉන් අනතුරුවය. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිචාරය කුමක්ද? GSP+ අහිමිවීමේ අවදානමක්? අගමැති රනිල් වික්‍රමසිංහ යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටසක් සමග (සංරක්ෂිත ඡායාරූපයක්) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වෙනත් පනතක් ගෙන එන බව ආණ්ඩුව මීට ඉහතදී පැවසීය. ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමක දී කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ හදිසි නීතිය ඉවත් කර ඇති වාතාවරණයක රටේ යම් ත්‍රස්තවාදී ක්‍රියාවක් ���ති වුවහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගත හැකි පනතක් රට තුළ තිබිය යුතු බවය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට කෙටුම්පත් කරමින් පවතින නව පනත අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝපා සංගමය ලබා දී ඇති කාල සීමාවට පෙර ක්‍රියාත්මක කිරීමට හැකි වේදැයි යන්න නිශ්චිත වශයෙන් කිව නොහැකි බවත් ඇමතිවරයා සඳහන් කළේය. අදාළ කාලයට පෙර යෝජනා ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය අහිමිවීමේ අවදානමක් පවතිනවා නොවේදැයි ඇමතිවරයාගෙන් විමසූ අවස්ථාවේ ඔහුගේ ප්‍රතිචාරය වූයේ ""ඒක පාඩුවක්. ඒත් ඔය පාඩුව අවුරුදු ගණනාවක සිට සිදු වුනානේ. ඒ පාඩුව විඳිමින් මේ රට ඉදිරියට ගියානේ,"" යනුවෙනි. ""ජාතිවාදීන්"" දණ්ඩනීති සංග්‍රහයේ අඩංගු ඇතැම් කොටස් මේ වන විටත් සංශෝධනය කර ඇති බව කී ඇමතිවරයා එය තවදුරටත් සංශෝධනය වෙමින් පවතින බවත් පැවසීය. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමට අදාළ පනත සම්මත වී ඇතත් එම කාර්යාලය මෙතෙක් පිහිටුවා නොමැත. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ ජාතිවාදී කොටස් සිය දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරන බැවින් ඇතැම් කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුවට ක්ෂණිකව ක්‍රියාත්මක විය නොහැකි බවය. පැවති පාලනය මෙන්ම වත්මන් පාලනය යටතේ ද වරදකරුවන් නීතියෙන් බේරී සිටීම සහ තවදුරටත් සිදුවන බව පැවසෙන වධබන්ධන සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳවත් යුරෝපා සංගමයේ අවධානය යොමුව තිබේ. සමලිංගිකත්වය ඒ පිළිබඳ අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ පවතින ක්‍රමයේ තිබෙන දුර්වලතා හේතුවෙන් නීති ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද වී ඇති බවය. එමෙන්ම දණ්ඩනීති සංග්‍රහයේ අඩංගු සමලිංගික සේවනය නීති විරෝධී බව දැක්වෙන වගන්තිය ඉවත් කළ යුතු බවත් යුරෝපා සංගමයේ යෝජනාවලට ඇතුළත්ය. ඒ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ ""මොකටද? මේ යුරෝපය නෙවෙයිනේ. යුරෝපය කියන දේවල් මේ රටේ කරන්න බැහැනේ. යුරෝපයේ තියන සංස්කෘතිය නෙමෙයි මේ රටේ තියෙන්නේ,"" යනුවෙනි. සමලිංගික සේවනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන්නේ අධිරාජ්‍යවාදී සමයේ බ්‍රිතාන්‍යය පැන වූ නීතියක් බව බීබීසී සිංහල සේවය පෙන්වාදුන් විට අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ ""දේශපාලනය කරන්න ඕන අපේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය දේවල් අනුව. එහෙම නැතුව යුරෝපයට අවශ්‍ය විදිහට නොව���යි,"" යනුවෙනි." -150105_lanka_senthil_postman,https://www.bbc.com/sinhala/sri_lanka/2015/01/150105_lanka_senthil_postman,සෙන්දිල් තොන්ඩමන්ට වරෙන්තු,ඌව පළාත් සභාවේ ඇමති සෙන්දිල් තොණ්ඩමන් අත්අඩංගුවට ගන්නා මෙන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා අද සඳුදා (ජනවාරි 05) වරෙන්තු නිකුත් කළේය.,"තැපැල් දෙපාර්තමේන්තුවේ ලියුම් බෙදන සේවකයකුට පහර දීමක් සම්බන්ධයෙන් පොලිසිය විසින් කරන ලද පැමිණිල්ලක් සලකා බලමිනුයි ඉහත කී අධිකරණ නියෝගය නිකුත් කෙරුණේ. මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ නිරත වෙමින් සිටි ඇමතිවරයා තමාට පහර දුන් බවයි තැපැල් සේවක පෙරියසාමි ඥානසේකරන් බීබීසියට කියා සිටියේ. ‘මම කෝවිලේ සාමිට ලියුමක් දීල එනකොට වාහන තුනක් ආවා. ඒ වාහන නතර කරලා සෙන්දිල් තොන්ඩමන් ඇමතිතුමා මට කතා කළා. මම ඇමතිතුමා දන්නවා. ඇමතිතුමා මගෙන් ‘උඹ අයියද’ කියල අහල, වාහනෙන් බැහැල මට ගැහුවා. මූනට පහර දීමේදී ඔහුගේ ඇඟිල්ලක තිබුණ මුද්දකින් මගේ ඇහැට තුවාල සිදු වුනා’ පෙරියසාමි ඥානසේකරන් පවසයි. ඉන් අනතුරුව තමා පොලිසියට ගොස් පැමිණිල්ලක් කර රෝහලට ගොස් ප්‍රතිකාර ලබා ගත් බවත් පෙරියසාමි ඥානසේකරන් කියා සිටියි. සිතාසි ලැබී නැහැ එම සිද්ධිය සම්බන්ධයෙන් බීබීසී දෙමළ සේවය සෙන්දිල් තොන්ඩමන් ඇමතිවරයාගෙන් විමසීමක් කළ විට ඇමතිවරයා කියා සිටියේ තමාට තවම නිල මට්ටමින් පොලිසියෙන් ගෝ අධිකරණයෙන් කිසිදු නොතීසියක් ලැබී නැති බවයි. එහෙත් ගැටුමක් සිදු වූ බව පිළිගන්නා සෙන්දිල් තොන්ඩමන් ඇමතිවරයා පවසන්නේ, තමා සිදු කළේ එම ගැටුම නිරාකරණය කිරීමට මැදිහත්වීම වූ බවයි. ‘මේ පැමිණිල්ල කරන තැපැල් සේවකයා මාත් එක්ක ගිය රුපවාහිනී කැමරා ශිල්පියකු සමඟ ගැටුමක් ඇති කර ගත්තා. ගහ ගත්තා. මම ඔවුන් දෙපැත්තට කළා. මම මහජන ඡන්දයෙන් පත් වෙච්ච පළාත් සභා ඇමතිවරයෙක්. දෙන්නෙක් මහ පාරේ ගහ ගන්න කොට මට බලාගෙන ඉන්න බැහැ. මම ඔවුන් බේරුවා. ඒ වගේ අවස්ථාවක දී වෙන්නේ එක පාර්ශවයක් සතුටු වීම.අනිත් පාර්ශ්වය අසතුටු වීම’ සෙන්දිල් තොන්ඩමන් ඇමතිවරයා පවසයි. ඡන්ද ගැටුමක් සෙන්දිල් තොන්ඩමන් ඇමතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහුට එරෙහි පැමිණිල්ල ඉදිරිපත් කරන පෙරියසාමි ඥානසේකරන් බීමත්ව සිටි බවක් ප්‍රකාශ කළත් තැපැල් සේවකයා කියා සිටින්නේ තමා තරුණවියේ පටන්ම මත්පැන් පානය නො කරන අතර එසේ බීමත්ව සිටියා නම් එය වෛද්‍යවරුන් විසින් තේරුම් ගනු ලබන බවයි. මේ අතර ප්‍රදේශයේ මාධ්‍යවේදියෙක් අදහස් දක්වමින් කියා සිටියේ, සෙන්දිල් තොන්ඩමන් ඇමතිවරයා විසින් සංවිධානය කරන ලද ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගී වූ ජන සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම සම්බන්ධයෙන් ඔහු තැපැල් සේවකයාගෙන් සිදු කළ විමසීමකින් අනතුරුව පහර දී ඇති බවයි. පහර දීමෙන් අනතුරුව ප්‍රදේශයේ වතුකම්කරුවන් කුපිතව මාර්ග අවහිර කළ අතර ඔවුන් විසින් ඇමතිවරයා වට කරනු ලැබීමේ තත්වයක් ද උද්ගත වූ බව එම මාධ්‍යවේදියා පවසයි." -141222_lanka_tulf_sangaree,https://www.bbc.com/sinhala/sri_lanka/2014/12/141222_lanka_tulf_sangaree,ආනන්ද සංගරීගේ සහයෝගය පොදු අපේක්ෂකයාට,ඉදිරි ජනාධිපතිවරණයේ දී තමා සහ තම පක්ෂය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය දැක්වීමට තීරණය කළ බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ(TULF)නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද සංගරී පවසයි.,"එවැනි තීන්දුවක් ගැනීමට බල පෑ ප්‍රධාන හේතුව මහින්ද රාජපක්ෂ වත්මන් ජනාධිපතිවරයා, දෙමළ නායකයන් විසින් ඉල්ලා සිටින ලද කිසිවක් ඉටු කිරීමට පියවර නොගැනීම වන බවයි ඔහු පෙන්වා දෙන්නේ. ‘දෙමළ ජනයාට සිදු වූ අසාධාරනය හමුවේ ද්‍රවිඩ එක්සත් පෙරමුණ විසින් ඉහත කී තීන්දුව ගන්නා ලද්දේ පක්ෂ සාමාජිකත්වයේ ඒකමතිකව වන බවත්’ ආනන්ද සංගරී පවසයි. පොදු අපේක්ෂකයා ඇතුලු පිරිස ගෙන යන වැඩපිලිවෙලට තමන් ඇතුලු සාමාජිකත්වයේ සහයෝගය ලැබෙන බව පවසන ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී, තම පක්ෂය දෙමළ ජාතික සන්ධානය(TNA) සමග කටයුතු කරණ නමුත් 2015 ජනාධිපතිවරණයේ දී ඔවුන් ගන්නා තීරණය කුමක්දැයි තවමත් තමන් නොදන්නා බවයි බීබීසී සංදේශයට ප්‍රකාශ කළේ. TNA තවම නැහැ දෙමළ ජාතික සන්ධානය 2005 ජනාධිපතිවරණයේ දී ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ වුවමනාව මත බව සඳහන් කළ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයා,2010 ජනාධිපතිවරණයේ දී ඔවුන් ජනරාල් සරත් ෆොන්සේකාට ඡනදය දෙන ලෙස ඉල්ලා සිටියත් ජනතාව එම අදහසට එතරම් ගරු කිරීමක් නොකළ බවයි පවසන්නේ. දෙමළ ජාතික සන්ධානයේ මෙවර කැමැත්ත කුමක් වුනත් ඔවුන් එදා ගත් ආකාරයේ තීන්දුවක් මෙවර ජනාධිපතිවරණයේ දී තම පක්ෂයට ගත නොහැකි හෙයින් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ පොදු අපේක්ෂකයාට සහයෝගය දීමට තීරණය කළ බවයි ආනන්ද සංගරී වැඩිදුරටත් කියා සිටියේ." -sri-lanka-56824038,https://www.bbc.com/sinhala/sri-lanka-56824038,"ශ්‍රී ලංකාව: ""කොවිඩ් කැලේ, අපි වැඩිපුරත් ගෙවලා, තෙරපිලා යනවා""",ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 පැතිරී යාමත් සමග 2020 නොවැම්බර් මස බස් ගාස්තු වැඩි වීමක් ස��දු වූයේ සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් මගීන් අවම ප්‍රමාණයක් බස්වලට නංවාගැනීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමිනි.,"""ඇත්තම කියනවනම් 'කොවිඩ් කැලේ'. මිනිස්සු එක පිට එක යන්නේ තෙරපිලා"" නමුත් බීබීසී සේවය කළ විමසුමක දී, පොදු ප්‍රවාහන සේවයේ භාවිත කරන පිරිස පැවසුවේ මේ වන විට සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කිරීමක් සිදුනොවන නමුත් බස් ගාස්තු වැඩි වීම එලෙසම පවතින බවය. ""මම හැමදාම වැඩට යන්නේ කොළඹ පිළියන්දල බස්වල. ඇත්තම කියනවනම් 'කොවිඩ් කැලේ'. මිනිස්සු එක පිට එක යන්නේ තෙරපිලා. නීතියට අනුව දුරින් ඉඳන් යන්න තියෙන්නේ. දුර තියා සමහර මිනිස්සු මාස්ක් පවා දාන්නේ නැහැ. පුදුම කලකිරීමක් තියෙන්නේ. වැඩිපුර ගාස්තුත් ගෙවලා ලෙඩත් හදා ගන්න තමයි අපිට වෙලා තියෙන්නේ,"" රජයේ රෝහලක හෙදියක් වන අනුෂ්කා තලගස්පේ පැවසීය. කොරෝනාවෛරස ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව නොවැම්බර් මස සිට සාමාන්‍ය ගාස්තුව මෙන් 1.2කට වැඩි ප්‍රමාණයක් අය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කළේය. ඒ අනුව සාමාන්‍ය මගී ප්‍රවාහන බස්රථ රුපියල් 12ක් වූ අවම බස් ගාස්තුව නොවැම්බර් සිට රුපියල් 14ක් ලෙස සංශෝධනය කළ බව ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ""පුද්ගලික බස්රථ වෙනුවෙන් ගාස්තු වැඩිකිරීමක් අපි ප්‍රතිපත්තියක් ලෙස කරන්නේ නෑ. නමුත් සෞඛ්‍ය නීතිරිති අනුව කටයුතු කිරීමේ දී ඒ අයට වෙන අපහසුව සම්බන්ධයෙන් අතිරේක ගාස්තුවක් අය කිරීමක් කරන්න අවසර දුන්නා,"" ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ පැවසීය. වසංගත තත්ත්වය යටතේ මගී ප්‍රවාහනය සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයන් හඳුන්වා දීමට රජය ක්‍රියා කළේය. ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුන්වා දී ඇති අවදානම් මට්ටම්වලට අනුකූලව ප්‍රවාහන අමාත්‍යාංශය ද මූලික අවදානම් මට්ටම් තුනක් මත පදනම්ව ප්‍රවාහන සේවා පවත්වාගෙන යා යුතුය. ප්‍රවාහන අමාත්‍යංශයට අනුව මගී ප්‍රවාහනයේ දී පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්ෂණ නිරෝධායන නීති රීති; මෙයට අමතරව බස් පර්යන්ත පරිපාලනය සඳහා ද විවිධ සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයන් හඳුන්වා දී තිබේ. සෑම ගමන් වාරයක් ආරම්භ කිරීමට පෙර බස් රථය විෂබීජ හරණය කළ යුතුය. මේ තොරතුරු ද දැනගන්න: මේ සියල්ලට සමගාමීව බස් ගාස්තුවල සංශෝධනය ද 2020 නොවැම්බර් මස දී විය. මගීන් ගැන මෙන්ම බස් හිමියන් ගැන ද සලකා බලමින් ඉහත සංශෝධනය සිදු කර ඇති බව ප්‍රවා���න අමාත්‍යාංශය පැවසීය. කෙසේනමුත් බස් සංගම් කීපයක් දිගින් දිගටම මෙම සංශෝධනවලට විරෝධය පාමින් සිටිති. ඔවුන්ගේ ඉල්ලීම වන්නේ බස් ගාස්තුව 50%කින් වැඩි කළ යුතු බවය. මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ ගැමුණු විජේරත්න සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ නමුත් එය සාර්ථක නොවීය. ""කොවිඩ් තත්ත්වය එක්ක පනවපු නීති රීති අපි මුලින් අකුරට ඉටු කළා. නමුත් දැන් ඒවා වැඩිපුර චෙක් වෙන්නේ නැහැ. මිනිස්සුත් ඒවා ලොකුවට පිළිපදින්නේ නැහැ. අපේ රටේ තියෙන තත්ත්වයත් එක්ක මිනිස්සුන්ට වරදක් කියන්නත් බැහැ. අපිට බස්වල ලීසිං ගෙවන්න තියෙනවා, ඒවා නඩත්තු කරලා, බදු මුදල් සියල්ල ගෙවලා ඉවරවෙනකොට ඇතිවෙන්නේ පාඩුවක්. අමාත්‍යංශවලින් කියන සියල්ල අකුරට ඉටු කරලා, අපටත් අදාළ සහන පිළිවෙලට ලබා දෙනවනම් මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ,"" බස්රථ හිමිකරුවෙක් පැවසීය. ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන‍යෙන් 80%ක් අයත් වන්නේ පෞද්ගලික අංශයටය. දුම්රිය ද ඇතුළුව රජයේ බස් ප්‍රවාහන සේවාවන් ඉටුකරන්නේ 20%ක සේවාවක් පමණි. ""මිනිස්සුන්ගෙත් හික්මීමක් තියෙන්න ඕනේ. නැත්නම් අපිටත් මේ වසංගතයෙන් ගොඩ ඒමක් නැහැ"" ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍යය දිලුම් අමුණුගම පැවසුවේ කිසිදු තත්ත්වයක් මත නැවතත් බස් ගාස්තු වැඩි නොකරන බවය. ""කොවිඩ් 19 වසංගතය නිසා සිදු කළ බස් ගාස්තු සංශෝධන ඉදිරියටත් පැවැත්වෙනවා. කෙසේනමුත්, උත්සව සමයේ දී සෞඛ්‍ය ආරක්‍ෂිත උපදෙස් අනුගමනය නොකරන බස් රථ අත්අඩංගුවට ගැනීමට පොලිස් රථ වාහන අංශයට උපදෙස් දී තිබෙනවා. නීති කැඩුව බස් රථ මාර්ග බලපත්‍ර 150ක් මේ වන විට තහනම් කර තිබෙනවා."" ""බස් රථවල ආසන ගණනටයි මගීන් ගෙන යා යුතු වන්නේ. මෙය දුම්රිය මගීන්ගෙත් වගකීමක්. සමහර මගීන් පසුපස එන බස් රථ තිබිය දී හිටගෙන යන්න බස් රථවලට ගොඩවෙනවා. උත්සව සමයේ දී එකම දින සියලුදෙනා ගමන් කරන්න ගත්තොත් සියලුම බස් යෙදෙව්වත් ප්‍රමාණවත් වන්නේ නැහැ. බස් ඩිපෝවල ඇති කාල සටහන් නිරීක්ෂණය කරලා ගමනේ යෙදෙන්න කියලා ඉල්ලා සිටිනවා,"" රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. බස් රථ පවතින්නේ මගීන් නිසා ඔවුන් ආරක්ෂා කර නිසි සේවයක් ලබා දීම අදාළ බස් රථ හිමියන්ගේ වගකීම බව කිරිබත්ගොඩ පදිංචි හේමන්ති දුණුවිල පැවසුවාය. ""මම බස්, කෝච්චි දෙකම නිතර භාවිත කරන කෙනෙක්. සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම මුල් කාලයේ දී අනුගමනය කරනවා දැක්කා. හැබැයි දැන් නම් බස් විතරක් නෙමෙයි මිනිස්ස��ත් ඒවා අමතක කරලා දාලා. බස් හිමියන්ගේ පාරිභෝගිකයන් විදිහට අපිට ඔවුන් සේවයක් ලබා දෙන්න ඕනේ. වැඩිපුර ගෙවන්නේ අදාළ සේවය බලාපොරොත්තුවෙන් නේ. හැබැයි මිනිස්සුන්ගෙත් හික්මීමක් තියෙන්න ඕනේ. නැත්නම් අපිටත් මේ වසංගතයෙන් ගොඩ ඒමක් නැහැ."" ""එකට එකතු වෙලා පිළිවෙලකට මේ දේවල් සිද්ධ කළේ නැත්නම්, අපිට වෙන්නේ හැමදාමත් ආර්ථික ප්‍රශ්නවලින් මිරිකිලා, කොරෝනත් එක්කම මැරිලා යන්න,"" ඇය තවදුරටත් පැවසීය. තවත් තොරතුරු:" -38610895,https://www.bbc.com/sinhala/38610895,නියඟය: ජනතාවට සහන සැලසීමට 'හමුදාව යොදවනවා',ශ්‍රී ලංකාව මේ දිනවල මුහුණදෙන නියඟයට මුහුණදීම පිණිස හමුදා නිලධාරීන්ද යෙදවීමට බලාපොරොත්තුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.,"නියඟයෙන් සිඳී ගිය වැවක සංරක්ෂිත ඡායාරූපයක් ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ ත්‍රිකුණාමලය චීන වරාය නාවික හමුදා කඳවුරේ පැවති උත්සවයක් අමතා අදහස් දක්වමිනි. ""ඇති වී තිබෙන නියඟ තත්වයේදී ජනතාවට අවශ්‍ය සහන සැලසීමට මා බලාපොරොත්තු වෙනවා රජයේ නිලධාරීන් සමග එක් එක් දිස්ත්‍රික්ක සඳහා ත්‍රිවිධ හමුදාව යෙදවීමට,"" ඔහු පැවසීය. ගතව ගිය දශක කිහිපය මුළුල්ලේම ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා මහජන සුබසාධන කටයුතුවල නිරත වී තිබෙන බව පෙන්වා දෙන ජනාධිපතිවරයා, නියඟයෙන් පෙලෙන ජනතාවට සහන සැලසීම පිණිස හමුදාව යෙදවීම සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා සවස ආරක්ෂක ලේකම්වරයා සහ නාවික හමුදාපතිවරයා සමග සාකච්ඡා කළ බවත් සඳහන් කළේය. 2014 ජුලි, අගෝස්තු මාසවල ද ශ්‍රී ලංකාව දැඩි නියඟයකට මුහුණ දුන්නේය (සංරක්ෂිත ඡායාරූපයක්) ඒ අනුව නියඟය පවතින ප්‍රදේශවල ජනතාවට පානීය ජලය ලබාදීම, අවශ්‍ය වුවහොත් ඔවුන්ට ආහාර සහනාධාර බෙදාහැරීම වැනි කටයුතුවල වගකීම හමුදාවට භාරදීම සිය බලාපොරොත්තුවන බවත් ඔහු පැවසීය. රටේ පවතින නියං කාලගුණ තත්වය හේතුවෙන් විදුලි බල අර්බුදයක් මතු වී ඇති බව විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා බීබීසී සංදේශයට පැවසීය. ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවට ලබා දෙන සම්පත් වර්ධනය කරමින් හමුදාවේ තාක්ෂණික දැනුම සහ ශිල්පීය ඥානය වර්ධනය කිරීම පිණිස කටයුතු කරන බවටත් ජනාධිපතිවරයා ත්‍රිකුණාමලයේදී ප්‍රතිඥා දුන්නේය." -141007_kashmir_violence,https://www.bbc.com/sinhala/world/2014/10/141007_kashmir_violence,කාශ්මීරයේ නොනවත්වා වෙඩි තැබීම්,මතභේදයට ලක් වී ඇති කාශ්මීර කලාපයේ ඉන්දීය සහ පාකිස්තාන හමුදා නොනවත්වා වෙඩි හුවමාරු කර ගනිති.,වෙඩි වැදීමෙන් පාකිස්තාන���වෙකු මරුමුවට පත් වී ඇති බව පාකිස්තාන ආරක්ෂක බලධාරියෙක් පැවසුවේය. දේශ සීමා ආසන්නයේ සිදු වූ වෙඩි හුවමාරුවට මැදිව ඉන්දීය සහ පාකිස්තාන කාශ්මීරයේ වැසියන් නව දෙනෙකු මිය ගිය බව සඳුදා වාර්තා විය. තම හමුදා මුරපොළවල් හතළිහකට වෙඩි ප්‍රහාර එල්ල වූ බව පවසන ඉන්දීය හමුදා ඊට ප්‍රතිප්‍රහාරයක් දියත් කළ බවයි පවසන්නේ. රසකැවිලි නමුත් සඳුදාට වඩා වෙඩි හුවමාරුවේ අඩුවක් දක්නට ඇති බව වාර්තා වේ. සාමාන්‍යයෙන් පාකිස්තාන සහ ඉන්දීය දේශ සීමා මුර භටයෝ මුස්ලිම් ඊඩ් උත්සවය සමරන අවස්ථාවේ රසකැවිලි හුවමාරු කර ගනිති. නමුත් මෙවර හදිසියේ හට ගත් ගැටුම් හේතුවෙන් දෙරටේ හමුදා එසේ කිරීමෙන් වැළකී සිටියහ. -140803_vavuniya_journalist_threats,https://www.bbc.com/sinhala/sri_lanka/2014/08/140803_vavuniya_journalist_threats,මරණ බවට තර්ජනය කළා - මාධ්‍යවේදී කපිල්නාත්,දුරකතන පණිවුඩ ඔස්සේ තමාට මරණ තර්ජන එල්ල වන බව වන්නි මාධ්‍යවේදීන්ගේ සංගමයේ උපසභාපති නවරත්නම් කපිල්නාත් පවසයි.,ඔහු ඒ සම්බන්ධයෙන් වවුනියාව පොලිසියට පැමිණිලි කර තිබේ. මාධ්‍ය පුහුණු වැඩමුළුවකට සහභාගී වීම සඳහා යාපනයේ සිට කොළඹ බලා පැමිණෙමින් සිටි මාධ්‍යවේදීන් පිරිසක් ඕමන්තේදී පොලිස් රැඳවුම් භාරයට පත් වූ අවස්ථාවේ එම මාධ්‍යවේදීන් නිදහස් කර ගැනීම සඳහා මැදිහත් වීම මරණ තර්ජන එල්ල වීමට ප්‍රධාන හේතුව බව තමා විශ්වාස කරන බවයි නවරත්නම් කපිල්නාත් වැඩි දුරටත් පවසන්නේ. අවස්ථා කිහිපයකදී යම් කිසි පිරිසක් විසින් දුරකතන අංක දෙකකින් තර්ජනය කළ බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්. තර්ජනය මාධ්‍යවේදියකු වශයෙන් රැකියාව කිරීමට අමතරව වෙනත් මැදිහත් වීම් වලට නොයන ලෙසත් නැතහොත් ජීවිතයට විශාල අනතුරක් සිදු විය හැකි බවට තර්ජනය කළ පිරිස දිගින් දිගටම කියා සිටි බවයි කපිල්නාත් බීබීසීයට ප්‍රකාශ කළේ. මෙම තර්ජන හේතුවෙන් ඔහු ඇතුළු පවුලේ සාමාජිකයන් දැඩි කම්පනයකට පත්ව සිටින බව කපිල්නාත් පවසයි. මේ පිළිබඳ සංදේශය කළ විමසීමකදී පොලිස් මාධ්‍යය ප්‍රකාශක අජිත් රෝහණ පැවසුවේ තර්ජනය කලේ යැයි කියන දුරකතන අංක අධිකරණය වෙත ඉදිරිපත් කර එම දුරකතන අංක හිමි පුද්ගලයන් සොයා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. යාපනයේ මාධ්‍යවේදීන්ගේ නිදහස සම්බන්ධයෙන් කටයුතු කිරීම මත කපිල්නාත්ට මරණ තර්ජන එල්ල වූ බවට පොලිසියට තොරතුරු ලැබී නැති බව පැවසූ පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයා කපිල්නාත්ට දුරකතනයෙන් ඇමතූ පිරිස තර්ජනය කර ඇත්තේ දෙමළ භාෂාවෙන් බවත් ප්‍රකාශ කළේය. -world-43617415,https://www.bbc.com/sinhala/world-43617415,අසු හිමියෙක් වීම සහ අසු පිට යාමේ 'වරදට' ජීවිතයෙන් වන්දි ගෙවූ තරුණයෙක්,අශ්වයෙකු හිමි කරගැනීමේ සහ ඒ අසු පිට යාමේ 'වරද' හේතුවෙන් ඉන්දියාවේ දලිත් පීඩිත කුලයට අයත් තරුණ ගොවියෙකුට පහර දී මරා දමා තිබේ.,"ඉන්දියාවේ සමහර ප්‍රදේශවල අශ්වයකු හිමිකර ගැනීම යනු බලය සහ ධනය සංකේතවක් කරන්නක් ලෙස දැකිය හැකිය උසස් යයි සම්මත කුලයකට අයත් තිදෙනෙකු මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම පිණිස පොලිස් භාරයට ගෙන ඇත. අශ්වයන් පැදීම උසස් යයි සම්මත කුලවලට අයත් පුද්ගලයන් පමණක් සතු වරප්‍රසාදයක් බව පවසමින් අසු පිට යෑම නතර කරන ලෙස සිය පුතුට අනතුරු ඇඟවීම් ලැබුණ බව මියගිය තරුණයාගේ පියා පවසයි. අශ්වයකු සතුවීම යනු ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල බලය සහ ධනය සංකේතවක් කරන්නක් ලෙස සැලකේ. මේ තොරතුරුද දැනගන්න: මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ දී අශ්වයකු හිමිවීම හැරුණු කොට වෙනත් බාහිර කරුණු ද බැහැර නොකළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසුවේය. ගුජරාට් ප්‍රාන්තයේ ටිම්බි (Timbi) ගම්මානය අසල රුධිර ගංගාවක් මැද වැටී සිටි විසි එක් හැවිදිරි ප්‍රදීප් රතොඩ්ගේ (Pradeep Rathod) මළ සිරුර පසුගිය බ්‍රහස්පතින්දා සොයා ගන්නා ලදි. මරා දැමුණු අශ්වයාගේ සිරුර ද ඔහු අසල තිබූ බව පියා පැවසීය. සිය පුතා අශ්වයන්ට දැඩි ලෙස ඇලුම් කළ නිසා ඔහුට අශ්වයෙකු මිලදී ගෙන දුන් බව පියා පොලිසියට කළ පැමිණිල්ලක සඳහන් කර තිබේ. ""මගේ පුතා අශ්වයන්ට ආදරය කිරීම මේ මරණයට හේතුවයි,"" ලෙස පියා පොලිස් පැමිණිල්ලේ සටහන් කර ඇතැයි AFP පුවත් සේවය වාර්තා කර සිටියි. ""මීට සතියකට පමණ පෙර මගේ පුතා සමඟ අශ්වයෙකු පිට ගමන් කරද්දී, ක්ෂත්‍රිය කුලයට අයත් පුද්ගලයෙක් ඇවිත් ගම ඇතුළේ අශ්වයන් පදින්න එපා කියල අනතුරු ඇඟෙව්වා,"" යනුවෙන් ද පැමිණිල්ලේ දැක්වේ. ""දලිත් ප්‍රජාවට අශ්වයන් පැදීම කළ නොහැකි බවත්, අශ්වයන් පිට යා හැක්කේ ක්ෂත්‍රිය කුලයට අයත් පුද්ගලයන්ට පමණක් බවත් ඔහු කිවුවා. අප අශ්වයා විකුණන්නේ නැතිනම් අපිව මරා දමන බවට ඔහු තර්ජනය කළා."" දකුණු ආසියානු කටයුතු පිළිබඳ බීබීසී සංස්කාරක අන්බසන් එතිරජාන් වාර්තා කරන පරිදි, කලින් ""හීනකුල"" පුද්ගලයන් ලෙස හැඳින්වුණ දලිත් කුලයට අයත් ජනතාවට එරෙහි ප්‍රහාර සහ වෙනස්කම් පිළිබඳ ඉන්දියාවෙන් නිතර අසන්නට ලැබේ. පසුගිය ඔක්තෝබර් මාසයේ දලිත් කුලයට අයත් පුද්ගලයෙකු ගු���රාට්හි සාම්ප්‍රදායික හින්දු නර්තනයකට සහභාගි වීම හේතුවෙන් පුරුෂයන් කණ්ඩායමක් විසින් ඝාතනය කරන ලදි. ඉන්දියාව තුළ නීතියෙන් තහනම් කරනු ලැබ ඇතත් කුල පදනම මත වෙනස්කම් කිරීම රට පුරා බොහෝ ප්‍රදේශවලින් තවමත් නිරන්තරයෙන් වාර්තා වේ. තවත් තොරතුරු:" -world-38202701,https://www.bbc.com/sinhala/world-38202701,ඇපල් සමාගමෙන් රියදුරන් රහිත මෝටර් රථ?,රියදුරන් රහිත ස්වයංක්‍රීය මෝටර් රථයක් නිර්මාණය කිරීම සඳහා මුදල් ආයෝජනය කරන බව ඇපල් සමාගම පළමු වරට පිළිගනියි.,"ඇමරිකානු ප්‍රවාහන නියාමන බලධාරීන් වෙත ලිපියක් යොමු කරමින් ඇපල් සමාගම ""ප්‍රවාහනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ස්වයංක්‍රීය පද්ධති වැඩිදියුණු කිරීමට ඇති අවස්ථාව සම්බන්ධයෙන් සතුටු වන බව"" පවසා තිබේ. ස්වයංක්‍රීය මෝටර් රථයක් නිර්මාණය කිරීම සඳහා ඇපල් සමාගම සැලසුම් සකස් කරමින් සිටින බවට කලක සිට වාර්තා පළ වූ නමුත් එම සමාගම ඒ බව ප්‍රසිද්ධියේ පිළිගෙන නොතිබිණි. සිය සමාගමේ නිෂ්පාදනය කරන ලද ස්වයංක්‍රීය මෝටර් රථ 2021 වසර වන විට ධාවනය සඳහා සුදානම් කරන බව ෆෝඩ් සමාගම මීට ඉහතදී නිවේදනය කළේය. ගූගුල් සමාගම මේවන විටත් ස්වයංක්‍රීය මෝටර් අත්හදා බලමින් සිටියි. සිය සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන සියලුම මෝටර් රථ තුළ ස්වයංක්‍රීය ධාවනය සඳහා යොදා ගන්නා දෘඩාංග අන්තර්ගත බව ඉලෙක්ට්‍රොනික මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා ආයතනය පසුගිය ඔක්තෝබර් මාසයේදී පැවසීය." -world-46696096,https://www.bbc.com/sinhala/world-46696096,තල්මසුන් දඩයම නැවත අරඹන්න සූදානම් වන ජපානය,ලබන වසරේ ජූලි මස සිට තල්මසුන් දඩයම නැවත ආරම්භ කිරීමට ජපානය සූදානම් වීම ගැන ජාත්‍යන්තරයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතී.,"තල්මසුන් සංරක්ෂණය කිරීම සඳහා පිහිටුවා ඇති තල්මසුන් දඩයම් කිරීම පිළිබඳ ජාත්‍යන්තර කොමිසමේ (IWC) සාමාජිකත්වයෙන් ජපානය ඉවත් වන බව දැනුම් දී ඇත. සමහර තල්මසුන් වර්ග වඳ වී යාමේ තර්ජනයකට මුහුණ පා ඇති හෙයින් 1986 දී වාණිජමය ක්‍රියාකාරකම් සඳහා තල්මසුන් දඩයම් කිරීම තහනම් කිරීමට ඒ පිළිබඳ ජාත්‍යන්තර කොමිසම පියවර ගත්තේය. 1951 සිට මෙම කොමිසමේ සාමාජිකත්වය දරන ජපානය පවසන්නේ තල්මසුන් ආහාරයට ගැනීම ඔවුන්ගේ සංස්කෘතියේ කොටසක් බවය. ජපානය විසින් තල්මසුන් දඩයම හඳුන්වනු ලබන්නේ ""විද්‍යාත්මක පර්යේෂණ වැඩසටහන්"" ලෙසය. නමුත් ජපානය තුළ සිදු කෙරෙන තල්මසුන් දඩයම දැඩි ලෙස හෙලා දැකීමට ලක්ව ඇති අතර එම ""මාරක පර්යේෂණය"" සීමා කිරීමට එක්සත�� ජාතීන්ගේ සංවිධානය 2014 වසරේදී කටයුතු කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සීමා පනවනු ලැබීමෙන් පසු නව පර්යේෂණ සැලැස්මක් නිකුත් කරමින් ජපානය කියා සිටියේ සතුන් අල්ලා ගැනීම සහ විශ්ලේෂණය කිරීම ඇන්ටාක්ටික් කලාපයේ පරිසර පද්ධතිය වටහා ගැනීමට ""විද්‍යාත්මක වශයෙන් අතිශය වැදගත්වන"" බවය. තල්මසුන් ආහාරයට ගැනීම ඔවුන්ගේ සංස්කෘතියේ කොටසක් බව ජපානය පවසයි තල්මසුන් දඩයම විද්‍යාත්මක වැඩසටහන් ලෙස හුවා දැක්වීම අනුමත නොකළ හේග් ජාත්‍යන්තර අධිකරණය 2014 දී එය නීත්‍යනුකූල නොවන බව ප්‍රකාශයට පත් කළේය. තල්මසුන් දඩයම් කිරීමට ගත් තීරණය හේතුවෙන් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වනු ඇතැයි පරිසරවේදීයෝ පවසති. මේ අනුව, තල්මසුන් දඩයම් කිරීම පිළිබඳ ජාත්‍යන්තර කොමිසම යටතේ සංරක්ෂිත 'මින්ක් (Minke)' තල්මසුන් ඇතුළු ඕනෑම වර්ගයක් දඩයම් කිරීමට ජපානයට නිදහස ලැබේ. මේ තොරතුරුද කියවන්න: ජපානය නිවේදනය කළේ කුමක්ද? වාණිජමය තල්මසුන් දඩයම ජපාන මුහුදු සීමා තුළ පමණක් සිදු කරන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක යොෂුහිදේ සුගා පැවැසීය. තල්මසුන් දඩයම් කිරීම පිළිබඳ ජාත්‍යන්තර කොමිසම, ඔවුන්ගේ එක් අරමුණක් වන වාණිජමය තල්මසුන් දඩයම පිළිබඳ වැඩි අවදානයක් යොමු නොකරන බවට ජපානය චෝදනා කරයි. දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු ජපානය පුරා තල්මසුන් ආහාරයට ගැනීම වැඩි වූ අතර, එය ප්‍රධාන මස් වර්ගය බවට පත් විය සංරක්ෂණය කළ යුතු තල්මසුන් ගණන ගැන පමණක් ඔවුන් අවධානය යොමු කර සිටින බව ජපානය පවසන්නේය. ජපානයේ වෙරළාසන්න ගම්මාන කිහිපයක වැසියෝ වසර සිය ගණනක සිට තල්මසුන් දඩයමේ යෙදෙති. නමුත් දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු ජපානය පුරා තල්මසුන් ආහාරයට ගැනීම වැඩි වූ අතර, එය එරට ප්‍රධාන මස් වර්ගය බවට පත් විය. පසුගිය වසර කීපය තුළ තල්මසුන්ගේ මස් පරිභෝජනයේ වැඩිවීමක් දක්නට ලැබේ. නමුත්, ජපානයේ අලෙවි වන මස් වර්ගවලින් තල්මසුන්ගේ මස් ඇත්තේ 0.1%ක් පමණක් බව එරට පළ වෙන 'අසාහි' පුවත්පතේ සඳහන් වී තිබිණි. තවත් තොරතුරු ප්‍රතිචාර තල්මසුන් දඩයම් කිරීමට ගත් තීරණය පිළිබඳ ""ඉතාමත් කලකිරීමට"" පත්වන බව ඔස්ට්‍රේලියානු විදේශ ඇමති සහ පරිසර ඇමති එක්ව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. ""සෑම ආකාරයකම වාණිජ තල්මසුන් දඩයම මෙන්ම 'විද්‍යාත්මක' පර්යේෂණ සඳහා යැයි පවසමින් තල්මසුන් දඩයම් කිරීමට ඔස්ට්‍රේලියාව විරුද්ධයි"" ලෙස එම නිවේදනයේ තවදුරටත් සඳහන් වී තිබිණි. මෙම තීරණ�� නැවත සලකා බලන ලෙස ජපානයේ පරිසරවේදීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් රජයෙන් ඉල්ලා සිටිති. ජපානය 2019 ජූනි මස G20 සමුළුවේ සත්කාරක රට වන අතර, එහි දී ජාත්‍යන්තරයෙන් විවේචන එල්ල විය හැකි බව ද ඔවුහු පවසති. ජපානය විසින් තල්මසුන් දඩයම හඳුන්වනු ලබන්නේ ""විද්‍යාත්මක වැඩසටහන්"" ලෙසය තල්මසුන් දඩයම් කරන වෙනත් රටවල් තිබේ ද? ජපානය හැර තවත් රටවල් ගණනාවක් තල්මසුන් දඩයම් කරන බව තල්මසුන් සහ ඩොල්ෆින් සංරක්ෂණය සම්බන්ධයෙන් කටයුතු කරන WDC පුණ්‍යායතනයේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. නෝර්වේ සහ අයිස්ලන්තය ද මස් පිණිස තල්මසුන් දඩයම් කරති. ග්‍රීන්ලන්තය, රුසියාව, එක්සත් ජනපදය වැනි රටවල ආදිවාසී ප්‍රජා අතර ද තල්මසුන් දඩයම මද වශයෙන් සිදුවේ. එහෙත් විද්‍යාත්මක පර්යේෂණයක් වශයෙන් හුවාදක්වමින් තල්මසුන් දඩයම් කිරීම සඳහා ඇන්ටාක්ටික් සාගරය වෙත නෞකා යවනු ලබන දැනට පවතින එකම රට ජපානයය." -world-47053196,https://www.bbc.com/sinhala/world-47053196,වෙනිසුවෙලා අර්බුදය: විපක්ෂ නායකයාගේ බැංකු ගිණුම් අත්හිටුවයි,"වෙනිසුවෙලාවේ විපක්ෂ නායක හුවාන් ගයිදෝ ට රටින් පිටවීම තහනම් කිරීමටත්, ඔහුගේ බැංකු ගිණුම් අත්හිටුවීමටත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.","නිකොලස් මදුරෝ සහ හුවාන් ගයිදෝ ඉහත කී පියවර ගනු ලැබුවේ තමන් අන්තර්වාර ජනාධිපති බවට පසුගිය සතියේ ගයිදෝ ප්‍රකාශ කිරීමත් සමග වර්ධනය වූ බල අරගලය මධ්‍යයේය. ඇමෙරිකාව සහ තවත් රටවල් කිහිපයක් ගයිදෝ වෙත සහය පළ කළ අතර, ජනාධිපති නිකොලස් මදුරෝට රුසියාව ඇතුළු රටවල් කිහිපයක් සහය දැක්වීය. නිකලස් මදුරෝ ජනවාරි 10 වන දා සිය දෙවන ධූර කාලය ආරම්භ කිරීමත් සමග රට පුරා විරෝධතා පැවැත්විණි. පසුගිය වසරේ පැවති ආන්දෝලනාත්මක ඡන්ද විමසීමකින් පසුව ඔහු ජනාධිපති ධූරයට පත් විය. එම ඡන්ද විමසීම පැවැත්වුණේ, විපක්ෂය අපේක්ෂකයින් රැසක් බන්ධනාගාරගත කර හෝ මැතිවරණය සඳහා තරග කිරීමෙන් වළකාලනු තිබියදීය. නිකොලස් මදුරෝ ජනවාරි 10 වන දා සිය දෙවන ධූර කාලය ආරම්භ කිරීමත් සමග රට පුරා විරෝධතා පැවැත්විණි. වෙනිසුවෙලා පවතින විරෝධතා හමුවේ, ජනවාරි 21 වන දා සිට මේ දක්වා පුද්ගලයින් 40 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි විශ්වාස කෙරෙන අතර, තවත් සිය ගණනක් අත්අඩංගුවේ පසු වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. වෙනිසුවෙලා පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් අමතමින් විපක්ෂ නායක හුවාන් ගයිදෝ අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පිළිබඳව අදහස් දක්වම���න් පවසා ඇත්තේ, අදාළ පියවර ""අලුත් දෙයක්"" නොවන බවය. ""මම තර්ජන නොසලකා හරින්නේ නැහැ. ඒත්, අපි අපේ රාජකාරිය කරගෙන යනවා,"" ඔහු පැවසීය. ඇමෙරිකාව කුමක් කරයි ද? ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් අධිකරණය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් නොසතුට පළ කරමින් ට්විටර් පණිවුඩයක් පළ කර තිබිණි. වෙනිසුවෙලා දේශපාලන අර්බුදය ගැන කියවන්න ""ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීමට හෝ ගයිදෝ ට හානි කිරීමට උත්සහ කරන පුද්ගලයන්ට බරපතල ප්‍රතිවිපාක ලැබෙනු ඇති"" ට්විටර් පණිවුඩයේ සඳහන් විය. වෙනිසුවෙලා රජයට අයත් PDVSA ඉන්ධන සමාගමට එරෙහිව සම්බාධක ප්‍රකාශයට පත් කරමින් ජෝන් බෝල්ටන් සඳුදා පැවසුවේ, ""ජනාධිපති නිකොලස් මදුරෝ ට තවදුරටත් වෙනිසුවෙලා වැසියන්ගේ වත්කම් කොල්ල කෑමට නොහැකි"" බවය. ඔහු එහිදී යුදමය ක්‍රියාමාර්ගයක් පිළිබඳව ද ඉඟි කරමින් පැවසුවේ, ""සියලු විකල්ප මේසය මත තබා ඇති"" බවය." -world-39790705,https://www.bbc.com/sinhala/world-39790705,කාබුල් නුවර නේටෝ රථ පෙළකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්,ඇෆ්ඝනිස්තානයේ කාබුල් අගනුවර නේටෝ සංවිධානයේ රථ පෙළකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අටදෙනකුවත් මරුමුවට පත් වූ බව බලධාරීහු පවසති.,"ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාම සාමාන්‍ය වැසියන් බව ඇෆ්ඝනිස්තාන ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. ඇමෙරිකානු සොල්දාදුවන් තිදෙනකු ඇතුළු තවත් 25 දෙනකුට පමණ තුවාල සිදු විය. බදාදා උදෑසන අගනුවර කාර්ය බහුලම අවස්ථාවක මෙම ප්‍රහාරය එල්ල වූයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයේදීය. කිසිම කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම භාරගෙන නැතත්, විදේශීය හමුදාවලට ප්‍රහාර එල්ල කරන බවට තාලිබාන් සංවිධානය අනතුරු අඟවා තිබුණි. මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් නේටෝ සංවිධානයකට අයත් රථ දෙකක් විනාශ වී තිබෙන අතර, ඒ අසලින් ගමන් කරමින් තිබුණු තවත් රථ කිහිපයකටත් හානි සිදු වී තිබෙන බව ඒඑෆ්පී පුවත් සේවය පවසයි. එම ස්ථානයේ සිට මීටර සිය ගණනක් දුරට මෝටර් රථවල වීදුරු කැබලි විසි වී තිබුණි. බරපතල පිපිරීම්වලට ඔරොත්තු දෙන සන්නද්ධ සෙබල ප්‍රවාහක යානා සියල්ල නිරුපද්‍රිතව සිය කඳවුර කරා ලඟා වූ බව ඇෆ්ඝනිස්තානයේ සිටින නේටෝ හමුදාව ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබේ. සුළු තුවාල ලබා සිටින සොල්දාදුවන් පිරිසට කඳවුරේදී වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටින බවත් එහි සඳහන් වේ." -sri-lanka-36416055,https://www.bbc.com/sinhala/sri-lanka-36416055,රථ වාහන මිල ඉහළ යෑම ගැන මුදල් ඇමති,බදු සංශෝධන යටතේ මිල ගණන් අඩු වූ ආනයනික මෝටර් රථ පිළිබඳ කතා නොකරන්නේ ඇයිදැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රශ්න කරයි.,"ආනයනික රථ වාහන සඳහා වන බදු සංශෝධනයෙන් මෝටර් රථ වර්ග හතළිස් හයක මිල වැඩි වී ඇතත් ඇතැම් හයිබ්‍රිඩ් මාදිලි ඇතුළු මෝටර් රථ පහළොවක මිල අඩු වී ඇති බවයි මුදල් අමාත්‍යවරයා පවසන්නේ. 'කාර් හතළිස් හයක මිල වැඩි වෙලා තිබෙනවා. පහළොවක මිල අඩු වෙලා තිබෙනවා. ඇයි ඒ ගැන කතා කරන්නේ නැත්තේ.' මුදල් අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ බීබීසීයේ අසාම් අමීන් සමග සාකච්ඡාවකට එක් වෙමිනි. 'BMW, Mercedes Benz, Jaguar'වැනි මෝටර් රථවල මිල ඉහළ යෑම පමණක් මතු කර පෙන්වීම සාධාරණ නොවන බව මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය. සැමට මෝටර් රථයක් මිල දී ගත හැකි වාතාවරණයක් සකසන බවට එක්සත් ජාතික පක්ෂය පසුගිය මහ මැතිවරණ සමයේ ලබා දුන් පොරොන්දුව සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ මුදල් අමාත්‍යවරයා කියා සිටියේ ඉහත කී මෝටර් රථ පහළොවේ මිල ගණන් තිබුණාටත් වඩා අඩු වී ඇති බවයි. ත්‍රිරෝද රථ මිල ලක්ෂ හතරකින් වැඩි වී ඇති බවට පළ වන වාර්තා අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළේය. 'පෙට්‍රල් ත්‍රිරෝද රථවල මිල රුපියල් තිස්දාහකින් වැඩි වී තිබෙනවා. ඩීසල් ත්‍රිරෝද රථවල මිල රුපියල් හැත්තෑ දාහකින් වැඩි වෙලා තිබෙනවා' මුදල් අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් කියා සිටියේය." -140707_dalai_lama_lanka_burma,https://www.bbc.com/sinhala/sri_lanka/2014/07/140707_dalai_lama_lanka_burma,දලයි ලාමාගෙන් බෞද්ධයන්ට ඉල්ලීමක්,සහෝදර රට වැසියන් වන මුස්ලිම් ජනතාවට එරෙහිව සිදු කෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා නතර කරන මෙන් ටිබෙටයේ බෞද්ධ නායක දලයි ලාමා ශ්‍රී ලංකාවේ සහ බුරුමයේ බෞද්ධයන්ගෙන් ඉල්ලීමක් කරති.,"උන්වහන්සේ විසින් එම ඉල්ලීම කරනු ලැබුණේ සිය හැත්තෑ නව වැනි ජන්ම දිනය නිමිත්තෙන් රැස් ව සිටි දස දහස් ගණනක් ජනතාව අමතා පැවැත් වූ දේශනයක දී. දලයි ලාමා, එම ජනතාව අමතමින් බෞද්ධ ප්‍රජාව බහුතරය වන රටවලින් බැගෑපත්ව ඉල්ලා සිටියේ ඉහත කී ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගෙන් වළකින ලෙසයි. “එවැනි සාපරාධී ක්‍රියාවක් දෙසට යොමු වීමට පෙර බුදුන්ගේ රුව සිහියට නගා ගන්නා මෙන් මම බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටිනවා. බුදු හාමුදුරුවෝ අපට ඉගැන්නුවේ ආදරය සහ කරුණාවයි. බෞද්ධයන් විසින් මේ වගේ පහර එල්ල කරනු ලබන තැනක බුදු හාමුදුරුවෝ වැඩ හිටිය නම් උන්වහන්සේ පීඩාවට පත් මුස්ලිම් ජනතාව ආරක්ෂා කරනවා ඇති” දලයි ලාමා ප්‍රකාශ කළහ. බුදු හාමුදුරුවෝ වැඩ හිට���යා නම් පසු ගිය මාසයේ අලුත්ගම සහ බේරුවල පලාත්වල අන්තවාදීන්ගේ ගැටුම් වලදී මුස්ලිම් ජාතිකයන් හතර දෙනකු මරා දැමුණ අතර විශාල දේපොළ විනාශයක් ද වාර්තා විය. අලුත්ගම සහ බේරුවල ගැටුම් ආරම්භයේ දී බොදු බල සේනා නම් බෞද්ධ සංවිධානය විසින් එහි පවත්වන ලද රැස්වීමක දී බෞද්ධ හිමිවරුන් පළ කළ අදහස් ගැටුම් පැතිර යාමට හේතු වූ බව ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපාලන පක්ෂවල සහ සමාජ ක්‍රියාධරයන්ගේ විග්‍රහය විය. බුරුමයේ මුස්ලිම් විරෝධී ආගමික ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පසුගිය කාලය තුළ දෙසීයකට අධික ජීවිත විනාශයක් සහ එක් ලක්ෂ පනස් දහසකට අධික ජනකායකට උන්හිටිතැන් අහිමි වීම් ගැන වාර්තා වුණි. බුරුමයේ සහ ශ්‍රී ලංකාවේ එවැනි ව්‍යසන වලට හේතු වූයේ වර්ධනය වෙමින් පවතින බෞද්ධ ජාතිකවාදයයි. එවැනි බෞද්ධ අන්තවාදී කණ්ඩායම්වල ප්‍රකාශන වලට එරෙහිව දලයි ලාමා මින් පෙරත් කීපවරක් ම අදහස් පළ කර ඇත." -150920_sp_death_sentence_sudarshana,https://www.bbc.com/sinhala/sri_lanka/2015/09/150920_sp_death_sentence_sudarshana,මරණ දඬුවමට එරෙහිව 'ජනමතයක් ගොඩ නගමු',ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව ජනමතයක් ගොඩනැගීම සිය වගකීම බව සිවිල් සමාජ ක්‍රියාධරයෝ පවසති.,"මරණ දඬුවම ඇමෙරිකා එක්සත් ජනපදයේ හෝ චීනයේ ක්‍රියාත්මක වූ පමණින් ශ්‍රී ලංකාවත් ඒ මග ගත යුතුද? රයිට්ස් නව් සංවිධානයේ නීතිඥ සුදර්ශන ගුණවර්ධන ඒ බව කියාසිටියේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙන්නේ නම් ලබන වසරේ සිට මරණ දඬුවම ක්‍රියාවට නගන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා ගාල්ලේ දී කළ ප්‍රකාශය පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කරන අතරවාරයේ, ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඩනය දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කිරීමට ක්‍රියා කරන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කොට තිබේ. 'පරස්පරයක්' බොහෝ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කරුණු අරභයා ආණ්ඩුව තුලම පරස්පරයක් පවතින බව නීතිවේදී සුදර්ශන ගුණවර්ධන පිළිගත්තේය. ""ඒ පරස්පරය ආණ්ඩුවේ පරස්පරයකට වඩා මම දකින්නේ, ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ලංකාවේ ජාත්‍යන්තර බැඳීම් සහ ශ්‍රී ලංකාවේ මහජන මතය අතර තියන පරස්පරයක් හැටියට,"" ඔහු සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. මරණ දඬුවම අහෝසි කිරීම පිණිස කටයුතු කරන බවට විදේශ අමාත්‍යවරයා දුන් තීන්දුව 'අව්‍යාජ එකක්' ජන���ධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිචාර දක්වා තිබෙන්නේ සේයා සදෙව්මි දැරිය දූෂණය කර මරා දැමීමෙන් අනතුරුව මතු වූ මහජන උද්ඝෝෂණවලට බව පෙන්වා දෙන ඔහු, ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් ඇති බහුතරය මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට සහාය පළ කරන බව සමීක්ෂණවලින් හෙළි වී තිබෙන බවත් සඳහන් කළේය. කෙසේ නමුත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ විදේශ අමාත්‍යවරයා දී තිබෙන ප්‍රතිඥාව 'අව්‍යාජ එකක්ය' යන්න සිය අදහස බවත් මානව හිමිකම් පිළිබඳ නීතිවේදියා පැවසීය. ""නමුත් අපිට තිබෙන අභියෝගය වන්නේ, මහජන මතය එයට එරෙහිව තිබෙන තත්වයක් යටතේදි දේශපාලනඥයන්ට බැන අඬගැසීම වෙනුවට මහජන මතය වෙනස් කිරීම සඳහා මැදිහත් වී ක්‍රියා කිරීමයි,"" නීතිඥ සුදර්ශන ගුණවර්ධන වැඩිදුරටත් පැවසීය. ""අපි හිතනවා ඒකෙදි අපට වගකීමක් තියනවා කියල.""" -sri-lanka-57078571,https://www.bbc.com/sinhala/sri-lanka-57078571,උසස් පෙළ විභාගය: 'වෛද්‍ය විද්‍යාලයට තේරුනොත් අපේ දුවට සම තැන දෙන්න',සිය දියණිය වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබුවහොත් ඇයට ද සෙසු සිසුන් හා සමාන අවස්ථා ලබා දෙන ලෙස විශේෂ අවශ්‍යතා සහිත සිසුවියකගේ දෙමව්පියෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.,"වත්සලා මුතුකුඩේ සිය මව, සොහොයුරිය සහ සොහොයුරා සමග සෙසු සිසු සිසුවියන් සමග එකම ප්‍රශ්න පත්‍රයකට මුහුණ දී ඉහළ ප්‍රතිඵල ලබා ගත් සිය දියණිගේ ඉදිරි අධ්‍යාපන කටයුතු ද බාධාවකින් තොරව කරගෙන යාමට අවස්ථාව ලැබෙනු ඇති බවට ඔවුහු බලාපොරොත්තු පළ කළේ BBC සිංහල සේවය වෙත අදහස් දක්වමිනි. ""වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබුවොත් අපේ දුවට වෙනත් දරුවන් හා සමානව සලකන්න කියලා තමයි අපි ඉල්ලන්නේ,"" ජීවවිද්‍යා අංශයෙන් මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි වත්සලා යසන්ති කුමාරි මුතුකුඩේ A සාමාර්ථ දෙකක් සහ B සමාර්ථයක් ලබා ගැනීමට සමත් විය. උසස් පෙළ විභාගය: සැත්කම් විසිහතකට මුහුණ දී දෛවයට අභියෝග කළ මුතූ දෑතේ ආබාධ සහ වෙනත් සංකූලතා සහිතව උපන් ඇය මේ දක්වා සැත්කම් විසිහතකට මුහුණ දී ඇති අතර උසස් පෙළ විභාගයට මාස දෙකක් තිබියදී ද ශල්‍යකර්මයකට මුහුණ දී ඇත. පළමු සහ දෙවෙනි වර උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල වරම් ලැබූව ද වෛද්‍යවරියක වීමට තිබූ දැඩි අධිෂ්ඨානය නිසාම අභියෝග පසෙකලා ඇය තෙවෙනි වරට ද විභාගයට සූදානම් වූ බව දෙමව්පියෝ පවසති. පළමු වසරේ සිට අපොස සාමාන්‍ය පෙළ දක්වා මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහලේ අධ්‍යාපනය ලද වත්සලා මුතුකුඩ���, A සාමාර්ථ 08 ක් සහ B සාමාර්ථයක් සමගින් අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වීමෙන් පසු මහනුවර උසස් බාලිකා විදුහලට ඇතුළත්ව තිබේ. සිය අධ්‍යාපන කටයුතුවල දී ගුරුවරුන්ගේ මෙන්ම සහෝදර සිසුවියන්ගේ ද නොමද සහාය ලැබුන බව වත්සලා මුතුකුඩේ පැවසීය. 'සමාජයට මුහුණ දුන්නා' ""අම්මටයි අප්පච්චිටයි පිං සිද්ධ වෙන්න එහෙම අවස්ථාවක් මට ලැබුනේ නැත්තන් අදටත් මම ගෙදරට වෙලා ඔහේ ඉඳියි කියලා හිතෙනවා."" එහෙත් සමාජයක් වශයෙන් විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් සම්බන්ධයෙන් දක්වන ආකල්පවල වෙනසක් සිදුවිය යුතු බව ඇය අවධාරණය කරන්නීය. සිය සංකූලතා සමාජයෙන් සඟවා ගනිමින් මුලුගැන්වෙනවා වෙනුවට අභියෝගවලට මුහුණ දෙමින් සමාජය සමග මුසුවීමට සිය දෙමව්පියන් තමාට අවස්ථාව ලබා දුන් බව වත්සලා මුතුකුඩේ පවසයි. ""මම පොඩි කාලේ ඉඳන්ම ස්කූල් වෑන් එකක තමයි ඉස්කෝලේ ගියේ. ඊට පස්සේ මම අට, නවය වසරට ආවට පස්සේ අම්මියි අප්පච්චියි අනිත් ළමයි, මම කොයි වගේද කියලා හිතන්නේ නැතිව මාව සමාජයට හුරු කරන්න ඕනි නිසා මට අවස්ථාව ලබා දුන්නා බස් එකේ ඉස්කෝලේ යන්න,"" බැලූ බැල්මට එය සාමාන්‍ය දෙයක් ලෙස ඇතැමෙකුට පෙනිය හැකිමුත් එමගින් ලද ස්වාධීනත්වය ජීවිතයට පන්නරයක් වූ බව ඇය සිහිපත් කළාය. ""ඇත්තටම ඒක මගේ ජීවිතේ ලොකු අවස්ථාවක් වුණා. මොකද මට ගොඩක් වෙලාවට බස් එකේ අල්ල ගන්න බැහැ. අද මට ඕනිම වෙලාවක බස් එකේ හිටගෙන යන්න පුළුවන්. එතරම්ම මට ප්‍රැක්ටිස් එකක් තියෙනවා, මොකද මම හුඟක් වෙලාවට ඉස්කෝලේ ගියේ හිටගෙන."" ""යාලුවෙක් දැක්කොත් මට ඉඳ ගන්න දෙන්නැත්තේ නැහැ. හැමෝම වගේ ඉඳගන්න දෙනවා, ගුරුවරු පවා. ඒ වුණාට මම ජීවිතේ ඒ ලබපු අත්දැකීමෙන් ගොඩක් ඉගන ගත්තා. ඒ කියන්නේ මිනිස්සු හැමෝම අපි දිහා බලන්නේ එක වගේ නෙමෙයි. අම්මටයි අප්පච්චිටයි පිං සිද්ධ වෙන්න එහෙම අවස්ථාවක් මට ලැබුනේ නැත්තන් අදටත් මම ගෙදරට වෙලා ඔහේ ඉඳියි කියලා හිතෙනවා. එහෙම අවස්ථාවක් දුන්න එක ගැන මම ඇත්තටම සතුටු වෙනවා."" 'ජීවිතේ කියන්නේ අභියෝගයක්...' මහනුවර ස්වර්ණමාලි බාලිකා විදුහලේ අධ්‍යාපනය ලද වත්සලා මුතුකුඩේ, A සාමාර්ථ 08 ක් සහ B සාමාර්ථයක් සමගින් අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වීමෙන් පසු මහනුවර උසස් බාලිකා විදුහලට ඇතුළත් විය ජීවිතේ යනු ""අභියෝග රැසක්"" බව කී වත්සලා මුතුකුඩේ 'වැටි වැටි හෝ' ඒවාට මුහුණ දෙන ලෙස උසස් පෙළ වැනි තරඟ විභාගවලින් අසමත් වී ""බලාපොරොත්තු අතහැරගත්"" සිසු සිසුවියන් සහ තරු�� ප්‍රජාවගෙන් ඉල්ලා සිටී. ""අන්තිම ඔපරේෂන් එක කළේ 2020 උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න කලින්. ඔපරේෂන්ස් වලදී ගොඩක් අමාරු වුණු අවස්ථා තිබුණා. ජීවිතේ කියන්නේ අභියෝග රැසක් තියෙන එකක්."" ""අනිත් ළමයි ගැන හිතලා මට මේවා නෑ, අඩුපාඩු තියනවා කියලා හිතන්න ගත්තොත් එහෙම, මම මගේ ජීවිතේ පරාජය භාර ගන්නවා වෙනවා. ඒ හින්දා එහෙම අනෙක් කට්ටිය දිහා බලලා තමන් පසුතැවෙනවා නම් ඒක ඇත්තටම ජීවිතේ වෙන්න ඕනි දෙයක් නෙමෙයි."" යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය. මවගෙන් ඉල්ලීමක් ""වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබුවොත් අපේ දුවට වෙනත් දරුවන් හා සමානව සලකන්න කියලා තමයි අපි ඉල්ලන්නේ,"" විශේෂ අවශ්‍යතා සහිත දරුවන් දෙස සමාජය ""අමුතු විදිහට"" බලනවා වෙනුවට ඔවුන්ට සිය දක්ෂතා මතු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීමට සමාජය තුළ සංවාදයක් ඇති විය යුතු බව ඇයගේ මව ලුම්බිණි මුතුකුඩේ BBC සිංහල සේවය වෙත මේ අතර පැවසීය. ""ඒ වෙලාවට දරා ගන්න බැරි දුකක් ඇති වෙනවා. ඒ වුණාට මම ඒවට බය වුණේ නැහැ,"" ""මගේ දරුවා වගේම තවත් දරුවෝ ලංකාවේ ඉන්නවා ඇති. ඒ ළමයින් දෙස වපර ඇහෙන් බලන්නේ නැතිව ඉදිරියට යන්න සමාජය අවස්ථාව ලබා දිය යුතුයි."" ""විශේෂ අවශ්‍යතා තිබෙන දරුවන්ට වෙනත් දරුවන් හා සමාන අවස්ථා ලැබෙන්න ඕනි. සමහර රටවල් ඒ වගේ අවස්ථා දෙන්න විශාල වශයෙන් කටයුතු කර තිබෙනවා. එවැනි වැඩපිළිවෙලක්, ආකල්පවල වෙනසක් ශ්‍රී ලංකාවේත් ඇතිවිය යුතුයි,"" යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය." -151123_sp_kidney_disease,https://www.bbc.com/sinhala/sri_lanka/2015/11/151123_sp_kidney_disease,කැඩ්මියම් නිසා වකුගඩු රෝගය 'රට පුරාම පැතිරේවි',ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය පැතිර පවතින ප්‍රදේශවල දෛනික ආහාර වේලේ අඩංගු කැඩ්මියම් ප්‍රමාණය අඩු කිරීම පිණිස වහාම පියවර නොගතහොත් ඉදිරි වසර කිහිපය ඇතුලත වකුගඩු රෝගය රට පුරාම පැතිර යා හැකි බවට ශ්‍රී ලාංකික විශේෂඥයෙක් අනතුරු අඟවයි.,"'හුඟක් විද්‍යාඥයන්ගේ අදහස තියෙන්නේ මේක සාමාන්‍යයෙන් ගොවියන් අතර තියෙන ලෙඩක් කියල. නමුත් ඒක ගොවියන්ට පමණක් තියෙන දෙයක් නෙවෙයි' ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූල්‍ය අනුග්‍රහය සහිතව ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මීට ඉහතදී පවත්වන ලද පරීක්ෂණයෙන් පෙන්වා දෙන පරිදි වකුගඩු රෝගයට ප්‍රධානම හේතුව ග්ලයිෆොසෙට් විෂ නාශකය නොවන බවයි, ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂක ආචාර්ය කමල් ගම්මම්පිල බීබීසී සංදේශයට කියා සිටියේ. ""හුඟක් විද්‍යාඥයන්ගේ අදහස ���ියෙන්නේ මේක සාමාන්‍යයෙන් ගොවියන් අතර තියෙන ලෙඩක් කියල. නමුත් ඒක ගොවියන්ට පමණක් තියෙන දෙයක් නෙවෙයි,"" ආචාර්ය ගම්මම්පිල පැවසීය. ආචාර්ය ගම්මම්පිල පසුගියදා ලන්ඩනයේදී සිය සොයා ගැනීම් ඉදිරිපත් කරමින් පසුගියදා ලන්ඩන් නුවරදී සිය සොයා ගැනීම් ප්‍රකාශයට පත් කළ ආචාර්ය ගම්මම්පිල අවධාරණය කරන්නේ වකුගඩු රෝගය පැතිර යාමට ප්‍රධානම හේතුව ආහාරවල අඩංගු කැඩ්මියම් ප්‍රතිශතය ඉහල යාම බවයි. ""ගොවියන්ට රෝගය වැඩියෙන් වැළඳෙන්නේ ඔවුන් තමන් වවන දේ තමන්ම කන නිසා. නමුත් නගරබද මිනිස්සු සල්ලිවලට ගන්නේ තමන්ගේ ආහාර ද්‍රව්‍ය. ඒගොල්ලන්ගේ මාකට් ඒකට එන ආහාර විෂබීජ වැඩි පලාත්වලිනුත් ලැබෙනවා; විෂබීජ අඩු පලාත්වලිනුත් ලැබෙනවා,"" යන්න ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකික පර්යේෂකවරයාගේ විග්‍රහයයි. (ආචාර්ය ගම්මම්පිල සමඟ බීබීසී සංදේශය පැවැත්වූ සාකච්ඡාවට සවන් දෙන්න: https://audioboom.com/boos/3841780-2015-22) කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය පැතිර යාමට ප්‍රධාන හේතුව ග්ලයිෆොසෙට් විෂ රසායනය බව රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන ඇතුළු ක්‍රියාධරයන්ගේ මතයයි. 'ලංකාවේ හැදෙන විදියට වකුගඩු රෝගය හැදෙනවා නම්, ඒකට සම්බන්ධ එකම රසායනික විෂ ද්‍රව්‍යය කැඩ්මියම්' ඒ මතය පිළිගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ග්ලයිෆොසෙට් විෂ රසායනය ශ්‍රී ලංකාව තුල තහනම් කරනු ලැබ ඇතත් ඇතැම් ප්‍රදේශවල තවමත් එම රසායනය වැඩි මිලට අලෙවි කෙරෙන බව වෛද්‍ය ජයසුමන මීට ඉහතදී සංදේශයට පැවසීය. කෙසේ නමුත් කිසිවකු කැඩ්මියම් අඩංගු ආහාර අනුභව කරන්නේ නම් එමගින් වැළඳෙන එකම රෝගය වකුගඩු රෝගයය යන්න එක්සත් ජාතීන්ගේ පිළිගත් නිර්ණායකවලට අනුකූල නිගමනය බවයි ආචාර්ය කමල් ගම්මම්පිල අවධාරණය කරන්නේ. ""ලංකාවේ හැදෙන විදියට වකුගඩු රෝගය හැදෙනවා නම්, ඒකට සම්බන්ධ එකම රසායනික විෂ ද්‍රව්‍යය කැඩ්මියම්."" ආචාර්ය ගම්මම්පිල මතු කරන කරුණු සම්බන්ධයෙන් විමසීම පිණිස දින කිහිපයක් මුළුල්ලේ වෛද්‍ය චන්න ජයසුමන ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය. ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය බහුලව පැතිර යන්නේ 'ජලයෙන් නොවේ; ආහාරවලින් සිරුරට ඇතුළු වන කැඩ්මියම් විෂ රසායනය හේතුවෙන්' ග්ලයිෆොසෙට් නිෂ්පාදනය කරන බහුජාතික සමාගම්වල අවශ්‍යතා ඉටු කිරීම පිණිස මෙවැනි තර්කයක් ඉදිරිපත් කරන බවට චෝදනාවක් එල්ල විය හැකි නොවේදැයි යන්න ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකවරයා වෙත බීබීසී සංදේශය යොමු කළ ප්‍රශ්නයක්. තමන් මෙසේ ඉදිරිපත් කරන්නේ සිය පෞද්ගලික අදහස නොව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු එක්සත් ජාතීන්ගේ ආයතන පිළිගත් මතය බවයි, එයට පිළිතුරු දෙමින් ඔහු අවධාරණය කරන්නේ. ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය පැතිර යන්නේ ජලයෙන් නොව ආහාරවලින් සිරුරට ඇතුළු වන කැඩ්මියම් විෂ රසායනය හේතුවෙන් බව අවධාරණය කරන ඔහු, එම ආහාර බුදීමෙන් වැලකීම රෝගය පැතිරයාම වැළැක්වීමේ එකම ක්‍රමවේදය බව පෙන්වා දෙයි. ""සියයට පනහක් ඇඟට වැටෙන කැඩ්මියම් එන්නේ බත්වලින්,"" ආචාර්ය කමල් ගම්මම්පිල පවසයි. ""අපි සොයා බලන්න ඕන මොන කුඹුරුවලද වැඩිය කැඩ්මියම් තියෙන්නේ, මොන හාල්වලද වැඩිය කැඩ්මියම් තියෙන්නේ ... අපි වහාම ඒක නවත්තන්න ඕන.""" -sri-lanka-42596520,https://www.bbc.com/sinhala/sri-lanka-42596520,ආගම දේශපාලනයට ගාවගන්න එපා - මහින්ද දේශප්‍රිය,ආගමික ස්ථාන තුළ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරිම තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.,"''බෞද්ධ හෝ වේවා, ඉස්ලාම් හෝ වේවා, හින්දු හෝ වේවා, කතෝලික හෝ ක්‍රිස්තියානි වේවා, කිසිම ආගමික ස්ථානයක දේශපාලනය කළ නොහැකියි'' මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉරිදා (ජනවාරි 07) පැවති වැඩසටහනක දී අදහස් දක්වමිනි. එම වැඩසටහන සඳහා පොලිස්පතිවරයා ඇතුළු දකුණු පළාතේ ගාල්ල, ඇල්පිටිය, මාතර, තංගල්ල යන පොලිස් කොට්ඨාසවල පොලිස් නිලධාරිහු ද සහභාගී වූහ. ආගමික ස්ථාන තුළ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කෙරෙන බවට චෝදනා නගමින් සිය ආයතනය වෙත පැමිණිලි ලැබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් කියා සිටී. ""පෙත්සම් නාවත් අපි බැඳිලා ඉන්නවා මේ ගැන ක්‍රියාකරන්න. ආගම දේශපාලනයට ගාවගන්න එපා. ආගම ලෝකොත්තර දෙයක්, දේශපාලනය ලෞකික දෙයක්, හරියට කියනවා නම් සුදු වලකුළුයි කොත්තමල්ලි වගේ කිසි සම්බන්ධයක් නැහැ"" ""සෙත් පැතීම්"" මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පන්සල්, කෝවිල්, පල්ලි සහ දේවස්ථාන තුළ සිදු කෙරෙන ආගමික වතාවත් නවතා දැමීම ඉන් අදහස් නොකරන බව කී මහින්ද දේශප්‍රිය, ""නමුත් දිනපතා ලවුඩ් ස්පීකර් දාගෙන බෝධි පුජා කරමින් අහවල් අපේක්ෂකයාට සෙත් පතමින් යනවා නම් පන්සලේ හාමදුරුවන්ට, පල්ලියේ මෞලවි තුමන්ට, කෝවිලේ පූසාරිට, පුජක තුමන්ට කියන්න මැතිවරණ නීතිය අනුව ඒක වැරදි කියලා"" යනුවෙන් සඳහන් කළේය. මේ අතර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන කාන්තා අපේක්ෂිකාවන්ට වන හිරිහැර සම්බන්ධව පැමිණිලි කිරිමට වෙනම හදිසි දුරකථන අංකයක් (0113024884)ලබාදිම පිළිබඳ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පොලිසිය වෙත ස්තූතිය පුද කළේය. පළාත් පාලන මැතිවරණයේ කාන්තා නියෝජනය තහවුරු කිරීම සඳහා කොට්ඨාස මට්ටමින් තරග කරන මුළු සභික සංඛ්‍යාවෙන් 10% ක් කාන්තාවන් විය යුතු බව මෙවර නීති ගත කර තිබේ. ඊට අමතරව සමානුපාතික නියෝජනයෙන් ඇතුළත් කළ යුතු අපේක්ෂිකාවන් සංඛ්‍යාව අදාළ නාම යෝජනා පත්‍රයේ සඳහන් අපේක්ෂකයින්ගෙන් 50% ක් බවටද දක්වා තිබේ. 2018 පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 10 වෙනිදා පැවැත්වීමට නියමිතය. සබැඳි යොමු:" -sri-lanka-37329803,https://www.bbc.com/sinhala/sri-lanka-37329803,119 පහසුකම් දෙමළ භාෂාවෙනුත්,දෙමළ ජනතාවට ඔවුන්ගේ ගැට‍ළු සිය භාෂාවෙන් ඉදිරිපත් කළ හැකි පොලිස් හදිසි දුරකථන සේවා උතුරු පළාතට හඳුන්වා දෙනු ලබයි.,පොලිසිය වෙත පැමිණෙන ඕනෑම අයකුට තමන්ගේ භාෂාවෙන් කටයුතු කිරීමට අවස්ථාව සැලසිය යුතු බවයි පොලිස්පති පූජිත ජයසුන්දර පෙන්වා දෙන්නේ. ඔහු ඒ බව කියා සිටියේ වවුනියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැවති උත්සවයකදී. මේ අතර පොලිසිය සමග කටයුතු කිරීමෙදී මෙතෙක් දෙමළ වැසියන්ට තිබූ භාෂා ගැටලුව බොහෝ දුරට විසඳි ඇතැයි එම අවස්ථාවට සහභාගී වී සිටි වන්නි පුරවැසි කමිටුවේ සභාපති එස්.ශිවඥාණම් කියා සිටියේය. ඔහු පැවසුවේ පෙරට වඩා දෙමළ වැසියන්ට ඔවුන්ගේ භාෂාවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම ඇතුළු කටයුතු රැසකට පොලිසිය තුළ අවස්ථාව උදා වී ඇති බවයි. පොලිස්පතිවරයා සඳහන් කළේ ජාතීන් අතර සුහදතාවය හා සංහිඳියාව වර්ධනය කර වීම පිණිස භාෂාව ඉතා වැදගත් වන බවයි. රටේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි පොලිසිය සකස් කිරීමත් මහජනතාවට ඉතා ඉහල මෙන්ම උපරිම සේවාවක් ලැබෙන තත්ත්වයකට පොලිසිය පත් කරන බවත් පොලිස්පතිවරයා පැවසීය. -sri-lanka-55348348,https://www.bbc.com/sinhala/sri-lanka-55348348,"කොරෝනා වෛරසය: ""කෝවිඩ් වතුරවලින් බෝවෙන රෝගයක් නෙමෙයි"" - වෛරස විද්‍යා විශේෂඥ, මහාචාර්ය මලික් පීරිස්",කොරෝනාවෛරසය වැළඳී මියගිය කිසිවෙකු භූමදානය කිරීම හේතුවෙන් වෛරසය භූගත ජලයට එකතුවිය හැකි බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමු වී නැති බව ජගත් කීර්තියට පත් ලොව ඉහළම පෙළේ වෛරස විද්‍යාව පිළිබඳ විද්‍යාඥයෙක් පවසයි.,"ග්‍රීසිය��� කොරෝනාවෛරසය ආසාදිත වී මියගිය පුද්ගලයෙක් දෙසැම්බර් 05 වෙනි දින භූමදානය කළ අවස්ථාවක් ""පළමු වෙනි දේ තමයි, අපි දැනගන්න ඕන වෛරසයක් වැඩිවෙන්නේ (multiply වෙන්නේ) සජීව සෛලවල විතරයි,"" මහාචාර්ය මලික් පීරිස් පැහැදිලි කිරීම ආරම්භ කළේ එලෙසිනි. ""සෛල මැරුණම වෛරසවලට multiply වෙන්න විදියක් නෑ. ඒ නිසා වෛරසය පැතිරීමත් නවතිනවා."" එබැවින් කෝවිඩ් ආසාදිතයෙකු මියගිය පසු ශරීරයේ ඉතිරිව පවතින වෛරසවල ආයු කාලය ඉතාමත් කෙටි බවද වෛරස විද්‍යාව පිළිබඳ ශ්‍රී ලාංකික විශේෂඥයා අවධාරණය කරයි. ""ඒ නිසා අඩි හයක් පොළොව යට දාන සිරුරකින් පසට වෛරසය ඇවිල්ල, වතුරට ඇවිල්ල වෛරසය බෝවෙන්න පුළුවන් ද කියල මම නම් දන්නේ නෑ."" ව්‍යාධි විද්‍යා විශේෂඥයෙකු ද (Pathologist) වන මහාචාර්ය මලික් පීරිස්, හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරස විද්‍යාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාය. දින විස්සක් වයසැති බිළිඳාගේ දේහය පිළිස්සීම ගැන විරෝධය පාමින් දෙසැම්බර් 17 වෙනි දින බොරැල්ල කනත්තේ සුදු ලේන්සු ගැට ගැසූ ක්‍රිස්තියානි පූජකවරු කෝවිඩ් වෛරසය බෝවෙන්නේ කොහොමද? ""දෙවෙනි කරුණ, රෝගියෙකුගෙන් කෝවිඩ් රෝගය බෝවෙන්න පටන් ගන්නේ ඒ රෝගියා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න දවස් කිහිපයකට කලින් ඉඳල. ඒ අවස්ථාවේ රෝගය ශරීරයේ තිබුණත් රෝගියා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නෑ,"" මහාචාර්ය මලික් පීරිස් පැහැදිලි කළේය. ""රෝග ලක්ෂණ පහළ වෙලා තවත් දවස් හතරක්, පහක් රෝගියාගෙන් වෛරසය බෝවෙනවා. ඒ කාලේ තමා වෛරසය වැඩියෙන්ම බෝවෙන කාලේ."" ""කිසිවෙක් රෝගයෙන් මරණයට පත්වෙන්න කලින්, රෝග ලක්ෂණ පහලවෙලා, රෝහලට ඇතුළත් කරලා, අධි සත්කාර ඒකකයට ඇතුළු කරලා ... ඒ සියල්ලට දවස් ගණනක් යනවනේ? ඉතින් රෝගියා මරණයට පත්වෙන කොට ඔහුගෙන්/ඇයගෙන් තවත් කෙනෙකුට වෛරසය බෝවීමේ හැකියාව ඉතාම අඩුයි."" ලෝ ප්‍රකට වෛරස විද්‍යා විශේෂඥයා අවධාරණය කරන්නේ, රෝහලට ඇතුළත් කිරීමෙන් දින ගණනාවකට පසුව වුවත් රෝගියෙකුගේ PCR පරීක්ෂණ ප්‍රතිඵල 'පොසිටිව්' විය හැකි බව සැබෑ නමුත් ඔහුගෙන්/ඇයගෙන් වෛරසය පැතිරීමේ හැකියාව ඉහළ බවක් එයින් අදහස් නොවන බවය. ""PCR පොසිටිව් වෙන්න පුළුවන් ඒත් වෛරසය බෝවෙන්න පුළුවන් හැකියාව දවස් 8 විතර වෙනකොට බොහෝ දුරට පහව ගිහිල්ල."" ""ඔය කරුණු දෙක හොඳින් හිතල බැලුවොත් ගොඩක් දෙනා මැරෙන්නේ රෝගය හැදිලා දෙවෙනි සුමානේ නැත්නම් තුන්වෙනි සුමානේ. ඒ වෙනකොට රෝගියාගෙන් වෛරසය තවත් කෙනෙකුට බෝවීමේ හැකියාව හරිම අඩුයි."" මහාචාර්ය මලික් පීරිස්, 2003 වසරේදී පැතිර ගිය සාර්ස් වෛරසය හඳුනා ගැනීම සහ එම වසංගතය පාලනය කිරීම සඳහා ප්‍රමුඛ කාර්යයක් කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකි. කවුද මේ මහාචාර්ය මලික් පීරිස්? මහාචාර්ය මලික් පීරිස්, 2003 වසරේදී පැතිර ගිය සාර්ස් වෛරසය හඳුනා ගැනීම සහ එම වසංගතය පාලනය කිරීම සඳහා ප්‍රමුඛ කාර්යයක් කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකි. 2015 වසරේ මැදපෙරදිග කලාපයේ පැතිර ගිය මර්ස් වෛරසය සම්බන්ධයෙන් කෙරුණු පර්යේෂණ සඳහා ද ඔහුගේ දායකත්වය ලැබී ඇත. ලොව පිළිගත් විද්‍යාත්මක සඟරා තුළ පර්යේෂණ පත්‍රිකා 600 කට අධික සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කර ඇති මහාචාර්ය මලික් පීරිස් ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයන්ගෙන් සැදුම්ලත් බ්‍රිතාන්‍යයේ රාජකීය සමාජයේ ද (The Royal Society) සාමාජිකයෙකි. මහාචාර්ය මලික් පීරිස් සහ ඔහුගේ කණ්ඩායම නව කොරෝනා වෛරසය හඳුනා ගැනීම සහ එය පාලනය කළ හැකි ක්‍රමවේද පිළිබඳ පර්යේෂණවල යෙදී සිටිති. සිරුරක් මිහිදන් කරන්නේ කෙසේද? මළ සිරුරක් මිහිදන් කරන්නේ අඩි හයක් යට වලක් තුළ බව සිහිපත් කරන වෛසර විද්‍යා විශේෂඥයා, ""සිරුරක් කෙලින්ම වතුරට වල දාන්නේ නෑ නේ. ඉතින් මොනවා හරි වෛරස් තිබුණත් ඒක කෙලින්ම වතුරට යන්නේ නෑ,"" යනුවෙන් මා සමඟ පැහැදිලි කළේය. ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් පත්කරනු ලැබ තිබෙන විශේෂඥයන්ගේ කමිටුවේ උපදෙස් ප්‍රකාර ආණ්ඩුව අනුගමනය කරන්නේ කොරෝනාවෛරසය ආසාදිත වී මියයන සියලු දෙනා ආදාහනය කිරීමේ ප්‍රතිපත්තියකි. ආණ්ඩුවේ ස්ථාවරයට විද්‍යාත්මක පදනමක් නැති බව පවසමින් මුස්ලිම් ජනතාව සිය ඥාතීන්ගේ සිරුරු ආදාහනය නොකරන මෙන් දිගින් දිගටම ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. මේ අතර දින විස්සක් වයසැති බිළිඳු දරුවෙකු බලහත්කාරයෙන් ආදාහනය කිරීම පසුගිය සතියේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. බීබීසී සිංහල සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්ය මලික් පීරිස් පැහැදිලිව පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ ස්ථාවරයට කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවය. ""භූමදානය කරපු මළ සිරුරකින් වෛරසය පැතිරෙන්න නම් වෛරසය පස් වලින් ෆිල්ටර් වෙලා, ෆිල්ටර් වෙලා යන්න ඕන. එහෙම වෙනකොට තිබුණ වෛරස් එකත් නැතිවෙන්න තමා චාන්ස් එක තියෙන්නේ,"" ඔහු පැවසීය. විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් ප්‍රකාර සිරුරක් මිහිදන් කරන්නේ වෛරස නාශක (disinfectant) ඉස, සිරුර ප්ලාස්ටික බෑගයක ද දැමීමෙන් අනතුරුව බව පෙන්වාදෙන ශ්‍රී ලාංකික විද්‍යා��යා, ""වෛරස් තිබුණත් ඒවා මැරෙන්න disinfectant දානවනේ,"" යනුවෙන් ද වැඩිදුරටත් පැවසීය. කොරෝනා වෛරසය ගැන පර්යේෂණ සිදු කරන ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකි. සාර්ස් වෛරසය පාලනය කරනුවස් ඔහු කළ දායකත්වය විදුලොවේ ඇගයීමට ලක් වේ. ඔහු රාජකීය සභාවේ (The Royal Society) සාමාජිකයෙකි. 'අසූචි එක්කත් වෛරසය තියෙන්න පුළුවන්' ශ්‍රී ලංකාවේ භූගත ජල මට්ටම ඉහළ බව පිළිගන්නා මහාචාර්ය මලික් පීරිස් පවසන්නේ, ""කෝවිඩ් වතුරවලින් බෝවෙන රෝගයක් නෙමෙයි, එහෙම එක උදාහරණයක්වත් මම දන්නේ නෑ,"" යනුවෙනි. ""කෝවිඩ් waterborne disease එකක් නෙමෙයි."" ""ඔය විදියට ලංකාවේ සුසාන භූමියක් වත් තියෙන්න බෑ."" ""අපි නිකමට හිතමු, පස්වලින් බේරිලා,බේරිලා වතුරට ආව කියල. ඒත් එතකොට වතුරවලින් වෛරසය තනුක (dilute) වෙනවා. අඩු ගානේ වෛරස් අංශු දාහක්වත් එන්න ඕනේ රෝගය බෝවෙන්න."" ""කාට හරි ඔහොම බයක් තියෙනව නම් ඒ බය තියෙන්න ඕන උණසන්නිපාතය, කොලරාව වගේ රෝග වලට. ඒ ඔක්කොම අසූචිවලින් බෝවෙන රෝග."" ""ඇත්තටම අසූචි එක්කත් වෛරසය තියෙන්න පුළුවන්."" ""රෝගය හොයාගන්නේ ආසාදනය වෙලා දවස් ගණනකට පස්සේ; diagnose වෙන්නේ දවස් ගාණක් ගියාට පස්සේ. ඔය කාලේ අසූචි එක්කත් වෛරසය පැතිරෙනවා. ඒ කියන්නේ ඒ අසූචිත් වතුරවලට යනවනේ. ඒක ගැන හිතන්නේ නැතුව ඇයි මේ මළ සිරුරු ගැන කියන්නේ,"" මහාචාර්යවරයා ප්‍රශ්න කරයි. සූම් තාක්ෂණය ඔස්සේ පසුගිය සතියේ පැවති විද්වත් සංවාදයකදී ද මහාචාර්යවරයා මේ කරුණු පැහැදිලි කර තිබුණි. බිළිඳු දරුවාගේ දේහය ආදාහනය කිරීම ගැන විරෝධය 'රෝග පාලනය කරන්න ඕන මිනිස්සු එක්ක එකතු වෙලා' ලොව පුරා පැතිර ගිය වෛරස රෝග ගණනාවක් පාලනය කිරීම පිණිස දායක වූ විද්‍යාඥයා පවසන පරිදි ශ්‍රී ලංකා ආණ්ඩුවේ ක්‍රියා කලාපය රට තුළ වෛරසය තවදුරටත් පැතිරයාම පාලනය කිරීම පිණිස සෞඛ්‍ය සේවකයන් දරන උත්සාහයට ද එල්ල කෙරෙන අතුල් පහරකි. ""අපි හැමදෙනාගේම අරමුණ, මේ රෝගය බෝවීම වලක්වාගැනීම,"" මහාචාර්ය මලික් පීරිස් විස්තර කළේය. ""ඒ සඳහා මේ රෝගය බෝවෙන්නේ කොහොමද, පටන් ගන්නේ කොහොමද, රෝග ලක්ෂණ එන්නේ කොහොමද කියන මේ සේරම තේරුම් ගන්න ඕන. ඒ කිසි දෙයක් නැතුව අපි වතුර ගැන විතරයි කතා කරන්නේ."" මහාචාර්ය මලික් පීරිස් පවසන්නේ, මළ සිරුරු ආදාහනය කිරීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙල හේතුවෙන් රෝගය වැළඳුණත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ට ඒ බව වාර්තා කිරීමට දැන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව බියක් දක්වන බවය. ""රෝගය පාලනය (disease control) කියන්නේ රෙග���ලාසි දැමීම විතරක් නෙමේ, මිනිස්සුන්ගේ විශ්වාසවලට ගරු කරමින් කළ යුතු දෙයක්,"" ඔහු පැවසීය. ""රෝග පාලනය කරන්න ඕන මේ සේරම හිතල, මිනිස්සු එක්ක එකතු වෙලා. මිනිස්සු බය කරලා නෙමෙයි."" කියවන්න:" -sri-lanka-48070893,https://www.bbc.com/sinhala/sri-lanka-48070893,"ශ්‍රී ලංකාවේ ප්‍රහාර: ""කොයි මොහොතේ අපේ ජීවිත නැති වෙයිද කියලා බයේ ඉන්නේ.""","""අපි පුදුම බයකින් ඉන්නේ. පෞද්ගලික ආයතනවල මොන හේතුවකටත් නිවාඩු දෙන්නේ නැහැ. අපි වෙනදා යන පාරෙන් කෙලින්ම කොළඹට යන්නේ නැතුව, වෙන දුර පාරවල්වලින් වැඩට යනවා,"" චාමලී විජේසේකර බීබීසී සිංහල සේවයට පැවසීය.","""කොයි මොහොතේ අපේ ජීවිත නැති වෙයිද කියලා බයේ ඉන්නේ."" නීති වෘත්තියේ නිරතවීම පිණිස කඳාන ප්‍රදේශයේ සිට දිනපතා රාජකාරි සඳහා පිටත්ව යන ඇයගේ ඥාතියෙකු ද පසුගිය ඉරිදා මීගමුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදු වූ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්විය. ""ඒ මතකයන් හිතේ හොල්මන් කරනවා. හැබැයි මොන දේ වුණත් වැඩට යන්නම ඕනේ නිසා යනවා,"" ඇය තවදුරටත් පැවසීය. මේ වන විටත් දිවයින පුරා පොලිස් සහ හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී. පාස්කු ඉරුදින (අප්‍රේල් 21) ශ්‍රී ලංකාවේ සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 70ට වැඩි දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. සැක කටයුතු පුද්ගලයන් මෙන්ම සැක කටයුතු වාහන දිගටම පරික්ෂා කරන බව පොලිසිය බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේය. අත්අඩංගුවට ගත් පුද්ගලයන් අත තිබී ගිනි අවි, ජීව උණ්ඩ, පණිවුඩ හුවමාරු යන්ත්‍ර මෙන්ම කැබ් රථයක් ද සිය භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මෙම තත්වය සාමාන්‍යය ජන ජීවිතයට බලපාන්නේ කෙසේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසුමක දී බොහෝ දෙනෙකු සිය බිය, සැකය සහ දුක ගැන අත්දැකීම් හෙළි කළහ. බොරැල්ල ප්‍රදේශයේ රැකියාවක නිරත මවක් ""මම වයස අවුරුදු දෙකක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්. මගේ මහත්තයා පිටරට රැකියාවක නිරත වෙනවා. ගෙදර අම්ම සහ දරුවා බලාගෙන ජීවත් වෙනවා. හැමදාම මම කොළඹ පෞද්ගලික ආයතනයක රැකියාවට යන්නේ තනියම,"" කේ. ජයසේකර පැවසුවාය. ""හැම වෙලාවේම එක එක තැන්වල බෝම්බ තියෙනවා කියලා ආරංචි එනවා. එහෙම අවස්ථා දෙකක බොරැල්ලේ තියෙන අපේ කාර්යාලය වහලා සේවකයන්ට ගෙදර යන්න කිව්වා."" ""මට සෑහෙන බයක් වගේම තරහකුත් දැනෙනවා. මේ මොන කරදරයක ද අපිව දැම්මේ. ආණ්ඩුව දැන දැන මේ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කරුමෙට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ අපිට,"" ඇය තව��ුරටත් පැවසීය. කිරිබත්ගොඩ ප්‍රදේශයේ දිවි ගෙවන කාන්තාවකගේ අත්දැකීම් නම හෙළි කිරීමට අකමැති වූ කැලණිය ප්‍රදේශයේ දිවි ගෙවන කාන්තාවක් මෙසේ සිය අත්දැකීම් හෙළි කළාය. ""මම සල්ලි ගන්න ATM යන්ත්‍රයක් ළඟට ගියා. එතන දිග පෝලිමක් තිබුණා. පෝලිමේ තවත් පුද්ගලයන් හය දෙනෙක් විතර මට ඉස්සරහින් හිටියා."" ""මට පස්සේ බුර්කාවක් ඇඳගත්ත ගෑනු කෙනෙක් ඇවිත් පෝලිමට එකතු වුණා. එයා මුහුණ බාගයක් වහගෙනත් හිටියේ. මගේ හිත ඇත්තටම තිගැස්සුනා,"" ඇය පැවසීය. ""මම වගේම මට ඉස්සරහ පෝලිමේ සිටිය අයත් සෑහෙන බයකින් පිටිපස්ස හැරි හැරි බලනවා මම දැක්කා. එක පාරටම පෝලිමේ ඉස්සරහ හිටිය අය එකින් එක්කෙනා අයින් වෙන්න ගත්තා. සමහරු ඒ තැනින් යන්නම ගියා. මටත් ලොකු බයක් දැනුණ නිසා මාත් ඉක්මනින් එතනින් අයින් වෙලා ආයෙත් ගෙදර ආවා."" ""මට ඕනේ තරම් මුස්ලිම් යාළුවෝ ඉන්නවා. නමුත්, මේ ඇති වෙලා තියෙන තත්වයත් එක්ක පොඩි දෙයටත් අපේ හිත ගැස්සෙනවා,"" ඇය තවදුරටත් පැවසීය. ""කුඩා දරුවෝ අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නේ කොහොමද?"" කිසි දිනෙක යුද වාතාවරණයක දිවි නොගෙවූ කුඩා දරුවන් ඇති වී තිබෙන මෙම තත්වය පිළිබඳ සිය දෙමාපියන්ගෙන් විවිධ ප්‍රශ්න අසා සිටින අතර, ඒ ගැන ඔවුන්ගේ ළමා මනසට වටහා දීම ඉතා අපහසු කාර්යයක් බව කොළඹ පදිංචි ගාමිණි විජේබණ්ඩාර පැවසුවේය. ""මගේ දරුවාගේ වයස අවුරුදු පහයි. එයා කවදාවත් යුද්ධයක් හෝ මේ වගේ බෝම්බ පුපුරණ ඒවා දැකලා නැහැ. දැන් මේ වෙන දේවල ගැන එයා අපෙන් සෑහෙන ප්‍රශ්න අහනවා,"" ඔහු පැවසීය. ""ඇයි තාත්තේ ඒ මිනිස්සු තවත් අය බෝම්බ ගහලා මරන්නේ? වගේ ප්‍රශ්න ගොඩක් අපෙන් අහනවා. නමුත් අපිට දරුවට දෙන්න උත්තර නැහැ. බයක් තියෙනවා අපි දෙන උත්තරවලින් ඒ ළමයාගේ හිතේ වෛරයක් පැල පදියම් වෙයි කියලා."" ""අපි ඉන්නෙ භය, දුක, තරහ මිශ්‍ර මානසිකත්වයක. ඒ තැන ඉඳගෙන අපිට දරුවන්ට තාර්කික උත්තර දෙන්න අමාරුයි. මේ දරුවෝ හොඳටම භය වෙලා ඉන්නේ. ඒ වගේම මරණය කියන දේ ඔලුවට කා වැදිලා තියෙන්නේ. අපි හිතුවා ඒ අඳුරු යුගය ඉවර වුණා කියලා අවුරුදු දහයකට කලින්,"" ඔහු පැවසුවේය. ෆාතිමා සාරා මොහිදීන්ගේ අත්දැකීම් ""මමයි, මහත්තයයි, පුතයි මෝටර් රථයෙන් කොළඹ කොටුවට යන අතර අපිව ආමි එකෙන් නැවැත්තුවා. අපේ හැඳුනුම්පත් පරීක්ෂා කළා,"" කොළඹ පදිංචි වී සිටින සාරා මොහිදීන් බීබීසී සිංහල සේවයට පැවසුවේය. ""මේ සිද්ධ වුණ දේවල්වලට අපි සම්පූර්ණ විරුද්ධයි. ඒ වගේම සෑහෙන දුකයි. නමුත් අපේ හිත ගැස්ස��නා ආමි එකෙන් එහෙම නවත්වද්දී. ආයෙත් අපේ ජීවිත අවුරුදු දහයක් පස්සට ගියා වගේ දැනුණා."" ""මොනවා වුණත් මුස්ලිම් අය හැටියට අපි මේ වෙලාවේ ආරක්ෂක අංශවලට සහය දෙන්න ඕනේ. ඇති වෙලා තියෙන තත්වයත් එක්ක මේ දේවල් බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ,"" ඇය තවදුරටත් පැවසුවාය. ""පාළු මූසල ස්වභාවයක්"" අප්‍රේල් 26 වෙනි සිකුරාදා පෞද්ගලික කටයුත්තත් සඳහා නිවසින් බැහැරව ගිය කැලණිය ප්‍රදේශයේ දිවි ගෙවන සුජාතා රණවීර සිය අත්දැකීම් මෙසේ හෙළි කළාය. ""අපි කැලණියේ ඉඳන් පැය දෙකක විතර ගමනක් ගියා. පාරවල් පාළුවට ගිහින් මහා මූසල ගතියක් තියෙන්නේ. සමහර පැතිවල කිසිම මිනිහෙක් පේන්න නැහැ."" ""අපි පුදුම බයකින්, දුකකින් ජීවත් වෙන්නේ. ගෙදර අය එළියට ගියාම ආයේ එන්නේ නැති වෙයි කියලා බයයි. මිනිස්සු වැඩිය ඉන්න සුපර්මාකට්වලට යන එකත් නතර කළා."" ""ගෙදර කන බොන ඒවා මේ දවස්වල හරිම පරිස්සමෙන් පාවිච්චි කරන්නේ. මොකක් හරි සිද්ධියක් වෙලා අත්‍යවශය බඩු නැති වුණොත් එක පාර ගන්න තැනක් නැති වෙයි කියලා හිතෙනවා,"" ඇය පැවසීය. එමෙන්ම, සිය නිවසට අප්‍රේල් 26 උදෑසන කුලී පදනම මත රැකියාවේ යෙදෙන කිහිපදෙනෙකු පැමිණ ඔවුන්ට එදිනෙදා ආහාර සහ වෙනත් අත්‍යවශය කටයුතු සඳහා මුදල් නොමැති බව පැවසූ බව සුජාතා රණවීර සඳහන් කළාය. ""එක්කෙනෙක් අපෙන් රුපියල් 500ක් තියෙනවා ද කියලා ඇහුවා ගෙදරට කෑම බඩු ගන්න. ඒ මිනිස්සුන්ට මේ ප්‍රශ්න ඇති වුණ දවසේ ඉඳන් කිසිම රස්සාවක් ලැබිලා නැහැ. ඒ වගේ කීපදෙනෙක් උදේ ඉඳන් ගෙදරට ආවා. අපිට මහා කනගාටුවක් දැනෙන්නේ මේ තත්වය ගැන,"" ඇය තවදුරටත් පැවසීය. ත්‍රිකුණාමලයේ සෝදිසි මෙහෙයුම් මේ අතර, කන්තලේ කින්නියා, මූතූර්. ත්‍රිකුණාමලය යන ප්‍රධාන නගර සියල්ලක්ම බ්‍රහස්පතින්දා (අප්‍රේල් 25) පෙරවරුවේදී හමුදාව සහ පොලීසිය එක්ව දැඩි සෝදිසියකට ලක් කළ අතර, එයින් පසුව සියලු වෙළඳසැල් සහ අනෙකුත් ව්‍යාපාරික ස්ථාන වසා දැමූ බව වාර්තා විය. පස්වරුවේදී මගී ප්‍රවාහන සහ අනෙකුත් වාහන ධාවනය විශාල වශයෙන් අඩු වී තිබේ. කන්තලේ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ඩී ජී එම් කොස්තා පැවසුවේ රෝහල අසල බෝම්බයක් ඇති බවට පැතිරගිය කටකතාවක් නිසා බාහිර අංශයේ රෝගීන් මහත් සේ කලබල වූ බවය. ""මිනිස්සුන්ගේ සිත්වල පරණ භය තවම තියෙනවා. ඉතින් තැතිගන්නා එක ගැන පුදුමයක් නැහැ,"" ඔහු පැවසීය. මේ අතර, සමහර පුද්ගලයන් තමන්ට දැනෙන බිය, දුක මිශ්‍ර අත්දැකීම් මෙන්ම සංවේදී සි��්ධීන් ගැන සමාජ මාධ්‍ය ජාලවල පළ කර තිබිණි. මේ තොරතුරුද කියවන්න:" -140915_india_tamil_sinhala,https://www.bbc.com/sinhala/sri_lanka/2014/09/140915_india_tamil_sinhala,දෙමළ ජනතාව සිංහල උගත යුතුයි - ඉන්දියාව,යාපනයේ වැසියන් සිංහල භාෂාව ඉගෙන ගැනීමට වහාම පෙළඹිය යුතු යැයි යාපනයේ සිටින වැඩ බලන නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් එස්ඩී මූර්ති ප්‍රකාශ කරයි.,"සිංහල භාෂාව ඉගෙන ගැනීමට පහසුකම් සැලසීමට 'සූදානම්' යාපනයේ වැසියන් සහභාගි වූ උළෙලකදී තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස්වරයා, යුද්ධයෙන් අනතුරුව උතුරේ ජාතීන් අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කරවීම පිණිස රටේ මවු භාෂාව ඉගෙන ගැනීම ප්‍රයෝජනවත් වන බව සඳහන් කළේය. ඉන්දියාවේ වැසියන්ගෙන් සියයට පණහකටම ඉන්දීය මවු භාෂාව වන හින්දි භාෂාව පිළිබඳව දැනීමක් ඇති බව පෙන්වා දෙන ඔහු, එලෙසින්ම ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම උතුරු පළාතේ වැසියන්ටද රටේ මවු භාෂාව ගැන අවබෝධයක් ඇති වන්නේ නම් සියලු කටයුතු පහසු වන බවද පැවසීය. සිංහල භාෂාව ඉගෙන ගැනීමට යාපනයේ වැසියන් උනන්දුවක් දක්වන්නේ නම් ඒ සඳහා පහසුකම් සැලසීමට ඉන්දීය රජයට හැකියාව තිබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ නමුත් යාපනයේ දෙමළ භාෂාව කථා කරණ සුලු පිරිස පමණක් නොව දිවයිනේ සිටින සියලුම දෙමළ වැසියන් සිංහල භාෂාව ඉගෙන ගත යුතු බවයි, යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ. එමෙන්ම සිංහල වැසියන් දෙමළ භාෂාව ඉගෙනීමෙහිද එවැනිම වදගත් කමක් ඇති බව ඔහු සඳහන් කළේය. සිංහල වැසියන් දෙමළ භාෂාවත් දෙමළ වැසියන් සිංහල භාෂාවත් ඉගෙනීම තුළින් සියලු දෙනාගේම රාජකාරි කටයුතු මෙන්ම සියලු කටයුතු පහසු වනවා මෙන්ම ජාතීන් අතර සුහදතාවය වර්ධනය වීමටද එය හේතුවක් වන බව කථිකාචාර්ය සාමිනාදන් විමල් වැඩිදුරටත් කියා සිටියේය." -sport-40510777,https://www.bbc.com/sinhala/sport-40510777,නව ව්‍යවස්ථාව ගැන මහා නාහිමි මතයට ආණ්ඩුවේ ප්‍රතිචාරය,ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කිරීමේ හෝ පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ක්‍රියාදාමය ඉදිරියටම ගෙනයන බව ආණ්ඩුව පවසයි.,"නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කිරීම සඳහා අවශ්‍ය වන්නේ නම් ජනමත විචාරණයක් කැඳවීමට ද ආණ්ඩුව සූදානම් බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය. අමාත්‍�� රාජිත සේනාරත්න ඒ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බවට ත්‍රෛනිකායික මාහා නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය අඟහරුවාදා කළ ඒකමතික නිවේදනය පිළිබඳව මාධ්‍යවේදියෙකු කළ විමසීමකට පිළිතුරු දෙමිනි. සබැඳි යොමු: ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් සහ අනුනාහිමිවරුන් ඇතුළු 75 ස් නමකට අධික මහා සංඝරත්නය මහනුවරට රැස් වී රටේ පවතින වත්මන් වාතාවරණය පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමියෝ, ""නැති ගැටළු ඇතිකරන අලුතින් ව්‍යවස්ථාවක් සකස් කිරීම කිසිසේත් සුදුසු නොවන බව"" සඟ සමුළුවේ ඒකමතික තීරණය වූ බව සඳහන් කළහ. මල්වතු පාර්ශවයේ මහා නාහිමියන් නියෝජනය කරමින් මල්වතු පාර්ශවයේ අනුනාහිමිවරු සාකච්ඡාවට එක්ව සිටියහ. ""ජනවරම ක්‍රියාත්මක කරනවා"" මහා නාහිමිවරුන් ගේ ඉහත කී ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළකරමින් අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ, ජනතාව ලබා දී තිබෙන ජනවරම ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීම බවය. නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම පිණිස පිහිටුවා තිබෙන කමිටු හයේ නිර්දේශ පිළිබඳව අවසාන තීරණය ගත යුත්තේ පාර්ලිමේන්තුව විසින් බව සඳහන් කළ කැබිනට් ප්‍රකාශකවරයා, 1972 දී සිදු වූ ආකාරයට මේවනවිට සම්පූර්ණ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙසින් රැස් වී එම තීන්දුවට එළඹෙනු ඇති බවත් පැවසීය. නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලයකින් අනුමත වුවහොත්, ඉන් අනතුරුව එය ජනමත විචාරණයකට යොමු කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ජනතාවට අවස්තාව උදාවනු ඇති බවත් අමාත්‍ය සේනාරත්න සඳහන් කළේය. අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමියෝ නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ ක්‍රියාදාමයට විරෝධය පළකිරීමට පෙර එහි සැබෑ අරමුණ හඳුනාගත යුතු බව පැවසූ ඔහු, නව ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කරන්නේ රටේ බහුතර සිංහල ජනතාව එයට අනුමැතිය පළකරන්නේ නම් පමණක් බව ආණ්ඩුව පැහැදිලිව සඳහන් කර තිබෙන බවත් කියා සිටියේය. මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ද අවධාරණය කළේ නව ව්‍යවස්ථාවේ අවසාන කෙටුම්පත තවමත් කෙටුම්පත් කර අවසන් නොමැති බවය. ��ටේ අනාගත අභිවෘද්ධිය උදෙසා නව ව්‍යවස්ථාවක් සකස් කිරීම් අවශ්‍යතාවය ජනතාව වටහාගත යුතු බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේය." -140822_sambanthan_india,https://www.bbc.com/sinhala/sri_lanka/2014/08/140822_sambanthan_india,සුස්මා - දෙජාස සාකච්ජා,ඉන්දීය විදේශ ඇමතිනි සුස්මා ස්වරාජ් සහ විදේශ අමාත්‍යංශ ලේකම් සුජාතා සිංග් හමුවී දෙමළ ජාතික සන්ධානය පැවැත්වූ සාකච්ජා සාර්ථකවූ බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.,ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පවතින වත්මන් තත්වය පිළිබඳව තොරතුරු ඔවුන් හා සාකච්ජා කළ බවත් එම ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන විවිධ ගැටළු ඔවුන්ට පෙන්වා දුන් බවත් ඔහු මාධ්‍යවේදීන්ට පැවසුවේය. රජයේ උනන්දුව උතුරු නැගෙනහිර පලාත්වල ජන විකාශයේ වෙනස්කම් ඇති කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා රජය ආරම්භ කොට ඇති වැඩසටහන් පිලිබඳවත් එම පලාත්වල සංස්කෘතික සහ භාෂා අනන්‍යතාවයට කෙරෙන බලපෑම ගැනත් සාකච්ජා කළ බවයි සම්බන්ධන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ. පිළිගත හැකි කිසිදු දේශපාලන විසඳුමක් කෙරෙහි රජයේ උනන්දුවක් නොමැති බව තමන් පෙන්වා දුන් බවයි ඔහු කියා සිටියේ. දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විසදුමක් නොවුවත් එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කලද අර්ථාන්විතව බලය බෙදීමක් ඇති කිරීමට රජය අපොහොසත් වී ඇති බව තමන් මේ සාකච්ජාවේදී පෙන්වා දුන් බව සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසුවේය. සාධනීය ක්‍රියා දෙමළ ජනතාවට බලපාන තවත් ගැටළු ගැන ඉන්දීය විදේශ ඇමතිනි සුස්මා ස්වරාජ් සමඟ සාකච්ජා කළ බව පැවසූ ඔහු කියා සිටියේ තමන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව ඉන්දියාව කිසියම් හෝ පියවරයක් ගත යුතු බවට ඉල්ලා සිටි බවයි. එම ප්‍රශ්න සම්බන්ධයෙන් ඉන්දියාව සාධනීය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ යුතු බවයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ. -sri-lanka-48950093,https://www.bbc.com/sinhala/sri-lanka-48950093,විශ්වාසභංග යෝජනාව: ඇමෙරිකානු ගිවිසුම් නිසා පාර්ලිමේන්තුව උණුසුම්,ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ඇති කර ගැනීමට නියමිත ඇක්සා ගිවිසුමේ සැබෑ කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ බ්‍රහස්පතින්දා (ජූලි 11) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.,"ජනතා විමුක්ති පෙරමුණ විසින් රජයට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවට අදාළ විවාදය��� එක්වෙමින් ඔහු පැවසුවේ, ""කැබිනට් එකට දැම්ම ගිවිසුමේ පිටු 7ක් තිබුණාට ඇත්ත ගිවිසුමේ පිටු 83ක් තිබෙන,"" බවය. එම ගිවිසුමේ පිටපතක් සභාගත කරන බව පැවසූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කළේ, මෙවැනි රජයකට තවදුරටත් බලයේ සිටීමට ඉඩ දිය යුතු නැති බවය. ""වගකීමෙන් මිදෙන්න බැහැ"" අනතුරුව අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක සභාව අමතමින්, පාස්කු ඉරු දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ""තමන් ද ඇතුළු රජය, රජයේ නිලධාරීන්, බුද්ධි අංශ නිලධාරීන් සියලු දෙනාට වගකීමෙන් මිදිය නොහැකි,"" බව ප්‍රකාශ කළේය. ඔහු පෙන්වා දුන්නේ, එම තත්ත්වයට කවුරුන් වගකිව යුතු වුව ද ඊට විසඳුම ""ආණ්ඩුව ගෙදර යවලා රට තුළ අස්ථාවරත්වයක් ඇති කිරීම නොවන,"" බවය. ""මේ රටේ හැම දා ම සිදු වුණේ, ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදු වූ සෑම අවස්ථාවක ම ඒ පිළිබඳ දේශපාලන වගකීම,කාට හරි දාලා,කවුරු හරි වැරදිකාරයා කරලා, ත්‍රස්තවාදයට වක්‍රාකාරයෙන් සහයෝගය ලබා දීම තමයි."" මේ අතර, රජය කිසිදු ගිවිසුමක් මගින් වෙනත් විදේශ රටක ගැත්තෙකු වීමට ක්‍රියා නොකරන බව ද ඔහු පැවසීය. ""2007දී ඇමෙරිකන් පුරවැසියෙකු වෙච්ච ගෝඨාභය රාජපක්ෂ, ඇමෙරිකාවේ රොබට් බ්ලේක් සමග ගිවිසුම් ගැහුවා. ඒවා කැබිනට් එකට ගෙනාවේ නැහැ. දැන් රොබට් බ්ලේක් රාජපක්ෂලාගේ අනාගතය ගැන දේශන තියන එක ගැන මේ යැන්කියන් මොක ද කියන්නේ? කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නැති අයගේ කෑඳැති කතාවලට ජනතාව මුළා විය යුතු නැහැ."" ඔහු වැඩිදුරටත් පැවසුවේ, ""මේ ප‍්‍රශ්නය විසඳීම සඳහා අද අවශ්‍යයි විධිමත් ත‍්‍රස්ත විරෝධී වැඩපිළිවෙලක්. නව ආර්ථිකයක් තියෙන්නෙ. අන්තර්ජාලය මත පදනම් වෙච්ච. නව තාක්ෂණයක් තියෙන්නෙ. ඒ වගේම නව ත‍්‍රස්තවාදයක් මේ ලෝකේ තියෙන්නෙ. පැරණි එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය හෝ ජනතා විමුක්ති පෙරමුණේ කැරළිකාරීත්වය විසින් ඇතිකරපු ගරිල්ලා මාදිලියේ ත‍්‍රස්තවාදයක් නෙවෙයි. ඒ නිසා මේ නව ත‍්‍රස්තවාදයට මුහුණ දීම සඳහා, ඒ සඳහාම වෙච්ච බුද්ධි අංශ ප‍්‍රතිසංවිධානයක්, ආරක්ෂක මෙහෙයුම් ප‍්‍රතිසංවිධානයක් සිදු කරලා අපි රටක් හැටියට මේ සමාජයේ ආරක්ෂාව තහවුරු කරලා ජනතාවගේ බිය, සැක නැතිකරලා විශ්වාසය තහවුරු කරන්න කටයුතු කරන්න ඕන,"" යනුවෙනි. ""ආණ්ඩුව අසමත්"" ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් අදහස් දැක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, 2015 පිහිටුවන ලද රජය ආර්ථිකය දියුණු කිරීම, සහන සැලසීම, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් ක���රීම හා මහජන ආරක්ෂාව තහවුරු කිරීම යන සෑම අංශයකින් ම අසමත් වී ඇති බවය. මෙම විශ්වාසභංග යෝජනාව නිශ්චිත ප්‍රශ්නයක් මුල් කරගෙන ආණ්ඩුව වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ බව ද ඔහු සඳහන් කළේය. රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම බ්‍රහස්පතින්දා සවස් වරුවේ පැවති අතර එහිදී එම යෝජනාව වැඩි ඡන්ද 27 කින් පරාජයට පත් විය. යෝජනාවට පක්ෂව ඡන්ද 92ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 119ක් ලැබුණි. තවදුරටත් කියවන්න:" -world-37116912,https://www.bbc.com/sinhala/world-37116912,"'සිරියානු බන්ධනාගාර තුළ 18,000 ක් පමණ මියගිහින්'","2011 වසරේ ජනතා නැගිටීමත් සමග සිරියානු රජයේ බන්ධනාගාර තුළ දී 18,000 කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (Amnesty International)පවසයි.","සෑම මසකම 300 ක් පමණ පිරිසක් සිරියානු බන්ධනාගාර තුළ මිය යන බවයි පැවසෙන්නේ බන්ධනාගාර තුළ දී වධ හිංසාවලට ලක් වී දිවි බේරාගත් පුද්ගලයන් 65,000 කගෙන් තොරතුරු ලබාගනිමින් පුණ්‍ය ආයතනයක් මගින් සකස්කළ වාර්තාවකට අනුව මේ බව අනාවරණය වී තිබේ. ඔවුන් සමග පැවති සම්මුඛ සාකච්ඡාවල දී පැවසුවේ 'පිළිගැනීමේ සාදය' නමින් හඳුන්වන වධහිංසා දෙන ක්‍රමවේදයේ දී යකඩ බට වලින් පහර දීම සහ විදුලි සැර වලට ලක්කිරීම සිදුකර ඇති බවයි. එහෙත් සිරියානු රජය සැමවිටම එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. මාසයකට 300 ක් 2011 මාර්තු මාසයේ සිරියානු ජනාධිපති බෂාර් අසාද් ට එරෙහිව සිදුවූ ජනතා නැගිටීමේ සිට 2015 වසර දක්වා සිරියාව පුරා පුද්ගලයන් 17, 723 ක් අත් අඩංගුවේ සිටියදී මියගොස් ඇති බවටයි ගණන් බලා ඇත්තේ. ඒ අනුව දිනකට පුද්ගලයන් 10 දෙනෙකු හෝ මාසයකට පුද්ගලයන් 300 ක් මියගොස් ඇති බවටයි සැලකෙන්නේ. අදාළ වාර්තාවට අනුව නව රැඳවියන් ට මුහුණ දීමට සිදුවන ""ආරක්ෂක පරීක්ෂාවේ"" දී කාන්තා රැඳවියන් බොහෝ විට ආරක්ෂක නිලධාරීන්ගේ ලිංගික හිංසනයට ලක්වී ඇත. ""ඔවුන් අපිට සැළකුවේ සත්තුන්ට වගේ, ඔවුන්ට අවශ්‍ය වුණේ අපිත් අමනුෂ්‍යයෝ වගේ වෙනවා දකින්න"" යනුවෙනුයි එම වාර්තාව සඳහා අදහස් දැක්වූ සමෙර් නම් නීතිඥවරයා ප්‍රකාශකළේ. "" මම දැක්ක ලේ ගංගාවක් වගේ ගලාගෙන යනව. මිනිස්සුන්ට මේ තරම් පහත් තත්වයකට වැටෙන්න පුළුවන් කියල මම හිතුවෙ නැහැ"" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය. යුධ අපරාධ පසුගිය පෙබරවාරි මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යුද අපරාධ සිදුකල බවට සිරියාවට චෝදනා කළේය. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සිරියානු අර්බුධය නිමා කිරීම පි���ිස පවතින සාම සාකච්ඡා වල පාර්ශව කරුවන් වන ඇමරිකාවෙන් සහ රුසියාවෙන් ඉල්ලා ඇත්තේ මෙම වාර්තාවෙන් මතුකර ඇති කරුණු සම්බන්ධව අවධානය යොමු කරන ලෙසටයි. සිරියාවේ පවතින අර්බුධය හේතුවෙන් පසුගිය වසර 5 ක කාලය තුළ පුද්ගලයන් දෙලක්‍ෂ පනස්දහසක් මියගොස් ඇති අතර කෝටියකට වැඩි පිරිසකට උන්හිටි තැන අහිමි වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ වාර්තා පවසන්නේ." -world-49305356,https://www.bbc.com/sinhala/world-49305356,නවීන තාක්ෂණයෙන් නිම වී තිබුණත් 'තත්පර දහයෙන් සොරා ගත හැකි' මෝටර් රථ,යතුරු නොමැතිව පණ ගැන්විය හැකි නව මාදිලියේ ඇතැම් මෝටර් රථ තුළ පවතින දෝෂ නිසා තත්පර ගණනක් ඇතුළත ඒවා සොරා ගැනීමේ අවදානමක් මතු වී තිබේ.,"'සමහර වාහන තත්පර 10න් සොරා ගත හැකියි' නවීන තාක්ෂණයට අනුව රියදුරන්ට යතුර සිය සාක්කුවෙන් පිටතට නොගෙන ම මෝටර් රථය පණ ගැන්වීමට හැකිය. එක්සත් රාජධානියේ 'What Car?' (වට් කාර්?) සඟරාවට සම්බන්ධ මෝටර් රථ විශේෂඥයන් පිරිසක් යතුර නොමැතිව පණ ගැන්විය හැකි වාහන හතක් සොරා ගත හැකි විවිධ ක්‍රම අත්හදා බැලූහ. ඒ අනුව 'A DS 3 ක්‍රොස්බැක්' (Crossback) සහ 'අවුඩි (Audi) TT RS' යන මාදිලි තත්පර 10ක් වැනි කෙටි කාලයක් ඇතුළත පණ ගැන්විය හැකි අතර, ලෑන්ඩ් රෝවර්, 'ඩිස්කවරි ස්පෝර්ට් TD4 180 HSE' වර්ගයේ රථයක් තත්පර 30ක් ඇතුළත පණ ගන්වා සොරා ගත හැකිය. සොරුන් යොදා ගන්නා තාක්ෂණය භාවිත කරමින් ඉහත කී අත්හදා බැලීම් සිදු කිරීමට මෝටර් රථ විශේෂඥයෝ පියවර ගත්හ. වාහනය පණ ගැන්වීමෙන් පසු එයට නැගී ඉවතට ධාවනය කිරීමට ගතවන කාලය ද ඔවුන් ගණනය කර තිබේ. මේ අතර, අවුඩි සමාගමේ මව් සමාගම වන 'VW Group' පැවසුවේ, සිය මෝටර් රථ නිෂ්පාදනවල ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවය. 'පාරිභෝගිකයන් නොමඟ යවලා' ලන්ඩන් නුවර වෙසෙන ඇන්ඩෘ නම් පුද්ගලයෙකුට අයත් 'මර්සිඩීස් බෙන්ස්' ( Mercedes Benz) රථය පසුගිය නොවැම්බර් මස සොරා ගෙන තිබුණේ ඔහුගේ නිවසින් පිටත නවතා තිබියදීය. ""මගේ වාහනය පණ ගන්වන්න යතුර ඕනේ වුණේ නැහැ. ඒ වගේම යතුර මගේ ගෙදර ඉස්සරහ දොර ආසන්නයේ තිබුණෙත් නැහැ,"" යැයි ඔහු බීබීසී වෙත පැවසීය. ඔහුගේ මෝටර් රථය තවමත් සොයා ගත නොහැකි අතර සොරකම සිදු වීමට හේතුව ගැන මර්සිඩීස් සමාගම කරුණු පැහැදිලි නොකළ බව ද ඇන්ඩෘසඳහන් කළේය. ""මම වාහනය ගන්න විට මර්සිඩීස් සමාගම පැවසුවේ යතුර දෙවරක් එබූ විට වාහනය සම්පූර්ණයෙන් අගුළු වැටී ආරක්ෂා වන බවයි. පසුව එය මගේ පුරුද්දක් බවට පත් වුණා. ඒ වගේම මම මේ ගැන කොහොමත් දැනගෙන හිටියා. සොරකම සිදුවන ව��ලාවේ යතුර තිබුණේ මගේ ගෙදර තුන් වෙනි තට්ටුවේ පිටිපස්සේ,"" ඔහු පැවසුවේය. ""වාහන නිෂ්පාදකයන් සෑම වාහනයක්ම තව තවත් ආරක්ෂාවෙන් වැඩි බව කීම නිසා මිනිසුන් නොමග යනවා. මම ජීවත් වන ප්‍රදේශය තුළ පමණක් ඒ මාසය ඇතුළත යතුරු නොමැතිව පණ ගැන්විය හැකි වාහන දහයක් සොරකම් කර ඇති බව මගේ රක්ෂණ සමාගම පැවසුවා."" යතුරු නොමැතිව පණ ගන්වන වාහන සොරකම් කිරීම සිදුවන්නේ කෙසේද? මෝටර් රථ විශේෂඥයන් පිරිසක් යතුර නොමැතිව පණ ගැන්විය හැකි වාහන හතක් සොරා ගත හැකි විවිධ ක්‍රම අත්හදා බලනු ලැබීය නිවසින් පිටත නවතා ඇති වාහනයක් ඔවුන්ගේ ඉලක්කය වනු ඇති අතර, සාමාන්‍යයෙන් සොරුන් දෙදෙනෙකු ඊට සම්බන්ධ වෙති. යතුරෙන් වාහනයට ලබා දෙන සංඥා නිකුත් කරන උපකරණයක් අතැතිව එක් සොරෙකු වාහනය අසල රැඳෙන අතර, අනෙක් සොරා නිවස අසල රැඳෙමින් එම සංඥා යතුර දෙසට යැවිය හැකි උපකරණයක් අතැතිව සිටියි. මෙමගින් අදාළ තාක්ෂණික ක්‍රියාවලිය 'රැවටීමට' හැකියාව ලැබේ. වාහනය සොරාගත් පසු ඔවුන් එහි කොටස් ගලවා දමන බව පොලිසිය පවසයි. යතුරු නැතිව පණ ගැන්විය හැකි වාහන සොරකම් වැළැක්වීම සඳහා මෝටර් රථ නිෂ්පාදකයන් නව තාක්ෂණික ක්‍රම හඳුන්වා දීම ආරම්භ කර තිබේ. වාහනය සෙලවෙන විට හඳුනාගැනීම ඉන් එක් ක්‍රමයකි. වාහනය සෙලවෙන විට හඳුනාගත හැකි තාක්ෂණය ඇතුළත් වාහන අනවසරයෙන් පණ ගැන්වීමට 'What Car?' මෝටර් රථ විශේෂඥයන්ට නොහැකි විය. නමුත් මෙම තාක්ෂණය මෝටර් රථ වෙළෙඳපොළ තුළ තවමත් දක්නට නොමැත. මේ තොරතුරුද දැනගන්න:" -150918_sp_president_death_penalty,https://www.bbc.com/sinhala/sri_lanka/2015/09/150918_sp_president_death_penalty,මරණ දඬුවමට මම විරුද්ධ නෑ - ජනපති,පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණ හොත් ශ්‍රී ලංකාවේ යළිත් වරක් මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.,"මරණ දඬුවම නියම කිරීමට අධිකරණයට බලය තිබෙන නමුත්, එය ක්‍රියාවට නැගීම පිණිස රාජ්‍ය නායකයා අනුමැතිය පළ කළ යුතුය ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ ගාලු නගර සභා ශාලාවේ පැවැත්වුණ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බළකායේ දෙවැනි ජාතික වැඩසටහනට එක්වෙමින්. ""මරණ දඬුවම් දීම පිළිබඳව මගේ අකමැත්තක් නෑ. නමුත් මට ඒ සඳහා බලය තිබුණත්, මම බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස කීපය තුල ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න,"" ජනාධිපතිවරයා පැවසීය. එහෙත් පසුගිය සඳුදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ඇමතූ විදේශ අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ, ශ්‍රී ලංකාවේ මරණ දඬුවම තහනම් කිරීම ආණ්ඩුවේ අපේක්ෂාව බවයි. පළමු ප්‍රතිචාරය කොටදෙණියාවේ දී සේයා සදෙව්මි දැරිය ලිංගික අපයෝජනයට ලක් කොට ඝාතනය කරනු ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ යළිත් මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවට ප්‍රබල ජනතා මතයක් ගොඩ නැගෙමින් පවතී. ළමා අපයෝජකයන්ට දැඩි දඬුවම් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමින් දිවයින පුරා විවිධ ප්‍රදේශවල උද්ඝෝෂණ පැවැත්වෙන අතර, මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක කළ යුතු බව සමාජ සේවා කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ද දිගින් දිගටම අවධාරණය කරයි. ශ්‍රී ලංකාවේ මරණ දඬුවම තහනම් කිරීම ආණ්ඩුවේ අපේක්ෂාව බවයි, විදේශ අමාත්‍ය මංගල සමරවීර ජිනීවා නුවරදී කියා සිටියේ පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව මරණ දඬුවම යළි ක්‍රියාවට නගන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගාල්ලේ දී නිවේදනය කළේ, ජනතාවගෙන් මතු වන එම ඉල්ලීම් සම්බන්ධයෙන් පළමු වරට ආණ්ඩුවේ නිල ප්‍රතිචාරය පළ කරමින්. කෙසේ නමුත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම රට තුල අපරාධ අඩු කිරීමට කිසිදු රුකුලක් වනු නැති බව ළමාරක්ෂක ක්‍රියාධරයෝ අවධාරණය කරති. සැබවින්ම අවශ්‍යව නව නීති පැනවීම නොව පවතින නීති නිසි පරිදි ක්‍රියාත්මක කිරීම බව ළමාරක්ෂක අධිකාරියේ ආරම්භක සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මීට ඉහතදී බීබීසී සංදේශයට පැවසීය. විසඳුම? ""නීතිය ක්‍රියාත්මකවීම හරි හැටි කෙරෙනව නම් ඔය ප්‍රශ්නේ විසඳෙනවා. දැන් බලන්න සරත් එන් සිල්වා මහත්තයා පවා අත්හිටවූ දඬුවම් දුන්න ළමා අපයෝජනයට. ඒක මේ දණ්ඩ නීති සංග්‍රහයේ නෑ,"" මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා පැවසීය. ළමුන්ට එරෙහි අපරාධ වළක්වාලීම සඳහා මරණ දඬුවම අවශ්‍ය නොවන බව පසුගිය බදාදා කොළඹ දී මාධ්‍ය හමුවක් ඇමතූ ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි ආචාර්ය නතාෂා බාලේන්ද්‍ර ද කියා සිටියාය. සේයා සදෙව්මි ඝාතනය විශේෂයෙන්ම සිංහල ජනමාධ්‍ය වාර්තා කළ ආකාරය දැඩි විවේචනයට ලක්වෙමින් පවතී වැරදිකරුවකුට මරණ දඬුවම නියම කිරීමට ශ්‍රී ලංකාවේ අධිකරණයට බලය තිබෙන නමුත්, එය ක්‍රියාවට නැගීම පිණිස රාජ්‍ය නායකයා අනුමැතිය පළ කළ යුතුය. රාජ්‍ය නායකයාගේ අනුමැතිය පළ නොවීම හේතුවෙන් දශක ගණනාවක් ඇතුලත ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඩනය ක්‍රියාවට නැගී නැත. සේයා සදෙව්මි සහ උතුරේදී දූෂණය කොට මරා දැමුණු විද්‍යා යෝගේෂ්වරන් දැරියන් සම්බන්ධයෙන් සිංහල ජනමාධ්‍යවල වාර්තාකරණයද දැඩි විවේචනයට ලක්වෙමින් පවත��." -sri-lanka-42544356,https://www.bbc.com/sinhala/sri-lanka-42544356,"""බරපතල වංචා, දූෂණ"" කොමිෂන් වාර්තාවත් ජනපතිට භාර දෙයි","මහින්ද රාජපක්ෂ පාලනය සමයේ රාජ්‍ය ආයතන 17ක සිදුවී තිබෙන මහා පරිමාණ වංචා, දූෂණ සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව සිදුකෙරුණු පරීක්ෂණවල ප්‍රතිඵල සහ නිර්දේශ ඇතුළත් අවසාන වාර්තාව කොමිසම විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දෙනු ලැබීය.","එය සිය ආණ්ඩුවේ ""දූෂණයට එරෙහි සටනේ"" තවත් වැදගත් පියවරක් බව ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක සඳහන් කරයි. මීට ඉහතදී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබූ කොමිසමේ අතුරු වාර්තා කිහිපයක් දැනටමත් නීතිපතිවරයා වෙත යොමු කර තිබේ. End of Twitter post, 1 කොමිසමේ විභාගය පැවැත්වෙමින් තිබෙන අතරවාරයේ එහි ලේකම් ලැසිල් ද සිල්වා පදවියෙන් ඉවත් කිරීම සංවාදයකට තුඩු දුන් අතර මීට ඉහතදී බීබීසී සිංහල සේවය ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවට සහල් ආනයනය කිරීමේ දී දූෂණ සිදු වී ඇතැයි ලැබුණ පෙත්සම් සහ පැමිණිලි විභාගයට ගැනීමට තමා ගත් ක්‍රියාමාර්ග සිය පදවිය අවසන් වීමට හේතු විනැයි විශ්වාස කරන බවය. විමර්ශන පැවැත්වෙන අතරවාරයේ වත්මන් රජයේ සුළු ජාතික අමාත්‍යවරුන් දෙදෙනකු ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු පිළිබඳව තමන් සමග සාකච්ඡා කළ බව ද හිටපු ලේකම්වරයා මීට ඉහතදී බීබීසී යට පැවසීය. අඟහරුවාදා (ජනවාරි 02) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දෙනු ලැබූ වාර්තා 17ට අදාළ ආයතන 17 දකුණු පස වගුවේ දැක්වේ. වාර්තාව භාරදීමේ අවස්ථාවට කොමිසමේ සාමාජිකයින් වන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි, මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග සමඟ හිටපු විගණකාධිපති පී පේමතිලක ද සහභාගි වූහ. මෙම වාර්තා 17 සමග රාජ්‍ය ආයතන සම්බන්ධ වාර්තා 34ක් ජනාධිපතිවරයා වෙත මේ වනවිට භාර දෙනු ලැබ තිබේ. පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් 30) තමන් වෙත භාර දෙනු ලැබූ මතභේදයට ලක් වූ මහ බැංකු බැඳුම්කර ගනුදෙණුව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳව බදාදා (ජනවාරි 03) ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරන බව ජනාධිපතිවරයා නිවේදනය කර තිබේ. කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහා පරිමාණ වංචා, දූෂණ සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිබඳවත් ඒ අවස්ථාවේදීම ජනාධිපතිවරයා කරුණු දක්වනු ඇතැයි විශ්වාස කෙරේ. සබැඳි යොමු:" -sri-lanka-42384667,https://www.bbc.com/sinhala/sri-lanka-42384667,තේ ආනයන තහනම ගැන ජනාධිපති පූතින්ට විශේෂ ඉල්ලීමක් - ජනපති මෛත්‍රී,ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීම තාවකාලිකව තහනම් කිරීමට රුසියාව ගෙන තිබෙන තීන්දුව ඉවත්කර ගන්නා ලෙස ජනාධිපති ව්ලදිමීර් පූතින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.,"අදාළ තහනම සම්බන්ධයෙන් රුසියානු බලධාරීන් සමග සාකච්ඡා කිරීම පිණිස නවීන් දිසානායක සහ රිෂාඩ් බදියුද්දීන් අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ දූත පිරිසක් ඉරිදා (දෙසැම්බර් 17) රාත්‍රියේ රුසියාව බලා පිටත්ව යන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. මිත්‍ර රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට රුසියාවේ සහයෝගය හිමිවනු ඇතැයි සඳහන් කළ ජනාධිපතිවරයා, එබැවින් මතු වී තිබෙන තත්වය පිළිබඳව අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා මෙන් තේ කර්මාන්තයේ නියුතු වූවන්ගෙන් ඉල්ලීමක් ද කළේය. ජනාධිපතිවරයා ඒ අදහස් පළ කළේ හපුතලේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි. ශ්‍රී ලංකාවෙන් පිටත් කරන ලද තේ පෙට්ටියක කැප්රා කුරුමිණියෙකු (Khapra beetle) සොයා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවෙන් තේ මිලදී ගැනීම සඳුදා (දෙසැම්බර් 18) සිට තාවකාලිකව අත්හිටුවන බව රුසියාව පසුගිය සතියේ නිවේදනය කළේය. එහෙත් ඒ පිළිබඳව විශ්ලේෂණයක යෙදෙන සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසන්නේ ශරීර සෞඛ්‍යයට හානිකර ඇස්බැස්ටෝස් තහඩු ආනයනය කිරීම 2024 සිට නවතා දැමීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණයට ""එකට එක කිරීමක් ලෙසින්"" රුසියාව එම තීන්දුවට එළැඹි ඇතැයි යන්න දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී තිබෙන බවය. රුසියාව ශ්‍රී ලංකාවේ ප්‍රධානම තේ ගැනුම්කරුවෙකු වන අතර, ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන්ම ඇස්බැස්ටෝස් ආනයනය කරන්නේ රුසියාවෙනි. එමතු නොව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා රුසියාවෙන් නෞකාවක් මිලදී ගැනීම පිණිස කැබිනට් අනුමැතිය පවා හිමි වී තිබියදී එය පමා කිරීම ද රුසියාවේ මේ ක්‍රියාමාර්ගයට තවත් හේතුවක් විය හැකි බවත් සන්ඩේ ටයිම්ස් පුවත්පත සඳහන් කරයි. සබැඳි යොමු: යෝජිත සංචාරය සහ ඇස්බැස්ටෝස් තහනම ඇතුළු කරුණු පිළිබඳව වැඩිදුර විස්තර විමසීම පිණිස වෙළෙඳ අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිප වරක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය. ඇස්බැස්ටෝස් තහනම පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ලබන සතියේ රුසියාවේ සංචාරයක යෙදීමට නියමිත බව ��� වාර්තාවේ. මේ අතර නුවරඑළියේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක පවසා තිබුණේ අදාළ තේ කන්ටේනරයට කැප්රා කෘමියා ඇතුළු වී තිබෙන්නේ වෙනත් වරායකින්ය යන්න ආණ්ඩුවේ විශ්වාසය බවය. ""මෙය පුදුම සහගත දෙයක්. එම කැප්රා කියන කෘමියා ධාන්‍ය බෝග වලට සම්බන්ධ කෘමියෙක් ලෙසයි අපි විශ්වාස කරන්නේ. අපි හිතන විදියට තේ මණ්ඩලය හා අපේ රජයේ මතය නම් මෙම කෘමියා වෙනත් වරායකින් ඇතුල් වන්න ඇතියි කියන එකයි,"" අමාත්‍ය නවීන් දිසානායක සඳහන් කළේය. කෙසේ වුවත් තේ පෙට්ටියකට කෘමියෙකු ඇතුළුවීම සම්බන්ධයෙන් අදාළ සමාගමට එරෙහිව පූර්ණ පරීක්ෂණයක් පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හපුතලේ රැලියේදී වැඩිදුරටත් සඳහන් කළේය. තවත් යොමු:" -sport-40278155,https://www.bbc.com/sinhala/sport-40278155,එක් දින තරගවලට සහභාගි වෙනවා - ලසිත් මාලිංග,ඉදිරි තරග සඳහා කණ්ඩායමට තෝරාගතහොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් දින තරඟවලට සහභාගි වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.,"ඔහු එම ප්‍රකාශය කළේ 'චැම්පියන්ස් කුසලාන' තරඟාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත්වීමෙන් අනතුරුව කොළඹ දී පැවැත්වුන මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. පසුගිය බ්‍රහස්පතින්දා (ජූනි 08) වේල්සයේ 'කාඩිෆ්' නගරයේ දී පාකිස්ථානයට එරෙහිව පැවැත්වුන තරඟයේ දී උඩ පන්දු මගහැරීම සම්බන්ධයෙන් පළවෙමින් පවතින අදහස් පිළිබඳව කරුණු පැහැදිලි කළ ලසිත් මාලිංග ""උඩ පන්දුවක් ගිලිහීම තරඟයක් පරාජය වීමට හේතුවක් නොවන"" බවත් සඳහන් කළේය. උඩ පන්දු ගිලිහීම සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින්නේ දැයි මාධ්‍යවේදියකු විමසූ විට ඊට පිළිතුරු දුන් ලසිත් මාලිංග ""කිසි කළ කිරීමක් නැහැ. මමත් ඕන තරම් උඩපන්දු අත්හැරල තියෙනවා. උඩ පන්දුවක් ගිලිහුණා කියන එක තරගයක් පරාජයට හේතුවක් නෙවෙයි,""යනුවෙන් සඳහන් කළේය. ඉල්ලීමක් මේ දිනවල තම ක්‍රීඩා විලාශය පිළිබඳව පෞද්ගලිකව සතුටු නොවන බව සඳහන් කළ ඔහු තමා පසුවෙන වයස අනුව ""දැන් ලොකු දේවල් කළ නොහැකි"" බවත් පවසයි. 2019 ලෝක කුසලාන තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන්නේදැයි බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දුන් ලසිත් මාලිංග, ක්‍රිකට් බලධාරීන් අවස්ථාවක් ලබාදෙන්නේ නම් තමා එයට සහභාගි වෙන බව කියා සිටියේය. ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන වාර්තා කරන විට බුද්ධිමත්ව සිතා කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා���මේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉල්ලීමක් කරයි. ""බුද්ධිමත් ජනතාව දන්නවා ක්‍රිකට් ක්‍රීඩාව කොහොමද කියලා. ඒ නිසා බුද්ධිමත්ව හිතලා ක්‍රිකට් ක්‍රීඩාව ගැන ලියන්න,"" ලසිත් මාලිංග පවසයි." -world-39977489,https://www.bbc.com/sinhala/world-39977489,'ආදරණීය අම්මා' වෙනුවෙන් බොලිවුඩ් පුරය වැළපෙයි,ජනප්‍රිය හින්දි චිත්‍රපට රැසක මවගේ චරිතයට පණ පෙවූ දිවියෙන් සමුගත් බොලිවුඩ් නිළි රීමා ලාගු වෙනුවෙන් ශෝකය පළ වෙමින් පවතී.,"ඇයගේ වියෝව සම්බන්ධයෙන් බොලිවුඩ් රසිකයෝ සමාජ මාධ්‍ය ඔස්සේ ශෝකය පළ කර සිටිති. මැයි 17 වෙනිදා රාත්‍රියේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රීමා ලාගු මිය ගිය අතර ඒ වන විට ඇය පනස් නව වෙනි වියේ පසු විය. චිත්‍රපට සහ රූපවාහිනී නාට්‍ය මාලා රැසක ප්‍රධාන චරිත අතර 'ආදරණීය මවගේ' චරිතයට පණ පෙවූ නිළියක ලෙස ඇය රසිකයන් අතර ප්‍රචලිතය. කුච් කුච් හෝතා හේ, හම් ආප්කේ හේන් කෝන්, මෙයිනේ ප්යාර් කියා වැනි ජනප්‍රිය චිත්‍රපට ඒ අතර වේ. සල්මන්ගේ 'රිදී තිරයේ මව' රීමා ලාගු සිනමා දිවියට පා තැබුවේ හැත්තෑව දශකයේදී. චිත්‍රපට ගණනාවක එක්ව රඟපෑ ජනප්‍රිය සිනමා නළු සල්මන් ඛාන්ගේ 'රිදී තිරයේ මව' ලෙසත් ඇය හඳුන්වනු ලබයි. සල්මන් ඛාන්ගේ මවගේ චරිතය සඳහා ඇය පළමු වරට පෙනී සිටියේ මීට වසර විසි අටකට පෙර තිරගත වූ චිත්‍රපටයකය. ඒ වන විට ඇය තිස් එක් වෙනි වියේ පසු විය." -140704_lanka_unp_bbs,https://www.bbc.com/sinhala/sri_lanka/2014/07/140704_lanka_unp_bbs,අලුත්ගම: මහජන විනිශ්චය සභාවක්,අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවල හට ගත් ගැටුම් පිළිබඳව විශේෂ මහජන විනිශ්චය සභාවක් පත් කිරීමට අදහස් කරන බව සමගි බලවේගය පවසයි.,"හිටපු අමාත්‍ය හේමකුමාර නානායක්කාර එම ගැටුම පිළිබඳව පමණක් නොව රටේ ක්‍රියාත්මක වන සියලු අන්තවාදී සංවිධාන පිළිබඳව සොයා බැලීම එහි අරමුණ බවයි සමගි බලවේගයේ ප්‍රකාශක හිටපු අමාත්‍ය හේමකුමාර නානායක්කාර කියා සිටින්නේ. ඔහු ඒ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්. 'සැබෑ බෞද්ධයා' ‘අපි දන්නවා මේ රටේ අන්තවාදී සංවිධාන බෞද්ධාගමේ නාමයෙන් පවත්වාගෙන යන්නට උත්සාහ කරනවා. සැබෑ සිංහලයා, සැබෑ බෞද්ධයා ජාතිවාදී නැහැ.’ හිටපු අමාත්‍ය හේමකුමාර නානායක්කාර පැවසීය. මංගල සමරවීර මන්ත්‍රීවරයා අලුත්ගම සහ බේරුවල ප්‍රහාරයන් සිදු වී සති තුනක් ගත වී තිබුනත් ගැටුම් මෙහෙයවූ අය සහ එයට අනුබල දුන් අය සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවට, එම මාධ්‍ය හමුවට සහභාගී වූ මංගල සමරවීර මන���ත්‍රීවරයා චෝදනා කළේය. ‘මැදපෙරදිග රටවලින් රජයට ආ බලපෑම් ඉදිරියේ බොදු බල සේනාවේ චීවරධාරීන් කිහිප දෙනෙක් සී අයි ඩී ආයතනයට ප්‍රශ්න කිරීමට කියල මේ ආණ්ඩුව තවත් බයිස්කෝප් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළා. සිනහ මුසු මුහුණින් ආපසු පැමිණි බොදු බල සේනාවේ නායකයන් දිගින් දිගටම ධර්මය වෙනුවට වෛරය වපුරමින් සිටින බව අපට පැහැදිලියි.’ මංගල සමරවීර මන්ත්‍රීවරයා කියා සිටියේය." -world-55824108,https://www.bbc.com/sinhala/world-55824108,එක්සත් රාජධානියේ කොරෝනා මරණ වැඩිවීමට හේතු මොනවාද? නිසි කල නිසි පියවර නොගත් බවට ආණ්ඩුවට චෝදනා,කොරෝනා වෛරසය ආසාදනයවීම නිසා එක්සත් රාජධානියේ මරණයට පත් ජන සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගියේය. ඒ සමඟ එක්සත් රාජධානිය යුරෝපයේ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වූ රට බවට පත්විය.,"කොරෝනා වෛරසය ආසදනය වීම නිසා ජීවිතය අහිමි වූ මෙවැනි මිනිසුන්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇත සාමාන්‍ය ජනයාගේ පටන් ප්‍රතිපත්ති තීරකයන් පමණක් නොව විද්‍යාඥයන් තෙක් සමාජයේ බොහෝ කණ්ඩායම් වසංගතය විසින් එක්සත් රාජධානියට සිදුකරන ලද එම මහා ව්‍යසනය පිළිබඳව අදහස් ඉදිරිපත් කරමින් සිටිති. මේ සම්බන්ධයෙන් විද්‍යාඥයන් පවසන්නේ කුමක්ද? වසංගතයට ගොදුරුවීමට පෙර සහ ඉන් අනතුරු කාලය තුළ එක්සත් රාජධානිය විසින් ගන්නා ලද ""දුර්වල තීන්දු ගැනීමේ උරුමයක්"" ලෝකයේ දරුණුතම මරණ අනුපාතයක් වාර්තාවීමට හේතු වූ බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විද්‍යාඥයන්ගේ අදහස වී ඇත. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන ලේබර් පක්ෂය විසින් ද වසංගතය හමුවේ බලධාරීන් කටයුතු කරන ලද ආකාරය දෝෂදර්ශනයට ලක්කරනු ලැබ ඇත. තුන්වතාවක් 'ලොක්ඩවුන්' කරනු ලැබීම සම්බන්ධයෙන් විද්‍යාඥයන්ගේ උපදෙස් අනුව කටයුතු කිරීමට ප්‍රමාදවීම අතින් අගමැතිවරයා විසින් ''දැවැන්ත අත්වැරැද්දක්'' සිදුකර ඇති බව ලේබර් පක්ෂයේ විවේචනය මගින් පැවසෙයි. මේ අතර අඟහරුවාදා(ජනවාරි 26) ප්‍රකාශයක් කළ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ''අහිමි වූ සෑම ජීවිතයක් වෙනුවෙන් බලවත් කණගාටුවට පත්වෙන'' බව කියා සිටියේය සිය රට කොරෝනා මරණ ලක්ෂය ඉක්මවා යද්දී අදහස් දැක්වූ අගමැතිවරයා ''ඇත්තෙන්ම, අපි අපට කළ හැකිව තිබූ සියල්ල සිදු කළා'' යයි සඳහන් කළේය. සිය රට කොරෝනා මරණ ලක්ෂය ඉක්මවා යද්දී අදහස් දැක්වූ අගමැතිවරයා ''ඇත්තෙන්ම,අපි අපට කළ හැකිව තිබූ සියල්ල සිදු කළා'' යයි සඳහන් කළේය. මේ අතර රොබට් ජෙන්රික් (Robert Jenrick) ඇමතිවරයා කියාසිටියේ ''ඇමතිවරුන් ලබාගත හැකිව තිබූ හොඳම උපදෙස් ලබාගත්'' බවය. 'එඩින්බ්‍රා' සරසවියේ මහජන සෞඛ්‍යය පිළිබඳ විශේෂඥවරියක වන මහාචාර්ය ලින්ඩා බෝල්ඩ් (Prof Linda Bauld) අදහස් දක්වමින් එක්සත් රාජධානිය දැන් සිටින ස්ථාවරය විග්‍රහ කරන ලද්දේ ''අප සීමාවන් ළිහිල් කරන විට ගන්නා ලද දුර්වල තීන්දුවල උරුමයක් '' යන වචන වලිනි පරීක්‍ෂණ සහ ආසාදිතයන් හඳුනාගැනීම කෙරෙහි අවධානය යොමුකිරීම අතින් සිදු වූ ඌනතාව සහ ජාත්‍යන්තර සංචාර සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සම්බන්ධයෙන් ගතයුතු පියවර හඳුනාගැනීමේ දී ප්‍රදර්ශනය කරන ලද පැහැදිලි අශක්නුතාව මෙම සීත සෘතුවේ මරණ සංඛ්‍යාව වේගයෙන් ඉහළයාමට හේතු වූ බව බීබීසී සමඟ සාකච්ඡාවක දී මහාචාර්යවරිය සඳහන් කළාය. කෝවිඩ්-19 වෛරසය නිසා සිදුවූ මරණවල අසමානතා පිළිබඳ අධීක්‍ෂණයක් කළ මහාචාර්ය ශ්‍රීමත් මයිකල් මර්මොට්(Prof Sir Michael Marmot) මෙලෙස සඳහන් කරයි. ''අසමාන සෞඛ්‍ය පහසුකම්,ආයුෂ අපේක්ෂා කාලය පිරිහීම සහ රාජ්‍ය අංශයේ ආයෝජන පහත වැටීම යන කරුණු සමඟ වසංගතයේ ඉතාම දරුණු තත්ත්වයක් කරා එක්සත් රාජධානිය ඇද වැටී ඇත'' ආණ්ඩුවට ගතහැකි සියලු පියවර ගත් බව කියාසිටිමින් අගමැති බොරිස් ජොන්සන් කළ ප්‍රකාශයට ප්‍රතිචාරය දක්වන ලේබර් ඡායා කැබිනට් මණ්ඩලයේ සෞඛ්‍ය ලේකම් ජොනතන් ඈෂ්වර්ත් (Jonathan Ashworth) ''තමා අගමැතිවරයාගේ ප්‍රකාශය බැහැර කරන'' බව කියා සිටියේය. රට අගුළුදමන ලෙස ලැබී තිබූ විද්‍යාත්මක උපදෙස් අගමැති බොරිස් ජොන්සන් විසින් වසංගතය ආරම්භයෙහි පසුගිය මාර්තු මාසයේ පමණක් නොව,යළිත් සැප්තැම්බර් සහ දෙසැම්බර් මාසවලත් ''ඉවත දමන ලද'' බව ජොනතන් ඈෂ්වර්ත් පවසයි. වෛරසය පැතිරීම හඳුනාගැනීම සඳහා සක්‍රීය යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමට අපොහොසත් වූ ආණ්ඩුව දේශසීමාවන්හි සෞඛ්‍ය ආරක්ෂණය අතින් ඵලදායී පාලනයක් හඳුන්වා නොදුන් බවත්, එසේම 'රෝගීන් සඳහා ප්‍රමාණවත් ගෙවීමක්' සිදු නොකළ බවත් ලේබර් ඡායා කැබිනට් මණ්ඩලයේ සෞඛ්‍ය ලේකම් ජොනතන් ඈෂ්වර්ත් කියා සිටියි. මේ අතර බීබීසී ගුවන්විදුලි වැඩසටහනකට සහභාගීවෙමින් අදහස් දැක්වූ එක්සත් රාජධානියේ ප්‍රජා කටයුතු භාර ලේකම් රොබට් ජෙනරික් ''සිදුවූ අතපසුවීම්වලින් පාඩම් ඉගෙන ගනිමින් ඉදිරි කාලයෙහි වෙනත් ස්වරූපයකින් කටයුතු කිරීමට හැකි බව තමාට සහතික බව'' අවධාරණය කළේය. එහෙත් ආණ්ඩුව විසින් ගන්නා ලද තීන්දු සඳහා ''පෙළ පොතක්'' ( ""textbook"") නොවූ බව සඳහන් කළ ප්‍ර��ා කටයුතු භාර බ්‍රිතාන්‍ය ලේකම්වරයා,අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ලබාගත හැකිව තිබූ ඉහළම මට්ටමේ විද්‍යාත්මක සහ වෛද්‍ය උපදෙස් ලබාගත් බවත් සඳහන් කළේය. ''පසුගිය සැප්තැම්බර් මාසයේ දී ශක්තිමත් ක්‍රියාමාර්ගයක් ගනු ලැබුනේ නම්,ඉන් අනතුරුව සිදුවූ මරණ සංඛ්‍යාව විශාල මට්ටමකින් වළක්වා ගැනීමට ඉඩකඩ තිබූ බව 'ඉම්පීරියල්' සරසවියේ මහාචාර්ය නීල් ෆර්ගියුසන් විසින් තක්සේරු කරනු ලැබීමත් ප්‍රජා කටයුතු භාර ලේකම්වරයාගේ අභියෝගයට ලක්විය. මහාචාර්යවරයාගේ ''එම ප්‍රකාශය සාධාරණ හෝ නිවැරැදි නොවන'' බව ඇමතිවරයාගේ අදහස වෙයි. එම අවධියේ ප්‍රබල ක්‍රියාමාර්ග ගැනීමක් සිදු නොවූ බවට මහාචාර්යවරයා කරන ප්‍රකාශය සමඟ ඔහු එකඟ නොවෙයි. ආණ්ඩුව විසින් රට සඳහා කොරෝනා පාලන ස්ථර ක්‍රමයක් (tier system) හඳුන්වා දෙනු ලැබීම සහ වෛරසයේ ;කෙන්ට්' ප්‍රභේදය මතුවූ වහාම කඩිනම් පියවර ගන්නා ලද ආකාරය ඔහු ඊට නිදසුන් ලෙස ඉදිරිපත් කරයි. ලෝකයේ පස්වෙනි තැනට ලෝකයේ මෙතෙක් සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව අතින් එක්සත් රාජධානිය මේවනවිට පස්වෙනි තැනට පත්ව ඇත. ඊට ඉහළින් සිටින අනිත් රටවල් හතර වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව සහ මෙක්සිකෝවයි. මේ අතර බ්‍රිතාන්‍ය ආණ්ඩුවට උපදෙස් දෙන විද්‍යාඥයන් තවත් එවැනි මරණ පනස් දහසක් තරම් විශාල සංඛ්‍යාවක් සිදුවීමට ඉඩකඩ ඇති බවට අනතුරු ඇඟවීමක් කර තිබේ. හදිසි අවස්ථා පිළිබඳ විද්‍යාත්මක උපදේශක මණ්ඩලයේ සාමාජික මහාචාර්ය කැලම් සෙම්පල් (Prof Calum Semple) බීබීසී 'නිව්ස් නයිට්ස්' වැඩසටහනට එක්වෙමින්, වෛරසය තුරන්කර දැමීමට පෙර තවත් මරණ හතළිස් දහසත්-පනස් දහසත් අතර සංඛ්‍යාවක් දකින්නට නොලැබුණොත් එය පුදුමයක් වනු ඇතැයි කියා සිටියේය. තවදුරටත් කරුණු පැහැදිළි කළ මහාචාර්ය කැලම් සෙම්පල්, අලුත් එසේම වේගයෙන් පැතිරයන වෛරස් සම්බන්ධයෙන් එක්සත් රාජධානියට අවසනාවන්ත අත්දැකීම් ඇති නමුත් දශක කීපයක් ම ජාතික සෞඛ්‍ය සේවය(NHS)සඳහා ප්‍රමාණවත් මුදල් ආයෝජනය නොකිරීම සහ මහජන සෞඛ්‍ය අධිකාරියේ පිරිහීම යන කරුණු හේතුවෙන් ද පීඩාවිඳින බව පෙන්වා දුන්නේය. මේ අතර, එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය ක්‍රිස් විටි (Prof Chris Whitty) , ඉදිරි සති කීපය ඇතුළත මරණයට පත්වෙන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සාපේක්ෂව අඩුවනු ඇතැයි සඳහන් කළේය. ඇතැම්විට සිදුවෙන මරණ සංඛ්‍යාව එක්තරා කාලයක් ඉහළ නොගොස් සමාන්තර මට්ටමක පැවතිය හැකි බවත් මහාචාර්ය විටි පවසයි. වසරක කාලය ඇතුළත එක්සත් රාජධානියේ කොරෝනා මරණ සංඛ්‍යාව වේගයෙන් ඉහළගොස් ඇති ආකාරය දෙස බලන විට 2020 මාර්තු මාසයේ 27 වෙනිදා දහසක් වූ එම සංඛ්‍යාව අප්‍රියෙල් මාසයේ 28 වනවිට 25,000කි.2020 නොවැම්බර් 11දින 50,000ක් වූ මරණ සංඛ්‍යාව 2021 ජනවාරි මාසයේ හත්වෙනිදා වනවිට 75,000 ඉක්මවා ගියේය.එක්සත් රාජධානියේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගියේ මෙම ජනවාරි 24 දිනයි. පහත දැක්වෙන්නේ ජනවාරි මස 24 දිනය වනවිට එක්සත් රාජධානියේ කොරෝනා ආසාදිතයන් සහ මරණයට පත් ජන සංඛ්‍යාව දැක්වෙන වගුවකි. කියවන්න;" -160405_senehe_panama_papers,https://www.bbc.com/sinhala/world/2016/04/160405_senehe_panama_papers,පැනමා ලේඛන: හිටපු රාජ්‍ය නායකයන්ගේත් නම් හෙළි වේ,"ලොව පුරා සිටින ඇතැම් රාජ්‍ය නායකයන්, ධනවත් පාපන්දු ක්‍රීඩකයන් සහ මාෆියා නායකයන් වැනි ධන කුවේරයන් තමන්ගේ වත්කම් සඟවා තබා ගැනීමට සහ සිය රටවලදී ගෙවිය යුතු ආදායම් බදුවලින් රිංගා යාමට රහසිගතව කටයුතු කර තිබෙන බවට තොරතුරු හෙළි වී තිබේ.","බදු රැකවරණ ලබාදෙන ‘අභය භුමියක්’ ලෙස මොසැක් ෆොන්සේකා සමාගම යොදා ගත් බවයි හෙළි වී ඇත්තේ ඒ බව හෙළි වී තිබෙන්නේ, නීති කටයුතු වලට සම්බන්ධ පැනමාවේ සමාගමක් සමග ඔවුන් කළ ගණුදෙනුවල තොරතුරු ඇතුලත් ලිපිගොණු මගින්. ජාත්‍යන්තර වත්කම් සීමාවලට හසු නොවන ආකාරයෙන් මුදල් විශුද්ධිකරණය කිරීමට සහ නියමිත බදු ගෙවීමෙන් නිදහස් වී සිටීමට කටයුතු කළ වර්තමානයේ බලයේ සිටින හෝ පෙර බලයේ සිටි ලෝක රාජ්‍ය නායකයන් දොළොස් දෙනෙකුගේ නම් මේ ලිපි ගොනු මගින් හෙළිවී ඇති බවටයි වාර්තා වන්නේ. පැනමා රාජ්‍යය තුළ වසර හතළිහක කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන මොසැක් ෆොන්සේකා (Mossack Fonseca) නම් සමාගමකට අයත් රහසින් පිටකළ ලිපිගොණු රැසක් තුළිනුයි ලොව ප්‍රබල දේශපාලන නායකයන් කිහිප දෙනෙකුගේ ද ඇතුලුව ලොව පුරා විවිධ රටවල දේශපාලනඥයන් ගේ නම් ඇතුලත් මේ වත්කම් සැඟවීම සම්බන්ධ තොරතුරු හෙළි වී ඇත්තේ. වත්කම් සැඟවීම ලෝකය පුරා වෙසෙන ධනවත් පුද්ගලයන්ට සිය වත්කම් සැඟවීම පිණිස බදු රැකවරණ ලබාදෙන ‘අභය භුමියක්’ ලෙස මොසැක් ෆොන්සේකා (Mossack Fonseca) සමාගම යොදා ගත් බවයි මෙතෙක් එළිදැක්වී ඇති තොරතුරු වලින් පෙනීයන්නේ. මේ අනුව රහස්‍ය ලිපි ගොනු මිලියන එකොළහක් පිටවී ඇති බවට වාර්තා වෙන අතර මේ සිදුවීම ‘විකී ලීක්ස්’ හෝ ‘ස්නෝඩන්’ සිදුකළ දත්ත එළිදැක්වීම්වලට වඩා අති විශාල වන බව පැවසේ. මේ සිදුවීම ‘විකී ලීක්ස්’ හෝ ‘ස්නෝඩන්’ සිදුකළ ���ත්ත එළිදක්වීම් වලට වඩා අති විශාල වන බවටයි පැවසෙන්නේ ජර්මනියේ පුවත්පතක් වෙත ලැබී තිබුණු මෙම ලියකියවිලි වලින් හෙළිවන ආකාරයට මොසැක් ෆොන්සේකා සමාගම ලොවපුරා ධනවත් පුද්ගලයන්ට වංචාකාරී ලෙස සමාගම් ආරම්භ කර ඒ මගින් තම රටවල ආදායම් බදු ගෙවීමෙන් මිදී සිටීමේ හැකියාව ලැබෙන ක්‍රමවේදයක් සකස් කර දී තිබුණු බවයි අනාවරණය වී ඇත්තේ. පැනමා රූපවාහිනියේ දී මේ සිදුවීම පිලිබඳ කරුණු දක්වමින් මොසැක් ෆොන්සේකා (Mossack Fonseca) සමාගමේ රැමෝන් ෆොන්සේකා (Ramon Fonseca) ඔවුන්ගේ සමාගමේ ගණුදෙනු පිලිබඳ දත්ත රහසිගතව පිටපත් කරගෙන තිබූ බව පිළිගත්තේය. රහස් දත්ත “ඔව් අපිව ‘හැක්’ කරල තියෙනව. හැබැයි බොහොම සීමා සහිත විදියට. අපි ඒක දැනටමත් යථා තත්වයට පත්කරලා තියෙන්නෙ. කොහොම වුනත් සීමාසහිත විදියට ‘හැක්’ කරලා තියනව කියන ඒක ඇත්ත. අපේ සමාගම ජාතික වෙළඳපළ තුළ වසර හතළිහක් විතර ගනුදෙනුවල යෙදිල තියනව. ඒත් අපි කවදාවත් කිසිම දේකට වැරදිකරු වෙලා නැහැ,"" යනුවෙන් ඔහු පැවසීය. ගණුදෙනුකරුවන්ගේ තොරතුරු පිටවී ඇති බව පිළිගත්තද රැමෝන් ෆොන්සේකා පැවසුවේ එම ගණුදෙනුකරුවන් කෙලින්ම සිය සමාගම සමග ගණුදෙනු කළ අය නොවන බවයි. “පාපන්දු ක්‍රීඩකයෝ, සහ මාෆියා වර්ගයේ පුද්ගලයන් ඇතුළු ඒ ලිපිගොනු වලින් එළිදක්වල තිබුණ නම් සේරම කෙලින්ම අපේ සමාගමේ ගනුදෙනුකරුවන් නෙවෙයි. ඒ අය අපේ සමාගම සමග සම්බන්ධතා ඇති, අතර මැදි බැංකු වල ගණුදෙනු කරුවන්. ඒ බැංකු මේ තොරතුරු විකුණලා. අපි දන්නෙ නැහැ ඒව කුමක් සඳහා යොදාගන්න බලාපොරොත්තු වෙනවද කියල,"" යනුවෙන්ද ඔහු පැවසීය. යම් ආකාරයකින් යමෙකු විසින් ඔවුන්ගේ ආයතනය වැරදි ලෙස යොදා ගනු ලැබ ඇත්නම් ඒ පිළිබඳව කණගාටුවට පත්වන බවයි ෆොන්සේකා සමාගම වැඩිදුරටත් පවසන්නේ. ඍජුව හෝ වක්‍රව මෙම ලියකියවිලි තුළින් හෙළිවන ආකාරයට ෆොන්සේකා සමාගම සමග ගණුදෙනු පවත්වාගෙන යාමට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ වූ පුද්ගලයන් අතර සිටින රුසියානු ජනධිපති ව්ලැදිමීර් පූතින්ගේ සමීප මිතුරන් පමණක් නොව ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක්, ලිබියාවේ මුවම්මර් ගඩාෆි මෙන්ම සිරියාවේ බෂාර් අල් අසාද් සහ අයිස්ලන්තයේ වර්තමාන අගමැති සිග්මුන්ඩර් ගන්ලොග්සන්ට (Sigmundur Gunnlaugson) සම්බන්ධතා තිබෙන විදේශීය සමාගම් පිළිබඳවද කරුණු හෙළිවී තිබේ. එසේ වුවද ස්වීඩන් රුපවාහිනියේ ඔස්සේ විකාශනය වූ සාකච්ඡාවකදී අයිස්ලන්ත අගමැතිවරයා තමාට එල්ලවන චෝදනා ප්‍රතික්ෂ���ප කළේය. ගණුදෙනු කරුවන් කෙලින්ම ෆොන්සේකා සමාගම සමග ගණුදෙනු කළ අය නොවන බවයි එම සමාගම පවසන්නේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් ගේ ජාත්‍යන්තර සංගමයේ අධ්‍යක්ෂක ජෙරාඩ් රයිල් (Gerard Ryle) පවසන්නේ මේ ලිපිගොණු තුළින් වසර හතළිහක් තුළ මොසැක් ෆොන්සේකා සමාගමේ දෛනික ගණුදෙනු සියල්ල පිලිබඳ තොරතුරු හෙළිවී තිබෙන බවයි. ෆොන්සේකා සමාගම තමන්ගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ධනය සඟවා තබාගැනීමට උදව් කළ ක්‍රමවේදය පිළිබඳවද මේ ලිපිගොණු වලින් හෙළි වේ. මැරියානා ඔල්සේව්ස්කි (Marianna Olszewski) නම් ඇමරිකානු ධනපතියෙකුට ව්‍යාජ ලෙස සැකසු සමාගම් අයිතිකරු තනතුරක් පිරිනමමින් ෆොන්සේකා සමාගමෙන් ඔහුට ලැබුණු ඊ මේල් පණිවුඩයක සඳහන් වී තිබුණේ “අපිට පුළුවන් වෙනත් සාමාන්‍ය පුද්ගලයෙක් මේ සමාගමේ අයිතිකරු විදියට පෙන්වන්න එවිට ගිණුම් අයිතිකරු ලෙස සඳහන් වන්නේ ඔහුගේ නමයි” යනුවෙනි. ඒ අනුව වංචාකාරී ලෙස සමාගම් ආරම්භ කිරීමට ෆොන්සේකා සමාගම තම ගනුදෙනුකරුවන්ට සහාය දුන් ආකාරය පැහැදිලි වී තිබේ. ඉදිරියේදී තවත් බොහෝ රාජ්‍ය නායකයන්ගේ නම් මේ තුලින් මතුවනු ඇති බව විශ්වාස කෙරේ." -world-56044479,https://www.bbc.com/sinhala/world-56044479,බීබීසී ලෝක සේවය චීනයේ විකාශනය කිරීම තහනම් කරයි,චීනය තුළ බීබීසී ලෝක සේවය විකාශනය කිරීම තහනම් කළ බව චීනයේ රුපවාහිනී සහ ගුවන් විදුලි නියාමන අධිකාරිය ඊයේ (පෙබරවාරි 11) නිවේදනය කළේය.,"කොරෝනාවෛරසය පිළිබඳව සහ චීනයේ උයිගර් සුළුතර මුස්ලිම් ප්‍රජාවට සිදුවන හිංසා පිළිබඳව, බීබීසිය විසින් සිදුකරනු ලැබූ වාර්තාකරණය චීනයේ විවේචනයට ලක්වී තිබේ. බීබීසී කියා සිටියේ එම තීරණය මගින් ""අපේක්ෂා භංගත්වයට"" පත් වූ බවය. චීනය මෙම තීරණය ගෙන ඇත්තේ, චීන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන China Global Television Network (CGTN) බ්‍රිතාන්‍යය තුළ විකාශය කිරීම සඳහා ලබා දී තිබුණු බලපත්‍රය බ්‍රිතාන්‍ය මාධ්‍ය නියාමන අධිකාරිය වන Ofcom විසින් අවලංගු කිරීමෙන් අනතුරුවය. CGTN සඳහා විකාශන බලපත්‍රය වැරදිසහගත ලෙස ලබාගෙන ඇත්තේ Star China Media Ltd නමැති මාධ්‍ය ආයතනයක නමින් බව සොයා ගැනීමෙන් පසු, මේ මස මුලදී බ්‍රිතාන්‍ය මාධ්‍ය නියාමන අධිකාරිය එය අවලංගු කිරීමට තීරණය කළේය. එමෙන්ම, බලහත්කාරයෙන් ලබා ගත් බවට චෝදනා එල්ලවෙන පාපොච්ඡාරණයක් විකාශනය කිරීමෙන් CGTN ආයතනය පසුගිය වසරේ දී බ්‍රිතාන්‍ය මාධ්‍ය නීති උල්ලංඝනය කර තිබුණි. චීනය ගෙන ඇති තීරණය දැනුම් දෙමින් එරට රාජ්‍ය චිත්‍රපට, රුපවාහිනී සහ ගුවන් විදුලි ප���ිපාලනය පවසන්නේ බීබීසී ලෝක සේවය චීනය පිළිබඳව විකාශනය කර ඇති පුවත් ""සත්‍යවාදී සහ සාධාරණ විය යුතු බවට සහ ජාතික ශුභසිද්ධියට හානිකර නොවිය යුතු"" බවට පවතින අවශ්‍යතාව ඇතුළු චීන මාධ්‍ය නීති ""බරපතල ලෙස උල්ලංඝනය"" කර ඇති බවය. තවත් වසරක කාලයක් චීනය තුළ විකාශන කටයුතු කරගෙන යාම සඳහා බීබීසීය ඉදිරිපත් කර ඇති ඉල්ලුම්පත්‍රය පිළිනොගන්නා බව ද එහි සඳහන් වේ. බීබීසීය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ, ""චීනය ගෙන ඇති ක්‍රියාමාර්ගය පිළිබඳව තමන් අපේක්ෂා භංගත්වයට පත්ව සිටින"" බවය. ""වඩාත්ම විශ්වසනීය ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතනය බීබීසිය වන අතර අපක්ෂපාතීව, සාධාරණව සහ නොබියව ලොව වටා පුවත් වාර්තාකරණයේ යෙදෙන බව ද එම නිවේදනයේ සඳහන් කර තිබේ. ""නිදහස් මාධ්‍ය මර්දනය"" බීබීසී ලෝක සේවයේ රුපවාහිනි නාලිකාව ලොව වටා විකාශනය වන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. එය වානිජමය ප්‍රතිපාදන සහිත නාලිකාවකි. මෙය චීනය තුළ විශාල වශයෙන් සීමාසහිත වන අතර මෙම නාලිකාව බොහෝවිට පවතින්නේ ජාත්‍යන්තර හෝටල් සහ ඇතැම් රාජ්‍යතාන්ත්‍රික කාර්යාල ගොඩනැගිලි තුළ පමණකි. එබැවින් බහුතර චීන ජනතාවට මෙය නැරඹීමේ හැකියාවක් නොමැත. මේ පිළිබඳව අදහස් දක්වමින් බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍යවරයා කියා සිටියේ මෙය ""පිළිගත නොහැකි පියවරක් වන අතර මාධ්‍ය නිදහස ලුහුඬු කිරීමක්"" බවය. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම පියවර හෙලා දැක ඇත. ඔවුන් එය හඳුන්වා ඇත්තේ චීනයේ නිදහස් මාධ්‍ය මර්දනය කිරීම සඳහා ගෙන යන පුළුල් වැඩසටහනක කොටසක් ලෙසිනි. හොංකොං හි පවතින තත්ත්වය හේතුවෙන් චීනය සහ එක්සත් රාජධානිය අතර පවතින සබඳතා මෑතක සිට උණුසුම් වෙමින් පැවතුණි. එය ආරම්භ වූයේ චීන පරිපාලනය විසින් හොංකොං කලාපයට නව ආරක්ෂක පනතක් ගෙන ඒමෙන් පසුවය. එමගින් හොංකොං වාසීන්ගේ කලාපීය අයිතිවාසිකම් සහ නිදහසට පීඩා ගෙන දෙන බවට විශ්වාස කෙරෙන බැවින් හොංකොං වාසී ජනතාවට නව වීසා බලපත්‍රයක් හඳුන්වා දීමට එක්සත් රාජධානිය පියවර ගත්තේය. එමගින් මිලියන 5.4ක් වූ හොංකොං ජනතාවට එක්සත් රාජධානියට පැමිණ ජීවත් වීමටත් පසුව පුරවැසිභාවය ලබා ගැනීමටත් අවසරය ලැබේ. එමෙන්ම, චීනයේ විදෙස් මාධ්‍යයන් අවහිර කිරීමටත් තහනම් කිරීමටත් චීනය පසුගිය දෙවසර තුළ සංවිධානාත්මකව කටයුතු කර තිබේ. 2020 දී ඇමරිකානු පුවත්පත් තුනකට සේවය කළ මාධ්‍යවේදීන් චීනයෙන් පිටුවහල් කෙරිණි. බීබීසී වෙබ් අඩවි�� සහ ඇප් උපාංගය දැනටමත් චීනය තුළ තහනම් කර තිබේ. චීනයේ ක්සින්ජියෑන් පළාතේ පවත්වාගෙන යන ""පුනර්-අධ්‍යයන"" කඳවුරු තුළ දී සංවිධානාත්මකව උයිගර් කාන්තාවන් දූෂණය කෙරෙන බවත් ලිංගික අඩන්තේට්ටම් සහ වධ හිංසාවන් සිදු කෙරෙන බවත් පවසන කාන්තාවකගේ සම්මුඛ සාකච්ඡාවක් සහිත ප්‍රවෘත්තියක් පසුගිය දා බීබීසිය විසින් පළකරන ලදී. බීබීසීය අසත්‍ය පුවත් සපයන බවට චීනයේ විදේශ අමාත්‍යවරයා චෝදනා කළේය. චීන තානාපති Liu Xiaoming පසුගිය වසරේ බීබීසී සාකච්ඡාවක චීනය උයිගර් මුස්ලිම්වරුන් ඇතුළු තවත් මුස්ලිම් කණ්ඩායම් මර්දනය කිරීම සඳහා වර්ග සංහාරයක යෙදී ඇතිබව පසුගිය මාසයේ දී එක්සත් ජනපදය පැවසීය. මිලියනයකට අධික උයිගර් මුස්ලිම්වරුන් සහ තවත් සුළුතර ප්‍රජාව චීනයේ කඳවුරු තුළ රඳවා සිටින බවට ඇස්තමේන්තු කර තිබේ. උයිගර් ප්‍රජාවට වධ හිංසා සිදු කරන බවට එල්ල වන චෝදනා චීනය ප්‍රතික්ෂේප කරයි. රටේ සෑම ජන ප්‍රජාවකටම එක හා සමානව සලකන බව එක්සත් රාජධානියේ සිටින චීන තානාපතිවරයා පසුගිය වසරේ බීබීසී සාකච්ඡාවකදී පැවසීය." -131227_india_lanka_khurshid_fishermen,https://www.bbc.com/sinhala/world/2013/12/131227_india_lanka_khurshid_fishermen,ඉන්දු ශ්‍රී ලංකා ධීවරයන් මුණ ගැස්වීමේ සැලැස්මක්,"ධීවරයන් මුහුදේ දී අත්අඩංගුවට ගැනීමේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමේ උත්සාහයක් වශයෙන්, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ධීවරයන් අතර ඍජු සාකච්ඡා ඉක්මනින් ආරම්භ කළ හැකි වනු ඇතැයි ඉන්දියාවේ විදේශ ඇමති සල්මාන් කුර්ෂිඩ් බලාපොරොත්තු පළ කරයි.","ඉන්දියාවේ විදේශ ඇමති කුර්ෂිඩ්, මුලින් කී බලාපොරොත්තු පළ කළේ දිල්ලි අගනුවර දී තමිල්නාඩු ධීවරයන් කණ්ඩායමක් මුණ ගැසීමෙන් පසුව. මුහුදු සීමා උල්ලංඝනය කල බවට චෝදනා නගමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව දෙ රටේ ධීවරයන් අත්අඩංගුවට ගනිමින් සිරගත කරනු ලැබීම් පිළිබඳව පසු ගිය කාලය තුළ නිරන්තරයෙන් ම වාර්තා විය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ධීවරයන් අත්අඩංගුවට ගනු ලබන්නේ ඔවුනොවුන්ගේ මුහුදු සීමාවට පිවිසෙමින් නීතිය උල්ලංඝනය කළ බවට චෝදනා කරමින්. දිල්ලි සාකච්ඡා ඉන්දියානු ධීවරයෝ ත්‍රිකුණාමලයේ. තමිල්නාඩු ධීවරයන් දිල්ලි අගනුවරට ගමන් ගත්තේ ශ්‍රී ලංකාවේ සිර කරනු ලැබ සිටින දෙසීයකට අධික ඉන්දියානු ධීවරයන් නිදහස් කරනු ලැබීමට අමතරව ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට පියවර ගන්නා මෙන් අගමැති මන් මෝහන් සිංගෙන් ඉල්ලා සිටීම සඳහායි. විදේශ ඇමති සල්මාන් කුර්ෂිඩ් පවසන්නේ, ධීවරයන්ගේ ද ��කඟතාවය ඇති ව දෙ රටේ ආණ්ඩු විසින් ක්‍රියාවට නැංවිය යුතු නිත්‍ය විසඳුමක් ඇති කර ගත යුතු බවයි. සාකච්ඡා සඳහා දින වකවානු සැලකිල්ලට ගනිමින් සිටි බව පවසන ඇමතිවරයා,තමිල්නාඩු ප්‍රාන්තයෙන් සංඥාවක් ලැබී ඇති බවත් ජනවාරි මාසයේ දී එම සාකච්ඡා ආරම්භ කිරීමට ඉඩකඩ ඇති බවත් කියා සිටියි. තවදුරටත් අදහස් දක්වන ඉන්දීය විදේශ ඇමතිවරයා පවසන්නේ, විසඳුමක් සොයා ගැනීමට ගනු ලබන උත්සාහයේදී ධීවරයන්ට එක් සාකච්ඡාවක් නොව කීපවරක්ම හමු වීමට සිදු විය හැකි බවයි. ජීවිකාව පිළිබඳ ප්‍රශ්නයක් ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ධීවරයකුගේ පවුලක් ධීවරයන්ගේ ප්‍රශ්නය ජීවිකා වෘත්තියට අදාළ මානවීය ප්‍රශ්නයක් වන බව සිහිපත් කරන ඉන්දීය විදේශ ඇමතිවරයා, දෙ රටේ සිර කර සිටින ධීවරයන් සහ ඔවුන්ගේ බෝට්ටු මුදා හරිනු ලැබීම සම්බන්ධයෙන් තමා ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා සමඟ සාකච්ඡා කරන බවයි කියා සිටියේ. “ සාකච්ඡා සඳහා අදාළ දින ලංවෙත්ම දෙපාර්ශ්වයට එකට ක්‍රියා කිරීමට සිදු වෙනවා. ඉතිරි කාරණා ධීවරයන්ට නිරාකරණය කර ගැනීමට හැකි වේවි.” සල්මාන් කුර්ෂිඩ් ඇමතිවරයා පවසයි." -sri-lanka-40586688,https://www.bbc.com/sinhala/sri-lanka-40586688,මුහුදේ ගසා ගෙන ගිය අලියා,කෝකිලායි කෝක්කුතුඩුවායි අසල මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්විය.,"ගොඩබිමින් නාවික සැතපුම් 8 ක් පමණ ඈත මුහුදේ ගසාගෙන යමින් සිටි අලියා දුටු නාවික හමුදා මුර සංචාරක කණ්ඩායමක් මුර සංචාරයේ නියුතු තවත් වේග ප්‍රහාරක යාත්‍රාවක් සහ නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයන් කණ්ඩායමක් ද කඩිනමින් පිටත් කර යැවීය. අලියා බේරාගැනීමේ මෙහෙයුම සඳහා වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද එක් වූහ. පැය ගණනාවක් මුළුල්ලේ දැඩි උත්සාහයක් යොදා ගැඹුරු මුහුදේ සිට අලියා නිරුපද්‍රිතව ගොඩබිමට ගෙන ඒමට ඔවුහු සමත්වූහ. පුල්මුඩේ, යාන් ඔය ප්‍රදේශයට රැගෙන ආ අලියා වන ජීවී නිලධාරීන් වෙත භාරදීමෙන් අනතුරුව පසුව වනයට මුදා හැරිණ." -131018_child_abuse,https://www.bbc.com/sinhala/sri_lanka/2013/10/131018_child_abuse,පොලීසිය ළමා දූෂක සැකකරු අත් අඩංගුවට ගෙන නැහැ,වවුනියාවේ ළමා අපචාර චෝදනා එල්ලවූ ළමා නිවාසයක් වසා දමා ඇති අතර එහි නේවාසිකව සිටි ළමුන් පිළිබඳව නිශ්චිත තොරතුරු දැන ගන්නට නැතැයි පරිවාස නිලධාරියෙක් ප්‍රකාශ කරයි.,වවුනියාවේ ඇටඹගස්කඩ ප්‍රදේශයේ පිහිටි එම ළමා නිවාසයේ දී පිරිමි ළමයකුට සිදු කල ලිංගික අපචාර වලට සම්බන්ධ ස��කකරු අත්අඩංගුවට නොගැනීම පිළිබඳව පරිවාස නිලධාරීන්ගේ සංගමය පොලීසියට සහ ළමා ආරක්ෂණ අධිකාරියට සිය විරෝධය පල කර සිටී. පොලීසියට පැමිණිලි සතියකට පෙරදී ළමා නිවාසයේ අපයෝජනයක් සිදුවී ඇති බවට වාර්තාවී ඇති බවත් අපයෝජනයට ලක් වූ දරුවාගේ මව විසින් පොලීසියට පැමිණිලි කොට ඇති බවත් පරිවාස නිලධාරීන්ගේ සංගමයේ ලේකම් කේ.කේ.කීර්තිරත්න පැවසුවේය. එම දරුවා පොලීසියට දී ඇති ප්‍රකාශයෙන් විත්තිකරු හැටියට ළමා නිවාසයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ලෙස ක්‍රියා කරන භික්ෂුත් වහන්සේ නමක් නම් කොට ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ. විත්තිකරු අත් අඩංගුවට ගැනීමට වවුනියාව පොලීසිය හෝ ළමා ආරක්ෂණ අධිකාරිය හෝ සතියක් ගත වන තුරුත් පියවර ගෙන නැති බව පරිවාස නිලධාරීන්ගේ සංගමයේ ලේකම් කේ.කේ.කීර්තිරත්න සඳහන් කළේය. අදාළ ළමයා අපයෝජනයට ලක් කොට ඇති බව වෛද්‍ය වාර්තාවල සඳහන් වන බවයි ඔහු පැවසුවේ. විත්තිකරුවා ළමා නිවාසයේ විත්තිකරුවා තවමත් ළමා නිවාසයේ නේවාසිකව සිටින අතර ළමා ආරක්ෂක අධිකාරිය එහි පැමිණ ළමයින් විසි දෙදෙනකු කොළඹ ප්‍රදේශයට ගෙන ගොස් ඇති නමුත් පරිවාස දෙපාර්තමේන්තුව හෝ දෙමාපියන් හෝ ළමුන් සිටින ස්ථාන පිළිබඳව නොදන්නා බව පරිවාස නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා ප්‍රකාශ කළේය. මේ සිද්ධියේ දී ළමා ආරක්ෂණ අධිකාරිය නිසි පරිදි කටයුතු කර නැති බවට පරිවාස නිලධාරීන්ගේ සංගමයේ ලේකම් කේ.කේ.කීර්තිරත්න චෝදනා කළේය -130709_umpires_banned,https://www.bbc.com/sinhala/sport/2013/07/130709_umpires_banned,ක්‍රිකට් විනිසුරුවන්ට තරඟ තහනමක්,විස්සයි විස්ස ලෝක කුසලානය සමයේ තරඟ පාවාදීමේ චෝදනා ලබා සිටි විනිසුරුවන්ට තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීන්දු කොට තිබේ.,"ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ හදිසි රැස්වීමකදීයි, එම තීන්දුවට එළැඹී තිබෙන්නේ මේ අනුව සාගර ගාල්ලගේ විනිසුරුවරයාට අවුරුදු දහයක තහනමක් සහ මොරිස් ඩෙලා සිල්වා විනිසුරුවරයාට අවුරුදු තුනක තහනමක් පැනවෙන අතර, ගාමිණී දිසානායක විනිසුරුවරයාට දැඩිව අවවාද කොට ඉදිරි වසරක කාලය තුල ඔහු විනිසුරු සේවයේ නිරත නොකිරීමට තීරණය කළ බව ක්‍රිකට් ආයතනය පවසයි. විනිසුරුවන්ට එරෙහි චෝදනා විභාග කිරීම පිණිස පත් කළ කමිටුවේ නිර්දේශ සලකා බැලූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ හදිසි රැස්වීමකදීයි, එම තීන්දුවට එළැඹී තිබෙන්නේ. අරූස් ඉල්ලා අස්වෙයි එම විනිසුරුවරුන් මෙන්ම විස්සයි විස්ස තරඟාවල��යට සහභාගිවූ පකිස්තානු සහ බංග්ලාදේශ ක්‍රිකට් විනිසුරුවන් කිහිපදෙනෙකු අල්ලස් ලබා ගනිමින් තරඟ පාවා දීමට එකඟ වී ඇති බව ඉන්දියා ටීවී ආයතනයේ ගවේශනාත්මක වැඩසටහනකින් හෙළිදරවු කෙරිණ. ඉන් අනතුරුව චුදිත විනිසුරුවන්ට තරඟ තහනම් පැනවීමට පාකිස්තාන සහ බංග්ලාදේශ බලධාරීහු පියවර ගත්හ. කෙසේ නමුත් තමන්ට එරෙහි චෝදනා සත්‍යයෙන් තොර බවයි, චෝදනා එල්ල වූ අවස්ථාවේ විනිසුරු ගාමිණී දිසානායක කියා සිටියේ. මේ අතර කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී සිටින විනිසුරු කමිටුවේ සභාපති ඒආර්එම් අරූස් ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණය අවසන් වන තුරු පදවියෙන් ඉවත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දැරූ සියලු පදවිවලින්ද ඔහු ඉල්ලා අස්වී තිබේ." -140908_lanka_uva_elections,https://www.bbc.com/sinhala/sri_lanka/2014/09/140908_lanka_uva_elections,ඌවේ තවත් ‘මැතිවරණ ප්‍රතිපලයක්’,ඌව පළාත් සභාවට තරඟ වදින ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන්ගේ ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් සිටි සරසවි ශිෂ්‍යයන් අට දෙනකුට පහර දී ඇතැයි නිදහස් සහ සාධාරණ මැතිවරණ සඳහා පෙනී සිටින නිරීක්ෂක ආයතනය(කැෆේ) පවසයි.,"ප්‍රහාරයට ගොදුරු වූ සරසවි සිසුවෙක් නිදහස් සහ සාධාරණ මැතිවරණ සඳහා පෙනී සිටින ‘කැෆේ’ නිරීක්ෂක ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක රජිත් කීර්ති තෙන්නකෝන් බීබීසී සංදේශයට ප්‍රකාශයක් කරමින් ස්ථාන දෙකකදී එම පහර දීම් සිදු කරනු ලැබ ඇති බවයි කියා සිටියේ. ඔහු පවසන ආකාරයට ප්‍රහාරයට ගොදුරු වී ඇති ශිෂ්‍යයන් මොරටුව කැලණිය සබරගමු සහ විවෘත විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෝ වෙති. ජනතා විමුක්ති පෙරමුණේ අපේක්‍ෂක විජේසිරි පල්ලියගුරුට අයත් මොනරාගල වැල්ලවාය පාරේ මදුරුකටියේ පිහිටි නිවසේ සිට උදෑසන මුහුණ සේදීමට ගිය ශිෂ්‍යයන් හතර දෙනකුට අංක තහඩු නොමැති ‘ඩිෆෙන්ඩර්’ රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් පහර දී බරපතළ තුවාල සිදු කර ඇති බවයි, ‘කැෆේ’ මැතිවරණ නිරීක්ෂක ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක රජිත් කීර්ති තෙන්නකෝන් බීබීසියට ප්‍රකාශ කළේ. එම ප්‍රහාරයේ දී සිසුන්ගේ හිසට බෙල්ලට සහ අත්වලට හානි සිදු කර ඇත. පොලිස් මුරපොලක් අසල ප්‍රහාරයෙන් පසු කට උත්තර ප්‍රහාරය එල්ල කෙරුණ ස්ථානයකට මීටර් එකසිය පනහක් පමණ දුරින් පොලිස් මුරපොලක් ඇති බවත් ප්‍රහාරය එල්ල කෙරෙද්දී පොලිස් භටයන් එහි රැඳී සිට ඇති බවත් ‘කැෆේ’ මැතිවරණ නිරීක්ෂක ආයතනයේ මාධ්‍ය ප්‍රකාශකයා පවසයි. සරසවි සිසුන්ට එල්ල කෙරුණ දෙවැනි ප්‍රහාරය වාර්තා වන්නේ වැල්ලවාය සිරිගල ප්‍රදේශයෙනි. වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් තවත් සරසවි සිසුන් හතර දෙනකුට සිරිගල දී පහර දී ඇති බවයි ‘කැෆේ’ නිරීක්ෂක ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක රජිත් කීර්ති තෙන්නකෝන් පවසන්නේ. ඌව පළාත් සභා මැතිවරණයට තරඟ කරන විපක්ෂයේ අපේක්ෂකයන් ඔවුන්ගේ නිවාස සහ ආධාරකරුවන් ඉලක්ක කර ගනිමින් සැලසුම් සහගත ලෙස පහර දීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ‘කැෆේ’ නිරීක්ෂක ආයතනය පෙන්වා දෙයි." -sri-lanka-43356868,https://www.bbc.com/sinhala/sri-lanka-43356868,මහනුවර මුස්ලිම් විරෝධී ප්‍රහාර සංවිධානාත්මකව සිදුකරන ලද්දක් - රනිල්,මහනුවර ප්‍රදේශයේ පසුගියදා හටගත් ජාතිවාදී ප්‍රහාර සංවිධානාත්මකව සිදු කරන ලද්දක් යයි බොහෝ දෙනාගේ මතය වී තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.,"එබැවින් එම ප්‍රහාර පිළිබඳ පූර්ණ පරීක්‍ෂණයක් පවත්වා වැරැදිකරුවන්ට තරා තිරම නොබලා දඬුවම් ලබාදිය යුතු බව ද අගමැතිවරයා සඳහන් කළේය. අගමැති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ මහනුවර දිස්ත්‍රික්කයේ අතම ප්‍රදේශවල මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ල වූ ආගමික ප්‍රහාරවලින් සිදුවූ අලාභහානි පිළිබඳව සොයාබැලීමට දිගන, කෙන්ගල්ල සහ අකුරන යන ප්‍රදේශවල සංචාරය කිරීමෙන් අනතුරුව මහනුවර දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයේදී පොලීසිය, ත්‍රිවිධ හමුදාව හා රාජ්‍ය සේවකයින් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදීය. එසේ ප්‍රචණ්ඩ ක්‍රියා හට ගැනුණේ පෙබරවාරි මාසයේ අග භාගයේ තෙල්දෙණිය නගරයේදී පහර කෑමට ලක් වූ දෙදරුය් පියෙක් මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යාමත් සමගය. ඔහුට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට මුස්ලිම් තරුණයන් පිරිසක් අත්අඩංගුවේ පසුවෙති. අගමැති මහනුවරට තවත් කියවන්න: ""මහනුවර ප්‍රදේශයේ ඇති වූ මෙම අවාසනාවන්ත සිද්ධිය සංවිධානාත්මකව සිදු කළ බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබෙනවා. මේ ගැන කඩිනමින් පරීක්‍ෂණයක් පවත්වා ඊට අදාළ පියවර ගන්නා ලෙස මා නීතිය හා සාමය පිළිබඳ ඇමැතිතුමාටත්, පොලිස්පතිතුමාටත් දැනුම් දී තිබෙනවා,"" අගමැතිවරයා මහනුවරදී පැවසීය. ""මෙවැනි සිද්ධී නැවත ලංකාවේ ඇති නොවන්නේ වැරැදිකරුවන්ට දඬුවම් කළොත් පමණයි. දඬුවම් නොකළොත් මෙය වෙනත් තැන්වලටත් යොමු විය හැකියි. ඒ නිසා වැරැදිකරුවන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි."" මේ අතර පසුගිය සතියේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළ ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව, දිගන සහ තෙල්දෙණිය අවට ප්‍රදේශ තුළ ආගමික පදනම මත හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා අහඹු හුදෙකලා සිද්ධියක් ලෙස සැලකිය නොහැකි බව අවධාරණය කර තිබුණි. ""අප නිලධාරීන්ගේ නිරීක්ෂණය වී ඇත්තේ දිගන ප්‍රදේශයේ දී පෙබරවාරි 22 වෙනිදා සිදු වූ පහරදීමකින් අවාසනාවන්ත ලෙස මියගිය පුද්ගලයාගේ අවට ගම්මානවල මුස්ලිම් සහ සිංහල ජනකොටස් අතර තවමත් සුහද සබඳතා පවතින බව""යයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. මුස්ලිම් ජනතාව ආරක්ෂා කළ භික්ෂු මෙහෙයුම ආගමික වෛරය මත පදනම් වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිදාමයන් හා වෛරී කථනයන් සැලකිල්ලට ගනිමින් ඒ සඳහා සෘජුව සම්බන්ධ වූ පුද්ගලයන්ට පමණක් නොව ඔවුන්ට අනුබල දෙන්නා වූ සියල්ලන්ටම එරෙහිව වාර්ගික, ආර්ථික, දේශපාලන හෝ සමාජ තරාතිරම් නොතකා දැඩි ලෙස නොපැකිලව කටයුතු කිරීමේ අවශ්‍යතාව රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයා වෙත සැලකර සිටින බව ද කොමිෂන් සභාවේ සභාපතිනි මහාචාරිනී දීපිකා උඩගමගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි. මේ අතර මහනුවරදී අගමැතිවරයා මුණගැසුණු මුස්ලිම් ජනතාවගේ නියෝජිතයෙක් කියා සිටියේ තමන්ට තවමත් ආරක්‍ෂිත බවක් නොහැඟෙන බවය. ""රෑට මොකක් හරි සිද්ද වෙනවා. ඊට පස්සේ මිනිස්සු කැලේට දුවනවා,"" ඔහු පැවසීය. පසුගිය සඳුදා (මාර්තු 05) සිට මහනුවර මුස්ලිම් පල්ලි 17 කට පහරදී තිබෙන අතර, ව්‍යාපාරික ස්ථාන 91 සහ නිවාස 62 සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය මේ අතර නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ගිණි තබන ලද සහ විනාශ කරන ලද නිවාසවල තිබුණු කණකර ආභරණ ඇතුළු වටිනා බඩු භාණ්ඩ කොල්ලකා තිබුණු බව මහනුවර කරන ලද සංචාරයකදී බීබීසී සිංහල සේවයට දැකගැනීමට හැකිවිය. ආගමික පදනම මත හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් දැඩි මතධාරී බෞද්ධ සංවිධානයක් වන මහසෝන් බලකායේ නායක අමිත් වීරසිංහ ඇතුළු 140 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. මේ අතර මීට සති දෙකකට පමණ ඉහතදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය සම්බන්ධ වාර්ෂික වාර්තාව නිකුත් කළ ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය, සුළුතර මුස්ලිම් සහ ක්‍රිස්තියානි ප්‍රජාවට එරෙහි ප්‍රහාර යළිත් වරක් මතුවීම සහ අතීත වැරදිවලට දඬුවම් නොදීම බරපතල අවධානයට ලක්ව තිබෙන බව සඳහන් ��ර තිබුණි. මේ අතර පසුගිය මාසයේ ශ්‍රී ලංකාව සම්බන්ධ විශේෂ වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ මහ කොමසාරිස් සයිඩ් අල් හුසේන් කුමරු, 2017 වසර සටහන් වී තිබෙන්නේ වරින්වර තැනින් තැන වාර්තා වූ සහමුළින්ම අවසන් කිරීම දුෂ්කර ජනවාර්ගික නොසංසුන් තත්වයන් සහ සුළු ජාතිකයන් ඉලක්ක කරගත් ප්‍රහාර සහිත කාල වකවානුවක් හැටියට බව කියා සිටියේය. උදාහරණයක් ලෙස ගිංතොට සිදුවීම් පිළිබඳව සඳහන් කළ වාර්තාව, පසුගිය වසරේ නොවැම්බර් මාසයේ එම ප්‍රදේශයේ පැතිර ගිය සිංහල-මුස්ලිම් ගැටුම් හේතුවෙන් මුස්ලිම් ජනයා සතු නිවාස සහ ව්‍යාපාරික ආයතන හැත්තෑවක් පමණ විනාශ වූ බව ද පෙන්වා දී තිබුණි. තවත් කියවන්න:" -sri-lanka-38584158,https://www.bbc.com/sinhala/sri-lanka-38584158,බ්‍රිතාන්‍ය රැජිනගෙන් සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණයා,ශ්‍රී ලංකා දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩිකිරීමේ අරමුණින් පුහුණු වැඩමුළු සංවිධානය කිරීම වෙනුවෙන් ශ්‍රී ලාංකික තරුණයකු මේ වසරේ බ්‍රිතාන්‍ය රැජිනගේ තරුණ නායකයකු වශයෙන් තෝරාගෙන තිබේ.,"'හෑෂ් ටෑග් පරපුරේ' කාන්තාවන් දේශපාලනයට පුහුණු කිරීමේ වැඩසටහන ඔහු 'හෑෂ් ටෑග් පරපුර' (Hashtag Generation) නිර්මාණය කිරීමට මූලික වූ සෙනෙල් වන්නිආරච්චි. ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් තෝරාගන්නා ලද 'එක්සත් ජාතීන්ගේ තරුණ නියෝජිතයන්' වශයෙන් පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වූ අවස්ථාවේ උකහාගත් අත්දැකීම් ලාංකීය තරුණ පරපුර සමග බෙදා හදා ගැනීමේ අරමුණින් එම සංවිධානය නිර්මාණය කළ බව සෙනෙල් වන්නිආරච්චි බීබීසී සංදේශයට පැවසීය. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මිලේනියම් සංවර්ධන අරමුණුවල බොහෝ අංශවලින් ශ්‍රී ලංකාව ප්‍රබල ප්‍රගතියක් ලබා තිබුණත් දේශපාලනය ඇතුළු සමාජයේ විවිධ අංශයන්හි කාන්තා නියෝජනය වෙනත් බොහෝ රටවලට වඩා ඉතා අඩු මට්ටමක පැවතීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් අවධානයට ලක් වී තිබුණු බව ඔහු සඳහන් කළේය. (සංදේශයට සවන්දෙන්න) සෙනෙල් වන්නිආරච්චි එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම්වරයා සමග 'හෑෂ් ටෑග් පරපුරට' සම්බන්ධ කණ්ඩායම් සහ ස්වෙච්ඡා පිරිසක්ද සම්බන්ධ කරගෙන 'We Govern Sri Lanka' ව්‍යාපෘතිය යටතේ දේශපාලනය කෙරෙහි උනන්දුවක් දක්වන කාන්තාවන් වෙනුවෙන් පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම වෙනුවෙනුයි, ඔහු මේ වසරේ 'රැජිනගේ තරුණ නායකයකු' (Queen's Young Leader) වශයෙන් තෝරාගෙන තිබෙන්නේ. ""මම විතරක් නෙමෙයි, අපේ කණ්ඩායමක් ඉන්නවා. ත��� අපිට ලොකු ස්වේච්ඡා සේවකයෝ කණ්ඩායමකුත් ඉන්නවා. ඒ හැමෝම එකතුවෙලා තමයි ඒ ව්‍යාපෘති කළේ,"" ඔහු පැවසීය. මේ වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණවලට ඉදිරිපත්වන කාන්තාවන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට බලාපොරොත්තුවන බවත් ඔහු පැවසීය. එච්අයිවී ආසාදිතයන් වෙනුවෙන් ඖෂධයක් සොයා ගැනීමේ උත්සාහයක යෙදී සිටින රඛිත මාලේවන මේ වසරේ 'රැජිනගේ තරුණ නායකයකු' වශයෙන් ශ්‍රී ලංකාවෙන් තේරී සිටින අනෙක් තරුණයායි. සෙනෙල් වන්නිආරච්චි සහ රඛිත මාලේවන ලබන ජුනි මාසයේ ලන්ඩනයේදී බ්‍රිතාන්‍ය රැජින හමුවීමට නියමිතයි. කාවින්ද්‍යා තෙන්නකෝන්, තේජිත සෞභාග්‍ය එදිරිසිංහ සහ නුෂෙල් ද සිල්වා පසුගිය වසරවලදී 'රැජිනගේ තරුණ නායකයන්' වශයෙන් සම්මාන ලැබූහ." -151025_thisara_colombo_traffic,https://www.bbc.com/sinhala/sri_lanka/2015/10/151025_thisara_colombo_traffic,කොළඹ වාහන තදබදය: 'දිනකට බිලියනයක් පාඩුයි',කොළඹ නගරයේ පවතින වාහන තදබදය නිසා රටට සිදු වන පාඩුව දිනකට රුපියල් බිලියනයකට අධික බව ප්‍රවාහන විද්වතෙක් පවසයි.,අනවශ්‍ය ලෙස ඉන්ධන දහනය වීම සහ කාලය අපතේ යාම නිසා ශ්‍රී ලංකාවට වසරකට රුපියල් බිලියන 397ක පාඩුවක් සිදු වන බවයි මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන හා සැපයුම් දාම අධ්‍යයන අංශයේ මහාචාර්ය අමල් කුමාරගේ බීබීසීයට කියා සිටියේ. ජනප්‍රිය විසඳුම් වාහන තදබදය අඩු කර ගැනීම සඳහා දේශපාලනඥයන් ජනප්‍රිය සහ ඉක්මන් විසඳුම්වලට යට කළ ජාතික ධනයෙන් පලක් වී නැති බවයි ඔහුගේ මතය. හඬ පටයට සවන් දෙන්න. එක් අතකට පමණක් ගමන් කිරීමේ මං තීරු සහිත මාර්ගවලින් හෝ ගුවන් පාලම් තැනීමෙන් සිදු වී ඇත්තේ එක් ස්ථානයක පවතින තදබදය තාවකාලිකව තවත් ස්ථානයකට යොමු කිරීම පමණක් බව මහාචාර්ය අමල් කුමාරගේ පවසයි. දිනකට දශ ලක්ෂයක් ආකර්ෂණීය පොදු ප්‍රවාහන සේවාවක් ඇති කරන තුරු මෙම වාහන තදබදය අඩු කර ගත නොහැකි බව මහාචාර්යවරයා අවධාරණය කරයි. ඔහුගේ ඇස්තමේන්තුවලට අනුව දිනකට කොළඹ නගරයට ලක්‍ෂ තුනක් පමණ වාහන ඇතුළු වන අතර ඉන් ලක්ෂ දෙකහමාරකට අධික සංඛ්‍යාවක් පෞද්ගලික වාහනයි. මේ වන විට පොදු ප්‍රවාහන සේවා මගින් දිනකට දශ ලක්ෂයකට අධික පිරිසක් කොළඹට ඇතුළු වෙති. -140425_lanka_cricket_marvan,https://www.bbc.com/sinhala/sri_lanka/2014/04/140425_lanka_cricket_marvan,ක්‍රිකට් පුහුණුකරු මාවන්,පෝල් ෆාබ්‍රේස් හදිසියේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුරට හිටපු නායක මාවන් අතපත්තු පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය නි���ේදනය කරයි.,"නව පදවිය භාර ගනු ලබන අවස්ථාව වන විට ඔහු පිතිකරුවන්ගේ පුහුණුව භාරව කටයුතු කරමිනුයි සිටියේ. පදවියට පත් කරනු ලැබීමෙන් අනතුරුව බීබීසිය සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී මාවන් අතපත්තු කියා සිටියේ, මෙය තම ජීවිතයේ ප්‍රීතිමත් අවස්ථාවක් වන අතරම තමා ලද ගෞරවයක් ද වන බවයි. “පළමුවෙන්, මම ජාතික කණ්ඩායමේ සාමාජිකයකු හැටියට මගේ රට වෙනුවෙන් ක්‍රීඩා කළා. අනතුරුව මම කණ්ඩායමේ නායකයා හැටියටයි ක්‍රියා කළේ. දැන් ජාතික කණ්ඩායමේ පුහුණුකරු පදවියේත් ක්‍රියා කිරීමට ලැබුණ මේ අවස්ථාව මට සාඩම්බර මොහොතක්” මාවන් අතපත්තු බීබීසියට ප්‍රකාශ කළේය. පෝල් ෆාබ්‍රේස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් මේ අතර බීබීසියට අදහස් දක්වමින් කියා සිටියේ, තමා පදවිය අත්හැර යාම නිසා ශ්‍රී ලංකාව පත් වූ කනස්සල්ල තමාට වැටහෙන බවයි. “තනතුරක් භාර ගෙන මාස හතරකින් ඉවත් වීම හොඳ දෙයක් නොවෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය මට තේරෙනවා. ඔවුන්ගේ කනස්සල්ල මට තේරෙනවා. ඒත් මම හිතනවා අපි සුහදව සමු ගත්ත කියල” පෝල් ෆාබ්‍රේස් පවසයි. පුහුණුකරු හැටියට ක්‍රිකට් බලධාරීන් සහ ක්‍රීඩකයන් සමඟ හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ගත කල කාලය සාර්ථක එකක් වූ බවයි , ඔහු වැඩි දුරටත් කියා සිටියේ. කාන්තා කණ්ඩායම මේ අතරතුර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වයට චමරි අතපත්තු පත් කර තිබේ. කාන්තා කණ්ඩායමේ උප නායක වශයෙන් පත් කර ඇත්තේ උදේශිකා ප්‍රබෝධිනී යි. මෙම නව පත්වීම්වලට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී ඇති බවයි ක්‍රිකට් බලධාරීන් පවසන්නේ." -sri-lanka-41593704,https://www.bbc.com/sinhala/sri-lanka-41593704,"අතුරුදහන්වීම්, යුද අපරාධ, සංක්‍රාන්ති යුක්තිය සහ 'ව්‍යාජ පුවත්'","සත්‍යය, යුක්තිය, හානිපූර්ණය සහ ගැටුම් නැවත ඇති නොවීම පිණිස වන සහතිකවීම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රෙයිෆ් ශ්‍රී ලංකා රජයේ ආරාධනාව මත මේ දිනවල ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටියි.","සිය සංචාරය අතරවාරයේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රෙයිෆ් (Pablo de Greiff) විසින් යාපනය මහජන පුස්තකාලයේදී සහ කොළඹ දී ප්‍රසිද්ධ දේශන දෙකක් ද පැවැත්වීමට නියමිතය. මේ අතර නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය, විශේෂ නියෝජිතවරුන් දෙන උපදෙස් හෝ නිර්දේශ ක්‍රියාත්මක කිරිමට රජයන් බැඳී නොමැති වුවත් ඔවුන්ගේ විශ���ෂඥ දැනුමෙන් සහ අත්දැකීම්වලින් ප්‍රයෝජන ලැබීමට රජයන්ට හැකියාව තිබෙන බව සඳහන් කරයි. ""ආයතනවල ශක්‍යතා වර්ධනය, ප්‍රතිපත්ති සකස්කිරීම, ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය සහ පුහුණු අවශ්‍යතා ආදිය විෂයෙහි වාසිදායක වන ආකාරයෙන්, රජයකට අවශ්‍යයැයි හැඟෙන පරිද්දෙන් ඔවුන්ගේ උපදෙස් සහ විශේෂඥභාවය ලබා ගැනීමට රටවල්වලට හැකිය,"" යනුවෙන් ද විදේශ අමාත්‍යාංශ නිවේදනයේ සඳහන් වේ. විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රෙයිෆ් (වමේ) බුරුන්ඩි රාජ්‍යය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත කණ්ඩායම සමග සිය සංචාරය අතරතුර රජයේ නියෝජිතයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සිවිල් සමාජයේ සාමාජිකයන්, ආගමික නායකයන් ඇතුළු පිරිසක් මුණගැසෙන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා ත්‍රිකුණාමලය, මන්නාරම, අනුරාධපුරය, යාපනය, කිලිනොච්චිය, වවුනියාව, මහනුවර සහ මාතර යන ප්‍රදේශවල ද සංචාරය කිරීමට නියමිතය. සංචාරය අවසානයේ ඔක්තෝබර් 23 වැනි දින මාධ්‍ය හමුවේ අදහස් දක්වන සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රණයන් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රෙයිෆ් (Pablo de Greiff) 2018 සැප්තැම්බර් මාසයේදී සිය සංචාරය පිළිබඳ වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ඇතැම් මාධ්‍ය ""නොමඟ යවන සුළු තොරතුරු"" වාර්තා කර ඇතැයි පවසන විදේශ අමාත්‍යාංශය අවධාරණය කරන්නේ ඔහුගේ නිර්දේශ අතර ශ්‍රී ලංකාවේ ජනතාවට වාසිදායක යැයි රජය සලකන නිර්දේශ තිබේ දැයි තීරණය කිරීම සහ ""ඔහුගේ දැනුමෙන්, විශේෂඥභාවයෙන් හා උපදෙස්වලින් ප්‍රයෝජන ලබමින් තව දුරටත් යම් ආකාරයකින් ඔහුගේ උපදෙස් පතන්නේද යන්න තීරණය කිරීමද ශ්‍රී ලංකා රජයට අයත් කාර්යයකි,"" බවය. ජිනීවා යෝජනා සමාත කිරීම පිඋනිස ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක කාලයක් හිමි විය මානව හිමිකම් උල්ලංඝණයවීම් සහ බරපතල ලෙස ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණයවීම් සම්බන්ධයෙන් පිළියම් යෙදීම සඳහා උපාය මාර්ග, ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග සැලසුම් කිරීමේදීත් ඒවා ක්‍රියාත්මක කිරීමේදීත් ගන්නා වූ අධිකරණමය සහ අධිකරණමය නොවන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිය නිර්දේශයන් ඉදිරිපත් කිරීම සංක්‍රාන්ති යුක්තිය සඳහා වූ එක්සත් ජාතීන්ගේ වාර්තාකරුගේ විෂය පථයට ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන සමයේ සිදු වූ බව පැවසෙන බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම පිණිස ඉතා ඉක්මනින්ම විශේෂ කමිටුවක් පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, 2015 මාර්තු මාසයේ ලන්ඩන් නුවර සංචාරයක් අතරවාරයේ බීබීසී සිංහල සේවයට පැවසීය. අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමියෝ ඉන් අනතුරුව ශ්‍රී ලංකා ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ ද එවැනි ප්‍රතිඥාවක් ලබා දුන් නමුත්, එම කමිටුවට විදේශීය විශේෂඥයන් ද පත් කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය කළ නිර්දේශයට විරෝධය පළ කරන ආණ්ඩුව, අදාළ පරීක්ෂණ මණ්ඩලය මෙතෙක් පත් කර නොමැත. මේ අතර පසුගිය වසරේ අගෝස්තු මාසයේ මුලින්ම සම්මත කොට පසුව මේ වසරේ ජුනි මාසයේ සංශෝධනය කරන ලද අතුරුදහන්වූවන් සම්බන්ධ කාර්යාලය (OMP) පිහිටුවීමේ පනතට පසුගිය ජුලි 20 වෙනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අත්සන් තැබීය. ""බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ සම්මුතිය"" නම් පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කොට ඇතත්, ඒකාබද්ධ විපක්ෂයේ සහ ඇතැම් භික්ෂුන් වහන්සේ ගේ විරෝධය හමුවේ ආණ්ඩුව විසින් එම පනත් කෙටුම්පත විවාදයට ගැනීම ද කල් දමනු ලැබ තිබේ." -130701_jhu_pc_petition,https://www.bbc.com/sinhala/sri_lanka/2013/07/130701_jhu_pc_petition,පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇඟිලි ගසන්න 'අධිකරණයට බෑ',පනතක් ඉවත් කර ගන්නා මෙන් පාර්ලිමේන්තුවට නියෝග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැතැයි අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රි-පුද්ගල විනිසුරු මඬුල්ල පිළිගත් බව ජාතික හෙළ උරුමය පවසයි.,"'අපි හිතනවා මේ කාරණා පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය යහපත් ප්‍රතිචාරයක් දක්වාවි කියල' ශ්‍රේෂ්ඨාධිකරණයට බලය තිබෙන්නේ පනත් කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද, නැද්ද යන්න තීන්දු කිරීමට පමණක් බව තමන්ගේ තර්කය වූ බවයි, බස්නාහිර පළාත් සභාවේ අමාත්‍ය උදය ගම්මන්පිල කියා සිටියේ. ඔහු එම අදහස් පළ කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහ තුන් වැනි සංශෝධනයට සංශෝධන යෝජනා කරමින් ජාතික හෙළ උරුමය ඉදිරිපත් කළ කෙටුම්පතට එරෙහි පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ. 'නීති විරෝධීයි' දැනට පළාත් සභාවලට පැවරී තිබෙන පොලිස් සහ ඉඩම් බලතල ඉවත් කිරීම, පළාත් සභා දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් ඒකාබද්ධ වීම වැළැක්වීම ඇතුළු සංශෝධන පහක් එම කෙටුම්පතට ඇතුලත්. අදාළ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තර්ක කරන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සියලුම පළාත් සභාවල අනුමැතිය ලබා ගැනීමකින් තොරව එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීම නීති විරෝධී බව පවසයි. එම කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීමේ නියෝගයක් පණවන මෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සිය පෙත්සමෙන් ඉල්ලා සිටියි. එයට එරෙහිව අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා, පනත් කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද, නැද්ද යන්න විනා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය වැනි අභ්‍යන්තර කරුණු සොයා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය පැවරී නැති බවයි. ""අපි හිතනවා මේ කාරණා පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය යහපත් ප්‍රතිචාරයක් දක්වාවි කියල,"" යනුවෙන් ද ගම්මන්පිල පළාත් සභා අමාත්‍යවරයා කියා සිටියේය. පෙත්සම පිලිබඳ විභාගයේ රහසිගත තීන්දුව ඉදිරි දින කිහිපය තුළ කතානායකවරයාට යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේය." -sri-lanka-41352529,https://www.bbc.com/sinhala/sri-lanka-41352529,විදේශිකයන් හදාගත් ලාංකික දරුවෝ: සැබෑ දෙමාපියන් සොයා DNA බැංකුවක්,"සිය සැබෑ දෙමාපියන් සොයාගැනීම සඳහා තම ජිව දත්ත ඇතුළත් ""DNA බැංකුවක්"" නෙදර්ලන්තයේ ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බව යුරෝපා රටවල හදා වඩා ගැනීම පිණිස 1980 දශකයේ ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය දරුවන් පිරිසක් පවසති.","විශේෂයෙන්ම ඔවුන් හදා වඩා ගැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් ලබාදුන් ලියකියවිලි රැසක් ව්‍යාජ බැවින් සැබෑ දෙමාපියන් හඳුනාගැනීම අසීරු වී ඇති බව ද 'Sri Lankan mothers searching for their children' නමින් සමාජ මාධ්‍ය ජාලයක් පවත්වාගෙන යන එවැනි කණ්ඩායමක් පවසති. සිය සැබෑ දෙමාපියන් සොයාගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි රෝවාන් වැන් විලන් බීබීසි සිංහල සේවය සමග මෙසේ අදහස් දැක්වීය. ""ඇත්තටම ගොඩක් අමාරුයි. අපිට අපේ අම්මල තාත්තල හොයාගන්න අපිට තියෙන ලියකියවිලි අනුව, ගොඩක් තොරතුරු ව්‍යාජයි. ඒ නිසයි අපි ලංකාවේ නෙදර්ලන්ත හදා වඩා ගන්න දීල තියෙන ළමයි එකතුවෙලා මේ වගේ වැඩක් පටන් ගත්තේ,"" ඔහු පැවසීය. සිය තොරතුරු ඇතුළත් DNA දත්ත ගබඩාවක් ගොඩනැගීම රෝවාන් ඇතුළු කණ්ඩායමේ උත්සාහය වී තිබේ. තම සැබෑ ශ්‍රී ලංකික දෙමාපියන් සොයා ගැනීම මෙන්ම තමන්ගේ සොයුරු සොයුරියන් නෙදර්ලන්තයේ සිටිනවා ද යන්නත් එමගින් සොයා ගත හැකි බව ඔහු පැවසීය. ව්‍යාජ ලේඛන සමග විදේශිකයන්ට දුන් දරුවන් සොයන්න DNA බැංකුවක් ""මේක අපි නෙදර්ලන්තයෙන් ආරම්භ කරනවා. ඊට පස්සේ ඩෙන්මාර්කය, ස්වීඩනය, ජර්මනිය වගේ රටවලත් කරන්න පුළුවන්."" 1980-90 කාලවකවානුවේ ශ්‍රී ලංකාවේ දරුවන් 11,000ක් පමණ යුරෝපයට අළෙවි කර ඇති බව ඒ පිළිබඳව පර්යේෂණයක නියැලුණු නෙදර්ලන්ත මාධ්‍ය කණ්ඩායමක් සොයා ගෙන තිබේ. ඒ අතරින් දරුවන් 4,000ක් පමණ හදා වඩා ගැනීම සඳහා ලබාදී තිබෙන්නේ නෙදර්ලන්තයටය. විශේෂයෙන්ම 1980 දශකයේදී සංවිධානාත්මක පිරිසක් ව්‍යාජ ලියකියවිලි නිර්මාණය කර දරුවන් අලෙවි කර තිබෙන අතර, එම දරුවන් දැන් නැවත සිය දෙමාපියන් සොයා බැලීමට පැමිණීමේදී විශාල මුදලක් ලබාගෙන ව්‍යාජ දෙමාපියන් ඔවුන්ට ඉදිරිපත් කර තිබෙන බව සිය පර්යේෂණයෙන් හෙළි වූ බව ද නෙදර්ලන්ත මාධ්‍ය කණ්ඩායම පවසයි. 1980 දශකයේ ශ්‍රී ලංකාවේ ""බේබි ෆාම්"" හෙවත් දරුවන් අලෙවි කරන මධ්‍යස්තාන තිබුණු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න එම මාධ්‍ය කණ්ඩායමට තහවුරු කර තිබේ. විශේෂයෙන්ම දෙපාර්ශයේම තොරතුරු ව්‍යාජ බැවින් ශ්‍රී ලංකාවේ දෙමාපියන් සහ එසේ හදා වඩා ගැනීම පිණිස ලබාදුන් දරුවන් යළි එක්කිරීම පිණිස දෙමාපියන්ගේ DNA පරීක්ෂණ සිදු කළ හැකි බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ඔවුන්ට පවසා තිබේ. මෙලෙස තම දරුවන් යුරෝපා රටවලට හදාවඩා ගැනීම පිණිස ලබාදුන් මව්වරුන් පිරිසක් බීබීසියට මුණගැසුනේ, 'Sri Lankan mothers searching for their children' නම් සමාජ මාධ්‍ය ජාලයට තොරතුරු ලබාදීම සඳහා පැමිණ සිටි අවස්ථාවේදීය. ""මගේ එකම බලාපොරොත්තුව මගේ දුවගේ මුණ දැකගන්න එක. මම අදටත් දරුවා දුන්නු එක ගැන හිත හිතා අඩනවා. ඒ දවස්වල මහත්තයා මාව දාලා ගියා. නැති බැරි කම හින්දයි ළමය දෙන්න වුනේ,"" දෙනියායේ සිට මෙම හමුව පැවති මීගමුවට පැමිණ සිටි එන් සිරිමාවතී හඬමින් බීබීසී සිංහල සේවයට පැවසීය. මගේ එකම බලාපොරොත්තුව මගේ දුවගේ මුණ දැකගන්න එක. මම අදටත් දරුවා දුන්නු එක ගැන හිත හිතා අඩනවා. ඒ දවස්වල ""මහත්තයා මාව දාලා ගියා. නැති බැරි කම හින්දයි ළමය දෙන්න වුනේ"" මාස දෙකක් සිය දරුවාගේ ඡායාරූපය හැරෙන්නට ඇය සතුව වෙනත් කිසිදු ලියවිල්ලක් නොතිබුණි. තවත් මවක් පැමිණ සිටියේ වසර 28කට පෙර ස්වීඩනයට ලබාදුන් තම දියණිය ගැන තොරතුරක් සොයා ගෙනය. ඇය පැවසුවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සැමියා නිසා සිය දියණිය හදා වඩා ගැනීම පිණිස දීමට සිදුවූ බවය. ""මට වඩා මගේ ලොකු පුතාටයි එයාගේ නංගිව දැකගන්න ආසාව තියෙන්නේ. එයා තමයි මේ ගැන ආරංචි වෙලා මෙතනට එක්කන් ආවේ,"" යනුවෙන් ඇය පැවසුවාය. ඇය සතු ලියකියවිලි අනුව දරුවා ���ොයාගැනීමට ඇයට හැකි වී නැත. මීගමුවේ පදිංචි අන්ඩ්රු සිල්වා දෙමාපියන්ට සිය දරුවන් සොයා බැලීම පිණිස ස්වේච්ඡාවෙන් උපකාර කරන පුද්ගලයෙකි. ""මේ අම්මල හොයාගන්න එක හරි අමාරුයි. මොකද ගොඩක් අම්මලට මේ ළමයි ලැබිල තියෙන්නේ නිත්‍යානුකුල විවාහයකින් නෙවෙයි. ඒගොල්ලන්ට ඒ ළමයිව ගෙවල්වලට ගෙනියන්න බැහැ. ඒ නිසයි ඒ ළමයිව දීලා තියෙන්නේ. ඒගොල්ලෝ සමහර අය දැන් සාර්ථක පවුල් ජිවත ගතකරනවා. ඒ නිසා ඔවුන් ඉදිරිපත්වෙන්නේ නැහැ මේ ළමයි ගන්න,"" මෙම පවුල් යළි එක්කිරීමට ඇති අභියෝග ගැන අන්ඩ්රු සිල්වා බීබීසී යට පැහැදිලි කළේය. ""ගොඩක් අම්මලා ළමයි දුන්නේ සල්ලි වලට නෙවෙයි. මේකෙන් හම්බ කරේ අතරමැදියෝ. දැනුත් හම්බකරනවා මේ එන ළමයින්ට බොරු අම්මලා තාත්තල හඳුන්වල දීල. එක ළමයෙක් අවුරුදු 11ක් හම්බවෙලා තිබුනේ බොරු අම්මව."" නෙදර්ලන්තයට අමතරව අයිස්ලන්තය සහ සහ බ්‍රිතාන්‍යයෙන් පවා සිය දෙමාපියන් සොයා දෙන ලෙස මෑතකදී තමන්ට ඉල්ලීම් ලැබුණු බව නෙදර්ලන්ත තරුණ කණ්ඩායම බීබීසී යට පැවසූහ." -world-39015841,https://www.bbc.com/sinhala/world-39015841,'Nokia 3310' යළි වෙළඳපොළට?,ජංගම දුරකතන පාවිච්චි කරන්නන් අතර නමක් දිනා සිටි 3310 දුරකතන මාදිලිය යළි වෙළඳපොළට ඉදිරිපත් කිරීමට 'නොකියා' (Nokia) සමාගම සැලසුම් කරමින් ඇතිබවට වාර්තා වෙයි.,2000 වසර ආරම්භයේ වෙළඳපොළට පැමිණි 3310 මාදිලිය පාරිභෝගිකයන් අතර විශ්වාසය දිනාගත් දුරකතනයක් ලෙස සැලකේ. තම පළමු ජංගම දුරකතනය වශයෙන් 'නොකියා 3310' දුරකතනය මිලදී ගත් හෝ ඊට ඇලුම් කළ බොහෝ දෙනෙක් එම පුවතත් සමඟ දැඩි ප්‍රබෝධයට පත් වී සිටිති. ඔරොත්තු දීම අතින් 3310 මාදිලිය සුරක්ෂිත දුරකතනයක් ලෙස බොහෝ දෙනෙකු විසින් හඳුන්වනු ලබති. කෙසේ නමුත් 2000 වසරේ නිෂ්පාදනය කෙරුණු 3310 දුරකතනය නැවතත් වෙළඳපොළට ඉදිරිපත් කිරීමට යන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් පළ කිරීම 'නොකියා' සමාගම ප්‍රතික්ෂේප කරයි. 'නොකියා' සමාගමේ නිෂ්පාදනය කෙරුණු සෙසු දුරකතන මාදිලි 'ඇනරොයිඩ්' සහ 'අයි ෆොන්'වැනි සාපේක්ෂ වශයෙන් සංකීර්ණ දුරකතන භාවිත කිරීමට ඇල්මක් නොදක්වන වැඩිහිටි ප්‍රජාව අතරට 3310 දුරකතනය නැවත ගෙන යා හැකි බවට ප්‍රවීණයෝ විශ්වාසය පළ කරති. ස්මාර්ට් දුරකතනවල බැටරි බලය රඳා පවතින කාලය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් මැසිවිලි නගන අතර 'නොකියා 3310' දුරකතනය කෙරෙහි පාරිභෝගික අවධානය යොමුවීමට එය ප්‍රධාන හේතුවක් විය හැක. -sri-lanka-37220531,https://www.bbc.com/sinhala/sri-lanka-37220531,ජනපති වෙබ් අඩවිය 'හැක්’ කළ සිසුවා පරිවාස භ��රයට,ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ බවට සැක පිට අත්අඩංගුවට ගනු ලැබූ දාහත් හැවිරිදි පාසල් සිසුවා පරිවාස භාරයේ තැබීමට අධිකරණය නියෝග කරයි.,කඩුගන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් ඉහතේ කී බාල වයස්කාර සිසුවා සැප්තැම්බර් මස 02 වනදා දක්වා ළමා නිවාසයක රැඳවුම් භාරයේ තබන ලෙසයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. මේ අතර ඉහත කී පාසල් සිසුවාට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වන විසි හය හැවිරිදි තරුණයකු ද අත්අඩංගුවට ගනු ලැබූ අතර සැප්තැම්බර් මස 02 වනදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කොට තිබේ. සැකකරුවන් දෙදෙනා තවත් වෙබ් අඩවි 30 කට වැඩි සංඛ්‍යාවකට අනවසරයෙන් ඇතුළු වී ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව රහස් පොලිසිය අධිකරණ හමුවේ කියා සිටියේය. අදාළ සිදුවීම පිටුපස සිටින බංගලාදේශ ජාතිකයෙකු සම්බන්ධයෙන්ද පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය පවසයි. විත්ති පාර්ශවයේ නීතිවේදීන් අධිකරණයට දන්වා ඇත්තේ පොදු ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීම පිණිස සැකකරුවන් ඒක ක්‍රියාවේ නිරත වී ඇති බවයි. විත්තිකරුවන් තුල කිසිදු අපරාධමය චේතනාවක් නොතිබූ බවත් විත්තියේ නීතිවේදියා කියා සිටියේය. පරිගණක දත්ත සහ රහස්‍ය භාවය සම්බන්ධ නීති විධිවිධාන ප්‍රකාර අනුව ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි පොලිසිය මීට ඉහතදී සඳහන් කළේ. -140522_shah_rukh_khan,https://www.bbc.com/sinhala/world/2014/05/140522_shah_rukh_khan,ෂාරුක් ඛාන් ලොව දෙවැනි ධනවත් නළුවා,බොලිවූඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් ලෝකයේ දෙවැනි ධනවත්ම නළුවා බවට පත්වෙයි.,"ෂාරුක් ඛාන් සහ ටොම් කෲස් ඔහුගේ වටිනාකම ඩොලර් මිලියන හයසියයක්. විකට නළු ජෙරි සේන් ෆෙල්ඩ් (Jerry Seinfeld), වෙල්ත් එක්ස් (Wealth X) හොලිවූඩ් සහ බොලිවූඩ් ධනවත්ම ලැයිස්තුවට අනුව ලෝකයේ පොහොසත්ම නළුවායි. ඔහු ඩොලර් මිලියන අටසිය විස්සක වටිනාකමකින් යුත් බවට ඇස්තමේන්තු කොට තිබේ. තුන්වන ස්ථානය හිමිකර ගත් නළු ටොම් කෲස්ගේ වටිනාකම ඩොලර් මිලියන හාරසිය අසූවක්. ෂාරුක් ඛාන් හොලිවූඩ් සිනමාවේ ටොම් හැන්ක්ස්, ක්ලින්ට් ඊස්ට් වූඩ් සහ ඇඩම් සැන්ඩ්ලර් යන නළුවන්ට වඩා පොහොසත් බවයි වෙල්ත් එක්ස් (Wealth X) ආයතනය පවසන්නේ. ඉන්දියාවේ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් අතිශයින්ම ජනප්‍රිය ෂාරුක් ඛාන් ඉන්දියාවේ හැඳින්වෙන්නේ බොලිවූඩ් බාඩ්සා නැත්නම් බොලිවූඩ් සිනමා සක්විති යනුවෙන්. ෂා���ුක් ඛාන් චිත්‍රපට නිෂ්පාදකයෙක්. රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත්කරන්නෙක්. ඉන්දීය ක්‍රිකට් සමාජයක අයිතිකරුවෙක්. එසේම ධානපතියක්. ඔහු බොලිවූඩ් චිත්‍රපට පනහකට වැඩි ගණනක රඟපා තිබේ. බීබීසියේ දිල්ලි වාර්තාකරු විකාස් පාන්දේ පැවසුවේ ෂාරුක් ඛාන් සම්බන්ධ මෙම ප්‍රවෘතිය ඉන්දීය මාධ්‍යයට ලැබුන විට එය පුදුම එලවන තොරතුරක් නොවුන බවයි. ව්‍යාපාරිකයෙක් ඔහු චිත්‍රපට කරුවකු පමණක් නොව ව්‍යාපාරිකයකු බවත් වටහා ගත යුතු බවයි ඔහු පවසන්නේ. “ඔහුට අයිති ක්‍රිකට් කණ්ඩායමක් ඉන්නවා. ඔහු චිත්‍රපට නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යනවා. ඒ සියල්ලටම වඩා වැදගත් වන්නේ ඔහු තමන්ගේ චිත්‍රපට නිෂ්පාදනය කරනවා. මේවයින් ඔහුට දිගටම ලාභ ලැබෙනවා. ඉතින් මේ ඔක්කොම බලපුවම ඔහු දෙවැනි පොහොසත් නළුවා කියන එක පුදුම වෙන්න කරුණක් නොවෙයි,”ඔහු පැවසුවේය. පුවත් පත් වාර්තා ප්‍රතිචාර පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් බීබීසියේ දිල්ලි වාර්තාකරු විකාස් පාන්දේ පැවසුවේ ෂාරුක් ඛාන් අමෙර්කානු නළු ටොම් කෲස් සහ ඇමරිකානු විකට නළු ඇඩම් සැන්ඩ්ලර් ට වඩා පොහොසත් ආදී වශයෙන් පුවත් පත් වාර්තා පලකොට ඇති බවයි." -sport-43277853,https://www.bbc.com/sinhala/sport-43277853,පිත්ත වෙනුවට පන්දුව: පියා ගත් මග යන කනිෂ්ඨ තෙන්ඩුල්කාර්,එදා මෙදා තුර ඉන්දියාව බිහි කළ ජනප්‍රියම සහ වඩාත්ම ගෞරවාදරයට පාත්‍ර වූ ක්‍රිකට් ක්‍රීඩකයාගේ පුතු සිය පියා ගත් මග ගැනීම අහම්බයක් විය නොහැකිය.,"එහෙත් සම්පූර්ණයෙන්ම පියා ගිය මග අනුගමනය නොකිරීමට මේ පුතු අදිටන් කරගෙන සිටියි. ඔහු අර්ජුන් තෙන්ඩුල්කාර් නම් වෙයි. ටෙස්ට් ක්‍රිකට් ලෝකයේ සහ එක් දින තරග ක්ෂේත්‍රයේ එදා මෙදා තුර රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 34,357ක් හඹා යාම සචින් තෙන්ඩුල්කාර්ගේම පුතණුවන්ට වුව පහසු කාර්යයක් විය නොහැකිය. එබැවින් පිත්ත අතට ගනු වෙනුවට ඔහු පන්දුව තෝරා ගත්තේය. ක්‍රීඩාවකට වඩා ආගමක් තරම් භක්තියකින් ක්‍රීඩාලෝලීන් ක්‍රිකට් ""අදහන"" ඉන්දියාව වැනි රටක සචින් තෙන්ඩුල්කාර්ගේ පුතු පිටියට පිවිසීමත් සමග ක්‍රීඩාලෝලීහු ඔහු දෙස උනන්දුවෙන් බලා සිටිති. එහෙත් 18 හැවිරිදි අර්ජුන් පන්දුව අතට ගන්නේ ""සචින්ගේ පුතු"" ලෙසින් නොව තමන්ගේම වූ ශෛලියක් ශෛලියක් ගොඩ නගා ගැනීමේ අටියෙනි. සිය පියාට වඩා කෙසඟ සහ උසින් වැඩි අර්ජුන් පවසන්නේ ""සචින්ගේ පුතු"" වීමේ පීඩනය ගැන පිටියේදී තමන් කිසිවක් නොසිතන බවය. බීබීසීයේ සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, තමන් පන්දු යවන්නෙකු බවට පත්වීම, පියාගේ පිතිහරඹයේ දක්ෂතාව සලකා බලා සැලසුම් සහගතව ගත් තීන්දුවක් නොවන බවය. ""මම තාත්තට වඩා උස ගියා, ශක්තිමත් වුනා,"" ඔහු පැහැදිළි කරයි. ""අනික පොඩි කාලේ ඉඳල මම පන්දු යවන්න ආසයි. ඉතින් ඉන්දියාවේ වේග පන්දු යවන්නනුත් අඩු නිසා මම හිතුව වේග පන්දු යවන්නෙක් වෙන්න."" වමතින් වේග පන්දු යවන්නෙක්. එමෙන්ම වමත් පිතිකරුවෙක්. එබැවින් ඔහුගේ පියා සමග සංසන්දනය කරනු වෙනුවට, අනාගතයේදී ක්‍රිකට් ලෝලීන්ට සිදුවනු ඇත්තේ ඕස්ට්‍රේලියාවේ මිචෙල් ජොන්සන් සහ මිචෙල් සටාර්ක් වැනි ක්‍රීඩකයන් සමග තරුණ අර්ජුන් සංසන්දනය කිරීමටය. පන්දු යවන්නෙකු ලෙසින් පමණක් නොව පිතිකරුවෙකු ලෙසින් ද ඔහු දැනටමත් ජාත්‍යන්තර තලයේ පෙළහර පා තිබේ. ""පොඩි කාලේ මම පාපන්දු, පිහිනුම්, ටයිකොන්ඩෝ, මළල ක්‍රීඩා වගේ හැම ක්‍රීඩාවක්ම කළා,"" අර්ජුන් තෙන්ඩුල්කාර් මතකය අවදි කරයි. ""ඒ අතරේ ක්‍රිකට් ක්‍රීඩාවට ආවම, අනෙක් හැම දේම පස්සට ගියා."" එසේ ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූයේ පියාගේ බලපෑම නිසා ද? ""තාත්ත මට හුඟක් උදව් කළා. ඒත් කවදාවත් ක්‍රිකට් ගහන්න කියල මට බල කළේ නැහැ."" තවත් කියවන්න:" -150125_cj_lawyers_collective,https://www.bbc.com/sinhala/sri_lanka/2015/01/150125_cj_lawyers_collective,කුමන්ත්‍රණ චෝදනා: අගවිනිසුරු රැඳී සිටීම 'බාධාවක්',කුමන්ත්‍රණ චෝදනාවකට මුහුණ දී සිටින අග්‍ර විනිශ්චයකාර මොහාන් පිරිස් දිගම එම තනතුරේ රැඳී සිටීම තුළින් ඊට අදාළ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට බාධා එල්ල නව බව ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ නීතිවේදීන්ගේ එකමුතුව පවසයි.,අගවිනිසුරුට එරෙහිව කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයක් එම සංගමයේ කැඳවුම්කරු නීතිවේදී ලාල් විජේනායක පවසන්නේ අග්‍ර විනිශ්චයකාරවරයාට එරෙහිව බරපතළ චෝදනාවක් එල්ල වී තිබෙන අවස්ථාවක ඔහු එම තනතුරේ රැඳී සිටීම තුළින් පරීක්ෂණ වලට බලපෑම් සිදු කිරීමට හැකියාව පවතින බැවින් ඔහු එම තනතුරෙන් තාවකාලිකව හෝ ඉවත් වීමට කටයුතු කළ යුතු බවයි. “රජයේ සුළු සේවකයෙකුට පවා දූෂණ චෝදනාවක් එල්ල වූ විගස ඔහු වැඩ තහනමට ලක් කර තමා පරීක්ෂණය සිදු කරන්නේ. අග්‍ර විනිශ්චයකාරවරයා යනු ඉහල තනතුරක් දරන පුද්ගලයෙක්. ඔහු තනතුරේ දිගටම රැඳී සිටියොත් පරීක්ෂණවලට බාධා වන්න පුළුවන්. ඒ නිසා අඩුම වශයෙන් පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු හෝ ඔහු සිය තනතුරෙන් ඉවත් විය යුතුයි.” නීතිවේදි ලාල් විජේනායක ප්‍රකාශ කළේය. නීතියේ හිඩැසක් වත්මන් ව්‍යවස්ථාවට අනුව උපරිමාධිකරණ විනිසුරුවරයෙකු ඉවත් කිරීමට හැක්කේ දෝෂාභියෝගයක් හරහා පමණයි. මෙය සංකීර්ණ ක්‍රියාදාමයක් නිසා දූෂණ චෝදනා වලට මුහුණ දෙන විනිසුරුවරුන් නොපමාව ඉවත් කළ හැකි විනිවිද භාවයකින් යුත් ක්‍රමවේදයක් සැකසීම අවශ්‍ය බවද ඔහු කියා සිටියේය. “මේක හරිම සංකීර්ණ කල් ගත වන ක්‍රියාදාමයක්. උදාහරණයක් ලෙස මිනීමැරුම් චෝදනාවක් එල්ල වන විනිසුරුවරයෙකු පවා මේ යටතේ කඩිනමින් ඉවත් කරන්න බැහැ. මේක නීතියේ පවතින හිඩැසක් ලෙසයි මා දකින්නේ.” ඔහු පවසයි. මෙම චෝදනාව පිළිබඳව අග්‍ර විනිශ්චයකාරවරයාගේ මාධ්‍ය ප්‍රකාශක විජයරත්න කොඩිප්පිලිගෙන් සහ අගවිනිසුරු මොහාන් පීරිස්ගේ මතය විමසීමට උත්සාහ කළද එම උත්සාහය සාර්ථක වුයේ නැත. -141103_mayuri_abduction_police,https://www.bbc.com/sinhala/sri_lanka/2014/11/141103_mayuri_abduction_police,මයුරි පැහැර ගැනීම: පොලිසියේ සම්බන්ධයක් නෑ',සෙනසුරාදා රාත්‍රියේ අනුරාධපුරයේදී මයුරි ඉනෝකා කුමාරි ජයසේන දෙදරු මව පැහැර ගැනීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.,"මයුරි ඉනෝකා ""කරන ප්‍රකාශ පිටුපස සමහර බලවේග තිබෙන්න පුළුවන් පොලිසියේ කීර්තිනාමය නැති කරන"" පසුගිය වසරේ සැප්තැම්බරයේදී ඇයගේ සැමියා මධුෂ්ක හරිස් ද සිල්වා ගේ අතුරුදහන්වීමට අනුරාධපුරයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සම්බන්ධ බවට මයුරි ඉනෝකා කරන චෝදනාවද පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප්‍රතික්ෂේප කරයි. සෙනසුරාදා රාත්‍රියේ මයුරි ඉනෝකා පැහැර ගැනීම සම්බන්ධ 'ඉතා වැදගත් සාක්ෂි' අනාවරණය වී තිබෙන බවද පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කළේය. අතුරුදහන් වූ සිය සැමියා ඉතා ඉක්මනින්ම යලි නිවසට එනු ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් සේනාරත්න ඇතුළු පිරිසක් සැමියාගේ පියාට දුරකථනයෙන් දැනුම් දී ඇතැයි පවසන මයුරි ඉනෝකා එබැවින් සැමියාගේ අතුරුදහන් වීමට ඔහුත් සම්බන්ධ යයි සැකකරන බවට චෝදනා කරමින් ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දිවුරුම් පෙත්සමක් යොමු කොට තිබේ. එහෙත් එවැනි චෝදනාවක් එල්ල කිරීමට ඇය සතුව තිබෙන සාක්ෂි මොනවා දැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප්‍රශ්න කරයි. ""ඇය විසින් කරන ප්‍රකාශ පිටුපස සමහර බලවේග තිබෙන්න පුළුවන් පොලිසියේ කීර්තිනාමය නැති කරන,"" යනුවෙන්ද පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කළේ පැහැර ගැනීමට ලක්වීමෙන් අනතුරුව නොච්චියාගම ප��ලිස් ස්ථානයේදී තමන් ගණිකාවක ලෙසින් හැඟවෙන ආකාරයෙන් අපහාස කළ බවට මයුරි ඉනෝකා කරන චෝදනාව පිළිබඳව විමසූ අවස්ථාවේ." -150112_new_cabinet_list,https://www.bbc.com/sinhala/sri_lanka/2015/01/150112_new_cabinet_list,නව කැබිනට් මණ්ඩලයට ඇමතිවරු විසි හතක්,අභිනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ නව අමාත්‍ය මණ්ඩලය කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්හ.,"කැබිනට් ඇමති මණ්ඩලයේ දිවුරුම් දුන් මුළු අමාත්‍යවරු සංඛ්‍යාව විසි හතක්. ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට භාර දී තිබේ. 1 - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ - ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික සංවර්ධන 2 - පාඨලි චම්පික රණවක - විදුලිබල හා බලශක්ති 3 - කරු ජයසූරිය - බුද්ධ ශාසන ඇමති 4 - විජයදාස රාජපක්ෂ - අධිකරණ ඇමති 5 - මංගල සමරවීර - විදේශ කටයුතු ඇමති 6 - සජිත් ප්‍රේමදාස - නිවාස හා සමෘද්ධි අමාත්‍ය 7 - අර්ජුන රණතුංග - වාරය නා නාවුක ඇමති 8 - රවී කරුණානායක - මුදල් ඇමති 9 - රවුෆ් හකීම් - නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන 10 -ජෝන් අමරතුංග - මහජන සාමය හා ආපදා කළමනාකරණ ඇමති 11 - රාජිත සේනාරත්න - සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය 12 - දුමින්ද දිසානායක - වාරිමාර්ග අමාත්‍ය 13 - කබීර් හෂීම් - මහමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන 14 - එම්.කේ.ඩී.එස් ගුණවර්ධන - ඉඩම් ඇමති 15 - ජොසප් මයිකල් පෙරේරා - ස්වදේශ කටයුතු ඇමති 16 –ගාමිණි ජයවික්‍රම පෙරේරා - ආහාර සුරක්ෂිතාවය පිළිබඳ ඇමති 17 – ගයන්ත කරුණාතිලක - ජනමාධ්‍ය ඇමති 18 – නවීන් දිසානායක - සංචාරක ඇමති 19 – ලක්ෂ්මන් කිරිඇල්ල - වැවිලි කර්මාන්ත ඇමති 20 – රිෂාඩ් බදියුදීන් - කර්මාන්ත හා වාණිජ ඇමති 21 – පලනි දිගම්බරම් - වතු යටිතල පහසුකම් ඇමති 22 – ඩී.එම් ස්වාමිනාදන් - නැවත පදිංචි කිරීම්, හිංදු කටයුතු ඇමති 23 – අකිල විරාජ් කාරියවසම් - අධ්‍යාපන ඇමති 24 - තලතා අතුකෝරාල - විදේශ රැකියා ඇමතිනි 25 - රංජිත් මද්දුම බණ්ඩාර - අභ්‍යන්තර ප්‍රවාහන ඇමති 26 - පී. හැරිසන් - සමාජ සේවා හා සුබසාධන ඇමති 27 - චන්ද්‍රානි බණ්ඩාර - කාන්තා කටයුතු ඇමතිනි" -sri-lanka-38488995,https://www.bbc.com/sinhala/sri-lanka-38488995,"""කණ්ඩලම හදද්දීත් හම්බන්තොට වගේ චෝදනා ආවා""",කර්මාන්තශාලා ආරම්භ කිරීම සඳහා හම්බන්තොටින් චීනයට ලබා දෙන්නේ මුඩු ඉඩම් මිස මිනිසුන් පදිංචි ඉඩම් නොවන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.,"අද (ජනවාරි 02) කොළඹ පැවති උත්සවයක් අතරතුර බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ චීනයට ලබා දීමට බල��පොරොත්තු වන්නේ සීමා සහිත ඉඩම් ප්‍රමාණයක් පමණක් බවය. කර්මාන්තශාලා 2,400 ක් ආරම්භ කිරීම සඳහා අදියර කීපයක් යටතේ හම්බන්තොට සහ ඒ අවට දිස්ත්‍රික්කවලින් චීනයට අක්කර 15,000 ක් ලබා දීමට නියමිත බව අමාත්‍ය මලික් සමරවික්‍රම මින්මීට ඉහතදී ප්‍රකාශ කළේය. එලෙස චීනයට ඉඩම් ලබා දීම සම්බන්ධයෙන් නැගෙන ජන විරෝධය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා කියා සිටියේ තම පියා, හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස එවකට දඹුල්ලේ කණ්ඩලම හෝටලය ආරම්භ කිරීමට ක්‍රියා කරද්දී ද මේ ආකාරයට විරෝධතා එල්ල වූ බවය. ""එදා පාරට බැහැල කිව්වා කණ්ඩලම හෝටලය දඹුල්ලට විනාශයක් කියලා. අද මොකද වෙලා තියෙන්නේ. කණ්ඩලමහෝටලයට ජාත්‍යන්තර පාරිසරික සම්මාන ලැබෙනවා විතරක් නෙවෙයි, මුළු දඹුල්ලම පිබිදිලා තියෙනවා සංවර්ධනයෙන්,"" ඔහු පැවසීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2017 වසරේදී ආණ්ඩුව පෙරළන බවට කළ ප්‍රකාශකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස සඳහන් කළේ වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමට නොහැකි බවය. 2015 සහ 2016 වසරවල රට තුළ සංවර්ධන වැඩපිළිවෙළ අසාර්ථක වූ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමසීමේදී ඔහු කියා සිටියේ සාමාන්‍ය ජනතාව එවැනි චෝදනාවක් එල්ල නොකරන බවය. තමන් යටතේ පවතින නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය උදාගම් 237ක් ඉදි කිරීමේ කටයුතුවල මේ මොහොතේත් නිරත වී සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය." -world-55902542,https://www.bbc.com/sinhala/world-55902542,"මියන්මාරයේ කුමන්ත්‍රණය: මින් අවුං හ්ලේයින්ග්, බලය ඇල්ලූ ජෙනරල්වරයා","'ටට්මඩෝ' නමින් හැඳින්වෙන මියන්මාරයේ බලසම්පන්න හමුදාව තුළ නිල ලබමින් ක්‍රමයෙන් ඉහළට ගිය මින් අවුං හ්ලේයින්ග්, පෙබරවාරි 1 වෙනිදා දියත් කෙරුණු කුමන්ත්‍රණයට පෙර, මියන්මාරයේ සේනා විධායක ලෙස සැලකිය යුතු දේශපාලන බලපෑමකට හිමිකම් කී අයකු විය.","මියන්මාරය ප්‍රජාතන්ත්‍රවාදය කරා පරිවර්තනය වුවද, සාර්ථක ලෙස 'ටට්මඩෝ' හි බලය රඳවා ගැනීමට සමත් වුවත්, සුළුතර වාර්ගිකයින්ට හමුදාව එල්ල කරන ප්‍රහාරවලදී ඔහුගේ භූමිකාව හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් හෙලාදැකීමට මෙන්ම සම්බාධකවලට ද ඔහු ලක්විණි. සිය නායකත්වය යටතේ මියන්මාරය යළි හමුදා පාලනයකට ගෙන ඒමත් සමග මින් අවුං හ්ලේයින්ග් මීළඟට අවධානය යොමු කරන්නේ තම බලය ව්‍යාප්ත කරමින් රටේ නුදුරු අනාගතය හැඩගැස්වීම කෙරෙහි ය. ජෙනරල් මින් අවුං හ්ලේයින්ග් ඉහළට නැගීම සිය මුළු වෘත්ත���ය ජීවිතය ම බලගතු හමුදාව වෙනුවෙන් ගත කළ 64 හැවිරිදි ජෙනරල්වරයා ඊට සම්බන්ධ වූයේ කැඩෙට් නිලධාරියෙකු ලෙසිනි. යැන්ගොන් විශ්ව විද්‍යාලයේ හිටපු නීති ශිෂ්‍යයෙකු වූ ඔහු 1974 දී ආරක්ෂක සේවා ඇකඩමියට ඇතුළත් වූයේ සිය තුන්වෙනි ප්‍රයත්නය දරමිනි. සාමාන්‍යයෙන් විනීත සෙබළෙකු ලෙස උසස්වීම් ලබමින් ඉහළට ගිය ඔහු 2009 වසර වනවිට විශේෂ මෙහෙයුම් කාර්යාංශය - 2 හි අණදෙන නිලධාරියා බවට පත්විය. එම තනතුර දරන සමයේ මියන්මාරයේ ඊසානදිග ප්‍රදේශයේ මෙහෙයුම් ඔහුගේ අධීක්ෂණයට ලක්විණි. චීන දේශසීමාව ඔස්සේ වූ ෂාන් පළාතේ හා කෝකැංග් කලාපයේ විසූ වාර්ගික සුළුතර සරණාගතයෝ එම මෙහෙයුම් හමුවේ පළා ගියහ. සිය හමුදාවලට එරෙහිව ඝාතන, කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසන මෙන්ම ගිනිතැබීම් ආදිය සම්බන්ධයෙන් චෝදනා නැගෙද්දී මින් අවුං හ්ලේයින්ග් තවදුරටත් උසස්වීම් ලැබූ අතර 2010 දී ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී බවට ද පත්විණි. ඉන් පසු වසරකට අඩු කාලයකදී වඩා ජ්‍යෙෂ්ඨ ජෙනරල්වරුන් පසු කරගිය හෙලෙයින්ග්, දිගු කලක් සේනාධිනායක ව සිටි තාන් ශ්වේ ගේ අනුප්‍රාප්තිකයා වෙමින් 2011 දී එම තනතුරට පත් විය. මින් අවුං හ්ලේයින්ග් හමුදා ප්‍රධානී වූ විට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ බ්ලොග්කරුවකු මෙන්ම ලේඛකයෙකුද වන හ්ලා ඌ ""කෲර බුරුම හමුදාවේ යුද්ධයේ සමත් රණශුරයෙක් "" යැයි ඔහු හඳුන්වා දුන්නේය. කුඩා කළ සිට දෙදෙනා දැන හඳුනන බව කී හ්ලා ඌ, නමුත් හ්ලේයින්ග් ""වැදගත් විද්‍යාර්ථියකු මෙන්ම මහත්මයෙක්"" බව ද කියා සිටී. දේශපාලන බලපෑම සහ 'ජනසංහාරය' මියන්මාරය 2011 වසරේදී, දශක ගණනක හමුදා පාලනයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදය වෙත සංක්‍රමණය වෙද්දී හමුදා ප්‍රධානී ලෙස මින් අවුං හ්ලේයින්ග් සිය ධුර කාලය ඇරඹුව ද 'ටට්මඩෝ' (බුරුම හමුදාව) හි බලය රඳවා ගැනීම කෙරෙහි උනන්දු විය. හමුදා සහය ලද සාංගමික සහයෝගිතා සහ සංවර්ධන පක්ෂය (USDP) ප්‍රමුඛ ආණ්ඩුව තුළ ඔහුගේ බලය හා සමාජ මාධ්‍යවල පෙනී සිටීම ඉහළ ගියේය. 2016 දී අවුං සාන් සූ චී ගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (NLD) බලයට පැමිණි පසු ඔහු එම වෙනසට අනුගතවන බවක් පෙනෙන්නට වුයේ අවුං සාන් සූ චී සමග පොදු අවස්ථාවල පෙනී සිටිමින් හා එක්ව කාර්යන්හි නිරත වූ බැවිනි. මේ වෙනස මැද වුවද පාර්ලිමේන්තුවේ ආසනවලින් 25% ක් ද ආරක්ෂාව අතින් වැදගත් කැබිනට් තනතුරු ද මියන්මාර හමුදාව (ටට්මඩෝ) අත රඳවා ගැනීමට ඔහු වගබලා ගත්තේ, ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට හා හමුදා බලය සීමා කිරීමට එන්එල්ඩී පක්ෂය දැරූ ප්‍රයත්නවලට ප්‍රතිරෝධය දක්වමිනි. 2016 සහ 2017 කාලය තුළ උතුරු දිග මියන්මාරයේ පිහිටි රඛායින් ප්‍රාන්තයේ වාර්ගික සුලුතර රෝහින්ග්‍යාවරුන්ට එරෙහිව හමුදා මෙහෙයුම් උත්සන්න කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ රෝහින්ග්‍යා මුස්ලිම්වරු මියන්මාරයෙන් පලාගියහ. ""ජනසංහාරය"" සම්බන්ධයෙන් හමුදා ප්‍රධානියා ජාත්‍යන්තර හෙලාදැකීමට ලක්විය. 2018 අගෝස්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පැවසුවේ, ""සේනාධිනායක ජ්‍යෙෂ්ඨ ජෙනරල් මින් අවුං හ්ලේයින්ග් ඇතුළු ඉහල හමුදා ජෙනරල්වරුන් විමර්ශනයට ලක්කළ යුතු අතර උතුරු දිග රඛයින් ප්‍රාන්තයේ ජනසංහාරය මෙන්ම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ රඛායින්, කචින් හා ෂාන් ප්‍රාන්තවල යුද අපරාධ සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහි චෝදනා ගොනුකළ යුතුයි"" යනුවෙනි. මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රකාශයෙන් අනතුරුව ෆේස්බුක් සමාගම විසින් ඔහුගේ මෙන්ම ""රටේ බරපතල මානව හිම්කම් උල්ලංඝනය කළ හෝ ඊට ඉඩ සැලසූ"" අනෙකුත් පුද්ගලයින් මෙන්ම සංවිධානවල ගිණුම් ඉවත් කරනු ලැබීය. එක්සත් ජනපදය ඔහුට එරෙහිව දෙවරක් සම්බාධක පැනවීය. ""වාර්ගික ශුද්ධය"" සහ මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ ඔහුගේ භූමිකාව හේතුවෙන් 2019 දී සම්බාධක පැනවුණු අතර 2020 වසරේදී එක්සත් රාජධානිය විසින් ද ඔහුට එරෙහිව සම්බාධක පනවනු ලැබිණි. බලය අල්ලා ගැනීම 2020 නොවැම්බර් මස පැවති මහ මැතිවරණයේදී, නිල සංඛ්‍යා ලේඛන අනුව එන්එල්ඩී පක්ෂයට විශාල ජයග්‍රහණයක් ගෙන ආ බව පෙනෙන්නට තිබුණ ද ඉන් පසු මාස කිහිපය තුළදී 'ටට්මඩෝ' (මියන්මාර හමුදාව) මෙන්ම හමුදා සහය ලැබූ යූඑස්ඩීපී පක්ෂය ප්‍රතිඵල සමග එකඟ නොවන බව යළි යළිත් පෙන්වූහ. රට පුරා මැතිවරණ වංචා සිදුවූ බව යූඑස්ඩීපී පක්ෂයේ ප්‍රධාන චෝදනාව විය. එම ප්‍රකාශ මැතිවරණ කොමිසම විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර අලුත් ආණ්ඩුව තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තු සැසිවාරය පෙබරවාරි 1 වෙනිදා ට සැලසුම් කර තිබිණි. ආණ්ඩුව හා සන්නද්ධ හමුදා අතර අර්බුදය මැද කුමන්ත්‍රණයක් දියත්වනු ඇතැයි යන අනුමානය වර්ධනය වන්නට විය. ""ව්‍යවස්ථාව අනුගමනය නොකරවානම්, එය අවලංගු කෙරේවි"" යැයි මින් අවුං හ්ලේයින්ග් ජනවාරි 27 වෙනිදා අනතුරු ඇඟවීමක් කළේ 1962 සහ 1988 වසරවල හටගත් හමුදා කුමන්ත්‍රණ උදාහරණ ලෙස පෙන්වා දෙමිනි. ව්‍යවස්ථාව අවලංගු කරන බවට හමුදා නිලධාරීන් කළ ප්‍රකාශ මාධ්‍ය විසින් වැරදි ලෙස අර්ථ ගන්වා ඇති බව පවසමින්, ජනවාරි 30 වෙනිදා මින් අවුං හ්ලේයින්ග් ගේ කාර්යාලය ඔහුගේ ස්ථාවරය ආපසු හරවන බවක් පෙනෙන්නට විය. කෙසේවෙතත්, පෙබරවාරි 1 වෙනිදා උදෑසන රාජ්‍ය අනුශාසක අවුං සාන් සූ චී, ජනාධිපති වින් ම්යින්ට් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නායකයින් රඳවා ගනු ලැබූ 'ටට්මඩෝ', වසරක් පුරා බලපැවැත්වෙන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය. එම කාලය සඳහා, සේනාධිනායකයා වශයෙන් සියලු රාජ්‍ය බලය පවරාගත් මින් අවුං හ්ලේයින්ග් චෝදනා එල්ල වූ මැතිවරණ අක්‍රමිකතා කෙරෙහි වහා ප්‍රමුඛතාව යොමු කළේය. ඔහුගේ නායකත්වයෙන් යුතු ජාතික ආරක්ෂක කවුන්සිලය කියා සිටියේ මැතිවරණ වංචා විමර්ශනය කොට එන්එල්ඩී ලද ජයග්‍රහණය අවලංගු කරමින් අලුත් මැතිවරණයක් පවත්වන බවකි. 65 වෙනි වූ විශ්‍රාමික වයසට ළඟාවෙද්දී මෙම වසරේ ජූලි මාසයේදී මින් අවුං හ්ලේයින්ග් තනතුරින් ඉවත්වීමට මුලදී සැලසුම් කර සිටියේය. නමුත් අලුත් තත්ත්වය හමුවේ අවම තරමින් තවත් වසරක් (හෝ ඊට වැඩි කලක් වීමටද ඉඩ ඇත) බලයේ රැඳෙනු ඇත්තේ පෙනෙන්නට ඇති පරිදි මියන්මාරය යළි හමුදා පාලනයක් කරා යාමට ඉඩ ඇති තත්ත්වය තුළ ය. හදිසි තත්ත්වය සමගින් අවිනිශ්චිත අනාගතයකට මියන්මාරය මුහුණ දෙද්දී මින් අවුං හ්ලේයින්ග් සිය බලය තහවුරු කරගෙන ඇති අතර රටේ පාලනය ද සියතට ගෙන සිටී. - 'බීබීසී මොනිටරිං' (BBC Monitoring) අංශය විසින් සම්පාදනය කරන ලද ලිපියක් ඇසුරිණි -" -sri-lanka-43821884,https://www.bbc.com/sinhala/sri-lanka-43821884,ඇන්ජෙලෝ මැතිව්ස් මාස තුනකට පසු ක්‍රිකට් පිටියට,ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මාස තුනකට අධික කාලයකට පසු යලි පිටියට පිවිසීමට නියමිතය.,"""දැන් මම හොඳ ශරීර යෝග්‍යතාවයකින් පසු වෙනවා, පිතිකරුවෙක් ලෙස පමණක් මේ මුල් සංචාර කීපය ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා"" අප්‍රේල් 21 වෙනිදා ආරම්භ වීමට නියමිත අන්තර් පළාත් සිව්දින තරගාවලියේ තෙවෙන වටයේ තරග සඳහා ඔහු සහභාගී වනු ඇත. එම තරගාවලියේ මහනුවර කණ්ඩායමට ඇන්ජෙලෝ මැතිව්ස් නායකත්වය ලබා දෙන අතර ඔවුන් ගාල්ල කණ්ඩායම සමග සූරියවැව ක්‍රීඩාංගනයේදී තරග වැදීමට නියමිතය. ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකයා ලෙස 2018 වසර මුලදී නැවත පත්වූ ඇන්ජෙලෝ මැතිව්ස්, 2019 වසරේ ලෝක කුසලානය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ඇති බව ප්‍රකාශයට පත් විය. නමුත් ඉන් අනතුරුව අවස්ථා ගණනාවකදීම ආබාධයට ලක් වීම ���ේතුවෙන් ඔහුට සහභාගි වීමට හැකි වූයේ එක් එක්දින තරගයකට පමණි. මෙම වසර ඇතුළත ඔහු දැනට සහභාගී වී ඇත්තේ එක් තරගයක් සඳහා පමණි. එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් සංචාරයට සහභාගිවීම ඉලක්ක කරමින් ඇන්ජෙලෝ මැතිව්ස් දැන් පුහුණුවීම වල යෙදෙමින් සිටී. මේ තොරතුරුද දැනගන්න: ""දැන් මම හොඳ ශරීර යෝග්‍යතාවයකින් පසු වෙනවා. පිතිකරුවෙක් ලෙස පමණක් මේ මුල් සංචාර කීපය ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා"" යනුවෙන් ඇන්ජෙලෝ මැතිව්ස් බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේය. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මාධ්‍යට පවසා තිබුණේ මින්පසු ඇන්ජෙලෝ මැතිව්ස් පිතිකරුවකු ලෙස පමණක් ක්‍රීඩා කරනු ඇති බවය. එය නැවතත් ඔහුගේ පාදයේ අබාධය ඇතිවීම වැළැක්වීමට ගන්නා පියවරක් ලෙස ඔහු තවදුරටත් සඳහන් කර තිබිණි. තවත් තොරතුරු: 2013 සිට 2015 දක්වා ලෝකයේ වැඩිම තරග ගණනක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා ඇන්ජෙලෝ මැතිව්ස් වන අතර, මින් පසු ඔහු එක පෙලට තරගවලට යෙදවීමෙන් වළක්වන බව ලැබ්රෝයි පැවසීය. ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රී ලංකාවේ වත්මන් පන්දු යවන්නන් අතරින් පන්දු වාරයකට අඩුම ලකුණු සාමාන්‍යයක් ලබා දුන් පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක් වී ඇත කෙසේ නමුත් ඇන්ජෙලෝ මැතිව්ස් කියා සිටියේ මුල් සංචාර කීපයේ දී තමන් පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරන අතර ශාරීරික යෝග්‍යතාව අනුව පන්දු යැවීම පිළිබඳ පසුව තීරණයක් ගන්නා බවය. ලෝක කුසලාන තරගාවලියේදී පන්දු යවන්නෙකු ලෙස ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව ඔහු තවදුරටත් පැවසුවේය. ඇන්ජෙලෝ මැතිව්ස් පන්දු යැවීම තුළින් ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල දායකත්වයක් ලබා දී ඇති අතර, එය කණ්ඩායමේ සමබරතාව රැකීමට හේතු වී ඇත. ඔහු ශ්‍රී ලංකාවේ වත්මන් පන්දු යවන්නන් අතරින් පන්දු වාරයකට අඩුම ලකුණු සාමාන්‍යයක් ලබා දුන් පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක් වී ඇත." -world-52909487,https://www.bbc.com/sinhala/world-52909487,ජෝර්ජ් ෆ්ලොයිඩ්: ජනාධිපති ට්‍රම්ප්ට යුද හමුදාව යෙදවිය හැකි ද?,"එක්සත් ජනපදය පුරා විරෝධතා දියත් වෙද්දී, පවතින නොසන්සුන් තත්ත්වය අවසන් කිරීම සඳහා යුද හමුදාව යොදවන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනාත්මකව පවසා තිබිණි.","ඔහු කියා සිටියේ පවතින ගැටලු සහගත තත්ත්වය විසඳීමට එක්සත් ජනපදයේ නගර හා ජනපද අසමත්වේ නම් තමන් මෙම පියවරට යොමුවන බවය. එහෙත් ජනපද බලධාරීන්ගේ අවසරයකින් තොරව එසේ ෆෙඩරල් හමුදා එවීමේ බල��ක් ආණ්ඩුව සතුව නැති බව ජනපද ආණ්ඩුකාරවරුන් පිරිසක් පැවසූහ. ජනාධිපතිට එසේ හමුදාව යැවිය හැකිද? කෙටියෙන් කිවහොත්, ඔව් එසේ යැවිය හැකිය. ඒ ඇතැම් පසුබිම් තත්ත්ව මතය. දැනටමත් දහස් ගණනක් වූ සෙබළුන් පිරිසක් යොදවා ඇති අතර ඔවුන් නියෝජනය කරන්නේ එක්සත් ජනපද යුද හමුදාවේ අතිරේක හමුදාවක් වන ජාතික ආරක්ෂක බලමුළුව (National Guard) වේ. ජනපද 20 ට වැඩි ප්‍රමාණයක විරෝධතා මැඩ පැවැත්වීම සඳහා එම සෙබළු යොදවනු ලැබ සිටිති. එහෙත්, ඔවුන් එසේ යොදවනු ලැබුවේ අදාළ නගර හෝ ජනපදවල ඉල්ලීම මතය. කෙසේවෙතත්, 19 වෙනි සියවසේදී සම්මත කරන ලද එක්සත් ජනපද නීතියකින්, ජනපද බලධාරීන්ගේ අනුමැතියකින් තොරව මධ්‍යම ආණ්ඩුවට මැදිහත්විය හැකි අවස්ථා මොනවාදැයි පෙන්වා දී තිබේ. කිසියම් ජනපදයක පවත්නා තත්ත්වය මත එතුළ එක්සත් ජනපද නීති ක්‍රියාත්මක කිරීමට අපහසු වන්නේ යැයි හෝ පුරවැසි අයිතීන් තර්ජනයට ලක්වන්නේ යැයි ජනාධිපතිවරයා තීරණය කරන්නේ නම් ආණ්ඩුකාරවරුන්ගේ අනුමැතිය අවශ්‍ය නොවන බව කැරලි කෝළාහල පිළිබඳ පනතින් කියැවේ. ""ඉන්දියානුවන්ගේ ගැටුම්කාරී කැරලි කෝළාහල"" වලින් ආරක්ෂා කිරීම සඳහා සන්නද්ධ පිරිසක් කැඳවීමට ජනාධිපතිවරයා හට ඉඩ සලසමින් 1807 දී එම නීතිය සම්මත කෙරිණි. පසුව, අභ්‍යන්තර කැළඹීම්වලදී මෙන්ම සිවිල් අයිතීන් ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජනපද යුද හමුදාව උපයෝගි කරගැනීම දක්වා එම නීතිය දිගුවිය. ජාතික ආරක්ෂක බලමුළුවේ සෙබළුන් අභ්‍යන්තරව හමුදාව යෙදවීම සඳහා කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය යැයි දැක්වෙන නීතියක් 1878 දී සම්මත වුවද බීබීසී වෙත අදහස් දැක්වූ නීති විශාරදයෙකු පැවසුවේ හමුදාව යෙදවීම සඳහා ජනාධිපතිවරයාට හැකියාව ලබාදීමට ප්‍රමාණවත් නෛතික අධිකාරයක් කැරලි කෝළාහල පිළිබඳ පනත තුළ ම ඇති බවකි. දැනට පවතින තත්ත්වය තුළ ජනපදවල අනුමැතිය විමසීමකින් තොරව හමුදාව යෙදවීමේ නෛතික පදනමක් ජනාධිපතිවරයාට ඇති බව පුළුල් පිළිගැනීමට ලක්ව ඇත. ""ප්‍රධාන කාරණය"" මෙය යැයි පෙන්වා දෙමින් ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්ය රොබර්ට් චෙස්නි සඳහන් කළේ ""එය ජනාධිපතිවරයා ගත යුතු තීරණයක්. ආණ්ඩුකාරවරුන් ඔහුගෙන් උදව් ඉල්ලීම අවශ්‍ය වන්නේ නැහැ,"" යනුවෙනි. මීට පෙර මෙම නීතිය භාවිත කර තිබේද? කොංග්‍රස් පර්යේෂණ සේවයට අනුව කැරලි කෝළාහල පිළිබඳ පනත අතීතයේදී අවස්ථා ගණනාවකදී භාවිතයට ගෙන ඇතත් දශක තුනකට ආසන්න කාලයක් එය ක්‍රිය��ත්මක කර නැත. අවසන් වරට 1992 දී ජනාධිපති ජෝර්ජ් එච්ඩබ් බුෂ් විසින් එම නීතිය භාවිතයට ගනු ලැබුවේ ලොස් ඇන්ජලිස් හි ඇතිවූ වාර්ගික කැරැල්ල අතරතුරදීය. සිවිල් අයිතීන් පිළිබඳ උද්ඝෝෂණ මතුවූ 1950 සහ 1960 කාල තුළදී ජනාධිපතිවරුන් තුන්දෙනෙක් එම නීතිය භාවිත කළහ. ඒ සඳහා ජනපද ආණ්ඩුකාරවරුන් වෙතින් විරෝධය ද මතුවිණි. කළු සහ සුදු දරුවන් එක්ව ඉගෙනීම් කළ පාසලක හටගත් විරෝධතාවක් පාලනය කිරීම සඳහා 1957 දී අදාළ නීතිය භාවිත කරමින් හමුදාව යැවීමට පියවර ගැනීම හේතුවෙන් ජනාධිපති ඩ්වයිට් අයිසන්හවර් විරෝධතාවලට මුහුණ දුණි. 1960 වකවානුවෙන් අනතුරුව එම නීතිය සුලබව භාවිත නොකෙරිණි. කත්‍රිනා සුළි කුණාටුවෙන් අනතුරුව වඩා ක්‍රියාශීලීව හමුදා සහය ලබාගැනීමේ අරමුණින් 2006 දී එම නීතිය කොංග්‍රස් මණ්ඩලය විසින් සංශෝධනය කරනු ලැබීය. එහෙත් ජනපද ආණ්ඩුකාරවරුන්ගේ විරෝධය හමුවේ එම සංශෝධනය අවලංගු කෙරිණි. මෙම තොරතුරුද දැනගන්න: (බීබීසී රියැලිටි චෙක් හි ජේක් හෝර්ටන් සකස් කළ වාර්තාවක් ඇසුරිණි)" -140122_rajitha_india_fishermen,https://www.bbc.com/sinhala/sri_lanka/2014/01/140122_rajitha_india_fishermen,ඉන්දීය ධීවරයන් 'දිගටම අත් අඩංගුවට ගන්නවා',ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වන ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීම නතර නොකරන බව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි.,"ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මුහුද මැද දී අත් අඩංගුවේ සිටි ධීවරයෝ හුවමාරු කර ගත්හ ධීවර අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, ඉන්දු-ලංකා ධීවර ගැටළු සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් සමඟ පසුගිය සතියේ පැවැත්වූ සාකච්ඡාවල ප්‍රගතිය ප්‍රගතිය පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කරමින්. ""අපි සාකච්ඡා කරලා ආවට පස්සෙත් ඉන්දීය ධීවරයන් තවත් 500 ක් විතර නැවත පැමිණියා. ඊට පස්සේ මුල් දවස පහක් අත් අඩංගුවට ගත්ත. ඊට පස්සෙන්දා 25 ක් අත් අඩංගුවට ගත්තා,"" යනුවෙන්ද ඔහු කියා සිටියේය. ඉන්දීය ධීවරයන් එසේ අත් අඩංගුවට ගැනීම මගින් ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටළුවට තිරසාර විසඳුමක් ලබා දීමේ ඉදිරි සාකච්ඡාවලට කිසිදු බලපෑමක් නැතැයි සඳහන් කරන අමාත්‍යවරයා, තමිල්නාඩුවේ ධීවර සංගම් සහ ශ්‍රී ලංකාවේ ධීවර සංගම් අතර පැවැත්වීමට යෝජිත සාකච්ඡා සැලසුම් කළ පරිදි ලබන විසි හත් වැනිදා පැවැත්වෙන බවද ප්‍රකාශ කරයි. 'සැලකුවේ නෑ' මූලික සාකච්ඡාවල එකඟ වූ පරිදි අද වනවිට දෙපාර්ශවයම අත් අඩංගුවේ පසුවන සියලුම ධීවරයන් නිදහස් කරමින් පවතින බව පවසන අමාත්‍යවරයා, එහි යම් ප්‍රමාදයක් සිදු ව��යේ නම් එය සිදු වූයේ ශ්‍රී ලංකාව පාර්ශවයෙන් බවද සඳහන් කළේය. තමන්ට නිසි පරිදි නොසැලකූ බවට ධීවරයන් නගන චෝදනා අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කරයි ""දැන් අවශ්‍ය අයට යාත්‍රා අරගෙනම පැමිණෙන්න කටයුතු සලස්සල තිබෙනවා,"" යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය. අන් රටවල මුහුදු සීමාවලට ඇතුළු නොවන මෙන් ශ්‍රී ලාංකික ධීවරයන්ගෙන් ඉල්ලා සිටින අමාත්‍ය රාජිත සේනාරත්න, එලෙස නීති විරෝධී ලෙසින් වෙනත් රටවල මුහුදු සීමාවට ඇතුළු වන ශ්‍රී ලාංකික ධීවරයන් පිළිබඳව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සලකා බලන බවද කියා සිටියේය. ඉන්දීය බලධාරීන් තමන්ට නිසි පරිදි නොසැලකූ බවටත්, ශ්‍රී ලංකාවේ බලධාරීන් තමන් ගැන සොයා නොබැලූ බවටත් ඇතැම් ධීවරයන් එල්ල කරන චෝදනාව අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කරයි. ""හිරගෙදර වෙනම කුස්සියක් හදල දුන්න අපේ කෑම කන්න. ඔය මාධ්‍යයට නොයෙකුත් දේවල් කියනවා උද්දීපනය කරන්න."" ශ්‍රී ලාංකික ධීවරයන්ට ඉන්දීය මුහුද හරහා නොගොස් මාලදිවයින හරහා අරාබි මුහුදට ඇතුළු වීමට හැකි වන වැඩපිළිවෙලක් පිළිබඳව මේ දිනවා ශ්‍රී ලංකාවට පැමිණ සිටින මාලදිවයිනේ ජනාධිපතිවරයා සමඟ තමන් සාකච්ඡා කළ බවද ඔහු සඳහන් කළේය." -140126_lanka_east_discrimination,https://www.bbc.com/sinhala/sri_lanka/2014/01/140126_lanka_east_discrimination,නැගෙනහිර බඳවා ගැනීම්වලදී 'වාර්ගික වෙනස්කම්',නැගෙනහිර පළාතේ පරිපාලන සේවා පත්වීම් ලබාදීමේදී දෙමළ අයදුම් කරුවන් සැලසුම් සහගතව නොසලකා හැර ඇතැයි දෙමළ ජාතික සන්ධානය චෝදනා කරයි.,"'වාර්ගික පදනමින් බැලීම මානව හිමිකම් උල්ලංඝනයක්' දිස්ත්‍රික් මට්ටමේ වාර්ගික අනුපාත පදනමෙන් කළමනාකාර සහායක සේවයට පත්වීම් ලබා දෙන බව පළාත් සභාව විසින් පළ කරන ලද පුවත්පත් දැන්වීමේ සඳහන් කොට තිබුණි. කෙසේ නමුත් තරඟ විභාගයෙන් අනතුරුව පැවති සම්මුඛ පරීක්ෂණයේදී ප්‍රමාණවත් ලකුණු ලබාගෙන සිටි දෙමළ ජාතිකයන් නොසලකා හැර ඇති බවයි, නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ආර් තුරෙයිරත්නම් බීබීසී සංදේශයටකියා සිටියේ. උදාහරණයක් ලෙස ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මුස්ලිම් සියයට හතලිහක්ද, දෙමළ සියයට තිස් එකක්ද, සිංහල සියයට විසි හතක්ද වශයෙන් වාර්ගික අනුපාතය බෙදී යන නමුත්, තරඟ විභාග ප්‍රතිඵල අනුව ඉහලින් ලකුණු ලබාගෙන සිටි දෙමළ ජාතිකයන් 273 න් එක් අයකු හෝ සම්මුඛ පරීක්ෂණයට කැඳවා නැති බවද ඔහු පවසයි. දක්ෂතා පදනමින් එහෙත් මුස්ලිම් අපේක්ෂකයන් 172 අතරින් 115 දෙනකුද, සිංහල අපේක්ෂකයන් 184 අතරින් 40 ��ෙනකුද තේරී පත් වී සිටී. මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලද පවතින්නේ ඒ හා සමාන තත්වයක් බව ආර් තුරෙයිරත්නම් මන්ත්‍රීවරයා පැවසීය. ""වාර්ගික අනුපාත සමාන කිරීමට මෙවැනි දේ කරන බව ඇතැම් ඉහල නිලධාරීන් අපට කිවුව. ඒත් පසුගිය කාලයේ පත්වීම් දීල තියෙන්නේ වාර්ගික අනුපාත පදනමින් නමෙයි, දක්ෂතා පදනමින්,"" යනුවෙන්ද ඔහු පැවසීය. ""විභාගයේදී වැඩියෙන් ඉහල ලකුණු ලබාගෙන තිබෙන්නේ දෙමළ අපේක්ෂකයන්. දක්ෂතා පදනමින් තෝරාගත් අයව වාර්ගික පදනමින් බැලීම පිළිගත නොහැකි, මානව හිමිකම් උල්ලංඝනයක් විදියටයි දෙමළ ජාතික සන්ධානය සලකන්නේ."" ලබන අඟහරුවාදා පැවැත්වීමට නියමිත නැගෙනහිර පළාත් සභා රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් බවද පළාත් සභා මන්ත්‍රීවරයා සංදේශයට පැවසීය. අදාළ කරුණ පිළිබඳව තමන් දැනුවත්ව නොසිටි බවයි, මේ පිළිබඳව විමසූ විට නැගෙනහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය එම්අයිඑම් මන්සූර් සංදේශයට කියා සිටියේ. තමන්ට අසාධාරණයක් වී ඇති බවට කිසිවෙකු පැමිණිලි කළ හොත්, එයට මැදිහත් වී සහනයක් ලබා දීමට සූදානම් බවත් ඔහු සඳහන් කළේය. ""තුරෙයිරත්නම්ගේ යෝජනාව හරි නම් අපි ඔහුට සහාය දෙන්න සූදානම්. අසාධාරයක් වුනා නම් ලිඛිත ව පැමිණිලි ඉදිරිපත් කරන්න කියන්න. මම යුක්තිය ඉටු කර දෙන්නම්. ඒක ආණ්ඩු පක්ෂයේ අතෘප්තියට හේතු වුනත්, අපි යුක්තිය වෙනුවෙන් හඬ නගනවා,"" යනුවෙන් පළාත් ඇමතිවරයා සඳහන් කළේය. නැගෙනහිර පළාත් සභා රැස්වීමේදී අදාළ ගැටලුවට යහපත් ප්‍රතිචාරයක් නොලැබුනහොත්, යුක්තිය ඉල්ලා අධිකරණයේ පිහිට පැතීම හැර වෙනත් මාර්ගයක් නැතැයිද ඔහු සඳහන් කළේය." -140516_modinew,https://www.bbc.com/sinhala/world/2014/05/140516_modinew,මෝඩි: ආදරයට හා අප්‍රසාදයට ලක් නායකයා,අගමැති ධුර අපේක්ෂකයා ලෙස භාරතීය ජනතා පක්ෂයෙන් මහා මැතිවරණයට තරඟ කල නරේන්ද්‍ර මෝඩි මෙවර මැතිවරණයේ තීරණාත්මක දේශපාලන නායකයා හැටියටයි හැදින්වෙන්නේ.,"ජනතාවගේ ආදරයටත් පිළිකුලටත් එක හා සමාන ලෙස ලක් වූ නායකයෙක් නරේන්ද්‍ර මෝඩි. ඔහු මහා මැතිවරණයට තරඟ කළේ එක තැන පල් වෙන ඉන්දියානු ආර්ථිකය පණ ගන්වමින් රැකියා අවස්ථා උදා කර දෙන බවට පොරොන්දු වෙමින්. සංවර්ධනය සහ වෙළඳ කර්මාන්ත වෙනුවෙන් පෙනී සිටින නායකයෙක් ලෙස තමන් හුවා දක්වන මෝඩි තම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දී නාගරික මධ්‍යම පන්තියේ මෙන් ම ග්‍රාමීය ජනතාවගේ ද ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූ දේශපාලනඥයෙක්. ඔහු කෙරෙහි ���ැබූ බලාපොරොත්තු සහ අනාවැකි අභිබවා ගිය අති විශිෂ්ට මැතිවරණ ජයග්‍රණයක් දිනා ගැනීමට මෝඩි සමත් ව සිටියි. මැතිවරණ වේදිකාවේ දී අනාගත අගමැතිවරයා ලෙස පෙනී සිටීමට උත්සාහ කළ මෝඩි උරුම කියන්නේ මතභේදකාරී ඉතිහාසයකටයි. 2002 වසරේ ගුජරාටයේ පැතිර ගිය හිංදු මුස්ලිම් කෝලාහල මැඩපැවැත්වීමට මැදිහත් නොවූ මතභේදකාරී ප්‍රාදේශීය නායකයෙක් හැටියට යි එකල ඔහු විවේචනයට ලක් වුනේ. නරේන්ද්‍ර මෝඩි ඉතා වෙහෙස මහන්සි වී කටයුතු කරන, අනුකම්පා විරහිත, තම පාක්ෂිකයන්ගේ පවා විරුද්ධ මත පිළිනොගන්නා, උන්නතිකාමී නායකයෙක් බවයි වාර්තාකරුවෝ පවසන්නේ." -world-43106236,https://www.bbc.com/sinhala/world-43106236,හිතට දැනෙන උපහාසයක්; කවියා ඉලන්ගෝගේ අමුතු සිතුවම් පෙළ,පුටු ඇන්දක් මත හිඳ ගත් තරුණ කාන්තාවක් අධෝවාතයක් පිටකරන සිතුවමක් 'ඉන්ස්ටර්ග්‍රෑම්' මාධ්‍යය ජාලයේ දක්නට ලැබෙයි.,"ප්‍රසිද්ධියේ කතා නොකරන ""අප්‍රසන්න සිරිත්"" කවියා ඉලන්ගෝ විසින් මෙසේ සිත්තම් කර ඇත ""අප්‍රසන්න සිරිත්"" ලෙස පවතින සමාජ සම්මතයන් සිය සිතුවම් නිර්මාණය කිරීමට හේතු වූ බව කවියා ඉලන්ගෝ (Kaviya Ilango) බීබීසී මාධ්‍යවේදිනී කෘතිකා පාති (Krutika Pathi) සමඟ පැවසුවාය. ""මිනිස්සු උපදෙස් දෙනවා ඔබේ කුණු රෙදි ප්‍රසිද්ධියේ පෙන්වන්න එපා කියල, හැබැයි ඒකාකාරී බවෙන් මිදෙන්න මේ වගේ චිත්‍ර ඉතා බලවත් මාධ්‍යයක් බව මට අවබෝධ වුණා"" යැයි කවියා ඉලන්ගෝ පවසන්නීය. උපහාසාත්මක මෙන්ම සිතට තදින් දැනෙන ඇයගේ සිතුවම්වලට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මහත් ප්‍රතිචාරයක් ලැබෙමින් ඇත. ඇය සිය නිර්මාණ නම් කරනු ලැබ තිබෙන්නේ ""සහස්‍රයේ ප්‍රශ්න"" ලෙසයි. ""රෝස පැහැති උපැස් යුවළක්"" තුළින් ජීවිතය දෙස බලන බොහෝ සමාජ ජාල භාවිතා කරන්නන් අතර, ඇත්ත ඇති සැටියෙන් පෙන්වන සිතුවම් ප්‍රචාරය කිරීම ඇයගේ බලාපොරොත්තුවය වී ඇත. වර්ණ ගන්වන ලද 'සෙල්ෆි' ඡායාරූප සහ විදෙස් රටවල සංචාරයේ යෙදෙමින් එම ස්ථාන සමාජ මාධ්‍ය ජාලවල පළ කිරීමට අමතරව මෙවැනි අපහසු මාතෘකා පිළිබදව සිතන්නට යොමු කිරීම ඇයගේ අපේක්ෂාව වෙයි. ඇයගේ බොහෝ සිතුවම්වල දැක්වෙන්නේ දුඹුරු පැහැති සමක් සහ රෝම පිරුණු අත් පා ඇති කාන්තාවන්ය. කාන්තා ශරීරයේ හැඩය සහ පෙනුම පිළිබදව රූපලාවන්‍යය කේෂ්ත්‍රයේ මෙන්ම සමාජ මාධ්‍ය ජාල තුළ ඇති විවිධ මත නිසා දැනෙන අනාරක්ෂිතභාවය චිත්‍රයකින් ඉස්මතු කර පෙන්වීමට ඇය උත්සාහ කරයි. කාන්තාවකගේ ශරීරයේ විවිධ ස්ථාන රතු පැහැති ඉරි මගින් පෙන්වා දෙන සිතු���මක් ඇත. එම කාන්තා රූපයේ කලවා ""බියොන්සේගේ කලවා"" ලෙස නම් කර ඊට පහතින් අකැමැති බව පෙන්වන ලකුණක් යොදා ඇත. ඇයගේ බොහෝ සිතුවම්වල දැක්වෙන්නේ දුඹුරු පැහැති සමක් සහ රෝම පිරුණු අත් පා ඇති කාන්තාවන්ය ඉහත සිතුවමේ දැක්වෙන කාන්තාවගේ නාසය මෙලනියා ට්‍රම්ප්ගේ නාසයටද, කිහිලි ප්‍රියංකා චොප්රාගේ කිහිලිවලටද, තට්ටම් කිම් කාඩේශියන්ගේ තට්ටම්වලටද, ඇස් ආලේපන කාජල්ටද ඇහි බැම පද්මාවතීට මෙන්ම අනෙකුත් ශරීර කොටස් සියල්ලත් එවැනි ජනප්‍රිය කාන්තා චරිතවලට සමාන කරමින් සිතුවම් කරනු ලැබ ඇත. එසේම ඒවාට ඇති අකැමැත්ත හස්ත සඥාවක් මගින් සංකේතවත් කරනු ලැබ ඇත. ""මගේ පෞද්ගලික විශ්වාසය නම් මේ වගේ 'අප්‍රසන්න' මාතෘකා ගැන අපක්ෂපාතී සහ විෂය මූලික කර ගත් සංවාද ගොඩනැගීමෙන් මේවා සමාජයේ සාමාන්‍ය දේවල් බවට පත් වෙනවා වගේම, සමහර වෙලාවට අධෝවාත පිටකරනවා වගේ 'දඟකාර සිරිත්' ගැන කතා ද ඇතුළත් වෙන්න ඕන"" ඇය කියා සිටින්නීය. තනිකම සහ මානසික රෝග වැනි අසතුට දනවන පෞද්ගලික ප්‍රශ්න ද සිත්තම් කර පෙන්වීමට කවියා ඉලන්ගෝ සමත් වී ඇත. ""දුක, අහිමිවීම, මානසික ආතතිය සහ තනිකම වැනි දේ වගේම නොයෙකුත් ඇබ්බැහිවීම් ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම තවමත් අපව දැඩි අපහසුතාවට පත් කරනවා"" යැයි ඇය පැවසුවාය. තනිකම සහ මානසික රෝග වැනි අසතුට දනවන පෞද්ගලික ප්‍රශ්න ද සිතුවම් කර පෙන්වීමට කවියා ඉලන්ගෝ සමත් වී ඇත #100daysofdirtylaundry (කුණු රෙදි සේදීමේ දින සියය යන තේරුම) නමින් ව්‍යාපෘතියක් ආරම්භ කරමින් කාන්තාවන්ගේ මාසික ශුද්ධිය වැනි ප්‍රසිද්ධියේ කතා නොකරන මාතෘකා මෙන්ම රූපවාහිනී නාට්‍යය වැඩසටහන් සහ සමාජ මාධ්‍ය ජාලවලට ඇති ඇබ්බැහිවීම පිළිබදව සංවාදයක් ගොඩනැගීමට ඉලන්ගෝ සමත්ව ඇත. ""මම මුලින් හිතුව ආකාරයට උපහාසාත්මක චිත්‍ර ඇතුළත් මෙම ව්‍යාපෘතිය දින 100 කින් සමාජ ජාල තුළ රැල්ලක් ඇති කිරීමට සමත් වුණා"" ඇය පැවසුවාය. ඇය විසින් නිර්මාණය කරන ලද උපහාසාත්මක සහ හාස්‍යජනක සිතුවම් අතර, ""සදහටම අන්තර්ජාලයේ"" සිටින්නන් ලෙස හඳුන්වන වර්තමාන පරපුර මුහුණ දෙන මානසික පීඩනය පිළිබඳව ද ඇතුළක් කර ඇත. බොහෝ විට ඇය යොදන ශීර්ෂ පාඨවලට පාදක වන්නේ ජංගම දුරකථන සහ සමාජ ජාල තුළ සිර වී අතොරක් නැතිව ඉහළ පහළ යන වර්තමාන මිනිසුන් පිළිබඳවය. බොහෝ විට ඇයගේ චිත්‍රවලින් පිළිබිඹු වන්නේ අනතර්ජාලයේ සිටීමෙන් ඇතිවන මානසික ආතතිය පිළිබඳවය නොයෙකුත් වෙබ් අඩවි සහ 'බ්ලොග්' භාවිතයෙන් මෙවැනි ප���‍රශ්න ගැන සාකච්ඡා කිරීමට උත්සාහයක යෙදෙන අතර, ""වර්තමාන පරපුර මේ වගේ අඳුරු, 'සහස්‍රයේ' ප්‍රශ්න ගැන කතා කරන්නේ memes (මෙමේස්- හාස්‍ය උත්පාදක මුහුණු) යොදා ගනිමින්, හාස්‍යජනක රග දැක්වීමකින්, හාස්‍යය දනවන චිත්‍රයකින් හෝ විහිළු පළ කරන ෆේස්බුක් පිටුවකින්"" යැයි ඇය සඳහන් කළාය. ඇය මෙම චිත්‍ර පෙළ ""හිතට දැනෙන උපහාසයක්"" ලෙස හඳුන්වයි අන්තර්ජාලයේ සැරිසැරීම තුළින් ලද අත්දැකීම් ඇය මෙසේ සිතුවමට නගන අතර එම චිත්‍ර ප්‍රසිද්ධ කිරීමට සමාජ මාධ්‍ය ජාල කදිම තෝතැන්නක් වී ඇත. ඉලන්ගෝ පවසන්නේ ""සමාජ මාධ්‍ය ජාල නිෂ්ඵල දෙයක් ලෙස හැඳින්වුවත්, එය තම අත් දැකීම් බෙදා ගන්න පුළුවන් ඉතා බලගතු මාධ්‍යයක්"" බවය. ජීවිතයේ ""ඍනාත්මක දේවල් ගැන"" අවධානය යොමු කිරීම පිළිබදව ඇයට චෝදනා එල්ල වුවත්, බොහෝ දෙනෙක් ඇයගේ මෙම ක්‍රියාව අගය කරති. ""අන්තර්ජාලය ඔස්සේ මාත් සමග සම්බන්ධ වන අමුත්තන් හුඟ දෙනෙක් ඔවුන්ගේ ජීවිත මගේ චිත්‍රවල දැක්වෙනවා වගෙයි කියල පවසනවා. එයින් හැඟී යන්නේ බොහෝ දෙනෙකුගේ සිතුවිලි සහ අත් දැකීම් එක හා සමාන වන බවයි."" ඉලන්ගෝ තව දුරටත් පැවසුවාය. මේ තොරතුරුද කියවන්න:" -sri-lanka-41029175,https://www.bbc.com/sinhala/sri-lanka-41029175,"නව නාවික හමුදාපති ""ඇමෙරිකානු ඒජන්තයෙක්"" ද?",තිස් පස් වසරක් රට වෙනුවෙන් යුද්ධ කළ තමා ඇමරිකානු ඒජන්තවරයෙක් කරගැනීම පහසු කාර්යක් නොවන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා පවසයි.,"වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා - නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා ඒ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ 21 වෙනි නාවික හමුදාපතිවරයා ලෙස රාජකාරි ආරම්භකිරීමෙන් අනතුරුව ප්‍රථම වරට මාධ්‍ය අමතමිනි. ඔහු නව පදවියට පත්කිරීමත් සමග ඔහු ඇමරිකානු ඒජන්තවරයෙකු බවට ඒකාබද්ධ විපක්ෂය ඔහුට චෝදනාවක් එල්ල කළේය. බදාදා (අගෝස්තු 23) කොළඹ නාවික හමුදා මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී බීබීසී සිංහල සේවය ඒ පිළිබඳව නැගු ප්‍රශ්නයට පිළිතුරු දුන් නාවික හමුදාපතිවරයා: ""අපි අවුරුදු 35ක් මේ රටට යුද්ධ කරපු කට්ටිය. අපිව එච්චර ලේසියෙන් හරවන්න වෙන්නේ නැහැ,"" යනුවෙන් සඳහන් කළේය. පසුගිය ආණ්ඩුව සමයේ ඇතිවූ ගැටලුකාරී තත්වයක් හේතුවෙන් නාවික හමුදාව හැර ගිය වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා, පසුව නව ආණ්ඩුව සමයේ නැවත නාවික හමුදාවට එක්විය. පාවෙන අවි ගබඩා නාවික හමුදාව පවසන අන්දමට යුද සමයේ කොටි සංවිධානයේ පාවෙන අවි ගබඩා ��ිනාශ කිරීමේ මෙහෙයුම්වලට නායකත්වය දී තිබෙන්නේ ඔහුය. යුද ගැටුම් සමයේ සක්‍රිය මෙහෙයුම් සඳහා දායක වූ ජ්‍යෙෂ්ඨතම නාවික හමුදා නිලධාරියා ද ඔහුය. එසේ තිබියදී නාවික හමුදාව හැරයාමට සිදුවූයේ ඇයි දැයි විමසූ විට ඔහු කියා සිටියේ එය අතීතයට අදාළ කරුණක් බවය. ""ඒකට කොමිසමක් තිබුණා. කොමිසම අපිව නැවත පත්කළා. මම හිතනවා ඒක අපේ කර්මය කියලා."" ඇමරිකානු පැසිෆික් කොමාන්ඩ් හි සේවය කළ අවස්ථාවේ ද තමන්ට නියමිතව තිබුණේ ශ්‍රී ලංකාවට අවශ්‍ය බඩු භාණ්ඩ, පුහුණුවීම් හා බිම් බෝම්බ ඉවත්කිරීම වැනි ""අපේ හමුදාව දියුණුවන දේ"" බව ඔහු පැවසීය. ""මම තීරණයක් ගත්තා. මම වැඩකරන්නේ අපේ හමුදාවේ හා අපේ රටේ දියුණුවට කියලා මම එතන වැඩ කළත්."" පුද්ගලයන් පැහැර ගැනීම් යුද සමයේ ක්‍රියාන්විත පිළිබඳව නැගුනු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, සිය පවුලට එල්ටීටීඊ සංවිධානයෙන් එල්ල වූ තර්ජන හේතුවෙන් මේ කිසිදු ක්‍රියාන්විතයක ඔහුගේ නම සඳහන් නොවූ බවයි. ""ඒ තර්ජන හින්ද තමා මගේ නම කියවුනේ නැත්තේ කවදාවත්. මොකද ඒ මෙහෙයුම් යන කොට මගේ බිරිඳටයි ළමයින්ටයි ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේ ගොඩක් අය ඉන්නවා යුද බිමේ හිටපු. ඒ කට්ටියගේ නම් කොහෙවත් ලියලත් නැහැ, කියලත් නැහැ, කවුරුත් දන්නෙත් නැහැ."" ධුරයට පත් වකවානුවේ මාධ්‍ය ඇමතු හිටපු නාවික හමුදාපති සින්නයියා සබැඳි යොමු: පුද්ගලයන් පැහැරගැනීම් වැනි නාවික හමුදාවට එල්ල වී තිබෙන බරපතල චෝදනා පිළිබඳව විමසූ අවස්ථාවේ නව නාවික හමුදාපතිවරයා කියා සිටියේ, ""ඔබ මොන තරම් වීරයෙක් වුනත් ඔබට අපරාධ කරන්න අයිතියක් නැහැ,"" යනුවෙනි. අධිකරණයක් මගින් වැරදිකරු බව තීරණය කෙරෙන කිසිදු නිලධාරියෙකුට කිසිම සමාවක් නොදෙන බව පැවසූ නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා, ඔහු යුද්ධයේ හොඳම වීරයා වුවත් ප්‍රශ්නයක් නොවන බව අවධාරණය කළේය. මෙම නිල ඇඳුම ඇදීම නිසා තමන්ට මිනී මැරීමට, අපරාධ කිරීමට හෝ කිසිවකු වද හිංසාවලට ලක් කිරීමට අයිතියක් ලබා නොදෙන බව ඔහුගේ අදහසය. ඇවන්ගාඩ් ව්‍යාපාරය පිළිබඳව නැගුනු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ නාවික හමුදාව විසින් සාර්ථකව පවත්වාගෙන ආ ව්‍යාපාරයක් ඒ අවස්ථාවේ කුඩා ආරක්ෂක සමාගමක් වූ ඇවන්ගාඩ් ව්‍යාපාරයට බන්දෙසියක දී ලබාදීමක් පසුගිය කාලයේ සිදු වූ බවයි. දැන් නැවත එම ව්‍යාපාරය නාවික හමුදාව විසින් සාර්ථකව පවත්වාගෙන ගොස් එහි ආදායම රජයට ලබාදෙන බව ඔහු සඳහන් කළේය. ඇවන්ගාඩ් සමාගම මෙන් නාවික හමුදාව ආදායම් නොලබන බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කළ නාවික හමුදාපතිවරයා, ""අපි කරන්නේ මුහුදු ආරක්ෂක සේවාව විතරයි. මොකද මේක නාවික හමුදාවක්. අපිට බැහැ නවාතැන් පහසුකම්, විනෝද සේවා කටයුතු සපයන්න. ඒවා දැන් අනිකුත් සමාගම් කරනවා,"" යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළේය." -sport-36996926,https://www.bbc.com/sinhala/sport-36996926,අලි මිනිස් කරුණාව,හම්බන්තොට සූරියවැව මහ අලුත්ගංආර ප්‍රදේශයේ වගා ජලය ලබා ගන්නා වලක වැටී සිටි වයස අවුරුදු 30 ක පමණ ඇතින්නක හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීහු සහ ප්‍රදේශවාසීහු එක්ව බේරා ගනිති.,ප්‍රදේශවාසියකුගෙන් ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් සිකුරාදා සවස හතරට පමණ එම ස්ථානයට ගිය අතර පසුව ප්‍රදේශවාසියන්ගේද සහයෝගය ඇතිව පැය තුනක පමණ මෙහෙයුමකින් පසු ඇතින්න වලෙන් ගොඩ ගැනීමට හැකි වී තිබේ. මේ දිනවල හම්බන්තොට ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණික තත්වය හමුවේ කැලෑ ප්‍රදේශ තුළ පිහිටි කුඩා වැව් සහ දිය ආරවල් සිඳී යාම හේතුවෙන් වන සතුන් ජලය සොයා නොයෙක් ප්‍රදේශ තුළ සැරිසරන බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීහු පවසති. හම්බන්තොට ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා කැලෑ හෙලි පෙහෙළි කිරීම නිසා ජල මූලාශ්‍ර සිඳී ගොස් වන සතුන්ට ජලය හිඟ වී ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති. ඒ හේතුවෙන් ගම් වදින වන අලින්ගෙන් ජීවිත තර්ජන එල්ල වන බවටත් සිය වගා විනාශ කරන බවටත් ප්‍රදේශවාසීන් මැසිවිලි නගන බවයි රාහුල් සමන්ත හෙට්ටිආරච්ච් බීබීසී සිංහල සේවයට වාර්තා කළේ. ''මම පුංචි කාලේ ඉඳලා මෙහෙ ජීවත් වෙනවා. මට දහ වතාවක් විතර අලි ගහන්න හැදුවා. මගේ වගාවන්ට පැනල ඒවා කනවා. ඒත් කවදාවත් අපි අලින්ට හිංසා කරලා නෑ. මොකද මම දන්නවා උන්ට දැන් ඉන්න තැනක් නැති බව. හැම තැනම කැලෑ සුද්ද කරලා සංවර්ධනය කරනවා. එතකොට ඒ අලි ගම් වදිනවා.'' ''මේ වලේ වැටුන අලියත් මීට දවස් දෙකකට කලින් මගේ වගාවට පැනලා වගාව කාලා මගේ පස්සෙනුත් එලවාගෙන අවා. ඒ සතා බේර ගන්න තමයි මම මේ උදව් කළේ'' ප්‍රදේශවාසියකු වන ඒ.පී නිහාල් කියා සිටියේය. -sri-lanka-39705083,https://www.bbc.com/sinhala/sri-lanka-39705083,ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැන මේ කරුණු දැන සිටියාද?,ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබාදීමට සැරසෙන බවට චෝදනා කරමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් සඳුදා (අප්‍රේල් 24) දියත්කළ වැඩවර්ජන�� හේතුවෙන් රටපුරාම ඉන්ධන බෙදාහැරීම ඇණහිට තිබුණි.,"ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි විකුණන්නේ නෑ - චන්දිම තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීමේ කිසිදු සූදානමක් නැති බවට විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් ප්‍රසිද්ධියේ ප්‍රතිඥා දුන්නත්, සඳුදා රාත්‍රියේ අගමැති රනිල් වික්‍රමසිංහ මුණගැසෙන තුරුම වර්ජනය අත්හැරීම සේවකයෝ ප්‍රතික්ෂේප කළහ. එම සාකච්ඡාවේදී අගමැතිවරයා ලබාදුන් ලිඛිත පොරොන්දුවකින් අනතුරුව වර්ජනය අත්හැරීමට වෘත්තීය සමිති තීරණය කළහ. අගමැතිවරයාගේ පොරොන්දුව කුමක්ද? සිය ඉන්දීය සංචාරයේදී ඉන්දියාව තෙල් ටැංකිවලට අදාළ කිසිදු ගිවිසුමකට නොඑළඹෙන බවට අගමැතිවරයා වෘත්තීය සමිතිවලට ප්‍රතිඥාවක් දී තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ අඟහරුවාදා (අප්‍රේල් 25) ඉන්දියාවේ සංචාරයක් ආරම්භ කළේය. අගමැතිවරයාගේ සංචාරයෙන් අනතුරුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි මැයි මස මුල භාගයේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිත අතර, එහිදී දෙපාර්ශවය අතර ගිවිසුම් ගණනාවකට අත්සන් තැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවල ඉතිහාසය කවරක්ද? පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් නිර්මාණය කරන ලද තෙල් ටැංකි සංකීර්ණය මුලින් ටැංකි 101 න් සමන්විතවූ අතර දැන් එයින් ඉතිරිව තිබෙන්නේ 99 ක් පමණි. එය ඛනිජ තෙල් ගබඩා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව තිබෙන එකම තෙල් ටැංකි සංකීර්ණය වේ. ජනාධිපති ජේආර් ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි විසින් 1987 දී අත්සන් තබන ලද ඉන්දු ලංකා ගිවිසුම ප්‍රකාර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියාව හැර වෙනත් කිසිදු රටක් සමග ගනුදෙනු නොකිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටී. අගමැති රනිල් වික්‍රමසිංහ අඟහරුවාදා (අප්‍රේල් 25) ඉන්දියාවේ සංචාරයක් ආරම්භ කරයි (සංරක්ෂිත ඡායාරූපයක්) දෙමළ කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව, 2003 දී අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ පාලනය ඉන්දීය ඛනිජ තෙල් (IOC) සමාගම සමග ගිවිසුමකට අත්සන් තැබුවේය. එම ගිවිසුම ප්‍රකාර, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 වසර 37 ක කාලයක් සඳහා බදු දීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් තුනෙන් එකක් ඉන්දීය සමාගමට පැවරිණි. එවක් පටන් IOC සමාගම භාවිත කර තිබෙන්නේ ඒ අතරින් ටැං��ි 14 ක් පමණි. වෘත්තීය සමිතිවල මතය ඒ අවස්ථාවේ අගමැතිවරයා එවැනි ගිවිසුමකට අත්සන් තැබීමේ අවශ්‍යතාව නොතිබුණ බව පවසන ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අසෝක රන්වල, එවක ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඒ පිළිබඳව සිය විරෝධය ලිඛිතවම දන්වා තිබෙන බව ද බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය. එමෙන්ම අදාළ ගිවිසුම බලාත්මක වූයේ අත්සන් තැබීමෙන් මාස හයකට පසුව බැවින් නීතිය හමුවේ එය වලංගු නොවන බව වෘත්තීය සමිති නායකයාගේ තර්කය වේ. කෙසේ නමුත් ඉන්දීය සමාගම මෙතෙක් එම ටැංකි භුක්ති විඳ තිබෙන බැවින් ගිවිසුමේ කාලය අවසාන වනතුරු ඉන්දීය සමාගම දිගටම එම ටැංකි භාවිත කිරීම පිළිබඳව සිය විරෝධයක් නොමැති බවත් ඔහු සඳහන් කරයි. එසේ නම් ඇයි මේ විරෝධය ? IOC සමාගම දැනට භාවිත නොකරන තෙල් ටැංකි 85 යළි භාවිතයට ගැනීමට පෙර පූර්ණ අලුත්වැඩියාවක් කළ යුතුව තිබෙන බව ඒඑෆ්පී පුවත් සේවයේ කොළඹ ප්‍රධානී අමල් ජයසිංහ පෙන්වාදෙයි. එහෙත් ටැංකි 16 ක් සුළු අලුත්වැඩියාවකින් අනතුරුව භාවිත කළ හැකි මට්ටමේ පවතින බව ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපතිවරයාගේ මතයයි. රුපියල් මිලියන 50 ක පමණ මුදලක් ඒ සඳහා වැය වනු ඇති බව පවසන ඔහු, ඉන් අනතුරුව ක්‍රමානුකූලව අනෙක් ටැංකි අලුත්වැඩියා කළ හැකි බව බීබීසී සිංහල සේවයට පැවසීය. එබැවින් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි කළමනාකරණය කිරීම පිණිස ඉන්දියාව සමග හවුල් ගිවිසුමකට අත්සන් තැබීමෙන් ශ්‍රී ලංකාවට කිසිදු ආර්ථික වාසියක් අත්නොවන බව වෘත්තීය සමිතිවල මතය වී ඇත. එම ටැංකිවල අයිතිය ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පවරන මෙන් ඉල්ලා සිටින වෘත්තීය සමිති, එය ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලා එන ලාභදායී ව්‍යාපාරයක් බවට පත්කිරීමට තමන්ට හැකියාව තිබෙන බව අවධාරණය කරයි. ආණ්ඩුවේ මතය කුමක්ද? ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවලින් වැඩි ප්‍රමාණයක් ඉන්දු-ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වා ගැනීම පිණිස IOC සමාගම සමග නව ගිවිසුමකට අත්සන් තැබීම ආණ්ඩුවේ උත්සාහය වී ඇත. IOC සමාගම සමග දැනට පවතින ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට වසරකට ඩොලර් ලක්ෂයක මුදලක් ලැබෙන අතර, නව ගිවිසුම මගින් එම ආදායම ඉහළ යනු ඇති අතරම ටැංකි අලුත්වැඩියාව පිණිස වැයවන මුදල ද ශ්‍රී ලංකාවට පමණක් දරාගැනීමට සිදු නොවන බව ආණ්ඩුවේ ස්ථාවරය වේ. නව ගිවිසුම කෙතරම් කාලයක් සඳහා බලාත්මක වන්නේද යන්න පිළිබඳව තවමත් අවසන් තීරණයකට එළඹී ���ැත. පැරණි ගිවිසුමේ නීත්‍යානුකූලභාවය පිළිබඳව ඇතැම් ගැටළු පවතින නමුත් 2003 සිට මේ දක්වා පැවති සෑම පක්ෂයටම අයත් ආණ්ඩු IOC සමාගමෙන් වසරකට ඩොලර් ලක්ෂයක ආදයමක් ලබාගෙන තිබෙන බව විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය. ඒ අනුව දැනට IOC සමාගම යටතේ පවතින ටැංකි 15 දිගටම එම සමාගමට බදු දීමටත්, ටැංකි 10 ක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සමාගමට පැවරීමටත්, ඉතිරි ටැංකි 74 IOC සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සමාගම හවුලේ කොටස් අයිතිය දරන නව සමාගමක් මගින් සංවර්ධනය කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. ""ලොකු දුර්මතයක් ගෙනියනවා මේක විකුණන්න හදනවා කියල,"" බව පවසන අමාත්‍ය චන්දිම වීරක්කොඩි තෙල් ටැංකි විකිණීමේ කිසිදු සැලසුමක් නොමැති බවද අවධාරණය කරයි." -world-38050459,https://www.bbc.com/sinhala/world-38050459,ඉන්දියාවේ දුම්රිය අනතුර: මරණ සංඛ්‍යාව ඉහළට,ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී අනතුරට පත් දුම්රියේ මැදිරි පිරික්සීමේ කටයුතුවල සහන සේවා කණ්ඩායම් තවදුරටත් යෙදී සිටිති.,"පීලි පැනීම හේතුවෙන් සිදු වූ අනතුරෙන් මේ දක්වා දුම්රිය මගීන් 140 දෙනෙකු මරුමුවට පත්ව ඇතැයි වාර්තා වී ඇති බව පොලිසිය පවසයි. ඉන්දෝර් සිට පට්නා දක්වා ධාවනය වෙමින් තිබූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඛාන්පූර් නගරය ආසන්නයේදී පීලි පැන ඇති අතර අනතුරෙන් 150 කට අධික පිරිසක් තුවාල ලැබූහ. අනතුරින් තැලි පොඩිවී ගිය දුම්රිය මැදිරිවල කොටස් කපා ඉවත් කිරීම සඳහා ලෝහ කැපීම සඳහා භාවිත කරන ලාම්පු යොදා ගනිමින් සහන සේවකයෝ රාත්‍රිය පුරා කටයුතු කළහ. දුම්රිය පීල්ලක පැල්මක් අනතුරට හේතුවී ඇතැයි සැක කෙරේ. ඉන්දියානුවෝ දෙකෝටි විසි ලක්ෂයක් දෛනිකව දුම්රිය භාවිතා කරති. ඉන්දියාව තුළ දිනපතා දුම්රිය 11,000 ක් ධාවනය කෙරෙන අතර ඉන් 7,000 ක් මගී දුම්රිය සේවා සඳහා යොදා ගැනේ. 2014 වසරේ නිකුත් කරන ලද සංඛ්‍යා ලේඛනවලට අනුව ඉන්දියාවේ දුම්රිය අනතුරු හේතුවෙන් සිදු වී ඇති මරණ සංඛ්‍යාව 27,581 කි. ලොව දීර්ඝතම දුම්රිය මාර්ග ජාල පිහිටි රටවල් අතුරින් ඉන්දියාව තෙවන ස්ථානයේ පසුවේ." -140322_crimea_russia_ukraine,https://www.bbc.com/sinhala/world/2014/03/140322_crimea_russia_ukraine,ක්‍රිමියානු යුද කඳවුරු දෙකක් රුසියානු හමුදා අතට,රුසියාවේ හමුදා සන්නද්ධ රථ යොදා ගනිමින් ක්‍රිමියාවේ සෙවෙස්තපෝල් නගරය අසල පිහිටි යුද හමුදා කඳවුරක තාප්ප පෙරලා දමා ඊට ඇතුල් වූ බව වාර්තා වෙයි.,"බෙල්බෙක් කඳවුරේ යුක්රේනියානු හමුදා එහෙ��් එම කඳවුරේ සිටි යුක්රේනියානු හමුදා රුසියාවට යටත් වීම ප්‍රතික්ෂේප කරන ලද බවත් ප්‍රකාශ කෙරුණි. ‘බෙල්බෙක්’නම් යුද කඳවුරේ තාප්ප කඩා බිඳ හෙළමින් රුසියානු හමුදා ඊට ඇතුල් වෙද්දී වෙඩි හඬ ඇසුන බවත් ක්‍රිමියානු වාර්තාවන්හි දැක්වෙයි. රුසියානු ආධාරකරුවන්ගෙන් දුම් බෝම්බ ප්‍රහාරයක් රුසියානු හමුදා තමන්ට පහර දුන්නොත් අහසට වෙඩි තබන මෙන් යුක්රේනියානු අණදෙන නිලධාරියා සිය සොල්දාදුවන්ට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ. ‘බෙල්බෙක්’යුද හමුදා කඳවුර අසල සිටින බීබීසී වාර්තාකරුවෙක් අදහස් දක්වමින්, ඉහත කී සිද්ධියේදී අඩු තරමින් එක් සොල්දාදුවකුවත් තුවාල ලබා ඇති බවයි සඳහන් කළේ. ඉන් පෙර සෙවෙස්තපෝල් නගරයට උතුරින් පිහිටි ‘නොවෆෙදරිව්කා’ ගුවන් හමුදා කඳවුරේ පාලනයත් රුසියානු හමුදා විසින් අල්ලා ගනු ලැබ තිබුණි. රුසියාවට සහයෝගය පළ කරන කණ්ඩායම් එම ගුවන් හමුදා කඳවුරට කඩා පැන එහි ගොඩනැගිලිවල ජනේල කුඩු කරමින් ,කඳවුරේ ප්‍රදර්ශනය කෙරුණ යුක්රේනියානු සංකේත විනාශ කර දැමූ බවයි වාර්තා වන්නේ. රුසියානු පාලනයට සහයෝගය පළ කරන කණ්ඩායම් එම කඳවුරට කඩා පැනීමේදී දුම් බෝම්බ ප්‍රහාර එල්ල කර තිබුණි." -world-37213550,https://www.bbc.com/sinhala/world-37213550,කොලොම්බියාව යුද්ධයෙන් සහජීවනයට,ලෝකයේ වැඩිම කාලයක් දිග් ගැසුණ සිවිල් යුද්ධ වලින් එකක් වන කොලොම්බියා යුද්ධය නිමාවකට ගෙන ඒමේ සටන් විරාම ගිවිසුම ඉරිදා (28) රාත්‍රියේ පටන් බල පැවැත්වේ.,"කොලොම්බියා සිවිල් යුද්ධය ලෝකයේ දීර්ඝතම ගැටුමක් මෙන්ම විශාල සංඛ්‍යාවක් ජීවිත විනාශ කෙරුණ ගැටුම් වලින් එකකි. වසර පනහකට අධික කාලයක් කොලොම්බියා ආණ්ඩුවට එරෙහිව සටන් වැදුණ 'FARC' ගරිල්ලා ව්‍යාපාරයේ වත්මන් නායක රොඩ්රිගෝ ලෝන්දොනෝ නොහොත් තිමොචෙන්කෝ(Timochenko) ඉරිදා ප්‍රකාශයක් කරමින් රාජ්‍යයට එරෙහි සිය අරගලය නිම වූ බව ප්‍රකාශයට පත් කළේය. කොලොම්බියා සිවිල් යුද්ධයට වසර පනහකට අධික ඉතිහාසයක් ඇති අතර සමස්ත කාල පරිච්ඡේදය පුරා ආණ්ඩුවේ හමුදා සහ ගරිල්ලා ප්‍රහාර මගින් දෙලක්ෂ හැට දහසකට අධික ජීවිත විනාශයක් සිදු වී ඇතැයි ඇස්තමේන්තු කෙරේ. දසලක්ෂ සංඛ්‍යාත පිරිසකට උන්හිටි තැන් අහිමි විය. අහිමි ජීවිත කොලොම්බියා විප්ලවීය සන්නද්ධ හමුදාවේ අණදෙන නිලධාරී රොඩ්රිගෝ ලෝන්දොනෝ කැරැල්ලේ ඉතිහාසය පුරා යුද්ධයෙන් පීඩා විඳි ජනයාගෙන් සමාව ඉල්ලා සිටි අතර තම සංවිධානය දැන් සාමය වෙනුවෙන් කැප වෙන බවයි කියා සිටින්නේ. නව තත්වය අනුව මේ මොහොතේ කොලොම්බියාවේ පවතින්නේ සාමයෙන් උදම් වෙමින් ඇති පරිසරයක්. 'කොලොම්බියාවේ අපි වැඩි දෙනෙක් සාමයක් දැකල නැහැ. ජීවිතයේ යහපත් තත්වය දැකල නැහැ. මහපාරේ වාහනයක් පදවා ගෙන වෙනත් සමහර නගරයකට යන අවස්ථාවල තිබුණේ අනාරක්ෂාව, බිය සහ කෝපයට ගොදුරු වීම්. මම හිතනවා, මේ ගිවිසුම ප්‍රචණ්ඩ ක්‍රියා නතර කිරීමට හොඳ අවස්ථාවක් කියල' බොගෝටා අගනුවර ශිෂ්‍යාවක් වන ලෝරා චසෝන් කියා සිටියි. කොලොම්බියා විප්ලවීය සන්නද්ධ හමුදාව විසින් මාස හයකට අධික කාලයක් ප්‍රාණ ඇපයේ තබා ගත් කාන්තාවක් වන ඉන්ග්රිඩ් බෙටන්කොර්ට් කියා සිටින්නේ මෙම සරණ විරාම ගිවිසුම යහපත් අනාගතයක සමාරම්භය වන බවයි. යුද්ධය සහ සාමය කොලොම්බියාවේ සටන් විරාමය තීන්දු කෙරෙන ගිවිසුමට අත්සන් තබනු ලැබුණේ පසුගිය සතියේ. නව සටන් විරාමයට අදාළ නිත්‍ය ගිවිසුම ඉදිරි සති කීපය තුළ අත්සන් තැබීමට නියමිතයි. ඒ අතර එම ගිවිසුම සම්බන්ධයෙන් ලබන ඔක්තෝබර් මාසයේ ජනමත විචාරණයක් ද පැවැත්වෙන බවයි කොලොම්බියාවේ බලධාරීන් පවසන්නේ. සටන් විරාම ගිවිසුම අනුව කොලොම්බියානු ආණ්ඩුවේ හමුදාවන් ද එම වෙලාවටම සටන් විරාමයට අනුගත වූ බව මේ වන විට වාර්තා වී තිබේ." -sri-lanka-37761294,https://www.bbc.com/sinhala/sri-lanka-37761294,“සිසුන් මිය යාමේ සිද්ධියේදී නිලධාරීන් විනය කඩකරලා”- පොලිස්පති,යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු මිය යෑමේ සිද්ධියේදී අදාළ පොලිස් නිලධාරීන් අතින් යම් 'අඩුපාඩුවක්' සිදුවී ඇති බව පොලිස්පතිවරයා පවසයි.,"""රාජකාරිය කරන විට වෙඩි තැබීමක් සිදු වුනා, අපිට එහිදී ඇති වූ අර්බුදය නම් ඇයි ඒ සිද්ධිය වාර්තා කළේ නැත්තේ. එය විනය කඩකිරීමක්'' අද (ඔක්.24) අනුරාධපුරයේදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දුන් පොලිස්පතිවරයා, ""රාජකාරිය කරන විට වෙඩි තැබීමක් සිදු වුනා, අපිට එහිදී ඇති වූ අර්බුදය නම් ඇයි ඒ සිද්ධිය වාර්තා කළේ නැත්තේ. එය විනය කඩකිරීමක්. සෙල්ලම් වැඩක් නොවෙයි. මේක මනුෂ්‍ය ජීවිත දෙකක්."" යැයි කීය. තරුණයන් දෙදෙනාගෙන් පොලිසියට තර්ජනයක් එල්ල වී නොමැති බව පැවසූ පොලිස්පතිවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නේ, ""විශ්ව විද්‍යාල තරුණයෝ දෙන්නෙක්, අහිංසක දෙමව්පියන්ගේ දරුවෝ දෙන්නෙක්"" යනුවෙනි. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිස්පති පූජිත් ජයසුන්දර පැවසීය. ""පොලිස් නිලධාරියාට බලතල තිබෙනවා, ඒ ���ලතල ඉක්මවා යන්න කාටවත් බැහැ, අවශ්‍ය තැනට අවශ්‍ය බලය අවම බලය යොදන්න පුළුවන්"" මේ අතර, අණ නොතකා පලා යන රථයකට වෙඩි තැබීමට පොලිසියට නොහැකි බවට පොලිස් කොමිසමේ ලේකම්වරයා ඊයේ (ඔක්.23) කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දැක්වූ පොලිස්පතිවරයා, ""මම හිතන්නේ එක පුද්ගලික මතයක් වෙන්න ඕන, පොලිසියේ අපිට හිතුවක්කාරව ඕනෑම දෙයක් කරන්න බැහැ, හැමදෙයක්ම නිත්‍යානුකූලව පවත්වාගෙන යන තත්වයක්"" යනුවෙනි. ""පොලිස් නිලධාරියාට බලතල තිබෙනවා, ඒ බලතල ඉක්මවා යන්න කාටවත් බැහැ, අවශ්‍ය තැනට අවශ්‍ය බලය අවම බලය යොදන්න පුළුවන්"" යැයි කී ඔහු, ""පොලිස් නිලධාරියෙක් තමන්ගේ අවම බලය භාවිතා කිරීමේදී එය අවශ්‍යතාවය අනුව යම් මට්ටමක, අවශ්‍ය බලතල භාවිතා කිරීමට පොලිස් නිලධාරියාට තියෙනවා නීතියෙන්ම ලබාදුන්නු බලයක්"" යැයි අවධාරණය කළේය. ඊයේ පොලිස් කොමිසමේ ලේකම් අරියදාස කුරේ මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේ වාහනයක් නොනවත්වා යාමේදී පොලිසියට වෙඩි තැබීමට අයිතියක් නොමැති බවය. ""වාහනය නොනවත්වා යන කෙනෙක් ඉන්නවා නම් ඔහු ගැන ඊළඟ පරීක්ෂණ ස්ථානයට දැනුම්දීම හෝ ඔහු ලුහුබැඳ යාමයි සිදු කළ යුත්තේ"" යනුවෙන් පොලිස් කොමිසමේ ලේකම්වරයා පැවසීය." -sri-lanka-40082746,https://www.bbc.com/sinhala/sri-lanka-40082746,ගංවතුර සහ නාය යාම්: ගාල්ලේ ලක්ෂයකට අධික ජනතාවකට ගංවතුරෙන් පීඩා,"ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහනවයකට අයත් පවුල් 26,072 ක් ගංවතුරින් පීඩාවට පත්ව ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.","ඒ අනුව ඉහත කී පවුල්වලට අයත් 104,144 දෙනෙකුට ආපදා තත්වය බලපා තිබේ. ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී කොඩිකාර කියා සිටියේ එම දිස්ත්‍රික්කයේ පැවති ගංවතුර තත්ත්වය පහව යමින් පවතින බවය. නෙළුව, තවලම හා හිනිඳුම යන ප්‍රදේශවල පැවති ගංවතුර සම්පූර්ණයෙන්ම බැස ගොස් ඇති බව කියා සිටි දිස්ත්‍රික් ලේකම්වරයා ගිං ගඟ ආශ්‍රිත පහළ ප්‍රදේශ තවමත් ජලයෙන් යටව පවතින බව සඳහන් කළේය. නාගොඩ, යක්කලමුල්ල, බද්දේගම, දිවිතුර-වැලිවිටිය සහ බෝපේ පෝද්දල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තවමත් ජලයෙන් යටව පතින ප්‍රදේශ අතර වේ. මේ අතර සහන සේවා සඳහා යොදවා තිබූ ගුවන් හමුදාවට අයත් MI 17 වර්ගයේ හෙලිකොප්ටරයක් කාර්මික දෝෂයක් මත බද්දේගම ඉනිමංකඩ ප්‍රදේශයට හදිසියේ ගොඩ බැස්වූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි. ගොඩ බෑමේදී හෙලිකොප්ටරයේ ඇතැම් කොටස්වලට හානි සිදු වී ඇති ආකාරය දැක ගත හැක. ඒ අසල ප්‍රදේශවාසියෙක් කියා සිටියේ විශාල ශබ්දයක් නගමින් හෙලිකොප්ටර් යානය පොළොව දෙසට පැමිණි බවය. හදිසි ගොඩ බෑමේදී ඒ අසල නිවසක වහලයකට හානි සිදුව තිබේ." -world-37833839,https://www.bbc.com/sinhala/world-37833839,'යටත්වීම හෝ මරණය' - ඉරාක අගමැති IS කැරලිකරුවන්ට දන්වයි,ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් අත පවතින අවසන් බලකොටුව වන මෝසුල් නගරය කරා ඉරාක විශේෂ හමුදා ළඟා වෙමින් සිටිති.,"ඉරාක හමුදා වෙත කුර්දි සහ සුන්නි අරාබි වාර්ගික කණ්ඩායම් නියෝජනය කරන හමුදා සහාය ලබා දෙති රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ජාතිය ඇමතූ ඉරාක අගමැති හයිදර් අල් අබාදි මෝසුල් නගරයේ සිටින අයිඑස් කැරලිකරුවන්ගෙන් ඉල්ලා සිටියේ ආයුධ බිම තබා සිය හමුදා වෙත යටත් වන ලෙසය. ""ඔවුන්ට වෙනත් විකල්පයක් නැහැ. යටත් වෙන්න පුළුවන් නැතිනම් ඔවුන්ට මිය යා හැකියි."" අගමැතිවරයා සඳහන් කළේය. මෝසුල් නගරය ආසන්නයේ පිහිටි ගම්මානයකට ඇතුළු වූ ත්‍රස්ත මර්දන හමුදා භට කණ්ඩායම් මෝසුල් නගරයේ නැගෙනහිර කලාප සීමාවට කිලෝමීටරයක් දුරින් සිට ප්‍රහාර එල්ල කරන ඉරාක හමුදා නගරයට ඇතුළු වීමට සුදානම් වෙමින් සිටිති. ඉදිරියට ඇදෙමින් බලය තහවුරු කර ගනිමින් සිටින ඉරාක හමුදා වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරන අයිඑස් කැරලිකරුවෝ පුපුරන ද්‍රව්‍ය පිරවූ මෝටර් රථ යොදා ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරති. ඉදිරියට ඇදෙන ඉරාක හමුදා වෙත ගුවනින් සහාය ලබා දෙන ඇමරිකාව ප්‍රමුඛ සන්ධානය අයිඑස් ගොඩනැගිලි ඉලක්ක කොට ගුවන් ප්‍රහාර හතරක් හෝ පහක් එල්ල කොට තිබේ. අයිඑස් කැරලිකරුවන් විසින් මෝසුල් නගරය අල්ලා ගනු ලැබුවේ මීට වසර දෙකකට ඉහතදී." -sri-lanka-37467180,https://www.bbc.com/sinhala/sri-lanka-37467180,'එළුග තමිල් ව්‍යාපාරයට TNA සම්බන්ධයක් නැහැ',නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතරවාරයේ 'එළුග තමිල්' වැනි උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීම සුදුසු නොවන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.,"දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් 'එළුග තමිල්' හෙවත් 'දෙමළ ජනතාවනි නැගිටිවු' උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කොට තිබෙන්නේ උතුරු පළාත් මහ ඇමතිවරයාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන දෙමළ ජනතා සභාව විසිනි. ජාතික ප්‍රශ්නය ඇතුළු රට හමුවේ ඇති ගැට‍ළුවලට විසඳුම් ලබා දෙන නව ව්‍යවස්ථාවක් පිළිබඳ දෙමළ ජාතික සන්ධානය ඇතුළු රටේ සෙසු පක්ෂ අතර සාකච්ඡා පැවතෙමින් තිබෙන අතරතුර 'එළුග තමිල්' උද්ඝෝෂණ ව්‍යාපාරය දියත��� කිරීම සුදුසු නොවන බව සිය පක්ෂය දෙමළ ජනතා සභාවට පෙන්වා දුන් බවයි, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් බීබීසී සංදේශයට කියා සිටියේ. කෙසේ වෙතත් තම අදහස නොතකා දෙමළ ජනතා සභාව 'එළුග තමිල්' උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භ කළ බව සඳහන් කළ මන්ත්‍රීවරයා දේශපාලන පක්ෂයක් වශයෙන් ඊට දෙමළ ජාතික සන්ධානයේ සම්බන්ධයක් නොමැති බවයි අවධාරණය කළේ. 'එළුග තමිල්' උද්ඝෝෂණය හේතුවෙන් දකුණේ ජනතාව දෙමළ ජාතික සන්ධානය පිළිබඳ වැරදි අවබෝධයක් ඇති කර ගන්නා බව කියා සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් එවැනි වැරදි අදහසක් ඇති වීම මේ අවස්ථාවේ සිදු නොවිය යුතු බවත් පැවසීය. 'දකුණේ වැරදි මතයක්' සියලුම පක්ෂ නියෝජනය කෙරෙන ව්‍යවස්ථාදායක මණ්ඩලය හරහා සෙසු ජන කොටස්වලට මෙන් දෙමළ ජනතාවටත් පිළිගත හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමට හැකි වනු ඇති බවයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයා කියා සිටියේ. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ අරමුණින් 'එළුග තමිල්' හෙවත් 'දෙමළ ජනතාවනි නැගිටිවු' යන මැයෙන් සංවිධානය කෙරුණ ව්‍යාපාරය දකුණේ සිංහල බෞද්ධ ප්‍රජාව වරදවා වටහා නොගත යුතු යැයි උතුරු පළාතේ මහ ඇමති සීවී විග්නේස්වරන් මීට ඉහතදී පැවසීය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික සහජීවනය, සංවාදය සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ යුගයේ අවශ්‍යතාව විය යුත්තේ 'එළුග තමිල්' නොව 'එළුග ඉලංගෛ' හෙවත් 'ශ්‍රී ලාංකිකයනි නැගිටිව්' යන්න බවයි." -sri-lanka-42734702,https://www.bbc.com/sinhala/sri-lanka-42734702,"කාන්තාව, මත්පැන්, මුස්ලිම් ළමා විවාහ සහ බැඳුම්කර ගැන ජවිපෙ: ""මහ මොළ කරු රනිල්""",කාන්තාවන් මත්පැන් පානය කිරීම හෝ විකිණීම තහනම් කරමින් 1955 දී පණවන ලද නීතියක් අවලංගු කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පසුගියදා නිවේදනය කිරීම රට පුරා මහත් විවාදයකට තුඩු දුන්නේය.,"විශේෂයෙන්ම ඇතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේ සහ ඒකාබද්ධ විපක්ෂය එයට දැඩි විරෝධය පළ කර තිබුණි. ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් ද එම තීරණයට ප්‍රබල විරෝධය පළ කිරීම හේතුවෙන් අදාළ ගැසට් නිවේදනය අවලංගු කරමින් පැරණි තහනම යළිත් වරක් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යවරයා පියවර ගෙන තිබේ. මේ අතර කැබිනට් මණ්ඩලයේ සංශෝධිත තීරණයට විරෝධය පළකරමින් කාන්තාවන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිර���පත් කරනු ලැබ තිබේ. ඔවුන් එම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබෙන්නේ ""සෑම පුද්ගලයෙකුම නීතිය ඉදිරියේ සමාන වන අතර නීතියෙන් සමාන ආරක්ෂාවක් ලැබීමට හිමිකම් දරයි,"" යනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වෙනි වගන්තිය මත පදනම් වෙමිනි. ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දරන්නේ කවර මතයක් ද? ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මන්ත්‍රීවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ පවත්නා සංස්කෘතිය සහ ""වැඩවසම් සමාජ ක්‍රමය තුළ"" මත්පැන් පානය කිරීම හෝ විකිණීම සඳහා කාන්තාවන්ට අවසර දීම පක්ෂය අනුමත නොකරන බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ප්‍රකාර කාන්තාවන්ට සහ පුරුෂයන්ට ලිංගිකත්වය මත පදනම් වී වෙනස් නීති පැණවීම අනුමත නොකරන නමුත් කිසියම් ප්‍රතිපත්තිමය කරුණක් ගැන තීරණ ගන්නා විට රටේ සංස්කෘතිය මත පදනම් වී පියවර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව ද ඔහු පැවසීය. ""ලංකාවේ සංස්කෘතිය, ආගමික වටපිටාව, ආසියාතික වැඩවසම් සමාජ ක්‍රමය තුළ යුරෝපයේ තියෙන දේවල් ඒ විදියටම කරන්න යාම සමාජය තුළ ගැටලු, අර්බුද මතුවෙන එකක්,"" ඔහු පැවසීය. සමාජ සාධාරණත්වය සහ මාක්ස්වාදය විශ්වාස කරන පක්ෂයක් වැඩවසම් සමාජ ක්‍රමයට අනුබල දෙන්නේ කෙසේ දැයි විමසූ අවස්ථාවේ මන්ත්‍රීවරයා කියා සිටියේ, පවතින වැඩවසම් ක්‍රමය ""ක්‍රමානුකූලව පියවරෙන් පියවරට වෙනස් වෙමින්"" පවතින බැවින් ""චීනයේ සංස්කෘතික විප්ලවය සිදු කළ ආකාරයට,"" කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බවය. රටේ බරපතල ගැටලුවක් පමණක් නොව කිසිදු කරුණක් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ ඒකමතිකභාවයක් නොපැවතීම මේ විවාදයේදී තවදුරටත් හෙළිදරවු වූ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය. ශ්‍රී ලංකාවේ කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ආණ්ඩුවේ සැබෑ අභිලාශය නම් උදාහරණයක් ලෙස ""මුස්ලිම් කාන්තා අයිතීන් උල්ලංඝනය කරන, ඉතාම යල් පැන ගිය"" මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කළ යුතුව තිබුණු බව පවසන මන්ත්‍රීවරයා, එසේ නොමැතිව මෙවැනි පියවර ගැනීම මගින් සිදුවෙන්නේ ""අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය කිරීමක්"" බව ද සඳහන් කළේය. එසේ නම් මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීම පිණිස හඬ නොනැගුවේ මන්දැයි බීබීසී සිංහල සේවය විමසූ අවස්ථාවේ මන්ත්‍රීවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සිය පක්ෂය කලක් මුළුල්ලේම හඬ නගමින් සිටින බවය. විවාහවීමේ අවම වයසක් නියම කරමින් මුස්ලිම් පුද්ගල නීතිය සහ උඩරට නීතිය සංශෝධනය කිරීම පිණිස ගන්නා ලද පියවර පැහැදිලි කරන මෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව ශ්‍රී ලංකා ආණ්ඩුවට දැනුම් දී තිබුණි. මුස්ලිම් විවාහ නීතිය යටතේ බාල වියේදී බලහත්කාරයෙන් විවාහ කරන ලද දැරියකගේ අනුවේදනීය කතා පුවත ඇතුළත් විශේෂ ගවේෂණ වාර්තාවක් බීබීසී සිංහල සේවය පසුගිය වර්ෂයේ ප්‍රකාශයට පත් කළේය. බැඳුම්කර වාර්තාව: 'රනිල් චුදිතයෙක්' බැඳුම්කර නිකුතුව සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ වාර්තාව පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් විජිත හේරත් මන්ත්‍රීවරයා කියා සිටියේ, එම වාර්තාව මත පදනම්ව ආණ්ඩුව අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වනු ඇතැයි සිය පක්ෂය විශ්වාස නොකරන බවය. ""තිලක් මාරපන මහත්මයා, රනිල් වික්‍රමසිංහ මහත්මයට දඬුවම් දෙයිද?"" - ජවිපෙ ""ඇත්තටම කෝප් කමිටු වාර්තාවෙන් මීට මාස 16කට කලින් ඔය නිර්දේශම ඉදිරිපත් වුනා. ඒවා ක්‍රියාත්මක කළා නම් මේ වෙන කොට අධිකරණ කටයුතුවලින් තුනෙන් එකක් අවසන් වෙලා,"" ඔහු පැවසීය. බැඳුම්කර ගනුදෙණුව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ වගකිව යුතු නැති බවට ජනාධිපති කොමිසම කරන නිර්දේශය තමන් පිළිනොගන්නා බව ද ඔහු සඳහන් කළේය. ""මුළු රටම දන්නවා මේකේ මහ මොළ කරු කවුද කියල. රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ නම නෑ. නැති එකම තමයි ප්‍රශ්නේ,"" ඔහු පැවසීය. ""ඒ නිසා මේ ආණ්ඩුව තියෙන තාක් කල් බැඳුම්කර හොරුන්ට දඬුවම් දේවි කියල අපිට නම් විශ්වාසයක් නැහැ."" කෙසේ වුවත් බ්‍රහස්පතින්දා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ, බැඳුම්කර නිකුතුවේදී සිදු වූ දූෂණ වංචා සෙවීම පිණිස සිය ආණ්ඩුව ආරම්භයේ සිටම නිසි පියවර ගත් බවය. පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට අයත් රුපියල් බිලියන 12 ක මුදලක් මහ බැංකුව විසින් රඳවා ගෙන තිබෙන බැවින් බැඳුම්කර නිකුතුව මගින් අයුතු ලෙස උපයාගත් බව පැවසෙන රුපියල් බිලියන 9.2 යළි අයකර ගැනීමේ හැකියාව තිබෙන බවත් අගමැතිවරයා සඳහන් කළේය. ජනාධිපති කොමිෂන් වාර්තාවෙන් චෝදනා ලබන එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් සිටින්නේ නම් ඒ පිළිබඳව සොයා බලා තීරණ ගැනීම පිණිස විදේශ අමාත්‍ය තිලක් මාරපනගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලද බවත් අගමැතිවරයා නිවේදනය කළේය. එහෙත් ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින් විජිත හේරත් මන්ත්‍රීවරයා, ""තිලක් මාරපන මහත්���යා, රනිල් වික්‍රමසිංහ මහත්මයට දඬුවම් දෙයිද?"" යනුවෙන් ප්‍රති ප්‍රශ්නයක් මතු කළේය. තවත් කියවන්න:" -sri-lanka-37270588,https://www.bbc.com/sinhala/sri-lanka-37270588,නිදහස් අධ්‍යාපනයේ පියාගේ නමින් නව ශාක විශේෂයක්,සූරියකන්ද 'මෝනිං සයිඩ්' හෙවත් 'අරුණාලෝක අඩවියේ' දොළ මාර්ගයක තිබී සොයා ගත් නව කෙකටිය විශේෂයක් නිදහස් අධ්‍යාපනයේ පියා ලෙසින් හඳුන්වනු ලබන සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර ලෙසින් නම් කළ බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි.,"කෙකටිය ශාකය ජලයේ දිස්වන අයුරු ඇපනොජෙටෝන් කන්නන්ගරෙයි (Aponogeton kannangarae) ලෙස නම් කොට ඇති ඉහත කී කෙකටිය විශේෂය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික අරුණාලෝක අඩිවියේ පමණක් දැකිය හැකි ස්ථානීය ආවේණිකත්වයක් පෙන්වන අතිශය දුර්ලභ ශාක විශේෂයක් වන බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ. කෙකටිය විශේෂය හමු වී ඇත්තේ අරුණාලෝක අඩවියේ දොළ මාර්ග දෙකකින් පමණක් බවත් සිංහරාජ වනාන්තරයේ සූරියකන්ද පෙදෙස දෙසට වන්නට එම ස්ථාන පිහිටා තිබෙන බවත් පරිසරවේදීහු කියා සිටිති. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක දෙකෙහි ජෛව විවිධත්ය පිළිබඳ සිදු කරන ලද ගවේෂණයක් අතරතුර 2012 වර්ෂයේ දී ඉහත කී කෙකටිය විශේෂය හමු වූ බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති පරිසරවේදී මධුර ද සිල්වා පවසයි. එය මෙතකේ ශ්‍රී ලංකාවෙන් සොයා ගෙන තිබූ කෙකටිය විශේෂවලට වඩා වෙනස් විශේෂයක් විය හැකියැයි උපකල්පනය කොට ඒ පිළිබඳ පර්යේෂණ ආරම්භ කළ බවත් ඔහු කියා සිටියේය. ඉන් වසර හතරකට පසුව 2016 අගෝස්තු මාසයේ දී එම කෙකටිය විශේෂය ලෝකයේ මෙතෙක් සොයාගෙන ඇති කෙකටිය විශේෂවලට වඩා වෙනස් බවත් එය ශ්‍රී ලංකාවට ආවේණික නව කෙකටිය විශේෂයක් බවත් විද්‍යාඥයන් විසින් තහවුරු කර ගනු තිබේ. 'ආවේනික ශාක' නව කෙකටිය විශේෂය හමුවූ දොළ මාර්ගය මේ සම්බන්ධ පරීක්ෂණ වාර්තාව 'ජාත්‍යන්තර පයිටොටැක්සා' නම් විද්‍යා පර්යේෂණ සඟරාවේ අගෝස්තු 31 වැනි දින කලාපයේ ප්‍රසිද්ධියට පත් කොට ඇත. ඇපනොජෙටෝන් කන්නන්ගරෙයි (Aponogeton kannangarae) ශාකය සොයා ගැනීමට පෙර මෙරට වාර්තා වී තිබුණේ කෙකටිය විශේෂ හතරක් පමණි. කෙකටිය ශාකය ඇපනොජෙටෝන් (Aponogeton) යන ඝන නාමයෙන් හඳුන්වන අතර මෙතෙක් හමුවී තිබූ විශේෂ හතරෙන් හෝටන් තැන්න හා නුවරඑළියේ දක්නට ලැබෙන ඇපනොජෙටෝන් ජාකොබෙන්සි (Aponogeton jacobensii) හා පහතරට තෙත් කලාපයේ හමුවන ඇපනොජෙටෝන් රිජිඩිෆෝලිඅස් (Aponogeton rigidifolius) නම් කෙකටිය විශේෂ දෙක ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ ලෙස විද්‍යාඥයන් විසින් පිළිගෙන තිබිණි. නව සොය��ගැනීමත් සමග ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන කෙකටිය විශේෂ සංඛ්‍යාව පහ දක්වා ඉහළ යන අතර ආවේණික කෙකටිය විශේෂ සංඛ්‍යාව තුනක් බවට පත්වෙයි. අදාළ සොයා ගැනීම සිදු කර ඇත්තේ ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ පර්යේෂකයන් වන මධුර ද සිල්වා, සුපුන් දේශප්‍රේම සහා ප්‍රින්ස් මනම්පේරි යන පරිසරවේදීන් විසිනි. 'ජාත්‍යන්තරයේ අමරණීයයි' නව කෙකටිය විශේෂය හමුවූ අරුණාලෝක අඩවිය මෙහි විශේෂත්වයක් වන්නේ අදාළ ශාකය මෙරට පර්යේෂකයන් විසින් ලොවට හඳුන්වා දෙනු ලැබූ පළමු ජලජ පැලෑටි විශේෂය වීමයි. මෙතෙක් ශ්‍රී ලංකාවෙන් සොයා ගත් සියලුම ජලජ පැලෑටි පිළිබඳ පර්යේෂණ සිදුකර ඒ පිළිබඳ වාර්තා කර තිබෙන්නේද විදේශිකයන් විසිනි. අවසන් වරට මෙරටින් නව ජලජ පැලෑටි විශේෂයක් හමු වී ඇත්තේ අදින් වසර 31 ට පෙර 1985 වසරේදී. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියාගේ නම උද්භිද විද්‍යාව පවතින තුරු ජාත්‍යන්තරයේ අමරණීය කිරීමට හැකියාව ලැබුණු බවයි ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසන්නේ. නව ශාකය අරුණාලෝක අඩවියට ස්ථානීය අවේණිකත්වයක් දක්වන බැවින් එම ස්ථානයේ ජෛවවිද්‍යාත්මක වටිනාකම ද ඉතා ඉහළ අගයක් ගෙන තිබෙන බව පරිසරවේදීහු පෙන්වා දෙති." -world-49924169,https://www.bbc.com/sinhala/world-49924169,ආසියාවේ පැතිරෙන උග්‍ර විෂ සහිත දිලීරය ඕස්ට්‍රේලියාවෙනුත් හමුවේ,ලෝකයේ මෙතෙක් හමු වී ඇති මාරාන්තික දිලීර වර්ගවලින් එකක් පළමු වතාවට ඕස්ට්‍රේලියාවෙන් ද හමු වී ඇතැයි විද්‍යාඥයෝ පවසති.,"'ෆයර් කොරල්' උග්‍ර විෂ සහිත රතු පැහැති මෙම දිලීර වර්ගය 'ෆයර් කොරල්' ලෙස හඳුන්වන අතර, මෙය මෙතෙක් කල් දැකගත හැකි වූයේ ජපානය සහ කොරියාවේ පමණි. ආසියාවේ වෙනත් ප්‍රදේශයක තිබුණ මෙම දිලීර වර්ගය ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් හමුවීමත් සමඟ එහි ව්‍යාප්තිය ගැන ""අවධානය යොමු කළ යුතු"" බව පරීක්ෂකයෝ පවසති. මෙම දිලීර වර්ගය ආහාරයට ගතහොත් ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන් අක්‍රීය වීම මෙන්ම මොළයට හානි සිදු වීමට ඉඩ ඇත. පාරම්පරික ඖෂධයකට ලබා ගන්නා වෙනත් දිලීර වර්ගයක් යැයි වරදවා සිතා මෙම විෂ දිලීරයෙන් පානයක් සකසා පරිභෝජනය කිරීමෙන් මියගිය පුද්ගලයන් ගැන ජපානය සහ දකුණු කොරියාවෙන් වාර්තා වී තිබේ. ජේම්ස් කුක් විශ්වවිද්‍යාලයේ පරීක්ෂකයන් පවසන පරිදි මෙම දිලීර වර්ගය ඇල්ලීමෙන් පමණක් ද ශරීරය ඉදිමීම, දැවිල්ල සහ චර්ම රෝගවලට ගොදුරු විය හැකිය. ""පරීක්ෂකයන් හඳුනාගෙන තිබෙන සිය ගණනක් විෂ සහිත හතු වර්ග අතර, පුද්ගලයෙකුගේ සම තුළින් ශරීරයට විෂ ඇතුළු වන එකම වර්ගය මෙයයි,"" ආචාර්ය මැට් බැරෙට් පැවසීය. 'කෑන්ස්' නගරය ආසන්නයේ පිහිටි වැසි වනාන්තරයක තිබූ මෙය ප්‍රදේශවාසියෙකු ඡායාරූපගත කර ඇති අතර, එම ඡායාරූපය මගින් අදාළ දිලීර වර්ගය හඳුනාගෙන තිබේ. චීනය, තායිලන්තය සහ පැපුවා නිව් ගිනියාවේ ද මෙම දිලීර වර්ගය දුටු බව වාර්තා වී ඇතැයි ආචාර්ය මැට් බැරෙට් පැවසුවේය. වසර දහස් ගණනකට පෙර මෙම දිලීරයේ බීජ සුළඟ මගින් පැතිරී ඇතැයි ඔහු සැක පහළ කරන්නේය. ""බිම්මල් සොයා යන විශාල පිරිසක් ඕස්ට්‍රේලියාවේ දකින්න නැහැ....ඒ නිසා මේ වෙනකම් මෙය සොයාගත හැකි වුණේ නැහැ,"" ඔහු බීබීසී වෙත පැවසීය. මෙම දිලීරය ඇතුළු මින් පෙර නොදුටු වර්ග විස්සක් පසුගිය සය මස තුළ ඕස්ට්‍රේලියාවෙන් සොයාගැනීමට හැකි වූ බව ඔහු තවදුරටත් පැවසීය. මේ තොරතුරුද කියවන්න:" -world-42055044,https://www.bbc.com/sinhala/world-42055044,උයිගර් ජාතිකයෝ තායි සිර කඳවුරේ බිත්ති හාරා පලා යති,තායි රැඳවුම් කඳවුරකින් පලා ගිය චීනයේ උයිගර් ජාතික සිරකරුවන් 20 දෙනෙකු සොයමින් සිටින බව බලධාරීහු පවසති.,"උයිගර් ජාතිකයන් 200 ට වැඩි පිරිසක් 2014 දී තායිලන්තයේ දී රඳවාගනු ලැබුන අතර, පලා ගොස් තිබෙන්නේ ඒ අතර සිටි පිරිසකි. රැඳවියන් 25 කට ආසන්න පිරිසක් මැලේසියානු දේශසීමාව ආසන්නයේ පිහිටි රැඳවුම් කඳවුරේ බිත්තිවල හිල් හාරා පසුව කටු කම්බි වැටෙන් පැනීම පිණිස ඇඳ රෙදි යොදාගෙන ඇති බව ද ඔවුහු පවසති. එයින් පස් දෙනෙකු අල්ලා ගැනීමට කඳවුරු බලධාරීන්ට හැකි වී තිබේ. ඔවුන් පලා ගොස් තිබෙන්නේ දකුණු තායිලන්තයේ සොන්ග්ක්ලා (Songkhla) පළාතේ කඳවුරකින් බව පවසන සංක්‍රමණික බලධාරීන්, සිය සිර කුටිවල බිත්ති සිදුරු කිරීම පිණිස ඔවුන් බිඳුණු උළු කැබලි යොදාගෙන ඇති බව ද සඳහන් කළහ. චීනයේ ෂින්ජියෑන් පළාතේ තමන්ට එරෙහිව මර්දනයක් දියත්වන බව පවසමින් සිය ගණනක් උයිගුර් මුස්ලිම් ජාතිකයෝ එම ප්‍රදේශයෙන් පලා ගියහ. එහෙත් එම චෝදනාව ප්‍රතික්ෂේප කරන චීනය පවසන්නේ ඔවුන් නීති විරෝධී සංක්‍රමණිකයන් බවය. ""විසි දෙනෙක් තවමත් හැංගිලා ඉන්නවා,"" රැඳවුම් කඳවුරේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් රොයිටර්ස් පුවත් සේවයට පැවසීය. ""අධික වර්ෂාව නිසා ඔවුන් පලා යන සද්දේ ඇහිලා නෑ."" පලා ගිය උයිගර් ජාතිකයන් සෙවීම පිණිස දේශසීමාව ආසන්නයේ සෝදිසි මුර කපොලු පිහිටුවන ලද බවත් ඔහු සඳහන් කළේය. තුර්කිය බලා යාමේ අදහසින් බොහෝ උයිගර් ජාතිකයෝ අග්නිදිග ආසියානු රටවල් කරා පලා යමින් සිටිති. 2015 දී තායිලන්තය උයිගර් ජාතිකයන් 100 දෙනෙකු චීනයට භාර දුන් අවස්ථාවේ මහත් ආන්දෝලනයක් හටගත්තේය. උයිගර් ජාතිකයන් කණ්ඩායමකගේ ජාතිකත්වය තහවුරු කෙරෙන තුරු ඔවුන් රඳවා තබා ගත යුතු බව තායිලන්තයේ අධිකරණයක් මීට ඉහතදී තීන්දු කළේය. එහෙත් චීනය මෙන්ම තුර්කිය ද පවසන්නේ ඔවුන් සිය රටේ පුරවැසියන් බවය. ෂින්ජියෑන් පළාතේ උයිගර්වරු යනු කවුරුන්ද? සබැඳි යොමු:" -sri-lanka-46704947,https://www.bbc.com/sinhala/sri-lanka-46704947,BBC සිංහල: 2018 වසරේ වඩාත් ජනප්‍රිය පුවත් 10,20018 වසර: බීබීසී සිංහල වෙබ් අඩවියේ සහ ෆේස්බුක් පිටුවේ පළ වූ වඩාත් ජනප්‍රිය පුවත් වාර්තා.,"වෙබ් අඩවියේ වඩාත් ජනප්‍රිය පුවත් 05 01. ""දුප්පතාට සපෝට් අයට මම සපෝට්"" - මුරලිදරන් 02. ජනපති මෛත්‍රීට පාර්ලිමේන්තුව විසුරුවිය හැකිද? 03. ""ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා"" - මහින්ද රාජපක්ෂ 04. ජනවාරි 08 ජනවරම ශක්තිමත් වෙලා - ආණ්ඩුව 05. ශ්‍රේෂ්ඨාධිකරණය, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය අත්හිටුවයි බීබීසී සිංහල ෆේස්බුක් පිටුවේ ජනප්‍රියතම පුවත් 05 01. නව නිපැයුම් දාහතක් කළ තරුෂි: 'ලන්ච් ෂීට්'වලටත් විකල්පයක් 02. දෘශ්‍යාබාධිත බව බාධාවක් කර නොගත් තරුණ වෙළෙන්දා 03. දහඅට වසරක් සුනඛයින්ට සරණවන මිතුරෙක් 04. කතා නොකර පිට්සා ඕඩර් කරන 'ලොව පළමු පිට්සා හට් අවන්හල' ශ්‍රී ලංකාවේ 05. මියැදෙන නැගෙනහිර 'නොනිදි නගරය'" -sri-lanka-54628147,https://www.bbc.com/sinhala/sri-lanka-54628147,විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතයි: විපක්ෂ මන්ත්‍රීවරු අට දෙනෙකුත් සහය දෙති,විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් සම්මත විය.,"පනත් කෙටුම්පතේ දෙවන හා තෙවන වර කියවීමට පක්ෂව ඡන්ද 156ක් සහ විරුද්ධව ඡන්ද 65ක් හිමිවිය. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ, ශ්‍රී මුස්ලිම් කොන්ග්‍රසයේ නසීර් අහමඩ්, ෆයිසාල් කාසිම්, එච් එම් එම් හාරිස්, සහ එම් එස් තවුෆික්, මුස්ලිම් ජාතික සන්ධානයේ ඒ ඒ එස් එම් රහීම්, සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලූ ද්‍රවිඩ මහජන පෙරමුණේ අරවින්ද් කුමාර් සහ සමගි ජන බලවේගයෙන්ම ඡන්දය ඉල්ලූ සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ඉෂාක් රහමාන් පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. හිටපු ජනාධිපති, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටි බව වාර්තා වේ. පනත් කෙටුම්පත සම්බන්ධ කාරක සභා අව��්ථාවේදී විපක්ෂය සමහර වගන්ති වලට විරෝධය පළ කළ අතර ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට අවසර ලැබෙන වගන්තියට විපක්ෂය විරෝධය පෑම හේතුවෙන් ඒ සඳහා වෙනම ඡන්ද විමසීමක් පවත්වනු ලැබිණ. එම වගන්තියට එකඟව ඡන්ද 157ක් සහ විරුද්ධව ඡන්ද 64ක් ද ලැබීම තුළින් එම වගන්තිය ද තුනෙන් දෙකකට වඩා වැඩි ජන්දයකින් සම්මත විය. රිෂාඩ් බද්යුද්දීන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී එස් එම් එම් මුෂාරෆ් දෙවන වර හා තෙවන වර කියවීමේ දී විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළත් මෙම වගන්තියට පමණක් පක්ෂව ජන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක් බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය. ප්‍රතිඵලය පිළිබඳව ප්‍රතිචාරය පළකරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, විසිවෙනි සංශෝධනය මගින් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය මරා දමා ඇතැයි සඳහන් කොට තිබුණි. 19 වෙනි සංශෝධනය මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 87 දෙනෙකු 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත. 17 වන, 18 වන සහ 19 වන ව්‍යවස්ථා සංශෝධනයන්ට පක්ෂව ඡන්දය භාවිත කළ මන්තී‍්‍රවරුන් 27 දෙනෙක් මෙවර පාර්ලිමේන්තුව තුළ සිටී. ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ද ඔහු එයට පෙර යම් යම් වගන්ති වලට ඔහුගේ විරෝධය ප්‍රකාශ කර තිබුණි. කෙසේ වුවත් නව ව්‍යවස්ථාවක් ගෙන එන අවස්ථාවේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ලෙස දේශපාලනයේ සකී‍්‍රය ලෙස දායක වීමට ඇති හැකියාව අහිමිකරන බවට අවසාන මොහොතේ ජනාධිපතිවරයා දුන් පොරොන්දුවක් මත ඔහු එයට ද පක්ෂව ඡන්දය භාවිත කළේය. ඔහු ඒ පිළිබඳව විරෝධය පළකරමින් පැවසුවේ ""යම් ද්විත්ව පුරවැසියකුට මෙරට ජනාධිපති, අගමැති, ඇමැතිවරයකු හෝ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ලෙස දේශපාලනයේ සකී‍්‍රය භූමිකාවක් ඉටුකිරීමට වුවමනා නම් වෙනත් රටක් සමග තිබෙන බැඳීම්, පක්‍ෂපාතීභාවය අතහැරිය හැකි විය යුතු බවත් එම බැඳීම් සහ පක්‍ෂපාතීත්වය ඇතිව ඉහත ධුර දැරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි,"" බවයි. ""දැනට ද්විත්ව පුරවැසි බාධකය පවතින්නේ පාර්ලිමේන්තු හෝ වෙනත් මහජන නියෝජිත ධුරයක් දැරීමට වුවත් එය තානාපති ධුර, අමාත්‍ය ලේකම් ධුර, මහ බැංකු අධිපති ධුරය වැනි ධුරවලටද අදාළ වන සේ පැවතිය යුතු,"" බවත් අවධාරණය කළ අමාත්‍ය විමල් වීරවංශ ""එය රටට හිතකර දෙයක් මිස අහිතකර දෙයක් නොවන බවත්"" මීට ඉහතදී පවසා තිබිණි. මෛත්‍රීපාල සිරිසේන හැර ආණ්ඩු පක්ෂයේ විසිවන ව්‍යවස්ථා සංශෝධනයට විරිද්ධව ප්‍රකාශ නිකුත්කළ, විදුර වික්‍රමනායක, විජේදාස රාජපක්ෂ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග ඇතුළු සියලුම මන්ත්‍රීවරුන් පක්ෂව ජන්දය ප්‍රකාශ කර තිබීමත් විශේෂත්වයකි. කියවන්න: සංඝරත්නයේ විරෝධය 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය ලබා ගැනීම පිණිස ආණ්ඩුවේ මන්තී‍්‍රවරුන් පිරිසක් විසින් ජාතික නිදහස් පෙරමුණේ මන්තී‍්‍රවරුන්ට කරන ලද බලපෑම් කිරීමක් සම්බන්ධයෙන් වීරවංශ ඇමැතිවරයා සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයන්ත කැටගොඩ මහතා බදාදා (ඔක්තොම්බර 21 දා) පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටතදී උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇත. එහිදී කැටගොඩ මන්තී‍්‍රවරයා වීරවංශ ඇමැතිවරයාට බැණ වැදී ඇති අතර පහරදීමට ද උත්සාහ දරා ඇතැයි නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය. විසි වැනි ව්‍යවස්ථා සංශෝධන පනතින් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරන තුරු අඛණ්ඩ විරෝධතාවක නිරත වන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද සහ ඇල්ලේ ගුණවංශ යන නාහිමිවරු බදාදා නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසූහ. එහිදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූවේ මේ ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා පෙරමුණ ගත්තේ සංඝරත්නය බවත් සංඝරත්නයේ හඬට ඇහුම්කන් නොදී කටයුතු කරනවා නම් එය පරාජය කිරීමටද සංඝරත්නය පියවර ගන්නා බව ය. ඇල්ලේ ගුණවංශ නාහිමියෝ පැවසූවේ ""මේ ආණ්ඩුව හදන්න පෙරහැරේ ගියේ අපියි. හැබැයි දැන් වෙන වෙන කසකාරයෝ බෙරකාරයෝ නැට්ටුවෝ එකතුවෙලා වෙනම පෙරහැරක් යන්න හදනවා. ඊට අපි ඉඩ දෙන්නේ නැහැ."" කියවන්න:" -sri-lanka-36363552,https://www.bbc.com/sinhala/sri-lanka-36363552,තාජුදීන් ඝාතනය: අනුර සේනානායක 'සාක්ෂි වසන් කළා',රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය රිය අනතුරක් සේ සලකා පරීක්ෂණ පවත්වන මෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක පොලිසියට නියෝග කර ඇති බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.,වසීම් තාජුදීන් ඝාතනය රිය අනතුරක් සේ සලකා පරීක්ෂණ පවත්වන මෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නියෝග කර තිබෙන බව රහස් පොලිසිය පවසයි එමගින් ඔහු සාක්ෂි වසන් කිරීමට කටයුතු කර ඇති බවද හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය පැවසීය. මියගිය රග්බි ක්‍රීඩකයාගේ මුදල් පසුම්බිය කිරුපලන ප්‍රදේශයෙන් සොයා ගත් නමුත් ඒ පිළිබඳව පරීක්ෂණ නොපවත්වන මෙන් පොලිසියට බලපෑම් කිරීම සැකකරුට එරෙහිව පොලිසිය එල්ල කළ තවත් චෝදනාවක්. වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධ පරීක්ෂණ යටපත් කිරීමට උත්සාහ කළ බවට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබුණු බව ජනමාධ්‍ය වාර්තා කරයි වසීම් තාජුදීන්ගේ රිය ගිනි ගෙන සුළු වේලාවකින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිවිල් ඇඳුමින් සැරසී ඒ අසල ගැවසුන බවට සාක්ෂි ලැබී තිබෙන බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සැකකරු ලබන මැයි 26 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. හදිසි රිය අනතුරක් හේතුවෙන් රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් මරුමුවට පත් වූ බව පසුගිය රජය සමයේ පැවැත්වූ පරීක්ෂණවල නිගමණය වී තිබුණු නමුත් එය මිනීමැරුමක් බව අධිකරණය පසුගියදා තීන්දු කළේය. -sri-lanka-39269911,https://www.bbc.com/sinhala/sri-lanka-39269911,සෝමාලි පැහැරගැනීම: ධීවරයන් ද? කොල්ලකරුවන් ද?,සෝමාලියාවට නුදුරු මුහුදේ දී පැහැර ගැනීමට ලක් වූ බව පැවසෙන ඉන්ධන ප්‍රවාහන නෞකාව මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවීමක් ද යන්න මෙතෙක් පැහැදිලි වී නොමැති බව ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් සී.ආර්.පී වලාකුලුගේ පවසයි.,"නෞකාව සෝමාලියාවේ මොගදිෂු අගනුවර බලා යාත්‍රා කරමින් තිබිණි වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් තමන් ලුහුබඳිමින් සිටින බව පවසමින් යාත්‍රාවෙන් පණිවුඩයක් ලැබී ඇතැයි ප්‍රංශයේ පිහිටි සමුද්‍රීය මුදවා ගැනීමේ සම්බන්ධීකාරක මධ්‍යස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත දන්වා ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. එතැන් පටන් නෞකාව සමග පවතින සන්නිවේදනය ඇණහිට ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මේ අතර බලධාරීන් සමග අදහස් හුවමාරු කර ගෙන ඇති තුවක්කුකරුවන් ඔවුන්ට පවසා ඇත්තේ තමන් ධීවර කර්මාන්තයේ යෙදී සිටින්නන් බවය. ධීවරයන් ද? කොල්ලකරුවන් ද? නීති විරෝධී ලෙස මසුන් මැරීම සඳහා යොදා ගැනෙන යාත්‍රාවලට හසුව තම ධීවර ආම්පන්න විනාශ වී ඇති බව ද තුවක්කුකරුවන් එහිදී පවසා තිබේ. නෞකාව පැහැර ගැනීමට ලක් වූ අලුලා නගරයේ දිස්ත්‍රික් කොමසා��ිස් අලි ශයර් මොහමඩ් ඔස්මාන් බීබීසී වෙත අදහස් දක්වමින් කියා සිටියේ තුවක්කුකරුවන් සැබෑ ලෙසම ධීවරයන් ද නැතිනම් සංවිධානාත්මක කොල්ලකරුවන් ද යන්න පිළිබඳ කරුණු අනාවරණය කර ගැනීමේ උත්සාහයක යෙදී සිටින බවය. ""නෞකාව අල්ලෙගෙන ඉන්න මිනිස්සු කියන්නේ ඒ ප්‍රදේශයේ සිදුවෙන නීති විරෝධී මසුන් මැරීමේ කටයුතු නිසා තම ජීවිකාවට බලපෑම් එල්ල වෙන බවයි. ඔවුන් මංකොල්ලකරුවන් බව සනාථ වුනොත් වහාම එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස මම ඔවුන්ට නියෝග කරනවා . නැතිනම් නෞකාව බේරා ගන්නේ කොහොමද කියන කාරණය ගැන අපි අවධානය යොමු කරනවා"" යනුවෙන් ඔහු පැවසීය. 'ශ්‍රී ලාංකිකයන් අට දෙනෙක්' මේ අතර සෝමාලියාවට නුදුරු මුහුදේදී කොල්ලකරුවන්ගේ පැහැර ගැනීමට ලක්ව ඇති බව පැවසෙන ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ශ්‍රී ලාංකිකයන් අට දෙනෙකු සේවය කොට ඇතැයි වාර්තාවන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. නෞකාවේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ සුභ සාධනය තහවුරු කිරීම සඳහා නාවුක නියෝජිතායතන, අදාළ බලධාරීන් මෙන්ම අදාළ විදේශ රටවල පිහිටි ශ්‍රී ලාංකික දූත මණ්ඩල සමඟ අඛණ්ඩව සම්බන්ධ වෙමින් ඒ පිළිබඳ වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීමට පියවර ගනිමින් සිටින බව විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. මූළික විමසීම්වලින් කරුණු හෙළිවන පරිදි අදාළ නෞකාව ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී නොමැති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. ශ්‍රී ලංකාවේ ධජය සහිත නෞකාවක් සෝමාලියාවේ උතුරු දිග වෙරළට නුදුරින් යාත්‍රා කරමින් තිබියදී මුහුදු කොල්ලකරුවන් බවට සැක කෙරෙන කීපදෙනෙකු ඊට ඇතුළු වී ඇති බව එරට බලධාරීහු පවසති." -sri-lanka-48036362,https://www.bbc.com/sinhala/sri-lanka-48036362,ශ්‍රී ලංකාවේ පිපිරීම්: යුද්ධ හමුදාවට 'අලුත් බලතල',හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමත් සමග ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සදහා අවශ්‍ය බලතල බදාදා (අප්‍රේල් 24) සිට යුද්ධ හමුදාවට පවරා තිබේ.,"පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළ අතර ප්‍රහාර සඳහා සහභාගී වූ බෝම්බකරුවන්ගෙන් අටදෙනෙක් හඳුනාගෙන ඇත.‍ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ""අද උදේ වෙන තෙක් අපි කළේ පොලිසියට නීතිය හා සාමය රැකීම සදහා සහය වෙන එකයි. ඒත් හදිසි නීති රෙගුලාසි යටතේ ඒ සම්බන්ධයෙන් සෘජුව සහ කාර්යක්ෂමව ක්‍රියා කරන්න අපට පුළුවන්."" යැයි හමුදා ප්‍රකාශ�� බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු පැවසුවේ බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.‍ එම බලතල අනුව, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ පැය 24ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට හමුදාවට බලය හිමි වී ඇත. එසේම පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශවය වශයෙන් ජාතික තවුහීඩ් ජමා'අත් සංවිධානය හඳුනාගෙන තිබෙන බවද හමුදා ප්‍රකාශකවරයා අවධාරණය කළේය. මේ අතර, අයිඑස්අයිඑස් සංවිධානය මේ සම්බන්ධයෙන් වගකීම භාර ගන්නා බවට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇති බව කී ඔහු, ""අයිඑස්අයිඑස් කියන සංවිධානය වගකීම භාර ගන්නවා කියලා කියනවා. කෙසේ වෙතත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ අපි මුලින් හදුනාගත් දේවල්වල පරීක්ෂණ වෙන අතකට යොමු කරන්න. අපිට ඉක්මනින් ම හැකි වෙයි ඒ ගැන සනාථ කරන්න."" යනුවෙන් පැවසීය. බෝම්බකරුවන් පිළිබඳ තොරතුරු මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ අයගෙන් එක් පුද්ගලයෙකු එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලැබුවෙක් බව හෙළිවී තිබේ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන බදාදා (අප්‍රේල් 24) මාධ්‍ය අමතමින් පැවසුවේ එම බෝම්බකරු ඔස්ට්‍රේලියාවේ ද අධ්‍යාපනය ලබා ඇති බවය. එසේම ප්‍රහාර වලට සම්බන්ධ වූ නව දෙනාගෙන් අට දෙනෙක් හඳුනා ගත බව පොලීසිය පැවසීය. ප්‍රහාරකයින් අතර එක් කාන්තාවක ද විණි. එසේම බෝම්බකරුවන් දෙදෙනෙක් සහෝදරයින් බව හෙළිදරව් වී තිබේ. මේ අතර කොළඹ සිටින බීබීසී සිංහල සේවයේ වාර්තාකරුවන් පැවසුවේ අද දින (අප්‍රේල් 24) මහජනතාව පොදු ප්‍රවාහන සේවා භාවිතයේ අඩුවක් දක්නට ඇති අතර ඇතැම් දේවස්ථාන ආසන්නයේ ආරක්ෂාව තර කර ඇති බවකි. මේ අතර අද (අප්‍රේල් 24) රාත්‍රී 10 සිට හෙට උදෑසන 4 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේය. කියවන්න:" -141231_lanka_rajagiriya_defender,https://www.bbc.com/sinhala/sri_lanka/2014/12/141231_lanka_rajagiriya_defender,කලපළුවාව අනතුර සිදු කළේ මොන ඩිෆෙන්ඩරයද?,කලපළුවාව අනතුරට වගකිවයුතු ඩිෆෙන්ඩර් රථයේ අංකයම සහිත තවත් ඩිෆෙන්ඩර් රථයක් වැලිකඩ පොලිස් භූමියේ එක ළඟ නතර කර ඇති බව එම අනතුරින් බරපතල තුවාල ලද ශිෂ්‍යාවගේ පියා පවසයි.,එකම අංකය සහිත වාහන දෙක පොලිසියේ පසුගිය සඳුදා රාජගිරිය කලපළුවාවේ ‘රන්ගිරි’ පෙදෙසේ සිදු වූ මාර්ග අනතුරින් තුවාල ලබා සිටින්නේ සචින් තිලකරත්න නම් දහඅට හැවිරිදි යොවුන් ශිෂ්‍යයකු සහ මනෝෂි කාව���න්ධ්‍යා නම් දාහත් හැවිරිදි ශිෂ්‍යාවකි. තුවාල ලද දෙදෙනාගෙන් සචින් තිලකරත්න ශිෂ්‍යයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ අසාධ්‍ය තත්වයක පසු වෙන බවයි වාර්තා වන්නේ. ශිෂ්‍යයා සහ ශිෂ්‍යාව බස් රියෙන් බැස ගමන් ගනිමින් සිටියදී අධි වේගයෙන් පැමිණි ඩිෆෙන්ඩර් රථ දෙකකින් එකක් ඔවුන් දෙදෙනා යට කොට අසළ පිහිටි බස් නැවතුම් කුටියත් විනාශ කරමින් පෙරට ඇදී ගොස් මාර්ගයේ පැත්තක පස් කණ්ඩියේ සිර වී නතර වූ බවයි සිද්ධිය දුටුවන් පවසන්නේ. මනෝෂි කාවින්ධ්‍යා ශිෂ්‍යාවගේ හානි වූ පාදයට තලංගම රෝහලේ දී ශල්‍ය කර්මයක් සිදු කර ඇති අතර සචින් තිලකරත්න ශිෂ්‍යයා තවමත් සිහිසුන් තත්වයක සිටින බවයි වාර්තා වන්නේ. රථයේ හිමිකරු අනතුර සම්බන්ධයෙන් බීබීසී සංදේශයට ප්‍රකාශයක් කරමින් මනෝෂි කාවින්ධ්‍යා ශිෂ්‍යාවගේ පියා සඳහන් කළේ එම ඩිෆෙන්ඩර් රථයේ හිමිකරු කවුරුන්ද යන්න දැන ගන්නට නැති බවයි. ‘විවිධ අදහස් පළ වෙමින් තියෙනවා. නමුත් ඒ වාහනය අයිති කාටද කියල අපි දන්නේ නැහැ. මේ අතර දැනට වැලිකඩ පොලිස් භූමියේ තබා ඇති අනතුර සිදු කළ වාහනයේ අංකයම සහිත තවත් වාහනයක් ද ඒ ලඟින්ම නතර කරලා තියෙනව’ මනෝෂි කාවින්ධ්‍යා ශිෂ්‍යාවගේ පියා එම්.එච්.සුනිල් පවසයි. දකුණුපස පළමුවැන්නා සචින් තිලකරත්න අනතුර සිදු කළ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු යයි කියන පුද්ගලයකුත් බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ තලංගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහු අසලින් මත්පැන් ගඳක් දැනුනෙන් තමා ඒ බව රෝහලේ වෛද්‍යවරයකුට දැනුම් දුන් බවත් එම්.එච්.සුනිල් කියා සිටියි. එකම අංකයෙන් වාහන දෙකක් ඒ ගැන නිගමනය කිරීම සඳහා රුධිර පරීක්ෂණයක් සිදු කරන බව වෛද්‍යවරයා ප්‍රකාශ කළ බවයි එම්.එච්.සුනිල් පවසන්නේ. මේ අතර අඟහරුවාදා සවස වැලිකඩ පොලිසියට ගිය තමාට එම භූමියේ එකම අංකයක් සහිත වාහන දෙක දක්නට ලැබුණ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. එසේ එක ම අංකය සහිත වාහන දෙකක් පැවතිය හැක්කේ කෙසේද යන්න ගැන පරීක්ෂණ පවත්වන බව පොලිසිය ප්‍රකාශ කළ බවත් එම්.එච්.සුනිල් පවසයි. මුහුණ පෑමට සිදුව ඇති අවාසනාවන්ත සහ අසීරු තත්වය යටතේ නීතිඥයකුගේ පිහිට පැතීමට හෝ තවමත් කාලයක් නොලද බවත් එම්.එච්.සුනිල් කියා සිටියි. -141028_lanka_gender_gap,https://www.bbc.com/sinhala/sri_lanka/2014/10/141028_lanka_gender_gap,ස්ත්‍රී පුරුෂ සම අයිතීන් පරතරය 'වැඩිවෙලා',කාන්තාවන්ට සහ පුරුෂයින්ට හිමි වන සමාන අවස්ථා අතර පරතරය වැඩි වෙමින් පවතින රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක් වී ඇති බව ලෝක ආර්ථික සංසදය පවසයි.,"ආර්ථික, අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවලට සාපේක්ෂව දේශපාලනය තුළ කාන්තාවන්ට ලැබෙන අවස්ථාවල අඩු වීමක් සමස්තයක් ලෙස දෙදහස් පහ වසරේ සිට සමාන අවස්ථා හිමි වීමේ පරතරය වැඩි වෙමින් පවතින රටවල් අතරට ශ්‍රී ලංකාව ඇතුළු මාලි, ක්‍රොයේෂියාව, මැසිඩෝනියාව, ජෝර්දානය සහ ටියුනීසියාව යන රාජ්‍යයන් එක් වී ඇති බවයි, ලෝක ආර්ථික සංසද පර්යේෂණ වාර්තාවක සඳහන් වෙන්නේ. ආර්ථික, සෞඛ්‍ය, අධ්‍යාපන සහ දේශපාලන යන ක්ෂේත්‍ර මුල් කර ගනිමින් රටවල් එකසිය හතළිස් දෙකක කළ පර්යේෂණයකින් අනතුරුව මෙම වාර්තාව ප්‍රකාශයට පත් කොට තිබේ. ඉහත කී රටවල් හැර බොහෝ රටවල සමාන අවස්ථා හිමි වීමේ පරතරයේ 'සුවිශේෂී වෙනසක්' දැකිය හැකි බව ස්ථීර ලෙස පෙන්වා දෙන වාර්ෂික පර්යේෂණ වාර්තාව, දෙදහස් පහ වසරේ සිට රටවල් එකසිය පහක සමාන අවස්ථා හිමි වීමේ විශාල වර්ධනයක් පෙන්නුම් කරන බවත් සඳහන් කරයි. සමාන අවස්ථා හිමි වීමේ ලැයිස්තුව තුල අයිස්ලන්තය පළමු ස්ථානයේ පසු වන අතර පහළින්ම සිටින්නේ යේමනයයි. ශ්‍රී ලංකාවේ දේශපාලනය දෙදහස් දහතුන වසරේ පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවක් දේශපාලන ක්ෂේත්‍රයේ පාර්ලිමේන්තුව තුල ශ්‍රී ලාංකීය කාන්තා නියෝජනය ඉතා අඩු බව පවසන වාර්තාව, පාර්ලිමේන්තුව තුළ එය පුරුෂයන් අනූහතර දෙනකුට කාන්තාවන් හයක අනුපාතයක් බව පෙන්වා දෙයි. ආර්ථික දායකත්වය තුළ කාන්තාවන්ට සහ පුරුෂයින්ට හිමි වන අවස්ථා අතර පරතරය දැක්වෙන අංශයේ ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ එකසිය නව වන ස්ථානයයි. කෙසේ නමුත් ද්විතීයික හා තෘතීයික අධ්‍යාපනය ලබා ගැනීම තුළ ශ්‍රී ලාංකික කාන්තාවෝ පුරුෂයින් අභිබවා ඉදිරියෙන් සිටිති. ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව සමස්තයක් ලෙස පුරුෂයන්ට වඩා වැඩි අගයක් ගන්නා බවත් වාර්තාවේ සඳහන්. රටවල් එකසිය හතළිස් දෙකක කාන්තාවන්ට සහ පුරුෂයින්ට හිමි වන සමාන අවස්ථා අතර පරතරය දැක්වෙන ලැයිස්තුවේ ඉන්දියාව එකසිය දාහතර වන ස්ථානයේ පසු වන අතර පාකිස්තානට හිමි වී තිබෙන්නේ එකසිය හතළිස් එක් වන ස්ථානයයි." -140220_lanka_facebook_keheliya,https://www.bbc.com/sinhala/world/2014/02/140220_lanka_facebook_keheliya,"‘ෆේස්බුක් හොඳයි,නරකයි’ - කෙහෙළිය",‘ෆේස්බුක්’ වැනි සමාජ මාධ්‍යයන් නිසා ඇතිවී තිබෙන සමාජීය ගැට‍ළු පිළිබඳ ව රජයේ අවධානය යොමු වී ඇති බව ජන මාධ්‍යය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.,"ඇමතිවරයා එම අදහස් පළ කළේ කොළඹ දී අමාත්‍ය මණ්ඩල තීරණ දැනු��් දීමේ මාධ්‍ය හමුවේදී. හොඳ නොහොඳ දෙකම ඇතුළත් නවීන මාධ්‍යය අතර ෆේස්බුක් වැනි අංග ලෝකයටම ප්‍රශ්නයක් වී ඇති බවයි ඇමතිවරයා පවසන්නේ. එහෙත් එය පාලනය කිරීමට රජයට අදහසක් නොමැති බවත් කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා පවසයි. උපදේශකයන් විසින් විවිධ මත ඉදිරිපත් කර ඇතත් ‘ෆේස්බුක්’විසඳා ගත නො හැකි ප්‍රශ්නයක් වී ඇති බවයි ඇමතිවරයාගේ අදහස් වුණේ. විවිධ අදහස් කෙහෙළිය රඹුක්වැල්ල “මේ ගැන විවිධ අදහස් තියෙනවා. යම් කිසි කෙනෙකුට අගතියක් වෙන දෙයකට අවහිර කරන්න ගියොත් රටේ ලෝකයේ පොදු දැනුම සන්නිවේදනයට අවහිර වීමක් වෙනවා. ඒක සත්‍යයක්.” ජනමාධ්‍යය ඇමතිවරයා පවසයි. ෆේස්බුක් නියාමනය කිරීමේ අදහස් රජයට තිබේදැයි මාධ්‍යවේදියකු විමසූ විට ඇමතිවරයා කියා සිටියේ,""නියාමනය කළ හොත් එය මාධ්‍යය නිදහසට සම්බන්ධ ප්‍රශ්නයක් බවට පත් කර ගත හැකි අතර එය ලොකු ප්‍රශ්නයක්"" බවට පත් කෙරෙන බවයි. ෆේස් බුක් වැනි සමාජ මාධ්‍යයන් පාලනය කිරීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව පැවසූ අමාත්‍යවරයා, එහෙත් ඉන් පැන නගින සමාජීය ගැට‍ළු වළක්වා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් පෙන්වා දෙයි." -130929_tna_bonus_seat,https://www.bbc.com/sinhala/sri_lanka/2013/09/130929_tna_bonus_seat,දෙජාස දෙවැනි බෝනස් ආසනය කාන්තාවකට,උතුරු පළාත් සභාවේ තමන්ට හිමි වූ දෙවැනි බෝනස් ආසනය විවිධ ජාතීන් සහ ජන කණ්ඩායම් වෙනුවෙන් කෝටා ක්‍රමයකට ලබා දීමට තීරණය කළ බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.,"ලබන වසරේ කෝටාව ජන කණ්ඩායමකට ලබා දෙන බව දෙජාස පවසයි එක් මන්ත්‍රීවරයෙකුට බෝනස් ආසනය හිමිවන කාල සීමාව වසරක් බවද දෙජාස මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් බීබීසී දෙමළ සේවයට කියා සිටියේය. මේ අනුව කාන්තාවන් වෙනුවෙන් මුලතිවු ප්‍රදේශයෙන් තරඟ වැදුණු කමලා ගුනසීලන් පළමු වසර සඳහා පත් කිරීමට සන්ධානය තීන්දු කොට තිබේ. මෙතෙක් උතුරු පළාත් සභාවට තේරී පත් වී සිටි එකම කාන්තාව, හිටපු එල්ටීටීඊ නායක එලීලන්ගේ බිරිඳ ආනන්දි සසීහරන් පමණි. කාන්තාවන්, ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනතාව සහ විවිධ ආගම්වල නියෝජිතයන්ට බෝනස් ආසනය පිරිනැමීම පිළිබඳව සන්ධාන නායකයන්ගේ අවධානය යොමු වී තිබේ. කෙසේ නමුත් අමාත්‍ය පදවි පිළිබඳව තවමත් එකඟත්වයක් නැති බවද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා සඳහන් කළේය. පළමු බෝනස් ආසනය සඳහා මැතිවරණයේදී පරාජයට පත් වූ දෙජාස අපේක්ෂක අස්මින් අයුබ් පත් කිරීමට සන්ධානය පසුගියදා තීන්��ු කළේය." -sport-42751145,https://www.bbc.com/sinhala/sport-42751145,බංග්ලාදේශය හතුරුසිංහ පරාජය කරයි,ශ්‍රී ලංකා -බංග්ලාදේශ් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය වාර්තා කිරීමට සත්කාරක බංග්ලාදේශයේ ක්‍රිකට් කණ්ඩායම අද (ජනවාරි 19) සමත් වූහ.,එම ඕවර් පනහේ එක්දින තරඟය ආරම්භ කරමින් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් කරමින් නියමිත ඕවර් පනහ නිමාවේ කඩුලු හතක් දැවී ළකුණු 320 ක් වාර්තා කිරීමට සමත් විය. එය ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශ් කණ්ඩායම එක්දින තරඟයක දී වාර්තා කරන ලද වැඩිම ළකුණු සංඛ්‍යාවයි. එම අභියෝගය හමුවේ ජයග්‍රහණය සඳහා ළකුණු 321 ක ඉලක්කය කරා ගමන් ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම ළකුණු 157 කට සීමා කිරීමට බංග්ලාදේශ් ක්‍රීඩකයෝ සමත් වූහ. ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර් 32යි පන්දු දෙකකදී දවා ලීමට ඔවුහු පියවර ගත්හ. කලින් බංග්ලාදේශ් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුව සිටි චන්දික හතුරුසිංහගේ මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාව එම කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ පළමු තරඟය ද මෙයයි. එම තරඟයේ දී ළකුණු 163 කින් ලද පරාජය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලද දැවැන්තම පරාජයන්ගෙන් එකක් ලෙසත් සටහන් වෙයි. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව සිටින හෙයින් අද තරඟයේ දී කණ්ඩායම මෙහෙයවන ලද්දේ දිනේෂ් චන්දිමාල් විසිනි. මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව සහභාගී වූ තරඟයෙන් ද ලකුණු 12 කින් පරාජය විය. සබැඳි පුවත්; -131125_iran,https://www.bbc.com/sinhala/world/2013/11/131125_iran,න්‍යෂ්ටික ගිවිසුමට ඉරාන ජනතා ප්‍රශංසා,න්‍යෂ්ටික බලය සම්බන්ධයෙන් ලෝක බලවතුන් සමග ස්විට්සර්ලන්තයේ දී ගිවිසුමකට එළැඹි ඉරාන සාකච්ඡා කරුවන් සියරට එද්දී ඔවුන් පිළිගනු ලැබුවේ ඔල්වරසන් නගන පිරිසක් විසින්.,"සිය ගණනක් ජනතාවගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ඉරාන සාකච්ඡා කරුවන් ටෙහෙරාන් අගනුවරට ළඟා වූයේ එක්සත් ජනපදය, රුසියාව, චීනය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ ජර්මනිය සමග අන්තර් කාලීන න්‍යෂ්ටික ගිවිසුමකට එළඹීමෙන් අනතුරුවයි. ‘ඓතිහාසික අත්වැරැද්දක්’ ලෙසින් මෙම එකඟතාව හැඳින්වූ ඊශ්‍රායල අගමැති බින්යමින් නෙතන්යාහු දුරකතනයෙන් ඇමතූ එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා වොෂින්ටන් පාලනය ඊශ්‍රායලය වෙනුවෙන් දක්වන කැපවීම යළි සහතික කිරීමට වීරිය කොට තිබේ. ජිනීවා නුවර දී ඉරිදා ඇති කර ගත් එකඟතාවෙන් අනතුරුව ඉරාන තෙල් අලෙවිය ප��සු වෙතැ’යි ජාත්‍යන්තර ව්‍යාපාර අතර අපේක්ෂා දැල්වීමත් සමග සඳුදා තෙල් මිල පහත වැටුණි. විශාලත්වයෙන් ලෝකයේ සිව් වැනි තැන ගන්නා තෙල් සංචිත හිමි ඉරානය සම්බාධක වලින් වසර දෙකක් පීඩා වින්දේය. ඩොලර් කෝටි හත්සියයක් පමණ වන සහන අපේක්ෂාවෙන් ඉරානය තමන්ගේ ඇතැම් න්‍යෂ්ටික ක්‍රියාකාරකම් අත් හිටුවන්නට එකඟ වී තිබේ." -world-38958094,https://www.bbc.com/sinhala/world-38958094,"""මීතොටමුල්ලට කුණු එපා: ඉවසන්නේ සති දෙකයි""",කොළොන්නාව ජනතාවට විශාල පීඩාවක් වී තිබෙන මීතොටමුල්ල කුණු කන්ද එම ස්ථානයෙන් ඉවත් කර කොළඹ නගරයට එක්රැස්වන කුණු ජාඇල ඒකල ඔතේකැලේ ප‍්‍රදේශයට බැහැර කිරීමට රජය ගෙන ඇති තීරණය වහා ක්‍රියාත්මක කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්එම් මරික්කාර් ඉල්ලා සිටියි.,"ලබන මාසයේ සිට මිතොටමුල්ලට කුණු බැහැර කිරීමට ඉඩ නොදෙන බවට ප්‍රදේශයේ ජනතාව තීරණය කර ඇති බවත් කොළොන්නාව ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු ප්‍රජා නායකයන් සමග එක්ව මාධ්‍ය හමුවක් ඇමතූ මන්ත්‍රීවරයා සඳහන් කළේය. ""ලබන මාසෙන් පස්සේ කොළොන්නාවට කුණු ගේන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපි දැන් ඉවසුවා ඇති. ඉවසලා ඉවසලා දැන් රතු කට්ට පැනලා තියෙන්නේ,"" ඔහු පැවසීය. ""රතු කට්ට පැනලා"" ජාඇල ඒකල ප්‍රදේශයට තාවකාලිකව කුණු බැහැර කිරීමේ තීරණය සියළු පරිසර බලපත්‍රව සහිතව සිදුකිරීමට තීරණය කර ඇති බව පැවසූ මන්ත්‍රීවරයා ඇතැමුන් එය නොදැන ඒ සඳහා විරෝධතා පවත්වන බවයි සඳහන් කළේ. ඒ අතර ඒකල ප්‍රදේශයට කුණු බැහැර කිරීමේ තීරණයට එම ප්‍රදේශයේ ජනතාව දැඩි විරෝධය පළකරති. එයට එරෙහිව ප්‍රදේශවාසීන් පසුගිය සතියේ මාර්ග අවහිර කරමින් විරෝධතාවක් දියත්කළ අතර, නියෝජ්‍ය ආමාත්‍ය රන්ජන් රාමනායක එම ස්ථානයට පැමිණ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබාදෙන බවට ප්‍රතිඥාදීමෙන් අනතුරුව ඔවුහු විසිර ගියහ. 'ප්‍රතිචක්‍රීයකරණ වැඩපිළිවෙලක් නැහැ' කුණු ප්‍රතිචක්‍රීයකරණ වැඩපිළිවෙක් පිළිබඳව වසර ගණනාවක් මුළුල්ලේ සාකච්ඡා පැවැත්වෙන නමුත් එය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි බීබීසීය කළ විමසීමට පිළිතුරු දුන් මරික්කාර් මන්ත්‍රීවරයා, එවැනි වැඩපිළිවෙලක් තවමත් ක්‍රියාත්මක වන ආකරයක් දක්නට නොලැබෙන බව සඳහන් කළේය. 'ජාතික ව්‍යසනයක්වන' කුණු ගැටළුවට ජාතික ප්‍රතිපත්තියක් ඇතිකර කඩිනම් විසඳුමක් ලබාදිය යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය." -sri-lanka-39472577,https://www.bbc.com/sinhala/sri-lanka-39472577,කාන්තා නියෝජනය: ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ තර���ණයන්ට බයද?,අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) විසින් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවකට අනුව ලොව පුරා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල් 190 ක කාන්තා නියෝජනය සලකා බැලීමේදී ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ 176 වෙනි ස්ථානයය.,"ලොව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල් 190 ක කාන්තා නියෝජනය සලකා බැලීමේදී ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ 176 වෙනි ස්ථානයය මෙය ශ්‍රී ලංකා සමාජය තුළ දෛනිකව අත්දැකීමට ලැබෙන සංසිද්ධියක් වුවත් මේ ආකාරයට සිතියම් ගත වී ජාත්‍යන්තර වාර්තාවකින් එළිදැක්වූ අවස්ථාවේ 'කිසියම් චකිතයක්' ද ඇති වූ බව කාන්තා නියෝජනය වැඩිකිරීමේ උත්සාහයක නිරතව සිටින ක්‍රියාකාරිකයෝ පවසති. ""මොකද සාමාන්‍යයෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය වෙනුවෙන් වුවත් ලංකාව සාමාන්‍යයෙන් ඉහල තත්වයක තමයි ඉන්නේ,"" බව 'හෑෂ්ටෑග් පරපුර' (Hashtag Generation) තරුණ කණ්ඩායමේ සෙනෙල් වන්නිආරච්චි පෙන්වාදෙයි. ශ්‍රී ලංකාවේ මහජන නියෝජන ආයතන තුළ කාන්තා නියෝජනය වැඩිකිරීම උදෙසා ස්වේච්ඡා පුහුණු වැඩසටහන් සම්පාදනය කිරීම උදෙසා ඔහු මේ වසරේ බ්‍රිතාන්‍ය රැජිනගේ තරුණ නායකයෙකු ලෙස තෝරාගෙන තිබේ. ලෝකයේ ප්‍රථම අගමැතිනිය බිහි කළ ශ්‍රී ලංකාවේ කාන්තා නියෝජනය මෙතරම් පහල වැටුනේ ඇයි? ""විශේෂයෙන්ම කලාපයේ දත්ත දිහා බැලුවොතින් අධ්‍යාපනය, සෞඛ්‍යය වගේ අංශවලින් ලංකාව ගොඩක් ඉදිරියෙන් ඉන්නේ."" එහෙත් කාන්තා නියෝජනය වැඩිකිරීම පිණිස කාන්තාව දේශපාලනයේ නිරතවීම මෙන්ම එසේ ඉදිරිපත්වන කාන්තාවන්ට ඡන්දදායක කාන්තාවන්ගේ සහයෝගය ලැබීමත් අත්‍යවශ්‍ය සාධකයක් නොවන්නේ ද? එය පිළිගන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාන්තා සංවිධානයේ කාරක සභික ජීවනී කාරියවසම්, රටේ සමස්ත 'දේශපාලන සංස්කෘතිය' පුළුල් සංශෝධනයකට ලක්වීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන්නීය. ""කාන්තාවන් 1.98 ක වගේ ප්‍රතිශතයක් තමයි නගර සභාවල ඉන්නේ. පළාත් සභාවල 4% යි. පාර්ලිමේන්තුවේ 4-5% වගේ. ඉතින් 50% ක ජනගහනයක් වෙනුවෙන් මේ නියෝජනය විකෘතියක් නෙවෙයිද,"" බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ඇය සඳහන් කළාය. පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂිකාවක ලෙසින් පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තු වූ ඇයට එවර අපේක්ෂකත්වය හිමි නොවීම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංවාදයට බඳුන් වී තිබුණි. ""බොහොම ජවසම්පන්න, බලසම්පන්න කාන්තාවන් ඉන්නවා. ඒගොල්ලන්ට අවස්ථාව දෙන්න ඔය ප්‍රධාන පක්ෂ දෙකම බ��යි"" කාන්තා නියෝජනය වැඩිකිරීම සම්බන්ධ ගැටලුවට තිරසාර විසඳුමක් ලබාදීම පැහැදිලිවම ශ්‍රී ලාංකික සමාජයේ පුරවැසියන්ගේ (Behavioural change) චර්යාත්මක වෙනසක් සිදුවිය යුතු බව සෙනෙල් වන්නිආරච්චි ද අවධාරණය කරයි. 1960 දී සිරිමාවෝ බණ්ඩානායක අගමැති පදවියට පත්කරගනිමින් ලොව පළමු අගමැතිනිය බිහිකළ ශ්‍රී ලංකාව, පසුව ඇයගේ දියණිය, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විධායක ජනපතිනිය ලෙසින් තෝරා පත්කර ගත්තාය. එහෙත් කාන්තාවන් රාජ්‍ය නායකත්වයට පත්කළ පමණින් හෝ කාන්තා නියෝජනය වැඩි වූ පමණින් ශ්‍රී ලංකාවේ කාන්තාවන් පෙළන සියළු ගැටලුවලට විසඳුම් ලැබෙන්නේද? ""පැහැදිලිවම නැහැ,"" ඒ ප්‍රශ්නයට සෙනෙල් වන්නිආරච්චිගේ පිළිතුර එයය. ""නමුත් කාන්තා නියෝජනය අනිවාර්යයෙන්ම වැඩිවිය යුතුයි. මොකද උදාහරණයක් විදියට මහමගදී, වැඩපොලේදී කාන්තාව මුහුණදෙන ලිංගික හිංසනය ගැන පුරුෂයන්ට දැනුමක් නැහැ."" ""සාමාන්‍යයෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය වෙනුවෙන් වුවත් ලංකාව සාමාන්‍යයෙන් ඉහල තත්වයක තමයි ඉන්නේ"" ජීවනී කාරියවසම් ද එය අනුමත කරන්නීය. ""ලංකාවේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා ස්ත්‍රී දේශපාලනය වෙනුවෙන් සටන් කරපු ස්ත්‍රීන් ඉන්නවද කියල. ඉතින් එහෙම පුහුණුවක් ලැබීම සඳහා පැහැදිලිවම ස්ත්‍රී දේශපාලනය ගැන කතිකාව හරි තනකට එන්න ඕනේ,"" ඇය සඳහන් කළාය. එහිදී කාන්තාවන්ට සහ දක්ෂ තරුණ පරපුරට ඉදිරියට ඒමේ අවස්ථා අහිමි කරන බවට ඇය ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම චෝදනා කරන්නීය. ""බොහොම ජවසම්පන්න, බලසම්පන්න කාන්තාවන් ඉන්නවා. ඒගොල්ලන්ට අවස්ථාව දෙන්න ඔය ප්‍රධාන පක්ෂ දෙකම බයයි."" එබැවින් දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන අපේක්‍ෂිකාවන් වෙනුවෙන් සිය ඡන්ද භාවිත කිරීමට ඡන්දදායකයන් ද මැලිකමක් දක්වන බව හිටපු හලාවත නගර සභිකවරිය වැඩිදුරටත් සඳහන් කළාය." -world-53694227,https://www.bbc.com/sinhala/world-53694227,සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු කැනඩාවට කුලී ඝාතකයින් යැවූ බවට චෝදනා,සෞදි අරාබි හිටපු බුද්ධි අංශ නිලධාරියෙකු මරා දැමීම සඳහා කැනඩාව වෙත ඝාතකයන් කණ්ඩායමක් යැවූ බවට සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් වෙත චෝදනා එල්ල වී තිබේ.,"ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සෞදි අරාබියේ නිල නොවන නායකයා ලෙස සැලකේ මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේදී ඝාතනයට ලක් වී කෙටි කලක් තුළ බුද්ධි අංශ නිලධාරී සාද් අල් ජබ්‍රි මරා දැමීමට ගත් උත්සා���ය ව්‍යර්ථ වී ඇති බව එක්සත් ජනපදයේ ගොනු කර ඇති අධිකරණ ලිපිගොනු මගින් පැවසේ. සෞදි අරාබි ආණ්ඩුව වෙනුවෙන් කටයුතු කළ පළපුරුදු අයෙකු වූ අල් ජබ්‍රි තෙවසරකට ඉහතදී එරටින් පලා ගියේය. එතැන් සිට ටොරොන්ටෝ නුවර පෞද්ගලික ආරක්ෂක රැකවල් යටතේ ඔහු දිවි ගෙවීය. ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන් රට තුළට ඇතුළු වීමට උත්සාහ කළ ඝාතකයන් වෙත කැනේඩියානු ආගමන නිලධාරීන්ගේ සැකය යොමු වීමත් සමග, ක්‍රියාත්මක වූ බව පැවසෙන ඝාතන කුමන්ත්‍රණය ව්‍යර්ථ වී ඇතැයි අධිකරණ වාර්තාවල දැක්වේ. 61 හැවිරිදි අල් ජබ්‍රි වසර ගණනාවක් සෞදි අරාබියේ ක්‍රියාත්මක බ්‍රිතාන්‍ය M16 සහ සෙසු බටහිර ඔත්තු සේවා සමග අතරමැදියෙකු වශයෙන් කටයුතු කළ අයෙකි. 2015 ලන්ඩනයේ කළ සංචාරයකදී එවක ස්වදේශ කටයුතු අමාත්‍යවරිය තෙරේසා මේ විසින් පිළිගනු ලැබූ සාද් අල් ජබ්‍රි (රවුමේ දැක්වෙන) පැමිණිල්ලේ සඳහන් වන්නේ කුමක්ද? ජබ්‍රි නිහඬ කිරීමේ අරමුණින් ඔහු ඝාතනය කිරීමට උත්සාහ ගෙන ඇතැයි වොෂිංටන් ඩීසී හි ගොනු කරන ලද පිටු 106 කින් සමන්විත මෙතෙක් සනාථ නොවූ පැමිණිල්ල මගින් සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වෙත චෝදනා කර ඇත. තමා සන්තකයේ ඇති හානිකර තොරතුරු ඊට හේතු වී ඇති බව ජබ්‍රි පවසයි. සිදුව ඇතැයි පැවසෙන දූෂණ සහ 'ටයිගර් ස්කොඩ්' නමින් හැඳින්වුණු කුලී හේවාන් කණ්ඩායමක් අධීක්ෂණය කිරීම ඊට ඇතුළත් බව පැමිණිල්ලේ සඳහන් වේ. 2018 වසරේ දී ඉස්තාන්බුල් හි පිහිටි සෞදි කොන්සල් කාර්යාලයේදී මරා දැමුණු විරුද්ධ මතවාදී මාධ්‍යවේදී කශෝගිගේ ඝාතනයට 'ටයිගර් ස්කොඩ්' හි සාමාජිකයන් සම්බන්ධ බවත් එහි දැක්වේ. ""ආචාර්ය සාද් අල් ජබ්‍රිගේ මනස සහ මතකයට වඩා, විත්තිකාර බින් සල්මාන් පිළිබඳ වඩාත් සංවේදී, නින්දා සහගත සහ හානිකර තොරතුරු තැන් කිහිපයක ඇතුළත්,"" යනුවෙන් අධිකරණ ලේඛනයේ සඳහන් වේ. ""විත්තිකාර බින් සල්මාන්ට ඔහු ඝාතනය කිරීමට අවශ්‍ය වී ඇත්තේ ඒ නිසයි. පසුගිය වසර තුනක කාලය පුරා විත්තිකාර බින් සල්මාන් මේ ඉලක්කය වෙත ළඟා වෙන්න කටයුතු කර ඇත්තේ ඒ නිසයි,"" මාධ්‍යවේදී කෂෝගි අතුරුදන් වූයේ, තුර්කියේ ඉස්තාන්බුල්හි පිහිටි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වීමෙන් පසුවය. 2017 වසරේ දී තමන් ඉවත් කරනු ලැබීමට පෙර, කල්තියාම සෞදි අරාබියෙන් පැන ගියඅල් ජබ්‍රි තුර්කිය හරහා කැනඩාවට පැමිණියේය. තමන් සෞදි අරාබියට යළි ගෙන්වා ගැනීම සඳහා මොහොමඩ් බින් සල්මාන් සිගින් දිගටම උත්සාහ ��ළ බවට ඔහු චෝදනා කරයි. ඒ සඳහා තමා වෙත පෞද්ගලික පණිවිඩ එවූ බවත් ""අපි අනිවාර්යෙන් උඹ වෙත ළඟා වෙනවා"" යනුවෙන් එවැනි එක් පණිවිඩයක සඳහන් වූ බවත් ජබ්‍රි පවසයි. ඉන් පසු කශෝගි ඝාතනයෙන් සති දෙකකටත් අඩු කාලයක් තුළ තමා ඝාතනය කිරීමේ අරමුණින් 'ටයිගර් ස්කොඩ්' කණ්ඩායම කැනඩාවට පැමිණ ඇති බව ජබ්‍රි කියා සිටී. මාධ්‍යවේදී කශෝගිගේ සිරුර කැබලිවලට වෙන් කළ බවට චෝදනා එල්ල වන පුද්ගලයා හා සමාන එම අංශයේම තවත් පුද්ගලයෙකුගෙන් සමන්විත කණ්ඩායම මළ සිරුරු කැපීමට යොදා ගන්නා උපකරණ සහිත මළු දෙකක් රැගෙන පැමිණ ඇති බව අධිකරණයට ගොනු කළ පැමිණිල්ලේ දැක්වේ. කශෝගි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වන ආකාරය කෙසේ නමුත් කැනේඩියානු ආගමන නිලධාරීන්ගේ සැකය ඔවුන් වෙත එල්ල වී ඇති අතර ඔවුන් ප්‍රශ්න කිරීමට ලක් කිරීමෙන් පසු රට තුළට ඇතුළුවීමට අවසර දී නොමැති බවත් එහි සඳහන් වේ. ""ආචාර්ය සාද් අල් ජබ්‍රි මරා දැමීම සඳහා බින් සල්මාන් උතුරු ඇමරිකාව වෙත ඝාතකයින් කණ්ඩායමක් ඒවා තිබෙනවා"" යනුවෙන් අදාළ චෝදනාව මගින් තරයේ පවසයි. එක්සත් ජනපදයේ වධහිංසාවට ලක්වන වින්දිතයන්ට ආරක්ෂාව ලබා දීමේ පනත උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ඝාතන උත්සාහයක යෙදී ඇති බවට ජබ්‍රි ඔටුන්න හිමි සල්මාන් කුමරුට චෝදනා කරයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ලෙස කළ ඉල්ලීමට සෞදි ආණ්ඩුව ප්‍රතිචාර නොදැක්වීය. අදාළ නඩුව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නොහැකි බව කී කැනඩාවේ මහජන ආරක්ෂාව පිළිබඳ පළාත් අමාත්‍ය බිල් බ්ලෙයාර්, ""විදෙස් පුද්ගලයන් කැනේඩියානුවන් සහ කැනඩාවේ වෙසෙන පුද්ගලයන් දෙස දැඩි විමසිල්ලෙන් පසුවන, ඔවුන් බියගන්වන හෝ තර්ජනය කිරීමට උත්සාහ කළ අවස්ථාවන් පිළිබඳ ආණ්ඩුව දැනුවත්"" බව සඳහන් කළේය. ""එය කිසි ලෙසක පිළිගන්න බැහැ. කැනඩාවේ ජාතික ආරක්ෂාවට හෝ අපේ පුරවැසියන්ගේ සහ මෙරට ජීවත් වන්නන්ගේ ආරක්ෂාවට විදෙස් පුද්ගලයන් තර්ජනය කිරීම අප කිසි ලෙසක ඉවසන්නේ නැහැ. ඒවා හඳුනා ගන්න, විමර්ශනය කරන්න සහ එවැනි තර්ජනවලට ප්‍රතිචාර දක්වන්න අපේ ආරක්ෂක අංශ සතු හැකියාව කෙරෙහි කැනේඩියානුවන්ට විශ්වාසය තැබිය හැකියි,"" යනුවෙන් ඔහු පැවසීය. ""කැනේඩියානුවන්ගේ සහ මේ පොලොව මත ඉන්න අන් අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අප සෑම විටම සුදුසු පියවර ගනීවි. එවැනි ඕනෑම තර්ජනයක් පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන අංශ වෙත දන්වන ලෙසට අප ජනතාවට ආරාධනා කරනවා,"" ජබ්‍රිගේ වැඩිමහල් පුතු පවසන පර��දී, ඔහුගේ දරුවන් ""ප්‍රාණ ඇපකරුවන්"" වශයෙන් භාරයට ගෙන ඇති බව බීබීසීය මැයි මස වාර්තා කළේය. කවුද මේ සාද් අල් ජබ්‍රි? ඔහු වසර ගණනාවක්, 2000 දශකයේ දී අල් කයිඩා කැරලිකරුවන් පරාජයට පත් කිරීම සම්බන්ධයෙන් විශාල වශයෙන් ගෞරවයට ලක් වූ මොහොමඩ් බින් නයෙෆ් කුමරුගේ 'දකුණු අත' වශයෙන් කටයුතු කළේය. එසේම ජබ්‍රි ""ඇස් පහ"" ලෙස හැඳින්වෙන එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන බටහිර රටවල් සහ සෞදි අරාබිය අතර මැදිහත්කරුවෙකු වශයෙන් කටයුතු කළේය. එඩින්බරා විශ්වවිද්‍යාලයේ කෘතීම බුද්ධිය (Artificial intelligence) පිළිබඳ ආචාර්ය උපාධියක් සහිත ජබ්‍රි කැබිනට් ඇමති ධුරයක් දක්වා උසස් කෙරුණු අතර අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ මේජර් ජෙනරාල් ශ්‍රේණියක් දැරුවේය. නමුත් 2015 වසරේදී සියල්ල වෙනස් විය. අබ්දුල්ලා රජුගේ අභාවයත් සමග ඔහුගේ අඩ සොහොයුරු (Half-brother) සල්මාන් වෙත ඔටුන්න ගිය අතර ඔහුගේ තරුණ, අත්දැකීම් නොමැති පුතු මොහොමඩ් බින් සල්මාන් ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් පත් කෙරිණි. 2017 වසරේ දී මොහොමඩ් බින් සල්මාන් සිය පියාගේ ද ආශීර්වාදය ඇතිව ජීවිත හානියකින් තොරව කුමන්ත්‍රණයක් දියත් කළේය. ඔහු විසින් මීළඟට ඔටුන්නට හිමිකම් කියන මොහොමඩ් බින් නයෙෆ් බලහත්කාරයෙන් සිය භාරයට ගනු ලැබීය. ඒ සමග බින් සල්මන් ඔටුන්න හිමි කුමරු බවට පත් විය. ධූරයෙන් ඉවත් කරන ලද මීළඟට ඔටුන්නට හිමිකම් කියූ මොහොමඩ් බින් නයෙෆ් කුමරු මේ වන විට අත්අඩංගුවේ පසුවන අතර ඔහුගේ දේපල රජය භාරයට ගෙන තිබේ. මොහොමඩ් බින් නයෙෆ් වෙනුවෙන් සේවය කළ පුද්ගලයන් ඔවුන්ගේ ධුරවලින් ඉවත් කෙරිණි. ඒ සමග ජබ්‍රි කැනඩාව වෙත පළා ගියේය. සබැඳි යොමු:" -sri-lanka-42394199,https://www.bbc.com/sinhala/sri-lanka-42394199,"මැතිවරණයේදී කාන්තා හිංසනයට, ජාති - ආගම් භේදවලට දැඩි පියවර - මහින්ද දේශප්‍රිය","පළාත් පාලන මැතිවරණ සමය තුළදී ප්‍රචාරක පෝස්ටර් සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් දියත් කරන බව කියන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එම පෝස්ටර් ඉරා දමනු වෙනුවට ""නීති විරෝධී"" බව හැඟවෙන දැන්වීම් ඇලවීමට පියවර ගන්නා බව පවසයි.","මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඒ අනුව අදාළ පෝස්ටර් මත ""නීති විරෝධී"" යැයි දැක්වෙන තීරුවක් ඇලවෙනු ඇත. එවිට ජනතාව ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ඇතිකරගනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති සඳහන් කළේය. අද (දෙසැම්බර් 18) මැතිවරණ කොමිසම විසින් කැඳවන ලද මාධ්‍ය හමුවේදී තවදුරටත් කතා කළ එම කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ, මැතිවරණ සමය තුළදී ජනතාව වෙත භාණ්ඩ බෙදා හැරීම වැළක්වීමට ද පියවර නොගන්නා බවය. ඒ අනුව ඔහු කියා සිටියේ ""රජය භාණ්ඩ බෙදීම වළක්වන්නේ නැහැ. වසරේ ඉතිරි ප්‍රතිපාදනවලින් එම භාණ්ඩ බෙදා දෙන බව රජය පැවසුවත්, එවැනි අවස්ථාවලට මැතිවරණ අපේක්ෂකයින් සම්බන්ධ කරගන්නට බැහැ"" යනුවෙනි. එවැනි ස්ථානවල, එය ජනතාවගේ මුදලින් ක්‍රියාත්මකවන වැඩපිළිවෙලක් බව හා ඡන්දය ප්‍රකාශ කිරීමට බැඳීමක් ලෙස නොසැලකිය යුතුය යන පණිවිඩය සහිත විශාල බැනර ප්‍රදර්ශනයට පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය. එවැනි රාජ්‍ය උත්සව සඳහා ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට ද ආරාධනය කළ යුතු අතර එහි දේශපාලන කතා ඇතුළත් නොවිය යුතු බව ද කියා සිටි ඔහු එවැනි කතා සිදුවුයේ නම් ඒවා පළකිරීමෙන් වළකින ලෙස මාධ්‍යයෙන් ඉල්ලීමක් ද කළේය. සමාන තොරතුරු : පළාත් පාලන ආයතන නියෝජනය කළ සභිකයන් සංඛ්‍යාව 4486 සිට 8356 දක්වා ඉහළට සභාපතිවරයා අවධාරණය කළේ, ""රාජ්‍ය උත්සවවලදී දේශපාලන කතා එපා යැයි සියලුම දේශපාලන පක්ෂවලටත්, දේශපාලනඥයින්ටත් දන්වා තිබෙනවා. එවැනි උත්සවවලදී අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරන්නට බැහැ. එවැනි ප්‍රවර්ධන වැඩපිළිවෙල ගැන පැමිණිලි ලැබුනොත් එම උත්සව සංවිධාන කරන නිලධාරීන් වගකීම භාරගත යුතුයි."" යනුවෙනි. මේ අතර, ""වෛරී භාෂාව"" යොදාගන්නා, ජාති, ආගම් හා ප්‍රදේශ ආදී භේද ඇතිවන අයුරින් ක්‍රියා කරන අපේක්ෂකයින්ට මෙන්ම සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය. මෙවර කාන්තාවන් වැඩි පිරිසක් මැතිවරණයට ඉදිරිපත්වන බැවින් කාන්තා හිංසනයට අදාළ ක්‍රියා සම්බන්ධයෙන් ද දැඩි පියවර ගන්නා බවත් ඒ සඳහා ඉන්දීය මැතිවරණ කොමිසමේ ඇතැම් පියවරවල ආභාසය ලබාගන්නා බවත් ඔහු සඳහන් කළේය. ලොව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල් 190 ක කාන්තා නියෝජනය සලකා බැලීමේදී ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ 176 වෙනි ස්ථානයය මෙවර පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මස 10 වෙනිදා පැවැත්වේ. ඒ පිළිබඳ ගැසට් නිවේදනය මේ මස (දෙසැම්බර්) 26 නිකුත්වනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය. නාමයෝජනා ප්‍රතික්ෂේප වීම නාමයෝජනා ප්‍රතික්ෂේපවීම් සම්බන්ධයෙන් අදහස් පළකළ සභාපතිවරයා, ""අවසන් මොහොතේ නාම යෝජනා පත්‍ර භාර දීමෙන්"" වැරදි නිවැරදි කරග���නීමට ඇති අවස්ථා අඩුවන බව පෙන්වා දුන්නේය. ප්‍රතික්ෂේප වූ නාමයෝජනා රැසකට හේතුවුයේ සුලු තාක්ෂණික කරුණු බව කී සභාපති මහින්ද දේශප්‍රිය කිසිවකුගේ හෝ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම කැමැත්තකින් නොකරන බව සඳහන් කළේය. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ගන්නා ලද පියවර නිවැරදි බවත්, අවශ්‍ය අවස්ථාවලදී අධිකරණය හමුවේ වුව ද කරුණු දක්වන බවත් ඔහු කීය. නව ක්‍රමයකට මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බැවින් යම් අඩු පාඩු සිදුවිය හැකි බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය." -world-55437939,https://www.bbc.com/sinhala/world-55437939,බ්‍රෙක්සිට්: මතභේද නිමාකරමින් බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළඹෙති,මාස ගණනාවක් පැවති මතභේද අවසානයක් කරා ගෙන යමින් බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය පශ්චාත් බ්‍රෙක්සිට් වෙළෙඳ ගිවිසුමකට ළඟාවීමට අද (දෙසැම්බර් 24) සමත් වූහ.,"ධීවර කර්මාන්තයේ නියැලීමේ හිමිකම මෙන්ම අනාගත ව්‍යාපාරික රීතින් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර මතභේද පැවතිණි. ""අපේ නීතියේ හා අපගේ ඉරණමේ පාලනය යළි අප අතට ගත්තා"" යැයි අගමැති නිල නිවසේ පැවති මාධ්‍ය හමුව අමතමින් අගමැති බොරිස් ජොන්සන් පැවසීය. පැවති මතගැටුම් ""දරුණු"" වුවත් එය රැකියා අවස්ථාමෙන්ම සමෘද්ධිය කරා ගෙන යන ""මුළු යුරෝපයටම හොඳ ගනුදෙනුවක්"" යැයි ද බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියා සිටියේය. යුරෝපා සංගමයේ ප්‍රධානී උර්සුලා වොන් ඩර් ලෙයන්(Ursula von der Leyen) මෙය හඳුන්වා දුන්නේ ""සාධාරණ හා තුලිත"" ගනුදෙනුවක් ලෙසිනි. යුරෝපා සංගමයේ ප්‍රධානී උර්සුලා වොන් ඩර් ලෙයන් මෙය හඳුන්වා දුන්නේ ""සාධාරණ හා තුලිත"" ගනුදෙනුවක් ලෙසිනි. බෙල්ජියමේ බ්‍රසල්ස් හිදී මාධ්‍ය හමුවක් අමතමින්, ""පිටුව පෙරළා අනාගතය දෙස බලන්නට දැන් කාලයයි"" යැයි කියා සිටි ඇය, එක්සත් රාජධානිය ""විශ්වාසදායී හවුල්කරුවකු ලෙස රැඳෙනු ඇතැයි'' කියා සිටියාය. ධීවර කර්මාන්තය සඳහා වසර පහමාරක සංක්‍රාන්ති සමයක් පවතින බවත් ඇය පෙන්වාදුන්නාය. එසේම දේශගුණික විපර්යාස, බලශක්ති, ආරක්ෂාව හා ප්‍රවාහනය ඇතුළත් කරුණු සම්බන්ධයෙන් තවදුරටත් සහයෝගීතාව පවත්වාගනු ඇත. නව ගිවිසුම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලය පැවසුවේ: ""අපේ මුදල්, දේශසීමා, නීති, වෙළෙඳාම හා ධීවර කලාප පිළිබඳ පාලනය යළි අප අතට ගත්තා"" යනුවෙනි. අගමැතිවරයාගේ මහමැතිවරණ සටන් පාඨය ප්‍රතිරාව නගමින්, ""අපි බ්‍රෙක්සිට් වැඩපිළිවෙල සම්පූර්ණ කළා"" යැයි එය වැඩිදුරටත් පෙන්වා දුණි. ""වාර්ෂිකව පවුම් බිලියන 668ක් වටිනා විශාලතම ගනුදෙනුව අප සම්පූර්ණ කළා"" යැයි අගමැති ජොන්සන් මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය. ""එක්සත් රාජධානිය හා යුරෝපා සංගමය අතර ඇති වුණේ කැනඩා පන්නයේ විස්තීර්ණ ගනුදෙනුවක්. රට පුරා රැකියා ආරක්ෂා වන අතර, බ්‍රිතාන්‍ය භාණ්ඩ බදුවලින් හෝ කෝටාවකින් තොරව යුරෝපා සංගම් වෙළෙඳපොළේ අලෙවි කළ හැකියි."" ""යුරෝපා මිතුරන් සමග වැඩියෙන් ව්‍යාපාර කිරීම සඳහා අපගේ සමාගම්වලට ඉඩ සලසෙන ගිවිසුමක්."" මෙම ගනුදෙනුව සඳහා ඡන්දයක් පැවැත්වීමට දෙසැම්බර් 30 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවනු ඇති බව සඳහන් කළ අගමැති බොරිස් ජොන්සන්, යුරෝපා පාර්ලිමේන්තුවෙන්ද ඊට අනුමැතිය හිමිවිය යුතු බව සඳහන් කළේය. මේ ගැනත් දැනගන්න: රොහාන් මාසකෝරාළ" -140523_thailand_coup,https://www.bbc.com/sinhala/world/2014/05/140523_thailand_coup,තායි හිටපු අගමැතිනියට හමුදාවෙන් කැඳවීමක්,තායිලන්තයේ හිටපු අගමැතිනිය යින්ලුක් සිනවත් එරට හමුදා බලධාරීන් විසින් කැඳවනු ලැබ තිබේ.,තවත් දේශපාලනඥයන් සියයකට අධික පිරිසක් හමුදා බලධාරීන් වෙත තායිලන්ත හමුදාව රටේ පාලනය සියතට ගෙන දිනකට පසුවයි හිටපු අගමැතිනිය කැඳවා ඇත්තේ. තායිලන්ත හමුදාව රටේ පාලනය සියතට ගෙන දිනකට පසු අනතුරුව ඇය හමුදාවට අයත් වෙනත් ස්ථානයකට ගොස් ඇති අතර හිටපු අගමැතිනිය හමුදා රැඳවුම් භාරයට ගෙන තිබේද යන්න තවමත් පැහැදිලි නැත. මේ අතර තුර තවත් දේශපාලනඥයන් සියයකට අධික පිරිසක් හමුදා බලධාරීන් වෙත කැඳවා තිබේ. ක්‍රියාධරයන් සහ දේශපාලනඥයන් එකසිය පනහකට අධික පිරිසකට රටින් පිටවීම තහනම් කර ඇත. රටේ පාලනය හමුදාව අතට පත් කර ගත් හමුදා නායකයා තායිලන්තයේ නව අගමැතිවරයා ලෙස වගකීම් භාරගෙන තිබේ. -140923_china_torture_tools,https://www.bbc.com/sinhala/world/2014/09/140923_china_torture_tools,වද දෙන උපකරණ ලොවට බෙදන චීනය,වද හිංසා පැමිණ වීම සඳහා යොදා ගන්නා උපකරණ නිෂ්පාදනය කර ලෝව වටා ඇති පොලිස් බලකා වෙත අපනයනය කරන බවට චීන සමාගම්වලට චෝදනා එල්ල වේ.,"එම උපකරණ නිෂ්පාදනය කරන චීන සමාගම් එක සිය තිහක් අතරින් වැඩි ප්‍රමාණයක් චීන රජයට අයත් බවයි ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් මානව හිමිකම් සංවිධානය පවසන්නේ. විදුලි කම්පනයක් ඇති කරන බැටන් පොලු, බරින් වැඩි කකුල් වලට දමන මාංචු, තුවක්කු ඇතුළු බෙල්ලට, හිසට සහ දෑත් වලට වේදනා ගෙන දෙන ලෝහ සහ ලී වලින් සමන්විත පුටු මෙම සමාගම්වල නිෂ්පාදනය කෙරේ. එම උපකරණ ඉතා භයානක ලෙස මානව හිමිකම් කඩ ���රන රටවල් අතරට පත්ව ඇති බවත් ඒවා අනිසි ලෙස පාවිච්චි කරන බවත් මානව හිමිකම් සංවිධානය පෙන්වා දෙයි. එ අතර අප්‍රිකානු රටවල් හා අග්නිදිග ආසියානු රටවල් ප්‍රධාන බව ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් මානව හිමිකම් සංවිධාන වාර්තාවේ සඳහන්. 2012 වසරේ සිට එම උපකරණ අප්‍රිකානු රටවලට අලෙවි කිරීමෙන් චීන රජයට අයත් එක් සමාගමක් වසරකට ඩොලර් මිලියන සියයක් පමන උපයා ගන්නා බව ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් මානව හිමිකම් සංවිධානය සිය වාර්තාවේ දක්වා තිබේ. ඇම්නෙස්ටි ඉන්ටන්ෂනල් සංවිධානය සෑමවිටම චීනයට විරුද්ධව පක්ශාග්රාහී ලෙස කටයුතු කරන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා හුවා චන්යින් කියා සිටියාය." -world-42256181,https://www.bbc.com/sinhala/world-42256181,"""නිහඬ බව බිඳින්නෝ"": ටයිම් සඟරාවේ වසරේ පුද්ගලයා","ලිංගික අතවර සහ හිරිහැරවලට එරෙහිව නැගී සිටි ""නිහඬ බව බිඳින්නෝ"" නමින් හඳුන්වන කාන්තාවන් පිරිසක් ""වසරේ පුද්ගලයා"" ලෙසින් ඇමෙරිකාවේ ප්‍රකාශයට පත් කෙරෙන ටයිම් සඟරාව විසින් නම් කරනු ලැබ තිබේ.","හොලිවුඩ් නිෂ්පාදක හාවි වයින්ස්ටයින් ට එරෙහි ලිංගික අතවර චෝදනා එල්ලවීමෙන් අනතුරුව MeToo නම් හෑෂ්ටෑගය යටතේ බොහෝ කාන්තාවෝ තමන් මුහුණ දුන් අතවර පිළිබඳව හෙළිදරවු කිරීමට පෙළඹුනහ. එහෙත් #MeToo ව්‍යාපාරය සමස්ත චිත්‍රය නොවන බව පවසන ටයිම් සඟරාවේ ප්‍රධාන කර්තෘ එඩ්වඩ් ෆෙල්සන්තාල් (Edward Felsenthal) හාවි වයින්ස්ටයින්ට චෝදනා එල්ලවීමත් සමග මතු වූයේ දශක ගණනාවක් ඇතුළත දක්නට ලැබුන වේගවත්ම සමාජ ව්‍යාපාරය බවත් සඳහන් කරයි. සිය අත්දැකීම් හෙළි කිරීමට ඉදිරිපත් වූ සිය ගණනක් දිරිමත් කාන්තාවන් සහ ඇතැම් පුරුෂයන් විසින් එම ව්‍යාපාරය ආරම්භ කරනු ලැබූ බව ද කතුවරයා පෙන්වා දෙයි. මහමගදී, වැඩපොළේ දී සහ පොදු ප්‍රවාහන සේවාවල දී ලිංගික හිංසන සහ අතවරවලට ලක්වන ශ්‍රී ලාංකික කාන්තාවගේ වේදනාව බීබීසී සිංහල සේවය ද පසුගියදා වාර්තා කළේය. ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්ට සිය අත්දැකීම් හෙලිකිරීම පිණිස #MeToo සහයෝගිතා ව්‍යාපාරයක් බවට පත් වූ බව ද Time සඟරාව පෙන්වා දෙයි. එම ව්‍යාපාරයට නායකයෙකු හෝ පිළිගත් ප්‍රතිපත්ති මාලාවක් නොවූ බව පවසන සඟරාව, සියලු ජනවර්ගවලට, සියලුම පන්තිවලට සහ සියලුම වෘත්තීන්ට අයත් කාන්තාවන් එයට සම්බන්ධ වූ බවත් සඳහන් කරයි. කාන්තා ලිංගික හිංසනය කැමරා ඇසින් එය ලිංගික අතවර පිළිබඳ සම්පූර්ණ කතා පුවත නොවන නමුත්, ලැජ්ජාව කෝපයක් බවට සහ හරවමින් දහස් ගණන් ජනතාව වීදියට කැඳවා බලගතු පුරුෂයන්ට එරෙහිව යුක්තිය ඉටුකරවා ගැනීමට එම ව්‍යාපාරය සමත් වූ බව සඟරාවේ අදහසය. ලිංගික අතවරවලට ලක් වූ බව පැවසෙන විවිධ පසුබිම් සහිත කාන්තාවන්ගේ ඡායාරූපයක් සඟරාවේ කවරයේ ප්‍රකාශයට පත්කර තිබේ. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, Time සඟරාවේ ""වසරේ පුද්ගලයා"" අංශයේ දෙවෙනි ස්ථානය හිමිකරගෙන තිබේ. තවත් කියවන්න:" -sport-48206087,https://www.bbc.com/sinhala/sport-48206087,ශ්‍රී ලංකා ක්‍රිකට්: 'ප්‍රශ්න තිබුණේ කණ්ඩායමේ නොව මාධ්‍යවල' - චන්දික හතුරුසිංහ,පසුගිය සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තිබූ බව පැවසෙන ගැටලු තිබුණේ මාධ්‍යවල මිස කණ්ඩායම තුළ නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසයි.,"ඔහු ඒ බව කියා සිටියේ, 2019 ක්‍රිකට් ලෝක කුසාලනය සඳහා බ්‍රිතාන්‍යය බලා පිටත්ව යාමට පෙර බීබීසී සිංහල සේවය සමග කෙටි සංවාදයක යෙදෙමිනි. ""හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඔය තිබුණු ගැටලු මම දැන ගත්තේ මාධ්‍යයෙන්. මගේ මූණට, මට දකින්න තිබුනේ නැහැ එක ම ගැටලුවක් වත්,"" චන්දික හතුරුසිංහ කියා සිටියේය. පසුගිය සමයේ කණ්ඩායම ලැබූ පරාජයන් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර මෙන් ම කළමනාකාරිත්වය අතර ඇතිවූ ගැටලු රැසක් වාර්තා වූ අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් අතර ඇතිව තිබූ ගැටලු විසඳීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් විශේෂ සාකච්ඡාවක් ද කැඳවන ලදී. කෙසේ වෙතත් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පැවසුවේ කණ්ඩායම ක්‍රීඩා කරන විට මේ කිසිදු ගැටලුවක් ඔවුන් අතර නොතිබූ බවය. ""පුහුණුකරුවෙක් විදිහට මම දැක්කේ නැහැ කිසිදු ප්‍රශ්නයක්. දෙසැම්බර් මාසෙට ඉස්සෙල්ලා බැලුවහම මේ කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ,"" ඔහු කියා සිටියේය. තමන්ට එරෙහිව එල්ල කළ විවිධ චෝදනා ද දැන ගත්තේ මාධ්‍ය ඔස්සේ බව කියා සිටි ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ, තමන් ක්‍රියා කරන ආකාරය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු ගැටලුවක් නොතිබූ බව අවධාරණය කළේය. ""මාධ්‍යවල යන චෝදනා මට වලංගු නැහැ. මට වලංගු වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යම් ගැටලුවක් තිබ්බොත් විතරයි. එහෙම එකක් තිබ්බොත් මම ඒගොල්ලන් එක්ක සාකච්ඡා කරනවා."" 2019 ලෝක කුසලානය ගැන අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, කණ්ඩායමේ උපරිම දක්ෂතා මතු කර ගැනීම පිණිස තමන් සහ පුහුණුකාර මණ්ඩලය අවශ්‍ය සැලසුම් සකස් කරන බවය. ""මේක ලොකු අභියෝගයක්. නමුත් කණ්ඩායමක් ලෙස උපරිම දක්ෂතා දැක්වුවහොත් අපිට ���යග්‍රහණය දක්වා යන්න පුළුවන්,"" චන්දික හතුරුසිංහ කියා සිටියේය. වසර 4කට පසු එක්දින කණ්ඩායමට එක් වන කණ්ඩායමේ නව නායක දිමුත් කරුණාරත්න පිළිබඳව විමසූ විට චන්දික හතුරුසිංහ පැවසුවේ දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරගාවලි ජයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඔහු මෙහෙයවූ ආකාරය දෙස බලද්දී තමන්ට දිමුත් කරුණාරත්නගේ නායකත්වය ගැන දැඩි බලාපොරොත්තු තබා ගත හැකි බවය. ආරම්භක පිතිකරුවෙකු ලෙස ද දිමුත් කරුණාරත්නගෙන් විශාල කාර්යභාරයක් බලාපොරොත්තු වන බවත් ඔහු කියා සිටියේය. ""අපිට ඒ වගේ ක්‍රීඩකයෙක් අවශ්‍ය වෙලා තිබුණා. අපි ගොඩක් කාලයක් උපුල් තරංග වගේ කෙනෙකුට ඒ අවස්ථාව දීලා තිබුණා. නමුත් උපුල් අසාර්ථක වුණු නිසා තමයි දිමුත් වගේ කෙනෙක් එතනට ආදේශ වෙන්නේ. ඒක හොඳ දෙයක් කණ්ඩායමට."" මේ තොරතුරුද කියවන්න: ලෝක කුසලානයට පෙර ස්කොට්ලන්තය සමග පැවැත්වෙන තරග 2 හා ලෝක කුසලාන පෙරහුරු තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරන සංයුතිය ගැන අවසන් තීරණයක් ගත හැකි බව චන්දික හතුරුසිංහ අවසන් වශයෙන් සඳහන් කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එංගලන්තයට පැමිණ සිටින අතර ඔවුන් එහිදී පළමුව සතියක පමණ පුහුණු සැසියක් පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව ස්කොට්ලන්තය බලා පිටත් වන ශ්‍රී ලංකා කණ්ඩායම ස්කොට්ලන්තය සමග මේ මස 18 සහ 21 යන දිනයන්හි එක්දින තරග 2කට සහභාගි වීමට නියමිතව තිබේ. ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පෙරහුරු තරග 2ක් ක්‍රීඩා කරන අතර එම තරග පැවැත්වෙන්නේ 24 වන දා දකුණු අප්‍රිකාව සහ 27 වන දා ඔස්ට්‍රේලියාවට සමගය. ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය ජූනි මස 1 වන දා නවසීලන්තය සමග පැවැත්වීමට නියමිතය. මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින ලසිත් මාලිංග ලබන 22 වන දා ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක් වීමට නියමිත බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය. තවත් තොරතුරු:" -world-42301279,https://www.bbc.com/sinhala/world-42301279,එක්සත් රාජධානියේ ඇතැම් ප්‍රදේශවල දැඩි හිමපතනයක්,හිමපතනය සිදුවෙද්දී එක්සත් රාජධානියේ ඇතැම් ප්‍රදේශවලට කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කෙරී ඇත.,"දැඩි හිමපතනයත් සමග පැමිණි දුක සහ සතුට ඉරිදා (දෙසැම්බර් 10) එක්සත් රාජධානියේ වැඩිම හිමපතනය වාර්තාවූ වේල්සයේ බ්‍රේකන් ආසන්න සෙනිබ්‍රිජ් ප්‍රදේශයෙන් දකින්නට ලැබුනේ සෙන්ටිමීටර් 30 ක හිමපතනයකි. වේල්සයේ හිමෙන් වැසුණු ගම්මානයක් එංගලන්තයේ දකුණුදිග ප්‍රදේශයට හිම සමග පැයට සැතපුම් 80ක වේගයෙන් දැඩි සුළං හමා යා හැකි බවට ද අනතුරු අගවා ඇත. බෙල්ෆාස්ට් නගරයේ හිම අතරින් යාන්තමින් දිස්වෙන පිළිරුවක් මෙම හිම පතනය හේතුවෙන් ගුවන්ගමන්, දුම්රිය ගමන් සහ මාර්ග ප්‍ර‍වාහන කටයුතුවලට ප්‍රමාද සිදුවිය හැකි අතර ගුවන් ධාවනපථ කිහිපයක් ද අවහිර වී ඇතැයි වාර්තා වේ. උතුරුදිග ප්‍රදේශයේ හිමෙන් වැසුණු කඳු සහ මාර්ග ඩෙවෝන් සහ කෝන්වෝල් ප්‍රදේශවල පැයට සැතපුම් 70කට වඩා වැඩි වේගයකින් සුළං හමා යන අතර ඉංග්‍රීසි ඕඩයෙහි එය පැයට සැතපුම් 90ක පමණ වේගයක් වන බව බීබීසී කාලගුණ සේවය වාර්තා කරයි. පර්ත්ශයර් ප්‍රදේශය ග්ලෝස්ටෂයර්, විල්ට්ෂයර්, ඔක්ස්ෆර්ඩ්ෂයර්, බකිංහැම්ෂයර්, හර්ට්ෆෝඩ්ෂයර් සහ එසෙක්ස් යන ප්‍රදේශවලට ද අනතුරු අගවා ඇති අතර ලිවර්පූල් සහ දකුණු යෝක්ෂයර් වැනි ප්‍රදේශවල අනතුරු ඇඟවීම තරමක් පහත හෙලා තිබේ. හිම වැටුනත් ලන්ඩන් නුවර සුපුරුදු පරිදි මිනිසුන්ගෙන් පිරී ඇත ස්කොට්ලන්තයේ සහ වේල්සයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 10 පමණ දක්වා පහත බසිනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර සමහර ග්‍රාමීය ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 14 පමණ දක්වා පහළ යනු ඇතැයි ද අනුමාන කෙරේ. හිමපතනය නිසා පාපන්දු තරඟ නැවත්වුයේ නැහැ මේ තොරතුරුද දැනගන්න: උෂ්ණත්වය සෘණ අංශක 50 දීත් පාසල් යන දරුවෝ" -world-45426552,https://www.bbc.com/sinhala/world-45426552,'තට්ටම් විශාල කිරීමේ බ්‍රසීල ශල්‍යකර්මය' වෙනුවෙන් ජීවිතය අවදානමේ හෙළිය යුතුද?,"""තට්ටම් විශාල කිරීමේ බ්‍රසීල ක්‍රමය"" (Brazilian butt lift -BBL) ලෙස හඳුන්වන රූපලාවණ්‍ය ශල්‍යකර්මයක් සඳහා තුර්කියට ගිය තිදරු මවක් එම ශල්‍යකර්මය අතරතුර මියගිය සිද්ධියක් පසුගියදා වාර්තා විය. කෙසේනමුත්, මෙම ශල්‍යකර්මය දිනෙන් දින ජනප්‍රිය වන්නේ ඇයි?","මෙම ලිපියෙන් දැක්වෙන්නේ ලොව පුරා ජනප්‍රියව ඇති එමෙන්ම මතභේදයකට ලක්වූ තට්ටම් විශාල කිරීමේ ශල්‍යකර්මය පිළිබඳ පෞද්ගලික අත්දැකීම්, එයින් අත්විය හැකි ප්‍රතිඵල සහ එම ක්‍රියාවලිය පිළිබඳ ය. බ්‍රිතාන්‍යයේ ජීවත් වූ ලියා කේම්බ්‍රිජ් මෙම ශල්‍යකර්මය කිරීම සඳහා තුර්කියේ 'ඉස්මීර්' නගරයේ පිහිටි සායනයකට ගොස් ඇති අතර, නිර්වින්දක ඖෂධ මගින් සිහි නැති කර තිබෙන අවස්ථාවේ හෘදයාබාධ තුනක් වැළඳුණු බව ඇයගේ සහකරු වන ස්කොට් ෆ්‍රෑන්ක්ස් The Sun (ද සන්) පුවත්පතට පවසා තිබිණි. නිර්වින්දක ඖෂධ මගින් සිහි නැති කර තිබෙන අ��ස්ථාවේ ලියා කේම්බ්‍රිජ්ට හෘදයාබාධ තුනක් වැළඳී තිබේ තට්ටම් විශාල කිරීමේ මෙම ශල්‍යකර්මයේ දී ඇගේ උදරයේ පැවති මේදය ඉන් ඉවත් කොට පසු පෙදෙසට එන්නත් කර තිබේ. වඩාත් අඩු මුදලකට මෙම ශල්‍යකර්මය කරගැනීම සඳහා පිටරටක සායනයකට යෑමට පියවර ගත්තාය. 29 හැවිදිරි රූපලාවණ්‍ය ශිල්පිනියක් වූ ලියා කේම්බ්‍රිජ් දරුවන් ලැබීමෙන් පසු සිය උදරය විශාල වීම ගැන මහත් කනස්සල්ලෙන් පසු වූ බව ඇයගේ සහකරු ස්කොට් ෆ්‍රෑන්ක්ස් පැවසීය. ජනප්‍රිය කිම් කාඩේෂියන්ගේ ශරීරාංග අනුගමනය කිරීමට ලොව පුරා බොහෝ කාන්තාවෝ පෙළඹෙති මේ තොරතුරුද දැනගන්න: ලියාගෙ අසල්වැසියන් ඇයව හඳුන්වා ඇත්තේ ""ඉතා ලස්සන"" කාන්තාවක් ලෙසය. සිය සහකරුගේ කැමැත්ත නොසලකා හරිමින් ලියා මෙම සැත්කම සඳහා පිටත් වූ බව ඔවුහු විශ්වාස කරති. කෙසේවෙතත්, තට්ටම් විශාල කිරීමේ රූපලාවණ්‍ය ශල්‍යකර්මයකදී මිය ගිය එකම කාන්තාව ලියා නොවේ. ලන්ඩනයේ ජීවත් වූ 24 හැවිදිරි ජෝයි විලියම්ස් 2014 වසරේ තායිලන්තයේ දී තට්ටම් විශාල කර ගැනීමේ ශල්‍යකර්මයක් අතරතුර මිය ගියාය. ඉන් වසර කීපයකට පෙර විසි හැවිරිදි Claudia Aderotimi එක්සත් ජනපදයේ පිහිටි හෝටලයක් තුළ දී එවැනි ක්‍රියාවලියක් අතරතුර මිය ගියාය. කෙසේනමුත්, තට්ටම් විශාල කිරීමේ බ්‍රසීල ක්‍රමය වෙනත් විවිධාකාරයේ රූපලාවණ්‍ය ශල්‍යකර්ම තරම් භයානක නැති බව ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය බ්‍රයන් මායූ පැවසීය. සිය සහකාරියගේ මරණයෙන් ශෝකයට පත්වී සිටින ස්කොට් ෆ්‍රෑන්ක්ස්, රූපලාවණ්‍ය ශල්‍යකර්ම සිදුකරගැනීමට පෙර එහි ඇති අවදානම ගැන සිතන ලෙස අන් අයට අනතුරු අඟවා සිටී. ""මෙහි භයානකකම තිබෙන්නේ නුසුදුසු වටපිටාවක දී සුදුසුකම් නොලත් ශල්‍ය වෛද්‍යවරුන් විසින් ශල්‍යකර්ම කරනු ලැබීම මෙන්ම ශල්‍යකර්මයෙන් පසු අවශ්‍ය සත්කාර නොකිරීම"" යැයි වෛද්‍ය බ්‍රයන් මායූ සඳහන් කළේය. ""මාංශපේශීවල ගැඹුරට සහ තට්ටම්වල පහළ කොටසට මේදය එන්නත් කිරීමේදී, වැරදීමකින් එය ප්‍රධාන නහරයකට වැදීමේ අවදානමක් තිබෙනවා."" ""මේදය කැටියක් ලෙස රුධිර සංසරණ පද්ධතියට එකතු වී, පෙනහළුවලට යෑමෙන් මරණය සිදු වෙන්න පුළුවන්,"" ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය. ""ලියාට නිර්වින්දක දී තිබුණා. සංකූලතා ඇති වෙන්න පටන් ගත්තේ එන්නත් කළ මේදය ඇයගේ රුධිර සංසරණ පද්ධතියට එකතු වීමෙන් පසු ඔක්සිජන් මට්ටම පහත වැටීමෙන්"" යැයි තිස් එක් හැවිදිරි ස්කොට් ෆ්‍රෑන්ක්ස් The Sun පුවත්පතට පැවසීය. ""ඇයව නැවතත් යථා ���ත්වයට පත් කළා. නමුත් ඒත් සමගම ඇයට හෘදයාබාධ තුනක් හැදුණා. ඊට පස්සේ ඒ අයට කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ."" විසි හැවිදිරි ක්ලෝඩියා අඩිරෝටිමි එක්සත් ජනපදයේ පිහිටි හෝටලයක් තුළ දී තට්ටම් විශාල කර ගැනීමේ ක්‍රියාවලියක් අතරතුර මිය ගියාය තට්ටම් විශාල කිරීමේ බ්‍රසීල ශල්‍යකර්මය ගැන නිරීක්ෂණය කර වාර්තා ඉදිරිපත් කිරීමට ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංගම් විසින් දැන් කාර්ය සාධන බලකායක් සකස් කර ඇති බව වෛද්‍ය බ්‍රයන් මායූ සඳහන් කළේය. මෙම ශල්‍යකර්මය නිසා 3000 න් එක් අයෙකු මරණයට පත් වන බව සොයා ගෙන ඇත. මෙතෙක් සිදු වූ සියලු මරණවලදී තට්ටම් මාංශපේශීයෙන් මේදය කැටි සොයාගෙන ඇතැයි ඔහු කීය. තමන් තට්ටම් විශාල කිරීමේ ශල්‍යකර්මය සිදු කරගෙන ඇති බව කයිලි ජෙනර් ප්‍රතික්ෂේප කරයි. පසුගිය වසර හතර තුළ ලන්ඩන් හි පිහිටි වෛද්‍ය බ්‍රයන් මායූ ගේ සායනයට තට්ටම් විශාල කරගැනීමේ ශල්‍යකර්මය සඳහා පැමිණෙන පිරිසේ වැඩි වීමක් නිරීක්ෂණය කළ බව ඔහු පැවසුවේය. ""මෙය මෑතක ඉඳන් දකින්න තියෙන පිස්සුවක්. මීට වසර ගණනාවකට පෙර හැමෝටම ඕනෙ වුණේ ශරීරය කුඩා කරගන්න. ඒ අය ඇවිත් 'මගේ මාංශපේශීවල මේදය ඉවත් කරගෙන තට්ටම් කුඩා කරගන්න පුළුවන් ද කියලයි' අපෙන් ඇහුවේ,"" වෛද්‍යවරයා විස්තර කළේය. කෙසේවෙතත්, මෙම සැත්කමේ තාක්ෂණය අනුව, ""පුම්බා ඇති තට්ටම්"" විලාසිතාව නැති වී ගිය විට ඉහත කිවූ ආකාරයෙන් මාංශපේශීවලින් මේදය ඉවත් කිරීමෙන් නැවතත් සාමාන්‍ය තත්වයට පත් වීමට තට්ටම් විශාල කිරීමේ බ්‍රසීල ශල්‍යකර්මය සිදුකරගත් රෝගීන්ට හැකිවන බව ඔහු පැවසීය. විශාල තට්ටම් හිමි කරගන්න මේ තරම් කැමැත්තක් දක්වන්නේ ඇයි? ජනප්‍රිය චරිතවල ශරීර ලක්ෂණ අනුගමනය කිරීම මෙයට හේතුව බව වෛද්‍යවරයා පෙන්වා දෙයි. ""අපි ජීවත් වන ලෝකයේ විවිධ ජාතීන් ඉන්නවා. ඒ අය අගය කරන්නේ විවිධ ශරීර හැඩයන්. නමුත් දැන් තිබෙන තාක්ෂණයත් සමග මේ විවිධ හැඩ ඕනෑම කෙනෙකුට ලබා ගන්න පුළුවන්."" සමාජ ජාල ඔස්සේ විශාල අනුගාමිකයන් පිරිසක් සිටින අති ජනප්‍රිය චරිත වන කිම් කාඩේෂියන්, කයිලි ජෙනර් සහ කාඩි බී (Cardi B) ඔවුන්ගේ ශරීරාංග කැපී පෙනෙන ඡායාරූප නිතරම පළ කරයි. ප්‍රසිද්ධ ගායිකාවක් වන කාඩි බී (Cardi B) සිය පසු පෙදෙස විශාල කරගැනීම ගැන ප්‍රසිද්ධියේ කතා කරන්නීය. මෙසේ පළ කරන ලද එක් වීඩියෝවක කයිලි ජෙනර් පවසන්නේ ඇයගේ සිරුර මහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රමාණයෙන් විශාල ශරීරාංග හිමි වී ඇති බවය. ""මම තට්ටම් විශාල කරගැනීමේ ක්‍රම භාවිත කරලා නැහැ. ඔබ දන්නවාද? ඉස්සර මගේ ශරීරයේ බර රාත්තල් 120 (54.4Kg) ක්. මම ගොඩාක් කෙට්ටුයි. නමුත් මම දැන් රාත්තල් 136ක් (61.6Kg) බරයි. ඒකට කමක් නැහැ. මම මේ මහතට කැමතියි,"" ඇය සඳහන් කර තිබිණි. නමුත් කාඩි බී සඳහන් කර ඇත්තේ, සංගීත ක්ෂේත්‍රයට පිවිසීමට පෙර නිව්යෝක් නගරයේ ගොඩනැගිල්ලක භූගත මහලක පිහිටි ස්ථානයක දී ඇයගේ පසු ප්‍රදේශය විශාල කර ගැනීම සඳහා සිලිකන් එන්නත් කරගත් බවය. නමුත් පසුව දින පහක් පුරා සිලිකන් කාන්දු වීමට පටන්ගත් බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබිණි. තමන් සමග රැකියාව කළ අනෙක් සමාජ ශාලා නර්තන ශිල්පිනියට විශාල තට්ටම් හිමි වීම නිසා, ඇය වැඩි මුදලක් උපයනු දැකීමෙන් කාඩි බී ද ඩොලර් 800ක් වියදම් කර මෙම එන්න කරගත් ගත් බව GQ සඟරාව සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී හෙළි කළාය. ක්ලෝ සිම්ස් (Chloe Simms) නම් බ්‍රිතාන්‍ය නිළිය ද තට්ටම් විශාල කරගැනීමේ ශල්‍යකර්මය සිදු කර ගත් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නීය. පෙර තිබූ ශරීරය නිසා ඇයට එල්ල වූ අපහාස මෙම ශල්‍යකර්මය සිදු කර ගැනීමට හේතු වූ බව ඇය පැවසුවාය. 2013 ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කළ ඡායාරූපවල ඇයට සිහින් සිරුරක් හිමි වී තිබූ බව දක්නට ලැබේ. නමුත් 2018 ජූලි මස ඇය ඉන්ස්ටග්‍රෑම්හි පළ කළ ඡායාරූපවල ප්‍රමාණයෙන් මහත් වූ ශරීරාංග දැකිය හැකිය. ශරීරයේ ස්ථාන දෙකක මාංශපේශී එකවර සකස් කරගත හැකි නිසා තට්ටම් විශාල කිරීමේ බ්‍රසීල ශල්‍යකර්මයට බොහෝ කාන්තාවන් කැමැත්තක් දක්වන බව වෛද්‍ය බ්‍රයන් මායූ පැවසීය. ""බොහෝ පුද්ගලයන්ට මේ ශල්‍යකර්මයෙන් වාසි දෙකක් අත්වෙනවා. ඒ අයට අනවශ්‍ය ස්ථානයක මේදය ඉවත් කර අවශ්‍ය ස්ථානයක රැඳවිය හැකි වෙනවා,"" ඔහු පැහැදිලි කළේය. තට්ටම් විශාල කර ගැනීමේ ශල්‍යකර්මයේදී සිදුවන්නේ කුමක්ද? තවත් තොරතුරු: (බීබීසී නිව්ස් ඔන්ලයින් හි ජෙනිෆර් මියර්හාන්ස් සකස් කළ වාර්තාවක් ඇසුරිණි.)" -world-54903668,https://www.bbc.com/sinhala/world-54903668,කොවිඩ් 19 : Pfizer එන්නත ලැබෙන්නේ කවදා ද?,"මිනිසුන් දස දෙනෙකුගෙන් නව දෙනෙකුට කොවිඩ් 19 වැළඳීම වලක්වා ගත හැකි එන්නතක්, හදිසි අනුමැතිය ලබා ගැනීම සඳහා සුදානම්ව පවතී.","එය සංවර්ධනය කළ Pfizer සහ BioNTech සමාගම් පවසන්නේ මෙම එන්නත මිනිසුන් 43,500ක් යොදා ගනිමින් අත්හදා බැලූ අතර එහි සුරක්ෂිතභාවය පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් මතු නොවූ බවය. මේ එන්නත කුමක් ද? කෙතරම් ඵලදායක ද? කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා මෙම එන්නත මගින් ��බේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කරවයි. මෙය RNA ගණයට අයත් නව එන්නත් වර්ගයකි. ඒ සඳහා භාවිත කෙරෙන්නේ වෛරසයේ ජාන කේතයෙන් වෙන් කර ගත් ඉතා කුඩා කොටසක් පමණි. එම කොටස ඔබේ සිරුර තුළ ක්‍රියාත්මක වීමෙන් වෛරසයේ කොටසක් තනනු ලබන අතර එය පිටස්තරයෙකු ලෙස හඳුනා ගනිමින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඊට එරෙහිව සටන් කරන්නට පටන් ගනී. මෙම එන්නත මාත්‍රා දෙකක් වශයෙන් ලබා දෙන අතර එම මාත්‍රා දෙක අතර සති තුනක කාල පරතරයක් තබා ගැනේ. මූලික අත්හදා බැලීම්වලින් පෙනී ගොස් ඇත්තේ මෙම එන්නත ලබා දුන් පිරිසෙන් 90%කට වැඩි දෙනෙකුට කොවිඩ් රෝග ලක්ෂණ මතු නොවූ බවය. මෙම වර්ගයේ එන්නතක් මීට පෙර භාවිත කර තිබේ ද? RNA ගණයට අයත් එන්නතක් මිනිසුන් සඳහා භාවිත කිරීමට මෙතෙක් අනුමත වී නොමැත. නමුත් මෙම සංකල්පය පිළිබඳව පර්යේෂණ පවත්වා වෙනත් රෝග සඳහා නිපදවූ එන්නත් සායනික අත්හදා බැලීම් සඳහා මිනිස් දේහය මත භාවිත කර තිබේ. නව එන්නත මුලින්ම ලැබෙන්නේ කාට ද? කවදා ද? කොවිඩ් 19 වැඩිපුරම මාරාන්තික වී ඇත්තේ වයසින් වැඩි පුද්ගලයන්ට බැවින් මෙම එන්නත ලබා දීමේ දී වයස්ගත පුද්ගලයන්ට ප්‍රමුඛත්වය ලබා දීමට එක්සත් රාජධානිය තීරණය කර තිබේ. එම නිසා වැඩිහිටි නිවාසවල වෙසෙන්නන් සහ ඒවාහි කාර්ය මණ්ඩලය ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින් සිටිති. මීළඟට සිටින්නේ රෝහල් සේවකයන් ඇතුළු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයයි. අනතුරුව වයස් කාණ්ඩය පදනම් කර ගනිමින් ජනතාව ලැයිස්තුගත වන අතර වයස අවුරුදු 50ට අඩු පිරිස ලැයිස්තුවේ පහළින් සිටිනු ඇත. සියලු කටයුතු සාර්ථකව සිදු වුවහොත්, එළැඹෙන නත්තලට පෙර පළමු එන්නත් මාත්‍රාව ලබා දීම සිදු විය හැකි බවට අපේක්ෂිතය. ඉහත සඳහන් වන්නේ එක්සත් රාජධානිය සැලසුම් කර ඇති ආකාරය යි. එක් එක් රටවල් විවිධ සැලසුම් අනුව කටයුතු කළ හැකිය. කෙසේ නමුත් මෙම එන්නත බෙදා හැරීමේ දී සහ තොග ගබඩා කර තබා ගැනීමේ දී විශේෂිත වූ අභියෝගයකට මුහුණ දීමට සිදුවනු ඇත. මෙම එන්නත සෙල්සියස් අංශක සෘණ 80ක (-80C) අගයක් පවත්වා ගනිමින් ප්‍රවාහනය සහ ගබඩා කිරීම් සිදු කළ යුතු වීම එම අභියෝගය යි. දීර්ඝ කාලීන ආරක්ෂාවක් ලැබේ ද? මෙම ප්‍රශ්නයට පිළිතුරක් දීමට හැකියාවක් නැත. එය නිශ්චිතව දැන ගැනීම සඳහා යම් කාලයක් ගත වනු ඇත. ප්‍රතිශක්තිය වැඩි කාලයක් රඳා නොපවතී නම් මෙම එන්නත වසරක් පාසා ලබා ගැනීමට සිදු වනු ඇත. මෙම එන්නත මගින් සියලුම වයස් කාණ්ඩවල පුද්ගලයන් එක හා සමානව ආරක්ෂා ක���න්නේ ද යන්න තවමත් දත්ත මගින් පැහැදිලි වී නැත. නමුත් මූලික අධ්‍යයනවලින් යෝජනා කෙරෙන්නේ තරුණ සහ මහලු යන දෙපාර්ශවයේ ම ප්‍රතිශක්තිය මීට ප්‍රතිචාර දක්වා ඇති බවයි. එමෙන්ම, මෙම එන්නත ලබා දිම සඳහා නුසුදුසු පුද්ගලයන් ද සිටිය හැකිය. උදාහරණයක් ලෙස, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉතා දුර්වල පුද්ගලයන්ට මෙම එන්නත ලබා දිය නොහැකිය. දිගු කාලීන සෞඛ්‍ය බලපෑම් ඇතිවේ ද? ඖෂධ කිසිවක් 100%ක් සුරක්ෂිත නොවේ. අප ලබා ගන්නා පැරසිටමෝල් පෙත්තේ ද අවදානමක් පවතී. මෙතෙක් ලැබී ඇති දත්ත අනුව අනුව පෙනී යන්නේ 43,500ක් දෙනා යොදා ගනිමින් සිදු කළ අත්හදා බැලීමේ දී, සුළු අතුරු බලපෑම් වාර්තා වුව ද කිසිදු සෞඛ්‍ය ප්‍රශ්නයක් මතු නොවූ බවයි. යම් හෙයකින් භයානක, පොදු ප්‍රතිවිපාක වූයේ නම්, ඒවා දෘශ්‍යමාන විය යුතුව තිබුණි. කෙසේ නමුත්, මිලියන ගණනක් ජනතාවට මෙම එන්නත ලබා දීමේ දී විරල අතුරු ආබාධ වාර්තා විය හැකිය. දැන් ලොක්ඩවුන් අවශ්‍ය නොවේ ද? ඉදිරියේ දී ලොක්ඩවුන් අවැසි නොවිය හැකිය. නමුත් එය නිශ්චිත වීමට යම් කාලයක් ගත වනු ඇත. ප්‍රමාණවත් පිරිසක් එන්නත ලබා ගෙන ඇත්නම් වෛරසය ව්‍යාප්ත වීම පාලනය වනු ඇත. එවිට වෛරසය පාලනය කිරීම සඳහා වෙනත් ක්‍රියාමාර්ග සඳහා යොමු වීම අවශ්‍ය නොවේ. නමුත් සැබෑ අභියෝගය වන්නේ පවතින තත්ත්වයේ සිට එම අදියර දක්වා ගමන් කිරීමයි. මේ ගැනත් කියවන්න: අවශ්‍ය ප්‍රමාණයට එන්නත් නිපදවීම සහ ඒවා ජනතාව වෙත ලබා දීම ද අති විශාල අභියෝගයකි. ඒ සඳහා යම් කාලයක් ගත වනු ඇත. එතෙක් මෙම වෛරසය පාලනය කර ගැනීම සඳහා යම් ක්‍රමයක් අපට තිබිය යුතුය. එම නිසා PCR පරීක්ෂණ, ලොක්ඩවුන්, සමාජ දුරස්ථභාවය සහ මුහුණු ආවරණ පැළඳීම යම් කාලයක් ගතවන තුරු අපගේ ජීවිතයේ අංගයක් ලෙස තව දුරටත් පවතිනු ඇත. වෛරසයේ මාදිලිය වෙනස් වුණොත්? වෛරස හැම විටම වෙනස් වීම්වලට භාජනය වෙයි. එම වෙනස ප්‍රශ්නයක් වන්නේ එමගින් වෛරසයේ හැසීරීම ද වෙනස් වුවහොත් පමණි. මේ දක්වා එවැන්නක් සිදු වෙමින් පවතින බවට සලකුණක් නොමැත. නමුත් ඉදිරියේ දී එය සිදු වීමට ඉඩකඩ තිබේ. එසේ සිදු වුවහොත් මෙම එන්නතෙහි ඵලදායී බව අඩු වනු ඇත. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් නව එන්නතක් නිර්මාණය කිරීමට සිදුවනු ඇත. මෙය අසාමාන්‍ය දෙයක් නොවේ. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා උන සඳහා වන එන්නත ද අදාළ වෛරසයේ මාදිලියට සරිලන පරිදි වාර්ෂිකව සංවර්ධනය කෙරෙයි. RNA තාක්ෂණය භාවිත කරමින් මෙය සිදු කිරීම ඉතා පහසු බැවින් ව��රසයේ වෙනස් වීම එතරම් බරපතළ ප්‍රශ්නයක් නොවනු ඇත. Pfizer සමාගම විසින් පමණක් මෙය නිපදවිය යුත්තේ ඇයි? මෙම එන්නත සංවර්ධනය කරනු ලැබ ඇත්තේ Pfizer සමාගම විසිනි. එම නිසා එහි බුද්ධිමය දේපළ අයිතිය පවතින්නේ ඔවුන් සතුව ය. ලබන වසර අවසානය වන විට මෙම එන්නතෙහි මාත්‍රා බිලියන 1.3ක් නිෂ්පාදනය කිරීම සඳහා ඔවුනට දැනටමත් හැකියාව පවතී. නමුත් එම ධාරිතාව වැඩි කර ගැනීම සඳහා ඉදිරියේදී වෙනත් සමාගම් සමඟ සහකාරීත්වයක් ඇතිකර ගැනීමේ හැකියාවක් පවතී. එන්නත ගැන අප නොදන්නේ මොනවා ද? මෙම එන්නත ගැන නිකුත් කළ නිවේදනය මගින් අපට පුවත් ශීර්ෂ පාඨ ලබා දුන් නමුත් තවමත් සියුම් විස්තරවල අඩුවක් පවතී. මෙම එන්නත මගින් ඔබට වෛරසය ආසාදනය වීම සහ එහි පැතිරීම පවා නතර වේද, නැතහොත් එම වෛරසය නිසා ඔබ ගිලන් වීම පමණක් නතර කරන්නේද යන්න පිළිබඳව අප තවමත් නොදනී. මෙය විවිධ වයස් කාණ්ඩයන් සඳහා කෙතරම් ඵලදායී වේද යන්න පවා අප තවමත් නොදනී. මෙම එන්නත කොයි ආකාරයෙන් භාවිතයට ගනු ඇත්දැයි තේරුම් ගැනීම සඳහා එම කාරනා ඉතා වැදගත් වනු ඇත. සංවර්ධනය වෙමින් පවතින අනෙකුත් එන්නත්? කොරෝනාවෛරසයට එරෙහිව සංවර්ධනය වෙමින් පවතින අනෙකුත් එන්නත් සඳහා ද මෙය යහපත් ප්‍රවෘත්තියකි. කොවිඩ් 19ට එරෙහිව එන්නතක් තැනිය හැකි බව මෙයින් සනාථ විය. මෙම ක්‍රමය භාවිත කරමින් එන්නතක් සංවර්ධනය කරමින් සිටින අනෙක් විද්‍යාඥයන්ගේ ද බලාපොරොත්තු ඉහළ යනු ඇත. සායනික අත්හදා බැලීම් හි අවසන් අදියරේ පසුවන තවත් එන්නත් කීපයක් ම පවතී. මේ තරම් කෙටි කාලයක් ඇතුළත කිසිදු එන්නතක් ඵලදායී බවට සනාථ වී නොමැත. සම්පුර්ණ දත්ත සහිත වාර්තා ලැබෙන තුරු අප බලා සිටිමු. කෙසේ නමුත් දැනට ලැබී ඇති ප්‍රතිඵල බලාපොරොත්තු වුවාට වඩා යහපත් මට්ටමක පවතී. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා උන සඳහා නිපදවෙන හොඳ එන්නතකින් 50%ක් දෙනා ආරක්‍ෂා කරයි. එබැවින් පළමු උත්සාහයේදී ම 90%ක් දෙනා ආරක්ෂා කර ගත හැකි වීම විශිෂ්ඨ ජයග්‍රහණයකි." -120611_csn_upali,https://www.bbc.com/sinhala/sport/2012/06/120611_csn_upali,සීඑස්එන් නාලිකාව ජනපති පුතුන්ගේ - ශ්‍රී ලංකා ක්‍රිකට්,ඉදිරි වසර තුන සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විකාශන අයිතිය ලබාදෙන ලද සීඑස්එන් (CSN) නාලිකාව ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතුන්ට අයත් වූවක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිගත්තේය.,"'ඉතින් රටේ ජනාධිපති තුමාගේ පුත්තුන්ගේ ආයතනයක් කියල ඒ ආයතනය අහක දාන්නද කියන්නේ' කෙසේ වුවද ඉදිරි වසර තුන සඳහා එම නාලිකාවට ක්‍රිකට් විකාශන අයිතිය ලබාදුන්නේ එය ජනපති පුතුන්ගේ නාලිකාවක් නිසා නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස බීබීසී සංදේශය ට පැවසීය. ""ඉතින් රටේ ජනාධිපති තුමාගේ පුත්තුන්ගේ ආයතනයක් කියල ඒ ආයතනය අහක දාන්නද කියන්නේ?,"" ඔහු ප්‍රශ්න කළේය. අදාළ ගනුදෙනුවේ දී තමන්ට කිසිදු දේශපාලන බලපෑමක් එල්ල නොවූ බවත්, එහිදී සියල්ල ටෙන්ඩර් පටිපාටියට අනුව සිදුවූ බවත් අවධාරණය කරන සභාපතිවරයා, වසර තුනක් සඳහා සීඑස්එන් නාලිකාව මුලින් ඉදිරිපත් කළ මුදලට වඩා මුදලක් දෙපාර්ශවය අතර සාකච්ඡාවෙන් අනතුරුව එකඟවූ බවද කියා සිටියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග සීඑස්එන් නාලිකාවේ ප්‍රධාන විධායක පදවියද හොබවයි ""මේ අවස්ථාවේ කිසිම දෙයක් නීතියට පටහැනිව කරලා නැති,"" බවද උපාලි ධර්මදාස සභාපති වරයා බීබීසී සංදේශය ට පැවසීය. මේ පිළිබඳව බීබීසී සංදේශය සමග අදහස් දැක්වූ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ හිටපු ප්‍රධානී නීතිඥ ක්‍රිශාන්ත වැලිඅමුණ කියා සිටියේ, සීඑස්එන් නාලිකාවට රුපියල් මිලියන 125 කට විකාශන අයිතිය විකිණීම මගින් ශ්‍රී ලංකා රාජ්‍යයට රුපියල් මිලියන 3000 ක පමණ ආදායමක් අහිමි වී ඇති බවයි. නමුත් එය ප්‍රතික්ෂේප කරන උපාලි ධර්මදාස සභාපති වරයා සඳහන් කරන්නේ, ඉදිරි වසර තුන ඇතුලත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන්නේ ජාත්‍යන්තර කණ්ඩායම් සීමිත ප්‍රමාණයක් බැවින් තමන්ට කිසිසේත්ම එවැනි ආදායමක් ලැබීමේ හැකියාවක් නොතිබුණු බව. නිශාන්ත රණතුංගට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් පදවිය සඳහා තරග කිරීමට ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය පළවී තිබෙන බැවින්, ඔහු සීඑස්එන් නාලිකාවේ ප්‍රධාන විධායක පදවියද දැරීම මගින් බැඳීම් අතර ගැටුමක් (Conflict of interest) හටගෙන තිබෙන බවට එල්ලවන චෝදනාවද සභාපතිවරයා ප්‍රතික්ෂේප කරයි." -160406_pavithra_ranil_china_visit,https://www.bbc.com/sinhala/sri_lanka/2016/04/160406_pavithra_ranil_china_visit,වරාය නගර ව්‍යාපෘතිය අවලංගු කළොත් දඩ?,අගමැති රනිල් වික්‍රමසිංහ චීන රජයේ ආරාධනයක් මත තෙදින නිල සංචාරයක් සඳහා අද සවස(06 වෙනිදා) චීනයේ බෙයිජිං නුවර බලා පිටත් විය.,"අගමැතිවරයාගේ චීන සංචාරයේ අරමුණු සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍ය නිරෝෂන් පෙරේරාගෙන් කරුණු විමසූ විට ඔහු සංදේශයට කියා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙවර චීනයේ සංචාරය කරන අතරතුර පෝට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද චීන බලධාරීන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අතර ශ්‍රී ලංකාවට වාසි සහගත වන ආකාරයේ කොන්දේසි මත ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බවයි. චීන ශ්‍රී ලංකා සම්බන්ධතා නව මානයකට ගෙන ඒම සඳහා චීන ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නිලධාරීන් අගමැතිවරයා හමුවීමට නියමිතයි. ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් ඉතා වැදගත් සංචාරයක් ලෙස මෙය හැඳින්විය හැකි බව පැවැසූ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ වත්මන් රජය කිසි දිනෙක චීන විරෝධී ප්‍රතිපත්තියක නොසිටි නමුත් අපට අවශ්‍ය කර තිබෙන ආයෝජන, ශ්‍රී ලංකාවට වාසි සහගත ලෙස ලබා ගත යුතුයි යන මතයේ පිහිටා ක්‍රියා කරන බවයි. 'වැදගත් සංචාරයක්' පෝට් සිටි ව්‍යාපෘතියේ ඉදිරි ගමන කුමක් වේ දැයි සංදේශය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ එම ව්‍යාපෘතියේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සිය රජයට තිබූ යම් යම් ගැටළු හේතුවෙන් එය තාවකාලිකව අත්හිටුවා පරිසරයට මින් ඇති වන බලපෑම සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා කොන්දේසි යටතේ එය නැවත ක්‍රියාත්මක කිරීමට මේ වන විට අවසර ලබා දී ඇති බවයි. පෝට් සිටි ව්‍යාපෘතිය අත්හිටවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට විශාල දඩ මුදලක් ගෙවීමට සිදු වී තිබෙන බවට පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් සංදේශය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ රජයක් වශයෙන් ඒ සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති අතර අගමැතිවරයාගේ සංචාරයේ දී එම ප්‍රශ්න විසඳීමට බලාපොරොත්තු වන බවයි." -sri-lanka-37562679,https://www.bbc.com/sinhala/sri-lanka-37562679,තාජුදින්: සයිටම් අස්ථි කොටස් DNA පරීක්ෂණයකට,මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විදුහලේ තිබී සොයාගත් අස්ථි කොටස් ඩි.එන්.ඒ පරීක්ෂණයක් සඳහා යොමු කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට නියම කරයි.,"හිටපු රගර් ක්‍රීඩකයකු වූ වසීම් තාජුදින් වසීම් තාජුදින් ඝාතන නඩුව බදාදා යළි කැඳවූ අවස්ථාවේදී අධිකරණය විසින් එම නියෝගය ලබා දුන් බවයි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මිශ්බාක් සත්තාර් කියා සිටියේ. ''සයිටම් විදුහලේ තිබී කලවා අස්ථි කොටස් 19 ක් සහ පපු අස්ථි කොටස් 7 ක් සොයා ගත් බව රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියා. එම අස්ථි කොටස් අතර වසීම් තාජුදින්ගේ අස්ථි කොටස් තිබේ දැයි සොයා බැලීම සඳහා ඩි.එන්.ඒ පරීක්ෂණයක් පැවැත්වීම අවශ්‍ය බවයි පොලිසිය කියා සිටියේ,'' 'රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය එම අස්ථි කොටස් ඩි.එන්.ඒ පරීක්ෂණ සඳහා යොමු කරන මෙන් නියෝග කළා.' නීතිඥ මිශ්බාක් සත්තාර් සඳහන් කළේය. එහිදී රජයේ නීතිඥවරයා කරුණු දක්වමින් පෙන්වා දුන්නේ කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය ප්‍රධානි ආනන්ද සමරසේකර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සිදු කරනු ලබන පරීක්ෂණවල ප්‍රමාදයක් පවතින බවයි. කිසියම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස එම තත්වය උද්ගතව තිබේ දැයි සැකයක් මතු වී තිබෙන බව කියා සිටි රජයේ නීතිවේදියා අදාළ පරීක්ෂණ කඩිනම් කරන මෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත නියෝගයක් නිකුත් කරන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ කරුණු අධ්‍යයනය කර ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන බවයි. අනතුරුව තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා යන අය ලබන 19 වනදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමටද අධිකරණය නියම කළේය." -sri-lanka-52278158,https://www.bbc.com/sinhala/sri-lanka-52278158,කොරෝනා වෛරසය: දෛනික ආදායම් ඉපයූවන් ඇඳිරි නීතිය හමුවේ ජීවිතයට මුහුණ දෙන හැටි,කොරෝනාවෛරසය ලෝකයේ බොහෝ රටවල සාමාන්‍ය ජන ජීවිතය උඩුයටිකුරු කර තිබෙන අතර ශ්‍රී ලංකාව ද මේ වන විට වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටී.,"ඉන් එක් ක්‍රියාමාර්ගයක් වූයේ ඇදිරි නීතිය පැනවීමය. මේ වන විට කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර, පුත්තලම සහ යාපනය දිස්ත්‍රික්කවල දින නියමයකින් තොරව ඇදිරි නීතිය ක්‍රියාත්මක වේ. සෙසු දිස්ත්‍රික්කවල අප්‍රේල් 16 වෙනිදා පෙරවරු 6.00ට ඉවත් කර නැවත එදින ම පස්වරු 4.00ට යළි පැනවෙනු ඇත. මෙම තත්ත්වය හමුවේ දෛනිකව ආදායම් ලැබූ පුද්ගලයින් දැඩි ආර්ථික අපහසුතාවන්ට මුහුණ පා සිටින බව බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ කිහිප දෙනෙකු ම පැවසීය. ප්‍රසන්න ධර්මරත්න බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේ කරණවෑමියෙකු ලෙස ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය අයෙකි. දෙදරු පියෙකු වන ඔහුට තිබූ එක ම ආදායම් මාර්ගය එයයි. සති තුනකට ආසන්න කාලයක් පුරා කළුතර ඇතුළු දිස්ත්‍රික්ක 6කට දින නියමයකින් තොරව පනවා ඇති ඇදිරි නීතිය හමුවේ ඔහුට සිය ව්‍යාපාරය කරගෙන යාමට නොහැකි වී තිබේ. ""මම තනියම මේ ව්‍යාපාරය කරගෙන ගියේ. දැන් ඇදිරි නීතිය නිසා සති ගණනක් මම ගෙදරට වෙලා ඉන්නේ. මේ වෛ���සය පැතිරෙන එක වළක්වන්න ආණ්ඩුව ඇදිරි නීතිය දාපු එකේ කිසි වරදක් නෑ. ඒත් ව්‍යාපාරය කරගෙන යන්න විදිහක් නැති නිසා ලොකු ප්‍රශ්නෙක මම ඉන්නේ,"" ප්‍රසන්න ධර්මරත්න බීබීසී සිංහල සේවයට පැවසීය. ""මේ තත්ත්වය නිසා ළමයි දෙන්නට කන්න දෙන්න බඩු ටිකක් වැඩිපුර ගෙදර තියා ගන්න වෙලා තියෙනවා. බඩු අරගෙන වෙළෙන්දෝ ගෙදර ළගට ආවට ඒවා ගන්න සල්ලි නැති එක තමා ප්‍රශ්නේ. හැමෝ ම ළග සල්ලි හිගකම් තියෙන නිසා කාගෙන්වත් ඉල්ල ගන්න විදිහකුත් නෑ. රස්සාවෙන් ඉතුරු කර ගත්ත සල්ලිත් දැන් ඉවර වේගනයි යන්නේ."" සමෘද්ධි වැනි දීමනා සඳහා ද ඔහුට නොලැබෙන හෙයින් ඔහු වැනි සුළු ව්‍යාපාරිකයින් රැසක් මේ වන විට ගැටලුවලට මුහුණ පා සිටිති. මුදිත පෙරේරා පානදුර ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවෙකි. ඔහු සුළු ඉදිකිරීම්වල නිරත වෙමින් ආදායමක් සපයා ගන්නා අයෙකි. ඔහු ද මේ වන විට ඇදිරි නීතිය හමුවේ ආර්ථික ගැටලුවකට මුහුණ පා සිටී. ""මම සාමාන්‍යයෙන් වැඩක් භාරගෙන කොටස් වශයෙන් මට ලැබිය යුතු මුදල ලබා ගන්නවා. ඒත් ඇදිරි නීතිය නිසා මම කරගෙන ගිය වැඩ ඔක්කොම අතරමග නතර කරන්න සිද්ධ වුණා. ඒ නිසා මට දැන් ආදායමක් නැහැ. මගේ දරු පවුල නඩත්තු කරන්න අවශ්‍ය කෑමබීමවලට ඕන කරන දේවල් ගන්නවත් දැන් සල්ලි නැති තත්ත්වයක ඉන්නේ,"" මුදිත පත්ව ඇති තත්ත්වය එවැනිය. ""මම විතරක් නෙවේ මාත් එක්ක අත්උදව් දීපු අයත් දැන් ලොකු ප්‍රශ්නයකට මුහුණ පාල ඉන්නේ. ඒ අයටත් දැන් ආදායමක් නෑ,"" මුදිත වැඩිදුරටත් පැවසීය. මේ අතර, කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ ඇදුම් මසන්නෙකු ලෙස කටයුතු කරන අනුර දිසානායක ද මෙම තත්ත්වයට මුහුණ පා සිටින අයෙකි. ""අපිට නම් දවස් කිහිපයකට පාරක් ඇදිරි නීතිය ඉවත් වෙනවා. ඒත් ඒ දවස මිනිස්සු ගත කරන්නෙ කෑමවලට ඕන කරන බඩු මිල දී ගන්නයි. ඉස්කෝලත් වහලා නිසා ඇදුම් මැහිල්ලක් සිද්ධ වෙන්නේ නෑ. ඉතින් අපට දැන් ජීවත් වෙන්න හරි ම අමාරු තත්ත්වයක් ඇති වෙලා තියෙන්නෙ,"" අනුර දිසානායක පැවසීය. කොරෝනාවෛරසය සහ ආර්ථිකය ගැන තවත් පුවත්: මේ අතර තවත් පිරිසක් ඇදිරි නීතිය හමුවේ සිය වෘත්තියන් කරගෙන යා නොහැකි හෙයින් වෙනත් ජීවිකාවන්ට යොමු වී තිබේ. පානදුර ප්‍රදේශයේ එළවළු වෙළෙදාම සදහා පැමිණි ලොරියක සේවය කළ පුද්ගලයෙකු පැවසුවේ, තමන් පෙදරේරුවෙකු බවය, ජීවත් වීමට මාර්ගයක් නොමැති හෙයින් මිතුරන් කිහිප දෙනෙකු සමග පොලිසියෙන් අවසරය ලබාගෙන එළවළු වෙළෙදාමට යොමු වූ බවය. ""අපි මේව කරපු මිනිස්සු නෙවෙයි මහත්තයො. අපි කට්ටිය කළේ මේසන් වැඩ. ඇදිරි නීතිය හින්ද දැන් ගෙවල් හදන ඒව කෙරෙන්නෙ නෑ. එහෙම කියල අපිට නිකං ඉන්න බෑනෙ. ඒ නිසා තමයි මේ වෙළෙදාම පටන් ගත්තේ."" කෙසේ වෙතත් රු. 5000 ක දීමනාවක් ලබා දීම නිසා සමෘද්ධිලාභීන්ට යම් සහනයක් ලැබී තිබේ. කරුණාවතී සිල්වා කළුතර බොල්ගොඩ ප්‍රදේශයේ පදිංචි තිදරු මවකි. ඇය ස්වාමි පුරුෂයාගෙන් වෙන්ව දිවි ගෙවයි. ඇය සිය ජීවිකාව උපයා ගත්තේ, නිවෙස්වලට ගොස් ආහාර පිළියෙල කිරීම වැනි සේවාවන් කර දීමෙනි. ඇදිරි නීතිය ඇයගේ එම වෘත්තියට ද බලපා තිබේ. ""දැන් කිසි ම ආදායමක් නම් ලැබෙන්නේ නෑ. ගෙදරින් එළියට බහින්න බැරි නිසා මට වැඩ කරන්න යන්න විදිහක් නෑ. හැබැයි සමෘද්ධියෙන් රුපියල් පන් දාහක් ගෙදරට ම ගෙනත් දුන්නා. ඒක ලොකු සහනයක්. මගේ දරුවො තුන් දෙනාට කන්න දෙන්න විදිහක් නැතුවයි මම හිටියේ."" ඇඳිරිනීතිය ඉවත් කළ අවස්ථාවක වෙළඳසලක් වෙත පැමිණි වැඩිහිටි කාන්තාවක් රජයෙන් සහන ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීම නිසා ආදායම් මාර්ග ඇහිරී ඇති පුද්ගලයින් සදහා සහන රැසක් සලසා ඇතැයි ශ්‍රී ලංකා රජය පවසයි. රජයේ සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට වැටුප් ගෙවීමට අමතරව විපතටපත් ජනතාවට රුපියල් 5000 බැගින් මුදල් ලබා දීමට රජය ක්‍රියාකාර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අප්‍රියල් 07 වෙනිදා ප්‍රකාශ කළේය. සහන ලැබෙන පුද්ගලයන්: මීට අමතරව බැංකු හා මූල්‍ය ආයතන හරහා ජනතාවට ණය සහන ලබා දී ඇති අතර එම තත්ත්වය මත රටේ බැංකු පද්ධතිය කඩාවැටීම වැළක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, බැංකු වෙත රුපියල් බිලියන 240ක මුදලක් නිකුත් කිරීමට පියවර ගන්නා ලදී. ලෝක බැංකුවේ දත්ත ලෝක බැංකුවේ දත්තවලට අනුව ""ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 70% ක් නොනිල වෘත්තිකයන්ය (Informal workers). ""වෘත්තීය ආරක්ෂාව සහ පඩි සහිත නිවාඩු අඩුකම හේතුවෙන් ඔවුන් අනතුරට තල්ලු වීමට ඇති ඉඩ වැඩිය. සමාජීය දූරස්ථභාවය පවත්වා ගෙන යාම සඳහා ගෙන ඇති පියවර හේතුවෙන් සේවා අංශ වෙත සෘජු බලපෑමක් එල්ල වනු ඇති අතර තවදුරටත් දීර්ඝ කෙරුණු සංචරණ සීමා හේතුවෙන් සංචාරක කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වනු ඇත,"" යනුවෙන් ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවක දැක්වේ. ""කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය පැවැත්ම සඳහා අරගලයක යෙදේවි. එවැනි තත්ත්වයකදී ආර්ථිකය 3% කින් පහළ යාමට ඉඩ ඇති අතර 2020 වසරේදී දුගීභාවය 43.9% කින් ඉහළ යාවි,"" යනුවෙන් ඉහත කී වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. දෛනික ආදායම් උපයා ගත් පුද��ගලයින් අසරණ තත්ත්වයකට පත්වුණේ ඇයි? මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලම ""දෛනිකව ආදායම් උපයා ගත්ත පුද්ගලයින් මේ තත්ත්වයට පත් වුණේ ඔවුන්ගේ ජීවන රටාවේ ගැටලු තිබුණ නිසයි,"" යනුවෙන් රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලම බීබීසී සිංහල සේවයට පැවසුවාය. ""දෛනිකව ආදායම් උපයන අය ගොඩක් වෙලාවට ඉතුරුම් ගැන හිතන්නේ නැහැ. ඒ වගේ ම අද උපයන දේ අද ම පරිභෝජනය කරන්න තමයි ඔවුන් පුරුදු වෙලා ඉන්නේ. මේ හේතු දෙක නිසා තමයි ඔවුන් මේ තත්ත්වයට පත් වුණේ. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි."" ""මේ අවස්ථාවේ දෛනික ආදායම් උපයා ගත්ත අය පත්වෙලා ඉන්න තත්ත්වය බලපුවා ම රජයට සහන දෙනවා ඇරෙන්න කරන්න වෙන දෙයක් නෑ. අනිවාර්යයෙන් රජයට සහන දෙන්න සිද්ධ වෙනවා,"" ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය." -130517_galle_church_attack,https://www.bbc.com/sinhala/sri_lanka/2013/05/130517_galle_church_attack,සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම ගැන අධිකරණය පොලීසියෙන් විමසයි,ගාල්ලේ ක්‍රිස්තියානි දේවස්ථානයකට පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට නොගත්තේ මන්දැයි කරුණු පහදන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ගාල්ල පොලීසියට නියෝග කළේය.,"රටේ පුරවැසියන්ගේ ආගමික අයිතිය රැකදීමට අධිකරණය බැඳී සිටින බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති ගිංතොට පිහිටි පෙන්තකොස්ත සභාවට අයත් ආගමික මධ්‍යස්ථානයක භාරකරුවන් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය එම නියෝගය කළේ. බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු කණ්ඩායමක් සිය මධ්‍යස්ථානයට කඩා වැදී එහි ආගමික කටයුතු නවත්වන මෙන් බලකරමින් මධ්‍යස්ථානයට පහරදුන් බව භාරකරුවන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් වේ. ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කළ නමුත් සැකකරුවන් අත් අඩංගුවට ගැනීම පොලීසිය විසින් පහර හරිමින් සිටින බවට චෝදනා කරන පෙත්සම, ඒ වෙනුවෙට සිය මධ්‍යස්ථානයේ ඉදිරි ආගමික කටයුතු සඳහා අධිකරණයේ අවසරය ලබා ගන්න මෙන් පොලීසිය බලපෑම් කරමින් සිටින බව ද පවසයි. එහිදී අධිකරණය අමතමින් ප්‍රකාශයක් කළ විනිසුරු නිමල් ගාමිණී අමරතුංග කියා සිටියේ, ආගමික අර්බුදවලට මැදිහත්වීමට අධිකරණයට හැකියාවක් නොමැති බවයි. කෙසේ නමුත් රටේ පුරවැසියන්ගේ ආගමික අයිතිය රැකදීමට අධිකරණය බැඳී සිටින බව පෙන්වාදීමෙන් අනතුරුව අධිකරණය පොලීසියට එම නියෝගය කළ පෙත්සම්කරුවන්ගේ නීතිවේදී ලක්ෂාන් ඩයස් බීබීසී සංදේශයට පැවසීය." -140526_vaiko_detained,https://www.bbc.com/sinhala/world/2014/05/140526_vaiko_detained,වයිකෝ පොලිස් අත්අඩංගුවේ,නරේන්ද්‍ර මෝඩි නව ඉන්දීය අගමැති වශයෙන් දිවුරුම් දීමේ සමාරම්භක උළෙලට ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ සහභාගී වීමට විරෝධය පාමින් උත්සවය පැවැත්වෙන දිල්ලි අගනුවර උද්ඝෝෂණයේ යෙදුණු එම් ඩී එම් කේ නායක වයිකෝ ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.,ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයට විරෝධය පාමින් දෙදහස් හය වසරේ දී උද්ඝෝෂණයේ යෙදුණු වයිකෝ උත්සවය පැවැත්වෙන අවස්ථාවේ උද්ඝෝෂණ පැවැත්වීම සම්බන්ධයෙන් තහනම් නියෝගයක් නුකුත් කර තිබුණ අතර එම නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් වයිකෝ ඇතුළු උද්ඝෝෂණයේ යෙදුණු පිරිස අත් අඩංගුවට ගත් බවයි පැවසෙන්නේ. නවදිල්ලි අගනුවර ‘ජන්තාර් මන්තර්’ භූමි ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයේ දී ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ විරෝධී සටන් පාඨ කියමින් මාර්ග බාධක බිඳ දැමූ උද්ඝෝෂකයන් විරෝධතාවය පැවති ප්‍රදේශයෙන් ඔබ්බට ගමන් කිරීමට උත්සාහ ගත් අවස්ථාවේ දීයි එම් ඩී එම් කේ නායක වයිකෝ ඇතුළු පිරිස අත්අඩංගුවට ගනු ලැබ තිබෙන්නේ. කනගාටුව ඉන්දීය අගමැති දිවුරුම් දීමේ උත්සවයට ජනපති මහින්ද රාජපක්ෂ ආරාධනා ලත් අවස්ථාවේ එම් ඩී එම් කේ නායක වයිකෝ ලිපියක් යොමු කරමින් භාරතීය ජනතා පක්ෂ නායක මෝඩිට එම ආරාධනය පිළිබඳව ඔහුගේ කනගාටුව ප්‍රකාශ කර තිබුණි. මීට ඉහත දෙදහස් හතර සහ දෙදහස් නවය යන වසරවල පැවති අගමැති දිවුරුම් දීමේ උළෙලවල් සඳහා ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ ආරාධනා නොලත් බවයි වයිකෝ පවසා ඇත්තේ. මේ අතර තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා සහ ඩී එම් කේ පක්ෂ නායක එම් කරුණානිධි ද ජනපති මහින්ද රාජපක්ෂ ආරාධනයට විරෝධය පළ කර සිටිති. චෙන්නායි විරෝධය දිල්ලි අගනුවර පැවති උද්ඝෝෂණයත් සමග චෙන්නායි නුවර ද මහින්ද රාජපක්ෂ විරෝධී උද්ඝෝෂණ ආරම්භ වී ඇති බවයිවාර්තා වන්නේ. එම් ඩී එම් කේ පක්ෂ ක්‍රියාකාරීහු ජනපති මහින්ද රාජපක්ෂගේ රුව සහිත පුවරු පුළුස්සා දමමින් අගමැති දිවුරුම් දීමේ උළෙලට ජනපති මහින්ද ලද ආරාධනයට විරෝධය පළ කළහ. මේ අතර දේශපාලන ක්ෂේත්‍රයේ ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරමින් එම දිවුරුම් දීමේ උළෙලට පාකිස්තාන් නායක නවාස් ෂෙරිෆ් සභාගී වෙන අතර ඔහු සහ නව අගමැති නරේන්ද්‍ර මෝඩි අතර හමුවක් හෙට අඟහරුවාදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත් හෙට ඉන්දීය නව අගමැතිවරයා මුණ ගැසීමට නියමිතයි. -world-39191535,https://www.bbc.com/sinhala/world-39191535,"ඇමෙරිකාව, ද. කොරියාවට 'තාඩ්' මිසයිල ආරක්ෂණ පද්ධතිය යොමු කරයි",අර්බුදයට ලක්වී ඇති මිසයිල ආරක්ෂණ පද්ධතියේ පළමු කොටස දකුණු කොරියාවට යැවීම ඇරඹු බව ඇමෙරිකාව පවසයි.,"මෙම මිසයිල ආරක්ෂණ පද්ධතිය දකුණු කොරියාවට තර්ජනයක් විය හැකි ඕනෑම මිසයිලයක් බිම හෙලීමට අපේක්ෂිතය 'තාඩ්' (Thaad - Terminal High-Altitude Area Defense system) නමින් හැඳින්වෙන එම විශේෂ මිසයිල ආරක්ෂණ පද්ධතිය නිමවුණේ උතුරු කොරියාවෙන් එල්ලවිය හැකි යැයි සැළකුණු තර්ජනවලින් ආරක්ෂාවීමේ පියවරක් ලෙසිනි. ඒ අනුව, අදාළ මිසයිල ආරක්ෂණ පද්ධතිය ස්ථාපනය කිරීමට පියවර ගැනුණේ, ජ්‍යාත්‍යන්තර සම්බාධක බිඳ දමමින් උතුරු කොරියාව බැලිස්ටික් මිසයිල 4ක් මුදා හැරීමෙන් දිනකට පසුවය. එහෙත්, මෙම ඇමෙරිකා-දකුණු කොරියා වැඩපිළිවෙල චීනයේ ද විරෝධය එල්ලවී තිබේ. එරට විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගෙන්ග් ශුආන් පැවසුවේ අදාළ මිසයිල පද්ධතිය යොමුකිරීමේ පියවරට දැඩි විරෝධය පළකරන බවය. දකුණු කොරියානු යෝන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය උපුටා දක්වූ පරිදි එරට හමුදා නිලධාරියකු පැවසුවේ ""ලබන අප්‍රේල් තරම් නුදුරේදීම"" මිසයිල ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කෙරෙන බවකි. 'තාඩ්' (Thaad - Terminal High-Altitude Area Defense system) යනු කුමක්ද ? 'තාඩ්' මිසයිල පද්ධතිය 1. සතුරු මිසයිලය විදීම 2. 'තාඩ්' රේඩාර් පද්ධතිය විසින් නිරීක්ෂණයකොට, අණ සහ පාලන ස්ථානයට යොමු කිරීම 3. ප්‍රති මිසයිලයක් විදීම සඳහා 'තාඩ්' අණ සහ පාලන ස්ථානයෙන් උපදෙස් දීම 4. ප්‍රති මිසයිලය සතුරු මිසයිලය දෙසට විදීම 5. සතුරු මිසයිලය විනාශ කිරීම මිසයිල විදින ට්‍රක් රථයකට ප්‍රති මිසයිල 8ක් දරා සිටිය හැක. 'තාඩ්' මිසයිල විදිනයක් 'තාඩ්' මතභේදයකට ලක්වී ඇත්තේ ඇයි? බොහෝ දකුණු කොරියානුවන්ගේ අදහස වී තිබෙන්නේ මෙම මිසයිල ආරක්ෂණ පද්ධතිය ඉලක්කයක් වීම හේතුවෙන් හමුදා ස්ථානගතවීම් අවට ජීවත්වන සාමාන්‍ය ජනතාව අනතුරට මුහුණ දිය හැකි බවය. මෙයට විරෝධය දක්වන්නන් උද්ඝෝෂණ රැසක් ගෙනගිය අතර, 'තාඩ්' මිසයිල ආරක්ෂණ පද්ධතිය ස්ථානගත කිරීම සඳහා හඳුනාගනු ලැබ තිබු ගිනිකොන දිග ෂෙඔන්ජු ප්‍රදේශයේ ජනතාව ඊට කෝපය පළකළේ සිය හිස මුඩු කරමිනි. මෙම මිසයිල ආරක්ෂණ පද්ධතියේ රාඩාර් සංඥා සිය රටවල් තුලට ද ඇතුල්විය හැකියි පවසමින් චීනය හා රුසියාව යන රටවල් ද එම මිසයිල ආරක්ෂණ පද්ධතිය යොමු කිරීම සම්බන්ධයෙන් සිය දැඩි අවධානය යොමු කළහ. මෙම පද්ධතිය කොරියානු අර්ධද්වීපයේ ආරක්ෂක අවශ්‍යතාවලට ""වඩා ඔබ්බට"" යන බව පසුගිය වසරේදී පැවසූ චීන විදේශ අමාත්‍යවරයා, එය ඍජුවම චීනයේ ""උපායමාර්ගික ආරක්ෂක අභිලාෂයන්"" කෙරෙහි බලපාන බව සඳහන් කළේය." -140211_lanka_eu_war_crimes,https://www.bbc.com/sinhala/sri_lanka/2014/02/140211_lanka_eu_war_crimes,යුද අපරාධ චෝදනා පරීක්ෂණයට යුරෝපයත් එක්වෙයි,යුද සමයේ කැරුණු බරපතල අපරාධ පිලිබඳ චෝදනා සම්බන්ධ විශ්වසනීය සහ ස්වාධීන පරීක්ෂණයක් සඳහා ක්‍රියාකාරී ව සහාය දක්වන්නට යුරෝපා සංගමය තීන්දු කොට තිබේ.,"යුද්ධයේ අවසාන සමයේ ශ්‍රී ලංකාවේ වගකීම් සහගත භාවය සහ සංහිඳියාව වැඩි දියුණු කිරීම සඳහා දරන උත්සාහයටත් තම සහාය පළ කරන බවයි සඳුදා සම්මත කැරුණු යෝජනාවේ දැක්වෙන්නේ. යුද අපරාධ පරීක්ෂණ විරෝධී ආණ්ඩු පාක්ෂික උද්ඝෝෂණයක් එමෙන්ම, රටේ වර්තමාන මානව හිමිකම් තත්වය වෙත යොමු වන බව ද යෝජනාවේ සඳහන් වෙයි. යුරෝපා සංගම් මුලස්ථානය පිහිටි බ්‍රසල්ස් නුවර රැස් වූ සංගමයේ විදේශ කටයුතු පිලිබඳ කමිටුව පවසා ඇත්තේ එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් සමුළුවේ විසි පස් වැනි සැසි වාරය ට පෙරාතුව මේ තීරණයට එළැඹි බවයි. ඉහළ පෙළේ නියෝජනය විදේශ කටයුතු සහ ආරක්ෂක පිළිවෙත පිලිබඳ උත්තම නියෝජිත කැතරින් ඇෂ්ටන් ගේ ප්‍රධානත්වයෙන් සාමාජික රටවල් විසි අටේ ම විදේශ අමාත්‍ය නියෝජිතයන් සහභාගි වූ බවයි යුරෝපා සංගමය පවසා තිබුනේ. ශ්‍රී ලංකාවේ යුද්ධයේ දීත්, ඉන් පසුවත් දෙපාර්ශවය ම විසින් කළ බවට වාර්තා වී ඇති යුද අපරාධ, මානව වර්ගයා ට එරෙහි අපරාධ සහ වෙනත් මානව හිමිකම් උල්ලංඝන පිලිබඳ වගකීම විනිශ්චය සඳහා ස්වාධීන,ජාත්‍යන්තර යාන්ත්‍රණයක් පිහිටුවන ලෙස ඇමරිකානු උත්තර මන්ත්‍රී මණ්ඩලයට යෝජනාවක් ගෙන එනු ලැබීමෙන් දින කීපයකට පසුයි යුරෝපා සංගමය ස්වාධීන යුද අපරාධ පරීක්ෂණයක් සඳහා සහාය පළ කොට ඇත්තේ." -world-56850527,https://www.bbc.com/sinhala/world-56850527,කොරෝනා: ලංකා ප්‍රජාවට නිර්දේශ කළ යුතු කොවිඩ් පාලනය කළ හැකි ප්‍රතිදේහ ගැන අධ්‍යයනයක්,ඔක්ස්ෆර්ඩ් විද්‍යාඥයන් විසින් සංවර්ධනය කරන ලද අඩු වියදමකින් ඉක්මන් තොරතුරු සපයාගත හැකි නව පරීක්‍ෂණ කට්ටලයක් කොවිඩ්-19 වෛරසයට එරෙහි සටනේ නවතම උපකරණය වියහැකි තත්ත්වයක් දක්නට ලැබෙයි.,"කෝවිඩ්-19 වෛරසයට හේතුවෙන නව කොරෝනා වෛරස් මැඩලීම සඳහා සුදුසු ප්‍රතිදේහ (antibodies) සඳහා අඩු පිරිවැයක් සහිත එසේම නිෂ්පාදනය කිරීම අතින් පහසු මෙන්ම අතේ ගෙනයාහැකි පරීක්‍ෂණ උපකරණයක් තමන් විසින් නිර්මාණය කරනු ලැබ ඇතැයි ඔක්ස්ෆර්ඩ් සරසවියේ විද්‍යාඥයන් විසින් මෙහෙයවන ලද ජාත්‍යන්තර පර්යේෂණ කණඩායමක් සඳහන් කරයි. ""සිරුරේ ප්‍රතිදේහ මට්ටම් සහ පුද්ගලයන්ගේ මෙන්ම ජනගහනයේ ප්‍රතිශක්ති සුරක්ෂිතභාවයට හොඳම ආකාරයන් පිරික්සීම මගින් වෛරසය ව්‍යාප්තවීම පාලනය කරගැනීම සහ ලෝක ජනගහනයෙන් වැඩි කොටසක් මෙම උවදුරෙන් ආරක්ෂාකර ගනු ලැබීමට ගතයුතු ක්‍රියාමාර්ග අතින් අපි පියවර කීපයක් ඉදිරියට ගොස් සිටිනවා,"" ඔක්ස්ෆර්ඩ් සරසවියේ MRC මානව ප්‍රතිශක්ති විද්‍යාංශයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය ඇලිසන් සිමොන්ස් (Professor Alison Simmons) පවසයි. කෝවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂාව සලසා ඇති පුද්ගලයන්ගෙන් ප්‍රතිදේහ යළි බලගැන්වීම අවශ්‍ය කරන තැනැත්තන් හඳුනාගැනීමට හැකිවේද යන්න පිරික්සීම සඳහා මෙම අතිසරල පරීක්ෂණය උපයෝගීකර ගැනීම විද්‍යාඥයන්ගේ දැන් සැලැස්මයි. අදාළ අත්හදා බැලීම් සංවර්ධනය කෙරෙමින් පවතින අතර බාහිර පරීක්ෂණ සඳහා තවමත් යොදාගනු ලැබ නැත. ප්‍රතිදේහ යනු මොනවාද? ප්‍රතිදේහ (Antibodies) යනු සිරුරේ අඅන්තර්ගත ප්‍රෝටීන් විශේෂයක් වන අතර ඒවා සුවිශේෂී ආසාදනයන් හඳුනාගනිමින් ඊට එරෙහිව ක්‍රියාත්මක වෙයි. යම්කිසි ආසාදනයකට ගොදුරු වූ පුද්ගලයකු පසුකලක එම ආසාදනයට යළිත් ගොදුරු වුවහොත් ඊට ඔරොත්තු දීම සඳහා එම පුද්ගලයාගේ සිරුර සූදානමින් තැබීමක් ප්‍රතිදේහ මගින් සිදුකෙරෙයි. ව්‍යාධිගත වීමකින් තොරව ප්‍රතිදේහ නිර්මාණය කිරීමේ සුරක්‍ෂිත ක්‍රියාමාර්ගයක් එන්නත් මගින් සම්පාදනය කරනු ලබයි. ඒ අනුව, යම්කිසි තැනැත්තකු කොවිඩ්-19 වෛරසයට ගොදුරුවී සුවය ලැබ ඔහුගේ රුධිරයෙහි ඉහත සඳහන් කරන ලද ප්‍රතිදේහ අන්තර්ගතවන්නේ නම්, එම තැනැත්තා නැවත වතාවක් කොරෝනා වසංගතයට ගොදුරු නොවී ආරක්ෂාවීමේ හැකියාවක් පවතී. කෙසේවුවද, විද්‍යාඥයන් පවසන්නේ මෙය සනාථ කිරීමට තවත් පර්යේෂණ සිදු කිරීම අවශ්‍ය බවය. සිරුරේ ප්‍රතිශක්ති රටාව සංකීර්ණ වූවකි. T-සෛල වැනි වෙනත් මූල ද්‍රව්‍යයන් ද ප්‍රතිශක්තිකරණ ක්‍රියාදාමයේ දී කාර්යභාරයක් ඉටුකරනවා විය හැකිය. ඔක්ස්ෆර්ඩ් ප්‍රතිදේහ පරීක්ෂණය ක්‍රියාත්මක වන්නේ කෙසේද? එම පරීක්ෂණය සිදුකරනු ලබන්නේ පුද්ගලයකුගේ ඇඟිලි තුඩකින් රුධිර සාම්පලයක් ලබා ගැනීමෙනි. එය ඉක්මන් සහ පහසුය. ඇඟිලි තුඩකින් රුධිරය රැගෙන ප්‍රතිදේහ පරීක්ෂා කිරීමේ වෙනත් පරීක්‍ෂණ ක්‍රමත් අද ලෝකයේ භාවිතයට ගැනෙමින් ඇත මෙම පරීක්‍ෂණය පදනම් වන්නේ රතු රුධිර සෛල මතුපිට වෛරස් අඩංගු ප්‍රෝටීනයක් සම්බන්ධ කිරීමෙනි. වෛරසය��� එරෙහිව ප්‍රතිදේහ ක්‍රියාත්මක වෙනවිට රතුරුධිර සෛල කැටියක් නිර්මාණය වෙයි. එම රුධිර සෛල කැටිය පියවි ඇසෙකින් දැකිය හැකි තරම්ය. ""මෙය ඉතාම සරල පරීක්‍ෂණයක්. පුහුණු තාක්ෂණවේදියකුට හෝ අතුරු වෛද්‍ය කාර්යමණ්ඩල සාමාජිකයකුට වුනත් මෙය කරන්න පුළුවන්,"" ඔක්ස්ෆර්ඩ් සරසවියේ මානව ප්‍රතිශක්ති විද්‍යා ඒකකයේ කෙරුණු අධ්‍යයනයට නායකත්වය දුන් මහාචාර්ය ඇලයින් ටවුන්සෙන්ඩ් (Alain Townsend) බීබීසී වෙත අදහස් දක්වමින් සඳහන් කළේය. අනතුරුව ඡායාරූපගත කෙරුණ පරීක්‍ෂණ ප්‍රතිඵල විද්වත් තක්සේරුකිරීමක් සඳහා යොමුකළ හැකිය. කෝවිඩ්-19 ආසාදිත රෝගීන් යොදාගනිමින් කරන ලද පරීක්ෂණ මාලාවකින් පසු පර්යේෂක කණ්ඩායමේ දැන් බලාපොරොත්තුව එන්නත් කරනු ලැබීමෙන් අනතුරුව ප්‍රමාණවත් ප්‍රතිදේහ සාර්ථක මට්ටමින් ප්‍රදර්ශනය කරනු ලබන පුද්ගලයන් හඳුනා ගනිමින් ප්‍රතිශක්තිය නංවාලීම අවශ්‍ය විය හැකි පුද්ගලයන් සමඟ සංසන්දනය කිරීමය. මෙම පරීක්‍ෂණය කොවිඩ්-19 මැඩලීමට උදව්වන්නේ කෙසේද? ප්‍රජාවේ ප්‍රතිශක්ති සුරක්ෂණ මට්ටම් හඳුනාගැනීමට මෙම පරීක්‍ෂණ මහා පරිමාණයෙන් සිදුකිරීම පර්යේෂකයන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ට උදව්වීමට ඉඩකඩ ඇති බවට විද්‍යාඥයෝ බලාපොරොත්තු තබති. ප්‍රතිදේහ කෙරෙහි අලුත් කොවිඩ් ප්‍රභේදයන්හි බලපෑම පිළිබඳව විද්‍යාඥයන්ට අධීක්‍ෂණය කිරීමට වැඩි අවස්ථා සලසමින් නව ප්‍රභේදයක් හසු වූ විට පර්යේෂණ කණ්ඩායම අප සාකච්ඡාවට ගනු ලබන නව පරීක්ෂණ ක්‍රමය යාවත්කාලීන කරනු ඇත. කොවිඩ් වෛරසය ආසාදනය වීමකින් පසුව මෙන්ම එන්නත් කරනු ලැබීමකින් පසු ශරීරය ප්‍රතිචාර දක්වන ආකාරය හඳුනා ගැනීමටත් එමගින් බලාපොරොත්තු වෙයි. ""සිරුරෙහි යහපත් මට්ටමක ප්‍රතිදේහ පැවැත්ම කොවිඩ්-19 වෛරසයට එරෙහිව පොරබැදීමට ආධාරයක්,"" බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ අංශයේ අධ්‍යක්‍ෂ සහ ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි. එන්නත් කරනු ලැබීමෙන් පසු ප්‍රතිදේහ උත්පාදනය සම්බන්ධයෙන් සිදුකෙරෙන පර්යේෂණයන්හි දෙවෙනි අදියර සඳහා මහාචාර්ය මලවිගේ නායකත්වය දෙන්නීය. ""විවිධ ස්වභාවයේ ප්‍රතිදේහ විශාල සංඛ්‍යාවක් තිබෙනවා,"" මහාචාර්යවරිය සඳහන් කළාය. ""ශ්‍රී ලංකාවේ ප්‍රජාවට නිර්දේශ කළයුතු වන්නේ කුමන වර්ගයක ප්‍රතිදේහදැයි වටහා ගැනීමට ස්වේච්ඡා කණ්ඩායමක් යොදාගනිමින් අප ප්‍රතිදේහ පිළිබඳව අධ්‍යයනයක නිර���වෙමින් සිටිනවා,"" යැයි මහාචාර්ය නීලිකා මලවිගේ කීවාය. ""සමහර ප්‍රතිදේහ අපේ ආරක්‍ෂාවට ඉදිරිපත්වෙන නමුත් තවත් ප්‍රතිදේහ වර්ගවලින් එවැනි මෙහෙයක් නැහැ. සමහර ප්‍රතිදේහ සිරුරේ පවතිනවා පමණයි. අපේ උත්සාහය වී තිබෙන්නේ කොවිඩ්-19 වෛරසයෙන් අපි ආරක්ෂා කරන්නේ කිනම් ප්‍රතිදේහ මගින්දැයි වටහා ගැනීම. විවිධ කොරෝනා වෛරස් වර්ගයන්ට ප්‍රතිචාර දක්වන ප්‍රතිශක්ති ක්‍රියාවලිය ගැනත් අපි විපරම් කරනවා."" ප්‍රතිදේහ පරීක්‍ෂණය අනාවරණය නොකරන කරුණු බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය පවසන පරිදි යම්කෙනෙකුට කොවිඩ් වෛරසය කලින් ආසාදනය වී තිබේද යන්න ප්‍රතිදේහ පරීක්‍ෂණයක් මගින් කිව හැකිය. ඒ අතරම වෛරසය ආසාදිත ඇතමුන් තුළ ප්‍රතිදේහ දක්නට නැත. ප්‍රතිදේහ පරීක්‍ෂණයක් මගින් කෙනෙකුට කොවිඩ් වෛරසයට ඔරොත්තුදීමේ ප්‍රතිශක්තිය ඇති බවක් හෝ ආසාදිත පුද්ගලයකු විසින් වෙනත් අයට වෛරසය පැතිරවිය හැකිද නැද්ද යන්න අනාවරණය නොකෙරෙයි. බොහෝ රෝගීන් ගත්විට ප්‍රතිදේහ පරීක්ෂණයන්හි නිරවද්‍යතාව තවමත් පවතින්නේ අධීක්‍ෂණ මට්ටමෙහිය. බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාව පැහැදිළි කරන පරිදි ඇතැමුන් ප්‍රතිදේහ සහිත බවට වැරැදි ප්‍රතිඵල ලැබීමට ද අවකාශයක් පවතී. ආසාදනයක් ඇතිවීමෙන් හෝ එන්නත් කරනු ලැබීමකින් පසු ප්‍රතිදේහ නිර්මාණයට සති කීපයක් ගතවිය හැකිය. එය තීන්දුවන්නේ පුද්ගලයන් අනුව බව මහාචාර්ය ටවුන්සෙන්ඩ් පවසයි. පොදු වශයෙන් ගත්විට ආසාදනයකින් හෝ එන්නත් කිරීමකින් අනතුරුව සති කීපයක් ඒ සඳහා කාලය ගතවෙයි. ""සමහර පුද්ගලයන් තුළ ප්‍රතිදේහ නිෂ්පාදනය වෙන්නේ අඩු මට්ටමකින්. ඒ අතරම සමහර පුද්ගලයන් තුළ විශාල වශයෙන්. එහෙම වෙන්නේ කොහොමද කියල අපට පූර්ණ දැනුමක් නැහැ,"" මහාචාර්ය ටවුන්සෙන්ඩ් පවසයි. ""අපි සියගණනක් පරීක්ෂණ සිදුකරලා තියෙනව. ප්‍රතිදේහ ඉහළම අනුපාතයක් වාර්තා වුණේ ඉතාම සාමාන්‍ය ආබාධයකින් පෙළුන මහලු කාන්තාවකගෙන්. එම කාන්තාව ඇත්තෙන්ම ඉතා ඉහළ මට්ටමේ ප්‍රතිදේහ සහිත කෙනෙක් වුණා."" වසරක කාලයක් ඇතුළත තවත් ආසදනයකින් ගැලවීමට ප්‍රතිදේහ මගින් රැකවරණයක් සැලසෙන බවට පොදු මතයක් පවතී. එහෙත් විද්‍යාඥයන් පෙන්වාදෙන්නේ නිගමනයකට එළඹීම සඳහා තමන්ට තවත් බොහෝ පර්යේෂණ කළ යුතුව ඇති බවය. තමන් විසින් නිර්මාණය කරන ලද පරීක්‍ෂණ ක්‍රමය සඳහා අවශ්‍ය අනුමැතිය තවමත් ලැබී නැති නමුත් සිය නව නිර්මාණය සම්බන්ධයෙන් එංගලන්තයේ මහජන සෞඛ්‍ය බ���ධාරීන් සමඟ සාකච්ඡා කිරීමට ඔක්ස්ෆර්ඩ් සරසවි කණ්ඩායම සැලසුම් කරයි. කියවන්න;" -131101_chogm_fmm_,https://www.bbc.com/sinhala/sri_lanka/2013/11/131101_chogm_fmm_,ලංකාවේ මාධ්‍ය නිදහස ගැන 'සමුළුව වේදිකාවක් කර ගන්න',ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට එල්ල වන තර්ජන පිළිබඳව අවධානයට ලක් කිරීම පිණිස එළැඹෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වේදිකාවක් කර ගන්නැයි එෆ්එම්එම් හෙවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියි.,"'මාධ්‍යවේදීන්ට තර්ජන කරන පුද්ගලයන් නීතියේ රැහැනට හසු නොකිරීමේ වාතාවරණයක්' විශේෂයෙන්ම යුද ගැටුම් පැවති සමයේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට එල්ල වූ තර්ජන පිළිබඳව දිගින් දිගටම වාර්තා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමන්ට එරෙහිවද බරපතල මර්ධනයක් ක්‍රියාත්මක වූ බව පෙන්වා දෙන එෆ්එම්එම් සංවිධානය, පොදු රාජ්‍ය මණ්ඩල ප්‍රඥප්තියේ අඩංගු ප්‍රධානම මූලධර්මයක් වන භාෂණයේ නිදහස ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කරන මෙන් කොළඹට රැස් වන ලෝක නායකයන්ගෙන් ඉල්ලා තිබේ. 'සදාචාරාත්මක වගකීමක්' 2005 - 2009 කාලය ඇතුලත ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්‍රියාධරයන් තිස් හතර දෙනකුවත් මරා දමා තිබෙන බව පෙන්වා දෙන එෆ්එම්එම් නිවේදනය, තවත් විශාල පිරිසක් පහර ගැනීමට, බිය වැද්දීම් සහ තර්ජනය කිරීම්වලට ලක් වූ බවද සඳහන් කරයි. කෙසේ නමුත් එවැනි එක් ඝාතනයක් හෝ වෙනත් සිදුවීමක් සම්බන්ධයෙන් හෝ මේ දක්වා කිසිවෙකුත් දඬුවම් ලබා නැති බව ලෝක නායකයන් වෙත නිකුත් කරන විවෘත ලිපියේ සඳහන් කරන මාධ්‍ය නිදහස පිලිබඳ සංවිධානය, ජනමාධ්‍යවලට සහ මාධ්‍යවේදීන්ට තර්ජන කරන පුද්ගලයන් නීතියේ රැහැනට හසු නොකිරීමේ වාතාවරණයක් ශ්‍රී ලංකාවේ පවතින බවද පවසයි. මේ තත්වය යටතේ පසුගියදා පැවති උතුරු පළාත් සභා මැතිවරණය නිරීක්ෂණය කළ පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයන් මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක කරන මෙන් ආණ්ඩුවට බල කිරීමේ 'සදාචාරාත්මක වගකීමක්' පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකයන්ට තිබෙන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි." -140207_cricket_woolf,https://www.bbc.com/sinhala/world/2014/02/140207_cricket_woolf,“ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව අනතුරක” - වුල්ෆ් සාමි,ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉදිරිපත්ව ඇති මතභේදයට තුඩු දුන් නව සැලැස්මක් සෙනසුරාදා සිංගපූර්හිදී සාකච්ඡාවට ගනු ලැබීමට නියමිතයි.,"හැරී වුල්ෆ් සාමි ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය තුල ඉන්දියාවේ,එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලවල බලය ශක්තිමත් කෙරෙන නව සැලැස්මට ක්‍රිකට් ක්‍රීඩා කරන සමහර රටවල් දැනටමත් විරෝධය පළ කර ඇත. එංගලන්තයේ සහ වේල්සයේ හිටපු අගවිනිසුරුවරයකු වන වුල්ෆ් සාමිවරයා යෝජිත සැලසුම් විග්‍රහ කරන්නේ ඉහත කී රටවල් ත්‍රිත්වයේ ක්‍රිකට් බලධාරීන් විසින් ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලය අල්ලා ගනු ලැබීමේ සැලැස්මක් හැටියටයි. බල ත්‍රිත්වයක් “චීනය ,රුසියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරුන් තිදෙනා එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ බලය අත්පත් කර ගනිමින් සමස්ත ලෝකය පාලනය කිරීමට කටයුතු කරන ආකාරය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව උත්සාහය සමාන ක්‍රියාවලියක් වන බවයි”, වුල්ෆ් සාමිවරයා පෙන්වා දෙන්නේ. යෝජිත සැලැස්මට පාකිස්තාන් ක්‍රිකට් ලෝලීන්ගේ විරෝධය එම නව සැලැස්ම යටතේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ඉහත කී රටවල් තුන අතට පත් වීමේ තත්වයක් උදාවෙන බවට වුල්ෆ් සාමිවරයා බිය පළ කරයි. එංගලන්තයේ සහ වේල්සයේ හිටපු අගවිනිසුරුවරයකු වන වුල්ෆ් සාමිවරයා ක්‍රිකට් ක්‍රීඩා විධි විධාන සම්බන්ධයෙන් මැදිහත් වූ ඉතිහාසයක් සහිත නීති විශාරදයෙකි . ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය 2011 දී එහි පරිපාලන ව්‍යුහය ,ජාත්‍යන්තර තරඟ සහ මූල්‍ය ව්‍යුහයට අදාළ නීතිමය ප්‍රතිපාදනය සඳහා පියවර ගැනීමේ අධීක්ෂණ කාර්යය පැවරුවේ වුල්ෆ් සාමිවරයාට යයි ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරක චන්නක ද සිල්වා පවසයි. මූල්‍ය අරමුණු ඉහත කී රටවල් ත්‍රිත්වය විසින් ගෙනෙනු ලබන නව සැලැස්ම අනුව ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයට ලැබෙන ආදායමින් වැඩි කොටස එම පාලක මණ්ඩල තුන අතර බෙදී යාමක් ද සිදු වෙන බවයි බොහෝ සාමාජික රටවල් පෙන්වා දෙන්නේ. ඉන්දියාවේ ඕස්ට්‍රේලියාවේ හා එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩල විසින් ICC යේ බලය පැහැර ගැනීමට දරන උත්සාහය සම්බන්ධයෙන් ඉන්දියාවේ ,එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ ආණ්ඩු කනගාටු විය යුතුව ඇති බවත් වුල්ෆ් සාමිවරයා කියා සිටියි." -world-39382489,https://www.bbc.com/sinhala/world-39382489,සුනඛ සුරතලාට කෘතීම ශ්වසනය ලබාදුන් ගිනි නිවන භටයෙක්,ගින්නට හසු වූ නිවසකින් බේරා ගනු ලැබූ සුරතල් සුනඛයෙකුට මිනිත්තු විස්සක කාලයක් කෘතීම ශ්වසනය ලබා දුන් ගිනි නිවන භටයෙකු පිළිබඳ ඇමරිකාවෙන් වාර්තා වේ.,"ගිනි නිවන භටයාගේ එම ක්‍රියාකලාපය දැඩි ප්‍රශංසාවට ලක් වී තිබේ. කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ට��� මොනිකා නගරයේ පිහිටි නිවස ගින්නට හසු වීමත් සමග උෂ්ණත්වය සහ ගින්නෙන් නැගුණු දුමාරය හමුවේ සුනඛයා සිහිසුන් විය. නමුත් නාලු නමැති දස හැවිරිදි සුනඛයාගේ දිවි බේරා ගැනීමට හැකි වූයේ ඇන්ඩෲ ක්ලෙයින් නමැති ගිනි නිවන භටයාගේ දැඩි පරිශ්‍රමය හේතුවෙනි. නාලුට දැන් සනීපයි මේ වනවිට නාලු සම්පූර්ණ සුවය ලබා සිටී ගින්නට හසු වූ නිවසේ නිදන කාමරයක් තුළ සිහිසන්ව වැතිර සිටි නාලු සොයා ගනු ලැබූ ඇන්ඩෲ ""සම්පුර්ණයෙන් ඔහුගේ පණ ගිහින් වගේ තිබුණේ"" යනුවෙන් AP පුවත් සේවයට පැවසීය. ""මම ඔහු උස්සලා අරන් මහල් නිවසෙන් පිටතට දිව ගියා. මොකද කාලය කියන දේ ඉතා වැදගත්"" යනුවෙන් ඔහු පැවසීය. මේ වනවිට නාලු සම්පූර්ණ සුවය ලබා සිටින අතර සිය සුරතලාගේ දිවි බේරා දීම පිළිබඳ ඔහුගේ හිමිකාරිය ඇන්ඩෲ ඇතුළු සෙසු ගිනි නිවන භටයන් වෙත ස්තූතිය පළ කළාය." -130224_icj_agarwala_contempt,https://www.bbc.com/sinhala/world/2013/02/130224_icj_agarwala_contempt,ජාත්‍යන්තර ජූරි සභික මණ්ඩලයේ ප්‍රධානියාට නොතීසි,ඉන්දීය අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත ජාත්‍යන්තර ජූරි සභිකයන්ගේ මණ්ඩලයේ ප්‍රධානී අදීෂ් අගර්වාල්ට එරෙහිව නඩු පැවරීම සඳහා ඉන්දියාවේ නීතිපතිවරයා නොතීසි නිකුත් කොට තිබෙන බව ජ්‍යෙෂ්ඨ ඉන්දීය නීතිවේදීහු පවසති.,"සරෝජ් පතිරණ බීබීසී සිංහල සේවය අගවිනිසුරු අල්තමාස් කබීර් විසින් පත් කරන ලද කමිටුවක් පිළිබඳව අපහාසාත්මක ප්‍රකාශයක් කිරීම නීතිවේදී අදීෂ් අගර්වාල්ට එරෙහි චෝදනාවයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ නීතිවේදී සංගමයේ සාමාජිකත්වය පරීක්ෂා කරන මෙන් තමන් ඇතුළු කමිටුවක් පත් කිරීමේදී අගවිනිසුරුවරයා විසින් අක්‍රමිකතාවයක් සිදු කරන ලද බවට අදීෂ් අගර්වාල් විසින් පුවත්පත්වලට කරන ලද ප්‍රකාශය එම නඩු පැවරීමට නිමිත්ත බව ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ නීතිවේදී කේ කේ වෙනෝගෝපාල් බීබීසී සංදේශයට පැවසීය. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය ජාත්‍යන්තර හෙලා දැකීමට ලක් වෙද්දී, එය සාධාරණ ක්‍රියාදාමයක් බව පවසමින් දිල්ලි අගනුවර සේවය කරන ජ්‍යෙෂ්ඨ නීතිවේදියකු වන අදීෂ් අගර්වාල් පසුගියදා විශේෂ නිවේදනයක් නිකුත් කළේය. දෝෂාභියෝග ක්‍රියාදාමය ඔහු නියෝජනය කරනු ලබන්නේ ජාත්‍යන්තර පිළිගැනීමට පත්ව තිබෙන ජාත්‍යන්තර ජූරි සභිකයන්ගේ කොමිසම බව මුලින්ම බොහෝ දෙනාගේ විශ්වාසය වූ අතර, ශ්‍රී ලංකාවේ රාජ්‍ය මාධ්‍ය ප්‍රමුඛස්ථානයක් ලබා දෙමින් එම නිවේදනය ප්‍රචාරය කළේය. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය සාධාරණ ක්‍රියාදාමයක් බව පවසමින් අදීෂ් අගර්වාල් විශේෂ නිවේදනයක් නිකුත් කළේය කෙසේ නමුත්, ඔහුගේ මතය ජාත්‍යන්තර ජූරි සභිකයන්ගේ මණ්ඩලයේ මතය නොවන බව පවසමින් එය ප්‍රතික්ෂේප කිරීමට පාකිස්තානයේ අගවිනිසුරුවරයා ඇතුළු ජාත්‍යන්තර නීතිවේදීහු ගණනාවක් කටයුතු කළහ. ඔහුගේ ප්‍රධානත්වයෙන් යුත් ජාත්‍යන්තර ජූරි සභිකයන්ගේ මණ්ඩලය යනු කවරක් ද යන්න පවා තමන් නොදන්නා බවයි, ජ්‍යෙෂ්ඨ නීතිවේදී කේ කේ වෙනෝගෝපාල් පවසන්නේ. අගර්වාල් නීතිවේදියා සංවිධාන විශාල ප්‍රමාණයක සභාපතිවරයා බවත්, ප්‍රාන්ත ගණනාවකම ඔහු අතිරේක සොලිසිටර් ජනරාල්වරයා බවත් ඔහුගේ ලිපි ශීර්ෂයේ දැක්වෙන බව නීතිවේදී වෙනෝ ගෝපාල් සංදේශයට පැවසීය. කෙසේ නමුත් ජාත්‍යන්තර ජූරි සභිකයන්ගේ මණ්ඩලයේ සාමාජිකයන් කවුරුන්ද, එහි ව්‍යවස්ථාව කවරක් ද යනාදී කරුණු ඔහුගෙන්ම විමසා දැන ගත යුතු බව ද නීතිවේදී වෙනෝ ගෝපාල් පැවසීය. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ නීතිවේදී සංගමයේ සාමාජිකයන් 8000 ක් සිටින අතර ඒ සියලු දෙනාම සංගමයේ නිලවරනයෙදී ඡන්දය දීම සඳහා සුදුසුකම් ලබන්නේද යන්න විමසීම අගවිනිසුරු අල්තමාස් කබීර් විසින් නීතිවේදී වෙනෝගෝපාල් ඇතුළු කමිටුවට පවරන ලද වගකීමයි. නීතිවේදී සංගමයේ සභාපති පදවිය සඳහා අගර්වාල් නීතිඥවරයා ද තරඟ කොට තිබෙන අතර, ඔහු පුවත්පතට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පියවර ගන්නා මෙන් නීතිපතිවරයාට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ. ඒ අනුව ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු පැවරීම පිලිබඳ නොතීසි නිකුත් කරන මෙන් නීතිපතිවරයා උපදෙස් දී තිබේ. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා" -world-42633081,https://www.bbc.com/sinhala/world-42633081,කැළිෆෝනියාවේ ස්වභාවික ව්‍යසනය: දිවි බේරාගත් අය සොයා මෙහෙයුම්,"අධික වර්ෂාව හේතුවෙන් හටගත් ගංවතුර සහ ""ඉණවටක්"" මඩ මධ්‍යයේ දකුණු කැළිෆෝනියාවේ අවම වශයෙන් 15ක් මියගොස් ඇති බව බලධාරීහු පවසති.","එය ""පළමු ලෝක යුද්ධයේ යුද පිටියක්"" ලෙස දිස්වන බව එහි සිටින පොලීසිය පවසයි තවත් 160කට අධික පිරිසක් රෝහල්ගත කර ඇත. දරුණු කුණාටුව හේතුවෙන් ඉන් 20 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඒ අතරින් සිව් දෙනෙකුගේ තත්වය බරපතලය. නැගෙනහිර සැන්ට බාබරා ප්‍රදේශයේ (Santa Barbara) රොමෙරො කැනියන් හි (Romero Canyon) 300ක පමණ පිරිසක් කොටු වී සිටිති. එහි පවතින තත්වය ""පළමු ලෝක යුද්ධයේ යුද පිටියක්"" ලෙසින් දිස්වන බව පොලීසිය පවසයි. පෙර පැවති අයුරු ද���න් දිස්වන අයුරු දරුණු ලෙස අනතුරටපත් නිවාස ඉවත්කිරීමේ සීමාවතුල නොමැති බව නිලධාරීන් පවසයි. පසුගිය මාසයේ ඇති වූ ලැව්ගිනි මෙන්ම මෙම ගංවතුර සහ පස්කඳු කඩාවැටීම හේතුවෙන් කිලෝමීටර 48කට වඩා දිගින් යුත් මුහුදුබඩ මාර්ගයක වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ. අනතුරටපත් පුද්ගලයන් පිළිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛන නොමැති බවත් මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් හදිසි සහන සේවකයෝ පවසති. ගංවතුර හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් සිය නිවාසවලින් ඉවත්වී ඇති අතර, 50කට අධික සංඛ්‍යාවක් මුදවාගෙන තිබේ. දරුණු ලෙස අනතුරට පත් නිවාස ඉවත්කිරීමේ සීමාව තුළ නොමැති බව ද නිලධාරීහු පවසති. කුඩා මෝටර් රථ ප්‍රමාණයේ විශාල ගල් මාර්ගයේ අධික වර්ෂාව සහ කඳු නාය යෑම් නිසා සමහර නිවාස පාඩම පිටින්ම ගැල වී ගොස් ඇති බව සැන්ට බාබරාහි ගිනි නිවන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මයික් එලිසන් (Mike Eliason) පවසයි. කුඩා මෝටර් රථ ප්‍රමාණයේ විශාල ගල් මගින් මාර්ග අවහිරකර ඇති බව මේ අතර බීබීසී යේ ලොස් ඇන්ජලීස් වාර්තාකරු පවසයි. දිවි ගලවාගත් අය අතර වයස අවුරුදු 14ක දැරියක් ද සිටින අතර සුන්බුන් බවට පත්වූ නිවසේ ඇය පැය 4ක් පමණ සිරවී සිට තිබේ. මඩෙන් නැහැවී සිටි දැරිය බේරාගන්නා ඡායාරූපයක් ගිනි නිවීමේ සේවය විසින් ප්‍රකාශයට පත් කර තිබුණි. ඇය ඇයගේ සුන්බුන් බවට පත්වූ නිවසේ පැය 4ක් පමණ සිරවී සිටතිබේ කුණාටුව හේතුවෙන් මිය ගියේ යැයි සැළකිය හැකි පස්දෙනෙක් අඟහරුවාදා (ජනවාරි 09) හමුවූ බව පළාතේ ගිනි නිවන දෙපාර්තමේන්තු ප්‍රධානියා සඳහන් කළේය. මෙයට අදාළ තවත් පුවත්:" -120727_political_prisoners,https://www.bbc.com/sinhala/sri_lanka/2012/07/120727_political_prisoners,බන්ධනාගාරයේදී පහර කෑ සිරකරුවන් 'මැරෙන්න දාලා',තමන්ට ලැදි දේශපාලන සිරකරුවන් පමණක් නිදහස් කරමින් අනෙක් සිරකරුවන් දිගටම රැඳවුම් භාරයේ තබා ගන්නා බවට මානව හිමිකම් ක්‍රියාධරයන් පිරිසක් ශ්‍රී ලංකා ආණ්ඩුවට චෝදනා කරති.,"'පහර දීල දැන් මරණාසන්නව ඉන්න හිරකරුවන්ට දෙන්නේ ඩිස්ප්රීන් පෙත්තයි පැනඩෝල් පෙත්තයි විතරයි' සිංහල දේශපාලන සිරකරුවන්ට ලැබුණු නිදහස දෙමළ ජාතිකයන්ට නොදෙන්නේ මන්දැයි ප්‍රශ්න කරන ඔවුහු විශේෂයෙන්ම බන්ධනාගාරයේදී පහර කෑමට ලක්වුණු දෙමළ සිරකරුවන්ට රෝහලේදී නිසි ප්‍රතිකාර පවා නොලැබෙන බවටද බරපතල චෝදනාවක් එල්ල කරති. මානව හිමිකම් ක්‍රියාකාරී කමිටුව මේ චෝදනා එල්ල කළේ රැඳවුම් භාරයේ පසුවන දේශපාලන සිරකරුවන් නිදහස් කරන්���ැයි ආණ්ඩුවට බල කරමින් මහජනයාගේ අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරයක් කොළඹදී ආරම්භ කරමින්. ""කරුණා අම්මාන්ට නිදහස ලබාදීල තියෙනවා, පිල්ලෙයාන්ට ලබාදීල තියෙනවා, කේපී ට ලබාදීල තියෙනවා,"" කමිටුවේ ප්‍රධානියෙකු වන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් පැවසීය. මේ අතර අදහස් දැක්වූ නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න 1971 දී සහ 1989 දී දුන් සමාව දෙමළ දේශපාලන සිරකරුවන්ට ලබා නොදීම දෝෂ දර්ශනයට ලක් කළේය. ""ඒ අය අද ඔක්කොම මේ ආණ්ඩුව කියනවා පුනරුත්ථාපනය කරන්න ඕන කියල. අපි අහනවා කොළඹ ඉන්න හිරකරුවෝ බූස්සට ගෙනියන්නේ පුනරුත්ථාපනයටද?. ඒ පුනරුත්ථාපනය වවුනියාවේ හිටපු සිරකරුවන්ට ලැබිච්ච පුනරුත්ථාපනයද,"" ඔහු ප්‍රශ්න කළේය. එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය පවසන්නේ වවුනියාව බන්ධනාගාරයේදී තුවාල ලැබූ සිරකරුවන්ට ආණ්ඩුව නිසි ප්‍රතිකාර ලබා නොදෙන බවයි. ""පහර දීල දැන් මරණාසන්නව ඉන්න හිරකරුවන්ට දෙන්නේ ඩිස්ප්රීන් පෙත්තයි පැනඩෝල් පෙත්තයි විතරයි. මැරෙන්න දාල තියෙන්නේ ආණ්ඩුව බලා ඉන්නවා මැරෙනකන්,"" බව ඔහු පවසයි." -140421_fonseka_hambanthota_violence,https://www.bbc.com/sinhala/sri_lanka/2014/04/140421_fonseka_hambanthota_violence,'හම්බන්තොට මුදා නොගත් ප්‍රදේශයක්' - හිටපු හමුදාපති,නිරීක්ෂණ සංචාරයක් සඳහා හම්බන්තොටට පැමිණි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බ්‍රහස්පතින්දා එල්ලවුණු ප්‍රහාරය පිළිබද තමා පුදුමයට පත්වන්නේ නැතැයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා අද කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේය.,"එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ලවුණු ප්‍රහාරය පිළිබද පුදුමයට පත්වන්නේ නැතැයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා කියයි. පළාත් සභා ඡන්දයට පෙර රජයේ ආධාර කරුවන් සහ දේශපාලඥයින් හම්බන්තොට ප්‍රදේශයේ අයුක්තිය රජ කරවමින්, නීතිය අවනීතිය බවට පත් කර ගිනි අවි හා බෝම්බ අතට ගෙන මැර බලයෙන් ජනතාවට හිරිහැර කරමින් සිටීම ඊට හේතුව යයි හිටපු හමුදාපතිවරයා පවසයි. තම පාක්ෂිකයන්ට ද පසුගියදා පැවැත්වුන පළාත් සභා මැතිවරණයේදී එවැනි අත්දැකීම් වලට මුහුණ දීමට සිදු වූ බවයි,ඔහු වැඩි දුරටත් කියා සිටියේ. පොලිසිය අසරණයි නාම යෝජනා දුන් අවස්ථාවේ තම පක්ෂය විසින් ආසන හතරක පැවැත්වීමට සැළසුම් කර තිබු රැස්වීම් අටකට අවසර නොලැබුණු බව සිහිපත් කළ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා,ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකයන් ආණ්ඩුවේ ���ධාරකරුවන්ගේ පහරකෑම් ලබද්දී පොලීසිය අසරණව බලා සිටි අවස්ථා තිබුණු බවත් සඳහන් කළේය. නාමල් රාජපක්ෂ සහ මනුෂ නානායක්කාර හම්බන්තොට ප්‍රදේශය මුදා නොගත් ප්‍රදේශයක් ලෙස හඳුන්වන හිටපු හමුදාපතිවරයා, එම ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් තම රාජකාරිය කිරීමට නොහැකිව සාක්කුවල අත දමාගෙන සිටින මොහොතක මැරයින් පිස්තෝල බෝම්බ රැගෙන නිදැල්ලේ නීතීය මෙහෙය වන බවයි පෙන්වාදෙන්නේ. මේ අතර දකුණු පළාත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසන්නේ, විපක්ෂයේ දේශපාලකයන්ට හම්බන්තොට පළාත ඔවුන් නුරුස්නා ප්‍රදේශයක් බවට පත්ව ඇති බව තමන් පිළිගන්නා බවයි. හම්බන්තොට දිස්ත්‍රික්කයට ජනාධිපතිතුමා විසින් ලබා දුන් වරාය, ගුවන් තොටුපල හා මහාමාර්ග ඇතුළු සංවර්ධන ක්‍රියාදාමය නිසා විපක්ෂයේ දේශපාලනඥයින් හම්බන්තොට නුරුස්නා බව මන්ත්‍රීවරයා කියා සිටියි. ජනතා විරෝධය නිරීක්ෂණ චාරිකාවක් සඳහා හම්බන්තොටට පැමිණි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ල කෙරුණ ප්‍රහාරය තමන් අනුමත නො කරන නමුත් ප්‍රදේශයේ පවතින දැවැන්ත සංවර්ධනයට විරුද්ධව යම් පිරිසක් කතා කරද්දී ජනතාව ඊට විරුද්ධව නැගී සිට ඇතැයි පවසන මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා, ජනාධිපතිතුමාට හෝ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එය පාලනය කිරීමට නොහැකි බවයි කියා සිටියේ. ප්‍රහාරය අවස්ථාවේ පිස්තෝලයක් අතැතිව සිටි හම්බන්තොට නගරාධිපතිවරයා අත්අඩංගුවට නොගන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ බලපෑම මත බවට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන මනුෂ මන්ත්‍රීවරයා, නගරාධිපතිවරයාට විරුද්ධව ඉදිරිපත්ව ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් පවසයි." -151004_smbp_syria_russia_britain,https://www.bbc.com/sinhala/world/2015/10/151004_smbp_syria_russia_britain,සිරියානු අර්බුදය: අසාද්ගෙන් අනතුරු හැඟවීමක්,"සිරියානු, රුසියානු, ඉරාන සහ ඉරාක ඒකාබද්ධ හමුදා මෙහෙයුම් සාර්ථක නොවුනොත් ''සම්පුර්ණ කලාපයම විනාශ වනු ඇති'' බවට සිරියානු ජනපති බශාර් අල් අසාද් අනතුරු හඟවයි.",ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ගේ පාලනයට හානි පමුණුවමින් ඔවුන්ට අයත් කඳවුරු දහයක් ඉලක්ක කොට ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි රුසියාව පවසන්නේ ඇමරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා සිරියාව තුළ සිදු කරනු ලබන ගුවන් ප්‍රහාර ජනපති අසාද් හෙළා දැක තිබේ. ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ගේ පාලනයට හානි පමුණුවමින් ඔවුන්ට අය���් කඳවුරු දහයක් ඉලක්ක කොට ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි රුසියාව පවසන්නේ. මේ අතර සිරියානු ජනපතිවරයාට සහාය පළ කොට සිදු කෙරෙන රුසියානු හමුදා මැදිහත්වීම් තුර්කිය සහ බ්‍රිතාන්‍ය හෙළා දකිති. රුසියාවේ ක්‍රියාකලාපය ත්‍රස්තවාදය සහ රැඩිකල් මත වාද තවදුරටත් ව්‍යාප්ත කිරීමට අනුබල දෙනු ඇති බවයි බ්‍රිතාන්‍ය අගමැතිවරයා පවසන්නේ. 'සිරියාවේ ආණ්ඩුවට විරුද්ධ කණ්ඩායම් අත පවතින ප්‍රදේශවලට එම ප්‍රහාර එල්ල වී ඇති බව පෙනෙන්නට තිබෙනවා' බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් කියා සිටියේ රුසියානු ගුවන් ප්‍රහාරවල ඉලක්කය බවට පත් වූ බොහොමයක් ප්‍රදේශ ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ට අයත් නොවන වෙනත් කණ්ඩායම්වල පාලනයේ පවතින ප්‍රදේශ බව පෙනෙන්නට තිබෙන බවයි. ‘අපට පෙනෙන්නට තිබෙන ආකාරය නම් රුසියානු ප්‍රහාර එල්ල වී තිබෙන්නේ සිරියාව තුළ අයිඑස් පාලනය පවතින ප්‍රදේශවලට නොවෙයි. සිරියාවේ ආණ්ඩුවට විරුද්ධ කණ්ඩායම් අත පවතින ප්‍රදේශවලට එම ප්‍රහාර එල්ල වී ඇති බව පෙනෙන්නට තිබෙනවා’ සිරියාවේ සිදු කෙරෙන රුසියානු හමුදා මැදිහත් වීම් බරපතළ අත්වැරැද්දක් ලෙස හැඳින්වූ තුර්කි ජනපති රෙජේප් තයියෙප් අර්දොගන් කියා සිටියේ එම ක්‍රියාමාර්ගය හේතුවෙන් මොස්කව් පාලනය ජාත්‍යන්තරය තුළ තවදුරටත් හුදකලා වනු ඇති බවයි. -world-39967209,https://www.bbc.com/sinhala/world-39967209,FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප්,ඇමෙරිකානු ඉතිහාසයේ දේශපාලන නායකයෙකුට එරෙහිව දියත් වූ දැවැන්තම දඩයමට තමන් මුහුණ දෙමින් සිටින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.,ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට රුසියාවේ බලපෑමක් පැවතියේ ද යන්න පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා විශේෂ විමර්ශකයෙකු පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. FBI හෙවත් මධ්‍යම විමර්ශන කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන රොබට් මුලර් අදාළ විමර්ශන කටයුතුවල ප්‍රධානියා වශයෙන් පත් කරනු ලැබ ඇත. විමර්ශනය සඳහා රොබට් මුලර් නම් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජ්‍ය නීතිපතිවරයා කියා සිටියේ පොදු යහපත පිළිබඳ අවධානය යොමු කර ඒ සඳහා ට්‍රම්ප් පරිපාලනයෙන් බාහිර පුද්ගලයෙකු පත් කළ බවය. තමන්ට සැඟවීමට යමක් නැති නම් ජනාධිපතිවරණය සඳහා රුසියාව අතපෙවූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පැවැත්වීමට ජනාධි���ති ට්‍රම්ප් ඉඩ දිය යුතු බව ඩිමොක්‍රටික් පක්ෂයේ ඉහළ පෙළ සාමාජිකාවක් පැවසීය. සැකය දුරු කිරීමට පසුගියදා සේවයෙන් පහ කළ FBI ආයතනයේ අධ්‍යක්ෂ ජේම්ස් කෝමිට පෙර එම ආයතනයේ ප්‍රධානියාව සිටි රොබට් මුලර් අදාළ චෝදනාව සැඟවීම සඳහා උත්සාහයක් තිබුණේ දැයි යන සැකය ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමෙන් දුරු කර ගත හැකි වනු ඇතැයි ඩිමොක්‍රටික් පක්ෂයේ ඉහළ පෙළ කොංග්‍රස් සාමාජිකාවක වන නැන්සි පෙලෝසි කියා සිටී. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා හිටපු FBI ප්‍රධානියෙකු පත් කර ඇතත් ට්‍රම්ප් ජනාධිපතිවරයා යටතේ පවතින අධිකරණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ එම පරීක්ෂණ සිදු කෙරෙනු ඇති බවත් ඇය පෙන්වා දෙයි. මේ අතර ධවල මන්දිරයේ පැවති හමුවක් අතරතුර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් වෙත රාජ්‍ය රහස් හෙළි කළ බවට පළ වන වාර්තා රුසියානු විදේශ අමාත්‍ය සෙර්ගේයි ලවුරෝෆ් යළිත් ප්‍රතික්ෂේප කළේය. -121010_lankacricketumpire,https://www.bbc.com/sinhala/sri_lanka/2012/10/121010_lankacricketumpire,චෝදනාවලට ලක්වූ තරඟ විනිසුරුවරුන් ගේ සේවය අත්හිටුවයි,ඉන්දියා ටී වී ආයතනයේ හෙලිදරව්වක් මගින් දුෂණ චෝදනාවලට ලක්වූ තරඟ විනිසුරු වරුන් හය දෙනෙකුගේ සේවය අත්හිටුවන බව ක්‍රිකට් බලධාරීහු ප්‍රකාශ කරති.,"කොළඹදී පැවති විශේෂ රැස්වීමකින් පසුව නිවේදනයක් නිකුත් කළ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය කියා සිටියේ,තම ආයතනය හෝ,එහි සාමාජික පාලක මණ්ඩල මගින් මෙම විනිසුරු වරුන් සේවයේ යොදවාගැනීම අත්හිටුවන ලද බවයි. දුෂණ චෝදනා ලැබූ තරඟ විනිසුරු වරුන් තිදෙනා ශ්‍රීලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අපකීර්තියට ලක් කරන ලද බව ක්‍රිකට් බලධාරයෙක් ප්‍රකාශ කර ඇත. ඉන්දියා ටී වී ආයතනයේ ගවේශනාත්මක ප්‍රවෘර්ති වැඩසටහනකට අනුව මෙම විනිසුරු වරුන් මෙන්ම විස්සයි විස්ස තරඟාවලියට සහභාගිවූ පකිස්තානු සහ බංග්ලාදේශ ක්‍රිකට් විනිසුරුවන් කිහිපදෙනෙකු අල්ලස් ලබා ගනිමින් තරඟ පාවා දීමට එකඟ වී ඇති බවයි කියැවෙන්නේ. ඉන්දියා ටී. වී. වීඩියෝ පට තම කමිටු සාමාජිකයන් නැරඹු බව පවසන ජාතික ක්‍රිකට් විනිසුරු කමිටුවේ සභාපති ඒ ආර් එම් අරුස්, එහි අඩංගු තොරතුරු සත්‍ය ලෙස පිළිගත හැකි බව පෙනී යන බව ප්‍රකාශ කළේය. ජාතික ක්‍රිකට් විනිසුරු කමිටුවේ සභාපති ඒ ආර් එම් අරුස් පැවසුවේ,""සමහර දේ වලට එකඟ වීමෙන් අපේ අය කර තිබෙන්නේ වරදක්"" යනුවෙන්. මේ අතර ප්‍රකාශයක් කල චෝදනා වලට ලක්වී සිටින විනිසුරුවරුන් අතරින් දෙදෙනෙ��්,තමනට එරෙහි චෝදනා සත්‍යයෙන් තොර බව කියා සිටිති. චෝදනාවට ලක්ව සිටින එක් ක්‍රිකට් විනිසුරු වරයකු වන විනිසුරු ගාමිණී දිසානායක බාහිර බලවේග වෙත ප්‍රතිචෝදනා එල්ල කර ඇත. ""මේක ශ්‍රී ලංකා විනිසුරු ක්ෂේත්‍රයටම වෙනත් බාහිර බලපෑම් වලින් එල්ලවන පහරක්,"" බවයි ඔහු ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සහ ජාත්‍යන්තර ක්‍රිකට් ආයතන මගින් පවත්වනු ලබන පරීක්ෂණ ප්‍රතිපල අනුව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ජාතික ක්‍රිකට් විනිසුරු කමිටුවේ සභාපති ඒ ආර් එම් අරුස් තව දුරටත් පැවසුවේය. සබැඳි තේමා" -121216_basl_cj_boycott,https://www.bbc.com/sinhala/sri_lanka/2012/12/121216_basl_cj_boycott,අලුත් අගවිනිසුරු වර්ජනය කරනවා - නීතිවේදීහු,අගවිනිසුරුවරිය නීති විරෝධීව ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කළ හොත් එම තනතුරට පත්වන නව අග්‍ර විනිශ්චයකාරවරයා වර්ජනය කිරීමේ යෝජනාවකට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අනුමැතිය පළ විය.,අග විනිසුරුවරියට එරෙහි චෝදනා නැවත සලකා බලන මෙන් ඉල්ලා සිටීමේ යෝජනා දෙකක්ද ඒකමතිකව සම්මත වී තිබේ තුන් දහසකට අධික නීතිඥයන්ගේ සහභාගිත්වයෙන් සෙනසුරාදා කොළඹ දිසා අධිකරණ භූමියේ පැවති නීතිඥ සංගමයේ මහා සභා රැස්වීමකදීයි සංගමය එම ඒකමතික තීන්දුවට එළැඹී තිබෙන්නේ. ඊට අමතරව අග විනිසුරුවරියට එරෙහි චෝදනා නැවත සලකා බලන මෙන් සහ සාධාරණ ක්‍රියාදාමයක් යටතේ නැවත එම චෝදනා විමර්ශනය කරන ලෙසද ඉල්ලා සිටීමේ යෝජනා දෙකක්ද ඒකමතිකව සම්මත වී තිබේ. කෙසේ නමුත් අදාළ යෝජනාවලට එරෙහිව කරුණු දැක්වීමට ඉදිරිපත් වූ නීතිඥයන්ට කරුණු දැක්වීම සඳහා සංගමයේ සභාපතිවරයා ප්‍රමාණවත් කාලයක් ලබා නොදුන් බවට සංගමයේ උප සභාපතිනි අනෝමා ගුණතිලක එය අසාධාරණ බැවින් තමන් උප සභාපති තනතුරින් ඉල්ලා අස්වන බව සඳහන් කළාය. කෙසේ නමුත් සභාපති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ අදහස් දැක්වීම සඳහා සියලු දෙනාට ප්‍රමාණවත් කාලය ලබා දුන් බවයි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා -sri-lanka-37421996,https://www.bbc.com/sinhala/sri-lanka-37421996,'මිනිත්තු තිහකට වරක් පොලිස් රැඳවියන් ගැන සටහනක්',පොලිස් අත්අඩංගුවේ පසු වන සැකකරුවන් පිළිබඳ සොයා බලා සෑම මිනිත්තු තිහකට වරක්ම සටහන් තැබිය යුතු බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක පවසයි.,"''සියලුම පොලිස් ස්ථාන තුළ සහ සිරමැදිරිවල ආරක්ෂක කැමරා (CCTV) පද්ධති සවි කිරීම සඳහා අවශ්‍ය නීතිමය පසුබිම බලා, සැලසුම් සකස් කොට, ප්‍රතිපාදන ලබා ගන්න ලෙස මම නියෝග කොට තිබෙනවා,'' අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ පුස්සැල්ලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවකු සිර මැදිරියක් තුළ මිය යෑම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 'සෑම මිනිත්තු තිහකට වරක් සටහන් තැබීම කළ යුතුව තිබෙනවා. සියලුම පොලිස් ස්ථාන තුළ සහ සිරමැදිරිවල ආරක්ෂක කැමරා (CCTV) පද්ධති සවි කිරීම සඳහා අවශ්‍ය නීතිමය පසුබිම බලා, සැලසුම් සකස් කොට, ප්‍රතිපාදන ලබා ගන්න ලෙස මම නියෝග කොට තිබෙනවා,' අමාත්‍ය සාගල රත්නායක පැවසීය. ඉහත කී සැකකරු පුස්සැල්ලාව පොලිස් ස්ථානයේ සිර මැදිරියක් තුළ ගෙල වැලලාගෙන මරණයට පත් වී ඇති බව වාර්තා විය. සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනකු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් පොලිස් නිලධාරීන් විසින් රාජකාරි පැහැර හැරීමක් සිදු කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක පැවසීය. සියලුම ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ වගකීම පොලිසිය සතු බවත් පොලිසිය භාරයේ සිටින රැඳවියන් සම්බන්ධයෙන් පොලිසියට විශාල වගකීමක් පැවරෙන බවත් ඇමතිවරයා සඳහන් කළේය." -world-56515908,https://www.bbc.com/sinhala/world-56515908,Geely විද්‍යුත් රථ: චීනයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා ටෙස්ලා සමග සටනට,"චීනයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන ජීලි (Geely), විදුලි බලයෙන් ක්‍රියාත්මක වන අධිමිල මෝටර් රථයක් එළිදැක්වීමත් සමග ටෙස්ලා සමාගම නිෂ්පාදනය කරන එම පන්නයේ මෝටර් රථවලට අභියෝගයක් එල්ලවනු ඇතැයි පැවසේ.","සීකර්' පළමු මාදිලිය පදනම් වන්නේ පසුගිය සැප්තැම්බරයේ දී ජීලි සමාගම සතු 'ලින්ක් ඇන්ඩ් කම්පැනි' විසින් එළිදක්වන ලද ""සීරෝ කන්සෙප්ට්"" මෝටර් රථය මතය වොල්වෝ සහ ලෝටස්හි ද හිමිකාරීත්වය දරණ මෙම චීන සමාගම අඟහරුවාදා (මාර්තු 23) සිය 'සීකර්' (Zeekr) සන්නාමය නිවේදනය කළේ විද්‍යුත් වාහන සඳහා චීනයේ ඉල්ලුමට සරිලන ලෙසය. කාබන් විමෝචනය මැඩපැවැත්වීමේ චීනයේ ප්‍රශංසාත්මක සැලසුම ගැන, ඊලෝන් මස්ක් 'චාටු' අදහස් පවසන කාලයක දී ජීලි මෙම නව විද්‍යුත් රථය එළිදක්වා තිබේ. එම අදහස් මඟින් සිය මෝටර් රථවල ඇති කැමරා පිළිබඳ චීනයේ අවධානය දුරු කිරීමට ටෙස්ලා නිර්මාතෘවරයා උත්සාහ කර ඇත. සීකර් සන්නාමය යටතේ ඉහළ මට්ටමේ විද්‍යුත් රථ නිපදවා නිෂ්පා��නය කර 2021 තුන්වෙනි කාර්තුවේදී බෙදා හැරීම් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජීලි සමාගම පැවසීය. එය දැනටමත් තමන් සතු වෙළෙඳ නාම හරහා අධි මිලැති විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනය ආරම්භ කර තිබේ. වොල්වෝ ආයතනය සතු 'පොලෙස්ටර් (Polestar)' මේ වන විටත් අධි මිලැති විද්‍යුත් මෝටර් රථ නිපදවයි. එහි මූලස්ථානය ස්වීඩනයේ තිබෙන අතර වාහන නිෂ්පාදනය චීනයේ සිදු වේ. ජීලි සමාගමට බහුතර අයිතියක් ඇති ලෝටස් සමාගම ද 'එවිජා' (Evija) නම් විදුලි බලයෙන් ධාවනය වන සුපිරි මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමට ක්‍රියා කරමින් සිටියි. ජීලි සමාගමට බහුතර අයිතියක් ඇති ලෝටස් සමාගමේ 'එවිජා (Evija)' සුපිරි විද්‍යුත් මෝටර් රථය ලන්ඩන් 'බ්ලැක් කැබ්' නිෂ්පාදකයා වන ලන්ඩන් EV ආයතනය ද අයත් වන්නේ ජීලි සමාගමට වන අතර, එයින් පෙට්‍රල් එන්ජිමක් සහ විදුලි බැටරියක් ඇති 'ප්ලග්-ඉන්' දෙමුහුන් කුලී රථ තැනීම කෙරෙහි අවධානය යොමු කර තිබේ. සීකර් නම් තමන්ගේම දේශීය විද්‍යුත් මෝටර් රථ සන්නාමයට ටෙස්ලා සමග දැඩි තරගයකට මුහුණ දීමට සිදුවනු ඇත. 'ටෙස්ලා මොඩ්ල් 3' පසුගිය වසරේ චීනයේ වැඩියෙන්ම අලෙවි වූ විද්‍යුත් වාහන මාදිලිය විය. ඉතා හොඳ අලෙවියක් පෙන්නුම් කරන චීන ආයතන වන නියෝ, Xpeng (එක්ස්පෙන්ග්) සහ ලී ඔටෝ සමඟ ද ජීලි සමාගම තරඟ කරනු ඇත. ජපානයේ නිසාන් සහ ප්‍රංශයේ PSA Peugeot Citroen හි චීන හවුල්කරු වන ඩොන්ග්ෆෙන්ග් මෝටර් රථ සමාගම පසුගිය සතියේදී පැවසුවේ තම නව විද්‍යුත් මෝටර් රථය වන වෝයාහ් (Voyah) ජූලි මාසයේදී චීන පාරිභෝගිකයින්ට ලබා දීම ආරම්භ කළ හැකි බවය. 2025 වන විට චීනයේ අලෙවි කෙරෙන වාහනවලින් පහෙන් එකකට වඩා විද්‍යුත් රථ බවට පත් කිරීම බීජිංහි බලාපොරොත්තුවයි. වොක්ස්වැගන් හා සමාන ප්‍රවේශයක් ඇතිව, චීනයේ පළමු ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයා බවට පත්වීම ජීලි සමාගමේ අභිලාෂයයි. වොල්වෝ සහ ලෝටස් සන්නාම මෙන්ම මර්සිඩීස් බෙන්ස් හිමිකරු ඩේම්ලර් සමාගමේ ද සුළු කොටස් ප්‍රමාණයක් ද ජීලිට අයත් වේ. සීකර් රථ අලෙවිය සඳහා මූලික උපායමාර්ගය ලෙස චීන වෙළෙඳපොළ කෙරෙහි අවධානය යොමු කරනු ඇති නමුත් අධි මිලැති විද්‍යුත් වාහන සඳහා ඉහළ යන ගෝලීය ඉල්ලුම අනුව විදේශීය අවස්ථා පිළිබඳ සොයා බැලෙනු ඇත. මෙම අධි මිලැති සන්නාමය නැගෙනහිර චීනයේ හෙෆෙයි හි පිහිටි 'ලින්ග්ලිං ටෙක්නොලොජීස්' නම් නව ආයතනයක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිතය. 'පොලෙස්ටාර්' මෝටර් රථ වොල්වෝ සමාගම සහ එහි මව් සමාගම වන ජීලි සතු විදුලි මෝටර් රථ සන්නාම��කි ""නියෝ, එක්ස්පෙන්ග් සහ ලී ඔටෝ වැනි ආයතනවල දකිනවා වැනි ආරම්භක කම්පනයක් වසර 24ක් පැරණි සමාගමක් වන ජීලි වෙත ද ලබාදීමේ අවශ්‍යතාව සභාපති ලී ෂුෆුට දැනෙනවා"" යැයි ආසියානු මෝටර් රථ වෙළෙඳපොළ පිළිබඳ උපදේශන සමාගමක් වන 'සොසෝ ගෝ' හි ප්‍රධාන විධායක මයිකල් ඩූන් පැවසීය. ""ජීලි සමාගමෙන් ස්වාධීනව ක්‍රියාත්මක වන 'විද්‍යුත් ළදරුවෙකු' වන ලින්ග්ලිං ටෙක්නොලොජීස් හරහා එම ඉලක්කයට යෑමට ඔහු බලාපොරොත්තු වෙනවා"". අඟහරුවාදා (මාර්තු 23) ජීලි සමාගම සිය වාර්ෂික ප්‍රතිඵල වාර්තා නිකුත් කළ අතර එය 2020 දී මෝටර් රථ මිලියන 1.32 ක් අලෙවි කර ඇති අතර, පෙර වසරේ එය මිලියන 1.36 ක් විය. ටෙස්ලා වෙතින් 'චාටු බස්' අඟහරුවාදා (මාර්තු 23) චීන රාජ්‍ය රූපවාහිනී විකාශනය සමඟ කෙටි සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ටෙස්ලාහි ප්‍රධානී ඊලෝන් මස්ක් පැවසුවේ, චීනයේ නවතම පස් අවුරුදු ආර්ථික සැලැස්මේ දක්වා ඇති කාබන් විමෝචන ඉලක්ක පිළිබඳ තමන්ගේ සිත්ගත් බවය. ටෙස්ලා මෝටර් රථ නිෂ්පාදකයා චීනයේ දත්ත හසුරුවන ආකාරය පිළිබඳ ඇතිවූ සංකා මත හමුදා කාර්ය මණ්ඩලය සහ රජයේ ප්‍රධාන සේවකයින් අතර ටෙස්ලා රථ භාවිතය තහනම් කිරීමට බෙයිජිං පාලනය පියවර ගත්තේය. චීනය හෝ වෙනත් රටවලදී සිය වාහනවලින් ලබාගත් දත්ත, ටෙස්ලා සමාගම කිසි විටෙකත් එක්සත් ජනපද රජයට ලබා නොදෙන බව ඊලෝන් මස්ක් සති අන්තයේ පැවති වීඩියෝ ඇමතුමක් හරහා චීන දේශපාලඥයින්ට සහ ව්‍යාපාරිකයින්ට පැවසීය. ටෙස්ලා මෝටර් රථවල සවි කර ඇති කැමරාවලින් දත්ත ලබා ගැනීම සම්බන්ධයෙන් චීන හමුදාව ආරක්ෂාව පිළිබඳ ගැටලු මතු කර තිබේ. 2020 දී ඩොලර් බිලියන 31.5 ක් වූ ටෙස්ලා හි ගෝලීය ආදායමෙන් පහෙන් එකක් පමණ උපයා ඇත්තේ චීනයෙන් බව වාර්තාවල සඳහන් වේ. මේ තොරතුරුද කියවන්න:" -sri-lanka-37606463,https://www.bbc.com/sinhala/sri-lanka-37606463,ආසියාව ලෝක මූල්‍ය පරිපාලනයේ 'කේන්ද්‍රීය ලක්ෂය වේවි',ඉදිරි කාලය තුළ ලෝක ආර්ථික මූල්‍ය පරිපාලනයේ කේන්ද්‍රීය ලක්ෂය ආසියාව වනු ඇති බවට සැකයක් නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.,"ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ බැංකොක් නුවර පැවැත්වෙන දෙවැනි ආසියානු සහයෝගිතා සංවාද (ACD) රාජ්‍ය නායක සමුළුව අමතමිනි. සංචාරක කර්මාන්තය විෂයයෙහිලා ආසියානු සහයෝගිතා සංවාද සමුවේ ඇති වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා එය තිරසාර සමාජ, සංස්කෘතික හා ආර්ථීක වර්ධනයෙහි ලා සුවිශේෂී භූමිකාවක් ඉටු කරන බවයි සඳහන් කළේ. ""සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාව හඳුනාගන්නේ රටේ ආර්ථීකයේ ප්‍රේරණය සඳහා වූ මූලික අංගයන්ගෙන් එකක් ලෙසයි,"" ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය. ""විද්‍යාවේ හා තාක්ෂණයේ සංවර්ධනය ආර්ථීක සංවර්ධන ප්‍රවර්ධනයෙහිලා වැදගත් අංගයක් ලෙස අපි සළකන්නෙමු."" නව සොයාගැනීම් ශ්‍රී ලංකාව විද්‍යාවේ, තාක්ෂණයේ හා නව සොයා ගැනීම්වල 'ස්ථම්භයක් ලෙස' මග පෙන්වනු ඇති බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ. එම ක්ෂේත්‍රයන්හි දැනුම් හැකියාව සාමාජික රටවල් සමග බෙදා ගැනීමට ශ්‍රී ලංකාව සුදානමින් සිටින බවත් ඔහු පැවසීය. ""එබැවින් විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා කලාපයේ රටවල් අතර දැනුම වර්ධනය කර ගැනීම සඳහා වඩ වඩාත් හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද මෙම මෙහිදී යෝජනා කර සිටිමි,"" ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වැඩිදුරටත් කියා සිටියේය. ආසියාවේ සහ මැදපෙරදිග රටවල නියෝජිතයන් තිස් හතර දෙනෙක් ආසියානු සහයෝගිතා සංවාද සමුළුවට සහභාගී වී සිටිති." -141003_pope_letter_mahinda,https://www.bbc.com/sinhala/sri_lanka/2014/10/141003_pope_letter_mahinda,පාප් වහන්සේට ලිපියක්,පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර හදිසියේ ජනාධිපතිවරණයක් කැඳවීම මගින් ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයතීන් උල්ලංඝනය වන බව පෙන්වා දෙමින් සාධාරණ සමාජයක් සඳහා නීතිඥයෝ සංවිධානය ශුද්ධෝත්තම ප‍්‍රැන්සිස් පාප් වහන්සේට ලිපියක් යවයි.,"ආණ්ඩුව හදිසි ජනාධිපතිවරණයක් කැඳවුවහොත් පාප් වහන්සේගේ සංචාරය කල් දමන ලෙස තමන් එම ලිපිය මගින් ඉල්ලා සිටි බවයි එම සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ශිරාල් ලක්තිලක සංදේශයට පැවසුවේ. මැතිවරණයක් ආසන්නයේ පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම, කතෝලික ජනතාවට ලබා දෙන ජන්ද අල්ලසක් ලෙස යොදාගැනීමට ඇති හැකියාව හා හදිසි ඉක්මන් මැතිවරණයක් පැවැත්වීමෙන් ජන්ද ප්‍රචාරක කාලය සිමා වීම යන කරුණු දෙක මුල් කරගනිමින් පාප් වහන්සේගෙන් මෙම ඉල්ලීම කළ බවයි සාධාරණ සමාජයක් සදහාවූ නීතිඥයෝ සංවිධානයේ කැදවුම්කරු නීතිඥ ශිරාල් ලක්තිලක සංදේශයට පැවසුවේ. කතෝලික සභාව පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන ජනවාරි 13,14,15 යන කාල වකවානුවේ කිසිදු මැතිවරණ කටයුත්තක් නොපවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් කතෝලික සභාව ඉල්ලීමක් කර තිබෙන අතර එලෙස මැතිවරණයක් පැවැත්වුවහොත් පාප් වහන්සේ සිය සංචාරය අවලංගු කරනු ඇති බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ. පාප් වහන්සේගේ සංචාරයට පෙර ආණ්ඩුව ජනවාරි 7 වන දින ��නාධිපතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ශිරාල් ලක්තිලක පෙන්වා දෙන්නේ "" පාප් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණීම අපි භාග්‍යයක් කොට සලකනවා. එතුමන් ශ්‍රී ලංකාවට පැමිණ යුතුයි. නමුත් අපි ලිපියක් මගින් දැන්වුවා එක්කෝ ජනාධිපතිවරණය උන්වහන්සේගේ පැමිණීමෙන් පසුව සිදු කල යුතුයි, එහෙම නැත්නම් මෙම සංචාරය ජනවාරි 13 සිදු නොකොට වෙනත් දිනයක සිදු කල යුතුයි කියලා"" ජන්ද ප්‍රචාරණය ජනාධිපතිවරණ පනත අනුව උපරිම මාස දෙකක කාලයක් ජනාධිපතිවරණ ජන්ද ප්‍රචාරණයට යොදා ගත හැකි බව පවසන නීතිඥ ශිරාල් ලක්තිලක දැන් තිබෙන තත්වය අනුව පාප් වහන්සේගේ සංචාරය නිසා ජනාධිපති අපේක්ෂකයන්ට නිසි ලෙස ප්‍රචාරක කටයුතුවල නියැලීමට කාලය හිමි නොවන බව තමන් ලිපියෙන් පෙන්වා දුන් බවයි පැවසුවේ . ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයක් කැඳවිය හැක්කේ තම වසර 4ක් සේවා කාලය සම්පුර්ණ වන නොවැම්බර් 19 වැනිදායි. "" නොවැම්බර් 19 වැනිදා ජනාධිපතිවරණය කැඳවුවොත්, නාම යෝජනා සඳහා ලැබෙන උපරිම කාලය දෙසැම්බර් 19 දක්වා තියෙනවා, නමුත් එය අවම කාලයට ගත්තොතින් දෙසැම්බර් 3 දක්වා අඩු කරන්න පුළුවන්. ඊට පස්සේ ජනවාරි 13ට පෙර මැතිවරණය පැවැත්විය යුතු නිසා මහජනයාට ප්‍රචාරක කටයුතු කරන්න ලැබෙන්නේ මාසයක වගේ කාලයක්, මෙය බරපතළ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්, "" ඔහු ප්‍රකාශ කළේය. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මැතිවරණයක් ඉක්මනින් පවත්වා අවසන් කිරීමට කිසිදු නිත්‍යානුකුල අවශ්‍යතාවක් නැති බව පෙන්වා දුන් නීතිඥ ශිරාල් ලක්තිලක පාප් වහන්සේගේ සංචාරයට පෙර ජනාධිපතිවරණය පවත්වන්නට උත්සාහ කරන්නේ කතෝලික ඡන්ද ලබාගැනීමේ උපායක් හැටියට බවයි පැවසුවේ. ""ජනතාව ඉල්ලපු ඡන්දයක් නෙවෙයි මේක, මේ ඡන්දය බලෙන් ඔබ්බවන්නේ විශේෂයෙන්ම රෝමානු කතෝලික ජනතාවට පාප් වහන්සේ හරහා මානසික අල්ලසක් ලබා දීලා ඒ ඡන්ද ටික ලබාගන්න,"" ඔහු ප්‍රකාශ කළේය. අද, සිකුරාදා දිනයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ හා පාප් වහන්සේගේ අතර හමුවේදී පාප් වහන්සේ ජනාධිපතිවරයාගෙන් මේ පිළිබඳව විමසා ඇතැයි තමන් විශ්වාස කරන බව පැවසූ නීතිඥ ශිරාල් ලක්තිලක රෝමානු කතෝලික පල්ලිය සාමානයෙන් ජනතාවගේ පුරවැසි අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පිළිබඳව බෙහෙවින් සංවේදී වූ ආයතනයක් බවයි පැවසුවේ "" ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සිඳීයාම පිළිබඳව පසුගිය කාලයේ වතිකානයත් විටින් විට ස���ය කනස්සල්ල පලකර තිබුන, හුදු ආගමික සංචාරයක් ලෙස සලක මේ සම්බන්ධයෙන් කටයුතු නොකර ජනාධිපතිවරණය හා සංචාරයට අදාළ සන්දර්භය සැලකිල්ලට අරගෙන තීන්දුවක් ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා,"" නීතිඥ ශිරාල් ලක්තිලක තවදුරටත් පැවසුවේය. සාධාරණ සමාජයක් සදහාවූ නීතිඥයෝ සංවිධානය පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සදහාවූ ජනතා ව්‍යාපාරයට සම්බන්ධ නීතිඥයන්ගේ සංවිධානයයි." -140123_india_rape_cast,https://www.bbc.com/sinhala/world/2014/01/140123_india_rape_cast,ප්‍රේමයට දඬුවම සමූහ දූෂණය,තරුණියකට දඬුවම් කිරීමක් වශයෙන් ඇය පුද්ගලයන් දොළොස් දෙනකුගේ කල්ලියක් ලවා දූෂණය කරවීමේ සිද්ධියක් ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.,"ගම් ප්‍රධානීන්ගේ නියෝගයක් අනුවයි එම දූෂණය සිදු කර තිබෙන්නේ. තරුණිය එවැනි දඬුවමකට යටත් කිරීමට හේතුව, ඇය වෙනත් කුලයකට අයත් තැනැත්තකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පැවැත්වීම. එම සමූහ දූෂණයට හවුල් පුද්ගලයන් දොළොස් දෙනා සහ ගම්පතියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් වාර්තා වෙයි. රෝහල් ගත කරනු ලැබ සිටින විසි එක් හැවිරිදි තරුණියගේ ජීවිතය බේරා ගත හැකි තත්වයක පවතින බවත් එම වාර්තා මගින් පැවසෙයි. සමාජ පිළිලයක් ඉන්දීය කාන්තා රැකවරණයට මෑතදී හඳුන්වා දුන් රිවෝල්වරය මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන බටහිර බෙංගාල ප්‍රාන්තයේ ඇමතිවරයකු වන සුබ්‍රාතා මුකර්ජි කියා සිටියේ, බරපතළ සමාජ ප්‍රශ්නයක් බවට පත් වී පවතින සාපරාධී ස්ත්‍රී දූෂණ වලට එරෙහිව සමාජමය මට්ටමින් විසඳුමක් දිය යුතු ව ඇති බවයි. “මේක කුල පීඩනය නිසා හට ගත් සමාජ පිළිලයක්. මගේ පිළිගැනීම අනුව, මේ අපරාධය ගැන හුදු සාකච්ඡා කිරීම වෙනුවට මෙය බරපතළ කාරණාවක් හැටියට සැලකිල්ලට ගත යුතුයි. ඒ සඳහා නිශ්චිත විසඳුමක් සොයා ගත යුතුයි. මේක තවදුරටත් හුදෙකලා සිද්ධියක් හැටියට පමණක් සැලකිය යුතු නැහැ. මේ අපරාධ දැන් නිරන්තරයෙන් ම සිද්ධ වෙන තත්වයකට පත් වෙලා තිබෙනවා,” ඇමතිවරයා වැඩි දුරටත් පෙන්වා දෙයි. ඉහත කී සමූහ දූෂණ අපරාධයෙන් අනතුරුව එම ප්‍රදේශයේ කාන්තාවන්ගේ සුරක්‍ෂිත භාවය සහතික කරන මෙන් බල කරමින් සමාජ සංවිධාන එහි පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක නිරත ව සිටියහ. ඉන්දියාව පුරා මහා විරෝධතා ව්‍යාපාර දියත් වීමට හේතු වූ මෙවැනි දූෂණ අපචාර කීපයකින් අනතුරුව ඉන්දියානු ආණ්ඩුව එවැනි සාපරාධී ක්‍රියාවන්ට එරෙහිව නීතිය දැඩි ක��රීමට පියවර ගෙන ඇත." -world-36123753,https://www.bbc.com/sinhala/world-36123753,තිස් වියැති ලොව 'වයස්ගතම' බලු සුරතලිය මිය යයි,ලොව වයස්ගතම සුනඛයා බවට විශ්වාස කෙරෙන මැගී නමැති බලු සුරතලිය පසුගියදා අවසන් හුස්ම හෙළුවේ තිස් වන විය පසු කරමින් සිටියදී.,මිනිස් ආයු කාලය හා සැසඳීමේදී මැගී වර්ෂ 133 ක් ජීවත් වී තිබේ සුනඛ විශේෂ බොහොමයක් වසර 08 ත් 15 ත් අතර කාලයක් ජීවත් වෙති. මිනිස් ආයු කාලය හා සැසඳීමේදී මැගී වර්ෂ 133 ක් ජීවත් වී තිබේ. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා පළාතේ ගොවිපළ හිමිකරුවකු වන මැගීගේ අයිතිකරු බ්‍රයන් මැක්ලරන් ප්‍රාදේශීය පුවත්පතකට පවසා තිබුණේ ඇය පසුගිය ඉරිදා මිය ගිය බවයි. 'ඇයට වයස තිහක්. සතියකට පෙරදීත් ඇය හොඳින් සිටියා. ගොවිපළේ සිට කාර්යාලයට ඇවිද ගෙන ආවා. පූසන්ට ගොරවමින් සාමාන්‍ය විදිහට හැසිරුනා' ඔහු 'ද වීක්ලි ටයිම්ස්' පුවත්පතට කියා සිටියේය. මැගී කුඩා වියේදීම ඇයගේ විස්තර අඩංගු ලියකියවිලි නැති වී ඇති බව ඇයගේ හිමිකරු පවසන අතර ඒ හේතුවෙන් බලු සුරතලියගේ වයස ස්ථීර වශයෙන්ම කිව නොහැක. මේ වන විට තිස් හතර වන වියේ පසු වන සිය බාල පුතු ඉපදී වසර හතරකට පසු කුඩා වයසේ පසු වූ මැගී මිළදී ගත් බවයි බ්‍රයන් කියා සිටියේ. ඇය මිය යන විට බිහිරි භාවයට පත් වී ඇති අතර පෙනීමද ගිලිහෙමින් පැවති බවයි ඔහු පවසන්නේ. -140707_mod_ngo_ban,https://www.bbc.com/sinhala/sri_lanka/2014/07/140707_mod_ngo_ban,ශ්‍රී ලංකාව අධිකාරිවාදී රාජ්‍යයක් - නීතිවේදී එකමුතුව,ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වැට බැඳීමට සහ ජනතාව එක් රැස් වීම වැළැක්වීමට ආරක්ෂක අමාත්‍යංශයට කිසිදු නීත්‍යානුකූල බලයක් නොමැති බව නීතිවේදීන්ගේ සංවිධානයක් පවසයි.,"'ශ්‍රී ලංකාව අධිකාරිවාදී රාජ්‍යයක් බවට පත් වී තිබෙන බවට මතු වන චෝදනා තවදුරටත් සනාථ කෙරෙනවා' නීතිවේදී එකමුතුව ඒ බව පවසන්නේ, පුවත්පත් සාකච්ඡා, වැඩමුළු, මාධ්‍යවේදීන් පුහුණු කිරීම් සහ පුවත්පත් නිවේදන නිකුත් කිරීම වැනි සියලුම ආකාරයේ කටයුතුවලින් වැළකිය යුතු බවට ආරක්ෂක අමාත්‍යාංශය පසුගිය ජුලි පළමු වැනිදා රාජ්‍ය නොවන සංවිධාන වෙත නිකුත් කළ චක්‍රලේඛයක් සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින්. ""අවසර නොලත් එවැනි සියලුම ආකාරයේ කටයුතුවලින් වහාම වැළකිය යුතු බවට අපි යලිත් අවධාරණය කරන්නෙමු,"" යනුවෙන් ද රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක/රෙජිස්ට්‍රාර් ඩීඑම්එස් දිසානායක විසින් නිකුත් කරනු ලැබ ඇති නියෝගයේ දැක්වේ. එම ලේකම් ක��ර්යාලය රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි. 'ඒකාධිපති රාජ්‍යයක්' කෙසේ නමුත් මෙම නියෝගය නිකුත් කිරීම මගින් ආරක්ෂක අමාත්‍යාංශය සිය බලය ඉක්මවා කටයුතු කොට ඇති බවයි, නීතිවේදී එකමුතුව වෙනුවෙන් එහි කැඳවුම්කරුවන් වන ක්‍රිශාන්ත වැලිඅමුණ සහ ලාල් විජේනායක නීතිවේදීන් විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයේ දැක්වෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී හරයන් ගරු කරන ඕනෑම රාජ්‍යයක් ප්‍රවෘත්ති සාකච්ඡා කැඳවීමට සහ මාධ්‍යවේදීන් පුහුණු කිරීම හෝ වැඩමුළු පැවැත්වීම වැනි නීත්‍යානුකූල කටයුතුවල යෙදීමේ පුරවැසියන්ගේ අයිතියට ගරු කරන බවයි, නීතිවේදීන් ප්‍රකාශ කරන්නේ. ""එවැනි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් වළක්වන්නේ අධිකාරිවාදී පාලනයක් පමණි,"" යනුවෙන්ද එම නිවේදනයේ දැක්වේ. ශ්‍රී ලංකාව අධිකාරිවාදී රාජ්‍යයක් බවට පත් වී තිබෙන බවට මතු වන චෝදනා ආරක්ෂක අමාත්‍යංශයේ නියෝගය මගින් තවදුරටත් සනාථ කෙරෙන බවද නීතිවේදීහු පවසති. වැඩිදුර විස්තර විමසීම පිණිස ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක/රෙජිස්ට්‍රාර් ඩීඑම්එස් දිසානායක ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් පැවැත්වීමට උත්සාහ දැරූ මාධ්‍යවේදී පුහුණු වැඩමුළු කිහිපයක්ම කඩාකප්පල් කළ බවට බලධාරීන්ට චෝදනා එල්ල විය. ඉන් අනතුරුව සිය වාර්ෂික සමුළුව පැවැත්වූ හෝටලයටද තර්ජන එල්ල වීම හමුවේ, සමුළුව වෙනත් ස්ථානයක පැවැත්වීමට සිදු වූ බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි." -world-36628828,https://www.bbc.com/sinhala/world-36628828,ඇමරිකානු හමුදාවේ සංක්‍රාන්ති ලිංගික තහනම ඉවතට,ඇමරිකානු හමුදාවට බලපෑ සංක්‍රාන්ති ලිංගික තහනම පෙන්ටගනය විසින් ලබන මාසයේ සිට ඉවත්කරණ බව බලධාරීහු පවසති.,"ඇමරිකානු හමුදාවේ සෑම ශාඛාවකම මෙම නව රීති ක්‍රියාත්මක වනු ඇති බවයි පැවසෙන්නේ ඒ පිළිබඳව පැවති නීති රීති යල් පැන ගිය ඒවා බැවින් ඒවාට අනුව කටයුතු කිරීමෙන් හමුදාවට හානි ගෙන දෙන බවයි ආරක්ෂක ලේකම් ඈෂ් කාටර් ප්‍රකාශ කළේ. මෙම තීරණය සංක්‍රාන්ති ලිංගිකයන්ගේ අයිතීන් පිලිබඳ සටන් කරන ක්‍රියාධරයන්ගේ ප්‍රශංසාවට ලක්වී තිබේ. මෙම තීරණය ගනු ලැබුවේ ඇමරිකානු හමුදාවේ නව ලේකම්වරයා ලෙස එරික් ෆැනින්ග් පත්වීමෙන් පසුවයි. ඔහු සමලිංගිකයෙකු ලෙස ඇමරිකාවේ හමුදා ඛණ්ඩයක විවෘත ලෙසම ක්‍රියාකක��න ප්‍රථම සිවිල් වැසියා ලෙසටයි සැලකෙන්නේ. ඇමරිකානු හමුදාව තුළ කාන්තා සහ පුරුෂ සමලිංගිකයන් සඳහා වූ තහනම ඉවත්කරනු ලැබුවේ 2011 වසරේදීයි. මෙම නව තීරණය අනුව ඇමරිකානු හමුදාවේ සෑම ශාඛාවකම සංක්‍රාන්ති ලිංගික හමුදා සාමාජිකයන් බඳවා ගැනීම සහ ඔවුන් සඳහා නිවාස සහ නිළ ඇඳුම් ලබා දීම පිණිස නව ප්‍රතිපත්ති සැකසිය යුතුව ඇති බවයි බලධාරීන් උපුටා දක්වන ඇමරිකානු මාධ්‍ය පවසන්නේ. 15,000 ක පමණ සංක්‍රාන්ති ලිංගිකයන් පිරිසක් ඇමරිකානු හමුදාවේ සේවය කරන බවයි සංක්‍රාන්ති ලිංගිකයන් සඳහා සමානාත්මතාවය ලබාගැනීම වෙනුවෙන් සටන් කරන ජාතික ආයතනය අනුමාන කරන්නේ." -140226_amnesty_unhrc_repression,https://www.bbc.com/sinhala/sri_lanka/2014/02/140226_amnesty_unhrc_repression,ජිනීවා සමුළුවට පෙර 'මර්දනය උත්සන්න කරලා',ලබන මාසයේ ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සමුළුවට පෙරාතුව ශ්‍රී ලංකාවේ විරුද්ධ මතධාරීන් මර්දනය කිරීම උත්සන්න කොට ඇතැයි ඇම්නස්ටි ජාත්‍යන්තරය ප්‍රකාශයට පත් කළ නව වාර්තාවක දැක්වේ.,"ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල මූලිකත්වයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතරවාරයේ විරුද්ධ මතධාරීන් අතර ""භීෂණයක්"" පතුරුවමින් සිටින බව මානව හිමිකම් සංවිධානය ආණ්ඩුවට චෝදනා කරයි. මානව හිමිකම් ක්‍රියාධරයන් ගණනාවකට මරණ තර්ජන ඇතුළු විවිධ තාඩන පීඩනවලට මුහුණ පෑමට සිදු වී තිබෙන බවත් වාර්තාවේ සඳහන්. ""ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය පිළිබඳව ජාත්‍යන්තර අවධානය පළ වී තිබෙන අවස්ථාවල සාමාන්‍යයෙන් මර්දනය උත්සන්න වන අතර, ලබන මාසයේ පැවැත්වීමට නියමිත මානව හිමිකම් මණ්ඩල රැස්වීමට ප්‍රථම සිදු වෙමින් තිබෙන්නේත් එයයි,"" යනුවෙන්ද ආසියා ශාන්තිකර කලාපය භාර ඇම්නස්ටි ජාත්‍යන්තරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා පොලී ට්‍රස්කොට් කියා සිටියාය. මානව හිමිකම් ක්‍රියාකාරිනී නිමල්කා ප්‍රනාන්දු නීතිඥවරිය ""ඉවරයක් කළ යුතු,"" බවට රාජ්‍ය මාධ්‍ය ඔස්සේ කෙරෙන ප්‍රචාරක ව්‍යාපාර ඇතුළු තරජන පිළිබඳව පිටු දහසයකින් යුත් වාර්තාවේ විශේෂයෙන් සඳහන් වේ. මානව හිමිකම් සම්බන්ධ රැස්වීම්වලට සහභාගි වූ බව පවසමින් ශ්‍රී ලංකා ආණ්ඩුව විදේශිකයන් ගණනාවක් රටින් පිටුවහල් කළ බවත් එහි සඳහන්. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාධරයන්ට දිගින් දිගටම තරජන එල්ල වෙමින් තිබෙන බවට තමන්ට විශ්වසනීය සාක්ෂි තිබන් බව පවසන ඇම්නස්ටි ජාත්‍යන්��රය, ඔවුන්ට ආරක්ෂාව ලබා දීම පිණිස හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුතුකම බවද පෙන්වා දෙයි." -150113_mangala_samaraweera_foriegn_ministry,https://www.bbc.com/sinhala/sri_lanka/2015/01/150113_mangala_samaraweera_foriegn_ministry,ශ්‍රී ලංකාවේ 'කීර්තිනාමය නැංවීමට කඩිනම් වැඩපිළිවෙළක්',ජාත්‍යන්තරය තුළ අප්‍රසාදයට පත් වී ඇති ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය යළි ගොඩ නැංවීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව විදේශ අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනිමින් අමාත්‍ය මංගල සමරවීර පවසයි.,"‘අපේ රට පුංචි රටක් උනත් දුප්පත් රටක් උනත් මුළු ලෝකයේම ගරුත්වය, කීර්තිනාමය දිනා ගත්ත රටක්. ඒ පමණක් නොවෙයි බලවත් රටවල යම් යම් අර්බුද ඇති වූ අවස්ථාවල ලෝක නායකයන් අපගේ ලංකාවේ අවවාද, අනුශාසනා පවා පිළිගත්ත අගය කරපු යුගයක් අපට මතකයි’ යනුවෙන් නව විදේශ අමාත්‍ය මංගල සමරවීර පවසයි. නමුත් පැවති ආණ්ඩුව අනුගමනය කළ වැරදි විදේශ ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ හුදකලා වී අපකීර්තියට පත් වූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ. දින සියය ඇතුළත විදේශ අමාත්‍යංශය ප්‍රතිසංවිධානය කොට ඒ හරහා නිවැරදි තීන්දු තීරණ ගෙන නැති වූ කීර්තිනාමය නැවතත් ප්‍රතිස්ථාපනය කිරීම සිය මූලික අරමුණ බවයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර වැඩි දුරටත් කියා සිටියේ. මේ අතර ලබන මාර්තු මාසයේදී යළිත් වතාවක් ශ්‍රී ලංකාවට ජිනිවා මානව හිමිකම් පිළිබඳ අභියෝගවලට මුහුණ දීමට සිදු වන බවයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පැවසූවේ. ‘ලෝකය ඉදිරියේ දියුණු ජාතියක් හැටියට ප්‍රජාතාන්ත්‍රික පාලනයක් ඇති රටක් හැටියට අපිට ලෝකය ඉදිරියේ ඇති අරගලය ජය ගන්නට අපිට සෑම පැයක්ම, සෑම දවසක්ම වැදගත්’ යනුවෙන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා වැඩිදුරටත් කියා සිටියේය." -140326_nkorea_haircut,https://www.bbc.com/sinhala/world/2014/03/140326_nkorea_haircut,උතුරු කොරියානු පුරුෂයන්ට - කිම් ජොන් උන් කොණ්ඩ මෝස්තරය,උතුරු කොරියානු පාලක කිම් ජොන් උන් කොණ්ඩය කපන ආකාරයට රටේ සෙසු පුරුෂයන්ද කොණ්ඩ කැපිය යුතු බවට නියෝගයක් නිකුත් කර ඇත.,"රජයේ අනු දැනුම ඇතිව මෙයින් සති දෙකකට පෙර අදාළ නියෝගය නිකුත් කරනු ලැබ ඇති බවයි, මාධ්‍ය වාර්තා මගින් පැවසෙන්නේ. පෙනුම සම්බන්ධයෙන් ඇතැමුන්ට වෙනත් මත තිබුනත්, මේ වන විට කිම් ජොන් උන් කොණ්ඩ මෝස්තරය උතුරු කොරියාව පුරා පැතිර යමින් පවතින බවත් වාර්තා වෙයි. “ ඔබත් මනාප නම්, අපේ නායකයාගේ කොණ්ඩ මෝස���තරය හරිම සුවිශේෂී එකක්! එක් ආරංචි මාර්ගයක් ‘රේඩියෝ ෆ්‍රී ඒසියා’ වැඩසටහනට කියා තිබුණි. “ඒ මෝස්තරය කාටත් ගැළපෙන්නේ නැහැ. මොකද, පුද්ගලයාගේ පුද්ගලයාට මුහුණ සහ හිස වෙනස්” එමගින් පැවසුණි. මේ අතර, චීනයේ වෙසෙන උතුරු කොරියානු ජාතිකයෙක් පවසන්නේ, කිම් ජොන් උන් කොණ්ඩ මෝස්තරය චීනයේ හොර ජාවාරම් කාරයන්ට සමාන එකක් වන හෙයින් එය සිය රටේ සැබැවින්ම ජනප්‍රිය නොවන බවක් පෙනී යන බවයි. “එය චීන හොර ජාවාරම් කාරයන්ගේ කොණ්ඩ මෝස්තරය හැටියට 2000 වසරේ මැද භාගය වන තෙක් හඳුන්වනු ලැබුණ” බවයි කොරියා ටයිම්ස් පුවත්පත වාර්තා කළේ. කිම් ජොන් උන්ගේ පියා වූ හිටපු පාලක කිම් ජොන් ඉල් දාහත් වසරක් උතුරු කොරියාව පාලනය කළ අතර,උස පුද්ගලයකු හැටියට පෙනී සිටීම සඳහා ඔහු පිම්බුණ හිසකෙස් සහිත කොන්ඩ මෝස්තරයක් අනුවයි සැරසී සිටියේ." -world-55073363,https://www.bbc.com/sinhala/world-55073363,මැරඩෝනා: සෝ සුසුම් මැද ආජන්ටිනා ජනයා සිය පාපන්දු ශූරයාට අවසන් ගෞරව දක්වති,ආජන්ටිනා පාපන්දු තරුව ඩියේගෝ මැරඩෝනා වෙත දහස් සංඛ්‍යාත රසිකයෝ අවසන් ගෞරව දක්වමින් සිටිති.,"මැරඩෝනා මිය යන විට 60 වෙනි වියේ පසු විය කලක් පාපන්දු ලෝකය වසඟයට පත් කළ මැරඩෝනාගේ දේහය බුවනොස් අයරෙස්හි ජනාධිපති මන්දිරයේ තැන්පත් කරනු ලැබ ඇත. ජාතික වීරයෙකු වන මැරඩෝනාගේ මරණය හමුවේ ආජන්ටිනාව තුළ තෙදිනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. බදාදා (නොවැම්බර් 25) හෘදයාබාධයක් හේතුවෙන් මරණයට පත් ඔහු 60 වෙනි වියේ පසු විය. මැරඩෝනාගේ දේහය අසලින් ගමන් ගත් ඇතැම් රසිකයන් හඬා වැළපුණු අතර තවත් පිරිසක් එකිනෙකා සිප වැළඳ ගනිමින් යාඥා කළහ. දස ලක්ෂ ගණනක් අවසන් ගෞරව දැක්වීමට පැමිණෙනු ඇති බව විශ්වාස කරේ. මැරඩෝනාගේ දේහය අසලින් ගමන් ගත් ඇතැම් රසිකයන් හඬා වැළපුණහ සිය පාපන්දු ශූරයාට අවසන් ගෞරව දැක්වීමට පෙළ ගැසෙන රසිකයෝ අගනුවරට විශාල ජනකායක් එක් රැස්ව ඇති බැවින් කොරෝනා වෛරසය පැතිර යාම සීමා කිරීමට බලධාරීහු කටයුතු කළහ. රාත්‍රිය වන විට ආජන්ටිනා කමිස ඇඟලා ගත් මහා ජන ගංගා රට පුරා වීදිවලට එක්රැස්ව මැරඩෝනා වෙනුවෙන් ශෝකය පළ කරමින් ඔහුගේ දිවිය සමරනු ලැබූහ. පාපන්දු ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයකු වන ඔහු බාර්සිලොනා සහ නාපොලි ඇතුළු පාපන්දු සමාජ වෙනුවෙන් ක්‍රීඩා කළ අතර ආජන්ටිනාව 1986 ලෝක පාපන්දු කිරුල දිනා ගන්නා විට ඔහු එහි නායකත්වය දැරීය. එංගලන්තයට එරෙහි අර්ධ අවසන් පූර්ව වටයේදී ඔහු ""Hand of God"" ලෙස පසුව ප්‍රසිද්ධියට පත් ගෝලය වාර්තා කළේය. 1982 ලෝක කුසලානයේ මැරඩෝනා සමග ක්‍රීඩා කළ, ටොටිනම් ක්‍රීඩා සමාජයේ හිටපු ක්‍රීඩක ඔසී ආදිලිස් කියා සිටියේ, ආජන්ටිනාව, නේප්ල්ස් සහ ලොව පුරා ඔහු ""දෙවියෙකු"" වශයෙන් සැලකුණු බවය. නාපොලි හි ගෞරවයට පාත්‍ර වූ සිය පාපන්දු තරුව වෙනුවෙන් ශෝක සැමරුම් ආජන්ටිනා කණ්ඩායමේ හිටපු මැදපෙළ ප්‍රහාරක ක්‍රීඩකයා මෙන්ම කළමනාකරු මැරඩෝනා බුවනොස් අයරෙස් ආසන්නයේ ටිග්‍රේහි පිහිටි සිය නිවසේදී අවසන් හුස්ම හෙලීය. එරට මාධ්‍ය වාර්තා කළේ මරණ පරීක්ෂණයේ මූලික ප්‍රතිඵල අනුව ඔහු දරුණු හෘදයාබාධයකට ගොදුරු වී ඇති බවය. මොලයේ හටගත් රුධිර කැටියක් හේතුවෙන් ඔහු නොවැම්බර් මස ආරම්භයේදී සාර්ථක ශල්‍යකර්මයකට ලක් කෙරිණි. එමෙන්ම තදින් මත්පැන් පානයට ඇබ්බැහි වීම සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට නියමිතව තිබිණි. බලධාරීන් විසින් ලබා ගන්නා ලද ප්‍රකාශ අනුව මැරඩෝනා ජීවත්ව සිටියදී, ඔහු අවසන් වරට දැක ඇත්තේ සිය ඥාති පුතු ජොනී එස්පොසිතෝය." -sri-lanka-39098173,https://www.bbc.com/sinhala/sri-lanka-39098173,හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා,"නූතන විද්‍යාවේ 'විප්ලවයක්' ලෙසින් විද්‍යාඥයන් හඳුන්වන, හයිඩ්‍රජන් ලෝහය සොයාගැනීම මගින් බලශක්ති ක්ෂේත්‍රයේ, ප්‍රවාහන ක්ෂේත්‍රයේ පමණක් නොව අභ්‍යවකාශ තරණයේ පවා විප්ලවයක් කිරීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් බලාපොරොත්තු පළකරයි.","ලෝකය මෙතෙක් වායුවක් ලෙසින් පමණක් හඳුනාගෙන සිටි හයිඩ්‍රජන්, ඉතාමත් ඉහල පීඩනයක් යටතේ ලෝහයක් බවට පත්කිරීමට හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් දෙදෙනෙක් පසුගියදා සමත්වූහ. හයිඩ්‍රජන් ලෝහය පිළිබඳව වසර හතලිස් පහක් පමණ පර්යේෂණවල නිරතව සිටින හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අයිසැක් සිල්වේරා ගේ මගපෙන්වීම යටතේ එම සොයාගැනීම කරනු ලැබුවේ ආචාර්ය රංග ඩයස් විසිනි. ""මටත් විශ්වාස කරගන්න බැරිවුනා මොකක්ද මේ වුනේ කියන එක. එක දවසක් උදේ පාන්දර එකට විතර තමයි ඕක වුනේ. මොකද මේ පර්යේෂණය පටන්ගත්තට පස්සේ එක දිගට අපි වැඩ කෙරුවා,""ආචාර්ය රංග ඩයස් සිය සොයාගැනීම බීබීසී සිංහල සේවයට විස්තර කළේ සතුටිනි. (ආචාර්ය රංග ඩයස් සමග සාකච්ඡාවට සවන්දෙන්න) හයිඩ්‍රජන් ලෝහයක් බවට පත්කළ හැකි බව මෙයින් වසර අසූවකට පමණ ඉහතදී පවා විද්‍යාඥයන් දැන සිටියත්, එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැගුණු පළමු ව���ාව මෙයයි. ""මම ඒ වෙලාවෙම මගේ උපදේශකවරයාට කෝල් කළා. එයා ඒ වෙලාවෙම දුවගෙන ආව. දුවගෙන ඇවිල්ල චෙක් කළා. මොකද මුලින් ටිකක් බයකුත් තිබුණ ඩයමන්ඩ් එක කැඩෙන්න දෙන්නේ නැතුව ඔක්කොම දේවල් චෙක් කරලා ඔප්පු කරන්න පුළුවන් වෙව්විද කියලා.""(සංදේශය වැඩසටහනට සවන්දෙන්න) හයිඩ්‍රජන් මවුලයක් දැඩි පීඩනයකට පත්කරන දියමන්තියක රූපමය සටහන දියමන්ති යොදාගෙන හයිඩ්‍රජන් මවුලවලට ඉතා ඉහල පීඩනයක් ලබා දී හයිඩ්‍රජන් වායුවේ (H2) මවුල අතර පවතින පරතරය අඩුකර, එහි පරමාණු දෙක එකිනෙකින් වෙන්කර (H බවට පත්කර) එය ලෝහයක් බවට පරිවර්තනය කිරීම ඔවුන්ගේ උත්සාහය වී තිබුණි. අධික පීඩනයක් යටතේ මූලද්‍රව්‍ය හැසිරෙන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේදී සිය ආචාර්ය උපාධිය හැදෑරූ ආචාර්ය ඩයස්, මහාචාර්ය සිල්වේරාගේ පර්යේෂණයට සම්බන්ධ වී තිබෙන්නේ මෙයින් තෙවසරකට ඉහතදී. නව සොයාගැනීම හේතුවෙන් ලොවට අත්විය හැකි ප්‍රයෝජන අතර: ""උදාහරණයක් විදියට විදුලිය සම්ප්‍රේෂණයෙදි ප්‍රතිරෝධය නිසා ලොකු හානියක් වෙනවා. නමුත් ලෝහමය හයිඩ්‍රජන් පාවිච්චි කරලා වයර් හදන්න පුළුවන් වුනොත්, එතකොට අපිට පුළුවන් කිසිම හානියක් නැතිව විදුලිය යවල බලශක්තිය ඉතිරි කරන්න."" විද්‍යාගාරයක් තුල හයිඩ්‍රජන් ලෝහය නිෂ්පාදනය කිරීමට සමත්වීම යනු බ්‍රහස්පති සහ සෙනසුරු වැනි දැවැන්ත ග්‍රහලෝකවලත් හයිඩ්‍රජන් ලෝහය පවතින්නේය යන විද්‍යාත්මක මතය ප්‍රායෝගිකව සනාථ කිරීමක් බවත් ආචාර්ය ඩයස් සඳහන් කළේය. හයිඩ්‍රජන් ලෝහය මගින් රොකට් නිෂ්පාදනයේ 'ආශ්චර්යමත්' වෙනසක් කළ හැකි බව විද්‍යාඥයෝ පවසති හයිඩ්‍රජන් ලෝහය නිෂ්පාදනය කිරීම සඳහා විශාල වියදමක් දැරීමට සිදුවනු ඇතිදැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දුන් ඔහු සඳහන් කළේ, එවැනි විශාල වියදමක් දැරීමට සිදුවනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවයි. හයිඩ්‍රජන් ලෝහය නිෂ්පාදනය කිරීම සම්බන්ධ පර්යේෂණවල දිගටම නිරතවීම සිය අභිලාශය බවත් ශ්‍රී ලාංකික විද්‍යාඥයා වැඩිදුරටත් සඳහන් කළේය." -world-51347698,https://www.bbc.com/sinhala/world-51347698,කොරෝනාවෛරසය ගැන ඔබට ඇති ගැටලුවලට පිළිතුරු,කොරෝනාවෛරසය ලොව පුරා රටවල් 18ක පැතිරී යාමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය එය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස පසුගියදා ප්‍රකාශයට පත් කළේය.,"ශ්‍රී ලංකාවෙන්ද කොරෝනාවෛරසය ආසාදිත පුද්ගලයෙකු වාර්තා විය. මේ අතර, කොරෝනාවෛරසය ප්‍රථමයෙන් පැතිරී ගිය චීනයේ ව��හාන් හි දිවිගෙවූ ශ්‍රී ලාංකිකයන් 33 දෙනෙකු ගුවන් යානයක් මඟින් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට බලධාරීහු ක්‍රියා කළහ. බීබීසී සෞඛ්‍ය සහ විද්‍යා අංශයේ වාර්තාකරුවන් වන මිෂෙල් රොබර්ට්ස් සහ ජේම්ස් ගැලගර් මෙම නව වෛරසය සම්බන්ධයෙන් ඔබට ඇති ගැටලුවලට මෙසේ පිළිතුරු සපයති. චීනයෙන් ඇණවුම් කර තැපැල් මාර්ගයෙන් එන භාණ්ඩවල තිබී කොරෝනාවෛරසය පුද්ගල ශරීරයකට සම්ප්‍රේෂණය විය හැකි ද? එවැනි අවදානමක් සම්බන්ධයෙන් මේ දක්වා සාක්ෂි ඉදිරිපත් වී නොමැත. කොරෝනාවෛරස කුලයට අයත් සාර්ස් වැනි රෝග එය ආසාදිත පුද්ගලයෙකුගේ කැස්සෙන් හෝ කිවිසුම් යැවීමෙන් පිටවන ද්‍රව්‍ය භාණ්ඩවල තැවරී තිබීමෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය විය හැකිය. නව කොරෝනාවෛරසය එලෙස බෝවන්නේ දැයි තවමත් සොයාගෙන නොමැත. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙන වෛරස මිනිස් ශරීරයෙන් පිටත නොනැසී පවතින්නේ පැය 24ක් පමණි. නමුත් නොරෝවෛරස් (උදරයට බලපාන දරුණු වෛරසයක්) ශරීරයකින් පිටත මාස ගණනාවක් නොනැසී පවතියි. දැනට දන්නා කරුණු අනුව කොරෝනාවෛරසය සම්ප්‍රේෂණය වන්නේ එම රෝගය වැළඳුණ තවත් පුද්ගලයෙකු සමග සමීප සම්බන්ධතාවක් පැවැත්වීමෙනි. උදාහරණයක් ලෙස ඔබේ පවුලේ සාමාජිකයෙකුගෙන් හෝ සෞඛ්‍ය සේවකයෙකුගෙන් මෙය පැතිරී යෑමේ ඉඩකඩ ඇත. චීනයේ වූහාන්හි දිවිගෙවූ ශ්‍රී ලාංකිකයන් රැගෙන ආ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්යමණ්ඩලය මෙවැනි වෛරස බොහොමයක් පැතිරී යෑම චීනයෙන් ආරම්භ වන්නේ ඇයි? විශාල ජනගහනයක් සතුන් සමග සමීප සම්බන්ධතා පවත්වමින් දිවිගෙවීම මෙයට හේතුවය. නව කොරෝනාවෛරසය ද සතුන් මාර්ගයෙන් මිනිසුන්ට වැළඳුණ බවට බොහෝ දුරට සැක පහළ කෙරේ. සර්පයන්ගෙන් මෙය සම්ප්‍රේෂණය වූ බවට සමහරු අදහස් පළ කර තිබිණි. 2003 දී ලොව පුරා පැතිරී ගිය සාර්ස් වෛරසය ද චීනයෙන් ආරම්භ වූ අතර, එය වවුලන් සහ උරුලෑවන්ගෙන් මිනිස් ශරීරයට ඇතුළු විය. දකුණු චීනයේ පිහිටි මුහුදු ආහාර තොග වෙළෙඳපොළකින් මෙම නව වෛරසය පැතිරුණ බවට එය හඳුනාගත් මුල් අවදියේ දී පැවසිණි. එම වෙළෙඳපොළෙහි ජීවමාන කුකුළන්, වවුලන් සහ සර්පයන් විකුණනු ලබයි. එම වෙළෙඳසැල තුළ ඔබ දකින්නට බලාපොරොත්තු වන්නේ හොඳින් කපා පිරිසිදු කර පිළිවෙලට ඔතන ලද මස් වර්ග නම් එහි යෑමෙන් වැළකී සිටීම වඩාත් සුදුසුය. මෙය සාර්ස් වැනි වෛරසයක් ද නැත්නම් සූකර උණ වගේ රෝගයක් ද? නව කොරෝනාවෛරසය සාර්ස් රෝගයට සමානකම් දක්වන අතර, සූකර උණ මෙන් නොව මෙය දර���ණු ශ්වසන රෝග තත්වයක් දක්වා වර්ධනය වේ. නමුත් මෙය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වන්නේ දැයි තවමත් පිළිතුරු නොමැති ගැටලුවකි. සර්පයන්ගෙන් තනන ලද වයින් වර්ග ද චීනයේ ඉහළ පෙළේ ආපන ශාලාවල කෑම ලයිස්තුවේ පවතී සාර්ස් පැතිරී ගියේ කෙසේද? එය ආරම්භ වූයේ කෙසේද? වවුලන් තුළ හටගත් සාර්ස් වෛරසය උරුලෑවන්ට වැළඳී ඇති අතර, ඔවුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වී තිබේ. උරුලෑවන් ස්පර්ශ කිරීමෙන් සමහර පුද්ගලයන්ට සාර්ස් ආසාදනය වී තිබිණි. නමුත් කැස්ස, කිවිසුම් යැවීමෙන් පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට මෙන්ම වෛරසය රැඳී තිබෙන භාණ්ඩ ස්පර්ශකිරීමෙන්ද සාර්ස් රෝගය ආසාදනය විය හැකිය. වෛරසය ආසාදනය වීම වළක්වා ගත හැකි ක්‍රමයක් තිබේද? පිරිසිදුව සිටීමේ සාමාන්‍ය ක්‍රමවලට වඩා වැඩි යමක් අනුගමනය කිරීම හැර, මේ සඳහා ස්ථීර ඖෂධයක් තවමත් සොයාගෙන නොමැත. වෛරසය ආසාදිත පුද්ගලයෙකු හමු වූ විට හැකි ඉක්මනින් ඔහු හෝ ඇය අන් අයගෙන් වෙන් කර තැබීමට ක්‍රියා කරන අතර, ඔහු සම්බන්ධතා පැවැත්වූ වෙනත් පුද්ගලයන් ගැන සොයා බැලීමටද වෛද්‍යවරු ක්‍රියා කරති. වෛරස වැළැක්වීමේ එන්නතක් ගැනීමෙන් ආසාදනය වීම වැළකේ ද? කොරෝනාවෛරසය පුද්ගලයන්ට ආසාදනය වීම වැළැක්වීමට එවැනි කිසිදු එන්නතකට නොහැකිය. නමුත් එවැනි එන්නතක් නිර්මාණය කිරීමට විද්‍යාඥයෝ පරීක්ෂණ පවත්වමින් සිටිති. මෙය මින් පෙර මිනිසුන් අතර නොදැකපු වෛරසයක් හේතුවෙන් එය පාලනය කිරීමට වෛද්‍යවරුන්ට බොහෝ දේ පර්යේෂණ පැවැත්වීමට සිදු වේ. වැඩිහිටි පුද්ගලයන්, දියවැඩියාවෙන්, පිළිකා සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයන්ට කොරෝනාවෛරසයෙන් වැඩි හානියක් වීමේ අවදානමක් පවතී කොරෝනාවෛරසයේ ආයු කාලය කොපමණද? ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි දින දහයත් දෙකත් ඇතුළත ආසාදිත පුද්ගලයෙකුගෙන් මෙම වෛරසය තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වීමේ අවදානම පවතියි. නමුත් ඉදිරියේ දී ලැබෙන දත්ත අනුව මෙම ඇස්තමේන්තු කිරීම් වෙනස් විය හැකිය. වෛරසයේ ආයු කාලය ගැන දැනුවත් වීම ඉතා වැදගත්ය. එමගින් වෛරසය ආසාදනය වීම වැළැක්වීමේ වඩාත් ඵලදායී ක්‍රම හඳුන්වා දීමට වෛද්‍යවරු සහ සෞඛ්‍ය බලධාරීන්ට ඉඩ ලැබෙනු ඇත. විශේෂයෙන්ම වඩාත් යෝග්‍ය නිරෝධායන ක්‍රම අනුගමනය කරමින් රෝගියා අන් අයගෙන් වෙන් කර තැබීමට ඔවුන්ට හැකියාව ලැබේ. කොරෝනාවෛරසය ආසාදනය වූ රෝගීන් සම්පූර්ණ සුව වෙනවාද? ඔව්. කොරෝනා���ෛරසය ආසාදනය වූ රෝගීන් බොහෝදෙනෙකු අත් විඳ ඇත්තේ සුළු රෝග ලක්ෂණ පමණි. ඒ අතර, උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ ශ්වසන අපහසුතා දක්නට ලැබේ. පුද්ගලයන් බොහෝ දෙනෙකු සම්පූර්ණයෙන් සුව වෙනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. නමුත්, වැඩිහිටි පුද්ගලයන්, දියවැඩියාවෙන්, පිළිකා සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයන්ට කොරෝනාවෛරසයෙන් වැඩි හානියක් වීමේ අවදානමක් තිබේ. කොරෝනාවෛරසය වැළඳීමෙන් සඳුදා (පෙබරවාරි 03) වන විට 361 දෙනෙකු මියගොස් ඇති අතර 17,000කට අධික පිරිසකට වෛරසය ආසාදනය වී ඇතැයි චීන සෞඛ්‍ය බලධාරීහු පැවසූහ. චීනයෙන් පිටත 150කට වැඩි පිරිසකට වෛරසය ආසාදනය වී තිබේ. චීනයෙන් පිටත වාර්තා වී තිබෙන්නේ එක් මරණයක් පමණි. ඒ, පිලිපීනයේය. කොරෝනාවෛරසයේ බලපෑමෙන් ඇතිවන සුළු රෝගී තත්වයන් සුව අතට හැරීමට සතියක පමණ කාලයක් ගතවන බව චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි. සංචාරය කිරීමට පෙර නවතම උපදෙස් සහ සීමා පිළිබඳ සොයාබැලීම ඔබේ වගකීමකි මේ කාලය තුළ චීනයේ සංචාරයක නිරත වීම සුදුසුද? ජාත්‍යන්තර සංචාරයට අනවශ්‍ය ලෙස සීමා පැනවීමෙන් තොරව රෝගය එක් රටකින් තවත් රටකට ව්‍යාප්ත වීම වැළැක්විය යුතු බව දැනට ලැබී ඇති දත්ත මත ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් ලබා දී ඇත. කෙසේනමුත්, මේ වන විටත් රටවල් කීපයක් සංචාරක සීමා පනවා තිබේ. සංචාරය කිරීමට පෙර නවතම උපදෙස් සහ සීමා පිළිබඳ සොයා බැලීම ඔබේ වගකීමකි. 2019 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ චීනයේ සංචාරය කළ පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී තිබිය හැකිද? කොරෝනාවෛරසය ආසාදිත පුද්ගලයන් ප්‍රථම වතාවට හඳුනාගත්තේ 2019 දෙසැම්බර් මස චීනයේ වූහාන් නගරයෙනි. ඊට පෙර වෛරසය ආසාදනය වූ බව සැකකරන පුද්ගලයන් ගැන වාර්තා වී නොමැත. වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුට රෝග ලක්ෂණ මතු වීම දින 1 සිය 14 දක්වා කාලය තුළ සිදුවිය හැකිය. මෙය මිනිස් ශරීරයට ආසාදනය වූයේ කෙසේදැයි තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැත. කෙසේනමුත්, මෙය සතුන්ගෙන් සම්ප්‍රේෂණය වන බව විශේෂඥයෝ පවසති. පිරිසිදුව සිටීමේ සාමාන්‍ය ක්‍රමවලට වඩා වැඩි යමක් අනුගමනය කිරීම හැර, මේ සඳහා ස්ථීර ඖෂධයක් තවමත් සොයාගෙන නොමැත වෛරස්වලින් ආරක්ෂා වීමට අනුගමනය කළ යුතු පියවර කිහිපයක් ශ්වසන රෝග සඳහා භාවිත කරන ආරක්ෂිත ක්‍රමවේද කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ද පිළිපැදිය හැකි බව වෛද්‍යවරු පවසති. අතර ඒ සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක පහත දක්වා ඇත. මේ තොරතුරුද කියවන්න:" -sri-lanka-36879526,https://www.bbc.com/sinhala/sri-lanka-36879526,'බාධා එල්ල වුනත් පාද යාත්‍රාව සාර්ථකව සිදු කරනවා',කුමන ආකාරයේ බාධා එල්ල වුවත් ආණ්ඩුවට එරෙහි පාද යාත්‍රාව සාර්ථකව සිදු කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.,"ලක්ෂ සංඛ්‍යාත ජනතා සහභාගීත්වයකින් යුතුව, පාද යාත්‍රාව අගෝස්තු පළමු දා කොළඹට ඒකරාශී වනු ඇති බවයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන ඕනෑම පනතක් තුනෙන් දෙකක බහුතර කැමැත්ත ඇතිව සම්මත කර ගන්නා බැවින් ආණ්ඩුවට එරෙහි සිය අරගලය පාර්ලිමේන්තුවෙන් ඔබ්බට ගෙන යාමට තීරණය කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. 'ඒ නිසා අපි තීරණය කළා දියවන්නාව ඇතුළේ තිබෙන අරගලය පාරට ගේන්න අවශ්‍යයි කියලා' හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඒ බව කියා සිටියේ පොළොන්නරුවේ පැවති ජන හමුවක් අමතමිනි. මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා නවගමුවේ පැවති ජන හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ බලයට පත් වී ගත වූ කෙටි කාලය ඇතුළත පමණක් වත්මන් ආණ්ඩුව රටට බරපතළ හානියක් සිදු කොට ඇති බවයි." -sri-lanka-40071084,https://www.bbc.com/sinhala/sri-lanka-40071084,ගංවතුර: රට පුරා 'ලක්ෂ පහක් අවතැන් වෙලා',"ධාරානිපාත වර්ෂාව, ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් ලක්ෂ පහකට ආසන්න පිරිසක් අවතැන්ව සිටින බව ආණ්ඩුව පවසයි.","සහන මෙහෙයුම් සහ අතුරුදහන් වූවන් ගැන මේජර් ජනරාල් සුදන්ත රණසිංහ අවතැන්ව සිටින 493,455 පිරිසට තාවකාලික කඳවුරු 185 ක නවාතැන් පහසුකම් සපයා දී තිබෙන බවත් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළේය. අයහපත් කාලගුණය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් සුළු හා මධ්‍ය පරිමාණ නාය යෑම් 50 ක් පමණ වාර්තා වී තිබෙන අතර, රට පුරාම ආපදාවට ලක් වූ සියලු ස්ථානවලට ළඟාවීමට ත්‍රිවිධ හමුදාව සහ සහන සේවකයන් සමත් වූ බව ආණ්ඩුව පවසයි. ආපදාවට ලක්වූවන්ට සහන සැලසීම පිණිස යුද හමුදා බලඇණි 15 කට අයත් නිලධාරීන් 1500 ක්, විශේෂ පුහුණුව ලද නාවික හමුදා නිලධාරීන් 500 කට වැඩි පිරිසක්, ඩිංගි බෝට්ටු 86 ක්, ගුවන් හමුදා සෙබළුන් සහ හෙලිකොප්ටර් යානා ද යොදවා තිබෙන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ""ගංවතුර නරඹන්න යන්න එපා"" ""මේ වනවිට යුද හමුදාව විපතට පත්වූවන් 1854 ක්ද, ගුවන් මෙහෙයුම්වලින් පුද්ගලයන් 26 දෙනෙක්ද, නාවික හමුදාව 2047 ක්ද මුදා ගැනීමට සමත් වී ඇත,"" යනුවෙන්ද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනය දැක්වේ. ගංවතුරට කොටු වී සිටින පිරිස් බේරාගැනීම පිණිස ජීවිතාරක්ෂක කබා 10,000 ක් ලබාදීම සඳහා කටයුතු කරන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් දී තිබේ. බරපතල ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් 103 දෙනෙකුවත් මරුමුවට පත් වී ඇති අතර, තවත් 113 දෙනෙකු අතුරුදහන්ව සිටිති. අතුරුදහන්ව සිටින ඒ සියලු දෙනාම මියගොස් ඇතැයි විශ්වාස කළ නොහැකි බව බේරාගැනීමේ හමුදා මෙහෙයුම් භාරව සිටින මේජර් ජනරාල් සුදන්ත රණසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය. රත්නපුර දිස්ත්‍රික්කයේ සුළු සහ මධ්‍ය පරිමාණ නාය යෑම් 50 ක් පමණ වාර්තා වී තිබේ විශේෂයෙන්ම ගංවතුරෙන් කොටු වී තිබෙන කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශය වෙත ළඟාවීම පිණිස බෝට්ටු දහයක් පමණ යොදවා තිබෙන බව සඳහන් කළ ඔහු පාහියංගල ප්‍රදේශයට සහන ලබාදීම පිණිස විශේෂ හමුදා ඒකකයක් රඳවා තිබෙන බවත් පැවසීය. අවතැන් වූවන් වෙනුවෙන් ලබා දෙන ආධාර භාරගැනීම පිණිස රත්මලාන ගුවන් හමුදා කඳවුරේ විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බවත් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර ගංවතුර හේතුවෙන් ඩෙංගු රෝගය පැතිරීම 150 % කින් පමණ ඉහල යා හැකි බවට සේව් ද චිල්ඩ්රන් (Save the Children) පුණ්‍යායතනය අනතුරු ඇඟවීමක් කරයි. අගලවත්ත: මෘතදේහ භාරදීම සන්නාහ සන්නද්ධ රථ මගින් රත්නපුර රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල කිරිබත්ගලකන්ද නායයාමෙන් 'කුරහන' ගම්මානයේ විසි හය දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇතැයි සැකකරන බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි. එයින් දස දෙනෙකුගේ සිරුරු මේ වනවිට හමු වී තිබේ. කුරහන ගම්මානයේ නිවාස දහයක් සම්පූර්ණයෙන් ම යට වී ඇති අතර, තවත් නිවාස පහළොවක් අවදානම් තත්ත්වයේ පවතී. ඇහැලියගොඩ මාළිගාතැන්න කන්ද නායයාමෙන් නිවාස දෙකක් සම්පූර්ණයෙන්ම යට වී දොලොස් දෙනෙකු ජීවික්ෂයට පත්ව ඇති බව ද යුද හමුදාව පවසයි. එයට අමතරව රත්නපුර, කලවාන, ඇහැලියගොඩ, නිවිතිගල, ගොඩකවෙල, පැල්මඩුල්ල, කුරුවිට, අයගම, කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් සුලු සහ මධ්‍ය පරිමාණයේ නාය යාම් පනහක් පමණ වාර්තාවන බව රත්නපුර දිස්ක්‍රික් ආපදා කළමනාකරන සහකාර අධ්‍යක්ෂ එස් එච් මුදිත මංජුල පැවසීය. රත්නපුර දිස්ත්‍රික්කයේ බේරාගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටින හමුදාව එබැවින් බැකෝ යන්ත්‍ර ඇතුළු උපකරණ වල දැඩි හිඟයක් පවතින බව සහන සේවකයෝ පවසති. ගංවතුර බස ගොස් නැති බැවින් රත්නපුර නගරය හරහා ව��හන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ. කළු ගඟේ ජල මට්ටම මීටර් දහය ද ඉක්මවා ගොසිනි. ගංවතුරට කොටු වී සිටින දහස් ගණනක ජනතාවක් පානීය ජලය සහ ආහාර හිඟයෙන් පීඩා විඳින බව වාර්තාකරුවෝ පවසති. මාතර විශේෂයෙන්ම නිල්වලා ගඟ ආශ්‍රිත ගංවතුර තත්ත්වය පාලනය කළ නොහැකි මට්ටමට පැමිණ තිබේ. මේ අනුව අකුරැස්ස සිට මාතර නගරය දක්වා නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශවාසීන්ට ඉවත්ව සිටින ලෙස තවදුරටත් දැනුම්දෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලාපවාහන හා ගංවතුර පද්ධති පිළිබඳ වාරිමාර්ග අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න සඳහන් කළාය. මාතර මහ රෝහලේ රෝගීන් ඉවත් කරගන්නා ලෙස එම රෝහලට දැනුම් දී ඇති බවත් ඇය කියා සිටියාය. කඩුවෙල ගංවතුර ගාල්ල ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, තවලම හිනිඳුම යන ගිං ගඟේ ඉහළ ප්‍රදේශවල ගංවතුර තත්ත්වයේ යම් කිසි අඩුවිමක් දක්නට ඇති අතර එයට සාපේක්ෂව ගිං ගඟේ පහළ ප්‍රදේශවලට ගංවතුර ගලා බැසිමේදි බදේදේගම, යක්කලමුල්ල, වැලිවිටිය-දිවිතුර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ගංවතුර තත්ත්වය වැඩි වෙමින් පවතින බව ගාල්ල අතීරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය. ආරක්ෂිත ස්ථානවලට යන ලෙස එම ප්‍රදේශවල වැසියන්ට සිකුරාදා (මැයි 26) සිට දැනුම් දුන්නත් ඇතැමුන් එසේ ඉවත් නොවන බවත් සඳහන් කළ ඔහු, වහාම ඉවත්වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කළේය. ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් දිගටම සහන සැපයීමේ නිරතව සිටිති. රත්නපුර දිස්ත්‍රික්කයේ පස් කඳුවලට යට වූ යතුරු පැදියක් ගංවතුර හේතුවෙන් සිකුරාදා ලඟාවීමට නොහැකි වූ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට සහන කණ්ඩායම් දැන් ලඟා වී සිටිති. ඒ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික බෝට්ටු 56 කට වැඩි ප්‍රමාණයක් යොදවා තිබේ. මේ අතර ගාල්ල සිට ප්‍රධාන මාර්ග 4 ක ධාවනය වන බස් රථවල ගමනාන්තය ගංවතුර නිසා අතර මඟට පමණක් සිදු කරන බව දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. හම්බන්තොට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගංවතුර බැසයමින් පවතින අතර ආපදා තත්වය නොතකා අපරීක්ෂාකාරීව තංගල්ල කපුහෙන්ගොඩ කැඩී ගිය පාලමෙන් එගොඩ වීමට උත්සාහ කළ තරුණයින් දෙදෙනෙකු ජල පහරකට හසුව මියගොස් තිබේ. එමෙන්ම අපරීක්ෂාකාරීව කුඩා දරුවන් සමග ගංවතුර පවතින ප්‍රදේශවලට නොයන මෙන් තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධනපාල අබේවික්‍රම ම���ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. හම්බන්තොට බොහෝ ප්‍රදේශවල දැන් ගංවතුර බැස ගොස් තිබේ ආපදාවට ලක්වූ පිරිස් වෙනුවෙන් සහන කඳවුරු 20 කට අධික ප්‍රමාණයක් ස්ථාපිත කර තිබුණත්, බොහෝ පිරිසක් මේ වනවිට එම කඳවුරුවලින් පිටව ගොස් තිබෙන බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිවු එච් කරුණාරත්න සඳහන් කළේය. තවදුරටත් ආපදාවට ලක්වී සිටින 1900 කට ආසන්න ජනතාවට සහන සැපයීමට රජයේ නිලධාරින් යොදවා තිබෙන අතර, බෝතල් කළ පානිය ජලය, පිසූ ආහාර මෙන්ම වියලි සලාක බෙදා දීමද දිගටම සිදෙමින් පවතින බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය." -130825_navi_pillay_colombo,https://www.bbc.com/sinhala/sri_lanka/2013/08/130825_navi_pillay_colombo,නවී පිල්ලේ සතියකට ශ්‍රී ලංකාවේ,මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරිය ශ්‍රී ලංකාවට පැමිණ සිටී.,"ජනමාධ්‍ය නිදහස ඇතුළු අයිතිවාසිකම් රකින ලෙසින් ශ්‍රී ලංකාවේ රජයට බලපෑම් කරන ලෙස ජාත්‍යන්තර සංවිධාන මහ කොමසාරිස්වරිය ගෙන් ඉල්ලා තිබේ සතියක කාලයක් ශ්‍රී ලංකාවේ ගත කරන නවනීදන් පිල්ලේ මහ කොමසාරිස් වරිය ට උතුරු නැගෙනහිර නිදහසේ යාමේ ඉඩ කඩ සලසා දීමට ශ්‍රී ලංකාවේ රජය එකඟ වී තිබේ. ඇගේ සංචාරය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට බලපෑම් කිරීමක් ලෙස හෙලා දකිමින් ඊට විරෝධය පළ කිරීමට රජයට සම්බන්ධ සිංහල ජාතිකවාදී පක්ෂ ඇතුළු සංවිධාන කිහිපයක් සැලසුම් කොට ඇත. අතුරුදහන් වූවන් සොයා දීම ඇතුළු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් මැදිහත් වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලපෑම් කිරීම සඳහා මානව හිමිකම් සංවිධාන විසින් උතුරේත් දකුණේත් සැලසුම් කැරුණු උද්ඝෝෂණ ද වෙයි. ජනමාධ්‍ය නිදහස විවිධ ජාත්‍යන්තර සංවිධාන විසින් මහා කොමසාරිස් වරිය ගෙන් ඉල්ලා ඇත්තේ ජනමාධ්‍ය නිදහස ඇතුළු අයිතිවාසිකම් රකින ලෙසින් ශ්‍රී ලංකාවේ රජයට බලපෑම් කරන ලෙසයි. නවී පිල්ලේ ශ්‍රී ලංකාවේ ගත කරන කාලය තුලදී ජනාධිපතිවරයා, ආණ්ඩු පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, දමිළ ජාතික සන්ධානය මෙන්ම රජයේ සන්නද්ධ අංශ ප්‍රධානීන්, මානව හිමිකම් සංවිධාන හා මාධ්‍ය සංවිධාන ද මුණ ගැසීමට නියමිතයි. ලංකාවේ සංචාරයෙන් අනතුරුව නවී පිල්ලේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට සැප්තැම්බරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධ වාචික වාර්තාවක් ඉදිරිපත් කරනු ඇත. එක්සත් ජාතීන් ගේ වාර්තාවක දැක්වෙන පරිදි එල්ටීටීඊ යට එරෙහිව ශ්‍රී ලංකාවේ රජය දියත් කළ යුද්ධයේදී හතලිස් දහසකටත් හැත්තෑ දහසකටත් අතර නිරායුධ වැසියන් මරුමුවට පත් වී තිබේ. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පවසන්නේ ඒ පිලිබඳ ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි පරීක්ෂණයක් නොපැවැත්වෙන්නේ නම් නොවැම්බරයේදී පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම අයෝග්‍ය බවයි. මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ බෙලරුසියාවේ තුන් දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටව ගියේය." -140718_jafna_navi_rape,https://www.bbc.com/sinhala/sri_lanka/2014/07/140718_jafna_navi_rape,දැරිය දුෂණය කළ බවට සැක නාවික සෙබළා හඳුනා නොගැනේ,යාපනයේ කරෙයිනගර් ඌරි පළාතේදී පාසල් දැරියකට ලිංගික අතවර කළ බවට සැක කරණ නාවික හමුදා සෙබළා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් ඉදිරිපත් කෙරිණ.,"දුෂණ සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයේ යෙදෙන කරෙයිනගර් වැසියෝ එකොළොස් හැවිරිදි දැරියට ලිංගික අතවර සිදු වූයේ යැයි කියන නාවික හමුදා කඳවුරේ සෙබළුන් හත් දෙනෙකු අත් අඩංගුවට ගෙන යාපනය අධිකරණයට ඉදිරිපත් කර තිබිණ. යාපනයේ පැවති මෙම හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී අදාළ සෙබළා දැරියට හඳුනා ගැනීමට නොහැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පැවසුවේය. මේ තත්ත්වය මත අධිකරණය විසින් එම සෙබළුන් හත් දෙනා ඇප මත නිදහස් කර තිබේ. කෙසේවෙතත් පොලිසිය කිසිවිටකත් මෙම පරීක්ෂණ කටයුතු අතරමග නතර නොකරණ බව කී ජේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ දැරිය විසින් හැඩ රුව කියා සිටි, එම නාවික හමුදා කඳවුරේ සිටින සෙසු පිරිසද අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පැවසුවේය. මේ අතර යාපනයේ කරෙයිනගර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විශාල පිරිසක් සිකුරාදා උද්ඝෝෂණයක නිරත වෙමින් ඉල්ලා සිටියේ මේ සිද්ධියට සම්බන්ධ සැකකරු වහාම අත් අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළ යුතු බවයි. සිද්ධියට සම්බන්ධ සැකකරු සඟවා සිද්ධිය යටපත් කිරීමට සියලු ආරක්ෂක අංශ උත්සහ දරණ බවටද මේ උද්ඝෝෂණයේදී චෝදනා එල්ල කෙරිණ. නමුත් ලිංගික අතවරයට ලක්වූ දැරියගේ දෙමවුපියන්, ඥාතීන් හා සමීප ඥාතීන් මේ සම්බන්ධයෙන් මේ වන විටත් කිසිවක් ප්‍රකාශ නොකරන්නේ ඔවුන්ට එල්ල වී ඇති තර්ජන හේතුවෙන් බවයි වාර්තාකරුවන් පවසන්නේ." -world-56171292,https://www.bbc.com/sinhala/world-56171292,පිළිකා රෝගය පරදා අභ්‍යවකාශයට යන තරුණිය,"ඇය, පෘථිවි කක්ෂයට පිවිසෙන ළාබාල ම ඇමෙරිකානුවා පමණක් ම නොවෙයි, කෘත්‍රිම ශාරීරාංගයක් සමග අභ්‍යවකාශයට පිවිසෙන පළමුවැන්නායි. ඒ වගේම අස්ථි පිළිකාවකින් සුවය ලැබීමෙන් අනතුරුව ගගනගාමියෙක් වූ පළමුවන්නායි.","මේ තමයි පළමුවන්නකු වීම සම්බන්ධයෙන්, 29 හැවිරිදි හේලි ආර්සෙනෝව් ට ඉතා නුදුරේදී ම අදාළ කරන්නට පුළුවන් ආකර්ෂණීය කරුණු. ලොව ප්‍රථමවරට සිවිල් පුද්ගලයින්ගෙන් පමණක් සමන්විත කණ්ඩායමක් යෙදෙන අභ්‍යවකාශ මෙහෙයුම සඳහා පසුගිය ජනවාරියේදී මෙම වෛද්‍ය සහයිකාව තෝරා ගැනුණා. එයින් ඇය ඉතා ප්‍රීති ප්‍රමෝදයට පත් වුණත්, නිහඬව හිඳින්නට සිදුවුණා. ""මගේ ජීවිතේ ලොකු ම රහස මාස එකහමාරක් තිස්සේ රඳවාගෙන ඉන්න සිද්ධ වුණා. දැන් මට ඒක ලෝකය එක්ක බෙදාගන්න පුළුවන්,"" යැයි ඇය බීබීසී සමග පැවසුවා. ඇය මේ ගමනට තෝරා ගැනීම ගැන ඇමෙරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ මෙම්ෆිස් හි පිහිටි ශාන්ත ජූඩ් ළමා පර්යේෂණ රෝහල විසින් සඳුදා (පෙබ. 23) ප්‍රකාශයට පත් කරනු ලැබුවා. කුඩා කාලයේ පිළිකා රෝගියෙකු වශයෙන් ප්‍රතිකාර ලැබූ එම රෝහලේ ම ආර්සෙනෝව් දැන් සේවයේ යෙදී සිටිනවා. ඊලොන් මස්ක් නම් ව්‍යාපාරික අධිපතියා බිහි කළ ස්පේස් එක්ස් (SpaceX) සමාගම නිෂ්පාදනය කළ ෆැල්කන් 9 (Falcon 9) රොකට්ටුව මේ වසර අවසානයේදී ෆ්ලොරීඩාවෙන් ඇය අභ්‍යවකාශයට ගෙන යාමට නියමිතයි. ""මං හිතන විදිහට මේ මෙහෙයුම බොහෝ ආකාරවලින් මිනිසුන් ගේ සිත් තුළට කාවද්දාවි, "" යැයි කී ආර්සෙනෝව්, ""ඕනෑම දෙයක් කළ හැකි බව එය ඔවුන්ට පෙන්වා දේවි."" යැයි කියා සිටියා. මේ අභ්‍යවකාශ යානය තුළ වෘත්තීය ගගනගාමීන් කිසිවෙක් නොඉඳීවි. ආර්සෙනෝව් හා තෝරාගැනීමේ තරගයෙන් ජයගත් තවත් දෙදෙනෙක් සමග මෙම ගමනේ සම්පුර්ණ පිරිවැය දරණ 38 හැවිරිදි ප්‍රකෝටිපතියෙකු වන ජාර්ඩ් අයිසාක්මන් යානයේ අණදෙන්නා වශයෙන් මේ ගමනට එක්වීමට නියමිතයි. මේ මෙහෙයුම අයිසාක්මන් තමන්ගේම ව්‍යාපෘතියක් වශයෙන් සලකන අතර රොකට්ටුව දියත්කිරීම තමන් විසින් මිලට ගනු ලැබූ බව පෙබරවාරි 1 වෙනිදා ඔහු ප්‍රකාශයට පත් කළා. ඔහුගේ අරමුණ මේ ගමන හරහා ඩොලර් මිලියන 200ක (පවුම් මිලියන 142) අරමුදලක් ශාන්ත ජූඩ් රෝහල වෙත එක් රැස් කර දීමයි. ඉන් අඩක් තමන් පෞද්ගලිකව පරිත්‍යාග කිරීමට ඔහු සූදානම්. අභ්‍යවකාශ යානයේ ඇති ආසන හතරෙන් එකක් පිරිනැමුණේ රෝහලේ කාර්ය මණ්ඩලයේ අයෙකුටයි. ""මුල ඉඳලම, මේ මෙහෙයුමේ ජීව ගුණය වන බලාපොරොත්තුව නියෝජනය කරන කෙනෙක් යානයේ කාර්ය මණ්ඩලයට ඇතුළත් කිරීමට අපට අවශ්‍ය වුණා,"" යැයි කී අයිසාක්මන් සඳහන් කළේ, ""ඒ වගකීම ඉෂ්ට කරන්නට හේලි ට වඩා හොඳ කෙනෙක් ගැන මට හිතන්න පුළුවන් වුණේ නැහැ."" යනුවෙනු��ි. මේ ගමන ආර්සෙනෝව් හට, කෙදිනකවත් සිදුවේ යැයි නොසිතූවක්. ඇයට වයස අවුරුදු 10 වනවිට, ඈ ශාන්ත ජූඩ් රෝහලේ ප්‍රතිකාර ලැබූ අස්ථි පිළිකා රෝගියෙක්. රෝහලේදී ලද ප්‍රතිකාරවල කොටසක් ලෙස, කීමෝතෙරපි ප්‍රතිකාරය ලද අතර පාදවල අස්ථි සමහරක් වෙනුවට කෘත්‍රිම අස්ථි යෙදීම සඳහා ශල්‍යකර්මයකට ද ලක් කෙරුණා. වෙනත් කාලයක නම්, කෘත්‍රිම පාද අස්ථි සහිත වීම හේතුවෙන් නාසා ගගනගාමියෙකු ලෙස අභ්‍යවකාශයට පිවිසීම සඳහා වූ ආර්සෙනෝව් ගේ අපේක්ෂාව ඵල නොදරන්නට ඉඩ තිබුණේ නාසා ආයතනයේ ඇති දැඩි වෛද්‍යමය අවශ්‍යතා හේතුවෙනුයි. නමුත් මෑත වසරවලදී පුද්ගලික අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා අවස්ථාව මතුවීම, අප බොහෝ දෙනාට තරු අතරට යාමේ හැකියාව විවර කරලා. ""මේ මෙහෙයුම නොවන්නට මම ගගනගාමියෙක් නොවන්නට තිබුණා,"" යැයි කී ආර්සෙනෝව්, ""ශාරීරික වශයෙන් සර්ව සම්පූර්ණ නොවන පුද්ගලයන්ටත් අභ්‍යවකාශ සංචාරයේ යෙදීමේ ඉඩකඩ මේ මෙහෙයුමෙන් විවෘත කරනවා."" යැයි කියා සිටියා. මෙම මෙහෙයුමට සම්බන්ධ වනවාදැයි විමසමින් ජනවාරි 5 වෙනිදා ""හිටි අඩියේ"" දුරකථන ඇමතුමක් ලැබෙද්දී ආර්සෙනෝව් සිටියේ ටෙනසී හි පිහිටි සිය නිවසේයි. ඇගේ ප්‍රතිචාරය? ""වහාම මම කිව්වේ, අනේ ඔව්, කරුණාකරලා ඔව්"" ඇගේ පවුලේ සාමාජිකයින් ""දැඩි විරුද්ධත්වයක් නොදක්වන බවට කෙරුණු තහවුරු කරගැනීමකින්"" අනතුරුව, සහ අභ්‍යවකාශ ඉංජිනේරුවරුන් වන ඇගේ සහෝදරයා සහ නෑනණ්ඩිය ""අභ්‍යවකාශ ගමන් කොතරම් ආරක්ෂාකාරීදැයි ඇත්තෙන්ම මට යළි තහවුරු කළා"" යැයි පවසමින් ඇය මෙම ගමනේ යෙදෙන කණ්ඩායමට එකතු වුණා. මීට එක්වන ඉතිරි දෙදෙනා තෝරාගැනීමෙන් පසු ලබන මාර්තුවේදී එය හෙළි කිරීම අයිසාක්මන්ගේ අරමුණයි. ඉන් එක් අයෙක්, වාසනාව උරගා බලන තරගයකින් ජයග්‍රහණය කරන අයෙකු වන අතර එම තරගයේ පරිත්‍යාග ශාන්ත ජූඩ් රෝහල වෙත පිරිනැමේ. අනෙක් පුද්ගලයා වන්නේ ශිෆ්ට්4 විසින් නිර්මාණය කරන ලද පරිගණක මෘදුකාංගය භාවිතයෙන් අන්තර්ජාල වෙළඳසැලක් නිර්මාණය කිරීම සඳහා ව්‍යවසායකයින්ට විවෘත කෙරුණු තරගයකින් ජයගන්නා ජයග්‍රාහකයාට යි. එම මෘදුකාංගය නිර්මාණය කළ ශිෆ්ට්4 සමාගම අයිසාක්මන්ට හිමි ගෙවුම් තාක්ෂණ සමාගමක්. තෝරාගැනීම කළ වහා, ශුන්‍ය ගුරුත්වයක කෙරෙන මෙහෙයුම් ආදර්ශනයක් ද ඊට ඇතුළත්, මාස ගණනක දැඩි පුහුණුවකට කණ්ඩායම යොමු කිරීමට නියමිතයි. මෙම අභ්‍යවකාශ ගමනේ වෛද්‍ය නිලධාරිනිය වන ආර්සෙනෝව් දැනටමත් සිය අභ්‍යවකාශ ඇඟළුමින් සැරසී ඒ ගැන අවබෝධය ලබා අවසන්. එය ""හරි අපුරුයි"" නමුත් ""මම හිතුවට වඩා ඒක බරයි"" යැයි කීවාය. 2021 වසරේ අගදී ෆ්ලොරිඩා හි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වන කාලය වන විට ඇය එම ඇඟළුමට හැඩ ගැසී සිටිය හැකියි. ඉන් අනතුරුව, ස්පේස් එක්ස් නිපැයූ ඩ්‍රැගන් කැප්සූලය නම් අභ්‍යවකාශ යානය පෘථිවිය වඩා ගමන කරන දින කිහිපය පුරා ඇය එය ඇඟ ලා සිටීවි. මෙහෙයුම අවසන් කරන ඩ්‍රැගන් කැප්සූලය පෘථිවි වායුගෝලයට ඇතුළු වී ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදට මෘදු ගොඩබෑමක යදෙනු ඇති. ""මම තැතිගැන්මක නැහැ. මෙම මෙහෙයුමේ සෑම අංශයක් සඳහා සිටින ප්‍රධාන ඉංජිනේරුවරුන් සමග මම කතා කළා. ඇත්තෙන්ම මම ඔවුන්ව විශ්වාස කරනවා."" දරුවකු ලෙස සිටි සමයේ මුහුණ පෑ දේ සමග සසඳන විට අභ්‍යවකාශ සංචාරයක් ඇයට ගැටලුවක් නොවෙයි. ""පිළිකා රෝගීන් මෙන්ම ඉන් සුවය ලැබූවන් නියෝජනය කිරීම විශිෂ්ට ගෞරවයක්. මම ඔවුන්ගේ තත්ත්වයේ හිටියේ වැඩි ඈතකදී නොවෙයි"" ඇය සඳහන් කළා. ""පිළිකා ප්‍රතිකාර ලබන කාලය තුළ ඔබ වඩාත් අවධානය යොමු කරන්නේ එදිනෙදා තත්ත්වය ගැනයි. අනාගතය දිහාවට බැල්මක් යොමු කරන එක ඉතාමත් දුෂ්කර වෙන්න පුළුවන්. ඔවුන්ගේ අනාගතය ගැන පරිකල්පනය කරන්න මේ මෙහෙයුම ඔවුන්ට අවස්ථාව සලසා දේවි""" -sri-lanka-37968564,https://www.bbc.com/sinhala/sri-lanka-37968564,'වදහිංසාවල අඩුවක් නැහැ',ශ්‍රී ලංකාව තුළ සිදුවන වදහිංසාවල අඩුවක් දක්නට නොමැති බව පෙන්වා දෙන මානව හිමිකම් සංවිධාන ජිනිවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ වදහිංසා පිලිබඳ කමිටුවට ඒ පිළිබඳ වාර්තා කරන බව පවසති.,"""පොලිසිය විසින් අපරාධකරුවන්ගේ තොරතුරු ලබා ගැනීම සඳහා භාවිතා කරන එකම ක්‍රියාමාර්ගය බවට වදහිංසා පත්වී තිබෙනවා"" වදහිංසා යනු අපරාධ ගණයට වැටෙන බරපතළ වරදක් ලෙස පිළිගෙන ශ්‍රී ලංකාව තුළ ඒ සඳහා නීති පනවා තිබුනත් එම නීති නිසියාකාරව ක්‍රියාත්මක නොවෙන බව එක්සත් ජාතීන්ගේ වදහිංසා පිලිබඳ කමිටුව සඳහා සහභාගි වීමට නියමිත ""රයිට් ටු ලයිෆ්"" (Right to Life) මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ පිලිප් දිසානායක බීබීසී සිංහල සේවයට කියා සිටියේය. රට තුළ සිදුවන වදහිංසා පිළිබඳ සිවිල් සංවිධාන විසින් සකස් කරන ලද වාර්තාවක් එක්සත් ජාතීන්ගේ වදහිංසා පිළිබඳ කමිටුවට යොමු කිරීමට නියමිත අතර එහි පිටපතක් ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත ද ලබා දී ඇති බව ඔහු කියා සිටියේය. ""එක්සත් ජාතීන්ගේ වදහිංසා පිළිබඳ කමිටුව අවුරුදු හතරකට වරක් ජිනීවා න���වරදී රැස් වෙනවා. ශ්‍රී ලංකාව එම කමිටුවේ සාමාජික රටක් හැටියට, රට තුළ වදහිංසා අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ පසුගිය සැසි වාරයේ ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ ශ්‍රී ලංකා රජය ද වාර්තාවක් ඉදිරපත් කරන්න ඕනේ."" ඔහු පැවසීය. 'පොලිස් වදහිංසා' ""පොලිසිය විසින් අපරාධකරුවන්ගේ තොරතුරු ලබා ගැනීම සඳහා භාවිතා කරන එකම ක්‍රියාමාර්ගය බවට වදහිංසා පත්වී තිබෙනවා. එය සියලු පොලිස් ස්ථාන තුළම සිදුවන බව අපිට වාර්තා වෙනවා."" ""මේවැනි වදහිංසා නැති කිරීමට ජාතික හා ජාත්‍යන්තර නීති ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වුවත්, රට තුළ වදහිංසා අඩු නොවී තිබෙන බවයි අපේ වාර්තාවේ කරුණු සහිතව පෙන්වා දී තිබෙන්නේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ඉදිරිපත්කර ඇති විකල්ප වාර්තාවෙනුත්, රට තුළ සිදුවෙන වදහිංසාවල වැඩිවීමක් දක්නට ලැබෙන බව සඳහන් කර තිබෙනවා."" වදහිංසා වැඩි වශයෙන් සිදු වන බවට වාර්තාවන පුත්තලම වැනි දිස්ත්‍රික්කවල සිය කාර්යාල පිහිටුවීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ පොලිස් කොමිෂන් සභාව කටයුතු කර තිබෙන බවත් ""රයිට් ටු ලයිෆ්"" සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ පිලිප් දිසානායක කියා සිටියේය මේ අතර බලහත්කාර අතුරුදහන් කරවීම්වල අඩුවක් මේ මොහොතේ දක්නට ලැබෙන බව මානව හිමිකම් ක්‍රියාධර බ්‍රිටෝ ප්‍රනාන්දු පැවසීය. 'යුද විරුවන් සහ ජනපති' සුදු වෑන් රියකින් පැමිණ පැහැර ගෙන ගිය සිය සැමියා සොයා දෙන මෙන් ඉල්ලා සිටින අනුරාධපුරයේ මවක් ""ඇතැම් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදී සුදු වෑන් සංස්කෘතියේ යළි ආරම්භයක් පෙන්නුම් කළා. නීතියෙන් පරිභාහිරව රඳවා ගෙන පසුව එම පිරිස් නිදහස ලැබුවා. කෙසේ නමුත් පොදුවේ ගත්විට අතුරුදහන් වීම් වාර්තා නොවන තත්වයක් අද වෙද්දී තිබෙනවා."" ඔහු වැඩිදුරටත් කියා සිටියේය. පසුගිය පාලන සමයේ සිදු වූ පුද්ගල අතුරුදහන් කරවීම් සම්බන්ධයෙන් සුවිශේෂී අවධානයක් යොමුකොට කටයුතු කරන බව පෙන්වීමට යහපාලන ආණ්ඩුව අසමත් වී ඇති බව බ්‍රිටෝ ප්‍රනාන්දු පවසයි. 'යුද විරුවන්ට දඬුවම් ලබා දීමට ඉඩ නොදෙන බවට' ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සිදු කරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රිටෝ ප්‍රනාන්දු කියා සිටියේ "" මේ කාරණය පිටුපස යම් කිසි සැකයක් මතු කරනවා ඇත්තටම මේ කාරණාවලට හවුල් වූ පුද්ගලයන්ට දඬුවම් දෙන්නේ කොහොමද කියලා"" යනුවෙනි." -150520_jafna_murder_protest,https://www.bbc.com/sinhala/sri_lanka/2015/05/150520_jafna_murder_protest,යාපනය අධිකරණය අසල දී 127 ක් අත්අඩංගුවට,යාපනය අධිකරණය ඉදිරිපිට පොදු දේපලවලට හානි සිදුකරමින් පොලිස් නිලධාරීන්ට තුවාල සිදුකරමින් කලහකාරී ලෙස හැසිරුණු 127 දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.,යාපනය නගරය තුළ මෙවැනි භීෂණකාරී තත්ත්වයක් ඇතිවූයේ වසර දහයකට පමණ පසුව බවයි යාපනයේ වැසියන් පවසන්නේ යාපනයේ පුංගුඩුතීවු ප්‍රදේශයේදී පාසල් දැරියක් දූෂණය කොට මරාදැමීමේ සිද්ධියට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරුවා අද බදාදා යාපනය අධිකරණයට රැගෙන ඒම ප්‍රමාද වූ අවස්ථාවේදී යාපනයේ වැසියන් දහසක් පමණ යාපනය අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණය කරමින් අධිකරණ ශාලාවට ගල් මුල් ප්‍රහාර එල්ල එල්ල කිරීම නිසා ගොඩනැගිලි කීපයකට සහ වාහන කීපයකට අලාභහානි සිදුවී ඇති අතර මෙම ප්‍රහාරයන්ට මැදි වූ පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු ද තුවාල ලැබූ බව යාපනය පොලිසිය පැවසීය. තුවාල ලැබූ පොලිස් නිලධාරීන් තුන් දෙනා මේ වන විට යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ. අධිකරණයට ගල් මුල් අධිකරණයට ප්‍රහාර එල්ල කරමින් අධිකරණ කටයුතුවලට බාධා එල්ල කරණ පිරිස අත් අඩංගුවට ගන්නා ලෙස යාපනය දිසාවිනිසුරුවරයා කළ නියෝගයකට අනුව යාපනය පොලිසිය මගින් සැක පිට පුද්ගලයින් 13 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ. යාපනයේ ජනතාව නොසන්සුන්ව කුපිත ලෙස හැසිරෙමින් අධිකරණය වෙත ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ දී පොලිසියට එම තත්ත්වය පාලනය කරගැනීමට නොහැකිවීම නිසා ජනතාව පලවා හැරීමට පොලිසියට කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසීය. පොරොන්දුව කඩලා පාසල් දැරිය දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ ඔහුට කොළඹට පලායාමට සහය දුන් බව කියන නීතිඥවරයෙකු බදාදා දිනයේදී අධිකරණය වෙත ඉදිරිපත් කරණ බවට යාපනය දිසාව බාර නියෝජ්‍ය පොළිස්පතිවරයා 19 වෙනිදා දහවල් පොරොන්දුවී ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරයාව යාපනයේ වැසියන් පිරිසක් විසින් වට කරගෙන ඔහුට බාධා එල්ල කළ අවස්ථාවේදීය. එම පොරොන්දුව දහවල් වනතුරුත් ඉටු නොවීම හේතුවෙන් මෙම නොසන්සුන් තත්ත්වය හටගෙන තිබේ. ගමනාගමනයට බාධා උද්ඝෝෂණ කරුවෝ නගරයේ තැනින් තැන ටයර් පුලුස්සමින් කෑකෝ ගසමින් කුපිත ලෙස හැසිරීම නිසා ගමනාගමන කටයුතු වලට පවා බාධා එල්ල වී තිබේ. කෙසේ වෙතත් යාපනයේ වෙළෙද සැල් සියල්ලක්ම අද උදැසන සි�� වසා දමා ඇති අතර යාපනය නගරය තුල හර්තාලයක් පරිද්දෙන් කටයුතු සිදුවන බව යාපනයේ වැසියෝ කියා සිටියහ. යාපනය නගරය තුළ මෙවැනි භීෂණකාරී තත්ත්වයක් ඇතිවූයේ වසර දහයකට පමණ පසුව බව කී යාපනයේ වැසියන් පැවසුවේ නගරයේ ආරක්ෂාවට පොලිස් සහ හමුදා බල ඇණි යොදවා සිටින බවයි. මඩකලපුවේ කාන්තා විද්‍යාලයක සිසුවියන් පිරිසක් විරෝධය පළකරමින් මඩකලපුව මේ අතර මඩකලපුව ප්‍රදේශයේ පාසැල් සිසුන් විසින් ද යාපනයේ ශිෂ්‍යාව මරා දැමීමට එරෙහිව විරෝධතා පවත්වා ඇති බව වාර්තා වේ. -141124_maithri_kandy_anuradhapura,https://www.bbc.com/sinhala/sri_lanka/2014/11/141124_maithri_kandy_anuradhapura,මෛත්‍රී දළදා වැඳීමෙන් පසු අනුරාධපුරයට,පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අද (24) අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගැනීමේ සංචාරයක නිරත වූ බව ප්‍රාදේශීය මාධ්‍යවේදී අතුල බණ්ඩාර වාර්තා කරයි.,"මෛත්‍රීපාල සිරිසේන මහුනුවර දී. විපක්ෂයේ පොදු අපේක්ෂකයා සමඟ එක්සත් ජාතික පක්ෂයේ සභාපති මණ්ඩලයේ කරු ජයසූරිය, ජාතික සංවිධායක දයා ගමගේ, දුමින්ද දිසානායක, එම් කේ ද ඇස් ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ උතුරු මැද පළාත් සභා මන්ත්‍රීවරුන් කීප දෙනකුද ශ්‍රී මහා බෝධිය කරා ලඟා වූ බවයි වාර්තා වන්නේ. සුදු හා රතු නෙළුම් මලින් ශ්‍රී මහා බෝ සමිඳුන් පුදා වන්දනා මාන කළ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දුටුවේය. ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ට අදහස් දැක්වූ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ ලබන දෙසැම්බර් අට වෙනිදා ජනාධිපතිවරණ නාම යෝජනා භාර දෙනු ලැබීමෙන් අනතුරුව තමා කිසිදු තනි පක්ෂයක අපේක්ෂකයකු නොව ‘පොදු අපේක්ෂකයා’ වන බවයි කියා සිටියේ. තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ඉතා සාමකාමී මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යන බවයි. දළදා මාලිගාවට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අනුරාධපුරයට ලඟා වීමට පෙර මහනුවර දළදා මාලිගාවට ගොස් ආගමික කටයුතුවල නිරත වූ අතර මල්වතු අස්ගිරි විහාරවලට ද ගියේය. එම අවස්ථාවේ මහනුවර ප්‍රාදේශීය දේශපාලන නායකයන් වන ලක්ෂ්මන් කිරිඇල්ල සහ දළදා මාලිගාවේ හිටපු දිය වඩන නිලමේ නිරන්ජන් විජේරත්න ද ඔහුට එක් ව සිටියේ ය. අස්ගිරි මහා විහාරයේ දී පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනා හිමියන් බැහැ දුටු ඔහු මල්වතු මහා නා හිමියන් විදේශ සංචාරයක නිරත වෙමින් සිටින හෙයින් පූජ්���ය නියංගොඩ ශ්‍රී විජිතසිරි අනු නා හිමියන් බැහැ දුටු බව ප්‍රසාද් පුර්නිමාල් ජයමාන්න වාර්තා කරයි." -39781873,https://www.bbc.com/sinhala/39781873,ශ්‍රී ලංකාවට ආ පළමු රෝහින්ග්‍යා මුස්ලිම් කණ්ඩායමද?,පසුගිය ඉරිදා කන්කසන්තුරේ ආසන්න මුහුදේදී අත්අඩංගුවට ගනු ලැබූ මියන්මාර ජාතික රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් පිරිස ඕස්ට්‍රේලියාව බලා යාමට උත්සාහ දරමින් සිටියදී නොදැනුවත්ව ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වී තිබෙන බව ඔවුන්ගේ නීතිවේදීහු පවසති.,"ඔවුන් වසර පහක් ඉන්දියාවේ දිල්ලි අගනුවර පිහිටි සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනයේ (UNHCR) රැකවරණ ලබා සිට පසුව තමිල්නාඩුවට පැමිණ තිබෙන බව ඔවුන්ගේ නීතිවේදී ෂිරාස් නූර්දීන් බීබීසී සිංහල සේවයට පැවසීය. තමිල්නාඩුවේදී ඔවුන්, නීතිවිරෝධී ලෙසින් සංක්‍රමණිකයන් ඕස්ට්‍රේලියාව බලා පිටත් කරන කණ්ඩායමක පිහිට පතා තිබෙන බවත් නීතිවේදියා සඳහන් කළේය. නීතිවේදී ෂිරාස් නූර්දීන් ගේ උපදෙස් මත රුෂ්ඩි හබීබ් සහ ෂයිනාස් මොහමඩ් නීතිවේදීහු යාපනයේ මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටියහ. කාන්තාවන් හත් දෙනෙකු සහ දරුවන් 16 දෙනෙකු ඇතුළු රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් 30 දෙනෙකු සහ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු පසුගිය ඉරිදා (අප්‍රේල් 30) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදි. ""එක දරුවෙකුගේ වයස දවස් පහළොවයි. කාන්තාවන්ට සහ දරුවන්ට අවශ්‍ය ප්‍රථමාධාර සහ වෛද්‍ය පහසුකම් ලබා දෙන්න නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවත් කටයුතු කරනවා,""යනුවෙන් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දුමින්ද වලාකුළුගේ ඉරිදා බීබීසී සිංහල සේවයට පැවසීය. ඉන් අනතුරුව පොලිසිය වෙත භාරදුන් ඔවුහු යාපනය බන්ධනාගාරයේ තාවකාලිකව රඳවා සිටිති. ශ්‍රී ලංකාවේ ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත ඔවුන් පිරිස යාපනය පොලිසිය විසින් අඟහරුවාදා (මැයි 02) මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ඉල්ලීමක් කළ නීතිවේදීහු ඔවුන් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් නොකරන ලෙසත්, ඔවුන් මිරිහාන ආගමන විගමන කඳවුර වෙත මාරු කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියහ. සංක්‍රමණිකයන් පිරිස එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ IOM සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ පාලනය යටතට පවරන මෙන්ද සිය නීතිවේදීන් අධිකරණයෙන් ඉල්ලා සිටි බව නීතිඥ ෂිරාස් නූර්දීන් පැවසීය. ඒ අනුව ඔවුන් අඟහරුවාදා යාපනය බන්ධනාගාරයේ රඳවා තබා බදාදා (මැයි 03) මිරිහාන රැඳවුම් කඳවුරට මාරු කරන මෙන් අධිකරණය නියෝග කළේය. නීතිඥයන් කළ අනෙක් ඉල්ලීම් පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ලබාගන්නා මෙන් සහ සංක්‍රමණිකයන් පිරිසට අවශ්‍ය වෛද්‍යාධාර ඇතුළු සියලු පහසුකම් සලසන මෙන්ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය රෝහින්ග්‍යා සංක්‍රමණිකයන් පිරිසගේ සියලු අවශ්‍යතා සොයා බලා ඉතා කාරුණිකව සැලකූ බවද නීතිවේදී ෂිරාස් නූර්දීන් බීබීසී සිංහල සේවයට වැඩිදුරටත් පැවසීය." -world-39953397,https://www.bbc.com/sinhala/world-39953397,ප්‍රංශ කැබිනට්ටුවෙන් අඩක් කාන්තාවන්ට,කලින් ප්‍රතිඥා දුන් පරිදි ස්ත්‍රී පුරුෂ සමාන නියෝජනයක් සහිත කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ප්‍රංශයේ නව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් කටයුතු කරයි.,"ආරක්ෂක, සෞඛ්‍ය, ක්‍රීඩා සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ධුර කාන්තාවන්ට ඒ අනුව කැබිනට් ඇමති ධුර විසි දෙකෙන් එකොළහක් කාන්තාවන්ට හිමි වේ. ආරක්ෂක අමාත්‍ය ධුරය සහ ක්‍රීඩා ඇමති ධුරය ද ඊට ඇතුළත්. සිල්වි ගුලාර්ඩ් ආරක්ෂක ඇමති ධුරය සඳහාත් ෆෙන්සින් ක්‍රීඩා (කඩු හරඹවලට සමාන ක්‍රීඩාවක්) ඔලිම්පික් ශූරියක වන ලෝරා ෆ්ලෙසල් ක්‍රීඩා අමාත්‍ය ධුරය සඳහාත් පත් කර ඇත. සියලු දේශපාලන මතවාද නියෝජනය වන පරිදි කැබිනට් මණ්ඩලය පත් කිරීමට ජනාධිපති මැක්‍රෝන් ගත් තීන්දුව හමුවේ දක්ෂිණාංශික කණ්ඩායම් වික්ෂිප්තව ඇති බව වාර්තාකරුවෝ පවසති. ""ආර්ථික සහ මුදල් ඇමති ධුර සඳහා ජනාධිපති මැක්‍රෝන් පත් කර තිබෙන්නේ දක්ෂිණාංශික නියෝජිතයන් දෙදෙනෙක්. අභ්‍යන්තර සහ විදේශ කටයුතු සඳහා සමාජවාදීන් ද ආරක්ෂක සහ අධිකරණ කටයුතු සඳහා මධ්‍යස්ථ මතධාරීන් ද පත් කර තිබෙනවා"" පැරිසියේ සිටින බීබීසී වාර්තාකරු මාක් ලොවෙන් පැවසීය. ඔලිම්පික් ශූරියක වන ලෝරා ෆ්ලෙසල් ජනතා ඡන්දයෙන් තේරී පත් දක්ෂිණාංශික මහජන නියෝජිතයන් එකසිය හැත්තෑ දෙනෙකු ජනාධිපති මැක්‍රෝන්ට සහාය දෙන බව පවසමින් ප්‍රකාශයකට අත්සන් තැබීම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිය ගණනක් විසින් මීට ඉහතදී විවේචනය කරනු ලැබීය. ප්‍රංශ මහ මැතිවරණය ලබන ජුනි මාසයේ පැවැත්වීමට නියමිතය. මධ්‍යස්ථ මතධාරියෙකු වන ජනාධිපති මැක්‍රෝන් සිය අගමැතිවරයා වශයෙන් පත් කරනු ලැබූ එදුවාර්ද් ෆිලිපේ දක්ෂිණාංශික රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයෙකි." -world-45368858,https://www.bbc.com/sinhala/world-45368858,ඉන්දියාවේ ���ඟි පෑම: නිළිය ආගමට අවමන් කර නැති බව අධිකරණය තීන්දු කරයි,"චිත්‍රපට දර්ශනයක තිබූ ඉඟි පෑමේ දර්ශනයක් නිසා සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධිය පත් වූ රංගන ශිල්පිනියකට එරෙහිව මුස්ලිම් කණ්ඩායම් ගොනු කළ නඩුවක් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්ප්‍රභ කර තිබේ. ශිල්පිනියගේ ඉඟි පෑම ""ආගමට අවමන් කරන"" බව සඳහන් කරමින් මෙම නඩුව පවරා තිබිණි.","සමහරු ඇය හැඳින්වූයේ ඉන්දියාවේ ""ජාතික ලබැඳිය"" නැතහොත් ""ඉඟි රැජිණ"" ලෙසය මලයාලම් චිත්‍රපට ගීතයක ඉඟි පාන දර්ශනයක් නිසා ප්‍රියා ප්‍රකාශ් වරියර් (Priya Prakash Varrier) මෙම වසරේ ඉන්දියානු සමාජ ජාල තුළ මහත් ප්‍රසිද්ධියට පත් විය. මුහම්මද් නබි නායකතුමාගේ බිරිඳ ගැන සඳහන් වන ""පූජනීය ගීතයක්"" චිත්‍රපටයකට යොදාගැනීම මෙන්ම මෙවැනි ඉඟි පෑම් ඉස්ලාම් ආගමට අවමන් කිරීමක් බව පැමිණිලිකරුවෝ පවසති. මෙම නඩුවේ පැමිණිලිකරුවන් ගීතය ""වැරදියට වටහා ගෙන"" ඇති බව රංගන ශිල්පිනිය පැවසීය. අදාළ ගීතය චිත්‍රපටයෙන් ඉවත් කරන්න යැයි ඉල්ලීම් කරමින් මුස්ලිම් කණ්ඩායම ගොනු කළ නඩුව, පොලිසිය විසින් ලියාපදිංචි කරනු ලැබ ඇත. ප්‍රියා ප්‍රකාශ් මෙයට එරෙහිව ඉහළ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ප්‍රියා ප්‍රකාශ්, චිත්‍රපටයේ අධ්‍යක්ෂ සහ නිෂ්පාදකවරයා මුල් නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි. ""යම් පුද්ගලයෙකු චිත්‍රපටයක ගීතයක් ගයනවා. ඔබට වෙන වැඩක් නැති නිසා ගීතයට එරෙහිව නඩු පවරනවා"" යැයි පවසමින් ඉන්දියානු අගවිනිසුරු දීපක් මිශ්රා අදාළ නඩුව නිශ්ප්‍රභ කළේය. ""පාසල් සිසුවියක් සහ සිසුවෙක් එකිනෙකාට සිනාසෙමින්, ඇස් බැමි නටවමින්, ඉඟි පාන අයුරු තත්පර තිහක දර්ශනවල අඩංගු වෙනවා,""පැමිණිලිකරුවෝ පවසති. එවැනි ඉඟි පෑම් ඉස්ලාම් ආගමට පටහැණි බව පවසන ඔවුහු, මෙවැනි ක්‍රියාවක් ""පූජනීය ගීතයකට"" යොදා ගැනීම ""ආගමට අවමන් කිරීමක්"" ලෙසද පැවසූහ. පෙබරවාරි මස එළිදැක්වූ මෙම ගීතය ඉතා ප්‍රසිද්ධියට පත් වූ අතර, ප්‍රියා ප්‍රකාශ් අන්තර්ජාලයේ වැඩිම වාර ගණනක් සෙවූ ඉන්දියානු පුද්ගලයන් අතරට එක් වුණි. ඇයගේ ඉඟි පෑමේ දර්ශනය ඇතුළත් විශාල 'මීම්ස් (memes)' සමාජ මාධ්‍ය ජාල තුළ දැකගන්නට ලැබිණි. එමෙන්ම, සමහරු ඇය හැඳින්වූයේ ඉන්දියාවේ ""ජාතික ලබැඳිය"" ලෙසය. යෞවන ප්‍රේමය තේමාව කරගත් 'ඔරු අදාර් ලව් (Oru Adaar Love)' නම් මලයාලම් භාෂා චිත්‍රපටයේ ප්‍රියා ප්‍රකාශ් රගන්නේ සිසුවියකගේ චරිතයකි. නඩුව හේතුවෙන් නියමිත දිනයේදී චිත්‍රපටය එළි දැ���්වීමට නොහැකි වූ නමුත්, තීන්දුව ලබා දීමත් සමග සැප්තැම්බර් මස දී චිත්‍රපටය එළිදැක්වීමට කටයුතු යොදා තිබේ. මේ තොරතුරුද කියවන්න:" -world-39320388,https://www.bbc.com/sinhala/world-39320388,ටිලර්සන් චීනයේ;උතුරු කොරියාවෙන් තවත් 'පිම්මක්',උතුරු කොරියානු හමුදාව ඉහළ තාක්ෂණයකින් යුත් නව රොකට් එන්ජිමක් අත්හදා බැලූ බව එරට රජයේ මාධ්‍ය වාර්තා කරයි.,"එම අත්හදාබැලීම රටේ රොකට් කර්මාන්තයේ ""නව උපතක්"" ලෙස උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් විසින් ප්‍රකාශයට පත් කරන ලද බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. ඉතා ඉහළ මට්ටමේ චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමේ ඉලක්කය ජය ගැනීමට නව රොකට් එන්ජිම උපකාරී වනු ඇති බවත් නායක කිම් ජොන්ග් අන් වැඩිදුරටත් කියා සිටියේය. වෙනත් කිසිදු පාර්ශවයක් විසින් අදාළ අත්හදාබැලීම තහවුරු කරනු ලැබ නැති අතර,නව රොකට් එන්ජිම පිළිබඳව ප්‍රකාශයට පත් වූයේ ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්, උතුරු කොරියාවේ ප්‍රධාන මිත්‍ර රට ලෙස සැලකෙන චීනයේ සංචාරයක නිරතව සිටියදීය. චීනය සහ ඇමරිකාව අලුතින් අත්හදාබැලූ රොකට් එන්ජිමේ බව පැවසෙන ඡායාරූප රජයේ මාධ්‍ය ඔස්සේ විකාශනය විය උතුරු කොරියාවේ න්‍යෂ්ටික ශක්තිය සම්බන්ධයෙන් මතුවෙමින් පවතින දැඩි අවධානය ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ නැගෙනහිර ආසියානු සංචාරයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී තිබේ. මේ අතර බීජිං නුවර දී අදහස් දක්වමින් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා කියා සිටියේ, ජනාධිපති ට්‍රම්ප් චීන ජනාධිපති ෂී ජින්පින්ග් හමු වීමේ බලාපොරොත්තුවෙන් සිටින බවය. එම හමුවෙන් දෙරට අතර පවතින අවබෝධය වර්ධනය කර ගැනීමට බලාපොරොත්තුවන බවත් ඔහු පැවසීය." -140717_lanka_mahinda_commission,https://www.bbc.com/sinhala/sri_lanka/2014/07/140717_lanka_mahinda_commission,උගත් පාඩම් සඳහා ජාත්‍යන්තර උපදේශක මණ්ඩලයක්,උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන පරීක්ෂණ කොමිසන් සභා වාර්තාවේ නිර්දේශ සහ විෂය පථය තවත් පුළුල් කරමින් උපදේශක මණ්ඩලයක් පත් කරනු ලැබීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇත.,"ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත් කරනු ලැබ තිබෙන එම ත්‍රිපුද්ගල උපදේශක මණ්ඩලය විදේශීය නියෝජිතයන්ගෙන් සමන්විත වෙයි. එක්සත් රාජධානියේ රාජනීතිඥ ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා නව උපදේශක මණ්ඩලයේ සභාපතිවරයා වන අතර, රාජ නීතිඥ ශ්‍රීමත් ජෙෆ්රි නයිස් සහ මහාචාර්ය ඩේවිඩ් ක්රේන් එහි සෙසු සාමාජිකයෝ වෙති. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් කියා සිටින්නේ ‘උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන පරීක්ෂණ කොමිසන් සභා වාර්තාවේ නිශ්චිත සහ සාමාන්‍ය වශයෙන් සඳහන් වී තිබෙන කරුණු ගණනාවක් පරීක්ෂා කිරීම ජනතා ශුභ සෙතට හේතු වනු ඇතැයි ජනාධිපතිවරයා අදහස් කරන හෙයින් පරීක්ෂණ කොමිසන් සභාවේ විෂය ක්‍ෂේත්‍රය තවත් පුළුල් කරන’ බවයි. උපදේශක කාර්යය මේ අනුව 2013 අගෝස්තු මස පහළොස් වෙනි දින නිකුත් කරන ලද 1823/42 දරන ගැසට් නිවේදනයේ පල කරන ලද පරීක්ෂා කොමිසන් සභාවේ විෂය ක්‍ෂේත්‍රය 2014 ජුලි පහළොස් වෙනි දින අති විශේෂ ගැසට් නිවේදනය මගින් තවදුරටත් පුළුල් කෙරෙයි. උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන පරීක්ෂණ කොමිසන් සභා වාර්තාවේ 4.359 වැනි ඡේදයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් කොමිසන් සභාව විසින් විමර්ශනය කළ යුතු නිශ්චිත කාරණා නව ගැසට් නිවේදනයේ දැක්වෙයි. පරීක්ෂණ කොමිසන් සභාවට ගැසට් නිවේදනයේ දැක්වෙන නෛතික සහ අදාළ පැතිකඩ ආවරණය වන ජාත්‍යන්තරව ලබා ගත් විශේෂඥ දැනුමක් සහ පළපුරුද්දකින් සමන්විත ජාත්‍යන්තරව පිළිගත් විශේෂඥයන්ගේ උපදෙස් වල ප්‍රතිලාභය ලබා ගැනීම යෝග්‍ය බව සිය මතය වන බවයි,ජනාධිපතිවරයා ඉහත කී ගැසට් නිවේදනය මගින් කියා සිටින්නේ." -131028_unp_budget_rajapaksa,https://www.bbc.com/sinhala/sri_lanka/2013/10/131028_unp_budget_rajapaksa,අය වැයෙන් අඩක්ම රාජපක්ෂ පවුලට - එජාප,ලබන වසරේ ආණ්ඩුවේ වියදමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ජනාධිපතිවරයා සහ ඔහුගේ සොහොයුරන් වෙනුවෙන් වෙන් කොට තිබෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.,"'රාජපක්ෂ පවුලට අයත් අමාත්‍යංශ වලට අය වැයෙන් 47% ක්ම වෙන් කරලා' ආණ්ඩුව විසින් පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අය වැය විසර්ජන පණත් කෙටුම්පතට අනූව, ජනාධිපතිවරයා ප්‍රමුඛ රාජපක්ෂ පවුලට අයත් අමාත්‍යංශ වලට අය වැයෙන් සියයට හතලිස් හතක්ම වෙන් කොට ඇති බවයි, එජාප මහ ලේකම් තිස්ස අත්තනායක කොළඹ පැවති මාධය හමුවක දී සඳහන් කළේ. මේ මගින් අගමැතිවරයා ඇතුළු අනෙක් සියලු අමාත්‍යවරුන්ට 'කුඩම්මාගේ සැලකිලි' දක්වා ඇතැයිද ඔහු කියා සිටියේය. 'කුඩම්මාගේ සැලකිලි' තනි පුද්ගලයෙකු ලෙස ජනාධිපතිවරයාගේ වියදම පමණක් පසුගිය වසරේ රුපියල් කෝටි හත්සිය හතලිස් දෙකක් වූ බව පවසන ඔහු, මේ වසරේ එම වියදම රුපියල් කෝටි අටසිය පනස් හයක් දක්වා ඉහල ගොස් ඇති බව පවසයි. එසේ නමුත් අගමැතිවරයාගේ වියදම මෙවර රුපියල් කෝටි දෙකකින් කප්පාදු කර ඇති බවයි, එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසන්නේ . ���ැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට රුපියල් කෝටි 10,600ක්ද, ගෝඨාභය රාජපක්ෂ ලේකම් ධූරය හොබවන ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය වෙනුවෙන් රුපියල් කෝටි 25,390ක් ද වෙන්කර ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. එහෙත් අමාත්‍යංශ දාහතරක් සඳහාම වෙන් කොට තිබෙන මුදල රුපියල් කෝටි හයසිය විසි හතරක් බවයි, එජාපය පවසන්නේ." -140115_saudi_workers,https://www.bbc.com/sinhala/sri_lanka/2014/01/140115_saudi_workers,'ගිවිසුම් ගැහුවට අපව බලාගන්න කවුරුත් නෑ',"මැදපෙරදිග ගෘහ සේවිකාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සෞදි රජය සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම ගැන විශ්වාසයක් තැබිය නොහැකි බවයි, වද හිංසාවන්ට ලක් වී ආපසු පැමිණි ගිනිගත්හේනේ මංජුලා පෙරේරා පවසන්නේ.","සෞදි අරාබියේ ගෘහ සේවිකාවන් විවිධ වද හිංසාවන්ට ලක්වූ අවස්ථාවන් ද විය ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් ගේ තත්වය සොයා බැලීමට ඔවුන් සේවය කරන නිවෙස්වලට කිසිදු නිලධාරියෙකු නොපැමිණෙන හෙයින් ඉහත කී ගිවිසුමෙන් පලක් නොවන බව මංජුලා පෙරේරා සඳහන් කළාය. ඇය මේ බව කියා සිටියේ, ගෙහිමියන් වෙතින් පා පහර කෑම සහ මුහුණට උණු වතුර වත්කිරීම වැනි තමා අත්දුටු දුක් ගැහැට සංදේශයට විස්තර කරමින්. අයිතීන් සුරක්ෂිත කරන ගිවිසුමක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉකුත් දා සෞදි අරාබි රජය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹියේ මේ ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය පවසන්නේ. මෙම ගිවිසුම මගින් ගෘහ ආශ්‍රිත රැකියා සඳහා දැනටමත් සෞදි අරාබියට ගොස් සිටින සහ ඉදිරියේ දී යන කාන්තා සහ පිරිමි දෙපක්ෂයට ම සුරක්ෂිත සේවා ස්ථානයක් තහවුරු කෙරෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය. කෙසේ වුව ද මේ අත්සන් කළ ගිවිසුම පිළිබඳව කිසිදු තොරතුරක් දැන ගැනීමට සලස්වා නැති හෙයින් එහි අන්තර්ගතය පිළිබඳව සැක පහළ කරන බවයි විදේශ රැකියා ඒජන්සි ආයතන සංගමයේ සභාපති ඩබ්ලිව්. එම්. පී. අපොන්සු පවසන්නේ. ගිවිසුම තුළ යහපත් දේ මෙන්ම අයහපත්දේ ද අඩංගු වී තිබිය හැකි බව ඔහු තවදුරටත් කියා සිටියේය. එහෙත් ගිනිගත්හේනේ මංජුලා පෙරේරා පැවසුවේ ඇය කරදයට පත් වූ අවස්ථාවේ රැකියා ඒජන්සි නියෝජිතයන් ගෙන් ඇයට කිසිදු පිළිසරණක් නොලැබුණු බවයි." -world-40629472,https://www.bbc.com/sinhala/world-40629472,වෙනිසුවෙලාව: ජනමත විචාරණයට 'ලක්ෂ 70 ක්',වෙනිසුවෙලාවේ විරුද්ධ පක්ෂය විසින් සංවිධානය කරන ලද නිල නොව��� ජනමත විචාරණයේ දී ලක්ෂ හැත්තෑවකට අධික ජනකායක් සිය ඡන්දය භාවිත කර තිබෙන බව එය නිරීක්ෂණය කරන විශ්වවිද්‍යාල ආචාර්යවරු පවසති.,"රටේ ඡන්දදායකයන්ගෙන් අති බහුතරය සමාජවාදී ආණ්ඩුව යෝජනා කරන ව්‍යවස්ථා සංශෝධනවලට එරෙහි බව ද ජනමත විචාරණයෙන් හෙළි වී තිබේ. 6,492,381 ක පිරිසක් රට තුළ දී සිය ඡන්දය භාවිත කළ අතර, තවත් 693,789 දෙනෙක් විදේශයන්හිදී ඡන්දය භාවිත කර තිබෙන බව වෙනිසුවෙලා මධ්‍යම විශ්වවිද්‍යාලයේ කුලපතිනි සිසිලියා අරෝචා (Cecilia García Arocha) සඳහන් කළාය. ඒ අතරින් 98% ක් ජනාධිපති මදුරෝ යෝජනා කරන නව පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරති. එමෙන්ම 2019 දී ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට ප්‍රථම යළි ජනපතිවරණයක් කැඳවිය යුතුය යන යෝජනාව ද ඡන්දදායකයන් අනුමත කර තිබේ. ආරක්ෂක හමුදාව රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු ද යන්න ජනමත විචාරණයට යොමු කර තිබුණ තුන් වෙනි ප්‍රශ්නයය. ජනතාව එම යෝජනාව ද අනුමත කර තිබෙන බව නිරීක්ෂකයෝ පවසති. කෙසේ නමුත් මෙය නීත්‍යානුකූල ජනමත විචාරණයක් නොවේ. ජනාධිපති මදුරෝ එය විග්‍රහ කරන්නේ ""තේරුමක් නැති"" මැතිවරණයක් ලෙසිනි. වෙනිසුවෙලාවේ මිලියන 19.5 ක් ලියාපදිංචි ඡන්දදායකයන් සිටින අතර ඒ අතරින් මිලියන 7.7 ක් 2015 පැවති මහ මැතිවරණයේදී විරුද්ධ පක්ෂයට ඡන්දය දුන්හ. ජනාධිපති නිකොලස් මදුරෝ ගේ ආධාරකරුවන් සහ අලුත් මැතිවරණයක් ඉල්ලා සිටින විපක්ෂයේ ආධාරකරුවන් අතර මාස ගණනක් මුළුල්ලේ ප්‍රචණ්ඩ ගැටුම් පවතින අතර, කරකස් අගනුවරදී සිය ඡන්දය භාවිතා කිරීමට පෝලිම් ගැසී සිටි 61 හැවිරිදි හෙදියක වෙඩි තබා මරා දමා තිබිණ. ජනාධිපති මදුරෝ යතුරු පැදියකින් පැමිණි පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තවත් තිදෙනෙක් තුවාල ලැබූහ. එය නිල නොවන සන්නද්ධ කණ්ඩායමක ක්‍රියාවක් බවට විපක්ෂය චෝදනා කරයි. මේ අතර පැහැරගනු ලැබූ මාධ්‍යවේදියෙකුට පහර දී, ඔහු සතුව තිබූ සියල්ල කොල්ලකා තිබේ. දිවි බේරාගෙන ඔවුන්ගෙන් පළායාමට මාධ්‍යවේදියා සමත්විය. රට පුරා පවතින ප්‍රචණ්ඩ ගැටුම් හේතුවෙන් පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ දක්වා සියයකට වැඩි පිරිසක් මරුමුවට පත් වී තිබේ." -world-41588728,https://www.bbc.com/sinhala/world-41588728,'කැටලෝනියා' කොහේද? මොනවද වෙන්නෙ?,ලෝක සිතියමට අලුත් රාජ්‍යයක් එකතු වේද? නැද්ද? යන්න මේ දිනවල ජාත්‍යන්තර දේශපාලන හැඩගැසීම් දෙස අවධානය යොමු කරන විට මතු වෙන ප්‍රශ්නයකි.,"එවැනි ප්‍රශ්නයක් මතු වන්නේ ස්පාඤ්ඤයෙන් වෙන්ව නිදහස් රාජ්‍ය��ක් බවට පත්වීමට කැටලෝනියා ස්වයංපාලිත බල ප්‍රදේශය ජනමත විමසුමක් මගින් තීන්දු කරනු ලැබීමත් සමගය. 'කැටලන්' නැත්නම් කැටලෝනියා පිහිටා තිබෙන්නේ ස්පාඤ්ඤ සිතියමේ නැගෙනහිර දෙසින් 'ඉබේරියානු' අර්ධද්වීපය තුළය. වර්ග කිලෝ මීටර් 32,108 ක විහිද යන 'කැටලන්' දේශය ස්පාඤ්ඤ භූමියෙන් හයෙන් එකකි. 'කැටලන්' ස්වයංපාලිත බල ප්‍රදේශය බාසිලෝනා, ශිරෝනා, ල්යේතා සහ ටැරගෝනා නම් පළාත් හතරකින් යුක්ත වෙයි. එහි ප්‍රාදේශීය අගනුවර බාසිලෝනා නගරයයි. කැටලෝනියාවේ එක් දේශ සීමාවක් වන්නේ ප්‍රංශයයි. අනිත් අතින් එය මධ්‍යධරණි සාගරයට මුහුණලා ඇත. අසූ ලක්ෂයකට ආසන්න ජනගහනයක් සහිත කැටලෝනියාව ස්පාඤ්ඤයේ සමස්ත ජනගහනයෙන් 16% ක් නියෝජනය කරයි. එම ජනතාවගේ ප්‍රධාන ව්‍යවහාර භාෂා වන්නේ 'කැටලන්' සහ 'ස්පාඤ්ඤ' භාෂාවන්ය. ආර්ථික ක්ෂේත්‍රයේ ස්පාඤ්ඤයේ දළ දේශීය නිෂ්පාදනයෙන් 19% ක් අයත් වන්නේ කැටලෝනියාවටයි. නවීන මුහුණුවරින් ජාතියක් හැටියට හැඩ ගැසීමේ කැටලෝනියානු වෘත්තාන්තය මධ්‍යතන අවධිය තෙක් දිවෙන්නකි. තමන්ගේම ප්‍රදේශයක්,භාෂාවක් සහ දියුණු සංස්කෘතියක් සහිත 'කැටලන්' ප්‍රජාව ආර්ථික වශයෙන් ද ස්වයං පැවැත්මක් සහිත ජන කොටසකි . 1992 වසරේ ඔලිම්පික් ක්‍රීඩා සැණකෙළිය පවත්වන ලද්දේ ඔවුන්ගේ ප්‍රාදේශීය අගනුවර වන 'බාසිලෝනා' නගරයේය. කැටලෝනියාව ස්පාඤ්ඤයේ සමස්ත ජනගහනයෙන් කැටලෝනියානු ප්‍රතිශතය 16% ස්පාඤ්ඤ අපනයනවලින් කැටලෝනියාව නිෂ්පාදනය කරන ප්‍රතිශතය 25.6% ස්පාඤ්ඤ දළ දේශීය නිෂ්පාදනයට කැටලෝනියාවේ දායකත්වය 19% ස්පාඤ්ඤ විදේශ ආයෝජන සඳහා කැටලෝනියාව වැය කරන ප්‍රතිශතය 20.7% සියවස් කීපයක් 'මැඩ්රිඩ්' පාලනයේ ඍජු අණසකට යටත් වූ කැටලෝනියාව තුළත් ස්පාඤ්ඤ භාෂාව සහ එරට නීතිරීති බල ගැන්වීම පිළිවෙළින් බලයට පත් ස්පාඤ්ඤ රජවරුන්ගේ ප්‍රයත්නය විය. එහෙත් 1931 දී ඔවුන්ගේ එම උත්සාහය අත් හරින ලද අතර, ඒ සමඟ කැටලෝනියානු ජාතික ආණ්ඩුව (Generalitat) යළි ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබුණි. එම පරිපාලනය යටතේ කැටලෝනියාවේ ස්වයංපාලන බලතල උරුම කර ගනු ලැබීම තීන්දු වන්නේ 1975න් අනතුරු කාල පරිච්ඡේදය තුළයි. 'ෆ්රැන්කෝ' ගේ ආඥාදායක පාලනයෙන් අනතුරුව 1978 දී ස්පාඤ්ඤයේ නව ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් ඡන්දය දුන් 'කැටලන්' දේශය 1979 දී ස්වයංපාලිත බල ප්‍රදේශයක් හැටියට පිළිගනු ලැබුණි. ස්පාඤ්ඤ යළිත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇතුල් වීමෙන් අනතුරුව 2006 වසරේ පවත්��න ලද ජනමත විමසුමක් මගින් 'කැටලෝනියා' ස්වයංපාලිත බල ප්‍රදේශය නෛතික මට්ටමින් තහවුරු කරනු ලැබුණි. එහෙත් ගතානුගතික මතධාරී ස්පාඤ්ඤ 'පොපියුලර්' පක්ෂයේ (Popular Party) බලවත් කණ්ඩායමක්, 2010 වසරේ දී ස්පාඤ්ඤ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ඉදිරියේ පැමිණිල්ලක් ගොනු කරමින්, 2006 ජනමත විමසුම මගින් අනුමැතිය ලද 'කැටලන්' ස්වයංපාලන බලතල අභියෝගයට ලක් කළහ. 2006 ජනමත විමසුම මගින් අනුමැතිය ලද කැටලෝනියානු ස්වයං අධිකරණ ක්‍රමය ,මූල්‍ය බලතල ,අලුත් දේශසීමා සළකුණු කිරීම, 'කැටලන්' භාෂාවට හිමි තැන සහ ජාතියක් හැටියට කැටලෝනියාව ප්‍රකාශයට පත් කරනු ලැබීම වැනි කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ව්‍යවස්ථා අධිකරණයේ තීන්දුව විය. 2006 ජනමත විමසුමේ තීන්දුව අහෝසි කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ තීන්දුව වුණේ 'ස්පාඤ්ඤය තුළ කැටලෝනියාව ජාතියක් හැටියට පිළිගැනීම සඳහා නෛතික පදනමක් නොමැත' යන්නයි. එම තීන්දුව කැටලෝනියානු ප්‍රජාව යළිත් 'නිදහස්' පාලනයක් කරා තල්ලු කිරීමට හේතු වූ බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මේ අතර ස්පාඤ්ඤය ආර්ථික අර්බුදයකට මුහුණ දීමෙන් ආර්ථිකය අතින් ශක්තිමත් බාසිලෝනා පළාතේ සම්පත් මගින් රටේ සෙසු දුප්පත් පළාත් නඩත්තු කළ යුතු තත්වයක් උද්ගත වූ අතර එම බර දැරීමට අකැමැති වීමත් සමඟ කැටලෝනියාවේ නිදහස සඳහා වන ඉල්ලීම යළිත් ඉස්මතු වන්නට විය. එවැනි පසුබිමක් යටතේ 2014 වසරේ පැවැත්වූ ජනමත විචාරණයේ දී තිස් දෙලක්ෂයක් පමණ ඡන්දදායකයන්ගෙන් 92%ක් 'කැටලෝනියාව රාජ්‍යයක්' බවට පරිවර්තනය වීම වෙනුවෙන් සිය කැමැත්ත පළ කළහ. ඔවුන්ගෙන් 80%ක් කියා සිටියේ, කැටලෝනියාව 'නිදහස් රාජ්‍යයක්' විය යුතු බවය. එවැනි පසුබිමක් යටතේ ස්පාඤ්ඤයෙන් වෙන්ව නිදහස් රාජ්‍යයක් බවට පත්වීම සම්බන්ධයෙන් තවත් ජනමත විචාරණයක් පැවැත්වීමට කැටලෝනියා ප්‍රාදේශීය පාර්ලිමේන්තුව 2015 නොවැම්බර් මාසයේ යෝජනාවක් සම්මත කර ගත් අතර, පසුගියදා (ඔක්තෝබර් 01) පැවැත්වුණේ එම ජනමත විමසුමයි. එහෙත් ස්පාඤ්ඤ ආණ්ඩුව එය නීතියට පටහැණි ක්‍රියාමාර්ගයක් ලෙස පසුගිය සැප්තැම්බර් 06 වෙනිදා ප්‍රකාශයට පත් කර තිබුණ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තීන්දුවක් දෙමින් එම ජනමත විමසුම අත්හිටුවන ලෙස නියෝග කළේය. ස්පාඤ්ඤ ආණ්ඩුවේ නියෝග හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ තීන්දුව සැලකිල්ලට නොගෙන කැටලෝනියා ප්‍රාදේශීය ආණ්ඩුව එම ජනමත විමසුම ක්‍රියාවට නැංවී���ේ දී ස්පාඤ්ඤ පොලිසිය විසින් ඡන්ද මධ්‍යස්ථාන වසා දැමීම් සහ ඡන්ද පෙට්ටි පැහැර ගැනීම් සමඟ පැතිර ගිය ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් වාර්තා විය. කෙසේ වුවද, ඔක්තෝබර් 01 දින පැවැත්වූ ජනමත විචාරණයේ තීන්දුව වුණේ කැටලෝනියාව ස්පාඤ්ඤ පාලනයෙන් වෙන්ව නිදහස් රාජ්‍යයක් බවට පත්විය යුතුය යන්නයි. ඡන්දදායකයන්ගෙන් 90% ක් නිදහස් රාජ්‍යයක් වෙනුවෙන් ඡන්දය දුන් බව 'කැටලෝනියා' බලධාරීහු පවසති. ඒ සමඟ 'මැඩ්රිඩ්' පාලනයෙන් එල්ල වෙමින් පවතින දැඩි විරෝධය මැද අඟහරුවාදා (ඔක්තෝබර් 10) 'බාසිලෝනා' ප්‍රාදේශීය පාර්ලිමේන්තුව අමතා කතා කළ කැටලෝනියා ජනාධිපතිවරයා ( Carles Puigdemont ) ජනමත විමසුමේ තීන්දුව ක්‍රියාවට නැංවීම අත්හිටුවමින් ස්පාඤ්ඤ ආණ්ඩුවත් සමඟ සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් ලබා ගැනීම තම උවමනාව බව කියා සිටියේය. එහෙත් වඩාත් දැඩි ඉදිරි පිළිවෙතක් සම්බන්ධයෙන් ඉඟි කරන ස්පාඤ්ඤ අගමැති මරියානෝ රයෝයි (Mariano Rajoy) කැටලෝනියා බලධාරීන්ට අභියෝගයක් කරමින්, ඔවුන් ස්පාඤ්ඤයේ කොටසක් හැටියට දිගටම රැඳී නොසිටින්නේ නම් එම පළාත කෙළින්ම 'මැඩ්රිඩ්' පාලනය යටතට පවරා ගන්නා බව කියා සිටියි. මෙම හැඩගැසීම් තුළ කැටලෝනියාවේ දේශපාලන ඉදිරිය මේ මොහොතේ අවිනිශ්චිත මුහුණුවරක් ගනිමින් ඇත. සබැඳි පුවත්;" -sri-lanka-37601905,https://www.bbc.com/sinhala/sri-lanka-37601905,'යුද මාධ්‍ය සංස්කෘතිය අවසන් විය යුතුයි',විද්‍යුත් මාධ්‍ය නියාමනය සම්බන්ධ ස්වාධීන කොමිසමක් ස්ථාපිත කිරීම පිළිබඳ ජනතා අදහස් ලබා ගැනීම මේ සතියේ ආරම්භ කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.,ආචාර්ය රංග කලංසූරිය ඒ සඳහා වන සිය දෙපාර්තමේන්තුවේ යෝජනාවලිය ජනතාව වෙත ඉදිරිපත් කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය රංග කලංසූරිය බීබීසී සිංහල සේවයට කියා සිටියේ. ඔහු සඳහන් කළේ තරුණයකු සිය දිවි නසා ගන්නා දර්ශන සහිත පුවතක් විකාශය කිරීම තුළින් ඇතැම් පෞද්ගලික රූපවාහිනී ආයතන මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය කර ඇති බව පවසමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනය පිළිබඳ කළ විමසීමකදී. මාධ්‍ය ආයතන සිය සීමාවෙන් ඔබ්බට ගොස් ආචාරධර්ම උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන වාර්තා කිරීම් නියාමනය කරනු වස් විද්‍යුත් මාධ්‍ය නියාමන ස්වාධීන කොමිසමක් අවශ්‍ය බවයි ආචාර්ය රංග කලංසූරිය පෙන්වා දෙන්නේ. ජනමාධ්‍ය සතු ආචාරධර්ම සම්බන්ධයෙන් කටයුතු කිරීම මාධ්‍ය අමාත්‍යංශයේ කා��්යභාරය නොවුනත් විද්‍යුත් මාධ්‍ය නියාමනය සම්බන්ධ ස්වාධීන කොමිසමක් නොමැති තත්වයක් යටතේ එවැනි ආචාරධර්ම කඩ කිරීම් පිළිබඳ පෙන්වා දීමේ වගකීමක් තමන්ට තිබෙන බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසන්නේ. ශ්‍රී ලංකාවේ බොහෝ මාධ්‍ය ආයතන මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය කරමින් යුද සමයේ පුවත් වාර්තා කළ අන්දමටම තවමත් වාර්තාකරණයේ යෙදෙන බවත් ඔහු පෙන්වා දෙයි. 'ඒ සංස්කෘතිය කොතනින් හෝ අවසන් විය යුතුයි. ඒ සංස්කෘතිය දිගටම පැවතීම වැරදියි. මේ වැරදි නිවැරදි කිරීමයි අපේ වගකීම වෙන්නේ.' රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේය. පෞද්ගලික මාධ්‍ය ආයතන පමණක් නොව මීට ඉහත අවස්ථාවල රාජ්‍ය මාධ්‍යත් මෙලෙස ආචාර ධර්ම උල්ලංඝනය කර ඇති බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය රංග කලංසූරිය පිළිගත්තේය. -world-40329884,https://www.bbc.com/sinhala/world-40329884,ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්: ශ්‍රී ලංකාව බංග්ලාදේශයට පිටුපසින්,අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ නවතම එක් දින ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටීමට බංග්ලාදේශය සමත් වී සිටී.,බ්‍රිතාන්‍යයේ පැවැත්වුණ චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ජයග්‍රහණය අත්කරගත් පාකිස්තානය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය පරයමින් ඉදිරියට පැමිණ හය වෙනි ස්ථානයට පත් වී සිටින අතර ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ අට වෙනි ස්ථානයය. ඒ සමගම 2019 පැවැත්වීමට නියමිත ක්‍රිකට් ජගත් කුසලානය සඳහා පාකිස්තානය නිතරගයෙන් සුදුසුකම් ලැබීමේ හැකියාව ඉහළ ගොස් තිබේ. ICC ශ්‍රේණිගත කිරීම් අනුව බංග්ලාදේශය හත් වෙනි ස්ථානය හිමිකරගෙන සිටී. මේ අතර චැම්පියන්ස් කුසලාන තරගාවලියේ කණ්ඩායම ද ICC ය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ. 'කඩා වැටිලා නෑ' අවසාන මහා තරගයට සහභාගි වූ ඉන්දියාව සහ නියෝජයන කරමින් ක්‍රීඩකයන් හත් දෙනෙකු එම කණ්ඩායමට නම්කර තිබෙන අතර බංග්ලාදේශ කණ්ඩායමේ තමීම් ඉක්බාල් ද එයට ඇතුළත් වේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකු මේ වසරේ ICC චැම්පියන්ස් කුසලාන කණ්ඩායමට ඇතුළත් නැත. ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව ද කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු දක්ෂතම පිතිකරුවන් සහ පන්දු යවන්නන් විසි දෙනා අතරට ඇතුළත් නොවේ. බංග්ලාදේශයේ පළමු පෙළ ක්‍රිකට් ශූරතාවලි ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර්වාර කමිටුවේ හිටපු සභාපතිවරයකුවන සිදත් වෙත්තමුණි ප���ුගියදා බීබීසී සිංහල සේවයට පැවසීය. කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරුවකු වූ චන්දික හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරුවාය. මේ අතර චැම්පියන්ස් කුසලාන ශූරතාවලියේ පරාජයෙන් අනතුරුව ක්‍රිකට් තේරීම් කමිටුවේ පුලුල් වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තුවන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය. කෙසේ වුවත් තරග කිහිපයක් පරාජය වූ පමණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය කඩා වැටී නැති බව ඇමතිවරයාගේ ස්ථාවරයය. -sri-lanka-49877517,https://www.bbc.com/sinhala/sri-lanka-49877517,ජනාධිපතිවරණය: ගෝඨාභය ගැන ශ්‍රීලනිප තීන්දුවකට ඒම කල් යයි,ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂයා වන ගෝඨාභය රාජපක්ෂට සහය දෙන්නේද යන්න සම්බන්ධයෙන් තීරණයකට ඒම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රාත්‍රී (සැප්තැම්බර් 30) රැස් වුවද එහිදී අවසන් නිගමනයකට පැමිණ නොමැත.,"SLFP කෙසේවෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ලබන 5 වෙනිදා යළි කැඳවෙන බවට වාර්තා විණි. ජනාධිපතිවරණයේ එක්ව තරග කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයෝ අවස්ථා කිහිපයකදී මුණගැසී සාකච්ඡා පැවැත්වුහ. කෙසේ නමුත් සාකච්ඡා පැවැත්වෙන අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකගතාවයකින් තොරව ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නම් කිරීම සිදුවිය. ඒ ගැන යම් විරෝධතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මතුකලද පසුව සාකච්ඡා යළි ඇරඹිණි. එහිදී දෙපාර්ශවය අතර ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ගැන එකඟතාවක් ඇතිවූ නමුත් ඔහු තරග කරන පක්ෂය ගැන එකගතාවකට ඒමට නොහැකි විය. මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂයා වන ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර ද පසුගිය සෙනසුරාදා පැවැත්විණි. ""මම කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ජන්දේ දෙන්න අපිට පුළුවන් ජාතික වැඩපිළිවෙලක් හදාගෙන ඇතිකරගන්නා ජාතික එකඟතාවක් තුළ නමුත් පොහොට්ටුව ලකුණට ජන්දේ දෙන්න අපිට පුළුවන් කමක් නැහැ කියලා අපි කිව්වා"" ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ සාකච්ඡාවේ කරුණු එසේ පවසුවේ ඊයේ (සැප්තැම්බර් 29) පස්වරුවේ පැවති කුරුණෑගල දිස්ති‍්‍රක් ශ‍්‍රී ලංකා නිදහස් පක්��� සම්මේලනය අමතමිනි. ඊළඟ ජනාධිපතිවරයා පත් වන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය අනුව බව කිසිවෙකු අමතක නොකළ යුතු බව ද අවධාරණය කළ ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරයා ලෙස පත්වීමට කුමන අපේක්ෂකයෙකුට වුව ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය අවශ්‍ය බව කියා සිටියේය. ගෝඨාභය රාජපක්ෂ තරග කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව සලකුණ වෙනස්කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී අකමැත්ත පළකර තිබෙන අතර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එලෙස වෙනත් සලකුණකින් එක්ව තරග කළ හැකි බව පවසා තිබේ. දයාසිරි ජයසේකර සහ මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාදී තිබෙන මෙම තීරණය පිළිබඳව අද ජනාධිපතිවරයා යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සමග සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තාවේ. මේ අතර බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාගැනීමට නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම්‍යශීලි විය යුතු බවකි. ""අපි කිසිම කොන්දේසියක් දාලා, අපි කිව්වේ අපේ පාක්ෂිකයන්ට ගිහිල්ල ඡන්දෙ දෙන්න පුළුවන් පොදු ලකුණක් හදා ගමු කියාලා. හැබැයි ඒකට එකඟවුනේ නැහැ. එත් අපි කලබල වෙන්න නැහැ. මොකද අද රට ඉල්ලන්නේ එක්සත් ජාතික පක්ෂ විරෝධී ආණ්ඩුවක්"" දයාසිරි ජයසේකර කියා සිටියේය. එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සජිත් ප්‍රේමාදාස ද තම පක්ෂය සමග සාකච්ඡා කිරීමට ඉල්ලා තිබෙන බව පැවසූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඒ ගැන කිසිදු තීරණයක් ගෙන නොමැති බව සඳහන් කළේය. මේ අතර ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැලිය ඇමතු දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීමට අවශ්‍යනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය අත්‍යවශ්‍යම බව සඳහන් කළේ තමන් ඒ පිළිබඳව කළ ඡන්ද පුරෝකතනයක් සභාවට ඉදිරිපත් කරමිනි. ""ඡන්ද වලින් 80%ක් වැටුනොත් ඡන්ද වැටෙන්නේ එක් කෝටි විසි නම ලක්ෂයක්. එකෙන් දිනන්න ලක්ෂ 65ක් ගන්න ඕනේ. කොච්චර වාසි විදිහට ගණන් හැදුවත් පොදුජන පෙරමුණට ගන්න පුළුවන් ලක්ෂ 56යි 2018 පළාත් පලාන ප්‍රතිපල අනුව. ඉතිරි ඡන්ද 8 ලක්ෂ ගාන දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය"" ""අපි නැතුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඔහොම නෙවෙයි පාර දිගේ ඡන්ද ඉල්ලුවත් ඡන්ද ගන්න බැහැ. ඒ දිනන ඡන්ද ටික තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ළඟ."" දයාසිරි ජයසේකර කියා සිටියේය. මේ අතර අද (සැප්තැම්බර් 30) කොළඹදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසුවේ වැදගත් වන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයා මිස ඔහුගේ සලකුණ නොවන බවය. පක්ෂය සහ සලකුණකට ජනාධිපතිවරයෙක් පාලනය කළ නොහැකි බව හංසයා ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උදාහරණයකට ගත හැකි බව ඔහු පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 99%ක් ගෝඨාභය රාජපක්ෂට සහය දෙන බව මෙම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂට සහය නොදිය යුතු යන මතයේ එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සිටින අතර කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා එහි ප්‍රධාන ස්ථානයක් ගනී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බව ඔහු පවසන අතර ඒ සඳහා තමන්ද සුදානම් බව ඔහු පවසා තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂට සහය දීමට තීරණය කළහොත් තමන්ට වෙනත් තීරණයක් ගැනීමට සිදුවන බව මන්ත්‍රීවරයා බීබීසි සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් පැවසීය. මෙ අතර පක්ෂය කුමන තීන්දුව ගත්තද තම සහය ගෝඨාභය රාජපක්ෂට ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා පවසා තිබෙන බව අද ලංකාදීප පුවත්පත වාර්තා කළේය." -world-42385540,https://www.bbc.com/sinhala/world-42385540,චීන මනාල මනාලියන් 100 ක් ශ්‍රී ලංකාවේදී යුග දිවියට,චීන මනාල මනාලියන් 100 ක් ශ්‍රී ලාංකික සම්ප්‍රදායට එකම දිනයක ශ්‍රී ලංකාවේදී යුග දිවියට පිවිසීමේ උත්සවයක් කොළඹ දී පැවැත්විණි.,"ඉරිදා (දෙසැම්බර් 17) සවස කොළඹ නගර සභා පිටියේ පැවති මෙම උත්සවය ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වනු ලැබ තිබුණේ ""රාජකීය විවාහ මංගල උත්සවයක්"" ලෙසිනි. ශ්‍රි ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ ඓතිහාසික චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම උත්සවය සංවිධානය කිරීමේ අරමුණ බව උත්සවය අතරවාරයේ බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කළේය. මනාල මනාලියන්ගෙන් කොටසක් ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික උඩරට ක්‍රමයට සැරසී සිටි අතර තවත් පිරිසක් චීන සාම්ප්‍රදායික ඇඳුමෙන් ද තවත් පිරිසක් යුරෝපීය ඇඳුම්වලින් ද සැරසී සිටිය��. ""අපි බැන්දා. ගොඩක් සතුටුයි. බොහොම ස්තුතියි ශ්‍රී ලංකා"" ඔවුන් සියළු දෙනාම ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ක්‍රමයට අතිනත ගනු ලැබුවේ සිංහල මංගල චාරිත්‍ර කිහිපයක් ද අනුගමනය කරමිනි. ""ගොඩක් සතුටුයි, මෙහෙම ගොඩක් අය එක්ක එකතුවෙලා අපේ මංගල උත්සවය ගන්න ලැබීම ගැන. මේ දවස කවදාවත් අමතක වෙන්නේ නැහැ,"" එක් චීන මනාලයෙක් සිය විශේෂ දිනය පිළිබඳව බීබීසියට අදහස් දක්වමින් කියා සිටියේය. ශ්‍රී ලංකාව තමන්ට සුවිශේෂී රටක් බව සංවාදයට එක් වූ ඔහුගේ බිරිඳ පැවසීය. ""අපිට ශ්‍රී ලංකාව කොහොමත් විශේෂයි. මොකද මම මෙහෙ අවුරුදු තුනකට පස්සේ නිවාඩුවකට ආපු වෙලාවේ තමයි මෙයාව හම්බවුනේ. මෙයා එතකොට ලංකාවේ වැඩකරගෙන හිටියේ,"" ඇය තම සැමියා ගැන විස්තර කළාය. ""අපි දෙන්නා මීට අවුරුදු හතකට කලින් විශ්ව විද්‍යාලේ හම්බවෙලා අපේ සම්බන්ධය පටන් ගත්තේ. මේක අපිට ගොඩක් වෙනස් අත්දැකීමක්,"" තවත් මනාලියක් සිය සුවිශේෂී දිනය ගැන අදහස් දැක්වුයේ එලෙසිනි. ""අපි ගොඩක් වාසනාවන්තයි මේ වගේ විශේෂ අවස්ථාවක විවාහ වෙන්න ලැබීම ගැන."" නැටුම්, ගැයුම්, වැයුම් ඇතුළු දෙරට නියෝජනය වන සංස්කෘතිකාංග රැසක් ද උත්සවයට ඇතුළත් කර තිබුණි. මෙම මනාල මනාලියන් පිරිස විවාහ උත්සවයෙන් අනතුරුව ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සංචාරක වශයෙන් වැදගත් ස්ථාන රැසක සංචාරය කිරීමට නියමිතය." -sri-lanka-39874563,https://www.bbc.com/sinhala/sri-lanka-39874563,විෂ සහිත සෙල්ලම් බඩු 'පිළිකා ජනකයක් විය හැකියි',"කිසිදු ප්‍රමිතියකින් හෝ පාලනයකින් තොරව විෂ සහිත ප්ලාස්ටික් සෙල්ලම් බඩු ශ්‍රී ලංකාවට ගලා එමින් තිබෙන බව පර්යේෂකයන්, පාරිභෝගිකයන් මෙන්ම අපනයනකරුවන්ද පවසති.","""රූබික් කැටවල පිටත ආලේපනය කරලා තියෙන මෙම රසායන නිසා දරුවන්ගේ බුද්ධි වර්ධනය අඩුවෙන්නට පුළුවනි, විශේෂයෙන්ම මන්ද බුද්ධික දරුවන් බිහිවෙන්නට හැකියාව තියෙනවා"" ශ්‍රී ලංකාවේ අපනයන සඳහා විදේශීය රටවල් විවිධාකාර සහතික ඉල්ලා සිටින නමුත් ශ්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩ වෙනුවෙන් එවැනි කිසිදු සහතිකයක් අවශ්‍ය නොවන බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (Joint Apparel Association Forum ) හිටපු මහ ලේකම් රොහාන් මාසකෝරාළ සඳහන් කළේය. ""ඒ නිසා කිසිම බාධාවක් නැතිව ඕනම කුණු ගොඩක් ලංකාවට ගේන්න පුළුවන්,"" ඔහු පැවසීය. එය අනුමත කරන පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ, එවැනි පාලනයක් නොතිබීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන ශරීර සෞඛ්‍යයට ��හිතකර දේ ඇතුළු භාණ්ඩ පිළිබඳව නිසි සංඛ්‍යාලේඛන සොයා ගැනීම ඉතා දුෂ්කර බව සඳහන් කළේය. ඔවුන් ඒ අදහස් පළ කළේ ස්ටොක්හෝම් සම්මුතිය යටතේ ලෝකයේ තහනම් කරන ලද ඉතා අහිතකර විෂ රසායන දෙකක් ශ්‍රී ලංකාවට ආනයනය කරන ඇතැම් ප්ලාස්ටික් සෙල්ලම් බඩුවල අඩංගුවන බවට රටවල් කිහිපයක් එකතු වී කරන ලද ජාත්‍යන්තර පර්යේෂණයකින් අනාවරණය වීම පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදීය. ""කිසිම බාධාවක් නැතිව ඕනම කුණු ගොඩක් ලංකාවට ගේන්න පුළුවන්"" ජාත්‍යන්තර සිවිල් සමාජ සංවිධානයක්වන IPEN සහ චෙක් ජනරජයේ පරිසර සංවිධානයක්වන Arnika සමග එක්ව එම පර්යේෂණය පවත්වනු ලැබුවේ පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ) විසිනි. ශ්‍රී ලංකාවට ගෙන්වනු ලබන රූබික් කැට කිහිපයක් පර්යේෂකයන් විසින් චෙක් ජනරජයේදී විශ්ලේෂණය කරන ලද අතර, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ ශරීරයට ඉතා අහිතකර OctaBDE සහ DecaBDE යන විෂ රසායන දෙකම එම රූබික් කැටවල අඩංගු බව එහිදී හෙළි වී තිබේ. 'පිළිකා ජනකයක්' ""මෙම රසායනික ද්‍රව්‍ය දෙකම කිසිම ආකාරයකින් සෙල්ලම් බඩුවල තියෙන්න පුළුවන් රසායන ද්‍රව්‍ය නෙවෙයි,"" යනුවෙන් පරිසර යුක්ති කේන්ද්‍රයේ හේමන්ත් විතානගේ සඳහන් කළේ බීබීසී සංදේශයේ අවසාන ගුවන් විදුලි වැඩසටහන සමග අදහස් දක්වමිනි. ""එම රූබික් කැටවල පිටත ආලේපනය කරලා තියෙන මෙම රසායන නිසා දරුවන්ගේ බුද්ධි වර්ධනය අඩුවෙන්නට පුළුවනි, විශේෂයෙන්ම මන්ද බුද්ධික දරුවන් බිහිවෙන්නට හැකියාව තියෙනවා. ඒ වගේම ඒක ස්නායු පද්ධතියට බලපාන්න පුළුවනි."" OctaBDE සහ DecaBDE යන විෂ රසායන දෙක පරිසරයටද ඉතා අහිතකර අතර එය පිළිකා ජනකයක් ලෙසින් ක්‍රියාත්මක විය හැකි බවත් පරිසරවේදී හේමන්ත විතානගේ බීබීසී සිංහල සේවයට පැවසීය. ""ඒ නිසා වැඩෙන දරුවන්ට මෙවැනි භාණ්ඩ අල්ලන්න දෙන එක ඉතාම භයානක තත්වයක් කියල අපි විද්‍යාවෙදි හඳුනාගෙන තිබෙනවා."" සිය පර්යේෂණය පවත්වනු ලැබුවේ රූබික් කැට සම්බන්ධයෙන් පමණක් බව පවසන හේමන්ත විතානගේ, කිසිදු ප්‍රමිතියකින් ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන බොහෝ ප්ලාස්ටික් සෙල්ලම් බඩුවල මේ ආකාරයේ විවිධ විෂ රසායන අඩංගුවන බවත් පෙන්වා දෙයි. එබැවින් මෙවැනි භාණ්ඩ පිළිබඳව ප්‍රමිතියක් සකස් කොට නිරන්තර පරීක්ෂාවට ලක්කිරීම පාරිභෝගික සේවා අධිකාරියේ වගකීම බවත් පරිසරවේදියා අවධාරණය කරයි. පාරිභෝගික වගකීම ශ්‍රී ලංකාවේ එවැනි ප්‍රමිතියක් සකස් කිරීමට කිසිදු බලධාරියෙකුට අවශ්‍යතාවයක් නොමැති බවට ���කාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ රොහාන් මාසකෝරාළ චෝදනා කරයි. බලධාරීන් පමණක් නොව පාරිභෝගිකයාද එහි වගකීම භාරගත යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ ගේ අදහසය. ප්‍රමිතියෙන් තොර හෝ විෂ සහිත භාණ්ඩ පිළිබඳව විමසන විට එවැනි දේ පිළිබඳව නිසි සංඛ්‍යාලේඛන නැතැයි හෝ එවැන්නක් සනාථ වී නැතැයි යන්න බලධාරීන්ගේ නිරන්තර ප්‍රතිචාරය බව පවසන රංජිත් විතානගේ, එවැනි කරුණු සම්බන්ධයෙන් බලධාරීන් වෙත බලපෑමක් කිරීමට පාරිභෝගිකයන්ගේ කිසිදු උනන්දුවක් නැති බවද සඳහන් කළේය. ""මේ වගේ විෂ රසායනවලින් අපේ සෞඛ්‍යය ආරක්ෂා කරගන්නේ කොහොමද කියල අපි කවදාවත් උද්ඝෝෂණ කරන්නේ නෑ,"" ඔහු පැවසීය. ශ්‍රී ලංකාවට ආනයනය කරන සෙල්ලම් බඩු ඇතුළු භාණ්ඩ සම්බන්ධයෙන් ප්‍රමිතිකරණයක් නොමැතිවීම පිළිබඳව කරුණු විමසීම පිණිස පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හසිත තිලකරත්න ඇමතීමට දින කිහිපයක් මුළුල්ලේ බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය." -151201_sp_kidney_disease_glyphosate,https://www.bbc.com/sinhala/sri_lanka/2015/12/151201_sp_kidney_disease_glyphosate,වකුගඩු රෝගයට 'ප්‍රධාන හේතුව ග්ලයිෆොසෙට්',ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයක දරුණු වකුගඩු රෝගයක් පැතිර යාමට ප්‍රධානම හේතුව පානීය ජලයේ අඩංගු ග්ලයිෆොසෙට් විෂ රසායනය බව රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ජයසුමන අවධාරණය කරයි.,"වකුගඩු රෝගයෙන් ජනතාව බේරා ගැනීම පිණිස රජරට ගොවි ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදිය යුතු බවයි ආචාර්ය ජයසුමන පවසන්නේ වසර ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය පැතිරයාම වැළැක්වීමේ උත්සාහයක නිරතව සිටින ආචාර්ය චන්න ජයසුමන ඒ බව කියා සිටියේ වකුගඩු රෝගයට ප්‍රධානම හේතුව ආහාරවල අඩංගු කැඩ්මියම් බවට ශ්‍රී ලාංකික පර්යේෂකයකු මීට ඉහතදී පළ කළ මතයට ප්‍රතිචාරය පළ කරමින්. ආහාරවල අඩංගු කැඩ්මියම් පාලනය කිරීමට පියවර නොගන්නේ නම් ඉතා ඉක්මනින්ම රෝගය රටපුරාම පැතිර යා හැකි බවට පසුගියදා ලන්ඩනයේදී සිය පර්යේෂණයක ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ ලන්ඩනයේ ඉම්පීරියල් විශ්ව විද්‍යාලයේ පර්යේෂක ආචාර්ය කමල් ගම්මම්පිල අනතුරු ඇඟවීය. වෛද්‍ය සායනයකට සහභාගි වන අනුරාධපුර සහ වවුනියාවේ සිට පැමිණි වකුගඩු රෝගීන් එහෙත් ආහාරවල අඩංගු කැඩ්මියම් ප්‍රමාණය වකුගඩු රෝගය සඳහා යම් තාක් දුරට බලපාන නමුත් රජරට ප්‍රදේශය ඇතුළු වියලි කලාපයේ වකුගඩු රෝගය පැතිර යෑමට ප්‍රධාන හේතුව ක��ඩ්මියම් නොවන බව මෑතදී පවත්වන ලද පර්යේෂණ හතරකින්ම අනාවරණය වී ඇති බවයි ආචාර්ය චන්න ජයසුමන අවධාරණය කරන්නේ. ""ඇඟට ඇතුල්වෙන කැඩ්මියම් ප්‍රමාණය මේ ආකාරයේ වකුගඩු රෝගයක් ඇතිවෙන්න ප්‍රමාණවත් නෑ වගේම තමයි සාමාන්‍ය කැඩ්මියම් විෂවීමකදී දකින්න ලැබෙන අනෙකුත් රෝග ලක්ෂණ කිසිවක් මේ රෝගීන්ගේ දක්නට ලැබෙන්නේ නැහැ,"" වෛද්‍ය ජයසුමන සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී. ""කැඩ්මියම් ප්‍රධානම හේතුව නොවුනත්, කැඩ්මියම්වල පැහැදිලි ලෙසම බලපෑමක් තියෙනව මේ වකුගඩු රෝගයට."" 'ග්ලයිෆොසෙට් වල් නාශක කිවුල වතුර තියන ප්‍රදේශවල පොලවේ කිවුලත් එක්ක එකතු වෙලා තැන්පත්වීමෙන් අවසාන වශයෙන් ශරීරගතවීම තමයි මේකට ප්‍රධාන හේතුව' වියලි කලාපයේ පැතිර යන වකුගඩු රෝගයට ප්‍රධානම හේතුව ග්ලයිෆොසෙට් වල් නාශකය බව ඔහු අවධාරණය කරයි. (ආචාර්ය ජයසුමන සමඟ සාකච්ඡාවට සවන් දෙන්න: https://audioboom.com/boos/3893071-2015-01) ""ග්ලයිෆොසෙට් වල් නාශක කිවුල වතුර තියන ප්‍රදේශවල පොලවේ කිවුලත් එක්ක එකතු වෙලා තැන්පත්වීමෙන් අවසාන වශයෙන් ශරීරගතවීම තමයි මේකට ප්‍රධාන හේතුව. හැබැයි ග්ලයිෆොසෙට් සහ කිවුල එකතු වුනහම ඒ තැන්වල කැඩ්මියම්, ආසනික්, නිකල්, ක්‍රෝමියම් වගේ අනෙකුත් බර ලෝහත් රැඳෙනවා."" සිය පර්යේෂණවලට අනුව ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගයට කැඩ්මියම් බලපා තිබෙන්නේ 10-20% අතර ප්‍රමාණයක් බව පෙන්වාදෙන වෛද්‍ය චන්න ජයසුමන, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූල්‍ය අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2013 දී පවත්වන ලද පර්යේෂණයේදී පවා එවැනි නිගමනයකට එළඹී නොමැති බව බීබීසී සංදේශයට පැවසීය. ""ඔවුන් ඉතාම පැහැදිලිව අවදානම් සාධක තුනක් හඳුනාගෙන තියෙනව. ආසනික්, කැඩ්මියම් සහ පලිබෝධනාශක."" වකුගඩු රෝගය පැතිරීමට ප්‍රධානම හේතුව කැඩ්මියම් බව ලන්ඩනයේ වෙසෙන පර්යේෂකයකුගේ නිගමනයයි එම පර්යේෂණයට අනතුරුව කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලය සමඟ එක්ව තමන් පැවැත්වූ පර්යේෂණයේදී ග්ලයිෆොසෙට් වල් නාශකවල බලපෑම පැහැදිලිවම හඳුනා ගන්නා ලද බව පවසන රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා, බ්‍රිතාන්‍යයේ කිංග්ස් කොලේජ් විශ්ව විද්‍යාලය විසින් මෑතදී පවත්වන ලද පර්යේෂණයකින් එය තහවුරු වී තිබෙන බවත් සංදේශයට පැවසීය. ""ඒ නිසයි මම නැවතත් කියන්නේ කැඩ්මියම් කියන්නේ උත්ප්‍රේරකයක්; රෝගය උත්සන්න කරවන සාධකයක් මිසක් රෝගය හටගන්නා මුල් සාධකය නොවෙයි."" මේ තත්වය යටතේ වියලි කලාපයේ පැතිරයමින් පවතින රෝගය පාලනය කිරීම පිණිස එම කලාපයේ ගොවීන් ඇතුළු ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමට වත්මන් ආණ්ඩුව දරන උත්සාහයට සිය පූර්ණ සහයෝගය හිමිවන බවයි ආචාර්ය ජයසුමන පවසන්නේ. ඒ අතරම ග්ලයිෆොසෙට් තහනම නිසි පරිදි ක්‍රියාවට නැගීම පිණිස ආණ්ඩුව ගෙන ඇති පියවර ප්‍රමාණවත් නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය." -world-37372967,https://www.bbc.com/sinhala/world-37372967,සාමාන්‍ය ජනතාවටත් දඹ රනින් නිමවූ වැසිකිළියක්,නිව්යෝර්ක් නගරයේ ගුගන්හයිම් කෞතුකාගාරය තුළ දඹ රන් වැසිකිලියක් මහජනතාව සඳහා විවෘතව පවතී.,එහෙත් මෙය කලා නිර්මාණයක් ද ? ඇතැමුන් ප්‍රශ්න කරති. ඉතාලි ජාතික චිත්‍ර හා මූර්ති ශිල්පියෙකු වන මෞරිසියෝ කැටිලාන් විසින් කැරට් 18 පිරිසිදු රත්‍රන් වලින් නිමවා ඇති ඉතා හොඳින් ක්‍රියාත්මක කල හැකි මෙම වැසිකිලි පෝච්චිය ඔහු විසින් නම් කරනු ලැබ ඇත්තේ 'ඇමරිකා' නමින්. නිව්යෝර්ක් මාධ්‍ය වාර්තා කරන්නේ නරඹන්නා සහ ප්‍රදර්ශක භාණ්ඩය අතර ආකර්ශනීය සබඳතාවක් ගොඩනැගෙන මෙම ප්‍රදර්ශක භාණ්ඩය ගුගන් හිම් කෞතුකාගාරය තුළ සවිකර ඇති බවයි. මෙය 'නිගරු භාණ්ඩයක්' ලෙසටයි කෞතුකාගාරය විසින් විස්තර කොට ඇත්තේ. තම නිර්මාණය ආර්ථික සමානාත්මතාවය පිළිබඳව ඉඟියක් ලබාදෙන බවයි මෞරිසියෝ කැටිලාන් පවසන්නේ. ගුගන්හයිම් කෞතුකාගාරයේ පෙර පටන් පැවතී 'සෙරමික්' වැසිකිලි පෝච්චියක් ඉවත් කර මෙම රත්රන් වැසිකිලි පෝච්චිය සවිකර තිබේ. කෞතුකාගාරය නැරඹීම සඳහා මුදල් ගෙවා ඇතුල්වන ඕනෑම අයෙකුට මෙම වැසිකිළිය පාවිච්චි කොට 'ෆ්ලෂ්' කිරීම ද කල හැකි වේ. සියයට එකක් පමණ වන සුළු පිරිසකට හිමිවී ඇති සුඛෝපභෝගී භාණ්ඩයක් සාමාන්‍ය ජනතාවටත් පරිහරණය කිරීමට අවස්තාව ලබා දීම මෙහි අරමුණ බව බලධාරීහු පවසති. ඉතාලියේ මිලාන් හි වෙසෙන 55 වියැති මූර්ති ශිල්පියෙකු වන මෞරිසියෝ කැටිලාන් මතභේදයට තුඩුදෙන නිර්මාණ කරන්නෙක් ලෙස ප්‍රකට වී සිටින අතර දෙවැනි ජුවාම් පාවුළු පාප්වහන්සේ උල්කාෂ්මයක් වැදී බිම වැටී සිටින ආකාරය දැක්වෙන 'නමවැනි පැය' නම් නිර්මාණය එවැන්නකි. -150908_sp_elephant_human_conflict,https://www.bbc.com/sinhala/sri_lanka/2015/09/150908_sp_elephant_human_conflict,වසරකට අලි '175 ක් මරා දමන' ශ්‍රී ලංකාව,"ආගමික වත්පිළිවෙත්, චිත්‍රපට, විවිධ ක්‍රියාකාරකම් ඇතුළු නොයෙක් කටයුතු සඳහාද යොදා ගනිමින් කාලාන්තරයක් මුළුල්ලේ ලාංකීය සංස්කෘතියට බද්ධව සිටි අලියා සහ මිනිසා අතර සම්බන්ධතාවය දුරස් වී ජීවිත විනාශ වීමේ අවදානමක් මතු වී තිබේ.","'දැනට වසරකට වන අලින් 250 ක් පමණ ලංකාවේ මිය යනවා. ඒ අතරින් මිනිස් ක්‍රියා කාරකම් නිසා වන අලින් 175 ක් පමණ මිය යනවා' සංවර්ධන කටයුතු වලට සහ නීති විරෝධීව සිදුවන වන සංහාරය අලි මිනිස් ගැටුම ඉතා උග්‍ර තත්වයට පත් වීමට ප්‍රධාන හේතුවක් වී තිබේ. ස්වාභාවික සංචරණ භූමි අහිමි වීමත් ඔවුන් එක් ප්‍රදේශයකට කොටු වීමත් යන කාරණා පදනම් කරගෙන වන අලින් නිරන්තරයෙන් ගම් වැදීම් සිදු වන බවයි, ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය විජිත පෙරේරා පෙන්වා දෙන්නේ. අහිමි වන ජීවිත ""දැනට වසරකට වන අලින් 250 ක් පමණ ලංකාවේ මිය යනවා. ඒ අතරින් මිනිස් ක්‍රියා කාරකම් නිසා වන අලින් 175 ක් පමණ මිය යනවා,"" ඔහු පැවසීය. ""ඒ වගේම වන අලින් පහරදීමෙන් මිනිස් ජිවිත 70 ක් 80 ක් පමණ අහිමි වෙනවා."" ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම උග්‍ර ලෙසින්ම පවතින්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. මඩකලපුව දිස්ත්‍රික්කයට දෙවැනි ස්ථානය හිමි වන අතර, මින්නේරිය වැනි ප්‍රදේශවලද ගැටුම බහුලව පවතී. ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම උග්‍ර ලෙසින්ම පවතින්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. මඩකලපුවට හිමි වන්නේ දෙවැනි ස්ථානය අලි මිනිස් ගැටුමක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදී ප්‍රියන්ත රත්නායක අලියකුගේ ප්‍රහාරයකින් මරුමුවට පත්වුණේ මින්නේරියේ සමගිපුරදී. ""යුද්ධයෙන් පස්සේ නැගෙනහිර ප්‍රදේශ තුළ ජනතාව පදිංචි කිරීමත් සමග අලි මිනිස් ගැටුම වැඩි වෙමින් පවතිනවා. මොකද කාලයක් එම ප්‍රදේශ අලින්ගේ වාසස්ථාන වී තිබුනා,"" පශු වෛද්‍ය විජිත පෙරේරා තවදුරටත් පැවසීය. ""මේකට ප්‍රධානතම හේතුවක් තමයි මිනිසුන් අලින්ගේ වාසස්ථාන ආක්‍රමණය කිරීම."" කොටි මිනිස් ගැටුම අලීන්ගේ ජීවන රටාවට සරිලන වනාන්තර තිබිය යුතුය. එපමණකින්ද මෙම අලි මිනිස් ගැටුමට පිළියම් සෙවිය නොහැක. ගතව ගිය වසර පහ ඇතුලත ශ්‍රී ලංකාවේදී දිවියන් 20 දෙනකු පමණද මරා දමා තිබේ ගව කර්මාන්තය වෙනුවෙන් වන අලින්ට හිමි කැලෑ ප්‍රදේශ තුලට ගවයින් ඇතුළු කිරීම තුලින් වන අලින් බුදින තෘණ ගවයින් කෑම එක ප්‍රධාන ගැටලුවක්. වන අලියා යනු ඉඳුල් නොකරන ලද තෘණ ගන්නා සතෙක් බැවින් ගවයින් බුදින තණකොළ කෑමට අලින් ගේ කමත්ත්කන් නැත. පටු කැලෑ ප්‍රදේශයක් තුල ඔවුනට අවශ්‍ය තරම් ආහාර නොලැබීම නිසා ගම් වල සීමාවට පැමිණෙන අලියාට ගමේදී අවශ්‍ය රස මුසු හමු වේ. ඒ ගොවියාගේ ගොවි බිම්ය. ඇබ්බැහි වීම් වලට කැම���ි අලියා ඔවුනට පුරුදු ආහාර සොයා නිතර ගම් වදින්නේ එබැවිනි. පෙරහැරේ යන අලියා පාවඩය දමන තුරු අඩිය නොතියා සිටිනා සේම දිවට දැනෙන රසයටද පුරුදු වීම ඔවුන්ගේ සිරිතයි. වන අලි පිරිමි සතෙකු වයස අවුරුදු 12-13 අතර කාලය තුල වැඩි වියට පත්වීමෙන් පසු පිරිමි සතුන් රංචුවෙන් පන්නා දමයි. එහිදී සංසරන කටයුතු සඳහා වෙනත් රංචුවක සහකාරියක් සොයාගත යුතුය. තනි අලින් ලෙසින් බොහෝ විට ගම වදින්නේ මෙසේ රැලෙන් පන්නා දමා ඇති පිරිමි සතුන්ය. පටු කැලෑ ප්‍රදේශයක් තුල ඔවුනට අවශ්‍ය තරම් ආහාර නොලැබීම නිසා ගම් වල සීමාවට පැමිණෙන අලියාට ගමේදී අවශ්‍ය රස මුසු හමු වේ මඳ කිපෙන සමය ලෙස ගැමියන් හඳුන්වන කාලය තුල වන අලියාට සහකාරිය සොයාගත නොහැකි වුන විටදී වන අලියා තුලින් දරුණු ගති ලක්ෂණ දැකිය හැකි වේ. බලධාරීන් විවිධ අවස්ථා වලදී මේ ගැටුමට පිළිතුරු සෙවීමට කටයුතු කළ නමුත් වන අලින්ට ආවේණික පුරුදු කෙරෙහි නිසි අවධානයක් අවබෝධයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් අලින්ගෙන් වගාවන්ට සිදු වන හානිය දිනෙන් දින උග්‍රවෙමින් පවතී. වෙනත් වනෝද්‍යාන වලට හා කැලෑ ප්‍රදේශයන්ට සංක්‍රමණය වීම සඳහා අලින්ට නියමිත අයුරින් අලිමංකඩවල් ඇතුළු විධිවිධාන සකස් කිරීමත් අලි මිනිස් ගැටුමට පිළියම් යෙදීමේදී අවධානයට ලක් විය යුතු කරුණුය." -sri-lanka-42650565,https://www.bbc.com/sinhala/sri-lanka-42650565,"ජනාධිපති ධුර කාලය, බැඳුම්කර චෝදනා සහ පොදු ජන පෙරමුණ ගැන මහින්ද කතා කරයි","බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැඳුම්කර වංචා පිළිබඳ චෝදනා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ධුර කාලය, පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගැනීමට ඉඩ තිබෙන විනය ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් පළ කළේය.","ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ධුර කාලය වසර හයක් විය යුතු බවට නීතිපති ජයන්ත ජයසූරිය ඉදිරිපත් කළ තර්කය පිළිබඳව විමසූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ එහි තීන්දුව කවරක් වුවත් ""මට ප්‍රශ්නයක් නැති,"" බවය. එහෙත් කිසියම් ලෙසකින් අධිකරණය නීපතිවරයාගේ තර්කය පිළිගන්නේ නම්, ""අනිවාර්යයෙන්ම මට සහ චන්ද්‍රිකාටත් ඉස්සරහට දෙපාරක් තරග කළොත් පමණයි තරග කිරීමේ අයිතිය අහෝසි වෙන්නේ"" යනුවෙන් ද කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේය. ""ඒ නිසා නීතිපතිවරයාගේ තර්කය එයාල පිළිගත්තොත් මට තරග කරන්න පුළුවන්."" ""මටත්, චන්ද්‍රිකාට���් නැවත ඉදිරිපත්වෙන්න පුළුවන්"" අගමැතිවරයාගේ හැසිරීම ලාබාල හැසිරීමක් - මහින්ද එසේ වුවහොත් යළිත් වරක් ජනාධිපති පදවියට තරග කිරීමේ බලාපොරොත්තුවක් තිබෙන්නේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට හිටපු ජනාධිවරයාගේ ප්‍රතිචාරය වූයේ එය පසුව ගත යුතු තීන්දුවක් බවය. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර ජනාධිපතිවරයාගේ නිල කාලය සය වසරක් විය නොහැකි බව සිය පෞද්ගලික මතය බව ද ඔහු සඳහන් කළේය. ජනතාව වසර හයකට පත් කළ ජනාධිපතිවරයකුගේ ධූර කාලය අඩු කිරීම ජනතාවගේ ඡන්ද බලය හා පරමාධිපත්‍යයට බලපාන කරුණක් වන බවට නීතිපතිවරයා මතු කළ තර්කයට ප්‍රති තර්කයකින් පිළිතුරු දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ""පාර්ලිමේන්තුව පත්කර ගත්තේ කොහොමද, ජනතාවනේ?"" යනුවෙන් ප්‍රශ්න කළේය. බැඳුම්කර: 'අගමැති තවත් හිරවේවි' 2008 වසරේ සිට 2014 වසර දක්වා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවලදි සිදුව ඇති අවභාවිතයන් පිළිබඳව ද විමර්ශනය කළ යුතු යයි ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොමිසමේ නිර්දේශ ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේය. අඟහරුවාදා (ජනවාරි 10) පාර්ලිමේන්තුව ඇමතූ අගමැති රනිල් වික්‍රමසිංහ, එම වංචා සොයා බලා වැරදිකරුවන්ට දඬුවම් දීමට කටයුතු කරන බව අවධාරණය කළේය. ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින් අදාළ වකවානුවේ ජනාධිපති පදවිය මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව භාරව සිටි මුදල් අමාත්‍යවරයා ද වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ එවැනි පරීක්ෂණයකට තමන්ගේ පූර්ණ සහාය හිමි වන බවය. පැවති ආණ්ඩුව, යහපාලනය සහ 'පික්පොකට්' ධුර කාලය ගැන ජනපති, ශ්‍රීලනිපය සහ විපක්ෂය දරන අදහස් ""මම විතරක් නෙවෙයි නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ (හිටපු) අධිපතිවරයා බොහොම පැහැදිලිව කියල තියෙනව මේක කරන්න. එතකොට අගමැතිතුමා තව තවත් හිරවෙනවා කියන එක තමයි මගේ මතය."" අඟහරුවාදා අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී හැසිරුනේ රාජකීය සහ ශාන්ත තෝමස් විද්‍යාල අතර ""බිග් මැච් එකේදි හැසිරෙන ආකාරයට"" බව වැඩිදුරටත් සඳහන් කළ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා, ""මම හිතන්නේ අගමැතිවරයෙකුට නුසුදුසු විධියට තමයි එතුමා හැසිරුනේ,"" යනුවෙන් ද කියා සිටියේය. සිය පාලන සමයේදී කිසිදු අවස්තාවක මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය රහිතව බැඳුම්කර නිකුත් කළේ යයි තමා විශ්වාස නොකරන බවත් හිටපු ජනාධිපතිවරයා පවසයි. පොදු ජන පෙරමුණ සහ ශ්‍රීලනිප මෙවර ���ළාත් පාලන මැතිවරණයේදී පොදු ජන පෙරමුණට සහාය දීම පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, මේ අවස්ථාවේ ""ආණ්ඩුවට විරුද්ධව තිබෙන එකම බලවේගය"" පොදු ජන පෙරමුණ බවය. එහෙත් එහි නායකයා තමන් නොවන බව ද ඔහු සඳහන් කළේය. පොදුජන පෙරමුණේ නායකය මම නොවෙයි - මහින්ද පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව පොදු ජන පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ අවශ්‍යතාවක් මතු නොවනු ඇති බව ඔහුගේ විග්‍රහය වෙයි. ""කොහොම වුනත් එක්සත් ජාතික පක්ෂය එක්ක නම් එකතු වෙන්නේ නෑ කියල මට විශ්වාසයක් තියෙනව."" ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් සිටිමින් වෙනත් පක්ෂයකට සහයෝගය දීම පක්ෂ විනය උල්ලංඝනය කිරීමක් නොවේ දැයි විමසූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ""පක්ෂයේ ප්‍රතිපත්ති කඩ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන"" බවය. ""ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඝාතනය වුනේ ජනවාරි 08 වෙනිදා."" පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වෙනත් පක්ෂවලට සහාය දිය නොහැකි බවට මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගෙන තිබෙනවා නොවේ දැයි කළ විමසීමට ඔහුගේ ප්‍රතිචාරය වූයේ ශ්‍රීලනිපයේ වත්මන් මධ්‍යම කාරක සභාව ""නීත්‍යානුකූල නැති"" බවය. සබැඳි යොමු:" -140310_lanka_mahinda,https://www.bbc.com/sinhala/sri_lanka/2014/03/140310_lanka_mahinda,අප ඉවත් කළ හැක්කේ ජනතාවට පමණයි - ජනපති,ශ්‍රී ලංකාවේ යුද්ධයේ හරි වැරැද්ද තීරණය කළ යුත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය නොව ශ්‍රී ලංකාවේ ජනතාව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.,"'විදුලි පුටුවට අරන් යන්නත් බැහැ. අප ඉවත් කරන්න පුළුවන් එකම කොටස ජනතාව පමණයි' ජනාධිපතිවරයා එම අදහස් පළ කළේ ගම්පහ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගී වෙමින්. ශ්‍රී ලංකාවේ යුද්ධයේ හරි වැරැද්ද තීරණය කළ යුත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය නොව ශ්‍රී ලංකාවේ ජනතාව බවයි, ජනාධිපතිවරයා පවසන්නේ. තම රජය කිසිවිටක ජනතාවගේ මානව අයිතිවාසිකම් කඩා නැති බව පැවසූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, තමා රට තුළ පරාජය කල නොහැකි නිසා ජාත්‍යන්තර වශයෙන් පරාජය කිරීමට උත්සාහ කරන බවට විපක්ෂයට චෝදනා කළේය. දෙමළ උද්ඝෝෂණයක් ""විදුලි පුටුවට අරන් යන්නත් බැහැ, වෙන කොහේවත් අරන් යන්නත් බැහැ. අප ඉවත් කරන්න පුළුවන් එකම කොටස ජනතාව පමණයි,"" යනුවෙන් ද ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේය. 'උතුරේ ජනතාවට කොහොම සල���න්න ඇද්ද කියලයි, අද නවී පිල්ලේලා ප්‍රශ්න කරන්නේ' මේ අතර නැගෙනහිර පලාතෙන් පැමිණි දෙමළ ජාතිකයන් දෙසීයක් පමණ සඳුදා උදෑසන කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටියහ. ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් යෝජනාවක් ගෙන ඒ මෙන් ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින සාමකාමී පරිසරය හා සංවර්ධනය කඩාකප්පල් විය හැකි බවයි, එම විරෝධතාවාදීන් පෙත්සමක් මාර්ගයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දුන්නේ. එම විරෝධතා ව්‍යාපාරයේ නායකයකු වූ එස්.පී. සීලන් ප්‍රකාශ කළේ, සියලු ජාතීන්ට සාමකාමීව ජීවත්වීමට අවශ්‍ය පරිසරය මේ වන විට උදා වී තිබෙන හෙයින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ඇඟිලි ගැසීම අනවශ්‍ය බවයි. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට පක්ෂපාතී උද්ඝෝෂණ කොළඹත්, නැගෙනහිරත් පැවැත්විණ ඉරිදා කිරිබත්ගොඩ පැවැත්වුන රැළියක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයා මේ අතර පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වන්නේ ආණ්ඩුවේම වරදින් බවයි. ""බෝධි පූජා පවත්වල රණවිරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරපු රතුපස්වල ජනතාවට ඒ හමුදාව විසින්ම වෙඩි තිබ්බ නම්, උතුරේ ජනතාවට කොහොම සලකන්න ඇද්ද කියලයි, අද නවී පිල්ලේලා ප්‍රශ්න කරන්නේ""යයි විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසීය. රාජපක්ෂ ආණ්ඩුව පසුගිය අවදියෙහි මාධ්‍යවේදීන්ට කළ පහර දීම් හා සුලු ජාතීන්ට කළ අඩන්තේට්ටම් නිසා ශ්‍රී ලංකාවට අද මෙවන් යෝජනාවකට මුහුණ දීමට සිදු වී ඇති බවයි, විජිත හේරත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ. ශ්‍රී ලංකාවට අත පෙවීමට ජාත්‍යන්තර බලවේග වලට ඉඩ ලබා දෙන ලෙස කටයුතු කර ඇත්තේ ආණ්ඩුවේ දූෂිත පාලකයන් බවත් විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසීය." -sri-lanka-57300122,https://www.bbc.com/sinhala/sri-lanka-57300122,කොවිඩ්: බුදුන්ගේ උපදෙස අනුව යමින් ගමට දන් දෙන හාමුදුරුවෝ,කොරෝනා වෛරස් වසංගතය හමුවේ අගහිඟකම්වලට මුහුණ පා සිටින සිය ගම්වාසීන්ට 'දන් දෙන' බුද්ධ පුත්‍රයෙකු පිළිබඳ මහනුවර පිළිමතලාව ප්‍රදේශයෙන් වාර්තා වේ.,"""අහිංසක දායකයන් කිහිප දෙනෙකුගේ සහාය ඇතිව"" සිය ගුරු වැටුප සහ විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා එක්රැස් වූ අරමුදල් මේ මොහොතේ අසරණව සිටින ගම්වාසීන්ගේ හිතසුව පිණිස යෙදවූ බව පිළිමතළාවේ පරනාගල පුරාණ විහාරස්ථානයේ වැඩවසන ටැම්පිටියේ වනරතන හිමි බීබීසී සිංහල සේවය වෙත පැවසූහ. ""මට මේ ග���ේ දායකයෝ තමයි අවුරුදු විස්සක් දානේ දීලා, ආහාර ටික දීලා, උදේ සහ දවල් දානේ ටික දීලා ජීවත් කෙරෙව්වේ. අපිට ඉගැන්නුවා... ඒ වගේම සිවුරු ටික දුන්නා. සබන් කෑල්ල, දත් බුරුසුව දුන්නා. ඒ වගේම අඳනය දුන්නා. සියලුම දේවල් මේ දායකයෝ දුන්නා,"" ""ඉතින් දායකයට මේ වෙද්දී පන්සලට දානේ ටික අරගෙන එන්න බැරි තත්ත්වයක් තිබෙන්නේ. මිනිස්සු ඒ තරම් අසරණ වෙලා,"" ""ඒ දායකයෝ දවසක් හරි කුසගින්නේ ඉන්නවා නම් ඒ කුසගින්න නිවන්නට මට යම් කිසි දෙයක් කරන්නට පුළුවන් නම්, ඒ දේ කිරීම තමයි අපේ මහත්තයෝ මේ වෙලාවේ මම කරන්නේ."" යනුවෙන් පිළිමතලාව ධීරානන්ද මහා විද්‍යාලයේ ආචාර්ය වරයෙකු ලෙස කටයුතු කරන උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ. කොවිඩ් හමුවේ අසරණව සිටින ලක්ෂ සංඛ්‍යාත ජනයාට උපකාර කිරීමට ඉදිරියට පැමිණෙන ලෙස උන්වහන්සේ ""පොහොසත්"" පන්සල්, කෝවිල්, පල්ලි සහ දේවස්ථානවලින් ඉල්ලා සිටිති. මේ ගැනත් කියවන්න:" -sri-lanka-56334352,https://www.bbc.com/sinhala/sri-lanka-56334352,ඇම්බර් රෝස්: 'කොරෝනා නිවාඩුවේ' මුහුද යට 'සැඟවුණු ලෝකයේ' අසිරිය විඳින දැරිය,"අවුරුදු දහයේදී මුහුදේ කිමිදීම සඳහා අන්තර් ජාතික ප්‍රවීණතා සහතිකයක් ලබා ඇති, සාගර විද්‍යාඥවරියක වීමට සිහින දකින ඇම්බර් රෝස් මාතරගේ දැරිය සොයාගෙන බීබීසී සිංහල සේවය වෙනුවෙන් මම පසුගිය දිනෙක ගාල්ල, උණවටුනට ගියෙමි.","''දැනට තියෙන ලයිසන් එකෙන් දුවට කිමිදෙන්න පුළුවන් මීටර් 12යි. ඒත් මෙයා ඊට වඩා යටට යන්න හදනවා.'' උණවටුන වෙරළට කරා වැටී ඇති මග දෙපස වෙනදා මෙන් දෙස් විදෙස් සංචාරකයන් දක්නට ලැබුණේ නැත. හෝටල් සහ කඩසාප්පු බොහොමයක් වසා දමා තිබුණි. වෙරළ තීරයේ දක්නට ලැබුණේ ද දේශීය සංචාරකයන් සිවු දෙනෙකු පමණි. කිමිදුම් ඇඳුමින් සැරසී සිටි ඇම්බර් කිමිදීම සඳහා අවශ්‍ය ඔක්සිජන් ටැංකිය සුදානම් කරමින් සිටියාය. අපගේ මුහුදු ගමන ආරම්භ කිරීමට පෙර ඇම්බර් ට ඇගේ පුහුණුකරු වන ෂර්ලි කෝරලගේ එදින කිමිදෙන මුහුදු පතුලේ ස්වභාවය සහ ඊට අදාළ උපදෙස් දුණි. ඇම්බර් රෝස් මාතරගේ කුඩා කල පටන් ගාල්ල දිස්ත්‍රික්කයට අයත් උණවටුන සුන්දර වෙරළ ආශ්‍රිතව ජීවත් වන්නීය. කොරෝනා තත්ත්වය හේතුවෙන් වසරක පමණ කාලයක් පාසල් වසා දමා තිබේ. එබැවින් උණවටුන වෙරළේ සුන්දරත්වය අත්විදින්නට ඇයට පසුගිය දිනවල වැඩි කාලයක් ලැබිණ. ''මං පුංචි කාලේ පටන් අම්මයි, තාත්තයි එක්ක මේ බීච් එකේ ඇවිදිනවා. කොරෝනා නිවාඩු කාලේ මට මුහුද පතුල තුළ සැගවුණු අලුත් ලෝකයක් දකින්න ලැබුණා.'' ��නුවෙන් ඇම්බර් රෝස් මාතරගේ කිමිදුම් ස්ථානය වෙත යෑමට බෝට්ටුවට ගොඩවෙන අතරතුර පැවසුවාය. මුහුදේ කිමිදීමට දැඩි කැමැත්තක් දක්වන ඇය අවුරුදු දහය සම්පුර්ණ වන විට කිමිදුම් උපදේශකයින්ගේ වෘත්තීය සංගමයේ (PADI -Professional Association of Diving Instructors) විවෘත කණිෂ්ඨ ජල කිමිදුම්කරු සහතිකය ලබා ගැනීමට සමත් වූවාය. අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් ඇති එම ප්‍රවීණතා මට්ටම ළාබාල වියේදීම ලබා ගත් ඇය ඉන් ඉහළ මට්ටම් වල ප්‍රවීණතා ලබා ගැනීම සඳහා තවදුරත් පුහුණුවීම් කටයුතුවල නිරත වන්නීය. ''දැනට තියෙන ලයිසන් එකෙන් දුවට කිමිදෙන්න පුළුවන් මීටර් 12යි. ඒත් මෙයා ඊට වඩා යටට යන්න හදනවා. ඒ වෙලාවට මම ඇදල තමයි උඩට ගන්නේ. එයාට මුහුද යට දකින හැම දෙයක් ගැනම දැනගන්න ඕනා.'' යනුවෙන් ඇම්බර්ගේ පියා, දුමින්ද මාතරගේ කියා සිටියේය. මුහුදු පතුලේ සැඟවුණු ලෝකය උණවටුන සහ ඊට යාබදව පිහිටි රූමස්සල, කොරල් සහ මුහුදු ජීවීන් නිරීක්ෂණය සඳහා කැමත්තක් දක්වන ඇයට ආකර්ෂණීය වූ ස්ථාන වේ. ඇම්බර් සිය පියා සමග කුඩා කල පටන් මුහුදේ කිමිදීමට ගොස් තිබේ. ''කිමිදුම් කරන විට බොහෝ උද්වේගකර අවස්ථාව තමයි මීට කලින් දැක නැති මාළු සහ විශාල මාළු දැකීම. මම ඒ අයව හඳුනාගන්න ආසයි. තාත්තාගෙන් සහ පුහුණුකරුගෙන් විස්තර දැනගන්නවාට අමතරව මුහුදු ජීවීන් ගැන තොරතුරු තියෙන මාර්ගෝපදේශ පොත් සහ ඉන්ටර්නෙට් එක යොදා ගන්නවා.'' යනුවෙන් ඇම්බර් මේ ගමනේදී සිය අත්දැකීම් විස්තර කළාය. ඇය මුහුදේ කිමිදීමට කිසිඳු බියක් නොදක්වන අතර උගන්වන දේ ඉතා ඉක්මනින් වටහා ගැනීමට හැකියාව ඇති නිසා ඉතා කෙටි කලකින් මූලික පුහුණුවීම් අවසන් කිරීමට හැකිවූ බව PADI කිමිදුම් උපදේශක ෂර්ලි කෝරලගේ පැවසුවේය. ගොඩබිමදී මෙන්ම කිමිදුම් ස්ථානයට ගිය විට මුහුදට බැසීමට පෙර ඔක්සිජන් ටැංකිය, බඳපටි ආදිය නිසි පරිදි තිබේදැයි පරික්ෂා කළ යුතුය. එබැවින් එම පරීක්ෂාවෙන් අනතුරුව පුහුණුකරුගේ සහය මත බෝට්ටුවෙන් මුහුදට පැන ඇම්බර් මුහුදු පතුලේ සැඟවුණු ඇගේ ලෝකය සොයා කිමිදෙන්නට විය. ඇම්බර්ගේ පියා සහ පුහුණුකරු ද ඇය පසුපස කිමිදුණහ. ''කොරෝනා නිවාඩු කාලේ මට මුහුද පතුල තුළ සැගවුණු අලුත් ලෝකයක් දකින්න ලැබුණා.'' එදින කිමිදුම් වෙලාව විනාඩි 30කට පමණ සීමා විය. එම ඉලක්කය සම්පුර්ණ කර දිය මතට පැමිණි ඇම්බර් ඔක්සිජන් ටැංකිය ගලවා දිගු සුසුමක් පිට කළාය. ශ්‍රී ලංකාව; සාගර දුෂණයට එරෙහිම සටන් කරන 'ශ්‍රී ලංකාවේ ලාබාලතම කිමිදුම්කාරි��' මුහුද මැද නිහැඬියාව යළි බෝට්ටුවට ගොඩවූ පසු කිමිදීමේදී ලද වෙහෙසකර බව නිවා ගැනීම සඳහා ඇම්බර් ට අවස්ථාව ලබා දී අපි විනාඩි කිහිපයක් නිහඬව සිටියෙමු. ඒ අතර බෝට්ටුවේ ක්‍රියාකරු යළි ගොඩබිම බලා යාත්‍රා කිරීමට බෝට්ටුව පණ ගැන්වීය. මඳ වෙලාවක් ජල තලය දෙස බලා සිටි ඇම්බර් නිහඬ බව බිඳිමින් යළි සිය අත්දැකීම් විස්තර කළා ය. එහිදී ඇය මුහුදට ප්ලාස්ටික් හා කැළි කසළ දැමීම ගැන විශේෂයෙන් සඳහන් කළාය. ''සාගරය පතුලේ තියෙන ප්ලාස්ටික් කෑලි, කැළි කසළ ආදිය සමහර වෙලාවට අපි ගොඩට ගේනවා. මම කියන්නේ මුහුදට කුණු දාන්න එපා. ඒක ලස්සන ලෝකයක්.'' යනුවෙන් ඇය සඳහන් කළාය. ඇම්බර්, කොළඹ පිහිටි ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබන්නීය. ''දැන් මේ දියණියට ලෝකේ ඕනෑම PADI කිමිදුම් මධ්‍යස්ථානයක කිමිදුම් යන්න පුළුවන්. මේ තරම් අඩු වයසකින් ඇය PADI විවෘත කණිෂ්ඨ ජල කිමිදුම්කරු සහතිකය ලබා ගැනීම රටේ අනාගතයට ඉතා වටිනවා. ඇය දක්ෂයි.'' යනුවෙන් ඇම්බර්ගේ කිමිදුම් උපදේශක මේ සංවාදයේදී පැවසුවේය. මුහුදු ගමන නිමවා යළි වෙරළට පැමිණිය ද නිවස කරා යෑමට ඇයට එතරම් හදිස්සියක් පෙනෙන්නට නැත. ඇම්බර් යළිත් වෙරළ පසුකර රළ පාගන්නට පිය නැගුවාය. ඒ වන විට දැඩි හිරු රශ්මිය වැටෙන්නට විය. ඇම්බර් කර වටක් පිරෙන්නට ජලයේ ගිලෙන්නට වූවාය. ටික වෙලාවකින් පියා ඇය ඇමතුවේ ''දැන් යමු. අපි වෙන දවසක එමු.'' කියාය. මහා සාගරයට පෙම් බදින, අනාගතය ගැන සුබ සිහින දකින ඇම්බර්ට සුබ පතමින් මම ද උණවටුනෙන් පිටත් වුණෙමි." -sri-lanka-39997856,https://www.bbc.com/sinhala/sri-lanka-39997856,"කැබිනට් වෙනස: ""මේක රටේ අවශ්‍යතාවක්""",කැබිනට් අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු වූයේ රටේ අවශ්‍යතාව මත බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර පවසයි.,"""මේක රටේ අවශ්‍යතාවක්. මාධ්‍යයෙනුත් ඉල්ලීමක් තිබුණා. අවුරුදු දෙක හමාරක් ගිය තැන සංශෝධනයක් කරන්න ඕනිනෙ. ඒක තමයි කළේ"" යනුවෙන් ඔහු කියා සිටියේ සංශෝධනය කෙරුණු අමාත්‍ය ධුරවල දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මුදල් ඇමති ධුරයේ වෙනසක් සිදු විය යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉල්ලා සිටියා නොවේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දෙමින් ඇමතිවරයා කියා සිටියේ එවැනි වෙනසක් සිදු විය යුතු බවට රටේ ඉල්ලීමක් පැවති බවය. කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යාංශ නවයක් සහ එක් රාජ්‍ය අමාත්‍යාංශයක් සඳහා නව අමාත්‍යවරු අද (මැයි 22) පෙරවරුවේ ජනාධි���ති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්හ. එහිදී අදහස් දැක්වූ අජිත් පී පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සිදු වූ වෙනස්කම් සම්බන්ධයෙන් සතුටු විය හැකි බවය. කැබිනට් මණ්ඩලයට අලුත් මුහුණු එක් නොකර ඇමතිවරුන් යටතේ පැවති අමාත්‍යංශ පමණක් වෙනස් කිරීම සම්බන්ධයෙන් කළ විමසීමේදී නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ ""පරණ වුනාට බඩු හොඳයි"" යනුවෙනි. කැබිනට් මණ්ඩලයට තරුණ ඇමතිවරු එක් නොකිරිම පිළිබඳ විමසූ අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තමන්ට අදහසක් ප්‍රකාශ කිරීමට නොහැකි බවය. ජනමාධ්‍ය ඇමති ධුරයට වඩා වැඩි කාර්යභාරයක් ඉඩම් අමාත්‍යවරයා ලෙස ඉටු කළ හැකි බව හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක කියා සිටියේය." -world-44124926,https://www.bbc.com/sinhala/world-44124926,බ්‍රිතාන්‍ය රාජකීය මංගල්‍යය: මේගන්ගේ පියා සහභාගීවීම අවිනිශ්චිතයි,බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාකල් අතර මැයි 19 වෙනි සෙනසුරාදා පැවැත්වීමට නියමිත රාජකීය විවාහ උත්සවයට මේගන්ගේ පියා තෝමස් මාකල් පැමිණීම තවමත් තහවුරු කර නොමැත.,"මේගන් සහ ඇයගේ පියා තෝමස් මාකල් මෙක්සිකෝවේ ජීවත් වන මේගන්ගේ පියා ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ පුවත් පළ කරන වෙබ්අඩවියක් වන TMZ වෙත පවසා ඇත්තේ ඔහු සිය දියණිය සහ හැරී කුමරුගේ විවාහ මංගල්‍ය උත්සවයට සහභාගී නොවීමට තීරණය කර ඇති බවය. ""මේගන් මාකල්ට මෙය ඉතා පෞද්ගලික අවස්ථාවක්"" බව කෙන්සිංටන් මාලිගයෙන් නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වේ. තමන් කිසිවක් නොදන්නා ලෙස අඟවමින් සැලසුම්සහගතව පැපරාසි ඡායාරූප ශිල්පියෙකුගේ ඡායාරූප වලට පෙනී සිටීමට තෝමස් මාකල් කටයුතු කර තිබූ බව ඉරිදා 'මේල්' පුවත්පත වාර්තා කර තිබිණි. ඔහුගේ මෙම ක්‍රියාව මාධ්‍ය හරහා ලෝකයට අනාවරණය විය. පුළුල් ලෙස බෙදා හැරුණු එම ඡායාරූපවල ඔහු මංගල උත්සවයට සහභාගී වීම සදහා ඇඳුමක් මැසීමට මිනුම් දෙන ආකාරය මෙන්ම සිය දියණිය ගැන පළ වූ පුවත්පත් වාර්තා කියවන ආකාරයත් දැක්විණි. මංගල උත්සවයට සහභාගී වීමෙන් සිය දියණිය අපහසුතාවට පත් කිරීමට නොහැකි යැයි ඔහු පැවසූ බව වාර්තා වී ඇත. මේගන් මාකල් සිය මව සමග 73 හැවිරිදි තෝමස් මාකල් සතියකට පෙර හෘදයාබාධයකට ලක් වූ බව TMZ වෙබ් අඩවිය වාර්තා කර තිබිණි. නමුත් මෙය ඔහුගේ පවුලේ සාමාජිකයින් හෝ කෙන්සිංටන් මාලිගයෙන් තහවුරු කර නොමැත. ""මංගල උත්සවයකට දින කීපයකට පෙර ඇති වී තිබෙන මෙම තත්වය මේගන් මාකල්ට ඉතා සංවේදී පෞද්ගලික කාරණයක්"" යැයි කෙන්සිංටන් මාලිගාවේ ප්‍රකාශකයෙකු පැවසීය. වින්ඩ්සර් මාලිගාවේ පැවැත්වෙන සිය දියණියගේ මංගල උත්සවයට පෙර තෝමස් මාකල් මෙම සතියේ දී හැරී කුමරු, එලිසබත් රැජිණ සහ එඩින්බරෝ ආදිපාදවරයා ප්‍රථම වරට මුණගැසීමට නියමිතව තිබිණි. මේ තොරතුරුද කියවන්න: තෝමස් මාකල් ඉතා ලජ්ජාශීලී, සන්සුන් පුද්ගලයෙක් ලෙස හැඳින්වෙන අතර, තිස්හය හැවිරිදි මේගන් ඔහුගේ තත්වය පිළිබඳ ඉතා කණගාටුවෙන් පසුවන බව බීබීසී රාජකීය පුවත් වාර්තාකරු නිකලස් විචෙල් පවසයි. ""තවමත් මේගන් මාකල්ගේ ප්‍රාර්ථනාව සෙනසුරාදා පැවැත්වෙන මංගල උත්සවයට තම පියා සහභාගී වී ඇයට සහය ලබා දීමයි,"" නිකලස් තවදුරටත් පැවසීය. තෝමස් මාකල් වෙත එල්ල වී ඇති දැඩි පීඩනය හේතුවෙන් ඔහුගේ මානසික තත්වය පිළිබද අවධානයෙන් පසුවීමට හැරී කුමරු සහ මේගන් කටයුතු කරමින් සිටී. රාජකීය මංගල්‍යයට ලැබෙන දැඩි මාධ්‍ය අවධානයත්, සිතාමතා හෝ රැවටීමකින් සිදු වූ පෙර කී ඡායාරූප වංචාවත් හේතුවෙන් තෝමස් මාකල් දැඩි පීඩනයකට ලක් වී ඇත. මෙම මස මුල දී පළ වුණ තෝමස් මාකල් මංගල උත්සවයට සූදානම් වන ආකාරය දැක්වෙන ඡායාරූප පෙළ මතභේදයට තුඩු දී ඇත. මේ අතර, එම ඡායාරූප පෙළ ලබා ගැනීමට සිය පියාට උපදෙස් ලබා දුන් බව මේගන්ගේ පියාගේ පළමු විවාහයේ දියණියක් වන සමන්තා මාකල් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණි. ""මාධ්‍ය ඉතා අසාධාරණ විදියට ඔහු නරක කෙනෙකු ලෙස පෙන්වා සිටිනවා. ඒක නිසා ධනාත්මක දෙයක් අඩංගු ඡායාරූප පෙළක් ගැනීම ඔහුගේ තත්වයට සහ රජ පවුලේ තත්වයට හොඳ බව මම පැවසුවා"" යැයි සමන්තාගේ ට්විටර් පණිවිඩයේ සඳහන් විය. 'මේගන් මාකල්' මේගන් මාකල්, 1981 අගෝස්තු මස 4 වෙනි දින නෙදර්ලන්ත-අයර්ලන්ත සම්භවයක් ඇති තෝමස් වෙයින් මාකල් සහ අප්‍රිකානු-ඇමරිකානු සම්භවයක් ඇති ඩොරියා රැග්ලන්ඩ් ට දාව කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවරදී උපත ලැබුවාය. නමුත් මේගන්ට වයස අවුරුදු හය සම්පූර්ණ වන විට ඇයගේ දෙමව්පියන් දික්කසාද වී ඇත. තෝමස් මාකල්ට පෙර විවාහයෙන් දරුවන් දෙදෙනක් සිටින අතර, වසර දෙකකට පෙර ඔහුට මුහුණ පෑමට සිදු වූ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් බංකොලොත්භාවයට පත් විය. තවත් තොරතුරු: නිළියක පමණක් නොව දක්ෂ නිරූපිකාවක ලෙස ද කටයුතු කළ මේගන් ජනප්‍රියත්වයට පත් වූයේ 2011 වසරේ සිට තිරගත වන 'සූට්ස්' නමැති ඇමෙරිකානු රූපවාහිනී මාලානාටකය හරහ���ය. මානව හිතවාදී කටයුතු වල නියැලෙන, ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ උපාධිධාරිනියක් වන ඇය පසුගිය වසරේ දී කැනඩාවේ 'වර්ල්ඞ් විෂන්' (World Vision) රාජ්‍ය නොවන ආයතනයේ තානාපතිවරියක ලෙස ද කටුයුතු කර තිබේ. චිත්‍රපට නිෂ්පාදකවරයෙකු සහ නළුවෙකු වූ ට්‍රෙවර් එන්ගල්සන් සහ මේගන් 2011 වසරේදී විවාහ වූවත් එම විවාහය පැවතියේ 2013 වසර තෙක් පමණි. විලියම් කුමරුගේ බිරිය කේට් මිඞ්ල්ටන් මෙන්ම මේගන් මාකල් ද රජ පවුලක සාමාජිකාවක නොවන අතර ඇයට රාජකීය ලේ උරුමයක් නැත. එබැවින් විවාහයෙන් පසුව ඇය හැඳින්වීමට නියමිතව තිබෙන්නේ කුමාරිකාවක ලෙස නොව ආදිපාදවරියක් (Duchess) ලෙසය. මිශ්‍ර ජාතික උරුමයක් සමග මෙලොව එළිය දුටු මේගන් වරක් සඳහන් කළේ, ""මම මිශ්‍ර ජාතිකයෙක් වීමෙන් මගේ අනන්‍යතාව හෙළි කිරීමේදී අඳුරු පැතිකඩක් නිර්මාණය වී තිබෙනවා. මේ හේතුවෙන්, මගේ පාදය වැට දෙපසම තබා ගන්න සිදු වෙලා. නමුත් මම එය ඉතා අගය කිරීමට පුරුදු වී තිබෙනවා. මම කවුද, කොහෙන්ද පැවත එන්නේ කියල සහ බලවත්, පෞරුෂයක් හිමි මිශ්‍ර ජාතික කාන්තාවක් කියල මට විවෘතව කියන්න පුළුවන්.""" -world-44821096,https://www.bbc.com/sinhala/world-44821096,'ජොන්සන් සහ ජොන්සන්' පුයර නිසා ඩිම්බකෝෂ පිළිකා ඇති වූ බව කී කාන්තාවන්ට ඩොලර් බිලියන 4.7 වන්දියක්,ජොන්සන් සහ ජොන්සන් (J&J) පුයර වර්ග භාවිත කිරීමෙන් ඩිම්බකෝෂ පිළිකා වැළඳී ඇති බව කී කාන්තාවන් විසිදෙදෙනෙකුට ඩොලර් බිලියන 4.7ක් වන්දි වශයෙන් ගෙවන ලෙස ඇමරිකානු අධිකරණයක් එම සමාගමට නියෝග කර තිබේ.,"සති හයක් පුරා පැවති නඩු විභාගයේදී කාන්තාවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පැවසුවේ දශක ගණනාවක් තිස්සේ ඔවුන් ජොන්සන් සහ ජොන්සන් ළදරු සහ වෙනත් පුයර වර්ග භාවිත කළ බවය. එක්සත් ජනපදයේ මිසූරි ප්‍රාන්තයේ අධිකරණ ජූරි සභාවක තීරණය අනුව අදාළ කාන්තාවන්ට ඩොලර් මිලියන 550ක් වන්දි වශයෙන් ගෙවිය යුතු බව තීරණය කළ අතර සහ සිදු වූ හානියට දඩ මුදලක් වශයෙන් තවත් ඩොලර් බිලියන 4.1ක් ඊට එකතු කළේය. එම නඩුව ගොනු කළ කාන්තාවන් විසිදෙදෙනාගෙන් හය දෙනෙකු ඩිම්බ කෝෂ පිළිකා හේතුවෙන් මියගොස් ඇත. මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙන්නේ ඖෂධ වෙළෙඳපොළේ දැවැන්තයෙකු වන ජොන්සන් සහ ජොන්සන් සමාගම නිෂ්පාදනය කරන ළදරු පුයර වර්ගවලට එරෙහිව තවත් නඩු 9,000ක් පවතින අතරතුරය. J&J සමාගම තමන් ""ඉතා කනගාටුවට"" පත්ව ඇතැයි පැවසූ අතර, තීන්දුවට එරෙහිව අභියාචනය කිරීමට සැලසුම් කරමින් සිටී. සති හයක් පුරා පැවති නඩු ���ිභාගයේදී කාන්තාවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පැවසුවේ දශක ගණනාවක් තිස්සේ ඔවුන් ජොන්සන් සහ ජොන්සන් ළදරු සහ වෙනත් පුයර වර්ග භාවිත කළ බවය. 1970 වර්ෂවල සිට නිෂ්පාදිත පුයර වර්ගවල 'ඇස්බැස්ටෝස්' අඩංගු වී ඇති බව සමාගම දැන සිටියත් ඒ පිළිබඳ පාරිභෝගිකයින්ට අනතුරු ඇඟවීමට අසමත් වී ඇතැයි කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ පැවසූහ. 'අසාධාරණයි' 'ටැල්ක්' යනු ඛනිජ වර්ගයක් වන අතර ඇතැම් විට එය ඇස්බැස්ටෝස් පිහිටි බිම් සමීපයේ දක්නට ලැබේ. සිය නිෂ්පාදනවල ඇස්බැස්ටෝස් අඩංගුව ඇතැයි, නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන J&J සමාගම එමගින් පිළිකා ඇති නොවන බව ද අවධාරණය කර සිටී. මෙම අධිකරණ තීන්දුව ""මූලික වශයෙන් අසාධාරණ ක්‍රියාවලියක"" ප්‍රතිඵලයක් ලෙස හඳුන්වන ජොන්සන් සහ ජොන්සන් සමාගම, අධ්‍යයන කීපයකින් පෙනී යන පරිදි ඔවුන්ගේ ටැල්ක් නිෂ්පාදන භාවිත කිරීම ආරක්ෂාකාරී බව ප්‍රකාශ කර සිටී. එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලන ආයතනය 2009 සිට 2010 දක්වා කාලය ඇතුළත J&J ඇතුළු විවිධ ටැල්ක් වර්ග අධ්‍යයනය කර තිබේ. නමුත් ඒ කිසිදු ටැල්ක් වර්ගයක ඇස්බැස්ටෝස් අඩංගු වී නොතිබිණි. පැමිණිල්ලේ නීතිඥවරයා අධිකරණයට පැවසුවේ, ආහාර සහ ඖෂධ පාලන ආයතනය සහ ජොන්සන් සහ ජොන්සන් ආයතනය දෝෂ සහිත පරීක්ෂණ ක්‍රම භාවිත කර ඇති බවය. 'ඕවාකම් (Ovacome)' නම් එක්සත් රාජධානියේ පිහිටා තිබෙන ඩිම්බකෝෂ පිළිකා පිළිබඳ පුණ්‍යායතනය මෙම ගැටලුව පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරිපත් කර ඇත. වසර ගණනාවක් පුරා ජනනේන්ද්‍රිය අවට ටැල්ක් අඩංගු පුයර තැවරීමෙන් ඩිම්බකෝෂ පිළිකා ඇතිවීමේ අවදානම වැඩි වන බවට මතයක් තිබෙන නමුත්, එය තහවුරු කිරීම සඳහා වැඩිදුර පර්යේෂණ කිරීමට අවශ්‍ය බව ඕවාකම් පුණ්‍යායතනය පවසයි. වාර්තාගත තීන්දුව J&J පියරු වර්ග භාවිත කර පිළිකා ඇති වූවා යැයි නැගුණු චෝදනාවට නඩු තීන්දුවකින් ගෙවීමට නියම වූ විශාලතම මුදල මෙය වේ. J&J සමාගමේ නිෂ්පාදිත ළදරු සහ අනෙකුත් පියරු වර්ග භාවිත කිරීමෙන් ඩිම්බකෝෂ පිළිකා ඇති වූ බව කී කාන්තාවකට 2017 දී කැලිෆෝර්නියා ප්‍රාන්තයේ අධිකරණයක ජූරිය විසින් ඩොලර් මිලියන 417ක වන්දියක් ගෙවිය යුතු බවට තීරණය කරනු ලැබිණි. කෙසේවෙතත්, විනිසුරුවරයා පසුව එම තීන්දුව වෙනස් කළ අතර, J&J සමාගම ඉදිරිපත් කළ තවත් අභියාචනා කීපයක තීන්දු තවමත් ලැබී නොමැත. නඩුව විභාග කරන විනිශ්චයකරු හෝ අභියාචනාධිකරණයේදී බොහෝ විට වන්දි මුදල අවම කිරීමට ඉඩ තිබේ. ඒ ආක��රයට J&J සමාගම නඩු තීන්දු කීපයක් වෙනස් කර ගැනීමට සමත් වූ අතර, ඉන් ඇතැම් ඒවාට තාක්ෂණික කරුණු හේතු විය. මේ තොරතුරුද කියවන්න:" -sri-lanka-40268442,https://www.bbc.com/sinhala/sri-lanka-40268442,මුස්ලිම් ප්‍රහාර: යළි ගැටුම් ඇතිවීමට ඉඩ තබන්නේ නෑ - අමාත්‍ය මණ්ඩලය,"ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ පවතින වර්තමාන ආණ්ඩුව ශ්‍රී ලංකාවේ යළිත් වරක් ගැටුම් ඇතිවීමට ඉඩ නොතබන අතර, ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් කැප වෙන බව සම්මුතිවාදී ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය අවධාරණය කරයි.","විශේෂයෙන්ම මුස්ලිම් කඩසාප්පු, ආගමික ස්ථාන සහ නිවාස ඉලක්ක කරගනිමින් පසුගියදා එල්ල වූ ප්‍රහාර දැඩිව හෙලා දකින බවත් අමාත්‍ය මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එමෙන්ම එම ප්‍රහාරවල ප්‍රතිඵලයක් ලෙසින් සිදු වී ඇති දේපල හානි, ජීවනෝපාය අහිමිවීම මෙන්ම ඔවුන්ට ඇති වූ මානසික පීඩනය පිළිබඳව කණගාටුවන බවත් කැබිනට් මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. සංහිඳියාව සහ සාමකාමී සහජීවනය පිණිස මෙන්ම නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම පිණිසද කැප වී සිටින බවත් ආණ්ඩුව අවධාරණය කරයි. එබැවින් ප්‍රචණ්ඩ ක්‍රියා අවුළුවන සහ වෛරී ප්‍රකාශ සිදුකරන පුද්ගලයන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන මෙන් උපදෙස් දී ඇති බවත් කැබිනට් මණ්ඩලය නිකුත් කළ විශේෂ නිවේදනයේ සඳහන් වේ. මානව හිමිකම් කොමිසම මුස්ලිම් ආගමික සහ ව්‍යාපාරික ස්ථාන ගණනාවකට පසුගිය සති කිහිපය තුළ ප්‍රහාර එල්ල වූ අතර, එවැනි ප්‍රහාර හතරකට සම්බන්ධවූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු බව පොලිසිය පවසයි. සැකකරු ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සමඟ ""කිට්ටු සම්බන්ධකම්"" පැවැත්වූ අයෙකු බව ද පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. එහෙත් එම චෝදනාව තරයේ චෝදනා බැහැර කරමින් ප්‍රකාශයක් නිකුත් කරන බොදු බල සේනා විධායක අධ්‍යක්ෂ ඩිලන්ත විතානගේ පවසන්නේ, බොදු බල සේනා කාර්යාලයට හෝ එහි සාකච්ඡා ආදියට සහභාගී වෙන පුද්ගලයන් තම සංවිධානයේ සාමාජිකයන් නොවන බවය. මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගෙන එල්ලවෙමින් තිබෙන මෙම ප්‍රහාර ආණ්ඩුවට එරෙහිව දියත්වන කුමන්ත්‍රණයක් බව ජාතික භාෂා පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් පසුගියදා බීබීසී සිංහල සේවයට පැවසීය. මුස්ලිම් ප්‍රජාව ඇතුළු සුළුතර ප්‍රජාවන් ඉලක්ක කර ගත් වෛරී සහ ප්‍රචණ්ඩකාරී කථන ප්‍රච���රය කිරීමට පොළඹවන සහ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන පුද්ගලයන්ට විරුද්ධව පියවර ගැනීමට කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මේ අතර ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයට සහ පොලිස්පතිවරයාට කඩිනම් නියෝග නිකුත් කරන මෙන් ද ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් කොමිසම ඉල්ලා සිටියේය." -world-38826203,https://www.bbc.com/sinhala/world-38826203,'ඉන්දිරා' සමුගනී,ලොව වයස්ගතම අලින්ගෙන් අයෙකුවන ඉන්දියාවේ විසූ 'ඉන්දිරා' නම් වූ ඇතින්න මියගිය බව එරට වනජීවී නිලධාරීහු පැවසුහ.,"වැඩි වශයෙන් 'කොළ පැහැති' එළවලු නිතිපතා ආහාරයට ගැනීම ඇයගේ දිගුකල් පැවැත්මට හේතු වූ රහස විනැයි සැළකේ. අසනීප තත්වයකින් පෙළුණු ඇය ජනවාරි මස මුලදී ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළාය. මෙම ඇතින්න සත්කාර පිණිස රඳවා සිටි දකුණු ඉන්දීය කර්ණාටක ප්‍රාන්තයේ සක්රෙබයිලු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරයකු පැවසූ පරිදි ඇතින්නගේ වයස අවුරුදු 80 ත් 90ත් අතරවන අතර සාමාන්‍යයෙන් අලියකුට අවුරුදු 70ක පමණ ආයු කාලයක් හිමි බවය. මිනිස් ග්‍රහණයේ සිටි වයස්ගතම අලියා ලෙස මේ දක්වා වාර්තාවීගතව සිටි අලියා 'ලින් වැං' නම් විණි. තායිපේ හි සත්වෝද්‍යානයේ රඳවා සිටියදී 2003 වසරේදී මියයනවිට එම අලියාගේ වයස අවුරුදු 86ක් විය. 'කීකරු ඇතින්නක්' රෝගී සහ අල්ලාගන්නා ලද අලින් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන සක්රෙබයිලු පුනරුත්ථාපන කඳවුර වෙත 'ඉන්දිරා' ගෙනෙනු ලැබුවේ වසර 50ට පමණ ඉහතදීය. වැඩි වශයෙන් 'කොළ පැහැති' එළවලු නිතිපතා ආහාරයට ගැනීම ඇයගේ දිගුකල් පැවැත්මට හේතු වූ රහස විනැයි සැළකේ. කෙසේවෙතත්, ජනවාරි මස මුලදී ආහාර ගැනීම අත්හළ ඇය දුර්වලවන්නට පටන් ගත් බව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පශු වෛද්‍ය විනායි බීබීසී සමග පැවසීය. ""දශක දෙකක සිටම ඉන්දිරා යැපුනේ මෘදු ආහාරවලින්. අවුරුදු 15ට පමණ ඉහතදී ඇයගේ එක ඇසක නැතිව ගියා. මාසයකට කළින් අනෙක් ඇස සුද වැසී ගියා "" යැයි වෛද්‍ය විනායි ප්‍රකාශ කළේය. 1968 දී කර්ණාටක ප්‍රාන්තයේ කක්කනකොටේ වනාන්තරයේදී අල්ලාගන්නා ලද 'ඉන්දිරා' ඇතින්න, වන අලින් අල්ලාගනීමටත්, හීලෑ කිරීමටත් සහය පිණිස යොදාගනු ලැබිණ. ඇය 'දැඩි විනයකින් යුතු හා ඉතා කීකරු'වූ බව වෛද්‍ය විනායි පැවසීය." -140331_lanka_elections_press,https://www.bbc.com/sinhala/sri_lanka/2014/03/140331_lanka_elections_press,‘ආණ්ඩුවට එරෙහි රැල්ලක් නැහැ’,සෙනසුරාදා පැවැත්වුන පළාත් සභා මැතිවරණ ප්‍රතිපල තුලි��් ආණ්ඩුවේ පසුබෑමක් පෙන්නුම් කෙරෙන බවට විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන විග්‍රහ කිරීම් පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් බැහැර කරනු ලබයි.,"අද සඳුදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් යෞවන සහ තරුණ කටයුතු භාර ඇමති ඩලස් අලහප්පෙරුම කියා සිටියේ දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණ මගින් ආණ්ඩුව විශිෂ්ට ජයග්‍රහණයක් ලද බවයි. 'ගම්පහ වඩාත්ම නාගරික ආසනය මිගමුව, මීගමුවේ අපේ ඡන්ද ප්‍රතිශතය සාපේක්ෂව අඩු වෙලා තිබෙනවා, කොළඹ අපි පැරදුනු කොට්ටාශ 5ත්, ගල්කිස්ස, දෙහිවල, රත්මලාන හා ගාල්ලට වගේ වඩාත් නාගරික ප්‍රදේශවල ප්‍රතිශතය අඩු වෙලා තිබෙනවා, අපි ඒක දේශපාලන වශයෙන් කියව ගන්නවා, ඒවායේ තියෙන සංවිධාන ජාල වල අඩුපාඩු කම් අපි හදා ගන්නවා' වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා සඳහන් කළේය. ජයග්‍රහණය විශිෂ්ටයි ආණ්ඩුවට එරෙහි රැල්ලක් එම මැතිවරණ ප්‍රතිපල මගින් පෙන්නුම් කෙරෙන බවට විපක්ෂය කරන විග්‍රහය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ මෙය පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පරාජයක් ලෙස සලකන්නේ නම් එය මුලාවක් පමණක් වන බවයි. ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරියේ පසුගියදා සිදු කෙරුණ ඡන්ද විමසීමේදී ඡන්දය දීමෙන් වැළකුණ රටවල ඡන්ද ශ්‍රී ලංකාවට පක්ෂව දුන් ඒවා හැටියට සැලකෙන බවක් විදේශ ඇමති ජී.එල්.පීරිස් මැතිවරණයෙන් අනතුරුව ප්‍රකාශ කර තිබුණි. එම අදහස සම්බන්ධයෙන් ප්‍රති තර්කයක් මතු කරන එක්සත් ජාතික පක්ෂය, එසේ නම් මෙවර පළාත් සභා මැතිවරණයේ දී ප්‍රකාශ නොකෙරුණ ඡන්ද විපක්ෂයට දුන් ඡන්ද හැටියට සැලකිය හැකි යයි කියා තිබුණ අතර,එම විග්‍රහය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා සඳහන් කළේ, ‘ජිනීවා ඡන්දය’ සහ පළාත් සභා ඡන්දය ක්‍රම දෙකකට පැවැත්වෙන හෙයින් විපක්ෂයේ තර්කයේ වලංගු බවක් නොමැති බවයි. විශ්ලේෂණ ප්‍රායෝගික නැහැ 2009 පැවැත්වුන පළාත් සභා මැතිවරණයේදී සහ මෙවර ආණ්ඩුව ලද ඡන්ද ප්‍රමාණය සංසන්දනය කරමින් විපක්ෂය කරන මැතිවරණ විග්‍රහ බැහැර කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් සෞඛ්‍යය ඇමති මෛත්‍රීපාල සිරිසේන ඉහත කී මාධ්‍ය හමුවේදී කියා සිටියේ එවැනි සංසන්දනයක් කරනු ලැබීම ප්‍රායෝගික නොවන බවයි. ‘සන්ධානය විදිහට ඉතා පැහැදිලිව ප්‍රකාශ කරනවා පසුබෑමක් නැහැ කියලා, ඔබ පාවිච්චි කරන දර්ශකය 2009 මැතිවරණය, එය කිසියම් විකෘතියක් සහිතව ප්‍රතිඵල නිකුත් වෙච්ච මැතිවරණයක්, ඒක විපක්ෂයක් නැති මැතිවරණ ප්‍රකාශයක් නැති මුළු රටම එකට හිට ගත්ත වෙලාවක පැවති මැතිවරණයක්, ඒකයි මේකයි සංසන්දනය කරන එක සාධාරණ නැහැ’ මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයා පැවසීය. මැතිවරණ ප්‍රතිපල දත්ත සංඛ්‍යා සංසන්දනයේ දී අදාළ වකවානුවේ පවතින දේශපාලන වාතාවරණය සැලකිල්ලට ගත යුතුව ඇති බවයි ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ." -131211_pope_time,https://www.bbc.com/sinhala/sri_lanka/2013/12/131211_pope_time,වසරේ පුරුෂයා පාප් වහන්සේ-ටයිම් සඟරාව,"ෆ්‍රැන්සිස් පාප් වහන්සේ,වසරේ පුරුෂයා හැටියට‘ටයිම්’(Time) සඟරාව විසින් නම් කරනු ලැබ ඇත.","ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කතෝලික සභාවේ ප්‍රධාන පදවියට පත් ව තවම ගත වී ඇත්තේ මාස නවයක් පමණක් වන නමුත්, උන්වහන්සේ විශ්වාසයේ නව හඬ බවට පත් ව ඇති බවයි, ‘ටයිම්’ සඟරාව කියා සිටින්නේ. ‘ටයිම්’කළමනාකරණ කර්තෘ නැන්සි ගිබ්ස් අදහස් දක්වමින්,නව පුද්ගලයකු ලෝක තලයේ මෙවැනි ඉක්මන් ආකර්ෂණයකට ලක් වීම ඉතා ම දුර්ලභ කරුණක් වන බවයි කියා සිටින්නේ. ජනතාවගේ පාප්තුමා දුප්පත්කම-මහජන සෞඛ්‍යය-ගෝලීයකරණය- සහ වෙනත් වැදගත් ප්‍රශ්න පිලිබඳ විවාදයේ කේන්ද්‍රය බවට පාප් වහන්සේ එතුමන්ගේ මැදිහත් වීම මගින් පත් ව සිටින බවත් නැන්සි ගිබ්ස් පවසයි. පසුගිය මාර්තු මාසයේ පාප් පදවියට පත් වීමට පෙර ෆ්‍රැන්සිස් පාප් වහන්සේ,ආර්ජන්ටිනාවේ බුවනෝස් අයරේස් නගරයේ කාදිනල් වරයා හැටියටයි කටයුතු කළේ. ජනතාවගේ පාප් තුමන් හැටියට ආදර ගෞරවයට ලක් වෙන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉතාම සරල ජීවන ප්‍රතිපදාවක් සහිත ආගමික නායකයකු හැටියටද ප්‍රකටයි." -sri-lanka-37148741,https://www.bbc.com/sinhala/sri-lanka-37148741,'අපි මැරුණත් ඡන්දෙන් පස්සේ මන්ත්‍රීවරු එන්නේ නැහැ',මුහුදු ඛාදනය හේතුවෙන් උන් හිටිතැන් අහිමි වී සිටින තමන් දූපතට වැටී ඇති එකම ගොඩබිම් මාර්ගයද අහිමි වීම නිසා දැඩි අපහසුතාවකට මුහුණ දී සිටින බව වයඹ දිග වෙරළ තීරයේ පිහිටි නගුල්එළිය දූපතේ වැසියෝ පවසති.,"ආරච්චිකට්ටුව මුතුපන්තියට නුදුරින් පිහිටි නගුල්එළිය ගම්මානයට වැටී ඇති එකම ගොඩබිම් මාර්ගය මුහුදු ඛාදනයට හසු වීම නිසා තමන් දූපතේ කොටු වී සිටින බවයි එහි වැසියන් කියා සිටියේ. මාර්ගය මුහුදු ඛාදනයට හසු වීම වැළැක්වීම සඳහා බලධාරීන්ගේ මැදිහත් වීමෙන් වැලි වැටියක් යොදා තිබුණත් ඉන් ඵලක් වී නොමැති බවයි බීබීසී සිංහල සේවය වෙනුවෙන් එහි ගිය ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න වාර්තා ක��ේ. හදිසි අවස්ථාවකදී වුවත් දැඩි පරිශ්‍රමයක් දරා ගොඩබිමට ළඟා වීමට තමාට සිදු වී ඇති බව නගුල්එළිය දූපත්වාසීහු පවසති. දරුවන්ගේ අධ්‍යාපනය ගොඩබිම් මාර්ගය අහිමි වීම නිසා දූපතේ වෙසෙන දරුවන්ගේ පාසල් ගමන අඩාල වී ඇති බවත් දෙමව්පියෝ කියා සිටියහ. 'මන්ත්‍රීවරු ඡන්දෙ ගන්න එනවා. අපේ ගෙවල්, පාරවල් හදලා දෙන්නම් කියලා ඒ අය ඇවිත් කියනවා. එහෙම කියලා ඡන්දෙ ගත්තට පස්සේ අපි මැරුණත් මේ පැත්තේ එන්න නැහැ. මේ සැරේ නම් අපි ඡන්දෙ දෙන්නේ නැහැ. ඡන්ද කාඩ් එක ඉරලා මුහුදට වීසි කරනවා.' නගුල්එළිය දූපතේ වෙසෙන මවක් පැවසුවාය. නගුල්එළිය දූපතට වැටී ඇති ගොඩබිම් මාර්ගය මුහුදු ඛාදනයට ලක් වීම හේතුවෙන් එහි වැසියන් අපහසුතාවට පත් වී සිටින බව වයඹ පළාත් ධීවර අමාත්‍ය සුමල් තිසේරා පිළිගනියි. මාර්ගය පිළිසකර කිරීම සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව සමග සාකච්ඡා කොට ඇතත් දැනට එම ආයතනය විසුරුවා හැර ඇති බැවින් පිළිසකර කිරීමේ කටයුතු ඉදිරියට කර ගැන යෑමේ හැකියාවක් නොමැති බව වයඹ පළාත් ධීවර අමාත්‍යවරයා පැවසීය. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් වයඹ පළාත් ධීවර අමාත්‍ය සුමල් තිසේරා වැඩිදුරටත් කියා සිටියේය." -world-38983510,https://www.bbc.com/sinhala/world-38983510,මේ මොහොතේ අවශ්‍යතාවය නව ව්‍යවස්ථාව - චන්ද්‍රිකා,යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට වඩා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීම පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුව මේ මොහොතේ අවධානය පළ කළ යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.,"ශ්‍රී ලංකාවේ සිටින විදේශීය මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් සමග අදහස් දක්වමින් ඒ බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරිය, මේ මොහොතේ යුද අපරාධ පිළිබඳ අධිකරණ පරීක්ෂණ ආරම්භ කළහොත් එය නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ කාර්යයට පැහැදිලිවම බාධාවක් වනු ඇති බවත් සඳහන් කළාය. ""යුද අපරාධවලට වගකිවයුතු අයත් සොයාගන්න ඕනේ. ඒත් ඒක මේ මොහොතේ ප්‍රමුඛතාවය නෙවෙයි. අනික තමයි, යුද අපරාධ පරීක්ෂණ දැන් ආරම්භ කළොත් පැහැදිලිවම අලුත් ව්‍යවස්ථාවක් නෑ කියල මට සහතිකයි,"" ඇය සඳහන් කළේ විදේශීය මාධ්‍යවේදිනියක් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ද යන්න පිළිබඳව විවිධ මතවාද පවතින නමුත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැප වී සිටින බව ඇයගේ මතයයි. ""පක්ෂය ඒකට කැපවෙලා ඉන්නවා. ජනාධිපතිතුමා කැපවෙලා ඉන්නවා. ඒකට අකමැති අය ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයේ."" ජනමත විචාරණයකට මුහුණදීම ඉතා සංකීර්ණ ක්‍රියාදාමයක් බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයෙන් ""ව්‍යවස්ථා සංශෝධනය"" ක්‍රියාවට නැගීමට උත්සාහ දැරීම සිය පක්ෂයේ උත්සාහය බවයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයා පසුගියදා බීබීසී සංදේශයට කියා සිටියේ. එහෙත් නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීම පිණිස ජනමත විචාරණයක් අත්‍යවශ්‍ය බව අවධාරණය කරන ඇය, රටේ පවතින වාතාවරණය සලකා බැලීමේදී ජනමත විචාරණයකින් ජයගත හැකිද යන්න පිළිබඳව බොහෝ දෙනා සැකසහිත ආකල්පයක් දරන බව පිළිගත්තාය. ""අපි හිතන්නේ ඒකට කරන්න තියෙන්නේ මගේ ආණ්ඩුව කාලේ අපි සුදු නෙළුම කළා වගේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන එක. හැමෝම ඒක ගැන කතාකරනවා හැබැයි එයාල ඒ ගැන කිසි දෙයක් කරන්නේ නෑ. අපි තව සති කිහිපයකින් ඒ වගේ දෙයක් පටන්ගන්නවා."" නව ආණ්ඩුක්‍රම ව්‍යස්තාවක් හඳුන්වාදීමේදී සිය පාලන සමයේදීට වඩා වත්මන් ආණ්ඩුවට බොහෝ අභියෝගවලට මුහුණදීමට සිදු වී තිබෙන බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සඳහන් කළාය. ""මගේ පාලනය කාලේ සංවිධානාත්මක අන්තවාදී කණ්ඩායම් තිබුණේ නෑ. ජාතික හෙළ උරුමය, බොදු බල සේනා, හිටපු ජනාධිපතිවරයෙක් නායකත්වය දෙන ඒකාබද්ධ විපක්ෂය මේ සේරම ලඟදි මතුවුනේ. ඒක පැහැදිලිවම ලොකු අභියෝගයක්."" යුද අපරාධ චෝදනා සම්බන්ධ පරීක්ෂණ පිළිබඳව විදේශීය මාධ්‍යවේදිනියක් විමසූ අවස්ථාවේ හිටපු ජනාධිපතිනිය කියා සිටියේ, ඒ පිළිබඳව උතුරු නැගෙනහිර පලාත්වල වෙසෙන ජනතාවගේ වැඩි අවධානයක් නොමැති බවයි. ""ඒ කියන්නේ අපි ඒ ගැන අමතක කළයුතුයි කියන එක නෙවෙයි. ඒ මිනිස්සුන්ට ඕනේ ඒ පළාතේ සංවර්ධනය, රැකියා අවස්ථා, තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය සහ විශේෂයෙන්ම අතුරුදහන්වූවන්ට වුනේ මොකක්ද කියල දැනගන්න එක. යුද අපරාධ කියන දේ ගැන කතාකරන්නේ ඒ මිනිස්සු නෙවෙයි, ඩයස්පෝරාව. මොකද ඩයස්පෝරාවට දැන් කතාකරන්න දෙයක් නැතිවෙලා."" එවැනි පරීක්ෂණයක් සඳහා විදේශීය විනිසුරන් අවශ්‍ය වන්නේ මන්දැයි ඇය ප්‍රශ්න කළාය. ""විදේශීය විනිසුරන් ගැන මගේ විරෝධයක් නෑ. නමුත් සමහරු විරුද්ධයි. කොහොමවුනත් වඩා වැදගත් වෙන්නේ විදේශීය විනිසුරන් කැඳවන එකද? නැත්නම් අලුත් ව්‍යවස්ථාව සකස් කරන එකද කියල හොඳින් සලකා බලන්න සිද්ද වේවි."" මහජනතාව සමග අදහස් හුවමාරු කරගැනීම පිණිස වත්මන් ආණ්ඩුවේ කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත් හිටපු ජනාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළාය." -130109_cjlanka,https://www.bbc.com/sinhala/sri_lanka/2013/01/130109_cjlanka,අග විනිසුරුවරිය යළිත් දුෂණ චෝදනා ප්‍රතික්ෂේප කරයි,සාධාරණ නීතිමය රාමුවක් ඇතුලත පැවැත්වෙන පරීක්ෂණයකට පෙනී සිටීමට තමුන් සුදානම් බව අග විනිසුරුවරිය ඇගේ නීතිවේදීන් ගේ මාර්ගයෙන් කියා සිටී.,අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක වෙනුවෙන් මාධ්‍ය හමුවක් ඇමතු නීතිවේදී සාලිය පීරිස් කියා සිටියේ රාජ්‍ය මාධ්‍ය සහ ඇතැම් ඇමැතිවරු නගන සියළුම චෝදනා අග විනිසුරුවරිය ප්‍රතික්ෂේප කරන බවයි. සෙලින්කෝ සමාගම් සමුහයට අයත් ගෝල්ඩන් කී සමාගමේ කටයුතු අධිකරණය හමුවේ විභාග වෙද්දී ඊට අයත් ට්‍රිලියම් නිවාස සමුහයෙන් නිවාසයක් මිලදී ගැනීම පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න නැගුහ. ට්‍රිලියම් නිවාස මිලදී ගැනීම පිලිබඳව නැගෙන චෝදනා පිළිබඳව නීතිවේදී සාලිය පීරිස් ප්‍රකාශ කළේ මෙම නිවාසය අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ඇගේ සොහොයුරිය වෙනුවෙන් මිලදී ගන්නා අවස්ථාවේදී ඇය අග විනිසුරු තනතුරේ කටයුතු නොකළ අතර නිවාස මිලදී ගත් සියළුම දෙනාටම වට්ටම් හිමිවු බවයි. අග විනිසුරුවරිය විශාල බැංකු ගිණුම් ප්‍රමාණයක් පවත්වා ගෙන යන බවට‍ නැගෙන චෝදනා පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ විභාග කැරුණු දෝෂාභියෝගයට ඇතුල් නොවූ බවත් නීතිවේදී සාලිය පීරිස් පෙන්වා දුන්නේය. දෝෂාභියෝගය පිළිබඳව පාර්ලිමේන්තු විවාදය ජනවාරි දහය එකොළහ දෙදින පැවැත්වීමට නියමිතය. -world-40874248,https://www.bbc.com/sinhala/world-40874248,"උ.කොරියාව, ඇමෙරිකාවේ 'ගුවාම්' දූපතට පහර දෙයි ද?",ඇමෙරිකාවට අයත් ශාන්තිකර සාගරයේ පිහිටි ගුවාම් දූපතට මිසයිල ප්‍රහාරයක් එල්ලකිරීම පිළිබඳ සිය අවධානය යොමු වී ඇති බව උතුරු කොරියාව පවසයි.,"ඇමෙරිකානු ගුවන් හමුදාවේ ඇන්ඩර්සන් ගුවන් කඳවුර ගුවාම් දුපතේ පිහිටා තිබේ. ලෝකය මින් පෙර නොදුටු ""විනාශකාරී කොපාග්නියකට"" උතුරු කොරියාව මුහුණ දෙනු ඇතැයි යනුවෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනාත්මකව ප්‍රකාශයක් කිරීමෙන් පැය කිහිපයක් ඉක්ම යද්දී උතුරු කොරියානු හමුදාව නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමින් එරට රාජ්‍ය මාධ්‍ය නව අරමුණ පිළිබඳ වාර්තා කළේය. උතුරු කොරියානු නිල පුවත් ඒජන්සිය සඳහන් කළ අන්දමට, ඇමෙරිකාවේ බෝම්බ ප්‍රහාරක යානා ස්ථානගතකොට ඇති ගුවාම් වෙත මාධ්‍ය හා දිගුදුර පරාසය අතර වූ රොකට්ටු විදීමේ සැලසුමක් කෙරෙහි අවධානය යොමුකොට ඇත. මෑතදී එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට එරෙහිව තවදුරටත් ආර්ථික සම්බාධක අනුමත කිරීම උතුරු කොරියාව විසින් පෙන්වාදෙනු ලැබුවේ ""අපගේ ස්වෛරීබව ප්‍රචණ්ඩකාරීව උල්ලංඝනය කිරීමක්"" ලෙසිනි. ඉන් නොනැවතුණු එරට, මේ සම්බන්ධයෙන් ඇමෙරිකාව ""වන්දි ගෙවිය යුතුයි"" යැයි ද පැවසීය. 'විනාශකාරී කෝපාග්නිය' ගුවාම් දූපත ගැන මේ කරුණු දැන සිටියාද? බදාදා (අගෝස්තු 09) උතුරු කොරියානු KCNA පුවත් ආයතනය පැවසුවේ සිය රටේ නිෂ්පාදිත මධ්‍යම හා දිගුදුර අතර පරාසයේ හ්වාසොංග් - 12 ( උපයෝගී කරගනිමින් ""ගුවාම් අවට ප්‍රදේශයට පහරදීම සම්බන්ධ මෙහෙයුම් සැලසුමක් සුපරික්ෂාකාරීව අධ්‍යයනය කරමින් සිටිනවා"" යැයි පැවසීය. එම පුවත් ආයතනය උපුටා දැක්වූ හමුදා නිවේදනය අඟහරුවාදා නිකුත් වූයේ, ගුවාම් හි ක්‍රියාත්මක කෙරෙන ඇමෙරිකානු හමුදා අභ්‍යාසවලට ප්‍රතිචාර ලෙසිනි. ජනතාව වෙත පණිවිඩයක් නිකුත් කළ ගුවාම් හි ආණ්ඩුකාර එඩී බාසා කැල්වෝ සිය දූපතට හෝ මරියානා දූපත් සමූහයට දැනට ""තර්ජනයක් නැහැ"" යැයි පැවසුවද ""එවන් තත්ත්වයකට සූදානම්"" බවද සඳහන් කළේය. උතුරු කොරියාවේ නිවේදනය පවතින උණුසුම් තත්ත්වය තවත් ඉහළ නංවාලන සුළු අවස්ථාවකි. පස් වතාවක් න්‍යෂ්ටික අත්හදාබැලීම් කළ ප්යෝන්ග්යැන්ග් පාලනය, ජූලි මාසයේදී අන්තර්මහාද්වීපික බැලිස්ටික් මිසයිල (ICBM) දෙකක් අත්හදා බැලුවේ, ඇමෙරිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට පහරදීමේ හැකියාව දැන් තමන් සතු බව පවසමිනි. උතුරු කොරියානු මිසයිල විදුම් පරාස මේ අතර, අඟහරුවාදා ඇමෙරිකානු මාධ්‍ය වාර්තාවල දැක්වුණේ උතුරු කොරියාව සිය මිසයිලවල සවිකිරීමට හැකි තරමේ කුඩා න්‍යෂ්ටික යුදශීර්ෂයක් සෑදීමේ ඉලක්කය සපුරාගෙන ඇති බවය. එය තහවුරු වී නැති වුවද, පූර්ණ න්‍යෂ්ටික අවි බලය සහිත රාජ්‍යයක්වීම සඳහා උතුරු කොරියාව මුහුණ දී සිටි අවසන් බාධකය එය විය. මීට පෙර අපේක්ෂා නොකළ තරමේ වැඩි වේගයකින් ඇමෙරිකාවට පහරදීමට සමත් න්‍යෂ්ටික අවි නිපැයීමෙහි උතුරු කොරියාව යෙදී සිටින බව ඇමෙරිකානු බුද්ධි අංශ තොරතුරු උපුටා දක්වමින් වොෂිංටන් පෝස්ට් පුවත්පත වාර්තාකොට තිබිණි. අවි වැඩපිළිවෙල ""සැළකිය යුතු වර්ධනයක්"" ලබා ඇති අතර බොහෝ දුරට උතුරු කොරියාව සතුව න්‍යෂ්ටික අවි ඇති බව ජපාන රජයේ ආරක්ෂක ධවල පත්‍රිකා���ක දැක්වේ. මේඅතර ජනාධිපති ට්‍රම්ප් ගේ ප්‍රකාශය පිළිබඳව සැක මුසුව අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ සෙනෙට් සභිකයෙකුවන ජෝන් ම'කේන් පැවසුවේ ""ක්‍රියාත්මක වෙන්නට තරම් ජනාධිපති තරම් සුදානම් දැයි විශ්වාස නැහැ"" යනුවෙනි. _________________________________________________________________________________________________________________________________________________________________________________________________ සෝල් නුවර තත්ත්වය : බීබීසී වාර්තාකාරිනී යෝගිතා ලිමායේ දැනට මතුවී ඇති තත්ත්වය, උතුරු කොරියානු දේශසීමාවේ සිට කිලෝමීටර 50ක් (සැතපුම් 30) තරම්වූ දුරක් මෙපිටින් ඇති සෝල් අගනුවර තුළට ගෙනවිත් ඇත්තේ මිශ්‍ර ප්‍රතිචාරයකි. 62 හැවිරිදි කිම් සිඔන්ග් පවසන්නේ සිය පාලනය පවත්වාගැනීමට බොරු ගොතන උතුරු කොරියාව තමන්ගේ න්‍යෂ්ටික වැඩසටහන සාධාරණීකරණය කරන බවය. නමුත් අනෙක් බොහෝ පිරිසක් මේ පිළිබඳව සිටින්නේ අවධානයෙනි. තමන්ට මේ තත්ත්වය ""බිය ගෙනදෙන්නක්"" බව යිඔන් එයුඉ-සූක් පවසන්නීය. ""හැමදෙනාටම සාමකාමීව සිටින්නට හැකි වේයැයි මා පතනවා. කිම් ජොන්ග් අන් අප හැම දෙනාවම කණස්සල්ලට පත්කරනවා"" ඇය පැවසුවාය. ඇමෙරිකාව හා දකුණු කොරියාව ඒකාබද්ධ හමුදා අභ්‍යාස ක්‍රියාත්මක කරද්දී, අගෝස්තු මාසය තුළ ප්යෝන්ග් යැන්ග් පාලනයෙන් සැමවිට මතුවුයේ ආවේගශීලී ප්‍රකාශන රටාවක් බව විශ්ලේෂකයෝ පවසති. එහෙත්, මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ දැඩි වචන භාවිතයත් සමග ඝට්ටනශීලී බව පෙරට වඩා බියගෙන දෙන සුළු වී ඇත. ___________________________________________________________________________________________________________________________________________________________________________________________________ උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් උතුරු කොරියාව ගැන හෙළා දැකීම: ""ජනපති දැන සිටියේ නැහැ"" උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් 'හෙළා දකිනවා' එකට එක කරනවා -උතුරු කොරියාව උතුරු කොරියාව ගැන ""ඉවසීම අවසානයි"" -ට්‍රම්ප් උතුරු කොරියාව ""අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව"" අත්හදා බලයි උතුරු කොරියාව සතු මිසයිල මොනවාද? උතුරු කොරියාව සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල අත්හැර දැමීමට පෙළඹවීම සඳහා පීඩනයක් එල්ලකිරීමේ උත්සාහයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සෙනසුරාදා නව ආර්ථික සම්බාධක ප්‍රකාශයට පත්කිරීමත් සමග එරට කෝපයෙන් යුතුව ප්‍රතිචාර දැක්වීය. උතුරු කොරියාවේ අපනයන ආදායම තුනෙන් එකකින් අඩුකිරීම එම සම්බාධකවල අරමුණ විණි. මේ හේතුවෙන් උතුරු කොරියාව ප්‍රතිචාර දක්වනු ඇති අතර නව පියවර කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් ""ඇමෙරිකාව වන්දි ගෙවීමට"" සලසන��� ඇති බව KCNA පුවත් ඒජන්සිය පැවසීය. නව සම්බාධක ""100%ක් ම"" ක්‍රියාත්මක කිරීම සඳහා තමන් කැපවන බව ප්යෝන්ග්යැන්ග් පාලනයේ අතිශය සමීපතමයා වන චීනයද පවසා තිබිණි. ප්යෝන්ග්යැන්ග් පාලනය මෙහෙයවා ගැනීම සම්බන්ධයෙන් රුසියාව හා චීනය මීට පෙර එකිනෙකාට වෙනස් මත දැරුවද ගෙවී ගිය මාස කිහිපය තුළ ඒ දෙරටම උතුරු කොරියාවෙන් ඉල්ලා සිටියේ මිසයිල අත්හදා බැලීම් නවතන ලෙසය. එසේම එකාබද්ධ යුද අභ්‍යාස නවතා දකුණු කොරියාවේ ඇති මිසයිල නාශක පද්ධතිය ඉවත් කරගන්නා ලෙස අමෙරිකාවෙන් හා දකුණු කොරියාවෙන්ද ඉල්ලා සිටියහ. කුඩා එහෙත් වැදගත් ගුවාම් දූපත ගුවාම් දූපත" -sri-lanka-40738894,https://www.bbc.com/sinhala/sri-lanka-40738894,ශිරන්ති CID වෙත නොපැමිණෙයි,තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක පරීක්ෂණ සඳහා ප්‍රකාශයක් ලබා ගැනීම පිණිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ අද (ජුලි 27) ඒ හමුවේ පෙනී සිටීමට නොහැකි බව දන්වා තිබේ.,"පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ ඉදිරි දිනකදී අදාළ ප්‍රකාශය ලබා දීමට කටයුතු කරන බවය ඇය ඒ වෙත කැඳවා තිබුණේ රතුකුරුස ආයතනය විසින් 'සිරිලිය සවිය' සංවිධානය වෙත සපයන ලද ඩිෆෙන්ඩර් ජීප් රථයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය. අද දින ශිරන්ති රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නොහැකි බව ඇයගේ නීතිඥයින් ඒ වෙත දන්වා තිබේ. බීබීසී සිංහල සේවය කළ විමසීමක දී ශිරන්ති රාජපක්ෂගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ ඉදිරි දිනකදී අදාළ ප්‍රකාශය ලබා දීමට කටයුතු කරන බවය. (WP) KA-0642 අංක දරන ඩිෆෙන්ඩර් රථය 2011 අගෝස්තු මාසයේ සිට 2015 ජනවාරි 20 වෙනිදා දක්වා හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ ශිරන්තිගේ 'සිරිලිය සවිය' සංවිධානය සඳහා ලබා දී තිබුණු බව රතු කුරුස ආයතනය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මීට ඉහතදී දන්වා තිබිණි. තාජුදීන් රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගොස් ඝාතනය කර ඇතැයි ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණවලින් හෙළි වී ඇති බව මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබිණි. එම රථය 'සිරිලිය සවිය' සංවිධානය භාරයේ තිබෙන අවස්ථාවේදී ඔවුන් එය කුමන කාර්යයක් සඳහා භාවිත කළේ ද යන්න තමන් නොදන්නා බව රතුකුරුස සංවිධානය එවක පැවසීය. ඩිෆෙන්ඩර් රථයේ පැහැය වෙනස් කිරීම සම්බන්ධයෙන් තමන් දන���නා සියලුම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා ඇති බවත් එම ආයතනය සඳහන් කොට තිබිණි. අදාළ ඩිෆෙන්ඩර් රථය මේ වන විට පවතින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේය. මේ අතර තාජුදීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීමට කටයුතු කළ බවට චෝදනා එල්ල වූ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක වසරකට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ පසු වූ අතර පසුගියදා ඇප මත නිදහස් කෙරිණි." -131121_lanka_budget,https://www.bbc.com/sinhala/sri_lanka/2013/11/131121_lanka_budget,අයවැය ලේඛනයේ ප්‍රධාන යෝජනා,"මුදල් අමාත්‍ය,ජනාධිපති මහින්ද රාජපක්ෂ අද බ්‍රහස්පතින්දා, 2014 වසර සඳහා වන සිය අය-වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.","මෙය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය යටතේ ඉදිරිපත් කෙරෙන නව වැනි අය-වැයයි. පැය දෙක හමාරක පමණ කාලයක් සිය අය-වැය යෝජනා ඉදිරිපත් කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, රජයේ සේවකයන් සඳහා ලබා දෙන ජීවන වියදම් දීමනාව ජනවාරි මාසයේ සිට රු. 1200 කින් වැඩි කිරී මට යෝජනා කරයි. මෙවර අය වැය යෝජනා අතර තවත් කැපී පෙනෙන යෝජනාවක් වන්නේ,2006 ට පෙර විශ්‍රාම ගිය අයට රුපියල් 500 ක දීමනාවක් ද, සෙසු විශ්‍රාම ගිය සඳහා රුපියල් 350 ක දීමනාවක් යෝජනා කිරීමයි. ඒ සමඟ,අධිකරණ විනිශ්චයකාරවරුන් සඳහා ලබා දෙන දීමනාව 8% කින් ඉහල දැමීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යෝජනා කරයි. සරසවි ආචාර්යවරුන් සඳහා වන පර්යේෂණ දීමනාව 5%කින් ඉහළ දැමීමට ද නව අය-වැය මගින් යෝජනා කොට ඇත.ඒ සමඟ පාසල් ගුරු වැටුප් වෙනුවෙන් රුපියල් කෝටි අටසීයක් වෙන් කිරීමට ද ජනාධිපතිවරයා යෝජනා කරයි. ගොවි විශ්‍රාම වැටුප ගොවීන් සඳහා දෙන රුපියල් තුන්සිය පනහක පොහොර සහනාධාරය දිගටම දෙන බවත් නව අය-වැය මගින් ප්‍රකාශයට පත් කෙරිණ. ගොවි විශ්‍රාම වැටුප ලබන ජනවාරි මාසයේ පටන් යළි පණ ගන්වන බවත්,ගොවි විශ්‍රාමය මසකට රුපියල් 1,250 ක් වන බවත් ඒ සමඟ පැවසුණි. දේශීය සහ විදේශීය සංචාරක කර්මාන්තය නංවාලීම,ගුවන් සේවාවන් සඳහා කෙරෙන ආයෝජන සහ සරසවි සිසුන්ගේ නේවාසික පහසුකම් නංවා ලීමට මුදල් වෙන් කරනු ලැබීම නව අය-වැයට ඇතුලත් තවත් යෝජනා වෙති. සිය අය වැය යෝජනා ඉදිරිපත් කරමින්,මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කියා සිටියේ,ලබන වසරේ මැද භාගය වන විට රටේ ආර්ථික සංවර්ධනය 7.58% ක ද උද්ධමනය 5.6% මට්ටමක ද පවත්වා ගැනීමට බලාපොරොත්තු තබන බවයි." -140319_release_activist,https://www.bbc.com/sinhala/sri_lanka/2014/03/140319_release_activist,නිදහස් කලත් බියක් - රුකී ප්‍රනාන්දු,මානව හිමිකම් වෙනුවෙන් තමා සමඟ ක���‍රියා කරන අය සහ තමාගේ ආරක්ෂාව පිළිබඳව බියක් පවතින බව ත්‍රස්ත විමර්ශන ඒකකයේ අත් අඩංගුවේ සිට නිදහස් කරනු ලැබූ මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු පවසයි.,"ප්‍රවීන් මහේසන් පියතුමා සහ රුකී ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් ඉරිදා අත් අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නිදහස් කරනු ලැබූහ. විශේෂ පරීක්ෂණයක් තමා නිදහස් කිරීමෙන් පැය කිහිපයකට පසු ගල්කිස්ස පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ගල්කිස්සේ පිහිටි තම නිවසට පැමිණ තම මවට සහ පියාට විශේෂ පරීක්ෂණයකට සහභාගි වීම සඳහා හෙට බ්‍රහස්පතින්දා දිනයේ දී පැමිණෙන ලෙස දන්වා ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. එසේම විදේශ කටයුතු අමාත්‍යංශය සිය වෙබ් අඩවියේ නිල නිවේදනයක් නිකුත් කරමින් තමා සහ ප්‍රවීන් මහේසන් පියනම ඇප මත නිදහස් කළ බව ප්‍රකාශ කොට තිබීම සම්පූර්ණ අසත්‍යයක් බවත් ඔහු පැවසුවේය. “මහේස්ත්‍රාත්තුමිය ඇප දුන්නෙත් නැහැ.ටීඅයිඩී එකෙන් ඇප දෙන්න කියල ඉල්ලීමක් කලෙත් නැහැ. ටීඅයිඩී එකෙන් කිව්වේ අපිව නිදහස් කරන්න කියල,” මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු පැවසුවේය. විශාල සතුටක් තමාත් ප්‍රවීන් මහේසන් පියතුමාත් නිදහස් කරන ලෙස ශ්‍රී ලංකාවේ විවිධ සංවිධාන සහ පිට රටවල් පෙනී සිටීම ගැන අසන්නට ලැබීමෙන් විශාල සතුටක් දැනුන බවයි ඔහු කියා සිටියේ. ඒ නිසාම හිංසාවක් නොමැතිව ඉතා ඉක්මනින් නිදහස ලැබීමට එම සංවිධාන වල සහ ජන මාධ්‍ය මගින් කරන ලද මෙහෙය ඉවහල් වන්නට ඇති බවයි ඔහු පැවසුවේ. එල්ටීටීඊ සංවිධානය යලි ප්‍රති සංවිධාන කිරීමේ කටයුතුවලට ආධාර අනුබල දීම අත් අඩංගුවට ගැනීමට හේතුවක් වශයෙන් ඉදිරි පත් කොට තිබූ බව පැවසූ ඔහු එය තමන් ප්‍රතික්ෂේප කළ බව කියා සිටියේය. දින දෙකකට පසුව ටීඅයිඩී යද එය පිළිගෙන මහේස්ත්‍රාත්තුමියට ඒ බව දන්වා තමා නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බවයි ඔහු ප්‍රකාශ කළේ. අත් අඩංගුවට හේතු දෙවැනි කරුණ ලෙස රජය අපහසුතාවට පත් කිරීම සහ තෙවැනි හේතුව වශයෙන් තොරතුරු විදේශ රටවලට දැනුම් දී මුදල් ලබා ගැනීම ඉදිරිපත් කොට ඇති බවත් ඔහු පැවසුවේය. තමා ප්‍රශ්න කිරීමට ලක් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් එම කරුණු අත් අඩංගුවට ගැනීමට වරදක් වන්නේ කෙසේදැයි තමා ප්‍රශ්න කළ බව ප්‍රකාශ කළේය. ප්‍රවීන් මහේසන් පියතුමා සහ රුකී ප්‍රනාන්දු යන දෙදෙනාම අතුරුදහන් වුවන්ගේ පවුල් සමග කටයුතු කරමින් ඔවුන්ගේ මානව හි��ිකම් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාධරයන් දෙදෙනෙක්." -41629026,https://www.bbc.com/sinhala/41629026,"මොගඩිෂු බෝම්බ පිපිරීමෙන් ""230 ක් වත් මරුට, 300 කට වැඩි පිරිසකට තුවාලයි""",සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ජනාකීර්ණ ප්‍රදේශයක සෙනසුරාදා රාත්‍රියේ හටගත් දැවැන්ත බෝම්බ පිපිරීමෙන් 230 දෙනෙකුවත් මරුමුවට පත් වී ඇතැයි විශ්වාස කෙරෙන බව පොලිසිය පවසයි.,"පුපුරන ද්‍රව්‍ය පුරවාගත් ලොරියක් සංචාරක හෝටලයක පිවිසුම ආසන්නයේ දී එම බෝම්බ පුපුරවා හැරි අවස්ථාවේ තවත් සිය ගණනකට තුවාල සිදු විය. ඉස්ලාමීය අල් ෂහාබ් සංවිධානය (Islamist al-Shabab) 2007 දී සිය කැරැල්ල ආරම්භ කළ අවස්ථාවේ සිට සෝමාලියාවේ එල්ල වූ දරුණුම බෝම්බ ප්‍රහාරය මෙයය. ප්‍රහාරය එල්ල කළේ කවුරුන් විසින් දැයි තවමත් පැහැදිලි නැතත්, මොගඩිෂු අගනුවර අල් ෂහාබ් කැරලිකරුවන්ගේ ප්‍රධානම ඉලක්කයකි. ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල ලැබුවන් වෙනුවෙන් ජනාධිපති මොහමඩ් අබ්දුලාහි ""ෆර්මජෝ"" මොහමඩ් (Mohamed Abdullahi ""Farmajo"" Mohamed) විසින් තෙදින ශෝක කාලයක් ප්‍රකායට පත්කරනු ලැබ තිබේ. අගනුවර පුපුරා ගිය විශාලතම බෝම්බයක සුන් බුන් අතර සිය සමීපතමයන් සිටින්නේ දැයි ඉරිදා උදෑසන එම ස්ථානයට රැස් වූ අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් සොයමින් සිටි බව දේශීය ජනමාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරයෙන් මියගිය පිරිස තවත් ඉහළ යා හැකි බව පොලිස් නිලධාරියෙකු වන ඊබ්‍රහිම් මොහමඩ් ඒඑෆ්පී පුවත් සේවයට පැවසීය. ""300 කට වැඩි පිරිසකට තුවාලයි; ඒ සමහර දෙනෙකුගේ තත්වය බරපතලයි,"" ඔහු පැවසීය. ප්‍රහාරයෙන් සෆාරි හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, බොහෝ දෙනා තවමත් එහි සුන් බුන් අතර සිර වී සිටින බව එම ස්ථානයේ සිටින බීබීසී සෝමාලි භාෂා සේවයේ වාර්තාකරුවෙක් පවසයි. ""ඒක තමයි මම මගේ ජීවිතේටම දැක්ක ලොකුම පිපිරීම. මුළු පළාතම විනාශ වුනා,"" පිපිරීම සියැසින් දුටු ප්‍රදේශවාසියෙකු වන මුහිදින් අලි ඒඑෆ්පී පුවත් සේවයට පැවසීය. මේ අතර මැඩීනා (Madina) රෝහලේ අධ්‍යක්ෂ මොහමඩ් යුසුෆ් හසන් (Mohamed Yusuf Hassan) අදහස් දක්වමින්, සිදු වූ දැවැන්ත විනාශය දැක තමන් කම්පා වූ බව සඳහන් කළේය. ""තුවාල ලබපු 75 දෙනෙක් රෝහලට ඇතුළත් කළා. එයින් 25 ස් දෙනෙකුගේ තත්වය බරපතලයි. තවත් සමහරුන්ගේ අත පය අහිමි වෙලා,"" ඔහු පැවසීය. ""ඊයේ සිද්ද වෙච්ච දේ හිතාගන්නවත් බෑ. ඒ වගේ දෙයක් මම කවදාවත් දැකල නෑ. හිතාගන්න බැරි තරම් පිරිසකට ජීවිත අහිමි වුනා. අඳුර ගන්න බැරි තරමට මළ සිරුරු පිච්චිලා ගිහිල්ල,"" රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය. පළමු බෝම්බයෙන් පසුව පුපුරා ගිය තවත් බෝම්බයකින් දෙදෙනෙකු මරුමුවට පත්වී ඇති බව ද බලධාරීහු සනාථ කළහ. සෝමාලියාව ඛේදවාචකයක් අබියස" -world-50912545,https://www.bbc.com/sinhala/world-50912545,"ඇෆ්ගනිස්තානය: තලිබාන් සංවිධානය, සාම ක්‍රියාකාරීන් 'පැහැරගෙන'",සාමය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමකට අයත් ක්‍රියාකාරීන් 27 දෙනෙකු බටහිර ඇෆ්ගනිස්තානයේ ගමන් කරමින් සිටින අතරතුර තලිබාන් සංවිධානය විසින් පැහැර ගනු ලැබ ඇති බව එරට බලධාරීහු පවසති.,"මින් දෙසතියකට පෙර 'පීපල්ස් පීස් මූව්මන්ට්' (People's Peace Movement) නම් සාම සංවිධානය පෙළපාලියක් ආරම්භ කළේය. ගැටුම් නතර කරන ලෙස ඉල්ලීම් කරමින් මින් දෙසතියකට පෙර 'පීපල්ස් පීස් මූව්මන්ට්' (People's Peace Movement) නම් සාම සංවිධානය හේරාත් පළාතෙන් පෙළපාලියක් ආරම්භ කළේය. නමුත්, පෙළපාලිය ෆාරාහ් පළාතට ඇතුළුවීමෙන් පසු අතුරුදන් වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තලිබාන් සංවිධානය මෙතෙක් ප්‍රකාශයක් නිකුත් කර නොමැත. තලිබාන් සංවිධානය ඇමරිකාව සමඟ සාම සාකච්ඡාවල නිරත වී සිටියත්, ඇෆ්ගනිස්තානයට සහ ජාත්‍යන්තර හමුදාවලට නිරන්තරයෙන් ප්‍රහාර එල්ල කරයි. සාම ක්‍රියාකාරීන් ගමන් කරමින් සිටි මෝටර් රථ හය තලිබාන් සංවිධානයට අයත් පිරිස් විසින් ප්‍රධාන මාර්ගයක දී නතර කර හඳුනා නොගත් ස්ථානයකට ගෙන ගොස් ඇතැයි ෆාරාහ් ප්‍රදේශයේ උප ආණ්ඩුකාරවරයා වන මසූද් බකහ්තවාර් පැවසීය. මේ තොරතුරුද කියවන්න: 2018 දී මෙම සාම සංවිධානය හෙල්මන්ඩ් පළාතේදී ප්‍රචණ්ඩත්වයට එරෙහිව පෙළපාලි පැවැත්වීම ඇරඹුවේ, එම පළාතේ දකුණු දිග පිහිටි ක්‍රීඩාංගණයක මෝටර් රථ බෝම්බයක් පුපුරා යෑමෙන් 17 දෙනෙකු මියගොස් පනස් දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධියෙන් පසුවය. එතැන් සිට ඔවුන් රටේ වෙනත් දිසාවන් වෙත ගිය අතර එහිදී නිතරම තලිබාන් පාලනය යටතේ ඇති ප්‍රදේශ හරහා ගමනේ යෙදිණි. ඇෆ්ගනිස්තාන ආණ්ඩුව මෙම සංවිධානයට මුල්‍යාධාර සපයන බවට තලිබාන් විසින් චෝදනා නැගුවද එම සංවිධානය එය ප්‍රතික්ෂේප කරයි. 2001 වර්ෂයේ සිට පවතින සටන්වලින් ඇෆ්ගනිස්තාන වැසියන් දස දහස් ගණනක්, ආරක්ෂක හමුදා සාමාජිකයන් සහ 3000ට අධික ජාත්‍යන්තර හමුදා සාමාජිකයන් මිය ගොස් තිබේ. තවත් තොරතුරු:" -140227_ukraine_crimea,https://www.bbc.com/sinhala/world/2014/02/140227_ukraine_crimea,රුසියානු ආධාර කරුවෝ ක්‍රිමියාව අල්ලා ගනිති,යුක්‍රේනයේ ‘සිම්පරාපෝල්’ නගරයේ ක්‍රියාත්මක වෙන අර්ධ ස්වයංපාලන බලතල සහිත ක්‍රිමියානු ආණ්ඩුව පූර්ණ ස්වයංපාලනයක් කරා යාමේ ජනමත විචාරණයක් කැඳවන මෙන් ඉල්ලීමක් කරයි.,"රුසියාවේ හිතවතුන් එම කලාපයේ මේ වන විට අවි ගැටුමක අනතුරක් වැඩෙමින් පවතිද්දීයි, එම පියවර ගනු ලැබුණේ. රුසියාවට හිතවත් තුවක්කු කරුවන් ‘සිම්පරාපෝල්’ නගරයේ පාර්ලිමේන්තුව සහ ආණ්ඩුවේ වෙනත් ගොඩනැගිලි අල්ලා ගෙන සිටින අතර නගරයේ රැස් වී සිටින ජනතාව ක්‍රිමියාවට පූර්ණ දේශපාලන බලය අත්පත් කර ගැනීමේ පියවර පෙරට ගෙන යමිනුයි සිටින්නේ. කළු මුහුදේ යුද සරඹ මේ අතර රුසියාව යුක්‍රේන් දේශ සීමාවේ යුද සරඹ ආරම්භ කර ඇති බවක් ද වාර්තා වෙයි. යුක්‍රේනයේ තාවකාලික ජනාධිපති අලෙක්සන්දර් ටර්චිනොෆ් කියා සිටියේ තම භූමියට අයත් ක්‍රිමියාවේ නාවික කඳවුර අවට සිදු කෙරෙන රුසියානු හමුදාවල ඕනෑම මැදිහත් වීමක් ආක්‍රමණකාරී ක්‍රියා මාර්ගයක් ලෙස සලකන බවයි. යුක්‍රේන් තාවකාලික ආණ්ඩුවේ අගමැතිවරයා හැටියට පත් කරනු ලැබ සිටින විපක්ෂ නායක අර්සේනිය් යත්සෙන්යුක් ‘කීව්’ පාර්ලිමේන්තුව අමතමින්, ක්‍රිමියාව දිගටම යුක්‍රේනයේ කොටසක් හැටියට පවතින බවයි සඳහන් කළේ. යනුකොවිච්ට රැකවරණ එහෙත් යුක්‍රේනයට රුසියාවත් සමඟ යුද්ධයකට යාමේ උවමානාවක් නැති බවත් අර්සේනිය් යත්සෙන්යුක් පවසයි. යුක්‍රේනයේ බලයෙන් පහ කෙරුණ ජනාධිපති වික්තර් යනුකොවිච් ඔහුට රැකවරණ සලසන මෙන් කල ඉල්ලීමක් පිළිගත් බවයි මේ අතර රුසියාවේ නිලධාරියෙක් ප්‍රකාශ කළේ. වික්තර් යනුකොවිච් පවසන්නේ, තමා තවමත් යුක්‍රේනයේ නීත්‍යානුකූල ජනාධිපති වරයා වන බවයි" -world-44382606,https://www.bbc.com/sinhala/world-44382606,චීනයේ ජංගම දුරකතන භාවිත කරන්නන්ගේ ආරක්ෂාව පිණිස විශේෂ මංතීරුවක්,ස්මාර්ට් ජංගම දුරකතන වෙත දෑස් යොමා ඉබි ගමනින් යන පදිකයන් සඳහාම වෙන්වූ විශේෂ මංතීරුවක් උතුරු දිග චීනයේ නගරයක් විසින් හඳුන්වා දෙනු ලැබ ඇතැයි වාර්තා වේ.,"ෂැන්සි වෙබ් පුවත් සේවය වාර්තා කරන පරිදි තමන් වටා ඇති සියලු දෑ නොසලකා හරිමින් සිය ජංගම දුරකතනය දෙස පමණක් දෑස් යොමා ගමන් කරන පදිකයන් සඳහා ෂී අන් නගරයේ 'යන්තා' වීදීයේ විශේෂ මංතීරුවක් සකසා ඇත. රතු, කොළ සහ නිල් පාට තීන්ත ආලේප කර ඇති ඉහත කී විශේෂ මංතීරුවේ පළල සෙන්ටිමීටර 80 ක් වන අතර දිග මීටර 100 කි. මාර්ගය මත ස්මාර්ට් ජංගම දුරකතන පින්තාරු කර ඇති බැවින් එය සාමාන්‍ය පදික වේදිකාවලින් වෙන් කර හඳුනාගත හැකිය. වීදියට මුහුණලා පිහිටා ඇති විශාල සාප්පු සංකීර්ණයකින් කළ බලවත් ඉල්ලීමකට අනුව පදික මංතීරුව ඉදිකර ඇති බව ෂැන්සි වෙබ් පුවත් සේවය පවසයි. බොහෝවිට වැඩි අවධානයක් යොමු නොකර ගමන් කරන පදිකයන්ගෙන් පිරී පවතින පදික වේදිකාව මත නිතර මෝටර් රථ ධාවනයවන බව ද වෙබ් අඩවිය වාර්තා කරයි. 'ද පේපර්' පුවත් වෙබ්අඩවිය ප්‍රදේශයේ ජනතාව සමග කළ සාකච්ඡාවක දී නව මංතීරුව හඳුන්වා දීම පිළිබඳ ප්‍රසාදය පළ කර තිබේ. මෙවැන්නක් දුටු පළමු අවස්ථාව බව කී වෙයි ෂියාවෙයි විසින් ඉහත කී පියවර හඳුන්වනු ලැබුවේ ""ඉතාමත් හොඳ"" ක්‍රියාවක් ලෙසය. ""මෙහි ඇවිදින සියලු දෙනා එය ඉතා ආරක්ෂිත යැයි සිතනවා. පාරේ එක් පසෙක වාහන ගමන් කරනවා, සමහර වාහන පදික වේදිකාව මතට පැමිණෙනවා"" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය. තවත් ප්‍රදේශවාසියෙකු වන හු හුඑයා කියා සිටියේ,""දැන්කාලේ තරුණ තරුණියන්ගේ ජීවිත ඉතා වේගවත්. ඔවුන් නිතරම ජංගම දුරකතන දෙස බලා සිටිනවා. මේ මංතීරුව අපගේ මනසට විවේකයක් ලබා දෙනවා වගේම එය ආරක්ෂාව ලැබෙන ක්‍රමවේදයක්, යනුවෙනි. කෙසේවෙතත්, ජනප්‍රිය වෙබ් අඩවියක් වන 'සිනා වෙයිබෝ මයික්‍රෝබ්ලොග්' පරිශීලකයන් වැඩි දෙනෙකු නව මංතිරුව පිළිබඳ එතරම් සතුටට පත්වී නොමැති ආකාරයක් දක්නට ඇත. එහි අදහස් පළ කළ එක් අයෙකු ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කරන්නන් ""අන්ධ පුද්ගලයන්ට"" සමාන කර තිබිණි. ජංගම දුරකතන දෙස දෑස් යොමා විශේෂ මංතීරුවේ ගමන් කරන පුද්ගලයන් මෝටර් රථවලින් ආරක්ෂා වුවත් ඔවුනොවුන් හැප්පීමට තවමත් ඉඩ ඇති බව තවත් අයෙකුගේ අදහස විය. තවත් තොරතුරු:" -150921_death_penalty_saroj_buddha_gandhi,https://www.bbc.com/sinhala/sri_lanka/2015/09/150921_death_penalty_saroj_buddha_gandhi,මරණ දඬුවම දී වැළලුනු මිනිසත්කම යළි ඇති කළ හැකිද?,"""නහි වේරේන වේරානී (වෛරයෙන් වෛරය නොසන්සිඳේ)""- ගෞතම බුදුන් වහන්සේ","නහි වේරේන වේරානී වෛරයෙන් වෛරය නොසන්සිඳේ - ගෞතම බුදුන් වහන්සේ ""ඇසට ඇසක් ඉල්ලීම මගින් සමස්ත ලෝකයම අන්ධයන් කෙරෙනු ඇත"" -මහත්මා ගාන්ධි මම මහත්මා ගාන්ධි හෝ මාටින් ලූතර් කිං හෝ නෙල්සන් මැන්ඩෙලා නොවූවත්, දේශපාලනයේදී තමා අතින් දැනුවත්ව වරදක් සිදු වී නැතැයි එවකට විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මා සමඟ පැවසුවේ පසුගිය දෙසැම්බරයේදී බීබීසී සංදේශය වෙනුවෙන් සාකච්ඡාවකට එක්වූ අවස්ථාවේ. ඉන් සති කිහිපයකට පසුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායක පදවියට පත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා ගාල්ලේ දී පළ කළ මේ අදහස දැනුවත්ව හෝ නොදැනුවත්ව එවැනි බරපතල වරදක් කිරීමට යත්න දැරීමක්ද? ""මම මරණ දඬුවමට විරුද්ධ නෑ."" ඇසට ඇසක් ඉල��ලීම මගින් සමස්ත ලෝකයම අන්ධයන් කෙරෙනු ඇත - මහත්මා ගාන්ධි පස් හැවිරිදි සේයා සදෙව්මි බක්මීදෙණිය දැරිය දූෂණය කොට ඝාතනය කළ අපරාධකරුට මරණීය දණ්ඩනය පැනවිය යුතු බවට ශ්‍රී ලංකාවේ ප්‍රබල ජනමතයක් ගොඩ නැගෙමින් පවතින බව සැබෑවකි. උතුරේදී විද්‍යා යෝගේෂ්වරන් පාසල් දැරිය දූෂණය කර මරා දැමීමත්, දිගින් දිගටම සිදුවන ළමා අපයෝජන සහ ස්ත්‍රී දූෂණත් හමුවේ මරණීය දණ්ඩනය යලි ක්‍රියාත්මක කළ යුතු යයි රටේ අති බහුතර ජනකායක් විශ්වාස කරන බව ජාතික මානව හිමිකම් කොමිසම පැවැත්වූ සමීක්ෂණයකදී ද හෙළි වී තිබේ. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පාලකයකු ජනමතයට හිස නැමිය යුතු සැබෑවකි. උදාහරණයක් ලෙස ලක්ෂයක ජනකායක් අන්තර්ජාල පෙත්සමකට අත්සන් තැබූ විට ඒ පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට බ්‍රිතාන්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ. මනුෂ්‍යත්වය විනාශ වූ රටක මනුෂ්‍යත්වය යළි උදා කළ නායකයා ලෙසින් ඉතිහාසයට එක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට කදිම අවස්තාවක් උදා වී තිබේ එනමුත් ජනතාව ඉල්ලා සිටින්නේ රටේ හෝ ජනතාවගේ යහපතට තුඩු දෙන්නක්ද, නොඑසේනම් රට දශක ගණනාවක් ආපස්සට ගෙනයන්නක්ද යන්න තීරණය කිරීමේ ධෛර්යයද පාලකයකුට තිබිය යුතුමය. පාලකයා සැබෑ නායකයකු වන්නේ එවිටය. එම ජනමතය පසුගාමී නම්, අන්තවාදී නම්, මනුෂ්‍යත්වය විනාශ කරන්නක් නම් යථාර්ථය පහදා දී එයට එරෙහිව ජනමතයක් ගොඩ නැගීමටද පාලකයකුට ශක්තිය සහ ධෛර්යය තිබිය යුතුය. ජනමතය හඹා යනු වෙනුවට නායකයා ජනතාවට මග පෙන්වන පෙර ගමන් කරුවකු විය යුතුය. ශ්‍රී ලංකාව යනු නිදහසින් පසුව ගතව ගිය දශක හය ඇතුලත උතුරේත්, දකුණේත් තමන්ගේම දරුවන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් ම්ලේච්ඡ ලෙසින් ඝාතනය කළ රටකි; දකුණේ දරුවන් පණ පිටින් ටයර් සෑයේ දැවූ ඝාතකයන් සිටින රටකි; උතුරේ දැරියන් සිය ගණනින් දූෂණය කළ රටකි. (ඒ බව කියන්නේ මා නොවේ - එක්සත් ජාතීන්ගේ වාර්තාවයි); දකුණේ ශිෂ්‍ය නායකයන් පරාලවල ඇණ ගසා වද බන්ධන පැමිණ වූ රටකි; ඒ එකදු ඝාතකයකු හෝ දඬුවම් නොලැබූ රටකි. කොතරම් තිත්ත වුවත් සත්‍යය එයයි. එසේ සිය ආත්මය විනාශ කරගත් රටකට දැන් අවශ්‍යව තිබෙන්නේ මරණ දඬුවමද? නිදහසින් පසුව ගතව ගිය දශක හය ඇතුලත උතුරේත්, දකුණේත් තමන්ගේම දරුවන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් ඝාතනය කළ රටක් විශේෂයෙන්ම දශක තුනක යුද ගැටුම හා සමගාමීව එවක පාලකයන් බලහත්කාරයෙන් ජනතාව මත පැට වූ යුද මානසිකත්වය මනුෂ්‍යත්වයේ පිරිහීමට හේතු වූ බව නොරහසකි. එසේ විනාශ කරුණු ආත්මය පිරිසිදු කරනු වෙනුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ උත්සාහ කරන්නේ කුණු වූ ආත්මයකට පණ පෙවීමටද? ජනපතිවරයා බීබීසී යට පැවසූ ප්‍රකාර, ඕනෑම කරුණක් සම්බන්ධයෙන් රට තුල විවෘත සංවාදයකට අවකාශය විවෘත කිරීම පිළිබඳව ඔහුට කෘතඥතාවය හිමි විය යුතුය. සමාජ සේවා කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය, මා මිත්‍ර රන්ජන් රාමනායක පිළිබඳවද මෙහිදී යමක් සඳහන් කළ යුතුය. විශේෂයෙන්ම මැද පෙරදිග සේවය කරන ශ්‍රී ලාංකීය කාන්තාවන් වෙනුවෙන් ලාභ ප්‍රයෝජන නොතකා කලක් මුළුල්ලේ සමාජ සේවයක යෙදී සිටින නියෝජ්‍ය අමාත්‍යවරයා ශාරියා නීතිය දැඩි විවේචනයට ලක් කරන්නෙක් බව රහසක් නොවේ. ශාරියා නීතියට එරෙහි රන්ජන්, ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාවට නැගිය යුතු බවට කරන උද්ඝෝෂණය දෙබිඩි ප්‍රතිපත්තියක් නොවන්නේද? ඒ රටවල ක්‍රියාත්මක වන ශාරියා නීතියට එරෙහි රන්ජන්, ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාවට නැගිය යුතු බවට කරන උද්ඝෝෂණය දෙබිඩි ප්‍රතිපත්තියක් නොවන්නේ කෙසේද? සවුදි අරාබියට වැරදි දේ ශ්‍රී ලංකාවට සාධාරණ වන්නේ කෙසේද? මුළු ලෝකයම මානව හිමිකම් ක්ෂේත්‍රයේ ඉදිරියට යද්දී, ශ්‍රී ලංකාව ආපස්සට ගමන් කළ යුත්තේ ඇයි? ජනාධිපතිවරයා ගාල්ලේ දී තවත් විශේෂ සඳහනක් කළේය. ""ඇමෙරිකාව, චීනය වගේ සංවර්ධිත රටවලත් මරණ දඬුවම ක්‍රියාත්මක වෙනව."" මරණ දඬුවමට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉතා විශාල උද්ඝෝෂණයක් පවතින බව ජනාධිපතිවරයා නොදන්නේද? 'අන්ධකාරයට අඳුර දුරු කළ නොහැක්කේය; එය කළ හැක්කේ ආලෝකයට පමණි. වෛරය, වෛරය දුරු නොකරයි' බටහිර ඇතුළු බොහෝ රටවලින් සියලු කුණු කන්දල් භාර ගන්නා ශ්‍රී ලංකාවේ අපි, ඒ රටවලින් යහපත් දේ උකහා ගන්නට උත්සාහ නොකරන්නේ ඇයි? ඇමෙරිකාව හෝ චීනය වැනි රටවල ක්‍රියාත්මක සියල්ල යහපත් දේ නම්, අමෙරිකාවේ මෙන් ශ්‍රී ලංකාවේද ගිනි අවි භාවිතය නීතිගත කිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේ අනුමැතිය පතන්නේද? මේ සියල්ලෙන් මා අදහස් කරන්නේ මිනීමරුවන්ට, ළමා අපයෝජකයන්ට හෝ ස්ත්‍රී දූෂකයන්ට දැඩි දඬුවම් නොපැනවිය යුතුය යන්න නොවේ. ඔවුන්ට උපරිම දඬුවම් ලබා දිය යුතු බවට කිසිදු තර්කයක් නැත. එහෙත් රාජ්‍යයට හෝ අධිකරණයට හෝ වෙනත් ඕනෑම කෙනෙකුට තවත් කිසිවකුගේ ජීවිතයක් විනාශ කිරීමට අයිතියක් නැත යන්න බෞද්ධයකු ලෙසින් මම තරයේ අදහන්නෙමි. ශ්‍රී ලංකාවේ මිනිසත්කම උදා කිරීමට අසමත් වූ නායකයා ලෙසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉතිහාසයට එක්වනු ඇති බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්ගේ විග්‍රහයයි ඒ තර්කය ඔබ නොපිළිගත්තද, මරණ දඬුවම පැණවීම මගින් අපරාධ අඩු කර ඇති බවට ලොව කිසිදු සාක්ෂියක් නැති බව ජනාධිපති බරක් ඔබාමා මෙන්ම මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා, නාතාෂා බාලේන්ද්‍ර ඇතුළු මෙරට ළමාරක්ෂක ක්‍රියාධරයෝද දිගින් දිගටම පෙන්වා දෙති. කළ යුතුව තිබෙන්නේ බුදුන්ගේ ධර්මය සුරැකිව පවතින බව පැවසෙන දේශයේ මිනිසත්කම යළි ඇති කිරීමයි. එල්ටීටීඊ යට එරෙහි යුද්ධය දිනාගැනීමට සමත් වූ නමුත්, ශ්‍රී ලංකාවේ මිනිසත්කම උදා කිරීමට අසමත් වූ නායකයා ලෙසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉතිහාසයට එක්වනු ඇති බව රාවය නිර්මාතෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ලීවේ වරක් දෙවරක් නොවේ. මරණ දඬුවම පැණවීම මගින් අපරාධ අඩු කර ඇති බවට ලොව කිසිදු සාක්ෂියක් නැති බව ජනාධිපති බරක් ඔබාමා ද පිළිගනියි මනුෂ්‍යත්වය විනාශ වූ රටක මිනිස්කම යළි උදා කළ නායකයා ලෙසින් ඉතිහාසයට එක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට කදිම අවස්තාවක් උදා වී තිබේ. ඒ මහඟු අවස්ථාවෙන් ඵල නෙලා ගනිමින් ශ්‍රී ලංකාවේ මනුස්සකම යළි උදා කරන්නේද?, නො එසේනම් දශක හතරකට පසුව රටේ යලිත් මරණ දඬුවම ක්‍රියාවට නගා මිනිස්කම විනාශවීමට ඉඩ දුන් නායකයා ලෙසින් ඉතිහාසයට එක්වන්නේද යන්න තීරණය කිරීම ඔහුට භාරය. මාටින් ලූතර් කිං ගේ ප්‍රකාශයකින් මේ සටහන අවසන් කරමි. ""අන්ධකාරයට අඳුර දුරු කළ නොහැක්කේය; එය කළ හැක්කේ ආලෝකයට පමණි. වෛරය, වෛරය දුරු නොකරයි; එය කළ හැක්කේ සෙනෙහසට පමණි. වෛරය, වෛරය පතුරවන අතර, ප්‍රචණ්ඩත්වය ප්‍රචණ්ඩත්වය පතුරවන්නේය.""" -151113_whats_inside_pyramids,https://www.bbc.com/sinhala/world/2015/11/151113_whats_inside_pyramids,පිරමීඩය තවමත් අභිරහසක්ද?,"“අවසානයේ මට පුළුවන් වුනා හොයා ගන්න නිම්නයේ සැඟවිලා තියෙන ඒ ආශ්චර්යවත් සොහොන්ගෙය, තවමත් එය විවෘත නොකර ඔබගේ පැමිණීම සැමරීමට මම මග බලන් ඉන්නවා.” හාවඩ් කාටර් විසින් සිය සඟයා වන ජෝර්ජ් හර්බර්ට් තම ගවේෂණයට එකතු කර ගැනීමට ආරාධනා කරමින් හදිසියේ ලියන ලද කටු සටහනයි ඒ.","ඊජිප්තුවේ පිරමීඩ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමකින් යුතු ඉංග්‍රීසි ජාතික පුරා විද්‍යාඥයකු වූ හාවඩ් කාටර් එම කටු සටහන ලියන ලද්දේ 1922 ඔහු විසින් ප්‍රථම වතාවට ඊජිප්තු පාරාවෝ රජු ටුටැන්කාමන් ගේ විවෘත නොකරන ලද සොහොන්ගෙය සොයා ගැනීමෙන් පසුවයි. ටුටැන්කාමන් රජුගේ මෙම නිධන්ගත සොහොන් ගෙය සොයා ගැනීම පිරමීඩ ගවේෂණය පිළිබඳ ඉතා තියුණු උනන්දුවක් සහ උද්යෝගයක් ඇති කිරීමට සමත් විය. ටුටැන්කාමන් පාරාවෝ රජුගේ සිරුර එම සොහොන්ගෙය තුල තැන්පත් කර නොමැති බව පසුකාලීන ව සොයා ගැනුනත් සෙසු පාරාවෝ වරුන්ගේ මෙතෙක් සොයා නොගත් සොහොන් කුටි කොපමණ සංඛ්‍යාවක් මෙම පෞරාණික පිරමීඩ තුල සැඟවී ඇත්දැයි ජනයා තුල නොසිඳෙන කුතුහලයක් ඇති කිරීමට මෙම සොයා ගැනීම ඉවහල් විය. නවීන තාක්ෂනය උපයෝගී කරගනිමින් පිරමීඩ අභ්‍යන්තරයේ ගනු ලැබූ ස්කෑන් ඡායාරූපයක් කාන්තාරය මැද සියවස් ගණනක් පිරමීඩ නොසැලී පැවතෙන බව හැරෙන්නට පිරමීඩ අභ්‍යන්තරයේ කෙතරම් රහස්, නිධාන හෝ මමී සිරුරු සැඟවී තිබේ දැයි අප නිසැක වශයෙන් නොදනිමු. පිරමීඩ අභ්‍යන්තරය ගවේෂණය කිරීමට අපි අසමත් ඇයි? මෑතකදී ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති අපේක්ෂක බෙන් කාර්සන් සිය කල්පිතය ඉදිරිපත් කරමින් කියා සිටියේ පිරමීඩ මූලික වශයෙන්ම ධාන්‍යාගාර ලෙස භාවිතා කිරීමට ගොඩනගන ලද බවයි. ජනාධිපති අපේක්ෂක බෙන් කාර්සන්ගේ මෙම ප්‍රකාශය ඇමරිකානු ජනමාධ්‍ය සන්ත්‍රාසයට පත් කිරීමට සමත් විය. කෙසේ වෙතත් මේ දක්වා මෙවැනි දඩබ්බර කල්පිත ඉදිරිපත් වීමට ඉඩ සලසමින් පිරමීඩ අභ්‍යන්තරයේ සත්‍ය වශයෙන්ම ඇත්තේ මොනවාදැයි ගවේෂණය කිරීමට අපි අසමත් වී ඇත්තේ ඇයි? පළමු කොටම පිරමීඩ ඉතා විශිෂ්ට පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු නිර්මාණ වීම තුල අභ්‍යන්තරය පිරික්සීම මගින් සිදු විය හැකි හානි පිළිබඳ දැඩි අවදානමක් පවතියි. අනෙක් අතට පිරමීඩ ඇතුළත තිබෙන රහස් කාමර සහ උමං මාවත් වලට බලය යොදා ඇතුළු වීමට උත්සාහ කිරීමේදී ඒ එක් එක් පිරමීඩ වලට ආවේණික වූ හයිරෝරේඛණ අභ්‍යන්තර ආකෘතියට හානි සිදු විය හැකි අතරම පුරා විද්‍යාත්මක කතිකාව තුල එවැනි ක්‍රියා නුසුදුසු සහ වගකීම් රහිත බවට විවේචනයට ලක් වීමට ඉඩක් ඇත. ‘අප තේරුම් ගැනීමට උත්සාහ කරන ඒ ඉපැරණි ඓතිහාසික උරුමයන්ට හානි නොකරමු’ යන මතයේ සිට ක්‍රියාත්මක වන නවීන පුරා විද්‍යාත්මක ගවේෂණය පිරමීඩ නිර්මාණ කඩා බිඳ දමමින් එහි අභ්‍යන්තරය පරීක්ෂා කිරීම වළක්වන තවත් මූලික හේතුවකි. ත්‍රිමාණ ඡායාරූපකරණ සංරක්ෂණය උදාහරණයක් ලෙස පෞරාණික උරුමයන් සංරක්ෂණය කිරීමේ ලාබ නොලබන සංවිධානයක් වන CyArk මෑත කාලීන ව ලෝකයේ පෞරාණික උරුමයන් පන්සීයක් පමණ ඩිජිටල් තාක්ෂණය සහ හානි රහිත ලේසර් කිරණ භාවිතා කරමින් සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. පෞරාණික නිර්මාණ සහ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ගොඩනැගිලි කිසිදු හානියකින් හෝ ශාරීරික මැදිහත් වීමකින් තොරව ත්‍රිමාණ ඡායාරූපකරණයට (3D images) ලක් කිරීමට එම සංවිධානය විසින් භාවිතා කරන නවීන තාක්ෂණයට හැකියාව පවතියි. එලෙස ලබා ගැනෙන ත්‍රිමාණ ආකෘති එම පෞරාණික වස්තු පිළිබඳ වැඩිදුර අධ්‍යනය කිරීමටත් ඉදිරි පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීමටත් CyArk සංවිධානය කටයුතු කරයි. පිරමීඩය තැනීමට යොදා ගෙන ඇති ගල් කුට්ටි වල උෂ්ණත්ව වෙනස පෙන්නුම් කෙරෙන තාප ලේඛන ඡායාරූප ඊජිප්තුවේ ඉපැරණි ධාන්‍යාගාර ගවේෂණයට ලක්ව ඇති අතර පිරමීඩ කිසි සේත්ම ධාන්‍යාගාර වෙනුවෙන් නිර්මාණය කෙරුණු ගොඩනැගිලි විය නොහැකි බවයි ‘යුනිවර්සිටි කොලේජ් ලන්ඩන්’ විශ්වවිද්‍යාලයේ ඊජිප්තු පුරා විද්‍යා කෞතුකාගාරයේ (University College London’s Petrie Museum) පුරා විද්‍යාඥ ඇලිස් ස්ටීවන්සන් පවසන්නේ. රොබෝ කැමරා සොයා ගැනීම් කෙසේ වෙතත් ලෝකයේ විශාලතම පිරමීඩය වශයෙන් හඳුන්වන ඊජිප්තුවේ ‘ගීසා පිරමීඩය’ අභ්‍යන්තරය සම්බන්ධයෙන් අප දන්නේ ඉතා අල්ප වශයෙනි. විශාල ගල් කුට්ටි මිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් යොදා ගෙන මීට වසර තුන් දහසකට පමණ පෙර ගොඩනගන ලද මේ ලෝක උරුමය උසින් අඩි හාරසිය පනහකින් යුතු වෙයි. මේ වන තෙක් ගවේෂණයට බඳුන් කර ඇති රජුගේ සහ රැජිනගේ කුටී සහ එක් විශිෂ්ට ගැලරියක් හැරුනු කොට ‘ගීසා පිරමීඩයේ’ අභ්‍යන්තරය ලොවටම තවමත් අභිරහසක්ව පවතියි. මෑතක දී පුරා විද්‍යාඥයන් කණ්ඩායමක් තාප ලේඛන යොදා ගනිමින් ‘ගීසා පිරමීඩය’ සම්බන්ධයෙන් ගවේෂණයක් සිදු කළ අතර එයින් හෙළි වූයේ පිරමීඩය තැනීමට යොදා ගෙන ඇති ගල් කුට්ටි එකිනෙකට වෙනස් උෂ්ණත්වයක් සටහන් කරන බවයි. ඉහත සොයා ගැනීමත් සමග පිරමීඩ පිළිබඳ කුතුහලයක් දක්වන්නන්ට ඔවුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයනවා වෙනුවට තව තවත් ප්‍රශ්න එක් කෙරුණි. රතු හයිරෝරේඛණ විද්‍යාඥයින් කණ්ඩායම කියා සිටියේ හිරු නැගීම සහ බැසීමට අනුකූලව පිරමීඩය අභ්‍යන්තරයේ වාතය ගමන් කරන කුහර ඇති බවත් ඒ හේතුවෙන් මෙලෙස විවිධ ගල් කුට්ටි වෙනස් උෂ්ණත්වයකින් යුතු වීමට ඉඩකඩ පවතින බවත්ය. ‘ගීසා පිරමීඩයේ’ ගවේෂණ ඊට අමතරව 2002 වර්ෂයේදී ගීසා පිරමීඩයේ රැජිනගේ කුටියේ දොරක ගල් කුට්ටියක කුහරයක් විදීමෙන් සැකසූ ප්‍රවේශයකින් රොබෝ කැමරාවක් ඇතුළු කර උමං මාර්ගයක් සහ තවත් කුටියක ඡායාරූප ගැනීමට ප���රා විද්‍යාත්මක කණ්ඩායමක් සමත් විය. කෙසේ වෙතත් එලෙස ගනු ලැබූ ඡායාරූප වලින් වැඩි යමක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බවයි එම විද්‍යාඥ කණ්ඩායම පසුව ප්‍රකාශ කළේ. 2011 වසරේ දී පෙර ගවේෂණ වලට භාවිතා කළ රොබෝ කැමරා වලට වඩා දියුණු සහ නම්‍යශීලී උපාංගයක් යොදා ගනිමින් සහස්‍රක කිහිපයක් මිනිස් ඇසකට හසු නොවූ රතු හයිරෝරේඛණ ඡායාරූපකරණයට ලක් කිරීමට සමත් විය. පුරා විද්‍යාඥයන් පමණක් නොව ලෝකයේ බොහෝ දෙනාගේ කුතුහලය තවමත් දිනෙන් දින වැඩි වීමට හේතු සපයන පිරමීඩ වල අභ්‍යන්තරය ගවේෂණය කිරීමට උත්සාහ කිරීමෙන් එම නිර්මාණ විනාශ වනු දැකීමට වඩා හැකි පමණ කාලයක් කාන්තාර මාධ්‍යයේ ප්‍රතාපවත් ලෙස නැගී සිටින එම ලෝක උරුමයන් රැක ගැනීම වැදගත් බවයි විද්‍යාඥයන්ගේ අදහස." -130829_australia,https://www.bbc.com/sinhala/world/2013/08/130829_australia,‘ඉහළ පෙළේ මිනිස් ජාවාරම් කරුවන්’ පොලිස් දැලේ,ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් රට පුරා කැරුණු මෙහෙයුමකින් මිනිස් ජාවාරමේ යෙදීමේ චෝදනා ලබන පස් දෙනකු අත් අඩංගුවට ගෙන තිබේ.,"""මිනිස් ජාවාරම් පිලිබඳ අපරාධ හතකට අදාලව ඕස්ට්‍රේලියාවේ ත් ජාත්‍යන්තර වශයෙනුත් කළ ඩෙල්ෆිනියම් මෙහෙයුමේ අවසාන අදියර"" ස්ටීව් ලැන්කැස්ටර්, ඕස්ට්‍රේලියානු මධ්‍යම පොලිසිය මොවුන් ඇෆ්ගන්, ඉරාන සහ පකිස්තාන ජාතිකයන්. බෝට්ටු එකසිය තිස් දෙකක් පමණ යොදා ගෙන ඔස්ට්‍රේලියා ගමනට පහසුකම් සලසන ජාලයක ඉහළ පෙළේ සාමාජිකයන් ලෙසයි ඔවුන් හඳුන්වනු ලැබුවේ. මේ අතුරින් සිව් දෙනකු ම ඉකුත් වසරේ මැයි මාසයත් මේ වසරේ ජූලියත් අතර කාලයේ ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ බෝට්ටු මගින්. පොලිස් මෙහෙයුම කර ඇත්තේ දෙසියයකට අධික පිරිසකගෙන් ලබාගත් සාක්ෂි ගොනු කළ දොළොස් මසක පරීක්ෂණයකින් අනතුරුවයි. වරදකරුවන් ට වසර දහයක් දක්වා වන සිර දඬුවමක් පැනවිය හැකියි." -world-36170543,https://www.bbc.com/sinhala/world-36170543,රහසින් ඇමරිකාවට ගෙන ගිය බෞද්ධ මූර්තිය යළි පාකිස්තානයට,වර්ෂ 1980 දී සොරකම් කර ඇමරිකාවට ගෙනගිය පාකිස්තානයේ ශෛලමය බෞද්ධ පුරාවස්තුවක් ඇමරිකාව විසින් නැවතත් පාකිස්තානයට බාර දී ඇත.,"'බුද්ධාපාද' නමින් හැඳින්වෙන මෙම ඉපැරණි මූර්තිය පාකිස්තානය සතුව තිබු පුරාවස්තුවකි ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසට අයත් මෙම මූර්තිය මගින් බුදුන් වහන්සේ ගේ සිරිපා සටහන් නිරුපනය වන අතර ස්වාත් නිම්නයේ සිට ඇමරිකාව දක්වා රහසින් රැගෙන ගොස් තිබුණි. මෙම පුරාවස්තුව ජපානයේ තෝකියෝ නගරයේ සිට ඇමරිකාවට රැගෙන ��ිය ජපන් ජාතික පෞරාණික භාණ්ඩ වෙළෙන්දෙකු පසුගිය අප්‍රේල් මාසයේ දී සොරකම් කරන ලද භාණ්ඩ ළඟ තබාගැනීමේ චෝදනාවට වැරදිකරු විය. මෙම පුරාවස්තුව පැරණි භාණ්ඩ වෙන්දේසියක දී ඇමරිකානු ඩොලර් මිලියනයකට අලෙවි වනු ඇති බවට අපේක්ෂා කළ නමුත් නිව්යෝර්ක් බලධාරීන් විසින් වෙන්දේසිය වලක්වා තිබුණි. නිව්යෝර්ක් බලධාරීන් විසින් මෙම වටිනා මූර්තිය බදාදා පැවති විශේෂ උත්සවයක දී ඇමරිකාවේ නියෝජ්‍ය පාකිස්තාන තානාපති රිස්වාන් සයීඩ් වෙත බාර දෙනු ලැබුණි. මෙය පකිස්තාන සංස්කෘතික ඉතිහාසයේ හමුවන ඉතා වැදගත් මූර්තියක් බව පැවසූ නියෝජ්‍ය තානාපතිවරයා එය ටික කලකට නිව්යෝර්ක් හි ප්‍රදර්ශනයේ තැබෙනු ඇති බවයි සඳහන් කළේ. එය ටික කලකට නිව්යෝර්ක් හි ප්‍රදර්ශනයේ තැබෙනු ඇති බවයි පැවසෙන්නේ මෙම පුරාවස්තුව ""දේපළකට වඩා මහත් වැඩි වැදගත්කමක් ඇති දෙයක්"" බවයි මෑන්හැටන් හි නීතිඥයෙකු වන සයිරස් ආර් වෑන්ස් සඳහන් කළේ. පැරණි භාණ්ඩ අලෙවිකරන්නෙකු වන ජපන් ජාතික තෙත්සුරෝ කකු පවසා තිබුනේ තමා ද පකිස්තාන පුරාවස්තු ආරක්ෂා කිරීම පිළිබඳව තරමක උනන්දුවක් දැක්වුවද එම අදහස ප්‍රතික්ෂේප කළ ඇතැම් විශේෂඥයන් මෙය පාකිස්තානයේ අදාළ ස්ථානයකට ලබා දීම වඩා සුදුසු බව තමාට කී බවයි. මෙය ලඟ තබා ගැනීමේ වරදට කකු ඩොලර් පන්දාහක දඩයක් ගෙවූ අතර ස්වේච්චාවෙන් රටින් පිටවී ගියේය." -sri-lanka-56456031,https://www.bbc.com/sinhala/sri-lanka-56456031,පරිසර හානිය: කොළඹ ඉදිවූ විශාල චිත්‍රය ගලවා ඉවත් කළේ ඇයි?,ලෝක දේශගුණ විපර්යාසන්ට එරෙහිව පියවර ගැනීමේ දිනයට සමගාමීව කොළඹදී පැවැත්වීමට නියමිත තිබු මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් සඳහා පරිසර සංවිධාන කිහිපයක් විසින් නිර්මාණය කළ දැවැත්ත සිතුවමක් අද (මාර්තු 19) දෙවරක් ඉවත් කර තිබිණි.,"ගෝලීය දේශගුණ විපර්යාසන් පිළිබඳව සමාජය දැනුවත් කිරීම සඳහා ලොව පුරා ක්‍රියාත්මක වැඩසටහනට සමගාමීව, වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂක තරුණ සංගමය විසින් මේ වනවිට රටේ ස්ථාන කිහිපයක සිදු වෙමින් ඇති පරිසර හානි පිළිබඳව සමාජයේ අවධානය යොමු කරවීමේ අරමුණින් කොළඹ නෙලුම්පොකුණ රඟහල ඉදිරිපිට එම සිතුවම තාවකාලික ප්‍රදර්ශනයකට තැබීය. උසින් අඩි 20 ක් හා දිගින් අඩි 70 ක් වන මෙම විශාල සිතුවම අද උදෑසන කොළඹ නගර සභා සේවකයින් පිරිසක් විසින් මුල් වරට ඉවත් කරනු ලැබිණි. එය නගර සභා අවසරයෙන් ඉදි කර ඇති බව සංවිධායකයින් විසින් පෙන්වා දෙනු ලැබීමේ හේතුවෙන් යළිත් නගර සභා සේවකයින් විසින් ම එය සවි කිරීමට පියවර ගැනිණි. නමුත් එයින් පැය ගණනකට පසු පොලිසියේ පරිසර ඒකකය විසින් එම විශාල සිතුවම නැවතත් ඉවත් කිරීමට පියවර ගත් බවට සංවිධායකයෝ චෝදනා නගති. නගරසභාව දැනුවත් කළ ලිපිය ""අපි මේ සඳහා කොළඹ නගර සභාවෙන් අවසර අරගෙනයි තිබුණේ. අපි මේ පිළිබඳව පොලීසියත් දැනුවත් කර තිබුණේ. පොලිසියෙන් අපිට කිව්වේ PHI ගෙන් අවසර ගන්න කියලා හවස තියෙන දැනුවත් කිරීමේ වැඩසටහනට. නගරසභාවට අපි මේ සිතුවම ගැන දැනුවත් කරලයි තිබුණේ. එත් අපි මේ සිතුවම ඊයේ රෑ දැම්මට පස්සේ අද උදේ ඇවිත් ඒක ගලවන්න කිව්වා,"" යනුවෙන්, නම හෙළි නොකරන්නැයි ඉල්ලා සිටි සංවිධායිකාවක් බීබීසී සිංහල සමග පැවසුවාය. සිතුවම රැකගැනීමට එය උඩ වාඩිවී ""ඒක ඔවුන් ගලවා රැගෙන යන්න යනකොට අපි ඒ සිතුවම උඩ ඉඳගෙන ඒක ගෙනියන්න දුන්නේ නෑ. අපි ළඟ තව චිත්‍ර හා කලා නිර්මාණ තියෙනවා ප්‍රදර්ශනයට ඒත් ඒ අය අපිට ඒ කිසිදෙයක් පාර්ක් එක ඇතුළට ගෙනියන්න දෙන්නේ නෑ. මේ ළමයින්ගේ ශ්‍රමය මේ ළමයි සතියක් පුරා ඇඳපු චිත්‍ර මෙතන තියෙන්නේ."" සිතුවම ආරක්ෂා කරමින් සිතුවම ඉවත් කිරීමට හේතුව කුමක්දැයි එම ස්ථානයේ සිටි සිවිල් ආරක්ෂක නිලධාරියෙකුගෙන් බීබීසී සිංහල සේවය විමසූ විට ඔහු පැවසුවේ තමන් එය නොදන්නා නමුත් ඉහළ නිලධාරීන් එය ඉවත් කිරීමට අණ කළ බව ය. බීබීසී සිංහල කළ විමසීමේදී පොලිස් ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ ඔහු අදාළ සිදුවීම ගැන නොදන්නා අතර එය සොයා බලා පිළිතුරක් ලබාදෙන බවය. කොළඹ නගරසභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක ඇමතීමට බීබීසී සිංහල ගත් උත්සාහය ද සාර්ථක නොවිණි. මේ අතර මෙම සිදුවීම සමාජ මධ්‍යයේ දැඩි ලෙස විවේචනයට ලක් විය. එක් සමාජ ක්‍රියාකාරිනියක තම මුහුණු පොතේ සටහනක් තබමින් පවසා තිබුණේ ""විහාර මහාදේවී උද්‍යානයේ පරිසර සංහාරය සම්බන්ධයෙන් ළමා එකමුතු කිහිපයක් අඳින ලද මියුරල් චිත්‍රය ඉවත් කිරීමට ජනාධිපති කාර්‍යාලයෙන් යැයි කියා ගන්නා පිරිසක් නියෝග කොට ඇත. පරිසර සංහාරයට එරෙහිව දරුවන් මර්දනය හෙළා දකිමු!"" යනුවෙනි. පංචාලි පනාපිටිය මුහුණුපොතේ තැබූ සටහන අදාළ සිතුවම ඉවත් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ පිරිසක් සම්බන්ධ බවට නැගෙන චෝදනාව සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායකගෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, ඒ පිළිබඳ සොයා බලා පිළිතුරක් දෙන බව ය. රට තුළ පසුගියදා විවිධ ස්ථානයන් හි විවිධ චිත්‍ර ඇඳ රට විචිත්‍රවත් කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක විය. එම චිත්‍රවලට විරෝධයක් එල්ල නොවුණ ද වර්තමානයේ සිදුවන පරිසර සංහාරය පිළිබිඹු කරමින් ඇඳුනු මෙම චිත්‍රය ඉවත් කිරීමට කටයුතු කිරීම පිළිබඳව සමාජ ක්‍රියාකාරීහු ප්‍රශ්ණ කරති. කෙසේවෙතත්, මෙම සිතුවම ඉවත් කිරීමට හේතුව කුමක්දැයි යන්න මෙම ලිපිය පළකරන අවස්ථාව වන තෙක් හෙළිවී නොමැත. කියවන්න:" -world-49707680,https://www.bbc.com/sinhala/world-49707680,බ්‍රිතාන්‍ය හිටපු අගමැති චර්චිල් උපන් නිවසේ ප්‍රදර්ශනයට තිබු 'රන් වැසිකිළිය සොරාගෙන',බ්‍රිතාන්‍ය හිටපු අගමැති ශ්‍රීමත් වින්සන්ට් චර්චිල් උපන් නිවස වන බ්ලේනම් මන්දිරයේ ප්‍රදර්ශනය සඳහා සවිකර තිබූ රන් වැසිකිළි පද්ධතියක් සොරාගෙන ගොස් තිබේ.,"මෙය කැරට් 18 රනින් නිමවා ඇත. එය කැරට් 18 රනින් නිමවා තිබිණි. බ්ලේනම් මාලිගාවේ ප්‍රධාන විධායකයා පැවසුවේ මේ තත්ත්වය මත මන්දිරයේ ආරක්ෂක ක්‍රමවේද පිළිබඳව නැවත සිතා බැලිය යුතු බවය. නිව්යෝර්ක් නගරයේ ගුගන්හයිම් කෞතුකාගාරය තුළ එම රන් වැසිකිළිය ඊට පෙර මහජනයා සඳහා ප්‍රදර්ශනය කෙරිණි. ඉතාලි ජාතික චිත්‍ර හා මූර්ති ශිල්පියෙකු වන මෞරිසියෝ කැටිලාන් විසින් කැරට් 18 පිරිසිදු රත්‍රන් වලින් නිමවන ලද ඉතා හොඳින් ක්‍රියාත්මක කළහැකි වැසිකිළි පෝච්චිය ඔහු විසින් නම් කරනු ලැබ තිබුණේ 'ඇමෙරිකා' නමිනි. සෙනසුරාදා පෙරවරුවේ සොරු කණ්ඩායමක් ඔක්ෆර්ඩ්ෂයර් මාලිගාවට ""ඉතා වේගවත්ව ඇතුළුවී සොරාගෙන යාමක්"" කර ඇති බව ඩොමිනික් හෙයා පැවසීය. ඇමෙරිකානු ඩොලර් මිලියන 5ත් 6ත් අතර වටිනාකමකින් යුතු එම නිර්මාණය මෙතෙක් හමු වී නොමැත. වර්තමාන මල්බරා හි ආදිපාදවරයාගේ අඩ සොහොයුරු (මව් පිය දෙදෙනාගෙන් එක් අයෙකු පමණක් පොදු වූ) එඩ්වර්ඩ් ස්පෙන්සර්-චර්චිල් පසුගිය මාසයේදී පැවසුවේ එම රන් වැසිකිළි පද්ධතිය ""ගලවාගෙන යාමට පහසු දෙයක්"" නොවන බවය. මෙම සොරකම ගැන සැකපිට 66 හැවිරිදි පුද්ගලයෙකු සෙනසුරාදා අත්අඩංගුවට ගත් බව තේම්ස්වැලි පොලිසිය පැවසීය. සොරාගනු ලැබූ වැසිකිළි පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වූවකි. 18වැනි සියවසට අයත් මන්දිරය තුළ, පසුගිය බ්‍රහස්පතින්දා සිට ඉතාලි නිර්මාණකරුවකු වන මෞරිසියෝ කැටිලාන් විසින් පවත්වනු ලබන ප්‍රදර්ශනයකට එසේම විනාඩි තුනක කාලයකට එම වැසිකිළිය අපේක්ෂිත අරමුණ සඳහා වෙන්කරවා ගැනීමට ද සංවිධායකයෝ අවසර දුන්හ. මෙම සොරකම නිසා ""සැලකිය යුතු හානියක් සහ ජලය උතුරා යෑමක්"" සිදුවී ඇති බව පොලීසිය පැවසීය. එසේ වී ඇත්තේ වැසිකිළි පද්ධතිය ගොඩනැගිල්ලට සවිකර තිබූ බැවිනි. ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල් උපන් නිවසේ ""මෙවැනි සොරකමක් දන්නා තරමින් වුණේ පළමුවරට"" බව එහි ප්‍රධාන විධායකවරයා පැවසීය. ""එහි අති නවීන ආරක්ෂක පද්ධතියක් තිබුණා."" ""නමුත් සිදු වූ දේ වෙලා ඉවරයි,"" ඔහු පවසයි. ""පැහැදිලිවම අපි මෙයට උත්තර සොයා ගත යුතුයි."" ශ්‍රීමත් වින්සන්ට් චර්චිල් උපන් නිවස ලෙස සැලකෙන බ්ලේනම් මන්දිරය ""ඇමෙරිකානු සිහිනය"" ලෝක උරුමයක් ලෙස සැලකෙන බ්ලේනම් මන්දිරය, සොරකමින් පසු ඊයේ වසා දැමුනද එය නැවතත් ඉරිදමහජනතාවට විවෘත කෙරිණි. විධායක නිලධාරී හෙයා පැවසුවේ 2017 වසරේදී මෙම නිර්මාණය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ප්‍රසිද්ධියේ පිරිනමන ලද බවය. ""එය ඇමෙරිකානු සිහිනය ගැන ප්‍රකාශනයක්"" ""එහි අරමුණ වුණේ අතිශය වටිනා සහ ඉතා උසස් නිර්මාණයක් සියලු දෙනාටම විවර කිරීම වැනි දෙයක්, හරියට ඒ වගේම අපට යන්නට සිදුවෙන වෙලාවට යා යුතු වනවා වගෙයි"" ඔහු පැවසීය. ""නමුත් එයට ප්‍රවේශය ලබා දී දින දෙකක් ගතවෙද්දී එය සොරකම් කරලා."" පොලීසිය පැවසුවේ සොරකම සඳහා අඩුම තරමින් වාහන දෙකක් යොදා ගෙන ඇති බවය. රනින් නිම වුණු එම නිර්මාණය ""සොරුන් විසින් දිය කරනු ලැබීමට ද ඉඩ තියේවි"" යැයි ද මන්දිරයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවසීය. කියවන්න:" -sri-lanka-38294833,https://www.bbc.com/sinhala/sri-lanka-38294833,'අන්තවාදී' වෙබ් අඩවිවලට එරෙහිව පියවර ගන්නවා - රනිල්,ශ්‍රී ලංකාවේ ජනකොටස් අතර සමගියට බාධා කරන සහ අන්තවාදී අදහස්වලට අනුබල දෙන වෙබ් අඩවි හෝ සමාජ මාධ්‍ය ජාලවලට එරෙහිව නීතිය ක්‍රියාවට නැගීමට නොපැකිලෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.,"කෙසේ වෙතත් එවැනි පියවරක් ගැනීමට පෙර සිය අඩවිවල අන්තර්ගතය සම්බන්ධයෙන් වෙබ් මාධ්‍යවේදීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියවර ගෙන තිබෙන බවත් අගමැතිවරයා සඳහන් කළේය. නබි නායකතුමන්ගේ ජන්ම දිනය සැමරීම සඳහා ගුරුතලාවේ පැවති උත්සව සභාවක් අමතමින් ඒ බව සඳහන් කළ අගමැතිවරයා, වෙබ් අඩවි හෝ සමාජ මාධ්‍ය ජාල පාලනය කිරීමට කිසිවකුටත් හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නේය. ""අපි ඉස්සෙල්ල බලමු කරුණු කියල. බැරි නම්, ඒ ක්‍රියාවලින් රටේ ප්‍රශ්න ඇතිවෙනවා නම්, අපි එහෙනම් නීතිය ක්‍රියාත්මක කරමු,""යනුවෙන්ද අගමැතිවරයා සඳහන් කළේය. ගුවන් විදුලි සේවාවන් හෝ රූපවාහ���නී නාලිකා මෙන් වෙබ් අඩවි හෝ සමාජ මාධ්‍ය ජාල පාලනය කිරීමට කිසිවකුටත් හැකියාවක් නොමැති බව අගමැතිවරයා පෙන්වා දුන්නේය. එබැවින් ජාතික සමගියට හානිකරන වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාල සම්බන්ධයෙන් පළමු පියවර සාකච්ඡා මාර්ගය බවයි, අගමැතිවරයා පවසන්නේ. ශ්‍රී ලංකාවේ ජාතික සමගිය සහ සංහිඳියාව බිඳ දැමීමට එවැනි වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාල කවර අන්දමේ උත්සාහයන් දැරුවත් 'ජනවාරි 08 වැනිදා ජනවරම කණපිට පෙරලීමට' කිසිවෙකුටත් හැකියාවක් නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය." -world-56460339,https://www.bbc.com/sinhala/world-56460339,මියන්මාරයේ විරෝධතා: බීබීසී වාර්තාකරු රඳවා ගනියි,පෙබරවාරි 1 වෙනිදා මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර දිගින් දිගටම ගැටුම් ඇවිලෙද්දී බීබීසී බුරුම සේවයේ වාර්තාකරුවෙකු ද රඳවාගෙන තිබේ.,"බීබීසී වාර්තාකරු අවුං තූරා අවුං තූරා නම් බීබීසී වාර්තාකරු එරට 'නේ පි ඩෝ 'අගනුවර අධිකරණයක පිටත සිට වාර්තා ලබා දෙමින් සිටින අතරතුර සාමාන්‍ය ඇඳුමෙන් සැරසුනු මිනිසුන් කීපදෙනෙකු විසින් රැගෙන ගොස් ඇත. මෙම සිද්ධිය ගැන අතිශය සැලකිලිමත් වන බව පැවසූ බීබීසී සේවය සිය වාර්තාකරු සොයා ගැනීමට උදව් ලබා දෙන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ. නගර කීපයක පැවති නවතම විරෝධතාවලින් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. ප්‍රාදේශීය පුවත් සේවයක් වන මිසිමා හි (Mizzima) වාර්තාකරුවෙකු වන තෑන් ටයිකේ අවුන් ද බීබීසී වාර්තාකරු අවුං තූරා සමග රැගෙන ගොස් ඇත. මිසිමා සේවයේ මෙහෙයුම් බලපත්‍රය මිලිටරි රජය විසින් මෙම මස මුලදී අවලංගු කරන ලදී. මාධ්‍යවේදීන් රැගෙන ගිය පිරිස සිකුරාදා දින එරට වේලාවෙන් දිවා කාලයේ (GMT 05:30) සලකුණු නොකළ වෑන් රථයකින් පැමිණ තමන් හමුවන ලෙස වාර්තාකරුවන්ට දන්වා සිටියහ. එතැන් පටන් බීබීසී සේවයට අවුං තූරා සම්බන්ධ කර ගැනීමට නොහැකි වී තිබේ. ""මියන්මාරයේ සිටින කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ ආරක්ෂාව බීබීසී ඉතා බැරෑරුම් ලෙස සලකන අතර, අවුන් තූරා සොයා ගැනීමට හැකි සෑම දෙයක්ම අපි කරනවා"" යනුවෙන් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. ""ඔහුව සොයා ගැනීමට සහ ඔහු ආරක්ෂිත බව තහවුරු කිරීමට උදව් කරන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. නේ පි ඩෝ (අගනුවර) සිදුවීම් වාර්තාකරණයේ වසර ගණනාවක් අත්දැකීම් ඇති අවුන් තූරා පිළිගත් බීබීසී මාධ්‍යවේදියෙක්."" අවුං සාන් සූ ඇතුළු සිවිල් නායකයින් රඳවා තබා ගෙන සිටින හමුදා කුමන්ත්‍රණයෙන් පසු මාධ්‍යවේදීන් 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දහසය දෙනෙක් තවමත් අත්අඩංගුවේ පසුවන අතර හමුදාව මාධ්‍ය සමාගම් පහක බලපත්‍ර අවලංගු කර තිබේ. විරෝධතාකරුවන් දමා තිබෙන මාර්ග බාධක සිකුරාදා දින (මාර්තු 9) මියගිය පුද්ගලයින් 8 දෙනා අවුන්බන් නගරයේදී ආරක්ෂක අංශ වෙඩි තබා ඝාතනය කර ඇති බව අවමංගල්‍ය අධ්‍යක්ෂවරයෙක් සහ ප්‍රාදේශීය මාධ්‍ය පැවසීය. ""බාධක ඉවත් කරන්න ආරක්ෂක හමුදා පැමිණියා. ඒත් ජනතාව ඊට විරුද්ධ වුණා. ඔවුන්ට හමුදාව වෙඩි තිබ්බා"" යැයි සාක්ෂිකරුවෙක් රොයිටර් පුවත් සේවයට පැවසීය. ප්‍රධාන නගරයේ පවතින ප්‍රචණ්ඩකාරී තත්ත්වයෙන් පලා යාමට බොහෝ දෙනෙක් උත්සාහ කරන බැවින් වීදිවල තදබදයක් පවතින බව යැන්ගොන් නගරයෙන් ලැබෙන වාර්තා පවසයි. විරෝධතාකරුවන් සකස් කර ඇති බාධක ඉවත් කිරීමට එහි සිටින පොලිසිය ජනතාවට බල කරන බව පැවසේ. පශ්චාත් කුමන්ත්‍රණ ප්‍රචණ්ඩත්වය තුළ අවම වශයෙන් බුරුම ජාතිකයින් 232 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව දේශපාලන සිරකරුවන් සඳහා වන සංගමයක් පවසයි. 38 ක් දෙනෙක් මියගිය මාර්තු 14 මෙතෙක් ලේ වැගිරීම් වැඩිපුරම සිදු වූ දිනයයි. මියන්මාරය මේ තොරතුරුද කියවන්න:" -130205_ibahri_visa_neomal,https://www.bbc.com/sinhala/sri_lanka/2013/02/130205_ibahri_visa_neomal,සංචාරයේ අරමුණ ගැන සැකයි - ආණ්ඩුව,ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා බලධාරීන්ට ඉදිරිපත් කොට තිබූ ලිපි ලේඛණ සහ ඔවුන්ගේ වීසා ඉල්ලුම්පත්‍රවල සඳහන් කරුණු අතර පරස්පරතාවයන් තිබූ බව විදේශ අමාත්‍යාංශය පවසයි.,"ශ්‍රී ලංකාවේ නීතිඥ ක්ෂේත්‍රය මුහුණ දෙමින් සිටින වාතාවරණය සහ දෝෂාභියෝග ක්‍රියාදාමය ද විමර්ෂණය කිරීම සිය සංචාරයේ අරමුණ බව ඉබාරි ආයතනය පවසයි ඒ පිළිබඳව සැකයක් මතුවීම නිසා ඔවුන්ට වීසා බලපත්‍ර නිකුත් නොකළ බව පුවත්පත් වාර්තා මාර්ගයෙන් තමන්ට දැනගන්නට ලැබුණු බවයි, නියෝජ්‍ය විදේශ අමාත්‍ය නියෝමාල් පෙරේරා බීබීසී සංදේශයට කියා සිටියේ. සිදුවීම පිළිබඳව තමන් වැඩි විස්තර නොදන්නා නමුත්, එකම සංචාරය සඳහා හේතු දෙකක් ඉදිරිපත් කිරීම හේතුවෙන් මතු වූ සැකය මත ඔවුන්ට වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කෙරුණු බව ද ඇමතිවරයා සඳහන් කළේය. දෝෂාභියෝගය ""ඒකයි සැකය. පිළිගත්ත නීතිඥ ආයතනයකින් එහෙම කෙරෙන්නේ නැති නිසා. අරමුණේ ප්‍රශ්නයක් ඇති වෙනවා එතකොට,"" යනුවෙන් ද නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය. කෙසේ නමුත් ඒ පිළිබඳව සංදේශයට කරුණු දැක්වූ දූත පිරිසේ සාමාජිකයෙකු වන ෂේන් කීනන්, ශ්‍රී ලංකාවේ නීතිඥ ක්ෂේත්‍රය සහ අධිකරණය වර්තමානයේ මුහුණ දෙමින් සිටින වාතාවරණය පිළිබඳව කරුණු සොයා බැලීම තම සංචාරයේ අරමුණ වූ බවත්, අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ට එරෙහි දෝෂාභියෝග ක්‍රියාදාමය ද එම විමර්ෂණයේ එක අංගයක් බවත් පැවසීය. එහෙත් එවැනි අරමුණක් සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය දැනුවත් කොට නොමැති බවයි, නියෝජ්‍ය විදේශ අමාත්‍ය නියෝමාල් පෙරේරා අවධාරණය කරන්නේ. මේ අවස්ථාවේ සාකච්ඡාවට බඳුන් විය යුතු සැබෑ ප්‍රශ්නය වීසා ඉල්ලුම්පතට අදාළ තාක්ෂණික ගැටළු නොව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ ඉහල පෙලේ දූත පිරිසකට රටට ඇතුළු වීමට අවසර දීම ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම බව ද ෂේන් කීනන් සඳහන් කළේය. ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීමට තමන් තවමත් බලාපොරොත්තු තබා තිබෙන බව ද ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයට අනුබද්ධ මානව හිමිකම් ආයතනය (ඉබාරි) අවධාරණය කරයි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා" -121129_chamal,https://www.bbc.com/sinhala/sri_lanka/2012/11/121129_chamal,අධිකරණය ලබා දුන් නියෝග බල රහිතයි - කථානායක,තේරීම්කාරක සභාව සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන් නියෝග බලරහිත බව කථානායක චමල් රාජපක්‍ෂ පාර්ලිමේන්තුවට දන්වා සිටියි.,"අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විභාග කරන තේරීම්කාරක සභාව සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන් නියෝග බල රහිත බව කථානායක චමල් රාජපක්‍ෂ පාර්ලිමේන්තුවට දැනුම් දුන් බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි සන්දේශයට පැවසුවේය. ""මේක අධිකරණය සහ පාර්ලිමේන්තුව අතර ගැටුමක් ඇති වීම වලක්වා ගැනීමට ගත් පියවරක්"" කථානායක චමල් රාජපක්‍ෂ කථානායක චමල් රාජපක්‍ෂ අධිකරණය ලබා දුන් නියෝග බලරහිත කීරීමට තීරණය කළේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ‍ ඇතුළු තවත් මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙකුගේ අදහස් දැක්වීමකින් අනතුරුව බවත් ,මේ සියලුම දෙනා පාර්ලිමේන්තුවේ ගරුත්වය රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටි බවත් නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි තවදුරටත් පැවසුවේය. දෝෂාභියෝගය විභාග කරන තේරීම්කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණය සහ පාර්ලිමේන්තුව අතර ගැටුමක් ඇති නොවන්නේදැයි විමසුවිට, නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි ප්‍රකාශ ක���ේ: ""මේක අධිකරණය සහ පාර්ලිමේන්තුව අතර ගැටුමක් ඇති වීම වලක්වා ගැනීමට ගත් පියවරක් "" යනුවෙන්. දෝෂාභියෝගයට එරෙහිව ගොනු කොට තිබු පෙත්සම් සම්බන්ධයෙන් තේරීම්කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබිණ සබැඳි තේමා" -130621_bbs_attack_robbery,https://www.bbc.com/sinhala/sri_lanka/2013/06/130621_bbs_attack_robbery,දේවස්ථානයකට පහරදීම පිලිබඳ ඥානසාර හිමියන්ට චෝදනා,ක්‍රිස්තියානි දේවස්ථානයකට පහර දීම සහ සොරකම් කිරීම ඇතුළු චෝදනාවලට නිවැරදිකරු බව බොදු බල සේනා කැඳවුම් කරු ගලබොඩ වත්තේ ඥානසාර හිමියෝ අධිකරණය ඉදිරියේ පැවසූහ.,"දේවස්ථානයකට පහර දීම, ජංගම දුරකතනයක් හා රන්මාලයක් සොරකම් කිරීම ඇතුළු චෝදනා මත විත්තිකරුවන්ට නඩු පවරා තිබේ 2008 ජුනි හත් වනදා තලාහේනේ කල්වාරි යාඥා මධ්‍යස්ථානයට පහර දී අලාභ හානි සිදුකිරීම මෙන්ම ජංගම දුරකතනයක් හා රන්මාලයක් සොරකම් කිරීම ඇතුළු චෝදනා එකොළහකට එරෙහිව ඥානසාර හිමි ඇතුළු දහතුන් දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ චෝදනා පත්‍ර ගොනු කොට තිබුණි. විත්තිකරුවන් සියලු දෙනාම පැවසුවේ එම චෝදනා සියල්ලටම නිවැරදි කරුවන් බවයි. බ්‍රහස්පතින්දා නඩු විභාගයේදී සාක්ෂි දුන් අදාළ දේවස්ථානය භාරව කටයුතු කළ රොෂාන් හෙන්ද්‍රිකස් දේවගැතිවරයා, යාඥා නතර කරන ලෙස විත්තිකරුවන් තර්ජනය කළ බවත්, ගලබොඩ වත්තේ ඥානසාර හිමි තමන්ගේ උදරයට පයින් පහර දුන් බවත් පවසා සිටියේය. කෙසේ නමුත් අනවශ්‍ය ගැටුමක් වලක්වා ගැනීම පිණිස තමා ඒ පිළිබඳව පොලිස් කට උත්ත්තරයේ සඳහන් නොකළ බවද දේවගැතිවරයා පැවසීය. නඩු විභාගය ලබන මස 19 වැනි දිනට කල් තැබිණ." -sport-39778269,https://www.bbc.com/sinhala/sport-39778269,ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමත් ශ්‍රී ලංකාවට අභියෝගයක්?,අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශයට පත් කළ එක්දින ක්‍රිකට් ක්ෂේත්‍රයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ හය වෙනි ස්ථානයය.,"2017 සැප්තැම්බර් 30 වෙනි දින වනවිට ඉදිරියෙන් සිටින රටවල් හත සහ සත්කාරක එංගලන්තය 2019 ලෝක කුසලානයට සහභාගි වීමට නිතරගයෙන් සුදුසුකම් ලබන බැවින් මෙම ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකාවට තීරණාත්මක තත්වයකි. එලෙස සුදුසුකම් නොලබන කණ්ඩායම්වලට 2018 අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගි වීමට සිදුවේ. එයට තරග වදින කණ්ඩායම් දහයක් අතරින් එහිදී 2019 ලෝක කුසලානයට සුදුසුකම් ලබන්නේ කණ්ඩාය��් දෙකක් පමණි. දැනට නිකුත් කර තිබෙන එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 79 ක් ලබාගෙන නම වෙනි ස්ථානයේ පසුවේ. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා පාකිස්ථානය පිළිවෙලින් 6, 7, 8 යන ස්ථානවල සිටින අතර එම කණ්ඩායම් තුන අතර පරතරය ලකුණු පහකට වඩා අඩුය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලෝක කුසලානයට නිතරගයෙන් සුදුසුකම් නොලබනු ඇතැයි යන්න බොහෝ ක්‍රිකට් විචාරකයන්ගේ මතයය. එසේ වුවද පාකිස්ථානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව ඉදිරි තරග ජයනොගතහොත් අවදානමකට මුහුණදිය හැකි බවත් ඔවුහු පවසති. ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් 30 වෙනි දිනට පෙර එක්දින තරග 11 ක් පමණ ක්‍රීඩා කිරීමට නියමිත අතර 2019 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම සඳහා එම තරගවල ප්‍රතිඵල ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වේ. එම තරගවලින් බහුතරයක් පරාජය වී ශ්‍රේණිගත කිරීම්වල පහළට වැටුණහොත් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට නිතරගයෙන් සුදුසුකම් නොලැබීමේ අවදානමක් මතුවීමේ ඉඩකඩක් පවතී." -world-45272647,https://www.bbc.com/sinhala/world-45272647,සෞදි අරාබියේ කාන්තා අයිතීන් පිළිබඳ ක්‍රියාකාරිනියකට මරණ දඬුවම දෙන්නැයි ඉල්ලීමක්,සෞදි ආරාබියේ කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටි ඉස්රා අල්-ගොම්ගම් (Israa al-Ghomgham) ඇතුළු සමාජ සේවා ක්‍රියාකාරීන් පස් දෙනෙකුට මරණ දඬුවම් නියම කරන ලෙස නඩු විභාගයේ පැමිණිලි පාර්ශ්වය අධිකරණයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.,"ඉස්රා අල්-ගොම්ගම්ගේ (Israa al-Ghomgham) ආධාරකරුවන් ඇයගේ කුඩා කළ ඡායාරූපයක් නිකුත් කර තිබේ මෙම ක්‍රියාකාරීන් පස් දෙනාගේ නඩු විභාග වූයේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිදු කිරීමේ වරද යටතේ බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි. ගැටලු පවතින කාතිෆ් පළාත තුළ පැවති ""විරෝධතාවලට සහභාගී වීම"" ඔවුන්ට එරෙහිව තිබූ එක් චෝදනාවකි. එම විරෝධතා ගෙන යනු ලැබුවේ සෞදි අරාබියේ සුළුතරයක් වන ෂියා මුස්ලිම් ප්‍රජාව විසිනි. මානව අයිතීන් වෙනුවෙන් ක්‍රියාකිරීම නිසා බොහෝ විට මරණ දණ්ඩනයට ලක් වීමට ඉඩ තිබෙන ප්‍රථම කාන්තාව ඉස්රා අල්-ගොම්ගම් බව විශ්වාස කෙරේ. පැමිණිලි පාර්ශවය අධිකරණයෙන් සිදු කරන මෙම ඉල්ලීම මේ වන විට අරාබි රටවල සිරගත කර සිටින අනෙක් ක්‍රියාකාරිනියන්ට ඉතා භයානක පූර්වාදර්ශයක් සපයන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය අනතුරු අඟවයි. මැයි මස මුල සිට මේ දක්වා මානව හිමිකම් සහ කාන්තා අයිතීන් ක්‍රියාකාරිනියන් 13ක් පමණ අත්අඩංගුවට ගෙන ඇත. ජාතික ආරක්��ාවට තර්ජනයක් වන ආකාරයේ ක්‍රියාකාරකම්වල නියැලීම ඔවුනට එරෙහිව ඇති චෝදනාවයි. මේ අතරින් සමහර පුද්ගලයන් නිදහස් කර ඇතත්, අනෙක් අයගේ චෝදනා විභාග නොකර රඳවාගෙන සිටී. මේ තොරතුරුද කියවන්න: ඉස්රා අල්-ගොම්ගම් 2011 වර්ෂයේ සිට කාතිෆ් පළාතේ පැවති විශාල උද්ඝෝෂණවලට සහභාගී වී ඒවා වාර්තා කර තිබෙන බව හියුමන් රයිට්ස් වොච් පවසයි. මෙම අධිකරණ තීන්දුව මේ වන විට ආරාබි රටවල සිර ගත කර සිටින අනෙක් කාන්තා ක්‍රියාකාරිනියන්ට ඉතා භයානක පූර්වාදර්ශයක් සපයන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය අනතුරු අඟවයි. සුන්නි මුස්ලිවරුන්ගෙන් සමන්විත රජයෙන් එල්ල වන වෙනස්කම්වලට එරෙහිව හඬ නැගීමට ෂියා මුස්ලිම්වරු වීදි බැස තිබේ. 2015 දෙසැම්බර් මස ඉස්රා අල්-ගොම්ගම් සහ ඇයගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වන අතර, මේ වන තෙක් ඔවුහු දම්මාම්ස් අල්-මබහිත් (Dammam's al-Mabahith) සිර කඳවුරේ රඳවා සිටිති. ""කාතිෆ් පළාතේ උද්ඝෝෂණවලට සහභාගී වීම, උද්ඝෝෂණවලට පුද්ගලයන් පෙළඹවීම, රජයට විරුද්ධ සටන් පාඨ කීම, සමාජ මතය ඇවිස්සීමට ක්‍රියා කිරීම, උද්ඝෝෂණ පටිගත කර සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම, උද්ඝෝෂකයින් දිරිමත් කිරීම,"" ඉස්රා අල්-ගොම්ගම් ඇතුළු ක්‍රියාකාරීන් පස්දෙනාට එරෙහිව තිබූ චෝදනා බව හියුමන් රයිට්ස් වොච් පවසයි. ඉස්ලාමීය නීතියේ ඇති ""ටසීර්"" ප්‍රතිපත්තිය අනුගමනය කරමින් මෙම පිරිසට මරණ දඬුවම දෙන ලෙස නඩු විභාගයේ මුල සිටම පැමිණිලි පාර්ශ්වය ඉල්ලීම් කර තිබේ. ටසීර් නීතිය අනුව වරද කුමක්දැයි යන්න සහ එයට සරිලන දඬුවම තීරණය කිරීම සඳහා විනිසුරුවරයාට සම්පූර්ණ බලය පැවරේ. ""සෑම මරණ දණ්ඩනයක්ම ඉතා බියජනකයි. නමුත් ඉස්රා අල්-ගොම්ගම් වැනි දරුණු හැසිරීමක් ගැන චෝදනා ලබා නැති ක්‍රියාකාරීන්ට මරණ දඬුවම දීම අතිශය භයානකයි"" යැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ මැද පෙරදිග අධ්‍යක්ෂිකා සාරා ලියා විට්සන් කළ ප්‍රකාශයක සටහන් වී තිබිණි. ඉස්රා අල්-ගොම්ගම්ට එරෙහිව ඇති චෝදනාවලින් ඇයව නිදහස් කරන ලෙස ලන්ඩන් නුවර පිහිටි යුරෝපා සෞදි මානව හිමිකම් සංවිධානයක් සෞදි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. නමුත් මේ වන තෙක් සෞදි රජය ඉස්රා අල්-ගොම්ගම්ගේ නඩු විභාගය පිළිබඳ කිසිදු ප්‍රකාශයක්කර නොමැත. තවත් තොරතුරු:" -140207_unp_palitha_suspended,https://www.bbc.com/sinhala/sri_lanka/2014/02/140207_unp_palitha_suspended,රනිල්ට පහර දෙන්න උත්සාහ කළේ නැහැ - පාලිත,කළුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුමගේ පක්‍ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එක්‌සත් ජාතික පක්‍ෂය (එජාපය) තීරණය කොට තිබේ.,"'මම මොකටද ගහන්න ආවේ?' බදාදා පාර්ලිමේන්තුවේ පැවැති එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට බීමතින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට අසභ්‍ය ලෙස බැණ වැදී පහර දීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධව ජෝන් අමරතුංග සහ රන්ජන් රාමනායක මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ වාර්තා අනුව තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බව, පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක ප්‍රකාශ කරයි. මන්ත්‍රීවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් කඩිනමින් විනය පරීක්ෂණයක්ද පැවැත්වීමට පක්ෂය තීරණය කොට තිබේ. ඔහු අකමැති අපේක්ෂකයෙකුට බස්නාහිර පළාත් සභාව සඳහා එජාපයෙන් නාම යෝජනා ලබාදීම හේතුවෙන් මන්ත්‍රීවරයා එසේ කලහකාරී ලෙසින් හැසිරුණු බව ජනමාධ්‍ය වාර්තා කොට තිබුණි. 'අසිහියෙන් හිටියේ' එහෙත් තමන් පක්ෂ නායකයාට පහර දීමට උත්සාහ නොකළ බව පාලිත තෙවෙරප්පෙරුම මන්ත්‍රීවරයා සංදේශයට කියා සිටියේය. ""ගහන්න ආවා කියනවා මම මොකටද ගහන්න ආවේ?, පක්ෂය පරාජය කරන කෙනෙකුට නාම යෝජනා දුන්න නිසා, මගේ නායකයට ගහල මට බැහැ අර අපේක්ෂකයාගේ ගානට වැටෙන්න,"" යනුවෙන් ඔහු කියා සිටියේය. මන්ත්‍රීවරයෙකු බීමතින් සිටියේ නම් පාර්ලිමේන්තුවට පිවිසෙන ස්ථානයේදීම පාර්ලිමේන්තුවේ ආරක්ෂකයන් විසින් ඔහු හරවා යවනු ලබන බව පවසන තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා, තමන්ට එම චෝදනාව එල්ල කරනු ලබන්නේ එක් මන්ත්‍රීවරයකු පමණක් බව සඳහන් කරයි. ""අනිත් අය කවුරුත් කිව්වේ නැහැ, රන්ජන් රාමනායක කිව්වෙත් නැහැ අකිල විරාජ් කිව්වෙත් නැහැ, ජෝන් අමරතුංග විතරයි කියන්නේ."" පක්ෂ රැස්වීමේදී තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා මෙල්ල කළ බව පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පවසන්නේ, කලහකාරී ලෙස හැසිරුණු මන්ත්‍රීවරයා විපක්ෂනායකවරයා රැස්වීමෙන් පිටව යාමට සැරසෙද්දී ඔහුගේ අතින් ඇද්ද බවයි. ""ඔහු ගොඩක් අසිහියෙන් හිටියේ. ඔහුගේ අරමුණ මොකක්ද කියල මම දන්නේ නැහැ. පහර දෙන්නම අවශ්‍යතාවය තිබුනා නම් ඔහුට අවස්ථාව තිබ්බ පහර දෙන්න. ගොඩක් අය කෑගහගෙන ගියාට පහර දෙන්නේ නැහැනේ,""යනුවෙන්ද රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සංදේශයට පැවසීය. නාම යෝජනා මතභේද මීට සති කිහිපයකට ඉහතදී බදුරලිය රෝහල යලි විවෘත කර ගැනීම් වස් තමන් දියත් කළ උද්ඝෝෂණය වි���ේචනය කළ පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මන්ත්‍රීවරයාට දොස් නැගීම නිසා තමන්ගෙන් පළි ගනිමින් සිටින බවට තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා මේ අතර පක්ෂයට චෝදනා කරයි. ""එයා මට කිව්වා ඔයාට ලැබෙන්න ඕනේ මාධ්‍ය ප්‍රචාරේ ලැබිල ඉවරයි, ඔය උපවාසය නවත්වන්න කියල. ඒකට එතුමාට මාධ්‍ය ඔස්සේ බැන්න හින්දයි මගෙන් පළිගන්නේ."" මන්ත්‍රීවරයාගේ එම චෝදනාව, උද්ඝෝෂණය පැවති අවස්ථාවේම කරු ජයසුරිය මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කළේය. නාම යෝජනා සම්බන්ධයෙන් හට ගත් මතභේද හේතුවෙන් රවි කරුණානායක මන්ත්‍රීවරයාද පක්ෂයේ නාම යෝජනා මණ්ඩලයෙන් ඉල්ලා අස් වූ අතර එජාප කාන්තා ක්‍රියාකාරිනියක් වන කොළඹ නගරාධිපති ඒජේඑම් මුසම්මිල්ගේ බිරිඳ, ෆෙරෝසා මුසම්මිල්ද පක්ෂයෙන් ඉවත් වන බව නිවේදනය කළාය. මෙවැනි ප්‍රශ්න මතු වන්නේ නාම යෝජනා වෙනුවෙන් ඇති වූ දැඩි ඉල්ලුම නිසා බව පවසන රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා දැන් පක්ෂයේ සියලුදෙනාට මත ගැටුම් ඉවතලා පක්ෂය ජයග්‍රහණය කරවීමට කාලය එළැඹ ඇතැයිද සඳහන් කළේය." -sri-lanka-39116412,https://www.bbc.com/sinhala/sri-lanka-39116412,"""කාන්තාවන්ගෙන් 90% කට පොදු ප්‍රවාහනයේදී ලිංගික අතවර""",ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් සියයට අනූවක් පොදු ප්‍රවාහනයේදී ලිංගික අතවරවලට ලක්වන බව සිය සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.,"එහෙත් ඒ අතරින් පොලිසියේ සහය පතන්නේ අතවරයට ලක්වන කාන්තාවන්ගෙන් සියයට හතරකට ආසන්න පිරිසක් පමණක්ය යන්න දීපව්‍යාප්තව සිදු කළ සිය සමීක්ෂණයේදී හෙළි වූ බවත් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සඳහන් කරයි. ""ලිංගික අතවරයන් මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වන අතර, කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට කායිකව, මානසිකව සහ ආර්ථිකව වෙනස්කම් කෙරෙන සංස්කෘතියට දායක වෙයි,"" යනුවෙන් ද ඒ පිළිබඳව UNFPA ආයතනය නිකුත්කළ නිවේදනයක දැක්වේ. පොදු ප්‍රවාහනයේදී, සේවා ස්ථානවලදී සහ මහමගදී ලිංගික හිංසනයට මුහුණදුන් තරුණියන් පිරිසක් පසුගියදා බීබීසී සිංහල සේවයට ද සිය වේදනාබර අත්දැකීම හෙළිකළහ. ශ්‍රී ලාංකික කාන්තාවගේ වේදනාබර අත්දැකීම පොදු ප්‍රවාහනයේදී කාන්තාවන් ලිංගික අතවරවලට මුහුණදීමේ ගැටලුව ජාතික ප්‍රමුඛතාවක් ලෙසින් හඳුනාගෙන එය වැළැක්වීම සඳහා වූ ""ඇය සුරැකි ගමනකද"" වැඩසටහන සඳුදා කොළඹදී ආරම්භ කෙරුණි. UNFPA ආයතනය, ශ්‍රී ලංකාවේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව එම වැඩසටහන දියත්කිරීම සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පොලිස් කාන්තා සහ ළමා කාර්යාංශයේ ප්‍රධානී සහකාර පොලිස් අධිකාරිනී එල්ජී අමරසේන, ලිගික අතවරවලට ලක්වන කාන්තාවන් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නාය. '119 අමතන්න' ""මම හිතන්නේ මෙතන මම ඇහුවොත් කිසි කෙනෙක්ට කියන්න බැරිවෙයි මට නම් එහෙම වෙලා නැහැ කියල. අපිට පොඩි ඇඟිල්ලකින් හරි හිංසනයක් වෙලා තියෙනව,"" ඇය සඳහන් කළාය. ""119 අංකයට හෝ සැකකරු පිළිබඳව විස්තර දන්නේ නම් 1938 සහ 2444444 අංකවලට පොලිසිය අමතන්න"" එබැවින් 119 දුරකතන අංකය හෝ සැකකරු පිළිබඳව විස්තර දන්නේ නම් 1938 සහ 2444444 අංකවලට අමතා තමන්ට සිදුවන අතවර පිළිබඳව සිය කාර්යාංශයට දැනුම්දෙන මෙන් සහකාර පොලිස් අධිකාරිවරිය කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කළාය. වින්දිතයා මෙන්ම ඒ අසල සිටින පුද්ගලයන්ද කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික අතවර සම්බන්ධයෙන් ඉදිරිපත්වීමේ අවශ්‍යතාවය ද එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි. පොදු ප්‍රවාහන සේවාවන්හිදී ශ්‍රී ලංකාවේ කාන්තාවන් මුහුණදෙන ලිංගික අතවර සම්බන්ධයෙන් සිදුකරන ලද අධ්‍යයනය, ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය පිළිබඳව දත්ත රැස්කරන ප්‍රථම පියවර බවත් UNFPA ආයතනය වැඩිදුරටත් පවසයි." -world-43127071,https://www.bbc.com/sinhala/world-43127071,ජපානය: ලී භාවිත කර ඉදිකරන ලොව උසම ගොඩනැගිල්ල,සිය 350 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් 2041 වර්ෂය වන විට ලීයෙන් තැනූ ලෝකයේ උසම ගොඩනැගිල්ලට හිමිකම් කීමට ජපන් සමාගමක් පිඹුරුපත් සකසමින් සිටින බව වාර්තා වේ.,"මහල් 70 කින් සමන්විත මෙම ගොඩනැගිල්ල W350 ලෙස නම් කර ඇති අතර එය නිමවන්නේ යකඩ 10% ක් සහ වර්ග අඩි එක් ලක්ෂ අසූ දහසක් වූ දේශීය ලී එකතුවකින් බව සුමිටෝමොටෝ ෆොරෙස්ට්‍රි (Sumitomo Forestry) සමාගම පවසයි. මෙම ගොඩනැගිල්ල කොළ අතු සහ ගස්වලින් සැරසුන සඳලුතල සහිත නිවාස අට දහසකින් සමන්විත වන බව ද සමාගම සඳහන් කරයි. ලී සහ යකඩවලින් තැනෙන අඩි 1,150 ක කුළුණක් මධ්‍යයේ කම්පනය පාලනය කිරීම සඳහා යකඩ බට යුගලයක් සවි කිරීම මගින් ටෝකියෝ නුවර නිතර ඇතිවන භූ කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාවක් මෙම ගොඩනැගිල්ලට ලැබෙනු ඇත. ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වැයවන වියදම? සාමාන්‍යයෙන් ගොඩනැගිල්ලක් ඉදි කිරීමට වැයවන මුදලට වඩා දෙගුණයක් මෙම සුවිශේෂී ගොඩනැගිල්ල නිර්මාණය කිරීම සඳහා වැය වන අතර, එය ජපන් යෙන් බිලියන හයසියයක් (ඇමරිකානු ඩොලර් බිලියන 5.6) ලෙස ඇස්තමේන්තු කර ඇත. නමුත් 2041 වන විට සිදුවන තාක්ෂණයේ දියුණුවත් සමග වැයවන මුදල ඇස්තමේන්තු කළ මුදලට වඩා අඩු විය හැකි බව සුමිටෝමොටෝ ආයතනය පවසයි. ලීයෙන් තැනූ මහල් නිවාස නව අදහසක්ද? නැත. 2010 වර්ෂයේදී සම්පාදනය වුණ නීති ප්‍රකාරව ඉදිකිරීම් සමාගම්, මහල් තුනක උසට අඩු ගොඩනැගිලි සඳහා ලී භාවිත කළ යුතුය. ලෝකයේ සෑම ස්ථානයකම ලීයෙන් තැනූ ගොඩනැගිලි දක්නට ඇත. මිනියාපොලිස් නගරයේ පිහිටි මහල් දහ අටකින් සමන්විත කාර්යාල ගොඩනැගිල්ල සහ වැන්කුවර් නගරයේ ඉදිකර ඇති මීටර් 53 ක් උස ශිෂ්‍ය නේවාසිකාගාරය ලෝකයේ දැනට පවතින ලීයෙන් තැනූ උසම ගොඩනැගිලි ලෙස වාර්තා වෙයි. ලී ගොඩනැගිලි පරිසර හිතකාමීද? පරිසරයේ ඇති කාබන් ප්‍රතිශතයෙන් 8% කට සහ වායු විමෝචනයෙන් 5% කට වග කිව යුතු වන්නේ කොන්ක්‍රීට් සහ යකඩෙන් තැනූ ගොඩනැගිලිය. නමුත් ලී, කාබන් අවශෝෂණය කර ගන්නා අතර එය නැවත වාතයට පිට නොකරයි. ජපාන භූමියෙන් තුනෙන් දෙකක් පමණ වැසී ඇත්තේ වනාන්තරවලින් යැයි සඳහන් වෙයි. මෙවැනි ව්‍යාපෘතියක් කිරීමේදී මුහුණ දෙන අභියෝග මොනවාද? ලී ගොඩනැගිලි ගින්නට ඔරොත්තු නොදීම මෙවැනි ව්‍යාපෘති මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වෙයි. නමුත් ගින්නට ඔරොත්තු දෙන ලෙස ආස්තරණය කර (cross-laminated timber (CLT)) සාදන ලී වර්ගයක් භාවිත කිරීම තුළින් මෙම තත්ත්වය පාලනය කළ හැකි අතර, එසේ තැනූ ගොඩනැගිලි ආකෘතියක් යකඩෙන් තැනූ ගොඩනැගිල්ලකට වඩා ඉහළ උෂ්නත්වයකට ඔරොත්තු දෙනු ලැබේ. ලීයෙන් ගොඩනැගිලි තැනීමට වැයවන අති විශාල මුදල හේතුවෙන් තව බොහෝ කාලයකට මෙය ගොඩනැගිලි ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ මාධ්‍යයක් නොවිය හැකිය. මේ තොරතුරුද කියවන්න:" -150521_lanka_rathu_vawnia,https://www.bbc.com/sinhala/sri_lanka/2015/05/150521_lanka_rathu_vawnia,පුන්ගුඩුතීවූ දූෂකයන්ට එරෙහිව අදත් හර්තාල්,වවුනියාව නගරය සහ අවට ප්‍රදේශවල අද(21) ක්‍රියාත්මක කෙරුණ හර්තාලයක් නිසා ජන ජීවිතය බෙහෙවින් අඩාල විය.,"වවුනියාවේ අද උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කෙරුනේ යාපනයේ පුන්ගුඩුතීවු පළාතේ විද්‍යා සිවයෝගනාදන් පාසල් දැරිය දූෂණය කොට මරා දැමූ සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙසත්,ඔවුන්ට මරණීය දණ්ඩනය නියම කිරීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටිමිනි. එම විරෝධතා ව්‍යාපාරයත් සමඟ ප්‍රදේශයේ සියලු වෙළෙඳසැල් වසා දමා තිබුණ අතර ගමනාගමන කටයුතු වලට ද එය බල පා තිබුණි. පාසල් සහ කාර්යාලවලට පැමිණ සිටියේ ඉතා සුලු පිරිසකි. සිසුන්ගේ ගමනාගමන පහසුකම් ප්‍රමාණවත් නොවූයෙන් ඇතැම් පාසල් නියමිත වේලාවට පෙර අවසන් කිරීමට විදුහල්පතිවරුන් පියවර ගෙන තිබුණි. මේ අතර වවුනියාවේ රජයේ සේවකයෝ කාර්යාලවලින් පිටතට පැමිණ පැය දෙක තුන බැගින් උද්ඝෝෂණවල නිරත වූහ. වවුනියාවේ ඇතැම් ප්‍රදේශවල විරෝධතාවාදීහු ටයර් පුලුස්සමින් සිය විරෝධය පළ කරමින් සිටියදී පොලීසිය ඔවුන්ට අසභ්‍ය ලෙස බැණ වදිමින් පළවා හරින ලද බවට ද වාර්තා ලැබෙයි. වවුනියාවේ පොලිස් ආරක්ෂාව දැඩි කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක් නොමැතිකම නිසා මුලතිව්, කිලිනොච්චි යන පළාත් වලින් ද අමතර බල ඇණි වවුනියාවට කැඳවා තිබුණි. ආන්ඩුකරුගේ ප්‍රතිචාරය ශිෂ්‍ය විරෝධය උතුරු පළාතේ පැතිර යමින් පවතින මහජන විරෝධතා ව්‍යාපාර සම්බන්ධයෙන් බීබීසී සංදේශය කළ විමසීමකදී ආණ්ඩුකාර එච්.එම්.ජී.එස්.පලිහක්කාර කියා සිටියේ පොලිසියේ මැදිහත් වීමෙන් සහ ප්‍රදේශයේ මහජන සංවිධානවල පුරෝගාමීන්ගේ සහයෝගය ඇතිව තත්වය සාමාන්‍ය අතට ගෙන ඒමට සමත් වූ බවයි. පාසල් ශිෂ්‍යාවට අත් වූ ඉරණම පිළිබඳව මහජන කෝපය පළවීම ස්වාභාවික යයි සඳහන් කළ ආන්ඩුකරු කෙසේ වුවද ප්‍රචණ්ඩ ලෙස හැසිරුණ සීයකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන සිටින බවත් කියා සිටියේය. මෙම කාරණයේ දී නීතිය සහ සාමය භාර අංශ කටයුතු කළ ආකාරය යාපනයේ පළ කෙරෙන මාධ්‍ය මගින් අගය කරනු ලැබ ඇති බවත් ආණ්ඩුකාර එච්.එම්.ජී.එස්.පලිහක්කාර සඳහන් කළේය." -140114_lanka_india_fishermen_rajitha,https://www.bbc.com/sinhala/sri_lanka/2014/01/140114_lanka_india_fishermen_rajitha,සාකච්ඡාවලට යහපත් පරිසරයක් නිර්මාණය වෙලා - ඇමති,ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ධීවරයන් මුහුණ දෙන ගැටලුවලට සිය ඉන්දීය සංචාරයේදී සාර්ථක පිළිතුරු ලබා ගැනීමට හැකි වනු ඇතැයි ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න බලාපොරොත්තු පළ කරයි.,"ධීවරයන් ආරක්ෂා කිරීමේ සහ තහනම් පන්න ක්‍රම නවතා දැමීමේ තීන්දු 'වඩා වැදගත්' නවදිල්ලිය බලා පිටත් වීමට ප්‍රථම කටුනායක ගුවන් තොටුපොළේ සිට බීබීසී සංදේශය සමඟ අදහස් දැක් වූ අමාත්‍යවරයා, අත් අඩංගුවේ පසුවන ලාංකීය ධීවරයින් කණ්ඩායමක් නිදහස් කිරීමට තමිල්නාඩු මහ ඇමතිනිය තීරණය කිරීම සහ එයට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාව ද ඉන්දීය ධීවරයින් පිරිසක් නිදහස් කිරීම මගින් දෙපාර්ශවය අතර සාකච්ඡා සඳහා යහපත් පරිසරයක් නිර්මාණය වී තිබෙන බව කියා සිටියේය. තමිල්නාඩුවේ රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකික ධීවරයන් විසි දෙනකු නිදහස් කිරීමට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය ධීවරයන් පනස් දෙදෙනකු ද නිදහස් කළ බව දෙරටේ බලධාරීහු සඳුදා සංදේශයට ප්‍රකාශ කළහ. 'ගැටළු අවුල් වෙලා' යාපනය බන්ධනාගාරයේ රඳවා සිටි ඉන්දීය ධීවරයන් විසි දෙනකු නිදහස් කරන ලද බව ධීවර අමාත්‍යංශයේ ප්‍රකාශක නරේන්ද්‍ර රාජපක්ෂ බීබීසී සංදේශයට පැවසූ අතර ත්‍රිකුණාමල බන්ධනාගාරයේ රඳවා සිටි තවත් ඉන්දීය ධීවරයන් තිස් දෙදෙනකු ද නිදහස් කරන ලදැ'යි ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් වරයා බීබීසී දෙමළ සේවයට කියා සිටියේය. කෙසේ නමුත් සිරකරුවන් නිදහස් කිරීමෙන්ම පමණක් දෙපාර්ශවය අතර සාකච්ඡා සාර්ථක වනු ඇතැයි බලාපොරොත්තු තැබිය නොහැකි බව ධීවර ක්‍රියාධරයෝ පවසති. දෙපාර්ශවයේම ධීවරයන් ආරක්ෂා කිරීමේ සහ තහනම් පන්න ක්‍රම නවතා දැමීමේ තීන්දුවලට අවතීර්ණ වීම, සිරකරුවන් නිදහස් කිරීම හා සමානවම වැදගත් බවයි, මහවැව ශාන්ත සෙබතියන් ධීවර සමිතියේ අනුශාසක ලොයල් පීරිස් සංදේශයට කියා සිටියේ. මුහුදු සීමා උල්ලංඝණය නොකරන ධීවරයින් අත් අඩංගුවට පත්වීම හේතුවෙන් දෙරටේ ධීවර ගැටළු අවුල් වී ඇති බව ද ලොයල් පීරිස් ප්‍රකාශ කළේය." -131024_cameron_aung_san_suu_kyi,https://www.bbc.com/sinhala/sri_lanka/2013/10/131024_cameron_aung_san_suu_kyi,CHOGM යාමට ඕන් සාං සුචී පක්ෂයි,ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට රාජ්‍ය නායකයන් සහභාගී වීම පිළිබඳව බුරුම විපක්ෂ නායිකාව අනුමැතිය පළ කොට තිබේ.,බ්‍රිතාන්‍යයේ සංචාරයක යෙදෙන ඕන් සාං සුචී ලන්ඩනයේදී බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් හමුවූ අවස්ථාවේ දී මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීම නිවැරදි පිළිවෙත බවයි දෙදෙනාගේම එකඟතාව වී ඇත්තේ. බ්‍රිතාන්‍ය අගමැති පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව වර්ජනය කළ යුතු බවට කැරෙන ඉල්ලීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් විමසනු ලැබූ අවස්ථාවේ දී ඕන් සාං සුචී කියා සිටියේ විපක්ෂයේ හඬටත් සවන් දෙමින් පීඩාකාරී ආණ්ඩු සමග ගනුදෙනු කිරීම යෝග්‍ය බව යි. ආණ්ඩුව පමණක් නොව 'අදාල සියලු පාර්ශව සමග' කටයුතු කළ යුතු බවයි ඇය ප්‍රකාශ කළේ. 'විවෘත ලෙස සාකච්ඡා' බුරුම විපක්ෂ නායිකාවගේ අදහස අනුමත කරමින් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ප්‍රකාශ කොට සිටියේ යුද පීඩිත ශ්‍රී ලංකාවේ උතුරු කරයටත් තමන් යන බවයි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව පිලිබඳ ප්‍රසාදයක් නැතැයි කී යුද ගැටුමින් පසු ශ්‍රී ලංකාවේ රජය කළ කටයුතු ගැන 'කිසිම කැමැත්තක් නැතැ' යි මාධ්‍යවේදීන් හා පැවස���ය. ඒ ගැන පෙන්වා දීමට ශ්‍රී ලංකාවේ රජය සමගින් 'විවෘත ලෙස සාකච්ඡා කරන' බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ. -world-45019343,https://www.bbc.com/sinhala/world-45019343,චීන බලපෑමට එරෙහිව ඇමරිකාවෙන් ආසියාවට ඩොලර් මිලියන 113ක ආයෝජනයක්,"ආසියාවේ ඩිජිටල් ආර්ථිකය, බලශක්තිය සහ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයෙන් ඩොලර් මිලියන 113ක් යෙදවීමට සැලසුම් කිරීම, වැඩෙමින් පවතින චීන බලපෑම්වලට එරෙහි වීමට ගත් උත්සහයක් ලෙස දැක්වේ.","වොෂිංටන් නුවර පැවති ව්‍යාපාර ප්‍රධානීන්ගේ රැස්වීමක් අමතමින් ඇමරිකානු රාජ්‍යය ලේකම් මයික් පොම්පියෝ මෙම සැලසුම් පිළිබඳ අවධාරණය කළේය. ""ඉන්දු-පැසිෆික්"" ආර්ථික පිළිවෙත් ගැන ද ඔහු සිය කතාව අතරතුර සඳහන් කළේය. ඇමරිකාව විශ්වාස කරන්නේ ""උපායශීලී නතුවීමක් නොව, උපායශීලී හවුල්කරුවන්ය"" යැයි ඔහු පැවසීය. මෙම නිවේදනය කර තිබෙන්නේ ඇමරිකාව සහ චීනය 'වෙළෙඳ සටනක' යෙදෙන කාල වකවානුවකය. කලාපීය බලපෑම් එල්ල කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය යටතේ ගොඩනැගුණු වෙළෙඳ උපාය ""ඉන්දු-පැසිෆික්"" ලෙස හැඳින්වේ. ඇමරිකාව, අග්නිදිග ආසියානු රටවල් සහ ඉන්දියාව මෙම වෙළෙඳ හවුලේ සාමාජිකයන් වන අතර, එය චීනයෙන් යෝජනා කර තිබෙන 'බෙල්ට් ඇන්ඩ් රෝඩ්' (Belt and Road) එනම් එක් තීරයක්, එක් මාවතක් නම් නව ලෝක ව්‍යාපාර සැලැස්මට පිළිතුරක් ලෙස දැක්විය හැකිය. නමුත් ආසියානු කලාපයේ වරාය නැවත ඉදිකිරීම, මාර්ග සහ දුම්රිය මාර්ග ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු වෙනුවෙන් බිලියන ගණන් මුදල් යෙදවෙන චීන ආයෝජන සමග සංසන්දනය කිරීමේදී ඇමරිකාව ආයෝජනය කිරීමට සැරසෙන මුදල සාගරයේ ජල බිංදුවක් තරම් වනු ඇත. චීනය සහ යුරෝපා සංගමය අතර හමුව 'හවුල්කරුවන්ගේ ආර්ථිකය' බෙල්ට් ඇන්ඩ් රෝඩ් සැලැස්ම මගින් ලෝක දේශපාලනයට සහ වෙළෙඳාමට බලපෑම් එල්ල කිරීම චීනයේ උත්සාහය බව බොහෝ දෙනාගේ මතය වී ඇත. ආසියාව සහ යුරෝපා රටවල් අතර වෙළෙඳ ගනුදෙනු ක්‍රියාත්මක කිරීම බෙල්ට් ඇන්ඩ් රෝඩ් සැලැස්මේ අරමුණ වන අතර, මෙය නව සේද මාවත ලෙසද හැඳින්වේ. ""ඇමරිකා එක්සත් ජනපදය දේශපාලන බලපෑම් වෙනුවෙන් ආයෝජනය කරන්නේ නැහැ. අපි ක්‍රියාත්මක කරන්න යන්නේ හවුල් ආර්ථිකයක්"" යැයි මයික් පොම්පියෝ ඇමරිකානු ව්‍යාපාරික ප්‍රජාව අමතමින් ප්‍රකාශ කළේය. ""ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය සහ සෞභාග්‍යය උදා කිරීම සඳහා ඇමරිකානු ආර්ථික කැපවීම්වල නව යුගය ආරම්භ වුණා. මේ ආයෝජනය එහි මුල් කොටසක් පමණයි"" ආයෝජනය කිරීමට සැරසෙන මුදල් ප්‍රමාණය කෙසේ වෙතත්, මෙය ඇමරිකාව ආසියානු ආර්ථිකය සමග බැඳීම් ඇති කර ගැනීමේ පෙර සලකුණක් බව විශේෂඥයෝ පවසති. වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 වර්ෂයේදී සිය ධූර කාලය ආරම්භ කිරීමත් සමග දැඩි ආරක්ෂණවාදි ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදී. පසුගිය වසරේදී ඔහු 'ට්‍රාන්ස් පැසිෆික් හවුල්කාරිත්වයෙන්' ඉවත් වීමෙන් මෙය තවදුරටත් තහවුරු විය. එමෙන්ම, ඇමරිකාව මෙම මස මුලදී චීනයෙන් ආනයනය කරන ලද ඩොලර් බිලියන 34ක භාණ්ඩ සඳහා බද්දක් අය කරන ලද අතර, බුද්ධිමය දේපළ සොරා ගත් බවට චීනයට චෝදනා එල්ල කළේය. මේ තොරතුරුද කියවන්න:" -130201_cj_fr_dockyard,https://www.bbc.com/sinhala/sri_lanka/2013/02/130201_cj_fr_dockyard,අගවිනිසුරුට එරෙහි දූෂණ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ,අගවිනිසුරු මොහාන් පීරිස් නීතිපති පදවිය හෙබවූ සමයේ රජයට බරපතල අලාභ හානි සිදුකළ බවට චෝදනා කරමින් ඉදිරිපත් කොට තිබූ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගාස්තුවට ද යටත් කොට ප්‍රතික්ෂේප කළේය.,"සත්‍යා හෙට්ටිගේ විනිසුරුවරයා විභාගයට සම්බන්ධ වීම පිළිබඳව පෙත්සම්කාර නීතිවේදියා පළ කළ විරෝධය විනිසුරු මඬුල්ල ප්‍රතික්ෂේප කළේය නාගානන්ද කොඩිතුවක්කු නීතිඥවරයා විසින් ගොනු කොට තිබූ පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ ප්‍රකාශයක් කළ සභාපති විනිසුරු පී ඒ රත්නායක විනිසුරුවරයා තමන් විභාගයෙන් ඉවත්වන බව සඳහන් කළේය. ඉන් අනතුරුව සත්‍යා හෙට්ටිගේ සහ ඊවා වනසුන්දර විනිසුරුවන් හමුවේ එය විභාගයට ගැනිණ. සත්‍යා හෙට්ටිගේ විනිසුරුවරයා නඩු විභාගයට සම්බන්ධ වීම පිළිබඳව පෙත්සම්කාර නීතිවේදියා විරෝධය පළ කළ නමුත් එම විරෝධය ප්‍රතික්ෂේප කළ විනිසුරු මඬුල්ල පෙත්සම පිළිබඳව කරුණු දක්වන මෙන් ඔහුට නියෝග කළේය. 'මරණ තර්ජන' පෙත්සම ගොනු කළ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පැවසුවේ රේගු බදු වංචා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව ඩොක්යාර්ඩ් (Dockyard) සමාගමට එරෙහිව පවරා තිබූ නඩුවක් වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස් නීතිපතිවරයා ලෙස කටයුතු කල සමයේ අත්තනෝමතික ලෙස ඉවත් කරගෙන ඇති බවයි. මේ හේතුවෙන් රජයට රුපියල් බිලියන 619 කට අධික පාඩුවක් සිදු වී ඇති බවයි පෙත්සම්කරු කියා සිටින්නේ. මොහාන් පීරිස් හිටපු නීතිපතිවරයා විසින් මූලික අයිතීන් කඩ කිරීමක් සිදු කොට ඇති බවට ප්‍රකාශ කරන මෙන් ඉල්ලා අදාළ පෙත්සම ඉදිරිපත් කොට තිබේ. කෙසේ නමුත් අදාළ පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවට නීතිපතිව��යා තර්ක කළේය. එම තර්කය පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය, ගාස්තුවටද යටත් කොට පෙත්සම නිෂ්ප්‍රභ කළේය. පෙත්සම ඉදිරිපත් කිරීමෙන් පසුව තමන්ට තර්ජන එල්ලවී ඇති බව ද නීතිඥවරයා පවසයි. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා" -sri-lanka-39863298,https://www.bbc.com/sinhala/sri-lanka-39863298,"""ශ්‍රී ලංකාවේ වනාන්තරවලින් හෙක්ටයාර 8000 ක් වසරකදී විනාශයි""",ශ්‍රී ලංකාවේ වනාන්තරවලින් හෙක්ටෙයාර 8000 ක් සෑම වසරක් ඇතුළත විනාශ කෙරෙන බව පරිසරවේදීහු පවසති.,"වන විනාශය වැළැක්වීමේ ක්‍රියාකාරී සැලැස්මක් ශ්‍රී ලංකාව පුරා මහත් ආන්දෝලනයකට ලක් වූ විල්පත්තු රක්ෂිතය ආසන්නයේ යළි පදිංචි කිරීම් හේතුවෙන් වසර කිහිපයක් ඇතුළත විනාශ වී තිබෙන්නේ හෙක්ටයාර 3000 ක් පමණක් බවත් පරිසර යුක්ති කේන්ද්‍රයේ පරිසරවේදී හේමන්ත විතානගේ පවසයි. මේ තත්වය යටතේ ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවත්නා 29.7% ක් වූ වන ආවරණය 2022 වනවිට 32% ක් දක්වා වැඩි කිරීම රජයේ අරමුණ වී තිබේ. එම අරමුණ ඉටුකිරීමට නම් අදාළ කාලපරිච්ඡේදය තුළ හෙක්ටෙයාර් 150,650 ක වන බිම් ප්‍රමාණයක් ඇති කළ යුතු බව ද පරිසරවේදීහු පෙන්වා දෙති. පරිසර සංවිධාන අඟහරුවාදා (මැයි 09) එම අදහස් පළ කළේ, අදාළ ඉලක්කය ඉටු කරගැනීම පිණිස සකස් කරන ලද ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක් ආණ්ඩුව වෙත ලබාදීමේ අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී දෙපාර්තමේන්තුව වැනි රජයේ ආයතන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම සිවිල් සංවිධාන එක් වී එම ක්‍රියාකාරී සැළැස්ම සකස් කොට තිබේ. 'මහා පරිමාණ ව්‍යාපෘති' එහිදී තවදුරටත් අදහස් දැක්වූ පරිසරවේදී හේමන්ත විතානගේ ""මේ වනාන්තර වටේ ඉන්න පුංචි මිනිස්සු හේනක් කොටාගෙන ජීවත් වෙන එක තමයි වනාන්තරවලට තියෙන ලොකුම තර්ජනය කියල මුල් කාලෙදි අපි දුටුවේ,""යනුවෙන් සඳහන් කළේය. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ වනාන්තර විනාශයට ප්‍රධානම හේතුව එය නොවන බව නව වැඩසටහන වෙනුවෙන් ක්‍රියාකිරීමේදී දැනගැනීමට ලැබුන බවත් ඔහු පැවසීය. ""අවුරුද්දකට විනාශවන හෙක්ටයාර 8000 න් බහුතරයක් විනාශ වෙන්නේ සංවර්ධන වැඩසටහන්වලට, විශේෂයෙන් වාර්මාර්ග සකස් කිරීමේදී. ඊළඟට වගා සඳහා මහා පරිමාණ හෙළිකිරීම්. ඒ වගේම නැවත පදිංචි කිරීම සඳහා හෙළිකිරීම්. ඊළඟට සාමාන්‍ය ජනතාව කරන හෙළිකිරීම්,"" හේමන්ත විතානගේ වැඩිදුරටත් පැහැදිලි කළේය. එහිදී අදහස් දැක්වූ වන සංරක්ෂක ජනරාල් අනුර සතුරුසිංහ, වනාන්තර ප්‍රමාණය 1%කින් වැඩිකිරීම යනු හෙක්ටයාර 65,000 ක් අලුතින් වනාන්තර එකතුවීම බව පෙන්වා දුන්නේය. ඒ සඳහා දැනට භාවිතයට ගෙන නොමැති මුඩු ඉඩම් සංවර්ධනය කරමින් සිය ඉලක්කය සපුරාගත හැකි බව වන සංරක්ෂක ජනරාල්වරයා පෙන්වා දුන්නේය. 'ගස් වැවීමට වඩා ගස් කැපීම වැළැක්වීම' වන ආවරණය වැඩිකිරීම සඳහා වූ ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නැගීම පිණිස ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ආයෝජනක් සිදුකිරීමට නියමිත අතර ඒ සඳහා රජයෙන් 40% ක් සහ විදේශවලින් ලැබෙන ආධාර 60% ක් යොදාගැනීමට නියමිත බවත් මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරිණ. එමෙන්ම වනාන්තර ආශ්‍රිත නීති ක්‍රියාත්මක කිරීම මඟින් දැනට වසරකට විනාශවන හෙක්ටයාර 8,000ක ප්‍රමාණය, 36% ක ප්‍රමාණයකින් අඩුකර ගැනීම අපේක්ෂා කෙරෙන අතර හායනයට (ක්ෂය වී යෑම) ලක්වූ වනාන්තර හා වන ජීවී පද්ධති ප්‍රතිස්ථාපනය මගින් හෙක්ටයාර හතළිස් දහසක භූමි ප්‍රමාණයක් වනාන්තර පද්ධතියට එකතු කිරීමද මෙම වැඩසටහනේ එක් අරමුණකි. වන විනාශය වඩාත් වැඩියෙන්ම සිදුවන දිස්ත්‍රික්ක ලෙස අනුරාධපුරය, මොනරාගල, හම්බන්තොට, අම්පාර හා පුත්තලම හඳුනාගෙන තිබෙන අතර අලුතෙන් ගස් වැවීමට වඩා ගස් කැපීම වැළැක්වීමේ අවශ්‍යතාව හේමන්ත විතානගේ පෙන්වා දුන්නේය." -140318_cricket_mahela_sanath_twitter,https://www.bbc.com/sinhala/sport/2014/03/140318_cricket_mahela_sanath_twitter,මාධ්‍ය වාර්තා ගැන මහේල 'කම්පා වෙලා',"ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය තමන් සම්බන්ධයෙන් පළ කොට තිබූ වාර්තා පිළිබඳව දැඩි ශෝකයටත්, කම්පනයටත් පත් වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ප්‍රකාශ කරයි.","සමහරුන් සිතාමතාම අපේ ජීවිත දුෂ්කර කිරීමට උත්සාහ කරන්නේ ඇයි? ඇතැමුන් සිතාමතාම සිය ජීවිතය දුෂ්කර කිරීමට උත්සාහ කරන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කරන්නේ බංග්ලාදේශයේ විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි වෙමින් සිටින අතරවාරයේ ට්විටර් පණිවුඩයක් යවමින්. ලෝක කුසලානය හමාරයේ විස්සයි විස්ස පිටියෙන් සමු ගන්නා බව මහේල ජයවර්ධන සඳුදා ප්‍රකාශයට පත් කළ අතර, කුමාර් සංගක්කාර සිය සමු ගැනීම සෙනසුරාදා නිවේදනය කොට තිබුණි. කෙසේ නමුත් ඔවුන්ගේ සමු ගැනීම තමන්ට දැනුම් දී නැති බවයි, ඩේලි මිරර් පත්‍රයේ ක්‍රීඩා කර්තෘ චන්නක ද සිල්වා කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සඳහන් කොට තිබුණේ. ක්‍රීඩකයන්ගේ මානසිකත්වය විශේෂයෙන්ම තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය හිටපු නායකයන් දෙදෙනාගේ හදිසි නිවේදනය හඳුන්වා දී තිබුනේ සදාචාර විරෝධී ක්‍රියාවක් ලෙසින්. නියෝජ��‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය මත පදනම්ව 'Sanga, Mahela betrayal shocks SLC,' මැයෙන් ඩේලි මිරර් පත්‍රය වාර්තාවක් පළ කොට තිබුණි. මහේල ජයවර්ධන සිය ට්විටර් පණිවුඩය මගින් විරෝධය පළ කොට තිබෙන්නේ එම වාර්තාවට බව ක්‍රීඩා විචාරකයන්ගේ මතයයි. විශේෂයෙන්ම ලෝක කුසලානයකට සහභාගි වී සිටින ක්‍රීඩකයන්ගේ මානසිකත්වය බිඳ වැටෙන ආකාරයේ ප්‍රශ්න නොඅසන මෙන් මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටි තේරීම් කමිටු සභාපතිවරයාම ක්‍රීඩකයන් දැඩිව විවේචනය කිරීම පිණිස මාධ්‍ය යොදා ගැනීමේ සදාචාරය කුමක්දැයි එක් ක්‍රීඩා වාර්තාකරුවෙක් සංදේශය කළ විමසීමකදී කියා සිටියේය. ජනමාධ්‍යද මෙවැනි වාර්තා පළ කිරීමෙන් වැලකී සිටිය යුතු බවයි, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් දක්වන බොහෝ ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ගේ අදහස වී තිබුණේ." -140402_cricket_women_ranking,https://www.bbc.com/sinhala/sport/2014/04/140402_cricket_women_ranking,ශෂිකලා ලෝක කාන්තා කණ්ඩායමට,ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා ශෂිකලා සිරිවර්ධන ලෝක කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නම් කරනු ලැබ තිබේ.,"ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ලෝක කාන්තා කණ්ඩායමට නම් කෙරුණු පළමු වතාව මෙයයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවක් ලෝක කාන්තා කණ්ඩායමට නම් කෙරුණු පළමු වතාව මෙය බවයි, බංග්ලාදේශයේ සිට බීබීසී සංදේශය සමඟ අදහස් දැක්වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සම්බන්ධීකරණ නිලධාරීනි වැනේසා ද සිල්වා කියා සිටියේ. ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ශ්‍රේණි ගත කිරීම් වලට අනුව, තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වූ ක්‍රීඩිකාවන් අතර ප්‍රථම ස්ථානයටද ශෂිකලා සිරිවර්ධන තේරී සිටී. විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ක්ෂත්‍රයේ පන්දු යවන්නියන් අතරින් පළමු ස්ථානය උදේශිකා ප්‍රබෝදනීට හිමි වී තිබේ. මෙය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෑත කාලයේ ලද විශිෂ්ටතම ජයග්‍රහණයක් බවත් වැනේසා ද සිල්වා සංදේශයට කියා සිටියාය." -world-38622340,https://www.bbc.com/sinhala/world-38622340,පැහැරගත් දැරිය වසර දහඅටකට පසු යළි හමුවේ,ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ජැක්සන්විල් නගරයේ රෝහලකින් සොරකම් කරන ලද අලුත උපන් බිළිඳියක වසර දහඅටකට පසු යළි හමු වී ඇති බව පොලිසිය පවසයි.,වසර දහඅටකට පෙර පැහැර ගැනුණු කමියා මොබ්ලි සහ ඇය පැහැරගත් බවට සැක කෙරෙන ග්ලෝරියා විලියම්ස් නමැති කාන්තාව 1998 වසරේදී පැහැර ගන්නා ලද කමියා මොබ්ලි පිළිබඳ හෝඩුවාවක් ලැබී ඇති අතර එම හෝඩුවාව ඔස්සේ ගිය පොලිසියට දකුණු කැරොලිනා ප්‍රාන්තයේදී ඇය සොයා ගැනීමට හැකි වී තිබේ. පැහැර ගැනීමේ චෝදනා මත පනස් එක් හැවිරිදි ග්ලෝරියා විලියම්ස් නමැති කාන්තාවට එරෙහිව බලධාරීන් විසින් නඩු පවරා ඇත. පැහැර ගැනීමෙන් අනතුරුව මොබ්ලිගේ නම වෙනස් කොට ඇති අතර ග්ලෝරියා විලියම්ස් ඇයගේ මව ලෙස කටයුතු කොට ඇතැයි විශ්වාස කරේ. මොබ්ලි යළි හමු වීමේ පුවත ඇයගේ සැබෑ දෙමව්පියන් වෙත දන්වා තිබේ. ඩීඑන්ඒ පරීක්ෂණ තුළින් මොබ්ලිගේ අනන්‍යතාවය තහවුරු කර ගත් බව ජැක්සන්විල් නගර බලධාරීහු පවසති. දහඅට වැනි වියේ පසුවන ඇය යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින බව බලධාරියෙක් වැඩිදුරටත් කියා සිටියේය. -150324_low_calorie_rice,https://www.bbc.com/sinhala/sri_lanka/2015/03/150324_low_calorie_rice,'පිෂ්ට ධාතු අවම වන සේ බත් පිසිය හැකි' ක්‍රමවේදයක්,පිෂ්ට ධාතු ශරීරයට අවශෝෂණය වීම අවම වන සේ බත් පිස ගත හැකි ක්‍රමවේදයක් සොයා ගත් බව ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙක් පවසයි.,"ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනයේ ශිෂ්‍යය සුදාහිර් ජේම්ස් සහ ආහාර පෝෂණය සහ රසායන විද්‍යා විද්‍යාඥ පුෂ්පරජා තමරජා ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනයේ ශිෂ්‍යයකු වන සුදාහිර් ජේම්ස් විසින් සිදු කරනු ලැබූ පරීක්ෂණයේ වාර්තා ප්‍රතිඵල ඇමරිකානු රසායන විද්‍යා සංගමයට ඉදිරිපත් කළ බව පර්යේෂණයේ උපදේශකවරයා වශයෙන් කටයුතු කළ ආහාර පෝෂණය සහ රසායන විද්‍යා විද්‍යාඥ පුෂ්පරාජා තවරාජා බීබීසීයට කියා සිටියේය. ‘බත් පිසීමේදී පොල් තෙල් ටිකක් දාන්න කියලා තමයි මේ ශිෂ්‍යයා සොයා ගෙන තියෙන්නේ. ආහාරය පිළියෙල කළාට පස්සේ ඔහු කියන්නේ ටික වෙලාවක් නිවෙන්න තියලා ආහාරයට ගන්න කියලා’ ඔහු පැවසීය. එම පරීක්ෂණයෙන් ඉතා වැදගත් ප්‍රතිඵල ලැබී ඇතැයි සඳහන් කර ඇමරිකානු රසායන විද්‍යා සංගමය නිවේදනයක් නිකුත් කොට ඇති බවත් මහාචාර්ය පුෂ්පරාජා තවරාජා කියා සිටියේය. ඒ ආකාරයට සකස් කළ බත් ආහාරයට ගැනීමෙන් ශරීරයට ජීරණය කර ගන්නා පිෂ්ට ධාතු ප්‍රමාණය අවම කර ගත හැකි බවයි ශ්‍රී ලංකාව, ඇමරිකාව සහ අප්‍රිකාව වැනි රටවල පර්යේෂණවල යෙදෙන මහාචාර්යවරයා සඳහන් කළේ. ‘මේ ආකාරයට පිෂ්ටවලින් භාගයකට කිට්ටු ප්‍රමාණයක් ජීරණය කළ නොහැකි ධාතු බවට පත් කරනවා අපේ ශරීරයට පිෂ්ටය ජීරණය කිරීමෙන් තමයි ග්ලුකෝස් එන්නේ. ඒ හරහා තමයි දියවැඩියාව ඇති වෙන්නේ. ඒ වගේම ස්ථුල භාවය ඇති වෙනවා’ ඔහු පැවසුවේය. එලෙස පිස ගන්නා බතක රස නොවෙනස්ව පවතින බවත් ඔහු සඳහන් කළේය. සුදාහිර් ජේම්ස් සිය පරීක්ෂණය සඳහා සහල් වර්ග හතළිහක් යොදා ගෙන ඇති අතර ඉන��� වර්ග දෙකකින් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බවයි ඔහු කියා සිටියේ. ‘ඒ හතළිහෙන් එයා දැක්කා මේක කරන්න පුළුවන් දෙකකට පමණයි කියලා. නමුත් එයා තවදුරටත් අධ්‍යනය කරමින් බලනවා මේක අනෙක් සහල්වලට කරන්න බැරි හේතුව මොකක්ද කියලා’ මහාචාර්යවරයා පැවසීය. කෙසේ නමුත් බත් ආහාරයට ගැනීම පමණක් ස්ථුල භාවයට හේතු නොවන බව පවසන ආහාර පෝෂණය සහ රසායන විද්‍යා විද්‍යාඥ පුෂ්පරාජා තවරාජා ඒ සඳහා ව්‍යායාමවල නොයෙදීම සහ ජානමය කරුණු බලපාන බවත් වැඩිදුරටත් සඳහන් කළේය." -sri-lanka-39819868,https://www.bbc.com/sinhala/sri-lanka-39819868,"ඉන්දියාවෙන් අසල්වැසි රටවලට ""මිල කළ නොහැකි තෑග්ගක්""",කලාපයේ බලවතුන් ලෙස සැලකෙන අසල්වැසි ඉන්දියාව සහ චීනය විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රය තුළ දිනෙන් දින ඉදිරියට ඇදෙමින් සිටිති.,"'ශ්‍රීහරිකොටා' අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අජටාකාශ ගත කළ 'දකුණු ආසියානු චන්ද්‍රිකාව' චීනයේ නිෂ්පාදිත පළමු විශාලතම මගී ගුවන් යානය සිය මංගල ගමන සාර්ථකව නිම කිරීමට අද (මැයි 05) සමත් විය. මේ අතර දකුණු ආසියාතික රටවල් සඳහා ඉන්දියාව නව විදුලි සංදේශ චන්ද්‍රිකාවක් සාර්ථකව අභ්‍යවකාශ ගත කළේය. 'ශ්‍රීහරිකොටා' අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අජටාකාශ ගත කළ චන්ද්‍රිකාවේ ඉලක්කය වී ඇත්තේ කලාපීය රටවල විදුලි සංදේශ කටයුතු සහ විකාශන සේවා ඉහළ නැංවීමය. ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් ඉන්දියාවේ අසල්වැසියන් වෙත පිදෙන ""මිල කළ නොහැකි තෑග්ගක්"" ශ්‍රී ලංකාව, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය සහ භූතානය යන දකුණු ආසියානු රටවල් ඉන්දියාවේ සම්පූර්ණ වියදමින් නිර්මාණය කරන ලද චන්ද්‍රිකාවෙන් වාසි ලබනු ඇත. කෙසේ නමුත් පාකිස්තානය අදාළ ව්‍යාපෘතියෙන් ඉවත් වී තිබේ. විශ්ලේෂකයන් විසින් චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කිරීම හඳුන්වනු ලැබුවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ""අභ්‍යවකාශ රාජ්‍යතාන්ත්‍රිකභාවය"" ලෙසිනි. ඉන්දියාවේ අසල්වැසියන් වෙත පිදෙන ""මිල කළ නොහැකි තෑග්ගක්"" ලෙස අගමැති මෝදි එය විග්‍රහ කළේය. හදිසි ආපදාවකදී කලාපීය රටවල හදිසි ස්වාභාවික ආපදා තත්වයකදී අතිශය වැදගත්වන සන්නිවේදන සබඳතා සැපයීමේ හැකියාව ද 'දකුණු ආසියානු චන්ද්‍රිකාව' සතුය 'දකුණු ආසියානු චන්ද්‍රිකාව' සතුව සම්ප්‍රේශ ප්‍රතිචාරක (transponders) 12 ක් ඇති අතර සිය විදුලි සංදේශ සේවා වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු අසල්වැසි රටවලට එම සම්ප්‍රේශ ප්‍රතිචාරක භාවිත කළ හැක. එක් රටකට අවම වශයෙන් සම්ප්‍රේශ ප්‍රතිචා���ක එකකට පිවිසීමේ හැකියාව ලැබෙන නමුත් ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් අදාළ රටවල් විසින් වැඩිදියුණු කළ යුතුව තිබේ. කලාපීය රටවල හදිසි ස්වාභාවික ආපදා තත්වයකදී අතිශය වැදගත්වන සන්නිවේදන සබඳතා සැපයීමේ හැකියාව ද 'දකුණු ආසියානු චන්ද්‍රිකාව' සතුය. ඉන්දීය ආණ්ඩුවට අනුව චන්ද්‍රිකාව මගින් අසල්වැසි රටවල් වෙත රූපවාහිනී, අධ්‍යාපන, කාලගුණ සහ හදිසි ආපදා කළමනාකරණය වැනි විදුලි සංදේශ හා විකාශන ක්ෂේත්‍රවලට අයත් සේවා සැපයෙනු ඇත." -130203_ibahri_lanka_immigration,https://www.bbc.com/sinhala/sport/2013/02/130203_ibahri_lanka_immigration,ජාත්‍යන්තර නීතිවේදීන් 'ලංකාවට පැමිණීමට නුසුදුසු පුද්ගලයන්',"ජාත්‍යන්තර නීතිඥ සංගමයේ නියෝජිත පිරිසක් ලෙසින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව සිටි සිවු දෙනා මේ මොහොතේ ""ශ්‍රී ලංකාවට පැමිණීමට නුසුදුසු පිරිසක්"" ලෙසින් තීරණය කළ බව බලධාරීහු පවසති.","සංචාරයේ අරමුණ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය විමර්ශනයට ලක් කිරීම බව විචාරකයන්ගේ මතයයි ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා ඒ බව පැවසුවේ ජාත්‍යන්තර නීතිඥ සංගමයට අනුබද්ධ මානව හිමිකම් සම්බන්ධ ආයතනයේ (ඉබාරි) නියෝජිත පිරිසකට වීසා බලපත් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නාල්ලුසාමි කළ විමසීමකදී. හිටපු ඉන්දීය අගවිනිසුරු ජේ එස් වර්මා ගේ ප්‍රධානත්වයෙන් එම දූත පිරිස පෙබරවාරි පළමුවැනි දින සිට පෙබරවාරි දස වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමට නියමිතව තිබිණ. ශ්‍රී ලංකාවේ නීතිඥ වෘත්තියට අදාළ වාතාවරණය, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව කරුණු විමසා බැලීම දූත පිරිසේ සංචාරයේ අරමුණ බව ඉබාරි ආයතනය පවසන අතර, එහි ප්‍රධාන අරමුණ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග ක්‍රියාදාමය විමර්ශනයට ලක් කිරීම බව විචාරකයන්ගේ මතයයි. ""මේ වෙලාවේදී ලංකාවට පැමිණීම නුසුදුසුය කියන තීරණය මත අපි ඒගොල්ල ලංකාවට එන්න පෙරාතුව ඒගොල්ල වීසා අයදුම් කරපු මාධ්‍යය ඔස්සේම දැනුවත් කරලා තියෙනවා මේ මොහොතේ ලංකාවට එන්න එපාය කියන එක,"" චූලානන්ද පෙරේරා ආගමන විගමන පාලකවරයා පැවසීය. වීසා බලපත්‍ර නිකුත් කිරීමේන අනතුරුව පවා ඒ පිළිබඳව යලි සලකා බැලීමට අදාළ රටට අයිතියක් තිබෙන බව ද ඔහු සඳහන් කළේය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා" -140524_president_vaiko_protest,https://www.bbc.com/sinhala/world/2014/05/140524_president_vaiko_protest,ශ්‍රී ලංකා ජනපතිට වයිකෝ විරෝධය,"පාකිස්තාන් අග්‍���ාමාත්‍ය නවාෂ් ෂරීෆ්, ඉන්දියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වූ නරේන්ද්‍ර මෝඩි දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගී වන බව තහවුරු කොට තිබේ.","දෙරට අතර සම්බන්ධතා පළුදු වී ඇති අවස්ථාවක පාකිස්ථාන් අගමැතිවරයා ඉන්දියාවට පැමිණීම ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් කමක් ගනියි. නරේන්ද්‍ර මෝඩිගේ දිවුරුම් දීමේ උත්සවයට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාත් සහභාගිවන බව තහවුරු කොට ඇති අතර ඊට තමිල්නාඩු දේශපාලකයන්ගෙන් බලවත් විරෝධයක් පළ වෙමින් තිබේ. දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙන ලබන සඳුදා කළු කොඩි රැගත් විරෝධතාවක් පවත්වන බවයි, එම් ඩී එම් කේ පක්ෂයේ මහලේකම් වයිකෝ අද සෙනසුරාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ. දිවුරුම් දීමේ උත්සවයට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහභාගි වීම දැඩි ලෙස හෙලා දකින බව එම නිවේදනයේ සඳහන් වේ. මේ විරෝධය පැවැත්වෙන්නේ, ඔහු හඳුන්වා දෙන ආකාරයට,ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා සමූලඝාතනය කිරීමට එරෙහිවයි. කළු කොඩි විරෝධතා තම නායකත්වයෙන් යුත් පක්ෂයේ සාමාජිකයන් විසින් සාමකාමී ලෙස කළු කොඩි විරෝධතාව පවත්වන බව ඔහු සිය නිවේදනයේ තවදුරත් සඳහන් කොට තිබේ. අට සියයකට වැඩි පිරිසක් තමිල්නාඩුවේ සිට දුම්රියෙන් දිල්ලි නුවර බලා පිටත්ව ගොස් ඇති බවයි, බීබීසී දෙමළ සේවයේ චෙන්නායි වාර්තාකරු කේ.මුරලිධරන් පැවසුවේ. කෙසේ වෙතත් එය සංකේතාත්මක විරෝධයක් පමණක් බවයි ඔහු තවදුරත් පැවසුවේ." -world-53754761,https://www.bbc.com/sinhala/world-53754761,ඇමරිකානු ජනාධිපතිවරණයේ දකුණු ආසියානු 'නෙළුම' කමලා හැරිස්,ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් විසින් සිය උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස කමලා හැරිස් නම් කරනු ලැබ තිබේ. ඒ අනුව ඇමරිකානු ජනාධිපතිවරණයක උප ජනාධිපති අපේක්ෂකත්වය හිමි පළමු දකුණු ආසියානු ඇමරිකානුවා සහ කළු ජාතික කාන්තාව ලෙස කමලා ඉතිහාස ගත වෙයි.,"ඉන්දීය-ජැමෙයිකන් සම්භවයක් සහිත 55 හැවිරිදි කමලා හැරිසන් පළමුව ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරග කළාය. උප ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඇයගේ නම ඉදිරි පත් වූයේ ඉන් අනතුරුවයි. කමලා හැරිසන් කැලිෆෝනියා ප්‍රාන්තයේ හිටපු නීතිපතිවරියකි. ඇමරිකාව පුරා ජාතිවාදයට එරෙහි විරෝධතා පැවැත්වෙන අතර එහිදී දැඩි ලෙස චෝදනාවට ලක් වන ඇමරිකානු පොලිසිය සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බව ඇය දැඩිව අවධාරණය කරයි. කවුද මේ කමලා හැරිස්? ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය ස��හා තරග කළ කමලා හැරිසන් ජනවාරි මස ඉන් ඉවත් වූ අතර පසුව ජෝයි බයිඩන් වෙත සිය සහාල පළ කළාය ඇය උපත ලැබුවේ කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ්හිදීය. ඇමරිකාවට සංක්‍රමණය වූ ඇයගේ මව ඉන්දියාවේ උපත ලබා ඇති අතර පියා ජැමෙයිකාවේ උපත ලැබූවෙකි. දෙමව්පියන් දික්කසාද වීමෙන් පසු කමලා හැදී වැඩී ඇත්තේ හින්දු භක්තික සිය මව ශ්‍යාමලා ගෝපාලන් හැරිසන් සමගය. ඇය පිළිකා පිළිබඳ පර්යේෂිකාවක් මෙන්ම සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිනියකි. ඉන්දීය උරුමය සමග හැදී වැඩුණු කමලා සිය මව ඉන්දියාවේ සංචාරය කරන විට ඇය සමග එම ගමන් සඳහා එක් විය. නමුත් සිය මව ඕක්ලන්ඩ් හි කළු ජාතිකයන්ට අනන්‍ය වූ සංස්කෘතියට අනුගත වූ බව කමලා පවසයි. තමන් සහ සිය නැගෙණිය ද එම සංස්කෘතියට හුරු කළ බව ඇය වැඩිදුරටත් කියා සිටී. ""තමන් කළු ජාතික දියණියන් දෙදෙනෙකු ඇතිදැඩි කරන බව මගේ මව හොඳින් වටහාගෙන සිටියා,"" යනුවෙන් කමලා 'he Truths We Hold' නැමති සිය ස්වයං චරිතාපදානයේ සටහන් කර තිබේ. ස්ථීර පදිංචිය සඳහා පැමිණි දෙවන මව්රට තම දියණියන් දෙදෙනා කළු කෙල්ලන් වශයෙන් දකිනු ඇති බව සිය මව දැන සිටි බව කමලා එහි පවසා තිබේ. එමෙන්ම තමා සහ නැගෙණිය ආත්ම විශ්වාසයක් සහිත අභිමානවත් කළු ජාතික කාන්තාවන් ලෙස උස්මහත් කිරීමේ අධිෂ්ඨානයෙන් සිය මව පසු වූ බවත් ඇය පවසයි. කැලිෆෝනියා සෙනෙට් සභික කමලා හැරිස් මුල් වසරවලදී කෙටි කලක් කැනඩාවේ ද වාසය කර තිබේ. එවක ඇයගේ මව මැක්ගිල් විශ්වවිද්‍යාලයේ ගුරු රැකියාවක් ලබා ගත් අතර කමලා සහ නැගෙණිය මායා ද සිය මව සමග එහි ගියහ. වසර පහක කාලයක් ඔවුන් මොන්ට්‍රියල් හි පාසලක අධ්‍යාපනය ලැබූහ. උසස් අධ්‍යාපනය ඇමරිකාවේ නිම කළ ඇය හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ගත කළ කාලය වසර හතරකි. සිය ජීවිතය හැඩගැස්වීමට එම කාලය මහෝපකාරී වූ බව කමලා පවසයි. සිය අනන්‍යතාව ගැටළුවක් නොවූ බව සඳහන් කරන ඇය තමන් හඳුන්වා ගනු ලබන්නේ ""ඇමරිකානුවෙක්"" වශයෙනි. සමේ පැහැය හෝ පසුබිම මත දේශපාලනඥයන් යම් ස්ථානයකට ලඝු නොකළ යුතු බව කමලා 2019 වසරේදී 'වොෂිංටන් පෝස්ට්' වෙත පවසා තිබිණි. නීති ක්ෂේත්‍රය ඔස්සේ ඉහළට ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු බ්‍රෙට් කැවනෝ (Brett Kavanaugh) ගබ්සාව පිළිබඳව දැරූ අදහස් සහ 2016 වසරේ පැවති ජනාධිපතිවරණයේදී රුසියානු අත පෙවීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් දැඩිව ප්‍රශ්න කිරීම හේතුවෙන් ඇය ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගේ දැඩි අවධානයට පාත්‍ර විය වසර හතරක් හාවර්ඩ් හි ගත කළ කමලා කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය හිමි කර ගත් අතර ඇලමෙඩා දිස්ත්‍රීක් නීතිපති කාර්යාලයෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළාය. 2003 වසරේදී ඇය ෆ්‍රැන්සිස්කෝ හි දිස්ත්‍රික් නීතිපති ධුරයට පත් විය. ඒ ඇය කැලිෆෝනියාවේ නීතිපති ධුරයට පත් පළමු කාන්තාව සහ කළු ජාතිකයා වීමට පෙරය. කැලිෆෝනියාව ඇමරිකාවේ ජනහගනය වැඩිම ප්‍රාන්තය වන අතර නීතිපති ධුරය එම ක්ෂේත්‍රයේ පවතින ඉහළම පදවියයි. නීතිපති ධුරයේ සිටි කාලය අතරතුර ඩිමොක්‍රටික් පක්ෂයේ නැගී එන තරුවක් වශයෙන් ඇය නමක් දිනා ගත්තාය. 2017 වසරේදී කමලා හැරිස්, කැලිෆෝනියාවේ කනිෂ්ඨ සෙනෙට් සභිකයෙකු ලෙස දිවුරුම් දුන්නාය. නොවැම්බර් 03 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජෝ බයිඩන් ප්‍රතිවාදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව තරග කරනු ඇත." -sri-lanka-36963469,https://www.bbc.com/sinhala/sri-lanka-36963469,වැඩියෙන්ම බොන්නේ බෞද්ධ රටවල්,කලාපය තුළ ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය අතින් ශ්‍රී ලංකාව සහ තායිලන්තය ඉහලින්ම සිටින බව දුම් කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි.,"මද්‍යසාර භාවිතය පිළිබඳ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් දුම් කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති පාලිත අබේකෝන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ මද්‍යසාර භාවිතා කරන පුද්ගලයෙකු වසරකට ලීටර් 21 කට ආසන්න මත්පැන් පානය කරන බවයි. ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 80% ක් පමණ මද්‍යසාර භාවිතා නොකළත් මද්‍යසාර භාවිතා කරන සෙසු පිරිස විසින් පරිභෝජනය කරනු ලබන මත්පැන් ප්‍රමාණය අනෙකුත් රටවල් හා සංසන්දනය කිරීමේදී ඉහළ අගයක් ගන්නා බවයි සභාපතිවරයා සඳහන් කළේ. ""මද්‍යසාර පානය කරන පිරිස සියයට විස්සක් වුනත් ඒ අය භාවිතා කරන මත්පැන් ප්‍රමාණය ඉතාමත් වැඩියි. අනිත් රටවල්වලට වඩා පස් ගුණයකටත් වඩා වැඩියි. ආසියාවේ ශ්‍රී ලංකාව හා තායිලන්තයේ තමයි වැඩිපුරම එක් පුද්ගලයෙක් බොන්නේ."" බටහිර රටවල ජනගහනයෙන් 95% ක් පමණ මද්‍යසාර භාවිතා කළත් ඔවුන්ගෙන් එක් අයකු සාමාන්‍යයෙන් වසරකට පානය කරන්නේ මත්පැන් ලීටර් 3.5 ක් පමණ බවයි ඔහු පවසන්නේ. 'පස් ගුණයක්' ශ්‍රී ලංකාවේ වැඩිහිටි කාන්තාවන් 2% පමණ මද්‍යසාරවලට ඇබ්බැහි වී තිබෙන බවත් වැඩිහිටි පිරිමීන්ගෙන් 38% ක් පමණ මද්‍යසාර පානය කරන බවත් පාලිත අබේකෝන් පෙන්වා දෙයි. පසුගිය රජය යටතේ මෙන්ම වත්මන් රජය යටතේද මතට තිත තැබීමේ වැඩසටහන් ක්‍රියාත්මක ���ුවත් ශ්‍රී ලංකාවේ මද්‍යසාර භාවිතයේ අඩු වීමක් සිදු වී නොමැති බවයි දුම් කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසන්නේ. මද්‍යසාර හා දුම් කොළ බදු මගින් රජයට විශාල ආදායමක් ලැබෙන බවට මද්‍යසාර සමාගම් විසින් ප්‍රචාර ගෙන ගියත් මද්‍යසාර හා දුම් කොළ මගින් පැන නගින සෞඛ්‍ය ගැට‍ළුවලට රජය ඊටත් වඩා විශාල මුදලක් වැය කරන බව සොයා ගෙන ඇති බවත් ඔහු කියා සිටියේය. ආදායම් ලබාගැනීම සඳහා නොව ආණ්ඩුවේ වියදම අඩු කර ගැනීම සඳහා දුම් කොළ සහ මද්‍යසාර යන නිෂ්පාදන දෙකේම බදු වැඩි කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ දුම් කොළ භාවිතය අඩු වෙමින් පවතින බවයි දුම් කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති පාලිත අබේකෝන් වැඩිදුරටත් කියා සිටියේ." -38610901,https://www.bbc.com/sinhala/38610901,යාපනය සිසු මරණ: 'වෙඩි වැදීම අනතුරක් වුනේ කොහොමද?',පසුගිය ඔක්තෝබර් මාසයේ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මියයාමට හේතුව රිය අනතුරක් බව පොලිස් වාර්තාවේ සඳහන් කිරීමට හේතු දක්වන මෙන් යාපනය දිසා අධිකරණය පොලිසියට නියෝග කළේය.,"දිසා විනිසුරු එස් සදීස්වරන් යාපනය පොලිස් අධිකාරීවරයාට සහ සහකාර පොලිස් අධිකාරීවරයාට එම නියෝගය කළේ, ශිෂ්‍යයන්ගේ මරණවලට හේතුව වෙඩි වැදීම බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් සිය වාර්තාව මගින් සනාථ කිරීමෙන් අනතුරුවයි. එහෙත් මරණ සම්බන්ධයෙන් පොලිසිය ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වූයේ ඔවුන් රිය අනතුරකින් මියගිය බවය. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ සහ පොලිසියේ වාර්තා පරස්පරවීම පිළිබඳව දිසා විනිසුරුවරයා අධිකරණයට පැමිණ සිටි රහස් පොලිස් නිලධාරීන් දැඩි දෝෂදර්ශනයට ලක් කළේය. අධිකරණය එම නියෝගය කළේ පසුගිය ඔක්තෝබර් 21 වැනි දින යාපනයේ චුන්නාකම් පොලිස් මාර්ග බාධකයක් අසලදී යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනකු වෙඩි වැදී මියයාම පිළිබඳ ගේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය. එදින චුන්නාකම් පොලිස් මාර්ග බාධකයේ සේවය කළ යාපනය පොලීසියේ පොලිස් නිලධාරීන් පස්දෙනෙක් සැකපිට අත්අඩංගුවේ පසුවෙති. සැකකරුවන් ලබන ජනවාරි මස 27 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් නියෝග කළ දිසාවිනිසුරුවරයා එදිනට ලිඛිත වාර්තාවක්ද සමග අධිකරණයට නොපැමිණෙන්නේ නම් පොලිස් අධිකාරීවරයා ඇතුළු පිරිසට දඬුවම් පමුණුවන බවත් සඳහන් කළේය." -131226_facebook_chandraguptha,https://www.bbc.com/sinhala/world/2013/12/131226_facebook_chandraguptha,ප්‍රේමයේ පලිගැනීම; ව්‍යාජ මුහුණු ප���ත්,ශ්‍රී ලංකාවේ මේ වනවිට ෆේස් බුක් ගිණුම් විසි ලක්ෂයක් පමණ තිබෙන අතර එම සමාජ වෙබ් අඩවි ජනප්‍රිය වීමත් සමග ඒවා යොදා ගනිමින් කෙරෙන අපරාධ වැඩි වීමක් ද දක්නට ලැබෙයි.,"2013 වසරේ දී ෆේස් බුක් සමාජ ජාලය සම්බන්ධ පැමිණිලි 1200 කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. තමන්ට ලැබුණු පැමිණිලිවලින් බොහොමයක් අන් අයගේ නමින් ව්‍යාජ ගිණුම් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් වූ බවයි, පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂක ජ්‍යෙෂ්ට ඉංජිනේරු රොෂාන් චන්ද්‍ර ගුප්ත බීබීසි සංදේශයට ප්‍රකාශ කළේ. "" අපට ලැබෙන බොහොමයක් පැමිණිලි වලින් කියවෙන්නේ, ව්‍යාජ ගිණුම් පවත්වා ගෙන යාම් ගැන. කවුරු හරි කෙනෙක් අනුන්ගේ නම සහ පින්තූර පාවිච්චි කරමින් ගිණුම් පවත්වා ගෙන යාම. ඒ සඳහා ෆේස් බුක් වෙබ් අඩවියෙන් ම දැන් විසඳුමක් ලබා දී තිබෙනවා, එලෙස ව්‍යාජ ගිණුමක් පවත්වා ගෙන යනවා නම් ඔබට සහ ඔබේ මිතුරන්ට පුළුවන්-ඒ ගැන ෆේස් බුක් අඩවියට වාර්තා කරන්න, එවිට කරුණු සලකා බලා එම ව්‍යාජ ගිණුම් ඉවත් කරන්න ඔවුන් කටයුතු කරනවා"" රොෂාන් චන්ද්‍ර ගුප්ත පවසයි. මිතුරු සමාජ තම ආයතනයට ලැබුණු පැමිණිලි වලින් 90% වඩා විසඳා දීමට හැකි වූ බව පවසන රොෂාන් චන්ද්‍රගුප්ත, මිතුරු හවුලට මිතුරන් නොවන පුද්ගලයන් එක් කර ගැනීම ප්‍රශ්න ඇතිවීමට හේතු වන බවයි පෙන්වා දෙන්නේ. වාර්තා වන පැමිණිලි වලින් බහුතරයක් ආදර සම්බන්ධතා බිඳ වැටීමත් සමග ඇති වන තත්වයක් බවයි රොෂාන් චන්ද්‍රගුප්තගේ අදහස් වන්නේ. “ලැබෙමින් ඇති තොරතුරු වලින් වලින් තේරෙන්නේ, පෙම්වතුන් අතර කුමන හෝ අමනාප සහිත තත්වයක් ඇතිවුන විගස එක පාර්ශවයක් අනිත් පාර්ශ්වය සම්බන්ධයෙන් ව්‍යාජ ෆේස් බුක් ගිණුමක් පටන් ගෙන එම පාර්ශ්වය අපහසුතාවයකට පත් කිරීමට කටයුතු කරන බවයි. "" රොෂාන් චන්ද්‍රගුප්ත වැඩි දුරටත් පවසයි. ආගම්වලට එරෙහිව ආගම වලට එරෙහිව අසත්‍ය සහ වැරදි ප්‍රචාර ගෙන යාම සඳහා පසුගිය කාලයේ ෆේස් බුක් අඩවිය යොදා ගැනීමේ ප්‍රවණතාවක් දක්නට වූ හෙයින් ඒවා වැළැක්වීමට ගත හැකි පියවර තිබේ දැයි සංදේශය ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු දුන් , පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂක ජ්‍යෙෂ්ට ඉංජිනේරු රොෂාන් චන්ද්‍ර ගුප්ත කියා සිටියේ,එවන් අවස්ථාවල ෆේස් බුක් සමාජ අඩවිය කටයුතු කරන්නේ, නිදහස් අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳ ඔවුන්ගේ ප්‍රතිපත්ති මත බවයි. ආණ���ඩුවේ අඩවි ‘හැක්'කිරීම ශ්‍රී ලංකා රජයේ වෙබ් අඩවිවල ආරක්ෂාව පිළිබඳ කටයුතු කරන්නේ ද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයයි. ආණ්ඩුව විසින් පවත්වා ගෙන යනු ලබන වෙබ් අඩවි පවා පසුගිය දා ආක්‍රමණය කරනු ලැබීම් සබන්ධයෙන් අදහස් දක්වන පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ට තොරතුරු ආරක්ෂක ඉන්ජිනේරු රොෂාන් චන්ද්‍ර ගුප්ත. “මේ වසර තුළ ශ්‍රී ලංකා ආණ්ඩුවේ වෙබ් අඩවි ගණනාවකට අනවසරයෙන් ඇතුල් වීම් සිදු වුනා. අන්තර්ජාල භාෂාවෙන් කිව්වොත් ‘හැක් ’කිරීම් සිදු වුනා. එහෙත් ඒවා සංවිධානාත්මක ක්‍රියා නොවෙයි” ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ශ්‍රී ලංකාවේ අන්තර්ජාල තොරතුරු ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට පිහිටුවා ඇති ආයතනයක් වන අතර එය ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන නියෝජිත ආයතනය යටතේ ක්‍රියාත්මක වන පූර්ණ රාජ්‍ය ආයතනයකි." -sri-lanka-41052615,https://www.bbc.com/sinhala/sri-lanka-41052615,ශ්‍රී ලංකාවේ ගබ්සාවට අවසර දිය යුතුද? - වෛද්‍යවරු සහ කතෝලික සභාව,විශේෂිත අවස්ථාවන් හිදී ගබ්සාව සඳහා අවසර දීමට කැබිනට් මණ්ඩලයේ සහ වෛද්‍ය විශේෂඥයන්ගේ අනුමැතිය පළ වන අතරවාරයේ ශ්‍රී ලංකා කතෝලික සභාව එයට දැඩි විරෝධය පළ කරයි.,"ලිංගික අතවරයකට ලක්ව ගැබ් ගත්තේ නම් හෝ ඉපදීමට නියමිත දරුවා මාරාන්තික උපත් ආබාධයකින් යුක්ත නම් මවගේ කැමැත්ත මත කළලය ගබ්සා කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවට වූ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙන බව ශ්‍රී ලංකා පරාජනන සංගමය පවසයි. ඒ සඳහා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු අනුමැතිය ලබා දිය යුතු සංගමයේ සභාපති වෛද්‍ය කපිල ජයරත්න කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් සඳහන් කළේය. ""ඒක ඇත්තටම අයිතියක්. හැබැයි අකැමැති අයට නොකර ඉන්න පුළුවන්,"" ඔහු පැවසීය. අදාළ සැත්කම සිදු කළ යුත්තේ රජයේ රෝහලක දී පමණය. ""කාටවත් මේක අවභාවිතා කරන්න ලැබෙන්නේ නෑ."" ලිංගික අතවරයක දී එයට ලක්වන කාන්තාව විඳින මානසික පීඩාව සහ ආබාධ සහිත දරු උපතකින් අනතුරුව දෙමාපියන්ට විඳින්නට සිදුවන පීඩාවත් අවධානයට ලක් කරමින් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු මණ්ඩලයක් මගින් එම යෝජනාව ඉදිරිපත් කළ බව ද වෛද්‍ය කපිල ජයරත්න සඳහන් කළේය. නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද එම යෝජනා ඇතුළත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිවීමෙන් අනතුරුව එය ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. කෙසේ වෙතත් කවර හේතුවක් නිසා හෝ ශ්‍රී ලංකාව තුළ ගබ්සාව නීතිගත කිරීම තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසයි. ""කතෝලික සභාව විශ්වාස කරන්නේ කළලය පිළිසිඳ ගත් මොහොතේදීම මිනිස් ජීවිතය ඇරැඹෙන බවත්, එය ශුද්ධවත් වන අතර කිසිවකුට ජීවිතය කෙලසීමට පිළිසිඳ ගත් මොහොතේදී පවා අයිතියක් නොමැති බවත්ය,"" යනුවෙන් ද කතෝලික රදගුරු සම්මේලනය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. ගබ්සාව සම්බන්ධයෙන් වතිකානය මෙතෙක් දැරූ දැඩි ප්‍රතිපත්තිය ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පසුගිය වර්ෂයේ ලිහිල් කළහ ""කෙනෙකුට තවත් කෙනෙකුගේ අයිතිය රැකදීමට වෙනත් කෙනෙකුගේ අයිතීන් උල්ලංඝනය කළ නොහැකිය,"" යනුවෙන් ද එහි වැඩිදුරටත් දැක්වේ. කෙසේ නමුත් ගබ්සාව සම්බන්ධයෙන් වතිකානය මෙතෙක් දැරූ දැඩි ප්‍රතිපත්තිය පසුගිය වර්ෂයේ ලිහිල් කළ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, දරු ගැබක් ගබ්සා කරගත් කාන්තාවකට සමාව දීමේ අයිතිය පූජකවරුන් වෙත ප්‍රදානය කළහ. ශ්‍රී ලංකාවේ දිනකට නීති විරෝධී ගබ්සා 650 ක් පමණ සිදුවන බව කැලණිය විශ්වවිද්‍යාලය විසින් පසුගිය වසරේ පවත්වන ලද සමීක්ෂණයකදී හෙළි වී තිබිණ. ලොව පුරා කාන්තා හිමිකම් ක්‍රියාකාරීන් සහ ආගමික නායකයන් ගබ්සාව සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර මත දරන අතර, ගතානුගතිකවාදී රාජ්‍ය නායකයෝ ද ගබ්සාවට දැඩි විරෝධය පළ කරති." -world-43227018,https://www.bbc.com/sinhala/world-43227018,නවීන තාක්ෂණයෙන් තොරව සතුට ලබන හැටි!,"නවීන යන්ත්‍රෝපකරණ, කෘමිනාශක වර්ග වෙනුවට තම මුතුන් මිත්තන් භාවිතා කළ පැරණි ක්‍රම යොදා ගනිමින් ගොවිතැන් කරන ප්‍රංශයේ ජෝන්-බර්නාඩ් හොන්.","ප්‍රංශයේ බටහිර මුහුදු වෙරළ තීරය ආසන්නයේ ජීවත් වන ජෝන්-බර්නාඩ් හොන් සහ ඔහුගේ බිරිද ලෝරන්ස්ගේ ගොවිපළෙහි දින හතක් නවාතැන් ගත් රොයිටර්ස් ඡායාරූප ශිල්පී ස්ටෙෆන් මාහ්ට ඔවුන්ගේ සුවිශේෂී ජීවන රටාව අත් දැකීමට අවස්ථාවක් ලැබුණි. හැත්තෑ වියැති ජෝන්-බර්නාඩ් තමා හඳුන්වනු ලබන්නේ ""ප්‍රීතිමත් පිටස්තරයෙකු"" ලෙසය. එළදෙනුන් අට දෙනෙකුගේ කිරි තම දෑත්වලින් දොවා, වගාවෙන් ලබාගත් ඇට වර්ගවලින් පිටි අඹරා ආහාර පිළිවෙල කරගත් පසු ඔවුහු ගොම පොහොර එකතු කර වගාවට දමා තම දවස ආරම්භ කරති. ගොවිපළෙහි නිෂ්පාදනය කරන ඌරු මස්, හරක් මස් සහ බටර් සුපිරි වෙළෙඳසැල්වලට විකුණනවා වෙනුවට තමන් හමුවට පැමිණෙන අමුත්තන්ට පමණක් විකිණීම ඔවුන්ගේ සම්ප්‍රදායයි. කාබනික පොහොර පමණක් යොදා ගෙන කරන වගාවෙන් ලැබෙන වස විස න��ති ආහාර නිෂ්පාදන විකුණන වෙළෙඳපොළේ ඉතා ජනප්‍රිය වුවත් , ජෝන්-බර්නාඩ් කිසි විටෙක ඔහුගේ නිෂ්පාදන මහා පරිමාණයෙන් විකුණන්නේ නැත. ගොවිපළෙහි වගා කළ ඇපල්වලින් නිෂ්පාදනය කළ බීර බැරල් වලට දමා සීල් තබමින් සිටින ජෝන්-බර්නාඩ්. දෑතින් සාදන බටර්වලට ලුණු එකතු කරමින් සිටින ලෝරන්ස්.. ගොවිපළෙහි සතුන්ට ආහාර වශයෙන් බීට් අල ලබා දෙයි. ආහාර ගැනීමට පෙර නිවසේ සාදා ගත් සයිඩර් බීර පානය කරන ජෝන්-බර්නාඩ් සහ ලෝරන්ස් දෙවන ලෝක යුද සමයෙන් පසු ඇතිවූ තාක්ෂණයේ දියුණුවත් සමග ගොවිතැනට සම්බන්ධ සියලු යන්ත්‍රෝපකරණ අලුත් වෙමින් පවතියි. නමුත් මේ සියල්ල අතර ජෝන්-බර්නාඩ් තවමත් ගොවිතැනෙහි යෙදෙන්නේ පාරම්පරික ක්‍රම භාවිතා කරමිනි. සෑම තත්පරයකම වෙනස් වෙමින් පවතින ලෝකයේ නොවෙනස්ව සිටින ඔවුන් තවමත් නගුලෙන් කුඹුරු සීසාන අතර ඔවුන් සතුව රූපවාහිනී යන්ත්‍රයක්, මෝටර් රථයක්, අන්තර්ජාල පහසුකම් හෝ උණුසුම් ජල පද්ධතියක් නැත. ""මම හැම වෙලාවෙම මගේ ජීවිතය කළමනාකරණය කර ගත්තා, මම කවදාවත් පොහොසත් කෙනෙකු වෙලා නැහැ, හැබැයි මම ඒක සැලකිය යුතුද?"" ජෝන්-බර්නාඩ් ඡායාරූප ශිල්පී ස්ටෙෆන් මාහ්ට පැවසුවේය. ""දැන් ඉන්න ගොවියන්ට මට වඩා බොහෝ ඉඩම් සහ සතුන් ප්‍රමාණයක් ඉන්නවා, හැබැයි ඒ කව්රුවත් සන්තෝෂයෙන් නෙමෙයි ඉන්නේ. ඒ අය ගොඩක් බලපෑම් සහ සීමාවන්ට යටත් වෙලා ඉන්නේ"" ඔහු පැවසුවේය. වැඩ කරන අතරතුර යහළුවෙකු සමග සතුටු සාමීචියේ යෙදෙන ජෝන්-බර්නාඩ් ඔහු නවීන ගොවියන් හෝ ගොවිතැන් ක්‍රමවලට විරුද්ධ නැත. ""මිනිස්සු දේවල් විවේචනය කරන එක හොදයි, හැබැයි යමක් වෙන්න හේතුව දැනගැනීම වැදගත්. වගාවට රසායන ද්‍රව්‍ය යොදා ගැනීමෙන් ගොවියන්ට විමුක්තිය උදා වුණා . ඔබට හිතා ගන්න පුළුවන්ද? ග්ලයිෆොසේට් ටිකක් දැම්මාට පස්සේ වල් පැළ සියල්ල විනාශ වෙනවා. නැත්තම් එය ඔබට කරන්න වෙන්නේ උදැල්ල පාවිච්චි කරලා."" ඔහු තවදුරටත් පැවසුවේය. වයසට යෑමත් සමග ඇති වන ශාරීරික දුබලතා හේතුවෙන් යම් කාර්යයන් කිරීමට නවීන උපකරණවල සහය ලබා ගැනීමට ජෝන්-බර්නාඩ්ට සිදු විය. අධික බර පිදුරු මිටි එසවීමට ට්‍රැක්ටර් රථ දෙකක් ඔහු විසින් මිලදී ගන්නා ලදී. මෙය 1910 දී ලබා ගත් ඔහුගේ පවුලේ ඡායාරූපයක් වන අතර, මෙම ගොවිපළෙහි වගා කිරීම ආරම්භ කළේ ජෝන්-බර්නාඩ්ගේ මුතුන් මිත්තන් විසිනි. තම ගොවිපළ විකිණීමට අකමැති ජෝන්-බර්නාඩ් ඒ වෙනුවට පාරම්පරික උරුමය සහිත අනුප්‍රාප්තිකයකුට එය තෑගි කිරීමට බලාපොරොත්තු වෙයි. ගොවිපොළෙහි අනාගත හිමිකරු තමන් මෙන් සම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම අනුගමනය කරනු නොමැති බව ඔහු පවසන්නේය. ""ඉස්සර මම ජීවත් වුණ කාලයේ හැම දේම ඉතා පහසුවෙන් කරන්න පුළුවන්, ඔයාට ඉඩමක් තියෙනවනම් වගා කරන්න පටන් ගැනීමේ හැකියාවක් තිබුණා"" ඡායාරූප: ස්ටෙෆන් මාහ් මේ තොරතුරුද දැනගන්න: සතුටෙන් ඉන්නේ කොහොමද? මෙන්න ක්‍රම පහක් සතුට සල්ලිද? මානසික සුවයද? බොබ් ඩිලන්ගේ සතුට බ්‍රිතාන්‍යයේ රැකියාවලින් 30%ක් රොබෝවන්ට ? විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය" -world-50003105,https://www.bbc.com/sinhala/world-50003105,1700කට මරණයේ දොරටු විවෘත කළ 'ගෝල්ඩන් ගේට්' පාලම,"""පහළට පනින්න හිතාගෙන මේ පාලමට එන කිසිම කෙනෙකුට මැරෙන්න උවමනාවක් නැහැ. ඒ අයට දැනගන්න ඕන තමන්ට දයාවක් දක්වන්න කවුරු ම හරි ඉන්නවද කියන එක විතරයි ""","දිවි නසා ගැනීම් සඳහා ලොව ප්‍රසිද්ධ ම ස්ථානයක් වූ ගෝල්ඩන් ගේට් පාලම ඒ, කෙවින් හයින්ස් ගේ මුවින් පිටවූ වදන් ය. ඔහු වසර 2000 දී ගෝල්ඩන් ගේට් පාලම (Golden Gate Bridge) මතට පැමිණියේ ඉන් පහළට පැන දිවි තොර කර ගැනීමට ය. මේ පාලම පිහිටියේ ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර ය. දිවි නසා ගැනීමේ උත්සාහයක නිරත වූ 'කෙවින්' ඉන් මොහොතකට පෙර කීප දෙනෙකු විසින්ම දැක තිබුණි. එම ස්ථානයේ සිටි කාන්තාවකගේ ඡායාරුපයක් ගැනීමට පවා ඔහු උදව් කර තිබුණි. දිවි නසා ගැනීමට තරම් වූ බරපතල ප්‍රශ්නයක පැටලී සිටින බවක් ඒ කිසිවෙකුට කෙවින්ගේ මුහුණින් නොපෙනුණි. කෙවින් පාලමෙන් පහළට පැන්නේය. මීටර 75ක් පහළින් වූ, දැඩි ශීතලකින් යුත් ශාන්තිකර සාගර ජලයට වැටුණු 'කෙවින්' අදත් ජීවතුන් අතර සිටීම පුදුමයකි. 'ගෝල්ඩන් ගේට්' පාලම විවෘත කෙරුණේ 1937 මැයි මාසයේ දී ය. එදා මෙදා තුර එම පාලමෙන් පැන දිවි නසා ගත් පිරිස 1700කට අධික බව සංඛ්‍යා ලේඛනවල දැක්වෙයි. ලොව වැඩිම වතාවක් ඡායාරූපගත කර ඇති ඉදි කිරීම ලෙසත්, වැඩිම පිරිසක් නරඹා ඇති පාලම ලෙසත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ දිවි නසා ගැනීම් සඳහා ලොව ප්‍රසිද්ධ ම ස්ථානයක් වූ 'ගෝල්ඩන් ගේට් පාලම'ය. මෙම පාලම අසල ගැවසෙන ස්වේච්ඡා කණ්ඩායමක් සිටිති. ඔවුන්ගේ රාජකාරිය දිවි නසා ගැනීම සඳහා පැමිණෙන අය අනුමාන කොට ඔවුන්ගේ දිවි බේරා ගැනීමට සහාය වීමය. ඒ සඳහා ඔවුන් යොදා ගන්නේ ඉතා සරල ක්‍රමයකි. ඒ ඔවුනට සවන් දීමය. මියා මුනායර් සහ කෙවින් බ්‍රිග්ස් ""දේවදූතයෝ"" 2018 දී පමණක් 214 දෙනෙක් පාලමෙන් පැනීමට උත්සාහ කළහ. ඒ අනුව සෑම දින දෙකකට එක් අයෙකු එවැනි ප්‍රයත්නයක නිරතව ඇත. කෙසේවුවද,දිවි බේරා ගැනීම සඳහා සිටින ස්වේච්ඡා කණ්ඩායමට සහ නීති ක්‍රියාවට නංවන්නන් ට ස්තුති වන්නට 2018 වසරේ පාලමෙන් පහළට පැනීමට අවස්ථාව ලැබී ඇත්තේ විසිහත් (27) දෙනෙකුට පමණි. මියා මුනායර් සහ කෙවින් බ්‍රිග්ස් පසුගිය විසි වසර පුරා 'ගෝල්ඩන් ගේට්' ස්වේච්ඡා කාණ්ඩයට එක්ව සිටින දෙදෙනෙකි. මියා සහ කෙවින් මේ වන විට මරණයෙන් ගලවා ගෙන ඇති ජීවිත සංඛ්‍යාව සිය ගණනකි. ඔවුන් දෙදෙනාම පොලිසියේ රැකියා කරන්නෝ වෙති. කෙවින් බ්‍රිග්ස් සිය සේවා කාලය තුළ, දිවි නසා ගැනීමට උත්සාහ කළ දෙසීයකට (200)අධික පිරිසක් සමඟ කතාබස් කොට ඔවුන් මරණයෙන් ගලවා ගැනීමට සමත්ව ඇත. දිවි ගලවා ගැනීමට කැප වී සිටින ස්වේච්ඡා කණ්ඩායම (මියා මුනායර් නිල් පැහැති ඇඳුමින් සැරසී ඉදිරියෙන්) මානසික රෝග ලොව පුරා දිවි නසා ගැනීම් බහුලව වාර්තා වෙන අතර, වසරකට ලක්ෂ අටකට ආසන්න පිරිසක් දිවි නසා ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කරයි. එක්සත් ජනපදයෙන් පමණක් 2017 දී දිවි නසා ගැනීම් 47,000ක් වාර්තා විය. එවැනි දිවිනසා ගැනීම් සඳහා බලපාන හේතු විවිධ විය හැකිය.නමුත් දිවි නසා ගැනීම් සහ මානසික සෞඛ්‍යය අතර දැඩි සම්බන්ධයක් පවතී. මානසික විෂාදය (depression) ඉන් ප්‍රධාන වෙයි. දිවි නසා ගැනීම්වලින් 90%කට පමණ හේතු වී ඇත්තේ මානසික රෝග හෝ කිසියම් ද්‍රව්‍යයක් අනිසි ලෙස භාවිතා කිරීම බව එක්සත් ජනපදයේ දිවි නසා ගැනීම් වළක්වා ගැනීම සඳහා වන SAVE සංවිධානය පවසයි. විෂාදය (depression) සුව කළ හැකි මානසික රෝගයක් වුවද බොහෝ විට එය කෙලවර වන්නේ දිවි නසා ගැනීමෙනි. ""අපි සවන් දෙනවා"" මියා මුනායර් 2010 දී වාර්තා චිත්‍රපටයක් නැරඹුවාය. ඒ ගෝල්ඩන් ගේට් පාලමේ අඳුරු පැතිකඩ පිළිබඳව තැනුණු වාර්තා චිත්‍රපටයකි. කෙවින් බ්‍රිග්ස් සිය සේවා කාලය තුළ, දිවි නසා ගැනීමට උත්සාහ කළ 200කට අධික පිරිසක් සමඟ කතාබස් කොට ඔවුන් මරණයෙන් ගලවා ගෙන තිබේ ""තව තවත් මිනිස්සු මැරෙන එක නවත්වන්න මොනවා හරි කරන්න ඕන කියල මට හිතුන."" ඇය බීබීසීයට පැවසුවාය. 2011 දී 'ඒන්ජල්ස්' (Angels) නමින් සංවිධානයක් පිහිටුවා ගත් ඇය, පාලම මත ගැවසෙන්නට පටන් ගත්තාය. ඇයගේ කණ්ඩායමට වෘත්තීය මට්ටමේ පුහුණුවක් ද ලැබිණ. දොම්නසට පත්ව ඇති කෙනෙකු සමඟ කටයුතු කරන ආකාරය ඔවුන් හොඳින් හදාරා ඇත. 'ඒන්ජල්ස්' (Angels) කණ්ඩායම ආදරවන්තයන්ගේ දිනය හෝ නත්තල් උදාව වැනි විශේෂිත දිනවල පාලම මත සැරිසරති. 'ඒන්ජල්ස්' (Angels) 'ඒන්ජල්ස්' (Angels) කණ්ඩායමට බැඳී ජීවිත බේරා ගැනීමට කැමති පිරිස් රැස් කර ගැනීමටත්, ඔවුනට මනා පුහුණුවක් ලබා දීමටත් මියා මුනායර් සිය පෞද්ගලික ධනයෙන් ඩොලර් 10,000කට අධික මුදලක් වැය කළාය. ""අපි මිනිස්සු එක්ක කතා කරනවා. ඔවුන් තනි වී නැති බව අපි ඔවුන්ට ඒත්තු ගන්වනවා."" ""අපි සවන්දෙනවා. බොහෝ විට ඒක තමයි හොඳම ප්‍රතිචාරය."" මියා පැවසුවාය. Suicide prevention at Golden Gate (2000-2018) 564Confirmed suicides 1,911Sucessful interventions කෙවින් බ්‍රිග්ස් පොලිස් සේවයේ යෙදී සිටි කාලයේ ඔහුගේ මුර සංචාරය දිනපතා කෙරුණේ ගෝල්ඩන් ගේට් පාලම ඔස්සේ වැටී තිබුණු මාර්ගයක ය. පාලමෙන් පැන දිවි නසා ගැනීමට උත්සාහ කළ අයෙකු සමඟ ඔහුගේ රාජකාරිය පළමුවරට සිදු වුනේ 1994 දීය. ""මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්නේ කොහොමද? කියල ඒ කාලේ අපිට නිල පුහුණුවක් ලැබිල තිබුණේ නැහැ. ඒ කාන්තාව පාලමේ කණුවක් දිගේ ඉහළට නගිමින් ඉන්නව දැක්කම මම භීතියට පත් වුනා."" කෙවින් බ්‍රිග්ස් බීබීසීයට පැවසීය. ""දිවි නසා ගැනීමට තැත් කරන කෙකෙකු සමඟ කටයුතු කළ යුතු ආකාරය ගැන මම කියවන්න පටන් ගත්තා."" පාලමෙන් පැනීමට උත්සාහ කළ දෙසීයකට (200) අධික පිරිසක් බේරා ගත් බ්‍රිග්ස් ගේ උත්සාහය අසාර්ථක වුයේ දෙවරක් පමණි. ""බේරා ගත්ත ජීවිතවලට වඩා මතකයට එන්නේ බේරා ගැනීමට නොහැකි වූ දෙදෙනා ගැන."" ඔහු පැවසීය. පාලම දෙපස ඉදිවන දැල වසර ගණනාවක් තිස්සේ පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම දිවි නසා ගැනීම් වළක්වා ගැනීම සඳහා පාලම දෙපස බාධක ඉදි කිරීම 2017 දී ආරම්භ විය. එය පාලමේ දිගට එහි දෙපස ඉදි වන දැලකි. වියදම ඩොලර් මිලියන 200 කි. ඉදි කිරීම නිමාවීමට නියමිතව ඇත්තේ 2021 දීය. පාලම ඉදි කළ දා පටන් දිවි නසා ගත් පිරිස සංකේතවත් කිරීම සඳහා ප්‍රදර්ශනයට තබා ඇති පාවහන් දිවි නසා ගැනීම සඳහා ගෝල්ඩන් ගේට් පාලමෙන් පහළට පැනීමෙන් පසුව ජීවිතය බේරී ඇත්තේ කීපදෙනෙකුගේ පමණි. එම පාලමෙන් පහළට වැටෙන කෙනෙකු ජලය මතුපිට ට පතිත වන්නේ පැයට කිලෝ මීටර 140ක වේගයෙනි. සැන් ෆ්‍රැන්සිස්කෝ හි හදිසි මරණ පරීක්‍ෂක කාර්යාලය පවසන පරිදි එවන් වේගයකින් ජලයට පතිත වීම මාරක අනතුරක් වීමේ ප්‍රතිශතය 95%කි. දිවි බේරාගත් ස්වල්ප දෙනාගෙන් කීපදෙනෙක් තම අත්දැකීම සහ පසුතැවීම ප්‍රසිද්ධියේ කතා කර ඇත. දිවි තොර කර ගැනීමට ගත් තීරණය ගැන ඔවුන් සියලු දෙනා පශ්චාත්තාප වෙති. ඒ මොහොතේ තමන් හා කතා කිරීමට කවුරුන් හෝ සිටියේ නම් දිවි හානිකර ගැනීමට තමා උත්සාහ නොකරනු ඇතැයි දිවි බේරුණ තැනැත්තෙක් CNN මාධ්‍යයට පැවසීය. තවත් තොරතුරු; දිවි නසා ගැනීම් වැළක්වීමේ සහ ඉන් වැළකී සිටීමට උපදේශන සේවා ලබා දෙන ශ්‍රී ලංකාවේ ආයතන: ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - දුරකථන අංකය: 011 2696666 හෝ +94 112 682 535 ධෛර්ය, දයානුකම්පාව, කැපවීම (CCC) පදනම - දුරකථන අංකය: 1333 හෝ +94 112 692 909" -world-38873329,https://www.bbc.com/sinhala/world-38873329,ක්‍රිකට්: ඇෆ්ඝනිස්තානයට සහ අයර්ලන්තයටත් ටෙස්ට් වරම්?,ලබන අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් අනතුරුව අයර්ලන්තයට සහ ඇෆ්ඝනිස්තානයට ටෙස්ට් වරම් හිමිවීමේ අවස්තාව උදා වී තිබේ.,"සිය අනාගත සැලසුම්වලට අයර්ලන්තය සහ ඇෆ්ඝනිස්තානයත් එක්කරගැනීමට ඩුබායිහි පැවැත්වුණු විධායක කමිටු රැස්වීමේදී ජගත් පාලක මණ්ඩලයේ එකඟත්වයකට පැමිණියේය. එමෙන්ම ටෙස්ට් ක්‍රීඩාකරන රටවල් නමයක් යොදාගනිමින් සෑම දෙවසරකටම වරක්ම ටෙස්ට් ශූරතාවලියක් පැවැත්වීමටත් ජගත් පාලක මණ්ඩලය ප්‍රතිපත්තියක් වශයෙන් එකඟ වී තිබේ. එම ශූරතාවලිය 2019 ක්‍රිකට් ලෝක කුසලානයෙන් අනතුරුව ආරම්භවනු ඇතැයි අපේක්ෂිතයි. ටෙස්ට් ක්‍රීඩාවට ක්‍රීඩාලෝලීන් ආකර්ෂණය කරගැනීම පිණිස ටෙස්ට් ශූරතාවලියක් පැවැත්වීම පිළිබඳව අයිසීසීය කලක් මුළුල්ලේම සාකච්ඡා පවත්වමින් සිටියේය. ඒ පිළිබඳව අවසාන තීරණ ගනු ලබන්නේ ලබන අප්‍රේල් මාසයේ පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදීය. ඒ තීරණයත් සමගම අයර්ලන්තයට සහ ඇෆ්ඝනිස්තානයට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාකිරීමේ අවස්තාව හිමිවේවිද, නොඑසේනම් නව ටෙස්ට් ශූරතාවලිය ආරම්භ වනතුරු බලා සිටීමට සිදුවේවිද යන්න පැහැදිලි නැත. 2006 දී පළමු වරට එංගලන්තයට එරෙහිව තරග වදිමින් අයර්ලන්තය එක් දින සීමිත ඕවර ක්‍රිකට් පිටියට එක් වූ අතර, ඇෆ්ඝනිස්තානය එක් දින වරම් ලැබුවේ ඊට වසර තුනකට පසුවය." -world-41116758,https://www.bbc.com/sinhala/world-41116758,එංගලන්ත සෞඛ්‍ය සේවයේ විදේශීය වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට අවස්ථා,පවුලේ වෛද්‍යවරුන් (GP) සංඛ්‍යාව ඉහල නැංවීමේ පුළුල් වැඩපිළිවෙලක කොටසක් වශයෙන් රැකියා ඒජන්සිවලට ස්ටර්ලින් පවුම් කෝටි දහයක මුදලක් ලබාදීමට එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) සැලසුම් කරයි.,"2020 වනවිට තවත් පවුලේ වෛද්‍යවරුන් 5000 ක් බඳවා ගන්නා බව එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවය දැනටමත් නිවේදනය කර තිබේ. මේ වනවිට ඒ සඳහා රැකියා ඒජන්සිවලින් ටෙන්ඩර් කැඳවා තිබෙන අතර, ඒ අනුව එම වෛද්‍යවරුන්ගෙන් අඩක්ම විදේශීය රටවලින් බඳවා ගැනීමට ඉඩ තිබේ. බ්‍රිතාන්‍යයේ උපත ලැබ���වන් අතරින් පවුලේ වෛද්‍යවරුන් පුහුණු කිරීමට සහ එසේ පුහුණුව ලැබූවන් සෞඛ්‍ය සේවයේ රඳවා ගැනීමට ජාතික සෞඛ්‍ය සේවය අරගලයක නිරතව සිටියි. මේ තත්වය යටතේ හෙද හෙදියන් සහ භෞත චිකිත්සකයන් ඇතුළු අනෙකුත් සෞඛ්‍ය සේවකයන් ද විදේශීය රටවලින් බඳවා ගැනීමට ජාතික සෞඛ්‍ය සේවය සැලසුම් කරයි. සබැඳි යොමු: එංගලන්ත සෞඛ්‍ය සේවය මෙලෙස විදේශීය රටවලින් සේවකයන් බඳවා ගනු ලබන්නේ 2020 වන විට පවුලේ සෞඛ්‍ය සේවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය පවුම් බිලියන 2.4 ක ආයෝජනයක කොටසක් වශයෙනි. සෞඛ්‍ය සේවය වෙනුවෙන් දැනට වඩා 14% ක මුදලක් ආයෝජනය කරන බව 2015 වසරේ පැවති මහ මැතිවරණයෙන් අනතුරුව කොන්සර්වේටිව් පක්ෂ ආණ්ඩුව නිවේදනය කළේය. පවුලේ වෛද්‍යවරුන්ට පුහුණුව ලැබීමේ අවස්ථා පුළුල් කිරීමට ද ජාතික සෞඛ්‍ය සේවය කටයුතු කරමින් සිටින නමුත් පසුගිය වසරේ ප්‍රදානය කරන ලද පුහුණුවීමේ අවස්ථාවලින් 7% ක් වෛද්‍යවරුන් භාවිතයට ගෙන නොතිබිණි. නව පවුලේ වෛද්‍යවරුන් බඳවා ගැනීම, පුහුණු කිරීම සහ බ්‍රිතාන්‍යයට පැමිණි පදිංචිවීම සඳහා යන වියදම ඔවුන් බඳවා ගන්නා රැකියා ඒජන්සි විසින් දරනු ඇතැයි අපේක්ෂිතය. එම වෛද්‍යවරුන් හෙද හෙදියන් මුලින්ම යුරෝපා සංගමයට අයත් රටවලින් බඳවා ගැනෙනු ඇතැයි විශ්වාස කෙරේ. කෙසේ නමුත් විදේශීය රටවලින් පවා බඳවා ගනු ලැබුවද, 2020 වන විට අලුත් පවුලේ වෛද්‍යවරුන් 5000 ක් බඳවා ගැනීමේ ආණ්ඩුවේ ඉලක්කය සපුරා ගැනීමට නොහැකිවනු ඇති බව බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගමයේ වෛද්‍ය ක්‍රිෂ්ණා කසරානේනිගේ (Dr Krishna Kasaraneni) අදහසය." -world-37851574,https://www.bbc.com/sinhala/world-37851574,IS කැරලිකරුවන්ට මෝසුල් අහිමිවන ලකුණු,අයි එස් හෙවත් ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් හා සටන් වැද සිටින ඉරාක හමුදා මොසුල් නගරයට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශයේ ඉදිරි පෙළ බිඳ දමමින් පළමුවරට එහි ඇතුළු වූහ.,"2014 වසරේ ජුනි මාසයේදී ජිහාඩ්වාදී අයිඑස් කැරලිකරුවන් අතටපත් මෝසුල් නගරය සම්පූර්ණයෙන් නිදහස් කරගැනීමට කටයුතු කරමින් සිටින බව ඉරාක හමුදාව පවසයි. ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ගේ අවසන් බලකොටුව ලෙස සැලකෙන මෝසුල් නගරයට ඇතුළු වූ ආණ්ඩුවේ හමුදා ගෙයින් ගෙට යමින් සාමාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරමින් සිටිති. අයිඑස් තිප්පොළවල්, රහස් උමං මාර්ග, මරඋගුල් මෙන් ම සැඟවී සිට පහරදීම් බිය පළවීම හේතුවෙන් අතිරේක භට පිරිස් අපේක්ෂාවෙන් හමුදා කණ්ඩායම් රැඳී සිටින බව බීබීසී වාර්තාකරුවෙක් ���ැවසීය. ඉරාක හමුදා පැමිණීමත් සමග ගම්වැසියෝ සුදු කොඩි අතැතිව සිය ගම්බිම් බලා යළි පැමිණෙමින් සිටිති ඉරාක ධජය සහිත හමුදා රථ දින දාහතක් පුරා ක්‍රියාත්මක අයිඑස් විරෝධී මෙහෙයුම සඳහා කුර්දි සහ සුන්නි අරාබි ජනවර්ගවලට අයත් සාමාජිකයන් ඇතුළු හමුදා භටයන් පනස් දහසක් සම්බන්ධ වී සිටිති. බියෙන් දිවි ගෙවූ ආකාරය මෝසුල් නගර වැසියෝ බීබීසීයට විස්තර කළහ. පසුගිය අවුරුදු දෙකටම සිය නිවසින් බැහැරව ගියේ එක් වතාවක් පමණක් බව එහි සිටි කාන්තාවක් කියා සිටියාය. මෝසුල්හි මේ වන විට සාමාන්‍ය වැසියන් දසලක්ෂයක් වෙසෙන බව ඇස්තමේන්තු කොට ඇති අතර නැවතත් ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ අවධානය යොමු වී තිබේ." -sri-lanka-42123893,https://www.bbc.com/sinhala/sri-lanka-42123893,"""නඩු නැති"" පළාත් පාලන ආයතන වෙනුවෙන් මැතිවරණ",දැනට අධිකරණය හමුවේ පවතින නඩු විභාගවලින් බලපෑමක් නොමැති පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය බීබීසී සිංහල සේවයට පැවසීය.,"කොමිෂන් සභාව එම තීරණයට එළැඹි තිබෙන්නේ සෙනසුරාදා (නොවැම්බර් 25) පැවති විශේෂ රැස්වීමකදීය. දැනට අභියාචනාධිකරණය හමුවේ පවතින නඩු විභාගයෙන් බලපෑමක් නොමැති පළාත් පාලන ආයතන 133 ක් තිබෙන බව සඳහන් කළ කොමිෂන් සභාවේ සභාපතිවරයා, ඒ අතරින් සභා 40 ක සීමා මායිම් විස්තර කිරීමේ ගැසට් නිවේදනයේ මුද්‍රණ දෝෂ පවතින බවත් සඳහන් කළේය. ""එම මුද්‍රණ දෝෂ නිවැරදි කිරීම සඳහා පළාත් පාලන අමාත්‍යාංශය වෙනම ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සකස් කරගෙන තියෙනවා,"" යනුවෙන් ද කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය බීබීසී සිංහල සේවයට පැවසීය. ලොව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල් 190 ක කාන්තා නියෝජනය සලකා බැලීමේදී ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ 176 වෙනි ස්ථානයය ""ඒ 40 කෙසේ වෙතත්, අපි ඉතුරු සභා 93 නාම යෝජනා කැඳවීමේ දැන්වීම නොවැම්බර් 27 වෙනිදා නිකුත් කරන ලෙස තේරීම් භාර නිලධාරීන්ට උපදෙස් දීමට මැතිවරණ කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කළා."" ඒ අනුව එම පළාත් පාලන ආයතන 93 සඳහා මැතිවරණ ලබන ජනවාරි මාසයේ පැවැත්වෙනු ඇති දැයි කළ විමසීමට ඔහුගේ ප්‍රතිචාරය වූයේ, ""ඒක කියන්න බෑ. ඒක කොමිෂන් සභාව තීරණය කරන්න එපැයි,"" යන්නය. සබැඳි යොමු: පළාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීමේ ගැසට් පත්‍රය සඳහා දෙසැම්බර් හතර (04) වෙනි දින තෙක් බල පැවැත්වෙන වාරණ නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධික���ණය පියවර ගැනීමත් සමඟ අදාළ මැතිවරණ පැවැත්වීම තවත් කල් යාමට ඉඩ කඩ ඇති බවට සැක පළ වෙමින් පැවතින. මේ අතර දෝෂ සහිතව සීමා නීර්ණය සම්බන්ධ ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම පිළිබඳව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වගකීම භාරගත යුතු බව පවසමින් ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනා දෙකක් කතානායකවරයා වෙත භාර දී තිබේ. මැතිවරණය කල් දමා ගැනීමට උත්සාහ දරන බවට මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ද ආණ්ඩුවට චෝදනා කරන නමුත් සිකුරාදා නිකවැරටියේ දී ජනහමුවක් ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය. මැතිවරණ කොමිසමේ තීරණය ප්‍රකාර ලබන 27 වෙනි දින නාම යෝජනා කැඳවීමෙන් අනතුරුව පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මිශ්‍ර ක්‍රමයට පවත්වන පළාත් පාලන මැතිවරණයය. මෙම නව ක්‍රමය යටතේ මන්ත්‍රීවරුන් 60%ක් ඡන්ද කොට්ඨාස ක්‍රමයටද ඉතිරි 40% සමානුපාතික ක්‍රමයටද තෝරා පත්කර ගැනීමට නියමිතය. කොට්ඨාස මට්ටමින් තරග කරන මුළු සභික සංඛ්‍යාවෙන් 10% ක් කාන්තාවන් විය යුතු බව නීතිගත කර තිබීම මෙවර මැතිවරණයේ තවත් විශේෂත්වයකි. එයට අමතරව සමානුපාතික නියෝජනයෙන් ඇතුළත් කළ යුතු අපේක්ෂිකාවන් සංඛ්‍යාව, නාම යෝජනා පත්‍රයේ සඳහන් අපේක්ෂකයින්ගෙන් 50% ක් බවට ද සංශෝධිත පනතේ සඳහන් වේ." -150916_ug_uno_report,https://www.bbc.com/sinhala/sri_lanka/2015/09/150916_ug_uno_report,යුද අපරාධ පිරික්සුමට මිශ්‍ර උසාවියක්,2002 සහ 2011 අතර සමයේ ශ්‍රී ලංකාවේ ගැටුමට හවුල් දෙපාර්ශවය විසින් සිදු කරනු ලැබ ඇතැයි එක්සත් ජාතීන් විසින් හඳුනා ගනු ලැබ ඇති යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි බරපතළ අපරාධ විභාගයට මිශ්‍ර අධිකරණයක් (Hybrid) පිහිටුවිය යුතු යයි එම සංවිධානය නිර්දේශ කරයි.,"එම නිර්දේශය ඇතුළත් එක්සත් ජාතීන්ගේ වාර්තාව අද (16) ජිනීවා නගරයේදී මෙයින් ස්වල්ප වෙලාවකට පෙර නිකුත් කෙරුණ අතර සිදු කෙරුණ විමර්ශන වලින් ඉවක් බවක් නැතිව කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාර, නීතියෙන් පරිබාහිරව කරන ලද මිනී මැරීම්, බලහත්කාරයෙන් කරන ලද අතුරුදහන් කිරීම්, වධහිංසා පැමිණවීම් සහ ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ කම්පාවට පත් කෙරෙන විස්තර ඇතුළත් ශ්‍රි ලංකාව තුළ සිදුව ඇති බිහිසුණු මට්ටමේ උල්ලංඝණය කිරීම් සහ අපහරණ ඉදිරිපත්ව ඇති වාර්තාවෙන් හෙළි කරන්නේ’යැයි මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිඩ් ප්‍රකාශ කරයි. සමස්තයක් වශයෙන් ගත් විට‘අන්තර්ජාතික ප්‍රජාවේ අවධානයට ලක් වෙන බරපතළ ආකාරයේ උල්ලංඝණය වීම්’ වාර්තාවෙන් හෙළි කෙරෙන බවයි මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ. බරපතළ අපරාධ ලැයිස්තුවක් ශ්‍රී ලංකාවේ සිදු වී ඇති බරපතළ අපරාධ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු ඇතුළත් කරන එක්සත් ජාතීන්ගේ වාර්තාව නීති විරෝධී මිනී මැරුම්, ලිංගික හා ස්ත්‍රී පුරුෂ භාවය පදනම් ප්‍රචණ්ඩත්වය බලහත්කාරයෙන් සිදු කරන ලද අතුරුදහන් කිරීම්, වධහිංසා සහ වෙනත් ආකාරයේ කුරිරු අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් ළමයින් හමුදාවට බඳවා ගැනීම සහ ඔවුන් සටන්වලට යොදා ගැනීම මෙන්ම වැඩිහිටියන් පැහැර ගෙන යෑම සහ බලහත්කාරයෙන් හමුදාවට බඳවා ගැනීම, මානුෂීය ආධාර වැළැක්වීම සහ විවෘත නොවුන කඳවුරු අභ්‍යන්තරයේ අවතැන් වු පුද්ගලයන් රැඳවීම ආදී සාපරාධී ක්‍රියා රාශියක් ලැයිස්තුගත කරනු ලැබ ඇත. ශ්‍රී ලංකාව පිලිබඳ වාර්තාව ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සහගත තත්වයක් පවත්වා ගත හැකි දේශපාලන සන්දර්භයක් තුළ යැයි’ සඳහන් කළ මහකොමසාරිස් සෙයිඩ් ‘සැබැවින්ම මූලික වෙනසක් සඳහා වූ මෙම ඓතිහාසික අවස්ථාව අත් නොහැරීම අතිශයෙන් වැදගත්’ වන බවත් අවධාරණය කළේය. මානව හිමිකම් කොමිසමේ සවිස්තර ප්‍රකාශනයක් මෙතනින් ලබා ගන්න." -sri-lanka-39117004,https://www.bbc.com/sinhala/sri-lanka-39117004,නව ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයක් අත්‍යවශ්‍ය බව ඇමති මංගල කියයි,"ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම පිණිස මෙන්ම යළිත් වරක් යුද ගැටුම මතුනොවීම සහතික කිරීම පිණිස නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව පෙන්වාදෙන විදේශ අමාත්‍ය මංගල සමරවීර, එම ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තු ක්‍රියාදාමය මෙන්ම ජනමත විචාරණයක් ද අත්‍යවශ්‍ය බව අවධාරණය කරයි.","විදේශ අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 34 වැනි සැසිවාරය අමතා අදහස් දක්වමිනි. ශ්‍රී ලංකා ඉතිහාසයේ අන් කිසිදිනෙක සිදු නොවූ අන්දමට වත්මන් ආණ්ඩුව ජනතා අදහස් විමසමින් රටේ ජනතාවගේ සැබෑ අභිලාෂයන් නිරූපණයවන ආකාරයේ ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ යෙදී සිටින බවත් අමාත්‍යවරයා පැවසීය. කෙසේ නමුත් ආණ්ඩුවේ ප්‍රධානම හවුල්කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සහ ජනමත විචාරණය සම්බන්ධයෙන් මෙතෙක් අවසාන තීරණයකට එළැඹ නැත. විශේෂයෙන්ම ව්‍යවස්ථා සංශෝධනයක් වැනි 'කරුණු රාශියක්' සම��බන්ධයෙන් ජනමත විචාරණයකට යාම ඉතා සංකීර්ණ බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයෙන් 'ව්‍යවස්ථා සංශෝධනය' ක්‍රියාවට නැගීමට උත්සාහ දැරීම සිය උත්සාහය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයා පසුගියදා බීබීසී සිංහල සේවයට පැවසීය. විදේශ අමාත්‍ය මංගල සමරවීරගේ දේශනයේ ප්‍රධාන කරුණු අතර: ජිනීවා නුවරදී තවදුරටත් අදහස් දැක්වූ විදේශ අමාත්‍ය මංගල සමරවීර, යුද ගැටුම්වල අවසාන භාගයේ හටගත් වාතාවරණය සම්බන්ධයෙන් 'සත්‍යය සෙවීමේ කොමිසමක්' පත්කිරීම සම්බන්ධ පනත් කෙටුම්පත ඉදිරි මාස දෙක ඇතුළත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද සඳහන් කළේය. සංහිඳියාව උදෙසාවන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකයේ වාර්තාව හිටපු ජනාධිපතිනියට භාරදුන් අවස්ථාව ""සිය මානව හිමිකම් උල්ලංඝනයවූවන්ට සාධාරණය ඉටුකිරීම සඳහා වූ අපේ කැපවීම තිරසාරය,"" යනුවෙන් ද අමාත්‍යවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට සංහිඳියාව පිළිබඳව වින්දිතයන් ඇතුළු රටවැසියන්ගේ අදහස් විමසමින් ""සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය"" පූර්ණ වාර්තාවක් සකස් කළ බව පෙන්වාදුන් විදේශ අමාත්‍යවරයා, සත්‍යය සෙවීම සහ වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීම වැනි කටයුතු වෙනුවෙන් එම වාර්තාව උපයෝගී කරගන්නා බව සඳහන් කළේය. කෙසේ නමුත් යුද අපරාධ චෝදනා සම්බන්ධ පරීක්ෂණ මණ්ඩලයට විදේශීය විනිසුරුවරුන් අනිවාර්යයෙන්ම සම්බන්ධ කරගත යුතු බවට සංහිඳියාව උදෙසාවන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය ඉදිරිපත් කළ නිර්දේශය ප්‍රතික්ෂේප කරන බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා අවධාරණය කළේය." -sri-lanka-49909496,https://www.bbc.com/sinhala/sri-lanka-49909496,"ගෝඨාභය පුරවැසි පෙත්සම: ""ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ මුල් අයදුම්පත් හා ලියකියවිලි නැහැ""",ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම අද (ඔක්තෝබර් 02) ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.,"පෙත්සම කැඳවූ අවස්ථාවේදී ආගමන හා විගමන පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ කරුණු දක්වමින් වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ මුල් අයදුම්පත් හා ලියකිවිලි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නොමැති බව අධිකරණයට දැනුම් දුන්නේය. එම අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු දක්වමින් එම ලියකියවිලි නොමැතිව මෙම නඩු විභාගය පවත්වාගෙන යාමෙන් තම සේවාදායකයාට දැඩි අගතියක් සිදුවන බව පෙන්වා දුන්නේය. මහේස්ත්‍රාත් අධිකරණයක් හමුවේ පැවැත්වෙන මේ දක්වා අවසන් කර නොමැති පරීක්ෂණයක කරුණු පදනම් කරගෙන මේ ආකාරයෙන් පෙත්සමක් ඉදිරිපත් කර එය විභාගයට ගැනීම බරපතළ ලෙස ගැටලු සහගත බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා යම් හෙයකින් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පැවැත්වෙන පරීක්ෂණයෙන් තම සේවාදායකයා නිදොස් යැයි තීරණයකට පැමිණියහොත් මෙම පෙත්සමට පාදක වන කරුණු පදනම් විරහිත වනු ඇති බවද සඳහන් කර සිටියේය. මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පැවැත්වෙන මෙම නඩුවට අදාළ පරීක්ෂණය සම්බන්ධ ලේඛන ලබා දෙන මෙන් තමන් මීට පෙර දින අධිකරණය හරහා අනෙකුත් වගඋත්තර කරුවන්ගෙන් ඉල්ලීම් කර තිබුණත් එම ලේඛන වලින් තෝරාගත් කොටස් කිහිපයක් පමණක් තමන් වෙත ලබාදී ඇති බවත් සම්පූර්ණ ලේඛන ගොනුව නොමැතිව මෙම නඩුව හා සම්බන්ධව කරුණු දැක්වීමෙන් තම සේවාදායකයාට දැඩි අගතියක් සිදු විය හැකි බවද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයට කියා සිටියේය. ඒ හේතුවෙන් මෙම පෙත්සම විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කර සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා එය ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එයට පිළිතුරු දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ කියා සිටියේ වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කරන ලද මෙම විරෝධතාව පිළිබඳව ඉදිරියේ දී කරුණු සලකා බලන බවය. කෙසේ වෙතත් සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ පෙත්සම්කරුවන්ට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව දුන්නේ, ඒ සඳහා ඔවුන්ට ඉඩ දිය යුතු බව පෙන්වා දෙමිනි. පෙත්සම් ඉදිරිපත් කළ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ වෙනුවෙන් පෙනීසිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු කරුණු දක්වමින් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිකුත් කර තිබෙන පුරවැසි සහතිකය නීතිය ඉදිරියේ බලරහිත ලියවිල්ලක් බවය. පුරවැසි පනතේ 19 වන වගන්තියට අනුව ද්විත්ව පුරවැසිභාවය නිකුත් කිරීමට බලය පැවරෙන්නේ එම විෂයභාර අමාත්‍යවරයාට පමණක් බව ද නීතිඥ සුරේන් ප්‍රනාන්දු කියා සිටියේය. ��හෙත් ගෝඨාභය රාජපක්ෂට පුරවැසි භාවය පිළිබඳව සහතිකය නිකුත් කරනු ලැබ තිබෙන්නේ අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් නොව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ බව පෙන්වා දුන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු එය නීති විරෝධී බව ප්‍රකාශ කළේය. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ සතු බව පවසන ද්විත්ව පුරවැසි සහතිකය නීතිය ඉදිරියේ බලරහිත ලියවිල්ලක් බව නීතිඥ සුරේන් ප්‍රනාන්දු ගේ තර්කය විණි. වගඋත්තරකාර ආගමන හා විගමන පාලක සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක බලය ජනාධිපතිවරයාට පැවරෙන බව සඳහන් කළ අතර අමාත්‍ය මණ්ඩලයක් පත් කර නොතිබුණ ද එම බලතල ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන බව කියා සිටියේය. යම් අවස්ථාවක පුරවැසි පනත පිළිබඳ විෂයභාර අමාත්‍යවරයෙකු පත් කර නොතිබුණත් එම අමාත්‍යවරයා සතු බලතල ජනාධිපතිවරයා වෙත පැවරෙන බව ද ඔහු සඳහන් කරන්නට යෙදිණි. මෙම පෙත්සම ගැන වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා හෙට දහවල් 1.30ට එය යළි කැඳවීමට නියමිතය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කළ බව සඳහන් කරමින් අවිධිමත්ව මෙරට දී විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැදුනුම්පතක් ලබා ගෙන ඇති බව පෙත්සම්කරුවන් ගේ චෝදනාව වී තිබේ. විධිමත් පුරවැසි සහතිකයක් ඉදිරිපත් නොකොට මෙම බලපත්‍ර ඔහු ලබාගෙන තිබෙන බවට තමන් වෙත තොරතුරු ලැබී ඇතැයි චෝදනා කරන පෙත්සම්කරුවෝ එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත නිකුත් කර ඇති ආකාරය නීතියට පටහැනි බව ද කියා සිටිති. ගෝඨාභය රාජපක්ෂට විදේශ ගමන් බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටින පෙත්සම්කරුවන්, පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ද සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ. ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රය අවිධිමත්ව ලබාගත් බවට සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක වන බවට පසුගිය 20 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද අධිකරණයට කරුණු වාර්තා කළේය. ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවී හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල මැතිවරණ ‍කොට්ඨාසය යටතේ 2005 වාර්ෂික ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීම ගැනද විමර්ශනයක් සිදුවන බව එහිදී ප්‍රකාශ විය. මේ අතර සැප්තැම්බර් 26 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත්කරමින් අධිකරණයට දැන්වුයේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ වාර්තා, ආගමන විගමන දෙපාර්තමේන්තුව හෝ ආරක්ෂක අමාත්‍යංශය සතුව නැතැයි තමන්ට දැනුම්දී ඇති බවය." -131024_jayalalitha,https://www.bbc.com/sinhala/sri_lanka/2013/10/131024_jayalalitha,පොදුරද මඩුලු සමුළුවට ‘ඉන්දීය සහභාගිත්වය එපා’,නොවැම්බරයේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව මුළුමනින් ම වර්ජනය කරන මෙන් ඉල්ලා සිටින යෝජනාවක් තමිල්නාඩු ප්‍රාන්ත සභාව ඒකමතිකව සම්මත කොට ගෙන තිබේ.,යෝජනාව සභා ගත කරමින් මහ ඇමතිනි ජයලලිතා ජයරාම් කියා සිටියේ නාමික වශයෙන් හෝ කිසිදු ඉන්දීය නියෝජිතයකු සමුළුවට සහභාගී නො කළ යුතු බවයි. ශ්‍රී ලංකා රජය පොදු රාජ්‍ය මණ්ඩලීය මූලධර්ම උල්ලංඝනය කිරීම පදනම් කොට ගෙන සමුළුව වර්ජනය කිරීමට තීන්දු කොට ඇති කැනඩා අගමැති ස්ටීවන් හාපර් ගෙන ඇති ස්ථාවරය ඉන්දීය රජයත් ආදර්ශයට ගත යුතු බවයි මහ ඇමතිනිය වැඩි දුරටත් කියා සිටියේ. අට කෝටියක් සාපේක්ෂ වශයෙන් කුඩා දෙමළ ජනගහනයක් සිටින කැනඩාව නාමික නියෝජනයක් පමණක් සිදු කිරීමට තීරණය කරද්දී අට කෝටියක් දෙමළ ජනතාව සිටින ඉන්දියාව සමුළුව මුළුමනින් ම වර්ජනය කිරීමට ස්ථිර සාර තීන්දුවක් නොගැනීම කනගාටුවට කාරණයක් වන අතර ඉන් පෙනී යන්නේ මධ්‍යම ආණ්ඩුව දෙමළ ජනතාවගේ අභිලාෂයන් ට ගරු නොකරන බවකැයි ජයලලිතා ජයරාම් පැවසුවාය. සමුළුව වර්ජනය කරන මෙන් හිටපු තමිල්නාඩු මහ ඇමැති මුතුවේල් කරුණානිධි කළ ඉල්ලීමකට ලිපියකින් පිළිතුරු සපයන ඉන්දීය අගමැති මං මෝහන් සිං කියා තිබුණේ තම සහභාගිත්වය තීරණය කැරෙනු ඇත්තේ දෙමළ ජනතාවගේ අදහස් ඇතුළු අදාල සියලු කාරනා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව බවයි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රද මඩුලු සමුළුව වර්ජනය කිරීමේ ඉල්ලීම තමිල්නාඩුවේ ආණ්ඩු පාක්ෂික මන්ත්‍රීවරුන් හා අමාත්‍යවරුන් සමහරෙක් විසින් ද ඉදිරිපත් කොට තිබේ. -120902_election_unp_nssp,https://www.bbc.com/sinhala/sri_lanka/2012/09/120902_election_unp_nssp,මැතිවරණ දූෂණ සිදුවන බව 'කොමසාරිස් පවා පිළිගන්නවා',තවත් දින කිහිපයකින් පැවැත්වීමට නියමිත පළාත් සභ�� මැතිවරණයේ ප්‍රචාරක ව්‍යාපාරයේ දී දූෂණ සහ වංචා සිදුවන බව මැතිවරණ කොමසාරිස්වරයා පවා පිළිගෙන ඇතැයි විරුද්ධ පක්ෂ නායකයෝ පවසති.,"අනුරාධපුර සහ අම්පාර දිස්ත්‍රික්කවල උත්සන්න වන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳවද කොමසාරිස්වරයාට පැමිණිලි ලැබී තිබේ මැතිවරණ නීති උල්ලංඝනය කරන දේශපාලන නායකයන්ගේ නිවාසවලට කඩා පැනීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණ කිරීම එයට හොඳම සාක්ෂිය බවයි, නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ. එමෙන්ම මැතිවරණය පැවැත්වෙන සමයේ රාජ්‍ය නිලධාරීනට ලබා දී ඇති ස්ථාන මාරු අවලංගු කිරීමට කොමසාරිස් මහින්ද දේශප්‍රිය පියවර ගැනීම ඔහු පෙන්වා දෙන තවත් උදාහරණයක්. ""රාජපක්ෂලාගේ හොර ඡන්දයක් කියලා දැන් කවුරුවත් කියන්න අවශ්‍ය නෑ ඒකට හොඳම සාක්ෂි කරුවා මැතිවරණ කොමසාරිස්වරයා"" නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ""රාජපක්ෂලාගේ හොර ඡන්දයක් කියලා දැන් කවුරුවත් කියන්න අවශ්‍ය නෑ ඒකට හොඳම සාක්ෂි කරුවා මැතිවරණ කොමසාරිස්වරයා,"" බව ද ආචාර්ය කරුණාරත්න පැවසීය. 'කොම්පියුටර් ජිල්මාට්' මේ තත්ත්වය යටතේ එළැඹෙන මැතිවරණයේ තීන්දුව පිලි ගැනීමට තමන් සූදානම් නැති බව ද විරුද්ධ පක්ෂ පවසති. සාධාරණ මැතිවරණයක් පැවැත්වුන හොත් උතුරු මැද සහ සබරගමු පළාත් ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව තිබෙන බවයි, මාධ්‍ය හමුවට එක්ව සිටි පක්ෂයේ මාද්‍ය ඒකකයේ ප්‍රධානී මංගල සමරවීර මන්ත්‍රීවරයා කියා සිටියේ. ""කොම්පියුටර් ජිල්මාට්"" යොදා ගනිමින් ආණ්ඩු පක්ෂය දිගටම මැතිවරණ ජයග්‍රහණය කරන බවට පැතිර යන ප්‍රචාරය ද ආණ්ඩුවේ ප්‍රචාරක ව්‍යාපාරයේම කොටසක් බවත් මන්ත්‍රීවරයා පවසයි. ""අපි ජනතාවට කියන්නේ ඔය කොම්පියුටර් ජිල්මාට් කතාව බොරුවක්. ඒකට රැවටෙන්න එපා. හරියට චන්දෙ පාවිච්චි කළොත් අනිවාර්යයෙන්ම මේ පළාත් සභා තුනම ජයග්‍රහණය කිරීමේ හැකියාව පිට තියෙනවා,"" යයි ද සමරවීර මන්ත්‍රීවරයා පැවසීය. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා" -140928_bbs_wirathu,https://www.bbc.com/sinhala/sri_lanka/2014/09/140928_bbs_wirathu,වීසා දීමට මැදිහත් වූ ජනපතිට තුති -විරතු හිමි,මුස්ලිම් සංවිධානවල විරෝධය මධ්‍යයේ තමාට වීසා ලබා දීමට මැදිහත් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ස්තුතිය පුද කරන බව බුරුමයේ අශින් විරතු හිමියෝ පවසති.,"බුරුමයේ මුස්ලිම් විරෝධී ප්‍රහාරයන් දියත් කළ බවට චෝදනා ලැබ සිටින ��ශින් විරතු හිමි විරතු හිමියන් මේ බව කියා සිටියේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති බොදු බල සේනා මහ සමුළුව අමතමින්. බුරුමයේ මුස්ලිම් විරෝධී ප්‍රහාරයන් දියත් කළ බවට චෝදනා ලැබ සිටින අශින් විරතු හිමියන්ට ලංකාවට පැමිණීම සඳහා විසා ලබා නොදෙන මෙන් මුස්ලිම් සංවිධාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණි. 'මුස්ලිම් අන්තවාදය' බොදු බල සේනා මහ සමුළුව අමතමින් බුරුමයේ අශින් විරතු හිමියන් තව දුරටත් කියා සිටියේ ලෝක බලවතුන් ක්‍රියාත්මක වී ඇති බවයි. 'එකිනෙකා මරා ගනිමින් ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදයට ලෝක මාධ්‍ය නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටී. ලෝක බලවතුන් ප්‍රමුඛ මාධ්‍ය ව්‍යාපාරය ආර්ථිකමය, තාක්ෂණිකමය සන්නද්ධ බලය බෞද්ධයන්ට විරුද්ධව ක්‍රියාත්මක කරමින් සිටී. ජිහාඩ්වාදීන් විසින් ලෝක බෞද්ධ මතය නොමඟ යවා ඇත. අන්තවාදී මිනීමරුවන් නිවැරදිකරුවන් ලෙසත් අවිහිංසාවාදී බෞද්ධයන් වැරදිකරුවන් ලෙසත් හංවඩු ගැසීමටත් මෙම අන්තවාදීන් කටයුතු කරයි.' විරතු හිමියෝ පවසති. බොදු බල සේනාවේ මහ සමුළුවට ආදිවාසී නායකයන්ද සහභාගී වීම විශේෂත්වයක් බවයි එය වාර්තා කළ ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න පවසන්නේ. 'සිංහල දේශය' රාජ්‍යය නම් කිරීමේදී සිංහල ජනරජය ලෙස හෝ සිංහල දේශය ලෙස උච්චාරණය කිරීමට සැලැස්විය යුතු බවත් ජාතික දිනය ලෙස වෙසක් දිනය නම් කළ යුතු බවත් මෙම සමුළුවේ දී බොදු බල සේනාවේ විධායක නිලධාරී ආචාර්ය දිලන්ත විතානගේ ප්‍රකාශ කළේය. බොදු බල සේනාවේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කියා සිටියේ තම සංවිධානය කිසිවෙකුටත් විනාශ කළ නොහැකි බවයි. 'පක්ෂ දේශපාලනය නිසා විනාශ කරපු මේ ජාතිය නැවත වතාවක් කෙලින් කරලා හදන්න ඕනෑ. ඒකට උඹලට නායකත්වය ගන්න බැරි නම් ඒ නායකත්වය අපි දෙන්න ලෑස්තියි,' පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසුහ." -world-47296491,https://www.bbc.com/sinhala/world-47296491,ටෙස්ට් ක්‍රිකට්: ඩර්බන් පෙරළියට පෙර ශ්‍රී ලංකාව ලබාගත් තියුණු ජයග්‍රහණ,පසුගිය සෙනසුරාදා (පෙබරවාරි 16) ඩර්බන් හීදී ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායම පරදවා ලබාගත් සුවිශේෂී ජයග්‍රහණය ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ අවධානයට ලක්විය.,"ඒ මෙවැනි ආකාරයට හඹා ගොස් ලබාගත් තෙවැනි තියුණුම ජයග්‍රහණය එය වීම නිසාය. 1981 දී ටෙස්ට් වරම් දිනාගත් ශ්‍රී ලංකාව මේ වනවිට තරඟ 282කට සහභාගි වී ඇති අතර ඉන් තරඟ 89ක් ජයගෙන 107ක් පරාජය වී තිබේ. මෙතෙක් ශ���‍රී ලංකාව හඹා ගොස් ලබා ඇති තියුණුම ටෙස්ට් ජයග්‍රහණ දෙකක් ගැන පසුවිමසුමකි, මේ. ප්‍රථම ඉනිමේදී අර්ජුන රණතුංග දැවීයන අයුරු දිනය: 2000 පෙබරවාරි 26 ස්ථානය: රාවල්පිණ්ඩි, පාකිස්තානය මෙම තරඟයේ ශ්‍රී ලංකා පිළ මෙහෙයවනු ලැබුවේ සනත් ජයසූරිය විසිනි. පාකිස්තාන කණ්ඩායමේ නායකතත්වය දැරුවේ ෂයිඩ් අන්වර් විසිනි. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය ලකුණු 182කට දැවී ගියේය. ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ මුත්තයියා මුරලිදරන් කඩුලු හතර බැගින් දවා ගත්හ. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ අරවින්ද ද සිල්වා රැස් කළ ලකුණු 112 සමග සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 353ක් රැස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. චමින්ද වාස් නොදැවී ලකුණු 53 ක් රැස් කිරීම කැපී පෙනිණ. තම දෙවන ඉනිම වඩාත් ශක්තිමත් කරගත් පාකිස්තානුවෝ ලකුණු 390 ක් රැස් කළහ. යුනිස් ඛාන් ලකුණු 107ක් රැස් කළේය. මුරලිදරන් දෙවන ඉනිමේ ද කඩුලු හතරක් දවා ගත්තේය. තරඟයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 220 ක් ලබාගත යුතු විය. මෙම තොරතුරුත් කියවන්න: වකාර් යුනිස් සහ අබ්දුර් රසාක් ප්‍රමුඛ පකිස්තානු වේග පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි තර්ජනයක් එල්ල කළ අතර කඩුලු 5 ක් දැවී ලකුණු 146 ව තිබියදී ඒ වනවිට හොඳින් පන්දුවට පහර දෙමින් සිටි අර්ජුන රණතුංග තුවාල ලැබීය. මහපට ඇඟිල්ලේ සිදුවූ ආබාධිත තත්වය නිසා ඔහු නැවත ක්‍රීඩාගාරයට ගියේ ශ්‍රී ලංකා බලාපොරොත්තු බොඳ කරමිනි. ඉන්පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු එකපිට එක වැටෙන විට රණතුංග නැවත පිටියට පිවිසියේය. එවිට කඩුලු 8 ක් දැවී ගොස් ලකුණු 177 ක් පමණක් ලබාසිටි ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට රණතුංග (නොදැවී 29) සහ රුමේෂ් කළුවිතාරණ (නොදැවී 36) සමත් වූහ. තරඟයේ වීරයා: අරවින්ද ද සිල්වා මහරූෆ් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන ගියේය දිනය: 2006 අගෝස්තු 4 ස්ථානය: පී සරවනමුත්තු ක්‍රීඩාංගනය, කොළඹ කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති ප්‍රථම ටෙස්ට් තරඟය ඉනිමකින් සහ ලකුණු 153න් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම, සරවනමුත්තු පිටියේ පැවති දෙවැනි ටෙස්ට් තරඟයට පිවිසියේ ජයග්‍රාහී මානසික තත්වයකිනි. කාසියේ වාසිය දිනාගත් සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ඇස්වෙල් ප්‍රින්ස්, ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒඩීබි ඩිවිලියර්ස් ලබාගත් ලකුණු 95 හේ පිහිටෙන් තම මුල් ඉනිමට ලකුණු 361 ක් රැස් කිරීමට සංචාරක කණ්ඩායම සමත් විය. මුත්තයියා මුරලිදරන් කඩුලු 5ක් දවාගත්තේය. චාමර කපුගෙදර (63) සහ චමින්ද වාස් (64) ලබාගත් අර්ධ ශතක සමග ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 321 ක් රැස් කළේය. දකුණු අප්‍රිකානුවන්ට මුත්තයියා මුරලිදරන් දෙවන ඉනිමේදී ප්‍රබල තර්ජනයක් එල්ල කළද, හර්ෂල් ගිබ්ස් රැස් කළ ලකුණු 92 පිහිටෙන් තම දෙවන ඉනිමට ලකුණු 311 ක් දක්වා ශක්තිමත් කර ගැනීමට සංචාරක කණ්ඩායම සමත් විය. පරාජය වූ දකුණු අප්‍රිකානු කණ්ඩායම මුත්තයියා මුරලිදරන් ලකුණු 97 කට කඩුලු 5ක් දවාගත්තේය. තරඟයේ ජය සඳහා ලකුණු 352ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල ලෙස උපුල් තරංග බිංදුවකට දැවී ගියේය. ඉන්පසු කුමාර් සංගක්කාර (39) සහ සනත් ජයසුරිය (73) ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළද ඉන්පසු පැමිණි පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට පන්දු යවන්නෝ සමත් වුහ. එක් අවස්ථාවක ලකුණු 279 කට කඩුලු 6 ක් දැවී අසීරු තත්වයක සිටි කණ්ඩායමට ජීවය ලබාදීමට අටවෙනි කඩුල්ල වෙනුවන් පිටියට පිවිසි ෆර්වීස් මහරූෆ් සමත් විය. ඔහු නායක මහේල සමග හත්වෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක් එක් කළේය. නමුත් මුළු ලකුණු සංඛාව 341ක් ව තිබියදී නිකී බෝයේ විසින් මහේල ලකුණු 123කට දවාගැනීමත් සමගම තරඟයේ වාසිය දකුණු අප්‍රිකානු පිළ දෙසට හැරිණි. ඉන්පසු ලකුණු 348දී සහ 350දී පිළිවෙලින් වාස් සහ මුරලිදරන් නැවත ක්‍රීඩාගාරයට යැවීමට ඇන්ඩෘ හෝල් සමත්විය. ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු දෙකක් අවශ්‍යව තිබිණ. අවසාන පිතිකරු ලෙස ලසිත් මාලිංග පිටියට පිවිසෙන විට සරවනමුත්තු ක්‍රීඩාගාර වල සිටි ක්‍රීඩා ලෝලීහු අපේක්ෂා භංගත්වයට පත්ව ඇති සෙයක් දිස්විණ. නමුත් මහරූෆ් (නොදැවී 29) සහ මාලිංග (නොදැවී 1) ඊළඟ පන්දු ඕවරයේදී අවශ්‍ය ලකුණු දෙක ලබාගනිමින් ශ්‍රී ලංකාවට කඩුලු එකක තියුණු ජයක් ලබාදීමට සමත් වුහ. තරඟයේ වීරයා: මහේල ජයවර්ධන" -sri-lanka-36713414,https://www.bbc.com/sinhala/sri-lanka-36713414,පොලිසිය වෙනස් විය යුතුයි - පොලිස්පති,මහජන අවශ්‍යතාවලට අනුකූලව සමස්ත පොලිස් පද්ධතියම වෙනස් විය යුතු බව නව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසයි.,"''පොලිස් පද්ධතිය වෙනස් වෙන්න ඕන මහජන අවශ්‍යතාවට අනුව. ඒ නිලධාරීන් හැදෙන්න ඕන, වෙනස් වෙන්න ඕන, ව්‍යුහය වෙනස් වෙන්න ඕන.'' පොලිස්පතිවරයා ඒ බව කියා සිටියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 14 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තලයට උසස් කිරීමට අදාළ පත්වීම් ලිපි ලබා දීමේ උත්සවයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මහජන මිත්‍රශීලී, ගෞරවනීය හා වෘත්තීය මට්ටමේ පොලිසියක් ලෙස ශ්‍රී ලංකා පොලිසිය ඉදිරියට ගෙන යාමට ලැබී ඇති අවස්ථාව මග හැරුණ හොත් ඉදිරියේදී එවන් අවස්ථාවක් ලැබෙනු ඇතැයි යන්න සැක සහිත බවත් පොලිස්පති පුජිත් ජයසුන්දර සඳහන් කළේය. ''අවබෝධාත්මක රාජ්‍ය තන්ත්‍රයක්, පැහැදිලි අවබෝධාත්මක විධායක සහ ව්‍යවස්ථාදායක පාලනයක් ලැබුණු අවස්ථාවේදී අපිට අපගේ වගකීම ඉටු කර ගන්න බැරි වුනොත් කවදාවත් අපිට මෙවැනි අවස්ථාවක් එයි කියලා හිතන්න අමාරුයි, එයි ඒත් අමාරුයි.'' ඔහු පැවසීය. මහජන අවශ්‍යතාවලට අනුකූලව සමස්ත පොලිස් පද්ධතියම වෙනස් විය බව සඳහන් කළ පොලිස්පතිවරයා පුද්ගලික න්‍යාය පත්‍ර ඉවත් කර ඉදිරියට යාමට පොදු වැඩසටහනක් සකස් කරමින් සිටින බවයි කියා සිටියේ. 'දුර්වලතා සහ අඩුපාඩු' ''පොලිස් පද්ධතිය වෙනස් වෙන්න ඕන මහජන අවශ්‍යතාවට අනුව. ඒ නිලධාරීන් හැදෙන්න ඕන, වෙනස් වෙන්න ඕන, ව්‍යුහය වෙනස් වෙන්න ඕන.'' පොලිසියේ දුර්වලතා හා අඩුපාඩු ඇති බව තමන් පිළිගන්නා බව ප්‍රකාශ කළ පොලිස්පති පූජිත් ජයසුන්දර විශේෂ පොලිස් කාර්ය බලකායේ ප්‍රධානියා මාධ්‍ය සම්බන්ධයෙන් පසුගියදා කළ බවට චෝදනා එල්ල වූ තර්ජනාත්මක ප්‍රකාශය පිළිබඳවත් අදහස් පළ කළේය. ඵලදායි විවේචන ඉදිරිපත් කරන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටි පොලිස්පතිවරයා නමුත් මහජනයාට රාජ්‍ය තන්ත්‍රයට වැදගත් නොවන පුවත් පළ කිරීමෙන් කිසිවකුට සෙතක් නොවන බවයි පෙන්වා දුන්නේ. පොලිසිය සහ මාධ්‍ය ''ලියන දෙයකින්, දාන දෙයකින් කිසිම සෙතක් වෙන්නේ නැහැ මනජනතාවට. හිනාවක් යන එක සහ තවත් පුවතකින් පහුවදාට ඒක මැකෙන එකයි වෙන්නේ, ඒ නිසා ඵලදායි සුභවාදී විවේචන කරන්න, මාධ්‍ය ඒක කරනවා.'' උත්සවය අතරතුර පොලිස්පතිවරයා පොලිසියේ පහළ නිලධාරීන්ගේ උසස් වීම් ගැටලුව පිළිබඳවත් අදහස් පළ කළේය. ''ඉහල නිලධාරීන්ගේ වගේම පහළ නිලධාරීන්ගේ උසස් වීම් ලබා දෙන්නත් අපි කටයුතු කර යනවා.'' පොලිසියේ පහළ නිලධාරීන්ගේ උසස් වීම් තරගකාරී අයුරින් දක්ෂතාවලට අනුකූලව ඉදිරියේදී ලබා දෙන බවයි පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ." -160214_smbp_valentines_deepthi_kumara,https://www.bbc.com/sinhala/sri_lanka/2016/02/160214_smbp_valentines_deepthi_kumara,වැලන්ටයින් : 'සිංහල බෞද්ධ මතවාදය පැරඩොක්ස් එකක',"ජාති ආගම්, කුල ගෝත්‍රවලට ලඝු නොවන විශ්ව භාෂාවක් වූ ආදරය සමරනු වස් සුවිශේෂී දිනයක් අවශ්‍යද?","'අලුත් අවුරුද්ද, වෙසක්, නත්තල වැනි උත්සව ��ල සම්ප්‍රදායන් වඩ වඩා වාණිජකරණයත් එක්ක දිය වී යද්දී වාණිජකරණය තුළින්ම මතු වන පරමාදර්ශ අපි වැළඳ ගත යුතුයි' ආදරය සැමරීම සඳහා සුවිශේෂී දිනයක් අවශ්‍ය නැති බවට ඇතැමෙක් තර්ක කරන අතර එදිනෙහි වැදගත්කමක් ඇති බව තවත් සමහරෙක් පවසති. වැලන්ටයින් දිනය හෙවත් ආදරවන්තයන්ගේ දිනය සැමරීමට විරුද්ධ ඇතැම් කණ්ඩායම් පිළිබඳ අසල්වැසි ඉන්දියාව සහ පාකිස්ථානයෙන් අසන්නට ලැබේ. ආදරවන්තයන්ගේ දිනය සැමරීම තහනම් කිරීමට පාකිස්තානයේ වයඹ දිග පිහිටි දිස්ත්‍රික්කයක බලධාරීන් කටයුතු කොට තිබිණ. මේ අතර තවත් සමහරුන්ගේ මතය වී ඇත්තේ වැලන්ටයින් දිනය පිටුපස ඇත්තේ හුදෙක් වාණිජ අරමුණක් පමණක් බවයි. කෙසේ නමුත් වාණිජ අරමුණු මූලික කොට ගත් සමාජයක ආදරය කිරීමට හුරුපුරුදු විය යුතු බවයි, සත්හඬ පුවත්පතේ කර්තෘ දීප්ති කුමාර ගුණරත්න පවසන්නේ. ''ඉස්සර පිරිමියා ගැහැණිය යටත් කර ගෙන ආදරය කළේ. දැන් එහෙම බැහැ.'' 'අලුත් අවුරුද්ද, වෙසක්, නත්තල වැනි උත්සව වල සම්ප්‍රදායන් වඩ වඩා වාණිජකරණයත් එක්ක දිය වී යද්දී වාණිජකරණය තුළින්ම මතු වන පරමාදර්ශ අපි වැළඳ ගත යුතුයි' ඔහු සඳහන් කළේ බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. රාජපක්ෂ පාලනය අනුගමනය කළ 'වසර දෙදහස් පන්සියයක සම්ප්‍රදාය' අවසන් වී ශ්‍රී ලංකාවටද ආදරය වෙනුවෙන් දිනයක් පැමිණ ඇති බවයි සත්හඬ පුවත්පතේ කර්තෘවරයා සඳහන් කළේ. සිංහල ජාතිකවාදය ''එයින් අදහස් වෙන්නේ මේ දිනයේ පමණක් ආදරය සමරනවා කියන දේ නොවෙයි. සාමූහික වශයෙන් ආදරය සංකේතවත් කරන දවසක්. මේ සඳහා උපුල් ශාන්ත සන්නස්ගල යම් කිසි උත්සාහයක නිරත වුනා වසර හත අටකට පෙර.'' සිංහල බෞද්ධ මතවාදය මුල් කර ගත් ජාතිකවාදය වෙනුවෙන් සමාජ මාධ්‍යය ජාල තුළ පෙනී සිටින බටහිර විරෝධී ආකල්ප දරන ඇතැම් පිරිස් බටහිර කිතුනු සම්ප්‍රදායෙන් ශ්‍රී ලංකාව ඇතුළු පෙරදිග රටවලට පැමිණි වැලන්ටයින් දිනය උනන්දුවෙන් සමරන බව පැහැදිලිව දක්නට ලැබෙන්නක්. මෙය පැහැදිලි පරස්පරයක් නොවන්නේද? සත්හඬ පුවත්පතේ කර්තෘ දීප්ති කුමාර ගුණරත්න ''ඔව් එතන පැරඩොක්ස් එකක් තිබෙනවා. එයින් අදහස් වෙන්නේ ආදරයට පවා ප්‍රතිවිරෝධතා මඟහැරලා තවදුරටත් ජීවත් වෙන්න බැහැ කියන එක. ඉස්සර පිරිමියා ගැහැණිය යටත් කර ගෙන ආදරය කළේ. දැන් එහෙම බැහැ. ඒ නිසා තමයි අන්තර්ජාලය තුළ සිංහල ජාතිකවාදය වෙනුවෙන්ම පෙනී සිටින අයට කිසි ගැටළුවක් නැතිව මේ කතෝලික ශාන්තුවරයා වෙනුවෙනුත් හඬ පොවන්න හැකි වෙලා තියෙන්නේ.'' වැලන්ටයින් දිනය වෙනුවෙන් සිහිවටන, සැමරුම් පත් ඇතුළු වෙළඳ භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ සහ මිළදී ගැනීමේ වරදක් තමා නොදකින බවත් ඔහු පැවසීය. ""ඒක නරක දෙයක් නෙවෙයි. අපි මෙයට පුරුදු විය යුතුයි. මොකද ලංකාව දැන් ධනවාදයට විරුද්ධ නැහැනේ,"" සත්හඬ පුවත්පතේ කර්තෘ දීප්ති කුමාර ගුණරත්න වැඩිදුරත් කියා සිටියේය. ""ලංකාවේ බහුතර ජනයා තවදුරටත් ඉල්ලන්නේ ලංකාවට ප්‍රාග්ධනය එන්න එන්න කියලා. ඔවුන්ට කිව්වත් වැඩක් නැහැ ආදරය වාණිජකරණයට ලක් වෙනවා කියලා. ඔවුන් අහයි අපිට කැමති නම් ඔයා මොනවද කියන්නේ කියලා.""" -130128_cj_rishad_contempt,https://www.bbc.com/sinhala/sri_lanka/2013/01/130128_cj_rishad_contempt,ඇමතිවරයා ට එරෙහි නඩු විභාගයෙන් අගවිනිසුරු ඉවත් වෙයි,අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත naarරිෂාඩ් බදිඋද්දීන් අමාත්‍යවරයා ට එරෙහිව පැවැත්වෙන නඩු විභාගයෙන් තමා ඉවත්වන බව නව අගවිනිසුරුවරයා නිවේදනය කළේය.,"මහේස්ත්‍රාත්වරයා ට මරණීය තර්ජන එල්ල කොට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අමාත්‍ය බදිඋද්දීන් ට එරෙහිව පෙත්සම ඉදිරිපත් කොට තිබේ පදවියේ දිවුරුම් දීමෙන් අනතුරුව කැඳවූ පළමු නඩුවේ දී නව අගවිනිසුරු මොහාන් පීරිස් ඒ බව නිවේදනය කළේය. මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල මන්නාරම හිටපු මහේස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කරන ලද්දක් බැවින් අගවිනිසුරු ලෙසින් මෙන්ම අධිකරණ සේවා කොමිසමේ ප්‍රධානියා වශයෙන් ද තමා මෙම පැමිණිල්ල විභාග කිරීම නුසුදුසු බව ඔහු පැවසීය. ඒ අනුව එම පැමිණිල්ල වෙනත් විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග කරන මෙන් අගවිනිසුරු මොහාන් පීරිස් නියෝග කිරීමෙන් අනතුරුව පෙත්සම මාර්තු මස 13 වැනි දින විභාගයට ගැනීමට නියම කෙරිණ. මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ට ගල් මුල් ප්‍රහාර එල්ල කොට, මහේස්ත්‍රාත්වරයා ට මරණීය තර්ජන එල්ල කොට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අමාත්‍ය රිෂාඩ් බදිඋද්දීන් ට එරෙහිව එම පෙත්සම ඉදිරිපත් කොට තිබෙන්නේ ජ්‍යෙෂ්ට නීතිවේදීන් පස් දෙනකු විසින්. මන්නාරමේ දෙමළ ජාතික ධීවරයන් ගේ නිවාසවලට ගිනි තැබූ බවට චෝදනා එල්ල වූ ප්‍රදේශවාසීන් පිරිසක් අත් අඩංගුවට ගන්නා මෙන් එවකට මන්නාරමේ මහේස්ත්‍රාත්වරයා වූ ඇන්තනි පිල්ලේ ජුඩේසන් නියෝග කිරීමෙන් අනතුරුව එම නියෝගය ඉවත් කරගන්නා මෙන් අමාත්‍යවරයා තමන්ට දුරකතනයෙන් තර්ජනය කළ බව මහේස්ත්‍රාත්වරයා පැමිණිලි කොට තිබිණි. මහේස්ත්‍රාත්වරයා එම නියෝගයට අවනත නොවූ විට ස��ය අධාරකරුවන් ලවා අධිකරණයට ගල් මුල් ප්‍රහාර එල්ල කළ බවට ද අමාත්‍ය රිෂාඩ් බදිඋද්දීන් ට චෝදනා එල්ල වී තිබේ. ඇමතිවරයාගේ එරෙහිව පියවර ගන්නා මෙන් ආණ්ඩුවට බල කරමින් රට පුරාම නීතිවේදීහු එක් දින වර්ජනයක ද නිරත වූහ. වැඩි තොරතුරු සඳහා සබැඳි තේමා" -140306_pieries_meets_navi,https://www.bbc.com/sinhala/sri_lanka/2014/03/140306_pieries_meets_navi,ශ්‍රී ලංකාව දේශපාලන පාපන්දුවක්-විදේශ ඇමති ජී එල් පීරිස්,ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සහ රටවල් කීපයක් කටයුතු කරන අකාරය හේතුවෙන් ජාතීන් අතරේ සංහිඳියාව ගොඩ නගා ගැනීම අසීරු වී ඇති බව විදේශ ඇමති ජී එල් පීරිස් මානව හිමිකම් කොමසාරිස් නවී පිල්ලේට දන්වා සිටි බව ජිනීවා හි පිහිටි ශ්‍රී ලංකා තානපති කාර්යාලය කියා සිටී.,"විදේශ ඇමති ජී එල් පීරිස් මානව හිමිකම් කොමසාරිස් නවී පිල්ලේ ගැසුණු අවස්ථාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කටයුතු කරන ආකාරය සහ රටවල් කීපයක් ශ්‍රී ලංකාව් කෙරේ ඍනාත්මක බලපෑමක් ඇතිවෙන අන්දමින් සොයා බැලීම් හේතුවෙන් ශ්‍රි ලංකාවේ සහ විදේශයන්හි වෙසෙමින් බෙදුම්වාදී පිළිවෙතක් වෙනුවෙන් පෙනී සිටින පිරිස් වඩාත් දරදඬු අකාරයකට කටයුතු කරන බව ඇමති ජී එල් පීරිස් මානව හිමිකම් කොමසාරිස් නවී පිල්ලේට කියා සිටි බව ජිනීවාහි පිහිටි ශ්‍රී ලංකා තානපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්. වෙනත් රටවල මැතිවරණ අවශ්‍යතා පිරිමසා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දේශපාලන පාපන්දුවක් සේ යොදා ගැනීම කනගාටුවට කරුණක් බව විදේශ අමාත්‍යවරයා මානව හිමිකම් කොමසාරිස්වරියට පෙන්වා දුන් බව තානපති කාර්යාල නිවේදනයේ සඳහන්. දෙමළ ජනතාව බහුලව වෙසෙන විදේශ රටවල දේශපාලනඥයන් එම ජනයාගේ ඡන්ද ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ තත්ත්වය ඔවුන්ට වාසිදායක ලෙස පාවිච්චි කරන බව ශ්‍රී ලංකා ආණ්ඩුව දිගින් දිගටම අවධාරණය කර ඇත. මහා කොමසාරිස්වරිය හමුවූ අවස්ථාවේදී ඇය තම වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කළ ආකාරය එක්සත් ජාතීන්ගේ සංවිධානය කෙරේ ඇති විශ්වාසය පලුදු වීමට බලපාන හේතුවක් බව ඇයට විදේශ ඇමතිවරයා පෙන්වා දුන් බවයි, ජිනීවා හි පිහිටි ශ්‍රී ලංකා තානපති කාර්යාලය ප්‍රකාශ කරන්නේ. ජිනිවාහි පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයට සහභාගී වෙන රටවල්වල දුත පිරිස්වල නායකයින් මානව හිමිකම් කොමසාරිස්වරිය මුණගැසීමේ සම්ප්‍රදායක් ඇති බවත්, එම සම්ප්‍රදාය ඉටු කිරීම සඳහා විදේශ ඇමති ජී එල් පීරිස් මානව හිමි��ම් කොමසාරිස් නවී පිල්ලේ මුන ගැසුණු බවත් ජිනීවා හි පිහිටි ශ්‍රී ලංකා තානපති කාර්යාලය කියා සිටී." -world-39320394,https://www.bbc.com/sinhala/world-39320394,රොක් ඇන්ඩ් රෝල්: මියැසි දැවැන්තයා සමුගනියි,රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ පියා ලෙස සැලකෙන සංගීත ශිල්පී චක් බේරී දිවියෙන් සමු ගෙන තිබේ.,"ඔහු ගායකයෙකු මෙන්ම ගිටාර් වාදකයෙකු සහ පද රචකයෙකු ලෙසත් නමක් දිනා ගත් සංගීතඥයෙකි. මිය යන විට ඔහු අනූ වෙනි වියේ පසු විය. දශක හතක වෘත්තීය ජීවිතය තුළ චක් බේරී විසින් ගායනා කරන ලද 'Roll Over Beethoven' සහ 'Johnny B. Goode' ඇතුළු ගීත ගණනාවක් රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත් විය. රොක් ඇන්ඩ් රෝල්වලට වෙනත් නමක්? චාර්ල්ස් ""චක්"" බේරී 1926 වසරේ ඔක්තෝබර් 18 වෙනිදා මිසූරි ප්‍රාන්තයේ දී උපත ලැබීය ඊයේ (මාර්තු 18) පස්වරුවේ ඔහු මිය ගිය බව ඇමරිකාවේ මිසුරි ප්‍රාන්තයේ පොලිසිය තහවුරු කළේය. බීට්ල්ස් සහ රෝලින් ස්ටෝන් සංගීත කණ්ඩායම් විසින් ඔහුගේ ගීත යළි ගයනා කරනු ලැබ තිබේ. ""රොක් ඇන්ඩ් රෝල් සංගීතයට වෙනත් නමක් ලබා දෙනවා නම්, ඔබට එය චක් බේරී ලෙස හඳුන්වන්න පුළුවන්"" බීට්ල්ස් ගායක ජෝන් ලෙනන් වරක පැවසීය." -world-54302746,https://www.bbc.com/sinhala/world-54302746,එක්සත් රාජධානිය: කොරෝනාවෛරසයේ බලපෑමෙන් රාජකීය ආදායමත් පහත වැටී තිබේද?,කොරෝනාවෛරසයේ බලපෑම හේතුවෙන් රාජකීය ගිණුම්වල පවුම් මිලියන 35 ක හිඟයක් ඇතිවිය හැකිය.,"බකිංහැම් මාලිගය සහ වින්ඩ්සර් කාසල් වැනි ස්ථානවලට සංචාරකයන් පැමිණීමට සීමා පැනවීමත් සමග ඉදිරි වසර තුන තුළ ඩොලර් මිලියන 15 ක ආදායමක් අහිමි වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බව රාජකීය ගිණුම් භාරකරු පැවසීය. වසර දහයකින් බකිංහැම් මාලිගය අලුත්වැඩියා කිරීම සඳහා පවුම් මිලියන 369ක අයවැයට තවත් ඩොලර් මිලියන 20ක හිඟයක් ඇති වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රීමත් මයිකල් ස්ටීවන්ස් පැවසීය. ඔහු සඳහන් කළේ අමතර අරමුදල් ඉල්ලා සිටීමට රාජකීය පවුලට කිසිදු අදහසක් නොමැති බවකි. වසංගතය තුළ පවතින ""මූල්‍යමය අභියෝග"" ""අපගේම උත්සාහයෙන් හා කාර්යක්ෂමතාවයෙන්"" කළමනාකරණය කිරීමට රාජකීය ගෘහය උත්සාහ කරන බව ශ්‍රීමත් මයිකල් ස්ටීවන්ස් පැවසීය. අප්‍රේල් මාසයේ දී රාජකීය කාර්ය මණ්ඩලය සඳහා වැටුප් ගෙවීම් තාවකාලිකව නතර කිරීමට ක්‍රියා කළ අතර, නව බඳවා ගැනීම් ද නවතා දමා ඇත. එම කාර්ය මණ්ඩලයට වැටුප් රහිත නිවාඩු හෝ ලබා දී නැත. කොරෝනාවෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා එක්සත් රාජධානි රජය එදිනෙදා ජීවිතයට සීමාවන් පැනවීම ආ��ම්භ කිරීමත් සමගම, ප්‍රකාශිත මුල්‍ය වාර්තාවෙන් මාර්තු 31 දක්වා දොළොස් මසක කාලය ආවරණය කෙරේ. වාර්තාවේ හෙළි කර ඇති අනෙකුත් විස්තර අතර: බකිංහැම් මාලිගයේ විදුලි රැහැන් ඇදීම, ජලනල හා තාපක යාවත්කාලීන කිරීම සඳහා වෙන් කර ඇති පවුම් මිලියන 33 ද ඊට ඇතුළත්ය. සියලුම ප්‍රධාන වියදම් ක්ෂේත්‍රයන්හි වැඩි වීමක් දක්නට ඇත. වැටුප් ලේඛනයේ සිට (පවුම් මිලියන 24.4 දක්වා, පවුම් මිලියන 1.2 කින් ), සංචාරය කිරීම සඳහා (පවුම් මිලියන 5.3 දක්වා, පවුම් 700,000 කින් ), ගෘහ පාලනය සහ ආගන්තුක සත්කාරය (පවුම් මිලියන 2.6 දක්වා, පවුම් 300,000 කින්) වියදම් වැඩි වී තිබේ. හැරී කුමරු සහ මේගන් කුමරියගේ දකුණුදිග අප්‍රිකානු සංචාරය පසුගිය වසරේදී වඩාත්ම මිල අධික නිල විදෙස් සංචාරයයි 'ෆ්‍රොග්මෝර් කොටේජ්' සඳහා කුලියට මෙන්ම අලුත්වැඩියා කිරීම වෙනුවෙන් හැරී කුමරු සහ මේගන් 2018-19 දී වැය කළ පවුම් මිලියන 2.4ක මුදල වියදම් වැඩි වීමට ""සැලකිය යුතු දායකත්වයක්"" ලබා දී ඇති බව මාළිගාවේ ජ්‍යෙෂ්ඨ ආරංචි මාර්ගයක් සඳහන් කරයි. එය ලබන වසරේ වාර්තාවෙන් අනාවරණය වනු ඇත. ස්වෛරී ප්‍රදාන සඳහා අරමුදල් සපයනු ලබන්නේ රාජකීය දේපළෙන් ලැබෙන ලාභයෙනි. පවුම් බිලියන ගණනක් වටිනා එම දේපළ ලන්ඩන් නුවර රීජන්ට් වීදියේ සිට ඇස්කොට් තුරඟ තරඟ පිටිය දක්වා විහිදේ. ස්වාධීන සංවිධානයක් එම දේපළ කළමනාකරණය කරනු ලබන අතර, එයින් ලැබෙන ලාභය එක්සත් රාජධානියේ සියලුම බදු ගෙවන්නන්ගේ ප්‍රයෝජනය සඳහා භාණ්ඩාගාරයට ගෙවනු ලබයි. බ්‍රිතාන්‍ය කිරීටය අහෝසි කරන ලෙසට හඬ නගන කණ්ඩායමක් වන 'රිපබ්ලික්' කියා සිටින්නේ ස්වෛරී ප්‍රදානය ""පිස්සුවක්"" වන අතර එය අහෝසි කළ යුතු බවය. ""අවශ්‍ය සෑම පුද්ගලයකුටම උපරිම ප්‍රතිකාර ලබා දීමට රෝහල්වලට නොහැකි විට, ගුරුවරුන් අවශ්‍ය පොත්පත් හා උපකරණ සඳහා මුදල් ගෙවීමට වෙහෙසෙන විට සහ පොලීසිය පිරිස් බලයෙන් හීනව කඩා වැටීමට ආසන්න වාතාවරණයක රාජකීය ගමන් වියදම් 15%කින් වැඩිවීම අපකීර්තියක්,"" යැයි 'රිපබ්ලිකන්' කණ්ඩායමේ ප්‍රධාන විධායක ග්‍රැහැම් ස්මිත් පැවසීය. පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරන ලද වෙනත් ගිණුම් වලින් පෙනී යන්නේ රාජකීය දේපොළවලින් පසුගිය මූල්‍ය වර්ෂය සඳහා භාණ්ඩාගාරයට ඩොලර් මිලියන 345ක ලාභයක් ලැබී ඇති බවය. නමුත් කෝවිඩ් -19 හේතුවෙන් අනාගතයේ එල්ලවිය හැකි මූල්‍ය බලපෑම් පිළිබඳ අවධානය යොමු වී තිබේ. මේ තොරතුරුද කියවන්න:" -140503_lanka_unp_demo,https://www.bbc.com/sinhala/sri_lanka/2014/05/140503_lanka_unp_demo,මත්තල ප්‍රහාරයේ දෝංකාරය හම්බන්තොට නගරයේ,එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් සෙනසුරාදා හම්බන්තොට නගරයේ දී විරෝධතා ව්‍යාපාරයක නිරත වෙමින් සිටියහ.,"එම විරෝධතා ව්‍යාපාරය දියත් කෙරුණේ, පසුගියදා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ නැරඹීමට ගිය එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කල්ලියක් විසින් එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමටයි. එම ප්‍රහාරයට සම්බන්ධවූවන් අත්අඩංගුවට ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ සටන් පාඨ හඬ නගමින් සිටියහ. හම්බන්තොට පොලිසිය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් ගෙනගිය ඔවුහු මත්තල ප්‍රහාරකයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය අසමත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය ද විවේචනයට ලක් කළහ. සිද්ධියට සති දෙකක කාලයක් ගත වී ඇතත් ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පහර දුන් මාධ්‍යවේදීන්ගේ කැමරා කුඩු කළ,පිස්තෝල රැගෙන දිව ආ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට කිසිදු පියවරක් තවමත් ගෙන නැති බවයි,මත්තල ප්‍රහාරයට ගොදුරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා කියා සිටියේ. පොලිසියේ මග හැරීම පොලිසිය අඩු ගන්නේ ප්‍රකාශයක් වත් ලියා ගැනීමට පියවර ගෙන නැති බවයි,මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ. ඉහත කී ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කොට නියමිත් පියවර නොගත්තොත් තම පක්ෂය ඊළඟ පියවර ගන්නා බවයි එක්සත් ජාතික පක්ෂයේ වැඩබලන නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය කියා සිටියේ. එම සිද්ධිය රට නින්දාවට පත් කිරීමක් වන බවයි එජාප වැඩබලන නායකගේ විග්‍රහය වුණේ. ඉහත කී ප්‍රහාරය හම්බන්තොට දිස්ත්‍රික්කයට ම අපහාසයක් වන බවයි, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස කියා සිටියේ." -150413_mahinda_campaign_helicopters,https://www.bbc.com/sinhala/sri_lanka/2015/04/150413_mahinda_campaign_helicopters,මහින්දගේ ප්‍රචාරයට හෙලිකොප්ටර්: 'මුදල් ගෙවා නෑ',හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් යොදා ගත් ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා වෙනුවෙන් තවමත් මුදල් ගෙවා නැති බව ආරක්ෂක අමාත්‍යාංශය සනාථ කළේය.,"හිටපු ජනපතිවරයාගේ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් යොදාගත් ගුවන් හමුදා යානා වෙනුවෙන් 'මුදල් ඉල්ලා දැනුම්දීමක් කරනවා' හිටපු ජනපතිවරයාගේ ප්‍රචාරක ව්‍යාපාරයේ යෙදීම පිණිස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් යොදා ගැනුන හෙලිකොප්ටර් චාරිකා 23 ක් ඇතුළු හිටපු අමාත්‍යවරුන්ගේ චාරිකා ගණනාවක් වෙන��වෙන් රුපියල් මිලියන ගණනක මුදලක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයවිය යුතුව තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කොට තිබුණි. හිටපු ජනපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ, සුසිල් ප්‍රේම්ජයන්ත් සහ විමල් වීරවංශ හිටපු අමාත්‍යවරුන් භාවිත කළ හෙලිකොප්ටර් යානා වෙනුවෙන්ද තවමත් මුදල් ගෙවා නැති බවයි පුවත්පත පවසන්නේ. එම වාර්තාව සත්‍ය බව බීබීසී සංදේශය කළ විමසීමකදී සනාථ කළ ආරක්ෂක අමාත්‍යංශයේ ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පවත්වන ලද පරීක්ෂණ වාර්තාවක තොරතුරු මත පුවත්පතේ වාර්තාව පදනම් වී තිබෙන බව කියා සිටියේය. ජනමාධ්‍යවලට අදහස් දැක්වීමට අවසර නොමැති බැවින් සිය නම හෙළි නොකරන මෙන් එම ආරංචි මාර්ගය සංදේශයෙන් ඉල්ලා සිටියේය. ගුවන් හමුදාවට අයවිය යුතුව තිබෙන එම මුදල් ගෙවන මෙන් අදාළ පුද්ගලයන්ට ඉතා ඉක්මනින්ම දැනුම්දීමට කටයුතු කරන බවද ඔහු පැවසීය." -140318_putin-cremilin,https://www.bbc.com/sinhala/world/2014/03/140318_putin-cremilin,ක්‍රිමියාව ගැන ගත් ක්‍රියා මාර්ග සාධාරණයි - පූතින්,ක්‍රිමියාව සම්බන්ධයෙන් රුසියාව ගත් ක්‍රියාමාර්ග සාධාරණීයකරණය කරමින් ජනාධිපති පූතින් දැඩි ප්‍රකාශයක් කොට තිබේ.,"රුසියානු ක්‍රෙම්ලිනයේ, ශාන්ත ජෝර්ජ් ශාලාවේ දී රුසියානු ප්‍රභූවරුන් අමතමින් ඔහු කියා සිටියේ, එක් දහස් නවසිය පනස් හතරේ දී සහ නිරවි යුද්ධය අවසානයේ දී ක්‍රිමියාව යුක්රේන් දේශ සීමාව තුළට ඈදීම වරදක් බවයි. එම කලාපය රුසියාවට ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් බවත් ඔහු ප්‍රකාශ කළේය. ඉකුත් ඉරිදා ක්‍රිමියාවේ පැවැත්වූ ජනමත විචාරණය ජාත්‍යන්තර නීතියට අනුකූල බවයි ජනාධිපති පූතින් අවධාරණය කළේ. ජනතාව තලා පෙළා දැමූ ආණ්ඩු අර්බුදය හේතුවෙන් යුක්රේනයේ සිටින රුසියානුවන් හෙම්බත්ව සිටි බව ඔහු පැවසුවේය. යුක්රේනයේ බෙදීමක් ඇති කිරීමට රුසියාවට අවශ්‍ය නැති බවයි ජනාධිපති පූතින් ප්‍රකාශ කළේ. ක්‍රිමියාවට සිදු වූ දෑ අනිත් කලාපවලටත් සිදු වෙතැයි කෙරෙන ප්‍රකාශයන් විශ්වාශ නොකරන ලෙසට ජනාධිපති පූතින් පැමිණ සිටි පිරිසගෙන් ඉල්ලා සිටියේය." -world-40928368,https://www.bbc.com/sinhala/world-40928368,සියෙරා ලියෝන්: නාය යාමට හසුව සිය ගණනක් මරුට,සියෙරා ලියෝන්හි ෆ්‍රීටවුන් අගනුවර ආසන්නයේ සිදු වූ නාය යාමට හසුව අවම වශයෙන් 179 දෙනෙකුවත් මරණයට පත්ව ඇතැයි රතු කුරුස සංවිධානය පවසයි.,"සඳුදා (අගෝස්තු 14) ඇද හැළුණු ධාරානිපාත වර්ෂාවත් සමග රීජන්ට් කල���පයේ කඳුකර ප්‍රදේශයක සිදු වූ නාය යාමෙන් නිවාස ගණනාවක් යට විය. මඩ සහිත පස් කන්ද කඩා වැටුණු අවස්ථාවේ බොහෝ දෙනා තද නින්දේ සිටින්නට ඉඩ තිබෙන බව ද ඔහු පවසයි. සියෙරා ලියෝන්හි උප ජනාධිපති වික්ටර් බෝකාරි කියා සිටියේ සිය ගණනක් මිහිදන්ව ඇතැයි අනුමාන කළ හැකි බවය. අනතුර සිදු වූ ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඇතැම් පුද්ගලයන් නිවාස තුළ සිරව සිටිය හැකි යැයි බිය පළ වන බවත් උප ජනාධිපතිවරයා රොයිටර් පුවත් සේවයට පවසා තිබේ. සියෙරා ලියෝනය නිරන්තරයෙන් ගංවතුර උවදුරට මුහුණ දෙන අතර, ඒ අවස්ථාවල අනාරක්ෂිත බොහෝ නිවාස ධාරානිපාත වර්ෂාවත් සමග ගසා ගෙන යාම ද සුලබ සිදුවීමකි. 2015 දී ධාරානිපාත වර්ෂාවෙන් අනතුරුව අගනුවර හටගත් ගංවතුරට කොටු වී 10 දෙනෙකු මියගිය අතර, දහස් ගණනකට උන්හිටි තැන් අහිමිවිය." -sri-lanka-38144429,https://www.bbc.com/sinhala/sri-lanka-38144429,සංවර්ධනයට ගොදුරුවන හම්බන්තොට වන සතුන්,ගතවගිය වසර 15 ක පමණ කාලයක සිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන සතුන් වෙසෙන ප්‍රදේශ හෙළි කරමින් සිදු කෙරෙන මහා පරිමාණ සංවර්ධන කටයුතු හේතුවෙන් වන සතුන්ගේ වාසභූමි අහිමි වෙමින් පවතී.,"එහි ප්‍රතිඵලයක් වශයෙන් දිස්ත්‍රික්කයේ අලි මිනිස් ගැටුම වර්ධනය වූ අතර අනෙක් කැලෑ ප්‍රදේශය තුළ වෙසෙන මුවන් ගෝනුන් ඇතුළු වනසතුන් දඩයක්කරුවන්ගේ ගොදුරු බවට පත්වෙමින් තිබේ. වනසතුන් බහුලව වෙසෙන ප්‍රදේශවල පසුගිය රජය දියත් කළ 'වන සංහාරය' වත්මන් රජය ද එලෙසම පවත්වාගෙන යාම කනගාටුවට කරුණක් බව පරිසර සංරක්ෂණ භාරයේ සභාපති සජීව චාමිකර පැවසීය. 'වලව වම් ඉවුරු සංවර්ධන ව්‍යාපෘතිය' සහ පසුගිය රජය ක්‍රියාත්මක කළ මහා පරිමාණ 'අක්‍රමවත් සංවර්ධන කටයුතු' හේතුවෙන් වාසස්ථාන අහිමි වූ අලි ඇතුන් ගම් වැදීමෙන් දැවැන්ත අලි - මිනිස් ගැටුමක් මේ වන විට හම්බන්තොට ආශ්‍රිත ප්‍රදේශ ගණනාවක වර්ධනය වෙමින් තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි. අලි - මිනිස් ජීවිත එහි ප්‍රතිඵලයක් ලෙසින් පසුගිය වසර දෙක තුළ දී පමණක් වගා බිම්වලට පැමිණි අලි ඇතුන් 14 ක් පමණ වෙඩි තබා හෝ විදුලි සැර යොදා ඝාතනය කර ඇති අතර අලි ඇතුන්ගේ ප්‍රහාරයට ලක්ව පුද්ගලයන් අට දෙනකු පමණ මියගොස්, තවත් දෙදෙනකු පූර්ණ ආබාධිත තත්ත්වයට පත් ව සිටින බව හම්බන්තොට වන ජීවී කාර්යාලය පවසයි. හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පිහිටි මහවැලි අධිකාරියට අයත් හෙක්ටෙයාර් තිස්දෙදහසකට (32,000) අධික භූමි ප්‍රමාණයෙන් මේ දක්වා වි���ින් විට සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් හෙක්ටෙයාර් පහළොස් දහසක් පමණ (15,000) ලබා දී ඇති බවත් හම්බන්තොට මයුරපුර මහවැලි කාර්යාලයේ කොට්ඨාශ කළමනාකරු අනුර ශාන්ත සඳහන් කළේය. මේ වන විට වනසතුන් වෙනුවෙන් ඉතිරිව තිබෙන හෙක්ටෙයාර් 15,000 කට අඩු ප්‍රදේශය තුළ වන අලි 450 ක් පමණ ජීවත්වන බව හම්බන්තොට වන ජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩබ්ලිවු එම් ඒ ගුණතුංග පවසයි. කෙසේ නමුත් ඒ ප්‍රදේශය තුළ වනසතුන් සඳහා වෙන් වූ රක්ෂිත ප්‍රදේශයක් වෙන් කර නොමැත. 'නීතිය උල්ලංඝනය කරලා' 1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 වන දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව අක්කර 2.5කට වඩා විශාල වනාන්තරයක් එළි කර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. එහෙත් යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය තුළ මහවැලි අධිකාරියේ මැදිහත් වීමෙන් සිදු කෙරෙන සියළු සංවර්ධන කටයුතු මේ පනත් උල්ලංඝනය කරමින් සිදු කෙරෙන බවට පරිසරවේදී සජීව චාමිකර චෝදනා කරයි. ""සුනාමියෙන් පසුව හම්බන්තොට වෙරල ආශ්‍රිතව සිටි ජනතාව රට අභ්‍යන්තරයේ ගෙනැවිත් පදිංචි කළා. එහිදී වනඅලින්ගේ වාසභූමි විශාල ප්‍රමාණයක් හෙළි පෙහෙළි වුනා. මීට අමතරව 2001 මහවැලි වලව වම ඉවුර ව්‍යාපෘතිය යටතේ හම්බන්තොට, අම්බලන්තොට, සුරියවැව යන ප්‍රදේශ තුළ තිබු විශාල වන වැස්මක් මිනිසුන්ගේ වගාකටයුතු සදහා ඉවත් කිරීමට සිදු වුනා,"" යනුවෙන් හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩබ්ලිවු එම් ඒ ගුණතුංග පැවසීය. වනඅලි කලමනාකරන රක්ෂිතය ප්‍රකාශයට පත් කර වනඅලින්ගේ වාස භූමි සුරක්ෂිත නොවුවහොත් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ අලි මිනිස් ගැටුම ඉදිරියේදී වර්ධනය විය හැකි බවත් ඔහු අවධාරණය කරයි." -sport-40694934,https://www.bbc.com/sinhala/sport-40694934,ක්‍රිකට්: කාන්තා ජගත් කුසලානය ගැන මේ කරුණු දැන සිටියාද?,සති ගණනාවක් මුළුල්ලේ පැවති මූලික වටයේ තරග සහ අවසාන පූර්ව තරගවලින් අනතුරුව කාන්තා ක්‍රිකට් ජගත් කුසලානයේ අවසාන මහා තරගය ඉරිදා (ජුලි 23) ලන්ඩන් නුවරදී පැවැත්වේ.,"ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ මහ ගෙදර ලෙස සැලකෙන ලෝඩ්ස් පිටියේදීය. දිගු තරගාවලියක් හමාරයේ සත්කාරක එංගලන්තය සහ ඉන්දියාව ජගත් කුසලානය දිනාගැනීම පිණිස පිටියට පිවිසෙති. 1973 දී ආරම්භ වූ කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ ඉන්දියාව මෙවර අවසාන මහා තරයකට මුහුණ දෙන��නේ දෙවෙනි වතාවටය. 2005 දී අවසාන මහා තරගයට සුදුසුකම් ලැබුව ද ඕස්ට්‍රේලියාව පරදා කුසලානය දිනාගැනීමට ඉන්දීය කාන්තා පිල අපොහොසත් විය. සබැඳි යොමු: කෙසේ නමුත් ඉන්දියාව මෙවර අවසාන මහා තරගයට සුදුසුකම් ලැබුවේ අවසාන පූර්ව තරගයේදී ලෝක ශූර ඕස්ට්‍රේලියාව පරාජය කරමිනි. මීට ඉහතදී තරගාවලියට අනුග්‍රහය දැක්වූ අවස්ථා දෙකේදීම - 1973 දී සහ 1993 දී - ජගත් කුසලානය දිනාගැනීමට එංගලන්ත කාන්තාවෝ සමත්වූහ. එයට අමතරව 2009 දීත් එංගලන්තය ජගත් කුසලානයේ සාඩම්බර හිමිකරු විය. 'සංගාගෙන් ආරම්භ වී ජයසූරියගෙන් අවසන් කළ ඉනිම' ගැන චමරි කිසියම් ලෙසකින් ඉරිදා තරගයේදී ඉන්දියාව ජයග්‍රහණය කළහොත්, ලෝක කුසලාන ඉතිහාසයේ කුසලානය දිනාගන්නා සිව් වෙනි කණ්ඩායම එයය. මීට ඉහතදී ක්‍රිකට් ක්‍රීඩාවේ කාන්තා ලෝක කුසලානය හිමිකරගෙන තිබෙන්නේ ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ නවසීලන්තය පමණි. අවසාන මහා තරගයට පිටියට පිවිසෙන ඉන්දියාව සහ එංගලන්තය මීට ඉහතදී දෙවතාවක් ලෝඩ්ස් පිටියේදී එක් දින තරගවලට මුහුණ දී තිබේ. එහිදී කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගැනීමට සමත්විය. මේ අතර තරගාවලියේදී තරග හයකට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත්වූයේ පකිස්තානයට එරෙහිව ලෙස්ටර් පිටියේ පැවති තරගය පමණි. කෙසේ නමුත් ලෝක ශූර ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේදී නොදැවී ලකුණු 178 ක් රැස් කරමින් චමරි අතපත්තු ලෝක ශූරතාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කළ ක්‍රීඩිකාව බවට පත්වූවාය. ඒ සමග කාන්තා එක් දින ක්‍රිකට් තරගයක වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩිකාවන් අතර තෙවැනි ස්ථානයට පත් වූ චමරි අතපත්තු, මෙවර තරගාවලියේ වැඩිම හතරේ පහර රැස් කළ ක්‍රීඩිකාවන් අතර තුන් වෙනි ස්ථානයට ද පත් වී සිටින්නීය." -140127_lanka_welikada_prison,https://www.bbc.com/sinhala/world/2014/01/140127_lanka_welikada_prison,වැලිකඩ යෝජනා ක්‍රියාවට නැංවීමට තවත් කමිටුවක්,විසි හත් දෙනකුට මරු කැඳවූ 2012 වැලිකඩ සිරගෙදර ගැටුම සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇති කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නැංවීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සම්පාදනය කිරීමට තවත් කමිටුවක් පත් කොට ඇත.,"වැලිකඩ තුවාලකරුවන් චන්ද්‍රසිරි ගජධීර, බන්ධනාගාර සහ පුනරුත්ථාපන කටයුතු භාර ඇමතිවරයා විසින් අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරනු ලැබ ඇති නව කමිටුවට අතිරේක ලේකම් (සංවර්ධන) සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාත් ඇතුළත් වෙති. සිරකරුවන් සිර ගෙදර වහල මත නැග බන්ධ���ාගාර ගැටුම පිරික්සීමට ඇමතිවරයා විසින් පත් කරනු ලැබ තිබුණ මුල් කොමිසම ඉදිරිපත් කර තිබුණ නිර්දේශ දාහතක් ක්‍රියාවට නැංවීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සැකසීමයි නව කමිටුවේ කාර්යභාරය. සැලැස්මේ අරමුණ සිය සැලැස්ම මේ සතිය ඇතුළත ඇමතිවරයා වෙත ඉදිරිපත් කරන බව බන්ධනාගාර සහ පුනරුත්ථාපන කටයුතු භාර අමාත්‍යංශයේ ලේකම් ජී.එස්. විතානගේ බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය. “මේ සැලැස්මෙන් අපි බලාපොරොත්තු වන්නේ ඉදිරිපත්ව ඇති යෝජනා ක්‍රියාවට නැංවීමේ කාල වකවානු තීරණය කිරීම සහ මෙවැනි සිද්ධීන් යළි ඇති නොවීම සඳහා පියවර ගැනීමයි,” අමාත්‍යංශ ලේකම් ජී.එස්.විතානගේ පැවසීය. වැලිකඩ සිරගෙදර සිදු කෙරුණු මරණ වලට වගකිව යුත්තන්ට දඬුවම් කිරීමක් පළමු කොමිසම විසින් නිර්දේශ කර තිබේ දැයි විමසීමේ දී ලේකම්වරයා කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් ‘කිසිවකුට ඇඟිල්ල දිගු කිරීමක් සිදු කොට නැති,’ බවයි. වන්දි නැහැ ගැටුමේ ජීවිත විනාශය “මරණයට පත් පුද්ගලයන් වෙනුවෙන් වන්දි ගෙවීමක් කොමිසම මගින් යෝජනා කරල නැහැ. සිරකරුවකු පළා යාමට තැත් කරන අවස්ථාවක එවැන්නකුට වෙඩි තැබීමට පවා නිලධාරීන්ට බලය තියෙනවා,” යි අමාත්‍යංශ ලේකම් ජී.එස්.විතානගේ වැඩි දුරටත් ප්‍රකාශ කළේය. පළමු කමිටුවේ වාර්තාව ක්‍රියාවට නැංවීම ප්‍රමාද වූ බව පිළිගත් ලේකම්වරයා, මේ මාසය අවසන් වන විට එය ක්‍රියාවට නැංවීමට මෙන් ම පාර්ලිමේන්තු කාරක සභාවක ට ඉදිරිපත් කිරීමටත් පියවර ගන්නා බවත් ප්‍රකාශ කළේය." -sport-40924039,https://www.bbc.com/sinhala/sport-40924039,"ශ්‍රී ලංකාව ""ලැජ්ජා සහගත"" තරගාවලි පරාජයක",පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති තුන් වෙනි සහ අවසාන ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 171 කින් ජයගනිමින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට ඉන්දියාව සමත්විය.,"ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිටම ටෙස්ට් තරග දෙකක් සිය රට තුළදී ඉනිමකින් පරාජය වූ පළමු වතාව ද මෙයයි. ක්‍රීඩා විස්තර විචාරකයන් එය හැඳින්වූයේ 'ලැජ්ජා සහගත පරාජයක්' ලෙසිනි. දින තුනක් ඇතුළත තුන් වෙනි තරගය අවසන් වූ අතර, සිය ඉනිම් දෙකේදීම ලකුණු දෙසීයේ සීමාවට හෝ ලඟා වීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් විය. පළමු ටෙස්ට් තරගය ලකුණු 304 කින් පරාජය වූ ශ්‍රී ලංකාව දෙවැනි ටෙස්ට් තරගය පරාජය වූයේ ඉනිමකින් සහ ලකුණු 53 කිනි. 'දැවැන්තම පරාජය' ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ පැවති තරගාවලියක ලද දැවැන්තම පරාජය මෙය බව ක්‍රීඩා විචාරකයෝ පවසති. තරග 3-0 ලෙස ශ්‍රී ලංකාව මින් පෙර ශ්‍රී ලංකා භුමියේ පරාජය වූයේ 2004 වසරේදී ඕස්ට්‍රේලියාව සමග පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලිය පරාජය වූ නමුත් සෑම තරගයකම පළමු ඉනිමේ ඉදිරියෙන් සිටීමට හෂාන් තිලකරත්නගේ නායකත්වයෙන් තරග වැදුණු එම කණ්ඩායම සමත්විය. ඉන්දියාව සමග පැවති මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව කිසිදු තරගකාරී බවක් දැක්වීමට අපොහොසත්වීම පිළිබඳව ඉන්දීය විචාරකයෝ පවා විමතිය පළ කළහ. කුමාර් සංගක්කාර සමග විශේෂ සාකච්ඡාවක් ඉන්දීය ක්‍රීඩකයන්ට මෙම තරගාවලියේ කිසිදු අභියෝගයකට මුහුණ දීමට සිදු නොවූ බව පැවසූ හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සුනිල් ගවස්කාර්, ශ්‍රී ලංකා වත්මන් කණ්ඩායමට ඉන්දියාවේ පළමු පෙළ කණ්ඩායම් පරාජය කිරීම පවා අසීරු වනු ඇති බව තරගාවලිය ගැන විස්තර කථනයේ යෙදෙමින් ප්‍රකාශ කර තිබුණි. ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පළමු තැන දිනා සිටින ඉන්දියාවේ පිතිකරුවන් සහ පන්දු යවන්නන් රැසක් ලෝක ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථාන 10 තුළ සිටිති. 'දළදා මාලිගාව වඳින්න' කිසිදු තරගකාරී බවක් වත් නොපෙන්වා තරග පරාජය වීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වන ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්, ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන්ට දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට හා පින්නවල අලි බැලීම සඳහා කාලය ලබාදීම පිණිස ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරගය දින තුනක් ඇතුළත අවසන් කළ බවට හාස්‍ය ජනක අදහස් පළකර තිබුණි. ශ්‍රී ලංකා කණ්ඩායම සෑම තරගයකදීම සිය සැලසුම් සහ ක්‍රීඩකයන් වෙනස්කරමින් ක්‍රීඩා කළ නමුත් ඒ කිසිදු සැලසුමක් සාර්ථක නොවිය. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය ලබන 20 වෙනි දින ආරම්භවන අතර එම තරගාවලිය සඳහා සිය ප්‍රධාන ටෙස්ට් පන්දු යවන්නන් ක්‍රීඩා නොකරන බව ඉන්දියාව ඉරිදා (අගෝස්තු 13) නිවේදනය කළේය. මීට ඉහතදී සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති තරගාවලිය පරාජයවීමෙන් අනතුරුව එවකට කණ්ඩායමේ නායකයා වූ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉල්ලා අස් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉරණම ගැන මහේල ඊට පෙරාතුව බංග්ලාදේශය ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී ද ශ්‍රී ලංකා කණ්ඩායම තරග කිහිපයක්ම පරාජයට පත්විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ පවතින බිඳ වැටීම සම්බන්ධයෙන් ගත යුතු සහ ගත හැකි පියවර පිළිබඳව සිදත් වෙත්තමුණි, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ��න හිටපු ක්‍රීඩකයෝ බීබීසී සිංහල සේවය සමග මීට ඉහතදී සිය අදහස් ඉදිරිපත් කළහ. ඒ පිළිබඳව පසුගියදා බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග, සිය ආණ්ඩුව මෙන්ම වත්මන් ක්‍රිකට් පරිපාලනය ද දැඩි දෝෂදර්ශනයට ලක් කළේය." -140921_uva_upfa_reax,https://www.bbc.com/sinhala/sri_lanka/2014/09/140921_uva_upfa_reax,විජයග්‍රහණයක් - ජනාධිපති,මෙවර ඌව පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ විශිෂ්ට ජයග්‍රහණය ඌවට සේම මුළු රටටම වැදගත් ජයග්‍රහණයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.,"'රජයේ සංවර්ධන ක්‍රියාදාමයට ඌවේ ජනතාව ආශීර්වාද කරලා' සිය රජය රටට ලබා දුන් නිදහස, සාමය මෙන්ම දියත් කළ සංවර්ධන ක්‍රියාදාමයට ඌවේ ජනතාව ආශීර්වාද කොට ඇති බවත් ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. මෙම විජයග්‍රහණයෙන් තහවුරු වන්නේ රජයට එරෙහිව ගෙන ගිය ප්‍රචාර සහ එල්ල කළ චෝදනා ඌවේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව යැයි ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය. තනි අලියා මේ අතර ඌවේ ජයග්‍රහණය පිළිබඳ කොළඹ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ මැතිවරණය සඳහා නවක අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට අසමත් වීම හරහා තම සන්ධානයට කිසියම් අවාසියක් සිදු වූ බවයි. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සමුළුව පවත්වන ලද දෙමළ ඡන්දදායකයන් සියයට හතළිස් දෙකක් වෙසෙන පස්සර ආසනය සන්ධානය ජයග්‍රහණය කිරීමෙන් වතුකරයේ ඡන්ද තමා වෙත ලැබී ඇති බව පැහැදිලි වන්නේ යැයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේය. ‘තනි අලියා’ ලෙසින් හැදින් වූ එක්සත් ජාතික පක්ෂය නිරන්තරයෙන් ජයග්‍රහණය කළ මහියංගණය ආසනය, වර්තමානයේ නියත වශයෙන් සන්ධානය ජය ලබන ආසනයක් බවට පත් වී ඇති බවත් අමාත්‍ය සුසිල් දුරටත් කියා සිටියේය." -sri-lanka-42603881,https://www.bbc.com/sinhala/sri-lanka-42603881,ලසන්ත පටන් ගත්ත ගමන මම තාම කරගෙන යනවා - රවි කරුණානායක,බැඳුම්කර ගනුදෙනුවට තමන්ගේ සම්බන්ධයක් නැතැයි බැඳුම්කර කොමිසමේ වාර්තාව ගැන ජනාධිපතිවරයා හෙළි කළ කරුණුවලින් අනාවරණය වන බව රවි කරුණානායක මන්ත්‍රීවරයා පවසයි.,"රවි කරුණානායක හිටපු ඇමතිවරයා කොමිසම ඉදිරියේ අසත්‍ය සාක්ෂි ලබා දුන් බව ජනාධිපති කොමිසමේ නිගමනය වී තිබේ බැඳුම්කර නිකුතුව සම්බන්ධ ජනාධිපති කොමිසම පරීක්ෂණ පැවැත්වුයේ බැඳුම්කර ගනුදෙනුව ගැන මිස සිය දියණිය කුලියට ගත් නිවස ගැන නොවන බව ද හිටපු මුදල් ඇමතිවරයා සඳහන් කළේය. හිටපු අමාත්‍යවරයා ඒ අදහස් පළ කළේ, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර වසර 9ක් පිරෙන සඳුදා (ජනවාරි 08) බොරැල්ල කනත්තේ ලසන්ත වික්‍රමතුංග ගේ සොහොන් බිම වෙත පැමිණ ගරු බුහුමන් දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ""එදා ලසන්ත පටන් ගත්ත ගමන මම තාම කරගෙන යනවා,"" ඔහු පැවසීය. ලසන්ත වික්‍රමතුංග පෙනී සිටියේ බරපතල දූෂණ චෝදනා එල්ල වූ අයට එරෙහිව බව බීබීසී සිංහල සේවය පෙන්වාදුන් විට රවි කරුණානායක මන්ත්‍රීවරයාගේ පිළිතුර වූයේ ""ඔබ තුමානේ කියන්නේ, කොමිසම් වාර්තාව එන්නේ නැතුව කොහොමද කියන්නේ,"" යනුවෙනි. පසුගිය දෙසැම්බර් 30 වෙනි දින තමන් වෙත භාර දෙනු ලැබූ ජනාධිපති කොමිසමේ අන්තර්ගතය පිළිබඳව පසුගිය බදාදා (ජනවාරි 05) වෙනි දින ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රවි කරුණානායක මන්ත්‍රීවරයා පිළිබඳව ද විශේෂයෙන් සඳහන් කළේය. බැඳුම්කර කොමිසමේ නිර්දේශ ගැන රවි කරුණානායක බැඳුම්කර දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලබන අර්ජුන් ඇලෝසියස් පවුලට අයත් 'වෝල්ට් ඇන්ඩ් රෝ' සමාගම විසින් 'පෙන්ට්හවුස්' තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබඳව වගකීම පැවරෙන හිටපු මුදල් ඇමති රවි කරුණානායකට විරුද්ධව අල්ලස් පනත යටතේ නඩු පැවරිය යුතු අතර, කොමිසන් සභාව ඉදිරියේ අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ නඩු පැවරිය යුතු යයි බැඳුම්කර වාර්තාවේ සඳහන් බව ජනාධිපතිවරයා පැවසීය. ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ ද සාමාජිකයෙකු වන අජිත් පී පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ හිටපු මුදල් අමාත්‍යවරයා සම්බන්ධ නිර්දේශ ඇතුළු කොමිසමේ නිර්දේශ එක්සත් ජාතික පක්ෂයේ පිළිගන්නා බවය. කොමිසම් වාර්තාව මේ වනතුරු ප්‍රකාශයට පත්කර නොමැති අතර, අගමැති රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම පරිදි ඒ පිළිබඳව විවාද කිරීම සඳහා ලබන බදාදා (ජනවාරි 10) පාර්ලිමේන්තුව කැඳවීමට කථානායක කරු ජයසූරිය තීරණ කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව ලබාදෙන ලෙස තොරතුරු දැනගැනීමේ පනත උපයෝගී කරගෙන ජනාධිපති කෙරෙන ඉල්ලීමක් සඳුදා ජනාධිපති කාර්යාලයට භාර දෙන බව ද රවි කරුණානායක මන්ත්‍රීවරයා බොරැල්ල කනත්තේ දී මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේය. ""පිටු 1200 ගානක් තියෙන වාර්තාවක නොදැනුවත්ව එක කොටසක් අරගෙන එහෙම දාන එක අසාධාරණයි,"" ඔහු පැවසීය. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ දී තමාට එල්ල වූ චෝදනාව හිටපු ඇමතිවරයා විග්‍රහ කළේ ""විහිළුවක්"" ලෙසිනි. ජනාධිපති කොමිසම් වාර්තා ගැන ජනපතිවරයාගේ විශේෂ ප්‍රකාශය බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් එජාප ප්‍රතිචාරය පසුගිය ජුලි 24 වෙනි දින කොමිසම හමුවේ කෙරුණු සාක්ෂි විභාගයේදී සාක්ෂි දුන් එම් විනෝදනී විජේසූරිය නම් සාක්ෂිකාරිය, හිටපු මුදල් අමාත්‍යවරයා සහ අර්ජුන් ඇලෝසියස් අතර සබඳතාවක් ඉස්මතු කරලන ආකාරයේ සාක්ෂියක් ඉදිරිපත් කළාය. කොළඹ 3, කොල්ලුපිටියේ පිහිටි මොනාර්ක් රෙසිඩන්සීස් නම්වූ නිවාස සංකීර්ණයේ ඇති තමන්ට හිමි නිවාසය අමාත්‍ය රවි කරුණානායක ගේ පවුල වෙත තමා බදු දුන් අතර එම බදු කුලිය ගෙවන ලද්දේ අර්ජුන් ඇලෝසියස්ට අයත් සමාගමක් විසින් බව ඇය කියා සිටියාය. 2016 ජනවාරි 27 වෙනිදා දහවල් සිය නිවස පරීක්ෂා කිරීමට මුළින් පැමිණියේ එවක මුදල් අමාත්‍යවරයාගේ බිරිඳ වූ අතර එම අවස්ථාවේ එහි පැමිණි අර්ජුන් ඇලෝසියස් ද නිවස පිළිබඳ වැඩිදුර විමසා තමා එය කුලියට ගන්නා බවත් එහෙත් එහි පදිංචි වනුයේ අමාත්‍ය රවි කරුණානායකගේ පවුල යයි සඳහන් කළ බවත් සාක්ෂිකාරිය කොමිසම හමුවේ පැවසුවාය. ඒ අනුව නිවස පිළිබඳ සියලු ගනුදෙනු සිදුවුයේ අර්ජුන් ඇලෝසියස් හා ඔහුගේ සමාගමක් හරහා බවත් ඇය සඳහන් කළාය. ඒ සඳහා එකඟ වූ මුදලට යළි ගෙවන තැන්පතු මුදලක් ද ඇතුළත් විණි. එහෙත් පසුගිය අගෝස්තු මාසයේ කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් රවි කරුණානායක හිටපු ඇමතිවරයා කියා සිටියේ, තමා මාස 9ක් පුරා පදිංචිව සිටියේ අර්ජුන් අලෝසියස්ගේ සමාගමකින් මුදල් ගෙවා ලබා ගත් නිවසක යැයි තමන් නොදැන සිටි බව පැවසීය. නීතිපති දෙපාර්තමේන්තුවේ සහ විනිසුරු මඬුල්ලේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් හිටපු ඇමතිවරයා, තමා ඒ බව පළමුව දැන ගත්තේ පාර්ලිමේන්තුව තුළ ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමකට ලක් වූ අවස්ථාවේ දී බව සසඳහන් කළේය. ""මම කිසිවක් දැන හිටියේ නැහැ. (I knew nothing)"" යනුවෙන් ඔහු පැවසීය. එහෙත් රවි කරුණානායක හිටපු ඇමතිවරයා ඒ අවස්ථාවේ කොමිසම ඉදිරියේ අසත්‍ය සාක්ෂි ලබා දුන් බව ජනාධිපති කොමිසමේ නිගමනය වී තිබේ. සබැදි යොමු:" -sri-lanka-39266013,https://www.bbc.com/sinhala/sri-lanka-39266013,ශ්‍රී ලාංකිකයන් රැගත් නැවක් පැහැරගෙන?,ශ්‍රී ලංකාවේ ධජය සහිත නෞකාවක් සෝමාලියාවට නුදුරු මුහුදේ දී පැහැර ගැනීමට ලක් වී ඇති බව වාර්තා වේ.,"සෝමාලියාවේ උතුරු දිග වෙරළට නුදුරින් යා��්‍රා කරමින් තිබූ නෞකාවට මුහුදු කොල්ලකරුවන් බවට සැක කෙරෙන කීපදෙනෙකු ඇතුළු වී ඇති බව ප්‍රදේශවාසීහු සහ බලධාරීහු පවසති. කෙසේ වෙතත් මේ පිළිබඳව කළ විමසීමකදී වරාය සහ නාවික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ 'Aris13'නම් වූ අදාළ නෞකාව ශ්‍රී ලංකාවේ තාවකාලික ලියාපදිංචිය ලබා ගෙන තිබූ අතර ජනවාරි මස අගදී එම ලියාපදිංචිය ඉවත් කර ගෙන ඇති බවය. නෞකාව පහර ගැනීමට ලක් වී ඇතැයි කියන ප්‍රදේශයේ මුහුදු කොල්ලකෑම් මැඩලීමේ මෙහෙයුම්වල නිරත යුරෝපා සංගම් නාවික බලකායේ ප්‍රකාශකයෙකු කියා සිටියේ මෙය මුහුදු කොල්ලකරුවන්ගේ පැහැර ගනීමක්බව පැවසීමට කල් වැඩි බවය. එවැන්නක් සිදු වී ඇත්නම්, 2012 වසරෙන් පසු සෝමාලි කොල්ලකරුවන් විසින් වෙළෙඳ නෞකාවක් පැහැර ගනු ලැබූ පළමු අවස්ථාව මෙය වනු ඇත. මේ අතර මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ ශ්‍රී ලංකාවේ වරාය හා නාවික කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයා පෙන්වා දුන්නේ අදාළ නෞකාව කොමොරෝස් රාජ්‍යයේ ලියාපදිංචිය ලබා ගෙන ඇති බව පැවසීය. කෙසේවෙතත් එහි ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකු පමණ සේවයේ නිරතව සිටින බව ඔහු සඳහන් කළ අතර නෞකාවට සේවකයන් සම්පාදනය කළ ශ්‍රී ලාංකීය සමාගමෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමේදී එහි ප්‍රකාශකයෙකු ද එම කරුණ තහවුරු කළේය. ඒ අනුව වරාය සහ නාවික අමාත්‍යංශයේ ප්‍රකාශකයා මෙන්ම අදාළ සමාගමේ ප්‍රකාශකයා ද සඳහන් කළේ මෙම තත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු විමසා බලන බවය." -141106_slmc_eastsec,https://www.bbc.com/sinhala/sri_lanka/2014/11/141106_slmc_eastsec,‘පරිපාලන දිස්ත්‍රික්කය ආණ්ඩුවේ පොරොන්දුවක්’- මුස්ලිම් කොංග්‍රසය,අම්පාර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව වාසය කරන මැතිවරණ කොට්ඨාශ වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් ලෙස ස්ථාපිත කරන බවට රජය නැගෙනහිර පළාත් සභාව පිහිටුවීමේ දී තම පක්ෂයට පොරොන්දුවක් දුන් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.,"ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් හසන් අලි මන්ත්‍රීවරයා එම අදහස පළ කළේ බිබිසී දෙමළ සේවය සමග අදහස් දක්වමින්. මුස්ලිම් කොංග්‍රසයේ මෙම ඉල්ලීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළ අතර අගමැති දි.මු. ජයරත්න ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ එම ඉල්ලීම රජය අනුමත නොකරන බවයි. පාර්ලිමේන්තුවේ පසුගිය දා සිදු වූ කතාබහ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේ���ම්වරයා පැවසුවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඉල්ලීම අළුත් එකක් නොවන බවයි. ‘නැගෙනහිර පළාත් සභාව පිහිටුවීමේ දී ආණ්ඩුව මිට එකඟ වුණා. හැබැයි දැන් මේක අපි අලුතින් කල ඉල්ලීමක් විදිහටත්, අපි රටෙන් කොටසක් ඉල්ලපු ආකාරයටත් විවිධ කතා කියනවා, අපි පරිපාලන දිස්ත්‍රික්කයක් ඉල්ලන්නේ නැගෙනහිර ජනතාවගේ පරිපාලන ප්‍රශ්න විසඳන්නයි. භාෂා ප්‍රශ්න වගේ පරිපාලන ගැටලුවලට විසදුම් හොයන්නයි. එහෙම නැතිව වෙනම කලාපයක් හදන්න නොවෙයි’ යනුවෙන් හසන් අලි මන්ත්‍රීවරයා පවසයි. බෙදුම්වාදයක් නොවෙයි. නැගෙනහිර පළාත් සභාව පිහිටුවිමේ දී ආණ්ඩුව තම පක්ෂයට පොරොන්දු වූ කරුණු පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය විමසා පසුගිය සතියේ තම පක්ෂය ආණ්ඩුවට ලිපියක් යැවූ බව පවසන මන්ත්‍රීවරයා තවමත් ඒ සම්බන්ධයෙන් තමන්ට ආණ්ඩුවෙන් නිල ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි සඳහන් කළේ. ‘අගමැතිතුමා තුමා තමයි මේක කියල තියෙන්නේ, එතුමා කියනවනේ අපේ පක්ෂය පටන් ගත්තෙත් එයා කියලා. මම පක්ෂයේ ආරම්භක සාමාජිකයෙක්. මම නම් එහෙම දෙයක් දන්නේ නැහැ. මේක අපි බලෙන් ඉල්ලපු දෙයක් නෙවෙයි. ආණ්ඩුව අපට දෙනව කියල කියපු දෙයක්. ඉතින් දෙනවා කියපු දේ ගැන අහන්න ගියාම කියනවා, ‘බෙදුම්වාදීන්’ කියලා. ලංකාවේ දිස්ත්‍රික්ක විසි ගණනක් තියෙනවා. අපි කියන්නේ ජනතාවගේ පරිපාලනය පහසු කරන්න තව එකක් ඇති කරන්න කියලා විතරයි' ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම්වරයා කියා සිටී. නැගෙනහිර පළාත් සභාව පිහිටුවීමට ආණ්ඩුවට සහය දීමේ දී ආණ්ඩුව මෙයට එකඟතාව පළකළේ නම් දැන් එම ඉල්ලීම ඉටු නො කරන බව ඔවුන් පවසන නිසා නැගෙනහිර පළාත් සභාවෙ දී ආණ්ඩුවෙන් ඉවත්වනවාදැයි විමසූ විට මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම්වරයා ප්‍රකාශ කළේ ඒ පිළිබඳ ව තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි." -150203_elephant_mahinda_gotabhaya,https://www.bbc.com/sinhala/sri_lanka/2015/02/150203_elephant_mahinda_gotabhaya,සන්නස් මගින් අලි ඇතුන් පැවරීම 'නීති විරෝධීයි',සන්නසක් මාර්ගයෙන් කිසිවෙකුටත් අලියකු පවරා දීමට ජනාධිපතිවරයාට නීත්‍යානුකූල අයිතියක් නැතැයි යන්න සිය මතය බව වන ජීවී කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ප්‍රකාශ කරයි.,"""ජනාධිපතිවරයාට බලතල ලැබෙන්නේ සන්නස මගින් පරිත්‍යාගයක් කරන්න ව්‍යවස්ථාවේ 33 (බී) වගන්තිය යටතේ,"" කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය. ""ඒකෙ කියවෙන්නේ චංචල නොවූ දේපොලක් ජනාධිපතිවරයාට සන්නසක් මගින් පරිත්‍යා��� කරන්න පුළුවන් බවයි. ඒ යටතේ බලන කොට අලියෙක්, ඇතෙක් නිශ්චල දෙපොලකුත් නෙවෙයි, ඉඩමකුත් නෙවෙයි,"" ඔහු වැඩිදුරටත් පැවසීය. මේ පිළිබඳව තවදුරටත් නීති උපදෙස් ලබා ගෙන නඩු පැවරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ගෝඨාභය රාජපක්ෂ 'සයිටිස් ප්‍රඥප්තිය යටතෙත් අපිට වනයෙන් අල්ලන සතෙක්, කිසිදු අවස්ථාවක කෙනෙකුට හෝ ආයතනයකට හෝ ලබා දෙන්න බෑ' ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සන්නසකින් පවරා දෙන ලද අලි පැටවු දෙදෙනකු තවදුරටත් රැක බලා ගැනීමට නොහැකි බව පවසමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගියදා වන ජීවී බලධාරීන්ට භාර දෙනු ලැබිණ. එම පැවරීම පමණක් නොව 1978 සිට විධායක ජනාධිපතිවරුන් විසින් කරන ලද සියලු අලි ඇතුන් පවරා දීම් නීති විරෝධී බවයි, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක අවධාරණය කරන්නේ. ""වන ජීවීන් සම්බන්ධ සයිටිස් නම් ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව අත්සන් තබා තිබෙනවා,"" බව පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා, ""සයිටිස් ප්‍රඥප්තිය යටතෙත් අපිට වනයෙන් අල්ලන සතෙක්, විශේෂයෙන් අලියෙක් කිසිදු අවස්ථාවක කෙනෙකුට හෝ ආයතනයකට හෝ ලබා දෙන්න බෑ,"" යනුවෙන්ද පැවසීය. ඒ අනුව වනයෙන් අල්ලා ගන්න අලියකු විදේශයකට පරිත්‍යාග කිරීමත් නීති විරෝධී බව නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක සඳහන් කළේය. ව්‍යවස්ථාවේ 33 (බී) වගන්තිය යටතේ සන්නසක් මාර්ගයෙන් අලි ඇතුන් පවරා දීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන්නේද යන්න පිළිබඳව අර්ථකතනයක් ලබා ගැනීම පිණිස අධිකරණය වෙත යොමු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය." -36094371,https://www.bbc.com/sinhala/36094371,මෛත්‍රීට මඟ හෙළි කළ 'දූෂිත ප්‍රාදේශීය නායකයෝ',ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා පැවති ආණ්ඩුවේ ඇතැම් පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ අයහපත් දූෂිත ක්‍රියා කලාපය රුකුලක් වූ බව ජනපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.,"''එක්තරා සභාපතිවරයෙක් තමන් පරිහරණය කරපු සිය වෙනි කාන්තාව පිළිබඳ සමරු උත්සවයක් තිබ්බා.'' තමා සතු බලතල සහ සීමා පිළිබඳ අවබෝධයක් නොමැතිව කටයුතු කරන පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ ක්‍රියාකලාපය ආණ්ඩුවක ඉදිරි පැවැත්මට බලපෑමක් ඇති කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. පාලන ආයතනවල වර්තමාන කාර්යභාරය සහ ඒ හමුවේ ඇති අභියෝග පිළිබඳ පැවති සමුළුවක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඇතැම් පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් පැවති ආණ්ඩුව ජනත��ව අතර පිරිහීමට ලක් වූ බවයි. ''එක්තරා සභාපතිවරයෙක් තමන් පරිහරණය කරපු සිය වෙනි කාන්තාව පිළිබඳ සමරු උත්සවයක් තිබ්බා.'' ''විදේශීය කාන්තාවක් දූෂණය කරලා ස්වාමියා මරා දැමූ තවත් සභාපතිවරයකු පක්ෂයෙන් අස් කරලා ලිපියක් යැවූ විට සුසිල්ටත් මටත් රජ ගෙදරට එන්න කියලා ඇහුවා කාගෙන් අහලද මගේ සභාපතිවරයා අස් කළේ කියලා, වහාම අස්වීමේ ලිපිය ආපසු ගෙන්වා ගන්න කිව්වා' 'ප්‍රතිපත්තිමය ගැටුම්' ''එකතරා පළාත් පාලන ආයතනයක සභාපතිවරයකු ගැන විනය පරීක්ෂණයක් කළ යුතු බව මම ඒ කාලේ නායකතුමාට කිව්වහම මට දුන්න උත්තරේ තමයි, පිස්සුද? ගෙදරකට ගලක්වත් ගහන්න ඉන්නේ මට ඔය මනුස්සයා විතරයි කිව්වා'' අගමැති ධුරය නොලැබුණු බැවින් තමා පැවති ආණ්ඩුවෙන් ඉවත් වූ බව ඇතැමුන් පැවසුවත් පැවති ආණ්ඩුවේ නායකත්වය හා ඇති වූ ප්‍රතිපත්තිමය ගැටුම් හේතුවෙන් තමා ඉන් ඉවත් වූ බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ජනාධිපතිවරයා එහිදී ඉඟි කොට සිටියේ ලබන වසර ආරම්භයේ දී පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇති බවටයි. 'අපිට රජයක් වශයෙන් තිබෙන කාර්යය තමයි යහපත්, ගුණවත් දේශපාලනඥයන් පිරිසක් පළාත් පාලනයෙන් බිහි කර ගැනීම සහ දූෂණයෙන් වංචාවෙන් තොරව එම ආයතනවල සංවර්ධන කටයුතු ඉදිරියට පවත්වා ගෙන යාමයි.' ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වැඩිදුරටත් පැවසීය." -121108_cj,https://www.bbc.com/sinhala/sri_lanka/2012/11/121108_cj,අගවිනිසුරු බැංකු ගිණුම් තොරතුරු හෙළිදරව් කරයි,අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක තමන්ගේ බැංකු ගිණුම් පිලිබඳ තොරතුරු ඇගේ නීතිඥයන්ගේ මාර්ගයෙන් හෙළිදරව් කොට තිබේ.,ඇගේ නීතිඥ සමාගම වන නීලකාන්දන් සහ නීලකාන්දන් (Neelakandan & Neelakandan) නීතිඥ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජාතික සංවර්ධන බැංකුව සමග පමණක් ගනුදෙනු කළ ඇය සක්‍රීය සියලු ගිණුම් පිලිබඳ තොරතුරු හෙළිදරව් කොට ඇතී බවයි. අගවිනිසුරුවරිය කියා සිටින්නේ දැනට ඕස්ට්‍රේලියාවේ ඉංජිනේරු වෘතියේ නියුතු තම සොහොයුරිය සහ ඇගේ ස්වාමියා කොළොඹ නිවසක් මිලදී ගැනීම සඳහා මිලියන 27 ක මුදලක් විකුණුම්කරුවන් වෙත ඕස්ට්‍රේලියානු බැංකුවකින් බැර කළ බවයි. විවිධ වාර්තාවල පලවූ මිලියන 34 ක ගනුදෙනුවක් කිසිසේත්ම සිදුනොවූ බව නීලකාන්දන් සහ නීලකාන්දන් නීතිඥ සමාගම (Neelakandan & Neelakandan) ප්‍රකාශ කරයි. අගවිනිසුරු ධුරයට පත් වීමෙන් පසුව තමන්ගේ පවුලේ අයගෙන් සහ වේතනය වශයෙන් ලැබූ මුදල් හැරෙන්නට අන් කිසිම මුදලක් ඇය ලබා නැතී බවත් සමාගම කියා සිටී. ���්‍රධාන මාධ්‍ය ආයතන තුනක් වෙත මෙම නිවේදනය නිකුත් කොට ඇති බවයි නීලකාන්දන් සහ නීලකාන්දන් නීතිඥ සමාගම සංදේශයට ප්‍රකාශ කළේ. සබැඳි තේමා -sri-lanka-39641593,https://www.bbc.com/sinhala/sri-lanka-39641593,මීතොටමුල්ලේ දුක බෙදාගත් ක්‍රිකට් ක්‍රීඩකයෝ,ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කීපදෙනෙක් අද (අප්‍රේල් 19) උදෑසන මීතොටමුල්ලේ සංචාරයක නිරත වූහ.,"මීතොටමුල්ල ටෙරන්ස් ද සිල්වා විද්‍යාලයේ පිහිටුවා තිබෙන තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානය වෙත ගිය ක්‍රිකට් ක්‍රීඩකයෝ, කුණු කන්ද නාය යෑමෙන් විපතට පත් පිරිස් වෙත සිය කණගාටුව ප්‍රකාශ කළහ. එහිදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් කියා සිටියේ ළමුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා සහාය ලබා දීමට කටයුතු කරන බවය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහාය ඇතිව Cricket Aid වැඩසටහන යටතේ එම කටයුතු සිදු කෙරෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය. තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානය තුළ රූපවාහිනී යන්ත්‍ර හතරක් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබිණි." -150126_shiranthi_gold_vaas,https://www.bbc.com/sinhala/sri_lanka/2015/01/150126_shiranthi_gold_vaas,රත්‍රන් වංචාවකට 'ශිරන්ති රාජපක්ෂ සම්බන්ධයි',"රාජ්‍ය භාණ්ඩාගාරයට අයත් රත්‍රන් තොගයක් විකිණීමේ වංචාවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආර්යාව, ශිරන්ති රාජපක්ෂ, සම්බන්ධ බවට ඉදිරිපත් වූ සාක්ෂි විභාග කිරීම හේතුවෙන් රාජපක්ෂ ආණ්ඩුව සිය ස්වාමියා ගෙන් පළිගැනීමට කටයුතු කළ බව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ගේ බිරිඳ ප්‍රකාශ කරයි.","හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා ඒ බව කියා සිටියේ, හිටපු ජනාධිපති ආර්යාවට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්. ""ඉන්පසු මටත්, මගේ රට ඉන්න පුතාටත්, මහත්තයටත් දිගින් දිගටම තර්ජන ආව මේ සම්බන්ධයෙන් කිසිම හෙළිදරවුවක් කිසිම කෙනෙකුට කරන්න එපා, කළොත් මගේ මහත්තයා ඉදිරියට කවදාවත් එලියට එන්න දෙන්නෙත් නෑ කියල,"" යනුවෙන් ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා සඳහන් කළාය. ""මට මරණීය තර්ජන ආව. මගේ ගෙදරට බෝම්බ ගැහුවා."" 'අසත්‍ය චෝදනා' කෙසේ නමුත් අදාළ විමර්ශනය සහ හිටපු ජනාධිපති ආර්යාව අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව, එවකට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පදවිය දැරූ අනුර සේනානායක බීබීසී ද��මළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමි කළ විමසීමකදී කියා සිටියේය. 'පැහැදිලිව අසත්‍යයක් මේක. මේ විමර්ශනයේදී කිසිම අවස්ථාවක එතුමියගේ නම ආවේ නෑ' ""පැහැදිලිව අසත්‍යයක් මේක. මේ විමර්ශනයේදී කිසිම අවස්ථාවක එතුමියගේ නම ආවේ නෑ,"" යන්නයි එම චෝදනාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ගේ ප්‍රතිචාරය වූයේ. රත්‍රන් තොගය විකිණීම පිළිබඳව ආරම්භ වූ පරීක්ෂණ නවත්වන මෙන් හිටපු බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, සිය සැමියා වාස් ගුණවර්ධනට බලපෑම් කිරීමත් සමග එම පරීක්ෂණය අතරමඟ නැවතුන බවද ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා පවසන්නීය. එම චෝදනාව ද තරයේ ප්‍රතික්ෂේප කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, පරීක්ෂණ අතරමඟ නතර වූයේ නම් මේ වන විට සැකකරුවන් නමදෙනකු අත්අඩංගුවේ සිටින්නේ කෙසේදැයි ප්‍රශ්න කරයි. වාස් ගුණවර්ධන හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ එල්ල චෝදනාව පිළිබඳව විමසීම පිණිස හිටපු ජනාධිපති ආර්යාව හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇමතීමට බීබීසී සංදේශය දරු උත්සාහය සාර්ථක නොවීය. කෝටිපති ව්‍යාපාරිකයකු පැහැර ගෙන ගොස් මරා දැමීමේ චෝදනා මත හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියි." -sri-lanka-36773365,https://www.bbc.com/sinhala/sri-lanka-36773365,ඇමෙරිකානු නියෝජිතවරයෙක් ශ්‍රී ලංකාවේ,"ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ කම්කරු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ටොම් මලිනොව්ස්කි දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටී.","ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ කම්කරු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ටොම් මලිනොව්ස්කි සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ප්‍රධානී ආචාරිනී දීපිකා උඩගම ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා ආණ්ඩුවේ ඉහළ බලධාරීන්, දේශපාලන නායකයන්, සිවිල් සමාජ නියෝජිතයන් හමු වී මානව හිමිකම් සහ සංහිඳියාව සම්බන්ධයෙන් වන වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කරනු ඇති බවයි කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ. ඔහු අඟහරුවාදා උදෑසන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ප්‍රධානී ආචාරිනී දීපිකා උඩගම හමු වී සාකච්ඡා කළ බවත් එම නිවේදනයේ සඳහන් වේ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වර්ධනය කිරීම සඳහා ඇමරිකාවේ සහාය ලබා දෙන බවට ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ කම්කරු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේ���ම් ටොම් මලිනොව්ස්කි සහතික වූ බවත් ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේය." -world-37275484,https://www.bbc.com/sinhala/world-37275484,සිරියාවේ බෝම්බ පිපිරීම් මාලාවක්,සිරියානු ආණ්ඩුවේ පාලනය යටතේ පවතින කලාප තුළ සිදු වූ බෝම්බ පිපිරීම් මාලාවකට හසු වී පුද්ගලයන් විසි හත් දෙනකුවත් මරුමුවට පත් වී ඇති බව එරට බලධාරීහු පවසති.,හොම්ස් නගරයට එල්ල වූ ප්‍රහාරයෙන් හානියට පත් ගොඩනැගිලි විශාලතම පිපිරීම සිදු වී ඇත්තේ ප්‍රධාන රුසියානු ගුවන් හමුදා කඳවුර පිහිටි වෙරළ කලාපීය ටාටස් නගරයේයි. ඉහත කී පිපිරීමට හසු වී පුද්ගලයන් විසි දෙනකු මරුමුවට පත් වී තිබෙන අතර ඊට පෙර එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට හසු වූ පුද්ගලයන්ට උපකාර කරමින් සිටි සහන සේවකයන් ඒ අතර සිටින බවයි බලධාරීන් පවසන්නේ. හොම්ස් නගරයේ හමුදා මුරපොලකට එල්ල වූ තවත් කාර් බෝම්බයකට හසු වී හමුදා භටයන් දෙදෙනකු මරුමුවට පත් වී තිබේ. සිරියානු ආණ්ඩුව සහ කුර්දි හමුදා අත බෙදී වෙන්ව පවතින ඊසාන දිග පිහිටි හසාකා නගරයේ සිදු වූ පිපිරීමකට හසු වී පුද්ගලයන් පස් දෙනකු මරුමුවට පත් වී ඇති බවත් බලධාරීහු කියා සිටිති. මේ අතර සිරියාවේ තාවකාලික සටන් විරාමයක් ඇති කිරීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට ඇමරිකාව සහ රුසියාව අසමත් වී ඇති බව ඇමරිකානු බලධාරීහු පවසති. -world-37667276,https://www.bbc.com/sinhala/world-37667276,බ්‍රසීලයේත් 'ඇත් අතුරු සෙවනක්',අලිඇතුන් සඳහා වන ලතින් ඇමෙරිකානු පළමු අභයභූමිය බ්‍රසීලයේ විවෘත විය.,ආසියානු අලින් වන 'ගුයිඩා' සහ 'මයියා' සර්කස් සංදර්ශන සඳහා යොදා ගන්නා ලද සද්දන්තයන් පනස් දෙනකු පමණ අලුතින් විවෘත කෙරුණු අභයභූමියේ රැඳවීමට නියමිතයි. හතළිස් විය ඉක්මවූ 'ගුයිඩා' සහ 'මයියා' එහි පළමු පදිංචිකරුවෝ වෙති. පශු වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන අතරම එම අලි ඇතුන්ට කැලෑවේ නිදැල්ලේ සැරි සරමින් වනපල බුදීමට අවස්ථාව සලසා ඇති බවයි නව අභයභූමියේ කාර්ය මණ්ඩලය පවසති. ලතින් ඇමරිකාව පුරා පිහිටි සත්වෝද්‍යාන වසා දැමීම සහ සර්කස් සංදර්ශන සඳහා සතුන් යොදා ගැනීම තහනම් කෙරෙන නීති දැඩි කෙරෙමින් පවතින තත්වයක් යටතේ අලිඇතුන්ට සෙවන ලබා දීම සඳහා ඇමරිකාව මූලස්ථානය කොට ගත් කණ්ඩායමක් විසින් අදාළ ඉඩම මිල දී ගනු ලැබ ඇත. වසර ගණනාවක් ගොවිපලක විසූ 'ගුයිඩා' සර්කස් සංදර්ශන සඳහා යොදා ගැනුණු 'මයියා' ලතින් ඇමරිකාවේ විවෘත කරන ලද අලිඇතුන් සඳහා වූ පළමු අභයභූමිය අභයභූමිය සංචාරකයන් සඳහා විවෘත නොවේ සර්කස් සංදර්ශන සඳහා යොදා ගැනීම පිණිස නීති විරෝධී ආකාරයෙන් ගෙන්වා ගනු ලැබූ 'ගුයිඩා' සහ 'මයියා' තායිලන්තයේ උපත ලබා ඇති බව විශ්වාස කෙරේ. 'Global Sanctuary for Elephants' නමැති සත්ව සංවිධානය විසින් අභයභූමියට අයත් අක්කර 2800 ක භූමි ප්‍රදේශය මිලදී ගනු ලැබ ඇත්තේ ඇමරිකානු ඩොලර් දස ලක්ෂයකටය. අදාළ මුදල වසර පහක් තුළ ගෙවා නිම කිරීමට නියමිත අතර නව අලි අභයභූමිය සංචාරකයන් සඳහා විවෘත නොවේ. -world-37671916,https://www.bbc.com/sinhala/world-37671916,සිරියාව: කැරලිකරුවෝ ඩබික් නගරයේ IS බලකඳවුර 'අල්ලා ගනිති',තුර්කියේ සහාය ලබන කැරලිකරුවන් විසින් IS සංවිධානය යටතේ පැවති සංකේතාත්මක වශයෙන් වැදගත් ඩබික් නගරයේ පාලනය අත්පත් කරගනු ලැබූ බව කැරලි නායකයන් සහ නිරීක්ෂකයන් පවසති.,"සෙනසුරාදා ඩබික් නගරයට ලඟා වූ කැරලිකාර හමුදා අයිඑස් කැරලිකරුවන් නගරය අත්හැර පලා යාමෙන් අනතුරුව කැරලිකරුවන් නගරය අත්පත් කරගත් බවයි, බ්‍රිතාන්‍යය මූලස්ථාන කරගත් SOHR හෙවත් මානව හිමිකම් සම්බන්ධ සිරියානු නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ. උතුරු සිරියාවේ පිහිටි එම කුඩා නගරය අයිඑස් කැරලිකරුවන් සිය ප්‍රචාරක ව්‍යාපාරය සඳහා නිරන්තරයෙන් යොදාගත් මූලෝපායික වශයෙන් ඉතා වැදගත් මධ්‍යස්ථානයක්. ඩබික් නගරය කරා ඉදිරියට ඒම, සිරියානු කැරලිකාර කණ්ඩායම්වල පුළුල් මෙහෙයුමක එක් කොටසක්. ඩබික් නගරය ආසන්නයේ පිහිටි සොරාන් ගම්මානයේ පාලනයත් අත්පත් කරගත් බව සුල්තාන් මුරාඩ් කැරලිකාර කණ්ඩායමේ අණදෙන නිලධාරී අහමඩ් ඔස්මාන් රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබුණි. ඩබික්, තුර්කි දේශසීමාවට කිලෝමීටර 10ක් තරම් ආසන්නයේ පිහිටි නගරයක්. එහි අයිඑස් කැරලිකරුවන් 1200 ක් පමණ රැඳී සිටි බවයි, SOHR සංවිධානය පවසන්නේ. දේශසීමා කලාපයෙන් සන්නද්ධ කණ්ඩායම් පලවා හැරීම පිණිස තුර්කිය පසුගිය මාසයේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කළේය." -140717_lanka_jaffna_rape,https://www.bbc.com/sinhala/sri_lanka/2014/07/140717_lanka_jaffna_rape,'එකොළොස් හැවිරිදි දැරිය දින එකොළහක්',යාපනයේ කරයිනගර් පළාතේ ඌරි නැමති ගම්මානයේ එකොළොස් හැවිරිදි පාසල් දැරියක් දින එකොළහක් තිස්සේ වරින් වර දූෂණය කළ බවට නාවික හමුදා සෙබළෙකුට එරෙහිව චෝදනා ඉදිරිපත් වී ඇතැයි කරයිනගර් පොලිසිය පවසයි.,"බීබීසී සංදේශයේ දිනසේන රතුගමගේ සිද්ධිය සම්බන්ධයෙන් එම දැරියගේ දෙමවුපියන් හා ඥාතීන්ට කථා කළ විට ඔවුන් කියා සිටියේ, ඒ පිළිබඳ තොරතුරු කිසිවකුට කියා තිබුනොත් මුලු පවුලම මරා දමන බවට කිසියම් පිරිසක් විසින් තමන්ට තර්ජනය කරණ හෙයින් තොරතුරු කිව නොහැකි බවයි. සිද්ධිය සැලවීමෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික්කයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා,සුරෙෂ් ප්‍රේමචන්ද්‍රන්, එස්.සරවනබවන්, ඇතුළු පිරිසක් දැරියගේ නිවසට ගොස් කරුණු විමසා ඇත. ඉන් අනතුරුව බීබීසී සංදේශයේ දිනසේන රතුගමගේ සමඟ අදහස් දැක්වූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා කියා සිටියේ, දැරියගේ නිවස අසල පිහිටි නාවික හමුදා කඳවුරක සෙබළෙකු දැරියට දින එකොළහක් පාසලට යාමටවත් ඉඩ නොදී ඇය රදවා ගෙන දූෂණය කොට ඇති බවයි. දවස් එකොළහක් රඳවා තබා දැරිය දිගින් දිගටම පාසලට නොපැමිණීම නිසා ගුරුවරු ඇයගේ නිවසට පැමිණ කළ විමසීමකදී සියලු තොරතුරු හෙළි වී ඇති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. එම ළමා දූෂණ අපචාරය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අදිකාරී අජිත් රෝහණගෙන් විමසීමක් කළ විට ඔහු කියා සිටියේ, දූෂණයට ගොදුරු කර ගත් දැරිය මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර සහ පරීක්ෂණ කටයුතු සඳහා යාපනය රෝහලට ඇතුළත් කොට සිටින අතර යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යන බවයි. වෛද්‍ය වාර්තාවට අනුව දැරිය දූෂණය කොට ඇති බව බවට නිගමනය කෙරී ඇතැයි සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අදිකාරී අජිත් රෝහණ දැරියගේ ප්‍රකාශයේ සඳහන් වන නාවික හමුදා සෙබළා අත් අඩංගුවට ගැනීම පිණිස පොලිසිය පියවර ගනිමින් සිටින බවයි සඳහන් කළේ. නාවික හමුදාවට මේ ගැන දැනුම් දීමෙන් පසු ඔවුන් ද අපරාධය සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් පවත්වන අතර පොලිසියට සිය පූර්ණ සහාය ලබා දීමට නාවික හමුදාව එකඟ වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අදිකාරී අජිත් රෝහණ පවසයි." -140815_india_independence_speach_modi,https://www.bbc.com/sinhala/world/2014/08/140815_india_independence_speach_modi,'කාන්තා දූෂණ ජාතියට ලැජ්ජාවක්'- අගමැති මෝඩි,ඉන්දියාවේ දිගින් දිගටම සිදු වන කාන්තා දූෂණ ජාතියම ලැජ්ජාවට ලක් කරන බව ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි පවසයි.,"දිල්ලි අගනුවර රතු බල කොටුවේ පැවති ඉන්දියාවේ ජාතික නිදහස් දින උත්සවය ප්‍රථම වරට අමතමිනි අගමැති නරේන්ද්‍ර මෝඩි එම අදහස් පළ කළේ. පුරා හෝරාවක් කිසිදු සටහනක් හෝ පෙර සූදානම් කළ පිටපතක් නොමැතිව මුලසුනේ කතාව පැවැත්වූ අගමැති නරේන්ද්‍ර මෝඩි වෙඩි නොවදින ආවරණයක් භාවිතා නොකිරීම තවත් විශේෂයක් විය. සාප්‍රධායික නිදහස් දින මාතෘකාව වන පකිස්තානය සමග පවතින විරස��භාවය බැහැර කරමින් ඉන්දියාව විදේශ අපනයන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ වැඩ පිළිවල සහ ඉන්දියාව තුළ පැතිරෙන කාන්තා අපචාර වළක්වා ගැනීම සම්බන්ධයෙන් යොමු වීම අගමැති නරේන්ද්‍ර මෝඩිගේ නිදහස් දින කතාවේ තවත් විශේෂ වෙනසක් බවයි පැවසෙන්නේ. ඉන්දියාව අපනයන මත පදනම් වූ රටක් බවට පත් කිරීමට උපකාර කරන මෙන් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටි අගමැති වරයා, කාන්තා හිංසනය දුරු කිරීමට උපකාරී වන ලෙස ඉන්දියානු ජනතාවගෙන් ද ඉල්ලීමක් කළේය. අගමැති නරේන්ද්‍ර මෝඩි ගේ නිදහස් දින කතාව සම්බන්ධයෙන් බොහෝ ඉන්දියානුවන් අන්තර්ජාලය හරහා තම අදහස් පළ කරමින් කියා සිටියේ එය ජාතිය පුබුදු කරවන ඉතා ආදර්ශමත් මෙන්ම ප්‍රශංසනීය කතාවක් බවයි." -sri-lanka-39861879,https://www.bbc.com/sinhala/sri-lanka-39861879,ගීතා කුමාරසිංහ තීන්දුවෙන් පසු පක්ෂ ලැයිස්තු වලංගුද?,එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් ලැයිස්තුවෙන් පසුගිය මහ මැතිවරණයට තරග වැදුණු ජනප්‍රිය නිලි ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බව අභියාචනාධිකරණය පසුගිය සතියේ තීන්දු කළේය.,"ඇය ශ්‍රී ලංකාවේ මෙන්ම ස්විට්සර්ලන්තයේද පුරවැසි භාවය හිමි තැනැත්තියක් වීම අධිකරණයේ එම තීන්දුව හේතුවයි. පසුගිය වර්ෂයේ සම්මත කෙරුණු 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර ද්විත්ව පුරවැසිභාවය හිමි තැනැත්තෙකුට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකිය. අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බව මාධ්‍ය වාර්තාවල දැක්වේ. සබැඳි යොමු: කිසියම් ලෙසකින් ශ්‍රේෂ්ඨාධිකරණයත් අභියාචනාධිකරණයේ තීන්දුව අනුමත කළහොත්, ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය ඉදිරිපත් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් ලැයිස්තුව නීතිය ඉදිරියේ වලංගුද? බීබීසී සිංහල සේවය එම ප්‍රශ්නය නීතිවේදීන් කිහිප දෙනෙකු වෙත යොමු කළේය. 'බලපෑමක් නෑ' ""ලැයිස්තුවේ එක අපේක්ෂකයෙක් නුසුදුස්සෙක් වීම හෝ යම් ආකාරයකින් ඔහුගේ මන්ත්‍රී ධුරය අවලංගුවීම මත මුළු ලැයිස්තුවට ඒකෙ බලපෑමක් වෙන්නේ නෑ,"" යන්න එම ප්‍රශ්නයට ජ්‍යෙෂ්ඨ නීතිවේදී ලාල් විජේනායක ලබා දුන් පිළිතුරය. කිසියම් ලෙසකින් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක දෙකේ අපේක්ෂක ලැයිස්තු අවලංගු වුවහොත් පාර්ලිමේන්තුවේ බල තුලනයේ ප්‍රබල වෙනසක් සිදු විය හැකිය ""මොකද එහෙම කරොත් වරදක් නොකරපු බොහෝ දෙනෙකුට දඬුවම් විඳින්න සිද්ද වෙනව එක්කෙනෙක් නිසා."" එක් පුද්ගලයකු කළ වරදක් හේතුවෙන් සමස්ත අපේක්ෂක ලැයිස්තුවම අවලංගු කිරීම ඡන්දදායකයාගේ අයිතිය උල්ලංඝණය කිරීමක් වන බවත් නීතිඥ ලාල් විජේනායකගේ අදහසය. කෙසේ නමුත් 'රයිට්ස් නව්' සංවිධානයේ නීතිඥ සුදර්ශන ගුණවර්ධන පවසන්නේ අදාළ තීන්දුවෙන් අනතුරුව මන්ත්‍රීවරිය තේරී පත් වූ අපේක්ෂක ලැයිස්තුවේ නීත්‍යානුකූලභාවය පිළිබඳව ප්‍රධාන මත දෙකක් පළවෙමින් පවතින බවයි. 'පූර්වාදර්ශ නෑ' ""සමානුපාතික ක්‍රමය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තට පස්සේ, ඉතාම විරලයි මෙවැනි අවස්ථා. ඒ නිසා පූර්වාදර්ශයක් නැහැ මෙවැනි මන්ත්‍රී ධුරයක් අහිමිවීම සම්බන්ධව,"" ඔහු පැවසීය. එබැවින් මෙවැනි ""විවෘත ගැටලුවක්"" පිළිබඳව අවසාන වශයෙන් තීරණයක් ගත යුත්තේ අධිකරණය විසින් බවද නීතිඥ සුදර්ශන ගුණවර්ධන සඳහන් කළේය. පුරප්පාඩුවට හිටපු අමාත්‍ය පියසේන ගමගේ පත්කරන මෙන් උපදෙස් දෙනවා - අමාත්‍ය මහින්ද අමරවීර අපේක්ෂකයෙකුගේ අයදුම් පත්‍රයේ නීත්‍යානුකූලභාවය පිළිබඳව ගැටළු මතුවීම හේතුවෙන් පක්ෂයේ සම්පූර්ණ අපේක්ෂක ලැයිස්තුවම ප්‍රතික්ෂේප කෙරුණු අවස්ථා පිළිබඳව මීට ඉහතදී උදාහරණ පවතී. 2006 දී කොළඹ මහ නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ ලැයිස්තුවේ එක් අපේක්ෂකයකුගේ වයස සම්බන්ධයෙන් මතුකෙරුණු විරෝධතාවක් හේතුවෙන් සම්පූර්ණ ලැයිස්තුවම ප්‍රතික්ෂේප කෙරිණ. එබැවින් එම මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායමකට සහාය දීමට එක්සත් ජාතික පක්ෂයට සිදුවිය. එහෙත් ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය සම්බන්ධ අධිකරණ විභාගය සහ කොළඹ මහ නගර සභාවේ අපේක්ෂක ලැයිස්තුව අහෝසිවීම එකිනෙකට සම්බන්ධ කළ නොහැකි බව ලාල් විජේනායක සහ සුදර්ශන ගුණවර්ධන නීතිවේදීන් දෙදෙනාම පවසති. මාතර ලැයිස්තුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලැයිස්තුවෙන් මාතර දිස්ත්‍රික්කයට තරග වැදුණු මනෝජ් ප්‍රසංග හේවාගම්පලගේ ද ද්විත්ව පුරවැසියකු බැවින් එම අපේක්ෂක ලැයිස්තුවත් අවලංගු කළ යුතු බවට 2015 අගෝස්තු මහ මැතිවරණයේදී විරෝධතා ඉදිරිපත් කෙරිණ. මාතර දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරියා එම විරෝධතාවද ප්‍රතික්ෂේප කළේය. අභියාචනාධිකරණයේ තීන්දුවෙන් අනතුරුව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක ලැයිස්තු දෙකම නීතිය හමුවේ වලංගු නොවන බව කිසියම් ලෙසකි���් අධිකරණය තීන්දු කළහොත් වත්මන් පාර්ලිමේන්තුවේ බල තුලනයේ ප්‍රබල වෙනසක් සිදු වනු ඇති බව Economy Next වෙබ් අඩවිය මේ අතර පෙන්වා දෙයි. එසේ වුවහොත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 11 ක් අහිමිවනු ඇති අතර, එම මන්ත්‍රී ධූර එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර බෙදී යා හැකි බවද වෙබ් අඩවිය වැඩිදුරටත් පවසයි. ශ්‍රීලනිප මතය ගීතා කුමාරසිංහගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා සිය ලැයිස්තුවෙ ඊළඟට සිටින හිටපු අමාත්‍ය පියසේන ගමගේ පත්කරන මෙන් මැතිවරණ කොමිසමට උපදෙස් දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයා බීබීසී සිංහල සේවයට පැවසීය. මන්ත්‍රීවරිය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බැවින් එහි තීන්දුව ලැබෙන තුරු නව පත්කිරීමක් කළ හැකිදැයි විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ අධිකරණය එවැනි තහනම් නියෝගයක් නිකුත්කර නොමැති බවය. මන්ත්‍රීවරියගේ මන්ත්‍රී ධුරය අවලංගු වන්නේ නම් සන්ධානයේ සම්පූර්ණ අපේක්ෂක ලැයිස්තුවම අවලංගු විය නොහැකි දැයි විමසූ අවස්ථාවේ අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය වූයේ එයද අධිකරණයට භාර කටයුත්තක් බවය." -130624_karu_keheliya_ethics,https://www.bbc.com/sinhala/sri_lanka/2013/06/130624_karu_keheliya_ethics,ආචාර ධර්ම අවශ්‍ය රාජ්‍ය මාධ්‍යවලටයි - කරු ජයසූරිය,ශ්‍රී ලංකාවේ රාජ්‍ය මාධ්‍යවල ඇතැම් වැඩ සටහන් පිළිබඳව ජනමාධ්‍ය සම්බන්ධ පාර්ලිමේන්තු කමිටුවේදී බොහෝ විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළ වූ බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් පවසයි.,"ආණ්ඩුවේ ආචාර ධර්ම ජනමාධ්‍ය දඩයමේ තවත් පියවරක් බව මාධ්‍ය ක්‍රියාධරයෝ පවසති විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහ අයිටීඑන් නාලිකාවේ 'පහත් පෙලේ' වැඩසටහන් දෙකක් 'චරිත ඝාතන වැනි ප්‍රචාරවලට' යොදා ගැනීම නිසා එය වැළැක්වීමට පියවර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කළ බවයි, එජාප මන්ත්‍රී කරු ජයසූරිය බීබීසී සංදේශයට කියා සිටියේ. සියලු ජනමාධ්‍ය වෙනුවෙන් ආචාර ධර්ම පද්ධතියක් සකස් කරන බව ආණ්ඩුවෙන් එයට ලැබුන ප්‍රතිචාරය බව ද ඔහු පැවසීය. 'ඉවත්කර ගත්තේ නෑ' ""ආචාර ධර්ම පද්ධතිය අවශ්‍ය වෙන්නේ රාජ්‍ය මාධ්‍යයට, පෞද්ගලික මාධ්‍යයේ විනිවිද භාවයක් තියෙනවා,"" ඔහු පැවසීය. මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කළේ, ජනමාධ්‍යවලට ආචාර ධර්ම හඳුන්වා දුන්නේ ඔහු ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම්වලට සවන් දීමෙන් අනතුරුව බවට ��නමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සංදේශය සමඟ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්. එම ආචාර ධර්ම නීතියක් නොවන බව අවධාරණය කරන අමාත්‍ය රඹුක්වැල්ල, පුවත්පත් කතුවරුන්ගේ සහ මාධ්‍ය සංවිධානවල විරෝධය හමුවේ එය ඉවත්කරගත් බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කළේය. ""විපක්ෂයේ මන්ත්‍රීවරු කියන දේට ඔහොම කන් දෙනවා නම් කොච්චර හොඳද?"" යනුවෙන්ද කරු ජයසූරිය මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය. ආණ්ඩුවට චෝදනා එල්ල වන විට විපක්ෂයට ඇඟිල්ල දිගු කරනු වෙනුවට ආණ්ඩුව කළ යුතුව තිබෙන්නේ තමා ඉදිරිපත් කළ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිලිබඳ පණතට සහයෝගය දීම සහ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම බව ද මන්ත්‍රීවරයා පැවසීය." -120812_election_violence,https://www.bbc.com/sinhala/sri_lanka/2012/08/120812_election_violence,ඡන්ද මැර ක්‍රියාවල යෙදුනත් ජනාධිපති අපි ආරක්ෂා කරාවි - ආණ්ඩු පක්ෂ මන්ත්‍රී,ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන් කලක් මුළුල්ලේම මැතිවරණ දිනීම සඳහා මැර ක්‍රියාවල යෙදෙන්නේ කවර වරද කළත් ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන් ආරක්ෂා කරන බව විශ්වාස නිසා යයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් පවසයි.,"මාතලේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා ඒ බව සඳහන් කළේ සේරුවිල, එළැඹෙන පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන්ට සහාය දීම සඳහා අලි ඔලුව ප්‍රදේශයේ දී පැවති රැස්වීමක් අමතමින්. සේරුවිල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මෙවර මැතිවරණයේදී පාලක සන්ධානයේ අපේක්ෂකයන්ට සහාය පළ කරද්දී, උප සභාපතිවරයා විමල් වීරවංශ ඇමතිවරයාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයන්ට සහාය පළ කිරීම හේතුවෙන් ප්‍රාදේශීය සභාවේ අර්බුදයක් මතු වී තිබෙන බව එක් කථිකයෙක් එහිදී මන්ත්‍රීවරයාගේ අවධානයට යොමු කළේය. ඡන්දදායකයන් මුලා කිරීම එයට ප්‍රතිචාරය පළ කළ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මන්ත්‍රීවරයා පැවසුවේ, මැතිවරණවලදී තමන් මුහුණපා තිබෙන ප්‍රශ්නවලට සාපේක්ෂව එය කිසිසේත්ම අර්බුදයක් නොවන බවයි. මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාර වල දී තමන් කෙතරම් වාහන ගිනි තබා තිබෙන්නේදැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා, එසේම තමන්ගේ බොහෝ වාහන ද ගිනිබත් කරන ලද බවත් පැවසීය. 2008 පළාත් සභා මැතිවරණය පිළිබඳව සඳහන් කළ මන්ත්‍රීවරයා, එහිදී තමන් ඡන්දදායකයන් මුලා කළ අන්දම ද පැහැදිලි කළේය. ඇතැම් ප්‍රදේශවලට විදුලිය ලබා දෙන බව පවසමින් විදුලි රැහැන් වලට හැට්ට කටු ගසා නීති විරෝධී ලෙසින් නිවෙස���වලට විදුලිය ලබා දුන් බවත්, ට්‍රැක්ටර වලින් ජලය බෙදා දෙමින් ඇතැම් පළාත්වලට ජලය ලබා දෙන බවට පොරොන්දු වූ අන්දමත් සිහිපත් කළේය. තමන් මේ සියලු මැර ක්‍රියා සහ ජනතාව මුලා කිරීමේ යෙදුනේ තමන්ට ලැබී තිබූ ජනතා බලය සහ කවර වරද කළත් ජනාධිපතිවරයා තමන් ආරක්ෂා කරන බවට තිබූ විශ්වාසය නිසා බව ද ඔහු සඳහන් කළේය." -140922_unp-girambe_tissa,https://www.bbc.com/sinhala/sri_lanka/2014/09/140922_unp-girambe_tissa,තිස්ස පක්ෂය විනාශ කිරීමේ 'කුමන්ත්‍රණයක',ආරක්ෂක ලේකම්වරයා සහ පෞද්ගලික මාධ්‍ය ප්‍රධානීන් සමඟ එක්ව පක්ෂයේ ඉදිරි ගමන විනාශ කිරීමේ කුමන්ත්‍රණයක යෙදී සිටින බවට එක්සත් භික්ෂු පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාට චෝදනා කරයි.,"පක්ෂ නායකයා සහ මහලේකම්වරයා ඇතුළු පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී තමන් මෙම චෝදනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පක්ෂයේ නායකත්ව මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමට මහලේකම්වරයා හදිසියේම තීරණය කොට ඇති බව එක්සත් භික්ෂු පෙරමුණේ නායක ගිරාඹේ ආනන්ද අනුනාහිමියෝ බීබීසී සංදේශයට පැවසූහ. තමන් වහන්සේ එම චෝදනාව එල්ල කළ අවස්ථාවේ එය සත්‍යයක් නොවන බවට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය තමන් වහන්සේ පිළිගත් බවද උන්වහන්සේ පැවසූහ. ""ඉතින් ඒ නිසා එතුමාට අස්වෙන්න දෙයක් නෑ. මගේ එහෙම සම්බන්ධයක් නෑ කියල එතුමා කිවුව නම් අපි පිළිගන්නවා ඒක. එහෙම එතුමා අස්වෙනවා නම් ඒකෙන් හැඟෙන්නේ ඒක සත්‍යයි කියල බවයි මට හිතෙන්නේ,"" යනුවෙන්ද එහිමියෝ සඳහන් කළහ. සජිත් ප්‍රේමදාස විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පක්ෂයේ නියෝජ්‍ය නායක පදවියට පත් කිරීමට ආණ්ඩුව 'විශාල උනන්දුවකින්' කටයුතු කරමින් සිටින අතර, ටිරාන් අලස් මන්ත්‍රීවරයා ඇතුළු මාධ්‍ය ප්‍රධානීන් එයට සහාය දෙන බවයි අනුනායක හිමියන් පවසන්නේ. තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාද එම යෝජනාවට සහාය පළ කොට තිබේ. සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට නියෝජ්‍ය නායක පදවිය පිරිනැමීමට තමන් වහන්සේගේ කිසිදු විරෝධයක් නැතත්, කලක් මුළුල්ලේ පක්ෂයේ කටයුතුවලට සම්බන්ධ නොවී ඉවත්ව සිටි බවට එහිමියෝ ප්‍රේමදාස මන්ත්‍රීවරයාට චෝදනා කරති. ""අපේ විරෝධයක් නෑ. එයයි එන්නේ නැත්තේ."" එමෙන්ම භික්ෂූන් වහන්සේලාගේ යෝජනාව මත නිර්මාණය කරන ලද නායකත්ව මණ්ඩලය අහෝසි කරන මෙන් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා කරන යෝජනාවට තරයේ විරෝධය පළ කරන බවද ගිරාඹේ ආනන්ද රාමඤඤ නිකායේ අනුනාහිමියෝ සංදේශයට පැවසූහ. ""නායකත්ව මණ්ඩලය නිසා තමයි අද යූඑන්පී එක පණ ගැහිල ඇවිල්ල තියෙන්නේ. ඒක නායකතුමාත් අනුමත කරනවා,"" යනුවෙන්ද එහිමියෝ සඳහන් කළහ. 'මට ලැජ්ජාවක්' ගිරාඹේ ආනන්ද හිමියන් ඉදිරිපත් කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා, 'රනිල්, සජිත්, කරු එක වේදිකාවකට ගෙන ඒමට' තමන් දියත් කළ ක්‍රියාදාමය නායකත්ව මණ්ඩලයේ ඇතැමුන්ගේ විවේචනයට ලක් වූ බැවින් එයින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව සංදේශයට කියා සිටියේය. ආරක්ෂක ලේකම්වරයා සමඟ එක්ව ආණ්ඩුවේ න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කරන බවට එල්ල වන චෝදනාව පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහුගේ ප්‍රතිචාරය වූයේ, ""ඇත්තටම ඒ චෝදනාව මට ලැජ්ජාවක්. මම කාගේවත් කොන්ත්‍රාත්තු කරන්නේ නෑ. ආණ්ඩුවේ කිසිම කෙනෙක් එක්ක මගේ ගනුදෙනුවක් නෑ,"" යන්නයි. සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා නියෝජ්‍ය නායකත්වයට පත්කිරීමට සහාය දෙන නමුත් නායකත්ව මණ්ඩලය අහෝසි කළ යුතු බවක් කිසිවෙකුත් යෝජනා කොට නැති බව පක්ෂයේ මහ ලේකම්වරයා අවධාරණය කරයි. ""එහෙම කවුරු හරි කියනවා නම් ඒක බොරුවක්,"" යනුවෙන්ද ඔහු පැවසීය. පක්ෂයේ නායකත්වය පිළිබඳ අර්බුදවලදී තමන් සැමවිටම නායකයා වෙනුවෙන් පෙනී සිටි බව පෙන්වා දෙන තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා, නායකත්ව මණ්ඩලයෙන් ඉල්ලා අස්වුවත් මහලේකම් පදවියේ දිගටම රැඳී සිටිමින් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කරන බවද සංදේශයට පැවසීය. කෙසේ නමුත් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් සිරස නාලිකාව, මවුබිම පුවත්පත ඇතුළු මාධ්‍ය සමඟ තමන් අදහස් හුවමාරු කරගත් බව රහසක් නොවන බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය." -world-43913397,https://www.bbc.com/sinhala/world-43913397,දිනෙන් දින ඉහළ යන බ්‍රිතාන්‍යයේ ළමා අපචාර,එක්සත් රාජධානියේ පාසල් තුළ සහ ඉන් පිටත ලිංගික හිංසනයට ලක් වන දරුවන්ගේ ගණන අවුරුදු පතා ඉහළ යන බව වාර්තා මගින් පෙන්නුම් කෙරෙයි.,"ප්‍රාථමික අංශයේ ඉගනුම ලබන දරුවන් පවා ලිංගික අපරාධ සිදු කිරීමේ ප්‍රවණතාවක් දැකිය හැකි බව, එවැනි සිද්ධියකට මුහුණ දුන් දරුවෙකුගේ මවක් පැවසුවාය. තම පුතා පාසලේ තවත් කුඩා පිරිමි ළමයෙකු විසින් දූෂණයට ලක් කර ඇති බව ඇය පවසන්නීය. මෙය සිදු වී ඇත්තේ දරුවන් දෙදෙනා එකට සෙල්ලම් කරන අවස්ථාවකදීය. තම දරුවන් ප්‍රවේසම් කර ගැනීමේ වැදගත්කම සහ මෙවැනි සිද්ධියකට තවත් දරුවකු ගොදුරු නොවීමට වග බලා ගැනීමට ඇය එම සිද්ධිය මෙසේ හෙළි කර සිටියාය. තම පුතාගේ පාසලේ පහළ ශ්‍රේණියක ඉගනුම ලබන දරුවෙක් දිනක් සාරාගේ (ඇයගේ සැබෑ නම නොව) නිවසට පැමිණියේ 'ලෙගෝ' ක්‍රීඩාවේ ""විශේෂ දෙයක් කරන්න තියෙනවා"" යැයි පවසිමිනි. ක්‍රීඩාවේ යෙදීමට යැයි පවසමින් ඔහු සිය පුතා කැටුව කාමරයට ගියේය. ඉන් පසු සිය මිතුරා දොරට පුටුවක් තද කර තිර රෙදි පහතට දැමූ බව පුතා මවට පසුව පැවසුවේය. පුතාට වඩා වයසින් බාල මෙම දරුවා ලිංගික අවයව පෙන්වා සිටින ලෙසට පුතාට බල කර ඇති අතර, ඔහුගේ කලිසම සහ යට කලිසම ගැලවීමට උත්සහ දරා තිබුණි. සෙල්ලම් කරන අවස්ථාවල දී අනෙක් පිරිමි ළමුන් තමන්ට එසේ ලිංගික අවයව පෙන්වන බව ඔහු පවසා ඇත. මේ ආකාරයට සෙල්ලම් නොකළහොත් ඔහු පුතා සමග අමනාප වන බව දන්වා ඇත. ඔහු වෙනත් මිතුරන් සමග ද මෙවැනි ක්‍රියාකාරකම්වල යෙදී ඇති බවත් පවසා ඇත. පසුව ඔහු තම පුතා දූෂණය කර ඇති බව සාරා පැවසුවාය. මෙම සිද්ධිය පිළිබද දෙමාපියන්ට පැවසුවහොත් ඔහු පුතා සමග අමනාප වන බව තවදුරටත් පවසා ඇත. කෙසේ වෙතත්, රාත්‍රියේ නින්දට යන අවස්ථාවේ පුතා මෙම සිද්ධිය සාරාට විස්තර කළේය. මිතුරා විසින් මෙවැනි දෙයක් මින් පෙර සිදු කර තිබේදැයි සාරා ඇසුවාය. මිතුරාගේ නිවසට ගිය සෑම අවස්ථාවකදීම ඔහු අනවශ්‍ය ලිංගික යෝජනා කරමින් අපයෝජනය කිරීමට උත්සහ කළ බව පුතාගේ පිළිතුර විය. වයස අවුරුදු අටේ පටන් අවස්ථා හතරක දී ඔහු මෙලෙස දූෂණයට ලක් වී ඇති බව සාරාට දැනගන්නට ලැබුණි. මේ තොරතුරුද දැනගන්න: අපි සිතනවාට වඩා ළමුන් ලිංගික ක්‍රියාකාරකම්වල බහුලව යෙදෙන බව සාරා පැවසීය. ප්‍රාථමික පාසල් අධ්‍යාපනය ලබන දරුවෙකුට ඔහුගේ මිතුරා ලිංගික අපයෝජනයට ලක් කිරීමට තරම් ශාරීරික ශක්තියක් ඇති බව ඇය දැන සිටියේ නැත. සිද්ධිය පිළිබද පොලිසිය සහ දේශීය ළමා ආරක්ෂණ සේවාවන් දැනුවත් කිරීමට සාරා කටයුතු කර තිබුණි. විශේෂ පොලිස් නිලධාරියෙකු සිය පුතාට කතා කළ නමුත් අපරාධය සිදු කළ දරුවා වයස අවුරුදු දහයට අඩු නිසා ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කළ නොහැකි බව දන්වා ඇත. මෙම නඩුව සමාජ සේවා ආයතන වෙත යොමු කිරීමෙන් පසුව අවසානයේදී සාරාගේ පුතුට වන්දියක් ප්‍රදානය කරන ලදී. ""පුතා දැන් කලින් සිටි දරුවා නෙවෙයි. පුතා නිතරම ඉන්නේ කලකිරීමෙන්,"" යැයි සාරා පැවසුවාය. ""ඔහු උපදේශන සේවා වට දෙකකට සහභාගී වුණා. ඔවුන් කරපු උදව්වලට මම ස්තුතිවන්ත වෙනවා. ඔහුට දැන් අලුත් මිතුරන් සිටිනවා. නමුත් ඔහුට සෑම දේම අලුතින් පටන් ගන්න සිදු වුණා."" මෙවැනි අපරාධ පිළිබද සමාජ���ේ විවෘතව කතා කළ යුතු අතර, කරුණු සැඟවීමට උත්සහ කිරීමෙන් තවත් දරුවන් ලිංගික හිංසනයන්ට ගොදුරු වන බව සාරා පෙන්වා දෙන්නීය. තවත් තොරතුරු:" -world-39870343,https://www.bbc.com/sinhala/world-39870343,උතුරු කොරියාවට යෑමට සූදානම් - ද. කොරියාවේ නව ජනපති,නිදහස් මතධාරී මූන් ජේ-ඉන් දකුණු කොරියාවේ නව ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුණි.,නව ජනාධිපති මූන් ජේ-ඉන් විසින් තමන් හඳුන්වා ගනු ලබන්නේ පැවති පාලන සමයේ සිදු වූ අක්‍රමිකතාවලට තිත තබා රට ඉදිරියට රැගෙන යා හැකි පුද්ගලයෙකු වශයෙනි තමන් ආර්ථික ගැටලුවලට සහ උතුරු කොරියාව සමග පවතින සබඳතා සම්බන්ධයෙන් විසඳුම් ලබා දෙන බවට සිය පළමු දේශනයේ දී අදහස් දක්වමින් ඔහු ප්‍රතිඥා දුන්නේය. ජනාධිපති මූන් වැඩිදුරටත් කියා සිටියේ නිවැරදි මොහොත පැමිණි විට තමන් උතුරු කොරියාවේ සංචාරයක නිරත වීමට පවා සූදානම් බවය. ඊයේ (මැයි 09) පැවති ජනාධිපතිවරණයෙන් ඉහළ ජයග්‍රහණය අත්කර ගත් මූන් ජේ-ඉන් දිනකට පසු සෝල් අගනුවර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේය. හිටපු මානව හිමිකම් පිළිබඳ නීතිඥවරයෙකු සහ උතුරු කොරියාවේ සිට පැමිණි සරණාගතයෙකුගේ පුතෙකු වන ඔහු නිදහස් මතධාරියෙකු වශයෙන් ප්‍රචලිතය. උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සහ මිසයිල වැඩසටහන මුල් කර ගනිමින් මතුව ඇති කලාපීය උණුසුම තවදුරටත් එළෙසම පවතී. උතුරු කොරියාව සමග නව ජනාධිපතිවරයා සෝල් අගනුවර සිය ආධාරකරුවන් සමග දකුණු කොරියාවේ වත්මන් විදේශ ප්‍රතිපත්තිය වෙනස් විය යුතු බව පවසන මූන් ජේ-ඉන් අසල්වැසි උතුරු කොරියාව සමග සමීප සංවාදයක් පැවැත්වීම වෙනුවෙන් පෙනී සිටී. දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාක් ගුන් හෙයිට මහා පරිමාණ දූෂණ චෝදනා එල්ල වීමෙන් අනතුරුව ඇයට එරෙහිව දෝෂාභියෝගයක් පැවැත්විණි. ඒ හමුවේ හිටපු ජනාධිපතිනියට සිය ධුරයෙන් ඉවත් වීමට සිදු විය. -140331_lanka_cricket_newzealand,https://www.bbc.com/sinhala/sri_lanka/2014/03/140331_lanka_cricket_newzealand,විස්සයි විස්ස; ඉරණම තීන්දු කෙරෙන තරඟය,නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තීරණාත්මක සටන ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම් ක්‍රීඩකයෝ ළකුණු 119 කට දැවී ගියහ.,"ශ්‍රී ලංකා ඉණිමේ විශේෂත්වයක් වුනේ නියමිත ඕවර් විස්ස ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අසමත් වීම.ඔවුන් සියලු දෙනාම පන්දු ඕවර් 19.2 කදී දවා ලීමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වුහ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ක්‍රිකට් ලෝක ශූරතා තරඟාවලියේ දී මුහුණ දෙන තීරණාත්මක තරඟය මෙය වී ඇති අතර,තරඟාවලිය තුල රැඳී සිටීමට නම් නවසීලන්ත කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ලීමේ අභියෝගයට ඔවුහු මුහුණ දී සිටිති. බංග්ලාදේශයේ චිතගොං නගරයේයි තරඟය පැවැත්වෙන්නේ. අද තරඟයේදී කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම ශ්‍රී ලංකා කණ්ඩායමට පවරා පන්දු රැකීම තෝරා ගනිමින් තරඟයේ වාසිය ඔවුන් අතට ගත්හ. පන්දුවට පහර දීම ආරම්භයේ පටන්ම ශ්‍රී ලංකා කණ්ඩායම තුළින් සුපුරුදු දස්කම් ප්‍රදර්ශනය නොවූ අතර, මුල් පෙළේ පිතිකරුවෝ සියලු දෙනාම අඩු ලකුණු සංඛ්‍යාවලට දැවී ගියහ. විස්සයි විස්ස ශ්‍රී ලංකා කණ්ඩායම,සිය නායක දිනේෂ් චන්දිමාල් නොමැතිවයි, අද තරඟයට මුහුණ දෙන්නේ. මින් පෙර තරඟයකදී අදාළ කාල සීමාව ඇතුළත නියමිත පන්දු ඕවර් සංඛ්‍යාව යැවීමට අසමත් වීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල්ට තරඟ තහනමකට යටත් කරනු ලැබීම හේතුවෙනුයි ඔහුට මේ තරඟය අහිමි කෙරුණේ. මෙම තරඟාවලිය ආරම්භයේ පටන් දක්ෂතා පෙන්නුම් කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරඟය තීරණාත්මක එකක් බවට පත් වුණේ, පසුගිය දා එංගලන්ත කණ්ඩායමත් සමඟ පැවැත්වුන තරඟය පරාජය වීම හේතුවෙන්. අද තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙන්නේ ලසිත් මාලිංග. නවසීලන්ත කණ්ඩායම මේවනවිට සිය ඉණිම ආරම්භ කර ඇත." -world-38282960,https://www.bbc.com/sinhala/world-38282960,"""පූතින් සුනඛ සුරතලා එපා කියයි""",රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින් වෙත සුනඛයකු තෑගි කිරීමට ජපාන ආණ්ඩුව සුදානම් වුවත් ඔහු එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බව ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පවසයි.,"ජපාන රජය 2012 වසරේදී ජනාධිපති පුතින් වෙත තෑගි කළ'යුමේ' නමැති සුනඛ සුරතලිය (වම් පසින්) ජනාධිපති පූතින් විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත්තේ ඇයි දැයි යන්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කොයිචි හගිවුඩා කිසිත් පවසා නොමැත. ජපාන රජය 2012 වසරේදී ජනාධිපති පූතින් වෙත 'යුමේ' නමැති අකිටා වර්ගයේ සුනඛ සුරතලියක් තෑගි කළේය. තවත් සුනඛයෙකු තෑගි කිරීමට ජපාන රජය සූදානම් වී ඇත්තේ ඇයට සහකරුවකු හඳුන්වා දීමේ අරමුණෙනි. ""අවාසනාවකට, අපිට ඒ බව රුසියාවෙන් අහන්න ලැබුණා. මනමාලයෙක් තෑගි කිරීමට අපේ තිබුණු බලාපොරොත්තුව බොඳ වෙලා ගියා,"" පාර්ලිමේන්තු මන්ත්‍රී කොයිචි හගිවුඩා සිය බ්ලොග් පිටුවේ සඳහන් කොට තිබේ. ජනාධිපති පූතින් ද සහභාගිවීමට නියමිත, ලබන සතියේ ජපානයේ පැවැත්වෙන සමුළුව අතරවාර��ේ සුනඛයා තෑගි කිරීමට සැලසුම් කොට තිබිණි. ජපානයේ උතුරු කලාපය අකිටා වර්ගයේ සුනඛයන්ගේ නිජ භූමියයි. රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින්, මෙසේ තෑගි වශයෙන් ලැබුණු සුරතල් සුනඛයන් කීප දෙනෙකුගේ හිමිකරුවාය." -world-53826116,https://www.bbc.com/sinhala/world-53826116,ඇමරිකාව: පෘථිවියේ මෙතෙක් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය කැලිෆෝනියාවෙන්,පෘථිවියේ මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය පසුගිය ඉරිදා (අගෝ. 16) ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ පිහිටි 'ඩෙත් වැලි' (Death Valley - මරණයේ නිම්නය) ජාතික උද්‍යානය ප්‍රදේශයෙන් වාර්තා විය.,"එය සෙල්සියස් අංශක 54.4Cක් ලෙස සටහන් වී තිබිණි. එක්සත් ජනපද ජාතික කාලගුණ සේවය විසින් මෙම වාර්තා තහවුරු කරනු ලැබ ඇත. මෙම ඉහළ උෂ්ණත්වය වාර්තා වුයේ එක්සත් ජනපදයේ බටහිර වෙරළ තීරයට තාප තරංගයක බලපෑම එල්ලවී තිබියදීය. එම වෙරළ තීරයේ උෂ්ණත්වය මෙම සතිය තුළ තවදුරටත් ඉහළ යනු ඇති බවට කාලගුණ අනාවැකි පළවී තිබිණි. මෙම තත්ත්වය මත සෙනසුරාදා දින (අගෝස්තු 15) විදුලි බලාගාරයක් අක්‍රීය වීම හේතුවෙන් කැලිෆෝනියාවේ දින දෙකක් පුරා විදුලි බලය ඇනහිට තිබිණි. 'ඩෙත් වැලි' ජාතික වනෝද්‍යානයේ සේවය කරන බ්‍රැන්ඩි ස්ටුවර්ට් බීබීසී වෙත පැවසුවේ, ""එය පීඩාකාරී උණුසුමක්. එය කෙලින්ම ඔබේ මුහුණට දැනෙනවා,"" යනුවෙනි. බ්‍රැන්ඩි ස්ටුවර්ට් කඩින් කඩ වසර පහක් පුරා ජාතික වනෝද්‍යාන තුළ පදිංචි වී සේවය කරන තැනැත්තියකි. පිටත පවතින දරා ගැනීමට අපහසු උෂ්ණත්වය නිසා අගෝස්තු මාසයේ වැඩි කාලයක් ඇය නිවසට වී ගතකරයි . ""රත් වූ කොණ්ඩය වේලන උපකරණ පොකුරකින් මුහුණට පහරක් ගහනවා වගෙයි පිටතට ඇවිද යන විට දැනෙන්නේ. ඔබට උණුසුම දැනෙන්න ගන්නවා. එය උඳුනක් ඇතුළට ඇවිදීම හා සමානයි. උණුසුම ඔබ වට කරගන්නවා,"" ඇය පැවසුවාය. පෙර වාර්තා මොනවාද? මෙම ඉහළම උෂ්ණත්වය ඉරිදා (අගෝස්තු 16) දින වාර්තා වූයේ ඩෙත් වැලි හි ෆර්නස් ක්‍රීක් ප්‍රදේශයෙනි. මීට පෙර, පෘථිවියේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 54 වාර්තා වූයේ ද ඩෙත් වැලි ප්‍රදේශයෙනි. ඒ, 2013 වසරේදීය. ශතවර්ෂයකට පෙර මෙම ප්‍රදේශයෙන් ම සෙල්සියස් අංශක 56.6 වාර්තා වීම විවාදයට තුඩු දී ඇත. ඇතැම් නූතන නව කාලගුණ විශේෂඥයන් විශ්වාස කරන්නේ මෙය වැරදි ආකාරයෙන් සටහන් වූවක් බවය. එකල ගිම්හානයේදී තවත් එවැනිම දැඩි උෂ්ණත්ව කිහිපයක් වාර්තා වී තිබිණි. කාලගුණ ඉතිහාසඥ ක්‍රිස්ටෝපර් බර්ට් 2016 දී කළ විශ්ලේෂණයකට අනුව, 1913 දී කලාපය තුළ වාර්තා වූ අනෙකුත් උෂ්ණත්ව ඩෙත් වැලි හි සටහන් සනාථ නොකරයි. සෙල්සියක් අංශක 55ක් වූ පෘථිවියේ තවත් වාර්තාගත උෂ්ණත්වයක් 1931 දී ටියුනීසියාවේ සටහන් වූ නමුත් ක්‍රිස්ටෝපර් බර්ට් පැවසුවේ එය මෙන්ම යටත් විජිත සමයේ අප්‍රිකාවෙන් නිකුත් කළ අනෙක් කාලගුණ වාර්තා ද ""විශ්වසනීයත්වය පිළිබඳ බරපතල ගැටලු"" ඇති කරන බවය. තාප තරංගය ගැන කුමක් කිව හැකිද? වර්තමානයේ පවතින තාප තරංගය ඇමෙරිකාවේ නිරිතදිග පිහිටි ඇරිසෝනා ප්‍රාන්තයේ සිට වයඹ දිග පිහිටි වොෂිංටන් ප්‍රාන්තය දක්වා විහිදී තිබේ. සතියේ අග භාගයේ උෂ්ණත්වය පහත වැටීමට පෙර එය සඳුදා (අගෝ. 17) සහ අඟහරුවාදා (අගෝ. 18) උපරිමයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරිණි. කෙසේවෙතත්, දැරිය නොහැකි උෂ්ණත්වය අවම වශයෙන් තවත් දින දහයක්වත් පවතිනු ඇත. කැලිෆෝනියාවේ උෂ්ණත්වය ඉහළ යත්ම, සෙනසුරාදා (අගෝ. 15) ලාසන් ප්‍රදේශයෙන් විශාල 'ගිනි සුළියක්' (firenado) නිරීක්ෂණය විය. සෙනසුරාදා 'ගිනි සුළියක්' දිස්විණි කැලිෆෝනියා ප්‍රාන්ත විදුලි බලය කළමනාකරණයේ නියුතු CISO (Independent System Operator) ආයතනය මේ වන විට තෙවෙනි අදියරේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. එහි අර්ථය නම් ""සැපයුමට වඩා වැඩි වේගයකින් ඉල්ලුම ඉහළ යාමට පටන්ගන්නා"" තත්ත්වයකි. කලාපයේ බලශක්තිය සැපයීම සූර්ය සහ සුළං බලශක්තිය මත රඳා පවතින නිසාත්, මිනිසුන් තම විදුලිය වායුසමනය සඳහා භාවිත කරන නිසාත්, තාප තරංගයක් පවතින විට දී විදුලිබල ජාලය අඩපණ වන අතර ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම අක්‍රමවත් වීමේ අවදානමක් ඇත. විදුලිය සඳහා වන ඉල්ලුම කළමනාකරණය කිරීම සහ සම්පූර්ණ බිඳ වැටීමක් වැළැක්වීම සඳහා, බලශක්තිය පාලනය කිරීම සහ සංරක්ෂණය කිරීමට නිලධාරීහු නියමිත කාලසටහනකට අනුව විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කරති. අධික තාපයේ බලපෑම් මොනවාද? සෙල්සියස් අංශක 32ට වැඩි උෂ්ණත්වයක් සමග අධික තාපය හා ආර්ද්‍රතාව දින දෙක තුනක කාලයක් පැවතීම දැඩි උණුසුම් පරිච්ඡේදයක් ලෙස නිලධාරීහු හඳුන්වති. එක්සත් ජනපදයේ මහජන සෞඛ්‍ය ආයතනය වන රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසන්නේ රටේ වෙනත් දරුණු කාලගුණික විපර්යාසයන්වලදී වූවාට වඩා තාප තරංග හේතුවෙන් වැඩි පිරිසක් මියගොස් ඇති බවය. උෂ්ණත්වය නිසා ශරීරයේ හටගන්නා කැක්කුම, විජලනය සහ මාරාන්තික විය හැකි ආඝාතය වැනි රෝග ද තාප තරංගවල ක්ෂණික බලපෑම් නිසා ඇති විය හැකිය. කෙසේ වෙතත්, අධික උෂ්ණත්වය මගින් ශ්වසන රෝග, හෘද රෝග සහ වකුගඩු ආබාධ වැනි පූර්ව සෞඛ්‍ය තත්ත්ව උග්‍ර කළ හැකි බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙම තත්ත්වය යටිතල පහසුකම් කෙරෙහි ද බලපායි. විදුලිබල ජාල බිඳ වැටීම, ඇන හිටීම මෙන්ම අධික තාපය නිසා ගුවන් යානා පියාසර කිරීමෙන් වැළකීම, පාරවල් දියවීම හා මෝටර් රථවල ඇතුළත භයානක මට්ටමක් දක්වා අධික ලෙස රත්වීමට ද ඉඩ ඇත. තාප තරංග හේතුවෙන් කෘෂිකර්මාන්තයට ද දැඩි බලපෑම් එල්ල විය හැකිය. එළවළු මැලවී මියයෑම හෝ ශාක රෝග පැතිරීම මෙමගින් සිදුවේ." -140307_malaria,https://www.bbc.com/sinhala/world/2014/03/140307_malaria,උණුසුම් දේශගුණය නිසා මැලේරියා බියක්,උණුසුම් දේශගුණය නිසා මැලේරියාව විශාල වශයෙන් ලොව පුරා ව්‍යාප්ත විය හැකි බව බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු පර්යේෂකයෝ පවසති.,උෂ්ණත්වය ඉහළ ගිය වසර වලදී එම මැලේරියාව වැඩියෙන් වාර්තා විය අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ කඳුකර ප්‍රදේශවල සිදු කළ පර්යේෂණයකින් හෙළිදරව් වී ඇත්තේ දේශගුණික උෂ්ණත්වය ඉහළ ගිය වසර වලදී එම පෙදෙස්හි මැලේරියාව වැඩියෙන් වාර්තා වී ඇති බවයි. එම නිසා අනාගතයේදී පරිසර උෂ්ණත්වය ඉහල යද්දී මැලේරියා රෝගීන් වාර්තා වීම මිලියන ගණනකින් ඉහල යා හැකි බව පර්යේෂකයෝ විශ්වාස කරති. මෙම පර්යේෂණය සඳහා අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ කඳුකර ප්‍රදේශවල ජනාකීර්ණ ස්ථාන තුන්සියයක් පමණ යොදා ගෙන තිබේ. රෝගය සම්පුර්ණයෙන්ම තුරන් වී ඇති බවට සහතික කර තිබූ පෙදෙස්වලින් පවා දේශගුණය උණුසුම් වූ වසරවලදී මැලේරියා රෝගීන් වාර්තා වී තිබුණි. ඉතියෝපියාවේ දේශගුණය වසරකට සෙල්සියස් අංශක එකකින් ඉහළ ගියහොත් එරට මැලේරියා රෝගීන්ගේ ගණන වසරකට තිස් ලක්ෂයකින් ඉහළ යා හැකි බවට ඇස්තමේන්තු කර තිබේ. -world-49895989,https://www.bbc.com/sinhala/world-49895989,චීනය බලවත් වූයේ කෙසේද? ලොව මවිත කළ 'ආර්ථික හාස්කම',ලෝකයෙන් හුදෙකලා වී සිටි චීනයට ලොව බලවත් ම ආර්ථිකයක් සහිත රාජ්‍යයක් බවට පත් වීමට ගත වූයේ වසර හැත්තෑවකටත් වඩා අඩු කාලයකි.,"""මහජන චීන ජනරජය"" ප්‍රකාශයට පත් කර වසර 70ක් සපිරීම අති උත්කර්ෂවත් අන්දමින් චීනය සමරමින් සිටී. පසුගිය දශක හත ඇතුළත චීනය මහා ධන සම්භාරයකට හිමිකම් කියමින් ආසියාවේ දැවැන්තයා ලෙස නැගී සිටියේ කෙසේද? ""කොමියුනිස්ට් පක්ෂය පාලනය භාර ගන්නාවිට චීනය ඉතාම දුප්පත් රටක්,"" ඩීබීඑස් බැංකුවේ චීනය පිළිබඳ ආර්ථික විශේෂඥ ක්‍රිස් ලේයුන්ග් ප්‍රකාශ කළේය. ""වෙළෙඳ හවුල්කරුවන් හිටියේ නැහැ. රාජ්‍යතාන්ත්‍රික සබඳතා තිබුණේ නැහැ. තනිවම තමයි හැම දේම කරගත්තේ."" නව වෙළෙඳ ම��ර්ග සඳහා දොරටු විවර කර ගැනීමටත් ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත් පසුගිය හතළිස් වසර තුළ චීනය වෙළෙඳ ප්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වා දුන්නේය. ඉන් චීන ජාතිකයන් මිලියන සිය ගණනකගේ ජීවිත දිළිඳු බවින් මිදුනි. මානව ඉතිහාසයේ දරුණුම සාගතය විසිවන සියවසේ සිදු වූ දරුණුතම මානව ව්‍යසනයන්ගෙන් එකක් 1950 දශකයේ දී දක්නට ලැබුණි. චීනයේ කෘෂි ආර්ථිකය කඩිනමින් කාර්මිකකරණය කිරීමට මාඕ සේතුං (Mao Zedong) පියවර ගත්තේය. නමුත් එය අසාර්ථක විය. අනතුරුව චීනයේ මහා සාගතයක් ඇති විය. සාගතයට ගොදුරු වී 1959 - 1961 අතර කාලය තුළ චීන වැසියන් මිලියන 10 - 40 අතර ප්‍රමාණයක් මිය ගිය බවට ඇස්තමේන්තු කොට තිබේ. මානව ඉතිහාසයේ දරුණුම සාගතය ලෙස එය ඉතිහාසගත විය. ඒ සමඟම ආරම්භ වූ සංස්කෘතික විප්ලවය හේතුවෙන් ද ආර්ථිකයට තවදුරටත් බාධා ඇති විය. සංස්කෘතික විප්ලවය යනු තම කොමියුනිස්ට් ප්‍රතිවාදීන් ඉවත් කිරීම සඳහා මාඕ සේතුං 1960 දශයක තුළ දියත් කළ විප්ලවයයි. නමුත් එය, තවදුරටත් චීන ජන සමාජය බිඳ දැමීමට හේතු විය. සභාපති මාඕ සේතුං (Mao Zedong) විසින් 1949 ඔක්තෝබර් පළමුවෙනිදා මහජන චීන ජනරජය ප්‍රකාශයට පත්කරනු ලැබීම ""මුළු ලෝකයේම වැඩපොළ"" 1976 දී මාඕ මිය යාමෙන් අනතුරුව ද මෙම ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සඳහා ඩෙං ෂියාඕපිං (Deng Xiaoping) පෙරමුණ ගත්තේය. ක්‍රමයෙන් චීන ආර්ථිකය හැඩ ගැසෙන්නට පටන් ගත්තේය. ගොවියන්ට තම ඉඩම් වගා කර ගැනීමට අවසර ලැබිණ. ජීවන මට්ටම යහපත් අතට හැරෙන්නට විය. ආහාර හිඟය ක්‍රමයෙන් පහ වෙමින් පැවතිණි. 1979 දී එක්සත් ජනපදය සමඟ චීනය රාජ්‍යතාන්ත්‍රික සබඳතා යළි ඇතිකර ගැනීමත් සමඟ විදෙස් ආයෝජන සඳහා දොරටු විවර විය. ඉතා ලාභ මිලට ලැබෙන කම්කරු ශ්‍රමයට ලොල් වූ ආයෝජකයන්ගෙන් මුදල් ගලා එන්නට විය. ""ඉතිහාසයේ දුටු ඉහළම ආර්ථික ආශ්චර්ය 1970 අවසානයේ පටන් අප දුටුවා,"" ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ, ගෝලීය ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ඩේවිඩ් මාන් පැවසීය. 1990 දශකය පුරා ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් වාර්තා කළ චීනය 2001 දී ලෝක වෙළෙඳ සංවිධානයට බැඳුණි. ඉන් චීන ආර්ථිකය තවත් ශක්තිමත් විය. වෙනත් රටවලට පනවා තිබූ වෙළඳ සීමා සහ තීරු බදු ලිහිල් විය. ගත වූයේ ඉතා කෙටි කාලයකි. චීන භාණ්ඩ ලොව පුරාම දක්නට ලැබිණ. ""චීනය මුළු ලෝකයේම වැඩපොළ බවට පත් වුනා,"" ආර්ථික විද්‍යාඥ ඩේවිඩ් මාන් ප්‍රකාශ කළේය. 'ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්' (LSE) ඉදිරිපත් කර ඇති සංඛ්‍යා ලේඛන අනුව 1978 දී චීනය සතුව පැව���ි මුළු අපනයන වටිනාකම වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 10ක් පමණි. එය ලෝක වෙළඳ පොළ තුළ 1%ක ප්‍රතිශතයකි. 1985 වන විට චීනයේ සමස්ත අපනයනයන් හි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 25 වර්තා කළේය. තවත් දශක දෙකක් ගෙවෙන්නටත් පෙර ඔවුන්ගේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4.3ක් දක්වා ඉහළ ගියේය. භාණ්ඩ අපනයනය කරන ලෝකයේ විශාලතම වෙළඳ රාජ්‍යය බවට චීනය පත් විය. දිළිඳු බව මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් චීන ජාතිකයන් කෝටි ගණනකගේ අතමිට සරු විය. 2010 වසරේදී චීනය ලෝකයේ දෙවන ආර්ථික බලවතා බවට පත්විය. චීනයේ මිනිසුන් මිලියන 850ක් දිළිඳු බවින් මුදවාගෙන ඇති බව ලෝක බැංකුව පවසයි. 2020 වන විට දිළිඳු බව සම්පුර්ණයෙන් ම තුරන් කළ හැකි මාවතකට චීනය අවතීර්ණ වී ඇත. ඒ සමඟ ම එරට අධ්‍යාපන මට්ටම ද ඉහළ ගොස් තිබේ. 2030 වන විට චීනයේ ශ්‍රම බලකායෙන් 27%ක් පමණ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ පිරිසක් වනු ඇති බවට ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් ප්‍රක්ෂේපනය කරයි. එය මේ වන විට ජර්මනියේ පවතින මට්ටම ය. ඇති නැති පරතරය කෙසේ වෙතත්, ආර්ථිකයේ සාර්ථකත්වය තවමත් චීනය පුරා වෙසෙන බිලියන 1.3ක් වූ ජනතාව අතර සමව බෙදී ගොස් නැත. ප්‍රකෝටිපතියන් ගේ වත්කම ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මධ්‍යම පාන්තිකයෝ ද හිස ඔසවමින් සිටිති. මේ අතර පිටිසර බද තවමත් දිළින්දන්ගේ අඩුවක් නොමැත. ඇති නැති පරතරය වැඩි වෙමින් පවතී. ගම නගරයෙන් ඈත්වෙමින් පවතී. ""සමස්ත ආර්ථිකය ගත්තම එය එතරම් උසස් මට්ටමක නැහැ. එක් එක් පළාත් ගත්තම එකිනෙකට වෙනස් තත්වයක් තියෙන්නේ,"" ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ, ගෝලීය ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ඩේවිඩ් මාන් පැවසීය. ඒක පුද්ගල ආදායම සැලකිල්ලට ගත් කළ චීනය තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් බව ලෝක බැංකුව පවසයි. දල වශයෙන් චීන වැසියෙකුගේ වාර්ෂික ආදායම ඇ.ඩො. 10,000ක් බව DBS බැංකුව සඳහන් කරයි. එක්සත් ජනපදයේ වැසියෙකුගේ නම් එය ඇ.ඩො. 62,000කි. මේ වන විට චීනයේ ආර්ථික වර්ධනය මන්දගාමී කාල පරිච්ඡේදයකට අවතීර්ණ වී තිබේ. එක්සත් ජනපදය සමඟ පවතින 'වෙළෙඳ යුද්ධය' දිග්ගැසෙමින් පවතී. චීනයේ වාර්ෂික ආර්ථික වර්ධනය 5% හෝ 6% මට්ටමට පැමිණියත්, චීනය තවමත් ලෝක ආර්ථික වර්ධනයේ බලවත්ම එන්ජිම සහිත රාජ්‍යය යි. චීනය තම ආර්ථික සැලසුම් ගෝලීය වශයෙන් ද මෙහෙයවමින් සිටී. මහා පරිමාණයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති රැසක් විදෙස් රටවල් රාශියක මේ වන විට දියත් කර ඇත. ඔවුන් විසින�� හඳුන්වා දෙනු ලබන මෙම 'සේද මාවත' ඔස්සේ ලෝක ජනගහනයෙන් අඩකට පමණ ළඟා විය හැකි වනු ඇත. චීනය සිය යුද බලය ලෝකයට ප්‍රදර්ශනය කරමින් සිය රටේ විප්ලවයේ හැත්තෑ වෙනි සංවත්සරය අනුස්මරණය කරමින් සිටී. චීන මහජන ජනරජය (PRC) මෙම හැත්තෑ වෙනි සංවත්සරය නම්කරනු ලැබ තිබෙන්නේ ""මහා උපන් දිනය"" යනුවෙනි. ඊට එක්වූ යුද හමුදා පෙළපාලිය අධීක්ෂණය කරමින් අදහස් දැක්වූ ජනාධිපති ෂි ජින්පින් ""චීනය සෙලවිය හැකි වෙනත් බලවේගයක් ලොව නැහැ"" යැයි කියා සිටියේය. චීන ආරක්ෂක අමාත්‍යංශය විසින් වාර්තා කරන ලද පරිදි විප්ලවීය සමරු පෙළපාලියෙහි යුද හමුදා භටයන් 15,000 ක් ගමන් ගත් අතර,580 ක් පමණ යුද උපකරණ එම පෙළපාලිය තුළ ප්‍රදර්ශනය කිරීමේ සැලැස්මක් විය. යුද ශක්තිය යුද්ධ ටැංකි, සන්නද්ධ රථ, නියමුවන් නොමැති ඔත්තු බලන යානා සහ නියමුවන් නොමැතිව දියයට කිමිදෙන යාත්‍රා වැනි නව නිර්මාණ රැසක් මෙවර පෙළපාලියට එක් කරන ලද බව වාර්තා වේ. ඕනෑම අවස්ථාවක භාවිත කළ හැකි තත්ත්වයක පවතින සියරට සතු ඉතා දියුණු මට්ටමේ යුදඅවි සම්භාරය චීනයේ මහජන විප්ලවීය හමුදාවේ (චීන රතු හමුදාව ) බලවත් ආශ්වාදයට හේතුවන බව විශ්ලේෂකයෝ පවසති. ප්‍රදර්ශනය කරන ලද අවි ආයුධ අතර ප්‍රහාරක ශක්තිය වැඩි දියුණු කරන ලද දේශීය අවි නිෂ්පාදනයට අයත් නව නිර්මාණ රැසකි. පසුගිය කාල සීමාව තුළ චීනයේ යුද වියදම සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගිය අතර, ජනාධිපති ෂි ජින්පින් (Mr Xi) විසින් 2015 වසරේ ප්‍රකාශයට පත් කරන ලද ප්‍රධාන ප්‍රතිසංස්කරණ යටතේ එම වියදම් මහා පරිමාණයෙන් වැඩි කරනු ලැබිණි. පසුගිය වසර දහයක කාලය ඇතුළත වසරක් පාසා බේජිං පාලනයේ යුද වැය ශීර්ෂය 10%ක මට්ටමින් දිගටම ඉහළ ගිය අතර, දැන එහි වාර්ෂික වැය මට්ටම ඇමෙරිකානු ඩොලර් බිලියන 168.2 ක මට්ටමේ පවතී. ඒ අනුව චීනය ලෝකයේ යුද වියදම් අතින් දෙවැනි ස්ථානය හිමිකර ගනී." -150402_ranil_sri_lankan_air_line_report,https://www.bbc.com/sinhala/sri_lanka/2015/04/150402_ranil_sri_lankan_air_line_report,ශ්‍රී ලන්කන් දූෂණ වාර්තාව අගමැති අතට,ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගුවන් යානා ලබා ගැනීමේදී අක්‍රමිකතා සිදුවී ඇති බවට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ සිව් පුද්ගල කමිටු වාර්තාව මගින් හෙළි කර ඇති බවට වාර්තා වෙයි.,"ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ සිව් පුද්ගල කමිටු වාර්තාව, කමිටු සභාපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ විසින් ඊයේ (01) අරලියගහ මන්දිරයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ�� භාර දෙන ලදී. රජයේ වෙනුවෙන් මෙම වාර්තාව බාර ගත් අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේ එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ප්‍රසිද්ධ කරන බවයි. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගුවන් යානා ලබා ගැනීමේදී සිදුවූ අක්‍රමිකතා මෙන්ම පසුගිය රජයේ ශ්‍රී ලන්කන් ආයතනයේ ප්‍රධානින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය අයථා ලෙස පරිහරණය කළ ආකාරය ගැන ද කරුණු මෙම වාර්තාව මගින් හෙළි කර ඇතැයි බිබිසියට වාර්තා වෙයි. 'ගුවන් යානයක් අයිති නැති ගුවන් සේවයක්' පසුගිය රජය සමයේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳගේ සොයුරා වන නිශාන්ත වික්‍රමසිංහයි. මෙම වාර්තාව ගැන අදහස් දක්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේ පසුගිය කාලයේ සිදු වූ දූෂණ නිසා අද ශ්‍රී ලන්කන් ගුවන් සේවය රටට විශාල බරක් වී ඇති බවයි. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයිති එකම ගුවන් යානයක්වත් නැතැයි පැවසූ අගමැතිවරයා ගුවන් යානයක් වත් අයිති නැති ගුවන් සේවයක් ලෝකයේ කිසිම රටකවත් නැතැයි කියා සිටියේය. සති 6ක් වැනි කාලයකින් මෙම වාර්තාව පිළියෙළ කර ලබා දීම පිළිබඳව ගුවන් සේවා අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ කමිටුවට සිය ප්‍රසාදය පළ කළේය." -sri-lanka-37817308,https://www.bbc.com/sinhala/sri-lanka-37817308,'ආවා සාමාජිකයන් දෙදෙනෙක්' අත්අඩංගුවට - පොලිසිය,උතුරු පළාතේ ක්‍රියාත්මක බව පැවසෙන ''ආවා ගෲප්'' සාමාජිකයන් ලෙස සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව යාපනය පොලිසිය පවසයි.,"සැකකරුවන් ළඟ තිබී කඩු දෙකක්ද පොලිසිය භාරයට ගත් බව යාපනය පොලිසියේ නිලධාරියෙක් බීබීසී සිංහල සේවයට කියා සිටියේය. යාපනයේ අතුරු මාර්ගයක් ඔස්සේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනා පරීක්ෂා කිරීමේදී කඩු දෙක සොයා ගත් බවත් එම පොලිස් නිලධාරියා සඳහන් කළේය. නාට්‍යයක් පුහුණු වීම පිණිස කඩු දෙක රැගෙන යන බව ප්‍රශ්න කිරීම්දී සැකකරුවන් කියා සිටි බව පවසන පොලිසිය එම කඩු නාට්‍යය සඳහා භාවිත කරන ''සෙල්ලම් කඩු'' නොව පුද්ගලයන්ට හානි කළ හැකි අන්දමේ ප්‍රමාණයෙන් විශාල ඒවා බව කියා සිටියේය. පසුගිය සතියේදී යාපනයේ ස්ථාන කීපයකින් හමුවූ කඩු සහ මෙම කඩු දෙක අතර බොහෝ සෙයින් සමාන බවක් දක්නට ලැබෙන බවත් පොලිසිය පවසයි. 'උතුරේ බියක්' සන්නද්ධ කණ්ඩායම් සම්බන්ධයෙන් පළ වන වාර්තා හේතුවෙන් උතුරේ සාමාන්‍ය ජන ජීවිතයට බලපෑමක් එල්ල වී ඇත්දැයි උතුරු පළාත් සභාවේ සභා��ති සීවීකේ ශිවඥාණම්ගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ ''ආවා ගෲප්'' පමණක් නොව යාපනයේ තවත් කල්ලි ගණනාවක්ම ක්‍රියාත්මක වී සිටින බැවින් යාපනයේ ජනතාව දැඩි ලෙස බියට පත්ව සිටින බවයි. මංකොල්ලකෑම්, බියවැද්දීම්, තර්ජනය කිරීම් හා විවිධාකාරයේ බලපෑම් මෙම කල්ලි විසින් සිදු කරනු ලබන බවද සභාපතිවරයා කියා සිටියේය. සාමාන්‍ය ජනතාව විසින් ඒ සම්බන්ධයෙන් සිදු කරනු ලබන පැමිණිලි පොලිසිය විසින් විභාග කරනු ලබන නමුත් සැකකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වී ඇති බවද ඔහු පැවසීය. මහජන සහාය ප්‍රමාණවත් නොවන නිසා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බව ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිසිය තමා සමග කියා සිටි බවත් සභාපතිවරයා සඳහන් කළේය. බලයක් ඇති පොලිසියට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකිනම් තර්ජන පවතින යාපනයේ අහිංසක වැසියන් සැකකරුවන් පිළිබඳ තොරතුරු හෙළි කිරීම කෙතරම් දුරට ප්‍රායෝගික දැයි උතුරු පළාත් සභාවේ සභාපතිවරයා ප්‍රශ්න කරයි." -sri-lanka-37671742,https://www.bbc.com/sinhala/sri-lanka-37671742,නොරොච්චෝලේ තාප බලාගාරයේ 'බරපතළ පිපිරීමක්',නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ 'බරපතළ මට්ටමේ' පිපිරීමක් සිදු වී ඇති බව විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි.,"පිපිරීම සිදු වූ ස්ථානය ඒ හේතුවෙන් මෙගාවොට් 900 ක බලශක්ති හිඟයක් ඇති විය හැකි බවටත් නියෝජ්‍ය ඇමතිවරයා අනතුරු අඟවයි. නොරොච්චෝලේ තාප බලාගාරය ආරම්භ කළ දිනයේ පටන් අවස්ථා ගණනාවකදී ඇනහිටි බව මේ අතර පෙන්වා දෙන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, එයට හේතුව බලාගාරයේ ඉදිකිරීම් කටයුතු නියමිත ප්‍රමිතියට අනුව සිදු නොවීම බවත් සඳහන් කළේය. 'ලංකාවේ තව විදුලි බලාගාර තිබෙනවා. නමුත් ඒ බලාගාර නොරොච්චෝලේ වගේ ඇනහිටින්නේ නැහැ. මේ තත්වය නොරොච්චෝලෙට පමණක් විශේෂිත වූ දෙයක්,' ඔහු කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. නොරොච්චෝලේ බලාගාරය ඉදි කිරීමේදී නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ප්‍රමිතියෙන් බාල උපාංග ගෙන්වා ඇති බවට එවකට විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩු පක්ෂයේ ඇතැම් පාර්ශව චෝදනා කළ බවත් එම චෝදනා සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව මේ දක්වා විධිමත් පරීක්ෂණයක් සිදු කොට නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි. ""ලංකාවේ තව විදුලි බලාගාර තිබෙනවා. නමුත් ඒ බලාගාර නොරොච්චෝලේ වගේ ඇ��හිටින්නේ නැහැ.මේ තත්වය නොරොච්චෝලෙට පමණක් විශේෂිත වූ දෙයක්,"" 'වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරුත් මේ ඇනහිටීමට උත්තර බැඳීමක් පමණයි දැන් කරන්නේ. මේ යන්ත්‍ර සූත්‍රවල වැරද්දක් තිබේ නම් ඒ පිළිබඳ තාක්ෂණික ඇගයීම් වාර්තාවක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි,' පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කළේය. සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සෙනසුරාදා උදෑසන බලාගාරයේ කටයුතු ඇනහිටී බව විදුලිබල අමාත්‍යංශය මීට ඉහතදී පැවසීය. ඒ හේතුවෙන් උතුර, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වල ප්‍රදේශ ගණනාවක විදුලි සැපයුම බිඳ වැටුණු බවත් වාර්තා විය. පැය කීපයකට පසු විකල්ප මාර්ග ඔස්සේ එම ප්‍රදේශ වෙත විදුලි සැපයුම ලබා දීමට කටයුතු කළ බව විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසා තිබිණි. මෙගාවොට් 3900 වන රටේ සමස්ත විදුලි බල නිෂ්පාදනයෙන් මෙගාවොට් 900 ක විදුලි ධාරිතාවක් නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයෙන් ජාතික විදුලි බල පද්ධතියට එක් වේ." -sri-lanka-51723382,https://www.bbc.com/sinhala/sri-lanka-51723382,ශ්‍රී ලංකාවේ විදුලි සැර වැදීමෙන් සිදු වූ මරණවල 'වැඩිවීමක්',2019 වර්ෂයේ දී විදුලි සැර වැදීම් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ මරණ 103 ක් වාර්තා වී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිකුත් කරන ලද වාර්තාවකින් පෙන්වා දී තිබේ.,"2019 දී ශ්‍රී ලංකාවේ සිදු වූ මරණ සංඛ්‍යාව ගෝලීය මිණුම් දණ්ඩට වඩා පස් ගුණයකින් වැඩිය වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ දකුණු පළාතෙන් වන අතර, අවම සංඛ්‍යාව බස්නාහිර පළාතෙනි. 2019 වර්ෂය ඇතුළත දකුණු පළාතේ විදුලි සැර වැදීම් හේතුවෙන් මරණ 30 ක් වාර්තා විය. 2015-19 කාලපරිච්ඡේදය තුළ විදුලි සැර වැදීම් හේතුවෙන් දකුණු පළාත තුළ මරණ 97 ක් වාර්තා වී ඇති අතර එය එම කාලය තුළ වෙනත් පළාත් සමග සංසන්දනය කිරීමේ දී රටෙහි ඉහළම අගයයි. වගා ආරක්ෂා කිරීම හෝ වන සතුන් දඩයම් කිරීම සඳහා නීතිවිරෝධී ලෙස විදුලි රැහැන් ඇදීම මෙම මරණවලට ප්‍රධානතම හේතුව ලෙස වාර්තාවේ සඳහන් වේ. මීට අමතරව, නිවසේ / සේවා ස්ථානයේ විදුලි අලුත්වැඩියා කටයුතු සහ විදුලි රැහැන් අසල ක්‍රියාකාරකම් ද මෙම මරණවලට තවත් හේතුවක් වී තිබේ. අන්තර්ජාතික මිණුම් දණ්ඩට අනුව, විදුලි සැර වැදීමෙන් මිය යන්නේ පුද්ගලයන් මිලියනයකින් එක් අයෙකු පමණි. නමුත්, 2019 දී ශ්‍රී ලංකාවේ සිදු වූ මරණ සංඛ්‍යාව ගෝලීය මිණුම් දණ්ඩට වඩා පස් ගුණයකින් වැඩිය. ""2012 වර්ෂයේ විදුලිය වැදීම නිසා 180ක් පමණ මිය ගියා. නමුත් විවි�� නීති රීති රෙගුලාසි සහ පොලිසිය, පාසල්වල පැවැත්වූ දැනුවත් කිරීමේ වැඩසටහන්වලින් පසු 2013 වසර වෙන විට මේ තත්ත්වය ක්‍රමයෙන් අඩු වුණා. නමුත් 2019 වර්ෂය වන විට නැවතත් මෙම තත්ත්වය නරක අතට හැරෙන්න පටන් ගෙන තිබෙනවා,"" මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසීය. 2019 දී වාර්තා වූ විදුලි සැර වැදීමෙන් සිදු වූ මරණවලින් 86% ක් පුරුෂයන්ය ""දැන් මේ තත්ත්වයට නීති රීති රෙගුලාසිවලින් ඔබ්බට ගිය වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. එයට ආරම්භයක් ලෙස අපි මහනුවර සමීක්ෂණයක් පැවැත්වූවා. එහිදී දැනගන්න ලැබුණා 50%ක් පමණ නිවාසවල පැන්නුම් ස්විචය (trip switch) නැහැ නැත්නම් වැඩ කරන්නේ නැහැ."" ""මෙය ඉතා අවදානම් තත්ත්වයක්. නිවසක පැන්නුම් ස්විචය ක්‍රියාකාරීත්වයෙන් විදුලිසැර වැදීම්වලින් සිදුවන මරණ වළක්වා ගන්න පුළුවන්."" නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, 2019 දී වාර්තා වූ විදුලි සැර වැදීමෙන් සිදු වූ මරණවලින් 86% ක් පුරුෂයන් වන අතර, 2018 දී එය 83%ක්ව පැවතියේය. රට තුළ විදුලි සුරක්‍ෂිතතාව නංවාලීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ආරක්ෂක රෙගුලාසි ගණනාවක් මේ වන විට හඳුන්වා දෙමින් ඇතැයි වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම, විදුලිය සුරක්‍ෂිතව භාවිත කිරීම පිළිබඳ දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සියලු ගම්මාන නියෝජනය කරමින් ජාතික ආරක්ෂක තානාපතිවරුන්ගේ ජාලයක් ගොඩනැගීමට ද මහජන උපයෝගිතා කොමිෂන් සභාව කටයුතු කරමින් සිටී. ශ්‍රී ලංකාවේ 96%ක් නිවෙස්වලට විදුලි බලය ඇති අතර, ඒ සියල්ල නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කිරීමේ වැඩ පිළිවෙළක් අවශ්‍ය වන බව ජයනාත් හේරත් තවදුරටත් පැවසුවේය. ""විදුලිය භාවිතය රට පුරා සෑම නිවසකම ප්‍රමිතියකින් යුතුව සිදු වන්න ඕනේ. මේ සඳහා අපි අලුත් වැඩපිළිවෙළක් සකස් කරමින් ඉන්නවා. අපි කළ සමීක්ෂණ අනුව සෑම ගමකම විදුලි කාර්මිකයන් දෙන්නෙක්වත් සිටින බව හෙළි වී තිබෙනවා."" ""ඒ අය ලියාපදිංචි කර බලපත්‍රයක් නිකුත් කර, ගමේ විදුලි ආරක්ෂණ තානාපතිවරු ලෙස කටයුතු කිරීමට ඔවුන් යොමු කිරීම අපේ අරමුණයි. ඒ අය අදාළ ප්‍රදේශයේ පදිංචිකරුවන් විදුලි ආරක්ෂණය ගැන දැනුවත් කළ යුතුයි."" මේ වන විට දිස්ත්‍රික්ක 14ක විදුලි කාර්මිකයන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයැදුම් පත් 11,450ක් යොමු කර ඇති අතර, කඩිනමින් ඉතිරි දිස්ත්‍රික්කවල ද මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය. ""���්‍රිප් ස්විච්' එක කියන්නේ මොකක්ද දන්නේ නැහැ"" නිට්ටඹුව ප්‍රදේශයේ දිවි ගෙවන විශ්‍රාමික විදුලි කාර්මික ශිල්පියෙකු වන විජිත මාන්නප්පෙරුම බීබීසී සිංහල සේවයට සිය අත්දැකීම් හෙළි කළේය. ""මම අවුරුදු 40කට වැඩි කාලයක් ගෙවල්වල ඉලෙක්ට්‍රික් වැඩ කළා. බොහොම කණගාටුයි කියන්න, බොහෝ මිනිස්සු විදුලි සැර වැදීම් ගැන දැනුවත් නැහැ. මම වැඩ කරලා තියෙන 60%ක් විතර ගෙවල්වල වයර් ඇදලා තිබුණේ අපිළිවෙළට."" ""ඒ වයර් කිසිම ආරක්‍ෂිත ආකාරයකට ආවරණය කරලා තිබුණේ නැහැ. ඒ වගේම ට්‍රිප් ස්විච් හදලා තිබුණට වැඩ කරන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ මොකක්ද කියල මිනිස්සු දන්නේ නැහැ,"" ඔහු පැවසුවේය. 2019 වසරේ දී මාරාන්තික අනතුරුවලට වැඩි වශයෙන් ගොදුරු වී ඇත්තේ වයස අවුරුදු 40 ත් 50 ත් අතර වයස්වල පසුවූවන් ය. ""ඒ වගේම තමයි විදුලි වැඩ කරන මම වගේ අයත් ආරක්ෂක ක්‍රම අනුගමනය කරනවා බොහොම අඩුයි. අපිට අවශ්‍ය දැනුම තිබුණට, අවශ්‍ය ඇඳුම් පැළඳුම් ගන්න තරම් ආර්ථික පසුබිමක් නැහැ, එහෙම නැත්නම් උවමනාවක් නැහැ."" අප ශරීරයේ කොටසක් විදුලිය ගමන් කරන පරිපථයේ කොටසක් වූ විට විදුලි සැර නිසා හානි සිදු වීමට ඉඩ ඇත ""දැන් රජයේ ආයතන මැදිහත් වෙලා මේ ගැන දැනුවත් කිරීම් ආරම්භ කිරීම බොහොම වටිනවා. නැත්නම් නිකරුණේ මිනිස්සු මැරෙනවා. හැබැයි සත්තු එළවන්න හොරෙන් කරන්ට් වැට හදන එක වෙනම කතාවක්,"" විජිත තවදුරටත් පැවසීය. විදුලි සැර වැදීම යනු කුමක් ද? සරල ලෙස කිවහොත්, විදුලි සැර වැදීමක දී සිදු වන්නේ යම් පුද්ගල හෝ සත්ත්ව ශරීරයක් හරහා විදුලිය ගමන් කිරීමය. එමඟින් ක්ෂණිකව ශරීරයේ ඇතිවන උත්තේජනය හේතුවෙන් හිරිවැටීම, පිලිස්සුම් තුවාල, වේදනාව සහ මරණය ද සිදු විය හැකිය. විදුලි ධාරාවක් ගලා යෑමට සෑම විටම විභව අන්තරයක් හා සංවෘත පරිපථයක් (Closed Circuit) අවශ්‍ය වන අතර, ප්‍රතිරෝධය අවම මාර්ගයේ ගමන් කිරීම සිදු වේ. අප ශරීරයේ කොටසක් විදුලිය ගමන් කරන පරිපථයේ කොටසක් වූ විට විදුලි සැර නිසා හානි සිදු වීමට ඉඩ ඇත. පොළොව ශුන්‍ය විභවයක් දැරීම හේතුවෙන්, යම් ලෙසකින් විදුලිය ගමන් කරන පරිවරණය නොකල සන්නායකයක් අප ශරීරයේ ස්පර්ශ වුවහොත්, එම ස්ථානයේ සිට පොළොව දක්වා විභව අන්තරයක් ඇති වේ. විදුලි සැර වැදීම දෙයාකාරයකට සිදු විය හැකිය. එනම්, සෘජු විදුලි සැර වැදීම සජීවී සන්නායකයක් (Live wire) හෝ සජීවී විදුලිය ඇති යම් උපකරණයක් දැනුවත්ව හෝ නොදැනුවත්ව ස්පර්ශ වීමෙන් විදුලි සැර වැදීම සිදු විය හැකිය. ම��මගින් බරපතල හානි හෝ මරණය පවා සිදු විය හැකි නමුත්, නිවසක හෝ වෙනත් ගොඩනැගිල්ලක පැන්නුම් ස්විචය (Trip Switch) නිවැරදි ලෙස ක්‍රියාත්මක වීම තුළින් අනතුර වළක්වා ගත හැකිය. අනියම් විදුලි සැර වැදීම කිසියම් ලෝහමය විද්‍යුත් උපකරණයක පිටත රාමුවට විදුලිය කාන්දු වී තිබෙන අවස්ථාවක එය ස්පර්ශ කිරීම තුළින් විදුලි සැර වැදීම සිදු විය හැකිය. නිවසේ ඇති බොහෝ විද්‍යුත් උපකරණවලින් මෙවැනි විදුලි සැර වැදීම සිදු වන අතර, නිවසේ විදුලි තන්තු නිවැරදිව භූගත (Earth) නොකිරීම මෙයට හේතු වේ. නිවැරදි ලෙස භූගත කර ඇත්නම් විදුලි ධාරාව ශරීරය තුළින් නොයා භූගත වයර (Earth Wire) ඔස්සේ ගමන් කිරීම සිදු වේ. මේ තොරතුරුද කියවන්න:" -world-39553461,https://www.bbc.com/sinhala/world-39553461,සිරියාව: රුසියාවට බලපෑම් කිරීමට G7 හමුවක්?,ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් රුසියාවේ සිරියානු පිළිවෙත දැඩි විවේචනයට ලක් කළේය.,"ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් අඟහරුවාදා මොස්කව් බලා යාමට නියමිතය ඔහු වැඩිදුරටත් කියා සිටියේ කැරලිකරුවන් අත පවතින 'ඛාන් සෙයිඛෝන්' නගරයට විෂ රසායනික අවි ප්‍රහාර එල්ල කිරීම වැළැක්වීමට රුසියාව අපොහොසත් වූ බවය. සිරියානු ආණ්ඩුවේ හමුදා සතු රසායනික අවි තොග විනාශ කරන බව සහතික කිරීමට රුසියාව මීට ඉහතදී එකඟ වූ බව සිහිපත් කළ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා, එම ප්‍රතිඥාව ඉටුකිරීමට රුසියාව අපොහොසත් වීම හේතුවෙන් ඉහත කී ප්‍රහාරය එල්ල කිරීමට ඉඩ සැලසුණු බව සඳහන් කළේය. කෙසේ නමුත් ප්‍රහාර එල්ල කිරීම සඳහා රසායනික අවි යොදා ගත් බවට එල්ලවන චෝදනාව සිරියානු ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි. G7 හමුවක් සිරියාවේ ජනාධිපති බෂර් අල් අසාද් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුතින් මේ අතර ඇමරිකාව, එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ජපානය යන G7 සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් අද (අප්‍රේල් 10) ඉතාලියේදී හමුවීමට නියමිතය. සිරියාවේ ජනාධිපති බෂර් අල් අසාද්ට සහාය දීමේ ප්‍රතිපත්තිය වෙනස් කිරීම පිණිස රුසියාවට බලපෑම් කිරීම පිළිබඳ එහිදී අවධානය යොමු වනු ඇත. එම හමුවෙන් පසු ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් අඟහරුවාදා මොස්කව් නුවර සංචාරයක නිරතවීමට නියමිත අතර එහිදී ඔහු එරට විදේශ අමාත්‍ය සෙර්ගේයි ලවුරෝෆ් හමු වීමට නියමිතය. 2013 දී සිරියාව සතු රසායනික අවි ගබඩා විනාශ කිරීමේ එකඟත්වයකට පැමිණීම සඳහා පහසුකම් සැලැස්වීමට එරට ප්‍රධාන මිත්‍ර පාර��ශවය වශයෙන් කටයුතු කරන රුසියාවේ සහාය හිමි විය. ඇමරිකානු මිසයිල ප්‍රහාර සිරියානු ආණ්ඩුව සතුව රසායනික අවි තිබෙන බවට ඇමරිකාව විසින් සාක්ෂි කිසිවක් ඉදිරිපත් කර නොමැති බව රුසියාව පවසයි 'ඛාන් සෙයිඛෝන්' නගරයට පසුගිය බදාදා එල්ල වූ බව පැවසෙන විෂ රසායනික ප්‍රහාරයෙන් අසූ නව දෙනෙක් මරුමුවට පත් වූහ. එයට ප්‍රතිචාර වශයෙන් එම ප්‍රහාරය එල්ල කිරීම සඳහා යොදා ගත් බව පැවසෙන සිරියාවේ ගුවන් කඳවුරකට ඇමරිකාව පසුගිය සිකුරාදා මිසයිල ප්‍රහාරයක් දියත් කළේය. එහෙත් සිරියානු ආණ්ඩුව සතුව රසායනික අවි තිබෙන බවට ඇමෙරිකාව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති බව රුසියාව පවසයි." -world-40727458,https://www.bbc.com/sinhala/world-40727458,ශුක්‍රාණු ප්‍රමාණාත්මකව අඩුවීම 'මිනිස් සංහතිය තුරන්ව යාමට හේතුවිය හැකියි',පුරුෂයින්ගේ ජන්මාණු හෙවත් ශුක්‍රාණු දැනට පවතින වේගයෙන් අඩුවුවහොත් මානව සංහතිය මිහිමතින් අතුරුදන්ව යා හැකි බවට වෛද්‍ය විශේෂඥයෙක් අනතුරු අඟවයි.,"අධ්‍යයන 200ක් ඇසුරින් ලද ප්‍රතිඵල ඇගැයූ පර්යේෂකයින්ට අනුව පෙනී ගොස් තිබෙන්නේ වසර 40 ට අඩු කාලයකදී උතුරු ඇමෙරිකාව, යුරෝපය, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තයේ පිරිමින්ගේ ශුක්‍රාණු ප්‍රමාණය අඩකින් අඩුවී ඇති බවය. මානව ප්‍රජනනය සම්බන්ධයෙන් සොයාගන්නා ලද නවතම තොරතුරු සම්බන්ධයෙන් ඇතැම් විශේෂඥයෝ සැක සංකා පළකරති. නමුත් ප්‍රධාන පර්යේෂක ආචාර්ය හැගායි ලෙවීන් පවසන්නේ අනාගතයේදී කුමක් සිදුවිය හැකිද යන්න පිළිබඳව තමන්ට ඇත්තේ ""මහත් කණස්සල්ලක්"" බවය. මෙය අදාළ කරුණ සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද විශාලතම පර්යේෂණ ඇගයුම් වන අතර ඒ සඳහා 1973 සහ 2011 යන වර්ෂ අතරදී කරන ලද අධ්‍යයන 185 ක ප්‍රතිඵල එක්කරගෙන තිබිණි. වසංගත රෝග විශේෂඥයකු වන වෛද්‍ය ලෙවීන් බීබීසී සමග පැවසුවේ මේ ප්‍රවණතාව ඉදිරියට ගියහොත් මෙලොවින් මානවයා තුරන් විය හැකි බවය. අඩුවීමේ වේගය 'ඉහළ නගී' ""අපේ ජීවන රටාව, පරිසරය වගේම අප රසායනිකවලට නිරාවරණය වීම වෙනස් නොකළොත්, අනාගතයේදී කුමක් සිදුවිය හැකිද යන්න ගැන මට තියෙන්නේ බලවත් කණස්සල්ලක්"" ආචාර්ය ලෙවීන් පවසයි. ""අපට ගැටලුවලට මුහුණ දෙන්න වේවි, පොදුවේ ගත්තොත් ප්‍රජනනය සම්බන්ධයෙන්. එය මානව වර්ගයාගේ අවසානය වේවි"" ඔහු තවදුරටත් කීය. මෙම අධ්‍යයනයට එක් නොවූ විද්‍යාඥයෝ එම පර්යේෂණයේ ගුණාත්මක බව ඇගයීමට ලක් කළ ද එවැනි නිගමනයකට එමට තරම් කල් වැඩි බව පෙන්වා දෙති. ජෙරුසලම් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ලෙවීන්ට අනුව ශුක්‍රාණු ප්‍රමාණයේ 52.4% ක පහළ යාමක් සොයාගෙන ඇති අතර උතුරු ඇමෙරිකාව, යුරෝපය, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තයේ පිරිමින්ගේ සමස්ත ශුක්‍රාණු ගණනයේ 59.3% ක අඩුවීමක් ඇති බව හෙළිවී තිබේ. අදාළ රටවල පිලිමින්ගේ ශුක්‍රාණු අඩුවීමේ වේගය එළෙසම පවතින අතර ඇතැම්විට එම වේගය වැඩිවිය හැකි බව ද අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත. පෙර පර්යේෂණයේ 'සාවද්‍යබව' දකුණු ඇමෙරිකාව, ආසියාව හා අප්‍රිකාවේ සැළකිය යුතු පහළ යාමක් නොපෙන්වුවත් පර්යේෂකයින් පෙන්වාදෙන්නේ අදාළ මහාද්වීපවල මෙවැනි පර්යේෂණ ක්‍රියාත්මක වී ඇත්තේ ඉතා අල්ප වශයෙන් බවය. සංවර්ධිත රටවල ශුක්‍රාණු ප්‍රමාණාත්මක බවේ මෙවැනිම සීඝ්‍ර පහළ යාමක් පෙර අධ්‍යයන ගණනාවකදී පෙන්නුම් කළ ද එම පර්යේෂණවලින් බොහොමයක් සාවද්‍ය බව ඒ දෙස සැකයෙන් යුතුව අදහස් පළකරන්නෝ පවසති. ඒ ඇතැම් පර්යේෂණවලට ලක්වුයේ සාපේක්ෂ වශයෙන් පිරිමින් සුලු පිරිසක් හෝ සඵලතාව පිළිබඳ සායනවලට පැමිණි පිරිමින් පමණක් වූ අතර ඔවුන් බොහෝ විට ශුක්‍රාණු ප්‍රමාණයේ අඩුවක් පෙන්වුවන් ය. එසේම පෙර පැවති ශුක්‍රාණු ගණනය කිරීමේ විධි ක්‍රමවලදී සැබෑ තත්ත්වය ඉක්මවූ ඇස්තමේන්තුවක් පෙන්වීම ද තවත් දුෂ්කරතාවක් වූ බව කියැවේ. මේ කරුණු සියල්ල සැළකීමේදී ශුක්‍රාණු ප්‍රමාණාත්මක බවේ පහළ යාම පිළිබඳ වැරදි මතයක් නිර්මාණය වීමට හේතුවිණි. එහෙත්, මෙම ඌණතාවලින් ඇතැම් ඒවා මගහැරවාගත්තේ යැයි පවසන අදාළ පර්යේෂකයින් පිරිස, ෂෙෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇලන් පේසි වැනි සැක පළකළ තැනැත්තන්ගේ සැකය අඩු කිරීමට සමත් වුහ. ""මෑත අතීතයේ සිට මානව ශුක්‍රාණු ප්‍රමාණාත්මකව පහළ යාමක් සොයාගත් බවට ප්‍රකාශයට පත් බොහෝ අධ්‍යයන මා තුළ විශ්වාසයක් ගොඩ නැගීමට සමත්වුනේ නැහැ."" යැයි පැවසු මහාචාර්ය පේසි, ""නමුත්, ආචාර්ය ලෙවීන් ප්‍රමුඛ ඔහුගේ සගයින් පෙර අධ්‍යයනවල දකින්නට ලැබුණු ඌණතා රැසක්ම අභිබවා ගොස් තිබෙනවා"" යැයි සඳහන් කළේය. දුම්පානය හා ස්ථුලතාව කෙසේවෙතත්, වැරදීම්වලට ඇති ඉඩකඩ නවමත අධ්‍යයනයේදී අඩුකරනු ලැබ තිබුනද ඒවා සහමුලින්ම ඉවත්ව නැති බව මහාචාර්ය පේසි පවසයි. ""පවතින වාදය සමථයකට පත්වී නැති අතර තවත් බොහෝ දේ කළ යුතුව ඇති බව පැහැදිලිව පෙනෙනවා."" ""කෙසේවෙතත්, මෙම ගැටලුව පරීක්ෂා කිරීම සඳහා වඩා හොඳ අධ්‍යයන සකස් කරගැනීමට අපට ඉවහල්වන දත්තවල සුපැහැදිලි බව සම්බන්ධයෙන් මෙහිදී පියවරක් ඉදිරියට තබා තිබෙනවා."" යැයි ඔහු පවසනවා. මෙසේ ශුක්‍රාණු ප්‍රමාණාත්මකව පහළ යාමේ තත්ත්වයට පැහැදිලි හේතුවක් නොපෙනුනද කෘමිනාෂකවලට සහ ප්ලාස්ටික්වලට යොදන රසායනිකවලට නිරාවරණයවීම, ස්ථුලතාව, දුම්පානය, ආතතිය, ආහාර රටාව මෙන්ම පමණට වඩා රුපවාහිනිය නැරඹීම ද මීට සම්බන්ධයක් ඇතැයි කියැවේ. ශුක්‍රාණු ප්‍රමාණාත්මකව පහළ යන්නේ ඇයිද යන්න හා එම ප්‍රවණතාව ආපසු හැරවීමේ මං පිළිබඳව වහා සොයා බැලීමේ අවශ්‍යතාව මතුව ඇති බව මේ අතර ආචාර්ය ලෙවීන් පවසයි. ""අප මීට ක්‍රියාමාර්ග ගත යුතුයි - උදාහරණයක් ලෙස මිනිසා විසින් නිපදවනු ලබන රසායනික සම්බන්ධයෙන් යහපත් නියාමනයක් ඇති කළ යුතු අතර දුම්පානය හා ස්ථුලතාව පාලනයට ගන්න වැඩපිළිවෙල ඉදිරියට ගෙන යා යුතුයි"", ආචාර්ය ලෙවීන් පෙන්වාදෙයි." -sri-lanka-49076033,https://www.bbc.com/sinhala/sri-lanka-49076033,එංගලන්තයේ කුණු ශ්‍රී ලංකාවට ආවේ කෙසේ ද?,භාවිත කරන ලද මෙට්ට ලෙස හඳුන්වා ප්‍රතිඅපනයනය කිරීම සඳහා යැයි පවසමින් ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලැබ දැනට කොළඹ වරායේ සහ කටුනායක ආයතන පරිශ්‍රයක ගබඩා කර ඇති අපද්‍රව්‍ය (Waste) තොග පිළිබඳව මේ දිනවල සමාජයේ දැඩි කතාබහක් ඇති වී තිබේ.,"කොළඹ වරාය එම ද්‍රව්‍ය 2017 සැප්තැම්බර් මස සිට 2018 මාර්තු දක්වා අතර කාලය තුළදී බහලුම් 241ක් මගින් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇත. එක්සත් රාජධානියේ ලියාපදිංචි වෙන්ගාඩ්ස් (Vengaads Ltd) නම් ආයතනය මගින් මෙම බහාලුම් ශ්‍රී ලංකාවට අපනයන කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පැවසීය. එම අධිකාරිය කියා සිටියේ බහාලුම් තුළ ඇති මෙට්ටවලින් ඇතැම් ඒවා තුළ සායනික සහ වෙනත් අපද්‍රව්‍ය පුරවා තිබෙන බවය. එය ජාත්‍යන්තර සම්මුති නොසලකා කටයුතු කිරීමක් ලෙස සැලකිය හැකි බව ද පෙන්වා දෙයි. ආනයනය කරන ලද බහාලුම් 241න් 130ක් වරායෙන් නිෂ්කාෂණය කොට කටුනායක පිහිටි හේලීස් ෆ්‍රී සෝන් ආයතන පරිශ්‍රයේ රඳවා ඇති අතර ඉතිරි බහාලුම් 111 කොළඹ වරායේ අංගන තුනක තවමත් ඇති බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ශ්‍රී ලංකා රේගුව පැවසීය. රේගු අධ්‍යක්ෂ හා එහි ප්‍රකාශක සුනිල් ජයරත්න කියා සිටියේ සිලෝන් මෙටල් ප්‍රොසෙසිං පෞද්ගලික සමාගම මේ සියලු බහාලුම්වල ආනයනකරු ලෙස හඳුනාගෙන තිබෙන බවය. රේගු විමර්ශන නිලධාරීන් මේ වනවිට එම සමාගමේ හිමිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. මේ අතර, දැනට වරායේ තිබෙන අදාළ බහාලුම්වලට තම ආයතනයේ සම්බන්ධයක් නැති බව නිවේදනයක් නිකුත් කරමින් හේලීස් ෆ්‍රී සෝන් ආයතනය ප්‍රකාශ කළේය. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ තමන් ආනයන අපනයන සමාගම් සඳහා පහසුකම් සපයන්නෙකු ලෙස පමණක් ක්‍රියා කරන බවය. නීතිමය පසුබිම මෙසේ, මෙවැනි ද්‍රව්‍ය, ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අවස්ථාව ලැබී තිබෙන්නේ 2012 මාර්තු 30 වන දින ශ්‍රී ලංකාවේ මුදල් පනතට ගෙන ආ සංශෝධන සමගය. එම සංශෝධන අනුව මුදල් පනතේ 16, 17, සහ 18 වැනි වගන්ති වෙනස් කර ඇත. අදාළ වෙනස් කිරීමට අනුව ප්‍රති අපනයනය සඳහා භාණ්ඩ ආනයනය කිරීමේදී රේගු ආඥා පනත, විනිමය පාලන පනත හා ආනයන, අපනයන පාලන පනත බල නොපැවැත්වෙන අතර ඒ පිළිබඳ ක්‍රියාවලිය සිදුවන්නේ ආයෝජන මණ්ඩලය හරහාය. මේ අතර 2013 ජුලි 7 වන දා නිකුත් කළ ගැසට් නිවේදනයක් අනුව කටුනායක අපනයන සැකසුම් කලාපය නිදහස් කලාපයක් (Bonded area) ලෙස ද ප්‍රකාශයට පත් කෙරිණි. රේගු අධිකාරි ලාල් වීරකෝන් බීබීසී සිංහල සේවයට සඳහන් කළේ, එම පියවරට අනුව කටුනායක අපනයන සැකසුම් කලාපය තුළ පිහිටි හේලීස් ෆ්‍රී සෝන් ආයතනය ප්‍රතිඅපනයන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන බවය. ""ඒ ප්‍රතිපාදන අනුව යම්කිසි බීඕඅයි එකේ ලියාපදිංචි වෙච්ච ආයතනයක් එක්ක මේ වගේ ක්‍රියාවලියකට ගිවිසුම් අත්සන් කරන්න පුළුවන් වෙනත් ආයතනවලට. දැන් කොළඹ වරායෙන් හේලීස් ෆ්‍රී සෝන් කියන ආයතනය භාණ්ඩ ලබන්නා (consignee) විදිහට දාලා BOI clearance අරගෙන ගෙනිහින් තියෙනවා. එතකොට ඔය කම්පැනියේ නිෂ්කාෂණ ඔක්කොම කරන්නේ ආයෝජන මණ්ඩලය හරහා ආයෝජන මණ්ඩල පහසුකම් යටතේ. රේගුවට ඒවා බලන්න බැහැ කියලා අර පනතේ තියෙන්නේ."" වරායේ නිෂ්කාෂණය නොකළ බහාලුම් 111 පිළිබඳව ශ්‍රී ලංකා රේගුවට ලැබුණු රහසිගත තොරතුරක් අනුව පසුගිය මැයි මාසයේදී පරීක්ෂණ ඇරඹිණි. වරායෙන් පිටතට ගෙන ගොස් ඇති බහාලුම් 130න් 10ක් ඒ ආකාරයටම ප්‍රති අපනයන කර තිබෙන බව ද පරීක්ෂණවලදී හෙළි වී තිබේ. බහාලුම්වල තිබු භාවිත කරන ලද මෙට්ටවලින් ඉවත් කළ යකඩ අසුරන ලද බහාලුම් කිහිපයක් ඉන්දියාවට ද, එසේ යකඩ වෙන් කිරීමේදී ඉතිරි වූ ස්පොන්ජ් (sponge) තොගයක් අසුරන ලද බහාලුම් ඩුබායි රාජ්‍යය වෙත ද ප්‍රතිඅපනයනය කර ඇත. එසේ ප්‍රතිඅපනයනය කරන ලද බහාලුම් ගණන හතකි. එම බහාලුම් හත සැකසීම සඳහා, ශ්‍රී ලංකාවට ගෙනෙන ලද බහාලුම් තොගයෙන් බහාලුම් 30ක පමණ තිබු ද්‍රව්‍ය යොදා ගත් බව හේලීස් ෆ්‍රී සෝන් ආයතනය පැවසී යැයි රේගු අධිකාරී ලාල් වීරකෝන් සඳහන් කළේය. ඒ අනුව ශ්‍රී ලංකා රේගුව පවසන්නේ, භාවිත කරන ලද මෙට්ටවල අඩංගු යකඩ ලබා ගැනීමට යැයි පෙන්වා දෙමින් මෙම ද්‍රව්‍ය සුක්ෂමව ශ්‍රී ��ංකාවට ගෙන්වා ඇතැයි යන්න තමන්ගේ විශ්වාසය බවය.. උපද්‍රවකාරී අපද්‍රව්‍ය: කෙසේ වෙතත්, ජාත්‍යන්තර සම්මුතියට අනුව මේ ආකාරයට එක් රටකින් වෙනත් රටකට උපද්‍රවකාරී අපද්‍රව්‍ය (hazardous waste) යැවීම නීති විරෝධීය. ඒ සඳහා ඇති එකඟතාව බාසල් සම්මුතිය ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය ද එම සම්මුතියේ අත්සන්කරුවෝ වෙති. ""එම සම්මුතියේ තියෙනවා ගිවිසුම්ගත කිසියම් රටක් තවත් රටකට උපද්‍රවකාරී අපද්‍රව්‍ය අපනයනය කරනවා නම් එම රටේ ඊට අදාළ බලධරයාගෙන් (Focal point) ඇසිය යුතුයි කියලා,"" රේගු අධිකාරී වීරකෝන් පැහැදිලි කළේය. ""ඇත්තට ම මෙතන වෙලා තියෙන්නේ පාවිච්චි කරන ලද මෙට්ට ලෙස දක්වලා යම්කිසි අපද්‍රව්‍ය වගයක් ලංකාවට ගෙනැවිත් තිබෙනවා. එම මෙට්ට කවර තුළ විවිධාකාර කාපට්, ප්ලාස්ටික්, වෙන වෙන තැන්වලින් ඉවත් කරපු අප ද්‍රව්‍ය දුගඳ හමන දේ තමයි තිබෙන්නේ. ඒවා ඇරලා පරීක්ෂණයක් කරන්න බැරි තරමේ අපද්‍රව්‍ය තමයි එවලා තිබෙන්නේ."" ශ්‍රී ලංකාවේ ඊට අදාළ බලතල සහිත ආයතනය වන්නේ මධ්‍යම පරිසර අධිකාරියයි. එම අධිකාරිය පවසන පරිදි කිසිදු ආයතනයක් මේ සඳහා නිසි අවසරයක් තමන්ගෙන් ලබා ගෙන නොමැත. මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ, හේලීස් ෆ්‍රී සෝන් පරිශ්‍රය තුළ වර්ග අඩි 50,000ක පමණ වපසරියක අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 27,685ක් ගොඩ ගසා ඇති අතර ඒවා පරිසරයට නිරාවරණය වී පවතින බවය. එම අපද්‍රව්‍ය තොගය හැකි ඉක්මනින් අපනයනය කළ රටට ම යවන ලෙස ජාතික පාරිසරික පනත අනුව නියෝග කළ බව මධ්‍යම පරිසර අධිකාරිය පැවසීය. ""කුණු හබ්"" මේ අතර මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ජනතා විමුක්ති පෙරමුණ පැවසුවේ මෙවැනි ක්‍රියාකාරකම් නිසා ශ්‍රී ලංකාව ""කුණු හබ්"" එකක් බවට පත්වෙමින් පවතින බවය. එසේ ම බාසල් සම්මුතියට අත්සන් කළ ද එය නීතියක් බවට පත් කිරීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇති නිසා ඕනෑ ම ද්‍රව්‍යයක් මෙරටට ආනයනය කිරීමට අවස්ථාව ලැබී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දිණි." -130720_australia,https://www.bbc.com/sinhala/world/2013/07/130720_australia,නාවුරු කඳවුරේ කැරැල්ල මෙහෙයවූ පුද්ගලයන් අතර ශ්‍රී ලාංකිකයෝ,"ශාන්තිකර සාගරයේ නාවුරු සරණාගත කඳවුරේ කැරැල්ල මෙහෙයවූ පුද්ගලයන් අතර, ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ පතන ශ්‍රී ලාංකිකයන්ද සිටින බව වාර්තාවල දැක්වේ.","නාවුරු සරණාගත කඳවුර ඕස්ට්‍රේලියාව ප්‍රකාශයට පත් කොට ඇති නව සංක්‍රමණික රෙගුලාසිවලට එරෙහිව නාවුරු දූපතේ පවත්වා ගෙන යන සරණාගත කඳවුරේ වාර්���ා වූ දරුණු කැරලි ගැසීම්වලින් අනතුරුව මේ වන විට තත්වය සංසුන් අතට හැරී ඇති බව වාර්තා වෙයි. සංක්‍රමණික කටයුතු භාර ඕස්ට්‍රේලියානු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයකින් පැවසෙන්නේ, සිකුරාදා කැරලි ගැසීම්වලට රැඳවියන් 150 ක් පමණ හවුල් වී ඇති බවයි. ඔවුන්ගෙන් හතර දෙනෙකු රෝහල්ගත කොට ඇති බවත් වාර්තා කොට තිබේ. උද්ඝෝෂණ ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ පතන්නට සහයෝගය දෙන කණ්ඩායම් මේ අතර මෙල්බර්න් නගරයේ රැස්ව උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන ගිය බවක්ද වාර්තා කෙරිණ. නාවුරු කඳවුරේ කැරලි ගැසූ පුද්ගලයන්ට එරෙහිව නඩු පවරන බවයි සංක්‍රමණික කටයුතු භාර ඕස්ට්‍රේලියානු ඇමති ,ටෝනි බර්ක් කියා සිටින්නේ. නව රෙගුලාසි බෝට්ටු මගින් එන අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් නව රෙගුලාසි මාලාවක් නිවේදනය කරනු ලැබීමෙන් දවසකට පසුව ඕස්ට්‍රේලියානු නාවික හමුදාව ක්‍රිස්මස් දූපත අසල මුහුදේ දී එවැනි සරණාගතයන් කණ්ඩායමක් සහිත බෝට්ටුවක් අල්ලා ගත් බවක් ද නිවේදනය කොට ඇත. ඕස්ට්‍රේලියාව අනුගමනය කරන නව රෙගුලාසි යටතේ එවැනි සරණාගතයන් පැපුවා නිව්ගිනියාවට යවනු ලැබීම ඔවුන්ගේ සැලැස්මයි. අගමැති කෙවින් රඩ් ඊයේ සිකුරාදා ප්‍රකාශ කළේ,බෝට්ටු මගින් එන සරණාගතයන්ට තම භූමියේ පැලපදියම් වීමට අවස්ථාව නො දෙන බවයි." -150307_port_city,https://www.bbc.com/sinhala/sri_lanka/2015/03/150307_port_city,වරාය නගර ව්‍යාපෘතියේ ඉදි කිරීම් වහාම නතර කෙරෙයි,කොළඹ වාරය නගරය ඉදි කිරීමේ කටයුතු වල නිරත China Communications Construction Company (CCCC) පෞද්ගලික සමාගමට වරාය - නාවික සහ ගුවන් ගමන් පිලිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ඉදි කිරීම් කටයුතු වහාම නතර කරන ලෙස දන්වා යවනු ලැබ තිබේ.,කොළඹ වරාය නගරය ඉදි කිරීම් කටයුතු තමන් බලයට පත් විගස නතර කරන බවයි මැතිවරණ ව්‍යාපාරයේ දී වත්මන් ආණ්ඩුව කියා සිටියේ අමාත්‍යංශයේ එම නිර්දේශය සම්බන්ධයෙන් එම සමාගම විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වන්නේ තම සමාගම ශ්‍රී ලංකාව සමග පුර්ණ සහයෝගයෙන් කටයුතු කිරීමට ක්‍රියා කරන බවයි. කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණය පිළිබඳව වරාය-නාවික සහ ගුවන් ගමන් පිලිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් කොළඹ වරායේ ඉදි කිරීම් වහාම නතර කරන ලෙස තම සමාගම වෙත දැනුම් දී තිබෙන බව සඳහන් කරන එම නිවේදනය ශ්‍රී ලංකා රජයේ බලධාරීන් විසින් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිකුත් කරන ලද අනුමැතීන් සහ වලංගු බලපත්‍ර යනාදිය ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති බවත් සඳහන් කොට තිබෙනවා. ඉල්ලා ඇති පරිදි අදාළ ලිය කියවිලි ඉදිරි පත් කිරීමට සමාගම පියවර ගන්නා බවයි නිවේදනයෙහි සඳහන් වන්නේ. “2014 වසරේ දී වරාය නගරය ඉදි කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව සමග ඇති කර ගන්නා ලද ගිවිසුම යටතේ සමාගමේ නෛතික අයිතියට අගතියක් නොවන මට්ටමින් දැනුම් දී ඇති පරිදි අදාළ ලිය කියවිලි සමාගම විසින් ඉදිරිපත් කරනු ලැබේ. එසේම මෙම සමාගම ශ්‍රී ලංකා ආණ්ඩුවත් සමග පුර්ණ සහයෝගයෙන් ක්‍රියා කරන අතර මේ ආකාරයේ මහා සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ආණ්ඩුව විසින් නිර්දේශිත උපදෙස් අනුගමනය කරන අතරම ශ්‍රී ලංකාවේ නීතිය අනුව දිගටම ක්‍රියා කරනු ඇත” යනුවෙන් වැඩිදුරටත් එම නිවේදනයෙහි සඳහන් වේ. කොළඹ වරාය නගරය ඉදි කිරීම් කටයුතු තමන් බලයට පත් විගස නතර කරන බවයි මැතිවරණ ව්‍යාපාරයේ දී වත්මන් ආණ්ඩුව කියා සිටියේ. බලයට පත් වීමෙන් පසුව වරාය නගරය ඉදි කිරීම සම්බන්ධයෙන් ඔවුන් විසින් ගනු ලබන පියවර ව්‍යාකූල බවකුයි ඇතැම් ප්‍රකාශන මගින් පෙනී ගියේ. ඊයේ (06) මහනුවර දී පැවති රැළියේ දී විමල් වීරවංශ හිටපු ඇමති වරයා කියා සිටියේ චීන සමාගම දිගටම ඉදි කිරීම් කටයුතු කරගෙන යමින් පවතින බවයි.